comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
ගාල්ලේ කොටුවේ විදියක් දිගේ , කැමරාවත් බෙල්ලේ එල්ලගෙන යනකොට , ඔහු මට හමුවිය .චකිතයෙන්, හෙමින් හෙමින් පටන් ගත්ත අල්ලාප සල්ලාපය නැවතුනේ "පින්තුරයක් ගන්නද . " කියලා අහලා ."මම පොඩි අත්හදා බැලීමක් කරන්න යන්නේ , පින්තුරේ ගන්න ඉස්සරවෙලා මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා .. පිළිතුරු දෙන්න අවශ්‍ය නෑ ..එත් මුහුණේ ලියවෙන දේ මම සටහන් කර ගන්නවා .." මම තරඟයේ නීති පැහැදුවා"හරි "මම ප්රශ්නය ඇහුවා " මොනවද හිතේ තියෙන බලාපොරොත්තු ."උත්තරය මුණේ ඇඳුනා .(පින්තුරය ඔබ ක්ලික් කර , පින්තුරයේ සැබෑ ප්‍රමාණයෙන් නරඹන්න ).
|
BLOG
|
ඇය තරුණයි.. ලස්සනයි... රාගිකයි...ඔහු මහාචාර්යවරයෙක්.., බුද්ධිමතෙක්.., මහල්ලෙක්... ඔහුට නැහෙන්නට අවශ්‍ය විය.නැහෙන්නට හොදම මාර්ගය ඔහුට හමුවිය.
|
BLOG
|
යන යන තැන පොඩි උන් උස්සාගෙන ඉඹ මිරිකා දරු සුරතල් පෙන්වන මහින්ද රාජපක්ෂගේ රාජපාක්ෂික පොලිසිය ඊයේ මහ දවල් කොලඹ දී උද්ඝෝෂණයක යෙදුනු සිසු සිසුවියන්ට තිරිසන් අයුරින් පහර දුන්නේය.මේ දිනවල වේදිකා දෙදරවමින් තමන් මේ රට හදන්නේ දරුවන්ට යැයි රාජපක්ෂකියද්දී දරුවන් යනුවෙන් ඔහු අදහස් කරන්නේ අශ්වයන්ගේ පිටේ මිස ඩී අයි ජී ලාගේ පුතුන්ගේ ගෑණුන්ගේ පිටේ නොනගින තමන්ගේ පුතුන් තුන් කට්ටුව මිස මේ රටේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් නොවන බවට මීටත් වඩා සාධක අවශ්‍යද.ඡායාරූප ලංකාදීපයෙන් උපුටා ගැණිනි.සටහන- දැන් ඉතින් අප කළගුණ දක්වමුද.
|
BLOG
|
ජීවිතේ සිහින ගොඩක්.අවුරුදු ගාණක් ආපස්සට ගිහින් මතක් කරනකොට හැබෑ කරගන්නට නොහැකිවුණු ,මගහැරී ගිය සිහින ,කරත්තයක පුරවාගන්නට තරම්. හැබෑ කරගන්නට නොහැකි වුණු ඒ හීන හිතට ගෙනෙන්නේ දුකක්මත් නෙමෙයි. . මොකද්දෝ තේරුම් ගන්නට බැරි වචනයෙන් පහදා දෙන්නට අපහසු ශාන්තමය සන්තුෂ්ටියක් ඒ මතක ස්මර්ණ වල හැංගිලා තියෙනවා වාගෙයි.වළා පිරුණු අහස මතින්යාන්තමට හඳ පායපු.ටිකක් ඇදිරි- ටිකක් එළියතියෙන රෑක ඇවිද යන්න.තනිපංගලමේ සොයන්නහාංකවිසියක් නොතියාඈත එපිට දුර කාලෙකඅමතක වී අතහැර ආසොඳුරු සිහින සාප්පුවක්.....මූදු නිල්ල තරම් සතුට.ගොඩගලාපු මතක ගොඩයි.පබළු වගේ එකින් එකටඅමුනාගන්නට බැරි හැටි.
|
BLOG
|
මුහුනුපොත් මිත්‍රයෙක් තමන්ගේ බිත්තියේ මීට ටික දවසකට කලින් පොස්ට් කරලා තිබුනා අපුරු සබැඳියක්. තමන්ගේ පාඩුවේ සිටිනා ජෝඩුවක් රූප ගන්වන මේ කලුසුදු රුපය යටින් ඇති සබැඳිය ඔබා බලන්නට මට හිතුනේ නිකමට. ප්‍රතිපලය ඇති විශිෂ්ටයි. "මාරයි" මට එහෙම කියවුනේ නොදැනුවත්වම. මේ කියන්න යන්නේ කෙටිචිත්රපටයක් ගැන. නම තමා "Paperman". මම හිතන්නේ ඩිස්නි ආයතනය අවුරුදු ගානකට පස්සේ කරපු හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපට වලින් එකක් කියලා හිතන්න පුළුවන්. එකවරක් බැලුවාම තවත් කිහිප පාරක් ම බලන්නට හිතෙන මේ විනාඩි හතකට ආසන්න කාලයක් දිවෙන Paperman නිර්මාණයට 2012 වසරේ හොඳම කෙටි චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය ඇතුළුව තවත් සම්මාන කීපයකටම නිර්දේශ වෙලා තියෙනවා කියලා, නම සඳහන් කර කුඩා ගුගල් සෙවුමක් දැමුවොත් අන්තර්ජාලය ඔබට පවසාවි. ඒ වසරේම සජීවිකරණ චිත්‍රපට කැටගරිය සඳහා තරංග වැදුණු Wrack-It-Ralph, ටීම් බර්ටන්ගේ Frankenweenie සහ Pixar Studio හි Brave තරඟ වැදුනත්, විනාඩි හතක ඇතුලත් Paperman කරලා තියෙන දස්කම ඒ කිසිවක කරලා නැති බව කියන්නට උවමනායි. පනහ දශකයේ නිවු යෝර්ක් නගරයේ එකිනෙකාට සම්පුර්ණනම ආගන්තුක දේපලක් අතර ඇතිවන පළමු දැකුමෙන් ම පෙම් බැඳීම එහෙමත් නැතිනම් "Love at First Sight" චින්තාවට පනදෙන මේ කතාන්දරය. ද්විමාන වටපිටාවක් තුල ත්‍රිමාන චරිතයන් මුසුකරමින් ගොඩනගා ඇති බව බොන්දින් බැලුවොත් ඔබට සොයාගන්නට අපහසු වෙන එකක් නැහැ. කලුසුදු පැතලි ජීවිත අතරේ පණ ගැහෙන එකම දේ රතු පැහැති හාදුවක් පමණක් බවත් රතු පැහැති හාදුව කොතරම් දුරකට ජීවිත වෙනස් කරනවාද යන්නත් හිත තබාගෙන මේ කෙටි සජීවිකරණ නිපැයුම නරබන්නට පුලුවන්නම් ඔබේ හිතට සුන්දර චින්තාවන් රැගෙන එන එක නවත්වන්නට කිසිවෙකුට හැකි වෙන එකක් නැති වේවි. :)ජෝන් කා(හ්)ර් ගේ මේ චිත්‍රපටිය අප සැලකිල්ලෙන් නරඹනවා නම් අපට සුපුරුදු ඩිස්නි මුහුණු කිහිපයක් මතකයට නගා ගන්නට අපහසු වෙන එකක් නැහැ. ඉහත මම කියූ ද්විමාන පැතලි ජීවිත අතර එකම ත්‍රිමාන චරිත දෙක වන "මෙග් සහ ජෝර්ජ්" අප පෙර බලපු 101 Dalmations, 2010දෙඑ තිරගත වුනු Tangled වගේ චිත්‍රපට වල චරිත වල රූ ලක්ෂණ සොයාගන්නට අපහසු වන්නේ නැහැ. මෙයට හේතුව වන්නේ ඉහත මා නම් සඳහන් කල චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන සජීවිකරණ ශිල්පියා ලෙස කටයුතු කර තිබෙන්නේ ජෝන් කා(හ්)ර් ම වීමයි. කෙටි සටහන:අනික මේ කෙටි සජීවී නිර්මාණය ගැන තොරතුරු හොයනකොට මට අපුරු දේවල් දෙකක් හමු වුනා.01. Signs - Short Film සයින්ස් කියන නිර්මාණයෙත් තියෙන්නේ මේ හා සමානම කතාන්දරය උනත් ඒ කතාන්දරය සත්‍ය චරිත රඟන නළු නිලියන් විසින් කරන නිසා මට එම නිර්මාණය එතරම් දැනුනේ නැහැ. එහෙත් ඔබට එය ඊට වඩා වෙනස් ආකාරයෙන් දැනෙන්නට ඉඩ තියෙනා නිසා අමතක නොකර පහතින් ඇති එයත් නරඹන්න.02. මේක ගැන වැඩි විස්තර කියන්න යන එක තේරුමක් නැහැ. සබැඳිය ක්ලික් කරලාම බලන්න.
|
BLOG
|
මම 10 වසරේ ඉන්නකොට ඉන්ගිරිස් වලට ලකුනු 35යි.මම ගෙදර යනකොට පෑනෙන් ඒක 85 ක් කරගෙන ගියේ. අම්ම නම් සැක කලේ නෑ.නමුත් අප්පච්චි කෝටුවක් අරගෙන රිපොර්ට් එක කියෙව්ව නිසා ආපහු 85 බැස්සා 35 ට.ඕක තමා මගෙ ඉතිහාසගත ඉන්ගිරිස් පන්තියට යන්න මූලික උනේ.පන්තිය තිබුණෙ අපේ ගෙවල් තියන පාරෙම තියන සර්ගෙ ගෙදර.බන්කු හතරක් පහක් සෙට් දෙහෙකට තිබුණ.එහෙක කෙල්ලො අනිකෙ අපි. එදා මම පන්තියට ගිය පලවෙනි දවස.ටික වෙලාවක් යනකොට දිග කොන්ඩෙ පෝනි නගුටක් දාල, සුදු පාට ගව්මක් ඇදල කලු පාට බෙල්ට් එකක් දාල කෙල්ලෙක් ආව.සුදු ලස්සන කෙල්ලෙක්.ඇවිත් වාඩි උනේ මම හිටිය බන්කුවට එහා බන්කුවෙ.මට මේ කෙල්ල හිතට අල්ලල ගියා.ඔන්න එදා ඉදන් මම ඉන්ගිරිස් ඉගෙන ගන්නව.හැමදාම පන්ති යනව ඒ කෙල්ලව බලන්න.පන්තියෙ ඉන්නකොටත් වැඩිපුර කරන්නෙ එයා ලියන හැටි, හිනා වෙන හැටි ඔව්ව තමා.කාලයත් එක්ක මගේ ඒකපාර්ශික ලව මෝරගෙන එනව.දැන් මම පන්ති යන්නෙ ඔය කෙල්ල නිසාමයි.නමුත් ඒකි මම ගැන කිසිම සැලකිල්ලක් නැහැ.මමත් හොදට ඇදල කරල යනව, ගෙදර වැඩ ටික හොදට කරගෙන යනව.සර් කාරය ලව්ව මගෙ නම කියව ගන්න.කොහෙද සර් මහ එක විදියක පොරක්.කිවෙම නැහැනෙ මගෙ නම.දැන් ඕ ලෙවෙල් විභාගෙ ලන් වෙනව.මම ඔය විභාගෙට ලෑස්ති උනේ විභාගෙට මාස හතරක් වගේ තියල.මගෙ යාලුවෙකුගෙ අයිය කෙනෙක් ගනන් පන්තියක් කලා මට.ඌ හින්ද ගනන් විද්‍යාව සමාජ අද්‍යනය හොදට පාස් වෙලා උසස්පෙල මැත්ස් පන්තියෙ එල්ලුන.අර කෙල්ලට D ම අටක් කියල ආරන්චි උනා.අන්තිම ඉන්ගිරිස් පන්තිය දවසෙ ආවෙ නෑ.මට හෙන අප්සට්.ඉතින් මම තවම ඒකි ගැන හිත හිත ඒ ලෙවෙල් පන්ති යනව.වැඩිය දකින්න ලැබුනෙත් නෑ.මගෙ මේ ඒකපාර්සික වැඩේ මගෙ හොදම යාලුවවත් දැනගෙන උන්නෙ නෑ.මම කීවෙ නෑ.ඉතින් ඔහොම කාලෙ ගියා.මම ඉදල හිටල එයා උසස්පෙල පන්ති යන එව්ව හොයල ඒ පාරවල් වල ඉදල දැක බලා ගන්නව.එයාකලේ ආර්ට්ස්.ඒකාලෙ හිතන්නෙම ඒ ගැන.හැබැයි කතා කරන්න පුලුවන් මානසිකත්වයක් තිබ්බෙ නෑ.මොකද මම ගැන කිසිම සැලකිල්ලක් නොදක්වපු නිසා.නමුත් මම අවදානය ගන්න පුලුවන් තරම් උත්සාහ කලා.com/the-role-of-disappointment-part-03/පලවෙනි පාර උසස්පෙල කරල රිසල්ට් ආවම.මම සන්ඝමිත්තා එකට ගිහින් රිසල්ට් බැලුව,ඒයාට A 4.කොලබ නීති පීටයෙ.මම . . .හෙහ් හෙහ් කොහොම හරි ෆිසිකල් බෝට්ටුවක් ආව පේරදෙනිය. දැන් මම හෙන අව්ලෙන්.මොකද කැම්පස් එකෙක් සෙට් වෙයි කියල.මම කොලබ කැම්පස් එකට සුහද මාරුවක් ඉල්ලුව. ලැබුනෙ නෑ.මම හිතාගත්ත කොහොම හරි කොලබ කැම්පස් එකට යනව කියල මහන්සි උනා ෆිසිකල් යන්න කොලබ.අර මගෙ යලුවගෙ අයිය මට ගොඩාක් උදව් කලා.දෙවෙනි පාර මම මොරටුවට යන්න ආව.දැන් කොලබ කැම්පස් එකට ෆිසිකල් යන්න දෙන්නෙ නෑ.මට ගෙදරින්.හෙන කේස්.ඔය දවස් වල අපේ ගෙදර ආර්තික මැසිම කර කර ගගා දිව්වෙ.ඉතින් පේරදෙනියෙ යන්නලු.කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්.හෙ හෙහ් හෙහ් කොහොමෙන් හරි මගෙ මේ සීන් එකට දැන් අවුරුදු පහක්.හැබැයි මම විතරයි දන්නෙ.මම කොලබයන එක අත ඇරල ගෙදර අයටත් බරක් දීල ගියා මොරටූ.ගිහින් කොලබ කැම්පස් එකෙ යාලුවො සෙට් කොරගෙන හොයනව, හැම සතියකම දෙපාරක්වත් යනව.කර්මය කියන්නෙ කවදාවත් දැක්කෙ නෑනෙ.පස්සෙ මගෙ වියදමට මම පන්ති කරන්න ගත්තෙ මෙව්වට ගෙදරින් සල්ලි ඉල්ලන්න බැරි නිසා.ඔය කාලෙ තමා මම සල්ලි ගන්න බැන්කුවට ගිහින් මුද්දර ගහන්න සල්ලි නැතුව ඉන්නකොට, කවුන්ටරෙ හිටපු කෙල්ලෙක් කතා කරල මුද්දර ප්‍රස්නෙ විසදුවෙ.ඔය හිතවත්කම දුර ගියෙ නෑ මම මේ සීන් එක ඔලුවෙ තියාන ඉන්න නිසා.නමුත් එයා මගෙ හොදම යාලුව උනා.බැන්කුවෙ කෙල්ල එක්කමෙන්න මේ කතාවෙසිද්දිය උන දවසෙ රෑ මම තීරණය කලා අවුරුදු ගානක මගෙ ඒකපාර්ශික ලව් එක ඉවර කරන්න.මම හිතුව මම මේ කෙල්ල එක්ක යමක් පටන් ගන්න කලින්, පරන එකට කතා කරනව කියල, ඒ කෙල්ලගෙ ගෙදර ෆෝන් නම්බරේ හොයාගත්ත.පහුවදා කෝල් කරන්න ගියාම හිතුන, මම මේ මා එක්ක අවුරුදු හතරක් දුක සැප බෙදා ගෙන මගෙ රෙදි ටික හොදල මැදල දුන්න කෙල්ල හොදා මගෙ නමවත් නොදන්න කෙල්ලකට වඩා කියල මම එදා ඒක හිතින් අයින් කලා.ඔය මගෙ නමවත් නොදන්න කෙල්ල නිසා මගෙ ජිවිතෙ ගොඩක් දේවල් වෙනස් උනා.හදිසියෙම මේක මතක් උනේ . . . ගිය සතියෙ මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකක් තිබුන.ඒ යාලුව මට කතා කරල ඇහුව උබ මෙහෙම කෙනෙක් දන්නවද කියල.ඌත් මමත් එකම ඉස්කොලෙටම ගිහින් තියන එකම වයස නිසා උගෙන් අහුවලු මම මොකද කරන්නෙ කින්ද මන්ද කියල.මට පුදුම හිතුන මේ කතාවට.මම අවුරුදු ගානක් හීන දැක දැකා හිටිය,මගෙ නමවත් දන්නෙ නැතෙයි කියල හිතපු මේ කෙල්ල මා ගැන අහනව කියන්නෙ. . . කාලය මැව් වෙනසක අරුමේ. . . .
|
BLOG
|
පොඩි එවුන් කියන්නෙ ඉතින් කොහොමත් ළග ඉන්නකොට ආතල් කෝටියක් දෙනවනෙ. ඒ වගෙ කතා සෙට් එකක්ම පහුගිය කාලෙ බුකියෙ එහේ මෙහේ තිබුන මතකයි.මෙ සීන් එක මට උනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. කැම්පස් එකේ ඉදල ට්‍රේනින් එකට කියල කොළඹ ආවනේ, කවද කාපු ටකරන්ද ඉතින්, කොළඹ කියල දැනගෙන හිටියේ පිටකොටුවෙ බස් ස්ටැන්ඩ් එක විතරනෙ. ඔන්න ඉතින් අදුරන නෑ කෙනෙකුට එහෙම කියල බොඩිමකුත් හොයාගත්තා.කොහොමහරි මෙ නෑ කෙනත් එක්කම බොඩිමට අවිත් නතර උනා. නතර උනාට මොකෝ මම අහගත්තෙ න මේ කොහෙද කියල. දැන් ඉතින් බොඩිම ඇතුලට වෙල ඉන්නව ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ. කෝකටත් කියල ෆෝන් එක අරගෙන බැලුව කොහෙ කියලද වැටෙන්නෙ කියල. ඒ වෙලවෙ තමයි සහොදරවරුනෙ මට ඇඩුනේ. ෆෝන් එක ඉතාමත් පැහදිළිවම වැටෙනව "වනාතමුල්ල" කියල. සින්හලෙන් කියනවනම් වනාතෙ. කොළඹ විතරක් නෙමයි, කොළඹත් හොදම ඒරීයා එකටයි ගොඩ බැහැල තියෙන්න කියල තෙරුනෙ දැන් තම්යි ඔන්න.දැන් ඇති නේද වටේ ගියා, නෑ නෑ වටේ ගියා නෙමෙයි. මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. අහලා ඇතිනේ වනතෙ පැත්තෙ අයියලා ගැන, ගොඩක් රේකොඩ් එහෙම තියලා තියෙනවනෙ අංශ ගණනාවකින්.(කු*,බ*,පා**,...).දවසක් දෙකක් බොඩිමට වෙල ඉන්නකොට තමයි ටිකක් වට පිටාව ගැන තෙරුනෙ. බොඩිමෙ ඉන්නව පොඩි කොල්ලෙක්, ලස්සන කටක් තියෙන. ලස්සන කීවට ඉතින් මූ මෙ ලස්සන කටෙන් වචන 10ක් කීවොත් 5ක් විතර තරු දාල ලියන්න වෙන්නෙ.ඒ තරම් සුපිරි කටක් තමයි මූට පිහිටලා තිබුනෙ. කට ගෑවෙ රන් කිරිද වෙන මොනවහරිද දන් නෑ. ඔන්න මේ වීරයා අපේ බොඩිමටත් දවසක් දෙකක් විතර රින්ගුවා. රින්ගල අපිටත් වචන දෙක තුනකින් සන්ග්‍රහ කරල තමයි ආපහු යන්නෙ.ඔන්න ඔහොම අපු දවසක බොහොම අහින්සක විදිහට මගෙ ලගට වෙලා ඉදගෙන ඉන්නවා කවදාවත් නැතුව.ටික වෙලාවකින් මු කතා කරන්න ගත්තා."අයියෙ, මට චුයින්ගම් එකක් අරන් දෙන්නකො"මමත් ඉතින් ගත් කටටම කීව මගෙ ලග සල්ලි නෑ කියලා.විනාඩියක් විතර බලන් ඉඩල අඉත් අහනව මු "අනේ අයියේ චුයින්ගම් එකක් අරගෙන දෙනන්කෝ" කියල. මම ආයෙමත් කීව සල්ලි නෑ කියල. මෙ විදිහට දහ සැරයක් විතර කීව මගෙන් අහල අන්තිමට අහනවා, "චුයින්ගම් එකක් අරගෙන දෙන්නෙම නැද්ද" කියල.මමත් ඉතින් ටිකක් සැර මූඩ් එකක් අරගෙන කීව "මම කීවනෙ දැන් නෑ කියල, තවත් ඉල්ලුවොත් ගහල එලවන්නෙ"කියල."එහෙනම්, හෙට ඇරගෙන දෙන්නම් කියලා රවට්ටලා මම යවන්නකෝ"අයියෝ සල්ලි කියල මට හිතුනෙ ඔන්න ඔය වෙලවේ තමයි. පව් කියලත් හිතුන, එත් මූ මොකද කරන්නෙ කියල බලන්න මම කීව "හා එහෙනම් මම හෙට චුයින්ගම් අරන් දෙන්නම්, දැන් යන්නකෝ" කියලා. අනේ කිසි කරදරයක් නැතුව ගියා මෙන්න.ඊට පස්සෙ මම චුයින්ගම් එකක් ගෙනත් දුන්න. ඒත් තව ටික දවසක් යනකොට මට තෙරුන මේ පැත්තෙ ඉන්න අනිත් පොඩි ළමයින්ට වඩා මෙ පොඩි එකා ගොඩක් හොදයි කියලා. මේ පැත්තෙ පොඩි ළමයින්ට කුනුහරුප කියන්නෙ සාමාන්‍ය භාෂාවෙම කොටසක් වගේ. අම්මලා තාත්තලා කතාකරන්නෙ ඒ විදිහටනම ළමයි එහෙම කතා කරන එක වෙනස් වෙන්නෙ නෑනෙ කොහොමත්. මේ දෙවල් වලට වගකියන්න ඔනෙ අපෙ රට අවුරුදු ගානක ඉඩල පලනය කරපු හා දැනටත් පාලනය කරන නයකයෝ. තමුන්ගෙ වාසි වලට මෙ දුප්පත් මිනිස්සු පාවිච්චි කරල, අතඇරල දාල. ඒ මිනිස්සු එට පස්සෙ ජීවත් වෙන්න සල්ලි හම්බවෙන ඔනෙම දෙයක් කරනව දැන්.
|
BLOG
|
සියලුම සිසු සැරිය බස් රථ පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී. බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදිGPSතාක්ෂණය යොදා ගනිමින් නිරීක්ෂණය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කෙරේ.ඇතැම් සිසු සැරිය බස් රථ විධිමත්ව ධාවනය නොවන බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.මෙහි පළමු පියවර ලෙස අන්තර් පළාත් සිසු සැරිය බස් රථ සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස GPS තාක්ෂණ යොදා ගෙන නිරීක්ෂණය කිරීම සිදු කරනු ලබයි. මෙම බස් රථ ධාවනය පිළිබඳ නිරීක්ෂණය කිරීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පාලක මැදිරියේ සිට ක්‍රියාත්මක කෙරේ.මේ වන විට දිවයින පුරා සිසු සැරිය බස් රථ 1135 ක් පමණ ධාවනය කරනු ලබන අතර ඒ සඳහා රජය වාර්ෂිකව රුපියල් ලක්ෂ 05 ක් පමණ වැය කරනු ලබයි. මෙම සේවාව යටතේ බස්නාහිර පළාත තුළ බස් රථ 298 ක්ද, දකුණු පළාතේ බස් රථ 108 ක්ද, වයඹ පළාතේ බස් රථ 242 ක්ද, උතුරු මැද පළාතේ බස් රථ 129 ක්ද, සබරගමුව පළාතේ බස් රථ 122 ක්ද, ඌව පළාතේ බස් රථ 68 ක්ද, නැගෙනහිර පළාත තුළ බස් රථ 100 ක්ද, මධ්‍යම පළාත තුළ බස් රථ 35 ක්ද, උතුරු පළාතේ බස් රථ 23 ක් හා අන්තර් පළාත් බස් රථ 10 ක් ධාවනයේ යොදවා ඇත.lk/2014/11/16/_art.fn=aa14111611.
|
BLOG
|
නිලඹර වසන්තය.....(1 කොටස)නිලඹර වසන්තය.....(2 කොටස)නිලඹර වසන්තය.....(3 කොටස)නිලඹර වසන්තය.....(4 කොටස)මෙතනින් කියවන්න*****************************************************************පාසලට ගොස් හිත එක්තැන් කරමින් පාඩමට අවධානය යොමු කරන්න හැදුවද දේවින්දගේ සිත එක්තැන් කරගැනීමට ඔහුහට නොහැකි විය.අනුරාධාව මුණගැසී ඇය පැවසීමට යන දේ කුමක් වේද යන්න පිළිබඳව දේවින්දගේ සිත මහත් චකිතයකට පත්වී තිබුණි.තම කුතුහලය පැවසීමට අරවින්ද හෝ සිටීනම් මහත් සැනසීමක් බව දේවින්දට සිතිණි.එහෙත් ඔහුද අද පාසලට පැමිණ නැත.පාසලේ සීනුව නාද වූ විගසම පාසලෙන් එළියට පැමිණි දේවින්ද වහාම බේක් හවුසය ගාවට දිව ගියේය.ඒ වනවිටත් අනුරාධා එතැනට පැමිණ සිටියේය.ඇය පැමිණ සිටියේ තනිවම නොවේ.අරවින්ද ද ඇගේ අනික්පසින් සිටගෙන සිටියේය."තොපිල දෙන්න අද ඉස්කෝලෙ එන්නෙත් නැතුව කොහෙද බං ගියේ.උඹ අද එන්නෙ නෑ කියල මට කෝල් එකක් දුන්නනම් මමත් අද ගෙදර ඉන්නවනෙ බං...."දේවින්ද ඒ දෝශාරෝපණය එල්ල කලේ අරවින්ද වෙතටය."උඹ නොදන්නව වුනාට අද අපි ගියෙ උඹේ වැඩකටම තමයි බං...""මම නොදන්න මගේ වැඩේ මොකක්ද කියල කියන්න පුළුවන්ද."දෙබැම රැලිකරගත් දේවින්ද අරවින්දගෙන් ඇසුවේය."මේ දේ තවත් අපි හංගගෙන ඉන්න එකේ තේරුමක් නෑනෙ.දේවින්ද,මට ඇත්තම කියපන්....උඹේ හිතේ තාරකා නංගි ගැන අදහසක් තියනව නේද.මෙතෙක් වේලා නිහඬව සිටි අනුරාධා එක්වරම විමසූ ප්‍රශ්නයෙන් දේවින්ද පුදුමයට පත් නොවූවද ඔහුගේ සිතේ යම් තිගැස්මක් ඇතිවිය.එහෙත් තමන්ගේ ලඟම හිතවතුන් ලෙස සිටින මේ මිතුරන්ගෙන් ඔහුට සැඟවීමට දෙයන් නොමැත."ඔව්...තාරකා ගැන මගේ හිතේ අදහසක් තියනවා."දේවින්ද එකවරම පැවසුවේය."ඔව් ඉතින් අපිනම් ඉතින් ඒක තේරුම් ගත්තෙ උඹටත් කලින්.ඒ දේ දැන් දැන් තාරකා නංගිටත් තේරිලා තියෙන්නෙ....""ඇයි එයා උඹලට මොනවත් කිවුවද."දේවින්ද කලබලයෙන් මෙන් ඇසුවේය."නෑ එයා අපිට මුකුත් කිවුවේ නෑ.ඒත් ඉතින් උඹල දෙන්න මේක හිතේ තියාගෙන ඉන්නව මිසක් එකෙක්වත් අහන්නෙ නැති නිසා අද අරවින්දයි මමයි ගිහිල්ල ඒ දේ තාරකාගෙන් ඇහුවා.""උඹල මොන මඟුලක් කරනවද බං...ඒකි මම ගැන මොනව හිතනවද දන්නෙ නෑ.""ඒකි උඹ ගැන හිතන්නෙත් උඹ ඒකි ගැන හිතන විදිහටම තමයි.අද අපි දෙන්න ගියෙ තාරකා නංගිව හම්බවෙන්න.ඒකි මුලින්ම මේ වගක් අපිත් එක්ක කියන්න කැමති වුනේ නෑ.ඒත් ඉතින් අන්තිමට ඒකිගෙම කටින් පැන්න ඒකිත් උඹ ගැම බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව කියන එක."අරවින්ද එක හුස්මට කියාගෙන ගියේය."ඔන්න ඉතින් දැන් අපි දේවාලෙ ඇරල දීල තියෙන්නෙ.පූජාව තියනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔය කපුමහත්තයම තමයි.දැන්වත් ගිහිල්ල ඒකිගෙන් කෙලින්ම මේ දේ ගැන අහපන්."අනුරාධා සිනහසලමින් පැවසුවාය."දේවාලෙත් ඇරලනම්...පූජාවත් ලෑස්තිනම් කපුමහත්තය මොකටද තවත් පස්ස ගහන්නේ.මම හෙටම ඒකිගෙන් මේ ගැන අහන්නම් බං....උඹල මට මේ කරන උදවු වලට මම කොහොම උඹලට සලකන්නද මන්ද බං......උඹල දෙන්නට දස දහස් වාරයක් තෑන්ක්ස් වේවා මචෝ......""ඒ...අනුරාධා..මේ බලපන්කෝ..මෙයා අපිට ටැන්කියක් දීල ශේප් වෙන්න හදන්නේ.මේ මේ.....උඹේ කෙහෙල්මල් ටැංකිය දාපන් ගඟට.ඒ මඟුලෙන් අපිට වැඩක් නෑ.දැන් යමන් බේක් හවුස් එකට...දවල්ට මොනවහරි කාල,හවසට කන්නත් මොනවහරි අරගෙනම අද ගෙදර යන්...."අරවින්ද පැවසුවේය."උඹලටත් කොයි වෙලාවෙත් කන බණේම තමයි බං...කමක් නෑ කමක් නෑ....එහෙනම් යමන්කො ඇතුලට."දේවින්ද තම මිතුරන් දෙදෙනාවත් කැටුව බේක් හවුසය ඇතුලට ගියේ ප්‍රීතිමත් සිනහවක් මුවග රඳවාගනිමිනි........................................................................................................................................................................"සුදු දූ......""ඇයි අම්මා....මම වොෂ් රූම් එකේ.....""අද හවසට අපි තාත්තගෙ පරණ යාළුවෙක්ගෙ ගෙදර යනවා.ඔයා හවස හය විතර වෙනකොට ලෑස්ති වෙලා ඉන්න.""කාගෙ ගෙදරද අම්ම යන්නේ....."තාරකා මවගෙන් විමසුවේ තම පියාගේ යහළුවන් බොහෝ පිරිසක් තාරකා දැන සිටි නිසාවෙනි."ඔයා දන්නෙ නෑ.....තාත්තගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්.ලෑස්ති වෙලා ගියහම ඔයාටම බලාගන්න බැරියැ."හරියටම සවස හය වන විට තාරකා ගමනට සූදානම් වී සිටියාය.නියමිත වේලාවට වැඩකිරීමට ඇය කුඩාකල සිටම හොඳින් පුරුදු පුහුණු වී සිටියාය.සැහැල්ලු ටී ෂර්ටයකින් සහ කලු පැහැති කලිසමකින් සැරසුනු තාරකා කැඩපත ඉදිරියේ පෙනෙන තම රුව දෙස බලා සිටියාය.ඇගේ සුවඳ විලවුන් වල සුගන්ධය මුලු කාමරය පුරාම හමා යමින් පැවතිනි.සමන් පිච්ච මල් සුවඳට සමාන සුවඳකින් යුත් එම සුවඳට තාරකා බොහෝ සේ ඇලුම් කලාය.
