comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
යනෙන තැන මරුවැල්යආදරේ ගිනිදැල්යජීවිතය නැතිකල්යදැනෙන්නේ තනිකම්යසිත් අහස ගැබ්බරදඅත් පසුර හිස්වුනිදනෙතු කැල්මේ කඳුලැල්දප්‍රේමය ම මියගොස් ද.අවට ලොව නොම සිතන්අතීතය අත හරින්ප්‍රේමයේ සුභ දකින්ජීවිතය කියවපන්...පසුව ලියමි► මෙයට කලකට පෙර "කළු දිය පොකුණ" බ්ලොග් අඩවියට දැමූ කොමෙන්ටුවකි, ඉහතින් ඇත්තේ. රචිකාවිය අලුත් ලියමන් කර ඇති දැයි දකිනු රිසියෙන් එහි යත්දී අහමබයෙන් පෙර වසරේ වෙසක් මස සත් වන දින අකුරු කල මේ කවි[.] පෙල දුටු විට එය මා බිතෙහි යළි ලියා තබන්නට වූ ආශාවේ ප්‍රතිපලයයි මේ.
BLOG
බොහෝම කාලෙකට පස්සේ මේ පැත්තට ඔළුව දාන්න හිතුනා. ;) එහෙන් මෙහෙන් අනිත් අයගේ බ්ලොග් වලට ඔළුව දැම්මට පසුගිය කාලය පුරාවටම යමක් කියවන්නවත් ලියන්නවත් හිතුනේ නෑ. (මම හිතන්නේ එක එක කාල තියෙනවා අපිට හැමදෙයක්ම එපා වෙන. බොහොම දුක් කරදර ගොඩක් මැද්දේ හිටපු හින්දා වෙන්නැති මට බ්ලොග් එක විතරක් නෙමෙයි මාවත් අමතක වෙලා තිබුනේ.) ඒත් ඉඳල හිටලා බොහෝ අය "ඔයාට මොකද වෙලා තියෙන්නේ ඇයි ලියන්නේ නැත්තේ" කියලා අහනකොට ලියන්න ඕනේ කියලා උවමනාවක් ආවත් ආයෙත් ටිකකින් උදාසීනකමයි අරවයි මේවයි ඔක්කොම එක්ක මට ලියන්න වුනේ නෑ. ඒත් ඉඳලා හිටලා කොහෙන් හරි පොප් අප් වෙලා මොනවා හරි ලියන්නකෝ කියලා බල කරපු හිතවතුන්ට අඩුම තරමින් අවුරුද්ද ඉවර වෙන්න කලින් හරි සටහනක් ලියන්න ඕනේ කියලා හිතුනා. නැත්නම් හරි නෑ නේ නරක ළමයි වෙන එක. :) මේ පොස්ට් එකෙන් පස්සේ මේ බ්ලොග් එක අප්ඩේට් වෙන එකක් නෑ. මම කාලයක් තිස්සේ ඉඳන් ලියපු තවත් බ්ලොග් එකක් සුද්ද පවිත්‍ර කරලා ගත්තා මගේ එදිනෙදා දේවල් ලියන්න. මෙන්න මෙතනින් එතනට එන්න පුළුවන් කැමති අයට. හැමෝටම "සුභ නත්තලක් හා අලුත් අවුරුද්දක්" කලින්ම මෙතනින්ම කියලා ඔන්න මම සමුගන්නවා එහෙනම්.... ;).
BLOG
හම්මෝ පියාඹල පියාඹලාමාර හති කුරුල්ලට...මේ කොහෙද මේ...හුටා...මේමගේ බ්ලොග් කටුව නේද ඈ...මම : ඇත්තටම මගේ සත්තලන්බ්ලොග් පැටියෝ ඔයා කොයිද මෙත්තල කල් ගීන් ඉතියේ ඈ...මගේ බ්ලොග් එක : අනේ පලඩො යන්ඩමම : ඈ...මගේ බ්ලොග් එක : මාවඅමතක උනා නේද තොටමම : අනේ නෑ සත්තලනේ වැඩ ගොඩයි....මගේ බ්ලොග් එක : පල පලයන්ඩ....එහෙම කෝමද යන්නේ ඈ...උඹමගේ..මම උඹේ...මෙරේ ආශුකී අබු තුම් ඈ..අනේ සමාව භාජනෙකට දාන්න හැමෝම හොඳද.කුරුල්ලට එන්න බැරිවුනේ කුරුල්ලා ගොඩක් කියන්නේ ගොඩක්ම බිසී හින්ද ඈ...රෙපා, තරුවා, හිරු හිමාඑහෙම කෝ දැන් නෑ...තරා වෙලාද දන්නෙත් නෑ...මොනවා කරන්නද ඉතින්..මෙන්න විස්තරේ...කුරුල්ලා දැන් ඉන්නේරජරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලේ.ඒ කියන්නේ තව අවුරුදු තුන හතරකින් කුරුල්ලා දොත්තබබෙක්...දැන් තොත්ත බබෙක්...මේ ඉතින් මගේ පලවෙනි අවුරුද්දලු...ඒත් එක්කම අපිලුපලවෙනි සෙට් එක...එතකොට මම මේකේ ශිෂ්‍ය මෙව්වා එකේ ලේකම්ලු ඈ...ලේසි නෑ...ඒ වුනාටඔය කියන තරම් අමාරුත් නෑලු ඈ...මම ගැන කියෙව්වා ඇති...දැන් ඔන්න සමාව හද්ද ලොකු තඹහැලියකට දාන්න තරම් කුරුල්ලා හේතු කිව්වා ඈ...ඔය කකුල් කැඩෙනකම්ඇවිදින රෙපයි, ගිරිය කඩන් සින්දු වලට සාධාරණය ඉෂ්ට කොරන හිරු හිමාවියි, බෙල්ලකඩාගෙන අත පය හූරගෙන වලවල් හාරන අපේ තිලිණි අක්කයි මට බනින්න බෑ ඔන්න....ඒ මදිවටමම කාරුණික ඉල්ලීමක් කරනවා මාව අයින් කරපු සින්ඩි කාරයෝ සේරටම ආපහු මාව දා ගන්ඩකියලා...ඈ යකෝ මේක හරි මගුලක්නි...මුන් මාව අයින් කරලනි...අත උස්සල පයින් ගහනවා පස්සපැත්තට කන පැලෙන්ඩ ඈ...මල පනිනවා ඈ...වැඩක් නෑ කෑගහලා...එකෙක්ටවත් ඇහෙන එකක් යෑ...වෙන්න තියන සේරම වෙලාපති වතත් කෙලෙසගෙන මාර අසික්කිත විදිහට මම දැන් මේකේ ඉන්නේ.මොනවා කරන්නදඉතින්...බනින්නෙපා කවුරුවත්.අහිංසක අසරණ කුරුල්ලෙක්ගේ මෙව්වා වෙච්ච් හිතකින්ගලාගෙන එන අනුරාගී සිතිවිලි මෙව්වා.ඩොටේ පියාඹලා හරිම මාන්සි.මේ වෙද්දී කුරුල්ලාරෙපාට වඩා ඇවිදලා තියනවා..ඔන්න රෙපෝ උඹේ රෙකෝඩ් එක කැඩුවා මම..එන වෙලාවක මෙහෙටත්වරෙන් මව බලල යන්ඩ...රෙපා මැරිලද දන්නෙත් නෑ..බැඳලා ළමයි දහයක් දොළහක් ඉන්නවදදන්නෙත් නෑ...හිරු හිමා තාම යහතින් ඉන්නවද දන්නෙත් නෑ... ආයෙත් බ්ලොග් කාරයෝ කවදඑකතු වෙයිද දන්නෙත් නෑ..බුකියේ මචං මැක්ස් එහෙම ඉන්නවද දන්නෙත් නෑ...ප්‍රශ්නකෝටියයි...සේරම අලුතෙන් හැදුවා...මෙන්න මගේ බුකිය...අනේ දන්න කියන අයට කියන්නඈ...අලුතෙන් හැමදේම හදන් ගොඩ එන්ඩ හදන මේ අසරණයට එක හිතින් උදව් කරන්න ඈ...ආයෙත් ලියන්න පටන්ගන්නවා සත්තයි...ඒ එක්කම ගොඩක් ආදරෙන් ලිව්ව සමහර සමහර පොස්ටු ඩිලීට් කරා...එව්වාදැන් වැඩක් නැති හන්දම නෙවෙයි...ඒත් එක දෙයක් ඉගෙන ගත්ත.හැමදේම හැමදාම තියෙන්නෑ..ඒක හන්දා මම සිරි ලංකා සමාජවාදී පෙජාතන්ත වාදී මෙව්වා එකේ සියලුම බ්ලොග්කරුවන්ට හා මෙව්වා කියවන උන්ට කියන්නේ ආයෙනම් මම මගේ ඉලව් ගැන මේකේ ලියන්නෑ...සත්තයි...අල්ලපු බෝඩිමේ ඉන්න ඇන්ටි පල්ලා....එහෙනම් බැනපල්ලා ඇතිතරම්...මම පටස් ගාලා පොස්ටුවක් ලියනකම්....4pt 0in 5.
BLOG
අහලා තියනවද හෙලබසින් කතාකරන එක ගැන... නැතිනම් අර අමු සිංහලෙන් කතාකරන එක ගැන...ඔය කතන්දරකාරයාඑහෙම දන්නවා මේ ගැන. භාෂා විශාරදයෝ විතරයි එහෙම කතා කරන්නේ. අමුතු වචන සෙට් තියෙන්නේ... "තෙළ බනුව = දුරකථනය" වගේ ඒවා.ටික දවසකට කලින් අපේ අය මේ ගැන බුද්ධිමය සංවාදයකුත් පැවැත්වුවා. ඒ අස්සේ ඇදිච්ච මේ කතා දෙක කියනවද නොකියනවද කියලා සති දෙකක් විතර හිත හිතා ඉඳලා අන්තිමේ 18+ කියලා ඉවරයක් කරලාම දාන්න හිතුවා.....(පොඩි එවුන් ඉන්නවනම් මෙතනින් එහාට බලන්න එපා......)හැබැයි මේවා විහිලු කතා විතරයි... හෙලබසින් කතාකරන අයට අපහාස නෙමේ....කතා අංක 01ඔන්න හළබසින් කතා කරන කෙනෙක්ගේ ගෙදරට එයාගේ යාලුවෙන් ආවලු (යාලුවත් කතා කරන්නේ හෙලබසින්). අපි මේ ‍ගෘහමූලිකයට කියමු "චිලී" කියලා...විලී මේ කියන වෙලාවේ එදා ගෙදරට ආපු තවත් යාලුවෝ ටිකක් එක්ක කෑම කනවලු. ඒ නිසා හදිස්සියේම ආපු යාලුවට ගේ දොරකඩදීම මුණගැහෙන්නේ විලීගේ නෝනව.යාලුවා : විලී හු සිටිත් ද.නෝනත් කල්පනා කරාලු මම මෙයත් එක්ක හෙලබසින් කතා නොකරොත් මහත්තයාගේ නම්බුවට හොඳනෑ කියලා, දන්න හෙලබසින් ගැටගහලා උත්තර දෙවලු...නෝනා : විලී හු කති...එක ප්‍රශ්ණෙන් කතාව නවත්තන එක හොඳනැති නිසා යාලුවා ආයෙ ඇහුවලු මෙහෙම..යාලුවා : බිරින්දෑ මෙහි සිටියදී විලී හු කන්නේ කා සමගද.නෝනා : අද උදෑසන අප නිවසට පැමිණි යහලුවන් පිරිසක් සමග විලී හු කති...ඔන්න එතනින් එහාට මොනවා උනාද කියලනම් මම දන්නේ නෑ...කතා අංක 02දවසක් හෙලබසින් කතා කරන වියතෙක් ගියාලු ත්‍රී වීලර් එකක. දැන් ගමන ගිහින් ගාස්තුව ගෙවන වෙලාවේ සංවාදය මෙහෙමයිලු...වියතා : රථ පළුව මාගේ බරපැන කෙතෙක් ද.3W මල්ලි : මහත්තයා මේ... නිකන් අනං මනං පාට් දාන්න එන්න එපා... මගේ ගාන දෙන්න.වියතා : නැත දරුව, මා ඒ වැනුයේ හෙළුවෙනි...3W මල්ලි : මහත්තයා... හෙළුවෙන් බැරිනම් ඕනෙ විදියකට වනාගනින් මගේ ගාන දීලා...වියතා : නැත නැත.. ඔබට නොතේරේ, දරුව හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය (= ප්‍රකට ප්‍රබුද්ධයෝය)3W මල්ලි : (මළපැන) අඩෝ මේ.... උඹ ප*$*$ බැරිනම් හු*$*$*$ හරි පුබුද්ද ගනිං... මගේ හයර් එකට රු. 100ක් දිලා...කතාව ඉවරයි.... හයර් එක රු 100යි.
BLOG
ආයුබෝවන් යාලුවනේ.. මෙන්න මං අද දෙන්න ආපු විශේෂ දේ. ලෝකයක් වෙනස් කල වීරයෙක් කිවොත් මම නිවැරදි..තාක්ෂණයෙන් ලෝකය දියුණු වෙතම ලෝකයේ ඉන්න සැම පුද්ගලයෙක්ම එකම තැනක රැදවූ Facebook වෙබ් අඩවියේ නිර්මත්රුගේ ජිවිත කතාව හෙවත් ඔහු ගැන.. ලෝකය ජයගන්න උත්සහ කරන අයට මේක හොද දෙයක් වේවි කියලා හිතනවා.. අනිවාර්යෙන්ම කියවලා Share කරන්න. හේතුව සමහරවිට මේක කියවන කෙනෙක් අනාගතයේදී මිට වැඩ දෙයක් කරන්න අධිෂ්ටන කරගනි.මෙහෙම කියවන්නත් පුළුවන් - Click Here.
BLOG
ඔන්න යාළුවනේ අදත් Network සිංහලෙන් පැත්තට වාර්තා කලා. මේ ටිකේ ප්‍රශ්ණ වැලකට මුහුණ දුන්නා ඒකයි මේ පැත්තට වාර්තා කරන්න බැරි වුනේ. ඒකෙන් මේකෙන් කමක් නෑ අද ආපු වැඩේට බහිමුකො.ඔන්න එහෙනම් කස්ටියට කියලා දෙන්න යන්නේ Computers දෙකක් හරියට Network කරන විදිය තමයි. මෙ විදියට පරිගණක 2ක Network කලාම පහසුවෙන් අපිට අනික් පරිගණකයෙ ඇති Data access කරන්න. වගේ සෙල්ලම් ටිකක් දාන්න පුලුවන්. :O ප්‍රශ්ණ ආවොත් අනිවා අහන්න. :)මුලින්ම කියන්න එපැයි ඕන කරන ටික.. ඕන්න එහෙනම්Windows 7 පරිගණක දෙකක් Network කිරීම.අවශ‍යය දෑ. * පරිගණක 2ක්.එහෙනම් පටාන් ගමු.Cross-Over Cable Cross-Over Cable එකක් කියන්නේ යම්කිසි පිළිගත් Standard එකක් අනුව සාදන Cable එකකි. මෙය සාදන ආකාරය Color Code එක ගැන. මෙය සම්භන්ධ කල යුත්තෙ මොන වර්ගයේ Device වලට ද යන්න මම පරණ Post එකකින් කියා දුන්නා ඔබට මතක ඇති. අමතක නම් ඉතින් ආයි බලන්න..TRANSMISSION MEDIA PART 02ඔයතියෙන්නේ නිවැරදි ආකාරයට සාදා ගත් Cross-Over Cable එකක්. මෙම Cable එක පරිගණක දෙකට සවිඉ කරන්න.හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.PC A & PC B කියලා පරිගණක දෙකක් තියෙනවා කියලා හිතමුකො..PC Aහරි එහෙනම් Start -> Control Panel යන්න.ඊලඟට Network And Internet එකට යන්න. සමහරු කියයි අහ් ඔතනට යන්න ද මෙච්චර දුර ආවෙ. . ඔතනට අර වෙලාව තියෙන තැන Network Icon එකෙනුත් යන්න තිබ්බා කියලා. ඔව් හරි. එත් යන හරි පාර ඕක නෙවෙයි නේ ද... මම ඔය පාර කියලා දුන්නා කියමුකො. බැරිවෙලා ඔතන Network Icon එක Hide උනොත්. අනාතයි නේ ද..:Pඔන්න තැනට ආවා. (Double Click කරත් හරි)ඔතන Internet Protocol Version 4 (TCP/IP) Double Click කරත් හරි නැත්තම් Properties ගියත් අන්තිමට එන්නේ පහල තියෙන රූප සටහන තමයි.මෙතන තමයි PC A කියන පරිගණකයෙ කිරීමට ඇති අවසාන Step එක.ඔය ආකාරය type කර ok කරන්න.දැනට * 192.168.1.1 මෙම IP එකේ අග ඉලක්කම 255 වෙනකම් ඕන ඉලක්කමක් යෙදිය හැක. * එක වරක් යෙදු IP තව වරක් යෙදිය නොහැක.ඉදිරියේ දි IP addressing ගැන කියලා දෙන්නම්. okPC Bමේ තමයි අනික් පරිගණකය (PC B) ඔයාලට තියෙන්නේ කලින් වගේම (PC A) ගිය path එකේ ඔන්න ඔය තැනට අවිත් ඔය ආකාරය type කර ok කරන්න.දැන් වැඩේ හරි.අපි Ping දාලා වැඩෙ හරියටම හරිද කියලා check කරලා බලමු. (PC A එකේ ඉදන් PC B එකට.)Start-> Run(Win 7 වල Default Run Disable enable කරගන්න ඕනේ නම් ඔන්න.ඊටපස්සේ ඔය Window එක Open වෙයි.Type කරන්න ping 192.168.1.ping කරනවා කියන්නේ Temporary Packets වගයක් එකස්ථානයක සිට තවත් තැනකට Send කරලා බලනවා. එම Packets නිසියාකාරව අනික් පුද්ගලයාට හො එම ස්ථානයට ලැබෙනවා ද කියලා. අපිට පොඩි Report එකක් දෙනවා. අන්න ඒක තමයි ඉහත රූපයේ රතු පාටින් කොටු කර ඇති ස්ථානයෙන් පෙනෙන්නේ.Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න.හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.PC A & PC B කියලා දෙකක් තියෙනවා කියලා හිතන්න. මේ දෙකේ IP 192.168.1.1. & 192.168.1.2කියලා හිතමුකොPC AStart->Runඔන්න ගැහුවා PC B එකේ IP එක. \\ 192.168.1.2 මෙහෙමත් පුලුවන් Computer Name එක ගහන්නත් පුලුවන්. හැබයි කොහොම ගැහුවත් \\ මේක අනිවා ඕනෙ.ඕන්න ඇහුවා PC B Username Password හරියට දුන්නොත් පමණයි පරිගණකයට log වෙන්න පුලුවන්.ඔන්න හරි.කෝ මුකුත් නෑනෙ.. අහ් ඔහොම ඉන්න. තව වැඩ තියෙනවා.PC Bමේ ටික කරන්න (PC B වල)හැම Partition එකක්ම අවශ‍ය නම් Share කරගන්න. මන් හිතනවා රූපසටහනින් මනාව පැහැදිලිවන නිසා නැවත විස්තර කිරීමට ඕන වෙන එකක් නෑ.168.1.2ඔන්න Share කරපු Partition එක පෙන්නුවා. ඇතුලට ගිහින් බලන්න එහෙනම් වැඩේ හරි. :)දිග වැඩි ද මන්දා Post එක..:D"Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න" මේ කලින් Lesson එකක් මතකද දන්නේ නෑADSL ROUTER CONFIGURATION & SHARING STEP BY STEPකොටසක් මේLesson එකට මෙහෙම කලේ සියල්ල සම්පූර්ණ වෙන ආකාරයටය. පරිගණක පිළිබද දැනුමක් නොමැති අයකුට වුනත් කල හැකි ආකාරයට දක්වා ඇත.මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
ඔන්න කාලෙකට පස්සෙ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා,ගොඩක් අය ඉල්ලිම් කරලත් තිබුනා මේක දෙන්න කියලා.මේ චිත්‍රපටයෙ නළුවව නම් (Paul Walker) නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ.ඒ තරමටම ඔහු ජනප්‍රිය චරිතයක්.සුප්‍රකට The Fast and the Furious චිත්‍රපට බලපු කෙනෙක් නම් මොහුව හොදාකාරවම දන්නවා.2013 වසරෙ නොවැම්බර් 30 වැනි දින කාර් අනතුරකින් මෙම අසහාය නළුවා මිය ගියා.ඔහුගෙ මිය යාමෙන් පසුව තමයි Hours හා Brick Mansion චිත්‍රපට නිකුත් කරේ.මොහුගෙ අවසන් චිත්‍රපටය වන නිකුත් වෙන්නෙ 2015 අප්‍රේල් 3 වැනි දිනයි.චිත්‍රපටයෙ කතාව ගැන කියනවනම්, බ්‍රික් මෑන්ෂන් කියන්නෙ දරුණු ගණයෙ අපරාධකරුවන් ඉන්න ඩෙට්‍රොයිට් නගරයෙ කොටසක්.මේ බ්‍රික් මෑන්ෂන් තුල සිදුවන අපරාධ මැඩලීමට පොලීසිය අසමත් වන හින්දා නගරයෙ සෙසු කොටස් ආරක්ෂා කිරීම තකා විශාල තාප්පයක් මගින් බ්‍රික් මෑන්ෂන් හුදකලා කරලයි තියෙන්නේ.ඩේමියන් කොලියර් (Paul Walker) කියන්නෙ පොලීසියෙ සේවය කරන කෙනෙක්,එතකොට ලිනෝ (David Belle) කියන්නෙ වරදකරුවෙක්. බ්‍රික් මෑන්ෂන් වල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ඇලෙක්සැන්ඩර් ට්‍රෙමේන් ලිනෝගෙ පෙම්වතියව පැහැරගන්න්නෙත්, රජයට අයිති ප්‍රවාහනය කරමින් තිබූ අවියක් යැයි සිතූ යම් දෙයක් සොරාගන්නෙත් එක වගෙ වෙලාවක.පසුව පැහැරගත් පෙට්ටිය විවෘත කිරීමෙන් අනතුරුව තමයි දැනගන්නේ ඒක ඇතුලෙ තියෙන්නෙ මුළු නගරයම විනාශ කල හැකි න්‍යෂ්ටික බෝම්බයක් කියලා.පසුව එම බෝම්බය නිශ්ක්‍රීය කිරීම සදහා ඩේමියන් කොලියර් හට ලිනෝ ගෙ උදව් ඇතිව බ්‍රික් මෑන්ෂන් වෙත යන්න සිදුවෙනවා ඉහළින් ලැබෙන නියෝග හින්දා.ඇත්තටම කවුද නියම සතුරා. රජයට අයිති රහස් අවියක් එහෙම ලේසියෙන් පැහැරගන්න පුලුවන් ද. ඩේමියන් කොලියර් හට බෝම්බය නිශ්ක්‍රීය කරන්න පුලුවන් වෙයිද. කියලා දැනගන්න නම් බ්‍රික් මෑන්ෂන් වලට යන්නම වෙනවා.කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලලම ඉන්නකෝ.ත්‍රාසය හා සටන් ජවනික නො අඩුව ඇති බොක්ස් ඔෆීස් වාර්තාවලට ඇතුලු වූ මෙම චිත්‍රපටය ක්‍රියාදාම රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක්.තවත් නවතම චිත්‍රපටයක් සමගින් ලගදීම හමුවෙන තෙක් ඔබට ජය .සිංහල උපසිරැසි මෙතනින් ගන්න1.
BLOG
වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා පරීක්ෂා කිරීම (examination). රෝගී පරීක්ෂාව මට්ටම් හතරකින් සිදු වෙනවා. පළමුවෙන්ම කෙරෙන්නේ නිරීක්ෂණය (inspection). උදාහරණයක් ලෙස කීවොත් රෝගියෙකුගේ පපුවේ යම් කොටසක් අඩුවෙන් චලනය වීම පෙණහැල්ලේ එම කොටසේ රෝගයක් අති බවට සාක්ශි සපයනවා. දෙවව කරන්නේ අල්ලා බැලීම (palpation). මතු පිට සමේ සහ සමට එතරම් නොගැඹුරුව පිහිටන අවයව (උදා. හෘදය වස්තුව, අක්මාව සහ ප්ලිහාව) ගැන යම් තොරතුරු දැන ගන්නට පුළුවන්. තෙවනුව එන්නේ තට්ටු කර බැලීම (percussion). මෙහිදී වෛද්‍යවරයා තමන්ගේ ඇඟිලි විහිහිදවූ අත රෝගියාගේ උරස හෝ උදරය මත තබා එහි මැද ඇඟිල්ලට අනෙක් අතෙ ඇඟිල්ලකින් තට්ටු කිරීම සිදු කරනවා. එයින් නැගෙන ශබ්දයෙන් යම් යම් කාරණා දැන ගන්න පුළුවන්. අවසනයේ කරන්නේ වෙද නළාවෙන් පරීක්ෂා කිරීම (auscultation).සාමාන්‍යෙන් මේ මූලධර්ම යෙදෙන්නේ රෝගියකු පරීක්ෂාවට වුණත්, මේ විදියට කාර් පරීක්ෂා කරන බැචෙකුත් බඩාගේ විශ්ව විද්‍යාල සමයේ සිටියා. මුලින්ම මේ බැචා ගැන කියනවා නම්, මනුස්සයා බොහොම සිහින් සිරුරක් තියෙන මිටි පුද්ගලයෙක්. මෙයට සමාන නමක් තියෙන උස මහත බිත්තරයාගෙන් වෙන් කරලා අඳුනා ගන්න කොල්ලට කිව්වේ "ඇට්‍රොපියා" කියල. "Atropy" කියල ලතින් භාෂාවෙන් කියන්නේ යම් ඉන්ද්‍රියක් හෝ පටකයන් හායනය වීම එහෙම නැත්න කුඩාවීමට. ඒ නිසා අපේ මිතුරාට "හායනයා" හෙවත් "ඇට්‍රොපියා" යන්නයි භාවිතා වුණේ.ඇට්‍රොපියාට තිබුණේ පරණ 11 ශ්‍රී ලාන්සර් කාර් එකක්. සතිය පුරා නේවාසිකාගාරයේ ඉන්න ඇට්‍රොපියා, සති අන්තයේ ගෙදර යන්නේ කාර් එකෙන්. සෙනසුරාදා දවල්ට. ඇට්‍රොපියාගේ කාර් පරීක්ෂාව අපට සතියකට සැරයක් බලන්න හම්බ වෙන්නේ එහෙමයි.ඇට්‍රොපියා මුලින්ම කරන්නේ කාර් එක වටේ රවුම් තුනක් යන එක (inspection). ඊට පස්සේ කාර් එකේ බොඩිය අත ගගා තව රවුමක් යනවා (palpation). ඊට පස්සේ රෝද හතරට අතින් ගහල බලනවා (percussion), ඊට පස්සේ එන්ජිම පණ ගන්වලා මිනිත්තුවක් පමණ කන්දීගෙන ඉන්නවා (auscultation). හැම සති අන්තයකම ක්‍රියාව ඔය විදියයි.මේ වගේම නොවුණත් කාර් එකට පණ හා සමාන ලෙස ආදරය කරන මහාචාර්යතුමෙක් පෙරාදෙණිය සරසවියේ හිටියා. මේ මහාචාර්යතුමා සති අන්තයේ පැය හතරක් වාහනය හෝදලා, වැකුම් ක්ලීන් කරලා, කාපට් හෝදලා ඇතුලට පත්තර එහෙම දානවා. ඊට පස්සේ කාර් එක ගෙනත් පේරාදෙණිය සරසවියේ රථ නැවතුමේ නවත්තලා තියෙනවා. වහින දවසට මහාචාර්යතුමා වාහනෙන් යන්නේ නෑ. යනෙන ත්‍රී වීලරයෙන්. වැස්ස නැති දාට හෙමින් සැරේ වාහනය ලඟට එන මහාචාර්ය තුමා, මුලින්ම වාහනය වටේ වටයක් යනවා. ඊටපස්සේ ඩිකිය ඇරලා සෙරෙප්පු දෙකක් එළියට ගන්නවා. ඉස්සරහ සීට් එකට ගිහින් ඉඳ ගන්නවා, ඒත් කකුල් දෙක එළියේ හිටින්න. සපත්තු ගලවල්ල කකුල් අතුලට ගන්න මහාචර්යතුමා සෙරෙප්පු පැලඳ ගන්නවා. ගලවපු සපත්තු දෙක සෙරෙප්පු දාපු කවරෙට දාලා ඇතුලෙන් තියා ගන්නවා.කාර් ගැන ගොන් පාට් ලියපු සරසවි ආචාර්යවරුත් නැතුවා නොවේයි. තමන්ගේ කෙටිකතාවක සරසවි ඇදුරන්ගේ ජීවිත විසංයෝජනය කරන ශිෂ්‍ය මුරකරුවෙක් ගැත කතාවක් තියෙනවා. අදාල මහාචාර්යතුමාට එක වගේ කාර් දෙකක් තිය්නවාලු. විසංයෝජකයා කරනෙන ඒවායේ කීටැග් මාරු කිරීම. විසංයෝජකයාගේ ගෘහ භාණ්ඩ විසංයෝජනය නිසා තුවාල වෙන පීඨාධිපතිව රෝහලට ගෙනියන්න බැරි වෙනවා මොකද කාර් දෙකම පණ ගැන්වෙන්නේ නැති නිසා. හැබැයි අමරකීර්ති උන්නැහේට අමතක වෙන්න ඇති වැරදි යතුරෙන් වැරදි කාර් එකේ දොර ඇරෙන්නේත් නැති විත්තිය. ඒවගෙම "unlock" බොත්තම තද කළාම අදාල කාර් රථයේ විදුලි පහන් දැල්වී නිවෙන බව. හැබයි අමරකීර්ති මහත්තයාගේ ගෝලයන්ට නම්, 1992 කාලය ගැන කියන චිත්‍රපටියක වන ජයන්ත චන්ද්‍රසිරිගේ සමණල සංධවනියේ මෝටර් සයිකලයක ඉංගිරිසි අකුරු නොම්මර තියෙන එක නම් මහම ලොකු දොසක්.
