comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
මුලින්ම අපිබලමු මොකද්ද මේSolar Garden Light කියන්නේ කියලා මේකනම් හරිම සලර චීන නිපයුමක් අපිට ලංකාවේබොහොම අඩුවට මිලදී ගන්න පුලුවන් Ebay මිල $4 ක් $5 ක් පමන වේ.ගෙවතු අලංකාර සදහා යොදා ගත හැකි සුරිය බලයෙන් විදුලිය උපදවා ගන්නා අඩු වොට් ගානක් ගන්නා LED ඒකක් හෝ කීපයක් ඇති රටාවකට ආලෝකය විහිදුවන සුවයන් ක්‍රීයව දැල්වී නිවෙනා විදුලි පහනකි.මේ තියන්නේ මම මිලදී ගත් ඒක.මේ තියන්නේ විවිධ පෙනුමෙන්මේ කුඩා Solar cell ඒකෙන් තමා battery ඒකට අවශ්‍ය විදුලිය ලබා ගන්නේඅනවශය වෙලාවට on /off කර ගන්න switch ඒකකුත් තියනවාමේකේ තියනවා 1.2v 600mA Reachable Battery ඒකක්මේ Battery අන්තිම බාල ඒකක් තමා දාලා ඒවන්නේ මාස 3 කින් විතර පවිචිකරනකොටමේවා පැයක් දෙකක් විතර වැඩකරලා ඊට පස්සේ වැඩ කරන්නේ නැතුවම යනවා අපිට කරන්න තියන්නේ මේක ගලවලා Battery ඒක මාරු කරන ඒක විතරයි මේක තම ලෙඩේ.අපි Battery කැලි දෙකක් ගන්න පුළුවන් ගානට මේක චිනෙන් අපිට විකුනන්නේ කොචර බලාද කියලා හිතා ගන්න පුළුවන්නේ.Repair ඒක ඔපමනයි.මේ තියනේ Circuit ඒක.මෙහි LDR ඒකෙන් අදුරට ආලෝකමත් වේ.Fully pack & seal කරලා ඒන්නේ.Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා.
BLOG
ෆයිල්ස් වල අවසර තත්වයන් හා හිමිකාරීත්වය ගැන කථා කරපු ලිපි පෙලේ අන්තිම ලිපිය තමයි මේක. මෙච්චර දවසක් අපි කථා කරේ ෆයිල්ස් වල අවසර තත්වය පිළිබඳවයි, අද අපි කථා කරන්න යන්නේ ෆයිල්ස් වල හිමිකාරීත්වය ගැන.ෆයිල්ස් වල හිමිකාරිත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කථා කරන විට මුලින්ම දැන ගන්න ඕනේ අපි හිමිකාරිත්වය වෙනස් කරන ෆයිල්ස් වල හිමිකාරීත්වය තිබෙන්නේ කාටද කියලා. මොකද අපිට වෙනස් කරන්න පුලුවන් අපිට අයිති/හිමි ෆයිල්ස් පමණයි. එහෙම නැත්තම අපි මේ විධාන භාවිතා කරද්දි රූට් හෙවත් සුපිරි පරිශිලකයා වීම අත්‍යාවශ්‍යයි.අපිට මේ සඳහා chown හා chgrp යන විධාන 2ක භාවිතා කිරීමට පුළුවනි.1. මුලින්ම chown විධානය භාවිතා කරන ආකාරය බලමු.ෆයිල් එකක හිමිකාරීත්වය වෙනස් කිරීම.$ chown user_name file_nameමෙහි user_name යනුවෙන් සඳහන් ස්ථානයේ අපිට හිමිකාරීත්වය ලබා දිය යුතු පරිශීලකයාගේ නමත්, file_name යනුවෙන් සඳහන් ස්ථානයේ හිමිකාරීත්වය වෙනස් කිරීමට අවශ්‍යය ෆයිල් එකේ නමත් ලබා දිය යුතු වේ.පරිශීලක කණ්ඩායමකට එකවර හිමිකාරීත්වය ලබාදීම.$ chown user_name:user_group file_nameහිමිකාරීත්වය ලබාදීමට හෝ වෙනස් කිරීමට අවශ්‍යය පරිශිලක කණ්ඩායමේ නම මෙහි user_group යනුවෙන් සඳහන් ස්ථානයට ලබාදීමෙන් අදාල ෆයිල් එක හිමි පරිශීලක කණ්ඩායම වෙනස් කල හැකිය.ඩිරෙක්ටරයක හිමිකාරීත්වය වෙනස් කීරීම.$ chown user_name directory_nameමෙම විධානය ක්‍රියාත්මක කිරීමෙන් පසුව directory_name යනුවෙන් ලබාදුන් ඩිරෙක්ටරයේ හිමිකාරීත්වය, user_name යනුවෙන් ලබාදුන් පරිශීලකයාට හිමි වේ.ඩිරෙක්ටරයක අන්තරගත සියළුම ෆයිල් වල හිමිකාරීත්වය වෙනස් කිරීම.$ chown -R user_name directory_nameමෙම R යන විකල්ප විධානය භාවිතා කිරීමෙන් මෙහි directroy_name යනුවෙන් ලබාදුන් ඩිරෙක්ටරයේ අඩංගු සියළුම ෆයිල් වල හිමිකාරීත්වය ලබාදුන් user_name එක අයත් පරිශීලකයාට හිමිවේ.මෙම R විකල්ප විධානයේ තේරුම recursive හෙවත් නැවත නැවතත් ක්‍රියාත්මක කිරීම වේ. මෙම R විකල්ප විධානය නිතර නිතර භාවිතා වන බොහෝමත් ප්‍රයෝජනවත් විධානයකි.2. chgrp විධානය භාවිතා කිරීම.මෙහි භාවිතයද, විධානය මෙන්ම වේ. මෙම විධානය භාවිතා කිරීමෙන් කෙලින්ම පරිශීලක කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් කල හැකිය.$ chgrp user_name file_nameමෙහිදීද chown හීදී මෙන් R විකල්ප විධානය භාවිතා කල හැකිය.$ chgrp -R user_name directory_nameඅමතර කරුණු : ඔබට අවශ්‍යය නම් මෙහි user_name වෙනුවට අදාල පරිශීලකයාගේ user id එක වුවද ලබා දිය හැකිය. තවද v යන විකල්ප විධානය භාවිතා කර ක්‍රියාත්මක කල විධානයෙන් සිදුවූ ක්‍රියාව බලාගත හැකිය.උදා:$ chown -v username somefile changed ownership of 'somefile' to username$ chgrp -Rv usergroup somedir changed group of 'somedir/' to usergroup changed group of 'somedir/boringfile' to usergroup changed group of 'somedir/somefile' to usergroupලිනක්ස් හෝ යුනික්ස් පද්ධතියක ෆයිල්ස් හා ඒවාගේ අවසර තත්වයන් හා ඒවායේ හිමිකාරීත්වය පිළිබඳව ඔබ තුල දැන් මනා වැටහීමක් ඇති. මෙම සංකල්ප අධ්‍යනය තුලින් ඔබට ලිනක්ස් තුලදී ෆයිල් සමඟ ඉතාමත් පහසුවෙන් ගනුදෙනු කල හැකිවේ. ලිනක්ස් පිළිබඳව තවත් ආකර්ශණීය ලිපියක් මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
BLOG
මෙයට පෙරත් ජනධිපතිතුමාට ලියුමක් ලීවා.ආදරණිය ජනධිපති මාමේ,මෙන්න මේ ලියමන ලියන්නේ බෝගම්බර ඉන්න අපේ හිච්චි මාමගේ බලවත් පෙරැත්තය නිසාය.පහුගිය දොහක මාමා බලන්නට බෝගම්බර ගිය වෙලේ හිච්චි මාමා මට බලකොට කියා සිටියා මේ ගැන ඔබතුමාට ලියන්නයි කියා.මේක ලියන්න පරක්කු කොරන්න එපා කියලා මේ යකා මාමා මට කෝල් කරලත් නිතරම කියන නිසාත්,ඌ උන්දැ කියන දේවල් වල ඇත්තක් තියෙනවයි මගේ ටිකිරි මොළේටත් වැටහෙන නිසායි මේ ලියුම් කරදාහිය ලියන්නේ.කසිප්පුඅරක්කුපෙරුවත් අපේ හිච්චි මාමා ගමේ වුන්න හරිම අහිංසක,සාධරණ මිනිහෙක් බව අපි හොදටම දන්නේය.මම එහෙම කියන්නේ එකා අපේ මාමා නිසාම නොවේය.අනික කසිප්පුඅරක්කුපෙරුවත් ඌ ඒකා ඒහෙම කළේ ගමේ වුන්ගේ බලවත් ඉල්ලීම නිසාය.මාමාට බෝගම්බර මහා උළු ගෙදර ලගීන්න වුණේ ගමේ වුන්නු එපාම කරපු චණ්ඩිය වෙච්චි ඉන්දරේට පිහියෙන් ඇන මරාපු නිසාය.මාමාට එහෙම ඉන්දරේ මරන්නට සිද්ධ වුණෙත් මාමාට ඔබතුමාට වගේ අයුක්තිය,අසාධරණේ පෙන්වන්න බැරි නිසාය. හැමදාම මාමා පෙරන අරක්කු බලහත්කාරයෙන් නිකංබිලාගියඉන්දරේඑහෙම යන ගමන් ඔබතුමාටත්,අපේ දේශප්‍රේමි ආණ්ඩුවේ මැති ඇමතිලාටත් බැණ,බැණගියේඌගේ සරමත් කරට අරන්ය.ඌඔබතුමාට නිතරමබැන්නේචින්නුන්ගෙ ගිනිපොලි ගෙවන්න ඔබතුමාඅරක්කු,සිගරට් මිල උස්සනවා කියලාය.ඒ නිසා අපේ මාමා පෙරන දහාජරාව බොන්න වෙනවායයි ඌ නිතරම කිවේය.එත් එහෙම ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සන්නේ වෙන හේතුවක් නිසා නොව ඉන්දරේ වාගේ බේබද්දන්ගේන් මේ උතුම් මෘතෘ භූමිය රැකගන්නට බව උන් පිළිගත්තෙමනැතිය.අනිත් අතට ඒවයේ මිලගණන් එහෙම ඉහළ යාම නිසා අපේ හිච්චි මාමලාටත් වාසිය.ඒ හිචිචි මාමා පෙරන අරක්කු වලට තියෙන ඉල්ලුම වැඩි වීමෙන් මාමාගේ ආර්ථිකේ යහපත් වන නිසාය.මාමාගේ ආර්ථිකේ යහපත් නිසා මාමාගේ ගෙදර ආර්ථිකේට හොදය,ගෙදර ආර්ථිකේ යහපත් නිසා එකෙන් හන්දියේ කඩේට වාසිය,කඩේට වාසියි යනු රජයට වාසි වීමයි.ඒ කඩේ තියෙන හැමදේටම ඔබතුමාලා බදු අය කරන නිසාය.මෙන්න මේ සරල ආර්ථික න්‍යායවල් ඉන්දරේලා වගේ මෝඩයන්ට තේරෙන්නේ නැත.හැමදාමත් අපේ මාමා හොරකම්,මැරකම් නොකර ඉතා දුක සේ පෙරන මේ අරක්කු ටික ඉන්දරේ වගේ උන් පිනට බිලා යන එක මාමාට බලාගෙන ඉන්න බැරුව ගියේය. ඒ මන්දයත් අපේ හිචිචි මාමාටත් ජනධිපති මාමාට සේම අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.අවසානයේදී ඉවසලා,ඉවසලා බැරිම තැන මාමා තීරණයක් ගත්තේය.ඉතින් මාමේ ජනධිපති මාමේ එහි අන්තිම ප්‍රතිපලය වුණේ අපේ අහිංසක හිච්චි මාමාට බෝගම්බර ලගින්නට වුණු එකය.අනේ එකෙන් අපේ හිච්චි මාමාට සිද්ධ වුණේ නම් බලවත් අසාධාරණයක්ය.මහත් වරදක්ය.අවසානේ කුරුලු කුඩුවක් වගේ තිබුණු හිච්චි මාමාගේ ගෙදර දැන් සිසීකඩය.නැන්දාත් දැන් ජයේ මාමාලාගේ ගෙදරය.එකටත් අපේ මාමාට වාවාගෙන ඉන්න බැරිය.අනික ඔය ජයේකාරායා වරක් මටත් පාර්ට් එකක් දැම්මේය.ඌට පාඩමක් කියා දෙන්න අපේ හිච්චි මාමා එන්නම ඕනෙය.හිච්චි මාමානිතරම කියන්නේ අනේ ඉතින් මේ වරද නිවැරදි කරන්න පුළුවන් ඔබතුමාට පමණක්මකියලාය.එකත් ඇත්තය.මාමාත් එක්ක එක කල්දෙරමේ බත් කාපු එස්.බි ඇමතිතුමාගේ කට්ටියක් ඔබතුමාගේ කරුණාවෙන් ගෙදර යන්න ලැස්ති වෙනවාය.ඉතින් අපේ හිච්චි මාමා කියන්නෙ හරිනම් එයාටත් මේ නිදහස ලැබෙන්න ඕනේ කියාය.මේ නිදහස හිච්චි මාමාටත් ලැබෙන්න ඕනේ කියා මට කෝල් කරලා හිච්චි මාමා මට කිවේ මෙන්න මේ කරුණු නිසාය.ඔබතුමාගේ පාක්ෂිකයෙක් වීම.ඉන්දරේ වැනි දේශද්‍රෝහීන්ට විරුද්ධ වීම.ජන්ද කාලෙට ඔබතුමාගේ ගෝලයන් වෙනුවෙන් දන්සැල් දී තිබීම.ජන්ද කාලෙට විරුද්ධ පාක්ෂිකයන්ට පහරදී තිබීම.ඔබතුමාට මෙන් මාමාටත් උඩු රැවුලක් තිබීම.මේවාට අමතරව තවත් කරුණු ගොඩාරියක් හිච්චිමාමා කිවාත් මට ඒවා අමතකය.මේ මතක ටිකය.ඉතින් ආදරණිය ජනධිපති මාමේ,ඔබතුමා මේ කරුණ ගැන ඉතා සංවේදීව බලනු ඇති බව අපේ හිච්චිමාමා හිතයි. ඒහිරකරයෝද මනුෂ්‍යන් වන බැවින් හාඔබතුමාද අපේ සංවේදී නායකතුමාවනනිසාය.ප.ළි.ය:කාලෙකින් දේශපාලනයට සම්බන්ධ කිසිවක් ලියන්නට නොහැකිවූ නිසා මෙය ලියන්නට සිත්විය.උඩ කාටුනය අවන්ත ආටිගල ගෙනි.පසුව ලියා නැවතත් ලියමි.මේ පොස්ට් එක publish කලේ ලෝභ බදින ලොකු ඇස් විසින් බව සලකන්න.
BLOG
ඔබට ඔබගේම ව්‍යාපාරයක් , නිකං කඩයක් තියෙනව කියල හිතන්න ඔයා ඒ කඩේ මැනේජර් කෙනෙක් දානවා ඔයා තමයි පඩි ගෙවන්නේ . ඒ මැනේජර් මාර පෞරෂයක් තියෙන උසමහත ඔයා මාර කැමති නළුවෙක් වගේ පොරක් (මහින්ද මහත්තය වගේ කියමුකෝ ) .පොර කඩේ ඔයාලගේ තාත්තට අයිති කාලේ ඉඳන් වැඩකර කර හිටිය එලවගන්න බැරිව හිටිය නාහෙට අහන්නැති දෙමල කොල්ලව එලවල හෙම දාල දැන් අල්ලපු කඩ පවා බයකරගෙන ඔයාගේ ව්‍යාපාරය මෙහෙයවනවා කියමුකෝ. මිනිහ ටික කලකින් ඔයාගේ කඩෙන් හොරා කනවා මුදල් හොරකම් කරනවා වාහන ගන්නවා. තමන්ගේ පවුලටම කඩේ රස්සාවල් දීල , ළමයිත් කඩෙන් හොරකං කරනවාඔයාගේ කඩේ ඇපේට තියල අල්ලපු ටවුමේ චීන කඩෙන් නයකුත් අරන් , ඔයාගේ ළමයි නෝනටත් චන්ඩි පාට් දානවා ඔයාවත් ගනන් ගන්නේ නැහැ දැන් ඔයා මොකද කරන්නේ මිනිහ මාර පොරක් හැන්ඩියා , චන්ඩියා වගේම ව්‍යාපාරයත් හොඳට කරනවා කිය කියා ගෙදර ළමයි ගැනීට වෙන අසාධාරනෙත් ගනන් නොගෙන ඔයාත් ඔයාගේ මැනේජර්ට ඔලුව පහත් කරගෙන දිගටම තියා ගන්නවාද නැත්නම් අස් කරලා වෙනමැනේජර් කෙනෙක් අලුතින් බඳවා ගන්නවාද.PS / ගිය අවුරුද්දේ කඩේ බඩු දාන්න ගොඩක් වියදම් කරලා තියෙන්නේ ඔයාගේ ලොකු දුව ඩුබායි රස්සාවක් කරලා එවන සල්ලිලුPSS / අස් කරන්න යනවා කියල ආරංචි වෙලා ඔයාට ගහන්න පොල්ලක් අතේ තියන්ලු ඉන්නේ.
BLOG
මාතලන් ඇතුළු සහෘදයන් රැසක්ම දැනුම් දුන්නා 100 වෙනි සටහන සින්ඩිකේටර වලට ඇතුල්වී නොමැති බව. ඒ සියලු දෙනාටම ස්තූතියි. ෴ හැරී බලමි මම ඔබේ ඇසින්... 100 ෴ සහෘදයන්ගේ අදහස් මෙතනින් කියවන්න. මාතලන් සහෘදයා ලියනවා දයාට 100 යි කියලා ඒකත් මෙතනින් බලන්න..ඔබේ අදහස් ඇත්නම් ඒ ඒ පිටුවලම ලියා තබන්න.
BLOG
මගේ දැහැනින් මිදුණු කවියක් කොහේදෝ දුර පාවුණාසොඳුරු කවියේ ඉ රුණ කවි පද නොදම් සුළඟට හසු වුණාඅවුණමින් සිටි කවියෙ රොන් සුණුබිඳී දස අත විසිරුණාකවියෙ අවසන් සිනහ බිඳුවක්මගේ කඳුලට මුසු වුණා....දෑස් යොමවා ගවු ගණන් දුරවිසිරි කවි පද අමුනණාඅලුත් කවියක් යලි ලියන්නටවරු ගණන් සිත ලත වුණාවිරිත් එකිනෙක ලිහී ගොස්, කවිඇඳුණ පත් ඉ රු බොඳ වුණාසිතෙහි ඇඳගත් කවියෙ හැඩ රුවඅතර මග හිඳ නැවතුණා......නේක තාලෙට ගැයුණ ලියැවුණසහස් කවි ගී හමු වුණාසිතෙහි බැඳි හුරු ස්වරය නැති සඳසොඳුරු කවි එහි මියැදුණාහද දැවූ ඒ සොඳුරු කවි මලයළි සිඹින්නට සිත් වුණාබිඳී විසිරුණ කවියෙ වදනක්හමු වෙතැයි සිත නැවතුණා......මග නැවති සිත හැර දමා ගියජීවිතය දුර ඉගිලුණාමොහොතකට නැවතුමක ‍රැඳි සඳපුරුදු ස්වරයක් හමු වුණාසිත් පොතෙහි ලියු පළමු කවියේබිඳුණ ස්වර යළි හැඩ වුණාබිඳී යළි සැදු කවියෙ නව රුවකඳුලු සිත හා හිනැහුණා.
BLOG
වර්තමානයේ පරිගණකයටපහසුවෙන් සම්බන්ධ කොට (Plug & Play) ඉක්මනින්ම ඒ හා සම්බන්ධව වැඩ කටයුතු කල හැකිවිශේෂත්වයෙන් යුතු වර්තමානයේ කොපමණ විදුලි උපාංග හා සම්බන්ධව ඇතැයිදැයි ඔබටපවසන්නට අවශ්‍ය නැත. කැමරා, දුරකතනචාජරයේ මෙන්ම කුඩා ප්ලාස්ටික් උපකරණ බොහෝ විට කුඩා ප්‍රමාණයේ USB Port එකක් සොයා ගැනීම අපහසු නැත. බොහෝ විට ඒවාසම්බන්ධ වන්නේ USB හෙවත් UniversalSerial Bus එකක් හරහායි. ඒත් කවුද මේ USB හෙවත් Universal Serial Bus හොයා ගත්තේ. පාවිච්චි කලාට ඒ ගැන හොයලාබලන්න “චාමිකයටත්“ මතක් වුනේ මේ ළඟදී... ඒ මොකද අහම්බයෙන් එහි අලුත්ම නිපැයුම ගැනඅදහස් ඉදිරිපත් කරලා කියලා දැක්කාම....දන්නවද..1) ඒ 2013 ජුලි මස 26 වැනිදා... ඒගැන වැඩි විස්තර හොයාගන්න මෙන්න මෙතනින් පුළුවන්... එකල පරිගණකයටයමක් සම්බන්ධ කලේ Serial Port,Parallel හෝ PS/2 මගිනි.එය ඉතාම සෙමින් දත්ත හුවමාරු කලසම්බන්ධතා විය. සෙමින් දත්තහුවමාරුව වෙනස් කරමින් වේගවත් දත්ත හුවමාරුවක් ඇති කර ගන්නට හා එය ලොව පිළගත් නිල දත්ත හුවමාරුවක් ලෙස නම්කරමින් ප්‍රධාන පෙලේ පරිගණක සමාගම් රැසක් Intel,Microsoft,Compaq,LSI,Apple හා HP සමාගම් එකතුවී ඒ සඳහා පරීක්ෂණ සමාගමක් පිහිට වු අතර USB- IF(USB Implementers Forum.inc) නම් වු එහි ප්‍රධානම නිර්මාණ ශිල්පියා වුයේ Ajay Bhattය.inc) දියුණු කිරීම්මගින් එහි නිල වෙබ් අඩවිය මෙතනින් ඉන්දියාවේ උපතලද ඇමරිකානු පරිගණක නිෂ්පාදනයේ පතාක යෝධයකු වන Intel ආයතනයේ රැකියාවකරන Ajay Bhatt අප හැමෝම දන්නUSBPort එක සොයා ගැනීමේපුරෝගාමියායි. එය දෙවනි වන්නේ පරිගණකයේ සිලිකන් චීපයට පමණි.වර්තමානයේ 56හැවිරිදි Ajay Bhatt ඔහුගේ උපාධීයඉන්දියාවේ Vadodara විශ්වවිද්‍යාලයෙන්සම්පුර්ණ කර ඔහුගේ පශ්චාත් උපාධිය සඳහා 1990 දී නිව්යෝර්ක් නුවරට පැමිනෙන ඔහුවර්තමානයේ පේටන්ට් බලපත්‍ර 31 ක හිමිකරුවෙකි.Intel ආයතනයේ ප්‍රධානනිර්මාණශිල්පියකු ලෙස වර්තමානයේ ඔහු අංශ තුනකින් කටයුතු කරයි. 1998,2003 හා 2004වසර වල ඇමරිකානු හා ආසියානු විශ්වවිද්‍යාලයන්හිදේශණ සඳහා තෝරා ගත් අතරම 2002 දි ඔහුට ඔහුගේ දියුණු කිරීම් සඳහා සම්මානයක්ද ලැබුනි.ඔහු පිළිබඳවවඩාත් කතාබහට ලක්වුයේ Intel ආයතනය ඔහු වෙනුවෙන් 2009 නිපද වු “Intel RockStar Ajay Bhatt” වෙළඳදැන්වීමත් සමගයි.එහිදී ඔහුගේ චරිතය රඟදැක්වුයේ Sunil Narkar විසිනි.2010 දීඉන්දියානු GQ සඟරාව මගින් “ලොවවටිනාම ඉන්දියානුවන් “ පනස් දෙනාගේ ලැයිස්තුවට එක්කොට තිබුනි.ඔහුගේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න...මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop. 1996 ජනවාරිමස 15 වැනිදා 1.0 USB Port එක නිකුත් කල අතර එහි උපරිම දත්ත හුවමාරු වේගය 12 Mbit/s හාඅවම වේගය 1.5Mbit/s විය.1998සැප්තැම්බර් 23 වැනිදා එහි ප්‍රථම සංස්කරණය 1.1 ලෙස හදුන්වා දෙන ලදි.එහි ලාංජනයඔබත් දැක ඇති...0 තත්පරයට 480 Mbps දත්ත ප්‍රමාණයක් ගෙන යන අතර එය 1.0 මෙන් 40ගුනයකි.එය එක් පැත්තකට පමණක් දත්ත ගෙන යාම සිදුකරයි. 2000 අප්‍රේල්මස 27 වැනිදා 2.0 නිකුත් කල අතර එය මගින් 480Mbit/s වේගවත් දත්ත හුවමාරුවක් හදුන්වා දී තිබුනි.2008 දීනොවැම්බර් මස 17 වැනිදා USB 3.0 හදුන්වා දුන් අතර එය 2.0 මෙන 10 ගුණයක් වේගවත්විය. එය 1996 දී හදුන්වා දුන් පළමු USB මෙන් 400ගුණයක් වේගවත්ලු. වර්තමානයවෙද්දී වයර් රහිත USB උපාංග මෙන්මපරිගණකයට සම්බන්ධ නොකොට භාවිතා කල හැකි ආකාරයේ USB Port දියුණුකරමින් ඇත. එය Wireless USB හා On the go ලෙස හදුන්වයි.පැවසෙන ආකාරයටඕනෑම පරිගණකයකට USB උපාංග 127 ක්එක විට සවිකර හැකිය. සාමාන්‍ය USB කේබලයක් මීටර් 05 දිගු වන අතර එවැනි 6ක්එකිනෙක සවිකර ගත හැකිය.බබා හම්බවුන පින්තූරයෙන් ලොවට ආ “කැමරාවක් සහිත ජංගම දුරකතනයේ“ අපුරු උපත් කතාව.වසර 2000 දීප්‍රථම USB Pen Drive එක 8mb ප්‍රමාණයෙන් හදුන්වා දෙන ලද්දේ IBM හා Trek Technology විසිනි. වර්තමානයේ එහි ප්‍රමාණයන් පීලිබඳ ඔබදන්නවා නේද.තවත් ඉතින් USB ගැන කියන එක වැඩක් නෑ... ඉතින් මෙන්න USB හෙවත් Universal Serial Bus හි අපි හැමෝම (නො)දන්න කතාව කෙටියෙන් කියවපු ඔබේ අදහසත්මෙතන කියන්න.... තොරතුරු හා පින්තූර වෙනදා වගේම අන්තර්ජාලයෙන්.
BLOG
අමාවක පහු වෙලා දෙතුන් දවසකින් උදා වුනු නිසන්සල සද එලිය වෙල් එලිය පුරා දුවන තාලයට සිත ලග නැවතුනපැතුම් මල් පොදි එකරාශී වුනෙ කොහෙන්දො මගෙ සිත පුරා ඇදී ගිය එහෙමත් නැත්නම් සිතුවම් වුන රන් මැනිකා ගෙ රුව නිසාවෙන්. වැවි කණ්ඩිය පසු කරමින් හමා ආ සිතල සුලග වෙල් යාය පුරා දුවනකොට ප්‍රෙමයෙන් උදම් වු සිත තව තවත්හැගිම් බර වුයෙ කරලින් පැසි යන පැසුනු ගොයම් ගස් මෙනි.රණ් මැනිකා.........................................පිදිලා දිලෙන බොවිටියා මල් පොහොට්ටු වල සුවද තව තවත් සිත නොයිවිසිලිමත් කලෙ ම මුව මත තිබු මද හස මත අදුරු වලාවකින්සගවා ගනිමින්.ගෙවී යන තත්පරයක් තත්පරයක් පාසා ඔබ අන් සතු වෙලා මා සිත තනිවෙදොයි සිත රීදුම් දුන්නෙ දෙනෙත් මත කදුලු බිදු නංවමින්.පෙර එක දවසක මෙ අරලිය ගහ යට පොරුව තුල මා සතු වෙන්නට රණ් මැනීකෙ පෙරුම් පීරු හැටි කියාපාන්නට මෙන් අරලිය මල්එක දෙක මා පාමුල පතිත වුවා.උක්කු බණ්ඩා...................සුසුම් වලට වටිනා කමක් නොදෙමින් රන් මැනිකාගෙ විවාහය කරනොලිස් සමග තින්දු කල රණ් මැනිකාගෙ පියා.තටු කපපු කිරිල්ලියක් සේ තැවෙනා රණ් මැනිකා. සිත තුල තෙරෙපෙනා දහසකුත් ගින්දර සගවා දරා ගත් මසිත.නුබෙ සද වත මා දසුනින් ඈත් වූ කලී ඔබෙ ලොකය මාගෙ සිතුවිලි මලානික ව පාලු වී අදුර වලාකුලකින් වට වෙලාගියේ බක්මහට වහින කලු වලාවන් මෙනී.සුදු මැණීකෙ..........................සමගින් ඇතින් ඇසෙන ඈ පා පොදි පොලව සිප ගන්න නාදය මා දෙසවන් පුරා පැතිර ගියේ අකලට පිපුනු එරබදු මල්පොකුරු මෙනි.නුබෙ සිතෙ පෙම් සුවද සමගින් අදින් අරබන නව දිවියකට තිබෙන එකම වස්තුව රණ් මැනිකාගෙ සිනහව බව මට පසක්වු‍යෙ ඇ දෙනෙත් සමග මා දෙනෙත් මුසු වු විටයි..සුදු මැනිකා දෙපා මුල වැද වැටුනෙ සැබැම සහොදර බැදිමකින් බැව් දැස මත ගුලි වි හැන්ගි තිබුනු සීතල කදුලු බිංදු සක්ශි කියන්නටවුවා.හෙමි හෙමිට ඇද හැලුනු දිය බින්දු අදින් ඇරබෙන නව වසරකට ආසිරි පැතුවෙ රණ් මැනිකා මීට අවෘදු ගනනාවකට කලින්මා සිත හොරකන් කල මෙ අරලිය ගස යටදිමයි...සිබින්නට සිතු සුසුම් නුබ ලගතනිවෙනවා දැනුනා.............කියන්නට බැරි පැතුම් මුව මතමුනිවතම රැක්කා........දරන්නට බැරි කදුලු ලගතනිවෙන්න සිතුනා...........පිපෙන්නට ලග සුවද මලමගෙමයි හැගුනා...............හන්තාන සිතුවිලි වහින වැසි ලගසැබැ වෙනු දුටුවා....෴෴සචි෴෴.
