comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
#SLAmuMirisChallengeපහුගිය වකවානුව පුරා ලංකාවේ මෙන්ම ලෝකයේ ජනප්‍රිය වුන සුභ සාධක වැඩසටහනක් තමයි චාලක නියුරෝන රෝගීන් වෙනුවේ ALS සංවිධානය විසින් දියත් කරපු #IceBucketChallenge වැඩසටහන කියන්නේ.අපි හැමෝම දන්නවා උතුරු හා උතුරු මැද පලාත් වල ස්වාභාවික ජලයේ තිබෙන කැල්සියම් ප්‍රමාණයේ ඉහල නිසා එම ප්‍රදේශවලින් වාර්තා වන දන්ත හා වකුගඩු රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහල යනවා. එසේම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර සහා ඖෂධ වෙනුවෙන් වැයකරන්න වෙන මුදල් ප්‍රමාණය ද අති විශාලයි. බහුතර ගොවි ජනතාවට එවැනි වියදමක් දරන්න තිබෙන නොහැකියාව ඔබ හොඳාකාරවම දන්නවා.ඔවුන්ට ශක්තියක් වෙන්න සයිබර් අවකාශයේ රසික නානායක්කාර ඇතුළු පිරිස දියත් කර තිබෙන #SLAmuMirisChallenge එක ගැනයි අපි කියන්න යන්නේ.සයිබර් අවකාශය ෆෙස්බුක් ටුවීටරය ගූගල්+ යු-ටියුබ් මේ සියල්ලේ සිටින සියළු මිතුරන්ගේ උදව්ව බලාපොරොත්තුවෙන් මේ අභියෝගය ක්‍රියාත්මක කරනවා. කරන්න තිබෙන්න අමු මිිරිස් කරල් 3ක් කෑම පමණයි. ඒසේ කන පුද්ගලයා තවත් පුද්ගලයින් 3නෙකුට අභියෝග කරන්න අවස්ථාව උදාකරගන්න අතරම #SLAmuMirisChallenge අරමුදලට රු100/-ක් බැරකල යුතු වෙනවා. පැය 24 ක් ඇතුලත අනිත් පුද්ගලයින් තිදෙනා අමු මිරිස් කෑ යුතු වන අතර නොහැකි වන්නන් #SLAmuMirisChallenge අරමුදලට රු1000/-ක් බැරකල යුතු වෙනවාඔවුන් මේ එක්රැස් කරන අරමුදල ලබා දෙන්නේ පොළොන්නරුව මූලික රෝහලට. ඒකට හේතුව වකුගඩු රෝගීන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරපු වෛද්‍ය ඒකක තියෙන්නේ පොළොන්නරුව මූලික රෝහලේ.අරමුදලෙන් පොළොන්නරුව මූලික රොහලට වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් (රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්) ඔවුන්ට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෙන වියදම ආසන්න වශයෙන් රුපියල් මිලියන 03ක්. රුපියල් ලක්ෂ 30ක්. මේ රුපියල් ලක්ෂ 30 ඉලක්කයට #SLAmumirisChallenge ව්‍යාපෘතිය තුළින් ඔවුන් ගමන් කරන්න බලා පොරොත්තු වෙනවා.අභියෝගය ගැන අපිට විස්තර කරන එහි මුලාරම්භක සාමාජික රසික නානායක්කාර#SLAmuMirisChallenge Invitation By Rasika Nanayakkara by Buzzradio Sri Lanka on Mixcloudරසික නානායක්කාර අභියෝගය ආරම්භ කරමින්BANK DETAILS හා තැන්පත් කිරීමේ උපදෙස්SL AID නම යටතේ, සම්පත් බැංකුවේ කොළඹ සුපිරි ශාඛාවේ ගිණුම් අංක 117 561 000 881 ට, දැන් ඔබට මුදල් ආධාර බැර කළ හැකියි..ආධාර ලබාදීමේදී අනිවාර්යයෙන්ම, අනිවාර්යයෙන්ම සහ අනිවාර්යයෙන්ම පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස සියලුම සහෘදයන්ගෙන් කාරුණිකව ඔවුන් ඉල්ලා සිටිනවා...1. බැංකුව, ගිණුම් අංකය සහ ශාඛාව නිවැරදිදැයි දෙවරක් පරීක්ෂා කරන්න. ගිණුම් අංකය සහ SL AID යන නම ගැළපේදැයි නැවත බලන්න.2. සියලු මුදල් බැරකිරීම් වලදී ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කරන්න.3. සියලු මුදල් බැරකිරීම් වලින් අනතුරුව, මෙම කණ්ඩායමේ ඇඩ්මින් වරයකු හට පුද්ගලික මෙසේජයක් ලබාදී කළ මුදල සහ දිනය දැනුම්දෙන්න.මේ සියලු උපදෙස් ඔබෙත් අපෙත් වටිනා කාලය, ධනය සහ ඒ සියල්ලට වඩා වටිනා විශ්වාසය සහ හොඳහිත ආරක්ෂා කරගැන්ම පිණිසම බව කරුණාවෙන් සිහිපත් කරන්න.ස්තුතියි.අපේ වැඩක් ලංකාවේ වකුගඩු රෝගීන්ගේ සුභ සාධනය වෙනුවෙන් කරන මේ වැඩේට බස් රේඩියෝ කණ්ඩායම සිය උපරිම සහයෝගය ලබාදෙන්න කටයුතු කරනවා.තොරතුරු දැනගන්න කථා කරන්න පහත අංක වලටරසික නානායක්කාර - 0718 252 735අනුරාධ සේනානායක - 0772 303 727චමීර දෙද්දූවගේ - 0772 341 585වැඩි විස්තර සඳහාමිතුරු පිටුව - #SLAmuMirisChallengeෆෙස්බුක් සමූහය - SL Amu Miris Challenge Group.
BLOG
අපේ ඉස්කෝලෙ ඉස්සර ලොකු කොස් ගස් දෙකක් තිබ්බ.... හරියටම තුනේ පන්ති පේලිය ඉස්සරහා.. එතකොට පහේ පන්ති පේලිය පැත්තකින්... අනිත් පැත්තෙන් බුදු මැදුර... කොස් ගස් දෙකට ඉස්සරහින් තිබ්බෙ වතුර මලක් එක්ක පොඩි පොකුණක්...කොස් ගස් දෙක කොච්චර ලොකුද කියල කියන්න මට මතකයක් නැත්තෙ මං කවදාවත් ඒ ගස් වල මුදුන දැකලා නැති හින්ද... හැබැයි පොළවෙන් උඩට ඇවිල්ල තිබ්බ ඒ කොස් ගස් වල සමහර මුල් මගේ ඉණ ගාවට විතර තිබ්බ... මගේ ඔලුවෙ ගෑවෙන හරියෙ විතර කොස් ගෙඩි තිබ්බ...පහේ පන්තියෙදි මං හැමදාම පන්ති පෝළිමේ අන්තිමයට කලින් එකා... මට පස්සෙන් පබයිය... එයාට පබයිය කිව්වෙ පබා කියන එයාගේ නම අපේ කටට එච්චර හරිගියෙ නති හින්ද.. අනිත් එක පන්තියෙ උසම එකා හින්ද... රැස්වීමට පිට්ටනියට යන එක මට මහ එපා කරපු වැඩක් වෙල තිබ්බෙ.. හැමදාම අව්වම හරියෙ ඉන්න වෙන්නෙ මට... කලන්තෙ දාන පුරුද්දක් තිබ්බෙ නැති හින්ද හැමදාම අව්ව දරාගෙන පැයක් විතර ඔය පෝළිමේ අන්තිමට හිටගෙන ඉන්න උනා මට... පහේ පන්තියෙදිත් අපේ සෙල්ලම් කිරිල්ලෙ මුල් තැන ගත්තෙ ඔය කොස් මුල් අස්සෙ කරන හැංගිමුත්තං සෙල්ලම තමයි... අපි තුන් හතර දෙනෙක්ට ඔය ගහේ එක පැත්තක හැංගිලා ඉන්න පුළුවන්කම තිබ්බ...පස්සෙ කාලෙක සුදු වැද්ද පොත කියවන කොට හෑන්ස් ගස් දෙකක අතු අල්ල අල්ල ව්‍යායාම කරනව බලං ඉන්න ගැස්පයි එඩ්මන්ටුයි මං හිතේ මවා ගත්තෙ ඔය ගස් දෙකත් එක්ක...ප/ලි :දැං මාසෙකට කලින් පහුගිය අවුරුදු තුනට පස්වෙනි පාරටත් ගෙවල් මාරු කරන්න සිද්ධ උන නිසා බ්ලොග් එක පැත්තකින් තියන්න උනා... කියවන්නවත් හම්බුනේ නෑ හරියකට.. ඩයලොග් ලෙඩේ හින්ද එක පැත්තකින් බ්ලොග් බැලිල්ල එපා උනා... අන්තිමට බිල් ගෙවන්නෙ නැතුව ඉඳලා නෙට් කනෙක්ෂන් එකත් කපලා දැම්ම ඩයලොග් ගොයිය...ඇත්තටම කිව්වොත් කියවන්න හිතෙන තරං හිතට අල්ලන බ්ලොග් පෝස්ට් දෙක තුනක් විතරයි තිබ්බෙ.. හැමෝටම රයිටර්ස් බ්ලොක් ඇවිල්ලද මන්ද... ආයිත් පටං ගන්නෝනෙ බ්ලොග් හන්ටින් යන්න... හි හි..අලුත් ගෙදර මං වැඩ කරන තැන ඉඳල බැලුවම ජනේලෙන් එළියෙ තියෙන්නෙ පොඩි කොස් ගහක්... අපේ ඉස්කෝලෙ කොස් ගස් මතක් උනේ ඒ හින්ද... මං මේ කල්පනා කරන්නෙ මට කොස් වලින් අඩුපාඩුවක් නැත්තෙ මං මහ කම්මැලියෙක් හින්දමද කියල... හි හි...ප/ප/ලි :කොස් ගස් දෙක ගැන කලින් ලිව්ව වගේ මතකයක් තිබ්බ හින්ද පොඩ්ඩක් බැලුවම අපේ කොස් කෑම පෝස්ට් එකේ ඒ කෑල්ල ලියවිලා නෑ.. ඒත් ඒ පෝස්ට් එකේ කමෙන්ට් ටික දැක්කම දැං ගිහින් කොස් ගෙඩියක් හොයන් ඇවිත් කෑමක් හදන්න හිතෙනව... ( මගෙ කම්මැලිකම තමයි කේස් එක... හි හි).
BLOG
1.0.0.0.......0.0.
BLOG
පසුගිය කොටස්..12345678910විශ්මිත් විරංගත් ඉරිදා උදෑසනින් පැල්මඩුල්ල නගරය කරා යෑමට නිවිතිගලින් බසයකට ගොඩවී තිරිවානකැටිය හන්දියෙන් බැසගත්තෝය."ඔයා උදේට කාලද ." විරංග විශ්මිගෙන් ඇසුවේ මොනවා හෝ බඩට දමාගන්නට උවමනා වී තිබුණ නිසාවෙනි."ඔයාට බඩගිනී නේද.මාත් අම්මගේ වදේට තේ එක යන්තම් බීපු ගමන්""මොනාහරි කමු...යං " විරංග කීවේ "රුසිරු" අවන්හල පැත්තට ඇවිද යමින්.පුංචි අවන්හලේ කොනක තිබූ මේසයක අසුන්ගත් දෙපල කට්ට සම්බල් සමග උණු උණු ආප්පත්,බිත්තර ආප්පත් රස විඳිමින් උන්නෝය."දිලංකලගේ ගෙදරත් යනවද ...." විශ්මි ඇසීය"නෑ ....දිලංකයත් හසිනිලගේ ගෙදරට ඒවි..""හ්ම්ම්...." උණු කෝපි කෝප්පයක් තොලගාමින් උන් විශ්මිට අහම්බෙන් මෙන් යාබද අසුනේ උන් තරුණයා දෙස බැලුණි.විරංගට සමාන්තරව යාබද මේසයේ අසුනක උන් ඔහුගේ දෙනෙත විශ්මිගේ දෙනෙත හා ගැටුනේ ඇසිල්ලකිනි.හදවතට දැනුන අමුතු ,වෙනස් හැගීමක් එක්ක ඇය, ඇයට දැනුණ මහා අපහසුතාවයකින් මිදෙන්නට බොහෝ වෑයම් කලාය.නැවත ඒ දෙස දෑස් යොමු නොකරවා ගන්නට ඇය වග බලා ගත්තේ තම සිතට තරවටු කරගනිමිනි."මොකද මැඩම් ...කොෆී කප් එක දිහා බලාගෙන භාවනා කරනවද." විරංග ඇසුවේ දඟකාර විශ්මිගේ නිහඬ බව නිසාය."නෑ ....ඔයා බීලා ඉවර වෙනකම් හිටියේ..."අවන්හලේ බිල ගෙවූ විරංග විශ්මිත් සමග ඉන් පිට වෙන්නට සැරසුණි.තවත් වරක් හැරී ඔහු දෙස බලන්නට සිත් වු නමුත් විශ්මි ඔහුගේ සොඳුරු සිනහව හිතේ ඇඳගනිමින් පිටව ගියේ ඔහු දෙස නොබලාමය.තිරිවානකැටියේ සිට පැල්මඩුල්ලට යන තෙක්ම විශ්මිත් විරංගත් අතර වැඩි කතා බහක් නොවීය."මේ නිහඬ බව බිඳින්න - තව මොනවහරි කියන්න"විරංග කීවේ විශ්මි බසය තුළ කතාවක් නැතිව වීදුරුවෙන් එපිට බලා යන විටකය.සිනාසුන විශ්මි කතාවකට මුල පිරීය ."ඔයාට මතකද අර රුසිරු එකේ හිටපු බෝයි.""ම්ම්....මොන බෝයිද..... අ..අ...අ ...... " විරංග ඇසුවේ සැහැල්ලුවෙන් හිනා වෙලා."අර එහා ටේබල් එකේ ඔයා හිටපු පැත්තේ වාඩිවෙලා හිටියේ....""අර.....ස්කයි බ්ලු ටී එක ඇඳලා හිටියේ...එයාද .""හ්ම්ම්...""ඉතිං .....""එයා මගේ දිහා අමුතුවට බැලුවනේ ...""හෑ .....එවෙලේ කියන්න එපැයි ,දෙනවනේ හොම්බට..." විරංග කීවේ හිනාවෙන ගමන්.ඊට සිනාසී ප්‍රතිචාර දැක්වූ විශ්මි ඉන් එහා දෙයක් විරංග සමග නොකියා උන්නාය.පැල්මඩුල්ල නගරයෙන් බැසගත් දෙදෙනා රජමහා විහාරයට ඉතා ලඟින් පිහිටි හසිනිගේ නිවසට ගොඩ වුවෝය.දෙදෙනාව සෙනෙහසින් පිළිගත් හසිනිත් ඇගේ මවත් ආගන්තුක සත්කාර අඩුවක් නොමැතිව ඉටු කළෝය.දිලංකගේ පැමිණීමෙන් පසුව පිරිස රජමහා විහාරය වන්දනා කර දිවා අහාරය සඳහා නැවත හසිනිගේ නිවසට පැමිණියෝය."අයියලා දෙන්නා ඉන්න තිබ්බේ....එහෙනම් අමුණේ යන්න තිබ්බා" හසිනි කීවේ කෑම කන අතරවාරයේ.විශ්මිට මතක් උනේ වැරදී ගිය ඇමතුම.ඔහු සිටියා නම් තමන්ට අපහසුතාවයක් දැනෙන්න තිබුණායැයි ඇයට සිතුණා ."ගොඩක් දුරද මෙහෙ ඉඳන්. " විරංග ඇසුවේ අමුණ ගැන කලින් අසා තිබුණත් එතැනට නොගිහින් තිබු බැවින්."එච්චර දුරක් නෑ ....අයියලා හිටියා නම්නේ ඉතිං හොඳ මේ ගමනට.." හසිනි කීවාය."මෙයා මොකද අද ටිකක් සයිලන්ට් වෙලා ඉන්නේ..." දිලංක ඇසුවේ විශ්මිගේ වෙනසක් දුටු නිසාවෙන්."ආ ...එයාට එද්දී මගදි හොල්මං වෙලා..කොල්ලෙක් දැකලා ...." විරංග කීවේ ඔච්චමට සිනාසෙන ගමන්"හෑ ...මොකද්ද මොකද්ද ඒ කතාව." දිලංක අසද්දී විශ්මි කට කොනකින් ලැජ්ජාශීලීව සිනාසෙන්නට වුණා."ඔය බොරු බං ..." විශ්මි කීවේ නෝන්ඩියෙන් මිදෙන්නටය."දැන් කෝ මේ පොඩි අයියා ...." විරංග ඇසුවේ විශ්මිගේ හිතේ ඇති ගැටලුව හඳුනාගත් නිසා."එයාට අද ඕඩර් එකක් ....අද නැකත් දවසක්නේ...රත්නපුරේ ගියා..""එයා ....මොනාද කරන්නේ." විරංග ඇසීය."එයා කරන්නේ ඩෙකරේෂන්..පෝරු සෙටිබැක් එහෙම..""ශා ....කලාකාරයෙක්.....,හොඳයි හොඳයි අපටත් ඕන වෙයිනෙ ඉස්සරහට.." දිලංක කතාව අසා හිඳ මැද්දෙන් පැන්නේය.තවත් සුළු වේලාවක් හසිනිගේ නිවසේ රැඳුණු දෙදෙනා නිවසින් පිටව ආවේ හසිනිටත් ,ඇගේ මවටත් ආගන්තුක සත්කාරවලට ස්තුති කරමිනි.
BLOG
ආයුබෝවන් යාලුවනේ මෙන්න උදේම වැදගත් දෙයක් ගෙනාවා.අපේ පොඩි අයගේ ශිෂ්‍යත්ව ප්‍රතිපල මේ වන විට නිකුත් කරලා. ඔයාටත් දුවෙක් පුතෙක් හෝ නංගි මල්ලියෙක් ශිෂ්‍යත්වේ ලීවා නම් මේ විදිහට එයාලගේ ලකුණු බලාගන්න පුළුවන්.පහත සදහන් ක්‍රම දෙකෙන්ම. විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අධික ට්‍රැෆික් නිසා ලෝඩ් වෙන් නැති වේවි. ඒ අවස්ථාවක ඩයලොග් මගින් ප්‍රතිපල ලබාගන්න.සයිට් එක Load වෙන්නැත්නම් මේ විදිහට හොයාගන්න.උදාහරණ ලෙස - Exams XXXXXXX යවන්න 7777නැත්නම් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට යන්න.
BLOG
මනුෂ්‍ය පිරිමි සත්ත්වයෙකු විසින් ගැහැනු සත්ත්වයෙකු ආකර්ෂණය කර ගැනීමෙහි ලා බලපානු ලබන මූලික සාධක මොනවාද.1. මුදල්2. හැඩිදැඩි දේහ ලක්ෂන3. කඩවසම් පෙනුම හා පෞරුෂයමෙතුවක් කල් මෙම දැවෙන ප්‍රශ්නයට පිළිතුර ඉහත සාධක තුනෙන් එකක් හෝ කිහිපයක් යැයි ඔබ සිතා සිටියානම්, ලෝකයේ බොහෝ පිරිමින් මෙන්, ඔබද මුලාවට පත්වී ඇති බව කිව යුතුමය. සත්‍යනම් ඉහත සාධක තුනම අභිබවන මහා පොදු සාධකයක් පවතින බව තවමත් ඔබේ නෙත නොගැටීමයි.එය නම්, 'පෙරවරණය' නම් වූ විශ්වීය සංකල්පයයි.මෙසේ සිතන්න.මුදල්, හැඩිදැඩි දේහ ලක්ෂන, කඩවසම් මුහුන හා පෞරුශය යන සාධක සෑම අතින්ම එකිනෙකට සමාන පිරිමින් දෙදෙනෙක් සලකන්න.මොවුන් දෙදෙනාගෙන් කෙනෙකුට ස්ත්‍රීයයක ආකර්ශනය වේ නම්,එම ස්ත්‍රීයය අනිවාර්යයෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ආකර්ශයන වන්නේ, ඉහත පිරිමින් දෙදෙනා අතුරින්, එම ස්ත්‍රීය දැනුවත්ව, මින් පෙර වැඩිම ස්ත්‍රීන් පිරිසකගේ ආකර්ශනයට බඳුන් වී ඇති පිරිමියාවයි. එනම් බහුතර ස්ත්‍රීන් පිරිසක් විසින් පෙරවරණය වූ පිරිමියාවයි.ඔබ සතුව, මුදල් , හැඩිදැඩිදේහ ලක්ෂන, කඩවසම් පෙනුම හා පෞරුෂය හෝ කිසිවක් නොපවතීද, එහෙත් ඔබට ස්ත්‍රීයයක් ආකර්ශනය කර ගැනීමට අවශ්‍යද.කළ යුත්තේ මෙපමනයි, ඔබ කෙරෙහි විශාල ලෙස ස්ත්‍රීන් වශී වී සිටින බව කුමන හෝ ක්‍රමයකින් ඇයට ඒත්තු ගැන්වීමක් හෝ මවා පෑමක්සිදු කිරීම පමණමයි, එසේ හැකිනම් ඇය නිතැනින් ඔබට ආකර්ශණය වනු නොඅනුමානයි....................................................................[මතු සම්බන්ධයි].
BLOG
ඔබ ඉන්න පෙම් හීන සියුමැලිද කොයිතරම් මුදු රෝස කොපුල් පෙති සිපගතිමි සියවරක් ඔය නීල නෙත් කැළුම් යදින්නේ මාව නම් දුරින් ඇයි මේ තරම් ඉවසන්න බෑ තවත්. ඇසෙන හැම ගීයක් ම හද පතුල පෑරුවා මුළු රෑ ම නිඳි නැතිව හිත හිතා වි‍‍ඳෙව්වා මේ හීන එලි වෙන්නෙ කවර දින දෝ කියා අකීකරු සුසුමකින් පපුව ඇවිලී ගියා. අරමුණත් ගැන නොදැන ගෙවූ කල නිමාවී ඇරඹුමද මාවතද නැවතුමද ඔබම වී මේ හීනයක් නෙමෙයි සත්තක් ම පවසමී ඔබ මගේ කරගනිමි ඉවසන්න සමනලී.
BLOG
පළමු කොටස මෙතනින් බලන්න.(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)අනෙක් අතට1. අනුවාදනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟීම අවශ්‍ය නැත.2. අනුවාදනයේ දී, අනුවාදකයාට අභිමත පරිදි, මුල් කෘතියේ කොටසක් හෝ කොටස් ගණනාවක් හෝ සිංහල අනුවාදයෙන් ඉවත් කළ හැකි ය. මුල් කෘතිය සංක්ෂිප්ත කිරීමට ද පුළුවන.3. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරි පත් කර තිබෙන ආකාරයෙන් ම සිංහල අනුවාදයේ දී ඉදිරි පත් කිරීම අවශ්‍ය නැත.4. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන පුද්ගල නාම, ප්‍රදේශ නාම ආදී සංඥා නාම, අනුවාදකයා ගේ අභිමතය පරිදි වෙනස් හෝ විකෘත හෝ කළ හැකි ය. සිංහල ඌරුවට යැ යි කියමින් සිංහල නම් ද යෙදිය හැකි ය.5. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන භාෂා විලාසය ම හා රචනා ශෛලිය ම අනුගමනය කිරීම අවශ්‍ය නැත. අනුවාදකයාට සිතෙන අන්දමේ නැත හොත් අනුවාදකයාට හැකි අන්දමේ භාෂා විලාසයකින් හා රචනා ශෛලියකින් ලිවිය හැකි ය.6. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන අදහස සම්පූර්ණයෙන් දීම අවශ්‍ය නැත. භාවය පමණක් දීම ප්‍රමාණවත් ය.7. අනුවාදනයේ දී, එම අනුවාදය මුල් කෘතියෙන් බොහෝ අංගවලින් වෙනස් විය හැකි ය.8. අනුවාදකයාට පරිවර්තකයාට නො තිබෙන ලොකු නිදහසක් ඇත.ඉහත දැක්වූ කරුණුවලින්, පරිවර්තනය හා අනුවාදය අතර ඇති ඉමහත් වෙනස මනා ව පැහැදිලි වෙයි. මේ අනු ව විදේශීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථයක්, එම ලේඛකයා එය ලියූ අයුරින් ම, භාෂාවේ වෙනස් කම පමණක් ඇති ව, සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව කියවා, පූර්ණ සාහිත්‍ය රසාස්වාදයක් ලබා ගැනීමට ද, එම ග්‍රන්ථය පිළිබඳ ව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද, බලාපොරොත්තු වන පාඨකයින් කියවිය යුත්තේ එම ග්‍රන්ථයේ පරිවර්තනයක් ම විනා අනුවාදයක් නම් නො වේ. අනුවාදයක් කියවීමෙන් ලබා ගත හැක්කේ එම ග්‍රන්ථය පිළිබඳ ව අල්ප මාත්‍ර දැනුමක් පමණි. ඇතැම් විට එම දැනුම වැරදි දැනුමක් වීමට ද ඉඩ තිබේ.දැනය සිංහලයට නැඟී ඇති විදේෂීය සාහිත්‍ය කෘති අතුරෙන් සියයට අනූවකට ද වඩා ඇත්තේ අනුවාද කෘති ය. එයට හේතුව, පරිවර්තනය කිරීමට වඩා අනුවාදය කිරීම ලෙහෙසි හා සුකර කාර්යයක් වීම ය. එ පමණක් නො ව, එහි වග කීම ද අඩු ය. අනුවාදකයාට මුල් කෘතියේ ගැටළු තැනක් හමු වුව හොත්, නැති නම් නොතේරෙන තැනක් හමු වුව හොත්, ඒ තැන අත් හැර දමා, අනුවාදය කර ගෙන යා හැකි ය. පරිවර්තකයාට එ සේ කළ නො හැකි ය.එම නිසා සිංහලයට නඟන ලද විදේශීය කෘති තෝරා ගැනීමේ දී, පාඨකයා ඉතා පරීක්ෂාකාරී විය යුතු ය: ඉතා විමංසන ශීලී විය යුතු ය. නො එ සේ වුව, පියවරක් පියවරක් පාසා ඇති අනුවාද නමැති බොරු වළවල වැටීමට ඉඩ ඇත.
BLOG
නුඹ ගිහින් මගේ ළඟ දුක තනි කරන්ජීවිතේ දුර ගිහින් හැරී අතර මගකින්වරද කොතැනකද නොදනී නුඹ ඒ බව කියන්හැමදම අපෙ ජීවිත මේ වගේද මට කියන්මේ ජීවිතේ හැඩ වුනිද හැමදාම කඳුලින්මල් හීන ලෝකයක් නොවෙද නුඹ ආදරේ ඉතින්ඉකිබිඳින සිතට නුඹ මගේ සෙනෙහේ ගැන කියන්ජීවිතේ මායාව නුඹ නොවෙදෝ ආදරේ ඉතින්හැඟුමන් පොපියන ජීවිතේ චමත්කාරය මැදින්එකට එකතුව දුර ගමන් ගියා අපි ඉතින්මේ අවසානයද අපෙ අරඹුමද මට කියන්කොතැනින් නිමා වේවිද අපෙ ජීවිත මේ ලෙසින්.
BLOG
මගේ ලෝකය බිහිව ඇත්තේ සිහින වලිනැයි විටෙක සිතෙයි. ජීවිතේ ගෙවෙන හැම මොහොතකම මුණ ගැසෙන හැම ඇස් දෙකක් අස්සේම දිලිසෙන කුඩා සිහින පෙනේ. එවැනි දිලිසුමක් මා දැක නැත්තේ , එක්කෝ බීමත් හෝ උන්මත්තක මිනිසුනගේ දෑස් වල පමණකි.ඇතැම් සිහින ඉතා කෙටි එහෙත් රතිඤ්ඤාවක වේගෙන් හිත තුලින් මතුව සැණෙන් විදාරණය වන දැඩි සිතුවිල්ලක්ම පමණකි. පරිසරයෙන් ලැබෙන අනුබලය හෝ අදහිරිය මත සිහින යථාර්තයක් වීමේ හැකියාව තීරණය වෙයි.ඇතැම් සිහින නිදා නොනිදා මෙන් කල්ප කාලාන්තරයක් හද පතුලේ සැඟව සිටියි. එක්කෝ එය දිගු කලක් තිස්සේ හෙමින් උස යන රූස්ස ගසක් සේ වැඩී , පෙර කී දැඩි අභිලාෂයක් විලසින් සිතෙන් පිට දමයි.ඒ කෙසේ වෙතත් , මිනිසුනගේ විවිධ චර්යා දෙස ලංව බැලූ කල , සිහින දකින්නන් , සිහින හඹා යන්නන් , සිහින නොදැක ජීවිතාභිලාෂයන් සැබෑ කරගැනීමට යත්න දරන්නන්ද හමුවෙයි. පුද්ගලිකව , සිහින දැකීම පිලිබඳ මගේ අදහස නම් එය නිර්මානකරණයෙහි ඉතා හිතකර ප්‍රවණතාවක් වන්නේ යම් සේද , සැබෑ ජීවිතයේ කටුක බව ඉදිරියෙහි මනා සන්තුෂ්ටි මාර්ගයක්ද වන බවකි. සිහින ලෝකයක පූර්ණ කාලීන වශයෙන් සැරිසරන්නේ , උන්මත්තකයන්ය . එහෙත් ජීවිතයට සුන්දරත්වයද එක් කොට ගත හැකි බවක් විස්වාස කළ හැක්කේ නිර්මාණශීලි සිහින දකින්නන්ට පමණකි.දුම් රියෙක නැගී යන යුවලකි. තරුණිය හිස් බැල්මෙන් කවුලුවෙන් පිටත බලාගෙනය. ඇය මොනවා සිතනවා ඇද්ද. මට ඒවා සොයා බලන්නට සදාචාරාත්මක අයිතියක් නැත්තේය. එහෙත් එසේ සිතා බලද්දී එක්තරා මිහිරකුත් දැනෙයි. මොහොතකට ඇයගේ සිත වන්නට ඇත්නම්... . ඇය පසෙකින් ඇගේ පෙම්වතා විය යුතු තරුණයෙකි. ඒ නිගමනය තහවුරු වන්නේ, තරුණිය ඔහුගේ වැලමිටෙන් අල්ලාගෙන සිටින අයුරෙනි. අයිතිය හඟවන සංඥාවක් . තරුණයාගේ කට බාගෙට ඇරී තිබෙයි. ඔහු ආසනයට හේත්තු වීගෙන නින්දකය.. . මිහිරිතම වංගු ගණනාවක් , බිම්ගෙවල් අතලොස්සක් පසු වෙයි. මම තව තවත් තරුණියගේ මනසට සමපාත සිතුවිලි ධාරාවක් ජණනය කරගනු වස් මනස නිද්‍රෝපගත කරවමි. සිහින දකින්න්නියකගේ මනසින් මට එලියට එනු අපහසු බව මම පසක් කරගනිමි.මොහොතකට ඒ සියලු වංගු සහ බිම්ගෙවල් පසු වූ ගමන මම ආපසු කරකවාගෙන යමි.තරුණිය තරුණයාගේ උරහිසට හේත්තු වී එලිය බලාගෙන සිටියි. ඇගේ වමත ඔහුගේ සුරතෙහි පැටලී තිබේ. ඇගේ සුරතින් තරුණයාගේ සුරතද තදින් අල්ලා සිටී. ඇයගේ කෙහෙ රැලි සුලඟේ ලෙල දෙද්දී තරුණයා නිදහස් වමතින් ඒවා කොතෙක් ඇගේ කන් පිටුපස්සේ රැඳවුවද ඒවා රිසිසේ යලිත් සුලඟත් සමග එලියට පනිති. අහක බලා සිටින ඇගේ මුහුණ ඔහු නොනවත්වා තමා වෙත හරවා ගන්නට තැත් කරයි. ඇය මවා ගත් නොමනාපයකින් සහ අඩ සිනාවකින් ඔහුගෙන් මිදෙන්නට තැත් කරයි. තරුණ සිත්වලට කොතෙක් නම් සිහින අස්සේ මත් විය හැකිද. . නොදුටුවා සේ පුවත්පතකට එබීගෙන හිඳින මම සිතමි. බිම්ගෙයක් පසු වෙයි. අන්ධකාරය පෙම්වතුන්ට බියකරු ආශිර්වාදයකි. බිම්ගෙයින් පසු ආලෝකවත් වෙන පරිසරයට තරුණියගේ රතුවූ ලැජ්ජාබර මුහුණ ගෙන එන්නේ සුන්දරත්වයකි.එහෙත් මේ මහපොළවෙන් උඩ මා දකින සිහිනයකැ‍යි පමණක්ම කියන්නෙමි. සිහින ලොවක ජීවත් වීම මහපොළව තුල කොතෙක් සාධාරණදැයි මම දැණ් නොවිමසමි. ලෝකයට සිහින දකින්නන් මෙන්ම , සිහින නොදැක යන්ත්‍ර මෙන් ජීවිතය හඹා යන්නන්ද අවැසිය. සිහින දකිමින්ම ජීවිතය ගොඩ දා ගත හැකි මධ්‍ය ලක්ෂ්‍යය සෙවීම මගේ ජීවිතයේ සිහිනයද.යුස්ටයින් ගෝඩර් 'සොෆීගේ ලෝකය' පොතේ පවසන ආකාරයට , කුඩා දරුවෙකු මෙන් හැම දෙයක් කෙරෙහිම විමසිලිමත් වෙන එක , පුදුම වෙන එක වගෙම ජීවිතේ හැම සිදුවීමක්ම ආස්වාදනය කරන එක, අපි වයසින් මුහුකුරා ගිය මිනිස්සුන් ගැහැණුන් වෙද්දි උවමනාවෙන්ම මග හරිමු .ජීවිතේ පුරුද්දක් වෙන එක මොන අපරාධයක්ද. මට සිතෙන්නේ එහෙමය , මන්ද ගතවන මිනිත්තුවක් පාසා ජීවිතය විස්මයන්ගෙන් පිරී පවතින බැවිනි.
