comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේඉරි: ජූනි 11, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 162 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 163 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 203 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
වර්ඩ්පෑඩ් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි වින්ඩෝස් 7 මත වර්ඩ්පෑඩ් තොරතුරු වර්ගය වචන සකසනය/වදන් සකසුව අඩංගුයි සමග වින්ඩෝස් 95 සහ ඉහල ප්‍රතිස්ථාපන මයික්‍රොසොෆ්ට් රයිට් ආශ්‍රිත සංරචක නෝට්පෑඩ් වර්ඩ්පෑඩ් යනු වින්ඩෝස් 95 සිට ඉහලට ඇති සියලුම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල අන්තර්ගත වචන සකසනයකි. මෙය නෝට්පෑඩ් වලට වඩා උසස් වන අතර මයික්‍රොසොෆ්ට් වර්ක්ස් වචන සකසනය සහ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලට සමාන වේ. මයික්‍රොසොෆ්ට් රයිට් විසින් මෙය ප්‍රතිස්ථාපනය කරන ලදී.
|
ACADEMIC
|
කෑම පෙට්ටි රැගෙන යන්නා යනු නගර අවට ගම් දනව් හි පදිංචිව සිට රැකියා සඳහා නගරයට දිනපතා ගමන්කල ලාංකික වෘත්තිකයන්ට විසිවන සියවසෙහි අගභාගයෙහිදී ඉමහත් පහසුවක් ගෙන දුන්නාවූ තවත් වෘත්තිකයෙකි. උදෑසනින් තම රැකියාව සඳහා දුම්රියෙන් හෝ බස්රියෙන් නගරයට පැමිණෙන වෘත්තිකයන්ගේ දිවා ආහාරය ඔවුන්ගේ නිවෙස් වෙතින් භාරගෙන ඔවුන්ගේ සේවා ස්ථානයට රැගෙන විත් දීම හා දිවා ආහාර විවේකයෙන් පසුව එම ආහාර බඳුන් (එකල භාවිතා වූයේ පිඟන් දෙකකි) නැවත එම වෘත්තිකයාගේ නිවෙස වෙතට ගෙන ගොස් දීම මෙම කෑම පෙට්ටි රැගෙන යන්නාගේ කාර්යය විය. මෙම පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් එකල ලංකාවේ නගර වෙත ගමනෙහි යෙදෙමින් මෙම වෘත්තියෙහි නියැළුනු අතර ගමනාගමනය සඳහා දුම්රිය හා බස්රිය මෙන්ම පා පැදියද භාවිත කලහ. යම් නිවෙසකින් කෑම පෙටිටිය භාර ගන්නා පුද්ගලයා හා ගෙහිමියාගේ කාර්යාලයයට එම කෑම පෙට්ටිය භාර දෙන්නා බොහෝ විට පුද්ගලයන් දෙදෙනෙක් වන අතර, ඒ අතරතුර තවත් බොහෝ අයවළුන් අතින් අතට මෙම කෑම පෙට්ටිය හුවමාරු වෙයි. ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක වූ කිසියම් ජාලයක අග්‍ර අතරෙහි කෑම පෙට්ටිය සැරිසරන අතර නිවෙසක සිට නිවැරැදි කාර්යාලයට අහර බඳුනද කාර්යාලයක මිට නිවැරැදි නිවෙසට හිස් බඳුනද ගෙන යාමට එම ජාලය නිරොතුරුවම සමත් විය. අවශ්‍යතාවය[සංස්කරණය] එකල බොහෝ වෘත්තිකයන් පුරුෂයන් වූහ. සමහරක් කාර්යාලයන්හී ලිපිකාරිනියන්, ලඝුලේඛිකාවන් වැන්නන්ද කොළඹ විදුලි සංදේශ කාර්යාලයෙහි දුරකතන පුවරුවෙහි සේවයකල කාන්තාවන්ද හැරුනු කලෙක, ගුරුවරියන් මෙහිදී අමතක කරන ලදි, වෘත්තික කාන්තාවන්ට වඩා ඉහල ප්‍රතිශතයක් ගෘහනියන් ලංකාවෙහි සිටියහ. මෙම කාලයෙහි ගෘහනියකගේ දෛනික ක්‍රියා කලාපයට, අළුයමින් ලිප ගිනි මෙලවා බත් ව්‍යංජන සකස් කිරීම අයත් නොවීය. සමහරක් ගෘහයන්හී උදය ආහාරය ලෙසින් කිරිබත්, දිය බත්, සුළු බත්. පිට්ටුල ඉඳි ආප්ප ආදිය පිළියෙල කෙරුනද සමහරක් නිවෙස්හි උදය ආහාරය පාන් ඇසුරෙන් පිරිමැසිනි. කාර්යාල සේවයක් හෝ කර්මාන්තයක් හෝ සඳහා උදෑසන නිවෙසින් පිටත්වන්නේ ගෘහ මූලිකයා පමණක් වන අතර දහවල් ආහාරය උදෑසනින් පිළියෙල කිරීම සිරිතක් නොවීය. සැහැල්ලු උදය ආහාරය පිළියෙල කිරීම හැරුණු විට ලමා ලපටින් පැසැල් යැවීමට පිළියෙල කිරීම ආදිය ගෘහනියකගේ දෛනික රාජකාරියෙහි මුල් කොටසට අයත් වූ බැවින්ද දහවල් ආහාරය පිළියෙල කිරීමෙහි සංකීර්ණ ක්‍රියාවලියට උදෑසනින් කාලය මිඩංගු කිරීම අපහසු විය. දහවල් ආහාරය පිළියෙල කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වූයේ සහල් පොලා සුන්සාල් ඉවත්කොට, වී ඇහිඳ, කළු ඇට ඉවත් කොට, නෑඹිලියකින් ගරා ගල් ඉවත් කොට, මිරිස්, කහ සහ තුනපහ මිරිස් ගල ඇසුරින් අඹරා සකස්කොට මාළු වෙළෙන්දා පැමිණි විට එය මලදී ගෙන එළවළු වෙළෙන්දියගෙන් ඒවා ද මිලදී ගෙන ආදී වශයෙන් සැම දිනකම සිදුකල යුතු කර්වයන් රැසක එකතුවක් නිසා විය. මෙ නිසා දහවල් බත නිමැවෙන විට ගෙහිමියා කාර්යාලයට පිවිස බොහෝ වේලා ගත වී නිමවී තිබිණ. තැන තැන ආපනශාලා තිබුනද, කාර්යාල සේවකයින් ඒවායින් දිවා ආහාර ගැනුම ප්‍රචලිත නොවීය. වියදම අධික වීම, කාලය වැයවීම, සෞඛ්‍ය ආරක්ෂිත බවේ ගැටළු ආදිය බලපෑ නමුත් භාර්යාව පිළියෙල කල ආහාර වැළඳීමේ සරල පිළිවෙත සියල්ලටම ඉහලින් සිටි බවකි.
