comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
(මුරගෑම)රජ අණ ඇසිලා- දුනු හී උරයේ ලාබටදඬු කඳුවැටියෙන් පැන මුරගාදණ්ඩනාථ වර(ලංකාරක්ෂක මන්ත්‍රය - 1)ඕං නමෝ මහ කෙල රාජයා මුඛේ තුලින් ඇරපු විස ජාලේඅද මම රටට වින කරන පරයාට අරින්නේදුටු පැමිනි නරෙන්දයාගේ රන් කදින් ඇරපු විස දලයයි අදත් මම අරින්නේරටට වින කල පරයාගේ හිස ඊෂ්වර දේවතාවන්ට බාරයිමුඛ පත්ම ගෝපලු දේවතාවන්ට බාරයිකැවුතු පෙන පපු ගිනිහඳුන් කුමාරිට බාරයිහතර හන්දි තඩීකාර දේවිට බාරයිලේ රීරී දේවතාවට බාරයිප්‍රනේ අමුසොහොන් දේවතාවන්ට බාරයිරටට විනකර පරයෙක් ඇත්නම්උගේ කටින් පෙන දමා නාසයෙන් ලේ දමා එලාගන්භූමින් තට්ටු මරණ බිලිගන් කීඩ ඔට්ටු හෙන ගිනි දහරේගිනිහිර ඉගිල අවේ සුං මැරේ බන්දු සියොළග සලිත ගිනි වේලි දිරි දංගුගුරා හඬගා මුරගා දෙදරා සිව්කොණ හෙණ පුපුරාපෙරැළි කැලතී පුපුරා සුණුවී මහමෙර ගෙන සොලවාකැලතී වියැලී හුණුවී දියැවී ලෝදිය ගෙන නටවාවර මා මිතුරා නසනට සතුරා පෙර ලෙස හඬ නගලාලග්ගල ලොග්ගල අට ඉස්බක් දුර- මංගල මංගල සුබ නැකතින් පැනමාතුල රට රණමුරයේ අබිමන- දණ්ඩනාථ වරකෝ දැන්ම වර දණ්ඩනාථ වරකෝයකුනි වර(ලංකාරක්ෂක මන්ත්‍රය - 2)ඔං නමෝ ඔඩ්ඩ් යක්ෂායා වර වරඋගුල්ලා ආ පිට හැරී බිල්ල ගන්ඔඩ්ඩි කැප කරං දිෂ්ටි ගන්රට වින කල පරයාගේ හිස ගිනිමල් බිසවුන්ට බාරයිඉහ මොළ දිෂ්ටි යකාට බාරයිදෙබැම නේත්‍ර යෝගිනී දේවාතාවාට බාරයිවම් උරය ගිනි මදන යකුනිට (යක්ෂනීට) බාරයිදකුණු උරය ඉරමුදුන් යක්ෂයාට බාරයිපපු මස් රීරි මහසොන් යක්ෂයාට බාරයිහදවත දීසි කුමරිට බාරයිපපු බඩවැල් අසුද්ද දේවීට බාරයිමේ වින කල පරයා දිෂ්ඨි ගං එළාගං කැප ගංකීඩ කීඩ වෙට්ටු වෙට්ටු පලයං තෝස්වාහඃඑකම වරක් දුනු දිය ඇදලා- පන්න දමව් පන්නා පන්නාසයුරෙන් එතෙරට පර හතුරෝ -නුඹට පමණි හැකි නුඹට පමණි හැකිසුන්කර බුන්කර මිසදිටු ගැති පෙළ- සුන්දර පෙම්බර මා සිරිලක තුලරාවන යුගයක් ලංකර ලංකර- අවසිංහළ කැල නෙරපා හැරපියදණ්ඩනාථ වරකෝ දැන්ම වර දණ්ඩනාථ වරකෝයකුනි වර(ලංකාරක්ෂක මන්ත්‍රය - 3)ඕං නමෝ නමෝ සිද්ධ ඊෂ්වර දේවතාවන් නමෝවා හගලක මුලක වැලක ගහක නාන තොටක පැනයන කඩුල්ලකදීඋඩකදී ලීයකදී යටලීයකදී එලිපත්තේභූමි තලයේ බරණී තලයේ ලංකා දීපයේඌ නොදැන වින කටී නම් මම දන කපමිඅහසට අරක්ගත් දෙවියෝ සාක්කිපොළොව මහිකාන්තාවෝ සාක්කිලංකාවට අරක්ගත් ශ්‍රී ලංකා පාලන සෑම දෙවියෝ දේවාතාවෝ සාක්කිමා අත වරද නැතඅහසින් වින කොලොත් පොලොව දෙවියෝ අල්ලතිපොලොව වින කොලොත් අහස දෙවියෝ අල්ලතිභරත දේශයෙන් වින කලොත්අසූ හාරදාහක් ජඹුරුති මහා මුහුද මැද්දේ මකර කටේලා භාක්ෂිනියා කරමිමා අත වරද නැතරාවන දෙවියෝත් සාක්කිදැඩිමුන්ඩ දේවතාවෝත් සාක්කිසූ අසු දාහක් බුදු වරයෝ සාක්කිමා අත වරද නැතඅහස පොළොවේ ලංකා දීපයේ වසනාසෑම දෙවියෝත් අහක බලාගන්හත්ඉලව්වේ මා අත වරද නැතඋන් නොදැන කරේ නම්මා දැන කපමිඑතන කැපයි මෙරට ආරක්ෂාවයිවිනකල පරයා බලාගන්ඔහුගේ දෙතිස් රියන් පපු බඩවැල් නුඹට බාරයිමගෙ මස්සිනේමා කීවා අසා රීරි බීපන් උරා බීපන්එක්පැ මුක්කාරයෙන් එපිට ඌ මරාගෙන කාපන්බිල්ලක් කෙල කෙල පලයන් තෝස්වාහඃඋරුමෙ කරුමෙ නොව හෙළදෙරණේ- තරම තවම නැත පෙන්නාලාකැතිගා කඩුගා පෙතිගහලා මෙහෙය දැන්ම අරඹපියකො යකෝකුඩුකර හුණුකර පරබලූ ගැතිකම- නසපිය නසපිය ළක වනසන කැලඅවසන් සතුරත් මරලා දාපිය - ලංකා තලයම පිරිසිඳු කරපියදණ්ඩනාථ වරකෝ දැන්ම වර දණ්ඩනාථ වරකෝයකුනි වර(ආත්මය පැමිණි පසු යහන් කවි කීම)උඩට උඩුවියන් පාවඩ පයට අතුරුවාසුවඳ මදාරා පංකජ දෙපස සැරසුවාපිරුණු අතලයෙන් අනොතත දියර විසිරුවාබැඳිමි රන් තොරන් යහනට කුමරු වඩිනවාදෙපස කුඹු නෙළුම් යහනෙහි දෑ සමන් හොවාසුවඳ තුවරලා චන්දන ධූම පතුරුවාරනින් රන් හුයෙන් මාලා රිදී කැන් පොවාතොසින් සැරසුවා කුමරුන් තුටින් වඩිනවාගෙලේ රන් රිදී මාලා දෙකන කඩුක්කන්ඉසේ මුතු මැණික් එබ්බූ ඔටුනු දැන් බලන්තොසේ ඇඳි ලෙසින් නළලේ ඉන්ද්‍රචාපයන්ලෙසේ පැරදි දැන් කුමරුන් අසළ මහබඹුන්ඉණට රන් සලූ දෙවුරට රන් රිදී දුනූඋරට හී පිරූ කොපු දෑසින් විරූ පිනූළයට මහමෙරූ හිස මත තුටින නුඹ දැරූදැයක මහවිරූ විලසයැ රුපුන්ගේ මරූමුවේ අඩ හසින් ඔද තෙද ගුණය මවාලානෙතේ විදි කැලූම් තියුණුව සරය මුදාලානැබේ දී ගිගුම් මේ කුළු වරළ එතීලාදැයේ බර උරෙන් දෙවුරට තුටින දරාලාදකිමි තෙද පපා කුමරා අසුන මත අරාකියමි දැන් වයා නුඹෙ ගුණ ගොතමි කවි කරාරකිමි සවියතා නුඹගේ උපන් බිම පුරාවඳිමි අණසකා දඩනත ළකම සිහි කරාහා ඩෙන් ඩෙනාන ඩෙනාන ඩෙන නා ඩෙන ඩෙන්නාපද - ධම්මික හෙට්ටිආරච්චිසංගීතය - පබළු විජේගුණවර්ධනගායනය - පබළු විජේගුණවර්ධන / සමන්ත මිහිරිපැන්න.
|
BLOG
|
පුංචි ලස්සන මලක්. හරිම හුරුබුහුටියි.ඉස්සර තේක්ක මල් පිපෙන කාලෙට මම හවසට වත්ත වටේම ඇවිදලා, බිම වැටෙන මල් අහුලනව. අහුලලා ලොකු තේක්ක කොලේකට ඒව එකතු කරනව. සමහර ඒවගෙ සියුම් වැලි ඇලිලා තියෙනව. ඒ වැලි කටින් පිඹලා අයින් කරලා ඒවත් තේක්ක කොලේට දානව. ඊට පස්සෙ නැට්ට දිගට තියෙන තණකොල මල් කඩලා ඒ දිගට තේක්ක මල් අමුනනව. ඊට පස්සෙ ඒවගෙන් මාල , වළලු හදනවා. ටිකක් වෙලා ඒව පැළඳගෙන ඉද්දි සුදුපාට මල් දුඹුරු පාට වෙලා හොඳටම පර වෙලා යනව. පහුවදත් හවසට වත්තට ගිහින් මම තේක්ක මල් අහුලනව. ඒ අහුලන ගමන් , ගස් උඩ ඉඳන් මල් වැටෙද්දි, ඒ වැටෙන්නෙ හිම කියලත් හිතෙන් මවා ගන්නව. ටික දවසකින් තේක්ක මල් ඉවර වෙනව. ආයෙමත් තේක්ක පිපෙනකම් මාස ගාණක් බලන් ඉන්න වෙනව.ආයෙමත් වත්ත වටේ තියෙන තේක්ක ගස් වල මල් පිපිලා. හවසට හුළඟත් එක්ක සට සට ගාල මල් වැස්සක් වගේ මල් බිමට හැලෙනව. කවදාවත් බිම වැටෙන්නෙ නෑ වගේ ගහේ මුදුනෙම පිපිලා හිටිය මල් සේරම බිම හැලෙනව. කොල පාට තණකොල අස්සෙ පැටලිලා ඒව මවන්නෙ ලස්සන දර්ශනයක්. ඉස්සර වගේ අමුණන්න තණකොල මල් හොයන්න අමාරුයි. මැෂින් එකෙන් තණකොල ගාණට කපද්දි මල් කැපිලා ගිහින්. ඒත් තේක්ක ගස් ටික ඉස්සර වගේම මල් වැහි වස්සවනව. පොළොව ඒ මල් ආදරෙන් වැළඳ ගන්නව. ගහ උඩ ඉද්දි පොළව දිහා හැරිලවත් නොබලපු, හුළඟට විතරක්ම පෙම් බැන්ද තේක්ක මල්, ඒ හුළඟින්ම ගැලවිලා වැටෙද්දි හිතේ කිසිම කහටක් නැතිව පොළව ඔවුන්ව පිළි ගන්නව.තුරු හිසෙහි කිරුලු දැරුහුරු බුහුටි මල් පොඩිතිගැලූ සුළඟට පමණිනෙතට නෙත යා කළේපොළොව දෙස නෙත් යොමාමොහොතකට නොබැලුවදහැමූ සුළඟට පමණිසිනහ පෙති දිගු කළේසැඳෑ හොම්මන් අඳුරෙතුරු වදුලු ගිලෙන සඳගැලූ ඒ සුළඟමයිසිනහ පෙති පොඩි කළේගසින් ගිලිහී වැටෙතඒ සුමුදු සුසුදු වතනොරිදවා පොළොවමයිඇය වඩා සැනසුවේ.
|
BLOG
|
සීගිරි ගලේ සිතුවම් ඇන්දේ කවුරුසිංහ රුවට ජීවය දුන්නේ කවුරුසීගිරි ගලේ ඉතිහාසේ නම කවුරුඉතිහාසයද ඇයි මේ තරමට නපුරුකලා වැවට දිය පිරුණේ කොයි දෑතින්යොධ ඇලේ දිය ගැළුවේ කොයි දෑතින්ඉතිහාසයේ නම් ලියවන කලට ඉතින්ඇයි නොලිවුනේ 'සහ පිරිසයි' කියන වදන්ඉතිහාසයෙම පර සතුරන් පැරද වුනාරටකට ඕනෙ ඒ නිදහස සඵල වුනාදේශය නමින් පොඩි මිනිසුන් මිය ඇදුනානිරිදුන් නමක් ඉතිහාසයෙ පල කෙරුණාවඩුවාණනේ ඔබ කල බුදුරුව මනරම්පුදුමයි ගලන්නැහැ මේ මුවගින් සදහම්දෑසින් පෙනෙයි මෙත් මුදිතා ගූණ මනරම්ඔබගේ දිවිය මෙලෙසට වූවද කැටයම්ඉතිහාසයට අමතකදෝ ඔබේ නමකාළය සමග ලියවිණ ඒ රජුගෙ නමකෙලෙසින් ඔවුන් මග හැරියද හපන්කමපොතකට නොවේ හද තුලටම කියමි මමමේ මිනිසුන්ට මේ කවි පද ඇසුණා නම්දෙන පිලිතුරුත් කෙලෙසට වෙද දන්නේ නම්සීගිරි ගලේ ඇන්දේ යුතුකම වෙනුවෙන්සිංහ රුවට දිවි දුන්නේ රජු වෙනුවෙන්ඉතිහාසයේ නැති වූවද අප නාමෙන්දුක නෑ කලෙමියුතුකම මම රට වෙනුවෙන්කලා වැවට දිය පිරුණේ අපෙ දෑතින්යොධ ඇලේ දිය ගැලුවේ අපෙ දෑතින්මව් බිම හැදුණෙ ඒ නිරිදුන්ගේ නුවණින්සැබෑ රජෙකු විය එතුමන් රට නාමෙන්දෙදහස් වසක් මේ සිරිලක රැක දුන්නදේශෙට ඕන ඒ නිදහස රැක දුන්නඅපි වෙමු සෙබළු හැම යුද්දෙම මිය ඇදුනඇගයුම නෙවෙයි මව් බිම විතරයි ඕනදෙදහස් වසටපෙර යුගයක ලක උන්නමම වෙමි වඩුව බුදුනග රුව හැඩ කෙරුණකළයුතු යුතුකමත් කෙරුවෙමි වෙත දෙරණමට නම් ඕනෙ නෑ මගෙ නම ලියවන්න.
|
BLOG
|
ගසට හැකි නම් කඳු මුදුන් ළඟ තනි වෙලා ඉන්නඋසට උස යන අඩි පාර ළඟ නැවතිලා ඉන්නගඟ විලාසන ලෝල ලාලන අතර එක වන්වපුරුදු විදිහට සුළඟ ආ කල - මිදුණු පත් හා නුබට ඉගිලෙන්න.නුඹට හැකි නම් ඒ වගේ වෙන්න - විසිරෙනා පත අරුත පසිඳන්නගසක් වාගෙම පත් විසුළ කල හිනැහිලා ඉන්නPicture -කඳු @ Bibile.
|
BLOG
|
හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල.සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..මුලින්ම ඔයාට download කරගන්න ඕන YouTube Video එකට යන්න.ගිහින් ඒකෙ URL එකේ තියෙන www. කියන එකට එහා පැත්තෙන් ss කියල ටයිප් කරලා Enter Key එක press කරන්න (තේරෙන්නෙ නැත්තන් පහල රූපය බලන්න )එහෙම ගියාම පහල රූපයේ විදියට web page එකක් open වේවි.ඒකෙ දකුණු පැත්තෙ තියෙනව ඔයාට video එක download කරන්න පුලුවන් formats සහ qualities.ඒවගෙන් කැමති එකක් උඩ click කරාම ඔයාගෙ video එක download වෙනව.දැක්කනේ,,වැඩේ හරිම ලේසියි.ඔයාට මේ විදියට නැතුව කෙලින්ම http://en.net කියන site එකට ගිහින් ඕනම online video එකක URL එකක්ලබාදීමෙන් ඒ video එක මේ විදියටම download කරගන්න පුලුවන්..මේ ක්‍රමයට ඔයාලට ඔයාගෙ ෆෝන් එකෙන් උනත් videos download කරන්න පුලුවන්.මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු . . .
|
BLOG
|
අගනා ලිපි පෙළක් සියලුදෙනා වෙත..පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි.. නිදුක් නිරෝගී බව ලැබ ගන්නයි.. බව දුක දුරු කර ගන්නයි..කියවන්න සිතට ගෙන ක්‍රියා කරන්න.. ඔබ මෙතෙක් කල ක්‍රියා කෙබදුදැයි ඔබටම වැටහේවි කර්ම විපාක මෙතැනින් බාගත කල හැකිය තෙරුවන් සරණයිසංජය කළුපහන.
|
BLOG
|
*චිත්‍රය: ග්‍රැහැම් පෝප්*මේ කාගේ වනරොදක් දැයි,සිතමි මම මා දනිත් යැයිපිහිටා තිබේ ඔහු නිවෙසගම්මානයේනොදනී හෙතෙම එනමුදු මාමෙතැන නතර වූ වගක්දකින්නට එවනරොද පිරී යනසැටි හිමෙන්මා කුඩා අසු සිතනු ඇත එයඅරුමයක්යැයිනැවතුම මෙසේ අහළක නැතිවනිවෙසක්වනපෙත හා දිය මිදුණු විලඅතරමැදවසරේ අඳුරුතම රාත්‍රියේසොලවයි හෙතෙම ගෙලෙහි බැඳිකිකිණිඅසන්නට මෙන් මහට වැරදීඇතිදැයි යමක්මඳ සුළඟ හමන හඬ, හිම පියලිවැටෙන හඬපමණකිය ඒ හැරුණු විටඇසෙන්නේවනපෙත සොඳුරුය, අඳුරුය,ගැඹුරුයඑනමුදු රකින්නට ප්‍රතිඥාමවෙත ඇතනිදන්නට පළමුව බොහෝ දුර යායුතුය,නිදන්නට පළමුව බොහෝ දුර යායුතුය.
|
BLOG
|
හවස 4ට ආපු..රුහුනේ නැගලාසුදු පෙනකැටිපිපිරෙනමුහුදු හුලඟේදැවටි දැවටිඉස්සර..නන්දලාපියල්ලා හිටපුකොග්ගල පැත්තපහුකරානගොම්මන්කලුවරඉහිං කනින්පෙරෙනවෙලාවක...මාතරස්ටෙෂමෙන්බැහැපු මං...එකල අප පාසැල්යන වියෙහි පසුවූවො විමු,කියවිමෙහිසාපිපාසාවෙන් පෙලෙන්නන් වූ අප මාටින් වික්‍රමසිංහයන් ගේ නවකතාවන්හි ඇලුනේ පැනිකෝවක දැවටෙන කුහුඹුවන් සේ යැයි විටෙක මට සිතේ. එතකුදු නොවි අප අතරට පැමිනිකතාපෙට්ටියෙන් එදා අප පොත්වලින් මවාගත් රූ සිහින සජීවිකරනය වී දැස් ඉදිරිපිට මැවූඅපූරු රිදිපට දැකුම්හි වාසනාවන්තයෝ වූයේ යැයි කීම, අද පරම්පරාවට නීයවීමකැයි ද නොසිතමි.නමුත්…දඹදිව්කරණයටමෙන්ම වානිජ්‍යමය සොදාපාලුවකට ලක්වූ නවීනකතාපෙට්ටිය ලමා වැඩිහිටි කාගේත් මැදසාලයට බලෙන්ම පැමින සල්ලි බෙදන යන්ත්‍රයක් බවටපත්වීම තුල, විදීම සහ විඳවීමඅතර කලා කෘතීන් දෝලනය වෙමින් පවතින බැව් මාගේ හැඟීමයි...එසේමකුඩාවුන්වු අප වටා එකල මහා තාක්ෂනික පරිනාමයක් සිදුවි නොතිබීමම, අප සිත්සතන් පොත්පත්හි ඇඳබැඳ තබා ගැන්මට වඩා ඉඩප්‍රස්තාවක් සැලසිනැයි යන සියුම් සිතිවිල්ල විටෙකමසිතේහි ඇඳේ. නමුත්වර්ථමාන ලමයාගේ රුචි අරුචිකම් සහ ඔවුන්ගේ විඳිමෙහි නව හැඩය ලඝුකොට තැකීම ඔවුන්කෙරෙහි වැඩිහිටි අප දැක්වූහුදු ඊර්ෂ්‍යයාවකැයි කීමටද මා පසුබට නොවෙමි.එහේත් පසුගියසතියක රාජකාරිනිමාවු එක් සැඳැවක, මා ගමන් ගත් බස් රථයෙහිම රැඳිසිටි පාසැල් ලමුන්දෙදෙනකුගේ මේ දෙබස අපගේ සිංහල සාහිත්‍ය සහ කලාව පිළිබඳව මොහොතක් නැවති සිතීමට තරම්නොවන්නේදැයි සිතීම ඔබේ කාරියකි..." මංගාව සින්දු 450ක් විතරතියෙනවා..."" මොනාදතියෙන්නේ...."" ඩ්ජ් මික්ෂ්ඉංග්ලීෂ් එව්වා ගොඩක් තියෙනව ..සිංහල එව්වනම් දෙකයි බං....""අඬන සීන් නේබං එව්වැ තියෙන්නේ““ ඔව් බං.......
|
BLOG
|
ඉතින් යාළුවනේ ට්‍රාන්ස්මීටරය ගැන ළිපි පෙළ අවසන් කිරීමට කල් ගතවුනා වැඩිය.නමුත් කාර්‍යබහුලත්වය නිසා ප්‍රමාද කිරීමට සිදුවුනේ.මුල්ම ළිපියෙන් මම සඳහන් කලා ළිපි තුනකින් මෙය අවසන් කරන බව.නමුත් නව අංග එකතු කිරීමට සිදු වූ නිසා කොටස් ප්‍රමානය වැඩිවිය.අවසන් ළිපියෙන් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ එකක් ඔයාලට අද මම ලබාදෙනවා.PDF එක ලබාදී ඇති නිසා සම්පූර්ණව එය කියවන්න.පහල අයිකනය තුලින් එය ලබාගන්න.මෙය කියවා ගුණදොස්,අදහස් උදහස්,යෝජනා චෝදනා දාන්න අමතක කරන්න එපා.මම හදපු ට්‍රාන්ස්මීටරය පින්තූර සහිතව මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.මේ ළිපිපෙල අවසන් වෙනකන් රැඳී සිටිය ඔබ සැමට සහ නිතර ප්‍රශ්නඉදිරිපත් කරමින් නිවැරදි අවබෝදයක් ගත්ත මනෝද්‍ය ඔබටත් ස්තූතියි.
|
BLOG
|
අතීතයේදීඅතුරුදන් වූ බෝ දෙනාඉඳහිට හෝහමුවීමට නියමිත ව ඇතඑනමුදු අපට ඔවුනව මතක නැතඅප හිතට බලපෑම් කලවුන් හැරෙන්නටවර්තමානයේහමුවීමට නියමිත බෝ දෙනාඅනාගතයේදීඅතුරුදන් වීමට නියමිත ව ඇතඑනමුදු අපටඔවුනව කෙටිකලකට මතක සිටිනු ඇතඅප හිතට බලපෑම් කලවුන් තරම් නොවුනට සමාජ යාන්ත්‍රණය යනු එයයි.