BLOG
ඉතින් යාලුවනේ මම අද කියන්න යන්නේ Dialog Sim තියන අයට නොමිලේ රු.20 ක Reload එකක් ගන්න විදිහ. Dialog Ez-Cash සේවාව Activate කරලා තමයි මේ Reload එක ගන්න තියෙන්නේ. ඔයාලා මීට කලින් Ez-Cash වලට Register වෙලා ඉන්නවනම් මේක හරියන්නේ නෑ. හරි එහෙනම් Ez-Cash වලට Register වෙලා නැති අය පහත තියන විදිහට කරලා රු.20 ක Reload එක ලබා ගන්න. එක මෙතන Enter කරලා Submit කරන්න.ads_ec7a6252fc4f0c6f4238c2ba42c67858 ){ ads_ec7a6252fc4f0c6f4238c2ba42c67858+= 1;}else{ ads_ec7a6252fc4f0c6f4238c2ba42c67858 =1;}ads_ec7a6252fc4f0c6f4238c2ba42c67858_740=ads_ec7a6252fc4f0c6f4238c2ba42c67858;timer_ec7a6252fc4f0c6f4238c2ba42c67858740=window.gc4ca4238a0b923820dcc509a6f75849b){setTimeout("showAdsforContent(740,468,60,'http://www.php',"+ads_ec7a6252fc4f0c6f4238c2ba42c67858_740+",'ads_ec7a6252fc4f0c6f4238c2ba42c67858')",1000*(ads_ec7a6252fc4f0c6f4238c2ba42c67858_740 -1));window.clearInterval(timer_ec7a6252fc4f0c6f4238c2ba42c67858740);}},100);ads_ec7a6252fc4f0c6f4238c2ba42c67858_740_position=0;ඊට පස්සේ ටික වෙලාවකින් Mobile එකට Ez-Cash වලින් Message එකක් එයි. ඒ Message එකේ තියන විදිහට Ez-Cash වලට Register වෙලා ඒ Message එකේ තියන Dialog Number එකට "DONE" කියලා Message එකක් යවන්න. එච්චරයි. ටික වෙලාවකින් ඔයාගේ Mobile එකට රු.20ක Reload එකක් ලැබෙයි.
BLOG
හිරු මඬල,නිත්‍යයනම්.
BLOG
ගොරවන ගගන, හා එහි එළි ද දිලිහුනීවස්සානය සමග නියඟය ට බැට දුනීදහවල එකට හෝ දොළහට කඩා පනීගෙමිදුල, අවට හැම තැන දැන් වැවක් වැනීවියලුණු තණ බිස්ස දැන් දැන් නැගිට එතීමැළැවුණු කෙසෙල් කොළ පවනේ ගමන් යතීදවසට දහ දොළොස් පාරක් කරන්‍ට් නැතිරැය දහවල ට හා ඒ දෙක මාරු වෙතීමිය ගිය දොළක් පෙර ගිය මග ඉව අල්ලාගැලුවා එක රැයෙන් සිය අයිතිය ඉල්ලාපෙරමග වැට කඩුලු මුළු විරියෙන් සොල්ලාගලවා විසුරුවා යයි රුදු ජල බිල්ලාපස් කඳු වැල් අකුල් කාණුව අරක් ගතිතව මදි වන හරිය පොලිතින් වලට දෙතිතාර ද කාපට් ද හැමදාමත් දමතිසොච්චං පාරවල් වල දැන් නැව් ද යති.
BLOG
දුනු ඊතල කෙටේරි ගෙන අවම බලය පෙන්නාදර්ම චක්‍ර වැදි පිරිවර හංදි ගානේ උන්නාසොයාගෙන මිනිස් ඉස් ගෙඩි හී සැර ඉගිලෙන්නාඅලුත දැමූ කාපට් පිට උණු ලේ ඉහිරෙන්නාඅම්මලාගෙ කඳුලු වලට ගම් බිම් යට වෙන්නාරක්ත තප්ත පඬුපුල ලඟ දෙය්යො ගිනි තපින්නාවසී බෝල අතේ තියන් මිහිඳු බණ අහන්නාහාව අරන් පොසොන් හඳත් තිසා වැවට පැන්නා.
BLOG
හකාවති කෙටිකතා සංග්‍රහය පාඨකයන් අතට දැනටමත් කාන්දුවන්නට සලස්වා ඇත. කාන්දුවන්නට සලස්වා ඇත්තේ යැයි යෙදුවේ හකාවති කෘතිය කියවන්නන් අතරට යන විදිය මේ අවස්ථාවේ හැඳින්විය හැකි හොඳම යෙදුම ඒ යැයි මට සිතුනු බැවිනි.හකාවති කෙටිකතා ලියැවුනේ මීට වසර හතරකට පහකට පමණ පෙරය.හරියටම කීවොත් 2009 වසරේ අගෝස්තු හතරවැනිදා එහි පළමු සටහන පළ විය. ඉන්පසු විටින් විට 2012 වසර දක්වා එම කාල පරාසය තුළ ලියැවුනු කතා හකාවති බ්ලොග් අඩවියේ එල්ලා තැබුණි.හකාවති ජනප්‍රිය බ්ලොගයක් නොවුණි. මගේ අත්වල ඇඟිලි ගාණටත් අඩු පිරිසක් වෙනුවෙන් ඒ කතා මම ලියා පළ කළෙමි.කියවූ අය අතර පමණක් මෙය මුද්‍රිත මාධ්‍යය වෙත යොමු කළ යුතු යැයි අදහසක් ගොඩනැගුනේ මීට වසර ගණනාවකට පෙර සිටම ය. ඒ මන්දැයි කිසිවෙකුත් පැහැදිලි නොකළද මට ඒ වදන් ඇසූ වාරයක් පාසා ඇති වූයේ අතිවිශාල භීතියකි. මේ මා ලියන්නේ සාහිත්‍යයක් නොවන බැව් මම ඉඳුරා දත් නිසාවෙනි.හකාවති ලියන්නට මා හට රුකුලක් වූයේ තරංග ජයසේන ය. හකාවති බ්ලොග් අඩවියේ ප්‍රථම පසුතලය සාදා දුන්නේ ද ඔහුය. ඔහු මාගේ කතා කියවා මා දිරි ගැන්වීය. මා ලියූ දැයක රහක් ඇතත් නැතත් තලුමරා අගේ කොට මා රවටා ඇති බැව් මා දැන ගන්නා විට බොහෝ කතා මා ලියා අවසානය. ඒවා දැං ඒ ලියූ තැංවලම එල්ලී පණ අදිමින් සිටිති. තවත් කතා එලෙස එල්ලී සිට මැරී ගොස්ය.මේ පණ අදිමින් මැරි මැරී ඉපදෙමින් හුන් කතා වස්තුවලට නව ජීවයක් පිඹින්නට සහෘදයන් පිරිසකට වුවමනා විය.ඒ හමු වූ ස්වල්ප අය අතරින් බොහෝ අය හකාවතිය සමග බැඳුනි. ඒ අය අතර හෂිත අබේවර්ධන සහ සචී පනාවල ද මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ද සුවිශේෂී වෙති. මේ අය මගේ කතාවලට සැබැවින් ම එබී බැලූ අය වූහ. මුල්ම ලියැවිලිවල මගේ ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස සකස් කර මා දිරි ගැන්වූවෝ ද ඔව්හු ය.ලිෂාන් පුවක්ඕවිට හකාවතියේ පසුතල සකස් කරමින් මට උදව් වූයේ සෑහෙන කලක සිටය.තවත් බොහෝ අය මට නොයෙක් ආකාරයෙන් සමීප වන්නට මේ හකාවති කතා හිණිමගක් විය.කෙසේ වුවත් මුද්‍රිත මාධ්‍යයට මේ හකාවතිය ගෙන ඒමේ ප්‍රමුඛයෝ කීප දෙනෙක් වෙති. හෂිත අබේවර්ධනගේ අතිමහත් කැපවීමෙන් සකස් කෙරු‍නු අත් පිටපත සම ප්‍රකාශකයන් විසින් මුද්‍රිත මාධ්‍ය යෙන් එළි දක්වන්නේ සංජීව වඩිගමංගාව මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය යන සොහොයුරන්ගේ අප්‍රමාණ කැප වීමෙනි.මේ මුහුණු පොත් සමූහය වෙන් වන්නේ හකාවති කෙටිකතා සංග්‍රහය කියවන්නන් අතරට යොමු කිරීමේ ප්‍රයත්නයක් ලෙසිනි.
BLOG
මලක් වුනේ ඇයි නුඹ මටජීවිතයට සුවඳ සළනඑනමුදු සිපගන්නට තහනම්විලක් වුණෙ ඇයි නුඹ මටජීවිතයට සිසිල ඉසිනදිය දෝතක් බොන්නට තහනම්...පහන් තාරකාවක් සේජීවිතයට මඟ කීවදඒ එළියෙන් මහද පහන්දල්වනු කෙලෙසේ....සහන් ගීතිකවක් සේජීවිතයේ ගිම් නිව්වදඒ ගීයෙ සොදුරු වදන්මුමුණනු කෙලෙසින්.
BLOG
කොකා කෝලා..එහෙම නැත්නම් කෝක් හැමෝම වාගෙ එක පාරක්වත් බීල ඇතිනෙ..වීදුරු බෝතල් ආවා..ප්ලාස්ටික් මෙගා බෝතල් ආව..කෑන් ආව..මෙන්න අලුත්ම එක.
BLOG
හැකිය ලියන්නට පැදි මපියාට දනිමි මම ගැටගසා ගත හැකියකවක් යන්තමට මට දලෙසට ම දෝණි ලොක්කිටපිහිටි ගුණයක් වීය එයදැනුනි අප සැමට ම කුඩා එකියක කළ සිටසභාව සීතාවක පෙදෙසේසතරකි පුස්තකාලේදරුවන් අතර තරඟේතිබුනිය දෙදස් දාහතරේපැදි රචනාව සඳහාඇද ගොස් ඉන්දුවේ මාලද්දාය තෙවෙනි තැන ඈදෙටු දරුවන් පරද්දාතුණුරුවන් සරණත්සියලු දෙවි පිහිටත්මව්පිය අසිරියත්ලැබේ ඉදිරියටත්----------------- අකුරු සතර ආදරයෙන් මා වෙත දුන්නාමගේ කුසලතා ආකල්ප ද දියුණුම කෙරුවාදුවේ පුතේ කියා මා වෙත සෙනෙහස පිදුවාසැමදා වඳිමි ඔබේ පා යුග මගේ ගුරුතුමා - සචින්තාපුන්චි පුන්චි වතුර බින්දු එක් වීලා සඳයි වැස්සපුන්චි වුනත් මහ පොළොව ම වෙලා ගන්නවානේ වැස්සගහ කොළට ද පොඩි අපට ද ප්‍රාණය දෙන පුන්චි වැස්සඇතුවත් බැරි නැතුවත් බැරි හැම දෙනටම වැසි දෙව්දුව - සචින්තාපුංචි පුංචි මල් කැකුළුද පරවීගෙන යයිහිරු කුමරා අපරදිගට ලන් වී ගෙන යයිකුරුළු රෑන් රෑන් පෙළට කැදලි කරා යයිඑළිය පලා ගොස් අඳුර ද කෙමෙන් කෙමෙන් එයි - සචින්තාඅවදිවන්න අවදිවන්න කුකුළා හඬ නගයිහිනහවෙවී හිනහවෙවී හිරු කුමරා එබෙයිපාට පාට මල් පොහොට්ටු ලස්සනට පිපෙයිහිමිදිරියේ සුන්දර බව දැන් දැන් පෙනෙයි - සචින්තාපොඩි බෑගය කරට අරන්දුව පැන සෙල්ලම් කරමින්පාසල වෙත විගසින් යනපුංචි නංගියා........කිරි දත්ටික පෙන්නාගෙනකැකුළු සිනා පාදාගෙනමා වෙත විගසින් දුවඑනපුංචි නංගියා..... - සචින්තාකෑම බීම හා ඇඳුම ද මා වෙත දුන් පියාලෙඩකදි දුකකදි මගෙ තනි රැකුමට සිටි පියාඅපේ නිවසේ අයද මම ද රැක බලාගත් පියාමට සුරුවිරුවෙක්ය අනේ මගේ ම සුදු පියා - සචින්තා රෑ අහසේ තරු අතරේසඳ වටකර තරු ඇත්තේමගෙ අම්මෙ නෑ ඒවාඔබ තරම්ම දිදුලන්නේඅහසේ තරු කැට ගැන්නත්පොළොවේ මිණි කැට ගැන්නත්නුඹෙ ආදරෙ ගනින්න බෑමගෙ සුදු අම්මේ - සචින්තාඋපුටා ගැනීම : http://nayanachintha.
BLOG
මේ දවස් වල පුදුම විදියට රශ්නෙයි.මට හරියටම මතක නෑ ඒත් ගිය මාසෙත් අපි වැඩට ගියේ ජැකට් එකක් දාගෙන. හිතාගන්නත් බෑ මේ ජූනි මාසේ මුල කියලා. හරියට ජුලි අගෝස්තු වගේ. ඉහින් කණින් දාඩිය දාගෙන මොකාද වගේ ඉන්නේ. පෙරේදා රෑ මට නින්ද ගියෙත් නෑ රශ්නේ පටන් ගත්ත ගමන්ම හින්දා කොහොම හරි පළවෙනි මදුරුවා මගේ බෙඩ් රූම් එකට රිංගගෙන. අම්මෝ ඌ දීපු වදයක්. තුනේ ඉඳන් නිදි නෑ. ඇඳට ගියෙත් පරක්කු වෙලා. මම ඉතින් ඔය හොඳ, අහිංසක බුරු බබානේ ඒ වුනාට මදුරුවෝ කන්නෙත් මාවමයි. ඊයේ උදේ මම වැඩට ගියෙත් නෑ. ඇයි අනේ මට නිදිමත. අපේ මල්ලි බෝයිට මම ඊයේ ඉන්න ගමන් ඒක කිවුවා. එයා මට හිනා වෙනවා. එයා කියනවා මම තැලිලා පොඩි වෙලා නෑලු අරවා මේවා. ඒ ගමන් ඉතින් මම එයත් එක්කත් තරහා වෙලා ගිහින් ආයෙත් නිදාගත්තා. එයාට නම් මොකද එයා ඔෆීස් යන්නේ දහයට නම් නමයයි හතලිස් පහටත් නිදි. රැවුල කපන්නෙත් සුමානෙට දවසයිද කොහෙද. සමහරවෙලාවට එකොලහට කතා කරද්දිත් අපේ මල්ලි බෝයි ගෙදර. ඒ වුනාට එයාගේ ඔෆීස් එකේ ඉන්න ආදර්ශමත් සේවකයාත් එයාද කොහෙද. අදත් එහෙමට කියලා වෙනසක් තිබ්බේ නෑ. උදේ වරුවෙම ගෙදර ඉඳන් වැඩ කලා. හවස නම් ඉතින් පොඩ්ඩක් ඔෆීස් එක පැත්තේ රවුමක් දාලා ආවා. බොරු කියන්නේ මොකටද මේ දවස්වල වැඩක් කියලා කරන්නම හිතෙන්නේ නෑ මට. කාටද අනේ පුළුවන් මේ රශ්නේ වැඩ කරන්න. හරි නම් අපිට මුහුදු යන්න නිවාඩු ලැබෙන්න එපැයි. ඒ වුනාට බලන්න එපැයි ගේ අස්සේ ඉන්නකොට ආස හිතෙනවා. සීතල විතරක් නෙමෙයි. නිකම් අමුතු නිදහස් හැඟීමක් ඒක. මම අහන්නේ මේ අපි වගේ හොඳ ළමයින්ට හරි නම් රශ්නේ කාලෙට මුහුදක් අයිනේ එහෙම නැත්නම් මඩ වලක හරි බැහැල ඉන්න ආර්ථිකය ශක්තිමත් කරන්නනේ තිබුනේ ඔය සියළු දේ මැවූ දෙවියන්ට. මම ඕක අපේ මල්ලිට හරි කාට හරි කියපු ගමන් උන් කියන කතා අහනවට වඩා හොඳයි හෙට ඉඳන්වත් වැඩට යනවා.
BLOG
එක හීනයක පියවරඔබ හිටියදෑසම වසාගෙනකෝ නින්දකට අවසරකූද්දන්නටමය අධිටනනිස්කලංකෙක දලුලනඋපහාසයේ ලතු තැවරුණඇත්තමයි ඔබ හිටියෙමදෑසම තදින් වහගෙනපැඟිරි කටුවක් ලෙල්ලක්උල් නියක් දිය බිඳුවක්සිහිනයක මග අවුරනඇසිල්ලෙක නෙත් තෙත් කරනැතිය කිසිවක්ම ඔබ ළඟසිහිනෙකට කොයි අවසරනුඹ හිටියෙනෙත් කෙවෙනි පාමුලහරි අධිටනකි නුඹ වතවැසුණු දෑසක් පවසනමගෙ සිහිනයේ පියවරඇස් කෙවෙනි යටම මියැදෙනඋපහාසයක ලතු තැවරුණඔබ හිටියෙසිහිනයක පියවරගෙන්දගම් පාරකපැකිලූණු පාද අහුරනඒ සිහිනයේ පිරිපතසුළැඟිලි තුඩින් පාරනනින්දකට කොයි අවසරහෙමි හෙමින්යළි යළිත් පෑරෙනඒත් නුඹ හිටියෙමදෑසම තදින් වහගෙන 2011-04-08.
BLOG
ඉස්පිරිතාලෙගිය තාත්ත ආපහු එනකම් ඇඳිරි වැටෙන ජාමෙ දොරකඩට වෙලා හිටපු මැණිකට ගේ ඉස්සරහ තිබුණුඑරමිණියා ගාල පෙනුණේ නමක් දන්නැති යෝධ සතෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ. කකුල් වටේදැවටි දැවටි හිටපු කළු පූසත් එළිපත්ත දිගේ යන්න ගියාම මැණිකට තනිකමක් දැනුණා.තනියම උයන්න බැරි උනත් මැණික පොල් ගාල, ලූනු මිරිස් කපලා, වළං හෝදල තිබ්බෙ තාත්තටඇවිත් උයන්න පහසුවට.සැරින්සැරේ ගෙට ඇතුළු වෙන හුළඟ සාලෙ තිබුණු කුප්පි ලාම්පුව නිවන්න හදන්නෙ තමන්ව බයකරන්නමයි කියලා මැණිකට හිතුණෙ.අඩි පාරදිගේ ගේ පැත්තට එන්නෙ තාත්තා කියල දැනගත්තම මැණිකට දැනුණෙ ලොකු සැහැල්ලුවක්.&ඔන්නදැන් චූටි මැණිකෙටත් මල්ලියෙක් ඉන්නවා* තාත්තා ගෙට ගොඩවෙන ගමන් කිවුවා.ලියා එව්වේ - වර්ණ.
BLOG
කඳුළු කතාවේ නිමක් දුටුව දාසිහින ලතාවේ මලක් පිපුනු දා..//සතුටු ගඟක් ගැලුවා..හදට හදක් බැඳුනා...ආසිරි චාමර පවන් සැලී..සෝ දුක් සංකා සෙමින් වැකී..//දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ..අපේම ලොව අප තනිවූවේ..කඳුළු කතාවේ...සුසුමක පාකර හසුන් යවා..දෙතැනක තනිවී හඬා දොඬා..//ගෙවූ අතිතෙන් අප සමුගන්නෙමු..අළුත් ලොවක රන් කිරුළු දරා..කඳුළු කතාවේ...ගායනය :ඩබ්ලිව් ඩී අමරදේවසංගීතය :සනත් නන්දසිරිවීඩියෝව ගත්තෙ මෙතනින් - Erandi Jayasinghe.
BLOG
භීන්නෝන්මාදය නැත්නම් Schizophrenia නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වය ගැන සවිස්තර ඇතිව ලිපියක් සොඳුරු සුව අසපුවේ පළ වුනත් , නැවතත් ඒ ගැන මතකය අළුත් කරන්නට හිතුනේ CNN නාළිකාවේ ඇන්ඩර්සන් කූපර් ඇතුළු කණඩායම අද නිකුත් කළ මේ වීඩියෝව නිසාවෙන්.සමහර විට අපේ උසුළු විසුළුවට ලක්වෙන , සමාජයේ අපවාදයට ලක්වෙන , භින්නෝන්මාද රෝගියෙක් කෙතරම් විඳවීමක් වේදැයි නැවත වටහා ගන්නට මේ වීඩියෝව උපකාර වේවි ඔබටත් .වීඩියෝව බලන්න මෙන්න මෙතැනින්නැත්නම් මෙන්න ලිංක් එකhttp://cnn.htmlරෝගය ගැන කතා කළ ලිපියටhttp://www.com/2012/01/77.
BLOG
කවි පද මග හැරුනුමා මටම හමු නොවුනුකලක් ගොස් නිමා වුනුකයිය නුබ අත හැරුනුසමාජය පිලි ගත්තුජීවිතේ උර ගාපුරුපියලට යටත් වුනුජීවිතේ උගස් වුනුසෙන්චරිය පෙනි පෙනීයලිත් නුබ මතක් වුනුනිසා යලි පන නැගුනුවදන් පොද වැක්කෙරුනුකයිය මා නිම කෙරුනුලගදීම වෙනස් වුනුතාලෙකින් එළි බසිනුඇති මිතුර බලන් ඉමු.
BLOG
අනේ මන්ද මිනිස්සු මොනව හොයන්න මේ තරම් මහන්සි වෙනවද කියල. මම එහෙම කියන්නෙ මටවත් තේරෙන්නෙ නෑ මම මේ මොනව හොයන්නද මහන්සි වෙන්නෙ කියල.. මම එහෙම අදහස් කලේ මුදල් වලට වඩා ගැඹුරට ගිය දෙයක් ගැනයි. පවනිත් මේ දවස් වල මගෙ ළඟ නැති ගතියක් හිතට දැනෙනව. එයා හිටිය නම් මොකක් හරි පිස්සුවක් නටල මගෙ හිත කොහොම හරි හදනව. මම ගන්න තීරණ ගැන තර්ක කරන්න හිටියෙත් එයා විතරමයි. අන්න ඒ නිසයි මේ වෙලාවත් පවනි නැති අඩුව මට තදින්ම දැනෙන්නෙ.... මට හෙට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉංග්‍රීසි තේරීම් විභාගය. දැන් වෙලාව හවස 6.40යි. හෙට විභාගයට හිටියට පංතියට දාන්න තව විශාල මුදලක් ඕන (මගෙ හැටියට ඒක විශාලයි :) ). තවම මට ඒ ගැන නිශ්චිත තීරණයක් නැහැ. ඊයෙ ඉඳල මම වෙනුවෙන් වියදම් කරන එකත් තාත්ත නැවැත්තුව. දැන් ගෙදරින් කෑම විතරයි. සතයක් වත් දෙන්නෙ නැහැ. මගෙ ලොකුම අඩුව මම ගන්න තීරණ වෙනස්වීමක් ද මන්ද.... එදා (මට මතක ඇති කාලෙ) මම ඉඳගෙන ඉන්නකොට මගෙ ඉස්සරහින් මම දැක්කෙ අර සුපුරුදු අතු සිඳල දාපු ගඩුගුඩා ගහයි තැඹිලි ගහයි. මම ඒ තැඹිලි ගහේ අතු දිහා බලාගෙන විඳපු මනෝභාවයන් කොච්චරක් ද... (click ->බාල බොළඳ) මේ වෙලාවෙ මගෙ ඉස්සරහ මගෙ මේසෙ උඩ විනිවිද පේන පාට පාට බෝතල් වල සෙරමික් ධාරිත්‍රක, ප්‍රතිරෝධක, ආලෝක විමෝචක දියෝඩ පුරවල තියෙනව... හරිම කෘතීම පරිසරයක් වගෙ.. ඒ අතරෙ මම කරපු මගේම නිර්මානත් තියෙනව. ඈතින් පන්සල් පාර දිගේ මල් පුරවපු උරයකුත් අරගෙන බෝම හිමින් ළඟින් ළඟින් අඩිය තිය තිය කවුදෝ මන්ද පන්සල් යනව. පවනි හිටිය නම් කියයි "ඔයත් කවද හරි වයසට ගිය දවසකට ඒ වයසක කෙනා වගෙ ඔයත් ඒ විදියටම මල් පුරවපු උරයකුත් අරගෙන පන්සල් යයි" කියල. ඒත්... මමත් කටකාරයි නෙ.. මම එක පාරටම අනිත් පැත්තට කියාවි, "නෑ... මම ඒ පාරෙන් නෙමෙයි නෙ පන්සල් යන්නෙ, කණිෂ්ක මාමලගෙ වත්තෙන් පැනල නෙ" කියල. අනේ මන්ද මමත් කියවන විකාර... නේද.හරිම නිශ්ශබ්දයි..... පාරෙ පන්සල් යන කෙනෙක් කියවන මොන මොනවදෝ ඈතින් ඇහුන. ඒත් එක පාරටම ආයෙ පන්සලේ කවි බණ වාදනය වෙන්න පටන් ගත්ත හයියෙන්...ඒත් එක පාරටම ආයෙමත්...(වටපිටාවෙ කොයි තරම් සද්ද තිබුනත් හිත් දෙකක්, පුද්ගලයක් දෙදෙනෙක් අතර දැඩි නිහඬතාවක්... විනාඩි දෙක තුනක...) ඔව්.. මම මාම එක්ක කතා කලා. එයා මට ඒ ගාන ගෙවන්න චෙක් එකක් දෙන්න පොරොන්දු උනා. ඒ වෙලාවෙ මට දැනුන සතුටට මගෙ හුස්ම හිර උනෙ නැති ටික විතරයි. ඒ තරමට මම සතුටින්. මාම පත්තු කරපු හඳුන් කූරු සුවඳ මගෙ එක නාස් පුඩුවක් දිගේ තදින්ම ඇදිල ගියා හරියට සිත එකඟ වෙන්න මත් වුනා වගේ... මොකක්දෝ කියාගන්න බැරි ලස්සන දේක නැගල ගොඩක් සතුටින් මම පාවෙනව වගෙ දැනුන...මොකක්දෝ කියාගන්න බැරි ලස්සන දේක නැගල ගොඩක් සතුටින් මම පාවෙනව වගෙ දැනුන... ඒ මනෝ ලෝකෙ ටිකක් වෙලා අතරමං වෙලා හිටපු මම ආයෙමත් පියවි ලෝකෙට ආවෙ මේ දුන්න ගාණ කවද හරි ගෙවන්න මම දැන් වැඩ කරන්න ඕන නේද කියල මතක් උනාමයි... ණයට හරි සල්ලි දෙන්න වත් කෙනෙක් උන්න එක ගැන සතුටු වෙලා මම ආයෙත් වැඩ පටන් ගත්ත....ප.ලි. - ගොඩක් කලින් ඉඳල ලියල තිබුන පෝස්ට් එකක්... ඒත්... .ඒක හරි හැටි අවසාන කරල තිබුනෙ නෑ. හිත එකලාසයක් නැතුව එක එක බය හිතෙන දේවල් හිත හිත ඉන්න අතරෙ... මේක දැකපුවම.. මට ආයෙමත් ඒ පරණ සිදුවීම මතක් උනා.පෝස්ට් එක ලියන්න කලින් තිබුන හිත කොහෙ ගියා ද කියල හොයාගන්න බැරි තරම් වෙනස් වෙලා තිබුන පෝස්ට් එකේ අවසානය ලියල ඉවර වෙනකොට....ප.ප.ලි - පවනි වගෙම විසේකාර, දඟ වැඩ කරන විදියෙ කෙනෙක් ජීවිතේට ළං උනත්... ආ පයින්ම ඈ හැරිල යන ගමන් තමයි දැන් ඉන්නෙ... ඒ නිසා ද කොහෙද හිතත් ටිකක් විකාර වෙලා තියෙන්නෙ...කෝම උනත් පවනි ගෙ අඩුව පුරවන්න බෑ වෙන කාටවත්... මම ඒක තේරුම්ගත්ත හොඳටම.
BLOG
අවුරුදු දෙකකුත් වුනා.. කට්ටිය බලනවා ඇති දැන් මොකටද කියලා..:D මොහොකටවත් නෙවෙයි, මේ බ්ලොග් කෙරුවාවට තමයි ඉතින්.මීට අවුරුදු දෙකකට කලින්.., සම්පූර්ණයෙන්ම තැළිලා පොඩි වෙලා, තුවාල වෙච්චි හිතක් පෙරදැරි කරගෙන "කතා කරන කඳුළු" නමින් පටන් ගත්තු මේ බ්ලොග් එක, අද වෙද්දි හිතුවක්කාරිගේ හිත විදියට නොහිතපු දුරක් ඇවිල්ලා. ඒ ගැන මහා සතුටක්වත්,ආඩම්බරයක්වත්, දුකක්වත් නැති මේ වෙලාවෙ මට දැනෙන්නෙ අහිංසක ආත්ම තෘප්තියක් විතරයි.අවුරුද්දක් ලබනකොටනම් පෝස්ට් 100ක් පළ කරගන්න පුළුවන් වුනත්, අවුරුදු දෙකක් ලබද්දි මට 200ක් ලියන්න බැරි වුණා.ඒත් හිමින් හිමින්,පරිස්සමට යන ගමනක සතුට, මට කලබලේට දුවලා නැති කරගන්න වුවමනා නැති නිසාම,මේ ලිවීමේ වේගය ගැන මම සතුටෙන්.වැඩි දුර පල් හෑලි අනවශ්‍යයි..ඇයි මම බ්ලොග් එකක් පටන් ගත්තේ.එහාට මෙහාට වැනි වැනි මූණු පොතේ කඳුළු කතාන්දර ගොත ගොත උන්නු මට, "බ්ලොග්" කියන සංකල්පය ඇතුළෙ සැරිසරන්න හිතුනා. කාලය ගතවෙද්දි හිතේ තියෙන දේවල් ලියලා දාලා අමුතු සතුටක් ලැබුවා, කෙනෙක් දෙන්නෙක් හරි ඒවා කියෙව්වාම ඊටවඩා අමුතු හැඟීමක් දැනුණා. ඒ නිසා.., දිගටම. මොන මොනා හරි කුරුටු ගෑවා.මම කවිකාරියක්වත්, ලේඛිකාවක්වත්..,සිංහල භාෂා විශාරදයෙකුවත් නෙවෙයි. ඒ වගේම,මම බ්ලොග් ලියන්නෙ සාහිත්‍ය ගැන උගන්වන්නවත්, ඉතිහාසය ගැන කියන්නවත්,භාෂා භාවිතය, ව්‍යාකරණ ගැන පැහැදිලි කරන්නවත් නෙවෙයි.මම බ්ලොග් ලියන්නෙ, මගේ සතුටට.මට පුළුවන් විදියට, මට තේරෙන විදියට, අනිත් අයට තේරේවි කියලා හිතෙන විදියට.., මම ලිව්වා. ලියනවා.. ලියාවි.. ඒ අතරෙදි අඩු පාඩුවක්, වරදක් පෙන්වලා දුන්නොත්.., බොහොම නිහතමානිව ඒවා සළකා බැලුවා වගේම ඉදිරියටත් එහෙම කරාවි. ඉස්සරහට පුලුවන් විදියකට, ඉඩ ලැබෙන හැටියකට ලියන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ මට හිතෙන දේ. මට පුළුවන් විදියට.මගේ සතුට වෙනුවෙන්..මොනාද මට බ්ලොග් ලිවිල්ලෙන් ලැබුනේ..වැදගත්ම දේ ඒක තමයි. මේ බ්ලොග් එක කියන්නෙ මගෙ නම් ජිවිතේම නෙවෙයි. බ්ලොග් වලින් එහාට ගිය ලෝකයක් මට තියෙනවා.බැඳීම් තියෙනවා.නමුත් මේ බ්ලොග් එකෙන් මම සතුට වගේම..,හරිම වටින මනුස්සකම් හුඟාක් හම්බකලා.මේ බ්ලොග් එක හරහා හුඟාක් වටින සහෝදර බැඳීම් ඇති වුනා. එදා බ්ලොග් අවකාශෙට ආපු දා ඉඳන් මේ වෙන තුරුම, කිසිම වෙනසක් නැතිව, එකම විදියට මාත් එක්ක බැදුනු සහෝදර බැම්මක් මට තියෙනවා. අන්න ඒ දේ ගැන විතරක්, මම වුවමනාවටත් වඩා සතුටුයි.:Dඕනෙම කෙනෙක්ගෙ, ඕනෙම දේක, හොඳ ටික විතරක් අරන් නරක ටික බැහැර කරන්න පුරුදු වෙමින් උන්නු නිසා,බ්ලොග් අවකාශයටත් මම ඒ දේ ආදේශ කළා.අවසාන වශයෙන්.., නම් ගම් විදියට මතක් කරන්න, ස්තූති කරන්න මහ හුඟාක් අය හිටියත්., කෙනෙක්ව හරි මඟ හැරුණොත් කියන බයට., නම් ගම් වලින් ස්තූති නොකරන්න තීරණය කළා.නම් ගම් වලින් මතක් කරන්න ගියොත්., කොච්චරක් නම් ඉන්නවාද..:Dඅවුරුදු දෙකක් තිස්සෙ මම ලියන විකාර හෝ අකුරු පේළි කියෙව්ව ඔයාලා හැමෝටම ස්තූතියි. ඒ වගේම ගල් මුල් එවපු, යෝජනා චෝදනා කරපු හැමෝටමත් ස්තූතියි.:Dඅවසාන අවසාන අවසානම වශයෙන්..,"හිතූ" කියලා කෙනෙක්ව උපද්දවලා රැක බලාගෙන.., අවුරුදු දෙකක් වෙනකම් පෝෂණය කළාට වගේම, ආදරේ කළාට .., දුකේදි සැපේදී ලඟින් උන්නාට,හැම කෙනෙක්ටම ස්තූතියි.
