comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
සිංහලෙන් කියවන අපේ පරම්පරාවේ කිසිවෙකුටත් වික්‍රමසිංහ මහත්තයාගේ මඩොල් දූව පහසුවෙන් මතකයෙන් මැකී යන්නේ නැහැ.උපාලි ගිනිවැල්ලේ ,ජින්නා,පොඩි ගමරාළ, කට්ට කෛරාටික වෙට්ට පිත්තල සුරංචියා, අද්භූත ආගන්තුකයෙක් වූ නාගයා,ගිනි වට්ටියක් හිසින් ගත් මිනිසා, මේ හැමදේම පුංචි කාලේ අපේ සුන්දර සිහින මුද්‍රාවන්.යව්වන සාහිත්‍ය රසිකයන් විදිහට අපේ කියවීමේ තිබහ ඇති කළ ලුණුමිරිස වුනේ මඩොල් දූව. උපාලි සහ ජින්නා ගේ කතාව විසින් ඇති කරනු ලැබූ උත්කර්ශය කොතරම්ද යත් මඩොල් දූව කෘතිය ගෙඩි පිටින් කොපි කරමින් කපුටු දූව නමින් පිටු 40 ඇක්සයිස් පොතක කතාවක් ලිවීමටත් මා පෙළබුනා. අපේ යොවුන් සාහිත්‍යය කෘති එකතුවේ මුදුන් මල්කඩ මඩොල් දූව බවට විවාදයක් නැහැ.තමන්ගේම නව ලෝකයක් සොයා යන ගැටවරයන් දෙදෙනෙකුගේ අභියෝගාත්මක ජීවන සුවිසැරිය මඩොල් දූවේ පමණක් නොව ඉන්පසුව ලියැවුණු බොහෝ යොවුන් නවකතාවල කතා වස්තුව බවට පත්වුණා.නැත්නම් බොහෝ සෙයින් ඊට සමාන කතා වස්තූන් වුණා.මඩොල් දූවේ සංකල්පීය ආකෘතියෙන් ගැළවීමට නොහැකි වූ යොවුන් නවකතා බොහෝ ගණනක් මා කියවා තිබෙනවා. මඩොල් දූවට පසුව මා ආශාවෙන් කියවූයේ කුලසේන ෆොන්සේකා ගේ යොවුන් නවකතා. යම් යම් සුවිශේෂීතාවයන් තිබුණා වුවත් රංසිරිගේ සංග්‍රාමය ඇරුණු කල ඔහුගේ තුන් යහළු වික්‍රමය, කල්ලන් දූවේ මුතු කොල්ලය සහ සෝමපුර වීරයෝ වික්‍රමසිංහ සූරීන්ගේ මඩොල් දූ ආකෘතියම වූවා.නමුත් රංසිරිගේ සංග්‍රාමය වෙනස්ම මාතෘකාවක් සාකච්ඡාවට ලක්කරනු ලැබුවා. සිරිල් පෙරේරා නැත්නම් සිරිල් කොඩිකාර හෝ ඊට කිට්ටුවෙන් යන නමක් හිමි ලේඛකයෙක් ගේ අපූරු නවකතා දෙකක් මට තවමත් මතකයි.ඉන් එකක නම වයිටා. පවුලක දරුවන් කිහිපදෙනෙකුගේ සෙනෙහසට මැදිවුණු බලු සුරතලෙකුගේ කතාවක්.එහි අවසානය එවක ගැටවරයෙක් වූ මගේ හදවත කම්පනය කළා.ඔහුගේම උත්සාහය උක් දණ්ඩක් වැන්නේ යන නවකතාව ද වෙනමම ඉසව්වක් ස්පර්ශ කළ එකක්.තමන්ගේම නිවසක් තනා ගැනීමේ අරමුණෙන් නොපසුබට වීර්යෙන් කටයුතු කරන තරුණයකුගේ ආත්මාවලෝකනය එහි ගැබ්ව තිබුණා. මේ ලේඛකයා විසින්ම රචනා කරන ලද වරුණ සහ උදාර කියන නමින් තවත් පුංචි කතා පොත් දෙකක් කඳවුර කණිෂ්ඨ විදුහලේ පාසල් පුස්තකාලයේ තිබුනා මට මතකයි. පාළු දූපත කියන්නෙත් මා දැඩි ආශාවකින් කියවූ පොතක්.ඇත්තටම එහි ලේඛකයා නම් මට නිච්චියටම මතක නැහැ.මෙයත් දූපතක හිරවූ කුඩා කොලු ගැටවුන් දෙදෙනෙකුගේ කතාවක්.නමුත් පාළු දූපතේ සුවිශේෂීත්වය වුණේ එහි අන්තර්ගතයට සරල විද්‍යාත්මක කරුණු කාරනා ඇතුළත් කර තිබීමයි.ඇත්තටම එය ඉතා හොඳ සාහිත්‍යමය ප්රවණතාවයකට හරවා ගත හැකිව තිබූ නමුත් එසේ වූවේ නැහැ.යොවුන් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යක් අපේ රටේ ගොඩ නැගුණේ නැහැ. ටී.බී ඉලංගරත්නය අඹ යහළුවෝ. මගේ සිත එතරම් තදින් පැහැරගත්ත කෘතියක් නොවෙයි.ඒ ඇයි කියා පැහැදිලි කරන්නට ත් හේතු සාධකත් මට නැහැ.කොහොම නමුත් එතුමාගේම හපනා. මා ඉතා ආශාවෙන් කියෙව්වා. හපනා කෘතියේ අඩංගු වීර වික්‍රමාන්විත ක්‍රියා වලට මගේ ගැටවර සිත ඇලුම් කළා කියලයි මට හිතෙන්නේ.හැබැයි ඇත්තම කීවොත් නම් හපනා ගැන මට තියෙන්නේ සෙවණැලි මතකයක් විතරයි.ඉලංගරත්නයන් ගේ කෘතිවල කිසියම් සාම්ප්‍රදායික ගතියක් ගැබ්ව තිබුණාදෝ කියලාත් මට හිතෙනවා.දුප්පත් පවුලක් ,පොහොසත් පවුලක්, පොහොසත් පවුලෙන් දුප්පත් පවුලට වෙන හිරිහැර ,අන්තිමේ පොහොසත් පවුල පිරිහෙන හැටි.....මෙන්න මේක අර සාම්ප්‍රදායික රාමුවනේ. කඳවුර කණිෂ්ඨයේ දී තමයි මම වැඩිපුරම පොත් කියෙව්වේ. ඒ පුංචි පුස්තකාලයේ පැපොල් ගහ කන්දේ අභිරහස කියලා පොතක් තිබුණා මට මතකයි.ඒක මම ආශාවෙන් කියෙව්වා කියලත් මතකයි.නමුත් මොන වගේ කතාවක් ද කියලා හරි, කතුවරයා කවුද කියලා හරි මට හරියටම නිච්චියක් නැහැ. දොන් පීටර් පියතුමා හරි ඊට සමාන නමක් තියෙන කතෝලික පියතුමෙක් ලියූ විදුහලේ විත්ති. කියන පොතත් හරිම අපූරු වෙනස්ම මානයකින් ලියවුණු යොවුන් නවකතාවක්.ඒ කතුවරයාම ලියූ තවත් අපූරු පොතකින් උපුටා ගත්තු කොටසක් අපේ 5 වසරේ සිංහල පොතේ පාඩමක් විදිහට යොදාගෙන තිබුණා මතකයි.මහා ඝන වනාන්තරයක අතරමං වන ගැටවරයන් තුන් දෙනෙක් පිළිබඳ කතාවක්. ඇත්තටම අපේ කාලයේ අප කියවූ යොවුන් නවකතා ගැන මේ කතාබහේ මූලික අරමුණ වුණේ අප සියල්ලන් කියවූ යොවුන් නවකතා ගැන විස්තර, ඒ පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමයි.නොදන්නා දේ දැන ගැනීමයි.
|
BLOG
|
ඔයාගේ ඔය ආඩම්බරකාර හිනාවට මම කොච්චර ලෝබ උනාද කියලා දැනෙනවද ඔයාට .....ඔයා වෙනුවෙන් කවියක් නොලිව්වට නොලියවුණ පදවැල් සියදහස් ගානක් තිබුණා කියලා දැනෙනවද ඔයාට.....පුංචි පුංචි දේවලට පැය ගණන් වරුගණන් බොරුවට වාද කළේ ආදරේට කියලා දැනෙනවද ඔයාට .....ඔය නෙත් යුගලේ හිමිකාරිට මම කොච්චර ආදරෙයි ද කියලා දැනෙනවද ඔයාට .
|
BLOG
|
4pt 0cm 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}සිංහලභාෂාවෙහි ඇති අක්ෂර නිවැරදිව භාවිත කිරීමට නම් සිංහල භාෂාව හා එහි අක්ෂර භාවිතයපිළිබඳ ව නිවැරදි අවබෝධයක් තිබිය යුතුමය. එසේ නොමැතිව අප විසින් ලිපියක් සැකසුව හොත් බොහෝ විට අක්ෂරදෝෂ ව්‍යාකරණ දෝෂ බොහෝ විට දැක ගත හැකි වේ.නමුත් ඔබ ඔෆිස් මෘදුකාංග භාවිත කරයි ඔබට සිංහල වචන වල ඇති අක්ෂර දෝෂ නිවැරදි කරදීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත.id=36528ඔෆිස්2007, 2010, 2013 යන සංස්කරණයන් වෙනුවෙන්ඔබට මෙම සෝදුපත් මෙවලම් ලබාගත හැකි අතර මෙය බාගත කිරීමෙන්අනතුරුව ස්ථාපිත කර ගැනීමෙන් පසුව වර්ඩ් හී Set Proofing Language… යන්න තෝරා ඉන් සිංහල ආදේශ කර ගත යුතු ය.පසුව ඔබවිසින් සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිපි සැකසීමේදී හා වර්ඩ් එක්සෙල් පවර්පොයින්ට් ඇක්සස් යන මෘදුකාංග වල දී සිංහල අක්ෂර දෝෂ ඉවත් කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
|
BLOG
|
මන් මෙච්චර කාලෙකට play කරලා තියන හොඳම ගේම් එක මොකද්ද කියලා ඇහුවොත්. ඒකට උත්තරේ තමයි dota 2. ගොඩක් අය ගේම් එකක ප්‍රමතිය මනින්නේ එකේ ග්‍රැපික්ස් වලින්. ඇත්තටම ඒවා නම් ප්‍රථමික මිනුම් දඬු. මට අනුව නම් ගේම් එකක ප්‍රම්තිය මනින්නේ ගේම් එකෙන් අපිට ලැබෙන තෘප්තියයි, කොච්චර අපේ හැකියාවන් ගේම් එක තුල භාවිතා කරන්න පුලුවන්ද යන්න මතයි. ඒ වගේ ගේම් එකක් තමයි dota 2 කියන්නේ. එක නිසා මෙච්චර කල් dota සෙල්ලම් කරලා නැති, ගේම එකට අලුත් කට්ටියට උදව් වෙන්න ලිපි පෙළක් දෙන්න මගේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මන් dota 2 එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ තනියෙම ගොඩක් කාලයක් වැය කරලා. ඔයාලට එහෙම කාලයක් අවශ්‍ය නොවී ගේම් එකේ basic ටික ලබා දෙන එක තමයි මේ ලිපි වල අරමුණ. හරි එහෙනම් බලමු මොකද්ද මේ dota කියලා.DOTA එහෙමත් නැතිනම් Defense of the Ancients කියන්නේ Strategy වර්ගයට අයත් ගේම් එකක්. අපේ ලෝකල් වචනයෙන් කියනවානම් උඩින් පේන, බට්ටෝ ගේම් එකක්. මේක පදනම් කරගෙන තියන්නේ World of Warcraf කියන ගේම් එක. ගේම් විශේෂඤට අනුව නම් dota කියන්නේ " Dota is a combination of football and Chess." මෙහෙදී ඔයාලගේ කණ්ඩායම් හැකියාව, නායකත්ව හැකියාව, වේගවත් බව, කාල කළමනාකරණය, උපායශීලි බව හොඳින්ම පරික්ෂා කරන ගේම් එකක් කියලා කියන්න ඕනේ. ඒ වාගේම මේක කණ්ඩායම් දෙකක් අතර සිදු වෙන ගේම් එකක්, එක පිලිකට 5 බැගින්. ඔන්න ඔහොමයි ගේම් එකේ මුලික අදහස. සැම අවුරුද්දකම dota 2 එකෙන් world championship එකක් තියනවා. මේ event එක කොච්චර දැවැන්ත එකක්ද කියන එක ඔයාලට මේ පින්තුරෙන් හිතා ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයාලා පුදුමත් වේවි, මේ අවුරුද්ද්දේ මෙහි පළමු ජයග්‍රාහී කණඩායමට "ඩොලර් මිලියන 10ක්" (රු.කොටි 13ක් ආසන්න) ලැබුනා කිව්වම. dota 2 download කරන හැටි මන් කලින් ලිපියක ඔයාලට දුන්නා. download කරපු නැති කට්ටිය ඒ ලිපිය කියවන්න. මෙහෙදී මේ ලිපි වල crack, patch, cheat ගැන මන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් නෑ. මොකද dota වල හොර කරන්න බැරි නිසා. කරන්න හැදුවොත් ඉතින් ඔයාගේ account එකට සොරි තමයි කියලා කියන්න ඕනේ. ඒ වගේම මතක් තියා ගන්න මේක ගොඩක් addicted වෙන ගේම් එකක්. රෑට අනිවා හීනෙනුත් පේන, සමහර වේලාවට පෙම්වතියත් අහිමි වෙන ගේම් එකක් :ලොල්. ඒ වගේම dota 2 වලට addict වුනු කෙනක් වෙන ගේම් එකකට යන්නේ ඉතාම කලාතුරකින්. ගේම් එක සෙල්ලම් කරන හැටි, map එක, උපාය මාර්ග, heroes ලා, items යන මුලික හැඳින්වීම් ඊළඟ ලිපි වලින් බලාපොරොත්තු වෙන්න.
|
BLOG
|
අපේ ආයතනයේ ගිණුම්කරණ අංශයේ හිතවතුන් පහුගිය දිනවල අමුතු අමුතු වාක්‍යය කියන්නට පටන් ගෙන තිබුණි. ඒවායින් කීපයක් නම් “මොන හු යන්නක් කියනවද..“අනේ බං මේ මොන ප යන්නක්ද“ වැනි වාක්‍ය උදාහරණ කීපයක් පමණි. ඒ අතර මා හට සිහිවුණේ අපේ වහරේ අප නිතරම භාවිතා කරන මගුල් නටනවා යන්නයි. “උඹ මොන මගුලක් නටන්නද මේ හදන්නේ.“ යනුවෙන් ඔබට අනන්තවත් ඇසී ඇත. ඒත් ඔබ කෙදිනක හෝ මගුල් නටනවා දැක ඇද්ද යන්න කල්පනා කලේද. විවාහ මංගල්‍යය අවස්ථාවලදි පති පතිනි යුවල පෝරුවට කැඳවාගෙන ඒමට වෙස් නැටුම් හෝ පහතරට නැටුම් ඉදිරිපත් කරන බව සත්‍යයකි. ඒත් ඒවා මඟුල් නැටීම් නොවන බව ඕනෑම එකෙකුට තේරෙන දෙයකි. එසේනම් මගුල් නැටීම් යනු මොනවාද. පහුගිය දිනක ප්‍රසිද්ධ හෝටලයක පැවති විවාහ මංගල්‍යයකට සහභාගීවූ මට මගුල් නැටීම ජීවිතයේ ප්‍රථම වතාවට සියැසින් දැකගන්නට අවස්ථාව ලැබුණි. උදේ පටන් යස අගේට මල් කලඹවල් අතින් අරගෙන මනාල යුවල පසුපසින් යන යන තැන ඇවිද ගිය දෙවනි මනමාලියන් සිව් දෙනා හවස් වරුවේ එක පාරටම ආවේස වුවාක් මෙන් මල් කලඹවල් විසිකර දමා රම්බරි කියපන් උඹේ නොම්මරේ ගීතයට නැටුමක් නැටුවාය. එය බලාගෙන සිටි නාකි අංකල් කෙනෙක් කිව්වේ Ahh... එසේනම් මගුල් නටනවා යනු එය විය යුතුය. ඒත් එහි ඇති වරදක් නම් මට පෙනුනේ නැත. එසේනම් යම් කෙනෙක් මගුල් නටන්න එපා යනුවෙන් අවවාද කරන්නේ ඇයිද කියා දැන් ගැටළුවකි. ඒ මන්ද ඒ මගුල් නැටීමේ වරදක් පේන්නට නැති නිසාවෙනි. මගුල් නටන්නට යන ඇත්තන්ට හොඳට නර්තනයේ යෙදෙන්නට හැකිනම් එය අපූරු මගුල් නැටීමකි..ඇතැම් විට එයSurprising dance කියාද හඳුන්වනු අසන්නට ලැබේ. ඇතැම් තැන්වල් තඩි ආන්ටිලා මගුල් නටනවිට වංගෙඩි පෙරලනවා වැනි ඒ මල විකාරය ඉහත නමින් හැඳින්වීම කොතරම් සාධාරණද කියා මට සිතුනි. කෙසේ වූවත් මගුල් නැටීම නම් මරුය. සිහිනිඟ ඇති සුකුමල ලඳුන් ඉඟසුඟ නලවමින් මගුල් නටනවිට කාපු බීපු දේවල්ද අමතක වන බව කිව යුතුය. වෙනදා මගුල් කට් කල මම “මගුල් නැටීම්“ බලන්නට දැන් ලොකු ලොකු මගුල් ගෙවල්වල ආරාධනා ලෝභ නැතිව බාරගන්නා බවද කිව යුතුය. කෙසේ වෙතත් එවැනි සුන්දර මගුල් නැටීම ඔබටද දැකබලාගන්නට නොදුන්හොත් එය අඩුවක් වනු ඇත..
|
BLOG
|
ජීවිතයේ එක් තොටුපලකදීහමුවූ කුලුදුල් සිහින ප්‍රේමය .....සැබැවින්ම මිහිරියි දයාබරයි ....විටෙක ආගන්තුකයි ....අඩවන්වූ විඩාබර දෙනෙත් හඩවාගලාහැලෙන මේ කදුළු කැටජීවිතය අයදින්නේනුබේ නමින් ...ඔය සෙනෙහෙබර මුදු සිනහ අතර ...සුසුම් තනි කරලන්නආසයි නුබ දිහා බලන්ආදරය මුමුනන්නකෝඩුකාර අවිහිංසක සද උනත් කියාවිඑකම එක දෙයක්නුබටත් රහසින්ඒ....මුහුද පතුලේ පෑයූදිලෙන සද නුබමය.....කැකිරි 11.
|
BLOG
|
හෙවනැල්ල වගේ ළගින්ම ඉන්නවා,මමඔයාගේ....,කියූ පමණින්...,හෙවනැල්ලේ ජීවයආලෝකය ඇති විටදි පමණක් බැව්අමතක කරඋඹ....ජීවිතයේ මහා පොදු සාධකය කරගත්මා මෝඩයෙකි...උඹ ස්ත්‍රියකි.
|
BLOG
|
පූර්ණ සංඛ්‍යාවක් සමාන සාධක 2කක ගුණිතයක් ලෙස ලිවිය හැකිනම් එම එක් සාධකයක් මුල්සංඛ්යාවේ වරගමූලය වේ.. වරගමුලය සෙවියහැකි ක්‍රම කිහිපයකි.1. ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් ඇසුරින් (පූර්ණ වර්ග සංඛ්‍යා වල පමණක් )2. සන්නිකර්ශන මගින්3. සාධාරණ ක්‍රමයෙන්5. ලඝුගණක ඇසුරින්1. ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් ඇසුරින් පූර්ණ වර්ග සංඛ්‍යා වල පමණක්වර්ගමූලය සෙවීමට හැකිය.2.පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවල වර්ගමුලය සන්නිකර්ශන මගින් අපිට සෙවීමට හැකිය.3. වර්ගමූලය සෙවීමේ සාධාරණ ක්රමයපූර්ණ වර්ග මෙන්ම පූර්ණවර්ග නොවන සංඛ්‍යාවල ව.මූ. සෙවීමට මින් හැකිය.3.ලඝගණක ඇසුරින් වර්ගමූලයවර්ගමූලය සෙවීම සදහා පහසුම මාර්ගය මෙයයි.වැඩිදුර ලඝුගණක ඒකකයෙන් --->ලඝුගණක චක්‍ර පොත-----------------------------------------right click and open newtab to Zoom.
|
BLOG
|
2013.06.26 වෙනිදට මගේ බ්ලොගේට අවුරුද්දයිලු ^_^හැබැයි පෝස්ට් 100ක් සම්පූර්ණ කරලා නෑලු :(මේ කාලේ ඇතුළතදි සයිබර් සිහින උළෙලකට ගියා, බ්ලොග් ගෙට්ටුවකට ගියා, හුඟක් අයව අඳුන ගත්තා.. කතාබහ කරා, සුට්ටි ප්‍රශ්ණයකට තියෙන්නේ මේ ටිකේ බ්ලොග් එකට එන්න වෙන්න ඩිංගක් අමාරුයි (කම්මැලිකම නිසා) :Dඔන්න ඉතින්ම මුලින්ම බ්ලොග් ලෝකෙට ආරාධනා කරලා, බ්ලොගේ හදා දීලා,ටෙම්පලේට් එක පවා දාලා දීලා, ආආ ඒ විතරක් නෙවෙයි, මේ කියා ගන්න බැරි නමත් දාලා දුන්නෙ ඔක්කම මගේ සාදිරිස් තමයි :D ^_^ හලි, ඊටත් පස්සේ, මෙච්චර කාලයක් තිස්සේ මම ලියන ඒවා කියවලා, බ්ලොග් එකට ඇවිල්ලා, පේජ් එකත් ලයික් කරලා, ලියන ඒවට ක්මෙන්ට් කරලා, හොද නරක කියා දීපු ඔයාලා හැමෝටමත් ගොඩා......රියක් ස්තූතියි, මින් ඉස්සරහටත් පුළුවන් හැමවෙලාවකම මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න එන්න හොදේඔන්න ඔය පහළින් තියන කොටුවෙ මම ගැනයි මගේ බ්ලොග් එක ගැනයි හිතෙන දේ කියලම ගියා නම්.
|
BLOG
|
විනිවිද පෙනෙනනුඹ සිත,නොපෙනුණා සේහිඳිමි මම.බලාපොරොත්තුසාගරයක් කැටිවුණපහනක් නිතර,දැල්වෙයි බුදුගෙයිදිවා රෑ දෙක2014.11.15.
|
BLOG
|
ලංකාව වගේ රටකට ඖෂධ ප්‍රතිපත්තියක් අවශ්‍යයයි. එහෙම නැති උනහම වෙන්නේ එකම ඖෂධීය වටිනාකම තියෙන ඖෂධ වලට වැඩි මුදලක් ගෙවීමට සිදුවීමයි. තව දෙයක් තමා බාල වර්ගයේ ඖෂධ රෝගීන්ට ලැබීමත් සිදු වෙනවා.පහුගිය දවසක මටත් එවැනිම සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ උනා. පහුගිය සතියේ මට හෙම්බිරිස්සාවක් හැදිලා අපේ මලයගේ අනුදැනුම උඩ ෆාමසියෙන් සිට්‍රිසින් කාඩ් එකක් ගත්තා. ඒ කාඩ් එකේ සිට්‍රිසින් මිලිග්‍රෑම් 10යේ පෙති දහයක් තියෙනවා. ගාන රුපියල් දහයයි. එක පෙත්තක ගාන රුපියලක් වගේ වෙන්නේ.මම ඒකෙන් කාඩ් එකක් අරන් ආවා. ගෙදර කට්ටියත් ඒ අයට ඕන වෙච්ච වෙලාවල් වල මේ කාඩ් එකෙන් පෙති බීලා තිබුනා. ඒ නිසා බෙහෙත් කාඩ් එක කලින්ම ඉවර උනා.මම ආයෙම වෙන ෆාමසියකට ගිහින් ඒ බෙහෙතම මල්ලි ලියලා දීපු තුන්ඩුව දීලා බෙහෙත් ටික ඉල්ලුවා. සිට්‍රිසින් කාඩ් එකක් දීලා රුපියල් 100ක් දෙන්න කියලා කිව්වා. මම එක පාරම ඩිම් උනා. ඇයි යකෝ එදා රුපියල් දහයට කාඩ් එකක්ම ගත්තු බේත අද රුපියල් 100ක් වෙලා තියෙන්නේ. :Oකලින් සැරේ ගත්තු බෙහෙත් කාඩ් එක නෙමෙයි. ටිකක් ලොකු කාඩ් එකක වෙන බ්‍රෑන්ඩ් නේම් එකකින් තිබ්බ බෙහෙත් කාඩ් එකක් .. නමුත් කලින් ගත්තු බෙහෙතමයි. ඒ බරම තියෙන පෙත්තක් . නමුත් පෙත්තක ගාන රුපියල් දහයක් .නමුත් බ්‍රෑන්ඩ් නේම් එක වෙනස් නිසා මට වැඩි මුදලකට ගන්න සිද්ධ වෙලා. සීයක් දීලා මේ කාඩ් එකක් ගන්නවට වඩා හොඳයි මගේ හෙම්බිරිස්සාව තියාගෙන ඉන්න එක කියලා හිතලා බේත් පෙති කාඩ් එක ශෝකේස් එක උඩ තියලා ආවා.ෆාමසියෙන් එලියට එන ගමන් හිතුනේ ඒ දවස්වල සේනක බිබිලේ මහත්මයා ගෙනාපු ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ කරදර සිද්ධ වෙන්නේ නෑයි කියලා. දැන් බලන්න එකම බේතට ගනන් දෙකක් ගෙවන්ඩ වෙනවා. මම කලින් වෙන ෆාමසියකින් ගත්තු නිසා මේ බේතට එච්චර ගානක් ගෙවන්න වෙන්නේ නෑ කියලා දන්නවා.ඒත් බේත් වල නියම ගාන දන්නේ නැතුව කී දෙනෙක් නම් වැඩි ගානක් දීලා තමන්ට ඕන කරන බේත් ටික ෆාමසි වලින් ගන්නවා ඇති ද . ඉස්පිරිතාලෙක උනත් ෆාමසියෙන් ගන්න කියලා ලියලා දෙන බේත් ටික ගන්න ලොකු ගානක් ගෙවන්න වෙනවා කියන එක කොච්චර අසාධාරණ ද . අනික බේත් වල ගාන හොයාගන්න අමාරු ලෙඩ්ඩුන්ගෙනුත් මෙහෙම වැඩ් ගානක් අය කරන එක සාධාරණද .මේ ටික තමා මගේ හිතේ ඇති වෙච්ච ප්‍රශ්න... . මේ ප්‍රශ්න වලට උත්තර හොයපු සේනක බිබිලේ මහත්මයාට අන්තිමේට සිද්ධ උනේ අභිරහස් ලෙස අතුරුදහන් වෙන්න. මේ අතුරුදහන් වීම පිටිපස්සේ ඖෂධ වෙළදාමේ යෙදෙන බහුජාතික සමාගම් ඉන්න බව කවුරුත් දන්න රහසක්.
|
BLOG
|
අවිහිංසක ඔයමුව මඩලින්බලනා කලනිසල නෙතින් දුටුවා නුබමගේම නමින්ලියවුනකුමරා නොවේදඉතින්.....අදහස: චුටි දොනි...බ්ලොග් ලියන්නේ :සුදු අයියා.
|
BLOG
|
27 වෙනිද මොකද වුණේ කියල මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. ඔය ආපු ගිහිපු උදවිය කියල තිබුණේ මදි නොකියන්න.. අතිශයෝක්ති, මඩ, රස, ගුණ වැණුම්, අපබ්‍රංස, මතක ආවර්ජනා, තරඟ, හොර වැඩ වගේ හැමදෙයක් ගැනම.. නොකියපු දෙයක් හොයාගන්නත් අමාරුයි..
