comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
කටු ඇණුන මව්බිමකි ලේ ගැලුවතටු නැතත් විහඟුන්ය දුක දැරුවපටුනකින් සිඳ දමා කවි පිටුවපිටුවහල් කළ හැකිද කවියෙකුව29|11|13.
|
BLOG
|
වේදිකා නාට්‍ය කියන්නේ රංගනවේදීන්ගේ තිඹීරිගෙය ලෙස සැලකුම් ලන්නේ මොකද කියන ගැටලුවට මට මුලින්ම උත්තර ලැබුණේ මම මුලින්ම මනෝරත්න මහත්තයාගේ ගුරුතරුව නාට්ටිය බලන්න ගිය දවසේ. සහ ඔදානිස් රබන් ගුරාගේ වැලිතලප කවිපෙළ මුලින්ම අහන්නට ලැබීම යන නිමිති දෙකම එක දවසේ වීම මට විශේෂයක්. තැනින් තැනින් ටික ටික තවමත් මතක ඒ වචන ටික සම්පුර්ණ කරගන්න උදව්ව අන්තර්ජාලෙන්, නාට්ටියකට එතරම්ම ආදරය කරත් ඉගෙනීම රස්සාව සහ ව්‍යාපාර කියන ත්රිකොනේ ඇතුලේ කරක් ගහන නිසාවෙන් මගේ සිතුවිලි වලට පියාඹන්න ඉඩදෙන්න මට කාලෙක ඉඳන් අමතක වෙලා. එත් මේ කියන්න යන්නේ ගුරුතරුව නාට්ටිය ගැන නොවුනත් නාට්ටි දෙකක් ගැනම තමා, එක්තරා ආකාරයකට ගුරුතරුවකට හරසර දක්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන නාට්‍ය ඉසව් දෙකක්. කතාව සාරාංශ ගත කරලා කියනවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසේ 17 වැනි දා හාවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යයත්, සැප්තැම්බර් 18 වෙනිදා හවස 7ට මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ලෝකාන්තර නාට්‍යයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ. ඕ. ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත වෙනවා.නුවර විතරක් නෙවෙයි කොළඹ නාට්‍යප්‍රේමීන් වෙනුවෙන් සැප්තැම්බරයේ 20දා ලෝකාන්තර නාට්ටියත්, 21දා සුභා නාට්ටියත් හවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටරේ වේදිකාගත කරන්න කටයුතු යොදලා තියෙනවාලු.නෝබල් සම්මාන ලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා කෙටිකතාවයි ගීතාංජලී කාව්‍යයයි පාදක කරගත් සුභා රඟනළුව ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයක්. සම්භාව්‍ය ග්‍රීක රංග කලා සම්ප්‍රදායත් පුරාණෝක්තිත් ඇසුරු කරගෙන නිර්මිත ලෝකාන්තර නාටකය සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් කල එලි දකින්නක්.සුභාඅධ්යක්ෂණය - කංචුකා ධර්මසිරිසංගීත අධ්‍යක්ෂණය - මනොජ් අලවතුකොටුව සහ විනූෂා විජේවික්‍රම නිෂ්පාදනය - ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.ලෝකාන්තරඅධ්යක්ෂණය - මුදිතා ධර්මසිරිසංගීත අධ්‍යක්ෂණය - පමුදිත මානෙල්අංග පිටපත - Renascor රංග කලා සාමුහිකය නිෂ්පාදනය - සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
|
BLOG
|
කොහොමද, යළුවනේ මම අද ඔයලට කියල දෙන්න යන්නේ වැදගත් දෙයක් ඔයල දන්නවනේමේකෙවැදගත්කම, හරි එහෙනම් වැඩේ පටන්ගමු.පළමු පියවර :- Notepad එක Open කරගන්න කෝ.දෙවන පියවර :- පහළ තියෙන Code එක Copy කරගන්න.ඊට පස්සේ YOUR PASSWORD HERE තියෙන තැන ඔයටකැමති Password එකක් දාගන්න.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"ren "ControlPanel.සිව්වන පියවර :- ඔයට කැමති තැන Select කරල File name කියන තැනට Locker.bat යන්න ලබාදෙන්න. Save as type කියන තැනට All Files යන්න තෝරා Save කරන්න.එහෙනම් යළුවනේ වැඩේ හරි දැන් ටෙස්ට් කරල බලමුද , ඔයා හදාගත්ත bat file එක Open කරගන්නකෝ එතකොට Locker කියල Folder එකක් හැදේවි.ඔයට කමති දෙයක් මේ folder එකට Copy කරල ආයෙත් bat file එක Open කරගන්නකෝ එතකොට ඔයට පණිවිඩයට පෙනේවි ඒකට Y කියල type කරල enter කරන්න එතකොට Locker කියන Folder එක නැතිවේවි. ඔයට ආයත් Locker කියන Folder එක open කරගන්න ඔනේනම් bat file එක Open කරල ඔයා කලින් ලබාදුන් Password එක Type කරල Folder එක open කරගන්න.එහෙනම් මම යනව යාළුලවනේ……………………………………………….
|
BLOG
|
සිංහල සංගීතය විශ්වයට ගෙන යමින්,ආසියා පැසිපික්කලාපීයසියලුඅන්තර්ජාල රේඩියෝ සමඟ තරග වදිමින් දැක්වූ මහරු කුසලතාවයඋදෙසා අන්තර්ජාතික රේඩියෝ සම්මාන උළෙලේ සමස්තආසියාවෙන්ම හොඳම අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව සඳහා වූසම්මානයටනිර්දේශ වූ බව සතුටින් දැනුම් දෙමු.තාරුණ්‍ය යේ දඟකාර චමත්කාරයේ හැඩකාර රේඩියෝ සම්ප්‍රප්තිය අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත@buzzradiolk#MixcloudAwards http://www.com/onlineradioawards/ශ්‍රී ලාංකේය ගුවන් විදුලි නාලිකාවක් ලෙස සමස්ථ ආසියාවම අන්තර්ජාතික සම්මාන උළෙලක දී නියෝජනය කරන්නට ලැබීම ද සතුටකි. අප ශ්‍රවණය කිරීමෙන් හා අපගේ ගුණ දොස් විචාරණ බස් රේඩියෝ ශ්‍රාවක ඔබ සැමට අපගේ ස්තූතිය...-බස් රේඩියෝ කණ්ඩායම-@BuzzRadiolk - Congrats.
|
BLOG
|
දුක් මහන්සියෙන් යමක් ඉතුරු කරගත් මිනිසුන්, ඉන් පසු ඒ ඉතිරිය තවත් වර්ධනය කරගන්න පෙළඹීම ස්වාභාවිකය. සක්විතිගෙන්, කොතලාවලගෙන් මට්ටු වූ මිනිසුන් මේ ඉතිරිය තැන්පත් කරන්නේ හොදින් සොයා බලාය. සොයා බලන්නට මිනිස්සුන්ට තියන හොදම ක්‍රමය මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ප්‍රසිද්ධ මාධ්‍ය වල, මහ බැංකුවේ අනුමත බැංකු සහ මූල්‍ය සමාගම් වල ලැයිස්තුවක් පළ කරයි. එම ආයතන වල කටයුතු, ක්‍රියාකාරීත්වය සොයා බලන්නට වෙනම දෙපාර්තමේන්තුවක් පවා ඇත.CIFL (Central Investments & Finance PLC) යනු එලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයකි. 1966 ආරම්භ කර 2005 දෙසැම්බර් මස ලියාපදිංචි මුදල් සමාගමක් බවට පත් වී ඇති ආයතනය මේ වනවිට රටේ අසාර්තකම මූල්‍ය ආයතනය පමණක් නොව නූතන සක්විති බවට පත් වී ඇත.Registration Certificate under the Finance Companies ActCIFL හි මුදල් තැන්පත්කරුවන් හට දැනට මාස 7ක පමණ කාලයක් තිස්සේ තැන්පතු වලට අදාල පොලී මුදල් සහ කල්පිරුනු ස්ථිර තැන්පත්වල මුලික මුදල පවා ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇත.මින් වසර 2කට පමණ ඉහත සිට ලෝ ප්‍රකට ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරිය ඔවුන්ගේ අධ්යක්ෂ කෙනෙක් ලෙසත්, ඔහු CIFL ආයතනයේ සන්නාම තානාපති ලෙසත් ක්‍රියාකරන බව පවසමින්, එසේම ආයතනයේ නීතිමය වලංගුභාවය ඔප්පු කරමින්, තරමක් ඉහළ පොලී අනුපාත ලබා දෙන බව පවසමින් මෙම ආයතනය ඉතා සිග්‍රයෙන් මුදල් තැන්පත්කරුවන් තමන්ගේ ග්‍රහණයට නතු කරගැනීමට සමත් වූහ.Sanath Jayasuriya As CIFL Brand Ambassadorජීවිතයේ සැදෑ සමය ගෙවීමට තමන් උපයාගත් අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් මෙහි තැන්පත් කර එහි පොළියෙන් ජීවත්වන වැඩිහිටි පුරවැසියන් සේම, තම ඉඩ කඩම් විකුණා ගත් මුදල් අනාගත අයෝජනයක් වෙනුවෙන් යොදවනතෙක් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් දක්වා 5000කට අධික තැන්පත්කරුවන් CIFL ආයතනයේ අත්තනෝමතික මූදල් පාලනය හේතුවෙන් මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්ව ඇත.සක්විති වෙත මුදල් ලබා දුන් ජනතාව මෙන් නොව, මොවුන් මේ මුදල් තැන්පත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි තිබෙන විශ්වාසය මත පදනම්ව බව මේ තැන්පත්කරුවන් සමග කතාබස් කිරීමේදී මැනවින් පසක් වේ. නමුත් මේ පිළිබදව විමසීමට මහ බැංකුවට ගිය සමහර තැන්පත්කරුවන්ගෙන් මහ බැංකු නිළධාරීන් අසා ඇත්තේ 'ඇයි ඕගොල්ලො ඔතන සල්ලි දැම්මේ.' කියාය.මේ වනවිට මේ ගැන සොයා බැලීමට මහ බැංකුව නිළධාරියෙක් පත් කර ඇති නමුත්, මෙහිදී මහ බැංකුව වගකීම් පැහැර හරිමින් ක්‍රියා කළ ආකාරයක් පැහැදිලිව පෙනේ. එමෙන්ම නිර්ලජ්ජිත මහ බැංකු නිළධාරී CIFL ආයතනයේ කළමණාකාරීත්වයේ වෙනසක් සහ කොටස් හිමිකාරීත්වයේ වෙනසක් මෙම කඩාවැටීමට හේතු වූ බවත්, නව කොටස් හිමියන් සහ නව ආයෝජන පිළිබදව එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව නොමග යැවූ බවත් ප්‍රකාශ කොට අත සෝදා ගැනීමට සූදානම් වෙති. අපට ඇති ප්‍රශ්ණය වන්නේ ශ්‍රි ලංකා මුදල් මණ්ඩලයේ පිළිගත්, ලියාපදිංචි මුදල් සමාගමක මූල්‍යමය ශක්තිය මෙවන් තත්වයක් දක්වා බිද වැටෙනතෙක් මහ බැංකුව සිටියේ බක්න්නිලාගෙන, බඩ උලාගෙන, බට කලියාගෙනදැයි කියාය.තවත් මෙය දුරදිග ගොස්, තවත් වැලිවේරියක් පුරහල CIFL ආයතනය ඉදිරිපිටි ඇති නොවේවායි අපගේ ඒකායන පැතුමයි. ඒ පැතුම ඉටු කිරීමට උරදීම ශ්‍රී ලංකා මහ බැංකු නිළධාරීන්ගේ පරම යුතුකමයි.(මෙය හිතුමතේ හෝ CIFL ආයතනයේ නමට හානිකිරීම පිණිස වෙළද අරමුණකින් පළ කළ ලිපියක් නොව වගකීම් සහගතව සොයා බලා පළ කළ ලිපියකි. එසේම මේ ආයතනය නිවැරදි මාර්ගයට පැමිනේවි යැයි මාස 6කට අධික කාලයක් ඉවසා බලාසිට ලියන ලද ලිපියක් බව වගකීමෙන් පවසමි.)මේ අසාධරණය නිසා අසරණ වූ තැන්පත්කරුවන් එකතු වී 'CIFL තැන්පතු හිමියන්ගේ සංගමය' (CIFL Deposit Holders Association) නමින් නීතිමට වලංගුභාවයක් සහිත සංගමයක් පිහිටුවාගෙන ඇත. එහි බ්ලොග් අඩවියේ සබැදිය පහතදැක්වේ.
|
BLOG
|
(හරියටම මාසෙකට පස්සේ නේද මේ පෝස්ට් එක ලියන්නේ කියලා දැක්කේ කලින් පෝස්ට් එකේ දිනේ දැක්කම. ලියන්න දේවල් තිබුණත් ලියන්න හිතෙන්නැති තත්වෙකට පත් වෙලා. නිකන් හිත ලෙඩ වෙලා වගේ. ඇත්තටම කිව්වොත් ඒක ලෙඩක් තමයි. ආදරේ කියන්නේ අපි හැමෝම වැළඳගන්න කැමති කවදාවත් හොඳ නොවෙන ලෙඩක්.......) ඔව්. ආදරේ තමයි..... දිනය අගෝස්තු 24 වෙනිදා. සති අන්තේ ඉරිදාවක්.....එදා හරි ලස්සන දවසක්. ඒක ඇත්තටම ලස්සන දවසක් නොවුණත් ආදරෙන් මත් වෙලා ඉන්න හදවත් වලට නම් ඒ දවස දැණුනේ එහෙමයි.... ආදරේ හැඟීම් දෙන්නගෙම හිත් වල තිබුණත්, දෙන්නගෙම ඇස් වල ආදරේ ලියවිලා තිබුණත් ඒවා වචන කරගන්න දෙන්නගෙන් කාටවත්ම බැරි වුණා. මේ දවස එනකන් මං කොච්චර ඇඟිලි ගැන්නද දෙයියනේ. කියන්න ඕනි දේවල් පවා මොනාද කියලා මං හිතලා, ඒවා තනියෙන් කියලා කියලා මට පාඩම් වෙලා වගේ තිබුණේ. ඒත් ඒ වෙලාවේ මං ගොළු වුණා...."මොනාද අයියේ මට කියන්න විශේෂ දෙයක් තියෙනවා කිව්වේ...." එයාගේ ඒ ප්‍රශ්නෙන් මං තිගැස්සුණා.අන්තිමේදි මම බොහොම අමාරුවෙන් වචන දෙක තුනක් ගැටගහගත්තා....." ඔයා දන්නවද. මම ගොඩා....ක් කාලයක ඉඳලා කෙනෙක් ගැන හිතේ තියාගෙන හිටියා. එයාට ගොඩා...ක් ආදරේ කරා.....""හ්ම්ම්... ඉතින්......... "මං කියන්න යන දේ දන්න නොදන්න ගානට එයා ඇහුවා. එයාගෙත් මූණ රතු වෙලා තිබුණා. රෙස්ටොරන්ට් එකේ බල්බ් එකෙන් විහිදුණේ තැඹිලි පාට එළියක් වුණත් ඒ මූණේ රතු පාට හංගන්න ඒ එළියට බැරි වුණා......."මං ළඟ එයාගේ ෆොටෝ එකක් තියෙනවා. මං ඒක ඔයාට පෙන්නන්නද."මෙහෙම කිව්වම එපා කියන්නේ නෑ කියලා අපි කවුරුත් දන්නවා. ඒත් තේරුමක් නැති ප්‍රශ්න වලින් හරි හිතේ තිබුණ චකිතය නැති කරගන්න වෙන්න ඇති මම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ."පෙන්නන්න බලන්න......."එයා කිව්වේ ඇස් වල ලොකූ.. කුතුහලයක් පුරවගන්න ගමන්.කාලෙකට කලින් එයාගේ යාලුවොත් එක්ක එයා ඉන්න වෙලාවක මම හොරෙන් වගේ ගත්ත ෆොටෝ එකක් මගේ ළඟ තිබුණා. ඒකේ එයාව විතරක් ක්‍රොප් කරලා මම ෆෝන් එකේ සේව් කරගෙන තිබුණා."මේ ඉන්නේ එයා තමයි........"මං ෆොටෝ එක පෙන්නන ගමන් එයාගේ ඇස් දිහා බැලුවා. කටින්, මූණෙන් මොන දේ කිව්වත් ඇස් වලින් ආදරේ හංගන්න බෑ කියලා මම දැනගෙන හිටියා. ඒත් ඒ ඇස් වල තිබුණේ දෙගිඩියාවක්. මූණ රතු වෙලා තිබුණා කලින් වගේම.......එයා බිම බලාගත්තා."ඔව්. මං ඔයාට ගොඩාක් ආදරේ කරා. තනියම ආදරේ කරා මම අද වෙනකං."හිතේ තිබුණ චකිතය ටිකක් අඩු වෙලා. මම කියවගෙන කියවගෙන ගියා."අවුරුදු එකහමාරකට වැඩි කාලෙක ඉඳන් මම ඔයාට ආදරේ කරා...මම දන්නවා මේක මම එක සැරේ කිව්වම ඔයා තිගැස්සෙනවා කියලා. ඒත් මම හිතාගෙන හිටියේ ඔයත් මට ආදරේ ඇති කියලා.""ඒත්... ඒත් මම හිතුවේ ඔයා මට අයියා කෙනෙක් වගේ කියලනේ....."එයාගෙ උත්තරේ එච්චර ශක්තිමත් බවක් නෑ කියලා මට හිතුණා. ඒ වචන වල ආදරේ තිබුණා.....වෙලාව හවස 2.30ටත් කිට්ටුයි. දවල්ට කන්න ගත්ත වෙජිටබල් රයිස් එක අපි දෙන්නට ලැජ්ජාවෙන් හිනාවෙනවා වගේ මට දැණුනා. හැන්දෙන් බත් එක අරෙහෙට මෙහෙට පෙරල පෙරල හිටියට දෙන්නටම බත් කන්න වුවමනාවක් තිබුණේ නෑ."කන්නකෝ...."මම එයාට කිව්වේ එයා බත් එක දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තම."හ්ම්ම්... ඔයත් කන්නකෝ අයියේ....."එයා දඟකාර විදියට කිව්වා."ඔයාලගේ ගෙදරින් මට කැමති වෙයිද අයියේ.."එයා ඒ ප්‍රශ්නේ ඇහුවම මගේ හිතේ තිබුණ චූටිම චූටි සැකයත් නැති වෙලා ගියා.....හිත පුදුමාකාර සතුටකින් කෑගහනවා."ඔව්. අනිවාර්යයෙන්ම. මම ඒක දන්නවා හොඳටම. අපේ අම්මා ඔයාට හරි කැමතියි. අම්මා මට නිතරම ඔයා ගැන කියනවා. 'ඒ ළමයා හොඳයි, දක්ෂයි, ලස්සනයි' අනංමනං කතා ගොඩක් කියනවා. මට නිකමට හිතිලා තියෙනවා අම්මා මට ඔයාව සෙට් කරන්න හැදුවද කියලත්......."මම මට දැණුන දේ ඒ විදියටම කිව්වා."ම්ම්ම්ම්.... එහෙමද...."දැන් එයාගේ මූණේත් ආදරේ ඇඳිලා කියලා මට පෙණුනා.2014 ජනවාරි මස 9 වන දින ඇය උදෙසා කළ නිර්මාණයකි.මතු සම්බන්ධයි.
|
BLOG
|
27.12.2014 පානදුර.. පරාජයේ වියරුව සාක්ෂි දරයි ජයරූප. පානදුර ක්‍රිඩා පිටියේ මැද ඉදිකර තිබෙන කුඩාරමේ පැවැත්වෙන ගෝඨාබය රාජපක්ෂගේ නීති විරෝධි මැතිවරණ ප්රචාරක රැුස්වීමට පානදුර හා ක`ථතර පොලිස් කොට්ඨාශ දෙකකට සම්බන්ධ සිය`ථම පොලසිස් ස්ථානවලට සම්බන්ධ ඊනියා සිවිල් ආරක්ෂක කමිටුවල සාමිජිකයින්ව, පොලිස් නිලධාරින් විසින් දක්කාගෙන එනු දැක ගන්නට හැකි විය.නීති විරෝධි මැතිවරණ ප්රචාරක කටයුතු වලට යටත් නිලධාරින් යොදවන ඉහළ පොලිස් නිලධාරින් තම වෘතීය ගරුත්වය කෙළෙසන නිවට පිරිසක්. එ් බව කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක.මේ නීති විරෝධි රැුස්වීමට ලංගම බස් රථ වෙනුවට පුද්ගලික බස් රථ යොද වාගෙන තිබීම විශේෂයක් විය.ඇත්ත හෙළි කරන පිංතුර පහත දැක්වේ.රාජපක්ෂ පවුල රජකරවන්නට රාජ්‍යය බලය යොදවන හැටි බලලා නිහඬව සිටින්නට මැතිවරණ කොමසාරිස්ට සිදු වෙලා.
|
BLOG
|
ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීමPayPal යනු කුමක්ද.PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.ගැටළුවශ්රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල් ලබාගැනීම කළ නොහැකිය.මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් - එනම් PayPal භාවිතයෙන් - සේවා සපයන ඉන්දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.).තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත.දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.ගැටළුවට හේතුවඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන් යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා මුදල් ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ:“Why does my PayPal account have only send capabilities.2075623774.locale=en_US&_dyncharset=UTF-8&countrycode=LK&cmd=_help&serverInstance=9002&t=solutionTab&ft=browseTab&ps=solutionPanels&solutionId=11811&isSrch=Yesශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.විසඳීමශ්රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසකි.eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.විසඳන මග. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය.PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි:ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.ඔබේ සහය දක්වන්නපෙත්සම අත්සන් කරන්න: http://j.com/site/ppforsrilanka#PayPalForSriLanka හැෂ්ටැගය සමග Twitter සංවාදයට එකතු වෙන්න.Facebook සමූහය වෙත එකතු වෙන්න: https://www.
|
BLOG
|
.පෙර දළනිඳු දිය කඳ රට බිම්.......... ගලතසුරකුල හිමි රකිනුව ලක මැවූ............සතමනකල ඒ සමුදුර පැහැයෙන්...........දිමුතවඳු සල පිළිම හිමි සිරි සරණ.........සියපත~ සැළලිහිණි සන්දේශය ~කැළණිතිස්ස රජ සමයේ රහතන්වහන්සේ නමකට කළ අපරාධය නිසා සමුදුර ගොඩ ගැලූ බව සඳහන්. එදා මුහුද ගොඩගැලීම නැවැත්වීම සඳහා ශක්‍ර දෙවියන් පිළිම වහන්සේ නමක් තැන්පත් කළ බව කියවෙනවා.ඉහත රූපයේ වම්පස ඇත්තේ ශක්‍ර දෙවියන් විසින් වතුර ගලා ඒම නැවැත් වීමට තැබූ බවට විශ්වාස කරන සල පිළිම වහන්සේ . දකුණු පස දැක්වෙන්නේ සක් දෙව් රජ විසින් සල පිලිම වහන්සේ තැන්පත් කරන අයුරු කැළණි විහාරයේ සිතුවමට නගා ඇති ආකාරය. මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට දැමීමකැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීම2004 සුනාමි ව්‍යසනයේදී නිරුපද්‍රිතව වැඩ සිටින බුදු පිළිම වහන්සේ නමක්[ 26 - Dec - 2014 ].
|
BLOG
|
උපහාසය මැද ජීවත් වන දරුවා බියසුළුකම ඉගෙන ගනියි විවේචනය මැද ජීවත් වන දරුවා ගැරහීම ඉගෙන ගනියි අවිශ්වාසය මැද ජීවත් වන දරුවා වංචාව ඉගෙන ගනියි විරුද්ධකම් මැද ජීවත් වන දරුවා සතුරුකම ඉගෙන ගනියි සෙනෙහස මැද ජීවත් වන දරුවා ආදරය දැක්වීමට ඉගෙන ගනියිදිරිගැන්වීම මැද ජීවත් වන දරුවා විශ්වාසය ඉගෙන ගනියිසත්යය මැද ජීවත් වන දරුවා සාධාරණත්වය ඉගෙන ගනියි ප්‍රශංසාව මැද ජීවත් වන දරුවා අගයකිරීම ඉගෙන ගනියි සහයෝගය මැද ජීවත් වන දරුවා අනුන් ගැනත් සිතීම ඉගෙන ගනියි දැනුම මැද ජීවත් වන දරුවා බුද්ධිමත් බව ඉගෙන ගනියි සතුට මැද ජීවත් වන දරුවා ආදරය සහ අලංකාරය හඳුනා ගනියි.
|
BLOG
|
ශ්‍රී ලාංකිකයන් විදියට සමරිසි භාවය හා අපේ වික්ටෝරියානු සංස්කෘතිය පොදි බැඳ ගත් සමාජය අතර ලොකු ගැටීමක් තියෙන්වා.83 පසු ඇතිවූ සමාජ පසුබිම මත අපේ දෙමළ සමාජය ජාත්‍යන්තරයට වඩාත් විවර උනා.ඒ හින්දම වඩා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් වගේම ෛධර්යයක් ලැබුනා.මේ පසුබිම නිසාම සමරිසි බව නිසා තමන්ට ලාංකීය සමාජය හා තිබූ ගැටීම් නොබියව ලෝකයාට කියා පෑමට දෙමළ සමාජයේ විදෙස්ගතවූ සමරිසි පුද්ගලයන්ට ඉඩ ලැබුනා.ඉන් මට සිහියට නැගෙන පළමු පුද්ගලයා තමයි තම ජීවන අත්දැකීම් නොබියව නව කතාවලට පෙරළූ Funny Boy රචනා කළ Shyam Selvadurei.ඉහත වීඩියෝවෙන් පෙනෙන්නේත් එවැනිම තවත් තරුණයෙක්. Ruban Lawrenceකැනඩාවට සංක්‍රමණය වී සිටින ඔහු තම අත්දැකීම් ඇසුරෙන් ආසියානු සමරිසි ෙයෟවන සහෝදරයන්ට වටිනා පණිවිඩ හා උපදෙස් රාශියක් ලබා දෙනවා.මේ ඉන් කිහිපයක්.You tube එකට ගියොත් ඔහුගේ Channel එක හා සම්බන්ධ වී ඔහූගේ අදහස් බෙදා ගත හැකියි.
|
BLOG
|
කවදත් නැවුම් බවකින් එන Google ආයතනය නව අවුරුද්දෙ දී එනම් 2015 දී තම ක්‍රියා පිළිවෙතේවිශේෂ වෙනසක් කිරීමට සැරසෙයි. එනම් Google සේවාවන් අතරින් වැඩි ආකර්ෂණය ලත් Chrome සහ YouTubeසේවාවන් කුඩා ළමුන් සඳහා වඩාත් උචිත හා ආකර්ෂණීය සේවාවන් ලෙස නව මුහුණුවරක්ඔස්සේ ලබාදීමට කටයුතු කිරීම මගිනි.මෙම child-friendly මුහුණුවරපිළීබද Google ආයතනයෙන් පැතිරෙන කටකතා වල ඉහළින්ම කතා වුවත් මෙහිසත්යතාවය පෙන්වමින් Google ආයතනයේ ඉංජිනේරු අංශයේ උප-සභාපතිනිය වන පව්නිදිවාංජි (PavniDiwanji) විසින් USA Today සමගින්පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දී හෙලි කර ඇත්තේ මෙම සැලසුම අවුරුදු 12 දක්වා වයස් වලළමුන් ඉලක්ක කොට නිර්මාණය වන්නක් බවයි.එමසම්මුඛ සාකච්ඡාව සඳහා Interview with USA Today භාවිතා කරන්නනමුත් මෙම නව මුහුණුවරේ වැඩි තොරතුරක් හෝ නිකුත්කරන දිනයක් තවමත් නිවැරදිව සදහන් කර නොමැත. එහෙත් එය වැඩි කලක් නොයා නිකුත්වේ යැයියන්න පසක් විමට ඇයමෙසේ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.“The big motivator inside the company is everyone is havingkids, so there’s a push to change our products to be fun and safe for children”එමෙන්ම “Thomas the Tank Engine” පිළිබද තොරතුරු ලබාගැනීම අරමුණින් “trains”යන්න Google හිsearch කල විට කාලසටහන් හෝ ප්‍රවේශ පත්‍ර පිළිබඳ තොරතුරුහෝ වෙනුවට ළමයෙකුට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාදීමට මෙම නව ක්‍රමයෙන් හැකියව ලැබෙනබව ඇගේ විශ්වාසය යි.එසේම Google ආයතනයවිසින් මෙම යෝධ පියවර තැබුවොත් තවදුරටත් දෙමාපියන්ට තම දරුවන්ගේ අන්තර්ජාල භාවිතයපිළීබද කිසිවටකත් බියවිය යුතු නැත, මන්ද Google ආයතනයඔවුන්ට ආරක්ෂාකාරී සහ ළමා මනසට ගැලපෙන තොරතුරු පමණක් ලබාදීමට වගකියන බැවිනි.