BLOG
වැස්ස නුඹ,ඇද හැලෙන විටමහ පොලොව මමවැහි බිංදුවරැක ගන්න...හිරු නුඹයනැගෙන අහස මමහිරු එලියරැක ගන්න....මගේ ලොවට සදු නුඹයමම එහි රැදේනසද එලිය.
BLOG
වෙලාව හවසපහයි. වැඩ ඇරෙන වෙලාව. පාර පුරාම සෙනග. මේ වෙලාවට එළියට ඇවිත් මම කරගත්තෙ මෝඩකමක්දමන්දා. ගන්න ආපු බඩු වලින් බාගයක්වත් ගන්න බැරි වුණා. මොනවා කරන්නද. තවත් දවසක් එන්නවෙනවා.බස් එකනවත්තන තැන හොයාගන්න පාර පනින්න වෙනවා. මෙහේවෙනස් වෙලා තියන තරම්. මෙහේ පාරවල් ගෙදර වගේ දැනගෙන හිටපු කාලෙකුත් තිබ්බා. දැන්නම්කොච්චර වෙනස් වෙලාද. බස් එක නවත්තන තැන කාගෙන් හරි අහනවද. ඕනේ නෑ. පාර පැනලා පරණ හෝල්ට්එකටම ගිහින් බලනවා.මම පාරපනින්න කහ ඉර ළඟට ආවා. “ සිතූ,සිතූ” කවුද මගේ නම කියනවා ඇහුණා. මට නෙවෙයි වෙන්න ඇති. සිතූලා කොච්චර ඉන්නවද. ඒත් ආයේමත්“ සිතූ, සිතූ” කියනවා ඇහුණා. කවුද මේ. මේ බඩු ගොඩත් උස්සගෙන මට හැරෙන්නත් අමාරුයි.මම පිටිපස්ස හැරිලා බැලුවා. ඕ. මේ ඔයාමද. නැත්තම් ඔයා වගේ වෙන කවුරුහරිද. වෙන කවුරුහරි නම් මට නම කියලා කතා කරයි ද.“මේ ඔයාද.”මම ඇහුවා. “ඔව් නේ.මේ මම තමයි” ඔයා හිනා වෙවී කිව්වා.“මෙහේ කොහේද.”ආයෙත් මගෙන් ප්‍රශ්නයක්. “දැන් මමවැඩ කරන්නෙ මෙහෙනේ. ඔයා කොහෙද මේ බඩු ගොඩකුත් උස්සගෙන.” “මම බඩුවගයක් ගන්න ආවා.” මම කිව්වා. “ඔයා නම්පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. හිටපු විදියමයි” ඔයා කිව්වා. ඒක ඇත්ත. මම වෙනස් වෙලා නැහැ.වෙනස් වුණේ ඔයා නේ. ඒත් ඕවයෙන් දැන් වැඩක් තියෙයිද. නැහැනේ.“ඔයා නම්සෑහෙන්න වෙනස් වෙලා. මට අඳුරගන්නත් බැරි වුණා” මම ඇත්තම කිව්වා. ඔයාගේ මූණ වෙනස් වුණාදමන්දා. ඒත් ඔයා ඒ බවක් නොපෙන්නා ඉන්න උත්සහ කරන බවක් මට දැනුණා.“ඔයාට පරක්කුවෙනවද. අපි මොනවහරි බීලා කතා කරමුද” ඔයා ඇහුවේ හරිම පරිස්සමෙන්.“හා” මටයන්න ඕනේ වුණත් එහෙම කියවුනේ එයාගේ හිත රිදෙයි කියලා වෙන්න ඇති. මට කවදාවත් එයාගේ හිතරිද්දලා පුරුද්දක් තිබුණේ නැහැ. හැමදාම හිතරිද්දන කොටස තිබ්බේ එයාගේ අතේ.අපි කතානැතුවම ඇවිදගෙන ආවා. ඒ නිහඬ බව ඔයාටත් දරාගන්න බැරුව වෙන්න ඇති ඔයාම ආයෙත් කතාව පටන්ගත්තේ. “දැන් කොහෙදවැඩ කරන්නේ.” ප්‍රශ්නේ ඔයාගෙන්. “නුවර එළියේ”මගෙන් කෙටි උත්තර. “ෂා නියමයිනේ.ක්වාටර්ස් වලද ඉන්නේ” ආයෙමත් ප්‍රශ්නයක්.“ඔව්” ආයෙමත්මගෙන් කෙටිම කෙටි උත්තරයක්.“දැන් නිවාඩුද.” ආයෙත් ඔයා අහනවා.“ නෑ. මේවීකෙන්ඩ් එකට ආපු ගමන්” මම ගහගන්න වගේද මන්දා උත්තර දෙන්නේ. ටිකක් හෙමීට කතා කරන්නඕනේ.අපි පාරබෙදෙන තැනකට ඇවිත්. පාර දෙපැත්තේ අවන්හල් දෙකක්. “කොයි එකටදයන්නේ” ඔයා මගෙන් අහනවා.“ මුහුදපැත්තේ එකට” ඒ මගෙ උත්තරේ.“තාමත්මුහුදට ආසයිද” ආයෙත් ඔයාගෙන් ප්‍රශ්නයක්.“ හ්ම්ම්ම්”ඒ මගෙ උත්තරේ.අපි දෙන්නාඅවන්හලට ඇතුල් වුණා. “ අයිස්කොෆී බොමුද” “ හා” අපි වාඩිවුණා. ඔයා මගේ දිහා බලාගෙන. මම මුහුද දිහා බලාගෙන.“අයියාබැන්දලු නේ. මටත් වෙඩින් එක කිව්වා. ඒත් රස්සාවට ගිය අලුතම නිසා නිවාඩු ගන්න ටිකක්අමාරුයි. ඒ නිසයි එන්න බැරි වුණේ” ඔයා කියාගෙන ගියා.“ ඔව්.බැඳලා ඒ දෙන්නා රට ගියා” මම කිව්වා.“ ඔයා බැන්ඳේනැද්ද” ඒ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් මාව ගැස්සුණා.“නැහැ.මුහුද ළඟ ගෙයක් තියන එක්කෙනෙක් හම්බ වුණේ නැහැ නේ” මම කිව්වා නෙවෙයි කියවුණා. ඊට පස්සේඅපි දෙන්නටම හිනා. ඒ උත්තරෙන්පස්සේ අපි දෙන්නා අතරේ තිබ්බ ආගන්තුක බව ටිකක් හරි අඩු වුණාද මන්දා. ඊට පස්සේ ගෙදරවිස්තර, රස්සාවේ විස්තර, තවත් රටේ නැති වල්පල් කියව කියව ටික වෙලාවක් හිටියා. දන්නෙමනැතුව කලුවරත් වැටුණා.“ මම දැන්යන්න ඕනේ” ඔරලෝසුව දිහා බලපු මට කියවුණා. “ කළුවරත්වැටිලා. ඔයාට ගිය හැකිද” ඔයා ඇහුවා.“ඔව්, මටපුළුවන්” මම කිව්වා. “ යමු.මම ඔයාව බස් එකට දාන්නම්.” ඔයා අසුනෙන් නැගිට්ටා.ආයෙත් බස් හෝල්ට් එකට එනකම් අපි අතරෙ කතාවක් වුණේනැහැ. බස් හෝල්ට් එකටම ආවට පස්සෙයි ඔයාගේ කටහඬ අවදි වුණේ.“ ඉතින්කියන්න, අපි ආයෙත් හම්බ වෙයිද.” ඔයා ඇහුවා. මට කියාගන්න දෙයක් නැති වුණා. මට ඕනේ වුණේඒ ප්‍රශ්නෙන් පැනලා යන්න. “ මම දන්නේනැහැ. බලමු ඉතින්” මම කිව්වා. “ මම ගිහින් එන්නම්” ආයෙත් ඔයා මොනවත් කියන්න කලින් මමකිව්වා. “පරිස්සමෙන්යන්න” බස් එක ඇද්දුවා. බස් එක නොපෙනී යනකම් බලන් ඉන්න ඔයාව මම යන්තමට දැක්කා. මතු යම් දවසකආයෙත් හමුවෙමුකියූ කතා බස්මතකෙට නංවමුආගන්තුක ලෙසයන්තම් හිනැහෙමුනැවතත් හමු නොවෙනාලෙස වෙන්වෙමුප.ලි.- මේ මම මූණුපොතේ දාපු කවියකට ලියපු කතාවක්. නිර්මාණයක් පමණයි.
BLOG
අලුතෙන් සමාජ ජාල වෙබ් අඩවියක් ඇවිත් මෙන්න..හැබැයි ෆේස් බුක් වගේ නම් නෙවෙයි අපෙන් හම්බ කරන් කන්නේ නෑ මුන්නම්.ෆේස් බුක් වලා අපිට තිබ්බ එකම වටිනා කම තමන්ගේ පෝස්ට් එකක් ශෙයා කරගන්න වගේ ඒවානේ..මෙන්න මෙයාලා ඒවටත් අපිටම ගෙවනවා..නියම සීන් ඒක..අපි දාන ෆොටෝස්,Status ,පෝස්ට් හැමදේකටම මෙයාලා අපිටම ගෙවනවා..මේකට රෙජිස්ටර් වෙන්න තවත් කෙනෙක් හරහාම යන්න ඕන..ඒකත් සුපිරි වැඩේ...කැමති අය පහලින් දාන්නම් මගේ ලින්ක් ඒක ඒක හරහා ගිහින් රෙජිස්ටර් වෙන්න..co/Dasunumaඔන්න මම ගියා.
BLOG
බඹරුන් ගෙන ගියා මල් උයනනොතියාම එක මලක්වත් මටමාලතී අහිමි පුන්චි සමනළිය මමඉකි ගසා බොඳ කලා මල් උයන.....තලා පෙලා කුමරියන් විගසරොන් අරන් ගියා උන් හනිකකඳුලු ගෙන නෙත් අගින් සැනිනමල් කුමරියන් හඬුවා බොහොම.....පුන්චි මල් කුමරියේ තාමනුඹ ලඟයි මම හැමදාමයන්න එපා අතැර ආයෙත් දිනෙකමේ සෙනෙහස නිමියි නුඹ නැති දාක.
BLOG
ප්‍රංශයේ, ඩිපෝන් නුවර, ඉස්ලාම් ආගමේ, දෙවියන් ශ්‍රේෂ්ඨ යයි යන අරුත ඇති අල් හූ අක්බාර් පාඨයකෑ ගසමින්, පදිකයින් යට කරගෙන පැදවූ වාහනයේ රියදුරා, මුස්ලිම් භක්තිකයෙකු වන අතර,ඔහු ඉස්ලාම් උම්මත්තකවාදීයෙකු බවද සැකකරනු ලබයි.මෙම සිද්ධියෙන් පදිකයින් 11කු තුවාල වූ අතර, 02කුගේ තත්වයබරපතල බව වාර්තා වේ.‍ඩිපෝන් නුවරම මේ ආකාරයටම පිහියක් අත ඇතිව, පිරිසකට එල්ලකරමින් පහර දෙන්නට තැත් කල පුද්ගලයකු වෙඩි තබා මරා දැමීමට ප්‍රංශ පොලිසියට සිදුවූබවද වාර්තා වේ.
BLOG
කසාදය..අම්මාට අනුව යුතුකමකි...තාත්තාට අනුව දිවි සවියකි...අයියාට අනුව සමාජීය අවශ්‍යතාවයකි...නංගීට අනුව ආරක්ෂාවකි...මට අනවශ්‍ය බරකි...කසාදය.
BLOG
එකම දිනයක සතුට එකතුවදවස් සති මස් ගෙවෙනවාසිතේ සතුටින් පුරෝගත් හදඋණුසුමින් වගෙ පිරෙනවා....ඉඳහිටක දවසක අතරමගබොරපැහැති දින තියෙනවානෙත් අගට කඳුලක් පුරෝගෙනසිනාසීගෙන සිටිනවා...දුත සතුට සැප මැදින් ජීවනගඟ ගලාගෙන බසිනවාගල් බොරළු කඳු හෙල් මතින් බටගඟ සුයුර වෙත ඇදෙනවා...දහසකුත් බාධක අභිමුවෙහිඅපේ ජීවිත ගෙවෙනවාගෙවෙන හැම දිනයක්ම වාගේසොඳුරු බව නම් සිතෙනවා.
BLOG
පසුගිය 21 වන දින අලුයම් කාලයේ හිදිසි ගිනි ගැනීමක් හේතුවෙන් විනාශ වී ගිය පානදුර ‘නෝලිමිට්’ රෙදි පිළි වෙළඳ සැලේ ආලාභය රුපියල් කෝටි 30ක් පමණ වන බවට තක්සේරු කර ඇත.මෙම ආයතනය මෙරට ප‍්‍රමුඛ පෙලේ රක්‍ෂණය ආයතනයක පූර්ණ ලෙස රක්‍ෂණය සිදු කර ඇතැයිද ඇතැම් ආරංචි මාර්ග කියයි.මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළඳ සලේ සේවකයන් 12 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.ශ්‍රී ලංකවේ ප්‍රමුඛ පෙළේ සියලුම රක්ෂණ ආයතන වල වැඩිපුරම මුදල් ආයෝජනයක් ඇත්තේ සිංහලයින්ටයි. නෝලිමිට් වෙත ගෙවන කෝටි 30 ක රක්ෂණ වන්දිය වැය වන්නේ සිංහලයන්ගේ මුදලිනි.
BLOG
පෘථිවිය ගත්තාම රටවල් ගොඩාරියක් තියෙනවා...ඒ රටවල් වලින් බහුතරයක් රටවල ඉන්නෙ කතෝලික, ක්‍රිස්තියානි උදවිය. මුස්ලිම් උදවියට අරාබිකරයම සහ අප්‍රිකාවෙ සමහර රටවල් අයිති වෙනවා.... දෙඅල උදවියට ඉන්දියාව ( දකුණු ඉන්දියාව ) තියෙනවා....හිතලා බලපල්ලා මේ ලෝකෙ සිංහල බෞද්ධ කියන උන්ට වෙන කොහෙද තියෙන්නෙ ජීවත් වෙන්ඩ රටක් මේ ශ්‍රී ලංකාව කියන වර්ග කිලෝ මීටර 65,525 ක් තරං පුංචි රට ඇරෙන්ඩ.... වෙන කොහෙද තියෙන්නෙ.... මෙකෙ ඉන්න උගත්තු ඒ ප්‍රශ්ණේට උත්තරයක් දන්නවනම් මට කියන්න කරුණාකරලා......අපේ මේ පුංචි රටේ අදට මහ ජාතිය සිංහලයො, ඊලඟට මුස්ලිම් අය ඉන්නවා... ඊට පස්සෙ දෙමළ, බර්ගර් ජාතින් ඉන්නවා.... අපි ඒ කාටවත් අපේ රටේ ඉන්ඩ එපා පලයල්ලා අපේ රටින් කියලා කියලා තියෙනවද . එහෙම කියලා තියෙනවනම් ඒකටත් උදාහරණයක් දෙන්ඩ කියලා මෙකෙ ඉන්න උගතුන්ගෙන් මම ඉල්ලා සිටිනවා.....තමන්ගෙ රටින් වෙනත් ආගමක් අදහන වෙනත් ජාතියක පිරිසක් එලවන්න හදන එකයි, වෙන ජාතියක් විසින් අපිට මේ ලෝකෙන්ම ජීවත් වෙන්ඩ තියෙන එකම රට අපිට නැති කරන්න හදන එක වලක්වන්න උත්සාහ දරන එකයි කියන්නෙ කාරණා දෙකක්...හැබැයි ඒක ගොඩාක් උගත් කියලා හිතාගන්න පුහ්ඃ බූරුවන්ට තේරෙන්නෑ.... ඒක වෙන කාගෙවත් නෙමෙ සිංහලයගෙම කරුමෙ....මේ ලංකාවෙ සාම්ප්‍රදායික මුස්ලිම්වරු දෙමළ අය ජීවත් වෙනවා.. ඒ අයගෙන් කාටවත් කරදරයක් නෑ... සිංහල දෙමළ මුස්ලිම් එකට ජීවත් වෙනවා සහයෝගෙන්.. ඒත් ඒ අස්සෙ හැංගිලා සිංහලයට කෙළ වන මුස්ලිම් අන්තවාදින්ට විරුද්ධව නම් සිංහලයා සටන් කරනවා... ඒ සටන් කරන එකෙ වරදක් තියෙනවනම් මෙකෙ ඉන්න උගත් අය ඒ වරදත් පෙන්නුම් කරලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා....ඉස්සර ඉදන් එන කතවක් තියෙනවා අර කාන්තාරෙ කූඩාරමක් ගහගෙන ඉන්නකොට ඒ මනුස්සයා පව් කියලා ඔටුවට ඔලුව කූඩාරම ඇතුලට දාගෙන ඉන්න දුන්නා කියලා... ඒත් ටික ටික මොකද උනේ... ඒ ඔටුවා අර මනුස්සයට ගහලා එලවලා කූඩාරම උට තනියම අයිති කරගත්තා.... එතන ඒ මනුස්සයගෙ චරිතෙ රඟපාන්නෙ සිංහල අපි, ඒ ඔටුවගෙ චරිතෙ රඟපාන්නෙ අපේ රටට කෙලින්ඩ හඳන මුස්ලිම් අන්ත්වාදින්... ඔය ටික මේ උගතුන්ට තේරෙයිද කියන එකෙ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා... එහෙම තේරුන්නැත්තම් කරුණා කරලා අහන්න හොදේ.....අනික් දේ තමා මේ උගත් පිරිස ජාතිවාදය සහ ජාතිකවාදය කියන දෙක පටලවාගෙන තියෙන්නෙ....ජාතිවාදය කියන්නෙ එක ජාතියක් තව ජාතියකට විරුද්ධව සටන් කරලා එක ජාතියක් නැති කිරිමට උත්සාහ කිරිම....ජාතිකවාදය කියන්නෙ තමන්ගෙ ජාතියට වෙන අසාධාරණකම් වලට විරුද්ධව තමන්ම සටන් කරලා තමන්ගෙ ජාතිය බේරා ගන්න එක....අද සිංහලා කරන්නෙ ඒක.... කවුරු හරි කියනවනම් ඒම නෙමෙ කියලා උදාහරණ එක්ක ඔප්පු කරන්න.....මුස්ලිම් කාරයා අපේ රටට ඇවිත් කොච්චර වි‍යාප්ත උණාද . සිංහලයා මොකුත් කීවද කරාද . නෑනේ... ඒත් දැන් උන් අපේ සිංහලයව ටික ටික නැති කරන්න උත්සාහ කරනවා... ඒකට විරුද්ධව කතා කරන්න පිට රටවල ඉදන් සුද්දො එන්නෑ... අපේ ජාතිය රැකගන්න පෙළගැහෙන්න ඔනෙ අපිමයි... ඒකයි අද මේ ජාතික සංවිධාන කරන්නෙ....හැබැයි අවාසනාවකට ඒ දේවල් වලට වින කටින්නෙත් සිංහල තාත්තා කෙනෙකුට දාව සිංහල අම්මා කෙනෙකුගෙ බඩින් උපන් බුදු දහම අදහන සිංහල උන්මයි...මේක ජාතියක් හැටියට අපේ අවාසනාව..... ඒ වගේ හරක් ඉන්නකං මේ වෑයම අසාර්ථයි....මගේ රටට මගේ ජාතියට මගේ ආගමට ජය වේවා ...බුදු සරණයි...මොලෙන් තේරුම් ගැනිමට හැකියවක් ඇති අයට කියවීමට පමණයි මේක දැම්මෙ .
BLOG
වරක් දැකඇය රූ වරුණකැටයම් කරයි කවියකනිදි වරා මුළු ‍රැයමපුරුදු විරිතට....නා දළු දෙතොල්පුළුල් බඳනීල නෙත්‍රැ‍ඳෙයි මුල් පේලි මත....වරක් ඇය හා යහන් ගත වූකලෙක මෙන් තැනෙනපද මැදට....හිරු අවදි වන තුරුත්තෙමයි හාදු නැති දෙතොල්නීරස මධු විතින්නිදයි පොඩිවූ කඩදාසි මතසුව යහන මත ඇයසුසුම් ලන කල.
BLOG
අදහසක් ප්‍රකාශ කරන්න බැරි තැනකදී ගොඩක් අය කියනවාක්‍යක්තමයි "තනි ඇහැට ඇඩෙනවා"කියන එක . දැන් ඒක සමාජයේ මුල් බස ගත්ත ප්‍රකාශයක් වෙලා .ඇත්තටම තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම මොකක්ද ..කට්ටිය කැමතිද තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම දැන ගන්ඩ .. වැඩිය වචන පාවිච්චි කරන්නේ නෑ රුප සටහනක් මගින් විස්තර කරන්නම් .පහල තියෙන්නේ කඳුලක් නැගුණ ඇහැක රූප සටහනක් .පහලින් තියන පින්තුරේ ඇත්තම කතාව පෙන්නුම් කරනවා ....ඔන්න ඕකට තමයි තනි ඇහැට ඇඩෙනවා කියන්නේ .... අපි දැනගෙන හිටියේ නැතත් හෙන කුප්ප කතාවක් ...ඔන්න පිරිමි ළමයි තනි ඇහැට අඩවගන්න ගන්න එපා..තනි ඇහැට අඩවනවා මිසක්ක .
BLOG
නිර්ධන පංතියේසමාජවාදීදුයිෂේන්ධනපති පංතියේඑලකිරි පොරක් උනා නංනිර්ධන පංතියේදුප්පත් අල්තීනායිතාමත් දන්නේ නෑකවදාහෝ වසන්තයඈ සොයා එන බව.
BLOG
ලෝකයේ වෙන්දේසියක දී වැඩි ම වටිනාකමක් ලැබූ පොත ලෙස සැලකන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ ‘කෝඩෙක්ට් ලීෙසෙස්ටර්’ යනුවෙන් හැඳින්වෙන අතින් ලියූ සටහන් පොතකටයි. එකම එකක් පමණක් ඇති එය වෙන්දේසියක දී අලෙවි වී ඇත්තේ ඩොලර් මිලියන 30.8ක් වැනි මුදලකටයි.ඒ වගේ ම එංගලන්තයේ රජුගේ බලය සීමා කිරීම සඳහා අතීතයේ ප‍්‍රභූන් ගෙන ආ ‘මැග්නා කාට’ ප‍්‍රඥප්තියේ පැරණි පිටපතක් ද ඇමරිකාවේ මුලින්ම මුද්‍රණය කළ පොත වූ ලෝකයේ ඉපැරණි බයිබලයක් හා යාඥා පොතක් ද මිලෙන් වැඩිම පොත් අතරට අයත් වෙනවා. එහෙත් වත්මන් ලෝකයේ වැඩි ම මිලකට අලෙවි වී ඇත්තේ ජෝන් ජේම්ස් ඕඩුබොන් (John James Audubon) ගේ ‘ඇමරිකාවේ කුරුල්ලෝ’ (Birds of America) නම් පොතෙහි පිටපතක්. එය ලන්ඩන් නගරයේ පැවති වෙන්දේසියක දී පවුම් මිලියන 7.3කට (ඩොලර් මිලියන 11.5කට) අලෙවි කෙරුණා. එය දළ වශයෙන් රුපියල්වලින් නම් මිලියන 1150ක්, එනම් රුපියල් බිලියන 1.5ක් විතර වෙනවා. ඒ අනුව එය ලෝකයේ මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ පොත හැටියට වාර්තා වෙනවා. පොතක් කීවාට මෙය ඇත්තෙන්ම පොත් හතරක කට්ටලයක්. 19 වන සියවසට අයත් ඉතාමත් සුරක්ෂිතව, උසස්ම තත්වයෙන් පැවති ශ්‍රේෂ්ඨ කෘතියක් හිමි කරගන්නට මේ වෙන්දේසියෙන් හොඳ අවස්ථාවක් උදා වුණා. එදා මුද්‍රණයෙන් පිටවූ තත්වයෙන් ම පවතින මෙහි වර්ණ පින්තූර 435ක් තියෙනවා. මෙය මිල දී ගැනීමට හතරදෙනකු ඒ වෙන්දේසියට එක් වුණා. අනෙක් තරගකරුවන් පරදවා මේ ගණනට මේ විශිෂ්ට කෘතිය මිල දී ගත්තේ ලන්ඩනයේ ව්‍යාපාරිකයෙක්. ඔහු වටිනා කලාකෘති එක්රැස් කර අලෙවිකරන්නෙක්. වීඩියෝව සඳහා පහත බලන්න. ඕඩුබොන්ගේ මේ කෘතියෙහි අතින් වර්ණ ගැන්වූ විශාල ප‍්‍රමාණයේ චිත‍්‍ර 435ක් තියෙනවා. දැනට සම්පූර්ණයෙන් ම සුරැකිව ඇත්තේ පිටපත් 120ක් පමණයි. ඒවායින් 107ක් ම ඇත්තේ පුස්තකාල වැනි ආයතන තුළයි. මෙහි සම්පූර්ණ පිටපතක් අවසන් වරට වෙන්දේසි කරනු ලැබුවේ 2012 ලන්ඩනයේ සූත්බි ආයතනයේදියි. එය එතෙක් තනි කෘතියක් විකිණුණු වැඩිම ලෙසින් වාර්තා වුණා. ඒ බව ගිනස් ලෝක වාර්තාවල සඳහන් වෙනවා. ”ඇමරිකාවේ කුරුල්ලන් ගැන ලියැවුණු මේ පොත ඉතාමත් අලංකාරවත් එකක්. එහි සන්නිදර්ශන අති විශිෂ්ටයි, අනභිභවනීයයි.” යැයි රිචඞ් ඬේවිස් කියනවා. ඔහු ඉපැරණි දුර්ලභ පොත් හා අභිලේඛන පිළිබඳ ජගත් විශේෂඥයෙක්. එහි ඇති පැරණිකමටත් වඩා එහි ඇති ඓතිහාසික වටිනාකමත් කුරුලු විද්‍යාත්මක අගයත් මෙතෙකැයි කිව නොහැකි තරම්. මෙහි ඇතුළත් ඇතැම් කුරුල්ලන් අද වඳ වී ගොසින්. ඒ වගේම එදා ලෝකයට අලුතින් හඳුන්වා දුන් කුරුල්ලන් ද සිටිනවා. අඩි 3ක් උස දැවැන්ත පොත් හතරකින් යුත් කට්ටලයක් වන මේ අගනා කෘතිය නිර්මාණය කර ඇත්තේ 1827ත් 1838ත් අතර කාලයෙදියි. ප‍්‍රංශ නැව් කපිතන් කෙනකුගේ අවජාතක පුතකු වූ ඕඩුබොන් දක්‍ෂ චිත‍්‍රශිල්පියෙක්. ඔහු සිය රතු ඉන්දියානු සම්භවයක් ඇති සහකාරිය සමග ඇමරිකාව පුරා වනගතව සංචාරය කරමින් මේ චිත‍්‍ර ඇන්දා.මේ සෑම මුද්‍රිත පොතක ම චිත‍්‍ර අතින් වර්ණ ගන්වා ඇති අතර එය අතිශය වෙහෙසකර කටයුත්තක් වුණා. අද දියුණු ක‍්‍රම වේදයන් යටතේ වුවත් මෙවැනි විචිත‍්‍ර කෘතියක් නිර්මාණය කිරීම පහසු දෙයක් නොවෙයි. 1880 ගණන්වල මෙය නිකුත් වූ අවස්ථාවේදී සියලුදෙනාම මවිතයට පත් වුණා. මෙම පොත ලිවීම සඳහා ඕඩුබොන් අනුගමනය කළේ ඇඟ කිලිපොළා යන ක‍්‍රමවේදයක්. ඔහු කළේ අවශ්‍ය කුරුල්ලන් දඩයම් කර ගෙන අවුත් ඔවුන් කම්බියක එල්ලා ඒ දෙස බලා ගෙන චිත‍්‍ර ඇඳීමයි. මෙම එක් චිත‍්‍රයක් සම්පූර්ණ කිරීමට ඔහුට පැය 60ක පමණ කාලයක් ගත වුණා. අවාසනාවකට වාගේ ඔහුගේ චිත‍්‍රවලට බඳුන් වූ කුරුල්ලන් අද වඳ වී ගොසින්. කැරොලිනා පැරකීටයන් (ගිරවුන්), පැසෙන්ජර් පිජන් (පරෙවියන්), ලැබ‍්‍රඩෝ ඩක් (තාරාවුන්), ගේ‍්‍රට් ඕක්, එස්කිමෝ කිරලූන් හා පිනේටඞ් ග‍්‍රවුස් (වලිකුකුළන්) ආදී කුරුල්ලන් දක්නට නැහැ.‘මෙම පොත පෙරළීමට නම් දෙදෙනකු අවශ්‍ය වෙනවා’ යයි වෙන්දේසියට පෙර සූත්බිහිදී මෙය පරීක්‍ෂා කළ ගෙකෝස්කි නම් අයකු ප‍්‍රකාශ කර තිබුණා. ඔහු කීවේ, ‘අපි දෙන්නෙක් දෙපැත්තෙ ඉඳගෙන පිටුවෙ දෙපැත්තෙන් අල්ලා ගෙන පරෙස්සමින් පෙරළුවේ, මේ දැවැන්ත පොත කෝටි ගානක් වටින එකක් නෙවැ.
