comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
සැඳෑ හිරු උණුසුම් දෙතොල වැද පණ පෙවී විලියෙන් රතුව ගිය දිගන්තය ඉම අහස් කොපුලත බිඳෙන රළ කඳුළින් තෙමේ සයුරු දිය මත පිපී නලියන එළි තිතක් මෙනි ජීවිතේ . අවරගිරි නැටියෙන් මිදී හිරු ඉදී පරවී වැටේ යළිදු හෙට එන සහන් එළියක පොදක් ක්ෂිතිජය මත ඉසේ මිනිස් සන්තානයේ ඇවිලෙන පැතුම් තරුවැල එළි පොකුරු යට වෙරළ මත ඇඳි සියක් පියවර සයුරු රළ දිවගින් මැකේ පෙර දිනෙක සහ පිරිවරින් ලොව සොයා ආ දිගු ගමන් මඟ නැවතුමක් සනිටුහන් කැරැ ලූ නැවැතුමක් බව ජීවිතය මට පසක් කැර දුන් තීර්ථය ඔබ .පතුල් බිඳ ලූ - රුවල් හැකි ලූ හබල් සිඳ ලූ - වෙරළ හැරැ ලූ යාත්රාවෙක හිසට බර දී ඉසුඹු ලන'තුර සිතක් විය මට මහා ගැඹුරකි දිවි ගමන් අග . පිපෙන පෙණ මල් නඟන හසරැල් හඬන දියවැල් කෙළන සුරතල් කිරි කවඩි - වැලි මැඳුරු බැඳෙනා බොළඳ සුකොමල වෙරළ දුට මැන එය නොවේමැයි ජීවිතේ . සුවහසක් වේදනා ගැබ්බර දරා සැඟැවූ දියතුරේ නිදන් කළ සෙල් පිටෙක ලියැවුණ මහා රහසකි ජීවිතේ .
|
BLOG
|
ඇපල් සමාගමේ විධායක නිළධාරියාගේ සමලිංගික කතාවඅපි කවුරුත් දන්න Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වුනු Tim Cook මහතා තමන් සමලිංගිකයෙකු බවත් ඒ පිළිබඳව ඔහු මහත් ආඩම්බරයට පත්වන බවත් "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" නමින් හැඳින්වෙන වෙබ් අඩවියට ප්‍රකාශ කොට ඇති බවට වාර්තා වුනා. පසුගිය 30 වන දිනයේ ප්‍රසිද්ධියට පත්වූ අදාල ලිපියේ ඔහු පහත පරිදි ප්‍රකාශ කොට ඇත්තේ පහත පරිදියි. "මගේ ලිංගිකත්වය මම කවදාවත් හැංගුවේ නැහැ. මම එක හැමෝම ඉදිරියේ කිව්වෙත් නැහැ. මේ වෙනකන්ම.Apple සමාගමේ සේවකයන් ගොඩ දෙනෙක් මේ දැන සිටියේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නම්, මට සමලිංගිකයෙක් වීම ගැනආඩම්බරයි. දෙවියන් විසින් මට ලබාදුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගයක් ලෙස මම එයසලකනවා.සමාජයේ සුළු ජන කොටසක් ගැන සමලිංගිකයෙකු වීම හේතුවෙන් මට ගැඹුරු අවබෝධයක් ලැබුණා. එයින් මම ගොඩක් සානුකම්පිත වුනා. මම ධනවතෙක් වෙන්නත් පාර කියලා දුන්නේ මේකමයි. විටක එය අසීරු කරුණක් වුනාත් ඒත් මම, මං විදියට ජීවත් වුනා, පෙනී හිටියා. මගේ ඉලක්කයට, මගේ මාවතේ ගමන් කලා.".
|
BLOG
|
ඉමක් කොනක් නොපෙනෙනඉඩෝරයට කර උන පොළොවකමිරිගුවක් පසු පස දුවනපිපාසිත මුව රැල…අද ෆුල් ජොලියේ ජොබ් ගැන පුරසාරම් බාන උඹලා,හෙට එම්.එස්.සී එකක් කරල රට සල්ලි වලින් පඩි ගන්න හදනවා…අනිද්දා පී.එච්.ඩී එකක් දාල ලෙක්චර් වෙන්න හදනවා…සිකුරාදාට කියනවා,මේ පාළුව යන්නත් එක්ක බැඳල අවෝසම් උනා නම් නියමයි කියල...සෙනසුරාදාට තමයි හොදම එක,එදාට කියන්නෙ බොන එක තරම් වෙන ෆන් කොහේද කියල...මේව ඔක්කොමත් හරි,නිකමට…උඹලටඇත්තටමඕනෙ මොනවද කියල ඇහුවොත්.......උඹල දුව දුව හොයනවාඋඹලට තියෙන පිපාසයට වඩා...උඹලට පිපාසයක් වෙලා තියෙන්නෙ අනිත් උන්ගෙ පිපාසය.උඹලත් එක්ක ඉන්න මමමේ දේවල් ගලප ගන්න බැරුවබලන් ඉන්නවා නතර වෙලාඋඹලගෙන් දිනන්නේකවුදකියල.උපේක්ෂාවෙන්...හැබැයි නතර වෙලා ඉන්න මට,මම ඇත්තටම පිපාසෙන් කියල තේරුන දවසට...
|
BLOG
|
මේ හෙඩිමෙන් මම මගෙ මූණු පොතේ "සිත් විනිවිද" පිටුවෙ නිකන් අදහසක් දැම්ම පහුගිය දවසක. ඒ ඇත්තටම හිතට දැනුන දෙයක් නිසයි....මගෙ බ්ලොග් එක කියනව කෙනෙක් නම් එයාට දැනිල ඇති මම ගොඩක් වෙලාවට යාලුවන්ට ගරු කරන, යාලුවන්ට නෑයන්ට වඩා සලකන කෙනෙක් කියල. මොකද "නෑයො", "වේයො", "මීයො" වගේ නොපෙනි කපන ජාතියක් නෙවෙයි "යාලුවො" කියන්නෙ. මම ඒක විශ්වාස කලා ගොඩක්. ඒක විශ්වාස කරන්නත් මට හේතු තිබුණ. ඒ හින්දම වෙන්න ඇති මම යාලුවන්ට බ්ලොග් පෝස්ට් කීපයක් ලීවෙ. මම හැමවෙලේම උන්ව හඳුන්වන්න පාවිච්චි කලේ "මගේ උන්" කියල.අපිට තේරෙන කාලේ ඉඳල අපි එක්ක යාලුවො ඉන්නව. අපේ පවුලෙ අය ඇරුනම අපිට ලෙන්ගතු හැම කෙනෙක්ම යාලුවෙක් වෙනව. (ආ හැමදාම කියන එකක් අමතක උනා. මේ ලියන්නෙ මගෙ අදහස්, මට හිතෙන දේ. කෙනෙක්ට මීට වඩා වෙනස් විදියට හිතෙන්න පුලුවන්. මගෙ එක්ක එකඟ වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒත් තරහ වෙන්න එපා. කාටවත් රිද්දන්න හිතාගෙන නෙවෙයි ලියන්නෙ. ඒත් මේක කියවල නිකන් හරි හිත රිදුනනම්, හිතල බලන්න ඔයාල අතිනුත් එහෙම වරදක් උනාද කියල. මට නෙවෙයි, ඔයාගෙ කවුරු හරි යාලුවෙක්ට) ඒත් ටිකක් දැනුම් තේරුම් තියෙන කාලෙ වෙනකොට තේරුම් ගන්න පුලුවන් වෙනව අපිට ඇති දා අපි ළඟ ඉන්න යාලුවො සහ අපිට නැති දා අපි එක්ක ඉන්න, දාල නොයන යාලුවො කියල කොටස් 2ක් ඉන්නව කියල.(අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරන පරිදි වෙනත් ආකාරයක මිතුරු වර්ගීකරණයක් කරන්න පුලුවන්. ඒත් මම සරලවම කීවෙ.) ඇත්තටම අපිට තියෙන දාට අපි ගාව ඕනෙ තරම් මිනිස්සු ඉන්නව. ඒක බොහොම සාමන්‍යයයි. ඒත්.. ඇත්තටම යාලුවො කියල තමන්ගෙ අය අපිට ඕනෙ වෙන්නෙ අපිට නැති දාටයි.(මම මේ ඇති/නැති දා කියල කියන්නෙ සල්ලිම නෙවෙයි. ඒක හොඳට මතක තියා ගන්න.)අපි අසරණ උනාම. ලෙඩක්, දුකක් ඇති උනාම. එහෙම නැත්නම් ලොකු සිත් තැවුලක් ඇති උනාම. ගොඩක් වෙලාවට එහෙම අවස්ථාවක තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක්, තමන් ළඟ ඉන්න එකයි වැදගත්. ඒ කෙනාගෙන් වෙන කිසිම දෙයක් අවශ්‍ය නෑ. තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් තමන්ගෙ යාලුව ළඟ නැති වෙන්න පුලුවන්. ඒත් වටින්නෙ ඒ කෙනා තමන් ළඟ ඉන්න එකයි.යාලුවෙක් කියන්නෙ හැම වෙලේම අපි කරන හැම දේම හරී කිය කිය, අපිට ඕනෙ හැම දේම කරල දෙන කෙනෙක් නෙවෙයි. අපි කරන හරි දේ නිහතමානීව හරියට දකින, වැරදි දේ කොන්ද කෙලින් තියාගෙන වැරදි කියල, වැරැද්ද පෙන්නල හරි මගට ගන්න, අපිට ඕනෙ දේ කරල දෙන්න බැරි උනත්, අමාරු අවස්ථා වල මග ඇරල නොයන, ඒ අමාරු කාල පහු කරන කොට අපිට ශක්තියක් වෙලා ළඟින් ඉන්න පුලුවන්, අපේ සතුටෙදි අවංකව සතුටු වෙන්න පුලුවන් අයෙක්. උතුම් මිනිසෙක්. 1. අපි ජීවත් වෙන ලෝකෙ, සමාජෙ අපි දුවන රේස් එක නිසා අපිට අනිත් අය ගැන හොයන්න වෙලාවක් නෑ කියල කෙනෙක්ට කියන්න පුලුවන්.2. එහෙම නැත්නම් යාලුවො නැතුව ජීවත් වෙන්නම බැරිද කියල තව කෙනෙක්ට කියන්න පුලුවන්.3. අපිට අපේ තියෙන ප්‍රශ්ණ එක්ක යාලුවො ගැන හොයල බලන්න වෙලාවක් නෑ කියල තවත් කෙනෙක්ට කියන්න පුලුවන්.4. බැන්දට පස්සෙ කොහෙද අනේ යාලුවො ගැන හොයන්න වෙලාවක් කියල තවත් කෙනෙක් කියන්න පුලුවන්.ඒත් ඔය දේවල් අපි කියන්නෙ අපේ වාසියට. මොකද අපි එක්ක දුක සැප බෙදාගෙන කාලයක් හිටිය යාලුවෙක්ව; අපි පෝසත් උනා කියලවත්, රටේ ලොකු තැනක රස්සාවක් කලා කියලවත්, කසාද බැන්ද කියලවත්, ඉහළට ඉගෙන ගත්ත-යාලුව ඉගෙනගෙන නෑ ඒ නිසා ගැලපෙන්නෙ නෑ කියලවත්, ගොඩක් බිසී කියලවත් අමතක කරනවනම්, මග අරිනවනම්, ඒක තරම් තවත් ගුණමකු කමක් නෑ කියලයි මම හිතන්නෙ.කැස්සට උක් දණ්ඩක් කාල රොඩ්ඩ විසි කරනව වගේ , යාලුවගෙන් උදව් ඕනෙ කාලෙ සාරෙ උරා බීල, දෙපයින් හිට ගත්ත දාට රොඩ්ඩ විසිකරනවනම්, ඒ තරම් ගුණමකුකමක් හොයන්න අමාරු වෙයි.ටිකක් හිතල බලන්න... තමන්ගෙ යාලුවෙක් ඉහළින් වෑජඹෙන කාලෙට වඩා, ලෙඩක්-දුකක් හැදුන කාලෙක, එහෙම නැත්නම් අසරණ උන කාලෙක, මානසිකව ඇද වැටුන කාලෙක ලඟ ඉන්නව තරම් උතුම් දෙයක් තවත් නැති වෙයි. ඒ ඒ වෙලාවට එයාට මුදලින්, බලයෙන්, ශක්තියෙන් උදව් කරල නෙවෙයි... හිතර හයියක් වෙන්න පුලුවන්නම්, එයාගෙ දේවල් වලට ඇහුම්කන් දෙන්න පොඩි වෙලාවක් වැය කරන්න පුලුවන්නම්, අන්න ඒක තරම් තවත් ශක්තියක් එයාට නැති වෙයි. සමහර වෙලාවට ඒ උදව්ව අසරණ ජීවිතයක් රැක ගන්න කල සත් ක්‍රියාවක් වෙයි.ඇති දාට වඩා නැති දාට හැර නොයන මිතුරෙක් (උතුම් මිනිසෙක්) වෙන්න.
|
BLOG
|
නිර්මාණය - ඉන්දික දිසානායකනෙළුම් පොකුන ආටිස්ලට දුන් දවසේලොක්කා නොව පොර ඌයේ ජැක්සන්යඇඳලා "ෆාහියන්" හිමි නම ලෙසටදුන් රංගනය කියලානම් වැඩක් නැතලොකු පොරවල් නිදි කිරද්දී සීට් වලලංකාවේ ඉන්නෙ එක නළුවයි දැන ගනියව්ජැකා මල්ලි "හෙළයේ මහා නළුවාය"ලොක්කාගේ කීකරු බලු කුක්කාය.
|
BLOG
|
ජෛමිණි උපදේශ සූත්‍රයේ දැන්වෙන අන්දමට කේන්දරයේ භාව දොළසට ඒ ඒ ග්‍රහයින් පැමිණ තැන්පත් වූ විට දී ඇති වන තත්වයක් වශයෙන් හඳුන්වා දී ඇති මරණකාරක ස්ථාන හඳුනාගන්න. රාව්‍යාදී නවග්‍රහයින් අදාළ ස්ථානවල තැන්පත් වූ විට දී එම භාවයට හා ග්‍රහයාට අදාළ ධර්මතාවන් මරණයට පත්වන බැවින් එම ස්ථාන මරණකාරක ස්ථාන වශයෙන් හඳුන්වයි. ඒවා මුලින්ම හඳුනාගන්න.)ගුරු - 3ශුක්‍ර - 6ශනි - 1රාහු - 9ඇඩෝෆ් හිට්ලර්සායි බාබාපැමිලා ඇන්ඩර්සන් ආදීන්ගේ ගුරු ග්‍රහයා මරණකාරකස්ථාන ගත වී සිටි අතර ඔවුන්ගේ චරිතය හා බැඳි ධර්මතාවන් ප්‍රශ්නකිරීම්වලට භාජනය වූ බව ඔබ දන්නා කරුණකි.ඔබගේ කේන්ද්රයේත් ග්‍රහයින් සිටිනා ස්ථාන අනුව ඔවුන් මරණකාරක ස්ථාන ගත වී සිටින්නේ දැයි නැවත බලන්න. මෙම මරණ කාරක ස්ථාන ගත වූ අදාළ ග්‍රහයින් වෙනුවෙන් වෙන වෙනම වූ ශාන්තිකර්ම පවතින බැවින් එකී ශාන්තිකර්ම සඳහා තම තමන්ගේ කේන්ද්‍ර සටහන් වෙන වෙනම පරීක්ෂා කර බලා මරණකාරක ස්ථාන ගත වූ ග්‍රහයින් සඳහා ශාන්තිකර්ම කළ යුතු වන්නේය. Rohana Wasantha/+94714161082.
|
BLOG
|
චාමික හත්ලහවත්ත අවසානයේ මා හට විකල්ප දෙකක් ලබාදුනි. ඉන් එකක් නම් මේ පිස්සුව බෝ කරගැනීමයි, අනික ගෙදර ගොසින් රිසිසේ කිසිවක් නොවූ ලෙස බුදියගැනීමයි. චාමිකට මා පැවසූයේ එකම එක වාක්‍යයකි. “මා දැනටමත් මේ පිස්සුව බෝ කරගෙන ඇත“ යනුවෙනි. චාමික කියන මේ පිස්සුව කුමක්ද යන්න වටහාගත යුතු මට්ටමකට ගෙන ආ යුතුය. පවතින වටපිටාව තුල බල ව්‍යාප්තියට හා බල සංකේන්ද්‍රණයට එරෙහිව වචනයක් හෝ වෙහෙස වන්නාට මේ රටතුල ඊනියා දේශපාලඥයින් සහ වන්දිභට්ටයින් ලබාදෙන්නාවූ නම් ගණනාවක් ඇත. පිස්සා, දේශද්‍රෝහියා, එන්.ජී.ඕ කුක්කා, ඩොලර් කාක්කා හෝ ඒ හා සමාන නමක් ඒ අතර විය හැක. එහෙත් මෙරට පාසලකට වැස්සකට හෝ ගොඩවූ සහ මේ රටේ වත්මන් තත්වය ගැන යන්තම් හෝ අවබෝධ ඥානයක් තිබෙන්නාවූ පුරවැසියෙක් සිතිය යුතු කාරණය වන්නේ අසීමිත බල ලෝභයට එරෙහි වන්නෝ පිස්සෝද යන්නයි. නැත්නම් ඒකාධිපතිවාදයකට රට ගෙන යාම වලක්වන්නට කිසිවක් හෝ කරන සෑම අයෙක්ම දේශද්‍රෝහියෙක්ද යන්නයි. පිළිතුර හෘද සාක්ෂිය ලබා දෙනු ඇත. ඒ මන්ද යත් සෑම පුරවැසියෙකුගේම හෘද සාක්ෂිය විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) ගේ මෙන් “ලොක්“ වී හෝ “බ්ලොක්“ වී නැතිබව දන්නා නිසාවෙනි. එසේම ඔහුට සහ ඔහු අලුතෙන්ම සංක්‍රමණය වූ පන්තිය තුල යැපෙන්නන්ට හිමි හෘද සාක්ෂිය මෙරට සාතිශ්‍ය බහුතරය ජනතාව සතුව නොමැති බව අප දන්නා බැවිනි. චාමික හත්ලහවත්තයන්ගේ “මකරට“ තුලින් කියවෙන කතාව තුල මා දකින ආකාරයට “මකරා“ යනු පවතින බලලෝභී පාලකයාය, “එලීසා“ කුමරිය යනු රාජ්‍යයත්වය, “ලාන්ස්කොට්“ කුමාරයා යනු විකල්ප බලවේගයයි. විකල්ප බලවේගය විසින් රාජ්‍යයත්වය පැහැරගැනීම උදෙසා පවතින පාලනය පෙරලා දැමීම මේ මකර පුරාවෘත්තයේ හරයයි. නමුත් “මකරට“ ඉන් ඔබ්බට යන්නකි. රාජ්‍යත්වය ලබාගත් කුමාරයා රාජ්‍යයත්වයට ද කොකා පෙන්නා මකරාගේ භූමිකාවටම අවතීර්ණ වීම සහ මකරා පසුව කුමාරයාගේ භූමිකාවට පත්වීම තුල “ද ඩ්‍රැගන්“ කතා පුවත ශ්‍රී ලාංකේයකරණය මනවාට සිදුකර ඇති ආකාරය අගය කල යුතුය. අන්න ඒ නිසාවෙන් මුහුණු මාරුවකට වඩා ක්‍රමවේද මාරුවක අවශ්‍යතාව සැබෑ ලෙසම පෙන්වා දෙන නාට්‍යයක් ලෙස “මකරට“ හැඳින්විය හැක. නමුත් නාට්‍යය දිගහැරෙන පසුබිම මානසික රෝහලක මානසික රෝගීන් විසින් නිමකල කෝලමක් නිසාවෙන් සැබෑ ලෙසම ක්‍රමවේද වෙනසකට සූදානම් වන්නේ පිස්සන් පමණක්ද යන සමාජමය කොටුවීමකට නරඹන්නා පත්වීම වැලැක්විය නොහැක. ඒ නිසා මේ පිස්සුව බෝකරගත යුතුම වේ. තවත් එක් කරුණක්නම් මේ නාට්‍ය පුරාවට දිග හැරෙන සජීව සංගීත මුසුවයි. මා මිත්‍ර ළහිරු මාදිවිල විසින් මෙහෙයවන සංගීතය “මකරට“ වෙත විශාල ජවයක් ලබාදේ. එම නිසාවෙන් ප්‍රේක්ෂකයාට මනා ලෙස නාට්‍ය ගීතවත් ලෙසින් දැනෙනු ඇත. මෙහි ආකර්ශණීයම කොටස වන්නේ නාට්‍යය තුල යුද්ධය නැමති සංකල්පය සුන්දර ලෙස ජනතාගත කිරීමට දරන සෞන්දර්යාත්මක උත්සහයයි. සමස්තය තුල කියවෙන්නේ සමාජ ධාරාව තුල යථාර්ථයක් ලෙස සිදුවන්නේ කුමක්ද යන්නයි. එසේම නාට්‍යකරුවා දෙන විකල්පය තුලින් කෙසේ පිළිතුරු සෙවිය යුතුද යන්න ජනතාවට භාරය. ඔබට විසින් පිස්සුව බෝකරගත යුතුව ඇත, නැතිනම් පුරුදු පරිදිම බුදියාගත යුතුව ඇත.
|
BLOG
|
ඉතින් කස්ටිය කෝමෙයි ජීවිතේ..අවුරුද්ද උඹලව කාලද .. නැත්තම් උඹලා අවුරුද්ද කන ගමන්ද ඉන්නේමට නම් හෙන අවුල් කොහො මිසින් උන එකට මේ පාරසෑහෙන කාලයක් තිස්සේ මේක ලියන්න හිත හිත ඉන්නේ ඒත් බැරි උනාහැබැයි අද උදේ නම් එකෙක් කෑ ගැහුව ඇහුනා.. ඒ මොරාල් එකටද මන්දා මේ.. මේක ලියන්න හිතුනා.. ඔක්කොටම කලින් කස්ටියට සුබ අලුත් අවුරුද්දක්හරේ .. බ්රයිඩ්ස්මේඩ්ලගේ පින්තුර ගත්තා ඇති දැන් බ්‍රයිඩ්ව අල්ල ගමු..(යකුනේ කැතට හිතන්නෙපා අයි මීන් වැඩේට බහිමු)දැන් අපි බලමු මක්කද මේකට ඕනේ කරන්නේ කියලාපරණ CD / DVD Rom එකක් හෝ Player එකක්..ඒක ගලවා ගන්න අවශ්‍ය උපකරන (ඉස්කුරුප්පු නියන්, අඩු, ට්වීසර් එව්වා මෙව්වා)ෆොන් එකක්..සෙලෝ ටේප් කෑලි දෙකක්වෙව්ලන්නැති එකෙක් (මොකද වෙව්ලන අයට ටිකක් අමාරුයි මේක)තව මැක්රෝ පින්තුර ගන්න ඕනෙ කරන දේවල්..බඩු සෙට් එකදැන් පරිස්සමෙන් ඒකේ හෙඩ් එක ගලවා ගන්න...ගැලෙව්වට පස්සේ මෙන්න මේ වගේ අයිටම් එකක් දැකගන්න පුලුවන්දැන් ඒකත් ගලවා ගන්න පරිස්සමටඑතකොට මෙන්න මේ වගේ කෑල්ලක් ඉතුරු වෙයි.ඔන් ඕක තමා අවශ්‍ය..ඕකේ තියෙන ලෙන්ස් එක මෙන්න මේ විදිහට පරිස්සමට ගලවා ගන්නඊට පස්සේ ඉතින් ඔබ තුමාලා , තුමීලා ලග ඇති ජංගම දුක අතට ගන්නඅරන් මතු දැක්වෙන ආකාරය පරිස්සමට ලෙන්ස් එක අලවා ගන්නදැන් ඉතින් වැඩ පටන් ගන්න..මේ පහත තියෙන්නේ මං එහෙම නිකමට ගත්ත පින්තුර ටිකක්නිකමට ගත්ත පින්තුර 01නිකමට ගත්ත පින්තුර 02 හරි එහෙනම් කස්ටිය වැඩේ කරලා බලන්න කෝහැබැයි ගෙදර තියෙන බඩු එහෙම කඩනවා නෙමේ හරිදආහ් කස්ටිය කියයිද දන්නෑ ඉතින් අර E bay එක පුරාවටම මොබයිල් මැක්රෝ සමග වයිඩ් ලෙන්ස් තියෙන්නේඅත පුච්ච ගන්න ඕනෙද කියලාමං නම් කියන්නේ මෙච්චරයි ඉතින් පොඩි උන් ඔව්ව බලලා මට බනිනපො හරිය :Pබබෙක් එක්ක ගෑනියෙක් කසාද බදින එකද ආතල්,නැත්තම් කෙල්ලෙක් බැදගෙන අපේම කියලා එකෙක් හදාගන්න එකදඑහෙනම් කස්ටියට ලස්සන දවසක් වේවා..ගැටලු තියේ නම් බුකියෙන් හරි අහන්න..ජය වේවා.සුබ අලුත් අවුරුද්දක් වේවා..මීට සුකා.
|
BLOG
|
ඇයට හොදටම මතකය තාම හැම දේම ඉර මැරෙද්දී දවසක ගගක ඉවුරක සවසක ගග උනත් තරබාරු මැදිවියේ අගනක් ඒ වෙනොකොට හොද දේකට කොහෙත්ම හොද නැති මොහොතක ඔහු මාන බලනකොට සුදුමුදු තඹර පහසට පුදුමෙකට වගේ ඈ ඇද සිටියෙත් රත් තඹුරු පාට ගව්මකි කර පලල් පොල් කටු දෙක තුනක් රත් කරන් මදින විට ගව්ම රැලිතිය තියා සීරුවට හිතේ ඔරලොසු කටු දිව්වෙ බැන බැන තරබාරු මහලු අගනක්ව ජීවිතෙ ඉර මැරෙන කාලෙක නැවත පැමිනෙන විට ඒ මතකෙට ඇයට හොදටම මතකය තාම හැම දේම එකම එක ඔනිම කරන දෙයක් මගහැර එදා ඔහු ඇටව්ව ඒ උගුලට දැන ගෙනම නොදැනෙන ගානට වැටෙනකොට හිත පුරා උඩුදිව්ව මිහිරි කෝමල කෙලි හැගුම නැති මැරුනු මතකෙකි එය නොමැරුන ඉතින් වැලපේ ඇය අද අඩු නැතිවම අමතක වුන එක ගැන නොවේ ඈ ඔහුටද යලි කිසිදිනක නොදැනුන හීනෙක පවා නොරැදුන මතකෙක පවා නොපිපෙන ඒ හැගුම් අහිමිව පාවෙන මතකය තිබෙන එක ගැන ඇයට හැමදේම.
|
BLOG
|
මම පොඩි එකා හින්දා මේවා ලියන්න කැමතිම නෑ ඉතින්...මොනා කරන්නද ලියන්න හිතුනා කවි සින්දු විතරක් ලියලා හරියන්නේ නැනේ..නේද.කුණුහරප වගේ උනාට හරියට බැලුවොත් එහෙම නෑඇත්තටම බැලුවොත් කුණුහරපයක් නෙවෙයි..ඔන්න දවසක් අපේ සෙට් එකේ ඉන්න එකෙක්ගේ ෆෝන් එක දවසක් නාන්න ගඟේ ගිහින් මුගේ දැඟලිල්ලට නෙවෙයි මගේ දැඟලිල්ල ට වැටුණා කෙලින්ම ගඟට..මල කෙලියයිනේ ඉතින්... බල්ලට වගේ බනින්නේ මූ....කොහොම කොහොම හරි ඒක ශේප් වෙලා නාගෙන එහෙම ඇවිත් අපි තුන්දෙනෙක් ගියා ෆෝන් එකක් ගන්න අරූට..lk තියෙද්දිත් මූ ට අලුත් එකක්ම ගන්න ඕන කිවුවනේ..මමනම් නෙවෙයි සල්ලි දුන්නේ... ඌම තමයි ඉතින්..ඔන්න ගියා මොකක් හරි නමක් තියෙන කඩේකට එකේ හිටියේ නත්.....තන අක්කා කෙනෙක්.. ගිනි කිකිළි වගේ අප්පේ කියලා ඇයි ඉති..ගත්තා මෙන්න මේකඅරූට මේක බලන්න ඕනලු..මේක හරියන්නේ නැද්ද කියලා බලන්න ඕනලු..ඉතින් අක්කට කිවුවා මේක කඩලා බලන්නද කියලා..අක්කා ගත්ත ගමන්ම කියපි "අනේ එපා මල්ලි පෙට්ටිය කැඩුවම කවුරුත් ගන්න කැමති නෑ" කියලා..ඔන්න ඕක ගැන කියලා තියෙන්නේ අක්කා.
|
BLOG
|
4pt 0in 5. ඒ බව පුන පුනා කියන ජාතකය හඳුනන්නෙ නැති කාළකන්ණිඩොලර් පිශාචයන්ට තලු මරන්න අවස්ථාව දීම නිදහස් රටක ජීවත් වන අපට තරම් වේද . ඔය කෑගහන එක ඩොලර් කාක්කෙක්ගෙවත් මයිල් ගහකසම්බන්ධයක් තියෙන එකෙක් මේ යුද්ධයේදී රට බේරා ගැනීමට ගොස් දිවි පිදුවේද . නැත. උන්ටදැන් උඩදාගෙන කෑගහන්න නිදහස ලබාදුන්නේ අපේ රණ විරුවො කියලා මේ අමන රැලට තේරෙනභාෂාවෙන් කියලා දෙන්න පුළුවන් ජාතික නායකයෙක් අපට ලැබෙන්නේ කවදාද . ඉන්න එවුන්වත් බිය වද්දගෙන කරන මේ නාඩගමජාතියක් වශයෙන් අවබෝධ කරගෙන ඩොලර් ගැති කාක්කන්ව (කාක්කන්ට අපහාසයක්ද මන්ද .)රටෙන් තුරන් කිරීමට කාලය පැමිණ ඇත.මතකද පිටකොටුව, මරදාන, මහ බැංකු, දෙහිවල, පිළියන්දල වැනිනගර වල බෝම්බ පිපිරීම්. ඒවා කලේ කව්ද . එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලයට මේගැන පැමිණිළි කිරීමට කෙනෙක් නැතිද . නැත්නම් ඒවා ප්රභාකරන් කී පරිදිම අපට මතකනැතිව ගිහින්ද .
|
BLOG
|
සිංහල බ්ලොග් අවකාශයේ කාලයක් තිබුණු ඉල්ලීමක් තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන ලියන්න කියන එක. මීට අවුරුද්දකටත් පෙර තමයි ඒ ඉල්ලීම සිද්දඋනේ. ඉතිං ඒකට පිළිතුරු විදියට කෙනෙක් ලියන්නම් කිවුවත් තාම නෑ. සමහර විට ඒ කවුද කියලවත් කස්ටියට මතක නැතිව ඇති. අවුරුද්දක් කිවුවම එසේ මෙසේ කාලයක්ද.. සිංහල බ්ලොග්කරුවන්ගේ ප්‍රථම හමුවීමටත් ඒ වගේම කාලයක් ගතවෙලා.ඉතිං මං හිතන විදියට මුලින්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙදි විභව අන්තරය(V) හා ධාරාව(I) ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ.ධාරාවක් කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැනක සිට වැඩි තැනකට ගමන් කරන කොට.හෝව් වැරදුනේ නම් නෑ. ඒක වෙන්නේ මෙහෙමයි. ඉලෙක්ට්‍රෝන කියන්නේ (-) ආරෝපිත ඒවටනේ. ඉතිං - ආරෝපණ වැඩි වෙනව කියන්නේ එතන විභවය අඩු වෙනව කියන එකයි. එතකොට ධාරාවක් ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැන ඉඳල වැඩි තැනට. ඒකටම කියන්න පුලුවන් + ආරෝපණ අනිත් පැත්තට ගමන් කරනව කියලා. හැබයි මතක තියාගන්න සන්නායකයක් තුල නිදහසේ චලනය වෙන්න පුලුවන් ඉලෙක්ට්‍රෝන වලට විතරයි කියලඑතකොට විද්‍යුත් රසායනික කෝෂයක් ගත්තොත් මේ විදයට පැහැදිලි කරගන්න පුලුවන්. කෝෂයේ කෙටි ඉර තියෙන පැත්තෙ තමයි ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන්නේ.මේක ගත්තෙ විකිපීඩියාවේ http://en.org/wiki/Electric_current පිටුවෙන්මේක හොදට මතකතියාගන්නධාරාවක් නැතිව විභව අන්තරයක්(V) තියන්න පුලුවන් උනත් කවදාවත් විභව අන්තරයක් නැතිව ධාරාවක් පවතින්නෙ නෑඑතකොට මේ ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවට බාධාවක් ඇති කරන දෙයක් තමයි resister එකක් කියන්නේ. ප්‍රායෝගිකව හැම විදුලි උපකරණයකටම resistance එකක් තියෙනවා.මේ පහලින් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ භාවිත වන resister එකක්. මේක ගත්තේ http://www.org අඩවියෙන්ඔය රෙසිස්ටරයේ පාට වළළු වලින් ඒකෙ අගහ කියවගන්න හැටි ඊළඟ ලිපියෙන් බලමු.