|
BLOG
|
දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති කරනවාද කියන ගැටළුව තමයි ඔහුට විසඳා ගන්න තිබුනේ.මේ ඔහුගේ ජනතා ප්‍රසාදයේ හොඳම කාලය. එයින් ප්‍රයෝජනය අරගෙන, වැඩක් කරලා නමක් තියන්න වයඹ මහ ඇමතිකම හොඳ තැනක්.ඒ නිසා ඔහු ගත්ත තීරණය ගැන දොසක් කියන්න බැහැ.නමුත් රට ගැන හිතලා මේ සිදුවීම ගැන බැලුවොත් මේ තීරණය වැරදි එකක්. වයඹ මහ ඇමතිකම හරියට කරන්න පුළුවන් අය ( දයාසිරිටත් වඩා ) ඕනෑ තරම් ඉන්නවා. අතුල නිමලසිරි ජයසිංහලා වයඹට වැඩක් කළ, වැඩක් කරන දක්ෂ මිනිස්සු; මාධ්‍ය මඟින් පිම්බුණු චරිත නොවුණාට.ඒ අයට සින්දු කියන්න බැරිද. ලස්සන නැද්ද. කියන එක වෙනම කථාවක් :) .දයාසිරි මහ ඇමති වුනා කියලා වයඹ ජනතාවට අමුතු කෙංගෙඩියක් ලැබෙන්නේ නැහැ. ඔහු මේක දක්ෂ විදිහට කළොත් ඔහුට ලකුණු ලැබෙනවා හැරෙන්න. මේක වැටිච්ච තැනක් නෙමේ දයාසිරි ඇවිල්ලා ගොඩ දාන්න.නමුත් අද මිනිස්සු නැත්තේ කාටද. විපක්ෂයට. මේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන්න, විවේචනය කරන්න, කරුණු සහිතව හොරකම්, දූෂණ හෙළි කරන්න , කොන්දක් තියෙන, කට තියෙන, දක්ෂ , පණ ඇති මිනිසුන්ගේ අඩුවක් තියෙන කාලයක් මේක.යම් මට්ටමකට දයාසිරි ඒ කාර්යභාර්ය ඉෂ්ට කරමින් හිටියා. එයට තව තවත් එකතු වෙනවා වෙනුවට හිටපු මිනිහත් ගියාම.
|
BLOG
|
"පැන් පෙරහැර" පැවැත්වෙන්නෙ හැම අවුරුද්දකම පොසොන් මාසෙ පෝය දිනය යෙදෙන සතියෙ පෝය දවසට කලින් දවසක. 2014 අවුරුද්දෙ පැන් පෙරහැර තිබ්බෙ ජූනි මාසෙ 09 වෙනිදා.... එදා ඉදල 17 වෙනිදා දක්වා සති පිරිත් පින්කම පවත්වනව.පෙරහැර පටන් ගන්න දිනයේ ඉදන් උඩමලුවෙ සති පිරිතකුත් සජ්ජායනා කරනව, ඒ වෙනුවෙන් දාන මානත් පිලියෙල වෙනව. පැන් පෙරහැර පටන් ගන්නෙ ඉසුරුමුණිය රජ මහා විහාරයෙන්. එතනින් පෙරහැර පටන් ගෙන තිසාවැවෙන් පිරිසිදු කරල ගත්ත පැන් අරන් පෙරහැරේ එන එක සිද්ද වෙනව උඩමලුව දක්වාම.මේ පැන් කළ වලට අමතරව අනුරධපුර දිස්ත්‍රික්කයේම තියෙන තිසාවැව, නුවරවැව, මහකනදරාව, රාජාංගනය වගේ මහා වාරිමාර්ග ව්‍යාපාර වල පැන් අරගෙන එනව. ඒ පැන් තමයි පිරිත් පාත්‍රයට එකතු කරන්නෙ පිරිත් කරන්න.
|
BLOG
|
මහින්ද රාජපක්ෂ පොලීසිය බාර ඇමති. උපාධිය කප්පාදු කරන්න එපායයි ඉල්ලන්න ගිය සරසවි සිසුන්ට ඔහු කඳුලූ ගැස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර එල්ල කලා පහණක් නොව පයින්ද ගැස්සුවේය. බල්ලෙකුටවත් පයින් ගහන්න එපා යයි කියන අපේ සංසකෟතිය විනාසකර තිබෙන හැටි දැක බලා ගන්න. මැතිවරණය අත ලඟ තියාගෙන මහින්ද රාජපක්ෂ පොලීසිය උසිගන්වන්නේ මෙහෙම නම් දිනුවාට පස්සේ කොහෙම වෙයිද. මොහු කථා කරන ජාතික ආරක්ෂාව, රටේ ජනතාවගේ ආරක්ෂාව නොව පවුලේ හා ගැත්තන්ගේ ආරක්ෂාවයි.
|
BLOG
|
4pt 0in 5.com“මචං...”නේපාලෙන් ආපු දීපෙන්ද්රසීතලට රතු වෙච්චි නාහේ කස කසා හින් ඇස් පොඩි කරගෙන මට ඇහැරවනවා.” ගුඩ් මෝනින්”. ඌහිනා වෙනවා. “අද උදේ ලෙක්චර් යන්නේ නැද්ද.” හිනා වේවි ඌ අහනවා. හීනියට හිනාවේගන ගුඩ්මෝනින් කියන ගමන් මං බාත්රුම් එකට රිංගනවා.හදිස්සියෙන් ලැස්ති වෙලාඊයේ පහළ මාකට් එකෙන් ගත්තු සැන්ඩ්විච් එක කටේ ඔබාගෙන එළියට බහිද්දී රූම් සර්විස්එකේ කළු මිටි මහත සුසෑන් දොර ගාව ඉන්නවා. සුසෑන් ගේ කටේ ඉස්සරහ එක දතක් නෑ. හැබැයිසුසෑන් “හෙලෝ හව් ඩු යූ ඩු” කියාගෙන සුභ දවසක් කියලා කියනවා. මමත් හිනාවේගනම පහළටබහිනවා. ලිෆ්ට් එකේදී හැමදාම හම්බෙන ඉහළ තට්ටුවේ ඉන්න අකී අදත් ඉන්නවා. අකී ආවේජපානෙන්. අකී ගුඩ් මෝනින් කියද්දී පොඩ්ඩක් ඉස්සරහට නැමෙනවා. පිට රටකදී උනත් අකීතමන්ගේ රටේ සංස්කෘතිය රකිනවා. “අද හවස අපේ බැච් එකේපාටියක් තියනවා. එනවා නේද.” අකී දිගටි ඇස් රවුම් කරගෙන අහනවා. මං හිනාවේගන “ඔව්ඔව් අනිවාර්යෙන් එනවා” කියාගෙන එළියට යනවා.දොර ඇරගෙන එළියට යද්දී ඉදිකටුවලින් අනින්නා වගේ සියැටෙල් වල හීතල හුළඟ ඇඳගෙන ඉන්න ඕවර්කෝට් එක පසාරු කරගෙනඇතුලට එනවා. මං බස් ස්ටේෂම ඇතුලට රිංගනවා.වැඩි සද්දයක් නැතිවලතාවකට පැද්දී පැද්දී එන දෙකට කැඩෙන බස් එක පේමන්ට් එකටම ලං කරලා නවත්තනවා.රෝදෙකින් හුළං යනවා වගේ සද්දයක් දාගෙන බස් එක පාත් වෙනවා. “Kneeling busses” ඒ අය කියන්නේ එහෙම. රෝද පුටුවෙන් කැම්පස් එන චාලිට උනත්අමාරුවක් නැතිව රෝද පුටුව බස් එක ඇතුලට ගන්න පුළුවන්. හැමදාම මේ පතරංග බස් එකඑලෝන බස් ඩ්‍රයිවර් ගෑනු කෙනා කට කණ ගාවට පළල් කරගෙන හිනා වෙනවා. ටිකට් දෙන්නෙත් එයාමයි.මං Orcha කාඩ් එක මැෂින් එකේ තියලා ඇතුලට යනවා. බස් එකේ ඉඳගෙනඉන්න හැමෝම හිනා වෙලා ඉන්නවා මට පේනවා.බස් එකෙන් බැහැලා සූසලෝහෝල් එකට යනකම් ඇවිදගෙන යන්න තියේ. මං බස් එකෙන් බහිද්දිම කොහෙද ඉඳන් දුවගෙන ආපුසීමි “හායි හරී... ගුඩ් මෝනින්” කියාගෙන ඉස්සරහට පනිනවා. සීමි ආවේ ඉන්දියාවෙන්. දිගටිමූණේ සීමි හිනාවෙනකොට කම්මුලේ වලක් හැදෙනවා. ලස්සන තොල් දෙක හිනාවත් එක්කඉස්සෙනකොට හිනියට නල දතක් පේනවා.හරියටම උදේ 9 ට ලෙක්චර්එක පටන් ගන්නවා. ෆොටෝග්‍රැෆි උගන්නන ඇලෙක්ස් අඩි හයකටත් වඩා උස මනුස්සයෙක්. බර අඩිතිය තිය ලෙක්චර් රුම් එකට එන එයා අතේ ගෙනාපු කෝපි කෝප්පේ මේසේ උඩින් තියලා මුලිනම “ගුඩ්මෝනින්” කියලා මුළු පන්තියත් එක්කම හිනා වෙනවා.ආපහු ලංකාවට එන දවස ලංවෙලා. ඩලාස් එයාපෝර්ට් එක ඉස්සරහ අපේ සෙට් එක එක එක්කෙනා බදාගෙන ඉවරවෙලා කලබලෙන්වගේ බෑග් මලු ටිකත් උස්සගෙන ඇතුලට යනවා. ඉබේ ඇරෙන වැහෙන දොර ළඟ ඉන්න කළු උසමහත්තයා අපි හැමෝම යනකම් දොර අල්ලාගෙන ඉන්නවා. පාස්පෝට් චෙක් කරන තැනින් ඇතුළටගිහිං පෙන්නේ ඇතිව යනකම් කැතී අත වනනවා. “අයි මිස් යූ” කැති කෑ ගහනවා අපිට ඇහෙනවා.ප්ලේන් එකට නගිද්දීලස්සනට ඇදගෙන තොල් පාට කරපු ගුවන් සේවිකාව හරිම ලස්සනට හිනා වෙලා එන හැමෝමපිලිගන්නවා. පැය 18ක් ප්ලේන් එකේ එක තැන වාඩි වෙලා අමාරුවෙන් ඇඹරි ඇඹරි ඉද්දි ලඟටඇවිත් හිනා වෙලා “සර්.. වට් ඩු යූ වෝන්ට්” කියලා අහනවා.අතේ කරේ මළු උස්සගෙනලංකාවේ එයාපෝර්ට් එකෙන් මං එළියට එනවා. ටැක්සි ඩ්‍රයිවර්ලා රොත්තක්ම එළියට එන මිනිස්සුදිහා හිනාවේගන දිලිසෙන ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. ඒ අස්සේ මගේ ෆෝන් එකට මැසේජ්එකක්. “ මේධා ඉන්දියාවේ ඉඳන් හිනා මූණක් දාල වට්ස්ඇප් මැසේජ්එකක් දාල තියනවා. තෙහෙට්ටුවයි බඩගින්නයිදෙකම එකට එකතු වෙලා. මහන්සි යන්නත් එක්ක ප්ලේන්ටියක් බොන්න කියලා මං පාර අයිනේ තියෙනපෙට්ටි කඩේක වාහනේ නවත්තනවා. සල්ලි දීලා ඉතුරු සල්ලි දිපුවහම මං “බොහොම ස්තුතියි”කියනවා. කැෂියර් කුඩුවේ ඉන්න මහත මුදලාලි මං දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.
|
BLOG
|
4pt 0in 5.0pt; font-family:"Times New Roman"; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;} අතොරක් නැති ජීවිත ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුත් එක්ක ආයෙමත් ජීවිතේ යදින්න, මං ආයෙමත් සංක්‍රන්ති කාලයක් ගෙවනවා. නොඉවසිල්ලකින් ජීවිතේ ගලාගෙන යනකොට ඊට අනුගත වෙලා ජීවිතේ විඳින්න ආයෙමත් මං ලෑස්ති වෙලා, ඒත් මේක විඳීමද විඳවීමද කියන්න නම් තවත් කාලයක් ගත වෙලා යාවී. හැමදේකින්ම ඔත්පල වෙන දවසට ගෙනියන්න තියා හිත සනසගන්නවත් එකතු කරපු දෙයක් ජීවිතේ නෑ. දුප්පතෙක් වගේ ඉපදුනාට දුප්පතෙක් වගේ මිය යන්න අපිට අයිතියක් නෑ කියල ඇහුවට කොහොමද ඒ වචන වලට පණ දෙන්නේ කියලා නිනව්වක් තවම නෑ. අහිංසක මිනිස්සුන්ගේ කඳුලට සුසුමට සංවේදී වෙන්න තර්ජනය කරලා උගන්නපු ඔය හිත් කඳුලකට සංවේදී නොවන තරමටම වල් වැදිල කියලා, නොකියා හිටියට අපි හැමොම දන්නවා. මේ දෙවල් වාචික අදහස් විදිහට එළි දක්වන්න විදිහක් නොවුනට උගන්නවපු දහසක් දෙනාගෙ ඇස් ඒවට උත්තර දේවී. මනුස්සයෙක්ගෙ මූණ බලලා ආත්මයම කියවන්න හදපු කීප දෙනෙක් එක්ක ගිය මේ ගමන හරිම දුශ්කරයි, නැවතීමක් වුණා කියලා හිත සනස ගන්න හැදුවම විතරයි, ඒත් ඒ නිමේශයටවත් ඉඩක් නොතියා ආයෙමත් සුපුරුදු ජීවිතෙත් එක්ක පොර බදන්න වෙලා, අකමැතෙන් නෙමෙයි නොහැකියාව එක්ක තර්ක කරන්න අකමැත්තෙන්, සෙනෙහසින් ළං වෙලා උන්නු මිනිස්සු නොකියම ජීවිතෙන් පළා යනකොට ජීවිතේට දැනෙන්නෙ පුදුම තනිකමක් , ඒ තනිකම මග හරින්න පුලුවන් හොඳම දේ තමයි සිතට දැනෙන දේ ඔහේ ගලායන්න ඉඩ දෙන එක. Publish Post අවබෝදයෙන් යතාර්තය සොයන්න පුන්චි ඉඩක් හොයන ගමන් මේ.
|
BLOG
|
මට මුලින්ම ලැබෙන්නේ බොරු. ඔයාට තේරෙනවාද, ඒක තමයි වෙන්නේ. මුලින්ම බොරු.ඊළඟට පීඩනය.ඊට පස්සේ වැඩි බොරු තොගයක් වගේම වැඩි පීඩනය. ඊට පස්සේ බිඳ වැටීම. ඊට පස්සේ ආපහු වඩා වැඩි පීඩනය. ඊට පස්සේ ඇත්ත. එහෙමයි අපි ඇත්ත ලබා ගන්නේ *******************************************************************.කිසි කලෙක ඔවුන්ගේ ආචාරය මෙතරම් ගෞරවන්විත වී නොමැත. "මම දන්නවා, අපි හැමෝම මිනිස්සු. ගෑනියෙක් නිසා ඕනම මිනිහෙක් මෝඩකම් කරන්න පුළුවන්" යැයි ඔවුනට හැකි වී නම් ඔවුන් මට කියනවා ඇත. ******************************************************************* ආදරේක පැටලෙන මෝඩයෙකුට හැමෝම හිනා වෙනව, ඒත් හැමවෙලේම අන්තිමට එයාට සමාව ලැබෙනවා*******************************************************************ඔයාට තේරෙන්නේ නෑ. මම රළු ලෙස කියමි. ඇය සිය උරහිස් හකුලවයි. මම නොනැවතී කියාගෙන යමි.කථාවේ සම්පූර්ණ පැත්තක්ම ඔයා දන්නෙ නෑ. ඒක එයා දැනන් හිටියෙත් නෑ. ඒ නිසා එයාට ඒක ඔයාට කියන්න පුළුවන්කමක් තියෙන්න විදිහකුත් නෑ.දැන් මට ඒක ගැන කතා කරන්න වුවමනාවකුත් නෑ. *******************************************************************"ආයුබෝවන්" මම කියමි"ආයුබෝවන්" ඇය කියයිමගේ මෙන්ම ඇගේ ස්වරයේ ද ජීවමය බවක් නොමැත.
|
BLOG
|
ටොරන්ට් ඩිරෙක්ට් බාන්න කියල දෙන්නයි හදන්නෙ. හැබැයි මේක පරන සීන් එකක්. දන්න අය ගොඩාක් ඇති. මගෙන් ගොඩක් අය අහපු නිසයි දන්න අය වගේම තවත් නොදන්න අය ඉන්න නිසයි දාන්නෙ. වැඩේ පටාං ගමුකො.com/ මේ සයිට් එකට යන්නකො ඉස්සර්ලාම.මේක තමා උඩ දාල තියන ලින්කුවෙන් ගියාම එන්නෙ.. ඕකෙ තියන Upload Torrent File කියන එක ඔබල අප්ලොඩ් කරගන්න ඕයාලගෙ ටොරන්ට් ෆයිල් එක.එහෙම නැත්තම් ඔය තියන සර්ච්බාර් එකට ටොරන්ට් එකේ ලින්කුව කොපි කරන්නත් පුලුවන්. දැන් Go කියන බොත්තම ඔබන්න. ඊට පස්සෙ මේ පහල තියන විදියට එනව. දැන් ඔය Free කියන බොත්තම ඔබන්න..දැන් පහල පොටෝ එක විදියට එනව ටොරන්ට් එක ඩිරෙක්ට් ලින්ක් හදාගන්නව. විනාඩියක් විතර ඉන්න වෙනව.දැන් ඔය උඩ රතුපාටින් රවුම් කරල තියන එක ඔබන්න ZIP කියන එක. ආයෙත් දෙවනි 4ටෝ එක විදියට එනව උඩ දෙවනි පොටෝ එක බලන්නකො. දැන් ඒ විදියටම Free කියන එක ඔබන්න. දැං ඔටෝ ඩවුන්ලොඩ් කරන්න අහනව. Ok කරන්න එතකොට ඩවුන්ලෝඩ් වෙනව. අපහැදිලිනම් අහන්නකො.
|
BLOG
|
මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම් 14කට බෙදුවා. බඩා හිටියේ 13 වෙනි කණ්ඩායමේ. මුලින්ම පටන් ගත්තේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පන්තියක්. බඩා ගේ කණ්ඩායමේ සිසුවියන් කිහිප දෙනෙක් හිටියා. එයින් බොහොමයක් දෙනා ශරීරයෙන් කුඩා, ඒත් කට සැර (බෝම්බ ගහන්නා වාගේ.) කෙල්ලෝ ටිකක්. මුල්ම සතියේදීම අපට සිද්ධ වුණා හයිඩ්‍රෝසීල් (hydrocele) එකක් එහෙම නැත්නම් වෘෂණ කෝෂයේ වතුර ගෙඩියක් ඇති රෝගියෙක් පරීක්ෂා කරන්න. විශේෂඥ වෛද්‍යතුමා රෝගියාගෙන් විස්තර අහන්නේ අපට ඒ ගැන විමසිල්ලෙන් අහගෙන ඉන්න කියලයි. කොහොම කොහොම හරි රෝග විස්තරය අවසන් වුනා.ඊලඟට එළඹෙන්නේ පරීක්ෂා කිරීම. ඒකත් පියවරෙන් පියවර එතුමා පැහැදිලි කරනවා. හදිසියේම රෝගියාගේ ශිෂ්ණයේ සුවවෙච්ච තුවාලයක් දැකපු වෛද්‍යතුමා කටහඬ බොහොම බාල කරලා අහනවා "සීයා, දඩයමේ ගියාද." කියල. සීයත් ඔළුව වනනවා. බඩාට, කොටියට, කොණ්ඩයට එහෙම මේක ලේසියෙන්ම මීටරේට වැටුණට කෙල්ලන්ගෙන් බහුතරයකට එහෙම වුණේ නෑ. පන්තිය අවසානයේ එක කොට ජීවිත කෙල්ලෙක් අහනවා "බඩා, අර දඩයමේ යනවා කියන්නේ මොකද්ද." කියල. බඩාත් ඉතින් පැහැදිලි කරලා දුන්නා විස්තර ඇතුවම.ඊලඟ දවසේ අර කෙල්ල රෝගියෙක්ගෙන් විස්තර අහනවා, රෝගියාගේ ඇඳ ගාව ඉඳගෙන. කට සද්ද නිසා අහන ප්‍රශ්න අනික් අයටත් ඇහෙනවා. එක සැරේම අපට ඇහෙනවා "ආ, දඩයමේ යනවද." කියල. ලෙඩා ඇඹරෙනවා, අපි බඩවල් අල්ලන් හිනා වෙනවා.
|
BLOG
|
අද මං කියන්නෙ Torrent Files Download කරන යාලුවොන්ට වැදගත් වෙන දෙයක්. අපි ඕන දෙයක් බාගන්න නම් ඉස්සෙල්ලාම බලන්නෙ ටොරන්ට් වලනේ. මොකද Torrent කියන්නෙ ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් file Sharing ක්රමයක්නෙ. අනික ෆිල්ම්ස් වගේ ලොකු ලොකු ෆයිල්ස් බානකොට බයක් නැතුව බාගන්න පුලුවන්නෙ ටොරන්ට් වලින්.( Torrent ගැන වැටහීමක් නැත්තන් මේ ලිපිය කියවලා ඉන්න )ඒ වගේ ටොරන්ට්බාන අයට ගොඩාක් වැදගත් වෙන සයිට් එකක් තමයිමේ '' හයිව් '' කියන්නෙ. මේක ප්‍රසිද්ධ Cloud Storageඑකක් විදිහටයි . ඒත් ඒ අය අලුතෙන් දෙන Service එකගැනතමා මේ කියන්නෙ. මෙයාලා කරන්නෙ අපිට ඕන Torrent Files තත්පර ගානකින් එයාලගේ Servers වලට Download කරලා, අපිට Direct Download කරගන්න Link එක ලබා දෙන එක. මේ Hive Site එකෙන් ඔයාලට ලැබෙන වාසි කිහිපයක්...1.වෙන සයිට් වල වගේ ගොඩක් වෙලා ඉන්න ඕන නෑ.තත්පර කිහිපයකින් ඔයාගේ ෆයිල් එක Download කරලා දෙනවා2.ඔයාගේ Connection එක කොච්චර Slow උනත් ඔයාගේ Connection එකේ ගන්න පුලුවන් උපරිම Speed එකෙන් ඔයාගේ File එක Download කරන්න දෙනවා3. ඔයාලගේ යාලුවෙක් කලින් ඕන ෆයිල් එක Download කරලා තියෙනවා නම් ඔයාට කෙලින්ම එයාගෙ ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්4.ඕන නම් 100GB File එකක් උනත් Download කරගන්න පුලුවන්5.Torrent වලදි Seed වෙන්න යන MB ගානත් ඉතුරු කරගන්න පුලුවන්මේකෙ විශේෂම දේ වෙන්නෙ මේක නොමිලේ දෙන සේවයක් වීම.ඒත් ඉතින් එහෙම දෙන්නෙ මේකෙ Beta Period එක ඉවර වෙනකන් විතරයි. ඊට පස්සෙ මේකෙ Premiem Account එකකට මාසෙකට 9$ ගෙවන්න ඕන. ඒත් බය වෙන්න එපා, මේකෙ Beta Period එක ඉවර වෙනකොට ඔයාලගේ HIVE එකේ ෆ්රන්ඩ්ස්ලා 100ක් හිටියොත් ජීවිත කාලෙටම ඔයාට Premiem Services නිකන් හම්බෙනවා. ඒ නිසා ඔයාට තියෙන්නෙ පහලින් ගිහින් Register වෙලා මාවත් ඔයාගේ Friend List එකට Add කරගෙන තව අනූ නව දෙනෙක්ව Add කරගන්න. මේක Referral ලින්ක් එකක් නෙමෙයි. අර TSU වගේ විකාර බොරුවකුත් නෙමෙයි. ඔයාලා දන්නවනේ අනිත් අය වගේ රූ Tricks වලින් එන එන හැම ජරාවම දෙන්නෙ නෑ කියලා. අපි දෙයක් දෙන්නෙ හොදට හොයලා බලලා 100% Sure නම් විතරයි. ඔයාට තියෙන්නෙ මේකෙ Register වෙලා Add File ගිහින් ඔයාට ඕන Torrent File එකේ Magnet Link එක දීලා Get Link Click කරන්න විතරයි. ටික වෙලාවකින් ඔයාගේ Hive එකේ ඔයා දුන්න File එක තියෙයි. දැන් ඉතින් IDM එකෙන් ඒ ෆයිල් එක ලේසියෙන්ම Download කරන්න පුලුවන් මේකෙ Register වෙන්න ඔයාලට Facebook,Google + හෝ E-Mailaccount එකක් තිබ්බම ඇති. හරිම ලේසියෙන් Register වෙන්න පුලුවන්. ඉතින් පහලින් ගිහින් Register වෙලා මාවත් Add කරගෙන තව යාලුවො 99ක් හොයාගන්න.ඔන්න මං හැමෝටම News එක දුන්නා. දැන් ගිහින් මේ සයිට් එකෙන් නියම ප්‍රයෝජනය ගන්න එක ඔයාලගේ වැඩක්.මේ ගැන ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා විමසන්න.ප්‍රශ්නයක් නැතත් ලිපිය ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.එහෙනම් මම ගියා.මේ වගේ ලිපියකින් නැවතත් හමුවෙමු . . .
|
BLOG
|
මැයි මස 25,26 සහ දිනවලසිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේදීලාංකීය සහ විදේශීය ඇසුරුම් කර්මාන්තකරුවන්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන Lankapack 2012මැයි මස 25,26 සහ දිනවල කොළඹසිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේදී පැවැත්වේ. මෙවර මෙම උත්සවයේ වැදගත්ම අංගය වන්නේ 50කට අධික විදේශීය කුටි සංක්‍යාවක් දායකත්වය සහ ඔවුන්ගෙ නවතම අංග උපාංග ලාංකීය ජනතාවට දැක බලා ගැනීමට හැකි වීමයි.වැඩි විස්තර.
|
BLOG
|
හැමදෙනාම කැමතියි තමන්ගේම කියලා වෙබ් අඩවියක් ආරම්භ කරගන්න. ගොඩ දෙනෙක් කරන්නේ නිකන් හොස්ටින්ග් දෙන සයිට් එකක රෙජිස්ටර් වෙලා ඒකේ සයිට් එක කරන්න පටන් ගන්නවා. ටික දවසක් ගියාම සයිට් එකේ ෆයිල් සේරම මකලා. ඒක වෙනුවට ඇඩ් එකක් පේනවා. එහෙමත් නැතිනම් ඔයාගේ සයිට් එකේ ඇඩ් යනවා.අන්තිමට වෙන්නේ සයිට් එකට ආපු හිට්ස් ටිකත් නැතිව හිස් අතින්ම ගෙදර යන්න. ඒත් දැන් එහෙම කරන්න ඕනේ නැහැ. මෙච්චර ලාබෙට Linux/Windows Shared හොස්ටින්ග් ගන්න තියෙද්දී. ඒ විතරක් නෙමෙයි Discount දාලත් දෙන්නේ.Linux Shared Hosting 20% discount: M4Y9RWZOY2Windows shared hosting 60% discount: H9GQ9MD0EQදැන්ම ඔබගේ හොස්ටින්ග් පැකේජ් එකත් වෙන්කරවාගෙන මේ මිල අඩුකිරීම් අත්විදින්න. Facebook පිටුවට එකතු වෙලා T-Shirt වගේම තවත් තෑගි දිනාගන්නත් පුළුවන්.com/eezpal_hostingදැන්ම එකතු වෙලා මේ අගනා අවස්ථාව ගිලිහීයාමට පෙර අත්කරගන්න.
|
BLOG
|
පිටට ඇලුනු කුස,දිය සහලෙන් පුරවා..වෙව්ලන දෙ අත්,හරි හරියට වෙහෙස දරා...මහතුන් කරපු පුතු ලෝකය,සිතේ දරා...වැහැරුනු දෙනෙත්තවමත් මග හිදි බලා...නිවන් යන්න නොවදුක උහුලනු මෙහෙම...ආ මග හැරෙනු බැරිකමටයමේ ගමන...මිලමුදලින් එව්වත්යහමින් නුඹට..දනිමි අම්මේ තනිකමමහමෙර උසය...බැදුනු කළට රන් හුයකින්,දෙ අත් කොට..දරුවන් එන්නේ,තනිකම දුරලා යන්න..හිටියත් විසි-තිස් වසක්,තුරුලෙ ලය මඩල...යා යුතු ගමන,යන්නටදුන්නේ පිහිට...ආ මග හරිද වැරදිද,තේරෙන්නේ නැති...නුඹ කවදාක හිනහෙවිද,දන්නේ නැති..වැදු පිනට වත්,ළඟ හිඳ සලකන්න බැරි...පව් කළ පුතුන් මිස,අන් කවරෙක්ද අපි.
|
BLOG
|
4pt 0in 5...කාපන් ඔය මේස් එක කාපන්..උහුලන්න බැරි ගඳ කොහොමහරි ඉවසං ඉවර වෙන්නම කාපන්. කීතු කීතු වලට ඉරලාමදාපන්..ඒකවත් පෙන්නලා ලොක්කගෙන්නිවාඩුවක් ඉල්ලා ගන්න.එහෙමත් නැත්නම්පුළුවන් නම්මාවත් එක්කම කාපන්.