BLOG
අහම්බෙන් වගේ දකින්න උන වීඩියෝවක්... දැකලා අහක බලං ඉන්න එක හොඳ වැඩක් නොවන හින්දා මේ මැතිවරණ කටේ මහින්ද අයියට හෝ මෛත්‍රී මහත්තයට පාඩුවක් වෙන විදියේ මොනවත් නොලියා ඉන්න හිතං හිටියා උනත්... මේක නොලියා ඉන්න එක මට හිතට හරි මදි කාරණාවක්...අවංකවම මෙන්න මේ තත්වයනං හොඳ දෙයක් නෙවෙයි.. මහින්ද අයියා වහාම අවධානය යොමු කල යුතු දෙයක් මේක... මොකද මේ මිනිස්සුන්ගේ හයිය තමා මහින්ද අයියට තියෙන ලොකුම ධනය... මේ මිනිස්සුන්ව ඇස් දෙක වගේ බලා ගැනීම මහින්ද අයියගේ යුතුකමක්...මහින්ද අයියට කලින් හිටිය චන්ද්‍රිකාලා රනිල්ලා හින්දා මේ මිනිස්සුන්ගේ අයියලා තාත්තලා බාප්පලා මහප්පලා වහ බිබී මැරුනා.. සමහරුන්ට වහ කුප්පියක් සල්ලි දීලා ගන්නවත් වත්කමක් නැතිව ගිය හින්දා කනේරු ඇටයි සීනියි කකා මැරුනා.. යන්තං ඒ වහ කාලා ගොවීන් මැරුන යුගය නිමා උනේ මහින්ද අයියගේ ආණ්ඩුව යටතේ... ඒ විතරක් නෙවෙයි..මේ මිනිස්සු අත්වල කරගැට දානකලං කුඹුරු කොටද්දී.. බිම පෙරලද්දි.. රෑට නිදි නැතිව සතා සරුපයාගෙන් වෙන අනතුරු මැද්දේ ගස් උඩ ගල් උඩ නැගගෙන නැහීගෙන වගාවන් ආරක්ෂා කරගෙන ඉද්දී... අලියා ගහලා මැරෙද්දී.. කොටියා ගහලා මැරෙද්දී... මේ මිනිස්සුන්ගේ ළමයි තමා යුද්දේට ගිහින් මැරුනේ.. එහෙම නැතිව මේ කොළඹ ඉන්න මිනිස්සුන්ගේ ළමයි නෙවෙයි... එදා උතුරේ කඳවුරු එකින් එක බිමට බිමට පාත් වෙද්දි අලිමංකඩ.. පුනරින් වගේ කදවුරු වලදී සෙබළු තුන් හාර දහ එක ගොඩේ වතුර ටිකවත් නැතිව පිපාසෙන් වැටිලා ඉද්දි කොටින්ගේ මන්නා පාරවල් කාලා මලේ මේ මිනිස්සුන්ගේ දරුවෝ... මේ මිනිස්සු එදා නොසෑහෙන දුකක් වින්දා.. ළමයි නැති උනා.. වහ කාලා මලා.. දැන් ආයෙම එහෙම කාලයක් උදා වෙන්න දෙන එක යුතු නැහැ... වහාම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න... රජයේ පැත්තෙන් හෝ.. නිලධාරීන්ගේ පැත්තෙන් මොන යම්ම හෝ අකටයුතුකමක් වෙනවනං වහාම ඒ දේවල් හරි ගස්සලා මේ මිනිස්සුන්ගේ අත්වල තියෙන කරගැට වලට සාධාරණයක් කරන්න... මේ මිනිස්සු ඒ සැලකීම ලබන්න සුදුසුකං ඇති මිනිස්සු... ඒ අයට යුතුකම් ඉෂ්ඨ කරන්න පරක්කු වෙන්න එපා... එහෙම නොවුනොත් මේ මිනිස්සු හෙට මහින්ද අයියා වෙනුවට රනිල් චන්ද්‍රිකාලට මේ කර ගැට පාලනය කරන්න බලය දෙන්න බැරි නැහැ.. එහෙම උනොත් වැඩි දවසක් නොගිහින් ආයෙම මේ මිනිස්සු කනෙරු කන... වහ බොන... යුගයක් එයි... ඒ තත්වෙට මේ මිනිස්සුන්ට වැටෙන්න දෙන්න එපා.. මොවුන්ව රැක ගන්න... ඡන්ද කටේ තියං ප්‍රශ්න අදිනවා කියලා නොහිතා ඔවුන්ව මේ විපතෙන් ගලවා ගැනීම ඔබට බාර වූ රාජකාරියක්... ඒ රාජකාරිය දේව කාරියට වඩා ලොකු එකක් බව අමතක නොකරන්න.
BLOG
ඔබ නීල නෙතු ලඟඅසරණයි මා,මගේ කවිකම.උවම් සොයමි ද කොහේවචන දමගෙන් දුර ඈත විට.සුමිතුරු මගේ පන්හිඳඅවනත නෑ මට ම දඅකුරක් නෑ ලියන්නේකුරුටු ගානවා විතරයි.නිඳිගන්නේ කොහොම,ඇසිපියා සයනයේයුද වැදුනා පමණයි;සුසුම් ලෑවා විතරයි.නෑ හිතේ තරහක්හැංගුනාට සඳ කොමලියසුදු වලා සේද‘තරසොරා යමි මේ අහසින්මගේ ම විශ්වයට ඈතටවසන්තයේ එක දවසකහොවා මා දෝත‘තරඔබේ රූ මී අමා පුරා බොමි මා නෙතු විත.
BLOG
සීය තම මුණුබුරාට කියල දුන්නලු සෑම මිනිහෙකුගේම ඇතුලාන්තයේ තියෙන සටන ගැන." පුතා .. සෑම මිනිසෙකු තුලම වෘකයින් දෙදෙනෙකු සටනක නියලෙනවා ..""එකෙකු නරකයි. ඌ වෛරය,ඊර්ෂ්‍යාව, දුක, පසුතැවීම, තන්හාව, බොරුව, මමත්වය පිරුනු එකෙක්."" අනිකා හොඳයි, ඌ ආදරය, සාමය, සතුට, බලාපොරොත්තුව, කරුණාව, සත්‍ය, පරිත්‍යාගය පිරුනු එකෙක්."" එතකොට සීයෙ සටනින් දිනන්නෙ මොන එකාද .. " මුණුබුරා ඇහුවලු." ඔබ පෝශනය කරන එකා .. " සීය පිළිතුරු දුන්නලු.
BLOG
...........
BLOG
විදාහල අතු වියන ලෙස මට සෙවන වූවා නුඹෙ ගතින්...වසාගත්තේ මගෙන් කොටසක් කලේ රකිනට මා නිතින්...කියා ඒ ගැන ලොවේ හැමදෙන කළා අවමන් පුහු සිතින්...එහෙත් නුඹ මට මහමෙරක් බව කියමි හඬගා මා වතින්...වසන්තයෙ පිනි කඳුලු තවරා මලින් නුඹ මා ගැවසුවා...දසන්තයෙ හැම නිතර කොඳුරා මගේ රුව ගැන පැවසුවා...දිගන්තය වෙත බසින කුමරා ලෙසින් නුඹ මා සැනසුවා...අනන්තය තෙක් මලින් කල රූ සිතුවමින් මා සැරසුවා...සියලු දහමන් නැසෙන බව නම් දනිමි වියපත් හිමියනේ...කුමන අයුරින් නුඹගෙ නික්මන් බලා ඉන්නේ දෙනෙතිනේ...කුරිරු මිනිසුන් ගියේ උදුරන් මගෙන් නුඹ මේ විලසිනේ...සිනහ වෙන්නේ කෙලෙස යළි මම බලා නුඹ දෙස කිව මැනේ...- ආදරණීය 'වල' -ලිව්වේ : රන්දුනු යසරංගසේයා රූ :*www.
BLOG
ඔන්න එකමත් එක සමාන්තර විශ්වයකකතා #1හලෝතිස්ස තිස්සඔව් තිස්ස තමාමම මහින්දආ ඇත්තද ...මේ මුවත් ඇවිත් ගියා විතරයි ..ගිහින් කියපන් ඕක උඹේ අ .නෑ තිස්ස මම මේ ජනමුල නායක ආ සර්මොකෝ කරන්නේ අද හවස .එහෙම කියල මොකුත් වැඩක් නෑ සර් මට දැන්එහෙනම් එනවකො මේ පැත්තේ ...අද අපේ දිහා පාටියක් . තමුසේ එනවා අපේ පාටියටපාටියක් . කොහෙද සර් ඔය පාටියඅපේ දිහා ... අර බජව් දාන කාමරේ ..සැලුන් දොරෙන් ඇතුළු වෙලා කෙලින්ම එනවා ....තමුසේ එනවා ඇඳුම් , පැදුරු කොට්ට අරං , ටික දවසක් ඉන්න බලාගෙනම .මම ගමන් වියදම දෙන්නම්අනේ සර් එහෙම හරි නෑ නේ ..මාව පත් කලේ අපේ පක්ෂයෙන් නේ ... අනික ජනතාව ඉල්ලා සිටින්නේත් වෙනසක් නේ ...අපිට චන්දෙ දුන්න ජනතාව අපෙන් ඉල්ලා සිටින්නේ ඒ වෙනසට නායකත්වය දෙන්න කියලා නේ . ඒ නිසා අනේ තරහ වෙන්න නම් එපා , ඔය පාටියට නම් එන්න වෙන්නේ නෑකතා #2මගේ නම මාතර සුනිල් ....මට කියන්න තියෙන්නේ ඔතන ඉන්නවා ලෝක හොරෙක්අඩෝ මේ ...අපිට සීයාගේ කාලේ ඉඳන් සල්ලි තියෙන මිනිස්සු . අපේ තාත්තට සල්ලි තිබුනා . රෝයල් එකට ගිය මටත් තියෙනවා සල්ලි වැක්කෙරෙන්න මහත්මයා එහෙනම් මොන රෙද්දට ද ඔය හිඟන මන්ත්‍රී වැටුප ගන්නේ , දුප්පත් මිනිස්සුන්ගේ බදු වලින් ගන්න වාහන පාවිච්චි කරන්නේ .. දෙනවකො ඕක අපි වෙනුවෙන් අපි අරමුදලට ..පලි :ඇතැම් සමාන්තර විශ්වයන්ගේ , සිදුවන්නේ යතාර්ථයටබොහෝ වෙනස් දේය .ඒත් ඒ සමාන්තර විශ්වයන්ගේ නේ .
BLOG
ආරොං අයියගේබාල පුතන්ඩියාකසිප්පු පෙරලාගමට බෙදන්නියාපොලොසියෙන්පැන කුදලන් යන්නියාදහ මාසයකටහිරේ ලගින්නියාමහර මහගෙදරසැමදා පොලිමකිජම්පර ගැසූමහතුන් වෙති තැටි අතැතිහොඳ හොඳවිසිට් ඒ අතරින් ඇතුල් වෙතිමුට්ටිය අඩියේබඩු මිටි සහ ජංගමෙකිමහගෙදරට සිරාඇවිත් මාස පහක් ගතවුනාගහට ගහක්මොරටුවේ මෙන් ගජ මිතුරන් හමුවුනාඅලුත් ගේම්එකක් දෙන්න කස්ටිය කතිකා උනාමේදා සැරේඑලියට විත් සත්ගුනවත් වෙමි මෙමාකොයි කාටත්හොර රහසේ දහමාසය ගතවුනානැෂනල් කිට්එකට බැහැපු සිරා ලමයා පැමිනියාඅලුත් ඡ්න්දේඅතලඟ බැව් වැර්ලසේ මොරදෙනාහිනා කටයිසිරාගේ වත බොක්කුවල ඇලවුනාහරක් පට්ටිවලහරකුන් අතුරුදහන් කෙරුවේ කවුදකැකිරිපිපිඤ්ඤා කැව්වට බඩගින්දර නිවෙනවාදරට රස්සාවල්දුන්නට ගමේ උන්ට හරි ගියාදඅබිලින්ගේකෙප්ප වලට මේ පාරත් අහුවෙනවදහොරකසිප්පුජාවාරම ගමෙන් තුරං කරනවා මංබිඩිසුරුට්ටුයි අබිනුයි අතුගාලා දානවා මංලෝකේ පැරණිරස්සාවට නංගිලාව දෙන්නෑ මංකුඩු පැනිටැබ්ලට් අරක්කු ගමට ගෙන්නෙත් නෑ මංඅම්මේ තාත්තේමාමේ නංගි මල්ලි මේ අහන්නමා දිනුවොත්ඔබත් දිනුම් එපා දෙපාරක් හිතන්නඅටේ ඉලක්කමටකෙලින් කතිර ලකුන දමා යන්නසත්ගුනවත්සිරා ලමයා කවුන්සලේටම අරින්න.
BLOG
උසස් පෙළ ලියල කැම්පස් යනවා කියන එක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගේම එයාලගේ දෙමව්පියන්ගෙත් හිත් වල තියෙන ලොකු හීනයක්‌.හැබැයි තත්වය එහෙම තිබුනට කැම්පස් එකක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කියල කිව්වම ඒ කෙනා දීලා වපර ඇහින් බලන පිරිසකුත් සමාජය ඇතුලේ ඉන්නවා.එයාලගේ හිත් වල තියෙන්නේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කියන්නේ ජෙප්පොන්ට කඩේ යන,හැම අටමඟලකටම බෝඩ් ලෑලි උස්සගෙන කෑ කෝ ගහන,පෙළපාලි යන පිරිසක් හැටියට.මේකට ප්‍රධානම හේතුව මම දකින විදිහට නම් කැම්පස් එක ඇතුලේ වෙන දේවල් වගේම කැම්පස් කොල්ලෝ කෙල්ලොන්ගේ අදහස්,සිතුම් පැතුම් සමාජයට යන්නේ නැති එක.හැබැයි මේකත් කියන්නම ඕනි.දැන් දැන් කැම්පස් ටියුෂන් පන්ති වල තත්වෙටම වැටීගෙන යනවා.ඉස්සර අපේ වැඩිහිටියෝ කියපු කැම්පස් නෙවේ දැන් තියෙන්නේ කියලත් අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා.ඒ තත්වය නැති කරන එක හැමෝගෙම වගකීමක් කියල මම හිතනවා.අන්න ඒ වගේ තත්වයක් ඇතුලේ "කැම්පස් සින්ඩිය" කියල අලුතෙන් සින්ඩියක් ආව එකගැන මම බොක්කෙන්ම සතුටු වෙනවා.අර කිව දේවල් වෙනස් කරන්න පොඩි හරි දායකත්වයක් මේකෙන් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.සිංහලෙන් බ්ලොග් ලියන්න, කොළඹ කැම්පස් එකෙන් හඳුන්වා දුන් සිංහල යුනිකේත ඉවහල් නොවුණා කියනවනම්, ඒක බොරුවක්. ඒනිසා අප කල්පනා කළා, ඔවුන්ටත්, සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියටත් කරන උපහාරයක් ලෙස, කැම්පස් සින්ඩියක් නමින් සින්ඩිකේටරයක් ආරම්භ කරන්න.කැම්පස් සින්ඩිය කා සඳහාද.....දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට මෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, ඉන් පිටත්ව ඉන්නා සියලුම දෙනාට. එහෙත් වසර අවසානයේ ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන, සම්මාන හා ත්‍යග සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණයි.ආරම්භ කිරීමට හේතුව...බ්ලොග් කියන්නේ අද ලෝකයේ ඉතා ජනප්‍රියම ජනමාධ්‍යවේදය. පුරවැසි මාධ්‍යකරණයේ කැඩපත. ඔබත් දන්නවා ඇති මලාලා ප්‍රසිද්ධියට පත් වුණේ කුමක් හේතුවෙන්ද කියා. කැම්පස් කියන්නේ, අනාගත නායකත්වය මෙන්ම අනාගත නිර්මාණකරුවන් බිහිවන ස්ථානය. නමුත් අද ඒකේ විශාල අඩුවක් පේනවා. අපි හිතන ආකාරයට විශ්ව විද්‍යාල අතර මෙන්ම, ශිෂ්‍ය ප්‍රජාව අතරත් සන්නිවේදනයේ විශාල හිඩැසක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, එම පරතරය නැති කිරීමේ පාලමක් වෙන්න.ඉතින් මේක සාර්ථක වෙයිද...ඒක තියෙන්නේ බ්ලොග් ලියන කියවන සියලු දෙනා අතේ වගේම, විශ්ව විද්‍යාල ප්‍රජාව අතරේ. අපි හිතනවා මූණූ පොතට වඩා යමක්, මේ තුළින් සිඳු වේය කියා.එතකොට මොනවද ලියන්නේ...ලියන්නද දේවල් නැත්තේ. තමන් ඉගෙන ගන්නා විෂයයන් පිළිබඳ දැනීම සමස්ත සමාජය හා බෙදා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම අද තියෙන විශාල අඩු පාඩුවක් තමයි, නිදහස් සිතුවිලිවලට, චින්තනයන්ට, අළුත් මතයන්ට තැනක් නොමැති කම. ඉතින් ඔබේ රැඩිකල් අදහස් අන් අය හා බෙදා ගැනීමේ හොඳම දෙයක්, තමන්ගෙම බ්ලොග් එකක් කිරීම.එච්චරද....නෑ... ඇයි එතකොට, කළා උත්සව, උපාධි උත්සව, විශේෂ දක්ෂතා, ජයග්‍රහණ, ඔය පොඩි පොඩි ඉවෙන්ට් ගැන දන්වා එව්වාම, ඒ ගැන පෝස්ට් එකක් දාලා පබ්ලිසිටියක් දෙන්නත් පුළුවන්නේ..එතකොට අනික් උන්ට හුළංද.....ඒක ඇත්ත. කැම්පස් යන්න හම්බ වෙන්නේ කී දෙනෙකුටද.. එක මාර්ක් එකකින් යන්න බැරි උන අයත් ඉන්නවනේ.. ඉතින් එයාලව අමතක කරන්නේ නෑ.. අපි බලාපොරොත්තු වෙනවා,අනෙකුත්සියළුම සින්ඩි වලින් තෝරාගෙන..,අන් අයගේත් සහයෝගය ඇතිව, එයාලටත්, "හොඳම", "ජනප්‍රිය" මෙන්ම, "හොඳම අළුත් බ්ලොග් අඩවිය" ටත් සම්මාන හා ත්‍යාගයන් ලබා දෙන්න..එතකොට කොහොමද සෙට් වෙන්නේ....comළිපිනයට, ඊ තැපෑලක් දැම්මාම වැඩේ හරි. දාපු ගමන් බඩු..කොන්දේසි එහෙම තියෙනවද....ඒවා ඉතින් සිණ්ඩියටම ගිහින්මෙතනින් ම බලාගන්නකෝබොහොම ස්තූතියි.
BLOG
මේ කියන්න යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන SMS පුවත් සේවාවක් ගැන.අපි දන්නවානෙ Dialog, Mobitel, Etisalat වගේ ජංගම දුරකතන සේවාවන් වලින් SMS හරහා ලබා දෙන පුවත් සේවාවන් (News Alert Services) ගැන. ඒවා සියල්ලම මුදලක් අයකරගන්නවානෙ. සාමාන්‍යයෙන් මාසෙක බදු සමග රු.45 ක් විතර අයවෙනවා. ඒ කියන්නේ අවුරුද්දට රු.540 ටත් වඩා අපෙන් කපාගෙන.නමුත් මේ Nidahasa News කියන ආයතනය මේ SMS පුවත් සේවය ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. Twitter හරහා තමයි ක්‍රියාත්මක වෙන්නෙ.ඕනම රටක ඕනම ජාලයක අයට මේ සේවය ලබාගන්න පුලුවන්. කිසිම ගාස්තුවක් නෑ.ක්‍රියාත්මක කරන ආකාරය :-* කරන්නතියෙන්නෙමෙච්චරයි.*follow nidahasanewsකියල ටයිප් කරල 40404 ට යවන එක. සැ:යු :- *මතක තියාගන්න ඔය විදිහටම යවන්න.සිම්පල් අකුරු විතරයි. වචන දෙක අතර තියෙන්න එක space එකයි.*මේ යවන SMS එකට ජාත්‍යන්තර SMS එකක ගාස්තුව අයවෙනවා. ඔබට වියදම් වෙන්නෙ ඒ ගාණ විතරයි. ඊට පස්සෙ මැරනකම් News Alerts නොමිලේ එනවා.තවත් මෙවන් වාසිදායක දේ දැනගන්න අපත් සමග රැඳී ඉන්න.Comment එකක් දාල යන්න. Blogger Account එකක් නැති අයට FACEBOOK COMMENT කියන click කරලා එතනින් comment කරන්න පුලුවන්.මේ වාසිදායක Free News Alert සේවාවගැන ඔබේ යාලුවන්ටත් දැනගන්නට මෙතනින් Share කරන්න.
BLOG
ජීවිතේවිඳින්න තියනවනම් අපි හැමෝම කැමතියි. මොකද අපි හැමදෙයක්ම කරන්නේ සතුට හොයන්න නිසා.ඒත් ජීවිතේ විඳින්නේ අපි කීයෙන් කී දෙනාද. ජීවිතේ විඳින අය නම් අතේ ඇඟිලි ගණනටත් වඩාඅඩුවෙන් අපිට හම්බ වුණාට ජීවිතේ විඳවන අය නම් ඕනේ තරම් ඉන්නවා.නීති රීති,යුතුකම්, වගකීම් ඔය හැම දේකින්ම අපිව සමාජයට බැඳලා. අපිට අපිවම ලිහාගන්න බැරි විදියට.ඒ බැඳීම් වලින් මිදෙන්න උත්සහ කරන තරමටම අපිව ඒ දේවල් වල තව තවත් පැටළෙනවා. ඒ නිසාබැඳීම් වලින් මිදිලා අපිට ජීවිතේ විඳින්න බැහැ. ඒ බැඳීම් ඇතුලෙම ඉඳන් ජීවිතය විඳින්නඅපිට සිද්ධ වෙනවා.කවදාවත්හැම දේකම පරිපූර්ණත්වය හොයන කෙනෙක්ට ජීවිතේ විඳින්න බැහැ කියන්නේ ඇත්තද. අපිට හම්බවෙන කිසිම දෙයක් පරිපූර්ණ නැහැ. ඉතින් එහෙමයි කියලා ඒක අපිට ජීවිතේ විඳින්න බාධාවක්ද.හැම දේම නීතියට කරන ( මෙතන නිතිය කියන්නේ රටේ නීතිය නෙවෙයි), ඒ නීතියෙන් පොඩ්ඩක්වත්ඔබ්බට යන්නේ නැති අයට නම් ජීවිතේ විඳින්න ගොඩක් අමාරුයි. දකින දේවල් වල මතුපිට පමණක්බලන, ඒ දේවල් බලන්නේ නැතුව ඔහේ පෙනෙනවට දකින අයට නම් ජීවිතේ විඳින එක සිහිනයක් පමණයි.මෙහෙම ජීවිතේවිඳින එකත් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. දකින්නේ හරිම පොඩි දෙයක් වෙන්න පුළුවන්.ඒත් හරියට බැලුවොත් එතන ගොඩක් ලොකු දෙයක් තියනවා. තේරුම් ගන්න වගේම විඳින්න. මතුපිටින්විඳින විඳීම් හරිම තාවකාලිකයි. ඒ වගේම හරිම නොගැඹුරුයි. ඒවා හැමෝම විඳිනවා. ඒත් හැමෝමනොදකින පොඩි දේවල් වල ගොඩක් ගැඹුරු ඒත් සරල විඳීමක් තියනවා. ඒක හැමෝටම පේන්නේ නැහැ.ඒ වගේම ඒක කාටවත් තේරුම් කරන්නත් බැහැ. ඒ වගේ දෙයක් වෙන කෙනෙක්ට තේරුම් කරන එක හරිමඅමාරු වැඩක්. ඒක ලේසියෙන් තේරුම් ගන්නත් බැහැ. අපේ යාළුවෝකියන්නේ ගොඩක් වෙලාවට අපි කැමති දේටම කැමති, සමාන අදහස් තියන අය. ඒත් එහෙම නොවන අයත්අපේ යාළුවෝ වෙන අවස්ථා තියනවා. ඒ වගේ අවස්ථා වලදි අපි අනිත් අයගේ වෙනස් අදහස් වලට එකඟවිය යුතුයි යැයි නියමයක් නැහැ. ඒත් ඒ අදහස් ඉවසීම වැදගත්. එයාලා අපි වගේ ජීවිතේ විඳින්නේනැති වෙන්න පුළුවන්. හැම දේකම අපි දකින වෙනස එයාලා නොදකින්න පුළුවන්. ඒත් ඒ අයගේ අදහස්වලිනුත් අපිට ගන්න දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයගේ අදහසුත් අපිට වටිනවා.ඒත් අපිටඉන්න මිතුරු ලයිස්තුව ඇතුළේ අපේ අදහස් වලට ගොඩක් සමානකම් තියන යාළුවෝ ඉන්නවා. එයාලත්පොඩි දේවල් වල ගැඹුරු ඒත් සරල විඳීමක් දකිනවා. අපි දකින දෙයක් ගැන කිව්වම ආයේ අමුතුවෙන්පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හරිම ගැඹුරු තේරුම් ගැනීමක්. ඒ වගේ යාළුවෝඉන්න එක හරිම වටිනවා.ඉතින් මේපෝස්ට් එක මගේ මිතුරන් අතරේ ඉන්න අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ඒ වගේ මිතුරන් වෙනුවෙන්….
BLOG
හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...මේ site එක තමා tsu.co කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.. ඉතිරි 90% භාවිතා කරන්නන් අතරේ බෙදනවා...දැන් ගත්ත ගමන් payment proof ඉල්ලන්න නම් එපා, මන් දන්න තරමට මේ සයිට් එක launch කරලා තාම සතියක් වත් නැහැ.. අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා.. හැබැයි copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ.. (ඉතින් අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒ දෙය ඉවත් කරනවා සයිට් එකෙන්) වැඩි විස්තර මමත් තාම දන්නේ නැහැ.. එකම දේ මේකට sign in වෙන්න පුලුවන් invitation එකක් හරහා විතරයි... කට්ටියට මේ ලින්කුව හරහා මේ නව සමාජජාල අඩවියට එකතු වෙන්න පුලුවන් :- Click Here to Join.
BLOG
තවමත් සිහින දකිමි ඒ අතීතය ගැන. සත්තකට කියාහිමිවූවක් නොවුනත් ඒ අතීතය තුල.මගේ යැයි කිව හැකි එක සිතුවිල්ලකි මා ජිවත් කල. එනමි ආදරයකි, කිසිදින මගේ නොවුනසිතුවිල්ලකට පමණක් මගේම උන එක චරිතයක් මතකයි සැබෑවටමමා ආදරය කල.වර්ෂ ගණනක් අත්විඳි සැබෑ ආදරයකි,ඒක පාර්ශ්වික දෙව් දුවක් නොවේ ඇය වෙන උන්ගේ හීන වල තරමට ලස්සනත‍ලෙළුසමකට ලස්සන සිහින් ඉඟකට හිමිකම් කිව්වටඋරහිස ළඟට දිග කෙට් කොන්ඩයක් තිබුනට ඒ රූපයහැමදාටම මගේ සිත බැඳගත්තකෙතරම් වෙරදැරුවද ඈ වෙත ලං වන්නට හැමදාමත් ඈ පළවෙනියය මමඅන්තිමයාමයඇගේ නම කියා මිතුරන් විසුළු කල මොහාතක් ගැන මතකයතවමත් මැවේ මේ නෙත් අභියස.ඇගේ නමින් මට මිතුරෙකු අඬගැසුව. “කිමද බන්”විමසන්නට ක්ෂණයකින් මා පසු පස හැරුණ.හදවතේ රිද්මය පරිසරයම නිහඬ කෙරුවා වැනිය. ඈ මාපසු පස සිට මා දෙසම නෙත් යොමා සිටින.ඒ ඇස් තුල තිබුන කුමක්දෝ දිලිසෙන හීනයක් ගැනවර්ෂ ගණනක් මා හීනයක් ලෙස දකිමින් ජිවත් උනකාලය පියඹයි අපි එහි පාවෙමු නුඹ නුඹ ලෙසද මම මමලෙසද කිසිදාක ඈත්විමක් නොමැතිව අපි අපේ හීන තුලතප්පරයකි අප දෙදෙනාටම අයත් නොවුන, නමුත්, නුඹේ උන,මගේ උන, තප්පරයක් ගෙවුවෙමු තම තමන්ගේ කොටසුළඟට විසිරුනු කෙටි වරලස, ජිවිතයම මඟ නවතන නුඹේ මදහස, නිහඬ පෙමිවතෙකුට මඟ පෙන්වුවහමුවෙනු නැති, වෙන්වෙනු නැති, සාදාකාලික ආදරයකි වර්ෂගණනක දුර ගෙවාගෙන පැමිණෙන.
BLOG
අද ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ Computer භාවිතයට අලුත් අයට තමයි. අනිත් අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒත් මං මේක ලියන්නෙ අලුත් අයට උදව්වක් විදියට. අපි හැමෝම Use කරන OS එකක්නෙ Windows කියන්නෙ. මොකද Windows කියන්නෙ පරිගණකය හුරු හා නුහුරු දෙගොලොන්ටම එක වගේ පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් OS එකක්නෙ. ඒ නිසා තමයි බොහෝ දෙනාWindows භාවිතා කරන්න පෙලඹිලා තියෙන්නෙ.ඉතින් මං අද ඔයාලට කියන්නෙ Windows පරිගණකයක තියෙන්නම ඕන ඒත් වැඩිය ප්‍රසිද්ධ නැති Softwares (මෘදුකාංග) කිහිපයක් ගැන.1. AudacityAudacity කියන්නෙ ඕනම කෙනෙක්ට පහසුවෙන්ම තේරුම් අරන් වැඩ කරන්න පුලුවන් Audio Editing Software එකක්. මේක අලුත් කෙනෙක්ට උනත් ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන්. මේක පොඩි සොෆ්ට්වෙයා එකක් උනාට මේකෙන් ඔයාට ගොඩක් දේවල් කරගන්න පුලුවන්. සිංදුවකින් කටහඩ වෙන් කරන්න වගේ සියුම් දේවල් උනත් පහසුවෙන් කරගන්න මේ Software එක යොදාගන්න පුලුවන්. Media Player ClassicMedia Player Classic කියන්නෙ ගොඩාක්ම Light සොෆ්ට්වෙයා එකක්. මේකෙන් අපිට ඕනම Format එකක Video එකක් පහසුවෙන්ම Play කරන්න පුලුවන් වගේම Full HD Videos උනත් හිරවෙන්නෙ නැතුව Play කරන්න පුලුවන්.VLC, KM Player වැනි Players වලින් Play වෙනකොට Lags ඇතිවෙන Videos මේ Media Player එක හරහා කිසිම Lag එකකින් තොරව කරන්න පුලුවන්. RecuvaRecuva කියන්නෙ Free දෙන ඒත් ගොඩක් Powerful File Recover Programme එකක්. ඒ කියන්නෙ ඔයාගේ අතින් වැරදීමකින් සදහටම Delete උන ඕනම File එකක්ආපහු Restore කරගන්න පුලුවන්. ඒක නිසා Recycle Bin එකෙන් Delete උනත් බය වෙන්න ඕන නෑ. 3DP Chip3DP Chip කියන්නෙ ඔයාගේ Computer එකට ඕන Drivers හොයාගන්න උදව් වෙන Sofware එකක්. මේක තියෙනවා නම් ඔයාට Drivers හොය හොයා කරදර විදින්න ඕන නෑ. ඒ වගේම Drivers Update කරන්නත් මේ 3DP Chip එකෙන් පුලුවන්. 7 Zip7 Zip කියන්නෙ WinRAR වගේ, ඒත් WinRAR වල නොමැති පහසුකම් සහිත Zip File Manager වැඩසටහනක්. මේක .zipx වැනි විවිධ Compressed File Type වලට සහයෝගය දක්වන Programme එකක් නිසා බොහෝ දෙනා මේක භාවිතා කරනවා. C Cleanerපරිගණකයක් දිගින් දිගටම භාවිතා කිරීමේදී ඒ තුල එක් රැස් වෙන අනවශය Files, Folders නිසා පරිගණකයේ වේගය අඩු වෙනවා. C Cleaner කියන්නෙ ඒ වගේ Files,Folders මකා දමා පරිගණකයේ වේගයනැවතත්වැඩි කරන Sofware එකක්. AdBlock Plusඅපි අන්තර්ජාලයේ ගැවසෙනකොට අපිට බොහෝ කරදරකාරී Pop-Ups වැනි Adds මතු වෙනවා නේද. ඒ නිසා අපේ Page එක Loadවෙනවේගය අඩුවෙනවා විතරක් නෙවෙයි, අපේ Data වගේම කාලයත් නාස්තිවෙනවා. ඉතින් මේ AdBlock Plus වගේ මෘදුකාංගයක් යොදාගැනීමෙන් අපිට පුලුවන් මේ කරදරකාරී ඇඩ් වලින් බේරෙන්නDownload AdBlock Plus for Free8. SoftwareUpdaterමේ කුඩා Software එක යොදාගෙන ඔයාට පුලුවන් ඔයාගේ Computer එකේ තියෙන අනිත් Softwares වල Updates තියෙනවද කියලා Check කරගන්න. එහෙම Updates තියෙනවා නම් ඒව Update කරන්නත් මේ මෘදුකාංගය හරහා පුලුවන් වෙනවා. LastPassLastPass කියන්නෙ භාවිතයට ඉතාමත් පහසු සහ හොද ආරක්ශාවක් තියෙන Password Manager Sofware එකක්. මේකෙන් පුලුවන් ඔයාගේ විවිධ Accounts වල Usernames/E mails සහ Passwords ගබඩා කරලා තියන්න. Blue StacksBlue Stacks කියන්නෙ ඕනම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් Windows පරිගණකයක් තුල Run කරන්න පුලුවන් Software එකක්.Download Blue Stacks for Freeමේ වගේ ඔයාලට ඕන Softwares තියෙනවා නම්ඒ ගැන Comment එකක් දමා විමසන්න.මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු . . .
BLOG
ඉතින් කොහොමද ඔයාලට. හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා සයිට් එක පැත්තේ ආවේ සතියකින් විතර. මූණු පොතේ නේම් එකට 60 Days Limit එක වැටුනම මාස 2ක් යනකන් කලින් තිබුන නමවත් ගන්න බෑ නේ,අද ඔයාලට කියල දෙන්නේමේකහදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි දැන් ඉතින් හැමෝම වගේ මූණු පොතේ ඉන්නවනේ. හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ක්‍රම දෙකක් තියෙනවා ලිමිට්වුන අය ට්‍රයි කරලා බලන්න කෝ. 01.METHOD මෙලින්ක් එකට මෙතනින් යන්න ඊට පස්සේ ඔයාලට ෆෝම් එකක් ලැබෙයි එක අවශ්‍ය පරිදි ෆිල් කරලා ඔයාලට නම වෙනස් කර ගන්න පුළුවන්.02.METHOD කලින් තිබුණු නම දාගන්න නම් පසුම ක්‍රමය මේක තමයි හබැයි මේක තියෙන්නේ මෙහෙම ලිමිට් වෙලා තියෙන නම් වෙනස් කරන්න නෙමෙයි. facebook එකෙන් අපිට දීල තියෙන security option එකක්. එක ප්‍රයෝජනයට අරන් තමා අපේ වැඩෙත් කරගන්න හදන්නේ ඉසරවෙලා මේ ලින්ක් එකට යන්න මෙතනින් ඊට පස්සේ එන පියවරවල් ටික නිවැරදිව අනුගමනය කරන්න. එක තැනකදී පෙන්නේවි ඔයාල දැනට වෙනස් කරලා තියෙන නම් ලිස්ට් එක එකෙන් ඔයාලට අවශ්‍ය නම තෝරගන්න. තව ටිකක් පැහැදිලි වෙන්න මේ වීඩියෝ එකත් බලන්නකෝ. තවත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. ඔයාලගේ අදහසත් කියන්න අමතක කරන්න එපා. ජය වේවා .
BLOG
. අලුතින් ඉපදුණ පුංචි දරුවෙක් දැක්ක ම මොනවද හිතෙන්නෙ. හරි ම සතුටක් දැනෙනවා නේද. ඒ හැඟීම මිනිස් තිරිසන් අපි කාටත් පොදු දෙයක්. පාට නම් අම්මගේ වගේමයි. නහයයි කටයි නම් වාත්තු කළා වගේ. දරුවා නම් තාත්තගේ කපාපු පළුව... ඔය වගේ නොයෙකුත් කථා අහන්න ලැබෙනවා. කොහොම වුණත් නිරෝගී දරුවෙක් තමයි හැම දෙමව්පියෙක්ගෙම පැතුම. අම්මට තාත්තට නම් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටුයි. නෑදෑයෝ දරුවා වඩාගන්නවා, නලවනවා, තෑගි ගේනවා. ඔය වගේ නොයෙකුත් දේවල්. ඒ වගේ ම එදා ඉඳන් දෙමව්පියන්ට ත් අලුතින් රාජකාරි බොහොමයි. දරුවා පෝෂණය කරලා ලොකු මහත් කරන එක, හොඳ අධ්‍යාපනයක් දෙන එක හැම අම්මෙක් තාත්තෙක් ගෙම හීනයක්. ඉතින් ඒ වගේ දරුවෙක් ඉපදුණාට පස්සෙ වෙන හැමදේ ම අපිට පේනවනේ. දකින්න පුළුවනි නේ. නමුත් මේ දරුවා මව්කුසේ ඉද්දි ගෙවන ජීවිතේ මොන වගේ වෙන්න ඇතිද කියලා කාටහරි හිතුණද. සාමාන්‍ය මිනිස්සු නම් දන්නේ බොහෝ ම සනීපෙට Water bag එකක් ඇතුළට වෙලා ඉන්නවා ඇති කියලනේ. නමුත් ඇත්ත ම කථාව නම් ඒක නෙවෙයි. කියවලා බලන්නකෝ මේ විස්තරය.“මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගොබෙක හෝ රන් කරඩුවක නොවේ. ඔහු පක්වාශය මතුයෙහි ආමශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිරවූ ලෝකාන්තරික නරකය සේ අදුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුනවූ මව් කුසැ, වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය. ඉක්බිති ඔහු දසමසක් මුළුල්ලෙහි මව් කුස තුළම උෂ්ණයෙන් පැසෙමින් අත් පා හැකිලීම් දිගුකිරීම් වලින් තොරව මහත් දුකක් විදින්නේය.ඔහු මව හිදගන්නා වූ ද නැගිටින්න වූද යන්න වූ ද නොයෙක් වැඩ කරන්න වූ ද කාලයන් හි රා සොඩෙකු අතට අසුවූ එලු පැටවකු මෙන්ද, අහිකුණ්ඪකයෙකුට අතට පත් සර්පයෙකු මෙන්ද පොඩි වන්නේය, තැළෙන්නේය. ඔහු මව ඇල්දිය පී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන්ද, මව උණු පැන් පී කල්හි ගිනි කබලකට වැටුණකු මෙන්ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය. දරුවා බිහිවන කල්හි මව් කුස තුලම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවගේ ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙනසේ පෙරළන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබුවකුට මෙන් අතිමහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සඪ්ඝාත නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බඳු මහත් දුකෙක් වන්නේය. මවු කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහිම නාවා පිරිසිදු කරන කල්හි අලුත හටගත් වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හි මෙන් මහත් වූ දුකෙක් වන්නේය.”මේ තමයි බුද්ධ දේශනාව. උපුටලා ගත්තේ පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ කෘතියකින් කියලා තමයි මට ලැබුණු ඊ මේල් එකේ සඳහන් වුණේ. කොහොම වුණත් දරුවෙක් ලැබෙන එක දෙමව්පියන්ට සතුටු වෙන්න කාරණාවක් තමයි. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ "පුත්තා වත්ථු මනුස්සානං" කියලා. මිනිස්සුන්ට තියෙන ලොකු ම වස්තුව තමයි දරුවෝ කියලා. නමුත් ඒත් එක්ක ම මෙනෙහි කරන්න පුළුවන් නම් මේ ඉපදීම කියන්නේ තවත් දුකක් කියලා. සතර මහා ධාතූන්ගේ පහල වීමක්, පංච උපාදානස්කන්ධයේ පහල වීමක් කියලා ඒ තමයි යථාර්තය වෙන්නෙත්.
BLOG
බ්ලොග් කියන වචනේ මම මුලින්ම ඇහුවේ ජිවිතේ මල් ලියන දිල් අක්කා මගේ බුකියේ යාලුවෙක් උනාට පස්සේ. ගොඩාක් දෙනෙක්ගේ ගුරුතුමි වෙන දිල් අක්කා මගේ බ්ලොග් වලත් ගුරුවරියක්ම උනා. බ්ලොග් පොස්ට් පැය 4.5කට එකක් වැටෙන කාලයක් එක. ලාන්කිය සින්ඩිකෙටරය ආරම්භ උනු කාලේ අතර තිබුනු පරතරය දැන් නම් මතකයෙන් ඇත් වෙලාද කොහෙද.විනාඩි , පැය ගෙවිලා දවස් සති වෙනකොට ගොඩක් බ්ලොග් ලියන කියවන අය වැඩි වෙනකොට සින්ඩිකෙටර එක එක හැදෙනකොට, වතුර ගගහා මැරතන් දුවනකොට. තරගෙට කවි මඩු තියනකොට, සහාභාගිත්වය වැඩි වෙලා දාරා ගන්න බෑරි වෙලා කවි මඩු කරනකොට , ටෙක්නිකල් පොස්ට් , රස කතා, ජිවන අත්දැකිම්, කතන්දර , කවි , නිසදැස් , එකි නොකි මෙකි හැම දෙවල්ම ලියවෙනකොට දවසින් දවස බ්ලොග් ලියන අයගේ ගණන එකින් එක වැඩි වුනා. කියවන අය ගාන වැඩි උනා. තර්ක විතර්ක එක්ක සුන්දර වලි උනත් නොතිබුනා නෙමේ. හැබයි ඉතින් ඒ දෙවල් මොනවා තිබුනත් එකතු වෙලා කරන්න පුලුවන් හැමදෙයකදිම එකට කට්ටිය උන්නු ෆිට් එකක් තිබුනා. කලින් මගේ පොස්ට් එකක ඇනො කෙනෙක්ද කොහෙද දාලා තිබුන කමෙන්ට් එකක මොනවද බ්ලොග් ලියන අය කලෙ එක කට්ටියක් කරලා තියන දෙවල් එක්ක බලනකොට කියලා.ඒ දෙවල් කියවන්න ගත්තොත් කියවන්න ගොඩක් දෙවල් තියෙවි. එත් හැමදෙකම අවසානයක් තියන්නත් ඔනා. සමහර දෙවල් වල අවසානය සදාකාලික අවසනයක් වෙන්න ඔනෙමත් නැනේ. මම මහ ලොකු බ්ලොග් කරුවෙක් නම් නෙමේ. ලියන පොස්ට් වල ගන්න දෙයකුත් නැතිව ඇති. එත් කාලයක් තිස්සේ මමත් ලියාගෙන ආවා. ගොඩාක් පොස්ට් ලියවෙන්නේ ලියන්න ගන්න දෙ ගැනමත් නෙමේ,වෙනම මාතෘකාවකින්. ඒ දවස්වල බ්ලොග් ලියපු ගොඩාක් අය දැන් ලියන්නෙ නැත්තේ ඇයි කියන එකට හෙතු එක එක අයට තියෙන්නේ එක එක දෙවල්නේ.තාමත් ලියන අය ගොඩකුත් ඉන්නවනේ එ අය බ්ලොග් අවකාශයේ මගේ සිනියර්ලා ( බ්ලොග් අවකාශෙ එහෙම අය නැ කියලා කිවත් ඒ කාලේ ඉදන් ලියපු අය මට නම් සිනියර්ස්ලාම තමා )මාරයා , කතාන්දර , වැප් , දුමි , ඔනයා ,බිගුනද , ජිවිතෙ මල් , නෙරන්ජි , දුකා , නදි , දිනෙශ් , වගෙම තවත් ඒ කාලේ උන්නු ගොඩාක් අය මෙ වෙනුවෙන් ගොඩාක් දෙවල් කරලා තියනවා.අලුත් පරම්පරාවෙ ගොඩක් දක්ශ අය ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.එහෙමනම් ඉතින් මේ හැමදෙනාටම සුභ පතලා මම සමුගෙන යනවා..අවුරුදු හතරක් බ්ලොග් අවකශයෙ ඉදලා එ හතරවෙනි උපන්දිනයත් පහු කරලා බ්ලොග් අවකාශයෙ රැදෙන පස්වෙනි අවුරුද්ද ටජය වෙවා... එදා මෙදා තුර ගොඩාක් යාලුවො මුන ගැහුනා. සමහර අය තරහ උනා. සමහර අය නොකියම බ්ලොග් අවකාශය අතඇරලා ගිහින්.මොනවා උනත් එදා ඉදන් උන්නු හැම දෙනෙක්ටම ගොඩාක් තැන්ක්ස්.පසු සටහන : මේ ලිපිය ලියන දෙවාගේ අඩවිය මගේ පලවෙනි බ්ලොග් අඩවියවත් එකම බ්ලොග් අඩවියවත් නොවන හින්දා ආරම්භක දිනය මේ අඩවියෙන් හොයාගන්නත් බැරි වෙයි, 2010 මාර්තු මාසෙ බ්ලොග් ලියන්න පටන් ගත්තත් මෙ බ්ලොග් අඩවිය 2011 අප්‍රියල් 30 වෙනිදා ඉදන් තමයි ලියන්නේමේ වෙනකොට පොස්ට් 238ක් ලියලා සාමන්‍ය නම් පොස්ට් එකකට 1000-1200ක් වගේ අගයක තියගෙන පැමිනි පිරිස මේ වෙනකොට 279000ක විතර අගයක් අරගෙන තියනවා, මගේ ප්‍රතිචාරත් එක්ක (මුල් අවදියෙ නම් රිප්ලයි කරලත් නැ ) පොස්ටුවකට 30-35ක විතර කමෙන්ට් අගයකත් තියගෙන අදවෙනකන් එන්න ලැබුන එක මට සතුටක්.බ්ලොග් , බුකිය කියන්නේ මගෙ ජිවිතේ නොවුනත් බ්ලොග් වලට මම ගොඩාක් ආදරෙයි,.
BLOG
මතක ඇති කාලෙක ඉදන් ආසාවෙන් අහපු සින්දුවක් ඔන්න ආයෙමත් ඇහෙනවා. විසි කරලා දාපු මතකයක් හිත ඉවුරට ගොඩ උනේ හිතුවේ වත් නැති විදිහට. කාලයක් තිබ්බ අමතක කරන්න බැරි මතකයක් විසි කරන්නවත් තැනක්වත් හොයා ගන්න බැරි උනු. මහවැලියක්වත් තිබ්බේ නෑ දුක කියන්න. මහා වැලියක් නොවුනාට ගම මැද්දෙන් ගලන 'කුඩා ඔයක්' තිබුනත්, ඔය ඉහත්තාවෙන් විසි කරන මතකේ අපේ ගේ ගාවින් ගොඩ වෙන්න තිබ්බා.ඕන දෙයක් වෙන්න කියල කුඩා ඔයාටම මහා මතකයක් විසි කරපු මං කොළඹ ආවේ උඩු ගං බලා එයි කියල හිතපු මතකය ඇහැ නොගටෙන්ට.කාලයක් එක්ක අලුත් අලුත් දේවල් එක එක අත්දැකීම් ජීවිතේට පුරෝ ගත්තත් හිතේ පැත්තක මලකඩ අස්සේ නොදිරාම මතකයක් ඉතිරි නොවුනා නෙමේ. ඉදලා හිටලා ගමට එද්දී මුණ ගැහුණු ගහ කොළ අස්සෙත් අර මතකේ දළු දාල තිබුන කිව්වොත් ඔයත් පුදුම වෙයි.එත් එක එහෙම්මම තමයි. ගමෙන් යද්දිත් ඇදුමේ නෙමේ හිතේ ඇමිණිලා තිබ්බ තුත්තිරි කටු අස්සෙත් ඔය මතකෙම විස එක්ක තිබ්බ. තාමත් හිත අස්සේ ඒ කටු හිත අස්සේ ඇදුම් කනවා.
BLOG
ප්‍රතිඵල බැලීම සදහා - www.lk වෙත පිවිසෙන්න එස් එම් එස් මගින් ලබා ගැනීමට - Type EXAMS INDEX NO and send to Dialog - 7777Mobitel - 8884Etisalat - 3926Airtel - 7545Hutch - 8888.
BLOG
පරිගණකයේ යම් යම් දත්ත මකා දැමූ විට ඒවා Recycle Bin එකට යන බව ඔබ දන්නවනේ.Recycle Bin තුළ ඇති දත්ත ඩිලීට් කරොත් හෝ අදාල ෆයිල් එක කෙලින්ම Shift + Delete මගින් ඉවත් කරොත් දත්ත සම්පූර්ණයෙන්ම ඉවත් වේ යැයි ඔබ සිතනවද. නැහැ. එය අලුත් දත්තයක් ඒ මත තැන්පත් වනතුරු හාඩ් ඩිස්ක් එක මත සැඟවී පවතී. මේවා Data Recovery Software වලින් නැවත ලබාගත හැකිවන්නේ එබැවිනි. ඇත්තටම මෙහිදී වෙන්නේ, වින්ඩෝස් මගින් සකස් කල Index Table එකෙන් ඔබගේ ෆයිල් එක ඉවත් කිරීමයි. නමුත් ඇත්තටම එය හාඩ් එකේ පවතී. දැන් තේරුණානේ.. දැන් අපි බලමු දත්ත සම්පූර්ණයෙන්ම මකන්නේ කොහොමද කියලා..අපිට ක්‍රම 3ක් තියෙනවා මේ වැඩේ කරගන්නට..1 ක්‍රමය: DBAN මෘදුකාංගයෙන්..(click the image to get ISO image )යන වෙබ් අඩවියට ගොස් මෘදුකාංගය ලබාගන්න. දැන් ඔය අරගත්ත *.iso ඉමේජය CD එකකට බර්න් කරගන්න. ඒකෙන් මුලුමනින්ම මකා දමන්න ඕන හාඩ් ඩිස්ක් එක ඇති පරිගණකයෙන් බූට් කරන්න. දැන් ලැබෙන තිරයෙන් ඕන කරන පාටිෂන් එක තෝරා දෙන්න. විශේෂයෙන් කියන්න ඕන මේ වැඩේ කරද්දි ටිකක් පරිස්සමෙන්. මොකද වැරදි එකක් තෝරල දුන්නොත් ඒ දත්ත ආය අරගන්න බැරි වෙනවා. මෙහි දත්ත දැන් ඩිලීට් වෙනවා බලන්න පුලුවනි.මෙමගින් ඔබගේ හාඩ් ඩිස්ක්, මෙමරි කාඩ්, ෆ්ලෑෂ් ඩ්‍රයිව් හෝ මෙමරි කාඩ්පත් වල දත්ත උනත් නැවත ලබාගත නොහැකි වන ලෙස මකා දමයි. මෙය ඕනෑම පැරණි පරිගණකයක් මත ධාවනය කල හැකි අතර පවතින දත්ත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපූරු සමත්කමක් දක්වයි.2 ක්‍රමය: තෝරා බේරාගෙන ෆයිල් අයින් කිරීමට..මුල් ක්‍රමයෙන් හැම දෙයක්ම අයින් වෙන නිසා ටිකක් ප්‍රවේශමෙන් කරන්න ඕන. ඒ නිසා ඔබට දෙවන ක්‍රමයෙන් විසඳුමක් ලබාගන්න පුලුවන්. ඔබට ඕන කරන ගොනු වගේම අයින් කරන්න ඕන ගොනු යන දෙකම එක පාටිෂන් එහෙක තිබ්බොත් ඔයාලට මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්.ඕන නැති එව්වා විතරක් අයින් කරගන්න මේකෙන් පුලුවන්..මොනව වුනත් ඉහත ක්‍රම දෙකට අමතරව තවත් ක්‍රමයක් තියෙනව.හාඩ් එක විනාශ කිරීමෙනුත් පුලුවන්නේ. ඒකත් සාර්ථක ක්‍රමයක් නම් තමා :D. බොහෝ මෘදුකාංග නිපදවන්නෝ මෙන්ම පරිගණක ආරක්ෂණ සමාගම් කියන්නේ ඕන නැති හා පරණ දත්ත විනාශ කරන්නේ හාඩ් ඩිස්ක් පිටින්ම විනාශ කිරීමෙනි.නමුත් ඔයාලට එහෙමකරන්න බොහෝ විට ඕන නැති වෙයි. ඔබගේ පරිගණකය වෙන කෙනෙකුට විකිණීමේදී මේ ක්‍රමයට ඔබේ පුද්ගලික දත්ත මුල් ක්‍රමය යොදාගෙන මුලුමනින්ම මකා දමන්න.
BLOG
අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා. der (Masculine පුරුෂ ලිංග) der Mann, der Tisch the man(මිනිසා) the table(මේසය) die (Feminine ස්ත්‍රී ලිංග) die Frau, die Tür the woman(ගැහැණිය) the door(දොර) das (Neuter නපුන්සක ලිංග) das Kind, das Fenster the child(දරුවා) the window(ජනේලය)මෙහෙම ලිංග බේදයක් අපිට අනිත් භාෂාවල දකින්න ලැබෙන්නෑ මොකද අපි සිංහල භාෂාවෙදි පන නැති දේවල් එකම ලිංග බේදෙකින් තමයි හදුන් වන්නේ. නමුත් මෙහිදී මේසය පුරුෂ ලිංග වශයෙන්ද දොර ස්ත්‍රී ලිංග වශයෙන්ද ජනේලය නපුන්සක ලිංග වශයෙන්ද හදුන්වලා තියෙනවා. ඉතින් මෙහිදී ඕගොල්ලො වගේම ගොඩක් දෙනෙක් ලොකු අමාරුවක වැටෙනවා කොහොමද අපි මේ ලිංග බේදය පැහැදිලිව හදුනා ගන්නෙ නැත්තම් කොහොමද අපි ආර්ටිකල් යොදන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේක නිසාම නාමපදයත් එක්කම ආර්ටිකල් එකත් කටපාඩම් කරනවා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ බොහොම ලේසි වගේම නිවැරදි ක්‍රමයක් මේ ලිංග බේදය හොයාගන්න ඉතින් අද පාඩම අපි පටන් ගමු.පුරුෂ ලිංග නාමපද හදුනා ගමුපහත අකුරු වලින් අවසන් වෙන නාම පද අපට පුරුෂ ලිංග නාමපද හැටියට හදුනා ගන්න පුලුවන් Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.4pt 0in 5.4pt 0in 5.0pt; font-family:"Calibri",sans-serif; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} -er der Computer, der Wecker Computer, alarm clock -ig der Honig, der Käfig Honey, cage -ismus der Idealismus, der Kapitalismus Idealism, capitalism -ling der Früling, der Schiling Spring, shilling -or der Motor, der Reaktor Engine, reactor ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් පුරුෂ ලිංග නාමපද හැටියටපුරුෂයන් der Vater, der Shon තාත්තා, පුතා මාස හා දවස් der Montag, der August සදුදා, අගෝස්තු කාර් නිෂ්පාදකයන් der BMW, der jaguar බීඑම්ඩබ්ලිව, ජැගුවාර් ඍතු der Sommer, der Winter ග්‍රීෂ්ම සෘතුව, සිසිර කාලයඇල්කොහොල් වර්ග der Whisky, der Wein විස්කි, වයින්නමුත් මෙතනදී මතක තියා ගන්න තව දෙයක් තියෙනවා ඒ තමා අපි බියර් හදුන්වද්දී විතරක් "das Bier " ලෙස හදුන්වනවා . අදට මම මෙතනින් නවතිනවා ඊලග පාඩමෙන් ස්ත්‍රී ලිංග නාමපද හදුනාගන්නෙ කොහොමද කියලා බලමු.
BLOG
අපි පොඩි කාලෙ රූපවාහිනියෙ ගිය සිංහලෙන් හඬ කවපු වැඩසටහනක් තමයි "කුං ෆු" කියන්නෙ. කුං ෆු රූපවාහිනියෙ පෙන්නන කාලෙදි මට වයස අවුරුදු 5,6ක් වගේ. චීනෙ හාමුදුරුවො වගයක් ගැන කතාවක් වගේ මතක. ඒ චීනා ඇමෙරිකාවටත් ගිහිල්ලා හිටියා වගේ මතකයි.ඒ වගේම අන්ධ චීන හාමුදුරු කෙනෙකුත් හිටියා වගේ මතකයි.මේ කතාව මීට අවුරුදු පහළොවකට විතර කලිනුත් රූපවාහිනියෙ හවස තුනට විතර පෙන්නුවා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම බලන්න බැරි වුණා, ඒ කාලෙ ටියුෂන් පන්ති යන්න වෙච්ච නිසා.ඔන්න ඒ කාලෙ බලන්න බැරි වුණාට දැන් බලන්න පුළුවන් වෙලාවක ආපහු NTV එකේ කුං ෆු පෙන්නනවා. මේක උපසිරසි ගන්වලා තියෙන්නෙ ටයිටස් තොටවත්ත මහත්මයා විසින්. ඒ නිසා දැන් හඬ කවපු වැඩසටහන් වලට වඩා හොඳ කතාවක් කියල කියන්න පුළුවන්.මට මේක NTV එකෙන් බලන්න ලැබුණෙ බදාදා රෑ අටට. අනිත් දවස්වලත් යනවද දන්නෙ නෑ. අහම්බෙන් බලන්න ලැබුණෙ. තාම NTV එකේ වැඩසටහන් විස්තරයක් NTVwebsiteඑකේ නම් නෑ.පල්ලෙහා වීඩියෝවත් බලලා හිතට අල්ලනවනම් NTV එකේ යන කුං ෆු TV series එකත් බලන්න.
BLOG
අපි ඔක්කොම අයර්ලන්තේ යනවා. සම්පුරණ ගමනට පැය 18ක්. කොල්ලට මාස 3 යි.කෙල්ලටනම් දැන් ටිකක් තේරෙනවා.එහෙ එක දිගට flight කඩා වැටෙනවා. කොහොමත් පවුලේ ඔක්කොම එක flight එකේ යන්න හොද නෑ. එත් පොඩි උන් ගොඩක් පොඩි වින්ද වෙනම යන්නත් අමාරුයි.මොනවා වෙයිද මන්ද.
BLOG
.හදවත තනිවම ඇයි දෝමේලෙසින් වෙන් වී සිටින්නට හේතු කුමන් දෝමාගේ ආත්මයම ඇයි මේලෙසින් ඉවසා සිටින්නේමා තනිවයි ජීවත් වූයේමට ඕනා ඔබයිAndheron se tha mera rishta badaTune hi ujaalon se waakif kiyaAb lauta main hoon in andheron mein phirTo paaya hai khud ko begaana yahaanTanhaayi bhi mujhse khafaa ho gayiBanjaaron ne bhi thukra diyaMain adhoora jee raha hoonKhud par hi ik sazaa hoonMujhe teri zaroorat haiMujhe teri zaroorat haiඅඳුර හා බැඳුන මා ජීවිතේ ඔබයි ආලෝකයක් එක් කලේදැන් මා ඒ අඳුරටම ආපහු ඇවිත්මගේ තනිකමයි මෙහි ඉතිරිව ඇත්තේමේ තනිකම ද මා හා වෛර බැඳංනිවසක් නැති මා ඉවත දමාඅසම්පූර්ණයි මා ජීවත්වූවත්මටම දණ්ඩනයකී මේමට ඔයාවයි ඕනාඔයාවමයි ඕනාTere jism ki wo khushbuyeinAb bhi in saanson mein zinda haiMujhe ho rahi in se ghutanMere gale ka ye phanda haiඔබේ සුවඳ මේ සුසුම් තුල තවමත් ජීවත්ව සිටියි.මා ගෙල වටා එතෙමින් මා තුල වේදනා ඇති කරයි.teri choodiyon ki wo khanakYaadon ke kamre mein goonje haiSun kar ise aata hai yaadHaathon mein mere zanjeerein hainTu hi aa ke in ko nikaal zaraaKar mujhe yahaan se rihaaMain adhoora jee raha hoonYe sadaayein de rahaa hoonMujhe teri zaroorat haiMujhe teri zaroorat haiඔබේ වළලු ගැටී දෝංකාර නංවයි මේ කාමරේ අවදි කරයි මතකයන් අපේමගේ දෑත් දම්වැලින් එතී තිබුනා ඔබ පමණයි ඇවිත් ඉන් මා මිදෙව්වේඅසම්පූර්ණයි මා ජීවත්වූවත්අමතමී මා ඔබට අමතමීමට ඔයාවයි ඕනාඔයාවමයි ඕනාගීතය බාගත කරන්න | Downloadචිත්‍රපටය - ඒක් විලන්ගීතය - සරූරත්ගායනය - මුස්තාෆා සාහිඩ්සංගීතය හා පද - මිතූන්අධ්‍යක්ෂණය - මෝහිත් සූරිනිශ්පාදනය - එක්තා කපූර්, ශෝභා කපූර්රංගනය - සිද්ධාර්ත් මල්හෝත්‍රා , ශ්‍රද්ධා කපූර්.
BLOG
හීන හොරා ස්කෝල කාලේ වගේම තාමත් ස්කෝල යන නිසා ඒ පැය හයේමහන්සියත් ගමනට යන පැය දෙකාමාරක තුනක මහන්සියත්එකතු වුනාම දෙයියනේ කියල ඇඳට වැටුන ගමන් නින්ද යන මට,ඇහැපිය වෙච්චි ගමන් හීන පේන්න ගන්නවා. ඊයෙත් ඒ වගේ එකපෙළට පෙනුන එකිනෙකට සම්බන්ධ නැති නමුත් අසම්බන්ධිතත්නැති හීන අතරේ කවුදෝ කෙනෛක් එහාට මෙහාට ඇවිද්දා.සමහර වෙලාවට හීනෙ ඉස්සරහටම ඇවිත් අත් පිටිපස්සට බැදන්මා දිහා බලා ඉන්න හදනව , සමහර වෙලාවට හීන දිගේ අඩිතිය තිය එහාට මෙහාට ඇවිදිනවා. හරියට පොඩි ළමයෙක්තමන්ගේ අම්මගේ හිත තමා දිගාට යොමු කර ගන්න හදනවාවගේ. ඒ කවුද කියලා මට හරියටම නිච්චි නැතත් නිච්චිනැත්තෙමත් නැහැ....කොහොම හරි මගෙ හැම හීනෙකම වගේඇවිද ඇවිද බට්ටෝ පැන පැන හිටි එයා උදේ මම අවදිවෙද්දිදැක්ක අන්තිම හීනෙ උඩට ත් වෙලා මගෙ අවධානය ගන්න බැරිවලතැවි ලතැවි හිටියා....ඒ කොහොම වුනත් පාන්දර අවදි වෙද්දිමටමතක තිබ්බ එකම දේ තමා ඒ හීන හොරා රෝස පාටකමිසයකුත්කළු පාට කැත කලිසමකුත් ඇදන් මගෙ හීනෙන් හීනෙට පැනපැනහිටි බව.මම දකින ගොඩාක් හීන හරියට මතු සම්බන්ධ කතාඊලග දවස් වලත් සමහර වෙලාවට දකිනව කියල මට හිතෙනවා.අම්මප හැබැයි අද රෑට ත් උඹ මගෙ හීන වල රස්තියාදු ගහන්නආවොත් නම් හීනේනම මම උඹව මරනවා.
BLOG
හැම සති අන්තයේම වගේ මුං ඇට කිරිබත් හදන්න සෙට් උනත් ලගකදි ඉදන් වැඩේ අවුල් උනා..ඊයේ රැ මුං ඇට වතුරෙ දමා නිදාගත්තත් උදේ නැගිටල බලද්දි වෙලාව දවල් 12ත් පහු. දැන් ඉතින් මොන මුං ඇට කිරිබත්ද.මේපිංතූරයෙ පසෙකින් පෙන්නෙන මුල් ඇදපු මුං ඇට ගිය ඉරිදා දාපු එක. ;-).