|
BLOG
|
ඔබ - යමක් විවෘත කළේ නම් එය වසා තබන්න.ඔබ - අතින් යමක් වැරදුනේ නම් එය නිවැරදි කරන්න.ඔබ- යමකට අසමත් නම් සමත් අයෙකුගේ සහාය ලබාගන්න.ඔබ - යමක් ණයට ගන්නේ නම් එය ආපසු දෙන්න.ඔබ - යමක් පාවිච්චි කරයි නම් එය ආරක්ෂා කරන්න.ඔබ - අතින් යමක් අපිරිසිදු වූයේ නම් එය පිරිසිදු කරන්න.ඔබ - යමක් ගන්නේ නම් ආපසු නිසි තැන තබන්න.ඔබ - අනුන්ගේ යමක් ගන්නේ නම් හිමිකරුගේ අවසරය ලබාගන්න.ඔබ - ඔබටම අයත් කටයුතු ගැන පළමුව සිතන්න.ඔබ - ප්‍රශ්නයකට මැදි වූ විට ඉවසීමෙන් විසඳුම් සොයන්න.ඔබ - ඔබ ම වන්න.උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.
|
BLOG
|
අද දවස සමහර විටහදවතක් එක් කල දිනයක්දහදවතක් වෙනස් කල දිනයක්දහදවතක් රිදවන්නට සමත් දිනයක්ද වන්නට තිබුණි බව වග මට නොහැඟුණි.....එහෙත් මට නොදැනීම කාලය ගෙවී ගොස් නැවතත් ඒ දිනය උදා වී ඇත.මගේ ජීවිතයට වෙනස් අරුතක් එක් කල, ජීවිතය වර්ණවත් කල ජීවිතයට නව මඟක් කියා දුන් ඒ දිනය අදයි..හදවතඔබත් මමත්එකලු කල ආදරයඅද්දරින් ගලා යන ජීවිතයපැණ නැඟුණු දුක් කම්කටොලුවිඳ දරා ඉදිරියටලැබැඳි ඔබ දෑස් දෙස නෙත් යොමාබලා හිඳින්නටලැබැඳි ඔබ වදන් වෙත කන් යොමාඅසා සිටින්නටලැබැඳි ඔබ කැටුව දෑත් පටලාපිය මනින්නටතව තවත් ඉදිරියටපිය නඟමු ජීවිතයසැබැඳියේ ඔබ සමඟආදරණීය ඔබ ............................................
|
BLOG
|
ඉස්සර දුරකතන දෙකක් එක ලඟ නොසෙල්වී තියලා විනාඩි ගාණක් බලන් ඉදලා Infrared නැතිනම් අධෝරක්ත කිරණ වලින් සිංදුවක් ඒකේ ඉඳලා මේකට දා ගත්ත අපිට Bluetooth ආවට පස්සේ මල් හතයි. අමුතු තාලේ නමක් වුනාට වෙන දේ නම් අපි දන්නවා.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ...බ්ලු ටුත් - Bluetooth නිල්දත හා... හා.. ඇත්තට මේ නම මේකට ආවේ කොහොමද.. නිකමට හිතුන හින්දා මාත් හොයලා බැලුවා....මේ විස්තරය Bluetooth වල නොදන්න රසවත් තොරතුරු ගැනයි. වෙනදා වගේම තොරතුරු ජයාරූප අන්තර්ජාලයෙන් තමා...වර්තමාන තාක්ෂණීක ලෝකයේ පරිගණක, දුරකතන, ආදියෙහි එකිනෙක අතර දත්ත හුවමාරු කරන ක්‍රම රාශියකි. වයර, කේබල, අධෝරක්ත කිරණ, රේඩියෝ සංඥා වැනි එකී මෙකි නොකි ක්‍රම අතර වඩාත් ජනප්‍රිය පහසු ක්‍රමයක් විදිහට Bluetooth බොහෝ දෙනා පිලිගනී. මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop. එය නිර්මානය කරන කාලයේ එම නිෂ්පාදනය හැදිනුවු රහස් වචනයම අවසානයේ එහි නිල නාමය ලෙසම ජනප්‍රිය වුනා. ඒ 1994 දීයි. ස්විඩනයේ එරික්සන් සමාගමේ එකල රාජකාරී කල Jaap Haartsen සහ Sven Mattisson යන පරිගණක ඉංජිනේරුවන් විසින් මෙය දියුනු කරන ලද අතර පසුව Bluetooth ලෙස නම් කරන ලදි. එය වයර රහිත දත්ත හුවමාරු ක්රමයකි. එය වඩාත් දියුනු කිරීම සඳහා Ericssion, Nokia ,Intel, Toshiba, IBM යන ආයතන මෙහි ඉදිරි දියුණුවට Special Interst Group නැතිනම් SIG එකතුවක් නිර්මාණය කර ගනිමින් එහි දියුණු කිරීම ආරම්භ කරන ලදි. දුරකතන එෆ් එම් රේඩියෝ හා රූපවාහිනි තම සම්ප්‍රේෂන සඳහා දුර සම්ප්‍රේෂණය වන රේඩියෝ තරංග යොදා ගනී. Bluetooth සඳහාද රේඩියෝ තරංග යොදා ගන්නා අතරම එය කෙටි දුරක් සඳහා සීමා කර ඇත. එය ඉතා පහසුය.සදහන් වෙන විදිහට 10 වැනි ශතවර්ශයේ (940-986) ඩෙන්මාර්කයේ රජ කල ස්කැන්ඩිවේනියානු වයිකින්වරයකු රජ කෙනෙකු වු Harald Blatand එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් හදුන්වන Harald Bluetooth හට උපහාරයක් විදිහට මෙය එම නමින් නම් කර ඇත.ඔහු විසින් වර්තමානයේ නොර්වේ,ස්විඩනය හා ඩෙන්මාර්කය යන රටවල් තුන එක රාජධානියක් ලෙස එක්සේසත් කරන ලදි.ඔහුගේ පියාට හා මවට උපහාර ලෙස තැනු ස්මාරකයක් තවමත් ඩෙන්මාර්කයේ Jelling පල්ලිය අසල ඇති අතර එය Jelling stones ලෙස හදුන්වයි.එයට උපහාරයක් ලෙසත් නිෂ්පාදන රැසක් එකට එක් කිරීමට ලැබුන සොයා ගැනීමක් නිසාත්, ස්විඩන සමාගමකින් සොයා ගත් නිසාත් එයට Bluetooth නම තබන්නට ඇති බව විශ්වාසයයි. අවසානයේ තම පුතු අතින්ම මෙම Harald Blatand රජු මරණයට පත්වන්නේ අවුරුදු 1000 වැඩි කාලයක් වෙලත් තම නම අමරණීය කරමිනි.ඔබ Bluetooth ලාංජනය දැක ඇති. එහි සලකුණ ඉංග්‍රීසි හෝඩියේ B අකුරට හා K අකුරට සමානයයි ඔබ හිතනවාද. බොහෝ විට ඔව්... නමුත් එය නිර්මානය කර ඇත්තේ පැරණි හෝඩියකිනි. Harald Blåtand යන නම කෙටි කොටයි.එය වර්තමාන ලතින් භාෂාවේ H (Haglaz) අකුරට හා B (Berkanan) අකුරට සමාන වේ.වර්තමානය වන විට 95% ක් පමණ දුරකතන වල Bluetooth තාක්ෂණය ඇත. එලෙසම විද්‍යුත් උපකරණ බොහෝමයක මෙය ඇතුලත් වේ.චාම්කයගේ නමත් දා ගන්න ඕන...ගුගල් එක නම් දෙයියනේ කියලා “චාමිකයව” උඩින්ම පෙන්නවා.
|
BLOG
|
මම අද කියලා දෙන්න හදන්නෙ යාළුවන්ව පුදුමයට පත් කරවීමට හැකි අනාගත දිනයක හෝ අතීත දිනයක, දිනය විමසා දවස ප්‍රකාශ කල හැකි අතිශය පහසු ගණිත ක්‍රමයක්. මෙය ප්‍රගුණ කිරීමෙන් පිරිසක් සිටින තැනක ඔබට යම් අවධානයක් ලබා ගැනීමට හැකිවේවි. ඒ වගේම මම මේ ළඟකදී යම් රූපවාහිනි නාලිකාවක මෙම දවස කියන ක්‍රමය දිව්‍යමය බලයකින් ලැබූ බව ප්‍රකාශ කල පුද්ගලයෙක් දුටුවා. ඔහු ගැන දුක්වන අතරම මෙම ක්‍රමය ඔබත් අත්හදා බලා දිව්‍යමය බලයක් ලබාගනු ඇතැයි සිතමි.ඔබ මේ සඳහා මුලින්ම මෙම වගුවේ ආකාරයට මාස සඳහා ලැබෙන අගයන් 12 මතක තබා ගත යුතුයි.ජනවාරි 0පෙබරවාරි 3මාර්තු 3අප්‍රේල් 6මැයි 1ජුනි 4ජුලි 6අගෝස්තු 2සැප්තැම්බර් 5ඔක්තොබර් 0නොවැම්බර් 3දෙසැම්බර් 5මෙය 033-614-625-035 ලෙස දුරකථන අංකයක් ලෙස මතක තබා ගත් විට මට පහසුවෙන් මතක හිටියා. තමන් කැමති ආකාරයකට මෙම අංක මතක තියා ගන්න.පියවර 1:ඔබ මිතුරකුගෙන් දිනයක් විමසන්න. උදා - 04-නොවැම්බර්-1975පියවර 2:පළමුව මාසයට අදාල අගය මතක තබා ගන්න. උදාහරණයට අනුව නොවැම්බර් මසට අගය 3 වේ.පියවර 3:දැන් මාසයේ අගයට ඔබ විමසා දැනගත් දිනයේ අගය එකතු කරන්න. 3 + 4 = 7පියවර 4:එම ලැබුන අගයට විමසා දැනගත් දිනයේ අවුරුද්ද සඳහන් වන කොටසේ අනතිම අගය එකතු කරන්න.7 + 75 = 82පියවර 5:දැන් වර්ෂය සඳහන් අන්තිම අංක දෙක 4න් බෙදා කොපමණ අධික වර්ෂ ප්‍රමාණයක් ගතකර ඇත්දැයි දැනගෙන එය පෙර ලැබුන අගයට එකතු කළ යුතුයි.75/4 = 18මෙහිදී ඉතිරිය නෙසලකා හරින්න.82 + 18 = 100පියවර 6 :දැන් මෙම අගය 7න් බෙදා ලැබෙන ඉතිරිය අනුව පෙර විමසූ දිනයේ දවස ඔබට ප්‍රකාශ කළ හැකිය.උදාහරණයේ දිනයට අනුව නම් 100/7 = 14 ඉතිරි 2 යි. එනම්04-නොවැම්බර්-1975 වැනිදා අඟහරුවාදා දිනයකි.***** 2000 වර්ෂයෙන් පසුව සෙනසුරාදා අගය 0 ලෙස ගෙන ඉදිරියට යන්න. - ස්තූතිය සුදීකටඉරිදා 0සඳුදා 1අඟහරුවාදා 2බදාදා 3බ්‍රහස්පතින්දා 4සිකුරාදා 5සෙනසුරාදා 6.
|
BLOG
|
ඔබ පරිගණකමවුසය කොපමණ කලක් ක්ලික් කර ඇතිද.. එහි නිර්මාණයේ මුල් හිමිකරුවා 1955 දි ඔරිගන්විශ්වවිද්යාලයෙන් ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ශිල්පය පිළබඳ උපාධීධාරියකු වු ඔහු 1925 ජනවාරී 30 වැනිදා ඇමරිකාවේ ඔරිගන් හිපෝට්ලන්ඩ් හිදි උපත ලබන ලදි.පසුව ඇමරිකානු නාවික හමුදාවේ රේඩාර් ශිල්පියකු ලෙස කටයුතුකරන ලදි.පසුගිය මස එනම් 2013 ජුලි 02 ඔහු වයස 88 ක් වෙද්දීඔහු අභාවප්‍රාප්ත වුනා... මේ මවුසයේ අතීතය ඔහු වෙනුවෙන් කල සොයා බැලීමක්..තොරතුරු පින්තූර සියල්ලම අන්තර්ජාලයෙන් ... කියවලා බලන්න අදහසක් දක්වන්න..වර්තමානයේමවුසය යනු පරිගණකය හා සම්බන්ධම කොටසක් වුවත් අතීතයේ මවුසයක් පරිගණකය හා සම්බන්ධව තිබුනේ නැති අතරම ග්රැපිකල්මුහුනතක්ද තිබුනේ නැත.සියලු දත්ත ඇතුලත් කිරිමට තිබුනේ යතුරු පුවරුව පමනි.මවුසයක්පිලිබඳ අදහසක් ගෙන දෙන එම ආකාරයේ මුල්ම යන්ත්‍රය නිපදවනු ලැබුවේ 1952 දී TomCranston හා FredLongstaff යන දෙපලවිසින් කැනේඩියානු නාවික හමුදාව වෙතයි. එයට විශාල බෝලයක් යොදාගෙන තිබු අතර එය Track Ball ලෙස හදුන්වන ලදි.1963 දීපරිගණකයේ මවුසය නැමැති අද අපි භාවිතා කරන කොටස Stanford Reserch Institute තුලදී සොයා ගනු ලැබුවේDouglasCarl Engelbart විසිනි. 1961දී මවුසය පිළිබඳ අදහසක් ඔහුට පැමිණ තිබුනේ පරිගණක ග්‍රැපික් ශිල්පය පිළබඳ වුරැස්වීමක සිටියදීයි.Bill English හා කටයුතුකරයමින් අවසානයේ ඔහු ලී කවරයක් තුල තැනු ලොව ප්‍රථම මවුසය ලියෙන් තැනු කුඩාපෙට්ටියක් තුල යකඩ රෝද දෙකක් හා කුඩා විදුලි පද්ධතියකින් හා රතු බටනයකින් සමන්විත ව1968 දී Fall Joint Computer Conference හීදී ලොවට ඉදිරිපත් කරන ලදි.එය Xහා Y සහිත අක්ෂ ක්රමයකින්ක්රියාත්මක වන ලදි.අනේඅපොයි.. අවුරුදු 56 කදී “හාඩ් ඩිස්කයට“ වුන පෙරලියක හැටි... – ඊට අවුරුදුඅටකට පසුව එනම් 1972 දි ඔහු හා එකතුව වැඩ කල Bill English බෝල මවුසය ලෙස එය දියුනු කරන ලදි. එකල ඔහුසේවය කලේ Xerox Parc විද්‍යාගාරය හා එකතුවවු අතර එය ඔවුන් නිපද වු කුඩා පරිගණකයේ ප්‍රධාන කොටසක් වුනා. Xerox AltoComputer System නම් වුන එහි භාවිතාකිරීමට පහසු තිරයක් සහිත වුනා.ගරාජයෙන්පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....Think Different 1980 පසුවමවුසයේ ඉතා ඉක්මන් දියුණුව උදාවුන අතර දුවිලි නිසා නිතර ලෙඩ වන බෝල මවුසය වෙනුවටඔප්ටිකල් මවුස හදුන්වා දුන්නා... ඔබ විශ්වාසකරනවාද.. 1991 දී ප්‍රථම වයර රහිත මවුසයක් Logitec සමාගම හදුන්වා දුන්නා. එය MousemanCordless ලෙසහැදින්වුවා.අදවන විට එයවඩාත් දියුණු තත්වයට පත්ව ඇත. ප්‍රධාන පරිගණක සමාගම් විවිධාකාර මවුසයන් සොයා ගැනීමවෙළඳ පොලට ඉදිරිපත් කරමින් සිටී.මේ තියෙන්නේවිවිධ ආකාරයේ අමුතු වර්ගයේ මවුස් නිපැයුම්...පහුවෙන කොටවෙනස් වීම මේ වගේ වෙයිද මන්දා....... නැද්ද මංඅහන්නේ.
|
BLOG
|
වෙනදා වගේ නෙවෙයි ඕන් ඉඔක්මනටම ඊලඟ පොස්ටුවත් අරගෙන ආවා... නාකිවෙලාවත්දෝ කියලා හිතුනාට තාම අත්දැකීම් කියලා තියෙන්නෙ ඒලෙවල් ඕලෙවල් කාලෙ අත්දැකීම් විතරයි... එවගෙනුත් බහුතරයක් කියන්නෙ ඔක්කොම වගෙ ඉස්කොලෙදි හම්බුවිච්චා...මෙහෙම ඉන්න කොට එක පාට්ට හිනත් යනවා කරපුවා මතක් වෙලා... ගිය අවුරුද්දෙ මුල හරියෙ කාරිය තිබ්බා ඉස්කොලෙ මෙව්වා අභිමන් කියලා එක්සිබිශන් එකක්.. උත්සවස්‍රීයෙන් හෙන යජට එහෙම කෙරුවා... ඔයිකට තමයි මං අර කේවලව "මදුරු මර්ධණයට නව නිපැයුමක්" ඉදිරිපත් කළේ.ප්‍රදර්ශනේ තිබුනු සතියෙ විතරක් නෙවෙයි ඊට මාසෙකට කලින් විතර ඉදලා නයිට් ගහලා නොසෑහෙන්න අපි මහන්සි උනා.. ඔය අතරෙ ඉතිං අපිත් බොන කන මිනිස්සු විච්චි අපිටම කියලා දෙයක් කරගත්තෙ නැත්තෙමත් නෑ.අපෙ පන්තියේ උන්ගෙන් වැඩකරපු සෙට් එකෙන් මම විතරයි කියමුකො ඒවගෙ වැඩවලට හිටියේ... :3කොහොම උනත් අපෙ පන්තියෙ උන්ට තිබ්බා හෙන..ම අමධ්‍යප අමාරුවක්... මං අර දවසක් කිව්වෙ බෝඩ් කෑල්ලි ඉදන් එල්ලලා තියෙනවායි කියලා පන්තියේ. ඉතිං ඔන්න ඔහොම නයිට් ගහද්දි එහෙම මම පන්තියෙ උන්ට හොරා ඈක්කා වැඩ නොකරේම නෑ...අපේ සෙට් එකේ ප්‍රබල සාමාජිකයෙක් තමයි මයෙ හොදම මිත්‍රයා.. මිනිහා දැන් නැති උනාට මිනිහා කරලා ගිය වැඩ මිනිහව අමතක වෙන්න දෙන්නෙම නෑ. කොහොම උනත් ඌත් හෙන අමධ්‍යපයා.. මයෙ වැඩ වලට සෑහෙන්න අකුල් හෙලනවා.කොහොම හරි දවසක් රෑ මං දාගෙන ලයිටරේ හොයනවා... එකෙක්වත් සද්ද නෑ.. පන්තියෙ අහලකවත් ගිනි පෙට්ටියක් නෑ. මටත් දැන් හෙන බර අවුල...වයරින් වැඩ සදහා විමසන්න.ටික වෙලාවක් කල්පනා කොරන කොට මට වැඩේ තේරුනා.. අපෙ මිත්‍රයා ලයිටරේට වැඩේ දීලා කියලා.. පන්තියෙ කිප දෙනෙක්ට කරන්ට් එක වදින කෑල්ලකින් ආතල් දෙනවත් මම හවස් වරුවෙ දැක්කා..:Dඔය අතරෙ තමයි මයෙ මොලෙට ක්‍රියෙටිවු අයිඩියර් එකක් ආවේ... කට්ටිය අතේ තියෙන එකෙන් මොළේ තරම පේනවා කියලා කිව්වාට තාම මයෙ මොළේ කුරොල්ලු වෙලා නැති නිස්සා එහෙන් මෙහෙන් ක්‍රියෙටිවු අයිඩියාස් එනවා..කොහොමත් පන්තියෙ ඉලෙට්‍රික් බාස් මම.:Dගත්තා තිනර් පොගොලා අත පිහ පිහ උන්නු රෙදි කැල්ල.. ගැහුවා ප්ලග් එකට මල්ටි මීටරේ ප්‍රොබ් දෙකේ ජැක් දෙක... රෙදිකෑල්ල බිම තියලා ප්‍රොබ් දෙක එකට ගෑව්වා විතරයි මෙන්න ගින්දර.ප.ව..තාම මොළේ නං පොඩ්ඩක්වත් කුරවල්ලු වෙලා නැති උනාට ඒවා මේවා පානය සෞක්යට අහිත කරයි කියලා කියන්නෙ කට කහනවට නෙවෙයිනේ.. :)මල්ටි මිටරේ ප්‍රොබ්ස් කියන්නෙ මෙව්වට.
|
BLOG
|
මේ තියෙන්නේ සෝනි සමාගමෙන් නිෂ්පාදනය කරන ලද නවතම ඩිජිටල් කැමරාවයි. පේනවා නේද, දුටු පමණින් නම් ලෙන්ස් එකක්වගේ, නමුත් මේක ඩිජිටල් කැමරාවක්. මේ කැමරාවෙහි විශේෂත්වය වන්නේ මෙය ස්මාර්ට් ෆෝන් එකක් සමග භාවිතා කල යුතු වීමයි. එම නිසාම මෙය Smartphone Attachable Lense Camera ලෙස තමයි හඳුන්වන්නේ.මේ කැමරාව WI-fi තාක්ෂණය මගින් Smartphone එක සමග සම්බන්ද කිරීමෙන් පසු ෆෝන් එක හරහා මෙය පාලනය කල හැකියි. එමෙන්ම මෙම කැමරාවට LCD screen එකක් නැහැ. ඒ වෙනුවට භාවිතා කරන්න වෙන්නේ ෆෝන් එකේ තිරය.ඉහත රුප වල දැක්වෙන ආකාරයට මෙමෙ කැමරාව ෆෝන් එකට සවිකර හෝ වෙනමම තබාගෙන ඡායාරුප ගැනීම කල හැකි වෙනවා.මෙම කැමරාව මාදිලි දෙකකින් හඳුන්වා දී තිබෙනවා, Sony QX 100 සහ Sony QX 10 ලෙසට. මේ මාදිලි දෙකෙහි වෙනස වන්නේ එහි ඇති ලේන්සයයි. QX 100 වර්ගයට ලොව ඉස්තරම්ම කාව වන Carl Zeiss ලේන්ස යොදා තිබෙන අතර එහි මිල ඩොලර් 500 ක් පමණ වන අතර, QX 10 වර්ගයටයොදා ඇති කාචය වන්නේ සෝනි කාචයයි. එහි මිල ඩොලර් 200 ක් පමණ වෙනවා.Sony QX 100 Sony QX 10 මේ පහල තියෙන්නේ එම කැමරා මාදිලි දෙකෙන් ගත් ෆොටෝ දෙකක්.Sony QX 100 Sample ImageSony QX 10 Sample Image(මෙහි ඇති සියලුම ඡායාරුප අන්තර් ජාලයෙන් ලබාගත් බව සලකන්න.).
|
BLOG
|
මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේhttp://www.lk/Published on Saturday, 16 August 2014 16:29Hits: 802පුංචි තිරයෙන් නිතරම දකින රුවක් නොවුණත් අනුරුද්ධිකා පාදුක්කගේ කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්. කලකට පසුව ඇයව ‘රිවිසරසි’ කතාබහකට එකතු කරගන්න අපි කල්පනා කළා.අනුරුද්ධිකා මේ දවස්වල නිදහසේ කාලය ගතකරනවාද.දරුවගේ වැඩකටයුතු එක්ක නිදහසේ කාලය ගත කරන්න නම් වේලාවක් නැහැ. පුතාගේ වයස දැන් අවුරුදු දෙකයි මාස හතයි. එයාගේ නම පෘථිවි. දැන් දඟයි. දරුවා ලැබුණට පස්සේ වැඩිපුරම එයා එක්ක කාලය ගතකරනවා.අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද.නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් සන්තුස ලියනගේ ගේ ටෙලි චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. තාත්තා සහ පුනරාගමනය කියන නිර්මාණ දෙකට. ඒ නිර්මාණ දෙකේම ලස්සන කතා තේමාවක් තියෙනවා. නිර්මාණාත්මකයි. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. තෝරා බේරාගෙන ඒවාටත් සම්බන්ධ වෙනවා.නිතරම නොදකින්න හේතුව විවාහය කියන සංකීර්ණ බැඳීමේ සීමා මායිම් ද.අනේ නැහැ. මගේ හස්බන්ඩ් නාලක විජේවර්ධන ශ්‍රීපාලි විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයෙක්. මගේ මහත්තයා මට නීතිරීති දාන්නේ නැහැ. ඉස්සර ඉඳලම මම සම්බන්ධ වුණේ ගුණාත්මක නිර්මණවලට විතරයි. මට හුඟක් ඇරයුම් එන්නේ හොඳ නිර්මාණවලට. ඒ නිසා ඒ වගේ ගැටලු තවම මතුවෙලා නම් නැහැ.රූපවාහිනී තිරයේ නිතරම නොදැකීම ජනප්‍රියත්වය අඩුවෙන්න හේතුවක් කියලා හිතෙන්නේ නැද්ද.නිතරම නොදැක්කොත් ජනප්‍රියත්වයේ අඩුවීමක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. අවුරුදු පහකට වතාවක් හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණත් ඇති. ඒ චරිතය හා නිර්මාණය මිනිසුන්ගේ හදවතට දැනෙනවා නම් රඟපෑවත් නැතත් මිනිස්සුන්ට නම කිව්ව ගමන් මතක් වෙනවා මේ අහවලා කියලා. එහෙම නිර්මාණ එකකට දෙකකට සම්බන්ධ වුණ අදටත් ජනප්‍රිය ප්‍රවීණ කලාකරුවෝ ඕනතරම් ඉන්නවා. ඒ නිසා මට ඒක ගැටලුවක් නැහැ. මාව ප්‍රේක්ෂකයින්ට අමතකයි කියලා මම හිතන්නෙත් නැහැ.වේදිකා නාට්‍ය රඟපෑමෙන් ඈත්වෙලාද ඉන්නේ.ඈත්වෙලා නම් නැහැ. ඒත් ලොකු කාලයක් ඒ සඳහා වැය කරන්න ඕන. හොඳ නිර්මාණයක් නම් කාලය කැප කරන්න බැරිකමකුත් නැහැ. ඒත් දැනට වේදිකාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ දරුවගේ වැඩ නිසයි.අනුරුද්ධිකා පාදුක්කගේ මෙගා නාට්‍ය විරෝධියෙක් ද.විරෝධයක් නැහැ. ඒත් මම අද වනතුරුම මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ. මෙගා කියන්නේ වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය වන ඒවා. මම මුදල් මත යැපෙන නිළියක් නමෛයි. මම වටිනාකම හා මගේ කාලය දෙන්නේ ගුණාත්මක නිර්මාණවලට විතරයි.අනුරුද්ධිකාට චෝදනාවක් තියෙනවා සම්මාන බලාපොරොත්තුවෙන් රඟන නිළියක් කියලා. ඒක ඇත්තක්ද.මම නම් සම්මාන බලාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය චෝදනාව මට අදාළ නැහැ. නමුත් මම සම්බන්ධ වුණ බොහෝ නිර්මාණ සම්මාන සඳහා නිර්දේශ වුණා. සමහරක් ඒවාට සම්මාන ලැබුණා. මට ඒ ගැන සතුටුයි. සම්මානය ලැබුණත් නැතත් නිර්දේශ වීමම වටිනවා.විකාශය වීමට නියමිත නිර්මාණ හුඟක් තියෙනවා නේද.චිත්‍රපට කිහිපයක් තියෙනවා. තේජා, කරදිය, අපරාධය හා දඬුවම නවකතාවේ අනුවර්තනයක්, ඩස්ට්, මායා කියන නිර්මාණවලින් ඉදිරියේ දී දකින්න පුළුවන්.අනුරුද්ධිකා රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා රාවයක් පැතිරෙනවා.මට කරන්න පුළුවන් හොඳම රැකියාව රඟපෑම. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම රඟපෑමෙන් දැන්ම ඉවත් වෙන්නේ නැහැ. ඉස්සර වගේම අදටත් රඟපාන්න මම ආසයි.හර්ෂණී වීරරත්නඡායාරූප - චමිල කරුණාරත්නNext >.
|
BLOG
|
කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්නත් බැරි වුනු හින්දා අලුත් අවුරුදු දා උදේම පරන අවුරුද්දේ ලියපු නිසදැස් ටිකක් දාන්න හිතුවා..... ඉස්සෙල්ලාම ලැබුවා වු අලුත් අවුරුද්දට සුබ පතනවා..සතුට සිනහවපිරි ඉතිරෙනනිබදජය ටැබ සොයා යන්නටඅලුත් ආරෙටසිතුම් පැලවෙනවාසනාව දොරේ ගලා යනනව වසරකටපතමි ආසරි෴෴සචි෴෴**************************************************1).සසල දියනිසල වනගං දැල අභියස............සුපෙම්මල් පොකුරුපිපෙනාමෙ සීත ගනදුර.........ඉකිබිදිනසරා සද හංගලාරීදි පැහැ මෙගය....ඇය කියුසරා කවපාරවයි දෙනයන..............෴෴සචි෴෴2).දුර ඈතනිම්නයටසිත සිබිනමල් හීනවසත් කලගිම්හානායක......පොලොව සිපගත්තුපුන්චි වැහි බින්දුපුපුදලානියගලා මල් පොකුරුනුබදුන්නු මතකයට....කවකටුවෙතුඩ මතින්ඈදි ගිය චාපාවසිත රැදෙහැමකල්මඅහිම බව දැන දැනම......෴෴සචි෴෴3).උනුහුමට නෙත අග පිපුනුසෙනෙහසෙ රතු රොසපරවෙලා මටත් හොරාඔය සිත අහිමි වු දුකට.......හෙමින් හෙමින් මා නෙතටසිතලින් ඔප වැටුනු කදුලුරස මතු වෙලා නුබෙ පහස දනවලා......෴෴සචි෴෴4).නමක් නැති නිමක් නැති ............මේ සොඳුරු සෙනහසටසිත් ඉමට වඩින්නටවරම් දුන්නේ කව්ද.........සිහිල් සඳ මද නල හමනරැයක සිහිනෙක රැඳෙනසුපිවිතුරු හැගුමක්ද........අතින් අත පටලවාසොයුරියක ආදරෙන්හිත රැදුනු නුබෙ මතකහිත පුරා විදින්නට අවසරද..............පිවිතුරුව හමා ගියඅරලියා මල් සුවදතියෙවා හැම කල්මඑකම සෙවනක රැඳෙනවරම් හිමි නැති වුවද...............෴෴෴සචි෴෴෴5).දැස පෙරුමන් පුරාආදරේ උල්පතෙජිවිතේ විල්තෙරෙසොයමි සෙනහස ඔබෙ..............සිහින ඇරයුම් පුරාසිතුවිලි ගගුලක් අරාදෙන්න සෙනෙහෙ ඔබෙඔබටමයි ආදරේ......සුපෙම් පැතුමන් පතාසිතින් මං දුර ගියාකදුලු විල් තෙරෙ තියාසොයමි නුබ කොහෙ කියා........෴සචි෴6).සුදු රොසඉකිබිදිනරැ...........සද හැන්ගිලාතරු හිනහිලාසිත පුරාපැතිරිලා කලු වළා..........පියා පත් ඇකිලිලාකුරුලු ගිතයනිම වෙලාසිනා මල් හැන්ගිලාවසන්තය නිම වෙලා....................~~~සචි~~~7).සැලෙන මද නලටපොපියනා හද ගැස්මහෙමින් හිරු මඩලසිප ගනී සිත් අහසඅඩ ගසා සදූ නැති රැයට.................පරව යන සුදු රොසහිනහෙනා කඩුපුලටකොදුරාවි ලොව දහම................සෙමින් මා නෙතටඋනුහුමින් පොපියනපැමිනිලා කදුලක්මතකයට නුබ දුන්නු ..........***සචි***8).පාට තවරන්නටජිවිතයට .........අරුත් සොයන්නටවිඩාබර දෙනතට......විදින්නට හිත පුරාආදරෙ .............කවදාකමා සතු වෙද....................හින පුරා මා සෙවුඑ නෙක පාට.......~~~සචි~~~9).මම ...මග බලාන හිටියාඅරලිය මල් වැටුනු පාර දිගෙහිතෙ දුක පිරිලාවැහි බර අහස වගෙ.......ඇය...නිල්ම නිල් ඇ දෙනෙතපොඩි වෙලා වෙනදා වගෙසිනවක් නම් නැමා සිප ගත් එ මුවගෙ...........මම...මෙ අහන්නමගෙ හිත අදරෙ පිරිලාසිබින්න හදනකොටමමල් වලට කියන්න එපාසිබින්න එපා සුවද අරන් යන්නකියලා........ඇය...පොඩි දෙට කදුල එනමගෙ ඇස් නුබ ලගම තියන්නම්මගෙ කදුල එක්ක මගෙ හිතත් එවන්නම්එත් ......මම තවත් නුබෙ නොවෙ...෴෴සචි෴෴ප.ලි - බ්ලොග් අව්කාශයට ඇවිත් දැන් අවුරුද්දක් මෙ අවුරුද්ද පුරාවටම වසන්තය එක්ක එකතු වුනු හැමොටම ගොඩක් ස්තුතියි.