|
ACADEMIC
|
ගිනස් වාර්තා පොතට මූලික වූ පුද්ගලයා වන්නේ ශ්‍රීමත් හියු බිවර් ය.යුරෝපයේ වේගවත්ම කුරුල්ලා වන රන වටුවාට දඩයක්කරුවෙක් එල්ල කළ පහරක් ගිලිහී යනු දිනක ශ්‍රීමත් හියු බිවර් දුටුවේය. ඒ මොහොතේ රන වටුවා පැයට සැතපුම් 100ක් පමණ වේගයෙන් ඉගිල ගියේ යැයි ඔහු පැවසූ අතර සැබවින්ම රන වටුවාට කොපමණ වේගයෙන් පියාසර කළ හැකි දැයි දැන ගැනීමට අවශ්‍ය විය. එහෙත් ඒ පිළිබඳව සටහන්වූ කිසිදු ලියැවිල්ලක් සොයා ගැනීමට ශ්‍රීමත් බිවර්ට නොහැකි විය. ගිනස් වාර්තාව බිහිවූයේ එවැනි විස්තර සටහන් කර තැබිමටය. බාහිර සබැඳුම් (Eසිංහල95.blogspot,com) Eසිංහල95 -> අඩවියට
|
ACADEMIC
|
ජාතික කොඩිය ආදර්ශ පාඨය شرف إخاء عدل (අරාබි) ජාතික ගීය "මොරිටානියාවේ ජාතික ගීය" සිතියම අගනුවර සහ විශාලම නගරය නොවැක්චොට් රාජ්‍ය භාෂාව අරාබි රාජ්‍ය ඉස්ලාම් රාජ්‍ය ජනාධිපති මොහොමඩ් උල්ඩ් අබ්දුල් අගමැති මවුලය උල්ඩ් මොහොමඩ් ලාෆ්ඩෆ් නිදහස ප්‍රංශයේ සිට දිනය 28 නොවැම්බර් 1960 වර්ග ප්‍රමාණය එකතුව වර්ග කිලෝමීටර 1,030,700 වර්ග සැතපුම් 397,954 ජලය (%) 0.03 ජනගහනය ජුලි 2009 තක්සේරුව 3,291,000 1988 ජන සංගණනය 1,864,236 ඝනත්වය වර්ග කිලෝමීටර 3.2 වර්ග සැතපුම් 8.2 දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව එකතුව ඩොලර් බිලියන 6.326 සාමාන්‍ය ඩොලර් 2,037 දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව එකතුව ඩොලර් බිලියන 3.029 සාමාන්‍ය ඩොලර් 975 ගිනි (2000) 39 (මධ්‍යම) මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.520 (මධ්‍යම) මුදල් උයුගුයියා (MRO) මං තීරුව දකුණ අන්තර්ජාල .mr දුරකථන සංකේත 222 මොරිටේනියාවේ නිල නාමය 'මොරිටේනියා ඉස්ලාමීය ජනරජය'නම් වෙයි. මෙය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. මෙහි දේශ සීමා ලෙස බටහිරින් අත්ලාන්තික් සාගරයත්,නිරිත දිගට සෙනෙගල්ද, නැගෙනහිරට සහ ගිණිකොනට මාලී රටද, ඊසාන දිගින ඇල්ජිරියාව සහ වයඹින් මොරොක්කෝව විසින් පාලනය කරනු ලබන බටහිර සහරාවද වෙයි. නූතන රාජ්‍යයෙන්, පැරණි මොරිටානියා පළාතේ නිරිත දිග දිසාව දක්වාම ආවරණය වන නමුදු, මොරිටානියා හි රෝමන් පළාත සිහිගන්වනු වස් මෙරටට ඒ නම ලැබී තිබේ. අගනගරය සේම මොරිටානියාහි පිහිටි විශාලම නගරය වනුයේද අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටා ඇති 'නොවක්චොට්' (Nouachott) නුවරයි. ජෙනරල් මොනටඩ් අවුල්ඩ් අබිදෙල් අසීස්ගේ නායකත්වයෙන් දියත් කරන ලද හමුදා කුමන්ත්‍රණයක් මගින් 2008 අගෝස්තු 6 වන දින එවකට පැවති මොරිටානියා සිවිල් ආණ්ඩුව, බලෙන් නෙරපා හරිනලදී.එම වර්ෂයේම ජූලි 19 වැනි දින පැවැත් වූ ජනාධිපතිවරණයට තරඟ කිරීම පිණිස ජනරාල් අසීස් යුධ හමුදාවෙන් ඉල්ලා අස්වූ අතර පසුව ඔහු මැතිවරණයද ජයගත්තේය. මොරිටානියාහි ජනගහනයෙන් 20% පමණ ජීවත් වනුයේ දිනකට ඇමරිකන් ඩොලර් 1.25 කටත් අඩු ආදායමක් ලබමිනි
|
ACADEMIC
|
රිචඩ් එරට් ස්මාලී උපත ජුනි 6, 1943(1943-06-06) ඇක්රන්, ඔහයියෝ මරණය ඔක්තෝම්බර් 28, 2005(2005-10-28) (වයස 62) හූස්ටන්, ටෙක්සාස් ආයතන රයිස් විශ්වවිද්‍යාලය ශාස්ත්‍ර ශාලාව මිචිගන් විශ්වවිද්‍යාලයප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය ප්‍රසිද්ධයට හේතුව බක්මින්ස්ටර්ෆුලරීන් සංගණ්‍ය ත්‍යාගයන් 1996 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය රිචඩ් එරට් ස්මාලී (ජූනි 6, 1943 – ඔක්තොම්බර් 28, 2005) යනු හූස්ටන්, ටෙක්සාස්හී, රයිස් විශ්වවිද්‍යාලයෙහි, රසායන විද්‍යාව පිළිබඳ ජීන් සහ නෝමන් හැකර්මන් මහාචාර්යවරයා සහ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වූවෙකි.