BLOG
මල්ලි ඉපදෙනකොට කළුම කළු ලු. කෙට්ටුලු.ආච්චිගෙ නෑනා වෙන ආච්චි කෙනෙක් මල්ලිව වහලා තිබ්බ කූඩෙ ඇරලා ඇහුවලු අනේ මේ ළමයට පාණ්ඩුව වගේ නේද කන්නක්කෙ කියලා. මට ඔය කතා එච්චර මතක නැත්තෙ ඒ වෙද්දි මට අවුරුදු දෙකක්වත් නොවිච්ච හින්දා. ඒ වුණාට කෝටු අතපය තිබ්බ මල්ලිත් දොක්කගෙන අම්මා බැරි බැරි ගාතෙ ත්‍රීවිල් එකකින් ගෙදරට ගෙනාව හැටි චායාවක් වගේ මගේ හිතේ ඇඳිලා තියෙනවා. ආච්චිට කන්නක්කා කිව්වෙ ගම කන්නාදෙණිය හින්දා.ආච්චි දීග ඇවිත් තියෙන්නෙ ඇතෙකුත් එක්කලු.එච්චරකල් ආසාවට කර කර උන්න අට පාස් අයට ඒ කාලෙ දුන්න නර්ස් රස්සාවත් අත ඇරලා තියෙන්නෙ සීයගෙ අණඥාවට.ඉරිගේෂන් එකේ චීෆ් ක්ලාක්ගෙ නෝනා මොකටද රස්සාවට යන්නෙ. ගොඩින් අක්කර ගාණයි, මඩින් අක්කර ගාණයි නුවර පාර අයිනෙ කඩ කාමර හතරයි. හාල් පොල් ගෙදරම. මොන රස්සාද තව. එංගක්කා ඒ කිව්වේ සීයගෙ අම්මා කියලා තියෙන්නෙ එහෙමයි. වෙද මුලාදෑණියෙක් වෙච්ච අපෙ මුත්තා , ඒ කිව්වෙ ආච්චිගෙ සීයා කාලෙ තාලෙට වඩා ඉස්සරහින් හිතපු කෙනෙක් වෙන්න ඇති කියන එක මට හැමදාම හිතිච්ච දෙයක්. නැත්නම් අටේ පන්තිය වෙනකල් හරි ඉස්කෝලෙ යවලා, රස්සාවකටත් යවයි යැ පවුලෙ වැඩුමල් ලමිස්සිව.අනික ආච්චිගෙ සුකුරුත්තං වැඩවල, සීය එක්ක උණත් නොහොඳ නෝක්කාඩු වුණාම ගස්සන ඔරවන රටාවෙම අමුතු තාලයක් තිබ්බා. සමහර වෙලාවට මාවත් මුනින් හරෝපු වංගෙඩිය උඩ වාඩි කරවගෙන සීයට බනින්නෙ හිටිවන කවි හද හද. අනේ ඇත්තට එහෙම කාලයක්.
BLOG
ආලය ...පෙති ඇහැරී නොමැති වුව ,පිපී අවසන් මලක ,නටු අගෙහි එල්ලී ගත්දාහයෙන් ශේෂ පිණි බිඳුවකි..අතීතය ...හීනි සුලඟටත් සසැලෙනදුබල පෙති ගිලිහුනෝතින්විදාරණය වන නිරුවතවියැලි හද රේණු අහුරකි..වසන්තය ..එන වසන්තයටත් බඹරු විත්යන තුරුත් , හිස ගසා සැඟවගත්පොහොට්ටුවක අකල් නිද්‍රාවජීවිතයෙන් ඉපැදුනු මරණයකි ...2014 - 3 - 20.
BLOG
4pt 0in 5.4pt 0in 5.ඇයි ඔබ ඔය තරම් ලෙන්ගතු විමලාට …..මෙම මාතෘකාව කවියෙන් පැනයක් අසන අතර මේ සදහා පේළී දෙකකින්පිළිතුරු දිය යුතුයි ඔබගේ පිළිතුරට මා විසින් තවත් පිළිතුරු ලබා දෙමි.
BLOG
අලුත උපන්බිළිඳෙකුට, නව යොවුන් තරුණයෙකුට, මරණාසන්න මහල්ලෙකුට යන මේ හැමදෙනාටම තමන්ගෙ අම්මවදැනෙනවා. කාලයාගේ ඇවෑමෙන් අම්මගෙ රූපෙ ටිකෙන් ටික ක්ෂය වෙලා ගියත්, අම්මගෙ සෙනෙහසතව තවත් වැඩිවෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නෙ නෑ.කිරිපබළුවක් අතින් ගෙනපළමු වර මාපැමිණි දවසේරූපයෙන්මෙන් සෙනෙහසින්කිරි සයුරසේ දැකගතිමි ඇයපන්හිඳක්ගෙන ඇය බලන්නටදෙවැනි වරමා පැමිණි දවසේරූපයෙන් ඇයකලා වැව වැනිසෙනෙහසින්සත් සයුර වී සුදු මලක්ගෙන ඇය දකින්නටතෙවැනි වරමා පැමිණි දවසේරූපයෙන් ඈසුළං රොද වැනිසෙනෙහසින්මහමෙරක් වීතව දෙයක්,දරුවෙක් වැදූ පමණින් උතුම් මව් පදවිය ලබන්නත් බැරි බවත් අද පේන්න තියෙනවා.ලියා එව්වේ - වර්ණ.
BLOG
2014 ඔක්තෝබර් මස 28 වැනිදාආදරණීය සහෘදයින් වෙත,ගෞරවාදරණීය ස්තුතියහකාවති කෘතිය පිළිබඳ සංවාදය සඳහා තම කාලයෙන් බිඳක් වැය කර පැමිණි සියල්ල ඉතා ආදරයෙන් පිළිගනිමි.හකාවති කෙටි කතා ලියන්නට සහ එම කතා සංග්‍රහය මුද්‍රිත මාධ්ය ය වෙත යොමු කරන්නට මා හට අවස්ථාව උදාකර දුන් සහෘදයන් සිහිගන්වන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.1. හකාවති ලියන්නට මා පෙළඹ වූ බූන්දියේ නිර්මාතෘ තරංග ජයසේන සහෘදයාට2. මගේ කතා කියවා එහි අඩුපාඩු දොස් දැක මා නිවැරදි කරන්නට පෙළඹුන හෂිත අබේවර්ධන සහ සචී පනාවල යුවලට3. මගේ හකාවති ලියැවිලි බොහොමයක සෝදුපත් කියවා ඒවා බ්ලොගයට දැමීමට සුදුසු මට්ටමට සකස් කරන්නට ඉදිරිපත් වූ කල්පනා ඇම්බ්රෝස් සොයුරියට4. මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒමේ දී මට සහෘදාත්මක දෑත් දිගු කළ මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය දෙපලට5. සියලු මුද්‍රණ කටයුතු වගකීමෙන් කරට ගත් සම ප්‍රකාශන අධිපති සංජීව වඩිගමංගාව සොයුරා ඇතුළු ඩිසයින් සිස්ටම්ස් මුද්ර්ණාල සේවක මඩුල්ලට6. හකාවති බ්ලොගයේ මෙන්ම හකාවති සංවාදයේ ද සියලු ග්‍රැෆික නිර්මාන කටයුතුවලින් මට උපකාරී වූ ලිෂාන් පුවක්ඕවිට සොයුරාට7. හකාවති කෘතියේ කවරය නිර්මානයේදී මගේ සිතුම් වටහාගෙන මා සිතැඟි ලෙස කවරය නිමකරවා දුන් සුසන්ත මූණමල්පේ සොයුරාට8. හකාවති බ්ලොගය කියවා එහි කොමෙන්ටු දමමින් මා දිරිමත් කළ සියළු දෙනාට9. මුහුණු පොතේ නොයෙකුත් ප්‍රතිචාර දක්වමින් මෙම වැඩසටහන දිරිමත් කළ සියළු දෙනාට10. හකාවති සංවාදය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට සහය දැක්වූ විද්යුිත් මාධ්ය සහ මුද්‍රිත මාධ්ය සියල්ලට දමගේ අවංක ආදර ස්තුතිය පිරිනමමි.එමෙන්ම මේ සංවාදය මා ලංකාවේ නොමැති අවස්ථාවක සාර්ථකව ඉදිරිපත් කරන්නට උර දුන් බන්දුල ජයවීර-චූලානන්ද සමරනායක-හෂිත අබේවර්ධන-සචී පනාවල-කේ කේ සමන් කුමාර-ලිෂාන් පුවක්ඕවිට-කාංචනා අමිලානි-කසුන් යන සොහොයුරු සොහොයුරියන් ට මම සදා ණයගැති වෙමි.මීට හිතවත්ඩෝසන් ප්රී තිහකාවති වැඩසටහනට දායකත්වය දැක්වූ අය වෙත තිළින ලෙස සුචරිත ගම්ලත් ශබ්දකෝෂ ප්‍රදානය වූ සහෘදයන්1. පැවරූ කටයුත්තකට දක්වන අතිශය කැපවීම සහ අතිවිශාල නිර්මාණශීලිත්වය අගයනු වස් ලිෂාන් පුවක්ඕවිට2. භයංකර බුද්ධියේ සහ සෞම්යතශීලි නිර්භීතභාවයේ සුසංයෝගය අගයනු වස් සුසන්ත මූණමල්පේ3. නිර්මාණශීලි දායකත්වය, ජාලීය මෙහෙයුම් සහ උද්යෝීගිමත් සහභාගීත්වය අගයනු වස් කාංචනා අමිලානි4. හෘදයංගම කැපවීම සහ සහෘදාත්මක සමාජශීලිත්වය පසසනු වස් චූලානන්ද සමරනායක5. අගණිත හිතුවක්කාරත්වය සහ හිතට විරුද්ධ කැරලිකාරත්වය පසසනු වස් කේ කේ සමන් කුමාර.
BLOG
හෙන පත කංකුං ගොඩක් බිම පෙරලගන කඩනකොටකඩන්ඩ ඕන තැනයිඅයින් කරන කොළයයිපෙන්නනව කට්ට කලු දණ්ඩෙක්මුණේ කිසි හිනාවකුත් නැවැඩි කතාවකුත් නැසිකරට් බාගෙ ගන්නවයිඌ පත්තු කරන එකආර් අකුර බේරල දෙනවයි විතරයිටිකක් එහාට වෙනකකං ඉදලඇහුවා අමිලයගෙන්කවුද බං ඌඇයි මචං අටමයියේඔය තමයි අපේ හුදාඅර බුකියෙ කවි ලියනමොන හුදෙක්දො මචංමට නැනේ ඌ මතකමගේ පත ලැයිස්තුවේබුවානං නැතුව ඇතිරෙද්දක්නේ පවසන්නේඔය යකෝ අපේ තනාතං වැසිය තං වැසියහුදකලා තන්වැසියඅප්පටම සිරි බොලේමේ ඒ යකාමදඉදහංකෝ ටිකක්පොර ආයේ එනකම්මඋඹ ආයේ ආවාම ඕන්නං අපි දෙන්නඑක වචන හාරපන්සීයක්කතා කරන්නත් ඇතිතන්වැසිය තේරුමයිලුෂන් බුලත්සිංහලයිඅරවයි මේවයිවල්පල් ගොඩක්ඉන්පස්සේ ඉදහිට දවසකචැට් එකක් විතරමයිඒ උනත් උඹව මටලංවෙලා දැනුනේ ඇයිඉන් පස්සෙ ආයෙමත්අවුරුද්දක් විතර පස්සේහම්බෙච්ච දවසේඉතින් කොහොමද මචංමම නං නැවැත්තුවඋදේ නැගිටපු ගමංඑහෙමට අමාරුවක් නැනැවතුව හැකි එක පාරින්දශක ගණනක් යාලුවෙක් වෙච්චදුම්වැටියට යන්න කියුව උඹඇයි බං නොකියුවේමාරයට ටිකක් ඉන්ඩ කියල.
BLOG
හිරිකඩ වදින හීතල හිරිගඩු පිපෙනා..වැහිපොද අස්සෙ මතකද දවසක් තෙමුණා..වැහිබර අහස අස්සෙන් දේදුනු මවනා..හිරු හෙමි හෙමින් මේ කුලු අස්සෙන් එබුනා..වැහි බිදු වියළි පොළවේ නෙක රූ මවමින්ඉහිරෙයි දසත දිය චිරි චිරි හඩ නගමින්හිරිකඩ වැදුනු හිත මගෙ හංකිති කවමින්ඇවිදියි නේක අත නුඹ උණුහුම සොයමින්නැතුවත් ලගින් නුඹෙ නෙතු යුග පෙනෙන ඉමළය තුල සිර කරන් නුඹ වෙත රැදුනු පෙමනොබිදෙන ලෙසම රැකගෙන ඒ සුපෙම් දමනුඹෙ රුව ගැනම සිහි කර කර හිදිමි මමසීතට දසත ගලන සුවද රැදුනු පවන්වාගේ නුඹේ තුරුලට එන්නදෝ දුවන්හිත මත සදා සිතුවම් වූ නුඹේ නුවන්වටිනව මහට නුඹ රැදි සිහිනයත් රුවන්෴ වටුවා10 Akalanka ෴.
BLOG
කොහොමද යාලුවනේ කාලෙකින් ඔයාලට බිට්කොයින් ගැන අලුත් දෙයක් අරන් එන්න බැරි උනානේගොඩක් අය ඉන්නවා ඉස්සෙල්ලා පොඩියට පටන් අරන් දැන් මහා පරිමනයෙන් BTC හොයන එයලා මාසෙකට සැලකිය යුතු ගානක් හොයනවා BTC හරහා ඔයාලටත් පුලුවන් ඒ වගේ වෙන්න මම මුල ඉදලා දාපු ලිපි කියවන්න ඔන්න අද මම අරන් අවා වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ එහෙනම් ඔන්න පලවෙනි Site එක මේකෙ විනාඩි 10න් 10ට Satoshi දෙනවා මෙන්න ලින්කුව http://goo.gl/7nKq2Jමේකත් අලුත් එකක් දවසට Satoshi 500 සෙනසුරාදා ඉරිදා Satoshi 10000 ගානේ දෙනවා මෙන්න ලින්කුව http://goo.gl/UaUOKdමේ අඩවියේ පැය 4න් 4ට Sathoshi 750 ගානේ දෙනවා මෙන්න ලින්කුව http://goo.gl/KBBHlZමේ අඩවියත් උඩින් කිව්ව එක වගේම තමා මෙන්න ලින්කුව http://goo.gl/DHthRtඔයාලා BTC 0.02 හොයාගත්තම මට කියන්න එතන ඉදන් ඉස්සරහට කොහොමද දියුනු වෙන්නේ කියලා මම කියලා දෙන්නම් මාව සම්බන්ද කරගන්න Facebook - http://goo.
BLOG
පිතෘ දෝෂ ඇතිවන ආකාර කිහිපයක් දැකගත හැකිය. අපගේමුතුන්මිත්තන් අතර වූ හා අපගෙන් වෙන්ව ගිය පිය පස පිරිමි පාර්ශ්වයේ ඥාතීන් පහතදැක්වෙන හේතූන් නිසා ශාන්තිය නොලද අවස්ථාවන්හි දී ඇති කර ගනු ලබන තත්වයන් නිසාමෙසේ වූ පිතෘ දෝෂ ඇති වන බව විවිධ පුරාණ ග්‍රන්ථයන්ට අනුව පැහැදිළි කර ගත හැකිය.1. එකීමුතුන් මිත්තන් පූර්ව ආත්මභාවයන්හි දී දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද අයහපත් ක්‍රියාවන්හේතුවෙන්2. මුතුන්මිත්තන් කෙරෙහි දරුවන්ගේ පැත්තෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ අයහපත් ක්‍රියාවන්හේතුවෙන්3. මුතුන්මිත්තන්ගේ ආශාවන් දරුවන් කෙරෙන් ඉටුකරගත නොහැකි වූ අවස්ථාවන් හේතුවෙන්4. මුතුන්මිත්තන්ට පූර්ව ආත්මභාවයන්හි දී ඇති වූ හදිසි හා අස්වාභාවික මරණ හේතුවෙන්5. මුතුන්මිත්තන්ගේ දේපල හා ඇගයුම් පද්ධතීන් කෙරෙහි දරුවන් දක්වනු ලබන නොසැලකිල්ලහත්මුතු පරම්පරාවක (පරම්පරා හතක) පියපසින් හා මව්පසින් පරම්පරා හතරක කර්ම මත පිතෘ දෝෂ ඇතිවිය හැකි බවත් ඒ හේතුකොට කුඩා කාලයේ දීමදරුවන් හදිසි හා අස්වාභාවික තත්වයන් නිසා මිය යාම සිදුවිය හැකි බවත් පුරාණ ග්‍රන්ථයන්හිදැක්වෙයි. ඇතැම් විටෙක අපගේ මුතුන්මිත්තන් අපගේ පවුලේඥාතීන්ම නොවන අවස්ථාවන් ද දැකගත හැකිය. අපගේ ගුරුවරු, උපදේශකයින්, කාර්යදර්ශකයින්, මිතුරන්, රැක බලාගන්නන් හො මොනයම් ආකාරයකින් හෝ අපගේ ජීවිතය සාර්ථකකරගැනීමට, වර්ධනයට අවශ්‍ය වන්නා වූ සම්පත් දායකත්වයෙන් පෙර භවයන්හි අප හා එක් වූවෙක්විය හැකිය. ඒ අනුව මෙහිදී පෙන්වා දෙන්නේ එම පුද්ගලයන්ගේ ජීවිත පෙරෙහි ඔවුන්ගේදර්ශනයන් කෙරෙහි හා ඔවුන්ගේ විශ්වාස ඇගයුම් පද්ධතීන් කෙරෙහි අප වෙතින් ගෞරව දැක්වීමඔවුහු අපේක්ෂා කරනු ලබන තත්වයක්ව පවතින බවත් ඒවා ඉටු නොවන අවස්තාවන්හි දී අපකෙරෙහි පිතෘ දෝෂ ඇතිවීමට හේතුවන බවත් කිව යුතුය. යමෙකු පිතෘ දෝෂයකින් පෙළෙන බව අප හඳුනාගන්නේකෙසේද.වෛදික ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඇසුරෙන් මෙය හඳුනාගතහැකිය. වෛදික ජ්‍යෝතිෂයට අනුව රවි හා සඳු ග්‍රහයින් රාහු කේතු යන ග්‍රහයින්ගෙන්පීඩාවට පත්ව තිබීම මත එය හඳුනාගත හැකිය. රවි හා රාහු ග්‍රහයින් 9 වැන්නේ දී සම්බන්ධ වී සිටීමයමෙකු හට පිතෘ දෝෂ ඇති බව හඳුනාගැනීමට හැකියාව ඇත. 9 වැන්න පියා නියෝජනය කරයි. රවි ග්‍රහයා නිසර්ගපිතෘකාරක ග්‍රහයා වශයෙන් හඳුනාගත හැකිය. එසේම වර්ධනය, වෘද්ධත්වය, උසස්වීම් සහ ආධ්‍යාත්මිකතත්වයන් සඳහා ද නිසර්ග කාරකත්වය දරන්නේ රවි ග්‍රහයාය. ඡායා ග්‍රහයෙකු වන රාහු ග්‍රහයාගේසම්බන්ධතාවක් මත 9වැන්නේ දී රවි ග්‍රහයා පීඩාවට පත් වුවහොත් යමෙකු හට ඔහුට හෝ ඇයටතම වාසනාව ලඟාකරගැනීම ප්‍රමාද වීමට හේතු වනු ඇත. කාර්ය සාධනයේ දී ඔහුට හෝ ඇයට ඉතාදැඩි වෙහෙසක් දැරීමට හේතුවන තත්වයක් මේ අනුව ඇතිවන බව දැකගත හැකිය. වෛදික ජ්‍යෝතිෂයට අනුව මෙබඳු තත්වයන්ගෙන් දුර්වලවූවෙකු ප්‍රථමයෙන්ම තමා කාය වචී මනෝ කර්මයන්ගෙන් සංවරව තම කර්මයන් කෙරෙහිභක්තිවන්තව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දිය යුතුය. දෙවියන් පිදීමසඳහා තෝරාගත යුතු කාල වකවානුව වන්නේ වෛදික කැලැන්ඩරයට අනුව එළැඹෙන අස්විනී මාසයෙහිඑනම් සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 07දක්වා වූ කාලයෙහි දී පැමිණෙන අමාවක තිථිය ලබනදිනයක දීය. ඉදිරි ලිපියකින් සිදු කළ යුතු වතාවත් හා ක්‍රියාවන්කවරේදැයි සාකච්ඡා කරමු. Rohana Wasantha/ +94714161082/+94723430028.
BLOG
කල්පාන්ත සිහිනෙකවුවපෙම්බරා මම වෙමිනුඹපෙම්බරී නම්.
BLOG
4pt 0in 5. Sri Lankan green pit viper,Sri Lankan pit viper, green pitviper වගේ නම්වලින් හදුන්වන මේ සර්පයා විද්‍යාත්මකව Trimeresurus trigonocephalus කියලා හදුන්වනවා. මෙයාව මෙන්න මේ විදිහටවැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්.Kingdom: AnimaliaClass: ReptiliaSubclass: LepidosauriaOrder: SquamataSuborder: SerpentesInfraorder: AlethinophidiaFamily: ViperidaeSubfamily: CrotalinaeGenus: Trimeresurusශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ සහ උස් කදුමුදුන් හැරුනු විට ප්‍රධාන දේශගුණික කලාප තුනේම මේ සර්පයා වාර්තා වෙනවා. නමුත්තෙත් කලාපයේ තෘණභූමි වැසි වනාන්තර ආශ්‍රිතව බහුලවම හමුවෙනවා. එයට අමතරව මුහුදු මට්ටමේසිට 150 සහ 1800 අතර විහිදී ඇති තේ කෝපි කොකෝවා, කරදමුංගු වගාවන් ආශ්‍රිතවද පලාපොළගා වාර්තා වෙලා තියෙනවා. පලා පොළගා මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් දරනසාමාණයෙන් 60 75 පමණ ප්‍රමාණයකට දිගින්වැඩෙන සර්පයෙක්. ගැහැනු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාලයි. අනෙකුත්පොලගුන්ගේ මෙන්ම පලා පොළගාගේද පැහැදිලි ත්‍රිකෝණාකාර හිසක් දැක ගන්න පුලුවන්, මේනිසා හිස පැහැදිලිව ගෙලන් වෙන්වෙලා තියෙනවා. දර්ශීය පලා පොලගෙකුගේ ශරීරය කොලවර්ණයෙන් යුක්ත වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී කොල පාටින් වෙනස් වූ වර්ණදරනපලා පොලගුන්ද වාර්තා වෙලා තියෙනවා. මෙයාලගේ ශරීරය පුරා කලු පැහැති රටාවක් දැක ගන්න පුලුවන්.තෙත් කලාපයේ හමුවන සතුන්ගේ මෙම කලු පාට රටාව වඩාත් පැහැදිලිව පිහිටලා තියෙනවා.පලා පොළගා මධ්‍යම ප්‍රමාණයේ විශ සහිත(moderately venomous) සර්පයෙක්.විෂේ ප්‍රධාන ලෙසටම රැධිර සංසරණයට බාධා ගෙන දෙන ධූලක (haemotoxic)අන්තර්ගත වෙනවා. සර්පදෂ්ඨනයෙන් පසු දෂ්ඨ කල ස්ථානයේ ඉදිමීමක්මෙන්ම වේදනාවක්ද ඇති වෙනවා. හෘදයේ සහවකුගඩු වල අකර්මන්‍යතා ඇත වූ අවස්ථා වාර්තා වෙනවා. කෙසේ නමුත් පලා පොලගෙකුගේදෂ්ඨනයක් නිසා මරණය සිදුවූ අවස්තා නම් තවම වාර්තා වෙලා නැහැ.පලා පොළගා රැක් වාසී සර්පයෙක්(arboreal).නමුත් ඇතැම් විටආහාර සොයා ගැනීම පිණිස පොලවටද බහින අවස්ථා තියෙනවා. උදැසන කාලයේ හිරු එළිය ලැබීමපිණිස වලිගය පටලවා ගෙන අතු මතට වී සිටිනු දැක ගන්න පුලුවන්.පලා පොළගා එතරම් සටන්කාමී සර්පෙයකු නොවේ.නමුත් තදින් කුපිත කල අවස්ථාවකදී වලිගය සොලවමින් ශරීරයේ ඉදිරි පෙදෙස දගර ගසාගෙනසපා කෑමට පනී. ජලාබුජ( Vivipary) සර්පෙයක් වන මේ සර්පයා ජුනි ජූලි මාස වලදීවරකට පැටවුන් 25ක් පමණ සංඛ්‍යාවක් බිහි කිරීම සිදු කරනවා. ආහාර වශයෙන් ගෙම්බන්කුඩා ක්ෂීරපායින් මෙන්ම පක්ෂීන්ද දඩයම් කිරීම සිදු කරනවා. ශ්‍රී ලංකාවට අන්‍යනය වු මේ සර්පයා වද වීයාමට නොදීආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක්.ඡායාරූපhttp://cdn2.
BLOG
ඔන්න ඉතින් කාලෙකින් ආයතේ බ්ලොගේ පැත්තේ ලොග් වුනා. මටත් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වුන නිසායි ආයෙත් ගොඩවැදිලා යන්න ආවේ. හැබැයි නිකන්ම නෙමෙයි...වීඩියෝ ටියුටෝරියල් ටිකක් හදන්න හිතාගෙන ඉන්නේ. හොදම මොකක් ගැන වීඩියෝ ටියුටෝරියල් සීරිස් එකක් යන එකද කියලා වෝට් කරලා යන්න.වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකකට ගැලපෙන්නේ කුමක්ද.
BLOG
සඳේසිසිලසට කළු වූ,හිරුගේරශ්මියට රතු වූ, අහසක්...හිරුත්සඳුත් යා කරන සැන්දෑවක, කැළබීදැවී අදුරු වූ අහසක්... අද,හිරුත් සඳුත් තරුත් යා කරවන රාත්‍රියක,,,හිරුගෙරශ්මියත්, සදෙහි සිසිලසත් හදුනා විසිරෙන තරු, හිරුසඳු හා යා නොවී, අහසට නොදැනෙන රටා මවයි...හිරුගෙරශ්මියට අහස නොබලන දෑසුත්, සඳෙහිසිසිලසට අහස නොපෙනෙන දෑසුත්, අහසවෙත දැල්වෙන්නෙ,නොදැනෙනතරු රටා නිසයි.
BLOG
ගුවන් විදුලි ළමා පිටියදෙසැම්බර් 01 දා සිටයළි සජීවීව ඉදිරිපත් කිරීමටළමා අංශය කටයුතු කර ඇත.Fm 91.7 ---- Fm 91.9ඔස්සේදිනපතාසවස 4 සිට 5 දක්වාඔබට ළමා පිටිය ශ‍්‍රවණය කළ හැක.ඔබ ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේළමා පිටියේ සිටි අයෙක් නම්ඒ මතකය අවදි කර මෙහි සටහනක් තබා යන්න.සිංහල ස්වදේශීය සේවය සහ විදුල ළමා ගුවන් විදුලිය.
BLOG
නින්දෙන් පවා මහවැලි ගං දිය තාල කම් කළසුන්දර සිපුම් ඉවසන ගලහ මඟ දිග තුරු වැලකන්දක රහස් සඟවන හන්තාන, පණැති කඳු පෙළදුම්බර පවා ඇඬුවා අතිනත් ලිහුණු තැන්වලඅඳුරු මංපෙත් තණ මත, පිනි කැට සෙමින් වැතිරුණනුදුරු නාදන් සුසුමකි, හිල්ඩා බිමෙහි දැවටුණනුහුරු ආදර පිය ගැට, සරසවි උයන ළඟ නිම වුණසොඳුරු කඳු ගැටයක දෙව් මැඳුර කාගෙත් කෙම්බිමවේදනා ඌලකින්, ජීවිතේ සඳ දිය වස්සනනෑ‍හෙනා තරමට, හෙමින් මහවැලිය ගැස්සෙනපෑදෙනා විට රැයෙක, දිය මත අක්බාර් සිත්තමපීදුනා වළ ට ඉහළින්, සුන්දර ම අහසක ලස්සනදෑස් සිය දහසක් ඉම්බ මල් ලිය කම් වැලවෑස්සුණු ප්‍රේමය ගල් කණු පවා මත් කළරාස්සිගෙ අව් රැළි යට, තෙල් බැම්ම කෙළවරරූස්ස ම සංහිඳ, ඒ ටී ශිල්ප රඟහලඅඩ විතකි කෙටි බිතු මත, ලඹ දෙන මතක අහුරකිමහපොළ යනු ම සසරක අතර මඟ හිමිදිරියකිමිතුරු මතකය ගල් කළ ඉපැරණි පොළොන්නරුවකිසිංහයෝ උඹ තරමට හිනා ගැස්සූ කෙනෙක් තව නැතිපාරා කාලයේ වනපෙත, පාදා ගනිමි ජීවිතේ හදවතසිඹිමි දම්-සුදු මල් ගස, ‘සිඹින වංගුව’ පතුළතයාරා ගඟත් පසු කොට පෑරි පෑරී සැරුව මග තොටපේරාදෙණිය ඔබ වන්, තුංග සුවිසල් ලොවක් තව නැත13-11-2013.
BLOG
ආයුබෝවන් යාලුවනේ අද කියන්න අවේ මෙතෙක් ලෝකේ බිහි වූ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරියා ගැනයි. ඒ වෙන කවුරුත් නෙවේ ලොකු කුඩා ඕනෑම කෙනෙක් අදුනන ස්ටීව් ජොබ්ස් මහතා ගැනයි.සරලවම කිවහොත් ඔහු නම් ඇති විශිෂ්ටයෙක්.. Apple කියපු ගමන් මතක් වෙන්නේ ඔහුවයි. අවාසනාවට ඔහු අද අප අතර නැ.. නමුත් ඔහුගේ සොයා ගැනීම් අද අප අතර රැදී තියෙනවා ඒ වගේම ඔහුම මතකයත්.. මේ ඔහු ගැනයි.
BLOG
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේශුද්ධ වූ නගරේ..ජේසු මෙලොවට බිහිවුණේපුංචි ගව මඩුවේ...//උඳුවප් මාසේ සීතල දවසකමැදියම් රෑ යාමේ..දෙව්මව් තුරුලේ උණුසුම ලබමින්මේ ලෝකෙට ආවේ..සීත සුළං රැළි දසත හමද්දීසැතපීලයි උන්නේ..දුප්පත් එඩේරු මේ බව දැනගෙනගවලෙන වෙත යන්නේ..වටපිට රොක්වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසති..රජතුන් කට්ටුව බිලිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරති..මරියතුමියගේ පෙම්බර මුහුණේ එළියක් දිස්වූයේ..ජුසේතුමා කිසිදාකත් නෑ දෙවි අණකට පිටුපෑවේ..මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා..දිවැස්වරුන් බොහෝ කලකට පෙර කීදේ ඉන් ඉටුවූවා..කලකට පෙර ඒ....ගායනය : ධර්මරත්න සහෝදරයෝපද රචනය :මිල්රෝයි ධර්මරත්නසංගීතය : ධර්මරත්න සහෝදරයෝවීඩියෝව ගත්තෙ මෙතනින් - Nimal Bonifus.
BLOG
මුලින්ම අවුරුද්දකට අධික කාලයක් ලිපියක් පළ නොකරාට පාඨක ඔබ සැමගෙන් සමාව ඉල්ල සිටිනවා. විශ්ව විද්‍යාලීය අධ්‍යාපනික සහ ක්‍රීඩා කටයුතු සමඟ කාර්‍යබහුල වුන බැවින් මෙතරම් කාලයක් බ්ලොග් එකේ වැඩ කටයුතු අඩාල වුන එකට නැවතත් සමාව ඉල්ලා සිටිනවා. මේ කාලයේදී නැවත ලිපි ලියන්න කියා දිරිමත් කල සියලු දෙනාට බොහෝමත් ස්තූතියි.හොදයි අපි එහෙනම් නවත්තපු තැනින්ම පටන් ගමු. ඔබට මතක ඇති අපි සාකච්ඡා කරමින් සිටියේ ගැන. Shell Scripting වලදි variables define එහෙමත් නැත්තම් විච්‍යය අර්ථ දැක්වීම තමා අපි අවසානයට කථා කරමින් සිටියේ. අද අපි කථා කරන්න යන්නේ මෙම අපි විසින් define කරන ලද variables කොහොමද භාවිතා කරන්නේ කියලා.පෙර ලිපියේදි අපි සාකච්ඡා කරා කොහොමද variable එකක් define කරන්නේ කියලා. Shell scripting වලදි variable define කරන්නේ $ var='linux-sinhala' ආකාරයට, මෙම variable එකේ value එක අපිට මෙම shell එකේදි අවශ්‍යය වෙලාවට භාවිතා කරන්න පුලුවන්. සරලම උදාහරණය තමා echo command එකේ භාවිතය. $ name='linux-sinhala'$ echo $nameසටහන: echo command එක භාවිතයෙන් variables සමඟ ගනුදෙනු කරන විට $ සංකේතය අනිවාර්‍යෙන් භාවිතා කරන්න. එය නැතුව විධාන කරොත් variable එකේ value එක වෙනුවට variable එකේ නම තමා වෙන්නේ.Shell Scripting වලදි ගණිත කර්ම (Shell Arithmatics) යොදාගන්නා ආකාරයත් සාකච්ඡා කරලම අපි shell scripts ලියන්න පටන් ගමු. බොහෝම ඉක්මනට වලදි ගණිත කර්ම භාවිතා කිරීමේදී යොදාගන්නා නීතී රීති පිළිබඳ ලිපියකින් හමුවෙමු.විචල්‍යය අර්ථදැක්වීම. || ගණිත කර්ම.