|
BLOG
|
ශ්‍රීලංකාවේදී හමුවෙන සර්පයින් අතරින් ගොඩක් ලස්සන සර්පයෙක් විදිහට මල්සරාව එහෙමත්නැත්නම් පොල්මල් කරවලාව හදුන්වන්න පුලුවන්.Chrysopelea ornata (Shaw, 1802)කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මේ සර්පයාමේ විදිහට විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්. ornateලෝකය පුරා මෙයාලගේ ප්‍රධාන උප විෂේශ 3ක්හමුවෙනවා. Chrysopelea ornataornata (Shaw, 1802) Chrysopelea ornataornatissima (Werner, 1925) Chrysopelea ornatasinhaleya (Deraniyagala, 1945)ලංකාවේතෙත් අතරමැදි හා වියළි කලාප වල දැක ගන්න පුලුවන්. බලංගොඩ ගාල්ල යාල පුත්තලමප්රදේශ වලින්ද හමුවෙලා තියෙනවා. Chrysopelea ornata සාමාන්‍යයෙන් කොළ පාටට හුරු ශරීර වර්ණයක්දැරුවත් ලංකාවේ හමුවෙන මල්සරා ගොඩක් ලස්සනයි. ශරීර වර්ණය පුෂ්ඨියව කලු පාටක් ගන්නවා.එහි හරස් අතට කහ පැහැති පේලි දැක ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ශරීරය මධ්යයෙහිරතු පාට තිත් ද සමහර අවස්ථා වල කහ පැහැති තිත්ද දැක ගන්න පුලුවන්. මේ විදිහටවර්ණවත් ශරීරයක් තියෙන හින්දා මෙයාව පහසුවෙන් වෙනත් සර්පයෙකුගෙන් වෙන් කරලා අදුරගන්න පුලුවන්.පැතලිහිසක් සහ හැකිලුනු ගෙලක් මේ සර්පයාගෙන් දැක ගන්න පුලුවන්. ඇසේ විශාල රවුම්කනිකාවක් පිහිටනවා. මෙයාලා සෙන්ටිමීටර 80- 120 පමණ දිගකට වැඩෙනවා.මදවිෂ සහිත සර්පයෙක් විදියට තමයි පොල්මල්කරවලාව හදුන්වන්නේ.මෙයාලානිතරම ගස් හා පදුරු අතර වාසය කරනවා.සමහරවෙලාවට ගස් වල තරමක් උසින් තියෙන අතු වලත් මෙයාලා දැක ගන්න පුලුවන්. උස ස්ථානයක ඉදලා පහල ස්ථානයකට පැනීමේහැකියාවකුත් මෙයාලට තියෙනවා. මේ හින්දා මෙයාලට FlyingSnake කියලා නම හැදෙන්න ඇති කියලත් හිතන්නපුලුවන්.ඉතාවේගයෙන් සංචරණය කිරීමේ හැකියාවක් තියෙනවා.හූනන්වවුලන් ආහාරයට ගන්නා මේ සර්පයා සතුව තියෙන තියුනු ඇස් ඉගිලෙන පක්ෂීන් අල්ලා ගැනීමටආධාර වෙනවා.මොහුගේ බෝවීම බිත්තර මගින් සිදුවෙනවා. වර්ෂාව තියෙන කාලෙට ගැහැනු සර්පයාවරකට බිත්තර 6ත් 12ත් අතර සංඛ්‍යාවක් දැමීම සිදු කරනවා. Chrysopelea ornataornatissima සර්පයෙක් බිජු මගින් බිහිවෙන අවස්ථාවChrysopelea ornata(ඡායාරූපwww.
|
BLOG
|
කොච්චර කෑමෙන් පරිස්සම්වුණත් අද කාලේ අවුරුදු 20-25 වෙද්දි කෙට්ටු කෙනෙක්ට වුණත් පොඩි පහේ " තෙල් බඩක්" එන එක ප්‍රශ්නයක්.විවාහය ළඟ එනකොට තරුණියෝ කෑම කන එකත් නවත්තලා පුදුම දුකක් විඳින්නේ ඇඟේ හැඩය තියාගන්න. මගේ යාලුවෙක්ටත් මේ ප්රශ්නය තිබුණ නිසා පෝෂණවේදී විෂේශඥයෙක්ගෙන් (nutritionist) උපදෙස් අරන් සති 3-4ක් ඇතුළත් කිසිම අමතර ව්‍යායාමයක් නැතුව වේල් 3ම බඩ පිරෙන්න කන ගමන් බර කිලෝ 8ක් ( 68 60ට අඩුකරගෙනා අඩුකරගෙන තිබුණා තෙල් බඩත් නැති කරගෙනම.මෙන්න මෙහෙමයි කෑම වේලපොල් කිරි/ පොල් තෙල් කෑමට එකතු කිරීම සපුරා තහනම්. කෑම මිරිසට උයන්නවෙනවා. උදේට කඩල/ කව්පි පීරිසියක්. ඒ කියන්නේ බත් පිඟානක් වගේ ගොඩාක්ම නෙවේ. සාමාන්‍ය ප්‍රමාණයක්.10ට විතර තේ එක්ක බිස්කට් කිහිපයක් ගත්තට වරදක් නෑ. ( කිරි තේ එපාද කියලා විශේෂයෙන් කියලා නෑ) දවල්ට බත් කන්න පුලුවන්. හැබැයි බත් අඩුවෙන්. එළවලු වැඩිපුර. ඒ කියන්නේ පිඟානෙන් වැඩිපුර තියෙන්න ඕනේ එළවලු. මේත් එක්ක මස් කෑල්ලක් මාලු කෑල්ලක් කන්න පුලුවන්4 ට විතර ඕනේනම් තේ එක්ක බිස්කට් කිහිපයක් ගත්තට වරදක් නෑ. රෑට සැහැල්ලු ආහාරයක්. ඉඳි ආප්ප 6-8ක් වගේ.short-eats කන්න බෑකොස්, දෙල් , දූරියන් කන්න එපා කිව්වලු.ගෙදර ඉඳන්ම කන බොන අයට මෙහෙම කෑම හදාගන්න එක පහසුවුණත් නවාතැන්පලවල්වල ඉඳලා වැඩට යන එන කඩෙන්ම කන බොන අයට නම් මේක ටිකක් අමාරුවෙයි.ඒත් කමක් නෑ. පොඩි උත්සාහයක් හරි දරන්න බලන්න.මේ දේ හැමෝටම හරියන්නේ නැතිවෙන්න පුලුවන් වගේම මේක සම්පූර්ණ ලිපියකුත් නෙවේ. හැබැයි හරියටම වැඩකරපු කෙනෙක්ගේ අත්දැකීමක් නිසා බෙදාගන්න හිතුවාමේ ගැන වැඩි විස්තර ලිපියක් ළඟදීම ලියන්න බලාපොරොත්තු වෙනවා.
|
BLOG
|
ඔබේ පරිගණක පෙන් එකේ තිබූ වැදගත් ගොනු අතපසු වීමකින් මැකී ගියාද. එවැනි අවස්ථාවලදී Recuva මෘදුකාංගය භාවිත කර Windows පරිගණක දී එම ගොනු නැවත ලබා ගත හැකියි. එසේම ඩිජිටල් කැමරා කාඩ් සඳහා ද මෙම මාදුකාංගය භාවිත කළ හැකියි. මෙහි විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගය නොමිලයේ ලබා ගත හැකි වීමයි.මෙම් මෘදුකාංගය ලබා ගැනීමට පහත යොමුව වෙත යොමු වන්න.com/recuvaමෙය භාවිත කරන ආකාරය පිළිබඳව අවභෝධයක් ලබා ගැනීමට පහත වීඩියෝව බලන්න.
|
BLOG
|
මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා...........හැම මොහොතෙම මට ඔයාව මතක් වෙනවා............මං තාමත් ඔයාට ආදරෙයි..........මාව දාල යන්න තරම් ඔයාට මාව එපා උනේ ඇයි මගෙ මැණික..........මෙච්චර කාලෙකට පස්සෙද ඔයාට මේ වචන ටික කියන්න මතක් උනේ..අන්තිමමොහොතවෙනකන් ඉවසලා බැරිම තැන මම හැමදේම අමතක කරලා දාන්න හිත හදාගත්තට පස්සෙද මේ වචන ටික කියන්න ඕන උනේ..ම්ම්ම්ම්.... හේතු දාහක් කිය කිය ඔයා මාව ඈත් කරද්දී චූටි චූටි හේතු හොයාගෙන බැනුම් අහගෙන හරි මම ඔයත් එක්ක හිටියා මෙච්චර කල්... ඉවසීම රතු කට්ට පනිනකන්... දැන් හැමදේම ඉවරයි... හැමදේම...මන් දවසක් ඔයාට කිව්වා... හැමදාම සමාව දීලම කවදා හරිදවසකමට ඔයාට සමාවදෙන්න බැරි දවසකුත් එයි කියලා... අද තමයි ඒ දවස... ඔයත් පව්... මමත් පව්...ඉන්න තැනක සතුටින් ඉන්න ඔයා... එච්චරයි මට ඕනේ.
|
BLOG
|
දරා නෙක නෙක සිතුම් සිතයටවිරා රස සිත පතුලෙ යටකොටනුරා මුසු පෙම් හැඟුම් මතු කොටසරා සුරඟන කරා සිත වටගෙවුණ සමයේ හැඟුම් විරහිතකවිය වෙත වුව තැබුවෙ මා තිතසිතට සුපුරුදු හැඟුම් දී මතඅවදි කරවමි යළිත් කවි සිත෴ රන්දු ෴.
|
BLOG
|
පිංතූරය ගත්තෙ මෙතැනින් . . .අද මම ආසම කරන පොතකින් උපුටා ගත්තු ගණිත ප්‍රශ්ණයක් ඉදිරිපත් කරනවා. ඒ "වයි පෙරෙල්මාන් " රුසියානු රචකයා ලියූ " ගණිත විනෝදය " පොතේ එන දුම්රිය බලපත්‍ර නම් ගැටළුවයි. මා ළඟ මෙම පොත වසර 10කට පමණ උඩදි තිබුනා. ඒත් මගෙන් එය ඉල්ල ගත්තු මගේ යහළුවෙක් නැවත නොදීම නිසා මම පොත් ගැන සැලකිල්ලක් නැති අයට පොත් දීමෙන් වළකිනවා පමණක් නොවේ පොත් තියනවා කීමත් දැන් කරන්නෙ බොහොම පරිස්සමින්. මම මේ අළුත් පොත ගත්තෙ මේ සැරේ BMICH එකේ තිබුන සාහිත්‍ය මාසේ පොත් ප්රදර්ශණයෙන්. වසර දෙකක් සොයලත් හමුඋනේ නැති පොත සොයා ගන්න උදව් උන දිල්රුක් " සුදීක " මිත්‍රයටත් ස්තූතියි පොත පෙන්නුවට ප්රදර්ශණයේදී.මෙන්න ප්‍රශ්ණය :" මම දුම්රිය ප්‍රවේශ පත්‍ර විකුණනවා " ක්‍රීඩාවට සහභාගි වූ කාන්තාව තම ගැටළුව ඉදිරිපත් කිරීමට ආරම්භ කලාය. බොහෝ දෙනෙක් සිතන්නෙ එය ලෙහෙසි කාර්යයක් බවයි. කුඩා දුම්රිය සේවය කරන කෙනෙකුට වුවත් කෙපමණ ප්‍රවේශ පත්‍ර විකිණීමට සිදුවේ දැයි දන්නෙ නැහැ.සෑම මගියෙකුටම එම දුම්රිය ස්ථානයේ සිට එම මාර්ගයේ තිබෙන තමන් කැමති ඕනෑම දුම්රිය ස්ථානයකට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට හැකියාවක් තිබිය යුතුයි. එපමණක් නොවෙයි දෙපැත්තටම. මම වැඩ කරන්නේ දුම්රිය ස්ථාන 25 ක් ඇති දුම්රිය මාර්ගයක. ඔබ සිතන ලෙස එම දුම්රිය මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයක් සඳහාම එකිනෙකට වෙනස් ප්‍රවේශපත්‍ර කොපමණ තිබිය යුතුද .ඔන්න ප්‍රශ්ණය උත්තරය Comment කරන්න.
|
BLOG
|
මා මල පසු ඔබේ මළගම මට ඉහලින් සමරන්නට...මැරෙන්න පෙර මේ මල් මිට මගෙ සොහොනේ තබා යන්න.
|
BLOG
|
එක්දහස් නමසිය හතලිහේ ජූනි හතරවෙනි දින කොස්ගම ජුවානිස් රත්නායක හා හිල්ඩා රත්නායක දෙපලට කුළුඳුලේ ලැබුණු දරුවාට 'වින්සන්ට්' යැයි නම් තැබිණි. සෞන්දර්‍යටම නැඹුරුවක් දැක්වූ එ පුත් කුමරා පාසල් ඉගෙනුම අවසන ලක්නව් භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයෙන්, විශාරද සනත් නන්දසිරි වැන්නවුන් හා සමකාලීනවම විශාරද උපාධිය ලැබීය.අමරදේවයන් හා සමලෙසට හෝ ඊටත් වඩා දක්ෂභාවයෙන් යුතුව වයලීන් වාදනයේ යෙදුණු හෙතෙම ජීවිකාව ලෙස ගුරු වෘත්තියම තෝරාගති. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන ආදී විදුහල් බොහොමයක දරු දැරියනට සංගීත සෞන්දර්ය දායාදයන් ලබා දුන් හෙතෙම, වඩාත් පුළුල් ලෙස තම ශාස්ත්‍ර ඥාණය බෙදාදෙනු වස් කැළණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යපන ආයතනයට බැඳෙන්නේය.කවුන්ට් ඔෆ් ද මොන්ටි ක්රිස්තෝහි එඩ්මන්ඩ් දාන්තේට සිරගෙයහිදී හමුවන පූජක තැන "ජීවිතයේදී පරිස්සම් වියයුතු එක් දෙයක් නම් භයානක ජ්වර රෝගයි" ලෙස අනතුරු හඟවයි.වයලීනයේ තත් මිහිරි හඬ මවමින් පිරිමැදි වින්සන්ට් රත්නායකයන්ගේ ඇඟිලි හිරිවැටීමක් ලෙස මුලින් පටන් ගන්නා රෝගය ඔහුගේ සිරුර වෙලාගන්නේ කිසිවෙකුටත් එයට මැදිහත් වීමට ඉඩ නොතබිමිනි.හොරණ ශ්‍රී පාළියට මාරුවක් ලැබීම ඔහුට වධයක් වන්නේ ප්‍රතිකර්ම කිරීම සඳහා නිතරම කොළඹ ඒමට වූ නිසාය. බාහිරින් කිසිම කිසිම රෝගී තත්වයක් නොපෙන්වුවද ඇතුලතින් උග්‍ර රෝගී තත්වය මත හෙතෙම වෛද්‍ය උපදෙස් මත ස්වකීය රැකියාවට සමුදෙන්නේය. ඒ වනවිට දරුවන් දෙදෙනෙකුගේ පියකු වෙන එතුමාගේ සියළු කටයුතු කෙරෙන්නේ චන්ද්‍රානී රත්නායක මහත්මිය අතිනි. දරුවන් දෙදෙනාගේ සියලු කටයුතු කර ඔවුන් පාසැල් පිටත් කරහරිනා ඇය ඉනික්බිති තම දයාබර ස්වාමි පුරුෂයාව සෝදා කවා නිවසෙහි රඳවා තබා තම වෘත්තිය පිණිස නික්ම යන්නීය.දහසක් සිසුන්ගේ රසභාවයන් කුළුගැන්වූ ගුරුපියෙකුට, එලෙස නිවසක දෑත් දෙපය නිසොල්මන්ව, සිය ප්‍රියයන් නැවත නිවසට එනතෙක් තනිවීමට සිදුවීම දෛවයේ කුමණ සරදමක්ද. එහෙත් එබඳු මිනිසුන්ට දෛවය විසින්ම දේව දූතයින්, දූතිකාවන් සපයා දෙන්නේය. චන්ද්‍රානී රත්නායක මහත්මිය අවුරුදු දහහතක්ම වින්සන්ට් රත්නායකයන් සුරැකිව බලාකියාගනිමින් දූ දරුවනටද ඉහල අධ්‍යාපනයක් ලබා දෙමින් කල සටන, අප කිසිවෙකුටත් අනුමානවත් කල නොහැකි එකකි. දියණිය වෛද්‍යවරියක් ලෙසත් පුතණුවන් ඉංග්‍රීසි ආචාර්යවරයෙකු ලෙසටත් සමාජයට දායද කල ඇගේ භූමිකාව, අප රට මවුවරුන් අනාදිමත් කාලයක සිට නිහඬවම කරණා සේවයට කදිම සංකේතයකි. රත්නායක මහතාගේ සොයුරු සොයුරියන් චන්ද්‍රානී මැතිණියව තනි නොකරමින් ඇයට ශක්තියක් වී සිටීම ඇගේ ධෛර්යය වඩාත් වඩවන්නක් විය. කොතෙකුත් නිර්මාණ කලද ඒවායේ පිටපතක් හෝ තමන් සන්තකයෙහි තබා නොගත් වින්සන්ට් රත්නායකයනට තම ගීත අවසානයේ අසන්නට වන්නේ ගුවන් විදුලියෙන් ඒවා ප්‍රචාරය කරවා ගනිමිනි. අභාවප්‍රාප්ත කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් අතින් ලියැවුණු , තමාම තනු නිමවා ගැයූ "බිඟු වැල රොන් සොයලා..." ගීතයට ඔහු ඉමහත් ලෙස ප්‍රිය කර ඇත. කුඩා කල මගේ සවන්ද පිනැවූ ඒ ගීය, මා සිතෙහි අනායාසයෙන්ම සටහන් වී ඇත්තේද ඒ නිර්මාණයේ අපූර්වත්වය නිසාම වන්නට ඇත. එක්දාස් නමසිය අනූහතේ දෙසැම්බර් දාහත් වනි දින අභාවප්‍රාප්ත වූ එතුමාගේ නිර්මාණ අද ශ්‍රාවකයනට ඇසෙන්නට ප්‍රචාරයවන්නේ ඉතාම කලාතුරකිනි.කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ගේ දයාබර බිරිඳට ස්තූති වන්නට, අවිස්සාවේල්ලට නුදුරු කොස්ගම නිසංසල පරිසරයක පිහිටි රත්නායක නිවසේදී චන්ද්‍රානි මහත්මිය හමුවී මේ කරුණු දැන කියාගන්නට හැකිවිය. ඈ ඉතාමත්ම කරුණාවන්ත ගුරු මාතාවකි."වින්සන්ට් සර්ගෙ කටහඬ හැබෑවටම අහන්නට තිබ්බනම් කොච්චර හොඳද." ඇයට සමුදීමට සුදානමින් මගේ මුවින් පිටවුණි."පුතාට ඒ කටහඬ තියනව, ඒත් එයා කියනව අඩුයි.." ඇගේ පිළිතුර විය.අපිස් සතොස් ජීවිතගත කල රත්නායක යුවල යහපත් දරුවන් සමාජයට බිහිකර ඇති බවට ප්රත්යක්ෂය.බිඟු වැල රොන් සොයලාමල් ගොමු තුල සරලා නැංවු ගී සරේ....මගෙ සවන් තැලූ පෙලූ බඹර ගී සරේ.....තුංමංසල අයිනේ කිසිවෙකු නැති යාමේඇගේ අඳුරු ලොවේ මාද අතරමං කලේ.... බිඳුනු ආදරේ.....මිලිනව මද්දහනේ රෑ පිබිදෙන දැහැනේමගේ සතුට ඇගේ කඳුල සමග මුසු කලේ...බිඳුනු ආදරේ......තුංමංසල රැඳී සිටි ඇයගේ අඳුරු ලොවේ ඔබේ සතුට සොයා ගියද, ඇයද, බිඳුණු ආදරයක ලසොවින් තැවෙන්නියකි - ගීයෙහි අපූර්වත්වය විඳගන්න ඔබටත් ඇරයුම්.
|
BLOG
|
පිස්සො හදපු පච ගිවිසු ම්දැක්කේ වත් නැති ගිවිසු ම් පිස්සෙක් ගෙන පාති රැඟු ම්හොරු සමඟින් රිලා නැටු ම්ඉස් ටේජ් පිටින් ගිනි තිය නාමැරයෝ කූඩුවෙ ලන් නාපිස්සු හුටං පැමිණෙන් නාඅරන් යතේ පුක පෙන් නාපිස්සෝ එක්ක බෑ සෙල්ල න්ඕ අයි සී ගෙදර ගිහි න්පිස්සු නැතයි දුන් ලයිසො න්දීපූ පිස්සා හොයන් වරෙ න්දුවගෙන පිස්තෝල අර න්එරාජ් පුතේ හනික වරෙ න්බන්ඩාරයා බිම පෙරල න්පෙන්නමු අපි වීදී නැටු න්බකට් පුරා මඩ බාල් දීනැව් පුරවා පච බාද් දිහඩ්ඩෙක් ගඬු ගූ නාද් දි විනය පෙනේ ඉගිල් ලෙද් දිබූරුවෙකුත් ගෙදර යැවු නුනැෂනලයත් පුදා ගෙණු නුයක්කු පනී දපනෙ වැටු නුපුල් අප්සෙට් බොඩි සළකු ණුවැදගත් කිසිවකුත් නැ තේකුඩු කෂියා තගා ඇ තේඩිෆෙන්ඩර්ය හතර අ තේවිනය තකන් මැරෙමු පු තේ පොඩි දරු පැටවුන් සීය ක්‍රේප් කලත් නෑ අවුල ක්පාටි දාතී එක පවුල ක්අප්පච්චිට නෑ අපුල ක්ඉල්ලු ගමන් කලින් ලැබු න කිසිම දෙයක් නෑ අද දි නපිස්සු වැටී ඩෙඟා නට නසොහොන් ළකුණු දැන් හැමතැ න.
|
BLOG
|
නොකරපු වරද.....කොච්චර අමතක කළත් ,අමතක කරන්නම බැරි එකම දේ ,මට ආයෙමත් වද දෙනවා...අමතක කළා කියලා හිතාගෙන හිටියට ,එහෙම වෙලා නැහැ කියලා මම අද දැනගත්තා...ඇස් වලට කඳුළු පුරවන්න ,මුළු ඇඟම හිරිවට්ටන්න,තාමත් ඒ වචන වලට පුළුවනි කියලා අද තේරුම්ගත්තා...කොහොම තේරුම් කරන්නද...කාට තේරුම් කරන්නද...නොකරපු වරදකට,වරදකරුවෙක් කරන්නෙපා කියලා,කාට කෑ ගහන්නද මම..ඔයාට ඇහෙනවනං,ඒ දේ කරන්නෙපා මට,කවමදාවත්....ජීවිතේ කරපු එකම එක වැරැද්ද,ඔයාගේ ආදරේ තේරුම් නොගත්තු එක...ඒ එකම එක වැරැද්ද නිසා,මම හැමදාමත් දුක්විඳිනවා,ජීවිතේ පුරාවටම...පුළුවන් වුණොත් ,කවමදාකහරි , සමාවෙන්න මට...මම කරපු වැරැද්දට...නොකරපු වැරැද්දට නෙවෙයි....ප.ලි. : පලිගන්න තරම් දෙයක් ඉතුරුවෙලා නැහැ මගේ... තවත් රිද්දන්න එපා... තේරුමක් නැහැ.
|
BLOG
|
නිමිත්ත - 2014 ජුලි මස 18 දිනට යෙදුණු නෙල්සන් මැන්ඩෙලා නම් වූ යුග පුරුෂයාගේ ජන්ම දිනය වෙනුවෙනි.1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපතිනෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලාප්රජාතන්ත්රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. නමුදු එවකට පැවති රජය විසින් ඔහුව බොහෝසේ විවේචනයට භාජනය කරන ලදී. ANC ය විසින් මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් හා ත්රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අතර ඇමරිකාව තවමත් හඳුන්වනුයේ ත්‍රස්තවාදියෙකු සේය.1990, පෙබරවාරි මස 11 වන දින සිරෙන් නිදහස් වීමත් සමඟම මැන්ඩෙලා සමඟි සන්ධානවීමට හා සාකච්ඡා මාර්ගයට පිවිසීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ විය. දකුණු අප්‍රිකාවේ බහු ජාතීය ප්රජාතන්ත්රවාදයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වන බව ඔහුගේ විශ්වාසය විය. වර්ණභේද යටතේ අවසාන දක්වාම මැන්ඩෙලා අතීත විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට පුළුල් ලෙස භාජනය විය.දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ. එකී නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමයන් සමඟ අපූරුවට පෑහිණි.මහත්මා ගාන්ධි යනු මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයකි. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි. එමෙන්ම මහත්මා ගාන්ධිතුමාගේ අවිනිසොවාදී දර්ශනයත්, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් ස්වකීය ජීවිතයට ද ඈඳා ගත් යහපත් ගුණාංග වේ.උපුටා ගැනීම විකීපීඩියා නිදහස් විශ්ව කෝෂයෙන්.
|
BLOG
|
මම විශ්වාස කරන විදිහට ජීවිතයේ එක් වරක් යමෙකු හමුවේවි නුඹට, නුඹේ මුළු ලෝකයම උඩු යටිකුරු කරන... නුඹ වෙන කිසිම ආත්මයකට නොකියූ දේ ඔහු/ඇය හා බෙදා ගනීවි....ඔවුන් නුඹ කියනා දෑ අසනවා පමණක් නොව නුඹ කියන දෑ ඇසීමට සත්තකින්ම කැමති වන්නේද වෙයි....නුඹ, නුඹගෙ අනාගත අභිප්රායන්, සැබෑ නොවන සිහින, ළඟා නොවිය හැකි අරමුණු හා ජීවිතය නුඹ හට දමාගැසූ දුක් කම්කටොළු වල අවනඩු ඔවුන් හට කියාවි...සතුටක මුල් සහකරුවා/සහකාරිය ද වන්නේ ඔවුන් ය, දුකකදී නුඹ හා එක් ව හැඬීමට හා නුඹගේ සතුටේදි එක්ව සිනාසීමටත් ඔවුන් පසුබට නොවේ...ඔවුන් නුඹව කෙදිනක වත් නුඹව, නුඹ ගැනමදිකමක් පිළිබඳ සිතිවිලි වලින් වෙලන්නේ ද නැත... ඔවුන්ට නුඹ ආතුල්‍යයි, විශේෂයි, සුන්දරයි...ඔවුන් ඉදිරියේ නුඹට නිසල බව මිස පීඩනයක්, ඊර්ෂ්‍යාවක් හෝ තරගයක් නැත. නුඹට නුඹ විය හැක්කේ ඔවුන් නුඹේ තත්‍යතාවයට ඇළුම් කරන නිසාවෙනි...නුඹ, එදිනෙදා හමුවන සැලකිය නොයුතු ගීතයක්, මතකයක්, සටහනක් සිතේ නිධන් කොට රැක ගනීවී...ජීවිතයේ වර්ණ විචිත්‍රවත් වේවි... පෙර නොවිරු ලෙස සිනහව නුඹගේ ජීවිතයේ කොටසක් වේවි...වෙහෙසකාරී දිගු දිනයක ලැබෙන දුරකතන ඇමතුම නුඹට සහනයක් ගෙන දේවී... ඔවුන් අසල සිටින විට නොකැඩී ඇදෙන කතාව නොව නිසල බව සහනයක් වේවි... ඔවුන් ආසා කරන දෑ නුඹටත් ප්‍රීතියක් ගෙනදේවි...ජීවිතයේ සෑම මොහොතකම ඔවුන්ගේ නුඹේ සිහියට එන්නේ නොදැනුවත්වම ය...නුඹ, නුඹේ හදවත ඔවුන් කෙරේ පිරිනමන්නේ යම් දිනක නුඹට හඬන්නට වන බව දැන දනත් ඒ සා ආදරයක් නැවත නොලැබෙන බව දන්නා නිසාවෙනි...නුඹේ සහනය වන්නේ... නුඹට සාදා හිතැති මිතුරෙකු/ මිතුරියක, ආත්මීය සහකරුවෙකු/ සහකාරියක ලැබෙනවා යන සිතුවිල්ලකි...ජීවිතය පෙර නොවිරූ ලෙස වෙනස් වී ඇති බවක්, උද්දීපනයක් හා සෑම දෙයකම පලක් ඇති බවක් නුඹට වැටහේවී....නුඹේ එකම ප්‍රාර්ථනය ද ස්ථිරත්වය ද ඔවුන් නුඹේ ජීවිතයේ කොටසක් වී සිටීමය.
|
BLOG
|
- පිංතූරය ගත්තේ මෙතැනින් -ශ්‍රී ලංකාව නම් චිත්‍රපටියේ ප්‍රධාන නළුවන්ද නිළියන්ද හැර අපි සියල්ලෝම නළු බට්ටො වී ඇත. නළු නිළියන්ට යහමින් ආදායම ඇත. අපට නැත. ( එහෙම හොයන්නටද නොහැක. ) ප්‍රධාන නළුවන්ගේ සුවච කීකරු ගෝල බාලයන් චිත්‍රපටියේ සෑම තැනම පහරති. අහෝ ශ්‍රී ලංකාව . . .