|
BLOG
|
නොමිලේ...නොමිලේ...නොමිලේ...නොමිලේ...නොමිලේ...නොමිලේ දෙනව කීවම එක සැරයක් නෙවේ, දෙතුන් සැරයක්ම හිතන්න වෙනව.හේතුව අපේ රටේ සාමාන්‍යයෙන් "නොමිලේ" කීවොත් එක්කො කල් ඉකුත් වෙන්න සතියක්, දෙකක් තියෙන දෙයක්. එහෙම නැත්නම් විකිණෙන්නෙ නැති දෙයක්. කොහෙ හරි රටක තහනම් කළ දෙයක්.ඉතින් ඒ හින්ද "නොමිලේ" බෝඩ් කෑල්ල දැක්කම හිතන්න වෙනව ඒක වටිනවද කියල.ඒ කතාව එහෙම උනත්, කවදාවත්, මොන විදියෙන්වත් මිල කරන්න බැරි අමිල වස්තුවක් තියෙනව, ඒත් නොමිලේ දෙන්න පුලුවන්.මොකද්ද ඒ.....ඒ තමයි අමිල, අවංකසිනාව.කතාවට කියන්නෙත් රවනවාට වඩා බොහොම අඩු මාංශපේශීගානක්තමයි හිනා වෙන්න මහන්සි කරවන්නෙ කියල. (ඒ ගණන 43ට 17ක්, 62ට 26ක් වගේ විවිධ අදහස් තියෙනව. ඒ කොහොම වෙතත්, ඒක රවනවාට වඩා නම් ගොඩක්අඩු ගානක්)එක පුංචිහිනාවකින් ගොඩක්දේ කියන්නපුළුවන්. සමහරක්වෙලාවකට වචනවලින් නැතිවෙනදෙයක්, එකසිනාවක් නිසාඇති වෙන්නපුළුවන්.ඒත් ඉතින් කරුමෙක මහතනම්......අපේ ගොඩක් අය ඒ නොමිලෙ දෙන්න පුලුවන් දේ හරි අගේ කරන එකයි.කෙනෙක්ට උදේක මුණගහුනම, හිනාවකින් සංග්‍රහ කරන එක තරම් සුන්දර දෙයක් තවත් නෑ.ඒත් අද... කීයෙන් කී දෙනාද එහෙම කරන්නෙ.විදුලියෙන් ක්‍රියා කරන බෝනික්කො වගේ, කන් දෙකේ "බීරි මාක් කණේ මූදි කුට්ටම්" දෙකක් ගහගෙන, කලු කන්නාඩි දෙකක් දා ගත්තම මූණට මුලිච්චි වෙන උන්ට හිනා වෙනව තියා...පාරෙ යන්නෙත් හරි අමාරුවෙන්.ඔහොම ගියොත් වැඩි කල් යන්න කලින්,අපේ රටේ"සිනා සෙන්න උගන්වනු ලැබේ" කියල දැන්වීම දකින්න ලැබෙන කාලෙ වැඩි ඈතක නෙවේ.
|
BLOG
|
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බද්දේගම මහේස්ත්‍රාත් වරයා විසින් පෙරේදා දිනයේ (24) නියෝග කරනු ලැබුවා.දුටු තැන අල්ලන ලෙස වරෙන්තු ලැබ සිටින නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම සමගින් කළ සංවාදයක් පහතින්. ඔබතුමාට වරෙන්තු නිකුත් කරලා තියෙනවා සහ පොලිස් අත්අඩංගුවට ගන්න කියල නිවේදනය කරලා තියෙනවා.එහෙම ආරංචියක් තියෙනවා.. මම දැනුවත් වෙලා නැහැ.. මගේ නීතිඥ මහත්වරුන් කිව්වේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා.. වරෙන්තුව කට බාර වෙන්න නම් යන්න එපැයි අනිවාර්යයෙන් රටේ නීතියට අනුව.පොලීසිය ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔබතුමා වහාම අත්අඩංගුවට ගන්න කියලාකවුද... එයා කියන ඒවාට මම උත්තර දෙන්න ලෑස්ති නැහැ ඔබතුමා කියන්නේ ඔබතුමා වැරද්දක් කළේ නැහැ කියලද.නැහැ කරලා නැහැනේ..මොකද්ද මේ සම්බන්ධයෙන් ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙන්නේ.අපි හිතනවා නීතිය සාධාරණත්වය ඉෂ්ඨ වෙයි කියලා..පොලීසියට බාර වෙන්න බලාපොරොත්තු වෙනවද.ඇයි පොලීසියට යන්නේ මං. මං වැරද්දක් කරලා එපැයි යන්න ඕනේඑම සංවාදයේ වීඩියෝව පහතින්.
|
BLOG
|
පින්තුරේ දැක්කම පේනවනේ යශ් මොකක්ද දැක්කේ කියලා...දැන් ඉතින් කට්ටිය කියයි ඕක ඉතින් ගිනි බොලයක්නේ කියල..ඔව් ඔව් ගිනිබෝලයක් තමයි දැක්කේ එත් මට තාම තියෙන ප්‍රශ්නේ ඒ ගිනිබොලේ ඇති උනේ අකුණකින්ද එහෙම නැත්නම් උල්කපාතයකින්ද , දේවතා එලියකින්ද එහෙම නැත්නම් වෙනමොකක් හරි දෙයකින්ද කියන එකයි..... ඔන්න එහෙනම් මන් කතාව කියන්නම්කො... යෂ්ට මේ සිද්දිය වෙනකොට වයස අවුරුදු 4යි.. හා හා අහන්න එපා එච්චර පොඩිකාලේ වෙච්ච දේවල් තාම මතක තියෙනවද කියල... යෂ්ට පොඩිකාලේ වෙච්ච සිදුවීම් ගොඩක් හොදට මතකයි.. කොටින්ම කියනවනම් යශ් එයාගේ පෙම්වතියව මුලින්ම දැක්කෙත් අවරුදු 6යෙදි...ඒ කතාව වෙනවම පොස්ට් එකකින් කියන්නම්කො..... අයෙත් මුලින් කතාවට එමුකො.. ඔන්න හවස් වෙලාවක ගෙදරින් එළියේ ඒ කියන්නේ මිදුලට වෙලා යෂ්ට යශ්ගේ අම්ම බත් කව කව ඉන්නවා.. යශ් ඉතින් කෑමක් කන්න හරි හොරයි.. කොහොම කොහොම හරි යෂ්ට අම්ම බත් කවල යශ්ව මිදුලේ තියල අම්ම ගේ ඇතුලට ගියා... ඔන්න ඊට පස්සේ තමයි යශ් අර හුටප්පරේ දැක්කේ..ඔන්න අම්ම ගේ ඇතුලට ගියානේ යශුත් පොඩි වේවැල් පුටුවක වාඩිවෙලා වටපිට බල බල ඉන්නවා...ඔන්න ඒ පාර යශ් දැක්ක අහසේ ඉදල මොකක් හරි එකක් යශ් පැත්තට එනවා කියල.. යශුත් ඉතින් පොඩි එකානේ කටත් ඇරගෙන ඕක දිහා බලන් ඉන්නවා.. ඔන්න ටික ටික යෂ්ට මේක ලං වෙනවා ඔන්න එතකොට තමයි යශ් දැක්කේ මේක ගිනිබෝලයක් වගේ එකක් කියල. මේක හරි වේගෙන් යශ් දිහාට එනවා යශුත් බලන් ඉන්නවා.. යෂ්ට මුකුත් හිතාගන්න වෙලාවක් තිබ්බේ නැ ඒ ගිනිබෝලේ යශ්ට හරි කෙලින් ඒ කියන්නේ මුණ ඉස්සරහින් යශ් ලගටම ඇවිත් යශ්ව පාස්කරගෙන ගියා..ඒක යශ්ව පාස් කරගෙන යනවත් එක්කම යශ් පුටුවත් පෙරලගෙන දෝයිගාල බිම.. යශ් වැටුනේ නැත්නම් එක යශ්ගේ ඇගේ හැප්පෙනවා. ඔන්න ඉතින් බිම වැටිච්ච යශ් පසුත් කාගෙනම අර ගිනිබෝලේ කොහෙටද ගියේ බැලුව... ඔන්න එතකොට යශ් දැක්ක ඒ ගිනිබෝලේ ලගම තිබ්බ ලොකු තැබිලි ගහ ගාවට ගිහින් ඒ තැබිලිගහේ කද ගාවින් අයෙත් අහසට වේගෙන් ඇදිල යනවා..මේ මුළු සිද්දියම වෙන්න තත්පර 2ක් හරි 3ක් හරි යන්න ඇති කියල තමයි යෂ්ට මතක. මොකද ඒ තරම් වේගෙන් තමයි ඒ ගිනිබෝලේ ගියේ. හැබැයි කිසිම සද්දයක් ඒ ගිනිබෝලෙන් ආවේ නැ කියල තමයි යෂ්ට මතක.. ඔන්න ඉතින් පුටුව පෙරලෙන සද්දේ ඇහිලා යශ්ගේ අම්මත් එලියට දුවගෙන ආව යෂ්ට මොකද බලන්න ඒ ඇවිත් යශ්වත් වඩාගත්ත.. යශුත් දන්න සිංහලෙන් අහසට අත දික් කර කර අම්මට වෙච්ච දේ කියන්න හැදුව කොහෙද අම්ම යශ් කියන දේවල් ගණන් ගත්තේ නැහැනේ..කාලයක් ගිහින් යශ්ට ඕක නිතර මතක් වෙනකොට ගෙදර අයට ඕක කිව්වත් ඒ අය හිතුවේ යශ් පචහලනවා කියලනේ..යශ් මේ කතාව තාම යශ්ගේ තරුට කිව්වෙත් නැ කියල බලන්න ඕනි එයත් හිතයිද දන්නේ නැ යශ් පච හලනව කියල.... ම්ම් එක්කෝ එයා එහෙම හිතන්නේ නැතිවෙයි..එයා දන්නවනේ යශ් එහෙම බොරු කියන කෙනෙක් නෙවෙයි කියල..බලමුකෝ..ඉතින් ඔයාල හිතන්නේ මන් දැක්කේ මොකක් කියලද . ඔයා මොන මලඉව්වක් දැක්කත් අපිට මොකෝ කියන්නේ නැතිව කොමෙන්ට් එකක් එහෙම දාල යන්නකෝ.. යෂ්ට නම් හිතෙන්නේ ඒක අකුණක් නම් වෙන්න බෑ කියල. ඒ කිසිම සද්දයක් ආවේ නැති නිසාත්.. අකුණක් ලගින් ගියානම් යශ් අද මේක ලියන්න ඉන්නෙත් නැති නිසාත්.. අකුණක් බුගත නොවී අහසට ආයේ යනවා කියල අහල නැති නිසාත්ය..ඔයාලම කියන්නකෝ බලන්න යශ් චුටිකාලේදී දැක්කේ මොකක්ද කියලා.
|
BLOG
|
අහම්බය නමැති එක කල්පයකඇබිති හැඩ ගත් සිනිඳු තප්පරෙකලියා තිබුණා නොවෙද පිය සොඳුරඅඹ මලක් පිපෙන විටඑහි රේණු සැලෙන විටනුඹේ ඔය නිල් දිගැසමගේ ඇහේ වදින ලෙසප්රේමයෙහි සුරංගන අද මෙලෙසමගේ හිස සිඹින මුත් බැති සිතිනඉනුවෙ කඳුලැළි නොවෙද පිය සොඳුරඑදා ඇස් ගැටි මොහොතපටන් සැදි රිදුමකටගොදුරු වුණි මගේ හදකිසි දිනෙක සුව නොවනසහන් පද්මසංඛ පීරිස්(THЕ SAHAN)2014 සැප්තැම්බර් 25.
|
BLOG
|
ඔහු..,දියනියගේ බඩගින්න නිවන්නට"හොරෙන්" අරගත්රුපියල් දහස නිසාපොලිසියෙන් ගුටි කාඅද සිරගෙදරයඑතුමා..,තම පුතුට සැප රියක් අරන් දීමටජනතාවට "පාඩු" කලරුපියල් මිලියන සියය නිසාපොලීසියෙ ආචාර මැදඅද නම්බුනාම ලබයිඑකම වරදය දඩුවම වෙනස්යවැරදිකරුවෙක් බුහුමන් ලබන විටඅනිකා සිරගෙදරය වරද එතනමය.
|
BLOG
|
රෙස්ට් කරනවා කියාපු සතිය ඉවරායි... දැන් ඉතින් සුපුරුදු විදියට වැඩේ පටාන් ගමු...ඒලෙවල් ඉවර කරලා ට්‍රිප් ගියා. රස්තියාදු ගැහුව්වා... ඔක්කොමත් කාරිය ඉවර කරලා ටෙම්පරි ජොබ් කට්ටකුත් කරා... බුක් ෆෙයාර් එකේ සේල්ස් වැඩක්...සේල්ස් කිව්වාට සේල්ස් ඇර අනික් හැම දෙයක්ම කරා... පොත් ඇද්ද. බැනර් එල්ලුවා. ලයිට් දැම්මා... අතුගෑවා.. ඔයිට අමතරවා බිල් ගහන උන් කන්ට ගියාම බිලුත් දැම්ම... සේල්ස් ඇරෙන්න කියාල කිව්වෙ මේකයි...කස්ටමස්ලා අහන ප්‍රශ්න සහ මගේ පිළිතුරු-අහවල් පොත තියෙනවද. නෑ සාර්.. සරසවි එකෙ බැලුවෙ නැද්ද.-මේව්වා ගැන පොත් නැද්ද. නෑ මිස් ගුණසේන එකේ බලන්ට.-පුතා මේ පොත දෙන්න. ම්ම්ම් සර් අපි සුරස නෙවෙයි. අකුරු පැටලිලා... :)ඔය අතරෙ...-අයියෙ මේ පොත් කොහෙද තියෙන්නෙ. [පැණි හිනාවක් දාලා] අනේ නංගියො අපි ඒලෙවල් පොත් නම් කරන්නෙ නෑනේ... ;)ඒත් ඉතින් ඔය එකියෙක්වත් අපිව පඩේකට ගනන් ගත්තෙ නෑ..... මොකද ඉතින් අපි සේල්ස්ලානේ.. එයාලා කස්ටමර් නොනලයි මහත්තුරුයිනේ...:Dකොහොමින් කොහොමින් හරි අපි පොත් නොවික්කෙමත් නෑ...ඇන්ටි පාරක්- මේ රේන්ද පොත් නැද්ද. මිස් රේන්ද පොත්නං නෑ... ම්ම්ම් ලස්සන වැසිලිස්සා දෙන්නද..:Pඑනවා මෙතන ඒයි මේයි ගාන්ට.නානාප්‍රකාරෙ සිද්දි අතරෙ හොඳම සිද්දිය ඒකමත් නෙවේ.. ඒ කලින් කියපු ඇන්ටි පාර ඇතුලු ඇන්ටි, අක්කා, නංගි, ආච්චි ආදි කන්තා පාරවල් ගැනයි කියන්ට තියෙන්නෙ...පෝය දවසෙ පංසලකට යන්නැතුව කරත්ත රෝදෙට පට්ටම ගැහුව්වා වගේ ඇඳන් එනවා කාරිය... එහෙන් සැම්න් ටින් එක වගේ හිර වෙනවා... මර දූවරු ආවත් ඉවසන්නම්. ඒත් මෙව්වා. අයි දෙයියනෙ අපිත් මස්-මාළු කනවනේ....ප.ව.බුක් ෆෙයාර් එකෙන් විච්ච හොදම දේ කාලයක් තිස්සෙ හොයාපු 'නිරුවත් ගැහැණිය' හම්බුනා.තව එකක්...ජිවිතෙට කරපු පළවෙනි රස්සව සහ පළවෙනි පඬිය...
|
BLOG
|
පුංචි පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල - 2013ප්‍රතිඵල බැලීම සදහා -www.lk වෙත පිවිසෙන්නඑස් එම් එස් මගින් ලබා ගැනීමට -Type EXAMS <SPACE> INDEX NO and send toDialog 7777Mobitel 8884Etisalat 3926Airtel 7545Hutch 8888.
|
BLOG
|
පිහිනමින් දිවි සයුර තුලඇදෙන විට සොයා ජයහමුවේ සොඳුරු සටහන්සමඟින් අඳුරු මතකත්හැකි නමුත් අතීතයවෙත කිමිදී බැලීමටවරම් නැත විඳීමටඒ සොඳුරු මතකයන්වරම් නැත මකන්නටඒ අඳුරු මතකයන්වරම් නැත එබෙන්නටඅනාගත සයුර වෙතඑනමුත් අත නොහැරඋත්සහය වීර්යයපිහිනමි තනිව හෝ මමසොයා ගෙන ජය කනුව.
|
BLOG
|
මතක විදිහට පඩිය වෙනස්උණු විදිහ.1. ලංකාව 7,500 - 20032. ලංකාව 12,500 - 20033. ලංකාව 18,000 - 20044. ලංකාව 21,000 - 20055. ලංකාව 30,000 - 20066. ලංකාව 45,000 - 20067. පිලිපීනය 400,000 - 20078. හොං කොං420,000 - 2009 (ලංකාවේනිවසේ සිට වැඩ කිරීම)9. පිලිපීනය 350,000 - 201210. ලංකාව 200,000 - 201211. ලංකාව 225,000 - 201212. ලංකාව 275,000 - 201313 අයර්ලන්තය x,x00,000 - 2014.
|
BLOG
|
නවීනත්වයට, නව රටාවන්ට කැමැත්තෝ බොහෝය. එයිනුත් නවීනත්වය වැලද ගැනීමෙහි ලා සමර්ථ වන්නෝ කොටසකි.විවිධ හේතු අරභයා නවීනත්වය සමග පෑහීමට නොහැකි වී, අතීතය සමග ජීවත් වන්නෝ, නූතනත්වය නැමැති වේදීකාවේ තමසබකෝලයවසා ගන්නේ නවීනත්වය විවේචනයෙනි. නවීනත්වය අරඹයාවූ ඇතැම් විවේචනයන් ඉතා සාධාරණ හා තර්කානුකූල විය හැකි උවද ඇතැම් විවේචනයන් මට සිහි ගන්වන්නේ නරියා මිදි තිත්තයි කියුළමා කතාන්දරයය.කෙසේ උවද නූතනත්වය යනු සෑමවිටමධනාත්මකයනොවෙන්නා සේම අතීතය ,සම්ප්රදායයනු මරා දැමිය යුතුසෘණාත්මකයක් නොවෙන බව ද නූතනවාදීන් වටහාගත යුතු ප්රපංචයකි.ප:ලි1.) බේසික් ෆෝන් එකක සිට ස්මාර්ට් ෆෝන් එකක් දක්වා අප්ග්‍රේඩින් වීමේ සංක්රාන්තිසමය තුල , ජීවීතයේ තිස් විය ඉක්මවූවකුගේ ස්වයං මනෝභාවය පිලිබද ස්වයංවිවරණයකි....ස්වයංවිවේචනයකි...ස්වයංවින්දනයකි.....2) සර සර ගාන සද්දයක් වගේ ඇහුණා ...බලලා එන්නං.
|
BLOG
|
දෙමව්පියො වගේම හුඟක් ගුරුවරුත් තමන් උගන්නපු ළමයි සමාජයේ උසස් තැන් වලට පත් වෙනවට ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙම වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන්ම මම කොළඹදි වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ. ඒකට ඉස්කෝලෙ පිහිටපු පරිසරයත් බලපානවා මම හිතන්න. හැමෝම නැතිවුනත් ඒකට ආපු සමහර ළමයි, අපි කුඩු කාරයො, බෝම්බ කාරයො, පාතාලයො කියලා හඳුන්වන සමාජ ස්ථරයෙ ජීවත් වුනු 'වතු' වලින් ආපු ළමයි. මුළදිම මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබුන හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි. මේ ළමයින්ගෙන් සමහරු පේව්මන්ට් එකේ රෙදි විකිණුවා. සමහරු මැනිං මාකට් එකේ එළවලු විකිණුවා. මම එක කාලයක් මේන් ස්ට්‍රීට් එකේ පයින් යන්නෙ නෑ. මොකද මගෙ ගෝලයෙක් ඉන්න නිසා රෙදි වෙළඳාම් කරකර. වැරදිලාවත් මම ගියොත් මේකා මාව දැක්ක ගමන් අතින් අල්ලා ගන්නවා. ඊට පස්සෙ රෙදි ගොඩ ළඟ ඉන්න තව වෙළෙන්දෙකුට බලා ගන්න භාර දීලා, මාවත් ඇදගෙන යනවා ලඟම තියෙන කූල් ස්පොට් එකට. ඊට පස්සෙ නොයෙකුත් කෑම ජාති ඕඩර් කරලා මට කන්න පෙරැත්ත කරනවා. නොකෑවොත් තරහා වෙනවා. හැබැයි එයා කන්නෙ නෑ. ඒ මොකද සෑහෙන බිලක් එන නිසා වෙන්නැති. ඉතින් මම පුදුම අපහසුතාවයකට මුහුණ දෙනවා. ඔන්න ඒ ළමයා ගුරු ගෞරවය පෙන්නන හැටි.මම ඉස්කෝලෙට ගියේ කිලෝමීටර් තිහක් විතර දුර ඉඳලා. මගෙ එක ගෝලයෙක් හිටියා ජූඩ් කියලා. ජූඩ් හිටියෙත් ඔය පාරෙමයි නමුත් කොළඹට කිලෝමීටර් 15. විතර දුරකින්. ජූඩ් වැඩකලේ මැනිං මාකට් එකේ. ජූඩ් පාන්දරම බස් එකේ කොළඹ ගිහින් අන්තිම බස් එකේ තමයි ගෙදර යන්නෙ. දවසක් උදේ නවයට විතර මම කොළඹ යන්න බස් එකකට නැග්ගා අපේ ගේ ගාවින්. සීට් එකකුත් තිබ්බ නිසා ඉඳත් ගත්තා. මට ඇහුනා පිටිපස්සෙ සීට් එකේ හිටපු කවුරු හරි “ගුඩ් මෝනිං, සර් ” කියලා කියනවා.මම ඔලුව හරවලා බැලුවම මෙන්න ඉන්නවා ජූඩ්.“ගුඩ් මෝනිං. ජූඩ් කොහේද මේ ගියේ.” මම ඇහුවා.“ඒක දිග කතාවක් සර්.” ජූඩ් කිව්වා.“මේ බස් එක කොට-කොට කොළඹට යන්න පැයක් හමාරක් ගත වෙනවනෙ. ඉතිං කියන්න බලන්න, ජූඩ්.”“සර් විශ්වාස කරයිද දන්නෙ නෑ.”“ආඩම්බර නැතුව කියපං, මිනිහෝ.”ඔන්න ජූඩ්ගෙ කතාව.“මම සර් ඊයෙ රෑ ලාස්ට් බස් එකට නැග්ගා පිටකොටුවෙන්. වෙනදට ෆුට්බෝඩ් එකේ එල්ලිල යන්න වුනාට ඊයෙ ඉඩ තිබ්බා. ඉතිං මාත් සීට් එකක් අල්ලාගන පොඩි නින්දක් ගැහුවා. ඇයි සර් මම උදේ පාන්දරනෙ එන්නෙත්.”“ඉතිං ඉතිං.”“ඉතිං සර් ඇහැරෙන කොට බස් එක පූගොඩ. කොන්දා තමයි කතා කලෙත්”“මටත් ඔයවැඩේ වෙලා තියෙනවා ජූඩ්.”“මං කවදාවත් පූගොඩට ගිහිල්ලත් නැ සර්. ඉතිං ඇරලා තිබ්බ නයිට් කඩේකින් කාලා, සිගරට් දෙක තුනකුත් අරගෙන, එකක් පත්තු කරගෙන ගියා බස් ස්ටෑන්ඩ් එකට, උදේ හතරයි කාල අල්ලන්න. හිටගෙන පොඩ්ඩ පොඩ්ඩ නිදත් ගත්තා.”“මාර වැඩනෙ ජූඩ්ටත් වෙන්නෙ. ඉතිං ඊට පස්සෙ.”“ඉතිං හතරයි කාලෙ නැගලා ටිකට් එකකුත් අරගෙන ටික දුරක් යනකොට ආයෙත් නින්ද ගියානෙ. ඇහැරිලා බලනකොට පිටකොටුවෙ.”"ඉතින් ජූඩ්ට වැඩට යන්න තිබ්බනෙ.”“අද ඉරිදනෙ සර්.”“ඉතිං ආයෙම නැග්ගා පූගොඩ බස් එකකට. නැගලා කොන්දටත් කිව්වා අහවල් තැන මං බහිනවා, නින්ද ගිහින් හිටියොත් හෙම මතක් කරන්න කියලා. ඒ වගේම කාපු කට්ට හන්දා ආයෙ නම් නිදාගන්නෙ නෑයි කියලා උන්නෙ. සර් විශ්වාස කරන්න මේ යන්තම් පොඩ්ඩක් ඇහැ පියවුනා විතරයි. ඇහැ ඇරලා බලනකොට ආයෙම පූගොඩ. කොන්දටත් අමතක වෙලා. ‘අනේ, සොරි මල්ලි’ කිව්වා.”මම මේ පාර නම් හිනාව නවත්තා ගත්තෙ අමාරුවෙන්.“ජූඩ් උඹටම වෙන දේවල් බං මේ.”“ඊට පස්සෙ සර් මේ බස් එකේ නැගලා ගෙදර යන ගමන්. මට වැරදිලාවත් ආයෙ නින්ද ගියොත් සර් පොඩ්ඩක් කතාකරන්න ඈ.”මේ කතාව අහලා මාත් හිනාවෙලා ආයෙත් ඉස්සර බලාගෙන යනවා. බස් එක ජූඩ්ලගෙ හෝල්ට් එක ලඟට එනකොට මම නිකං හැරිලා බැලුවා. අනේ මූ හොඳටම නිදි ආයෙත්.“ඒයි ජූඩ් නැගිටපං නැගිටපං” කියලා මම කිව්වම මූ ගැස්සිලා ඇහැරිලා දඩි බිඩි ගාල නැගිටලා,“හරි, තැන්ක් යූ සර්” කියලා බස් එකෙන් බැස්සා.මේ කතාවෙ හාස්‍ය රසය වගේම මගෙ සමහර ගෝලයන්ගෙ ජීවිත ඔහොමයි. උදේ පාන්දරම බස් එකේ ඇවිත් අන්තිම බස් එකේ ගෙදර යන ජූඩ්ලා, සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි. ඉතිං නින්ද යන එක අහන්නත් දෙයක්ද.Originally published @ මට හිතෙන හැටි.
|
BLOG
|
බඩු මිල වැඩි නොවූබදු බර වැඩි නොවූ (අය වැය කියා අවසන්)වංචාව සහ දූෂණය අඩුවූ,අධ්‍යාපන අයිතින් හිමි වූ,නීතිය සහ සාධාරණත්වය හිමි වූ,පොලීසිය, පොලීසිම ලෙස ක්‍රියාත්මක වූ,අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය හිමුවූ,මත්ද්‍රව්‍ය ගෙනෙන නායකයින්/පාතාලයන් අඩු වූ,නීති ගරුක අවංක පාලනයක පුරවැසියෙක් වූ,බුද්ධිමත් පාලකයින් රටට දායාද වූ,රටට ආදරය කරන පාලකයෙක් සහ පාලනයක් හිමිවූ,සත්‍යයට ඉඩක් හිමි වූ,අනුන්ගේ චින්තනයකට යට නොවූ,චින්තනයට යට නොවූ සහෝදර ජනතාවක් ආශ්‍රය කරන්නාවූ,මානව අයිතිවාසිකං කඩ නොවූ,ආගමික නිදහස සහ සංවරය රජකරන,සූරා කෑමට හසු නොවූ,සමාජ පිරිහීමෙන් අඩුවූ,දරුවට පාසලක් හිමි වූ,සුදුස්සාට සුදුසු තැන හිමි වූ,ත්රස්තවාදියාට, මැරයාට, පාතාලයාට තිත තැබූ,සමාජ පංති භේදය අවම වූ,රැකියාවට සාධාරණ වැටුපක් හිමි වූ,ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රයාවට නැංවූ,මනුසත්කම හදුනන, මනුසත්කමට නිගා නොදෙන, මිනිසෙක් ලෙස ජීවත් වීමට නිදහස හිමිවූ, සුබ නව වසරක් වේවා.මේ හැර තවත් කීයක් දේ කියන්න ඇති ද. අඩුම ගානේ මින් කීපයක්වත් හිමි වේනම්....සුබ නව වසරක් වේවා..ඔබත් මාත් ජීවත් වන්නේ කේතූමතී නුවරක නොව.ලබන්නාවූ වසර හෝ, මතු උදාවන කාලය, මතු පරම්පරාවට උදාවන කාලය හෝ සුභ වීමටනම්, ඔබටද මෙවන් පැතුමක් පතන්න සිදුවේ.2014 සුබ නව වසරක් වේවා.
