comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
ඔබ සැමට සාමය සතුට සපිරි, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා.
BLOG
අද බලන්න යන්නේ කොහොමද PHP භාවිතා කරලා Simple blogging system එකක් ලියාගන්නේ කියලා. මේකෙදී මම මුලින්ම පැහැදිලි කරලා දෙන්නේ Database එක සාදාගන්නා ආකාරය හා එහි Relations එකතු කරගන්න ආකාරය.ඒ වගේම Blog එක කියවන අයටත් වාසියක් තියෙනවා. Windows Hosting එකක් 60%ක් දක්වා ඩිස්කවුන්ට් එකක් අරගෙන මිලදී ගන්න පුළුවන්.
BLOG
...
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:AR-SA;}තොටිල්ල පද්දන අත ලෝකේපාලනය කරයි කියපු අසමජ්ජාතියා හොයාගෙන ඇවිත් වාරියපොළ සෙල්වා එක්කඑකතු වෙලා ඌ ව කකුල් කෙටියෙන් එල්ලලා රත්නපුරේ පර චේසිකාන්තිට පොරි හැලෙනකම් දීපු මහතැන් එක්කගෙන ඇවිත් හම ගැලවිලා අතට එනකං - පොක්කලන්එනකං තඩි බාන්න ආසයි බං මං සමතැන නිසි තැන ඉල්ලං එනවාරෙද්ද ලිප් බොක්කේ හිටපු කළුදෑවලට ඉර ඩිංගිත්තක් වැටුනම තියෙන රැස්පොට් එක.අනේ අම්මපා ජංගි ලොවන පිරිමිත්එනවනේ මුන්ගේ අයිතීන් ගැන කතා කොරන්න මඟුලමුන්ට අන්දන්න තිබ්බේබුර්කා නෙවෙයි කපලා දාන්න තිබ්බේ තන් නොතන් හැම තැනක්ම.බස් එකේ බැරිවෙලා ඇඟේවැදුනත් පත්තිනි අම්මලා වගෙයි කතාව යකෝ අපිට බලන්න බැරිනම්එළියේ දාගෙන යන්නේ අහවල් එකකටද.වැරැද්ද තොපිව එළියටගත්තු එකයි බොල.කෙල්ලේ පල ගේ මුල්ලට. පුහ්.. තොගේ අහවල් එක.ඇයි උඹලා හිතුවද පාරවල්තොපිට ලියලා දීලා කියලා අපේ කට අපේ *ක. අපිට ඕනේහැටියට වනන්න පුළුවන් මේ දෙකතුනම.දවල් කරවෙලා රෑ ගෙදරආවාම ඇඟේ පතේ හිරි අරින්නතොගේ ඇග උඩ පත බෑ උනාට උඹ හිතුවද ඔළුවට අතහෝදන්න පැටව් වදන එක ඇර උඹට ඇතිඅහවල් රාජකාරිද.තොපිට පුළුවන් නම් දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන හිටපන් මුල්ලකට වෙලාමැරෙන දවසක මැරියන්.එතකං විඳපන් මේ උත්තම *කේ රඟ. ~ධර්මරාජ්‍යයේ උත්තම වැසියෙක්~වචන වලට අටුවා ටීකා අවශ්‍ය නැතැයි සිතුවත් සමහරෙක්ට ගෝචර නොවන නිසා මෙසේ කොටමි. හිතන්න... ඔබ බිහිවුනේ ආදරණිය අම්මා කෙනෙක්ගෙන් නොවේද.එසේ වූ සමාජයක කාන්තාවට හිමි තැන..පින්තුරය - GlobalPost.
BLOG
රුධිරය රතු පාට බව මම දනිමි. සෑම මිනිසේකුග‍ේම ඇඟ‍ේ දුවන්නේ ලේ බවද දනිමි. තම ජිවිතයට වැඩිපුරම ආදරය කරන්නේ තමා පමණක් බවද දනිමි. නමුත් ලෝකය තුල විවිධ වූ බෙදීම් පවතී. මව් රටට ආදරය කිරීම එයට ගරු කිරිම සමාන්‍ය දෙයකි. එලෙසම තමා ජීවත් වන රට වෙනස් වූ පසු එයටද ගරු කිරිම පුරවැසියෙකුගේ යුතුකමකි. පුද්ගල කේනද්‍රියව ගත් කල රට හෝ මව් රට වෙනස් වේ හෝ වෙනස් කල හැක . ආගම කියන වචන දැනට දශක කිහිපයකට හැඳින්වූ යේ හුදෙක් කතෝලික හා ක්‍රිස්තියානි භක්තිකයන් සඳහාය. පොදුවේ බෞද්ධයන් හැඳින්වූයේ සිංහලයන් ලෙසය. ආගම යන කාරනාවත් පුද්ගලික කාරණාවකි එනම් ආගම ඕනෑම මොහොතක, තම දැනීමේ හෝ ග්‍රහණය වන ආකාරයට වෙනස් කල හැක. නමුත් ජාතිය ඊට වඩා වෙනස් වෙයි. සෑම විට එය ජාතක වන්නේ මව් දෙමව්පියන්ගේ දායාදයක් ලෙසය.සිරියාවතී හා රෆිනා අසල්වැසියයෝය. දිනක් දෙදනාම සිරිපාල ගේ කඩේට ගියෝය. අසල සිටි අසාද්සාලි මහතා ඔය කඩේ හලාල් නැතැයි කි නිසා, සිරියාවති හා රෆිනා යන දෙදනාම ටටුමේ සුපරි වෙලඳ සැලට ගියෝය. සිරියාවතී මිලෙන් අඩු හරිස්චන්ද්‍ර නුඩිල්ස් පැකට් එකක් ගන්නා විට රෆීනා වැඩි මිලට මැගි නුඩිලිස් පැකට් එකක් මිල දි ගත්තෝය. ඉන් පසු දෙදෙනාම බැංකුව වෙත පියමන් කලෝය. දැඩි අව්රශ්මිය නිසා සිරියාවති සාරි පොට ඔලුව වටේ ඔතා ගත්තාය. කෙසේ නමුත් දෙදනාම බැංකුවට අතුල්වීමට යාමේදි, සිරියාවතීව පමණක් නවතා ගත්තේය. ඔලුවෙන් සාරි පොට ඉවත් කරන ලෙස ආරක්ෂක නිලධාරින් දැනුම් දුන්නේ ආරක්ෂක හේතුන් මත බව පවසමිනි. තමා සමඟ පැමණි සිරියාවති කොහේ සිටිදැයි බැලිමට රෆිනා නැවත බැංකුවෙන් එලියට එන විට දුටුවේ, ඥාණසාර හිමියන් සිරියාවතිට ධර්මය දේශනා කරන අයුරුයිඉතින් මම මෙසේ සිතුවෙමි.දෙමළ ත්‍රස්තයන් බිහිවීමට මුල් වූ හේතුව සඳහා සාධනිය පිළිතුරු සොයන අතරම, සිංහල ත්‍රස්තවාදය මීට වඩා බිහිසුනු වීමට පෙර, ශ්‍රි ලංකා රාජ්‍ය තුල සෑම ජන කොටසකමට එකම නීතියක් බලපැවැත් විය යුතුය.. මන්ද යත්, ජනවර්ගය මත වෙනස් වන නීතියක් පැවතීම, සිංහල ත්‍රස්තවාදය පැතිරවීමට, ධනාත්මක උත්පේරකයක් වී ඇති බව සනාථ වෙමින් පවතින නිසාවෙනි.වැප්.
BLOG
දොවා කඳුලින් මලක් ඉකිලනවසා පෙම්බර නිල් නුවන්දමා හැර යන හිතාදරබඹරිඳුනි මේ කවි පද අසන්..අහස මත තවමත් විසුලසුදු වලාකුළකින් මඟ අසන්නුඹ නමින් පණ අදින අසරණ මල් සිඟිත්තිය සොයා එන්.. ඇගේ දුක් බර සිහින හිනැහෙනජීවිතෙන් බිඳුවක් අරන්පාට වේවා මේ වලාකුළු රෝස පාටින් සෑම කල්..2014 සැප්තැම්බර් 30-----රෝස වලාකුළ ලියන්න අරගෙන අදට හරියටම අවුරුදු හයක් ගෙවිලා ඉවරයි. කියවපු අයට ස්තූතියි.
BLOG
ලියන කවි පදනුඹේ නමටයිහෙමින් නුඹ මට කියනවාඒත් එහි ඇතිඅරුත් හින්දමහිතට සැකයක් දැනෙනවාමෙමට නුපුරුදුඇයගෙ තතුදෝනුඹ ලියන්නේ හිතෙනවාකමක් නැහැ කවිකාට ලිව්වත් මගේ ආලය පුදනවාෂොප් එකේ වැඩ කල කාර්ය බහුල කාලෙදි මාසයකට බ්ලොග් පෝස්ට් හතරක් වත් ලියපු මට නිදහසේ සැහැල්ලුවෙන් කරන රැකියාවක් ලැබුනට පස්සේ එක පෝස්ට් එකක් වත් ලියා ගන්න බැරි වුන එක ඇත්තටම හරිම පුදුමයි. බ්ලොග් කියවන්න ලියන්න හිතේ තිබුන ආසාව ලෝබකම උනන්දුව මටත් නොදැනිම මුහුණු පොත අයිති කර ගත්තා. ඒත් තුදු තිස්සෙම බ්ලොග් ලියන්නෙ නෑ කියලා බනිද්දි ඇත්තටම බ්ලොග් එක අත ඇරලා දාල තියෙන එක අපරාදෙ කියලා ගොඩක් හිතුනා. අපි ඒ කාලෙ කොයිතරම් පිස්සු නැටුවද. සයුරි අක්කා දෙන තෑග්ග ගන්න එයා පෝස්ට් එකක් දානකල් ඒක දිහාම බලන් හිටිය කාලය ඇත්තටම හරිම සුන්දරයි. බ්ලොග් නොලිය ඉන්න කාලෙදි මගේ බ්ලොග් සැරින් සැරේට කියවලා හොඳට හිනා වෙන කෙනෙක් තමයි ෆාති. එයා කැමති ඒෆෝ පිටුවක් පිරෙන නොපිරෙන ගානට මම ලියන පෝස්ට් එක හුස්මට කියව ගෙන යන්න. ඉතිං ලියන්න ආසයි ආයෙම. කොහොම හරි මාසෙට එකක්වත්. කියවන්න එන හින්දා මගේ පුරුදු යාළුවෝ හැමදාමත්.
BLOG
අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඊයේ (18 වැනිදා) සහ පෙරේදා (17 වැනිදා) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකිවූ සිසුන්ට ඒ වෙනුවෙන් විශේෂ විභාගයක්‌ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පෙරේදා (17 දා) පැවැති ගණිතය I හා II ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටීමට නොහැකි වූයේ සිසුන් 18 දෙනකුට පමණක්‌ වුවද ඊයේ (18 දා) පැවැති සෞන්දර්ය ප්‍රශ්න පත්‍රවලට සිසුන් සැලකිය යුතු පිරිසකට පෙනී සිටීමට නොහැකි වූ බවට දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබිණි. කුලියාපිටිය ප්‍රදේශයේ විභාග මධ්‍යස්‌ථාන දෙකක සිසුන් ඊයේ (18 දා) විභාගයට නොපැමිණි අතර මධ්‍යම හා ඌව පළාත්වලද අම්පාර ප්‍රදේශයේ තවත් සිසුන්ට විභාගයට පැමිණීමට නොහැකි වී තිබිණි. එම සිසුන් සංඛ්‍යාව කෙතෙක්‌ද යන්න පිළිබඳව ඊයේ (18 දා) දහවල් වනතුරුත් විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී නොතිබූ අතර මෙම සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයයන්ට හා ගණිතයට අදාළ විභාගය ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී විශේෂ විභාගයක්‌ ලෙස පැවැත්වීමට දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. විභාගයට පෙනී සිටීමේදී උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් 1911 දුරකථන අංකයට වහාම දන්වන ලෙස ද සියලුම අයෑදුම්කරුවන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
BLOG
රටතුල දේශපාලනය පිළිබඳ අවබෝධයක් හෝ දැනුමක් ඇති ජනතාව තුල පවතින ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ විපක්ෂය විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා කව්ද යන්නයි. ආසන්නතම ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන පරිදි එම පොදු අපේක්ෂකත්වය සඳහා පාර්ශව ගණනාවක එකඟත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා තෝරාගැනීමට තීරණය කර ඇති බවයි. තවමත් එය සම්පූර්ණයෙන්ම තහවුරු කරගැනීමට නොහැකි වුවත් බොහෝ දුරට සිදුවන්නට යන්නේ මෙය බව පැහැදිලිය. 1963 දෙසැම්බර් මස 1 දින ගම්පහදී උපත ලබන අර්ජුන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයෙක් වේ. 1996 ලෝක කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේත් ඔහුයි. වර්තමාන පාර්ලිමේන්තුව තුල ස්වාධීනව ක්‍රියාකාරන අර්ජුන විපක්ෂය තුල පොදු අපේක්ෂකයා වශයෙන් අවධානය ලැබීමට හේතුව වූයේද එම කාරණයමයි. එසේම විපක්ෂයේ බොහෝ පක්ෂ සමග සබඳතා පැවතීම හේතුවෙන් එය අර්ජුනට වාසි සහගත කාරණයක් විය. මුලින්ම විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සෝභිත හිමියන්ගේ බලාපොරොත්තුවක් තිබුණත් සුළු ජාතික ඡන්ද නොලැබීයාමේ අවදානම නිසාවෙන් එම බලාපොරොත්තුව අකර්මණ්‍යය විය. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා පොදුවේ විපක්ෂය ඒකරාශී කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාකලත් කාලයක් තිස්සේ පරාජයවීම නිසා සිදුවූ අපකීර්තිය මෙන්ම පක්ෂය තුලද පැනනැගි විරෝධතාව හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාටද පසු බසින්නට සිදුවිය. ඉන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා පිළිබඳ එතරම් අවධානයක් නොවූයේ පසුගියවර උරඟා බැලූ කාසියම වීම නිසාය. ඉන් පසුව කරූ ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට පෙළබීමක් තිබුණත් විපක්ෂයේ ඇතැම් පක්ෂ එයට විරුද්ධවීම නිසා එයද ඉවතට විසීවීයාමක් තිබෙන බව පෙනෙන්නට ඇත. අවසානයේ 09 වනදා රැස්වි සාකච්ඡා කිරීමෙන් අනතුරුව සහ ඉන් අනතුරුව පැවති සාකච්ඡා වටවලදී පැමිණි එකඟතාවල ප්‍රතිඵලයක් ලෙස බොහෝ දුරට අර්ජුන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සූදානමක් ඇතිබව වාර්තා වේ. එසේ වුවහොත් මැතිවරණයේ ස්වභාවයට සිදුවන වෙනස්කම් පිළිබඳව මෙන්ම මහින්ද සමග කරට කර තරඟයක් දියහැකි මට්ටමකට අර්ජුන පැමිණේවිද යන්න ඉදිරියට තැබිය යුතු ප්‍රශ්නාර්ථයකි..
BLOG
කාලෙකට පස්සේ බ්ලොග් එකේ ලියන මගේ දෙවැනි පොස්ට් එක් අද මම ලියන්නේ. ඉතින් ඔන්න ගියා මම ආර්ට් ගැලරියේ දෙවන වැඩසටහනට මොකක්ද දන්නවාද ඒ රූපාභිෂේක කොළම්බො 2014 වැඩසටහනටයි.. ඒක තිබ්බේ කිරුලපන සිතුමින ශාලාවේදි..ඔන්න ඉතින් මම පාන්දර 4ට විතර වගේ නැග්ගා කළුතරින් බස් එකට වෙනදා හෙමින් යන බස් එදා හයියෙන් ගියා 4.45 වෙනකොට දෙහිවල, දෙහිවලින් යාන්තම් බස් එකක් සෙට් වුනා නුගේගොඩට, එතින් බස් එකක් තිබ්බේම නැ එක නිසා ගත්තා රු.100 දිආඅල් ටුක් ටුක් එකක්. එතනින් බැහැලා බලනකොට කවුරුවත්ම නැ ඉබි දාලා එහෙම තිබ්බේ.. බලාගෙන හිටියා පැයක් විතර ගියා හෙමිහිට පාර පැත්තට අම්මේ ඇති යාන්තම් කියලා තිබ්බා අයිනෙක බංකු කැල්ලක් වාඩියා දාලා හිටියාම ඔන්න ආවා අපේ ලොකු අයියා සජිත් අයියා ඉතින් එයාත් එක්ක ගියා කස්ටියත් ටක් ටක් ගාලා ආවා ඊට පස්සේ වැඩේට ලැස්ති වෙලා පටන් ගත්තා ෂේප් එකේ 9 වගෙ වෙනකොට..වැඩේ පටන් අරගෙන ඔහොම ගියා උදේ වරුවේ අතුලා රණරාජා හා හර්ෂ මධුරංග යන මහත්වරුන් අරුත්බර ලස්සන දේශන දෙකක් කරා, අනිත් එවුන් කොහොම වෙතත් මමනම් ඉගෙන ගත්තා නොදෙන හිටපු දේවල් ටිකක්..ඊට පස්සේ අරා මදු ගගේ සවාරියේයි ( එකටනම් මම ගියේ නැ ) පිටකොටුවේ විදි සවාරියේයි ( මගේ කලින් පොස්ටුව බලන්න ) හොදම ඡායාරුප අතරින් හොදම ටිකට තැගි හා සහතික පත්‍ර ලබා දුන්නා. පස්සේ හවස් වරුවේ දවල්ට කාලා අලුත්ම අත්දැකිමක් ලබාගත්තා. ඒක මෙහෙම කියන්න බැ ඉස්සරහට මම විඩියෝ එකකින්ම පෙන්වන්නම්.අපි ඉයේ ගහපු කාණ්ඩායම් ඡායාරුපය මේ තියෙන්නේ.මේ මම දැන් කියපු කථාව පොඩි විඩියෝ එකකින්.පුලුවන් අය මගේ ෆෙස්බුක් ෆැන් පේජ් එකට ලයික් එකක් දාලාම යන්න.com/lahirudilrangaphotographyමෙන්න මගේ ආර්ටි ගැලරියේ යහලුවන්ට මඩ සහ ඡායාරුප.
BLOG
ජීවිතේ කියන්නේ වචන..ඔව් බහුතරයක් වචන වලින් පිරිච්ච භාජනයක් වගේ.. පොරොන්දු.. ආයාචනා.. සිතුවිලි.. මට හැමදාම හිතුන දෙයක් තමයි අපි වෙන පොරොන්දු වලින් කොච්චරක් ප්‍රායෝගිකව අපිට ඉටු කරන්න පුලුවන්ද කියන එක.. සමහර විට අසරණ කම නැත්තන් කපටි කම.. (බොහෝවිට කපටි කම).. ජීවිතේ ප්‍රායෝගික සිද්දියක් අඩු වචන ප්‍රමාණයකින් නිර්මාණයක් විදියට ප්‍රති නිර්මාණය කරන්නේ කොහොමද කියලා..අඩු වචන ගානක් කිව්වේ ජීවිතේ පිරිලා තියන බොහොමයක් හිස් වචන වලින් මම හෙම්බත් වෙලා හින්දා..කවි ලියන්නේ නැති උනත් විශේෂ හේතුවක් නිසා ලිව්වේ.. ඒක බලන්න පහලටම යන්න..පාලුවෙන් පිරි රැයක් ගෙවිලා තවත් දිනකට එලි උනාපුරුද්දට මල් සිඹින්නට එන බමර සැණකෙළි ඇරඹුණාහැමදාම මල් ඉඳුල් කරනා බමර යාමය එලැඹුනාසුවඳ ඇති මුත් නොපිපි කැකුලක් මලක් වෙන්නට සැරසුණා කිතිකැවෙන මිහිරක් සොයාගෙන හෙමින් මීදුම් සළු උනාතවත් කුසුමක් ගැහෙන හිතකින් බමර තුඩකට ගුලි වුනාසුමුදු මුදු පෙති සිඹින තාලෙට සුවඳ මල් පැණි වැහුණාබමර තුඩ මල් කෙමියේ ගැටුනම මලෙන් ගුම් නද නික්මුණාපිරිමි කඳුලක් ඉතිරි කරලම බඹර කඩිනම නැවතුනාකවද හෝ සුපිපෙන්න කල් බැලු සොඳුරු කැකුලක් පිබිදුණාඔන්න...100 ක් ගැහුවා මමත්.
BLOG
මානව කාන්තාරයේ දරැවවෝ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.අප්‍රිකානු කාන්තාවෝ එවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මධේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වහයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිස්යම් පරමාධ්‍යාශයක් නැතිනම් කල්පිතයක් තිබබෙන බවයි. ස්ත්‍රී චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරැෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද . යුරෝපය තුළ ද පුරැෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද .ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. "ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරැ ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත". පන්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත. පරිවර්තනය - රංජිත් කුරුප්පුප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, සුරස පොතක්මිල - රු.225.00ISBN 978-955-1822-66-8 පරිවර්තකගේ වෙනත් පරිවර්තනමරණයේ දොරටුවයුද්ධයේ අතුරු කතාවක්හිට්ලර්ගේ අවසානයකාන්තාරයේ කුසුමගිනි මැද සක්මන.
BLOG
අවුරුදු තිහක්තිස්සේම,එනම්,උතුමාණන් වහන්සේගේ කාලයේ සිට මහරජාණන් වහන්සේගේ කාලයදක්වා අපි කුරිරු යුද්ධයක් නිසා ඍජුව හෝ වක්‍රව බැට කෑවෙමු. බොහෝ දෙනකුගේ අවසන්ඉරණම අතිශය ශෝචනීය විය. තමන්ගේ ජීවිතයේ වටිනාකම නොතේරෙන අතළොස්සක් දෙනා හැරෙන්නටසිහි බුද්ධිය ඇති වැඩි දෙනකු යුද්ධය පිළිකුල් කරන්නේ එබැවිනි. එම පිළිකුල කෙතරම්දයත් අවුරුදු පහක් තිස්සේ එය වවාගෙන කෑමටත් තවත් අවුරුදු හතරකටවත් එයම මාකට් කිරීමටවරම් ලබාගැනීමටත් මහරජුන්ට හැකියාව ලැබී තිබේ. (මේ රටේ වර්තමානයේ සිටින එකම නායකයාමහරජු පමණක් බව සියළු දෙනා විසින් අකැමැත්තෙන් හෝ කැමැත්තෙන් පිළිගත යුතුය.මීළඟ ජනාධිපතිවරණයේදීඑය වෙනස් වන්නේ නැත.)‍මේ අවාසනාවන්ත යුද්ධය ඇති වූයේ කවුරුන්අතරද.දෙපාර්ශවයම අතට ගත්තේ සතකුගේ රූපයක් රැගත්ධජ දෙකකි.මේ සතුන් දෙදෙනා කවරහුද. ඔවුන් ජීවත් වන්නේකොහේද.මේ සත්ව කොට්ඨාශ දෙකම මේ භූමියේ ජීවත්වන්නවුන් නොවෙත්. එසේනම් ඔවුන් සිය යුද්ධය සඳහා යුද පිටිය ලෙස මේ පුංචි දිවයිනමතෝරාගත්තේ ඇයි.මෙය තේරුම් ගැනීමට අප අසමත් වූයේ, තත්වය තවතවත් අවාසන්වන්ත වූයේ ලිබරේෂන් ටයිගර්ස්ලා විමුක්ති කොටි ලෙස පරිවර්තනය කරනු ලැබීමනිසා නොවේද.මේ වැරදි පරිවර්තනයට වගකිවයුත්තේ එක්තරා වනජීවීඅධ්‍යක්ෂවරයෙකුයැයි කියැවෙන ලිපියක් මෑතකදීපුවත් පතක පළ විය. එයඅතිශය සිනහ උපදවන කරුණකි. වන ජීවීඅධ්‍යක්ෂවරයා ටයිගර් යන්න කොටියා කියාවැරැදියට පරිවර්තනය කරද්දීනිහඬව එය පිළිගත් ජනතාව විෂය භාර අමාත්‍යවරයාම වල්අලියාට වන අලියා කියා නම්බු දීකතා කරද්දී එය පිළිගැනීමට මැළි වෙති. මෙයසිංහලයාගේම අවාසනාවද.පහත ඇත්තේ කොටියා යනුවෙන් ටයිප් කර ගූගල්පින්තූර සෙවීමේදීලැබුනු පින්තූර වේ. එක වචනයකට සත්ව වර්ග දෙකක රූපයෙදීඇති සැටි බලන්න.දැන් ඊ ළඟට දෙමළ භාෂාවෙන් එම සත්ව වර්ග දෙකේනම් දෙවරකට යෙදූවිට ලැබෙන පින්තූර බලන්න.මේ අභ්‍යාසය මා භාෂා ගණනාවකින්ම කළෙමි. මා විවිධ භාෂා විශාරදයකු නොවේ. මෙහිදීමට සහය වූයේ ගූගල් ට්‍රාන්ස්ලේට් පහසුකමයි.ඔබත් අත් හදා බලන්න. ටයිගර් යන්න ඔබ කැමතිභාෂාවකට පරිවර්තනය කරන්න. පින්තූර සර්ච් කරන්න.දැන් ලෙපර්ඩ් යන්නත් එම භාෂාවට පරිවර්තනයකරන්න. පින්තූර සර්ච් කරන්න.දැන් කැමතිනම් කමෙන්ට් එකක් දමන්න.හෝව් පොඩ්ඩක්,අමතක වුනා මේක කියන්න.ටයිගර් = ව්‍යාග්‍රයා,ලෙපර්ඩ් =කොටියා, දිවියා,පැන්තර් = දිවියා,වයිල්ඩ් කැට් = දිවියා, වල් බාවා, වල් බළලා(අජිත්ලා අරුණිලා හිතනව වගේ හැම ඉංග්‍රිසි වචනයකටමසිංහල වචනයකුත් හැම සිංහල වචනයකටම ඉංග්‍රිසි වචනයකුත් “එකට එක“ සම්බන්ධතාවකින්ඇත්තෙ නෑ. ලෙපර්ඩ් කියලා සමහර දිවියන්ටත් පැන්තර් කියලා වෙනත් සත්තුන්ටත් කියැවෙනතැන් තිබෙනවා. ඒත් කොටියට ලෙපර්ඩ් කියල කිසිම සුද්දෙක් කියන්නෙ නෑ.ඒ වගේම තමන්ගෙ රටේ දකින්ට නොලැබෙන සත්තුන්ට ඒ රටේ භාෂාවෙන් නමක් හැදෙන්නෙ නෑ. පැන්ඩාවන්ට රයිනෝසිරස්ලට එහෙම සිංහල නම් නැත්තෙ ඒකයි. හැබැයි සිංහයාට කඟවේනාට සිංහල නම් තියෙන්නෙ එතකොට ඒ නම් හදපු සිංහලයො ජීවත් වෙලා තියෙන්නෙ මේ රටේ නෙවෙයිලුද.....................මේක එන්ලාජ් කරල (රයිට් ක්ලික් මෙනු එක) මෙයාගෙ ඇස් දෙක දිහා තත්පර දහයක් බලාගෙන ඉන්න.