|
BLOG
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}කෙල්ලෙක් ගැන ගොඩක්දේවල් තියෙනව මේ සමාජේ වෙනස් කෙල්ලොත් වෙනස් ඒ හැම කෙල්ලටම කියන්න කියල හිතුන එකමඑක දෙයක් ගැන මං මේ සයිබරයේ දැක්ක හැටි මගේ වචනෙන්.කෙල්ලෙක් උනාම මෙහෙමවෙන්න ඕනි අරෙහෙම වෙන්න ඕනි කියල හුඟක් අය කියනවනේ එත් ඔය අතරේ කට්ටියට කියන්න ඕනිඔව් හොඳට හැදිච්ච කෙල්ලෙක්ට ඕනි කෙනෙක් ගරු කරන්ව. හැබැයි මං මේ කියන්න යන්නේ ඒගැන නෙමේ එත් අද සමාජයේ මේ Facebookඑකේ දැක්ක අමුතුමකට්ටියක් ගැන. මේ ගොල්ලෝ ගොඩක් කරන්නේ අමුතු දෙයක් කට්ටියක් ඉස්සරහ බබා වෙන්න හදනඑක. මේකේ ඉන්න අයියලට බබා වෙන්න මේ නංගිලා හරියට දන්නවා. ගෘප් එකක නැත්තම් කොහේ හෝතැනක් මේ ගොල්ලෝ කරන්නේ අවධානය ගන්න අඬන එක මුළු පැය විසි හතරේම අවුරුද්දෙම අඬනවා.අනේ ඉතිං අපේ අයියලා ටික ගිහිං අර නංගි පැටියව නළවනවා අඬනවා ඉවරෙකුත් නැහැ නලවනවාඉවරෙකුත් නැහැ. කාලෙන් කාලෙට එක එක අයියල මේවගේ නංගිලව නළවනවා .එත් චුටි නංගියෝ තමන්ගේ දුක මාකට් කරලාලොකු ලොකු අයියලාගෙන් ආදරේ කියල හිතල ලංවෙලා ඕගොල්ලන්ට පෙන්නන සුරංගනා ලෝක වලට අහුවෙන්න එපා. තව එක්ක ලෝකෙට පෙන්න බබා වෙන්න හදන්නත් එපා. මොකද කෙල්ලෝ කියන ජාතිය එහෙමකාටවත් ලෝකෙට පෙන්න නලවන්න ඕනි ජාතියක් නෙමේ එහෙම නැලවෙන්න තොදොල් වෙන්න ඕනිකට්ටියකුත් නෙමේ එහෙම ලෝකෙට පෙන්න ඒ දේවල් කලොත් නංගියෝ ඔයගොල්ලන්ට ඒ කොල්ලොම හොඳනමක් දෙයි මට මෙතන කියන්න බැරි. අඩන්න එක්කෙනෙක්ට පෙන්න. හුරතල් වෙන්න එක්කෙනක් ළඟ,මොකද එහෙම නොවුනොත් වෙන්නේ ඔක්කොම අයට හුරතල් කරන්න හිතෙන එක. නැහැ මම කියන්නේනැහැ හැම කෙල්ලම එක වගේ කියල හැම අයියමත් එක වගේ නෑ එත් නංගියෝ අපේ ජිවිතේඑක්කෙනෙක්ට විතරක් අපේ දුර්වලකම අපි ගැන අපේ එකම පැත්තක් පෙන්නුවම ඇති හේතුව අපිවඅමාරුවේ දාන්න ගොඩක් අය බලන් ඉන්නවා ඒ නිසා ඒ ගොල්ලන්ට ගොදුරක් වෙන්න එපා. ජිවත් වෙන්න අනික් අයට එපා නොවෙන විදිහට. මොකදකෙල්ලෝ කියන්නේ ගොඩක් හයිය කට්ටියක්. අන්නඒ කෙලි ජාතියේ දුක මාකට් නොකර තමන්ව මාකට් නොකර තමන් මාකට් නොවී එහෙම උනාට පස්සේ කාටවත්බැනල වැඩක් නැහැ. ඕගොල්ලෝ කියයි අක්ක දුක කියල අඬන්නෙ නැද්ද කියල අඬනවා මම කියන්නේනැහැ මම දුක ගැන පොස්ට් දාන්නේ නැහැ කියල එත් නංගියෝ මං දුක ගැන පොස්ට් දැම්මම ඔයාහොඳින්ද කියල මට පණිවිඩ එවන අයියලට මම උත්තර දෙන්නේ නැහැ දීල අඬන්නෙ නැහැ මගේ දුකමගේ කඳුළු මගේ පොස්ට් මගේ හැමදේම එත් මම ඒ දේ තුලින් විකිණිලා නැහැ. මම ලෝකයක්ඉස්සරහ බොරු බබෙක් වෙන්නේ නැහැ එහෙම වෙලා මගේ දේවල් හදාගෙනත් නැහැ. ආදරයෙන් කියන්නේබබාලා ජිවිතේ නැති කරගන්න එපා හිනා වෙලා ඉන්න දුකයි නම් හැමෝටම දුක්කගන්න රාලකෙනෙක් වෙන්න දෙන්න එපා.
|
BLOG
|
4pt 0in 5.2.2.2.
|
BLOG
|
කලිනුත් දවසක් ලීවා මේ ඇස් ගැන.2013.12.14,නිවසේදී,ලස්සන ලොකු ඇස් දෙකක් තියෙන ආදරණිය බස්සිට,ඉතින් බස්සියේ කොහොමද ඔයාට කියලා මෙහෙම අහන්න වෙලා තියෙන්නේ ඔයා ආයෙමත් මාත් එක්ක තරහා වෙලා නිසයි.ආයෙමත් කියලා කිවේ ඔයා කොහොමත් මාසෙකට සැරයක්,දෙසැරයක් මේ විදියට මගෙත් එක්කලා තරහා වෙන නිසයි මොකක්ම හරි හේතුවකට.හැබැයි ඉතින් මේ වතාවේ නම් බස්සි මගෙත් එක්ක ඇත්තටම හුගක් තරහා වෙලා කියලායි මට නම් හිතෙන්නේ.එත් මම දන්නවා බස්සි මගෙත් එක්ක තරහා වුණත් හෙමිහිට ඇවිත් මේක බලනවා කියලා.එක නිසයි මම මේක මෙතන දාන්නේ."මේ තරම් සියුමැලිද කළුගල්" කියන සිංදුව ඔයා හරිම ලස්සන තාලෙට මුමුණනකොට එක කොයි තරම් අපුරුද....හැමදාමත් එක අහන්ඉන්න ඇත්නම් කියලා හිතෙනවා.එක හරියට ඔයගේ ඔයලෝභ බදින ලොකු ඇස්දෙකට එබීගෙන ඉන්නවා වගේකොයි තරම් සැනසීමක්ද..ඒ සිංදුවේ හැටියට කළුගලුත් සියුමැලිනම් මට නම් කොහොමවත් හිතා ගන්න බෑ ඔයාගේ හිත වානේ වගේ වෙන්නේ කොහොමද කියලා.හැබැයි වානේ උණත් එක්තරා ඌශ්නත්වයකදී නැමෙනවා.මම කොහොමත් දන්නවා ඔයාගේ හිත වානේ නොවන බව.එක නිසා බස්සියේ වානේ නොවන ලස්සන හිතක් වානේ වගේ කරගන්න එපා.මොකෝ මම දන්නවා ඔයා ඔය හිත ගල් කරගෙන ඉන්නෙත් ආයාසයකින් කියලා.එහෙම ඔයාඉන්න කොට වෙන්නේ ඔයාගේ ඔය ලස්සන මුහුණ කළුවෙලා කැත වෙන එක විතරයි බස්සියේ. ඔයා දන්නවානේ බස්සියේ අහස කොයි තරම් විශාලදකියනඑක.අනන්තය දක්වාම පැතිරිලා තියෙන ඒ විසල් අහස වාගේ තමයි වේලාවකට ඔයාත්.ලස්සනට තියෙන නිල්අහස හදිසියේම සුළන් කොඩයකට හසුවෙලා,අකුණු පුපුරලා වහිනවා.එත් කිසිකෙනෙක් අහසත් එක්ක තරහා වෙන්නේ නැහැනේ.ඉතින් බස්සියේ ඔයාත් අර ලස්සන නිල්අහස වාගේ ඉදලා හිටිහැටියේ වහින අකල් වැස්සක් වාගේ නපුරු වෙනවාවුණත්කෙල්ලේමට බෑ ඔයලස්සනලොකු ඇස් දෙක දකිනකොට තරහා වෙලා ඉන්න.ඒ වාගේ සමහරක් වේලාවට මමත් ඔයා එක්කලා කතා නොකර ඉන්නවා තමයි.හැබැයි ඉතින් කෙල්ලේ ඒ තරහකට නම් නෙමේ.ඒ කොයි හැටි වෙතත් ඔයා අනික් අයගේ කිම් වලට මගෙත් එක්කලා මෙහෙම තරහා වෙන්න එපා බස්සියේ.ඔයා දන්නවනේ මිනිස්සුන්ව වෙනස් කරන්න අපිට බැහැ.එත් ඒ අයගේ පදනමක් නැති දේවල් නිසා අපි වෙනස් වෙන්න ඕනෙත් නැහැ.මතකද ඔයා එදා මාත් එක්කලා කිවා ඔයා හැමතිස්සෙම හිනාවෙලා,සැහැල්ලුවෙන්හිටියත් ඔයාගේ හිත පොඩි දේකටවුණත් කඩා වැටෙනවා කියලා.මගේ උණත් එක ඒ හැටි වෙනසක් නැහැ.මට ඕනෑම දෙකට හිත ගල්කරන් ඉන්න පුළුවන් වුණත් ඔය ඉස්සරහා මට එහෙම ඉන්න බැහැ.එක මගේ දුර්වලකමක් තමයි.එත් ඒ දුර්වලකම අල්ලන් මාව රිද්දන්න එපා බස්සියේ.ඔයා දන්නවාද කෙල්ලේ ප්‍රේමයේ විප්පයෝග වැඩියෙන්ම දැනෙන්නේ ප්‍රේමය විරාහවක් වෙච්චි දවසට කියලා.එකනේ බන්ධුල නානායක්කාරවසම් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු අර ලස්සන සිංදුව සුනිල් එදිරිසිංහයන් ගායනා කරන්නෙත් වියෝවූ පසුවයි දැනේනේ ප්‍රේමයේ අබිමන් කියලා.ඔයා මා එක්කලා ඔහොම තරහින්,බුම්මන් කතා නොකර ඉන්නකොට තමයි මටත් ඒ වියෝව දැනෙන්නේ.එක ප්‍රේමවියෝවකට වඩා හිතට වැඩියෙන් දැනෙන වියෝවක්.ඉතින් ආදරණිය බස්සියේ මම එදාත් ඔයාට කිවා වාගේ පුංචි,පුංචි දේවල් වලට මගෙත් එක්ක මෙහෙම අමනාප වෙන්න එපා.ඔයාගේ අත කොනිත්තපු එකට ඔයා මගේ හිත කෙනිත්තුවාත් ඇති දැන්.පරණ දේවල් ඔක්කොම අමතක කරලා දාලා ආයෙමත් අර ඉස්සර වාගේ මා එක්කලා හිනා වෙලා කිරිල්ලියක් වගේ කියෝ,කියෝ සතුටින් හිටහන්.අනිත් එක බස්සියේ අමතකද ඔයාම කිවා තමන්ගේ හිත දන්නවා තමන් කවුද කියන එක කියලා.එහෙනම් ඉතින් තවත් මොනවාද... අනික් අය අපි දිහා කොහොම බැලුවත් අපි දන්නවානේ අපි කවුද කියන එක.අනික කෙල්ලේ ඔයාව මට විටෙක අම්මා කෙනෙක් හරි දේ කියලා දෙන.තවත් විටෙක හොද යෙහෙළියක් ලගින්ම ඉන්න,තවත් විටෙක පෙම්වතියක් දුක බෙදා ගන්න.එහෙම කොට මම කොහොමද ඔයත් එක්ක මෙහෙම තරහා වෙලා ඉන්නේ.ඉතින් බස්සියේ මම දන්නවා ඔයා මා ගැන වරදවා නොසිතන බව.ඒ වගේම මම එදාත් කිවා වාගේ ඔයාට කියන්න තවත් හුගක් දේවල් තියෙනවා.ඒ දේවල් ඔයාගේ ඔය ලෝභ බදින ඇස්දෙකට එබීගෙන කියන්නම්.ඒතකන් මා එක්කලා බස්සියේ ඇත්තටම බස්සියේක් වගේ "හුම්,හුම්"නොකියා ගිරවියක් වාගේ කියෝ,කියෝ හිනා වෙලා හිටින් කෙල්ලේ. උඹට දෙවි පිහිටයි.....ප.ළි. මේ පිංතුර ඔක්කොමත් ගුගල්ගෙන්.සිංදු ලින්ක් ටික යුටියුබ් එකෙන් විශේෂ ස්තුතිය දේශාට.
|
BLOG
|
වීදුරු බිත්තියෙන් ඇතුලතකවන්ධ අනුරුවක ඇගලා ඇතමා කැමතිම ඇදුම් හා ඇගලුම්හිතින් සවිකර මහිස ඒ සිරුරටහැඩ වැඩ බලමි තාලයට ඇවිදිමිතනියෙන්ම හිනා වෙමිකැඩපතක් කරගෙන තුරුනු හිතසැප රැදුන මැදුරකඉඩ කඩ ඇතිව සුපිපුනතුනු කයක හැඩනිලසීරුවට මැන කොවකට ගෙනවක්කර පෙරාගත් අනුරුවකිහිස නැතත් ඔය කයඑහිම අනුපිටපත්ය මේ ඇදුම් හාඇගලුම්සරු නිසරු කාල පරතර අතරමහත් වී හීන් වී ගැට ගැසුනුතදියන් පෙම්වතුන් අත මිරිකුනු තැලුනු ඇද උනදරු වැදූ බත ඉයූ දර පැලූදුකින් පිරියම් කලජීවිතේ සැබෑ සිරුරත හැඩනිලමනින්නට මාන නැත කෝදු නැතඅනුරුවකට කොටු කල නොහැකඑහෙව් සිරුරට ඔය ඇදුමජීවිතේ සැබෑ කඩතොලු උලුප්පාකිසි අන්ගපුලාවකට නැතිවිකාර රුවක්ම මවනු ඇතිනැවත සිටුවා මහිසඑහිසට උරුම සිරුරටපියනගමි බැහරටඅන් ඇදුමකට හිරවෙන එකසැබෑ රූපය ට හොරකරනඑක උරුමය තමයි අපි වගෙ ලදුනට.
|
BLOG
|
මෙතනින් ඇවිත් විජය ගැන නැවත කියවමු......................
|
BLOG
|
මෙන්න මං අද ඔයාලට කියන්න යන්නේ හදිසියේ වැඩ කරගෙන යද්දි ඕනැ කරන යෙදවුමක්. අපි වර්ඩ් වලින් ටයිප් කරගෙන යද්දි සමහර වෙලාවට නොයෙකුත් සංකීර්ණ ගණිත සූත්‍ර ඇතුලත් කරන්න සිද්ද වෙනව. ඉතින් කොහොමද ඒක කරන්නේ ඒකට වෙනම සොෆ්ට්වෙයා එකක් යොදාගන්නවද. නැත. දැන් එහෙම එකක් නැතුව උනත් මේ වැඩේ අපිට ඕනෙ ලෙස කරගන්න පුලුවන්. දැන් මම කියන්නම් මොකද්ද ඒ කියලා. සමහර අය දන්නව ඇති. නොදන්නා අයගේ දැනගැනීම පිණිස මං මේක කියන්නම්කෝ.මේකෙ නම MathType.නිකම්ම මේ ටූල් එක පරිගණකයේ තියෙනවා. ඒකටStart-> Search: Math Type Input මේ විදියට ගිහාම, තියෙන්න පුලුවන්. ඒ කොහොම කරත් වින්ඩෝ එකක් එනවා.. ඊට කලින් වර්ඩ් එකේ ඒ සූත්‍රය එන්න ඕන කොටස මත ක්ලික් කර මෙහි පහත විදියට ඇඳ ගන්න ඕන.. එතකොට පේන්නෙ මේ විදිහටයි. ඔයාලට මේකෙ මවුසය ආධාරයෙන් ලියන්න පුලුවන්. මේක බලන්න.(මොකක් හරි ලියපු ගමන විදිහට එනවා)සංකීර්ණ ගණිත කර්ම වුණත් මෙයා දන්නවා. ;)Word 2013 වල මේක බිල්ඩ් ඉන් තියෙනවා. ඒක ගැන විස්තරයක් මේ වීඩියෝ එකෙන් බලන්න..උත්සහ කරල බලන්න, අදහස් කියන්න.ඔබට ජය.
|
BLOG
|
මේ කතාව දිවි පුද නොකළ ජාතික වීරයෙක් ගැනයි. සුද්දන්ට සිංහල කුණුහරපෙන් බැනල කකුල දෙපාරක් පොළවෙ හැප්පුවේ නම් ඔහුටත් නිදහසේ දේශප්රේටමියෙක් වීමට හැකිවන්නට ඉඩ තිබුණි.....ඉන්දියාවෙ නිදහස වෙනුවෙන් ඒ රටේ දේශප්රේ මීන්ගේ ලේ ඇට මස් නහර ශරීරකූඩු වලින් එලියට පැන කෑ කෝ ගසද්දි ඔහු සුද්දන්ට අතටඅත දුන්නේය. අපේ රටේ ජාතික හැඟීමට සිංහල භාෂාව රාජ්යි භාෂව කළ සියල්ලෝම සරොම් කමිස අඳිද්දි ඔහු ටයි කෝට් හැඳ සුද්දටත් වඩා අපූරුවට ඉංග්රීීසි කතා කළේය.ඔහු මහ අමුතු මිනිසෙකි. දෙපැත්තෙන් ඉහළට නැමුණු උඩු රැවුළ ඔහු හැඟීමට වඩා බුද්ධියට මුල්තැන දෙන ප්රාකඥයෙක් බව ඔප්පුකරවන කදිම සංකේතයකි. මතකයේ හැටියට ඔහුගෙ කාලයේ, 1948දී විතර ඉංග්රීිසීන් නිළ වශයෙන් අපට නිදහස ලබා දුන්නේය. සමහරු කියන හැටියට එය බියගුලු නිදහසකි. ඔවුනට අනුව ඔහු ගැත්තෙක් ය ඉත්තෙක්ය.අප නිදහස ගත්තේ නැත. අපට නිදහස දුනනේය. ඒ අපූරු මිනිසා ගැන අප අවුරුද්දකට සැරයක් එන පෙබරවාරි 4 වෙනිදාට වත් සත්න්නේ නම් වටින්නේ යැයි මට හැඟේ. අපි දැන් ඒ ගැන හිතමු.ලොකෙ රටවල් අධිරාජ්යේවාදයෙන් නිදහස්වෙන්න පටන් ගත්ත. ඉන්දියාව නිදහස වෙනුවෙන් ලේ ගංගා වගුරවද්දි එක ලේ බිඳක්වත් නොසොල්වා අපිත් නිදහස ගත්ත. වෙනසකට තියෙන්නෙ ලේ නොවැගිරුණ එක විතරයි. හිරු නොබසින්න තරම් බලයක් තියන බ්රිගතාන්යස එක්ක හැප්පෙන්න බැරි බව ඔහු හොඳින් දැනගෙන හිටිය.පල නොකියා පලා බෙදන්නේ කෙසේදැයි කියාපාන මහෝෂධ නුවනක් මෙ මහා මාන්න සහිත පුද්ගලයාට තිබ්බ. අන්තිමේදී සුද්දාට අපිට නිදහස නොදී ඉන්න බැරිවුනා. ලබාගත් නිදහස ආරක්ෂා කරන්නට ඒ කාලෙ ලංකාවේ හමුදාවක් තිබ්බෙ නැති නිසා අවි ආයුධ දෙන්නත් ආරක්ෂක පුහුනුව දෙන්නත් සුද්දා එකඟවුනා. ලංකාව වෙනුවෙන් පිටරටවලට ගිහිල්ල කතා කරන්නත් සුද්දා එකඟවුනා.උරන්ගේ මාලු උරන්ගේ පිටේම තියල කපන්නේ කොහොමද කියල මේ අපූරු මිනිසා පසක් කලා. ඇතමුන් කිව්වෙ ඔහු බටහිර ගැත්තෙකු කියල. මටත් හිතෙන විදිහට ඔහු බටහිර ගැත්තෙක්. හෙළ දිව වෙනුවෙන් තම දිව බටහිරට නැවපු බටහිර ගැත්තෙක්.මොහුගෙ වෑයම වුනේ ඉංග්රී සි කතා කිරීමවත් ටයි කෝට් පැළඳීමවත් නොව තමා තුළ සිටින කලු සිංහලයාව සුද්දන්ට සුද්දන්ගේ භාෂාවෙන් පෙන්වීමයි.අවසානයේ සුද්දාට ඒ භාෂාව තේරුනා. 1948 පෙබරවාරි 4 වෙනිදා සුද්ද අපට නිදහස දුන්න.අපි මේ මහ ඉහළින් සමරන්නේ ඒ නිදහසේ මහා මාන්ය ය.ඒ ටයි කෝට් ඇඳගත් මහ කලු සිංහලයා කවුද කියනව නම් ඔහු මහාමාන්යද ඩී. එස්. සේනානායක.ඔහු අපට නිදහස ලබා දුන්නෙ දිවිහිමියෙන් නෙවෙයි මනස වෙහෙසවල. සේනානායකයනි. ඒ නිසා මට ඔබ ජීවිතය පූජා නොකළ ජාතික වීරයෙක්. රට වෙනුවෙන් මැරෙනවට වඩා රට වෙනුවෙන් ජිවත් වෙනතාලෙ කියල දුන් වීරයෙක්. එු වෙනුවෙන් ඔබට ස්තූතියි.facebook එකෙන් උපුටා ගත්තට හිතන්න තියෙන දෙයක්.
|
BLOG
|
අපායේ දොරටුවනැමති මේ අපූරු ස්ථානය තිබෙන්නේ තුර්ක්මෙනිස්තාන් වල කාන්තාරයකය.මෙම ස්ථානය අපායේ දොරටුවලෙස හැදින්වුවද එය හුදෙක් ගිනි ගන්නා ආවටයකි.1971 වර්ශයේදීඑක්තරා පර්යේශක කණ්ඩායමක් විසින් ස්වභාවික ගෑස් පිළිබදව සොයාබැලීමට මෙම ස්ථානයේ කූඩාරමක්තනාගෙන සිට ඇත.නිමෙශයකින් ඔවුන්ගේ කූඩාරමට යාබද මහා හඩක් නංවමින් පොලව ගිලාබැස මීටර70 පළල මීටර 20 ගැඹුර විශාල ගිනි අවාටයක් සෑදී ඇත.එදින සිට දැනට වසර 42 ක් තිස්සේ මෙලෙසමෙම ස්ථානය තවමත් ගිනි ගනා අතර මෙය සංචාරක අකර්ශනද දිනා ඇත.මෙම අපූරු ස්ථානයේ ජායාරූප කිහිපයක් පතින් බලන්න.Share කරන්න.
|
BLOG
|
හදවත රෝස මලක් බවදැන උන්නෙමි මම කලෙක සිටකවා සරළ සුගන්ධයනලමුදු සුවඳ මනකලඔබ වැතිරෙන්න කඳු යාය මත මිතුරසීත කල වැසි සිඹින කල අහසPicture -Guan Zeju.
|
BLOG
|
ඔබ සියළු දෙනාටම ලබන්නා වූ 2014 නව වසර සුභම සුභ වෙන්නත් ඔබගේ සියළු බලාපොරොත්තු ඉටුවෙන සාර්ථක අවුරුද්දක් වේවායි... කියා මම ප්‍රාර්ථනා කරනවා. එවගේම ඔබ සියළු දෙනාටම ජයෙන් ජයම වේවා... :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
|
BLOG
|
මේ දවස්වල අපේ කන්තෝරුවේ සෑහෙන කට්ටියක් නිවාඩු දාලා. ඒ නිසා මම සෑහෙන පාලුවෙන් කම්මැලිකමෙන් දවස ගෙවන්නේ. වැඩ කරන ගමන් කම්මැලිකමට මොනවහරි බ්ලොග් අඩවියේ කොටන්ඩ ඕන කියලා හිත හිත ඉන්නකොට තමා මට අපේ කැම්පස් එකේ හිටපු අයියා කෙනෙක්ව මතක් උනේ.උන්දැව මතක් වෙන්ඩ ප්‍රධානම කාරණාව උනේ පොලොන්නරුවේ මිනිස්සු ගංවතුර තර්ජනයට මුහුණ දුන්න නිසා කිව්වොත් මම හරි. ඒ අයියා අපට වඩා අවුරුදු දෙකක් සීනියර් බැච් එකක හිටියේ. එයාලෑ ගෙවල් තිබුනෙත් පොලොන්නරුවේ .ඒ නිසයි මට ඒ අයියාව මතක් උනේ .මම කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්න දවස්වල අපට හරිම අමාරු වෙච්ච විෂයක් තමයි තර්මෝඩයිනමික්ස් කියන්නේ. සිංහලෙන් කියනවා නම් තාපගති විද්‍යාව .ඔය පොලොන්නරුවේ අයියා අපේ බැච් එකටම ඒ විෂයය කුප්පියක් දාන්ඩ ආවා. කුප්පියක් කියලා කියන්නේ සිංහලෙන් ඒ අදාල විෂය කියාදෙන එක. පොලොන්නරුවේ අයියා කුප්පියට ඇවිත් ටිකක් උගන්වනවා ඊට පස්සේ ටිකක් එයා ගැන කියෝනවා. ආයෙම ටිකක් උගන්වනවා ආයෙම පොර ටෝක් එකක් දෙනවා.ඔහොම උගන්න උගන්න ඉන්නකොට එයාට වෙච්ච සිද්ධියකුත් අපි එක්ක කිව්වා.එක වතාවක් එයාගේ රූමාව මොකද්ද මන්දා එක සබ්ජෙක්ට් එකකින් ෆේල් කරවලා තිබුනා. රූමා දෙමල එකෙක්. මූ කාමරේට ඇවිත් හෙන අප්සැට් එකේ ඉන්නකොට අපේ පොලොන්නරුවේ අයියා ඇවිත් අහලා මොකෝ සීන් එක කියලා.එතකොට අර දෙමල හාදයා අකුරක් නෑරම විස්තරේ කියලා. විස්තරේ අහගෙන හිටපු පොලොන්නරුවේ අයියා පහුවදාම සර්ව හම්බ වෙන්ඩ ගිහින් මේ ගැන අහන්ඩ. ඒ සර් සෑහෙන දේශනයක් දීලා එක පාරටම,"තමුසෙට මොකද්ද අරූ ගැන තියෙන අමාරුව ." කියලා අහලා.අපේ පොලොන්නරුවේ අයියත් ගත් කටටම ඉංග්‍රිසියෙන්ම කියලා,"සර් වී ආ ලිවින් ටුගෙදර් ." කියලා. ඇත්තටම ඒකාට කියන්ඩ ඕන වෙලා තියෙන්නේ තමන්ගේ රූම් මේට් නිසයි ආවේ කියලා. ඒකාගේ කඩ්ඩේ හොඳකමට අහලා තියෙන්නේ එහෙම. (හරි තේරුම දැනගෙන ඉදලා නෑ.)ඊට පස්සේ සර්ටත් හරි පුදුමයිලූ. සර් රුත් උනන්දුවෙන්ම අහලා "කවදා ඉදන් ද . ගෙදරින් මේ ගැන දන්නවද ." කියලා.අරූත් කිසි ගානක් නැතිව "ෆස්ට් ඉයර් ඉදලාම එකට ඉන්නවා. ගෙදරිනුත් දන්නවා" කියලා.ඊට පස්සේ සර්ට හිනා ලු. සර්ට තේරුනාලු මේකා ලිවින් ටුගෙදර් කියලා කිව්වට ඒකේ තේරුම දන්නේ නෑ කියලා. ඊට පස්සේ සර් ඩික්ශනරියක් අතට දීලා ලිවින් ටුගෙදර් කියන එකේ තේරුම හොයන්ඩ කියලා.තේරුම හොයනවත් එක්කම තේරුනාලු ඉංග්‍රිසිය වැරදුනා කියලා. කොහොමහරි ඒ මොහොතේ ෂේප් වෙලා ආවලු. පස්සේ ඒ අයියා නෙමේලූ රූමාගේ කිසි දේකට කතා කරන්ඩ ගියේ.ඔන්න ඔය කතාව අපේ පොලොන්නරු අයියා හැම කුප්පියකදිම කියනවා. මං දැනුවත්ව කුප්පි දෙකකදිම ඔය කතාව අහලා තියෙනවා.අද ඉතිං කම්මැලිකමට ඔහේ අකුරු ටිකක් කොටලා දැම්මා.එහෙනං මම ගියාවේ .