BLOG
මොබයිල් නැති ලෝකයක්....තව දුරටත් ඉතිං මොබයිල් ෆොන් එකක් අතේ නැති කෙනෙක්වහොයනවා කියන්නේ අර කළු නික හොයනවා වාගේ අමාරුවැඩක් වෙන කාලේක තමයි අපි ජිවත් වෙන්නේ..කෝල් එකක් ගන්න.මැසේජ් එකක යවන්න විතරක් නෙමයි බුකියේ රවුම් ගහන්න. ‍ටුවිට් කරන්න,සිංදු අහන්න,විඩියෝ එකක් බලන්න ජංගම දුරකථනය තරම් බහුකාර්්‍යවුන උපකරනයක් මං හිතන්නේ වර්තමාන ලයිෆ් ස්ටයිල් එකේ වෙන නැති තරම්...හදිස්සියේ හරි ජංගම දුරකථන නැතිව ගියොත් වර්තමානමිනිසා කියන සමාජ ජිවියාගේ පැවැත්ම කොයි වාගේ වේවිද. Qualcommහදලා තියෙනවා, ජංගම දුරකථන නැති, සුපිරි ඇනලොග්ලෝකයක් ගැන විඩියෝ එකක්.මේ විඩියෝ එකේ තියෙනවා වාගේ තැපල්කරු එනකං ලියුම් වලට බලන් හිටියඅයයි....ඔය සඳළු තල වල ඉන්න අයට ඇනලොග් විදිහට ‍ටුවිට් කරපු කට්ටිය එහෙම අඩු වැඩි නැතිවසිංහල බ්ලොග් අවකාශයේ ඉන්න හින්දා.මේ විඩියෝ එක බලලා කට්ටියකට රසබර අතීතයක් මතක් වෙනන්නත්බැරි නැහැ...ස්මාර්ට් ෆොන් පාවිච්චි කරන කට්ටියනම් දන්නවාඇති ඇබ්බැහි වුනොත් ඇබ්බැහි වුනාම තමයි කියලා නේද. උදේට නැගිටිච්චගමන් අතට ගන්නේ ෆොන් එක. අයේ ඉතිං‍රෑට නිදා ගන්න යන්නෙත් ෆොන් එක අතේ තියාගෙන නොවැ...මට ඔයාගේ මුණ දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේනැහැ......කාගේද.. කෙල්ලගේ මුහුණදිහාද. කෙල්ලගේ මුහුණ කන්න වාගේබලන් හිටියේ අන්තිමටම වයි පරම්පරාවට කලින් කට්ටිය වෙන්න ඕනේ..වයිලයි ඉසඩ්ලයි කැමැතිස්මාර්ට් ෆොන් එකේ මුණ බලන් ඉන්නලු..මේක එංගලන්තයේ O2 ජංගම දුරකථන සමාගමකරපු සමික්ෂණයක්...ඒ සමික්ෂණයට අනුව නම් එංගලන්තයේ ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නෝ, දෛනිකව තම කාලයෙන්විනාඩි 119ක් ස්මාර්ට් ෆොන්එක දිහා බලන් ඉන්න ගත කරන සමාන්‍ය අගයට සාපෙක්ෂව තම සහකරු.කාරිය සමඟ ගත කරන කාලයේ සමාන්‍යඅගය විනඩි 97ක්ලු.විවාහක සහකරු/කාරියහරි පෙම්වතා/වතිය හරි සමඟ ගත කරන කාලයට වැඩිය විනාඩි 22ක්ම ෆොන් එකට මුහුණඔබන් ඉන්නවාලු..ඔය විනාඩි 119න් විනඩි 24ක් අන්තර්ජාලේ සැරිසරන්න,සමාජ සේවා අඩවි වලට විනාඩි 16ක් ,සංගිතයට තව විනාඩි15ක්,ෆේම්ස් ගහන්න විනාඩි 13ක් .එස්.එම්.එස් වලට විනාඩි 11 වාගේ දිග ලිස්ට් එකක් දාලා තිබුනේ...දවස ගත කරන්න මොනවා නැතැත් ස්මාර්ට් ෆොන් එකනැතිව බැරිව ගිහින්..හැබැයි ඉතිං ඉස්සරහට කෙල්ලව හම්බු වෙන්න ගියාම ,වැ‍රැදිලා හරි ෆොන් එක අතට ගත්තොත් කෙල්ල“ඔයාට ෆොන් එකද වටිනේ ,නැත්තම් මාවද” කියලා අහන වලිප්‍රශ්ණ වලට දැන්ම තියන් උත්තර ලැහැස්ති කරලා තියා ගත්තොත් හොඳයි වාගේ....ගුගුල්ලාගෙන් කණ්නාඩි ඇපල්ලගෙන් අතේ බඳින ඔරලෝසුඑතොකොට සොනිලා....අන්තර්ජාලය භාවිතා කරන ප්‍රධාන මේවලම පරිගණකයෙන්ස්මාර්ට් දුරකථනය වෙතට බැටන් මාරු කරන්න මුල් වුන මුලිකම සමාගම් දෙක වන ඇපල් සමාගමයිගුගුල් සමාගමයි ඊ ලඟ බැටන් මාරුව දෙන්න යන්නේශරිරයේ පලදින උපකරණයකට.ගුගුල්සමාගම තමන්ගේ පරික්ෂණ ත්ත්වයේ විකිණිම ආරම්භ කල ගුගුල් ග්ලාස්ලෙස හඳුන්වන කණ්නාඩි කුට්ටමයි ,ඇපල් සමාගම හෙටඅනිද්දා රිලීස් කරන්න ඉඩ තියෙන වෝට්ච් කියන ඔරලොසුව ගැනයි අළුත් ගැජට් ගැන උනන්දු වෙනකවුරු කවුරුත් දැන් දන්න දෙයක්..ස්මාර්ට් ෆොන් වෙළඳපොළේ පරක්කු වේලා රේස් එක දුවන්නපටන් ගත්ත සොනි සමාගම පොඩි අළුත් වැඩකට අත ගහලා. ඒ සෙන්සර් එකයි බැටරිය සමඟ හයි කරන්නගලවන්න පුළුවන් ලෙන්ස් එකක් ස්මාර්ට් ෆොන් එකට හයි කරන්න යන එක.ඉස්සරහට වෘත්තිමය කැමරාකරණයත්ස්මාර්ට් ෆොන් එක හරහාම කර ගන්න පුළුවන් වේයි....ඉදිරි මාස කීපය ස්මාර්ට් ෆොන් වෙළඳපොළ උණුසුම් වෙන මාස කීපයක් වෙයි..ගුගුල් සමාගම තම යටතට ගත්ත මොටරෝලා සමාගම හරහා ,පසුගිය කාලේ පුරාමනිවුස් වලට මුල් වුන “මොටො එක්ස් “ස්මාර්ට් ෆොන්එක අගෝස්තු පළමු වැනිදාට නිව්යොර්ක් නුවරදී කල එළි දක්වන්න සැලසුම් කරලා තියෙන්නේ.මේ මොටො එක්ස් ෆොන් එක ඇපල්ලාගේ අයිෆොන් එකටත් සැම්සුන්ලාගේ ගැලැක්සී එස් එකටත් අළුත්තරඟයක් දේවී.හැම අවුරුද්දකම යවත්කාලීන වේලා එන ඇපල්ලාගේ අයිෆොන් එකේ අළුත් එක සැප්තැම්බර්අග වාගේ එයි කියලා තමයි අන්තර්ජාල වාර්තා කියන්නේ,ඒ වාගෙම මේ අවුරුද්දේඇපල්ලා මිල අඩු අයිෆොන්(ප්ලාස්ටික්) එකක් නිකුත් කරන විත්තියත්…. එකනම් බොහෝ විටසැප්තැම්බර් මුල් සති වල එයි කියලත් ගැජට් ගැන ඕපාදුව එන සයිට් වල සඳහන්...
BLOG
......11...11.11. 1239.11.11.11.11.12.Noon:12.01 PM:12...12.12...12.12.12...12.12.12.12.15 PM12...12.12...12.17 PM:12.17 PM:12.17 PM:12.12.12.20 PM:12.20 PM:12.12.20 PM:12.21 PM:12.20 PM:12...12. 12......12.39 PM:12.12.12.....:D) 12.....8...
BLOG
ඔන්න කාලයක සිට බලා සිටි සීමාවාසික සේවා කාලය හෙටින් ආරම්භ වෙනවා.වසරකට ආසන්න කාලයක් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් විශාල සතුටක් හා දැනුමක් මෙන්ම අගනා මිතුරන් රැසක් හඳුනා ගන්නට ලැබුනා.ඉතින් ඉදිරියට ලිවීමට මෙන්ම කියවීමටද කාලයක් ලැබේවි කියල හිතන්න අමාරුයි.හැකියාවක් ලැබුනොත් කෙටියෙන් හෝ යමක් ලියන්නම්.කලාතුරකින් හෝ බ්ලොග් කියවීමට පැමිණියත් යමක් පවසා යන්නට නම් නොහැකි වේවි. ඒ ගැන අමනාප නොවන්න.සීමාවාසික කාලයෙන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොග් ලිවීමට හා කියවීමට තමයි බලාපොරොත්තුව.එහෙනම් ඉතින් ඔයාල හැමෝටම සුවෙන් සතුටෙන් ආදරෙන්පිරුණුවාසනාවන්ත දිවියක් පතනවා.~ ගිමන් නිවන්නා ~.
BLOG
4pt 0in 5.....................විසිරුනු මල් පෙති එකට එකතු කරපිපෙන්න මලකට දුන්නම සුවද‍රැගෙන යන මල් මකරන්දයසුවද දෙන්නෙ මුලු ලෝකයටම..................ප.ලි. - බ්ලොග් ලෝකෙට නම් මම අලුත් ඔන්න.අද ඉදන් මගේ අදහසුත් "මගේ හද ගැස්ම" තුලින් ඔයාලා හැමෝටම විද ගන්න ලැබේවි....ගොඩක් දේවල් කතා කරමුකෝ පස්සෙ දවසක....ලැබුවාවූ 2014 නව වසර හැමෝගෙම සිතුම් පැතුම් සපලවන සුභම සුභ නව වසරක් වේවා .
BLOG
මං ගැනම තරහෙන්එකතුවෙන දුකකින්බලන් හිටිය මමදුර ඈත කවුලුවෙන්සුදු පිටුවෙ බැබලෙමින්කලු අකුරු ඔච්චමින්අහනවා හෙමි හෙමින්දන්නැද්ද එකක්වත්.වෙනදාට වේගයෙන්නොනැවතී ඉගිලෙමින්ගියපු තත්පර කටුව අදපැය කටුව පසු පසින්පාඩමක් නොකෙරුමෙන්කළා වූ අකුසලෙන්කෙලවුනා මටවිභාගය හොඳ එකෙන්අදත් මං එදා මෙන්හිතාගත්තා වැරෙන්ලියනවා අනික්වරවිසි වෙන්නම දොඹෙන්සමිත ගීගනගේව්‍යවහාරික විද්‍යා පීඨයතෙවන වසර.
BLOG
බොදුබල සේනාව යනු සිංහලයන් වෙනුවෙන්වත්, බෞද්ධයන් වෙනුවෙන්වත් පෙනී සිටින සංවිධානයක් නොව, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද එකතු කරන කැන්වසින් ව්‍යාපෘතියක් බව අප කීවේ අද ඊයේ නොව දැනට වසර ගණනකට පෙර ය.. ඒ කාලයේ අපව ආමන්ත්‍රණය කරනු ලැබුවේ මෙන්න මේ වචන සෙට් එකෙනි.. "අවජාතක පරයා, රට ජාතිය ආගම පාවා දෙන බත්බැලයා, දේශද්‍රෝහියා, කාලකන්නියා, කවලමා, පරයා, සංකරයා, හම්බයාගේ හොර ෂොට් එක" සහ තවත් මෙහි ලියා දැක්විය නොහෙන බොහෝ සුමධුර සුභාෂිත සුගායනීය වදන් වැලක් මෙහි වෙයි.. දැන් නැට්ටුවා අඩව්ව අල්ලා හමාර ය.. මෙතෙක් කල් දමාගෙන හිටපු වෙස් මුහුණ දැන් ගැලවී වැටී හමාර ය.. වෙස් මුහුණ පමණක් නොව, ඉණේ ඇඳිවත පවා දැන් ගැලවී හමාර ය.. මා අහන්නේ එකම එක ප්‍රශ්නයකි.. මහත්වරුනි, දැන් ඔබ මොකද කියන්නේ.
BLOG
හේමා නෝනා ඇවිදින් පින් බත් බෙදුවයිපන්සල් ගානේ ගොස් පනහේ චෙක් බෙදුවයිනිව්ස් වලින් වරුවක් අපි මඩ ගැසුවයිලයිව් දෙන්න මැට්ටෝ පිරිසක් යැව්වයිඉස්සෙල්ලාම කෑවේ පොඩි පොඩි පාරක්ලෙමෝ එක්ක කෑවා ඊළඟ පාරමූලස්ථානෙටත් ආවා තඩි ගල් පාරදරුණුම ප්‍රහාරේ රනිලගෙ ගල් පාරරනිල් ගල් වලට කැමතියිනේ.... හෙහ් හෙහ්.
BLOG
1983 ජූලි 31 වෙනිදා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. 87-89 භීෂණ යුගයට අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් මුල් ගල තිබ්බේ එදා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. දේශපාලනය අත හරින්න; එහෙම නැත්නම් සැඟවුණු දේශපාලනයක නියැලෙන්න විජේවීරට බල කෙරුණේ එතනදී.විජේවීර වගේ මිනිහෙක්, ඒ වගේ වෙලාවක දේශපාලනය අත හරිනවා කියන්නේ නොවිය හැකි දෙයක්. ඒ අර්ථයෙන් රහසිගත දේශපාලනයක නියැලෙන්නට JVP යට බල කෙරුණු අතර එහි අවසානය 87-89 මහා ඛේදවාචයකින් සටහන් වුනා. නමුත් මේ තහනම ඉවත් කරවාගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ යෙදීමට තව දුරටත් ඉඩකඩ සලසා ගනු වස්, අවසන් උත්සාහයක් ද විජේවීර විසින් ගනු ලැබුවා. ඒ ජනාධිපති JR ට ලිපියක් ලියමින්සාධාරණත්වයේ නාමයෙන්JVP තහනම ඉවත් කරන ලෙස ඉල්ලාසිටීම.නමුත් "සාධාරණත්වයේ නාමයෙන්"කියන එක JR ගේ ශබ්ද කෝෂයේ තිබුණ දෙයක් නෙමෙයි. විජේවීර විසින් JR ට යවන ලද ලිපිය මෙහි උපුටා දක්වන්නේ, දේශපාලන ඉතිහාසය විග්‍රහ කිරීමේදී මෙවන් සාධක නොතකා හැරීමසිදුවන නිසා. යම් කෙනෙකුට මෙවන් තොරතුරුවල මඟ හැරීමක් තියෙන්න පුළුවන්.1.2.3.4.5.6. 2. 3. 4. 5. 6. 7.Thank youYours trulyRohana WijeweraThe Chairman of the JVP---------------------------ලිපිය උපුටා ගත්තේ රොහාන් ගුණරත්නගේ SRI LANKA A Lost Revolution කෘතියෙන්.(පිටු 193, 194)නමුත් JR මේ ඉල්ලීම නොතකා හැරියා.එහි ප්‍රතිඵලය අද අපි හැමෝම දන්නවා.එදා දූරදර්ශී සහ ප්‍රායෝගික තීරණයක් ගන්නට JR ට හැකියාව ලැබුණිනම් මහා ඛේදවාචකයක් වළක්වා ගන්නට තිබුණා.රටක නායකයෙක් කොතරම් දූරදර්ශී, බුද්ධිමත්, ප්‍රායෝගික හා පරිණත විය යුතුද. එය එසේ නොවන විට රටකට ජාතියකට කොතරම් විශාල වන්දි ගෙවන්නට සිදුවේද.මෙය එක් උදාහරණයක් පමණයි.
BLOG
රත්නපුර ඉඳන් පලාබද්දල වෙනතුරු මහා මාර්ගයෙන් පැමිණෙන බැතිමතුන් එහි පිහිටා තිබෙන කීර්ති ශ්‍රී රාජසිංහ රාජ මහා විහාරස්ථානයේ ඉඳන් පටන්ගන්න රජ මාවත දිගේ පාගමනින් ම සිරිපාදය කරුණා කරන්න පටන් ගන්නවා. ඒ අයට මුලින් ම මුණගැහෙන්නෙ පවනැල්ල. එතන අම්බලමක් තියෙනවා. ඊළඟට ලිහිණියා හෙළ.ලිහිණියා හෙළේදී ලිහිණි අක්කාට ඩිංගක් කථාකරලා ඇයව සිහිපත් කරන්න කවුරුවත් අමතක කරන්නෙ නෑ. ඒ වගේම ලිහිණියා අම්බලමෙත්, හැම කෙනෙක් ම වාගෙ තවමත් ඩිංගක් හරි නවාතැන් ගන්නවා. ලිහිණියා හෙළට හයියෙන් කෑ ගැහැවුවාම නැවත හෙළෙන් උඩට විසි කරන සද්දය තමන්ගෙ කට හඬේ දෝංකාරය බව දැන දැනත්“ ලිහිණි අක්කේ අපි යනෝ.. ගියාට ආයෙත් එනෝ“කියලා බාල තරුණ මහලු , කිරිකෝඩු දඬුකෝඩු ඇතුළු සියලු නඩ වල ඈයො කෑ ගහනවා සිරීපාදෙ නගින අය දැකලා ඇති. කොයි කවදා ඉඳන් හරි ඒක සම්ප්‍රදායක් වෙලාලිහිණි අක්කා ජනප්‍රවාදයක්. මෙතෙක් ඇයව දුටුව කවුරුවත් නැහැ. ඒ කියන්නෙ, ඇය හිටියෙ මීට ගොඩක් අතීතයෙ කියන එකද, නැත්තම් කවමදාවත් නොහිටි කෙනෙක් කියන එකද, කියලා කවුරුවත් ම හොයන්න වෙහෙසිලා නැතත් මේ තරමට කතන්දරයක් හැදෙන්න මොනා හරි වෙන්නත් එපැයි කියලා හිතන්න පුළුවනි.එක්කො ලිහිණි අක්කා හෙළට වැටුණාද. නැත්තම් කවුරු හරි ඇයව තල්ලු කළාද. ඒ දෙකම නෙවේ නම්, ඇය හිතාමතාම හෙළට පැන්නාද. ලිහිණි අක්කා සහ හෙළ අතර කතාව සම්පූර්ණ බොරුවක් නොවේ නම් මේ තුනෙන් එක් සිද්ධියක් අනිවාර්යයෙන් ම වෙලා තියෙනවා. මට හිතෙනවා, වෙන්න ඇත්තෙ තුන්වෙනි එක. ඒත් ඒකට බොහෝ අය බල පාලා ඇති.ජීවිතය සමනළ කන්ද නම් ලිහිණි අක්කාගෙ ජීවිතය අතරමං වූයේ මහ ගිරි දඹේ දී. අවසානය සහ සැනසීම පෙනි පෙනී අතර මගදී .ඇත්තමයි. මහ ගිරි දඹය කාටත් අමාරුයි. එහෙත් එහිදී මං මුලා වෙන අය නැති තරම්. ඒ පාර කෙලින් නිසයි. එහිදීත් අතරමං වෙනවා නම් එය මහා පවක්. බොහෝ විට සංසාරික පවක්. එසේ අතරමං වූ ඇගේ ශෝකී රාවය අනන්තය තෙක් විහිදෙන හෙළ පතුළෙන් නිකමෙන හැටි, සිරිපා කරුණා කරන ඔබට ඔබ තුළින්ම ඇහෙනවා. ඒත් ඒ වේදනාව මැන ගන්න ඔබ ළඟ මිම්මක් නැහැ.ඇය කාන්තාවක්. ඇගේ පාර වැරදුණා. සංස්කෘතිය තුළින් හෝ පවුල තුළින් හෝ ඇයට සිදු වූ‍ණේ කුමක් වෙන්න පුළුවනිද. අපි හරියටම දන්නෙ නැහැ.ලිහිණි අක්කා හෙළ සමඟ තනිවන්නේ, අපේ සංසාරයේ මුලදී . දැන් යුග ගණනාවක් ගෙවිලා... ආත්ම ගණනක් ගිහිං. ලිහිණි අක්කාගෙ කාලෙ හිටපු අපි මැරිලා, අලුත් අපි ඉපදිලා. දැන් ලිහිණි අක්කා කතන්දරයක් විතරයි. ඇය දන්න කියනා අය යනවා ඇති දැනුත් මේ සිරිපාදෙ කරුණා කරමින්. ඒ වගේම ලිහිණියා අම්බලමේ ගිමන් නිවා ගන්නවා ඇති මේ දැනුත්. හැබැයි ලිහිණි අක්කා තවමත් හෙළ පතුලෙ. ලිහිණි අක්කා හිටපු අතීතයේ සමහරවිට, මෙතැනට එන අයගෙ තව තව වෙහෙසවල්, නිවන්න ලිහිණි අක්කාට සිද්ධ වුණා වෙන්න ඇති. හෙළ සහ ලිහිණි අක්කා අතර කතන්දරයට, මෙතැනට ආපු කෙනෙක් සම්බන්ධ නැහැමයි කියන්න අපිට බැහැ. සමහර විට එහෙම නොවෙන්නත් ඇති. දැන් ඒ ගැන මොනවා කරන්නද.සිරිපා කවි කියද්දි, හිතට නිවනයි. ලිහිණි අක්කාටත් ආයෙ අපි එක්ක කවි කියන්න පුළුවන් නම් හොඳයි.සීත ගඟුලේ දිය වැල් ගලන්නේ හිමේ වරුණාව කියන්න වගේ. ඒත් එදා මහගිරි දඹේදී වූණු වේදනාත්මක මං මුලාවීම නිසා ලිහිණි හැලූ කඳුලු සීත ගඟුලට දියවෙලා ගියෙ නැහැමයි කියලා කෙනෙක් කොහොමද තර්ක කරන්නෙ.. අද සබරගමුව පතලෙන් ඔබ ගොඩ ලන නිල් මැණික් ඇගේ වේදනාවේ උත්කර්ෂයෙන් උපන් ත්‍යාගයන් නෙවෙයි කියලා හරියටම කියන්න පුළුවන් කාටද. නුඹ ඒ වේදනාවෙන් පල දැරූ මැණික් ගොඩගත්තත්, ඇය තවමත් ගොඩ නොඑන මහ දුකක ගිලිලා ඉන්නවා.මහගිරි දඹේදී අතරමං වුණාම, පෙනි පෙනිත් සිරීපාදෙ මඟ හැරෙනවා. සිරිපතුලට හිස තියන්නෙ නැතිවම ඇය හෙළට පැන්නා වෙන්න ඇති.සිය දිවි හානි කරගැනීම සතර අපා දුක් විඳිනා පාපයක් බව ඒ දවස් වල ලිහිණි අක්කා දැන නොහිටින්ට ඇති...තුමුල සමනොළ පෙනි පෙනී පෙනීජීවිතේ මහ ගිරි දඹේදීපාර වැරදි මං මුලා වුණලිහිණි අක්කේහෙළ අනන්තේ තනි වෙලා ඔබමට ඔබේ හඬ ඇහෙනවා...හිමේ කරුණා කරන්නට යනදෙනෝදාහක් පින්වතුන් අතරේදන්න කියනා උදවියත් ඇතිඋන් ගමන ගිම් නිවා ගන්නැතිලිහිණි අම්බලමේ...වරෙන් සිරිපා කවි කියන්නටලිහිණියේ ආයේ...හිමේ වරුණා කියන්නට එනසීත ගඟුලේ දිය කඳුරු දහරේඔබේ කඳුළුත් දිය වෙලා ඇතිඒ කඳුළු නිල් මැණික් වෙන්නැතිසබර ගං පතලේ ..හෙළෙන් පැන්නද ඇත්තටම ඔබනොවැඳ සිරි පද්මේ....පද රචනය - අසංක රුවන් සාගරසංගීතය - ජානක ෆොන්සේකාගායනය - ඉන්දිකා උපමාලි.
BLOG
මා හට මිසසඳ නැති පාළුව අහසටමිස දැනෙයි ද මහ පොළවටනුඹ නැති පාළුව මාහටමිස නොදැනෙයි වෙන කාහටආදරයක් ඇති වුනි නම්නුඹටයි නුඹෙ ඔය හිතටයිමේ ලොව තනියෙන් හිටියත්නුඹෙ රුව-ගුණ මා අසලයිඉර එනමෙන් හෙට උදයේනුඹ එනවා නම් සොඳුරේමේ ලොව නෙක මල් අතරේමගේ හිතත් පිපෙනු ඇතේනුඹ එනකම් බලා ඉන්නමම෴ වත් ෴.
BLOG
...සෙනසුරාදා උදාවිය. සිකුරාදා රාත්‍රීයේ සිටම හර්ෂණට හරියකටනින්ද ගියේ නැත. හෙට කරන්නට යන දේ පිළිබඳව සිකුරාදා සිටම හර්ෂණ සිටියේ සොම්නසිනි.රාත්‍රී ඝණ අන්ධකාරය දෙස බලාගෙන නොනිදාම සිහින දකිමින් සිටි හර්ෂණ කාමරයේ ජනේලයෙන්සෙනසුරාදා පළමු හිරු කිරන දකිද්දීම මහත් ප්‍රබෝධයෙන් යුතුව ඇඳෙන් නැගිට්ටේය.උදෑසන ඇඟ හිරිගඩු නංවන සීතලද නොතකමින්මහා කළබලයකින් ලක ලැහැස්ති වූ හර්ෂණ කළු පැහැති කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසීඅවසන් වන තුරුද විරාජ් සිටියේ නින්දේය. කාමරයේ කණ්නාඩිය ඉදිරිපිටට ගොස් හොඳින් හිසපිරාගත් හර්ෂණ ආපසු පැමින තවමත් නිදා සිටින විරාජ්ට පයින් ගැසුවේය.
BLOG
සරත් සමයෙහි සරතැසෙහි නෙතලෙදින් නුඹ නෙත මහද දැව් සඳනඳිත වී ඉපිලුණද හදවතවීය බාධක විකුම් ධනුදරපතා ලබනට නුඹෙන් සෙනෙහසසටන් වැදුනෙමි එඩි බිඳින්නටපොලොව සිඹි මුව දැනිණි ලේ රසතෙදැති ධනුදර නැගී ජය ගොසබියෙන් සලිතව නුඹේ නෙතු යුගදිටිමි කඳුලැලි උතුරනා හැඩනුඹේ කුමරුන් එදෙස බැලු සඳමමයි ගත්තේ ඔහුගෙ අසිපතසිදුරු වූ ඔහු පපු තුරෙන් ගැලුරුහිරු නුඹ හද වසා ගන්නැ'තිනුඹේ දෙනෙතෙහි තිබූ වෛරයශෝකයත් මම හැඳින ගත්තෙමිසෙනෙහසක් නැති දෙනෙත් අබියසසිතෙහි වූ වෙර හැඳිනුවෙමි මමබියෙන් නැවතින මගේ හදවතපලා වන ගැබ සැඟවුනෙමි මමකිමෙක් වීදැයි පිරිස ඇසි සඳපැවසුවෙමි මම නුඹ චපල බවඇදහුවේ උන් සෑම වදනමමාය වැදි රජ , මෙවන අරණටතවම වැලපෙයි මගේ හදවතවනේ සතුනට ගොදුරු විද නුඹශෝකයෙන් ළය පැලී මියැදිදමහ වනේ මං මුලා විද නුඹ.
BLOG
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව2014 අපොස සාපෙළ විභාගයට පෙනී සිටිනදූ දරුවන් වෙනුවෙන් උපකාරක සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමටකටයුතු යොදා ඇත.2014-11-19 විද්‍යාවදීපාල් ඩයස් මහතාවිශේෂ පුහුණු විද්‍යා ඩිප්ලෝමාධාරී, මීගමුව නිවුස්ටඞ් බාලිකා ජාතික පාසලේ විද්‍යා ආචාර්ය,2014-11-20 ගණිතයටී.ඞී.කේ.ඒ. ජයන්ත මහතානියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වැඩසටහන්)2014-11-21 ඉතිහාසයචන්දිම බිබිලේ මහතාB.(SPශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයM.A (Buddhist Dip:)2014-11-24 ඉංගී‍්‍රසිජයතිස්ස අතාවුදහෙට්ටි මහතාඉංගී‍්‍රසි පිළිබඳ ජාතික ඩිප්ලෝමා, කේම්බි‍්‍රජ්E-SOL Teacher2014-11-25 සිංහලසුජීව සිරිමෙවන් මහතාB.ශාස්ත‍්‍රවේදී (ගෞරව) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු කථිකාචාර්යනොවැම්බර් 19,20,21,24,25 දිනවලවිද්‍යාව, ගණිතය, ඉංග‍්‍රිසි, ඉතිහාසය, සිංහල,යන අනිවාර්ය විෂයයන් සම්බන්ධඉලක්ක ප‍්‍රශ්න ඇසුරෙන් සම්මන්ත‍්‍රණ පැවැත්වේ.පෙව 9.30 සිට 12.30 දක්වාආනන්ද සමරකෝන් මැදිරියේදීසම්මන්ත‍්‍රණ පැවැත්වේ.ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව2014 අපොස සාපෙළ විභාගයට පෙනී සිටිනදූ දරුවන් වෙනුවෙන් උපකාරක සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමටකටයුතු යොදා ඇත.නොවැම්බර් 19,20,21,24,25 දිනවලවිද්‍යාව, ගණිතය, ඉංග‍්‍රිසි, ඉතිහාසය, සිංහල,යන අනිවාර්ය විෂයයන් සම්බන්ධඉලක්ක ප‍්‍රශ්න ඇසුරෙන් සම්මන්ත‍්‍රණ පැවැත්වේ.පෙව 9.30 සිට 12.30 දක්වාආනන්ද සමරකෝන් මැදිරියේදීසම්මන්ත‍්‍රණ පැවැත්වේ.වැඩිදුරවිස්තර සදහා0112693345අමතන්න.