BLOG
හන්තානය බෑ බුරලා පෙරලන්නමහවැලි ගඟ බෑ ආපස්සට හරවන්නහැකි ඉක්මනින් අපහට විසදුම් දෙන්නඑහෙම නැතුව බෑ අරගල නවතන්නගලහ හන්දියෙදින් දැක්කෙ.
BLOG
පාට ගිය සිහින සලුවක එතෙමින්නේරෑට යහන පිට උඩුබැල්ලෙන් ඉන්නේඈත ඇහෙන පියවර හඩ ලංවෙන්නේසීත වැඩිකමට ගැස්සී අහැරෙන්නේහුළඟක ඇලුණු සුවඳක ඉඟි සොයමින්නේ දොරවල් ජනෙල් කට බලියාගෙන ඉන්නේසඳවල් පිරි පිරී මැරි මැරි උපදින්නේතාමත් කොහෙද. මොකටද. හැංගී ඉන්නේපංකා තටුව නිසසල බව බිඳිමින්නේකම්පාවෙන් වගේ දිනපොත පෙරළන්නේහිස් කොළ මතට දේදුනු පැහැ ඉසිමින්නේකවද ද ආයෙ කවියක් අරගෙන එන්නේ.
BLOG
දැයට කිරුල ප්‍රදර්ශනේ මේ පාර අපේ ගම් පලාතට ආවත් ඉතින් පහුගිය දවස් ටිකෙම එක එක දේවල් එක්ක ගෙවුන නිසා ( ඒ දෙවල් වල ප්‍රථිපල තාම ලැබුනේ නෑ ) ඒ පැත්තේ යන්න උනේ නැති උනත් ඊයේ ඒ පැත්තේ යන්න පුලුවන් උනා. තාම පටන් ගත්තු සමහර සන්වර්ධන වැඩසටහන් ඉවර වෙලා තිබුනේ නැතත් දැයට කිරුල නිසා වයබට ඉක්මන් සන්වර්ධනයක් ලැබිලා නැ කියලා නම් කියන්න බැ.අක්කර එකසිය හැට ගනනක් පුරා දෑයට කිරුල ප්‍රදර්ශනය පැවත්වෙන බැවින් එක දවසකින් බලලා ඉවර කරන්න බැරි වෙන්නත් පුලුවන්. එත් සමහර කුටි ලොකුවට තිබුනට එවගේ ෆොටො කතා විතරක් තියන තැන් නොතිබුනා නෙමේ. දැනුවත් කිරිමේ පිරිස් අඩු නිසා ඒ වගේ කුටි වල එතරම් ජනතා ගැවසිමක් දකින්න ලැබුනෙත් නැ. නගරයේ හැම තැනම වාගේ රථ ගාල් ඉදිකරලා තියන නිසා වාහනයකින් එනවා නම් ඒ පිලිබද ගැටලුවක් ඇති කරගන්න උවමනා වෙන්නේත් නැ. මොකද සමහර රථගාල් දවසටම වාහනයක් දැකලවත් නැ.බොහො ජනතා ආකර්ශනයක් හා ගැවසිමක් දක්නට ලැබෙන්නේ හමුදා ප්‍රදර්ශන කුටි වල වගෙම, කෘෂිකාර්මික ප්‍රදර්ශන ප්‍රදේශ වල නිසා වැඩි කාලයක් ඒ තැන් වල ගත කරන්න වෙනවා.මේ මාසෙ 27 වෙනිදගෙන් අවසන් වෙන්න තිබුනත් මාර්තු 1 දක්වා දිර්ඝ කරලා තියන නිසා ආවෙ නැති අයට මේ පැත්තේ ඇවිත් යන්න එන්න පුලුවන් ඔන්න.හැමදාම හවස 4ට පැරිශුට් සන්දර්ශනයකුත් තියන නිසා ඒ වෙලාවෙත් එතන ඉන්න පුලුවන්නම් වටිනවා. ඒ මොහොතේ විඩියො ගත කලත් ඒකත් මේ බ්ලොග් පොස්ට් එකට එල්ලුවොත් බලන්න බැරි වෙන නිසා එක බුකි ගත කරනම්කො..මේ දවස්වල විවේකයක් තියනවානම් ඇවිත් යන්න එන්න.
BLOG
1561 දී හංගේරියාවේ උපන් එළිසෙබෙත් බැතොරි අතිශයින්ම රූමත් කාන්තාවක් වූවාය. ඇගේ අභිලාෂය වූයේ ජීවිතාන්තය දක්වා ඒ රූමත් භාවයත් තාරුණ්‍යත් නොඅඩුව රක ගැනීමයි.වයස අවුරුදු 15 දී එලිසබෙත් බැතොරි උසස් රාජ්‍ය නිලධාරියෙක් හා විවාහ වූවාය. එසේම ඇයට ඉතාම උසස් තත්වයකුත්, රජ මාලිගයේම වාසය කිරීමට වාසනාවකුත් හිමි වූවාය. 1604 දී ස්වාමි පුරුෂයා මිය යන විට එලිසබෙත්ගේ වයස අවුරුදු 43 කි. වන්දබුවක වූ ආ තමාගේ හුදකලා ජීවිතය ගැන බොහෝ සෙයින් පසුතැවිලි වූවාය. නැවත විවාහයක් වීමේ තදබල ආශාවකින් ඇය පසු වූවාය. වයස්ගත වීමේ පොදු ලකුණක් වූ අග රැලි වැටීම ඇගේ මුහුණෙත්, දෙපාවලත් දක්නට ලැබුණි. මෙයින් ඇය මහත් අපහසුතාවට පත් වූවාය. දිනක් එලිසබෙත් මාලිගය තුළ ඇවිදින අතර ඇගේ පරිවාර කාන්තාවක් ඇගේ ඇගේ ගැටුනාය. මෙයින් කෝපයට පත් එලිසබෙත් ඇත දිග හැර වැරෙන් අයට පහරක් ගැසුවාය. ඒ පහරින් ඇගේ නාසය බිදී වැගිරුන ලෙයින් එලිසබෙත්ගේ ඇත නැහැවී ගියේය. ලේ තැවරුණු ඇත දෙස බැලීමේදී එහි රැළි මැකී ගිය අලුත් තරුණ පෙනුමක් දිස් විය.ඇග රැලි මකාගෙන අලුත් තරුණ පෙනුමක් ලබා ගැනීමේ මගක් පෑදුනා යැයි සතුටට පත් එලිසබෙත් තවදුරටත් උපදෙස් ලබා ගැනීම සදහා මන්ත්‍ර ගුරුකම් කරන්නන්ද සොයා ගියාය. ඉන් අනතුරුව ඇය සමාජ වරප්‍රසාද සහ සමාජ චාරිත්‍ර ඉගැන්වීමේ මුවාවෙන් අසල්වැසි ගම්වලින් අවිවාහක තරුණ කාන්තාවන් මාලිගයට ගෙන්වා ගත්තාය.එය 1604 දෙසැම්බර් මාසයේ හිම වැටෙන අදුරු රැයකි. එදින රෑ දොළහට පමණ එලිසබෙත් පොලොව යට අදුරු කාමරයට බැස ගියාය. එයින් පය දෙකකට පමණ පසු ය නිරුවත්ව මුළු සිරුර පුරා මඩ රොන් වැනි යමක් තවරාගෙන පොළොව යට අදුරු කාමරයේ සිට උඩු මහලට ආවාය. ඇගේ තොල් අගින් ඝන දියරයක් පපු පෙදෙස දක්වා වෑහෙමින් තිබුණි. එපමණක් නොව ඇය කාමරය දෙසට යන විට ඇගේ කෙස් අගින්ද ඝන දියරයක් බිම වැටෙන අයුරු ඇගේ සේවිකාව වූ වෙරෝනික දුටුවාය.වෙරෝනිකා ඒ ඝන දියරයෙන් ස්වල්පයක් තම ඇගිලි අග තවරාගෙන ආලෝකය ඇති තැනකට ගොස් බැලුවාය. ඒ දුටු දෙයින් ඇය වික්ෂිප්ත වූවාය. එලිසබෙත්ගේ කෙස් අගින් වැගිරෙමින් තිබුනේ රුධිරයයි. ඒ අනුව විමසිලිමත් වූ වෙරෝනිකාට පොළොව යට අදුරු කාමරයේ සිදුවන අභිරහස අනාවරණය කර ගැනීමට මාස හතරක කාලයක් ගත විය.මේ රහස හෙළි කරගත් හැටියේ වෙරෝනිකා භයින් තැති ගත්තාය. මෙම සිදුවීම තවත් සංකීර්ණ කරවන තත්වයක් ඇති වුයේ එක දිනක් ඇය තම සැමියාගේ අත්වල ලේ තැවරී ඇති අයුරු දැකීමෙනි. "මොනවා..... ඔයා මාලිගාව පැත්තේ කියාද..... සිටුවරිය ලේ බොන ගමන් ලේ බාල්දියේ බැහැගෙන නානවා දැක්කද." යි ඇසුවාය.මේ ප්‍රශ්නයෙන් තැති ගත් වෙරෝනිකාගේ සැමියා වූ විල්මර් තමන් කොයි මොහොතක හෝ අමාරුවේ වැටෙන්නට පුළුවන් යැයි සිතා වෙරෝනිකාත් කැටුව හංගේරියාවෙන් පිට විය. 1609 අවුරුද්දේ දිනක හංගේරියාවේ කාපාතියන් කදුකරයේ සේජි මාලිගාවේ තාප්පයක් පිටුපස තරුණ කාන්තා මළසිරුරු හතරක් ඇති බවත් ඒ හැම සිරුරක්ම සිදුරු කොට ඇති බවත්, එකම සිරුරකවත් ලේ බිදක් නැති බවත් රටට ආරංචි විය. මේ සිවු දෙනාම එලිසබෙත් ගේ උපදෙස් පන්තියට සහභාගී වූවන් බවට හදුනාගෙන තිබුණි. මේ ආරංචියෙන් පසුව කුපිත වූ රට වැසියෝ හංගේරියාවේ දෙවන මෙතියස් රජ මාලිගය ඉදිරිපිට රැස්වී විරෝධතා දැක්වූහ. මෙයින් අන්දමන්ද වූ රජතුමා වහා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළේය. එම පරීක්ෂණයෙන් හෙළිවූ කරුණුවලින් රජතුමා සන්ත්‍රාසයට පත්විය. පෙර කි සිටුවරියගේ මාලිගයේ පොළොව යට අදුරු කාමරයේ තවත් තරුණ කාන්තා මළසිරුරු 18 ඇති බවත් ඒ හැම සිරුරක්ම සිදුරු කොට ඇති බවත් ඒ සියල්ලෝම මියගොස් ඇත්තේ අධික රුධිර වහනයෙන් බවත් රජතුමාට දැනගන්නට ලැබුණි. හැම රාත්‍රියකම මාලිගයට ගෙන්වගන්නා අවිවාහක තරුණියන්ගෙන් කෙනෙක් නිරුවත් කොට, පොළොව යට අදුරු කාමරයේ හිස පහතට සිටින සේ එල්ලා යුද භටයෙකු ලවා මුළු සිරුරම කඩුවෙන් සිදුරු කරවන ලද බවත්, ඉක්බිති සිරුරෙන් වෑහෙන ලේ එකතු වීමට බේසමක් තබා එහි බැස ගන්නා නිරුවත් එලිසබෙත් තම මුළු සිරුරම ලේවලින් නහවා ගන්නා බවත් අතේ වීදුරුවක් රදවාගෙන එය ලේවලින් පුරවා පානය කළ බවත් පරීක්ෂණයෙන් හෙළිකර ගන්නා ලදී. මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ අවිවාහක තරුණියන්ගේ ගණන හයසියයද ඉක්මවා ඇති බව පරීක්ෂණ නිලධාරින් දැන්වූහ. රජතුමා වහාම එලිසබෙත් බැතොරි රාජාධිකරණයට ඉදිරිපත් කර ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලබා දුන්නේය. ඇයගේ සිර කුටිය වුයේද ඇය රුධිරය පානය කළ පොළොව යට අදුරු කාමරයමය.යකඩ තැටියකට දමා දොර යටින් තල්ලු කළ අහාර ස්වල්පයකින් දිවි ගැටගසාගත් ඇය මෙම දදුවමෙන් තවත් අවුරුදු හතරකට ආසන්න කාලයක් බොහෝ දුක්විද මිය ගියාය.
BLOG
ස්ට්‍රයික් ස්ට්‍රයික් ආයෙමත් ස්ට්‍රයික්ජීවිතය පසුබසියි තවත් වසරක් දුරටදැන්වීම් සෑම තැන වසා ඇත සරසවියඇඳුම් මලු පොදි බැඳන් සවස යමි ගම් රටටමාළු පිණි කිහිපයක් සමග එක බත් කටක්රහ බැලූ කාලයක් මතක නෑ මෙහෙදි මංමිරිස් වැඩියෙන් හොඳට ලුණු දමා ඇති පමණඇඹුල් තියලට මාළු හිඟයි කලු නික පමණඅතු බැඳල ගෙයි වහලෙ අදට අවුරුදු තුනයිවැහි දාට ගේ ඇතුලෙ එකම මඩ ගොහොරුවයිකාට හොඳ නැති වුනත් ස්ට්‍රයික් මට හොඳයිගේ වහලෙ අතු බැඳල ආයෙමත් ආ හැකියි.
BLOG
ඔයාලා දනනවා "Black Friday" එක නිසා දැන් ගොඩක් online shopping Sale දාලා. අපි වගේ ගේම් පිස්සන්ට ඉතින් Game sale තමයි සෙට් වෙන්නේ. ඔයාට Genuine game එකක් buy කරන්න ඕනේ නම් මේක තමයි අවස්ථාව. මොකද දැන් මට නම් මේ හොර කොපි ගේම් එපා වෙලා ඉන්නේ. ඔන්න මේ පාර EA games ලාගේ Origin store එකේ පිස්සු හැදෙන game සෙට් එකක් sale එකට දාලා.. මේ හැම ගේම් එකක්ම 50% වඩා discount කරලා. ඒ කිව්වේ බාගෙට බාගයක්. මන් ඔයාලට අදහසක් ගන්න price ටිකක් දාන්නම්. මතක තියා ගන්න මේ site එකේ තියෙන්නේ ඉන්දියානු රුපියල් වලින්. ( ආසන්න රු 2 න් වැඩි කරලා ගන්න)Titanfall ™ PC - Rs.374.249.74.99.134.1,249.50වැඩි විස්තර Origin Store එකට යන්න Linkඔන්න මාත් අද උදේ Titanfall (Standard Edition) ගේම් එක buy කළා. ගේම් එකේ මෙහේ රු810 වුනා. තව service charge එක 130 debit වෙලා තිබ්බා. මේ ගේම් එක අඩුම රු 4000 වගේ වෙනවා ඔයා eBay එකෙන් අඩුවට ගත්තත්. එක නිසා මේක නියම chance එකක්. මෙහෙදී ඔයාලට debit card එක or paypal එක use කරන්න පුළුවන් ගෙවන්න. මන් use කලේ debit card ඒක. ඔයා pay කරපු ගමන් ගේම් එක ඔයාගේ PC එකේ තියන Origin Client app එකට add වෙනවා. ඊට පස්සේ බාගන්න තියෙන්නේ. Titanfall ගේම් එක නම් 19GB. කැමති කට්ටිය Origin එකේ account එකක් හදාගෙන shopping පාරක් දාන්න.Titanfall ගේම් එකේ video පහලින් බලන්න. මේකත් නිකන් COD වගේම සිරා multiplay ගේම් එකක්. හැබයි ටිකක් VGA එක ඕනේ.
BLOG
අකුරට ගියාට එන තුරු පෙරමගසිනහ කවට කෙලි කතා කමෙන්කැත කිලි කුනු ගෙන යන්නට ආවමසිටියේ නුඹ නන්නාදුනන ලෙසින්ගං දිය සේදී සුසිනිදි වු ඒනුඔ දැතත් මං මගහරිමින්ජීවිතයේ අලුයම දිය කෙරුවේමා මව් සිත රිදවනු බැරියෙන්ඇ දෙන ගෙන යන පෙරමග පාවඩගෙන ආවේ කහටක් නැතිදෝසමාවෙලා ඉදපන් රත්තරනේයන්න එපා පාවඩ සමගින්පලි //ගූගලේ සැරි සරනකොට දැක්ක ඔය පින්තුර කැල්ල හන්දා නිකං හිතට ආවාට ලියුවා . මේ ඒක නෙමෙයි අර ‘‘නවදැලිහේන‘‘ කියල බ්ලොගක් ලියාගන ආපු බුවාට මොකද බං උනේ , ඒකෙත් යම් කිසි රහක් තිබ්බා. ඒකා ලත් තැනම ලොප්කරල ගියානේ .නොදකිං.තව ආතල් පොට් දෙකක් සෙට් උනා දෙකම මරු වගේ මේන්න බලහල්ලාඑකක් ‘‘සිරා‘‘අනික ‘‘යකෝ‘‘කතන්දර නැති උනාට පොඩි ලල් එකක් තියනව වගේ.
BLOG
කතාව බෝම ලස්සනට ඉවර කරන්න හිතන් උන්නත්... හිත ඒ තරම් පිරිල නෑ... ඒ මතකයෙ යම් යම් තැන් අලුත් කලත් සම්පූර්ණ මතකයම අලුත් කරන්න මගෙ හිතක් නෑ... ඒක හරිම සුවිශේෂී වසරක්... මගෙ උපන්දිනයත් සමඟ නොසිතූ ආකාරයේ අවථාවන් මා වෙත ආපු වසරක්... මම ඉගෙනගත් ආයතනයේම පළමු පංතිය කරන්න මට හම්බ වෙන්නෙත් හරියටම මගෙ උපන් දිනය දවසෙමයි.... මට මතකයි... මම මේ කතාවෙ පලවෙනි කොටසෙදිම කිවුව කොහොමද මට එයාව හම්බ උනෙ කියල මුලින්ම... ---> "මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා......" මුලින්ම මම ඈ ව අධ්‍යයනය කලා. ඒ ගැන මම කලින් පෝස්ට් තුනේදිම කතා කරල තියෙනව... ඈ අහිංසක කෙල්ලක්... අදටත් ඈ එසේමැයි.... මම මුහුණු පොත තුළින් කවදාවත් දැකල නොතිබුන හිතකට ආදරය කලා... ඒ හිතත් ඒ තරමටම ආදරය කලා, ඒත්... ඒ හිත ආදරය කියල කරපු නිර්වචනයයි මගෙ ආදරය පිළිබඳ නිර්වචනයයි ගොඩක් වෙනස්.... මුලදි අපිට ඒක නොදැනුනත් අපේ සම්බන්ධතාවෙ යම් යම් ගැටලු ඇති වෙච්ච තැන් වලදි වගෙම අවසන් කාලෙදිත් ඒක අපිට හොඳටම තේරුනා.. මේ කතාව ලස්සන, කියවන්න ආස හිතෙන විදියෙ කතාවක් විදියට ලියන්න කොයි තරම් උත්සහ කරත් මට ඒකට හිත හදාගන්න බෑ... ඒ ගැන නම් කියවන ඔයාල මට සමා වෙන්න ඕන.. :-( අපි එකිනෙකාට ආදරය ප්‍රකාශ කරල මුල් වරට අපි හමු උනේ, මීගමුව නගරයෙ එක්තරා ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක ඇතුලුවන ගේට්ටුව ළඟ... :) නෑ නෑ, ඔයා හිතුව විදිය නෙමෙයි.... අපි එකට පංති ගියෙ නෑ.... ඈ ජීවිතේ පළවෙනි වතාවට ගෙදරින් පිටත පංතියකට ගිය ආයතනය ඉස්සරහ තමයි අපි හම්බ උනේ... පියවි ඇසින් අපි එකිනෙකාව දැන හඳුනගත්තෙ එදා... මහ වෙලාවක් වගේ දැනුනත් අපි කතා කලේ වචන කීපයයි, විනාඩි කීපයයි....එදා ඉඳන් අපි ගොඩාක් දුර ගමනක් ආව බෝම සතුටින්.... ගැටීම් දෙදරා යෑම් ඇති නොවුනාම නොවෙයි... මගෙ අතින් වැරදි නොවුනාම නොවෙයි, ඇගෙ අතින් වැරදි සිදු නොවුනාම නොවෙයි.... ඒත් ඒ කිසි දෙයක් අපිව ඈත් කරන්න සමත් උනේ නම් නෑ... ඒත් අර ආදරය පිළිබඳ නිර්වචනයෙ වෙනස්කම් නිසා අපි අතර හිත් පළුදු වීම් ගොඩක් සිදු උනා. විශේෂයෙන්ම මේ කතා කරන කතානායකය ගෙ. කතානායකය තමන් ගෙ ආසාවන්, බලාපොරොත්තු වගෙ දේවල් වචන වලින් කිවුවට කතානායිකාව තමන්ගෙ ආසාවන්, බලාපොරොත්තු ආදිය වචන වලින් ප්‍රකාශ කලේ බෝම අඩුවෙන්... ඒ ගොඩක් දේවල් ඇගේ හැසිරීමෙන්, කතාබහින් තේරුම් ගනීවි යැයි ඈ බලාපොරොත්තු උනත් කතානායකයා ඒ දේවල් තේරුම් ගැනීමට සමත් උනෙ නෑ... පසුව සිදු වූ දේවල් ඉතාමත්ම කනගාටුදායක උනා. තමන් කොයි තරම් අඟවන්න උත්සාහ කලත් තමන් අඟවන දේ තේරුම් ගන්නට තම ආදරවන්තය සමත් නෑ කියල නයනි ට තේරුනා. ඒත් ඒ අඟවන්නට උත්සහ කරපු දේවල් නයනි ගෙ හිත දිනාගැනීමේ උත්සහයකින් පසු වුනු මේ කතාවෙ තෙවන හා සිවු වන පාර්ශවයට තේරුම් ගන්නට, නයනි අඟවන්නට උත්සහ දරන දේ කුමක් ද යන්න තේරුම් ගන්නට හැකි වුනා.එතැන් පටන් සියලු දේවල් ඉතාමත් කනගාටුදායක් වුනා. මත ගැටුම්... සිත් රිදවාගැනීම් ආදියත් ඇති උනා.මෙහි කතාකල, ඈ අඟවන්නට උත්සහ කල දේවල් වැරදි දේවල් නොවේ, සාමාන්‍ය කෙල්ලෙකුගෙ හිතේ ඇතිවෙන අහිංසක ආසාවන් බව සලකන්න.. ඉන්පසු සිදු වූ සියල්ලෙන්ම ඈ හට ඇගෙ ආදරවන්තයාව විකර්ශනය වීමක් සිදු උනා. තම සතුටට තම ආදරවන්තයාගෙන් ඉඩක් නැති බව තේරුම් ගත් ඈ ඔහුගෙන් වෙන් වීමට උත්සාහ දැරුවා. යහපත් උත්සාහයක් සියල්ල අසාර්ථක වූ තැන ඈ විසින් නොකල යුතු ආකාරයේ අයහපත් උත්සාහයක් දරා ඈ අවසානයේ ජය ගන්නට සමත් වුනා. නමුත් ඈ ජයගත්තත් ඈ ජය ගැනීමට කල අයහපත් උත්සාහය නිසා කීප දෙනෙක්ම ඈ පිළිබඳ කළකිරීමටත්, හොඳම මිතුරන් දෙදෙනෙකු ඇගේ ක්‍රියාව නිසා විරසක වීමකුත් සිදු වූවා....බෝම කෙටියෙන් සංක්ෂිප්තව මේ කතාව අවසන් කරන්න ට සිදු වීම පිළිබඳ සමාවන සේක්වා... මේ කතාව 100%ක්ම සත්‍ය චරිත හා සත්‍ය සිදුවීමක් වටා ගෙතුණු එකක්.. මේ සිදුවීම... එහෙමත් නැතිනම් මේ සම්බන්ධය අවසන් වී මේ වන විටත් මාස හතක් පමණ ගත වී අවසන්..අවසන් වශයෙන් කතානායකයගෙ ඉල්ලීම "සමාවෙන්න.." කියන එක පමණයි....නයනි විසින් අවසාන කාලයේදි වත් තම ආදරවන්තයා තමන් ව තේරුම් ගනීවි යැයි සිතා ඔහු හට එවූ ගීතයක් සමගින් මේ කතාව අවසන් කරනව....සිත නිදි නෑ.... මගෙ ළඟ නෑ....ඔබ දුර ඈත ගිහිල්ලා........සිටිනා තැනක නිදුකින් නිරෝගීව යෙහෙන් බෙලෙන් වැජබේවා.