|
ACADEMIC
|
නියම කරන ලද හෝ පාලනය කිරිමක් සහිත ගිනි තැබ්ම් ( back burning or swailing ) සමහර අවස්ථාවල දී වන කලමණාකරනය, ගොවිතැන, ගස් නැති තණකොළ වලින් වැසුනු තැනිතලාවන් නැවත ඇති කිරීම හෝ හරිතාගාර වායු පිටවීම වැළැක්වීම සදහා යොදා ගන්නා ක්‍රමයකි. ගින්න යනු වනාන්තර හා තණබිම් පරිසර විද්‍යාවේ ස්වභාවික කොටස් වන අතර වන නිලධාරීන් පාලනය කිරිමක් සහිත ගිනි තැබීම් මෙවලමක් ලෙස යොදා ගනී. පාලනය කිරිමක් සහිත ගිනි තැබීම් ඇතැම් යෝග්‍ය, රැ අපට අවශ්‍ය කරන වන ශාක පැලවිම උද්දීපනය කරන අතර එමගින් වනාන්තර නැවත අළුත් වීමක් සිදුවේ. සික්වෝයා වැනි ඇතැමි බීජ ඒවායේ බීජ ආවරණය ඉවත් නොවී ගින්නකට අසුවන තුරු සුප්තව පවතී. කාර්මික රටවල්වල පාලනය කිරිමක් සහිත ගිනි තැබීම් සම්බන්ධයෙන් නීතී හා බලපත්‍ර නිකුත් කිරීමට බලය පැවරී ඇත්තේ ගිනි ගැනීම් පාලන අධිකාරීන්වලට ය. බලයලත් පාර්ශ්වය විසින් ගිනිගැනීම් ඇතිවිය හැකි යැයි බලාපොරොත්තු වන කාලය හා ස්ථානය වචනයෙන් හෝ සටහනකින් ඉදිරිපත් කළ යුතුය. ගිනිගැනීමක් පාලනයෙන් තොරව සිදුවන අවස්ථාවක බලපත්‍රයක් ලබාගෙන තිබීම වගකීම සීමා කිරීමක් නොවේ. Reference[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Controlled_burn
|
ACADEMIC
|
කාව්‍යය යනු, ගද්‍යමය ප්‍රදර්ශනශීලී අර්ථයන්ට අමතරව හෝ ඒවා වෙනුවට හෝ වෙනත් අර්ථයන් පුබුදුවීමට—ශබ්ද-සෞන්දර්ය විද්‍යාව, ශබ්ද සංකේත වාදය, සහ විරිත වැනි— භාෂාවෙහි සෞන්දර්යාත්මක සහ රිද්මානුකූල[1][2][3] ගුණාංග භාවිතා කරන සාහිත්‍යමය කලා ස්වරූපයකි. සටහන්[සංස්කරණය] ↑ "පොයෙට්‍රි". ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරීස්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 2013. ↑ "පොයෙට්‍රි". මේරියම්-වේබ්ස්ටර්. මේරියම්-වෙබ්ස්ටර්, සමාගම. 2013. ↑ "පොයෙට්‍රි". Dictionary.com. Dictionary.com, LLC. 2013. Unknown parameter |note= ignored (help)
|
ACADEMIC
|
වචනය මුල් වචනය මුල් වචනයේ තේරුම හෙළ වචනය (ඇත්නම්) ඉස්කුරුප්පු කොටුවේ පෙළ කොටුවේ පෙළ - ඔර්ලෝසු කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කේතල කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ ඉස්තිරික්ක කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කනප්පු කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ පෝච්චි කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ අද්වකාත් කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කෝකි කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ නොතාරිස් කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ මහේස්ත්‍රාත් කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොමසාරිස් කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ තෝල්ක කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ බාස් කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ පොල්මඃකාර කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ බෝංචි කොටුවේ පෙළ කොටුවේ පෙළ මෑ සූකිරි කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
|
ACADEMIC
|
ප්‍රියන්ත ජයවර්ධන උපත කොළඹ ලංකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ වෘත්තිය ජනාධිපති නීතිඥ ප්‍රසිද්ධ වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආගම බෞද්ධ ගෞරවණීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන යනු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකි. තවද ඔහු ජනාධිපති නීතිඥ වරයෙකි. ජීවන සටහන්[සංස්කරණය] ප්‍රියන්ත ජයවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] ප්‍රියන්ත ජයවර්ධන ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු නීතිඥයින් හා විනිශ්චයකාරවරුන්
|
ACADEMIC
|
ගෙවතුකරණයේ දී හා කෘෂිකර්මයේ දී සහචර වගා කිරීම යනු සමීප භෞතික ප්‍රදේශයක් තුළ විවිධ වගා වගා කිරීමයි. සිද්ධාන්තයට අනුව ඒවා එකිනෙකාට උදව් කරගනු ඇත. එය එක් බහු වගා ආකාරයකි. සහචර වගා කිරීම කාර්මීකරණය වූ හා සංවර්ධනය වන රටවල්වල ගොවියන් හා ගෙවතු කම්කරුවන් විසින් භාවිතා කරනු ලැබේ. සහචර වගා කිරීමේ බොහොමයක් නූතන න්‍යායන් ශත වර්ෂ ගණනකට පෙර ගෘහස්ථ ගෙවත්තේ (cottage garden) දී ඉදිරිපත් කර තිබේ. එහි ඓතිහාසික භාවිතය පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් තිබුණත් මෙම එක් එක් මැදිහත් වීමේ කාර්යක්ෂමතාව සඳහා විද්‍යාත්මක පරීක්ෂණ පැවතුණේ සීමා සහිත ගණනකි. ගොවියන් සඳහා මෙම තාක්ෂණික ක්‍රම සංගෘහිත පලිබෝධ කළමණාකරණයේ දී යොදා ගන්නා අතර ගොවියන් සඳහා වැඩි ඵලදාවක් ලබා ගැනීම හා හෝ පලිබෝධකයන් අඩු කිරීමට පද්ධතියක් ගොඩනැංවිය හැක. දියුණු වන ලෝකයේ දී සමෝෂ්ණ වගා වෙනුවට නිවර්තන වගා යොදා ගන්නා අතර එමඟින් NGO හා අනෙකුත් සංවිධානවලට දුප්පත්කම අවම කිරීම සඳහා මෙවලමක් ලබා දෙයි. ගෙවතු වගාකරුවන් සඳහා ශාක සංයුක්ත කිරීම් මඟින් වඩා විවිධත්වයකින් යුත් ආකර්ශනීය එළවළු ගෙවත්තක් ලබා දෙයි. ජෛව විවිධත්වය නැතිවී යාම පාලනය කිරිමට එය යොදා ගත හැක. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Companion_planting
|
ACADEMIC
|
හබරලා, දුනු කරවැලා හෙවත් මුදු කරවැලා Scientific classification Kingdom: Animalia Phylum: Chordata Subphylum: Vertebrata Class: Reptilia Order: Squamata Suborder: Serpentes Family: Elapidae Genus: Bungarus Species: B. ceylonicus Binomial name Bungarus ceylonicus Günther, 1858 ලංකා දූපතට පමණක් ආවේණික උග්‍ර විෂ සහිත සර්පයෙකි.