|
BLOG
|
පොඩි විවේකකාලයක් ලැබුනු නිසා ආයෙත් ටිකක් බ්ලොග් එකේ අනම්මනං ලියන්න කාලේ තියනවා..පොඩ්ඩක්මගේ බ්ලොග් එක බලන කොට දැනුනේ අමුතු දත්ත ලිපි සෙට් එකට හොඳටම ප්‍රතිචාර තියනවාකියලා..ඉතිං තවත් අමුතු විස්තර ටිකක් හොයලාදාන්න හිතුනා බ්ලොග් එකේ..ඔන්න එහෙනං ඒ විස්තර ටිකත් කියවලම බලන්නකෝසාමාන්‍යයෙන්මිනිසෙකුගේ දහඩිය ග්‍රන්ති මිලියන දෙකක් විතර තියනවලුබබල් ගම් වලරබර් සංගටක අන්තර්ගතයිලුජෙලි ෆිශ්දැනට වසර මිලියන හයසිය පනහකට කලිනුත් ඉඳලා තියනවලු..ඒ කියන්නේ මෝරුන්ට ඩයනෝසරයන්ටකලිංලුහදිසියේ ආහාරගැනීම කෙස් ගස් වේගෙන් හැලී යාමට හේතු වෙනවලුලෝකයේ දෙවනියටවැඩියෙන්ම භාවිතා වෙන ලෝහය කොපර්ලුසැම මිනිත්තුවිස්සකට වරක් ෆේස්බුක් ස්ටේටස් 1,851,000 ක් අප්ඩේට් වෙනවලුනින්දට යාමටපෙර චීස් කැල්ලක් කැවොත් නින්ද වඩා සුවපත් වෙනවලුදැනට හම්බවෙලාතියන බරම මිනිස් මොලේ බර කිලෝ 2.3ක්ලුවයස අවුරුදුතිහේදි ජෝජ් බුශ් බීමතින් රිය පදවලා අත් අඩංගුවට පත්වෙලා තියනවලුසූර්‍ය ග්‍රහමංඩලයේ උනුසුම්ම ග්‍රහයා සිකුරුලු..එහි උනුසුම සෙල්සියස් 462ක් වෙනවලුවාර්ශිකවලෝකයේ අඩුවෙන්ම මිනීමැරුම් සිදුවෙන්නේ සීඩයේලුලොතරැයියක්දිනනවට වඩා රත්තරන් හොයන එක ලේසියිලුනෝර්වේය් වල Hellකියල ගමක් තියනවලුපැස්බරබිත්තරයක් තැම්බෙන්න මිනිත්තු හතලිහක් ගතවෙනවලුමිනිස් ලේ ආදීරතු ඉංදියන්වරු වර්නක විදියට භාවිතා කලාඅලුපොකිරිස්සෙක්ගේඇහැක් හෝ නියපොත්තක් අහිමි උනොත් ඒකා ආයෙත් එන්න පුලුවන්ලුමිනිහෙක්මැරෙනකොට අවසානයට අහිමි වෙන සංවේදනය ශ්‍රවනයලුපූසන්ට අතිධ්වනි තරංග අහන්න පුලුවංලුමිනිස් ඇස්සටපාට වර්ග මිලියන දහයක් පමන අඳුනගන්න පුලුවංලුඅශ්වයන්ට වමනේදාන්ට බැරිලුඅධික තරබාරුවනිසා ඇමරිකාවේ මිනිස්සු මිය යන ප්‍රමානය අනික් රටවලට වඩා වැඩියිලුපරිගනකකීබෝර්ඩ් එකේ එක පේලියක් පමනක් යොදාගේන ලියන්න පුලුවන් දිගම වචනේ TYPEWRITERලුලෝකයේ වැඩිහරියක් භාවිතාවෙන භාශා වලිං අම්මා කියන්න මුල් අකුර පටං ගන්නේ එම් අකුරෙන්ලුඅදට එහෙනංඇතිවගෙයිලු..මම එහෙනං යනවලු..ඔක්කොටම ජයශ්‍රීලු.
|
BLOG
|
නිදි නොමැති නෙත් සඟලවිඳවනා විඳවිල්ල.සතුට නැති සිතිවිල්ලනුඹ ලඟම දැවටිල්ල.ලේ නොමැති මුහුණ වියලිලාමෙනි ඉපනැල්ල.ගුටි නොකා ලඟට වරනුඹයි මගේ හසරැල්ල.
|
BLOG
|
පහත ලිපිය පළ වෙලා තිබුණේ “රිවිර“ පුවත්පතේ. මෙතනින් ලිපිය කියවන්නහොල්මන්, අවතාර, නැවත ඉපදීම වැනි දේ ගැන බෙද්ධ සාහිත්‍යෙයේ තියනවා. එහෙත් බුද්ධ දේශනාවල තියනවා ද කියන එක නම් ගැටලුවක්... මේ ලිපියේ දක්වන ආකාරයට මේ ළමයා බුදුදහමත් සමග, පන්සලත් සමග හැදීවැඩෙන කෙනෙක්... ඒ නිසා ඔහුටත් සමාජයේ පවතින, බෙවුද්ධ සංස්කෘතියේ එන හොල්මන්, අවතාර වැනිදේ ගැන පූර්ව විශ්වාසයක් ඇති අයකු බව විශ්වාස කළ හැකි යි. කනත්ත ආශ්‍රිත ව හොල්මන් තියනවා, රෑ 12ට හොල්මන් තියනවා ය කියන පූර්ව විශ්වාසයක් අපේ සමාජයේ තියන බව අප තේරැම් ගත යුතුයි. පිරිත් නූලක් බැන්දහම හිතේ තිබුණ බිය, චකිතය නැති වූ බව කියනවා. ඔව් වෙන්න පුළුවන්... මානසික සුවපත් බාවය ඇති කළ හැකි ආකාර බොහොමයක් තියනවා. කොහොමත් මෙහි අදහස් දක්වා ඇති හාමුදුරැවෝ දෙදෙනාගේ උත්තර නම් බාලාංශ උත්තර බව ය මගේ හැගීම... මුලින් ම මේ පින්තූරවල සත්‍යතාව තහවුරැ කළ යුතු යි. ඉන් පසු සාමාන්‍යෙයන් රාත්‍රි කාලයේ දී ඇතිවන අකුණු ගැසීම්, වාහනවල එළි, ජලවාෂ්ප දිලිසීම්, ආලෝකපරාවර්තනයන් වැනි දේ ඇති බව අවබෝධ කර ගත යුතුයි.. එවිට වැටහෙයි ඇත්ත කුමක් ද. කියන දේ..වලී.
|
BLOG
|
මගෙ සිංහ සීවලීතුංග චණ්ඩ මිඟිදා මේ වන ගැබවීර්යවන්ත එකසර කෙසරා මමමා පි‍්‍රය දියණියනේ - මොළකැටි දියණියනේමේ රුදු වනගැබ මාර සෙනඟ හා සටන් වැදී හද පිපිරීහැන්දෑ කලුවර ගුලි කරගෙන හිත පියවර මැන එමි දුකසේමළපුඬු විසකුරු හලාහලින් පිරිමහ වනයම අමතක වීලෙන් දොරකඩ පිපි නුඹේ සිනා වත රිදී පහන් වැට දැල්වේසිත පිරිමැද දුක නිවන කතාවක සඳුන් සිහිල මැද දැවටීමහ වන මැද දුක් කරදර පිරිපතහිරු දුටු පිණිසේ වියැකේදවසක ලෙන තුළ මා තනිකර නුඹ සැඟවී යන බව නොදැනීතුංග චණ්ඩ මිඟිදා නුඹ අබියසමුව පොව්වකු වී හිනැහේ.
|
BLOG
|
අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සවඑහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා.ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නනඅවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ...අංක එක - අවුරුදු කුමරියමේ තරඟ වලදී ගැහනු ලමයාගේ පිරිපුන් සිරුර, පළල් උකුල හා පිරිපුන් ළැමට තැනක් හම්බ වෙනවාකොන්ඩේ දිගට තියෙන්නත් ඕනා....ඒ වගේම නළවා ඇවිදීමට ඇති හැකියාව, කෝමළ හිනාව වැදගත්නාගරික පෙනුමට වඩා "ගැමි සුන්දරත්වය " තමා කට්ටිය හොයන්නේපර්සනැලිටි එකට සාපේක්ෂව තොඳොල් වෙනවා දකින්නට වැඩිද මන්දා.....අංක දෙක - මිස් ශ්‍රී ලංකාපිරිපුන් සිරුරකට සාපේක්ෂව උස් හීන්දෑරී ගෑනු ළමයාට තැන වැඩීපෙනුම නාගරීක "පොශ්" ලුක් වීම අනිවාර්යය වෙනවා... එහෙම නොවෙන අය "මේක් ඔවර් " එකක් දීලා කපා කොටා හදනු දක්නට ලැබීම සුලබයිකොන්ඩයේ දිග පළල වැඩක් නැතපර්සනැලිටි නන් අවශ්‍යයි කියලා කිව්වත් ඉන්ටර්විව් වලදි උම්බෑ කියපූ අක්කලා ද අප දැක ඇතඉංග්‍රීසි හසුරුවන්න තියා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුයඅංක තුන - සුපර් මොඩල්කටු වලට ඇලුන හම ඇති උස් කෙසඟ සිරුරඉතා අඩි උස පාවහන් පැළඳ දෙන ඕනෑම ඇඳුමක් හැඳ නිරූපනය කිරීමට ඇති හැකියාවලැජ්ජා බය මඳ වීම හා ඒ නිසා ඇතිවන ගාම්භීරත්වය මේ සදහා අත්‍යාවශයය වේතවද මේ ගෑනු ළමයා ටත් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරලා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුයඅන්තිමේදී මේ ඔක්කොම ශ්‍රී ලාංකික ගැහැනු ළමයි "ඔබ්ජෙක්ටිෆයි" කර සල්ලි හම්බ කරගන්නා මාධ්‍යය උපක්‍රමමේ අවුරුදු කාලයේ ටී.වී. එක ඉස්සරහා ඉඳගෙන අවුරුදු කුමාරි බලනකොට මෙහෙම හිතෙනවා ද. සමහර විට මට මඟ හැරුන දේවල් ඇති...;).
|
BLOG
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}පිපී තිබූන කුසුමක් දැකබඹරෙකු ඒ වෙතට පැමිණවෙනකෙකු රොන් උරා ගොසිනකෙමිය සිදුරු කලබව දැනඅවුලාගෙන කෝප ගින්නපිපෙනට නිසි කල් නොපිරුණපැණි නොව කෙමියද නොවැඩුනමලට මුවා වෙලා තිබූණපොහොට්ටුවක් බදා වැළදසිදුරු කළා නරුම ලෙසින.
|
BLOG
|
සරසවිය තෝතැන්නවිය අපට හමුවෙන්න..මඟසර නොම දන්නදිනේ සිට පියමැන්න..වැටුනු විට හිනැහෙන්නකඳුලු පිස දිරි දුන්න..එක සිතින් ලඟ උන්නසොඳුරු හදවත් ගොන්න..අතැර පියඹා යන්නවාරු නෑ සමුගන්න..ලඟයි හිරු බැසයන්නහදයි නෙතු තෙත් වෙන්න.. 2009 ජූලි 21 වෙනිද ලස්සන උදෑසන පෝලිමේ ජෝඩු ජොඩු ගිහින් අයියල අක්කල ගෙන් ලැබුනුනෙළුම් මලබුදුසමිදුට පූජ කරල, කිරිබත් කෑල්ලක්කාල පටන් ගත්ත සරසවි ජීවිතය නිල වශයෙන් අවසන් කරපු දිනය අද. ඒ කියන්නෙ අවසන් වසරෙ අවසන් විභාගයේ අවසන් දවස.සිව් වසරක් කිව්වට අවුරුදු 4 කුත් මාස 7 ක් ගත කරල මතක සැමරුම් ගොඩකුත් එක්ක සොඳුරු හදවත් ගොඩකුත් එකතු කරගෙන මේ බිමෙන් බැහැල අපේම තනි තනි ලෝක හොයාගෙන යන්න කාලය ඇවිල්ල.තවදුරටත් මේ බිමේ ඇක දාපු, එක බත්පත කාපු, එක අඩුව කාපු, ප්ලේන්ටිය බීපු, නිදි නැතිව දින ගණන් පහන් කරපු, පිරිත් පිංකම්, පහන් පූජා, දන්සල් කරපු,ට්‍රිප් ගිය,සිංදු කියපු, නටපු, රණ්ඩු උනු, ගහගත්තු, ලේ දහඩිය හෙලපු, කී නොකී තව බොහෝ දේ කරපු ඒ සුන්දර කාලය අතීතයට බාරදීල අවුරුදු 25 කටත් වඩා කාලයක් කන්න බොන්න දීල, හදා වඩා ගත්තු අම්මා තාත්තාට යුතුකම් ඉටු කරන්න,නිදහස් අධ්‍යාපනයෙන් මේ තරම් දුරට ඉගෙනගන්න දීපු රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න යා යුතුයි.මේ කාලය තුල අපට ශිල්ප කියාදුන් ලෙන්ගතු ආචාර්‍යය මණ්ඩලයට,නන් අයුරින් සහයෝගය දුන් අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය ඇතුලු සියලු දෙනාට ස්තුතියි.. ඉතින් අවසරයි සරසවි මවුනි ඔබෙන් සමුගන්න මට.
|
BLOG
|
අරුත් සුන් වැකියක අවසනනොසිතාම තැබීමි තිත ......තක්සලාවේ ලියූ වැකි වලකිසිදු අගයක් නැතිවමතැබීමි තිත ......එනමුඳු,මහමෙරක් සේ නුඹට බැඳි පෙමතිතක් තරමට නුඹට දැනුනටකෙලෙස නිමවා තබන්නද තිතනුඹට පමණක් ලියූ කවියට.
|
BLOG
|
අසේල නිශ්ශංකයන් විසින් නිර්මානය කරනු ලැබූපන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet එක පාසල් ගුරුවරුනට ඉතා වටිනා නිර්මානයකි.මෙය එඩියුලංකා.LKවෙබ් අඩවිය තුලින් ලබාගත හැක.මෙම උත්සහය වනුයේපන්තියක ලකුණු විශ්ලේෂනයට ගුරුභවතුන්ට යන කාලය අඩු කිරීමට උපකාරයක් කිරීමටයි.මෙහිSheet2ක් පවතින අතර ඉන් පළමු වැන්නෙන් පන්තියක වාර විභාග ලකුණු විශ්ලේෂණය කල හැක. සාමාන්‍යය ගණනය කිරීම සදහා පෙනීසිටි උපරිම විෂය ගණන යන කොටුව කුල සිසුවෙකු පෙනීසිටින උපරිම විෂය ගණන සටහන් කළ යුතුවේ. ඊට අමතරව යමි සිසුවෙක් විෂයක් සදහා පෙනී නොසිටියේනම් ඒම කෙටුව කිසිවක් සදහන් නෙකල සිටිය යුතු වේ. 0 සටහන් කළ හොත් ඒම සිසුවා විෂයට ලබා ගත් ලකුණු ප්‍රමාණය 0 ලෙස වටහාගනී.මෙතනින් බාගන්නවිමසීම් - +94716341436නිර්මානය - අසේල නිශ්ශංකaselaniss@yahoo.
|
BLOG
|
බ්‍රිතාන්‍ය ජාතික නීල් හාර්බිසන් යනු "Synesthesia" නම් වූ ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන්නෙකි.මේ නිසා ඔහුට ලෝකය දැකිය හැක්කේ කළු හා සුදු වර්ණ වලින් පමණකි.1982 ජූලි මස 27 වන දින උපත ලැබූ ඔහු මෙම ස්නායු දුර්වලතාවය නිසා බොහෝ පීඩා විද ඇත.නමුත් 2004 වසරේ දී ඔහුගේ මෙම ගැටලුවට යම් සහනයක් ලබා ගැනීමට "Cyborg"නම් ඉලෙක්ට්‍රෝනික් උපකරණය උපකාරි විය.මෙම උපකරණය ඔහු සිය හිසමත් රදවා තබා ගෙන ඇති අතර එහි ඇති කැමරාව මගින් අවට පරිසරයේ ඇති වර්ණ හදුනා ගෙන එක් එක් වර්ණයන්ට අදාලව ශබ්දයන් නිකුත් කරන අතර එමගින් ඔහු වර්ණ හදුනා ගනී.මෙම Cyborg නම් උපකරණය පැළදූ ලොව පලමු මිනිසා නීල් හාර්බිසන් වන අතර මෙලෙස වර්ණ අන්ධතාවයෙන් පෙලෙන්නන්ට වර්ණයන් දැකීමට නොහැකි වුවත් වර්ණයන් ඇසීමට මෙමගින් හැකියාව ලබාදී ඇත.ඔහුගේ විස්තර ඇතුලත් වීඩියෝව බලන්න. ඔහුගේ ජායාරූප කිහිපයක් පහතින් බලන්න.ඔබගේ මිතුරන්ටත් Share කරන්න.
|
BLOG
|
අප්‍රේල් 15 සහ 16 යන දිනයන් හි දී ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවි කිහිපයකට සහ තවත් ශ්‍රී ලාංකික වෙබ් අඩවි රැසකට ම සයිබර් ප්‍රහාර එල්ල වුණි. #OpSriLanka නමින් හැඳින්වුණ මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණේ Shawdow Force සහ Sri Haxor යන නම් වලින් හඳුන්වා ගත් ඉන්දියානු hackersලා දෙදෙනෙකු විසිනි.ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදු කල බවත්, දමිළ ජනයා ඝාතනය කළ බවත්, යුධ සමයේ දී යුධ මුක්ත කලාපයට ගුවන් ප්‍රහාර එල්ල කල බවත් පවසමින් ඔවුන් එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් වශයෙන් මෙම සයිබර් ප්‍රහාරය සිදු කල බව ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි රැසක ම ඔවුන් විසින් සඳහන් කර තිබුණේ ය.ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි වල දිස් වූ එම පණිවිඩය මෙසේ ය,This is a part of the joint event that we are conducting #OpSrilanka (April 15-16).....මෙම ප්‍රහාරයට සහය දීම සඳහා Lebanon, Indonesia, Pakistan, Malaysia සහ Philippines ඇතුළු රටවල් කිහිපයකින් hackersලාගෙන් සැදුම් ලත් කණ්ඩායම් කිහිපයක් ද එකතු වී ඇති බව වාර්තා වේ.වෙබ් අඩවි 130ක් පමණ විකෘති කිරීමට ඔවුන් උත්සාහ කර ඇති නමුත් විකෘති කිරීමට අපොහොසත් වූ වෙබ් අඩවි වලට DDoS ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් කටයුතු කර ඇත. පහත දැක්වෙන links වෙත පිවිසීමෙන් වෙබ් අඩවි විකෘති කර තිබූ ආකාරය ඔබට නැරඹීමට පුළුවන.org/defaced/2014/04/15/mohe.com/මොවුන් විසින් වෙබ් අඩවි කිහිපයක Databases පවා ලබාගෙන ඒවා ඕනෑම අයකුට ලබා ගත හැකි පරිදි විවිධ වෙබ් අඩවි වලට upload කර තිබුණේ ය. විවිධ පුද්ගලයන්ගේ ඊමේල් ලිපින, රහස්පද, දුරකථන අංක ආදී පෞද්ගලික තොරතුරු රැසක් ම එම databases තුළ අඩංගු ය.එම databases upload කර තිබූ වෙබ් අඩවි වල linksද අප සතු වුවද එය සදාචාර සම්පන්න නොවන බැවින් මෙහි පළ නො කිරීමට තීරණය කළෙමු.පහත දැක්වෙන්නේ DDoS ප්‍රහාරය අතරතුරේ දී ගත් screenshots කිහිපයකි.පහත දැක්වෙන්නේ වෙබ් අඩවි විකෘති කර තිබූ ආකාරයයි.පහත දැක්වෙන්නේ ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවිලැයිස්තුවයි.lk/http://220.247.225.
|
BLOG
|
රොකී කඳු කිව්වම නිකන් මොකද්දෝ එකක් මතක් වෙනවා වගේ නේද.ලෝකේ ලොකුම කඳු වැටියක් කියලා ඉස්කෝලෙදි ඉගැන්නුවනේ.ඔය කියන කඳු වැටිය හඳ අල්ලපු රටේ සැතපුම් 3000 පමණ ප්‍රදේශයක් පුරා පැතිරිලා තිබුනත් රොකී ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේකොලරාඩෝ කියනප්‍රාන්තයේ.කඳු වැටියේ උසම මුදුනේ උස මීරට 4400 ක් ලු.මේ අධික උස නිසාම කඳුකරයට හුරු නොවෙච්ච අපි වගේ අය එහෙ ගියාම හුස්ම ගැනීමේ අපහසුතා පවා දැනෙනවා.අඩි දහයක් දිව්වත් හොඳටම හති. ඒත් පුරුදු අයට ඒක එච්චර අවුලක් නෑ කියලා තමයි කියන්නේ.මටනම් වැඩි පුරම හිතට ඇල්ලුවේ කඳුකරයේ තිබ්බ ලස්සන තමයි.අපි රොකී ජාතික උද්‍යානයට ලඟා උනේ ටිකක් ගම්බද අතුරු පාරකින්. එහෙම යද්දී ගත්ත පින්තූරයක් තමයි මේ. මැයි මාසේ වෙද්දීත් වැඩි හරියක් කඳු මුදුන් හිම වලින් වැහිලා. ජුනි ජූලි වෙද්දී මේවා ටිකක් දිය උනත්උස කඳු මුදන් නම් සදාතනික හිම කඳු ම තමා මගේ හිතේ.මේ පහළින් තියෙන්නෙත් ඒ පාරේම පින්තූරයක්.ආ එතකොට මේ තියෙන්නේ ඔය පාර අයිනේ තිබිච්ච පුංචි දේවස්ථානයක්. ඒක දැක්ක ගමන්ම ආස හිතිච්ච නිසා ටක් ගාලා එතනට හරවලා පොඩ්ඩක් එතන නැවතිලා එහෙම තමයි ගියේ. පාර හයි වේ එකක් නොවෙච්ච එකේ වාසිය තමයි.නැත්තන් ඉතින් ඔහොම හිතිච්ච හිතිච්ච වෙලාවට පාර අයින් වල නවත්තන්න පුලුවනෑ.ඉතින් ඔන්න ඔය වගේ ලස්සන දර්ශන පහු කරගෙන අපි ආවේ Rocky Mountains ජාතික උද්‍යානය ට.ඒ හරියේ නිල් කැටේට දිලිසෙන පුංචි විල් කෑලි (සමහර ඒවායේ උඩින් මිදිච්ච අයිස් තට්ටුව තාමත් දිය වෙලා නෑ ) එහෙම පිරිලා.ඒ විතරක් නෙමෙයි, බැලු බැලු පැත්තෙන් පේන්නේ පුංචි රවුම් ගල් කැට වලින් වැහුන පතුල ක් තියන, අඩි දෙකකට වඩා නොගැඹුරු පුංචි දිය පාරවල්.මේ තියෙන්නේ එහෙම විලක් තමයි.ඔය විල වටේට ඇවිදින්න පුළුවන් වෙන විදිහට පුංචි අඩි පාරක් වගේ එකක් තියනවා. අපිට පැයක් විතර ගියා ඒක වටේ ගිහින් එන්න.එහෙම යන ගමන් ගත්තු පින්තූර වලින් එකක් තමයි මේ තියෙන්නේ. :)ආ...තව වැදගත්ම දෙයක් තියනවා පෙන්නන්න. ඔය පහළ පින්තූරේ තියෙන්නේ "ස්ටැන්ලි" කියන ප්‍රසිද්ධ හෝටලය.අපි ආපහු එන ගමනේදී තමයි මේක දකින්න ලැබුනේ. "Shinning"කියන චිත්තරපටිය බලලා තියන අයනම් මේක අඳුරනවා ඇති.හොල්මන් හෝටලයක් හැටියට තමා මේක ප්‍රසිද්ධ.මට මතක විදියටනම් හොටෙලේ අයිතිකාරයාගේ බිරිඳ මැරුණට පස්සේ මෙතන හොල්මන් කරනවාලු.එයා ජීවත් වෙලා ඉන්න කාලේ පියානෝ වාදනය කරන්න කැමැත්තක් දක්වපු කෙනෙක්ලු. ඉතින් දැනටත් රෑට රෑට පියානෝ සද්ද ඇහෙනවලු හෝටලයේ.දැන් ඉතින් කට්ටිය හිතනවා ඇති ඔය හෝටලයේ ඉන්න කැමති වෙන්නේ කවුද කියලා.අපෝ නෑ නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ. මේ හොල්මන් සිද්ධිය හෝටලේට ආශිර්වාදයක් මිසක් පාඩුවක් නෙමෙයි.ඔය හොල්මන් බලන්න කියලම මිනිස්සු ඉහළ ගණන් දීලා මේකේ කාමර වෙන් කරවා ගන්නවලු.මේ මිනිස්සුන්ව සතුටු කරන්න හෝටලයෙනුත් මහ රෑට ghost tour එහෙම සංවිධානය කරනවලු.කොහොමද වැඩේ.කොහොම උනත් හෝටලය පිහිටලා තියෙන්නේ නම් පුදුම ලස්සන තැනක.ඔය හෝටලේ කාමර වලට පේන ඉදිරිපස දර්ශනය තමයි මේ පහළින් තියෙන්නේ.මේ කඳුකරයේ තිබ්බ විශේෂත්වයක් තමයි වැඩි හරියක්ම කඳු වල අන්තර්ගතය උනේ විශාල පාෂාණ තට්ටු.පාරවල් හදද්දී කඳු විදපු තැන් වලින් ඒ බව හොඳට පේන්න තියනවා.බලන්නකෝ පහළ පින්තූරේ.ගොඩක් තැන් වල මාර්ග සංඥා ගහල තිබුනා "ගල් පෙරලීමේ අවධානමක් ඇත" කියලා.අපේ සයුරුත් ඉතින් "ඔන්න ඉස්සරහ දේවදත්ත ඉන්නවලු" කිය කිය ගානක් නැතිව හිටියා. වෙන කරන්න දේකුත් නෑ නේ. එකක් පෙරලුනොත් ඉතින් අල්ලගන්න කියලයැ.ආහ්හ් එතකොට මේ ඉන්නේ අපිට දකින්න ලැබිච්ච කඳුකර එළුවෝ රන්චුවකින් දෙන්නෙක්. :)ඉතින් ඔන්න ඕවා තමයි අපේ කොලරාඩෝ ගමනේ විස්තර. මෙච්චර කාලෙකට මම ගියපු හොඳම ගමන කියලා කිව්වොත් වැරදි නෑ .බොහොම නිස්කලංකව නිවාඩු පාඩුවේ හිතේ හැටියට, පාර අයිනේ දකින දකින ලස්සන තැන්වල නැවතෙමින් ආසාවෙන් ගිහින් ආපු ගමනක්.සේරටමත් වඩා ඒ මම දැකපු ලස්සනම පරිසරයක්. හරියට දෙව්ලොව ගියා වගේ තමා දැනුනේ :).