BLOG
ඔන්න අපි ඊයෙ පෙරේදා කිව්වා වගේ එළඹෙන අප්‍රේල් මාසෙ 20 වැනිදා මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා. මෙදා සැරේ අවුරුදු උත්සවයේ බොහෝ දේවල් තීරණය කරන්න උදව් වුනේ දයාබර ඔබ. සමරු කලාපය කෙසේ විය යුතුද. නිර්මාණ තරඟයට ඇතුලත් විය යුතු අංශ මොනවාද. සිහින බක්මහ උළෙලේ පවත්වන තරඟ අංශ මොනවාද. කියන කාරණා වලදි ඔබගේ යෝජනා බොහොමත්ම වැදගත් වුනා. මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙල තියන්න වඩාත්ම සුදුසු කොතනද කියලා තීරණය කරන්නත් අපි ඔබට ආරාධනා කරනවා. ඔබට කරන්න තියෙන්නේ අප විසින් තෝරාගත් පහත දැක්වෙන ක්‍රීඩාංගන දෙක අතරින් ඔබට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි, එහෙමත් නැත්නම් ඔබ වඩාත් කැමති ක්‍රීඩාංගය පහලින් දක්වලා තියෙන ෆෝම් එකේ සලකුණු කරන එකයි. 01. බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයකොළඹ කොටුවේ ඉඳලා එනවා නම් 103,170,171,190, 144 ඕනෑම බස් එකක නැගලා බොරැල්ලට ඇවිත් එතනින් කොට්ටාව - බොරැල්ල 174 බස් එකේ බුද්ධදාස ක්‍රීඩාංගනය ළඟින් බහින්න පුළුවන්. 170,171,190 බස් වල එන අයට කෙලින්ම බත්තරමුල්ලට ඇවිත් ත්‍රීරෝද රථයකින් එන්නත් පුළුවන්. ගාළු පාරෙ එන අයට කොල්ලුපිටියෙන් 177 බස් එකේ ඇවිත් රාජගිරියෙන් බැහැලා 174 බස් එකේ නගින්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම බත්තරමුල්ලට ඇවිත් ත්‍රීරෝද රථයකින් එන්නත් පුළුවන්.ගාල්ල අධිවේගී මාර්ගයේ එන අයට සහ හයිලෙවල් පාරේ එන අයට කොට්ටාවෙන් 174 බස් එකේ නැගලා බුද්ධදාස ක්‍රීඩාංගනය ළඟින් බහින්න පුළුවන්.මේ තියෙන්නෙ සිතියම View Larger Map02. වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයමේ 2012 අවුරුදු උත්සවය පවත්වපු ක්‍රීඩාංගනය. මේ තියෙන්නේ එතනට එන විදිය එදා මේ බ්ලොග් අඩවියේ පළ කරපු ආකාරය. කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න.138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත HSBC ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ.ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව " FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.View Larger Mapදැන් කරන්න තියෙන්නේ මේ තැන් දෙකෙන් වඩාත් සුදුසු තැන මෙන්න මේ ෆෝම් එකේ සලකුණු කරන එකයි...ඔබේ ප්‍රතිචාර මේ සිකුරාදා, ඒ කියන්නේ පෙබරවාරි 21 වෙනිදා උදේ 8.00 ට කලින් ලබා දෙන්න. ඒ අනුව ඔබ වඩාත්ම කැමති ක්‍රීඩාංගනය අපි අවුරුදු උත්සවය වෙනුවෙන් වෙන් කරනවා.සයිබර් සිහින බක්මහ උළෙලේ මූලික කටයුතු වලට ඔබට සක්‍රීයව දායක වෙන්න පුළුවන් තවත් අවස්ථා කිහිපයක්ම තිබෙනවා. සූදානමින් ඉන්න. ඉදිරියේදී විස්තර දැනගන්න ලැබෙයි.
BLOG
මේ දෙවන ලෝක යුද්ධය ගැන ලියවෙන ලිපිමාලාවක 6 වැනි ලිපියයි.ගූගල්දෙයියෝ පිස්සුවක් කෙළලා බ්ලොග් රෝල් වල බ්ලොගේ අප්ඩේට් වෙන්නේ නැති අයමෙතනින් ඒ ලිපියට යන්න ==>දෙවැනි ලෝකයුද්ධය ගැන ලියැවුණු සම්පුර්ණ ලිපි මාලාවටමෙතැනින් යන්න. ==>සිදු වූඅපහසුතාවට සමාව.
BLOG
ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ. රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති..කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ. අහ්. රමණි ද. බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද. අයියෝතෝරගෙනතියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි...සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ...සරසලා මදි වගේ නේ.. කවුද දන්නේ නෑ මල් කරේ.මේ වෙල්කම් ඩ්‍රින්ක් එක අමුතු රහයි...හ්ම්... මනමාලිගේ අම්මා බලන්නකෝ,මේකප්වැඩී නේද.දන්නේ නැති කෙනෙක් නේ ෆොටෝස් ගන්නේ. ෆොටෝස් ටික හරි නැති වෙයි...අයියෝ. බෑන්ඩ් එක හරි සද්දයි. මේරියන්ස්ලා ව ගෙන්න තිබ්බේ..වෙඩින් කේක් එක හරි පොඩි නේ... කෑමත් පරක්කුයි...කෑම හරි නෑ නේ. මම නන් පොඩ්ඩයි කෑවේ.සවුත්තු අයිටම්ස් වගයක් නේ තිබ්බේ, අපි ගිය වෙන වෙඩින් එකක ලස්සන නැටුම් වගයක් තිබ්බාකපල් ඩාන්ස් එක බලන්නකෝ දෙන්නට හරියට නටන්නත් බෑ...දෙන්නාට යන්න තියෙන වාහනේ බලන්නකො...සවුත්තු වෙඩින් එකක්.
BLOG
මෙම ලිපි ඔබගේ facebook profiles / pages හෝ වෙනත් වෙබ් අඩවි / බ්ලොග් අඩවි වල ඔබ නැවත පළකරන්නේ නම් කරුණාකර කතුවරයාගේ අනන්‍යතාවය සමග පලකිරීමට කාරුණික වන්න.
BLOG
කෙල්ලන් බෙල්ලේ වැල දාගන්න ප්‍රධානම හේතුවක් විදියට බොහොම කෙටි කාලයකින් හැමෝගෙම අවධානය දිනා ගන්න සමත් උන අපි කවුරුත් දන්නා වෙබ් අඩවිය තමයි ෆේස්බුක් කියන්නේ. දැන් දැන් මේක අපේ මහින්ද මාමටත් තේරිලා තියෙනවා. ඇත්තටම මෙතන වරද තියෙන්නේ ෆේස්බුක් භාවිතා කරන කෙල්ලන්ගේ උනත්, රජය හදන්නේ "බෙල්ලේ වැල දාගන්නේ සාරි වලින්ද, එහෙනම් සාරි තහනම් කරන්න ඕනේ" වගේ වැඩක් කරන්න. මේකට ෆේස්බුක් තහනම් කලාට වැඩක් නෑ. මොකද ෆේස්බුක් වල විතරද ඔහොම සීන් දාන්න පුළුවන්. පිස්සු හැදෙයි. එතකොට Skype, VK, WhatsApp මේ ඔක්කොගෙන්ම කරන්නේ ෆේස්බුක් වල වගේ චැට් කරන එක තමයි. එතකොට එහෙනම් ඔක්කොම තහනම් කරන්න ඕනේ. නැත්තම් අන්තරජාලයම තහනම් කරන්න ඕනේ. ෆේස්බුක් තහනම් කලත් ,එන මිනිහා මොකක් හරි ක්‍රමේකින් එනවා. දෙමාපියෝ දැනගන්න ඕනේ තමන්ගේ දුවව හදාගන්න. නැතුව මේ ෆේස්බුක් වහන්න කියලා විලාප තියන එක නෙවෙයි. මේක මේ අපේ රටේ පලවෙනි ෆේස්බුක් මරණය නෙවෙයිනේ. ඔයිට කලින් කොච්චර මැරුණද. Skype නිසා කොච්චර මලාද. එතකොට Skype නවත්තලා හරි යනවද. වරද තියෙන්නේ මිනිස්සු අතේමයි. ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක් තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්න දන්නේ නෑ. හදන්න ඕනේ අන්න එතන, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් තමයි වෙනස් කරන්න ඕනේ. මේ එල හරක්ට ඒක තේරෙන්නේ නෑ. මුන් හදන්නේ ෆේස්බුක් තහනම් කරලා තව චන්ද ටිකක් කඩාගන්න. හරි, ඒ අපතයන්ට බැන්නා ඇති. දැන් මේ මී හරක් ෆේස්බුක් තහනම් කලොත් එහෙම, ෆේස්බුක් වලින් නිවැරදි ප්‍රයෝජනේ ගන්න යටත් ඒක අහිමි වෙනවා. ඒ නිසා මම අද කියලා දෙන්නේ බැරි වෙලාවත් ෆේස්බුක් තහනම් කලොත් එහෙම, ෆේස්බුක් වෙත හොරෙන් රිංගන විදිය. ඔයාලා මුලින්ම https://www.org/ වෙබ් අඩවිය වෙත පිවිසිලා Tor Browser Bundle එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න. මේක මගින් බ්ලොක් කරපු ඕනෑම වෙබ් අඩවියකට යන්න හැකියාව තියෙනවා. Tor කියන්නේ ලොව පුරාම ගොඩක් ප්‍රචලිත නොමිලේ ලබාදෙන ව්‍යාපෘතියක්. මේකෙදි අපි ෆේස්බුක් වලට එනකොට අපිව ෆේස්බුක් වලට එවන්නේ ලොව පුරා ඇති Tor Server වලින් එකක් හරහා. ඒ කියන්නේ Tor ජාලය හරහා. එතකොට අපේ ISP ඒ කියන්නේ ඉන්ටනෙට් දෙන සමාගමට පෙන්නේ අපි Thr ජාලයට විතරක් විසිට් කරනවා කියලා විතරයි. ISP දාල තියෙන කිසිම බ්ලොක් එකක් Tor වලට වලංගු වෙන්නේ නෑ. ඒ කියන්නේ ඕනෑම තාප්පයක් කඩාගෙන යන්න පුළුවන්. මෙය නිවැරදිව භාවිතා කරන හැටි දැනගන්න ඕන අය මෙන්න මෙතන ක්ලික් කරන්න. එතකොට වීඩියෝවක් මගින්ම මේක පාවිච්චි කරන හැටි ඉගෙනගන්න පුළුවන්. දැන් මම කිව්වනේ කොහොමද ෆෙස්බුක් තහනම් කලොත් එහෙම ෆේස්බුක් යන්නේ කියලා. හිතනවා කට්ටියට තේරෙන්න ඇති කියලා. ඕනෑම ගටල්වක් තියේනම් කමෙන්ට් එකක් දාන්න. දැන් ඉතින් හරියට නින්ද නොයන ලේදෙටත් පිලියමක් ලැබෙන්න ඇතිනේ :D. කොල්ලෝ කෙල්ලන්ට Tor ඔයාලගේ android phone එකටත් දාගන්න පුළුවන්. ඒ සදහා මෙන්න මේ ලින්ක් එකට යන්න - https://www.org/docs/androidඑහෙනම් ඔබට ජය. තවත් මේ වගේ පොස්ට් එකකින් පසුව හමුවෙමු.
BLOG
පරණ දින පොතක තිබුණ කවියක්........ අහම්බෙන් ඇස ගැ‍ටුනෙ. මේ පැත්ත පාළුවට ගිහින් නිසා පල කරන්න හිතුණ.හිත බෝම රිද්දවපුවදන් මට ඇසුණාට,නෑසුණා සේ ඉන්නසිතක් මට තිබුණාසෙයිලමේ නේක නෙතුදහක් ඉඟි දු‍ටුවාට,නුදු‍ටුවා සේ සිටියනෙතක් මට තිබුණාඒත්...........කලාතුරකින් දු‍ටුවනුඹේ හස‍රැල් වලට,ඇත්තමයි මගේ සිතමොහොතකට සැලුණාඇය නමින් නුඹ ලිවුවකවිය ඇස ගැ‍ටුණාම,සත්තකයි මගේ හිතමහ ගොඩක් හැඬුවා.
BLOG
මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම.සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ. ආරංචියේ හැටියට නම් මේ පාර සරුයිලු. ඔය අවුරුදු උත්සවත් එක්ක මට වෙච්චි අකරතැබ්බි දෙකක්ම තියනවා.2011 දි, ගේට්ටුව ලඟ ටිකට් එක කඩන්න මේ කියන වෙලාවේ භාර වෙලා තිබ්බේ මට, ඉතින් මම එන එන එකාට ටිකට් කැඩුවා. ඔය අතරේ අපේ ප්‍රධාන ආරධිත අමුත්තන්ගෙන් කෙනෙක් වෙලා හිටියේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. මම මුලින් ඉදන් දැනං හිටියා එතුමා එනවා කියලා. ඒ දැන දැනත් මූන බලාගෙන කැඩුවානේ ටිකක් එකක්. අපරාදේ කියන්න බැහැ මම මට පැවරිලා තිබ්බ ටිකට් කැඩිමේ යුතුකම ගානට ඉටු කලා. ඇත්තටම එතන උනේ කලබල කාරීත්වයත් එක්ක මට අතපසුවීමක්. කොහෙම හරි ඒ මහත්තයා ඒක ගනං ගත්තේ නැහැ, ඔහු තේරුම් ගත්තා එතන වෙච්ච දේ :D ටිකට් එකට සල්ලිත් දිලා, ආපු වැඩෙත් හොදට කලා.2013 දි, මතක ඇතිනේ බ්ලොග් පොස්ට් වලින් ගිය වලියක් යතාර්තයක් බවට පත් උනේ මහරගම යූත් සෙන්ටර් එකේදි කියලා. එතනදි කෙහේ වලු පටලව ගත්ත එක කෙල්ලකේට හොඳටම තද වෙලා ඩිජේ එක ලඟට ඇවිත් ඇහැව්වා කවුද මේකේ සභාපති කියලා, අනේ ඉතින් මාත් අතල් එකට මම ඇයි මොකේ කියලා ඇහැව්වා. බුදු අප්පේ අර කෙල්ල කිව්වේ නැද්ද 500Kmph වේගයෙන් කියුම් ටිකක්, විනාඩියකින් විතර පස්සේ තමයි මට මීටර් උනේ අහක යන කුනුගොඩක් නේද මේ කියලා. සද්ද නොකර ඉදලා සද්ද නොකරම හිටියා මම, ඉල්ලං කාපුවා කියලා. කොහෙම හරි ඒ කෙල්ලට පස්සේ තේරුනා කරපු වැඩේ වැරදියි කියලා.2014 වසරේදි එවන් සිදු වීමක් නොවේවා කියන ගමන්, පොඩි මතක් කිරීම්ක් කරන්න කැමතියි. 20 වෙනිදාට ඒ පරිසරය ගැන හිතලා, අපේ අවුරුදු උලෙල නිමාවන විටත් අපිරිසිඳු නොකරන ලද ක්‍රීඩා පිටියක් ඔවුන්ට නැවත භාරදිය යුතුයි කියන දේ අපි හොඳට සිහිතබා ගන්න ඕනේ. සංවිධායක කමිටුව මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔය වලි එහෙම යනවා නම් කලින් මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ. මොකද මධ්‍ය අවාරණ නැති වලියක් තමයි 2013 දී තිබිලා තියෙන්නේ :Dතව දෙයක්, මෙවර අපිට අනුග්‍රහය දක්වන අයට හා අනික් අය දැනුවත් කරන්න, හැකි අය පහත විජෙට් දෙක එල්ල ගන්න<object width="230" height="300" data="https://googledrive.swf"></object>එහෙන්ම් 20 හමු වෙමුවැප්.
BLOG
මට අමතක නැතිඔබට මතක ඇතිඅතීතයක් විනිසෙනෙහස සිත් රැඳි ..එදත් අදත් හරිවෙනස් උනත් අපිකුලුඳුල් පෙම බැඳිසිතින් මකනු බැරි .
BLOG
බ්ලොග් ලිවිල්ල සහ එය පවත්වාගෙන යාම ලේසි පහසු කාරියක් නොවේ ය. වෙලාවකට හිතේ තියෙන්න ඔක්කොම වේදනා, චෝදනා වාන් බින්දා වගේ ඔහේ ලියා දමාලා හිත හදාගන්න හිතුවත් එහෙම බැරි බව තේරුණාම උලව් බ්ලොග් ලිවිල්ල බල්ලට දමා දන්න කියන කෙරුවාවක් කරගෙන ඉන්න හිතෙනවා ය. ඒත් හිතේ තියෙන අනේකප්‍රකාර ආල කටන්දර, විරහ වේදනා, අතීතකාමය හා සබැඳි වග විස්තරාදිය එළියට දමා හිත හෑල්ලු කරගන්නට හොඳම ගුහාව මෙයම බව හිත කියන හන්දාම තවමත් මේ පැත්තේ එනවා ය. ඒකත් හරියට අර බූරු කන් දෙකේ කතාව වගේය.මොකක්. බූරු කන්දෙකේ කතාව දන්නෙ නෑ කිව්වා. :O ඒ වගටත් මෙසේය.එකමත් එක රටක කබරාස්සයෙක් වගේ කූර තර රජෙක් උන්නේ ය.මෙහෙව් මහ රජා නිතර එළිපහලියට නො ආ හේතුව රටේ කවුරුත් දැන ගෙන හිටියේ නැතුවා ය.හදිසියේ රජවාසල කරණවෑමියා නොහොත් බාබර් කොළුවා ලෙඩ ගානේ වැටුණේ ය. ඒක හරියට ජාති "කුදුබල සේනා ගාය" වාගේ එකක් ය. ලේසි පාසුවෙන් ගොඩයන්න ලැබෙන්නේ නැත. කොහොමින් හෝ ඔය කෙලිය නිසාවෙන්ම වාසලට පිටින් බාබරයෙක් ගෙන්නා ගැනීමට මහ රජාට සිදු උණේ ලු. සුපරස්ටාර් වාගේ තරඟා වලි කීපයකට පස්සේ අපේ ගමේ බාබර්ට චැන්ස් එක වැදිනි. උදේ පාන්දරින්ම වාසලට ගොස් වැඩේට බැස්ස උන්දාට දවල් තරු පෙණුනේ රජාගේ කන්දෙක අල්ලද්දීය. හත් ඉලව්වේ. මහ රජාට තිබුණේ බූරු කන් දෙකකි. කාගේ සාපයක්දැයි කියන්නට දන්නා කෙනෙක්ද උන්නේ නැතුවා ය.කොණ්ඩෙත් කපා කබරාස්ස රජාගෙන් ප්‍රාණෙත් බේරගෙන ආවාට බාරබයා දැන් අප්‍රමාණ අමාරුවකින් පීඩා විඳින්නේ ය. කාටවත් කියලාත් බැරිය. නොකියාත් බැරිය. ගෙදර උන්දාත් රටේ උන්දලාත් දවසින් දවස බාබරයාට වහකදුරු වෙන්නට ගත්තේ රහස නිසා උපන් ටෙන්සන් එක නිසා ම ය.බාබරයාට අන්තිමේ ගණ දෙවි නුවණ පහල විය. ගංඉවුරේ උණ පඳුර යට වලක් හාරාගත් උන්දා මහ රාත්තිරියක වලට කණ තබා මෙහෙම තුන් පාරක් කිව්වේලු."රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්. ""රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්. ""රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්. "පහුවදා පාන්දර මහා ආශ්චර්යයකි. ගං ඉවුර දිගට අර උණ පඳුරේ පුරුක් පැතිරී මහා උණ යායක් පැතිරුණා විතරක් නොවේය. ජනතාව නිහඬ වූ රටක උණ පඳුරු මෙන්න මෙහෙම කියමින් හුළඟට වැනෙන්නට උණා ලු."රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්. ""රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්. ""රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්. ""රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්. ""රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්. ".
BLOG
මගේ ජිවිතයේ හිමිව තිබු දේවල් එකින් එකින් නැතිවි යද්දි,ඉතිරි වන දෙයින් සතුටු විමට මා හුරු වුවෙමි.ඒත් නැතිවෙන දේවල් ගැන මතක් වෙද්දි නෙතට ඉනු කදුලු බිංදු හුළගට පාවෙලා ගියේ...මුව වසා ගන්නට ආ හැඩුම නතර වුයේ,එකම එක දෙයක් ගැන මතක් වීමෙනි,,,ඒ මං දහස් වාරයක් උබට කියා ඇති විදිහටම...ඔයාගෙ දගකාර මුහුණත්..හැගීම් බර ඇස් දෙකත් සිහියට එන විටය..ඔයාගෙන් ලැබු ආදරයත්,මට මං ලග ඉතිරි වී ඇති ආත්මශක්තියත් එකතු කරගෙන ජීවිතය කොහොම හරි ගැට ගහගන්නවා යැයි මා සිතු හැම වාරයකම මා ඒ බව ඔයාට කියල තියනවා..ඒ නිසාවටම මා ඔයාගෙන් ඉල්ලා තිබු එකම දෙයක් වේ නම් මා ජිවත් කරවන ඔය ආදරය නැතිකරන්න එපා කියන එක බවත් ඔයා හොදටම දන්නවා...ඒත් හීනෙකින්වත් හිතපු නැති විදිහට ඔයත් මගෙන් වෙන් වෙලා ගියාම....,මන් ගොඩාක් අසරණ උනා....හ්ම්ම්මේ හැම දෙයක්ම අමතක කරලා ආයෙත් නැගිටින්න හිතනවා කියලා හිතපුවාම...මට ආයෙත් මතක් වෙන්නේ ඔයාව..ඒ ඔයත් එක්ක ජිවිතය දිනන්න හිතපු නිසා වෙන්නැති..'පිරිමියෙක් නැතිව ගැනු අපට කොයින්ද ආත්ම ශක්තියක්' කියලා මට හිතුනු අවශ්ථා අනන්තයි...ඒත් අයෙත් මං හිතුවාඔයා මට දුන්නු,කදුල,සුසුම,තනිකම,ආශිර්වාදයක් කරන් මං ආයෙත් මෙ ලොකෙ නැගිටලා හිනාවෙලා ඉන්නව කියලා..මන් තරහා නැ...ප්‍රේමයේ පහන් සිළුවමසුසුමකින් මා නිවා දැමුවෙමිනිවා දැමුමට සුසුම දුන්නේඋබ නොවෙද හා කියන් කුමරුණිප්‍රේමයේ වේදනාවදකදුළකින් මා සෝද දැමුවෙමිකදුළ ඉනුමට දැස් අබියසහේතු දුන්නේ කව්ද කුමරුණිජිවීතේ අන්ධකාරෙටතනිවමම මා දෙපා තැබුවෙමිතනිවමම මට යන්න වුයේනුබ නොමැති දා නොවෙදකුමරුණි.
BLOG
2013 දී බඩබොකු රත් කරගෙන බලපු හෝල්මන් ෆිල්ම් සෙට් එකක නම් කිව්වොත් පලවෙනි 5 අතරට එන ෆිල්ම් එකක් තමා The Conjuring කියන්නේ. ඔන්න එකේ දෙවැන්නක් එනවලු, 2016 දී. චිත්‍රපටයේ නිෂ්පාදකයින් වුන වෝනර් බ්‍රදර්ස් සමාගම 2015 දී කල එලි බස්සන්න කටයුතු සැලසුම් කරලා තිබ්බත් නිවු ලයින් සිනමා සහ වෝනර් සමාගම තව අවුරුදු දෙකකින් චිත්‍රපටිය එලියට දාන්න හේතුව පස්සේ තියෙන්නේ මොකද්ද කියලා නම් තවමත් වාර්තා වෙන්නේ නෑ,සැලසුම් කටයුතු සහ අදාළ විධායක ක්‍රමවේදයන් හරියට කළා නම් The Conjuring2 එලියට එන්න තිබුනේ 2015 ඔක්තෝම්බර් මාසේ 23 වෙනිදායි. ඩොලර් මිලියන 6.5 වියදම් කරලා නිෂ්පාදනය කරලා, ලොව වටා තිරගතවීම සහ වෙළඳාම් වලින් ඩොලර් මිලියන 166ක් හොයාපු මේ චිත්‍රපටය, මෙහෙම අවුරුදු දෙකකින් කල් ගියාට පස්සේ ඉහත කියපු දවසට වෙනත් හොල්මන් චිත්‍රපටියක් ප්‍රදර්ශනයට එකතු කරන්න මේ වෙනකොට වෝනර් සමාගම කටයුතු කරමින් ඉන්නවා කියලයි අන්තර්ජාල සිනමා සඟරා වල සඳහන් වෙන්නේ.බොහෝවිට මෙදිනට ප්‍රදර්ශනයට එන්නට හැකි චිත්‍රපට අතර Crawlspace හෝ Superstition කියන චිත්‍රපටි ඉදිරියෙන් ම තියෙනවා. Crawlspace පාදක වෙන්නේ බිරිඳ මියගිය සැමියෙක් තමන් හා අලුත විවාහ වූ බිරිඳත් එක්ක නව නිවසකට පදිංචියට යාම පාදක කරගනිමින්, ඒ වගේම Superstition පාදක වෙන්නේ එක්තරා පවුලක් මෙයට සියවස් ගණනකට පෙර මායාකාරිය මරාදැමූ ඉපැරණි නිවසකට පදිංචියට යාමක් වටා බව මේ චිත්‍රපට වල නම් වලින් කුඩා හෝ ගුගල් සෙවුමක් දැම්මොත් සොයාගන්නට අමාරු නෑ.
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}ගස් කොලින් වටවුණු සුන්දර සිසිල් තන පියසක් මත සිටිමින් සෙමින් ගලායන සුන්දර මද නලෙන් අපිරිමිත සුව විදගනිමින් තම සිතට නැගෙන කුමක් හෝ අදහසක් කැන්වස් රෙද්දක් මත හෝ කඩදාසියක් මත සියුම්ව සිත්තම් කල හැකි නම් කෙතරම් අගනේද. එවන් අවස්ථාවක් මෙමස 19 වනදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීටයේ සිසුන් හට උදා විය.Frame නම් චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමිව ඉංජිනේරු පීට කලා කවය මගින් සංවිදානය කල මෙම චිත්‍ර කලා වැඩමුලුව ඉංජිනේරු පීට සිසුන්ගේ චිත්‍ර කලා කුසලතා ඉස්මතු කෙරෙන කදිම තෝතැන්නක් විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීට කලා කවය පීටයේ කලා දක්ෂතා ඇති සිසුන් එක් කර ගනිමින් නිරන්තරයෙන් අපුරු කලා අංගයන් දැයට දායාද කරයි. ඒ අතර තුන්වෙනි සීනුව,සනුහරය වැනි නාට්‍ය නිර්මාණත් FIATO, දෙනිපෙත, සේකර ප්‍රණාම, සුහානි රාත්, රග සොබා වැනි ගීත නිර්මාණත් ප්‍රමුක වේ. නමුත් මෙවැනි චිත්‍ර කලා නිර්මාණ ඇගයීමට ලක් කරමින් සිදුකරනු ලබන පළමු චිත්‍ර ප්‍රදර්ශනය මෙයයි. සම්ප්‍රදායික අද්‍යාපන රාමුවෙන් ඔබ්බට යමින් තම සිතැගි පරිදි නිර්මාණ කරණයේ යෙදීමටත් තම සිතුවිලි ප්‍රබල ප්‍රකාශන මාද්‍යක් වූ චිත්‍රය හෝ වෙනත් කලා නිර්මාණයක් හරහා සමාජයට ප්‍රක්ෂේපනය කිරීමටත් Frame චිත්‍ර ප්‍රදර්ශනයේ මුලික අරමුණු අතර ප්‍රදාන වේ.මෙහි පළමු අදියර ලෙස පැවති චිත්‍ර කලා වැඩමුළුව ඉංජිනේරු පීට පරිශ්‍රයේදී සිසුන් 300 පමණ සහබාගිත්වයෙන් පැවැත් විය. එළිමහන් ප්‍රදේශයක් පුරා පැවති මෙම වැඩසටහන අපුරු කලාත්මක නිර්මාණ බිහි කෙරුණු තිබිරි ගෙයක් බදු විය. චිත්‍ර කරණයේ යෙදුනු නොයෙදුණු කාට වුවත් පොදුවේ මේ සදහා සම්බන්ද වීමට හැකි වීම මෙහි වූ විශේෂ අංගයක් විය. විවිද මාද්‍යන් යොදා ගනිමින් විවුර්ත වැඩසටහනක් ලෙස පැවති මෙහි නිශ්චිත මාද්‍යක් නොතිබීම ඉතා දැකුම්කලු වූ බව අවස්ථාවට සම්බන්ද වූ සිසුන්ගේ අදහස වියගකථිකාචාර්ය වරුන් සහ වුර්තීමය චිත්‍ර ශිල්පීන් රැසක් මේ අවස්ථාවට සම්බන්ද වූ අතර මෙලෙස සැගවුණු දක්ෂතා ඉස්මතු කිරීමට ගත් උත්සාහය ඔවුන්ගේ පැසසුමට ලක් වියගප්‍රබුද්ද කලා නිර්මාණ රැසක් එක් කර ගනිමින් Frame කලා නිර්මාණ දැක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය පරිශ්‍රයේදී නුදුරේදීම ජනතාවට ප්‍රදර්ශනය කිරීම සංවිධායකයින්ගේ මීළඟ අරමුණයි.
BLOG
.......
BLOG
15.4pt 0cm 5. ජීවිතේ අපිට කොතෙකුත් වින්දනයන් ලැබ ඇතිද...කෙනෙකු වින්දනයකරන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ කෙසේ වෙතත් කොයි පුද්ගලයත් හොයන්නෙඅවසානයේ සතුටයි. එහෙත් ඒ හැම වින්දනයක් අවසානයේ අපට ඉතිරි දුකක් පමණි. එහෙත් අපේමනස ඒ දුක අපෙන් හංඟයි. මන්ද මනස වින්දනය ලෝභ කරයි. යම් ලෙසෙට අපි වින්දනයක්අවසානයේ අපට ඉතිරි දුකක් පමණක් වැටහුනු කල ඒ වින්දනයන් පසු පස හඹා යාමෙන් වලකී. ඒනිසයි මනස අපිට එය සඟවයි. අපි තව තවවත් වින්දනය පසු පස යයි. මෙහි අවසානයක් පවතීද...එක දෙයකින් ලැබුන වින්දනය නොලැබී ගිය කල එයට ආදේශක හොයයි. මනසට ඕනේකොහොම හරි වින්දනය ලබන්නයි. ඒත් එහි අවසානයක් පවතීද... එහිඅවසානය අනන්තය කරා ගමන් ගනී. මැරෙන තුරා එය එලෙසම සිදුවේ. මැරුනත්…ඊළඟ ආත්මේ,ඊළඟ ආත්මේ,ඊළඟආත්මේ වගේ කෙලවරක් නැතුව වින්දනය කරා අපි හඹායයි.ඒත් එහි අවසානයක් පවතීද...අපි නිතරම බලන්නේ කුමකින් හෝ වින්දනයක් ලැබුවොත් තවත් ඒ ලැබූවින්දනය වැඩි කරගන්නේ කෙසේද කියලා නොවේයිද...එහෙත් ඒ වින්දනය නැති වූ කලලැබෙන දුකද වඩා වැඩි නොවේද... උදාහරණ ලෙස ඔබේ දිවට වින්දනයක්ලබා දෙන්න කියා වැඩියෙන් සීනී යෙදූ තේ පානයක්දිනකට පස්වේල බැගින් මාසයක් පානය කරොත් ඔබ අවසානයේ දියවැඩියා රෝගියෙක් වීමේසමභාවිතය කෙතරම්ද යන්න ඔබට හැගෙයි.දියවැඩියා රෝගියා විදින දුක පිළිබඳව ඔබට වැටහීමක් ඇති. සාමාන්‍ය තේකොප්පයක් බී අවසානයේ අපට හැගෙන මේ තේ එක ඉවරයි කියන දුකට(මෙය අපේ මනස අපට සඟවයි)වඩා වැඩි වින්දනයක් ලබන්න ගොස් දියවැඩියා රෝගය වැලඳගෙන විදින්න සිදු වුන දුකවැඩියි නේද... මෙලෙසමඔබේ ජීවිතේ ලබන විදීම් පිළිබඳ සිතා බලන්න. හොදින්ම සිතා බැලුවොත් අපේ ජිවිත දුකටපත්කරගන්නේ වින්දනය පසු පස හඹා යෑම තුලින්අපි අපිමයි.වින්දනයේ ලොකුම වේදනාව,දුක අපටඇතිවන්නේ අපිට ලෙඩක් හෝ ආබායක් හෝ කිසිවක්කර කී ගත නොහැකි ලෙස වයසට ගිය කලයි.මන්ද ඔබේ මගේමනස ඉල්ලන වින්දනය අපිට ලබාදිය නොහැකි ලෙස ඔබ සහ මම දුබල වීමයි.එහි අවසාන ප්‍රතිඵලයවිශාල වේදනාවක් පමණි. අද පවතින සියලුම සාමාජීය ගැටලුවකටමූලික හේතුවක් මේ වින්දනය.වින්දනය සොරකම් මැරකම්,දුෂණ සහ වංචා,ලිංගික අපරාධ,පාරිසරික, දේශපාලනික ගැටලු ආදී බොහොමයක්(සියලුම)ගැටලු වලට මුලික හේතුවකි. රාග,දේෂ,මෝහයෙන්(මේපිලිබඳ නිවැරදි වැටහීමක් නොමැති නම් භාවනායෝගී හිමිනමකින් අසා දැන්ගන්න) යුතුඔබටත් මටත් වින්දනය ලැබීම එක පාර නැති කරගත නොහැකිය. ඒත් ඔබට මට වින්දනය පසු පසහඹා යාම නම් නැවතිය හැකිය. ඒ සඳහා ඔබට මට කරහැක්කේ වින්දනය පසු පස හඹා යන අද සමාජ ‍රැල්ලෙන් මිදී , මනස තුල වූරාමුන් බිද දැමූ ආකල්පය මෙය වෙනසක් පමණි.....අවසාන වශයෙන්දෙයක් පැවසුවොත් ඔබ මෙය කියවන වන විට ඔබ විදපු හෝ විදින්නට බලාපොරොත්තු වෙනවින්දනයක් ඔබ ලඟ දැන් පවතීද... දැන් ඔබ ලඟනැති,අතීතයේ හෝ වර්තමානයේ පවතින වින්දනයක් පසු හඹායාම මෝඩකමක් බව ඔබට වැටහෙනවා ඇති. තවද සමාජයේ මතයක් තියෙනවා ජීවිතේ තියෙන්නෙවිඳවන්න නොවේ විඳින්න කියලා.ඒත් මෙය කිය වූ ඔබට වැටහෙන්න ඇති විඳීමේ හා විඳවීමේඅවසාන ඵලය දුකම පමනයි බව....හිතන්න… හැබයි වෙනස් ආකාරයකට.