BLOG
ඒ කාලේ මම හතර වසරට ආපු ගමන්. ඉගෙන ගත්තේ රත්නපුරේ කන්ද උඩ ඉස්කෝලේ ප්‍රාථමික විදුහලේ. දන්නා කට්ටිය දන්නව ඇති ඉස්කෝලේ මොකක්ද කියල . ඒ කාලෙ ඇපල් නියම මැරයා. හැමෝම බයයි ඇපල් ට . ඒ උනාට මට සෑහෙන්න යාලුවොත් හිටිය. කොච්චර වලි දාගත්තත් ගහ මරා ගත්තත් මට වැඩිය දඬුවමක් දෙන්න මිස්ල ට පුළුවන් උනෙත් නෑ.හේතුව ගොඩක් වෙලාවට මම පන්තියේ එක දෙක තුන අතර අනිවා ඉන්නවා. ඒ හින්ද මිස්ල ත් අසරණ වෙලා හිටියේ මට හරිහමන් දඬුවමක් දෙන්න විදියක් නැතුව .කතාව වෙන පැත්තකට ගියා. ඔන්න ඒ කාලෙ අපිට නැටුම් වලට උඩහ ඉස්කෝලෙට යන්න ඕන. ඒ කිව්වේ ප්‍රාථමික කොටස ඉස්කෝලෙන් පහළ වෙනම කොටසක තිබුනෙ. ඒ හින්ද නැටුම් තියන දවස් වලට හෙන වටයක් ගහල නැටුම් කාමරේට යන්න ඕන . ඉතින් මට ඔය වටේ යන්න කම්මැලි හින්ද කෙටි මාර්ගයක් හදාගෙන තිබුන ඔතනට යන්න. කෙටි පාර මහා බයානකයි. එහෙම ලේසියෙන් කෙනෙකුට යන්න බෑ. අඩි පහලවක් විතර තාප්පයක් නගින්න ඕන ඔය වැඩේට . දැන් කට්ටිය බලයි මේකා තලගොයෙක්ද තාප්ප වල බඩගාන්න කියල . මෙහෙමයි. තාප්පෙට වම පැත්තෙන් ගස් වල මුල් ටිකක් එල්ලිලා තියනවා. ඕවයේ එල්ලිලා තමයි නගින්නේ .ඔන්න පළවෙනියටම නැටුම් වලට යන දවස. තියන තැන දන්නෙත් නෑ. කට්ටිය පාර දිගේ උඩහට දුවනවා. මට ඉතින් කම්මැලි කම හින්ද නැග්ග තාප්පේ දිගේ. මල ජුලියයි. කට්ටිය නෑ. මාව හොල්මන් උනා . දැන් නැටුම් පන්තිය තියන තැන හොයාගන්නත් බෑ. පැය කාලක් විතර දඟලල යන්තම් පන්තිය තැන නම් හොයාගත්ත. ඒත් ඒ වෙනකොටත් මිස් පන්තියේ උගන්නනවා. ඒ මිස් පට්ටම සැරයි කියල ඉස්සෙල්ල අහල තිබුනා .මට හීන් දාඩිය දැම්ම. දැන් මොකද කරන්නේ...පන්ති භාර මිස්ට අහු උනොත් කන පලාගන්න පුළුවන් .කරන්න දෙයක් නෑ.උඩහ ඉන්නත් බෑ. කෙල්ලෝ විතරනේ උඩහ ඉන්නෙ .බැලුව වට පිට. කව්රුවත් පේන්න නෑ. හෙමින් සැරේ වටේ පාරෙන් පහලට ආව. මල කෙලියයි.මිස් පන්තියේ . හරියන්නේ නෑ වැඩේ. රිංගුවා කටුකම්බියක් අස්සෙන්. මිස්ට නොපෙනෙන්න ගිය හෙමින්ම පන්තියේ පිටිපස්සට .දැන් තමයි ලොකුම අවුල. කාටවත් නොපෙනෙන්න ඉන්නත් ඕන. අහු උනොත් ඉවරයි. කාලච්චේද දෙකක් ඉන්නත් එපැයි. කරන්න දේකුත් නෑ. ඔන්න ඉතින් ඉන්නවා ඉන්නවා ඉන්නවා ............................................................................................................. නැටුම වලට ගිය උන් එන පාටක් නෑ . බැලුව වට පිට.ම්හු. පට්ටම කම්මැලියි ..................අපේ පන්තිය පිටිපස්සේ ටිකක් දිය සීරාව වගේ තිබුනා.ඒ හින්ද පොලව ටිකක් බුරුල් ගතියක් වගේ තිබුන. වෙන කරන්න දේකුත් නෑනෙ. හොයා ගත්ත එතනම තිබිල කෝටු කෑල්ලක්. ඕකෙන් පොලව කෙටුව. කොටලා කොටලා හැදුව පාත්තියක් . වටේට ගල් කැට තියල ලස්සන කළා. අඩි 5x2 විතර ඇති. කොහොම හරි ඕක කරලා ඉවරවෙනකොට කට්ටිය දුවල එනවා ඇහුනා. මමත් කට්ටියට සෙට් වෙලා හෙමින් සැරේ පන්තිය ඇතුලට ගියා .පස්සෙ දවසක අපේ ලොකුමිස් , අතුගාන්න හිටපු ජොසපින් අක්කාගෙන් අහනවා ඇහුන කවුද පාත්තිය හැදුවේ කියල . ඊට පස්සේ ඒකෙ මල් වවල තිබුනා මතක හැටියට.ඔන්න ඔහොමයි මම පන්ති කට් කොරන්න පටන් ගත්තේ. (සමාවෙන්න යාලුවනේ මට මේ කාලේ ඔයාල ලියන ඒවා බලන්න තරම් වෙලාවක් නෑ .මේක දැම්මෙත් පාලුවට යන්න දෙන්න හොඳ නැති හින්ද. තරහ වෙන්න එපා ඒ හින්ද. හැකි උන ගමන් මම පුළුවන් විදියට කියවන්නම්. වැඩ අධිකයි.ඔක්කොටම කලින් ඉගෙනගෙන ඉන්න එපැයි. ).
BLOG
හිතේ හිරවෙන හැම හැඟීමක් ගානෙම වචනවලට හරවන්න තරම් හයියක් නැති කාලෙක, මතකද දවසක් මම මේ පද පේලි ටික කොල කෑල්ලක ලියල අතේ ගුලි කරපු හැටි.අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වගේදැන් ඉර ගිලෙයි මුහුදේ කළුවර පිපේ දෙපසේවෙන්වමු ඉතිං හමුවන සිතින්අපි ආයේ දවසක.... අද වගේ.. අමතක වෙන්න විදියක් නෑ, ඒ කොල කෑල්ල අදටත් පරිස්සමට තියෙනවා ඔයා ගාව,මං දැක්කා,මං දන්නවා. එදා අපි පුදුම වුනා, හිතේ තිබුන හැම හැඟීමක්ම වචනවලට කැටි කරල තිබුන ඒ ගීතයේ ඉතිරියෙන් ඇයි මේ තරමටම අනර්ථයක් වුනේ කියලා..අදින් පසු ඔබඔබට හිමි මගඉතින් මටඋරුම තනි මගආයෙමත් හමු වන තුරාදෙතැන ඉමු අපි මග බලා...තුටින් හමු වුනසුහදබව අපිඅරං යමු අපෙ මතක මැදුරටආයෙමත් හමුවන තුරාඑකම තැනකදි ජීවිතේ.. මේ ගීය මෙහෙම කෙලවර වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙන්න අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගත වෙලා ගියා..මීට දෑ අවුරුද්දකට තුන් අවුරුද්දකට කලිං අපි හිතපු අපේ මාවත්, අපි නොහිතපු පැතිදෙකකට අපිව ගෙනිහින්..ඔයාට මතක ඇති වැව් ඉස්මත්ත,ඔයයි මමයි විතරක් දන්න ඒ කතාවේ යට ගියාව.. ඔයා ගාව ඇති තවමත් ගිම්හානයට මත්තෙන්, ඔයාගෙම නමින් මම කුරුටුගාපු පදවැල් එකතුකරලා දුන්න පුංචි පොත.. බලන්න ඒකේ පෙරවදන,මං අපි හදපු ගහ ගැන දෙපෙත්තෙන් කිව්වා නේද. මම දන්නවා, ඔයා කොහේ කොතනක උන්නත් මේ සටහන දකිනවග. ඔයා වෙනුවෙන් මම මේ සටහන අවසාන වශයෙන් ඉතුරු කරන්නම්. මගෙ ජීවිතේටම ගත්ත අමාරුම තීරනයයි මම මේ ගන්නේ.. කවුරු කුමක් වෙනුවෙන්ද මම කියන්නේ නැහැ, ඔයාට විශ්වාස නැති නිසා.. හැමදාමත් ,ආදරෙයි මං පණටත් වඩා.. අදට වචන ටිකක් විතරක් වුනත්,දවසක මේක ඔයාට අවබෝධ වේවි,මං දන්නවා.ඉන්න තැනක සතුටින් ඉන්න. ඔයා,මම, ලෝකෙ කොයි මුල්ලක උන්නත් මං බලාගෙන ඉන්නවා.අවසාන වශයෙන් මේ ගී පද පේලියත් මම සටහන් තබන්නම්.හිරු හිනැහෙන ගන නිල්වන් අහසේපහනකි මා හිරු එලියෙන් නොදිලෙනපහන ඔබය ඔබමය මා පැතුමදහිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන..සඳ දිදුලන පුර පෝදා අහසේතරුවකි මා සඳ එළියෙන් නොපෙනෙනතරුව ඔබය ඔබමය මා පැතුමදසඳ නොව කල එළියෙන් ලොව බබලනඋඩවැඩියා සුපිපෙන වන උයනේකුසුමකි මා තණ බිම මත සැඟවුනකුසුම ඔබය ඔබමය මා පැතුමදඋඩවැඩියා මල නොව නෙත පිනවනකුසුම ඔබය ඔබමය මා පැතුමදඋඩවැඩියා මල නොව නෙත පිනවන.
BLOG
හුගක් දවස් වලට නම් හරිම ලේසියෙන් ඇතුලට යනවා,ඒත් දැන් දවස් දෙකක වගේ ඉදලා හවස් වරුවේ ඇතුලට යන්න මාර ගේමක් දෙන්න වෙනවා,සමහරුන්ට නම් කොච්චර ට්‍රයි කලත් ඇතුලට යවා ගන්න බැරි වෙනවා,ඒත් සමහරු නම් කොච්චර අමාරු උනත් ගේ්‍ම ගහලා ඇතුලටම යනවා...,සමහරුන්ගේ කලබලේ වැඩි කමට භාගයක් එලියේඒත් ට්‍රයි එක කොහොම හරි යාගන්න,මේ කලබල අස්සේ සමහරු නම් කොහොම හරි ඇතුලට යවාගෙන යන්න හදන්නේඅමාරුවෙන් හරි යවා ගත්තොත් වාසි නිසා...ඒ වගේම ඇතුලට ගිය අය එළියට ගන්නකොට පන යන්න ඔන්න මෙන්නඑහෙමයි කියලා කරන්ට දේකුත් නෑනේ............................................දන්නේ නැද්ද, මේ දවස් වල කෝච්චිස්ට්‍රයික්..ඒක නිසා කොළඹ මාතර බස් කට කපලා....කොන්දොස්තරලා නම් මාර හැපී එකේලු ඉන්නේ කාලෙකින් හොද ගානක් කපා ගන්න පුළුවන් චෙචිචි නිසා.
BLOG
ඉස්සර රූපවාහිනියෙ ගියා ටෙලි නාට්‍ය කියලා ජාතියක්.. මම හිතන්නෙ ඔය අයට මතක ඇති අකාල සන්ධ්‍යා, දඩුබස්නාමානය, අසනි වැසි, බෝගල සවුන්දිරිස් වගේ නාට්‍ය.. මනුස්සයෙකුට හිරිකිතයක් නැතුව බලන්න පුලුවන් උසස් ගණයෙ ටෙලි නාට්‍ය කීවොත් නිවැරදියි....ඒත් අද මොනවද මේ රූපවාහිනියෙ ටෙලි නාට්‍ය කියලා පෙන්නන්නෙ.... මේකප් උලාගෙන බෝනික්කො වෙන්ඩ දඟලන ඇටිකිරි කෙල්ලො දෙතුන් දෙනෙක් දාලා උන්ටම හරියන්ඩ තව කොල්ලො දෙතුන් දෙනෙක් දාලා මොකක් හරි දෙබස් ටිකක් කියවන්ඩ දීලා රෙකෝඩ් කරලා ටීවි එකෙ පෙන්නනවා... ඇත්තටම මේවා ටෙලි නාට්‍යද . මිනිස්සුන්ගෙ රසඥ්‍යතාවය හදුනන්නෙ නැති සල්ලි වලට ඔනෙ දෙයක් කරන දෙකයි පනහෙ මිනිස්සුන්ගෙ තවත් අදබාල වැඩක් කියලයි කියන්න වෙන්නෙ....ඉස්සර ටෙලි නාට්‍යක් ගත්තොත් උපරිම කොටස් 20යි නැත්තම් කොටස් 25යි.. සතියට එක දවසයි පෙන්නන්නෙ.... කතාවත් ලස්සනයි තේරුමක් තියෙන එකක්... අද මොනවද තියෙන්නෙ සතියෙ දවස් පහම එක දිගට පෙන්නනවා.... අද කෙල්ල එකෙක් එක්ක යාලු වෙනවා හෙට වෙන එකෙක් එක්ක යාලු වෙනවා අනිද්දට අඩනවා.. ඉන් අනිද්දට බදිනවා.. ඊට පස්සෙ දවසෙ දික්කසාද වෙනවා.... ඕං ඔච්චරයි කතාව....#ලව් කියන මාතෘකාවෙන් එලියට ගිහින් නිර්මාණයක් කරන්න අද ඉන්න අධ්‍යක්ෂකවරුණ්ට හැකියාවක් නෑ.... කතා 10ක් ගත්තොත් ඒ කතා 10ම මාතෘකාව ආදරය... වෙනස් වෙන්නෙ රඟපාන නලු නිලියො විතරයි... අනේ මන්දා ඉස්සර පෙන්නුවා වගේ දඩුබස්ණාමානය අකාල සන්ධ්‍යා වගේ ටෙලි නාට්‍ය දැන් හැදෙන්නෙ නැත්තෙ ඇයි දන්නෑ.... මෙගා රැල්ලට අහු උණ රූකඩ වෙලා හැම කෙනෙක්ම.... මම අවසානෙට සම්පූරණයෙන් බලපු ටෙලි නාට්‍ය " සඳගලතැන්න " මතකද දන්නෑ ඒක කට්ටියන්ට....අද ටෙලි නාට්‍යයක් ගත්තොත් හැම එකකම නම කෙල්ලෙකුගෙ නමක්.... අඩු තරමෙ නාට්‍යට නම දාගන්න එකවත් හරියාකාරව කරන්න බැරි පිරිසක් තමා අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්නෙ....මේක පොඩි විවේචනයක් විතරයි.... මම කියන දේ ඇත්තද බොරුද කියලා හිතලා බලන්න....ඉස්සර වගේ මනුස්සයන්ට බලන්න පුලුවන් අද වගේ බොළඳ නැති හොඳ රසඥ්‍යතාවයක් තියෙන ටෙලිනාට්‍ය බිහි වේ යැයි බලාපොරොත්තු වෙනවා... ..මේවිඩීයොවෙ තියෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහත වර්ථමාන නාට්‍ය ක්ෂේත්‍රය පිලිබදව දක්වපු අදහස් කීපයක්...වීඩියෝව නරඹන්න.
BLOG
තව බොහොම ටික වෙලාවකින් 2013ත් ගෙවිලා යනවා.. සුපුරුදු විදියට කරන රාජකාරී හැම එකක්ම මේ අවුරුද්දට ඉවර කරලා දැන් තියෙන්නේ නාලා කරලා නිදාගන්න විතරයි. ඒත් පුරුද්දට වගේ 2013 ශෝට් නෝට් එකත් දාලාම අන්තර්ජාලයට සමුදුන්නා නම් හොඳයි කියලා හිතුනා.අවුරුද්ද අන්තිම බ්‍රීෆ් කරන එක ඩයරි ලියන කාලේ ඉදන් මට තිබුනු පුරුද්දක්.. කඩදාසි පිටු වලින් වෙබ් පිටු වලට මාරු උනත් සමහර පුරුදු අමතක කරන්න ටිකක් අමාරුයි. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේම..කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා යනවා වගේ දැනෙනවද කියනවා නම් දැන් මේ අවුරුද්දේ මුල දේවල් වත් මතක් කරද්දි මතක් වෙන්නේ නැහැ වගේ ශික්. කම්මැලිකම. මොනා හරි ඔළුව ඇතුලට දාගෙන මතක තියාගන්න එකත් මහම මහ කම්මැලි වැඩක් වෙලා දැන් මට...හරි ටක් ගාලා මතාආක් කරමු දැන්.ජනවාරි මාසේ තමයි අපි තංගල්ලේ ගියේ.. එහේ ගිහිං ආවේ ලෙඩකුත් අරගෙන ඒකට පිං සිද්ධ වෙන්න දෙයියනේ කියලා හොඳ නිවාඩුවක් අරන් ගෙදරට වෙලා හිටියා.ඒ එක්කම මට තිබුනා රෝස වවන පිස්සුවක් පඩියෙන් භාගයක් රෝස ගස් වලටයි පෝර වලටයි බෙහෙත් වලටයි ගියා... හයියෝ සල්ලි.. මැස්සෙක් ඇවිල්ලා වැඩේ එපාම කරන කම් එක මගේ හොබී එක උනා ගොඩක් කල් යනකම්ම..අප්‍රියෙල් මුල අපි සෙට් එකම ගියා බේකරියේ කට්ටය සෙට් කරපු ඩවුන් ටවුන් පල්ස් බලන්න. ඒක වෙනමම ෆන් එකක්. ඒ මාසෙම ඔෆිස් එකේ ප්‍රමෝශන් එකත් සෙට් වෙලා තිබුන නිසා අවුරුදු තුනක් තිස්සේ කරපු නයිට් ශිෆ්ට් එකට බායි කිව්වා.ඔය අස්සට කිරි දාන කිරිබත් දාන වගේ එව්වත් සෙට් උනා.ජූනි මාසේ බදුල්ලේ ගිය වෙලේ දෙයියනේ කියලා බොල්ගොඩ ලී පාලම එහෙම බලා කියාගත්තා.අගෝස්තු මාසේ හදිස්සියෙන් කොහේ ඉදන්ද ආව හුළඟක් හින්දා අපේ ගෙදර ඉස්තෝප්පුවට ගහකුත් වැටුනානේ. ඒ වෙලාවේ මම හිටියේ ඔෆිස් යන ගමන් බස්එකේ හොඳටම නිදාගෙන.අපේ අනවසරිය දවසේ තමයි අපේ ඔෆිස් එකේ උන්ටික පළවෙනි පාරට සේරම එක්ක ට්‍රිප් එකක් ගියේ. ඇත්තටම ඒක අන්ඔෆීෂියල් එකක්. ඒත් ඒක අපි හිතුවට වඩා හොඳට උනා.ඔක්තෝබර් මාසේ අන්තිම මගේ බලුච්චියොන්ට බබලා හම්බුන හින්දා ඒදා ඉඳන් හොඳටම බිසී පිට තමයි ජිවත් වෙන්න උනේ. මේ වෙද්දි එයාලා සේරම එයාලගේ අළුත් ගෙවල් වලට ගිහිං.... දැන් ඉන්න දිහාක පිස්සු නටනට ඇති.දෙසැම්බරේ මුලම අපේ ඔෆිස් එකේ ඇනුවල් ගෙට් එක තිබුනා.. හප්පා එදා නම් පට්ටම පට පට ෆන් එකක් ගත්තා.. ජිවිතේ මුල්ම වතාවට කඹත් ඇද්දා මම..ඔය කතා ටික ඇරුනම අළුත් අළුත් කෑම බීම ට්‍රයි කරන එකයි පොත් ෆිල්ම් ගැන හොයන එකයි විතරයි මේ අවුරුද්දට වැඩක් ඇති දේකට උනේ මම හිතන්නේ.මොන දේ උනත් දැන් 2013 ගෙවිලා යන්න ළඟයි.. අළුත් අවුරුද්දක් ගැන දැන් ඉස්සර තරම් ලොකු ආතල් එකක් දැනෙන්නේ නැහැ මට. අළුත් පංතියට අළුතින් පිටකවර දාගෙන අළුත් දේවල් ඉගන ගන්න යන්න වගේ හැඟීමක් නැහැනේ.අද ඊයේ කරපු වැඩ ටික කරන්න හෙටත් නැඟිටලා පුරුදු විදියට වැඩට යනවා... එහෙම හිතන එක හෙනම ලේසි උනාට හරිම බෝරින් වගේ.නෑ.. හෙටින් පටන් ගන්නේ අළුත් අවුරුද්දක්.. අළුත් දවසක්.. . හැමදාම කරපු වැඩ වලට උනත් අළුත් රටාවක් දාලා පටන් ගන්න මරු දවසක්.. හෙටින් පස්සේ අනිද්දත් එහෙමයි.. හැමදාම එහෙමයි... මොකද හැම අළුත් දේකම හැම පරණ දේකම සැබෑ අර්ථය තියෙන්නේ අපේ හිතේ..හරියට භාගයක්ම පිරිලා තියෙන වතුර විදුරුවේ කතාව වගේ..හෙට වගේම හැමදාකමත්ඔබට සුභ.ආදරෙන්මලී(2013 අග්ගිස්සේ ඉඳගෙන.)පිංතූරේ.
BLOG
නොදැනුනත් අරුම සිව් වසක් පුරාවටවැඩෙයි අසිරිය අවසන ලංවූ සඳදලුලයි දුක හද පුරාවටවෙන්වෙන මොහොත ලංවෙයි නොදැනීමනොම වූනි අවදි උදැසනනොදිටිමි හිමිදිරි සිරි අසිරියදුටු කල එය මෙසඳවියෝ දුක මිස තුටක් නම් නැතයායුතුව ඇත දිවිමග බෝ දුරහැරයා යුතුව ඇත මේ තොටුපලඈත දියඹට පැදයන අතරතුරඉදින් පහන්ටැඹ වී මට එලිය සපයන....(සරසවි නේවාසිකාගාරයේ සිට ගන්නා ලද චායාරුපයකි).
BLOG
අහස කිව්වමමතක් වෙන්නෙමඉර, හද,නැත්තම් තරුකොතෙක් හිටියත්වැඩක් නැතිලාබ කෙල්ලන්යවැහි වලාකුලුසා පවස සන්සිදුවනදිය රැගෙන පාවෙනවැහි වලාකුලුවීදියේ දුම්රියේවැඩපලේ කඩපලේකදුලු බිරමක් අදිනවැහි වලාකුලු.
BLOG
දෑස මානේ නැඟූ හසරැල්ගොලු වෙලා අද හැංගිලා ..නොපෙනෙනා දුරකට යවා හිතඇයිද නුඹ මෙහි තනි වෙලා ..නිහඞ අරණක කෙළි දෙලෙන් අපිගෙවූ යාමය පහු වෙලා ..ඉදින් යනු මැන නුඹේ ලොව වෙතසොයුරු පෙම නිමලව තියා .
BLOG
මෙම ඉරිදා උදෑසන 9 ට පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ දිග හැරෙන, සයිබර් සිහින බක්මහ උලෙළ පිළිබඳව සියලු තොරතුරු මේ වන විටත් ඔබ දන්නවා. මෙවරද ඒ සඳහා නිල මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දීමට බස් රේඩියෝ ඉදිරිපත් වන්නේ හද පිරි සතුටිනි.තවද මෙම කටයුත්ත සඳහා ප්‍රධාන මූල්‍ය අනුග්‍රහකත්වය ලබා දෙනු ලබන්නේ Oceanic Games ආයතනයයි.මේ වන විට ලියාපදිංචි වීමේ ප්‍රධාන ඔන්ලයින් පෝරමය අක්‍රීය කර ඇති අතර, මෙතෙක් ලියාපදිචි වූවන් සඳහා පමණක් එදින දොරටුවේදී සමරු තිළීණය ලැබෙන බව සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කර ඇත. එහෙත් එදින උදෑසන 8.30 සිට උදෑසන 11.00 දක්වා පැමිණ ලියාපදිංචි වී සයිබර් සිහින උළෙලට ඔබට සම්බන්ධ විය හැකි බවද සතුටින් දැනුම් දෙමු.එදින පැවැත්වෙන ක්‍රීඩා අතර, සයිබර් සිහින කුමරා සහ කුමරිය ඇතුළු වෙනදා පැවැත්වුණු සියලු තරඟද, අලුතින් හඳුන්වා දෙන නවමු තරඟද පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසා ඇත.මෙම උත්සවය පිළිබඳ තව දුරටත් ඔබව දැනුවත් කෙරෙන වැඩසටහනක් 19 වන සෙනසුරාදා රාත්‍රී 8 ට බස් රේඩියෝවෙන් සජීවීව විකාශය වීමට නියමිත බවද දැනුම් දෙමු. ආහාර පාන සඳහා වෙන් වන ටිකට් පත සඳහා රුපියල් 200 ක මුදලක් අය වන අතර, එය අපතේ යාමක් නොයනු ඇති බව, අවකාශයෙන් මිහිමතට මිතු දම රැගෙන එන බ්ලොග් අවකාශයේ 2014 සයිබර් සිහින බක්මහ උළෙලේ සංවිධායක මඬුල්ල පවසා ඇත.මුහුණු පොතේ event එකට මෙතැනින් යන්න.පැමිණීමේ ආකාරය1. මරදානේ දුම්රිය ස්ථානයේ සිට 171 බසයක නැගී, විදේශ සේවා අසලට ටිකට් පත මිලට ගන්න. පිට්ටනිය ළඟින්ම බැසිය හැක.2. කොටුව දුම්රිය ස්ථානයේ සිට 171 බසයක නැගී, විදේශ සේවා අසලට ටිකට් පත මිලට ගන්න. පිට්ටනිය ළඟින්ම බැසිය හැක.3. කොල්ලුපිටියේ සිට 177 බසයක නැගී කොස්වත්ත රෝහල ළඟින් බැස 171 බසයක නැගී විදේශ සේවා අසලට පැමිණීමෙන් හෝ බත්තරමුල්ලෙන් බැස 174 ක නැගී පැලවත්තට පැමිණීමෙන් පිට්ටනිය ඉදිරියෙන්ම බැසිය හැකිය.4. මහනුවර - පානදුර මාර්ග අංක දරණ ඕනෑම බසයක පැමිණ අලුත් කොළඹ නුවර පාරේ කොස්වත්ත මංසන්ධියෙන් බැස පෙර කී ලෙස 171 බසයක විදේශ සේවා අසලට පැමිණිය හැකිය.5. දෙහිවල සිට 163 හරහා එක බසයේම විදේශ සේවා අසලට පැමිණිය හැකි වුවද, ගමනානන්තය පිට්ටනියට හෝල්ට් එකකට කලින් බවර වන බව කරුණාවෙන් සලකන්න.7. පන්නිපිටිය දුම්රිය ස්ථානයේ සිට 174 බසයේ පැලවත්තට පැමිණීමෙන්ද පිට්ටනියට පැමිණිය හැක.8. හෝමගම, මහරගම ආදී අයටද කොටිටාවට පැමිණ 174 හරහා පැමීණීම පහසුය.9. බොරැල්ලට පැමිණෙන අයට 174 හෝ 171 යන බස් අංක හරහා පැමිණිය හැකිය.විශේෂයි - ඉරිදා දිනයක් වන බැවින් බස් යම් හෙයකින් අඩු මට්ටමක් පැවතියහොත් , 170 , 171 , 190 , 177 , 17 ආදී ඕනෑම බසයක පැමිණ කොස්වත්ත මන්සංධියේ රෝහල අසලින් බැස ත්‍රී රෝද රියකින් පැමිණිය හැකිය. කිලෝමීටරයක් රුපියල් 50 යි.සිතියම මෙතනින්.තම කමන්ගේ වාහන වලින් එන අය සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ඇති අතර, මාර්ගය සොයා ගැනීම සඳහා පහසුම මං සලකුණු ලෙස, පාරිලිමේන්තුව, ජනකලා කේන්ද්‍රය, විදේශ සේවා නියුක්ති කාර්යංශ ප්‍රධාන ස්ථානය ආදිය භාවිතා කළ හැකිය.පිට්ටනිය පෙනෙන අයුරු.
BLOG
ගෙවුනු සතියේ ලියවුන “බිරිඳ“ගැන post එකට හිතුවට වැඩිය හොඳ ප්‍රතිචාරයක් ලැබුනා.ඉතින් තවත් වෙනසකටත් එක්ක මේ පාර ආගම දහමට සම්බන්ධ දෙයක් කතානරන්න හිතුවා.ඒ තමයි “දානය“ ගැන.දානය පිළිබඳව බුදු දහමේ වගේම අනිත් හැම ආගමකම වගේම සඳහන් වෙන නිසා මට හිතෙන්නෙ දානය කියන දේ ලෝකේ තියන හැම ආගමකටම පොදු දෙයක් කියලා.දානය ගැන අද post එක ලියන්න හිතුනේ අද දවල් පරණ photos ටිකක් අදිද්දි හම්බුන photo ටිකක් දැකලා මේ සිද්ධිය මතක් උන නිසයි.හැම අවුරුද්දකම ඔක්තෝම්බර් මාසේ පෝයට පන්සලේ උදේ සිල් ඇත්තන්ට දානය දෙන්නේ අපේ ගෙදරින්.පුරුද්දක් විදියට අපේ ලොකු අම්මලා වගේම ලඟම හිතවතුනුත් මේකට සහභාගි වෙනවා.ගිය පාර දානය දුන්නේ මතක හැටියට 6 වෙනි පාර වගේ.ඔන්න ඉතින් දානයත් හදාගෙන පන්සලට ගිහින්,දානේ බෙදලා කරලා ඔක්කොම ඉවර උනා කියමුකෝ.කට්ටිය දන්නවනේ දානේ බෙදුවට පස්සේ සිල් ඇත්තෝ දානය ගන්න කලින් බත් එකෙන් කොටසක් අයින් කරනවා කියලා.ඒ එකතු වෙන ටික සාමාන්‍යයෙන් දාන්නේ දොල පාරකට වගේනේ මාළුන්ට කන්න.ඉතින් එදත් ඔහොම එකතු කරපු දානේ කොටස් වගේම වැඩිපුර තිබ්බ බත් එහෙමත් තිබුනා.ඉතින් ඔය ටික යන ගමන් දොළ පාරකට දාන්න හරි සතෙකුට දාන්න හරි ගියේ අපිත් එක්ක shop එකේ ඉන්න අසංක අයියා...දවස් දෙකකට පස්සේ වගේ shop එකට ගියාම අපූරු නමක් තිබුන Balu dane කියලා තිබ්බ folder එකක් computer එකේ තිබුන නිසා නිකමට open කරලා බැළුවා.ඒකේ තිබ්බ photos ටික තමා ඔය පහලින් තියෙන්නේ...කොහොමද ඉතින් බලු දානේ කට්ටිය භුක්ති විඳන හැටි..වෙලා තියෙන්නේ යන කොට අර කෑම ටික දොල පාරකට දානවා වෙනුවට අර අයියා කරලා තියෙන්නේ ඒ ටික ගෙදරට යනකම් අරන් ගිහින්,ගෙදර හදලා තිබ්බ මස් හොදිත් එක්ක දාලා ඒ පැත්තේ ඉන්න අයිතිකාරයෝ නැති බළු රෑනකට කන්න ගිහින් දීලා.තව මේකට ඒ අයියගේ තාත්තත් support කරලා තියෙනවා.දානය කිව්වම ගොඩක් අය හිතන් ඉන්නේ පන්සලේ හාමුදුරුවන්ට දෙන දානය විතරයි දානය කියලා.හැබැයි ඒක එහෙම නෑ.මට හිතෙන විදියට සතෙකුට කන්න දුන්නත් ඒ වගේම පිනක් සිද්ධ වෙනවා ඇති.මොකද මනුස්සයෙකුට බඩගිනි උනොත් ඉල්ලගෙන හරි කයි.ඒත් සතෙක් ඒ දේ කරන්නේ කොහොමද..ප.ලි.දානය ගැන ලියනවා කිව්වම කට්ටිය හිතුවද දන්නෑ අද බණ කතාවක් කියන්න යනවා කියලා.එහෙම නැහැ.මේ photos ටික දැක්කම මතක් උනු සිද්ධියක් ගැන ලිව්වේ.දානය ගැන බුදු දහමේ තියෙන හැටි පල්ලෙහා තියෙන සබැඳි ලිපි වලින් ඕනි අයට බලාගතහැකි.