|
BLOG
|
ලැබුවා වූ නත්තල සියලු ලෝකවාසීන්ටත්,අපේ රටටත්,මගේ බ්ලොගට එන සියලු දෙනාටත් සාමයෙන් සතුටින් පිරි සුභ නත්තලක් වේවා.
|
BLOG
|
මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේමයිසුර් පරිප්පුකඩල පරිප්පුසුදු කව්පිඋළුදුඔක්කොම ටික දැම්මා ඊයේ රැ පෙගෙන්ඩ ,අද උදේ නැගිටලරම්පේකරපිංචාළුණුකෑලි මිරිස්අමු මිරිස්ලුණුඑහෙම දාල හොදට අඹරල කොටල ගත්තා , ටිකක් විතර කෑලී හිටින්ඩවඩයක හැඩේ හිටින විදිහට ගුලි ගහල තෙලට දාල බැද ගත්තාමෙන්න තියනව බැදපුවායහමින් ටිකක් කන්ඩ කියල හිතන් හිටියේ , කොහෙද කෙල්ලො දෙන්න හතරක් පහක් ඉතුරු වෙන්ඩ ඔක්කොම ටික මල්ලක දාගන ආතටයි ආච්චි අම්මටයි දෙන්ඩ කියල අරගන ගියා.හදලා බලන්න ඇට වර්ග කලවමට දාල අමුතු රසක් තියෙන්නේ , උඹ්බලකඩ ඉස්සෝ එහෙම දැම්ම නං තවත් රහට එයි.
|
BLOG
|
වසර හැටකට වඩා ජීවත්වූ නිවසින් ඇද දමන්නට, වැසිකිලිය හා ගේකඩා දැමීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න, පොලිසිය ඉදිරිපත් නොවීමෙන්,රාජපක්ෂ පාලනයේ නීතියේ ආධිපත්‍ය මැනවින් පෙන්නුම් කර සිටී.රාමසාමි අංගයි, 66 හැවිරිදි, කාන්තාවකි. ඇය රටේ ආර්ථිකයගොඩ දාන්න ලේ දහඩිය වැගිරූ අයෙකි. ජීවත්වූයේ, බදුරලිය පොලිස් වසමේ කල්ලුමලේරබර් වත්‍තේ, ලයිම් කාමරයකය.මෙම වත්ත අත්පත් කරගෙන සිටින, පොලිසිය හා ප්‍රදේශයේබලවතුන් සමග - කිට්ටු සම්බන්ධයක් ඇති ශ්‍රියානි බස්නායක නැමැත්තිය ඇයව නිවසින් දොට්ටදැමීමට, යොදා ගන්‍නේ පොලිසියයි. නීතියට අනුව මෙම ලයින් කාමරය ඇයට උරුමය. ඒ නිසානීතිය මගින් ඇය නිවසින් එළියට ඇද දැමීමට නොහැක.ශ්‍රියානි බස්නායක ඒ නිසා, සිය තරුණ සැමියාද, මැරයින්දඑක්කරගෙන, ඇය නොසිටි අවස්ථාවක, වැසිකිලිය කඩා නිවසින් අඩක්ම කඩා දමා ගියේය.මේ ගැන බදුරලිය පොලිසියට ඇය පැමිණිලි කළේය. ඒත් නීතියක්‍රියාත්මක නොවීය. එයින් පසුව, ඇය මතුගම සහකාර පොලිස් අධිකාරී වෙත ගොස්පැමිණිලි කළේය.බදුරලිය පොලිසිය කියන්‍නේ, කැදෙව්වාට ඇය පොලිසියට නොඑනබවයි. සහකාර පොලිස් අධිකාරීවරයාගේ කැදවීමටද ඇය එන්‍නේ නැත.එන්‍නේ නැතිනම් අපි මොකද කරන්‍නේ කියා, පොලිසිය අසන්‍නේරාමසාමි අංගයි ගෙනි.අද දක්වාම මේ අපරාධය, මතුගම මහේස්ත්‍රාත්වරයාට වාර්තාකිරීමට පොලිසිය පියවර ගෙන නැත.මහින්ද රාජපක්ෂ, නීතියේ ආධිපත්‍ය රකින බව පවසන්‍නේ රෙද්දක්ඇදගෙනද යන ප්‍රශ්ණය අසන්නට ඇයට සිදුවීඇත.ඇය පවසන අන්දමට, මෙම ඉඩමේ තිබෙන බවට කියන, නිදානයහෑරීමට උත්සාහගෙන ඇතත් මේ දක්වාම පොලිසිය ඒ ගැනද සොයන්‍නේ නැත.ඒ වාගේම බස්නායකගේ ප්‍රථම පුරුෂයාව, මීට වසර 4කට පෙරඝාතනය කර තිබුනේ බෙල්ල කපාය.ඇය පවසන්‍නේ මේ දක්වාම, එම මිනීමැරුම අභිරහසක්ව පවතිනබවයි.
|
BLOG
|
:).
|
BLOG
|
ඉතින් යාලුවනේ කොහොමද. අද මේ දෙන්න හදන්නේ 10 වසර ඉගෙන ගන්න වැඩ කාරයන්ට නිබන්ධනයක්. මේ නිබන්දනයේ; වර්ගමුලය හා වර්ගඵලය යන පාඩම් ඇතුලත්.පාඩම් ඇතුලත් වෙනවා. A4 කොළ 4ක් තියන්නේ. බාගෙන ප්‍රින්ට් අවුට් ගත්තනම් ගොඩක් ලේසියි. මේ දෙන්නේ පලවෙනි නිබන්ධනය. අනිත් පාඩම් වලට වගේම අනිත් පන්ති වලටත් නිබන්ධන දෙන්න බලාපොරොත්තු වෙනවා.
|
BLOG
|
” (Matthew 15:17). – 2 Peter 3:16-18.
|
BLOG
|
ඇල් මැරුණු සිනමාවකට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සිනමා කෘතියක් පිලිබඳ අව්‍යාජ සමාජ කතිකාවක් ඇතිවීම ඉතා විරලය . දේශපාලනික ඇජෙන්ඩාවන්ට යටවූ " රජකථා " රැල්ලත් , අති සිරියස් "රැඩිකල්" සිනමා රැල්ලත් සමාජය තුල යම් යම් කතිකාවන්ට මුල පිරුවත් ඒවා සිනමාත්මක් හේතුන් පාදක කර නොගත් එවා පමණක් වීම කලාවක් වශයෙන් මෙන්ම කර්මාන්තයක් වශයෙන්ද සිනමාවට සුභ දායක වන්නේ නැතඑනයින් බැලු කල ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධවනිය ශ්‍රි ලාංකීය සිනමා ලෝලින් අතර සැබෑ සිනමාත්මක කතිකාවකට මුල පිරු වීරල නිර්මාණාක් ලෙස සැලකිය හැක.සිංහල සිනමා පඨයක් නැරඹීමට සිනමා ශාලාවට පිය නගන ශ්‍රි ලාංකික සිනමා රසිකයා මුහුණ දෙන එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ සිංහල සිනමාවේ සිමාවන්ට සාපේක්ෂ මනෝභාවයක් සකසා ගැනීමට සිදුවීමය . අතිශයින් සීමිත වෙලඳ පොලක කටයුතු කරන්නට සිදුවීම තුල මුල්‍ය මය සිමාවකට යටත්ව කටයුතු කරන සිංහල සිනමා කරුවාට වෙනත් සිනමාවක ඉතා සමාන්‍ය වූ , සිය අභිමතය පරිදි රූපරාමු සකසා ගැනීම තුල පවා දුෂකරතාවයන්ට මුහුණ දෙන බව බොහෝ සිංහල සිනමා පට නැරඹීමේදී වටහා ගත හැක . මෙහි පසුබිම් කථාව පිලිබඳ උනන්දුවක් නොවන බහුතරයක් සිනමා රසිකයාට සිංහල සිනමාව යනු ජාත්‍යන්තර සිනමා නිර්මාණයන්ට සාපේක්ෂව සිමා සහිත රසාස්වාදයක් වීම බිඳ වැටි ඇති සිංහල සිනමාව තව දුරටත් රසිකයාගෙන් ඇත් කිරීමට හේතුවක් වී ඇතසමනල සංධවනිය යනු මේ අභියෝගය වඩාත්ම සාර්ථක ලෙස ජයගත් මැත යුගයේ සිනමා නිර්මාණය ලෙස මා නම් කරන්නේ ප්‍රධාන කාරණා ත්‍රිත්වයක් පදනමක් කරගෙනයි ඒ01) සංගීතය02) රිද්මය03) තිර නාටකයයන අංශයිමාගේ පෞද්ගලික රසාස්වාදය අනුව නම් සමනල සංධවනියේ සංගීතය මෙතෙක් සිංහල සිනමා පඨයක භාවිතා වු විශිෂ්ඨතම සංගීතයයි . ඒහිදී සංගීත නිර්මාපකයා , ගායක ගායිකාවන් ගේ දක්ෂතාවය මෙන්ම නූතන සිනමා තාක්ෂණයේ නාද සංකලනයන්හි භාවිතයද මේ විශිෂ්ටත්වයට හේතු සාධක වී ඇති බව මා ගේ අදහසයි . විශ්ෂ්ටතම සංගීතය ලෙසින් විග්‍රහ කර නොගත්තත් සමනල සංධවනියේ සංගීතයේ උසස් සිනමා සංගීතයකට කදිම නිදසුනක්ය යන්නට නම් සිනමා පඨය නැරඹූ බොහෝ දෙනෙකු මෙන්ම මේ වන විට අතිශයින් ජනප්‍රිය වී ඇති චිත්‍රපටයේ ගීත පමණක් හෝ රසවිඳි අයද එකඟ වනු ඇතැයි සිතමිසිනමා පටයක රිද්මය යනු බොහෝ දෙනෙකු වෙන්කර දැකීමට අසමත් එහෙත් සිනමා පටයේ අන්තර්ගතය ප්‍රේක්ෂකයාට කා වැද්දවීමේ මුලිකත්වය ගන්නා සාධකය ලෙස හැඳින්වීමේ වරදක් නැත . මේ සඳහා භාවිතා කරන කැමරා කෝණ, කාලයේ සහ අවකාශයේ භාවිතාව මෙන්ම සංස්කරණයද එකෙසේ සාර්ථකවීම අතිශයින් වැදගත්යසිනමා නිර්මාණයේ තේමාවට මෙන්ම සිය සුපුරුදු සිනමා භාවිතාවටත් අනුකුල වන පරිද්දෙන් මේ සියලු අංශයන්ගෙන් සාර්ථකත්වය ලබන්නට ජයන්ත චන්ද්‍රසිරිත් අදාල අංශයන් භාරව සිටි ශිල්පිනුත් සමත් වීම තුලින් උසස් ගණයේ Romance - Drama ගණයේ සිනමා නිර්මාණයක් රසවිඳීමේ හැකියාව සමනල සංධවනියේ ප්‍රේක්ෂයාට ලැබී ඇතසමනල සංධවනිය සඳහා පාදක වන්නේ ඉතාම සුවිශේෂී සියුම් කථා තේමාවක් වන මුත් ඒ වටා අලංකාර සිනමා පටයක් ගොඩ නංවා තිබීම තිර රචනයේ සුවීශේෂත්වය විදහා දක්වන්නක් ලෙස සැලකිය හැක . වඩාත් පුලුල් කථා තේමාවක් තුලදී සාර්ථක තිර රචනයක් සඳහා අවැසි තරම් අමුද්‍රව්‍ය තිබුනත් , සියුම් කථා තේමාවක් තුලදී සාර්ථක තිර රචනයක් ගොඩ නැගීම වඩාත් ආයාසයකින් කල යුතු කර්තව්‍යයකි , සමාන්‍ය තත්වයන් යටතේ කිසිදු හරයක් නොදකින කථා තේමාවක් ගැබ් සමනල සංධවනිය ආසාවෙන් රසවිඳින සිනමා නිර්මාණයක් වීම නිසාවෙන් තිරචනයද සුවිශේෂ සාර්ථකත්වයක් අත් කරගත්තක්ය යන්න මාගේ විශ්වාසයයිසමස්ථ සිනමා රසවින්දනය සැලකීමෙදී සමනල සංධවනිය මා මැත යුගයේදී රසවිඳි හොඳම සිනමා පටය ලෙස නම් කිරීමට කැමති අතර උද්‍යානයේ කරදර කාරයන්ගේ චරිත දෙකත් , තරුණයාගේ සොහොයුරාගේ චරිතයක් අධිරංගනයෙන් බැහැරව වඩාත් තාත්වික වුවා නම් අනැගි බවද , ජනප්‍රිය සංගීතඥයෙකුගේ ප්‍රසංගයක දැවැන්ත භාවය ඉස්මතු වෙන ආකාරයෙන් අවසන්/ ආරම්භක සංගීත ප්‍රසංගය රූපයට නැගුවා නම් වඩාත් ඉහල රසවින්දනයක් ලබාදීමට හැකියාව තිබු බවද සඳහන් කල යුතුය .
|
BLOG
|
ඔබේ පින් පෙට්ටියේමං සතේ කාසියක්මියුරු අග බොජුන් මැදපොඩි පාන් වාටියක්දැවෙන හිරු මඬල මතනියොන් ආලෝකයක්මත් අතරමඟ හැළුනුදිග අනාඝාතයක්...පින් කොහිද මට සබඳනුඹ ලොවට එබෙන්නටසින්දුවක පේළි ඇතමගෙ සෙළුව වැසෙන්නටසරා සඳ මරා මුවවසා මුකුලිත පෙමින..වලාපෙළ විරූපිව හඬයිනුඹ නැති සොවින...රන් හුයෙක රළු පහසමුළු ලොවට පෙනෙන්නටසන්ඩුවක් වෙමුද අපිපෙම පසෙක නිධන් කොට...විරාගික තරු එළියතෙමයි තෙත්බර හුස්ම..හලා හල නුරා සිළදවයි සන්තානයම.
|
BLOG
|
මංසන්ධියේලයිට් කණු දිගේ , ගස් උඩ සිනාසෙන , බණ අහන ,ආශ්චර්යයේ මාවත දිගේඑන්නැයිඅත වනන නළුවෝකාස්ටකේ තාප්ප දිගේදියාරු වට ඇනු පාප්ප පාරින්මාසේ පඩියටසිනා අලවන ගොළුවෝතාප්ප වල ඇලවුණුඅලුත් කොළනැවුම් තීන්ත සුවඳත් එක්කමබ්‍රාස් ගාඋළා කනඑළුවෝපලි :නළුවෝ නළුවෝය , එළුවෝ එළුවෝය ..ඒත් ගොළුවෝ පව් ඕයි.
|
BLOG
|
නිල්ම නිල් අහස යටඅවට කොල පැහැ අතරදකින මුදු රෝස පැහැනුඹේ ඇස් රවටනවබලන අත රෝස පැහැමල් පියලි විසිරිලානුඹ හිතාගෙන ඉන්නෙලොවම එහෙමයි කියාකුල්මත් ව ඉපිල යන හිත නටන සතුටකින්නුඹ සිනාසෙන අරුමලෝකයම දකිනවාකාලය ගතවෙලාවසන්තය දියවෙලායද්දි නුඹෙ රෝස පාටලෝකයම බොඳවෙලාබිම වැටුනු රෝස සළුහෙමි හෙමින් වියලිලාමතුවෙද්දි ගුරුපාටතණ පත්ද මහ පොළොව නැගිටපන් හීනයෙන්බලන් වටපිට නුඹේකෝ සතුට නුඹට දුන්සති දෙකක වසන්තයපෙර පෑව සිනාවන්යළිත් මතකෙට අරන්සුසුම් ලාපන් ඉතින්කඳුල වියලෙනාකල්යළි වසන්තය ඇවිත්දොඩා බොරු පෙම් වදන්කැන්දලා නුඹෙ මුවටරෝස පැහැ සිනාවක්අමතකයි නුඹට ඒගුරුපාට අතීතයආයෙත් රෝසපාටයිනුඹේ මුළු ලෝකයමහිනැහියන් සන්තොසින්කෑගසන් ප්‍රීතියෙන්රැවටියන් හැමදාමසතිදෙකේ වසන්තයට...ඡායාරූප: පවිත්‍ර මධුසංක සොහොයුරාගෙන්.
|
BLOG
|
"මිරිඟුවක හිත තියලා... නුඹ දුරක ඇදුනා... රංචු ගැහෙනා රෑනේ තනි කමක් දැනුනා... ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා...අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් රැඳුනා...ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා...."ගීයට පසු වදනක්... මුලින්ම කියන්න ඕනෙ මේක සම්පූර්ණ කතාව ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්, ඒ ගැන ලියපු කෙනෙක් ඉන්නව නම් ඒ ගැන කරුණාකරල සඳහන් කරන්න. මමත් ආසයි ඒක දැන ගන්න.මොකද මම මේ කතාවට සම්බන්ධ උනේ අතර මගකින්. ඉතින් "හන්තානට පායන සඳ" පසු කතාව ලීව වගේ මේක ලියන්න බෑ.ඒත් මේ ගැන වචනයක් හරි ලියන්න ඕනෙ.රචිතා වාකිෂ්ඨත් මේක ලියල තියෙන්නෙ සරසවියෙ වෙච්ච ඇත්ත කතාවක් ඇසුරෙන් කියල තමා කීවෙ.පහුගිය දවසක රූපවාහිනී චැනල් එකකට ඇවිත් හිටිය මේ ගීය ගායනය කරන ආත්මා ලියනගේ. එයා තමා මේ කතාව කීවෙ.මම ඒ වැඩසටහන බලන්න වාඩි උනේ මගදි. ඒත් ඒකෙ කීව විදියට;ගමෙන් ආව අහිංසක තරුණයෙක්, නුවරින් ආව මිල මුදල් තියෙන, තරුණියකට ආදරේ කරනව. ගමෙන් ආව අහිංසක තරුණය අවංකව ආදරේ කරනව. ආදරේ කරන අතරෙදි සරසවියෙ තියෙන "සිත් කවිය" බිත්ති සඟරාවට මේ තරුණය ආදර කවි ලීව. හැමදාම. ඒ අතරෙදි එක පාරම ඒ ආදර කවි "සිත් කවියෙ" දකින්න නැති වෙනව. දෙමව්පියන්ගෙ බලපෑමට හරි, මිල මුදල් නිසා හරි ගොඩක් ආදරෙන් ඉන්න මේ දෙන්න විරසක වෙනව. ඒ තරුණිය ඔහුගෙන් ඇත් වෙනව.ඒ වෙනුවෙන් ඒ තරුණයගෙ අකුරෙන් විරහ පද වැල් ලියවෙනව "සිත් කවියෙ".මෙහෙම කාලයක් ඉන්නකොට ආයෙමත් මේ දෙන්න එකතු වෙන්ව. ඒත් මේ තරුණයට ඒක හරි පුදුමයක්. තරුණය ආයෙමත් නිසඳැසක් ලියනව,ඒ නිසඳැසේ අවසාන වෙන්නෙ."ඔබ මගේ ජීවිතයට ආයෙ ආවා, ඒත් ආයේ යයිද කියලා සැකයි " මේ සරසවියෙම අකුරු කරන රචිතා වාකිෂ්ඨ (චන්ද්‍රා වාකිෂ්ඨගේ දියණිය) මේ නිසඳැස ඇසුරු කරගෙන තිලිණ රුහුණගේ එක්ක එකතු වෙලා ආත්මා ලියනගේ ගායනා කරන මෙන්න මේ අපූරු ගීය නිර්මාණය කරනව.පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.ආවාට නොකියාම ජීවිතෙන්.නවතින්න හිතුවාද ආයෙමත්.ආදරෙන්දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.නුහුරු නුපුරුදු හීන අරන්.ළඟට ඇවිදින් තුරුළු වෙමින්.ආවාට නොකියාම ජීවිතෙන්.නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා.
|
BLOG
|
ගල් කුලක හයිය ගෙනපිහාටුවක මෙලෙක සඟවනගිනිපිඹින දෑස් මවමින්පිනිබිඳක සිසිල සඟවනගොරහැඬි වදන් කියමින්මෙලෙක මුදු වදන් සඟවනඅප්පච්චියේ නුඹේසෙනෙහෙ වදන් වැල්සිතෙහි මෙලෙක බවකියෙව්වෙමු අපිනුඹට හොරෙන් නුඹේදෙනෙත් කවිපදඅපිට පබඳින විට.
|
BLOG
|
මේ ලඟදි අපි නිලාවේලී බීච් එකට ගියා. එවෙලෙහි එතැනට පැමිණියා තරුණ තරුණියෝ පිරිසක්, ඔවුන් ආවේ වෑන් එකකින්. බොංගෝ වැනි සංගීත භාණ්ඩ වයමින් සිංදු කියමිනුයි ඔවුන් පැමිණියේ. ඔවුන් පැමිණි වාහනය කෙලින් ම ඒ අසළ තිබුණ පොල්වත්තක් ඇතුළට දමා නතර කළා.පිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්.ටික වෙලාවකින් ඔවුන් ඒ පොල් වත්තේ පොල් ගස් අතර බිම රවුමක ආකාරයෙන් වාඩි වෙලා ගීත ගයමින් විනෝද වෙන්න පටන් ගත්තා. ඒ අතරේ බියර් බෝතල්, අරක්කු බෝතල් කට්ටිය අතරේ හුවමාරු වෙමින් තිබුණා. ඒ අතරේ සිටි තරුණ ගැටිස්සියෝ ද බියර් බෝතල් කටේම තියාගෙන බිව්වේ ............ ..................... ........................ .......... දකින දසුන් සිහි ගන්වමිනු යි.එන්න එන්න ම ඔවුන්ගේ සාදය නැගලම යන ආකාරයක් දකින්නට පුළුවන් වුණා. එහි සිටි තරුණයෝ එක් එක් තරුණියන් සමග නර්තනයේ ද යෙදෙන්න පටන් ගත්තා. සාදය අතරේ විටින් විට ඔවුන් දෙන්නා දෙන්නා එක් වී මුහුදු වෙරළට ගමන් කළා. තරුණයෝ විසින් තරුණියන් ව ඉණෙන් අල්ලා උඩ දමන්නටත්, රැල්ල සමග පොරබදන්නටත් පටන් ගත්තේ තමනුත් හරියට ටාසන්ලා වගේ පෙන්නන්නට වෙන්නැති මයේ හිතේ.මධුවිතින් සප්පායම් වෙච්ච මේ තරුණ තරුණියෝ රාගයෙනුත් මත් වෙච්ච පාටක් තමයි ඔවුන්ගේ හැසිරීමෙන් නම් පෙන්න තිබුණේ. ජල ක‍්‍රීඩා අවසානයේ කෙලින් හිටගෙන ඉන්න බැරි තරමටම සූර්වී සිටි ඒ තරුණ නංගිලා වත්තන් කරගෙන ගොඩට එන තරුණයන් ව අපිට දකින්නට ලැබුණා. කොන්ඩ කඩා ගත් සමහර තරුණියෝ තමන් මෙතෙක් වෙලා ආමාශ ගත කර ගත් ආහාර සහ පානයන් ‘ ඕක්...’ ගාමින් කටින් පිට කරන ආකාරයත් දකින්න ලැබුණා.ඇතැම් විදේශික යුවළවලූත් මේ අයගේ ලාබාල රැඟුම් දිහා මහත් අනුකම්පාවෙන් බලා යමක් කතාබහ කරමින් සිටි ආකාරයක දකින්න ලැබුණා.”ඉඳකින් මුන් කොහෙන් අවජාතක වෙච්ච බැල්ලියෝ ද මන්දා” කියලා එතන හිටපු ටිකක් කට වාචාල ඇන්ටි කෙනෙක් කියනවා ඇහුණා.සමහර තරුණයෝ එහෙන් මෙහෙන් හොයා ගත්තා දෙහි ගෙඩියක් තරුණියන්ගේ යටිපතුල්වල අතුල්ලමින් සිටින ආකාරයත් දකින්නට ලැබුණා. ඒක දැකපු එතන හිටපු අක්කා කෙනෙක් කිව්වා ”යකෝ අපි නම් ඉස්සර අහලා තියෙන්නේ බීපු මිනිස්සුන්ගේ දෙහි අතුල්ලන ගැහැනු ගැන යි. ඒත් දැන් මේ ගෑනුන්ගේ දෙහි අතුල්ලන්නේ පිරිමිනේ” කියල යි.පස්සේ එතන අහළ පහළ ගෙදරක ඇන්ටි කෙනෙක් අපිට කිව්වේ මේ කට්ටිය එක්තරා ගාමන්ට් එකක වැඩ කරන කට්ටියක් කියලා. ”අනේ මුන්ගේ අම්මලා තාත්තාලා දන්නවනම් තමන්ගේ දුවලා නටන විකාර ෂුවර් එකටම ඒ අම්මලා තාත්තලා වහ බොනවා” කියලා ඒ ඇන්ටි අපිත් එක්ක කිව්වා.දැන් මේක කියවන කට්ටිය මට බනී ද දන්නේ නැහැ ”යකෝ මූ බීච් එකට ගියා නම් ගියමගුල කරගෙන එන්නේ නැතිව අනුන්ගේ මගුල් හොය හොයා ඉන්න ගියේ මොකට ද” කියලා. හප්පේ එහෙම නැහැ, අපේ මගුල අපි කර ගත්තා, ඒක වෙනම කතාවක්.වලීපිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්.