|
BLOG
|
පසුගිය සෙනසුරාදා පැවති 'කවි සියපත' දොරට වැඩීමේ උත්සවයේදීරත්න ශ්‍රී විජේසිංහයන් සහ මහාචාර්ය සමන්ත පෙරේරා කිවි වරුන් කළ දේශන ආශ්රයෙන් රචනා කරන ලදි.....* අතීතකාමයෙහි ගැලෙන්න එපා(මා මෙතෙක් කළ වැරැද්දක්)- අපි හැමෝම කැමතියි අතීතයට ආදරේ කරන්න. අතීතයේ ලස්සන සිදුවීම් වලට ආයෙත් යන්න. ඒත් ඒ දේවල් වලට ආදරයෙන් ලියන කවියෙන් සමාජයට යහපතක් වෙන්නේ බොහොම අඩුවෙන්. කවියෙක්ගෙන් විය යුතු සමාජ බලපෑම පසෙක ලා ස්වයං වින්දනයක් පමණයි එයින් ලැබෙන්නේ.* ස්වභාව සෞන්දර්යය පිළිබඳව දැනෙන හැඟීම් කවි සිතුවිලි ලෙස වැරදියට තේරුම් ගන්න එපා(මා මෙතෙක් කළ වැරැද්දක්)- ඒ හැඟීම් නව මානයකින් බැලීමට හැකි නම් විතරක් එය කවියකට නඟන්න. උදාහරණයක් විදියට ලාල් හෑගොඩ ගේ එක් කවියක සඳහන් වෙනවා 'පෙරදිග සිත්තරා' කියලා හිරු ගැන. හිරු නැඟෙන්නේ සිතුවමක් අඳින්නලු. ඒත් ඒක සම්පූර්ණ නොකර ආයෙත් බැහලා යනවලු. ඒ තුරු ලතා කියන ළඳුන්ව දිනපතා ස්පර්ශ කිරීමේ ආසාවෙන්ලු.* නොවිඳි අත්දැකීම් බලෙන් කවි වලට නඟන්න එපා- ඒකෙන් අදහස් වෙන්නෙ නෑ හැම වෙලේම තමන්ට වුණ දෙයක් කවියක් කළ යුතුයි කියන එක. අත්දැකීම් යනු අඩු තරමින් තමන් සංවේදී වූ සිදුවීමක් විය යුතුයි.* කවිය යනු සිව්පදය පමණක් නෙවෙයි(මා මෙතෙක් කළ වැරැද්දක්)- සිව්පදය නොමැති කවි වලට නිසඳැස් යැයි කීම වැරදියි. ඒවා තවත් එක් රීතියක(හෝ රීති රහිත), තවත් ආකෘතියක කවි පමණයි.* දැනෙන හැම කාව්‍ය සිතුවිල්ලම රීතියක හිර කරන්න එපා.(මා මෙතෙක් කළ වැරැද්දක්)- අදාල කවියේ අදහසට අදාල සැකිල්ලක් විය යුතුයි. හැම විටම පරණ විරිත් වලට යන්න එපා.* භාෂාව උපරිම ලෙස භාවිතා කරන්න- සීගිරි ගීයේ සිට කොළඹ යුගය සහ මෑත කාලීන කවි කියවන්න. එවිට භාෂා දැනුම වැඩි වන අතර විවිධ රීතීන්, විරිත් ඉගෙනගත හැකිය.* ඉතා අලංකාර වචන අර්ථයකින් තොරව යොදා පාඨකයාව මුලා කරන්න එපා.* කවියේ ආරම්භය කවිය දිගටම කියවීමට උත්තේජනයක් වන ලෙස ආරම්භ කළ යුතුය.* Assignment ලෙස කවි ලියන්න එපා.(මා මෙතෙක් කළ වැරැද්දක්)- එක් එක් අයගේ උවමනාවන් වලට බලෙන් කවි ලියන්න එපා. (ගුණ වැයුම්, ශෝක ප්‍රකාශ, ප්රශස්ති.....)* කවියට ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා.- විවේචන ඉවසීමෙන් විඳදරා ගන්න. මේ ඔවුන්ගේ උපදෙස් වලින් කිහිපයක් පමණයි. තවත් ඒවා මතක නම් එකතු කරන්න.
|
BLOG
|
පුරවැසියාට නාකි ගොන් වැස්සියෙකු උන්නේය. මේ දවස්වල ගෙදර අඩුපාඩු ඉහට උඩින්ය. පුරවැසියාගේ හාමිනේ නම් කියන්නේ මේ වැස්සි මස් කඩයකට හරි විකුණලා කීයක් හරි ගෙදරට ගේන්න කියාය. පුරවැසියාට හොදටම දුකය. ඇයි දෙයියනේ ගෙදරට ගොම පෝර ටික දුන්නේ, දරුවන්ට කිරි ටික දුන්නේ මේ වැස්සි. මොන හිතකින් මස් කඬේට දක්කන්නද.පවුලේ සමගියට ගරු කරපු පුරවැසියා උදේ පාන්දර වැස්සිවත් දක්කගෙන පාරට බැස්සේය.ඒ එනකොට රට ඉදන් ආපු රොබට් අයියා මුලච්චි වුණා. ‘‘ආ මිස්ට පුරවැසියා, කොහෙද මේ බෑරක්ද.’’ පුරවැසියා විස්තරේ කීවා. ‘‘ලංකාවේ මිනිස්සු බඩගින්නේ ඉන්නවද.’’ රොබට් ගොයියා ඇහුවා. ‘‘අපේ රට ආසියාවේ ඵෙශ්චර්යය වෙන්නනේ යන්නේ එතකම් අපි ඉවසනවා’’ රොබට් අයියාට ලංකාව ගැන ආස හිතුණා. මේ ලංකාවේ කවදාවත් මානව හිමිකම් කඩවෙන්නේ නෑ. මෙහෙ උන් බඩගින්නේ මලත් රටට දොසක් කියන්නේ නෑ. මිනිහාට ආපහු ඇමරිකාවට යන්නත් හිතුනේ නෑ. මොනවා උනත් මිනිහට පුරවැසියා ගැන දුක හිතුණා. එයා වැස්සිව ඉල්ලාගෙන පීනට් ඇට ටිකක් දුන්නා හප හප යන්න. මළ කෙළියයි. මොනවා කරන්නද. කමක් නෑ ඇමෙරිකානු පීනට්ස්නේ පුරවැසියා හිත හදාගෙන ආපහු හැරුණා.හැබැයි විස්තරේ අහපු හාමිනේට යකා නැග්ගා. දැන් ළමයින්ට කන්නයි බොන්නයි දෙන්නේ මෙනවද. හාමිනේ ඇගට ගොඩවුණා. කන්නයි බොන්නයි නම් ඔය පැකට් කරලා කඬේ තියෙන්නේ. පුරවැසියා හිතුවා විතරයි කීවේ නෑ. හාමිනේ පීනට් ඇට ටික වත්ත පහළට විසි කරා. හාමිනේගේ කෑගැහිල්ල අහගෙන ඉන්න බැරි තැන පුරවැසියත් ගියා වත්ත පහළට.අර විසිකරපු ඇටවලින් මහ උස රට කජු වැලක් හැදිලා තිබුණා. පුරවැසියා හිතන්නේ බලන්නේ නැතුව උඩටම නැංගා. දැන් පුරවැසියා වලාකුඵවලිනුත් උඩ. පුරවැසියා දැක්කා ලොකූ මාළිගාවක් වලාකුඵ අතර. පුරවැසියා ගියා ඒක ඇතුළටම. කොක්ක කෝ...ක් කෝ...ක් ගාන සද්දේ හැමතැනම. තව පැත්තකින් ඇහෙනවා හරක් උම්බෑ... කියලා කෑගහන සද්දයක්. හත්වලාමයි පාට පාට කුකුළෝ. අඬේ මං ඇවිත් තියෙන්නේ කුකුල් කොටුවකටද. පුරවැසියා ළග හිටපු කිකිළියක් ළගට ගිහිං පොඩි ටෝකක් දැම්මා. ‘‘නංගි මේ කොහෙද.’’ ‘‘මෙ මෙ මේ දු දු දුටු ගැමුණුතුමාගේ මාළිගාවනේ අයියේ ’’ දුටු ගැමුණුතුමා. ‘‘ඔහ් ඔහ් ඔව් අයියේ. එ එ ඒ උත්තමයා තමා අපිව බේරගත්තේ.’’ එතකොට තමයි පුරවැසියා පින් පොතක් පෙරළ පෙරළ ඉන්න මෑන්ව දැක්කේ.‘‘අඩෝ මේ අපේ පුරා මල්ලිනේ.’’ එතකොට තමයි පුරවැසියා දුටු ගැමුණුතුමාව අදුනගත්තේ.මේ අපේ පුරවැසි සම්බන්ධන්ධතා නිළධාරිතුමානේ’’ ‘‘නෑඩෝ මං දැන් කුකුල් හා ගව සම්බන්ධතා තුමානේ. මං කාලි අම්මට තියා මෙලෝ යකෙක්ට බය නෑ. අද ඉදන් මගේ ඒරියා එකේ එකෙකුටවත් හරක් මස් කන්න බෑ.’’‘‘සුපර් මාර්කට් එකෙන් කන අයටත් බැරිද තුමෝ.’’ ඒ පාර ඇහුනේ නෑ වගේ තුමා කුකුළන්ට බා බා ගානවා. නුවන් මල්ලි සීනි නැති තේ එකක් හදාන ආවා. ‘‘ තුමාට දියවැඩියාවවත්ද.’’ පුරවැසියා ඇහුවා. ‘‘මෙවුන් මේ හොර සීනි විකුණනවනේ බං’’ ‘‘ඉතින් ඉතින්.’’ ‘‘මං ඒවා සේරම විනාශ කළා. දැන් මට තේ එකක් බොන්න සීනි නෑ’’ ‘‘තුමෝ පොඩි ඔත්තුවක් තියේ.’’ පුරවැසියා රහසින් කීවා. ‘‘මොකද්ද බං’’ ‘‘තුමාලගේ පැත්තේ තවත් පොඩි හොර කේස් එකක් තියේ’’ දැන් තුමා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ‘‘ඒකත් සීනි වගේ දෙයක්’’ ‘‘දැන් පුරෝ තෝ මට කියනවද නැද්ද.’’ නුවන් මල්ලිත් ළ`ගට කිට්ටු වුණා. ‘‘මේ කු_ඩු’’ පුරවැසියට එච්චරයි කියන්න ලැබුනේ දෙන්නම උන් තැන්වලින් නැගිට්ටා. ‘‘ඒවා අපි බලා ගන්නම්. තමුසේ නැහෙන්න එපා.’’ දෙන්නම එකපාර කීවා. පුරවැසියා සද්ද නැතුව හීන් සැරේ ගෙදර එන්න පටන් ගත්තා.
|
BLOG
|
4pt 0in 5. නිදි මාපිලා කියලා සිංහලෙන් හදුන්වන මේ සර්පයව Sri Lankan Cat Snake යන ඉංග්රීසිනාමයෙන්ද,Boiga ceylonensis යන විද්යාත්මකනාමයෙන්ද හදුන්වනවා. මෙයත් ශ්‍රී ලංකාවේ වැඩිම සර්පයින් සංඛ්‍යාවක් අයිති වෙන Colubridae සර්ප කුලයට අයිති සර්පයෙක්. නිදි මාපිලාව වැඩිදුරටත් මෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.Kingdom: AnimaliaPhylum: Chordata Class: ReptiliaOrder: SquamataSuborder: SerpentesFamily: ColubridaeSubfamily: ColubrinaeGenus: Boigaශ්‍රී ලංකාවේ මීටර් 1500 කට වඩා අඩු පහත්බිම් වලත් අසල්වැසි ඉන්දියාවේ බටහිර ප්‍රදේශවලත් (Western Ghats) මේ සර්පයාවදැක ගන්න පුලුවන්. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් දරන නිදි මාපිලා අඩි හතරක් පමණ දිගකටවර්ධනය වෙනවා. හිස පැහැදිලිව ගෙලෙන් වෙන් වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයේ ඇස් මෙන්මඒ තුළ පිහිටි තිරස් කනිණිකාවක්ද දැක ගන්න පුලුවන්. පූසෙකුගේ ඇසට සමාන මේ පිහිටීමනිසා Cat Snake යන නම මේසර්පයාට ලැබෙන්න ඇතැයි හිතන්න පුලුවන්.නිදි මාපිලා Boiga ceylonensisශරීරය අලු පැහැයට හෝ දුඹුරු පාටට හුරුපැහැයක් ගන්නා අතර තද දුඹුරු කලු පැහැයට හුරු විශාල තිත් ශරීරය පුරා විසිරීපවතිනවා . බද ප්‍රදේශයේදී මේ තිත් ප්රමාණයෙන්විශාල වෙනවා. හිසේ පිහිටා තියන මිනිස් පෙනහැල්ලක හැඩැති කලු පැල්ලමද මුඛය දෙපස සිටඇස් හරහා දිවෙන තද දුඹුරු කලු රේඛාවද මේ සර්පයා හදුනා ගන්න උදව් වෙනවා.නිශාචර සර්පයෙක් වෙන නිදි මාපිලා ඉතාමත්කලාතුරකින් දිවා කල දැක ගන්නපුලුවන්.පදුරු ආශ්‍රිතව දිවි ගෙවන මේ සර්පයා හූනන් මීයන් වැනි සතුන් දඩයම සදහාමිනිස් වාසස්ථාන වලටද පැමිනෙනවා.තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙසදගරයක් ආකාරයට සකස් කරගෙන වලිගයද සොලවමින් සපා කෑමට පනිනවා. වලිගයෙන් ගස්වල එල්ලීසිටීමේ හැකියාවද මෙයාට තියෙනවා.මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිත(mildly venomous) සර්පයෙක්වෙන නිදි මාපිලා සතුව Ophisthoglyphous ආකාරයේ විෂදල පිහිටා තිබෙනවා. වැඩුනු ගැහැනු සර්පයෙක් පෙබරවාරි අප්‍රේල් අතර කාල වලදී වරකටබිත්තර 5 ත් 15ත් අතර සංඛ්‍යාවක් දැමීම සිදු කරනවා. වර්ධනය වූ පිරිමි සතුන් සාමාන්යයෙන්ගැහැනු සතෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා. නිදි මාපිලා ආහාර ලෙසට මීයන්කුරුල්ලන් හූනන් දඩයම් කිරීම සිදු කරනවා.නිදි මාපිලා දෂ්ඨ කළ පසු රෝගියා නින්දේදීම මියයන බවට මිත්‍යා විශ්වාසයක් ඇතැම් මිනිසුන් තුළ පවතිනවා. මොහු නිශාචර සර්පයෙක්නිසා රාත්‍රියට ක්රියාශිලී වෙනවා. එනිසා මිනිසුන්ට පහර දීම්ද සිදු වෙන්නෙත් රාත්රිකාලයටයි. නමුත් නින්දේදී මියයන මතය පදනම් විරහිතයි.තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙසදගරයක් ආකාරයට සකස් කරගන්නවා.වලිගයෙන් ගස්වල එල්ලීසිටීමේ හැකියාවද නිදි මාපිලා සතුයි.(ඡායාරූප http://en.org වෙබ්අඩවියෙනි).
|
BLOG
|
4pt 0in 5...........රලු බොරලු මාවතක හිඳ ජීවිතේ පොත කියවන්න..........මල් මාවතක් දිගේඑපා පය ඔසවන්න...............රත් වෙච්ච වැලි මගකඔබේ පා ඔසවන්න...........ජීවිතේ කිසි දිනෙක මලක් ලෙස නොසිතන්න...........ඉවත් කර ආවරනඑහි අරුතදැන ගන්න.
|
BLOG
|
රජ වැඩ කාරයෝඅනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ ....කියා අප ඉල්ලුවේ , පැතුවේ රජෙකි .ජනතා සේවකයෙකු , ජනතා හද ගැස්ම නියෝජනය කරන පාලකයෙකු , රටේ භාරකාරයෙකු , ජන නායකයෙකුනොවේ, ජනාධිපති කෙනෙකු , කාර්යශුර විධායකයෙකුනොවේ ...රජෙකි .සුවර්ද රජෙක් ම ඕනෑද කියා කිසිවෙක් ඇසුවේ නැත .කැවුම් කිරිබත් කැව්වේ කෑවේ , පෙළහර කරේ , සාධු කාරෙන් ගිගුම් දුන්නේ ( ඇහුනානේ සද්දේ .) රජෙක් ලැබුණ නිසාවෙනි .ඉදින් රජෙක් ලැබුනා වගේ නොවේ , ඉනික්බිති එතුමාණෝ නඩත්තු කල යුතුය . රජෙක් වියදම් සහිතය . ඔහුගේ රාජ බෝජන යනු , ආහාර පාන පමණක්ම නොවේ , සුඛ විවරණය සඳහා වන සියලුම දේය . සෙංකඩගල කළ මෙන්ම, රජෙක් ඇති කල්හි , ඔහුගේ නෑ සියන්ගෙන් පිරුණු , පදිරුප්පු වීදීන් ඇති වීමද නොවැලක්විය හැක්කේය . කුමාරවරුන්ගේ උයන් කෙළි සඳහා විනෝද උයන් , දිය කෙළි සඳහා පොකුණු , රති කෙළි සඳහා අන්තපුර සැදිය යුතුමය .රජෙක් අවැසි නම් මේ නෙක් බර දැරිය යුතුමය .රජෙක් සතු වස්තුව , රට වැසියාගේන්ම ලබා ගන්නා භව භෝගය , වැඩි හරිය භාණ්ඩාගාරය පුරවා ගෙන සුළු කොටසක් ජනයාටම බෙදාදී රජ තෙමේ තම රාජ කරුණාව පෙන්වන්නේය . ඒ රජුන් ගේ හැටිය. එසේ බලන කල්හි අපිට මදි නොකියන්නට , බඩ කට පිරෙන්නට රජෙක් ලැබී ඇත්තේය .එහෙත් අපි හරිම පුදුම ජාතියක්මු . අපි මේ ගැන ආඬි පාලි කියමු . අපට ඕනේ ලාබෙට රජෙකි . ලාබෙට රජවරුන් නොමැත . ඇත්තේ ජනතා සේවකයින් ය . උන් ලෝ කොලිටිය . රජුන් මෙන් තේජස් නැත . ශෝ එක නැත .ලෝකෙට ෂෝ එකට පොෂ් පවුලකින් කෙල්ලෙක් යාලු කරගත් මා මිතුරෙකු විය . .. ඈ නඩත්තුවට ඔහුට අවසන තම මවගේ හා නැගණියගේ කනකර පවා උකස් තියන්නට සිදු වියවරද කාගේදඅපි පුදුම ජාතියක්මු .එක අතකින් අපිට සෑම දෙයක් ගැනම මතවාදයක් ඇත . ගෙදරට එන මේසන්ගේ , වඩුවාගේ , විදුලි කාර්මිකයාගේ සිට ක්‍රිකට් පිටිය මැද ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයා දක්වා , උන්ට උන්ගේ ශිල්පය කළ යුතු අයුරු ගැන උපදෙස් දීමට මැලි නොවෙමු . එහෙත් රට පාලනයට කවුරු හෝ කෙනෙක් පත් කර ගන්නේ ඔහු ගේ මතු වැඩ පිළිවෙල ගැන නොව , අතීත කල්කිරියාව ගැන පමණක් බලාය . ඉන්පසු එය උන්ට එය කොරන්නට බාර දී අපි අත සෝදා ගන්නෙමු . වරද උන්ටම පවරන්නෙමු . උන් ට්‍රැක් පනින විට "අනේ කවුරුවත් නෑනේ මොකුත් කරන්නට " කියා ලතවෙමු .අනෙක් අතට නිවසට වැඩට එන මේසන් බාස් , එන්නේ එක්කෝ මේසන් හැන්ද නැතුවය , පයිප්ප බාස් එන්නේ එක්කෝ පයිප්ප අඩුව නැතුවය .සේවාදායකයා ළඟ එම උපකරණ තිබිය යුතු යයි සේවා සපයන්නා බලාපොරොත්තු වන්නේය . රෙපයාර් එක නොවන්නේය . සේවාදායකයා තමන්ම සොයා ගත් බාස් ට බනින්නේ , ඉන්නෙම ඉතින් මෙහෙම එවුන්මනේ කි යාය . බාස් ටද හේතුවක් ඇත . සේවාදායකයා සුදානම් වී නොසිටියේය . අවසන වරද අවස්ථාවේය (fault is in the circumstance).
|
BLOG
|
ඉංගිරියේ පැවැති පොදු සිරිසේන රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වූ එජාප නායක රනිල් වික්‍රමසිංහට, එජාප පාක්ෂිකයින් විසින් “හූ” කියමින් උසුළු විසුළු කර තිබේ.
|
BLOG
|
වීදියේ විරෝධය වීදි නාට්‍ය හා ගීත ප්‍රසංගයට ඊයේ දෙවන වතාවටත් ආණ්ඩුවේ මැරවරයෝ පහර දුන් හ. ඒ හම්බන්තොටදී ය. කලින් පහර දුන්නේ එප්පාවලදී ය.නිව්ස් ෆස්ට් වෙත කතා කරමින් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර කරන ප්‍රකාශයට සවන් දුන් විට පහර දුන් අය කවුරුද යන්න හඳුනා ගත හැකි ය.මේ සිද්ධිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ස්වභාවය කදිමට හෙළි කරන අවස්ථාවකි.මුළු රටක ම ජනතාව ණය කරමින් හම්බන්තොට කරන ලද මුග්ධ සංවර්ධනයන්ගෙන් රටට වූ සෙතක් නැත. ඒවායින් හම්බන්තොට දේශපාලන බත් ගොට්ටන්ට දුන් රැකියා සුරක්ෂිත කරන්නට හෝ වරාය, ගුවන් තොටුපල, රන්මිහිතැන්න වැනි ආයතනවල ආදායමක් නැත.එරාජ් නම් මැරවරයා විසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ගේ නිරීක්ෂණ චාරිකාවේදීත්, වීදියේ විරෝධයේදීත් කළේ මේ යථාර්ථය හෙළිදරව් කිරීම වැළැක්වීමයි.ඒ වෙනුවෙන් පිස්තෝල සෙල්ලම් කරන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිදු වී තිබේ.රාජපක්ෂලා අද හම්බන්තොට බලය රැක ගන්නට උත්සාහ කරන්නේ දමේ තරම් නින්දිත ආකාරයට ය.ජයතිලක බංඩාර සහෝදරයා 1994 ආණ්ඩු පෙරළියට පෙර වකවානුවේදීත් මෙවැනි අභියෝගවලට මුහුණ දෙමින් විදියේ ගී ගැයුවේ ය.1994 පුටු පෙරළියෙන් පසු සංවේදී කලාකරුවෝ රැසක් ආණ්ඩුවට එකතු වී සෝමරත්න දිසානායකලා, රෝහණ වීරසිංහලා පාරේ ගිය හ.ඒත්, 2015 වන විටත් ජයතිලක බංඩාරලා පාරේ අප වෙනුවෙන් ගී ගයති.ආණ්ඩු පෙරළියක් අත ළඟ තිබියදී වෙනස වෙනුවෙන් පෙනී සිටින සියලු මිනිසුන් එසේ කරන්නේ වාසි ගන්න යැයි සිතා ගරහන මුග්ධයනි, ජයතිලක බංඩාර දෙස බලව්. ඔහු යනු 71 කැරැල්ලටත් පෙර සිට අඩ සියවසක පමණ කාලයක් තිස්සේ රැක ගත් සටන්කාමිත්වයක සංකේතයකි.ඔහු වනාහි ජනවාරි 8දායින් අරගලය හමාර කරන කලාකරුවෙක් නො වේ.ඔහු සමග එක් වන්න.මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
|
BLOG
|
අද උතුම් වෙසක් පුන් පොහොය. වෙසක් එකට මුළු ලංකාවටම තොරන් දෙක තුනක් විතරක් හදපු කාලයක් තිබුණ කියල දැන් කී දෙනෙකුට මතකද කියල සිතුවිල්ලට හිතා ගන්න බෑ. ඒත් ඒක මුලින්ම මතක් කරල ඒ වෙනුවෙන් තමන්ගෙ ලේ, ඇස්, ඉස්, මස්, ජීවිතය දන් දුන්නු අපේ රටේ සියළු හමුදා වල සහ ඒ වෙනුවෙන් කැප උණු සෑම දෙනෙක්ට පිං දෙනව. අද හැම තැනම දන්සැල් තොරන්. හරිම ලස්සනයි. මිනිස්සු හිනා වෙවී යනව.අද වෙන කොට වෙසක් එකත් මාකට් කරන තත්වයට අපේ සමාජය පහතට ඇද වැටිල කියල පොඩි දුකකුත් හිතට එනව. මොනව කරන්න කියලද බුදු හාමුදුරුවොත් කියල තියෙනවනෙ ඔය වගේ දේවල් අනාගතේදි වෙනව කියල. අද දන්සල ෆැෂන් එකක් වෙලා. දන්සලක් කියන්නෙ පිං කරන්න තියෙන තැනක්. එහෙම් එකකින් කෑවම බඩ යනව නම් ඒ දන්සල ගැන කියන්න ඕන නෑනෙ. මේකකොච්චර දුර දිග ගියාද කිවුවොත් දැන් දන්සලක් දෙන්න අවසර ගන්න වෙන තත්වෙටම පත් වෙලා.අද වෙසක් දවසෙ සිතුවිල්ල ප්‍රාර්තනා කරන්නෙ ඔයාල හැමෝම පතන බෝධියකින් හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගන්න ලැබෙන්න කියල.
|
BLOG
|
ඔබෙ විවාහයට සූදානම්ද.විවාහය සැලසුම් කර ගන්න නියම ක්‍රමය.
|
BLOG
|
මේ පෝස්ටුවත් වයස 18ට වැඩි මනස මේරූ අය සඳහායි. අනෙකුත් අය මෙය කියවා වැරදියට තේරුම් අරගෙන අමාරුවේ වැටුනාට ලියුම්කරු වගකියන්නේ නැත.අතීතයේදී භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගනු ලැබුනේ ගවයින් බැඳි කරත්තයි. ගැල් යනුවෙන් මේ කරත්ත හඳුන්වන ලදී. (මේවා ගැල් මිස ගෑල් නොවේ. ගෑල්ලමයි සමග සම්බන්ධයක් නැත.) මගී ප්‍රවාහනය සඳහා ඇතැම් විට අශ්ව කරත්ත යොදාගත්තේ කාලය ඉතිරි කර ගැනීමට විය යුතුය.එකෝමත් එක කාලයක වෙළෙන්දෙක් ජීවත් වුනේය. මේ වෙළෙන්දා සතුව ගැලක් තිබුනේය. ගැල ඇදීම සඳහා යොදාගන්නා ගවයින් කිහිප දෙනකු ඔහු සතුව සිටි නමුත් මාරුවෙන් මාරුවට ගවයින් දෙදෙනකු පමණක් ගැලෙහි යෙදවීම ඔහුගේ පුරුද්ද විය. අනෙකුත් ගවයන් කෙරෙහි වෙළෙන්දා තුළ එතරම් විශ්වාසයක් නොපැවතීම මෙයට ප්‍රධානම හේතුව විය.වෙළෙන්දාගේ නිවස පිහිටා තිබුනේ නගරයට තරමක් ආසන්න වූ ගමක ය. ඔහු ජීවිකාව ලෙස කළේ නගරයේ සිටින වෙනත් වෙළෙන්දන්ගෙන් බඩු මිල දී ගෙන ඈත ගම් දනව් කරා රැගෙන ගොස් වෙළඳාම් කිරීමය. ඔහු පමණක් නොව එකළ සිටි බොහෝ වෙළෙන්දෝ සිය ව්‍යාපාරය කර ගත්තේ එයයි. දැන් මෙන් දෛනිකව නගරය කරා විශාල ජනකායක් ඇදෙන ආර්ථික රටාවක් ඒ කාලයේ තිබුනේ නැත. එනිසා, නගරයේ විසූ ස්ථාවර වෙළෙන්දන් ගණු දෙනු කළේ නගරවාසී කිහිප දෙනාට අමතරව මේ වැනි ජංගම වර්ගයේ වෙළෙන්දන් සමග ය.ඔවුන්ගේ මේ චාරිකාව එක දිනකින් අවසන් වන්නක් නොවීය. ඇතැම් විට මේ වෙළෙන්දන් වෙළඳාමේ ගිය පසු ආපසු නිවස කරා පැමිණෙන්නේ සතියක පමණ ඇවෑමෙනි. එසේ පැමිණි විටකදී ගවයා නිදහස් කර දමා ගැල පිරියම් කර නැවත දින දෙකකින් පමණ ඊ ළඟ චාරිකාව සඳහා සූදානම් වීම වෙළෙන්දන්ගේ සම්ප්රදාය විය. සිය නිවසේ අඹු දරුවන් සමග ගත කරන එම දින දෙක තුන තුළ පවුලේ සියළු යුතුකම් ඉටකරන්නට ඔවුහු අමතක නොකළහ.මේ වෙළෙන්දාගේ සුපුරුදු ගමන් මාර්ගය වැටී තිබුනේ සුවිශාල ගංගාවක් අසබඩිනි. එක් එක් වෙළෙන්දා කිසිවකු විසින් නියෝග කර තිබෙන්නාක් මෙන් තම තමන්ට නියමිත වූ ගමන් මාර්ග තෝරාගෙන සිටියහ. එසේ නොවන්නට කිසිවකුට හරිහැටි වෙළඳාම් කරන්න නොලැබෙන බව ඔවුහු දැනසිටියේ පාරම්පරික පළපුරුද්ද නිසා ය. සේරිවාණිජ ජාතකයේ කච්ඡපුට සහ සේරි යන වෙළෙන්දන් දෙදෙනා වෙළඳාමේ ගිය ආකාරය ඔබට මතක ඇතැයි සිතමි.එක්තරා වැසි සමයක, අර සුවිශාල ගංගාව දෙගොඩ තලා ගොස් දින ගණනාවක් අසබඩ වූ පහත් බිම් යටකරගෙන සිටියේ හදිසි කාලගුණ විපර්යාසයක් හේතුවෙනි. බෙංගාල බොක්ක ඒ කාලයේත් ඉඳ හිට පිස්සු කෙළීම එයට හේතුව වන්නට ඇත. එක දිගට වතුරට යට වී තිබීම හේතුවෙන් අපේ වෙළෙන්දාගේ ගමන් මාර්ගයේ බොහෝ තැන් කැඩී බිඳී ගොස් අබලන් තත්වයට පත් විය. පාර මොන තත්වයේ තිබුනත් වෙනත් පාරක වෙළඳාමේ යාමට ඔහුට වරම් නැති වූ නිසා, ගැලත් රැගෙන සුපුරුදු මගෙහිම ගමන් කිරීමට වෙළෙන්දාට සිදු විය.තරුණ විය පසු කර සිටි ගවයා හැකි තරම් දුර හැල්මේ ම ගියේය. ගැල ඇදගෙන යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අනුපමේය වූ ජවයක් අවශ්‍ය කරයි. එසේ වුවත්, ගෙදරට වී නිකම් සිටිනවාට වඩා ගැල ඇදගෙන යාමට මේ ගවයින් දෙදෙනාම කැමැත්තක් දැක්වීය. ගැල ඇදගෙන යන ගවයාට කොහොමටත් සාත්තුව වැඩි ය. ගෙදරට වී සිටීම පහසු කටයුත්තක් වුවත් කන්නට ලැබෙන්නේ අහළ පහළ ඇති තණකොල පමණකි. පුන්නක්කු ටිකක් වත් බොන්නට ලැබෙන්නේ ගැල ඇදගෙන යනවා නම් පමණකි.ඉතිරි කොටස ලබන සතියේ .