|
BLOG
|
සිසිලිය.දකුණු ඉතාලියේ පිහිටා තිබෙන විශාලතම දූපත,ලෝක ඉතිහාසයේ සිදුවීම් විශාල ගනනක ආරම්භය සිදු උනු බිමක්,ඒ එක්කම යුරෝපයේ එක් දොරටුවක්,2 ලෝක යුද්දේ අවස්ථාවේ,මිත්‍ර පාක්ශික හමුදාවන් උනු ඇමරිකන් හමුදාව යුරෝපෙට ඇතුල් උනේ මේ බිමෙන්.ඒ එක්කම අතීතයේ සිටම නොයෙක් නොයෙක් ජාතීන්ගේ ආක්රමනවලට නිරන්තරයෙන් මුහුන දුන්නු බිමක්,නොයෙක් නොයෙක් ජාතීන් මේ බිමේ උන්නු නිසාද කොහෙද ජාතීන් මිශ්‍ර වීමෙන් යුරෝපෙ ලස්සනම ගැණු ඉන්න බිමක්.ඒ එක්කම යුරෝපෙ ඉතාම මිත්‍රශීලී, ජාතියක් ආගමක් නොබලා ඉක්මනින් උදව් කරන්න හිත උණු වන මිනිස්සු ඉන්න බිමක්.මේ බිමේ ඉන්න බහුතරය ලොකු සල්ලිකාරයෝ නෙමේ කියන එකත් කියන්න ඕනා.සිසිලිය ගැන පොඩි හැදින්වීමක් කලේ ලිපියේ ආරම්භයක් විදිහට.මම මීට ඉස්සල්ලාත් ලියලා තියනවා යුරෝපෙට දිගට හරහට බෝට්ටු මගින් නොනැවතී එන සරණාගතයෝ ගැන,තාමත් ඉවරයක් නෑ, අප්‍රිකානු කලාපයේ දිගට හරහට සිදු වන යුද්ධ වලට මේක හේතුවක්,බහුතරය සිරියානුවන්. සිරියාව අද නැත්තටම නැති වෙලා ඉවරයි,,යම් කිසි මුදලක් අතේ තියන මිනිස්සු ඒ මුදල දීලා බෝට්ටු වලට නගිනවා යුරෝපෙට පැන ගන්න.යුරෝපෙ දොරක් වෙන සිසිලය තමා මේ වෙද්දි මේ ප්‍රශ්නෙට තදටම මුහුන දෙන්නෙ,මොකද ඒ මිනිස්සුන්ව බේර ගන්න තැන ඉදලා මේ ඉතාලි මිනිස්සු පුදුම කට්ටක් කන්නෙ,කොහෙ හරි බෝට්ටුවක් පෙරලුනොත් ලෝකෙන්ම බැනුම් අහගෙන ඒ මළසිරුරුත් ගොඩබිමට ගෙනල්ලා කනත්තවල් වල ගරු සරු ඇතිව අවසන් කටයුතුත් සිදු කරනවා.සිසිලියේ ප්‍රධාන නගර සියල්ලේම මේ ක්‍රියා පටිපාටිය තමා යන්නෙ.පහු ගිය දවසක මා සිටිනා නගරයේ වරායට උදෑසනින්ම ආවේ 200 ගනනකට අධික බේරාගත් සරණාගතයින් පිරිසක් ඉතාලි නාවුක හමුදා නැවක් මගින්, ඒ වෙනකොටත් වරායට තවත් නැව් දෙකක් ඇවිල්ලා තිබුනා ඒ අති සුපෝබභෝගී සංචාරක නැව් දෙකක්.අර සරනාගතයින් බහිනවත් සමගමයි මේ නැව් දෙකේ සංචාරකයින් ගොඩ බැස්සෙත්,, ඇත්තටම මගේ අතේ පෝන් එක තිබුනත් මට හිතුනෙ නෑ ඒ දර්ශන ජායාරූප ගන්න.අර සංචාරකයින්ගෙන් බහුතරය එතන නැවතිලා අර මිනිස්සුන්ට උදව් කරන්න ගත්තා,,තමන්ගේ අතේ තිබුනු වතුර බෝතලේ ඉදන්,ඇදුම් පැලදුම් පවා අර මිනිස්සුන්ට දුන්නා. ඇත්තටම ඒ වෙලවෙත් සරනාගතයින් ගෙනියන්න බස් වගයක් එතනම හිටවලා තිබුනා,,ඒ එක්කම අර සංචාරකයින් ගෙනියන බස් වගයක් ඒ එක්කම තිබුනා. මට එතන වැඩි වෙලාවක් රැදෙන්න බැරි උනු මේ සියල්ල බලා ගන්න.පහු වෙනිදා මම පත්තරේ දැක්කෙ අර මිනිස්සුන්ට නවාතැන් දෙන්න මේ නගරේ තැනක් ලෑස්ති කරන්න බැරි වෙලා තියනවා,එක අතකින් මේක ඉතාලියේ බංකොලොත් උනු නගර සභාවක් තියන නගරයක්,ඒක නිසාමද කොහෙද අර 200 ගාන ආවත් එක්ක ලොකු ගැටලුවකට මුහුන පෑවෙ නවාතැන් ලැස්ති කරන්න කන්න බොන්න දෙන්න සනීපාරක්ශක කටයුතු ලෑස්ති කරන්න,වෙද හෙද පහසුකම් දෙන්න,,මොකද එතන සැහෙන්න පිරිසක් උන්නා අඩු වයස් ළමයින්,ඒ එක්කම කාන්තාවන්.මේ අවස්ථාවේ වෙන කරන්න නැති නිසාම නගරේ කතෝලික බිශොප්වරයා මේ ප්‍රශ්නෙ කරට අරන් අර මිනිස්සුන්ව පල්ලි වල නවත්තන්න කටයුතු කරලා තිබුනා,,කෑම බීමත් සෑහෙන කොටසක් පල්ලිවලින්ම,කොහොමත් මේ නගරේ කන්න බොන්න නැති මිනිස්සුන්ට දිනපතා නොමිලේ කෑම ශාලා කීපයක්ම දවල් සවස කෑම මේස ඇරෙනවා, කතෝලික පල්ලි කීපයකම.මේ නිසාමද කොහෙද අර ගැටලු පැය ගානක් ඇතුල විසදිලා තියනවා.මම පහු වෙනිදා මේ පල්ලියකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න,එතකොටත් අර මිනිස්සු පල්ලිය ඇතුලේ,රතු කුරුසෙනුත් එතන උන්නා,වෙනම ඉතාලි ජාතිකයින් පිරිසක් පොඩි උන්ට සෙල්ලම් බඩු,ඇදුම් පැලදුම් බෙදනවා,,ඒ එක්කම ඉතාලි කාන්තාවක් අර කාන්තාවන්ට ඇදුම්,සනීපාරක්ශක උපකරන එහෙම බෙදනවා,මේ මිනිස්සුන්ගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයින්,මම දැකපු ලොකුම දේ තමා කීප දෙනෙක්ම මේ කතෝලික පල්ලිය ඇතුලෙම තමන්ගේ ආගමික කටයුතු කිරීම,,ඒකත් පල්ලියෙ අල්තාරෙ පැත්තට හැරිල.ඒ එක්කම වෙනදා පුරුදු විදිහටම පල්ලියට එන ඉතාලි වයසක උදවිය තමන්ගේ ආගමික කටයුතු.ඊලග දවසෙ පත්තෙරේ දැක්කෙ අර මිනිස්සුන්ව වෙනත් නගරෙක පිහිටා තියන එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය,කරිටාස් ආයතනය,රතු කුරුසය එකතු වෙලා කරන කදවුරකට ගෙනිච්චා කියලා.අපේ අසල්වැසියා ගැන,වෙනත් ජාතියක මිනිස්සු ගැන,වෙනත් ආගමක මිනිස්සු ගැන සැකෙන්,බයෙන් නොබැලුවොත් ප්‍රශ්න ගොඩකට පිලිතුරු හම්බෙ වේවි,,මට මේ සිද්දියෙන් හිතට ආවේ ඒ දේ.
|
BLOG
|
ඉක්මනින් ගෙනැවිත් දීපංගම්මුන්ගෙන් ගත්ත ණය තුරුස්අතින් වියදං කරංපිං කං කලත්ඒ පිං මදිලුඋඹේ ණය හිලව්වටපිරිත් කොටු ගැහුවාටපිං කං කලාටබණ පදයක් ඇහුවාදමතක ඇති කාලයකනොදැන හිටියේ ඒකයි උඹබීමත් කමේ ආදීනවඋඹ ඉන්න හින්දද කොහෙදපිචර් එක දිව්වෙත් නෑ හරියටගැලපෙන්නෑ ඕවා මෙහාටසේකරත් ඇඬුවාලු අන්තිමටඅහසට වඩා ලොකු උඹේ හිතඊටත් වඩා ලොකු ණය කන්දඋඹ නැති පාලුව දරාගෙනමඅතීතයෙන් ගඟ ගලා බසී තවම.
|
BLOG
|
අද ඔන්න අරගන අවා මේ කාලෙට ඕනම කරන දෙයක්හැම තැනම කියනේ විදුලි බිලි අඩුකරන්න කියලනේ හරි අපි එහෙනමන අඩුකරමුමෙන්නමේටිකනම්මිලටගන්න වෙනවා1.SolarPanelඑකක්25W RS 5000 (Used)2.UPS Batteryඑකක්12V7A RS 17003. 67LED CFL X 4 RS 20004. Wires 25MX30 RS 750Total =8700මිල නම් ටිකක් යනවා තමාඒ උනාට මෙහෙම වාසියක් තියනවාඅපේගෙදර හැමමාසේමවිදුලි බිලඒකක115ත්120අතර වෙනවා මේක හින්දා මම දැන්ඒකක100වඩා අඩු කරගන ඉන්නවා.දනවානේ ඒකක 100 වඩා වැඩි වුනහම බිල හැදෙන හැටි.විදුලිය නැති වෙලාවට මේක මාර විදියට මටනම් වටිනවාමෙතැනට ගිහින් බිල හදලා බලන්නකෝ Bill Calculatorමේ LED 67බල්බ් 4ක්දාල පැය 6ක්7 විතරමේ බල්බ් පත්තු කර ගන්න පුළුවන්බල්බ්ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පත්තු වෙන වෙලාව අඩු වෙනවා.එක හින්දා ඕන තැනට පමනක් ලොකු බල්බ් දාන්න.මෙන්න මේ විදියට තමා වැඩේ පටන්න ගන්න තියෙනේ.නැත් නම් 12V DCවැඩ කරන CFLබල්බ්මේකට දානත් පුළුවන්කොටුවේ තමා ගන්න තියනේ එකක් Rs 500 විතර වෙනවා.On/Off Switchඒකප්රධානSwitchඒකලෙස ක්‍රියා කරනවා.Out Put 1 Out Put 2Switch 2ක අපිට ඕනෙනම් Out Put On/Off කරගත හැකිය.White LEDඒකBatterychargeවෙලා ඉවර වුනාට පස්සේ පත්තු වෙනවා.රතු පාට LED එකSolarPanelඑකට ආලෝක ලැබුනු විටපත්තු වෙනවා.මේ තියෙනේමම ගත්තු TATA 25Wsolar panelsඒකවහලේ උඩ තියේදී ගත්තු ෆොටෝ එකක්පේනවානේ උළු හිටන්.අපේදුෂ්කර කියලානොකියකියපු පළාත් වාගයක් තිබුනා නේද ඒවාට ඒ දවස් වල විදුලි බලය දීලා තිබුනේ නැහැ ඒහේ තිබුනේමිනිස්සු මේවයි තමා විදුලි බුබුලක් දල්වා ගතේදැන් එගොලන්ට විදුලිය තියනවා ඒ ගොල්ලෝ මේවා අඩුවට විකුනනවා. 25W Rs 5000 50W Rs8000විතර ගන්න පුළුවන්මේක හදලා තියෙනේ ඉන්දියාවේ අපේ රටේ මොනවද හදනේ කියලා මට හිතුනා මට දුක හිතුනා අපේ රට ගැන 25W 17V 1.7Aමේකට ආලෝකය වැටුනහම 18.5Vඑනවා 1Aසිට 1.4A ගන්න පුළුවන්දැන් කරන්න තියෙනේමේකේ Out ඒකbattery charging circuitඑකකට දීලාbatterychargeකර ගන්න විතරයි. මේක තමා මම යොදා ගත්තු Circuit ඒක Batterychargeවෙලා ඉවර වුනාට පස්සේ මේ LED ඒක පත්තු වෙනවා. LM350අගල්6වත් දිග Heat Sink එකක් දාන්න ඒක අදිකව රත් වෙනවා නැත්නම්LM 350පිචෙනවා. Circuitඒක ගැන මෙතැනින් වැඩි විස්තර බලා ගන්නCircuitBatterychargeවෙලා ඉවර වුනාට පස්සේ මේවිදියටLED ඒක පත්තු වෙනවා.Heat Sinkඒක මේ ගානේ එකක් වත් අඩුම තරමේ දාන්න ඕනා.මමBattery එකට යොදා ගතේ 12V 7A UPS Battery ඒකක්.මේකේ Out Put 1 & 2දෙක තමා + වලින් පෙන්නලා තියෙනේඅනික් ඒක -මේ Diode එකෙන් කරනේ +පමනක් ඇතුලට ගන්නඒකහා+-මාරු වී ඇතිවිය හැකි හානි අවම කිරීම.මෙහි ඇති Resister ඒක 2k වන අතරඉදිරි පස රතු LED එකෙන් SolarPanelඑකට ආලෝක ලැබුනු විට LEDඒකආලෝකමත්වේ.Batterychargeවෙලා ඉවර වුනාට පස්සේ මේවිදියටLED ඒක පත්තු වෙනවා.සම්පුර්ණ කරනලද Unite ඒක.Batteryඑකට 2.5A Fuseඑකක් යොදා ආරක්ෂාව වැඩිකරලා තියෙන්නේ.මේBattery chargeencloseඔය පේන අනම් මනම් කෑලි බැලිඒක ඔකොම ගත්තේ1stCross Streetඑකෙන්.මේ තියනේ මම හදපු 12V LED CFL බල්බ්වර්ග LED 67,LED 100, LED 108බල්බ් හදපු විදිය බලාගන්න ඕනේ නම්මෙතැනින් ගන්න12V LED 6712V LED 108DCවිදුලිය වැඩි දුර ගෙනියන්න බැහැ වොල්ටිය තාවය අඩු වෙනවා එකහින්ද පුලුවන්න තරන්න අඩුදුරටවයර් යොදා ගන්න.එකනේ අපේ ගෙවල් වලට ACවිදුලියඑනේ.වයර්ගැනීමේදී Auto &electricalවයර්මිලට ගන්න.මොනවහරි අහන්න තියනවනම් Comment ඒකක් දාල යන්නඅමතක කරන්න එපා.
|
BLOG
|
බ්ලොග් කරන අය තමන්ගෙ බ්ලොග් එකේ බැනර් එකට යටින් පොඩි හැඳින්වීමක් දානව නෙ. එහෙම දාන සමහර යෙදුම් වැඩිදුර නොහිතා දානව. ඔය මං දාල තියනව වගෙ. හැබැයි සමහර ඒවා හිතා හෝ නොහිතා හෝ ඔය කොහොම දැම්මත් හරිම ආකර්ශණීයයි කියලයි මට හිතෙන්නෙ. මේ එහෙම ඒවයින් මගේ සිත් ගත් කිහිපයක්. පින්තූර සියල්ල අදාළ අඩවි වලට ලින්ක් කරල තියන්නෙ.මේ බ්ලොග් එකට නම් මං මේකට ආපු මුල්ම කාලේ ඉඳලම ගියා. ඔය වැකිය ටිකක් කල් වෙනස් කරලත් තිබුන වගෙ මතකයි. ඒක දකිද්දි මගෙ හිතේ ඇඳුනු 'රෙපෙක්' ගෙ පින්තූරයකුත් තිබුනා. ඒක සැබෑ එකට වඩා බෙහෙවින්ම වෙනස්.මේ තව එකක්. මේ පේලියෙ තියන කාව්‍යමය ගතියටත් මං කැමතියි.. නොදන්න කෙනෙක් නෑනෙ මෙයාව. :)මේ බැනර් එකේ තියන පද වලට වගේම ඒ දර්ශනයට ත් මං කැමතියි. ඒ දෙක එකට ගැලපෙනව කියලයි මට හිතෙන්නෙ.මේ බැනර් එකේ පාටට මං කැමති නෑ. ඒ වුනාට මට ඕන විදිහට තියන්න ඒක මගෙ බ්ලොග් එක යැ. නේද . . නමුත් අර වචන ටිකේ තියන "මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔළුවේ" කියන කොටස නම් දැඩිව මගේ සිත් ගත්තා.මේ ඊ ළඟ එක. මේ අඩවියට යන්න මට පාර පෙන්නුවෙ සෙන්නා. ඒක නම් ඇත්තටම නිදහසේ ලියන එකක් ම තමයි. කිසිම කලබලයක් නෑ. ඒ පැත්තට යනව නම් අකුරක් නෑර කියවන්න බලාගෙන නිදහසේම තමයි යන්න ඕන. .මේ බ්ලොග් එකෙත් ඔක්කොම නැතත් සෑහෙන ලිපි ප්‍රමාණයක් කියවල තියනව මං. අටම් ගෙ කතා වගෙම තමයි ඒ වැකි දෙකත්. ලස්සනට ගැලපිලා ආපු පද තුනක්.. අමාරුවෙන් අටවගත්ත අටම්පහුරමේ පහල බැනර් එකේ වැකිය දැකපු මුල්ම දවස් වල මං හිතුවෙ එනකොටම පේන්න එහෙම එකක් තියන එක සුදුසු නෑ කියල. පස්සෙ නෙ තේරුණේ ඒකත් හීනි ටොක්කක් වගෙ එකක් බව. .මෙන්න මං මෙතෙක් දුටු වඩාත්ම මගේ සිත් ගත් වැකිය. මේකෙ තියන බැනරයේ පින්තූරය ත් ඒකටම ගැලපෙනව. නමුත් අද මේ අඩවියේ මෙම බැනරය වත් මේ වැකිය වත් දකින්නට නෑ.ඇතැම් විට, නෑ බොහෝ විට ඔබ දුටු මා නුදුටු මෙවැනි දේ තිබෙන්න ට පුළුවන්.
|
BLOG
|
2014-10-25 දින පේරාදෙණිය ශ්‍රී සාරානන්ද මහ පිරිවෙණෙහි පැවති තෙසැත්තෑ ඤාණ පූජාව. ඔබ සැමට තෙරුවන් සරණයි...... ගඟසිරිපුර ධම්මාලෝක හිමි (071-4962050).
|
BLOG
|
වැඩේ කෙලවී ගෙන එනබවත් , යුද්දෙන් විතරක් දැන් චන්දේ කොරන්න බැරි බවත් තේටුම් ගත්තු අපේ මහ රජානෝ නොයෙක් නොයෙක් නූල් සූස්තර දමමින් සිටියි. විපස්සෙ උදවිය බිලී බා ගැනීම,දිනපතා මජන මුදලින් ජහමනයාට දන් සැල් පැවත්වීම, හම්බන්තොට , ගාල්ල, කොළඹ, මාතර, තංගල්ල සිට අනුරාධපුර රැලියට සෙනග ඇද්දවීම වැනි දාහකුත් එකක් විජ්ජා අතර පැට්‍රොල්, ඩීසල් ගෑස් මිල අඩු කිරීමත් වෙනවාය.මෛත්‍රී , රාජිතත් අරගෙන පැනපු පැනිල්ලට පැට්‍රොල් ඩීසල් රුපියල් හතකිනුත් ගෑස් 250 කිනුත් අඩු කොලේ ජහමනයා කෙරේ හදිසියේ පහල වූ අප්‍රමාණ මානව බක්තිය නිසාමය.මේ අවස්ථාවේ පොදු ජන හිතාය සුඛාය පිණිස අපි පොඩි යෝජනාවක් ආණ්ඩු පස්සේ ඇමති වරුන්ට හා නියෝජ්ජිය ඇමති වරුන්ට කරන්ට කැමතිය. ඇමති වරු හා නියෝජ්ජිය කට්ටිය විතරක් කිව්වේ ඊට අමතරව සාමාන්නිය මන්ත්‍රීලා නැතිව ඇතැයි කියන උපකල්පනයෙන්ය.අපේ යෝජනාව මෙහෙමය,දවසකට දහ දෙනා ගානේ ඇමතිලා විපස්සෙට පැනිය යුතුය.එතකොට දවස් පහක් ,හයක් ඇතුලත පෙට්‍රල් , ඩීසල් හා ගෑස් ජනයාට නොමිලේම ලබා ගන්ට හැකි වෙනවාය.අඩු ගානේ චන්දේ ඉවර වෙනකම් වත් මේ දෙසැම්බර් නිවාඩු කාලේ හොඳට ගමන් බිමන් ගොහින් , බඩ පිරෙන්න කාලා( දන් සැලුත් තියෙනවා නොව) බඩේ රැල් දිග ඇරගෙන ඉන්න පුලුවන්ය.
|
BLOG
|
ඔන්න අද දෙන්න යන්නේ පට්ටම ගේම් එකක්.උඩ තියන ෆොටෝ දැක්ක ගමන් කියන්න පුලුවන්නේ මොකක් සම්බන්දයෙන්ද මේ ගේම් එක තියෙන්නේ කියලා.ඔවු ඔවු Sniper ආතල් එකක් තමා තියෙන්නේ.6Size :41MBLast Update : 2014පෙබරවාරි 20Requires Android :2.2 සිට ඉහලටVersion : 2.5.1පහලින් Sniper Shooter ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න(41MB)එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න.ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්.....
|
BLOG
|
කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ කියලා හිතලා ඊයේ බාගයක් ලියපු එකක් අද ඉවර කරලා දාන්ඩ හිතුවා.ඒ උනාට සහෝදරවරුනි පට්ට ජෝක් වීඩියෝ එකක් දැකලා ඒ ගැන ලියලා දාන එක වඩා හොඳයි කියලා හිතුනා නෙව.ඉතිං ඔන්න කතාව කියන්ඩ කළිං පුංචි විස්තර වගයක් තියෙනවා කියන්ඩ.මේ ඇවිල්ලා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු ඩිංගක්.ඔන්න මිනිහෙක් ළිඳකිං වතුර බාල්දියක් අදිනවා.බාල්දිය කට ගාවටම ආවම ළනුව කඩාගෙන බාල්දිය ළිඳට වැටෙනවා.මොකක්ද හේතුව.1. ලනුව දිරපු එකක් වීම.2. බාල්දිය බර වැඩි වීම නිසා ඒ මගින් ලනුව මත ඇති කරන ආතතිය වැඩි වී ලනුව කැඩී යාම. (හිටපු මැතිවරණ කොමසාරිස්තුමා වගේ)ඉහත සාධක දෙකත් එක්ක ගුරුත්වාකර්ෂණය, බාල්දියේ වතුරත් සමඟ ස්කන්ධය, තන්තුවේ ප්‍රත්‍යස්ථතාව, ලනුව නිශ්පාදිත ද්‍රව්‍යය, ඒ මත ක්ෂුද්රජීවී ක්‍රියාකාරීත්වය, සූර්යයාලෝකයේ ඇති UV කිරණ මඟින් ඇතිවන හානිය සහ වතුර අදින පුද්ගලයා ලනුව මත ඇති කරන බලය වගේ දේවල් ද සැළකිල්ලට ගත යුතු වෙනවා.හැබැයි මේ ළිඳ තියෙන්නේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ වත්තේ.ගමේ හැම එකාම වතුර ගේන්ඩ එන්නේ මේ ළිඳට.ඔය කතාව කිව්වම අපිට තව එක න්‍යායක් සැළකිල්ලට ගන්ඩ සිද්ද වෙනවා.ඒ කියන්නේ එක එකා හැමදාම ළිඳෙන් වතුර අරං යන එකට මළ පැනලා හිටපු ක්‍රිෂ්ණමූර්ති හොරෙන්ම ලනුව පොඩ්ඩක් කපලා තියලා තිබ්බා වෙන්ඩත් පුළුවං.ඊට පස්සේ වතුර අදිද්දි බාල්දිය ළිඳට වැටුනම ඒක අපලයක් හින්දයි උනේ කියලා වතුර ගන්ඩ එන උංව බය කරලා ගොනාට අන්දවලා උං එක්ක තරහත් නොවී වතුර ගන්න එකත් නවත්තන්ඩ ගහපු ප්ලෑනක් වෙන්ඩත් පුළුවන්.ඔන්න දෙවෙනි සිදුවීම.මසි තුමා පරෙයියා විසික්කා කළාම ඌ ආයෙමත් කකුල් දෙක ළඟට වැටුනේ ඇයි.1. පරෙයියා පොඩි කාලේ ඉඳලම කූඩුවක හිටපු එකෙක් නිසා පියාඹන්ඩ දන්නේ නැති වීම.2. පොඩි පෙට්ටියක් ඇතුලේ හෙන සෙට් එකක් එක්ක ඉන්ඩ සිදුවීම නිසා එක පැත්තට ඉඳලා තට්ටක් හිරි වැටී තිබීම.3. සෑහෙන වෙලාවක් තිස්සේ පෙට්ටියක් ඇතුලේ හිර වී සිටීම නිසා අධික රස්නය පිපාසය හෝ කුසගින්න නිසා ක්ලාන්ත ගතියක් දැනීම.4. ඌ පියාඹන්න අකමැති එකෙක් වීම.ඔන්න මේ සිද්දි දෙක ගලපලා අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර ලොක්කා මරු ටෝක් එකක් දෙනවාය.ලොක්කා කියන විදිහට ක්‍රිෂ්ණමූර්තිතුමා ළිඳට බාල්දිය වැටීම පහදා ඇත්තේ වතුර අයිති ළිඳට නිසා බාල්දිය වතුරත් සමඟ ළිඳට වැටී ඇති බවයි.නමුත් එම තර්කයට අනුව එයිට පෙර බාල්දි ළිඳට නොවැටී කාලාන්තරයක් තිස්සේ වතුර ඇද්ද හැටි පැහැදිලි වන්නේ නැත.සමහර විට ළිඳ ඉවසා ඉවසා බැරිම තැන ළනුව කඩා බාල්දියත් සමඟ වතුර ටික ආපසු ගැනීමට තීරණය කළා විය හැක.නැත්තං නින්දේ සිටි ළිඳ හදිසියේ අවදි වූ විට තමන්ගේ වතුර ගන්නවා දැක මෙසේ ප්‍රතික්‍රියා කළා විය හැක.කෙසේ හෝ චන්ද්‍රසිරි අංකල් පවසන ආකාරයට මේ සිදුවීම් දෙක අතර සමානකමක් ඇත.ඔහු කියන්නේ පරවියා නැවත පැමිණීමෙන් කියැවෙන්නේ මසී ලොක්කාට සොබාවධර්මයා අනතුරු ඇඟවූ බවය.ඔය ගිනි ගොඩට පනින්න එපා කියූ බවය.මටනම් මේ සිදුවීම් දෙක අතර කිසිම සමානකමක් නැත.බාල්දිය ළිඳට වැටුනේ වතුර අයිති ළිඳට නිසා නම් සරල තර්කයට අනුව පරවියා නැවත ආවේ ඌ සිරිසේන ලොක්කාගේ නිසා විය යුතුය.මෙවන් මැටි තර්ක ඉදිරිපත් කරන උන් අඩුම තරමේ 'සිරස ඩිබේටර්' වත් බලා තර්ක යනු මොනවාදැයි තේරුම් ගත යුතුය.ඉහත ප්‍රකාශයෙන් ගම්‍යවන තවත් කරුණක් ඇත.චන්ද්‍රසිරි අංකල් කියන්නේ සිරිසේනට මේ ගිනිගොඩට පනින්න එපා කියලාය.මේ අවධානම ගන්න එපා කියලාය.ඔන්න මම දැන් උදාහරණයක් දෙමි.මමත් මගේ පන්තියේ මිත්‍රයෙකුත් එකම කෙල්ලට ට්‍රයි කරමු.එවිට කොහොමත් අපි දෙදෙනා අතර තරගයක් ඇති වේ.අපි තරහද වෙමු.නමුත් කවුරුත් මට හෝ ඔහුට ඔය ගිනි ගොඩට පනින්න එපා කියා අවවාද දෙන්නේ නැත.අවධානමක් ගන්න එපා කියන්නේද නැත.නමුත් මම අපේ ගමේ ඉන්න මිනී දෙක තුනක් මැරූ චණ්ඩියෙක් ට්‍රයි කරන කෙල්ලෙක්ට ලයින් එක දාන්ඩ පටං ගත්තොත් නම් දන්න අඳුරන හැම එකාම 'ඇයි බං ඔය ගිනි ගොඩට පනින්නේ., ඔය අවධානම ගන්ඩ එපා බං' කියා අවවාද කරනවා ෂුවර් ය.මෙව්වාට කියන්ඩ තියෙන්නේ 'ආච්චිගේ රෙද්ද ' කියා තමයි ය.ඔන්න මම අදට කියන්ඩ තියෙන ඔක්කොම කිව්වා .
|
BLOG
|
කිමිදී රැළි සමගවෙහෙසුණු සමය නිම විය..ආයෙමි වෙරළ වෙත - එහි හිඳඉසුඹුලමි - යළි බලමි - සිනාසෙමිනිමක් නැති රැළි සමග.නැගි නැගී - බිඳි බිඳී යනඈත ඉම ගල් පර මත දෙනුවන් ගැටෙන සෙවනැලිඋන් ද මා මෙන් දිය කෙළැවෙහෙස වූවෝ දැයිනැගෙයි පැනයක්.....සයුරට පෙම් කරමි - තෙර හිඳිමිනොයන්නෙමි රළ තුළටඇවිද යන්නට වෙරළ ඔබ මොබකාලය ඉතිරි වී ඇතඉඳ හිට ගෙන කැටක්විසි කරමි සුවිසල් සයුර වෙතසිහින් හඬ ඉන් ජනිතවනඋපන් ගෙයි මියැදෙනු ඇතඑහෙත් ඉන් මට කම් නැත....
|
BLOG
|
සසල සුළඟදේදුන්නේ පාට අරන්නෙක වයිරං රටා මවනවානිසංසලේනිල් අහසේ එඹී බලන වලාකුළුලොකු පොඩි ගස් උනා ගෙනත්හැඩකර දසුන අඳිනවා...වා බුබුල වටකරසුසිනිඳු බිත ඇතිතුරුගිලිහුණ හැඩ සබන් බුබුලසුළඟේ ඇදෙනවාඋඩුතලය දිලෙනවා...(අඩ)මානය -Conceitකියවා බලා හොඳ නරක කියන්න බලන්නසටහන:පුංචි එවුන් ආස කරන සෙල්ලමක් සබන් පෙන පිඹලා බුබුළු හදලා සුළඟේ පාකර යැවීම. ඒ සඳහාම නිපද වූ සෙල්ලම් බඩුත් තියෙනවා. තවද සබන්, රෙදි සෝදන කුඩු වර්ග වතුර සමඟ පාවිච්චි කරන වෙලාවක නිතැතින්ම ඇතිවී හුළඟේ පාවෙලා යන බුබුළුත් දකින්න පුළුවන්. ඒ වගේම සැණකෙළි, විවිධ ප්‍රසංග ආදී තැන්හි සබන් බුබුළු දර්ශන පවත්වන පළපුරුදු කලාකාරුවෝ (professional bubbleologist) ද ඉන්නවා. ඔවුන් නොයෙකුත් හැඩ හා ප්‍රමාණ වලින් සබන් බුබුළු මවනවා.සබන් බුබුලක් කියන්නේ ඉතාම තුනී දියර සබන් පටලයක් තුළ වායු ඇබින්දක් හිරවීමෙන් සබන් දියරයෙන් මිදෙන සැහැල්ලු උඩුකුරු හැඩයක්. නිදැල්ලේ පාවෙන සබන් බුබුලක ආයුෂ අල්ප කාලයක්, එය යමක ගැටීමෙන් හෝ නිරන්තරයෙන්මහෝපිපිරීමට ලක් වෙනවා. ඒ කෙටි කාලය තුළ බුබුලේ බිත්ති මත අනේක පාට වයිරං හැඩ ඇඳි දිලෙනවා, මද සුළඟින් ඒ වයිරං බොඳවෙනවා. තවත් වරෙක හැඩ මවනවා. වචන කරන්න බැරි ලස්සනක් දිස්වෙනවා. සුළඟේ පීඩනය අඩුවෙද්දි සුමට, පැහැදිලි තුනී බිත්ති උඩුතල දර්පණයක් වගේ දිලෙන්නේ. ඒ මත නිලඹර අහස්කුස, මහ පෙළවේ තණනිල්ල, ගස්, මල් යනාදියෙන් පිරුණ පරිසරය, අහස පොළව අතර එඹී බලන වළා රොඳ ඇඳී දිස්වෙනවා. ඒ සුන්දර සොබාදහමේ සැහැල්ලු නිදහස් සබන් බුබුළයි.මහා පරිමාණයෙන් සබන් බුබුළු ඇති කරන මැෂින් ද තියෙනවා.සබන් බුබුල ඇති වූ හැටි මොනවා වුණත්, අර විදියට මනස්කාන්ත පාටින් පිරි හැඩ වයිරං මැවෙදෙද්දි තවත් මොහොතකින් ඒ මතම සුන්දර දසුන් ඇඳෙද්දි කවුරු වුණත් වශී වෙනවා, කාට වුණත් ලොබ හිතෙනවා. ඒ ලෝක ස්වභාවය. ඔක්කෝම අර තුනී සබන් බිත්තිය චූටි වායු බුබුල හිරකරගෙන ඉන්න සමත් වෙනතුරු විතරයි නේද...අනන්ත අප්‍රමාණ අහස් කුස, නෙතු සීමාවෙන් ඔබ්බට ඇදෙන දසුන් අතක රැඳි පුංවි සබන් බුබුලක ඇඳෙද්දි ඇතිවෙන්නේ ලෝකයම අතේ කියන හැඟීමක්, එය හිතක පිරෙන මානය වගේ නොවේ ද.සබන් බුබුලේ අනිත්‍ය බව කියැවෙන (uncertainty) අඩමානය වචනයේම මානය වචනය සැඟවී ඇති හැටි නිර්මාණයට නම දුනි...සබන් බුබුල ගැන වැඩි විස්තරවිකියෙන්කියවන්න.සබන් බුබුලක් මතුපිට ඇඳෙන වෙනස් පාට/හැඩ වයිරං කිහිපයක්.