BLOG
යාන්ත්‍රීකරණය වුන වර්ථමාන අප මනසට යම් හෝ සුවයක් ගෙන ඒමට බෙහෝ දෙනා විසින් සිදු කරනුයේ සංගීතයේ සප්තප් ස්වරයෙන් සැනසීම වුවත් වර්ථමානයේදී බිහිවන ගීත වලින් එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා නිරායාසයෙන්ම යොමුවන්නේ 70, 80 සහ 90 දශකයන්ගේ‍ගීතයන් කෙරෙහි ය. එම ගීතයන් වල ඇති අර්ථාන්විත භාවය සහ ළබැඳි සංගීතය නිසා අපගේ මනස ඒ කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට සමත් වනු ඇත.එබඳු ළයාන්විත ගීත කොතැනදී ඇසුවත් මතකයේ රැ‍ඳෙන්නේ ඇතැම් විට අපගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට එම ගීතයන්හී යම් සම්භන්ධතාවක් ඇති නිසා යැයි විටෙක සිතෙන අතර, ඇතැම් ගීත කොතරම් ශ්‍රවණය කල ද තවත් වරක් හෝ ශ්‍රවණය කිරීමට සිතේ.පුරුද්දක් ලෙස, රාත්‍රි නින්ද සඳහා ඇඳට ගොස් ප්‍රථමයෙන් සිදු කරනුයේ ජංගම දුරකථනය ගෙන එහි කන් බනුව (Ear Phone)සම්භන්ධ කර දුරකථනයෙන් ගුවන්විදුළියට සවන් දීමයි. මා සවන් දෙනු ලබන්නේ රන් එෆ්.එම්., සිටි එෆ්.එම්., ලක්හඬ සහ ලක් එෆ්.එම් වැනි ගුවන්විදුළි නාළිකාවන්ට ය.බොහෝවිට මා නින්දට යන්නේ රාත්‍රී 8.00 - 10.00 අතර තුර කාලයේ නිසා එම වෙලාන්ට ගුවන්ගත වන වැඩසටහන් වලට සවන්දීමට මා ප්‍රියතාවයක් දක්වනු ලැබේ.රන් එෆ්.එම්. - රුවන් සඳැල්ල, සිටි එෆ්.එම්. - ආරාධනා, ලක්හඬ - ප්‍රේම තටාකය හා ලක් එෆ්.එම්. - ප්‍රේමණීය රාත්‍රිය මේ වෙලාවන්හිදී ගුවන්ගත වන වැඩසටහන් වේ. මෙම වැඩසටහන් අතුරින් රන් එෆ්.එම්. හි රුවන් සඳැල්ලට මා බොහෝ ඇලුම් කරන්නේ එහි වැඩසටහන ඉදිරිපත් කරන පුද්ගලයාගේ කෙටි විචාරයන්ට ඇති කැමැත්ත යැයි කිවුහොත් එහි වරදක් නොවේ. මන්ද ඔහු ඇතැම් අවස්ථාවන් වලදී ඉදිරිපත් කරන ඉතා කෙටි කතාවන් ඉතාමත් අලංකාර බව වරක් හෝ මෙම වැඩසටහන ඇසූ අයෙක් දන්නා අතර නොඇසූ කෙනෙකුට මා ඇරයුම් කර සිටින්නේ වරක් හෝ එය ශ්‍රවණය කරන මෙන් ය.මේ අතර තුර දහවල් කාලයේදී මා ඇතැම් විට යූටියුබය හරහා පැරණි, එතරම් ප්‍රචාරය නොවන ගීත ශ්‍රවණය කරන අතර ඇතැම් බ්ලොග් අඩවි වල ඇති ගීත ද බොහෝ විට ශ්‍රවණය කරන්නේ ඒවායේ ඇති රමණීය බව නිසා ය.මෙසේ අද දින බ්ලොග් කියවද්දී ඇස ගැටුනු එක්තරා බ්ලොග් අඩවියක තිබූ ගීතයකට මාගේ සිත ඇදී ගිය අතර එහි ලියා තිබූ කෙටි විචාරය ද ඉතා අනර්ඝ එකක් ලෙස දැක්විය හැකිය. මේ ගීතය කොතරම් මගේ සිතට ඇතුල් වුනාදැයි කිවහොත් ඇතැම් විටෙක මා සිතට නැඟුනේ මේ ගීතයෙන් කියවෙන්නේ මගේ කතාව දෝ කියා ය. ඒ තරමට ඒ ගීතයට මා ප්‍රිය කරන්නට විය. එය දුටු මොහොතේ පටන් කිහිප වතාවක්ම එය ශ්‍රවණය කල අතර කොතරම් වාර ගණනාවක් එය ශ්‍රවණය කලාදැයි මා සිහියට නොනැ‍ඟේ. මේ මොහොතේ ද ශ්‍රවණය කරමින් සිටී.එම බ්ලොග් අඩවියට යන මාර්ගය මෙසේ වේ[200]දයාබර මාලතීඑම ගීතයේ පද මාලාව නම්....අම්මා කෙනෙක් බිරිඳක් වෙලාලොව කාටහෝ නුඹ උරුමැතීසතුටින්ද ඔබ පෙරටත් වඩාමගේ ඉපැරණි පෙම්වතීමමද සැමියෙකි ඇයට අවනතදෙදරුවන් ලඟ නිවන සරතැසකාලයේ වැලිතලාවේසබඳකම් සැඟවුනාවේ..අතරමග සුණු විසුණු පැතුමකමතක මිහිරියි තාම හිත යටපරවුනත් මල් අතීතේසුවඳ හදවත සමීපේ.
BLOG
පාළුව, තනිකම නොදැනෙවා නිති.. පිරෙවා සිත පුරා සොම්නස... කුසටගින්දරනොවේවා නිති.. දිවට නීරස රසම වේවා... නොවේවා කිසි නපුරු ඇසුරක්.. ලැබේවා ප්‍රිය මිතුරු ඇසුරක්... නොවි ලෙඩ දුක් කිසිත් කිසිදින.. ගෙවේවා කල් ඉක්මනින්... හමුවෙනා මේ රුදුරු කරදර.. දුරු වෙවා නුඹේ ගුණ බලින්... ගෙවේවා මේ කල්ප කාළය.. නිමේෂය සේ ඉක්මනින්.
BLOG
දුටුයෙම් ඔය රළු අත ගෙන ඇවිදිනයුරු උණුසුම් උදයේවිඳිමින් සිසිල් සුසුමන් කිමිදෙමින් නැවුම් රස සයුරේබලමින් දේදුනු දිදුලනයුරුපවසන්නට සියලු දේසිතුයෙම් උඹට මා තෙපුලා එරහස් තබා සිටි තෙරපා හද තුල සඟවමින් මුළු ලොවෙන් උඹ නොවෙද මා සුහද සැමදා නමුදුගතවුනි එරැය උනුසුම් සුසුමන් අතර​විඳිමින් මිහිරිම සිහින ගියේ ගලා සියළු රස දහරාවෙලමින් උනුසුම් ගත​ගියමුදු මා හද සිඹ නොදිටිමි ඔය ඇස් නැවත​දුටුවද ඔබ සළකුණු නිතර මුහුණු පොත මතඔබම විය මා නවතම රහස​...
BLOG
විඳින්නට වෙනසක්පිරෙන්නට ජීවිතයනොවන්නට වෙහෙසක්හැරයන්න මතකයතැත් දරන නමුත් මාදෙවසරක් පුරා සිටනොමැත මට ගැළවුමක්හදවතේ කොනක සිට එබෙයි ඈ තවමත්…කටු සහිත පාවහන් පැළඳගෙන ඇවිදිමින්අත නෑර එකදු බිම් අඟලක්සක්මනෙහි යෙදෙයි ඈ හදවතේහද මැදුර තුලට පැනවසාගෙන දොර ජනෙල්එබෙන්නට බැහැ මටත් මගේ හදවත තුලටඇරපං යකෝ දොරඅඩු ගානෙ ජනේලයක්වත්ඇතුළට එන්න මටඔප්පුව මා සතුයිහෙටම මම දමමි නඩුතොට ඕනෙ හිරේ යන්නද.එළියට බැහැල පල ගෙදර.....ප. ලි. : මට දැනගන්න ඕනෙ එකම දෙයයි... මේක නිසඳැසක්ද නැද්ද කියපල්ලා කරුණාකරලා....ඊට අමතරව ඇත්තටම හිතට දැනුණ දේ විතරක් ලියල ගියාට කමක් නෑ...පින්තූරය ගත්තේ : මෙතනින්.
BLOG
මෙය; පිස්සන් යයි අනෙක් අය සිතන්නන්, නොගැලපෙන්නන්, කැරලි ගසන්නන්, කරදර කාරයින්, සතරැස් කොටුවල සිරවුනු වටකුරු හැඩැත්තන් හා වෙනස් ලෙසින් සිතන්නන් වෙනුවෙනි...ඔවුන් නීති රෙකුලාසි වලට අකමැතිය.... ඔබට ඔවුන් උපුටා දැක්විය හැකිය, පාරට්ටුකල හැකිය, ගැරහිය හැකිය, එහෙත් ඔබට කිසි විටෙකත් ඔවුන් නොතකා සිටිය නොහැකිය....ඒ ඔවුන් වෙනස් කරන්නන් බැවිනි....ඔවුන්මිනිස් වර්ගයා ඉදිරියට තල්ලුකරයි... සමහරුන්ට ඔවුන් පෙනෙන්නේ උමතු වූවන් ලෙසිනි, එහෙත් අපටනම් පෙනෙන්නේ ඔවුන්ප්‍රතිභාවන්තයින්ලෙසිනි. ඒ මක්නිසාද යත්, ලෝකය වෙනස් කරන්නේ තමන්ට එසේ කල හැකියයි සිතන, උමතු යයි අනෙක් අය සිතනප්‍රතිභාවන්තයින්විසින් බව අප දන්නා නිසාය.......කනත්තේ මිහිදන්වී සිටින ධනවත්ම පුද්ගලයා වීමට මට අවශ්‍ය නැත. රාත්‍රී නින්දට යනවිට, අප විශිෂ්ඨ යමක් සිදුකලා යන සිතුවිල්ලෙන් සැනසීම මට ඊට වඩා වැදගත්ය..."නිර්මාණයකිරීම" අමුතුම වචනයකි. බොහෝදෙනා සිතන්නේ නිර්මාණය යනු, යමක් ඇසට පෙනෙන ආකාරය කියායි. එහෙත් ගැඹුරින් බැලූකල නිර්මාණය යනු පෙනුම නොව, යමක් ක්‍රියාත්මකවන ආකාරයයි...ජීවතය අකාරුණිකය, සමහර අවස්ථාවලදී ඔබට දැඩි පසුබෑම්, අසාධාරණකම් සිදුවිය හැකිය. විශ්වාසය අත් නොහරින්න..ඔබට ජීවිතයේ වැඩිකොටසක් ඔබගේ ජීවිකාව වෙනුවෙන් ගතකරන්නට සිදුවේ.. එබැවින් තෘප්තිය ලබගත හැකි එකම මාර්ගය හොඳින් වැඩ කිරීමයි. හොඳින් වැඩ කිරීමට නම්, ඔබ ඔබගේ වෘත්තියට කැපවී, එය ආදරයෙන් සිදුකලය යුතුය.ඔබට ආදරයෙන්, කැපවීමෙන් කලහැකි දෙයක් තවමත් නොලැබුණි නම්, අතෘප්තිමත් වෘත්තියකහෝ රැකියාවකනතර නොවන්න, ඔබට තෘප්තිය ලැබිය හැකි වෘත්තියක්, ජීවිකාවක් සොයා යන්න. හදවත හා බැඳී ඇති සියළුදේ මෙන්ම, ඔබට සතුටෙන් කලහැකි යමක් ලැබුණුවිටඒබව ඔබහදවතටදැනෙනුඇත...නිර්මාණශීලීත්වය යනු අන් අයට නොපෙනන සංදර්භයන් දැකීමට ඇති හැකියාවයි. ඔබ නිර්මාණශීලී නවෝත්පාදකයෙකුගෙන්, ඔහුසිය නිර්මාණය කෙසේ කලේදැයි ඇසුවහොත්,ඔහුට යම් වරදකාරී හැඟීමක්ඇතිවේ. එසේ වන්නේ සැබැවිමඔහුඑය සිතාමතා සැළසුම් කොටකල නිර්මාණයක් නොවන බැවිනි. අන් අයට නොපෙනෙන යමක්ඔහුදැක ඇත,ඔහුනව නිර්මාණයේ පාදම එයයි.
BLOG
ශ්‍රී ලංකාවේ සම්මානනීය ඡායාරූප ශිල්පියෙක්‌ මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ සහ දෘශ්‍ය කලා අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක්‌ වශයෙන් කටයුතු කරන ඉන්ද්‍රනාත තේනුවර මහතා විසින් ලංකාවේප්‍රථම වතාවට විදුලි පන්දම් මගින් ආලෝකවත් කරන ලද ජයාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම්කොට තිබේ.මෙම ප්‍රදර්ශනයඑළඹෙන ජුනි මස 13 වැනි දින සවස 4.30 සිට ජුනි මස 16 වන දින සවස 6.00 දක්‌වා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ, ඡේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්වෙනු ඇත.ඒ සඳහා ඡායාරූපකරණය පිලිබඳ උනන්දුවන සැමට අප ආරාධනා කරන්නෙමු.මෙම ජායාරූප ප්‍රදර්ශනයේ ඇති විශේෂත්වය පිළිබඳව ඉන්ද්‍රනාත තේනුවර මහතා පවසන්නේ මෙවැන්නකි."මෙය ගෘහස්‌ථ විදුලි පන්දම් ආධාරයෙන් ආලෝකවත් කළ, පෞරාණික සහ ඓතිහාසික ස්‌ථාන කිහිපයක ඡායාරූප ප්‍රතිනිර්මාණය කිරීමක්‌ ලෙසටයි නම් කර තිබෙන්නේ.මෙම සියලුම ස්‌ථාන, ගෘහස්‌ථ විදුලි පන්දම් ආධාරයෙන් ආලෝකවත් කළ, දැනට ලෝකයේ ඇති එකම සහ ප්‍රථම ඡායාරූප එකතුව මෙම ප්‍රදර්ශනයේ ඇති ඡායාරූප පමණක්‌ වීමයි.තව දුරටත් පැහැදිලි කළොත් හිස්‌ අවකාශය තුළ විදුලි පන්දම් (ටෝච්) එළිය පාදක කරගනිමින් පින්තාරු කළ ඡායාරූප කොටසින් කොටස ගෙන එකට එකතු කර ඡායාරූපය නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු විසින්, ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන ප්‍රථම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය මෙය වීමයි."එම ජායාරූප නිර්මාණය කිරීම අතරතුරේ ගත් ජායාරූප එකතුවක් පහතින් බලන්නමුල් ලිපිය - http://nethfm.com/article/15562.
BLOG
පසුගිය සිකුරාද දින එනම් සැප්තැම්බර් මස 19 වන දින අප විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල සිසු දරුදැරියන්ගේ විද්‍යා විෂය සම්බන්ධ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කොළඹ ග්‍රහලෝකාගාරය නැරඹීම,හික්කඩුව කොරල් පර නැරඹීම, සහ කැළණීය වෝටර් වර්ඩි මත්ස්‍ය සහ කුරුලු උයන නැරඹීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කෙරිණ.මීට අමතරව කැළණිය පුරාණ රජ මහා විහාරය වැද පුදා ගැනීමද සිදු කළ අතර මේ සදහා ගුරු මහත්ම මහත්මීන් මෙන්ම දෙමාපියන් කිහිපදෙනෙකු ද සහභාගී විය.
BLOG
චිත්‍රපටය - Non-StopBox office - $198,439,400IMDB අගය - 7.2/10අධ්‍යක්ෂණය - Jaume Collet-Serraනිෂ්පාදනය - Joel SilverAlex HeinemanSteve RichardsAndrew Ronaරංගනය - Liam Neeson බිල් මාර්ක්ස් ලෙසJulianne Moore ජෙන් සමර්ස් ලෙසScoot McNairy ටොම් බොවෙන් ලෙසMichelle Dockery නැන්සි ලෙසNate Parker සැක් වයිට් ලෙසJason Butler Harner කයිල් රයිස් ලෙසAnson Mount ජැක් හැමන්ඩ් ලෙසින්තිර රචනය - John W. RichardsonChris RoachRyan Engleසිනමාරූපණය - Flavio Martínez Labianoසංස්කරණය - Jim MayBudget - $50 millionකතාව :-බිල් මාර්ක්ස් (Liam Neeson) කියන්නෙ මත්පැනට ලොල් වූ ඇමරිකානු එයාර් මාර්ෂල් වරයෙක් ලෙස සේවය කරන තැනැත්තෙක්. නිවියොර්ක් නුවර සිට ලන්ඩන් බලා යන ෆ්ලයිට් අංක 10 හේ සේවය කරමින් සිටින අතර වාරයේ ඔහුගෙ පුද්ගලික දුරකථනයට කෙටි පණිවිඩයක් එවනවා යම් බැංකුවක ගිණුම් අංකයක් සදහන් කර එයට ඇමරිකානු ඩොලර් මිලියන 150ක් නොදැම්මහොත් ඊලග විනාඩි 20 තුල ගුවන් යානයෙ සිටින කෙනෙකු මරා දමන බවට.කතාවේ ඊලගට මොකද වෙන්නෙ කියලා එහෙනම් අරගෙනම බලන්න.සිංහල උපසිරැසි මෙතැනින් ගන්න1.
BLOG
හාමුදුරුවන්ගේ අත වෙව්ලනවා. බයටද...නැත්නම් ලජ්ජවටද.අනේ මන්ද මට නම් හිත ගන්න බෑ. ඒක ලියුමක්. ආදර ලිපියක්. ඒකෙ ආමන්ත්‍රණය "මගේ ආදරණිය සාදු". හාමුදුරුවන්ට ඒක කියව ගන්න බෑ පැටලෙනවා.දහදිය බේරෙනවා."දහම් පාසල් එන්නේ ලියුම් කියන්නය උගන්නන්නනේ, පොඩි හාමුදුරුවන්ට පිස්සු.".... නෑ නෑ කවුරුවත් එහෙම කිව්වේ නෑ. එත් එහෙම හිතෙන අයත්ඇති."අනේ පොඩි හාමුදුරුවනේ ඕක කියවන්නකෝ"...ඔක්කොමල ඒ පැත්ත බැලුවා. හිකිස් මේ මෙයානෙ. ඔව් එය ගනු ළමයෙක්, සමහර විට එයට මේ ලියුමේ ගන්න දෙයක් ඇති. " ම ම මම ස සාදුට කියන්නමි හිටියේ, එත් සාදු තරහ වෙයි කියල බය හිතුන. එත් සාදු....." ඒ හාමුදුරුවෝ අපිට ඇහෙන්න ලියුම කියවන හැටි. මට ඒකෙ තේරුමක් නෑ. මට ඒකෙ වදින්නේ නෑ, ඒක ඇහෙන අතරේ සිහින ලෝකෙට පාවෙලා ගිහින් වෙන දෙයක් හිතන්න ඕන. එහෙම කිව්වේ මගේ හිත.ලස්සන ඇස, සුදු මුහුණ, ඒ ආදරණිය හිනාව....පොඩ්ඩක් ඉන්න..අහා.. Love Letter එකක් හාමුදුරුවන්ට. හපොයි දෙයියනේ...හමුදුරෝවෝ මෙහෙම කිව්වා නම් මට මතකයි. "ළමයිනේ මේක දුන්න ගනු ළමයාගේ හිතේ තියෙන්නේ රාගය, එය රාගයෙන් මත වෙලා. එකයි මෙහෙම දෙයක් කරලා තියෙන්නේ, මොකද සංගාය වහන්සේ කෙනෙකුට නොකළ යුත්තක් මේ කෙනා කරලා තියනවා. ඔය ළමයිනුත් දන ගන්න මේවගේ තියන බරපතල කම. මේවගේ පාප කර්ම වැඩ වලට කිසිම දවසක හිතන්නවත් එපා".ඇත්තකොච්චර බලු වැඩක්ද මේ කෙල්ල කරලා තියෙන්නේ.... හැමෝම බනිනවා. එත් හාමුදුරුවනේ අපි හැමෝම රහත් වෙලා නැනේ.. එකත් කවුරුවත් කිව්වේ නෑ .කවුරු හරි හිතුව. මමමද.. වෙන්න ඇති.ඇයි හාමුදුරුවෝ මේක කියෙව්වේ.... අපි ඇහුවේ නැනේ.. කෙල්ලෙක් ඇහැක් වත් ගැහුවද.. මේ පන්තියේ එහෙම උන් ඉන්නවද.. අනේ මන්ද.කවුරුදනීදහාමුදුරුවන්ට වයස නෑ. ගොඩක් තරුණයි. කෙල්ලෝ කියන විදියට නම් හරිම ප්‍රිය මනාපයි. අපිට දැනෙන්නේ නෑ.ඒ කතාව එතනින් ඉවර උනා. හැමදේම සාමාන්‍යයි . අපි හිතුව එහෙම, මමත් හිතුව. හැමෝම හිතන්න ඇති නේද..අදුරන මනුස්සයෙක්. හිනා උනා. එත් අදුරන්නේ නෑ. ඒ මනුස්සයට මව අදුරන කෙනෙක් උනත් මට එහෙම නෑ. ලගට එනවා. "ආ මල්ලි කොහොමද., Class යනවා වගේ.. අපේ පොඩි හාමුදුරුවෝ.... කලිසමක් ඇදල.. කෙල්ලෙක් එක්ක.මන් වෙවුළුවා, බය හිතුනා, ලජ්ජා උනා...ඇයි මට එහෙම උනේ.... ලියුම කියෙව්වේ මම නෙවේ නේද.එහෙනම් ඇයි මේ.මේක සිද්ද උනේ ලියුම කියවල අවුරුද්දක් ඇතුලත කියල. මතකයේ රැදිලා තිබුණා.අලුත් ආරම්බයක් දෙන්න උත්සහ කිරීමක්, වචනයක් නොකිය යන්න එපා. කරුණ කරලා.
BLOG
වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන .sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contribසමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා.. ඒ නිසා ආයේ ttf-sinhala-lklug Command කෑල්ලෙන් අපිට ඇති වැඩක් නෑUbuntu 14.04 එක්ක iBus Pre-Installed කරලා එන සිනා, ibus Command එකෙනුත් ඇපිට ඇති වැඩක් නැහැඑතකොට මොකක්ද මේ im-switch කෑල්ල.. මේ Input Method Switch Framework එක, මේ වෙනුවට දැන් Ubuntu එක්ක Text Entry Interface එක එන නිසා ඒකත් වැඩක් නෑ.. (මේ ගැන මම වැඩිදුර තොරතුරු දන්නෑ මම හිතන්නෙ ITU-T text entry එකම UTouch වලටත් ගත්ත නිසා Ubuntu වලටත් එහෙමම බැස්සද නැත්තම් im-Switch කියන්නෙත් Text Entry වල තාත්තද කුඩප්පද කියලා හරියට හොයාගන්න බැරි උනා)ඔය Siyabas.lk Web Site එක දැන් දැන් Update වෙන්නෙ නෑ මට පේන විදිහට, ඒ Command එකම දීලා m17n Layout බස්සන්න ගියොත් වැඩේ ඔක්කොම බකල් වෙනවා, අන්තිම ibus වලට බැන බැන ඉන්නවා.. පරණ Command එකෙන් Install කලොත්, ඔයාලාට Text Entry Setting වලට ගිහිල්ලා, බැළුවට එතන Sinhala Wijesekara Layout එකක් නැහැ, ඒත් ඔයා Terminal එක Open කරලා ibus-setup Command එක Run කරවලා, Alt + F2 වලින් unity-control-center Command එකෙන් ගිහිල්ලා, බලන්න එතකොට ඔයාට පුළුවන් Wijesekara Layout එක Add කරගන්න :PUbuntu සදහා සිංහල Install කරමු පහල Command එක භාවිත කරලාsudo apt-get install ibus-m17n m17n-db m17n-contribසමහරු කියනවා Ubuntu වලින් Sinhala Unicode හරි කැතයි කියලා, ඒක ඇත්තටම වෙන්නෙ Lklug කියන Font එක නිසා.. ඒකට කරන්න තියෙන්නෙත් Ubuntu එක්ක එන Lklug කියන Font එක Delete කරන එක, ඒකට කලින් Terminal එක Open කරලා, මේ Command එක දුවවන්නfc-list :lang=siඑතකොට ඔයට Font 3ක් විතර පෙන්වයි, ඒ Font තුන අපි Delete කරන්න ඕනේ.. ඒත් ඒක කරන්න නිකම්ම බෑ.. Sudo ආත්තට ආයුබෝවන් කියන්න ඕනි, නැතුව Delete කරන්න බැස්සොත් ඌ අපිට පයින් ගහනවා :PTerminal එක Open කරගෙන මෙහෙම කොටන්න -sudo nautilusEnter Key එකට වැද නමස්කාර කරලා උඩපැනලා පයින් එකක් ගැහුවට ඔයාගෙ Password එක ඉල්ලනවා.. ඒක උඩ පැන පැන ටයිප් කලාම ඔයාට Sudo තාත්තා Nautulus එක දෙනවා උඹට ඕනෙ මගුලක් කරපන් එහෙනම් කියලා, දැන්/usr/share/fonts/truetype/freefont වලට ගිහිල්ලා Terminal එකෙන් පෙන්වන ඒ Freeserif.ttf Font දෙක නගර සභාවට බාර දෙන්න, ඊටත් පස්සෙ /usr/share/fonts/sinhala මේතනට යන්න, එතන තියෙනවා lklug.ttf කියන Font එක, ඒකත් නගර සභාවට බැරිනම්, කුණු කූඩෙට හරි දාන්න.දැන් මොකක්ද කරන්න.. අපිට ලස්සන බෝල බෝල අකුරු තියෙන Font එකක් ඕන වෙනවා දැන්, ඒකට හොදම එක Maliti Web Font එක මේක Download කරගන්න.ttfRun කරාම Home Directory එකට Download වෙනවා, ඒක ඔයා /usr/share/fonts/sinhala මෙතනට Copy කරගන්න. දැන් හරි (Linux වලට Font එක Copy කරනවා = Install කරනවට)දැන් ඔයා Chrome/Chromium/Firefox/Opera ඔය ඕන එකකින් ගිහින් බලන්න, Sinhala Type කරන්න කරන්ත් පුළුවන්, ඇස් වලට හෙන ගහගන් නැතුව බලන්නත් පුළුවන් :).
BLOG
සංවිධානය කළේ නුඹලා අනෙක දුක් විඳලා බැලුව විට නෙත් යොමා පිරෙයි සිත ගත මා මව් පියන්ගේ සැබෑ ගුණ සුවඳ උතුරලා ඔවුන්ටත් ඉදිරියෙන් සිටිති දූ පුතාලා ඉදිරියත් ගල් මුලින් ඇත පිරී ඉතිරිලා එහෙත් මා දූ පුතේ යනු මැනවි පෙර බලා තුණුරුවනෙ උතුම් බල ආනුභාවය සමඟ ලැබේ තිස් තුනක් වූ කෝටි දෙවි අසිරිය ද, නැගෙන මේ තරු වලට කියමි මා සෙනෙහසින් අපෙ ගමන අපි යමුය පාඩුවේ පරතෙරට ආදරණීය දූ පුතුනේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා නුඹ සැමට.... (අපේ ගමේ යෞවන සමාජෙ දරුවො ජනේරු පළවෙනිදා ගමේ පන්සලේදි පහන් 2014කුත් මල් වට්ටි 2014කුත් පූජ කරල හැමෝටම සෙත් පැතුවා බෝධි පූජාවකින්.. ඒ දරුවන්ට උපහාර වේවා...).