|
BLOG
|
4pt 0in 5. මේ අතරින් කොරියන් කතාවලට විශේෂඅවදානයක් තිබෙන බවත් පෙනී යනවා. ඇත්තමයි ඒකතා ලස්සනයි තමයි. මෙව්වා බලාගෙන බලාගෙනයන අතරේ මට මේ ලිපිය පොතක තිබිලා කියවන්න ලැබුනා. ඉතින් ඒක කාටත් දැනගන්නත් එක්කලියන්න හිතුවා.කොරියාවේකියමි කියන ගංගාවේ තියෙනවලු නක්වහම් කියලාපර්වතයක්. මේ පර්වතයේ හැම අවුරුද්දකමවිශේෂ සිදුවීමක් සිදුවෙනවා.ක්‍රි.ව. 600දි විතර චීන ජාතිකයෝ කොරියානු රාජ්‍යය ආක්‍රමණය කලාලු. පසුව පාක්ජේ කියන කොරියානු රජතුමන් ඇතුළු ඔහුගේපුතුන් වගේම ඇමතිවරුත් අල්ලාගෙන සිරකරුවන් විදියට චීන දේශයට ගෙනිහින්තියෙනවා. මේ හේතුව නිසා දුකට පත්වුනරජමෙහෙසියන් 71 දෙනා ඉහත සදහන් කල නක්වහම් කියන පර්වතයෙන් කියුම් ගංගාවට පැනලාදිවි නහගෙන.ඉතින්ඉන්පස්සේ වසරක් පාසා අද වනතුරුත් වසන්ත කාලයේදී මේ පර්වතය මුදුනේ හරියටම මල් 71ක්පිපෙන බව සදහන් වෙනවා. ඒ විදියට පිපෙන මල්සියල්ල මුළු දවස තිස්සෙම සුවද විහිදුවමින් තිබිලා එදිනම පරවෙලා ගගට වැටෙනවාලු.
|
BLOG
|
නිය පහුරැ වැදුණු හිත බලපන්නේසඳගිරි පව්ව උසයිකිඳුරා හරිම වසයිමං ගෙදර එන්න ආවා අම්මේදොර අරින්න නුඹ විතරයි ඉන්නේරත්තරන් කියා කඩුතුඩමං ඇනගත්තේ පපුවටනුඹ එපා කියද්දීමයි අම්මේමේ කුලගෙය දැන් ගිනිගෙය වැන්නේසල්පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳගිරමට අරැමෝසම් හුරැ නෑ අම්මේනිය පහුරැ වැදුණු හිත බලපන්නේ පදරචනය - රවී සිරිවර්ධනගායනය -ශානිකා සුමනසේකරසංගීතය -දර්ශන වික්රසමතුංග පාන්දරින් නැගිට පාන් පෙත්තක් ගිලදමා වැඩට දුවන අපිට ඉඩක් ලැබෙන විනාඩියට දෙකට ඇහෙන ගීත අතරෙ මේ ගීතය කවමදාවත් නෑසෙන බව අපි හොඳිම්ම දන්නවා. රේඩියෝ චැනල්වල ඉන්න ඉංගිරීසි වචන ටිකක් විතරක් දන්න කලාවක් නොදන්න සමහරැ ට්රෙචන්ඩ් එකට චැනල් එක රුකගන්න ගහන සින්දුවල මේ ගීතය නැතුවැති. ඒ හින්ද පුළුවන් වෙලාවක තිබුණොත් අහල බලන්න හිතෙන ගීතයක් ගැන තරැණයා පාඨක ඔබට කියන්නයි මේ සූදානම. සාමාන්‍ය යෙන් පරිණත නිර්මාණයක ලක්ෂණ හොයාගන්න පුළුවන් යමක නැවුම් බවක් තිබීම සහ ජිවිතයට ගැඹුරක් ලබාදීම කියන කරැණ මතයි. සමහරැ කියනවනෙ සින්දුවක ලොකු දෙයක් කියන්න බෑ කියල. එහෙම කියන්නෙ හරියට සින්දුවක් ලියන්න බැරි සහ රස විඳින්න බැරි පිරිස්.පුංචි සංසිද්ධියක් අරගෙන ඒකෙ තියෙන ගැඹුර සරල භාෂාවෙන් කියන්න පුළුවන් අයට අපි කියනව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගී පද රචකයෝ කියල. දැන් අපි ගීතය පැත්තට හැරෙමු. හැබැයි මේකත් කියන්න ඕන විදග්ධයන් යැයි කියනා පිරිස් නිර්මාණ නොකර ඔළු හංගාගෙන ඉන්නා වෙලාවක කටුස්සන් රජයන වෙලාවක රවී සිරිවර්ධනයන් සිය තෙලිතුඩ නිදිකරවා නොගත් එකට පළමුවෙන්ම පින්දෙන්න ඕන. මාර්කට් එකට මල් සින්දු ලියන, මෙලෝ රහක් නැති ආදරේ හිරිකිත කරවන අක්මුල් නැති සමාජයක මෙවන් පදවැල් ඉතිරි වී තිබීම ගැනත් අපි පුදුම වෙන්න ඕන. එහෙම කියන්නෙ අතීතය මාරයි දැන් නරකයි කියන එකනං නෙවෙයි. කසාදය කියන්නෙ සොඳුරැ ලෝකයක් කියල මල් හීන කන්දක් ඔළුව උඩ තියන් වෙඩින් ගන්න හුඟ දෙනෙකුට අයත් වෙන ඉරණම ගැන තමයි රවී සිරිවර්ධනයන් මේ ගීතයට පාදක කරගන්නෙ. ඒ ගැන අපි ඔහුගෙම්ම අහල බලමු&මේ ගීතයේ පද රචනයට පාදකවෙන්නෙ හිතුවක්කාර විදියට විවාහයක් කරගත්ත තරැණියකගේ පාපොච්චාරණයක් විදියට. මීට පාදක වුණේ මගේ ඥාති සොහොයුරියකට සිදුවූ සිදුවීමක් හා අප ආශ්‍රි තයන්ගේ සිදුවීම් කිහිපයකුයි. එම වස්තු විෂයයට ජනවහරේ එන සඳකිඳුරැ ජාතකයත් එකතු කළා. සඳකිඳුරැ ජාතකයේ දැක්වෙන්නේ සදාදරණීය ප්රේළමයෙන් වෙළෙන පෙම්වත් යුවළක් . මෙහි පෙම්වතිය යන්නේ පෙම්වතාගේ නිවසට හෙවත් සඳගිරි පව්වටසඳගිරි පව්ව උසයි කිඳුරා හරිම වසයිනමුත් අපේක්ෂිත අයුරින් ඇයට අතිශය ප්රේටමාන්විත සඳකිඳුරාව හමුබවෙන්නෙ නෑ. නමුත් ඇය බලාපොරොත්තු වුණු සුන්දර ආදර වදන් වෙනුවට ඇයට ඇනුම් බැණුම් තමයි ඇහෙන්නෙ. ඒ අනුව ඇයට විවාහය ඇතුළෙ අත්විඳින්න ලැබෙන කර්කශ සහ කඨෝර අත්දැකීම් තමයි අත්විඳින්න ලැබෙන්නෙ. අන්තිමට ඇය සියල්ල පොදි බැඳගෙන ගෙදරට ඇවිත් දොරට තට්ටු කරනව.*&දොර අරින්න නුඹ විතරයි ඉන්නේ....*හිතුවක්කාර ප්රේනමයක හෝ යෝජිත විවාහයක කර්කශ අත්දැකීම රුගෙන නිවසට පැමිණ දොරට තට්ටු කරන දුක්මුසු හඬ ඔබේ හද තුළ මවන්නට තරම් ඔහුගේ වදන්වැල දර්ශනගේ සංගීතයෙන් කොතරම් දුක්මුසු ලෙස චිත්තරෑප නොමවයිද. & මෙහි කියවෙන අනිත් කාරණය තමයි අද කාලෙ වැඩිමනක් ඉන්නෙ ආදරේ වෙනුවට මුදලට ගිජුවෙච්ච පරම්පරාවක කසාදය හොයන අය ඒ නිසයි මෙහිසල්පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳගිර කියන යෙදුම එන්නෙ. *ඔහු කීවේ ඇත්තකි වාණිජවාදී සමාජයක හුස්මක් කටක් නොගෙන දුවන අප කසාදයද හොඳ බරක් තියෙන තැනකින් ඉල්ලා සිටිමු. කසාදය තුළද අමාරැවෙන් හිනාවෙවී ඔහේ සිටිමු.එහෙත් ඇයට ඒ බොරැව කළ නොහැක. ඒ කර්කශය දරාගත නොහැකි ඇය අම්මා වෙතට විත් පාපොච්චාරණය කරනා පරාජිත හඬින් මිමිනෙන ඇගේදුක්මුසු හඬ අසමු.නිය පහුරැ වැදුණු හිත බලපන්නේ.......දෙපා නැටවෙන්නට සින්දු රුප් පාරක් දමා චොකා බයිලා ගසන යුගයක ආත්මය අවදිකරවා මස්තිෂ්කයේ ගැඹුරැ තැන්වල ඔළුකටු හාරා ජීවිත පාදන මෙවැනි ගීත සදාකල්ම හදවතේ ගැඹුරැම තැන්වල නිදන්ගත වනවා නොවේද. ඉඳුනිල් සින්දු.
|
BLOG
|
ඔබදන්නවාද….සුදුපාටලිලිමල්වලටපිණිවැටෙනකාලයයිමේ...කඩාවැටෙනතරුවලටපාරකියනුවස්කණාමැදිරියන් පහන්දල්වනරාත්රියයිමේ….ඔව්.ඔබදන්නවාද….වස්සානසිහිනයටපියනගන්නටදෑතඉල්ලා….වසරකකාලයයිමේ…පාළුසිතුවමේ පාටතවරන්නකාලයයිමේ…ඔබදන්නවාද…..පාටනොමැතිව තාමලැතවෙනපින්සලෙන් මේලියන්නේ…පාළුනිම්නෙට සීතසුළඟක්යලිඳුකවදදවඩින්නේ….
|
BLOG
|
මේ අවුරුද්දේ පළවෙනි දවසෙම පළවෙනි තෑග්ග විදියට ලැබුනේ මතක පොතක්... එහෙම නැත්තං ඩයරි එකක්.. ඩයරි එකට සිංහලෙන් කියන්නේ දිනපොත උනාට මම කැමතියි මතක පොත කියන්න.. ඉස්සර නම් දෙසැම්බර් මාසේ අඟ වෙනකොටම ඊළඟ අවුරුද්ද වෙනුවෙන් අළුත් ලස්සන මතක පොතක් ලැබෙන කම් ඉවසිල්ලක් නෑ.. ඒත් මේ අවුරුද්දේ ලැබුන එකත් අම්මට දුන්නා එයාගේ එදිනෙදා ගණන් හිලව් අනම් මනං කැමති නම් ලියාගන්න කියලා..දැන් මින්ස්සු ඩයරි ලියනවද ඇත්තටම.නෑ වෙන්න ඕනි..එහෙමත් නෑ ඊයේ පෙරේදා එයාගෙම වැඩකට අපේ ලාවාගේ බෑග් එකෙන් ඩයරි එක ගත්තම එයා ඒක ලියලා තිබුනා.. ඒ එක්කම මට මතක් උනේ මගේ පරණ මතක පොත් ටික..අදාලා අවුරුද්ද ඉවර උනාම මතක පොතත් කුණු මුල්ලට යන එකයි වෙන්නේ.. විසිකරන්නත් දුකයි.. තියා ගන්නත් බෑ.. ඔය විදියට එකතු උන මතක පොත් ගොඩකින් අද නිදහස් වෙන්න හිතුනා..කාලෙකදි හරීම වැදගත් දේවල් තව කාලෙකදි වැඩකට නැති දේවල් වෙනවා කියලා දැන් තේරෙන්න පටන් අරගෙන.. ගේ අස්සසේ කුණු පුරවන් ඉන්න එකත් ඒ වගේ හිතිලා තියෙන්නේ.. ඒ නිසයි අද උදේම මතක පොත් වලින් නිදහස් වෙන්න කල්පනා කරේ..අවුරුදු දහයක විතර මතක අළුත් කරමින් පිටු පෙරලන එක හරිම ශෝක් වැඩක්..යාළුමිත්රකම්.. ඉස්කොලේ හොර වැඩ.. ජොලි වැඩ.. සිරා වැඩ.. එක්ක පොඩි පොඩි සීන්.. අනම් මනං එක්ක.. අපේ ආදර කතාවේ හුඟක් දවස් ගැන වචන දෙක තුනේ පොඩි පොඩි නෝට්ස්... කොටින්ම අපි මුලින්ම බලපු ෆිල්ම් එකේ ටිකට්ස් පවා.. මුළුන් ලැබුන චොකලට් එකේ කොලෙත්.. ලැබුනු තෑගි වල පුංචි නෝට්ස්.. හැම අවුරුද්දෙම බුක් ෆෙයාර් ගිය ටිකටස්.. විශ්වාස කරන්න බැරි විදියට අවුරුදු 9ක් තිස්සේ මම පාවිච්චි කරන ෆෝන් කනෙක්ෂන් එකට මුලින්ම දාපු කාර්ඩ් එක පවා.. බලාගෙන ගියාම මම පුදුම එකතු කිරීමේ පිස්සුවක් තියෙක හෙනම මානසික රෝගියෙක්නේ...කල් යන්න යන්න ජංජාලෙට ලං වෙන්න ලං වෙන්න මතක පොත් පාවිච්චියත් නැතිව ගිහින් ඒ පිස්සුත් හොඳ වෙලා ගිහිං.. ෆොටෝ කෑල්ලක් අරං කොහේට හරි අප්ලොර්ඩ් කරලා දාන්න තරම් දැන් සිස්ටම් එක වෙනස් වෙලා.. කමක් නෑ.. එහෙම තමයි ඉතිං..මතක පොත් අවශ්‍යමයි කියලා හිතුන පිටු ටිකාක් විතරක් ඉතිරි කරගෙන අනිත්වා හවස පුච්චලා දැම්මා..තව කාලයක් ගිහිං ඒ පිටු ටිකත් වැඩක් නෑ කියලා හිතුන දවසක ඒ ටිකත් පිච්චෙයි..මතක හිත් වල විතරක් ඉතිරි වෙලා මතක පොත් අළු වෙයි.
|
BLOG
|
අත්ලත තබා පැතුමක්විසිරුවමි දුර ඈතටඝන නිල් විසල් අහසකරටාවක් වෙමි දුර සිටphoto- mobile cam.
|
BLOG
|
මේ කඳුළුවලට කියන්න බෑ වාසගම්මේ කඳුළු බිංදු අරන් යන්න පොදි බැඳන්වෙළෙඳාමට නම් ගන්න එපා ඒව නම්ජිනදාස ඔයා සිංහලේට යනවනම්මහ ගෙදර බිත්තිවල ළය පැලිලා දුකින්වැහිදාට වහල අඬාවි වේදනාවෙන්මේ කඳුළුවලට කියන්න බෑ වාසගම්මගේ හැම කඳුළම කාසිවලට ඉල්ලමින්රන්කාසි අරන් පියල් ඒවි කලියුගෙන්හිස් අතින් ඔයා නික්මෙන විට කොග්ගලින්ගායනය - චතුරිකා ගීතාලි (සුපෙම් ගීතය සංයුක්ත තැටිය)පද රචනය - අමිල තේනුවරසංගීතය - දර්ශන රැවන් දිසානායකජීවිතේ ඕන තරම් සිංදු තියෙනවා උදේ ඉඳන් රූ වෙනකම් FM නාලිකාවල ඇහෙන. ලක්ෂ ගණන් දීල වැයුවත් අපිටනං ඒවා බීරි අලින්ට වීණා වයනවා වගේ. කණෙන් පහළට බැහැලා උගුරැ දණ්ඩ ගාවට එද්දි ඔක්කාරෙට ඇවිත් වමාරා පිටට එනව. ඒ වගේ හුඟක් එහෙව් ගීත අතරින් සමහර ගීත තියෙනවනෙ වතාවක් දෙවතාවක් ඇහුවත් හද කුටියෙ ලැගුම්ගෙන පාර පාරා යළි සොයමින් අසන. චතුරිකා ගීතාලිගෙ සුපෙම් ගීතාව ප්රමසංගය පැවැත්වුණු ආනන්ද විද්යා්ලයීය කුලරත්න ශාලාවෙදි ඇසුණු ගීත අතරින් බොහෝ දෙනාට කෙසේ වෙතත් මහද ලැගුම්ගත් %මේ කඳුළු බිංදු^ ගීතයයි අද සතියේ ගීතයෙන් කතාබහට ලක්වෙන්නෙ. ගම්පෙරළිය කියවලා නන්දා පියල් සහ ජිනදාසගෙ ජීවන කතාව දන්න පරම්පරාවට වගේම හසරක් නොදන්න අලුත් පරම්පරාවටත් කියවගන්න අලුත් කතාවක් අමිල ලියල තියෙනවදෝ කියලත් මේ සින්දුව ඇහුවම දැනෙනව. ඉඳහිට අහම්බෙන් ඇහෙන මේ සින්දුවේ පදවැල නින්දට යනකොටත් මතකයට නැගෙන්න ගත්තෙත් ඒ හින්දමද මන්ද. මහ ගෙදර බිත්තිවල ළය පැළිලා දුකින්වැහිදාට වහල අඬාවි වේදනාවෙන්මේ කඳුළුවලට කියන්න බැහැ වාසගම්මේ ගීතයේ තියන උච්චාවස්ථාව හෙවත් උපරිමාවස්ථාව තමයි මේ. අන්තිම පද පේලිය කියවන්න හදද්දී පපුවට දැනෙන ප්රතකම්පනය අපේ හඬෙත් සැර බාල කරනව. %අතින්වත් අත ඇල්ලුවේ නෑ^, වගේම %ඉකිගසා හඬන^%කාත් කවුරැවත් නැති බව^ යන පදවැල් අමරසිරි පීරිසුන්ට ලියපු අමිලගේ මේ පදවැල ගයන චතුරිකාගෙ අනෙකුත් ගීතවලට වඩා, මේ ගීතය ගැයෙන ප්‍ර කම්පනීය හඬ දර්ශනයන්ගේ සංගීතයෙන් පිරිල තියෙනව. හැබැයි දර්ශනගෙ වැඩ කෑලිවලින් මුකුත්ම මේකෙ නෑ කිව්වොත් හරි. මොකද දර්ශන සංගීතවත් කළ ගී තනුවල හැටියට මේකත් මොකද්ද කියල හිතෙන්නෙ ඔහු සතු සුවිසල් සංගීත හැඩතල හින්ද මිසක් අඩුවක් හින්ද නෙවෙයි.මේ අවනඩුව කියන්නෙ නන්දා. ජිනදාස යන්න හදන්නෙ සිංහලේ වෙළෙඳාම් කරන්න. ඇය වෙළෙඳාම් කරන්න යන සැමියට කියනවා මේ කඳුළු නම් බිස්නස් එකට ගන්න එපා කියල. ඒ කියන්නෙ ආදරය රුකන් ඉන්න කියලනෙ. ඒ අතරේ ප්රනකම්පනය ඇති කරන මර්මස්ථානය තමයි ආර්ථික අහේනියෙන් පෙළෙන මහගෙදර ඛේදවාචකය. මහගෙදර බිත්තිවල ළය පාමුල වැහිදාට වහල අඬන හැටි, කඳුළුවලට වාසගම් කියන්න බැරි හැටි කියල තියෙන විදිහට නම් ඇස්වල පිරෙන කඳුළක් අරන් ගිහිං අමිලව බදාගන්න හිතෙනවා. ඒක ඒ තරම්ම හදවතට දැනෙන අපූරැම යෙදුමක්.අන්තිමට තමයි ඛේදවාචකය ස්ථානගත වෙන්නෙ. ආර්ථික අහේනියයි, සැමියගෙ පිටගම් යාමයි එක්ක ඒ කඳුළු කාසිවලට ගන්න පියල් එන බව තමයි කියන්නෙ. පියල් කියන්නෙ ග්‍රා මීය නිර්ධන පන්තියෙන් සමාජයේ උඩට යන ප්රේලමය වෙනුවට මතුවෙන මූල්යිමය ගනුදෙනුකාමී සමාජයක සංකේතය. ඇය එය දන්නවා. ඒත් ඉන් ඇයටද ගැලවිය නොහැකිද. මේ ප්රධශ්නයයි ඉතිරිවී තිබෙන්නෙ.නිර්මාණකරැවාගේ මනස තුළ යටිබිම්ගත අත්දැකීමක් මෙහි සනිටුහන්ව තිබුණාදැයි හිතෙන තරමටම විචිකිච්ඡාවක් ගොඩනැගුණත් එය කාව්යායකට නැගී පසුව අලුත්ම විදියකට චතුරිකා ගීතාලිගෙ ගීතයක් බවට පරිවර්තනය වෙනව. දර්ශනගෙන් බැනුම් අසමින් විහිලුවෙන් පදවැල වෙනස් කරන අමිල මේ ගීතයට කොතරම් සාධාරණයක් ඉටුකරන්නට සමත්වී දැයි ගීතය අසා නැතිවුවත් මෙය කියවන ඔබට දැනුණද, හුඟදෙනෙකුට නම් මෙහි මෙලෝ රහක් තිබේදැයි යන්න පවා සැක සහිතයි.ඉඳුනිල් සින්දු.
|
BLOG
|
ඇත්තම කියා ඇත "විභාග කොමසාරිස්"කළ හරි නිසා යන්නට ඕනා පැන්සොන්කෙරුවේ රෙද්දක්ද මෙච්චර කල් ඕකේ"බාල අපරාධ" වල යෙදුනේ ප්රසිද්ධීයේමරණ මංචකේ පින් පොත පෙරළනා විටකරපු පිනක් නැත තනිකර පවු මිසකසා පෙළ උසස් පෙළ කඩඉම් සිස්සත්තේඅරන් අපායෙම පලයන් උඹ මුත්තේඑහෙත් තියෙනවා ඔහෙ මෙහෙ දුන් එව්වාඒ උනාට ඔව්වා සිම්පල් වේවාකනෙන් කෙසේ මුත් කොන්ඩෙන් ඇදන් යයිකොන්ඩෙ කපල පීරන් පළයන් ආතේ.
|
BLOG
|
ඊයේ අගෝස්තු 15,කතෝලික ආගමේ හැටියට ඊයෙ දවස ජේසුතුමාගේ මව මරියතුමිය වෙනුවෙන් කැප උනු දවස,මුලු ලෝකෙම මරිය මවුතුමිය වෙනුවෙන් කැප උනු දේවස්ථාන වල උත්සව දවසක්,,ලංකාවෙත් මඩු පල්ලිය ඇතුල මරියතුමිය වෙනුවෙන් කැප උනු ගොඩක් ප්‍රදේශවල තියන දේවාස්ථාන වල උත්සව පැවැත් උනා..සුපුරුදු විදිහට මා සිටින නගරයෙත් ලක්ශ ගානක ජනතාවකගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත් උනා.මා මේ වගේම මේ උත්සවය ගැන කීප වරක්ම මගේ බ්ලොග් එකෙන් කියලා තියනවා,,වතාවක් මේ උත්සවේ දවසෙම අපි සේරම උත්සවේ ඉද්දි අපේ ගේ ඇතුලු ගෙවල් කීපයකටම හොරු පැනලා සුද්දයක් දුන්නා අපේ අවට,,,පොලිසි ගිහාම ඒ වෙද්දි එන්ට්‍රි පෝලිමක්,,පික්පොකට් කේස් වලට.කෙටියෙන් උත්සවේ ගැන කිවුවොත් මේ ජායාරූපයේ තිබෙන යකඩ වලින් හදපු මේ විශාල උපකරනය මිනිස්සු විශාල පිරිසක් යොදාගෙන කබ වලින් ඇදන් යනවා,අනික් පොටෝ එකේ ඉන්න කලු රජතුමා සහ සිඋදු රැජින,,ඒ දෙන්නා තමා මේ නගරේ අම්මයි තාත්තයි,නගරෙට ආපු ලොකු සාගින්නක් වෙලාවෙ,කලු රජා නැවක් පිරෙන්න කන්න බොන්න ගෙනල්ලා,,ඒකට තෑග්ගක් දෙන්න යද්දි පොර සුදු ගෑනියෙක් ඉල්ලලා,,රජතුමාගෙ දුව කැමති වෙලා කලු රජතුමා විවාහ කර ගන්න,,ඉතින් ඒ දෙන්නාගෙන් තමා මේ නගරේ නිර්මාණය වෙලා තියෙන්නෙ.ඉතින් ඊයෙ උත්සවේ එක්කම ඒ දෙන්නවත් සිහි කරනවා.වෙන වසර වල වගේ නෙමේ මේ වසරේ මේ උත්සවේ හරිම චාම්,හරිම සරලයි,ඉතා අඩු වියදමින් ඉතා ලස්සන උත්සවයක් පැවැත් උනා.නගර සභාවෙ සල්ලි නැති කම වගේම අලුත් නගරාධිපතිගේ අඩු වියදම් සැලසුම් අනූව උත්සවේ වැඩ ඉවර කලා,,වෙනදා තියන නොයෙක් නොයෙක් ආටෝප මේ වතාවෙ නෑ,,ඒ එක්කම පැයක් තිස්සෙ තිබුන ගිනි කෙළි සංදර්ශනේ විනාඩි 10 ඉවරයි,මිනිස්සුත් ඉතා කැමති උනා චාම් උත්සවේට,,උත්සවේ පටන් ගන්න ඉස්සල්ල නගරාධිපති කිවුවෙ මින් ඉදිරියට මේ වගේ ආගමික උත්සව වලට මුදල් නාස්ති කරන්න නගර සභාවෙන් මුදල් දෙන්නෙ නෑ කියලා,,දෙන්නත් නෑ කියලා,,මිනිස්සු ඒකට කිසි කෙනෙක් විරුද්ධ උනෙත් නෑ,අනුග්‍රහ මුදල් වලින් උත්සවේ චාම්ව ඉවර කලා.එක අතකින් මේ වගේ උත්සව වලට මුදල් කාබාසිනියා කරන එකත් මෝඩ වැඩක් තමා.අන්තිමෙදි කියන්නෙ නගරාධිපති බුදු දහම අනුව සරල ජීවිතයක් ගෙවන්නෙක්,ඒ එක්කම පොර නගරේ ගොඩ දාන්නත් ඒ සරල කමම යොදාගන්නෙ කියලා ලගදී කියලා තිබුනා,ටිබෙට් ජාතික දලයි ලාමා තුමාව සහ ප්‍රන්සිස් පාප්තුමාව මේ නගරෙට ගෙන්නලා සාමයේ නගරය විදිහට නම් කරන්නයි නගරාධිපතිගෙ සැලසුම,,මොකද එයාගෙ සරල කමට හේතුව අර දෙන්න කියලයි නිරන්තරයෙන්ම නගරාධිපති තුමා කියන්නෙ.ලගදි අපි ගැනත් පොඩි ටෝක් එකක් දුන්නා,,ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුවට එයා ගොඩක් සතුටු වෙනවා කියලා.
|
BLOG
|
එදා සෙනසුරාද දිනයක් .සුපුරුදු පරිදි පොලට ගිහින් ඉරිදා පත්තරේයි කෙහෙල් ගෙඩියි අගුණ කොලයි ගන්ඩ ඔනී නිසා යාලුවත් එක්ක ටවුමට ගියා.ගිහින් එයාට ඔනේ අඩුම කුඩුම අරගන්නකම් පස්සෙන් ගිහින් බස් එකට දාල පත්තර අරගන්න කියල පොල පත්තට හැරුන විතරයි ව0ගුවෙම මෙන්න සෙනගක් එකතුවෙලා ඉන්නව, හොම්බ දාල බැලින්නම් ගෑණු කෙනෙක් හෝටලයක් ඉස්සරහ පේව්මන්ට් එකේ වැතිරිලා.බැලූබැල්මටම මට නම් හිතුනෙ මැරිලාවත්ද කියල. තව ටිකක් කර පොවල බලද්දි තමා අවුරුදු 2කට අඩු ඇති කියල හිතුන පොඩි එකෙකුත් ජාරා වෙච්ච් කලිසන් කොටයකුත් ඇදන් ඉන්නව දැක්කෙ.ලමයගෙ අතේ කවුරුහරි දීපු පොඩි බිස්කට් පැකට් එකක්. විඩෙන් විඩේ ලමය අම්ම කියල හිතන්න පුලුවන් අර ගෑනු කෙනා ගාවට ගිහින් අතින් අදිනව, ඒ ගෑණුකෙනාට ගානක් වත් නෑ අඩුගානෙ හෙල්ලෙන්නෙ වත් නෑ. මම් නම් හිතුවෙම මැරිලා තමා කියල.ඔය අතරෙ ස්ටෑන්ඩ් එකේ ඉන්න පොලිස් රාලහාමිල දෙන්නෙකුත් ආවා, එතකොට තමා ඒ හෝටලේ කොත්තු හදන බාස් කෙනෙක් කීවෙ, ඔය "ගෑණි හැමදාම ඔහොමයි හවසට බීල මෙතන බුදියනව, මේ ලමය කානුවෙ වැටිල ඉදල මේ දැන් ගොඩගත්තෙ" කියල.