|
ACADEMIC
|
ඡන්ද විද්‍යාව යනු ඡන්ද ගණනය කිරීමේ සංඛ්‍යාත්මක විශ්ලේෂණයකි. (මෙය ග‍්‍රීසියේ ඡන්ද සඳහා භාවිත psephos යන්නෙන් බිඳී ආවකි) මෙහිදී, වසර කිහිපයකට පෙර සිදු වූ මැතිවරණවල ඡන්ද සංඛ්‍යාව, මහජන අදහස් විමසීමේ ඡන්ද, ඡන්ද ව්‍යාපාරවල මූල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු හා එබඳු සංඛ්‍යාත්මක දත්ත සංග‍්‍රහ ගත කරයි. මෙය 1952 දී එක්සත් රාජධානියේ ඉතිහාසඥයකු වන ආර්. බී. මැකලම් විසින් යොදා ගත් යෙදුමකි. එහිදී ඔහු පසුගිය මැතිවරණවල විද්‍යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය. බි‍්‍රතාන්‍ය විද්වත් ලේඛන තුළ මෙම වචනය බොහෝ ලෙස භාවිත වේ. එසේම, මැතිවරණ පූර්ව නිගමනයන්ට වඩා මෙය මැතිවරණවල පසු ප‍්‍රතිඵල විශ්ලේෂණය කරයි. නිදසුනක් ලෙස, ගැලගර් දර්ශකය (Gallagher Index) මගින් මැතිවරණයක අසමානුපාතික බව මනිනු ලබයි. සටහන්[සංස්කරණය] | Psephology |}
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 8 වන සියවස – 9 වන සියවස – 10 වන සියවස දශක: 820ගණන් 830ගණන් 840ගණන් – 850ගණන් – 860ගණන් 870ගණන් 880ගණන් වසර: 847 848 849 – 850 – 851 852 853 වසර 850 (DCCCL) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස – ක්‍රිපූ 6 වන සියවස දශක: ක්‍රිපූ 630ගණන් ක්‍රිපූ 620ගණන් ක්‍රිපූ 610ගණන් – ක්‍රිපූ 600ගණන් – ක්‍රිපූ 590ගණන් ක්‍රිපූ 580ගණන් ක්‍රිපූ 570ගණන් වසර: ක්‍රිපූ 611 ක්‍රිපූ 610 ක්‍රිපූ 609 – ක්‍රිපූ 608 – ක්‍රිපූ 607 ක්‍රිපූ 606 ක්‍රිපූ 605 ක්‍රිස්තු පූර්ව 608 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 608 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 608 අබ් ඌර්බෙ කෝන්ඩිටා 146 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 4143 බෞද්ධ දිනදසුන −65 – −64 බහායි දින දසුන −2451 – −2450 බෙංගාලි දින දසුන −1200 බර්බර් දින දසුන 343 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1245 බයිසැන්ටියානු දින දසුන 4901–4902 චීන දින දසුන 壬子年 (ජලය Rat) 2089 or 2029 — to — 癸丑年 (ජලය Ox) 2090 or 2030 කොප්ටික දින දසුන −891 – −890 ඩිස්කෝර්ඩියන් දින දසුන 559 ඉතියෝපියානු දින දසුන −615 – −614 හෙබ්‍රෙව් දින දසුන 3153–3154 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −551 – −550 - ශක සම්වත් N/A - කලි යුග 2494–2495 හොලොසීන දින දසුන 9393 ඉග්බො දින දසුන −1607 – −1606 ඉරාන දින දසුන 1229 BP – 1228 BP ඉස්ලාමීය දින දසුන 1267 BH – 1266 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1726 මින්ගුවෝ දින දසුන 2519 before ROC 民前2519年 තායි සූර්ය දින දසුන −64 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 608 BC
|
ACADEMIC
|
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සුළු පක්ෂයකි. මෙහි ආරම්භක නායක ඒ.එස්.පී. ලියනගේය. ජනාධිපතිවරණවලදි පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඒ.එස්.පී. ලියනගේ පෙනී සිටියේය. ආරම්භක නායක : ඒ.එස්.පී. ලියනගේ. නායක : ලේකම් : මූලස්ථානය : පක්ෂ සලකුණ : කැන්ගරෑ
|
ACADEMIC
|
සාගර උදම් තරංඟ පෘථිවියෙහි සාගර උදම් තරංඟ චන්ද්රsයාගේ ගුරුත්වාකර්ශණය (එහි ත්රීණව්ර තා අනුක්රතමණය) නිසා ඇති වන උදම් බල හේතුවෙන් ඇති වන්නක් වන අතර පාථිවි සාගර මත බලපාන වෙනත් ආචරණ සමුහයක් හේතු වෙන් වර්ධනය වු තත්වයට පත් වෙයි. ගුරුත්වාකර්ශක උදම් බලය හටගැනීමට හේතු වන්නේ සද වෙත මුහුණලා පිහිටන පෘතුවි අර්ධය (සඳට වඩාත් ආසන්න ප්රැදේශය) සඳෙහි ගුරුත්වාකර්ශණය හේතුවෙන් පෘථිවි කේන්ද්රවයට සහ පෘතුවියේ සඳ ට වඩාත් ඈතින් පිහිටන ප්ර දේශට සාපේක්ෂව වැඩි ආකර්ශණ බලයකට යටත් වීමයි. ගුරුත්වාකර්ශක උදම් තරංඟ හේතුවෙන් පෘථිවි සාගර පෘථිවිය කෙන්ද්රවය වන පරිදි පිහිටන ඉලිප්සයක ආකාරයට හැඩයකට සකස් වෙයි. මෙම ආචරණය හේතුවෙන් සඳ ට වඩාත් ආසන්න සහ වඩාත් ඈතින් පිහිටි ප්රිදේශ ආශ්රිමතව පෘථිවියට සාපේක්ෂව මුහුදු