ඒ පෝස්ට් දාපු හැමෝම වගේම මමත් ඒ දවස රස වින්දා.. හරිම ලස්සන දවසක්.. මීට වඩා ක්‍රියාකාරී බ්ලොග්කරුවෙක් වුණා නම් ඊටත් වඩා රස විඳින්න තිබුණා කියලත් හිතුණා.. කොහොම වුණත් අක්‍රීය බ්ලොගරුවන්ගේ සංගමයේ අධි ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට වුණත් අඩුවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නං නෑ ඒ අපූරු යාලු මිත්‍රයො ටික.. ඒ වගේ සුහද මිනිස්සු ගොඩක් එක සැරේම හම්බවෙන්න තරං පිං කරලා තිබුණලු අපිත්..
ප්‍රධාන සංවිධායකවරු තුන් දෙනා වෙච්ච සිරා, සෑමා, අටමා කියන සහෝදරවරුත් ප්‍රාදේශීය පිරිස් සංවිධායකවරුන් වෙච්ච ප්‍රදීප් අයියා ඇතුළු අනික් අයත් වගකීමෙන් මහන්සිවෙලා තමා දවසේ කටයුතු පිලිවෙලට පෙලගස්සල තිබුණෙ.. උදේම ඇහුණ කනගාටුදායක ආරංචියකුත් මතක් කරන්න ඕනෙ.. වැස්සත් එක්ක හදිස්සියෙ ආපු ගංවතුරෙන් පාරවල් වැහුණ නිසා සඳරු අයියත් එක්ක ඒ පැත්තෙන් එන්න හිටපු උදවියට ගෙට් එකට එකතු වෙන්න බැරි වුණා..මෙන්න මේ කාරණාව ටිකක් සැක සහිතයි.. දමිත් අයිය කියනව මෙහෙම කතාවක්.. //අඩෝ Batta.......... දේවා ගේට්ටුවට අවා බන්,කුලියාපිටිය,කුරුණෑගල පැත්තෙන් එන්න හිටපු එවුනුත් අවා. මම ඇහුවත් එක්ක දේවා අයියගෙන් ඒ පැත්ත යට වෙලාද කියල,උබනේ මටත් ඔය නිවුස් එක කිව්වේ. එහෙම අවුලක් ගිහින් නෑ බං .ඇයි බං අර ජාල කරාමේ ලගදි ප්‍රදීප් අයියත් එක්ක දේවා අයියාවත් හම්බ උනේ... උබ ගුලි කාලද හිටියේ....// කාරණාව පැටලිලි සහගතයි.. දන්න කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න.. නැත්තං හැමෝම නොදැක්ක වගේ ඉන්න.. :P මම නොදන්නවට මේකට මහන්සි වෙච්ච තව ගොඩක් අය ඇති.. ඒ අතරින් ගෙට්ටුවට යන්න කලින් ගේට්ටුව ලඟ හිටගෙන ගෙට්ටුවට ආපු අය වෙනුවෙන් ටිකට් විකුණපු සමියයි, කම්මලයිත් මතක් කරන්න ඕනෙ..
කොහොමෙන් කොහොම හරි පටං ගනිද්දි හිටපු ලොකු පිරිසෙන් ගොඩ දෙනෙක් හවස් වෙද්දි අඩු වෙලා හිටිය.. ඒ උදවියට මගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන්න වෙනව.. මොකෝ ඒ අපූරු දවසෙ අපූරුම කොටස තිබුණෙ හවස් වරුවෙ.. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියන්නෙ නිකංයැ..
ඉතිං වෙච්ච දේවල්, කරපු දේවල් ගැන ගොඩක් බ්ලොග් වලින් කියවපු නිසා දැන් කට්ටිය ලෑස්ති වෙන්න ඒ හවස් වරුවෙ තිබුණ අන්තිම තරඟෙන් කොටසක් ශ්‍රව්‍ය දෘෂ්‍ය ආකාරයට රස විඳින්න.. මේ වීඩියෝ එකේ තත්වෙ බාල කරන්න සිද්ධ වුණා මට, මගේ නෙට් ස්පීඩ් එක ගොඩක් වැඩි හින්ද යූ ටියුබ් එකේ බටේ කඩාගෙන ගියොත් එහෙම කියල.. එහෙම කරලත් පස් හය පාරක්ම උත්සහ කරල, මේක තමා අන්තිම සැරේ කියලත් දෙපාරක් තුන්පාරක්ම උත්සාහ කරල තමා "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් වීඩීයෝ එක අප්ලෝඩ් කරන්න" කියන නියමයට අනුව වැඩේ ඉවර කරගත්තෙ.. එහෙනං ඕං අල්පේච්ඡ බ්ලොග් කාරයො විදියට ලද දෙයින් සතුටු වෙයල්ලා.. එහෙම බැරිනං මගේ දුප්පත් 2MP මොබයිල් කැම් එක වගේ නැති සෝනි සයිබර්ෂොට් කම්පැක්ට් කැමරාවකින් මේ සිද්ධිය මට වඩා හොඳට වීඩියෝ කරපු 'උගේ හද ගැස්ම' ලියන දමිත් ශ්‍රියන්ත අයියට වැඳල හරි උසස් තත්ත්වයේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරවගෙන ඒක බලපියව්.. :D අවසාන වශයෙන්, සංවිධායක වරුන්ටත්, ගෙට් එකට ආපු හැමෝටමත්, එන්න ඇඟිලි ගැන ගැන ඉඳල සාධාරණ හේතු නිසා එන්න බැරි වුණු අයටත්, හෙට කොහොමහරි යනවමයි කියල හිතාගෙන ඉඳල උදේ නැගිටින්න කම්මැලි හිතිල ගෙදර හිටපු උදවියටත්, යන්දෝ නොයන්දෝ කියලා හිතාගන්න බැරුව හිටිය අයටත්, "අනේ අපි නං යයි ඔය කෙහෙල්මල් වලට" කියල හිතාගෙන ගෙවල්වල හිටපු අයටත්, ඔය සේරම ගැන කියපු එකේ ඔන්නොහෙ මටත් බොහෝම බොහෝම ඉස්තූතියි.. ^_^යේ යේ.. පෝස්ට් එකක් දැම්මෝ.. හුරේ.. හූ සිතුමෝ.. ඇද්ද තොට... ඔ.. අ.. :O අඩේ සොරි මචංලා... ප්‍රසිද්ධ වේදිකාව නේද.. අමතක වුණා.. :/.
|
BLOG
|
අහසටත් ඉහලින්ඉගිලෙනා සමනල කැළනිවාඩුව පොදි බැඳ පාසැලින් ඉහිරෙන හැඩ.අකුරු පොඩි හැඩවී ලත වෙවී පොත් කියැවී මිතුරුදම් තිර වී තවත් වසරක් ගතවී pic-schoolatoz.
|
BLOG
|
ගායනය : අමරසිරි පීරිස් මහත්මයාහන්තානට පායන හඳලස්සනයි ද කියන්න..මා නොදකින ඒ පුර හඳඔබට හැකිය දකින්න..//අඳුරු ලලා වහිනා කලසරසවි බිම තෙමෙන්න..//කුඩේ යටින් ඔබ යන කලඑපා තනිය දැනෙන්න..ලතා මඩුළු අත වනාවිඑපා අහක බලන්න..//මා ගැන මතකය ගුලි කරමහවැලියට දමන්න...හන්තානට පායන හඳ.
|
BLOG
|
දැන් ගොඩක් දුරට ට්‍රාන්ස්මීටරයට අවශය මූලික පරිපථයන්සම්පූර්ණ කර අවසන්ය.Limiter Circuitමීලඟට ඉදිරිපත් කරන පරිපථය ට්‍රාන්ස්මිටරයට ශබ්ද තරංග පාලනය කරන එකකි.මෙය ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක වීමට අතයවශම පරිපථයක් නොවුනත් තවත් වැදගත් කොටසක් ලෙස සැලකෙනවා.ලිමීටර් පරිපථයකින් සිදුවන්නේ අපි පිටතින් (DVD Player එකකින්/Computer එකකින්) සපයන Audio Signal එකක් ගුනාත්මකව වගේම හඬ යම් කිසි පාලනයකට නතු කරමින් ට්‍රාන්ස්මීටරය වෙත යොමු කිරීමයි.මොකද අපි දන්න දෙයක් තමයි සිංදු 10ක් ගත්තොත් දහ විදියකට ශබ්දයේ හඬ අඩු/වැඩි කර රෙකෝඩ් කර තිබෙන්නේ.නමුත් ට්‍රාන්ස්මීටරයකට එසේ ශබ්ද තරංග ලිමීටරයක් නැතිව දුන්නොත් රේඩියෝවෙන් පැහැදිලි ශබ්දයක් ශ්‍රවනය කිරීමට අපට නොහැක.මෙම පරිපථයටම සම්බන්ද වෙන තවත් පරිපථයක් තිබේ.එය වුවමනා වෙන්නේ රේඩියෝ චැනල් එකක ස්ටීරියෝ ශබ්දයක් ලබාගැනීමට.එයට කියන්නේ එන්කෝඩර් පරිපථය කියා.ස්ටීරියෝ කියන්නේ ඉතා උසස් ශ්‍රවන තත්වයක්.මම පහතින් ලබාදෙන්නම් ලිමීටර් පරිපථයටම සම්බන්ද කල එන්කෝඩර් පරිපථයත්.ඔබට එන්කෝඩරය අනවශය නම් ඉහත පරිපථය විතරක් ස්වාදන්නත් පුලුවන්.මෙම සියළුම පරිපථ කොටස් කෙසේද සම්බන්ඳ කරන්නේ කියල අන්තිමට රූප මාර්ගයෙන් පැහැදිලි කරන්නම්.:T1 - BF245CT2 - BC556B,BC307IC1 - LM386ඉහතින් දක්වා ඇත්තේ සාමාන්‍යය ,ඉතා සරල Audio Limiter එකකි.***********************************************Stereo encoderමීලඟ පරිපථය අවශය වන්නේ ස්ටීරියෝ විකාශනයක් විසිරුවා හැරීමට ඔබ ට්‍රාන්ස්මීටරය සකසනවා නම් පමනි.මෙහිදී මෙම පරිපථයට බල සැපයුම ලෙස 12V ගත්තත්, එම IC එකට අවශය 2.4v-3v තරම් කුඩා Volt ප්රමානයකි. විවිද IC මෙම ස්ටීරියෝ එන්කෝඩර් පරිපථ සෑදීමට යොදා ගනී.NJM2035 වැනි IC එයට උදාහරණයකි. මෙහිදී මූලිකවම ගත්තම 38MHz ක්‍රිස්ටල් එක පරිපථයට අනිවාර්යය අංගයකි.මොකද ස්ටීරියෝ නම් උප තරංගය සැදීමට මෙය බොහෝ ඉවහල් වන නිසා.ස්ටීරියෝ තාක්ශනය ගැන ඉතාම අල්ප වශයෙන් හැඳින් වුවත් මෙය ඉතා පුලුල්ව ඉගෙන ගතයුතුය.එයට කාළය හරස්වන නිසා සහ පරිපථය සෑදීමට එය බල නොපාන නිසා එය පැහැදිලි කිරීම නතර කරන්නම්. එන්කෝඩර් සඳහා ඉතාම ජනප්‍රිය IC එකක් තමයිBA1404කියන්නේ. මෙය කොළඹ ගන්න තියේ.38MHz ක්‍රිස්ටල් එකත් කොළඹින්ම හොයගන්න පුලුවන්.ගොඩක් දුරට ක්‍රිස්ටල් වැනි දේවල් පිට පලාත් වලින් සෙවීමට මහන්සි ගන්නවාට වඩා ගොඩක් හොඳයි කොළඹම යන එක. ඒ වගේම ක්‍රිස්ටල් හොයාගන්නම බැරිම නම් ඉහත රූපයේම සඳහන් කරල තියෙනවා 47PF එකකට සමාන්තරගතව සම්බන්ද කල ටිමර් එකක්.එය කෙසේ වෙතත් ක්‍රිස්ටල් එකම හොයාගන්න එක හොඳයි.* තවත් වැදගත් කරුණක් නම් මේ පරිපථයට සබන්ඳ කරන ධාරිත්‍රක ඒ අගයෙන්ම සපයා ගැනීමට වගබලා ගන්න.* NE 5532 IC එක තුලින් කුඩා වර්දනයක් ලබාදෙයි.* IC එකට IC බේස් එකක් සවි කරන්න.
|
BLOG
|
අන්තිමටම කළකිරිලා ඉන්න වෙලාවක්. ඒකට හේතුව කියන්නෙ මගෙත් එක්ක සම්බන්ද වෙලා ඉන්න මිනිස්සු එකම එක්කෙනෙක් ඇරෙන්න. සමහරු හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරමයි. මේ ඔක්කොම කරන්න ඕන තනි මම කියන එක මුන්ට තෙරෙන්නෙ නැද්ද. එක්කො ඒක තෙරුම් අරන් මාවම තලන්න හදනවද කියලත් වෙලාවකට මට හිතෙනවා.ඔෆිස් එකට ගියත් එතනත් වැඩ කරන්නෙ මම විතරද කියලත් මට හිතෙනවා. සමහරු කියනවා නචි ඔයාට තමයි හොදටම ඒටික කරන්න පුළුවන්. වෙන කෙනෙකුට දීලා මොකක් හරි වැරැද්දක් වුනොත්. එහෙම කියලා එක වැඩක් ඉවර වෙද්දි තව වැඩ දෙක තුනක් පෙන්ඩින්ග් ලිස්ට් එකේ තියනවා. තව මාස දෙකෙන් දෙකට හදන්න තියන රිපෝට්, ඒවට අවශ්‍යය තොරතුරු ගන්න ගියාම තමයි එපා වෙන්නෙ. මීටින් එක තියෙන්නේ හවස නම් මම එදා උදේ තමයි රිපෝට් ටික හදලා ඉවර කරන්නෙ. ඒකවත් වෙනෙ කෙනෙකුට දෙන්නේ නෑ. නචි මේක ගොඩක් වගකීමෙන් කරන්න ඕනෙ. ඔයාට තමයි ඒක කරන්න පුලුවන්. කොච්චර කතා කලත් හැමදාම ඔතනින් තමයි නතර වෙන්නෙ. කොච්චර වැඩ තිබුනත් මට කරන්න බෑ කියලා හිතුනොත් මම ඒ වැඩ අල්ලන්නෙ වත් නැතුව නිකම්ම කාලෙ ගෙවලා යන දවස් තියනවා. බස් පදින්නවත් නොයා. යාළුවොත් එහෙම තමයි.මට තියනවා අමාරුවක් කවුරු හරි මගෙන් දෙයක් ඉල්ලුවොත් නෑ බෑ කියන්න බැරි. මට කරන්න බැරි දෙයක් නම් කරන්න පූළුවන් කෙනෙක්ට හරි කියලා ඒ වැඩේ කරලා දෙනකම් නින්ද යන්නෙ නැති ලෙඩක්. මගෙන් සල්ල ඉල්ල ගත්ත යාළුවො ඉන්නවා ඒක මතකවත් නැති ගානට ඉන්න. මට ඒවා මතක් කරලා ඉන්න බැරි ඉකත් අර ලෙඩේම රෝග ලක්ෂනයක්. ගෙදර මතක් වෙද්දි මගෙ ඔලුව පැලෙන්න එනවා. කරලා ඉවර කරන්න තියන වැඩ මතක් වුනාම. මේවා මට කරගන්න පුළුවන් වෙයිද ඉතුරු වෙලා තියන කාලෙත් එක්ක කියලා. කෝ අර මම මීට අවුරුදු 5ක 10ක කලින් විඳපු නිදහස. ඒ කාලෙ මොනතරම් සුන්දරද.අනේ මන්දා....කාලයට ඉඩ දීලා බලන් ඉන්න්වා ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවාද.
|
BLOG
|
ඒකමත් එක කාලයක ආසියාවේ නගරයකට බොහොම දිග නමක් තිබුනලු. මේ නමේ දිග නිසාම කොතරම් සුන්දර නගරයක් උනත් සංචාරකයෝ එන්න කැමැත්තක් තිබිලා නැ. පසු කාලයකදී නගරයේ නම කෙටි කල පසු සංචාරක පුරවරයක් බවට පත වුනු නගරයක් ගැනයි මේ කියන්න හදන්නේ.තායිලන්තයේ ප්‍රධාන නගරය මෙන්ම විශාලම නාගරික ප්‍රදේශය වන මේ නගරය බැංකොක්. බැංකොක් නගරයේ ඉතිහාසය පහළොස්වන සියවසේ Ayutthaya පාලන සමය දක්වා දිවෙන්නක්. නගරයේ පිහිටීම යුධමය අතින් වැදගත් ස්ථානයක පිහිටීම නිසා අතීතයේ සිටම අවධානයට ලක්වූ බැංකොක් Ayutthaya පාලන සමය බිඳවැටීමෙන් පසු බර්මිස් රාජධානියේ (1767 දී ) ටක්ෂින් රජු සිය ප්‍රධාන නගරය ලෙස පිහිටුවාගෙන තිබෙනවා.බැංකොක් යන පදයේ තේරුම අවිනිශ්චිත වුවත් ගං ඉවුරේ ඇති නගරය "බැන්ග්" ලෙසත් "කෝ" යන පදයේ තේරුම දුපත ලෙසත් එක්වී මේ වචනය හැදුනු බව පිලිගැනෙනවා.තවත් මතයක කියවෙන්නේ "බැන්ග් මොකක්" යන පදය කෙටි විමෙන් බැංකොක් යන්න නිර්මාණය වූ බවයි. "මොකක්" යනු ඔලිව් වැනි පලතුරකි."වට් අරුන්" නමැති මෙම ප්‍රදේශයේ පවතින පන්සලක පෙර බාවිතා වූ නම "වට් මොකක්" ලෙස පැවතීම මෙම අදහසට රුකුල් දෙනවා.කෙසේ වෙතත් අයුත්තය වංශකතා වලට අනුව මෙම නගරයේ නිල නම "තොන්බුරි සි මහසමුත්" වේ. පාලි හා සංස්කෘත සාහිත්‍යට අනුව මෙහි තේරුම සමුදුරු අලංකාරයෙන් පොහොසත් නගරය යන්නයි.අයුත්තය පාලන සමයෙන් පසු "Buddha Yudfa Chulaloke " රජු සම්මානයක් ලෙස ලබාදුන් නමේ කෙටි අනුවාදයක් වන "ක්රුන්ග් තෙප් මහා නකොන්" යන්න අද මෙම නගරයේ තායි නමයි. මෙය කිසියම් ප්‍රදේශයක් හැඳින්වීමට ඇති දිර්ගතම නම ලෙස ගිනිස් වාර්තා පොතේ සඳහන් වෙනවා.මෙහි තේරුම සුරන්ගනාවන්ගේ දේශය, මහා නගරය, සදාකාලික මැණික් නගරය, ඉන්ද්‍ර දෙවියාගේ නොබිඳෙන දේශය, සන්තෝෂයේ නගරය, ලෝකයට ඉස්තරම් මැණික් නමයක් ලබාදුන් දේශය වැනි තේරුම් වලින් යුක්තයි.බැංකොක් පාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බැංකොක් නගරයේ මුළු නම ලියා ඇති අයුරුජනාකීර්ණ නගරයක් මධ්‍යයේ පිහිටා ඇති ලුම්බිණි උද්යානයබැංකොක් නගරය ගැන තවත් බොහෝ දේවල් ලිවීමට ඇතත් ලිපිය දිග වැඩි නිසා මෙතනින් නවත්තනවා.බැංකොක් ප්‍රසිද්ධ නගරයක් වුනත් එහි නමේ ඉතිහාසය ප්‍රසිද්ධ නැති නිසයි නම ගැන ලියවුනේ.
|
BLOG
|
උක්කුවා නෙළුම්ගොල්ලේ වහන් වූයේ තදියම ඉවසාගනු බැරිම තැනය. ගොම්මන් කරුවල ඔහුගේ කෘත්‍ය තවත් පහසුකළේය. නමුත් සුළු මොහොතකින් දුටු දසුන උක්කුවාට සිය කටයුත්තද අමතක කළේය. ඒ සයිමාය. මීටඅවුරුදු පහළොවකට කලින් වැවේ කට්ටි වළක ගිලී මිය ගිය සයිමාය. ගමේ සැලකිය යුතුපිරිසකට නූල් බැඳ තොවිල් නැටීමට හේතු වූ සයිමාගේ හොල්මනය. නමුත් උක්කුවාසයිමාගේ හොල්මන දකින්නේ මේ පළමු වතාවටය. තමාගේ පුංචි සන්දියේ සිටි හොඳම යහළුවා වූ සයිමාටබිය වීමට උක්කුවාගේ හිත නැමුණේ නැත. තම දෙසට සෙමෙන් පැමිණ අඩි පහක් පමණ දුරින් නතරවූ සයිමා,&අනේඋක්කුවො අපේ අම්මාව බලා ගනින්.* යැයි පවසා නොපෙනී ගියේය.ඉන්පසු ගමේකිසිවෙකුට සයිමා පෙනී නොතිබුණි.ලියා එව්වේ - වර්ණ.
|
BLOG
|
2014 උදාවෙලා මාසයකුත් ගෙවිලා ගිහින්.කොහොම උනත් උදා වුනු 2014 වසර බ්ලොග් ලියන කියවන හැමොටම සුභම ශුභ නව වසරක්ම වෙවා... අද උදේම අහන්න ලැබුනේ ෆේස් බුක් එකට බනින පුවතක්. ෆේස් බුක් පලවුනු පින්තුරයක් ගැන ප්‍රශ්න කිරිමක් නිසා 17 හැවරිදි සිසුවියක් සියදිවි නසාගෙන (මෙතන මට ඇහුන විදිහ වැරදි නම් නිවරැදි කරන්න )මෙ වගෙ දෙයක් උන ගමන් සිදුවන මුලම දේ හැමදෙටම පලි ෆෙස් බුක් එක තිබුනේ නැත්නම් මෙහෙම වෙන්නේ නැනේ කියල එකට බනින්න එක තහනම් කරන්න දගලන එකනෙ. ඇත්තටම මෙතන වැරද්ද ෆේස් බුකියෙද එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ ආකල්පද. පුන්චි වයසට හිතනකොට ලොකුම වැරද්දක් තමන්ට උනා වගේ හැගිමක් දැනෙන එක සාදාරනයි. එත් මෙතරම් දෙයක් දරාගන්න බැරි තරම් හිත් ශක්තිමත් නැ කියලා හිතනකොටත් අනගතේ ප්‍රශ්න ආවොත් කොහොම මුහුන දෙවිද කියලා හිතන්න වෙනවා. පාසලකින් පොතේ පතේ දැනුම විතරක් දිලා විභහගයක් පාස් කරන එක විතරක් කරන්න ඔනා කියලා හිතන තත්වයකට පත් වෙලා නම් එතන මේ සමාජෙට ලොකු වැරද්දක ආරම්භයක් වෙන්න පුලුවන්. ආදරය කරන එක ලමා මනසට ගැලපෙනවා කියලා සාදාරිනකරනය කරන්න බැරි උනත් උගත් , සමාජ දැනුමක් තියන වැඩිහිටි පිරිසක් කරන්න දෙවල් ගොඩක් තියනවා ළමයෙක් වැරද්දක් කරනවා නම්.ෆෙස් බුක් කියන්නේ නරක දෙයක් නෙමේ. නරක දෙවල් ඔන තරම් අන්තර්ජාලෙ තියනවනේ. හැබැයි එකට විසදුම අන්තර්ජාලේ භාවිතා කරන එක තහනම් කරලා ආපහු ගල් යුගයට යන එකත් නෙමේනේ.... ඇත්තටම මට හිතාගන්න බැරි මෙතන වැරදි කවුද කියන එක විතරයි..මේ වැරද්ද කරපු ලමයාද.ෆේස් බුක් එකේ ඒවා බලලා ප්‍රින්සිපල්ට කියපු ගුරුවරියද.ළමයි ගොඩක් ඉස්සරහ අසභ්‍ය වචනයෙන් ළමයට කතා කරපු ප්රින්සිපල්දඑහෙමත් නැත්නම් ළමයාගේ දෙමව්පියන්ද.එහෙමත් නැත්නම් ෆේස්බුක් හදපු මාක් ද.කාලෙකට පස්සෙ ලියන්න පටන් ගත්ත නිසා කතා කරන්න වුවමනා මාතෘකාවක් උනත් දිගට කතා කරන්න ටිකක් අමාරුයි...වි ඩේ එකත් ලග එනවා ඒ කාලේ ලියපු පොස්ට් එකක් මෙතන ඇති..එහෙමනම් ජය වෙවා.
|
BLOG
|
මාතරට නුදුරු ගමක උපතලැබූ කතුවරයා කල් ගතවේද්දී මාතරට සමුදී වෙනත් නගරයක පදිංචියට ගිය පසු තමන් දුටු මාතර ගැන ලියූ ග්රන්ථයකි. මව්බිම අතහැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝ දෙදනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමම්ෙ හැම දෙයක්ම සුන්දරය. කෑ බිව් හැම දෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අත්හැර දමා වෙනත් නගරයක පදිංචියට ගිය කතුවරයා එක්දහස් නමසිය පනස් ගණන් වලදී මාතර දුටු අයුරු ඔහුගේ සිතේ ඇදී ඇති ආකාරයෙන් මෙහි සටහන් තබා ඇත.කතුවරයා පවසන්නේ තමන් ග්‍රන්ථයේ සටහන් තබා ඇති ඇතැම් චරිත පිළිබදව එහුගේ මතකයෙහි පටලැවිල්ලක් තිබිය හැකි බවයි. එමෙන්ම මාතර පැවැති කුල භේදය ගැන මෙහි විවෘතව කථා කර තිබේ. ඇතැම් සිද්ධි හා පුද්ගලයන් ගැන ඔහු ලියන දේවල් හේතුවෙන් යමකුට චිත්ත පීඩාවක් ඇතිවේයැයි සිතෙන විට ඒ නම් යම් පමණකින් වෙනස් කළ බවද කතුවරයා සදහන් කොට තිබේ. ලේඛකයා - සමරසිංහ ගුණසේකරප්රකාශනය - සුනෙර ප්රකාශකයෝමිල - රු.260.00ISBN 978-955-9128-93-9 සමරසිංහ ගුණසේකර මහතා සමරසිංහ ගුණසේකර මහතා මාතර රාහුල විද්‍යලයෙන් මූලික අධ්‍යාපනය ලබා තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසුණේය. කොළඹ , විද්‍යොදය යන දේශීය විශ්වවිද්‍යාලවලද එක්සත් රාජධානියේ හැරියට් වොට්, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් යන විදෙස් විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපන ලබා ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු ග්රන්ථ රැසක් සිංහලයට පරිවර්ථනය කරන ලද ගුණසේකර මහතා නීතිඥයෙකි. කතුවරයාගේ වෙනත් පොත්තනි කූඹියාගහකොළ අපේ යාළුවෝඅමුතු වැඩට කැමති අයටපමා වුණත් එමි අකුරටමෙන්න අපේ අමුතු සේනහිනායන කතාවක්,එයි අම්මා විගසකිනේ.