BLOG
4pt 0cm 5.හාත්පස සිසාරා අඳුරදැහැ ගනිමින් සිටියි.අවට පරිසරයද දැඩි මූසල පාළු ගතියකින් වේලි ගොසිනි.අඳුර මකමින්දැවෙන පහනකින් ආලෝකමත් වූ කටු මැටි බිත්ති හතරකින් වට වූ කුඩා නිවසකි.පැවතියේ දැඩිනිහඩ බවකි.විටින් විට බල්ලෙකුගේ උඩු බිරුම් හඩ පරිසරය බිය ගැන්වීය.ඒ පාළු ගතියමකන්නට මෙන් ගොරහැඩි කටහඩක් ඈතින් නිවස දෙසට ලං වෙමින් තිබිණ.“ තනි..වයි.....උප.න්......නේ............තනි..වයි......මැ....රෙන්නේ...........මේ.....ඉන්න.......ඩින්ගේ...........අඩිමයි.........ගස....න්...නේ...........”ඒ කට පුරා බීගෙන එන උක්කුවාගේ කට හඩයි.“ තුහ් නොදකින්........අදත් මේ කාලකන්නිය කණ මදය වගේ බීගෙන එන රගේ....ආවදෙන්කෝ..හ්ම්.....”එතලිනාගේ සුපුරුදුවචන සැට් එක උක්කුවාගේ හඩ නැවත්තිමට තරම් තීව්‍ර විය.“ මොකද ගෑනියේබෙරිහන් දෙන්නේ.... ”උක්කුවා ගෙට ගොඩවෙන ගමන් ඇසුවේය.වාරු නැති වූ උක්කුවා එලිපත්තේම බිම ඉන්ද විය.“ ඇයි මනුස්සයෝ තොටඅමතක උනාද මේ ගෙදර තට්ට තනියම ගෑනියෙකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නවා කියලා,හැමදාම අසමච්ජාතියාබීගෙන ගෙදර එනවා...අනේ හප්පේ මේ දරු පැටවූ දෙන්නා කෑවද බීවද කියලවත් මේ මිනිහටගානක් නැති හැටි....නොදකින් විතරක්මාත් කාපු දීගෙක හැටි...”එතලිනාගේ කටහඩ අවදිවිය....නමුත් ඒ කියූ දේටනම් උක්කුවාට කුකුල් කේන්ති ආවේය.“ පට්ටබැල්ලියේ...මොකක්ද යකෝ තෝ කිව්ව හරුපේ.....තෝව මං අද ඉතුරු කරන් නෑ.ඉදපන් තොටමං.......”උක්කුවා වහා හිදසිටි තැනින් නැගිට්ටේ වෙඩිල්ලක් මෙනි.වහා එතලිනා දෙසට ගොස් ඇගේ කෙස් වැටියෙන්අල්ලා ඇද්දේය.“ වේසියේ....තෝව මංඅද පට්ට ගහනවා.......” උක්කුවා ඇගේ කෙස් වැටියෙන් අල්ලා තදින් සෙලවුවේය....“ ඉතින් මරපියමාව....එතකොට ඔක්කොම අහවරයිනෙ..” ඉවසුම් නැති තැන එතලිනා කෑ ගෑවාය..ඒ වඳන් වලින්උක්කුවාගේ කේන්තිය උපරිම වුයේය.උක්කුවාගේ හැදි දැඩි සිරුරට හිර වූ එතලිනාට පහර දෙකතුනක් දෙන්නට උක්කුවා මැලි නොවීය.මේ කලබගෑනිය නිසා බියට පත්ව දොර මුල්ලේ සැගව සිටිදරු දෙදෙනා තම මව බේරා ගැනීමට ඉදිරියට පැන උක්කුවාගේ ඇගේ එල්ලුණේය.“ අනේතාත්තේ.....අම්මට ගහන්න එපා තාත්තේ......තාත්තේ.......අනේ..අම්මේ.......”“ තාත්තේ අම්මටගහන්න එපා තාත්තේ..අම්මේ.........”දරු දෙදෙනාඋක්කුවාගේත් එතලිනාගේත් ඇගේ එල්ලෙමින් බෙරිහන් දුන්නේය..“ පල යන්න පැත්තකටතොපි ”.කියා දරු දෙදෙනාව පැත්තකට ඇද දැමු උක්කුවා එතලිනාගේ කෙස් වැටියෙන් අල්ලාතදින් සොලවා ඇයව පැත්තකට තල්ලු කළේය.ඒ පහරින් විසි වී ගිය එතලිනා බිම ඇද වැටුනාය.අහෝ.... අවාසනාවකමහත.නිවසේ පසෙක බිම හිඳ ගැනීමට තබා තිබූ ගල් පොත්තේ එතලිනාගේ හිස තදින්ම වැදිණි.ඇයසිහිසුන් වී වැටී සිටි අතර ඇය සිටි තැන ලේ විලක් වීමට වැඩි වෙලාවක් ගත නොවීය.වාරුනැතිව උක්කුවාද බිම ඇද වැටුණේය.තම මවට වූ හදිය ගැනකම්පා වූ දරු දෙදෙනා වහා දුව විත් ඇගේ ඇඟේ එල්ලී කෑ ගසමින් හැඩීමට පටන් ගත්තේය..“ අම්මේ........අනේඅම්මේ.........නැගිටින්නකෝ ............අම්මේ........අ.....ම්...මේ.............ඇයිඅම්මේ කතා කරන් නැත්තේ.... අම්මේ......”දරු පැටවුන් දෙදෙනාගිරි යටින් කෑ ගසා හැඩුවේය...මේ සන්තෑසිය කණවැකුණු අහල පහළ නිවෙස් වල වූ පිරිස් වහ වහා නිවස දෙසට දිව ආවේය.සිදුව ඇති දෙයින්මහත් කම්පාවට පත් වූ සියල්ලෝම කම් මුලේ අත් ගසාගෙන බලා සිටියේය...ඒ අතරින්උක්කුවාට හොද හැටි බනින වචන ද ඇසුණේය.නමුත් සියල්ලන් පැමිණෙන විටත් එතලිනා ඇගේඅවසන් හුස්සමත් හෙලා තිබිණි..අවසානයේ උක්කුවාගේ වූ බීමත්කම අසරණ දරු පැටවුන්දෙදෙනෙකුට උරුම වූ තම මවගේ උණුහුම සොරා ගත්තේය.පසුව එතලිනාගේ මරණයට වග කිව යුතුපුද්ගලයා ලෙස උක්කුවා ජීවිතාන්තය දක්වා මහ උළු ගෙදර තපින්නට නියම විය.අම්මාත්තාත්තාත් අහිමි වූ දරු දෙදෙනා අනාථ නිවාසයකට බාර දෙන ලදී.තවමත් හය හතර නොතේරෙන ඒදරු දෙදෙනා තම මව එන තුරා අනාථ නිවාසයේ ජනෙල් කවුළු දොරින් එබිකම් කරයි.
BLOG
කැළඹුන් සරා පෙම් ගී කෙලෙස් සිතඅඟ..නෙකඹුන් පුරා රැව් දී කරති මනදඟ..සළඹුන් අරා සිඳ දී දිවිය සිලමඟ..සුරඹුන් නුරා පැන් බී කෙලිති රති රඟ..ලොබ බැඳ රක්ත පැහැ ගත් මස දිවට ලැදී..ගෙල සිඳ ගෙනෙයි නෙක තිරිසන් මසට සැදී..සිඳ බිඳ හැඟුම් තලු මර මර රසට බුදී..පව් කඳ දැනෙයි දුක එන විට පවට ඇදී..තිබෙනා වුව නොවනා දෙය සිතින් අරා..සිතනා ගති පෙළිනා සිත උමතු කරා..නොදැනා ලෙස පවිනා බව ගෙනත් සොරා..කරනා දෙය දැනෙනා දින සිලිල දරා..ඇත නෙක උතුම් ගුණයන් පින් මිනිස් ලොවේ..එතකින් නොනැවතුණ දුර්ගුණ නොමැත සුවේ..නැත ඉවරයක් පැවසූ මුසා පිරි දිවේ..සිත ඇත සියලු පව් කිසිදා නොමැත ගෙවේ..සින්දා බය බන්දා සිහි මතට ගැලී..ඇන්දා සළු රන්දා හිස නොමැත විළී..බින්දා ගත සින්දා සිත මතම වෙලී..නින්දා හැම වින්දා බී සුරා සැළී..෴ රන්දු ෴.
BLOG
මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේනිල්වලා යහන් ගැබේ කිරි සිනා දිලේවන් සැනේ ශෝක තැවුල් නිවා යන මෙනේඑනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ නිවහනේ හැමතැන කිරි සුවද මට දැනේහැමතැනේ කැකුළු සිනා මල් පිපුනු මැනේමද සෙනේ බිලිදු තොලට කිරට හැරෙව්වේඅද දිනේ කිරට හටන කෙනෙක් නෑ අනේ තවුතිසා දෙවුවිමනේ සැගවුනිද කියාරූයමේ සිහින දිගේ පාව එමි සොයාඒ බවේ නොවුනද මතු බවෙක අප කරා සුදු පුතේ එන්න අතට කිරිසිනා සොයාඅහන්න.
BLOG
දෙමළෙකුට අතවනන්නට කලින්උන්ගෙ අයිතියපිළිගත හැකිනැති වමක් නො සොයාසැබෑ වමක් ගොඩනැඟිය හැකිකන්දක පොරටෝක්ස් නොදීදූපතෙන් හිසඔසවා ගත හැකිපැනසර විය හැකිතරම්දැනුම උකහා ගතහැකිසුබ නව වසරක්වේවා .කරුමය යැයි නොහිතාඅයිතීන් සඳහා සටන්වැදිය හැකිඅවිද්‍යාව මිත්‍යාවපරයාවිද්‍යාව සත්‍යයය විශ්වාස කළ හැකිවෙන් වෙන් වනො ඉඳඑක්ව සටන් කළහැකිපීඩකයින්ට එරෙහිවනොබියව නැගී සිටියහැකිසුබ නව වසරක් වේවා.ජාතිවාදීන්ආගම්වාදීන්ඇසුරෙන් පලවාහැරිය හැකිඊනියා වම්මුන්වපතුරු ගසානිරුවත් කළ හැකිරටින් එළ වූඋන්ව කැඳවාබඩ බදා සිනාසිය හැකිහිත හොඳ ඇතිඑවුන්හෙටත් සුබඋදෑසන අරං එති සකිසුබ නව වසරක් වේවා.ලූප්හෝල්ස්.
BLOG
පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්‍රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.එම ජයාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්‍රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.එහිදී ඔහු අප වෙත සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ආසන්නයේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය.ජායාරූපගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා.තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා.එම ජායාරූපය පහතින් බලන්නඋපුටා ගැනීම ගොසිප්9 වෙබ් අඩවියෙන්.
BLOG
ඔබ ගමනක් යනවිට මංමුළා වූයේය. අවසානයේද පාර දෙකට බෙදෙන එක් ‍සංදියකට පැමිණියේය. එයින් එක් මාර්ගයක් නිවැරදි වෙයි. එතැන මිනිසුන් දෙදෙනෙක් වෙයි. එක් අයෙක් බොරු කියන අතර අනෙකා සත්‍ය පවසයි. ඔබට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් එක් පැණයක් පමණක් ඇසීමට හැකියාව ඇත.ඔබ නිවැරදි මග සොයා ගන්නේ කෙසේද.
BLOG
කලින් ලිපියකදි කියල දුන්නේ ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කරන හැටිනේ. අද කියන්නෙ ඒ විදියට සූදානම් කරගත්තු Hard Disk එක සහිත පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කරන විදිය තමයි.මුලින්ම බයෝස් වලට පිවිස Boot Order එකෙහි පළමු Device එක ලෙස CD/DVD ධාවකය සකසන්නමේ ලෙස ඇත්නම් මුලින්ම දෘඩ තැටියෙන් Boot වනු ඇත.එබැවින් එය පහත පරිදි වෙනස් කර ගත යුතුය.(සැ.යු. පරිගණකයෙන් පරිගණකයට Bios ප්‍ර වේශ වන යතුරු වෙනස් විය හැකියි. සැකසුම්ද වෙනස් ආකාර වලින් පැවතිය හැකි නමුත් සියලුම පරිගණක වල මේවා අන්තර්ගත වේ.)දැන් F10 යතුර ඔබා හෝ save කර bios වලින් ඉවත්වන්න. පහත පරිදි විමසීමක් කරයි නම් yes යන්න තෝරා enter යතුර තද කරන්නඑවිට පරිගණකය reboot වනු ඇති අතර. ධාවකයට හන්තාන DVD එකක් දමා තිබුනේ නම් එය මගින් පරිගණකය boot වනු දැකිය හැක. මේ හන්තාන ධාවනයේදී දිස්වන පළමු තිරයයි.ටික වේලාවක් ගතවූ පසු මෙම තිරය ලැබෙනු ඇත.සම්පූර්ණයෙන්ම හන්තාන මගින් පරිගණකය ආරම්භ වූ පසු මෙයාකාර තිරයක් ඔබට ලැබෙනු ඇත.එහි දකුණු පස තීරුවේ අවසන් අයිකනය ක්ලික් කිරීමෙන් ඔබේ ස්ථාපන කාර්යය ආරම්භ කල හැකි වනු ඇත.එහිදී ලැබෙන තිර next කරමින් යන විට Custom Layout තෝරාගත් විට පහත ආකාර තිරයකට ඔබව රැගෙන යනු දැකිය හැක. මෙහිදි කලින් ලිපියේ පරිදි shrink කරගත් පසු ඉතිරි වූ ඉඩ free යටතේ තිබෙනු දැකගත හැක.එය මත ක්ලික් කර Create බොත්තම ඔබා දෘඩ තැටිය පහත පරිදි සාදාගන්න. මෙහිදී වින්ඩෝස් ස්ථාපනයේදී මේන් කෙලින්ම දෘඩ තැටියට ලියනු නොලැබේ.. මෙම අවස්ථාව පසු කල පසු පමණක් දෘඩ තැටියට අදාල සැකසුම් ආදේශ වේ.සැකසුම් සියල්ල ඉහත පරිදි සකසා next කල විට පහත පරිදි තිරයක progress එක පෙන්වනු ඇත.එය අවසන් වූ පසු restart වනු ඇත.ඉන්පසු පරිශිලක කෙනෙක් සැකසීම සඳහා ඔබගේ තොරතුරු විමසා සිටින අතර ඒවා ලබාදුන් පසු ස්ථාපන ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත.අවසන් වූ පසුව මෙම තිරය නැවත දැකගත හැකි වනු ඇත.වම් පස ඉහල කෙළවරට mouse pointer එක ගෙන ගිය විට දැනට භාවිතයේ පවතින වැඩසටහන් දිස්වන අතර applications ටැබය පිවිසීමෙන් හන්තාන සතු මෘදුකාංග ලැයිස්තුව දිස්වනු ඇත.එහෙනම් හන්තාන සමගින් නිදහස අත්විඳින්න. හන්තාන මත සිට වැඩ කරන ආකාරය තවත් ලිපියකින් ලියන්නම්.
BLOG
ඉවරයක් නැති වැඩකටයුතු ගොන්නක් අතරෙ,සිතට නිදහසක් දැනෙන හැම මොහොතකම,ඔයා ගැන මතකයන් මාව ආදරයෙන් ස්පර්ෂ කරනවා.ඒ වෙලාවට දැනෙන සතුට,ප්‍රබෝදය... හරිම පුදුමයි.... හැම මහන්සියක්ම,දුකක්ම මට අමතක වෙලා යනවා."ඔයා මොනවා කරනවා ඇත්ද මේ වෙලාවෙ."මම හිතින් ඔයා ලගටම එනවා.ඔයා දවල්ට කෑවද දන්නෙ නෑ."කොච්චර කීවත් වෙලාවට කන බොන පුරුද්දක් නෑනෙ මේ කෙල්ලට."ඒ වෙලාවට ඉබේම මගෙ අත යන්නෙ කොච්චර දුරක හිටියත් ඔයාව මගේ ලගට එක්කන් එන ජංගමයට.ජංගම දුරකථනයට.ඔයාගේ ෆෝන් නොම්බරේ ටයිප් වෙන්නෙ ඉබේටම වගේ.ඔයා ඇමතුමට ප්‍රතිචාරයක් දක්වනකම් මම ඉන්නෙ නොයිවසිල්ලෙන් .එහා පැත්තෙන් ඇහෙන ඔයාගෙ ලස්සන හුරතල් හඩ අහන්න ආසාවෙන්.ඔයාගෙන් ප්‍රතිචාරයක් නැති උනොත්,එක පාරටම මගෙ හිත මලානික වෙලා යනවා වගේ මට දැනෙනවා."මම ඔයාට මෙච්චරම ආදරය කරනවද.....මට පුදුමත් හිතෙනවා මං ගැනම වෙලාවකට."ඔයා වැඩක වෙන්න ඇති ඒකයි call answer කරේ නැත්තෙ.මම මගේ හිතින්ම අහන ප්‍රශ්න වලටම උත්තර බදිනවා."sms එකක්වත් දාලා බලනවා එතකොට ෆෝන් එක බලපු හැටියෙ reply එවයිනෙ."එහෙම හිතලා ආදරේ වචන වලට පෙරලලා කෙටි පනිවිඩයක් එවනවා ඔයාට.ඊලගට ආයිත් මම මගේ වැඩ වල ඒත් හිත ඔයා ලග."කොයි වෙලේ reply එක එයිද,දැන් එයිද,දැන් එයිද" මම බලන් ඉන්නෙ ෆෝන් එක රින්ග් වෙනකම්.දවල් කාලෙ වැඩ කටයුතු ඉවර කරලා ආවට පස්සෙත් ඔයාගෙන් reply එකක් ආවෙ නැති කලාතුරකින් දවසක මගෙ හිතට මොකක්දෝ වෙනවා.මහ දුකක් එක්ක බයකුත් හිතට එනවා.ඔයාට මොකක් හරි කරදරයක්ද දන්නෙ නෑ.නපුරු,අසුභ සිතිවිලි මගෙ හිතට වද දෙනවා."නෑ මගෙ වස්තුවට එහෙම වෙන්නෙ නෑ."ආයිත් ඔයාට call ගන්නවා.අනේ ඔයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ.පටිගත කල හඩකින් ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත,කරුණාකර පසුව අමතන්න කියනවා.හිතට පුංචි කෙන්තියකුත් එනවා "මේ තරම් ඔයා ගැන හොයලා බලන මට එක කෙටි පණිවිඩයක් එවන්න ඔයාට වෙලාවක් නැති උනාද" මහා දුකකින් මගෙ හිත පෙලෙනවා.ආයිත් මම උත්සහ කරනවා මගෙ හිත සනසා ගන්න."ඔයා තවමත් මොකක්හරි ලොකු වැඩක වෙන්න ඇති.Battery බැහැලා phone එක off වෙන්න ඇති."හිටපු ගමන් ඔයාගෙන් ඇමතුමක් එනවා.මට කියාගන්න බැරි තරම් සතුටුයි.call එකට answer කරන්නෙ සෙල්ලම් බඩුවක් දැකපු පොඩි දරුවෙක් ඒක ගන්න ආසාවෙන් දගලනවා වගේ."හෙලෝකොහෙද මොඩියෙ මෙච්චර වෙලා හිටියෙ.මොකද කරේ.phone එකත් off " බොරු තරහක් මවාගෙන් මම අහනවා ඔයාගෙන්."අනේ නෑ...මගෙ සුදු මහත්තයෝ....phone එක off වෙලා අම්මත් එක්ක හදිසියෙ දුර ගමනක් ගියානෙ.... ඔන්න යන්න කලින් කියන්න බැරි උනාට සොරි හොදේ.....තරහ වෙන්න එපා මගෙ පැටියා."ඕනවටත් වඩා හුරතල් වෙනකොට බොරු තරහත් රැක ගන්න බැරිව ආදරයෙන් ඔයත් එක්ක දොඩමලු වෙන්න යන්නෙ පුංචි වෙලාවයි.සමහර දවස් වල අපිටත් නොදැනි අපි පැය ගනන් එක දිගට කතා කරලා.නිදි නැති හැම රැයකම කෙටි පණිවිඩ මහා ගොඩක් අපි අතර හුවමාරු වෙලා.සමහර දවස් වලට මට හිතෙනවා මෙහෙමත්.මට වගේම ඔයාටත් මාව මතක් වෙනවද කියලා බලන්න ඕනෙ කියලා.මම ඔයාම call කරනකම්,sms කරනකම් නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා.එහෙම බලන් ඉද්දි ඔයාගෙන් ලැබෙන කෙටි පණිවිඩයකින්,ඇමතුමකින් ලැබෙන සතුට අසීමිතයි.හිතේ ආදරේ වාන් දානවා වගේ දැනෙනවා.ජීවිතේ ගෙවෙන හැම තප්පරයක් තප්පරයක් ගානෙම කොයිතරම් වැඩකටයුතු තිබුනත් ඔයා මගේ හිතේ අස්සක් මුල්ලක් නෑර සැරිසරනවා."ආදරේ හරිම සුන්දරයි නේද.පුදුමයි නේද.වචනෙන් විස්තර කරන්න බැරි තරමටම."සීතල පිනි වැස්සක පායන පාට පාට දේදුන්නක් වගේ ආදරේ ලස්සනයි.
BLOG
කාලයක් තිස්සෙ මම ආදරය කරපු කෙල්ලත් එක්ක, අන්තිමේදී මම යාලු වුනා...ඒත් සම්බන්ධය නම්තිබුනෙ හරියටම මාසදෙකයි දවසයි.ඒක ඉවරවෙලා දවස් දෙකකට පස්සෙ, අවුරුදු 5 ක ලව් එකක් කරගෙන යන කොල්ලෙක් මට කිව්ව..."යාලු වෙනවනම් යාලු වෙයන් උඹ ආදරය කරන කෙල්ලෙක් එක්ක නෙමෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් එක්ක නැත්නම් ඕක කවදාවත් හරියන්නෙ නම් නෑ"ඊට අවුරුදු 3 යි මාස 5යි දවස් 23කට පස්සේ...මට ආදරය කරන කෙනෙක් අන්තිමේදි මට හම්බ වුනා... අපි යාලු වුනා.ඒත් ඒක තිබුනෙ හරියටම මාස දෙකයි දවස් තුනයි.ඒ සම්බන්ධය නවත්වපු දවසෙ කෙල්ල මට කිව්වෙ..."මම නම්ආයෙ කවදාවත්ම මට ආදරය කරන කෙනෙක් එක්ක මිසක් මම ආදරය කරන කෙනෙක් එක්ක යාළු නම් වෙන්නෙ නෑ".
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}රොබින් හුඩ්අය්යලාදැන් සටනඅතහැරලාගල්ගුහාවකටවෙලා බුම්මගෙනඉන්නවලුආරංචියේහැටියටජනතාව දැන්හරි වෙනස්ලුඉස්සරවගේ ඒගොල්ලොන්ටසපොර්ට් එකදැන් නෑලුනොටින්හැම්බලකොටුවෙහැමදාමනත්තල්ලුරෑට රෑටහැමදාමමල් වෙඩිපෙන්නනවාලුගිස්බන්ගෙනුත් දැන් කරදරයක් නෑලුසිරියාවබේරෙන්න හිනාවෙන්නත් දන්නවලුබබාලත් වඩාගන්නව්ලු ඉඳ හිටහැබැයි තාමත්එහේ එල්ලලාමරණවාලුඒ උනාට ජනතාවප්‍රීතියෙන්ඉන්නවලුමහ රජාත් ළඟදිඑහේ ඇවිත්ගිහින් ලුරොබින් හුඩ්අය්යලාදැන් සටනඇතහැරලාකණ්ඩායමටබැඳෙන්න ගිය මංෂර්වුඩ් කැලේතනි වෙලා.
BLOG
කරන විදිය කියන්නම්..දීලා තියෙන ලින්ක් එකෙන් Download කරලා Open උනාට පස්සේඔතන තියෙනවා Change Logon Screen කියලා.. එතන Click කරලා තමන්ට කැමති Wallpaper එකක් දෙන්න......බලන්න වැඩද කියලා...
BLOG
වෙසක් සද නැගෙයි ,, නැත ඉඩ තරු වලට...සිතුවම් මැවෙයි අඩවන් කල නෙත් වලට..මෙතරම් කියා මිමි දිය හැකිදෝ පෙමට..සුදු පරවියෙනි ලියමන් දුන්නේ කාට...ඇදුර ඇදෙයි හිරු සැගවෙනතුරු ඉදලා..සුපිපුන පිච්ච මල් පුසුබට ඉව රැදිලා..හසුනේ පිටු අතර මල් පොකුරක් තියලා..සන්නස් ප්‍රේමයේ කොතැනක දෝ හැලිලා..දහසක් හිස් අතර මා රුව සොයන් කෙසේ..අමතක වුනත් මා රුව නුබ ඇත මනසේ...පැවසූ නුබට මා අමතක වුවෙද කෙසේ.....නුබ සතුටින් ද පවසන් නෙතු පියමි කෙසේ...ප්‍රේමය දුකකි කිසිදා පෙම් කරනු එපා...හදවත තුට්ටුවට දෙකකට දෙන්න එපා...සෙවනැල්ලවත් උබ ගාවට ගන්න එපා..තනිවුන දිනක "i miss u " කියනු එපා......යසියා.
BLOG
පොඩි අක්කට පින් සිද්ද වෙන්න ගත්ත අන්තර්ජාල සම්බන්දතාවය හින්දා ආයෙමත් බ්ලොග් ලියන්නයි යන්නේ...ඒත් අවුල තියෙන්නේ ලග එන END exam එක තමයි.. මොනා උනත් ආයෙම ලියමුකො..පළවෙනියටම ලියන්නේ FUTURE LEADERS leadership training camp එක ගැනයි...ගිය අවුරුද්දේ යද්දී එපා වෙලා ගියාට එද්දී ෆට්ට ෆන් එකේ ආවේ එත් දැන් තමයි එකේ තියන ගොන් පාට් එක තේරෙන්නේ.. ඒ විස්තරේ ආයේ වෙලාවක් හම්බුනා ගමන ෆට ෆට ගාල ලියන ඉවරයක්‌ කරන්නම්කො...මීට මාලන්........ප.ලි.- කවුද මාව සිය වෙනියට follow කරන ජයග්‍රාහී (අ)වාසනාවන්තය වෙන්නේ.... ::Dකැමති නම් 'අ' අකුර දාගන නැත්නම් එෆා.....
BLOG
රාජපක්ෂ ‍‍ගේමතට තිත ‍කෙතරම් දුරට සාර්ථකව පවත්වා‍ගෙන යනවාද කියන එකට ‍හොද උදාහරනයකි කල්ලුම‍ලේවත්‍තේ රා කැන්ටිම.ප්‍රදේශවාසීන්පවසන අන්දමට, රාජපක්ෂ ආණ්ඩු‍වේ පූර්ණ සහය ඇතිව, බලපත්‍ර ලබා‍ගෙන පවත්වා‍ගෙන යන මේරා කැන්ටිම පිහිටා ඇත්‍ තේ, බදුරලිය ‍පොලිස් වස‍මේ, කල්ලුම‍ලේ වත්‍‍තේය.ගම්මු පවසනඅන්දමට ‍මෙවන් රා කැන්ටිමකට අවසර ‍දෙන්‍‍නේ අක්කර 150 කට වැඩි පවුල් 18කට වැඩි වතුවලටය.නමුත් අක්කර50ක පවත්වන ‍මේ වත්‍තේ සිටින්‍‍නේ, එක පවුලයි. වත්‍‍තේ හිමි කාරිය ශ්‍රියානි බස්නායකනැමැත්තියකි.
BLOG
රොමේෂ් සුගතපාල සහ ලක්මිණී උඩවත්ත විසින් ගායනා කරන " කල්පයක් මා.. " කියන ගීතය, සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු රූපවාහිනී නාලිකාවේ විකාශනය වන " සද සාවී " කියන ටෙලි නාට්‍යයේ තේමා ගිතයයි. ශෙහාන් ගලහිටියාව විසින් පද රචනය කර ඇති මෙම ගීතය පහලින් ඔයාලට බලාගන්න පුලුවන්.Kalpayak Ma (Sanda Savi Theme Song) - Lyricsıllıllı -----| සද සාවී |----- ıllıllıකල්පයක් මා බලාන ඉන්නම්...අල්පයක්වත් වෙනස් නොවී...ඔබේ ආදරේ... මා වෙත...ලැබෙනා තුරා... ලැබෙනා තුරා...සත්තකයි මා ඔබේම වෙන්නම්...අංශුවක්වත් වෙනස් නොවී...ඔබේ ජීවිතේ... මා වෙත...පුදනා තුරා... පුදනා තුරා...නෙතු පියන්න බැරි වෙන තරමටආදරේ ගෙනත්...ජීවිතේම වෙනස් කරනාමා හටත් හොරෙන්...මා දකින්න ඇවිදින් හීනෙටආදරේ අරං...ආදරේ දැනෙනවා මටඅහසටත් උඩින්...කල්පයක් මා....
BLOG
පඩි පෙළින් උඩඟු කළ මහ ගෙදර ආලින්දෙලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙතමෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි දඅලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද දවට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬලපසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිමසැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ලබලා සිටියෙමි තනි ව ලීස්තර වැට මැදින්වසරකට වතාවක් පිළිසකර කර වැට මපාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟඅමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතටමා අවට ගලා ගිය ජීවිතය දෙස නිතරසුදු ලීස්තර මැදින් බලා සිටියා මිසකඋස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹවෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටමපාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්පාන් පැල ළඟට යන අම්මාගේ සේයාවසැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ලබලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්එරික් ඉලයප්ආරච්චි( ආලින්දය, 1988).