|
BLOG
|
ඡායරූපය http://in.com වෙබ් අඩවියෙනිඅපි මොනවා කිව්වත් මේ ආණ්ඩුව තරම් ජනතාවට ඉතා සුබවාදී ආදර්ශ දුන්න තවත් රජයක් නැති තරම්.කාලයක් අධිකරණය කියන වචනේ දැක්කහමත් වරදක් කළ නොකළ සියළු දෙනාම සීරුවෙන් හිටගත්තා. අධිකරණයේ තීන්දු ගැන අපහාසාත්මකව කතා කළා කියලා අපේ රටේ ප්‍රසිද්ධ ඌරෙක් හිරේ ගියා. අධිකරණට අහිතක් වෙන වචනයක්වත් මාධ්‍ය වලින් වගේම කට වචනයෙන්වත් පිටවුනේ නෑ. අපි එච්චරම බයෙන් හිටියේ. අධිකරණය උතුම් කියලත් කවුදෝ කොහේදෝ කියලා තිබුණා.ඒත් අධිකරණයේ ඉහළම තනතුරේ හිටපු ඇත්තිට බේබි නෝනා, හෙර, වංචාකාරී වගේ නම්බුනාම ප්‍රසිද්ධියේම කියලා, නින්දා කරලා පන්න ගන්න මේ ආණ්ඩුව පුදුමාකර උනන්දුවකින් ක්‍රියා කළා. අන්තිමේදී අධිකරණයටත් වඩා දියවන්නාවේ සත්තුවත්ත උතුම් කියලත් තීන්දුව දුන්නා. ලංකාවේ ඉන්න වලත්ත, හොර, තක්කඩි, මැරයෝ ඔක්කොම ඉන්න තැනටත් වඩා අධිකරණය පහළ වැටුනා කියලා දැනගත්තහම පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේ. දැන් ඉතිං හිතුමතේ අධිකරණයේ බලු තීන්දු ගැන (බල්ලන් ගැන තීන්දු හොදේ) විවේචනය කරන්න ඇහැකි. අපි ගැන නොහිතන ආණ්ඩුවක් වුනා නම් මෙහෙම කරයිද.ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඕනෑම වරදක් දුටු තැන අවම බලය පාවිච්චි කරලා ස්වර්ගමෝක්ෂ සම්පත්තිය බලන්න ෆ්‍රී ටිකට් අරන් දෙන උතුම් ආයතනයක්. වලහෙකුට ගුටි දීලා ඌ හාවෙක් බවට පාපොච්චාරණය කරවන්න පුළුවන් තරම් හැකියාවක් තියන ස්ථානයක්. එහෙව් පොලිසියේ ට්‍රැෆික් මහත්තයෙක් (ඔව් ඔව් අර වංගුවල ගස් මාරු සෙල්ලම් කරන, ඉනවටේ බදින එක කරවටේ දාගෙන ඉන්න අය තමා) එහෙම දැක්කහම අපේ ඩ්‍රැයිවර් උන්දැලගේ කකුල් දෙකම බ්රේක් එක උඩ නැගෙනවා. දස සිල් ගත්ත ඒබරං ආතා වගේ කොන්ද කෙලින් වෙනවා. සීට් බෙල්ට් ඉන වටේ එතෙනවා. සීට් එකේ මුත්‍රා නොයන ටික විතරයි.මෙච්චර කල් එහෙම තිබ්බ පොලිසිය ගැන දැන් අපිට බය වෙන්න දෙයක් නෑ. දැන් ට්‍රැෆික් කොස්සෙක් හරි සාජෙක් හරි දැක්කහම (ඔන්න දැන්ම මහත්තයා කෑල්ල හැලුවා) සත විසිපහකට ගණං ගන්න එපා. පුළුවන්නම් සීට් එකෙන් නැගිටල (ගරු කරන්න නෙමේ හොදේ) හීනියට අධෝමුඛයට ප්රාශ්වාස කරන්නත් ඉඩ දෙතැහැකි. ගෙම්බර් පාට් එකක් දැම්මොත්, දඩ කොළයක් එහෙම දික් කාලොත් සුද්ධ සිංහලෙන්ම උගේ උභය කුළයම පාරිශුද්ධ කරතැහැකි. ඒ විතරක් නම් මදෑ..උගේ ගෙවල් දොරවල් ඔක්කොම කුඩු සංසාර් වෙන්න ගිනි තිබ්බැහැකි. බල්ලෙක් වගේ රස්සාවෙන් දොට්ට දැම්මැහැකි. දැන් ඉතිං උන්ට බයේ නිකං පීචං වෙන්න ඕන නෑ. ජනතාවට හිතැති ආණ්ඩුවක් නොවුනනම් මෙහෙම තත්වයක් ඇති කරයිද.අපිටත් ඕන වෙලා තිබ්බේ තජුහීද් ජමාත්, බොදු බලා සේනා වගේ තහනම් කරන්න තරම් කොන්දක් තියන මේ වගේ ආණ්ඩුවක්. (හෑ....එහෙම වුනේ නැද්ද තාම.)සුබ අනාගතයක් ...(ඊයේ ලියපු එකක් නොදාන්නත් හිතලා, මාතලන් මාමා බුකියේ දාපු හෑල්ලක් දැකලා දාන්නම හිතුවේ. මෙන්න තැන්කියු එක මාතලන් මාමේ).
|
BLOG
|
ඒත් දිගටම මම දුකෙන් හිටියෙ, මට ආදරේ ගොඩක්ම ඕනෙ වෙලා තිබ්බෙ. ඒ කාලෙදි මම මගේ ඉලක්ක, බලාපොරොත්තු හැම දෙයක්ම අහිමි කර ගනිමින්, හැම වෙලාවකම එයා ගැනම හිතමිනුයි හිටියෙ.මගේ ගෙදර කටයුතු, සමාජ සම්බන්ධකම්, අධ්‍යාපනය සහ අනිත් මගේ ව්‍යාපෘති, ඒ හැම දෙයක්ම සෑහෙන්න අඩපණ වුණා. ඒක නිසා ගිය අවුරුද්දෙ ඉඳන් මම එයාව හම්බ වෙන එක නැවැත්තුවා. දැන් මට කියන්න පුලුවන් මම ආයෙමත් ප්‍රකෘති තත්වයට ඇවිත් කියල.දැන් මට ඕනෙ මම ගිය අවුරුදු වල අතපසු කරල දාල තිබ්බ දේවල් ගැන අවධානය යොමු කරන්න, රස්සාවෙ තත්වය උසස් කර ගන්න එක , අධ්‍යාපනය වගේ දෙවල්. මම මගේ පරණ සම්බන්ධකම් ගැන මතක් කළේ , මගේ පළවෙනි , දෙවෙනි සහ තුන්වෙනි සම්බන්ධකම් අතරේ ලොකු කාල පරතරයවල් තිබ්බේ නෑ කියන එක පැහැදිලි කරන්නයි.දෙවෙනි සහ තුන්වෙනි සම්බන්ධකම් පටන් ගනිද්දි , පළවෙනි සහ දෙවෙනි සම්බන්ධකම් බිඳිච්ච එකෙන් ඇති වෙච්ච වේදනාවෙන් මං සම්පූර්ණයෙන්ම ප්‍රකෘති තත්වයට ඇවිත් හිටියෙ නෑ. මට ඕනෙ නෑ ඒ දේ නැවත වෙන්න.ඒක හින්දා මට ඕන උනේ ගෑණු ළමයි කීප දෙනෙක් එක්ක යාලුවො විදිහට එහෙම නැත්තන් අනාගතයේ වෙන්න පුලුවන් විවාහ සහකාරිය විදිහට කතාබහ කරල මගේ හදවතට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන එක අඩුම තරමින් මාස කීපයකටවත් සහ ඒක නතර වෙන්නෙ කොතනද කියල බලන එක.මම දන්නවා මේ මට්ටමේදී ඒක ටිකක් අමාරු වැඩක්, අනික මට ඕනෙ නෑ මගෙ අතීතේ හංගන්න. විශේෂයෙන්ම වෙලාවෙ වෙනස හින්දා මේක තේරුමක් නැති දෙයක් වෙන්නත් පුලුවන්.මම ගෙදර ඉන්න වෙන් කර ගත්ත වෙලාව හැරුන කොට ජිම් එකට යන්න, උයන්න, ඇඳුම් හෝදන්න, පාඩම් කරන්න, ගෙදර පිරිසිදු කරන්න යන වෙලාවත් එක්ක කෙනෙක් එක්ක සම්බන්ද වෙන්න මට වෙලාවක් හදාගන්න අමාරුයි.මට හැමදේම තියනව එකක් ඇර, ඒ මගේ හිතේ සතුට, මගෙ ලගට වෙලා මට ආදරය කරන්න කෙනෙක් නැතිකම. ඒත් මට ඕනෙ මට නැති වෙච්චි ජීවිතේ ආයෙමත් මං ලගට ගන්න. සමහර විට එහෙම දෙයක් සදහටම නොවෙන්නත් පුලුවන්, ඒත් මං තාමත් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව.
|
BLOG
|
පතනා පැතුම් මියැදෙන විට වසන්තයේඋණුසුම් සිහින වැලපෙන විට සිත් අහසේසිහිනෙන්වත් නුඹ පෙනෙන්නෙ නැති දිවියේකඳුළට බඳිමි පෙම් සැමදා හොර රහසේ 2005.12.05.
|
BLOG
|
බුරිය පෙන්නන සාරියලොවෙත් පිට නැති හැට්ටයපාසලට අපෙ සුරලියවනමි ම ටීචාලංකාරයපන්තිය අපෙ ටුවෙල් සීකොල්ලො ටික ෆුල් නොයිසී"මචංලා අර කම් සී "හදිසියේ එක් අයෙක් පැවසීඑක්ස්ප්රෙෂන් උගෙ මාරයහක්ක පනිනා ගානයදික් කරපු අත මානයබැලුව අප කිමදැයි විකාරයඅර එපිට කොරිඩෝරයපන්තියට අපෙ පාරයකොනෙන් මතු වුන සාරියදැක සියලු සිත් ෆුල් බකල් වියටක ටකස් හැඩ පැතිරීවිය අපේ කන් බිහිරීඅයිස්චර්යත් පදිරීඅලුත් ටීචර් නමින් මිහිරීගමනෙ තාලෙට පැද්දෙනඋකුල එහෙ මෙහෙ විසිවෙනකුමට ඇස් මේ නොදකිනදෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙනපොත් මිටිය ගෙන වමතටරැගෙන සාරිය දකුණටඔතා රවුමක් ඉනවටසිනා සලමින් ආව ඇතුලටනොවී පමනක් දෑසටමිහිර දැනුනා නහයටපිබිදුනා හිත සුවඳටවැස්ස වාගෙයි වැටුන කතරටආයුබෝවන් කී සරලැමැද දෑතට සිර කරහැට්ටයේ කැපු ඇගෙ කරසිහි කරා අර නෝටි ටීචරහැට්ටෙ පහලින් ඇති ඉඩකිරිගරුඬ වගෙමයි හැඩගැහුන හදවත දඩ දඩදැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩහැට්ටෙ පහලට අඩියයිඑතැන තැන ඇගෙ බුරියයිඅඟල් තුනකින් නෙරියයිබලනකොට නං මාර සුදියයිබැඳලා උඩට තද කරඇතිය හංසයො සිරකරසිටියමුත් උන් හැර සරපනීවිද සැක හැට්ටෙ කුඩුකරසිනාසෙන ඇගෙ දෙතොලේගෑවිලා වගෙ අමු ලේරෝස පාටයි කොපුලේඅහසෙ පාටයි දෙනෙත් සඟලේහුණූ කූර ගෙන වමතටහැරුණ හරවා ඇගෙ පිටවියපු පැදුරක් තරමටනූල් හැට්ටේ ගනන දහ අටලියන විට ඈ නැමිලාකළු ලෑලි හැඩ කරලාඋස නිතඹ ඇගෙ පිරිලාවගේ කලයක් මුනින් නවලාහමා සුළඟක් පැමින...කෙස් කළඹ මන බඳින...දුටු විටදි හැටි සැලෙන...තාලෙටම මගෙ හිතත් නටන...ලියා අවසන පැවරුම...ගොසින් සිට ඈ ලගටම...එබිල පොඩ්ඩක් බැලුවම...බැලුන් වාගෙයි වතුර පිරුනම...අදින් පසුනං පාසැල...වගෙයි මටනං පංසල...නිවන් දකිනා මංසල...ඇයයි වේලෙන අපට දන්සැල...ශිල්පයට රස මුසුවී...ගලා යන හැටි නැලවී...රැයේදිත් මට සිහිවී...කොට්ටයේ ඇත පුළුන් විසිරීසුර ලොවින් ආ කිඳුරීවගෙයි අප හට මිතුරීකලඹනා සිත මධුරීවනමි මේ ලෙස ටීච මිහිරී _____ හාට් Piercing...
|
BLOG
|
කෝ මේ පහුගිය දවස් වල යනවා කිව්ව "බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එක"ට මොකද වුනේ කියල කීපදෙනෙක්ම ඇහුව. ඒ විතරක් නෙමෙයි බ්ලොග් ලියන කියවන හැමෝම ඒ ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නේ කියන එක ආයේ කියන්න දෙයක් නෙමෙයිනේ.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන ජූනි මාසේ යමු කියලා යෝජනා වුනාට පස්සේ යෝජනා කීපයක්ම ආවා මේ වැඩේ ටිකක් පස්සට දාමු කියලා. ඒ නිසා ජූනි 15 ගමන අවලංගු කරලා ටික දවසක් පහුවෙලා යන්නයි අවසානයට තීරණය වුනේ. දැන් ඔන්න ඒ දවස උදාවෙන්නයි යන්නේ.ජූලි මාසේ 27 තමයි දවස. කලින් පෝස්ට් එකේ කියපු විදියටම අපේ කට්ටිය කොළඹදි එකතු වෙලා බස් රථ එකකින් හෝ දෙකකින් සුපුරුදු රූමස්සල වෙරළ තීරයට යන්නයි බලාපොරොත්තු වෙන්නේ.හැබැයි ඊට කලින් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ මාසේ 15 වෙනිදා වෙනකොට මෙන්න මේ ෆෝම් එක පුරවලා තමන්ගේ පැමිණීම තහවුරු කරන එක. (කලින් පුරවපු අය පුරවන්න අවශ්‍ය වෙන්නේ නෑ)Loading...වෙනත් සුහද හමු වලදී පැමිණීම තහවුරු කරනවාටත් වඩා මෙවර ඔබේ පැමිණීම තහවුරු කිරීම අවශ්‍ය වෙන්නේ අපේ ගමනට අවශ්‍ය බස් රථ සහ ආහාර ඇනවුම් කරන්න වෙන්නේ මේ පෝරමයේ සඳහන් විස්තර වලට අනුව වීම නිසයි. 27 වෙනිදාට අපිට අවශ්‍ය පහසුකම් සම්බන්ධීකරණය කරලා දෙන්න අනුෂ්ක ලක්මාල් සහ රිද්ම කසුන් සුදානමින් ඉන්නවා.එහෙනම් ජූලි 27 වෙනිදා දිනය වෙන් කරලා තියාගන්න.මතකයිනේ.... බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන.
|
BLOG
|
අපි හිතන්නේ මෙය ආණ්ඩුවේ පරාජයේ ආරම්භය කියලයි. එනිසා තමයි ආණ්ඩුව වෙන වෙන කි‍්‍රයාමාර්ගවල නිරත වෙමින් ඉන්නේ. ඇමතිවරු තමන්ගේ ඇඟ බේරාගැනීමේ කි‍්‍රයාමාර්ග අනුගමනය කරනවා. විමල්, චම්පික, වාසුදේව, මහින්ද රාජපක්ෂව බේරන්න එහි වගකීම නිලධාරින්ට පවරමින් ඉන්නවා.චම්පික මෙහි වගකීම මුදල් අමාත්‍යාංශ ලේකම්ට පවරනවා. මුදල් ඇමති රාජපක්ෂ දන්නේ නැතිව අමාත්‍යංශ ලේකම් වැඩ කරනවා. මෙවැනි විහිලූ කතා කියමින් වගකීමෙන් බේරෙන්න ආණ්ඩුවට බැහැ.මහින්ද රාජපක්ෂ ඇතුලූ සියලූ දෙනා මෙයට වගකිව යුතුයි. මෙය ආණ්ඩුව සාමූහිකව ගත් තීරණයක්. පවිත්‍රා සතියක් හැංගිලා හිටියා. එළියට ඇවිත් කිව්වා මට කරන්න දෙයක් නැහැ කියලා. මේක චම්පිකගේ වැඩක් කියලා කිව්වා.මේ ආකාරයෙන් වගකීම බාරගන්නේ නැත්තේ විදුලි බිල වැඩිවීම තමන්ට හානිකර නිසයි. ඒ මදිවාට මහජන උපයෝගිතා කොමිසමේ කොස්තා මහත්තයා ජනතාව නොමග යවමින් ඉන්නවා.මෙගා වොට්, ගිගා වොට් දන්නේ නැති පවිත්‍රා ඇමතිතුමිය කියනවා ගල් අඟුරු බලාගාර හදලා ලබන අවුරුද්දේ විදුලි බිල අඩුකරනවා කියලා.එනිසා මොවුන් කරමින් ඉන්නේ ජනතාවගේ බුද්ධියට නිගරු කිරීමක්. එනිසා ජනතාව මේ ආණ්ඩුවට පාඩමක් ඉගැන්විය යුතුව තිබෙනවා.
|
BLOG
|
12W SMD LED විදුලි පහනක් හදමුඕන්න සැහෙන්න කාලෙකට පස්සේ LED ගැන ආය ලියන්න හිතුනා.මේකනම් 12w SMD ජාතියේ ඒකක් සාමානයෙන්මේක කාමර වලට දාල වැඩක් නැහැ මේක ඒ තරමට ඒලිය තියනවා. ඒම නිසා සාලයකට වැඩියෙන් ඒලිය වුවමනා තැනකට තමා මේක දාන්න ඕනේ.මේකේ 1W SMD LED 12 තියනවා.මෙම බල්බ් ඒක වැඩකරන වේලාවට 13.5W ප්‍රමාණයක් ලබාගන්නවා.මෙම බල්බ් ඒකට සියලුම දේ මිලදී ගත්තේ කදානේ The Modern LED ඒකෙන් RS 800 වියදම් වුනා මේ 12W ඒක සදහා300*2501W SMD LED 12+ -මාරු කර ගන්නේ නැතුව පාස්ස ගන්න728*90 මේ තියෙන්නේ හදපු බල්බ් 2ක බල්බ් හැදුවට පස්සේ ටිකක් ලොකුයිසහ බරයි හරියමට 13.5W ගන්නවා වැඩකරන වෙලාවට250*250.
|
BLOG
|
මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000ක් දක්වා වැඩි කර ගැනීමේ සටන අද දින(26) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ විය. එහිදී මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000 දක්වා වැඩි කරනු යන ඉල්ලිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උද්ඝෝශණය ක්‍රියාතමක විය.2005 වසරේ සිට මේ වන තෙක් මහාපොළ හෝ ශිෂ්‍යාධාර මුදල් කිසිදු මුදලකින් වැඩි කර නොමැති අතර මෙම වසරට උසස් අධ්‍යාපනය සදහා අයවැයෙන් වෙන් කල මුදලද ගිය වසරට සාපේක්ශව රු. මිලියන 2269කින් කප්පාදු කර ඇත.2005 වසට සාපෙක්ශව මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල් මේ වන විට රු.5000ක් පමණ විය යුතු අතර මෙවර අයවැයෙන්ද කිසිදු මුදලක් වැඩි කර නොමැත.1. මහපොල හා ශිෂ්‍යාධාර වාරික රු 5000ක් දක්වා වැඩි කරනු 2. අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කරනු 3. අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව නතර කරනු 4. තවමත් ලබා නොදුන් පළමු වසර මහපොල වහා ලබා දෙනු. 5. අසාධාරණ ලෙස කප්පාදු කරන ලද මහපොල හා ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙනුඡයාරූප නැරබීමට.
|
BLOG
|
කාගෙත් සුන්දරී වූ ඈ වෙත ලියමි......ඉස්සර බස් එකේ යද්දිඅතර මගදි ,තැනින් තැන උබ දකිනකොට,මටත් උබ එක්ක යන්න නොහිතුනාම නෙවෙයි.ඒත් .....ගොඩක් එවුන් උබත් එක්ක යන්න දගලනව දැක්කම,මම පස්ස ගැහුව.“ඒක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි.ඉදපන්කො මම සෙට් කරන්න.“එහෙම කිව්ව යාළුවෙක් එක්කල මමත් කෝම හරි අන්තිමට උබ ගාවට ආව.ලේක් හවුස් එක දිහා හොරෙන් බල බල ,උබත් එක්ක පැනගත්තු මං,උබත් එක්ක ගල්කිස්සෙ බීච් එක අද්දරින් රෑ වෙනකල් එනකොට,දැනුන දේ කියන්නෙ කෝමද මට තාම තේරුනේ නෑ.මට උබ ගැන තියෙන්නෙ ,මගේ උවමනාව ඉශ්ටකරගන්න හැගීම විතරමද.කියල ආයෙත් හිතන්න මට ඕන වුනා.....උබ ගැන කියන්න මට කථාවක් තියෙනව කියල දැනෙන කොට,තවගොඩක් උන්ට උබ ගැන කියන්න උන්ගෙම කථාවක් තිබුන.කෝම වුනත් රුහුණු කුමාරි.....මම උබත් එක්ක යන්න ලබන සිකුරාදත් එනව..මීට මං,ලිව්වෙ ගල්කිස්සෙ බීච් එක ලගදි.
|
BLOG
|
ලෝකය පුරාම මෝඩයෝ හා කපටියෝ සිටිති.“ඕක කියන්නත් දෙයක්ද.“ නිසැකවම ඔබ අසනු ඇත.පෙරේදා සිට දින හයක් යන තුරු ලෝකයට සූර්යාලෝකය පතිත වීම සියයට අසූවකින් හෝ අනූවකින් අඩු වන බව නාසා ආයතනයේ ප්රධානපරිපාලකයා වනචාල්ස් බෝල්ඩන් විසින් පවසනු ලැබ ඇතැයි සමහර පුවත්පත් වාර්තා කළෝය. නිකම්ම නොවේ, කට්ට අව්වේ වේලෙමින් මයික්‍ර ෆෝනයකින් ඔහුු කතා කරන ඡායාරූපයක්ද සමගය.මේ පචබාහුලා කීවේ, අප සතුව ප්‍රමාණවත් ඉන්ධන ඇති නිසා එම දින කිහිපය තුළ ජනජීවිතය අඩාල වන කිසිවක් සිදු නොවනු ඇතැයි නාසා ආයතනය මගින් වැඩිදුරටත් කියා තිබෙන බවයි.බොරුව සම්පූර්ණයෙන්ම ගලවාගන්නට මේ පචයේ නිර්මාතෘ අසමත් වූ බව තේරුම් ගත් අයටනම් මේ “නිව්ස්“ එක අතේ පැලවෙන ටොම් පචයක් බව තේරුම් යන්නට ඇත. දින හයක අඳුරු කාලසීමාවට ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇති බව කීමෙන් අදහස් කරන ලද්දේ හිරු එළිය නැති වීමෙන් පොළොවට අහිමි වන්නේ ආලෝකය පමණකැයි සිතාගැනීම නිසා විය යුතුය.පසුගිය අවුරුදු 61 තුළ ලංකාවේ වාර්තාගත අඩුම උෂ්ණත්වය2011 ජනවාරි 13වැනිදාපැවැතුණු බව (දැන් සති දෙකකට වඩා පැරණි සිද්ධියක් නමුත්) ඔබට මතක ඇතැයි සිතමු. එදින කොළඹ නගරය සෙන්ටිග්‍රේඩ් අංශක 18.8 දක්වාත්, නුවරඑළිය 7.9 දක්වාත්, මඩකළපුව 16.9 දක්වාත් උෂ්ණත්වය පහත වැටුණු බව වාර්තා කර තිබිනි. එහි ප්‍රතිපලයක් ලෙස සතුන් විශාල වශයෙන් මිය ගිය බවද වාර්තා විය. එසේ උෂ්ණත්වය පහත යාමට හේතු වූයේ අවට කලාපයට ඉහළ වායු ගෝලයේ රැඳී තිබුනු ඝන ජලවාෂ්ප (වළාකුළු) තට්ටුවක් නිසා බවත් දැනගන්නට ලැබිනි.එම අත්දැකීම මත කල්පනා කරද්දී දින හයක් මුළු පෘථිවි ගෝලයටම ආලෝකය නොලැබී යාම නිසා නිසැකවම පොළොවේ ජීීවත් වීම ශීතකරණයක් තුළ සිටීම වැනි තත්වයට එන තුරු මහපොළොව සීතල වනු ඇත. කිසි ගැටළුවක් නැතැයි නාසා කීවාය යන කාරණය බොරුවක් වන්නේ එනිසාය. එම දෙවැනි ප්‍රකාශය බොරුවක් වූ පසුව පළමුවැනි ප්‍රකාශය ගැන විශ්වාසයක් තබාගැනීමට හැකියාවක් ඇත්තේම නැත.එහෙත් මේ අඳුරු දින හයේ කතාව විශ්වාස කළ බොහෝ දෙනකු මෙරට ද සිටියහ. නාසා පටලවා ගැනීම මෙම විශ්වාසය ඇති කිරීමට හේතු වූ බව පැහැදිළිය.පසුගිය දෙසැම්බරයට නියම වී තිබී කල් දමන ලද ලෝක විනාශය පිළිබඳ මායන් කැළැන්ඩරයේ කතාව ද තවත් එබඳු දක්ෂ නිර්මාණයකි. මේවා දක්ෂ නිර්මාණ ලෙස අප කියන්නේ බහුතර ජනතාවගේ පිළිගැනීමට ලක් වූ පුද්ගලයන් හෝ ආයතන හෝ මති මතාන්තර පටලවා එම කතන්දර සකස් කරන බැවිනි. අපේක්ෂා භංගව එම දින කීපය ගත කළ පුද්ගලයන් කිහිප දෙනකු සමග ඒ දිනවලදී මග තොටදී මුණගැසුණු විට කළ කතාබහේදී පැහැදිළි වූයේ ඔවුනගේ විඥ්ඥානය තුළට එම ප්‍රවෘත්තිය දැඩි ලෙස කිඳා බැස තිබුනු බවකි.මෙලෙස අමු බොරු ගොතා මහජනතාව රැවටීමේ යෙදෙන්නන් හුදෙක් විනෝදය තකා ඒවා නිර්මාණය කරනවායැයි ඔබ සිතන්නේද.සත්‍යය මුසු කරන ලද බොරුවකට වඩා හොඳ පිළිගැනීමක් ඇත. මෙම සිද්ධාන්තය මැනැවින් හදාරා ඉන් පල ප්‍රයෝජන ලබාගන්නා අයකු ගැන මේ අවස්ථාවේදී ඔබට සිහියට නොනැගෙන්නේද. මෙළෙස අසීමිත ලෙස රැවටීමට ලක් වීම අපගේ බරපතල අඩුපාඩුවක් බව ඔබට නොවැටහෙන්නේද.‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් යුතුව අසා සිටිය යුතුයැ‘යි අපේ පැරැන්නන් කියා ඇති බව ඔබ අමතක කර දමා ඇත්තේ ඇයි.
|
BLOG
|
කොහොමත් ඔය හුරතල් කිරිලි, නැලවිළි වාගෙ දේවල් මගේ ජීවිතේ තිබ්බෙ බොහොම අඩුවෙන්. බාලයාය කියලා මල්ලිටත් , වැඩුමලීය දක්සයාය කියලා අක්කටත් බෙදිලා ගිහාම මට ඉතුරු උණේ සොච්චමයි. එච්චරකට ඉගෙන ගන්නත් බැරි එකේ, මටය කියලා තේරෙන වයසක ඉඳන් අගේ කරන්න කියලා දෙයක් තිබ්බෙ ලස්සන විතරයි කියලා මම තේරුම් ගත්තද එහෙම නැත්නම් මං ගැන මම වත් අගේ කරන්න පාරක් හොයමින් ඉද්දි මට ඒක හම්බ වුණාද කියන්න මම දන්නේ නෑ. අපේ අක්ක ලස්සනත් නැ එහෙමට.අක්කයි මායි එකට තිබ්බම අක්ක නගෝ කියලා අඳුනගන්න පුළුවන්කම තිබ්බට මාව කොතනත් කැපිලාපෙනුණා රූපෙ හින්දා. අක්කට ඒක ගැන තරහක් ඉරිසියාවක් තිබ්බද කියන්න මම දැනගෙන උන්නේ නෑ. ඒත් එක පුන් සඳින් දුරු වෙයි ගනඳුරු කිව්වා වාගෙ පරම්පරා හතකට හරියන්න දස්සකං රාසියක් අපේ අක්කට පිහිටියෙ කොහොමද කියලා හිතන්නවත් බැරි තරමට මගෙ හිතේ කේන්තියක් වාගෙ දෙයක් පිරිලා තිබ්බෙ ඉරිසියාවට වෙන්න ඇති කියලා අද හිතද්දි මට දැනෙනවා. කවියට ගියත්, කතාවට ගියත්, නැටුමට ගියත්, ඉගෙනිල්ලට ගියත් හැම තැනම අක්කා පළවෙනි. එයා ඉසිස්සරෝම ප්‍රේමවන්තයෙක් හොයා ගනිද්දි වයස හරියටම දහ අටයි. මට ඒක එච්චරම මතක "මම නම් ආදරේ කරන්නෙ අවුරුදු දහ අට පිරුණට පස්සෙ" කියලා එයා ගෘහමූලිකයාණන් සහ මෑණියන් දෑ ඉදිරියේ එක දවසක් කරපු ප්රකාසේ මට හොඳට මතකෙ තිබ්බ හින්දා. තිබ්බ හොඳ නම ඔප් නංවා ගන්න චේතනාවෙන් එහෙම කිව්වා කියලා හිතුණට අනේ මෙයා දිහා බලන කොල්ලෝ කියලා මට අනිත් පැත්තට හිතුණා. එයාගෙ බොහොමයක් වැඩ වාගෙ ඒ ප්‍රේම ප්‍රකාශය සහ හතර වරිගයාට දැනුම් දීමත් හෙනම සාම්ප්‍රදායික වුණා. යාළු වෙන්න අඬගහන කොල්ලගෙ වග විස්තර ටික අම්මට කියලා තමයි එයා පළවෙනි හමුවට ගියාය කිව්වෙ. පහුවදාම කොලුවට කියලා තිබ්බා ගෙදර ඇවිත් අප්පච්චිගෙන් අවසර ගත්තොත් කැමැත්ත දෙනවා කියලා. විගඩං. මේවට කැමති වෙන මිනිහත් මෙයාටම හරියන දොන්ත පතාර් මොට්ට බතලයෙක් වෙන්න ඇති කියලා හිතුවට උන්දව දැක්ක වෙලාවෙ නම් මට අදහා ගන්න බැරි වුණා....................................................................................................................................................................ප.ලි. ප්රලාපයකුත් නොවන, නොවන්නේද නොවන දිග කතාන්දරයක් ලිවීමේ ආසාව හිත කොනක පැහැවන්නේ කලක සිට ය. මේ වෑයම රජ වෙන්නට නොවේ කියා ත්‍රීවීලයක ලියා තිබූ වාක්‍ය දුටු දවසේ ඔන්න ඔහේ ලියා දමන්නෙමියි හිතා, දන්නා කියන හිත් ගත් කතාන්දර කීපයක් එක මල්ලක දමා අහඹු වීදුරු බෝලය ගන්නා විදියෙන් එක එක එළියට අදින්නට හිතාගත්තෙමි. කරදර වී කියවන්නට එන යන උන්දලා තවත් අපහසුවකට පත්වන්නේ නම් කමා කරත්වා.