|
BLOG
|
පුංචි කොබෙයියොකිරිල්ලිට පේන්න නැටුවට කමක් නෑඒත් ඔය ඇල්බීසියා මල්වලනටු හයිය නෑ.
|
BLOG
|
සිහිනයනැවුම් සුවඳින් පුරවමින් හදනැවුම් මල් වැසි වස්සනානෙතෙහි ගැලු රන් රසඳුනක් වියනෙතෙහි පිණි බිඳු තවරණාඅඳුර බිඳ ලන විදුලියක් ලෙදඅඳුරු දිවි මග හැඩ ලනාසිනහ වපුරා සිත් කෙතෙහි නුඹසිනහ මල් පෙති පුබුදනාතරු නෙතින් නිති වදන් ගොනු වියතරු දෙනෙත් යුග බබලනාසුවඳ මුව රද ගලන මුව අගසොඳුරු කවියක සුව දෙනාසැලෙන සිතිවිලි දැහැන බිඳ ලනසැලෙන හදවත සනසනාවිපුල තුනු සිරි නෙතග පායාවිපුල හැඟුමන් පුබුදිනායතාර්ථයපිපුණ සඳ කත් දියෙහි පිණි ලෙදපිපුණු පැතුමන් බොඳ වෙනාමිරිඟු කුසුමක සුවඳ රොන් ලෙදමිරිඟුවකි නුඹ සැඟවෙනාපැතුම් පොදි බැඳ අහස් දුර හිඳසිතුම් කැටි වී නවතිනාතැලී පොඩි වුණ දැහැන බොඳ වියතැලී සිත් මල පර වුණා.
|
BLOG
|
පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ....ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....තාමත් නඩුව යනවානේ අළුත්කඩේ,ඊළඟ නඩු දිනේ ඇත එන්නට කියලා....හේමන්තයේ කුළසූරිය ගුරාගේ,නවතම ගුරුකමයි මට නම් පෙනෙන්නේ...නඩු පිට නඩු දැම්මත් උඹ හිරු නංගී..දුස්..සා...ධ්‍ය රෝගයකුයි තියෙන්නේ.එව්වත් ඔයා මට පිට පිට සිතාසීනවළෝකේ ඉන්නවා මම සිනාසි.
|
BLOG
|
ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන්ධඅලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ. මේක හරහා තමයි User මුලු Phone එකම පාලනය කරන්නෙ. මේ අලුත් Launcher එකේ නම තමයි Facebook Home. මේක දැම්මම මුලු Phone එක පුරාවටම තියෙන්නෙ Facebook එක තමයි. ඒ කියන්නෙ ඔයාගේ Wallpaper එකේ තියෙන්නෙත් Facebook Photos,තව ඔයාගේ Facebook Messages විතරක් නෙමෙයි ඔයාට එනසාමාන්‍යText Messages ( SMS ) පවා Facebook Messenger එකේ Chat Heads ආකාරයට බලාගන්න පුලුවන්,අනික ඔයාට Lock Screen එකේ ඉදගෙන උනත් ඔයාගේ Facebook Account එක පාලනය කරන්න පුලුවන්. කොටින්ම කිව්වොත් මේකෙන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් Phone එක ෆේස්බුක් Phone එකක් බවට පත්වෙනවා. පහලින් බාගෙනම බලන්නකො කොහොමද කියල මේ App එක.apk FileFacebook Home වල එන අලුත් විශේෂාංග☯Facebook Notifications, Updates, Messages, Wheather Informations ආදිය Lock Screen එක මතට ලබාගැනීම සහ ඒවා හැසිරවීමට හැකි වීම - Lock Screen☯Lock Screen එකේ සිට Facebook, Thumblr, Instagram ආදී Photos හැසිරවීමට හැකි වීම - Cover Feed☯Wallpaper එක Facebook Photos ඇසුරින් ඔබට අවශ්‍ය පරිදි Customize කරගත හැක - Wallpaper☯ඔබගේ අනෙකුත් Apps ඔබට පහසු පරිදි හසුරවාගත හැක - App Launcher☯ඔබගේ Facebook Messages පමණක් නොව අනෙකුත් Messages ආදියද Facebook Messenger එක හරහා Chat Heads ආකාරයට භාවිතා කල හැක - Messengerපහල රූප වලින් දැක්වෙන්නෙ Facebook Home එක ඔයාගේ Phone එකේ ක්‍රියාත්මක වන ආකාරයඑහෙනම් Launcher එක දාගෙනම බලන්නකෝ කොහොමද කියලා...පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් උනා නම් ඔයාගේ අදහස පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා...එහෙනම් නැවතත් මේ වගේ Post එකකින් හමුවෙමු . . .
|
BLOG
|
`ඔන්න කාලයක් කට්ට කාලා කැප්තා ගහලා ගහලා හොදම ප්‍රී බීටීසී සයිට් ටිකක් හොයගත්තා මෙවයෙ තමා වැඩියෙන්ම ගෙවන්නේ මෙතන ඔයාලා දැනට කරන එවත් ඇති නැති ඒවත් ඇති ට්‍රයි කරන්නකො එහෙනම් ඔන්න ලින්ක් ටික මේ Page එක Bookmark කරලා තියගන්න. Site 01Site 02Site 03Site 04Site 05Site 06Site 07Site 08.
|
BLOG
|
මේ පොස්ටුවෙන් කට්ටියට දෙන්නේ කියන්න බැරි ටරම් වටිනා දෙයක්. ෆෝන් තියෙන ඈයෝ දාන සෙල්ලම් දැක්කාම පොඩ්ඩක් ඒ ගැන ආසාවක් එනවනේ. Talking Tom, Whats app වගේ ඒවගෙන් ගන්න වැඩ කෝටියක් විතර අපේ මේ Computer එකෙන් කරගන්න විදියක් තියේනම් නියමයි නේ. ඔන්න අද මම කියලා දෙන්නේ Android වල වැඩ කරන apps ඔක්කොම PC ඒගේ run කරලා එලටම වැඩ ගන්න හැටි. මේ ක්‍රමේට කට්ටියට Computer එක හරහා whats app වලින් msg යැවීමේ අවස්ථාවත් ලැබෙනවා. හරි කියෙව්වා ඇති. දැන් බලමු මේක කරන හැටි.1) මුලින්ම මෙතන ක්ලික් කරලාBlueStacks App Player එක download කරගන්න. ඊට පස්සේ ඒක install කරන්න.2) එතකොට එන්නේ පහල වගේ window එකක්. දැන් වැඩේ simple. search bar එක පේනවනේ. තමන්ට ඕන app එක ඕකේ search කරලා download කරගන්න. ඊට පස්සේ mobile එකේ වගේ ඔය app වලින් ඔයාගේ com එකෙත් වැඩ ගන්න පුළුවන්.හිතනවා වැඩේ තේරෙන්න ඇති කියලා. මේ ගැන ඕනෑම ගැටළුවක් තියේනම් කමෙන්ට් කරන්න. අවුලක් නම් ඇති වෙන්න හේතුවක් නෑ. මොකද වැඩේ හරිම simple නේ.
|
BLOG
|
බොහොම අමාරුවෙන් වෙලාවක් හොයගත්තේ ඈ හමුවෙන්න.... අපේ අපේම ලොකෙකට යන්න.... දුර නිසා ලැබෙන වෙලාවල් බොහොම අඩුයි... එයා එකතැනක, මම තව තැනක.... ලැබුනු මොහොතත් උදුරගන්න තරම් එයාගේ අම්ම ක්‍රෑර (ෘ දෙකයි) උනා.... ඒ ගැන මගේ හිතේ මැවිච්ච දුක කවි කරන්න හිතුවා... මේවා දුකට කියවෙන කවි....පෙම්මබර හදක් ලඟ උපදින ආල හැඟුම්..වලකනු කෙලෙස හද උපදින අනඟ රැඟුම්...ලංවී තොදොල් බස් තෙපලා කනට හොරෙන්...කන් පෙති තද කරමි නොරි දෙන සෙලට සෙමින්...ආලය සිතේ මොරන විට නොඉඳ දුරින්...දුවගෙන ඇවිත් තුරැළු වෙන්න බැරි ද ඉතිං...ලංකර දෙතොල් උණුහුම දෙතොලඟට තදින්...ගුලි වී වෙලී ඉමු අපි නොගැලවෙන ලෙසින්...මෝරණ කලට හිත යට ආලේ තදට...බණ්ඩක්කා මොරණවා වැනි යලට....ලංකොට තුරුළු කොට ඉන්නට බැරි පවට...දුන්නේ වැඩිය ලං වෙන්නට දකුනතට...දෙන්නට පපුව සතපා නෙක හංස රැඟූම්....ලංවෙමු තුරුල්ලට ගෙන හද තුල ආල රඟුම්...පාදා තුරුණු ළැම රඟදෙන රුහිරු පෙමන්..එනවා ලඟදී දකිනට මුදු හංස රෑඟුම්...දනවා හදවටත රස පිරි හැඟුම් ලයේ...නුඹ ගැන හදේ පිරි ආලය දැඩිව තියේ...ඉන්නට තුරුළු වී දවසක නිසල රැයේ...සිත තුල කිව නොහැ කි තව තව දේ ද තියේ...ගලවා සිරව ඇති තිසරුන් හනික අතින්...ලෙලවා දෙකොන ඈතට ගෙන මළවිසරින්..හිදුවා දෙපා පාදා අඩ සඳ මැනැසින්...විඳිනට හිතයි රස විල හිත ඇවැසි ලෙසින්...අඬ සඳ වගේ බාගෙට නැමි රස ගුල්ල...ඇතැඟිල්ලට දැනෙන අම රස මසැවිලල්...තෙත බරි ගතිය මතු වෙන කොට සැනසිල්ල...කවදා මෙල්ල කර ගතහැකි වෙද දඟමල්ල... දිව අග කොනට රස මසවුල්ලක් වැන්න....අම රහ කිසිම දින නැහැ මට ලතැවිල්ල...දෙතොලට දෙපස තෙත වුනි නම් නොම පල්ල...ඇත්තට මැවේ ඔබ හා එක් වුනු කල්ල...පුන් සඳ වගේ වටකුරු වට හොඳින් සැදු...හාවා අයින් කර මැද්දට රවුම් යෙදු...පිවිතුරු ගතිය දෑතට අසු නොවෙන බදු...පුන් පියයුරට ලොබ නොබඳුනු කෙලස සුදු....ගොමු ගොමු හඬට කන් දෙනු මිස නොම බඹරා...තන් කල් බලා පැණි ගොමුවට මුව අතුරා...රස තැන් බලා ඉව කර පැණි බොනු ඉඳුරා...මම වෙමි නොවෙඳ නුඹේ හිත ගත් වල් බඹරා...කවි සිත පුරා නුඹ හොල්මන් කරන විට...පෙම් කවි අමා රස දහරක් ගලනකොට....ගොනු කොට අකුරකට පෙන්වනු ලෙස එවිට...වෙන මොන අනාවැකි කියනුද බැඳී පෙමට...කවිකම ගන්නේ හද තුල රිද්මයට....මම කවියෙකු නොවේ බැඳි පෙම නැතිනම් නුඹට...හදවත පලා පෙරලා දුන්නත් අතට....නුඹ පෙම තරම් නැහැ වටිනා දෙයක් මට...කවිකම කලාවකි මම නිති ගරු කරන...මැවෙනා සිත්තමකි පින්සලකින් අඳින...සුන්දර රටා හැඩ තල එකිනෙක රැගෙන...ගලපනු කෙලෙස කවියෙකු නොමවී ම වෙන..සොඳුරුම සිත්තමක් ලෙස නුඹ සොඳුරුය මැණිකේ...නුඹේ හිත මගේ හදවත් ගත්තා හනිකේ...හදවත තරම් නුඹේ ලස්සන වෙන මොනකේ...නැහැ මට කෙනෙක් හමුඋනේ නම් මයේ මැණිකේ...දැල්වී පහන් වෙන වැටියක් ගෙන නෙතසිතින...දැල්වෙනු වලක්වා නවතාලනු අතින....අම්මා ඇවිත් නම් නොම යාහැකි කෙලෙස...එහෙනම් ගිහින් හෙට දල් වනු හැකි ලෙසිනතුත්තුරි ගහත් ගස් වෙන කල් මේ ලෝකේ...තටු නැති ගසකි නුඹ මට මේ තුන් ලෝකේ...ලඟ නැති පවට හදවත නැගෙනා සොකේ...ඉවසා දරා ඉමි නොලැඹුන පෙම් සෝකේ... උදා වුනු හෝ වෙන්න තියන සිංහල දෙමළ අළුත් අවුරුද්ද සුභම සුභ එක්ක වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්... මගේ හිතවත් සහෝදර සහෝදරියෝ සියළුම දෙනාට.
|
BLOG
|
ළය පසා කරන් ගියඅහේතුක වියෝගයදෙරණතල දෙදරවාසාපලන විලාපයබිහිකළා කුරිරුතරඅහිංසකයෙකු තවත්.ලොවක් සුණුවිසිනු කළසාපලත් ආදරය.වරෙවු..ආරාධනා තොපිටළයමඬල දෙබෑ කොටසියැසින්ම දකින්නටයන්තමට පණ ගැහෙනලේ පෙරෙන ම'හදවත_දෙමින්ත ජයසිංහ _2014.10.24.
|
BLOG
|
සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙඅනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයිමා හද බිය වී සැලී සැලී යයි...මහ වන පියසෙක අදුරු ගුහාවෙකයම් දිනයෙක ඔබ සඟවා තබනෙම්හිරු රැස් බිඳකුදු ඔබැ රුව දුටු සඳඉරිසියාවෙන් පිරැවේ මා හද...සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්දහසක් නෙත් ඔබ දුටුවද කම් නැතඑනමුදු ඊයේ මට පෙන් වූ රුවතව නෙත් දෙකකට හිමි විය යුතු නැත...පද රචනය - බණ්ඩාර කේ. විජේතුංගතනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්‌ටර් රත්නායකMp3 - Sangawa Ganu MenaYouTube.
|
BLOG
|
මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.අර බුකියේ ඈයෝ නම් දන්නවා මම අපේ ලංකාවේ ( අපේ නොවෙන ලංකාවක් තියේද අහන්න එපා ඔන්න) දෙන්නෙක් ගෙනාවනේ මගේ වැඩ පොලට.එකෙන් එකෙක් ගෙනාවේ අපේ ක්ලයන්ට් තැනට.අනික කොන්තරක් කාරයට.ඉතින් ඔය ක්ලයන්ට්ට ගෙනාව එකා ලංකාවේ උතුරු පළාතේ මුස්ලිම් දෙමල කතා කරන ඩයල් එකක්.මට වඩා වඩාහොදට වැඩදන්නා කෙනෙක් නිසා මම එයාව දැම්මේ ක්ලයන්ට් ගාවට.මනුස්සය එන්න කලින් මට කතා කළා:මනුස්සය : මචං තැන හොදද මචන් .මම : නියම තැනක් මචං, ක්ලයන්ට් උබට ඕන විදියට ඉන්න පුළුවන් පඩියත් දැනට වැඩිනේ බන්මනුස්සය: සෙනසුරාද වැඩද බන් .මම : මචං මම සෙනසුරාදා කිසි වාහනයක් දැක්කේ නැහැ බන්මනුස්සය : ඒ කියන්නේ වැඩ නැත්ද .මම :නැතුව ඇති නේද .ඔන්න කාලය ගිහින් මිනිහ ආව, පලවෙනි දවස :උදේම මට කෝල් එක එනවා :මිනිහ : මචං මම ආව .උබ කොහෙද ඉන්නවා .මම : මචං මම ඉන්නවා අපේ ඔපීසියේ බං .මිනිහ: ඒක කොහෙද තියනවා මචංමම: උබලා ඔපිස් එක ඉස්සරහ දොරින් ඇවිත් දකුණට හරියේමම ඉන්නවාමෙන්න මිනිහ එනවා .දැන් ඔය ක්ලයන්ට් ගාව ඉන්නකොට හොදට ඇදල කරලා එන්න ඕන.මොකද ක්ලයන්ට් නේ:මිනිහ එනවා ෂර්ට් එකේ උඩබොත්තම නොදා. . .ටයි එකේ යට අර පොඩි කෑල්ල එලියට පැනල. . .ටයිගැටේ ඇද වෙලාමම ඇහුව :මොකද බන් ඔහොමද තැනකට එන්නේ. හරියට ලෑස්ති වෙල වරකෝ බන්.ඌ: මේක දාන්න දන්නේ නැහැ බන් . . වයිෆ්ට පුළුවන් විදියට තමා දැම්ම . . කැත නම් හදා දියන්, , ,ඔන්න කතා එක ඉවරයි ,. . .එයිට පස්සේ මිනිහ එනවා මයේ ඔෆිස් එකට,දවසක් මුගේ මුණ හරි නැහැ.මම ඇහුව මොකද බන් අවුල ."උබ කිව මට මේ කොම්පැනිය හොදටම හොදා කියල,බලපන් උබට ඉන්ටර්නෙට් තියනවා, කොන්තරක් කාරයට ඉන්ටර්නෙට් තියනව , , ක්ලයන්ට්ට නෙට් නෑ . .මොකක්ද බන් මේ. "මම : ඔය පොඩි පොඩි එව්වා හදා ගන්න පුළුවන් මචෝ . පොඩියක් ඉඳපන් . .ඌ: බලපන් මම කුණු එකදාන්න බාස්කට් යෙකක් ඉල්ලුව, A4 පෙට්ටියක් තමා දුන්න බන් .උබෙන් මම කී පාරක් ඇහුවද කොම්පැනිය හොදද . . . උබ කිව හොදා කියල . ..ඌ මේවා කිව විදියරස මෙහෙම කීවට වැඩක් නැහැ අහලම බලන්න එහෙනම් ( විනාඩියයි ඩේට 2.9 MB). .
|
BLOG
|
බිඳින්න රාමුවක්නැත්නම් කොටු වෙන්නවත් අඳින්න වළල්ලක් වටේට තමන්ගෙම…මකන්න පහසුවට හුණුවලින් අවැසිවිට.aid=2104514&id=1425787013&l=a88726ecbd.
|
BLOG
|
සිතක ගිම් නිවූ ඔබෙ සෙනෙහස,මහමෙරක් මැයි වියලුනු කතරටදිය පහස සොයා ආ මේ මඟනතර වුනා ඔබෙ නෙතු පියන් යට...මිරිඟු සයුරක නොදුටු දිය බිඳකසොයා දිය බිඳක් වියලුනු සිතක,නොවූ නුඹ වියලුනු රලු සයුරක,ගිම් නිවූ නුඹමයි මේ දිය දහරගෙවන්න මේ දිවිය නුඹෙ සුසුම් යටහිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟමදෑඟිලි බැඳන් අවසරයි හැමදාමවිඳ ගන්න මේ උනුසුම සුසුම් මට.
|
BLOG
|
මාර්තු මස 21 වැනිදාට යෙදුනු ලෝක කවි දිනයට සමගාමීව,සිහල කවි සංගමයේ සහ කෝකිල හඬ පුවත්පතෙහි පූර්ණ අනුග්‍රහය ඇතිව මුහුණුපොතෙහි සඳැස් කවි තරඟයක් පැවැත්වුණා. මුහුණු පොතේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මැතිතුමාට තිසරණ සරණ පතමින් මමත් පුංචි කවි පන්තියක් ඉදිරිපත් කළා. මෙත් සිත පතුරා සියලු සතුන්.............වෙතඅත් හැර සක්විති මහ රජ ...........,....සම්පත මර සෙන් පරදා ලැබුවේ බුදු.......... ...නෙත නමදිමු මුනිඳුන් පහදා බැති..................සිතසසර කතර ගණඳුර.................. දුරලන්නටතම නැණ පමණින් පිහිටට............ගන්නටදෙසුව මුනිඳු දෙව් බඹ මිනිසුන්.............හටඅවසර සිරි සදහම්.....................නමදින්නටමුනිඳුන් පෑ පිළිවෙත්..................,පුරමින්නේසිල් සමාධි ගුණයෙන්,,,,,,,,,,,,,,,,,,දිදුලන්නේසිවු දිග මුනි බණ පද...................පතුරන්නේතෙවනුව මහ සඟ ගණ...............නමදින්නේපෙර කල ලියවුණු පුස් කොළ...........මතුපිටරස ගුණ අරුතින් පිරි හෙළ..............කවියටමෙවන් අරුම තැන් සාදා..................දුන්නටතෙරුවණ් සරණයි සකර්බර්ග්................හට[ 08 - Apr - 2014 ].
|
BLOG
|
දුටු මුල් දිනෙදිමනැතිව කිසි කෝලයක්ඉගිල්ලී ගෙන ඇවිත්හද පුරා සිනාසීලෙන්ගතුව අමතමින්හද සොර ගෙන ගියාඒ අපූරු කිරිල්ලී...මවමින් සිත් මැදුරුනිල් අහස පුරාවට නොඉඳුල් මගෙ සිතසොරා ගිය කිරිල්ලීසොයා යමි මමමුලු ලොවම පීරමින්...
|
BLOG
|
.... 8.20 AM.... :).
|
BLOG
|
– Psalm 18:29.
|
BLOG
|
ගොඩක් අය power supply එක ගන්න ගියාම බලන්නේ ගාන විතරයි . තවත් සමහරු තියෙන ලොකුම watt ගැන තියෙන power supply එක ගන්නවා. ඒත් ඇත්තටම power supply එකක් ගද්දි බලන්න ඕනේ මොනවාද.පලවෙනි දේ තමයි තමන්ගේ PC එකට කොච්චර power ඕනෙද කියල බලන එක. ගොඩක් අය අහපු නිසා පොඩි update ekak. CPU Socket තෝරන්නේ මෙහෙමයි.Old dual core/Core 2 series - LGA7751st Gen i7 X58 - LGA13661st Gen - LGA11562nd Gen/3rd Gen - LGA11552nd Gen/3rd Gen i7 X79 - LGA20114th Gen - LGA1150Watt ගාන ගැන කිවයුත්තක්. watt වැඩිවුණා කියල performance වැඩි වෙන්නේ නැ. ඉතින් ලොකු power supply එකක් ගන්න එක සල්ලි අපරාදයක්. වැදගත්ම දේ තමයි watt ගාන මදි නොවෙන එක. ගොඩක් අය හිතන්නේ watt මදි වුනාම performance අඩු වෙනවා කියලා. එහෙම නෙමෙයි. හොඳ power supply එකක්නම් watt මදි වුනාම off වෙනවා. චාටර් එකක් නම් ඉතින් watt මදි වුනාම ගහල යනවා. ඒත් එක්කම VGA, motherboard, hard disk ඔක්කොම යන්න පුළුවන්. PC එකට ඕනේ කරන watt ප්‍රමාණය හොයාගත්තා කියමු. Power supply එකේ ඇත්ත watt ප්‍රමාණය හොයාගන්නේ කොහොමද. හැම power supply එකේම පැත්තක ගහල තියෙනවා මේ වගේ sticker එකක්.ඔය sticker එකේ තියෙනවා නේද 12v maximum load value එකක්. ඒකෙන් තමයි power supply එකේ ඇත්ත usable watt ප්‍රමාණය පෙන්නනේ. අපි කලින් හොයාගත්ත ප්‍රමාණය ගැලපෙන්න ඕනේ ඔය value එකට, පෙට්ටියේ ගහල තියෙන watt ප්‍රමාණයට නෙමෙයි. මේකේ නම් 528W.watt ප්‍රමාණය ගහල නැත්තන් grade 10 science ටිකක් භාවිතා කරලා 12V amp ප්‍රමානය 12න් වැඩි කලාම watt ප්‍රමානය ලබාගන්න පුළුවන්. මෙහෙම කලොත් මතක තියාගන්න, සමහර power supply වල 12V1, 12V2 වගේ 12V rails ගොඩක් තියෙනවා. ඒවාගේ එකතුවෙන් 80% විතර ගත්තා නම් ඇත්ත amp ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්.Eg: 12v1 - 20A, 12V2 - 18Atotal wattage would roughly be 20A + 18A = 38A x 80% x 12V = 364.8W(this is not an exact figure, but just a rule of thumb)ඒත් ඇයි පෙට්ටියේ ගහල තියෙන watt ප්‍රමාණයයි ඇත්ත ප්‍රමාණයයි දෙකක්. ඇත්ත්තම කියනවනම් marketing. හොඳ brands වල සාමාන්යෙන් ඇත්ත ප්‍රමානය ගහල තියෙනවා. ගොඩක් දුරට බාල brands වල තමයි ඇත්ත ප්‍රමාණයයි advertise කරන ප්‍රමාණයයි අතර ලොකු වෙනසක් තියෙන්නේ. නොදන්නා කමින් ගන්න කට්ටිය රවට්‌ටන්න.Ex:Corsair RM450 450WCooler Master Extreme Power 500Wඑතකොට සමහර power supply වල real watt, maximum watt දෙකක් තියෙන්නේ මොනවද.ඒ අර කියපු බොරුවේ ඊළඟ අවස්ථාව. Power supply එකක තියෙන්නේ එක watt ප්‍රමාණයයි. අනිත් ඔක්කොම වංචාව. සාමාන්යෙන් ඕක කරන්නේ ගොඩක්ම බාල brands . එහෙම ගහල තියෙන brands නොගන්න තරමට හොඳයි.ඇත්තම කියනවනම් gaming power supply කියල දෙයක් නැහැ. ඒක අපේ කට්ටිය PCI -express connectors තියෙන power supply වලට දාගත්ත නමක්. ඕනෑම හොඳ 350W වලට වැඩි power supply වල PCI -express connectors තියෙනවා. ගොඩක් අය normal power supply කියන්නේ බොරුවට 450W කියල ගහපු බාල power supply වලට. ගොඩක් වෙලාවට මේවයින් 250W වත් අදින්න කලින් පිච්චෙනවා.ඔක්කොම හරි, එතකොට හොඳ power supply එකක් බලන්නේ කොහොමද.හොඳ power supply එකක අනිවාර්යෙන් efficiency rating එකක් දාලා තියෙනවා. ECOS ආයතනයෙන් certify කරපු එකක්නම් අනිවාර්යෙන් 80+ rating එකක් තියනවා සරලව කියනවනම් rating එක වැඩි වෙන තරමට efficiency එක වැඩි, efficiency වැඩි වෙන තරමට quality වැඩි වෙනවා. ඉතින් පුළුවන් හැම අවස්ථාවේම rating වැඩි එකක් ගන්න.දැනට අපේ market එකේ තියෙන brands වලින් හොඳම ඒවා වශයෙන් සලකන්න පුළුවන් මේ ටික. මේ brands වලින් එන power supply ඔක්කොම හොඳ quality කියන්න පුළුවන්. බය නැතුව ගන්න.