BLOG
හැමදාමත් පොහොයට පන්සල් ගිහින් ගාථා කීම හැරුනු කොට අද දිනයේ අසන්නට ලැබුණු වැදගත් ගාථා පාඨ දෙකක් ලෙස, මෙම සටහන තබමි... ( උපුටා ගැනීම මෙතැනින්.. )තණ්හාය ජායතී සෝකෝ – තණ්හාය ජායතී භයංතණ්හාය විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයංතණ්හාවෙන් තමයි ශෝකය හටගන්නෙ. භය හටගන්නෙත් තණ්හාවෙන් තමයි. තණ්හාවෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද. (ප්‍රිය වග්ගය- ජේතවනාරාමයේදී අනිත්ථිගන්ධ කුමරු අරභයා වදාළ ගාථාවකි ෴)උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝසඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ – අප්පමත්තස්ස යසෝ’භිවඞ්ඪතිනැගී සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක‍්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න එ් අප‍්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනවා.(අප්පමාද වග්ගය- වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴).
BLOG
තාරා යනු කවුදැයි මා දන්නෙ නැත. එය සෙවීමටද උවමනාවක් මට නැත. එහෙත් සිත පැහැරගත් විජේමාන්නයන්ගේ තාරා ගැන බිඳක් ලියන්නට උවමනාය.යුද්ධය හා උදාව ඇති එහි පශ්චාත් තත්ත්වයන් ගැටළු සියල්ලට විසඳුමක්ද යන්න ගැන විජේමාන්නයන් ප්‍රශ්ණ කරයි. එයට කිසිවකු පිළිතුරු නොදෙන බව දැන දැනම ඔහු එම ප්‍රශ්ණය නගයි. ඇත්තෙන්ම ඔහු පිළිතුර දනී. එක් පිරිසක් විජයග්‍රහණයෙන් උද්දාමව ජයපැන් බොන ඇසිල්ලේ තාරා සදහටම නික්ම යවන්නේ එහෙයිනි. ඇයට කල හැකි කිසිවක් නැත. හුදු සෞන්දර්යවාදී සාහිත්‍ය ලෝලීන් පිරිසක් මනෝ ප්‍රහර්ෂයට ලක් කරනු හැර තාරාට කරන්නට යමක් ඉතිරිව නැත.තාරා ලංකීය සාහිත්‍යයේ පවතින තැන එතරම් ඉහල නොවිය හැක. ඉහත කී ප්‍රශ්ණ නැගීම හැර ඉන් එපිට දේශපාලනීය මැදිහත්වීමක්ද ඉන් සිදුවන බවක නොපෙනේ. සරාංශය ගත්විට එහි එතරම් ගත යුත්තක් ඇති බවක්ද නොදැණේ. එහෙත් එය විශිෂ්ට ලිවීමක් බව කිව යුතුය. එසේ කිව හැක්කේ මන්ද යන්න නැවතත් සිත අවදි කල යුතු කරුණකි. විජේමාන්නයන්ගේ වාග් කෞෂල්‍ය වෙනදා මෙන්ම ලගන්නා සුළුය. අන් කිසිදු කරුණකින් තොරව වුවද තාරා විශිෂ්ට ලිවීමක් ලෙස දැණෙන්නේ එබැවිනි.තාරා අවදි කරන්නේ මාගේ කාන්සාමය මතකයන්ය යන්න ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. පැරණි ප්‍රේමයන් සම්බන්ධ එම මතකයන් බොහොමයක් අමතකවන්නට ඉඩ දී ඇත. එහෙත් මීදුමත්, කඳු වැටිත්, තේ වතුත්, සීතලත් කැටිවුණ මතකයන් කිසිදා අමතක වන්නට ඉඩක් නැත. එම තෙත් මතකයන්ගෙන් තොරව වුවද අතීත සුන්දර සිහිනයක් සැබෑ ජීවිතය තුල විඳින්නට අකමැති අයෙක් වේද.තාරා පැහැරගන්නේ ඔබේ ඒ ආශාවයි.ප්‍රියංගා යනු එම සිහිනය සැබෑව තුලද සිහිනයක් පමණක්ව විඳින්නට භාණුක බැඳ දමන්නියයි. ඇය භාණුකගේ බිරිඳව නොසිටියානම් මෙහි කියන්නට කතාවක් නැත. මන්ද ප්‍රියංගා නොවන්නට තාරා හා භාණුක දරුවන්ද පිරිවරා ගෙවන ඒකමිතික ජීවිතයක් අරඹන්නට ඉඩ ඇති බැවිනි. එහෙත් ප්‍රියංගා භාණුක ලිහා දැමිය යුතු වපරිසය දනී. මෙම තුන්කොන් ප්‍රේමය තුල ඇගේ චරිතය මා හට අභව්‍ය බව දැනෙන්නේ එහෙයිනි. නොඑසේ නම් ඇය තාරාටත් ඉදිරියෙන් රැඩිකල්ය. අවබෝධශීලීය. එවන් ගැහැණුන් සැබෑ ලොවේ සිටීදැයි මම නොදනිමි.ගොඩගත් තාරා මා තෙහෙට්ටු කරවන්නීය. ඇය මාගේ මනසේ රූපගත කිරීම මට අපහසුය. මන්ද විජේමාන්නයන්ගේ තාරාට සම කර හැකි රුවක් මා අතීතයේද වර්තමානයේද දැක නැත. එය සිතින් මවාගන්නටද මා අපොහොසත්ය. නැතිනම් මා උවමනාවට වඩා ක්ෂුද්‍ර ලක්ෂණ ගැන උනන්දු වනවා වන්නට පුළුවන. කෙසේ වුවද මට තාරා දෙව් දුවක් ලෙසම සිටින්නට අවශ්‍යය.මට ඈ නැවත වලදමන්නට උවමනාය.
BLOG
සාමාන්‍යයෙන් මනූෂ්‍යයෙකුගේ හිසෙහි හිසකෙස් ලකෂයක් පමණ පිහිටා තිබෙනවා. එහෙත් නොයෙකුත් හේතූන් මත ස්ත්‍රී පූරුෂ හා වයස් භේදයකින් තොරව හිස කෙස් ගැලවී යාමට පූළුවන්.ඒ අතර හිස්හොරි, පොතු කබර වර්ග ප්‍රධාන තැනක් ගන්නවාසාමාන්‍යයෙන් ගම්බද අයට වඩා නගර බද ප්‍රදේශවල ජීවත්වෙන විශේෂයෙන් වයස අවූරුදු දහය, දොළහ ඊට වැඩි වයස් කාණ්ඩවල අයට හිස්හොරි හැදීමේ වැඩි ප්‍රවණතාවයයක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව ගම්බද අයට මෙන් නාගරික අයට පිරිසිදු ජලය ස්නානය කිරීමේ අවස්ථාව මගහැරියාම. මානසික පීඩනය වැනි දේවල් ද මේ සඳහා බලපාන බව කිව හැකියි.හිස්හොරි මානසික පීඩනය වැනි අවස්ථා හැරුණූ කොට පීනස වැනි රෝග තත්ත්වවලදීත් හිසකෙස් ගැලවී යාම දකින්නට ලැබෙනවා. මෙවන් තත්ත්වවලදී ඒවාට නිසි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ඇතිව ප්‍රතිකාර ගැනීමෙන් හිසකෙස් ගැලවී යාම පාලනය කරගත හැකියි.ඒ වගේම ඇතැම් අයගේ හිස්හොරි නිසා මෙන්ම උකුණන් නිසා ද හිස කැසීම් ඇතිවෙනවා. මේ තත්ත්වය මනාව අවබෝධ කොටගෙන ඊට ප්‍රතිකාර කළ යූතුයි. මන්ද හිස කැසීමෙන් තුවාල වී හිසකෙස් වැටීමට පූළුවන.එවැනි තත්ත්වයන් එසේ තිබියදී ඔබ අමතක නොකළ යූතු තත්ත්වයක් තිබෙනවා. එනම් සෑම කෙනෙකුගේම හිසින් දෛනිකව යම්කිසි කෙස් ගස් ප්‍රමාණයක් ගැලවී යනවා. මෙය හරියටම අය වැය ලේඛනයක් බඳුයි. සමහර කෙස් වැටූණ ද යළි වැඩෙනවා. එහෙත් වැටෙන හිසකෙස් ප්‍රමාණයන් සූළු ප්‍රමාණයක් පමණ යළි වැඩෙන්නේ නැති බව ද අමතක නොකළ යූතුයි.කෙනෙකුගේ හිසෙහි දිනකට හිසකෙස් සියයක පමණ සංඛ්‍යාවක් ගැලවී යන්නේ නම් ඉතා ඉක්මණින් හිස කෙස් තුනී වී යන අතර හිස කෙස්වල පැහැයද අඩූවි යනවා. මෙය පහසූවෙන්ම හඳුනා ගන්න පූළුවන්.
BLOG
මේ game එකත් Steam එකේ තිබුණු මගේ හිතට අල්ලපු Multiplayer ගේම් එකක්. Dota වාගේම සම්පුර්ණයෙන් නොමිලේ අපිට ගන්න පුළුවන්. මේ ගේම් එකේ තියෙන්නේ cod වාගේම වෙඩි තියා ගන්න. හැබයි third person විදියට සෙල්ලම් කරන්න තියෙන්නේ. ඒ වාගේම ටිකක් fun එකට බර කරලා ගේම් එක හදලා තියෙන්නේ. ගේම් එකේ graphics හොඳ මට්ටමක තියනවා. හොඳම දේ මේකේ server lag වෙන්නේ නෑ. යාලුවෝ එක්ක party play කරන්නත් පුළුවන්. මේ ගේම් එකේ level up වෙන තරමට තමයි සෙල්ලම් කරන්න ලේසි. match එකක් එහෙම ඉවර වෙද්දී හිනා යනවා කට්ටියගේ Taunts දැක්කාම. පොඩි පොඩි +18 කෑලිත් තියනවා. කොහොම වුනත් ගේම් එක නම් සෑහෙන fun එකක් ගන්න පුළුවන්. අදහසක් ගන්න මේ video එක බලන්නකෝ.ගේම් ඒක 3GB වගේ වෙන්නේ. ඔයාට Dialog 50 කාඩ් එකක් දාලා ලේසියෙන් බාගන්න පුළුවන්.
BLOG
විශ්ව විද්‍යාලයේ මා උගත් කෑල්ලේ ගෑල්ළමයි ගහණය ඉතා අඩු මට්ටමක පැවතුණි. මෙනිසා, අපේ වරිගේ කොල්ලෝ බොහෝ දෙනෙකු ගඟෙන් එහා පැත්තේ වඩා කොල පැහැති තණ බිම් වෙත හෙවත් "ග්‍රීනර් පාස්චර්ස්" වෙත ඇදී ගියහ.මගේ එක් මිතුරෙක් මේ ආකාරයට එක්තරා අධ්‍යාපන අංශයක උගෙනුම ලැබූ මානවිකාවිකාවියක් කෙරෙහි සිතක් ඇති කරගෙන, එක් දිනක් ඇය හමුවී කතා බස් කර තම සෙනෙහස හෙළිකර ඇගේ අදහස් විමසූ වෙලාවේ, ඇය ක්‍ෂණයකින් පවසා ඇත්තේ, ඒ ගැන කතාබහ කිරීමට ඇගේ නිවසට පැමිණ දෙමව්පියන් හමුවන ලෙසයි.බුදු අම්මෝ.දෙමව්පියන් හමුවෙන්නට යන්නේ සාමාන්‍යයෙන් විවාහයට දින නියම කර ගැනීමට නොවැ.ඒ "මීට් ද පේර්න්ට්ස්" කතාව ඇසූ අපේ බැචාලා බොහෝ දෙනෙකු ද භීතියට පත් වූ බව කිව හැක. ඒ වී නමුත් සත්‍ය ප්‍රේමය ඔය වාගේ සුළු සුළු භාධක හමුවේ පසු බසින්නේ නැත.මා මිතුරා අර ගෑල්ළමයා ගේ නිවසට ගොස් නිසි අවසර ගත්තේය. ඉන් පසු ලයිෂන් සහිතව පෙම් කිරීම ඇරඹීය.ඒ ලව් පලහිලව්ව පසු කාලයක අංජබජල් වී ගිය බව වෙනත් කරුණකි. නමුත්, ඒ ආකාරයට ලයිෂන් ගැනීමේ ලොකු අප්සෙට් එකක් නැති බව ඔහුගේ ඒ වීර ක්‍රියාවෙන් අපට වැටහිණි.ඔය ආදර පලහිලව්ව තිබූ සමයේ අපට ආරංචි වූයේ, කෙල්ලෙකුගෙන් අදාල ප්‍රශ්ණය ඇසූ විට, මෙසේ ගෙදරට ඇවිත් අම්මා සහ තාත්තා හමුවී මේ ගැන මුලින් විමසිය යුතු යැයි කොන්දේසි පැනවෙන්නේ මේ අධ්‍යයන අංශයේ ගෑල්ළමයින් සියළු දෙනාගේ සම්මුතියකට අනුව බවයි.මා මිතුරා මේ බව දැන ගත්තේ ඔහු ගේ පෙර කී ආදර සම්බන්ධය පැවතෙන අතරතුරදී අසන්නට ලැබුණු එවැනිම තවත් සිදුවීම් කීපයක් නිසාය.ගෑල්ළමයින් ගේ චින්තනයට අනුව මේ කොන්දේසිය නිසා නිර්භීත, අවංක සැබෑ පෙම්වතා ජය ගනී. කොල්ලන් ගේ විහිළු කතා විශ්වාස කරනවා නම් මෙහිදී අමාරුවේ වැටෙන්නේ මෝඩ, අමන, එස්පීබීආර් ලා ය.කෙල්ලගේ දෙමව්පියන් හමුවීමට සමහර කොල්ලන් කෙතරම් බියද යන්න දැක්වෙන තවත් කතාවක් මෙසේය.එක්තරා විශ්ව විද්‍යාලයක දී හමුවුණු එකම කණ්ඩායමේ තරුණ යුවලක් මද කලකින්ම පෙමින් බැඳුණහ. තවත් ටික කලකට පසු කෙල්ලගේ නිවසේ දානමය පිංකමක් පැවති දිනයක එහි ගිය බැචාලා, බැචීලා කණ්ඩායම අතර කොල්ලා ද විය.තම මෑණියන්ට විශ්ව විද්‍යාලයෙන් පැමිණි මිතුරු මිතුරියන් පිරිස හඳුන්වා දෙන අතරවාරයේ අපේ කතා නායිකාව තම කැම්පස් පෙම්වතා පෙන්වා "මෙන්න මෙයා ගැන තමයි අම්මේ මං අර කිව්වේ." යන වදන් කීපයද පැවසුවා ය.අපේ වීර කතා නායකයා ඒ කතාවෙන් ඉතා කැළඹිල්ලට පත්වුණු අතර, ඒ ගැන පසුව ඇතිවුණු කතාබහ සහ නොහොඳ නෝක්කාඩු නිසා, ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධයද ඉන් ටික කලකට පසු නිමාවිය.-කතන්දරකාරයාප/ලි:ඔය උඩින් තියෙන පෝස්ටර් එකට අදාල "මීට් ද පේර්න්ට්ස්" යන්න මා දැන් කලකට පෙර නැරඹු ඉතා හාස්‍යජනක චිත්‍රපටයකි. මීට කලින් මා මේ පෝස්ටරය පාවිචිකරමින් මෙන්න මේ කතන්දර කීවා මතකද.com/2010/06/blog-post_05.
BLOG
මේක කෙලින්ම මගේ අත්දැකීමක් නොවෙයි, මේ ඊයේ පෙරේදා දවසක, මුලින් ෆේස් බුක් හරහා ආපු මැසේජ් එකක් ඔස්සේ ගිහින් දුරකතනයක් හරහා වාචිකව අහන්නට ලැබුණු කේස් එකක්."මේ කතන්දරේ උඹේ බ්ලොග් එකට හොඳයි නේද." කියලාම යෝජනාව ලැබුණු නිසා හිතුණා ලියලා දාන්න. කොහොමටත් මේ කතන්දරේ මේ දවස්වල සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තියෙන අවුල් අස්සට හොඳට ගැලපෙනවා.මට අහන්න ලැබුණු ආකාරයෙන්ම කතාව නැවත ලියන්නම්.මචං, කතන්දර, මේකයි කේස් එක.දැන් මාස දෙකකට විතර කලින් දවසක අපේ නැන්දම්මා නාන වෙලාවේ කොන්ද රිදෙන්න පටන් අරං තියෙනවා. ඉතිං වයිෆ් ගේ නංගිත් එක්ක පහුවදා හවස ගමේ ගෙවල් ලඟ ඩිස්පැන්සරියක් දාගෙන ඉන්න දොස්තර ලඟට ගිහින්.පොර ආණ්ඩුවේ මූලික රෝහලක වැඩ කරන ඩොකෙක්, වැඩ ඇරිලා හවසට මේ දිස්පැන්සරියට එනවා පොල් කඩන්න. වයසත් නිකං හතලිස් පහක් විතර ඇති.අම්මා කොන්ද රිදෙනවාය කියපු ගමන්ම ඩොකා කියලා තියෙනවා, "ආ, එහෙනං ඕක කැන්සර් එකක් වෙන්න ඉඩ තියෙනවා. වහාම එක්ස් රේ එකක් අරගෙන බලන්න ඕනෑ" කියලා.මොකුත් බේතක් හේතක් දීලාත් නෑ අමාරුවට, හැබැයි ඉතිං අම්මා පොඩි පෙනඩෝල් පාරක් දාලා ජාම් බේරාගෙනයි ඔය ගමන් ගිහින් තියෙන්නේ.ඉතිං මොකද කරන්නේ පහුවදාම උදේ ගිහින් ඔය කියන එක්ස්-රේ එක ටවුමේ කඩේකින් අරගෙන, ඒක ලැබුණු වහාම ගිහින් තියෙනවා ඩොකා ලඟට ආපහු.පොර එක්රේ එක අතට ගත්තු ගමන්ම කිව්වාලු, "මං හිතුවා හරියට හරි. කැන්සර් එකක් තමයි, මේ තියෙන්නේ කළු පැල්ලමක් කොඳු ඇට පෙළ දිගටම." කියලා."මේකට කරන්න නං ඉතිං බේතක් නෑ. වේදනාව අඩුවෙන්න කොන්දට මැෂිමක් හයි කරන්න වෙනවා. ඒක මට පුළුවන් ඇරේන්ජ් කරන්න." කියලාත් කිව්වාලු.ඊට පස්සේ අම්මාව දිස්පැන්සරියට එක්කගෙන ගිය නංගිවයි, එයාගේ හස්බන්ඩ්වයි පැත්තකට කරලා කිව්වලු, "දැන් ඉතිං අම්මා තව මාස කීපෙකට වඩා ජීවත් වෙන්නේ නැති වේවි, මගේ තාත්තාටත් ඔය වගේම නාන කොට ආපු කොන්දේ අමාරුවකින් තමයි අසනීපේ පටන් ගත්තේ, ඒ වෙනකොට කැන්සර් එක ඔඩු දුවලා, ඊට පස්සේ මාස දෙකකට වඩා ජීවත් වුණේ නෑ." කියලාත්.ඉතිං නංගි කලබල වෙලා අඬ අඬා වයිෆ්ට කෝල් එකක් දුන්නා එදා රෑම. එහෙමයි මට ආරංචි වුණේ.කතාව අහලා මං නං කිව්වේ, "කැන්සර් එකක් කොහොමද ඔය විදියට එක පාරටම එක්ස්-රේ එකකින් හොයා ගන්නේ. අනික ඔය මනුස්සයා ස්පෙෂලිස්ට් කෙනෙකුත් නෙමෙයි නේ." කියලයි.කොහොම හරි දැන් සේරම කට්ටිය හොඳටම බයවෙලා. අපි කෙරුවේ ඒ සති අන්තයේදීම මහරගම කැන්සර් හොස්පිටල් එකේ ස්පෙෂලිස්ට් කෙනෙක්ව චැනල් කරලා අම්මාව පෙන්නපු එකයි.අන්තිමට බැලින්නං අම්මට මේ පොඩ්ඩක් කොනද ඇවිලිලා මිසක් ඇති කැන්සර් එකක් නෑ. ස්පෙෂලිස්ට් එක්ස් රේ එක බලලා හිනා වුණා විතරයි.තව දවස් දෙක තුනකින් ඒ කොන්දේ ඇවිලිල්ලත් මග හැරිලා ගියා.අන්න නැන්දම්මා දැන් ඉන්නව වෙනදාටත් වඩා හොඳට.මං හොයලා බැලුවාම මේ දොස්තරයා අර කාලෙකට කලින් රාගම තිබුණු ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගත්තු පොරක් ලු.මගේ හිතවතා කතාව කියලා ඉවර කලේ එහෙමයි.මේ කතාව අහලා මට හිතුනේ අනේ අපොයි අර කැන්සර් එකක් හැදිලා මිය ගියාය කියන (මේ දොස්-තර ගේ) තාත්තා කියලයි.
BLOG
– Hebrews 4:9-10.
BLOG
තාක්ශණික තොරතුරුවිශාලත්වය: උසින් මීටර් 43, විශ්කම්භය මීටර් 4පියාසර අදියර: 3කිඑන්ජින් වර්ග:ප්‍රථම අදියර - S-200 ඝණ ඉන්ධන බූස්ටර් එන්ජින් 2කි (ඉන්දියාවේ නිර්මාණය කරනලදී). මේ බූස්ටර් තත්පර 130ක් ක්‍රියාත්මකවේ. එක් බූස්ටරයක් මීටර් 25ක් දිගින් යුතු අතර ටොන් 200කඝණඉන්ධන පුරවා ඇත.දෙවන අදියර - ඉන්දියාවේ නිර්මිත "L-110 විකාස්" මාදිලියේ ද්‍රව එන්ජින් පද්ධතිය. ටොන් 110ක ද්‍රව ඉන්ධන ගෙනයා හැකිය. පද්ධතිය එන්ජින් 2කින් යුක්තය. ප්‍රථම අදියරේ බූස්ටර් එන්ජින් දල්වා තත්පර 113කින් දෙවන අදියර ක්‍රියාත්මකවීම අරඹයි.තෙවන අදියර - ඉන්දියාවේ නිර්මිත C-25 ද්‍රව හයිඩ්‍රජන් හා ඔක්සිජන් දහනය කරන එන්ජිම. ටොන් 25ක ද්‍රව ඉන්ධන ගෙනයා හැකිය.උඩුගුවනට ගෙනයා හැකි බර:පහල පෘථිවි කක්ශයට (කිලෝමීටර් 160ක් ඉහල කක්ශය) මෙට්‍රික් ටොන් 8ක බරක් ඔසවාගෙන යා හැකිය.භූකේන්ද්‍රීය ස්ථායි කක්ශයට (කිලෝමීටර් 35,000-46,000ක් ඉහල කක්ශය) මෙට්‍රික් ටොන් 4ක් ගෙනයා හැකිය.මෙම සාර්ථක අත්හදා බැලීමත් සමගභූ කේන්ද්‍රීය ස්ථායි කක්ශයකට (Geosynchronous Transfer Orbit) චන්ද්‍රිකාවක් ගෙනයා හැකි බලසම්පන්න රොකට්ටු ඇති රටවල් කිහිපය (අමෙරිකාව, රුසියාව, යුරෝපා සංගමය හා චීනය) අතරට ඉන්දියාවත් එකතුවන අතර ඩොලර් බිලියන 300ක් පමණ වටිනාකමකින් යුතු, ලෝක චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ කර්මාන්තයේ තරඟකරුවෙකු වීමට ඉන්දියාව මගපාදාගෙන තිබෙනවා.Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark IIIලෙස නම්කොට ඇති මෙම රොකට්ටුව අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටුවා ඇති ස්තිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කොට තිබෙනවා.ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනට ප්‍රභල දායකත්වයක් සැපයිමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා පියවරගෙන ඇති අතර එහි වාර්ශික මූල්‍ය සැපයුම ඩොලර් බිලියනක් දක්වා ඉහල දමා තිබෙනවා.චන්ද්‍රිකා උඩුගුවනට ගෙනයාමට අමතරව දැනට සැළසුම් අවස්ථාවේ තිබෙන, ඉන්දීය අභ්‍යවකාශගාමියෙකු උඩුගුවනට යැවීමේ ව්‍යාපෘතියේ වැදගත් දායකත්වයක් මෙම රොකට්ටුවට තිබෙනවා. ඉන්දීය අභ්‍යවකාශගාමීන් රැගත් කැප්සූලය අභ්‍යවකාශය වෙත රැගෙන යනු ඇත්තේ මෙම රොකට්ටුව මගිනුයි.මෙම අත්හදාබැලීමේ පියාසැරියේදී GSLV Mark III රොකට්ටුව අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශයට රැගෙනයා හැකි කැප්සූලයක්ද පරියේශණ කටයුතු සඳහා උඩුගුවනට ගෙනගොස් තිබෙනවා.
BLOG
මාස කිහිපයකටපසු මට යමක් ලියන්නට සිතුණාය.ගෙවි ගිය කාලය තුල මගේ අතීතයට එක් රැස් වු සියළුම කරුණුකාරණා නැවතත් එකින් එක මෙනෙහි කිරීමට මම පුංචි උත්සහායක් ගත්තෙමි. ඒ උත්සහායසාර්ථක විය. ඒ නිසාවෙන්ම පුංචියට හෝ යමක් මෙසේ ලියා ගන්නට මට හැකි විය. ඒ අතීතයේ දුකසතුටු දෙකම තදින්ම දැනුණාය. එසේම සිදු වු සියල්ලටම මම අද මුහුණ දී අවසන්ය. එම නිසාඒ ගැන මම කම්පා නොවෙමි. ඒ මන්දයාත් මොන දේකුමන ආකාරයට සිදු වුවාත්, මා තවමත් නොසැලි සිටින බැවින්ය.ඇත්තටම ඒ අතීතයෙන් ගත යුතු යමක් ඇත්ද. අනිවාර්යෙන්ම ඇත.ඇත්නම්ඒ මොනවාද.පුද්ගලයෙකු භුක්ති විඳිනුයේ තමන් විසින්ම කළ ක්‍රියාවලප්‍රථිඵල වේ.තරහා දුර්වලතාවයේ සළකුණකි,සතුරෙකි.ශ්‍රේෂ්‍යඨ පුද්ගලයින්ගේ තරාතිරම වනුයේ අනුන්ගේ යහපතවෙනුවෙන් ක්‍රියා කිරීමයි.
BLOG
..... ".................................................................10.
BLOG
ලාම්පුව වටේ තරඟයට රඟන රඟ..පුදුමයි,ඒත් පව් මෙරු විඳින වධ..අලංකාරයටද, රශ්මියටද ඇදී ගියේ නුඹ..අමතකද මේ දැනුත් නුඹේ සකි සඳ නැසුනු වග..පිලිස්සුනු තටු යලිත් පියඹන්න ඉඩ දෙයිද..වක ගැසුනු නුඹෙ දෙපා දුර ඈත දිව යයිද..නේකවිධ රුදුරු සතුරන්ට නුඹ බිලිවෙයිද..පසු පසින් තවත් කී දෙනෙක් හෙට ඉගිලෙයිද.