BLOG
සිංහ කේසාරවය නගමින්ගෙන තියුණු කගපතක් සුරතින්රුපුන් එඩි බල කපා හෙළමින්නැගී ඉනු සිහ රජිඳ යහතින්.හෙළ බිම අහස සමුදුර එක සේ රකිමින්ගුවනත නැගී ලෙළදෙන ඔබගේ නාමෙන්දහසක් මල් පිපෙනු ඇත අද අභිමානෙන්පැරදෙයි ලොවම මතු දින ඒ අනුභාවෙන් .ජන්මය ලදිමි මේ පින්සරු ලක් පොළොවේරුහිරෙන් පුදා හෝරැකගන්නෙමි පණ සේමියෙනා තුරුම සැනසෙමි සෙවනෙහි ඇයගේමියගිය දිනෙක පස් වෙමි මේබිමට තොසේ .
BLOG
වකුගඩු වැඩකරන්නෙන් නැතුව dialysis කරලා බොහෝම දුක්විඳින ලෙඩ්ඩු ගොඩාක් අපේ රටේ ඉන්නවා. බටහිර වෙදකමෙන් සුවකරන්න බැරිවුණත් ඉතාම සරල මිලක් නැතිම තරම් වන විකල්ප ක්‍රම‍යකින් මේක හොඳ කරගත්ත දොස්තර කෙනෙකුගේ අත්දැකීම කි‍යවලා බලන්න.
BLOG
කොහොමද කට්ටියට ගොඩකාලෙකට පස්සේ දිනපොත පැත්තේ ආවේ වැඩ නිසා ලිපි ලියන එක ගොඩක් අඩු උනා. ඉතින් අද කියන්න යන්නේ TSU ගැන මේ ටිකේ අපේ අයගේ ජනප්‍රියම දේ මෙන්න මේ TSU ඒක සමාජජාල වෙබ් අඩවියක් හරියට Facebook වගේ අපිට Profile එකක් Free හදාගෙන ඒක මාර්ගයේන් විවිධ ඡායාරූප අදහස් හුවමාරු කරගන්න පුලුවන්. එකම වෙනස මේකේ අපි කරන Post, Like, Comments අනුව අපිට යම් ගෙවීමක් කරනවා කියන එක. ඒයාලා කියන්නේ මේකේ උපයන මුදලින් 90% සමාජිකයන් අතරෙම බෙදලා දෙනවා කියලා. මෙන්න මේ ටික තමා දැනට දන්නේ මොකද ඒයාලා මේ එක ආරම්භ කරලා වැඩි දවසක් නෑ තාම. FB එකේ ගියාට අපිට සල්ලි වියදම් වෙනවා මිසක් ලැබෙන්නේ නෑන‍ේ ඒ නිසා මෙිකත් කරල බලන්න මට හිතෙන විදිහට මේ ගොල්ලෝ මේ විදිහට කරගෙන ගියොත් ලගදීම FB වලට ලොකු බලපෑමක් වෙනවා.ඒ වගේම සැහෙන්න ජනප්‍රිය වෙයි කියලත් හිතෙනවා.මේ සයිට් එකේ කෙලින්ම ගිහින් රෙජිස්ටර් වෙන්න බෑහැ කලින් රෙජිස්ටර් උන කෙනෙක් හරහා ගිහින් විතරයි රෙජිස්ටර් වෙන්න පුළූවන් මෙන්න මගේ එක තියනවා ඔයාලත් ගිහින් ඉක්මනටම ගිණුමක් හදා ගන්න. කලින්ම ගිණුමක් හදලා තියා ගන්න කෝකටත් හොදයිනේ. ඉක්මනින්ම ගිණුමක් හදා ගන්න පුලුවන් වැඩේ හරිම ලේසියි.co/NadeeraChathurangaවැඩි දෙයක් දැනගන්න හමිබුනොත් කට්ටියට කියන්නම් එහෙනම් ඔක්කොටම ජය වේවා ගිහින් එන්නම්.
BLOG
විසල් අවකාශය තුළමට නුඹට කියාඉඩක් නැති මුත්ඉන් එහාඅනන්තෙක පා වෙමු දසොඳුරියලෝකයට හොර රහසෙ අපි.
BLOG
රුහුණ සරසවි කලා උළෙලේ මෙවර වේදිකා නාට්‍ය පෙළහර.
BLOG
.......... 1..........
BLOG
අද මම කියන්න යන්නේ ලාංකිකයෙකු (ThilinaC)විසින් නිර්මානය කරපු කස්ටොම් රොම් එකක් ගැනයි.මේක ICS 4.0.4 පදනම් උන රොම් එකක්.5.+....t=1737862Neohttp://forum.......t=1788701Rayhttp://forum....t=1788672From XDA.
BLOG
දවස් කීපයක ඉදල අපේ පැත්තට මාළු අරන් එනසීයා ආවේ නෑ. අසනීප බවක් කිය කිය හිටපු නිසා අදත්නොඑයිකියල උපකල්පනය කරලා චූටියගේතරමක් දුරින් තියන මාළු ලෑල්ලට ගියා. කාලයක් මුණ ගැහුනේ නැති නිසා චූටියා එක්ක ආගිය තොරතුරු කතා කරන අතරේ විදුලි බිල ගැන කතාවත් ඇදුනා.'ගිය මාසේ කරන්ට් බිල 3000යි බන්. මෙතන ලයිට් තියෙන්නේ සී.එෆ්.එල්. විතරයි. ඒවත් දාන්නේ දවසට පැය තුනයි. තිබ්බ ඩීෆ්‍රිෂර් එකත් ගෙදෙට්ට ගිහින් දැම්මා මෙතන බිල වැඩි නිසා. දැන් ලබන මාසේ තව 1000න් විතර බිල වැඩි වුනහම ඉතිං මාළු ගන්න එන මිනිස්සුන්ගේ පිටින් තමා ඕක යවන්න වෙන්නේ'ආයෙත් පුහු ව්‍යාපාරික ටෝක් අපි අතරේ වැඩක් නැතිබව දන්න චූටියා කෙලින්ම කියල දැම්ම. මාළු ඉදල හිටල හරි කන, අපි නොකෑවත් පොඩි එකාට කන්න දෙන මං වගේ සාමාන්‍ය මිනිස්සු ගැන ඇතිවුනේ දුකක් වගේම තරහක්.චූටියගේ නොදන්න කම ගැන මම පුදුම වුනේ නෑ. ගල් බෝතලයක, මාළු කිලෝ එකක, අයිස් කිලෝ 10ක ගණං ඇරුණු කොට වෙන මොන කෙංගෙඩියකවත් ගණං මිනුං වගේම රටේ තොටේ වෙන දේවල් ගැනත් ඌ දන්න දෙයක් නෑ.'බලං හිටහං රුපියල් දාහෙන් ෂේප් වෙන්න, ලබන මාසේ ඉදල අඩුම තරමේ රුපියල් පන්දාහක් වත් ලෑස්ති කරගනිං කරන්ට් බිල ගෙවන්න''ඇයි යකෝ..එහෙම වෙන්නේ කොහොමද... මහින්දය කරන්ට් බිල අඩු කලානේ'මම චූටියට දුන්න උත්තරේ ඇතුලේ ජාතික භාෂාවේ තියන මිහිරිම වචන කීපයක් තිබ්බ නිසා ඒක මෙතන දාන්න බෑ.එක අතකින් චූටියට එහෙම බැනලා වැඩක් නෑ. අපේ රටේ වැඩිපුරම ඉන්නේ මේ චූටියල තමා. ඒ චූටියලට මේ රටේ ඉන්න පාලකයොත් හරි ආදරෙයි. නසරාණි වෙන්න වහින කාලෙත් අපෙන් කෙලවෙන ඉන්ධන ගැලපුම් ගාස්තුව,මුලුවිදුලි පරිභෝජනයට අය කරන මුදලෙන් 40% බව වත්, ලොක්කා මැයි දවසේ දුන්න කැරට් අලයෙන් කලේ ඒකෙන් 25% ක්, වඩාත් පැහැදිලිව කිව්වොත් අලුතෙන් හැදෙන වැඩිවෙච්ච බිලෙන් 10% විතරක් අඩු කල එකවත් මේ චූටියල දන්නෙත් නෑ. ලොක්කා දෙන කැරට්වල ලස්සන නිසා මුන්ට තේරෙන්නෙත් නෑ. ඒ ඔක්කෝටම වඩා මුන්ට තේරිලා තියෙන්නේ ලොක්කා කරන්ට් බිල අඩු කලා කියල විතරයි, 80% වඩා වැඩිප්‍රතිශතයකින්වැඩි කරලා කියල තේරෙන්නේ නෑ.යමක් කමක් තේරෙන්නෙ නැති තත්වෙක හිටියනම් හොදා කියල මට හිතුන බොහොමයක් වාර වලට මේ සිද්ධියත් එක හේතුවක් වුණා. මොකෝ අපි කරන්ට් බිල එනකම්මත්, ඒක ගෙවනකම්මත්, ඊටත් පස්සෙත් ඉන්නේ ලේ කෝප වෙලා. ඒත් චූටියා බිල එනකම් ආතල් එකේ ඉන්නවා. බිල ආවහම මාළුවල ගාණ වැඩි කරනවා. ඒකෙන් මාස් පඩි කාරයා වෙච්ච මං ගන්න මාළු ටිකටත් කෙල වෙන බව ඇත්ත. ඒත් වැඩේ හරිම සිම්පල්.මමත් ඉගෙන ගත්තා හොද පාඩමක්. අනිත් දවසේ ඔය බඩු මිල, බදු වැඩි වුනහම ඕව ගනං ගන්නේ නෑ. වැඩි කරනවා මගේ පඩිය......හෑ.....#*.(#%@.හා...බලන්න හොද නැද්ද විසදුම....සැ.යු. ඉහත පින්තූරයේ සිටින මාළු වෙලෙන්දා අපේ චූටියා නොවන අතර, රෙද්ද උස්සා පෙන්වන්නේ 'අපවිත්‍ර' කාන්තාවක් නොවන බව සලකන්න.
BLOG
අප රට නාමය ලොවට ගෙනයමින්පන්දුව හමුවේ පිත්ත අතදරන්ලොකය හමුවේ කරපු ඒ සටන්මතකයි කෙළිබිම නැගු දද එලෙසින්අරවින්ද ද සිල්වා මහතාට සුභ උපන් දිනක් පතමින්.
BLOG
බලන්න මේ ෆිල්ම්ස් බලලා තියෙනවද කියලාHope You Enjoy This.
BLOG
රවි සහ සඳු 5 වැන්නේ තැන්පත්ව සිටිද්දී දුර්වල සඳු 7ත්, රාහු ලග්නයේත්, ගුරු 12ත් සිටියේ නම් එය ප්‍රේත සාපයක් සේ පෙන්වා දී ඇත.208 ) ප්‍රේත භූතාදීන් හේතුවෙන් දරුවන් මරණයට පත්වීම මෙම යෝගයේ ප්‍රතිඵල ලෙස දක්වා ඇත. ඉපදී දෙසතියක් අැතුළත මරණයක් දරුවකුට මෙහෙයින් ඇතිවන බව පෙන්වා දී ඇත..
BLOG
නෝනාවරුනි මහත්වරුනි, මම අද ගෙනල්ල තියෙනවා බොහොම වටිනා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවෙ බඩු වගේ මේවා කවුරුවත් වර්ජනය කරන්නෙ නෑ. මේවට ගහන්න තරම් නිශ්පාදනයක් තාම බිහිවෙලා නෑ මහත්තයෝ. ඔය මහත්තයා මේකෙ රස හොඳට අඳුනනවා කියල මට මූණ දිහා බැලුවම කියන්න පුලුවන්. මහත්තයෝ මේ සාම්පලයක් විතරයි. මේ ගැන මට මෙන්න මෙහෙම අදහස් දක්වන්න පුලුවන්.කියුවත් එක එක කතාබිව්වත් රසටම ඉතාසිරිදාසගෙ සුදූ තමයිගමේ උන්නු හිතවතාඅවමගුලට මුල්තැනමංගල්ලෙදි අඩුතැනගමේ උන්ට කොයික වෙතත්සුදූට ලැබෙනව තැනඉස්සර කාලක් හැටයිඉක්මන් කොහොමත් කොටයිගමේ ගොඩේ සමහර උන්බොන්නේ අකුලක් යටයිපොලෝසියෙන් එනවලූඑතකොට හැංගෙනවලූසිරිදාසගෙ ගෝඩ හැලියයහමින් බබලනවලූගමේ ගොඩේ දේ වලින්හදනව මේවා සොඳින්බීවෝතින් ඉන් චුට්ටක්දෙව්ලොව පේනව ලඟින්සවි සක්තිය ලැබෙනවාහැඩි දැඩි බොඩි ලැබෙනවාසුදූගෙ පිහිටෙන් සැමදෙනසතුටින් කල්ගෙවනවාහැමදාමත් මේ ලෙසදිවගට රස දෙන යසඅගනා ඔසුවකි මෙය නම්මකනවා සියලුම දොස(මෙය කියවා බලා කසිප්පු බීමට තරම් ඔබ අඥාන නොවන බව දනිමි.).
BLOG
බිත්ති පාදම්මත නැගූඔබේ ලෝකය බිඳ වැටීවළපිනා හඬ මට ඇසේඉතින් අහසේ මා තැනූසිහින කූඩාරම මගෙයිමහපොලව මත නොම රඳයිඑන්න පාරක් සොයාගත්තොත්කූඩාරමට ඔබ වැඩි නොවෙයි.
BLOG
කොහොම හරි නිකම වගේ නිකාං ඉන්න කොට ඉදලා හිටලා හරි මොනවා හරි ලියලා යන්ටෙපැයි.පටන් ගන්න කලින් තවත් දෙයක් මතක් උනා.. දවසක් මයෙ යාළුවෙක් මට කියපු කතාවක්.. මිනිහා මගෙන් ඇහැවා ඇයි උබ දැන් බ්ලොග් එක ලියන්නැත්තෙ කියාලා. මයෙ "වෙලාවක් නෑ බං සහ කම්මැලී" කියන උත්තරේට මිනිහාගෙ ප්‍රතිඋත්තරේ උනේ "අනේ නිකන් පලයං බං. පඩයක් ගියත් පේස් බුක් එකේ ස්ටේටස් අප්ඩේට් කරනවා. බ්ලොග් ලියන්න වෙලාවක් නෑ." කියන එක... ඇත්තම කියනවනං පේස් බුක් ස්ටේටස් එකකුයි බ්ලොග් පෝස්ට් එකකුයි අතරේ ලොකූවෙනසක් තියෙනවා.. බ්ලොග් පොස්ට් එකක් උනාම හරවත්, නැනවත් හොඳ මං කලින් ලියපුවා වගේ ගුණාත්මක බාවයෙන් යුතු වෙන්ඩ ඔනෑ.. හා නැද්ද..කොහ්මින් හරි ඒ කතාව ඉවරයි..ඕං මෙට්ටේ අස්සේ කැරපොත්තො වගයක් බෝවෙලා නිසා පොඩ්ඩක් අස්පස් කරන්ඩ හිතාගෙන ඇඳ යට තියෙන බඩු ටික අදිද්දි පැන්සල් පෙට්ටියක් හම්බුනා.මං පොඩිම කාලෙන් පස්සෙ 6, 7, පන්තිවලට එනකොට පැන්සල් පෙට්ටි පාච්චිය නැවැත්තුවා. අන්තිමටම පාවිච්චි කලේ ටයිටෙනික් නැව ඇඳලා තියෙන තට්ටු දෙකේ නිල්පාට පැන්සල් පෙට්ටියක්. එකත් 5 වසරටත් කලිං. පස්සෙ 5, 6 පන්ති වලදි අම්මා මහලා දුන්න "පෙන්සිල් කේස්" තමා ඉස්කොලෙ ගෙනිච්චේ.. පස්සෙ 7 පන්තියට එනකොට යෞවනෝදයත් එක්කලා වටේ පිටේ ඉන්න එවුන් විහිළුකරන්න ගත්තා ගෑණු පර්ස් පාවිච්ච් කරනවා කියලා.. ඒක තමයි මං ඉස්කොලෙට "පෑන් පැන්සල් රදවන ආදාරකයක්" ගෙනිච්ච අවසානය. (පස්සෙ වරින් වර කව කටු පෙට්ටි අනම් මනං වයෙ ගෙනිච්චට එවා වැඩි කාලයක් තිබුනෙ නෑ.) පෙට්ටි ගැන කතා කලේ අද අස්පස් කරද්දි හම්බුන පෙට්ටිය මං පාවිච්චි කරපු එකක් නොවන නිසා..:Dඅපේ ඉස්කෝලේ ළමයි ගහනය වගේ දෙගුණයක් කාක්කෝ ඉන්නවා.. ඒ වගේ දෙගුනයක් මීයෝ ඉන්නවා. කොළඹ තදාසන්න ප්‍රදේශයක තියෙන හැම ඉස්කොලේකම තත්වය ඕක වෙන්නැති මට හිතෙනේ..කොහොම හරි අපි ඉස්කොලෙට ඇතුල් වුනායින්පස්සේ මීයන්ගේ මළ කුණු කියන්නෙ එච්චර දුර්ලඹ දර්සනයක් නෙවෙයි අපිට.:D ඒත් දවසක් 7 හරි 8 හරි පන්තියෙ ඉන්දිද්දි මගේ ඇහැ ගැටුනා ලස්සන මී කුණක්. :D ඇත්තම කියනවන්ම් ඌ මොන හේතුවක් නිසාද කියන්න බෑ (සමහර විට පෑගිලා වෙන්ටැති) ඌ කරෝල වෙලා.. අර හූණො ජනේලේට තියලා තදකරාම වගේ ඇට සැකිල්ල ඉතිරි වෙන විදියට ඌ චප්ප වෙලා මමී කරණය වෙලා. මට තාමත් ඒකේ ලස්සන ඇස් පියාගත්තාම හිතේ මවාගත්තෑකි. ඉතින් මට ඔනෑ උනා මූව ගෙදර එක්කරගෙන යන්ඩ. ඒ වෙලාවෙ හැටියට වෙන හිතට අදහසක් ආවේත් නෑ. ටග්ගලා මීයව අරගෙන පන්තියට ගියා. ඇත්තම කියනවනම් ග්‍රවුන්ඩ් එකේ දි තිබ්බ ප්‍රස්සන භාවය ඌව පන්තියට අරන් යනවත් එක්කම නැති උනා. පන්තියට යන පඩිපෙළ නගින්න නගින්න ගඳ වැඩි උනා.. ග්‍රවුන්ඩ් එකේ විවෘත අවකාසෙ ගඳ හොදට පැතිරිලා ගියාට පංතිය ඇතුලෙ එහෙම පැතිරිලා තුනීවෙලා යන්ඩ ඉඩක් නැති නිසා වෙන්ටැති. කොහොඅ හරි මට ආයෙ විසික් කරන්නත් හිත දුන්නෑ. මං කලේ ඌව පොඩ්ඩකට පැත්තකින් තියලා අල්ලපු පන්තියෙ මේසයක් උඩ තිබ්බ පැන්සල් පෙට්ටියක පෑන් පැන්සල් ටික හලලා ඒ පෙට්ටියට මීයව දාල බෑග් එකට දාපු එක. එතනින් පස්සෙ සාමකාමීව පාසල් වැඩ නිම උනා.ඊගාවට ඉතිං වෑන් එකේ ගෙදර එන වෙලාව.. මටත් ඉතින් නිකා ඉන්න බැරි කමට අර පංසල් පෙට්ටිය එලියට ගත්තා..මුලින්ම පෙට්ටිය උස්සපු එක මාට්ටු.. අල්ලපු පංතියෙහිටියට වෑන් එකෙ මගෙත් එක්ක ම හිටපු එකාගෙයි පැන්සල් පෙට්ටිය.:Dඅරූ පෙට්ටිය ඉල්ලුවාම මං මීයාව අතට අරන් පෙට්ටිය ඌට දුන්නා.. මිනිහා තොම තියා ගනින් කියලා අයෙ මට පෙට්ටිය දුන්නා.. කොහොම උනාත් ඒත් එක්කම වෑන් අංකල් මහ සද්දෙන් බෙරිහන් දෙන්න ගත්තාමයි මට මතක් උනේ, පන්තිකාමරේට වඩා වෑන් එක ගොඩක් පුන්චී කියලා.. මුලු වෑන් එක ඇතුලම එකම ගන්දස්කාරයයි..com/photos/33572408@N00/8598700057ප.ව.වෑන් කාරයා බනිද්දි මෝචර්යක වැඩකරන්ඩද ආසා කියලා ඇහුවා මතකයි.. අර එදා අරූ එපා කියපු පෙට්ටිය තමයි අද මට ඇඳ යට තිබිලා හමුබුනේ.. ^_^සැ. යු.මං කැමරාවක් ගත්තු දවසකට මේක ඇතුලු අනික් පොස්ට් වලටත් ඇත්ත පින්තුර දානං. එතකං ඉන්ඩ බැරි එකක් ඉන්නවනම් කැමරාවක් අරදියං. ඇයි යකෝ මුන්චුල්ලසෙට්‌ටි ජාතකේ මී කුණ විකුණලා පොහොසත් වුනා කියද්දි ආනේ සාදු කියනවා. අපි දෙයක් ලිවාම තමා මුන්ට පොටො ඔනෑ. මේ බලව කැමරාව තිබ්බ කාලෙ ලිව පොස්ට්..(ටු දෙමල 'න' යන්නා, නලීන් අයියා).
BLOG
සොදුරු වළාකුළුමිරිගුපාට පාට දේදුනුඅවුරෝරා.
BLOG
බාඳුරා කෙණ්ඩියකමදු සොයා පිහිනාවෙර දරා - වෙරි මතින්විත බිඳුණු - දිවි රැකුනුමලට රවන බඹරු.......මදාරා මල් සොයාඅමෘත මදු සොයාහිරුරැසට - කඳුලින්පිපාසය සිඳුවාආකාසෙට පියඹනමලට හඬන බඹරු......සුපුෂ්පිත විශ්වයකදහසක් පැහැයෙන් අතරමංවඅනන්ත වූ සුවඳින් මත්වසිත නිවන - මදු සොයනමලින් මලට බඹරු....අනන්ත වූ මල් වත්තකකුරුමිනියකු සේ........තවත් බඹරකු සොයාඅනන්තයට පියඹනමලට නොඑන බඹරු.....(එක එක ජාතියේ බඹරු අතරින් අමුතුම ජාතියේ බඹරුන් පිරිසක් ගැන කතාකරන විශිෂ්ට චිත්තරපටයක්.).
BLOG
එකෙක් අනෙකා වාදයට කැඳවා , අභියෝගය භාරගත් සැණෙන් සැඟවී පලා යන ගමන් අනෙකාට නපුංසකයායි ගරහයි. වාදය බලන්නට සැදී පැහැදී සිටි බොහෝ දෙනෙක්ගේ අපේක්ෂා භංගවී තිබේ. මේ ඉතා කෙටි විඩියෝව ඒ නොකෙරෙන විවාදයේ ලැකානියානු ප්‍රක්ෂේපණයක්දැයි අපටත් සුවර් නැත.
BLOG
04.8.17..8.0.0.1:6379>127.0.0.1:6379> set key1 value1OK127.0.0.1:6379> set key2 value15OK127.0.0.1:6379> get key1"value1"127.0.0.1:6379> get key2"value15"127.0.0.
BLOG
“‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියාත් කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කරන්න. " - ජේසුස් වහන්සේ ප.ලි. : මේ පෝස්ට් එක ගොඩක් දෙනෙකුට නොතේරෙයි කියලත් හිතෙනවා. බලමු නොතේරුනොත් කමෙන්ට් වලදි පැහැදිලි කරන්න පුළුවන්නෙ. මම ඔය දාලා තියෙන්නෙ ඊයෙ පෙරේදා පල්ලියක දැක්ක පින්තූරයක්.ප.ප.ලි. :පින්තූරෙත් පැහැදිලි නෑ වගේ හිතුනා. කුරුසේ ගැටගහලා තියෙන්නෙ කළු පාට නූල් වගයක්.
BLOG
කාගේත් වැඩි අවධානයක් දිනා ගත් 2014 පාපන්දු ලෝක කුසලානය අද බ්‍රසීලයේදී ආරම්භ වෙනවා. ඉතින් බොහෝ විට මෙහි තරග පවත් වෙන්නේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී කාලයේ. ඉතින් Android දුරකථන භාවිතා කරන ඔයාට පුළුවන් මෙහි Updates, Scores, Teams මේ වගේ ගොඩක් විස්තර දැනගන්න.පහලින් FIFA Official App එක Install කරගන්නඑහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න.ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..සියලු දෙනාටම සුභ දවසක්.....