මට්ටම ඉහළ නගියි. මෙම ප්රතදේශ මුහුදු මට්ටම නෙරාගිය ප්රචදේශ ලෙස සැලකිය හැක. මෙම නෙරාගිය ප්ර දේශ සිය අක්ෂ්යඩ වටා භ්රමමණය වෙමින් දිනකට එක් වරක් බැගින් පෘථිවිය වටා ගමන් කරයි. මේ හේතුවෙන් නිරන්තරයෙන් චලනය වන මෙම නෙරාගිය ප්ර දේශ දෙසට මුහුදු ජලයද නිරන්තරයෙන්ම චලනය වෙමින් පවති. මෙම නෙරුම් යුගලයේ සහ ඒවා පසු පස ගමන් කරන දැවැන්ත සාගර ජල තරංඟ වල ආචරණය අනෙකුත් ආචරණයන්ගේ අන්තර් ක්රිේයාවක් හේතුවෙන් වර්ගික තත්ත්වයට පත්වෙයි. මෙම ආචරණයන් වනුයේ පෘතුවි භ්රනමණයට සාගර පතුල හරහා ජලය ඝර්ෂණ ඔස්සේ සම්බන්ධ වීම, ජලයේ චලනයෙහි අවස්ථිතිය, භූමියට ආසන්නවත්ම ක්ර මයෙන් ගැඹුර අඩුවන සාගර ද්රෝ්ණිය සහ විවිධ සාගර ද්රෝ ණි අතර පවතින විචලන යන ඒවායි. මෙම වර්ධක ආචරණයෙන් නාන ජල බඳුනක ගැඹුරු ජල කඳ සහිත කොටසෙහි ශරීරය චලනයෙන් ඇති වන සුළු කැළඹීමක් හේතුවෙන් ඇලවු කෙළවර ජලය ඉහළ නැගීමට යම්තාක් දුරට සමාන වේ. චන්ද්ර යන් සහ ඊට ආසන්නතම සාගර නෙරුම අතර හටගන්නා ගුරුත්වාකර්ෂණ සම්බන්ධය හේතුවෙන් චන්ද්ර්යාගේ කක්ෂය වෙත බලපෑමක් එල්ල වෙයි. පෘතුවිය සිය අක්ෂ්යඇය වටා චන්ද්රනයා පරිභ්රකමණය වන දිශාව ඔස්සේම දළ වශයෙන් චන්ද්ර යා මෙන් 27 ත් ගුණයක වේගයෙන් යුතුව භ්රසමණය වෙයි. ඒ හේතුවෙන් සාගර ජලය සහ සාගර පතුල අතර හට ගන්නා ඝර්ෂණ සම්බන්ධය සහ ජලයෙහි අවස්ථිතිය හේතුවෙන් චන්ද්රවයාට ආසන්නව පිහිටන උදම් නෙරුමෙහි මුදුන චන්ද්රෙයාගේ කේන්ද්රනය සහ පෘථිවියෙහි කේන්ද්රටය යා කෙරෙන මනඃකල්පිත රේඛාවෙන් මඳක් ඉදිරියට යොමුව පිහිටයි. චන්ද්රායාගේ පැතිකඩින් බලන විට සඳට ආසන්න උදම් නෙරුමෙහි ස්කන්ධ කේන්ද්රොය එය පරිභ්රරමණය වන ලක්ෂ්යපයට හැමවිටම මදක් ඉදිරියෙන් පිහිටයි. චන්ද්ර්යාට වඩාත් ඈතින් පිහිටන නෙරුම සදහා මෙම ආචරණයෙහි විලෝමය සත්ය් වේ. එනම් එය ඉහත සදහන් මනඃකල්පිත රේඛාවට සාපේක්ෂව මදක් පසු පසින් පිහිටයි. කෙසේ නමුත් එය තවත් කිලෝමීටර් 12756 ක් සදට ඈතින් පිහිටන අතර එය හා සඳ අතර පවතින ගුරුත්වාකර්ෂණ සම්බන්ධව මඳක් අඩු අගයක් ගනී. මේ හේතුවෙන් පෘථිවිය වටා කක්ක්ෂය ඔස්සේ නිරන්තරයෙන්ම චන්ද්රවයා ගුරුත්වාකර්ෂණ බලය මගින් ඉදිරියට ඇදෙමින් පවති. මෙම ගුරුත්වාකර්ෂණ සම්බන්ධ හේතුවෙන් භ්රගමනය වන පෘථිවියේ (දිනය සහ අධික තත්පරය යන ලිපි ද බලන්න) කෝණික ගම්යෙතාවය සහ එහි චාලක ශක්තිය නිරන්තරයෙන්ම අඩු වෙමින් පවතියි. එසේම චන්ද්රියාගේ කක්ෂය වෙත කෝණික ගම්ය තාවය එකතු වන අතර ඒ හේතුවෙන් කාලයත් සමග ක්රුමයෙන් චන්ද්රයයා වඩාත් ඉහළ කක්ෂයක් වෙත ළඟාවෙයි. චන්ද්රනයාගේ කක්ෂීය අරය මත මෙමඟින් ඇති වන බලපෑම ඉතා කුඩා වෙයි. එය සංඛ්යාඩත්මක වශයෙන් වසරකට 0.1 ppb පමණ වේ. නමුත් වාර්ෂිකව මේ හේතුවෙන් චන්ද්ර යා සහ පෘථිවිය අතර පරතරය මැනිය හැකි අගයක් වන 3.82 cm ප්රවමාණයකින් ඉහළ යයි. එසේම මෙම ආචරණය කාලයත් සමඟ වඩ වඩාත් ප්ර.බල තත්ත්වයට පත් වන අතර මුල් වරට ගගන ගාමීන් සඳ මත පා තැබීමෙන් පසු දළ වශයෙන් වසර 39 ක් ගත වන විට චන්ද්ර යා සහ පෘථිවිය අතර දුර ප්රමමාණය මීටර් 1.48 කින් වැඩි වී ඇත. http://en.wikipedia.org/wiki/Moon#Ocean_tides
|
ACADEMIC
|
යම්කිසි වාක්‍ය සංයෝජනයක් පද්‍යයක් ලෙස ලිවීම කාව්‍ය ශාස්ත්‍රයයි. කාව්‍යයක් අලංකාර වර්ණනය, නිශ්චිත වචන භාවිතය හා උපමා යෙදීම මත නිර්මාණය වේ. ඒවා ප්‍රාතනි රටාවන් හෝ මාත්‍රා රටාවන් ආශ්‍රයෙන් නිමවෙන අතර එළිසමය සහිත හෝ රහිත ද විය හැක. කාව්‍ය ශාස්ත්‍රය යන්න කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතව අර්ථ දැක්විය නොහැකිය. සාමාන්‍යයෙන් වචන කිව්‍ය තුළ භාවිත වනුයේ ඒවායේ විධිමත් ලක්ෂණ ඉස්මතු වන අයුරිනි. මෙහි සඳැස රඳා පවතින්නේ කථනයේ එළිසමය හා මාත්‍රාව මතය. ඊ.ඊ. කමාස් වැනි නූතන කවියන් මෙලෙස වචන වල දෘශ්‍ය ස්වරූපය බහුලව යොදාගනී. අනෙකුත් සාහිත්‍යයන් පෙර කාව්‍ය සාහිත්‍ය තුළද දක්නට ලැබිණි. සුමෙරියානු “Epic of Gilgamesh” (ක්‍රි.