ප්‍රධාන පාර දෙපැත්තෙ තියන කානුව ආවරණය කරල තිබ්බත් ඔය කියපු තැන පොඩි ඉඩක් තිබිල අර ලමය එතන්ට වැටෙන්ඩ ඇති.සෑහෙන ගැඹුරකුත් තියනව. වෙලාවට කවුරුහරි දැකල තියනව රෑක වැටුන නම්....පොලීස් රාළහාමි වතුර ෙබා්තලයක් අරන් ඇවිත් අර ගෑනු කෙනාගෙ කටට වක් කරා. කොහෙද මැරිල වගේම තමා හෙල්ලෙන්නෙවත් නෑ නිදි. වටේ පිටේ හිටපු අය ගෑනු කෙනාට බැන බැන යනව... ලමයා අම්මගෙ අතින් අදිනව ඇහැරවන්න හිතන් වෙන්න ඕනි.හැමදාම රස්සාවට යද්දි ඔය හෝටලය අහුකරන් ගියත් මේ වෙනකම් ඒ ගෑණු කෙනා අාය දකින්ඩ හම්බුනේ නෑ.
|
BLOG
|
කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ....ජීවිතේදි එන කොයි ප්‍රශ්ණෙටත් විසදුමක් තියෙනවා...විසදුමක් නැත්තම් ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනෙ...අනිත් දේ තමා මනුස්සයෙක්ව ජීවත් කරවන්නේඅත්දැකීම් සහ ප්‍රශ්ණ කියන දෙක..ඒක නිසා මොන ප්‍රශ්ණයක් ආවත් ඒ ප්‍රශ්ණ වලින්පැනලා යන්න හොද නෑ...හැම දේකටම විසදුමක් තියෙන නිසාඅපි අපිට එන හැම ප්‍රශ්ණයකටම විසදුම් හොයන්න ඔනේ...ඒ අතරවාරයේ විවිධාකාර දේවල් වලට මුහුන දෙන්න වෙයිඒවත් අභියෝග හැටියට භාරගෙන ප්‍රශ්ණ වලට මුහුන දීලාසාර්ථකව ප්‍රශ්ණ විසදාගන්න එක තමාමම හිතන විදියට#සාර්ථක_ජීවිතයක්කියන්නේ...එහෙම නැතුව අපිට මුහුන දෙන්න වෙන ප්‍රශ්න නිසාඅඩා වැලපිලා, ජීවිතේ හානි කරගන්නවා කියන එක නෙමෙජීවිතය කියන්නේ.....කලින් කිවා වගේ හැම ප්‍රශ්ණයක්ම එන්නෙ මනුස්සයටඒ වගේම සියලු දේ අනිත්‍යයි...නැති උණ දේ ගැන කම්පා නොවීලද දෙයින් සතුටු වෙලා ප්‍රශ්ණ වලට මුහුණ දිලාසාර්ථකව හැම කෙනෙකුට ජීවත් වෙන්න ලැබේවා ..ජය වේවා .
|
BLOG
|
..සමහර විට වැහි වැටෙනා විටඒ තුලින් දෑස් පුරා ඔබව දැකගනිමීඔබ හරියට සෘතුවේ වහිනා පළමු වැස්ස වාගේයි.................ඔබේ සෙවනේ රැඳෙන්නම්ඔබේ නමින් උමතු වී කියන්නම්සැපක් දුකක් වූව ද ඉවසන්නම් ප්‍රියේ.............කවුරුත්නෑ ඔබ වගේගමනාන්තයයි ඔබ සියල්ල මගේ එන්න තව ළං වීජීවිතේ බෙදාගන්න මා හාබැලුම් හෙලා මා වටහාPehle kabhi, na tune mujhegham diya.....පෙර,කවදාවත් ඔබ රිදුම් දී නැ මටඇයි මේ තනියම මා දමාඅප පෙම්කල මතකයන් සිතුවා ඔබ මගේ කියාමග වෙනස් කලේ ඇයි ඔබමෙලසින් කලේKabhi jo baadal barseMain dekhoon tujhe aankhein bharke......Download Song (film version)Download Song (Female version - Shreya Goshal)Download Song (Remix - Arjun)Download Song (Remix - Maxi)Download Song (Remix - Rishi)කබී ජෝ බාදල් බර්සේචිත්රපටය - Jackpot (2013)ගායනය - අරිජිත් සින්ග්සංගීතය - ශාරිබ් , තෝෂීපද රචනය - තුරාස්, අසීම් සිරාසිඅධ්යක්ෂණය - කයිසාද් ගුස්සාද්නිශ්පාදනය - රයිනා සචින් ජෝශීරංගනය - සනී ලියෝනි , සචින් ජේ ජොශී.
|
BLOG
|
කවදා හරියන්න යාවිඅරං යන්නලොකු දේවල් නෑ..එහෙම උනත්පොඩි පොඩි දේහුඟක් තියනවාගොඩක් ලොකුවටඅරං යන්න.
|
BLOG
|
....9.9.9.9.9.9...10.10.10.10.15 AM10...10.10.10.10.10.10.10.10.10.....10.....10...10.32 AM10...10.10.33 AM10.10.10.10. 10...10.10... 10. 10.10.10...10.41 AM10.43 AM10.43 AM10.10.10... :D10...10.10.57 AM 10.59 AM11.11...11.11.11. 11.11. 11. 11...11.10 AM11.12 AM.11. 11.15 AM.11.17 AM11.17 AM11.17 AM11.18 AM.11.11.20 AM: 11.21 AM. 11...11.11...1140.11.25 AM 11.26 AM11.11.28.11.11.32 AM11.11.11. 11.38m...Also Published in Sinhala language@ මගේ ඩෙනිම and මට හිතෙන හැටි.
|
BLOG
|
හුදෙකලා වූ මොහොතකදුටුව සොඳුරු නෙත් සඟලකපිපිරුණු සිනහ කැන් දැකඅමතක වීය හුදෙකලා සිතපුබුදුවා සිත් සොඳුරු දැහැනකකාලය ගතවීය නොදැනිමකිමැයි වියොවේ අරුමයපසක් කරමින් රැවිදීය සිත තුලඅනෙකුගේ ඇනුම් බහකටඅඳුරුවිය ඒ නේතු යුගඅහෝ සොඳුරු හුදෙකලා බවආයේමත් මා වෙලාගනු මැන.
|
BLOG
|
අතීතයට ගොස් මා මැරූ,ඝාතකයා මමය...මළකඳත් මමය... වර්ථමානයට විත් මා බිහිකළ,වින්නඹුව මමය...බිළිඳාත් මමය..නෂ්ට වූ මමය..උපන් විට කෑ ගැසූ හඬ,මරණ්යේ මර හඬ,එකට එක්වී,උපේක්ෂාවයි,අනාගතය...දුකක් නැත,සතුටු නැත.
|
BLOG
|
අපේ ගෙදර මාළු ටැංකියක් තියෙන්වා. ඒකේ මාළු වර්ග 4ක් ඉන්නවා.සීබ්රා,ශෝට් ටේල්ස්ලා එහෙම ඉන්නවා.අද උදේ මම දැක්කා එක කළු මාළුවෙකුට ශෝට් ටේල්ලා අනිනවා.මම අර කළු මාළු වර්ගයේ නම දන්නැ අපි එයාට 'කළු' කියමු.කළු උඩු අතට පාවෙනවා.කළු මැරිලත්නැ. මම කළුව අතට ගත්තා.කළු මැරිලා නැති නිසා මම කළුව භාජනයකට දැම්මා.කළු පීනනවා,ආයි කළු උඩුමැලි අතට පාවුනා.ආයි පීනුවා. අපි කළුගේ භාජනේට ලුණු කැට, හයිඩ්රිල්ලා, මාළු කෑම දැම්මා.කළුගේ වරලකුත් කැඩිලා. මාළුවෝ ඇනපු නිසා එයාට අමාරු ඇති. ඒත් කළුගෙ ජිවත් වීමේ වාසනාව කළුට අහිමි වුණා.උදේ 10.47 ට විතර එය මැරුණා.
|
BLOG
|
2015 හදිසි ජනාධිපතිවරණය සඳහා ඇත්තේ සති කිහිපයකි.ඇසට අසුවන මායිමේ අපට දක්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ පරාජය දැනටමත් සහතික කොටමෛත්රීපාල සිරිසේන ගේ ජයග්රහණයෙන් උද්දාමයට පත්ව සිටින මෛත්‍රී සහ පරපුරය.අන්තර්ජාලය තුළින් හා එහි සංගණන තුළින් පමණක් ලංකාව දකින්නේ නම් එය සැබෑවකි. එමෙන්මනාගරික හා අර්ධ නාගරික ප්‍රදේශයන්හි මෙන් ම මෛත්‍රීගේ ගොවි බිම් කලාපය වන උතුරුමැද පමණක් සලකන්නේ නම් මහින්ද රාජපක්ෂ බරපතල අර්බුදයක බැව් පෙන්නුම් කරණ මුත්රටෙහි අනෙකුත් ප්‍රදේශයන් සලකා බැලුවහොත් මෛත්‍රී තවමත් සිටින්නේ පියවර ගණනක් පිටුපසිනි.එහෙත් මේ තත්වය මෛත්‍රී හො ඔහුගේ පරපුර අවබෝධ කරගෙන ඇති සැටියක් නොපෙනේ.පසුගියදා මෛත්‍රීට සහාය දක්වන වෙබ් අඩවියක මඅවදානමක් සේ පෙන්වා තිබුණු පරිදි මෛත්‍රීගේ මාධ්‍ය ඒකකය යනු නිකරුණේ කාලය කා දමනකිහිප දෙනෙකුගේ කල්ලියකි. ප්‍රාදේශිය වශයෙන් ගත් කළ මෛත්‍රී ගේ ඡන්ද ප්රචාරකකටයුතු අතිශයින් දුබලය. පෝස්ටරයක් අත් පත්‍රිකාවක් ගෙන් ගෙට යාමක් ඇත්තේ නැතිතරම්ය. පුරවැසි බලයේ ධර්මසිරි බණ්ඩාරණායක පැවසූ පරිදි උතුරු නැගෙනහිර හංසයෙක් ගැනදන්නේ නැත (මෛත්‍රී හෙළ උරුමය සමඟ ගැසූ ගිවිසුම අනුව දෙමළගේ මුහුණ වත් බැලීමටනොහැකි වීම වෙනම කාරණයකි). සරත් ෆොන්සේකාට සිදු වූ පරිදිම ගම් මට්ටමේ යූඑන්පීකාරයින් මෛත්‍රීට වැඩ කරන්නේ නැත. එහෙත් ෆොන්සේකාගේ සහාය සඳහා ප්රාදේශියදේශපාලනයට ජවිපෙ සිටියද මෙවර ජවිපෙ මෛත්‍රීට එලෙසින් සහාය දක්වන්නේ නැත. එපමණක්නොව අංකුර ජවිපෙ ඡන්ද දුමින්ද නාගමුවට යෑමේ අවදානමක් ඇති බව ද අපට ආරංචි වේ.මහින්ද රාජපක්ෂ යනු මොර්තෙ දේශපාලනයේ කෙලපැමිණියෙකි. ඉතිහාසය පුරාම මහින්දට බලයටපැමිණිමට හා බලය රැක ගැනීමට ඉවහල් වූයේ ඔහු සතු වූ නිසඟ කපටි කමයි. අවධානම අවබෝධකරගත් ඔහු මෙවර ප්‍රාදේශිය රැස්වීම් වලට පවා සහභාගීවීමට තීරණය කර ඇත්තේ එබැවිණි.ගමට, ගැමි කමට, ගැමියාට කතා කළ යුතු භාෂාව ඔහු දනී. ගමේ මිනිස්සුන්ට යහපාලනය, දූෂණඅක්රමිතා නැති කිරීම, නීතියේ ස්වාධිපත්‍ය ඇති කිරීම වැනි දෑ වැඩක් නැත. ඊට වඩා මහින්දඔවුන් ළඟට ගොස් ළමයෙක් හුරතල් කර වඩා ගැනීමේ වටිනාකම ඡන්ද කිහිපයක් එහා මෙහාකිරීමට සමත් වීම ලංකාවේ යථාර්තයයි.පසුගිය ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරය පුරාමසරත් ෆොන්සේකා ඇතුළු පරපුරම සිටියේ මෙවැනි සිහින ලොවකය. එහෙත් ඡන්ද ප්රතිඵලවිසින් ඔහුව මහ පොලොවට අතහැරියා පමණක් නොව කෙළවර වූයේ වැලිකඩ හිරගෙදරනි. මෙවර වාස්තවිකතත්වයන් වෙනස් නමුදු මහින්ද සතු බලය (මැර), හැකියාව සහ මුදල් අත දිගහැර වියදම්කිරීම වෙනස් වී නැත. ඒවා ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිද්දෙන් මෙවර ඔහු යොදාගන්නේබලයෙන් පහවීම යනු ඔහුට හෝ රාජපක්ෂ පරම්පරාවට විකල්පයක් නොවන නිසාවෙනි.ඉතිරි සති කිහිපය ඇතුලත සුවිශේෂී ප්රාතිහාර්යයක්සිදු නොවන්නේ නම් මෛත්‍රී සහ පරපුර පොලොවට බැස මේ ඇත්ත තේරුම් නොගෙන දේශපාලනය නොකළහොත්ජනවාරි 9 දා එළඹෙණු ඇත්තේ හංසයාගේ තෙවැනි පරාජයත් සමඟිනි.අපට අනුව නම් මේ ක්‍රමය ඇතුලත මහින්ද අතහැරමෛත්රී ගෙන් මහා වෙනසක් බලාපොරෙත්තු විය නොහැක. එය එකම පංතියක බලය හුවමාරු වීමක්පමණකි. එලෙසම මෛත්‍රී එන්නේ රටේ සිංහල ජනාධිපති වීමටය. ඔහු දෙමළාව උවමනාවෙන්ම හාඋපක්රමශිලිව නොසළකා හැර ඇත. විධායකය අහෝසි කිරීමහෝ රටට වැඩදායී වෙනත් සුබසාධන මට්ටමේ දේවල් සිදුවන්නේ නම් එය අතුරු කතාවකි.එහෙත් මේ මොහොතේ මහින්ද ව පරාජය කිරීමට ඇති හේතු සාධක උවමනාවටත් වඩා දකුණේ සිංහලසමාජයට ඇත. ඒ අතර තමන්ගේම සිස්ටම් එක තවදුරටත් තමන්ටම උවමනා පරිදි හසුරුවාතුන්වැනි වරටත් හෝ අසීමාන්තිකව බලය තහවුරු කරගැනීමට සැරසීම ද මෛත්‍රී විසින් තවදුරටත්ආරක්ෂා කරනවා යැයි පැවසූවද විධායකයේ සිටින තාක් කල් ලක්ෂයක් දෙමළ ජනයා සංහාරයකිරීමට අණ දීමේ ජන ඝාතකයා නීතිය තුළ සුරක්ෂිත වීම ද ප්‍රධානය. එමෙන්ම මෙය මැතිවරණයකින්මහින්ද-බැසිල්-ගෝඨා-නාමල් රාජපක්ෂ (ලා) ගෙන් බලය ලබා ගැනීමේ අවසාන අවස්ථාව වීමට දබොහෝ සේ ඉඩ ඇත.මහින්ද ඇතුළු රාජපක්ෂ හවුල පරාජය කිරීමට හේතූන්ඇති තරම් ඇති මුත් මෛත්‍රී දිනවීමට ඇති එකම හේතුව මහින්ද ඇතුළු රාජපක්ෂ හවුල පරාජයකිරීම ම පමණකි. මක් නිසාද යත් මහින්ද ව පරාජය කිරීමට ඇති අනෙකුත් හේතු කාරණා මෛත්රීසහ ඔහුගේ සහචරයන්ගේ පාලනයක් යටතේ නැවතත් එලෙසින් ම සිදු නොවේ යැයි විශ්වාස කිරීමේහැකියාවක් අපට නැති බැවිනි.
|
BLOG
|
ඇගේ දැතින් මගේ දැගිලි එකට බැදී ගීය ඒ බැදීමත් එක්ක වැහි බින්දු වල තිබුණු ලෙන්ගතු කම මට තාමත් මතකයි ඇගේ ලැමට තුරුළු වුනු මගේ පොත් මිටිය ඔව් සීතලට උණුහුම හොයපු ඒ අතීතයේ දවසත් අද වගේමයි මහ පොලොව සිප ගත්තු ඒ අනෝරා වැස්ස එදා වගේමයි එත් කාලය ඉගිලිලා ............බස් එකේ ජනේලයෙන් පෙනුණු බස් හෝල්ට් එකේ තිබුණු බැංකුව දිහා මට දෑස යොමුවුනේ සිතා මතා නම් නෙමේ .........අතීතයේ වගේම පොත් ගොඩකින් ඔලුවට ලැබෙන පීඩනය මොහොතකට හරි නිමා කරන්නට අපි වගේම තවත් 2 න්නෙක්ට ඒ බැංකුව අද නවාතැන් සපයලා... නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි සොයා ගීය ලෝකයත් එක්ක ඒහැමදේම අතීත මතකයන් වෙලා අපි අපේ ලෝක වල තනි වෙලා ... එත් ඒ බැංකුව එදා වගේම හෙටත් තව තවත් හදවත් වලට තෝතැන්නක් වේවි ..සමහර බැදීම් තියනවා ජිවිත කාලෙ පුරාවටම නමක් දෙන්න එහෙමත් නැත්නම් එ බැදිම මොකක්ද කියල තෙරුම් ගන්න බැරියාලුකමක් සහොදර කමකට එහා ගියපු බැදිම්.. ජිවිතෙ විවිද කාල වල හිතට දැනෙන තනිකමත් එක්ක ඇති වෙන සමහර බැදිම් ජිවිත කාලෙ පුරවටම හිතෙ තැංපත් වෙලා තියනවා. සමහර බැදිම් වලට දවසක් දෙකක් එහෙමත් නැත්නම් පැයක් දෙකක් තරමටකෙටි වුනාට එ පුන්චි මතකය ජිවිතේ පුරාම තැම්පත් වෙලා තියෙන්නෙ ඇයි කියල මම අදටත් දන්නෙ නැ. මතකයෙන් ලොකු කොටසක් එ පුන්චි පුන්චි මතකයන් ගෙන් වෙන් වෙලා මතක පොත ආපස්සට කියවනකොට හිතට දැනෙන්නෙ දුකක්දසතුටක්ද නැ එ හැගිමට වචන නැ.හුදකලාව අරක් ගත්තු ගොඩක් ඈත දවස් වල ඒ හුදකලාව මකන්නට මෙන් හිත පුරා ගොඩ නැගුනු බැදීම් කාලයත් එක්ක හුදකලවමගෙන් ඇත් වෙන්න වෙන්න ගොඩ නැගුනු බැදිමුත් ඈත් කරලා ලස්සන මතකයක් විතරක් එකතු වෙලා. කාලයක් තිස්සෙඉස්කොලෙ යනකොට කොච්චර නම් එ වගෙ බැදිම් අපෙ ජිවිත වලට එකතු වෙන් ඇතිද කඩෙ අක්කා, හැමදාම හිනා වෙන අයියා,වැඩට යන මිනිස්සු හැමදම හම්බෙන කොච්ච්රක් හුරු පුරුදු අයත් එක්ක අපි හිතින් බැදිමක් හදා ගන් ඇතිද. එ බැදිම් දැන් අපෙන් කොච්ච්රක් නම් දුරස් වෙලාද.................ඈත ගමනක් යනකොට ට්‍රිප් එකක් යනකොට හම්බෙන අය හ්ම්ම්ම් එ අයත් එ මතකයෙ කොටස් කාරයො වෙලා මෙහෙම කියන්න ගියාමඑ වගෙ කොච්චර දෙවල් මතක් වෙනවද......... හැම මතකයක්ම ගොඩක් වටින්නෙ හුදකලාව එක්ක තනිවුනාම කියලා මං හොදටම දන්නෙහුදකලවත් මගෙ ජිවිතෙ එක්ක වරින් වර බැදිම් හදා ගන්න හින්දා එ හුදකලාවම ජිවිතෙට ගොඩක් ලොකු පාඩම් කියල දෙනවා කියලාතෙරුම් යන්නෙ සැහෙන කාලයකට පස්සෙ...මග තොටදී අහම්බෙන් හම්බෙන පරන පෙම්වතියක් පෙම්වතෙක් එක්ක අතිත දවස් වල වගෙ අයෙමත් බැදිමක් හදා ගන්න බැ එත් එ මතකයන් කොච්චර ලස්ස්නට හදවත ලග පෙල ගැහෙනවද වයිරයක් නැතුව එ හැම බැදිමකටම සුන්දරත්වයක් දකින්න පුලුවන් කමක් තියනවනම් එ මතකයන් ජිවිතෙ තව තවත් ලස්සන කරනවා.............නමක් දෙන්න බැරි නමක් හොයන්නත් නැත් බැදිම් වලට මං හැමදාම ආදරෙ කර කරන්නෙ එවා ජිවිතෙ මතකයන් ගොඩක් ලස්ස්න කරපු හින්දාකරන හින්දා හරියට හුදකලාවත් එක්ක තියන මගෙ මෙ බැදීම වගෙ ........... හරියට ඈත් එක්ක තිබුනු බැදිම වගෙ එවට කවදාවත්ම නමක් දෙන්න බැ................................................................. එ හින්දම මං මෙ සින්දුවට ගොඩක් අසා කරනවා සංසාර පුරුද්දද මෙ හමු විමෙ අරුමෙ හිමි නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති......................................{සත්තකින්ම වෙන් වීමක් නම් නැ}෴෴සචි෴෴.
|
BLOG
|
අද අපි කරන්න යන්නේ,PHP ගෙදර වැඩ ටික කරගෙන යද්දි ගැටලු මතු වෙන්න ඇති මම ඒ ගැටලු ඉදිරි පත් කරපු අයට පිළිතුරු ලබා දුන්නා.දැන් මම කියන්න් යන්නේ අපි අපේ PHP ගෙදර වැඩ ටික කරගෙන යද්දි එකම දේ නිතර නිතර බාවිතා කරන්න වුනා නේද .උදා :- Database Connection එක අපි නිතර් නිතර භාවිතා කලා.අපි භාවිතා කරන හැම තැනකදිම ඒක නැවත Type කරන්න සිදු වුනා නේද .හිතන්න ඔයාලා ලොකු Project එකක් කරගෙන් යන විට අතපසු වීමක් වෙලා Database Connection එකේ වෙනස් කිරීමක් කරන්න වුනා කියලා .දැන් ඉතින් කොනක් ඉදලා හොය හොයා වෙනස් කරගෙන එන්න වෙනවා නේද .නෑ එහෙම කරන්න ඔනේ නෑ අපිට පුලුවන් අපි අපේ Connection එක වෙනම File එකක දා ගෙන හැම තැනදිම ඒක භාවිතා කරන්න පුලුවන් ඒ වැඩේ හොදයි නේද .කොහොමද ඒක කරන්න්නේ අපි හරිම් ලේසියි ඔයාට කරන්න තියෙන්නේ අලුත් PHP ෆයිල් එකක් අරගෙන අපි හැම තැනදිම් හදන Connection එක ඒකට දා ගන්න විතරයිමම හදා ගත්තා "connection.php" කියලා ෆයිල් එකක් ඒකට දා ගත්තා මෙන්න මේ ටික=================================================================<.> =================================================================දැන් වැඩේ හරි වැඩෙන් 70% ගොඩ.දැන් වැඩේ කරගෙන යද්දි අපිට Connection එක පාවිච්චි කරන්න යන තැන් වලදි අපිට පුලුවන් අපි හදා ගත්තු File එක භාවිතා කරන්න පුලුවන්.මෙන්න මේ විදිහට ,=================================================================<.>=================================================================හරිම ලේසියි දැන් අපිට අපේ ඉතිරි වැඩ ටික අරගෙන් යන්න පුලුවන්.අපිට Database Connection එක ඔනේ වෙන වෙලාවට අපි හදා ගත්තු ෆයිල් එක භාවිතා කරන්න පුලුවන්.වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේමොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න.
|
BLOG
|
පිටපතත් මගේලොකේෂන් මගේයනෙන තැනකඉන්න තැනකමම රඟනවාමොකද මේකරඟ මඩලක්කවුරු කවුරුත්පොඩි චරිතලොකු චරිතරඟපාන...අපි අතරේසබඳකමතමයි උඹලටමගෙන් ලැබෙනසම්මානේ.
|
BLOG
|
මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන්.තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.
|
BLOG
|
ඔයාගේ මව්පියෝමට සින්නක්කරවමලියලා දීපු හේනවපුර වපුර ඉන්නකොටමටත් හොරාට ඔයා වෙන ගොවියෙකුටඅඳේට දීපු අපූරුවමෙකත් බුකියෙන්ම තමයි හොරකන් කර ගත්තේ.