|
BLOG
|
ඉහළට වහීගඟ දිය බොරයිසුළි වට කැරකේරැළි දී ගලයිඉවුරු පාළුයඑගොඩ මෙගොඩ වූ අය බෝ'දුරතනි වූ ඔරුකඳකුඹුක් සෙවණේ කණ්ඩියේ...උඩුගං යන්නටහබල සවි ද මන්දාගඟ දිය දිගේපහළට පදිනවාඅද හෙට නැතිවෙනගඟබඩ අසිරිය විඳිමින...කඩොලානේ පඳුරු අතරකුරුලු කිචිබිචිය කෑකෝවකට හැරෙන්නේතිත්ත පැටවුණේ ඇයි මඟ අහුරන්නේඔරුකඳ හනි හනිකට පහළට ඇදෙන්නේමොනවා.මෝය කට පාදලාගං දිය වැරෙන් මුහුදට ඇරෙන්නේඈත කදුරු අත්තක් අත වනන්නේ.
|
BLOG
|
2.3.4.5.
|
BLOG
|
මහ වැහි වැහැලා ගං දිය උතුරා දෙගොඩ තලා යයි රන් කෙත් කලඹා අකාලයට නිල් ගගනත හඬලා ගේ දොර වතුපිටි වතුරට සින්න වෙලා රන් අස්වනු නෑ - හිතට සතුට නෑ පිල් සෙවනේ අද සිනහ කවඩි නෑ පංති කාමරේ කොමල කතා නෑ හීන් නගා පාසල් ඇවිදින් නෑ වට වැහි ගොයමේ අස්වනු අරන් ගියා මුකුළු කතා මල් තුරු මත පරව ගියා සොඳුරු මිතුරු සිතුවිලි අඩ අඳුරෙ තියා හීන් නගා සැම හදවත් අරන් ගියා.
|
BLOG
|
0.
|
BLOG
|
ළමා ගීත මට ඇසෙන්නට ගත්තේ කවදාදැයි නොදනිමි. ඒ තරමටම ඒ මතකය පැරණිය, එහෙත් ඒ මතකය අදටත් රසවත්ය. මායිම් තාප්ප නොවූ බිම් කැබලි අතරින් හිරු අවරට යන්ට සැරසෙද්දී ඇසෙන්නට පටන් ගත් ඒ ගී රාව කෙසේ නම් මතකයෙන් බැහැර වෙත්ද. "අම්මාගේ උකුළේ නැලවී" නිදන්නට සවස් කාලයේම ආසාවක් ඇතිවේ. හෙට දින "උදේ පාන්දර පාසැල් යන්නට බසයක් ඇවිදින් කථාරනවා" යැයි මතක් කිරීමක්ද වෙයි. "පුළුං කොට්ට අත් දෙක තබලා" උකුලට පනිනා බලල් හාමිත්, "කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා"වත්, "දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න" පියාණනුත් ඒ මතකයන්හි මිහිරිම තැන්ය.සිංහල ලමා ගීත සාහිත්‍යයද එදා මතුමහලයක රැඳවූයේද අන් කවරකුවත්ම නොව සිංහල ගීත සාහිත්‍යය එදා හෙබැවූ චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර, සුනිල් ආරියරත්න, ආදී මෙකි නොකී වියතුන්, කලාකරුවන්ම වෙති. මෙහිදී අමතක කල නොහැකි නමක් නම් සංගීතවේදිනී නන්දා මාලිනියයි. ගායනාව පෙරට ආ නිසා ඒ සංගීත වේදිනිය මුකුලිත වූවා වැනිය. ළමා ගීත නිර්මාණයන් තුල නන්දා මාලිනි නම් සංගීත වේදිනියගේ කාර්යය සුවිශේෂය. "පාට පාට සමණල තටු මද පවණේ පාවෙනවා", "ඒයි මොකද මාව කෑවෙ", "බයනූ අල්තයනූ මට තව දියෝ දියෝ", "බල්ල පිදුරු කන්නෙත් නෑ", "සරුංගලේ උඩ නැග" ඇගේ ළමා ගීත නිර්මාණ ගොන්නෙන් ශේෂයකි. ඒවා අතර මා දකින අපූරුම නිර්මාණය නම් "ඔබ සැමදෙන හට තෙරුවන් සරණයි, මීට ඔබේ නංගී, රෝහිණී" ලෙස අවසන් කෙරෙන පොඩි නංගීගේ ලියමනෙහි තනුවය. සරල ලිපියකින්, වදන් පෙලකින් අපූරු ගීයක් බිහිකල අයුරු නම් විශිෂ්ඨය.ළමුන් විසින්, ළමුන් වෙනුවෙන් ගී ගැයුනු යුගය මිලිනව ගියද, අතරින් පතර යහපත් නිර්මාණද අසන්නට ලැබේ. මෙහි ඇතුලත් නොකලද "මල් පිපෙයි දෙනෙත් හැරෙයි", "පාර කියන්නෑ තෝනෙන්", "පාන තියා බුදු සාදුට හිමිදිරියේ", "අත්තම්මා නිවන් ගිහින්" වැනි ගීත, නියං සාය මැඩ වටනා පොද වැසි වැනිය. එකලද තරමක් ග්‍රාම්‍ය ආකාරයට නිමැවුණු "කොහෙද යන්නෙ රුක්මණී" වැනි ළමා ගීතද විණි. එම සංකල්පයම "මල් පිපෙයි දෙනෙත් හැරෙයි" ලෙස මෑත යූගයේ රමණීයව ප්‍රතිනිර්මාණය වීම යහපත් ප්රවණතාවයකි. මෙහි ඇතුලත් කර ඇති ගීත ගොන්න එක දිනකින් බිහිවූ ඒවා නොවේ; යහපත් නිර්මාණකරණයට අවශ්‍ය කාලය නොමසුරුවම ගෙන බිහි කල ඒවා වෙති. අද අප කාටත් නැත්තේ එම ඉස්පාසුවමය.සමහරක් ගීත උපුටාගත් "ළමා ගී" වෙබ් අඩවියටත්, "පින්තාලිය" වෙබ් අඩවියටත් ස්තුතිවන්තවෙමි. හිතේ නොමැකෙන්නටම මේ ගී සටහන් වූයේ ඒවා ශ්‍රවණයට සුදුසුම කල වූ කුඩා කලම ඒවා අසන්නට හැකිවූ නිසාය. ගුවන් විදුලි යන්ත්‍රයක් ගෙන තබා අපට ඒවා අසන්නට සැලැස්වූ දෙමාපියනටද පින්.ගීත අසන්න...ගීත පොත බාගන්න මෙතැනින්....ගීත සියල්ල බාගන්න මෙතැනින් 220 MB ගොනුවකි[පද වැල් වල අඩුපාඩු හෝ සඳහන් නොවුනු පද /තනු නිර්මාණකරුවන්ගේ විස්තර සඳහන් කලහොත් කෘතඥ වෙමි].
|
BLOG
|
සිසිල් සුළං තුරු අතරින් හමා ඇදීසුසුම් පවන් දෙන සිතුවම් හිතේ අඳීසුනිල් නුවන් මුදු කෙහෙරැල් මතක රැඳීසෙමින් සෙමින් උණු කඳුළැල් නෙතින් අදීනොයෙක් රිදුම් දෙන හැඟුමන් කවෙන් සැදීඋලක් වෙමින් අනිමින් හද රිදුම් දිදීගොයෙක් සිහින් හඬ නඟමින් වනෙන් ඇදීසියක් සුසුම් දෙන හැඟුමන් නො දෙන් යදීසොවින් බරව ඇදෙමින් රන් රුවන් නදීනදින් නපුරු විලසින් විත් සවන් වදීරුවින් රුවට මතුවෙයි රුව නුවන් රිදීමැදින් දෙකඩ කෙරුවත් හද එයත් මදීනැඟෙයි කඳුත් තුරු මුදුනින් සෙවන හෙලානඟයි සියොත් කැල සෝ ගී සවන පෙලාහෙලයි රිවිත් සිය කැලුමන් අවර බලාදුරයි හෙටත් යන්නෙමි මම තනිය හෙලාඔන්න ලිව්වා :Dකීප දෙනෙක්ම වද කරා.. ඉතිං දවස් දෙක තුනක් තිස්සෙ දඟලල කොහොම හරි ලියාගත්ත.. හැමදාම ලියන වචන ටිකයි පරණ ආකෘතියයි ම තමා.. එහෙම හරි ලිව්වා මදැයි අවුරුද්දකින් :Pලබන අවුරුද්ද දිහාත් මතක් කරවන්න ඕනැ එහෙනං.. මේක ඔබ තමුන්නාන්සේලගෙ බ්ලොග් එක නෙව.. :3පින්තූරය ගත්තේ : මෙතනින්.
|
BLOG
|
ෆ්ලොක් ලොගෝව ලොව පළමු සමාජ ජාල වෙබ් පිරික්සනය වූ "ෆ්ලොක්" වෙබ් බ්‍රව්සරය අද දින තම සේවා සැපයීම 2011 අප්‍රේල් මස 26 වනදා සිට නවත්වන බව ප්‍රකාශයට පත් කලේය.ඒ අතර ඔවුන්ගේ පරිශීලකයන්ට ඒ මගින් සිදුවන අතපසුතාව ගැන පසුතැවිලි වන බවත් ඒ වෙනුවට ගූගල් ක්‍රෝම් හෝ ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය පාවිච්චි කරන මෙන් උපදෙස් දී ඇත.මෙය දියත් කලදා පටන් මා ද එහි පරිශීලකයෙක් වූ අතර ඒ පිළිබඳ එදා තබන ලද සටහන මෙතනින් කියවන්න.com/2009/04/08/flocking-on-flock-for-vast-advantages/කෙතරම් තාක්ෂණික අතින් හා අතුරු මුහුනතේ නව වෙනස් කම් සිදු කර තිබුනත් එහි වෙබ් පිටු හා අනෙකුත් සේවාවන්හි මන්දගාමී ස්වභාවය ඊට හේතු වන්නට ඇති.ෆ්ලොක් අතුරු මුහුණත.
|
BLOG
|
සරසවි අර්බුදයමේ දිනවල සරසවි යළිත් ඇවිළී තිබේ. පන්ති තහනම්, සිසු උද්ඝෝෂණ, අධ්‍යාපන පෞද්ගලීකරණ මාතෘකා කරළියට ඇවිත්ය. ඒ නිසාම පුරැදු පරිදිම ලිප්ටන් වටරවුම ගිනියම් වී ඇති අතර, ජල බවුසර් සහ බැටන් පොලු අවදියෙනි. පෝස්ටර් හා කටවුට්වලට පණ ඇවිල්ලාය. නමුත් පොලීසියෙන් සිසුන්ට දැවැන්ත ප්‍රහාර එල්ල නොවීම නිසා ඒ ගැන දිගු කතාබහකට මගපෑදුණේ නැත. ඒ අතරේ උසස් අධ්‍යාපන ඇමතිවරයාද මේ ගැටලුවලට නානාවිධ පිළිතුරැ බඳිමින් සිටියි.2000 වසරේ ජ%පුර සරසවියේ ශිෂ්‍ය සංගමයට සම්බන්ධිත සිසුවෙකු පැවසූ වදනකින් මේ කතිකාව අරඹනු කැමැත්තෙමි.“කලා පීඨයට ඉංග්‍රීසි මාධ්‍ය‘යෙන් උගන්වන්න හැදුවෙ 2000 අවුරැද්දෙයි. ඒක නවත්වනකම් පිකට් කළේ අපි. හැබැයි, ඒකෙ පරිප්පුව දැන් කන්නෙත් අපි* ඔවුහු එකතු වී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නවත්වා ගත්හ. වසර ගණනාවක් ගතවූ පසු ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නවත්වාගැනිම පිළිබඳව ඔහු තුළත් ඔහුගේ කුලකයේ අනිත් පිරිස අතරත් පශ්චත්තාපයක් ඇතිවීම අරැමයක් නොවේ. සියල්ල කලාවක් සහ ආතල් එකක් වූ යුගයක පිකටින් සහ උද්ඝෝෂණද එහි රුල්ලක් වී තිබේ. මේ ප්රයත්නය කිසිවෙකුට පහර ගසන්නට නොව මාධ්‍යකරැවන් ලෙස සමාජ වගකීමකට පෙර මං තැනීමකි. මන්දයත් සියල්ලන්ම ප්‍රශ්නවලින් ආතල් ගන්නා යුගයක පෑදෙන්නේ ලේ බිඳු නොහැළිය හැකි මාධ්‍ය වගකීමෙන් බිඳක් ඉටුකිරීම හෙට දවසේ වගකීමක් ඉටුකිරීමක් ලෙස දකිනා නිසාවෙනි. ඒ වෙනුවෙන් මේ සටහන තබනු කැමැත්තෙමි.පවතින ආර්ථික ක්‍රමය තුළ සියලු දේ රජයකින් බලාපොරොත්තු නොවිය යුතුය. ඒ නිසා තවත් අවුරැදු විස්සකින්වත් නිෂ්පාදන ආර්ථිකයේ අධ්‍යාපනයක් මෙරට ගොඩනොනැගෙන බවද ඒකාන්තය. එවන් යුගයක තරැණ පරපුර මේ ප්‍රශ්නවලින් ආතල් ගන්නට සිතා කෑ ගසමින් බෝඩ් උස්සාගෙන ජොලියෙන් ඇවිදිනවානම් ඉන් විනාශවන්නේ‘ අප රටේ කාලය, මුදල් සහ තරැණ ජවයම බව අප මුලින්ම හඳුනාගත යුතුය.කැටයක් සොලවා උපයාගත් මුදලින් ලක්ෂ 4 ක් පෝස්ටර් සහ පාප්පවලට වෙන්කළ යුගයක් ගැන මින්පෙර අප අසා නැත. පාප්ප සහ පෝස්ටර්වලට වැය කළ මුදලින් කොටසක් ගෙන හොස්ටල්වලට මදුරැ දැල් සහ අවම වූ පොදු පහසුකම්වත් යොදාගත්තේ නම් ශිෂ්‍ය සංගම් පිළිබඳ ඇතිවෙන ගෞරවාදරය කිව නොහැකි තරම්ය. අතීතයේ සිට විරෝධතා ව්‍යාපාරවලට සිසුන් ගොනුකොට පෝස්ටර්, පාප්පවලට වියදම් කරමින් උගුර ලේ රහවෙනතුරැ කෑ ගසන සිසුන්ට සිලි සිලි බෑග්වලට වතුර දමා පොවනවාට වඩා සිසු ජීවිත පිළිබඳ ජාතික වගකීමක් ගොඩනැගීමේ යුතුකමක් ශිෂ්‍ය ව්‍යාපාරවලට තිබේ. සැබෑ විප්ලවවාදී සිසුන් යනු, වටරවුම්වල කෑ ගසන විශ්වවිද්‍යාල සිසුන් හෝ ආණ්ඩුවට සහ විපක්ෂයට කඩේ යන නඩ නොවේ. සැබෑ විප්ලවවාදී සිසුන් නම් සිසුන්ගේ යහපත වෙනුවෙන් වැඩකරන්නන් සහ නිර්මාණශීලී වැඩකරන්නෝය. පරිපාලනය හා රටේ මහජනතාව සම්බන්ධ කරගනිමින් සියල්ලන්ගේම උදව්ගෙන, රටේ ඉදිරි ගමනට අවශ්‍ය සැලසුම් සකස් කරන්නෝය. මේ මොහොතේ එවැනි ශිෂ්‍ය ව්‍යාපාරයක් රටට උවමනා කර තිබේ.රටේ යල් පැනගිය අධ්‍යාපනය වෙනුවට නව අධ්‍යාපන සැලැස්මක් විශ්විද්‍යාල උගතුන් සහ වෙනත් උගතුන් එක්ව සකස් කිරීම.පෞද්ගලික ආයතන හා එක්ව සිසුන්ට කෙටිකාලීන සහ දිගුකාලීන රුකියා අවස්ථා ලබාදීමට සැලසුම් සකස් කිරීම.සුභසාධන සහ පොදු අරමුදලක් වෙනුවෙන් කලා සහ ව්‍යාපාරික ආයතන සමග එක්ව වැඩසටහනන් සම්පාදනය හා ඉන් කොටසක් (කාර් වොෂ්/ ප්‍රසංග ආදිය) අරමුදලෙහි තබාගැනීම හා ශිෂ්‍ය සුභසාධනයට යෙදවීම.විශ්වවිද්‍යාල තුළ සංගීත ශබ්දාගාර නිර්මාණය, කුසලතා පිරි සිසුන්ගේ ගායන හා තනු නිර්මාණ දක්ෂතා සැකසීම.රජය පෞද්ගලික ආයතන හා විවිධ පාර්ශ්ව සහයෝගයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර මුදලට අමතරව ආර්ථිකයෙන් ශක්තිමත් වන ක්‍රමවේද ගොඩනැංවීම.ආදී ක්‍රමවේද රුසක් ඉටුකළ යුතුව ඇත. එය මේ වනවිට ආණ්ඩුවට කඩේ යන සහ හැමදාම සිසුන් ලිප්ටන් වටරවුමට දක්කන සමාජවාදී ශිෂ්‍ය සංගමයට සිදුකළ නොහැක.එයට අලුත් වැස්සක් උවමනාය. එය සියලුම දෙනා සමග සුහදත්වයෙන් කටයුතු කළ හැකි සියල්ලන්ටම ආදරය කරන සිසුන් පිරිසකගේ එකමුතුවෙන් දේශපාලනයට කඩේ යෑම් වලින් සහ මාධ්‍ය කයිවාරැ ගැසීම්වලින් තොර වැඩකාරකම් පමණක් විය යුතුය. එවන් පිරිසකට දිනෙක මේ රටේ ඉහළම ඉසව්වටද යා හැකිවන අතර, රටට ආදරය කරනා මිනිසුන් වශයෙන් එවන් තාරැණ්යයක් බිහිකිරීමද ඔවුන්ගේ වගකීමකි.ඉඳුනිල් සින්දු.
|
BLOG
|
මීට වසර 30කට පෙර එනම් 1983 සැප්තැම්බර් මස 27දින රිචර්ඩ් ස්ටෝල්මන් විසින් ආරම්භ කළ GNU ව්‍යාපෘතියෙ 30වන උපන්දිනයද, 2009 සැප්තැම්බර් මස 19 දින හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ 4වන උපන්දිනයද සමරමින් හන්තාන නවතම නිකුතුව මේ දැන් නිකුත් විය.හන්තාන ගැන කතාව පැත්තකින් තියල කෙටියෙන් කියන්න දෙයක් තියෙනව දැන්. :)ඔබ සියලු දෙනා දන්නා පරිදි ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද අලි ඇතුන්ට විශාල තර්ජනයක්තියෙනව. විශේෂයෙන්ම ඇතුන්ගෙ දළ කැපීම, මිනිසාගෙ කාර්යයන් සඳහා අලි ඇතුන් ලබා ගැණීම, ඔවුන්ගේ ස්වාභාවික නිජබිම් වලින් දුරස්කර මිනිසාගේ පුද්ගලික වැඩ (කොටන් අදින්න, මිනිසුන් ප්‍රවාහනයට.. ) සත්ව උද්‍යාන වල මිනිසා වෙනුවෙන් සන්දර්ශන ඉදිරිපත් කිරීමට යනාදි නොයෙකුත් ක්‍රියාවන්ට මෙන්ම ස්වාභාවි වන විනාශය නිසා අලින් ගම් වැදිමෙ සිදුවන අලි මිනිස් ගැටුම්ද ඔවුන්ගෙ පැවැත්මට බලපාන සාධකයක්.සාමාන්‍යන් අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලි ලස්සනයි කියල බොහොදෙනා පිළිගන්න දෙයක්. ඒවගේම ලංකාව වගේ රටවල සංස්කෘතිකමය අගයකුත් අලි ඇතුන්ට තිබෙනව. ඉතින් මෙහෙම වටින කියන සතෙක් ඉදිරි අනාගතයේදි මේ මිහිතලයෙන් වඳවී යන්න හැකියාවක් අපේ මිනිස් සමාජයේ අකටයුතු කම් නිසා සිදු වෙනව.හන්තාන 19 නිකුතුව Tusker 'ටස්කර්' ලෙස නම් කරන්න තීරණය කළේ සමාජයේ අවදානය යොමු විය යුතු මෙම අලි ඇතුන් ගැන ප්‍රජාව දැණුවත් කිරිමට සහ ඔවුන්ගෙ අවදානය ලක්කිරීමටයි.මෙවර Hanthana 19 Tusker නිකුතුවෙ පෙරනිමියෙන් එන පසුබිම් රුව සඳහා දායකත්වය ලබා දුන්නෙ පරිසරවේදි චන්දන වීරතුංග මහතාට ස්තුතිය පිරිනමන අතර තම නිර්මාන දායකත්වන් ලබා දීමට කාරුණික වූ වෛද්‍ය දීපානි ජයන්තා, ලිෂාන් පුවක්ඔවිට සහ සමන් හෙරත් යන මිතුරන්ට ද සතුටින් මතක් කරමි.හන්තාන 19 නිකුතුවට අදාල තවත් නිමැවුම් කිහිපයක් ඉදිරි දිනවලදි නිකුත් වීමට නියමිතයි.හන්තාන 19 බාගැණීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න.
|
BLOG
|
මම රැඩිකල් ලු, අනේ මන්දා මම එහෙම නෑ. මම මගේ හිතට මාත් එක්ක කතා කරන්න වෙලාවක් දෙනවා, මං මගේ මනසත් එක්ක කතා කරනවා. හදවතයි මනසයි දෙකම එකඟ වෙන දේවලට මමත් එකඟ වෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් මිනිස්සු කියන්නේ ගඟ ගලන්නේ පහළට නම් ඔයත් ඒ පැත්තට යන්න, නිකන් බොරුවට අමාරුවෙ වැටෙන්නේ නැතුව කියන දේ.මගේ තාත්තා කියපු දෙයක් මතක් වෙනවා " ජරා ගොඩක් තියෙනව කියල හිතන්න ඔයා ඉන්න තැන, නමුත් අනිත් අය ඒකෙන් අපහසුතාවයට පත්වුනාට කිසි දෙයක් කරන්න යන්නේ නෑ. එතන ඉන්න ගොඩක් අය හිතයි,ඇයි මංම මේක අරන් දාන්නේ මෙච්චර අය ඉද්දි,අනිත් අයට ඉන්න පුළුවන් නම් මේ ගඳ ඉවසගෙන ඉන්න ඇයි මට බැරි,මං මේක අරන් දාන්න ගිහින් ගෑවුනොත් අනිත් උන් මට හිනත් වෙයි,මං මේක අරන් දාන කල් ඉඳලා අනිත් උන් ලකුණු දා ගනි වගේ එව්ව මෙව්ව ගොඩක් හිතලා අහක බලන් ඉදී.ඒ වගේ වෙලාවට ඔයාට තේරීම් තුනක් තියෙනව..1. ඔයා ඒ ජරා ගොඩ අරන් දාන්න.එහෙම බැරි නම්2. ඔයත් ඒ ජරා ගොඩේම ජීවත් වෙන්න පුරුදු වෙන්න.එකත් බැරි නම්3. ඔයා ඒ ජරා ගොඩෙන් ඈතට යන්න.හැබැයි මතක තියා ගන්න හොඳම දේ ඒ ජරා ගොඩ අරන් දාන එක. එතකොට අනිත් අයටත් එක පහසුවක් වේවි. ඔය දිහා අනිත් අය වපර ඇහින් බලයි ඔය ඒ ජරා ගොඩ ඇල්ලුව කියල ඔයාව පිළිකුල් කරයි, කොන් කරයි. එත් කවද හරි එතන හිටපු මොලේ තියෙන එකෙක් කියයි එයා නිසා තමයි අපි ගඳ නැතුව ඉන්නෙ කියලා.. කිව්වත් නැතත් ඔයගේ හිතට සතුටක් තියෙයි ඔයා හරිදේ කළා කියල."මේ ඔක්කොම කීවේ මං දිනපතාම අහන ගීතයක් ගැන ඔයාලට කියන්න.නන්දා මාලිනියගේ හඬින් ගැයෙන අපූරු ගීතයක් මගේ ජීවිතේ තේමාවක් වෙලා. මම ආසයි මේ සමාජ ක්‍රමය වෙනස් වෙනවට [යහපත් විදියට] , ඒ වෙනුවෙන් කැප වෙන්නත් මම ලෑස්තියි. නමුත් මගේ උත්සහය අසාර්ථකයි, එහෙම උත්සහ කල හැම අවස්ථාවකම තනි වෙන්න උනා විතරයි. බහුතරය වෙනස් වෙන්න අකමැතියි.ඒ ගීතය ගොඩක් අය අහල නැතුව ඇති, නමුත් මෙය මගේ ප්‍රියතම ගීතයක්.. මෙහි පද මාළාව අහන හැම විටකම මට හිතෙන්නෙ අද වෙනකොට අපි අත් විඳින්නේ මේ තත්වය නේද කියල...යදමින් බැඳ විලංගු ලාමගේ පුතා රැගෙන යන්න,ඉඳිකටු ඇන ඇඟිලි තලාදෙතිස් වධය පමුණුවන්න,අළුත් ලොවක් ගැන සිතීමදඬුවම් දෙන වරද නම්,කුමට එරට අධිකරණයනීතිය සහ විනිසුරන් ..කකා බිබී නටන අතරනරුම යහළු යෙහෙළියන්,පන්දු කෙළින අතරඉහළ පාසල් වල අමනයන්,රට ගිනි ගෙන ඇති වග දුටුමගේ එකම පුතුනුවන්,එ ගිනි නිවන මඟ සෙවීමවරදක් දැයි මට කියන් ..ගිනි ගන්නා රටක කෙළිනමීහරකුන් වැනි පුතුන්,කුමටද මට මහ විරුවෙකිසිරගෙයි මළ මගෙ පුතුන් ..කෝටි ගණන් බිහි වේවාමගෙ පුතු වැනි තව පුතුන්,කිරි මවු ලෙස මම ඉන්නම්එවන් පුතුන් ලඟ උතුම් ...යදමින් බැඳ ..ඔයාලත් මේ ගීතය අහන්න. ඔයලට හිතුන දේත් කියන්න අමතක කරන්න එපා.
|
BLOG
|
ගොඩක් අය ගාව නැතුව ඇති... අහලම බලන්න...01.
|
BLOG
|
ඒක නැවතිලා.මම දන්නවා කොතනින් හරි පටන් ගන්න ඕන කියලා.මම දැන් කරන්න යන්නේ ඒක.ඇත්ත.පටන් ගැනීමයි අමාරු.ඊට පස්සෙ මුලදි මුලදි අමාරුවෙන් ගලාගෙන යනවා.සමහර විට ක්‍රමයෙන් වේගය වැඩි වෙන්න පුළුවන්.සැහෙන කැප කිරීමක්,බලයක් යොදන්න සිද්ද වෙන්නත් පුළුවන්.කාලාන්තරයක් ,සමහරවිට මිනිත්තු ගානක් හෝ වසර ගානක් ගෙවුණට පස්සෙ ඒක සාමාන්‍යකරණය වෙනවා.ඊට පස්සෙ ,උන්නත් දාහයි.මලත් දාහයි.පටන් ගැනීමයි අමාරු.ඊට පස්සෙ මුලදි මුලදි අමාරුවෙන් ගලාගෙන යනවා.සමහර විට ක්‍රමයෙන් වේගය වැඩි වෙන්න පුළුවන්.සැහෙන කැප කිරීමක්,බලයක් යොදන්න සිද්ද වෙන්නත් පුළුවන්.කාලාන්තරයක් ,සමහරවිට මිනිත්තු ගානක් හෝ වසර ගානක් ගෙවුණට පස්සෙ ඒක සාමාන්‍යකරණය වෙනවා.ඊට පස්සෙ ,උන්නත් දාහයි.මලත් දාහයි.පටන් ගැනීමයි අමාරු.ඊට පස්සෙ මුලදි මුලදි අමාරුවෙන් ගලාගෙන යනවා.සමහර විට ක්‍රමයෙන් වේගය වැඩි වෙන්න පුළුවන්.සැහෙන කැප කිරීමක්,බලයක් යොදන්න සිද්ද වෙන්නත් පුළුවන්.කාලාන්තරයක් ,සමහරවිට මිනිත්තු ගානක් හෝ වසර ගානක් ගෙවුණට පස්සෙ ඒක සාමාන්‍යකරණය වෙනවා.ඊට පස්සෙ ,උන්නත් දාහයි.මලත් දාහයි.