BLOG
මම වැඩිදුර නොහිතනව නුඹේ වචන වලින් කියනව නමිසැරින් සැරෙට සුළඟ වගේ වෙනස් වෙන්න පුළුවන් උනා නමි නමි වේදිකාවේ රඟපාන විදිහටජිවිතේදිත් රඟපාන්න පුළුවන් උනා නමි ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තිබුනා ඊටත් වඩා මමසාම්ප්‍රදායික පෙම්වතෙක් උනානම් නුඹට ආදරයේ අංශුමාත්‍රයක්වත් නොලැබෙන්න තිබුනාකොහොම කියන්නද නුඹ නොතේරෙනවා වගේ ඉන්නවද නැත්නමි ඇත්තටම නොතේරෙනවද. මිනිස්සු ප්‍රශ්ණයක් උන වෙලාවකට උදවු ඉල්ලන්නේතමන්ට වැඩියෙම විස්වාස කෙනාගෙන් නුඹට ප්‍රශ්ණයක් උන වෙලාවේ නුඹව සැරයක් රවට්ටපුකෙනාව නුඹට මට වඩා විස්වාස උනා ඒ කියන්නේ මාව ඒ තරම්වත් විස්වාස නෑ කියන එක නේද. අපිටපුළුවන් නමි අපේ හැම හැඟිමක්ම පාලනය කරන්න නුඹට ඔය ලැබෙන තරම් ආදරයක් සමහරක් විට එහෙමකරපු නුඹ අද කියනවා මට නුඹ ගැන විස්වාසයක් නෑ කියලා ඔනිවටත් වඩා නුඹව විස්වාස කරපුනිසා තමයි මෙච්චර කාලයක් නුඹ ළඟ හිටියේ මේකආදරයක්ද කියලා දැන්නමි හරියටම අර්ථ දක්වන්න බෑ මට ආදරයකට වඩා දැන් අපේ බැඳිමයුතුකමක් වෙලා නුඹට කරපුවට නුඹ මට යුතුකම් ඉටු කරනවා උඹේ දෙමව්පියන්ගේ විශ්වාසෙටමම යුතුකම් ඉටුකරනවා අන්තිමේදි හැම බැඳිමක්මගලා යන්නේ මේ විදිහටද පරිසරයට ආදරෙත් දැන් දැන් අනුවර්ථනය වෙලාද කොහෙදහිටි ගමන් අවිස්වාසය නුඹේ හිතට දුවගෙන එනවා ඒකත් භෞතික සාධකයක් නිසානම් මම දෙපාරක්නොසිතම නුඹව සාධාරණිකරනය කරනවා නුඹ හැම වෙලාවෙම අවිස්වාස කරන්නේ මගේ හිත නුඹටත් ඕනී බොළඳ ආදරයක්ද වචන වලින් විතරක් දැනෙනනුඹට ආදරේ දැනෙන්නේ වචන වලින් විතරද මටත් පුළුවන් ඒහෙම වෙන්න හැබැයි මම එහෙමවෙන්නෑ නුඹට නිදහස තියෙනවා වචන වලින් විඳින පාට තවරපු සීනී බෝල ආදරයක් හොයන්යන්න කෙනෙකුට බෑ තව කෙනෙකුගේ හිතකට මායිමිබඳින්න හොයන් පලයන් නුඹේ කැමැත්ත සීනී බෝල ඇතුලෙන් සැබැවක් හොයා ගත්ත දවසට ඇවිත්කියලා පලයන් කෑගහලා මම වැරදියි කියලා බලන් ඉන්නවා මම ඒ දවස එනකම් හිතට අවංකවම කියන්නද එක දෙයක් නුඹ ඔය දකින හීනේඇත්තට උනත් නැතත් හැබැවෙනවනම් මම කැමතියි මොකද නුඹේ හීනේ බිඳුන දවසට ආයේ මාවහොයාගෙන ආවොත් නුඹව පිළිගන්න මට බැරිවෙයි නුඹ වගේ සැහැල්ලුවට කඳුළු බින්දු තුන හතරකින්හැමදේකම නිමාවක් දකින්න පුළුවන්නම් මටත් ජිවිතේ හරිම ලේසි වේවි ඒත් නුඹට වගේනෙමෙයි මගේ වටේට ඉන්න ජිවිත වලට මම වගකියන්න ඕනී මගේ හිනාවට ශක්තිමත් වෙන සමහරජිවිත කඩාවැටෙන්න ඉඩදෙන්න බෑ ඒ සමහරක් ජිවිත පිළිවෙලකට ගලන්නේ මම නිසා කියන එකඅමතක කරන්න බෑ මට හැමදෙයක්ම දාලා දුවන්න බෑ ලෝභ කමට නමි නෙමෙයි තවමත් සමිපුර්ණනොකරපු යුතුකමි තියෙන නිසා මතකද නුඹට පටන් ගැන්මෙම පොරොන්දුවක් උනා මේ කථාවටනුඹම තිත තියෙනකමි මම කොමාවක්වත් තියන්නේ නෑ කියලා පොරොන්දු තියෙන්නේ කඩන්න කියලාමම හිනාවෙලා කිව්වට කොහොම හරි පොරොන්දුව ආරක්ෂාවෙලා නුඹට පුළුවන් හිතේ සතුටින් තිත තියන්න.
BLOG
ඔන්න බ්ලොග් කරන කස්ටිය දන්නවනෙ මොකද්ද ලියන්න හදන්නෙ කියල....ඇත්තටම 2013 කියන්නෙ හරිම තීරණාත්මක වසරක්... එක අතකින් හොද දේවල් ගොඩාක් උනා... තව අතකින් නරක දේවල් ගොඩාක් උනා.... ඇත්තටම ජීවිතේ එපා වුනු අවස්තාවල් එමටයි...තවත් සිද්දීන් ජීවිතය ජීවත් කරවන්න සමත් උනා... ඒ සිද්දීන් එක්ක ආපහු වැටුණ තැනින් නැගිටින්න අවස්තාවක් කර ගත්තා... මම 2013 අවුරුද්දෙ ලොකු වැඩකට අත ගැහුව.. ඒ වැඩේ 90%ක් විතර සාර්ථකයි... ඉතිරි හරිය 2014 ට ගෙනියන්න තමා හිතාගෙන ඉන්නෙ.... තව විශේෂ සිදුවීමක් උනේ මේ දැන්... ඒ කියන්නෙ - 2013.12.30 පෙ.ව. 10.00 ට..මොකද්ද බොලේ ඒ....මෙන්න මේකයි සිද්දිය.... මම නිකමට හිතුවා පෝස්ට් එකක් දන්න ඕන කියල... ගිහිල්ල බැලුව ඩෑෂ් බෝඩ් එක... මෙන්න බොලේ දැනට මම 49 ක් පෝස්ට් ලියල.... සතුට වැඩි උනා... සුටුස් ගාල ලියන්න ගත්තා පෝස්ට් එකක්...අනික තමා ඊයෙ මගේ මොන්ටිසෝරි කාලෙ ඉදලම 05 වසර දක්වා මගෙත් එක්ක එකම පාසලේ, එකම පංතියේ ඉගෙන ගත්ත මගේ බුදු පිට් එක කතා කලා.... ඌ හෙන ගේමක් දීල මගේ නම්බර් එක හොයාගෙන කතා කරේ.... ඇත්තටම හෙනම සතුටුයි....උගේ නම තමා ධනුෂ්ක....මෙන්න මේ තියෙන්නෙ මම උන් ගැන ලියපු එක...එපාම කරපු කාලෙ....ඔන්න එහෙනම් මගේ 50 වෙනි පොස්ට් එකත් දැම්ම...හෙනම සතුටුයි...ඔන්න එහෙනම් මම නවතිනව.... ලබන්න වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන, සියලු බලාපොරොත්තු ඉටුවන, පවුලේ සියලු දෙනාට ලෙඩකින් දුකකින් කරදර නැති... සුභම සුභ අලුත් අවුරුද්දකට සුභාසිරි පතන්නේ...ප. ලි. පොඩ්ඩක් වැරදුනා... බ්ලොග් ලියන දෙතුන් දෙනෙක් පවුල් වෙලා ඉන්නවනේ... මෙන්න එයාලට වෙනම ලියන්නම්...දරුවෙකුගෙ කෑ ගැහිල්ලකින් ගේ දෙවනත් වෙන, පැටවු පිරුණු පුන්චි (පැටවු 10 ක් පමණ) පවුලක් හදා ගන්න කියලා ප්‍රාර්තනා කරණවා....මේක ලියන්න තේරෙන්නෙ නෑ බොල...♥♥♥♥♥ ගාලු සහ දෝණි ඇතුලු පවුල් දෙකේ සැම....
BLOG
ගිනි පෙනෙල්ලෙන් බැට කාකනා මැදිරි එලියටබියව දුවද්දීපුර හඳවී පාර පෙන්නුනුඹටසිතින් පෙම් බැන්දදදනිමි මමඒ සඳ අයිතිතරු මඩලට බවතරහක් නැතසිටියත් නුඹතරු මඩල සමගසිදින්නෙමි මම සැමදාපෙනෙන තෙක්මගේ නොවූමගේම වූසඳ මඩලනුඹට නොපෙනෙනදුරක සිට.
BLOG
බ්ලොගේට කෙලවෙලා .. ගිය අවුරුද්දටම ලියල තියෙන්නෙ දෙකයි ... ... ඉස්සර බ්ලොගෙ ලිවුවුවෙ පට්ට කික් එකෙ... ඒත් කාලයක් කාලයක් යනකොට හිට්ස් අඩුවක් නැති උනත් නූර් මන්ජීතෝ වෙලා ගියා ලාවට වගෙ ... ... හිතල හිතල ලියන මොනවහරි ජිල් මාට් එකක පස්සෙ පස්සෙ නිකම්ම කම්මැලි වෙලා ගියා වගෙ ... ඒක නිසා ඒක එහෙමම මග ඇරිල ගියා කියන එක ... අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මම හිතන්නෙ ලිවුවෙ නෑ ... ඒත් ඉස්සර හිතල හිතල ලියපුවට වඩා .. නිකන්ම ලියවෙන ඒවා පට්ට නැචුරල් කියල හිතෙන්න ගත්තෙ ලගකදි ඉදල ...බ්ලොගෙට බැහැපං බ්ලොගේට බැහැපං ... කට්ටිය එකසිය ගානට කියපුවත් ආයෙ අහගෙන ඔන්න බහින්නයි කල්පනාවා ...ඉස්සර ඉදල කට්ටිය ගේමට ආවෙ මේක ලියාගෙන ගියපු බාසාව අන්තිම සවුත්තුයි කියල ... මොනව කරන්නද ලොක්කා ... දකුණෙ වැල්ලෙ ඉපදිලා .. වැල්ලට එලිබැහැල .. රැල්ලට පුක අල්ලපු අපිට ඕව හරියන්නෙ නෑ.. ඔය බාසා විලාසෙ ඉතිං උප්පත්තියෙන් අරගෙන ඒවා .. මලාට වෙනස් කොරන්න බෑ ... ඔය බාස විලාසෙ ලංකාවෙ එක එක පැතිවලින් පැතිවලට වෙනස් වෙනවනෙ ... ඒ ඒ පැතිවල එවුන් කතා කරන වෙනම් වචන සෙට් එකක් තියෙනවා ... මාතර පැත්තෙ මුදලාලි කෙන්ක් ගාවට ගිහින් පොරක් වැඩ ඉල්ලගෙන ගියාම මුදලාලි ඇහුවලු ..." ඔහේට පොල් ඔයන්න ඇහැක ... . . "මාතර පැත්තෙ පොල් ඔයනව කියන්න පොල් ලෙලි ගහනවට ... මූ ගත් කටටම කියාපි .. "පොල් ඔයන්නනං දන්නෙ නෑ මුදලාලි .. අඹ බයන්නනං දන්නව" කියල ... ඒ වගේම තමයි ඔය දකුණෙ පැත්තෙ පොරක් ආමි ඉන්ටවු යන්න වේලි වේලි පෝලිමේ ඉන්නවලු ... පට්ට සෙනග නිසා ඉන්ටවීවු කරන බුවාලටත් පට්ට කට්ට... ඉතිං පොඩ්ඩක් උස්මක් කටක් ගන්න කියල හිතාගෙන මද විරාමෙකට එන්ටර් වෙලා වතුර පොඩ්ඩක් බොන්ඩ කියල හදනකොටම අරූ පෝලිමෙ ඉදගෙන කට දැම්මලු ..." සර් ... අපිට දොඩන්නැතෙයි ... .. "මේ පැත්තෙ දොඩනවා කියන්නෙ කතා කරනවනවට ,.... ඇතුලෙන් මූට කතා කරල .. පොර ඇතුල්ට ගියපු ගමන් කින්ද සකපෝනා කනේ පාරක් වැදුනලු ඇස් දෙක පත්තු වෙන්න .... " ඈ බොල බල්ලො ... උදේ ඉදල වේලි වේලි ඉන්න අපිට දැනුයි වතුර උගුරක් ලැබුනෙ ... තොට දොඩං නේ ... . .නුවර පැත්තෙ භාසාව ... කන්ඩ.. එනඩ... බොන්ඩ... නිදන්ඩ ... ඔක්කොටඩ්ම ඩ ඩ ඩ අර කොළබ කොල්ලෙක් නුවර කෙල්ලෙක් යාලුකරගෙන කොහේටද උස්සලා කිස් කරගෙන කරගෙන යනකොට කෙල්ල කිවුවලු ...." තොලම කන්ඩ තන්නෙ මක්කැයි අයියා.....හාද්දකුත් දෙන්ඩකෝ ... කියල ... ආ.. දකුනෙ ආතල්ම සිද්දියනං පට්ට ෆේමස් ඇත්තම සිද්දියක්ය කියනවා ... ඔය දකුණෙ බාසා විලාසෙන් ආතල්ම බාසාව තියෙන්නෙ ගාල්ලෙ රත්ගම .... බසාවෙ විශේසත්වෙ තමයි වැඩිපුර කන්ජන්සන්ස් බාවිතා කිරීම හා අනවස්ස විදියට වචන රබර් කිරීම ....කොහෙද බොල තීතීතී මේ යන්න තනන්නෙඑඑඑ .. දැන් නොවැ ආආඅවෙග් .. ඔන්න ඔය ආකාරයි ...දවසක් රත්ගම බුවාල බුවීල සෙට් එකක් වෙසක් එකට වෙස්සන්තර නාඩගම පෙන්නුවලු .. ඉතිං නලු නිලියොත් රත්මග කරාල තමයි ...ඔන්න සාලියි කිරිස්නජිනයි ජූජක බමුනට දන්දීල වැඩේ සපෝරු කරගෙන වෙසන්තර ආතල් එකෙ ඉන්නකොට එනව අර මන්තරී දේවි .... ...ජාලියයයයයයයය ..... ක්‍රිස්නජිනාආආආආආ .........බැරිම තැන ආවලු වෙසන්තර ගාවට ...." කෝ බොල වාහේඑඑඑඑ .. දරු දෙන්නානානානා ......" මොර නොගහ ඉදින් යෝදියේ ... බුදු බව පතා දන් දුන්නානනාආආආ ... "" හුකා බොලේ මේ මටත් නොකියා ..... .. . . පොල්කෝම්බ ටිං බෙලෙක් වේදිකාව සිසාර ගියාය කියනවනෙ .... ඔන්න එහෙමයි සත්තලංලා අපේ පැත්තෙ පකින් ඕසම් බාසාව .. ඉතිං ඒ බාසාවෙන්ම ඉස්සරහට හිතල නෙවෙයි හිතෙන ලයිෆ් එකේ පට්ට සින් කෝන් ලියල දාන්නයි කල්පනාව .. ආයෙ හිටියිද දන්න්නෑ ... රන්ඩු කරන්න මරාගන්න අඩන්න වෙලාවක් නැති මේ කොට ජීවිතේ අපි පොඩ්ඩක් ආතල් එකේ ඉමු ... එවුරි නවු ඇන්ඩ් දෙන් .. ලයිෆ් ඉස් පකින් ඕසම් ........ගිහිල්ල එන්නං ඈ .
BLOG
මීදුම් රොදේ වැහි බර වැඩි වූවාම,ගිඟුරුම්, විදුලි අඩු නැත මීදුම සේම,සුදු, මෘදු, සිතෙහි රළු කටරළු පිපුනාම,මා අමතකද පෙම් කළ, මහ මෙර සේම.දිනකි වින්ඳේ කිසගිණි, නුඹ කුස පුරවා,සැමදා නින්දේ, නුඹ සාගිණි, දුක නිවලා,වෙරකි ගත්තේ, යන්නට ඉදිරිය බලලා,අඩුද වින්දේ, ආදර සැනසුම බොලා.මගෙ සොඳ ගුණ ඇතත්, නුඹ හට එය නිච්චි නැත,නැතිනම් නරක ගුණ වල බර අඩු නොමැත,හොඳ හැටි ගනින් මෙ දෙක විමසා හිතට,කබරය තලගොයා වූවද මැණිකෙ බොට.ඉන්ට නොහැකිනම් එක සිත් දරාගෙන,යන්ට ඕනිනම් සැනසුම හොයාගෙන,අඩු නැතඑහෙත් අඩු නම් සැනසුම මෙතැන,පලයන් යන්න මා ඉන්නම් දරාගෙන.
BLOG
පණ සුන් සිහින වෙනතක මිළ කෙරෙන සඳරණ බිම ලෙය ම මිස කඳුළක් නොහැළුණිදඑක'තක මතක තව අතෙකින් මරණය දලඹ දෙන නිදහසට අරුතක් තියෙනවදහොරෙන් මෙන් කලපු සුළඟක් වැළඳ ගෙනඑරන්වන් බිමෙහි දෑසට තෙත උනනඋරෙන් උර ගැටුණු හදවත් පැළුණු තැනපරන්තන් ළයෙන් තවමත් ලේ ගලනපොවා රන් කිරෙන් සැදු දරු මළ සොවිනකවා සුරැකි දෑතින් පහනක් රැඟෙනතියා නළල නල්ලූර් පුදබිම සිඹිනපියා දෑස මවුවරු වැළපෙති මෙතැනසරතැස දරණු බැරි, අළු වී යන සකුණීමඳහස නඟා අසිපත් එක්වනු දුටිමිඋදහස මුර කරයි කොයි කාටත් නොපෙනීනිදහස යනුම හිරගෙදරකි සිවගාමී20 July 2013[*සිවගාමී: සුබ්‍රමනියම් සිවගාමී හෙවත් තමිලිනී ].
BLOG
මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විකෘති මානසිකත්වයක් ඇති එකම ජනධිපතිවරයා බව දැන් ඔහුගේ ක්‍රියා කලාපයෙන් මනාවට පැහැදිලි වේ.නීතිය ඔහුට අවශයය පරිදි වෙනස් කරගන්නා මේ ඒකාධිපති පාලකයාගේ වෙස් මුහුණ ගැලවී ගොස් හමාරය. 'මමයි යුද්ධය ඉවර කළේ' කියලා මහ ලොකුවට පංපෝරි ගැහුවට සැබෑවටම යුද්ධ කළේ ඔහුද.යුද්ධය ඉවර උනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති උනාට පස්සෙ බව හැබෑය.එහෙත් සැබෑ ලෙස යුද්ධ කලේ army එක බව ඔහුට අමතකය.යුද්ධ කරපු ඒ වීර හමුදාවට නායකත්වය දුන් ඒ අභීත සෙන්පති සරත් ෆොන්සේකා මහතා දේශ ද්‍රෝහියකු ලෙස හංවඩු ගසා යුධ අපරාධ කරපු,අපේ හමුදාව සමූල ඝාතනය කරපු කරුණා අම්මාන්,පිල්ලෙයාන්,kp වැනි පුද්ගලයන් දේශප්‍රේමීන් ලෙස නම් කරමින් ඔවුන්ට ඇමතිකම් පවා දුන්නේද මහින්ද රාජපක්ෂයි.ඔහු නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රටට වැඩක් කිරීමට නොව ඔහුගේ මඩිය තර කර ගැනීමටය. "ආණ්ඩුවෙන් ගියපු අයගේ ෆයිල් මගේ ළග තියෙනවා.ඒත් මං කිසිවක් කරන්නේ නෑ" යැයි ඔහු ප්‍රකශ කර සිටියා.එසේ නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා මාර්ගයක් නොගෙන් මෙතෙක් කල් සිටියේ මන්ද "මං කාගෙන්වත් පළිගන්නේ නෑ අපේ හාමුදුරුවනේ" කියලා මහ ලොකුවට කීවට සරත් ෆොන්සේකාට කෙනෙහිළිකම් කලේ ඔහුගෙන් පළි හැනීමට නොවේද.මහින්ද රාජපක්ෂ මෙවර පරාජය වන බව ඔහුට වැටහී ඇත.එම නිසා ප්‍රචණ්ඩත්වයෙන් හෝ ජය ගැනීමට කටයුතු කරමින් සිටී. බේරුවල ප්‍රා.ස මන්ත්‍රී චමිල රණසිංහ මහතාට එල්ලවූ වෙඩි ප්‍රහාරය. වත්තේගම එ.ජා.ප නාගරික මන්ත්‍රී ධනුෂ්ක චන්දන ලියනගේ මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය ඊට උදාහරණ සපයයි. ඒකාධිපති පාලනයෙන් රට මුදවා ගැනීමට කාලය දැන් එළඹ තිබේ.මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති වුවහොත් ඔහුගේ හොර මැරකම් හමුවේ පීඩා විදීමට අපට මෙන්ම අපගේ අනාගත පරපුරටද සිදුවේ.එම නිසා මෙවර ඔබේ වටිනා ඡන්දය රටට ආදරය කරන රටට වැඩක් කරන්න පුලුවන් කෙනෙකු වෙනුවෙන් භාවිතා කළ යුතුය.
BLOG
අපි අතර සිටින බොහෝ පිරිසත් තම අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගන්නේ Dongle එකක් ආදාරයෙනි. එහෙයින් ඔබ Linux මෙහෙයුම් පද්ධතියක් බාවිත කිරීමට පැමිණියහොත් එය ක්‍රියාකරවා ගන්නා ආකාරය ගැන නෙදන්නවා විය හැකියි. වින්ඩොස් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව Linux මෙහෙයුම් පද්ධති සදහා අතරව Drives Install කරදීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ නිසාවෙන් මෙය සිදු කරලීම වඩාත් පහසුයි. මුලින්ම ඔබගේ Dongle එක Computer එකට Plug කර, Restart කරන්න. ඉන් පසුව පහත පියවර අනුගමනය කරන්න.01) ප්‍රතමයෙන්ම Status Bar එකහි තිබෙන Network Connection Status එක වෙතට පිවිසෙන්න. එය Click කිරීමෙන් ලැබෙන Menu එකෙහි Edit Connection මත Click කරන්න.02) මෙහිදී ඔබට Network Connections කවුළුව දැක ගැනීමට පුළුවනි. එහි Mobile Broadband Tab එහෙහි තිබෙන Add Button එක Click කරන්න03) New Mobile Broadband Connection එකෙහි Create a Connection for this Mobile Broadband Device පහලින් ඔබේ Dongle එක Select වී ඇති බව දැකගැනීමට පුළුවන්. මෙහි තිබෙනව Continue බට්න් එක Click කරන්න04) මෙහිදී Country එක Sri Lanka විදිහට Select කර Continue බට්න් එක ක්ලික් කරන්න.05) ඔබගේ Connection Provider Select කර Continue බට්න් එක ක්ලික් කරන්න.06) Select Your Plan එක Default විදිහටම තබාගන්න. පසුව Continue බට්න් එක Click කරන්න.07) මෙදිහී ආදාලා Setting දැක ගැනීමට පුලුවන්. එහි තිබෙන Apply බට්න් එක ක්ලික් කරන Connection එක ස්ක්‍රීය කරගන්න.08) මෙමදී Connect Automatically Trick එක යොදන්න, පසුව Save බට්න් එක ක්ලික් කරන්න.09) ඔබ විසින් සකස් කරගත් Broadband Connection එක දැකගැනීමට පුළුවන්, මෙය Close කරන්න.10) අප විසින් Connection එකට අදාලා ක්‍රියාවලි සිදු කරගෙන අවසන්, ඔබට දැන් තිබෙන්නේ Internet Connection එක Connect කරගැනීමට පමණයි. ඒ සදහාStatus Bar එකේ තිබෙනNetwork Connection Status වෙත පිවිසෙන්න. එහිදී ඔබ විසින් සදාගත් Connection Name එක දැකගැනීහට පුලුවන්, එය Click කරන්න. එටින Internet හා සම්බන්ධ වීම සිදුවේ.මින් අනතුරුව මෙහි තිබෙන Web Browser ආදාරයෙන් අන්තර්ජාලය පරිශීලන කිරීමේ කැහැයාව ලැබෙනවා. Firefox Browser එක Open කරන අවැසි කටුයුතු ඉටු කරගන්න. බ්ලෝ එකට Help එකක් විදිහට Comment එකක් Follow පාරක්, Fan Page එකට Like එකක් දාලා යන්න අමතක කරන්න එපා. ස්තූතියි . සුබ දවසක්.
BLOG
පහුගිය දවසක අවුරුද්දට කලින් යම් කටයුත්තකට බඩා මාමා මහනුවරට සැපත් වුණා. මහනුවර කච්චේරියේ අදාල කාරණය ඉටු කරගන්නා තුරු ඉඳගෙන හිටපු බඩා මාමාට එහා පැත්තේ උඩු රැවුලක් තියෙන, ජටාවක් බැඳපු කෙට්ටු මිනිහෙක් ඉන්නවා. දැනුණු කම්මැලි කම නිසාම අර මනුස්සයා එක්ක පොඩි කතාවක් දාන්න බඩා හිතුවා.බ.මා.: "කොහොමද ලොකු උන්නැහේ අවුරුදු." මි.: "අපිට අවුරුදු නෑ, අවුරුදු තියෙන්නේ රජගෙදර උත්තමයන්ට විතරනේ"බ.මා.: "ඒ කිව්වේ."මි.: "දැන් බලන්න මහත්තයෝ අවුරුද්දට වැඩිම පෝලිම තියෙන්නේ කොහෙද. උකස් බඩු කඩ ලඟ. ළමයින්ට ඇඳුම් කාල්ලක් ගන්නෙ උකස් කරල"බ.මා.:"ඉතින් එච්චර අමාරුද. ළමයි තුන් දෙනෙක්ට රුපියල් 2500ක් දෙනකොට ඇඳුම් ගන්න පුළුවන්නේ."මි.: "ඒ ගානත් අපිට නෑ මහත්තයෝ"මිනිහා හෙන විරෝධාකල්ප බුවෙක් කිය්ල තේරුම් ගිය නිසා බඩා මාමා ෆුල් ටොස් එකක් දාල දුන්නා.බ.මා.: "ඒ වුණාට ලොකු උන්නැහේ රාජ කුමාරයා නං උපන්දිනේට හෙන බෝතල් පාටියක් දාලලු නේද. බ්ලූ ලේබල්ම තමයිලු ගෙනත් තියෙන්නේ."(බ්ලූ ලේබල් කියන්නේ මිළ අධික විස්කි වර්ගයක්. බෝතලයක් රුපියල් 40,000 විතර වෙනවා). බඩා මාමා එක්ක කතා කරන මිනිහා හෙන බෙබේ පෙනුමක් තියෙන බවත් කියන්න ඕන.මි.: "අම්මප මහත්තයෝ. බෝතලයක් 75ක් විතර වෙනව. මෙච්චර බොන අපිවත් බීල නෑනේ ඔය කියන ජාති"ඊලඟට අහන්න ගිය දේ ගිලගෙන බඩා මාමා එතනින් මාරු වුණා.
BLOG
ජූලි මාසේදී ජපානයේ Gion Festival කියල උත්සවයක් තියෙනවා. ලංකාවේ දළදා පෙරහැර වගේ වීදි දිගේ පෙරහැර යනවා. හැබැයි දළදා පෙරහැර තරම් දියුණු නම් නැහැ. ඉතින් මමත් D7000 කැමරාවයි 17-50mm f2.8 ලෙන්ස් එකයි අරගෙන ගිහිල්ල ගත්ත පින්තූර ටිකක් දැම්මා ඔයගොල්ලන්ටත් බලන්න. කිසිදු edit කිරීමක් කරලා නැහැ. කැමරාවෙන් ගත්ත විදියමයි. Gion Festival VIEW SLIDE SHOW ඔබේ කොමෙන්ට්ස් මට ධෛර්යයක්. ස්තුතියි.
BLOG
ඔයාල හැමෝටම ඉතා හොඳ ආරංචියක් තමා මේක..අපි දැනට වසර ගණනාවක සිට කරගෙන ආ සුර්ය ශක්තිය මගින් විදුලිය ලබා ගැනීමට ගෙදරදීම සකස් කර ගැනීමට හැකි පරිදි සියලු විස්තර කියා දෙන මෙරට පළමු පැකේජය ලබා ගත් අය අති විශාලයි.දැන් එම පැකේජය අලුතින් දැනුම රාශියක් සමග දියුණු කළා..ගෙදරදීම තමන්ට නිවසට අවශ්‍ය විදුලිය නොමිලේම නිපදවා ගැනීමට solar genrator සකස් කරන අන්දම මෙහි පරිපුර්ණව විග්‍රහ කර තිබෙනවා..සුර්ය විදුලිය හා නිවසේ ප්‍රධාන විදුලිය ස්වයංක්‍රීයව මාරුවෙමින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිපථය මෙහි දක්වා තිබෙනවා..සුර්ය පැනල වැඩ කරන හැටි,සුර්ය පැනල වර්ග,solar controller,ඉන්වර්ටර්,බැටරි,controller settings සැකසීම,ගැටළු හා විසදුම්,ඇතුළු ඇති විශාල දැනුමක් සමගින් ඔබට එම නවීකරණය කරන ලද පැකේජය දැන් පොතක් හා DVD තැටියක් සමග ලබා ගත හැකියි.මෙම පැකේජය සරල සිංහලින් කියාදෙන අතර එම පැකේජයේ මිල රු.1000 ක් පමණි.ලබා ගන්නා අයට ළගම තැපැල් කාර්යාලයට ගෙවා ගැනීමට (vpp) ලෙස එවමි.ඔබට ඔබේ ළගම තැපැල් කාර්යාලයෙන් ලැබෙන ලිපිය රැගෙන ගොස් අදාළ මුදල ගෙවා පැකේජය ලබා ගත හැක.ඔබට අවශ්‍ය උපාංගද දැන් අපවෙතින් තැපැල් මගින් නිවසටම ගෙන්වා ගත හැක..නැතිනම් ඒ සදහා අවශ්‍ය ආයතනද එහි දක්වා ඇත.ඔබට අවශ්‍ය පැකේජය SOLAR ලෙස ටයිප් කර ඔබේ නම හා ලිපිනය 071 836 73 71 ට SMS කරන්න.ඔබට ජය.හෙටදින ඇඩ්මින්.
BLOG
...හෙමින් ඇවිදින් මගෙ ලොවටපෙම් සුවඳ තවරයි හිත් කොනකනිසංසල හද අසපුවකලැගුම් ඕනද සඳ නුඹටනුඹෙ සෙනෙහෙ මුසුකර එවන මදනලදැවටිලා මගෙ සිඹියි නළලතමුළු දවස තිස්සේ........දන්නවාදෝ.........හිඳිනවා අපෙ පිය ගැටෙනකන්අක්බාර් පාලම මග බලන්හද නිදන්කල සොඳුරු පෙම් කවගයන්නද මට කියන්නේ නුඹතරු දෑස අස්සේ........ඇරයුමක්දෝ.........රොබරෝසියා හෙවනට යටින්හෙට ඇවිදින්න මල් පෙති මතින්....෴ තෙපී10 ෴.
BLOG
ඈත දීපෙකඈත කාලෙකවිසුවා නිවුන්නෙක්නිවුන්නියක්සාමාන්‍යයිඋන්ගෙ ජීවිතදිනෙක මරුවාඅමුතු වෙසකින්පැමිණ උහු අතරටහිටියොතින් උඹතවත් මූ ළඟමරණවා මූමරණවාමයිතර්ජනය කරනිවුන්නිටපල යන්න තෝඌව අතහැරහැපී පොළොවේකඩා කෙස්වලුකඳුලු නොහෙලාසිනාසීගෙනනික්මුණා ඈදමා අතහැරසෝවුරා තමබේරගන්නටඋගේ ජීවයබිය නොවනු මැනනිවුන්නියඉටු කරමි ඔබපොරොත්තුව මමවැටෙමි එනමුදුවිගස නැගිටිමිඅතැර නොයනෙමිඅරමුණසිටියත් නැතත්ළඟින්ඔබ.