|
BLOG
|
ලොව පුර මිලියන ගණනකින් සහබාගි වනපරිසරය සුරැකීමෙ වැඩසටහනක් වන Earth Hourවැඩසටහනමෙවර ශ්‍රී ලංකාවේදමාර්තු මස 31 රාත්‍රි 8.30 සිට 9.30 දක්වාඅතිගරුජනාධිපතිතුමාගේප්රධානත්වයෙන්පැවැත්විමට නියමිතය.මෙමගින් එම පැයක කාලය තුළ විදුළි බුබුළු නිවා දමාසංකේතාත්මකව පරිසරය සුරැකීමෙ පණිවුඩයලොවට ලබා දීමට සංවිධානකරුවන් බලාපොරොත්තු වේ. Earth Hourසෑම වසරකම මාර්තු මස අවසන් සෙනසුරාදා දිනයේදී පැවැත්වේ.
|
BLOG
|
බොදු බල සේනාවත් එක්ක කිසිම කතාවක් නෑ. ආණ්ඩුව විපක්ෂේ දෙමල මුස්ලිම් ච්රිසිටන් ක්‍රිස්ටියානි චන්ද කඩා ගන්න කරන බොරු වලට ඇසු නොවන්නබොබසේ මෛත්‍රීට හේත්තු කර කපන්න බැරි අත ඉඹින්න යයි: පොදු අපේක්ෂකයාගේ සුළු ජාතික ඡන්ද කැඩීමට ගෝඨාගේ කුමන්ත්‍රණයක්: නිකම් දුන්නත් බේබදු සිවුරුකාරයන්ගේ සහාය එපා -පොදු සන්ධාන ප්‍රකාශකයෙක් කියයි---(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.25, ප.ව.3.00) ජාත්‍යන්තරය ත්‍රස්තවාදී සංවිධායනයක් ලෙස නම් කර තිබෙන අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන ඔහුගේ අතුරු හමුදාවක් වූ ශ්‍රී ලංකාවේ කුප්‍රකට සිවුරුකාර අන්තවාදීන් කණ්ඩායමක් වන බොදු බල සේනා සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී සහාය දක්වන බව හෙට ප්‍රකාශ කිරීමට යන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.තමන් මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය දෙන බව අද මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව සිටි බොදු බල සේනාවට අවසන් මොහොතේ දී රාජපක්ෂ රෙජීමය විසින් උපදෙස් දී ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන ලෙස හෙට ප්‍රකාශයට පත් කරන ලෙසයි. ඊට හේතුව නම් බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානයක් සහාය දෙන බව කී විට දැනටමත් සුළු ජාතීන් ගේ විශ්වාසය දිනා සිටින පොදු අපේක්ෂකයා කෙරෙහි සුළු ජාතීන් කලකිරවීමයි. විශේෂයන්ම මුස්ලිම් කොන්ග්රසය සහ පොදු සන්ධානයේ පක්ෂ අතර මේ වන විටත් සිදුවෙමින් පවතින සාකච්ඡා කඩා කප්පල් කරවීමයි.මෙම කුමන්ත්රණයේ පූර්ව ප්‍රචාරයක් ලෙස ඊයේ ආණ්ඩුවේ මඩ මාධ්‍ය මගින් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන සහ බොදු බල සේනා අතර සාකච්ඡාවක් පැවැත්වීමට යන බවකි. ලංකා ඊ නිව්ස් විසින් සොයා බැලූ විට එවැනි සාකච්ඡාවක් ගැන සාංකාවක් මෛත්‍රීපාල සිරිසේන හෝ එම සන්ධානයේ පක්ෂ හෝ නොදනී. එය පට්ට පල් කෙබරයකි.පොදු සන්ධානයේ ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ බොදු බල සේනා වැනි අන්තවාදී මිනීමරු මෙන්ම බේබදු චීවරධාරීන්ගේ සහාය පොදු සන්ධානයට අනවශ්‍ය බවයි. එසේ නොවුනද මල්වතු අස්ගිරි පාර්ශවයන් ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක හිමිවරුන්ගේද, මාදුලුවාවේ සෝභිත, අතුරලියේ රතන, ගිරාඹේ ආනන්ද, ආදී අති විශාල බහුතරයක් වන සුජාත බුද්ධ පුත්‍රයන් වහන්සේලා ප්රමුඛ බෞද්ධ සංවිධාන රාශියකගේද සහාය පොදු අපේක්ෂකයා ප්රමුඛ සන්ධානයට දැනටමත් ලැබී තිබෙන බව පොදු සන්ධාන ප්‍රකාශකයා කියා සිටියේය.
|
BLOG
|
කාලයක් තිස්සේ පල්ලිය ඉදිරිපිට සිඟමන් යදිම යාචකයෙක් කාටත් සුපුරුදු දසුනක් වුනාලු. අසලින් යන සැමට තම අත දිගුකර යමක් ඉල්ලා සිටීම මොහුගේ පුරුද්ද වුනාලු.මෙම පල්ලියට නිතර පැමිනෙන පුද්ගලයෙක් දිනක් මෙම සිඟමන් යැදීමේ වෙනසක් දැක්කලු. වෙනදා මෙන් නොව මෙම යාචකයා අත් දෙකම දික් කරමින් , වෙනදාටත් වඩා තම දුක කියමින් සිඟමනේ යෙදෙනවා ලු.යාචකයාට කිට්ටුකරපු මෙම තැනැත්තා ඇසුවාලු " වෙනදාට එක අතක් දිගුකරමින් සිඟාකන ඔබ ඇයි මේ අද අත් දෙකම දිගුකරමින් වෙනදාටත් වඩා විලාප තියන්නේ . " කියල.සිඟන්නා උත්තර දුන්නා ලු " ව්‍යාපාරය සාර්ථක නිසා මම තවත් ශාකාවක් විවෘර්ත කලා .." කියල.
|
BLOG
|
අක්කා තමයි ගෙදර සිටිය වැඩිමලයාඊට වසර දෙකකට පසු ආවේ අයියාඒ දෙන්නගේ තනි නොතනිය වලකන්නාඅම්මා ගෙනා බඩ පිස්සිය මා වූවාපුංචි කාලේ අපේ ආදර අම්මාකොළඹ හිටියේ අපේ කුසතුන පුරවන්නටාඅම්මා ලග නොමැති විට පාළුව දැනුනාඅක්කා එවිට අප දෙදෙනා නැලැව්වාපුංචි කාලේ මම නම් හරි කම්මැලියා පස්සට ඉරපායන තුරුත් දොයියන්නට රුසියාහැමදේ අක්කා අතටම කර දුන් හින්දාබෙල් එක වදින විට පාසල වෙත දිව්වාතම ඇදුමවත් නැත මා සොදා ගන්නේඅක්කා තමයි ඒවත් කරලා දුන්නේආත්තම්ම නම් ඒවට ඔරවන්නේඈ නම් නැතේ ඒවා කණකට ගන්නේඅයියා තමයි මාහට ඕපන් වූයේදොඩං ගහ උඩයි අපි සාකච්ඡා තැබුවේකෙල්ලෝ ගැන තමයි ඔහු හැමදා කිව්වේමං නංගයි අයියට උපදෙස් දුන්නේප.ලි. ඊයේඅපිට කරන්ට් එක තිබුණේනෑ.ඉතිං වැඩ කරන තැන ලොකු වැඩක් නැති අතරේනිකමට හිතට ආපු සිතුවිලි කොළයක ලිව්වා.කවි ලියන්න නම් බට්ටි දන්නේනෑ.හිතට ආපු අදහස ඔහේලිව්වා මේවිදියට.ඒක ලියද්දි බොස් ආපු නිසා සේරම ලියලා ඉවර කර ගන්න බැරි උනා.ඉතිං අදත් අම්මා බලන්න ගිය නිසා ලියන්න උනේනෑ.ඒත් ආයෙම හිතුනා ලියපු ටික දාලා යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක ඉතුරු ටික ලියන්න.බට්ටි බට්ටිගේඅයියා අක්කා එක්ක ගත කරපු ජීවිතේතමයි මේ. ඔක්කොම ලියන්න ගිහින් කදුළු කතා තිබුනොත් සමාවෙන්න ඕනි. එහෙනම් මං ගියා.මේටික කියවලා අඩුපාඩු කියන්නකෝ.
|
BLOG
|
දිනය මීට දවස් 2කට පමණ ඉහතය.හරියටම කිව්වොත් ටෙස්ට් මැච් එකේ අන්තිම දවසය.හවස් වරුවේ තිබ්බ වැඩ සබ්බ සකලමනාවම ඉවර කර ඉඳගත්තේ මැච් එක බලන්නටය.ඕවරයක් දෙකක් ඕනනම් බලන්නට ඇත.ඉස්සරහා ගෙදර පොඩි එකා ගෙදරට දිව්වේය.ඒකා ලඟපාතක ඉන්නාවිට ප්‍රශ්න අසා නම් අවසනක් නැත.එපමණක් අසන්නට දේවල් ඒකාට ඇත.ඔහොම ටික වෙලාවක් ගියේය.වැරදීමකින් remote එක එබී TV එක හිරු එකට මාරු විය.එතකොට ගියේ Ben 10 ය.ඒක දැක්කා විතරය...කොල්ලා මෙහෙම ඇහුවේය....“අයියේ...පොඩි ලමයින්ට මේක බලන්න හොඳ නැහැ නේද.... “මට නිකම් මඥ්ඥං වගේ විය.මොකද දන්නා තරමින් Ben 10 කියන්නේ 18+ එකක් කියා කවුරුත් කියා නැත.එ වගේම පොඩි එකා පහුගිය කාලයේ Ben 10 කාටුන් අතනොහැර බැළුවේය.“අර මොකෝ.. ““අර සූර වීර බට්ටා එකත් බලන්න හොඳ නැහැල්ලු ලමයින්ට...“වැඩේ නම් අදහන්නට බැරිය.පොඩි එකෙක් මෙහෙම කියනවා ඇහුවාමය.“ඈ...කවුද එහෙම කිව්වේ.. ““ඉස්කෝලෙන්...අයියා දන්නවද ඇයි කියලා.. “පොඩි එකා යන්නේ මාද කුඩා කල ගිය පාසලටමය.හැබැයි අපිට නම් කවදාවත් කාටූන් බලන්නට එපා කියා නැත.“ඇයි.. ““අර සූර වීර බට්ටා එකේ ‘සැන්ඩෝ‘ සර් ඉන්නේ...එයා ප්‍රින්සිපල් නේ...ඒක නිසා එපා කිව්වේ.“වැඩේ මීටර් උනේ දැන්ය.බට්ටා සැන්ඩෝ සර්ගේ යටිකූට්ටු වැඩ හෙලි කරමින් සැන්ඩෝ සර්ට අම්බානකට නෙලන්නේය.බලන්නට එපා කියා ඇත්තේ ඒ නිසාය.විදුහලේ ඉන්නේ අළුතෙන් ආ විදුහල්පතිතුමෙකි.විදුහලට පැමිණීමේදි දෙමව්පියන්ගෙන්ද විරෝධතා එල්ලවූ ඔහුට එකාතකට බලන විට “බට්ටා භීතිකාව“ වැළඳීම අරුමයක් නොවන වග මට නිකමට සිතුනි.පොඩි උන්ට cartoon බලන්නට එපා යැයි කීවේ පාසලේ වැඩද නොකරමින් cartoon බැලීම වැලක්වීමේ අරමුණින් නම් එය ඉතාමත් හොඳය.එහෙම නැතිව ලමයින් හදන්නට සිතා එසේ කීවා නම් එය අතීසාරයට අමුඩය ගැහුවා වගේ වැඩක්ය....මොකද cartoon වලටත් වඩා ලමා මනසට ගෝචරනොවන බොහෝ දේ උන් TV එකෙන් දකින නිසාය.අනික් අතට බලන විට අයුක්තියක් හෝ අසාධාරණයක් හමුවේ කොන්ද පණ ඇතිව කතා කිරීමට දරුවන් හුරු කල යුත්තේ කුඩා කල සිට බව මට දැනෙන හැඟීමයි.නැතිනම් වත්මන් සමාජය හැසිරෙන විදිය අනුව උන් ලොකු වූ පසු මේ සමාජයේ ජීවත් වීම වඩා අසීරු වනු ඇත...නොමලවුන් මලවුන් සේ නිදිගත් රටක තමන් වෙනුවෙන් සේම අනෙකා වෙනුවෙන්ද අසාධාරණයකදී නැගි සිටිය යුතු බව උන්ට තේරුම් කල යුතුය.
|
BLOG
|
හිතාදර රනිල් මාමේ,උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක තමා..) ඔය සංවිධානයේ ජාත්‍යන්තර ජාලය සහ ඒකට සල්ලි පොම්ප කොරන දමිළ ඩයස්පෝරාව කියන්නෙ එසේ මෙසේ එව්වා නොවේ ය.. විමල් විහිළුවංශ මාමා කියන හැටියට නම් අපේ රට බාබකිව් කරන්න බලාගෙන ඉන්නා බහුජාතික® අධිරාජ්‍යවාදී® කුමන්ත්රණකාර® ඩොලර්කාක්කන්ගේ® (තනි වචනයකි) මහා බලසම්පන්න ආයුධයකි ඕක.. විෂ්ණුගෙ චක්‍රායුධයට වත්, බ්‍රහ්මයාගෙ බ්‍රහ්මශරයට වත්, කොටිංම යම රජ්ජුරුවන්ගෙ යම දණ්ඩටවත් ඔය සෙල්ලක්කාරයන්ගෙ අංචි එක්ක හැරෙන්නට වත් බැරිය..එහෙව් මහාබලසම්පන්න උත්තමයන් වාන්සේලාගෙ අචින්තනීය චිත්ත සංතානයට කිමිදිලා ඒ උත්තමයන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම් ඌ පොරක් නොව, අම්බ පොරක් විය යුතුය.. එහෙම පට්ට හැකියාවක් මට තිබුණා නම් අම්මප මෙහෙම මාස්පඩියට කඹුරන්නෙ නැතුව කැනරි අයිලන්ඩ්ස් හෝ මයාමි පැත්තෙන් පොඩියට පොල් අතු පැලක් අටවාගෙන, කිරි කිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්නවා මිසක, උඹ වාගෙ ඡන්ද දාහතරක් පැරදිලාත් මේකෙ ලැගලා ඉන්නෙ නැත..නමුත් උඹ පොරක් පමණක් නොව මාර සිරා බොක්කෙ පොරකි.. දැන් බලන්ඩ අර ක්‍රිස් නෝනිස් මහත්තයාගෙ කඩ්ඩටවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගෙ දර්ශනේටවත් පුළුහං වුණාද ඔය තරමෙ වික්‍රමයක් එකපාර කොරගන්ඩ.. අර හිච්චි නිවේදකයාට කෙළින්ඩ නෝනිස් මහත්තයට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙන් තුන්කාලක් වියදම් වුණා.. එහෙව් එකේ මන්ත්‍රීලා ඇමති ලා ගැන කවර නම් කතා ද.. ඒත් රනිල් මාමෙ, උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය.. මට මාර ජෙලස් ය.. උඹලා වාගෙ ගේම්කාරයො විපක්ෂෙ ඉන්න එක ගැන පර්සි මහත්තයා බය වෙන එක සාදාරණ ය.. විමල් මහත්තයා වගේ පචායුදයක්--අයි මීන්, පංචායුදයක්-- මටත් තිවුණා නම් කියා මට දැන් හිතෙන්නේ ය..මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය.
|
BLOG
|
සටන් කලාව (Martial arts) ගැන පිටරට නම් ගොඩක් දේවල්කියවන්න ලැබුණත් අපේ රටේ අයටනම් එහෙම දෙයක් ලැබෙන්නේ නැතිම තරම්. සටන්කලා පන්ති හැරුණාම එක්කෝ පදිකවේදිකාවේ රුපියල් 40ට50ට විකිණෙන පොඩි පොතකින් බලලා ඉගෙන ගන්න ඕනේ නැත්නම් චිත්‍රපටියකින් තමා.මේ කලාප ටික මාත් ගොඩක් කල් ඉඳලා download කරගෙන තියාගත් ටිකක්.මේ Blackbelt කියන පිටරට සඟරාවේ අන්තර්ජාලයේ හොයලා හොයලා ගත්ත පිටපත් ටිකක් එක තැනකට ගොඩකරලා දාපු link 1ක්. සටන් කලා වෙළඳ දැන්වීම් ටිකක් තිබ්බත් කුංග්ෆු, කරාටේ, ටයිකොන්ඩෝ, ක්‍රාව් මාගා, ජූඩෝ, අයිකිඩෝ MMA වගේ හැම සටන් කලාවක් ගැනම වගේ හොඳ පින්තූර වගේම හොඳ ලිපිත් තියෙනවා.මෙතනින් බාගන්න.යු. මේ තියෙන දේ දන්නේ නැතුව කරන්න යෑම අනතුරුදායකයි. ඒවගේම වැරදි අරමුණු වෙනුවෙන් සටන්කලාව යොදාගැනීම අනුමත් නොකරමි.
|
BLOG
|
ඔබේ රුව වනන්නටමගේ කවිකම් මදී ඔබ ගැන ම කවි කුමට ඔබ ම මා කවිය වී.නුඹේ රුව සම කරන සිතුවමක් වනු බැරි ව සුදු කොලය මත වැතිර පැන්සලය මගෙ හඬයි. රළු පරළු මිනිරනින් ඇන්ද සිතුවම් කුමට ඔබ මගේ හදවතේ සිතුවමක් වී නිදයි. නුඹට ඇති සෙනේහය පවසන්න ලතවෙමින් නුඹේ සඳ උවන ලඟ පිළිරුවක් වී හිඳිම් වචනයෙන් කිලිටිකර කුමට මා කියනු එයඔබ අතර මා අතර ගෙවී යන නිහඬ බව ඔබ කෙරෙහි විලිලමින් ගැබ්බර ව ඇති සිතුම්කාටවත් නෑසෙන්න ඔබට කොඳුරයි හෙමින්.
|
BLOG
|
මීට පෙර මා සඳහන් කළ පරිදි නුවර එළිය දිස්ත්‍රික්කයෙ දුෂ්කර පාසලක් වන බිංගන්තලාව සාගලපුර පාසලට පරිගණක ලබා දිමේ වැයමේ මූලික අදියර සාර්තක කරගැනීමට 2014 ජනවාරි 6දින හැකි විය. ඉතා චාම්ව සරලව දෙමාපියන්ද සහබාගි වූ රැස්විමකදි මෙම වැඩසටහන නිළ වශයෙන් ක්‍රියාත්මක විය. මම මේ ඊළඟට කියනවචන ටික හොදින් කියවන්න. මේක ජාති බේදයක් ඇති කරන්න කියන දෙයක් නෙමෙ"සාගලපුර පාසල දෙමළ වතු වලින් වටවුන පාසලක්. ඒ පාසලේ සිට සිංහල බසින් ඉගේනීම කරන්න මේ දරුවන්ට යන්න තිබෙන අනෙක් පාසල තිබේනනෙ කිලෝ මිටර් 30කටත් දුරින්. හිතන්න අපි ඉන්න පැති වල කිලෝ මිටර් 30ක් තුළ පාසල් කොපමණ තිබෙන වාද කියල.වටේ තියෙන දමිළ මාධ්‍ය පාසල් හරහා සිංහල ප්‍රධාන භාශාක් ලෙස මේ දරුවන්ට ඉගෙන ගන්න අවස්තාවක් තිබුනනම් මීට වඩා පහසුකම් ඔවුන්ට ලැබීමට අවස්ථාව තිබෙන්න පුලුවන්." ඉතින් ඉහත කාරණාව වගේම පාසලේ ඉන්නෙ ඉතා සීමිත ගුරු පිරිසක්, ඒවගේම ඔවුන් කිසිම කෙනෙක් ගමේ අය නෙමෙ, ඉතා දුර බැහැර සිට එන්නෙ. ගොඩක් අය තමන්ගෙ සීමාවාසික කාලයෙන් පසු පාසලේ රැදෙවි කියල හිතන්න අමාරුයි.ඉතින් මේ වගේ ගුරුවරු සීමිත පාසලකට ළමුන්ට ස්වන් අධ්‍යාපනයක යෙදීමට හන්තාන ලිනක්ස් සමඟ ලැබෙන අධ්‍යාපනික මෘදුකාංග ඉතා ප්රයෝජනතව් වනු නොඅනුමානයි.පහල විඩියෝ අනුව ඔබට තෙරෙයි දෙවැනි වසරෙ ඉන්න මේ දුවට තමන්ගෙ පාසලට ලැබුන දේ කුමක්ද කියල කියන්න තවම තෙරුනෙ නැති වුනාට ඔවුන්ට උදැසන රැස්විමෙදි නම් අමූතු අත් දැකීමක් ලබපු බව. එවගේම මේක One man show නෙමෙ.මේ සඳහා මුදලින් දායකත්වය දුන් මිතුරන්:හර්ෂණ වීරසිංහජීවන් සූරියආරච්චිලක්ෂාන් පෙරේරා තිස්ස දොඩංගොඩබන්දුල රණතුංගඉෂාන් ලියනගේ ප්‍රසන්න සිසිකැලුම් ප්‍රවීන් ඉන්ද්රණාමකල්ප පැතුම්(නමක් නැතිව දායකත්වය දුන් අයෙක් සිටි)මෙම මුදල් එක් රැස්කර ගැනීමට වසරක කාලයක් ගත වූ අතර මේ වන විට පාසලට English as a life skill ව්‍යාපෘතියෙන් පරිගණකයක් සහ මල්ටිමිඩියා ප්‍රොජෙක්ටර් එකක් ලැබි ඇත. මේ නිසා පාසලට දැන් පරිගණක 3ක් සහ මල්ටිමිඩියා ප්‍රොජෙක්ටර් එකක් තිබෙනව.මෙම කාර්යය සාර්තක කරගැණීමට සහාය වූ අතුල හේරත්, සමන් හේරත් ගුරු දෙපල සහ මධ්‍යම පලාත් අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ සහ සැලසුම් අංශ ප්‍රධාන උපාලි චන්ද්‍ර කුමාර මහතා ඇතුලු සැමටත් චලපනේ අධ්‍යාපන කලාප අධ්යක්ෂ ඒ.බි. ගංගොඩ මහතාටත් ස්තුතිය පුදකර සිටිමි. මෙම කර්තව්‍ය සඳහා තවමත් ඔබට දායක වීමට හැකියාවක් ඇත. ප්‍රධාන අංගය වන්නෙ පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අප විසින් මාසිකව සිදු කිරීමට නියමිත පුහුණු වැඩසටහන් සඳහා ඔබේ දායකත්වය ලබා දීමයි.මූලිකව ඉගැන්වීමට තිබෙන්නෙ...Open Source based Educational ToolsGIMPLibreOffice ඒ සඳහා සහාය වීමට ඇති අය සිටී නම් කරුණාකර දන්වන්න.ස්තුතියි.පාසලට යද්දි වගේම පාසලට ගියත් ඒ වටේටම පෙන්නෙ සුදන්දර පරිසරයක්. මේ කෙටි විඩියෝවෙන් ඔබට පෙනෙවි ඒ සුන්දරත්වය.. නමුත් ඔවුන්ට පරිසරය මෙන්ම වූ සුන්දර අනාගතයක් ලැබෙන වනම් කොච්චර හොද ඳ.පාසලේ කියවිමේ කාමරයට නම් මගේ හිත ගියා...ඉතින් මේ එක් පාසලක් විතරයි, තවත් මේ වගේ ගොඩක් පාසල් තියෙන අපේ රටේ.
|
BLOG
|
176.හෙට්ටියාවත්ත _ කරගම්පිටිය.සිකුරාදා හවසක - වෙලාව 5.30.අතොරක් නොමැති සෙනග.එල්ලිලා හතර අත.බෑගයක් උරයක.අසුනක් නොමැත සරණට.පැමින ඇත මැදි වියට.අහම්බෙන් රැදුනා මනෙත.පසෙකින් පුත් රුවන නිම කරන් හවස කනිසමදෑතින්ම අල්ලානමා ඉදිරි පස අසුනකාටත් නොතේරුනඅයුරින් රැගෙන පොතඅකුරු නිම කල අයුරු පුත් සදවිමසු හැටි මා නෙතු පැහැරගෙනහුස්ම ගන්ටත් නොමැති ඉඩකඩඅතර හිටගෙන රැගෙන යුතු කමදොරෙ හරිමින් මවක සෙනෙහසසෙමෙන් විමසුව දැනුම් වගතුගනෙතු කෙවෙනි අග රැදුන මේ වගකලයේ මව් වරැන් පුදකොටමෙලෙස කොටනෙමි වදන් කැටි කොටකාලයට හසුනොවූ මව්ගුණ.
|
BLOG
|
නිශාන්තයේ නිදි නොවැද.... දුර්ගන්ද කුණු කයම...වහල් කර කැළවට... සීරුවට ගෙතුම් කළ සිත්තම,සින්න වු දුප්පත් කමෙන්.. උකස් කර දෙ අත්, පා...නුඹ කඳුළු දියකර.. තව තවත් එකළු කළසිත්තම,විදින්නට පිනක් නැති... භයංකර හීනයෙම..ගිලි ගිලි මියදෙනා.. අහේතුවකට පිපුන,අපි තවම සිරගතයි.
|
BLOG
|
සියල්ලන්සමගම සිනාසෙන්නකිසිවෙකුටත්වරදක් නොකරන්නකාහටත්නොරිදවන්නධර්මයෙන්ජීවත් වන්නසෑමවිටකම සතුටින් ඉන්නඅනන්යයන්ටදසතුට පතුරවන්නකියාඔවදන් දුන්නෙ ඔබයි අම්මා මගේ දයාබර..අප්රතිහතධෛරය හා නොපසුබස්නා උස්සාහය තුළින්තමඉලක්ක කරා ළගා විය හැකි බව කියා දුන්නෙ ඔබයි මට..සතුරාටවුවත් අපව අවශ්‍යය වූ විට සත්කාර කළ යුතු බව පවසාමාතුළ ගුණධර්ම දියුණු කෙරුවේ ඔබයි..ගසක්නම් හදුනාගත හැකි වන්නේඑයලබා දෙන ඵලයෙනි...මිනිසෙකුනම් හදුනාගතහැකි වන්නෙ ඔහුගේ ගතිගුණ හා ක්රියාවෙනියන්න, මා හට වටහා දුන් මගේ ආදරණීයඅම්මා ඔබයි..අම්මයි චූටි ශම්මියි ^_^.
|
BLOG
|
නිල් අහසෙ වසන්තය -ජාතික සරුංගල් උත්සවය 20123වන වතාවටත් පවත්වනනිල් අහසෙ වසන්තය -ජාතික සරුංගල් උත්සවයට අනුග්‍රහය දක්වන්නේKite Sri Lankaසංවිධානයයි.අගොස්තු මස 25 සහ 26 යන දිනයන් හි කොළඹ ගාලු මුවදොර පිතියේදී පවැත්වීමට නියමිත මෙම උත්සවය ගිය වර පැවතියේ මීගමුවීදීය.දිගම සරුංගලය, නවීකරණය කරන ලද අනුග්රහක දැන්වීම් ඇතුලත් සරුංගලය,ස්වභාවිකද්රව්ය පමණක් යොදා නිර්මාණය කරන ලද සරුංගලය ආදිතරඟ රැසක්සංවිධායකින් විසින් මෙවර ඉදිරිපත් කර ඇත.වැඩි විස්තර සඳහාwa.com/events/251740441564249/හෝwww.
|
BLOG
|
සමරවීර මහානාම දෙ ඉවුරු යා කරලා කදිමනිල්වලා මහා ගඟ උඩින්ම හැදුවා පාලමක් දිගම එදා පටන් ඒ පාලම මාතර නගරයට පෙනුම ගාම්භීර මහ පාලමනාමය විය මහානාම ගෑණි එක්ක මල පැන්නමමිනිහ එක්ක මල පැන්නම මතක් වීලා මේ පාලම මෙතනට එයි ඔක්කොම උඩ ඉදන් පනිනවා පත්තරේ වැටෙනවා ප්‍රසිද්දිය ලබනවා පෝලිමේ පනිනවා පාලම් ඇන්දේ දෙපස කම්බි දැලක් ගහල උස මැරෙන්න එන අයට යස පාඩමක් දෙමු නොවලස.
|
BLOG
|
..බියව ඇත,දැහැමින් සෙමෙන්,පාළණය, ගෙන යන,රජකු,මැති ඇමතිවරු,වන්දිභට, සට්ටැඹි,නැකත්කරු...යාවි යැයි,තැතිගෙන.හේග් සහ ජිනීවා,නිරය වෙත.කිසිවකුටබිය නැති,වීරයෝ.....කෑ ගසති,වියරුවෙන්...දෙසති,"කුමන්ත්‍රණ""සම්මන්ත්රණ""සකච්ඡා""ඩයස්පෝරා", සමඟ...අඬති වැලපෙති,හොටු පෙරාගන... සිහිනෙන් පෙනී...කටු ඉඹුල,ළෝ දියර, විදුලි පුටු....අත්වේ යයි,විපත්...... ගාඩාපිට,හිට්ලර්ට,සදාම්ට,මුබාරක්ට,අත්වූ...... කිම්ද,බිය වන්න,කාරණ....ඔවුන්,"එකාධිපතියෝය"මොවුන්,පින්වත්,සුසිල්වත්,ජහ මන හිතකාමී,අප මහ රජාණෝය......දැයේ දරුවන්ගේ,ආදරණිය පියානෝය...... සහ පිරිවර,හාකටු කනබල්ලෝය.