|
BLOG
|
වසරක් ගෙවී තවත් වසරක් ගෙවෙන්නට ආසන්නය. දින දසුන් හා ඔර්ලෝසු වලින් ජීවිතය නවතා තැබීම හෝ ඉදිරියට ගෙන යාමට නොහැක. නිවී සැනසිල්ලේ සිතා බලන විට මේ සියල්ලම සිදුවන්නේ අපේ ඕනෑකමටත් වඩා ලෝකයේ පැවැත්වමට ඕනෑ අයුරින් බව සිතේ.ආපසු හැරී බලා සතුටුවීමට යමක් ගතවුනු වසරේ ඇත්දැයි සිතේ. කිසිවක් නැත. දිනෙන් දින සතියෙන් සතිය දවස් ගෙවුනා මිස ලබා ගත් හෝ දිනා ගත් දෙයක් නැත. එසේ වූවා කියා ජීවිතය නවතින්නේද නැත.අනෙකුන් පරයා යාමට හෝ රිදවීමට ඕනෑකමක් නොවුනු සිත යට කිසිවිටක තරඟකාරී හැඟීමක් හෝ සමාජගත වීමේ දැඩි ආශාවක්ද නොවුනි. කෙසේ හෝ අහම්බයෙන් ගලා යන ප්රවාහයකට අසුවී සිතට දැනෙන හැඟීම් අකුරු කල නිසාම දුක සතුට මෙන්ම අනෙකුත් බොහෝ දෑද ජීවිතයට කඩා වැදීම නිස්කලංකව ගෙවී ගිය දිවිය උඩු යටු කුරු වීමකි.එහෙත් කිසිවෙකුට දොස් කියා හෝ දෛවයට ශාප කිරිමෙන් පලක් නැත.කෙසේ හෝ ඉදිරියට යනවා විනා ආපසු පසුපසට යාමට ජීවිත රෝදවලට නොහැක.ජීවිතය ගැලක් නම් එහි රිවස් ගියරයක් නොමැත.එක්ව සිනාසුන වැලපුන කඳුලු හා සිනාවන් මේ වසර තුල අතැර දමා නව වසරට යායුතු වෙයි. සියල්ලක්ම මතකයන්ව ශේෂ වනු ඇත.ජීවිතයේ හැටි එසේමය. සමහරුන් දිනන අතර තවත් සමහරු පරදිති. ඇතමෙක් අතරමගදී තරඟය අතැර දමනු ඇත. එහෙත් නිකන් බලා හිඳ මිය යාමට වඩා සටන් කර මිය යාම යෙහෙහැකියි සිතේ.මියගියා සේ වසන් වන්නටද සිත බල කලද නැවත නැවතත් විත් හිස පොවන්නටද ඒ අතර හිත බලකරයි. සිතට ඇවැසි දේම කරන්නට යාමෙන් විඳවන සිතද සිතටම සහනයකි.එදා ලඟවුන් අය අද නැත. අද සිටින්නන් හෙට නැත. කිසිවෙකුට කිසිවෙකුගේ සිත් තුල බලෙන් අරාජික විය නොහැක. මනඃස්තාපයන් මවන්නේ කළකිරීමය. බැඳිමද, ලෙංගතුකමද, ගෞරවයද බලෙන් සිතක ඇතිකල නොහැකි අරුම පුදුම හැඟීම්ම වන්නේය.විටක ආපසු හැරී බලද්දී පුදුම සිතේ.වසරක් පුරා සිත් තැවුල්, නින්දා, සිත් රිදීම් මැද නෙළාගත් දෙයක් නම් නැත. රිදවන්නට බලා සිටින්නෝත්, රිදවගන්නට බලාසිටින්නෝත් ඇර කිසිවෙක් නැත.නමුදු ඉදිරියට යායුතුය වෙන කිසිවක් නිසා නොව නැවතීමට නැවතුමක් මේ කටුක මඟෙහි නොමැති හෙයිනි.නන්දා මාලිනිය වහා දිව විත් ජීවිතේ කවියක්...යයි කියා දෙයි.සෙනෙහසින් රැඳි උන් නෙක දනපළායයි නොකියාම ඈතටපවුරු පදනම් බිඳි දස අත විසිර යන යාමේකවුරු නම් නවතීද තනියට...විසිරුණ සිත නැවත එකතු කර එකතැනට ගෙන යලි යලිත් සකසාගැනීමේ සිට සිත පිරිපහදු කිරිමේ කාර්යය දක්වා කාර්ය බහුල විමට සිතේ. ඇත්තේ පසුතැවීමක් හා කළකිරීමක් පමනී.වෛරයක් හෝ වෙනයම් පුද්ගලානුබද්ධ කෝපයක් සිත තුල ඇති නොවී සිත නිවී පහන් වී තිබීම එක්තරා අයුරක සහනයකි.සැබැවින්ම සඳ පහන් රැයක බෝ මළුවක හෝ හඩ නොනඟා ගලා යන ගඟක් සේ හිත සංසුන්ය. ඈත්වීම වෙන්වීම පවා සිතට වේදනාවක් නොව මෛත්‍රියක් සැනසීමක් ගෙන දෙන්නේ නම් සතුටකි.ඉදින් 2013 ද නිමාවේ සිට 2014 දෙස නෙත් අයා බලා සිටිමි. ගනන් තැබීම් දින ගැනීම් වලංගු වන්නේත් අවශ්‍ය වන්නේත් හැල්මේ දුව යන ලෝකයකටය. නැවතී බලා සිටින්නන්ට ඒවා අවැසි නැත. ජීවිතය එසේ වීනම් අප හිතින් ශතවර්ෂ ගනනාවක් ජීවත් වනු ඇත. මසිත එසේමය.හිත තුල ඇත්තේ පහන් සිතිවිලි පමනකි. සියුම් කළකිරීමක් තිබුනද කාලයා විසින් එයද නැති කරදමනු නිසැකයඑකම සිතිවිල්ලකින් සිත පිරේ. ඔබ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා.
|
BLOG
|
තුන් මාසයක්..මහ ගොඩාක් දේවල් වෙනස් වෙච්ච කාලයක්.හිත අස්සෙ පුපුරු ගහන දුක අද ආයෙම අළුත් උනා..හිත අඬනවා..මගෙ විතරක් නෙමෙයි..අපි හැමෝගෙම. ඇත්තමයි..මේ තුන් මාසෙම හැම දවසක් දවසක් ගානෙ මහා හිස් බවක්,මහා තනිකමක් දැනුනා හිතට.මුළු ගෙදරම මූසල පාටයි..ඉස්සර බොහොම සරුවට තිබිච්ච අපේ වත්ත අද කේඬෑරි වෙලා හේ බාලා ගිය ගස්වැලිවලින් පිරිලා..ඉස්සර ඒ හැම පැළයක් ගානෙම බොහොම ආදරයෙන් රැක බලාගත්ත ඒ රත්තරං අත් දෙක ආයෙ උන්ට වතුර,පෝර දාන්න එන්නෙ නැති බව උන්ටත් තේරිලා වගෙයි.එදා ඉඳන්ම අපේ ගෙදරට හැමදාම ආපු ඉංග්‍රීසි පත්තරේ තවමත් හැමදාම පුරුද්දට වගේ ගෙනාවට ඒකෙ සුදෝකු ප්‍රෙහේලිකාව බොහොම සීරුවෙන් පුරවන්න හරි ආසාවෙන් මග බලං හිටපු ඒ ගාම්භීර රූපය අද අපේ ගෙදර නැහැ..අපේ සුදු සීයා..පුදුමාකර ශක්තිමත්,ප්රතාපවත්,කරුණාවන්ත චරිතයක්. සීයාගෙ හැම පියවරක් පියවරක් ගානෙම,වචනයක් වචනයක් ගානෙම අපිට හිතන්න, හිතට ගන්න දෙයක් ඉතුරු කළා..හැමදාම මම ගෙදර එද්දි ක්‍රිකට් මැච් බලන්න සීයා වාඩි වෙන සුපුරුදු පුටුව අද හිස්. ඒ පුටුව දකින වාරයක් ගානෙ මගෙ සුදු සීයව මැවිල පේනව සීයෙ. ඒත් අද සීයව දකින්න ඉතුරු ඒ පුටුව එහාපැත්තෙ තියල තියෙන රාමු කරපු පින්තූරයක් විතරයි.මගේ සුදු සීයගෙ හිතේ තිබ්බ ලොකූ ආසාවක් තමයි සීයගෙ දරුවො හතරදෙනයි මුනුඹුරු මිනිඹිරියො දහ දෙනයි එක තැනකට දවසක එකතු කරලා කතා කර කර ඉන්න..ඒත් සීයෙ අපි හිටියෙ ලෝකෙ හතර කොනේ ඉහිරිලා..අන්තිමට අපි සේරමලා එකතු උනා..කතා කරා..ඒත්..ඒත් ඒ සතුට විඳින්න සීයාට ඉන්න බැරි උනා..බැරි උනා නෙමෙයි..බැරි කළා..මැරෙන්න වටින මිනීමරුවො, කාළකන්නි උතුරන්න ඉන්න මේ ලෝකේ කොහෙවත් නැති නරකාදි පිළිකාවක් අපෙ රත්තරං සුදු සීයව අපෙන් උදුරගත්තා.ජූලි 24 වෙනිදා..මගෙ 18වෙනි උපන්දිනේට දවස් තුනකට පස්සෙ දවස..මේ අවුරුදු ගාන තිස්සෙම හැම උපන්දිනයක් ගානෙම මට මුලින්ම සුභ පැතුව අය අතරෙ මගෙ සුදු සීයයි සුදු ආච්චියි හිටියා..ඒත් මම පුදුම ආසාවෙන් උදාවෙනකං බලං හිටපු මගෙ 18වෙනි උපන්දිනේ සුදු සීයගෙන් "හැපි බර්ත්ඩේ පුතේ" කියලා අහගන්න වෙන අන්තිම උපන්දිනේ කියල දැනන් හිටියනං මං කවදාවත් ඒ දවස සමරන්නෙ නෑ සීයෙ.ජීවිතේ මහ පුදුමයි..එදා මගෙ සුදු සීයාව ඉස්පිරිතාලෙ ගෙනියපු දවසෙ සීයාගෙ අතින් අල්ලං සීයාගෙ එහා පැත්තෙන් ඇම්බියුලන්ස් එකේම මමත් ගියෙ සීයා නැතුව ගෙදර එන්න වෙයි කියල දැනගෙන නෙමෙයි සීයෙ..ඒ උනත් සීයා නිහඬවම සීයාගෙ ගමන ගියා..තුන්මාසයක් ගෙවිලා ගිහින්..මම දන්නවා..අපි දහදෙනා දිහාම මගෙ සුදු සීයා බලාගෙන ඉන්නෙ කියලා.. ගොඩාක් පාළුයි සීයෙ..මේ කම්පියුටර් එක ඉස්සරහදිම මම අනන්ත සීයගෙන් බැනුම් අහන්න ඇති..දැනුත් සීයා කේන්තියෙන් ඇත්තෙ කාලෙ නාස්ති කරනව කියලා..මට සමාවෙන්න මගෙ සුදු සීයෙ. කොච්චර හිත රිදුනු වැඩ කළත් අපි දහදෙනාම එකා වගේ සීයට හැමදාමත් ආදරෙයි සුදු සීයෙ..මම ජීවිතේ හැමදාමත් පසුතැවිලි වේවි සීයාගෙ හිත රිද්දපු ඒ හැම පාරක් ගානෙම..අපිට මනුස්සකම කියල දුන්නෙ සීයා..අපිව හරි පාරෙ යැවුවෙ සීයා..ඒ හැමදේටම ජීවිතේ ඇති තුරා අපි ණයයි සුදු සීයෙ..ඉක්මනින්ම නිවන් දකින්න මගෙ සුදු සීයෙ.. :'(ආදරෙයි හැමදාමත් අපි .
|
BLOG
|
............................................
|
BLOG
|
බුමුතුරුණු නැතිවාට කොන්ක්‍රීට් අතුරලාඒ පාර දෙපස රෙඩ් ෆාම් පේලියට...කහ පාට ඊතල ද පාගමින් යයි සුදුම සුදු නෝනලා රතු තොල් අතරින් සුදු දත් පෙන්නලාඅංක කළ පංකාද කැරකෙමින් සිසිල දෙයි..රතු පාට , කොළ පාට ෆයිල් මේසය උඩ පිළිවෙලයි හැම දේම.."අද බෑනේ හෙට එන්න "5S ලු ඔෆිස් එක.
|
BLOG
|
මේ කොළඹ 5ට වතුර නැතුව යන හතරවෙනි දවස...එහා ගෙදර මළ ගෙයක්...මේ පැත්තටම තියෙන්නෙ එකම ලිඳයි...පර්චස් 10ටත් අඩු ඉඩම් වල මොන ලිං ද....පාරෙ වතුර පුරව ගන්න ටැංකි ගහන එකත් නීතියට විරුද්ධයිලු... ඒක නිසා ගොඩක් ගෙවල් වල ඩිරෙක්ට් ලයින් එකක් තියෙන්නෙ.. නිවුස් වලට කිව්වලු වතුර කපනව කියල... ඒත් මොකාද නිවුස් බලන්නෙ... සෙනසුරාදා හවස මං එනකොට පාරේ තැන් තැන් වල මිනිස්සු කතා කර කර ඉන්නවා ඇහිල තමයි මාත් දැනගත්තෙ වැඩේ... හොද වෙලාවට අපේ නැන්දම්මා නීතිය පැත්තකින් තියල, තියෙන වතුර ටැංකියට වතුර එකක් පුරෝල... අපේ ගෙදර කට්ටියට යාන්තම් ෂේප් වෙන්න පුළුවන්.. ඒත් තව ගෙවල් කීයක්ද... ලිඳ තිබ්බ හින්ද යන්තං මළ ගෙදර වැඩ ටික කරගන්න වතුර ගන්න පුළුවන් උනා..තාප්ප ගහලා වටකරගත්ත ලොකු ලොකු අලුත් ගෙවල්වල ඉන්න සල්ලිකාර මිනිස්සු විතරක් නෙවෙයි.. බොන්න වතුර බෝතලයක්වත් ගන්න සල්ලි නැති මිනිස්සුත් ඉන්නව..දෙවනි දවස වෙනකොට වතුර පුරව ගත්ත අයගෙත් වතුර ඉවරයි...මේ පැත්තෙ මිනිස්සු ඡන්දෙ දීපු එවුනුත් ඔය පාර්ලිමේන්තු අස්සෙ ඉන්නව... කෝට්ටෙ නගරසබාවක් කියල එකකුත් තියෙනව...එක වතුර බවුසරයක් එවන්න බැරි උනා තාම මුන්ට...දැං කියයි ඉල්ලුවෙ නෑ නෙ කියල..ඇයි යකෝ....උඹල දන්නවනෙ වතුර කපන බව අපිට කලින්...එතකොටවත් උඹලට කල්පනා උනේ නැද්ද, ඒ දවස් ටිකට මේ මිනිස්සුන්ට වතුර දෙන්න ක්‍රමයක් ලෑස්ති කරන්න ඕනෙ කියල....කල්පනා කරන්න මොළයක් කියල එකක් ඇත්තෙම නැති හින්දද මේ.
|
BLOG
|
හදක් හිල් කොට පෑන් තලයෙන්ලියා පෙම් ගී ටිෂූ කොලයකමමත් ගයනෙමි සෙනේ ස්වරයෙන්එයින් හැදු කඩදාසි ඔරුවකනැඟී එය මත නදී දිය පිටඇදී යයි - නොම දනී කෙලවරසහන් පද්මසංඛ පීරිස්(THE SAHAN)2014 නොවැම්බර් 01.
|
BLOG
|
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමතිවරයාගේ පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. තම පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා 12 විමල් වීරවංශ ඇමතිවරයා පාවාදී ඇතැයිද ආන්ඩුවේ රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින තම පක්ෂයේ නායකයාට වඩා පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කෂේරුකාවක් ඇතැයිද පවසා ඇති ජයන්ත විජේසේකර ඇමතිවරයා මෙවන් දේශපාලන අපතයන් සමඟ වැඩකිරීමට වඩා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දිම වඩාත් උචිත යයි ද ප්‍රකාශ කර ඇත.
|
BLOG
|
ඊලොන් මස්ක් (Elon Musk)යනු කවුරුන් දැයි ඇමෙරිකානු පුරවැසියන් නම් හොඳින් දනිති. ඔහු මහා ව්‍යාපාරිකයෙකි, උපාධිධාරී ඉංජිනේරුවෙකි, නව නිර්මාණකරුවෙකි, අනාගත වේදියෙකි. මේ සියල්ලම එක්ව ගත් කල ඔහු ලෝකයේ වර්තමාන මුහුණත වෙනස් කරන යුග පුරුෂයෙක් ලෙසද සමහරුන් විසින් හඳුන්වන්නට යෙදෙයි. ඒ ඔහු විසින් දියත් කරන්නට යෙදී ඇති විප්ලවකාරී, සුපිරි ව්‍යාපෘති නිසාවෙනි.ඊලොන් මස්ක් මනුෂ්‍යයෙක් දැයි සිතෙන්නේ ඔහු අතගසා ඇති වැඩ කන්දරාව ගැන බැලීමේදීයි. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට(ISS)භාණ්ඩ ප්‍රවාහනය කරනා SpaceX (ස්පේස්-එක්ස්) නම් අභ්‍යවකාශ සමාගම ඔහුගේය. එහි මෙහෙයුම් නැති විටදී ඔහු සුපිරි විද්‍යුත් කාර් නිපදවන ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස ඛනිජ ඉන්ධනයෙන් තොර, පරිසර දූෂණයෙන් තොර විදුලි බලයෙන් දුවන කාර් රථයක් ලොවට පුද දෙන්නට සිය කාලය, ශ්‍රමය වැය කරයි. එසේම ලොව පුරා ජනප්‍රියතම ඉලෙක්ට්‍රොනික මුදල් ආකාරය වූ PayPal හි සම නිර්මාතෘ වරයෙක් වන ඔහු, එය අද පවතින තත්ත්වයට පැමිණෙන බව කල්තියා හැඳින, එය වැඩිදියුණු කල පුද්ගලයායි. වේගවත් ගමනාගමන සේවාවක් සඳහා ඉදිරිපත් කළ Hyperloop සංකල්පය ද ඔහුගේය. දැන් ඔහුගේ අලූත්ම ව්‍යායාමය වී ඇත්තේ පිරිසිදු බලශක්තිය කෙරෙහියි. එ් සඳහා ඔහු ලෝකයේ විශාලතම සූර්ය කෝෂ සංකීර්ණය නිව්යෝක් හි පිහිටුවීමට සැරසෙයි.SpaceX, Tesla යන සමාගම් මෙන්ම, සූර්ය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන SolarCity සමාගම ද ඊලොන් මස්ක් ගේ හිමිකාරීත්වය යටතේ පවතින සමාගම් වේ. පසුගියදා වාර්තා වූයේ SolarCity සමාගම විසින් Silevo නම් සමාගම මිලදී ගන්නට සැරසෙන බවයි. Silevo සමාගම යනු සූර්ය පැනල නිෂ්පාදනය කිරීම සහ ඊට අදාල තාක්ෂණය පිළිබඳ විශේෂීතාවයක් දිනා ඇති සමාගමකි. ඔවුන්ගේ නවතම සූර්ය කෝෂ තාක්ෂණය මගින් වැඩිම සූර්ය ශක්ති උත්පාදනයක් පෙන්වා ඇති අතර එ් නිෂ්පාදන වියදම අඩුම අගයක පවත්වා ගනිමින් වීම ද විශේෂත්වයකි.Silevo වැනි සුපිරි තාක්ෂණික සමාගමක් ඊලොක් මස්ක් යටතට පත්වීම වැදගත් හේතුවක් වන්නේ, ඔහු මේ වන විටත් නිව්යෝක් බලාධිකාරිය සමගින් සුවිසල් සූර්ය කෝෂ සංකීර්ණයක් ඉදි කිරීමට සාකච්ඡා කරමින් සිටින නිසායි. මේ ගැන මස්ක් ගේ මුවින් ම පවසා ඇති පරිදි : "ගිගාවොට් 1 ක් ඉක්මවා යන ධාරිතාවයක් මීලඟ වසර දෙක ඇතුළත ලබා ගැනීමට අපි ඉලක්ක කරනවා... මෙය ලෝකයේ මෙතෙක් පිහිටවූ විශාලතම සූර්ය කෝෂ නිෂ්පාදනාගාරය වනු ඇති. එසේම ඉදිරි කාලයේදී තවත් විශාල නිෂ්පාදන ධාරිතාවයන් ලබාගත හැකි සුවිසල් නිෂ්පාදනාගාර බිහි කිරීමට අපට හැකිවේවි... "සූර්ය ශක්තිය පමණක් භාවිතා කරමින් මිනිස් විදුලි බල අවශ්‍යතාවයෙන් අති බහුතරයක් පියවා ගැනීම කෙරෙහි ඊලොන් මස්ක් වඩාත් උනන්දුවක් දක්වයි. ඔහුගේ විප්ලවකාරී අදහස් කෙරෙහි බොහෝ දෙනා සරදම් සහගතව බැලූවත්, එ් අදහස් වැරදි බව ඔහුගේ පෙර ව්‍යාපෘති මගින් නැවත නැවතත් ඔප්පු කොට පෙන්වා තිබේ. අභ්‍යවකාශ ප්‍රවාහනයට එක්වූ පළමු පෞද්ගලික සමාගම ලෙසින්ද, තනිකරම විදුලි බලයෙන් ධාවනය කළ හැකි අනාගතවේදී ප්‍රවාහන ක්‍රමයක් වැඩි දියුණු කරමින් ද ඔහු විසින් පෙන්වා ඇති එ් අභිප්රායයන්, නව, පිරිසිදු බල ශක්ති ප්‍රභවයක් කෙරෙහි ද එ් ආකාරයෙන්ම සාර්ථක වේවායි යන්න අපේ පැතුමයි. ඒ, ඔහුගේ වෙනත් සොයාගැනීම් මෙන්ම මේ නව ව්‍යාපෘතියෙන් ද, අපේ ලෝක මාතාවට බොහෝ සෙත සැලසෙන නිසාවෙනි.
|
BLOG
|
ජිවිතය කොතරම් නම් අවිනිශ්චිතද.....නුවර ඔරලෝසු කනුව ළගට වෙලා එයා එනකම්බලාගෙන ඉන්න අතරතුරමට හිතුන... මහා වැස්සක් කඩා පාත්වෙන්නසලකුණු තියාගෙනන හවස් වරුවේ වැහි වලාකුළු හෙමින් හෙමින්නුවර අහස යටින් ඇදෙනව.. ඉස්සර නම් කොච්චර ආසාවෙන් එයා එනකම්මම මෙතන බලාගෙන ඉන්නේ...මට මාවම මැවිලා පේනවා වගේ...කොච්චර පොහොසත් කෙල්ලෙක් උනත්..අපි වගේ සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ කරන පිස්සු වැඩ කරන්න එයත් ආසයි.. එයා ඉරිදාට එයාගේ නැන්දලාගේ ගෙදර එනවා..එයාගේ යාලුවෝ එහෙමත් ඉන්නවලු ඒ පැත්තේ..හරිම පුදුම කෙල්ලෙක්.. හැමෝම එයාට ආස කළා..කොයිවෙලෙත් මුහුණට හඳක් පායලා වගේ... කෙල්ල හිනාවෙනකොට.. මටනම් ලෝකේ හැම දුකක්ම නැතිවෙලා යනවා වගේ දැනෙනවා... එයා ලඟ ඉන්නකොට මගේ මුළු පපුවම පිරිලා ඉතිරිලා යනවා වගේ...මට මාවම අමතක වෙලා යනවා... අනිත් කොල්ලෝ මං දිහා බලන්නේ කන්න වගේ...ඇත්ත.. මම නිකම්ම නිකන් පිස්සු කොල්ලෙක්..මම වගේ කොල්ලෙක් එක්ක මේ වගේ කෙල්ලෙක් ලගින් වත් තියන්න බැහැ...ඒත්.. මගේ රත්තරන් මැණික මට හිටියා...හැම දේටම වඩා මම ආස කලේ ගිරවියෙක් වගේ කතා කරනවා බලන්න...එයත් එක්ක ඉන්න හැම වෙලාවකම මම කතා කරනවාටත් වැඩියමම කලේ එයා කියන එක අහගෙන ඉන්න එක.. ඒ සුදු මහුණ.. නැළවෙන ඇස්දෙක.. දිහා බලාගෙන මට මගේ ජීවිතය උනත් අමතකරන්න පුළුවන්... වෙලාවකට කවියක් වගේ කියලත් හිතෙනවා.....මේ වගේ කෙල්ලෙක් ම..ට...... මට.... යාලුවෙක් විදිහට හරි ලැබෙන්න......මම කවදා හරි ලොකුම ලොකු පිනක් කරන්න ඇතිය.. කියලා මට හිතුන වාර අනන්තයි..එයාව මගේම කරගන්න මම පෙරුම් පිරුවා විතරයි.. ඒත් එයා වගේ වස්තුවක් මම වගේ රස්තියාදුකාරයෙක් වගේ කොල්ලෙකුට...නිකන්ම නිකන් දවල් හීනයක්... මම දන්නවා...ඒත් මම ඒ හීනයට මගේ මුළු ආත්මයෙන්ම ආදරේ කළා... ඔව්.. මම ආදරේ කළා.. ඒත් මට ඒ ආදරේ හිමි නැති බව මම හොදටම දන්නවා..එයා වෙන කෙනකුට හිමිවෙලා ඉවරයි...ඒ දෙන්න ළගදීම බදිනවලු... එයා මට කිවා.. එන්ගේජ්මන්ට් එකත් තිබුනා...ඒ පින්තුරත් මම දැක්ක... සුරංගනාවියක් වගේ...ඒ අත ගන්න ඒ කොල්ලා කොච්චාර වාසනාවන්ත වෙන්න ඇත්ද..මට හිතුන... ඉරිසියාව...... වෙන්නැති.. ඊට වැඩිය මට මම ගැනම දුකයි.. රාජකුමාරියක් වගේ කෙල්ලෙක් මම වගේ හිගන කොල්ලෙකුට ඒ අම්මලා දෙයිද... හ්ම්ම්...මේවා දැන දැනත් මම තාමත් එයා ගැනම හිත හිත ඉන්නවා...අද සමහරවිට මේ මම මගේ රත්තරන් කෙල්ල හමුවෙන අන්තිම දවස වෙන්නැති... ඔව්... හීනය දකින අන්තිම දවස... මගේ ජිවිතයේ වසන්ත කාලයක් කියල තිබ්බනම්ඒ වසන්තයේ අන්තිම හෝරා කිහිපය...මට දැනෙනවා.... ඇස් ගෙඩිදෙක පිටිපස්සෙන් කදුළු බින්දුවක් එලියට පනින්න යුද්ධ කරනවා වගේ... මම දරාගෙන හිටියා....මම දැන් කොච්චර වෙනස් වෙලාද... මටම හිතෙනවා...ආදරය මිනිස්සුන්ව වෙනස් කරනවා...ආදරය හින්දා මිනිස්සු වෙනස් වෙනවා....ඒ යතාර්ථය මට දැන් හොදටම දැනෙනවා...හ්ම්ම්...... - රස්තියාදුකාරයා -.
|
BLOG
|
4pt 0cm 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi;}හමු වුනාවෙන් වුනාඅතරමගදි නොදැක බැරි වුනාවෙන් වුනාකල් ගියාකාටහටත් මතක නැති වුනානෙතින් කියා ලූආදරේ මිහිරි ලූරහසේම බැදේ ලුවිදින්නම ඕනෙ ලූහදවතින් හඩා ලුආදරේ කදුළු ලූසමුගන්න ඕනෙ ලුවිදවන්න එපා ලූ.
|
BLOG
|
.....