|
BLOG
|
2014ක්වූ බක් මස 21වෙනිදාඒ,සිකුරාදා හවස එක්තරා පුද්ගලයෙක් ගාලු කොටුවේ ඇවිදිමින් සිටියා. අපි ඔහුට සෙබ්කා කියමු. විශාල ගස් වලින් ආවරණය වෙලා තිබුණ ගාලු කොටුව සෙබ්කාගේ හිත නොගත්තා කිව්වොත් බොරුවක් වගේම ඒ වෙලාවෙ ඔහු හිටියේ තනියමයි කිව්වොත් ඒකත් බොරුවක්. සිහිල් සුවය විඳිමින් සෙමින් සෙමින් ඇවිද ගිය සෙබ්කාගේ අවධානය අමුතු දසුනකට යොමු වුණා. මුලු ලෝකයම අමතක කරදමා සිය වෘත්තියෙහි, භාවනාවකට සමවැදුණු භාවනායෝගියෙක් සේ යෙදී සිටිය ඒ අපූරු තරුණයා සෙබ්කාගේ හිත ඒක්ෂණයෙන් පැහැර ගැනීමේ උපරිම ප්‍රතිඵලය වුණේ සෙබ්කාගේ අතේ තිබුණ කැමරාව "සට" "සට" අනුකරණයෙන් ක්‍රියාත්මක වීමයි. කැමරාව ක්‍රියාත්මක වෙමින් තිබූ ඒ නිමේෂයේම සෙබ්කාගේ මුවෙහි මද හසක් නැගුණා. ඒ, ගොදුරකට කුරුමානම් අල්ලමින් සිටින විලෝපීයෙකු මතට කඩා පනින තවත් විලෝපීයකුගේ දසුනක් ඔහුගේ මනසේ ඇඳී යාම නිසයි.රාජකාරිය දේවකාරියකි.මුළු ලොවම අමතක කරසාර්ථකත්වයමනිමින්OOOOOOමේ සියලු උත්සහයන් මේ සඳහාය. ඔහු සිය ගනුදෙනුකරුවනට සාධාරණයක් ඉෂ්ට කරන්නට ඇත්ද .....¥සිය ජීවිතයේ අවසාන නිමේෂයත් අන් අයගේ යහපත වෙනුවෙන්ම වැය කොට, අනතුර පෙනි පෙනීත් එයින් පලා නොගිය දුම්රිය රියදුරෙක්.¥සිය ආත්මාර්ථකාමී පරමාර්ථයන් උදෙසාම වගකීමකින් තොරව ක්‍රියා කළ කාන්තාවක්.¥සිය වෘත්තිය පිළිබඳ නිසි දැනුමකින් යුක්ත නොවූ තවත් දුම්රිය රියදුරෙක් සහ සහායකයෙක්.¥සිදුවූ කිසිත් නොදැන සිය ජීවිත වලින් වන්දි ගෙවූ ජීවිත 56ක්....සිනමා පටයක්ද . ප්‍රබන්ධයක්ද . ප්‍රබන්ධ පරදන සත්‍ය කතාවක්ද .
|
BLOG
|
දැන් Nokia ආයතනයවිසින් තම HERE ඇප් එක Android උපාංගවලට සහය දක්වන ලෙස වැඩි දියුණූ කර ඇත. HERE යනු Google maps වලටදෙවනි නොවන map තාක්ෂණයකි. කෙසේ වෙතත්පෙර නොමිලයේ නොදුන් Voice guided navigationසහ mapping වැනි විශේෂාංග මෙසේ ලබාගත හැක. එමෙන්ම Googlemaps අභිබවන විශේෂාංග රැසකින් HERE සමන්විතවේ. ඒ අතර offline ලෙසභාවිතාකර හැකිවීම විශේෂ වේ.තම ජංගම දුරකතන වෙළදපොළ Microsoft ආයතනයට පත්විමෙන් පසු Nokia උපාංග සඳහා පමණක් සීමා වු ඇප් Android සහ iOS සඳහාද සහය දක්වන ලෙස දියුණු කිරීමට කටයුතු කර ඇති අතර Android සදහා වු HERE ඇප්එක Beta සංස්කරනයක් ලෙස දැන් Google Play තුළින්ලබාගත හැක. ඒ සඳහා පහත යොමුව භාවිතා කරන්න.HERE forAndroidකෙසේවෙතත් iOS සඳහා සහය දක්වන HERE ඇප්එක 2015 ට පෙර නිකුත් වේ යැයි සිතුය නොහැක.
|
BLOG
|
මේ කෙටි ලිපිය ලියන්න පාදක උනේ මෑතකදී කොහේද හමුදා කඳවුරක පුහුණුව ලබන ගෑණු ළමයෙක්ට පුහුණු කරවන නිලධාරියෙක් පහර දීම ගැන මධ්‍යස්ත මතධාරීන් සහ සුචරිත වාදීන් අතරේ සිද්දියට සම්බන්දව සිදු උන අදහස් දැක්වීම සම්බන්ධයෙන් .ලොකු කතා උවමනා නෑ . යුධ පුහුණුව කියන්නේ මොකක්ද. . අහ්හ් එහෙමත් ඕනේ නෑ ... මෙහෙම කියමු අරගලයක ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක සාධකය මොකක්ද.. සරලවම දරා ගැනීමේ හැකියාව වැඩිපුර ඇති තැනැත්තා තව දිනක් සටන් කිරීම උදෙසා ඉතුරු වෙන එක නෙවෙයිද. . එවැනි තැනැත්තන් වැඩි ප්‍රමාණයක් අයිති වන කණ්ඩායම අරගලයක් ජයග්‍රහණයක් කරනවා නෙවෙයිද.ලොකු කතා පැත්තකින් තියමු . මෙහෙමයි දැන් කට්ටිය කියන්නේ ඔය ගහපු හමුදා නිලදාරියට අම්මලා සහෝදරියෝ නැද්ද ඔහොම අමානුෂිකව පහර දෙන්නේ කියලා . යකෝ ඒක හමුදාව ........ මල් වගේ හුරතල් කරලා පුහුණුව දීලා යුද්ධයක් මැදක ඇතාරියොත් කොච්චර වෙලා ජීවත් වේවිද. . සරම් වලට අමාරු පුහුණුවක් දෙන්නයි ... බබලත් උන්නාන්සේලාට මල් වගේ පුහුණුවක් දෙන්නයි . අනේ මන්දා .තව දෙයක් තමයි හතුරට විශේෂයෙන් උණ්ඩ වලට ගෑනු/පිරිමි භේදයක් නෑ නේ ඉතින්.මොකා දැක්කත් දිශුම් දිශුම් ගාල තියනවා..බඩු ෆලාකාන්ස් . දාන්න ඕන මෙහෙම නීතියක් ..ගෑනු අයට වෙඩි තියන්න පිරිමී අයට ඔට්ටු නෑ කියලා... ඔය පහර දීම මීට වැඩිය රටේ ප්‍රශ්නයක් වෙන්න තිබුණා , පහර දීමට ලක්වෙන තරුණිය ශිෂ්‍ය භට කණ්ඩායමක සාමාජිකාවක් එහෙම උනා නම් . හමුදා පුහුණුව කියන්නේ ඒ පුහුණුව අනිත් ඒවාට වැඩිය දැඩි නිසා .ඒ වීඩියෝව දැක්කොත් කෙනෙකුට පෙනේවි දැඩි ලෙස පහර දීමට ලක්වන තරුණිය ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ ඇයගේ කණ්ඩායමේ අනිත් අයට වැඩිය වෙනස් විදියකට කියන එක . පුහුණුව විය යුතු ආකාරයට එය සිදු නොකිරීම හමුදාවක් තුල දඩුවම් ලැබිය හැකි වරදක්...මම දන්නා විදියටදැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පහර දෙන්නේ පිරිමියෙක් කියන එක නේ . අම්මෝ අත්දැකීමෙන් කියන්නම් එතන හිටියේ ගෑනු කෙනෙක් උනා නම් ඔය කෙල්ලට මීට වැඩිය විදවන්න වෙනවා . කම්මැලියි.කුජීතයි.ලංකාවේ උන් හෙනම ගොබ්බයි....බීල ඇවිල්ලා ගෙදර ගෑණිට තඩි බාන හැත්ත තමයි මේක ගැන වැඩියක්ම දුක් වෙන්නේ..අම්මෝ තියන කරුණාව...ටොපික් එකට අදාළ කතාවත් කියන්නම එපාය...හිතන්නකෝ ඔන්න එකමත් ඒක රටක හමුදාවක් ඔය සුචරිත වාදී මහත්වරු කියන විදියට ගෑනු ළමයි නිසා වැඩිය රිදෙන්න ගහන්නේ නැතුව පුහුණු කරලා යුද්දෙකට යවනවා.ඔන්න එහෙම ගෑනු ළමයෙක් ඉස්සරහට හතුරෙක් එනවා....කෙල්ල බයවෙනවා... ඇයි ඉතින් පුහුණුවේ ඔහොම තුවක්කු අරන් එන භයානක පෙනුම තියන සතුරෝ හිටියේ නෑ නේ.... දැන් හතුරටත් වැඩේ පොඩ්ඩක් මීටර් වගේ ...හතුරා : අඩෝ .... වේ* හු** වෙඩි කනවද පු* දෙනවද.සෙබළිය : අනී අයියා වෙඩි තීන්න අපා... උයා ඕනි දෙයක් කර ගන්න ... නිකන් තියන එක නේ... ඊට පස්සේ පත්තර වල යනවලු .... ආහ්හ් ඒ ටික ඕනේ නෑ එක්කෝ.
|
BLOG
|
ගිම්හානයේ අපූරු දවසක තණකොළපෙත්තෙක් පිට්ටනියක තාලෙට පැන පැන හිටියා. බොහොම අමාරුවෙන් ධාන්‍ය වර්ගයක් උසුලගෙන ආ කූඹියෙක්, තණකොළපෙත්තට ආචාර කරමින් ඒ අසලින්ම කූඹි ගුලට යන්න ගියා.තණකොළපෙත්තා කූඹියාට ආරාධනා කරා, එයත් එක්ක ඉඳගෙන කතා කරන්න එන්න කියලා. ඒ ත් කූඹියා ”මම සීත කාලයට ගන්න කෑම එකතු කරනවා.... ඇයි ඔයත් ඒ දේම නොකරන්නෙ....” කියා අසමින්, තණකොළපෙත්තගේ ආරාධනාව කරුණාවෙන් ප්‍රතික්ෂේප කරා.” අයියෝ . ඇයි සීත කාලය ගැන දැන් ඉඳලම ලතවෙන්නෙ. අපිට දැන් කෑම ඇතිවෙන්න තියෙනවනේ....” කියලා තණකොළපෙත්තා කූඹියාට කීවා. ඒ ත් කූඹියා නතර නොවී ධාන්‍ය බර උසුලගෙනම, එයාගෙ පාරෙ දිගටම යන්න ගියා.අන්තිමට සීත කාලය උදා වුණාම, තණකොළපෙත්තට බඩගින්නේ මැරෙන තරමටම අමාරු වුණා. එතකොට එයා දැක්කා කූඹි, එයාලගේ ගබඩාවෙ තැන්පත් කරපු ධාන්‍ය බෙදාහරින විදිහ.ඉතින් තණකොළපෙත්තා තේරුම් ගත්තා අවශ්‍යතාව දැනෙන දවස් වලට, පෙර සිටම සුදානමින් සිටීම නුවණට හුරුවග.පරිවර්තනය: මුතු පබාකතන්දරය බූන්දිය හරහා කියවන්නට: කූඹියා සහ තණකොළපෙත්තා.
|
BLOG
|
04 from 12.04.
|
BLOG
|
5.
|
BLOG
|
"නංගි, ඔයා මට පොරොන්දු වුනා ඔයා ආය fb එන්නේ නැ කියලා.ඔයාට රකින්න බැරි පොරොන්දු ආය දෙන්න එපා.මං අවසාන වතාවටයි මේ කියන්නේ.ඔයා මාගේ හිත ගොඩාක් රිද්දුවා.ඇයි මට මෙහෙම කරන්නේ.."මේ තියෙන්නේ මාගේ යෙහෙළියකට ලැබුණු කෙටි පණිවිඩයක්.ඇත්තටම ප්‍රේමවන්තියන්ට ෆේස්බුක් තහනම්ද.. ෆේස්බුක්, ප්‍රේමයට තර්ජනයක්ද... මේක ගැන අදහස් දැනගන්න මම යාළුවො දෙන්නෙක්ට කතා කරලා ඇහුවා.ඒගොල්ලෝ මාගේ කොල්ලා නම් මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ගැන මොකද කියන්නේ කියලා. එක්කෙනෙක් නං එයා මාගේ කොල්ලා නොවන නිසා උත්තර දීම ප්‍රතික්ෂේප කරා. අනිත් එක්කෙනා නං කිව්වා එයාට ප්‍රශ්නයක් නැ කියලා. හැබැයි වැඩි දුරටත් කිව්වේ කෙනෙක් මට ෆේස්බුක් එක ගැන නීති රීති පනවනවා නං ඒ මට තියන ආදරේට, මාව නැති වෙයි කියන බයට කියලා.මෙන්න මාගේ අදහස - දකින දකින කෙනාව එකතු නොකර ගන්න තාක් කල්, ලැබෙන ලැබෙන ඉල්ලීම්අනුමත නොකරන තාක් කල් සහ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ඉන්න අය ගැන තමන්ට අවබෝධයක් තියන තාක් කල් එක ප්‍රශ්නයක් නොවන බවයි. උදාහරණයක් හැටියට අවුරුදු දහතුනක් එකම ඉස්කෝලේ එකම පන්ති වල ඉඳලත් මුනට කතා නොකරපු යාලුවෙක් නොවුන කෙනෙක්ව එකම ඉස්කෝලේ පලියට මම ෆේස්බුක් එකේ ඇඩ් කරගන්නේ නැ. අවුරුදු දහතුනක් තිබිලත් ගොඩ නොනගුනු යාලු කමක් ෆේස්බුක් ඒකෙන් ආය ඇතිවෙයි කියලා මම හිතන්නේ නැති නිසා. එහෙම රික්වෙස්ට් එකක් එවලා තියනවා නං මට හිතෙන්නේ මොකක් හරි ඕපාදුපයක් දැනගන්න ඕනේ වෙලා කියලා තමයි.අනිත් එක ඉන්න යාළුවො උනත් තමන්ගේ පින්තුර දකින්න නුසුදුසුයි කියලා හිතන අය ඉන්නවා නං හංගන්න පුළුවන්නේ. ඉතින් මෙච්චර හොඳට ෆේස්බුක් පාවිච්චි කරන්න පුළුවන් කම තියෙද්දී තමන්ගේ ප්‍රේමවන්තිය අහිමි වෙයි කියලා හෝ වෙන මොකක් හරි හේතුවකට ෆේස්බුක් අතහරින්න කියන එක ඒ මනුස්සයාව අනවශ්‍ය පීඩනයකට ලක්කිරීමක් විදිහටයි මට පෙන්නේ.පුම්බපු බැලුමක් අතින් තදකරගෙන වතුර යට තියන ඉන්නවා වගේ තමන්ගේ ගැනු ලමයව නීති රීති දාලා කොටු කරගෙන ඉන්න ඒකෙන් වෙන්නේ ඒ අත ලිහිල් උන දවසක බැලුම උඩට එන එක. ඊට වඩා හොඳයි බැලුමට පාවෙන්න දීලා එයා ආරක්ශිතද ඒ ගැන අවබෝධයක් තියනවද කියන එක ගැන සෙවිල්ලෙන් ඉන්න එක. තමනගේ සීමා මායිම් තමන්ම හදාගත්තොත් ඇරෙන්න වෙන කෙනෙකුගේ සීමා මායිම් කොච්චර කරත් වේලාවකදී බිඳෙනවා. එක තේරුම් අරගෙන තමන්ගේ ගැනු ලමයව විස්වාස කරන්න කියලා කියන්න කැමතියි. එයාට අවබෝධයක් නැත්නම් එක ලබාදෙන්න.කව්රුහරි තමන්ගේ ගැනු ළමයට සිමා මායිම් දාලා හැමෝම එහෙමයි කියලා කියනවා නං එකත් කරන්න එපා. තමුන්ගේ තත්වෙට අනිත් මිනිස්සු ඇදලා ගන්න එපා.මොකද එහෙම නොකරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.මේ වෙලාවේ එහෙම කෙනෙක්වත් ගෞරවයෙන් සිහිපත් කරනවා.
|
BLOG
|
මෙම එපිසෝඩ් එකෙන් Vanguard tripod එකේ unboxing කරනවා. මෙය මුදලේ හැටියට වටිනා විවිධ angle වලින් පින්තූර ගතහැකි tripod එකක්. මෙය නිපදවා ඇත්තේ Aluminum Alloy වලින්. එනිසා ගොඩක් සැහැල්ලුයි. ඕනෑම අකාරයේ ඡායාරුප ශිල්පියෙකුට මෙය ගැලපෙනවා. මිල, යෙන් 8,200/=. මුදල යෙන් වලින් දැම්මේ, රුපියල් වලින් දැම්මොත්, තවත් මාස කිහිපයකින් බලන කෙනෙකුට ඇත්ත වටිනාකම දැනගන්න නොහැකිවන නිසයි. හේතුව රුපියලේ අගය වෙනස් වන නිසා. මෙය ලෙහෙසියෙන්ම google කලොත් “8200 yen in LKR” කියල, අදට පවතින රුපියලේ අගයට ගණන බලාගන්න පුළුවනි. ස්තුතියි.
|
BLOG
|
ඉතා කෙටි කලක් යටපත්වෙලා හිටිය දුලා දැන් ඔන්න ආයෙත් ඇවිල්ලාය.ආවේ නිකන් නොවේය. සිංහල සාහිත්‍ය ක්ශේත්‍රය වෙනස් කරන ජාතියේ අලුත්ම වැල කතන්දරයක්ද අරගෙනය.සිංහල වැල කතා ඉතාම පහළ මට්ටමේ තිබෙන්නක්ය.වැල අඩවි හිමිකරුවෝත් මේවා අනුගමනය කරනවා නම් හොඳය.ආගිය කතා පසුවට කල් දමා කතාවට යොමු වෙමි.තව එකක් කියන්නට තිබේය.පොඩි එවුන්ට වැල කතා කියවන්නට හොඳ නැතිය.ඒක නිසා උන් මේක කියවන එක නතර කරන එක ශරීර සෞඛ්‍යට හොඳය.මේ සිද්ධිය සිද්ද වුනේ දුලා ඕ ලෙවල් කරලා රිසල්ට්ස් එනකන් ඉන්න කාලයේය.ඒ කාලය උපරිම විනෝදෙන් ගතකරන්නට දුලා ප්රමුඛ මිතුරු කැල අමතක කළේ නැතිය.අපි මුලින්ම අපේ සෙට් එකේ මයිකල්ගේ ගෙදර ටික දවසක් ගත කරල එන්න තීරණය කලාය.මයිකල් කිව්වාට උගේ නම යසිත්ය.උට මයිකල් යන නම හැදුනු කතන්දරය මෙතනදී කිව්වොත් උගේ චරිතය ඝාතනය වෙනවාය. ඒක නිසා ඒ කතාව ඕනෑ නැතිය.ඌ අපේ සෙට් එකේ දුරින්ම ගෙවල් තිබ්බ කෙනා නිසා එහේ යාමට හිතුවෙමු.මයිකල්ගේ ගෙදර උදවිය අපිව ඉහළින්ම පිළිගත්තෝය.ඒත් ගිරිඋල්ලේ උන්ලහ නිවාඩුව ගත කරන්නට ආවාට ඒ පැත්තේ බලන්නට යැයි කියලා එහෙමට දෙයක් නොතිබුනේය.දවස් තුනකට විතර පස්සේ ටිකක් දුර ගමනක් යන්නට මයිකලා යෝජනා කරේය.ඒ උන්ලාගේ ගෙදරට ටිකක් ඈතින් පිහිටි විජයසුන්දරාරාම රජ මහා විහාරය වැඳපුදාගෙන එන්නටය.ඒත් අර පිස්සු රජෙකුට වගේ රජමහා විහාර වන්දනා පිස්සුවක් දුලාට තිබ්බේ නැතිය.දුලාට ගමේ පන්සල හොඳටම ප්රමාණවත්ය.ඒක නිසා මට ඇඟපතේ අමාරුවක් තිබේ යැයි කියා මයිකලාගේ ගෙදර නැවතුනෙමිය.මයිකලාගේ නෑදෑයෙකුගේ ගෙදර තිබ්බ දානයකට සහභාගී වෙන්නට ඊට කලින් දිනම මයිකලාගේ මව් පිය පාර්සවය ගෙදරින් පිටත්ව ගොස් තිබුනේය.උදේ 10ය විතර වෙනකනුත් දුලා සාලයට වී පත්තරයක් කියවමින් සිටියේය.සිද්ධිය සිදුවුනේ ඔය මොහොතේය.මයිකලාගේ ගෙදර හිටියේ බොරුවට නැවතුනු දුලා පමණක් නොවේය.මයිකලාගේ අක්කාද සිටියාය.අක්කාත් ඇහැට කණට පෙනෙන්නට හිටිය කෙනෙක් නිසා ආ දවසේ සිටම දුලාගේ අවධානය දිනා ගැනීමට ඇය සමත්වුනාය.දුලා ඔය ක්ෂේත්රයට නැති එකෙක්ය.ඒක නිසා දුලාට පත්තරය අස්සෙන් ඒ වෙලාවෙ නාගෙන කාමරයට පැමිණෙන අක්කගේ රුව පෙනුනේ නැතිය."මල්ලියෝ පොඩ්ඩක් මෙහාට එන්නකෝ""අ අක්කෙ ම මං මේ පත්තරයක් කියව කියව ඉන්නේ.""හරි හරි ළමයො මං ඔයාව ගිලින්නේ නෑ.මෙහාට එන්නේකෝ"ඒ මියුරු හඬ නැගුණේ කුස්සිය දෙසින්ය.දුලා ඒ දෙසට පිය නැගුවේය.අමුතුම සුවඳකින් දුලාගේ ගත වෙලා ගන්නාක් මෙන් දැනුණෙය. | | | | | | | | | | | | | | | | | | | | | | |"ආ මෙන්න මල්ලි අල්ලපු ගෙදරින් දුන්නේ..."එහි තිබුණෙ කහ පැහැයෙන් බබලන,අලුත්ම වැල මදුළු පිඟානකි.එදා අරුන් තුන් දෙනා එනකන්ම මම වැල කෑවෙමි.මයිකලාත් වැල කෑමේ රුසියෙකු වුනු නිසා ඌට ඉතුරු නොකිරීම පිළිබඳව මට බැනුම් අසන්නටද සිදුවිය. නිමි</span.
|
BLOG
|
නිමිත්ත... සර් දන්නවද වැඩක්... අර ලිගල් සෙක්ෂන් එකේ ඉන්න කරුණාරත්න ඊයේ හවස අඩියක් ගහලා සර්ට හොදටම දෙහි කැපුවනේ. මම මේ මේක සර්ට කිව්වේ වෙන මොකවත් නිසා නෙමෙයි, මම සර්ට තියන හිතවත් කම නිසා. ඔන්න සර් කරුණාරත්න ගෙන් මේ වගක් අහන්න යන්න එපා. සර්ට තියන හිතවත් කම නිසයි කිවේ....සමීක්ෂක වාර්ථාව ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොව ආයතනයන්හි ජංගි අදින කොට්ඨාස දෙකක් සිටින්නෙහිය.1. ජංගි අදින ගැහැණු2. ජංගි අදින පිරිමි.මේ අවස්ථාවේ ජංගි අදින Default කොට්ඨාසය පිළිබදව විස්තර පැවසිමට නොයන්නෙමි.ජංගි අදින ගැහැණුන්ට අමතරව මේ ජංගි අදින පිරිමි වනාහි අමුතුම සත්ත්ව කොට්ඨාසයකි. හුගක් වෙලාවට මේ ජංගි අදින පිරිමි කොට්ඨාසය ආයතනයන්හි ක්ෂණිකව හදුනා ගැනීමට අපහසු වන අතර, කලක් ආයතනය තුල සේවයේ නිරතව සිටිනා විටදී පැහැදිලිවම හදුනා ගත හැකි අතර අඩු වැඩි වශයෙන් සියළුම ආයතනයන් තුල සිටිනා බැව් සමික්ෂණ වාර්ථා වලින් හෙලිවි ඇත.තවද, මොවුන් තමන්ගේ පැවැත්ම උදෙසා ජංගි අදිනු ලබන බැව් සමීක්ෂණ වාර්ථා වලින් හෙලිදරව් වන අතර, ආයතනයන්හි කළමණාකාරිත්වය හා උසස් නිලයන් අභියස මෙම කොට්ඨාසය වැඩි වශයෙන් ගැවසෙනු ලබන බැව් හෙලිදරව් වී ඇත. තවද, මොවුන් දිය යටින් ගින්දර රැගෙන යාමේ තාක්ෂණය සහ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ කලාව මනාව පුහුණු කල අයවළුන් බැව් වැඩිදුරටත් සමීක්ෂකයන් දන්වා සිටී.එබැවින් සමීක්ෂකයන් විසින් පෙන්වා දෙනු ලබන අවසන් නිගමනය පහත සදහන් පරිදි බැව් කාරුණිකව දන්වා සිටිමි.ජංගි අදින Default කොට්ඨාසයට වඩා ජංගි අදින පිරිමි කොට්ඨාසය සමග වැඩ කටයුතු කරගෙන යාමේදි වඩාත් ආරක්ෂා විය යුතුය... යන්නයි.
|
BLOG
|
හැමෝම දාල යන්න යන්න වෙනව ඈතකට, තනියම ඉන්න. අනේ මන්ද මතක් වෙද්දිත් යන්න බෑ වගේ හිතෙනව, නමුත් ඉදිරි අනාගතේ වෙනුවෙන් යන්න ඕන...මගේ අලුත් නවාතැන් පොල "මැදවච්චිය"අලුත් ප්‍රොජෙක්ට් එකක්.. 902,903,424.04.10.12Project Duration :- 1 1/2 Year (540 Day)ඔන්න ඔහොමයි විස්තර මගේ අලුත් ප්‍රොජෙක්ට් එකේ... ඉතින් ගෙදර එන්න වෙන්නෙත් මාසෙකට සැරයක් තමා... මොනා කරන්නද.. දුක තමා රන්ජනී..එහේට ගිහිල්ලම රූප රාමු ටිකක් දාන්නම්...වැඩ බාර ගන්න තියෙන්නෙ මැයි 05 දා... තාම වැඩිය විස්තරයක් දන්නෙ නෑ... ඔක්කොම දැනගෙන, ගිහිල්ල, විස්තරයක් දාන්නම්...කාර්යභහුලත්වත් එක්ක බ්ලොග් එක පාලුවට යාවි... පුළුවන් වෙලාවක් මොනවහරි දන්නම්... එහෙනම් පුලුවන් වෙලාවක සෙට් වෙමු... එහෙනම් සුභ.
|
BLOG
|
අඳුර නසන්නට පහන් දිදුලුනද.. හිරු දෙවියන් වදිනා දරුවෝ... සයුරක් පරතෙර නොමැතිව ගැලුවද.. දිය සීරා සැම රැක ගත්තෝ අනෙකුගේ කඳුළැලි නෙතු අග දුටුකළ... සිත මුකුලිත වු පින් ඈයෝ... වී නම් නුඹ ළඟ ඇසුරට කෙදිනක.. පිනකි නුඹත් කළ පෙරයම් භවයක.