BLOG
මෙම ලිපි ඔබගේ facebook profiles / pages හෝ වෙනත් වෙබ් අඩවි / බ්ලොග් අඩවි වල ඔබ නැවත පළකරන්නේ නම් කරුණාකර කතුවරයාගේ අනන්‍යතාවය (with web link) සමග පලකිරීමට කාරුණික වන්න.
BLOG
1සුබදවසක් අද ඔයාලට හදුන්වල දෙන්න යන සොෆ්ට්වෙයාර් එකමගින් Project , presentaion වලදී අපට ඉදිරිපත් කිරීමට සිදුවනවිවිධ වර්ගයේ ප්‍රස්තාර ( Charts -flow,bar,pie ) වැනි දේවල් පහසුවෙන් නිර්මාණය කරගැනීමට පුළුවනි....මේ සදහා මෙහි ඇති කලින් කරන ලද symbol වර්ග 45 ද , එය 15 ආකාරයකට color වෙනස් කිරීමට , විවිධ වර්ගයේ styles යොදාගැනීමට පුළුවනි ....භාවිතයට හරිම සරල අතුරු මුහුනතක් ,,රූපය බැලුවහම පැහැදිලි වෙයි .....අවශ්‍ය දේ තෝරාගෙන drag and drop කරන්න තියෙන්නේ...මේ තියෙන්නේ system requirements බොහොම වැදගත් ....0 ඩවුන්ලෝඩ් diagramring.
BLOG
අපි කඩේට කෑම කන්න යනවා. රූ 12ත් පසුවී තබීම නිසා කඩෙත් කෑම ඔක්කොම වගේ ඉවර වෙලා.''මහත්තයා ෆ‍්‍රයිඞ්රයිස් විතරයි තියෙන්නේ'' කියලා එතන හිටපු හිසේ රවුම් තොප්පියක් (ටාකියාද මොකද්ද එක ) දාගත්ත වේටර් කියනවා.''හා කමක් නැහැ එහෙනම් දෙකක් දාන්නකෝ...'' කියලා මම කිව්වා.ගෑස් එකෙන් පන පොවන, විශාල තාච්චියට තෙල් දාලා බිත්තර දෙකක් විතර කඩලා දාලා හීනියට කපා ගත් කැරට්, ලීසුත්දානවා. කලින් උයා ගත් බතුයි තවත් මොන මොනවද දාලා සද්දෙට හැදිගාලා පිගන් දෙකක දාලා මෙසේ උඩින් ගෙනත් තියනවා.''ඹහත්තයා.. තව මොනවද ඕන තව චිකන් හොදි ටිකකුත් ගෙන්න ද. '' වේටර් අහනවා.''නැහැ එපා මේ ඇති.. ''''කූල් වතුර හොදයි ද නැත්නම් ඇල් වතුර දෙන්න ද'' නැවත්ත ඔහු අහනවා.''කූල් වතුර දෙන්නකෝ අපි කියනවා. ''''තව ෂෝටීසුත් ගෙන්නකො..''. කෑම කාලා අවසාන වෙලා මගේ යාළුවා වේටර්ට කියනවා.''ඇයි මහත්තයාට කෑම මදි වුණා ද. අපරාදේ කිව්ව නම් තව ටිකක් දාලා දෙනවානේ... ගොඩක් අය ඉතිරි කරන නිසා අපි සාමාන්‍ය ගානකට තමය ිදාලා දෙන්නේ. හැබැයි කන්න පුළුවන් කෙනෙක් ඉන්නා නම් ඇති තරම් දෙනවා. ඒක තමයි මහත්තයා අපේ ෂතුට කියලා'' ඒ වේටර් කියනවා.********************පහුවදා දවල්ට අපි කෑමට යන්නේ ඒ කිට්ටුව තියන වෙනත් කඬේකට. ඒ කඬේ වේටර් නම් අර රවුමට තියන තොප්පිය දාලා නැහැ. දවල්ට කන්න ගියේ ටිකක් පරක්කු වෙලා. ඒ කියන්නේ හවස 2.30ට විතර.''ඇයි අයියේ''''කෑම තියනවා ද''''අයියෝ මේ වෙලාවේ කොහෙද කෑම'' කියලා කඩේ කෙනා නොන්ඩි හිනාවකුත් දානවා. ‍''ෂෝටීස් විතරයි.. ''''හා හොදයි මල්ලි'' කියලා අපිත් එන්න එනවා.
BLOG
සයිබරයේ සිහින උළෙල, සයිබර් සිහින බක්මහ උළෙල අති සාර්ථක අන්දමින් අද දවස පුරා බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විනි. සයිබර් සිහින උළෙල වංශකතාවේ සිවුවන සිහින උළෙල වූ මෙය ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූ බ්ලොග් සුහද හමුව බවට පත්විය.සෑම වසරකම මෙන් ජනවාරි මාසයේ සිට කොටසින් කොටස සැලසුම් වූ සයිබර් සිහින බක්මහ උළෙල වෙනුවෙන් බ්ලොග්කරුවන් බොහෝ දෙනෙක් සිය කාලය, ශ්‍රමය හා ධනය වැය කලහ. ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලයේ ස්තුතිය නිතැතින්ම හිමි වෙයි. විශේෂයෙන්ම ඕෂනික් ගේම්ස් ආයතනය මගින් දැක්වූ සහයෝගය නොවන්නට බ්ලොග්කරුවන්ගේ ටී ෂර්ට් එකත්, මෙවර සයිබර් සිහින උළෙලේ බොහෝ අංගයනුත් සිහිනයක්ම වීමට ඉඩ තිබිනි. ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වූ Laydeez ආයතනයටත්, මූල්‍ය අනුග්‍රහයන් දැක්වූ බ්ලොග් සහෘදයන්ටද, සජීවි විකාශන කටයුතු සිදුකල බස් රේඩියෝවටද බ්ලොග් අවකාශයේ ස්තුතිය හිමි වේ.ඒ සියල්ලටමත් වැඩියෙන් අද උදේ පාන්දර සිට, ඇතැම් විට ඊයේ සිට බොහෝ දුරබැහැර ගෙවාගෙන සයිබර් සිහින බක්මහ උළෙලට පැමිණ වෙහෙසකර උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ අපගේ සිහිනය සැබෑවක් කරන්නට දායක වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. ඉතා ජනප්‍රිය, පැරණි බ්ලොග්කරුවන් කිහිපදෙනෙක්ම පළමුවරට මෙවර සයිබර් සිහින බක්මහ උළෙලට පැමිණීම අපට විශාල ශක්තියක් විය."අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිනිස" බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කල සයිබර් සිහින බක්මහ උළෙල මෙලෙසින් නිමාවට පත්වන්නේ මිහිමත රෝපනය වූ මිතුදම් සදාතනික මතකයන් බවට පත් කරවමිනි. මේ සහෝදරත්වය සදා බ්ලොග් අවකාශය බබලවනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි.යලිත් මෙවන් සුන්දර, සදානුස්මරණීය දිනයක සුපුරුදු සෙනෙහසින් හා සහෝදරත්වයෙන් යුතුව හමුවෙමු.දයාබර ඔබට ස්තුතියි.
BLOG
ඕං.. ඒස්වාහ..... ඒස්වාහ... අංජනම් දේවතාවියගේ අනුහසින් ඔව් මට පේනවාමට පේනවා.... යුෂුමතා පැවසූ ඒ නැති වුනුයතුර තිබෙනා ස්ථානය මට පෙනෙනවා...ඔව් පෙනෙනවා නමුත් පැහැදිලි මදි.. අංජනම් දේවිය සතු‍ටු මදි...තව පඬුරක් දමන්න යුෂ්මත...මා ළඟ තිබුණු අවසාන රුපියයල් පන්සීයයේ කොළයත් බුලත් කොළ මත තැබුවෙමි.ඕං.. ඒස්වාහ.. වර වර අංජනම් දේවී ඒස්වාහ.ඔව් දැන් පැහැදිලියි. යතුර තිබෙනවා හොඳින් පැහැදිලියි ස්ථානය...ඔව් කොළ පාට තීන්ත ආලේප කළ තට්‍ටු දෙකේ ගෙයක්...ඉහළම තට්‍ටුවේ කාමරයක අල්මාරියක යතුර තියෙනවා...ඔව්.. මට තවත් පේනවා.. ඔව් ඒ යතුරමයි..අල්මාරියේ ලාච්චුවක පුංචි පෙට්ටියකයි... යතුර තියෙන්නේ...අංජනම් දේවතාවිය අවසරයි...මම හිතන්නේ ඔය අපේ ගෙදර.ඔව් ඔව් යුෂ්මතාගේ ගෙදරමයි යතුර තියෙන්නේ. ගෙදරමයි. ගෙදරමයි.සමාවෙන්න අංජනම් දේවිය මම දන්නවා ඔය කියන යතුර. ඔය ගෙදර අල්මාරියේ ලාච්චුවේ අරන්තියෙල තියෙන ඩුප්ලිකේට් යතුර.තවත් යතුරක් තිබුණා ඒකයි නැති වෙලා තියෙන්නේ...මේකත් ඒ යතුරමනේ.. මම හිතන්නේ අංජනම් දේවිට පොඩ්ඩක් පැටලෙන්න ඇති.සංකල්පය - දිනුක පෙරේරා.
BLOG
බොඳවෙන සිහින...හද සොවින් ,තැවි තැවී ,නෙතු පියන් ,තෙමි තෙමී ,මුව වදන් ,ගොළු වෙවී ,පැතු සිහින ,බොඳ වෙතී...ප.ලි. - සිහින ජීවිත , ජීවත් කරවයි...ඒ සිහින බොඳ වූ විට.
BLOG
මේ කියන්න යන්නෙ පහුගිය කාලෙ ආන්දෝලනයට ලක්වෙච්ච සුදු කැස්බෑවා ගැන නෙවෙයි. මේ ලිපිය ඇවිල්ලා කන කැස්බෑවො ගැන. කන කැස්බෑවො කිවුවෙ අර හොරෙන් හොරෙන් මසට මරන් කන කැස්බෑවො ගැන නෙවෙයි. අර විය සිදුරෙන් අහස බලන කණ කැස්බෑවා ගැනත් නෙවෙයි. ( ඒ කැස්බෑවට තියෙන්නෙ මුර්දජ "ණ" යන්නක් නෙ ). මේ ඇවිල්ලා හපා කන කැස්බෑවො වර්ගයක් ගැන. ලෝකෙ ඉන්න භයානකම කැස්බෑවො වර්ගයක් තමයි කිඹුල් කැස්බෑවා (Alligator snapping turtle) . මෙයාගෙ භයානක කම වචනෙන් විස්තර කරනවට වඩා පින්තූරයකින් පෙන්නන එක ලේසියි. මේ ඉන්නෙ සතා.පේනව නේද යක්ෂ පෙනුම. මේ කැස්බෑවගෙ සපාකෑම සත්ව ලෝකයේ ප්‍රබලම සපාකෑම් වලින් එකක්ලු. මිනිහෙක්ගෙ ඇටකටු කුඩු වෙන්න හපාකන්න පුලුවන්ලු මෙයාට.හපා කන්නම ඕනෙ නෑ. කොහොමද මෙයින් එක්කෙනෙක්ව පෑගුණොත් . පේනව නේද පිටේ තියෙන උල් උල්.පේනව නේද කටේ ලොකු . භයංකාර නියපොතුපැටිය කාලෙනම් චූටිම චූටියිහරි හුරතල්චූටි නැස්ටකුත් Have ලොකු වෙද්දි සද්ධන්ත වෙනවාශුඩු ඛිඹුල් කැෂ්භෑවොත් ඉන්නෝමෙයාල ජීවත් වෙන්නෙ මුහුදෙ නෙවෙයි. මෙයාල ඇවිල්ලා මිරිදිය කැස්බෑවො වර්ගයක්. වාසනාවකට වගේ ලංකාවෙ මේ වර්ගෙ කැස්බෑවො නෑ. හැබැයි දකුණු ඇමරිකාවෙ සංචාරයක යනවනම් මිරිදිය ජලාශ වලට, දියපාරවල් වලට එහෙම බහින්නෙ පරිස්සමින්. මෙයාලගෙ තව පින්තූර බලන්න ඕනෙනම් "Alligator snapping turtle" කියල Google Image Search එකක් කරන්න. Youtube වල මෙයාල හපා කන හැටි පෙන්නන වීඩියෝත් තියෙනෝ. ප.ලි.===සිංගප්පූරුව පැත්තෙ යනවනම් බලන්න Chinese Garden එකේ කැස්බෑ එකතුවෙ මෙයාලගෙන් එක්කෙනෙක් හිටියා. ( 2011 දි. දැන්නම් ඉන්නවද දන්නෙ නෑ ).[ 18 - Jan - 2014 ].
BLOG
කොන්ඩෙත් කළුමූණත් කළුඒකටම සෙට් වෙනතොල් දෙකත් කළුඒ මදිවටනියපොතුත් කළු..හැබැයි මහත්තයෝනෝනට කියපන්අපේ හිත් සුදුයිසුදට ඉන්නහිත් කළුපාහරයොන්ටවැඩියෙන්.
BLOG
යාල්දේවිනුදුරැ දිනෙක අප ගොඩවන යාල්දේවි කෝච්චියේමකුණු දැල් බැඳුණු දූවිලි පිරැණු මැදිරියේවෙඩි වැදී බිඳුණු වීදුරැ කවුලු මෙන් බිඳී නොගොසින්කොළඹ සිට එකම අසුනක යමුද යාපනේ..... //මළ බැඳුණත් රේල්පීලි යාල්දේවි තව හඳුනයි ඉරි තැලුණත් ඉස්ටේසම කෝච්චියට හොඳට හුරැයිමායිම් නැති දිනක බැඳුණු හිතවත්කම් වෙනස් නොවෙයිඅපි මැදිවිය පහුකළාට මතකය තවමත් තරැණයිරතු එළියට කෝච්චියක තිරිංග තද කළා වගේකැඩිච්ච සිංහල පිරිච්ච කතාව ගොලුවුණා ඉබේඑකම පීල්ලක දිවයන කෝච්චියක රෝද වගේ අපි හැම එකමුතුව හිටපු ඉතිහාසය හරිම අගේගායනය - චාමර වීරසිංහපදරචනය - ලාල් මුහන්දිරම්ජාතිකාභිමානය ඔද වැඩෙන දවස්වල යුද්ධය සම්බන්ධ සින්දුවක් ගැන ලියනෙක හරිද මන්ද. ඒත් කලාකරැවෙක් කියන්නෙ එකම පාර්ශ්වයකටවත් අයිති නැති මානුෂවාදී මිනිසෙක් හින්ද එහි ඇති කම්පනීය බව තමයි ඔහු හැමවිටම හඳුනාගන්නෙ. සැබෑ කලාකරැවෙක් යුද්ධයකදී එකදු පාර්ශ්වයකට හෝ වැටෙනවනම් එහු කලාකරැවෙක් නොවෙයි. මොකද කලාව කියන්නෙ ජාතියට හෝ ජාතිකත්වයට ලඝු නොවෙච්ච උත්තරීතර දෙයක්. ඒ කලාව මල් ආසනයක් වෙන්නෙ සදාචාර අර්ථයෙන් නෙවෙයි.ජීවිතේ කුණු අවුස්සන හින්ද. ජීවිතවල ඇත්ත කලාවට අහුවෙනව. ඒක කුණු රහයි. තිත්තයි එත් ඒක තමයි ඇත්ත. ඒ හින්ද තමයි ජීවිතේ සැඟවුණු තැන් ගැන කියවෙන සින්දුවලට අපි ආස. ඒ හින්ද කලාව ඇතුළෙ තියෙන ආගම මානුෂීයයි. ඒ හින්ද අදත් අපි චාමරගෙ සින්දුවල හුඟක් අය නොදැක්ක වේදිකාවලත් නෑසෙන, ප්රීබුද්ධ විචාරකයන්ටත් නෑසුණ ගීතයකුයි අපි තෝරාගත්තෙ.මෙහි පරමාර්ථය වෙලා තිබෙන්නෙ ජාතික සමගිය. එනිසාම එයට වස්තු විෂය කරගන්නෙ යාල්දේවි කෝච්චිය. මේ යාල්දේවි කෝච්චිය මත්තෙමයි සම්පූර්ණ නිර්මාණයම අන්තර්ගත වෙන්නෙ. යම් සිදුවීමක් ගැන කියන්න ඔහු පාවිච්චි කරන අමුද්රචව්යෙ සේරම යාල්දේවි කෝච්චිය හා සම්බන්ධයි. එනිසා ආධුනික නිර්මාණකරැවන්ට මේ ගීතයේ පදවැල් ඇතුළෙ ඉගෙන ගන්න දෙයක් තියෙනවාවස්තු විෂය කියනෙක සම්බන්ධව.නුදුරැ දිනෙක අප ගොඩවන යාල්දේවි කෝච්චියේමකුණු දැල් බැඳුණු දූවිලි පිරැණු මැදිරියේවෙඩි වැදී බිඳුණු වීදුරැ කවුලු මෙන් බිඳී නොගොසින්යාල්දේවි කෝච්චියට අපි ළඟදිම නගිනවා.ඒවයෙ මකුළු දැල් පිරිල ඇති. වෙඩි වැදී බිඳුණු වීදුරැ කවුලුවගේ ආපහු බිඳී නොගිහින් කොළඹ ඉඳන් යාපනේට එකම ආසනේක යං කියලයි කියන්නෙ. මොකද අවුරැදු ගාණක් තිබිච්ච වාර්ගික අර්බුදය හින්ද හිත්වල ලේ හුඟක් පිරිල තියෙන්නෙ. ඒ හින්ද ජාත්යාීලය වෙනුවෙන් කෑ ගහන හැමෝටම අමතකයි යුද්ධය හින්ද මැරැනෙ තවත් ලෙයින් හැදුණු මිනිස්සු කියල.උන්ගෙ හිත්වලත් තමන්ගෙ එවුන් නැතිවෙච්ච වෛරයක් ඉතිරිවෙලා තියෙනව කියල. ඒ නිසා ආයිත් කවදාවත් ලේ නොහෙල්ලන වගකීම අපි හැමෝම සතුව තියෙනව. මොකද හැමෝම තිබ්බෙ වෙඩි හැමෝම මැරැවෙ මිනිස්සු. යුද්ධය ඒ වගේ දෙයක් සිදුවිය යුත්තේ යළිත් එවැන්නක් සිදු නොවීමයි කියන කාරණය තුළයි. කොළඹ සිට එකම අසුනක යමුද යාපනේ.....මේ ගැටලුව නිර්මාණය වුණාට අපි බොහොම ළෙංගතු මිනිසුන්. ඉතිහාසයේ ඉඳල. කොයිතරම් බිඳුණත් ඒ බැඳීම අපිට හොඳට හුරැයි. ඒ හින්දම ඉතිහාසය හොඳින් දන්න ඒ බැඳීමේ ළෙංගතුකමට ආදරය කරන මිනිසත්කමේ කතාව පළමු අන්තරා කොටසින් කියවෙනව.ඉරි තැලුණත් ඉස්ටේසම කෝච්චියට හොඳට හුරැයිමායිම් නැති දිනක බැඳුණු හිතවත්කම් වෙනස් නොවෙයිමේ කතාව කියන ඔහුගේ ඉතිහාසය ඊට කදිම සාක්ෂි දෙනව. ආත්මීය බැඳීම්වල ගැඹුර. ඒක හුඟක් මෑත පරම්පරාවලට දැනෙන්නෙ නැතිවුණාට ඈත පරම්පරාවලට ඒ සුහදකම දනවා තියෙන්න ඇති.අපි මැදිවිය පහුකළාට මතකය තවමත් තරැණයිඒ බැඳීම බිඳුණු තැන බිහිවුණේ වෙරයයි. ඒ බිඳුණු බැඳුම් කිසි දිනෙක තුවක්කුවෙන් යළි සුවපත් කළ නොහැකි බවත් ,තුවක්කුවෙන් පිළිතුරැ දුන් යුගයක හදවත් සුවපත් කිරිමට කල් ගතවන නිසා යළි බැඳීම් අලුත් කළ යුතු බවත් මින් මොනවට කියවෙනව. මොකද ඉතිහාසයේ අපි හැමෝම ශුද්ධවන්තයන් නොවන නිසාත්, ඒ ලේ පැල්ලම් තවමත් හදවත්වල කොනක හැංගී තිබෙන හෙයින් අලුයට ගිනි වන්නට ඉඩ නොදීම අපේ යුතුකමක්. දුරස්කම ලේ හැලූ යුගයක ඉරිතැලුණු හදවත් දැන්වත් සුවපත් කළ යුතු බව මෙම ගීතය අපට කියා දෙනවා නොවේද.එය රේල් පීල්ලක දිව යන කෝච්චියක බැඳීමක් කරනවා විනා ඉතිහාසයේ යුදවිරැකං කියාපාමින් බිඳුණු හදවත් අවුස්සා ලේ කුපිත කරවන යුගයකට දිවයනවානම් ආයිත් යුද ගිනි අවුලන දිනය වැඩි ඈතක නොවේද. එකම පීල්ලක දිවයන කෝච්චියක රෝද වගේ අපි හැම එකමුතුව හිටපු ඉතිහාසය හරිම අගේ.
BLOG
*චිත්‍රය:- ගුස්ටාව් ක්ලිම්ට්*උල්පත් මුසු වේය ගං හෝ දිය සමග,ගං දිය මුසු වේය මහ සයුරත් සමග;දිව පවන් මුසුව ඇත මිහිරි හැඟුමන් සමගතනිව ඇති කිසිවක් නැත්තේය මේ ලොවදෙව් නියමයකට අනුව මුසුව ඇත තවෙකක් සමගඉතින් මා ඔබ එලෙස නොකරනු ඇයිද .බලනු මැන, අර කඳු සිඹිනයුරු නුබ ගැබ,නොපෙනේද දියරැළි එක්වන අපූරුව;හැකිද මලකට ඉතින් තව මලක් පිළිකුල් කරන්නට;වැලඳ ගෙන හිරු රැස් ඇත්තේය මහ පොළොව,සඳ කිරණ හාදු දෙයි සිඳු ජල තලය මත;--සිප නොගන්නේ නම් ඉදින් මා ඔබ,කවර පලයක් වේද ඒ සියලු හාදුවල . පර්සි බිෂ් ෂෙලී (1792- 1822).
BLOG
හුරේ... අද මට මේ අවුරුද්දේ පළවෙනි තෑග්ග හම්බඋනා.. ගම්මිරිස් මෝලක්. :Dසෑහෙන කාලෙක ඉඳන් මම මේක ලංකාව ඇතුලේ හෙව්වේ... ඔය රටපිට නාලිකා වල යන කෑම වැඩසටහන් ගැන කෙළ හලන මගේ හැම යාළුවෙක් ගෙන්ම අහලා අහලා උන් කිව්ව හැම තැන් වලින්ම භාගයකටත් වැඩි තැන් වලට ගිහින් මට මේක හොයාගන්න බැරි උනා..මේ ලොකේ අස්සේ තියන හැම කුණු ගොඩක් ම තියෙන පිටකොටුවේ කඩ අස්සෙන්වත් මට හොයාගන්න බැරි උනා.. මගේ වෙලාවද නැත්තං වෙන කාගේ හරි වියදම් නැකත ඇවිල්ලා තිබ්බේ නැති නිසාද දන්නෙත් නෑ ඉතිං..සිරාවටම මම උයන වැඩේට හෙන ආසයි... (ගොඩක් වෙලාවට) අම්මත් එක්ක තනියම ගෙදර හැඳුන එකයි ඉස්සරම ටීවී වල ශාන්තා මායාදුන්නේ ඇන්ටිලා එහෙම සෑහෙන්න ඒකට වග කියන්න ඕනි.. අර එයාලා වෙන වෙනම පීරිසි වලට මිරිස් කුඩු ටික පවා වෙන් කරලා හෙන ඇඩ් එක දාලා උයන දේවල් දිහා බලන් ටීවී එක ඉස්සරහා ඉදන් හිතිං ඒවා හදපු කාලේ ඉදන් අම්මා එක්ක ගල් වංගෙඩියේ සම්බල් කොටලා බිත්තර තම්මබං එහෙම නැත්තං පරිප්පු හොඳියි බුස්ල් අයි කාපු දවල් වල ඉදන් කොටින්ම මට මතක අතීතෙටත් කලින් ඉදං මම උයන වැඩේට ආසයි..“මෙයා මෙහෙට එනකොට බත් උයන්නවත් දන්නේ නෑ“ කියලා තාත්තා අම්මට දාන නක්කලේ මට කවදා හරි නොවෙන්න වෙන්නත් පුළුවන්...ඊට පස්සේ පීයෝ ටීවී එකට පිං සිද්ධ වෙන්න ඔය ලෙඩේ හෙනම ඉහට ගැහුවා.. ඒක ඇත්තටම බෝ වෙන ලෙඩක්.හැඳුවේ නැතත් ඒ දේවල් හදන විදිය.. පාවිච්චි වෙන ටෙක්නික්ස්.. ප්‍රසන්ට් කරන සිම්පල් විදි හැම එකක් අස්සෙම තියෙන මොකක්දේ එහෙකට මම හෙන ආසයි.. නයිජෙලා ලෝසන් එක්ක ජෙමී ඔලිවර් තමයි මගේ මෝස්ට් ෆේවරිට් ජෝඩුව.. ජෙමි අයියාගේ හිනාව විතරක් ඇති බඩ පිරෙන්න....හැබැටම ගත්තම මම කුකින් ශෝ කරන පිටරට හැම මිනිහටම ආසයි වගේ.. නම් ලැයිස්තු මෙතන පල කරලා නිකං ලෙඩ දාගන්නේ මොකටද...ඔය මොන කයිකතන්ද කිව්වත් වැඩක් නෑ හැමදාම කන්නේ එකම මෙනු එකනම්...කාන්ට් හෙල්ප් .. අපි ඉන්නේ ලංකාවෙනේ.රයිස් කියන දේ නැතුව වැඩේ ගොඩ දා ගන්න හෙනම අමාරුයි.. (අපේ තාත්තා අය වගේ එක්ක විශේෂයෙන්.. එක්කෝ බත් නැත්ං චා පා ති..... )ආයේ මුළටම ගියොත් අර ගම්මිරිස් මොල මට හෙනම වැදගත් වෙන්නේ හැම බත් වෙලකටම සලාදයක් තියෙනවා නම් මං හෙනම ආස හින්දයි.. සලාද විතරක් නෙවෙයි ගම්මිරිස් එන කොයි කෑමටත් එවලේ කොටපු ගම්මිරිස් දාන එක තමයි මම හැමවෙලේම අනුමත කරන්නේ.. මොකද එවලේ කෙටුන ගම්මිරිස් ඇටේක අමුතුම ටේස්ට් එකක් තියෙනවා මට..මේ තාක් කල් ඉතිං මම කරන්නේ කෑම හදන හැම වෙලේම පොඩි වංගෙඩියට ගම්මිරිස් දාලා කොටන එක.. සහයට ඩැනී ඉන්න දවස් වලට ඒක එයාගේ ජොබ් එක. ඉතිං හැමදේටම ඊසී ක්‍රම හොයන මගේ සහයට ඩැනීගෙන් මට හම්බඋන තෑග්ග තමයි ගම්මිරිස් මෝලමමත් දැන සෙලිබ්‍රෙටී චෙෆ් කෙනෙක් වෙන්න හෙන ළඟයි වගේ..මට කලින් වෙච්ච ලෝකේ ඉන්න අනිත් අය ගැන දැන ගන්න ඕනි නම් යන්න මෙතනටමං ඉස්සර හදපු කෑම වලට කෙල ගිලින්න මෙතනින්මෙතනින් මෙතනින් මෙතනින්ඔලිවර් අයියා.
BLOG
දතක් හිරි වැටුණා.දත ගලවන්න කියල ගියේ ලගම තරු 5 හොටෙල් එකට.. එක දතක් වෙනුවට දත් දෙක තුනක්ම ගලවා ගන්න උනානේ. දත ගැලවීමේ කලාව. ඩිප්ලෝමා එකක් කර ගන්න බජාර් එකකට සෙට් වෙමු.නතින් මචං ගතමන්ට් එක සෙට් වෙනවා නම්, මොන්ටිසෝරි කොල්ලෙක් හොයා ගත්තා නම් උගෙන් අහගන්න පුළුවන් හෝඩි පොතමොකේද සිංහලද ..නෑ යකෝ දත ගැලවීම... අඩෝ රුපියලක් දීපන් ,අඩෝ 2 ක් දීපන් අයිස් එකක් කන්න, මටත් අරන් දීපන් මං පස්සේ උබට දෙන්නම්.දෙයි දෙයි බලන් හිටපන්. ඇට්ටර හුජ්ජ කොල්ලගේ ඉදන්, ලොම්පට නාකි ලොක්කෝ දක්වා දත ගලවන පට්ට අන්ඩයෝ ඕන තරම්.ලංකාවට වැඩියි.."ඒයි ඔබාමා අරන් පලයන්කෝ මෙයින් 50 ක් අරන් ගිහින් උබලගේ ප්‍රාන්ත 50 ට දාපන්. ගතමන්ට් එක ශේප් ". හිස් වෙච්ක පුර්සේ එකක් අරන් අපු Diesent කොල්ලෙක්, අලුතින් ඉස්කෝලෙට ආපු එවුන් ලගට ඇවිත් දිග ඇරියා.."මල්ලි අඩේ දාපන්කෝ 5 ක් මේක හිස් "..නංගි 5 ක් .. නොදකින් ගල් මුසලයා, ඉටිකොළ ගෙම්බෝ හිගා නොකා දත ගලවපන්, තෝ දත් දොස්තරලටත් අවනම්බුවක්"..'හලෝ මචං කොහොමද." රුපියල් 5 ක් නෑ බන්. මං ගිහින් එන්නම් .හැමදාම දත් ගැලෙව්වම වෙන්නේ දතත් නෑ ප්රෙන්තොත් නෑ ...අර වැඩේ කරලා දෙන්නම් මෙච්චරක් ඕන, ඉස්සෙල්ල ඇඩ්වාන්ස් වැඩේ උනාට පස්සේ ඉතුරුව.අන්න වැඩක් කර ගන්න පුළුවන් රස්සාවක්. පියන් රස්සවක් හොයාගෙන කරන්න පුළුවන් පාට් ටයිම් ජොබක්."මහත්තයෝ මේ දුවගේ කන ඇහෙන්නේ නෑ. අපි *******. මේ දුවගේ තාත්ත ඔත්පල වෙලා. අම්මත් නෑ. ඔපෙරතිඔන් එකට ලක්ෂ 10 ක් යනවා . අපිට කියකින් හරි ආධාරයක් කරන්න. "ටිකට් එකේ ෆෝන් නුම්බර් එකට කෝල් එකක්.."හලෝ ඇත්තද මේ දුවට ඔපරේෂන් එකක් කියන්නේ (නොම්බරේ තාත්තගේ කියල තිබුනේ)"අනේ දන්නේ නෑ පුතේ මේ ලගදී ඉදන් මේ වගේ කෝල් එනවා. අපේ ගෙදර දුවල නැනේ.....ලගදී ඉදන් මේ කරදරේ ( ඒ කතාකරන්නේ වයසක අම්ම කෙනෙක්)දැක්ක නේද...ඉගෙන ගනින් දැන් වත් හරියට දතක් ගලවන්න.