පු 2700) බයිබලයේ ඇතැම් කොටස්, හෝමර්ගේ IIliad සහ ඉන්දියානු රාමායනය සහ මහාභාරතය පැරණිතම කාව්‍ය සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. වාචික සම්ප්‍රදායන් මත පදනම් වු සංස්කෘතින් තුළ කාව්‍ය, ධාරණමය ක්‍රියාවලියක් දරයි. වැදගත් නීතිමය හෝ සදාචාරාත්මක ගද්‍ය මාලා පළමුව එළිදක්වන ලද්දේ, කලාකරුවන්ගේ සිතුවිලි ප්‍රකාශනයක් ලෙස කාව්‍ය භාවිතා වන බැවිනි. ඇතැම් කාව්‍ය නිශ්චිත ආකෘතීන් දරයි. උදාහරණ ලෙස හයිකු (haiku), ලයිමෙරික් (limerick) හෝ සොනෙට් (sonnet) අකෘතීන් දැක්විය හැකිය. ජපන් භාෂාවෙන් රචිත හයිකු (haiku) ආකෘතිය ස්වභාව ධර්මය හා සම්බන්ධ වේ. එහි මාත්‍රා 17 බැගින් වූ පේලි 3 ක් හරහා කාණ්ඩ 5, 7 හා 5 ලෙසට පැතිරේ. ලයිමෙරික් (limerick) ආකෘතිය පේලි 5 කින් සමන්විතය. මෙහි එලිසමය AABBA ලෙස වන අතර කාල ප්‍රමාණයන් 3, 3, 2, 2, 3 යනුවෙන් මාත්‍රනය වේ. භාෂාව හා සම්ප්‍රදායන් මගින් කාව්‍ය ධර්ම අර්ථ දැක්වේ. පර්සියානු කාව්‍ය සැම විටම තාල ගැන්වේ.එහෙත් ග්‍රීක කාව්‍යයන්හි එලිසමය භාවිතා නොකෙර්. ඉතාලියානු හෝ ප්‍රංශ කාව්‍යයන්හි බොහෝ විට එලිසමය දක්නට ලැබේ. ඉංග්‍රීසි හා ජර්මානු කාව්‍යයන් මෙම දෙවර්ගයටම අයත් වේ. ශේපාපියස් හා මිල්ටන් වැනි කතුවරයන්ගේ නිර්මාණයන් හි භාවිතා වන iambic pentametre’ නම් ශෛලය, ඉංග්‍රිසි කාව්‍යයෙහි දක්නට ලැබෙන වඩාත්ම සුසමාදර්ශි ශෛලිය ලෙස හැඳින්විය හැකිය. සමහර භාෂා වලින් රචිත කාව්‍යන්හි දිගු වැකි ද ,සමහරෙක දී කෙටි වැකි ද දක්නට ලැබේ. නිෂ්චිත භාෂාවක වාග් මාලාව හා ව්‍යාකරණ කිසියම් කාව්‍ය ආකෘතියක් තුළ යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ කාව්‍යමය සම්මුතීන් ගොඩනැඟී ඇත. සමහර භාෂාවල දී එලිසමය වෙනත් කාව්‍යකට වඩා පැහැදිළිව දක්නට ලැබෙන අතර ඒවායේ දී දිගු වැකි භාවිතා වේ. ඓතිහාසිකමය අත්වැරදිම් නිසා ද තවත් කාව්‍ය ආකෘතිමය සම්මුතීන් ගොඩනැඟී ඇත. ඇතැම් ජනප්‍රිය කවියන් භාවිතා කළ ආකෘතීන් ද පසුකලෙක දී සම්මුතියක් ලෙස ප්‍රචලිත වී ඇත. සම්ප්‍රදායිකව නාට්‍ය කලාව ද පද්‍යමය ස්වභාවයකින් යුක්ත වේ. එහෙත් වර්තමානයේදී ඔපෙරාවන් හා සංගීතමය නාට්‍යය වලින් පිටත මෙම ලක්ෂණය භාවිතා නොවේ. නුතන යුගයේ 'ඩිජිටල් කාව්‍ය' (Digital poetry) ජනප්‍රිය ව පවතින අතර, එය මෙකල පවතින ඩිජිටල් මාධ්‍යයේ කලාත්මක, ප්‍රචාරාත්මක සහ සංශ්ලේෂී ගුණාංග මත පදනම් වී ඇත. සටහන්[සංස්කරණය] Literature Poetry
|
ACADEMIC
|
යේසුස් වහන්සේ උපත සහ මුල් කාලය ගොපලූන්ගේ නමස්කාරය ජෙරාඞ් වැන් හොන්ත්රොකස්ට් 17 වන සියවස මැතිව් ට සහ ලූක් ට අනුව යේසුස් වහන්සේ උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්‍රතිහාර්යයකට අනුව කන්යාම මරිය තුමිය ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. ශාන්ත ලූක් ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්‍රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . ඔගස්ටස් සීසර් ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්‍රදේශයට යාමට සිදුවිය. යේසුස් වහන්සේ ගේ උපතින් පසු යුවලට නවාතැන් ප්‍රශ්නය හේතුවෙන් ගව ඔරුවක් තොටිල්ල ලෙස භාවිතා කිරීමට සිදුවිය (ලූක් 2:1-7) . ලූක් ට අනුව දේවඨූතයෙකු විසින් යේසුස් වහන්සේගේ උපත එඬෙරුන්ට දැනුම් දුන් අතර ඔවුන් සිය පට්ටි අතහැර බිළින්දාව දැකීමට පැමිණි අතර පසුව මෙම උපත පාපොචාරණය කළෝ ය. යුදෙව්වන් ගේ රජු පහල වූ බවට වූ තරු සළකුනු ඔස්සේ රජ තුන් කට්ටුව රැගෙන බිළිදාව බැලීමට පැමිණි බව මැතිව් සඳහන් කරයි (මැතිව් 2:1 -12) . යේසුස් වහන්සේ ගේ ළමාකාලය ගතවූ ලෙස සැළකෙන්නේ ගලීලයේ නාසරෙත් නගරයයි. හෙරොද් ගේ බිළිඳු ඝාතනයෙන් බේරීමට ඊජිප්තුවට පළායාමත් ටයර් සහ සිඩොන් (වර්තමාන ලෙබනනය) ප්‍රදේශ වල සිදුකළ සුළු සංචාරයකුත් හැරුණු විට යේසුස් වහන්සේ ගේ සමස්ත ජීවිතයම පාහේ ගෙවී ඇත්තේ ඉපැරණි ඊශරාලයේ ය. මැතිව් ට අනුව එතුමාගේ පවුල හෙරොද් ගේ මරණය තෙක් ඊජිප්තුවේ රැඳී සිට නැවත නාසරෙත් වලට පැමිණ ඇත (මැතිව් 2:19 -23) . යේසුස් වහන්සේ ව පෙළඹවීම අරි ෂිෆර් 19 සියවස[සංස්කරණය] දේවමාලිගය තුල දෙමව්පියන්ගෙන් අතරමං වූ පසු සොයා