|
BLOG
|
සැවැත් නුවර කෙළවර කර ඇති පාලු සොහොන් බිමකි. බොහෝ කල් ගිය මෙන් ම අලුත් මළ සිරුරු ද එහි බොහෝ සෙයින් දක්නට ලැබෙයි. ඇතැම් මළ සිරුරු වන සතුන් ගේ ගොදුරු බවට පත් ව ගොසිනි. ඇතැම් ඒවායේ නෂ්ට ව ඇත්තේ සුදු පැහැ ගැන්වුණු ඇට කැබලි පමණකි. ජනයාගෙන් ශුන්‍ය වූ සොහොනෙහි කෙළවරක මහ හඬින් ඉකි ගසමින් වැළපෙන බමුණෙකි. පාලු සොහොනෙහි හිඳින බමුණා, මියගිය සිය පුතු ගේ සිරුර තුරුළු කරගනිමින් මහත් ශෝකයෙන් යුතු ව හඬා වැටෙයි. විටෙක තමාට ම දෙස් දෙවොල් තබාගනියි. විටෙක නිවැසියන්ට ද දොස් පවරයි. "අහෝ මා වැනි අවාසනාවන්තයෙක්, මගේ එක ම පුතා කුඩා වයසේදී ම මා හැර ගියා නොවේදෝ, මගේ පුතාට නැවත නැඟී සිටින්නේ නම් කොයිතරම් මැනවිදෝ ..." ආදී වශයෙන් හේ වැළපෙයි. මොහොතකට පෙර ජනශුන්‍ය ලෙසින් දිස් වූ සොහොනෙහි තවත් හැඬුමක් බමුණා ට ඇසෙයි. ශෝකයෙන් යුතු ව වටපිට බලන බමුණාට දකින්නට ලැබෙන්නේ අහස දෙස බලමින් හඬනා මියගිය තම පුතුගේ ම වයසේ ම වැනි කුඩා දරුවෙකි. මදක් වික්ෂිප්ත වූ බමුණා කුඩා දරුවා වෙත ගොස් ආදරයෙන් ඇමතීය. "පුංචි දරුවෝ... ඇයි ඔයා අඬන්නේ. ""අනේ මාමේ, මගේ කරත්තයට රෝද දෙකක් නැහැ. ඒකයි මම අඬන්නේ ""අනේ පුතේ , ඒක සුළු දෙයක්නෙ. ඔයාට ඕන රත්තරනින් රෝද දෙකක් ද නැතිනම් රිදියෙන් රෝද දෙකක් ද කියලා මට කියන්න. මම දෙන්නම් ""ඒ එකක්වත් නෙවෙයි, මට ඕන රෝද දෙක තමයි ඉරයි හඳයි ""ඈ මෝඩ දරුවෝ... ඉරයි හඳයි කොහොමද රෝද හැටියට කරත්තෙකට ගන්නේ .""කවදාවත් ආයෙ නොලැබෙන, ඇස් දෙකටවත් පේන්නෙ නැති දෙයක් වෙනුවෙන් අඬන මාමා ද මෝඩ නැත්තම් අර ඇස් දෙකට වත් පෙනෙන ඉර හඳ ඉල්ලලා අඬන මම ද මෝඩ. "බමුණු තෙමේ මහත් ලැජ්ජාවට පත් විය. හැඬුම නවත්වා හෙතෙම බර කල්පනාවකට වැටිණි. "ඇත්තෙන් ම නුවණැති දරුවෙක්නෙ. වැඩිහිටියෙක්වත් නොකියන කතාවක් නෙ මේ දරුවා කිව්වේ..." ආදී කෙලවරක් නැති සිතිවිලි බමුණාට ඇතිවිය. "ඇත්තෙන් ම පුතේ ඔබ කවුරුන් ද ." බමුණා කුතුහලයෙන් යුතු ව විමසීය. මෙහිදී ළමා වේශය අත්හැර සිය ප්‍රකෘති ස්වභාවයෙන් ම පෙනී සිටි මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා මෙසේ පැවසීය. "පින්වත් බමුණ, මම මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙමි. පෙර ජීවිතයේ ඔබේ පුත්‍රයා වෙමි. ඉතා සුළු කාලයක් භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ සරණ ගොසින් මේ සා ආනුභාවයන් ලදිමි. පියාණෙනි, දැන්වත් බුදු සමිඳුන් සරණ යන්න. ඔය මසුරු බව දුරලා දන් දෙන්න. සැප ලබන්න පින් කරන්න". මෙසේ පැවසූ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සැණෙකින් අතුරුදන් විය.
|
BLOG
|
සාමාන්‍යයෙන් Windows පාදක වුණ පරිගණකයකට අනවසර ඇතුළුවිම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි1. Windows Password යෙදීම මඟින්2. BIOS password යෙදීම මඟින්මේකෙන් ගොඩාක් ම ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වෙන්නේ දෙවෙනියට කිව්ව BIOS password යෙදීමයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Windows Password එක ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට දෙනවා කියලා. ඔව්, හැබැයි සමහර වෙලාවට. ඕන නම් වැඩ දන්න කෙනෙකුට Windows Password එක crack කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි ඒ හිතන තරම්. BIOS password ගැන කියනවානම් ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. සමහරු දන්නවා වුණාට පාවිච්චි කරන්නෙත් නෑ. දන්නවද, Windows Password යෙදීම ආරක්ෂිතයි තමයි, නමුත් ඒකට වඩා දහස් ගුණයකින් ඔයා ආරක්ෂිතයි ඔය මුරපද දෙකම පාවිච්චි කරනවානම්.මේ වගේ දෙයක් හදිස්සියේ ම මතක් වුණේ කැම්පස් එකේ අඳුරන මල්ලි කෙනෙකුට වුණ පොඩි අකරතැබ්බයක් නිසයි. මෑන් දවසක් බස් එකේ කැම්පස් එන ගමන් පැල්මඩුල්ල හරියෙදි බස් එක තේ බොන්න නවත්තලා. එයාත් බෑග් ටික ඉඳගෙන හිටිය සීට් එක උඩින් තියලා සිංදුවක් කියන්න ගිහින්. නිදහසේ සින්දුව කියලා පොඩ්ඩක් වටපිට කාරිය බලලා ආයෙත් බස් එකට ඇවිත් බලනකොට ලැප් බෑග් එක නෑ. බස් එකේ හිටිය හැමෝම වගේ බැහැලා ගිහින් නිසා අහන්න කවුරුවත් ඉඳලත් නෑ. හිටිය එක්කෙනා දෙන්නගෙන් අහද්දි කිව්වලු තුන් හතරදෙනෙක් ඇවිත් අරන් යනවා දැක්කා, ඒ මිනිස්සු ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා නෑ. මොනවා කරන්නද ඉතින්, පාඩුව විඳගත්තා මලයා. පස්සේ හොයලා බලද්දි තමයි දැනගත්තේ එතන එහෙම බස් වල බඩු හොරකම් කරන මැර කල්ලියක් ඉන්නවා කියලා.ඔය වෙනකල් ම මම වුණත් හිතලා තිබ්බේ නෑ පොඩ්ඩක්වත් ලැප් එකේ ආරස්සාව ගැන. ඊට පස්සෙ මම හොයලා බලලා දැනගත්ත දේවල් ඔයාලටත් ඕන වෙන්න පුළුවන්නේ කියලා හිතලා තමයි මේ පෝස්ට් එක දාන්නේ. හරි හරි ඒ කතාව ඉවරයි, අපි යමුකෝ අපේ මාතෘකාවට. BIOS password එක මඟින් කෙරෙන්නේ CMOS වල ගබඩා කරලා තියෙන Settings වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන එකයි. තවදුරටත් කියනවා නම් පරිගණකයේ දෘඪාංග සඳහා වන පිවිසීම අවහිර කරනවා මෙයින්. එහෙමත් තේරුණේ නැත්තම් මෙහෙමයි, පරිගණකයට ඔයා නැතුව මොනවවත් වෙනස්කමක් කරන්න දෙන්නෙ නැහැ. හිතන්නකෝ මෙහෙම. ඔන්න ඔයාගේ පරිගණකය කවුරුහරි සොරකම් කළා කියලා. අපි හිතනවා "බයවෙන්න දෙයක් නෑ, මම XXXX මෘදුකාංගය දාලානේ තියෙන්නෙ, ඒකෙන් ලැප් එක ගත්ත කෙනාගේ ෆොටෝ එකයි ඉන්න තැන ගූගල් මැප් එකකිනුයි කියලා ඊ මේල් එකක් එයිනේ"එහෙම වේවි හොරා ඔයාගේ පරිගණකයට log වෙලා අන්තර්ජාලයට සම්බන්ධ වුණොත්... හැබැයි ඔයාගේ අවාසනාවට හොරා ලැප් අරගෙන Format කරනවා.... එතනදී ගූගල්ටත් ඔයාට උදව් කරන්න බැරුව යනවා. ඊට පස්සේ තියෙන්නේ හිත හදාගන්න එක විතරයි නේද. නෑ නෑ එහෙම වෙන්න ඕන නෑ දැන්... ඒක වළක්වන්න තමයි අපි BIOS password දාන්නේ. එතකොට කාටවත් අනවසරයෙන් පරිගණකය Format කරන්න බැහැ. හොරාට එතකොට හොරකම් කල එකෙන් මෙලෝ වැඩක් වෙන්නේ නැහැ.අපි බලමුකෝ කොහොමද BIOS password එකක් දාන්නේ කියලා, හරිම ලේසි වැඩක්. සාමාන්‍යයෙන් පරිගණකය Boot වෙනකොට වම් පැත්තේ පහළින් එනවා F1, F2, DEL, ESC, F10 වගේ keys වලින් එකක් ඔබන්න කියලා CMOS Settings සඳහා ඇතුළුවෙන්න. එක එක පරිගණක වල වෙනස් විධි වලට මේ පණිවිඩය දිස් වෙන්න පුළුවන්.ඊටපස්සේ ඔයාට ලැබෙන්නේ නිල්පාට තිරයක් සහිත මේ වගේ Window එකක්. ඒකේ තියෙනවා Security කියලා tab 1ක්.ඒකේ තියෙනවා තේරීම් දෙකක්. "Set User Password" එකෙන් කරන්නෙත් password එකක් දෙන එක තමයි , නමුත් එතනදි ඒක දන්න කෙනාට පුළුවන් CMOS Settings සඳහා ඇතුළුවෙන්න සහ බලන්න විතරයි. වෙනස්කම් කරන්න ඉඩදෙන්නෙ නැහැ."Set Supervisor Password" එක දන්නවනම් ඕන විදියක වෙනස්කම් කරන්න ඉඩදෙනවා. එහෙනම් තෝරන්නකෝ "Set Supervisor Password" කියන එක (ENTER ක්ලික් කරන්න). දැන් Password එක දෙන්න. ඒක ආයෙත් Confirm කරන්න. ඕන කියලා හිතෙනවා නම් "Set User Password" එකත් ඒ විදියටම දෙන්න. දැන් F10 ඔබලා Save කරන්න. ඊටපස්සේ ඔයා පරිගණකයට log වෙන හැමවෙලාවෙම වගේ ඔය Password එක අහාවි. User/Supervisor දෙකෙන් කොයි එක දුන්නත් ගැටළුවක් නැහැ.ප.ලි: මතක තියාගන්න පුළුවන් Password එකක් දෙන්න, බැරිවෙලාවත් ඒක අමතක උණොත් ආයෙත් log වෙන එක Desktop වල නම් ඒතරම් අවුලක් නොවුණත් Laptop වල ටිකක් කරදරකාරී වැඩක්.
|
BLOG
|
ඔන්න අද කියලා දෙන්න යන්න ගෙදරකට ඕනේ වෙන ඇතුවත් බැරි නැතුවත් බැරි දේයක්. මට මේක හදන්න ඕනෑ උනේ විදුලියනඩත්තු කටයුතු කියලා විදුලිය විසඳි කරන වෙලාවට හා අනෙකුත් වේලාවන් වලට වතුර කොපමණ තියනවද කියලා දැනගන්න. විදුලියත් නැතුවවතුරත් නැතුව ගියහම හිතා ගන්න පුළුවන්නේ වෙන දේ.ඕක හින්දා තමා මේක හදන්න පෙලබුනේ.5V වලින් වැඩ කරන හින්ද කිසි කරදරයක් නැහැ.මේ තියෙන්නේ මුලින්ම ටෙස්ට් කරන්න හදපු ඒක wire දෙකම වතුරට දාපුවහම LED ඒක ON ඒකwire ඒකක් වතුරෙන් ගත්හම LED ඒක OFF.300*250මේක මම නෙට් එකෙන් ගත්තු ඒකක් මේ විදියට තමාමමත් හැදුවේ කිසි කරදරයක් නැතුව වැඩඅවශ්ය බඩු ටිකBC 547 or BC 548 733 Resistor 7470 Resistor 7470K Resistor 7LED 7 All Electronic Parts RS 100SUNBOX 1 RS 120SUNBOX Closer 1 RS 50Network wire 5M RS 650Veroboard 1 RS 80සිලිකන් ගම් 1 RS 170සුදු යකඩ ඇන RS 120වයරින් බට RS 80Total RS 1370728*90මේ තියෙන්නේ මම හදපු PCB ඒක මේ වගේ 7 නෙමේ තව ඕනේ තරම් වතුර මට්ටම්වැඩිකර ගන්න හදා ගන්න පුළුවන්.හදපු ඒක ටෙස්ට් run ඒකක් දුවලා බැලුවා .මෙන්න තියනවා සෙන්සර් ඒක හදන විදිය මේකට මම ගත්තේ වියරින් කරන්න ගන්න බටයක් මට ඕනේ ගානට වතුර ටැංකියට දාලා මාර්ක් කර ගත්තා ටැංකියේ වතුර එලියට යන බටේන්ටිකක් යටින් උඩම point ඒක තියාගන්න යටම point ඒක common ඒක පුළුවන් තරම් යටින් ගන්න. දැන් ඔය අතර මැදෙන් ඕනේ තරම් සෙන්සර් දාගන්න පුළුවන්. මම මේකට ගත්තේ සුදු යකඩ ඇන.ඊට පස්සේ Network Wire ඒක අරගන සුද්ද කරලා.සුදු යකඩ ඇන වටේ ඇනේට හොදින් ගෑ වෙන්න ඔතන්න.දැන්වියරින් බටය මැදින් හිලක් විදලා සිලිකන් ගම් දාල ඇනේ තද කර ගන්න.තද කර ගත් පසුත් එලියට පැනලා තියන කම්බි වැහෙන්නසිලිකන් ගම් හොදින් දාන්න. සිලිකන් ගම් දැමේ නැත් නම් ටික කලක් යනකොට කම්බිය වතුරට මලකඩ කාලා දිරනවා. Network Wire වෙනුවට රිබන් Wire වුනත් මේකට ගන්න පුළුවන්.250*250මේ විදියට වතුර ටැංකියට ඇතුලට දාල කෙලින් වෙන්න රදවා ගන්න.වතුර අඩුම වුනහම තනි රතු LED ඒක පමණක් දැල් වේ.Fully Tank වුනහම මේවිදියට තමා LED ටිකON වෙන්නේ.මේ circuit ඒක තව ටිකක් modify කරලා අපිට පුළුවන් වතුර මෝටරය Automate කරන්න Auto ON OFF වෙන්න හදන්න.Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපාගල් මුල් බාර ගනු ලැබේ.
|
BLOG
|
ඉස්සරෝම දවස් වල... පුංචි උනත් අම්මත් එක්ක හරි හරියට උයන්න ආසයි මං... ( දැන් නම් පට්ට කම්මැලියෙක් :p ) ඒ වගේම කෙසෙල් කොලේ ඔතපු බත් කන්න හරි ආසයි... සෙනසුරාදා ඉරිදා දවස් වලට (ඉස්කෝලේ යන නිසා ගෙදර ඉන්නේ සති අන්තේ විතරනේ) අම්මයි මමයි එකතු වෙලා උයනවා... මමයි මේනු එක තෝරන්නේ... මට තනියම උයන්න පුළුවන් උනාට අම්මා මාව කුස්සියේ තනියම තියන්නේ නෑ... වෙන මොකක් නිසාවත් නෙමේ... අත පය පුච්චගනී කියලා බයට තමා... හෙහෙ...ඔන්න ඉතින් මම තෝරාගන්නේ හරිම සරල මේනු එකක්... හාල්මැස්සෝ බැදුමක් හදලා, පරිප්පු වේලෙන්න උයලා, පොළොස් මාළුවක් උයලා, ගොටුකොල සම්බෝලයක් තමයි මගේ තේරීම... එක එක දවස් වලට වෙනස් වෙනවා ඉතින්... උයලා ඉවර වෙලා උණු උණුවේ කෙසෙල් කොළේක බත් මුලක් ඔතලා තියලා නාල රෙදි සෝදලා එහෙම ඇවිත් දවල්ට ඒ බත් එක කනවා... හම්මේ පළාතම සුවඳයි බත් එක දිග අරිද්දි... මතක් වෙද්දී මේ දැනුත් කටට කෙළ උනනවා... :p ඇත්තම කිව්වොත් කෙසෙල් කොලේ ඔතලා තිබ්බම කෑම එකේ රස දෙගුණ වෙනවා...කාලා තියෙන අයම දන්නවා ඇතිනේ ඒක.හැබැයි අපේ ගෙදර මම විතරයි එහෙම කන්නේ... අම්මයි තාත්තයි හිනා වෙනවා මේ කෙල්ලට පිස්සු කියලා.. පිස්සු උනාට මොකෝ එහෙම කද්දී තියෙන රස දන්නේ මමනේ.. ගෙදර අයට පෙන්න පෙන්න කෑවා මං හෙන ආඩම්බරෙකින්... :v මං දන්නවා මට හිනා උනාට කස්ටියටත් ආසයි කියලා... කොහෙද ලොකු සින් දදා ඉන්නවනේ... ඔහොම ටික දවසක් යද්දී තාත්තටත් මගේ ලෙඩේම බෝ උනා... දවසක් මම බත් මුල බදිද්දී තාත්තා ඇවිත් කිව්වා මටත් කෙසෙල් කොළේ බත් කන්න ඕනේ කියලා... ඉස්සරම මට විතරක් බෙදපු බත් මුල දැන් බත් මුල් දෙකක් උනා... තාත්තත් මන් වගේම නාල එහෙම ඇවිත් රස කර කර කද්දී මට ඇස් වලටත් කඳුළු ඉනුවා ලාවට වගේ.. තාත්තා වගේමනේ දුවත්... දුව වගේමනේ තාත්තත්....දැන් නම් මගේ ඒ පුරුද්ද එහෙම් පිටින්ම නැති වෙලා ගිහින්... තාත්තා නැති උනාම මගේ ජිවිතේ සෑහෙන්න වෙනස් උනා කිව්වොත් හරි... ඒ හැම මතකයකම දැන් මාව අඬවනවා... අහම්බෙන් හරි කෙසෙල් කොලේ බත් එකක් දැක්කත් තාත්තව මතක් වෙනවමයි... ජිවිතේ අපි හැමෝටම මතක සටහන් ගොඩාරියක් තියෙනවා...ඒ හැම මතක සටහනක් පිටුපසම සැඟවුණු කතාවකුත් තියෙනවා කියන්නේ ඇත්තනේ...මේ කතාව කියවපු එකේ නිවාඩු වෙලාවක පොඩි අත්හදා බැලීමක් කරලා බලන්නකෝ ඉතින්... ඔයාලට රස කර කර කෙසෙල් කොලේක බත් කටක් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත්...
|
BLOG
|
ඇත්තටම මගේ පේජ් එක ලයික්ස් 1000 ක් පසුකළා..ටිකෙන් ටික ආපු දුර මාස 6ක් විතර ගතවෙන තැනදි තමයි මට මෙ ඉලක්කයට එන්න පුලුවන් වුණේ...ඉතින් ඒ නිසා අද මගේ පිටුවෙන් සමාජයට ගෙන ගිය අදහස් සහිත නිර්මාණ කීපයක් අපේ යාලුවන්ටත්බලන්නට දාන්න හිතුවා...ප: ලි :ලයික් එකක් දාලා නැත්නමි පැත්තෙන් ඒ ගැජටි එක ඇති ලයික් එකක් දාලාම යන්නකෝ.
|
BLOG
|
සුමුදු දෙතොල නැත පහසක - රහමෙර විඳ ගත්ත තීසිනා කතා කියවා සත - ගත් රුපියල් සත මදීසිනාසුනද වෙස් මුහුණක - කඳුළු බිව්වා නැති මදීහඬන ඔහුට හිනැහෙන්නට - සවිය දුන්නේ නුඹද තීඇස් ලොකු කර ඔමරි පපා - දෙපිට කැපෙන වදනාකියවා සත හා සමඟිණ - එකට සිනහසෙනවාසර්කස් කඩ මුදලාලිගේ - බැල්ම නිතර වදිනාබව කියන්නේ කොහොමද - ඈ, ඔහු ඉන් දිවි ගෙවනාකලකට පෙර පෙම් ලෝකයේ - කිරුළු පැළඳි රජුඔහු උනාට, රජ මැදුරට - වැටේ රජ කඩොලුමුදලාලිගේ රුපියල් සත - දුන්නත් දිවි සලූහිමි සඳ මම ඉවසන්නේ - හින්දයි නුඹ මතුපෙම්වත නුඹ අසල ඉන්න - නැත සුදුස්ස මමලොවම හිනස්සා මාසෙම - ලැබෙනා සොච්චමඑක වරකින් හාන්සි වී - උපයන අන්දමඇසුවොත් නුඹ කෙතරම් - දුක් ගනීද මගේ පණ.
|
BLOG
|
ඇසින් දුටුවන්ගෙ හෘද සාක්ෂිය..
|
BLOG
|
පිපෙනු නොහැකිවවසත් කල ළඟසීත පිනි බිඳුතුරුළු කරගෙනපුංචි මල තවමග බලා ඉන්නා...චණ්ඩ රශ්මියදවා හළු කරබියෙන් ඇළලීඒ පුංචි මලතව බලා ඉන්නා...තවම සුසිනිදුදම් පැහැති පෙතිතනිව පිපෙනටදිරිය නොමැතිවමග බලා ඉන්නා...මලට පෙම් බැදිකුමර බඹරාතාම ඉඳහිටලඟට ඇවිදින්තවම නොපිපුණුදම් පාට මල ළඟමග බලා ඉන්නා.
|
BLOG
|
කවදාහරි දවසකහැරිලා බලයිගෙවපු හැටිජිවිතේ දවස් ටික..හිනාවෙන්නදේ තිබුනොත්යන්න යනවාඇස දෙකටකඳුළු පුරෝගෙන.
|
BLOG
|
ආදරණීය අම්මාට.....උඹලා ඔහෙටම වෙලාහිටපල්ලා නෑවිදින්,හැමදාම දින ගනිනඅප්පච්චි කිවා මට....පුදුම නෑ ඒ ගැනැත්ළඟදි ඔහෙ ඇවිත් ගියකෙනෙක් මට කීවානේලංකාවේ විස්තරේ...දැන් ගෙදර උයන්නටවෙලා මදි වෙලාලුහැමදෙනම කඩෙන්නමලුකන්නේ තුන් වේලටම....වැඩි යමක් නැති උනත්අපෙ වේල අපෙ රහයි'OUT' යනවා ඉතින්ඉද හිටල වෙනසකට....අඩි බාගේ යන්නටත්ත්රිවිලය ඕනෙමලුපයින් යන්නෙම නෑලුහරි නේද මං අම්මේ....පාපැදිය මෙහෙ රථයහරිම ලේසියි අම්මේඅපේ ලොකු ලොක්කනුත්ඒකේ එනවා අම්මේ.... 'ලු මුලු ගේමවාහනත් ඒ වගෙලු'TV' එකෙ දාලමලුමංගල්ලයත් ගන්නේ....අපේ නොවන අපේ ගේහරි පොඩියි පිළිවෙළයිඋයන්නේ විදුලියෙන්ඒත් බිල ඔහෙ වගෙයි....හැමපාර සැළුන්ලූපෝලිමේ ළමයිලු'TOUCH PHONE' අරන්ලුළමයි 'TUITION' යන්නේ....'ර්REALITY SHOWS' වලපොඩි එවුන් නටනවාඇස් කරකවද්දිපොඩිමදැයි සිතෙනවා....ගෙදර නොම්මර දාපු'PHONE' එක මෙහෙ දෙන්නෙපොඩි එවුන් පොඩි පාටතියෙනවා නෑ වෙනස....විනොදෙට ගමනක් යන්නවෙලා නැති වෙලාලුඑක වසරෙ පොඩි එකත්'TUITION' ලු දැන් ඉතින්....ගිම්හාන නිවාඩුවආවම අපි ඉතින්ඇවිදිනවා හැකි විටකනිදහස්නෙ ජිවිතේ...ටික දෙනයි මෙහෙ ඉන්නේනිතර අපි හමුවෙනවාදුක සැපත් බලාගෙනඑක පවුල වගෙමයි....විළිරුදා නොදැනෙලු'PRIVATE' ලු හැම තැනමගිනිගනන් යනවාලුඒත් ඒ 'TREND' එකලු...මෙහෙත් පොළිම විටකඅඩුපාඩු නෑ නෙවෙයිඒත් මිනිසත්කමින්හැමවිටම සළකනවා....ඇඳුමටලු සලකන්නේබලයටලු තැන දෙන්නේපිස්සු බල්ලන් වගේසල්ලි හොයමින් යාලු....නොම්මරය අරගෙනමපෝළිමේ හිටියාමකාටත්ම එක වගේවැඩෙ මෙහෙ කෙරෙනවා....ඒ කොහොම වුනත් නුඹතවම වෙනසක් නෑනේකොහොමදැයි ඔය තරම්සරලවම හිනහෙන්නේ....නුඹ තාම දර ලිපේමැටි වළදෙ උයනවාපොලොස් ඇඹුලක් කන්නමට එන්න හිතෙනවා....බැමි ලිහා නිවන් මගදකින්නට තනනවාඑක් දිනක් අමතන්නබැරි උනොත් තැවෙනවා....අපිට කියලා බිමක්ඔහේ නැතයි කිය කියාවියදමට එවන එකනුඹ ඉතුරු කරනවා....නිදහසේ සරලවමඉන්නමුත් අපි දෙන්නාකොහොම හිදිමුද ඉතින්නුඹ ලඟට නෑවිල්ලා....ඇවිත් යන්නම් ළගදිනුඹ ළගින් හිදින්නටසංකරවු ඔය ලොවේ සරල නුඹ විදින්නට.
|
BLOG
|
................
|
BLOG
|
සුභ දවසක් ඔයාලට, ඔන්න අදත් පොඩි වැඩ කෑල්ලක්අරගෙන බ්ලොග් එක පැත්තේ ආවා.VLC Player අපි හැමෝම වගේ සිංදු අහන්න වීඩියෝ බලන්නYoutube Video Stream වලදී වගේ භාවිතා කරනවනේ. අද කියන්නේ VLCඑකෙන් පහසුවෙන් LIVE Radio අහන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයිපොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඉස්රවෙලා VLC Player එක open කරන්න. අහන්න ඕන චැනල්Url එක පහලින් අරගෙන Please enter Network Url කියනතැනට දාලා පහල තියෙන Play කියන බට්න් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ.138.75.83:8090 Hiru FM ----> http://188.138.75.83:8010 Neth FM ----> http://66.55.144.164.217.100:7036 Ran FM ----> http://108.61.13.189/;.123.114.30:7130 Sirasa FM ----> http://76.164.217.100:7024 Rhythm FM----> http://192.99.99.195:8030 City FM ----> http://220.247.227.6/live එහෙනම් අපි ගියා .. ඔයාලගේ අදහසත් පහලින් දාගෙනම යමු නේ.
|
BLOG
|
නිරැවත් වෙලා ලෝකයටම ඇගේ වත...දෙවියන් පවා බිය වි ඇය ඇතැර ඇත....වට වී බලා සිටිනා සේ නොම දත්ත....නොදකින් අපි වගේ කොන්ඳක් නැති හැත්ත...තිස්තුන් කෝටියක් දෙවිවරු වඩින රටේ...වංචා දුෂණය බැලු බැලු හතර වටේ...පෑගෙන එකා පාගාගෙන හැටට හැටේ...නැගලා පියාබති ලොක්කෝ මොනරු පිටේ....දුප්පත් එකා මහ උළු ගෙදරට යනවා....බලේ තියන තැන උන් නිති වැජඹෙනවා...දෙවියනි කෙසේ නම් අපි තව ඉවසනවා....රතු ලේ සුදු වෙලා ඇඟතුල නලියනවා....ඇත්ත දැන දැනම බොරුවට රැවටෙන්න...ආසාධාරණය දැක දැක තව නිදියන්න....රට වනසන එවුන් මේ ලෙස අගයන්න...ඒ වැනි වෙන පවක් නැහැ, බැහැ ඉන් ගැලවෙන්න...බඩ පොතු ඇලී පිට පොතු එළියට එනවා....අපි පත්කල එවුන් අපිටම බැට දෙනවා...අපි කන වේල් තුන එක වේලට කනවා...අපි කෙට්ටුවට උන් හරහට උස යනවා...බෙදිලා දෙකට හතරට සහ හය හතට...ඉන්නා නිසා උන් හරි කැමතියි අපිට...එකතුව එකා මෙන් දෑතම එකතු කොට...නැගිටින තුරා නැහැ කිසි සෙත අප රටට...බලයත් උන්ටමය නිලයත් උන්ගෙමය...තීරණ උන්ගෙමය උන්හට වාසිමය....දුරදිග සිතන්නේ බලයට පමණමය....අපි රට ගැන හිතද්දී උන් හිත උන් ගැනය...පගා කොමිස් හොර ජාවාරම් හැමත....නීතිය රකිනෙකා හට මරණය මය නියත...නියවා විළිස්සා දත්, දිගහැරලා දෙඅත...එළවා පහර දී එල්ලයි හතර අත...ඇඳිවත ඉරා පාගාගෙන එකා මෙන....උරාගෙන ඇගේ සාරය පෙරාගෙන...කන්නට හදන කල මුන් ඈ මේ ලෙස මරාගෙන..ඇයි අපි තව තවත් ඉන්නේ බලාගෙන...ඇස් කන් වසාගෙන හැම දුක ඉවසගෙන...තව හිටියොතින් නම් නැහැ මරණය මිසක් වෙන...එකතුව එකා මෙන් එක පෙළ හැදීගෙන....වරෙව් යමව් මැරෙමුද මුන් මරාගෙන.