BLOG
මට පුදුමත් හිතෙනවාඒ ඔබ හරි පුදුම නිසාමට පුදුමත් හිතෙනවඒ ඔය සිත පුදුම නිසාකදුලක රහ නොදුටූව දෙනෙත් යුගකදුලින් තෙත් වෙලා..හැමදාමත් දිලිසුනු ඔය නෙත් යුගරතු වී මැළවිලා..මට පුදුමත් හිතෙනවාඒ ඔය සිත මෙලෙක් වෙලාකවදාවත් ආදෙරේ නැතැයිකියූඔබමගේ ආදරය පතයි..මිය යනතුරු නොදකින්න පැතූඔබමා සොය සොය ලතවෙයි..මට පුදුමත් හිතෙනවාඒ ඔබ දැන් වෙනස් නිසා.
BLOG
............
BLOG
ඔබ පමණක් නොව ලොවම පුදුම කරමින් Microsoft සමාගම Windows 8 වලින් පසුව Windows 9 නොව Windows 10 නමින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය අද දින ලොවට හඳුන්වා දෙන ලදී. පුද්ගල පරිගණක වල සිට ජංගම දුරකථන දක්වාම විහිදෙන සියලු උපාංගයන් සඳහා සහය දක්වන ලෙස හා Windows 8 වල තිබු අඩුපාඩු අවම වන ලෙස Windows 10 නිපදවීමට Microsoft සමාගමදැඩිඋත්සාහයක් ගෙන ඇති බවක්දක්නට ලැබේ.Windows 7 සහWindows 7වලටත් වඩා පැරණි මෙහෙයුම් පද්ධති තවමත් භාවිතා කරන මිලියනයකට අධික වූ පිරිස Windows 10 පිළිබඳව යම් සැලකිල්ලක් දක්වාවි යයි Microsoft සමාගම විශ්වාස කරයි.Microsoft සමාගම desktop සංස්කරණය පමණක් එළිදැක්වූ අතර tablets, smartphones සහ අනෙකුත් උපාංග සඳහාද Windows 10 සහය දක්වනු ඇත.Windows 8 හි සමන්විත වූ සම්පුර්ණ තිරය පුරා විහිදෙන start menu එක වෙනුවට Windows 7 ඇතුළු පැරණි Windows මෙහෙයුම් පද්ධතියන්ගේ තිබු අකාරයට නව Windows 10හි start menu එක නිර්මාණය වී තිබීම කැපී පෙනෙන්නකි. Windows 8 හි ආකාරයට live tilesද මෙම නව start menu එකට ඇතුලත් කර ඇත.ඔබ Windows 8 භාවිතා කර ඇත් නම් Windows 8 සඳහාම නිර්මාණය කරන ලද apps විවෘත කරන විට නව අතුරු මුහුණතක් සමඟින් සම්පුර්ණ තිරය පුරාම විහිදෙන ලෙස විවෘත වන ආකාරයත්, සාමාන්‍ය මෘදුකාංගයක් සාම්ප්‍රදායික desktopඅතුරු මුහුණතහි විවෘත වන ආකාරයත් අත්විඳ ඇත. මෙය touch screens භාවිත කරන්නන් හට තරමක් පහසු වුවත් මවුසයක් සහ යතුරුපුවරුවක් සමඟින් පරිගණකය භාවිත කරන්නන් හට බොහෝ විට කරදරයකි. ඒ හේතුවෙන් Windows 10 හිදීමවුසයක් සහ යතුරුපුවරුවක් භාවිතා කරන්නන් හට පහසු වන ලෙස සියලුම appsසාම්ප්‍රදායික desktopඅතුරු මුහුණතහිම විවෘත වන ආකාරයට නිර්මාණය කර ඇත.මීට අමතරව desktop views කිහිපයක වැඩ කල හැකි ආකාරයට නව පහසුකමක් Windows 10හි ඇතුලත් වේ. මෙය සැබවින්ම පරිශීලකයන් හට වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙනු ඇත. Linux වැනි මෙහෙයුම් පද්ධති භාවිත කරන්නන් හට මෙය නව අත්දැකීමක් නොවුනත් Windows පරිශීලකයන්හට මෙය නැවුම් අත්දැකීමක් වනු නිසැකය.Touch සහ mouse & keyboards යන දෙවර්ගයම භාවිත කරන්නන් වෙනුවෙන් "continuum" නම්නව පහසුකමක් Windows 10 වෙත එක කර ඇත. ඔබ යතුරුපුවරුව ගැලවූ පසු tablet mode වෙත මාරු විය හැකි අතර එවිට tablets වලට ගැලපෙන ලෙස අතුරුමුහුණත වෙනස් වනු ඇත.නව Windows 10 මෙහෙයුම් පද්ධතිය 2015 වර්ෂයේදී වෙළඳපොළට එක කිරීමට Microsoft සමාගම බලාපොරොත්තු වන අතර එහි මිල ගණන් හා පැරණි මෙහෙයුම් පද්ධතීන් වල සිට upgrade කරන අකාරයන් තවම දැනුම් දී නොමැත.
BLOG
02..
BLOG
භූතයෝ අප අවට නිතර සැරිසරති.පිරිසිදුතාවයට ප්‍රිය කරන භූතයෝ සිටිති.ඔවුන් පිරිසිදු ජලය ගලාබසින ගංගා ඇල දොල වැව් අමුනු ආශ්‍රිතව ගැවසේ.ලස්සන ගැහැනු ලමුන් ජලස්නානය කරන අවස්තාවන්වලදී මොවුන් බැල්ම හෙලනු ඇත.ජලස්නානය කර නිවසට ගිය විට සවස හයෙන් පසුව හිසරදය,සීතල,වෙව්ලීම,ශරීරය අප්‍රානික වීම,මුහුන විර්ප වීම,ඔක්කාරය,වමනය,උන කෑගෑසීම,නැගිට දිව යාමට තැත් කිරීම ආදිය ලක්ශන පහල වේ.මෙම තත්වයේදී බටහිර වෛද්‍ය ක්‍රම කිරීමෙන් සුව වේද.ප්‍රශ්නයකි..කෙසේ වෙතත් දක්ශ භ්ත වෙදෙකුට මෙම තත්වයන් සුවපත් කල හැක..සහතිකයි..අපිරිසිදුවට ප්‍රිය කරන භුතයන්ද සිටිති.ප්‍රේත සහ ගෙවල යක්ශයින් වශයෙන් මොවුන් හැඳින්වේ.මල යක්කු නමින්ද ප්‍රසිද්දය.බොහෝ දුරට පදිචි නිවසේ සැරිසරති.ඉඳුල් වතුර එක්වන වලවල් ආශ්‍රිතව වැසිකිලි වල ආශ්‍රිතවද නිවස පිටිපස දොරකඩ,කුස්සිය,වල සෝදන ස්ථානයේද අඳුරු කාමර වලද නිතර ගෑවසේ.මොවුන්ගේ එකම පාය වනුයේ නිවසේ කරවල බිත්තර මස් බැදීමට උත්සහ කරවීමයි.ඒ අතරතුර සුරාවට කැමති කරවීමය.මෙයින් පසු එම භූතයන්ගේ අභිප්‍රායන් ඒ ආකාරයට ඉ‍ටුවේ.නිතර ගෙදර අයට බඩේ අජීරන,කෑම අරුචිය,අතපය වෙව්ලීම,ස්නායු දුර්වල වීම,බඩ පුරවා දැමීම,හිසරදය,ක්ලාන්තය ආදී රෝග පෝලිමට පැමිනේ.නිවසේ අසමගිය,අඹු සැමි ආරවුල් ඇති වී පව්ල් අසමග්කම්ද සිදුවේ.භුතයන් විසින් ඇති කරන තවත් තදබල රෝගයක් වන්නේ හිටි අඩියේ ක්ලාන්තය ඇතිකර ස්නායු අඩපන කර නිවස තුලම පෙරලා දමන සන්නි රෝගය.මේ අවිට එම භුතය ක්ශනිකව ක්‍රියාත්මක වී ශරීරය තුලට රිගා ගැනීම සිදුවේ.වහාම රෝහලට ඇතුලත් කර වෙදකම් උපරිමෙන් කරනු ඇත.නමුත් රෝගිය සති ගානක් ඇහැක් කටක් අරින්නේ නැත.අවසානයේ මරනය කරා යොමුවේ.ශරීරයෙන් භ්තය පිට වන්නේ එම මොහොතේය.භුතයන් විසින් ඇති කරන තවත් රෝග සමූහයකි.ඔඩු,වණ,කුශ්ට තුවල අදියයි.මේවායින් හමන පිලී ගඳ සමග ඕජස භ්තයන් රාත්‍රියේදී උරා බොනු ඇත. පිලී ගඳ ආඝ්‍රානය කරනු ඇත.තුආල අත පත ගා නිවසේ කෑම වලට මිශ්‍ර කරනු ඇත.තෙල් දැමූ ආහර වලට විශේශයෙන් මිශ්‍ර කරනු ලබයි.මෙම ආහාර ගැනීමෙන් රෝගියාට අතීසාර පාචනය වැනි දරුනු රෝගාභාද ඇතිවනු ඇත.මෙම භුතය්න් වැඩි වේලාවට වසන්නේ සූරා බී මත්ව කෑගසන නිතර දෙවේලේ රන්ඩු කරගන්නා පිරිසිදුකමක් නෑති ප්ද්ගලයන් සිටිනා අපිරිසිදු නිවාස වලය.මෙම නිවස වලට යාදීමක් නැත..කාන්තාව ඇඬු කඳුලෙනි.කිසි දිනක පසලට යන්නේ නැත.මෙවැනි තැන් භූතයන්ට රජ ගෙවල් වේ.පවුඒ නෑයන් පි බලාපොරිත්තුවෙන් සිට එය නොමෑති වීමෙන් කෝපයට පත්ව ඒ ආකාරයට පලි ගන්නව විය හෑක.ජීවතුන් අතර සිටිනා කාලයේ ‍තෝව කනවා ලේ බොනවා කියප් අය නැවත භ්තයන් ලෙස ඉපිද එම අයගේ තුවාල ලේ සැරවා උරමෛන් පලිගන්නවා විය හෑකඋපුටා ගැනීමක් නොවේ..ඊලඟ ලිපියෙන් හමුවෙමූ.
BLOG
දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේමඋන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකදබිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේමට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්නතරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේහිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේමඋන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද....පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේවිදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේදුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේකවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේමඋන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද.... ගායනය : රොමේෂ් සුගතපාල.
BLOG
නෙත් කෙවෙනි රතු වෙනකන් කදුලු ආපු ඒ ඇස් දෙකදිහා මං බලන් හිටියෙ හැගිම් විරහිතව.කදුලුත් එක්ක ගෙවී ගිය ඒ රාත්‍රිය ජිවිතයේආශ්වාදනියම රාත්‍රිය වෙයි කියලා මට තෙරුම් ගියෙ ගොඩක් කාලෙකට පස්සෙ.මං තුරුල් වෙලා හිටියෙ ඒ උනුහුම විදින්නතියන ආසාව හින්දම නෙමෙ එ උනුහුම ආයෙමත් විදින්න ලැබැන් නැ කියලාදැනුනු හින්දා එත් යටි හිතින් මං හිතුවා අපිවෙන් වෙන එකක් නැ කියලා..ගෙවුනු රැ අපි ගොඩක් සතුටු වුනා අපි මුලින්මඑකට හිටපු දවසෙ හිටපු හොටෙල් කාමරයෙමයි එදත් අපි එකතු වුනෙ.අපි එදයින් පස්සෙත් කිහිප පාරක්ම එකතු වෙලා තිබුනත් මුල්ම දවසයි අන්තිම දවසයිකියන 2ක විතරමයිමගෙ හිතෙ අදටත් මතකයක් විදිහටතැම්පත් වෙලා තියෙන්නෙ . ලැජ්ජාවෙන් රතු වෙලා හිටපු මුල්දවසට වඩා කොච්චර පල පුරුදු විදිහට ගෙවි ගිය දවසක්ද………….පහුවදා පාන්දරම අපි වෙන් වෙන්නසුදානම් වුනා ෆ්ලයිට් එක තිබුනෙ තරුශිට හවස 4ට එයා යන්නෙ කසාද බදින්න යේමනයෙ ඉන්න එයගෙඅම්මයි තාත්තයි ගාවට..එත් එ ඇයි කියලා මට තෙරුම් ගියෙහුග කාලෙකට පස්සෙ එ අපෙ එ බැදිමට නමක් දෙන්න පුලුවන් කමක් තිබුන් නැති හින්දා.අනියම් පෙම්වතිද නැ එහෙම වෙන්නමට තවත් පෙම්වතියක් හිටියෙ නැ එ වෙනකොටබිරිද වෙන්නෙ කොහොමද කසදය කියනගිවිසුම අත්සන් නොකරසහොදරියක් නැ තමන්ගෙ සහොදරි එක්ක එකට නිදා ගන්න පුලුවන්ද.එ විදිහට ගත්තොත් මං අදටත් අපෙසම්බන්දෙට නමක් හොයනවා.මං ආදරෙ කරන්න ඉගෙන ගත්තෙ තරුශිගෙන්.අපි එදා දවසම අපි මුනගැහුනු අපෙ මතකයන් රැදුනුතැන් වල ඇවිද්දා පරන මතකය අලුත් කර ගන්න කදුලු හන්ගගෙන හිනා වුනා. තරුශි ෆ්ලයිට එකටනගින්න වෙලාව ලං වෙලා මට දිහා බලලා මෙහෙම කිව්වාමෙක සංසාර බැදිමක් වෙන් ඇති.මගෙ හිතෙ හැමදාමත් අපෙ මතකය රැදිලා තියෙවි එත් අපි අයෙමත් සංසාර බැදිම් තියාගන් නැතුව ඉමු තරුශි අන්තිම වචන ටිකත් කියලා යන්න ගියා එදායින් පස්සෙ අපි අයෙ හම්බුනෙවත්කතා කලෙවත් නැ අඩුම ගානෙ උන්නද මලාද කියලවත් දන් නැ ඒ මතකට ගොඩක් වෙලාවට අදටත් හදවතේරිදුම් දෙනවා අපිට අතීතයෙ ඒ බැදිමට නමක් දෙන්න පුලුවන් වුනා නම් ………………………………………………………………………………….සමහර විට එයා මගෙ සංසාර පාදපරිචාරිකවවෙන් ඇති ……………………………..දුර ඈතනිම්නයටසිත සිබිනමල් හීනවසත් කලගිම්හානායක......පොලොව සිපගත්තුපුන්චි වැහි බින්දුපුපුදලානියගලා මල් පොකුරුනුබදුන්නු මතකයට....කවකටුවෙතුඩ මතින්ඈදි ගිය චාපාවසිත රැදෙහැමකල්මඅහිම බව දැන දැනම......෴෴සචි෴෴මෙ අපෙ මතකය වෙනුවෙන්.............නමක් නැති නිමක් නැති ............මේ සොඳුරු සෙනහසටසිත් ඉමට වඩින්නටවරම් දුන්නේ කව්ද.........සිහිල් සඳ මද නල හමනරැයක සිහිනෙක රැඳෙනසුපිවිතුරු හැගුමක්ද........අතින් අත පටලවාලොව්තුරා ආදරෙන්හිත රැදුනු නුබෙ මතකහිත පුරා විදින්නට අවසරද..............පිවිතුරුව හමා ගියඅරලියා මල් සුවදතියෙවා හැම කල්මඑකම සෙවනක රැඳෙනවරම් හිමි නැති වුවද...............෴෴෴සචි෴෴෴මෙ මගෙ සංසාර පාදපරිචරිකාව වෙනුවෙන්.
BLOG
අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවමසහසකුත් කල්පනා මැද,දහසකුත් සිතිවිලි වලින් තෙරපී,තෙහෙට්ටුවෙන් අකර්මන්‍ය වු,මගේ ඔත්පල සිත,තවමත් සොයන්නේ ඔබේ රුවයි....අමතක කළා යැයි,පාරම් බෑවාට,තුන්හිතින් එළවලා ගොඩක් කල් කීවාට,විටින් විට එබී එබී ,සිතට දුක් ගිනි දිදී,ආත්මෙට වධ දිදී,මගේ ජීවිතේ එක්ක,සෙල්ලම් කරන්නට තරම්,ඇයි ද මතකය නපුරු ඔබගේ....ඔහුගේ දෑතේ වෙලී,පෙම් බසින් උදම් වී,ඔබ තුටින් ඉන්නා බව දැන දැනත්,දෑස් පියවෙන හැම මොහොතකම,මගේ තුරුලට අරං,හුරතල් කතා කිය කියා,සෙනෙහසින් වැළඳගෙන,ආදරෙන් සිපගන්න,මගේ සිත දඟලන්නේ,ඇයි කියලා කියනවද.ජීවිතේ එතනමයි. ඔයා නැති අඩුව විතරයි. අනිත් හැමදේම එහෙමමයි.අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම.
BLOG
පහුගිය මාස කිහිපයේ අධ්‍යාපන කටයුතු සමඟ තිබුන කාර්‍යබහුලත්වය නිසා ලිපි පළකිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මුලින්ම සමාව ඉල්ලා සිටිනවා.මේ බ්ලොග් එකේ ලිපි පෙළ අනුගමනය කිරීමෙන් ඔබට දැන් ලිනක්ස් පද්ධතිය සමීප වන්නට ඇතැයි සිතමි.හොඳයි, එහෙනම් අද පටන් ලිනක්ස් පද්ධතිවල නිරන්තරයෙන් භාවිතා කරන shell scripting ගැන ඉගෙන ගන්න පටන් ගමු.මෙම පාඩම් මාලාව පහත පරිදි කොටස් කිහිපයකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.හැඳින්විම - Introduction. විචල්‍ය භාවිතය - Variables.ගණිත කර්ම භාවිතය - Shell Arithmatics.විධාන භාවිතය - Command Line Processing.තීරණ යෙදීම් භාවිතය - Decision making. මෙම පාඩම් මාලාව මූලිකවම කොටස් 8කින් සහ ඒ ඒ කොටස් වලට අදාල අනු කොටස් තුලින් විස්තාරත්මකව සාකාච්ඡා කිරීම ඉදිරි සති කිහිපය තුල සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.ලිනක්ස් සිංහලෙන් සමඟ මෙතුවක් රැඳී සිටියාට ස්තූතිවන්ත වෙන අතර, ඔබගේ ප්‍රතිචාර සහ අදහස් බලාපොරොත්තු වෙමි.දැනුම්දීමලිනක්ස් කථා බහ හෙවත් Forum එක Linux Lanka Forum එක තුලට ගෙනයන ලදි, එකම ප්‍රශ්න ගැන තැන් තැන් වල කථා කරනවාට වඩා එකම තැනක කථා කිරීම සියල්ලන්ටම වඩා ප්‍රයෝජනවත් වේ. ඔබගේ ගැටළු එම ෆෝරමයට හෝ udsubodhana@gmail.com ලිපිනයට යොමු කරන්න.
BLOG
සුබදවසක් හැමදෙනාටම ආයෙත් බ්ලොග් එක පැත්තේ ඇවිල්ලා යන්න හිතුනා ... ඔයාලට වැදගත් වෙයි කියල හිතන දෙයකුත් එක්ක ...ඊමේල් අප හැමදෙනාම වගේ නිතරම පාවිච්චි කරන දෙයක් බවට පත්වෙලා ..ඉතින් මේ ඊමේල් මගින් අපට හොද දේවල් මෙන්ම නරක දේවලුත් නිතරම ලැබෙනවා... අප සමහර නොදන්නා ඊමේල් වල ඇති ඇමිණුම් මත ක්ලික් කලවිට අප පරිගණකයටවයිරස් ඇතුළු වන්න පුළුවනි ... මෙන්න මේ විදිහට අපට ලැබෙන ඊමේල් වල වයිරස් අඩංගු වෙලා තියෙනවද නැද්ද කියල ඔබටම බලාගන්න පුළුවන් සරලම ක්‍රමයක්‌ ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න හදන්නේ...මුලින්ම මේවගේ සැකසහිත ඊමේල් එකක් ලැබුනම එහි ඇති ඇමුණුම ඕපන් කර බලන්න යන්න එපා...කරන්න තියෙන්නේ ඊමේල් එක දකුණු පැත්තේ ඇති ඇරෝ එක මත ක්ලික් කර ඊමේල් ෆොර්වර්ඩ් කරන්න මෙන්න මේ ඊමේල් එකට scan@virustotal.comමෙන්න මේවගේ....මෙහිදී අලුතින් ෆොර්වඩ් කරන ඊමේල් එකේ ඇති මැසේජ් එක එක සම්පුර්ණයෙන්ම මකා දැමිය යුතු වන අතර එහි ඇති subject කොටසට SCAN යන්න එකතු කර SEND මත ක්ලික් කරන්න....ඊට පස්සේ ඊමේල් ඇමිණුමේ වයිරස් අඩංගු වෙලා තියෙනවද නැද්ද බලා ගන්න පුළුවන් වයිරස් වාර්තාවක්‌ ඔබේ ඊමේල් එකට ඔවුන් එවාවි ....මිට අමතරව ඔයාල දන්න තවත් වයිරස් ස්කෑනර් තියෙනවනං ..... කොමෙන් තීරුවට එකතු කරන්න පුවනි.....ප.ලි .... මේක මේකට සම්බන්ද නැති වුනත් පොඩි පණිවිඩයක් ... මගේ බ්ලොග් පොස්ට් ඔයාලගේ බ්ලොග් රෝල වල අප්ඩේට් වෙන්නේ නැත්නම් පොඩ්ඩක් මගේ බ්ලොග් එකේ ඩොමේන් එක මාරු කරලා බලන්න ඉස්සර තිබුනේ WWW.com වෙනුවට WWW.com ආයෙත් වලට ආයෙත් මාරුවුනා .
BLOG
සියපතක පෙතිඑකින් එක විද ලු,සිහිනයක පැටලි රූදසුන් මත සිඳ ලූ,අදුර රැඳී උඩු වියන්මනස් දොළ පිර වූ,තුගු සිරින් මන් මත්වහද තුටින් කැළඹු,විඩාපත් නෙත් යුගසෙමි සෙමින් පිය වූ,තොල් අගට මීවිතෙන්බිඳෙන් බිඳ පැමිණු,නුඹ සමග සෙනෙහසින්හදින් හද තැවරූ,දහවලින් රැයක් ගෙනදහවලම සැනසූ,මායිමක් නොදැන සිටමායිමේ දුර සෙවූ,මා නුඹේනුඹ මගේනොවුණු දින ඇරඹු.
BLOG
කාලයක සිට බොහොම උපකාරී වුන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න යන්නෙ.වයිරස් වලට ලක් වීමක් නිසා හෝ පරිගනකයේ කුමනකාරයේ දෝශයක් ඇතිවීමකදී අපට එහි දෘඩ තැටිය(Hard Disk) ෆෝමැට් කර නැවත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. මෙහිදි අපි ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි පරිගනකයේ සමහර දෘඩාංග (Hardware) ක්‍රියාක්‍රිමට අවශ්‍ය එම දෘඩාංග වලට අදාල මෘදුකාංග සොයාගත නොහැකි වීම. එවිට නිසියාකාර දැනුමක් නොමැතිව අනුමාන කර නිවරැදි මෘදුකාංගය සොයා ගැනීම ඉතා අසීරු කාර්‍යයක් වනවා. අවසානයේ සිදු වන්නේ පරිගනකය පැත්තකට දැමීම හෝ වංචනිකයන් හට අධික මුදලක් නාස්ති කර දැමීමයි.මෙම ගැටලුවට මම දන්න පරිදි හොඳම විසඳුම තමයි Driver Robot මෘදුකාංගය. ඉතා සුලු පරිගණක දැනුමක් ඇති අයෙකුට වුනත් මේ මගින් පහසුවෙන් අදාල මෘදුකාංග සොයා ගැනීමට පුලුවන්.Driver Robot මෘදුකාංගය පහත යොමුවෙන් භාගත කර ගන්න.5සාමාන්‍යය මෘදුකාංගයක් ස්ථාපිත කර ගන්න ආකායෙන් මෙය පරිගනකයේ ස්ථාපිත කර ගන්න. (අවශ්‍යය අනුක්‍රමික අංකයද මෘදුකාංගය සමග සපයා ඇත. දැන් බලමු මෙය ක්‍රියා කරන ආකාරය.1. පරිගනකය scan කරන්න.මෙයින් පරිගනකයේ සියලු දෘඩාංග හඳුනා ගැනෙන අතර ඒවාට අදාල මෘදුකාංග පරිගනකයේ ස්ථාපිත වී ඇත්ද යන්නද මෙයින් හදුනා ගනු ලැබේ. ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටී නම් ඔබටඅවශ්‍යයමෘදුකාංගඅන්තර්ජාලයේ ඇති තැන් සොයා ඒවා බාගත කරගැනීමේ හැකියාවද ඔබට ලබාදේ.ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී නොමැති විට වුවද ගැටලුවක් ඇති නොවේ. Scan වීම අවසානයේ ඔබට HTML ෆයිලයක් ලබාදේ.එය Pen drive එකක save කරගෙන අන්තර්ජාල පහසුකම ඇති පරිගනයක විවෘත කරගන්න.ඒමගින් අවශ්‍යය මෘදුකාංග බාගත කරගත හැකි වෙනවා.මීට අමතරව කල් ඉකුත් වූ මෘදුකාංග යාවත් කාලින කර ගැනීමද මෙමගින් සිදු කර ගත හැකි වනවා.එහෙනම් මෙම Drive Robot මෘදුකාංගය උපයෝගී කරගෙන ඔබගේ පරිගනකයේත් දෘඩාංග වලට අදාල මෘදුකාංග ගැටලු විසඳා ගන්න.
BLOG
එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින්ඉඳගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්කන්න - ඔබට ප්‍රමාණවත් තරම්බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නො වන දෙයක්ලියන්න - දැනුමත්, වින්දනයත් ලබා ගත හැකි නිර්මාණයක්කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්කතා කරන්න - ප්‍රයෝජනවත්, අවශ්‍යදෙයක් පමණක්සිනහවන්න - සමච්චලයට නොව අවංක හදවතින්මකියන්න - අයහපත් නො වන ඕනෑම දෙයක්අහන්න - කියන්නා කෙසේ වෙතත්, සිහිබුද්ධියෙන්, ඕනෑකමින්බලන්න - දෙනෙතට මනසට ප්‍රියකරන යමක්ඉන්න - කිසිවිටක කිසිවෙකුට කරදරයක් නො වන සේඅඳින්න - පිරිසිදුව, චාම්ව, සංස්කෘතියට ගැලපෙන සේඉගෙනගන්න - හැමවෙලාවේම වටිනා යමක්පිළිගන්න - හැම දෙනාම ගෞරවයෙන්උත්සාහ කරන්න - උත්සාහ කළොත් කළ නොහැකි දෙයක් නොමැති නිසාසෝදන්න - අනික්වා මෙන්ම හදවතත් ඉතිරිකරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්නිදාගන්න - විරාමයක් ලබාගන්න පමණක්නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු මෙන්ඇවිදින්න - බලන්න, ඉගෙන ගන්න බොහෝ දේ ඇති නිසායන්න - යා යුතු මග ඉදිරියට නොබියවහදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකුමැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ මනුෂ්‍යයකු ලෙස සතුටින්උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.
BLOG
" ජේසු අපිට කියනවා.. වෙනස් වෙනකන් ඉන්න ඕනෙ නැහැ. දැන් එන්න.ඇයි එහෙම කියන්නෙ .සමහරු ඉන්නව, ඒගොල්ලො කියනව " මම ටිකක් බෝතලේට ඇබ්බැහිවෙලයි ඉන්නෙ.. අත් ඇරපු දවසට මම ඇවිල්ල සේවය කරන්නංකො නියමෙට..."නැද්ද .තවත් සමහරු කියනව "මම අර වැරදි සම්භන්ද කමකයි ඉන්නෙ, ඒක මම අත ඇරපු දවසට මම ජේසු ලඟට එන්නංකො "තවත්සමහරුකියනව මම අර සල්ලි හොයන්නෙ වැරදි විදිහට. පොඩි පගාවක්ගන්නව.. බොස්ට බොරුවක් කරනව. පොඩි හොරයක් කරල.. නැත්තං ජීවත් වෙන්නත් බෑනෙ මේ දවස් වල....එහෙම නැත්තං මට ඉන්නත් බෑ. මම ඒක ළමයි ලොකු වෙලා අත් ඇරපු දවසට .. මමඑන්නං.එදා වෙනකං තමයි ගොඩාක් අය බලාගෙන ඉන්නෙ.ඒත් ජේසු කියනව, මොකක්ද කියන්නෙ . .. ඉන්න විදිහට එන්න. මම ඔබට ගොඩාක් ආදරෙයි.උන්වහන්සේ මොකක්ද කියන්නෙ . දැං එන්න. හැත්තැ පහ වෙනකන් ඉන්න ඕනෙ නැහැ. පිරිමි අය කොන්තෙ කියන්නෙ හැත්තැ පහෙන් පස්සෙ. එතකන් වෙන ඒව කියන්නෙ...ඇයි මැරෙන්න බයයි. අයියෝ.ඔබට පෙනෙයි ස්වාමීන් වහන්සේ කියනව.. දැං, මේ දැං ඉන්න විදිහට එන්න , මම ඔබට ගොඩාක් ආදරෙයි. ඉතිං සාධාරනව අහන්න පුලුවන් දෙයියනේ මේව කිව්වෙ නැත්තෙ ඇයි .අවුරුදු ගනන් කවුරුත් මේක කිව්වෙ නැත්තෙ ඇයි .අපිට වෙන දෙයක් කියල දීලයි තියෙන්නෙ. මං කියන්නං කියල දීල තියෙන දේ.. මොකක්ද ඒ .මම කියනකොටම ඒක තේරෙනව ඒක, ඇයි ඒ . පොඩි කාලෙම මේව ඉගෙන ගත්තෙ.මම පොඩිකාලෙ හිටියෙ බදුල්ලෙ, ඔක්කොම එකම දේ තමයි අපි ඉගෙන ගත්තෙ..මං කියන ඒවට උත්තර දෙන්න ඕනෙ ආ..ජේසු ආදරේ කරන ළමයි ජාතියක් ඉන්නව.. නැද්ද .. මොන ළමයින්ටද ජේසු ආදරේ .. . ( පසුබිමෙන් පිළිතුරු දෙයි.. :) ) දැක්කනෙ..ජේසු කැමති නැති ළමයි ජාතියක් ඉන්නව. මොනළමයිටද කැමති නැත්තෙ . නරක ළමයින්ට.. ඒ නිසා ජේසුගෙ ආදරේ ලබන්න නන් මොකක්ද කරන්න ඕනෙ .ඔන්න ඕක තමයි (කතෝළික) හැම කෙනාගෙම ආධ්‍යාත්මයේ පදනම. පොඩි කාලෙම ඒක දාල තියෙන්නෙ. නැත්තං මුන්ව පාලනය කර ගන්න බෑ.. නටනව, දඟලනව..අර ජේසු බලනව.. දඟලන්න ඒපා ජේසු ආදරේ හොඳ ළමයින්ට විතරයි..ඒ නිසා පරම්පරාවක් හැදුනා.. මොකක්ද ඒ පරම්පරාව . පල්ලියෙන් එලියෙ පරම්පරාව. දන්නවද ඒගොල්ලො කව්ද කියල. මෙහෙත් ඇති ශුවර් එකටම.. කව්ද ඒ .. .ආගම වෙනුවෙන් මේ අය මැරෙන්නත් ලෑස්තියි. අවශ්‍යනං මරන්නත් ලැස්තියි. ගහන්නත් ලැස්තියි, ගුටිකන්නත් ලෑස්තියි, කර ගහන්නත් ලැස්තියි, හැබැයි පූජාව පටන් ගත්තු වෙලේ ඉඳං එලියෙ ඉන්නෙ.කව්ද ඒ . ඒ අය තමයි පොඩි කාලෙ ඉගෙන ගත්තෙ ,ජේසුආදරේ මොන ළමයින්ටද .. .ඒගොල්ලි කියනව අපි කුහක මිනිස්සු නෙමේ, අපි අවංක මිනිස්සු, අපි පව්කාරයො. අපි ජේසුට ආදරෙයි, හැබැයි අපිට පල්ලිය ඇතුලට එන්න විදිහක් නෑ..අපි එලියෙ ඉඳල පුලුවන් සේවය කරන්නෙ.... "" ඉන්න්න විදිහටම එන්න " යන තේමාව යටතේ මෙහෙයවන පියවර හතරේ ඥානකාන්තිය මේ වකවානුවේ කතෝළික පල්ලිය මගින් මෙහෙයවන ප්‍රසිද්ධ ආධ්‍යාත්මික වැඩසටහනක්. ඉහත මම උපුටල තියෙන්නෙ පළමු පියවරේ දේශනාවෙන් කුඩා කොටසක්. ප්‍රධාන දේශකයා "ලලිත් තාත්තා" නම් ගිහි පුද්ගලයෙක්. සම්පූර්ණ ඥානකාන්තියම අහන්න උවමනා කෙනෙකුට මෙම ලින්ක් එකෙන් ( http://www.html ) සියලුම කොටස් වලට සවන් දෙන්න පුලුවන්.ජේසු පිහිටයි .