|
BLOG
|
බොසාලගෙන් වෙන කරදර නම් නිමක් නෑ. බොසාලත් එක එක වර්ග ඉන්නවනෙ. බඩ තඩි බොසාලා තමයි වැඩිපුර ඉන්නෙ. ඔය බහුතරයක් බොසාලා පාට් දාන්නෙ අහිංසක සේවකයන්ට.ඔය සේවකයො අතරෙ අයිස් පප්පලත් නැතුවම නෙවෙයි. ඉතිං ඔය කොම්පීතර් වැඩ කරන සේවකයො ඉඳල හිටලා මූණු පොතට ගිහින් එහෙමත් නැත්නම් බොලොග් එකක් කියවලා බොසාට අහුවුනොත් ඉතිං සොරිම තමයි. ඔයවගේ අවස්ථාවලදි එක එක සේවකයන්ට දැනෙන සිතිවිලිවල එකතුවක් තමයි මේ.(සේවකයො කියල කිව්වට ඉතිං මේ මට හිතෙන ඒවා තමා)ඉඳහිට වගේ හැරිලා වටපිට බලලාබොසා අසුනෙ නැති බව තහවුරු කරලාගූගල් දෙයියන්ට පොඩ්ඩක් ඉඟි කරලාඑන්ටද ගොසින් මාගේ බ්ලොග් එක බලලාකොමෙන්ට් එකක්වත් අද වැටිලා නැද්දමේල් එකට එන හින්දා නැහැ සද්දරිප්ලයි කරන කල ඇතිවේවිද යුද්දබොසා නැති දාට අපහට හොඳ හොද්දරිප්ලයි කරන්නට වෙන්නෙම පමාවෙලාබ්ලොගේ හිතවතුන් යාවිද තරහවෙලාඅනේ මහතුනේ පොඩ්ඩක් සමාවෙලාපවසමි මගේ දුක මෙලෙසට වැඳ වැටිලාමූණු පොතට ගියොතින් මම අහුවෙනවාවැඩ මහ ගොඩක් මා වටකර කැරකෙනවාදැන්නම් බොසෝ මට පොඩ්ඩක් තදවෙනවාහිතේ දුකට එතකොට කවි ලියවෙනවාහිතේ සතුට උතුරන දවසුත් එනවාඑදා බොසා ඔපීසියෙන් පිටවෙනවාෆීල්ඩ් එකේ මුලු දවසම ගතවෙනවාඔපීසියේ අපි සතුටෙන් හිනැහෙනවාමූණු පොතද සමගින් බ්ලොග් එකට වැදීකියවමි ලියමි කෙතරම් ලියවුනත් මදීසතුටින් සිහින සාගරයක සුවය විඳීඅල්ලපු මේසෙ පොර දැන් හොඳටෝම නිදී.
|
BLOG
|
ඔන්න අද අරන් ආවේ පට්ටම Flappy Bird වගේ තවත් Games කිහිපයක්. ඔයාල හැමෝම දන්නවනේ Flappy Bird කියන්නේ මොකක්ද කියලා. Flappy Bird කියන්නේ ලෝකේ තියන අමාරුම ගේම් වලින් එකක් :P. හරි දැන් කතා වැඩක් නෑ පහලින් බලලා ඔයාලත් ගේම් එකක් ප්ලේ කරලා අපිටත් කියන්න කොහොමද ඔයාගේ High score එක කියලා.මම නම් වැඩිපුරම ගහල තියෙන්නේ 53 යි.මුලින්ම මේ ගේම් ටික දෙන්න කලින් කියන්න ඕනේ. මේවායේ High Score කරන්න නම් මාරම ඉවසිඉමක් තියෙන්නේ ඕනේ.සෑහෙන්න දුරක් ගිහිල්ල ගේම් ඔවෙර් වෙනකොට චුට්ටක් තද වෙනවා. එහෙම නැතුව හොද ඉවසීමෙන් ගේම් එක වෙතම අවදානය යොමු කරලා ඉතා හොද ලකුණු ගණනක් ලබා ගන්න පුළුවන්.1.0 සිට ඉහලටVersion :1.0.0.21032014මෙතනින් Flappy Troll ගේම් එක Install කරගන්න2.3Size : 1.9MBLast Update : 2014මාර්තු 18Requires Android :2.2 සිට ඉහලටVersion :2.0මෙතනින් Flappy Doge ගේම් එක Install කරගන්න3.8Size : 971 KBLast Update : 2014මාර්තු 15Requires Android :2.2 සිට ඉහලටVersion :2.1මෙතනින් Yaka Kaak ගේම් එක Install කරගන්න4.6Size :17MBLast Update : 2014පෙබරවාරි 25Requires Android :2.3 සිට ඉහලටVersion :1.03මෙතනින් Flappy Fins ගේම් එක Install කරගන්න5.6Size :13MBLast Update : 2014මාර්තු 18Requires Android :2.3 සිට ඉහලටVersion :2.0.1මෙතනින් Flappy Fins ගේම් එක Install කරගන්නඑහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න.ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..සියලු දෙනාටම සුභ දවසක්.....
|
BLOG
|
තුරු පතර අතරින් මංපෙත් ගොඩනගන සිහිලැල් දියපහර නුබකළු ගල් වැලිතලා බාදක පරයා නිසසලේ ගලා යන නුඹකෙමෙන් කෙමෙන් මහා දියකඳක් වන්නට පෙරුම් පුරන නුඹසයුතු තලයට මුසුවන්න්නට පෙර හැඩි දැඩි ගඟක් වියන් ජීවිතය නුඹඑකෙකු හඬද්දී අන් හැම සිනාසුනු දින පැමිණි නුඹගල් මල් දුක් සතුටු සෝ සුසුම් මැදින් ගලායන නුඹලබන්නට පන්නරය තැලෙන්නටසිදුවන බව දත්නුඹවිටෙක කටුකය විටෙක සොඳුරුය තවත් විටෙක අරුමය ජීවිතය නුඹ.
|
BLOG
|
05.05.
|
BLOG
|
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා අතින් අත පටලා ඔහේ යන්නට හීන මවනා සංසාරයෙන් සංසාරයේ එක්ව ඉන්නට පැතුම් පතනා හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ඇස් කෙවෙනි රතුවන තුරා මා එන පෙර මග ම බලනා දහක් නෙත් අතරේ මගේ නෙතු බැල්ම යදිනා හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ගැහෙන හදවතට කන්දීඇහිරෙන්න පපුතුරේ ලංවී කතා කරන ඇස්වලට කිමිදී කියවන්න කිසිදා නොලියූ කවීහිතක් ඇතිදෝ මටත් පෙම් කරනා.
|
BLOG
|
4pt 0in 5.4pt 0in 5............... ආදරණීය අප්පච්චිhttp://www.
|
BLOG
|
මං නම් කියන්නේ ඇත්තටම ආදරේ කරන අයට ඒ වෙනුවෙන් වැලන්ටයින් දිනයක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙක් හදවතින් ආදරේ කරනවා නම් ගත වෙන හැම දවසක්ම ආදරවන්තයන්ගේ දිනයක් විය යුතුමයි. නත්තලත් ආදරවන්තයින්ගේ දිනයත් කියන දෙකම අද වෙනකොට වෙළඳ භාණ්ඩයක් කරගෙනහමාරයි,වෙළඳ උපායන්ගේ බිල්ලක් වීමට හෝ රට යන අතට තමනුත් යන්න අවශ්‍ය නෑ. සමහරවිට කෙනෙක් අද මේ දිනය සමරන්න ඇති,හැබැයි තමන්ගේ සහකාරයට හෝ සහකාරියට හැමදාමත් අද දවස සමරපු විදියටම සලකන්න. වැලන්ටයින් දීමනා,වැලන්ටයින් තෑගී තරඟ,වැලන්ටයින් මිල අඩු කිරීම්,වැලන්ටයින් සාද එකී නොකී අටෝ රාශියක් දේ අද වෙන විට වැහි වැහැලා.මේවාගේ ඉලක්කය කවුද. මේවාගෙන් ගම්‍ය වන්නේ ආදරය ද. මේවාගේ සැබෑ අරමුණ කුමක්ද. මේ ඔබේ බුද්ධියට නතු කර ගත යුතු කරුණුයි. අවාසනාවකට නත්තල පිලිබදවත් කීමට ඉතිරිව ඇත්තේ මෙවන් කතාවක්. දිනයක සැබෑ අරමුණ හා වටිනාකම් නටබුන් කරමින් වාණිජ ලෝකයේ අරමුණු ඒ මතින් වාසි ලබා ගොඩනැගෙද්දී එහි දුර නොදත් කොටස්කරුවන් වීම හෝ නොවීම ඔබේ සිතැඟි පරිදි තීරණය කල යුතුය. හැමෝම කරන නිසා තමනුත් කල යුතුමයි කියන හැඟීමෙන් මිදෙන්නත් අවශ්‍ය වනවා. මටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා, ඒ දේ දන්නා අය " අද මොකෝ කරේ" කියල අහද්දී මට දෙන්න තියෙන උත්තරේ තමයි මේ. නුවණින් හිතා බලන්න, විවෘත ආර්ථිකයෙන් එන වෙළඳ ප්‍රයෝගවලට බිලි වෙනවද, අනිත් අය කරන නිසා තමනුත් කරන්න හිතනවාද,නැත්තම් හිතට එකඟ දේ කරනවාද. තීරණය ඔබ සතුයි.
|
BLOG
|
හද වෙතසොඳුරුහැඟුමන්පොදි රැගෙන එනඑලෙසම මගෙම හද නුඹ වෙත රැගෙන යනපෙරදින දිනක ඔය වතමල දුටුව දිනහදවත නැවත නාවේ කිම කියනු මැනකසගස් යාය එනතුරු සිය දෙනෙත හෙලාපෙරමග සිටී වත දකිනට නුඹව බලාඑන්නට නුඹගෙ මුදු අත ගෙන පාද සලාදෙනු මැන වරම හදවත දැන් නුඹගෙ වෙලාදෑතින් දෑත පටලා පෙරමග යන් ටනුඹෙ හද මතම මගෙ හදවත සත පන් ටසයුරට වෙරල සේ නුඹ සිත ලග ඉන් ටමට හිමි වරම මගෙ හදමල වෙත දෙන් ටමගෙ හද මඩල මගෙ වත හැර ගිය දාමතවමත් සිසිලසයි හද නැති ලය තාමපෙරුමන් පුරා ලැබගන්නට හැම දාමමට හිමි වරම නුඹ ලගමද. එහි තාමහසිත කළුආරච්චිපළමු වසරව්යවහාරික විද්‍යා පීඨය.
|
BLOG
|
සල්ලිම හොයහොයා නැවතීමක් නැතිව දුවපු, සාද සැණකෙළිවල ජීවිතේ දිය කරපු මම එක විරාමයක අතීතයදිහා හැරිලා බැලුවා.එතකොටයි මංඔයාව දැක්කේ. මහගෙදර වැලේ තාමත් වනල තියෙන පාට පිච්චුණු මල් මල් චීත්තෙන් ඔයාගේසුවඳ මට දැණුනා... සාලෙ බිත්තියෙ එල්ලලා තියෙන බොඳවෙලා ගිය පින්තූරෙන් එදා හිනාවම අදත්මම දැක්කා.. අනේ මම ඔයා ගැන හොයල බැලුව හොඳටම මදි අම්මේ...රිදී සුළඟටරුවල් බැඳගෙනදිවි සයුරයන අනවරත ගමනේඅතීතය දෙසහැරී බැලුවා මං...දිරා ගියමහ ගෙදර හෙවණේ පාට පිච්චුණු චීත්තේසුපිපිකුසුමක් සොයා වෙහෙසුණුනුඹවදුටුවා මං.....තුරුණු සැණකෙළිසාද අතරේ මගෙන් ගිලිහුණු ජීවිතේබොඳව ගියසිතුවමක හිනැහෙනනුඹවදුටුවා මං....ලියා එව්වේ - වර්ණ.
|
BLOG
|
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව [ TRCSL - Telecommunications Regulatory Commission of Sri Lanka ] විසින් 2012 නොවැම්බර් මස පළමුවනදා සිට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ගුවන් විදුලි නාලිකා සියල්ලෙහිම සංඛ්‍යාත [ Frequency ] ප්‍රති ස්ථාපනය කිරීම සදහා තීරණය කර ඇත. මෙයට හේතු වී ඇත්තේ දැනට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක ගුවන් විදුලි නාලිකා වැඩි ප්‍රමාණයක සංඛ්‍යාතයන් පළාත් අනුව වෙනස්වීමත් එහිදී නාලිකා දෙකක් අතර තිබිය යුතු නියමිත දුර නොලැබීමෙන් එම ප්‍රදේශයට එම නාලිකා නිසි පරිදි ශ්‍රවනය නොවීමත්ය.මෙලස මේ වන විට පවතින ගුවන් විදුලි නාලිකාවන්හි සංඛයාත. උදාහරණ ලෙස මෙතෙක් X නම් ගුවන් විදුලිය කරගහතැන්නට 89.5, දෙනියායට 88.3, මාගල්කන්දට 97.3 , 105.6 කොකාවිල්, 99.3 කොළඹට සහ නුවරට 104.5 ලෙස සංඛ්‍යාත කිහිපයකින් ශ්‍රවනය වූවා නම් නොවැම්බර් පළමුවනදා සිට X නම් ගුවන් විදුලිය ක්‍රියාත්මක වන්නේ මුළු දිවයිනම ආවරණය වන පරිදි සංඛ්‍යාත එකකින් හෝ දෙකකිනි.මේ අනුව ගුවන් විදුලි නාලිකාවන්හි නව සංඛ්‍යාත87.6 | 87.1 | 100.5 – රන් FM88.3 – E FM88.6 | 88.8 – සිංහ FM89.1 | 89.3 – ඉසිර FM89.6 | 89.1 – වයඔ Radio90.4 | 90.6 – වෙට්රි FM90.9 | 91.1 – ෂා FM91.7 | 91.9 – ස්වදේශී සේවය92.2 | 92.4 – FM දෙරණ92.7 – Y FM92.5 | 93.7 – ලක්හඩ94 – VIP Radio94.3 | 94.5 – වෙළද සේවය94.8 | 95 – නෙත් FM95.6 – රිදම් FM96.1 | 96.3 – හිරු FM96.6 – කිරුළ FM96.4 | 97.6 – කොත්මලේ FM98.2 | 98.4 - සියත FM98.7 | 98.9 – Sun FM99.2 – TNL Rocks100 | 100.2 – ශ්‍රී FM100.8 | 101 – Yes FM101.3 | 101.5 – බෞද්ධයා ගුවන් විදුලිය102.1 | 102.6 | 102.8 – වසන්තම් FM103.4 | 103.6 – සූරියන් FM103.9 | 104.1 – ශක්ති FM104.4 | 105.7 – රංගිරි ගුවන් විදුලිය104.7 | 104.9 – Thendral106 | 106.2 – ලක් FM106.5 | 106.7 – සිරස FM107 – වී FM107.3 – රජරට සේවය107.3 – කදුරට සේවය107.3 – පළාලි සේවය107.3 – Pirei FM107.3 | 107.5 – රුහුණු සේවයBy : Kushan Randika on FBනැණත.
|
BLOG
|
අදලිපියෙන් කතා කරන්න යන්නේ අපේ රටේ තරමක් විතර බහුලව හමුවෙන සර්පයෙක් ගැනයි. තුරු හාල්දන්ඩා කියලා සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසිභාෂාවෙන් Common Bronze යනුවෙන් හදුන්වන මේ සර්පයා විද්‍යාත්මකව Dendrelaphistristis යන නමින් හදුන්වනවා. මෙයා Colubridae කියන සර්ප කුළයට අයිත්සර්පයෙක්. මෙන්න මේ විදිහට මෙයාව වැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්.4pt 0in 5. ශ්‍රී ලංකාවහැරනු විට ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් කිහිපයකින් විතරයි මේ සර්පයාවදැකගන්න පුලුවන් වෙන්නේ.මේ සර්පයා අලු පාටට හුරු දුඹුරු පාට ශරීරයක් දරනවා.උල්වූ හිස හා එහි සිට පහලට ගමන් කරන ලෝකඩ පාට රේඛාවක් දැක ගන්න පුලුවන්. හිසේපිහිටි විශාල ඇසේ පැහැදිලි කණිනිකාවක් පිහිටනවා. තුරු හාල්දන්ඩා කියන්නේ ක්රියාශීලීමෙන්ම ආක්‍රමණශීලී සර්පයෙක්. ගස් අතර වේගයෙන් සංචරණය කිරීමේ හැකියාවක් තියෙනවා.වේගයෙන් පැන ගොදුරු අල්වා ගන්නවා. මෙයාවිෂ රහිත සර්පයෙක්. 70- 90 cm පමණදිගකට වැඩෙනවා. සැප්තැම්බර් සහපෙබරවාරි අතර කාලවලදී වරකට බිත්තර 6ත් 7ක් අතර සංඛ්‍යාවක් දමනවා. කුඩා කුරුලුබිත්තර ආහාරයට ගනී.4pt 0in 5.
|
BLOG
|
ඔයාල ගොඩක් කැමති ඇති තමන් දකින යමක් වීඩියෝ ගත කර ගැනීමට.හුගක් දෙනාට තමන්ට අවශ්‍යම අවස්ථාවේ තමන් ලඟ කැමරාවක් නැහැ.ජංගම දුරකථනය තිබුනත් එමගින් වීඩියෝ කිරීම එතරම් පහසු නැහැ.මොකද එය වෙනත් අයකුට පෙනෙන නිසා..විශේෂයෙන් ඔබට යම් කිසි අවස්තාවක අසාධාරණයක් වන අවස්ථාවක එම දර්ශන වීඩියෝ ලෙස ලබා ගත හැකිනම් ඔබට නීතියේ පිළිසරණ සොයා යාමේදී විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉතා වැදගත් වෙනවා..මේකට වඩාත්ම හොද කැමරාවක් තමයි සාක්කුවේ දමා ගෙන යන පෙන් වර්ගයේ වීඩියෝ කැමරා.ඇත්තටම පෑනක් වගේමයි..සාක්කුවේ දමා ගෙන පෑනක් ලෙස රැගෙන යා හැකියි.වැදගත්ම දේ කියන්නේ මෙය පෑනක් ලෙස භාවිතා කර ලියන්නත් පුළුවන් වීමයි.මෙමරි කාඩ් එකක් ඇතුළු කල හැක එය 32GB දක්වා වෙනස් කල හැක.මෙගා පික්සල් අටක කැමරාවක් සහිතයි.විනාඩි 120 කාලයක් පටිගතකල හැකි ලිතියම් පොලිමර් නමැති නැවත ආරෝපණය කල හැකි බැටරියකින්ද සමන්විතයි.පරිගණකය හා සම්බන්ද කර දත්ත ලබා ගැනීමට ඩේටා කේබල් එකක් ද නොමිලේ ලැබෙනවා..මෙම කැමරා ලංකාවේ මිලට ගැනීම අසීරු වුවත් හෙට දින ප්‍රාඨක ඔබට අඩුමුදලට ගෙන්වා දීමට අප සුදානම්.ඔයාලට කැමරා අවශ්‍ය නම් hetadina@gmail.com ලිපිනයට පණිවිඩයක් ලබා දෙන්න..මිල ගණන් ඇතුළු මුදල් ගෙවීමට අවශ්‍ය විස්තර ලබා දෙන්නම්.ඔබට අවශ්‍ය වීඩියෝ කැමරාව ඉතා ඉක්මනින් ගෙදරටම එවීමට අප සුදානම්..ඔබට ජය.
|
BLOG
|
කේයස් යන විරුදාවලියෙන් හැදින්වෙන් නේ අපේ රටේ බිහිවූ ඉතා දක්ෂ කවියෙකු වන සාගර පලන්සූරිය ශූරීන් වේ. 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ උපත ලද සාගර පලන්සූරිය මහතාගේ ලියා පදිංචි නාමය වූයේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යන්නයි. ඉතා සුන්දර කවියෙකු වූසාගර පලන්සූරියදේශපාලනය, පැවිදි දිවිය,ලේඛනය ආදී ක්ෂේත්‍ර ගනනාවක් ඔස්සේ ජීවන අත්දැකීම් ලබා සිටීය. සුදෝ සුදු කවි පන්තියමොහු විසින් රචනා කරන ලද අද්ද්විතීය කාව්‍ය රචනාව බවකිව හැක.ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලාමට දැනෙනවා යයි මගෙ අත දිගට ගලානාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළාඑන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළාසුදෝසුදු කවි පන්තියෙහි එන මෙම කවිය මතකයේ නැති කෙනෙකු නොමැති තරම්ය. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති ආදී විවිධ කාව්‍ය රචනා වලට අමතරව දම්පද සුගතවාණී ආදී ගද්‍ය කෘති ද මොහු විසින් රචනා කරනු ලැබීය. කේයස්ගේ කවි - කටුරොද ගමබඩවැටි මල් පඳුරු මුඩුබිම් පිසිමි න්නේකටුරොද ගම්මානයට මඳුනල එ න්නේපුර පසළොස්වකට පුන්සඳු පාය න්නේමැණිකේ නිසා බව ටික දෙනෙකුයි ද න්නේ වෙල බඩ මල් පඳුරු වල මල් පුබුදි න්ට මී මැස්සන්ට රස මීයක් බැඳ ග න්ටමිහිරි සිහින බැලුමට කිරි දරුව න්ටපුළුවන් වේද මැණිකේ මෙහි නොසිටි න්ටකටුරොද මඩ වගුරුවල මානෙල් ඕ ලුමැණිකෙගෙ මුහුණ බැලුමට පොර කනවා ලුපැල්පත තුළ තනිව වෙසෙනා ඇගෙ පා ලු කැපුමට සුළඟ රස ගී පවසනවා ලු රුවැත් තියක් මුත් කුලදම් සිරීත් සෙවීඇවැත් නොමැති මේ මැණිකෙට හිතැත් තිවීජගත් සිරී ඈ වෙනුවෙන් අළුත් වෙවීඅදුත් කියයි රස සංගීතවත් කවී නෙත් අඳ පුතා දුවසක් මව වෙත පැමිණසිප ගනිමින් නොපෙණෙතත් මවගේ මුහුණඅම්මේ මේ ළමයි හොඳු නැහැ බොරු කියනකිව්වම ඈ විතාළා මොකදැයි කරුණමල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවාපෙනෙනවා දුකිනවා කියනා ඒවාමොනවද අම්මේ මම අහගන්නට ආවාතෝරා දෙන්න මම දන්නේ නැහැ මේවාමල්වල හොඳු සුවඳ මිස පාටක් කොහෙ දඒවා මොලොක් බව තේරෙනවා මට දඑලියක් කියා මොකවත් හෙම තියෙනව දමට තේරුම් ගන්ට අම්මේ බැරි මොක දඋණුසුම දැනේ දහවල් මට රැයට වඩාවෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩාමට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු කුඩාලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙ ක මට දැනෙනවා එය අල්ලන හැම විටෙ කපාට කියා ඇත්නම් ගතියක් මල කඅම්මේ අත නොගෑවෙන එක තමයි දු කලස්සණ කියන දේ නැහැයට වත් කණ ටමගේ දිවට හරි මගෙ අතපය වල ටනොදැනෙන්නේ මොකද තෝරා දෙන කල ටඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය ම ට කේයස් පිලිබද විස්තරමුල් නම– පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයාපසු නම්– කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගරභාවිතා වූ පසු නම්- සාගර පලන්සූරිය (කේයස්)උපත– 1908 මාර්තු මස 11 දාවෘත්තීන්– ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්යක්ෂවෙනත්– පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)විවාහය– 1948 නොවැම්බර් මස 26 දාපුතුන්– තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරියබිරිය– ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරාවිපත– 1961 ජූනි මස 21 දා පිලපිටියේ දීකේයස් පිලිබද ලිපිසිළුමිණ -http://www.lk/punkalasa/20120311/_art.fn=ar12031111දැනුම -http://www.
|
BLOG
|
සතුට, සැනසුම, ධනය මේවා සොයාගැනීම වෙනුවෙන් තමයි බොහෝ දෙනෙක් වෙහෙස වන්නේ. ඒ වගේම නිධාන සොයා ගැනීමටත් බොහෝ අය වෙහෙස වෙනවා. මේ වෙනුවෙන් ඉතා වටිනා පුරාවස්තු, ජිවිත කොතරම් විනාශ කරනවද. නමුත් මේ සියලු දේ ඔබට ලබාගත් හැකි මගක් ලැබුනොත්. ... එහෙනම් මේ කතාවත් කියවලා බලන්න ඔබටත් මේ සියලු දේ ලබාගත හැකිද . ඒ දේවල් තියෙන්නේ කොහෙද කියලා දැනගන්න හැකිවේවි. මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් විසින් කියන ලද්දක්.ඔන්න එකමත් එක කාලෙක පිටිසර බද ගම්මානයක ජිවත් උනා දුප්පත් ගොවි පවුලක්. මේ ගොවියාට දවසක් දකින්න ලැබුනා පිණ්ඩපාතය ලබාගැනීම සඳහා මේ ගම වෙත පැමිණ සිටි මහළු භික්ෂුන්වහන්සේ නමක්. ඒ භික්ෂුන්වහන්සේ දුටු පමණින්ම පැහැදුන ගොවි මහතා දානය පූජාකර පසු දිනද දානය සඳහා ආරාධනා කළා. එමෙන්ම දින කීපයකින් පසු එළබෙන වස් සමය, තමන්ගේ ගොවිපලේ නවතින ලෙසද ආරාධනය කළා.දැන් වස්කාලය ඇරඹුණා. මේ භික්ෂුන්වහන්සේ වෙනුවෙන් ගොවිපලේ සැකසුණ කුඩා පැලේ උන්වහන්සේ වස් කාලය ගත කරනවා. දැන් ඉතින් දිනපතාම මේ ගොවි පවුලේ උදවිය, මේ වස් සමාදන් වුන භික්ෂුන්වහන්සේ වෙත දාන-මාන පුජා කරනවා. උන්වහන්සේත් මේ ගොවි පවුලේ සියලු දෙනාටම බොහෝසෙයින් අර්ථයෙන් ධර්මයෙන් කරනා කියාදෙමින් වස් කාලය ගත කළා. වස් තුන්මාසය අවසන් වන විට මේ මහළු භික්ෂුන්වහන්සේ සහ ගොවිපවුලේ සියලු දෙනා ඉතා හිතවත්ව සිටි නිසාම, වස් කාලය අවසානයේ උන්වහන්සේ පිටත්ව යෑම මේ ගොවි පවුලේ උදවියට බොහෝ දුකක් උනා. එබැවින් උන්වහන්සේ තවදුරටත් නවතවා ගැනීමට ඔවුන් උත්සාහ කලත් එය පලක් උනේ නැහැ. පසු දින තමන් මේ ගමෙන් පිටත් වන බව මේ භික්ෂුන්වහන්සේ දැනුම් දුන්නා.පසුදින උදයේම පවුලේ සියලුම දෙනා මේ භික්ෂුන්වහන්සේ ට සමුදීම සඳහා මේ කුඩා පැල වෙත පැමිණි වෙලේ උන්වහන්සේ මෙලෙස කියා සිටියා."පසුගිය මාස තුන මුළුල්ලේම ඔබ සියලුම් දෙනා මා වෙනුවෙන් බොහෝ උපකාර කළා. එයට බොහොම පින්. ඔබලා බොහෝ දුප්පත් උදවිය. මම දැන් ඔබට කියා දෙනවා ඉතා වටිනා නිධානයක් ඇති තැනක් ගැන. ඒ නිධානය සොයා ගැනීමට මා කියන ආකාරයට කටයුතු කරන්න. හෙට උදේ හිරු පායන විට දුන්නක් සහ ඊ තලයක් රැගෙන ඇවිත් මේ දොරකඩ සිටගෙන හිරු දෙසට මුනුන ලා සිටගෙන, දුනුදිය ඇද ඊතලය මුදා හරින්න... එම ඊතලය වැටෙන තැන සැරු විට ඔබට ඉතා විශාල නිධානයක් ලැබෙනු ඇති"මෙලෙස උපදෙස් දුන් එම භික්ෂුන්වහන්සේ පිටත්ව ගියා.. තමන්ට ලැබෙන්නට නියමිත නිධානය ගැන බොහෝ සතුටට පත්වුන මේ උදවිය, පසුදින හිරුපයා එනවිට එතැනට පැමිණ ඒ කියූ ලෙසටම හිරු දෙසට මුහුණ ලා හැකි පමණ ශක්තිය යොදාගෙන ර්තලය විද්දා. දැන් මේ පවුලේ සියලුම දෙනා මේ ඊතලය පසුපස දිවගියා. බොහෝ දුරගිය ඊතලය වැටුනේ අසල්වැසි නීතිඥයකු සතු ඉඩමකට. දැන් මොකද කරන්නේ. නිධානය ලබාගන්නත් ඕන, නමුත් මේ ඊතලය වැටුනේ වෙනත් කෙනෙකුගේ ඉඩමකට ඕන දෙයක් උනාවේ කියා හිතාගෙන මේ උදවිය මෙතැන හාරන්න පටන් ගත්තා................ කොතරම් ගැඹුරට මේ වල සැරුවත් ඔවුනට හමු වූ නිධානයක් නම් නැහැ. නිධානය වෙනුවට ඔවුනට මුහුණදීමට සිදුවුනේ විශාල ප්‍රශ්නයකට. එනම් ... ඉඩම් හිමි නීතිඥයා එතැනට පැමිණීමයි.මේ සිදුවීම බව දුටු නීතිඥයා දීර්ඝ දේශනයක් පවත්වමින්, නිතිය අනුව ඔවුන් වරදකරුවන් බව දක්වමින්, මේ සියලු දෙනාම අධිකරණය ඉදිරියට පමුණවන බවට තර්ජනය කර සිටියා. ඒ වෙලේ මේ සියලු දෙනාම තමන් වරදකරුවන් නොවන බව පවසමින්, මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසු ආකාරය පිලිබඳ පුර්ණ විස්තරයක් කියා සිටියා.මේ කතාව අසාඋන් නීතිඥයාගෙ අදහස වුයේ මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසුවද, මෙම ඊතලය විදිනුලැබූ ගොවියා එතරම් ශක්තිමත් අයකු නොවූ බැවින් එම ඊය ප්‍රමාණවත් තරම් දුර නොගිය බවයි. එබැවින් මෙම නීතිඥයා ගොවියා සමග හවුල් ගිවිසුමකට එළඹියා ... එයින් කියවුනේ වඩා ශක්තිමත් කෙනෙකු වන නීතිඥයා විසින් පසුදින මහළු භික්ෂුන්වහන්සේ කියූ ආකාරයට ඊය විදීමටත්, එම ඊතලය වැටුන තැන සාරා නිධානය ගොඩගෙන සමාන කොටස් දෙකකට දෙපාර්ශවය විසින් බෙදාගන්නා ලෙසත්ය.දැන් පසුදින ඉරපයා ඒමට පෙර මේ සියළු දෙනාම නැවතත් ගොවිමහතා සතු පැලට ගොඩ උනා. නීතිඥයා ඉරපයා එනවිටම හැකි උපරිම ශක්තිය යොදා ඊය විද්දා. විදුලි වේගයෙන් යන ඊය පසු පස මේ සැම දෙනාම දිවගියා......ඉතිරි කොටස මීළඟ පොස්ටුවෙන්.