BLOG
කුඩා පොදු ගුණාකාරය සහ මහා පොදු සාධකය කුඩා පොදුගුණාකාරය සහ මහා පොදු සාධකය අතර වෙනසක් ඇත . යමක් ඉතුරු නැතුව බෙදෙන කුඩාම ගුණාකාරය එකකි . අනෙක , සංඛ්‍යා වන් එක්වූ විට සෑදෙන මහාවූ පොදු සාධකයයි . නමුත් බොහෝ විට මේ දෙක පැටලේෆපයිල්ස්පයිල්ස් වනාහී අතිශ්‍ය භයානක ලෙඩකි . බුදින දෙයෙහි වැරදි , හරිහැටි නිදහසේ හුස්ම නොගැනීම , ශරීර ස්ථුලතාවය වැඩිවීම මෙයට හේතුන් ය . අභ්‍යන්තරයේ පයිලිස් ඇතිවිට තත්වය එතරම් භයානක නොවේ . බොහෝ අයගේ ඇතුලත මෙවැනි පයිල්ස් ඇතැයි වෙදදුරෝ පවසති . එහෙත් ගුද මාර්ගයෙන් මේවා පිටතට ආ විට රෝගියා ඉතා අපහසු තත්වයකට පත්වේ . හිට ගැනීමට ඉඳ ගැනීමට පමණක් නොව , ගිලි දේ නිදහසේ පහ කිරීමට නොහැකිවී මහත් අසීරු තාවන්ට පත්වේ . එවිට රෝගීන්ට අතිශ්‍ය ලෙස කෝපාවිෂ්ට වේ , බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට පවා පෙළඹේ .පයිල්ස් වෙදකමට සුප්‍රසිද්ධ වෙද මහතෙකු කොල්ලුපිටිය ග්‍රාමයෙහි වෙසෙයි. ඔහු බොහෝ අයගේ පයිල්ස් ගැන දැන සිටියත් ඒවා ගැන කිසිවෙකුට නොකියන්නේ , ඔහු එවැනි මිනිසෙකු නොවෙන බැවිනි .ලොක්කේ අයියගේ කතා වස්තුවගමක ලොක්කේ අයියා නම් චන්ඩියෙක් සිටියේය . ඔහු සම්ප්‍රදායිකව සුළු සුළු හොරකම් මැරකම් කර චන්ඩි ඉනිමගේ සෙමින් සෙමින් හිනි පෙත්තටම නැංගේය . ඔහු ඇන්දේ සුදු සරමය . නමුත් ඊට යටින් පුල්ලි පුල්ලි කැමා ලංකට් එකක් ඇන්දේය . ඕනෑම වලියකදී ඔහු සරම කැහැපොට ගහ ගන්නේය . වලියේ ප්‍රමාණයට අනුලෝමව සරම ඔසවා ගන්නා තරම වැඩිවේ . සුළු වලියකදී දන හිසට කැස කවන සරම , ලොකු වලියකදී යටට ඇඳි ලංකට් එක පෙනෙන තෙක් එසවෙන්නේය . ලංකට් එක පෙනෙන විට ඔහුගේ දරුණු බව වැඩි වෙන බව ගම් වාසීන් උගත්හ . ඉන් පසු ඔහු දකුණු පය විලුඹ කෙලින්ම ප්‍රතිවාදියාගේ පපුවේය . වැදගත්හු බවලත්හු, ඔහු මේ ප්‍රදර්ශනය හමුවේ බිරාන්ත වුහ , ලජ්ජාවෙන් රතු වී ඉවත බලාගත්හ . අනෙක් අය ලංකට් දර්ශනයෙන් පසු ඉරණමට බිය වුහපහු පහු වී ලොක්කෙ අයියා , ලොක්කේ මාමා වෙන කල , ඔහු තම ජීවන ක්‍රමය සැහැල්ලු කරගත්තේය . යටට ලංකට් එකක් ඇඳීම අත හැරියේය . නමුත් සරම් ඉස්සිමේ පුරුද්ද අත් නෑරීය .එහෙත් දැන් ඉතින් පෙනෙන්නට තියෙන්නේ ඔහුගේ ලජ්ජා කුට්ටමය . (වියපත් වෙන්නට වෙන්නට , ඔහුගේ බලයට අභියෝග වැඩිවත්ම , සරම් ඉස්සීමේ වාර ගණනද වැඩිවිය ) . නමුත් පරණ පුරුද්දට , පරණ මතකයට ගම් වැසියා , සරම එසවී නිරුවත පෙනෙන විට සලිත වන්නට වුහ .නමුත් එක දිනක් , කඩ මංඩියේ ගෝරියකදී , ලොක්කේ මාමා සරම ඉස්සු විට , පොඩි එකෙක් "හු හු මාමා හෙළුවෙන් කියා කෑ ගසන්නට විය ....." සියල්ලෝම සිනහ වූහ . මාමා සරම පහල දා ගත්තේය .(මතු සම්බන්ධයි)නාන ඥාන සාර පාල නාන්න වගේවැලේ තිබු තුවාය කරේ දමා ගත්විට " ආ ඥානපාල නාන්න යන්නද " කියා කෙනෙක් ඇසුවේය . ඔහු පිළිතුරු දුන්නේ නැත . පනිට්ටුව අතට ගත් විට "දැන්නම් නාන්න යන්න වගේ" යයි කෙනෙක් කී විට ඔහු කිවේ "තාම තීරණය කරලා නෑ " කියාය . සබන් කෑල්ල ද ගත්තේය "නාන්න වගේ..." යයි කෙනෙක් කීය "පිස්සුද යකෝ යයි " තරහ ගත්තේය .හෙමින් සැරේ ලිඳ ලඟට ගිය ඥානපාල " ශා මරු වතුර ටික, ඔන්න මට දැන් නම් නා ගන්න හිතෙනවා " යයි කිවේය .
BLOG
දයාබර තනෝජා,අතීතයේ එක් දිනයක හැඳින්නෙමු ඔබ, මා (Chemistry class හිදී)ඒ දින පටන් ....පැවත ආ මිතුදම,ඔබට මට නොදැනිම ගෙවීයන කාලය තුලසදා රැඳෙන්නට මෙන්න මගෙන් පුංචි සිහිවටනයක්.....වසන්තය මියයාවි - පැතුම් මල් වියැකේවිසිනහ කැන් සැඟවේවි - කඳුළු බිඳු නැංවේවිනොසිතූ ලෙස හැමවිටම - හැමදෙයම සිදුවේවිනොසැලෙන්න හදවතින් - නොහඬන්න දෙනුවනින්දිරිගන්න ජීවිතෙන් - උදාවෙන හෙට දිනයේඔබේ ඔය මෘදු ගුණෙන් - නංවන්න අපසැමට රත්තරං ලෝකයක්... .සාර්ථක අධ්‍යාපනයක් තුලින් ඔබට නිශ්චිත අනාගතයක්... යෙහෙළියක් ලීවේ 1993-7-4.
BLOG
ඕනෑම ශිෂ්ඨ යැයි සම්මත සමාජයක රාජ්‍ය නිළධාරීයෙකුට හෝ රාජ්‍ය නියෝජිතයෙකුට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල වූ විට ගන්න ක්‍රියාමාර්ගය වන්නේ, ඔහුගේ/ඇයගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වුවහොත් වරදේ ස්වභාවය අනුව දඩුවම් ලබා දීමයි.මහා බ්‍රිතාන්‍යයේ 'හිටපු' ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දීම සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් ශිෂ්ඨ යැයි සම්මත සමාජයකට කොතරම් දුරට ගැලපේදැයි අපට නැවත සිතා බැලීමට අවැසි නොවේ.තමන්ට සිදු වූ අසාධාරණය පිළිබදව, සෘජුවම තමන් දරණ තනතුරට තමාව පත් කළ ජනාධිපතිවරයාට පැමිණිලි කිරීම සහ ඒ ගැන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කරන තුරු තම තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට අපිට චෝදනා කළ නොහැක්කේ, එය සම්මත ක්‍රියාවලියට පිටින් යෑමක් නොවන නිසාය.නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ ගැන ක්‍රියා කලේ කෙසේද. ජනාධිපතිවරයා කලේ චුදිතයාට දඩුවම ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිල සවාරියකට ආරාධනා කිරීම සහ පැමිණිලිකරුගේ ඉල්ලා අස්වීම ස්වාධීන පරීක්ෂණයකින් තොරවම පිළිගැනීමයි. කෙටියෙන් පැවසුවහොත් ' පැමිණිලිකරුට දඩුවම් කිරීමයි' සම්මතසදාචාරයට ගරු කරන නායකයෙකු නම් අඩු තරමේ පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු හෝ වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළි නොගැනීමටවත් ක්‍රියා කළ යුතුව තිබිණි. ඒ වෙනුවට ඉල්ලා අස්වීම පිළිගෙන ඔක්තෝම්බර් මස 3 දින සිට ක්‍රියාත්මකවන පරිදි ඔහුව තනතුරින් ඉවත් කර ස්වාධීන පරීක්ෂණයක් කිරීම සදහා පත් කර ඇත්තේ චූදිත සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රීධුරය දරණ, මේ පරහදීමට මුල් වූවා යැයි පැවසෙන ක්ෂෙනුකා සෙනෙවිරත්න ලේකම් ධූරය දරණ විදේශ කටයුතු අමාත්‍යාංශයටම වීම අප ශ්‍රී ලාංකීය ජනතාවට කළ බලවත් නින්දාවකි. අඩුම තරමේ චූදිත මන්ත්‍රීවරයාගේ අධීක්ෂන මන්ත්‍රීධූරයවත් අත්හිටවූ නැති ජනාධිපතිවරයා හදිසියේම ක්‍රිස් නොනිස් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත්තේ ඇයි. චූදිත සජින් වාස් මන්ත්‍රීවරයාට වතිකානයේදී ශුද්ධ වූ පාප් වහන්සේ මුණ ගැසීමේ අවස්ථාව වැලැක්වීමට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මැදිහත් වී ඇත. ඊට හේතුව වී ඇත්තේද මෙම පහරදීම බව දැනගත් ජනාධිපතිවරයා, ඒ පිළිබද ක්‍රිස් නෝනිස් මහතාගෙන් විමසා ඇති අතර, එහිදි ක්‍රිස් නෝනිස් මහතා පවසා ඇත්තේ තමා පැමිණිලි කලේ ජනාධිපතිවරයාට පමණක් වන බවත්, කාදිනල්වරයා එම සිදුවීම පිළිබද විමසූ නිසා තතු පැවසූ බවතය. මේ පිළිබද උරණ වූ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වීම පිළිගත් බවද දැන් නොරහසකි. සමහර විටෙක මෙරට රාජ්‍ය පාලකයෝ මල්වතු, අස්ගිරි නායක මාහිමිවරුන් බැහැදැක, අමූලික බොරු පොරොන්දු, ප්‍රකාශ සිදු කරනවා මෙන්, ක්‍රිස් නෝනිස්ද වෙලාවේ හැටියට බොරුවක් ගොතා කාදිනල් හිමියන්ව 'ඇන්දෙව්වේ' නැත්තේ ඇයිදැයි ජනධිපතිවරයා සිතුවා දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් මේ හදිසි, අනිසි තීරණයේ පසු අරමුණ, තම මිත්‍ර මන්ත්‍රීවරයාට වතිකානයෙදී සිදු වූ අකරතැබ්බය වෙනුවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සමග එකට එක කිරීමක්ද යන්න අපිට නිතැතින්ම එන සැකයකි. මේ තත්වය යටතේ කොන්දක් ඇති කිතුණුවන් සහ රටේ මානව හිමිකම් උල්ලංඝන දකිමින්, මාධ්‍ය මර්ධනයන් දකිමින්, ඒවා නැතැයි ලොවට හඩා ගා කියූ දෛවයේ සරදමකට ලක්වූ ක්‍රිස් නෝනිස් ආදි රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් තව දුරටත් මේ දූෂිත, අශිෂ්ඨ පාලනය සමග එක්ව රට වනසනවාද යන්න තීරණය කළ යුතු තීරණාත්මක හෝරාව දැන් උදා වී තිබේ. ඒ තීරණය ගන්නට කලින් තවත් සජින් වාස්ලාගෙන් පා පහරවල් කනවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමද ඔවුන් සතුය.
BLOG
හලෝ කොහොමද. ඔන්න මාසෙකින් විතර පෝස්ටුවක් දාන්නයි හදන්නේ. කට්ටිය දැකලා ඇතිනේ ලංකාවේ පේමන්ට් වල ගේම් තොග ගණන් තියෙනවා. මේ පට්ට අලුත් ගේම්. බාන්න බැරි තරම් පත ගේම්, පොඩි DVD එකකට ගහලා විකුනනවා. ඇත්තටම කොහොමද මෙහෙම කරන්නේ. අන්න ඒකට තමා Repacking කියන්නේ. වැඩ්ඩො වගේ වික්කට ලංකාවේ ඉන්න හැම බුවාම Repack බාන්නේ ටොරන්ට් වලින් තමා. ඔයාලත් ඩවුන්ලෝඩ් කරලා ඇතිනේ Black Box වගේ Repackers ලගේ Repack. මේකේ ප්‍රධාන වාසිය තමා සයිස් එකෙන් අඩු එක. අනික Rip වල වගේ වීඩියෝ, සවුන්ඩ් කපලා නැති නිසා හිතටත් සුවයි. ඇත්තටම මේ පොස්ටුවෙන් මම කියලා දෙන්නේ අපේම කියලා Repack හදන හැටි. ටයිප් කිරීමේ කම්මැලිකම නිසා සිංහලෙන්ම Tutorial එකක් හැදුවා. අප්ලෝඩ් කිරීමේ කම්මැලිකම නිසා part 2 කට කඩලා අප්ලෝඩ් කරා. ඔන්න එහෙනම් මම පහලින් ඒ tutorial එක embed කරනවා. කට්ටිය බලලා අදහසුත් කමෙන්ට් කරගෙනම යන්න.Modification [සංශෝදනය]- game එකේ size එක දෙන්න ඕනේ MB වලින්. මම වීඩියෝ එකේ කිව්වේ KB වලින් කියලා. ඒක වැරදීමක්.- ඒවගේම තීම් එකේ ලෝගෝ එක පහලට යන්නේ මගේ කොම් එකේ තීම් එකේ අවුලක් නිසා. ඒ හින්දා ඒක නොසලකා හරින්න.com/file/D926D5AFE320A372.
BLOG
4pt 0in 5..4pt 0in 5.
BLOG
සෙනග පිරුණු ඝෝෂාකාරී පරිසරයක, ඈත සිට කතා කරන ඔබේ යාළුවකු, ඈත සිට කියන දෙයක් ඔබට සිටි තැන ම සිට, වෙනත් කටහඬ අතරින් තෝරා බේරා අසා ගන්නට ලැබෙනවා නම් එය ඔබේ සතුටට හේතු වෙනවා ඇති.දැන් සැලසුම්කරුවකු ඒ සඳහා අපූරු උපකරණයක් සැලසුම් කරල තියෙනවා. තව වසරකින් හෝ දෙකකින් ඒක වෙළඳ පොළට ඒවි.මේ අපූරු උපකරණය විශේෂයෙන් ම ප‍්‍රසිද්ධ ස්ථානවල සෙනග අතර ගැවසෙන පොලිස් නිලධාරිනට අපරාධ වැළැක්වීමේ කටයුතුවටලත් ප‍්‍රයෝජනවත් වේවි.ඇමරිකාවේ කලිෆෝනියාවේ ආගෝඩිසයින් ආයතනයේ මාක් රොල්ස්ටන් කියන්නේ අනිත් අයට නොදැනෙන්නට ඈත සිටින අයකුගේ කතාවට ඇහුම්කන් දිය හැකි ‘සුපිරි ඇසීමේ බලයක්’ සහිත උපකරණයක් පලඳින්නට අනාගතයේ දී අප කාටත් ලැබෙන බවයි.අනාගතයේ දී අපට පලඳින්නට ලැබෙන ‘සුපිරි ඇසීමේ බලයක්’ සහිත උපකරණය ‘ලාලාලා‘ පලඳින අයුරු. අවට සියලූම ශබ්ද වළක්වා තමන්ට අවශ්‍ය ශබ්දය පමණක් හොඳින් ඇසෙන සේ මේ සුපිරි ශ‍්‍රවණාධාරය ඒ සඳහා සුසර කළ හැකියි.මාක් රොල්ස්ටන් තමයි මේ ‘ලාලාලා’ යන අලූත්ම ශ‍්‍රවණාධාර උපකරණය නිපදවීමට සැලසුම් කරල තියෙන්නේ.ආගෝඩිසයින් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු රෙනේ ඔල්සොබෲක් කියන්නේ, ‘මෙ ලාලාලා කියන ශ‍්‍රවණාධාරය සුවිශේෂී එකක්. ඒකට පුළුවන් දුර ඉන්නා අයකුගේ කටහඬට ඔබ තෝරාගන්නා කැමති විධියකට ඇහුම්කන් දෙන්න. අනෙක් ශබ්ද කපා හැරලා විතරක් නෙවෙයි, ඒ හඬ වැඩි කරලා අසන්නත් පුළුවන්.’ කියායි.මේ නව අදහස ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නංවා මේ නව මෙවලම වෙළඳපොළට ආවාම ඒ මගින් ඔබට අවශ්‍ය පුද්ගලයා තෝරාගෙන ඒ දිහාට කන හරවා ඔහුගේ කටහඬ ඔබට අවශ්‍ය පරිදි වැඩි කර ඇහුම්කන් දෙන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි, එයාගෙ කැමැත්ත නැතුව වුවත් එයාට නොදැනුවත්ව එයාගෙ හඬට හොඳින් සවන් දීමේ හැකියාව ඔබට ලැබෙනවා. හැබැයි මෙහි ඇති මානව හිමිකම් උල්ලංඝනය වන පැත්තකුත් අපට පෙනෙනවා. එයින් කෙනකුගේ පුද්ගලිකත්වයට පහර වැදීමක් සිද්ධවෙනවා. මෙයින් අනුන්ගේ රහස් කතාබහට හොරෙන් සවන් දෙන්නත් පුළුවන් වන නිසා. කනට සවි කළ හැකි වන සේ හැඩයකින් තනා ඇති ලාලාලා උපකරණය. ශබ්දය වෙන් කර හඳුනා ගැනීමට මෙහි සූක්‍ෂම මයික්‍රොෆෝන පෙළක් තියෙනවා. අසා ගත යුතු ශබ්දය අයත් අයගේ රූපය හඳුනා ගැනීමට කැමරාවකුත් මෙහි අන්තර්ගතයි.මෙහි මූලික මෙවලමෙහි කටහඬට සවන්දීමට ඇති හැකියාව පමණක් ඇතුළත් වුනත් පසුව එන නව්‍යකරණවල දී ඒ හඬ එන්නේ ඔබ නොදන්නා බසකින් නම් එය පර්වර්තනය කර දීමටත් හැකි වන සේ සකසාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.එවිට වෙනත් භාෂා දෙකක් කතා කරන දෙදෙනකු අතර එවේලේම අදහස් හුවමාරු කර ගත හැකි පරිවර්තකයකු ලෙසටත් මෙය යොදා ගන්නත් පුළුවන්.‘ඉතා දියුණු තත්වයේ මයික්‍රෝෆෝන මේ සඳහා යොදා ගන්නවා.ඒ වගේම චලන සංවේදී සූක්‍ෂම කැමරාවක් මෙහි සවි කර තියෙනවා. ඒ නිසා ලාලාලාට පුළුවන් ඔබ අසල ඇති උස් හඬ ඇති කතාබහ මග හැර කැමරාවෙන් ඔබ තෝරා ගන්නා අයගේ හඬ විතරක් ඔබට ඇහෙන්න සලස්වන්න.’ යැයි ඔල්සොබෲක් පැහැදිලි කරනවා.‘මේ මෙවලම කනේ ගහන කුඩා බ්ලූටූත් එකක් වගෙයි. එහි ඇති නැනෝ මයික්‍රෝෆෝන පොකුරෙන් තමයි ශබ්ද වෙන් කරන්නෙ. රූප හඳුනා ගන්නත් ඔබ කරන ඉඟි අනුව කි‍්‍රයාත්මක වෙන්නත් එයට පුළුවන්. ඒ මේ තුළ ඇති කැමරාවෙන්. ඔබට අවශ්‍ය පින්තූර ගන්නත් ඔබේ කතාබහ පටි ගත කරන්නත් එයට හැකියාව තියෙනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා.රොල්ස්ටන් කියන්නේ මේ නව උපකරණය අනාගතයේ දී ස්මාට් ෆෝන්වල තැන ගන්නා බවයි. ‘අනාගතයේ දී වැඩිදෙනකුට මේ මෙවලම පැලඳ සිටින්නට නිසැකවම සිදුවේවි’ ඔහු කියනවා.‘අනාගතයේ දී අපේ මෙවලමට ටෙලි සමුළුවල විශෙෂ තැනක් හිමි වේවි. ඒ වගේම බොහොමයක් මෙවලම් ස්මාට්ෆෝන්වලින් කරන කාර්යයභාරයත් කරන්න පටන් ගනීවි. කුඩයක් වැනි මෙවලමක් කාලගුණ අනාවැකි කියන්න, වහින බව කල්තියා කියන්න පටන් ගනීවි.’ යයි ඔල්සොබෲක් තවදුරටත් කියනවා.ලාලාලා මගින් කෙනෙකුට ප‍්‍රසිද්ධ මත්පැන්හල් වැනි ස්ථානවල ඇති වන කතාබහට හොර රහසේ සවන් දෙන්නත් පුළුවන්. මෙහි නිර්මාණකරුවන් කියන්නේ මේ මෙවලම අනාගතයේ ස්මාට් ෆෝනවල තැන ගනීවි කියලයි.අනාගතයේදී තමන් අසන බස තමන්ට තේරෙන බසට එසැණ පරිවර්තනය කිරීමේ පහසුකමත් මෙයට එක් වේවි. ඒ වගේම රහස් පරීක්‍ෂකයන්ගේ අංක එකේ මෙවලම වෙන්නත් පුළුවන්.
BLOG
ඔබ මින්ටෝල් අඩංගු ටොෆි එකක් කෑමට ප්‍රිය කරනවා නේද. ඒ ඇයි කියා ප්‍රශ්නයක් ඇසූවොත් ඔබ ඒ ටොෆිවල සැරක් සමග සිසිලසක් ද ලැබෙනවා යනූවෙන් පවසාවි. ඒ වගේම සූවඳකුත් මූවට ලැබෙන බවත් කියයි. ඉතින් ඒ ටොෆිවලනේ එම සිසිලස ලැබෙන්නේ ඒ සිසිලස ඔබට ස්වභාවික ලෙසම විඳින්නට හැකියාවක් තිබෙන බව දන්නවාද. ඒ සඳහා ඔබ කළයූතු වන්නේ මිංචි කොළ ආහාරයට ගැනීමයි. මිංචි රස වගේම ඉතා ගුණවත්ය. ඒ නිසා අපි අද මිංචි කොළවල තිබෙන ගුණ හා අගුණ පිළිබඳව දැනූවත් වෙමූ.පූදිනා කුලයට අයත් වන මෙම පැළෑටිය ඉන්දීය ජනයා අතර ඉතා ජනප්‍රියතාවයක් උසූලයි. ශ්‍රී ලංකාවේ ජනයා මෙය හඳුන්වන්නේ මිංචි නමිනි. ඉංග්‍රීසියෙන් ද "මාෂ් මින්ටි" නමින් හඳුන්වන මිංචි අජීර්ණහර, රුච්ච, යන නම්වලින් ද හඳුන්වනූ ලබයි. පත්‍ර තරමක් රවූම් ආකාරයට පිහිටා තිබෙන අතර එම පත්‍රවලින් ඉමිහිරි සූවඳක් වහනය වෙයි. තරමක් මිල අධික වූව ද ඉතා ගුණවත් ආහාරයකි.යූරෝපා රටවල, කාශ්මීර්, නේපාලය, ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල මිංචි වැවීමට හිතකර වේ. මිංචි පැළෑටිය ප්‍රභේද තුනකින් යූතුවේ. එනම් කැලෑ ආශ්‍රිතව, පර්වත ආශ්‍රිතව හා ජලය ආශ්‍රිත කරගෙන වැඩීම සිදුවේ.දේශීය ආයූර්වේදයේ ඖෂධ සඳහා ශාකයේ සියලුම දෑ යොදාගනී. මිංචි වලින් ලබාගන්න තෙල් වැඩි වශයෙන් ආයූර්වේදයේ භාවිත කරයි. මෙහි වාෂ්පශීලි තෙල් අඩංගු වන අතර සූවඳවත්ය. ඊට අමතරව මැලියම් හා ටැනින් අම්ලය අන්තර් ගතවේ.මිංචිවල මින්ටෝල් අඩංගු බව ද සඳහන් වෙයි. ඒ නිසා සැරක් සමග සිසිලසක් ඔබට දැනී තිබෙනවා ඇති. නමූත් මිංචි උෂ්ණාධික බව සඳහන් කළ යූතුයි. කොතරම් උෂ්ණාධික වූව ද ඔබට අජීර්ණ අවස්ථාවක් තිබේ නම් ඒ සඳහා යොදාගත හැක. ඉතා මිහිරි සූවඳක් තිබෙන හෙයින් ආහාර රුචිය ඇති කරවයි. ආහාර ගැනීමේදී ඇතිවන අප්‍රියතාව නැති කරයි. සිසිල් බැවින් යූක්ත නිසා උගුරට හිතවත් බව ද පැවසිය යූතුමය. ඒ වගේම සෙම නාශක ගුණය ද මිංචි සතුව පවතින නිසා සෙම් රෝගීන්ටද ඉතා හිතැති බව සඳහන් කළ යූතුවේ.ශ්‍රී ලංකාවේ මිංචි සම්බලය ඉතා ප්‍රසිද්ධ ආහාරයක් වන අතර මෙහි පත්‍ර අලංකාර බැවින් යූතු නිසා සැරසීමට ද යොදාගනූ ලබයි.වර්තමානයේ රුව රැක ගැනීම සඳහා භාවිත කරන ආලේපනවලටද යොදා ගැනීමක් සිදු කරයි. විශේෂයෙන් යූවතියන්ට මහත් කරදරකාරී වන කුරුලෑ සඳහා ෆේෂ් වොෂ් ක්‍රීම් ආදී නිෂ්පාදනය කර තිබේ.ඒ කියන්නේ රුව රැක ගැනීමටද මිංචි කොළ බොහෝ උපකාරී වන බවයි. මේ නිසා ඔබ දිනපතා ආහාරයට නොගත්තත් සතියකට වරක් මිංචි කොළ සම්බලයක් සමග ආහාර ගැනීම ඉතාමත් හොඳයි. ඒ ් රෝග බොහොමයකට සූවයක් ලබාගැනීමට හැකි නිසාවෙනි.
BLOG
මුළු අහසම කළු වළාකුළුවලින් වැහිලා, වැහි ලිහිණියෝ හිතුමතේ එහෙට මෙහෙට පියාඹන දිහා කවුළුවෙන් මං බලා ගෙන හිටියේ හිතට දැනුනු මහා දරුණු තනිකම ගැන ගැඹුරු කල්පනාවකට වැටිලා. පාර දිගේ කඩිමුඩියෙන් මිනිස්සු එහා මෙහා යන ශබ්දය හැරුණු කොට අතර තුර ගිය වාහනයක කේඩෑරි නළා හඬ හැර කිසිවක් ඒ අඳුරු අහස යට මගේ කල්පනාවට බාධකයක් වුනේ නැහැ. දුක මුසු මුහුදු හුළඟ එන්න එන්නම වේගවත් වුනත් එයට මගේ හිත වෙනතකට රැගෙන යන්නට තරම් හැකියාවක් තිබුනේ නැහැ.මේ විපර්යාස සියල්ලම මැද මං තවමත් නුඹ ගැන කල්පනාවක. සොඳුරු දුක්මුසු සිතුවිලි සමුදායක් වැල නොකැඩි මගේ හිත ඇතුලේ පෙරළි කරන්නට පටන් අරන්, යන්තමින් වැහි බිංදු එක දෙක පතිත වන විට හමුවීමක මතකය හෙමිහිට මට රිදවන බව වටහා ගන්න ඇස් වල රැඳුනු කඳුළු සාක්ෂි සැපයුවා. එදත් අද වගේම වැහිබර දවසක්, ඒත් ඒ හැන්දෑව මේ තරම් මූසල නෑ හරිම ආදරණීයයි.විනාඩි පහක හමුවීමක අතීතය ආත්ම පහක් වුවත් හිතකට වේදනාව ලඟා කරන්න තරම් හැකියාවකින් යුතු බව ඔබ හමුවී අවුරුද්දක් යනතුරුත් හිතින් මකා දමන්නට බැරි නුඹ ගැන සිතුවිලි පසක් කර අවසානයි. සමහර විට නුඹට මං ගැන මතකවත් නැතුව ඇති, නො එසේ නම් නුඹත් මා වාගේම ඒ පිළිබඳ සිතනවා ඇති..." හුදෙක් සිතුවිල්ලක්ම වී ඔබ මගේ සිත තුළ ලැඟුම් ගත් සඳ විඳිනු මිස සිත පෙලන තනිකම නුඹේ මතකය මකනු කෙලෙස ද .. ".
BLOG
ෆොටෝ එකකින් දහසක් දේවල් කියාපාන්න පුලුවන්... එක්තරා කලාත්මක සන්නිවේදනයක් ඡායාරූපකරණය කියන්නේ... අපි ජීවිතේදී ඕන තරම් ෆොටෝස් දැකල ඇති... සමහරක් ඒවා හිතටම වැදිලත් ඇති... දුක, සතුට, සන්වේදී බව, කලකිරීම, පුදුමය, කෝපය, හාස්‍ය මේ හැගීම් අනන්තවත් පහළ වෙලා ඇති... ඒවා තමන්ගේ ජීවිතේ එක්ක සංසන්දනය කරලා හිතලා ඇති... හා නැද්ද මම අහන්නේ... . :Dමම මෙතෙක් දැකපු මගේ හැම සිතුවිල්ලක්ම මුසු වුණු ෆොටෝවක් තමා මේ... ඇත්තටම මේක ඉස්සරෝම කියලා දැක්කේ එයාගේ ෆේස් බුක් කවර් ෆොටෝ එක විදියට දාලා තියෙද්දී... මට මතකයි මම සෑහෙන්න වෙලාවක් මේ ෆොටෝව දිහා බලාගෙන හිටියා... පුදුමෙනුත් පුදුම හිතුනා... එයාට හිතෙන දේමයි මටත් හිතෙන්නේ කියලා තේරුනා... ඒක මහ අමුතුම ෆීලින් එකක්... නෝ වර්ඩ්ස්..මට හිතට දැනුන දේවල් ඒ විදියටම ටයිප් උනේ නෑ... :( අසාර්ථක උත්සහයක්... නිකන් විකාර පෝස්ටුවක් වගේ මේක... කියවන කස්ටිය පව් ඉතින්....
BLOG
කොහොමද කට්ටියට... ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා මේ දවස් වල වැඩ ටිකක් වැඩියි මේ දවස් වල කියලා හැමදාම කිව්වට හැමදාම මොකක් හරි සෙට් වෙනවා. අද කියන්න යන්නේ ගොඩක් අයට වැදගත් වෙන දෙයක් ගැන. මේක මේ අපේ Office එකේ ඉන්න කෙනෙක්ගේ PDF File වගයක් Print කරන්න ගිහින් උන දෙයක්, කට්ටියට වැදගත් වෙයි කියලා මම මේක දිනපොතේ දාන්න හිතුවා. සමහර PDF Internetඑකේදාලා තියෙන්නේ Security Add කරලා ඒ කියන්නේ Print කරන්න Copy කරගන්න බැරිවෙන්න Settings හදලා, අපේ Office එකේ මනුස්සයා ගෙනාපු PDF එකේ ඔක්කොම Block කරලා මොකුත්ම කරන්න බෑ දැන් Final Year එකේ ඉන්න අය තමන්ගෙ ප්‍රොජෙක්ට් / රිසර්ච් වලට ගෙඩි පිටින් PDF බානවනේ මෙහෙම ගත්තු ඒවගේ වචන ටික කොපි කරගන්න බැරි ඒවා මෙන්න මේ මම කියන විදිහෙන් ලේ සියෙන්ම Security Settings Unblock කරගන්න පුලුවන් කරන්න තියෙන්නේ මෙන්න මේ පහල සයිට් එකට ගිහින් PDF File එක Upload කරගන්න විතරයි. Registration, Email දෙන ඒවා මොකුත්ම නෑ Upload කරලා ටික වෙලාවකින් ඉබේම Download වෙනවා. මෙක 200Mb යනකම් තියන PDF File එකක් Unblock කරගන්න පුලුවන්.com/එහෙනම් දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්. කට්ටියටම ජය වේවා.
BLOG
මහනුවර දිගන ගෝනවල ප්‍රදේශයේ අද උදේ නායයැමේ අවදානමක් පැවති අතර පසුව එම ස්ථානයෙන් ජනතාව ඉවත් කිරිමට අදාල අංශ කටයුතු කළා.පස්වරු 3.30ට පමන එහි තිබු දෙමහල් නිවසක් බලාසිටියදිම බිමට සමතලා වන අකාරය එම ස්ථානයේ සිටි විශාල පිරිසකට දැකගැනිමට හැකි වුණා.