|
BLOG
|
නිදහසේ වැඩ කරන්න පුළුවන් දවසක් හින්දා හැම ඉරිදකම වැඩ කරන මම මගේ ඩේ ඕෆ් එක සාමාන්‍ය යෙන් ගන්නේ සති මැද දවසක.. අදත් ඒ වගේ දවසක්.. මගේ නිවාඩු දවසක්. කරන්න අමුතු වැඩ මොකුත් නැති ප්ලෑන් නැතුව පටන් ගත්ත අද දවස අපේ ජිවිත වලට ආයෙමත් මතක සටහනක් ඉතිරි කරපු දවසක් වෙයි කියල උදේ අට වෙනකල් නිදා ගනිද්දි මට වැඩිය හිතුනේ නෑ...අපේ ගෙදර බලු ගෙදරක්. පොඩ්ඩක් විතර එහෙම කිව්වම අවුල් හැඟීමක් ආවත් කරන්න දෙයක් නෑ.. අපේ ගෙදර ඉන්නේ ඩෝග් පීපල්ලා වගේම ගෙදර ඉන්න මිනිස්සු ගාණට වඩා බල්ලෝ ඉන්නවා.. ඒ කියන්නේ මිස්ට බව්වෙක් හා මිසිස් බව්වියෝ තුන් දෙනෙක් ඉන්නවා.. මිස්ට බව්වා කොලින්.. නැත්තං බුකු බුකු.. අයිති අපේ අම්මට.. එයාගේ මමා ඩොගී මිකී එයා මගේ.. එතකොට රෝස් හෙවත් රෝසි අපේ තාත්තාගේ.. ඒ පවුලෙම කරදර වලට වැඩියම මූණ දීලා ඉන්න පොඩ්ඩිත් මගේ.මුලින්ම කුස්සයටම බඩ ගාගෙන ගිහිල්ලා පොඩි කාලේ ළිදේ වැඩිලා.. එතකොට කණ්ඩි වලින් පැනලා.. මාළු ටැංකියේ වතුර බොන්න ගිහින් කණේ වතුර යවාගන්න වැඩ ගොඩක් දේවල් හින්දා රෙකෝඩ් තියන්න පොඩ්ඩිට පුළුවන් වෙච්ච නිසා එයා කාගෙත් අවධානය ඉහලින්ම දිනාගෙන හිටි කෙනෙක්. මේ දවස් වල එයා ප්‍රෙග්නන්ට්.. හරි ආයේ මගේ නිවාඩු දවසට.උදේ කෑම බීම වලින් පස්සේ පොතකුත් අරන් මම මගේ ඇඳේ හරි බරි ගැහුනා.. සුපුරුදු විදියට බලූලා සෙට් එකත් එයාලා මගේ කාමරේ කැමති කැමති තැන් වල හරි බරි ගැහිලා නින්දට සෙට් උනා.. මම පොත් කියවනවා එයාලා එයාලගේ වැඩ වල.. කොහේදෝ ඉදන් කාමරේට දුවගෙන ආව බුකු බුකු අයියා ඇඳ යට ඉව කලා විතරයි.. මේ ලෝකයේ කෙනෙකුට අහන්න පුළුවන් නැවුම්ම නැවුම් හඬ මගේ ඇඳ යටින් ඇහුනා.. මම දැනගත්තා.. මට දැනුනා.. පොඩ්ඩි පැටව් දානවා.. මගේ ඇඳ යට... මුලින්ම එළියට ආව පැට්ටා මේ ලොකෙට එයාගේ සම්ප්‍රාප්තිය දැනුම් දුන්නා.. ටක් ටක් ගාලා අනිත් බලු සාමාජිකයන්ව එළියට යවලා පොඩ්ඩිට එයාගේ වැඩේ කරගන්න දීලා මම ආයෙත් පොත කියවන්න හිතුවා.. පොතට වඩා ඇඳ යට බිහිවෙන අළුත් ජීවය ගැන හොයන්න මට ආස හිතුනා.. ඇඳේ ඉදගෙනම බෙල්ල විතරක් දාලා හොරෙන් වගේ බලන් හිටියා ම්හ්... මොකුත් නෑ... එක පැටියෙක් විතරද. මට හිතුනා.. නිමේශයකින් ජෙලි ආවරණයක් වගේ බෑග් එකක් ඇතුලේ තව පැට්ටෙක් එළියට ඇවිත්.. පොඩ්ඩි මේ ලෝකේ සිහියක් නැතුව ඒ පැට්ටව පිරිසිදු කරනවා...මගේ කොඳු ඇට පෙළ කෙලවරින් පටන් ගත්තු හිරියක් මුළු ඇඟ පුරාම දිව්වා.. කණ් දෙකට ලේ පිරෙනවා දැනුනා.. ඇස් තෙත් උනා.. මේ මහා විශ්වයෙන් මගේ කාමරය පිරිලා ගියා .. මම මට පුළුවන් තරම් ලොකු හාදුවකින් ස්භාවධර්මය වැළඳ ගත්තා.. ගොර්කිගේ “මිනිසෙකුගේ උපත“ කියවද්දි දැනුන හැඟීම මගේ මුළු ඇඟටම දැනුනා..මේ දේවල් මේ තරම් පිළිවෙලට සිද්ද වෙන්නේ කොහොමද. කවුද මේ දේවල් මේ සත්තුන්ට කියල දෙන්නේ.. මම මේක ලියද්දි පොඩ්ඩිගේ පළවෙනි අදියරේ වැඩ නිමයි කුක්කු පැටව් ටිකක් පොඩ්ඩිගේ තුරුල්ලට වෙලා කෙඳිරිලි මුණුමුණුවකින් හොර රහසේ පොඩ්ඩිගේ කිරි බුරුල්ලේ කිරි වලින් බංඩි පුරෝ ගනිමින් ඉන්නවා.. ඒ මිමිණුම අළුත උපන් මිනිස් දරුවන්ගේ කෙඳිරල්ලෙන් වැඩි වෙනසක් නැහැ.. විශ්වයේ භාෂාව කාටත් පොදුයි මට දැනෙනවා..මගේ හදවත ආයෙමත් ආනන්දයකින් පිරී යනවා.. මට නිදා ගන්න ඇඳක් නැති වෙනවා ටික කාලෙකට.. මගේ කාමරේ කිරි කැටියන්ට දීලා මම කෙරවලේ පොඩි කාමරේට මාරු වෙනවා.. මම කොහෙමද මේ විශ්වයේ කලාව වෙනස් කරන්නේ.පිංතූරේ.
|
BLOG
|
පරිගණකය අප ජීවිතය අපූර්ව වූ ඉසවුවක් වෙත ගෙන ගොස් ඇත. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සියලු අවශ්‍යතා සැපිරීමේ අපූර්ව වූ කාර්යයේ මෙය නියලෙමින් ඇත. නමුත් මගේ මාතෘකාවත් එහි දිගහැරුමත් මගේ ජීවිතය මොකක්දෝ වරදක් කලායැයි මට එත්තු ගැන්නූ දිනයක් පිලිබදවය. දිනය 2008 ජනවාරි මස එක් දිනක් බව මට මතකය. SLIDA පංතිය අවසන් කොට මා බසයට ගොඩ උනේ මා විසින් ලබාදිය යුතු උපරිම දැනුම මා විසින් ලබාදුන්නාය යන හැගීමෙන්ය. තව වසර ගණනකට පසුව මා විසින් ලබාදුන් දැනුමින් මෙම පෘතුවියෙහි වෙන වෙනස් කම් මනසින් විදිමින් ගමන් කලෙමි. මා මේ පොලවට බරක් නොවේ යන හැගීමත් මොකක්දෝ අඩම්බරයකුත් සිතේ තිබුනද සැබෑ ලෙසම මා ගමන් ගන්නේ බසයක බව තේරුම් ගත් මා අසුනක කොනක් අල්ලාගත්තේ ජීවිතයට පොඩිහෝ වාරුවක් අවැසි බැවින්ය. සුලු මොහොතකින් පින්සල් කිහිපයක් අතින්ගෙන තීන්ත ගෑවුනු ඇදුමකින් සැරසී ගත් අවුල්වූ හිසකෙස් සහිත පුද්ගලයෙකුද මේ බසයට ගොඩ උනේ බසයේ සැමටම තිබූ ගමනාත්තයක අරමුනකින් තොරව බව මට සැනකින් තේරුම් කරදෙමින්ය. මේ බසයට ගොඩවුනේ වර්ථමානයේ සිගමන් යදිමින් ජීවිතය ජීවත් කරගන්නට වෙරදරණ සැබෑ කලාකරුවෙක් බව මට පසක් වූයේ ඔහුගේ දුක් අදෝනාවෙන් හා ඔහු තෙලිතුඩින් ඇදි සිතුවම් දුටුවිටය. මහත්තයෝ දැනට අවුරුදු ගානකට ඉස්සර මම කාටවත් අතපෑවේ නෑ මම තමයි සුනිල් ආර්ට්. කොලඔ තියෙන ගොඩක් බොඩ් ඇන්දේ මම. එකවැඩක් ඉවරවෙන්න කලින් තවවැඩක් ආවා. මහත්තයෝ පරාට කමුද, බුරියානිකමුද, දවල් කමුද, රා බොමුද කියලා බෝඩ් ඇන්ද මට අද ජීවිතය ගෙනයන්න වෙලා තියෙන්නේ මේ විදිහට කියලා ඔහු කියාගෙන කියාගෙන ගියත් ඉන් පසු කියූ කිසිවක් මා මනසට ගෙන යන්න තරම් හඩින් නොතිබුනාද නැත්නම් මා මණස ඔහු වෙනුවෙන් හටගත් දුකින් එය නිවරදි අයුරින් තැම්පත් කොට නොගත්තේදැයි මට සිතා ගත නොහැක. මා ඊට පෙර සතියේ Photoshop ඉගැන්වූ අයුරුත් එහි ඇති මහා විස්කම් තේරුම් කරදුන් අයුරුත් මා මනසට වදදෙමින් සිහිපත් කර දුන්නද මා උඩ සාක්කුවේ වූ රුපියල් පනහේ ඉතිරිය හැර යමක් මා ඔහුගේ අතේ නොතිබුවේ බසයෙන් ගම්පොල දක්වා එන්න තරම් ප්‍රමාණවත් මුදලක් පමනක් මා සන්තකයේ තිබුනු බැවිනි.දෙවියනි . අකුරක් නිවරදිව ලිවීමට හෝ නොහැකි අය කලා කරුවන් නිර්මාණය කල අකුරු හැඩද, පින්තූරයක සැබෑ වටිනාකම හා එය ගන්නට යෙදූ ආයාසය ද නොදැන එහි ඇති කොටස් කපා ඉවත්කොට එකට අමුනා කරන මෙම පරිගණක නිර්මාණ තුල සැබෑ කලාත්මක හැකියාවන් කෙලෙසකවත් දැකගත හැකිද. පරිගණකය නොමැතිව පින්සලක් අතින් ගෙන ඔවුනට මෙවැනි නිර්මාණ කල හැකිද, අප නිර්මාණ ලෙස කොට ඇත්තේ Copy Paste මිස අන් කවරක්ද., අප මේ හබායන්නේ කුමක්ද. පිටරටින් ගෙන්වූ උපකරණ හා එයට ඇතුලත් කරන තීන්ත හා මෘද්රණය කිරීමට යොදාගන්නා කැන්වස් Digital Printing නමින් මෙරට අලෙවි කිරීමට තෝතැන්නක් සකසාදීම නොවන්නේද. අනාගතයේ මේ කලා කරුවන් ගෙන් පසුව ඉතිරිවනුයේ Copy Paste කරුවන් පමනක් නොවේද.අපට වැරදී ඇතිද. වැරදුනේ කොතනද. සිතන්න.ඔබ හිතෙහි ඇතිවූ හැඟීම .. ලියන්න.ඔබ, මා ලබාගන්නා දැනුම ලෝකයේ කවරෙකුට හෝ හානිදායක නම් එහි ඇති ඵලය කිමක්ද. අප කරනුයේ Copy Paste නම් .. ඔහුට අහිමිකල අනාගතයම අපටද නුදුරේදීම හිමිවනු ඇත.අද පාඩම පොටෝෂොප් යනු බොහෝ වැඩ කළ හැකි මෘදුකාංගයක්ය. මෙම මෘදුකාංගය භාවිතයෙන් වෙබ් අඩවියක ආරම්භක පිටුව හා එම වෙබ් පිටුව HTML ආකාරයෙන් ගබඩා කොට ගන්නා අන්දම විස්තර කරන විනාඩි තුනක වීඩියෝව නරබන්න.
|
BLOG
|
අපි කුඩා කාලයේ දී පාසලේ දී ඉගෙන ගත්තේ දිවෙහි රස හඳුනන තැන් ඇති බවයි. ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි හෝ මිහිරි රස වර්ග හඳුනා ගත හැකි විශේෂ තැන් දිවෙහි තියෙන බවයි.ඒත් දැන් විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා, ඒ සිතියම මුළුමනින් ම වැරදි බව. දිවෙහි ඇති දහස් ගණනක් වූ සංවේදකවලට වෙනසක් නැතිව ඕනෑම රසයක් හසුකර ගන්න පුළුවන් කියලයි, ඒ විද්‍යාඥයන් කියන්නේ. ඔවුන් කියන විධියට දිවෙහි සංවේදකවලින් අල්ලා ගන්නා ඕනෑම රසයක් ඒ කුමන රසයක් දැයි හඳුනා ගනු ලබන්නේ මොළයේ ඇති සෛලවලින්.කොලම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කියන විධියට රස හඳුනා ගන්නේ දිවෙන් නෙමෙයි, මොළයෙන්.ඔවුන් කියන්නේ දිවෙහි ඇති දහස් ගණනක් වූ සංවේදකවලට වෙනසක් නැතිව ඕනෑම රසයක් හසුකර ගන්න පුළුවන් කියලයි, තිත්ත (රූපය ඉහළ), ඇඹුල් (අංක 2), ලවණ (අංක 3), යන රසත් පැණි හා මිහිරි රස (දිව අග) ආදී වශයෙන් ඕනෑම රසයක් දිවේ ඕනෑම තැනකින් දැනෙන බවයි, ඔවුන් කියන්නේ.මේ පර්යේෂණ කළේ කොලම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්. ඔවුන් මේ සඳහා දිවෙහි තැන තැන විසිරී ඇති රසාංකුර 8,000ක් අධ්‍යයනයට හසු කර ගත්තා. එහි දී ඔවුන් තේරුම් ගත්තා සෑම රසාංකුරයකටම මූලික රස පහක් අල්ලා ගත හැකි බව. මෙයින් ඔප්පු වුණා, විශේෂ රස හඳුනා ගන්නට විශේෂිත තැනක නොමැති බව.නිදසුනක් වශයෙන් පැණි රස දැනෙන්නේ දිවග‘ට පමණක් යන මතය බොරු බව ඔවුන්ගේ පරීක්ෂණයෙන් තහවුරු වුණා. ඒ වෙනුවට ඔවුන් සොයා ගෙන තියෙනවා, දිවෙහි ඇති සෑම රසාංකුරකින් ම ලැබෙන සංඥා විග්රහ කර අර්ථ දක්වන්නට හැකි විශේෂ නිරෝන වර්ගයක් මොළයේ ඇති බව,අපේ දිවේ සෑම රසාංකුරයක ම රස ග්රාහක 100ක් පමණ තියෙනවා. ඒවායින් තමයි, මොළයට සංඥා යවන්නේ.මෙසේ යැවෙන තොරතුරු මොළයෙන් කෙසේ විග්රහ කෙරෙන්නේද යන්න තවමත් පැහැදිලි නැහැ. එහෙත් රස මොනවාදැයි හඳුනා ගැනීම සිදු කෙරෙන්නේ දිවෙන් නොව මොළයේ සෛලවලින් පමණක් බව විද්‍යාඥයන් තහවුරු කර ගෙන තියෙනවා.මේ නිසා අප ඉස්සර ඉගෙන තිබුණු දිවේ රස සිතියම වැරදි බව තහවුරු වුණා.මේ සොයා ගැනීම කෙරුණේ විශේෂ රස වර්ග යෙදූ රසායනික මීයන්ට ආහාරය සඳහා ලබා දීමෙනුයි. ඉන්පසු මීයන් ඒ විශේෂ රසායනික ආහාරයට ගනිද්දී ඔවුන්ගේ මොළයේ විශේෂ නියුරෝන දැල්වෙනවා. ඒ බව විද්‍යාඥයන් නිරීක්ෂණය කළා.මෙම පර්යේෂණයෙහි නිරතව සිටින මහාචාර්ය චාල්ස් සකූර් කියන්නේ මේ කටයුතුවල අවසාන ප්‍රතිඵලය වන්නේ මේ ආකාරයට මොළයේ රසාංකුර පාලනය කරන සෛල හැසිරවිය හැකි වූ විට වියපත් වීමේ දී රස නොදැනෙන තත්වයට පත් වූ අයට ප්‍රතිකාර කිරීමට ඉන් හැකියාව ලැබෙන බවයි.අයිස් කී්රම් එකක රස බලන යුවතියක්. ඒ ඒ රස මොනවාදැයි හඳුනා ගැනීම සිදු කෙරෙන්නේ දිවෙන් නොව මොළයේ සෛලවලින් පමණක් බව දැන් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. මෙම සොයා ගැනීම අප මෙතෙක් හඳුනා ගෙන සිටි රස දැනෙන සිතියම වෙනස් වෙනවා.
|
BLOG
|
ඇහි බැම්ම හැඩ කලතොල් පාට වැඩි කලනෝනලාටම වෙන්ව තිබුමාධ්ය සාකච්ඡා මේසවෙසඟනන්ට ද විවර කලසහෝදර සකර්බර්ග්සහන් පද්මසංඛ පීරිස්(THЕ SAHAN)2014 ඔක්තෝබර් 03.
|
BLOG
|
සුදු පාට කැන්වස් තලය මත කටු සටහනින් ඇඳි මගේ කලු සුදු රූපය නුඹ බියපත් කරයි නුඹ බොහෝ බිය වෙයි පින්සලෙන් පින්සල ගෙන නේක වර්ණ තවරා යුහුසුලුව මතු කරන්නී වර්ණවත් රූපයක් දහඩිය ද හෙළමින් තුටු වන්නී ඉතින් මෙන්න නුඹ බලන් කෙතරම් හැඩද දැන් සැනසුම් සුසුමක් හෙලන්නී කෙතරම් බියකරුද අර කලු සුදු රූපය.
|
BLOG
|
පිංතූරය ගත්තේ - http://tinyurl.com/nycy7o4සසලයි සිතම මගේ දැකුමෙන් මුතු සිනහා...හස්තිනි ගමනින් යන... පියකරු රුසිරු ලඳේ.
|
BLOG
|
ඉතින් යාලුවනේ,මම අද දෙන්න හිතුවේ................. සාමාන්‍ය පෙළ කරන අයට වැදගත් දෙයක්. ඔයාලගෙ exam එකට ගොඩක් මේ ලිපිය වැදගත් වෙයි. පසුගිය විභාග ගණනාවකින් එකතු කරල හදපු ශ්‍රේඩි ගණන් තියෙන pdf file එකක් තමයි දෙන්න.මේකේ තියෙන ගණන් ටික හදා ගත්තොත් 2වෙනි paper එකේ 7 වෙනි ගාන ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි. මේකේ අමාරු ගණන් තියෙනවා නම් අහන්නත් පුළුවන්....................එහෙනම් බාගෙන බලන්නකෝ.
|
BLOG
|
සදයි මලයි යාළුවෙලාසද හරියට උඩගු වෙලාසද ඇතයි..මල නටුවෙයි..ලන්වෙන්නට බැරි දුරකින්සදළුතලේ ඔයා ඉන්නඈත ඉදන් බලා ගන්නසද කිරණින් ඔකද වන්නකඩුපුල් මල් කුමාරියේසොබා දහම අරුමයක්දගෙනෙන අරුථ පුදුමයක්දකිසිම දාක ලන්නොවෙනාසදයි මලයි අපි දෙන්නද.
|
BLOG
|
02.2014.
|
BLOG
|
පළල් වෙන පාරේවැලමිටි වංගු කෙළවරකිසිදාක ගින්දර නොනිමෙනවලාකුළු උපදිනා තැනබිම තබා ඇවිත් කිරි දරුවන්කෙසඟ අම්මාවරුහුණු කූඩ වඩාගෙනදුම් වැදී තැම්බිච්ච මූණ හරවාකහට පාටට හිනාවෙන'නැගෙන මග' වැඩ හිටපු වරදටහණ ගසා අතපය කපාහළරුක් දෙවි මළකඳන්ගරුසරුව චිතකයට වඩම්මනකුදු ගැහුණු පිරිමි කොඳුකලාතුරකින් දිගෑරෙනකිළිටි කුණු සේරෝම වහගන්නවුවමනා හැමෝටම සෑහෙන්නකිළිටි අත්වලකරඟැටසුදු හුණු හදන අතරේදුම් කවුළු කටවලාකුළු උපද්දයි ඇතිවෙන්නජල චක්‍ර පාඩමේ නොකියනවිෂම චක්රයකි නිති කැරෙකෙනඅවිස්වාසයි නම් තවත් වචනඊගාව වැස්ස එනකල් ඉන්නඅහස් දිය බිංදුවක තෙතමනයහදවතට උනන්නට ඉඩදෙන්නටිකක් ඇස් පියන් එහෙමම ඉන්නදිව අගට නොදැනිච්චකටුක දහදිය රහක්යන්තමට දැනෙයි එතකොට ඔන්න.
|
BLOG
|
ඔබ මේ වන විට ඔබට අවශ්‍යය ආකාරයෙන් ඔබේම Function එකක් එක්සෙල් හී සකසා ගැනීමට අදාල මූලික දැනුම ලබාගෙන ඇත. (Function සැකසීම ආරම්භ කිරීම)බොහෝ විට එක්සෙල් මෘදුකාංගය මගින් බොහෝ අවශ්‍යතා වෙනුවෙන් Function සකසා දී ඇතැත් ඔබට අවශ්‍ය ඇතැම් අවශ්‍යයතා ඉටු කරගැනීමට මෙහි ඇති Function මදබැව් ඔබට වැටහී යනු ඇත. නමුත් ඔබට අලුතින් Function එකතු කරගැනීමේ හැකියාව ඇති බැවින් ඔබට අවශ්‍ය ඕනෑම ක්‍රියාවලියක් Function එකක් ලෙස එක්කරගත හැකිවේ.Font එකක වර්ණ හඳුනාගෙන එම වර්ණයෙන් පමණක් වර්ණ ගන්වා ඇති Cell කිහිපයක සටහන් කර ඇති අගයන්ගේ එකතුව ලබාගැනීමට Function එකක් සකසා ගැනීමට උත්සාහ කරමු.මේ සදහා Alt + F11 එක වර press කිරීමෙන් ලැබෙන VBA කවුලුව ලබාගැනීමෙන් අනතුරුව Insert මෙනුවෙන් අලුත් Module එකක් එක් කරගන්න පසුව පහත දැක්වෙන විධාන කිහිපය සටහන් කරන්න.දැන් මෙම VBA කවුලුවෙන් ඉවත් වන්න, මෙම ඔබ විසින් සැකසූ Function එක දැන් ඔබට අවශ්‍ය ස්ථානයක භාවිත කළ හැකිය.ඉහත උදාහරණය මගින් රතු වර්ණයෙන් සටහන් කොට ඇති ඉලක්කම් සියල්ලේ එකතුව පිළිතුරු ලෙස ලැබෙනු ඇත.ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට අලුතින් Function සකසා ගත හැකි අතර මෙම දැනුම වැඩිකරගැනීමට උත්සාහ කරන්න.
|
BLOG
|
අනීර්ණය කියන්නේ ගණිතයේ එන වචනයක්. ඒත් සරලව කියනවා නම් 'නිර්ණය කල නොහැකි' තේරුම දෙන වචනයක්..රේමන්ඩ් කර්ස්වේල් (Raymond Kurzweil)කියලා පොරක් අමුතුම පොතක් ලියනවා 2005 දී. පොතේ නම සිංහලට පෙරලුවොත් එන්නේ'අනීර්ණය ලගයි' වගේ අදහසක්. පොතේ ඉංග්‍රීසි නම The Singularity Is Nearපරිගනක විද්‍යාඥයෙක් වෙච්චි ඒ මහත්තයා, ඒ පොතේදීලස්සන තර්කයක් ගොඩ නගනවා. ඔහුපෙන්නන විදිහට පහුගිය වසර 50 ගත්තම, පරිගණක වල හැකියාව සෑම අවූරුදු 18 ට පාරක්ම දෙගුණ වෙලා තියෙනවා. මේ වේගයෙන්ම ගියොත් පරිගනක 2020 වෙද්දී එය මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය හා සමාන වෙන්න පුලුවන්.මේ කථා පිලිගන්න සමහර අය කියන විදිහට මිනිස් මොලය, පරිගණක වලට ඩවුන්ලෝඩ් කරලා, මිනිස් මොලයටයි, පරිගණකයටයි එකට වැඩ කරන්නත් පුළුවන් දවසකුත් ඒවීලු. (මේ වැඩේ හරි ගියොත් නම් මිනිස්සුඅමරණීය වේවී. සරීරයක් නැති උනත් මොලේ තියෙන හින්දා මිනිස්සුන්ගේ මරණය කියන එක තේරුමක් නැතිව යාවී... අතාත්වික පරිගණක ලෝකයේදී මිනිස්සු තමන් කැමති දේවල් ඒ ආකාරයේන් ලබා ගනිවී..)මේ කියන විදිහට මිනිස් මොලයයි, පරිගණකයයි එකට වැඩ කරන්න ගත්තොත්, කලින්අවුරුදු දහ අටක් ගිය වැඩේ, ඒ කියන්නේ අර පරිගනක ක්‍රියාකාරිත්වය දෙගුණ වෙන්න ගිය කාලේ තවත් අඩු වේවි..ඔහොම අඩු වෙලා... අඩු වෙලා... කවදා හරි දවසක, ඒ කාලේ බින්දුවට අවෝත් , අර කිව්ව පරිණාමය නිර්ණය කරන්න බැරි අනන්තයකට යාවි..ඒ කියන්නේ තත්පරයක් ගත්වෙන්නත් කලින් අපි (පරිගණක් -මිනිස් විඥාණය) හිටියට වඩා දෙගුණයක් ප්‍රබල වැඩි දියුණු පොරවල් වේවි..පරිගනක , යන්ත්‍ර සූත්‍ර මිනිස්සුන්ව පහු කරලා මිනිස්සුන්ව යටත් කර ගන්න චිත්‍රපටි අපි ඕන තරම් බලලා තියෙනවා...මට බලෙන්ම බලන්න සිද්ධ වෙන, අපේ පොඩි එවුන් බලනකාටුන් වලත් මේ වගේ කථා ඕන තරම් තියෙනවා....කොච්චර ප්‍රබන්ධ බලලා, කියවලා තිබ්බත්, ක්ර්ටස් මහත්තයගේ කථාව කියෙව්වම මට පොඩි තිගැස්සීමක් වගේ එකක් ආවා...මුළු කථාවම නැති උනත් ගොඩ දුරට වෙන්න පුළුවන් තත්වයක්....පරිගණක කෘත්‍රිම බුද්ධිය (AI) ගැන සැක පහල කරන ගොඩක් අය කියන දෙයක් තමයි පරිගනක බුද්ධිය ට මිනිස් මොලයේ ඇති 'නිර්මාණශීලීත්වයට' ලඟා වෙන්න බෑ කියන කථාව. ඒත් ලෝක චෙස් ශූරයාව පරද්දන්න වගේම, අගනා සංගීත කණ්ඩ නිපදවන්නත් පරගණක බුද්ධියට පුළුවන් බව අළුත් කථාවක් නෙවෙයි.ඒ මොනා උනත් මිනිස් මොලයක සෛලයක් කරන වැඩේ සිලිකන් කෑල්ලකට කරන්න පුලුවන් කියලා කියන්න මට තියෙන්නේ ලෝභ කමක්.... මිනිස් විඥාණය ඒච්චර ලේසියෙන් ප්‍රතිනිර්මාණය කරන්න බෑ කියලා මට හිතෙනවා...මීට සියවස් ගානකට කලින් තිබ්බ විද්‍යාවේදි ,විඥාණය කියන එක ලොකු දෙයක් හැටියට ගනන් ගත්තේ නෑ....ඒත් පහුගිය දශක කීපයේදී විඥාණය කියන දේනොසලකා ඉන්න බැරි තරමට විඥාණය කියන දේ අපේ නිරීක්ශණ වලට කොච්චර බලපානවද කියලා ගොඩක් දෙනෙක්ට තේරුම් ගිහිල්ලා තියෙනවා.....කර්කස් මහත්තයගේ තර්කයේ මට පේන ලොකුම අඩුව මේ මිනිස් විඥාණය , ඇන්ඩ් නෝ ගේට්ටු වලින් ප්රතිනිර්මානය කරන්න පුලුවන් කියලා හිතන උපකල්පනය තමයි... ඒත් ඒ උපකල්පනය හරි නම්, ඒ මහත්තයා කථා කරන ඊලඟ සිදුවීම් ටික නම් සිදු නොවෙන්න තියෙන්නේ අඩුම අඩු ඉඩක්........පින්තූර:1.com/time/interactive/0,31813,2048601,00.
|
BLOG
|
මම අද මේ කොටසින් කිය දෙන්න යන්නේ කොහොමද අපේ PHP ගෙදර තියෙන දේවල් හොයන්නේ කොහොමද් කියලා.අපි කලින් පොස්ට් එකේ කතා කලා මතක ඇති කොහොමද අපි PHP පාවිච්චි කරලා අපේ Database එකට දා ගන්නේ කියලා . අද බලමු ඒ අපි දා ගත්තු Data කොහොමද අපි View කර ගන්නේ කියලා .සැ:යු :- මම අද එදා කියලා දීපු පොඩි පොඩි දේවල් කියා දෙන්නේ නෑ ඒවා ඔයාලට මතක තියෙන්න ඔනේ ඒ දේවල් මතක කරන්නම්අපි දැන් වැඩේට බහිමුPhpStormඅරගෙන අපි කලින් හදපු Project එකම භාවිතා කරමු ඒProjectඑකේම අලුත් PHP File එකක් හදා ගමු මම ඒකට නම දෙනවාdb_date_view කියලා අවුලක් නෑනේ :Dඒවගෙම් තව File එකක් හදා ගන්න db_view කියලා .හරි දැන් File දෙකම හදා ගෙන ඉවරයිමුලින්මdb_date_viewකියන File එක Open කර ගන්න .මම හිතනවා ඔයාලා ට දැන් HTML පිලිබදව යම් කිසි දැනුමක් ඇති කියලා .php">View My Data </a>දැන් පොඩ්ඩක් ඔයාලගෙ Page එක Run කරලා බලන්න නිකන් කැතයි කැතයි වගේ නේ අපි මේක ටිකක් ලස්සන කර ගමුතාප්පයක් බැදලා පාට ගා ගමු . මෙන්න මේ CSS එක දා ගන්න ඔයාලා කැමති විදිහට මේක වෙනස් කර ගන්න පුලුවන්<style type="text/css"> .php">View My Data </a></div>මතක තියා ගන්න CSS එක දා ගන්නේ <head> Tag එක ඇතුලේ හොදේ. ' : ' . mysql_error());}########### End Database Connection ###################################මේDatabaseConnectionඑක හැම වෙලාවෙම හදන එක අමාරුයිනේ එක නිසා තව ලෙසි ක්‍රමයක් තියෙනවා කත් කියලා දෙන්නම් ඊ ලග දවසේ හොදේ .දැන් තියෙන්නේ MysqlQueryපාවිචි කරලා අපේ දත්ත View කර ගමු .SELECT * FROM user_data**මෙතන user_data කියලා පාවිචි කරලා තියෙන්නේ අපේ Database Table එකේ නම **$my_data = mysql_query("SELECT * FROM user_data");දැන් අපේ දත්ත ටික අපි හදා ගත්තු $my_data කියනvariable එකට ඇවිත් තියෙන්නේ එහෙනම් අපේ වැඩේ ඉවරයි නෙද එහෙනම් echo කරලා බලන්න .අයියෝ අපේ දත්ත ටික වෙනුවට error එකක් ඇවිත් නේද .අපිට අපේ දත්ත ටික Print කරගන්න ඔනේ නම්return වෙන value, array එකකට දාගන්න ඕනි.හොදයි දැන් මෙන්න මෙහෙම කරමු$row = mysql_fetch_array($My_data);**මම මෙතන $row කියලා හදා ගෙන් තියෙන Variable එක ඔයාලට කැමති නම්ක් දා ගන්න පුලුවන් හොදේ**හරි දැන් echo කරලා බලන්න එත් error එක එනවා නෙද . Array කියලා මේකා error එකක් නෙමෙ කියල කියන්න් පුලුවන් මොකද Array එකක් කියන්නේ හරියට ලාච්චුවක් වගේ අපේ ලාච්චුවේ ගොඩක් අයිතමයන් තියෙනවානේ ඒවා අතරින් අපිට එක එක වෙලාවට ඕනේ අයිතමයන් විතරනේ ගන්නේ අන්න ඒ වගේ.Array එකෙන් අපිට ඔනේ ටික විතරක් ගන්න ඔනේ තේරුනාද . දැන් සතුටුයි නේද . මේක ටිකක් ලස්සන කර ගමු නෙද .මුලදි මුලදි නිකන් එපා වෙන ගතියක් එනවා ඒක හරි යනවා ටිකක් පුහුණු වීම් කරන්න සම්පුර්න Code එක මෙන්න බා ගන්නවැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේමොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න.