|
BLOG
|
එක එක දේවල් අස්සේ එහේ මෙහේ නතර වෙවී යන ජිවිතේ ආයෙමත් හුඟක් පරණ පුරුද්දක් එක්ක නතර වෙලා.. ආයෙමත් මම පොත් කියවන්න පටන් අරගෙන.. ආයෙමත් කිව්වට මම කවදාවත් කියවන එක නතර කරලා තිබේබේ නෑ මම හිතන්නේ.. කවදා බැළුවත් බාගෙට කියවපු පොතක් මම ඉන්න කිට්ටුවෙන් කාමරේ අස්සේ කොහේ හරි තිබුනා..ඔය කියවන පොත් වලින් 95%ක් ම සිංහල පරිවර්තන.. මොන හේතුවක් හින්දද මන්දා ඒ පොත් කිවන්න පුරුදු වෙලා.. කාලයක්ම මම ලංකාවේ අය ලියන ස්වතන්ත්‍ර පොත් අරගන්න එක කොහෙත්ම කලේ නෑ.. ඒ උනාට මේ පහුගිය ටිකේ මට තෑගි ලැබුන පොතයි මම ගත්ත පොතයි දෙකම ලංකාවේ අයම ලියපු පොත්.. ඒ දෙකම කියවලා ඉවර වෙද්දි මට ආයෙමත් පොත් ගන්න එක එපා උනා..මුලින්ම තෑගි ලැබුනේ සැමීගේ කතාව කිසිම හේතුවක් නැතුව ඇත්තට ම ඒක මට අරන් දුන්නේ ඇයි දන්නේ නැහැ.. හැබැයි ඒක ඇත්තට ගත්තොත් පරිවර්තනයක්.. ඒක කොයි විඳියට ෆිල්ම් එකක් කරාද නොදන්න මට හිතෙන විදියට හිතෙන් හොඳට මවන්න පුළුවන් කතාවක්..ඊළඟට ලැබුනේ මේ සොඳුරු දඩබිමෙහි ඒක නම් අපි දෙන්නම එකතු වෙලා රුපියල් 500ක් ඇතුලේ පොතක් තෝරමු කියලා කොටුවේ ගුණසේන එකෙන් ගත්තේ බොහොම හදිස්සියෙන්.. මංජුල වෙඩිවර්ධන පසු සටහන ලියලා තිබ්බ හින්දා මම නම් හිතුවේ හෙනම සිරා කතාවක් වෙයි කියලා.. මගේ විඳිමේ අවුලක් ඇති කියලා මට තේරුනේ පොත කියවගෙන යද්දියි.. එක්කේ මම සිංහල පොත්.. ටෙලිනාට්‍ය බලලා වැඩියි.. මොකද කතාවේ බොහොම ටිකක් යද්දිම වෙන්නේ මේකයි කියලා හිතාගන්න පුළුවන් ඒක ලියපු කෙනා අයිසිං දාලා දෙන විදිය විතරමයි වෙනස් උනේ...ඊට පස්සේ මමම ගිහිං අරගත්තා බොරැල්ලේ සදීපා එකේ තට්ටු නැගලා නැගලා කීර්ති වැලිසර ගේ කාලසර්ප. මගේ හඳහන වතාවක් බලපු කෙනෙකුත් ඔය වචනේ කියනවා මටම ඇහිලා තියෙන නිසා අඩුම තරමේ ඒ ගැන වත් ඇති කියලා හිතාගෙන පොත ගත්තා.. ඇත්තටම 2013 සම්මානෙකුත් ලැබිලා තිබ්බ හින්දා බය නැතුව අරං කියෙව්වා...ආයෙමත් අර මගේ අවුල මගේ ඔළුවට ගැහුවා..ආයේ මළත් සිංහල නවකතාවක් නම් ගන්නෙම නෑ කියලා හිතුවා පොතේ භාගයක් කියවද්දිම..නෑ.. නෑ...මම කියන්නේ නෑ කතාව හෙනම චොර කියලා එහෙම නෙවෙයි..ඒ උනාට ඒ කතා අස්සේ තියෙන සීඩ් හැම වෙලාවෙම එකයි.. පිටු ගාණ වැඩි කරලා එක එක ෆ්ලේවර් වල අයිසිං දාලා.. එක එක ඩෙකරේෂන්ස් දාලා දුන්නට අන්තිමටම ඉතුරු වෙන්නේ දන්න කියන දෙයක් විතරයි..මම හරි ආසයි සියක් වසක හුදකලාව.. කිඳුරු අරණ.. එහෙම නැත්තං කැල්විනෝ හරි අයියන්දෙගේ හරි පොත් කියවද්දි මට වෙන්න තියෙන මහන්සියට.. නිකං වචන විතරක් නෙවෙයි.. ඉමැජිනරි ෆිල්ම් එකක්ම අපිට දෙනවා පොතත් එක්කම.. ඒ ෆිල්ම් එක හිතෙන් හදාගත්තේ නැත්තං පොත කියවලා ඉවරයි.. ආ මෙහෙම වෙයි කියලා අපි හිතත්දිම ඊළග පිටුවෙන් අපිව කණපිට හරවනවා.. හුටස්..මම බලාපොරොත්තු වෙන පොත් ඒ වගෙයි..ඔය වගේ මෙලෝ රහක් නැති මූඩ් එකක ඉන්දැද්දි තමයි ඔෆිස් එකේ නංගි කෙනෙක් සෙන්කොට්ටන්ං ගෙනැල්ලා අතටම දුන්නේ.. එහෙන් මෙහෙන් ඒ ගැන හොඳ අහලා තිබුනට එක සැරේ ම අරගෙන කියවන්න හිතුනෙත් නෑ.. ඒ උනාට නිකං ලැබුන අස්සයාගේ දත් බලන්නේ මොකටද හිතලා අරන් කියෙව්වා..සෑහෙන්න කාලෙකින් රැයක් ඇහැරගෙන නිදිමත අමතක කරලා පොතක් කියෙව්වා මම.පහුවෙනිදා උදේ මට මාර හැපී.. කතාවක් කියවන ගමන් තාමත් කතාව හින්දා අඬන්න මට පුළුවන් කියලා මට දැනුනා.. මම ඉල්ලන හැම දේම පොත අස්සේ නොතිබ්බත් මොකක්දෝ නොදන්න වචන වලින් විස්තර කරන්න නොදන්න හැඟීමක් හැම වෙලේම සෙන්කොට්ටං ඇතුලේ තිබුනා.. ඒ හැඟීම පොඩිනා ගැනද.. වීරප්පුලි හේනයා ගැනද.. බබාහේනයා ගැනද.. හැමදේම කරබාගෙන කඳුළින් ඉවසපු මල්මා රිදී ගැනද නැත්තං සමස්ථ ජීවීන් ගැනමද කියලා මට තේරුනේ නෑ..හැබැයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආයෙමත් මොනා හරි දෙයක් ලියලා දානවට වඩා යමක් ගැන ලියා පල කිරීම ගැන මට සතුටු හිතුනා..ආයෙමත් වතාවක් සිංහල නවකතාවක් සල්ලි දීලා ගන්න මම හිත හදාගත්තා.. ඒ සෙන්කොට්ටං....... කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේඋඩ තියෙන පිංතූර සේරම ගුගල් අරන් දීපුවා හොදේ.
|
BLOG
|
මේක මගෙ යාලුවෙක් මේ ළඟකදි කියපු කතාවක්. මේ යාලුවව මට හම්බ උනෙ ගම්පහ ගාඩර් එක උඩදි... ඒ එනකොටත් තව කවුද අයියල දෙන්නෙක් එක්ක එයා හිටියෙ. මට නම් කිවුවෙ චැනල් ෆයිව් එකේ මොකක්ද එකකට සෙට් උනා කියල... එයා කියපු කතාවත් එක්ක මට හිතුන.. සමහර කොල්ලන්ගෙ ඇත්තම කතාවත් මේ වගේමයි නේද කියල.. ඒ නිසා ඕන දෙයක් වෙන්න කියල ඔන්න ඒකත් මම ලියල දැම්ම... මේකට හේතු වෙච්ච එයාගෙ කතාව මම මේ විදියට එයාගෙම වචන වලින් දාන්නම්.." ඒ කාලෙ බොන්න ඕන... සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම... ඊට පස්සෙ... බොන්න ඕන.. ඒත් සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම.... ඒත් සල්ලි නොදී බොන්න අකමැති නිසා වැඩිය බිවුවෙ නෑ... මම එහෙම වෙච්ච නිසා ඊට පස්සෙ, බොන්න ඕන... බොන්න සල්ලිත් නෑ, නිකම් බොන්න හම්බ වෙන්නෙත් නෑ.. දැන් මට බොන්න එහෙමට උවමනාවක් නෑ, ඒත්... මට ඇති වෙන්න.. බොන්න සල්ලි තියෙනව, ඇති වෙන්න බොන්නත් හම්බ වෙනව නිකම්ම...ඒත් මම දැන් බොන එක පස්සෙ යන්නෙ නෑ, එහෙමට කියල බොන්නෙත් නෑ...බොන්න උවමනාවකුත් නෑ..." මම මේ කියන්නෙ ගොඩක් පෝසත් සල්ලි තියෙන පිරිමි ළමයි ගැන නෙවෙයි.. මේ කතාව, ඒ තරම්ම සල්ලි නැති යාන වාහන නැති සාමාන්‍ය පංතියෙ පවුලකට ඉපදෙන ටිකක් විනෝදයට බර වගකීම් වැඩිය නැති උසස්පෙළ කරන වයසෙ කොල්ලො ගැන.. මම ඉතුරු ටික කියන්න යන්නෙ නෑ... ඔය මගෙ යාලුව කියපු කාරණා ටික කියවල බලල ඔයාලම කමෙන්ට් එකක් දාල යන්නකො.. මම මේ කියන කතාවෙ යම් කිසි ගැළපීමක් තියෙනව නේද කියල..කෙටවල ඔය කියන මගෙ යාලුවට උසස්පෙළ කරල ඉවර වෙච්ච කාලෙ හරියට යාලුවො හිටිය... ඒ අතරෙ ටිකක් යහමින් සල්ලි තිබුන අයත් හිටිය. ඒ කාලෙ විනෝදයටමයි බර... ජීවිතේ කිසිම වගකීමක් බරක් දැනෙන්නෙ නැති කාලයක් නෙ... බොන එක හොඳයි කියනව නෙමෙයි.... ඒත් මම මේ කතා කරන්නෙ යථාර්තය ගැන. ඒ කාලෙ ජීවිතේ කියන්නෙ කොල්ලො ටිකක් එක්ක සෙට් වෙලා බොන එක, ෆන් ගන්න එක, හොරෙන් නාන්න ට්‍රිප් යන්න එහෙම සෙට් වෙන එක.. පිස්සු වැඩ කරන එක, විශේශයෙන්ම කැපී පෙනෙන්න උත්සහ කරන එක, මෝඩ වැඩ කරන එක එහෙම.. අනිත් වැදගත්ම දේ වලි වලට එහෙම යන එක... ඒක ඔය කාලෙ වයසෙ හැටියක් නෙ.... මොන්ටානා එකට හැරෙන පාර ළඟ කේක් කඩේ ඉස්සරහ කල්ලි ගැහෙන, කල්ලි ගැහිල තියෙන කොල්ලො නම් මේ කියන කතාව හොඳටම දන්නව නෙ..අලවල හැබැයි මම මේ කතා කරන මගෙ යාලුවත් අන්න ඒ කල්ලි වල හිටපු කෙනෙක් ඉස්සර... ඒ චරිතයෙ ඉස්සරයි අදයි වෙනස එදා හොඳටම මම දැක්ක ඒ ගාඩර් එක උඩ හම්බ උන මොහොතට.... වචන වලට කියාගන්න බැරි උනත් උසස් පෙළ කරන, කරපු කාලෙ නිදහසේ වගකීම් නැතුව ගෙවපු සරල නිදහස් ජීව්තේ ගැන ලොකූ කතාවක් ඒ ඇත් ඇතුලෙ ලියවෙලා තියෙනව මම දැක්ක...අලුත් මිණුවන්ගොඩ පාර බලන්න ඔයාලටත් මම මේ කියපු විදියෙ ජීවිතයක් තිබුන ද කියල ඒ කාලෙ... සාහර විට සමහර අය නම් මේ දවස් වල ගෙවන්නෙ මේ කියපු ජීව්තේ... ඒත්.. මේ වෙනකොට ඔය මම කියපු විදියෙ ජීවිතයක් ගත කරපු, මේ පෝස්ට් එක කියවන ගමන් ඒ කාලෙ කරපු වැඩ මතක් කර කර හිනා වෙන, දුක් වෙන අය මේ වෙනකොටත් පෝස්ට් එක කියවන එක පැත්තකට දාල තමන් ගත කරපු ඒ ලස්සන කාලෙ ගැන බෝම ලස්සන චිත්ත රූපයක් මවාවෙගෙන ඒක රස විඳිනව ඇති... අන්න ඒ අයට මගේ මේ කතාව වෙන කාටවත්ම වඩා හොඳටම දැනේවි...සතුටු වෙන්න, දුක් වෙන්න එපා.. කවද හරි අපිට සතුටු වෙන්න ඉතුරු වෙන්නෙ ඔය ටික විතරමයි... --මතකයන්-----මතක වස්තුව-- ලියන පවනි තරංගා.
|
BLOG
|
ජනූ ළමයගෙ කතා කියවන ඔයාල අඳුනනවනෙ එයාගෙ යාලුවො සමහරුන්ව...මේ කතාව ජනූ ළමයගෙ මොන්ටිසෝරි යාලුවෙක් වුණ... අදත් හොඳම යාලුවෙක් වෙන හිරාන්ටයි ජනු ළමයටයි වෙච්ච හරි වැඩක්...ඔන්න ජනූ ළමයයි හිරානුයි එක වසරෙ ඉඳල පහවසරට වෙනකල්, ඊට පස්සෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා හය වසරෙ ඉඳල නවය වසරට එනකල් එකම පන්තියෙ හිටියෙ... ගජ යාලුවො... දවසක් ජනූ වාහන දෙකක් හැප්පිලා තිබුණ තැනක වැටිල දිලිසි දිලිසි තිබිච්ච වින්ස්ක්රීන් කෑලි අහුලනව දැකපු හිරාන් ඊලඟ දවසෙ එයාට වින්ඩ්ස්ක්‍රීන් කෑලි මල්ලක්ම ගෙනත් දුන්න...කොහෙන්ද මෙච්චර ගොඩක්..ජනූ ඇහුවඅපේ කාරෙක හැප්පිලා ගෙදර... කාරෙක ඇතුලෙ තිබුණෙ...හිරාන් කිව්වකානේශයි පියුමියි හිටියෙ වෙන පන්තියකනෙ...හැමෝගෙම අම්මල දෙන්න උගන්නන්නෙ ලොකු ඉස්කෝලෙ නිසා එයාලත් යාලුවො...කොහොම හරි අම්මල කල්පනා කළා ඉස්කෝලෙ ඇරුණම මේ සේරමලව ඉංග්‍රීසි පන්තියකට දාන්ඩ.. වැඩි දුරක් නෑඅල්ලපු වැටේ ශ්‍රියානි ආන්ටි ලගෙ ගෙදර... ඉතිං මේ කට්ටියම ඉස්කෝලෙ ඇරිල යනව ඉංග්‍රීසි පන්තියට...ජනූ මේ ඉංග්‍රීසි පන්තියට නං කැමති වුණා ( ඒ කියන්නෙ කලින් එකකට අකමැති වුණා කියන එක නෙ... ඒ ගැන පස්සෙ ලියන්නං....)මේ අලුත් ඉංග්‍රීසි පන්තියෙ බදාදට සිංගින් ඩේ එක... හැමෝම ශ්‍රියානි ආන්ටිගෙ පියානෝ එක වටේට එකතු වෙලා සින්දු කියනව...ජනූට මේ සින්දු තාමත් මතකයි....ඉංග්‍රීසි පන්තිය ඉවර වෙලා අම්මල ජනූලව එක්කන් යන්ඩ එනකල් කට්ටියම සෙල්ලම් කරනව මිදුලෙ අඹගස් හෙවනෙ...ඔන්න එක දවසක් ජනූ ළමයට අම්ම අරන් දුන්න අලුත් ස්කූල් බෑග් එකක්...මේක රතු පාට කොටු වැටිච්ච ලස්සන බෑග් එකක්...ආ.... මේ වගේම එකක් මටත් තියෙනවපහුවදා බෑග් එක දැකල හිරාන් කිව්ව..ඊලඟ දවසෙ එයත් ඒ බෑග්එකම අරන් ආවහරි ජොලි...එක වගෙම බෑග් දෙකක් පන්තියෙ...දැන් ඔන්න ඉස්කෝලෙ ඉවර වෙලා කට්ටිය වෙනද වගේ ඉංග්‍රීසි පන්තියට ගියා... පන්තිය ඉවර වුණාම අඹ ගහ යටට සෙල්ලම් කරන්ඩ ආවම වෙනද වගේම බෑග් ගලවල ගාඩිනිය ගහ යට තියද්දි ජනූළමයට නිකමට වගෙ හිතුණ...කවුරුහරි සෙල්ලමට මාරු කරයිද බෑග් දෙක කියල...එහෙම හිතල ජනූළමය ගාඩිනිය ගහේ එහා පැත්තෙන් එයාගෙ බෑග්එක තියල සෙල්ලම් කරන්ඩ ගියා...අම්මල ඇවිත් එක එක්කෙනාව අරන් ගියා... හිරානුත් ගියා...අම්ම ආවම ජනූ ළමය එයාගෙ බෑග් එක තිබුණ තැනින් අරගෙන යන්ඩ පිටත් වුණා...ටොක්...ටොක්ටොක් ටොක්ජනූ ලමය අඩිය තියන ගානෙ පිටේ එල්ලල තියෙන බෑග් එකෙන් සද්දයක් ආව..මොනවද චූටි පුතා බෑග් එකේ...අම්මත් ඇහුවඅනේ දන්නෙනෑ... මගෙ පැන්සල් පෙට්ටිය වෙන්ඩ ඇති නේද අම්මෙ..වෙන්ඩ ඇති ... ඒත් උදේ ඔහොම සද්ද ඇහුණෙ නෑ නෙ..වෙන වෙන කතා නිසා ඒක දෙන්නටම මොහොතකින් අමතක වුණා....අම්මේ....අනේ එන්ඩකෝ....හෝම් වර්ක් කරන්ඩ පොත් ගන්ඩ බෑග් එක ඇරපු ජනූ කෑ ගැහුව. එයාගෙ ඇස්වල කඳුලු පිරුණ...කවුද මේ වැඩේ කළේ...මොකද චූටි පුතා...... අම්මත් ඇවිත්අනේ අම්මෙ කවුරු හරි හිරාන්ගෙයි මගෙයි බෑග් මාරු කරල..මම අරන් ඇවිත් තියෙන්නෙ හිරාන්ගෙ බෑග් එක... ජනූඇඬුම් හඬින් කිව්ව අම්මට හිනා ගියා... ඔයා මාරු කරල අරන් ආවද..නෑ නෑ... මම හිතලම බෑග් එක ගලවල තිබ්බෙත් වෙන තැනක අම්මෙ... කවුරු හරි මාරු කරල අපි සෙල්ලම් කරන අතරෙ...අනේ දැං මං මොකද කරන්නෙ..කොහොමද මං හෝම්වර්ක් කරන්නෙ... ආ... කොහොමද හිරාන් හෝම් වර්ක් කරන්නෙ...නාමල් තමයි අම්මෙ මාරු කරන්ඩ ඇත්තෙ....එයා තමයි දරක්කෙ අපි තැන් දෙකක බෑග් ගලවල තියෙනව...ජනූළමය කියවගෙන කියවගෙන ගියේ හිතේ අමාරුවට...පහුවදා උදේ ඉස්කෝලෙ යනකොට හිරාන් ඉන්නව මූණ මැලවිලා..ඇයි ඔයා මගේ බෑග් එක අරන් ගියේ.නෑ නෑ... මම අරන් ගියා නෙවෙයි.. මම වෙන තැනකනෙ බෑග් එක ගලවල තිබ්බෙත් ඇයි මතක නැද්ද... කවුරු හරි ඒක මාරු කරල. මේ හරි හරි දැන් ඒවගෙන් වැඩක් නෑ ...එන්ඩ හෝම් වර්ක් කරන්ඩ..මං ඔයාගෙ පොතේ හෝම් වර්ක් කළා...හිරාන් කිව්ව..මං හිතුව ඔයත් එහෙම කරයි කියල...ආ එහෙනං එන්ඩ අපි දෙන්නම එකතු වෙලා ඔයාගෙ හෝම් වර්ක් ටික කරමු...පස්සෙ කාලෙක ජනූ මේ කතාව හිරාන්ට මතක් කරද්දි එයාට මතක තිබුණෙවත් නෑ...ඒත් හීනෙන් වගේ මතක් වෙනවලු එහෙම දෙයක් වුනා වගේ....මේ කතාව අහල හිරාන් නං කිව්වෙ ජනූගෙ මතකය හරිම ඉහලයි කියල....ඔයාල මොකද කියන්නෙ..පින්තූරෙ තිබුණෙ මෙන්න මෙතන -easygirlgames.
|
BLOG
|
පිරෙව්වොත් හපනාදවසක් ඉන්නකොට මේසේ උඩ තිබිච්ච කොළ කෑල්ලක මෙහෙම කොටු ටිකක් ඇඳලා අරවා මෙවා කොරනකොට නිකම්ම වගේ මෙහෙම එකක් ඇඳුනානේ.බලන්න ඒක පුරවන්න පුලුවන්ද කියලා ඔයාලටත්.
|
BLOG
|
යුද්ධේ ඉවරයි. හැබැයි තාම සෙල්ලම ඉවර නෑ.ඔන්න දැන් නීති රීති එහෙමත් දාල කියන්නේ අලුතින්.හිංගලෙන් පරිවර්තනේ කොටන්න කම්මැලියි. නිකමට වගේ ගිහිං කියවලා බැලුවට පාඩුවක් වෙන එකක් නෑ.මොකෝ නාඩියා කියලා එකෙක් දැන් කඩ්ඩෙන් කොටන්න පටන් අරගෙන. ගිහිං follow පාරක් එහෙම දාගෙනමගියානං හොඳා.
|
BLOG
|
පැමිණීමත් - නික්ම යාමත්මිතුරෝය...දිනෙක - පැමිනියෙමිආ ලෙසින් - නික්ම යමි.පැමිනීම සිනහවේත් - නික්ම යාම - කදුළේත්මිතුරන් බව දනිමි.පැමිනීමට - සිනහවත්නික්මීමට - කදුළත්ඵලක් නැති බව හගින්නෙමි.මා උන් කල - මා සිටි බව,දැනුනා නම්..,ඒ ...අගයන්නෙමි..ඉතින් මා යන්නෙමි - ආ ලෙසින් යන්නෙමිලොවට රහසින් - සොරකමක් කළෙමිනුබට රහසින් - මා එකතු කල,මතකයන් රැගෙන යමි.ආමන්ත්‍රණය: නුඹලාට.
|
BLOG
|
-හල්දුම්මුල්ල, මීරියබැද්ද තේ වත්ත නාය ගොස් වතු කම්කරු ලැයිම් නිවාස සිය ගණනක් පස් යට වැලළිණ.කඳු අතර කඳු වගේ දුක් වින්දකඳු සදිසි මිනිසුන්ගෙ දුක් කන්දකොඳු නවා කඳු දැරූ මිනිසුනේ,කඳු ශිඛර දිය වුනේ කඳුළින්ද.
|
BLOG
|
"මහින්දට බෑ...."කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්... මහින්දට කොච්චර දේවල් පුළුවන් ද... මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්‍ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් සුද්දො ඉස්සරහ ලංකාව වෙනුවෙන් අච්චර කඩ්ඩ වනපු ක්‍රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්‍ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල. මීට පස්සෙ මාත් කියන්නෙ,"මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්..".
|
BLOG
|
පරිගණක ආධාරයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායක කර ගත හැකි අපුරු මෘදුකාංගයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.මේ මෘදුකාංගය තමයිGeoGebraමෙම මෘදුකාංගය භාවිත කරමින් ගණිතය පාඩම් කොටස් ගණනාවක් ඉතාමත් ආකාර්ශනීය ආකාරයෙන් සිසුන් පැහැදිලි කළ හැකිවාක් මෙන්ම එම පාඩම් කොටස් සඳහා ක්‍රියාකාරකම් සකස් කිරීම ද සිදු කර ගැනීමට හැකියාව පවතී.පහත රූප තුළින් ඔබට මෙම මෘදුකාංගය භාවිත කළ හැකි අංශ පිළිබඳව මනා ඉඟියක් ලබා ගත හැකි වේවි.මෙම මාදුකාංගය ලිනකස් මත මෙන්ම වින්ඩෝස් මතද භාවිතා කළ හැකි අතර නිදහස් මෘදුකාංගයක් ලෙස ඔවුන්ගේ ප්‍රධාන අඩවියෙන් භාගත කර ගැනීමට පුළුවනි.ඔවුන්ගේ වෙබ් අජවිය වෙත යොමු වීමට පහත යොමුව භාවිත කරන්න,http://tube.org/මෙම මෘදුකාංගය භාගත කර ගැනීම සඳහා පහත යොමුව භාවිත කරන්න,http://www.org/downloadමෙම මෘදුකාංගය භාවිත කිරිම සඳහා නිර්මාණය කර ඇති ආධාරක නැරඹීම සඳහා පහත යොමුව භාවිත කරන්න.org/මේ මෘදුකාංගය භාවිත කරන ආකාරය පිළිබඳව පහත වීඩියෝව නැරඹිම තුළින් වැඩිදුර අවබෝධයක් ලබා ගත හැකියි.
|
BLOG
|
සිරිකොත ඉදිරිපිට විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වන්නට යෙදුණු ආණ්ඩුවේ ජාතිවාදී ප්රකෝපකාරී උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂය විසින් රළු ප්‍රතිචාරයක් දක්වා ඇති බව ප්රවෘත්ති මගින් දැන ගන්නට ලැබිණි. එය සුවිශේෂ සංවර්ධනයකි. මෙතෙක් ප්රචණ්ඩ ක්‍රියාවල යෙදීමේ අයිතිය තනි භුක්තියට ගෙන සිටියේ ආණ්ඩුවයි. එක්සත් ජාතික පක්ෂයත් ප්රචණ්ඩත්වය වෙත යොමු වුවහොත් මැතිවරණයට පෙර සිවිල් යුද තත්වයක් ඇති විය හැකි ය. ආණ්ඩුවේ මැරවරකම් පාලනය කිරීම සඳහා ප්‍රතිචාරාත්මක ප්රචණ්ඩත්වයක් අවශ්‍ය ය යන අදහස මේ වන විට විපක්ෂ පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන ඇතැම් පිරිස් අතර පැතිරෙමින් තිබේ. ප්රචණ්ඩත්වය මෙන් ම ප්‍රතිරෝධී ප්රචණ්ඩත්වය විසින් ද ඇති කරනු ලබන්නේ අවුල් සහගත තත්වයකි. තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, අධිකරණය හා මැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීනව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ය. ප්රචණ්ඩ ක්‍රියාවල නියැලෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ප්‍රචණ්ඩකාරීන් ජනාධිපතිවරණය නිම වන තෙක් හෝ රිමාන්ඩ් බන්ධනාගාරගත කළ යුතු ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
|
BLOG
|
උදේ පාන්දරම වහින්න ගත්තම දවසෙම කිසි වැඩක් කරන්න වෙන්නේ නැති වුනාට කූල් එකේ ඉන්න පුළුවන් නිසා වහින තරමට ඇඟට සනීපයි. ඒක නිසා වැස්ස කොච්චර වැස්සත් එපා වෙන්නේ නෑ. පහුගිය දවස්වල තිබුන ඇඟ කර වෙන රස්නේ නිසා වහින්න පටං ගත්තම දැනෙන සනීපය නම් කියලා නිම කරන්න බැරි තරම්.වහින වෙලාවත් හරියට හඳ තියෙන වෙලාව වගේ වැස්ස දිහා බලාගෙන කල්පනා ලෝකෙ පුරා සැරිසරන්න පුළුවන්. ඒක නිසාම වෙන්නැති මම වැස්සටත් ආස කරන්නේ. පොඩි දවස්වල ඉඳන් වහින වෙලාවට එළිය දිහා බලාගෙන ඉන්න මම ආසා කලා. සමහර දවසට හෙම්බිරිස්සාව හදාගෙන බැනුම් අහගත්ත වෙලාවල් නම් අනන්තයි. හැබැයි ඒ මොනව වුනත් වැස්ස දිහා බලං ඉන්න එක නම් එපා වෙන්නේ නෑ. ඒ වගේම තමා වැස්ස වෙලාවට තෙමි තෙමි යන එක. ඒකත් ජොලි වැඩක් වුනත් වෙන කරන්නම දෙයක් නැති වෙලාවට ඇරෙන්න තෙමි තෙමි යන්නේ නම් නෑ.වහින එකත් කලාවක් විදියට දකින පිරිසක් අපි අතරේ ඉන්නවා ඒ තමා කවියො, ගී පද රචකයෝ. ඔවුන් තම නිර්මාණ සඳහා වැස්සේ අලංකාර බව, සෞම්‍ය බව, ආදරණීය බව, එක් කරගෙන තියෙන්නේ එක එක්කෙනා වෙන වෙනස් විදියට. මේ විදියට වැස්ස එක්ක සම්භන්ධ වෙලා බිහි වුන ගීත කීපයක් අහලා බලමු. මේ ගීත කොයි තරම් අපේ ජීවිත වලට සම්භන්ධ ද කියලා හිතලා බලන්න.මුල්ම ගීතය ගායනා කරන්නේ "ඩබ්. ඩී. අමරදේව" ශූරීන්. මේ ගීතයට සංගීතය එක කරලා තියෙන්නේ "සනත් නන්දසිරි" මහත්තයා. ඒ වගේම මේ ගීතයේ ගී පද රචනාව කරලා තියෙන්නේ ගීතය තමා "මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා"දෙවෙනියට දෙන්නේ මා සදා කැමති ගායකයෙක් වන "වික්ටර් රත්නායකයන්" විසින් සංගීතවත් කර ගායනා කරන, පද රචනය මහාචාර්ර සුනිල් ආරියරත්න මහතා විසින් සිදු කර ඇති, "හිත මිතුරු සුළඟ" කියන සිංදුව.තුන්වෙනියට දෙන්නේ අපිට ඉන්න ප්‍රවීන සංගිතඥයෙක් වෙන රෝහන වීරසිංහයන් විසින් සංගීතවත් කරලා ගායනා කරන "මුතු කුඩ ඉහලන මල් වරුසාවේ" කියන ගීතය. මේගීතයේ ගී පද රචනාව සිදු වෙලා තියෙන්නේ ලූෂන් බුලත්සිංහල මහතා අතින්.ඊළඟට දෙන ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ගායකයෙක් හා වාදකයෙක් වන "සුමිත් ප්‍රියංකර". මොහු මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා වේ. මේ ගීතයේ පද රචකයාගේ නම නම් හොයාගන්න බැරි වුනා.ඊළඟ ගීතය ගායනා කරන්නේ "විශාරද එඩ්වඩ් ජයකොඩි" මහතා. ඒ තමා "මිණි මිණි පොද වැටේවි" කියන ගීතය. මේ ගීතයේ පද රචනාව "රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන්" වන අතර සංගීතය "කරුණාරත්න විජේවර්ධනයන්ගෙන්"අවසාන ගීතය නව පරපුරේ ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක් වන "කසුන් කල්හාර" සහ "ඉන්ද්‍රචාප ලියනගේ" යන දෙදෙනා ගායනා කරන "මල් වරුසාවේ පාවි එන්නම්" කියන ගීතය.වැස්ස කොයි තරම් ආදරණීය ද කියලා මේ සිංදු ඇහුවම හිතේවි.