BLOG
රංග අයියාගේ ලිපියආදරණීය රංග අයියා වෙතටයිඅනේ අයියෙ මට ඔයා එවපු ලියුමේ තිබුන දේවල් අදහගන්නවත් බෑ.මගේ හිත හත් කඩකට ටිකක් අඩුවෙන් පැලී ගියාද මන්දා.මට තේරෙනවා අයියගේ හිතේ තියෙන වේදනාව.අයිය මට කැමති වුනේ මගේ ඉස්කෝලෙට තියෙන තැන නිසාවත් තමන් යාලු වෙලා ඉන්නේ "විශාකා එකේ" කෙල්ලෙක් එක්ක කියල යාළුවො එක්ක කියවන්නවත් නෙවෙයි කියල මම දන්නවා මගේ ඉස්කෝලේ නම නිසා.විශාකා කියන්නේ බුදු සසුනේ අග්‍ර දායිකාව.ඒ නමට තියෙන ආදරය,ගෞරවය නිසා නේද අයිය මට කැමති වුනේ...එහෙම නැතුව මගේ මූණ ලස්සන නිසාවත් මගේ ඇඟ හැඩ නිසාවත් නෙවෙයි නේද...එහෙව් අයියගේ හිත අර පාගමන නිසා රිදෙන එක සාධාරණයි කියල මට දැන් තේරෙනවා.අනික මම දන්නවා.අයියලාගේ ඉස්කෝලේ බිග් මැච් එහෙම තියෙනකොට අයියලා එව්වට ගියේ ආරිය සිංහල ඇඳුම ඇඳගෙන.ඔයාලා අරක්කු බියර් එහෙම අතින්වත් අල්ලලා නෑ.බිග් මැච් වලට යන අයියලා කොච්චර සංවරව හැසිරෙනවද... ක්‍රීඩාවක් වෙලත් අයියලා එහෙම හැසිරෙනකොට ඒ ජාතියේම නංගිලා අක්කලා වෙච්ච අපි ඩෙනිම් ඇඳගෙන පාගමන් ගිය එක හරිම වැරදියි අයියේ.ඒ විතරද අපි මහ පාරේ නැටුවත් එක්ක.ඒවා මතක් වෙනකොට මට මම ගැනම චික් විතරක් කියල හිතෙනවා.අයිය මාව එක්කන් රූම් ගානේ ගියෙත් ආතල් එකට නෙවේ සිංහල ජාතිය නගා සිටුවන්න.මගේ තිබුන නැහැදිච්ච කමට තමා බඩට ආව ළමයිනුත් නැති කරගමු කියල අයියට බල කරලා කිව්වේ.අයිය කොච්චර නම් විරුද්ධ වුනා ද ඔය එක එක ජාති ගන්න ෆාමසි වලට එහෙම යන්න.මගේ බල කිරීමටනේ අයිය එව්වටත් ගියේ.මට ඒ දවස්වල මෙව්වා මොනවත් තේරුනේ නෑ.දැන් තමා තේරෙන්නේ මම හරිම නැහැදිච්ච කෙල්ලෙක් කොටින්ම කිව්වොත් කුඩු ගහන බඩුවක් කියල.අර අයිය කිව්වා 70% ගානේ කතාවට මාත් දායක වෙලා තියෙනවා තමා.ඒත් ඒ එකක්වත් අයියගේ වැරැද්ද නෙවේ.මගේ වැරැද්ද.මොකට අයිය මට ආදරේ නිසා,මගේ බල කිරීමටනේ මාත් එක්ක එහෙම හිටියේ.මම නිසා අයියගේ හිරි ඔතප් බිඳුනට මට සමාවෙන්න අයියේ.අයිය කියනවා වගේ සමහර දේවල් ගැන මටත් තේරෙන්නේ දැන් තමයි අයියේ.මේක "සිංහල -බෞද්ධ" රට.මේකේ ඉන්න ඕනි ඒ විදිහට.එහෙම ඉන්න බැරි නම් අපි එක්කෝ අරාබියට හරි යුරෝපෙට හරි යන්න ඕනි.මාත් මෙච්චර කල් හිතන හිටියේ ඉගෙන ගෙන එහෙම ඉවර වෙලා ඔයත් එක්කම ඉංග්ලන්ඩ් යන්න.ඒ වුනාට අයිය එවපු ලියුම මගේ ඇස් පෑදුවා.දැන් මට ඕනි වෙන කිසි දෙයක් නෙවේ මේ පින්බිමේ යහපත් සිංහල කුල කාන්තාවක් වෙලා,අයියගේ කීකරු වයිෆ් වෙලා,දරු පැටව් හත අටක් හදාගෙන ලුනුයි බතුයි හරි කකා ඉන්න.මම දන්නවා මම අද අයිය ලඟට ආවත් අයිය මාව පිලිගන්නවා.මගේ අයියට මම ඔයත් එක්ක රූම් ගිහින් කරපු කියපුවා කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මොකද ඔයා නියම බෞද්ධයෙක්.අතීතය ගැන නෙවේ වර්තමානය ගැන හිතල ජීවත් වෙන්න කියන බුදු වදන අයිය හොඳටම පිළිපදිනවා කියල මම දන්නවා.ඉතින් අයියේ නොර්වේ කුමන්ත්‍රණකාරියන්ගේ උගුලට නොදැනුවත් කම නිසා අහුවෙලා අර පාගමනේ ගිහින් වැස්සේ නැටුවට මට සමාවෙන්න.එහෙම කළා කියල අයියලා අපිට ගල් ගහල මරන්න කිව්වෙත් නෑ අර බුර්කා අඳින්න කිව්වෙත් නෑ.ඔයාලා වගේ අයියලා අපිට ඉන්න එක කොච්චර වාසනාවක් ද මගේ අයියේ....නොදැනුවත්කම නිසා මගේ අතින් වුන වැරදි මම හදාගන්නවා මගේ අයියේ.ඒක තමා අපේ ලේ වල තියෙන නියම සිංහලකම.මිනිස්සු දාහක් මැරුව අංගුලිමාලට රහත් වෙන්න පුළුවන් වුනා නම්,හදිසි කෝපය නිසා අර ටීචර් ව දණගැස්සුව මන්ත්‍රීට ඒ වැරැද්ද හදාගත්ත නිසා ආයේ පළාත් සබාවට ඉල්ලන්න නාම යෝජනා ගන්න පුළුවන් වුනා නම්,ගෑනු 500 ක් දූෂණය කරපු සාරුවා සුනිල් මහත්තයා වැරදි හදාගෙන මන්ත්‍රී පුටුවේ ඉන්දගත්තනම්,මගේ මේ පුංචි වැරැද්ද හදාගෙන අයිය කියන විදිහට ජීවත් වෙන්න මට බැරි කමක් නෑ නේ.මීට පස්සේ මම කොහේ ගියත් අඳින්නේ ළමා සාරිය.මගේ ළඟ තියෙන ඔක්කොම ඩෙනිම් ටිකයි ටී ෂර්ට් ටිකයි පුච්චලා දානවා අදම.අපි එක්කෙනෙක් ඒ දේ කරන්න පටන් ගත්තොත් අනිත් අයත් ඒක කරන්න පටන් ගන්නවා.ඇත්තට ළමා සාරි ඇඳලා බඩ පෙන්නගෙන,පපුව එහෙමත් සුට්ටක් විතර පෙන්නගෙන යනකොට අයියලාට එහෙම කොච්චර ශෝයිද... ඒක කොච්චර ලස්සනද...ලියුම ගොඩක් දික් වුනා.මම හිතනවා අයිය මගේ හිත හඳුනාගෙන මගේ වරදට සමාව දෙයි කියල.අයියට සියලු දෙවි පිහිටයි....මේ ඔයාගෙමනංගි නිපුනි.
BLOG
සබඳ...මට කවියක් ලියා දෙන්න...මා වෙනුවෙන්...මා එය මලක් කර ඇගේ හිසේ ගසන්නම්...මෙතෙක් කල් මා...ලියු කවි පරවුණා.
BLOG
ආයුබෝවන් යාලුවනේ මෙන්න ඔයාලට වැදගත් වෙන මුදුකාංගයක්.. කියන්න කලින් හැමෝම දන්නවා මේ මොකක්ද කියලා..Autodeskt සමාගමේ ඉතාම වැදගත් මුදුකාංගයක් වනAutodesk3DS Max 2015 සංස්කරණය තමා මේ. 3D Modling and Animation සදහා භාවිතා කරන මේ මුදුකාංගය සම්පුර්ණයෙන්ම Download කරගන්න. මෙන්න ලින්ක්ස්Download Autodesk3DS Max 2015Download Autodesk3DS Max 2015 Serials and Crackලංකාවේ අපේ අදහස් බ්ලොග් අඩවියේ 400 වෙනි ජයග්‍රාහී ලිපිය තමා මේහැමෝටම වැදගත් දෙයක් නිසා Share නිසා කරන්න අමතක කරන්න එපා.
BLOG
මිරිස් වගා කිරීම ගැන උනන්දුවක් ආවෙ අපේ ගෙවල් පැත්තෙ මිරිස් වගා කිරීම සම්බන්දයෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනව කියල දැනගත්තහම.නොමිලේම පොතිලින් බදුන් - මිරිස් බීජ දෙනව කීව නිසාම ආසාව තවත් වැඩි උනා. නිකන් දෙන එකේ හදලා බලනව කියල හිතුව.මිරිස් ගැන මම් කලින් ලිව්ව බ්ලොග් පෝස්ට් තමයි මේ තියෙන්නෙ , මිරිස් වගා කිරීම මිරිස් තවාන් දැමීමමේ වෙද්දි එක සැරයක් මිරිස් කඩලත් ඉවරයි. මේ දවස් වල මෙහෙට ගොඩක් පායන නිසා පැල වලට ටිකක් සාත්තුව වැඩි කරන්නත් වෙනව. මේ පැල පොඩිම කාලෙ ….
BLOG
වදන් සැකසුම් මෘදුකාංගයක යතුරු ලියනය කරන ලද ජේදයක ඇති වචනයක් සඳහා සමාන වචන සෙවීමේ පහසුකමthesaurus ලෙස හඳුන්වනවා.මෙම පහසුකම් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලදී සහ ලිබ්රේ ඔෆීස් කැල්ක් වලදී භාවත කරන අයුරු මෙම ලිපියේ දී විමසා බලමු.මයික්‍රොසොෆ්ට් වර්ඩ්ඡේදයක ඇති සමාන පදයක් සෙවිය යුතු වචනය තෝරාගන්න.අනතුරුව Shift Key+ F7 Press කරන්න. එවිට පහත රූපයේ දැක්වෙන පරිදි වින්ඩෝවේ දකුණු කෙළවර සමාන වචන ලයිස්තුව ප්‍රදර්ශනය කෙරේ.එයින් කැමති වචනයක් තෝරා ගත හැකියි.ලිබ්රේ ඔෆීස් රයිටර්වචනය තෝරා ගන්න.Tools මෙනුවේ - Language හි ඇතිThesaurus විධානය හොCtrl+F7 තෝරා ගන්න.ලැබෙන ලයිස්තුවෙන් ගැලපෙන වචනය තෝරා ගන්න.අදාල වචනය මත දෙවරක් ක්ලක් කරන්න.මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක ගත හැකියි.
BLOG
මගේ බ්ලොගේ කියවන බොහෝ දෙනෙක්ට මතකයි නේ “උක්කුං“ ගැන... ඔව් අර ගෑණු නාන තැන හිටපු “උක්කුං“ තමා... කොහොමෙන් කොහොම හරි මේ ගොයියා පෙළවහකුත් කරගත්තා කියමුකෝ.. උක්කුං ගේ පවුල උනේ සඳා.. ඒත් වැඩි කාලයක් පවුල් කන්න ලැබුනේ නැහැ.. සඳාට ඩුබායි යන්න සිද්ධ උනා... පස්සෙන් පහු ආදර ගණුදෙනුව සිද්ධවුනේ තැපෑලෙන්... උක්කුං වගේම සඳාත් කවියට දස්ස නිසාම මෙයාලාගේ ලියුම් බොහොම රසවත් උනා...දැකගන්නට නැති නිසා කලකින් සුදු මුණ...නිදි නැති කලට මම දකිනවා පෙම් හීන...තනිවී නිදන නුඹ මට නොපෙනෙන මාන...අමාවකය මහිතට කෝ හඳ පාන..ඉන්නට බදා නුඹේ වත උණුහුමට ලයේ...මහ ලොකු හිතක් මගේ ගාවත් තවම තියේ...එන්නට හැකි උනොත් මහ රෑ දොලොස් පැයේ..එනවා නේද ඇවිදිමු අපි අරාබියේ...තනිවම නිදන නුඹ දැක ඇවිලි සෝක..සිතමින් හීන දකිනෙමි මම හැම රෑක...දවසක් ඇවිත් හීනෙන් කළුවර දාක...මොහොතක් නුඹේ ලඟින් ඇල වුවා මා ද..උණුසුම් හාදුවක් දෙතොලට දොතොල තියා...දෙන්නම් තුරුලු කරගෙන මම දෙනෙත පියා...සීතල හදවතට උණුහුම ගෙනෙන ඔයා...හිරවී තදකරන් ඉමි මම ඉඩ නොතියා....සිහිනෙන් මගේ නම කීවා මට ඇසුනා...මදහස පිපී දෙතොලේ මතු වනු දුටුවා..නොදැනිම වගේ නෙතඟට කඳුලක් ආවා..දිලිසෙන පිණි බිඳක් නුඹේ වත මත පිපුනා...තිසරැන් පොඩි කරන් පොට්ටුව මිරිකන්න...දෙතනේ උණුහුමේ සැනසුම විඳගන්න...යන්තම් කණ විකා ලාවට රිද්දන්න...ආසයි සොඳුරියේ නුඹ මත සැතපෙන්න...දෙතොලට දෙතොල තද වෙන ඒ සොඳුරු පැයේ...වැසෙනා දෙනෙත් තුල නුඹ ගේ රුවම මැවේ...තව තව තුරුලු වෙමි ලොම් පිරි නුඹේ පපුවේ...මට ඉඩ දෙන්න ආදර සිත තෙමෙයි මෙහේ...යංතං මොදු වෙනකොට නුඹේ සෙනෙහේ ලඟ...තෙමනවා ඉවුරු දන්නවා පෙම් අමා ගඟ..එය අම රසකි දැනුනේ මට දිවේ අග...එන්නට හිතයි දැන්මම ලත නොවී මග...මෝරන පපුව නුඹේ දෙතොලම ඉල්ලනවා...පොඩිකර මතක්කර මෙට්ටෙට තදවෙනවා...තද වෙන මොට්ටු හිමි හිමිහිට උල්වෙනවා..“උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...වටකුරු දෙතන දෑතට ගෙන එකට බදා...පෙම් රස වින්ඳ හැටි මතකෙට නැගේ එදා...පන්සල් පොලේ හඳපානේ තදින් බදා...උන් හැටි මතක් වෙනකොට මට දුකයි “සඳා“...රසවිල ඈත් කර ගිණියම් ඇඟිලි වලින්...යන්තම් මිරිකලා මදටිය ඇටය හිමින්...නුඹ කලේ වැඩේ “අම්මෝ“ හැම දෙනට හොරෙන්...තව කොයි කලක් ඉවසන්නද මන්දා ඉතිං...ඇත්තයි “සඳෝ“ උඹ හැම වැඩදම දස්සී...මම වහුපැටියා වගෙයි නුඹ එළ වැස්සී...ඹබාගෙන මුන හිටියට මම ඉස්සි...උඹ රස වුනේ හරියට වාගෙයි පිස්සී...අනේ රත්තරනේ මට යන්න වෙනෝ......අපේ “බාබා“ ඇහැරිලා....ආයිත් ලියන්නම්...හරිය.....(කථාව ඉවර නැහැ).
BLOG
සිරිඟි කා මියෙමි - ගත සවි නැතිය මහතුනීදිව ඇද කා මියෙමි - සිත සවි නැතිය මහතුනීකර වැල ලා මියෙමි - වැලකුත් නැතිය මහතුනීකවියක් ලියා පවසමි - කවිකම් කොහිද මහතුනීපෙන්වන රිසින් මෙන අප නොහැකියාවමපෙන්වන රිසින් මෙන අප නිකමුන් බවටමසහතික කර තිබෙන ඔබ ගැසට් පතකිනඅයදුම් පතක් ඇත රැකියා විභාගෙටඅනේ මහතුනේ මට උන වියෝයාතැපල් කරමි එය කඳුලක් ද බහයාමගෙම නෙමෙයි ඒ කඳුලූ බෝයාමවකගෙ සහ පෙම්වතියක ඇසේයාඇතෙක් වගේ පුතකුන් ලත් සොම්නසිනලොවක් දිනූ මෙන් තුටු කඳුලූ වැගිරුනදොසක් නිසා විද ඒ කඳුල සීතලනිකමකු කෙසේ මවකගෙ කඳුලූ පිසිනෙදපෙම්මා පුතුන් දිව විකමින් වෙහෙසෙම්මාවම්මා කඳුලූ නොසලා ඇස හංගම්මානිකමෙකු වැදු සොවින කෙලෙසක වෑවෙම්මාසම්මා නිවන් කෙලෙසකනම් පතනෙම්මා*** *** *** *** ***සිරිඟි කා මියෙමි - ගත සවි නැතිය මහතුනීදිව ඇද කා මියෙමි - සිත සවි නැතිය මහතුනීකර වැල ලා මියෙමි - වැලකුත් නැතිය මහතුනීකවියක් ලියා පවසමි - කවිකම් කොහිද මහතුනීසක්මන් කරන මලූවෙක හිඳ බැඳ හාදසතපා කටු යහන විඳ විඳ බඳ සුවඳවිසිතුරු හීන මත නෙත් කෙවෙනි තැවරුවසමා වුව මැනව මේ නිකමාට බොරු කළතැවරූ හීන දියවක රෑක බොඳ වුනසෙනසුරු ගෙවෙනු කෙලෙසක සීතල රෑකහදවත් ගැහෙනු නැත ගොළු වියරු කතරෙකනරකෙස් නැගේ අබිනික්මන් කරන්නදහරිනෙමි මිටින් ඉගිලෙනු මැනවි සඳවතසිරිඟි කා මියෙමි - ගත සවි නැතිය මහතුනීදිව ඇද කා මියෙමි - සිත සවි නැතිය මහතුනීකර වැල ලා මියෙමි - වැලකුත් නැතිය මහතුනීකවියක් ලියා පවසමි - කවිකම් කොහිද මහතුනීඅනේ මහතුනේ මට උන වියෝයාතැපල් කරමි එය කඳුලක් ද බහයාමගෙම නෙමෙයි ඒ කඳුලූ බෝයාමවකගෙ සහ පෙම්වතියක ඇසේයාලබන්නට කෙසේ හෝ යළි පළමු තැනගැසට් පතින් සහතික කරපු ඒ තැනනිකමුන් අතර නිකමුනගේ පළමු තැනආසයි මහතුනේ, පිළිගන්න මේ පත.- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර.
BLOG
මෙවර ද ලෝක ළමා දිනය වෙනුවෙන් අප විද්‍යාලය ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබූ අතර සිසුන්ට අයිස්ක්‍රීම් සංග්‍රහයක් සහ ළමා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සිදුකෙරිණි.
BLOG
....................................
BLOG
ඉහතින් දැක්වෙන්නේ ඊයේ උදයේ කො‍ටුව දුම්රියපොල අසල දී යම් කිසි පිරිසක් විසින් බෙදූ පත්‍රිකාවක මාතෘකාවයි. මේ මාතෘකාව දු‍ටු විගස පත්‍රිකා ලබා ගත් පිරිස් ඒවා එතනම විසි කර දමා සිය අතර එසේ විසි කළ පත්‍රිකා දහස් ගණනම් කො‍ටුව දුම්රිය පොල අවට සුළඟේ පාවෙමින් තිබිනි. ඉතා හොඳ කඩදාසියක මුද්‍රණය කර තිබූ මේ පත්‍රිකාවේ වගකීම ගෙන තිබුනේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානය නම් සංගමයකිනි. (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය නොවේ)ඉදින් මේ විශ්වවිද්‍යාල සිසුන් යැයි කියා ගන්නා කණ්ඩායම විසින් මෙරට පොදු ජනයා වන අප මහින්දට ඡන්දය දීමට හේතු වශයෙන් දක්වා තිබුනේ පහත කරුණුය.1.බුලත් විටක් හපා ඇඟිලි දෙකින් දෙතොල් තද කොට අඩි ගණනම් ඈතට බුලත් කෙළ පහරක් විදින්නට හැකිවීම2.නියරක් දිගේ ඇවිදින්නට පුළුවන් වීම3. සරම වලාපොට ගැසීම4.නිරාවරණ දෙපයින් ඇවිදීම5. හමුවෙන අයට අයියේ, මල්ලියේ,මාමේ,නැන්දේ,කියා කතාකිරීමට හැකිවීම6.ඉතිරි පිටාර ගලන දරු සෙනෙහස( අම්මප ඔව් ඕයි)7.පුංචි දරුවන්ගේ නාසය මිරිකීම8. බ්ලා බ්ලා බ්ලා(මොකොද කියන්නේ අපිත් දෙමුද).
BLOG
සුබ දවසක් වේවා ඔබ සැමට.. අපි මහනුවර හෙළවිජය තරුණ සංවිධානයේ ‘‘තුරුණු පාරමී“ වැඩසටහන් මාලාව යටතේ පෙරේදා 2014- සැප්තැම්බර් 17 සවස මහනුවර හන්තාන වතුයායේ සේවය කරන අසරණ මිනිසුන්ගේ දරුවන් වෙනුවෙන් පුංචි වැඩසටහනක් සිදුකළා. එම ප්‍රදේශයේ දරුවන් උදෙසා අපි පාසල් උපකරණ බෙදාදුන්නා. හන්තාන තේ කර්මාන්ත ශාලාවේදී මෙම වැඩසටහන එදින සවස 4ට පමණ සිදුවුණ. දරුවන් 50 පමණ සහ ඔවුන්ගේ මව්පියන් ද මේ වැඩසටහනට පැමිණ සිටියා. ගොඩක් අසරණ මිනිසුන් පිරිසක්. භික්ෂූන් වහන්සේලා කෙරෙහි බොහෝ ගෞරවක් මේ මිනිසුන් තුළ තිබෙනවා. ඒ බව වැඩසටහන පුරාවට අපට දකින්න පුළුවන් වුණා. ළමුන් වෙනුවෙන් වටිනා ඔවදන් ලබාදෙමින් කෙටි දෙසුම් කිහිපයක් සිදුකර අප පාසල් උපකරණ බෙදාදුන් අතර එහිදී පාසල් උඵකරණ ලබාගත් ළමුන් අපූරු නර්තන කිහිපයක්ද ඉදිරිපත් කළා. අවසානයේ පැමිණ සිටි දරුවන් උදෙසා කුඩා සංග්‍රහයක්ද අප සිදුකළා. පාරම්පරිකව තේ දළු නෙළනා මේ මිනිසුන්ගේ දරුවන්ගේ අනාගතයත් එම වෘතිය බවට පත්වෙලා. එය එසේම විය යුතුයැයි මා නම් කිසි දිනක සිතන්නේ නැහැ. එබැවින් මේ මිනිසුන් වෙනුවෙන් ද අපට හැකි දෙයක් ඉදිරියේදීද සිදු කරනවා. අපගේ ව්‍යායාමය ‘‘අසරණයන් වෙත පිහිට වීමයි.“ වැඩසටහනින් පසුව දමිල වුවත් ඒ මිනිසුන් එක් අයෙකු නෑර අප වෙත පැමිණ නමස්කාර කිරීම ඔවුන් තුළ භික්ෂුව කෙරෙහි පවතින ගෞරවය මැනවින් ප්‍රකට කරන්නක්. තවත් මෙවැනි වැඩසටහනකින් නැවත හමසුවෙමු. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි.
BLOG
එන්න....මා නුඹව රැගෙන යමි.දෑතිතින්ම අල්ලාන.....මගේ ෆැන්ටසියට..එන්න...රැගෙන යමිසුරත ගෙන..මා දකින සුන්දර ලෝකයට...ඉතින් විදින්න ..ඒ.. සුන්දරත්වය...සත්තයි නුඹ ලොබ බදියි දැන්..මේ ෆැන්ටසියට....ඔව් නුබට ලෝබයි..දැන් මේ ලෝකය නුඹේ...ඉදින් තව දුරටත් ... නුඹ නරඹන්නකු නොවේ...මේ ෆැන්ටසිය නුබේ......දැන් නුඹට දැනෙනව..දැන් නුඹ පිය නගනව..දැන් නුඹට තියෙනව..අරමුණක් .. මාවතක්..මේ......ෆැන්ටසියෙන් උත්තේජනය වුනු.උඹම තොරගත්...දැන් ඉතින් කෝ .. කොහිද .රැගෙන ආ මා සුරත..අත හැරිල නේද .නොදැනීම........දැනුනද නුඹට අතහැරැණු බව...සත්තයි නුඹ උරණ වෙයි..මා එක්ක..නාවාට... පිය නගන්නට..ඒ නුඹේ මාවතේ.. නුඹ සමග... නුබේ ෆැන්ටසියට..සත්තයි නවතිමි මම..නුඹට අවසරයි යන්නට..නුඹේ මාවත දිගට..රැගෙන එමි තවකෙක් හැකිනම්...මේ ෆැන්ටසියටවාරු තිබුනොත් දෙපයට..තව දුරටත්..එයයි මාගේ කාර්යය.සුභ ගමන් අල්තීනායී...පොප්ලරයෝ සිටියෙතින්...කියයි ලෝකයට..අප ද සිටි වග.