|
BLOG
|
තම නිවස වැසිජලයෙන් යට වෙන ආකාරයට ප්‍රමිතියෙන් තොරව පාරට කොන්ක්‍රීට් දැමුවේ - හිටපුසභාපති වත්මන් පළාත් සභා මංත්‍රීවරයෙක් වන නිහාල් දේවේන්ද්‍ර නැමැත්තා බවත්,ඔහු තමාට අසභ්‍ය වචනයෙන් බැන වැදුනු බවත් - ලිඛිත පැමිණිල්ලක් මගින් ප්රකාශකරසිටින්නේ, පානදුර බෙක්කේගම, පද්මලතා මහත්මියයි.සිය විරෝධතාවයනොතකා, ප්‍රමිතියෙන් තොරව පාරට කොන්ක්‍රීට් දැමීම නිසා, මේ දිනවල වැස්සට තමනිවස යටවන බව, පානදුර ප්‍රාදේශීය සභාවට දැනුම් දුන්නද කිසිම පියවරක් නොගන්නා බවඇය සිය පැමිණිල්ලෙන් කියා සිටී.
|
BLOG
|
කිවුල් දියෙන් නා හිස තෙත පිරි මැදදරුවන්ටත් කිරි කටක් පොවාලාගොම මැටි ගෙබිමේ පැදුරක් එලලාවහලේ සිදුරෙන් මාව හොයනවදනොහඩන් මැනිකේ කදුලු හලාලාඑන්නම් හනිකේ කහවනු අරගෙන...පාසල් ඇදුමට සපත්තු නැතුවමබත්මුලේ සම්බොලය තනිවෙද්දීදරුවන්ගේ නෙත් කදුලු පිරෙද්දිකොහොමද මැනිකෙ ඉන්නෙ උහුලන්ඒකයි මැනිකෙ ආවෙ දුරු රටනොහඩන් මැනිකෙ කදුලු සලලාගොවිතැන් කරලා රජ වෙනු බැහැනේවැසි දෙයියො උරන වෙනවනේකාන්තාරේ මෙහෙ සුදු වැල්ලි අතරින්කදුලුවලින් කහවනු බෙරාගෙනඑන්නම් මැනිකේ වසර දෙකයිනේනොහඩන් ලතැවි කදුලු සලාලා.
|
BLOG
|
මෙත්පල් සිරිසේනයන් හිමිදිරියේම පිබිද දත කට විකාගෙන කඩිමුඩියේ නිදි සරම පිටින් නිවසින් පිටවන්නට විය. රථාචාරීතෙමේ නින්දෙන් අවදිකරවාගෙන සැනෙන් සැප රියට නැගී නික්මිණි. හෙතෙම කොහි යන්නෙහිද කියා කිසිවෙකුට නිනව්වක් නොවීය. සැප රිය දෙහිවල පුරවර නියම්ගම් පසුකර බෙල්ලන්තරට සැපත්වන්නට විය. එහිවූ සුරම්‍ය ප්‍රාසාදයක් මෙන් දිලෙන සත්මල් ප්‍රාසාදය, රත්න ප්‍රාසාදය පරයන ආරාමයට හෙතෙම ඇතුල්විය. එහි විසූ කසාවත තරව නොදැවටූ සිනාසර මුවින් පිරි වහන්දෑ තෙමේ වෙත මෙත්පල් සිරිසේනයන් ගොස් බිම දණගසා වැඳ නමස්කාර කොට මුනිවත බිඳින්නට විය.“කිමෙක්ද මෙත්පල්..කඩිමුඩියේ මා සදහම් සෙවණට සැපැත්වුණේ.“මෙත්පල් තෙමේ රෑ නිදිවර්ජිතව සිටි බව පෙනෙන්නට වන් වහන්දෑ සැකමුසු ලෙස හෙතෙම දෙස බැලීය. මෙත්පල් තෙමේ අඳෝනාවක් පරිද්දෙන් යමක් දෙසන්නට විය.“අනේ ස්වාමීන් වහන්ස..මා පෙර දින රැයේ ස්වප්න මාලාවක් දුටුවෙමි..ඒවා විචාරන තුරු මා හට නිදිවර්ජිතවම හිඳින්නට සිදුවිය..“වහන්දෑ එය අසා විස්මයට පත්ව තව තවත් තතු මෙත්පල් තෙමේ වෙතින් විචාරන්නට විය.“කිමෙක්ද මෙත්පල් ඒ සිහින නම්..“මෙත්පල් තෙමේ හරිබරි ගැසී සිහින දෙසා වදාරන්නට විය. **************“ස්වාමීනි පලවෙනි සිහිනය නම් කත් අදින වඳුරු මාල්ලෙකි..ඌ සිය ස්වාමියාට කත් අදිනා ගමන් කිසි හිරිකිතයක් නැතිව ස්වාමියා උදේ සවස ශරීර කෘත්‍ය නිමකල පසු ජලයෙන් සේදීමට ඉඩ නොදී ස්වාමියාගේ පශ්චාත්භාගය ලෙවකමින් සිටීමයි..ස්වාමීනි මට මේ ස්වප්නය විචාරනු මැනවි“උගුරු දඬු රැල් බුරුල් කල වහන්දෑ සිහිනය විචාරන්නට විය.“මෙත්පල් උපාසක තැන මෙයින් කියවෙන්නේ වර්තමානය ගැනයි..මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් යැයි කියනු ලබන ඇතමුන් මහා මන්දිර,ප්‍රාසාද,නිලතල,වාහන ලද පසු ස්වකීය විප්ලවීය සමාජගමන වෙනස්කොට ස්වඅභිමතය පරිදි කිසිඳු හිරිකිතයක් නැතිව වර දෙන්නාවූ නායකයන්ගේ ඕනෑම ලැජ්ජානැති කර්තව්‍යයක නිරත වෙන බවයි..මෙම සිහිනය මෙම දෙසට අදාල වන්නේය..“ *******************“ස්වාමීනි මා දුටු දෙවන ස්වප්නය වන්නේ මහළු සුනඛයෙක් ගැමිගෙයක පිලකට වැදී සිටින අතර ගෙහිමියන්,ගම්මුන් පැමිණ දිය,ගල්,මුල්,දඬු පහර පිට පහර දුන්නද එය නොදැනුණාක් මෙන් රිසිසේ නිදිවැද සිටින අයුරුයි.ස්වාමීන් මින් පෙන්වාදෙන්නේ කුමක්ද.““උපාසක තැන මෙයින් කියන්නේද මේ දේශයේ වර්තමාන සමය ගැනයි..ඇතැම් නායකයින් වාර ගණනාවක් මහ දන අභිමුව, සෙසු පිරිස් අභිමුව ප්‍රතික්ෂේප වෙද්දී පවා කිසිඳු තැකීමකින් තොරව බලලෝභීව තනතුරෙහි වෙලෙමින් කිසිඳු වෙනසකින් තොරව වෙසෙන අයුරුයි..මින් හෙතෙම මග යන කිසිවෙක්ට සරණක් නොවන්නකි..මෙයද මෙකල ඛේදවාචකයක් බව සිතාගත යුතුය“ *********************“ස්වාමීනි මා දුටු තෙවන ස්වප්නය වන්නේ විසල් යන්ත්‍රයක් පොලව තුලට දිගු නල යවා පසෙහි සාරය උරාගන්නා අතර එහි වටවූ ඇතැම් පිරිස් හුරේ යන අනුසාරයෙන් එයට ආවඩන අතර සුළු පිරිසක් දුක්ඛදායක මුවින් යුතුව බලා සිටින අයුරුයි..මෙයද විචාරනු මැනවි““ මෙත්පල් උපාසක තැන මෙයින් කියන්නේද මෙකල්හි එක් පවුලක් විසින් දේසයේ සාරය එක තැනකට උරාගනිමින් රටතුල දනන් හට බර පටවමින් විවිධ සැණකෙලි පවත්වන අයුරුත් එය නොමනා බව දැන දැනත් එයට ආවඩන පිරිසක් සිටින බවත්, පෙරකී පවුල උරාගන්නා සාරයෙන් ඉතිරිවෙන රොඩු කොටස් අනුභවයට ආවඩන පිරිස් ලොබවී ස්වකීය හෘද සාක්ෂිය පවා පාවා දෙන බවත්ය..මෙය දේසයේ අභාග්යයටම වන්යැ“ ************************“ස්වාමීනි මාගේ අවසන් ස්වප්නය වන්නේ අගමැති ඇඳුමින් සැරසී මා අගමැති මැදුරට ගොඩවන්නට පිරිවර සමග තනන සෑම වරම ගොරෝසු රැවුලක් ඇත්තෙක් අවඥාසහගත ලෙස සිනාසී මා අගමැති ඇඳුම් ගලවා නිරුවත් කොට මා පිරිස අභිමුව ලජ්ජාවට පත්කරන අයුරුයි..මෙය කිමෙක්ද හිමියනි“එය ඇසූ වහන්දෑ මදක් සිනාසී මෙත්පල් තෙමේ අසලට ලංව හෙතෙම වෙත රහසේ යමක් දෙසන්නට විය.“උපාසක තෙමේ...මා එය විචාල යුතුද...
|
BLOG
|
අපේ තුමා අල්ලපු වැටේ මුඩි අන්කල්ට විසිට් එකකට අඬගහලාය , අපේ තුමාට වැඩ රාජකාරි අස්සේ අමතක වුනොත් ප්‍රයෝජනයට ගන්නට පුලුවන් ලයිස්තුවක් (චෙක් ලිස්ට් එකක්) පහල තියනවාය . ඒ මූඩි අන්කල්ගේ විසිට් එක අතර තුරදී කල කිය යුතු දැ ගැනය01) මූඩි අන්කල්ගේ ප්ලෙන් එක **තලින් ගොඩ බැස්ස වීම - වනාන්තරයක් මැද , හුදකලා වූ ගුවන් තොටුපොලක මහිමය මුඩි අන්කල්ට අවබෝධ කරදිය හැක02) **බන්තොට වරායේ සංචාරය - තමන්ට කැමති තැනක වරායක් සාදා , එයට බලහත්කාරයෙන් නැව් ගෙන්නාගෙන සාර්ථක කර ගන්නා ආකාරය පිලිබඳ වැඩමුලුව03) දිවා ආහාරය - බිෆ් හොඳි සමඟ කුරහන් තලප (සුද්දන්ට දුන් ලුණු මිරිස් මෝඩිට වැඩ කරන්නේ නැත )04) අධිවේගය දිගේ කොලඹට - කොංග්රස් ආණ්ඩුවෙන් ආරම්භ කල ව්‍යාපෘති "මෝඩි-ෆයිඩ්" කර නම ගසා ගැනීම පිලිබඳ ක්‍රැශ් කෝස් එකක්05) රාත්‍රි ආහාරය - බිෆ් කොත්තු06) ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සමඟ සුහද පිලිසඳර - කොංග්‍රසයේ ඉතුරුව ඇති මන්ත්‍රින් පනස් දෙනා ගෙන් විස්සක් ඇද ගන්නා ආකාරය පිලිබඳ රහසිගත වට්ටෝරුව හඳුන්වාදීම07) අමතක සිල්වානන් සමඟින් කොලඹ නගර සංචාරය - වන්දි නොගෙවා පදිංචි කරුවන් ඉවත් කර ඉඩම් සමාගම් වලට බදු දීමේ ක්‍රමවේදය සාකච්ඡා කිරීම (කනින් කොනින් ඇහෙන දැ අනුව මූඩි අන්කලද මේ ශිල්පයේ කෙල පැමිණියෙකි , එසේ වුවත් එම අදහස් හුවමාරු කරගැනීම )08)කටුණායක අධිවේගය දිගේ - සංවර්ධන ව්‍යාපෘතියකින් "උපරිම ලාභ" ලබාගන්නා ආකාරය පිලිබඳ උදාහරණ අංක 0109) කටුණායකින් **ච්චෝලේට - ඉහත කී කාරණය වෙනුවෙන් උදාහරණ අංක 02 | පාඩු ලබන රාජ්‍ය ආයතන , දිගින් දිගටම පාඩු ලබමින් කලමණාකරනය කර ගැනීම පිලිබඳ විශේෂ දේශනය10) කටුනායකදි ****කන් එයාලයින් සහ *හින් ලංකා ගුවන් යානා නිරීක්ෂන චාරිකාව - පෞද්ගලික අංශය ලාබ ලැබු ව්‍යාපාරයක් , රජයට ගෙන පාඩු ලබනා ආකාරය සහ , එකම වර්ගයේ පාඩු ලබන ව්‍යාපාර දෙකක් එකවර පවත්වාගෙන යැමේ ක්‍රමවේදය හඳුන්වාදීම11) පිටත්ව යත්දී - නියමාකාර "විසිට්" එකකට සහභාගි විය යුතු , පිරිසේ විශාලත්වය සහ ඔවුන් තෝරා ගැනීම පිලිබඳ උපදෙස් සහිත අත්පත්‍රිකාව බාර දීමසැ.යු 1 - මූඩි අන්කල්ගේ වියපත් මැනියන් සහ නමට බාරි ඇරුණාම පවුලක් කියා එකක් නැති නිසා , පවුල් සහයෝගීතාවය පිලිබඳ විශේෂ දේශනය අදාල වන්නේ නැත )සැ.යූ 2 - විසා බැන් එක බල්ලට දමා , ඔබාමා අය්යා මූඩි අන්කල්ට කෝල් කරලාය , වැඩේ දෙල් වෙන්නට කලින් විසිට් එක සංවිධානය කල යුතුය.
|
BLOG
|
සොයා ගව් දහසකුත් ගෙවා පැමිණියත්හමුවෙයිද කිසිම දා නොතිබූ යමක්ගොදුරුවෙමි තනිකමට නිතිපතා යලි යලිත්නිම නොවන ජිවිතේ කොහේ ඇති නිමාවක්ඔබේ ඔය කළු මුණ මගනෑර හැම දවසසොයන්නේ මාවමද නුඹේ පෙම මට වේදකලකට ඉහත පෙමින් බැඳී සුදු මුණකලු වුනේ කෙලෙසකද ජිවිතේ කියන මටඉතින් පවසන්න වෙහෙසයි හුඟක් මටජිවිතේ, අප දීගේ නවතින්න කාලයයිවෙන්වෙන්න උවමනයි මා ප්‍රේමේ නිමාවයිමා ප්‍රේමි මරණයයි, ඉතින් මට අවසරයිනුඹට හැකිද ගෙනියන්න මරණයව හමුවන්න.දැන් ඉතින් වයසයි වෙහෙස එයි ඉක්මනින්මා ප්‍රේමි මරණේ මෘදුව මා සිපගන්නආසයි දොඩමලු වෙන්න එක්ව වෙලී මියැදෙන්නප්රේමයෙන් මුසපත්ව මරණය හා එක්වන්නදෑත් පටලා නික්මෙන්න,සභාවෙන් අවසරයි.
|
BLOG
|
තලවතුගොඩ පාරේ දිගටම ගියහම කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ පිට්ටනිය හම්බ වෙනවා. ඒත්තෙක්කම තියෙන තුම්මන්හන්දියෙන් හැරිලා මම ටික දුරක් ගියා. ඒ පාර කෙලවර වෙන්නේ බැද්දගාන කනත්තත් එක්ක තියෙන තුම්මං හන්දියකින්. එතන තමා බැද්දගාන පාර.මම හිරිපොද වැස්සෙම බැද්දගාන පාරේ කිලෝමීටරයක් විතර ඇවිදගෙන ආවා. එතකොට බෝධියක් මැදිකරගත්තු තුම්මංහදියක් හම්බ උනා. එතැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහපු බෝඩ් ලෑල්ලක් තියෙනවා. මම ඒ පාරට හැරිලා ටික දුරක් ගියා.එතනින් තමා වෙහෙරකන්ද පාරට හැරෙන්නේ. වෙහෙරකන්ද පාර ඉවර වෙන්නේ වෙහෙරකන්ද පන්සලෙන්. පන්සල නම් පස්සේ කාලෙක හදලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. පංසල තිබ්බ භූමියේම තමයි වෙහෙරකන්ද නටබුන් තියෙන්නෙත්.මේ ස්ථානයට වෙහෙරකන්ද කිව්වට මේ තියෙන්නේ වෙහෙරක නටබුන් නෙමේ. මේ සොහොන් කොත් දෙකක නටබුන් .ඒ සොහොන්කොත් දෙක අයිති වෙලා තියෙන්නේ සයවෙනි පරාක්‍රමබාහු රජතුමාටයි එතුමාගේ බිසවටයි (රන් මැණිකා) ලු. මේ සොහොන් කොත් දෙකම තියෙන්නේ සෘජුකෝනාස්‍රාකාර වේදිකාවක් මත. ඒ වගේම නා ගස් පේලියකුත් දකින්න පුලුවන්.පින්තූර ටික බලලම ඉම්මුකෝ.. .පුරාවිද්‍යා භූමියට ඇතුල් වෙන තැනම මෙන්න මේ ජාතියේ පුවරු දෙකක් සවි කරලා තියෙනවා.ඒ දෙක පහුකරගෙන ආවහම තමා පල්ලෙහා තියෙන නටබුන් බලන්ඩ පුලුවන් වෙන්නේ.මට හිතෙන විදිහට මේ දෙකෙන් විශාල එක රජතුමාගේ වෙන්ඩෝන. එකක් රජතුමගේ නම් අනික බිසවගේ වෙන්ඩ එපෑ.. ඒත් ඒ කාලේ මේ දෙකම එක උසෙන් තිබ්බද දන්නේ නෑ.. :)පහලින් තියෙන්නේ එක සොහොන් කොතක්.ඒවගේම තමා මේ වේදිකාවට හතර දෙසින්ම පඩි පෙළවල් දකින්න පුලුවන්. පහලින් තියෙන්නේ පාර පැත්තට වෙන්න තියෙන පඩිපෙළ.මේ ටික බලාගෙන මම ආයෙම පිටකෝට්ටේ හන්දියට එන්න පිටත් උනා. ඒ එන ගමනේදි ආපහු හැරිලා සොහොන් කොත් දිහා බැලුවා. කෝට්ටේ රාජධානියට අපමණ සේවයක් කරපු සවැනි පරාක්‍රමබාහු රජතුමායි එතුමාගේ ආදරනීය බිසවයි නා ගස් පේලියක් තියෙන ලස්සන සොහොන් බිමක විරාජමානව සැතපිලා ඉන්නවා කියලයි මට හිතුනේ..ඔය ටික බලාගෙන පිටකෝට්ටේට එනකොට බඩගින්නකුත් ආවා. මම පිටකෝට්ටේ කඩේකට ගොඩ වෙලා බඩට කෑම ටිකක් දාගෙන උනු උනුවේ ප්ලේන්ටියක් බීලා අපේ නෝනලෑ දිහෑවට එන්ඩ පිටත් උනා.හිරිපොද වැස්සේ උනත් හිතුමනාපෙට ඔහේ ඇවිදලා ගතකරපු දවසක මතකයක් හිතේ හැමදාකටම රැදිලා තියේවි. මෙතනින් එහාට්ට කෝට්ටේ නටබුන් බලන්ඩ නෑ.. ඒ සේරම ටික මම බලා ගත්තා. තව ඕන්නං රජමහා විහාර දෙක තුනක් තියේවි බලන්ඩ. :)----------------------------------------------------------------------ප.ලි. - කෝට්ටේ ගමන ගැන මම ලියපු ලිපි හතර මෙන්න.පළමු ලිපිය | දෙවන ලිපිය | තුන්වන ලිපිය | හතරවන ලිපිය.
|
BLOG
|
චන්ද ඩියුටි අරන් දැම්ම හින්ද බලෙන් මමත් ගියා දුවන් පපුවගැහෙයි සැරෙන් චන්ද කොලේ අ රන් දැම්ම කෙනා මුලින් මරණ හැටි බලන් සමහරු අවි අරන් පළමු පළාත් සබා චන්දය කලබල මැද තමයි තිබුනේ ශ්රීලනිපය වර්ජනය කලා ජවිපය චණ්ඩ වුණා වාමන්සික පක්ස පහන ලකුණින්ද යුඇන්පිය අලියාගෙන්ද වෙනත් පක්ස තමන්ගේ ලකුනුවලින්ද තරඟ කලා චන්ද ගණන් කරන ශාලාවේදී මුලින්ම පක්සවලට වැටුන චන්ද වර්ග කරනවා පැහැදිලි නැති චන්ද අවිනිශ්චිත ගොඩට දමනවා පසුව මෙම චන්ද ශාලාව බාර නිළදාරී තෝරනවා ගනන්කරන නිලදාරියට අමුතු බැලටයක් හමු උනා පහන ලකුණ ඉදිරියේ කොටුව ඇතුලෙම කැ -- පහන කියා අසැබි වදනක් ලියා තිබුණා පහනට තරහින් දමපු චන්දයක් නිලධාරියා එය අවිනිශ්චිත පෙට්ටියට දැම්මා තේරීම්බාර නිලධාරියා අවසානයේ උක්ත චන්ද පරික්ෂා කලා ඔහු ඉහත කී චන්දය පහනට දමන ලද බවට තීරණය කලා හේතුව චන්ද ලකුණ ඉදිරියේ සලකුණක් කිරීම එම ලකුණට දමනලද චන්දයක් ලෙසට සැලකීමයි කොහොමද අකමැත්ත කැමැත්තක් උන හැටි.
|
BLOG
|
කාලෙකින් මූණ දැකපු ආසාවට අම්මගේ ඉහේ මල් පිපිලයි උන්නෙ. ඒ කාගෙවත් නෙවෙයි, රං පුතාගෙ. රං පුතා කොළඹ ඉඳං ගෙදර එන්නේ, කණ කැස්බෑව අත පත ගාල විය සිදුර හොයාගෙන, ඒකෙන් අහස බලන වංගියට.රං පුතාගෙ අම්ම කාලෙකින් පිපුන තමාගෙ පුතාවත් හිසේ දරාගෙන, පුතාට පිරිත් නූලක් ගැට ගහන්න පංසල් යන ගමනුයි උන්නේ."ගමේ දැං මරණයකට වියදං කරන්න මරණාදාර සමිති දෙකක්...""ඉතිං හොඳයිනෙ""මොන හොඳක්ද,,ඔය ඉස්සරහින් එන රාජ මල්ලිත් දැං අනිත් පැත්තෙ."එහෙම කියනකොට තමයි රං පුතාට, ගමට සමිති දෙකක් තිබුනට, දැං එක මරණයකට එන්නෙ ගමෙන් භාගයයි කියල තේරුණේ.සමිති දෙකක් වුනාට මොකද, රාජ මාමා ලං වෙද්දි අම්මට පුතා ගෙදර ආව බව කියන්න කටයි ඔලුවයි දෙකමත් මදි වුනා.."අක්කා... රතනෙ මාමා ටිකට් කපලා ගෙදර එවල."රං පුතාට නෑ කමින් සීයා වන රතනෙ වුන්දා පහුගිය දවස් වල ඉස්පිරිතාලෙ වුන්නේ නහරයක් පුපුරලා. සනීප කරන්න අමාරු හින්දද කොහෙද, නහයටයි, කටටයි දෙකටම බට දාල ටිකට් කපල ගෙදර එවල.රං පුතාට රතනෙ සීයගේ ගෙදර, දර පලන සද්දෙ දෙවටට ගොඩ වෙනකොටම ඇහෙන්න ගත්තා. රතනෙ සීයගෙ ලොකු දූ, කමල නැන්ද, රං පුතාගෙ අම්ම පාරෙ යනව දැකල පාරටම දුවගෙන ආවෙ"විමල අක්කා..... තාත්ත අපිව දාල යන්න ලැහැස්ති...."කියල වැලහිනියක් වගේ අඬාගෙන.ගමෙන් භාගයක් වුනාට මොකද, හේං වල වැඩ ඉවර වෙලා හැන්දැවට ගෙදර ආව, ගමේ වැඩිහිටි පිරිමියෝ ටික, ගෙදර විතරක් නෙවෙයි, දෙවටත් පිරෙන්න එකතු වෙලා.රං පුතා පහුවදා උදේම කොළඹ එන්න පිටත් වුනා. හැන්දෑ වෙද්දි මහ පාරෙ දුම් පිරිච්ච කාලගෝට්ටිය මැද්දෙන් බෝඩිමට යන පාර හොයාගත්ත රං පුතා, මං එනකං අපේ පෝරිසාදයෝ ටික, බරිය ගෙදර ඉදං එනව කියල බලාගෙන අති, යැයි සිතින් සිතුවේය.එකෙකුට එකෙක් වෙනස් කාලගෝලයෝ දහ දෙනෙක් රං පුතාගේ බෝඩිමේ ජීවත් වෙති. රං පුතා බෝඩිමට ගොඩ වෙනකොට, එකෙක් එලියට දමා අනෙකුන් දොර වසා ගෙන කෑගසයි. එලියේ ඉන්න එකා භාගෙට සිංහල යොදාගෙන සුද්ද සිංහලෙන් දොර ඇරගැනීමට කෑගසමින් බෝඩිම වටේ දුවයි.එතකොටම හතර වටේටම බැමි බැඳල තියෙන බෝඩිමේ පිටිපස්සෙ බැම්මෙන්, බෝඩිමේ ජීවත් වුනු අවුරුදු තුනටම, දෙවතාවකට වැඩිය දැක නැති මූනත් තහඩුව, රං පුතාගෙ බෝඩිමට එබුනා."ළමයි... අපේ ගෙදර පහුගිය දවස් වල මළගෙදරක්... අද බණ... අදට විතරක් පොඩ්ඩක් කෑනොගහ ඉන්නවද......"එලියට වෙලා ජාතිය අමතමින් හිටිය කදිර,"සොරි අන්කල්.... අල්ලපු ගෙදර හිටියට අපි ඒ බව දන්නෙවත් නෑනෙ...."කියල කියනකොට,"රතනෙ සීය තවම මැරිලවත් නෑ... ." කියා රං පුතාට ඉබේටම කියවුනි.