|
BLOG
|
පොන්ටියස් පිලාත්ඒ මමපාපතර යුදෙවු ජනතාවමේ ඔබතෝරන්න ඉතින්ලිස්ට් ඒක පිරෙනකම්මෙන්න මේ කූඩුවේබරබ්බස්ගෙවල් බිඳුම් මිනි මැරුම් ස්ත්‍රී දූෂණඑතකොට මෙයාවීරප්පන්අලි මරාපුමිනි මරාපුපොලිසියට වෙඩි තියාපුතව ඉන්නව අජාසත්තදේවදත්තඉඩි අමිනුයිබොකාසා යිඔසවන්න අත්දෙන්න ඔබේ වටිනා චන්දයහොරු ද මිනි මරුවෝ දතක්කඩි ද කසිප්පු මුදලාලිල දතොග වශයෙන් කුඩු ගෙන්වනබෙදාහරිනකැලෑ කපා දඩමස් දෙනරට පටවන මිනිස්සුන්ව බෝට්ටුවේකාවද ඉල්ලුවේ.ඇයි මතක නැද්දඔහෙලගෙ චන්දෙන් නේඅපි ඒකව ඇණ ගැහුවේ කුරුසියකටඉතුරු වුනේ මේ කට්ටියනැහැ නැහැ නැහැරොබින් හුඩ් ඉල්ලන්නේ නැහැඑයාගේ සහතික හොඳටම මදිමෙයාලාට විතරයිනේ නොමිනේෂන් දුන්නේමොකද බනින්නේඇයි ලතැවෙන්නේපරම්පරා බරගානක්ඔබ විසින්ම තෝරාලාතේරිලාම ඉතුරුවෙච්චමේ කට්ටිය මේ ඔබේ ම ආත්මයෙන් ජීවය ලදඔබේම ජන නියෝජනයනොවැරදීම යන්න චන්ද පොලට උදෙන්මදෙන්න නොමසුරු චන්දයලිස්ට් ඒක පිරෙනකම්තෝරාගන්න ඔබඔබේම නියෝජනයඒ ඔබ පාපතර යුදෙවු ජනතාවමේ මම පොන්ටියස් පිලාත්මැතිවරණ කොමසාරිස් තැන්පත්චන්දෙට පසු අත් සෝදා සියලු පවින් නිදහස් වන.
|
BLOG
|
කොයිවෙලේ දාලා යන්න වෙයිද දන්නෙ නැති මැරුණම සත පහක් නොවටිනා ශරීරය වෙනුවෙන් අපි කොච්චර දේවල් කරනවද . ඒත් සංසාරය පුරාවට ගෙනයන සිත වෙනුවෙන් අපි මොනවද කරන්නෙ.
|
BLOG
|
සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් වන සිසු සිසුවියන්ට වසර දෙකක් තුළ ගණිතය සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට හැකිවන ආකාරයට කැබිනට් පති‍්‍රකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත හෙට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වුවහොත් පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සිට ඉදිරියට ගණිතය අසමත් වන සිසුන්ට මෙම අවස්ථාව හිමි වනු ඇති. දැනට උසස් පෙළ හැදෑරීමට නම් ගණිතය ඇතුළුව විෂයන් 03ක් සමත්වීම අනිවාර්යය බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා. පළමුවර ගණිතය අසමත් වන දරුවෙකුට එය ඊලඟ වසරේ සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දීම මෙතෙක් පැවති ක්‍රමයයි. එහෙත් මෙම නව කැබිනට් පත්‍රිකාවට අනුව ගණිතය සමත් වීමට වසර දෙකක කාලයක් ලබා දෙනු ඇති.
|
BLOG
|
පරිගණකය ස්ලෝ වෙලාද මෙන්න විසදුම පරිගනකය ටික කාලයක් යද්දි ස්ලෝ වෙනවනෙ. සමහර අය ආයෙමත් ෆෝමැට් කරනව. මමත් ඒ කාලෙ මාස තුනකට සැරයක්වත් ෆෝමැට් කලා. දැන් එහෙම කරන්න ඕනෙ නෑ.. පොඩි දේවල් 2යි කරන්න තියන්නෙ..පළමුවෙන්ම මේ සොෆ්ට් එක බා ගන්නමේක බා ගන්නදැන් මේක ඉන්ස්ටෝල් කරගෙනවම් පස ඇති ක්ලීනර් කියන ටැබ් එක අරගෙන දකුනු පස පහල ඇති රන් ක්ලීනර් කියන එක ඔබල ක්ලීන් කර ගන්න. ආයෙමත් ඒ විදිවටම ක්ලීන් කර ගන්න.වම් පස දෙවනියට තියන රෙජිස්ට්‍රි යන ටැබ් එක අරගෙන ඉහත විදියටම දෙපාරක් ක්ලීන් කර ගන්න.දැන් බාගයක් ඉවරයි.දැන් මයි කොම්පීටර් යන්න.. C පාටිෂන් එක උඩ රයිට් ක්ලික් කරල Properties යන්න. දැං මෙවුව එකක් අවනෙ පහල රූපෙ වගේ නේද.දැං ඕකෙ ටූල් කියන එක ගත්තම මැද එනවනෙ ඩිෆ්රැග්මන්ට් නවු කියල එකක් ඕකත් ක්ලක් කරන්නකො. ඔය රවුම් කරල පෙන්නල තියන්නෙ.දැං මේක ආවනෙ. ඩිෆ්රැග්මන්ට් ඩිස්ක් එක ඔබල බලං ඉන්න මෙවුව වෙලා ඉවර වෙනකම්.. මෙවුව උනාට පස්සෙ රීස්ටාර්ට් කරල බලන්නකො ස්පීඩ් එක කොහොමද කියල.
|
BLOG
|
අද මම ඔයාලට දෙන්න යන්නේ Cary Brothers විසින් ගායනා කරන "Can't Take My Eyes Off You" කියන ගීතයයි. Cary Brothers විසින් නිර්මාණය කරපු, 2010 වසරේ Release වුන Under Control කියන ඇල්බම් එකේ ඇතුලත් වෙන මේ ගීතය Smallville කියන රූපවාහිනී කතාමාලාවෙදිත් අපිට දැකබලා ගන්න පුලුවන්. ඒ Smallville කතා මාලාවේ 10 වන සීසන් එකේ 9 වෙනි කොටස හෙවත් Harvest කියන Episode එකෙන්.........
|
BLOG
|
දැනට මාසෙකට විතර කලින් මට කෝල් එකක් ආවා මගෙ යාළුවෙකුගෙන්. යාළුවගෙ නම් චන්දික කියමුකො. මෙහෙමයි අපි දෙන්න අතර කතාව ගියෙ...චන්දික : හලෝ නචිය, මොකද කරන්නෙ, කොහෙද බන් ඉන්නෙ..මම : අඩෝ චන්දිකයා, අද හාෆ් ඩේ ආවා බන්, කොලඹ යන්න බස් එකට නැග්ගා විතරයිචන්දික : ඉතිං මචං... පොඩි උදවක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න කතා කලේ..මම : කියපන් මචෝ පුළුවන් දෙයක් නම් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ ඕකේචන්දික : මචං, මගෙ වෙඩිං එක ජනවාරි, කතා කලේ උඹට පුළුවන්ද බෙස්ට් මන්ට ඉන්න කියල බලාගන්න බන්..මම : අනේ සොරි මචෝ, මම දැනට දෙකකට ඉඳලා තියනවා, තව එකක් ආවා මම බෑ කිව්වා, තුනකට ඉන්න ඉන්න හොඳ නෑළුනෙ බන්, කෙල්ල කියනවා ඉන්න එපාලු, ඒකයි කලින් එකටත් බෑ කිව්වෙ බන්...චන්දික : එහෙමද, අවුලක් නෑ බන්, පියල්ට කතා කරලා බලන්නම්...මම : අවුලක් නෑ නේද බන්චන්දික : නෑ මචෝ, පස්සෙ සෙට් වෙමුකො එහෙනම්මම : එළ මචං, එහෙනම් තිබ්බා...එදයින් පස්සෙ චන්දික මට කෝල් කලේ නෑ. තරහකට නෙවේ. සෙට් වෙන වෙලාවක කෝල් එකක් දුන්නොත් ඇරෙන්න නිකමට කෝල් එකක් දෙන්නෑ චන්දිකයා. ගිය සතියෙ මට පියලව හම්බුණා. පියල් එක්ක කතා බහ ගියෙ මෙහෙමයි..මම : හලෝ පියලා, කොහොමද මචං..පියල් : අඩෝ නචියා, ඉන්නවා මචං උඹලගෙ පිහිටෙන් අපේ වියදමෙන් (කවුරු ඇහුවත් කියන්නෙ ඔය ටික තමයි)මම : ඒක නෙමේ මචං, චන්දිකයගෙ වෙඩින් එක නේද ජනවාරි, උඹට කතා කලාද බෙස්ට් මන්ටපියල් : ඔව් බන් මාර වැඩක්නෙ ඌට වෙලා තියෙන්නේ. වෙඩින් එක කැන්සල්, හොටෙල් එකත් බුක් කරලා තිබුනෙ ඒකත් කැන්සල් කලා බන්.මම : අඩේ ඒ මොකද බන්, මොකක්ද අවුල...පියල් : මාර කෙල්ලෙක් බන් ඒකි, මාතර එවුන්නේ, පවුං පහක මාලෙකුයි පවුමක මුද්දකුයි ඉල්ලලා චන්දිකයගෙන්..මම : ඈ යකෝ මාර කෙල්ලෙක්නෙ බන්පියල් : ඒ ටික නැත්නම් මේක කෙරෙන්නෙ නෑ කිව්වළු. චන්දිකයගෙ තාත්තා ඒකිගෙ ගෙදරට කතා කරලා මගුල නවත්තලා දැම්මා.මම : පව් බන් චන්දිකයා, ඔය තුන් වෙනියට කෙරෙන්නම ගිය එක, කලින් දෙකෙත් අවුල් වුනානෙ.පියල් : ඔව් බන් මොනා කරන්නද, පතාගෙනම අපු එකා එනකල් ඉන්න වෙනාවා.තවත් දේවල් කතා කරලා මම පියල්ගෙන් සමු අරගෙන ආවා. ඔන්න ඉතිං මෙහෙමත් කෙල්ලො කිව්වට ඔක්කොම එහෙම නෑ. මෙහෙම අයත් ඉන්නවා කියලා කියන්න තමයි මේ කතාව දැම්මෙ.ප. ලි. - නම් ගම් මනංකල්පිතයි. සත්‍ය සිදිවීමක්.
|
BLOG
|
ටිකක් වෙනස් විදියේ ෆොටෝ ගන්න පුළුවන් විදියක් දැක්ක නිසා, ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න episode එකක් කළා. කරලා බලන්න ඔයාලත්.
|
BLOG
|
කසාදය කියන්නේ මොකක්ද.... කියන එකට විවිධ වූ පිළිතුරු ලබා දීමට පුළුවන්... මම ටිකක් කියන්නද. ඔබේ උත්තරෙත් මේ අතර තියෙනවාද කියලා බලන්න...කසාදය කියන්නේ අමු අඹයක් වගේ ... කන්නේ නැති මිනිහාගේ කටට කෙළ උණනවා.. උනත් ..කන මිනිහාතමයි ඒකේ ඇඹුල දන්නේ...කසාදය කියන්නේ වගකීම් ගොඩක්...කසාදයද... කසාදය කියන්නේ වටිනා දෙයක්...මේලෙස හෝ මේ ආසන්නයේ යන උත්තර තිබෙන්නට පුලුවන....කෙසේ නමුත් කසාදය කියන්නේ මිනිසුන් පරිණාමය වීමේදී සංස්කෘතික වශයෙන් ගොඩනගාගත් සාධකයක්... අපි පසු ලිපි වලින් මේ කසාදය හෙවත් විවාහය පිළිබද විස්තරව කතා කරමු... මේ ලිපිය ආරම්භක ලිපිය ලෙස යොදන ලිපියක්....මේ අපේ ගීතයට වටිනා නිර්මාණ රැසක් කල ප්‍රේම කීර්තිද අල්විස් රචකයා දැකපු විදිහ.. හොදයිද කියලා බලන්න...මේකෙදී යාළුවෙක් කසාද බදිනවා.. ඉතින් අනික් යාළුවෝ විසින් අර මනමාලයාට(තමාගේ යහළුවාට) විවාහය කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නේ මේ විදිහට...එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදීඑක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලුඅපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා... ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයාපනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..එක යායේ කකා වැටී....වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකාවලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකිකසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..එක යායේ කකා වැටී...ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීරපද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්සංගීතය : එච්. එම්. ජයරත්න“මංගල තෑග්ග“ චිත්‍රපටයේ ගීතයක්ඔය සින්දුවට වර්තමානයේ යාළුවෝ ටිකක් මෙහෙම නැටුවාලු...අපි ඊළග ලිපියෙන් කතා කරමු.. විවාහය ගැන.. අදට ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා..... .
|
BLOG
|
..........
|
BLOG
|
යුදෙව් ජාතිකයන් කාන්තාවන් හා ළමුන් ලක්ෂ ගණන් ජර්මනියේ අවුස්විෂ්a ගෑස් ආදාහනාගාරවලට ගෙන ගිය දුම්රිය කොතැනක තිබෙන්නේ ද යෑයි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් හංගේරියාවේ ඉස්වැන්මෙලෙන් කැලෑ ප්‍රදේශයට ගිය ප්රදේශවාසියකුට කැලෑවෙන් වැසී තිබූ පැරණි දුම්රිය අංගනයක් හමු විය. එහි තිබුණේ මලකඩ කමින් තිබූ මරණයේ දුම්රියයි. අවුස්විස් ගෑස් ආදාහනාගාරයට යුදෙව්වන් කාන්තාවන් හා ළමුන් ගෙන ගිය මරණයේ දුම්රිය එන්ජිම සහ මැදිරි එහි තිබී හමු විය. මෙම යුදෙව්වන් ප්‍රවාහනය කළ දුම්රිය එන්ජිමේ අංක හා ඉන්වැස්ටෙලෝ දුම්රිය අංගනයේ තිබූ එන්ජිම හා සසඳන කළ මරණයේ දුම්රිය එය බව සනාථ විය. මේ මරණයේ දුම්රිය ජපන්, හංගේරියානු යුදෙව්වන් 4,40,000 ක් 1944 මැයි සහ ජුලි අතර සමයේ අවුස්විස් ගෑස් ආදාහනාගාරවලට ප්‍රවාහනය කර තිබිණි. මෙම දුම්රිය අංගනයට ගිය බ්‍රිතාන්‍ය ඡායාරූපය ශිල්පී මැතිව් ග්රුනෝව් එහි දුම්රිය එන්ජින් සහ මැදිරිවල ඡායාරූප ගෙන ජර්මානු අවුස්විෂ් දුම්රියේ පැරණි ඡායාරූප සසඳනු ලැබීය. ඉන් වසර 70 ක් තිස්සේ වැළලී තිබූ රහසක් අනාවරණය විය. ජර්මනියේ මියුනිච් නගරය සමීපයේ පිහිටි අවුස්විෂ් වධකාගාරය වෙත විශාල පිරිසක් සෑම දිනකම පැමිණෙන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකු මළවුන් සිහිපත් කිරීමට මල්වඩම් තැන්පත් කරන අයුරු අපට දැන ගත හැකි විය. අවුස්විස් ගෑස් ආදාහනාගාරය ජර්මානු නිලධාරීහු විසින් දැන් සංචාරකයන් වෙනුවෙන් නැවත සකස් කර තිබේ. මේ පසුබිම මත මරණයේ දුම්රිය සඟවා තිබූ ස්ථානයෙන් මතුවිය. මරණයේ දුම්රියේ මැදිරි පවා නිරීක්ෂණය කළ විට හෙළි වූයේ හුස්ම ගැනීමට අපහසු වන ලෙසට එකී මැදිරි ඉදිකර තිබූ බවයි. මාව් 301 නමින් හඳුන්වන මෙම මරණයේ දුම්රිය හන්ගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ සිට ජර්මනියේ අවුස්විස් වෙත ධාවනය විය. අද අවුස්විෂ් වෙත පැමිණෙන දුම්රිය මාර්ගය ඉවත්කර තිබේ. එහෙත් අතීතය වැළලිය හැකිද. මරණයේ දුම්රියේ ගමන් කළ සියලුදෙනාම වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ගෑස් ආදාහනාගාරවලට දමා පුළුස්සනු ලැබීය. මිත්‍ර හමුදා අවුස්විෂ් වෙත එනවිට 300 කට අධික සිරකරුවන් පිරිසක් ඉතිරිව සිටි බව හෙළි විය. එහෙත් වසර 70 කට පෙර එකී දුම්රියට බලහත්කාරයෙන් ගොඩ කළ යුදෙව් ජනතාවගේ මරණයේ හඬ සදහටම වැළලී ගියේ නැත. මරණයේ දුම්රිය පවසන්නේ ජර්මානු නාසිsවාදීන්ගේ ම්ලේච්ඡත්වයි. මේ වධකාගාරයේ සිටි ප්‍රධානීන් කීපදෙනෙකු ආජන්ටිනාවට පැනගොස් සිටියදී අල්ලාගත් ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි සේවාව ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන ඒමට ක්‍රියා කළහ. එහෙත් හන්ගේරියානු යුදෙව්වන් 440,000 ක් වෙඩි තබා මරා අවුස්විෂ් ගෑස් ආදාහනාගාරවල දමා පුළුස්සා දැමීම විශාල මිනිස් ඝාතනයකි. මරණයේ දුම්රිය සහ ඊට අදාළ මැදිරි හමුවුවත් හන්ගේරියානු බලධාරීහු ඒ ගැන මෙතෙක් විමර්ශනයක් අරඹා නැත. මේ මරණයේ දුම්රිය ඉස්වැන්ටෙලෙන් දුම්රිය අංගනය තුළ සැඟවූයේ කවුරුදැයි මෙතෙක් හෙළි වී නැත.
|
BLOG
|
4pt 0in 5....................
|
BLOG
|
මා වැනි බිළින්දාමරුවා යයිද කැන්දාඅනේ ඒ හින්දාදෙන්න ලේ බිඳු මාමා නැන්දා..මේ කවිය ස්කෝලේ යන කාලේ ඉදන්ම කට පාඩම් කවියක්.. පොඩි එකෙක් ලේ බිංදුවක් මැද්දේ ඉඳන් කියන මේක ලේ දන් දෙන කඳුවරු ගැන සෑහෙන්න කාලයක් තිස්සේ පාවිච්චි වෙන පෝස්ටර් එකක්.. මමත් ඉස්සර ඉදන්ම ඒ ගැන ආසාවෙන් හිටියේ..ඒ උනාට ඉතිං අනේ මන්දාවල් ගොඩක් හින්දා දවසින් දවස කල් ගියපු ඒ ආසවත් අද ඉශ්ඨ කරගන්න පුළුවන් උනා...අපේ ඔෆිස් එකේ මමත් හරියට නොදන්න මිස් කෙනෙක්ගේ මාමා කෙනෙක්ගේ බයි පාස් සර්ජරි එකකට A+ බ්ල්ඩ් පයින්ට් 4ක් හොයනවා කියලා ආරංචියක් ආව හින්දා මුලින්ම ගෙදරත් එක්ක කන්ෆර්ම් කරගත්තා මගේ බ්ලඩ් ගෘප් එකත් A+ කියලා.. එයින් පස්සේ ඉතිං දින වෙලාවල් වෙන් කරගෙන අද දවල්ට හොඳට කාලා එහෙම මම ගියා බ්ලඩ් දෙන්න.. මුල්ම වතාව හින්දා මගෙන් ගනී ද නැද්ද.. අරවද මේවද වගේ ප්‍රශ්ණ නම් හෙන ගොඩක් ඔළුව වටේ කැරකුනා... ප්‍රස්න නම් මොනවද නේ.ඔන්න ඉතිං අදාලා ඉස්පිරිතාලේ බ්ලඩ් බෑන්ක් එකට ගියාම නර්ස් අක්කා කෙනෙක් පොර්ම් එකක් දුන්නා පුරවන්න... හප්පේ... ඒ ලෙවල් පේපරේ පාරාදයි.... එකත් කොහෙම හරි පුරවලා..බරත් කිරලා.. එයාගේ පොඩි බ්ලඩ් ටෙස්ට් එකකින් පස්සේ මට කිව්වා ඇදේ දොයි ගන්න කියලා.. එතනට ආවා දොස්තර අන්කල් කෙනෙකුත් නර්ස් අක්කයි.. දැන් අත ප්‍රෙශර් කරලා එහෙම දෙන්නත් එකක් හෝ ගාලා හොයනවා... මොනාද. බ්ලඩ් වෙයින්ස්.. මළ සේකර... දැන් කොහොමද බ්ලඩ් දෙන්නේ..බලමු අනිත් අත...ඒ අත බලන්න ආවේ නර්ස් ආන්ටි කෙනෙක්... එයා අත දැක්ක ගමන් කිව්වේ හරි මේකෙන් පුළුවන්.. දොස්තරටත් අදාලා තැන පෙන්නුවේ එයා.. ඒ කියන්නේ පියෝ එක්ස්පීරියන්ස් නැත්තං වෙන මොකක් හරි.. අපි නම් කතා උනේ.. නර්ස් අක්කා අළුත් හින්දා දන්නේ නෑ.. දොස්තර අංකල්ට ඇස් පෙන්නේ නෑ.. ගානට මිම්මට ඉන්න නර්ස් ඇන්ටි හින්දා වැඩේ ගොඩ ගියා..ආනේ.... එයා හරී හොඳයි.. මේ පළවෙනි පාරද අරකද මේකද අහලා මට හිතා ගන්නත් කලින් බ්ලඩ් සේරම අරගෙනත් ඉවරයි.. මට කිසි අවුලක් නැති උනත් විනාඩි 5ක් විතර එහෙමම ඉන්නත් කියලා.. අතේ ප්ලාස්ටර් කෑළිත් ගහලා.. විනාඩි තුනෙන් විතරම මම නැගිටලා පුටුවට ගියාම රසම රස කිරි කෝපි එකකුත් දීලා.. බීලා වාඩි වෙලා ඉන්න කියලා එයාලා කිව්වා...ඔය අතරේ ඩොක්ට අංකල් පොඩි පොතකුත් ලඟටම ගෙනත් දුන්නා.. කිරි කෝපි එක බීලා අපි දෙන්නා ආතල් එකේ ගෙදර ආවා..අද මට හරි සතුටු දවසක්... උපදුනු දවසේ ඉඳන් අද වෙනකල් කන්න බොන්න දීලා හයියට මාව හදපු අම්මට පිං සිද්ධ වෙන්න තව කෙනෙක් ගේ ජිවිතයකට පොඩ්ඩක් හරි හයියක් වෙන්න මට පුළුවන් උනා නේ.. මගේ අම්මා මං වෙනුවෙන් එයාගේ ඇගේ ලේ කොච්චරක් නම් කිරි කරන්න ඇති ද.
|
BLOG
|
අපි මේකෙන් කරන්න යන්නේ මොකක්ද් කියලා මම සරල විදිහල කියලා දෙන්නම් මෙන්න මේ විදිහටඋදාහරණයක් විදිහට අපි හිතමු අපේ ගෙදර අපිට වැඩක් නැති මොනවා හරි දෙයක් තියෙනවානේ අපි ඒවා ගේ ඇතුලෙම තියා ගෙන ඉන්නේ නෑනේ අපි ඒවා අයින් කරලා දානවා නැත්නම් විනාශ කරලා දානවා ( පොලිතින් වගේ ඒවා පුච්චලා දානවනේ ) අන්න ඒ වගේ දෙයක් තමා මේ කරන්න යන්නේ .සමහරවිට ගොඩාක් අය දන්නවා ත් ඇති කමක් නෑ දන්නේ නැති අයත් ඇතිනේ නෙද ." මතක තියා ගන්න Programming කියනේ Code කරන එක නෙමේ කියලා "මම කලින් පෝස්ට් ඒකේ කියලා දුන්නානේ අපේ db එකේ තියෙන දේවල් View කරගන්න අන්න ඒ අපි Data View කර ගත්තු Table එකටම තව Row එකක් එකතු කර ගමු මෙන්න මේ විදිහට############################################################<.>###########################################################ඔය මම රතු පාටින් දාලා තියෙන්නේ අලුතින් එක් කල කොටස :Dමම කියන්නම් මම මෙතන මොකක්ද කරලා තියෙන්නේ කියලාdb_view.php කියලා අරගෙන තියෙන්නේ මගේ දැනට පාවිච්චි කරන php ෆයිල් එකම තමයි "." මෙන්න මේ මාර්ක් කට පස්සේ දාලා තියෙන්නේ අපි පාවිච්චි කරන Value එක Variable එකකටAssignකිරීමයි .did=6 "අවසානයේ වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් ඔතන 6 ["." ]කියලා ඇවිත් තියෙනේ අපි Database Table එකෙන් හොයලා ගන්න Data එකක්.දැන් ඒ ටික තේරුම් ගන්න පුලුවන්නේ නොතේරුන තැනක් ඇත්නම් කොමෙන්ට් එකක් දාලා අහන්න අනිවාර්යෙන් උත්තර දෙනවා මම දන්නේ නැති දෙයක් වුනත් දන්න කෙනෙක්ගෙන් අහලා හරි කියන්නම්.අපි දැන් යමු මේක අපේ Database Table එකෙන් මකලා දාන්න. මෙන්න මේ Code කොටසින් ඒක කරන්න පුලුවන්.>###########################################################මම මෙතන කරලා තියෙනේ මම කලින්ම Check කරලා බලනවා did කියන Variable එකට Value සෙට් වෙලාද කියලා .මෙන්න මෙහෙම IF Condition එකක් දාලා බලන්නේ ඒක .මම මේ කියන වචන ගැන මම ඉදිරියෙදි කියලා දෙන්නම් PHP OOP වලදි හොදේ එතකල් ඉවසලා ඉන්න 1 පංතියට යන්නේ නැතිව O/L කරන්න බෑනේ නේද .If Condition එකකින් හැම වෙලාවෙම Return වෙන්නේ True හෝ False##########################################################if(isset($_REQUEST['did'])){මේක ඇතුලට එන්නේ අපි ලියලු Condition එක True වුනොත් විතරයි . අපි ඇතුලේ ලියලා තියෙන්නේ Condition එක හරි නම් ඇතුලේ තියෙන Mysql Query එක රන් වෙන්න කියලයි .}#########################################################ඔයාලගේ වැඩේ ගොඩද කියලා බලා ගන්න පුලුවන්Data DeleteSuccessfullyකියලා echo වුනොත්ඔයාලට Sure නෑ වගේ නම් phpMyAdmin එකට ගිහින් dbTable එකේ බලන්න .එහෙනම් අදට යනවාසම්පුර්න Code එක මෙන්න බා ගන්නවැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේමොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න.
|
BLOG
|
වනගත වෙමි මම ඵල වැල ලදලු අනුභව කොට සුවද නල ලය පුරා පෙරාගෙන නිහඩ නිසසලව දිවි දියබ කලතා සිතුවම් කරන්නට ජීවිතේ නිදහස එහෙත් නුවර නුඹනම් හෙට සිටම පුලුල් විය යුතුය තව තව තදබදය වපුරා මහමග කුඩා කල යුතුය ගෙමිදුල් අල්ලක් තරම් වන ලෙස අවකාශ තනනු පිනිස මා අදින් සිතුවම් තබනට.
|
BLOG
|
නිල් කට්රොල් මල් අතු අග පිපිලානිලට නිලෙන් සැරසෙන්නේමල් මකරන්ද සුගන්ධ උරාලදපිනිබර සුළඟ හමන්නේසුළඟට විසිරෙන කියුඹු තුඩින් තුඩළය මත නිතොර රඟන්නේනිල් මල් සුවඳට මත් වුණු මුවරදමන්ද අමන්දැර යන්නේකන්කලු නන්දන මිහිර සරින් සරමල්බර උයන ගයන්නේඋවන සුරංගන ගයනා ගීයටකවුරුද අතහැර යන්නේමන්ද ඉතින් තව පෙම්බර හද මතනොනිදා තවම නිදන්නේනයනග කැලුමට ගර්හිත තරු නුබතිමිරත සැඟව ඉඳින්නේඅංජන කල්ක උලා රන් පුරසඳපංකජ විලිබර වන්නේමන්ද ඉතින් තව ගංතෙර දිය මතසළුව ලිහා නොනිදන්නේPicture - Josephine Wall.