BLOG
12.05.2014උණු උණු තීන්ත සුවඳ එක්ක චිත්‍ර කතාවක් රස විඳින්න තියන ආසාව නිසාම, දැන් පත්තර කඩ වල නැති බව දැන දැනත් මම විඩින් විඩේ ගිහින් ජොලියට වගේ අහනවා "සතුට" තියනවද " සිත්තර" තියනවද "සත්සිරි" තියනවද කියලා. එතකොට පත්තර කඩේ එකා අමුතු හිනාවක් දාලා නෑ කියනවා.බදාදට නැන්දා අරගෙන එන සතුට පත්තරේ මුලින්ම ගන්න කෙනා වෙන්න අයියයි මමයි සීයලෑ ගෙදර පඩි පෙල බැහැපු කතාව තවම ලියන්නත් තියනවා. පොඩි කාලේ ඉඳන් ඒ පිස්සුව එහෙමයි.ඔය ඇම්ම හින්දමයි නිකන් ඉන්න ගමන් ජාලයෙත් චිත්‍ර කතා පත්තර වල නම් ගගහ හොයන්නේ. හැමදාම අසාර්තක වුනාට සාර්තක වෙන දව්සක් එනවලුනේ.. අද එහෙම දවසක්.. ඔන්න හොයා ගත්තු ගමන් කළේ උඹලත් එක්ක බෙදා ගත්තු එක. මේ සද්කාර්‍යය කරණ එකා කවුද කියලත් මට තාම පැහැදිලි මදි.. දැකපු විදිහට පරණ චිත්‍ර කතා සෑහෙන ගානක් තියනවා..මට මැජික් වුනාට අනිත් අය සමහර විට දන්නවත් ඇති. දන්න අය නොසළකා හරිණු මැනවී..තීන්ත සුවඳ නැති වුවද, චිත්‍රකතා කියවීමට මේ ආරාධනය චිත්‍රකතා ලෝලින් උදෙසාමයි.
BLOG
ආයුබෝවන්. අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් වලදී ඇතිවන ගැටළුවක් ගැන තමයි.මෙය ගොඩක් දුරට ඇතිවෙන්නේ වින්ඩෝස් 7 වලදී . එයාලා රෙකමන්ඩ් කරන්නේ පාර්ටිෂන් 3 යි ඉතින් අපිට ඔය පාර්ටිෂන් ටික මදි වුනාම Computer management වලින් තව පාර්ටිෂන් හදනවනේ. ඒවගේ වෙලාවට බොහෝ දුරට මේ Dynamic ගැටළුව එන්න පුළුවන්. හාර්ඩ් එක මෙහෙම වුණොත් Win 7 නැවත ස්ථාපනය කරන කොටවත් පාර්ටිෂන් ඩිලීට් කරන්න මොනවත් කරන්න බැරි වෙනව. එත් ඉතින් මෙම ගැටළුව පහසුවෙන් ම හදා ගන්න හැටි තමා ඔයාලට අද කියල දෙන්නේ. EaseUS Partition Master කියන software එකෙන් අපිට පුළුවන් පහසුවෙන්ම ගොඩ දාගන්න. මේක ඇත්තටම ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක්.convert dynamic disk to basic කියන Option එක වගේම තවත් බොහෝ දේ කරගන්න පුළුවන් අපිට. මම ටිකක් පහලින් දානම් කෝ.Resize/Move PartitionCopy PartitionMerge PartitionCheck PartitionWipe PartitionClone Disk Wizard මේ වගේ අපිට අත්‍යවශ්‍ය වන බොහෝ වැඩ ටිකක් පහසුවෙන්ම කරගන්න පුළුවන්. මං ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේවගේ වින්ඩෝස් වලදී ඇතිවන තවත් ගැටළු කිහිපයක් ගැන සහ ඒවා පහසුවෙන්ම නිරාකරණය කරගන්න හැටි පොස්ට් ටිකක් දාන්න. මේ පොස්ට් එක ගැන ගැටළුවක් තිබුනොත් අහන්න. පහලින් සොෆ්ට්වෙයාර් එක අරගන්න.
BLOG
එක් ආදරණීය බැල්මක් සතුටු කරනවාද පෙම්වත් හදවතක් කෙතරම් කල්ප කාලාන්තරයක් පුරා ලං කරගන්නට පෙරුම් පිරූ ඒ සංසාර ආදරය මා ලඟ කවදා හෝ නතරවන බව දැනෙයි දැන් දැන් නිසැකව ම. දහසක් නෙත් පසුකර නැවතුනේ ඔය නෙත් ලඟ ම යි. ඒ නීල නෙත් විලේ කිමිදෙන්නේ මා කවදා. ඔහේ ගියා මා මෙතෙක් කල් ගමන කුමක් දැයි නොදත්තෙම්; මාවත කුමක් දැයි නොදත්තෙම්; නැවතුම කුමක්දැයි නොදත්තෙම්. ඔබ පසුපසින් මා එමි මවක පසුපස්සෙන් යන ළදරුවෙකු පරිද්දෙන් නොඅසමි ඔබ රැගෙන යන්නේ මා කොහේ ඔබ ම මා අරමුණ බැවින්. වසර ගණනකින් නොඇන්දෙම් මා සිතුවමක්;මා තෙලිතුඩට සත්තමයි නොතිබුනේ අරමුණක් මගේ පැන්සල දැන් සොයන්නේ ඔය රුව ම යි. ඒත් කොහොම අඳින්නද ඉන්නේ නෑ එක විදිහකට හිනාවෙනව, ඇද කරනව, පැද්දෙනවා, නැලවෙනවා හිත ඇතුලේ හරි කලබල. ඔය විදිහට ම දඟ කරන්න මා තුරුලේ ඉඳන් තරවටු කරන්නේ නෑ කවදාවත් ආදරෙයි මං මගේ දඟ මල්ලට.
BLOG
අවංකෙන් ගත්තොත් මං හිතුවා චම්පික මහත්තයා පොදු අපේක්ෂකයා වෙලා එයි කියලා. ඒක කිසි දවසක හැබෑ වන හීනයක් නොවන වගත් හොඳටම මම දැනං හිටියා. ඒත් මට පට්ට සතුටුයි. MY3 ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්කම සමස්ථයක් විදිහට ගත්තාම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන රටක් දාකින්න බොහොම කැමැතියි. ප්‍රතිපත්ති ප්‍රකාශනයයි, ඇත්තම වේදිකාවල කතා වෙන දේවලුයි සන්සන්දනය කරන්න මම කොහෙත්ම කැමැති නැති උනත්, රනිල්ගේ ප්‍රතිපත්ති හා චන්ද්‍රිකාගේ අදූරදර්ශ ක්‍රියාදාමයන්ට මෙහි ලැබිලා තියෙන්නේ බොහොම සුළු තැනක්. පරිච්ජේද 11 කින් සමන්විත මෙහි, වැඩිපුර දකින්නට ලැබෙන්නේ බොහොම වටින දේවල්, ඒ බෝහෝ කරුණු චම්පික මහත්තයා මේච්චර කාලයක් සමාජ ගත කරන්න හදපුවා. ඒ අතින් බැලුවාම මේක ක්‍රියාත්මක උනොත්, මම අපේක්ෂා කරපු වෙනස මෙතන තියනවා.විධායක ක්‍රමය- මේක තමයි පොදු සන්ධානයේ ප්‍රබලම මාතෘකාව උනේ. රනිල් කියන්නේ විධායකය අහෝසි කරනවා කියලා, රතන හාමුදුරුවෝ කිව්වේ විධායකය අවුරුදු හයක් යනකල් MY3 ලඟ තියනවා කියලා. පරස්පරතා මඟ හරිමින් මේ ප්‍රකාශනයේ තියනවා, විධායකය සංශෝධනය කරලා එය අධිකරණයට යටත් කරනවා කියලා. අපි වගේ පොඩි රටකට විධායක හරිම වැදගත් කියන තැන මම එන්නේ, සිංහලයා සල්ලිවලට කෙල හලන ජාතියක් හින්දා, එහෙම බලපුවාම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්පූර්ණයෙන් ගැබ් වෙලා තියෙන්නේ රතන හාමුදරුවෝ කියපු එක.ජාති හා ආගම් - මේක සංවේදි කාරනයක්. චන්ද්‍රිකා රනිල් කියන්නේ ලංකාවට ගැලපෙන්නේ නැති යූරෝපියන්ටත් වැඩිය පට්ට යූරෝපි කපල් එකක්. ඒ දෙන්නාගේ ජාතිය කියන්න මම දන්නේ නැහැ. ඒත් මම සිංහලයෙක් හින්දා මම මගේ ජාතියට ආදරෙයි. ජාතිය හා ආගම මත නිතිය වෙනස් නොවි හැමෝටම එක සමානව සලකනවා කියන්නේ. සිංහල ගැනියෙකුටත් බුර්කාව දාගෙන බැංකුවට යන්න පුලුවන් කියන එක කියලා මම හිතනවා :DDDඒකිය භාවය - ඍජුව කොහෙවත් සඳහනක් නැති උනත්, දැනට පවතින කිසිම දේයක් වෙනස් කරන්නේ නැහැ කිය ලා ශේප් න්‍යයනේ වැඩේ ගොඩදාලා තියනවා. අහිමි උන ඉඩං එහෙම දෙන එක ගැන බොහොම සතුටුයි, යාපනේ ඉඩම් අහිමි උන සිංහලයට ඒවා ලැබෙයි. ඒත් කොහෙවත් නැහැ තේසවලාමි නිතිය අහෝසි කරනවා කියන එකකැරට් අල - නගර වල අන්තර්ජාලය නිකන් දෙනවා, මොටර් සයිකලේ ණය ආයිත් දෙනවා, සුරා සැල් අයින් කරනවා, වැටුප් වැඩි කරනවා, මත්කඩු අඩු කරනවා, බ්ලා බ්ලාඅවශේෂ කරුනු - අනික්වා බොහොමයක් එව්වා චම්පිකගේ අදහස්, බලශක්තිය, ජත්‍යන්තර පාසල්, බ්ලා බ්ලා බ්ලා ...මට පුද්ගලිකව ලැබෙන ලාබය තමයි ඉතින් මේක ක්‍රියාත්මක උනොත් ඉන්ධන මිල අඩුවිම. මහින්ද මාමිගේ එකත් එනකල් බලං ඉන්නේ තීරණයක් ගන්නවැප්.
BLOG
අහසට රහස් කියමින් සුසුමන් හෙළුවත්තරු හා මුමුණමින් උණු කඳුලැලි බීවත්ඝනඳුරු රැයට තනිකම ගැන කවි කීවත්තනිවුනු ලොවක කෙලෙසක වෙන්නද ජීවත්.සිත තුළ දැවෙන හැඟුමන් දහසකුත් එකක්තනිකම පිරුණු ලෝකෙක තව අඳුරු හෙටක්සොයනෙමි සිතට ගැළපෙන එක් සොඳුරු හිතක්දකිනට පතමි හෙටවත් සැනසුම් එළියක්.
BLOG
4pt 0in 5. බොහෝ කොට ජිරාෆ් ගේ සිත්ගන්නා සුළු පෙනුමටහේතුව අන් සතුන්ට නොමැති තරමේ දිගු ගෙලක් හා ශරීරයේ හැඩයත් වෙන්න පුළුවන්. උගේ ගමන් විලාශය, වගේම තමයි ගත පුරා විහිදුනු ඉරි රටාවත් තවත්හේතුවක්.ලෝකයේ ඉන්නඋසම සතා තමයි ජිරාෆ්. උගේ සාමාන්‍ය උස අඩි18ක් හෝ 19ක් වෙනවා. සමහරු අඩි 20ක්වෙනකන් වැඩෙන බවත් පැවසෙනවා. එසේම තමයිඋගේ අලුවන් පැතලි දිව මේ උසට තව අගල් 8ක් විතර එකතු කරනවා. ජිරාෆ්ගේ ගෙල දිගට පිහිටා තිබුණත් එය නිර්මාණයවෙලා තියෙන්නේ මිනිසාගේ මෙන්ම ඇට කැබලි 7කිනුයි.නමුත් ඒ ඇට කැබලි එකිනෙක දික්වෙලා වැඩී තියෙනවා. මෙයට හේතුව විදියට දක්වන්නේ කාලාන්තරයක් තිස්සේඋස් ගස්වල අතු රිකිලි කෑමට පුරුදු වෙලා හිටපු නිසා බවයි විද්වතුන්ගේ මතය.ජිරාෆ් වැඩිකොටම බෙල්ල කෙලින් තබාගන්නේ ගස්වල කොළ ගන්නා අවස්ථාවලදී පමණයි. කදට අංශක 60න් විතර ආනතවයි බෙල්ල පිහිටලා තියෙන්නේ. අනෙක් කරුණ වන්නේ ඉදිරි පාද පිටුපස පාදවලට වඩාදිගු වීමයි. එයත් ගස්වල කොල කඩා කෑමටපහසුවක් ලෙස පිහිටා ඇති බවයි කියන්නේ. ජිරාෆ්ට කුඩාඅං දෙකක් ඇතත් ගවයන්, මුවන් වගේ සතුන්ට මෙන් ඉන් අන් සතුන්ට පහර දීමට උදව් කරගන්නබැහැ. අනෙක් සතුන්ට වගේ නොවෙයි මේ අංයුගලය දිගු ලොම් සහිත සමකින් ආවරණය වෙලයි තියෙන්නේ. අනෙක් කරුණ තමයි උගේ නාසය අවශ්‍ය විටෙක වසාදැමීමට හැකිවීම.ඒවගේම ජිරාෆ්සත්ව ලෝකයේ ගොලු සතෙකු ලෙසයි සැලකෙන්නේ.වෙනත් සතුන්ට මෙන් ඌට කිසිදු ශබ්දයක් පිට කිරීමේ හැකියාවක් නැත. කුඩා පැටවුන්ට මුල් කාලයේදී වසු පැටවුනට මෙන්හඩක් නැගිය හැකි නමුත් වයසින් වැඩෙන කොට ඒ හැකියාව නැතිවෙලා යනවා. ඒ නිසා ජිරාෆ්ටනැගිය හැකි එකම ශබ්දය නයෙකු මෙන් පිබීම පමණයි.මොවුන් රංචුලෙස නිදැල්ලේ හැසිරෙන සත්ව කොටසක්. බොහෝ විට තැනිතලා බිමවල තමයි ගැවසෙන්නේ. අප්‍රිකාවේ තැනිතලා බිම්වල දහ දොලොස් දෙනාබැගින් කොළ අතු කඩා කනවා නිතරම දකින්න පුළුවන්.ජිරාෆ් ලා වැඩියෙන්ම කන්න කැමති ඇකේෂියා ගසෙහි කොළ අතුයි. ඔවුන් රැදෙන්නට වැඩියෙන්ම ප්‍රියකරන්නේ උස් ගස්තැන තැන වැඩුනු මදක් කාන්තාර ස්වභාවයක් උසුලන පෙදෙස් වලයි. හේතුව තමයි දික්වූ ගෙල කෙලින් තබාගෙන ඒ මේ අතයාමේ පහසුවත්, සතුරන් ඉන්නවා නම් ඔවුන් ලෙහෙසියෙන් දැකීම හා එවුන්ගේ පැමිණීම දැකඋවදුරු වලින් වැලකී සිටීමේ පහසුවත් නිසාය. මේ වගේපරිසරයන්ගෙන් ගහන අප්‍රිකාවේ ඇබීසිනියාවේ ඉදලා දකුණු කොංගෝවේ නැගෙනහිර පෙදෙසදක්වාම ජිරාෆ් වර්ග ගණනාවක්ම විසිරිලා ඉන්නවාලු.නිරක්ෂය ආසන්නයට වන්නට ජිවත් වන්නවුන්ගේ ශරීර පැහැයේ තද ගතියක් ඇති බවත්පෙනෙන්නට තියෙනවා. ජිරාෆ්ලා ආහාර වැඩිවශයෙන් තියෙන පෙදෙස් වල වාසය කරන්නට කැමැත්තක් දැක්වූවාට ආහාර ගන්නේ සුළුවශයෙන්. අනෙක් කාරනය තමයි වතුර නොබී දිනගණනාවක් වුනත් ඉන්නට හැකි වීම.ඒ වගේම තමයි ඉතින් වතුර බොන්න ගියාමත් ටිකක් හිරිහැරවිදින්න වෙනවා. ඉදිරි පාදයන් දිගු වීමනිසා ජලය ඇති පෙදෙස් වලට පහසුවෙන් පහත් විය නොහැකි වීම මෙයට හේතුවයි. ඒ වෙලාවට දියකඩිති ලගදි පෙර පාදයන් එකිනෙකින් පුළුවන් තරම් ඈත් කර ජලය පානය කරන්නට ඔවුන්උනන්දු වෙනවා. ඒ නිසාම තමයි සත්තු වත්තේමොවුන් වෙනුවෙන් වතුර තබන්නේ අඩි 10 ක් 15ක් උසිනුයි. ජිරාෆ් කියන්නේ අනෙක් සතුන්ට හිරිහැරයක් කරනසතෙක් නොවෙයි. ඒ වගේම ජිරාෆ්ලාට සතුරන්අඩුයි. ඉදහිට හෝ හිරිහැරයක් සිදුවන්නේසිංහයන්ගෙන් පමණයි. අනෙක් සතුන් හුගාක්වෙලාවට දිය කඩිති අසලදී ඔවුනට ඉඩ දෙති.ජිරාෆ්ලා පොරබදන අවස්ථා තියෙනවා නමුත් ඒ තමන්ගේ ශක්තිය මැන බැලීමට හෝ ප්‍රතිමල්ලවයන් මෙල්ලකිරීමේ අරමුණින් පමණයි. හිසට හිස තබා හෝගෙලට ගෙල තබා මෙසේ පොර අල්ලති. පහරදීමක්සිදුවුනොත් ඒ ඉතාමත් කලාතුරකිනුයි. නමුත්වෙනත් සතුරන්ගෙන් හිරිහැර වනවිට වේගයෙන් පා පහර දී ඔවුන් එලවා දමනවා. ජිරාෆ්ලාටඅශ්වයන්ට මෙන් වේගයෙන් දිවීමේ හැකියාවක් තියෙනවා.නමුත් අතුපතරින් ගැවසී ගත් ගස් ලගදී නම් සතුරාට පහසුවෙන් හසුවෙනවා. ජිරාෆ් ලාගේගමන් විලාශය අනෙක් සතුන්ට වඩා වෙනස්.ඔවුන් එකම පැත්තේ පාදයන් එකවර චලනය කරමින් ගමන් කරනවා. ඌට නැලවෙන අන්දමේ ගමන් තාලයක් ඇත්තේ මේනිසාමයි. ජිරාෆ්ලා ඇති කරන්න ඕනනම් ඔවුන්කුඩා කාලයේදී අල්ලා ගතයුතුයි. මොවුන් ඉතාඉක්මනින් හීලෑ කරගන්න පුළුවන්. ඒ වගේමතමයි පහසුවෙන් රෝග වලට ගොදුරු වෙන්නෙත් නැහැ.උගේ මනස එතරම් දියුණු තත්වයක් නැත.නමුත් තමන්ගේ ආහාර වේල හා ස්වාමියා පිළිබදව මතකය ඔවුන් සතුව ඇත. ජිරාෆ්ගේ මුල්නෑයින් යුරෝපය, ආසියාව හා උතුරු ඉන්දියාවේත් විසිරී සිටි බවට සාක්ෂි තියෙනවා. නමුත් දැන් දැන් ජිරාෆ්ලා බොහෝ දුරට වදවීගෙන යනබවක් පෙනෙන්නට තියෙනවා.
BLOG
අපගේ ඕනෑම ගැටලුවකට විසදුම්ඇති එකම මෘදුකාංගය එක්සෙල් යැයි කිවහොත් ඔබ තර්ක කිරීමෙන් තොරව එය පිළිගනු ඇත. මේ තුළ ඇති 480 කට වැඩි වෙනස් භාවිතයන්ගෙන් යුතු Function ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබාදෙනු ඇත. එක්සෙල් Function එකක් තුළ ඇති විචල්‍ය කොටසකට නැවත Function එකක් ඇතුළත් කරගත හැකි බැවින් හා එලෙසින් එකක් තුළ එකක් function උපරිම 60 ක් දක්වා ඇතුළත් කරගැනීමට හැකි වීමෙන් අපට කිසිදින සිතාගත නොහැකි සංක්‍යාවක ගැටළුවලට පිළිතුරු ලබාගත හැකිය.නමුත් ලාංකීය අප ගත් කළ අපගේ ගැටළු විසදීමට Excel වලට වත් නොමැති බව නම් පැහැදිලිය. මෙනිසාම ඇතැම් විට අපගේ අවශ්‍යතාවය වෙනුවෙන්ම අලුතින් Function සකසා ගැනීමට අපට අවශ්‍ය වනු ඇත. එස්සෙල් ඒ සඳහාද ඔබට පහසුකම් ලබාදෙනු ඇත.අපි කුඩා Function එකක් සකසා Function එකක් සකසා ගන්නේ කෙසේදැයි ඉගෙන ගනිමු.අප විසින් අලුතින් Function එකක් සැකසීමට අපේක්ෂා කරයි නම් පළමුව ඒ සඳහා පහසුකම් ලබාදෙන Developer Tab එක අපගේ එක්සෙල් හී Ribbon එක වෙත ලබාගත යුතුය. මේ සඳහා File Tab එක තෝරා ඉන් Options යන්න තෝරාගත යුතුය පසුව Customize Ribbon යටතේ ඇති Developer යන්න තෝරාගැනීමෙන් අනතුරුව Ok යන්න තේරීමෙන් පසුව මෙම කවුළුවෙන් ඉවත් විය හැකිය. එවිට ඔබට අලුතින් Developer නමින් Tab එකක් Ribbon එකෙහි පහත රූපයේ පරිදි දැක්වෙනු ඇත. අප විසින් අලුතින් Function එකක් සැකසීමට අපේක්ෂා කරන බැවින් මින් Visual Basic නමින් වම් පසින් දැක්වෙන අයිකනය ක්ලික් කරන්න. එවිට පහත රූපයේ පරිදි අලුත් කවුළුවක් ඔබට දැකගත හැකිවනු ඇත. මෙම කවුළුව VBA ලෙස හදුන්වනු ලැබේ. අප විසින් Macro සකසා එහි වෙනස් කම් සිදුකිරීමට භාවිත කරනුයේ මෙම කවුළුවයි. ඔබ පැරණි විෂුවල් බේසික් 6 පිළිබඳව යම් අබබෝධයක් ඇත්නම් මේ ඔබ දන්නා Visual Basic මය. මීලඟ කාර්යය වනුයේ අපට අවශ්‍ය Function එක සකසා ගැනීමේ කාර්යය ආරම්භ කිරීමය. මෙහිදී ඔබ විසින් Insert යටතේ ඇති Modules යන්න තෝරාගැනීමෙන් අනතුරුව අලුතින් Module එකක් එක් කරගත හැකි අතර එය ලබාගැනීමෙන් පසුව කිසිදු සටහනකින් තොර හිස් කවුළුවක් ඔබ වෙත ලැබෙන ඇත.මින් පසුව පහත රූපයේ දක්වා ඇති පරිදී Function යන වචනය සටහන් කිරීමෙන් පසුව Function එකට ගැළපෙන නාමයක් ලබාදිය හැකිය. මා විසින් මේ සඳහා ලබා දී ඇත්තේ NumberToText යන්නය. ඔබගේ Function එකෙහි භාවිතය අනුව ඊට ගැළපෙන නමක් යෙදීමෙන් අනතුරුව පහත දැක්වෙන පරිදී End Function යන්නේ මෙය අවසන් කළ හැකිය. දැන් ඇත්තේ ඔබගේ Function එක මගින් සිදුවිය යුතු ක්‍රියාවලිය සටහන් කිරීමය.ඕනෑම එක්සෙල් Function එකක් ගතහොත් එහි Parameter නමින් වරහන් තුළ කොටසක් දැකිය හැකිය. බොහෝ Function වල Parameter කොටස් එකකට වඩා තිබේ. මෙම කොටස් වලට අපට අවශ්‍ය දත්ත ආදේශ කිරීමේ හැකියාවෙන් යුක්ත වේ. ඔබ විසින් Function එක තුළට පිටතින් තොරතුරු ලබාගැනීමේ කාර්යය වෙනුවෙන් Parameter කොටස් භාවිතය අනුව එක්කරන්න. මෙහිදී Parameter එකට නමක් හා එයට ආදේශ කරගත හැක්කේ කුමන වර්ගයේ දත්තයන්ද යන්නද තීරණය කළ යුතුය. පහත උදාහරණයේ මා විසින් YourNumber නමින් Parameter එකක් හා එයට ආදේශ කරනුයේ Double වර්ගයේ දත්තයක් යන්නත් DisplayText යන්නට ආදේශ කරනුයේ String වර්ගයේ දත්තයක් යන්නත් හදුන්වා දී ඇත.මින් පසුව Function එකෙහි Parameter වලින් ඇතුළට ගෙන එන දත්ත යම් කිසි ක්‍රියාවලියකට යොමුකොට පිළිතුර පිටතට ලබාදිය යුතු බැවින් අවසානයේ Function එකෙහි නාමය සටහන් කිරීමෙන් පසුව පිටතට යොමුකරනු ලබන උත්තරය සටහන් කරන්න. ඉහත උදාහරනය අවබෝධ කරගන්න. මින් පසුව මෙම කවුළුවෙන් ඉවත් වන්න. දැන් ඔබ විසින් සමාන කිරීමේ ලකුණ සටහන් කිරීමෙන් පසුව Function එකේ නම සටහන් කිරීමට උත්සාහ කිරීමේදී පහත පරිදි අප විසින් සැකසූ Function එකත් එහි ඇති Parameter කොටස් වලට ආදේශ කරනු ලබන තොරතුරුත් ඇතුළත් කළ හැකිය. පසුව ඔබ Enter යතුර press කල පසුව සාමාන්‍ය Function එකක් පරිදි උත්තරය දැක්වෙනු ඇත.ඔබගේ අවශ්‍යතාවය අනුව බොහෝ විට මෙලෙසින් Function සකසා ගැනීමේ හැකියාව ඔබට ඇත. එසේම මෙලෙසින් සකසා ගන්නා Function සියල්ල Insert Function කවුළුවේ User Defined යන කොටසේ දැකගත හැකිවනු ඇත. මෙම කුඩා උදාහරණය මගින් ඔබට යම් දැනුමක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නට ඇතැයි සිතමි.෴.
BLOG
පොලොංතෙලිස්සා එහෙමත් නැත්නම් කුණකටුවාකියලා හදුන්වන්නේ අපේ රටේ තරමක් විතර බහුලව හමුවෙන සර්පයෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් Merrem's Hump-nosed Pit Viper කියලා හදුන්වන මේසර්පයා Hypnalehypnale කියන විද්‍යාත්මක නමෙන් හදුන්වනවා. මේ සර්පයාමෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ග කරන්න (Scientificclassification) පුලුවන්. Kingdom Animalia Phylum: Chordata Subphylum: Vertebrata Class: Reptilia Order: Squamata Suborder: Serpentes Family: Viperidae Subfamily: Crotalinae Genus: Hypnale කුණකටුවා බොහෝ වෙලාවට දිවයිනේ අතරමැදි සහවියළි කලාපයේ කෘෂිබිම් වල වගේම මිනිස් වාසස්ථාන වලත් හමුවෙනවා. ඒ වගේම තේ ,රබර්, පොල්, කොකෝවා වතුආශ්‍රිතවද හමුවෙනවා. මෙයා නිශාචර සර්පයෙක්. ඒ වගේම භෞමික වාසී සර්පයෙක්. සිලින්ඩරාකාර ශරීරයක් දරන මේ සර්පයාගේ ගෙලපැහැදිලිව ගෙලෙන් වෙන් වෙලා තියෙනවා.ඒවගේම තරමක් ත්‍රිකෝණාකාර මහත හිසක් මෙයාලට තියෙනවා.පෘෂ්ඨයක් මතුපිට ඉන්න කොට හිස අංශක 45කින් පමණ ඔසවාගෙන සිටිනු දකින්න පුලුවන්.කුඩා නාස් පුඩු දරන මේ සර්පයාට මදක් ඉදිරියටනෙරූ දුඹුරු පාට ඇස් පිහිටලා තියෙනවා.විවිධ වර්ණ වලින් යුක්ත සතුන් හමුවෙනවා ඒකියන්නේ මෙයාලගේ වර්ණ වෙනස්කම් රාශියක් තියෙනවා. බොහෝ විට අදුරු දුඹුරු පාටයි. ඇතැම් විට තදදුඹුරු පාටින් යුක්ත වෙනවා. ශරීරයේ කලු පාට පැල්ලම් දකින්නත් පුලුවන්. මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිතයි. ඒ වුනත් මේ සර්පයා දෂ්ඨ කිරීම නිසා මරණ වාර්තාවෙලා තියෙනවා කියලත් සමහරු කියනවා. කොහොම උනත් මේ සර්පයා දෂ්ඨ කලාම තුවාලය අවටදැඩි වේදනාවක් ඇතිවෙනවා. රාත්‍රී කාලයට ක්‍රියාශ්‍රීලි වෙන මේ සර්පයාදිවා කාලයේ දිරාගිය කොළ රොඩු, ගල් කොටන් යට හැංගිලා ඉන්නවා. රාත්‍රී කාලයේදී සිදුවූ පහරදීම් වාර්තා වෙනවා. කුපිතවුන වෙලාවට වලිගය තදින් සෙලවීමක් මේ සර්පයාගෙන් දැක ගන්න පුලුවන්. 35 cm පමණ දිගකට වැඩෙනකුණකටුවා කුඩා සර්ප බිත්තර,කුඩා ක්ෂීරපායින්, සිකනලුන්, ගෙම්බන්ආහාරයට ගන්නවා.වැඩුනු ගැහැණු සතුන් මාර්තු ජුලි අතර කාලයේපැටවු දැමීම සිදු කරනවා. වරකට පැටවුන් 7ත් 14ත් අතර සංඛ්‍යාවක් උපත් ලබන් අතරඋපතේදී මේ සර්පයින් 15cm දිගකින්යුක්ත වෙනවා.කුණකටුවාHump-nosed Pit Viper (ඡායාරූපය- www.
BLOG
වනාන්තරේ පරසතු මල් නිරන්තරේ පිපීයන්ආදරයේ පොද වැස්සට ඒ මල් පෙති තෙමීයන්හෙලන නුඹේ පුංචි බඳට පෙති ගෝමර ඉසීයන්ලඳුනේ මට හැමදාමත් නුඹ සිහිනෙන් පෙනීයන්තන් තන් දෙනා නුඹෙ මුවේ නැගෙන්නේපන්දම් වැලක මුතු ඇමිනුවා වැන්නේසිනා පිරුනු නුඹෙ මුව බබලන්නේමගේ හදට සඳ පෑයුවා වැන්නේකිරි වැදිලා පැසුනු ගොයම මද සුළගෙන් පැහෙන්නේහිමිදිරියේ ගිරා නාද මගේ හිතයි කියන්නේආලවන්ත නුඹෙ බැල්ම් සොඳුරු හැගුම් මවන්නේඅවනත නැති මගෙ නෙත් යුග නුඹෙ රුවමයි සොයන්නේඅඳුරු මගේ පැල කලඑලි වෙන්නේනුඹ කැන්දා එන දාටයි ලන්දේකවදාදෝ නුඹ මට බහ දෙන්නේනෑනේ දෝ නුඹ පිටගං යන්නේMusic - DTapDownload - Wannathare.
BLOG
උදාවුන නත්තලත්, මැතිවරණ උණුසුමත් අස්සේ ඉවරයක් නැතුව වහින වැස්සත් නිසා Facebook එකේ මේ දවස්වල Share වෙන්නේ මාරම කතා තමයි. ඒ සේරම තැන් තැන් වලින් හොය හොයා බලන්නැතුව බලන්න එකම තැනකින්. මේ බඩ අල්ලන් හිනාවෙන්න.