යන විටදී දේශනා කරමින් සිටින යේසුස් වහන්සේ ව හමුවූ බව ලූක් විසින් පමණක් කියා පායි (ලූක් 2.41 -52) . යේසුස් ගේ ළමාකාලය පිළිබඳව ශුභාරංචි වල සඳහන් වන එකම අවස්ථාව එය වේ. ලූක් ට අනුව යේසුස් වහන්සේ බෞතීස්ම ලබන විට උන්වහන්සේගේ වයස අවුරුදු තිහක් පමණ විය (ලූක් 3.23) . මාක් ට අනුව යේසුස් වහන්සේ වඩු කාර්මිකයෙකි. මැතිව් පවසන්නේ උන්වහන්සේ වඩු කාර්මිකයෙකුගේ පුතරයෙකු බවය. කෙසේ වුවත් මේ බව සඳහන් කිරීමට භාවිතා කළ ග්‍රීක වදන වන ටෙක්ටන් යන්නෙන් ගොඩනගන්නා වැනි අරුතක් ඇති වන අතර එමගන් ඔහු කිසියම් ආකාරයක හෝ ශිල්පීයත්වයක් ඇතිව සිටියෙක් බව පැහැදිලි වේ. එසේම යේසුස් වහන්සේ තමුන්ගේ මුල් වසර තිහම හෝ ඉන් වැඩි කාලයක් තම ශිල්පය පියා සමග පර්ව ගුණ කරමින් සිටි බව පිළිගැනේ (මාක් 6.3 මැතිව් 13.55) . References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Jesus#Nativity_and_early_life
|
ACADEMIC
|
(Abidjan) අයිවරි කෝස්ට් රටේ පෙර අගනුවර හා බටහිර අප්රිකාවේ විශාලතම වරායයි. 1986දී මෙහි 2,534,000ක් දෙනා විසූහ.
|
ACADEMIC
|
වැලිවැටියක සැකැස්ම Mesquite Death valley - ජාතික උද්‍යාන භෞතික භූගෝල විද්‍යාවෙහි, වැලි කන්දක් යනු සුළං හෝ ජල ප්‍රවාහය නිසාවෙන් තැනෙන වැලි හෙලකි. සුළගේ බලපෑම අනුව වැටියේ හැඩය හා ප්‍රමාණය වෙනස්කම් වලට භාජනය වේ. බොහෝ වැටි සුළං මුහුනතේ වැලි ඉහළට එසවීම නිසා දික් හැඩයක් ගන්නා අතර අතුරු මුහුනතේදි බෑවුම කෙටිවේ. වැටි අතර පිහිටන නිම්නය හෝ පල්ලම ස්ලැක් ලෙස හැඳින්වේ. වැටි පිටිය යනු වැලි වැටි බොහෝ සංඛ්‍යාවක් ඇති ප්‍රදේශයකි. මෙවැනි විශාල බිම් අර්ග් ලෙස නම් කෙරේ. සමහර වෙරළාශ්‍රිත ප්‍රදේශ වල වෙරළ තීරයට සමාන්තර වැටි එකක් හෝ කිහිපයක් දක්නට ලැබේ. බොහෝ ස්ථාන වල මුහුදේ කුණාටු රැළි වලින් සිදුවන විනාශය අවම කර ගැනීමට වැලි වැටි උපකාරී වේ. වඩා පැතිරුණු වැටි පවතින්නේ වෙරළාශ්‍රිතව වුවද ප්‍රමාණයෙන් මහත් වැටි හමුවන්නේ රට තුළ පවතින අතීතයේ විලක් හෝ මුහුදු වෙරළක් ලෙස පැවතුනු වියළි බිම් ප්‍රදේශ වලිනි. වැලි ගං ඉවුරු, බොරළු සහිත ප්‍රදේශ, විශාල මෝය හා මුහුදු ප්‍රදේශ වල ජලය ගලායාමෙන්ද වැලි වැටි ඇතිවේ (දුරියම් ක්‍රියාවලිය) කාන්තරීකරණය සමහර වැටි විනෝදාස්වාදය සැපයීම සඳහා යොදාගත හැක. මාර්ග දෙපස වැලි ගොඩ ගැසීම වළක්වාලිය හැකි එක් ක්‍රමයක් වන්නේ මාර්ග අවට ගස් හා වෙනත් වගාවන් ඇති කිරීමයි. වැලි වැටි මඟින් ඇතිවන ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ මනුෂ්‍ය වාස වල ඉඩ ප්‍රමාණය අඩු කිරීමයි. වැලි වැටි වල පිහිටීම වෙනස් වන ආකාර කිහිපයක් වන අතර මේ සෑම ආකාරයටම සුළඟ උපකාරි වේ. අව්බරි ආර්ග් - ලිබියාවේ ෆෙසාන් හි සහාර කාන්තාරය කොටස මෙසේ වැලි වැටි චලනය වන එක් ආකාරයක් වන්නේ ප්ලවනයයි. මෙහිදී පොකුණක් මතින් විසි කරන ලද ගලක් ජලය මතින් පැන පැන යන ආකාරයට වැලි අංශු පොළොව මතින් ගමන් කරයි. මෙසේ ගමන් කරන අංශු තවත් වැලි අංශු මත ගැටීම නිසා එම අංශුද චලනය වීමට පටන් ගනී. වැඩි වේගයකින් යුත් සුළඟක් හේතුවෙන් අංශු වාතයේදි ගැටී ඇතිරිල්ලක් ආකාරයට ගමන් කරයි. විශාල වැලි කුණාටු වලදී වැලි වැටි 10m වැනි දුර ප්‍රමාණයක් වුවද මේ ක්‍රමයෙන් චලනය වේ. තවද හිම ආකාරයටම වැලි ද හිමධාව (ඇවලාන්ඩ්) ලෙස සුළගෙන් ආවරණයව ඇති වැටි වල බැවුම් වලින් පහළට වැටේ. මෙමඟින්ද වැටි ඉදිරියට ගමන් කරයි. අප්‍රිකාවේ ගොඩනැගිලි හා වගාවන්ට වැලි කඳු නිසා තර්ජන ඇතිවේ. මැද පෙරදිග හා චීනයේ වැලි කඳු වාණිජ තෙල් මඟින් පෙඟවීමෙන් එහි චලනය නැවැත්වීමට උත්සාහ කර ඇත.මෙය වැටි වල ජීවත්වන ජීවින්ට ඉතා හානි දායක වන අතර මෙය සඳහා යොදාගන්නා තෙල් සීමිත සම්පතකි. වැලි බාධක ද මේ සඳහා යොදා ගත හැකි නමුත් වඩාත්ම ඵලදායි බාධක නිර්මාණය සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ කෙරෙමින් පවතී. වැලි වැටි මඟින් නගර හා කෘෂිකාර්මික ප්‍රදේශය විනාශ වීම වැළැක්වීම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධාන කාර්යයක් වී ඇත.