|
BLOG
|
උදේම නැගිටලාමැසින් එක ඹන් කරලාතරුණ දේශප්රේමියන්රජෙක් හදන්නට පෙලගැසිලාවිරුද්ධ අදහසක් දුටු තැනදේශ අනුරාගයෙන් මත්වකී බොර්ඩ් එක රුගෙනසටන් කරයි මතුරජ බේරා ගැනුමටවිධායක බල තල මොනාද.දහතුන දහ අට මොකක්ද.ඒ ගැන දැනුමක් ඕනැ නැතඅපේෂකයා වෙනුවෙන් සටන් කරනටපවුල මිතුදම් පවා අමතක කරඅපේෂකයා වෙනුවෙන් දිවි කැප කොටසටන් කරනා මේ සයිබර් විරුවන් දැකඇඩෙනව මට තනි ඇහැට වෙන වෙනමදළබුවා‘9.
|
BLOG
|
හැමෝටම ඇහෙන්න දාන්න....ලග නැති අය දැන්ම අර ගන්න...හැමෝටම සුබ වෙසක් සහ පොසොන් පොහොය දිනයක් වේවා........
|
BLOG
|
හොදයි, කාලෙකින් කියලා දෙන්න යන්නේ සුපිරි වැඩ කෑල්ලක්. ලංකාවේ කට්ටිය ගොඩ දෙනෙක් ඩවුන්ලෝඩ් කරන්න භාවිතා කරන Download Manager වැඩසටහන තමා IDM. ලංකාවේ විතරක් නෙවෙයි, මුලු ලෝකෙම මේක හෙන ප්‍රසිද්ධයි. ඒ නිසාම හැකර් (hacker) කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙලා තියෙන්නේ IDM කියන එක ජංජාලේ ඉන්න ගොඩ දෙනෙක් දන්නවා. ලංකාවේ බුවාලා කරනවා වගේ ගූගල් දෙයියගෙන් සර්ච් පාරක් දාලා ටොරන්ටුවෙන් ක්‍රැක් එකත් බාගෙන, බොහොම සන්තෝසෙන් ෆයිල් බාන්න ගියොත් එහෙම අපේ ඔක්කොම පාස්වඩ්, ක්‍රෙඩිට් කාඩ් අංක වගේ ගොඩක් දේවල් හැකර් ලා අතට යන්න පුලුවන්. ඒ නිසා අපි පුලුවන් තරම් Crack කිරීමකින් තොරව සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න ඕන. ඒත් ඉතින් සල්ලි දෙන්න පුලුවන්යැ. එහෙමනේ. අන්න ඒ නිසා තමා මම මේ අද කියලා දෙන ට්‍රික් එක වටින්නේ. මම කියලා දෙන්නේ, ක්‍රැක් නොකර සුපිරියට, IDM එක active කරන හැටි. ඒ විතරක් ඈ, මේක ඕන වර්ශන් එකකට වැඩ.. එහෙනම් ඔන්න වැඩේ පටාආආඅන් ගමු.පියවර 1මුලින්ම IDM අලුත්ම version එක බාගන්න.com/ දැන්, ඔයාලා වින්ඩෝස් ඉන්ස්ටෝල් කරපු drive එකට යන්න. ගිහින් ඒකේ x:\windows\system32\driver\etc\ වලට යන්න.පියවර 2දැන් ඔය hosts කියන file එකේ backup එකක්, ඒ කියන්නේ කොහෙට හරි කොපි කර ගන්න, අවුලක් ගියොත් එහෙම හදාගන්න පුලුවන් නේ.පියවර 3ඊට පස්සේ notepad ඕපන් කරල, etc ෆොල්ඩර් එකේ තියෙන hosts ෆයිල් එක drag කරලා අතහරින්න. (නෝට්පෑඩ් එක උඩට). එතකොට hosts ෆයිල් එක notepad එකෙන් ඕපන් වෙයි.පියවර 4දැන් මේ පහල තියෙන ටික කොපි කරලා ඒකෙ අන්තිමට පේස්ට් කරන්න. (ඔය උඩ තියෙන ස්ක්‍රීන් ශොටේ වගේ)127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com පියවර 5ඊලඟට IDM ඕපන් කරලා, Registration යටතේ (toolbar එකේ) තියෙන Registration ඔප්ශන් එක ක්ලික් කරලා එක බොක්ස් එකේ කැමති නමක් දෙන්න. ඊට පස්සේ key එකට මේ පහල තියෙන key වලින් එකක් දීලා register බටන් එක ක්ලික් කරන්න.*ඊට පස්සේ මැසේජ් එකක් එයි, වින්ඩෝස් වල "important file is damaged, do you want to fix it now." කියලා. ඒකෙදි no බටන් එක ක්ලික් කරන්න.exe එක close කරලා දන්න.පියවර 6 ඊට පස්සේ IDM install කරපු Folder එකට (path එකට යන්න). දැන් එතන තියෙන IDMGrHlp.exe කියන File එක Rename කරන්න. නැත්තම් Delete කරන්න.පියවර 7 ඊට පස්සේ Notepad එක Open කරන්න. මොකුත්ම ටයිප් නොකර Save As ගිහිල්ලා Text එක IDMGrHlp.exe යන නේම් එකෙන් Save කරන්න. (Exe එකක් විදියට). ඊට පස්සේ ඒ අපි හදාගත්ත IDMGrHlp.exe ෆයිල් එක IDM install කරපු folder එක ඇතුලට Move කරන්න. (Cut & Paste කරන්න)එතකොට වැඩේ ගොඩ. IDM Active වගේම block වෙන්නෙත් නෑ. ගින්දර වගේ වැඩ.එහෙනම් මේ වගේ වෙන පෝස්ට් එකකින් හම්බවෙමු. ඔබට ජය.
|
BLOG
|
අද කියන්න යනනේ මේ වෙනකොට සයිබර් අවකාශයේ අපේ කට්ටිය අතරේ තියෙන සංවාදයක් ගැනයි. ඒත තමයි විදේශිය "වැඩිහිටියන්ට පමණයි" හෝ "අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි" කාන්ඩයේ සිනමාපට අපේ රටේ ප්‍රසිද්ධ කිරිම සුදුසුද යන වග.ඒක බෝහෝම සංවේදි වගේම බැරැරුම් මාතෘකාවක් නමුත් කියන්න තියෙන්නේ අපේ රටේ මේ සම්බන්ධයෙන් කෙරුණ සමික්ෂණ බොහොම අඩුයි.කට්ටියක් මේකට විරුද්ධව දක්වන හේතුව තමයි මේ සම්භාව්‍ය හෝ සම්මානනීය චිත්‍රපට වුවත් මෙවායේ අසබි දර්ෂණ ලාංකික ප්රක්ෂකත්වයට නුසුදුසු බව. නමුත් එහෙම තිරනයක් ගන්න කාටද අයිතියක් තියෙන්නේ . අනෙක් ශ්‍රීලංකා පොලිසියේ වාර්ථා අනුව ස්ත්‍රි දුෂණ කල අයගෙන් අති බහුතරය(73%) කෙදිනකවත් අසැබි අනත්ර්ගතයක් නොබැලු අයයි.ඒ අනුව මේවායේන සෘජු හානියක් සාමාජයට ඇතිදැයි සොයැබැලිය යුතුයි.(වෙනත් හානි නැතුවාම නොවෙයි)අනෙක විද්වත් ප්ලේටෝ කියලා තියෙනවා කලා නිර්මාණයක් කිසිදා අපේ ජිවිත වලට බලපෑමක් ඇති නොකරන බව. අන්න එ් කතාවෙන් එක ගැටලුවකට පිලිතුරක් ලැබුනත් තවත් ප්‍රශ්ණයක් පැනනැගෙනවා . ඒසේ නම් මේ කලා කෘති නිර්මාණය කරන්නේ කුමකටද කියන එක. ඇත්තටම සාස්තර පුංචාට හිතෙන විදිහට නම් කලාකරුවාද යම් මායාවක පැටලි ඉන්නේ . මොකද ඔවුන් සිතනවා ඔවුන් දකින්නේ මිනිස් ජිවිතවල සැබෑ යතාර්ථය බව. ඒක නිසා ඔවුන් සමාජයේ සැගවිගිය සමහර කාරණා සමාජය ඉදිරියටගේන්න උත්සහාකරනවා . නමුත් ඇත්තනම් මේ සියල්ලම එකිනෙකා විසින් මවාගන්නාලද මතිමතාන්තර බවයි. උදාහරනයකට කලකට පෙර අපේ රටේ භික්ෂුන් වහන්සේලාගේෙලෟකික ජිවිත අලලා චිත්‍රපට බිහිවුවා නමුත් ඒවා සියල්ලම අදාල නිර්මාණකරුවන්ගේ හුදු කල්පිතයන් පමනයි.(යම් සිදුවිම් සත්‍ය වියහැකියි)ලෝක සිනමාවේ විචාරක ප්‍රසාදයට පත්වු බෝහෝසිනමා පට තුල මිනිසාගේ අභ්‍යන්තර මානසිකත්වය පිලිබද කතාකරනවා.අවාසනාවකට අපේ රටේ අය මේ සිනමාපට වල අසැබි දර්ෂණ අල්ලාගෙන මුළුසලරුවම නිර්ධය ලෙස විවේචනය කරනවා .නමුත් මොහොතකට සිතා බලන්න ඇත්තටම අපි අන්තගාමි විය යුතුද.කුඩා දරුවාටත් අන්තරජාලයට පිවිසෙන් පුළුවන් නිසා මෙවැනි චිත්‍රපට ජනප්‍රිව වෙබ් අඩවි තුලින් පලකිරිම නුසුදුසුද. දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දෙන්න බැරිවු නිසා ඔවුන් නොමග යෑම නිසා තවකෙනෙකුගේ රසවින්දනයට බාධාකිරිම කොතරම් ප්රජාතන්ත්රවාදිද . සිතන්න ඔබත් මේ ගැන.
|
BLOG
|
උපන්නේ කොයිබින්දඅමතකව ගිය හිතකපාවෙනව ඇර දුරකඅරමුණක් තිබුනෙහිදහමායනවිට අහකදුර කියා හිතු දුරකනොකමැතිය නවතින්නනන් සුවඳ මුහුම් කොටසකිය මා පෙර භවයසුළඟක්ය ටක්කෙටමමැරුණමත් නලෙක් මිසඅන් පණක් මට කොහිදභවයක්ම සොයාගොස්තෝරාපු හොඳම තැනමම මැරී ඇද වැටෙමිපතා මද මුදු ඉසිඹුසුළි සුළං පැල නොවනමා මැරෙන හරිම තැනදැන උන්නු හැම ඇවිත්බුම්මාන සේ ඉන්නනොසොයන්න පොළව යටසකිය මා එහි නොමැතබර සුසුම් ලිහා දාමා දුරක් ගොස් ඇතිය.
|
BLOG
|
සමාවෙනවාදෝ හැර ගියත් මා එදා...අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා..//මතකද අපි පෙර දිනකදී ආදරේ කළා..ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා..//හඬනා නෙතු ඔබේ - නොබලා මම ගියේ..බොහෝ දුකක් මගේ - තියාගෙනයි හිතේ..තියාගෙනයි හිතේ..පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා..මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා..තැවෙනා හිත මගේ - ඔබමයි විමසුවේ..දුරස්වෙලා ගියේ - කියන්න ඇයි මෙසේ..කියන්න ඇයි මෙසේ..සමාවෙනවාදෝ...ගායනය : සුරේන්ද්‍ර පෙරේරාපද රචනය : සජිත් වී. චතුරංගසංගීතය : රධීශ් වැන්දබෝනාවීඩියෝව ගත්තෙ මෙතනින් - srilankabestmusic.
|
BLOG
|
මා නෙතු අඳුරේ දුටුවා දහසක් රැස් හිරුගේහිරු සඳු නොව තරු නෙතු උයනයි නුඹගෙආදරේ මියැසිය කැටි කරගත් ජීවිත ගඟුලේඋණුසුම් සුසුම් අතරේ ගෙවුනා කාලය බාලේ...දුක් ගිනි නෑ කිසි දිනකදි සිත දුටුවේදුක් ගිනි කිමැකැයි නුඹ තනියම දන්නේකුස ගිනි නෑ කිසි දිනකදි මා දැවුනේනුඹ පමණයි එහි අරුමය දැක්කේ...ජීවිතේ කියා දී ජීවිතේ දුන්නේ නුඹ මටයන්නට මේ මග අත්වැල වූයේ නුඹ මටහඬනා දා ලොවක් හැඬ වූ සෙනෙහෙ නුඹයන්නට නුඹට කලින් මට වරයක් දුන මැන.
|
BLOG
|
මුහුණට මුහුණ හිඳ හසරැලි සිරි වින්ඳසියුමැලි ඇඟිලි තුඩු මා හද පිරිමැද්දකාටත් හොරෙන් මට මල් හී සර විද්දමිතුරිය නුබට ලං වනු බෑ දුක නැද්දහිමිකම් කියයි මලකට මා පෙර සිටමනුබටත් මගේ හදවත පුද දෙනු කොහොමදුම්රිය පලින් බැස සමුගෙන යන විටමනුබගේ මතක හැර යන්නට සිතුවෙ මමඑනමුදු තවම සිහි වෙයි නුබගේ උවනනුබ හඬ රැගෙන එයි හමනා විට පවනහදවත තබා පසෙකින් මෙහෙවා නුවනපතනෙමි ලෙසට කිසිදා යලි හමු නොවන.
|
BLOG
|
පසුගිය දිනක කොළඹ යම් ස්ථානයක මානව අයිතිවාසිකම් සම්මාන උත්සවයක් තිබුණා (2014). හොදක් කරලා තියෙනවනම් අනිවාර්යෙන්ම සම්මානයට පාත්‍ර වියයුතුයි. නමුත් මේ සම්මාන ගත්ත සමහර අය රටේ මානව අයිතීන් රැකුමට කළදේ මොනවාද. යන්නත් කිව්වනම් කොච්චර වටිනවද.(දන්නා කවුරු හරි මේ හේතු දන්නවනම් කරුණාවෙන් අපිටත් ලියා දන්වන්න.) තරහින් කියන දෙයක් නෙවේ මානව අයිතිවාසිකම් සම්මාන අරන් ෆොටෝ සිය ගණන් ගහල ෆේස්බුක් එකේ දැම්මට සම්මා ගන්න තරම් මේ ය කලේ මොනවද කියල මට සැකයි. පුදුමයි මානව දයාව පතුරන තවත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අයට ලැබුණු සම්මනයක්නම් නැහැ.තව ගොඩක් මානව හිමිකම් සුරැකීමේ සම්මානයට පාත්‍ර වියයුත්තෝ ඉන්නවා. නමුත් ඔව්න් සැමදාම නිහඩ සේවයක් කරන්නේ. ඇයි ඒවා සමහර මාධ්‍ය ආයතනවලට , සමාජ ක්‍රියාකාරීන්ට , රාජ්‍යනොවන සංවිධාන වලට නොපෙනෙන්නේ. සම්මාන දෙනවනම් මිනිස්සු තව කොච්චර ඉන්නවද මේ රටේ සම්මානනීය අය. මේකියන සම්මාන උළෙලෙත් අපිට පසක් උනේ මාර්කට් කරන්න බැරි මිනිසුන්ට සම්මාන දීමෙන් වැඩක් නැහැ කියන අඥාන රීතිය/නීතිය නැවත සිහි කැඳවීමක් පමණක් යයි මම සිතමි.මානව සම්ම්මාන යන්නෙත් මානව අයිතීන් රැකපු මිනිසුන්ට වඩා ජනමාද්‍ය තුල නට නට ඉන්න නිළියන්ට නළුවන්ටද.මම 5 දෙනෙක්ගේ නම් කියනවා ඇත්තටම මානව හිමිකම් සම්මානයක් ලංකාවේ ලැබියයුතු. හිතල බලන සේක්වා.(මේ සමහර අයත් ජනප්‍රිය තමා නමුත් ඇත්තටටම වැඩක් කරලා තියෙන අය). සුනිල් මාදව ප්‍රේමතිලක.(සාහිත්‍ය හරහා කළ කී දේ)එඩ්වර්ඩ් ජයකොඩි (සාහිත්‍ය හා ගායනය.)හසන්ත හෙට්ටිආරච්චි.(මම දොරමඩලාවේ ලොකු රසිකයෙක් නෙවේ නමුත් එකෙන් සමාජයේ කොච්චර අයිතිවාසිකම් ගැන කතා වී ඇතිද.)දරණාගම කුසල ධම්ම (මම ආගම පටලවා ගත්ත කියන්න එපා. මම බුද්ධාගමේ කෙනෙක් නිසා මේ නම යෝජනා කලේ. හැබැයි අගරදගුරු තුමත් හොඳ මිනිසෙක්. යෝජනා කලයුතු කෙනෙක්)මොහාන් සමරනායක(ලංකාව,ලංකාවේ මිනිස්සුන්ගේ අයිතීන් හා සුබසෙතවෙනුවෙන් මානව වර්ගයේ යහ පැවැත්ම වෙනුවෙන් වැඩකරපු පුදුම අවංක නිවුණු මිනිසෙක්)ඇත්තටම කියන්නම් තව නම් කී නොකී ගොඩක් අය ඉන්නවා. මීට වඩා සේවාවන් කළ මිනිසුනුත් ඇති.(මම දන්නා තරමින් ආරක්ෂක හමුදාවකට කවදාවත් මේවගේ සම්මාන දෙන්නේ නැහැ. නමුත් ලංකාවේ හමුදාවේ මහා උත්තමයෝ යුද්දයේ අවසන් අවුරුදු දෙක තුල ජීවිත 6500 පමණ පරිත්‍යාග කර, ලොව විශාලතම ත්‍රස්තවාදයෙන් දුකට පත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම අති සාර්ථකව නිමකළ බව මතකද. ගුණ නොගැයූ මානව හිතවාදීන් පිරිසක් නොවේද. සමහර හමුදා විරුවන්ගේ මළ දේහයවත් හමු වී නැහැ.) මානව හිමිකම් සම්මාන ගත්ත අයට මානව හිමිකම් ගැන අවම වශයෙන් පාටමලාවකට නිදහස් ශිෂ්‍යත්වයක් වත් දුන්නනම් කියල සිතෙනවා. මොකද මේ සම්මාන ගත්ත සමහරුන් වැඩිපුර කරලා තියෙන්නේ අඩනිරුවත් රංගන කිරීම පමණක් නිසා. වීරයන්, සම්මනනියයන්, නායකයන්, තෝරන විට අපි මිට වඩා හිතන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. ඔය සමහර සම්මාන ගත්ත අයට වඩා යාපනේ බිම්බෝම්බ ගලවන තවම විවහයක්වත් කරගත්තේ නැති අහිංසක මනවහිතවාදීන් කියක් ඉන්නවද. මේවා තරහින්,මඩ ගහන්න, චරිත ඝාතනයට කියන දේවල් නෙවේ. හිතේ වේදනාවට කියන දේවල්.කිලිනොච්චි ඉදිරි ආරක්ෂක වළල්ල බින්දහෙලිමේ ,එහෙයුමේදී දිවි පිදුවන් පහත දැක්වේ. මේවා කලේ කවුරුන් වෙනුවෙන්ද.. (ඔබලාට මොවුන් ගැන මතකයක් තිබේද.)මේ මිනිස්සු මෙහෙම වැටිලා පොලව බදාගෙන, පස ඉඹගෙන, අවසන් හුස්ම ඇරියේ උඹල අපේ මනවහිමිකමක් වෙච්ච නිදහසේ ජීවත්වීමේ අයිතිය රකින්න. මේ වගේ ලාභ,බාල, නිසි තේරීමක් නැතුව දීපු සම්මාන වලට වඩා වටිනා විදියේ සම්මාන වලින් අපේ සබැ මානව හිතවාදීන් අගයිමට ලක්වේවා. ඉන් තවත් අපේ පරපුර දිරිමත් වේවා. යයි පතමි.
|
BLOG
|
4pt 0in 5.0pt; font-family:"Calibri",sans-serif; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:AR-SA;}ගයනු මැන වස්දඬුව දී මා අතටඅජරාමරබව රැඳී ඇත ගීයකඅප නැසී ගිය පසුව වුවවැලපේය වස්දඬු රාවයගලන දියපහරවල් දිගේ ගොස්ගිරි ශිඛර මත නැගුණු මා මෙන්සරණ සෙව්වෙහිද ඔබහුදෙකලා වන අරණක.සුමිහිරි විලවුනක ගිලී ගොස්එළියකින් ගත වියළුවෙහිද කිසි දිනෙකබිව්වෙහිද හිමිදිරිය මිදි පැනක් මෙන්බහා ද්‍රවමය කුසලානවල.ගයනු මැන වස්දඬුව දී මා අතටගීය යනු අනගිතම යැදුමකියජීවිතය නැතිව ගිය පසුව වුවවැලපේය වස්දඬු රාවයරන්වන් පහන් පොකුරෙන් ගැවසිමිදිවැල් අතර හිඳගත කළෙහිද කිසි කලෙකසවස්වරුවක් ඔබ .අමතක කොට ගෙවුණු කලනොසිතමින් හෙටක් ගැනනිදිගත්තෙහිද ඔබ රැයකඑලාලූ තණ පලස මතමුළු අවකාශයමපොරෝණාවක් කොට.ගයනු මැන වස්දඬුව දී මා අතටගී නද පසිඳලයි යුක්තිය හදවතටසියලුම වරදවල් අහෝසිව ගිය පසුවවැලපේය වස්දඬු රාවයගයනු මැන වස්දඬුව දී මා අතටඅමතක කොට රෝ බියද පිළියමදදුර්වලව දිවි ගෙවන මිනිසාසෙමින් මිය යනු ඇතමන්දයත්,මිනිසුන් වනාහි වෙනයම් දෙයක් නොවදිය මත කුරුටු ගෑ ඉරි ටිකක් පමණකියමකුළු දැල නිර්මිත හුයවල් පමණකියවන අරණ වනාහී දිවියේ නිවහනයමා අතේ ඉතිරි දින විසුරුවන්නේ එහියඒ ගැන තීරණය කාලය සතුව ඇතවන අරණට ඇදෙන මා සිත වලක්වයි කාලය දෛවයේ ගමන් මග දිරියෙන් අනූනයඑනමුදු මිනිස් අරමුණු ඊටත් සවිමත්ය-- ඛලීල් ජිබ්රාන් (1883-1931).
|
BLOG
|
හඹා එන මරණයේ සිව්වන කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන තමයි අද ආවේ.පසුගිය කොටසේ කතාව ගැන කියනවා නම් ග්ලෙන්ට මැගීව හම්බුනා එයුජින් ඒබ්‍රහම් ඇතුලු පිරිසගෙ උදව්වෙන්,ඒත් ඔවුන්ට උදව් කරන්න පෙලඹුවේ එයුජින්.හැම තැනම දක්වලා තියෙන ටර්මිනස් එසේත් නැත්නම් නැවතුම්පොල සොයා ඔවුන් ගමන් කරනවා,එතන හිටිය ගැහැණු කෙනෙක් ඔවුන්ව සාදරයෙන් පිලිගන්නවා,අද කොටසේ රික් ඇතුලු පිරිසට කරදර කිහිපයකටම මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම මේ හැම තැනම් පුවරු වල දක්වලා තියෙන නැවතුම්පොල ගැන වැඩි විස්තරත් කතාමාලාවේ අවසන් කොටසින් එනම් අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.එහෙනම් සයමසක් පුරාවට IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.7/10 වැනි ඉහළ අගයක් ලබාගත් හඹා එන මරණයත් සමග රැදී සිටි ඔබට ස්තූතියි.සිංහල උපසිරැසි මෙතනින් ගන්න350MB Torrent File180MB Torrent File150MB Direct Link.
|
BLOG
|
හෙට බුදුන් උපන් වෙසක් මාසයේ 18 වනදා. සුවහසක් ලාංකීය ගැහැණුන්ගේ තම වීරත්වයේ පිරිමි පුලුට වෙනුවෙන් මහමෙරකට වැඟුරූ කඳුලු දූරින්භූත වූ පමණක් නොව, සුවහසක් ලාංකීය පිරිමින්ගේ පූජනීයත්වයේ සංඛේතය වූ අදරනීය ගැහැණුන් වෙනුවෙන් පිපී නොතිබුණු රෝස පොහොට්ටු පිපී දෙපා මුල පූජා කල කඳුලු සමඟින් සිනහව සටන් කරමින් අපේ මුව හැඩ කල වන්දනීය දවස.
|
BLOG
|
ඔන්න හුඟක් දවසකින් නෝටියා ආවා බ්ලොග් එක පැත්තේ. කලින් පෝස්ට් එකෙන් ඉල්ලන් කාලා (ඔන්න නොබලපු අය බලලා ගල් මුල් ප්‍රහාර එල්ල කොරන්ටකෝ) සති දෙකකට විතර පස්සේ. (හිකිස් :D )ඔන්න ඔහොමයි කියමුකෝ කතන්දරේ.ඉතිං ඔව්වා මෙව්වා වෙනකොට හිතෙන්නේ ජීවිතේ කියන්නේ .ඔන්න නෝටියා නම් හිතන්නේ මෙන්න මේ විදියට...* භාගයක් පිරිච්ච බෝතලයක් කියලා* භාගයක් හිස් බෝතලයක් කියලා (මෙහෙමත් හිතෙනවා වෙලාවකට නම්, මොකද හැම වෙලාවකම සර්ව සුභවාදී වෙන්නත් අමාරුයි නෝටියාටනම්)එක එකා ජීවිතේ ගැන හිතන්නේ එක එක විදියට නේ.අනේ ඉතිං නෝටියා එහෙම හිතුවට හැමොන්ම එහෙම හිතන්නේ නෑ නේ.මෙන්න මෙයාහිතන විදියත් එල. මෙයා ඉපදිලා තියෙන්නේ නම්1758 කොල්ලුපිටියේ මිලාගිරි පල්ලියේදී.බෞතීස්ම කල නම නම්දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා. (හැබැයි ප්‍රසිද්ධ උනේ නම්ගජමන් නෝනාකියන නමින්)ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්කඳුලැලි බිදක් හසරැලි පොදක්එකට එක් වූ විට දැනේපෙර නොවිදි රසයක්…..පසුපසින් හඹා එන අතවරහැරදමා යා නොහැක බෝ දුරදුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනාහැඟුම් අවදිව නැගේ තනිකමජීවිතය කවියක්…….සෙනෙහසින් රැදී උන් නෙක දනපලා යයි නොකියාම ඈතටපවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේකවුරු නම් ලං වේද තනියටජීවිතේ කවියක්…….මෙන්න සින්දුව.අහලාම බලන්ටකෝ.
|
BLOG
|
පරිනත වේවි අපි තව වසරකින් හෙටමොහොතක් අරන්, ගිය වසරේ විටින් විට"ලද දුක සතුට ජය පැරදුම තුලින් මට"ලද හැකි ඔවා වේදැයි සිහි කරන්නටඒ හැම දෙයින් සවිමත් වී නැගෙන්නේහද තුල නැවුම් පැතුමන් පුබුදුවන්නේඒවා සපල වන්නට වැඩ කරන්නේඑලඹෙන වසර සුභ වෙන්නයි පතන්නේඋදාවෙන 2014 ඔබ සැමගේ සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා.
|
BLOG
|
ගහගෙන ගිය සරම හෑගොඩ කවියාගේසිහිවෙනවා මාතර දුක දැක්කාමකළසම් ඇඳන් ඉන්නා උන් කාළගුණේහෙළුවෙන් වරෙන් ගංවතුරේ පීනන්නඉන්දිය කාළගුණෙ වෝනින් අපට දෙතිඅපේ හරක් පච කෙල කෙල බත් බුදිතිසන්නාහක සවිකර ඇත බේරෙන්නඑවත් පුච්චගෙන වැදියන් මුන්ට හෙන.
|
BLOG
|
වෙබ් සයිට් එකේ ඇඩ්සෙන්ස් දාල තියෙනව සිංහල යුනිකෝඩ් එක්ක.ඒහෙම දාන හැටි දන්න අය ඉන්නවද. සිංහල යුනිකෝඩ් වලින් සයිට් එකක් තිබ්බොත් ඒකේ ඇඩ්සෙන්ස් පෙන්නන්නෙ නෑ.
|
BLOG
|
ලෝකය සමග රට පෙරටම ගෙනයන්නඅළුතෙන් සිතා අළුතෙන් දේ නිපදන්නහෙට දින හැදෙන නව ලෝකය ජයගන්නමනුසත් දියුණුවට විද්‍යා කරකන්නඅළුත් දෙයක් තනමින් ලොව ජයගන්නඅනාගතේ ලොව වෙනසට ගෙනයන්නකරනා විටදි තව මොහොතක් සිතමින්නසොබාදහම හැමදාටම රැකගන්න.
|
BLOG
|
ලෝකයේ පෙරලියක් ඇතිකල විශිෂ්ඨ නිෂ්පාදනයකි portable apps.මෘදුකාංග ස්ථාපනය කරගත්විට එය මුල් බැස ගන්නා නිසා එහි copy එකකින් තවත් පරිගණකයක ක්‍රියාත්මක කල නොහැකි තත්වයක් පැවතුණි.මේ නිසාම ලැප්ටොප් භාවිතයට විශෘල මුදලක් වැයකල අය කොපමණ ඇත්ද.අප තැනින් තැනට යද්දී අදාල පරිගණකයේ අපට අවශ්‍ය මෘදුකාංගය නොමැතිනම් අප අසරණ වන අවස්ථා එමටය.ඒ සදහා හොදම විසදුමwww.com/ අඩවිය මගින් ලබාදී ඇත.ඔබට කරන්නට තිබෙන්නෙ මෙම වෙබ් අඩවියට ගොස් ඔබට අවශ්‍ය මෘදුකාංග එකතුවක් වශයෙන් හෝ වෙන වෙනම බාගත කරගෙන Install කිරීම පමණයි.මෙය Install කර ගත්තාට පසු Flash Drive එක පරිගණකයට සම්බන්ධ කරන සෑම විටම Start Menu එකකින් අවශ්‍ය මෘදුකාංග පෙන්වන නිසා වැඩකිරීමේදීද ඉතා පහසුය.එම මෙනුව පහත ලින්ක් එකෙන් බා ගන්නhttp://downloads.0.1.exeඑහි අලුත්ම Version එක ලබාගැනීමට නම්මෙතනින් යන්නhttp://portableapps.com/downloadඊට අමතරව අපට අවශ්‍ය වන අදාල මෘදකාංග විශාල පුමාණයක් පහත ලින්ක් එකේ ඇති අතර ඒව බොහොමයක් 100%ක් නොමිලේ ලබාදීමද විශේෂත්වයකි. ස්තූතියිඔවුන් සම්බන්ධ කරගත හැකි ආකාර.
|
BLOG
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.