BLOG
“ රා බොමු “පැසවා ලබා ගන්නේ කරිඤ්ඤං වන අතර හුමාල ආසවනයෙන් හැලි අරක්කු නිපදවයි. දෙවියන්ට ගහන වර්ගය “ පොල් “ වන අතර බල්ලන්ට ගහන්නේ “ගල්“ය. “මෙන්ඩිස්“ යනු මධ්‍යමා ප්‍රාන්තිකයන් අතර ඉමහත් ජනාදරයට පත් වූ අයෙකි. මල් තලා ගන්නා තෙලිජ්ජ පැණි රසින් වැඩි ඉමිහිරි පානයකි. තෙලිජ්ජ මුට්ටි කිහිපයක් වැඩි වේලාවක් ඝන වන තෙක් ලිපේ හැඳිගාමින් පැණි සාදා ගත හැකි සේම , තෙලිජ්ජ මුට්ටිය හොඳින් පැසුණු පසුව “ රා“ නිපදවා ගනී. රා බීමෙන් බඩ වැඩෙන අතර රා ගුඩ්ඩෙකු වූ මාගේ මිතුරෙකුට වෙච්චි ඇබැද්දියක් ද මතකයට නැගේ....එදින පොහොය දිනයකි. මාගේ මිතුරාත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුත් එක්ව කතිකා කර ගත් පරිදි වාද්දුව ප්‍ර දේශයේ රා ඉසව්වකට ඉව අල්ලන්නට විය. ගහෙන් බාපු ගමන් බඩු වලින් හොඳ පදම් සප්පායම් වූ මිතුරන් රෑන හවස් වද්දී වැනි වැනි ම නැවත නිවෙස් බලා ඒමට බස් රථයකට නැග්ගේ නිවෙස් වූයේ වාද්දුව සිට සැලකිය යුතු දුරකින් නිසා ය. පුර පුන් පොහෝ දිනයක් වූ එදින බසයේ වාඩි වීමට ඉඩ නැති වූයේ බසය පුරාම වාගේ වාඩි වී සිටි රා මෙන් සුදෝ සුදු ඇදුම් ඇද ගත් සිල් ඇත්තන් නිසාය. සිල් පවාරනය කර නිවෙස් බලා යමින් සිටි බහුතර සිල්ඇත්තන් වයසක උපාසකමාතාවන් විය.සිල් සුවඳ පරයා හරිමින් රා ගුඩ්ඩන්ගේ මත් සුවඳ බසය පුරා පැතිරී යන්නට විය. වාඩී වීමට ඉඩ නොමැතිව සිට ගෙන යන අනිකුත් මගීන් ද රා ගුඩ්ඩන් වෙත ළං නොවූයේ ඔවුන් වෙතින් වහනය වන සුවඳ නිසා වන්නට ඇත. බසයේ හරස් පොල්ලේ එල්ලී ගත් නොසන්ඩාල කොලු රැළ බසයේ පිටු පස හරියේ වාඩි වී සිටි කෙල්ලන් රෑනකට විහිළු කරමින් වැනි වැනිම එල්ලී එමින් සිටියි.ඔවුන්ගෙන් හුදකලා වූ මා මිතුරා බසයේ මැද හරියේ නිදහසේ පොල්ලේ එල්ලී ඒ පැත්තට මේ පැත්තට වැනි වැනී නමුත් නොවැටී ගමන් කරයි. එය බලා ඉන්නට නම් අපූරු දසුනකි. ඔහු විටෙක ඔහු අසල වාඩි වී සිටින උපාසකමාතාවගේ ඇගට වැටෙන්නට ඔන්න මෙන්නව මෙන් ය තවත් විටෙක අත ඇඹරී ගොස් අනිත් පසට වැටෙන්නට ඔන්න මෙන්නය. උපාසක මාතාව ද ඔහු වැනෙන වැනිල්ලේ ගානටම අසුනේ සිටම අපහුසෙවන් මෙන් එහා මෙහා වෙයි. ළඟ වාඩි වී සිටිනා සමවයස් උපාසිකා මාතාව දෙස බලා ඇස් වලින් රහසින් කතා කරයි. උරහිස් අකුලයි. නමුදු වචනයක් හෝ නොදොඩයි.වැනිල්ල වැඩි වූ නිසා දෝ මන්දා රා ගුඩ්ඩා ගේ උගුරට , රා පිරි රා බඩේ සිට ආවේ “ රා ගුඩුස් “ එකකි. වැනිල්ලත් සමඟ එකවර පැමිණී රා ගුඩුස් එකට බිය වූ උපාසකමාතාව එක්වරම හඬ නඟා මුළු බසයටම ඇසෙන්නට මෙසේ කීවා නොව කියවුනාය.“ අනේ බුදු පුතේ වමනේ කරන්න නම් එපා “තවත් රා කතා නම් අපමණය. එයට හේතුව වන්නේ , මාගේ උපත සිදු වූයේ රා මදින පොල් මණ්ඩිය ක මැද පිහිටි ඉපැරණි කුඩා නිවසක වීමයි. කුඩා අවදියේ සිටම රා ගුඩ්ඩන් , රා මදින්නන් , රා පීප්ප , මල් කතුර , අතුර මා දෑසට හොඳින් හුරු පුරුදුය. අදටත් රා සුවඳක් දැනුන විට දී දෑස් පියාගෙන මගේ කුඩා අවදියට දිව යාමට මට හැකි ය. එතරම්ම රා සුවඳ මා මතකයේ ඇති කර ඇත්තේ නොස්ටැල්ජියාවකි.මාගේ පියාගේ සේවා කාලය අවසන්ව රට තුළට ඔහුට ලැබුනු ස්ථාන මාරුවත් සමඟින් රා සුවඳින් පිරි පොල් වත්තේ කුඩා නිවසට සමු දීමට සිදු වූව ද ජීවිතයේ නොමැකෙන සොඳුරු අවදියක් සනිටුහන් කළ ඒ සුවඳට අදත් ප්‍රිය කරමි.ස්ථාන මාරුවත් සමඟින් ම තාත්තාට නොමිලේම උදයේ ම ලැබෙන “රා වඩිය“ නොලැබී යාම නිසා කිසිදා නොලැබෙන බබෙක් සිටි ඒ ලොකු බඩ ගෙඩිය සීශ්‍රෙයන් බැස ගොස් තාත්තා නැවතත් හැඩකාරයෙකු වූ බව නම් නොකියාම බැරිය.රා සුවඳට තවමත් ඇලුම් කරනමම෴ සොඳුරු ෴.
BLOG
ගොඩාක් කාලෙකට පස්සෙ ආයිත් බිලොග් එකක් තියෙනවා කියලා මතක් වුණා...ඉතින් ගොඩවුණේ මෙ දවස් වල හැමෝම කතා කරන දේ ගැන මට හිතෙන දේ ගැන කියන්න..ඔය පින්තුරේ තියෙන්නෙ අන්න ඒ මගේ අදහස් ටික තමයි.....ඉතින් ඔයාලා විරුද්ධ වෙන්නත් පුලුවන් ...පක්ෂ වෙන්නත් පුලුවන්...ගිහින් එන්න ඉක්මනටම ආයිත් පෝස්ටි ටිකක් ඉක්මනටම අරගෙන.
BLOG
හැම අවුරුද්දකම වගේ පැවැත්වෙන Sri Lanka Cyber Games (SLCG) ඔන්න මේ මාසේ පැවත්වෙනවා. ඔයාලා දන්නවනේ මේක තමයි ලංකාවේ විශාලතම Gaming Competition එක. ලංකාවේ ඉන්න හොඳම gamers ලා මේකට සහභාගී වෙනවා. හැමදාම වගේ COD 4, DOTA 2, Counter-Strike, Most Wanted වගේ games රැසක් මේ පාරත් ඇතුලත්. ඔයාටත් මේ කියන games වලට දක්ෂතාවයක් තියෙනවා කියලා හිතෙනවානම් 5 දෙනෙක්ගේ කණ්ඩායමක් හදාගෙන අදම අයදුම් කරන්න පුළුවන්.Competition එක පැවැත්වෙන්නේ ප්‍රධාන අධියර දෙකකට. පළවෙනියට Kandy වලින් කණ්ඩායමක් තෝරා, දෙවනුව Colombo වලින් තේරී පත් වුනු කණ්ඩායම අතර ඒ කණ්ඩායම් අවසාන තරඟය පවත්වනවා. ඔයාලට ආසන්නම Colombo or Kandy මධ්‍යස්ථාන වලින් එකක් තෝරලා Register වෙන්න පුළුවන්. මෙවර තරඟ පැවැත්වෙන වේලාවන් හා මධ්‍යස්ථාන.KANDY6th, 7th December 2014Kandy City CenterCOLOMBO19th, 20th, 21st December 2014BMICH Main Banquet Hall වැඩි විස්තර සඳහා පහත link වෙත පිවිසෙන්න.lkFacebook Pageඔයා game වලට අසා කරන කෙනක් නම්, මේකට තරඟ කරුවෙකු හැටියට සහභාගී නොවුනත් Competition එක බලන්න හරි යන්න. මොකද ඒක ඔයාට හොඳ අත්දැකීමක් වේවි කියලා මන් විශ්වාසයෙන් කියනවා. ඔයා ගෙදරට වෙලා පුටුවේ වාඩි වෙලා සෙල්ලම් කරනකොටයි, Competition එකක සිය ගණනක් මැද්දේ තරඟ වදිනකොටයි දැනෙන වෙනස ඔයාට එතැනදී දැනේවි.
BLOG
සජීවී රුපවාහිනී වැඩසටහන් නැරබීමට මෙන්න මෙතන ක්ලික් කරන්න සජීවී විකාශනය සමග එක්වන්න .......නිව් ඊ ශ්‍රී ලංකා විසින් ඔබ වෙත ගෙනෙන නවතම රූපවාහිනි නාලිකා දැන් සජිව්ව නරබන්න.ලගදීම රුපවාහිනි නාලිකා 50 ක් ඉක්මවාසජීවීව විකාශනය කිරීමට නිව් ඊ ශ්‍රීලංකා බලාපොරොත්තුවේ.එතෙක් රැදීසිටින්නඅපත් සමග .
BLOG
මෙම සටහන Fedora/CentOS/RHEL මත ජුම්ලා ස්ථාපනයට භාවිත කළ හැක. පරිගණකයට පිවිසිමේන් අනතුරුව ටර්මිනල් එක විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න.1.zip ජුම්ලා නවතම නිකුතුව අවශ්‍ය නම් පහත සබැඳිය භැවිත කළ හැක.htmlමෙම ස්ථාපනය ක්‍රියාත්මක කිරීමට පෙර ඔබේ පද්ධතියේ apache, php සහ mysql ස්ථාපනය කර තිබීම අවශ්‍ය වේ. හන්තාන 14 නිකුතුවේ සිට සියලුම නිකුතුවන් පෙරනිමියෙන්ම apache, php සහ mysql ඇතුළත් වේ.නමුත් වෙනත් පද්ධතියක් සඳහා ස්ථාපනය කරන්නෙ නම් පහත විධානය ලබා දෙන්න.root පරිශීලක ලෙස පිවිසීමට su විධානය ලබා දෙන්න.[danishka@localhost ~]$ suPassword: [root@localhost danishka]# yum -y install httpd php mysql mysql-server php-mysqlහන්තාන ලිනක්ස් පද්ධතිය තුළදි ඉහත දැක්වෙන විධානය ලබා දීම අවශ්‍ය නොවේපහත විධාන මඟින් mysql සහ apache සේවාවන් ඇරඹීම සිදුවන අතර පරිගණකය ආරම්ඹ කිරීමේදි ස්වයංක්‍රීයව එම සේවා ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම zip කළ ගොනුව myweb ලෙස සාදාගත් බහලුමට extract කරගමු.1.1.zip [root@localhost danishka]# chown -R apache:apache /var/www/html/myweb/දැන් අපි Joomla ස්ථාපනය සඳහා භාවිත වන MySQL තුළ අවශ්‍ය වන සැකසුම් හදාගනිමු.* TO hanthana@localhost IDENTIFIED BY 'hanthana123';mysql> flush privileges;mysql> \qඉහත විධාන වල Joomla යනු ජුම්ලා වැඩසටහන සඳහා භාවිත කරන Database එක වන අතර hanthana යනු database එකෙ පරිශීලකවන අතර එම පරිශීලක සඳහා මුරපදය hanthana123 වේ.දැන් ඔබේ පරිගණකයේ ඇති Firefox වෙබ් බ්‍රවුසරය විවෘත කර, http://localhost/myweb ලිපිනය විවෘත කරන්න.දැන් අපි අවශ්‍ය තොරතුරු ලබා දෙමින් ජුම්ලා ස්ථාපනයට අවශ්‍ය මූලික තොරතුරු ලබා දෙමු.Database එක අවශ්‍ය සැකසුම් පහත පරිදි ලබා දෙන්න... ඉන්පසුව දකුණු පස ඉහළ කෙලවරේ ඇති Next බොත්තම ඔබන්න. FTP සැකසුම් ලබා දීම අවශ්‍ය නොවේ.දකුණු පස ඉහළ ඇති Next බොත්තම ඔබන්න දැන් ස්ථාපනය බොහෝ දුරට අවසන්... ඔබ ජුම්ලා සඳහා නවකයෙක් නම් වෙබ් අඩවියට සාම්පල දත්ත ඇතුළත් කර එය පසුව වෙනස් කර ගැනීම වඩා යෝග්‍ය වනු ඇත. ඒ සඳහා ඕනෑම සාම්පල දත්තයක් තෝරා දකුණු පස ඉහළ ඇති Install බොත්තම ඔබන්න.දැන් ඔබේ පද්ධතියට ජූම්ලා ස්ථාපනය වනු ඇත. ජුම්ලා ස්ථාපනය අවසන්..ඔබේ ස්ථාපනය අවසන් වූ විට යම්හෙයකින් ස්ථාපන ගොනු ඔබ විසින්ම ඉවත් කළ යුතුනම් පහත විධාන දෙන්න.[root@localhost danishka]# cd /var/www/html/myweb/ [root@localhost danishka]# mv installation/ /opt/දැන් යළිත් Remove Installation Folder මත ක්ලික් කළ විට ස්ථාපන බහලුම ඉවත්කරන ලෙස කරන නිවේදනය දිස්වන්නෙ නැත.දැන් යළිත් ඔබට අවශ්‍ය ලෙස Site හෝ Administration බොත්තම් දෙකෙන් එකක් එබිය හැක.Site යනු ඔබේ වෙබ් අඩවියට අදාල මුල් පිටුව වන අතර Administration හරහා ඔබේ අඩවියේ අවශ්‍ය පරිපාලන සැකසුම් කරගත හැක.Extra steps: Instal languages යටතේ ඔබට ජුම්ලා මුහුනත ඉංග්‍රීසි බස හැර සිංහල සහ දමිළ බසින් භාවිතයට අවශ්‍ය පහසුමක් සලසා දේ. ඉංග්‍රීසි බසින් භාවිතය ඔබට වඩාත් පහසු විය හැක.වෙබ් අඩවියට පිවිසීමට: http://localhost/myweb/කළමණාකරන මුහුණතට පිවිසීමට: http://localhost/myweb/administrator/index.phplocalhost යන්න අදාල අවස්ථාවෙන් පසු ඔබෙ domain නාමය අනුව සැකසුම් තුළ දි වෙනස් කරගන්න.සුභ පැතුම්. :)මෙම සටහන මිතුරකුගේ ඉල්ලීමක් මත ඉතා ඉක්මනින් සැකසූ නිසා අඩුපාඩු තිබිය හැකි අතර. ස්ථාපනය විනාඩි 30කට අඩු කාලයකදි සිදු කළ හැක. විධාන ලබා දිමේදි කලු පැහැති අකුරින් ඇති කොටස් පමණක් පිටපත් කරගන්න.උදා: පහත විධානයෙදි ඔබ පිටපත් කරගත යුත්තෙ mkdir /var/www/html/myweb කොටස පමණි.
BLOG
"ඉතින් මොකද්ද ඔයාගේ කතාව. "මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු, ඇසීය."මම ඔයාටදැනටමත්මගේ කතාව කියලා ඉවරනේ... මගේ ලෙඩේ හොයා ගත්තේ....""නෑ...නෑ... ඔයාගේ cancer කතාව නෙවේ, ඔයාගේ කතාව.ආසාවල්, විනෝදාංශ, ළැදියාවන් ඒ වගේ.""හ්ම්""ඔයා අර තමන්ගේ ලෙඩේ, තමන්ගේ ජීවිතේමකරගත්තකෙනෙක් කියලා නන් කියන්න එපා.මම එහෙම ගොඩක්දෙනා දන්නවා, ඒක හරිම හිත අධෛර්යමත් කරන දෙයක්.පිළිකාවක් කියන්නේ වැඩීමක්. එහෙම වෙලා මිනිස්සුන් ව යටපත් කරගන්නවා.ඒ උනට මම හිතන්නේ නෑ ඔයා ඒකට අකාලයේ දිනන්න ඉඩ දීලාඇතිකියලා."සමහර විට මම එහෙම වෙන්න ඉඩ දීලා ඇති. මම, මාව ඔහුට, ඔගස්ටස් වෝටර්ස් හට උනුසුම් ලෙස වැළඳ ගන්න පුළුවන් විදිහට හඳුන්වා දෙන්න වෑයම් කලා, නමුත් පසුවූ නිහැඬියාවත් සමඟ, මම කියන්න තරම් වැදගත්කමක් ඇති ජීවියෙන් නොවන බව මට හැඟුනා."මම ඉතා සාමන්‍ය කෙනෙක්.""මම කොහොමටවත් ඒක පිලිගන්න කැමති නෑ, ඔයා කැමති මොනවාටද.හිතට එන පලවෙනි දේ කියන්න""හ්ම්. මම කියවන්න කැමතියි.""හරි. ඉතින් ඔයා මොනවද කියවන්නේ.""හැමදෙයක්ම... අජූත ආදර කතා, බොරු මවාපෑම් වලින් පිරිච්ච ප්‍රබන්ධ කෘති වල ඉඳන් පද්‍ය කාව්‍යයන් වෙනකන්...""ඔයා කවිත් ලියනවා ද.""නෑ නෑ... මම කවි ලියන්නේ නෑ.""ඒකනේ, හේසල් ග්‍රේස්. ඔයා තමා ඇමරිකාවේ ඉන්න කොල්ලො කෙල්ලන්ගෙන් කවි ලියන එකට සාපේක්ශව කවි කියවන්න කැමති එකම එක්කෙනා...ඒකම ඇති මට ගොඩක් දේවල් දැන ගන්න.ඔයා ගොඩක් ලොකු පොත් වෙන්න ඇති කියවනවා ඇත්තේ...""හ්ම්, මම හිතනවා එහෙම""ඉතින් කැමතිම පොත මොකද්ද."ඒ වෙනකොට මගේ කැමතිම පොත වෙලා තිබුනේ 'මහේශාක්‍ය වූ සන්තාපනයක්' කියන පොත.ඒ වුනත් මගේ ඒක ගැන වෙන අයට කියන්න කැමැත්තක් තිබුනේ නෑ... සමහර වෙලාවට, අපිට පොතක් හම්බුවෙලා ඒක කියෙව්වාම එක විදිහක සිතිවිල්ලකින් අපේ හිත පිරෙනවා, අපි හිතනවා, මේ කැඩිලා බිඳිලා ගියපු ලෝකේ එකක් වෙන්න, ඒ පොත සර්ව මානව සංහතියම කියවන්න ඕනේ කියලා, ඒත් මහේශාක්‍ය වූ සන්තාපනයක් වගේ දුර්ලභ ගනයේ විශේෂ පොත් තියෙනවා අපිට වෙන කාටවත් කියන්න බැරි, ඒහෙම කියන එක ඒ පොතට කරන ආදරය හෑල්ලුවට ලක් කිරීමක් වෙනවා.ඇත්තටම කියනවානන් ඒ පොතේ මහා ලොකු විශේෂත්වයක් තිබුනෙත් නෑ, ඒත් මේ පොතේ කතුවරයාට මාව හඳුනාගන්න මහ අද්භූත හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. එක විදිහකට කිව්වොත් ඒක මගේ පොත. හරියට මගේ ශරීරය මගේ වෙනවා වගේම මගේ සිතිවිලි මගේ වෙනවා වගේමත්.අන්තිමේදී මම ඔගස්ටස් ට මගේ ඒ පොත ගැන කිව්වා."මම මහේශාක්‍ය වූ සන්තාපනයක් කියන පොත ට කැමතියි.""ඉතින් ඒකේ zombies ලා ඉන්නවාද..""නෑ.මම මගේ හිස වනා නෑ ඒක එහෙම පොතක් නෙවේ යි පැවසුවා.ඔහු සිනාසුනේ ය."මම storm troopers ලා වත් නැති ඒ කම්මැලි අජූව පොත කියනවනවා." ඒ ඔහුගේ පොරොන්දුවයි.අපරාදේ මම ඒ පොත ගැන කිව්වේ. මම පසුතැවුනෙමි.ඔහු ඇඳ අසල බිම ගොඩ ගසා තිබුන පොත් ගොඩක් දෙසට නැමී, පොතක් හා පෑනක් අතට ගත්තේය."මම ඒ වෙනුවෙන් ඔයාගෙන් ඉල්ලන්නේ මම ආසම video game එක ගැන ලියවුන මේ උත්කෘශ්ඨ පොත කියවන්න කියලා විතරයි." ඔහු ඒ පොතේ සඳහනක් කරමින් පැවසී ය. "මෙන්න" , ඔහු The Price of Dawn නම් පොත මගේ අතට දුනි. මට හිනාව වලක්වා ගන්නට බැරි විය.පොත් හුවමාරුවේ දී පටලැවුන අතැඟිලි අතිනත ඇල්ලීමක් දක්වා දුර දිග ගියේ ය."සීතල යි."මගේ සුදුමැලි වුන අතට තම ඇඟිලි තද කරමින් ඔහු කීවේය."ඒ සීතල නෙවේ, ඔක්සිජන් මදි කම.""මම හරි ආසයි ඔයා මට වෛද්‍ය විද්‍යාත්මක විදිහට කතා කරන කොට", ඔහු නැඟිට මට නැඟිටීමට සහය විනි. අප තරප්පු පෙල ආසන්නයට යන තුරුම අත් නොහැරියෙමු.(The fault in our stars පොතෙහි සුළු කොටසක පරිවර්තනය කිරීමට ගත් වෑයමක්).
BLOG
ප්‍රවීණ නළු සනත් ගුණතිලක රෝගී වී මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව අප වෙත වාර්තා වෙනවා.මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මීට වසර ගණනාවකට පෙර, විජය කුමාරතුංගයන් සමග "රජ වැඩකාරයෝ" චිත්‍රපටයේ රඟපෑ අවස්‌ථාවේ සටන් ජවනිකාවකදී කොන්දේ ඇති වූ අස්‌ථි ආබාධයක්‌ යළි මතුවීම නිසා සනත් මෙසේ රෝගී වී තිබෙන බවයි.වෛද්‍ය ලෙස්‌ලි ධර්මවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ හැත්තෑහතර වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන සනත් ගුණතිලක මහතාට නේවාසිකව සිට නොකඩවා භෞත චිකිත්සක ව්‍යායාම සිදු කරන ලෙසට වෛද්‍ය උපදෙස්‌ ලැබී තිබෙනවා.
BLOG
නුවන් ඉවුරේකෙමෙන් කෙමගැටී විසිරීඅහස් ගඟ ගලා බසීස‍ඳේ සීතල සොරා‍ ගෙනඉතින් සොඳුරියරාත්‍රිය පුරාවටනුවන් තල නො ගැටෙන්නවග බලා ගමිගඟට බාධා නො වන්න.
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}සෙනෙහසින් ලෙයකිරට හැරවූහඩන කල දී වඩානැලවූවැටෙන විටනැගිටින්ට දිරි දීපිය නගන්නටදෑත දිගු කල,ගුරුන් අතරින්ගුරු තරුව වීපොත පතින් ලදදැනුම සමගින්නැණ නුවන දීයෙහෙන් හිදිනටමැසි මදුරුනෙක රුදුරු පීඩානොම දැනෙන්නටරැකවරණ දුන්,පැරදුමකදීදිරි ලබාදීදිනුම අභියසතුටින් ඉපිලුනයනෙන මගතොට සවියඅවියක්සෙවනැල්ලක්හිසට සෙවනක් -ගතට සිහිලක් වුකිරි කදුළ ........නුඹ ලෙඩඇදේ.
BLOG
වරිච්චිබිත්තියේ හිදැසක් තුළ වූ හූනු බිත්තර තුන පිළිබඳව දිනපතා සොයා බැලීමට සෝම උනන්දුවූවාය. දිනෙක රාත්‍රියේ එක් බිත්තරයක් ගෙන කුප්පි ලාම්පුවේ එළියට අල්ලා බැලූ ඇය ඒතුළ වැඩෙමින් සිටින කුඩා හූනු පැටියෙකු සිටිනු දුටුවාය. ලොකු හූනන් දුටුවිට පිළිකුලක්ඇති වුවද සෝමා මේ පුංචි හූනු බිත්තර පිළිබඳව ඇල්මකින් පසුවූවාය.එක් දිනක සෝමාටදැකගත හැකි වූයේ එම හූනු බිත්තර තුනෙන් දෙකක්ම බිම වැටී බිඳී ගොස් ඇති බවයි. නයි කූඹිරැළක්ම බිඳුණු බිත්තර වටකරගෙන ඒවා ආහාරයට ගන්නා අයුරු ඇය දුටුවාය. තම සිත්ගත් හූනූබිත්තරවලට අත්වූ ඉරණම පිළිබඳව ඇගේ සිතට දුකක් දැනුණි.ඉතිරිබිත්තරය හෝ රැකෙනු පිණිස සෝමා එය හිදැස තුළට තල්ලු කළාය. ලියා එව්වේ - වර්ණ.
BLOG
කදුලු නැනෙතු මත....................නුබත් හරියටෆැන්ටසියක් වගෙහිතුවද.......දුක් වෙන බවමා ,සුසුම් නැසැලෙන්නෙ නුබ වෙනුවෙන්..............එත්,දුකයිනුබ යතාර්තයට ටිකක් දුරින්ඇති මායාව තුල සැගවි ඇති බව........වී කාල වර්ණ කෙස් රොදඅතරින් පෙනෙනෙරන් පැහැති වර්ණ්යටලොබ බදිනමාසිතදවටවන අතැගිලිනුබෙ ගෙල මත................පියමනින්නට අවසරයිෆැන්ටසි කුමරියටවිදින්නටඔබෙ ඔයහිත පුරා ඇතිෆැන්ටසි සිහිනයෙ...........෴෴සචි෴෴.
BLOG
එන්නකෝ එන්නකෝමා වැළඳ ගන්නකෝසාදරයෙන් පිළිගනිමිහනි හනික එන්නකෝනින්දෙන් මා වෙළාතදින් බැඳ ගන්නකෝසොඳුරු වූ සිහිනයන්අනේ පෙන්වන්නකෝසැබෑ වූ ලොවෙහිදීලබාගත නොහැකි දේසිහිනෙන්වත් ඇවිත්මට හනික දෙන්නකෝ- රුක්ෂිලා වෙත්තමුණි -**සිහින ගැන කලකට ඉහතදී පළ කළ ලිපියක්. කියවන්න බැරිවෙච්ච අය පහත ලින්ක් එකෙන් කියවන්නhttp://rukshila-wettamuni.com/2014/03/blog-post_9.