|
BLOG
|
නිකොන් D5200 කියන්න වෙළදපලට ආපු පෙරළිකාර කැමරාවක්. මේක පෙරළිකාර කැමරාවක් වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ කැමරාව ගැන කතාකරන්න අපිත් එක්ක එකතු උනා ෆේස් බුක් එකේ අපි කව්රුත් දන්නා යාලුවෙක්. යූ රස්තා......මෙතැන්සිට කැමරාව ගැන රස්තා කතා කරයි.D5200 කැමරාව මගින් රස්තා පටිගත කරනලද වීඩියෝව මෙතනින්.v=4qVXo6HFTPESAMPLE PHOTOSඑහෙනම් තවස් දවසක , ලගදීම හමුවෙමු .
|
BLOG
|
ටර්මිනල් එක භාවිටතයෙන් වැඩ කිරීමේදී මෙන්ම ලිනක්ස් සමඟ වැඩ කිරීමේදී නිරන්තරයෙන් උපකාරී වන පුංචි පුංචි දේවල් ටිකක් ගැන තමා අද අපි කථා කරන්න යන්නේ.යතුරු පුවරුව (Keyboard) භාවිතය.ඔබට යතුරු පුවරුව භාවිතා කිරීම වේගයෙන් හා නිවැරදිව කිරීමට හැකි නම් එය ටර්මිනලය හරහා පරිගණකය සමඟ වැඩ කිරීමේදි වඩාත් පහසුවක් ගෙනදේ. පරිගණක ක්ෂෙත්රයේ බොහෝ ප්‍රවීණයන් යතුරු පුවරුව භාවිතා කරන්නේ Touch Typing ක්රමයටය එනම් යතුරු පුවරුව දිහා නොබලා ස්පර්ශයෙන් ටයිප් කිරීමය. ඔබටත් මෙම ක්‍රමය පුරුදු විය හැකිය. ටර්මිනලය භාවිතයෙන්ම Touch Typing පුරුදු කරගැනීමට විශේෂ මෘදුකාංගයක් එහෙමත් නැත්තම් යෙදවුමක් ලිනක්ස් පද්ධතියේ ඇත.එය නමින් GNU Typist වන අතර එය ඔබගේ පද්ධතියේ ස්ථාපනය කරගැනීම සඳහා පහත විධානය ක්‍රියාත්මක කරන්න.Debian හෝ Ubuntu / *buntu පද්ධති සඳහා.මෙම අඩවියෙන් බාගත හැකිය.ස්ථාපනය කරගත් පසු භාවිතා කිරීම සඳහා ටර්මිනලයේ gtypist යනුවෙන් සඳහන් කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි හෙවත් ක්‍රියාත්මක වනු දැකගන්න ලැබේවී.මෙම ආරම්භකය තිරයේ දැක්වෙන පරිදි ඔබට Touch Typing ඉගෙන ගැනීම සඳහා මූලික පාඨමාලා 10ක් දකින්නට ලැබේවී. මෙම පාඨමාලා තෝරාගැනීමට යතුරු පුවරුවේ J, K, L හා M යතුරු භාවිතා කරන්න. ඉන්පසු ලබා දී ඇති උපදෙස් අනුව ඉගෙනගන්න පටන් ගන්න.දවසකට විනාඩි 5-10ක් වැනි සුළු කාලයක් මේ සඳහා වැය කර ඉක්මනින් Touch Typing පුරුදු වන්න. එවිට ඔබට ටර්මිනලයෙන් වැඩ කිරීම විනෝදජනක අත්දැකීමක් බවට පත්වේවී.ටැබ් යතුර (Tab Key) භාවිතය.ගොඩාක් දෙනෙක් ටර්මිනලය භාවිතයට අකැමැත්තක් හෝ මැළිකමක් දක්වන්නේ සියළු විධාන හා ෆයිල්ස් ඇති ස්ථාන මතක තබාගත යුතුයි කියන මිත්‍යා විශ්වාසය නිසාය. නමුත් ඇත්ත එය නොවේ. ඔබ ටර්මිනලය භාවිතා කරන විට ඔබට සියළුම විධාන හෝ ෆයිල්ස් පවතින ස්ථාන මතකයේ තබා ගත යුතු නොවේ.විධාන ටයිප් කිරීම සහ ෆයිල්ස් සමඟ ගණුදෙණු කිරීමේදි ටැබ් යතුර භාවිතයෙන් ඉතා පහසුවෙන් එම කටයුතු සිදු කරගත හැකියඋදාහරණයක් විදිහට ඉහත සාකච්ඡා කල gtypist විධානය සලකන්න. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ විධානයම ටර්මිනලයේ ටයිප් කිරීම අවශ්‍යය නෑ. මුල් අකුරු කිහිපයක් ටයිප් කර ටැබ් යතුර දෙපාරක් ඔබන්න.එවිට එම අකුරු වලින් පටන් ගන්න වෙනත් විධාන නැත්තම් අදාල විධානය කෙලින්ම ටර්මිනලයේ දැක්වේ.නැවත මෙම උදාහරණය සළකන්න. අපි හිතමු අපිට ටර්මිනලය භාවිතයෙන් firefox වැනි විධානයක් ක්‍රියාත්මක කරගන්න ඕනේ කියලා. fi යන අකුරු දෙක පමණක් ටයිප් කර ටැබ් යතුර දෙපාරක් ක්‍රියාත්මක කලහොත් fi අකුරු වලින් ක්‍රියාත්මක කල හැකි විධාන ලයිස්තුවක් අපිට ලැබෙනවා. පහත රූපය බලන්න.මේ විදිහට කිසිම විධානයක් සම්පූර්ණයෙන් මතකයේ තබාගන්නේ නැතුව බොහෝම ලේසියෙන් භාවිතා කරන්න පුළුවන්.ඒ වගේම තමා කිසියම් ෆයිල් එකක් විවෘත කරගැනීමටත් මෙම ටැබ් සෙල්ලම භාවිතා කරන්න පුළුවන්. ෆයිල් සමඟ වැඩ කිරීමේදී ෆයිල් එකේ සම්පූර්ණ නම ටයිප් කරන්නේ නැතුව ටැබ් එකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්.ෆයිල් වැඩේට උදාහරණ දෙන්න ඕනේ නෑ.. ඔබම අත්හදා බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.මූසිකය (Mouse) භාවිතය.මූසිකය එහෙමත් නැත්තම් මවුස් එක භාවිතා කරන්න කියලා දෙන්න ඕනේ නැති වුනත් ලිනක්ස් භාවිතා කිරීමෙදි Copy & Paste කරන්නේ නැතුව Copy & Paste කරන්න මවුස් එක භාවිතා කරන හැටි කියලා දෙන්න වටිනවා.ඔබට අවශ්‍යය වචනයක් මත එක තියලා Double Click කරන්න. එවිට එම වචනය Highlight වේවී. දැන් එම වචනය paste කරන්න ඕනේ තැන Mouse Pointer එක තියලා Middle Click කරන්න. ඔබට පෙනේවී අදාල වචනය Paste වී ඇති බව. යම් කිසි වචනයක් මත තුන් පාරක් ක්ලික් කලහොත් අදාල වාක්‍යයම Highlight වෙනවා ඔබට පෙනේවී. දැන් ආයෙත් වෙන තැනකට ගිහින් Middle Click කරොත් මුළු වාක්‍යයම වෙනවා ඔබට දැකගන්නට ලැබේවී.සැළකිය යුතුයි.මෙය වින්ඩෝස් පද්ධතියක ක්‍රියාත්මක නොවන ලිනක්ස් වලටම ආවේණික වූ කෙටි ක්රමයකි.තවද මෙය සාමන්‍යය Copy & Paste කිරීමේ ක්‍රමයෙන් ස්වායක්ත වේ. එනම් ඔබට මෙසේ එක වචනයක් හෝ වාක්‍යයක් වෙනත් තැනක Paste කරනගමන්ම සාමාන්‍යය විදිහට Copy & Paste කරගැනීමද සිදු කරගත හැකිය. ඔබ විසින්ම අත්හදා බලන්න.මීට අමතරව ටර්මිනලයේ සිටියදී Up Arrow Key එක භාවිතා කරන කලින් ක්‍රියාත්මක කල විධානයක් ටයිප් කිරීමකින් තොරව ලබාගත හැකිය.සමහර දිග විධාන භාවිතයේදී නැවත විධානයේ මුලට යන්න අවශ්‍යය නම් Ctrl සමඟ A යතුර තද කරන්න.විශේෂ ස්තූතිය.අනුරාධ රත්නවීර මහතා.
|
BLOG
|
වියපත් වෙලා.....ආදරෙන් ළඟ උන්නු,ජීවිතයම වියපත් වෙලා...ගහ කොළ මල් මේ හැම දෙයක්ම,වියපත් වෙලා..අත් අල්ලන් නුඹත් එක්ක දොඩමළු වුනු,මං මාවත් වියපත් වෙලා...තාරුණ්්ය වියපත් වෙලා...නුඹ වෙනුවෙන් අහිමි වුන කැදැල්ලත්වියපත් වෙලා,,,කාලෙකට පස්සේ නුඹ අවිදින්.....දන්නවද ආයෙත්ඉස්සරෝම දවස් වල වගේමට ආසයි මේ,වියපත් මාවත් වල,හිරිමල් නුඹේ අත් අල්ලන් අවිදින්න...සත්තමයිනුඹ ඉස්සර වගේමසොඳුරුයි මිහිරියේ.
|
BLOG
|
ෆේස්බුක් ගිනුමේ පවතින ඇතැම් වීඩියෝ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මෘදුකාංගය හරහා ඩවුන්ලෝඩ් කරගන්නට බැරි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත.ඒ සඳහා වෙබ් සේවයක් දැන් තිබේ. මෙහිදී මුලින්ම ෆේස් බුක් හරහා විඩියෝව දාවනය කල යුතුයි.පසුව වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් එක කොපි කරගෙන ඊට අදාල යූආර්එල් එක ඩවුන්විඩ්ස්( www.net) වෙබ් අඩවියේ ඇති එන්ටර් ද වීඩියෝ කියන තැන පේස්ට් කරන්න.දැන් ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කිරීමෙන් වීඩියෝව බා ගන්න.මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය www.com සතුවේ.
|
BLOG
|
අපේ ගංතුලානේ තියන 'මරා'ණාධාර සමිතියේ මේ සැරේ රැස්වීමේ හරි හරි වැඩ වුනා. සමිතියේ මොන මංගල්ලෙටත් කඩා පාත් වෙන, සමිතියේ ඇත්තන්ට අධෝවාතයක් ගියත් සරම උස්සන් කෑගාන අල්ලපු ගමේ චන්ඩියා වෙන තොප්පි සිමයියා මේ සැරේ රැස්වීම කර ඇරලා. ගම්මු කියන්නෙනං සිමයියගේ ගෙදර උන්දෑ ලලිතක්කා මේ සැරේ රැස්වීමට ආවොත් කකුල් කඩනවා කියල කොරපු තර්ජනේට බයේ තමා උන්දෑ නාවේ කියල.ඔය අස්සේ ගගෙන් එගොඩ ගමේ රේස් ජේමියට මේ සැරේ 'මරා'ණාධාර රැස්වීමට එන්න කියල බෝතල් අඩි පීරයියා පංයිඩයක් යවලා. අහල හං හතේම ප්‍රසිද්ධ සූදු කාරයෙක්, බජව් කාරයෙක් ඉතරක් නෙමේ වේසකං වලට අතහිත දෙන ඈයෙක් වෙච්ච ජේමියා මේ සැරේ රැස්වීමේ කතාවකුත් කොලාලු.අපිනං හිතා උන්නේ ජේමියා එන එකට ගමේ උන් දෝස්මුරයක් තියයි කියල. අනේ මොන. ජේමියා පැත්තක ඉදිද්දී සමිතියේ වෙච්චි ආරවුලක් ගැන කට කතා පතුරෝපු හාදයෝ දෙන්නට නම් ගමෙ උන් පන්න පන්න දෙසනවා ඕන් අද දැක්කා.ඒත් රේස් ජේමියා වගේ එහෙකුට මේ ගං තුලාවේ ඔච්චර රගන්න දෙන්නේ ඇයි කියන පුරස්නේ අපේ හිතේ තියනවා. අනිත් කාරනේ තමා අර හාදයෝ දෙන්න වෙනුවෙන් විස්සෝප වෙන ඇත්තෝ එකෙක්වත් ජේමියා ආපු එකට මීක් නැති වෙච්චි එක. ඒ විතරක් නම් මදෑ, ඔය උන් ඔක්කොම බොන්න වතුර ඩිංගක් ඉල්ලපු ගමේ උන් ටිකට සමිතියේ ලොක්කො ටික ගිනි පිම්බ වෙලේ කටේ බෙට්ට හිරවුනා වගේ උන්නා.රටේ ඔක්කොම බවුද්දයෝ ටික වෙනුවෙන් ඉන්න සම්මේලනේද මොකක්ද එකේ, ලොකු පුටුවෙත් රේස්කාරයෙක් ඉන්න එකේ, ජේමියා ආව එක මොන කෙංගෙඩියක්ද කියල නොහිතෙනවත් නෙමේ ආයිබෝං.පංචසීල පද පහට සූදුව නොවැටුනේ, ඒ කාලෙ උන්න උත්තමයෝ මේවා ගැන ඉර්දියෙන් දැකල වෙන්ටැ මයේ හිතේ.
|
BLOG
|
පෙර පෙර කඳුළු කැටි දැන දැන තියන සෙනේතිරසර ගතිය ගැන මම සිහි කරමි පණේජය පැරදුම දෙකම ඔබ හට එකද අනේමහ මෙර සෙලවෙතත් නොසැලේ සුදන ගුණේකුළුණු ගුණේ සුදන සෙණේ - හිත උණුවන තරම අනේමේවාට පිටුපෑවද ආදරේ - වෑවේද මේවාට පිටුපෑවද ආදරේඔබේ හද විමණේද කරුණාව මැවුණේ දුටු විට වත ඔබේ - සෝ දුක නිවුණේ සෝ දුක නිවුණේ....බේර බේර කඳුලු කැටී - වේදනාවෙ අඬමි වැටීසීනේකි මායාවකි ආදරේවෑවේද මේවාට පිටුපෑවද ආදරේ....ඇට කටු මස් මාගෙ සටනක යෙදිලාඔබ ගුණ කියනු දැනේ - ඇඟ ලේ මිදිලා සටනක යෙදිලා....සුර්ය රජුගෙ ගගන ගැබේතීරසාර ගතිය ඔබේමේවාට පිටුපැවද ආදරේ.....බැරිවුණු විටදී පිහීටට පැමිණීදෙවියකු වැනී ඔබ ලඟ තනි නැසුණී මගෙ තනි නැසුණී .
|
BLOG
|
ඔන්න අද දවසට දාන දෙවෙනි post එක. KM Player කිව්වා ගමන් දන්නවනේ මොකක් සම්බන්ධයෙන්ද කතාකරන්නේ කියලා. ඔවු ඔවු මේ එක තමයි :D. මේකෙනුත් සැහෙන ෆයිල් ෆොර්මැට් ගොඩාක් play කරන්න පුළුවන්.ඒවගේම මෙය විවිධ භාෂා 36 කිනුත් සමන් විතයි.මෙහි ඇති විශේෂ Features කිහිපයක්1.2.3.5x~4.8.9.3gp, .3gp2, .m1v, .m2v, .m2t, .mp2, .mp4, .2Size :11MBLast Update : 2014මාර්තු31Requires Android :4.0 සිට ඉහලටVersion :1.0.3පහලින් KM Player Google Play Store එකෙන් install කරගන්න.(Free)පහලින් KMP Review එකක් බලන්නඑහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න.ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..සියලු දෙනාටම සුභ දවසක්.....
|
BLOG
|
මුහුර්ථ සාධනය, නැකැත් සෙවීම, නිල ශාස්ත්‍රය,ඉන්ද්‍ර ගුරුළුව ආදී ජ්යෝ්තිෂ ක්‍රමවේද රාශියකට අවශ්යඉතා දුර්ලභ ජ්‍යෝතිෂ රහස් රැසක් හෙළිකරනරාහු පිම්ම සහ යම කාලයසයිරස් ඩී. එෆ්. F Abayakoonනැමති කෘතියේ සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් ඇති බැවින්ලබාගැනීමට කැමති පාඨකයින්දැන්ම අමතන්න.0714161082© M.
|
BLOG
|
දවල් 12 ට ඇඳට වැටුනු මට ඇහැරුනේ රෑ අටට..missed කෝල් 33යි.. unread මැසේජස් හතරයි..ඉතින් බැලුව එකින් එක කෝල් කර කර රීඩ් කර කර..මගේ අඹ යහලුවෙක්ගෙන් මැසේජ් දෙකක්ම ඇවිත් තිබුනත් දෙපාර කියවනකොටයි තේරුනේයාලුවට ලොකු වැරදීමක් වෙලා වගේ කියල.....හිනාව තද කරගෙන මැසේජ් දෙක කියවල ඉවර වෙනකොට නම්මට හොඳට තේරුම් ගියා ආදරය අන්ධයි කියන්නේනම් බොරුවට නෙමෙයි කියල. නැත්නම් ෆෝන් බුක් එකේ කොන් දෙකක තියෙන නම් දෙකක් කොහොම පැටලෙන්නද.[ගම් හෙලි කලත්, පෞද්ගලික හේතූන් මත නම්, නම් හෙළි නොකරමි..]Message 1අම්මි.... පන ගෙදර ආවා විතරයි වස්තුව..ෆෝන් එක ගත්තෙ ඔයාට මැසේජ් එකක් දාන්න අම්මි.....එතොකොට ම ඔයා කෝල් කළා හිතා ගන්න බෑ..Message 2නුවරින් ගේ හැදුවා මම තට්ටුදිගනින් කෙල්ලෙක් ගත්තා කෙට්ටූඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටූකවද හරි නංගිව කරනව මට්ටුදැක්කොත් අත් දෙකේ වැටෙනවා මාංචුමට දැන් හිතෙනව වෙන්න කිට්ටුඑන්නකෝ මගේ හද නෑ සීට්ටුඒ කෙල්ලගෙ නම ස_____.
|
BLOG
|
කාලෙකින් මොකුත් නොලිව්ව නිසාත් , දකින දකින හැම තැනම තියන ආතල් එක ඩබල් කරන ප්‍රවුත්ති නිසාත් ,හැම තිස්සෙම කියාගන්න කට කහන අදහසක් තමයි ඉතින් අකුරු කරේ.වැඩිය කියන්න ඕනේ නෑ.මම පොඩි ආතල් එකක් කට්ටිය ඒක දෙක කරලා ලොකු කරලා මටත් වැඩිය ආතල් ගන්නවා.එහෙම තමයි ප්‍රසිද්දිය ලබා ගන්න ඕන.කට්ටිය මේක බලලා මට දෝෂාරෝපණය කරන්න එනවා නම් ඒක තමන්ට කර ගන්න ලොකු වැරද්දක් . අරහත් උතුමෙකුටදෝෂාරෝපණයකිරීම ලොකු පවක්.පාරමිතාපිරුවෙත් නෑඇඟ මස් දන්දුන්නෙත් නෑපස් මහ බැලුමක් නොබලම ඉපදිලානේ මං නළගන රූදැක්කෙත් නෑගිහිගෙය කලකිරුනෙත් නෑසසර පෙරනිමිති ඉඳ හිට දැක්කා විතරයි.ගෑනිව බඩකෙරුවෙත් නෑ කරන්නගෑනියෙකුත් නෑඅම්බපාලි දැක්කා ඉතින්ඉඳලා හිටලාමට දිලිසෙනසිවුරක් නෑකලිසම මිසඅඳනය නෑඒත් මහතුනේ අහන්න අරහත් මම දැන් මානවක භද්‍ර.
|
BLOG
|
හේ මහා අධර්මිෂ්ඨ, පපී, දුෂ්ඨ, සතුරු රටක පාලකයෙකි. ඒ මා, අද කතාවේ කතානායක, සිරිලක විසූ ඒ මහා නිරිඳානන් පිළිබඳව දරණා මතය නොව. ඒ මා, මගේ රට රජකම් කළ ඒ මහා නිරිඳානන් ගැන, රෑ නින්දෙන් වහරන වලම මූත්‍රා පිටවීමවත් හරිහැටි නොතේරෙන අවදියේදී, මුල් වරට ඇසූ ආකාරයයි. රූප පෙට්ටියේ විකාශය වූ ඒ වෘත්තාන්තයට මා කෙතරම් ලොල් වීද යත්, සතියක් නොඉවසා බලා සිඳ, මවටත්, පියාටත් හොරෙන් වහලයට නැඟ, රූප පෙනෙන මානයකට ඇන්ටනාව හරවා ගන්නේ මහත් වූ අයාසයකිනි. එත් අරුමය නම්, රාවණා රජු සතුරන් පරදාලක්දිව ජයගන්නවා බැලීමටනම් නොව. රාමාට, රාවණා රජු පරදා, සීතා රැගෙන යාමට අදවත් හැකිවේදැයි බැලීමටය.පාසල් යන්නට පටන්ගත් දා සිට ඔහු ගැන විමසන්නට හෝ, ඔහු ගැන සිතන්නටවත් ලැබුනේ, සීතාඑළිය හනුමා දේවාලය පසුකර යන විටක පමනි. මුල් වරට මා එකී හනුමා දේවාලය පසු කරමින් ඒ අසලින් බසයෙන් ගිය දිනක, පියා විසින් මා හට, එම ස්ථානයේ රාවණා රජු විසින් සීතාව රැගෙනවිත් සඟවා සිටි බවට පුරාවෘත්තය කීවා මතකය. එදින මා හට මුල්වරට, රාවණා අපේ රජෙකියි, අපේ එකා යකෙකියි, ඒකා වෙන රටකට ගෙහුන්, කුමරියක මෙහි දැහගෙන ඒමට පවා හපනෙකියි, කියා අඩම්බර කාර හැඟීමක් ආවා මතකය.එදා මෙදා තුර මා හට රාවණා රජු ගැන, විමසන්නට ඇසිල්ලක්වත්, ඔහු ගැන නීත්‍යානුකූලව හැඳෑරීමට පාසල් පොතේ ඉඩහසරක්වත්, සොයාගන්නට නොතිබිණි. කොටියකු පිටුවස එනවිට දුවන මුව රැලක් සේ අකුරු කරන්නට දිව අවුත් එයින් ජයගෙන හුස්මක් කටක් ගත්තා පමණකි. රාවණා රජු ගැන වං හුං, කණින් කොනින්, සවනට, නෙතට වැටෙන්නට විය.අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබ කරනවා. අහෝ පරයින්... තම වෙබ් පිටුවේ හිට් කව්න්ටරය වැඩිකර ගන්නට ඒ මහා නිරිඳාගේ දඬුමොණරය අනුබව කරනවා. අහෝ පරයින්... ඒ මහා නිරිඳා තුළ තිබූ නොතුබූ ගුණ අතික්ෂයොක්තියෙන්, අතාත්විකත්වයට ගෙනවුත් ඒ මහා නිරිඳා උසුළුවට, විසුළුවට ලක් කරනවා.
|
BLOG
|
සොඳුරු වස්සානය ඇවිදින්ඉරි තැලුණු සිත් මලෙටකරයි නෙතු අගින් ආරධනා...සුරම්‍ය ආරධනා...ගෙවුනු කඳුලැලි,නැඟුනු හසරැලි,කරයි නුඹ සිතට,ප්‍රේම ආරධනා..ගගන පුරා සරන්නටවාරු දුන් පියාපතට..ආල හිතක් පුරන්නට,නුඹටයි මේ ආරධනා.
|
BLOG
|
වත්මන් දේශපාලනය හාසමාජය පිළිබඳව විමල් වීරවංශ ඇමතිතුමාගෙන් ඇසු ප්‍රශ්න කීපයකට ලැබුනු පිළිතුරු පහත දැක්වේ.ප්රශ්නය : හැම තැනම කුඩු,මත්ද්‍රව්‍ය.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය: අධිකරණය ස්වාධීන නෑ.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා....ප්රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය: නීතියක්රියාත්මකකරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය: ආගමික නිදහසක් නෑ.පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය:මැතිවරණ නීති උල්ලංඝණය කරනවා .පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.ප්රශ්නය:රටේ යහ පාලනය, ආර්ථිකයසම්පූර්ණයෙන්ම බිඳ වැටිලා.පිළිතුර:යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත...අන්න.... ජාත්‍යන්තර කුමණ්ත්‍රණ . විදේශ බලවේග.... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ... අද උපදින දරුවාගේ අනාගතය..... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... යුද අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...(උපුටාගැනීම මුණු පොතෙනි).
|
BLOG
|
ඊයේ ලොකු ළුණු ගොවින් විසින් ලොකු ළුණු කිලෝවකට රුපියල් 100ක නිශ්චිත මිලක් ඉල්ලා කල උද්ගොෂණයට පිළිතුරක් ලෙස රුපියල් 90ක සහතික මිලක් ලබා දීමට රජය පොරොන්දු වී ඇත. මේ අතර ආනයනික ලොකු ළුණු විකිණීම හා අලුතින් ගෙන්වීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.චන්දෙ කාලෙට භලලෝභී දේශපාලකයින් ගොවි චන්ද ටික දිනාගැනීමට දේශීය කෘෂිකර්මය නම්දේශප්‍රේමයෙන් මත්වී අපේම බදු සල්ලි වලින් ඕවා මිලදීගෙන වැඩිමිලට විකුණාගත නොහැකිව කුණුවීයාමට සලස්වයි. අල සහ ළුණු කතාවේදීත් දේශපාලකයින් ජනතාවට දෙපැත්තකින් ... අරින්නේ අනික්හැමතැනකදීම මෙන් දේශප්‍රේමය ඉස්සරහට දමාය.උන්ට චන්ද ටිකක් වැඩිකර ගැනීමට මේවා වැඩිමිලට මිලදී ගැනීමට යොදාගන්නේ උන්ගේ සල්ලි නොව අපේම බදු මුදල්ය. දෙවනුව මේ අල ළුණු අඩුමිලට ආනයයනය වැලක්වීමට අධික බදුගසා නීති දැමීම නිසා ජනතාවට අධික මිලක් ගෙවීමට සිදුවේ. දෙපැත්තකින් පොලිටික්කන්ට කියා තමන්ට ඇර ගන්නා සමහර බත්කන හරක් මෙවැනි ගල්යුගයේ ආර්ථික ප්‍රතිපත්ති දේශීය කෘෂිකර්මය නගාසිටුවන දේශපේ‍්‍රමී ප්‍රතිපත්තියැයි සිතමින් තමන්ටමඇර ගැනීම අහෝ සැපයි කියති.ලංකාවේ වගා කොට ලාභ ලැබිය හැකි අනන්ත අප්‍රමාන වූ සංක්‍යාවක් දේ වෙළඳපොල ජයග්‍රහණය කොට ඉදිරියට නොපැමිණෙන්නේ මෙවැනි අමන තක්කඩි දේශපාලකයින්ගේ අමන ප්‍රතිපත්ති සහ ඒවා අනුමත කරන බත්කන හරක් චන්දදායකයා නිසාය.අල/ළුණුවගා කරන භූමියම උදාහරණයට ගන්නේ නම්. රජය හෝ දේශපාලුවන් ඇඟිලි නොගහන නුතන නිදහස් වෙළඳපොල ආර්ථිකය ප්‍රතිපත්තියක් ලංකාවේ තිබේ යැයි මොහොතකට උපකල්පනය කරන්න.දියුණු නුතන ආර්ථික ක්‍රමයක් තුල දේශපාලකයෝ සහ රජය මේවා මිලදී ගැනීමට හෝ ආනයනය ට බදු නොගසන සහ කිසිඳු ඇඟිලි ගැහීමක් නොකරයි. විය යුතු කුමක්දැයි වෙළඳපොල විසින් තීරණයට ඉඩහළ රටක් යැයි සිතන්න . එවිට අල/ළුණුවගාකරුවන් ට ඇත්තේ විකල්ප 4 කි මේවා දුෂ්කරතාවයේ පිළිවෙලට1.ඔවුන් එක්කෝ නුතන තාක්ෂණික වගාක්රම භාවිතා කර ඉන්දියන් අල/ළුණුමිලට තරඟයක් දිය හැකි අඩු පිරිවැයක් සහිත අල නිෂ්පාදනය කල යුතුය2. එක්කෝ අල/ළුණුවෙනුවට ලාභ ලැබිය හැකි භෝගයකට මාරු විය යුතුය.3. එක්කෝ අල /ළුණුවගාවෙන් ඉවත්වී රැකියාවකට යා යුතුය.4. එක්කෝ පහසුම විදිය සියදිවි නසා ගැනීමදැන් මෙවැනි රටක නූගත් අල/ළුණුගොවියෙකුගේ උසස් අද්යාපනය ලද උගත් පුතෙකුට බත්කන හරකෙකු මෙන් දිවිනසා ගන්නවා වෙනුවට සිය පියාගේ ඉඩම් වල ලාභ ලැබිය හැකි වෙනත් භෝගයක් අත්හදා බැලීමට දේශපාලනික ආර්ථික පසුබිම උදාවේ.උදාහරණයකට ඔහු අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු අනුව අපනයන කොට ලාභ ලැබිය හැකි රෝස මල් වර්ගයක් හෝ ගර්කින් වර්ගයක් නුතන තාක්ෂනය යොදා වගා කිරීමට තීරණය කළා යැයි සිතමු. එවර පාඩු ලබන රජය මත යැපෙන අල වෙනුවට ලෝක වෙළඳ පොලේ තරඟයක් දියහැකි එම භෝගය අපනයෙන් තවද ඔහු ඉතා කෙටි කලක් තුල එම ලාභය නිසා ධනවත් වීමෙන් තවත් වගාබිම් මිලදී ගැනීමටද හැකිවේ. වෙනත් ගොවියෙකු වෙනත් බෝගයක් අත්හදාබැලීම් කර ඔහුට වඩා ලාභ ලැබුවානම් එවිට මේ දෙන්නා අතර වෙළඳපොල තරගයෙන් ලංකාවේ වැවිය යුතු බෝග ඉබේමතීරණයවීවගාවන් අන්තර්ජාතික මට්ටමට ඉබේම දියුණු වේ.ගොවියන් ලාභ ලබන භෝග වැවීමට පෙළඹීම නිසා රටම ලාභ ලබයි මේ නිසා රටට විදේශ විනිමය ලැබේ , අල වගාව තුරන් වී ගියද ආර්ථික වෙනත් බෝග අපනයෙන් අල වවා පාඩු ලබනවා වෙනුවට විශාල විදේශ විනිමය තිබෙන බැවින් ඕනෑ තරම් රටටම කන්න දෙන්නට ඉතා අඩු මිලට අඩු මිල අල ඉන්දියාවෙන් මිලදීගැනීමට රටට හැකියාව ලැබේ..මුග්ධ අමන දේශපාලකයින් නිදහසින් පසු වසර 60 ක් තිස්සේ බදු ගසමින් සහ සම්ප්‍රධායික වගාවන් සහනාධාර මිලට අපේම බදු මුදලින් මිලදී ගමින් වලක්වාලන්නේ රටේ අනාගත දියුණුවයි.