BLOG
දෑසේ ඔය රුව මැවිලා..නෑ ලඟ සැනසුම රැදිලා..කාලය හෙමිහිට ගෙවිලා..යයි තව අපි දුර ඇදිලා..හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා..රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..පාළුවේ තනිවෙලා මා ඉන්නවා..ඔබ ලඟින් උන්නු කාලයේ..දුන් ආදරේම ජීවිතේ වෙලා..හදවත ගැහෙනා...මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ..දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ..සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ..මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ..පාළුවේ තනිවෙලා මා ඉන්නවා..ඔබ ලඟින් උන්නු කාලයේ..දුන් ආදරේම ජීවිතේ වෙලා..හදවත ගැහෙනා...ගායනය :විරාජ් පෙරේරාපද රචනය : සත්සර කසුන් පතිරණසංගීතය : සත්සර කසුන් පතිරණවීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music.
BLOG
ඔන්න ඉතින් කාලෙකට පස්සේ බ්ලොග් ජිවිතය අලුතින්ම මං පටන්ගත්තා අද ඉදන්.. මුහුණු පොතේ ආර්ට් ගැලරි කාණ්ඩායම විසින් සංවිධානය කරපු විථි ඡායාරුපකරණ ක්ෂේත්‍ර චාරිකාවට මමත් සහභාගි වුනා පසු ගියදා. ඉතින් කස්ටියත් එක්ක අලුත්ම අත්දැකිමට මුහුණ දුන්නා මම. ෆොටො ටොල්ක් 4 න් පස්සේ මේ වගේ අත්දැකිමකට මුහුණ දුන් පළවෙනි අවස්ථාවයි මේ..ඔන්න ඉතින් එදා උදෙන්ම කළුතරින් පිටත් වුනා පිටකොටුව බලා උදැසන 6.30ට පමණ විට. යන ගමන් පානදුරේන් අපේ ඉෂාන් සහොදරවත් එක්ක සෙට් වෙලා යන්නත් එක්ක පානදුරෙන් බැහලා පැයක් විතර කට්ට කැවා ඒ යකා මෙකප් එක දාලා එනකන් ගෙදර ඉදන්.. ඔන්න ඉතින් දෙන්නා එක්ක සෙට් වෙලා කොටුවට බස් එකෙන් ගියා. 10ට කස්ටියට එන්න කියලා තිබ්බේ යනකොට ඉතින් වෙලා වැඩි වගේ.. ඉතින් ස්ටේෂමේ එහාට මෙහාට ඇවිද ඇවිද හිටියා අපේ ආර්‍ට් ගැලරියේ සජිත් අයියා එනකන් ඔය අතරතුර මගේ නෙතට දසුන් පෙළක් දැක්කා නංගිලා ටිකක් ඇස් පෙන්නේ නැති අන්ධ සියා කෙනෙක්ව බස් එකට නග්ගනවා.කළුතර අපේ පැත්තේ සිරාවට බිම වැටිලා හිටියත් කෙල්ලෙක්නම් බලන්නේ නැ පැත්තක්වත්..ඊට පස්සේ ඔන්න සජිත් අයියාට කෝල් එකක් දිලා සෙට් වුනා සජිත් අයියා හිටපු පැත්තට. ඊට පස්සේ ඔන්න 10 වුනා විතරයි කස්ටිය හිටු හිටු ගාලා සෙට් වුනා.. ස්ටේෂමේ ඉදාලා අපි පිටත් වුනා පිටකොටුව හරස් විදි දිගේ කස්ටියත් එක්කම ගියා යන එන ගමන් අතර මග හම්බ වෙන දසුන් අපේ කැමරාවෙත් සටහන් කරමින් කස්ටියත් එක්ක ඔන්න ඔහොම කාලය ගෙවුනා දවල් වන විට ගියා අපේ මහින්ද මාමා හදපු පාවෙන වෙළඳ සැලට එතන මුලින්ම අපේ සෙට් එකේ කාණ්ඩායම් ඡායාරුපයක් අරගේන දිවා ආහාරය සදහා වෙලඳ සැලක් වෙතට පියමැන්නා." එතනදි කැවා තමයි රු.250ක් දිලා 150ක බත් කැවා.. " ඉතින් එතනත් තිබේන අපුරු දසුන් අපි සියලු දෙනාගේම කැමරාවල සටහන් කරගෙන හවස් යාමය වන විට අපේ කාණ්ඩායමටම හරවත් දේශනය කාර අපේ උපුල් අයියා.. සජිත් අයියා.. සමිර අයියලා. එදා දවස අලුත් විදියේ අත්දැකිමක් මට. වැඩේනම් සුපිරියටම සංවිධානය කරලා තිබ්බා ආර්‍ට් ගැලරියේ සමිර, සජිත් අයියලා ඇතුලු ඇඩ්මින්වරු.ආපහු මග බලා සිටින්නේ තවත් ආර්ට් ගැලරියේ වැඩකට සෙට් වෙන්න දෙසැම්බර් 20.මගේ බ්ලොග් එක කියවන ඔයාටත් පුලුවන් අපේ ආර්‍ට් ගැලරි කාණ්ඩායමත් එක්ක එකතුවෙන්න.. පහත ලින්කුවෙන් වැඩි විස්තර ලබාගන්න..com/groups/artgallerysl/ මගේ කැමරාවේ අහබු ලෙස සනිටුවහන් කරග්ගත්තු පොඩි විඩියෝ කැලි ටිකක් සෙට් කරලා අපේ අත්දැකම පොඩි විඩියෝ එකක් බවට පරිවර්තනය කරා බලන්නකො ඔයාලාත් පහලින්.මගේ කැමරා ඇසට හසුවුනු දසුන් කිහිපයක් පහලින් නරඹන්න පුලුවන් දැන් ඔයාලටත්.
BLOG
පොඩි කාලේ අප අසා ඇති තේරවිලි මතකද. කපන්න කපන්න දික් වෙන්නේ මොකක්ද. යැයි ඇසීම එවැන්නකි.මෙයට නිවරදි පිළිතුරු දෙකකි.එකක් "අගල" යන්නය. අනෙක් පිළිතුර "රැවුල" යන්නය.හෝදන්න හෝදන්න කිළුටු වෙන්නේ මොනවාද. යන්න මේ ආකාරයේ තවත් තේරවිල්ලකි. එයට නිවරදි පිළිතුර "වතුර" යන්නය.අද මා මේ කතන්දරය ලියන්නේ එවැනි වෙනත් වැදගත් කරුණක් ගැන කතා කරන්නයි.මේ තේරවිල්ල බලන්න.පරණ වෙන්න පරණ වෙන්න හොඳ වෙන්නේ මොන බඩුද. වෙනත් වචනවලින් අහනවා නම් අළුත් බඩුවලට වඩා පරණ බඩු හොඳ වෙන්නේ මොනවා සම්බන්දයෙන්ද.දැන් පොඩි පරණ කතාවක් කියන්නම්.එකෝමත් එක දවසක මගේ හිතවතෙක් අපේ නිවසට පැමිණ ගමණක් යන්නට මා ඔහුගේ වාහනයට නංවා ගත්තේය.එදා මා සිටියේ තරමක හෙබ්බා තත්වයකිනි.වාහනය නුගේගොඩ හරියට ලඟාවෙන විට වාහනයේ ඒ.සී. එක නිසාදෝ මගේ නහය පුරා උතුරා යන්නට පටන් ගත්තේය.කොරේ පිටට මරේ කීවාක් මෙන් මංතුමා නිවසින් පිටව තිබුණේ කලිසම් සාක්කුවේ වෙනදාට දැහැමෙන් සෙමෙන් වැජඹෙන ලේන්සු රාජයෙක් නැතුවය.කාර් එකේ කඩදාසි ටිෂු තිබුණේද නැත.දැන් ඉතිං මෙනවා කරන්නද.මම වහාම කාරය පාර අයිනේ නවත්තන්නට යැයි කියා, බිමට පැන අසල තිබුණු පේව්මන්ට් අයිල තට්ටුවකින් ලේන්සුවක් මිළට ගතිමි.යළි අසුණේ හරි බරි ගැසී වාඩි වී රාජ ලීලාවෙන් හොටු හූරන්නට සැට් වී, අළුත් ගත් ලේන්සුව නැහැයට තැබූ විට මට දැණුනේ හරියට නම්බර් සීරෝ වැලිකඩදාසියකින් නහය පිසදා ගන්නා ආකාරයේ සුව පහසුවකි.වෙනදා හොටු හූරද්දී මගේ නැහැ පුඬු කිතිකවා ඔකඳ කරවන ලේන්සු කිහිපයේ සුසිනිදු සුමුදු මුදු පහස සිහිවී මගේ නහයෙන් හොටු පමණක් නොව ඇසෙන් කඳුළු ද වැගිරෙන්නට පටන් ගති.මා කලින් ඇසූ තේරවිල්ලට පිළිතුරු දැන් පැහැදිළියි නේද.පරණ වෙන්න පරණ වෙන්න හොඳ වෙන්නේ ලේන්සු වේ. අළුත්ම කිරි කිරි ටොයියා ලේන්සුවලින් ඒ නැහැ පුඬු කිතිකවා ඔකඳ කරවන සුසිනිදු සුමුදු මුදු පහස කිසිසේත්ම ලබාගත නොහැක.-කතන්දරකාරයාප/ලි:පරණ ලේන්සු අළුත් ඒවාට වඩා හොඳ වූවාට, පරණ ජොක්කු සම්බන්ධයෙන් ඒ තියරිය අදාන නොවන බව මා මිත්‍ර දොස්තර ප්‍රේමකුමාර මින් ටික කලකට පෙර පුවත්පතකට පවසා තිබුණි.
BLOG
අම්මා . . . මේ වචනය ඇහෙනකොට හිතට දැනෙන සෙනෙහස වචනයෙන් කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලොව තාම බිහිවෙලා නැහැ. ඒත් ඒ තරම් උත්තරීතර හැඟීමක් ඇතිකරවන අම්මලා අපේ සමාජයේ කෙතරම් දුක් විඳිනවද. ගිය සිකුරාදා මම අවාසනාවන්ත උනා තවත් එක් අම්මා කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවුන හැටි දැනගන්න. මේ අම්මා ගිය සිකුරාදා මියගියා. ඒ මියගියේ ඇයගේ පොඩි පුතුගේ ගෙදරදී. මෙම පුතු එයාගේ බිරිඳව කැන්දාගෙන ආවට එම අම්මා දැඩි ලෙස විරුද්ධ උනා. පුතාට හිමි විය යුතුව තිබූ පවුලේ දේපොල පවා ඇය තමාගේ අනෙක් දියණියන්ට හා පුතුන්ට නීතියෙන් පවරා දුන්නා. නමුත් ඇයගේ අවසාන කාලය ගෙවීමට අවශ්‍ය වටපිටාව මෙම දරුවන් කිසි දිනක පිළියෙල කර දුන්නෙ නැහැ. ජීවිතයේ සැඳෑ සමයේ සිටින මෙම මව අවසානයේදී තීරණය කලා තමන්ගේ බාල පුතා ලඟට යන්න. ඇය එහි ගිය විට මෙපමණ කලක් තමන් වටහා නොගෙන සිටි සත්‍යයක් ඇයට වැටහෙන්න ඇති. තමන් අවුරුදු 80වකට අධික කාලයක් ජීවත් වූ තමාගේ නිවස අතහැර තම මරණය තෙක් මෙම පුතුගේ නිවසේ ගත කිරීමට ‍අම්මා තීරණය කර තිබුණා. එය ඇය විසින් අනෙක් දූ දරුවන්ටද දන්වා තිබුනේ "මගේ මරණය කොහේවත් ගෙනියන්න එපා. මෙම පුතාට ඕන විදියට කරගන්න දෙන්න. " යන පණිවිඩය මගින්. හිතන්න ඇය කොපමණ දුකක් විඳින්න ඇතිද ඇය විසින් නොසලකා හරින ලද ඇයගේ ලේලිය විසින් දෙවියන්ට සළකනවා වගේ තම දරුවන්ටත් වඩා හොඳින් සැලකුම් ලබනකොට... මට හිතාගන්න බැරි දරුවන්ට අම්මා කෙනෙකු මරණාසන්න ඇ‍ඳේ සිටින විටත් ඇය බැලීමට නොපැමිණ සිටිය හැකිද . මෙම අනෙක් දරුවන් එසේ කරන ලද අතර අම්මා විසින් ඇයගේ මරණයේ වැඩ කටයුතු සඳහා ඉතිරි කරන ලද මුදලද මව මියගිය වහාම ඇය බැලීමටවත් නොපැමිණි දියණියක විසින් රැගෙන ගොස් තියනවා. මෙම සිදුවීම ආරංචි වූ විට මා හට සියළු දෙනා ගැන වෛරයක් ඇති වුනත් එම දරුවන්ට ඔවුන්ගේ දරුවන් සළකන ආකාරය සිත්තමක් ලෙස මනසේ ඇඳී යාමෙන් සිත සන්සුන් කර ගන්න හැකියාව ලැබුනා.දයාබර සහෝදරය / සහෝදරිය කවදාවත් ඔබගේ අම්මට මෙහෙම වෙන්න දෙන්න එපා. එහෙම කරන්න දෙන්නත් එපා.
BLOG
ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්.ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන්සුදු නංගියේ ඔබ යනවිට අහක බලන්කඳුලක් නැගේ දෑසට නොදැනීම ඉතින්ඇයි රත්තරන් ඔබ දැන් මේ තරම් ගනන්සුදු රැලි ගවුම ඇන්දම ඔබ තවත් හැඩයිඔය ඇස් දෙකත් ඉඳුනිල් කැට දෙකක් වගෙයිදුටු හැම විටම මට ආදරෙ ගොඩක් හිතෙයිමගෙන් වහන්වී ගියොතින් හිතට දුකයිසුදු නංගියේ මගෙ ආදරෙ වැඩි හින්දාඅල්ලපු ගෙදර වහලේ උලු ටික බින්දාඔබ වෙනුවෙන් නිතරම ගුටි කන හින්දාමොනවා කියාවිද මන්දා පොඩි නැන්දාඊයේ හවස ඔබ යනවිට මහ පාරේහිතුනා යන්න ඔබ පස්සෙන් ඒ පාරේඔය රුව දකින්නට පිං මදි සංසාරේකවදද යන්නෙ අපි දෙන්නා මල් පාරේනැන්දගෙ වහලෙ උලු හද හද ඉන්නකොටනුඹ සිහි උනා මගෙ පූරුවෙ කරුමෙකටමනෝ ලෝකයේ සක්මන් කරනකොටඋලුත් කඩන් වැටුනා වහලෙන් බිමට.
BLOG
මේ සිතත් මගේසැඩ සුළඟ වගේතැනෙක නොරැඳීඅවිචාර ගමන් යයි..මා හැර ගොස් යළිමා වෙතටම එනපෙර වාගෙම මේදැනුත් සිනාසෙන..පාට පාටින්ලොවක් පෙන්වනහඩන්නට ඉඩ කිසිත් නොතබනඅකීකරු සිතක් ඇත්නම්ඒ මගේ සිතයි.
BLOG
ඊයේ පෙරදා ෆේස්බුක් එකේ දැක්කා මෙදා සැරේ බස්නාහිර පලාත්සභාවේ වීඩියෝ එකක්. ඒකේ තිබුනේ සභාවේ චන්ද විමසීමක් අතරතුර එක මන්ත්‍රී කෙනෙක් වට පිට බල බල කොලේකින් කාක්කෙක් හදලා විදින සීන් එකක් ඔව් ඔව් යකෝ අර අපි දෙකේ තුනේ පන්තිවල ඉන්නකොට විදපු කාක්කෝ හෙවත් රොකට් එකක් තමා . .ඒක මම මගේ ෆේස්බුක් එකේ ශෙයා කලේ "රොකට් රෝහිත මේක දැක්ක ගමන් තාත්තට කියලා මේ යකාව ගන්නවා පලාත්සභාවෙන් පාර්ලිමේන්තුවට . . . " කියලා පොඩි කෙටි සටහනක් දාලා.ඒ වෙලාවේ හිතුනා කෝ යකෝ අර ලංකාවේ අපි යැව්ව සැටලයිට් එක කියලා පෝඩ්ඩක් හොයලා බලන්න . . .මෙන්න වදේ ගූගල් කලාම එනවා ශ්‍රී ලංකා මිරර් කියන සයිට් එකක විස්තරක් "ලංකාවෙන් එහෙම එකක් යවලා නෑ "කියලාවිද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. කියලා පෝස්ට් එකක්"පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා රජය චීන සමාගමක් හා එක්ව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කලේ යයි පැවසුවද එවැනි චන්ද්‍රිකාවක් ශ‍්‍රී ලංකාව අභ්‍යවකාශ ගත කර නැතැයි විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් සී පෙරේරා විසින් අසන ලද ප‍්‍රශ්ණයකට පිළිතුරු ලෙසය.අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ චීනයේ හා ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් දෙකක් එවැනි කටයුත්තක් ක‍්‍රියාත්මක කර ඇති බවයි.2012 නොවැම්බර් 27 දා සවස චීන වේලාවෙන් 6.13 ට චීනයේ සීචුඇන් ප‍්‍රදේශයේ ඇති සිචැන්ග් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට චයිනාසැට්-12 නම් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවද, එය නිවැරදි කක්ෂයට ළඟා වූ බව සහ චන්ද්‍රිකාව නිවැරදිව කි‍්‍රයාක්මක වන බවද චීන නිල ප‍්‍රවෘත්ති සේවය වන සිනිහුවා ප‍්‍රවෘත්ති සේවය පසුදා වාර්තා කළේය.එය චයිනා සැටලයිට් කොමියුනිකේෂන් සමාගමේ 13 වැනි වානිජ චන්ද්‍රිකාව වන අතර ආසියාව, අපි‍්‍රකාව සහ යුරෝපයේ සේවාදායකයන්ට මෙයින් සේවා ලබා ගත හැකි බවද පැවසිණ.ප‍්‍රංශයේ තේල්ස් ඇලීනියා ස්පේස් ආයතනය නිෂ්පාදනය කළ චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-3ඊ නම් ප‍්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් අභ්‍යාවකාශගත කර තිබිණ. එය ලෝන්ග් මිර්ච් ප‍්‍රවාහන රොකට් මාලාවේ 173 වැනි ගුවන්ගත කිරීම වෙයි.මෙය ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක් බව ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කර තිබුනද, මෙම චන්ද්‍රිකාව සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධයක් පිළිබඳව චීනය නිකුත් කළ පුවත් වාර්තාවේ සඳහන් නොවින."ආච්චිගේ රෙද්ද යකෝ මේක පුදුම අපහාසයක්නේ . . . මේ හාල් පාරු අපිට නෙමේ අපේ රටේ ප්‍රධාන පුරවැසියගේ බාල පුතාට මේ අපහාසේ කරන්නේ.එතකොට අර වීඩියෝ ප්‍රෝගෑම් පුරා රෝහිත පුතා කිව්ව මහා ලොකු වියදමක් දරලා යැව්වේ ආච්චිගේ රෙද්දද.බොරු නම් බලපල්ලා මේ වීඩියෝ එකඅනික ඒ වෙනුවෙන් සෑහන ගානක් වියදම් කරලා ඔෆීසියල් සිංදු හිටන් හැදුවනේ.ඔව් ඔව් බන් අර මිනිස්සු උඩ බලන් ඉන්න සීන් තිබ්බ වීඩියෝ එක තමා. බාතිය සන්තුෂ්ලානේද ඒක කලේ. . .මේ තියෙන්නේ ඒ වීඩියෝ එකමේ විදිහට ජනාදිපතිගේ පුතාට රටේ ප්‍රවීන ගායකයන්ට අපහාස කරන්න ඇමතිලට බලය දුන්නේ මොකාද.මම නම් කියන්නේ ඒක තනිකරම ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් . . අපි මේවට එරෙහිවෙන්න ඕන . . සිරි ලාංකිකයෝ විදිහට අපේ දේවල් අපේ තාක්ෂණය අගය කරන්න ඕන . .ඒක නෙමේ ප්‍රශ්නේ කෝ බන් හැබෑට රෝහිත යවපු සැටලයිට් එක.අහ් මේන් ඉන්නවා අර කාක්කෝ යවපු මන්ත්‍රී . . .මේන් තියෙනවා කාක්කෝ ගහපු වීඩියෝ එක . .රොකට් ගැසීම අවුරුදු ක්‍රීඩා වලට එකතු කලොත් මොකද කියලා චාමියා කිව්වහමයි මතක් උනේ මේ අවුරුදු ක්‍රීඩාවක් උනු හොඳම හිනාව වීඩියෝ එකත් මේකට එකතු කරන්න. රෝහිත මල්ලිගේ සැටලයි එක ගැනත් මේකේ කෑල්ලක් තියෙනවා. උඹලා පෝස්ට් එකවත් අනිත් වීඩියෝ වත් නොබැලුවත් කමක් නෑ මේ වීඩියෝ එක බලහල්ලා . . .
BLOG
..addGap(31, 31, 31) .addGap(90, 90, 90)) .addGap(7, 7, 7) .addGap(37, 37, 37) .addGap(27, 27, 27) .addGap(18, 18, 18) ...
BLOG
ඇහැල මල් වල පාට..මාර ගස් වල කොළ නැලවෙන සුවඳ..සතර දෙස නරඹන සිමෙන්ති බංකු..හැමදේම සමගින් විරාජමාන වූ නුඹ,දෙපයින් නැගිටින්න මග කියූ හැටි අපූරුයි..මං වත් නුදුටු මාව හරියටම දුටු,නුඹේ සෙවනේ සිටි නුඹ ඊටත් වඩා අපූරුයි.
BLOG
මැදියමේ නිඳි නැතිව තෙත් කරමි මා මේ පත් ඉරු තවමත්. නෑ සිතුම් නැවතුමක් නවතිනා තැනින් යලි යලිත් දළු දානවා විනා. ඔබ විසල් නෙත් කැළුම් අවදිව තබයි මා සිතුම් තවමත්. මට මා කවුදැයි කියා දුන්නේ ඔබයි; ඔබයි මා පෙරමඟ පහන් තරුවත්; පියවරක් ගානේ පෙනෙන සුභ ලකුණත්. මොහොතක් මොහොතක් ගානේ ඔබ ගැන ම මා මැවූ ඒ මවුවත් සිතුවිලි කුසුමන් අසල පැරදුනාදෝ නිමල සඳ කිරණත්. පුදමි ඒ පිවිතුරු ආදරය උන්මාදිනිය ඔබ හට ම. කැපකලා මා ජීවිතය ම ඔබ කෙරෙහි සෙනෙහසින්. කිසිවක් නෑ මා අත ඉතිරිව, පරිත්‍යාගයක් මිස අයිතිකරගැනීමක් නොවන වග ආදරය, කියා දුන්නේ ඔබමයි. ඔබ වෙනුවෙන් ජීවත්වන්නට හුස්ම පොද පමණක් සිරකරගත්තා පපුව තුල, එපමණයි මා ළඟ ඉතිරිව. ඔබේ සිත සොරා යන්නට මේ වචන හැර නැත කිසිදු වස්තුවක් මා මෙතෙක් ඉතිරි කර, එයද වටිනා දෙයක් යැයි කිව හැකිනම් පමණක් ඔබට අයිතියක් ඇත එයට අවනත වන්නට. - 29/12/13.
BLOG
පැණි පිරුණු මල් වලට වාගේමපැණි උරන සමනලුන්ටත් පෙම් කලදවසකට දෙකකට අත්විඳිඅපරිමිත ප්‍රේමයක් පිලිබඳඑපාවෙන තරමට ගී කියනකටකාර විහඟෙකු දුටුවා ද.අසම්මත හීන දුටු වරදටපින්කාර අත්වලින්ගල් මුගුරු පහර දීකටු ඔටුනු පැළඳ වූකුරුසිපත් නොකළ මුත්හදවතට ඇණ ගැසූපව්කාර විහඟෙකු දුටුවා ද.මේ කර්කශ ම ඍතුවේකලාතුරකින් හමුවෙනකොළපාට තුරු පතක් ගානේතුඩින් ඇන ඇන ලියනඅදහන්න බැරි ඇත්තඅකුරෙන් අකුර අමුණනකවිකාර විහඟෙකු දුටුවා ද.
BLOG
මුලින්ම කියන්නම්,මේක උපුටාගැනීමක්.මම මේක දැක්කේ මුණුපොතේ Ru(රූ) කියන පිටුවෙන්,මම එහි කාර්ය මණ්ඩලයෙන් විමසුවාමගේ අඩවියේ මෙය පල කරන්නද කියා.එවිට ඔහු කිව්වේ එය ලැබුණුවිද්‍යුත් පණිවිඩයක් බව.මෙහි සැබෑ හිමිකරු ගැන නම් ආරංචියක්නෑ.ඔහු දොස් කියන එකක් නැති වෙයි මෙය පල කරාට කියලාහිතනවා.හිමිකරු ගැන දන්නවා නම් තොරතුරක් ලබාදෙන්න...දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රියපළකස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරිමහත්මයාටදීලාකියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිමසින්දුව.මම අයෙත් සින්දුලියන්නෙනැහැ. පුලුවන්කමක්තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලියකියවල අහනවා "ඇයි මේ වගෙදෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්.ජීවිතෙමොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේදෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේතරුණියට සම්බන්ධය නවත්තන්නවෙනවා...ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්නඇයටබැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙජීවත් වෙන්නඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා...මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක්තිබිලානැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහුඒ වෙලාවෙඅතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේකතාකරන්නේ කාලයක්තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේඉස්සරහ සුදු කොඩි... තරුණයාට මතක්වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙටගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගියඥාතියාට ගෞරව කරන්න...ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරවදක්වන්නවෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදායතමයි මේ විදියටගීතවත් වෙන්නෙ...එදා මෙදාතුර කඳුලට විවරවූ -දෑස් පියන්පත් කවුළු වසාළයේ ගලා ගිය සෙනේහයේ සුව -සිනා පෙරූ රත් දෙතොල පියා...මිලාන වී ගිය රෝස කුසුම් පෙතිකම්මුල් සුදු මැලි පාට පොවාදෑත ළයේ බැඳ අවසන් ගමනටසොඳුරිය මට නොකියාම ගියා...දැස් කවුළු පත් පලා කඳුළු කැටවැහෙද්දී මගේ දෑස් අගින්කාත් කවුරුවත් වෙතත් හිතයි මටපාත් වෙන්න ඔය මුවට උඩින්...ඈත්ව යන්නට සමුගෙන කවුරුත්ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්මාත් මගෙ හිතටත් ඔබ සුවඳයිඈත්නොවේමැයි ඒ සුවඳින්...ඊයේ ඉපදී අද මිය යන්නටපෙරුම් පුරාගෙන උපන් ළයේ..හීයේ වේගෙන් අහස උසට බැදිආදර ලොකය හෙටත් තියේ....ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..ඇයි මේ ලොව මා තනිව ගියේ...ආයේ දවසක එක හිත් ඇත්තන්..වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.
BLOG
හප්පෙ මාස තුනකින් විතර ඩශ්බෝඩ් එක දැක්කේ... බල්ලෝ පූසො කැත කරපුව අහක් කරලා යතා තවෙකට ගන්නත් එපැයි....ඕන් දැන් පටන් ගන්න යන්නෙ අයෙත් මේක...සතියක් විතර රෙස්ට් කරලා මොනා හරි ලියන්නම්කො කාරිය...මෙහෙම පෝස්ටුවක් දැම්මේ මැරිලා නෑ කියලා කියන්ට හොදේ..
BLOG
සිංහල බෞද්ධයින්ගේ ශ්‍රේෂ්ඨ ගෘහ නිර්මාණයක් වන සඳකඩපහණ විකෘති කරමින්, කොහුවල ශාන්ත ජෝසප් කතෝලික දේවධර්ම පල්ලිය විසින් භාවිතා කර ඇති අයුරු අප වෙත වාර්තා වෙයි. මීට කලකට පෙරදී රාගම තේවත්ත පල්ලිය විසින් සිංහල බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කළ අතර, සිංහල බෞද්ධයින් නෑසූ කන්ව සිටි නිසාවෙන්, තවත් සමහර කතෝලික පල්ලි වලින්ද සිංහල බෞද්ධ ඉතිහාසය කතෝලික කරනය කිරීම ආරම්භ කර ඇත.සඳකඩ පහණේ බෞද්ධ මුහුණුවර පිළිබඳව සෙනරත් පරණවිතාන මහතා කළ පැහැදිළි කිරීම පහත දැක්වේ.එහෙත් සඳකඩපහණට කර ඇති දේ මේ බලන්න. කතෝලික ආගම කුඩා දරුවන්ට උගන්වන මෙම ආයතන එළිපිටම මෙහෙම කරනවානම්, කතෝලික පන්ති වලදී අපේ සිංහල බෞද්ධ ඉතිහාසය කොතරම් විකෘති කරනවා ඇතිද.කතෝලිකයින්ටම අනන්‍ය වූ අලංකාරවත් බටහිර ගෘහ නිර්මාණ සම්ප්‍රදායක් තිබියදී, සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතිකාංග මෙලෙස කොල්ල කෑම මැදහත් කතෝලික ප්‍රජාව විසින් අනුමත නොකරන බව අප විශ්වාස කරමු. සිංහල බෞද්ධයින් සහ කතෝලිකයින් අතර අප රටේ ඉතා හොඳ සුහදතාවයක් තිබෙන අතර, මෙවන් ක්‍රියා වලට ඉඩ දී ආගමික ගැටුම් ඇති වීමට ඉඩ නොතබන මෙන් බලධාරීන්ගේන් අප ඉල්ලා සිටිමු. මේ සඳහා ක්‍රියාත්මක වීම ජාතික සංවිධාන වල යුතුකමකි.Share කර මේ ගැන දැනුවත් කරන්න.