BLOG
අද අරගෙන ආවේ මේ අවුරුද්දේ එනකම් මඟ බලන් හිටපු Thriller චිත්‍රපට වර්ගීකරණය යටතට වැ‍ටුණු The Guest චිත්‍රපටයයි. අධ්‍යක්ෂණය Adam Wingard වන අතර Dan Stevens, Maika Monroe, Brendan Meyer and Lance Reddick යන තරු රංගනයෙන් චිත්‍රපටය හැඩගන්වනවා.කතාව ගැන කියනවනම්,පීටර්සන් පවුලෙ පුතෙක් වන කෙලෙබ් ඇෆ්ගනිස්ථාන යුද්ධෙදී මියයනවා.කෙලෙබ් තමයි එම පවුලේ වැඩිමහල්ම දරුවා.ඔහුගෙ පවුලෙ ඉන්නෙ දෙමපියන්ට අමතරව නංගී කෙනෙක් හා මල්ලි කෙනෙක්.මේ අතර නොසිතූ විදිහට ඔවුන් සිටින ගෙදරට ඩේවිඩ් කොලින්ස් නමැත්තෙක් පැමිණෙනවා කෙලෙබ්ගෙ මිත්‍රයෙක් යැයි පවසමින්.ඒ වගේම ඔහු පැමිණියේ කෙලෙබ්ට වූ පොරොන්දුවක් ඉෂ්ට කිරීමට බවත් පවසනවා,ඒ වෙන මොකවත් නෙවෙයි ඔහුගෙ පවුල ගැන බලාගන්න බවට වූ පොරොන්දුවක්. ඩේවිඩ් ඔවුන් වෙත පවසන්නේ ඔහු යුද්දයේදී තුවාල වී හමුදා රෝහලක ටික දවසක් සිටීමෙන් අනතුරුව ඔහුව සේවයෙන් ඉවත් කළ බවයි ඔහුගෙ ශාරිරික තුවාල වීම් හේතු කොටගෙන.ඔහු කෙලෙබ්ගේ මිත්‍රයෙක් බව පීටර්සන් මහත්මියගෙ ගෙදර තිබෙන ඡායාරූපයකින් සනාථ කරනවා. ඩේවිඩ් කියන්නෙ ආචාරශීලී වගේම යහපත් මිත්‍රශීලී කෙනෙක් වන හෙයින් පීටර්සන් මහත්මිය ඔහුට කැමති කාලයක් ඔවුන් සමඟ නවාතැන් ගන්න මෙන් පවසනවා.ලූක් හෙවත් කෙලෙබ්ගෙ මල්ලිට පාසලෙ වෙන කරදරයකින් ඩේවිඩ් ඔහුව බේරගන්නවා. පීටර්සන් පවුලේ අයට උදව් වෙමින් ඩේවිඩ් ඔහොම කල් ගෙවනවා.අන්තිමේදී කෙලෙබ්ගෙ නංගීට දැනගන්න ලැබෙනවා ඩේවිඩ් කොලින්ස් යුද්ධෙදී මිය ගිය අයෙක් බව.ඇනා දැනගනිද්දී වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.ඔතනින් තමයි ඔක්කොම කණපිට හැරෙන්නේ.ඇත්තටම ඇත්තටම මේ අමුත්තා කවුද. ඩේවිඩ් අතින් කී දෙනෙක්ට වන්දි ගෙවීමට සිදුවේද. ඇත්තටම ඩේවිඩ් පැමිණියෙ තම මිත්‍රයා වූ කෙලෙබ් හට වූ පොරොන්දුව ඉෂ්ඨ කිරීමටද. අමුතුම කතාවක් තියෙන්නෙ.එහෙනම් විනාඩි 99ක් පුරාවට ත්‍රාසය,භීතිය,කුතු හලය මුසුවූ "The Guest" සමඟින් එකතුවෙන්න.Dan Stevens සුපිරි රංගනයක නිරත වන අතර IMDB ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 7/10 වැනි ඉහළ අගයක්.තව දෙයක් මේකේ පසුබිම් සංගීතය ගොඩක් සිත්ගන්නා සුලුයි.ඔබ Action,Thriller,Mystery චිත්‍රපට රසිකයෙක් නම් ඔබ මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි.ඔබට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා යැයි පතමින් මම නික්ම යනවා.ප්‍රේක්ෂක අදහස් දැක්වීම් කිහිපයක්.....10/10and a wow..... ~ ඔබේ ජීවිතයට ඇතුළු කරගන්න හදන අය ගැන පරිස්සමින්... ~සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න750MB BRRIP Direct link file එක මෙතනින් ගන්න.
BLOG
මේ හියානාවේ හිම මාලිගා වල හීතලෙන් ගල් ගැහුණු...මගේ හිතේ නලියන හීන පොකුර...ආදරණිය ශතුල ....මගේ හීන පොකුරම රියැනියා ගහ මුදුනේ පිපුණු නපුරු රියැනියා මල ගිලගත්තා වාගෙයි...ඒ හීන පොකුරම පරදන සොඳුරු සිහිනය ඔයයි ශතුල...ඔයයි....අර කතා කරන මියැස් ගහෙන් අහලා බලන්න....හියානාවේ ඔටුන්න හිමි ශතුල කුමරුට අසරණ මේ පුංචි දාසි ආදරේ බව කියාවි...කැල්නිම් ගංගාව සිඳී යන තරමට ...මියැස් ගහ කතා කරන එක නතර කලත්...කැල්නිම් ගංගාව ගලන්න බෑ කියා කීවත් ...කවදාවත් නතර නොවෙන, වෙනස් නොවෙන ..මේ පුංචි දාසිගේ ලෙන්ගතුකම ඔයාටමයි ශතුල..."ඔටෙරා ....ඔයා දැක්කද දම් පාට ෆියරි මල් සුදු පාට වෙලා..ගොඩක් දුකෙන් එහෙට මෙහෙට යන හැටි..." මගෙන් ඇහුවේ පුංචි සයලි....එයා තමයි මට ඉන්න එකම යාළුවා..එයාට තියෙන්නේ මිනිස් මුණක් උනාට කොටළු ඇඟක් ..ඒත් එයා ප්‍රසන්නයි හුගක්......"ඇයි සයලි....මොකද්ද ඒ වෙනස....ගඟ උඩින් එද්දී මට ඇහුණේ කැල්නිම් ගඟත් හඬනවා වගේ.."මගේ හිතෙත් ඒ ගැන ලොකු කුකුසක්...."අද ශතුල කුමාරයා..මේ හියානාව අතහැරලා වෙනත් දේශයකට යනවා..නැවතත් ඔහුගේ පැමිණීම අනපේක්ෂිත දෙයක්...ඔහු යන්නේ නපුරු මකර රාජධානියකට..." සයලිගෙයි ඔටෙරාගෙයි කතාවට ඇහුම්කන් දී ගෙන උන්නු ෆියරි මලක් කිවේ බොහොම දුකින්..."අනේ මගේ ළය පැලී මැරි වැටේවි.....ඔහු තවමත් නොදන්න ඔහු වෙනුවෙන් මේ හදේ ගැහෙන ලෙන්ගතුකම.."මගේ හිත පුපුරු ගසමින් වේදනා දෙනවා...මං දාසියක්....ඔහු රාජ කුමාරයෙක්....නිකම්ම නෙවෙයි..මුළු හියානාවටම....ශතුලගේ ඇගේ වදින එක හුලඟකටවත් අයිතිවාසිකම් කියන්න මට බෑ ..මම ඔහුගේ දෙනෙත් දිහා අඩුම තරමේ කෙලින් බැලුවොත් ,මා එතැනම මරා දමන්නත් පුළුවන්....ඒත් ...ඒත් මේ හදවතේ කකියන හැඟීම....නෑ ....ඔටෙරා ...ඒවා වැදගත් නෑ .....ශතුල රාජ කුමාරයෙක්....ඔටෙරා ශතුල පෑගු වැලිකටයක් තරම් නොවටින අසරණ පුංචි දාසියෙක් ...යන්න අරින්න ඔටෙරා ..යන්න අරින්න .
BLOG
ඔයාලාට අද මම ගෙනාවා එම්පීත්‍රී ප්ලේයර් එකක්.. මේ ගැන දන්නේ නැතිව ඇති.. පට්ට භාණ්ඩේ.. එහෙම කීවයි කියලා ඔයාලා එක පාරටම මේ ගැන ගන්න ඕනේ නෑනේ නේද.. ඒත් මම කියන්නම් සාමාන්‍යයෙන් මේකේන කරන්න පුළුවන් වැඩ ටිකක්..ඔයාලාට පුළුවන් එම්පිත්‍රී ප්ලේ කරන්න...ඔයාලාට පුළුවන් මේකේ ස්කින් වෙනස් කරන්න... සයිට් එකට ගිහින් ගන්න පුළුවන්ඔයාලාට පුළුවන් සාමාන්‍යයෙන් සින්දුවක වොයිස් එක අඩු කරලා මියුසික් ප්ලේ කරන්න..ඔයාලාට පුළුවන් කැමති කලර් එකක් දාගන්නඔයාලාට පුළුවන් ඩෙස්ක්ටොප් එකේ කොනක මේ ප්ලේයර් එක හයිඩ් කරන්නඔයාලාට පුළුවන් ලයිබ්රී එකක් හදන්නඔයාලාට පුළුවන් එම්පීත්‍රී ෆයිල් එකක ලිවුවේ කව්ද, කියන්නේ කවුද, පින්තූරයක්.. වගේ ඒවා ඇඩ් කරන්න..තව.. එක එක මියුසික් නාද රටා.. ජෑස් සොෆ්ට් රොක් වගේ ඒවා... ප්ලේ කරන්න.. එහෙනම් මම ඇති නේ කියෙව්වා.. ඔයාලාම පොඩ්ඩක් අතපත ගාලා හොයා ගන්න ..ආයෙත් කියන්නේ පට්ට භාණ්ඩේ .. පොඩි ෆයිල් එකක්..*** යන්න කලින් කියන්නේ ඈම්ප් 2 එක යි ඈම් 3 එකයි ඩවුන්ලෝඩ් කරලා ඉස්සෙල්ලා ඈම්ප් 2 එක ඉන්ස්ටෝල් කරලා පස්සේ ඈම්ප් 3 එක දාන්න .. එතකොට 2 එක තමයි අප්ග්‍රේඩ් වෙන්නේ..පහලින් ඇති ස්කින් කිමති එකක් ඩවුන්ලෝඩ් කරලා ඩබල් ක්ලික් කරන්න.. එතනින් එහාට කියන්න ඕනේ නෑනේ... හැබැයි ඈම් 3 එක ඉන්ස්ටෝල් කොරලා ඉන්න ඕනේ හොදද.නිකන් ස්කින් ඇප්ලයි වෙන්නේ නෑ,...මෙතනින් ඩව්න්ලෝඩ් කර ගන්න..අදහසක් එකතු කරලා.. ෆලෝ එකක් එහෙම දෙන්න නැත්තම් මේ වගේ ඒවා මිස්වෙයි... හොදදජය වේවා... .
BLOG
සුලන් කැළඹිලි මහ පොලවට හුරුයහෙනද සමගින් මහ වැසි ඇද වැටේයබොර දිය ඒ කවදත් බොරම පාටයපහත් තැන් තලා පොඩිකර ගලායතලන්නට පෙර යකඩය රත් කෙරේයතලනා කලට කිනිහිරටද එය දැනේයතල තලා හොඳ හැටි තැලේදැයි බැළේයතැලෙනා යකඩෙට මිටියෙත් පහර වැදේයතොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදයකට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූයයක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේයආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේයබඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසිවේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසීඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසීපීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසීදුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන්කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන්ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින්මක් කරන්නද කියනු මිස මටනම් උනව තූ නොදකින්තැලෙනා යකඩ කවදා හෝ මුවහත් නොවෙදමුවහත් යකඩ ගෑවුනත් කැපෙනවා නොවෙදවේසිය උනත් ඒ තවත් ගැහැනියක් නොවෙදවේසිට තැලූ එකා වේස බල්ලෙකු නොවෙදප.ලි.බස්සිඅක්කගේමුතු ඇටේ දැන් කාකි පාටයලිපිය කියවා එහි පලකල කමෙන්ටුවක් මෙසේ පලකලෙමි.
BLOG
රණ දෙරණේ ගිනිඅවි ගත්යුධ සෙබළුනි අසනු මැනවිවෙඩි උණ්ඩය වැය කොට නුඹසුරැකිය යුතු ජන පිරිසයයුක්තිය උදෙසා මොරදෙනජනයා නැසුවොත් වියරුවවැනසෙන්නේ නුඹද අයත්පන්තිය බව සිතට ගනුවඉලක්කයට ලක් වන විටරුදු මරණයේ ඉරණම් කරුබලව සිතා එක මොහොතක්වරද කිමැයි ඔහුගේ රුදුරුවැටුපට මිනිමරන දනන්නොවැ නුඹලා මිනිසුනි ගරුඅයුක්තියේ අණ පිලිපැදකුමටද නුඹ පළදින තරුරණ දෙරණේ ගිනිඅවි ගත්යුධ සෙබළුනි අසනු මැනවිවෙඩි උණ්ඩය වැය කොට නුඹසුරැකිය යුතු ජන පිරිසයයුක්තිය උදෙසා මොරදෙනජනයා නැසුවොත් වියරුවවැනසෙන්නේ නුඹද අයත්පන්තිය බව සිතට ගනුවමානන ගිනි දණ්ඩ තුලින්පෙනෙන තරුණ පපු කුහරයඅධම කැලතකට අද දිනනහර පිනන රස අහරකඋන්ගේ බහට නිදොස් දනන්මැරුවොත් යුධ සෙබල සඟයපමා කරන්නේ නුඹ හෙට නැගෙන්න යන නව අරුණයගායනය විශාරද - නන්දා මාලිනීබාගන්න - http://slsong.htmlමෙම ගීතය දැනට දශක තුනකට පමණ පමණ පෙර පමාකල "අරුණෝදයක්" පිළිබඳව කියවෙන්නක්. මෙයඅද "රණවිරුවන්" ලෙස හැඳින්වෙන පිරිස (එදා "ආමිකාරයන්" ) අතකොළුවක් කොටගත් පාලක පන්තිය විසින් පොදු ජනතාව පිඩාවට පත්කොට , තරුණයන්සමුල ඝාතනය කළ යුගයක බිහිවුන අනර්ඝ නිර්මාණයක්. අද පොදු ජනයාට යුධ සෙබලා පිළිබඳව එකී අඳුරු යට ගියාව මුළුමනින්ම වාගේ අමතකව ගිහින්. අවාසනාවටරටේ මන්දබුද්ධික පොදුජනතාවට අමතකව ගියත් කටුකසත්‍ය නම් ශ්‍රී ලාංකීය රණවිරුවා යනු අමනයන්අතලොස්සකගේ අතකොළු පමණයි බවයි. සරලවම කියතොත් "මිනිමරන්නට" යුධ සෙබලාට අවශ්‍යවන්නේ ඒ සඳහාසාධාරණ හේතුවක් නොව මොකෙක් හෝ ඉහල ගොබ්බයකුගේ විධානයක් පමණි. අද රණවිරුවන්ට පින් සිද්ද වෙන්න යුද්ධය අහවරය. නමුත් "තර්ජනය" සහ "මර්ධනය" දෙකතවමත් ඉතිරිව ඇත. නුදුරු අනාගතයේදීම පවතින අමන ක්‍රමය විසින් රණවිරුවා තර්ජනයේ සහ මර්ධනයේ යොදවනු ඇත. එවිට නිදහස්රටේ සාඩම්බර ශ්‍රී ලාංකික පොදු ජනයාට නියවන්නට දතක් වත් ඉතිරි නොවනු ඇත. නුතන ශ්‍රී ලාංකීය රණවිරුවා යැයි හදුන්වන පුද්ගලයා "දෙවියක්ද..." "මිනිමරුවෙක්ද...." යන පැනය මා නගන්නේ මෙම කාරණය සලකාගෙනය.
BLOG
ශ්‍රී ලංකා ජාතික වේග පන්දු පුහුණුකරු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ හිටපු ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස්‌ අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වාස්‌ අදාළ තනතුර භාර ගැනීමට කැමැත්ත පළකර ඇත. චමින්ද වාස්‌ට අදාළ තනතුර පිරිනැමීම ස්‌ථිර කිරීම සඳහා ඊයේ පස්‌වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටු රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ වේග පන්දු ක්‍රීඩකයන්ගේ ප්‍රවණතා අඩාල වෙමින් පවතින බවට ඒත්තු ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය, වත්මන් වේගපන්දු පුහුණුකාර චම්පික රාමනායක වෙනුවට ආදේශකයකු සොයමින් සිටියදී චමින්ද වාස්‌ කෙරෙහි සැලකිල්ල යොමු විය. මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ චමින්ද වාස්‌ අතර සාකච්ඡා වට කිහිපයක්‌ පැවතුණද, අවසන් ප්‍රතිඵලයක්‌ නොලැබුණු හෙයින් චමින්ද වාස්‌ට නවසීලන්තය, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රවලින් ලැබී තිබූ ආරාධනා කෙරෙහි සැලකිලිමත් වීමට පෙළැඹුණු අතර, ඉදිරි දෙසතිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙතින් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණහොත් අදාළ යෝජනා ක්‍රියාත්මක සාකච්ඡා ඇරඹීමට හෙතෙම සූදානම්ව සිටියේය. වත්මන් තත්ත්වය පිළිබඳ චමින්ද වාස්‌ගෙන් කරුණු විමසන ලදුව, "ඒ සාකච්ඡා අවසන් වුණා. සාර්ථකයි. මම කැමැත්ත දුන්නා." යි පැවැසූ අතර, 'කවුරුන් හරි දේශපාලන හෝ ක්‍රීඩා සමාජ හෝ වෙනයම් හෝ කිසිදු බලපෑමක්‌ කළොත් මම මේක අතහැර දමනවා" යිද අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම, "මේ තනතුර අවුරුදු දෙකකට විය යුතුයි. පාසල් ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ගේ තත්ත්වය දියුණු කිරීම සඳහා මගේ විශේෂ සැලැස්‌මක්‌ තියෙනවා." යි ද පැවසීය. යෝජිත පුහුණු කටයුතු ක්‍රියාත්මක කරන අතරතුර, නවසීලන්තයෙන් හෝ ඉන්දියාවෙන් හෝ බටහිර ඉන්දීය කොදෙව්වෙන් හෝ වැඩි මුදලකට කොන්ත්‍රාත්තුවක්‌ යෝජනා කළහොත් තමා එය භාර ගන්නේදැයි විමසූ විට "කොහෙත්ම නැහැ. මට ලොකු උනන්දුවක්‌ තිබුණා මෙම තනතුර ගැන. මම ක්‍රිකට්‌ ඉගෙන ගත්තේ ඒ රටවලින් නෙවෙයි. ලංකාවෙන්. මේක වෘත්තියක්‌ වුනත්, සේවයක්‌ වශයෙන්ද සලකන්න පුළුවන්." යි චමින්ද වාස්‌ පැවැසීය.
BLOG
කුරුණෑගල කොතලාවල ඉස්කෝලේගෑල්ලමෙක් බෙල්ලෙ වැල ( සාරියක් ) දාගෙන මැරිලා....මැරෙන්ඩ හේතුව ප්‍රින්සිපල් කාරයා හෙණ කට්ටියක් ඉස්සරහාඒ කෙල්ලට#වේසිකියලා කීව එකලු....හරි ප්‍රින්සිපල් ඒ කෙල්ලට එහෙම බැන්නා කියමුකෝ...ඔය කොතලාවලේ මිශ්‍ර පාසලක්...ඔකේ තව ඔනෙ තරං කෙල්ලො ඉන්නවා....ඉතිං ඇයි ඒ ප්‍රින්සිපල් ඔය කෙල්ලටම විතරක් වේසි කිවෙ....හේතුවක් නැති වෙන්ඩම බෑනේ....එයාගෙ ලියුමෙත් එයා ලියල තියෙනවා කොල්ලෙක්එක්ක පිචෑර්ස් එකක් බලන්ඩ ගියා කියලා...ආයෙ ඔය වයසේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි හෝල් එක ඇතුලට යන්නේපිචෑර්ස් එක බලන්ඩමද .අනේ නංඟි ඔයා පව් අප්පා.... ඔයාගෙ ජීවිතේ අපරාදෙ...අසරණ අම්මයි තාත්තයි පව්...ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ කොහොමත්....ඔයාගෙ ඔය පොඩි වයසට කරන්ඩ ඔනෙ වැඩ විතරක් කරලා...අවලමේ නොගිහින් හිටියනං ඉවරනේ .
BLOG
මලක් සේ මම පෙති විදාලමි..නුඹේ සෙනෙහේ සෙමෙන් සැතපෙමි..උදා හිරු දැක සිනාසෙන්නෙමි..දෙඅත් විහිදා තුරුළු කර ගමි...කවක පද වැල් සිතින් පබදිමි..ලස්සනම පද එයට අමුනමි..පන්හිඳට මගෙ නැවතුමක් නැති.. නුඹ නිසා මං කවි ලියන්නෙමි..සංසාරයේ දුර ඇවිද ඇත්තෙමි..පුරුදු සුවයක් නුඹෙන් ලබනෙමි..වසා දෙනුවන් නුඹ ලගට කරගමි..සිහිනයෙන් මං ඉසිඹුලන්නෙමි..හදවතේ ස්වර සෙමෙන් ගලපමි..සැලෙන නෙතු මං මගේ කර ගමි..සෙනෙහසේ රන් ඔටුනු පළදිමි..නුඹේ හය්යට මගේ අත දෙමි.
BLOG
උරහිසත් හිසත් මැදහිරකරන් පොඩි කුඩයපොද වැස්ස යටට වීවලාකුළු බැම්ම ළඟමම..කෝ ඔබ .දුම් දමන කඩල මුලලොකු වැඩියි තනි අතටහීල් වෙන්නට ඉස්සරදැන් එන්න මේ ඉවුරටපොරි අහුරකින් කිතිකැවුණනොඉවසිලිමත් දැඟලිලිවැව් වතුර මත බොඳවුණුඋරුම නැති ලෝකයක හෙවනැලිඇහෙනවද.මින නුවනක නොගැටීහීතලේ පෑරෙනකඩල ඇටයක මැසිවිලි .
BLOG
මා සබඳ හා මා උරණ වීමගේ ද්වේශය උන් හට කීයෙන්නිමා කලෙමි මමමා උන් කෙරේ වූ ද්වේශය...ඒ නමුදු...මගේ රුපු කෙරේඇති ද්වේශය මා තුලගොඩ නැඟෙන්නට වියනොපල හැඟුමක් ලෙසට...රාත්‍රීන්හී දී මාගේ චින්තාවන් දිය කොටඅළුයම මගේ කඳුළු දිය කොටවත් කෙරුයෙමි මාගේ ද්වේශයටප්‍රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන්සෞම්‍ය ප්‍රයෝගයන් දැවටාලූ...දිවා රෑ දළු ලියලා වැඩිනමා ද්වේශයඵල දරා ලෝහිත වර්ණයෙන්මා රුපු දකින ලදඔහු එය මගේ බව හැඳින...රහසේ පියමන් කොටඋන්අහස රාත්‍රී වේලයෙන් වැසී ගත් යමඅහෝ මා දුටිමි තුටින්මගේ රුපු වැතිරී සිටි අන්දමමාගේ තුර ‍යට...
BLOG
"ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ පොඩි පන්ති වල හිටියා කියලා මට යන්තම් මතකයි.සභාපති මාමා ආයෙත් අර නම කතාකලා. එතකොට කෙලවරේ බංකුවකට වෙලා හිටපු උක්කුණා නැගිටලා ආවා.උක්කුණාව මම දැකල තිබුනෙම අලි කාරයෙක් විදිහට. කැහැපොට ගහගත්ත සරමට වඩා ටිකක් දිග වෙන්න කොට කලිසමක් ඇඳ ගත්ත උක්කුණා හෙන්ඩුවකුත් අරන් අලියො එක්ක යනවා මම අනන්තවත් දැකලා තියෙනවා.ඒ වගේම හැන්දෑ වෙනකොට කන සාක්කුවෙ වැටෙන්න බීලා පාර දිගේ උඩහට කුනු හරුප කිය කියා යනවත් මතකයි.බේබදුකමට කවදත් මුල් තැන ගත්තකසිප්පු බාගයකි හවසට අර ගත්තඅසරණ මවගෙ සැනසුම උදුරා ගත්තමේ වගෙ පුතෙක් කුමටද ලොව හට ගත්තඅම්මා සිටී හැමදාමත් කඳුලු බිබීනිවසට එන්නෙ පුතු මත්පැන් ගොඩක් බිබීවනසා දමයි නිවසේ ඇති සියලු බැමීඅසරණ වුනා මව, හමුවේ ඔහුගෙ බැමීගුටි බැට දෙනව හැමදාමත් අම්මාටවයසක නිසා උහුලන්නට බෑ ඈටවැටහිර ගසක ඈ බැඳලා තිබු දාටකොහොමද ඉවසන්නෙ ඈ මේ දුක් ගැහැටඋක්කුණාගෙ අම්මට ඌ බීලා ඇවිත් හැමදාම රණ්ඩු කලා. ගේ ඉස්සරහ තිබුණු ලොකු වැටහිර ගහේ අම්මව දවසක්ම ගැට ගහලා තිබුනලු. පාන්දර ඒක දැකපු මිනිස්සු ඈව ලෙහලා ඇගේ ලොකු දුවගෙ ගෙදරට බාරදුන්නලු.ටික කාලයක් වහන්වෙලා හිටපු උක්කුණා ආයෙමත් ගමට ආවෙ ගෑණියෙකුත් කැන්දගෙනමයි. ඒත් ඉස්සර පුරුදු නම් වෙනස් වෙලා තිබුනෙ නෑ. මිනිස්සුන්ගෙන් ගුටිකාලා අතපය කඩාගත්තත් ආයෙමත් වලියක් දාගන්න උක්කුණා අමතක කලේ නෑ.උක්කුණාගෙ කරදර වලින් නිදහස් උණු අම්මා සතුටින් ජීවත් උනා. ඉඳල හිටලා පුතාව බලලා යන්න ආවත් ආයෙ ඒ ගෙදර නවතින්න ඒ අම්මට උවමනා උනේ නෑ.ඔහොම කාලයක් ගත උණා. දවසක් මරණාධාර සමිතියට ගිහින් එන මිනිස්සුන්ට උක්කුනා මැරිලා කියල ආරංචියක් ආවා. මිනිස්සු උගෙ ගෙදරට ගියේ හදිස්සියෙම උක්කුනාට මක් උනාද කියල බලාගන්ට ඕනෙ හින්දමයි.ඒ යනකොට අම්මව ගැට ගහල තිබුනු වැටහිර ගහේම එල්ලෙන උක්කුණාගෙ මිනිය මිනිස්සුන්ට දකින්න ලැබුනා.( අපේ ගමේ වෙච්ච සිද්දියක් )ගත හැකි ආදර්ශය: දෙමව්පියන්ට කරන වද හිංසා මෙලොවදීම පටිසන් දිය හැක. තමන් හදා වඩා ගත් දෙමව්පියන්ට හැකි උපරිමයෙන් සලකන්න.