|
BLOG
|
3" (6.17 x 4.
|
BLOG
|
අපි පරිභෝජනය කරන සියල්ල අපේ නුදුරටම සමීප වී තිබීම සෑම පාරිභෝගිකයෙකුටම පහසුවක්.ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයට මිළදී ගන්න වර්තමාන වෙළදපල අවස්ථාව සළසා දී තිබෙනවා.නමුත්,පාරිභෝගික අප සැමට මෙම පහසුව ලබාදීමට පාර්ශව කීයක් නම් යුහුසුඑ වෙනවාදැයි ඔබ දන්නවාද.ඔව්.එම ක්‍රියාවලි අපට වැදගත් නැහැ තමයි.නමුත්,එයින් සමහර දෑ සොයා බැලීම නිකරුනේ කාලය වැය කිරීමක් නොවන බව නම් ස්ථීරයි.ගබඩාකරණය යනුද ඉහත කී අදියරයන්ගෙන් මූලිකම තැනක් ගන්නා මාතෘකාවක්.පාරිභෝගිකයාගේ ඉල්ලුමට අනුව සැපයුම සැලසීම උදෙසා ගබඩාකරණ ක්‍රියාවලිය ප්‍රාණවත්ව තිබිය යුතුමය.නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව එම නිෂ්පාදිතයන්ගේ වගකීම පැවරෙන්නේ ගබඩාකරණය මතයි.නිෂ්පාදිතයන්ගේ සුරක්ෂිතභාවය මෙන්ම වෙළදපළ ඉල්ලුමේ උච්චාවචනයන්ට අනුව ප්‍රතිචාර දැක්වීමේ වගකීමද මෙම ක්‍රියාවලියට අයත්.ගබඩාකරණය (Warehouse Operation) වර්තමානයේ වෙළද ප්‍රජාව දැඩි අවධානයකට ලක් කළ මාතෘකාවක් ලෙස අපට හැදින්විය හැකියි.මන්දයත් මෙම අදියරේ බිද වැටීම අදාළ ව්‍යාපාරයේ අවසානය විය හැකි බැවිනි.මෙම ව්‍යාපාරික විශ්වාසයේම ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බිහිවන ගබඩාකරණ පාඨමාළා හැදින්විය හැක.එමෙන්ම ගබඩාකරණය හා සම්බන්ධ විශාල රැකියා වෙළදපලක් බිහි වී තිබීමද මෙහි වැදගත්කම මනාවට පැහැදිලි කරයි.ගබඩාකරණය යනු පුඵල් මාතෘකාවකි.ඒ හා සම්බන්ධ පටිපාටියන් රාශියකි.නමුත් එය ගවේෂණය ඉතාමත් රසවත්ය.ඔබත් වැඩිදුර අධ්‍යාපනයේ නව මංපෙත් සොයන්නෙක් නම් මේ මාවතත් සැළකිල්ලට ගත හැක.
|
BLOG
|
ඔබ මා හමුවේ නම්...එකම කතාවක්... එකම වතාවක්යලිත් කියන්නට......ඔබ මා හමු වේ නම්...අතීතයට පිය මනිනු බැරීඒ පෙම් දැහනේ නටඹුන්ද නැතී...පිණි කදුළක් සේ...මැකී ගිහින්... සිතේ ඉතිරි වූඑකම කතාවක්... යලිත් කියන්නට..ඔබ මා හමු වේ නම්...සිනා පිරිනු නෙතු දකිනු බැරීමා ඔබ හමු වූ මාවත වෙන් වී...මහ පවුරක් සේ...නැගී ඇවිත්... මුවේ පිපේනම්එකම සිනාවක්... යලිත් දකින්නට...ඔබ මා හමු වේ නම්.
|
BLOG
|
මේ ඉන්නේ දැන් කොල්ලාසමාව දෙනවද පොඩි කොල්ලට මේ පාරත්බ්ලොග් ලෝකෙට සමු දුන්නේ නෑ තාමත්වැඩ ගොඩ ගැහිලා බ්ලොග් ලෝකෙට මම නාවත්මතකයි හැමෝවම මට නම් හැමදාමත්අද සිට ඉන්නම් ඔබ ළඟ සෙනෙහෙන්ඉන්නවා නේද ඒ සෙනෙහෙන් මගේ ලඟින්ලියනවා කවි මට දැනෙනා එකම සිතින්නිසඳැස් ලියන්නම් ලැබෙනා එක මොහොතින්.
|
BLOG
|
1.0.7.0).7.5..
|
BLOG
|
සන්සුන් දිවිය අභියසපෙහෙවස් එළඹි උවැසියඒ මම නොවේ ඇයකිසි දිනෙක නොදුටුව, නොඇසුව, ඒ ඇයදුර්වල සුසුම් අභියසජීවය රුගෙන එන ඇයපාදපරිචාරිකා මෙහෙය ඉටු කරණු ඇතනමුත් මම නොවෙමි ඇයසරල සුන්දර සිත ලගනිවී සැනසෙන සඳමිණමෙලොව මිනිසුන් අතර.හැබෑම පින්වත්නිය ඇය.
|
BLOG
|
පාට මල් වල සිනිඳු පෙතිමතප්රේම කවි ලිව්ව පෙම්වතිය මැරිලා...සෙනෙහෙ පැතුමන් සිත් දරාගෙනආදර ගී ගැයුව පෙම්වතිය මැරිලා....නුඹ නමින් පමණක් ඉපැදී මියෙන්නටපාරමි පිරූ පෙම්වතිය මැරිලා.....නුඹේම කුලගෙයි පතිනි වන්නටමල් හීන දුටු පෙම්වතිය මැරිලා....සාගරේ තරම් ආදරේරහසේ සඟවගෙන,පෙම්වතිය මැරිලා....ලොවක් සනසන නුඹේ දෑසින්වහන්කරන් හිත,පෙම්වතිය මැරිලා.....නුඹේ පෙම් හිත අහිමි බව දැනදරනු බැරි දුකින්, පෙම්වතිය මැරිලා..නුඹට ඇය හිමි ලොවටසුබාසිරි පතාගෙන,පෙම්වතිය මැරිලා.
|
BLOG
|
මේ අවුරුද්දෙ පොසොන් පෝය යෙදුන සතියෙම උඩමලුව, රුවන්වැලිසෑය පැත්තෙ තමා ගොඩක් වෙලා ගත කරන්න හම්බුනේ.9 වෙනිදා පැන් පෙරහැරෙන් පටන් ගත්තට පස්සෙ සතියක් පුරාවටම පිරිත් තිබුන නිසා ඒවට සහයෝගය දක්වන්නත් උනා.හවස් වරුව වෙනකොට රුවන්වැලිසෑය පැත්තෙ ගිහින් රෑ වෙනකම් එතන වාඩි වෙලා හිටිය. හිතට හරිම සනීපයක් සැහැල්ලුවක් දැනුනා.
|
BLOG
|
සබඳ අපි ඇවිද යමුමේ නුහුරු මාවතේමුණගැසෙන තුරු තවත්පෙම්වතුන් මේ වගේ...ඉර එළිය වැටෙනතුරුහිම කැටිති දියවගොස්අතින් අත පටලවාසිනාසෙමු සිත් ලෙසින්...රෑ අහසේ තරු කැලතදිලී බබලන විටෙකසඳ එළිය සොයා ගොස්ගතු කියමු සීරුවට...නුබ ගැබේ වළාකුළුකැටිති ලෙස පෙල ගැසීවැහි බිංදුවක් ලෙසින්පාත්වන තුරු බිමට....මල් පිපී සුවඳ දෙනහිමිදිරියෙ ඇවිදයමුමේ පාළු මාවතේඑළිය දකිනා රිසින..බිම් කරුවල වැටීලඅඳුරකින් වැසෙන කොටසුසුම්ලමු එක්වෙලාඅතීතය ගැන තවම...මේ තරම් දුර උනත්යන්න ඇති දුර අපටයා යුතුය නොනැවතීඉසිඹුවක් ලබන්නට..හීනයක දැවටිලාසොඳුරුවූ දිගහැරුමඑනතුරා බලාඉමුදුකක් නැහැ නොවැ සිතට.
|
BLOG
|
අර ලාංකික කාන්තාවන් ගේ නිල ඇඳුම වෙන "හවුස් කෝට්" නමැති ගවුමට "හුචක්කුව" යැයි කියමින් කතාවක් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් විජේසූරිය දන්නවා නේද. අප සමහරු "අවිඳු අඳුර" කාලේ ඉඳලාම ලේඛකයෙක් යැයි විදියට දැනගෙන හිටියාට, ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරණ බොහෝ දෙනෙක් සරත් විජේසූරියව දැන ගන්නට ඇත්තේ ඔය "හුචක්කුව" වීඩියෝව හින්දායි.සරත් විජේසූරිය දැන් සිංහල භාෂාව ගැන මහාචාර්යවරයෙක්. පොත් ප්‍රකාශකයෙක්. ජනප්‍රිය දේශකයෙක්. හොඳ කෙටිකතාකාරයෙක්. ඒ වගේම වෙනත් විවිධ මාතෘකා ගැනත් පොත් රාශියක් ලියලා තියෙනවා. ඔහු ලියා ඇති පොත්වලින් මා ගාව තියෙන දුසිමක් විතර පොත් අතරින් මා වඩාත් කැමතිම කෘතිය නම් "මගේ නඩුව ඉවරයි" යන්නයි.මා මේ කියන්න යන්නේ ඒ පොත් ගැන කතන්දරයක් නම් නොවෙයි.අර මුලින් සඳහන් කළ හුචක්කුව වීඩියෝවට පස්සේ සරත් විජේසූරිය කරපු කතා ගොඩක් යූ ටියුබ් එකේ නැගලා ගියා. මට මතක හැටියට මේවායින් එක වීඩියෝවක තිබුණු කතාවක් තමයි වර්තමාන ලාංකික ගායකයින් සමහර දෙනෙකුට පුරුෂ කටහඬක් නැතිය, ඔවුන් ගී ගයන්නේ වෙනත් ආකාරයක කටහඬකින් ය කියන කතාව.මට ඒ කතාව මතක් වුනේ විකිපීඩියාවේ තියෙන ඉතාලියේ සිටි කැස්ට්‍රාටෝ නම් ගායකයින් ගැන විස්තරයට සබැඳියක් මිතුරෙකුගෙන් ලැබී කියවූ වෙලාවේයි.මේ කියන කැස්ට්‍රාටෝ ගායකයින් ගේ කටහඩ යුරෝපීය සම්භාව්‍ය ගායනාවේ යෙදෙන (ඒ කියන්නේ ලයනල් රන්වල ගේ වචනවලින් හූ කියන) සොප්‍රානෝලා ගේ කටහඬට සමාන බවයි කියවෙන්නේ. නමුත් මෙතැන තියෙන අවාසනාවන්ත කාරණය තමයි මේ කැස්ට්‍රාටෝ ගායකයෙක්ව බිහිකරන්නේ පිරිමි ළමයෙක් කුඩා කාලයේදීම ඔහු ගේ වෘෂණ කෝෂ අයින් කිරීමෙන් වීමයි.වැඩිවියට පත්වෙන්න පෙර මෙසේ කිරීමෙන් ඒ ළමයා ගේ පරාසයෙන් වැඩි ළමා කටහඩ එලෙසම වාගේ පැවතෙන අතර, පිරිමි හෝමෝන නිපදවීමක් සිදු නොවන නිසා අස්ථි දිගෙන් වැඩී හුස්ම අල්ලාගෙන ගායනා කිරීමේ වැඩි හැකියාවක් ද ලැබේ ලු.මේ ආකාරයට ඌරන් ගේ වෘෂණ කෝෂ අයින් කීරීම ගැන පසුගිය දවස්වල අපි බ්ලොග් ලෝකයේ දැක්කා. ඒ වගේම හරකුන් ගේ වෘෂණ කෝෂ අයින් කරලා කිරි පුස්සන් හදන බව නම් කාලෙකට කලින් ඉඳලාම මං අහලා තිබුණා අර ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගීතය නිසා.ඒ මොනවා වුණත් මේ ළමයින් ගේ වෘෂණ කෝෂ ඉවත් කරන කතාව නම් තරමක් විශ්වාස කරන්නත් අමාරුයි වගෙයි දැනුනේ.රජකාලේ දඬුවම් ලෙස හෝ සතුරන්ගෙන් පළිගැනීම් ලෙස මේ වැඩේ කරලා තිබුණාට, ගායකයෙක් හදන්න ළමයෙකුට මේ වගේ අතවරයක් කරන්නේ මොන හිතකින්ද.හැබැයි, ඒ එක්කම මතක් වෙන්නේ විකාෂ් ස්වරූප් ගේ "කිව් ඇන්ඩ් ඒ (Q and A) කෘතියේ සහ ඒ අනුසාරයෙන් හැදු "ස්ලම් ඩෝග් මිලියනර්" චිත්‍රපටයේ තිබුණු අන්ධ ගායකයින්ට හොඳින් හිඟමන් ලැබෙන නිසා ගී ගයන්න හැකි ළමයෙකුව අන්ධයෙක් කරන සිද්ධියයි."හන්ච්බැක් ඔෆ් නොට්‍රැඩෑම්" පොතේ හෝ එවැනි තැනක, මධ්‍යතන යුරෝපයේත් ළමයින් ගේ අත් කකුල් පොඩි කාලේම විකෘති කර සර්කස් යනාදියේ ප්‍රදර්ශණ භාණ්ඩ කරන තිරිසන් ක්‍රියාවන් ගැනත් සඳහන් වී තිබුණා මට මතකයි.කෙසේ වෙතත් ඉතාලියේ මේ කැස්ට්‍රාටෝ කිරීම 1870 දී නීතියෙන් තහනම් කර තියෙනවා.මෙන්න විකිපීඩියාවේ එන කැස්ට්‍රාටෝ ගායකයින් ගැන විස්තරයට පාර නැවතත්.org/wiki/Castrato-කතන්දරකාරයාප/ලි:ඉංගිරිසියෙන් හී හැස් ගොට් නෝ බෝල්ස් යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ මොකක්ද කියා දන්නවාද.term=you%27ve+got+no+ballsතමන්ට විරුද්ධ මතයක් දරන අයෙකුව මතවාදීව පරාජය කරන්නට නොහැකි වූ විට පුද්ගලිකව මඩ ගසන්නට අසත්‍ය ප්‍රචාර කරන අයටත් "දේ හැව් ගොට් නෝ බෝල්ස්." යැයි කිව හැක.
|
BLOG
|
කතන්දරකාරයා කියන්නේ අපි කව්රුත් දන්න අඳුනන පොරක්.මිනිහා එයාගේ බ්ලොග් කට්ට අවසාන කරනවයි කියන නිළ නිවේදනය ඊයේ පෙරේදා දවසක කරලා තිබුනා. කතන්දරකාරයා ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා. මම මේ කාටුන් එක ඇන්දේ මිනිහා බ්ලොග් ලෝකේ ගමන් කරද්දි හඳුනාගන්න ලැබුනු හොඳ යාලුවෙක්, හොඳ දිරිමත් කරන්නෙක්, හොඳ උපදේශකයෙක්, මුල් කාලෙදී වගේම විටින් විට මම ගැන කතන්දර බ්ලොග් එකේ ලිපිවල සඳහන් කරපු නිසා, මම ඇඳපු චිත්‍ර වලට වැඩියෙන් ම වස්තු විෂය වුනේ කතන්දරකාරයා නිසා, මගේ බ්ලොග් ලිපි කියවලා ප්‍රතිචාර දක්වපු නිසා හෝ මගේ බ්ලොග් එකට ඇදෙන රසිකයන්ගෙන් බොහෝ පිරිසක් කතන්දර බ්ලොග් එක හරහා එන හින්දා විතරක් නෙමෙයි.අද කාටුන් එකෙන් මම ඇඳලා තියෙන්නේ කතන්දරගේ බ්ලොග් කට්ට අවසාන කිරීම ගැන මගේ අදහස සහ ප්‍රාර්ථනය. කොහොම වුනත් කතන්දරකාරයා අපි කාටත් ලේසියෙන් කරන්න අමාරු දෙයක් කලා. ඒ වසර පහක් එක යුගයක් කරපු එක..සිතුවමක් තියෙද්දි වැඩි විස්තර කතා කරන්න ඕන නෑ. ඉතින් කතන්දරකාරයගේ ඉදිරි සැලසුම් සාර්ථක කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.මීට,කෙහෙල්කොටුවේ වූටි මහත්තයා, ටිකිරි, යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.
|
BLOG
|
4pt 0in 5. ඒ තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමියෝ. උන් වහන්සේ ඉපදුන වර්ෂය ගැන නිශ්චිත සදහනක්නැතත් 1901 කියලා තමයි කියන්නේ.උන්වහන්සේගේ ගිහි නම තමයි ඇස්. කේ. තෂිනම් ග්‍යල්. ඒ නම අපට නුහුරු නුපුරුදු එකක් වුනේඋන්වහන්සේගේ උපන් රට හා ජාතිය වෙනස් නිසයි.උන්වහන්සේ සිකිම් රටේ උපන්නෙක්.වයස අවුරුදු 12ක් වෙනකොට ලංකාවට ඇවිත් හොදින් ශිල්ප ශ්‍රාස්ත්‍රය හදාරලාපසුව මහින්ද නමින් මහණ වෙලා තියෙනවාඋන්වහන්සේ කවි ලියන්න බොහෝම දක්ෂයි. මේ කවි ලිවීම පටන් අරගෙන තියෙන්නේ මහණ වුනාටපසුවයි. වෙනත් රටක ඉපදුනත් උන්වහන්සේවැඩිපුරම කවි ලියුවේ අපේ රට, ජාතිය, ආගම ගැන.ජාතිය රන් විමනක් වේආගම මිණි පහනක් වේඑය රැක ගන්නට මෙලො වේසමත් වෙතොත් පුත නුඹ වේඋන්වහන්සේගේ අතින් ලියැවුන කවි පොත් රාශියක්තිබුණා. ඒවා අතර ළමුන් සදහාම ලියු පොතුත්තිබුණා. ළමා කව් කලඹ, කව්මිණ, කව්මුතු වගේපොත්වල තියෙන කවි බොහෝම සරළයි වගේම හරිම අර්ථවත්.හොද ළමයාපාට සුවද එක ව ගේතිබෙන රෝස මල ව ගේකීකරු පොඩි ළමය ගේකවුරුත් පවසති අ ගේමව්පියන්ට ගුරුවරුන් ටගුණවත් වැඩි මහල්ලන් ටකීකරු වන පොඩිත්තන් ටපුළුවනි ලොව බබලවන් ටරෝස මලගුමු ගුමු ගාමොකද හො රෝඅහකට පල වන ඹම රෝරෝස මලේ ළගට ව රෝඅපිය නුඹේසොහෝයු රෝසමන් පිච්ච මල්ඉහිරුණුනිල් තණකොළපිට්ටනියක්වගෙයි අහස අන්නබලනුකොච්චර ලස්සනදරෑටබකමූණෝ පියාඹතීඅනෙක් කුරුල්ලෝනිදතිබෝ අතුවලඑල්ලීගෙන මා වවුලෝකෑගසතීමගේ සුරතල්අක්කාගේ මාලේ මුතු ඇටවාගේඅර පෙනෙන්නේපිණි බිංදුත්හදමු එකක් ඒවාගේලේනාටිං ටිං ලේනාදැන් දැන්පැන්නාහුරතල් පානාඌ මගේ ලේනාමහින්ද හිමියන්ලංකාවේ සිටිය කාලයේදී අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වෙලයි තිබුනේ. ඔවුන්ගෙන් මේ සිරිලක බේරා ගන්නට අපේ රටේ සිංහලවගේම දෙමළ නායකයොත් බොහෝම වෙහෙස මහන්සි වුනා.සටන් කලා. තමන්ගේ ජීවිත පවා පරිත්‍යාගකලා. මේ සටන් ව්‍යාපාරයේදී මහින්දහිමියන්ගේ කවි වලින් සිදුවන මෙහෙය කියලා නිම කරන්නට බැහැ. උන්වහන්සේ මිනිසුන්ගේ ජාතිකාහිමානී හැගීම්ඇතිවන ආකාරයේ කවි ලියුවා. මොන කරුමයද තවඇහැරුණු බවක් නැහැතැන තැන බියවමුලු වැදුමෙන් පලක් නැහැදිනුමත්පැරදුමත් කොකත් කමක් නැහැඑනු ඉදිරියටනැතහොත් නිදහසක් නැහැමේ වගේ සිංහලලේ කකියවන කවි තියෙන්නේ නිදහසේ දැහැන කියන කවි පොතේ. නිදා සිටින සිංහල ජාතිය අවදි කරන්නටඋන්වහන්සේගේ කවි වලින් ලොකු පිටුවහලක් ලැබුනා.පරාධීන ජාතියක් ලෙස සිටීමේ ආදිනව උන්වහන්සේ කියා දුන්නේ කවි වලින්. කෙස් ගහ පවාවෙන රටවල මිනිසුන් නේඋස් නිදහසපිණිස සටනට සැරසෙන් නේහිස් මොළතිබෙද්දිත් මේ වග නොතකන් නේඇස් ගෙඩි දෙකටහෙණ ගැහිලද සිහලුන් නේටිබෙට් ජාතිකඑස් මහින්ද හිමියන් අපවත් වුනේ 1951 මාර්තු 16 වෙනිදා. උන්වහන්සේ වගේ ශ්‍රේෂ්ට පඩිවරුන් බිහිවෙන්නේඉතාමත් කළාතුරකිනුයි.
|
BLOG
|
අපි ආයිත් දවසකඅත් පටලාගෙනහෙමින් ඇවිද යමුමැයි ගස් පාමුලවළාකුලක බරහිතට දැනුනෙ නැතිපැතුම් පොකුරු පිරිඅරුම වසන්තෙකතත්පර කටු මතබර වැඩි වීලාකාලය ඉගිලීඈතින් ඈතටසමුගෙන ගිය ඒසොඳුරු අතීතයනෙතු පොඟවයිකඳුලක් එබිකම් කර.
|
BLOG
|
නොමිලයේ ලබා ගත හැකි මෘදූකාංග සහ පරීක්ෂා කිරීමේ පිටපත් සඳහා ලබාදෙන මෘදූකාංග ලෙහෙසියෙන් මෙම PDF ගොනුවෙන් ඔබ වෙත ගෙන එනු ලබයි මෙහිදී ගූගල් තුල සර්ච් කිරීමක් අවශ්‍ය නොවන අතර ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වෙබ් පිටුව තප්පර 5ක් වැනි කෙටි කාලයකින් පෙන්වනු ලබයි මෙහි මෘදූකාංගය හා එයින් කරනු ලබන කාර්්‍යයන් කෙටියෙන් විස්තර කර ඇති බැවින් අවශ්‍ය මෘදූකාංගය ඉතා පහසුවෙන් ඔබට සොයාගත හැකියපහත ලින්ක් එක මගින් අදාල ගොනුව ඩවුන්ලෝඩ් කර ගන්න (ධාරිතාවය 290KB වේ.com/v/22658122/file.