BLOG
මේ දවස් වල සිතුවිල්ල බෝම සතුටින් තමා ඉන්නෙ.මොකද සිතුවිල්ලට ගොඩක් පරණ යාළුවෙක් ආපහු ලැබුණනෙ. දුකෙන් හිටපු සිතුවිල්ල දැන්ආයිත් හිනා වෙලා සන්තෝසෙන් ඉන්නව කියල යාළුවො පවා කියනව. ඇත්තටම හොඳ යාළුවෙක්ටහිතේ තියෙන දුක් නැති කරන්න පුළුවන් කියල මම විස්වාස කරේ නෑ. ඒත් මම හිතන් හිටපුදේ වැරදි කියල එයා ඔප්පු කරල පෙන්නුව. එහෙම යාළුවෙක් ළඟ ඉන්න කොට ජීවිතේ කොච්චරසුන්දරද කියල හිතෙනව. ඒත විභාගෙ දැන් ළඟ එනව. 19 වෙනිද. අවුරුදු කන්න තිබුනු ආසාවනම් සිතුවිල්ල අමතක කරල දාල ඉවරයි. එහෙම් කියල කරන පාඩමකුත් නෑ. දැන් සිතුවිල්ලේවිශේෂ අවුරුදු සුභ පැතුම.“සකල ලෝකවාසී සහ සියලු පිට සක්වල වාසී, සියලු අපාදෙපා සිවුපා බහුපා සියළුම කියවිය හැකි හෝ මෙම පණිවිඩය තේරුම් ගත හැකි හෝ නොහැකිසියල්ලන් වෙත 2013ක් වූ බක් මස 14ක් වූ ඉරු දින ලබන සිංහල හින්දු අළුත් අවුරුද්දකිරියෙන් පැණියෙන් උතුරන සෞභාග්‍යමත් නව වසරක් වේවායි පැතන්නේ මගේ සිතුවිල්ල වෙබ්අවකාශයේ අධිපති සහ සේවක කැල.“ඔන්න ඉතින් අපේ සිංහල සහ හින්දු අයට අළුත්අවුරුද්ද 14 උදා වෙනව. ජෝතිෂ්‍ය්‍යේ කියන විදියට නම් වෙන්නෙ සුර්යයා මීන රාශියේඉඳල මේෂ රාෂියට ගමන් කරනව. විද්‍යාවද නැත්නම් ජෝතිෂ්‍ය හරිද කියන්න නම් මම හරියටමදන්නෙ නෑ. මොකද කවුරුවත් ඉර ළඟට තියා වෙන ග්‍රහ ලෝකෙකටවත් නොගිහින් කරන මේ කතාවිස්වාස කිරීම හෝ නොකිරීම ඔයාලට බාරයි. ඒත් අපිට පෙනෙන විෂ්වයේ මැද නම් අපි ඉන්නතැන කියල මම විස්වාස කරනව. ඒක ඔප්පු කරන්න නම් මේ වෙලාවෙ යන්නෙ නෑ. ඒකට ආලෝකයේවේගෙන් එන පෝටෝන අපි වෙතට ඇවිත් අපිට පේන්න පුළුවන් උපරිම දුරක් තියෙනව කියලතේරුම් ගන්න පුළුවන් අයට මෙහෙම කියන්නම්. එහෙම නම් අපිට පේන්න පුළුවන් සීමාව හැමතිස්සෙම විශාල වෙනව. ඒ සීමාවෙ විෂ්වයේ ඇතිවීම සිදු වෙනව දකින්න දවසක තාක්ෂණයදිවුණු යුගයක පුළුවන් වෙයි. ඒ අපිව කේන්ද්‍ර කර ගත් ගෝලයක් විදියට. එහෙනම් අපිටපේන විෂ්වයේ කේන්ද්‍රය අපි නේද. ගණිතයට අපි නොදන්න ඕනෙම දෙයක් හරි හෝ වැරදි කියල ඔප්පුකරන්න හරි ලේසියි. ඒත් ඒ ඔප්පු වුනු දේ හරි දෙයක් වෙන්නෙ ඒකට ගන්න දත්ත, උපකල්පනහා අනිත් ඔක්කොම දේවල් 100%ක් හරි වුනොත් විතරයි. එයින් එකක් හරි වැරදි නම් ඔප්පුකරල තියෙන්නෙ බොරුවක්.මේ දවස් වල ඉතින් තනිකඩ වීමේ වාසිය උපරිමෙන්මසිතුවිල්ල විඳිනව. අතේ තියෙන සල්ලි, වෙලාව ඔක්කොම ඉතුරුයි. අපේ තනිකඩ නැති අයදැක්කම දුකත් හිතෙනව. රෙදි මළු උස්සන් රට වටේ තියෙන රෙදි කඩ ගානෙ ඇවිදින එකේ දුකසිතුවිල්ලටත් හොඳට මතකයි. දැන් තියෙන අළුත්ම වැඩේ තමා මුස්ලිම් ව්‍යාපාර වර්ජනයකරන එක. ඒක දැන් රැල්ලක් වෙලා. ඒත් අහිංසක මුස්ලිම් මනුස්සයො එදා වේල හොයා ගන්නකරන පුංචි කඩ වලින් ඔය කියන රාජ්‍ය විරෝධී දේවල් වෙනවද කියල නම් සැකයක් තියෙනව.ඒත් ඉතින් දැන් ඇත්තටම අපේ අයගෙ ව්‍යාපාර වැටිල තියෙන්නෙ මොකද කියල හිතල බලන්න.සිංහල කඩේකින් කවදාවත් අපි බලාපොරොත්තු වෙන සේවාවක් ගන්න හෙන කට්ටක් කන්න ඕනෙ නේද.ඒත් මුස්ලිම් කඩේක එහෙමද. නෑ. අන්න එතනයි අපේ බිස්නස් වලට වැරදුනු තැන. ඒක හදාගන්නකම් මුස්ලිම් ව්‍යාපාර ලංකාවෙ රජ කරයි.තව අපේ රටේ ඉතිහාසයක් තිබුණ. අපි ඒ ඉතිහාසෙවර්ණනා කරනව මිසක් කවදාවත් අපි ඒක මතින් මේ පුංචි රට ලෝකෙන් උතුම් රට කරන්නපුළුවන් කියල හිතල කවුරුවත් වැඩ කරන්නෙ නෑ. රාවණ කථාව පවා මිත්‍යාවක් කිවුවත් ඒකතාවෙත් යම්කිසි ගන්න පුවවන් දෙයක් තියෙනව. පෙරදිග අපරදිග කියන මේ දෙපැත්තෙම මේවගේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැන කථාවක් ඉබේම ඇති වෙයි කියල හිතන්න අමාරුයි නේද. ඒකථාවෙ කියන බලවත් රජතුමා අපේ පුංචි රටේ රජතුමා කියල කියනකොට කොච්චර ආඩම්බරයක් අපිටඇති වෙනවද. ඒත් ඒ රජතුමා අපේ දිහා දැක්කොත් කොච්චර දුක් වෙයිද. අපි මෙහෙම මෝඩ වැඩකර කර පරණ දේවල් ගැන කිය කිය අළුත් දෙයක් නොකර හිටියොත් අපිට අනාගතයක් නැති වෙයි.අපි රටක් විදියට එකතු වෙමු ශ්‍රී ලංකාව ලෝකෙන්උතුම් රට කරමු. අයිත් මේ ලෝකෙට අපේ බලය පෙන්නමු. අපේ රටේ තවත් යුද්ධ අපිට ඔනෙ නෑ.දැන් අපේ රටේ ඉන්න පුළුවන් එක ජාතියයි. ඒ ශ්‍රී ලාංකික ජතිය. අපි හැමෝම එකතු වෙමු.උදා වෙන අළුත් අවුරුද්දෙදි පරණ තරහ මරහ අමතක කරල අළුත් විදියට හිතල හැමෝම දියුණු ජාතියක්වෙමු. අපි හැමෝම එක අම්ම කෙනෙක්ගෙ දූදරුවන් වගේ අපේ රට ගොඩනගන්න එකතු වෙමු.හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
BLOG
මේ දෙවෙනි එකදැන් කියන්නෙ තුන් වෙනි එකඇඩෙනවා තනි ඇහැට...අද දවස දන්නවනේ කවුරුත්ම.. අද තමා 2014.02.02 දා...කාටවත් අද දවසින් වැඩක් නැති උනාට මට අද දවස හෙනට වැදගත්... කොටින්ම කියනවනම් හෙනම මෙවුව එකක් හිතට එන්නෙ.... පදුර වටේ තැලුව ඇතිනේ..මෙන්න මේකයි සීන් කෝන් එක...අදට මගෙයි වෙන්න වයිපරේගෙයි (දෝණි) ආදර අන්දරයට වසර තුනක අවසානය සහ හතර වන වසරේ ආරම්භය අද වගේ දවසක තමා යෙදිල තියෙන්නෙ....ඉතින් මට හිතෙන්නෙ මේ අවුරුද්ද තමා අපේ අවසාන ලවු කරන අවුරුද්ද... . බය උනාද... .ඒක පස්සෙ දැන ගන්න ලැබේවි.... ඉතින් හැමදාමත් වගේ මගේ හිතමිතුරන්ට දෙනවනේ කෑම බීම ඉන්න හිටින්න... අද මොනාද මගෙන් ඕන... පිස්සු හැදෙයි සද බොදවෙයි... අතීතය මතක් වෙද්දිත් හිනා යනවා... ඉස්සර කරපු පිස්සු වැඩ මතක් වෙද්දි... කොච්චරවත් පයින් ගිහිල්ල ඇද්ද.. කට්ට කාල ඇද්ද.. ගමන් බිමන් ගිහිල්ල ඇද්ද.. පිස්සු නටල ඇද්ද.. වැස්සෙ තෙමිල හිටන් තියෙනවා... පට්ට ආතල් ඒව මතක් වෙද්දි...හිතට එන සතුට කියල නිම කරන්න බෑ...මා ආදරෙයි.... මුළු ලොවටත් වඩා....මා කාටවත්... නෑ එලෙසින් කියා.... සැබැවින් ඒ වගේ....දවසක් දා හැංදෑවකපොතක් බලන්නට සිතුනා...සිතුවෙත් නෑ.....ඒ ජාමෙට...ඔබව මතක් වෙයි කියලා......ඔන්න අපි ගියා නුවර දළධා මාලිගාවට.
BLOG
4pt 0cm 5. වත්මන වන විට සංගීතය නොයෙක් අරමුණු සදහා භාවිතා කළද, සංගීතය “හූවකින්” ආරම්භ කල මිනිසා, ඒ මොහොතේ ඔහු සතුව තිබෙන්නට ඇත්තේ මානසික වියවුල් සහගත බවක් වන්නට ඇත. එම හූවෙන් ඔහු යම් සහනයක් ලබන්නට ඇත. ඒ හේතුවෙන් ඔහු කීප වරක් හූ කියන්නටද, විවිද තාල වලට හූ කියන්නටද, සිනහ වෙමින් එයට හඬ එක් කරන්නටද ඇත. කුමන ආකරයකින් සංගීතය ආරම්භ වුවද, එය මෙවැනි,සරල මානසික තත්වයක්, නිසා ඇති වූවක් විය යුතුමය. කාලයාගේ අවැමෙන් මෙයට ඔවුන් එවකට බාවිතා කරන ලද නොදියුණු භාශාව එක්කර ඔවුන්ගේ අලුත සොයාගත් මිතුරාගෙන් වෙනස් අකාරයේ රස විදීම් එක්කර ගැනීමට උත්සහ දැරීය. තමා අවට ඇති යම් යම් ද්‍රව්‍ය එකට ගැටීමෙන් එයට නව ශබ්ද එකතු කරන්නටද, තාලයක් එකතුකරන්නටද සමත් විය. මේ ආකරයට ඔවුන් සංගීත භාණ්ඩ භවිතය ආරම්භ කළේය. මේ වන විට සර්ව සම්පූර්ණ සංගීතය බිහිවී අවසානය. මේ අනුව සංගීතයට, අදී ජනයා තම ජීවන චර්යයාව හා අනුබද්ධිත් සංවර්ධනයක් ලබා දුන්නේය. මෙවකට පැවති රැකියා අනුව සංගීතය කාණ්ඩ වන්නට පටන් ගත්තේය. අනුගාමී භාශා සංවර්ධනයත් සමඟ, නුදුරු අතීතය වනවිට, කාලයගේ ඇවෑමෙන් උපමා රූපක, ලෝප සන්ධි, එළි සමය ඇති, අපූර්ව පද මාලාවක් ඇති, දියුණු ලෙස ඛාණ්ඩ වුණු සරල ජන සංගීතයක් ලංකාවේ සංවර්ධනය විය. එපමණක්ද නොව, යම් යම් දේ එකට ගැටීමෙන් ආරම්භ කළ සංගීත භාණ්ඩ භාවිතයද මීට සමකාලීනව වර්ධණය විය. මෙහි දෙවන පියවර ලෙස, ඔවුන් සතු බඳුන් වල විවිද ද්‍රව්‍ය බැඳ, ශබ්ද උත්පාධනය කල ඔවුන් එය සංවර්ධනය කරමින් මේ සදහා විවිද හැඩයන් ඇති බඳ කොටස් නිර්මාණය කළේය. මේ අනුව මොවුන් විවිද වර්ගයේ බෙර වර්ග භාවිතයට ගත් අතර, බෙර භාවිතයද නුදුරු අතීතය වන විට ඉතා දියුණු තත්වයකට පැමිණ තිබුණි. මේ අයුරෙන්ම ලාංකීය සංගීතය තුල, ආතත, විතත, විතතාතත, ඝණ, සුසර යනාදී වශයෙන් විවිද වර්ගයේ සංගීත භාණ්ඩ නිර්මාණ්ය විය. මෙලෙස දියුණු වුණු ශ්‍රී ලාංකීය සංගීතය, විවිද දේශපාලනික කාරණා සහා සංස්කෘතික කාරණා හේතුවෙන් ආගන්තුක සංගීත වල බලපෑම් වලට ලක්විය. කුමන බලපෑම් ආවද, ලාංකීය සංගීතය සංවර්ධනය වීම නොනැවතුනු අතර 80 දශකය වන තෙක් භාවිතයේද පැවතුණි. 80 දශකයෙන් පසුව ලංකාවට පැමිණි විවිද ආකාරයේ සංගීත ක්‍රම ලංකාවේ පැලපදියම් වූවා පමණක් නොව, පෙර කී ලංකීය සංගීතයේ ක්‍රමික සංවර්ධනය අඩාල කිරීමටද සමත් විය. මෙහිලා ප්‍රමුක වැඩ කොටස කරනු ලැබුවේ අසල්වසි ඉංදියාවෙන් පමිණි, හිංදුස්ථානීය සංගීතයයි. වර්ථමානය වනවිට ශ්‍රී ලංකා පාසල් වල, සංගීතය විශයෙහි ලා, හින්දුස්තානීය සංගීතය ඉගැන්වීමට, ඉංදියාවට ගොස් විශාරද පට්ටම් ගත් ඈයෝ සමත්වී ඇත. පෙර කී ශ්‍රී ලංකා සංගීතය අනු මාතෘකාවක් ලෙස උගන්වනු ලබයි. ඉතා දියුණුලෙස සාදනීය මාර්ගයක් ඔස්සේ දියුණු වෙමින් ආ ලාංකීය සංගීත භාණ්ඩ නැටුම් විශයෙහි ලා උගන්වනු ලබයි.4pt 0cm 5. මේ කියන්නට යන්නේ, පෙර කී ක්‍රමික සංවර්ධනය ලොප් වීමට හේතුවයි. ඉහත කියමන සනාත කරමින් වෙනත් රටවල සංගීතය මෙන්ම, ලංකාවේ සංගීතයද අත්හදා බැලීම් කරමින් දියුනු විය. මේ අයුරින් ගල් කැට එකට ගසමින් පටන් ගත් බෙරය, යක් බෙරය, ගැට බෙරය, උඩැක්කිය, දක්වා දියුණු වී, ඉලෙක්ට්‍රික් බෙරයක් නොසදා, සංස්කෘතියට ආදරය කරන අපි, සංස්කෘතියේ දියුණුවට තිත තබා, අඬු කැඩී අතරමන්ව සිටින ලංකාවේ සංස්කෘතිය දෙස බලා, එහි තිබෙන දෙය අමතක කර තුබුණු උජාරුව ගැන පුරසාරම් දොඩන්නෙමු.
BLOG
නුඹ යමක් කරන විටසැවොම නුඹට එරෙහි වේවිනුඹේ සහයට කවුරුත් නැති වේවිඑතකොට නුඹට හිතේවි මුළු ලෝකෙමඋඹට විරුද්ද වෙනවා වගේමුළු ලෝකෙම නුඹව තනි කරනවා වගේඒත් නොසලෙන්නඅත නොහරින්න නුඹ කරන දෙයදවසක තේරුම ගනීවි ඔවුන්...ඔව් එදවස නුඹව තනි කරපුඔවුන්ම පසසයි නුඹව,නුඹේ කාර්ය...එවිට නුඹට තේරෙයිනුඹේ වටිනාකමනුඹට පෙනෙයිඑදවස නුඹව තනි කරපු මුළු ලෝකයමනුඹ ලග බවඉතින් අත නොහරින්න...ප.ලි. : linking park ලගේ Robot boy සින්දුව අහපුවම හිතට ආව අදහසක් තමයි අකුරු කලේ.
BLOG
සුද්දා 1815දී ගිවිසුමක් ගසා ලංකාවේ පාලනය අතට ගත්තා.ඊට පස්සෙ සුද්දා ලංකාව සංවර්ධනය කරගෙන කරගෙන කරගෙන ගියා.පාරවල් හැදුවා, කෝච්චි පාරවල් හැදුවා. ඉස්පිරිතාල හැදුවා.තේ ෆැක්ටරි වල, තව තව කොම්පැණි වල අපේ කොල්ලන්ට රස්සාවල් දුන්නා.ජාතික සමගිය උපරිමේට රැක්කා.1915 සිංහල - මුස්ලිම් කෝලාහලය ගාණට ෂේප් කළා.පානදුරා වාදය හරහා ආගමික ගැටුමක් ඇති වෙන්න දුන්නෙ නෑ.එච්චර කරපු සුද්දට අපේ රටේ මිනිස්සු යන්න කිව්වා.අහිංසක මහින්දටත් කරන්නෙ ඒකමයි.කෙළෙහි ගුණ නොදන්න ජාතියක්.
BLOG
නඩත්තු වියදම්, පෙට්‍රෝල් මිල, එදිනෙදා පාවිච්චිය, මිල, අමතර කොටස් යන කාරනා බැලුවහම අපිට ගන්න වෙන හොදම විසදුම ඉන්දියන් මෝටර් සයිකල්. ජපනා එල. ඒත් පවුලේ පාවිච්චියට, බබාට බේත් ගෙන්න යන්න, පාන් ගේන්න යන්න, වැඩට යන්න හොනට්ටුවේ බෑනේ. ඉතින් මචන් මම උබලට කියන්න යන්නේ එක එක කොම්පැනි කාරයන්ගේ ලනු කන්නේ නැතුව කොහොමද ඉන්දියන් බයික් එකක් හොදින් පාවිච්චි කරන්නේ කියලා.උබලා දැකලා ඇති සමහර උන්ගේ ඉන්දියන් බයික් පරන උනත් ගින්දර වගේ තියෙනවා. ඒත් සමහර උන්ගේ ඒවා Plastic කෑලි සුදු වෙලා පාට පිච්චිලා පැකින් වලින් ඔයිල් පෙරාගෙන ලදරන් වෙලා තියෙනවා. ඈයි ඒ..දැන් අපි වැඩේට බහිමු. මේවා ජපන් වගේ නෙමෙයි මචන්. හොනට්ටුවක් මචන් කැලනි ගගේ දාලා තිබ්බත් ගොඩට අරන් සුද්ද කරාම වෑඩ. ඒත් ඉන්දියන් ඒවා බබා වගේ තියා ගන්න ඕනේ. එහෙම කලොත් ජපනා වගේම තමා.1. ගෙනාපු දවසෙම මල ජරා ඉන්දියන් Plug එක හෝ දෙක ගලෝලා විසිකරලා NGK Original Plug දෙකක් දාපන්. මේක තමයි 1.2. එක එකා කිව්වට එන්ජින් ඔයිල් වගේ පෝක් ඔයිල් මාරු කරන්න එපා. ඕවා කොම්පැනි හම්බකර ගන්න ගහපු තුරුම්පු. පලවෙනි පාර පෝක් ඔයිල් මාරු කලාම 20000ක් වත් දුවපල්ලා.3. මඩ් ගාඩ් සිග්නල් ලයිට් වගේ කලු පාට ප්ලාස්ටික් කෑලි සුදු වෙනවා නේද. ඔකට බේතක් තියෙනවා. බයිසිකලේ හේදුවහම සතියකට සෑරයක් හොදට වේලලා 2T ඔයිල් රෙදි කෑල්ලකින් කලු පාට පේන්ට් එක නැති ප්ලාස්ටික් වල ගාපන්.4. 99 වගේ වැක්ස් එකක් පාවිච්චි කරපන් මුලු බයිසිකලේම පේන්ට් කෑලි වලට. බ්‍රේක් ඔයිල් හැලුනත් ඊට පස්සේ අව්ලක් නෑ.(ලංකාවෙනම් තියෙන්නෙ නිල් පාට ටින් එකක)5. පුලුවන් තරම් එක එකාව පොසත් කරන්නේ නැතුව බයික් එක ගෙදර හෝදපන්. හයිප්‍රෙශර් ගැහුවහම පේන්ට් එකට කෙලවෙනවා. ආ ගන්නකොටත් පුලුවන් තරම් කලු පාට එකක් ගනිල්ලා. රතු පාට ඉන්දියන් බයික් වල පාට පිච්චෙනවා.6. වැල්වො ලයිනුයි අරවයි මේවයි උබලට පුරුදු කරෝලා තියෙන්නේ කොම්පැනි කාරයො උබලට වැඩේ දෙන්න. ලංකා ඔයිල්ම දාපන්. ඒක තමයි හොදම. මම කියනවට එක පාරක් දාලා සද්දේ බලපල්ලා. 7. හැම වෙලේම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහපන්. එතකොට හොදට තෙල් කරනවා 100ය 100ය ගැහුවත් පදින්නේ උබලමනේ. මම උබලගේ බයික් එක පදින් නෑනේ, ඒක හිදා පඩි ගත්තහම ෆුල් ගහපන්.8. බයික් එක ගෙදර ගෑනි වගේ තනියෙන් පාවිච්චි කරපන්. ඉන්දියන් බයික් වේස ගෑනි වගේ සේරම පදින්න ගත්තොත් සොරි තමයි. හැම වෙලේම තනියෙන් පාවිච්චි කරපන්. දුන්නොත් යාලුවයි බයික් එකයි දෙකම නැතිවෙනවා, නොදුන්නොත් අඩුම ගානේ බයික් එකවත් ඉතුරු වෙනවා.9. මාසෙකට සැරයක් උබලා සැරට දුවන උන්නම් එයාර් ෆිල්ටරේ ගලෝලා භුමිතෙල් වලින් හෝදලා වේලලා 2T ඔයිල් "ටිකක්"(මෙන්න මෙතන ටිකක් කියලා වචනයක් තියෙනවා මචන්ලා ටිකක් කියන්නේ ටිකකට හොදි වල පාන් වගේ පොගවනවට නෙමේ) පොගවලා ආපහු දාපල්ලා.10. මේ කියන්න යනදේට හුගක් එවුන් විරුද්ද වෙයි. හෙදුවට පස්සේ බයික් එක ස්ටාර්ට් කරලා සයිලන්සරේ ඇතුලට හෝස් එකෙන් වතුර දාලා (ටිකක්) ඒ ටික යනකන් රේස් කරපන්. සේරම කාබන් කැඩිලා යනවා. රත් වෙනකම් ස්ටාර්ට් එකේ තියන්න.11. ජීවිතෙට එකතැන තියලා හයියෙන් රේස් කරන්න එපා. ඒ කිව්වේ නෝ ලෝඩ් රේස් කරන්න එපා.12. කොච්චර වැස්සේ ගියත් කමක් නෑ, තද අව්වෙනම් දාන්න එපා. ඉන්දියන් බයික් වලට වැස්සට වඩා තද අව්ව හානියක් කරනවා.13. ස්විම් ආම් බුශ් ගෙවුනහම එක එකාගේ ස්විම් ආම් බුශ් දාන්න එපා. Original ඒවත් මහ ජරාව. පට්ටලේකට ගිහින් පීවීසී වලින් ලියෝලා දාන්න.14. හැම වෙලේම ඇක්සිලේටර් කේබල් එක බටර් වගේ තියාගන්න.15. කවදාවත් මෑගින්ටෝ කියලා බැට්ට්‍රිය සවුත්තු උනාම ඒක නොදා පාවිච්චි කරන්න එපා.16. Original Head Light Bulb එකනම් පුච්චගන්න එපා දෙයියෝ, ඊට පස්සේ මොකක් දෑම්මත් ඉක්මනට පිච්ච්නවා. දානවනම් හෑලොනික්ස් එකක්ම දාන්න.එහෙනම් අදට එච්චරයි..අහ් දැන් මහෙ Blog එකෙන් TV Channels බලන්න පුලුවන්.. ඒකට මෙතනින් යන්න.. පුලුවන්නම් මට කරන උදව්වක් විදිහට ඔය වටේට තියන ඇඩ් එකක් එහෙමත් Click කරලා යන්න..එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් නැවත හමුවෙමු....එළකිරියේ රත්තරන්.
BLOG
බසින හිරු යලි පායාවිපරවුණ මල් පළ දරාවිවැටෙන දිය බිඳු ගඟක් වේවිඑහෙත් මා.....රැය පහන් වේදැයි නොදනිනුඹ ලග රැදෙන්නට සිතමියන්නට ඇති බව දනිමිනමුත් ඒ..කවදාදැයි නොදනිකොතනකදිදැයි නොදනියන හැටි පමණක් දනිමිඉතින් මා...යන්න වෙන තෙක් ඉදිමිබොරු හිනාවක්‌ මවමිඑය වියකෙන්නට නොදෙමිඉතින් දැන්...සිනාසෙනු මැනවි.
BLOG
මගේ හදමඬල ළඟපිපෙන සුවඳ මල නුඹයිකිතිකවන හිත් පත්ලකල්පනාවත් ඔබයිසිත ඔබයි ලොව දකිනඇස් නුඹ තමයිසතුට - ශක්තිය - අතීතයඅනාගතය ඔබමයි..අහස ඔබ පොළොව ඔබසයුර මට ඔබ තමයිවැස්ස, පිනි සිසිලසඳ රෑය ඔබයිමගේ පුංචි ලොවදුටුව විශ්වය මගේ ඔබයි.
BLOG
ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ ආව බ්ලොග් එක පැත්තෙ... ඔන්න එහෙනම් උබල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...ඔන්න ඉතින් මෙදා පාර අවුරුදු, අපිව කාපු නිසා මේ දවස් වල මම දුවන්නෙ රිම් එකෙන්...මෙදා පාර අවුරුදු නම් ජයයි, හැබැයි අජූතයි,මෙදා පාර අවුරුදු කෑවෙ "ගාල්ලෙ අපේ මහ ගෙදර "ඉදල. හැබැයි පට්ට ගති...ඒ ගෙදර රෙපෙයාර් කරේ වසර 14 කට පස්සෙ.. ඒ කියන්නෙ හරියටම 2000 වසරෙ අපි ඒ ගෙදරින් පිට වෙලා ආවට පස්සෙ.. ඉතින් හිතපන්කො කොහොම වැඩ කන්දරාවක් තියෙන්න ඇතිද කියල...ඔන්න අවුරුද්දට ගෙදර හැඩ වෙනවා... වත්ත සුද්ද වෙනවා, ගස් වල මල්, කොළ, ගෙඩි හැදෙනවා...කුරුල්ලො කෑ කෝ ගහනවා, පට්ටම ලස්සනයි....පින්තූර ටිකක් බලලම ඉමුකෝ....මෙන්න පැනරෝම එකකුත් ගත්ත...ඔන්න ඉතින් හා හා පුරා කියල 14 වෙනිදත් ලන් උනා...ඔන්න ඉතින් රට වටෙන්ම මගේම උන් මට දෙපාරක් සුභ පතනව නොවැ...බොලේ මගේ උපන් දිනේ නොවැ.... බුදු අම්මෝ රටම සමරනව නොවැ මගේ උපන් දිනේ... සතුටේ බැරුව....ඔන්න ඉතින් 14 වෙනිද උදේම මගේ වෙන්ට වයිපරේ ඇතුළු පවුලේ සැම (04) අපේ ගෙදරට ගොඩ වැදුන නොවැ පාන්දර 10.00 ට විතර... ඇඩෙනවා තනි ඇහැට... ලැජ්ජාවෙ බැරුව... මම දැම්ම පපුව ඉස්සරහට ගත්ත බුලත් හෙප්පුව... ආ වැරදුනා... ගත්ත අත් දෙක ලගට "සුභ අලුත් අවුරුද්දක් වේවා" කියල දත් නොමැදපු මගේ සුවැදති මුවෙන් උම්ම එකකුත් දීල පිලි ගත්තෙ නැතැයි හැමෝම... මගේ ටික ටික බුරියත් උල් උනා ලැජ්ජාවට....ඔන්න ඉතින් කිරි උතුරන්න තමා ලක ලැහැස්තිය....ඔන්න ඉතින් කිරිත් ඉතිරුවා... දැන් තමා හොදම හරිය... කන්න බොලේ තියෙන්නෙ. කන්න... බඩ පැලෙන්න කන්න තියෙන්නෙ....ඔන්න ඉතින් හැම අවුරුද්දෙම වගේ මෙදා පාරත් දෝණි ලගෙ අම්ම මටම කියල කේක් පොජ්ජක් ගෙනල්ල තිබුන නොවැ....බලහල්ලකො කෑම මේසෙ හැඩ....ඔන්න කේක් කපල, කේක් කාල, කෑම කාල, ඔක්කොම කොරල ඉවර වෙලා ගියා පොඩ්ඩක් වත්ත පිටියෙ ඇවිදින්න...මේ තමා බලු දං කියන්නෙ...උණුසුම දරා ගත නොහැකිව මවගේ සෙවනේ ඉදින දරුවෙකු රකිනා මවක්...මේ තමා ගස් 05ක පලදාව..අතින් කැඩිය හැකි පලදාව...තේ දල්ලේ රසයකිරල ගෙඩි සොයා ගමනේ...මඩ ඉඩමින් කොටසක්.. මෙහි කරිජ්ජ (ලුණු සහිත ජලය) ඇති බැවින් වගා කලනොහැකිව පුරන් වූ කුබුරු...ඔන්න ඉතින් එදා හවස අපි ගියා බීච් එකට නාන්න... කොහේද දන්නවද.. "ජන්ගල් බීච්.. "රූමස්වල කන්ද පාමුල... ලස්සන පොට් එක... අහන්න දෙයක් නෑ ඉතින්...එතන රූපරාමු ගත්තෙ නෑ... නාපු නිසා....ඔන්න ඊල්ග දවසෙ දවල් වෙලා ගියා මාතර උණවටුනෙ බීච් එකට නාන්න... ඉතින් එතන ගැන කියන්න දෙයක් නෑනෙ... හැමෝම දන්නවනෙ....ඔන්න ඉතින් අලුත් අවුරුද්දත් ඉවරයි.. අපිත් ඉවරයි....ප.ලි.ඔන්න හා හා පුරා කියල මමත් ආව 20 වෙනිදා අවුරුදු උත්සවේට... පට්ට ගතියට ඔක්කොම කරල තිබුන... කියල වැඩක් නෑ... සංවිධායක මංඩලයට තව තවත් ඔය වගේ ගෙට්ටු තියන්න හැකි වේවා කියල එකෙන්ම ප්‍රාර්තනා කොරනව...බොහෝ පිරිසක් දැක්කද මගේ ලැජ්ජ නහරය කපා ඉවත් නොකර තිබීම හේතුවෙනුත්, ඔවුන් සමග වැඩිය බජනයට නොගිය නිසාත්, සෑහෙන පිරිසක් දැන අදුර ගැනීමට නොහැකි උනා...තවද බෝතලයට වතුර පුරවා අප ගත් ජයග්‍රහනය පසු පස "නාඩියා" සිටින බව එකෙන්ම කිව යුතුයි. මන්ද ඔහු ගේ "පුනීල ක්‍රමය" අත්හදා බැලීම හෙතුවෙනි... තවද අපගේ කංඩායම් හැගීමෙන් කටයුතු කල නිසාද මෙම ජයග්‍රහනය අප සතු වන්නට ඇතැයි මට හැගේ...නමුදු මාධ්‍ය වේදියා ඇසූ හරස් ප්‍රශ්නයට පිළිතුරු දීමට අපොහොසත් විය, කංඩායමේ සාමාජිකයන් කවුරුදැයි කියාවත් ගෙබිලුශා නොදනී....තවද ජයග්‍රහණයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් කංඩායම් නායක "ගෙබිලුශා" නොහොත් "ඉවාන්" කියා සිටියේ තණ ("න" යන්න ගැන හිතන්න එපා) තිල්ලේ වාසිය ඉතා මැනෙවින් පිති කරුවන් ග්‍රහනයට ගත් බවයි.පසුව නාඩියා පැමිණ පැවසුවේ ජයග්‍රහණයෙන් හරි අඩක් ඔහුට හිමි විය යුතු බවයි... ඒ අවස්තාවේ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් පොලීසියේ කැරලි මර්දන ඒකකයෙන්ද එම ස්ථානයට පැමිනියේය.