|
BLOG
|
දෙමලිච්චන් ඔබට මට සුලභ දසුනක් වුවද, උදෑසන නැවුම් ස්නානයකින් පසුව උණුසුමට එක්ව සිටින මේ යුග්මය නෙතට ප්‍රිය දසුනක් වනවාට නොඅනුමානයි....
|
BLOG
|
සාමාන්‍යෙයන් මම රෑට නිදාගන්න යද්දී නෙට් එක දාන්නේ පුරුද්දකට මිසක් මදුරුවෝ ඉන්න නිසාම නෙවෙයි, ඒකට පුරුදු වෙලා නිසා. ඒ නිසාම ගෙදරින් පිට කොහේ ගියත් නෙට් එකක් තිබුනොත් ඒක දාගෙනම තමා නිදා ගන්නේ.හැබැයි ඉතිං මේ දවස් වල තියෙන අධික රස්නය නිසා නෙට් එක දාගෙන තියා ෆෑන් දාගෙනවත් නිදාගන්න බෑ. ඒ තරමට රස්නෙයි. අනිත් එක ෆෑන් එක දාගෙන නිදාගත්තා කියලා රස්නය අඩුවීමක් වෙන්නේ නෑ. තව වැඩි වෙනවා මිසක්. මොක ද ෆෑන් එක දැම්මම වෙන්නේ ඇතුලේ තියෙන වාතය කරකැවෙන එක විතරක් නිසා. ඇතුලේ තියෙන්නේ රත් වෙලා කර වෙච්ච වාතය නිසා ෆෑන් එක දැම්මා කියලා අලුත් සිසිලසක් එන්නේ නෑ.පුරුද්දට වෙච්ච දේ ඊයේ රෑ කලේ නැත්තේ රස්නේ නිසා මිසක් අමතක වෙලා නෙවෙයි. මදුරුවෝ හිටියත් මේ ඉවන්න බැරි රස්නේ නිසා නෙට් එක නොදමා ෆෑන් එක විතරක් දාගෙන නිදාගත්තේ හදිසි අවස්ථාවක් ආවොත් නෙට් එක දාගන්නව කියලා හිතාගෙන. එහෙම හිතගෙන නිදාගත්ත නිසාම ද මන්දා වැඩි වෙලා ඉන්න හම්බ වුනේ නෑ නෙට් එක නොදමා.මදුරුවෙක් දෙන්නෙක් ඇවිත් කැරකෙන්න ගත්තා, ඒ විතරක් නම් මදැයි කන ගාවටම ඇවිත් රහසින් සිංදු කියන කොට තමා ඉවසන්න බැරි. වැඩේ එන්න එන්නම බරපතල තත්ත්වෙට පත්වෙන්න ගත්තත් නෙට් එක දාන්න නැගිටින්න කම්මැළිකමේ එහෙමම හිටියේ “තව එකෙක් ආවොත් නම් අනිවා නෙට් එක දාගන්නවා“ කියලා හිතාගෙන. එහෙම හිතලා අනිත්පැත්ත හැරෙනකොටම එකෙක් කොඳුරන්න ගත්තා කනට ළං වෙලා. බලං ඉඳලා හරියන්නේ නැති නිසා අන්තිමට නිදිමරගාතේ නෙට් එක දාගත්තා.ඔහොම නිදාගන්න අතරේ මම කල්පනා කලා ඇයි මේ මදුරුවෝ කන ළඟටම කරලා “කූං කූං“ ගාන්නේ කියලා. එතකොට තමා මට මීටර් වුනේ මොකක්ද සීන් එක කියලා.“ඉස්සරකාලේ මදුරුවෝත් කරාබු දාලා ඉඳලා තියෙන්නේ. මොනයම් හෝ හේතුවක් නිසා උං දැං කරාබු දාන්නේ නෑ. ඒක නිසා උං අපේ කනට කොඳුරලා කියන්නේ ‘උඹලා දැං ඔය දාගෙන ඉන්න කරාබු ඉස්සර දැම්මේ අපි‘ කියලා. හැබැයි උං හිතං ඉන්නේ මනුස්සයෝ හැමෝම කරාබු දානවා කියලා. උං දන්නේ නැතුවැති කරාබු දාන්නේ කාන්තා පාර්ශවය විතරයි කියලා.“මදුරුවෝ විතරක් නොවයි අපි වුනත්, කලිං අපිට අයිති වෙලා තිබුන දෙයක් දැං වෙන කාට හරි අයිති නම් අපිත් බෙහෝ දුරට ඒ කෙනාට කිට්ටු කරලා කියනවා ඕක කලිං මට අයිති වෙලා තිබුනේ කියලා. අහලා බලන්න මේ සිංදුවෙනුත් කියන්නේ එහෙම දෙයක් නේද කියලා.htmlඔබ පෙම් කරනා ඔබේ කුමාරීඔබට ආදරේ කියනා අයුරින්පෙර දවසක මා පෙම් කරවනා සඳමට ද ආදරේ කියා තිබේ..ඔබ පෙම් කරනා ඔබේ කුමාරීමට ද ආදරේ කියා තිබේ..සාගර වෙරළේ සොඳුරු සැඳෑවකරඟහල කෙළවර අඳුරු නිමේෂෙකඅද ඔබ ළඟ ඔබ සනසාලන ඇයපෙර දවසක ම තුරුලට වී හිඳමට ද ආදරේ කියා තිබේ..ඔබ පෙම් කරනා ඔබේ කුමාරීමට ද ආදරේ කියා තිබේ..සක්මන් මළුවක දෙපා ගෙවෙද්දීදොඩමළු පෙම්බස් ගොලුවී යද්දීමා සමුගෙන ඔබ ළඟට පැමිණි ඇයසනහස සඟවා දෙනෙත නුරාවෙන්මට ද ආදරේ කියා තිබේ..ඔබ පෙම් කරනා ඔබේ කුමාරීමට ද ආදරේ කියා තිබේ..ගායනය - ගුණදාස කපුගේගී පද - සුනිස් ආර්.
|
BLOG
|
ගොඩක් දවසකට පස්සේ මාධ්‍යවේදියාගේ සටහන් නැවත ආරම්භ කරන්න හිතුවා. එන අවුරුද්දේනම් දිනපතා ලියාගෙන යන්න අදිටන් කරනවා. මාධ්‍යවේදියකු ලෙස අපිට මුහුණ පාන්න සිදුවන දේවල් වෙනත් වෘත්තියක නියැලෙන්නන්ට මුහුණපාන්න නොලැබෙන නිසා මේක එක්තරා විදියකට බොහෝ දෙනෙකුට වැදගත් වේවි.අද උදේ පාන්දරින්ම දුරකථන ඇමතුමක් ආවා. කථා කරපු කෙනා අහනවා අදුන ගන්න බැරිද කියලා. කොහේ අදුනන්නද එයාගේ අංකය මා සතුව තිබුණේ නැහැ. ටිකකින් කියනවා අපූරු ප්‍රවෘත්තියක් දෙන්න තියෙනවා ඒ නිසා එයාගේ කාර්යාලය පැත්තේ එන්න කියලා. කාර්යාලය ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය.පැයකට විතර පස්සේ මම ගියා. ඔවුන් මා බලාපොරොත්තුවෙන් ඉදලා.මම පාරිභෝගික අධිකාරියේ ප්‍රවෘත්ති ගන්න නිතර නිතර යන කෙනෙක් නෙවෙයි. නමුත් බීට්ටු වාර්තාකරණයට පුරුදු වෙලා ඉන්න අය ඔවුන් සොයාගෙන නිතර ගිහින් මොනවා හරි ලියනවා.අපි මේක දෙන්නේ ඔයාටම විතරයි. වෙන කාටවත් දෙන්නේ නැහැ. ඔවුන් මා සමග එසේ කීවා.ඇයි ඒ මම ඇහුවේ විමතියෙන්.නෑ මෙහෙට එන අය නිකම්ම නිකම් ප්‍රවෘත්තිය ලියනවා. නමුත් අපිට මේක ටිකක් මිනිස්සුන්ට දැනෙන විදියට ලියන්න ඕන.අපි අතර වැඩි ඇසුරක් නොතිබුණත් ඔවුන් මගේ ලේඛණය ගැන විශ්වාසය තැබීම සතුටක්. මම වැඩේ බාර ගත්තා.කතන්දරේ මොකක් ද කියලා මම කියන්නම්නීති විරෝධී ළදරු කිරිපිටි වර්ගයක් ලංකාවේ වෙළද සැල් වලට ඇවිල්ලා.යම් කිිපිටි වර්ගයක් මෙරට විකුණනවානම් ඒ කිරපිටි ඇසුරුමේ සදහන් විය යුතු කාරණා කිහිපයක් තියෙනවාඉන් එකක් තමයි මව්කිරි ලබාදීම පෝෂ්‍යදායී බව.ඒ වගේම කිරිපිටි මව්කිරි වෙනුවට ආදේශකයක් බව සදහන් නොවිය යුතුයි. ඒ වගේම මාස හයකට වඩා අඩු දරුවන්ට මේවා ලබාදෙන බවක් සදහන් කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. තවත් දෙයක් තියෙනවා කිරිපිටි වර්ගය සාදාගන්නා ආකාරය සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සදහන් විය යුතුයි. ඒ වගේම වරක් සාදාගන්නා ලද පිටි තියාගෙන ඉදලා භාවිතා කරන්න බැරිබවත් මේ ඇසුරුමේම දැක්විය යුතුයි.පාරිභෝගික අධිකාරියේ නිලධාරී මහත්වරුන්ට හමුවෙලා තියෙන මේ කිරිපිටි වර්ගය මේ ඉහත මම කියපු කාරණා සියල්ල උල්ලංඝනය කරලා. මේ කිරිපිටි ඇසුරුමේ එකම සිංහල වචනයක්වත් නැහැ. ඒ විතරක් නොවෙයි ඉංග්‍රීසි භාෂාවත් මෙහි දක්නට නැහැ. අරාබි රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරපු කිරිපිටි වර්ගයක් තමයි මේ විදියට ගෙන්වලා තියෙන්නේ. ඔවුන් මගෙන් ඉල්ලා සිටියේ ලංකාව පුරා දෙමාපියන් මේ පිළිබදව දැනුම්වත් වන පුවතක් පලකරන්න කියලා. ඔන්න මම වැඩේ බාරගත්තා. බලමු මොනවද වෙන්නේ කියලා.
|
BLOG
|
අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න. මේක අනිත් Photo Editors වගේ නෙමෙයි හොද Professional Interface එකක් තියෙනවා වගේම Use කරන්නත් ගොඩාක් ලේසියි. මේකෙ නම තමයි Metamorphosa. මේ App එකේ එක එක Photo Filters 50ක් විතර තියෙනවා .තව Lighting Effects 72 කුත් තියෙනවා.ඒ විතරක් නෙමෙයි එක එක Tools විශාල ප්‍රමාණයකුත් තියෙන මේ App එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා තමයි මම නම් හිතන්නෙ. ඔන්න එහෙනම් පහල ScreenShots ටිකත් බලලම බාගන්නකෝ...මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් Comment එකක් දාන්න .ප්‍රශ්නයක් නැතත් ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවා නම් ඒ ගැන Comment එක දැමීමට කාරුණික වන්න.එහෙනම් තවත් මේ වගේම ලිපියකින් හමුවෙමු . . .
|
BLOG
|
එලඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා මාර ජයක් ලබන බව අප ස්ථීර වශයෙන්ම පවසමු. මේ බව අප කියන්නේ නිකමට ආ ගියාට නොව අප විසින් බොහෝ දුක් විඳ ඉන්දියාවේ හිමාල පාමුල වෙසෙන සෘෂි වරුන්ගෙන් ඉගෙන ගත් සුප්‍රසිද්ධ ආතකර්ම ජෝතිෂ්‍ය විද්‍යාව අනුවය.ඒ සෘෂින් අපට ලබා දුන් ශාස්ත්‍රය අනුව ජනවාරි අට දින වෙන විට සඳු පස් වෙනි රාශියටත් සෙනසුරු දශවෙනි රාශියේ තුන්වැනි අංශකයටත් ගමන් කරනු ඇත. මෙය තමන්ගේ නමට හි අක්ෂරය ඇති අයට ඉතාමත් සුභ පල දෙන යෝගයකි.ඊට අමතරව බ්‍රහස්පති අට වැන්නේ ද කුජ හත්වැන්නේද සිටින අතර එම යෝගය නමට ද අක්ෂරය ඇති අයට රාජ සම්පත් හිමි කරනයෝගයකි.අනික් වැදගත්ම කාරණය නම් අට වැනිදා උදා වෙන පත්‍රසාල නැකතයි. මෙය අල් න යන්න (න්) තම නමට ඇති අයට සියලු වස්තු ඉසුරු පමණක් නොව රාජ බලයද හිමි කරලන නැකතකි.මේ සියලු කාරණා සලකා බැලූ විට අපට පෙනී ගියේ ජනවාරි අට වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති චන්දයෙන් අති විශාල ජයක් ලබන බවයි.මෙම සුභ පල අවම කර ප්‍රත්වාදින්ට ජය ලබා දිය හැකි නොයෙක් ශාන්තිකර්ම ක්‍රම අප දැන සිටියත් ඒවා හෙලි නොකිරීමට අප තීරණය කර ඇති නිසා ඒවා ගැන අසා කරදර නොකරන මෙන් විරුද්ධ පාක්ෂිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.සටහන- මෙය රටේ නායකයින් ප්‍රමුඛ මිථ්‍යාමතයන් හි ගැලී සිටින සකල ශ්‍රී ලංකා වාසින්ට කලා මැදිරියාගෙන් පිදෙන තුටු පඬුරකි.
|
BLOG
|
6.6...
|
BLOG
|
කෙනෙක් හිතාවි මේ එකක් කියල,එහෙමද ඔයත්....ඇත්තටම මේ කියන උගත්කම ,ධනය...එකක්ද නැත්නම් දෙකක්ද...මම දකින විදියට නම් මේ උගත්කම , ධනයකියන්නෙ දෙකකට ....නිකම්ම නිකම් වචන දෙකක්නම් නෙමේ...ලොකු අරුතක් සැගවුණ වචන දෙකක්..."ධනය තියනවනම් උගත්කම ගන්න එක හරි ලේසියි " මේ කථාවට කව්රු එකඟ උනත් මම විරුදධයි...මොකදධනය වියදම් කරල ගන්න උගත්කම කවදහරි මට්ටු වෙනව...ඔව් ඔව් මාට්ටුත් වේවි.... හැබැයි නියම උගත්කම කවදාවත්ම පරදින්නෑ....ඔව් කවදාවත්ම.....උගත්කම කියන දේ කාටවත්බලෙන් ගන්නත් බෑ....කාටවත්ම....හැබැයි....මතකතියාගන්න.... උගත්කමින් සාධාරණව උපයන රුපියලත්...අසාධැරණව උපයන රුපියලත් අතර ලොකු වෙනසක් තියනව....අන්තිමටම....නියම උගත්කම ඉතුරුවේවි....ධනය නැතිවෙලා යාවි...එතකොටනම් උගත් මනුස්සයා දිනුම්.
|
BLOG
|
සුබ පැතුමකට පුළුවන් දසුව කරන්නට රිදුමක්ඇද අකුරකට නැති වෙයි දඇස පිසින්නට වරමක්තරු ඇබින්දකට පුළුවන් දවිනිවිදින්නට කළුවක්රෑ ගෙවෙන්නෙ ම නැති වෙයි දහිත හදයි ලොකු බොරුවක්නග්න පය වැද පෙරලීභග්න වුනු හද බඳුනක්ලස්සන ම මල් අහුරක් .ඒ, කල් ඉකුත්වුණු පැතුමක්ඇත්ත ..... මම වැරදියිඅමතක වුණා මොහොතක්'ආදරේ' කියන්නෙ මඉරිසියාබර ගණුදෙනුවක්අත්මිදෙන්නට බැරිකමඅත්දැකීමෙ ම කොටසක්අත් ඇලුන හැටි දැක්කමඅත්තලයි පණ අදින පපුවත් අත්සන තියන දවසටඅත් ඇරෙයි එක නමක් කොහොමත්අතින් ගත් රළු සුමුදු එ දෙඅත් අනවසරයෙන් ඉඹිමි තාමත් .
|
BLOG
|
යාන්තම් තරලමය ඝනපරිපූර්ණ තද නිහඬතාවෙක හිඳබැර ලෝහ ගීතයක් මහ හඬින් ඇරඹෙනඒ පළමු තප්පරය පටන් ගන්නා තැනඅහිමිව යයි මට - මගේ යැයි කී හිතනුඹේ පිටපත් අසූ දහසක් පැමිණ එකවරමවනු ඇත්තේ හනික - අනුරාගයේ උත්කර්ෂයබදා මා - අඟලකදු නොඉතිරි කොටඅග්නිය ද තුසරය ද ධූලකය ද හාමු කොටඋපරිමැති පැණි රසක් එහි කවා - පොවා මටඑතැන කල්පයක් කොට එතප්පරය මතනරක දෑ කෝටියක් කොට එකල්පය තුලනික්ම ඉගිලී ඇත - රුදු සිලා සිළුව නුඹනැවත මා දෙනෙතු හැර බලන කලසහන් පද්මසංඛ පීරිස්(THЕ SAHAN)2014 ඔක්තෝබර් 02.
|
BLOG
|
02.
|
BLOG
|
මීට අවුරුදු තුනකට විතර ඉස්සර වෙලා ලියන්න පටන් ගත්ත “පුංචි හිතට දැනෙන දේ“ ,අපේ බ්ලොග් පිටුව පහුගිය කාළෙ පුරාවටම පුංචි පුංචි වෙනස්කම් වෙමින් ආ මගේ තවත් වෙනස්කම් කිහිපයක් වෙන බව අපිට ආදරේ නැන්දල මාමල , අයියල අක්කල හැමෝටම කියන්නයි මේ හදන්නේ .ඒ වෙනස්කම් මෙන්න මේවා , මුලින්ම අපේ වෙබ් ලිපිනය වෙනස් කළා , දැන් අපේ dinithimithili.com ලිපිනයට අමතරව www.net වෙබ් ලිපිනයෙනුත් “පුංචි හිතට දැනෙන දේ“ පිටුවට එන්න ඔයාලට පුළුවන් .අනෙක් වෙනස තමයි අපේ යුටියුබ් චැනලයක් හැදුවා , නිවඩු දවසට අපි හදන වීඩියෝ ඔක්කොම ඒ චැනලයේ තියනවා . මෙන්න අපේ යූටියුබ් චැනලයේ වෙබ් ලිපිනයhttps://www.com/user/TheRaindropschannel මෙතනට තව විදියකින් යන්න පුළුවන් ඒ තමයි මේ බ්ලොග් පිටුවේ තිබෙන අපේ චැනලයේ subcribe button එක ක්ලික් කරලා .එහෙම නම් මෙන්න ආයෙත් ඒ වෙබ් ලිපින දෙක , ඔය නැන්දල මාමල , අයියල අක්කල හැමෝටම ආරාධනා කරනවා , එන්න ඇවිත් අපේ බ්ලොග් පිටුව , අපේ වීඩියෝ පිටුව බලන්න කියලා .අපි දෙන්නා දිනිතියි මිතිලියි.
|
BLOG
|
ඉතින් පසුගිය පෝස්ට් එකෙන් වින්ඩෝස් live writer ගැන විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ ඒක යොදාගෙන බ්ලොගර් වලින් හදපු වෙබ් අඩවියකට පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්න වෙනවා . ඒ සදහා නෙට් සම්බන්දතාවය තියෙන්නත් ඕන.කවුරු හරි කියන්න පුළුවන් මේක OFFLINE වෙබ් පෝස්ට් ලියන එකක් නේද කියලා . ඔව් ඒක ඇත්ත . නමුත් වෙබ් අඩවිය LIVE WRITER තුලට ඇතුලත් කරන්න නම් ඉන්ටර්නෙට් තිබිය යුතුමයි. අපි දැන් කොහොමද මේක කර ගන්නේ කියලා( පළමු වතාවේ පමණයි අවශ්‍ය වෙන්නේ) මුලින්ම වින්ඩෝස් live writer ඕපන් කරගන්න (දැන් අපි යන්නෙ අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්නයි. එවිට මෙන්න මෙහෙම රුපසටහනක් එනවා මේකෙන් Other services තෝරාගෙන Next මත ක්ලික් කරන්න. ඊට පසු පහත පරිදිවේ. මෙහිදී ඔබගේ වෙබ් අඩවියේ වෙබ් ලිපිනයත් ,, බ්ලොගර් වල ලියාපදිංචි වීමට දුන් gmail , ලිපිනයත් එහි පාස්වර්ඩ් එකත් ලබාදී Next මත ක්ලික් කරන්න. මෙහිදී ඉහත රූපයේ පරිදි setting up your blog account වෙත පිවිසේ. ඊට පසුව download Blog Theme උප මෙනුවක් ලැබේ එහි yes ක්ලික් කරන්න . දැන් වැඩේ හරි ඔබගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුලුවී ඉවරයි.( මේ ඇතුල් කිරීම කරන්න ඕනෑ මුල් වතාවට පමණයි) අවසානයේ ඉහත රුපයේ පරිදි Finish මත ක්ලික් කරන්න. එවිට පහත පරිදි බ්ලොග් පෝස්ට් එඩිට් කිරීමේ මෙනුව වෙත පැමිණේ. මෙහිදී බ්ලොගර් වලදී මෙන් වෙබ් පෝස්ට් එක නිර්මාණය කිරීමට අවශ්‍ය උපාංග ලබාදේ. දැන් අවශ්‍ය පරිදි වෙබ් පෝස්ට් එක සකස් කරගෙන පහත පරිදි draft එකේ save කරගන්න.මෙය බ්ලොගර් වෙතට publish කිරීමට අන්තර්ජාල සම්බන්දතාව ලබාගෙන publish මත ක්ලික් කරන්න.දැන් වැඩේ හරි .ඔයාගේ ගුණදොස් මට කිව්වොත් හොදයි.
|
BLOG
|
3 Final full with serialඅද මම ඔයාලට අරගෙන ආවෙ ඔයාලට ගොඩක් වැදගත් වෙන සොෆ්ට්වෙයා එකක්.මේ සොෆ්ට්වෙයා එකේ නම TeraCopy.සමහරවිට ඔයාලා මේක ගැන අහලත් ඇති.වින්ඩොස් වලින් copy කරන්න බැරි cd/dvd මේකෙන් කොපි කරන්න පුලුවන් .මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේගැන ,අපිට ගොඩක් වැදගත් ඩේටා තියන dvd/cd එකක් සීරුනොත් අපි කොච්චර අපහසුතවයට පත්වෙනවද නේද .මේක තමා TeraCopy නවතම සංස්කරණය,තවත් වැදගත් දෙයක් තමයි වින්ඩොස් වලින් copy කරන speed එකට වඩා ගොඩාක් වේගවත්ව ඩේටා Copy කරන්න පුලුවන් මේකෙන්.වින්ඩොස් වලදි වගේ file මගඇරෙන්නෙ නෑ.අපිට අවශ්‍ය නම් කොපිඋන ෆයිල් ආයි චෙක් කරල බලන්න පුලුවන් පහසුකමත් මේ නවතම සංස්කරණයෙන් අපිට ලැබෙනව.මේ හැමදේම පුලුවන් මේ සොෆ්ට්වෙයා එක 2.5 mb විතර වෙන්නෙ,පහල ලින්ක් එකෙන් ඔයාලට පුලුවන් TeraCopy 2.3 නවතම සංස්කරණය serial එකත් එක්කම ඩවුන්ලොඩ් කරගන්න...මේ පොස්ට් එක හොදයිනම් මගේ බ්ලොග් අවකාශයට Like එකක් දාලා Join වෙලා Comment එකක් එහෙම දාලා යන්න.... සුභ දවසක්.....