|
BLOG
|
සුදු මීදුම නිල්වන් කදුවැටිය වැළදගත් ගමන්ය.නාමල් සුවදින් සුවදවත් වූ මද පවන හීනයක් සේ මුමුන මුමුනා යයි..කෝකිල නාදයත් ,බබරුන්ගේ ගුමු ගුමුවත් එකට වෙලී පැටලී ඇත්ත සේය.මැදියම් රැයේ වැටුනු පොද වැස්සෙන් පොළව තෙමී නැවුම් සුවදක් පතුරවයි. රන්වන් හිරු කිරණ තැවුරුනු බෝපත් , මිහිරියාව දෙගුන තෙගුන කරවයි.."සුමේධ.."පෙරදා සසුන්ගත වූ හිමියන්ගේ සුරතෙහි තිබූ ඉදල වහා නතර විය."අපේ හාමුදුරුවනේ.."පොඩි හිමියන් ප්‍රතිඋත්තර බැදීමට කල ගත නොකලේය."දැන් ඉතින් පොඩි නම ඔහොම කල්පනා කර කර ඉදල බෑ.,ඉක්මනට විහාර මළුව අතුගාල වත්පිළිවෙත් පුරන්න ඕනෑ.. "නාහිමියන්ගේ කරුණාබරිත වූ හඩ තම හදවතේ ගැස්මක් සමග ගෞරව සම්ප්‍රයුක්ත බවක් වඩාලයි.උදෑසන නැගිට ගෙමිදුල් පිරිමැදීම නුහුරු නුපුරුදු බව තමා දනී.දෙමපිය සෙවනේ වැඩුනු තමා ලද මහනකමද අපූර්වත්වයකින් යුක්තය.මහනවීමට ප්‍රථම ගෝලයෙකු සේ දිගුකලක් පංසලේ වත්පිලිවෙත් පිරිය යුතුය.එසේ නොකල තමාට සතියක් තරම් කෙටි කළකදී පැවිදිබව ලැබුනේ මහනවීමට දැඩි අධිෂ්ඨානය හා කැමැත්ත නිසාය.අතට ගත් පොත පපුවට තුරුළු කරගනිමින් බෝ සෙවනට පැමිනි තමාට සිත එක්තැන් කර ගැනීමට නොහැකි වූයේ කුමන බලවේගයකින්දැයි තමාටම සිතාගත නොහැක.සිත අතීතයට දිවගියේ නිතැතින්මය.ඇය හමුවූයේ පාසලේ තෙවන වසරේ සිප්සතර හදාරන අවධියක සොදුරු මතකයන් අතරින්ය.සුන්දර ළමාවියේ ඇය සමග එකට සිප්සතර හැදෑරූ ඇය පිළිබදව ඇතිවූ පැහැදීම අචල සෙනෙහසක් බවට පෙරළුනේ සියල්ලන්ටම රහසේය.තීරණාත්මක නව ජීවිතයකට ආශිර්වාද ලබමින් නගරයේ පාසලකට මාරු වුවද ඇය පිළිබද නොනිමෙන සෙනෙහසක් සිත කොනක ලැගුම්ගත්තා සේය.නගරයේ කටුක වූ ඝෝශාකාරී බව පරදවා සිත තුලසක්මක් කලේ ඇයගේ හඩබවයි.තැන්පත්බවයි.ඇයගේ ආදර්ශමත් චරිතය ඔස්සේ තමා අසරණ වූ සැටියකි.නිරන්තරයෙන් ඇයගේ රුව සෙවනැල්ලක් සේ සක්මන් කරද්දී තමා නිහඩවම ජීවිතය කියවූයේය.හදිසියේ ඇය ගුප්ත වෙනසකට ලක් වූයේ දෛවයේ සරදමකට මෙනි.ඇයව ඔපවත් කල ගතිගුන දිනෙන් දින පිරිහී යද්දී නොපෙනෙන ඉමකට ඇයව ඈත් වෙද්දී හදවතින් හඩාවැටුනද වේදනාවට සහනයක් නොවීය.ඇය ජීවිතය තෝරාගනිද්දී දුක,වේදනාව,කලකිරීම මගේ මුළු ජීවිතයම වීය.ඔව්..ඇය නිහඩය.එහෙත් ඒ නිහඩ බව වේදනාබරය.නිතර නෙත ගැටෙන රජමහා විහරයේ දසුනින් සිතට යම් හෝ සැනසීමක් ලබාගත හැකිවීමි.කසාවන් සිවුරින් සැරසී බණ පොත් තුරුළු කරන් යන එන පුංචි තෙරුණ්වහන්සේලා තම සිත මදකට හෝ පහන් කිරීමට සමත් විය. උන්වහන්සේලා තුල වූ නිවුන සැනසුම ගෙන දෙන බව තම සිත පැහැර ගත්තේය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ පාසල් වියේදීම පාසලට හා ගිහි කමට ආයුබෝවන් කීමය."පොඩි හමුදුරුවනේ..."සුපුරුදු කටහඩක් සුමේධ හිමියන්ගේ සමාධිය මදකට සසල කලේය.පොතෙහි පිටු අතර වැටී තිබූ කදුළු බින්දුව පිස දමමින් පොත වසා සමාධිගතව හැරී බැලුවේය."නදී.."පොඩිහිමියන්ට පුදුමයකි.පොඩිහිමි ඇය දෙස ශාන්තව බැලුවේය.පොඩිහිමි ඉදිරියේ ඇය මොහොතක් ගොළුවිය.වෙනදා සිටින ඔහුද මේ...ඇය තුල තේරුම් ගතනොහැකි පැනයකි.මුහුන පියකරුය.සැනසුම ගෙනදෙන පරිදිය.වචනවල ශක්තිය පොඩිහිමි ඉදිරියේ බොදවී යයි.නමුදු ඇය කථාකිරීමට තැත්කළාය."පොඩි සාදු..මට........"පැවිදිබව අමතක වූ පොඩිහිමිගේ නෙතගට කදුලක් නැංවීමට ඒ හඩ ප්‍රමාණවත් විය.වැදවැටුනු ඇය දෙස තවදුරටත් බලාසිටිය නොහැකි වූ පොඩිහිමි බුදුගෙයි ශාන්තව දිදුලන බුදුහිමිගේ පියකරු වූ මුවමඩල වෙත නෙත් යොමුකලේය.(2004.06.
|
BLOG
|
පැමිණෙන තුරා ඔබ මා වෙතමග බලාගෙන සිටි කාලයදැනේ මට කල්පයක් විලසටඔබ ළඟ සිටි ඇසිල්ල මහමෙරක් වූ විටපැමිණ ඔබ කියාදුන් ජීවන ගීතයගයමි මම ඔබ යලි එනතුරාවටඉදින් කල් නෑර යලිත් පැමිණෙන්නඔබේ මල ඇත පෙරමන් බලාගෙන.
|
BLOG
|
අද වෙනකොට ඉස්කොලේ පහේ පන්තියේ ඉන්න පොඩි කෙනාගේ ඉදලා සැම කෙනෙකුම තමන්ටම කියලා Personal website එකක් හදා ගන්න පෙලබෙනවා. එ තමන්ව සම්බන්ද කර ගැනිමට තොරතුරු හා අනෙකුත් විස්තර අන් අයට තමන්ගේ Personal website එක හරහා පහසුවෙන් දැනුම් දිමට හැකියාවක් තිබෙන නිසාය. තමන්ටම කියලා ව්‍යාපාරයක් කරගෙන යන අයට personal website එකක් හරිම වැදගත්.. profile වල "website" කියන තැන හිස්වද තියෙන්නෙ. එහෙනම් එතනට දාන්න පුලුවන් විදිහේ ලස්සන personal website එකක් හදා ගන්න ආකාරය අද විමසා බලමු.Choose a free web hosting and free doaminපලමුව අපේ personal website එක host කරන්න හොද Hosting provider කෙනෙක් තොරා ගන්න ඔනේ. ශ්‍රිලාංකික වන අපට personal website හදාගන්න Hosting සපයන හොද සෙවාවක් ලෙස Srilankan.pw හදුන්වා දෙන්න පුලුවන්. Personal website එකට අවශ්‍ය domain name එකක් නොමිලෙම srilankan.pw මගින් සපයනවා. එ වගෙම Website builder එකකුත් දෙන නිසා webdesigningදැනුමක් නැතිකෙනෙකුටත් පහසුවෙන් තමන්ගේ personal website එක හදාගන්න පුලුවන්.pw website එකට පිවිස එහි ඇති order form එක පුරවලා Account එකක් order කරන්න. ඉට පස්සෙ ඔයාගේ email එකට එවන email address එක confirm කරලා control panal එකට පිවිසෙන්න පුලුවන්.Control panel එකේ Hosting tab එක යැටතෙ තියෙන create new account යන්න තොරන්න.ඉන් පසු Hosting plan එක විදිහට Gereral Free. යන්න තොරන්න.ඉට පස්සේ subdomain යැටතේ ඔයාගේ නම ලබාදෙන්න. එතකොට ඔයාගේ personal website එකේ URL එක yourname.pw ලෙස ලැබෙවි. එහි තියෙන passwords ආදිය ලබාදි Acc එක create කරගන්න.Acc එක creat උනාට පස්සේ එහි විස්තර ඇතුලත් email එකක් ඔයාගේ email එකට ලැබේවි. දැන් Hosting හා Domain name එක සුදානම්. personal site එක හදා ගන්න Control panel එකේ Hosting යැටතෙ ඔයාගේ ඩොමෛන් එකට අදාල panel එකට පිවිසෙන්න. ඉන් පස්සෙ ලැබෙන Cpanel එක තියෙන website builder එකෙන් ඔයාගේ Personal site එක හදා ගන්න පුලුවන්.web site builder එකේන් වැඩ කරන ආකාරය ගැන srilankan.pw තුල සිංහලේන් සදහන්ව ඇති නිසා පහසුවෙන් ඔයාගේ website එක නිම කරගන්න පුලුවන් වෙවි.web site builderමේ විදිහට personal website එකක් හදන්න සතයක් වත් වැයවන්නේ නැ srilankan.pw මේ සෙවාව නොමිලේම ලබා දෙන නිසා වෙබ් අඩවි නිර්මාණය පිලිබද දැනුමක් නැතත් ඉතා ඉක්මනින් ඔයගේ personal site එක හදාගන්න පුලුවන්. ඉතින් දැන්ම personal website එකක් හදාගෙන facebook, twitter.....profiles වලට දාලා යාලුවන් එක්ක share කර ගන්න.
|
BLOG
|
ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය.කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර,පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින්කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහාපොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු,තමන්ගේජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත්පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත්කොටසකි.ගරු පොලිස්පති තුමනි,මා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව මා හට දැනගන්නට ලැබී තිබේ. පොලීසියේ අත්අඩංගුවට පත්වනපුද්ගලයන්ට මේ දිනවල අත්වෙමින් පවතින ඉරණම ඔබතුමා දන්නේ යැයි සිතමි. එබැවින් මා අත්අඩංගුවටගතහොත් අනිවාර්යයෙන්ම මාගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව මම දැඩි සේ විශ්වාස කරමි. ඒඅනුව යම් හෙයකින් මා අත්අඩංගුවට පත් වුවහොත් මාගේ ජීවිතාරක්ෂාව සඳහා පහත දැක්වෙන පියවර ගන්නාලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ආයාචනා කර සිටිමි.1.මා ලංකාවේ කිසිදු ස්ථානයක අවිආයුධ සඟවා නොමැත. එබැවින් සඟවා ඇති ආයුධ සෙවීම සඳහා පොලිස්ස්ථානයෙන් බැහැරට මා ගෙනයෑමෙන් වලකින්න.2.මා හට පිහිණීමට නොහැකිය. එබැවින් අත්අඩංගුවට ගත් පසු කරුණාකර ජලාශ වලට හෝ ගංගාඅංසලට මා ගෙනයාමෙන් වලකින්න.3.මා අත්අඩංගුවට ගතහොත් කරුණාකර මාගේ අත් පිටුපසට කර මාංචු දමන ලෙසට පොලීසියට නියෝගකරන ලෙස ඉල්ලා සිටිමි. පොලීසියේ ආයුධ පැහැරගැනීමට හෝ නිළධාරීන්ට පහර දීමට මාගේ කිසිදුඅදහසක් නොමැති බව ද දන්වා සිටිමි.4.මා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමේදී පැනයාමට මාගේ කිසිදු අදහසක්නොමැති බව දන්වා සිටිමි. එබැවින් පොලිස් ජීප් රථයට නැංවීමෙන් පසුව මාගේ අත් පා බැඳ දමා එමරථය තුළ තදින් ගැටගසන ලෙසට පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන්න.5.තවද,පොලිස් සිර කූඩුවේදී සියදිවි නසාගැනීමට මාගේ කිසිදු අදහසක් නොමැත. එබැවින් ඒ සඳහාආධාර විය හැකි ලණු හෝ රෙදිපටි වැනි කිසිදු දෙයක් මා රඳවන සිර මැදිරියේ නොතබන ලෙසට පොලිස්නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන්න.6.මා හට හෘදයාබාධ හෝ වෙනත් කිසිදු රෝගී තත්වයක් නොමැත. එබැවින් සිරමැදිරිය තුළදී මාරෝගාබාධයකින් මිය යෑමට කිසිදු හේතුවක් නොමැති බව ද දන්වා සිටිමි.ඉහත සඳහන් කාරණා වලට පටහැනිව කටයුතු කිරීමෙන් මාගේ ජීවිතය අනතුරට පත් වුවහොත් ඒසම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබතුමා සතු වන බව ද ගෞරවයෙන් දන්වා සිටිමි.ස්තුතියි,මෙයට ඔබේ විශ්වාසී,...........................(උපුටා ගැනීමකි).
|
BLOG
|
අයර්ලන්තයේ දී.
|
BLOG
|
හුස්ම නුබ වියජිවිතය මගේ වුවපන්හිදට පණ දුන්කවිය විය නුබසතුට රජ කරකදුල සැගවුවපහන නුබමයිදිලෙන එලිය මම වුව.....අදහස: චුටි දොනි...බ්ලොග් ලියන්නේ :සුදු අයියා.
|
BLOG
|
නොලද නුඹහිමි කරගන්නට නොවුණිසිතක් මගේ,නොවිඳි සෙනෙහසට,අරුමයක් නොවුණි මගේ...විඳි සෙනෙහස බෝමැයි,නුඹෙන්,දයාබර නුඹ ,දයාබරයි මහ මෙරක් වගේළහිරු මලෙක සෙනෙහස,නුඹයි...ගෙන මා සිතගොසින් නුඹ බෝ දුරක්සොහොයුරු පෙමක අරුමයදසංක්ශිප්තයද මේ,,,,,.
|
BLOG
|
.මුතුටේටිගම, බද්දේගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් උදුරාගේන ගිය විට, එහි ස්ථානාධිපති නිවටයෙකු ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ. පො. අ. අජිත් රෝහණ හැඳින්විය. එ් අනුව පානදුර නගර මාධ්‍යයේ ඉදිකර තිබෙන මහින්ද රා.. ජ. අපේක්ෂකගේ නීතිවිරෝධි කටවුට් ඉවත් කිරීමට බැරිව සිටින්නේ පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති, පානදුර පොලිස් වසම බාර ජේ. පො. අ. ප්රමුඛ උසස් නිලධාරින් නිවටයින් නිසා විය යුතුය.අති විශාල එක් කටවුට් එකක් ඉදිකර ඇතතේ පානදුර දකුණ පොලීසිය පිටුපස, නගර සභාවට අයත්, දැනට සුපර් පැෂන් සාප්පුවේ රථ ගාලයේය. අනෙක වෙල්ගම ඇමති සිය කාර්යාලය ලෙසට හඳුන්වා ගනු ලබන ස්ථානයේය.මෙයට අමතරව, නිර්මල විසින් පානදුර නල්ලූරුවේ ඉදිකර තිබෙන කටවුට් එක පොලීසියට නොපෙනුනාට සියල්ලටම පොනේ.නීතිය කඩනවිට ඇස් කන් පියාගෙන සිටින පොලීසිය ගරුත්වයක් ඇති එකක් ලෙසට හඳුන්වා ගන්නට තරම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවට වී ඇති සැටියක්.
|
BLOG
|
පහු ගිය දවසක පත්තරේ අපූරු පුවතක් දැක්කා,ලෝකෙ වාසනාවන්තම පුද්ගලයෙක් ගැන තිබුනේ,නම ප්‍රේන් සෙලැක් ක්‍රෝඒශියානු සංගීත ගුරුවරයෙක්,මේ දක්වා දරුනු මරණාසන්න අනතුරු 7ක් සිදු වෙලා ජීවිතේ ගැලවිලා තියනවා,ඒ එක්කම ඩොලර් මිලියනයක ලොතරැයියක් දිනලා තියනවා.මිනිස්සුන්ගේ ජීවිතේ පුදුමාකාරයි,මම විශ්වාස කරන්නෙත් මරණය වෙන වෙලාව අපි උපතින් ගේන දෙයක් විදිහට එතකන්ම අපිව මොනා කලත් උඩට වීසා එක වදින්නේ නෑ එහෙන් රිජෙක්ට් කරනවා.වීඩියෝ එකක් හම්බුනා යූ බටේ තිබිලා ප්රේන්ගේ කතාව කාටුන් අනුසාරයෙන්,මට මේ කතාව බ්ලොග් එකේ දාන්න කියලා හිතුනා පුවත දැකපු වෙලේම.අයියෝ ඩේටා වෙන්නෙ නැ පොඩ්ඩක් බලන්න වීඩියෝව.
|
BLOG
|
ගිම්හානයට විරාමය දීමා වෙතට වස්සානය ගෙනානුඹ.......මෙතරම් නපුරු යැයිමා කිසි දිනෙක නොසිතුවෙමිමෙවන් නපුරු සරඳමක්කිසි දිනෙක නොපැතුවෙමිපැතූ දහසක් පැතුම් පොදිඅකාලයේ මිය යද්දිකෙසේ නම් මා ඉවසම්දඔබට පමණක් පුදන්නටපූජාසනයේ මල් පිදු මා ළඟ නැත විකසිත වූ පියුම්සියල්ල පරවී ගොසිනි මා සිතුම් සඳැල්ලේනැගෙන දහසක් සිතුවිලිනුඹ ගැනයි........අසන්නට එක වතාවක්හෙටක් වෙනුවෙන්ලොවක් පතමි මා ඔබේ දෙපා ළඟවිකසිත වී පිපෙන්නට.
|
BLOG
|
5 ගන්න බැරි උන. 6 න් දෙකක් ගත්තමේ මගේ iphone 3G එක නැති උණු එක ගැන ලියපු post එක.අයි ෆෝනය නැති උනා.එතකොට 4 ත් ඇවිත් තිබ්බේ. එක නිසා 5 ගන්න තමයි හිතාගෙන හිටියේ. කොහොම හරි ගන්න බැරි උන. iphone 6 පිට උනා.මටයි, wife ටයි 2ක් ම ගත්තා.බැනුම් කෝටියයි.
|
BLOG
|
මුලින්ම මේ ක බලන්නකෝ.. දෙවනුව මේකත් බලලම ඉන්නකෝ.. තෙවනුව දැන් මම කියන දේ බලන්ට..ඔන්න උඩ දෙක බලන්නෙ නැතුව එන්නෙ නෑ... හරී.....මෙන්න මේකයි සිද්දිය..මේ සිද්දිය උනේ 2013.01.08 දින සවස 6.00 ට පමන නාවල විමල විහාරය අසල...ආ ඊට ඉස්සෙල්ල කියන්න සෑහෙන්න දේවල් තියෙනවා...ආ බෑ ඒව පස්සෙ කියන්නම්...මේ ටික බලන්නකෝ....මේ තියෙන්නෙ කාර් එක සහ එහි රියදුරුපොලෝසිය මහත්වරු මාර්ගය ලකුණු කරමින්...එම රියදුරු අතින් සිදුවූ අනෙක් අනතුර... ආ බැලුව නේද...01. මොකද කස්ටිය හිතන්නෙ .....02. කාගෙද වරද..03. මොකද්ද මේකට ගන්න ඕන පිළියම....04. හිතන්නෙ මොන වගේ පිළියමක් ගත්ත කියලද..05. අනතුරින් බයික් එකේ ගිය කෙනා ඉතුරු වෙයිද..06. බයික් එක හදන්න කීයක් විතර යන්න ඇද්ද..ප්‍රශන කෝටියක් නේද..උත්තර ඕන ප්‍රශ්ණය කොමෙන්ට් කරන්න... බුහා.....එපා වෙනව බොල ජීවිතේ... මේ වගේ දෙයක් වෙනව කියන්නෙ ඇත්තටම පූරුවෙ පවක් සහ ලොකු පිණක් කරල තියෙන්න ඕන...මම බයික් එකේ විස්තරේ කියන්නම්..→ බයික් එක ගත්තේ 2013.05.21 වෙනිදා...→ හැප්පුනේ 2014.01.08 වෙනිදා..→ මේ වෙනකොට කිලෝ මීටර් 17250 ක් දුවල තියෙනවා..→ අනතුරු 06 ක් වෙලා තියෙනවා...→ සුළු අනතුරු 03 ක් සහ සමාන්‍ය ගනයේ අනතුරු 02 ක් සහ බරපතල අනතුරු 01 ක් ලෙස වාර්තාගත වෙනවා..උබල බලාවි මූ පාරක යන්න දන්නෙ නැති එකෙක් කියල.... උබල ඔක්කොම වැරදියි.. අනතුරු 06 න් 05 ක් ම මා අතින් සිදු නොවූ අනතුරු...ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් "අහක යන කුණ්ඩවාල මගේ ඇගේ වැදිල යන්නේ.."මගේ අතින් වූ අනතුර උනේ වැසි දිනයක ලිස්සල ගිහිල්ල වැටුන එක...අනිත් අනතුරු මගේ අතින් උනේ නෑ කියල ඔප්පු කරන්න මගේ ලග පොලිස් පැමිණිලි 05 ක් තියෙනව..උබල බලාවි මොකටද පොලිස් පැමිණිලි ගන්නෙ කියල... යකුණේ ඉන්සිවුරන්ස් ක්ලේම් කරන්න මිසක් වෙන ඇට මගලයකටද....වෙච්චි දේ උනා... දැන් මම මොකද්ද කරන්න ඕන යකුනේ... ඉන්සිවුරන් වල ඉන්න බුවාලයි ෆිනෑස් වල ඉන්න බුවාලයි ඒ ගැන දැනුම් තේරුම් තියෙන බුවාලයි මට උපදෙසක් දියල්ලකෝ.
|
BLOG
|
"මං ඉන්න වනයේ සීතල දිය දහර ආකාසය වගේ නිල් පාටයි.අවට භුමිය හරි ලස්සනයි.රාත්‍රී කාලයට කලාමැදිරියන් ගෙන් පිරි එලිය වුණු ඒ කඳු වලට මං හරි කැමතියි."වනවච්ච තෙරුන් වදාළ ගාථාව."කාරංචි වනයේ ඉන්න මේ මොණරුන්ට තිබෙන්නේ නිල් පාට ලස්සන බෙල්ලකි.උන් එක රංචුවටයි නාද කරන්නේ.මේ හමන සීතල සුළඟට උන් සතුටු ඇති.ඒ නිසයි ඒ හඬ මේ තරම් මිහිරි.නිදාගෙන සිටින උදවියවත් ධ්‍යාන වඩන උදවියවත් ප්‍රබෝදමත් කරන්න ඒ හඬට පුළුවනි"ආයුෂ්මත් චිත්තක තෙරුන් වදාළ ගාථාව."වේහාර පර්වතයටත් , පාණ්ඩව පර්වතයටත් මැදින් ඇති බෑවුමට විදුලි එළි කඩාගෙන වැටෙනවා.ඒ කන්දේ ගුහාවක භික්ෂුවක් භාවනා කරනවා .ප්රරතිමාවකින් පෙන්විය නොහැකි ,කම්පා නොවන සිත් ඇති බුදු සමිඳුන්ගේ ශ්‍රාවක පුත්‍රයෙක් ඒ භික්ෂුව"ආයුෂ්මත් සිරිවඩ්ඩ තෙරුන් වදාළ ගාථාව."සුන්දර ගීතයක් වගේමයි වැස්ස ඇද හැලෙන්නේ.සෙවිලිකළ කුටියත් හරි සනීපයි.ජනේලයත් වහල තියෙන්නේ.මගේ සිත ඉතා හොඳින් සමාධිමත් වෙනවා.ඉතින්,වැහිවලාකුළ,ඕනෑ තරම් වහින්න."ආයුෂ්මත් ගෝධික තෙරුන් වදාළ ගාථාව."ඉස්සර මගේ හිත ආසාව ඇතිවන අරමුණු වලහිතු මනාපෙට කැරකි කැරකි ගියා.එහෙත් දැන් මේ හිතට නිග්‍රහ කරලාහොඳ නුවණින් යුතුව දමනය කරගත්ත.මද කිපුන ඇතෙක්ව හෙණ්ඩුවෙන්පාලනය කරනවා වගේ"ආයුෂ්මත් ගෝධික තෙරුන් වදාළ ගාථාව."මට පුළුවන් වුණා රන් කහවුනු දහස් ගණන් වටින ලස්සන කැටයම් තිබෙන භාජනේ අතහරින්න.ඉතින් මා ඒක අත හැරලා මැටි පාත්‍රය අතට ගත්තා.මේක තමයි මගේ දෙවැනි ඔටුනු පැළඳීම."ආයුෂ්මත් තිස්ස තෙරුන් වදාළ ගාථාව."යම් කෙනෙක් ගිහි ජීවිතය අත හැරියත්,ඔහු නිවන් මගේ ගමන් කරන්නේ නැත්නම්,නගුලක් වගේ මුඛයක් හදාගෙන ,බඩම පුරවමින් සිටී නම්,ඒ කම්මැලියාගේ ජීවිතය ,ඌරු බත් කාපු මහා ඌරෙකුගේ ජීවිතය වගේමයි.ඒ මෝඩයා යලි යලිත් ගර්භාෂයක උපදින්නට එනවා මයි."ආයුෂ්මත් බෙල්ලට්ඨනික තෙරුන් වදාළ ගාථාව."ඇත්තෙන්ම මගේ කය හරිම සැහැල්ලුයි.හිතට දැනෙන්නේ ,පුදුමාකාර ප්‍රීති සුවයක්,මගේ කය ආකාශයේ පා වෙලා යන්නේ,සුළගින් නැගෙන පුළුන් රොදක් වගෙයි."ආයුෂ්මත් ඛිතක තෙරුන් වදාළ ගාථාව.ථේර ථේරී ගාථා තුල අඩංගුවන , නිර්වාණය පිලිබඳව රහතන්වහන්සේලා විසින් දේශනාකොට වදාළ විවිධාකාර වූ පැහැදිලි කිරීම් තුල ගැබ්ව ඇත්තේ මහා චමත්කාර බවක්. නිවන් දුටු සිතකින් , නිවන පිලිබඳ ගයන්නාවූ මේ සොඳුරු අදහස් නිවන පිලිබඳ මගේ සිතේ තිබුනු ශුන්යබවක සෙවනැල්ලක් වැටුණු අජීවී අදහස සජීවී කොට බොහෝ මටසිලුටු කළා කිව්වොත් හරි. නිර්වාණය යනු මිනිස් සිතක උදාවිය හැකිඅසීමිත නිදහසයි , සුන්දරත්වයේ උපරිමයි , විඳීම් වලඅවසානයයි.(මෙතනදී මට වැදගත් වෙන්නේ නිර්වාණය කියන සංකල්පයේ තියන "ලස්සන" මිසක් ඒක ඇත්තක්ද බොරුවක්ද කියන එක නෙවෙයි. ).
|
BLOG
|
ගම දාලා දුරක ගියේ පොෂ් වෙන්න හිතලාලුඋඹ ආයේ එන දාට පතිවතත් ළඟ නෑලුඋඹ ගැනයි මගේ ගැනයි කවුරුවත් දන්නෑලුගෙදර එනවද ආයේ උඹයි මගේ පොඩි යාළු..උඹ වෙනස් වෙන තරම දැනුනා ටික කලක සිටහිතට දුක දැන දැනම උඹ නොමග යන වගටඋඹ ගැනයි හැමදාම හිත හිතා දුක නෙතටඅනේ උඹ ගෙදර වර උඹ ගැනම දුකයි මට.
|
BLOG
|
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අද කියන්න යන්නේත් තවත් වැදගත්කියල හිතෙන් දෙයක් ගැන. දැන් හැමෝටම Smart Phone තියනවනේ අන්න ඒ Smart Phone වලින් කොහොමද සිංහලෙන් SMS යවන්නේ කියල කියන්න යන්නේ. මේකට ඉස්සරලමAndroidතියන Mobile එකක් ඔනිදැන් එකට Play Store ගිහින් මෙන්න මේ Helakuru Sinhala Input කියන APP එක Install කරගන්නhttp://adf.ly/ubrtMදැන් එකේ ඉදිරියට කියන බොත්තම Click කරලා ඉස්සරහට ගිහින් Activate කරගන්නදැන් Hasun - Sinhala SMS Messaging කියන App එක Install කරගන්නhttps://play.hasun&hl=enදැන් එ Hasun App එක හරහා අනිත් කෙනාටසිංහලෙන් SMSයවන්නපුලුවන්අනිත් කෙනාට මේ මෘදුකාංග ස්ථාපනය කරන්න ඔනිනැ සිංහලෙන් එයාට එක පේනවා මම මේක කරලා බැලුවේ Android 4.0.4 (ice cream sandwich) වල කිසිම අවුලක් නැතිව වැඩ කරනවා අකුරු වල ඇලපිලි ඉස්පිලි වෙනස් වෙන්නෙත් නෑ හැබැයි සාමාන්‍ය SMS යවන එකෙන් යැව්වම ඒවා වෙනස් වෙනවා එකයි Hasun App එක දාගන්න කිවේ ඒකෙන් වෙනසක් නොවී යවන්න පුලුවන්.Keyboard එකේ යට තියනවා a -> අ කියලා Button එකක් Click කරපුහාම සිංහල Activate වෙනවා දැන් සිංගිලිෂ් Type කරන විදිහට Type කරන්න සිංහල අකුරු එනවා. මේකේ විශේෂත්වෙ තමා අපි දැන් මොකද කියලා Type කරන්න mo ගහපු ගමන් උඩින් තෝරන්න එනවා මොකද මොකද්ද වගේ ගැලපෙන වචන ටික ඒ නිසා ඉක්මනින් Type කරන්න පුලුවන්.එහෙනම් දින පොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් කට්ටියටම ජය වේවා ගිහින් එන්නම්.
|
BLOG
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.