|
BLOG
|
අද මට කියන්න හිතුණා පොඩි ගණංකාර කතන්දර දෙක හමාරක් විතර. මීට කලින් 2011 ඔක්තෝබරයේ දී ත් මං මේ වගේ කතන්දරයක් ලිව්වා ලස්සෙට කොඩිය නම් බිලියනේට දාන්නේ මොකක්ද. කියන නමින්.ඊට පස්සේ ඒක දෙගුණයක් කරලා තවත් කතන්දරයක් ලිව්වා 2012 අගෝස්තුවේ දී කැකිරි, පිපිඤ්ඤා, චීන පටස් රතිඤ්ඤා සහ මිලියනය කියන නමින්.මේකත් ඒ කැටගරියේ එකක් තමයි.ඔන්න මං පස්තාච්චි කුපාඩි කරන කාලේ (මේ වචන සැට් එක මේ දක්වාම නොදන්නා අයට- මේ කියන්නේ පස්චාත් උපාධි කියන එකයි) අපේ ආයතනයේ ස්ටුඩන්ට් යුනියන් බිල්ඩිමේ තිබුණා පොඩි පහේ ජිම් එකක්. ඒකේ තිබුණා ටේබල් ටෙනිස් මේස දෙකක්. මෙතන ටේබල් ටෙනිස් සෙල්ලම් කරන්න පොඩි පහේ තරගයකුත් තිබුණා ඉල්ලුම සහ සැපයුම අතර ප්‍රශ්ණය නිසා. අපි ලාංකික සිස්සයෝ නම් ඒ දවස්වල හවසට වැඩිපුර කෙරුවේ වොලිබෝල් ගහපු එකයි. මේ දක්වා ම ඒ ගැන නොදන්නා අයට - වොලිබෝල් කියන්නේ ලාංකික අපේ ජාතික ක්‍රීඩාවයි.ටේබල් ටෙනිස්වලට කැමති සිස්සයෝ තමන්ම අවශ්‍ය පිති සහ පිංපොං බෝල මිලට අරගෙන තිබුණා. නමුත් ඉඳලා හිටලා ඉඩෝරෙට වගේ ටීටී පාරක් ගහන්න හිතෙන අපේ පිළිසරණය වුනේ ස්ටුඩන්ට් යුනියන් එකේ තිබුණු පිති සහ බෝල සෙට් එක.මේ පොදු භාණ්ඩ පාවිච්චි කරන කොට තියෙන ප්‍රශ්ණය තමයි ඒවා කැඩුණාම, අස්ථානගතවුණාම කොහොමද ආපහු ගන්නේ කියන එක. අනික කවුද ඒ භාණ්ඩවලට වග කියන්නේ.මේ ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කළා අපේ යුනියන් එකේ ලේකම්. පොර කිව්වේ, මේ පොදු භාණ්ඩ පාවිච්චියට ගන්නා අයගෙන් ඒකට බාට් එකක් වගේ පොඩි ගාණක් හෝ අයකරන්න ඕනෑ කියලයි.මේ යෝජනාව සාධාරණීකරණය කරන්නට ගෙනා පොර ගේ තර්කය වුනේ පොඩි මුදලක් හෝ අයකරගැනීම මුදල් පිළිබඳ කාරණයක් වීම නිසා, ඒ මුදල් සඳහා ලදුපතක් නිකුත් කරන්නට වෙන බවත්, එනිසාම ඒ භාණ්ඩ ගැන වගකීම පිළිබඳ ප්‍රශ්ණයද විසඳෙන බවත්. (ඒ සමගම පාට් ටයිම් කැෂුවල් ජොබ් එකක් ද ඇති වෙනවානේ.)ටීටී ගහන නොගහන සැවොම ඒ සඳහා යන වියදම දරණවාට වඩා මේ "යුසර් පේ" නොහොත් පාවිච්චි කරන්නා ගෙවන ක්‍රමය එක අතකට මේ වගේ අවස්ථාවක දී සාධාරණ ක්‍රමයක් බව කියන්න ඕනෑ.මෙන්න දෙවන කතාව.කාලය: මීට වසර පහකට පමණ පෙර.ස්ථානය: කතන්දර නිවස"මොනවද අනේ ඔය ඔයා කම්පියුටරේ ලඟට වෙලා කරන්නේ.""මං මේ බ්ලොග් එකක් පටන් ගන්නයි යන්නේ මං ලියන කතන්දර පල කරන්න.""මොකක්ද අනේ ඔය බ්ලොග් එකක් කියන්නේ.""බ්ලොග් එකක් කියන්නේ තමන්ගේ කවි හරි කතන්දර හරි වෙනත් නිර්මාණ හරි අන්තර්ජාලයේ පලකරන්න පුළුවන් මාධ්‍යයක්. ඒක පත්තරේක පලකරගන්නවා වගේ අමාරු වැඩක් නොවෙයි. ඒ වුණාට ඒ වගේ නොවෙයි ලෝකයේ වටේම ඉන්න අයට කියවන්නත් පුළුවන්, කියවලා ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්.""ඉතිං ඕකෙන් මොකක්ද ඔයාට තියෙන ප්‍රයෝජනේ.""ප්‍රධානම ප්‍රයෝජනය තමයි විශාල පිරිසක් අතරට තමන්ගේ නිර්මාණයක්, ලියවිල්ලක් ගෙනියන්යන හැකිවීම. අනික බ්ලොග් පිටුවක් අර පත්තර පිටුවක් වගේ කියවලා ඉබර වුණාට පස්සේ, දෙවනුව බත් ඔතලා, තෙවනුව කුණු ගොඩට දාන්න ක්‍රමයක් නැති නිසා අපේ ජීවිත කාලයෙන් පසුවත් පැවතෙන්න ඉඩ තියෙනවා.""ඉතිං ඕයාගේ බ්ලොග් එක කියවන්න සෙනග ඒවිද.""අපොයි ඒවි. දැනටත් හොඳ රසවත් බ්ලොග් කීපයක්ම තියෙනවා මං නිතරම කියවන. අපි මෙහෙම කරමු. මගේ බ්ලොග් එකේ කතන්දරයක් කියවන්න එක් කෙනෙක් එක පාරක් ආපුවාම ඔයා මට රුපියලක් දෙන්නකෝ.""අපොයි සුළු දෙයක්."මගේ අවාසනවාට මං එදා ඒ පොරොන්දුව ලිඛිතව මුද්දරයක් උඩ අත්සන් කරලා ගත්තේ නෑ. එහෙම කළා නම් මං අද විසි ලක්ෂපතියෙක්.ඒ විසි ලක්ෂය පසුපස ඇත්තේ මෙය කියවන ඔබේ ඇඟිලි සළකුණු බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔබට මගේ ස්තුතිය. උපහාර සහ අභිමාන ගැන නම් කලින් දවසක ලිව්වානේ.-කතන්දරකාරයාප/ලි:මෙන්නම මං සෑහෙන කාලෙකට කලින් ලියපු තවතඒ කතන්දර දෙකහමාරක්.com/2010/06/blog-post_22.0-9/p526x296/10403002_890621927620532_7577624367914134873_n.
|
BLOG
|
අවුරුදු දෙකකට පස්සෙ පොඩි නිවාඩුවකට පුරුපුරු ලංකාවට ආවා. උදේ පාන්දරින්ම අහස් යන්තරෙන් බැස්ස ගමං පූස්ගමට තමයි ගියේ. වටපිටාවෙ ගොඩක් දේවල් වෙනස් වෙලා. පූස්ගම එදාට වඩා දියුණුයි. ගෙදර ආපු හැටියෙම පොඩි වොෂ් එකක් දාලා පූස්ගම ටවුමට ගිය එක තමයි අපේ යාලුවා කළේ. වෙනදා ටවුමෙ ඉන්න යාලුවො, රස්තියාදුකාරයො, වෙළෙන්දෝ කවුරුත් පේන්න හිටියෙ නෑ. අලුත් සෙට් එකක් ඇවිත් ඒ හැමෝම රිප්ලේස් කරලා. පුරුපුරුට දවස් කීපයක්ම ගතවුණා දවල් රෑ මාරුවෙච්ච ගතිය ඇරගන්න. ඒ මදිවට හැතැක්ම, රාත්තල්, ගැලුම් වලට අමාරුවෙන් පුරුදුකරගෙන හිටපු ඔලුකට්ට ආපහු මෙට්‍රික් ක්‍රමයට ඇජස්ට් කරගන්න වුණා. දැන්නං ඒ වැඩ ටික හරි. පුරුපුරු ලංකාවට එන්න සති කීපෙකට කලින් උපාසක කාන්තාරෙ රටකට ගියා රස්සාවකට. ඤාව්වයි, මී කතුරයිත් ෆ්‍රී වෙන්නෙත් වීක්එන්ඩ් එකේ විතරයි. ඉතිං ඉස්සර වගේ හිතිච්ච වෙලාවට යාලුවො එක්ක සෙට් වෙන්න දැන් බැහැ. යාලුවන්ට බිසී වීමට අමතරව පුරුපුරුත් ඉතිං දැන් පවුල්කාරයා නෙව.ඉස්සර පූසොත් එක්ක සෙට් වෙච්ච යාලුවො, වලි දාගත්තු හතුරො වැඩිදෙනෙක් පූස්ගම දැන් නෑ කියලා තමයි ඤාව්වා කිව්වේ. ඒ අය එක්කො රස්සාවලට හරි, කසාද බැඳලා හරි පූස්ගමින් යන්න ගිහිං. සමහරු රට ගිහිං. ඔය වෙලාවට තමයි ඉතිං හිතෙන්නෙ අඳුරන්නෙම නැති මිනිස්සු ඉන්නවට වඩා දන්න හතුරෙක් හරි හිටියනං හොඳයි කියලා.දන්න යාලුවෙක් එක්ක සෙට් වුණත් කතාකෙරෙන මාතෘකා ඉස්සර කතා කරපුවා නෙවෙයි. වෙඩින් ගන්න ඒවා, වාහන, ඉන්ධන මිල ගණන් ගැන තමයි දැන් කට්ටියගෙ කතාව. ඉස්සර කරපු මගෝඩි වැඩ අතඇරලා කස්ටිය පිළිවෙළක් වෙලා වගේ තමයි පේන්නේ. කොහොම වුණත් පූසොත් එක්ක සෙට් වෙලා ඉස්සර ෆේස් කරපු අප්සට් සිද්දි තමයි පුරුපුරුට තවමත් වටින්නේ. ළඟදි මෑන්ස් දැක්කා බුකියෙ කවුද කියලා තියෙනවා කොච්චර පන්තිකාමරේ ඇතුලෙ ඉගෙනගත්තත් කවදාහරි මතකෙ රැඳෙන්නෙ ඉස්කෝලෙ කරපු දඟ වැඩ ටික තමයි කියලා. ඒ කතාවනං සහතික ඇත්ත.පාරෙ ඇවිදිද්දි පරණ මතක ආපහු ඔලුවට එනවා. ගම්පහ ටවුන් එකත් දැන් වෙනස් කරලා. වොලිබෝල් පිළිමෙ පේන්න නෑ. පූසන්ගෙ මතක ගබඩාවක් වෙච්ච පරණ බස්ටෑන්ඩ් එකත් කඩලා තිබුනා. අලුත් බස්ටෑන්ඩ් එකේ දැන් ක්ලාස් යන ළමයි එයාලාගෙ මතක ගබඩා කරනවා. තව අවුරුදු ගානකින් එ් අයත් මෙහෙමම කියයි.ටිකට් ගිනි ගනං වුණත් ලංකාවට ආපු එක ගැන පූසාට සතුටුයි. ඉස්සරහ දවස්ටිකේ යාලුවො එක්ක හොඳ ට්‍රිප් එකක් එහෙම ගිහිං ෆන් එකක් ගැනීම තමයි පූස් ප්ලෑන් එක. ඒ වගේම තුම්මුල්ල සක්වල තක්සලාව පැත්තෙ ගිහිං ගුරුවරු එහෙම වුණගැහෙන්නත් ඕනේ. කුරුඳුවත්ත ඉස්කෝලෙ පැත්තෙත් පුලුවන් වුණොත් යනවා. විශේෂයෙන් සතුටුයි ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තට එන්න ලැබීච්ච එක ගැන. පූසා අධ්‍යාපනයෙන් බිසී වෙද්දි බ්ලොග් ලිවිල්ල ජෝන් බාස්ට ගියා තමයි. ඒත් දැන්නං ඉස්සරට වඩා පොඩි කාලවේලාවක් ඉතුරු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙම වුණොත් ඉතිං ඉස්සර වගේ දිගටම ලියන්න පුලුවන් වේවි.එහෙනං හරිහමං ලිපියකින් ආපහු මුණගැහෙමු.-පුරුපුරු (ඉස්සර බ්ලොග් ලිව්ව පූසෙක්).
|
BLOG
|
ඉස්සර පොඩි කාලෙ චන්දයක් එනව කියන්නෙ පුල් ආතල් ...ඇයි අලුත් ෆිල්ම් පෙන්නන්නවා ... නිදිමරාගෙන ගෙදර කට්ටියම ඒව බලනවා ඇයි චන්ද ප්‍රතිපල යනකොට ඒව කොලවල ලියනවා ..පුල් ආතල් ...එත් දැන් ආතල් එක ඔය ෆිල්ම් එකවත් චන්දෙ ලියන එකවත් නෙවෙයි ...ඉල්ලන අපේක්ශකයො ටිකනෙ හත්වලාමෙ ... ... දැන් කට්ටිය උඩ දාගෙන කෑගැහුවට අපේ මහින්ද මාමිගෙ පරිණත දේදපාලන දැනුම උපයෝහී කරගැන තමයි මේවගේ අපේක්ශ අපේක්ශකියො ටිකක් ගේමට බස්සන්නෙ .... අනිත් පක්සවල අයත් ඒව අනුගමනය කරනවා ...සින් කෝන් එක මෙහෙමනෙ ...කොච්චර වැල වල දැගලුවත් රංජන රාමනායක උදේකාන්ත වර්නසූරියලගෙ ෆිල්මවල බුරි ටිකයි ගල් ටිකයි තරන් ආතල් එකක් දෙන්න සනී ලියෝනි අක්කටවත් සොපියා ලොමේලි නැනදටවත් බැරි උනානෙ .... අපේ කොල්ලො හොරෙන් හොරෙන් ෆාස්ට් 6 , මැට්රික්ස් , ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ෆිල්ම් අස්සෙ ආසයි මම පියාබන්න , ජීවිතේ ලස්සනයි වගේ ෆිල්ම් තියාගෙන ඉන්නෙත් දේශීය සිනමාවට අත හිත දෙන්න නෙවෙයි දේශීය සිනමාව අතට ගන්න.. ඒක ඉතිං විස්වාසයිනෙ ඔහොම මෙහෙම ලගටම ආව වගේ ... ඉතිං ඕව ගැන වැඩි තේරුමක් නැති දේශීය දේවල් අගය නොකරන් අපේ ගොන් හැත්ත ගූගල් එකේ සෙක්ස් කියල ගහල ලෝකෙන්ම එක වෙනවා ... ඉතිං ඔන්න ඔය අසමජ්ජාති වැඩේ නවත්තල දේසීය බුරිවලට ගල් අලට වටිනාකමක් දෙන එක .. අවවාදෙට වඩා ආදර්සෙ උතුම් කියල පාර්ලිමේන්තුවෙන්ම පටන් අරගෙන පෙන්නන්නයි හදන්නෙ ...ඔය බෝක්කු පාලම් පාර්වල්ම හදල හරියන්නෙර් නෑ ... ඒකම නෙවෙයි ජනතාවට සේවේ කරනව කියන්නෙ ... බඩ් ගිනි ඇතුලු ඔය ගූගල් එකේ සර්ච් කොරන ගින්න නිවන එකත් ජනතාවට සේවය කිරීමක් තමයි ...ජනතාවට සේවය වෙන අතරෙ තමන්ගෙ පක්සෙට වැඩි දෙනෙක් කැමති ලොකු පස්සක් ගෙනල්ල් පක්සෙත් ගොඩ යනවා ....ඔය හිලුනික නංගිල... පියාබන මාලු ගයේසල .. විසේ ජිංජර්ල .... පලාත් සභාවට ආවම ඔය ගූගල් ගහන වෙලාවෙ රතු ඉර හරි තුලාව් හරි දේසපාලන වැඩ සටහනක් බැලුවම ඉවරයිනෙ ...කොහොමද මහින්ද මාමිගෙ ටිකිලි මොලෙ ....හැබැයි පොරට වැරදිච්ච එක තැනක් තියෙනවා දැන් ඔය මනාප තුනෙන් කොහොමද අපි ඔය ඔක්කොම කරන්නෙ ... ඒක නිසා මේක ඇස ගැටෙන වගකිය යුතු පුග්ගලයෙක් පුග්ගලියක් ඉන්නවනං මේක ඒ මහින්ද මාමිට පෙන්නන්න ...මිනිහ ගාව මගේ අංකෙ තිබුනට මගේ ගාව එයාගෙ අකෙ නෑනෙ අයියො ....මටන බෑ එක්කෙනෙක්වත් තරහ කරගන්න ... අපිට මනාප 3 වෙනුවට මනාප 10වත් දියවු ....එතකොට අයි අපිට පකින් Awesome පලාත් සභාවක් හදාගන්න පුලුවන් වෙන්නෙ ... වරෙල්ල මචංලා මැචියලා අපි පාරට බහිමු .... අපිට මනාප 10 දියවු ...දියවු ....දියවු .....දියවු .
|
BLOG
|
හිරු ගියත් අවරටම සඳ නැගෙයි එළිය දීනුඹ ගියත් දුර ඈත ඔබේ සිහින මටම දී රුක්ෂිලා වෙත්තමුණි.
|
BLOG
|
පෙරදා පිපුණු හිරු මල දුටුවේ නැත මාකළු වූ වලා අතරින් එළියක් වැටුණාහිරිපොද වැස්ස නැඟුනා හිරිගඬු පුම්බාහිරු හැංඟිලා අඳුරින් දවසම පිරුණාසීතල වතුර කැට එක්කොට සිරුර දොවාතෙත් වූ නිල ඇඳුම අතගෙන දිගහැරලාපොල් කටු ඉස්කිරිම තබලා පිරිමැද්දාතෙත් බව දුරලන්න ඒ රස්නෙට බැරුවාසිත් නැති වැස්ස පාසල් ගමනට බාධාරත් කර ඇඳුම් වේලා ගන්නට බැරුවාතෙත් බව නොවේ නිසි කළ ගත් විට සෝදාමෙත් සිත් බිඳී අම්මා හට දොස් නැඟුණානැඟ බැස කන්ද පාසල් ගමනේ යෙදිලාඑන්නේ සවස හොදටම විඩා වෙලාඅම්මා කළ යුතුය මගෙ වැඩ සොයා බලාතෙත් වූ ඇඳුම් ඈ මත වරදක් කෙරුවානෙසතුටු සිතින් සීතල සුසුමක් සලලාඅම්මා දෙපා නොවැඳම එළියට බැහැලාදොරටුව අසල සිටි අම්මා දෙස නොබලාපාසල් යන්න ආවා එළියට බැහැලාසත්තයි බරයි වෙනදට වැඩියෙන් අඩියඋස්සා තබන්නට බැරි තරමට වෙහෙසඇත්තයි දනිමි වෙහෙසන බැව් ඔබ සසරමොහොතයි තරහ නිවසට විත් යාළු වෙමිපාසල් ගොසින් පොත් පත් පෙරලා බැලුවායෙහෙලියො අතර නොගැටී නිසලව සිටියාඋණුසුම දැනෙන තැන ඒ උණුසුම වින්දාතෙත් වූ සීත ඇඳුමෙන් සැඟවී සිටියාචිරි චිරි වැස්ස දවසම නිවනක් නැත්තේපොත පත වැඩට සිතුවිලි බාධා මත්තේඅබලන් ගෙදර අම්මා තනිවම ඇත්තේපාසල අතර දිව යයි සිත ගේ පැත්තේසුළඟින් වැස්ස දරුණුව වැඩි වී දැනුනාලෝකය කඩා වැටෙනා බව සිත් කිව්වාකඳු වැටි නාය ගොස් බව ඇතමුන් කිව්වාකලබල මැද්දෙ දෙපයින් හැම තැන දිව්වානිවස නොපෙනෙනා මානේ සිට බැලුවකිසිවක් නොපෙනුනේ විදිහට මා සිතුවපස් කඳු පමණි දිස් වුණි පොළොවේ මතුවදියවී ගොසින් වෑහෙන කදුලැලි ඇතිවපුපුරා දැවෙයි හදවත කදුලැලි නිම්මාහිත් නැති අහස නිවසක් අතුරා දැම්මාඋන් තැන නොමැත මාගේ පිම්බර අම්මාපතනෙමි අමා සුව බුදු සරණයි සම්මාsAm_ශ්‍රී_Perera_7:02am_30/10/14.
|
BLOG
|
දවසක් අපේ කන්තෝරුවේ මගෙත්තෙක්ක එකට වැඩ කරන එකෙක්,"උබලා දන්නවද.. ජංගල් කියන්නේ හින්දි වචනයක් කියලා" කිව්වා.ඒකා එහෙම කිව්වට අපි හැමෝම වාගේ ඒ කතාව එකසැරේටම පිළිගන්න කමති උනේ නෑ. ඒකට හේතුව අපි පොඩි කාලේ ඉදලම අහලා තියෙන්නේ ජංහල් කියන්නේ ඉංග්‍රීසි වචනයක් ය කියලා.J - u - n - g - l - e (ජංගල්)"පිස්සුද බං ඒක ඉංග්‍රීසි වචනයක් ." තවේකෙක් කිව්වා."නෑ ඒක හින්දි වචනයක්. හින්දි භාෂාවේ කැලෑවට කියන්නේ ජංගල් කියලා. මම ඉස්සර හින්දි චිත්රපටිවලත් කැලෑවට ජංගල් කියලා කියනවා අහලා තියෙනවා." අරූත් ගේම අතෑරියේ නෑ. දිගටම පැහැදිලි කලා.ජංගල් කියන වචනයේ සම්භවය හොයාගෙන යනකොට ඒ වචනය ඇවිත් තියෙන්නේ සංස්කෘත භාෂාවේ එන ජංගාලා කියන වචනයෙන් බිඳිලා ආපු එකක් ය කියලා.මේ සම්භවය ගැන කතා වෙනකොට අපේ තව එකෙක් කිව්වේ,"සුද්දා එංගලන්තේ ඉදලා ඉන්දියාවට එනකන්ම කැලෑ හම්බ වෙලා නෑ. එක්කෝ කැලෑ හම්බ වෙලා තිබුනට කැලෑවට කියන වචනයක් හම්බ වෙලා නෑ.." කියලා.(කැලෑවට ෆොරෙස්ට් කියලා කිව්වත් ඒකත් ඉංග්‍රීසියට ආගන්තුක වචනයක්. ඒ වචනේ ඇවිත් තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. )ටිකක් නැවතිල්ලේ හිතනකොට ප්‍රංශ භාෂාවයි හින්දියයි නැති උනා නං සුද්දට කැලෑවට කියන්ඩ වචනයක් නැති වෙනවා නෙව. :)එහෙම බලනකොට ගියහම දියුණු සංස්කෘතියක් තියෙන පෙරදිග රටවල් අල්ලගෙන තියෙන්නේ කතා කරන්න හරියට භාෂාවක්වත් නැති බටහිර ජාතියක් නෙහ්. :).
|
BLOG
|
මට මා යළිදුකිසි දිනෙක සොයා ගත හැකි වෙදඉස්තරම් කපු සාරියකින් වැසීසාරි පැහැයෙන් වොරඳ අබරණ සමඟවෙන් වූ කුටියක උස් වූ පුටුවක හිඳබරසාර ලිපි ගොනු එකින් එක පෙරළමින්සියෙරානුලියාවේ චෙක්පත්වලට අත්සන් තබමින්අලවා ගත් මුවින් යුතුව සෘජු බැල්මක් දරමින්අහෝ අසරණයෙක්මි,සහෝදරයාණෙනි යළිත් මට මා හමුවෙයිදකැලෑ කෙල්ලැයි ඔබ සිනාසෙන විටඋස් කඳු මුදුන් මත දුව පනිමින්දුනු විද රළ විදින ජල කලාපයන්ටඅකුරු විසි කළ ආකාසයටසම්ප්රාප්තව ඇත තුඟු තාප්පකොම්බුවක් පවා මිහිදන්වහුස්මහිරවෙන කල අකුරුවලනිදහස යැයි තිබුණිද යමක්ගිලා බසියි එය සමුදුරු පත්ලටහඬ නඟමින් තෙරපෙමින් ඉහළ අහසට මඟ බලමින්සියෙරාලියනු මිටියාවතක නලමුදු සුවඳ සුපතමින්දිය රළකට අසුව අඳුරු පතුලකට ගසා ගෙන යමිනිර්වාණයේ දොරටුවෙන් බොහෝ ඈතකට විසි වෙමිඅනුකම්පාවෙන් වෙළෙමිසහෝදරයාණෙනිමම බොහෝ රහස් දනිමිවදනකුදු දොඩන්නට නොහැකිඅගුලු ලූ ලවනින් පසු වෙමිPicture -Evgeny Mukovnin.
|
BLOG
|
4pt 0in 5..............................
|
BLOG
|
කාලෙකින් ආයෙමත් ඉස්කෝලෙට ගියා ...කවද්ද : ඊයේ තමයි ඉතින් ගියේමොකටද : කැම්පස් යන්න කලින් පුරවන් කියල තිබ්බ Form වගයක් පුරවගන්නඉතින් : ඉතින් කියන්නේ මේකනේ ජිවිතේ ගෙදරින් පිට හිටියනම් ඒ වැඩිම කාලයක් හිටියේ ඉස්කෝලේ තමයි ..දුක ,සතුට, ජය, පරාජය,, නායකත්වය යුතුකම්, වගකීම්,මිතුදම් ,වෙන්වීම් වගේ ගොඩක් දේවල් විදින්න ,දකින්න ,ඉගෙනගන්න ලැබුනේ මට මගෙන් ඉස්කෝලෙන් ....6 වසරෙන් පටන් ගත්ත DS එකේ මගේ ජිවිතේ වැඩියෙන්ම කැමැති A /L අවුරුදු දෙක ගෙවපු විද්‍යා අංශ යට තමයි ...අද මම යම්කිසි තැනක ඉන්නවනම් එකට මුලික හේතුවත් විද්‍යා අංශයම තමයි ....ගොඩක් යාලුවෝ ගොඩක් වගකීම් වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන කාලයක් තමයි අන්තිම අවුරුදු 2 කියන්නේ .....එත් විද්‍යා අංශ යට ගියත් අවුරුදු 2ක් ඉගෙන ගත්ත ආදරණිය පන්තියට යන්න තරම් හිත හදාගන්න බැරි උනා ...ගියත් ඒ පන්තියේ එදා හිටපු ........ යාලුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක අරුමේ......ඉතින් ජීවිතේ හැරිලා බලද්දී ඉස්කෝලේ කියන්නේ ඇත්තටම වටිනාම වස්තුවක් .........ප. ලි :ඔයාලටත් පාසල් ජීවිතේ සුන්දර මතකයන් මොහොතකට හරි මතක් වෙයි කියලා හිතනවා.
|
BLOG
|
මා ගිය සතියේ වඩාත් කාර්යය බහුල වූයේ මගේ මිත්‍රයෙකුගේ ඉල්ලීම පරිදි CSN නාලිකාවේ සිංහ රේඩියෝ නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වලට මුලු සතියම යෙදවූ නිසායි. එහි ඉතාමත් රසවත් කතා රාසියක් නාට්‍යකාරයාට ඔබ හමුවේ තැබීමට ඇත නමුත් ඉන් අප මදුවිත තොලගාන අවස්තාවක කතාවූ එක් කරුනක් ඔබ හමුවේ ප්‍රථමයෙන් ගෙන ඒමට කල්පනා කලේ මෙය කාලීන මාධ්‍ය ස්පර්ශ නොකල යම් පැතිකඩක් පිලිබදව කතාවූ බැවිනි.මෙම කතාව ඇතිවූයේ අපගේ ගමනේ තෙවැනි දිනයේදීයි අප ගාල්ල මාතර පසුකරමින් තෙවැනි දින පැමිනියේ ඇබිලිපිටිය නගරයටයි. උදේ සිට එහි ප්‍රවර්ධන කටයුතු කල පසු ලක්මාල් අයියා එනම් අපව මෙම කාර්ය සදහා මහෙයවූ පුද්ගලයා පැවසූයේ හවසට අපේ රිපෝටර් කෙනෙක් ඉන්නවා එයාව හම්බෙන්න යමු මටත් මීට කලින් මූනට හම්බෙලා නැතැයි කියාය. අප සියලු වැඩ අවසන් කර පියමන් කලේ ඔහුගේ සොදුරු නිවස්නය වෙතයි. ඔහු නමින් සතිස්චන්ද්‍ර නම් විය. එම ප්‍රදේශයේ නාලිකා කිහිපයහම වාර්තාකරුවා වූයේ ඔහුයි. අපව උනුසුම්ව පිලිගත් ඔහු අපට ඇග පත පිරිසිදුකර නා ගැනීමට පහසුකම් මුලින්ම සැපයුවේය. ඉන්පසු අපට සංග්‍රහ කර මදුවිතින් අප හට සංග්‍රහයක් සූදානම් කලේය එම මදුවිත සාදය ඉතා සොදුරු නිමේශයක් විය අපගේ දවසේ මාතෘකාව වූයේ ගුවන්විදුලිනාලිකා වල වර්තමාන තත්වය හා මෙතෙක් මාධ්යනාලිකා නොඇල්ලූ අති විශාල හිස් ඉඩයි. ඒ වෙන කිසිවක් නොව මම මේ කතාව කිව්වම ඔබත් තේරුම් ගනීවි ලක්මාල අයියා පැවසුවේ තම දියනියට හොද කාබයිට් නොගැසූ ගස්ලබු ගෙඩියක් මිලදී ගැනීමට ඔහු විදින දුකයි. කොලබ වටේ කෙතරම් රවුම් ගැහුවත් තමන්ට සොයාගත නොහැකි බව ඔහු පැවසුවේය. අන්න ඒ මොහොතේ සතිස්චන්ද්‍ර මහතා කීවේ ඕක තමා මගේ මාතෘකාව කියායි. එනම් ජනයා විශාල පීඩාවකට පත් වී සිටින්නේ මේ වස විෂ සහිත ආහාර නිසා වගේම ගොවි තැනේදී බවිතා කරන රසායනික ද්‍රව්‍ය බෙහෙත් තෙල් නිසයි. ඔහු පවසන පරිදී රටේ ඉන්නා සම්පත් එකතු කර රසායනික පොහොර වලින් තොරව වගා කරන ආකාරය එම වගා ක්‍රම මෙන්ම රසායනික පොහොර බෙහෙත් බාවිතා නොකල එලවලු පලතුරු හදුනා ගන්නා විදි මෙන්ම ඒවා ලබා ගත හැකි ආකාරය පිලිබදව කිනම් හෝ නාලිකාවකට වැඩසටහනක් කිරීමට විශාල ඉඩක් ඉතුරු වී තිබෙන බවයි. රටේ සියලු ජනය මේ පිලිබද දැනුවත් වීමට කැමැත්තෙන් සිටින බවත් ගොවිමහතුන්ගෙන් 100% වාගේම මෙම වැඩසටහන කලහොත් එයට ඇහුන්කන් දෙන බවත් පවසා සිටියේය. නමුත් ඉන් පසුව අපට පැමිනි ගැටලුවනම් දැන් තිබෙන රැල්ලත් සමග මෙයට අනුග්‍රාහක මහතුන් ලබාගන්නේ කෙසේද යන්නයි මන්ද මෙවන් වැඩසටහනකට පොහොර වර්ග කෘසිරසායනික වර්ග අනුග්‍රාහය ලබාගත හැකි නොවේ එසේ ලබා ගත හොත් වැඩසටහනින් වැඩකුදු නැත. අපට මේ ගැන සුකුවෙන් හෝ කතාකරන වැඩසටහන් ගැන මතක් වී සිනා පහලවුයේ ඒවායේ අනුග්‍රාහක මහතුන් මතක් වීය.නමුත් අප අතරින්ම එයටද පොඩි පිලිතුරක් ලැබුනි එනම් අතීතයේ ඔබටත් මතක අති කිබුලා උදැල්ල වැනි වෙලද දැන්වීම් යනවා. අපට ට්‍රැක්ටර් උදලු ආදී කෘෂි උපකරන වලින් අනුග්‍රාහය ලබා ගත හැක ඒ අපේ මතයයි. මේ තමා අපේ එදා කතාවෙ හරය. තවත් විවිද දේ කතා උනා නමුත් මගේ හිතට තදව කාවැදුනේ මෙයයි.නාට්‍යකාරයාගේද ටිකිරි මොලයට වැටහෙන පරිදි ද මේ අදහස ඉතා වටනා අදහසකි. අප කී දෙනෙක් මේ තාක්ෂණික දැනුම ලබා ගැනීමට බලා සිටිනවාද. වස විස නැති අහාර ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනවාද ඉතින් එහෙම වැඩසටහනක් පටන් ගත්තොත් ගුවන් කාලය අපතේ යාවිද පිලිතුර ඔබට් බාරයි.