BLOG
වසරනොදනීදිනය නොදනීනමුත් සිදුවීම දනී. ගෝත්‍රය යක්ෂයන්ගේය, පර පුර ඔවුන්ගේය, යුගය නොදන්නේය. බලය ඔවුන්ගෙන් ගිලිහුනද. මේ භුමියේ අයිතිකාරයින් ඔවුන් වන්නේය. නොදන්නා යුගයක ජිවත් වූ නොදත් යක් පරපුරක් වෙනුවෙන් සොයා ගිය ගමනක් මෙසේ ඇරබෙන්නේය.අතීතය මෙසේ දිග හැරේකම්මලක් නොතිබූ යුගයක, අවියක් තනා ගැන්මටත්, ගොවිතැනක් කිරීමට ආයුදයක් වත් තනා ගැන්මට නොදත් අතීත පරපුරකට එය කර දුන්නේ යක්ෂයන්ය." රාක්ෂ කන්ද " එනම් යකුන් විසු රාක්ෂ ගල මෙය වේ. මෙය අසලට ගොස් තමාට ඇවැසි දේ කන්නලව් කර, පඩුරු තබා ගිය විට. අවශ්‍ය ආයුදය ලබා ගත හැකි බව එකළ ගැමියෝ ඇදහූහඑය සොයා යන්නවුන් නැවත නොපැමිණියේය, එය ඔවුන් නොදැන යුත්තක් බවඇදහූහ. එහෙත් නිර්භිතයන් තුන් දෙනෙකු නිසා එය ඔවුන් සොරකම් කර ගත්හ. එතැන් පටන් මෙය පාලු අඩවියක් වූ බවට නොරහසකි. මෙය හුදෙක් ගවේෂනයක්ම නොව, අපගේ අතීතය පිරික්ස බැලීමකිගම්පොල සිංහපිටිය ඔස්සේ කුරුදුවත්ත නගරය පසු කල විට දොළොස් භාගය මාර්ගය අසල පිහිටි නාම පුවරුවක සදහන් වුයේ Raxawa Estate යනුවෙනි. එම මාර්ගය දිගේ ඉහලට යන විට raxawa තේ කර්මාන්තශාලාව හමුවන අතර. එහි පාළු ගතියක් දිස්විණි තවත් ඉහලට යත්ම තේ වතුයාය මැද පවතින ලැයින් කාමර පමණක් දක්නට ලැබුණි. වාහනයකින් යා හැකි උපරිම දුරට ගිය පසු ගමන් පටන් ගත යුත්තේ පා ගමනින්ය. මෙහි දැක්වෙන්නේ ඒ යන අතර මගදී කැමරාවට හසුවූ දසුන් කිහිපයකි.වහනයෙන් බැස්ස විට දක්නට ලැබෙන්නේ ඉතා විශාල ගල් පර්වතයකි. බැලු බැල්මටයෝදයෙක් සේ දිස් වෙන මෙම පර්වතය දිගු දුරක් විහිදී යනු පෙනෙන්නේ ව්නාන්තරයකින්ය. එහි කෙල වරට් වන්නට වං ගෙඩියක් හා මෝල් ගසක් වැනි පර්වතයක් දක්නට ලැබෙයි. එය අපේ ගමනන්තයි. යකුන්ගේ පර්වතය එයයි.ගමන අරඹන විට තේ වත්තක් ඔස්සේ යාමට සිදු වුනි. එහි සේවය කරන බොහෝ අය අපට සුහද සිනාවකින් සංග්‍රහ කලෝය. ඔවුන්ගෙන් කිහිප දෙනක් අපට මග පෙන්වුවෝය.උඩ වැඩියා මල්, බොහෝ අය ගෙවතු වල වග කරන මල් වර්ගයකි. ඉතා ඉහල මිල ගණන් වලට අලෙවි වන මේවා. මෙම මාර්ගය දෙපස විශාල ප්‍රමාණයක් දක්නට ලැබිණි. වචනයෙන් කිව නොහැකි සුන්දර දේ කැමරා කාචයට හසු කර ගැන්මට හැකි විනි..ඉතිරිය ඊළගට .
BLOG
ලංකාවේ කැබිනට් එක එසේ මෙසේ කැබිනට් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. එය 2010 වර්ෂයේ ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනේ ශ්‍රී ලංකාව ලොව තුල අද්වතීය ස්ථානයකට ගෙන යමින්. ඒ ලොව විශාලතම කැබිනට් මණ්ඩලය ලෙස “ජම්බෝ කැබිනට්“ යන නාමයෙන් පවා පිදුම් ලබමින්. ව්‍යවස්ථාදායකය තුල සුවිශේෂී තත්වයක් හිමි කැබිනට් මණ්ඩලයට වර්තමානයේ සාමාජිකයන් 67 ක් එක්කර සිටී. වත්මන් කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුවේ 2010 වර්ෂයේ අප්‍රේල් මස 23 වැනිදාය. මෙම කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම ජේෂ්ඨ ඇමතිවරු 10 දෙනෙක් සහ ඇමතිවරු 54 දෙනෙක් සහ විශේෂ ව්‍යාපෘති ඇමතිවරයෙක්ගෙන් සමන්විත වේ. මෙම ඇමති මණ්ඩලයේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිශ්චිත සහ නිරවද්‍ය තොරතුරු ලබාගැනීම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවේ. නමුත් දළ වශයෙන් ගත්කල මෙම කැබිනට් මණ්ඩලය තුල මහාචාර්යවරුන් දෙදෙනෙක්, ආචාර්යවරුන් 5 දෙනෙක් (සම්මාන ආචාර්ය පදවිලාභී මර්වින් සිල්වා මහතා ඇතුළුව), එක් වෛද්‍යවරයෙක් (දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතා) අන්තර්ගත වේ. අනෙකුත් අති බහුතරයම දේශපාලනික අත්දැකීම් මිස අධ්‍යාපනික සුදුසුකම් මත තනතුරු දරන්නන් නොවේ. එසේම අධ්‍යාපනික සුදුසුකම් පැත්තක තබා තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයන්ට අදාල ඇමතිකම් දරන්නන් හෝ නොවන බව අධ්‍යයනය කල හැක. එහිලා ගත් කල ලංකාවේ කැබිනට් මණ්ඩලය ගැන ඔබ දරණ ආකල්පය මදක් සිහිපත් කොට බලන්න. මෙම මණ්ඩලය නඩත්තු කිරීමට විශාල මුදලක් මහජන බදු ඇතුලත් රජයේ ආදායමෙන් දරන්නට වී ඇත. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාගේ පමණක් ගමන් විදයම් සඳහා වසරකට රුපියල් කෝටි 250 ක් දරන්නට සිදුව ඇත (2015 සඳහා ඇස්තමේන්තුගත). එහිලා බලන කල්හිදී එතරම් වියදමක් දැරීමට සුදුසු පුද්ගලයන් ඒ සඳහා තෝරා යැවීම මහජනයා සතු වගකීමකි. එසේම එසේ තෝරා යවන පුද්ගලයන් අතරින් නිවැරදිම පුද්ගලයා අදාල තනතුරුවලට පත්කිරීම රජයක ඉහල පාර්ශව සතු වගකීමකි. එය කොතරම් දුරට ඉටුව ඇත්ද යන්න සලකා බැලිය යුතුය. දැන් ලංකාවේ කැබිනට් එක දෙස බලා අවසන්ය. දැන් අවදානය යොමු කල යුත්තේ ලංකාවට අසල්වැසි රාජ්‍යය ඉන්දියාවේ කැබිනට් මණ්ඩලය දෙසය. ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 20.2 කි (2012 සංගණන වාර්තා අනුව).එනම් කෝටි 2කට මදක් වැඩිය. ඒ ජනගහනය පාලනයට අදාල කැබිනට්ටුව සාමාජිකයන් 67 කින් සමන්විත වේ. ඉන්දියාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 1,210 කි (2011 සංගණනය අනුව). එනම් කොටි 121 කට මදක් වැඩිය. එම ජනගහනය පාලනයට අදාල පත්කර ඇති කැබිනට් මණ්ඩලය 23 කි. අප දැඩිලෙස සිතා බැලිය යුතු කාරණයක් ලෙස මෙය නම්කල හැක. එසේම ඉන්දියාවේ කැබිනට් මණ්ඩලයේ අභයන්තරය දෙස මදක් අවධානය යොමුකල යුතුය. අගමැති නරේන්ද්‍ර මෝඩි දිල්ලි සහ ගුජරාති විශ්වවිද්‍යාලවල දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිලාභියෙකි. අමාත්‍යවරු පස්දෙනෙක්ම ඉන්දියානු විශ්වවිද්‍යාල එකක් හෝ කීපයක ගෞරව උපාධිලාභීන්ය, ඉන් දෙදෙනෙක් ආචාර්ය උපාධිලාභීන්ය. ඉතිරි 17 දෙනාගෙන් අති බහුතරයක්ම රටතුල පිළිගත් වෘත්තීයවේදීන් සහ ප්‍රභූන්ය. ලාබාලතම කැබිනට් ඇමතිනිය වන්නේ ස්ම්‍රිති සුබේයින් ඉරානිය. නොඑසේනම් ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන “තුල්සි ආන්ටිය“. ඇය මේ වනවිට භාරතීය ජනතා පක්ෂයේ උප සභාපතිවරියකි. එසේම පිළිගත් සමාජ සේවිකාවකි. ප්‍රධානතම කාරණය වන්නේ මෙම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ගේ වියදම් රටාවන් සහ ඔවුන් සතු බලතලයි. අධිකරණයේ තීරණවලට මොවුන් සියල්ල යටත්ය, ඉතා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් මොවුන්ගේ තනතුර හා බැඳුනු වියදම් සඳහා අදාලවේ. බොහොමයක් ඇමතිවරු ස්වදේශීය ප්‍රතිපත්ති මුල්කොට සලකන පුද්ගලික ප්‍රතිපත්ති ඉන් අනතුරුව සලකා බලන පිරිසකි. විශේෂයෙන්ම පසුගිය කැබිනට් මණ්ඩලවල ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි ප්‍රනාබ් මුකර්ජි මහතා ඉන්දියානු ජනපති පදවියට පත්කිරීමෙන් පවා පෙන්වන්නේ එරට කැබිනට් මණ්ඩලය තුලට පුද්ගලයින් පත්කිරීමේදී සලකා බලන කරුණු ඉතා ප්‍රබල බවයි. මෙම සියලුම ඇමතිවරුන් තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍ර හෝ අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාල අමාත්‍යධූර හෙබවීම ඉතාමත් වැදගත් කාරණයක් ලෙස ගෙනහැර දැක්විය යුතුය. ලංකාව සහ ඉන්දියාව අතර ඇත්තේ ඉතා පටු මුහුදු තීරයක වෙනස පමණක් බව භූගෝලියව සලකා බැලීමේදී දැකිය හැක. නමුත් දේශපාලනික සහ රාජ්‍ය පාලන මෙන්ම රාජතාන්ත්‍රික ක්‍රියාදාමයන්හීදී කාටයුතු කරන ආකාරවල ඇති විෂමතාවයන් අවබෝධ කරගැනීමේදී අප සිටින්නේ කොතනද යන්න සිතාබැලිය යුතුය. විශේෂයෙන්ම මැතිවරණයක් ආසන්න තිබියදී ඉතාම වැදගත් ලෙස සිතාබැලිය යුතුය. .
BLOG
වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු සමග සටනට සූදානම් වෙති. ඔක්සිජන් මාස්ක් එක මූහුණට සවිකළාය. අතට කටුවක් ගැසීය..... මගේ දෑස් පියවී යන්නට විය.“දුවේ... දුවේ... අයියෝ... මොකද්ද ඔයා මේ කළේ....“ මගේ සවනට අම්මාගේ විලාපය සිහිනෙන් මෙන් ඇසෙයි. මම දෑස් ඇරීමට උත්සහ දැරීය. ඒත් දෑස වෙළුම් පටිවලින් වෙලා තිබුණි. අම්මා එක් අතකින් මගේ අතක් අල්ලාගෙන අනෙක් අතින් හිස අතගාමින් හඬා වැළපෙයි. මට අම්මා එක්ක කතා කරන්නට උවමනා වී තිබුණ ද ඊට ධෛර්යයක් නොවීය.“අමා...“ මගේ මුළු සිරුරම විදුලි සැරයකට අසුවුණා සේ දැනෙන්ට විය. හෘද ස්පන්දනය වේගවත් විය. අනේ දැන් මට ඒ මුහුණ බලාගන්න බැහැ නේද කියා සිතෙයි. එවිට නැගෙන දුක හදවත හාරගෙන ඇතුළට කිඳා බසිනවා සේ දැනෙයි.“ඇයි ළමයො ඔයා මේ වගේ මෝඩ වැඩක් කළේ“ සුරංගගේ දයාබර වදන් යළිත් මගේ සවන් පත් තුළට රිංගා ගත්තේ ය.“මෝඩ වැඩක් නෙමෙයි මල්ලි, මෙයා කරලා තියෙන්නේ හිතුවක්කාර වැඩක්. හ්ම්, උඹට කවද හරි තේරෙයි කරපු හපන්කමේ රඟේ“ අයියා පුපුරා හැලෙන කෝපයෙන් අවලාද නගයි.මගේ නංගී වෙනුවෙන් යුතුකමක් කළය කියා සිතන විට සෑම දුකක්ම අවලාදයක්ම මැඩ ගැනීමේ මහා ශක්තියක් හිතට දැනෙයි. ** ** ** දිනෙන් දින ගෙවී යන මේ අන්ධකාර ලෝකයට මම හුරු වුනෙමි. අම්මා, නංගි, සුරංග මාව ආදරෙන් රැකබලා ගනිති. නංගිගේ කුසට දරුවෙක් ආවේ ඔය අතරෙදී ය. “අක්කා, ඔන්න ඔයා ලොකු අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ.“ යි නංගි ඒ සුභ ආරංචිය මට කියා සිටියේ දොරෙ ගලා යන සතුටකින් බව මට දැනුනි. බුදුන්ට පසු බුද්ධත්වයට සුදුසුකම් කියන මව් පදවිය ගැහැනියකට තම ජීවිතයේ ලැබෙන උතුම් අවස්ථාවකි. ඇය ඒ වෙනුවෙන් පේවෙන්නේ මහා පූජාවකට සූදානම් වන අයුරෙනි. මගේ සිතුවිලි හදිසියේම අතීතය සොයා ගියේ ය. “ඔන්න අපි බැන්ද ගමන් මට තාත්තෙක් වෙන්න ඕන. ඔයා වගේ ලස්සන රෝස කැකුලියක් ඉස්ඉස්සෙල්ලාම ඕන. දුවක් ගෙදරට සිරියාවයි. ඊට පස්සෙ කොල්ලො තුන්දෙනෙක් ඕන. මගේ හොටේල් එක උන් ලොකු උනහම බාර දෙන්න පුළුවන්“ යි සුරංග ඈතට නෙතු යොමාගෙන ගිරවෙක් වගේ කියාගෙන යයි. මම ඒ වදන් සමග විකසිත වී ඇති ඔහුගේ වත දෙස බලා සිටියෙමි.“කොහොම ද මගේ පවුල් සැලසුම නරක නැහැනෙ.“ යි කියමින් මා දෙස බැලීය. මම සිනා සුනෙමි.“ඇයි, මදි ද වැඩි ද.““අනේ මන්දා, ඔයාල නම් කියයි. ඒ උනාට කියන තරම් ලේසි නැහැ විඳවන්න ගියහම.““ඔයා කිසි වැඩක් කරන්න එපා. හොඳට කාලා හිතේ සතුටෙන් ඉන්න එකයි කරන්න තියෙන්නෙ.“දිගින් දිගටම එදා ඇදී ගිය අපේ සංවාදය මතකයට නැගෙද්දී ජීවිතය කෙතරම් අස්ථීර ද කියා සිතේ. ගෙදර කවුරුත් අලුත් අමුත්තා පිළිගන්නට සූදානම් වෙති. නංගිට අවශ්‍ය කෑම සාදා දෙමින් ඇයව වෛද්‍යවරයා වෙතට ගෙන යාමේ සිට ඇගේ ඇඳුම් පැළඳුම් සොදා දීම, මූණකට සෝදාගන්නට වතුර රත්කර දීම ඇතුළු රාජකාරි බොහොමයක් අම්මාත් සුරංගත් බෙදාගෙන කරන්නට වූහ. මේ නිසාම මා ගැන සොයා බැලීමට පෙර මෙන් ඔවුනට කාලයක් නොවීය. මා තව තවත් හුදකලා වූවාසේ දැනෙන්නට විය. මේ නිසා දවසේ වැඩි කාලයක් ඇඳට වී සිටින්නට හුරු වුණෙමි.තරුමතුසම්බන්ධයිවෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා.
BLOG
දුරු කර අඳුරපායද්දි දිමයුර අඹරබලාඉන්නේ තරුරදඇබිති එළි බිංඳුවක්ණයට හෝ ඉල්ලගෙනසෝබනේට දිලිසෙන්න2014.08.16.
BLOG
හිමි සඳ ජිනරතන අරණෙහි වැඩ වසන හැම සඳ ඔබ දකිනපෑරෙයි හද පෙමිනඔව් මා ජිනරතනපිඩුසිගමින් වඩිනඔබගෙන් දන් ලබන ගීතය අසන්නවනෙහි බවුන් වඩනදරුවෙකි මාබුදුරදුගේඅකැපය මා හට ගිහිගේරාගය ඇවිලෙයි ඔබගේබුදුබණ පිටුදුටු නෙතගේරන්වන් පහන් සිරුරේරල රැලි ලෙලදෙයි සිව්රේගැලෙමින් පස්කම් මිහිරේඇවිදිමු මේ දිගු සසරේහිමි සඳ ජිනරතනපෑරෙයි හද පෙමිනපළමුව බුදුසරණදෙවනුව දම්සරණතෙවනුව සඟසරණඔබට සදා සරණ.......ගායනය - විශාරද නන්දා මාලිනි.
BLOG
සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මානම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මාඅම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මාසම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මාපේම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මාවම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මාඅම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මාසම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මාටික ටික වතුර අරගෙන පොල් කටුවකටනාවපු අයුරු මතකයි ඇගෙ උකුල මතඅම්මේ ඔබේ පා පියුමන් සිඹින කොටවැටෙනවා කඳුලු මගේ දෑසින් ඔබෙ නමටඋයලා බත බිමට බෑ සැටියෙම වාගේබෙදලා පිගානට ගෙන රන්තැටිය මගේවෙනදා වගේ නොවෙයි අම්මේ බත රස්නේකියපු ගමන් මට ගැහුවා අම්මා මගේලේ ටික කිරට හරවා මා හට පෙව්වදිවරෑ නොබල මා වෙනුවෙන් වෙහෙසෙව්වමැදියම් රුයේ දෝතට ගෙන නලවව්වඅම්මේ ඔබයි කප්රුක මගේ සැමදාමඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මාකුසට අහර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මාකයට නියම සැප නොගෙනලු මා වැඩුවේ අම්මාබුදුන් දැක නිවන් දැක නිවන් දැකපන් ආදර මගේ අම්මාගියා ඈත පිටිසර ගම් වලට පියාසොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියාමෙයාකාර සැපතක් මට දුන්නු පියාසම්මා සම්බුදු සරණයි මගේ පියාඅල්ලා සෙමින් සුරතල් උනු මගේ අතමිඳුලේ වටේ සෙල්ලම් කරනවා ඇතසිහිවන විටදි පියතුම ඔබේ පුරුදු අතවාවාගන්න කොහොමද මගෙ බොලඳ හිත.
BLOG
මං අවුරුදු තුනේ විතර පොඩි එකෙක් කාලේ අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වෙච්ච කේස් එකක් ගැන කතන්දරයක් මං මීට අවුරුදු දෙකකට විතර කලින් ලියා පල කළා.අද කියන්න යන්නේ ඒ වගේ ඇම්ඩන් කතාවක් නොවෙයි, මේක ඇත්තටම ඒකේ අනිත් පැත්ත.දැන් සතියක් තිස්සේ විහිළුවට වගේ වෙජිටේරියන් ට්‍රයල් එකක නිරතවෙලා හිටියා වුනාට, මොකක් හරි හේතුවක් හින්දා මංතුමා පොඩි කාලේ ඉඳලාම සමහර එළවළු ජාති කන්න අකමැතියි.වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු ජාති ගැවුණු බත් ටිකක්වත් මං කන්නේ නෑ අම්මා කොච්චර කන්නැයි කියලා යාප්පු වුණත්.පොඩි කාලේ ඉඳලාම මගේ ප්‍රියතම වෑංජනේ තමයි පරිප්පු. මං හිතන්නේ පරිප්පුවලට කැමති අය අප අතර එමටයි. කොටින්ම මං අද වෙනකොට පරිප්පු ඉවීම ගැන විශේෂඥයෙක්.කලින් කියපු එළවළු ජාති මං නොකා හිටින්න හේතු මොන මොනවාද කියලා මට දැන් මතකයක් නෑ. සමහරවිට මුලින් ම ඒවා කාපු දවසේ ටිකක් විතර සැර වැඩි වෙන්න ඇති. නැත්තං පොඩි තිත්තක් වගේ දැනෙන්න ඇති.ඔහොම තව අවුරුදු දෙක තුනක් ගිහින් මං පාසල් යන සමයත් එළැඹුණා. ඔන්න ඔය කාලේ දවසක අපි ගියා අම්මලාගේ ගමේ. එහේ තමයි අර පහු කාලෙක තමන්ගේ සී නයින්ටියට ගහන්න රුපියල් විස්සට පෙට්‍රල් ගන්න පෙරුම් පුරාගෙන හිටිය ඇන්ටි හිටියේ.අපේ ඇන්ටි මට හරිම ආදරෙයි. ඒ හින්දාම ඒ දවස්වල ඇන්ටි මට හැමදාම වගේ බත් අනලා කවනවා. මං ඒ වෙනකොට ඉස්කෝලේ යන්න පටන් අරගත්තු ලොකු ළමයෙක් වුණාට මාත් ඒකට කවදාකවත් අකමැති වුණේ නෑ. මොකද, මල්ලිලා අම්මා එක්ක හුරතල් වෙනවා වාගේ, මාත් කැමතියි පොඩ්ඩක් හුරතල් වෙන්න.අනික මේ ඇන්ටි බත් කවන අතරේ අපිට අහගෙන ඉන්න හරීම ලස්සන කතන්දර කියන්නත් දන්නවා. කතන්දර වගේම ඇන්ටි අනලා බත් කවන කොට හරීම රහයි, මං පිඟානට බෙදාගෙන අනාගෙන කනවා වගේ නොවෙයි.මුලින් පිඟානට බෙදලා ගෙනත් හොඳට අනලා ගුලි කරලා මට කවන බත් මං සේරම වගේ කනවා. එහෙම වුණාම ඇන්ටි ආපහු කුස්සියට ගිහින් තවත් බත් බෙදාගෙන ඇවිත් මට කවනවා.එක දවසක්, බත් පිඟාන ඉවර වුනේ ඇන්ටි මට කියමින් උන්නු කතන්දරේ හොඳම හරිය යද්දීයි. ඒ හින්දා මාත් කතාව දිගටම නොනවත්වා කියන්න කියලා ඇන්ටිගෙන් ඉල්ලමින් ඇන්ටි එක්කම කුස්සියට ගියා බත් බෙදාගෙන එන්න යනකොට.දෙවෙනි බත් පිඟාන අරගෙන ආපහු ඇවිත් ඔන්න ඇන්ටි ආයෙමත් කතන්දරේ කියමින් මට කවන්න පටන් ගත්තා.මට හොඳට මතකයි, එදා ඒ කතාවත් දුක්මුසු අවසානයකින් තමයි ඉවර වුණේ. ඊටත් වඩා වැදගත් දෙය තමයි අර දෙවෙනියට බෙදාගෙන ආපු බත් පිඟානේ අර කලින් එකේ තිබුණු රහම රහ ගතිය තිබුණේම නෑ.මීට සෑහෙන කාලෙකට පස්සේ තමයි මං දැනගත්තේ ඇන්ටි මට අනලා කවන බත්වල රසයට සැබෑ හේතුව නම්, බත්වලට යටින් හොරෙන් බෙදලා, බත්වලින් වහලා තිබුණු වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු වෑංජනය කියන එක.මේ දෙවෙනි පිඟාන රහ නැතිවුණු දවසේ එහෙම වෙන්න හේතුව තමයි, බත් බෙදාගන්න මාත් කුස්සියට ගිය හින්දා, ඇන්ටි වෙනදා බත් යටින් හොරෙන් හංගලා මට කවපු, මං සාමානයෙන් නොකන එළවළු වර්ග එවෙලේ මගේ බත් පිඟානට බෙදුවේ නැතිවීමයි.-කතන්දරකාරයාප/ලි:එදා නොකාපු එළවළු ජාතිවලින් මේ වෙනකොට වැටකොළු, කැරට්, බීට්රූට්, රාබු, කතුරුමුරුංගා කනවා. කරවිලත් කනවා, හැබැයි ඒ උයලා නොවෙයි, බැදලා සම්බෝල හදලා.
BLOG
විටක සිත විඩාවෙන්වෙලෙයි ගත දවාගෙනසෙනෙහසේ මතක බිඳුහදවතේ පුරෝගෙන ..පුර පසක් වැනි වුවනදුකින් මැලවී තිබෙනදකින සඳ මේ සිතටනිනවු නෑ ඉබේටම ...ආදරේ කල පවින්නුඹේ සිත මුදෝගෙනවිසිකරන්නට සිතෙයිඅතීතය ඈතකට .
BLOG
ගව් ගනන් බොහෝ දුරකොහොම මා වෙන් වෙම්දහැර දමා සොඳුරුතමතෙවසරක් බැඳුනු පෙමහදේ ඉඩ ඇති තැනෙකනුඹ හොරෙන් සඟවානකාලයත් ඇවිත් දැන්මගෙ කඳුළු හංඟන්නඉතිරි අවසන් දෙසුමඉදිරි දින දෙක තුනකනොඑන මුත් එදින මමසෙනෙහසයි නුඹට මමමුර ගගා නොකීවදකුර ගගා ලියලු පෙමදෙනෙත් බොඳ නොකරයිදකුමරි සරසවි කොමළ.
BLOG
අවුරුද්දකට වඩා වැඩි නිහැඩියාවකින් පස්සේ ආපහු බ්ලොග් එක පැත්තේ එන්නේ.අධික කාර්යබහුලත්වය හින්ද හිතාගන හිටිය කිසිම දෙයක් හරියට කරගන්න බැරි වුනා..ගිය දේවල් ගැන පසුතැවිල වැඩක් නෑ නේ.ආපහු අලුත් දේවල් අරන් අපේ පිහිපාර වැඩ පටන් ගන්නවා.හැමෝටම එහෙනම් ජය වේවා.
BLOG
එකමත් එක ගොවිරාල කෙනෙකුගෙ සරුවට වැඩුනු පුහුල්වැලක පලගත්තු ලොකු පුහුල් ගෙඩියක් හොරු ගත්ත. ගමේ ප්‍රධානියෙකුගෙ උපදෙස් පිට අරගොවිරාල සීනුවක් හඬවමින් "පුහුල් හොරා කරෙන් දැනේ"කිය කියා ගම වටේමගියා. මේ ප්‍රධානියත් ගොවිරාලට නොදැනෙන්න පස්සෙන් ගියා. මේ අතර සීනුව සද්දෙට තමගෙයින් එළියට ආ එක මිනිහෙක්ගොවිරාල "පුහුල් හොරාකරෙන් දැනේ" කියනකොටම තමන්ගේ කර පිසදැමුවා. එවිට මෙයා තමයි පුහුල් හොරා කියලාගමරාලයි ගම් ප්‍රධානියයි මිනිහව අල්ලගත්තා.ඔය අපි පොඩිකාලේ ඉඳන් දන්න කතාවනේ..... ඊට පස්සේමොකද උනේ.....අද එතැන්සිට...අල්ලා ගත්තු මිනිහ එදා හවසම රක්‍ෂිත බන්ධනාගා‍ර ගතකළා. අනුන්ගේ දේපලක් සොරා ගැනීමේ වැරැද්දට සැක කරල. දින දාහතරකට පස්සේ නීතීඥපිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් සැකකරුට ඇප ඉල්ලුවා‍.පුහුල් හොරකමට අදාල පරීක්‍ෂණ තවම අවසන් වී නොමැතිනිසාත්, තවත් සැකකරුවන් කිහිපදෙනෙකුම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නිසාත්, සැකකරුට ඇප දීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ නීතීඥවරු සිය විරුද්ධත්වය ප්‍රකාශකළා. මෙම සැකකරු ඇප මත නිදහස් වුවහොත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට අයුතු බලපෑම්සිදුකළ හැති බවත් නීතීඥවරු ප්‍රකාශ කළා.විත්තියේ නීතිඥවරු කියා සිටියේ සිද්ධියට අදාළපරීක්‍ෂණ සිදුකරන ආකාරය ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවයි. තවමත් සිද්ධියටඅදාළ පුහුල් ගෙඩියවත් අත්අඩංගුවට ගෙන නැතැයි ඔවුන් දන්වා සිටියා.පුහුල් ගෙඩියේ නැට්ට ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්අතර 'ගෙඩිය' ඉදිරි දින කිහිපය තුලඅත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බව පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ අවස්ථාවේදීප්‍රකාශ කළා.තම සේවාදායකයා හතරපෝයට අටසිල් සමාදන් වන වාර්ෂිකවවට වන්දනාවේ යෙදෙන උපාසක කෙනෙකු බවත්, ඔහු බන්ධනාගාර ගත කළහොත් ඔහුට ඉන් අගතියක්සිදුවිය හැකි බවත් විත්තියෙන් පැවසුනා. සැකකරු සැඟවීමට උත්සාහ නොකොට සීනු හඬටඉදිරියට පැමිණීමෙන් ඔහුගේ අවංකභාවය පෙන්වා ඇති බැව්ද විත්තියෙන් පුකාශ කළා.සැකකරුගේඅවංකභාවය සැකයට තුඩුදෙන කරුණක් බවත්, ගොවිරාල ඉදිරිපිටදීම කර පිස දැමීමෙන් එයපැහැදිලි බවත් පැමිණිල්ල දක්වා සිටියා. පුහුල කර නොගැසුවා නම් කර පිසදැමීමේ අවශ්‍යතාවයකුමක්දැයි නීතිඥතැන විමසා සිටියා.තම සේවාදායකයා එදා කර පිසදමා ඇත්තේ ඩෙංගු මදුරුවන්වසා ඇතැයි වූ බිය නිසා විනා අළු පිසදැමීමට නොවන බවත්, අවශ්‍ය නම් සැකකරුහඳුනාගැනීමේ පෙරට්ටුවකට වුව යොමු කළ හැකි බවත් විත්තිය පුකාශ කළා. හොරකම සිදුවීමෙන්පසු ගමරාල හැසිරී ඇති ආකාරය නීත්‍යානුකූල නොවන බවත්, බැරිවීමකින්වත් සීනු නාදයට විශාලපිරිසක් එක් රැස් වූයේ නම් හදිසි නීති රෙගුලාසි පවා උල්ලංඝනය වීමට ඉඩ තිබූ බවත්විත්තිය දන්වා සිටියා. එබැවින් ගමරාලවත් අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත් පැවසුවා.දීර්ඝ විභාගයකින් අනතුරුව සැකකරු ඇප මත නිදහස් වූඅතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගැනීමටත්, සෑම ඉරු දිනකම පෙරවරුවේ ළඟමඇති පොලීසියේ පෙනී සිටීමටත් නියෝග කෙරුනා.“දැන් තමන්ට ගෙදර යන්න පුළුවනි ඊලඟ දිනේට නොවරදවාඋසාවි එන්න” විත්තියේ නීතිඥ සැකකරුට කිව්ව.“අපොයි. සර් එහෙම කොහොමද පහුගිය සුමාන දෙකේපාවිච්චි කරපු හෑන්ඩ් ෆෝන් එකයි, කලර් ටීවී එකයි, ඇඳ ඇතිරිලි ටිකයි භාර දීල ඒමහත්තුරුන්ට පින් දෙන්න එපැයි” කියූ පුහුල් හොරකමේ ප්‍රධාන සැකකරු බන්ධනාගාර බස්නැවතුම්පොළ දෙසට දිවිවා.ප.ලිමේක දැක්කේ පරණ පත්තර කෑල්ලක. මොන පත්තරේද, දිනේ කවදද කියලා හොයාගන්න බෑ. තිබුනේ "අතුල ජයසිංහ" කියන නම විතරයි. ස්තුතිය ඔහුට.
BLOG
ගියා එකක්ආව තව එකක්වෙයං ඕන එකක්නෑ මහා ලොකු හිතක්.
BLOG
ප්‍රේමයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ.. බොහෝ දන එකා මත හැපී මැඩවෙන ලාබ සලුපිලි වෙළද රැලි හැපී විසිරෙන පිටකොටුවෙ විදී අතරතුර යට මදයෙහිද මහා සිතියම් වල සදහනක්වත් නැති බොහෝ පටු මන් ඉඩකඩ තවම ඇත මිනිසුන්ට මිනිසුන් හමුවන මාවතක් නොවුවත් රාගයේ කලබල නොවිය යුතුමය ඔබ සොයා පදා ගතයුතු ඔබවිසින් නම් නොකල බොහෝ තැන් ඇති ඒ ප්‍රේමයෙ නගරයේ සැගවගත්.