BLOG
මට ඊයේ අපේ අම්මාගේ රිපෝට් වගයක් සෙවීමට වූ නිසා ගේ ඒමේ අත පෙරලූවෙමි. රිපෝට් එක කෙසේ වෙතත් මාගේ පරන මතකයන් එයි හෑරී ඇවිස්සුනේ මාගේ පරණ පොතක් හමු වූ නිසාය. එනම් මා පාසල් යන සමයේ IT ලියූ පොතයි එහි විෂය කරුණු වලට වඩා ඇත්තේ මා බූට් එකක් ලැබූ සමයේ ලියූ එක එක විකාරයි. මට හැහී යන කරුණක්නම් බූට් එකක් කෑ විට කොල්ලෙක් කලාකරුවෙකු වන බවයි.මගේ බූට් එකක් කීවාට තිබුනේ ඒක පාර්ශවික ආදරයකි. ඒ කාලය ඉතා සුන්දර මෙන්ම කටුක කාලයක්ද විය. ඇයට මම ආදරය කල තරම දන්නේ මා පමණි. ඇය කවදාවත් එය දැන සිටියේ නැත. ඒ කාලයේ පොත් පිරෙන්නට එක එක දේවල් ලියනවා මට මතකය. ඒත් අහම්බයකින් මට එක පොතක ඊයේ දින හමු විනි. ඒ අදහස් ඔබත් කියවා බලන්නඅපි සමහර දේවල් වලට ගොඩක් හීන මවනවා ඒත්..... ඒ හීනමොනතරම් ලස්සන වුනත් අපි ඒ හීනය අත ඇරලා දාන්න කොච්චරඅකමැති වුනත් සමහර ඒව මැකිලා යනවා අපිටත් නොදැනිමඅපිට ඒ හීනය හීනයක්ම විතරයි කියලා හිතෙන කොට අපි ගොඩක් දුරගිහිල්ල ඉවරයි අපි ඒ හීනය ගොඩක් දුරට ජීවත් කරවලා.....ඇත්තටම අපි එ හීනෙ පෝෂණය කරල....සමහර වෙලාවට අපිඅපි විසින්ම මවා ගත් හීන තලලා පොඩි කරලාදාන්න තරම් නපුරු වෙනවා ඒත්....පස්සෙ තමයි තේරෙන්නෙඒ හීනය තිබුනනම් කොච්චර හොදද කියලාසමහර හීන කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙම නෑඒත් සමහර හීන ඉක්මනට් අමතක වෙලා යනවාඅපේ ජීවිත හරියට හීන සාප්පුවක් වගේඔව් හීන සාප්පුවක්ම තමා......... සමහර වෙලාවට අපිට හිතෙනවඅපේ ජීවිතෙ නාට්‍යයක් කියලඅපි අපි විසින්ම ඒ නාට්‍යයට චරිත එකතු කරගන්නවාඒකෙ හොද චරිතත් තියෙනවා නරක චරිතත් තියෙනවාඒත් අපි ගතානු ගතිකව නාට්‍යයේ ගැටුමක් නිර්මාණය කරන්නමහන්සි වෙන්නෑ බලනකොට ඒක ඉබේටම නිර්මාණය වෙලාසමහර ගැටුම් ඉතා හාස්‍ය ජනකයි මිහිරියි.ඒ වගේම සමහර ඒවා ගොඩක් භයංකාරයිඒවට මූණ දෙන්න තරම් හොද ධෛර්‍යවන්ත වීරයා අපි අපිම කියලා නම් කරගන්නවා.
BLOG
ළමයින් කණ්ඩායමක් දුම්රිය මාර්ග දෙකක් ඇති තැනක සෙල්ලම්කරමින් ඉන්නවා. මේ මාර්ග දෙකෙන් එකක් දැනටත් දුම්රිය ගමනාගමනයට භාවිතා වන අතර, අනෙකභාවිතා නොකරන පැරණි මාර්ගයක්. මෙම ළමයින් කණ්ඩායමෙන් එක් ළමයෙක් පමණක් තනිව පැරණිමාර්ගයේ සෙල්ලම් කරමින් සිටින අතර අනෙකුත් සියලුම ළමයින් සිටින්නේ දැනට භාවිතාවනමාර්ගයේ. හදිසියේම දුම්රියක් එනවා..... මේ අවස්ථාවේ එම දුම්රියමාර්ගයේ සෙල්ලම් කරන ළමයින් ‍බේරාගැනීමටඔබට කරන්න පුළුවන් එකම එක තෝරාගැනීමක් පමණයි. එනම්, එම දුම්රිය පැරණි මාර්ගයට යොමුකිරීම විතරයි. නමුත් එයින් ඒ මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින ළමයා දුම්රියටබිලිවෙනවා.ඔබ ගන්නා තීරණය කුමක්ද. ළමයින් බහුතරයකගේ ජීවිතයවෙනුවෙන් එක් ළමයෙකුගේ ජීවිතය කැප කරනවාද. නැතිනම් දුම්රිය යායුතු මාර්ගයේම යන්නටඉඩහරිනවාද.මොහොතක් කල්පනා කරන්න..........................................මෙම ප්‍රශ්ණයට පිළිතුරු දෙන බොහෝ දෙනෙක් කියන්නේ කීපදෙනෙකුගේ ජීවිතය වෙනුවෙන් එක් අයෙකුගේ ජීවිතය කැපකිරීම සාධාරණ බවයි. ඔබගේත් තීරණයඑය නම්, මදක් පහත කරුණු සලකා බලන්න....පැරණි දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන ළමයා ආරක්‍ෂාකාරීස්ථානයක සෙල්ලම් කිරීම යන නිවැරදි තීරණය ගෙන ඇති බව ඔබ පිළිගන්නවාද. එසේනම් ඔහුගේමිතුරන්ගේ වැරදි (මම නම් මෙයට කියන වචනය “මෝඩ”) තීරණය නිසා ඔහුට දුම්රියටබිලිවන්නට සිදුවීම කොතරම් සාධාරණද. එසේනම් බුද්ධිමත් තීරණ ගැනීම යනු වැරැද්දක්ද.මෙවැනි ඛේදවාචක ඕනෑතරම් අද අපේ සමාජයේ (විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීසමාජයක) දක්නට ලැබෙනවා. බහුතරයකගේ තීරණය කොතරම් අදූරදර්ශී / අනුවණ වුවත් ඒ සඳහාපිළිගැනීම ලැබෙනවා, එම තීරණ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුවන්නේ බුද්ධිමත් තීරණ ගන්නා සුළුතරයයි. (මේ සඳහා හොඳම උදාහරණය “මැතිවරණය” යන වචනය තුල අන්තර්ගතවේදැයි මම නොදනිමි)දැන් අපි අපේ ගැටළුවට නැවත යොමුවෙමු... ඔබ දුම්රියයායුතු මාර්ගයේම යන්නට හැරියොත් කුමක් සිදුවෙයිද.බොහෝවිට එම මාර්ගයේ සෙල්ලම් කරන ළමයින් එහි දුම්රියගමන් කරන බව දන්නා නිසා අවධානයෙන් සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්දුම්රියක හඬ ඇසුනු විගසින් ආරක්‍ෂාකාරීව දුම්රිය මගෙන් ඉවත් වීමට ඉඩ තියනවා.එමෙන්ම, ඔබ දුම්රිය පැරණි මාර්ගයට යොමු කළහොත් එහිසිටිනා ළමයා කිසිසේත්ම එම මාර්ගයේ දුම්රියක් පැමිණේයයි නොසිතන නිසා එයට බිලිවීමටවැඩි ඉඩක් තියනවා.ඒ වගේම, පැරණි දුම්රිය මාර්ගය භාවිතා නොකරන නිසාවෙන් එහිදුම්රියක් ගමන් කිරීම සඳහා සුදුසු තත්වයක් පවතිනවාදැයි කිසිම සහතිකයක් නැති අතරදුම්රිය අනතුරකටද ලක්විය හැකියි. වෙනත් අයුරකින් කියනවා නම්, ඔබ එම දුම්රියේ ගමන්කරන සිය ගණනකගේ ජීවිත ළමයින් කිහිප දෙනෙකුගේ ජීවිත වෙනුවෙන් කැප කරනවා වෙන්නපුළුවන්. අපගේ ජීවිතය යනු අප විසින් ගන්නා විවිධ තීරණයන්හිඑකතුවකි එසේ නම් මතක තබාගන්න..... හැඟීම් මත පදනම්ව ගන්නා ඉක්මන් තීරණ සැමවිටම නිවැරදිතීරණ නොවේ.ජනප්‍රිය තීරණය සැමවිටම නිවැරදි නොවිය හැකි අතර,නිවැරදි තීරණය සැමවිටම ජනප්‍රිය නොවිය හැක.ප. ලි.මම මේ කතාව ලියුවේ කාලෙකට ඉහත ඊමේල් හරහා Train Track & Children / Train Tracks Dilemma වගේ නම්වලින් පැතිරුන කතාවක් ආශ්‍රයෙන්. එහි කතෘ ගැන සඳහනක් නොවුනත්, එයට පාදක කරගෙන තියෙන්නේPhilippa Footවිසින් මුලින්ම හඳුන්වාදෙනු ලැබූThe Trolley Problemනම් සිද්ධාන්තයයි.
BLOG
ලෝකෙ තියෙන හොඳම social networking වෙබ්අඩවි 10 ගැන දන්නවද.ගොඩක් අය නම් use කරන්නේ facebook නේ නේද........එත් facebook වගේම පහසුකම්තියෙන social networking වෙබ්අඩවි 10 ගැන තමඊ ඔයාලට කියන්න හිතුනේ.....වෙනස් දෙකට කැමති අය ඉන්නවනම් try එකක් දාලම බලන්න ....වෙබ්අඩවි 10 පිළිවෙලට home pageඑකත් එක්ක තමයි තියෙන්නේ ........
BLOG
+++++++++++++++++++++++++++ජිවිතය නුඹේන්..ඉල්ලා ගේනඇවිද ගියේමිඅත්වැල් පටලාගෙනසිනාසිසි අපි අනන්තයටසිටියා නුඹ පෙර භවයකනොසැලෙන...පහන් වැටක් ලෙසඅද ඇවිදින් මේ ලෙසසසර පුරුද්දටතුරුල්වෙලා...මගේ හද මඩලට.
BLOG
මෙතනදී මම ඉතා සරල වෙබ්අඩවියක් ලේසියෙන් හදාගන්න විදිහ කියලා දෙන්නම් මෙතනදී HTML දැනීමක් ඒතරම් අවශ්‍යයවෙන්නේ නෑ.. මොකද මම wysiwyg web builder (“What You See Is What You Get”) භාවිතයෙන්තමයි වැඩේ කරන්න කියලා දෙන්නේ. wysiwyg කියන්නේ පහසුවෙන් වෙබ් අඩවියක් HTML,Css,PHP ගැන නොදත් අයෙක්ට උනත් අලංකාරවත් වෙබ්අඩවියක් සාදාගැනීමට අවස්තාව සලසන යෙදවුම් මෘදුකාංග (application software) වර්ගයක්. පහල දීලා ඇති ඒවගේ හොද ජනප්‍රීය මෘදුකාංග කීපයක්,1.Cofeecupඑසේත් නැත්නම් දැන් Online ක්‍රමේට උනත් ඔයාට පුලුවන් ඔයාගේ වෙබ් සයිට් එක පහසුවෙන් හදාගන්න ඒකට සරිලන වෙබ්අඩවි ගණනාවක් දැන් තියෙනවා,www.comමේ වෙබ් අඩවිවල templates ගොඩාක් තියෙනවා ඇති එවා සිතැගි පරිදිවෙනස් කරලා ඔයා කැමති වෙබ්අඩවියක් එවලෙම හදාගන්න පුලුවනි. ඒත් මම කියන්නේ wysiwygපාවිච්චිකරලා site එකක් කරගන්න විදිහ ඒකට Dreameawer download කරන්නකෝ..1 build 5949 (608 MB) torrentAdobe Dreamweaver CS6 (86 MB) Portable Edition() Dreameawer භාවිතයෙන් වෙබ් අඩවියක් සැකසීම අදියරය.වෙබ් අඩවියක් (website) වෙබ් පිටු (webpages) කීපයකින් සවිතයි.Hyperlinksභාවිතයෙන් මේවා එකිනෙක ඈදාතිබෙනවා. Html (Hyper textmakeuplanguage)පිටු නිර්මානයට භාවිතා කරනවා HTML කියන භාෂාව පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්සරල භාෂාවක් (අනිත් ඒවා එක්ක බැලුවම). වෙබ්අඩවියක ඇති මුල් පිටුව Home page ලෙස අපි නම් කරනවා. එම පිටුවටHyperlinksමගින් අනිත් පිටු සම්බන්ධ කරලයි තියෙන්නේ.Dreameawerභාවිතය ගැන මම මෙතනදී ඔයාලට කියන්ට යන්නේ නෑ ඒත් දැනගන්න කැමති අය ඇති ඒඅයට Google එකේ කරල ඕන තරම් දේවල් ඉනෙ ගන්න පුලුවන් ඒවගේමDreameawerසදහා වූ ඕන තරම්Template,widgetතියෙනවා මේවා පාවිච්චිකරලා ලස්සන සයිට් එකක් ඩිසයින් කරන්න ඕයාලාට පුලුවන්.designකරලා ඉවර උනාම File > save වලට ගිහින් site එකඔයා කැමති තැනක ෆෝල්ඩරයක් ඇතුලේ සේව් කරගන්න.html"කියලා rename කරන්න.කෙනෙක්ට අමාරුනම් webpage maker වගේ පාවිච්චිකරන්න.
BLOG
රුබිකෝන් කියන්නේ ඉංග්‍රීසී භාෂාවේ තියෙන ඉඩියම් එකක්. ඒක පාවිච්චි වෙන්නේ 'Crossing the Rubicon'කියලා.යොදා ගන්නේ 'ආපසු නොහැරෙන ඉතා තීරණාත්මක තීරණයක්' ගැන විස්තර කරන්න.මේ ඉංග්‍රීසී ඉඩියම් එකේ මුලාරම්භය ජුලියස් සීසර් උන්නැහෙට සම්භන්ධයි.රූබිකෝන් කියන්නේ ඉතාලියේ තිබ්බ ගඟක්. සීසර් අධිරාජ්‍යයෙක් වෙන්න කලින් රෝම හමුදාවේ ජනරාල් කෙනෙක්. කිසිම රෝම ජනරාල් කෙනෙකුට තම හමුදා ලීගය සමග රූබිකෝන් ගංගාව එගොඩ වෙලා රෝමයට ඇතුලු වෙන්න තහනම්. හමුදා ලීගයක් සමග රීබිකෝනය පහු කරනවාත් සමගම අදාල හමුදා ජනරාල්වරයාගේ හමුදා බලය අහෝසී වෙනවාක් මෙන්ම නීතීය කඩ කිරීම නිසා ජීවීතයෙන් වන්දි ගෙවෙන්නටත් සිද්ධ වෙනවා. ඒක නිසාම කිසියම් ජනරාල් වරයෙක් රූබිකෝනය පහු කරනවා නම් ඔහු බලය හෝ මරණය කියන දෙකෙන් එකක් ‍තෝරා ගත යුතු වෙනවා...සීසර් රූබිකොනය පහු කරනවා...ඉතිරිය ඉතිහාසයයි.....මංතුමා මීට කලින්රූබිකෝන්ගැන කථා කරලා තියෙනවා....ඒඅපේ ෆොන්සේකා ජනරාල්තුමා සම්භන්ධ ලිපියකදීයී.මේ තියෙන්නේ ඒ ලිපිය...ජනරාල්ගෙ ' රූබිකොනය ' - Fonseka's Rubiconඒ ලිපිය ලියන කාලය වෙද්දී ජනරාල් නිකංම නිකං මනුස්සයෙක් විදිහට හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා තිබ්බ කාලයයි...කට වරද්ද ගන්න නිසාමත් , හිතුවක්කාරකම නිසාත් කවුරුත්ජනරාල්එක්ක හිටගන්නලෑස්ති නෑ..මොනා උනත් ඒ ලිපියෙදි මං අනාවැකි දෙකක්සදහන් කලා....1.) ඒ මහින්ද මහත්තයා මහින්ද මහත්තයටම කෙලවා ගන්න බවයි...2.) අනිත් එක හෙල උරුමය වගේ ජාතිකත්වය කේන්ද්‍ර කරගත්ත පොරවලුත් මහින්ද මහත්තයට එදිරිව හිට ගන්න බව.....//මහින්ද රාජපක්ශ යුගය ලංකාවේ සංවර්ධනයේ මැජික්කරුවාද, පිබිදෙන ආසියාවේ ලාංකික සලකුනද වෙන්නේය. එහෙත් ඔහු, ඒ හා බැදුනු දූශණ වංචා මෙන්න නීතීය , අවනීතීය කිරීමේ අසාධනීය වරදකරුද වන්නේය. එම දුර්වලකම අනාගත ශ්‍රී ලාංකික දේශපාලනයේ , දේශපාලනමය අවපීඩනයක් වීමට නිර්මිතය.එය කාලය පිලිබද ගැටලුවක් පමණි. සුලග හමනුයේ අවපීඩනය දෙසටය. දස අතින් තුවාල උන වෘකයා, ජනරාල්වරයා, නිවී යාමට ආසන්න ගිණිපුළුගුවකි. මේ ගිණි පුළුගුව මහා ගින්නක් වන්නේ, සම්භන්දන්,රනිල් වැනී සීතල වතුර ඉසීමෙන් නොව, දේශපාලන අවපීඩනයත් සමග හමා ඒමට නියමිත සිංහල ජාතිකත්ව සුලගත් සමගය. රජරට ආසනික් මාරයා, පී.බී ජයසුන්දරට එරෙහි යුද්ධය කියා පාන්නේ සුලග හමන දිශාවය. එය නිවී යාමට ආසන්න ගිනිපුලිගු මහා ගින්නක් කිරීමේ පරිවර්තනය හා බැදුනු කාලයේ ප්‍රශ්ණයක් පමනි. එක ජාතියේ කුරුල්ලන් වසන්නේ එක අත්තේය.//මොනා උනත් මංතුමා බලාපොරොත්තු උනේ ජනරාල්ව ඉස්සහරට දා ගෙන වැඩේ සිද්ද වෙයි කියලා..ඒත් ඇත්තටම වැඩේ උනේ මෛත්‍රී මහත්තයත් එක්ක...ඔය ලිපිය අවසානයේදී මංතුමා මෙහෙමත් ලියලා තියෙනවා...//සොහොන් බිමේ සටනට වැද සිටින වෘකයා හුදකලා වී ඇත. මරණයෙන් හෝ ජයග්‍රහනයෙන් එය නිමවනු ඇත. රූබිකෝනය තිරස්චීනය. නැවත හැරීමක් නැත. සුලග එනතෙක් නිවී යාමට ආසන්න ගිණි පුලිගුව සජීව විය යුතුය. අවසාන ගින්න දවා හකුලුවන්නේ අසාධාරනයේ, අවනීතියේ මහා ගල් කණු පමණක් නොව, සාධාරණයේ හා නීතීයේ නොපලන් බිජුවට බවද අවසානයේ සටහන් කරමි...........//ඒ කථාවෙත් අවසාන වාක්‍ය සත්‍ය නොවේවායි කියලා මගේ නම් පැතුම....ප:ලි :- මාතෘකාවෙදී මෛත්‍රීගේ ඉදිරිපත් වීම මෛත්‍රීගේ රූබිකෝනයක්ද කියලා ඇහුවට ඒක එහෙමම නෑ..මොකද ඒක ජීවීතයත් මරණයත් අතර තීන්දුවක් ලෙස මට හිතෙන්නේ නැති නිසා......ඒත් ඒ තීන්දුවේ ආපසු හැරීමක් නැති විත්තියක් නම් මට හැ‍ඟෙනවා.
BLOG
ගෙදර මිදුලේ තිබුන පැණි කුරුළු කූඩුවේ පැටව්න් දෙන්නෙක් ඉන්නව දැක්කේ අහම්බෙන්. කුරුළු අම්ම කෑමඅරන් ඇවිත් ක්ෂණයෙන් කෑමකවල යනවත් දැක්ක. කැමරාවත් අටවාගෙන මමත් ලෑස්ති උනා පැටව්න්ට කෑමකවන ෆොටෝ එකක් ගන්න. විනාඩි 15ක් විතර යද්දී ඔන්න අයෙත් කුරුළු අම්ම ආව. එත් මොන ෆොටෝදකෑමකවල යන්න ගිය හිතුවටත් වැඩිවේගෙන්. කොහොමහරි ඉවසීමෙන් සැනසීම ලැබේ කියල පැය 2ක් විතර කැමරාව අටවාගෙන හිටිය. කුරුළු අම්මත් පස් පාරක් විතර ආවගියා. අන්තිමට ඉවසීම නැතිවෙන්න ඔන්න මෙන්න තියල මේ ෆොටෝ එක ගන්න පුළුවන් උනා. එක කොච්චර සාර්ථකද අසර්තකද කියල ඔයාලම තීරණය කරන්න.
BLOG
කෝපි එක්ක දවසම ගෙවුනේ. ඒ තරම් හිත හීතල වෙලා. එකින් එකට ඉවර වෙන කෝපි කෝප්ප දිහා බලාගෙන ටික වෙලාවක් ඉන්නකොට දැනෙන හිස් හැඟීමත් එක්ක කෝපි ආපහු රත්වෙනවා- ඒ රශ්ණේ කෝපි වලටවත් මගේ හිතට රශ්ණේ ගේන්න බැරි වෙලා. අපේ අම්මා මියගිහින් ඊයේට හරියටම වසර 21ක් වුනා. තව අවුරුදු පහකින් මම ඇයගේ වයසට යනවා. මායි අම්මයි අතර තිබුන බැඳීම මම හරියටම තේරුම් ගන්නේ ඇය අපිව දාලා ගියාට පස්සේ.එහෙම තමයි ජීවිතේ එක එක කාලවලදි අපිට අපි ළඟ ඉන්න මිනිස්සු තේරුම් ගන්න බැරිව යනවා. හැමදාම වගේ මම නම් හැමෝවම තේරුම් ගන්නේ ඒ අය මාව හැර ගියාට පසුවයි. ඉස්සර වගේ කාටවත් මගේ දුක කියලා මගේ කඳුළු හෝදන්න මම දැන් ලෑස්ති නෑ. ඒ දැන් මම ලොකු කෙනෙක් කියලා මටම දැනෙන හින්දා. ඒත් ඒ කඳුළු වලට හේදෙන්නේ නැති මගේ හැඟීම් ඉස්සර වගේම තවම තියෙනවා. කඳුළු වචන නොවුනට තේරුම් ගත්ත මිනිස්සුත් දැන් ළඟ පාතක නෑ. ඒ හැමෝම ඒ ඒ අයගේ ලෝකවල.ඒ ඒ අයගේ ප්‍රශ්නවල. අන්තිමට මම මම විතරක් මගේ ප්‍රශ්න වල. ඒක තමයි චක්‍රය අපි හැමෝම අස්සේ අපි අපි විතරයි.
BLOG
" (John 14:9).– John 17:3.
BLOG
4pt 0in 5.5km.20AM.6 km.Also published in මගේ ඩෙනිම & මට හිතෙන හැටිin Sinhala Language.
BLOG
යටගිය දසව නෝර්වේ පුරවරයේ වසන කල්හි එක් ශ්වේත වර්ණක කතක් බාරේ කාරිය කෙරෙමින් කල් ගත කරන එක් සැඳෑ සමයක ඇගේ ආරධනාව පරිදි මාත් තවත් එක් වන්දි බට්ටයෙකුත් ඇගේ වාසභවනට වන්නේ ශ්වේත වර්නයෙත් යුත් පුෂ්ප ගොන්නක්ද අතැතිවය. එසේ ගිය කල්හි පර සිරිත් අනුව සැර බාල කරන ලද බීම සංග්‍රහයකින් අප උන්මාද වන්නට වූ අටියෙන් ප්‍රීතිය වඩ වඩාත් වැඩි කරනු වස් කලින් සැකසූ මස්ටකයා සහිත අපරදිග ආකාරයටම සැකසූ ආහාර ඵලකය අපහට රස බලනු වස් නිදහස් කරනුයේ අප කන් දෙකන්ව යන පරිද්දෙනි. හනිකට ක්‍රියාත්මක වූ වන්දි බට්ටයාණෝ ස්වංක්‍රීය තිරගන්වනය ක්‍රියාත්මක කරමින් දසුන් ගන්නා ලද්දෙන් පසුව පැමිණි කාල හොරාවෙන් අපද මස්ටක ආහාරය රස කෙරෙමින් බුදින්නට වූයෙම්හ. මද පමණින් ක්ෂාර පමණක් එක් කෙරෙමින් මනාව සැකසූ ආහර පිණ්ඩය අවසනදී ඔවුන්ට සමුදී යලිත් අපේ ගුල වෙතට පැමිණියේ නැවත් දිනයකදී මෙවන් මස්ටක ආහාරයක් ලැබේවායි සිතින් පතමින්ය. එකී ආහාර ඵලකයේ රුවක් මෙසේ සටහන් කරනුයේ ඒ කාන්තාවට කරන අනුග්‍රහයක් බැවින්මය.
BLOG
රනින් ඉරක් පායා ඒ එළියෙන්නැවුම් ලොවක් මිහි මත බිහි වීමඟුල් හඬින් නෑඹුල් පොළොවේසතුටු උදානය සිත තුළ ඉපදීසිතින් සිතට පාවී නැළ වේ...කැපූ කරල් බර ගොයම් සුළං කර කුරුණි වලින් පුරවාකොටසක් අටුවෙහි අහුරා කොටසක් කිරිබතකට හරවාගෙමිදුල වෙත එන නව හිරු එළියේ මාගල් පැදුර එලාඉටු දෙවියන් යැද සව්දිය පිරුමට මුළු ලොව එකතු වෙලා...කිරල කැලේ බට කුරුලු කැලේ අලුත උපන් පැටවුන්අන්දර ගස් යට පිම්මේ ඉගිලෙයි පෙර නොහුරූ අයුරින්දොළොස් මහක් ජීවත් වූ ලෝකය අලුතින් අලුත් වෙලාතවත් අලුත් ලොවකට පිවිසෙන්නට ලොව ඉන් පිටත් වෙලා...පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්තනු නිර්මාණය - ඩබ්. ඩී.
BLOG
දෙසැම්බර් මාසය යනු ලොව ඕනෑම රටක් උත්සවශ්‍රියක් ගන්නා කාලයක්.මේ කාලය වාණිජ ලෝකයට නම් ඉතාමත් කාර්ය්‍යබහුල සමයක්.තම වෙළදපල ලාභ මට්ටම තර කර ගැනීම මෙන්ම තම තමන්ගේ ඉතිරි කුණු ලොට්ටයන් කාගේ හෝ ඇගට හේත්තු කිරීමට ඇති හොදම අවස්ථාවද මෙය වීම ඊට හේතුවයි.අවුරුද්ද පුරාවටම අපේක්ෂාවෙන් වුන් බෝනස් එකට තට්ටු කරගැනීමට මෙන්ම සුපිරි කුණු ‍ගො‍ඩවල් වල හිමිකරුවන් වීමට මෙම අවධිය සුපර්ය.නමුත්, මා ඉහත පැවසූ සියල්ල දැන් දැන් පුස්සක් වෙමින් පවතී.ඒ සදහා උදාහරණයක් ලෙස වර්තමාන ඉලෙක්ට්‍රොනික වෙළදපලේ වේගවත් මිල බැස්ම හැදින්විය හැක.මීට හය හත් මාසයකට පෙර තිබූ විදුලි උපකරණ මිළ මට්ටම වර්තමානයේ ඉන් හරි අඩක්වත් නොගන්නා බව ඔබ දන්නවාද.පසුගිය අයවැය හරහා සිදුවු බදු අඩු කිරීම මේ සදහා වූ මූලික අඩිතාලම ලෙස අපට හැදින්විය හැකි අතර නව තාක්ෂණය පෙර නොවූ අයුරින් වෙළදපල ආක්‍රමණය කර ගැනීමත් මෙයට හේතුවක්.මේ මිල අඩුවීම කණවැකුණු මමත් සුප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සපයන ප්‍රදර්ශණාගාරයකට ගොඩවුනේ දෙසැම්බරයේ අවසාන සතියේදීයි.නමුත්, සාප්පුව තුළට ගො‍ඩවැදුනු මා හට දකින්නට හැකි වූයේ හිස් රාක්ක කිහිපය හා ප්‍රදර්ශණ පුවරු පමණයි.ඒ වන විටත් ඔවුන්ගේ සියලූම භාණ්‍ඩ ( ප්‍රදර්ශණයට තිබූ භාණ්ඩ පවා) විකිණි අවසන්ව තිබිණ.ඒ ශාඛාවේ මෙන්ම දිවයින පුරා විසිරී ඇති අනෙකුත් ප්‍රදර්ශණාගාරද ඔවුන් නොසිතූ වෙළදාමක් ඒ වන විටත් ලබා සිටියා.අපි එළවලු මිළ වැඩියි කියා කෑ ගසමු.නමුත්, මේ තත්වය. ඔව්.මෙම අසාමාන්‍ය ඉලෙක්ට්‍රොනික වෙළදාමට (ඇත්තෙන්ම අතීතයට සාපේක්ෂව අසාමාන්‍ය වෙළදාමක්) මූලික වූ හේතුවක් ඇත‍.ඒ නම් Credit Card භාවිතයෙන් පොළී රහිතව මාස 24 ඇතුලත ගෙවීමේ පහසුකම ලබාදීමයි.සල්ලි නැතත් ණයට හෝ LCD TV , HIFI SETUP, BLUERAY PLAYERS, WASHING MACHINE, REFRIGERATORS පාවිච්චි කරන්න අකමැති කවුද.නමුත්, මේ මිළ අඩුවීමට කෙලවීමට නව තාක්ෂණය සමත් වෙමින් පවතී.LCD TV එකක් වෙනුවට LED TV ආදේශකයකි.නමුත්, එය මිලෙන් අධිකය.අනාගතයේ තව තව සොයාගැනීම් බිහිවනු ඇත.ඒවා මීටත් වඩා මිලෙන් අධික වනු ඇත.මිල කෙසේ වුවද නව තාක්ෂණය අනෙක් දියුණු රටවලට සාපේක්ෂ අවධියේම මෙහි පැමිනීම පිළිබදව අප සතුටු විය යුතුමය.අනාගත ශ්‍රී ලංකාවේ තාක්ෂණ අවශ්‍යතා සපුරාගැනීම මෙතරම් දුෂ්කර නොවනු ඇත.එහි පෙරමග ලකුණුයි මේ.
BLOG