|
BLOG
|
ලෝ වැසි කිතුනු බැතිමතුන්ටත්,ලක් වැසි කිතුනු බැතිමතුන්ටත්,සාමය සතුට සපිරිසුබ නත්තලක් වේවා .
|
BLOG
|
අවරගිරින් රක්ත වර්ණ සායම් ඇඳි ගගන තලේ...සියොත් කැලක් ගිමන නිවන භවන සොයා පියා සැලේ...ඉරබටු තරුවත් මතුවී තනිව අඳුරෙ දිලෙන වෙලේ...සඳ දෙව්දුව පමා නොවී සරසාපන් අහස් තලේ...කෑලි කපන අඳුර වැටී මහීකතම නිසල කලේ...නීල ගගනෙ නේක වර්ණ තරු මිණි වල එළිය දිලේ...තනිව අඳුර බිඳිනු බැරිව බලා සිටියි පහන් සිලේ...සඳ මිතුරිය පමා නොවී සරසාපන් අහස් තලේ...කඩුපුල් මල් සීත පින්නෙ නැහැවි හෙමින් සිනා සැලේ...මණ්ඩුක සංගීත නදින් මීන නින්ද සලිත කලේ...කුමුදු මලට පිපෙනු බැරිව බලා හිඳියි නිහඬ ජලේ...සඳ කොමළිය පමා නොවී සරසාපන් අහස් තලේ...෴ රන්දු ෴.
|
BLOG
|
1995.10.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.
|
BLOG
|
ජිඑම්මගේ පළමු ප්‍රර්ථනාවවනුයේ, මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාගේ ඒ උතුම් පැතුම ඉටුවේවායි... යන්නය. සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසසමාජයට දිය හැකි හොඳම දේ කුමක්ද. ආදරයෙන් පිරුණු පවුලක් නිර්මාණය කිරීමට හැකිනම්, එය තමයි මනුෂ්‍යයෙකු වශයෙන් තමන්ට කළ හැකි හොඳමදේ.මේ ජිවිතයේ තමන්ටම කියා නමක් සහ පවුලක් ඇත. එහෙත් මේ ජිවිතයමිය ගිය පසු ඒ සියළුම නෑ කම් එතකින් නිමාවට පත් වෙයි. ඉන් පසුව උපදින ආත්මයක,වෙනත් නමකින්, වෙනත් පවුලක ඉපදෙති. ඒ නිසා අපි ජිවිතය ගැන අමතක කර , හමු වන සෑමමනුෂ්‍යයෙකු ම සමඟ සුහදව සිනහා සීමටපුරුදු වෙමු. එවිට ජිවිතය ගෞරවණිය විදියට ගෙන යනු ඇත. සෑම අභියෝගයක්ම සිනහාවෙන් මැඩ පවත්ව ගැනිමට හැකි නම්,එවැනි මිනිසුන් සිටින පවුලක්, එවැනි පවුල්සිටිනා නගර, එවැනි නගර තිබෙන රටවල් ආදරයෙන් පිරි යනු ඇත. එවිට මුළුලෝකයම ලොකු පවුලක් සේ දැනෙයි. නව වසර සාමකාමි ලෙස පවත්වාගෙන යාමට හැකිවේවා...ලද දෙයින්සතුටු වෙමුඑකිනෙකාට උදව් කරමුඅද දවසසතුටින් නිම කරමු, ඊළඟ දවස සතුටින් ගත කරන්න නම්මෙම මාසය කාර්ය බහුල වුමාසයකි. එම නිසා බ්ලොග් එකට ලිපි ලිවිමද අතපසු විය. එපමණක්ද නොව තවත් වැදගත්අවස්ථාවක් වන බ්ලොග් මිතුරන්ගේ සුහද හමුවද දෙවැනි වතාවටත් මඟ හැරි යන ලදි. . මගේමිතුරනේ ඔබ සියළුම දෙනාටම සුභම සුභ නව වසරක් වේවා.
|
BLOG
|
අඩන හිනැහෙන උඹේ අභියසකිසිත් නොදැනෙන සෙල් රුවක් ලෙසඉන්න සැරසුන පෙම්වතා මමනොදැනුනා නොව උඹේ හැගුමන්නොසිතුවා නොව උඹ ගැනම මංරෑ දිවා මුළු හද පුරායන්න බැහැ මට උඹත් අරගෙනඅදුර පිරි දුර අනාගතයටඋඹේ දිවිමග සරසවන්නටඒවී කුමරෙකු එලිය අරගෙනසුරත බැඳ උඹේ පෝරුවක හිඳමනාලිය වී ඔහුගේ තුරුලටගියත් දවසක මගෙන් ඈතටදුරින් ඉද මං සිනාසෙන්නම්උඹේ සතුටත් එක්කලා.
|
BLOG
|
වැස්ස තුරන්වූ පසු ගෙවත්තෙහි වූ කුඩා දිය අගල අසලට පැමිණි දාස, දියේ ගිලුණු තල් පිත්තක් දිගේ ඉහළටරූටා යන ගොළුබෙල්ලෙකු දුටුවේය. දිය පහරට එරෙහිව ඌ යන ගමන ඔහුට කුතුහලයක් ගෙනදුන්නේය.එදෙස මදක්බලා සිටි දාස තල් පිත්තක් ගෙන ඌ යන මගට ඉහළින් දිය පාර හරස් කර තබා මොහොතකින් එයමුදාහැරියේය. එක්වරම පැමිණි වේගවත් දිය පහරට හසුව ගොළුබෙල්ලා පහළට ගසාගෙන ගියේය.තම කළ දේනිසා සිතේ ඇතිවූ යම් පසුතැවීමකින් දිය පහර ළඟින් ඉවත් වන්නට සූදානම් වූ දාස එක්වරමයමක් ඇස ගැටුණි. තමා සිටිතැනට උඩහට වන්නට තවත් කුඩා ගොළු බෙල්ලන් කිහිපදෙනෙකුම කොළ රොඩු දිගේ උඩුගං බලා යනුඔහු දුටුවේය. ලියා එව්වේ - වර්ණ.
|
BLOG
|
පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනාගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනකහිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්‍රිතිය සිත තොල ඔද්දල් කරමින්.ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.සුදු මුදු මද නලපවසාවී රහසක්නුබෙ සුවද සමගින්මා වටා දැවටී.......................නීල දෙනයනනුබ දන යුගල මතහෙලන බැල්මන්කියනා සුපෙම් කව................සෙමින් සැලෙනාසිනිදු මල් පෙතිසිනිදු නැ නුබෙ පා යුග තරම්......................අසා ඉමු අපි හදෙ ගැහෙනා පෙම් රටාසිතින් සිතුවිලි සයුරෙඈත දුරකට පියබලාසිනාසෙමු අපි හෙමින් මුමුනා පෙම් කතා...........................පතා ආ ලෙස ඈත බවයෙඑකතු වී අපි අපෙ ලොකයෙ තනි වෙලා.................දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් වියසිතල නුවරඑලිය තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්. පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුවපෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්‍රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්‍රිය ගෙවි ගියා.නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්‍රිය සමගම පරවෙලා ගිහින් තිබුනා.....................................පසුදින පුවත්පත්............මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................පසු වදන...සතය සිදු විමක් ඇසුරෙන්.............සිහිනයකි ජිවිතෙ..(මෙකත් බලලම යන්න..).
|
BLOG
|
මගේ දෙමව්පියන් සහ ඥාති පරම්පරාව වගේම මංතුමාත් සාමාන්‍යයෙන් මාංශ භක්‍ෂකයෙක්. හැබැයි අපි පොඩි කාලේ හැමදාම වගේ කෑවේ හාල්මැස්සෝ, කීරමින්, කට්ට, පරා වගේ කරෝල තමයි වැඩි වශයෙන්ම. ඉඳලා හිටලා දවසක, පාරේ යන මාළු කාරයාව අල්ලා ගන්න ලැබුණොත් (තාත්තා ගේ මහ ගෙදර ඉඳලා බස් පාරට ටිකක් දුරයි) මූදු මාළු කෑවා.මහනායකලාත් අබෞද්ධ වැඩක් කියා පස්සෙන් පහු තීරණය කරපු මිරිදිය මාලු නං කෑවෙම නෑ වගේ. ඔන්නං එක දවසක් කාලා ඇති.මස් කෑවෙත් මගුල් ගෙවල්වල හරි නෑදෑ ගෙදරක හරි ගියාම විතරයි. ඒත් ඉතිං බොහෝ විට චිකන් විතරයි. හරක් මස්, ඌරු මස් වගේ ජාති තාමත් අපේ මහ ගෙවල්වල උයන්නේ නෑ සාමාන්‍යයෙන් අද වුණත්. ඒත් විස්ස විජ්ජාලෙට යන්න ගෙදරින් පිටවුණාට පස්සේ ඒ සේරම වෙනස් වුණා. මස් නැත්තං කොහොමද අර අක්බාර් හෝල් එකේ මුදලාලි ගේ බත් පිඟාන කන්නේ. මුං ඇටයි, රාබුයි, කොල ගෝවා මැල්ලුමයි.පස්සෙන් පහු මස් හෝ මාළු ජාතියක් නැතුව බත් කෑමක් නැති වුණා, හාල්මැස්සෝ සහ කරවල ජාති කියන්නේ කලාතුරකින් කන ඩෙලිකසි එකක් බවට පත්වුණා.අර පින්වන්ත කුමාරියෙක් ගැන කතන්දරේත් මේකට කෙළින්ම සම්බන්ධයි.ඉතිං අද කතන්දරේ මේකයි.පසුගිය බ්‍රහස්පතින්දා අපිට තිබුණා ගමේ පන්සලට දානයක් දෙන්න. මේ පන්සලේ හාමුදුරුවරු වෙජිටේරියන් නිසා උම්බලකඩවත් නොදා තමයි අපි පරිප්පු පවා ඉව්වේ.ඔය උඩ තියෙන්නේ බුද්ධ පූජාව ලැහැත්ති කළ හැටියි.සාංගීක දානෙන් පස්සේ අපි ගිහි කෂ්ටිය වැළදුවේත් ඒ වෙජිටේරියන් කෑම ම තමයි. ඒ එක්කම මට පන්සිල් නොගෙන සිටියා කියා බැන්න අපේ සීයා කළා වගේ මද පමණින් දෂ්ථ කිරීම් වගේ ඒ පරම්පරාවට අදාළ දානමය කටයුතු තිබුණේත් නෑ අපේ ගෙදර.සාංගීක දානෙකට සාමාන්‍යයෙන් කෑම ජාති දුසිමක් විතර හදන නිසා, අර කලින් දවසක බම්බලපිටියේ ඉන්දියානු වෙජිටේරියන් කඩේකින් කාපු දවසේ වගේ ම හොඳ රසට තිබුණා.එදා රාත්‍රියටත් කෑවේ ඒ දානෙට උයපු කෑම ම තමයි.ඔන්න එදා රාත්‍රියේ මට අපූරු සිතුවිල්ලක් පහළ වුණා. ඒ තමයි මේ වෙජිටේරියන් ජීවිතය සතියක් විතර ට්‍රයි කරලා බලන්න ඕනෑ කියන එක.ඉතිං පහුවදා සිකුරාදා ඔෆිස් ගිහින් දවල්ට කෑවේත් වෙජිටබල් සහිත කෑම. උදේට නං කොහොමටත් ජෑම් එක්ක පාන් නේ කන්නේ.සිකුරාදා රාත්‍රියත්, සති අන්තයත් වෙජිටේරියන් වෘතයෙන්ම ගෙවී ගියා. බත් විතරක්ම නොවෙයි වෙන වෙන රස කෑම ජාතිත් තියෙනවා වෙජිටේරියන් ඒවා.අද සඳුදා උදේ වෙනකොට මංතුමාත් හොඳ පළපුරුදු එළෝළු ජීවිතයක් බවට පත්වෙලා.මුලින් සතියක් මේ වෙජිටේරියන් ජීවිතේ කොරලා බලන්නයි අදහස. මීට කලින්: 1. මං මාසයක්ම අමද්‍යප වෙලා හිටියා වගේ, 2. සතියක්ම බුකියෙන් ඈත්වෙලා හිටියා වගේ, 3. බ්ලොග් ලෝකයෙනුත් ඈත්වෙලා හිටියා වගේමේ ඉදිරි දවස් තුනත් අල්ලං ඉන්නයි බලාපොරොත්තුව.ඔහොම යං, ඔහොම යං. -කතන්දරකාරයාප/ලි:බිත්තර කියන්නේත් වෙජිටේරියන් නේද.
|
BLOG
|
ලියන්න පටන් ගත්තාම හෝ ගාලා ලියනවානේ කියලා හිතෙයි. ඒක ඉතින් අර වැඩ නැති කාලෙට ලිය ලිය ඉදලා වැඩ වැඩි වුනාම ආයෙත් උන්නාද මලාද නෑ කියන දේ තමා වෙන්නේ. කොහොමෙන් කොහොම හරි කර කර හිටපු ප්‍රොෙජක්ට් එක ඉවර කරලා ටිකක් නිදහසේ ඉන්න දවස් ටිකක් මේ. ඉතින් මේ දවස් ටිකේආයෙත් බ්ලොග් එකට පෝස්ට් කීපයක් දාන්න කියලා තමයි හදන්නේ. හැමෝම දන්නවා ඇති අළුතින්ම මොබයිල් මාකට් එකට ආපු OS එක තමා Firefox OS. ඉතින් Firefox OS ගැන රිවීව් එකක් ලඟදී එන්නත් තියෙනවා. කෝකටත් කලින් මම කලින් ෆයර්ෆොක්ස් OS එක ගැන ලියපු පෝස්ට් එකක් තියෙනවා කොහොමද ෆයර්ෆොක්ස් OS එකට සිංහල ෆොන්ට් එක දාගන්නේ කියලා. නමුත් අළුත් සංස්කරණයන් එක්ක ඒක ලොකු ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ. මොකද අළුත් සංස්කරණයන්ගේ සිංහල සහය එන්න නියමිතවයි තියෙන්නේ.ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ Firefox OS එකට ඇප් එකක් හදලා මාකට් එකට marketplace.com සබ්මිට් කරගන්නේ කොහොමද කියලා. මේකේ වීඩියෝ තුනක් තියෙනවා. ඉදිරි වීඩියෝ දෙක මේ වීඩියෝ එකට ලැබෙන ප්‍රතිචාරය අනුව අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ.
|
BLOG
|
ලාංකිය දේශපාලනය සහ යාචකිකරණය විමයාචකයා සිගමන් යදිමින් මහජනයා ලබාදෙන ආඬාර උපකාර මත ජිවත් වේ දේශපාලකයා මහජනයාගේ චන්දය සිගාකමින් මහජනයාගේ ආඬාර උපකාර මත ජිවත් වේ මේ දෙදෙනම කරන්නෙ එකමය මෙ දෙදෙනටම අදාර උපකර ලැබුනුපසු රිසිසේ ක්‍රියාකල හැකරිසිසේ අනුබවකල හැකරිසිසෙ ගමන් කල හැකඔව්න්ට අවශදෙ මිලදි ගතහකයානවහන ගේදොර ඉඩකඩම් මිලදිගතහකඅයොජන කලහැකවියාපාර කල හැකපරිත්යාග කල හැකහොරකම් කල හැකකප්පම්/කොමිස් ගතහැකස්ත්‍රි දුශන ලමා අපචාර කල හැකස්ත්‍රින් සමග යහන් ගතවියහැකමුදලට විකිණිය හැකවෙනත් පර්ශව සමග එකතුවිය හැකඔහුගේම සංවිදානයක නායකයා විය හැකමොහොතකට සිතන්න මොඋන් දෙදෙනා ජිවත් කල ජනතාව මොඋන්ගෙන් සිගමන් යදිනා දිනය වැඩි ඇතක නොවන බව.
|
BLOG
|
මා අභියසට පැමිණි අවුරුදු 8 ක් වයසැති කුඩා පැංචාගේ අතේ තිබුනේ ගෙදර මිදුලෙන්(වෙරළෙන්) අහුලා ගත් සිප්පි කටු ගොඩක් සහ චිත්‍රයකි... "මේ බලන්න ඩොක්ටර් මේවයේ එක එක රටා තියෙනවා..." සිප්පිකටු ගොන්නත් චිත්‍රයත් මට බව කියයි. චිත්‍ර ගැන කියා දී , ඝනකම් කොළ සපයා,ඔහුගේ උනන්දුව වැඩි කරපු මට ලැබුනු තෑගිය. "ඩොක්ටර්ට ගෙනියන්න කියලා දවස් ගාණක් තිස්සේ චිත්‍රේ ඇන්දා" මව කිවාය.the painting he gave meඔහුගේ පියාද දක්ෂ චිත්‍ර ශිල්පියෙකි නමුත් කරන්නේ මුහුදු යෑමයි....ඒ පවුලේ දරුවන් තිදෙනෙකි. නමුත් දෙදෙනෙක්ම තැලසීමියා රෝගී දරුවන් ය. ඉතින් මේ අම්මා මාසයක් පතා ඔවුන් ඉපදී මාස කීපයක් ගිය තැන සිට රෝහලට මේ දරුවන් සමග ලේ දෙන්න, යකඩ අඩු කරන බෙහෙත් ගන්න පැමිණේ."ඇයි චිත්‍ර වලින් ආදායමක් එන දෙයක් කරන්නේ නැත්තේ " ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්ණ වලට සහනයක් ලෙස මේ ඒකකයේ තැලසීමියා රෝගීන්ගේ අරමුදලෙන් මාස් පතා රු 6000 පමණ මුදලක් පවා ලබා දෙන නමුත්, මුහුදු යෑම ස්ථාවර රස්සාවක් නොවන නිසා ඔවුන් අප අභියස දිග අරින් ඔවුන්ගේ දුක් අඳෝනා අසාගෙන විඳගන්නත් වෙන්නේ අපටමයි.(තැලසීමියා රෝගය ගැන බොහෝ දෙනෙක් මේ ලිපි නිසා මගෙන් විමසුවා. මා මුල්ම ලිපියක රෝගය ගැන, එය වැළදීම සහ ප්‍රතිකාර යන මේ දේවල් ගැන හොඳින් පැහැදිලි කරදුන්නා, මෙන්න මේ ලින්ක් එකෙන් කියවන්නතැලසීමියා රෝගය)රටේ අනිත් කොණ වන උතුරු ප්‍රදේශයේදී මට හමුවුන සුභාෂන් ( අනවර්ථ නමකි) මතක් වේ. (සුභාෂන්ලාගේ කතාව පෙර කලෙක ලීවා) ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට ලක්ව ළමා සොල්දාදුවන් ලෙස යුද්ධයට මැදි වූ ඔවුන් යන්තම් දිවි ගලවාගත්තේ හමුදා භාරයට පත්වූ පසුය. යුද්ධය හමාර වූවාට පසු පුනුරුත්ථාපන කඳවුරේ සිටි ඔහු එහි සිටි දරුවන් හට උපදේශන සේවාව සැපයු අපට නිතර මුණ ගැසිනි, සුභාෂන් චිත්‍ර ඇඳීමේ දක්ෂ දරුවෙකි. තමාටත් වඩා බර ගිනි අවිය දී ඔහුගේ සියලු කුසලතා හැකියාවන් ත්‍රස්තයන් විසින් විනාශ කර තිබුනේය. නමුත් අප හමුවේ, පාට පැන්සල්, පාට තීන්ත පින්සල් ලැබ බොහෝ අලංකාර ලෙස අප ඒකකයේ බිත්ති පුරා චිත්‍ර ඇන්දේය. අති විශාල බොහොම උසස් ඝණයේ චිත්‍ර . ඔවුන් ලියූ කවි සියල්ල අප අතට පත්කරේ බොහොම ලොකු සතුටකින්. ඒ කවි අතර , "අපට නව ජීවිතයක් ලැබුනා" යන අදහස තිබුනා.පොතක් වශයෙන් පළ කරන්නත් ඔවුන්ට අදහසක් තියෙනවා. ඒ ඔවුන් පිහිටවූ කලා සංගමය හරහා.අනිත් කොණේ මට හමුවූ සුභාෂන් ද, රටේ මේ කොණේ රෝහලේ හමුවූ කුඩා පැංචාද බොහෝම දක්ෂ දරුවන් ය. සුභාෂන් බැට කෑවේ ආයුධ යුද්ධයෙනි, කුඩා පැංචා බැට කන්නේ ආර්ථික යුද්ධයෙනි. මට දුක මේ දරුවන් ඔවුන්ගේ දක්ෂතාවයන්ගෙන් ප්‍රයෝජන නොගෙන දෙමාපියන් සේ කුළීවැඩ කරන්නට පෙළඹුනොත් කියාය.අනිත් කොණ දී හැම මසකදීම මානසික ඒකකයේ සායන වලදී හමුවූ ගැහැණු ළමුන් දෙදෙනා මට මතක් වේ. ඔවුන් දෙදෙනාම මානසික ආතතියට ලක්ව අප සායනයෙන් බෙහෙත් ගන්නා අයවලුන් විය. එක් අයෙක් උපතින්ම මානසික අබාධිත තත්වයට පත්වූ අයෙක් වන අතර ආදරයෙන් රැක බලාගන්නා මවගේ උත්සහයෙන් ජීවත් වේ. පියා ඇයව නොසලකා හැර ඇත."ඩොක්ටර් මේ මම මහපුවා " පිළිවෙලක් නැති මුත් මසා ඇති කොට්ට උර අප වෙත ගෙන එමින් ඈ පවසයි.ඉතා උස, මහත ඇය හොඳ මනසකින් සිටියානම් නෙට්බෝල් බාස්කට්බෝල් වැනි උස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩාවක යෙදෙන්නට තිබුනි. " තාත්තා මට ආදරේ නෑ. මං දිහා බලන්නෙවත් නෑ " හැමදාම එකම චෝදනාවය." ෂා දැන් හරි ලස්සනයිනේ... ගෙදරදි තරහා ගත්තේ නෑ නේද මේ මාසේ..." මගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ ඇගේ මුහුණ ප්‍රසන්න හිනාවකින් පිරී යයි. ඉස්සරහට ඇදී ඇති දත් ඇඳි පොඩි කාලෙම හරි ගැස්සුවානම් මේ දරුවා කොච්චර ලස්සනද . මට සිතිනි.ඔවුන්ට උවමනා අගය කිරීම් ය. පැසසුම් ය. මුළු දිවියම දුක්බර වුනු ඒ දරුවන් හට අපෙන් එවැනි සහනයක් ලැබේනම් ඒ කොයිතරම් හොඳයිද මට සිතුනා. ඒ මැහුම් එතරම් හොඳ නැති වුනත් ඈ ආසාවෙන් කරන දේ නිසා අපි හැම ඇයට ප්‍රශංසා කෙරුවෙමු. "දුව උස මහත කළු නිසා ගොඩක් දුකෙන් ඉන්නේ, තාත්තා මේ දරුවා නොසලකා හැරියත්, මෙයාගේ හැඩරුව තාත්තා වගේමයි ඩොක්ටර්" ඒ අම්මා හඬා වැටේ.කොයි දරුවත් දරුවෙක්... අපේ සමහර වැඩිහිටියන් හැම දරුවෙක් කෙරෙහිම එකම සෙනෙහසින් ක්‍රියා කලද බොහෝ අය එසේ නොවේ. අවුරුද්දකට සැරයක් ලෝක ළමා දින සැමරුම් වලදී දරුවන්ට ටොපි චොකලට් තෑගි දෙන සමාජසේවා ආයතන වලින් උනත් මීට වඩා යමක් දරුවන් වෙනුවෙන් කළ හැකියි කියා මා සිතනවා. සෑම ගමකම , නගරයකම ප්‍රජා සෞඛ්‍ය සේවා ආයතන මගින් දරුවන්ගේ මානසික වර්ධනය මෙන්ම ඔවුන් ජීවත් වෙන වටපිටාවෙන් දරුවන්ට එල්ලවන බාධා අනතුරු පිළිබඳ සොයා බැලුවොතින් කොයි තරම් හොඳද.
|
BLOG
|
අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබාඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා...ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්...නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්ඉතින් රැකියාවක් ද හරි හැටි නොමැති ඔහුගේ අත අරන්කොළඹ යයි ඇය ඔහු හිඳී ගෙයි ගෙයයි දරුවයි මුර කරන්...පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්Mp3 - Aruna UdayeYouTube.
|
BLOG
|
නුවර එළියෙ trip යන්න ඉස්සල්ලා plan කරගෙන යන්න.නුවර එළියෙ යන්න ඕනෙ කොහෙද. නවතින්න හොඳ තැන් මොනවද. යන්න වාහනයක් හයර් කරන්නෙ කොහෙන්ද. මේ දවස්වල මොනවද තියෙන events වගෙ මේ සෑම දෙයක් ගැනම එකම තැනකින් දැනගන්න පුලුවන් තැනක්More Details.