|
BLOG
|
අපට හුරුපුරුදු කුඩය විතරයි, මේ වෙනස් වෙන ලෝකේ වෙනස් නොවී තිබුණේ. ඔන්න දැන් ඒකත් ලොකු වෙනසකට ලක් වෙලා. අලූත් ම තාලේ විකල්පයක් ඇවිත්. මේ අලූත් කුඩය හුළඟට ගසා ගෙන යන්නේවත්, මග යන එන අයගේ ඇෙඟ් වදින්නෙවත් නැහැ. හැබැයි ඉහළ ගෙන යන කොට හිරිකඩවත් ඇෙඟ් වදින්නෙ නැහැ.මේ විප්ලවකාරී නව නිපැයුම හැඳින්වෙන්නේ ‘එයා අම්බ්රෙල්ලා’ (Air Umbrella) හෙවත් ‘එයාබ්රෙලා’ (Air-brella) කියලයි. මේක වෙළෙඳපොළට එන්නේ ලබන අවුරුද්දේ අවසානයෙදියි. කුඩය වෙනුවට එන මේ නව නිපැයුමේ ගෞරවය හිමි වන්නේ චීන ජාතිකයකුටයි. මේ කුඩයට රෙද්දක් නැහැ. ඒ වෙනුවට යොදා ගෙන ඇත්තේ වාතයයි. ඔබේ හිසට ඉහළ අහසෙන් වැටෙන වැහි බිඳු ඉවතට තල්ලූ කිරීම මගින් තමයි, ඔබට නොතෙමී ඉන්න සලස්වන්නේ, මේ නව ක්‍රමයෙන්. මේ අලූත් තාලේ කුඩය නිර්මාණය කරලා තියෙන්නේ චීනයේ නැන්ජින් හී චුවාන් වැන් (Chuan Wang) කියන චීන ජාතිකයායි. දැනටමත් ඔහුට අන්තර් ජාලයේ කික්ස්ටාටර් (Kickstarter) ව්‍යාපෘති ආධාර වැඩසටහන යටතේ ආයෝජන සපයන්න එකඟවෙලා තියෙනවා. තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන මේ නව නිපැයුම වෙනුවෙන් ඔවුන් ඔහුට ඩොලර් 10,000ක් එකතු කර දෙන්න වැඩ පිළිවෙළක් දියත් කරලයි තියෙන්නෙ.අතේ ගෙන යන දිග විදුලි පන්දමක් වගේ මේ නව කුඩයට කුඩ රෙද්දක් නැහැ. මේ නව නිපැයුමට ප්‍රමාණයන් තුනක කුඩ ඇතුළත් වෙනවා.‘ඒ’ වර්ගය සෙ.මී. 30ක් පළලයි. ‘බී’ වර්ගය සෙ.මී. 50ක් පළලයි.‘සී’ වර්ගය සෙ.මී. 80ක් පළලයි. ඒ අනුව කුඩාම වර්ගය අඟල් 20ක් ආවරණය කරන අතර ලොකුම වර්ගය අඟල් 20 සිට 31 දක්වා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලොකු කර ගන්න පුළුවන්.වෙළෙඳපොළට එන විට මේ කුඩයක් ඩොලර් 88 සිට 108 දක්වා මිලකට ගත හැකි වේවි.දැනට ඇති එකම අඩුපාඩුව මේ සඳහා යොදන බැටරිය පාවිච්චි කළ හැකි කාලය විනාඩි 15ත් 30ත් අතර වීම තමයි. විදුලි පන්දමක හැඩයෙන් යුත් මේ උපකරණයෙන් කෙරෙන්නේ ඔබේ හිසට ඉහළින් වායු ධාරාවක් විහිදුවා වැස්ස ඉවතට තල්ලූ කිරීමයි. මෙන්න අලූත්ම තාලේ කුඩය ඉහළ ගෙන වැස්සේ යන හැටි. කුඩයක් තියෙනවා කියලා පේන්නෙත් නෑ. ඒත් ඔබව තෙමෙන්නෙත් නැහැ.විදුලි පන්දමක් වගේ හැඩයක් ඇති මෙය සම්ප්‍රදායික කුඩයට වඩා ගොඩක් වෙනස් එකක්. මේ කුඩයට දිය අල්ලන්නෙත් නැහැ. එහි වැස්සේ සද්දය තරම් සද්දයක් ඇත්තේත් නැහැ. පහසුවෙන් දෙදෙනකුට ඒ යටින් යා හැකි වන ආකාරයට ලොකු කුඩා කර ගන්න පුළුවන්.මෙච්චර කාලයක් තිස්සෙ ඉහළපු කුඩය අව්වට වැස්සට දෙකටම ඉහළන්න පුළුවන්. ඒත් මේක එහෙම නෑ වැස්සට විතරයි පාවිච්චි කරන්න වෙන්නෙ. ඒ වගේ ම තද සුළං සහිත වැසි ඇති වෙලාවකට මේක ඉහළන්න පුළුවන්ද කියල ඔවුන් සඳහන් කරලා නැහැ. මේ උපකරණය කි‍්‍රයා කරන්නේ ලිතියම් බැටරියකින්. ඒකෙ ඉහළ මෝටරයක් තියෙනවා. ඒ මෝටරය කි‍්‍රයාත්මක කළාම වායු ධාරවක් පිටතට විදිනවා. ඒ අනුව කුඩයක හැඩයට වාතය තට්ටුවක් ඔබේ හිසට ඉහළින් මැවෙනවා. ඔබට නොතෙමි ඉන්න සලස්සන්නේ ඒ වායුවෙන් මැවෙන අදිසි කුඩයයි. ඉහළට ඔසවන ‘පන්දම’ අඩියේ එය කි‍්‍රයාත්මක කරන යතුර තියෙනවා. ඒවගේම අඩියෙන් කරකවා එහි ප්‍රමාණය ලොකු කර ගන්නත් පුළුවන්.
|
BLOG
|
මම මේ ලගදි අක්කා කෙනෙක්ගේ මගුල් ගෙදරකට ගිහින් දුන්නප්රසන්ට් එකට තෑන්ක්ස් කරලා මෙයා මට ලියුමක් එවුව .ඒ තෑග්ග එයාට ඕනිම වෙලා තිබ්බ එකක්ලු ,'අමුත්තන්ට සංග්‍රහ' කොරනකොටහැම වෙලාවකම එයා ඒක පාවිච්චි කරනවත්ලු,"මචංලා , මගේ හිතට මේක හෙන වදයක් .මොකද මම අක්කට තෑගී කරේබෙඩ් ෂීට්ස් ...
|
BLOG
|
පිංසාර රටවලපවුකාර මිනිසුන්පවුකාර රටවලපිංසාර මිනිසුන්ටකබුරතීහරිද මන්ද.
|
BLOG
|
කා වා ඇලපිල්ලකැ වැ කෙටි ඇදපිල්ලකෑ වෑ දික් ඇදපිල්ලකි වි කෙටි ඉස්පිල්ල කී වී දික් ඉස්පිල්ලකු කෙටි වක් පාපිල්ලවු කෙටි කොන් පාපිල්ලකූ දික් වක් පාපිල්ලවූ දික් කොන් පාපිල්ලකෘ වෘ කෙටි ගැටපිල්ලකෲ වෲ දික් ගැටපිල්ලකෙ වෙ කොම්බුවකේ කොම්බුව හා උස්පිල්ලවේ කොම්බුව හා උඩුපිල්ලකෛ වෛ කොම්බු දෙකකො වො කොම්බුව හා ඇලපිල්ලකෝ වෝ කොම්බුව හා දික් ඇලපිල්ලකෞ වෞ කොම්බුව හා හා ගයනුකිත්ත.
|
BLOG
|
මෙම පැනයට පහත සදහන් පිලිතුර ලබා දෙන ලද්දේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු සහ හිටපු ඉන්දීය ජනාධිපතිවරයෙකු වන අබ්දුල් කලාම් විසිනි...ඔබේ ප්‍රශ්ණයට පිලිතුරු ලෙස මම මගේම අත්දැකීමක් ඔබට පවසන්නම්. මම 1973දී ඉන්දීය චන්ද්‍රිකා වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස තේරී පත්වුනා. අපේ අරමුණ වුනේ 1980 වන විට ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම.ඒ සදහා අවශ්‍ය කරන සියළුම ප්‍රතිපාදන සහ මානව සම්පත් මා වෙත ලබා දුන් අතර ඉතා පැහැදිලිව මට උපදෙස් ලබා දුන්නේ 1980 වන විට අනිවාර්යෙන්ම ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත විය යුතු බවයි. ඉතින් ඊළග වසර හය පුරාවටම ඉංජිනේරුවන් තාක්ෂණික නිළධාරීන් සහ කම්කරුවන්ගෙන් සමන්විත වූ අප කණ්ඩායම ඒ අරමුණ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වී වැඩ කලා.1979 වසරේදී,මට මතක හැටියට ඒ අගෝස්තු මාසය,අපි හිතුවා අපි අපේ අරමුණට සූදානම් බව,එනම් ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට. ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා ලෙස මම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට නියමිත දිනයේදී පාලක මධ්‍යස්ථානයට පැමිනියා.චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට පෙර ප්‍රධාන පාලක පරිගණකය නියමිත පරීක්ෂාවන් ආරම්භ කල අතර මද වේලාවකින් පරිගනක තිරයේ රතු පැහැයෙන් සටහන් වූයේ යානයේ ඉන්ධන පිලිබද වූ ගැටලුවක්,එම ගැටළුව නිසා චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීම පරිගණකය විසින් නවතා දැමුවා. නමුත් මා සමග පාලක මධ්‍යස්ථානයේ ඒ මොහොතේ සිටි ඉංජිනේරුවන් ඔවුන් ඒ සියලුම දත්ත කලින් පරීක්ෂා කර ඇති බව පැවසූ නිසාත් ඒ පිලිබදව ගැටලුවක් නොමැති බව පැවසූ නිසාත් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකලා. පලමු විණාඩිය ඇතුලත සියලුම දේ හොදින් සිදුවූවත් දෙවණ විණාඩිය ඇතුලත එය පුපුරා විනාශ වුනා,අපේ උත්සාහය ව්‍යර්ථ වුනා.එදින ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා චන්ද්‍රිකාව විනාශ වීම පිලිබදව මාධ්‍ය හමුවක් කැදවූවා. චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත වුනේ උදෑසන 7ට වූ අතර මාධ්‍ය හමුව පැවැත්වූවේ උදෑසන 7.45ටයි. 7.45 වන විට ලොව පුරා මාධ්‍යවේදීන් සිය ගනනක් ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයට රැස් වුනා.නියමිත වේලාවට මාධ්‍යහමුව ආරම්භ වුනා,ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා මාධ්‍ය හමුව ඇමතූ අතර අපේ පරාජයේ සියලුම වගකීම ඔහු බාර ගත්තා. අප කණ්ඩායම බොහෝ වෙහෙසී වැඩ කලත් තාක්ෂණික අංශයේ සුලු වරදක් නිසා චන්ද්‍රිකාව විනාශ වූ බව පැවසූ ඔහු ලබන වසරේදී අප කණ්ඩායම අනිවාර්යෙන්ම සාර්ථක වන බවට බොහෝ විශ්වාසයෙන් පැවසුවා. ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා ලෙස චන්ද්‍රිකාව විනාශ වීම මගේ වගකීමක් වූවත් ඔහු අප ආයතනයේ සභාපතිවරයා ලෙස චන් ද්‍රිකාව විනාශ වීමේ වගකීම භාර ගත්තා.ඊලග වසරේ,එනම් 1980 ජූලි මාසයේදී අප නැවතත් චන්ද්‍රිකාවක් අභ්‍යාවකශ ගත කිරීමට උතාසාහ ගත් අතර එය සාර්ථක වුනා,ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවුනා,මුලු ජාතියම ප්‍රීති ප්රමෝදයට පත් වුනා. සතිෂ් ධාවන් මහතා නැවතත් මාධ්‍ය හමුවක් කැදවූවා,මාධ්‍ය හමුව ආරම්භ වීමට මොහොතකට පෙර මා අසලට කැදවූ ඔහු මාධ්‍ය හමුව ඇමතීම මට භාර කලා.එදින මම ජීවිතයේ විශාල පාඩමක් ඉගෙන ගත්තා. ආයතනයේ ප්‍රධානියා පරාජයේ වගකීම භාර ගත් අතර ජයග්රහනයන් ඔහු තම කණ්ඩායමට භාර කලා. මා ජීවිතයේ උගෙන ගත් හොදම කලමනාකරණ පාඩම උගත්තේ පොතකින් නොවේ,මගේම එම අත්දැකීමෙන්.උපුටා ගත් මෙම post 1 ට නිමිත්ත : පසුගිය මස ශ්‍රී ලංකාවට පැමිනි මොහොතේ අප සරසවියට පැමිණ කරන ලද දේශනය වෙනුවෙන් උපහාරය පිණිසයි.
|
BLOG
|
ඒල්ලෙන සිවිලිමක් ගහමු (Malaysia සිවිලිමක්)ඔන්න අද කියලා දෙන්න යන්නේ කොහොමදමේඒල්ලෙන සිවිලිමක් , Malaysia සිවිලිමක්අපි විසින් නිර්මානය කර ගනේ කියලාමේකට ටිකක් අතේ හැකියාව දෑතේහැකියාව ටිකක් තියෙන්න ඕනා නැතිනම්වැඩේකරගන යන්නටිකක් අමාරු වෙනවා.ඇනයක් කෙලින්ගහ ගැනීමේ හැකියාව හිලක් විදාගැනීමේහැකියාව ටිකක් තියෙන්න ඕනා .අඩි 8X8 1/2 කාමරයක් සදහාරුපියල් 15000 පමණ මුදලක් මගෙන් ඉල්ලුවා පොඩි වැඩ වලට විතරක් එන්නේ නැහැ අනන් මනන් කතාන්ද ගොඩයි.ඒවා කරන අයට වැඩ නැතුව ගියහම වගේ තමා මේ වගේ පොඩි පොඩි ඒවා කරනේ අපේ අවශ්‍ය වෙලාවට කරගන්න නම් බැහැ.මේවා කරන කෙනෙක් තමා මේ විදියට කරන්න කියලා කිවුවේ ඒ උපදෙස් අනුව මම වැඩේ කරගන ගියා හරියටම හරි.රුපියල් 15000දාහෙන් කාමර 3 විතරසිවිලිමගහගන්න පුලුවන්.මටගියේ8X8 1/2කාමරයට රුපියල් 5600 පමන.මේ උපකරණ ටිකඅවශ්ය වෙනවාමේවා නැත්නම්කාගෙන්හරි ඉල්ලා ගන්න1.තහඩු කපන කතුරක්2.යකඩ කපන කියතක් හෝකියත් තලයක්3.Drill mcඒකක්හා විදින කටුවක්4.මිටියක්5. අඩුවක්6.Waterlevelබටයක්බිතිය ලකුනු කර ගැනීමටදැන් බලමු අපි මිලදී ගතයුතු දේවල්අඩි 8X8 1/2 කාමරයක් සදහා1.L Bar 4Pcs RS = 500 (1Pcs RS 125)2. Main T 3Pcs RS = 750(1Pcs RS 250)3.අඩි 2 Cross Bar 16Pcs RS = 960 (1Pcs RS=60)4.Gibson board 2X4 9Pcs RS=3420 (1Pcs RS=380 )මම දැමේ මේවාTotal RS 5630 or(Gibson boardදානවනානම් මේවා අවශ නොවේ)5.Malaysiaසිවිලින් සිට් 4X4 5ක් RS=1250(1Pcs RS=250 )6.පිලර් හා තීන්ත RS =350Total RS 3810දාන ෂිට් ජාතිය ඔබම තෝරා ගන්නකොහොමද වාසිය. Gibson boardවෙනුවටMalaysiaසිවිලින් සිට්උනත් ගන්න පුළුවන්Malaysiaසිවිලින් සිට් 4X4කැලි ගන්න තියනේ මිල රුපියල්200 -250වෙනකන් තියනවා ඒක එක මෝස්තර තියනවා කැමැති එකක් ගන්න පුළුවන්Malaysiaසිවිලින් සිට්ඒකට පිලර් හා තීන්ත ගාන්න වෙනවා.ඒකට කරන්න තියනේ රෝලර් එකකින් ගාන එක හරිම ලේසි හා පහසුයි වියදම තව අඩු කර ගන්න පුළුවන්.Malaysiaසිවිලින් සිට්ඒක 4 රට කපන්න වෙනවා 4X4නිසාඅපිට ඕනේ 2X2 කෑලිනේකොහොමද වාසිය.මේ තියනේ ඕවට කියන නම්ගම්ටිකමේවා ඕනෑම ඇලුමිනියම් Parts විකුනන්න තියන්න තැන් වල ගන්න තියනවාGibson boardඒක ඒනේ අඩි 2X4විදියට අපි මේක 2x2 ගානට කපා ගන්න ඕනා.ඉස්සර මේවා2X4තමා දැමේ දැන් අලුත් වෙලා 2X4දාපුවහම කාලයක් යනකොට මැදබහිනවා එකයි දැන් 2X2 දානේ.Gibson boardඒකඒකමෝස්තරතියනවාපිටු පස Mac foil එක තියන එක අනිවාර්යෙන් ගන්නරස්නේ හානැත් නම් වතුර වැටුනහම දනවානේ වෙන දේපපඩම වගේ වෙනවා.මේ විදියට තමා Main TඒකටCross Bar Setවෙන්නේදෙපැතෙන් තද කරන්න විතරයි තියනේ නිකන්ම clip වෙනවා .Main Tඒකේ කොටසක් කපා ඉවත් කර ගන්න වෙනවා මේවිදියට Lඒක තියලා තියනේ එතැනින් කපා ඉවත් කර ගන්න.නැත්නම් Clip ඒකඉසරහින්ම්ම කපා ඉවත් කරන්නMain Tදෙකක් එකට Joint වෙනවනම් clip කරන්න විටරයි තියෙනේ.වතුර පිරවූ බටයක් යොදාගන බිතියේ තැන් ටික ලකුනු කර ගන්න ඉට පසු කොන්කිර්ට් ඇන හෝ රෝල් ප්ලග් යොදා මේ විදියට L Bar සවි කර ගන්න.මතක තියාගන්න L Bar ඒකට කෙලින්ම ඇන ගහන්න එපා ඒක විදලා ඇන දාන්න නැත් නම් L Bar ඒකඇබරේනවා.L Bar සවි කරකරගත් පසු Main Tසවි කිරීමට අපිට පුළුවන්අවශ දිග මැන Main T ටික කපා ගන්න මේවා.තහඩු කපන කතුරෙන්දකපා ගත හැක.Main T සවි කරකරගත් පසු Cross Bar සවි කිරීමට අපිට පුළුවන් Cross Barදෙකක් Main Tඒකදේපැතෙන් ගෙන Clipකිරීම පමනි තියෙනේනිකන්ම්ම set වෙනවා.Cross Barසියල්ල සවිකල පසුMain T ඒකට කම්බි බැද උඩ පරාල වල එළ්ලිම කරන්න නැත්නම් ෂිට් දාපුවහම ෂිට් පහලට බොක්ක ගහනවාමේ හුලන් කවුළු එහෙම උඩට හිටින්න තියන්න එපාසත්තු සිවිලිම ඇතුලට එනවා.රැට අමුතු සද්ද ඇහෙන්න පටන් ගනී.සත්තු උඩ දුවන ඒවා.අනිකවැඩිරස්නේ එලියට යනවනේ.සීතලත් ඇතුලට ඒනවා .මේවට කෑලි කපලා දාන්න වෙනවා ෂිට් කැපීම සදහා තුඩ හිනි පිහියක් තියලා හොදින් අදින්න දෙතුන් වතාවක් ඇදපුවහම නිකන්න කැපෙනවා.වැඩ දාන්න ඕනේ නම් Light වලට වෙනම කැලි බැලි ගන්න තියනවා ඒවත් දාන්න පුවුවන්.ඉතුරු කෑලි බෑලිෂිට් දෙක නැතුවමා විසින්නිමකල කාමරයමෙහි අයිතිය dinumadushan සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්අඩුපාඩු තියනවනම් කියලා දෙන්න ඕනදෙයක් තියනවනම් අහන්න Commentඒකක් දාල යන්න.
|
BLOG
|
සින්ඩරෙල්ලා සුරඟන මායාවෙන් හැඩවන හවහට ගෙදරදී යළි හඩු වන ප්‍රින්ස් චාමින් ව මග දී හමුවන සෙරෙප්පුව ගලවා අතට දී දුව යන ප්‍රින්ස් චාමින් නිතර අසු අරා සරණ ඈ යනෙන මග ගැවසෙන වෙනත් කෙල්ලන් දිහා නොබලන ඈ නිසාම මහ පාටියක් නටවන සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන ණයට ගත් අසු මතින් ප්‍රින්ස් චාමින් පැමිණෙන මහ රැයේ අසු අරා අබිනික්මනදැන් සින්ඩරෙල්ලාදැලි අඟුරු ගාගෙන රෑ දොළහ පසු වූ නිසා දැන්හඩු වෙන වැහැරෙන කැත වෙන කළු වෙන දරු පෝලිමක් එල්ලා ගෙන ප්‍රින්ස් චාමින් කිව්වට කලුහාමිලාගේ ප්‍රින්ස් චාමින් නමට කුමරෙකු වනණයට ගත් අසු අරා යන එන කුරුල්ලා මෙන් නිදැල්ලේ තටු සලනඒ ජීවිතේ අමතක ව යන අද කොහේ හෝ කඹුරන හැමදාම කටවනක් බීගෙන.
|
BLOG
|
ඌ දිනපතා ඉරුවසිගරට් කොටයරුපියල් වලින්ම30ක් වෙච්චිඈ දිනපතා ගත්තඊ විටමින් පෙත්තහිසකේ දැවටිච්චිරුපියල් 30ක් වෙච්චිsAm_sRi_Perera.
|
BLOG
|
කළු මුද්දේ අභිරහස සිංහලයේ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ GOOSEBUMPS කතා පොත් පෙළ ලියූ අර්.එල්.ස්ට්න්ගේ "HORRORS OF THE BLACK RING" නම් ප්‍රකට කතාවක සිංහල පරිවර්තනය "කළු මුද්දේ අභිරහස" නමින් ප්‍රකාශයට පත් වී තිබේ.දරුවන් තුළ කියවීමේ පුරුද්ද ඇති කිරීමේලා ප්‍රධාන සාධකය වනුයේ ඔවුනටම උචිත භාෂාවකින්, ඔවුන් සිත් ඇද ගන්නා කතාවක් ඉදිරිපත් කිරීමය. සැබෑ ලොව යතාර්ථයන් හි, අත්දැකීම් විදීමට පෙර ළමා මනස ආකර්ෂණය කරගත හැකි අත්දැකීමක් ඔවුනට තිළිණ කිරීමට ගත් පරිවර්තකගේ උත්සාහය ඇගැයිය යුතුය. පරිවර්තනය - සුධර්මන් සතරසිංහප්රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් , සුරස පොතක්මිල - රු.175.00ISBN 955-1188-54-3.
|
BLOG
|
නිහඬ සියුමැලි සමනළීනිල් ඇස් දෙකෙන් හරි දොඩමළුයි.ඔහේ නැලවෙන විසේකාරීමගේ හීනෙ දඟ වැඩ කරයි.ඈත ජීවන මංතලේඑක දිනක ඔබ හමුවෙමි කියාඔබෙන් දුරකට යන්න යන්නඔබ තව තවත් මට ළං වුනා.සීත සඳ පිනි ආදරේ ළඟගැහැණු සිතකින් උපදිනාහිතුමතේ කීවාට නාහනපිරිමි හිත මගෙ පැරදුනා.
|
BLOG
|
නුඹට ගල් ගසන විටඔහු නුඹට පිදුවේප්රේමයද අසල්වැසියාට පුදන...පෙම් කළේ නුඹදෙවියෙකුටදනැත හද දිනූ මිනිසාටය...ඔහු මෙන් නුඹදිය මතුපිට නොඇවිද්දෙහිය...එහෙත් ඔහු හාපතුල තෙක් කිමිදීරස සෙවුවෙහිය...ඔහුට දේවත්වය උරුම වනු රිසිනුඹ රහස රැක්කෙහිය...රාජ ද්‍රෝහියෙකු වූ ඔහුනිවැරදි බව නුඹ දැන සිටියෙහිය...එහෙත් දෙවියෙකු මිනිසෙකු බව කීමටනුඹට නොහැකි වූවෙහිය...ඒ මිනිසුන් දෙවියන්ට වඩාහොඳ යැයි නුඹ සිතු නිසාද...නැතිනම්,මලවුන්ගෙන් නැගිටුවා'මිනිසා' සමඟ පැන යාමටද...෴ රන්දු ෴.
|
BLOG
|
අනේ යකෝ.....මට ගහන්න ඕනේ තෝ වගේ එකියකට ආදරේ කලාට......ලැජ්ජා නැති කම... තොට යන්න ඕන්නම් පල.....තෝ නැහැයි කියලා මම මැරෙන්නේ නැහැ....උඹ මට ලොකු නැහැ යකෝ.... ආදරේ කියලා දුන්නා...විඳින්න කියලා දුන්නා....ජීවිතේ දුන්නා....ඒ හැම දේටම උඹ මට දුන්න දේ තමයි මේ....ඔව් වෛරය.....මම උඹට වෛර කරනවා.....ආදරේ කරපු හිතින්ම ආදරේ කරපු තරමටම...මම උඹට වෛර කරනවා....තොට ඔන වෙලාවට එන්නයි.....තොට ඕන වෙලාවට යන්නයි...මේක හරි කෙළියක්නේ....උඹට විතරද රිදෙන්නේ...එතකොට මගේ හිත...ඒක ගලක්ද .හොඳට හිතේ තියාගනින්....උඹව නැතිකරන්න හිතෙනවා මට....කුඩුපට්ටම් කරලා දාන්න මගේ හිතින්.....ආයි පස්පාගන්න හිතන්නෙපා....මේ පැත්ත පලාතේ....යන එකෙක් එක්කම පල.