BLOG
තාත්තා...ඔබ අපෙන් වෙන්ව ගොස්එක් මසක් ගත ව ගොස්සිතා ගනු නොහැක තවකුමක් සිදු වුනි කියා..දැනෙනවා තනිකමක්මගේ සිත දවාලන...දැනෙනව පාලුවක්අපේ ගෙය පුරා වට...උනනවා කඳුලු වැල්මගේ ඇස් වසාගෙන...හෙලෙනවා සුසුම් සෝමගේ ළය හඩ වමින...පින් නැතත් ඔබව මටසිත් පුරා දකින්නට...පින් නැතත් ඔබ හඩින්මේ සවන් පිනවන්න...පින් නැතත්මටඔබෙදෙපා යලි වදින්නට....පතනවා යලි යලිත්දරුවෙක් ව උපදින්න...
BLOG
අවුරුද්දකටත් වැඩි කාලෙකට පස්සේ ආයෙම මේ පැත්තේ එන්න හිතුනා හැමෝම කතා වෙන "සමනල සංධ්වනිය" ගැන මගේ අදහසකුත් කියාගෙනම.හැමෝම මේ ගැන එක එක දේවල් කියනවා.සමහර අයට හොඳයි.සමහර අයට නරකයි.සමහර අයට මධ්‍යස්තයි.මට දැනෙන හැටියට මේ චිත්‍රපටිය බලන්න යන කාණ්ඩ කිහිපයක් ඉන්නවා.මේ වගේ..සංධ්වනිය කියන එකේ මහප්‍රාණ "ද" ගැන හිත හිත මහප්‍රාණ විදියට යන අයසමනළ කෑල්ල ඔලුවේ තියාගෙන කොල්ලොන්ගේ ෆන් එකක් බලන්න යන අයමෙලෝ අදහසක් නැතුව කවුරුවත් කිව්වට යන අය"මට මගේම නොවන ආදරයක්" සින්දුව තියන ෆිල්ම් එක බලන්න යන අය"සමනළ සංධ්වනිය" බලන්න යන අයහොඳයි..මේකෙන් මුල් කොටසේ අයට මේක දිරවන්නේ නෑ..හේතුව ඒ අයට එකේ තියන හාස්‍ය වටහාගන්න අමාරුයි..ඒවා ඒ අයට කුණුහර්ප..දෙවෙනි කොටසට තේරෙන්නේ ඒ හාස්‍යජනක කොටස විතරයි.ඒ අයට ෆිල්ම් එකේ අනිත් ඔක්කොම ගොන්.අනිත් අයට හිතෙන්නේ දුන්න සල්ලි අපරාදේ..හතරවෙනි අයට සින්දුව ෆිල්ම් එක පුරාම යන එක අවුල්..ටක් ගාල එක පාරින් ඉවර වෙන්නේ නැති නිසා..අන්තිමට සමනළ සංධ්වනිය බලන්න යන අය.අන්න ඒ අයට මේකේ උපරිම වින්දනය ලබාගන්න පුළුවන්..මේකේ මතුපිට කතාව බොහොම සරළයි..අහම්බෙන් හමුවෙන ලියුමක් වටා තමයි මේ කතාව ගෙවෙන්නේ.කෙනෙක් මේක මහා විකාරයක් විදියට දකින්න පුළුවන්.ඒත් මට දැනෙන හැටියට මේ කතා සාරය හරි ප්‍රබලයි.ඒකෙ බොහොම සියුම් විදියට ඒක ස්පර්ශ කරනවා..දෙවනුව යථෝක්ත ගීතය..මට හිතෙන්නේ මේ කතාවට උපරිම සාධාරණයක් කරන්නේ මේ ගීතය..ගීතයේත් මෙන මේ කොටස.. "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා"පොඩි එකා අතට අහම්බෙන් ලියුම ආපු වෙලාවේ ඉඳල ඌ ඒක කියවන ගමන එකේ ඉන්න "පුණ්‍යා" ව හිතෙන් උගේ කරගන්නවා.ඒක ආදරය නෙවේ.ඒක ඒ කාලෙට එන අමුතු හැඟීමක්.මේක සරලවම අදාළ කාලේදී ඕනෑම පිස්සු නටන කොල්ලෙක්ට වෙන දෙයක්.(එහෙම නොවෙන කෙනෙක් ඉන්නවනම්,කොලු භාවය ගැන ප්‍රශ්නයක්) එතන ඉඳං වෙන කාගේවත් ආදරයක් ඒ කොල්ලා උගේ ආදරයක් (වගේ දෙයක්) කරගෙන පසුතැවෙනවා.ඒ අතරේම ඒ කොල්ලට තමන් කරපු දේ නිසා මේ නාඳුනන "පුණ්‍යා"ට වැරද්දක් වුනා කියන හැඟීමත් තියනවා.මොකද තමන්ගේ අතේ තියෙන්නේ කුළුඳුලේ ප්‍රකාශ කරපු ආදරයක්.මෙන්න මේ හේතුන් එක්ක "මට මගේ නො‍වන මගේම ආදරයක් තිබුණා" කියන වචන ටික උඩ මේ අපූරු නිර්මාණය දිග හැරෙනවා..එකක් මේ කොල්ල හිතන විදියට ඒ කොල්ලගේ ළඟ තියෙන්නේ වෙන කාගේවත් ආදරයක්..හැබැයි ඒක ඒ කොල්ලට අයිති නෑ.ඉතින් තමන් කාට හෝ බරපතල වැරද්දක් කරා නේද කියන හැඟීමක් මේ කොල්ලට තියනවා.මේක අවසානයේ කතා කෙරෙන "වේදනාව" ඒ පසුතැවීම හරහා ආපු දෙයක් වෙන්නත් පුළුවන්..දෙවනුව මේ කොල්ල හිතින් "පුණ්‍යා" ට ලං වෙලා ඒ ආදරය නොලැබීම ගැන විරහවෙන් උපන්න "වේදනාව" ත් යම් ප්‍රමාණයකට වෙන්න පුළුවන්..මට හිතෙන්නේ මේ චිත්‍රපටියේ අන්ත දෙක මේකයි..මම වැරදි වෙන්නත් පුළුවන්..අන්තිමේ මම දකින්නේ ජයන්ත චන්ද්‍රසිරිට පින්සිද්ධ වෙන්න ලස්සන නිර්මාණයක් රස වින්දා..මට දැනෙන හැටියට නළු නිළියන් සියල්ලම උපරිම සාධාරණයක් කරනවා..ලස්සනයි..හොඳයි..කතාව තාත්විකයි..බලන්න වටිනවා..ප.ලි :කරුණාකර මෙම චිත්‍රපටිය තිරගත වන අවස්ථාවේ ප්‍රචාරය වන්න වූ පූර්ව ප්‍රචාරක පටි පචාරය වද්දී "රන්ජා" නම් අසහාය වීර කාව්‍යයේ පූර්ව ප්‍රචාරක පටය පෙන්වද්දී ඇස, කන යන දෙක තදින් වසාගන්න..මක්නිසාද යත් "සමනළ සංධ්වනිය" හරහා ලැබෙන්නා වූ වින්දනය සුන්නද්දුලි වී ලාංකීය සිනමාව ගැන බරපතල දුකක් ඇති වනු ඇත.
BLOG
.දේදුන්නේ පාට හතයිහතේ සිකුරු මනමාලයිමනමාලිගෙ සිරියාවයිසිරියාවේ ගිනි ඇවිලෙයිසකිය සගව්වට රෝදය කැරකෙනවෝ ...හොක්කි හොක්කි හූඌඌඌඌ[ 31 - Oct - 2014 ].
BLOG
ශ්‍රී ලංකාව කියන අපේ මේ රට...සංවර්ධනය වෙමින් පවතින තුන් වෙනි ලෝකෙ රටක්...එංගලන්තෙ එක්ක සාපේක්ශව බැලුවොත්අපේ රට එංගලන්තෙට වඩා අවුරුදු 100ක් පස්සෙන් ඉන්නෙ...ඉතිං එහෙම රටකට..නයිට් රේස් මොකටද බං .ණය වෙලා චන්ද්‍රිකා උඩ යවන්නෙ මොකටද බං .ආසියාවෙ උසම කුළුණ ගහගෙන මොකටද බං .අපි කවුරුත් මොන දේ කරන්නෙත් ජීවත් වෙන්ඩ...අපේ රටේ අපිට අද නිදහ්සෙ ජීවත් වෙන්ඩ පුලුවන්ද .රටේ බහුතරයක් දෙනා දුප්පත් මිනිස්සු...එදා වේල හොයාගෙන කාලා ජීවත් වෙන්නෙ...පාං රාත්තල රු. 60යි..තව කවර කතාද .ඒ උණාට මහ රජාගෙ පුතන්ඩියො....කෝටි ගාණක් වියදං කරලා කාර් ගෙනල්ලා රේස් පදිනවා...යකෝ මොන රටේද රටේ අගනුවර වහන්නෙ රේස් පදින්ඩ....මේක එයාලට දැන් සින්නක්කර අයිතිය වෙලා....මේවා කීවාම එක්කො අපි දේශද්‍රෝහියො....නැත්තං JVP කාරයො...අනේ මම නං JVP තමයි ඈ......ලෝකෙ තියෙන පොඩි රටක් උණාට....ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලේ...භාගෙට භාගයක් මහරජාගේ නෑයෝ....ඇමරිකාවෙ, රුසියාවෙ, එංගලන්තෙ තානාපතිවරු කවුද .මහරජාගෙ නෑයො.....අනේ ඇත්තට මෙච්චර දේවල් කරන මුටමනෙ මේ හරක් ඡන්දෙ දෙන්නෙ...තූ නෙදකිං ඈ .
BLOG
ගණ අඳුර පීරමින්අනන්තය තෙක් ඇදුණුනිසල ඇස් හෙලන එමහිස් බැල්ම කියයි ඔබේසිතේ සිර වූ ගින්න...රාත්‍රියේ නිහඩ බවතුනී කරමින් හෙලනසුසුම් පොඳ කියයි ඔබේසිතේ සිර වූ ගින්න...වියලී ගිය මහ පොලවතෙමන්නට තැත් කරනඑකක් පසු පස ඇදෙනකඳුලු බිඳු කියයි ඔබේසිතේ සිර වූ ගින්න...අසරණ වූ ඔබේ සිතසනසවන්නට තනනමා සිතත් ගොළු කරයි ඔබේසිතේ සිර වූ ගින්න...මේ සියළු ලබැඳියන්යලි දිනෙක මේ සසරේහමුව යලි වෙන් වෙලායලි මවයි ඔබේසිතේ සිර වූ ගින්න...එම නිසා මේ සසරකෙටි කරන මාර්ගයසොයා මතු දිනෙක අපි නිවමුසියළු සිත් දවනා ගින්න...com/pd/db/91/65940d6f496e5f677ef28f9a4496_grande.
BLOG
4pt 0in 5.10.10.
BLOG
නීලවන් කෙස් රොදකිනුඹේ මුව සිඹිනාරෝස පැහැ තොල් අතරනිතර සැරිසරනා ..ටිකෙන් ටික නීල පැහැසැඟවෙලා තිබුනාසුළඟ හා හාද වීගියාදෝ සිතුනා ..පුංචි මුව විඩාබරපාලුවෙන් එතිලාඑදා දඟකාරකමනැතිවෙලා තිබුනා ..දකින්නට ආ දිනේමට පුදුම හිතුනායසට තිබු නිල් වරලබූ ගාල තිබුනා ..නුඹ දකින සඳහිතට මහ දුකක් දැනුනාඒ තරම් නුඹ නගේවෙනස් වී තිබුනා .
BLOG
මේ ලිපිය කිරි සප්පයා කියා පොඩි එකෙකුගේය...දුලා මාමා අතේ එවමි, මේ දවස් ටිකේම සී ලංකාවේ අයට බොන ජාති සම්බන්දයෙන් අල්බුද ඇති උනාය.සතියකට විතර උඩ දී සැර බීම වල ගණන් වැඩි කරලා කියා අපේ ලොකු මාම කෑගැහුවා මතකය.ඒක නම් කමක් නැත කියා සීයා කීවේය.ඊට පස්සේ පිරිසිදු වතුර ඉල්ලුවාට රතුපස්වල මාමලා නැන්දලා කට්ටියකට හමුදාවේ මාමලා වෙඩි තිබ්බේය.වතුර ඉල්ලුවාම වෙඩි තියන්නේ මොකද කීලා මට තේරෙන්නේ නැත.සමහරවිට ඒක මානුසික මෙහෙයුම් ජාතියක් වෙන්නැතිය.මොනවා වුනත් දැන් චැනල් 4 එකේ එවුන්ට රජ මගුල්ලුය.ඊට පස්සේ දැන් අපි බොන කුක්කු පිටි එකේත් වසලුය.සිය රට දේ සිරි සැප දේ කාලයේ කිලි පිටි ගන්නට පෝලිමේ යන්නට වුනාලුය.සීයා කියන්නේ එහෙමය.දැන් එහෙම බම්බුවක් නැතිය.ආසියාවේ ආස්චර්යය කාලයේ සිද්ධ වෙන්නේ වහ පිටි බොන්නටය.වහ පිටි එන්නේ පොන්ටෙරා සමාගමෙන්ලුය.කොහොමත් ඒකෙන් දෙන පීඩියාප්‍රෝ අපේ අම්මා මට දෙන්න හදන කොට මං ඒ දවස් වලම එපා කිව්වෙමිය.ඒවා බිව්වාම අපි ගොබ්බ හිපාටු මහම මහ අමු මැට්ටන් බවට පත් වෙනවාය.ඇඳුමේ කලු පාට ඉරක් තැවරුනාම මුලු ඇඳුමේම ඒ ජරාව තවරාගෙන ඇඳුමම නාස්ති කරගන්නා ගොබ්බ පැටියෙකු වීමට මට උවමනාවක් නැතිය.මං හිතන්නේ ඒක ඔය තියෙනවා කියන විස වල ප්‍රතිඵලයක්ය.මොනවා උනත් ඊයේ පෙලේදා ඕක ගැන ලියපු සපිරෝ නෝනාට නම් පොන්ටෙරා සමාගම හරි ලොකුය.එයාට ඒවායේ ගුණක් අගුණක් ගැන වැඩක් නැතිලුය.පොන්ටෙරා සමාගම ගැන සී ලංකාවේ මාධ්‍ය හරියට වාර්තා නොකරපු එක තමයිලුය එයාට වැදගත් වන්නේ.එයා කියන බම්බුව කිරි සප්පයාට නම් තේරෙන්නේ නැත.සමහර විට මං පොඩි නිසා වෙන්නැතිය.මොනවා වුනත් දැන් කඩවල් වලින් යෝගට් කද්දීත් ,කුක්කු පැකට් බොද්දීත් අපි කට්ටිය පෙරේසම් වෙන්නට ඕනැය.ඒ කුක්කු පැකට් වැඩි හරියකුත් ,ගෙවල් වල හදන යෝගටුත් හදන්නේ පිටි කිරි වලින් නිසාය.ඒවා පොන්ටෙරා පිටි විය හැකිය.මේ දවස් වල බ්ලොග් අවකාශයේත් හරි හරි වැඩ වෙන්නේය.සෑම් මාමාගේ "රෑට කෙල්ලො - කොල්ලෝ කතා කරන ඒවා" ලිපියට වෙච්චි දෙයක් නැතිය.ඔය අතලේ අපේ කෙන්ජි මාමාට ඇනෝලාගෙන් කලදලය.පල ඇති රුකටමනෙ හෙන ගහන්නේ ගනන් නොගෙන හිටියානම් හරිය.මම අදට නවතිමි.මීට, කිරි සප්පයා( දුලා මාමා අතේ එවමි ) සැ:යු :- මෙහි සඳහන් සියලුම අදහස් කිරි සප්පයාගේ වන අතර දුලා ඊට වග නොකියන්නේය. ලියුම සම්බන්දයෙන් ඔබට හිතෙන දේ පල්ලෙහායින් කොටන්න.ඒවා කිරි සප්පයාට බාර දීමට දුලාට හැකිය.
BLOG
පැරණි කාලයකජීවත් වූඑක්තරා වෙළෙන්දකු ගැලක් මත බඩු පටවාගෙන ඈත ගම්මාන වෙත ගොස් වෙළඳාමේයෙදුනු බවද, ඔහුගේ එවැනි ගමන් වාරයක් සඳහා සතියක පමණ කාලයක් ගත වූ බවද, ඔහුගේ ගැලඇදගෙන යාම සඳහා මාරුවෙන් මාරුවට ගොනුන් දෙදෙනකු යොදවාගත් බවද, ගැල අදින ගොනාටවැඩිපුර කෑම බීම ලබාදුන් බවද,පසුගිය ලිපියෙන් මම විස්තර කළෙමි.වෙළෙන්දාගේගමන් මාර්ගය ගංවතුරට යට වීමේ හේතුවෙන් කැඩි බිඳී ගොස් තිබුනු බැවින් ගමන ඉතා අපහසුවිය. තව දුරටත් එම මාර්ගයේ ගමන් කිරීම තමාගේත් ගවයාගේත් ජීවිත අවදානමට ලක් කරන්නක්බවත් ගැල කැඩී බිඳී යාමට පවා ඉඩ ඇති බවත් වෙළෙන්දාට වැටහිණි. ඔහු තීරණයක් ගත්තේය.තව දුරටත් සාම්ප්‍රදායික මාර්ගයේම ගමන් කළ යුතු නොවේ. කැළය මැදින් වැටුණු අතුරුමාර්ග ඇත. තමා එය තෝරාගත යුතුය.ගවයා ගැල අදින්නේවෙළෙන්දා තෝරාගන්නා මාර්ගයේය. ගවයාට වුවමනා දෙසට ගවයා ගැල අදින බව අපට පෙනුනත් නාස්ලණුව ඇත්තේ වෙළෙන්දා අත ය.ගැල වනගතමාර්ගයට හැරවුනේ එහෙයිනි. එය හුදෙක් ගවයාගේ තීරණයක්මයැයි අප නොසිතිය යුතුය. මූලිකවන්නේ වෙළෙන්දාගේ දැක්ම ය. ප්‍රධාන මාර්ගයේ ගමන ප්‍රමාද වැඩිය. ගම්මානයේ ජීවත් වනපවුල් සිය අවශ්‍යතා ඉටු කරගන්නට වෙළෙන්දා එන තුරු බලා සිටිති. වෙළෙන්දාගේ ප්‍රමාදයේඅතුරු ළුල ගණනාවකි.වනගත මාර්ගයරළු ය. එය දඩයක්කරුවන්ගේ ප්‍රයෝජනය පිණිස සැදුනු මාර්ගයක් මිස කිසිවකු විසින්වුවමනාවෙන් තනන ලද්දක් නොවේ. දඩයක්කරුවන් හැරෙන්නට ඒ මාර්ගය පාවිච්චි කරන ලද්දේහදිසි උදරාබාධයක් වැළඳුනු මගියකු විසින් පමණකි. එනිසා,එවැනි මගක ගැලක් ඇදගෙනයාමට මනා පරිණත බවකින් යුතු ගවයකුම අවශ්‍යය.
BLOG
ආලය සිඟමනකි නොසිඟන අය සිඟනආලය ගිනිගොඩකි නොදැවෙන අය දවනආලය මරණයකි නොමැරෙන අය මරණකාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙනබුකියෙන් මේ දැන් උස්සන ලදී.
BLOG
සිත තුල පොපියන හැගුමන් කවි කර කියමි සුදු කෙල්ලේමා ලග ඉදගෙන අහන් ඉන්නවද පෝදා සද පානේ සීතල හිරිකඩ ගතම වෙලෙද්දෙන්ගානක් නෑ ආයේමා නුබට තුරුළු වී ගීත ගයන්නම්කැමතිද සුදු කෙල්ලේහීන හතක් නොව දාහක් පෙනියන්නුඹ ඇත්නම් ඒකේරෑ ඒලිවෙනකන් නොව දෑස් නැරම ඉන්නම්බල බල ඒ හීනේබහින් බස් වෙලා කදුළු සලාලා මොකටද ඒ ප්‍රේමේවිහිලු කියාලා සිනා සලාලාඉන්නම් නුඹ තුරුලේ.
BLOG
ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ මට ආපහු ලියන්න හිතුනා. යන්තම් තෙවැනි වසරේ විභාගේ ඉවර උනා විතරයි. නිවාඩු කාලයක් තියෙනවනේ. ඉතින් නිදහසේ එකක් දෙකක් ලියන්න කාලය තියනවා. ඔය වයලිනෝ සහ සිංදුවා මට අපහාස කොලාට නොසැලී නැවත මේක ලියන්න අදහස් කරගත්තේ විභාගේ පටන් ගත්ත දවස් වලමයි. කාලෙන් කාලෙට එක එක ඒවා පටන් අරගෙන ටික කලක් ගියාම එපා වෙන එක මගේ හැටියක්. එහෙව් එකේ මේක අවරුදු දෙක තුනක් ලිව්වා කිව්වමත් මට පුදුම හිතෙනවා.කෙසේ වෙතත් ඉඳල හිටලා හරි ලියන්න එපැයි. එතෙක් මෙතෙක් කාලේ තුර සෑහෙන ලිපි ගොඩක් මා අතින් මග ඇරිලා නම් තියනවා.ඒ හැම එකක්ම කියවන්න නම් බැහැ. නමුත් ඉදිරියට යන ඒවා නම් ඔක්කොම කියවන්නම්.සිද්ධ උන සිදුවීම් නම් බොහොමයි. ඒ උනාට ඔක්කොම එක පාර බැහැනේ. ටික ටික ලියන්නම්. අද ලියන්න යන්නේ කාලයක් තිස්සේ මට මතුවෙන ප්‍රශ්නයක් ගැන. මේකට විසඳුමක් හොයන එක නම් සෑහෙන අමාරු වැඩක්. එක පැත්තක් ගැන විතරක් හිතල නම් විසඳුමක් ලබාගන්න පුළුවන්. එත් අපි ජීවත් වෙන හැටියට එහෙම කරලා ගන්න විසඳුම් සාර්ථක නැහැ.අපි හැමෝම ඉපදෙනවා. ඊට පස්සෙ ඉස්කෝලේ යනවා.සමහර අය උසස්පෙළ එහෙම සමත් වෙලා සරසවියට යනවා.එහෙම නැති අය මොනවා මොනවා හරි කරලා රස්සාවක් හොයා ගන්නවා. ඇත්තටම ඉගෙන ගැනීමේ අවසාන පරමාර්ථය රැකියාවක් සොයා ගැනීම තමයි. ඊට පස්සෙ විවාහ වෙනවා. දරුමල්ලෝ හදනවා. වයසට යනවා. මැරෙනවා. අපේ රටේ ඉන්න ගොඩක් අයගේ ජීවන රටාව මේක තමයි. මීට වඩා වෙනස් විදියක් ඇත්තෙම නැද්ද.මේ දවස් වල සිංදුවා රස්සාවට යන හින්දා කියන කතා වලින් රස්සා වල තරම හිතා ගන්න පුළුවන්. උදේම යනවා, කැන්ටිමට ගිහින් කනවා, වැඩ පටන් ගන්නවා, දවල්ට ආයිමත් කනවා, වැඩ කරනවා, හවසට ගෙදර එනවා, කනවා, නිදා ගන්නවා, උදේ නැගිටිනවා යනාදී වශයෙන් හැමදාම ඒකාකාරී ජීවන රටාවක්. මීට වඩා වෙනස් ක්‍රමයක් තියනවද. අපේ රටේ හැටියට වෙන ක්‍රමයක් නැද්ද.ඔහොම හිතාගෙන යනකොට ඇයි මිනිස්සු සසර ගැන කලකිරිලා මහන වෙන්නේ කියලා අවබෝධ උනා. එහෙම කරන්නත් සෑහෙන හිතේ හයියක් තියෙන්න ඕන. මම කියන්නෙ ලැබ සත්කාර බලාපොරොත්තුවෙන් හෝ ක්ෂණික කලකිරීමක් හින්දා මහන වෙලා ටික කලකින් ආයිමත් ගිහි වෙන අය ගැන නොවෙයි.සැබෑ ලෙසම කලකිරිලා අවබෝධයෙන් මහන දම් පුරන්න එකතු වෙන අය ගැන. ගොඩක් අය මේ වගේ තීරණයක් ගන්න බැරුව කලකිරීමෙන්ම ජීවිතේ ගෙනියනවා.මට පහුගිය අවරුදු කිහිපය තුල සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා. ඒ බොහොමයක් දේවල් මිනිස්සු ගැන. මිනිහගේ හිත කොච්චර වෙනස් වන සුළුද කියන එක ගැන හොඳ තේරුමක් තියනවා දැන් නම්. ජීවිතේ සමහර පැති ගැන වෙනස්ම ආකාර වලින් බලන්නත් මට පුළුවන් උනා. එහෙම නිසා මගේ ඉස්සර තිබුන සමහර නොගැලපෙන ගති පැවතුම් පවා වෙනස් කරගන්න පුළුවන් උනා. ගොඩක් මිනිස්සු ජීවිතේ කියල ගත කරන්නෙ කිසිම හරයක් නැති, වටිනාකමක් නැති මහා පුස් දෙයක් කියන එක දැන් මට තේරෙනවා.මෙකෙන කියන්නෙ හැමෝම මහන වෙන්න ඕන කියන එක නෙමෙයි. මම තවමත් බොහොම විනෝදෙන් ඉන්න කෙනෙක්. මගේ යහළු මිත්‍රයින් ඒ ගැන දන්නවා. සමාජෙ ඉන්න මිනිස්සු එකිනෙකාට වෙනස් හින්ද ජීවිතේ දිහා බලන ආකාර විවිධයි. මගේ කෝණය සමහර අයට විහිළුවක් වෙන්නත්, සමහර අයට බැරෑරුම් දෙයක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ ගැන ඉතින් කරන්න දෙයක් නෑ. මිනිස්සු විවිධාකාරයි නේ....හැම මිනිහම එකිනෙකාට වෙනස්, ඒ හින්දා ඒ ඒ අයගේ මතවාද ගැන අපිට අදහසක් පල කරන්න පුළුවන් උනාට ඒ මිනිස්සුන්ව විවේචනය කරන්න අපිට අයිතියක් නෑ කියන එක මට කියා දුන්නේ සිංදුවා. මිනිහට නම් දැන් ඕවා මතක නැතුව ඇති. ඒ උනාට ඒ කාලේ ඉඳල හිටලා ඔය වගේ වැදගත් දේවලුත් කියවෙනවා ඕකා අතින්.ඔහොම කියාගෙන යනකොට වෙනස්ම ආකාරයේ ජීවිත ගෙවන අයත් අපි අතරේම ඉන්නවා. මගේ මිතුරෙක් ඉන්නවා ඔහු තවම විවාහ වෙලා නැහැ. දැන් වයස 42ක් විතර වෙනවා මට මතක හැටියට. නමුත් විවාහ නොවුනා කියලා ඔහු කිසිම විදියකින් දුක් වෙන්නේ නැහැ.බොහොම විනෝදෙන් ඉන්නවා. තමන් කැමති තැනක යනවා. වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක්. ඒ අතරේ හැම දහම් කටයුත්තකටම සම්බන්ධ වෙනවා. ඒ ඔහුගේ ජීවිතය. ඔහු කියන්නෙ ජීවිතේ බැඳීම් නැති හින්ද හරිම සැහැල්ලුයි කියල. ඒත් සමහර අය නම් කියනවා ඔහොම ජීවත් වෙලා ඇති පලේ මොකක්ද කියල. ඒ උනාට ඒ ඔහු කැමති ජීවිතය.මට නම් සමහර වෙලාවට මෙන්න මෙහෙමයි පේන්නෙ.ජීවිතේ කවියක්ආදරේ....සොඳුරුතම වදනක්.කඳුලැලි බිඳක්...හසරැලි පොදක්...එකට එක්වූ විට දැනේ...පෙර නොවිඳි රසයක්.
BLOG
සුනිල ගගනත සරණ තරු කැටඅතර සැඟවුනු තාත්තේ නුඹනැවත ඒ නම් බලා ඉන්නටකවුලු අතරින් මා යනෙන රඟඅහස දෙදරා ඉකිබිඳින සඳමහා වැහි බිඳු වැටෙයි මිදුලටඔබේ කඳුලුත් සමග මුසු කොටවැහි වහී යයි සිතෙයි මා හට.
BLOG
4pt 0in 5. 2. 2... 2." 4. 5." 6. 7. 8. 9."] 11.... 14.
BLOG
අපි හැමෝම වගේ FB එකට photos දාන්නේ edit කරලනේ. ඔයාලා දැකලා ඇති සමහර අයගේ, specially කෙල්ලන්ගේ photos වල අමුතුම color තියෙන්නේ. හරියට නිකන් instagram ටයිප් එකේ නමුත් ඊට වඩා effect දාපු. මට තාම හිතා ගන්න බෑ කෙල්ලෝ නම් edit කරන්නේ මොකකින්ද කියලා. මොකද ඇත්තට කපුටු පැටව් වගේ කෙල්ලෝ ෆට්ට photos FB එකේ දාන නිසා. ඒවා Photoshop වෙන්නත් බෑ, මොකද ඔය ගොඩක් කෙල්ලන්ට අඩුම තරමේ power point slide එකක් වත් හදා ගන්න බෑ. කොහොමහරි හොඳ පොෂ් ගතිය එන edit කරන්න පුළුවන් app එකක් මාත් හොයා ගත්තා. කට්ටියට try කරලා බලන්න පුළුවන්. මේ නිකන් picasa විදියටම තමයි තියෙන්නේ ඒ නිසා තේරුම් ගන්න ලේසි. ඔයාට PC හෝ phone එකට මේ software එක install කර ගන්න පුළුවන්. phone app එකේ නම් effect ටිකක් වැඩියෙන් තියනවා. පහළින් download කර ගන්න.
BLOG
0 ඔයාලගේ කොම්පියුටරේට අලුත්ම ඇපල් ඉන්ටෆෙස් එක දාමුද .කොහොමද යාලුවනේ ඔන්න ඉතින් මම ඔයාලට අද තවත් බඩුවක් අරගෙන ආව.වැඩිය කියන්න දෙයක් නෑ නේ නම දැක්කම පේනවා නේ මොකද්ද කියල...වැඩි කයි කතන්දර ඕන නෑ... මෙන්න ලින්ක් එක බාගෙන දාල බලන්න....
BLOG