BLOG
පහුගිය දවසක මුණු පොතේදැක්කා,"රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි." කියලා දාපු ෆොටෝ එකක්. ඇත්තටම මේකේ විශාල පාඩමක් තියෙනවා. මේක දැක්කාම තමයි මටත් මතක් උනේ පසුගිය ටිකේ ඡායාරුප කරණය ගැන කියාදීපු පාඩම් මාලාවේ අතහැරුණ දෙයක් ගැන. හොඳයි කාට හරි කියන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරේ. දැන් ඉතින් කියන්න එපා ෆොටෝ ප්‍රින්ට් කරන්නේ හතරැස් කොලවල කියලා. දැන් එහෙනම් අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා.ඇත්තටම කියනවානම් ලෙන්ස් එකෙන් ලැබෙන ප්‍රතිබිම්බය රවුම් එකක්. මෙන්න මේ පහල තියෙන රූපසටහන බලන්න.නමුත් මේරවුම් රුපයේ වඩාත්ම පැහැදිලි තාවයක් ඇත්තේ වෘත්තහි මැදට වන්නටයි වෘත්තයෙහි කෙලවරට යනවිට එහි පැහැදිලි බවෙහි අඩුවීමක් දකින්නට ලැබෙනවා. මෙය සිදුවන්නේ කාච වල ඇති දෝෂයන් නිසා. (මෙම කාච දෝෂ හැකි තරම් අවම කරලා තමයි නිෂ්පාදනය කරන්නේ.) එමනිසා ඡායාරුපය සඳහා යොදාගනු ලබන්නේ මෙම වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ඇති මැද කොටස පමණි. මෙය Circle of acceptable definition ලෙස හඳුන්වනවා.මෙලෙස ප්‍රතිබිබය සාදන වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ලබාදීමට ඇති හැකියාව කාචයේ Covering Power ලෙස හඳුන්වනවා. මෙම Circle of acceptable definition කොටසෙහි විශ්කම්භය සෙන්සරයේ නොඑසේනම් සේයාපටලයේ විකර්ණයට පමණට හෝ ඊට වඩා ස්වල්පයක් හෝ වැඩි වියයුතුය. දැන් ඉහත රුපයේ ආකාරයට මෙම Circle of acceptable definition කොටසෙහි සෙන්සරය පිහිටුවීමෙන් මෙම වෘත්තහිද කෙළවරවල් අතහැර දමා වඩා වැඩි පැහැදිලිතාවයක් ඇති කොටස පමණක් ඡායරුපයට ගත හැකි වෙනවා.මෙන්න මේ පොඩි ක්‍රියාකාරකම කරලා බලන්න. ඔබ ළඟ ඇති කැමරාවෙන් කොටුරුල් කොලයක හෝ කුඩා අකුරු ඇති පොතක පිටුවක් ඡායාරුප ගත කරන්න. එය කල යුත්තේ මෙසේයි. ඔබට යෙදිය හැකි විශාලතම කාච විවරය යොදන්න. දැන් ඔබට කැමරාව නාභිගත ( Focus) කල හැකි අවම දුරට සකසා එහි සමීප ඡායාරුපයක් ගන්න. දැන් මෙම රුපය හොදින් නිරීක්ෂණය කිරීමෙන් එහිමැද කොටසට වඩා කෙළවරවල් වල පැහැදිලිතාවය අඩුබව ඔබට දැනගත හැකි වේවි.
BLOG
අද ඉස්කෝලේ ඇරිලා ආ වෙලේ ඉඳන්ම පියල් ගේ වැඩේ රේඩියෝව කණ ලඟට කරගෙන මොනවදෝ උවමනාවෙන්ම අහන් ඉන්න එක. ඉස්සරට වඩා හිතුවක්කාරයි. කාණ්ඩෙත් එක්ක සෙල්ලමට වැටිලා හොඳටම ඇඳිරි වැටිලා ගෙදර ඇවිත් පෙලක් දාට පාලොස් පැය ගෙවෙනතුරුත් රේඩියෝව දමාගෙනයි ඉන්නේ. වෙලාවකට එකපාරම හූ කියනවා, හිනාවෙනවා, අප්පුඩි ගහනවා. ළමාහාමි උන්දැට නම් මේක මහම ප්‍රහේලිකාවක් වගේම කංකරච්චලයක් විත්තිය උන්දැගේ ඇඹුල් වුන මූණ දකින ඕනම කෙනෙකුට තේරෙන්න වැඩි වෙලාවක් යන් නෑ. අදත් රෑ අටට යන බණ ඩිංග අහල ඉවර උනායින් නොවුනයින් මේ කොලුවා දුවල ඇවිත් රේඩියෝව කිහිල්ලේ ගහගත්තා. බත් ටික කන්නෙත් රේඩියෝව කණේ ගහගෙන. ළමාහාමි උන්දැ කීවේ පියල්ගේ ආච්චි...පහු ගිය දවස් දෙක තුනේ ඉඳන්ම මොකක් හරි නුහුගුණ ගතියක් මේ කොලුවට තියෙනව කියල ළමාහාමි උන්දැට ඇති වෙලා තිවුන සැකය දැන්නම් ඉන්තේරුවෙන්ම ඔප්පු වෙලා තියෙන්නේ ඇස් පනාපිටම. මේක නම් ඇස්වහ කටවහ දෝසයක් තමයි. ඊයේ අර උඩහ ගෙදර අලුතෙන් රට ගෙහුන් ආපු සිරියා ගෙනාපු ටොපි ලොසින්ජර එහෙමත් මේ කොලුව කනව ඇහැටම දැක්කා. සහතිකෙන්ම එවුවත් මොකක් හරි ජීවමක් කොරලා ගොනපුව..මූ හොඳට ඉගෙන ගන්නව දකිනකොට උන්නෙ ඇහැට කටු අනින්න වගේ ඇති. කොහෙද ඉතින් මෙවුන්නෙ අම්මත් මහ පුදුම එලදෙනක්නෙ. කොච්චර නම් කීවද තෙබානිස් කට්ටඩි රාලව ගෙන්නලා දෙහි ගෙඩියක් කප්පවලා ඇස්වහ කටවහ හමාර කරවමුයි කියලා. කෝ ඉතින් ඒකේ ගානක්වත් නෑ මේ මහ අම්මණ්ඩිට. අනේ හැබෑටම දැන් හැදෙන ලමයින් වාගෙමයි උන්නෙ මහ එවුනුත්. අනේ හැබෑටම මගෙ අහිංසක දරුවට මොකද මේ වෙලා තියෙන්නේ දෙයියනේ කියලා ළමාහාමි උන්දැ හැබෑවටම විස්සෝප වුනා. කෝකටත් කියලා සැක ඇරගන්න හිතලා ළමාහාමි උන්දැ ඇඳෙන් බැහැලා ඇවිත් සාලෙට ටිකක් හොස්ස පොවලා බැලුවා. මොනවදෝ රටින් ඇහෙන උන්දැටත් නොතේරෙන කුරු කුරු සද්දයක් තමයි ඇහෙන්නේ රේඩියොවෙන් ඇහෙන්නේ."මොකක්දැ ළමයෝ මේ විගඩම... උඹ මොනවටද ඔය අප්පුඩි ගහන්නේ. හැබෑටම උඹට පිස්සුද.""මැච් එකක් ආච්චියේ.....ටෙස් මැච් එකක්......""මැච් එකක් කිවුව.... කවුද බං මේ පාලොස්පැයට මැච් ගහන්නේ...පිස්සොද." දැන්නම් ළමාහාමි උන්දැට හොඳටම ඔප්පු වෙලයි තියෙන්නේ මේ කොලුවට මොකක් හරි නුහුගුණයක් තියෙන විත්තිය. එක්කෝ සාංකාව හැදිලා. නැත්නම් තනිකං දෝසයක් වෙන්ඩත් බැරි නෑ. නැත්තං එදා කාපු ටොපි ලොසින්ජර ජීවමක් කොරලා ගෙනාපුව වෙන්ඩත් බැරි නෑ. කොහෙද ඉතින් මුන්ගෙ තියෙන තන්නාසෙට වගවිබාගයක් නැතුව අතට අහුවෙන ඕන එකක් ගිල දානව නෙව."මෙහෙ නෙවෙයි එංගලන්තේ ආච්චියේ ගහන්නේ...ඕස්ට්‍රේලියාවයි එංගලන්තෙයි...." ළමාහාමි උන්දැට නම් ඒ හරුපෙ තේරුනේ නෑ. කොහෙ වුනත් මේ රෑ රාත්තිරියේ අහවල් ඉලව්වක් සෙල්ලම් කොරනවද..."හරි අපූරුයි...රෑට බෝල ගහන විත්තියක් මං ඇහුවෙත් අදමයි...""එහාට දවල්නෙ ආච්චියේ...ඇයි භූගෝල විද්‍යාවට උගන්නන්නේ එක එක රටවල් වලට එක එක වෙලාවට රෑ දවල් උදාවෙන්නේ කියලා.""ඉතිං උඹ ඔය උඩ පැනගෙන අප්පුඩි ගහන්නේ උඹ උන්ව අඳුරනවද....""ක්ලාක් මාර කැච්චෙකක් ඇල්ලුවනෙ ආච්චියේ...""වි..පි..රි..යා..ස..මට නං පේන්නේ ආයිත් සරයක් උඹේ ඔලුව නරක් වේගෙන එනව...ඕං ඕක වහල බුදිය ගනිං.."වක්කලම නවකතාව කියවද්දි ආපු අදහසක් ප්‍රස්තුතයක් කරගෙන ලියන ලද්දකි...ප.ලි.මට වුනු දෙයක් යැයි වරදවා වටහා නොගන්න.
BLOG
හදේ එළිය ඇවිදින් මට කවි කියතීකැලේ සත්තු නාඩන්නේ ගෙදර ඇතීහිතේ කටු ඇනී කැක්කුම් රුදා දෙතීමලේ පුසුඹ මොකටද මල ලගක නැතීයක්කු ඉන්නවා මහ ගස් උඩ රැකලාඋගේ බැල්ම නපුරුයි අපි පව් කරලාගෑණු අපේ දුක් ගින්දර මල් පිපිලාමක්කා කරන්නද මල් අරගෙන නුඹලාහදේ එළිය රෑ සී පද කිව්වාමහිතේ සතුට ඉඳලොලු පිපිලා හේනකැලේ රුවයි ගහකොල දළු ලෑවාමඅනේ මටත් නින්දක් නැතුවා තාමහිතේ කටු ඇනී කැක්කුම් රුදා දෙතීමලේ පුසුඹ මොකටද මල ලගක නැතීගෑණු අපේ දුක් ගින්දර මල් පිපිලාමක්කා කරන්නද මල් අරගෙන නුඹලාඇහින් නොදැක මල් යහනක මියෙන රගේමලක් වුනත් කටු පඳරට කොහෙද අගේවනන්තරෙත් මංගල්ලේ දවස වගේඉතින් මලයි පුසුඹයි ඒ දෙකම මගේVocals - Rohana Baddage, Nirosha VirajiniDownloads - Hande Eliya.mp3.
BLOG
ගිරය (කෙටි කතාව)බොලොග් රෝල පිස්සු කෙලීම නිසා කතාව බ්ලොග් රෝලේ අප්ඩේට් වීමේ ගැටළු මතුවී තිබුණි ඒ නිසා සමාවෙලා ඉහත ලින්කුව හරහා කතාවට යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි, කතාවට පේන්ට් මෘදුකාංගය හරහා කම්මැලිකමට අඳින ලද සිතුවම මෙයය.රෝල්ට කෙලවූ විට උදව් කල ප්‍රියා අයියාට බොහොම ස්තුතියි.
BLOG
ආයුබෝවන් මිතුරනේ මේ අද දවසේ දෙවැනි ලිපියයි. Nero කියපු ගමන් මතක් වෙන්නේ මොකක්ද ඔයාලටDVD/ CD/ Blueray පටිගත කරන්න පුළුවන් වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් කියලනේ. මේ පාර ඒ කිවේ 2015 වෙනි වසර සදහා Nero සමාගම Nero 2015 Platinum සංස්කරණය මේ වන විට හදුන්වා දීලා තියෙනවා. මේ ඒ සංස්කරණය සම්පුර්ණයෙන්ම ඔබට. Crack එකක් සහිතයි.DownloadNero 2015 Platinum(260mb)DownloadNero 2015 PlatinumCrackහැමෝටම වැදගත් මුදුකාංගයක් නිසා Share කරන්න අමතක කරන්න එපා.
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}හැමදාම වගේ ලංකාවේ ඉන්න සර්පයෝ ගැන කතා කරනහින්දා අද ලෝකේ පුරා සර්පයෝ ව්‍යාප්ත වෙලා ඉන්නේ කොහොමද කියලා දැනුවත් කරන්නහිතුනා. සර්ප විශේෂ 2900කට අධික ප්‍රමාණයක් ලොව පුරා විසිරිලා ඉන්නවා. ඇන්ටාටිකාව හැරුනු කොටඅන් සියලුම මහද්වීප වලින් සර්පයින් මුණ ගැහෙනවා. ගැඹුරු මුහුදු පතුලේ වගේම 5000m කට වඩාඋස්වූකදුමුදුන් වලද මොවුන් දිවි ගෙවනවා. කොහොම වුනත් අයර්ලන්තය වගේසර්පයින්ගෙන් තොර වූ දූපත්ද ලොව පුරා වාර්තාවෙනවා.ලෝකය පුරා ජීවත් වෙන බොහෝ සර්පයින් සාමාන්‍යයෙන්1m පමණ දිගකින්යුක්ත කුඩා සතුන් වුනත් 9m පමණ දිගකට වර්ධනය වන රෙටිකියුලේටඩ් පිඹුරාගේ (Reticulated python) පටන් 10cm පමණ කෙටිවූශරීරයක් දරන Leptotyphlopscarlae දක්වා පුලුල් පරාසයක මොවුන්ගේ ශරීර ප්‍රමාණවිසිරී පවතී. එසේම 100kg ආසන්නස්කන්ධයකින් හෙබි කොළ ඇනකොන්ඩා (greenanaconda) වැනි සර්පයින්ද ලොව ජීවත් වෙනවා.රෙටිකියුලේටඩ් පිඹුරා ( Python reticulatus ) ගිණිකොණ දිග ආසියාතික රට වලින් හමුවනරෙටිකියුලේටඩ් පිඹුරා (Python reticulatus) ලොව දිගින් වැඩිම සර්පයා පමණක් නෙමෙයිදිගින් වැඩිම උරගයා කියන වාර්තාවටද හිමිකම් කියනවා. ඒ වුනත් මෙයා විෂ රහිතසර්පයෙක්.ඉතා හොදින් පිහිනීමේ හැකියාවක් තියෙනවා. Phythonidae කුළයට අයත් සර්පයෙක් වන මොහුට මිනිසෙකුවුවත් පහසුවෙන් ගිල දැමීමේ හැකියාවක් පවතිනවා.LeptotyphlopscarlaeLeptotyphlopscarlae දැනට ලොව හමුවී ඇති දිගින් අඩුම සර්පවිශේෂය ලෙසින්සැලකෙනවා. මොවුන් බාබිඩෝස් වල පිහිටි කැරිබියන් දූපත්වලට ආවේණිකයි.2008 වසරේදි තමයි මෙයාලව මුලින්ම හොයා ගත්තේ. මේ කුඩා සර්පයා Leptotyphlopidae කියන සර්පකුළයට අයත් වෙනවා.මෙම සර්ප විශේෂයේ මෙතෙක් හමුවී ඇති දිගින් වැඩිම සත්වයා 10.4cm දිගකින් යුක්තය.4pt 0in 5. මෙයාලත් විෂ රහිතසර්ප විෂේශයක්. ඇනකොන්ඩා දකුණු ඇමරිකාවෙන් හමුවන දක්ෂ පිහිනුම් කරුවෙක්. මෙයා Boidae කියන් සර්ප කුළයට අයත් වෙනවා.ජායාරූප- http://kids.
BLOG
වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..පියෙකුගෙ වගකිම සිය පුතුනුවන් හට සිය ගමන යෑමට රතු පලසක් සදා දිම නොව කටු කොහොල් මතින්ගිරි දුර්ග පසු කරමින් කදුලු අතරින් සිනහා වී සිය ගමන යෑමට ශක්තිය ලබා දිමයි. මව් කුසින් මෙලොව එලිය ලබනාසියක් දහසක් පුතුන් විරයන් වන්නා සේම දස දහසක් පුතුන් නිවටයන් වන්නෙත් ලොකයේ පවතින විශම තාවයටඋදා හරන සැපයිමට වුවත් යම් යම් කාල වකවනු වලදි එකී උදාහරනයන් විසින් ලොකයට දායාද කලා වුඅමිහිරි මතකයන් ඉතිහාස පිටු පුරා ලියවි තියෙන්නෙ නොමැකෙන කලු පැල්ලම් එකතු කරමින්.නමුත් එකී කාල වකවනුඅවසානයේදි මව් කුසකින් බිහි වන වීරයෙකු අතින් අවසන් වෙන බැව් ඒ ඉතිහසයම අපිට නිහඩ ශාක්සි සපයනවා.කාලය විසින් වීරයන් ගොඩ නගනවාද නැතහොත් උපතින්ම වීරයන් බිහි වෙනවාද යන පැනයට දිය හැකි හොදම පිලිතුරකාලයේ අවස්යඨාවයට මව් කුසින් වීරයන් බිහි වෙන බවයි.අතීතයේ සිට වර්තමානයත් වර්තමානයේ සිට අනාගතය යා වෙන සිහින් රෙඛාව තුල බිහිවුනු , බිහිවෙන එකී චරිත තුලින්ගොඩ නැගුනු ගොඩ නැගෙන ලොකයක බිහි වු , බිහි වන්නා වූත් නිවටයන් විසින් ඔවුන් අපි වෙනුවෙන් ලේ කදුලුදහදිය මෙනම විටක ජිවිතයද දායද කොට ගොඩ නැගු වර්තමානය , ගොඩ නගන අනාගතය තුලට විටින් විට එක් කල,එක් කරන කලු පැල්ලම් ලොකය පවතින තාක් කල් පවතිවි. නමුත් පැහැදිලිවම කාලයයි මේ රටකට දැයකට හිත ඇතිමිනිසුන්ට හිතන්නට නැත්නම් නැවතත් වීරයෙක් බිහි වන තුරු කල්ප කාලයක් යන තුරා නිවටුන් විසින් අනාගතය තුලටනොමෙකෙන කලු පැල්ලමක් එකතු කරාවි. සිතන්නට බොහෝ දේ පවති මෙ සිතන්නට කාලයයි...(හුග කලෙකින් මෙ බ්ලොග් එක පැත්තට ආවෙ එන්න බැරි වෙන්න හෙතු ගොඩක් තිබුනා අයෙමත් දිගටම වසන්තයට අරාදනවක් ලිය වෙවි එ වගෙම මම ලියපු නැති කාලේ මං ගැන හොයල බලපු හැමොටම දස දහස් වාරයක් ස්තුතියි.. ඒ හින්දමයි අයෙමත් වසන්තයට අසැනි වැස්සක් වැටිලා පන ඇවිත් තියෙන්නෙ).
BLOG
මෙම ගැටළුව විසඳාගැනීමට ක්‍රම ගණනාවක් අන්තර්ජාලයේ පැහැදිලි කර තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ අතරින් වඩාත් පහසු ක්‍රමයක් තමයි මේ.මෙහිදී මුලින්ම කුඩා මෘදුකාංගයක් තියෙනවා භාගත කර ගන්න. ඒක භාගත කරගෙන run කර ගැනීමෙන් මෙම ගැටළුව පහසුවෙන්ම විසඳා ගන්න පුළුවන්.එම මෘදුකාංගය භාගත කර ගන්න මෙම යොමුවට යන්න...එම මෘදුකාංගය පිළිබඳ විස්තර දැන ගැනීමට සහ භාවිත කරන ආකාරය බලා ගැනීමට ඔවුන්ගේ ප්‍රධාන අඩවයට යොමු වීමට මෙම යොමුව භාවිත කරන්න...පහත වීඩියෝව මෙම ගැටළුව විඳාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරයි. වැඩි දුර උදව් අවශ්‍ය නම් එය නරඹන්න.මේ පිළිබඳව ඔබේ අතිදැකීම් හෝ වෙනත් ක්‍රම භාවිත කර ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්න කාරුණික වන්න.
BLOG
වෙලාව රෑ 12.05..මං පොඩි ගමනක් ගිහින් ගෙදර එන ගමන්..බයිසිකලේ කණුවෙ ගැටගහල..සුපුරුදු පරිදි මූනුපොත ෆෝන් එකේ දිගඇරගෙන ඒක ඉහලට පහලට බලමින් පඩිපේළි 64 නගිමින් හිටියෙ..තුන්වෙනි තට්ටුවත් නැගල හතරවෙනි එකට ඔන්න මෙන්න කියල තියෙන කොට තමයි දැක්කෙ සුදු නංගිල දෙන්නෙක් පඩිපෙළ හරස් කරගෙන ඉඳගෙන ඉන්නව..මොනවදෝ බොනගමන් බටත් ගහනව..මම ලොකු හිස්මක් අල්ලගෙන (පැසිව් ස්මෝක්න් මොකටද නිකන්..) ඉන්නකොට..එක්කෙනෙක් නැගිටල ඉඩදුන්න..ඇනික් කෙන අහනව.."ඩූඩ්..ඩූ යූ හෑව් එ වයින් බොට්ල් ඔපනර්.." මගෙ අත සාක්කුවට ගියේ නොදැනිමයි..ආ..මේන්න.."ඩූඩ්..අයි වන්න වයින් බොට්ල් ඕපනර්..නොට් දැට්..." ඌප්ස්..එතකොටයි පියවි සිහියට ආවෙ..මගෙ කීචේන් එකේ තියෙන්නෙ බියර් බොට්ල් ඕපනර් එකක් කියල මතක් උනේ එතකොට..එයාලට ඕනෙ අර ඇම්බරිලා තියෙන්න කම්බියක් තියෙන එකක්..මගෙ කාමරය තියෙන්නෙ අඩි 10ක් විතර එහා..එකෙන් වයින් බොට්ල් ඕපනර් එක ගෙනත් දෙන්නත් පුලුවන්..එකක් තියෙනව කිව්වොත් ඒක ගන්න අනිවා කාමරෙ ඇතුලටම උන් එනව කියල ශුවර්..ඊට පස්සෙ මුන් මගෙ කාමරේ ඉඳල එලියට යනව එහෙම මගෙ ඉන්දියන් යාලුවො දැක්කොත්..මගෙ ඉන්දියන් ක්‍රශ් එකටත් සොරි ඩොට් කොම් නෙහ්..නිකන් මොකටද කාමරේ කිල්ලට අහුකරගන්නෙ..මම "නෝප්..අයි ඩෝන්ට් හැව් වන්.." කියල කාමරේට ආව..දැට්ස් ෆයින් කියනව හීනියට ඇහුන.
BLOG
හිරු පායා බැස ගියාටසඳ නැඟිලා සැඟවුණාටඅපි ඒ වගෙ නෑ..........නිල් ගුවනත කළු වුනාටඑහි විහඟුන් සැඟවුනාටමං දන්නව ඔබ කවදත්තරහ වෙන්නෙ නෑ.........මතු දිනයක වෙන් වුනාටවෙන් වී ඈතට ගියාටමං දන්නව ඔබේ සිතටමං අමතක නෑ.........හිරු ආයෙත් පායයි නම්සඳු ආයෙත් නැග එයි නම්අපෙ ආදරෙ ඒ වාගෙමවෙනස් වෙන්නෙ නෑ....... -එකමත් එක කවිකාරියක්..........පසු සටහන-- අද ලියන්න හිටියෙ ස්මරණ. ඒත් මේ දවස් වල මම පුංචි පහේ එක්සෑම් කට්ටකට රෙඩි වෙනව.. ඒ හන්ද මාගලක් දිගාරින්න තරම් වෙලාවක් නෑ. මේ පුංචි කවියත් එක්තරා කවිකාරියක් ගෙ... ඔව් ඔව් ඒ ඔයා හිතන එක තමා අය්යෝ. මේ දවස් වල නියං අහවර වෙලා වැහි වැටෙන කාලෙ නෙව ඉතිං ඔන්න ඔහොම වැස්සකට මාත් තෙමෙන ගමන්... පුලු පුලුවං විදියට බ්ලොග් නං කියවනව... ඒත් ටික කාලෙකට කවියක් වත් ලියන්න පුලුවං වුණොත් ඒකත් ලොකු දෙයක්.
BLOG
ඇත්තටම මොකද්ද මේ.....එහෙම ඇහුවට හිනා වෙන්ට එපා..මේ... සිංහල සහ හින්දු අවුරුද්දලු...ම්..අන්න අපට වැරදුන තැන...නෑ..මේසිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද...මේ අවුරුද්ද අයිති...මේ පුංචි රටේ ...සිංහල , දෙමළ කථාකරන හැමෝටම...ඒ කියන්නෙ ..බෞද්ධ, හින්දු , ක්‍රිස්තියානි,මුස්ලිම් ...කියනආගම් වල හැමෝටම....මොකදඅපි සේරම කතා කරන්නෙ සිංහල නැත්තම් දෙමළ....ඉතින් මෙදා අවුරුද්ද .මේ පුංචි රටේ අපි හැමෝම ආදරයෙන් සමරමු....ඔයාල හැමෝටම සුභ නව වසරක් වේ‍වා.
BLOG
පිඹුරන්,කිඹුලන් වැනි සතුන් ඇල්ලීමට පමණක් නොව එවනි සතුන් සිටින තැනක සීටීමට පවා අප බියක් දක්වයි.එහෙත් මේ තවමත් අවුරුදු 3 ක් වියැති දරුවා සෙල්ලම් කරන්නේද පණ තියෙන කිඹුලන් හා පිඹුරන් සමගය.ඕස්ට්‍රේලියාවේ වෙසෙන මොහුගේ නම චාලි පාකර්ය.විටෙක ඔහු ඔහුගේ හොදම මිතුරා වන පැබිලෝ නැමති අඩි 8 දිග පිඹුරාව තම බෙල්ල වටේ දමාගෙන සිටින්නේ කිසිදු බියක් නොදක්වමිනි.එමෙන්ම ඔහු ගම්ප් නැමති කිඹුල් පැටවාත් සමගත් සෙල්ලම් කිරීමට මහත් ඇල්මක් දක්වයි.මෙම අපූරු දරුවාගේ ජායාරූප කිහිපක් පහතින් බලන්න.Share කරන්න.
BLOG
ගොන් බූරූවෝ වැටලූ ඒ මොරටු පුරේප්‍රේම් නිවසේ මේරී සොයුරිය වෙනුවෙන්නොසැලි උන් නිසා කෙසරුකු විලසින්බල්ලෝ උනා ඇමතිහොරුත් ආන්ඩුවත්වළඳා තුටු පඬුරු ගොන් මහ රාජාගේරනිල් මරන් කනවා තුන් තිස් පැයමඅත්සන් බෑ, විරුවා නිදහස් කරගන්නතුහ් නොදොකින් අපගේ හාමුදුරුහොරු.
BLOG