|
BLOG
|
”සත්තයි ගසේ ඉදුණු අඹ” කියලා පාර අයිනේ බොඞ් එකක් දමාගෙන පිරිසක් අඹ විකුණනවා. ටිකක් අමතු තාලේ දැන්වීමක් හින්දා මමත් එකේ පින්තූරයක් ගන්න අමතක කළේ නැහැ. මේ පහළින් තියෙන්නේ ඒ පින්තූරය.තවත් දවසක තවත් කට්ටියක් ”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් එකක් පාර අයිනේ තියාගෙන අඹ විකුණනවා. මෙයාලාගේ වෙළෙඳ උප්පරවැට්ටි දැන දැන උනත් මම අඹ ගෙඩි කිහිපයක් මිල දී ගත්තේ අඹ ගෙඩියක් කන්න තිබිච්ච ආසාවටත් එක්කම යි.”මහත්තයා මේවා ගහේ ම ඉදිලා කඩපු අඹ” කියලා ඒ මුදලාලි ඔහු ළඟ ම තියාගෙන සිටිය අඹ ගෙඩියෙන් පොඩි කෑල්ලක් කපලා මට කන්න දුන්නා. ගසෙන් කඩන ලද නැවුම් අඹ ගෙඩියක තරමට නොමැති වුණත් යම් රසයකුත් එහි තිබුණා. ***”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් ගහගෙන අඹ විකුණුවට මම හිතා සිටි විධියට ම ඒ අඹත් මෙලෝ රහක් නැති, කෘත්‍රීම ලෙස ඉදවන ලද අඹ බව වැටහුණේ ගෙදර ඇවිත් කපලා කන්න හදනකොට යි. ඇත්තට ම මේ අඹ කන්න ම බැහැ. කිසිම රහක් නැහැ. සමහර ගෙඩි ඇතුළේ පැත්තක් අමුයි. ඒ මදිවවට ඇඹුල්. කොටින් ම අඹ ගෙඩියෙන් පොත්තවත් ගළවා ඉවත් කරන්න බැහැ. ***මේ පහළ පින්තූරයේ තියෙන්නේ ගහේ ම ඉදුණු විලාට් වර්ගයේ අඹ ගෙඩියක්. මේ ගෙඩියේ තිබුණු රහ වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරමට ම පුදුම රහක් තියෙන්නේ.අඹ වාරෙට ව්‍යාපාරිකයන් කරන්නේ අඹ තියන පළාත්වලට ගිහිල්ලා ගස් පිටින් අඹ මිල දී ගන්නවා. සාමාන්‍යයෙන් රු.1000ට, 1500, 2000ට වගේ තමයි මෙයාලා ගහේ මිල තීරණය කරන්නේ. ඊට පස්සේ ඒ ගහේ තියන ලොකු පොඩි බේදයක් නැති ව සියලූ අඹ කඩා ගන්නවා. හොදින් පැසුණු, අඹ වගේ ම නොපැසුණු, ගැට පවා කඩා ගන්නවා. ඊට පස්සේ කාබයිට්, මැජික් (වස කඩවලින් මිල දී ගත යුතු හෝමෝනයකි) වැනි කෘත්‍රීම දේ යොදා මේ අඹ ඉදවනවා. දවසක් දෙකක් යනවිට ලොකු පොඩි සියලූ අඹ එක ම විධියට ලස්සනට රන්වන් පාටට ඉදෙනවා. හොඳට පැහී තිබෙන ගෙඩියක් දෙකක් ඇරෙන්නට අනිත් ගෙඩි කිසිම රහක් නැත්තේ ඒකයි.පාර දිගට බොඞ් දාගෙන අඹ විකුණන අය කරන්නේ හොදින් පැසුණු අඹ ගෙඩියක් තියාගෙන කෑලි කපා කපා කන්න දීලා ශේප් එකේ අනිත් අඹ ගෙඩි ටික විකුණ ගන්න එකයි. මිහින්තලේ අඹ, ඇඹිලිපිටියේ අඹ, මොනරාගල අඹ කිය කියා ඔය විකුණන කව්රුත් කරන්නේ මේ ටික ම තමයි. ඒ අතරේ මට එක් අයෙක් හමුවුණා ඔවුන් කරන්නේ ඇත්තටම ගහ බදු අරගෙන පැසෙන පැසෙන අඹ විතරක් කඩා ගන්නවා. එක අඹ ගහකින් එවිට අඹ කඩා ගන්න පස් හය පාරක් විතර පැමිණෙනවා. එහෙම අවංක ව බිස්නස් එකක් කරන අයගෙන් ඇත්තට ම ටිකක් වැඩි ගාණක් ගෙවලා අපිට කිසි ම පාඩුවක් වෙන්නේ නැහැ.මරදාන ප්‍රදේශයේ මගේ මිත්‍රයෙක් කියූ දෙයක් මා මවිත කරන්නට සමත් වුණා. ඔහු කිසිම දිනෙක අඹ ගහකින් ඉදුණු අඹ ගෙඩියක් කඩාගෙන කාලා නෑලූ. ඔහුට මම දවසක් ගහේ ඉදී කඩාගත් අඹ ගෙඩි කිහිපයක් දුන්නට පස්සේ ඔහු පුදුම වුණා අඹ මෙච්චර රස ද කියලා. ගමේ හැදුණ වැඩුණ අපිට නම් ඉතින් මේවා අමුතු දේවල් නෙමේ. කොහොම ද හොඳින් ඉදුණු කර්තකොළොම්බන් අඹ ගෙඩියක් එහෙම ගහේ ඉදගෙන කනකොට දැනෙන සනීපේ... අම්මෝ මතක් වෙනකොට කටට කෙළත් වුණනවා...හොඳ අඹ වෙළෙඳ පොළේ දී හඳුනා ගත හැකි ක්‍රම තියනවා. හොඳින් පැසුණු අඹ ඉදෙන්නේ ගෙඩියේ නැට්ට පැත්තේ සිට පහළට ය. නොපැසුණු අඹවල ඇටය පිහියෙන් කපන්න පුළුවන් වුවත් හොඳින් පැසුණු අඹ එසේ පහසුවෙන් කැපිය නොහැකි ය. තව ද අඹ පොත්තේ මතුපිට රැළි වැටුණු ස්වභාවයක් පවතී නම් ඒවා හොද අඹ නොවේ. ඉතින් වෙළෙඳ පොළෙන් අඹ මිල දී ගන්නා විට මේ තොරතුරු ඔබට සමහර විට වැදගත් වේවි. ඔක්කොටමත් වඩා අඹ පැලයක් ඔබේ නිවසේ හිටවා ගන්න පුළුවන් නම් හරිම වටිනවා.වලී08.01.2014.
|
BLOG
|
එක දෙක මොණර කාසි පර්ස් එකට එන්නේදැන්ෆුල් ආතල් එකේ මං හිදින්නේවැරදුනයම් තැනක දැන් මට හැගෙන්නේකෙල්ලටදං දීලා රිම් එකෙන් ඉන්නේ...//චොකලට්කෑල්ල මගේසූකිරිබට්ටිය මගේඔයානොලැබුනොත් අනේපනිනවාලෝකාන්තේඉස්සරකිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ...//පංතිත්කට් කරලා ඉන්නේ ඇය බලන්නකරුමෙටසෙට් වුනා මගේ වත හිදින්නතිබුනටබූට් සොමිය මේ හද පිරේන්නදැන්දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම...//චොකලට්කෑල්ල මගේසූකිරිබට්ටියා මගේඔයානොලැබුනොත් අනේපනිනවාලෝකාන්තේඉස්සරකිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ...//වදයක්නෑ රෑට නෑ මල් කඩන්නේඉස්සරමෙන් නෑ ඩබල් ටිකට් ගන්නේවියදමදැං නෑ මචං ඩබල් වෙන්නේබූට්එකත් අමුතු ආතල් එකක්නේ...//චොකලට්කෑල්ල මගේසූකිරිබට්ටිය මගේඔයානොලැබුනොත් අනේපනිනවාලෝකාන්තේඉස්සරකිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ.....//.
|
BLOG
|
සුබ දවසක් ...ජීමේල් වල අපට අමුණලා යවන්න පුළුවන් ෆයිල් එකේ විශාලත්වය 25mb .මේක ජීමේල් පාවිච්චි කරන හැමදෙනාම දන්නවා.. .. ඉතින් 25mb වඩා විශාලෆයිල් එකක් යවන්න බැරිද . උත්තරය පුළුවන් ... මෙන්න මේ විදිහට කරගත්තහම 100mb දක්වා ෆයිල් එකක් යවාගන්න පුළුවන් ....මුලින්ම කරන්න තියෙන්නේ https://attachments.me/ මතට ගිහිල්ලා ගුගල්ක්රෝම් වෙබ් බ්‍රවුසරයට attachments.me එක්ස්ටෙන්ෂන් එක එකතු කරගන්න........(firefox වලත් මේක වැඩකරනවා...) මෙන්න මේ වගේ ඊට පසුව ,,, ජීමේල් ගිණුමට ඇතුළු වන්න......ජීමේල් ගිණුම හා සම්බන්ද වීමට අවසර ඉල්ලනවා ... මෙන්න මේවගේ එතනදී click to get started මත ක්ලික් කරන්න ,,,,,එවිට පහත පරිදි allow මත ක්ලික් කිරීමෙන් attachments...ජීමේල් ගිණුම හා සම්බන්ද කරගන්න .. මෙන්න මෙන්න මේ වගේ .....ඊට පස්සේ තියෙන්නේ ෆයිල් share කිරීමට අවශ්‍ය cloud storage එක ජීමේල් එක හා සම්බන්ද කිරීමයි ....ඒ සදහා අපට dropbox , box , google drive , sky drive යන cloud storage යොදාගන්න පුළුවන් ,,,, තවම cloud storage හදාගෙන නැති අයට පහත ලින්ක් වලින් හදාගන්න පුළුවනි .....dropbox සදහා මෙතනින් යන්න...boxසදහා මෙතනින් යන්න...google driveසදහා මෙතනින් යන්න...skydriveසදහා මෙතනින් යන්න...මෙහිදී මම යොදාගන්නේ dropbox එක ....... මෙන්න මේ වගේ ......Link your account මත ක්ලික් කරන්න.....එවිටdropbox ගිණුමට ඇතුළු වීමට ඊමේල් හා පාස්වඩ් ලබාදී ...me හා සම්බන්ද වීමට පහත පරිදි Allow මත ක්ලික් කරන්න ....දැන් පහත රූපය පරිදි ජීමේල් වලට dropbox මගින් ෆයිල් එකතු කරගැනීමට පුළුවන් විදිහට අලුත් කොටසක් එකතු වෙනවා... අන්න එයමත ක්ලික් කර අපට අවශ්‍ය ෆයිල් 100 mb දක්වා dropbox මගින් , ජීමේල් වලට එකතු කරගන්න පුළුවනි .... මෙන්න මේ වගේ ....ඔන්න ඔය විදිහට තමයි .... අපිට dropbox එක මගින් විශාල ෆයිල් ( 25mb වලට වැඩි )ජීමේල් වලට එකතුකරගන්න ;පුළුවනි .... සුබදවසක් .
|
BLOG
|
(මෙහෙම කියන්නේ තිලකේ) තිලකේ ගේ තිලක සිත ගැන අතන මෙතන හැම තැනම කියවෙන හින්දා අමුතුවෙන් මම කියන්න යන්නේ නෑ. මෙන්න මේ කතාව කියවපු දවසේ මට හීන් දාඩිය දැම්මා. වෙන මොකක්වත් හින්දා නෙමෙයි අපේ අතීතය මතක් වෙලා. එතකොට මම බොහොම පුංචියි. වම්බටු ගෙඩියක් විතර උස තියෙන්න ඇති. ඒ විතරක් නම් කමක් නෑ ඒ කාලේ මට තිබුනේ එසේ මෙසේ කැසිල්ලකුත් නෙමෙයි. එක විනාඩිපහක් එක තැනක ඉන්න බෑ කියලා හැමෝම මට දොස් කියනවා ඒ කාලේ. ඒ ඉතින් බොරුවකුත් නෙමෙයි. අනේ මන්දා ඒ කාලේ කහඹිළියා ගෑවෙන්න මම කොහේ හරි ගොල්ලක ගියාද කියලා හැමවෙලේම. අපේ ගම් පළාතේ භීෂණය ආවේ බොහෝම භයානක විදියට. රෑට රෑට හමුදා ජීප් එකකින් හරි ලොකු ට්‍රක් එකකින් හරි ගොඩබහින මිලිටරි බුවාලා හැමපැත්තකින්ම ගම වට කරනවා. ඉන්න අහිංසකම කොල්ලා වුනත් පටව ගත්තා පහුවදාට කොහේ හරි පාරක් අයිනේ අමු අමුවෙන් පිච්චුනා ටයර් අස්සේ. ඒ දුප්පත් ගම්වල භීෂණය කියන එක බිහි කලේ රාජ්‍ය මැදිහත්වීමෙන් කියලා ඒ වෙනකොට අවුරුදු දොළහක් වුන මටත් තේරුනා. කවුරුවත් කැමති වෙන්නෑනේ බිල්ලෙක් ඔළුව හැරවුවාම පහුවදාට ටයර් එකක අමු අමුවේ පිච්චෙන්න. ඒ කාලේ තිබුන එකම විකල්පය ලාම්පුවක්වත් පත්තුනොකර පහ හය වෙද්දි කොහේට හරි ගුලිවෙලා ආත්මාරක්ශාව වෙනුවෙන් හැන්ගෙන්න. මේ කියන කාලේ කොහොමටවත් අපිට පවර් තිබුනේත් නෑ. තිබුනත් ට්‍රාන්ස්ෆෝමර් අරවා මේවා ගිණි තියලා විදුලිය සැපයීමක් නොතිබුන ගාණයි. අපේ ගම්වල ඒ වෙනකම් හොර හතුරු බිය කියලා දෙයක් තිබුනෙත් නෑ. ඒත් මේ බූට් සපත්තු එන්න ගත්තත් හරි කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලොත් පරිස්සම් කරගන්න ගම්මුන්ට සිදුවුනා. අපේ අම්මාට තිබුන ලොකුම හීනය අපි හතර දෙනා ලොකුමහත් කරගන්න එක විතරයි. ඉතින් අපි කිකිළි පස්සේ යන පැටව් ටික වගේ ඇයගේ පස්සෙන් කිසි සද්දයක් බද්දයක් නැතිව. අර කහඹිළියා ගෑවිච්ච මම ඒ වෙනකොට අතුරුදහන් වෙලා. ඒ දවස් වල බොහොමයක් රැයවල් ගෙවුනේ අවදියෙන්. අපිට කරදරයක් වෙන්නේ නෑ කියලා විස්වාශයක් තිබුනත් අපි දන්න කියන අයට එහෙම නෑ කියන එක ඒ වෙද්දි බොහොම දරුණු විදියට අත්දකිමින් හිටියේ අපි. අපේ ගෙදර බොහොමයක් වෙලාවට ලොකු මුට්ටිවල කෑම ඉදුනේ. අපි වෙනුවෙන් නෙමෙයි අපේ අම්මගේ දරුවෝ නොවුන තවත් කාගේ හරි දරුවෝ වෙනුවෙන් අපේ අම්මගේ ආදරය හින්දා. අපේ ඉඩම් වල තිබුන තාවකාලික ගෙවල් ඒ වෙද්දි බොහෝ අයගේ ස්ථිර නේවාසිකාගාර වෙලා. ජීවිතය ගැන දේශපාලනය ගැන ලොකු අවබෝධයක් නොතිබුනාට ඒ කැම්පස්වල ඉගෙනගත්ත සහෝදරයින්ගේ කතාවන් අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ආදරය අසරණකම අදටත් මාව ගල් කරනවා. " අපේ ගෙවල්වලට බූට් සපත්තු එන්න ගත්තේ ගම්වල හිටපු එකිනෙකාගේ කුහකගතිත් එක්කමයි. අනේ එක දවසක ' නැන්දේ කන්න මොනවා හරි තියෙනවාද' කියලා අහලා එවෙලේ අපි කාලා ඉතිරිවෙලා තිබුන කෑම කාලා භාගෙට ඉරිච්ච කමිසෙයි කලිසමයි ඇඳගෙන එලියට බැහැලා ගිය සරත් අයියා පහුවදා උදේ අක්කයි මායි ටවුමට යනකොට පාරේ මැද පිච්චෙනවා අර කිළිටි ඇඳුමෙන් භාගයක්ම ඉතිරිත් වෙලා." ඒ වගේ දේවල් ළමාකාලේම අත්දැකපු මට භීෂණය කියන වචනය ඇහෙද්දිත් බයයි. ඒත් ඒවා වචනයෙන් අකුරු කරන්න අපි හැමෝටම බෑ. මේ තිලක සිත ලියන සහෘදයා නම් ඒවා අකුරු කරන්නේ හරියට ඒ සිදුවීම් අස්සේ අපිත් ජීවත්වෙනවා වගේ. මේ පොතේ ලියවෙන බොහො කතා අස්සේ ඒ 87-89 අඳුරු කාලයේ සිදුවීමුත් තියෙනවා කතුවරයා මුහුණදෙන. තිලකසිරි ඒකනායක වෘත්තියෙන් ඉන්ජිනේරුවෙක් වුනාට ඔහු ලියන්නෙක් වෙලා තියෙන්නේ පේරාදෙණි යුගයෙන් කියලයි මම හිතන්නේ. ඔහු බ්ලොග් ලියන්න එන්නේ මෑතකදි වුනාට අතීතයේදි ඔහු පුවත්පත් වලට ලියපු කෙනෙක්. ඔහුගේ අපූරු වියමන් ජනගතවෙන මේ මොහොතේ ඔහු එක්ක බුලත් විටක් කන්න ඔහු ඔබටත් ආරාධනා කරනවා. අගෝස්තු 08 දා දොරට වඩින තිලකසිරිගේ "තිලක සිත" තිලකසිරි ඒකනායකගේ "තිලක සිත" කතා එකතුව ජනගත කිරීමේ උළෙල, 2014 අගෝස්තු මස 08 වන සිකුරාදා, සවස 3:30ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. සඹැඳිය බූන්දියෙන්.
|
BLOG
|
රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේරාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනිසිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාමත් වලව්වේ වැඩ කටයුතු වලදි පෙරමුණ ගත් හරමානිස් දිවා රැ නොබලා වෙහෙස වන්නේ සාදය උත්කර්ශවත් ලෙසින් පැවැත් වීමටයිදෙස් විදෙස් රහ මෙර යහමින් තිබු සාදයේ උණුසුම අතර තුර හරමානිස් ද වීදුරුවක් කටට හලාගන්නේ හාමුලාට නොපෙනන ලෙසිනි . රැය පහන්වෙත්දී , මධුවිතින් පදමට සප්පායම් වූ පර්සි හාමුගේ මිතුරෙක් හරමානිස් සමඟ දබරයකි ඇති කරගන්නේ , වෙරි මතින් වැසිකිලිය හොයා ගැනීමට නොහැකිව ඇති කල කලබැගැනියක් හේතුකරගෙනයි . මදක් සප්පායම් වී සිටි හරමානිස් දබරයට ගියත් , තමාට බිම දාගෙන ගැසු හාමුගේ මිතුරාට එරෙහිව අතක් වත් නොඋස්සන්නේ වලව්ව කෙරේ ඇති භය පක්ෂ පාතීත්වය නිසාය . මුලු සිදුවීමම දුටුවත් , ඒ දෙස නැසු කන්ව සිටි පර්සි හාමු කිසිත් නොකර සිය මිතුරාගේ පැත්ත ගත්තේ ජීවිත කාලයක් , වලව්වටත් තමාටත් අවංකව සේවය කල හරමානිස් අමතක කර දමමිනි .කල කිරුණු හරමානිස් සිය රෙදි පොට්ටනියද රැගෙන වලව්වෙන් එලිය්ට බැස්සේය . කෙමෙන් කෙම්න් වලව්වේ ගේට්ටුව වෙත පියමන් කරමින් ආපසු හැරි බලන්නේ , දැන්වත් හාමු තමන්ට නවතින්නට කියාවි දො යන අහිංසක බලා පොරොත්තුවද සමඟිනි .සැ.යු . නම් ගම් පමණක් මන: කල්පිත වේ.
|
BLOG
|
ඈ හින වටබැඳි මුතු පොට.....බර වැඩිවුනුසුබ පුවතට.....නෙත ගඟුළකි...හද පියුමකි.....මුළු ලොවපුන් මල් යහනෙකි......දුක සතුටකි..කඳුල සැපකි.....බර අදහස්තටුලන සෙකි....සිතක සිතකි....ගහෙන ළැමෙහි...සිනා සලන...කැකුළු රුවකි....හද බිතු මතමල් ලියලති....රළු අහසේතරු නැලවෙති.....නෙතු අද්දරසිහින වැලකි....ආදරයටනව අරුතකි.
|
BLOG
|
...............................................................................
|
BLOG
|
මුණගැහෙන්නට තරම්නැතත් උන් හට වරම්මුණගැහුණු අපි තරම්උන්ට නෑ සෝ සුසුම්.
|
BLOG
|
කඳුළු ලුණු රහ බව මම දැනසිටියෙමි නමුත් එය කට කාරවන අමිරහ බව නොදැන සිටියෙමිසුසුම් බර වැඩි බව මම දැන සිටියෙමි නමුත් එය බරින් බිම හෙලනබව නොදැන සිටියෙමිවිරහව දුකක් බව මම දැනසිටියෙමිනමුත් එය මරණිය බව නොදැනසිටියෙමිආදරය අන්ධ බව දැනසිටියෙමිනමුත් එය අඳ ගොළු බිහිරිබව.
|
BLOG
|
මේ නොවැම්බරයේ ප්රථමවැස්සයි ;පලාගෙන අහස,ඇද හැලෙන විටදොඹ ගෙඩි තරම් ලොකු වැහිබින්දු,ඇඳ සිටින ස්වීටරය ගලවාසීතලේ ගැහෙමින්,අම්මාගේ නෙක විද ඇනුම්බැනුම් ද නොතකාමිදුලට බැස,නෙත් තදින් පියාගෙන,දෑත් විහිදවමි දෙපසට.කම්මුල් කපාගෙනඇදී එන ජල ධාරාවේදැනෙන්නේ කඳුළු රස..අවියෙන් මෙන්ම බූට්සපත්තුවෙන්දවනසන්නට නොහැකි වූ හඬවල්රැසක් මුමුණ මුමුණා හමාවිත් ඇඟේහැප්පෙයි,දෙකන් පතුලට වදිනනොවැම්බරයේ සීතලම සීතල සුළඟට ඉවකරමිදැනෙන්නේ ලේ පුසුඹ...විරුවන්ගේ ලැම පොහොර වී,ඔවුන් සැතපෙන වලවල් මතරතු රෝස පිපෙතැයි කලකට ඉහත අසා තිබුණ ද,දැන් මේ පොලොව එතරම් සාරවත් නැත.ආසනික් වලින් දූෂණය වූ පසේකටු වලට මිසමල් වලට ඉඩක් නැත,ඉඳහිට පිපෙන රතුම රතු රෝසදඅයිති මෙරටට නොව සයුරින් එහා රටවලට ය....(නිදහසින් පසු ගෙවුන කාලය තුල තමන්ගේ පරපුරට වඩා යහපත් හෙට දවසක් උරුම කර දීමේ අදිටනින් යුතුව දිවි පිදූ සියලු සිංහල,ද්‍රවිඩ හා මුස්ලිම් සොයුර සොයුරියන් වෙනුවෙනි)ජායාරූපය -http://www.
|
BLOG
|
වන වදුල නම් සාරි පොටෙහි,හැඩ කර වූ කැටයමකි මකුළු දැල...හරිත වූ පරිසරයෙහි විනිවිද යන,තරු රටාමෙන්පිණි බිඳු වලින් නැහැවෙන,චමත්කාර සිහිනයකි මකුළු දැල...දිළිසෙන ඒ තරු රටාවන්ට,චමත්කාර වූ ඒ සිහිනයට,ඉඟි පාන අහිංසක සමනළිය...විදින්න ඒ සුන්දරත්වය,අභිසරණය වූ සතුටු සිතින්...දිවි තබා රකිමි සමනළියව,නුඹට නොපෙනෙනසැගවුණුනපුරින්...බොඳ වීමට නොදෙමි ඒ චමත්කාර සිහිනය,හැකි නම්සැබෑ කරවමි...වසන්තයේ මල් වැස්සක මිහිරියාව.
|
BLOG
|
සියවරක් ඉකි බිදසෙවූ සිනහවමිතුරු වෙනකොටඔබම දුර හිඳකඳුල අයෙත්මගේ දෝතටඑවන ලස්සන.
|
BLOG
|
තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.Paidverts වල වැඩ කරන්නෙ කොහොමද කියල දැනගන්න මෙතනින් යන්න >>http://sltechboys.com/2014/09/paidverts.htmlඕන් ඉතින් Paidverts කරන අයට Paidvertsහි වැඩ කරන්න අවශ්‍ය පොඩි සරල සැලසුමක්:1.මුලින්ම Points (Bonus Ad Points) ගණන 55000 කට විතර වැඩි කරගන්නඊට පස්සෙ හැමදාම ads ක්ලික් කරන්න..ඔයාලට ඇඩ්ස් ලැබෙන කොට Points ගාණක් කැපෙනවා..2. Points 50000 ට බහිනකම් ඇඩ්ස් ක්ලික් කරන්න ...ඊට පස්සෙ අයෙමත් $2 කින් Buy Ads කරන්න..එතකොට Points 56000 වේවි.3.අයෙමත් Points 51000 ට බහිනකම් ඇඩ්ස් ක්ලික් කරන්න ..ඊට පස්සෙ අයෙමත් $2කින් Buy Ads කරන්න...4.දිගටම මෙහෙම කර්ගෙන ගිහින් මාසෙ අන්තිමට ඉතුරු ශේෂය Cashout කරන්න..මේ වගේ පොඩි සැලසුමකට මේ වැඩේ කරගෙන යන්න ...ඔබට ජයෙන් ජය.***ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමු***.
|
BLOG
|
අහෝ. ඇයිද මට මෙහෙම වුනෙ....... මානම් නැතය පතුවේ මෙහෙම දෙයක් මානම් නැතය තැවෙන්නේ ........ ඒත් මට නම් රිදෙයි හුඟක් මට මේ සිදුවීම උණේ මෙහෙමයි.මට චෙස් ක්‍රීඩා කරන්න පුළුවන්.මම චෙස් තරඟ කරලා සම ප්‍රථම ස්ථාන දිනාගෙන තියෙනවා.මම තවත් තරඟාවලියකට ගිහින් තරඟ කරලා ලකුණු 6න් 4ක් ලබා ගෙන all island යන්න තේරුණා. මම දැන් මගේ වයසේ ලමයි එක්ක,මං වගේ ම දක්ෂතා ඇති ලමයි එක්ක චෙස් අඳිනවා මාතර,යාපනය,ගාල්ල,නුවර,පුත්තලම වගේ ප්‍රදේශ වලින් ළමයි ඇවිත් හිටියා.ගම්පහ තමයි තරඟ තිබුණෙ.සිකුරාදා,සෙනසුරදා,ඉරිදා දවස්වල තරඟ පැවැත්වුණා.මම ලකුණු 6න් 4ක් ගත්තා.ඉරිදා හවස මම කීවෙනියා ද කියලා බලන්න අම්මායි,මමයි හිටියා.අම්මා වෙන් ඇන්ටි කෙනෙක් එක්ක කතා කර කර හිටියා.මම දකුණු කකුල උස්සගෙන හිටියා.මට හිතුණා කකුල තියන්න ඕන කියලා.මම තිබ්බා, තිබ්බෙ වැරදි තැනක.කාණු වහන කොන්ක්‍රීට් ස්ලැබ් එකකට කකුල පලාගෙන ගියා. මට ගොඩක් රිදුණා.මම කකුල උඩට ඉස්සුවා.මට ඒක දැකලා කලන්තෙ වගේ.මම අම්මාව බදාගෙන ඇඬුවා.අම්මට මොනවා හිතුණා ද මන්දා.අර ඇන්ටි ටිකක් මහතයි.එයා මාව ඉස්සුවා.උස්සල තිබ්බ කාර එකේ මාවගම්පහ රෝහලට ගෙනිච්චා.මම අඬ අඬා හිටියේ.අම්මත් මොනවද කිව්වා මට ඒවා මතක නැ.මාව රෝද පුටුවෙන් වාට්ටුවකට ගෙනිච්චා.තුවාලේ හිරි වට්ටන්න එන්නතයක් විද්දා.තව එන්න්තයක් විද්දා."මොනවා කරනවද මන්දා ඉඳගෙන"මට කියවුණා.අම්මා මාව බදාගෙන හිටියෙ.තුවාලෙට මැහුම් දානවා මම දැක්කෙ නෑ.මැහුම්දාලා ඉවර උණාම මම ගෙදර ආවා.මම දැනගත්තා මම 11වෙනියා බව මට සතුටුයි.මට තුවාලෙ ගැන දුක නෑ.මගේ කකුල රිදෙනවා.මට මෙහෙම වෙච්ච පළවෙනි වතාව. නිමි.
|
BLOG
|
කොහොමද කට්ටියට ගොඩ දවසකින් දින පොත පැත්තේ එන්න බැරි උනා මොකද මේ දවස් වල වැඩ ටිකක් වැඩි නිසා. අදත් වැඩ නැතිවම නෙවේ එත් පොතේ අලුත් පිටුවක් ලියන්න ඕනි කියලා හිතුනා. අද කියන්න යන්නේ මට උනු පොඩි වැඩක් නිසා හොයාගත්තු දෙයක් ගැන මේක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුනා. IDM ගැන දන්නවනේ මෙක ගැක නොදන්න කෙනෙක් නැති තරම් මේක Download Manger මෘදුකාංගයක්. මේකේ අලුත්ම සංස්කරනය මගේ පරිගණකයට මම ස්ථාපනය කරා ටික දවසක් ගියාම Message එකක් එනවාInternet Download Manager Registered With Fake Serial Messageකියලා (Crack කරලා තියෙද්දීත්) විනාඩි 3න් 3ට වගේ මෙක හරි වදයක් උනා වැඩ කර කර ඉද්දී හැබැයි IDM එක හොදට වැඩ කරනවා Message එක එන එක තමා එකම අවුල. ඔන්න ඔකට විසදුම ටිකක් හොයද්දී හම්බුනා..Taskbar එකෙන් IDM එක EXIT කරගන්න. දැන් Message එකක් එයි File Missing කියලා.අයෙම IDM Install කරගත්ත Folder එකට යන්න.Taskbar එකෙන් IDM එක EXIT කරගන්න.exe කියලා rename කරගන්නඅයෙම IDM Open කරගන්න වැඩේ හරි. දිනපොතත් එක්ක හැමදාම ඉන්න කට්ටියටම ජය වේවා.
|
BLOG
|
මවු කිරි පෙවූ මගෙ අම්මා හැරුණු කලසිප් කිරි පෙවූ ගුරු අම්මා සඳකි මටගත දා බිඳු සැලූ මගෙ පිය හැරුණු විටනැණ දා බිඳු සැලූ ගුරු පිය හිරුය මට.
|
BLOG
|
කවිමුතුමල් පේස්බුක් පිටුවේ ටික කාලේකට කලින් පළවුණ කවියක් කවිමුතුමල් බ්ලොග් පිටුවෙත් ඇමිණුවා.
|
BLOG
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.