|
BLOG
|
මේ දවස් වල නෝටියට මහා නරක පුරුද්දක් බෝ වෙලා තියනවාලුනේ... (නෝටියාගේ අම්මා සහ නෝටිච්චි පවසන පරිදි).ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක මට හිතෙන විදියට මහා නරක පුරුද්දක් කියලා මගේ කට සහ හිත පිලිගන්නේම නැහැ.යව්වනයේ පොපියන චමත්කාරය - බුලත් විටඅපේ අම්මයි, නෝටිච්ච්යි පුදුම තරමේ කේන්තියක් මේ බුලත් විටත් එක්ක තියෙන්න්‍ෙ.... කට රතුවෙන්න විටක් හපලා... “පුරුස්“ කියලා කෙල පාරක් ගහන එක මේ දෙන්නට නිකං වහ කදුරු වගේ..ඒක මේක උනයි කියලා නෝටියට ගෙදර ආවම විටක හපන්නමයි හිත. ඒත් විට හපනවා කියන්නේ කනේ පුළුන් ඇබ ගහගෙන ඉන්න වෙන සින් එකක් නිසා Drawing Paper එකක් අරන් ලිවිවා මෙන්න මෙහෙම...කට මගේ නම්,මම මගේ නම්,මම මොනවා කෑවමකාටත් ඇයි වේදනා.... ලියලා නිකන් හිටියා කිලද හිතන්නේ...හපෝ නෑ....කොන් හතරේ සෙලෝටේප් ගහලා ඇලෙව්වා කෑම කාමරේ බිත්තියේ.. අලවලා විටකුත් කටේ දාගෙන ගියා පොඩි රවුමක් දාන්න. ගෙහුං ඇවිත් ගියා පෝස්ටරේ තත්ත්වේ බලන්න. ඒකෙම යටින් ගින්දර වගේ ලියලා තියනවා....මම උඹේ අම්මා නිසාරිලවෝ් මම උඹේ ගෑනි නිසා.
|
BLOG
|
4pt 0cm 5.4pt 0cm 5.
|
BLOG
|
අපේ මලයා පත්වීමක් අරගෙන මොණරාගල ගියායින් පස්සේ මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා මොණරාගල පැත්තේ කරක් ගහලා එන්න. ඔන්න ඒ ආසාව ඉශ්ට වෙන්ඩයි යන්නේ. මායි අපේ අප්පොච්චායි මේ නත්තල් නිවාඩුවට මොණරාගල ගිහින් එන්ඩ යන්නේ.මම සතියක් තිස්සේ ප්ලෑන් කලා මොණරාගල බලන්ඩ ඕන තැන් ටිකක්.පළවෙනි දවසේමොණරාගලින් බුත්තලට ඇවිදින් මාලිගාවිල බුදු පිළිමය වැදපුදාගෙන එහෙම්ම දෙමටමල් විහාරෙත් බලාකියාගෙන එන්ඩ හිතන් ඉන්නවා. දෙවෙනි දවසේමොණරාගල ඉස්පිරිතාලේ ගාව ඉදලා බස් එහෙකින් මයුරගිරි ආරණ්‍ය සේනාසනය වැඳපුදාගෙන මයුරගිරි කන්ද නගින්ඩ. :)තුන්වෙනි දවසේබුත්තල යුදගනා විහාරය වැඳපුදාගෙන එන්නයි එහෙම්මම රහතන්කන්ද ආරණ්‍ය සේනාසනය වැදපුදා ගන්නයි. :) හතරවෙනි දවසේදියළුම ඇල්ල බලාකියාගෙන එන්න කියලා හිතාගෙන ඉන්නවා. මේක නම් ෂුවර් කරන්නෙම නෑ.මොකද කාළගුණය අයහපත් නෙව.ඔය සෙට් එකෙන් කීපයක් හරි බලාගෙන එන්ඩ හිතාගෙන ඉන්නේ. ආයේ ඉතිං කාලෙකට මොණරාගල යනවා කියලා ඈ.පාරේ බස් වල යන නිසා වෙලාව ඉතුරු කරගන්ඩත් ඕන.එහෙනං හැමෝටම සතුටින් පිරුණ නත්තල් නිවාඩුවක් .
|
BLOG
|
ඇය නිදන සොහොන මතරඟයි ඉටි පහන් සිළුමෙරු ඇදෙයි සොවින්ඇය නිදන රළු යහන වෙතතවම මල් වඩම මතරෝස මල් සිනහ ඇතගුරු පාර මත තවමවැටුණු පොරි රටා ඇතනුඹ සමග මෙහි පැමිණියහළු නෑ පිරිස කොහිඇතැම් උන් සිහි විකල් වීපොළොව සිඹිනු ඇතනුඹේ තනියට නුඹේ ලඟමවැද හිඳින්නටඉටි පහන වෙත ඇදෙනමෙරුන් පමණද ඇත්තෙඅහස ගුගුරා කඳුළු හෙලන්නටගත් කලෙකදමා යයි පහන් සිළු දැන් නුඹේවට රඟනඅඳුරු වී ඇති කලෙකනුඹ නිදන අඳුරු ගැබසොයා පැමිනේදසෝ බරින් පිරි මෙරුන් කැළ.
|
BLOG
|
වැව කොච්චරගැඹුරු උනත්,ඔරුව උනත්ආස ඇතිඑක වරක් හරිසිප ගන්න වැවුපතුල.
|
BLOG
|
රළු හිරු රැස් ද,මුදු සඳ රැස් ද...දෙතැනකින්...පොළොවට බැස...එකසේ අතුරුදන් වෙති.
|
BLOG
|
පයිතගරස් ප්‍රමේයය-සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණයමත ඇදිය හැකි සමචතුරස්‍රයේ වර්ගඵලය සෘජුකෝණය අඩංගු පාදදෙක මත ඇදියහැකි සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුවට සමානය.ඔහු පැවසු ඒ දෙයසමීකරණයක් විදිහට මෙහෙමයි.අපි මේක පාවිච්චිකරල ගණන් ටිකක් හදමු.C2=b2+a2----------------------------------වර්ග දෙකක අන්තරයේ ප්රකාශනයේ සාධක භාවිතකර ඇත.-----------------------------------------------------------------------------------------පිළිතුර ගැන වර්ගජ සමීකරණ වලදී වැඩිදුර අවධානය යොමුකෙරේ----------------------------------------------------සුළුකරන්න පහසුවෙන්න අහනපාදයෙන් පයිතගරස්ප්රමේය ආරම්භ කරන්න පුරුදුවෙන්න.
|
BLOG
|
නිකමට මගේ පැරණ බ්ලොග් බලන්න ගත්ත. මේ බලනක් කොට A / L කලේ මතක් උන.ie/2010/07/blog-post_06.htmlමම වැටිලා හිටියේ පොතේ පතේ වැඩ කරන සහනරක වැඩ කරන ගොඩට. සාමාන්යෙන් අපේ ඉස්කෝලේ bio, maths පන්තිවල නරක වැඩ කරන උන් අඩුයි.ඒ අන්තිම term ටෙස්ට් එක. පන්ති බාර සර් ලකුණු අරන් ආව. මම හතර වෙනියා. සාමාන්යෙන් 3 වෙනියා වෙවී අවේ.සර් ඇහුව "Engineering යනවද BScකරනවද. තව මාස තුනයි තියෙන්නේ."සර් කිව්වා හරි, මුල් තුන්දෙනාම ගිය මට යන්න බැරි උන.හැබැයි හැම දේම වෙන්නේ හොදට වෙන්න ඇති.
|
BLOG
|
ආදරය යනු,අසම්පූර්ණ මිනිසෙකුසමඟ ඇතිවනකොන්දේසි විරහිත බැඳීමකි...ආදරය කිරීම යනුයම් ප්‍රබල හැඟීමක් නොවඑක් අධිෂ්ඨානයකි...තීරණයකි.පොරොන්දුවකි.
|
BLOG
|
මුහුදු දිය හා බද බදා පොරනැඟෙන කල රළ හඬ නඟාකුමක්දෝ ඔබ ගයන්නේසිතාරය අත අවුලුවාහිත බිඳ බිඳා..කැඩුණු තත් අග නොලිව් කව් පැදිදහසක්යබිඳුණු හිත් ළඟ කඳුළු කඳු මුහුලක්යමුහුලක්ය මුදුනක්ය මුහුදක්යහඬන සිත - කවියක්යලියෙන පද අග මිදෙන තරමට සුසුමක්යකියන කවි ගී අතර ලිහි සුවඳක්යසුසුමක්ය සුවඳක්ය සුළඟක්යබිඳුණු පෙම - සයුරක්යPicture -Andrew Astrochenko.
|
BLOG
|
යශ් මේ බ්ලොග් එක පටන් ගත්තේ එයාගේ ආදර කතාව ලියන හිතාගෙනනේ එත් නොහිතපු විදිහට යශ්ගෙ ආදරකතාව නැවතුනා. යශ් අන්තිමට පොස්ට් එකක් දැන්මේ 16/02/2013 වෙනිදා එත් එදායින් පස්සේ යශ්ගේ තරුගේ වෙනසක් යශ්ට දැනුනා යශ් එකට හේතුව හොයන්න ගියා...... ඇත්තටම යශ් තරු ගැන ගොඩක් හෙව්වා.. යශ් පරිගණක දැනුම ආශ්රයෙන් තරු කාටද msg කරන්නේ කියල පවා හෙව්වා..( ඇත්තටම එහෙම හොයන එක වැරදියි.. ඒත් යශ්ට ඒවා හිතන්න සිහියක් තිබ්බේ නැ ඒකාලේ) ඊටපස්සේ තරුට යශ් නොදන්න යාලුවෝ ඉන්න බව යශ් දැක්ක.. ඊට පස්සේ ඒ ගැන අහන්න ගිහින් ප්‍රශ්න ඇතිවෙලා තරු සම්බන්ධය නැවැත්තුවා..ඉතින් 01/03/2013 ඉදල යශ් තනිකඩයි.. අදට යශ් තනි වෙලා දවස් 599ක්..යශ් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ යශ්ගේ ආදර කතාව ලියන්න හිතාගෙනනේ ඒත් නොහිතපු විදිහට යශ් තනි උන නිසා යශ් හිතුව මේ බ්ලොග් එක නොලියා ඉන්න.. ඒත් යශ්ගේ හොදම යාලුවයි තව යාලුවෝ කිපදෙනකුයි කිව්ව නිසා යශ් මේ බ්ලොග් එක ආයේ ලියන්න හිතුව එත් අද හදිස්සියේම ලියන්න ගත්තේ යශ් පුදුම මානසික පීඩනෙකින් හිටපු නිසයි.. ඒ ප්‍රශ්න ගැන යශ් පසුව ලියන්නම්කො..කොහොම හරි යශ්ට තරු නැති උනාම යශ් හුගක් දුකින් හිටියේ කොටින්ම කියනවනම් යශ් එයාගේ උපාධ්යේ පලවෙනි විභාගයත් අනාගන්න ගියේ ඒත් වාසනාවකට "සංසාරේ අපි"http://sansaare.com/ බ්ලොග් එක ලියන ජිවිතේ මල් නම්වූ "දිල්" මිස් යශට හිත හදාගන්න ගොඩක් උදව් කරා.. දිල් මිස් ගෙන් ඉගෙන ගත්තු හුගක් පාඩම් තියෙනවා ඉස්සරහට ඒවත් ලියන්නම්කො..මේ ගත උන කාලේදී යශ්ට හුගක් ප්‍රශ්න වලට මුණදෙන්න උනා.. ඒවාට යශ් හුගක් හොදට මුණදුන්න කියල යශ් හිතනවා.. යශ්ට හුගක් හොද අලුත් යාලුවොත් හම්බුනා.. යශ්ගේ හොදම යාලුවත් හම්බුනේ මේ කාලේ අතරතුරේදී.. හුගක් රසවත් සිදුවීමුත් ගොඩක් උනා ඒ ගැනත් යශ් ඉදිරියේදී ලියන්නම්කො..දැන්නම් යශ් ගොඩක් ලොකු ප්‍රශ්නෙකට මුණදීල ඉන්නේ යශ්ල ඉන්න ගෙදරින් යශ්ගේ ගෙදරඅයට යන්න වෙලා තියෙන්නේ.. යශ්ලගේම ගෙදර තාම හදල ඉවර නැති නිසා යශ්ලට ඒ ගෙදරට යන්නත් අමාරුයි.. හ්ම්ම් යශ් මේ දවස් වල මේ පශ්නෙට මුණදීල ඉන්නේ.. යශ්ට ඉක්මනින් හොද විසදුමක් ලැබෙන්න කියල ප්‍රරාර්ථනා කරන්න යාලුවනේ.
|
BLOG
|
යකෝඅපිහදිස්සියකටකොහෙහරියන්නපාරටබැස්සොත්පාරේවාහනමේ විදියටහිරවෙලාතියෙන්නේඇයිකියලාමමකල්පනාකරන්නේ... නිසාම සිතට පහල වූ සිතුවිල්ලකි.
|
BLOG
|
චන්දරේ බලන්නඉන්දර අහසේතරු මඬුල්ලමී කඩන්නටපාත්වෙන ලස්සන(සිසිර සරත = Fall in Winter).
|
BLOG
|
තියාගෙන උඹේහිතවින්ද දුකමදැයි නෙතනොකා දුක්වින්ද ගතකියයි ආදරේවතතනිකමත්හුරුව ඇතනෙතත් සීතලටනැතගියා සිතහැරුණ අතමෙදාඑලෙසින් නොමැත.
|
BLOG
|
ඔබ ඉදිරියට හමුවන සියල්ලන් මිනිසුන් ලෙසම දකින්න.ඔවුන් මුස්ලිම්, බෞද්ධ හෝ හින්දු ද යන්න අසන්නට ඔබේ හදවතට ඉඩ නොදෙන්න.ඔබගේ ගනුදෙනුව අවසන් කර හැරී යන විට ඔබගේම හදවතින් අසන්නඑම හමුවීමේදී ඔබ කිතුනුවෙකු ලෙස හැසිරුනා ද . නැතිද .
|
BLOG
|
පාන්දරම වැඩට යන්න බස් ස්ටෑන්ඩ් එකට ආපු මට දැනුණෙ තදසීතලක්. ගොරෝසු රෙද්දක් පෙරවන් බිම නිදන් ඉන්න මේ උන්දැ කොහොම මේ සීතල දරන්ඉන්නවද. පිස්සි පිස්සි කියලා හැමෝම උන්දැට ගැරහුවට බුදුදහමට අනුව පෘතග්ජන අපිහැමෝටම පිස්සු. මටත් බැඳීම් වෙනුවෙන් වෙහෙසෙන්න නොවුණ නම් මේ උන්දැගෙයි මගෙයි ලොකුවෙනසකුත් නෑ.තුසර පිනි බිඳු හඬ නගාසීතලේ ගීතය ගයන්නේබස් නැවතුමේ රළු පෙරවුමේ කවුද මේ නිදි සුව සොයන්නේනීල සිකිපිල නේක සුවඳින් සරසවාසේද සළු හැඳ හංස අඟනුන් සරන්නේකවුද මේ වැරහිලි අඳින්නේදුහුලියෙන් හිස සරසවන්නේසදාචාරය ශ්වේත සළුවෙන් ගත වසාඋමතු සිත්ගත් පෘතජනයන් සරන්නේකවුද මේ ගැරහුම් ලබන්නේඋමතු කත යැයි කියන්නේලියා එව්වේ - වර්ණ.
|
BLOG
|
පදම් වී ඇත සිත දුකින්ගුදම් ගණනක කදුලු ගොස්තවත් නැ වෙන්නට දෙයක්නැතත් නුබ දැන් කමක් නැඅත්වැලක් වී ඉන්නමයි ලගඅත්වැලුත් බැද හිටියේ නුඹ ලගනිශ්ඵලයි මා පිදු සෙනහසවැටහුනේ නැති තැනදි ඔබ හට...//වැටහුණා සේ සිටියේ ඇයි මාරැගෙන ආවේ ඇයි දුරක් මාපුරුදු තනිකමේ තියලා මානුඹත් යන්නට ගියා ඇත්තට..//.
|
BLOG
|
ඉගුරු දීලා මිරිස් ගන්නහතර යවලා දොලහ ගන්නපේලී පේලී පේලී සැදීපස්සෙන් එන්නෆයිල් එක්ක මොනවත් බෑකල දේවල් මතකත් නෑඑහෙට යන්ද මෙහෙට යන්දහිතාගන්ට බෑඑහෙන් ආවා මෙහෙන් ගියාඑහෙට පැන්නා මෙහෙටපැන්නාඋන් හිටිතැන් උපන්ගෙයක්මට මතකත් නෑජහ මනයා හොරා කෑවාකොමිස් ගැහුවා පගා ගැහුවාලන්සු වැටෙන මැතිසල්පිලේ උන්ට වැලිව් නෑගෙබි නාටක නරි වාදනමික්ස් ෆෘට් හා කැදහැලියක්පට්ට පතුරු කාර්නිවල්ඒකේ ෆන් අඩුවක් නෑනයා මුගටි ලවු කරනවාකිස් කරනවා වැලද ගන්නවාඊට පස්සේ මොනා උනත්කොටු හින්දා ඒවා පේන් නෑ.
|
BLOG
|
මගේ අවුරුදු 7ක් පරණ පරිගණකයේ Mother board එක ලඟදී අභාවප්‍රාප්ත වුනා. ඒ ප්‍රීතිය නිමිත්තෙන් අළුතින් පොඩි ලැපක් ගත්තා.Acer Aspire E1-572 තමා මොඩල් එක. ලංකාවේ Acer මාකට් කරන්නේ දැන් Metropolitan නේ. එයාලාගේ නුවර ශාඛාවෙන් තමා මිලයට ගත්තේ.Processor එක Core i5 4200U එකක්. 1.6GHz ස්පීඩ් එකක් තියෙන්නේ. Turbo එකේදී 2.6GHz වෙනවා. රැම් එක දැනට 4GB, අනිත් 4GB කාඩ් එක තවමත් ලැබුනේ නැහැ. ස්ටොක් ඉවර වෙලා. ස්ක්‍රීන් එකෙත් කොලිටිය ගොඩක් හොදයි. එකම අවුල විව් රේන්ජ් එක 150' වගේ තියෙන්නේ. ඒත් HD LED එකක්. ඒක නිසා ලොකු ප්‍රශ්ණයක් නැහැ.500GB ඩිස්ක් ටයිප් හාඩ් ඩ්‍රයිව් එකක් තියෙන්නේ. පර්ෆෝමන්ස් වල ලොකු ගැටලුවක් තවමත් දැනුනේ නැහැ. ඒත් කොහොමත් SSD එකක් තරමට නැහැනේ. ;)M-disk ready DVD super multi DL එකක් තමා ඔප්ටිකල් ඩ්‍රයිව් එක විදියට තියෙන්නේ. Wifi b/g/n තියෙනවා. ඒ වගේම Bluetooth තියෙනවා. බ්ලූටූත් වයිෆයි ඉතින් දැන් එන හැම ලැප් එකකම වගේ තියෙනවානේ.4Cell Lithium Ion බැටරියක් තියෙන්නේ. දැන් ෆුල් චාර්ජ් තියෙන වෙලේ මම ප්ලග් එක Off කලා. බැටරියෙන් 5Hrs 14Mins දුවන්න පුළුවන් කියලා පෙන්නුවා. ඔය කිව්වාට පැය හතර හමාරක් වගේ තමා Cooling pad එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.කලින් තිබුන Pentium 4 (ht) 3.0GHz එකත් එක්ක බලද්දී නම් ලොකු වර්ධනයක්. මොකද 1.2GB රැම් එකක ඉඳලා 4GB රැම් එකකට මාරු වුනානේ. දැනට දාලා තියෙන්නේ Windows 8 (නැහැ. ක්‍රැක් කරලා නැහැ ;) )අළුත් ගියර් එකත් එක්ක ඉස්සරහාට අළුත් වැඩ ටිකක් ගේන්න තමා බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් වීඩියෝ ටියුටෝරියල් හදන එක ඉස්සර තරම් අමාරු නැහැ.කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුන නිසි මේක දැම්මේ.
|
BLOG
|
පඬියා හේතුවාදියෙක්. හැම එකකම හේතුවක් හොයන, හැම එකකටම හේතුවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්. හැම එකක් ගැනම ඕනවට වඩා හිතන එකෙක්. එක එක විධියෙ පඬියො අතරෙ එහෙම උන්ටත් පඬියො කියල කියනව.පඬියාගෙ බිරිඳ පඬියට කැමති වුණේ ඒ ලක්ෂණවලට වෙන්න බෑ. ඒ වුණාට පඬියගෙ තියෙන බිරිඳ විතරක් දන්න සුවිශේෂත්වයක් ඈව තාමත් ඔහුත් එක්ක රඳවගෙන...මට හිතන්න ඕන තනියම. ඒ නිසා මට සමහර දවස්වලට තනියම ඉන්න වෙයි.පඬියා වෙනම කාමරයක පදිංචි වුණා. පදිංචි වුණාම නෙවෙයි. පඬියට එහෙම තනිකමක් උවමනා වුණා.දෙන්නා අතරෙ ලෝකාස්වාද ගණුදෙනුව පවා ටිකෙන් ටික කෘතිම වෙන්න ගත්තා. ජීවිතේ ඇතුලෙ හැම දේම එලාම් එකක් වදිනව වගේ ක්රමාණුකූලව දෛනිකව සිද්ධ වුණා. උස් වීමක් පහත් වීමක් පේන්නෙ නැති හරි මැදකට ළඟින් තියෙන තනි හීනි සරළ රේඛාවක් උඩ... ඔව් අර 'මධ්‍යස්ථය' ගැන දාර්ශනික අදහස. පඬියා හිතුව.ඒක හරිම බෝරිං එකක්. බිරිඳ හිතුවා.ජීවිතේට උස් පහත්වීම් ඕන.පඬියා කාටවත් සුභ පතන එකෙක් නෙවෙයි. අඩු ගානෙ අළුත් අවුරුද්දකට, උපන් දිනේකටවත් මිනිහ සුභ පැතුවෙ නෑ. මිනිහට සුභ පතනවට කැමති වුණෙත් නෑ.සුභ පැතීම් හරි කෘතිමයි.පඬිය හිතුවෙ එහෙම. නමුත් තමන් ගෙවන ජීවිතයත් නිර්වචනය කරගත්තු අර්ථ දැක්වීම් අස්සෙ කෘතිම වෙලා කියල පඬියට තේරුණේ නෑ. නමුත් මිනිහට ඒක තේරෙන්න අරන් තිබුණා. තමන් සැලකිය යුතු තරම් කෘතිම වෙලා කියල ඔහුට තේරෙන්න අරන් තිබුණා.මිනිහගේ උපන් දිනේ ලබපු දවසෙ රෑ දොලහට බිරිඳ අනිත් කාමරේ ඉඳන් ඇමතුමක් අරන් සුභ පැතුවා.ස්තූතියි. ඒත් ඒක ගොඩක් කෘතිමයි.ඔහු බිරිඳට කිව්වා.විස නසන්න ඕන විසෙන්බිරිඳ පඬියට කිව්වා.පඬියට ඒක තේරුම් යන්න ටිකක් වෙලා ගියා. බිරිඳගෙන් තමන්ගෙ කෘතිම බව නැති කරන්න කෘතිම උත්තේජනයක්.පඬියට යමක් තේරුම් ගියා. බිරිඳට අඩි කීපෙක දුරක ඉඳන් රෑ දොළහට තමන්ව දුරකථනයෙන් අමතන්න සිද්ධ වෙන තරමට තමන් ගෙවන්නෙ කෘතිම ජීවිතයක්ය කියන එක ඔහුට දැණුනා. ඔහුගෙ හිරි වැටුණු, හැඟීම් අවම ජීවිතේට කඳුළු බින්දුවක්.ඔහු බිරිඳ හොයාගෙන ගියා... ඈව වැළඳගත්තා.ඔයා ආයෙත් ඕනවට වඩා හිතන්න අරන්...බිරිඳ කිව්වා.
|
BLOG
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}දෙනෙතේ කඳුලක් වී ඉන්නම් මම සදාතනික සෙනෙහස පුරමින් ජන්මෙන් ජන්මෙටරැදෙන්න ඇති ලඟ සිත යන්නේ නැහැ ඔබේ ලඟින්සිතමි සියක් වර පතමි පැතුම් මම නවතීවා මේ ලොව මෙතැනින්ඔබ මාගේ වී මම ඔබගේ වීයලි ඇරඹේ නම් ලොව අළුතින්කඳුලැලි ගල්වී සිතිවිලි ගොළුවී ඔබගේ වන්නට එක මොහොතින් සදාතනික පෙම් සුසුමක් වීලා සැඟවෙන්නම් ලය තුලරහසින්.
|
BLOG
|
මෙන්න audio එකhttps://www...mp3.
|
BLOG
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.