BLOG
එහෙමනම් අදත් අපි ප්‍රංශ භාෂාව තුල යොදා ගන්න පොඩි චවන කිහිපයක් ඉගෙන ගන්න බලමු . අළුත් වචන ගැන කතා කරන්න ඉස්සර වෙලා , පහුගිය ලිපි වලදි දැන ගත්ත වචන ටික ආයෙත් මතක් කර ගත්තොත් නේද හොඳ . ....මෙහෙම කරමු , මම කියන්නම් ඉංග්‍රීසි වචනය , ඔයාල කියනවද ඒකේ french වචනය ...හරි ..එහෙම නම් පටන් ගනිමු ....හරිම ලස්සනයි , දැන් ඔයාට ප්‍රංශ භාෂාවේ චවන ටිකක් මතකයිනේ ...ඔව් මේ ඉතින් පටන් ගැන්මනේ . අපි හිමින් හිමින් අළුත් වචන ඉගෙන ගනිමු . ටිකක් අමාරු වැඩේ උච්ඡාරණය කරන විදිය තමයිනේ .....එහෙමනම් අද අපි වචන දෙකක් තුනක් තියෙන පොඩි වාක්‍යයක් දෙකක් කියන විදිය හුරු වෙමු , මේක ඉතින් අළුත් පළාතකට ඇතුළු වුනා වගේනේ , ඉස්සර වෙලා හිමින් හිමින් පටන් ගනිමු , ඊට පස්සේ පුළුවන් ටිකක් වැඩිදුරට යන්නට.හරි එහෙමනම් අපි පටන් ගමු. ..ඔන්න යාළුවෝ දෙන්නෙක් හමුවෙලා වෙන කතා බහක් මේක .හලෝ ...හායි ..මොකක්ද ඔයාගේ නම .මගේ නම මිතිලිමෙන්න අපි දෙන්නා ....අර චූටි කට හඬ මගේ නංගියාගේ මේ වාක්‍ය වලට ගැලපෙන විදියට ඔයාලගේ නම් දාල ආයෙත් කියල බලන්න ..එහෙම නම් අද තව අළුත් වචන කිහිපයක් හඳුනගනිමු .Ok - D'accord - ඩැක්කෝ (මේක කියවෙන්නේ මෙහෙමයි)No - Non - නොඋන්Yes - Oui - ව්වීPlease - s'il vous plaît -ෂිල්වූ ප්ලේයිHello - Bonjour - බොන්ෂූ...එහෙම නම් අපි ගිහින් එන්නම් , හෙටින් අපේ මාස දෙකක නිවාඩුවත් ඉවරයි , මම නම් අළුත් ඉස්කෝලෙකට යනවා , නංගි නම් හිටපු ඉස්කෝලේමයි , ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඉඩ ලැබෙන වෙලාවට ආයෙත් හමුවෙමු .එහෙම නම් ගිහින් ඉන්නම් .
BLOG
කිරිකට් මාමලා නම් හරි අපූරුයගැහුවත් නොගැහුවත් ඌ නම් ඇතුලේයතෝරන උන්ට දැන් නම් අමු කැවිලායමේක අපට තේරෙන්නැති රහසක්යදන්නා කාලෙකදි දස්කම් දැක්කෙ නැතීපැරශුට් වලින් හැමදම ඇතුලට පනිතීඅතපත ගගා බිංදුවටම දැවී යතීඒ මක් උනත් හැමදම ඇතුලේ රැඳෙතීඒ කණ්ඩායමට සිටියා එක්වීලාබිංදුවටම යනවා මුලදිම දැවිලාඑලෙසට උනත් ලංකාවට ඇවිදිල්ලාජාතික කණ්ඩායමේ තැනකුත් හිමිවීලාඑස්.එල්.පී.එලුත් මොහුහට ජයවන්නේඋතුරට එක්වෙලා තරගෙට සැරසෙන්නේවැඩපෙන්නුවොත් නිසිතැන යලි හිමිවන්නේටීම් එකට මොහු නැතිවම බැරිවෙන්නේ.
BLOG
සුරංගනා කතා අහන්න අපේ එවුන් ගොඩක් ආසා නිසාම මටත් අදහසක් ආවා ලියන්න.මෙන්න කියවන්න;රසවිඳින්න ....ඔන්න එකමත්එක රටක කුමාරයෙක් හිටියා.හැබැයි මේ කුමාරයා අපි හිතන ජාතියේ ධනවත් කුමාරයෙක් නම් නෙවේ.එයා ටිකක් දුප්පත් කුමාරයෙක්.හැබැයි මෙයාටත් රාජධානියක් හිමිවෙලා තිබුනා.දවසක් මේ කුමාරයට තමන්ගේ පිය රජතුමාගේ වුවමානාවකට රාජධානියෙන් පිටට යන්න සිද්ධවුනා.ඉතින් මේ කුමාරයත් තමන්ගේ අස්වයාගේ පිටේ නැගල මේ ගමන යන්න පිටත් වුනා .හෙළ්,කඳු ,බෑවුම් පහු කරගෙන සැතපුම් ගණනාවක් අස්වයා පදවපු මේ කුමාරයට පිපාසයක් ඇති වුනා.ඉතින් මගදී හමු වුනු දියපාරක් ළඟ මේ කුමාරයා නැවතුනා.ඉතින් මේ කුමාරයා දිය උගුරක් දෙකක් බොනකොට කෙනෙක් තමන්ට කතාකරනවා ඇහුනා."කුමාරයාණනි, කුමාරයාණනි, ....""කවුද........ ""මේ මම කුමාරයාණනි ..... ""කෝ කව්රුවත් මට පෙන්නේ නෑනේ " කුමාරයා එහෙම කිව්වේ වටපිට හොඳට සෝදිසි කරලා.ඒ පාර ඒ කටහඬ ආයෙත් ඇහුනා."අනේ මම මේ බිම ... මම මේ කුමාරයෙක්එනකම් මග බලාගෙන හිටියේ..."කුමාරය බිම බැලුවා .එතකොටයි දැක්කේ,,, මෙච්චර වෙලා තමන්ට කතා කලේ කවුද කියලා.ඒ දිය කඩිත්ත ළඟ ඉන්න ගෙම්බෙක්."ආ... කතා කරන ගෙම්බෙක් ..." කුමාරයට පුදුම හිතුනා. කුමාරයා එයාවදෝතට ගත්තා. "මම ගෙම්බියක්නෙවෙයි කුමාරයාණෙනි ...මම කුමාරිකාවක් .කලකට ඉහත නපූරු මන්තරකාරියක් කල සාපයක් නිසා මම ගෙම්බියක් බවට පත් වුනා. ඒ වුනත්රාජ කුමාරයෙක් මටහාද්දක් දුන්නොත් මම ආපහු කුමාරිකාවක්වෙනවා.අනේ මට හාද්දක් දීල එක්කරගෙන යන්න..." එයා එහෙම කිව්වා.අපේ කුමාරයා ටිකක් බුද්ධිමත්.ඉතින්මේ කතාව අහපු එයාටිකක් කල්පනා කරා.කල්පනා කරලා දුන්නේ හරි අපූරු උත්තරයක් ..." කුමරියෙක් නම් කොහෙන් හරි හොයාගන්න බැරිය . ඒත් ඉතින්කතා කරන ගෙම්බෙක් කොහෙන් හොයන්නද . මූව පෙන්නලා... කීයක් හරි හොයාගන්න පුළුවන් ... "එහෙම කියපු කුමාරයා මේ ගෙම්බිවත් අරගෙන රට රටවල් ගණනාවකටගියා. මේඅරුම-පුදුම කතාකරන ගෙම්බිවමිනිස්සුන්ට පෙන්නලා මහා ධනස්කන්ධයක් හම්බ කළා.මේ කුමාරයාගේ ධනවත්කම නිසාම අල්ලපු රටේ රජතුමා තමන්ගේ දූ කුමරිය මේ කුමාරයටමසරණ පාවලා දුන්නා.ඊට පස්සේ ඒ දෙන්නා කාලයක් සතුටින් ජීවත් වුණා .....ලස්සනයි නේද යාලුවනේ කතාව .
BLOG
4pt 0in 5..... මේ අඹු සැමි සෙවන වෙත ගෙවී යන්නේ දහසය වන වසරයි.....මේ මව් පිය සෙවන වෙත ගෙවී ගියේ හතලිස් වන වසරයි...උපන්දිනක්උපන්තේකට සැමරීමක් නොකල මා පෙරදින උත්පත්තියෙන් 40 වසක් පිරීම නිමිත්තෙන් ආයතන සහෝදරසහෝදරියන්හට පුංචි සංග්‍රහයක් කරනට ප්‍රයත්න දැරුවේ හුදෙක්ම උනුන්ගේ උසුළු විසුළු වලින් බේරීමට නොව සැමදා උන්ගේ සැම සංග්‍රහයකින්ම පිදුම් ලබන මා තව දුරටත් ණයකාරයෙකු වන්නට අකමැති නිසාවෙනි...එහෙත් නිවසේ “පුංචියට හෝ පාටියක් දමන්නැ”යි යෙහෙළියක දෙඩුවේ වී නමුත් එසේ කරන්නටකල්පනා නොකලෙමි. තාත්තා හා දෝණියන් අතර වරින් වර කථා මතුවූ නමුත් ඔවුන්ටද එසේ කළනොහැකිවිණි..----------------------------මම: “කෝ ලොකූකේක් ගේනව කීව නේද.”ලොකූ: “මටසල්ලි තිබ්බෙ නෑනෙ... බදාදට පන්ති යද්දි මට කීයක් හරි දුන්නොත් මම කේක් කෑල්ලක්ගේනවා..” (එයාට මොනවහරි කන්න දෙන රු.50න් රු. 100න් පුංචි කේක් කෑල්ලක් ගේන්නවෙන්නැති හිතුවේ.. )------------------------------චූටි: “අම්මෙඅම්මට තෑගි දෙන්න කිසි දෙයක් නෑනෙ මට...”මම: “ඉතිංපුතේ මං කවද්ද උපන් දිනේටයි කියල ඔයාලට තෑගි දුන්තන...”චූටි: “උපන්දිනේට නැතිවට ඔයා ඔක්කොම ගෙනත් දෙන්නෙ අපට..”-------------------------------ප.ලි. උපනූපන් මතුආත්මයේ නුඹ පියා හා නුඹලා දෙන්නාවමද පතන්නට ඔයිටත් වඩා කාරණා තවත් නැත්තේමය.
BLOG
හපෝයි.. මේ වැස්ස මදිවට කරන්එකත් කපල. දැන් ඉතින් පැය ගානක් කපනවලුනෙ කරන්ට්එක. මොනාකොරන්නද. මේකත් මේ කනත්තෙ සෙට්එකකගෙ වැඩක්, ඉතින් අපි සරුංගල් අරිනවනෙ. එතන තියනව ඔයක් ඉතින් අපි සරුංගල් උඩ ඇරල ගහක බදිනව නූල. බැදල ඔයෙන් නානව. අපේ සෙට්එකේ නම් කිවුවොත්. සත්තු තව එක එක ජාතියෙ උන් ඉන්නව, මුවා, ඉස්ස, වලය, කනා, කුස්සිය, ලකිය, බක්ක, මේ ටිකක් විතරයි. ඔය වගේ. ඉතින් අපි සරුංගල් අරින තැන තියනව රතු ගොරක ගහක්. ඉතින් කට්ටියම සරුංගල් උඩ ඇරල ඕකෙ තමා ඉන්නෙ. මොකද ඒකෙ ‍ගෙඩි වල මදේ රසයි. මැංගුස් වගේ. මැංගුස් වගේ කිවුවට චූට්ටක් මැංගුස් වලට වඩා රස අඩුයි. ඔන්න ගහේ අයිති කාරය ඇවිත් බැනපි දවසක්. ‍තොපි මොකද බොලවු කොරන්නෙ, පලයවු හැත්ත ගොරක ඔක්කොම ඉවරයි මෙතන හැම .තැනම දාල. කියල පහල හිටපු උන් ඔක්කොම පැනල දිවුව. ඉතින් ගහ මුදුනෙ ඉන්න අපි. මක්කැයි කොරන්නෙ. ඇහුන්නෑ වගේ බැහැල ගිය. මේකි නිකන් බනින්නෙ මේකිගෙ දුව ඇරං ගියා වගේනෙ. එකෙක් කියපි. මොකද්ද බොල තොපි කිවුවෙ කියල අතේ තිබුනු මඤ්ඤොක්ක ලීයත් අරං ආපි නේද මේකි. මොනා උනත් ගෑනුන‍්‍ට ගහන්න බෑනෙ, අපි සෙ‍ට් එක දිවුව ඉතිං වෙල මැදට. අයිති කාර ගෑනි දිහා අපි වෙල මැද්දට වෙලා බලන් ඉන්නව. හොද හොද පද කිය කයා.. ඕකිට හෙනම ගහපිය, ගොරකයක් කෑවට මක්වෙනවද. කිය කියා.. ඉතින් මේ අස්සෙ අපේ එකෙක් ගෑනිට ගිහින් මේහෙම ටෝක් කරනව. හෝවු හෝවු ඇන්ටි මෙහෙම කරමු. ඔය හැමතැනම දාල තියන එවුව අපි ඇහිදල දෙන්නම්. මොකද අපි පොත්ත කන්නෑනෙ. අපි මදේ විතරන කන්නෙ. නැ නෑ නෑ ඕන්නෑ මම ඇහිද ගන්නම් තොපි මේ වත්ත පැත්ත පලාතට එන්න එපා කියපි නේද මේකි. ඒකටනම් අපිට අසූ හාරදාහට තද උනි. ගෑනියෙ දැනගනින් ගහ කපල විකුණණව දරට.... අපිට ගොරක පොතු වැඩක් නෑ ‍බොල. මදේ විතරයි කෑවේ. අපේ වැරැද්ද නිසයි ඇහිදල දෙන්න ඇහැවුවෙ. අමාරුවකට නෙවේ. කියල බැනගෙන බැනගෙන ගියා. ගෑනිට කට උත්තර නෑ.ගෑනි ගියා යන්න, ඉතිං අපි අදනම් අර කාලකන්නි ගෑනිගෙ ගොරකෙ කන්න යන්නැතුව ඉමු. මොකටද නිකන් පද අහගන්නෙ කිය කියා කතා වෙල අපි ගියා සරුංගල් අරින්න. සරුංගලේ උඩ ඇරියට පස්සෙ මොන බම්බුවක් කරන්නද. වචනෙ අමතකවෙලා එකෙක් පැන්න ඇලෙන් එහා පැත්තට. ඇලෙන් එහා පැත්තෙ තියන්නෙ ගොරක ගහ ඇ. ඉතින් උ ගහවටේ වැටිල තියන එව්ව කනව. අපිටත් එවනව. රස ඉවසන්නම බෑ දැන්නම්, ඔන්න ඉතිං ෂේප් එකේ එකා දෙකා ගහට නගිනව, හැබැයි අදනම් ගෙඩි ඔක්කොම බිමට කඩල බෙදාගෙන පොතු එක තැනකට දැම්ම. අදත් ගෑනි එනව කැලේ කඩාගෙන. ආපු ගමන් ආ ඇන්ට් කියල දුන්න. වචනයක්වත් කිවුවෙ නෑ මේකි. ආ... ඔහොමනෙ ඉන්න ඕනෙ කියල අපි හොද ළමයි උනා.
BLOG
රීදී පාට කළ පාතුඩු පයට පෑගිලානපුරු වී ඔයා මා සලලෙකුට සම කළාසුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනායකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනාවිඳින වේදනා මදි මට නගයි චෝදනාඋහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනාපිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලාබලා උනිමි අසරණ වී කඳුළු සඟවලානොදැන ඔබ එදා මට බැන වදින්නට ඇතිජාති ජාති වත් තරහක් මගේ නම් නැතිඑදා යුද බිමේ මතකය ඔයාටත් ඇතිසදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි....මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි►කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය ..''තමුසේ මහ වනචරයෙක් .. දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.
BLOG
15.4pt 0in 5. 15.4pt 0in 5.2. 3.4. 0..
BLOG
4pt 0in 5.බලන්න මේ ගැන ඔබත් අහලා තියෙනවාද කියලා.ඉන්දියාවේ රාජස්තාන්හි බිකනාර් කියන නගරයෙන්සැතපුම් 16ක් විතර ඈතට වෙන්න දෙවොලක් පිහිටා තිබුණා. (තිබුනා කිවුවේ දැන් තියෙනවාද යන්න නොදන්නානිසයි)ග ඒ දෙවොලේ පූජාවස්තුවක් විදියටමීයන්ට සලකනවා කිවුවොත් පුදුම හිතෙනවාද. මේ දේවාලයේ ඉතාමත් පරිස්සමෙන් උන් ආරක්ෂාකිරීමට නීතියකුත් පනවා තිබුනාලු. ඒ කාලයේඋන්ගේ කෑම බීම සදහා පමණක් රු. 20,000ක පමණ මුදලක් වැය කල බවයි සදහන් වෙලා තිබුනේ.මේ දේවාලයට වන්දනාවේ එන බැතිමතුන් මෙහිගැවසෙන මීයන්ට කිසිදු කරදරයක් හිරිහැරයක් නොවන්නට වග බලාගත්තාලු. එක විදියකින් එය දේවාලයේ තියෙන නීතියක්නිසා. ඇගේ මීයෙක් යන එකත් සුබ ලකුනක්විදියටවි මේ දේවාලයට වන්දනාවේ එන මිනිසුන් හිතාගෙන ඉදලා තියෙන්නේ. බැරිවෙලාවත් කෙනෙක් මීයෙක් මැරුවොත් එහෙම ඒවෙලාවෙම එයට නිසි දඩුවම් ලැබෙන බවටයි මෙහි වැසියන්ගේ විශ්වාසය.කාලයකට පෙර බික්නාරිහි රජ පවුලක් හිටපු බවත්ඒ රජ පරම්පරාවේ කර්නි දේවි නම් කුමරිය ආගමට ලැදි කාන්තාවක් විදියටත් සදහන්වෙනවා. මර්වාර්හි දීප කුමරු සමග මේ කුමරියවිවාහ වෙලා තියෙන්නේ ඇයට අවුරුදු 27 දීයි.නමුත් ඒ විවාහය එතරම් සාර්ථක එකක් වූයේ නැහැ. ඒ නිසා එම කුමරිය තමන්ගේ බාල නැගණිය විවාහ කරගන්න යැයි තමන්ගේ ස්වාමියාගෙන් ඉල්ලාසිටියලු. පසුව මේ කුමරු ඇගේ කීමට එකග වෙලා ඇයගේ නැගණියවිවාහ කරගෙන බොහෝම සතුටින් ජීවත් වුනා කියලයි කියන්නේ.මේ කර්න දේවි කුමරිය ඇයගේ අවසන් කාලයේදීආරාමයක් හදාගෙන ආගමට බොහෝම ලැදියාවෙන් කටයුතු කල අතරම දුගී මගියන්ට අසරණයන්ට පිහිටවුනා. ඇය මිය ගිය දිනයේ ඇගේ මල සිරුරින්නිකුත්වුනාය කියන ගිනි දැල්වලින් ඇගේ ශරීරය පිළිස්සි ගිය බවක් සදහන් වෙනවා. එදා ඉදන් ඒ ප්‍රදේශයේ වැසියන් ඇය ශාක්ති කියනදෙවියන්ගේ අවතාරයක් ලෙසින් විශ්වාස කරන්නට පටන් ගත්තා.ඉන් වසර ගණනාවක් ඉකුත් වුනාට පස්සේබික්නාර්හි රජ කල එක්තරා රජ කෙනෙකුට දෙව් කුමරියක් සිහිනෙන් පෙනී කියා සිටියේදෙවොලක් තනා එහි මීයන් ඉතා ආරක්ෂා සහිතව ඇති කරන ලෙසයි. ඉන් පස්සේ ඒ රජු දෙමහල් ගොඩනැගිල්ලක් සාදවා එහිමැද ඇති කුටියක කුඩා කුටියක් හදලා එහිමුදුන රනින් සෑදූ කුඩයකින් අලංකාර කලාලු.ඉන් පස්සේ දෙවොල ගංගායිං මහාරාජ්‍ය විසින්කිරිගරුඩින් අලංකාර ලෙස කැටයම් කරලා හදවලා තියෙනවා. පසුව දිනපතාම එම දෙවොලට එන බැතිමතුන් කර්තිදෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලා පුද පූජා පවත්වනවා.ඉතින් මීයන්ගේ පාරාදීසයක් වෙලා තියෙන්නේ මේ දෙවොලයි.
BLOG
අප විද්‍යාලයේ විදුහල්පතිතුමා ව සිටී P.පතිරණ විදුහල්පතිතුමා උසස්වීමක් ලැබ වලස්මුල්ල කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයක් ලැබ අප පාසලෙන් නික්ම ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිණි.එතුමා අප විද්‍යාලය තුල සිටී කෙටි කාලය තුල දී අප විද්‍යාලයට ඉමහත් සේවයක් සිදු කළ අතර සියලුම දෙනාගේ හොද හිත දිනා ගැනීමට එතුමාට හැකිවිය.
BLOG
"ප්‍රොයිඩ් කියන්නෙ නං පිරිමි යටිහිතින් හොයන්නෙ අම්ම වගේ මූන කට තියන ඈයොලු සහේට ගන්න. ඉතිං බොලෑ පරම්පරාව උඩහ පලාතෙ නේද. ඒ පැත්තේ ඈයෝ නං ඉතිං රවුං රවුං තමා. දැං ඔය මැරෙන්න හදන්නේ ඊට ඉංතේරුවෙංම වෙනස් විදිහේ කෙනෙකුටනෙ. මොකවුණත් හෙටවත් අහපං ගොනෝ වෙන එකෙක් ඩැහැගන්න කලිං."මා ලස්සන කෙල්ලක් ලොව පුරාසෙව්වෙමි නෑ ඇය දුටුවේඒ ලස්සන ඇත්තේ ඈ ලඟයිහද මත් මේ ඇය හමුවේලඟ පාත සිටිද්දී ඈ ගමේමට දැනුනේ ඈත වගේකටු අකුලක සුවඳින් නෑවිලාඇයි ලස්සන මල් පිපුනේදේදුන්නේ පාටින් ආදරයේ ගීතිකාලියැවෙද්දී මා හදේඒ හද අරන් ගියා ඇගෙ රුව දෙනෙතේ සිතුවම් වෙලාමට ඇය හැම තැනම පෙනේඒ මුහුනේ සෙනෙහස ඉතිරිලාමුළු ජීවිතයම පිනවාමට මොකටද ඇය නැති ආදරේ පුන් සඳ නැති රැය වාගේබැබැලෙන්නෙ මගෙ හද පැල එයා කැඳවාගෙන ආ දාටයි "දැං ඉතිං කී දවසක් ගියාද පස්සෙං. අනේ මන්ද ගෑනු එපා වෙලා කීව එකා දැං පස්සෙන් යනව දවසක් ගානෙ. අනේ අම්මප උඹනං. අහල දාපංකෝ ඕක මොකක් හරි ඉවරයක් වෙන්න."බිනරමලී ඔබ හැඩයි නේකුමටද කඳුලැලි සලන්නේ මගෙ හද දිනු සුදු කුමරියේපුදනෙමි මෙ ආදරේපින් පාටයි ඔබෙ නෙත් සඟලාසීදේවී ඔබෙ මුව කමලාසිරියා පානා කොමල සිනාසිතුවදෝ ඒ හැඩ රුව මදියි කියාඅගනා රුවිනා බැබලෙනා ඔබට මා පුද දෙමීහද මගේ මල් වගේකැකුලු මලක් ලෙස ඔබ දුටු මාරොනට වඩින බිඟු මෙන් සිතුවා සෙනෙහස මගෙ හද තුල බැඳුනාඔබ කොහෙදෝ මා ඔබ ලඟයි සදා "අම්මට සිරි ඇහුවද තෝ සිරාවටම.. ඉතින් මොකෑ කියන්නේ.. කල් ඉල්ලනව. එහෙමනම් ලොක්කා ඉතින් ගොඩ තමා, බැයිනං බෑ කියනවනේ බං කෙලින්ම, නැද්ද හොඳයි."ප්‍රේමාදරයක සරන සොයාසල් ගස වට වැල එතුනි දයාසඳ පසුපස යන තරුව නියාමම ආවෙමි ඔබව සොයාඔබෙ හද ආදර කැදැල්ලකීමා එහි සැතපෙන කුරුල්ලෙකීඔබෙ හද ආදර කැදැල්ලකීමා එහි සැතපෙන කිරිල්ලකීසැනසෙන්නට සුබ සරන බැඳීලාආවෙමි ඔබව සොයාජීවන මග ගන අඳුරු රැයේආලෝකය ඔබ වන්න ප්‍රියේජීවන මග ගන අඳුරු රැයේආලෝකය ඔබ වන්න ප්‍රියේ ඈත ලෝකයක කැදලි බඳින්නටඅපි යමු පියා සලා "මොකද යකෝ ගෙට්ටුව කඩන්න හදන්නෙ මේ. පොඩ්ඩක් ඇලට් එකක් දාන්න හැදුව විතරයි. නෑ.. සිරාවට හා කිව්වද.. දාමු යකෝ පාටියක් එහෙමනම්.. හැබැයි ලොක්කා ඔන්න කැන්දං යනකල් බලාගන්න ඕන පරිස්සමින් හරිද. තව සෑහෙන කාලයක් තියනව උඹට මිනිහෙක් වෙන්න."ලස්සන දවසක ලස්සන දෑසක් හමුවීලායෞවන ලෝකය පිළිබඳ විසිතුරු පවසාලාඅනංග දෙසේ කතා කියාකිංකිනි සැලෙනා හඬ පරදාඇසුනා ගී රාවේඅසා - ගංගා - ඉවුරේ - උතුරාපියවිලි අතුරා හද අරනේතරුමල් මාලාවේඔබ දෝ - රජිඳේ - වඩිනා - කුමරා "කොහොමද බං ජොබ. උඹ එදා කෝල් එකක් දීපු වෙලාවේ කිව්ව නේද ඉක්මන්ටම එකලාසයක් වෙන්න යන්නෙ කියල. ඔව් බං උඹ හරි එක අතකට, ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ඔක්කොම සම්පූර්න කරගෙන ඔව්ව කරන්න බෑ. උඹ පැනපං, අපි ඉන්නව උඹව ගිලෙන්න නොදී අල්ලං ඉන්න, බයවෙන්න එපා උඹ."වාසනාව දෝතට ගෙන සිනා සලාප්‍රේමවන්ත සැමියකු හා සරන වෙලාමේ මනමාලී වෙයි සුකුමාලීතුං තුඹ මල් දොං තරිකිට තාලෙට යාවීආරිය කුල තාලෙ බලා සාරිය ඇඳලාඉද්ද සමන් මල් ගවසලාසඳුන් වලින් තිලක තියා මුතුපොට බැඳලාසුබ නැකතින් පිටවී යනවාආදර බර දෙමාපියන් පා යුග වැඳලාආසිරි ලැබ සිත සනසාලානෑ පිරිසට හාදු දෙමින් මුහුන තෙමාලාසුබ නැකතින් පිටවී යනවා "යකෝ ඩ්‍රින්ක් එකක් දාන්නේ කොච්චර කාලෙකින්ද මේ උඹත් එක්ක.මොකක්ද ඉතින් ඔය කතාකරන්න ඕන කිව්ව කේස් එක."මගෙ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකිමොනවා කරමිද මොනවා කියමිද නොදැනෙයි පුදුමයකීනොදැනෙයි පුදුමයකී යන එන මාවත ඇහිරී කොටුවී අද මට මා නැත්තේහෙට ඉරු එළියේ මෙතනින් පිටවී කොයිබද යා යුත්තේසුලු වරදක් ගැන මහමෙර තරමට ඇයි ඔබ සලකන්නේමිනිස් ගතිය ලොව බිහිවුන දා සිට වෙනසක් වී නැත්තේ හිත ගිය කෙනෙකුට ආදරෙ පිදුවොත් එහි වරදක් වේදෝඑයින් පරාදව පසුබට වුවහොත් කැලලක් ඇතිවේදෝවරද වරද ලෙස පිලිගන්නෙමි මම දෙනෙතින් කඳුලු පෙරාලොව මට සලකයි ඔබ අන්දව ඇයි නිහඬව හිතට හොරාමගෙ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකිකිඳුරු රැජිනියේ මගේ ආදරේ තවම ඔබට පමනයි.
BLOG
ඇත්ත වශයෙන්ම කියනවානම් Ello කියන්නෙ Facebook වගේ නොවන හොඳ සමාජ ජාලයක්. මා එසේ පැවසුවේ අනෙක් සමාජ ජාල මෙන් ඔබව පිටස්තර කෙනකු හමුවේ විකිණෙන භාණ්ඩක් බවට පත් නොකිරිමයි.Facebookහි සැරිසරන විට ඔවුන් ඹබව අධ්‍යනය කරයි. එනම් ඔබ සමග එක් වෙන හැම මිතුරෙක්ම හා ඹබ විමසා බලන හැම ලින්ක් එකක්ම වාර්තාගත වෙනවා පමණක් නොව දත්ත බවට පෙරලයි. ඔබගේ හැසිරිමට ගැලපෙනසේ වෙළද දැන්වීම් එවන්නට මෙම දත්ත යොදා ගැනේ නමුත් Ello එසේ නැත.Ello සේවය පවත්වා ගෙන යාමට මුදල් උපයාගන්නේ, එයට එක් කළ හැකි විවිධාංග සහ සේවා කැමති අයට විකුණමිනි. Ello social networking සේවය සතුව ලොව ප්‍රකට සියලු social networking සේවාවල තිබෙන අංග තිබේ. එහෙත් එහි interface එක සරලය.Elloහි account එකක් සාදා ගන්නට අවශ්‍ය නම් තමාටත් එම අවස්ථාව දෙන්නැයි කියා පණිවුඩයක් Ello වෙබ් අඩවියට පිවිස යැවිය යුතුය. එවිට එය තහවුරැ කළ ඊමේල් පණිවුඩයක් ලැබේ. මෙසේ account එකක් සාදා ගතහැකිය. Ello සමාජ ජාලය නිර්මාණය කර ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ජනපදයේ පෝල් බට්නීෂ් විසිනි.2014 මාර්තු 18 වැනිදා කාටත් පරිහරණය කළ හැකි සේ අන්තර්ජාලයට එක් කළේය. එහෙත් Ello සේවය ගැන ජන මාධ්‍ය වාර්තා පළ කිරීම ඇරඹුණේ පසුගිය සැප්තැම්බරයේදිය. ඒ සමඟ Ello ලෝ ප්‍රකට විණ. එය කෙතරම් ජනප්‍රිය වුවාද කියතොත් දැන් සෑම පැයකටම Ello වෙත ඉල්ලීම් 30 000 ක් ලැබේ. එසේ සකසා ගන්නා එකවුට් අතරින් 20% පමණ නිරන්තරයෙන් භාවිතයට ගැනෙන ඒවාය. ඒ අනුව දැන් පැයකට 6000 ක් දෙනා බැඟින් ලෝකයා Ello වෙත යති.පිවිසෙන්න -ello.
BLOG
මේක නෙට් එකේ ඉන්නකොට දැකපු ගොඩක් දුක හිතෙන news එකක් .......මේක ලියන්න හිතුවේ මේ වැඩේට පොඩි හරි සහයෝගයක්අපේ බ්ලොග් එකෙනුත් ගන්න පුළුවන් වේවි කියල ............මෙයාගේ නම මාලි මේ ඇතින්නක්......මෙයා පිලිපීනෙට ලංකාවෙන් දුන්න තෑග්ගක් මෙය ලංකාවෙන් අරන් ගිහින් තියෙන්නේ 1977 එදා ඉඳල මෙයාවconcreate කුඩුවක හිර කරගෙන ඉඳල තියෙන්නේ......දැනට අවරුදු 36 ක්......වෙනවා.....හිතන්න අවරුදු 36 පොඩි කුඩුවක හිරවෙලා ඉන්නවා කියන්නේ හැමදාම එකම දෙ දකිමින් ......පිලිපීනයේ නිලදාරීන් මේ අතින්නවා නිදහස් කරන්න කිසිම උත්සහයක් දරන්නේ නෑ...PETA Asiaසන්විධානය ලෝකෙත් එක්කම එකතු වෙලා පෙත්සමක් ඉදිරිපත් කරනවා මේ අතිනව බෙර ගන්න ......ඉතින් ඔයාලත් මේ වැඩේට සහයෝගයක් දෙන්න කියල පිහිපාරේ අපිත් ඉල්ලනවා ඔයාලගෙන්......මෙතනින් site එකට යන්න..
BLOG
උදේ සිට වෙහෙසුන,තෙහෙට්ටුව මැලවුන,දහදියෙන් තෙත් උන,කෝපයෙන් නලියන,ප්‍රෙමයෙන් මත් උන,ගීතයෙන් නැළවෙන,විහිලුවෙන් හිනැහෙන,මැදිරියේ හැමදෙනදිහා නෙත් ඇරගෙනනොසෙල්වී හිඳගෙනපංකාව අසරණ.
BLOG