|
BLOG
|
ෆොටෝශොප් මෘදුකාංගය යොදාගෙන අද ලෝකයේ බොහෝ දෙනා ඉතා අපූරු නිර්මාණ බිහි කරනවා.නමුත් මෙවැනි මෘදුකාංග සොයාගැනීමට බොහෝ කාලයකට පෙර සිටි ජායාරූප ශිල්පීන් විසින් කළ අපූර්ව වූ නිර්මාණ කිහිපයක් බලන්න.ජායාරූපකරු-මූරිස් ගිබර්ට්(1892)ජායාරූපකරු-ග්‍රීට් ස්ටර්න්(1950)ජායාරූපකරු-තෝමස් ඩී ඇක්වින්(1880)ජායාරූපකරු-මූරිස් ටැබර්ට්(1930).
|
BLOG
|
4pt 0in 5...
|
BLOG
|
දෙනෝ දහසක් වසනසෙයිලමේ හැම නිතරඅතරමං වෙලා මමකිසිත් නොපෙනෙන තැනකදෙනෝ දහසක් දෙනාඉන්නවලු වටේටමනොයෙක් දේ කියනවලුකරනවලු මං ගැනමකිසිවක්ම දැනෙන් නැතිහැගෙන් නැති හදවතටකුමන ඵල ලෝකයාමොන දෙයක් කෙරුවාටමියැදෙන්න වැටුනාටඅමතකව නැත තවමඅතීතයේ මියැදිච්චනුඹට බැදී ආදරයකුසට අහරක් කුමටගතට දිරියක් කුමටහිස් වෙච්ච හදවතටපවන් සිසිලක් කුමටඅදුරු පාතාලයකතනිකමම රජ කරනහිර වෙලා මගේ හිතයලි නොනැගිටින්නටමනැත කිසිදු අදිටනක්එන්න යලි ලෝකයටමියැදිච්ච හිත එක්කවැලලේවී පස් යටට________.
|
BLOG
|
06.05.06...06.
|
BLOG
|
මුලින්ම මම යාපනේ ගියවතාවේ ඒ ගැන ලිපියක් ලියන්න ගත්තත් ටිකක් යද්දි ලිපිය දිගු වෙන බව දැනුනා.. ඉතින් Sinhala-Bloggers group එකට මේල් එකක් යොමු කරන්නට යෙදුනා අලුත් ලිපියක්ලිවීමේදී ලිපිය දිගු වනවිට වෙන දවසක ආයෙ එඩිට් කළාට කමක් නැද්ද වගේ...ඉතින් කිහිප දෙනෙක්උත්තර එවලා තිබ්බා.. සමහරු “ඔයාගෙ ලිපිය එක පාරක්කියෙව්වට පස්සෙ තව කරුණු දැම්මය කියලා ඒකට ආයෙ යන්න අපට ඕනෙ නැ” කියලාත් උත්තර දෙද්දී, උඹ මට පෞද්ගලිකව chatmessage එකක් එව්වා.. “අලුත් පොස්ට් එකක්ලිවීමේදී......” කියලා.... සිරිලක උතුරු කෙළවරට ගියෙමු..එදා ලියුව කොටසවිතරමයි.. ආයෙ ඉතිරිය ලිවීමනම් සිහිනයක්.. )41. නැන්දම්මා කොකා මැරූහැටි නොහොත් ........................... -කියා නුඹ ලියද්දි, 4/5/10 වෙනිදා මම කීවා මතකද. - “හාල් මැස්සන්ගේ බෙලි කැඩුවේ සද් භාවයෙන්ද කියලා හොඳ දෙකක් කථා කරන්නයි ආවේ,මට ඉතින් ගෙදරට netනැහැනේ” යතුරු පුවරුවේ ඉංග්‍රීසිය සිංහලට හරවානොගෙන සිනහවී මොනිටරය දෙස නොබලාම enter බොත්තම තද කර “ ථ-)ඔන්න ඔයාට සිංහල හිනාවකින්ම අපේ කමින් යුතුව සංග්‍රහ කලා” කීමට උඹ හරිම හපනීය....මගේ නම රාජපක්‍ෂ නිසා“ඇය: Mahinda mamage mamage duwada.. කා හටත් නොව අප අපටම... මගේ බිලොගයේ දමපු යම් ලිපියක් වෙනත් browser එකකින්පෙන්වන්නට ඕනෑ වූ විට ඒ ගැන වැප් මලයාගෙන් අසා මට කියා දී මම ස්තූති කළ විට, “අනේ ඒකට මොකද අක්කණ්ඩිපුළුවන්නම් එවාපන් ටිකක් තේ මණ්ඩිකට්ටිය ගියා ගමනක් ගෙන සියලුම වණ්ඩිමම විතරයි ඔෆිසියේ නැහැ කිසි නෝන්ඩි “ කීවාය.කුමකට හෝකේන්තියක් ආ විට මම මෙහෙමත් කිව්වා දවසක් - “ඔව් ඉතින් මමගොඩයෙක්නේ... හොයාගන්න එකයිහොඳ කුරුඳුවත්තෙ නෝන කෙනෙක්.” ඉතින් නිමක්නැති අදෝනා වැලක් නොව තව තවත් මා කේන්ති ගන්වන වදන්ය.. නිදිමතක් සෑදුන කළ නිරතුරුනුඹගේ නිදිමත මකනා බයිට් පැකටුව මේ අක්කාය... Lankeeya Sindy යේ ප්‍රහේලිකාවක් පටන් ගත්තා නුඹ.. එකක් හෝ පිරවීමට සමත් කමක් නොදැක්වීමි....මතකද නුඹට අපි GoogleBuzz එකේවෙල්ලවැහුම් හැදුවා.. (හොත්තරි පඤ්ඤං) ....මේ සියලුහපන්කම් මැද නුඹ තවත් හපන්කමකට අතගැසුවාය... තමන්ගේ අදහසක් තමන්ටඕනෑ ලෙස ලිවීම අමාරු කාරියක් නොවූවත් වෙනත් කෙනෙකුන්ගේ අදහසක් වෙනත් කෙනෙකුන් ලියූදැයක්, වෙනත් කෙනෙකුන් වෙනත් බසකින් ලියූ දැයක් අපේ බසට, අපේ දරුවන්ගේ බසට හැරවීමකිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ මය. ඒ අසීරු කාරිය ජයගත් නුඹ ගැන මේඅක්කණ්ඩියගේ සිත තුළ කැකෑරෙන්නේ ඉමහත් සන්තෝෂයකි. වැරදි නැතිකෙනෙක් මෙලොව සිටින්නට නොහැක.. වැරදි පෙන්වා දෙන්නෝද බොහෝ සෙයින් අප අවටසිටින්නාහුය... ඉදින් මෙහි වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නන් සේම හොඳ ගුණ පෙන්වාදෙන්නන්ද එකසේ මැදහත් සිතින් ඉවසීමට අවැසි ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා.. නරකසිතකින් හොඳම කියනා හොඳම දකිනා සියල්ලන්ටම වඩා හොඳ සිතින් නරක අඩුපාඩු පෙන්වාදෙන්නන් වටින්නට පුලුවන් බව දැනේවා. හැඟේවා. ඉස් ඉස්සරෝම අපි කථා කළේ gmail chat එකකින්... ඒ 2010 වසරේ මාර්තු 2වනදා.. ඉදින් එදවසින්පසු හැම දවසකම සිනහවෙන්, වාදයෙන්, රණ්ඩුවෙන්, හැඬීමෙන් නොනැවතී නැවත නැවතත් සිනහසීමු... වාද කළෙමු.. රණ්ඩු වුනෙමු... හැඬුවෙමු... නැවත නැවතත්.... ඉදිරිය සර්වප්‍රකාරයෙන් සාර්ථක මවේවා.
|
BLOG
|
මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි.මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී වෙන විධිය දැක්කාම හිතට එන්නේ අප්‍රමාණ ප්‍රීතියක්.එත් අවංකවම එයාලා අපේ ප්‍රශ්න ගැන මේ තරම් සංවේදීද... මම කොළඹ දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයෙක්,ඉතින් මේ දිනවල මැතිවරණයේ කැන්වසින් යන අය හරි,හරියට අපේ ගෙවල් වලට එනවා.හරියට අලුත් අවුරුද්දට නෑදෑයෝ එනවා වගේ.ඉතින් මේ එන අය අපිට දීලා යන ලිෆ්ලට් දැක්කාම මේ අය අපට කරන්න හදන මේ සේවයම ඇති එයාලාට නිවන් දකින්න.දැන් එක්කෙනක් කියනවා"හරි මග ගෙන යන උදය ගම්මන්පිල" කියලා.ඒ කියන්නේ මේතාක් කාලයක් අපි ගිහින් තියෙන්නේ නොමග වෙන්න ඇති.:Dහැබැයි ඉතින් ඕනෙම හොද දෙයක් නිකන් ලබෙන්නේ නැහැ වගේ අපිව හරි මග ගෙනියන්න එතුමා අපෙන් රුපියල් 100 බලාපොරොත්තු වෙනවා.තවත් කෙනෙක් එන්නේ "හිරු උදාවූ වගයි" කියමින්.ඒ කියන්නේ මේ දක්වා අපි හිටියේ අදුරේ කියන එක වෙන්න ඇති."මනුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න"එන ඇය වගේම තවත් බොහොදෙනෙක් විවිධ පාඨ කියාගෙන එනවා.සමහරු එන්නේ "අතිශයින්ම ජනතා සේවයට" කියමින්,තවත් අය "දුෂණයට,අවනිතියට එරෙහිව,එකාධිපති වියරුව පරදවන්න,කල දේ ඉදිරියටත් කරන්න,නොකළ දේ කරන්න එනවා.සමහරු "දුප්පතාගේ හිතවත්තු"තවත් ඈයෝ "දුප්පතුන්ගේ ගැලවුම්කාරයෝ"වෙලා.ඒ විතරක් නෙමේ සමහරු එන්නේ "අහවලාගේ ආශීර්වාදයෙන්,මෙයාගේ උරුමයෙන්" කියලයි.තවත් අය "බුද්ධියේ පෙර ගමන්කරුවෝ" ඇවිත් අපේ බුද්ධිමත් මනාපය ඉල්ලා හිටිනවා.හැබැයි ඉතින් මේ කවුරු කොහොම අවාත් මෙවරත් සුපුරුදු පරිදිම එත් එක වෙනසක් සහිතව මෙවර මැතිවරණයේ මගේ ඡන්දය භාවිතා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.සුපුරුදු පරිදි කිවේ මම කොහොමත් විපක්ෂයේ ඡන්දදායකයකු නිසයි.වෙනසක් කිවේ මේවර ජවිපෙ වෙනුවෙන් දෙන්න තීරණය කර ඇති නිසයි.මට හිතෙන විදියට දැන් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය ජිනීවා ගැටලුව හෝ ජිවන වියදම ඉහළ යාමවත් රජයේ තියෙන මහා පරිමාණ දුෂණ,වංචාවත් නෙමේ ශක්තිමත් විපක්‍ෂයක් නොමැති කමයි.මොකද මේ ආණ්ඩුව මේ තරම් බල වියරුවකින් ක්‍රියා කරන්නේ විපක්ෂයෙන් තමන්ට අභියෝගයක් නැති නිසායි.එසේ වුවත් මේ වෙලාවේ ආණ්ඩුව පෙරළීමට වඩා ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැංවීමයි ප්‍රමුඛ කාරණාව ලෙස ගත යුත්තේ .දැන් මේ වෙනකොට මේ රජය මොන තරම් ජනතාව මර්දනකාරී ලෙස හැසිරුනත් එක ඒතරම් රටේ ජනතාවට නොදැනෙන්නේ ජනතාව මේ වෙනකොට රජයේ දැවැන්ත මාධ්‍ය ප්‍රචරණ ඉදිරියේ නිර්වින්දනය වෙලා තියෙන නිසා වෙන්න ඕනේ.එතකොට ඒ නිර්වින්දනය නැති කරන එක තමයි විපක්ෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.නමුත් අවාසනාවකට වගේ අපි බලාපොරොත්තු වෙන ඒ දේ දැන් යු.එන්.පි යෙන් නොවෙන ගණයි.එක්සත් ජාතික පක්ෂයත්,රජයටත් දෙකක් නොවේ එකක් කියා හිතෙනවා සමහරක් විට මේ අයගේ හැසිරීම දැක්කාම.එක නිසා ඉතින් මේ වෙලවේ මට හිතෙන විදියට ශක්තිමත් විපක්ෂයක් ගැන අපේ බලාපොරොත්තු තියා ගන්න වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගින් තමයි.දැන් එතකොට තවත් කෙනෙකුට අහන්න පුළුවන් එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ විතරද..ඇයි ෆොන්සේකා මහත්තයාගේ "ප්‍රජාතන්තවාදී පක්‍ෂය"හොද නැතිද කියා.නමුත් මට පේන්න තියෙන විදියට ප්‍රජාතන්තවාදී පක්‍ෂය දුෂණයට එරෙහි හඩක් නැගුවත් ඔවුන් තුළ තවමත් පිළිගත් ප්‍රතිපත්තියක් නොමැති වීම විශාල අඩුවක්.අනික් අතින් එම පක්ෂයේ සිටින බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවී ආ පිරිස්.ඉතින් ඒවැනි අයගෙන් මේ පවතින ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.අනික් අතට ෆොන්සේකා මහත්තයාගේ ආඥදායකත්වය මම පිළිගන්නේ නැහැ.මේ ආණ්ඩුව තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍රගතව තිබුණාත් ශක්තිමත් රජයක් බව අපි පිළිගන්න ඕනේ.ඉතින් එහෙම රජයකට අභියෝග කරන්නත් ඒ තරම්ම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමයි.දිනෙන් දින රට ගමන් කරන්නේ ආරාජිකත්වයට.ඒ ගමන ආපසු හැරවීම අපහසු නමුත් අනිවාර්යෙන්ම කළයුත්තක් වී තිබෙනවා.ඉතින් ඒ උදෙසා මට කල හැකි එක දෙයක් තමයි මේ.නිහඩව බලා සිටීම මේ ප්‍රශ්න වලට විසදුමක් නොවේ.කළයුත්තේ ක්‍රියාත්මක වීමයි.අපිට හැකි අයුරින්,අපිට හැකි පමණින්.ප.ළි.ය:-මා ජවිපෙ කරුවෙකු නොවන වග සැලකුව මැනවි.පිංතුරයගුගල්ගෙන්.නුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න.
|
BLOG
|
නින්ද නැති තුන් යමේහීන ගොඩ ගසාගෙනමගේ හිත උඹේ ඇස්හොයනවා හැමතැනමගිරවියක් වාගේමකියවනා හුරතල්වඋඹේ කටහඩ මෙමටඇසෙනවා හැම නිතරලගට ලං වී හෙමින්තුරුලතට ගෙන උඹවදෑස් තුල ගිලි නුඹේජීවිතය හොයන්නටවැසුණු නුඹේ ඔය මුහුණකෙස් රොදක් අයින් කරහෙමි හෙමින් හාදුවක්දෙන්න උඹේ නළලතටආදරේ පුරෝගෙනජීවිතය පුරාවටමගේ පුංචි දෙමලිච්චිඉන්නවද මගේ ලගම_____.
|
BLOG
|
දුරද මල් ඇතලඟද මල් ඇතමා පතන මලඒ අතර ඇතසියක් දහසක්මල් අතර නුඹ,වුනෙමි මානෙත රසදුනක්දුනිමි මා හදසැබෑ සතුටක්.හැඟුනි මටපෙම් කල බවක්.ඒ සිතුම් තුලයදම් ලා මා,නුඹ දුරස් වුනිඅසුරුසැනෙකින්එනතුරාවටමගබලාගෙනතවම ඇත මමඉදිකඩුලු ළඟ.
|
BLOG
|
"ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...."හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි." ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න හැබෑට ම... හැම වෙලේම ඔෆිස් ප්‍රශ්න, ටෙලිෆෝන් කෝල්ස් ඉවරයක් නෑ, ඔය ඔෆිෆ් එකේ ඔයා විතර ද හැබෑ ට වැඩ කරන්නේ. "ඇගේ චෝදනා වල නිමක් නැත. ඔෆිස් එකේ තිබ්බ මීටින් එකේ දී කන පිරෙන්න අහගෙන ගෙදර එන්නේ කොයි වෙලාවෙද කියල හිත හිත හිටිය මට ඈ ගේන්න කියපු දේවල් මතක නැතිවීම ඒ හැටි කලබගෑනියක් ඇති කරන්න තරම් හේතුවක් නෙමෙයි නේ..ඔහුට සිතේ.ඔයාගෙ ඔෆිස් එකේ වගේ නෙවේ අපේ එක. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න... ඔහු ආයාචනා කරයි."ඔව් ඔයා තමා ලෝකෙ ලොකුම රස්සාව කරන්නේ අපි කරන රස්සාවල් වැඩකට නැති ඒවානේ. ඇය ඔහුගේ ඇඟට කඩා පනි. ""ඕනේ මඟුලක්, මට මහන්සි. මට රෑ කෑම එපා... ඔහු දිනුම රැගෙන සිරුර මෙන්ම සිතද සැහැල්ලු කර ගැන්මට නාන කාමරය වෙත පිය නඟයි."ඇයගේ සැර ටිකක් බාල වූ සැටියකි. තමා ඔහු හා වාද වූයේ තමාගේ සිතේ ඇති වෙහෙස හා තරහාවන් පිටකිරීම ට බව ඇය හොඳාකාරව ම දන්නීය.උදේ සිට කමකට නැති කළමණාකරුවෙකු හා වැඩක් කරගැනීමට නොදත් සුළු සේවකයන් සමඟ හෙට්ටු වී ගෙදර පැමිණෙන ඇයට තම සැමියා ගේ නොසැලකිල්ල රතු කට්ට පැනීමට හේතුවක් විය.ඔහු ගැන ඇය හොඳාකාරව ම දන්නීය. තමා ගේ ආත්ම ගෞරවයය රැක ගැනීමට ඔහු කුසගින්නේ හෝ නින්දට යන්නෙකි. නමුත් ඈ හට එය වනු දැරිය නොහැක්කකි. කෙසේ හෝ ඔහු ඇය ගැන සොයා බලන බව ඈ දන්නීය.මම කෑ ගහපු එක හරි නෑ, පව්. එයත් මහන්සි වෙලා නෙ එන්නේ... ඔහු ජල කරාමය වසන ගමන් කල්පනා කලේය. බඩු ගේන්න අමතක වෙච්ච එක මගේ වැරැද්ද.. ඒ වුනත් ඕක මහ ලොකු දෙයක් කරගෙන කෑ ගහන්න ඕනේ නෑ නෙ.කවදාවත් මම දෙයක් කියන කන් ඉන්නෙ නෑ, ඔක්කොම තනියම හිතාගෙන මහා කලබලයක් කරනවා... කොච්චර කිව්වත් ඒක නවත්වන්නේ නෑ...ඔහු සරමක් දවටා ගෙන යලි කෑම කාමරය වෙත පිවිසුනේ ය."සොරි.. මම ටිකක් ඉක්මන් උනා.. "ඔහු පවසයි."අද හවස මීටින් එකේ ගොඩක් ප්‍රශ්න තිබ්බා... මට ඒකෙන් ඔක්කොම දේවල් අමතක උනා... ඊළඟ දවසේ රිමයින්ඩර් එකක් වත් දා ගෙන ඉන්න ඕනේ....""නෑ කමක් නෑ... මගෙත් වැරැද්ද මම කෝල් කරලා මතක් කරේ නෑ.... මම දන්නවා ඔයාට ගොඩක් වැඩ මේ දවස් වල... ඊළඟ පාර මම කෝල් කරලා බලන්නන්... සොරි...""ඉන්න, මම කෑම බෙදලා දෙන්නන්....ඔයා කෑම කනවා නේද.."" හ්ම්.... ".
|
BLOG
|
ඔන්න අපි හැමෝම ගොඩක් මහන්සි වුන දෙයක් Google දෙවියන් විසින් එලියට අද දිනයේ Release කරලා තියෙනවා. ඔබ සැමට මෙම දැන් පහසුවෙන්සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා.දැන්ම පිවිසෙන්න : https://translate.com/උදා : මේ දවස්වල ඉති වැඩිය කතාවෙන්නේ China ගැනනේ. හරි අපිට China Message, Website මොකක් හරි අපිට හම්බුනා කියමුකො. දැන් ඉතින් මඔන කතා ද China ද. Google Translator සිංහලෙන්ම පරිවර්තනය කිරීමෙ හැකියාව ඇත. ;)දැනට පවතින Translation වැරදි ඇත්නම් ඒවාත් නිවැරදි කිරීමේ හැකියාව එම ස්ථානයෙම ලබා දී ඇති අතර හා මෙය 100% සම්පුර්ණ කිරීමට ඔබ සැමගේ දායකත්වය ලබා දීමට මෙම ලිපිය බලන්න. බලා සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.මේ සදහා සහය දෙක්වු සැමටTranslation Team එකට Google Translation Week පැවත්වා මෙය සාර්ථක කරගැනීමට අත හිත දුන් සැමට බොහොමත්ම ස්තුති වන අතර ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට හැකියාව ලැබේවා... කියා මම ප්‍රාර්ථනා කරනවා. .මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
|
BLOG
|
ඔන්න ඔහොමලු එක්කෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගත්තේ . ඊට පස්සේ ඒ බ්ලොග් එකේ තව එක්කෙනෙක් ලියන්න සෙට් උනාලු . දෙන්නම එහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවලු . දැන් වීවස් ගණන ලක්ෂයේ සීමාව පහුකරලා නිසා දෙන්නම හිතුව බ්ලොග් එක කියවන්න එන අයට ස්තූති කරන්න .ඊයේ කැම්පස් ඉඳලා ගෙදර එනගමන් මගදී තමයි මතක් උනේ බ්ලොග් එක දැන් ලොකු ළමයෙක් වේගෙන එනවා කියලා . 2013 පෙබරවාරි මාසයේ පටන්ගත්ත අපේ මේ බ්ලොග් එක , එක එක එව්වා මේව්වා ලියාගෙන ලියාගෙන දිග ගමනක් යනගමන් ඔන්න වීව්ස් ලක්ෂයේ සීමාව පහුකරාලු ඉතින් ඈ .අපේ පෝස්ට් කියවපු ,ඒවාට අදහස් පල කරපු ,විවේචනය කරපු ,බ්ලොග් එක ප්‍රවර්ධනය කරන්න උදවු කරපු ,අපේ පෝස්ට් ශෙයා කරලා තවත් අය එක්ක අපේ කතා බෙදාගත්තපු ,වැරදි පාරේ යනකොට හරි පාරට ඇදලා ගත්තපු හැමෝටමසිංදුවා සහ වයලීනෝවා හදපිරි මෙව්වා එක පල කොරනවා . කලින් ලියාගෙන ආපු දේවල් ඉදිරියටත් එහෙමම ලියාගෙන යන්න වගේම , තව තව අලුත් දේවල් බ්ලොග් අවකාශයේ හැමෝමත් එක්කම බෙදාගන්න අපි බලාපොරොත්තු වෙනවා .අපිත් එක්ක ඔබ ආවොත්හිනාවෙනව හැමදාමත්මේ කියන්නේ ඇත්තයිමල්ලීනංගීඅයියේඅක්කේනැන්දේමාමේසහෝදරි සහෝදරි වරුනේ .එහෙනම් සිංදුවටයි මටයි විතරක් මවුලයක් ( හයයි දශම බින්දුවයි දෙකයි දෙක වැඩිකිරීම දහයේ විසිතුනක් ) දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරස්සාවයි .මාළිගෙ සුන්දර පුරය දෙවුන්දරසෝභන පුර සඳ ලෙසට මනෝහරවැජඹෙන සිරි මහ විෂ්ණු පුරන්දරපින්ගෙන අපදෙන රකින නිරන්තරරත්න විමානේ කදිරා පුරවරචන්ද්‍ර සූරියා ලෙසට සුභාකරවැජඹෙන කදිරා දේව මනෝහරපින්ගෙන අපදෙන රකින නිරන්තරලොවැති සකල අඟනන් හට පේමාතිලකවූ සුන්දර රුසිරෙන් සෝමානම් දැරු දේවිය පත්තිනි අම්මාපින්ගෙන අපදෙන රකින්න සෑමානැගී ඇතුගෙ පිට සුදු සඳ පානේඔබේ ගමන කන්දේ සොභමානේසමන් දෙවිඳු අප තෙදිනි රකින්නේපින්ගෙන අපදෙන සැවොම රකින්නේසටනින් පසු රාමා කල ඈතේදෙවියන් වූ සිරි කැළණි පළාතේසුරිඳු විභීෂණ සිහිකර නිතිනේපින්ගෙන අපදෙන සැවොම රකින්නේවන්නියේ වනයේ අණ පතුරන්නේදිවි වග වලසුන් පන්නා ලන්නේසාධු සිතින් යන සැවොම රකින්නේඅයියා නායක දෙවි පින් ගන්නේඅල්ලට ගල් ගෙන මැණික් කරන්නේවැල්ලෙන් බත් පිස භෝජන ගන්නේසෙල්ලන් වියෙ දරුවන් රැක දෙන්නේදෙවොල් දෙවිඳු අද මේ පින් ගන්නේගවුවක් විතරැති ගල පොඩි කරපූඇසක් ලෙසට බෙර සමතල කරපූඑක් දවසින් දේවාලය සදපූදැඩිමුන්ඩය ගනු පින් දොස හරපූකමල නයන නෙත පතුරන බලනාපුවල බලැති ඔඩ්ඩිස දෙවි බැතිනාඅපට කරන දොස දුර කර වසනානිමල සහන සෙත දුන මැන ලෙසිනාරන් තොරණේ මුරට සිටින කඩවරවම් අතිනේ ගෙනත මුගුරු වරතරරන් විමනේ දොරැර එන්න අවසරදැන් ඉතිනේ වඩින් දේව කඩවර.
|
BLOG
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.