|
ACADEMIC
|
ටීවී දෙරණ TV DERANA දියත්කල දිනය 2005 ඔක්තෝම්බර් 11 අයිතිකරුවෝ Power House Ltd ප්‍රචාරණ උද්‍යෝග පාඨය "අපේ දේ රැකගෙන, අළුත් දේ අරගෙන" "Ape De Rakagena, Aluth De Aragena" රට ශ්‍රී ලංකාව භෘෂාව සිංහල විකාශන සරිය ශ්‍රී ලංකාව මූලස්ථානය කොළඹ, ශ්‍රී ලංකාව වෙබ් අඩවිය derana.lk ටීවී දෙරණ යනු ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන වින්දනාත්මක රූපවාහිනී නාලිකාවකි. 2005 ඔක්තෝම්බර් 11 වන දින ඇරඹි මෙම නාලිකාවේ හිමිකාරීත්වය, Power House Ltd සමාගම සතු වෙයි. නාලිකාවේ ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණ කොළඹ පිහිටුවා තිබෙන අතර, නුවරඑළිය, දෙණියාය, ගම්මාඩුව, මහනුවර සහ කළුතර යන ප්‍රදේශ වල ස්ථාපනය කොට තිබෙන අනෙකුත් සම්ප්‍රේෂණ උපපොළවල් හරහා, සිය විකාශනයන් දිවයින පුරා විසිරුවා හරියි.[1] පටුන 1 වැඩසටහන් 2 අද දෙරණ 2.1 අද දෙරණ 24x7 3 තරඟ සහ රියැලිටි වැඩසටහන් 3.1 ශ්‍රී ලංකා රූ රැජින 3.2 දෙරණ ඩ්‍රීම් ස්ටාර් 4 මේවාද බලන්න 5 මූලාශ්‍ර 6 භාහිර සබැදි වැඩසටහන්[සංස්කරණය] ටීවී දෙරණ නාලිකාව, දිනකට පැය 17 ක පමණ කාලයක් (පැය 0600-2300 අතර) තුල ටෙලි නාට්‍ය, රියලටි වැඩසටහන්, ලමා වැඩසටහන්, සංගීත සහ අනෙකුත් විවිධ වැඩසටහන් විකාශනය කරනු ලබයි.[2] අද දෙරණ[සංස්කරණය] අද දෙරණ යනු ටීවී දෙරණ නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රවෘත්ති සේවාව හඳුන්වනු ලබන නාමයයි. වර්ථමානයේදී අද දෙරණ පුවත් සේවාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වෙයි. Alexa Internet වර්ගීකරණය අනූව අද දෙරණ පුවත් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවධානයක් සහිත ප්‍රවෘත්ති වෙබ් අඩවියකි.[3][4] 2007 වසරේ අග භාගයේදී, ඩයලොග් ටෙලිකොම් සමග සම්බන්ධ වූ අද දෙරණ පුවත් සේවාව, සිය ඩයලොග් ජංගම දුරකථන ප්‍රේක්ෂකයින් වෙනුවෙන්, පුවත් කෙටි පණිවිඩ සේවාවක් අරඹන ලදී.[5] අද දෙරණ 24x7[සංස්කරණය] 2014 වර්ෂයේදී දෙරණ නාලිකාව විසින් අද දෙරණ 24x7 නමින් මෙරට ප්‍රථම 24 පැය පුරාම විකාශය වන ප්‍රවෘත්ති නාලිකාවක් ආරම්භ කරන ලදී. තරඟ සහ රියැලිටි වැඩසටහන්[සංස්කරණය] ශ්‍රී ලංකා රූ රැජින[සංස්කරණය] ලෝක රූ රැජින තරඟය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලංකා යුවතිය තෝරා ගන්නා, ශ්‍රී ලංකා රූ රැජින (Miss Sri Lanka) තරඟයට, 2007 වසරේ පටන් ටීවී දෙරණ නාලිකාව අනුග්‍රහය සපයයි.[6] දෙරණ ඩ්‍රීම් ස්ටාර්[සංස්කරණය] 2009 වසරේ සිට දෙරණ ඩ්‍රීම් ස්ටාර් නමින් ගායන හැකියාව සහිත තාරකාවක් තෝරන රියැලිටි වැඩසටහනක්, ටීවී දෙරණ නාලිකාව ආරම්භ කරන ලදී. දෙරණ ඩ්‍රීම් ස්ටාර් එක් එක් වාරයන්හී ජයග්‍රාහකයින්. වාරය පැවැත්වූ වසර දෙරණ ඩ්‍රීම් ස්ටාර් අනු ශූරයා සීසන් 1 2009 උදේශ් ඉන්දුල මිලින්ද සඳරුවන් සීසන් 2 2010 උපේඛා නිර්මාණි උදේශ් මනෝජ් සීසන් 3 2011 කේෂාන් ශෂින්ද්‍ර ? සීසන් 4 2012 සසිඳු විජේසිරි රවීන් කණිෂ්ක සීසන් 5 2013 එම්. ජී. ධනුෂ්ක විශ්මිත සචින්ත මේවාද බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව මූලාශ්‍ර[සංස්කරණය] ↑ "Derena celebrates Sixth anniversary", The Island Online, 1 October 2011 ↑ DeranaTV Program Schedule ↑ Ada Derana News ↑ Top sites in Sri Lanka, Alexa ↑ "Dialog Telekom launches Derana news alert service", Telecompaper, 13 November 2007 ↑ Derana Veet Miss Sri Lanka භාහිර සබැදි[සංස්කරණය] Official Website Ada Derana න සා සං ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සිංහල බෞද්ධයා නාලිකාව හිරු ටීවී ස්වාධීන රූපවාහිනීය ජාතික රූපවාහිනිය සිරස ටීවී සියත ටීවී ස්වර්ණවාහිනී ටීඑන්එල් ටීවී දෙරණ ටීවී ලංකා දෙමළ නේත්‍රා ටීවී ශක්ති ටීවී වසන්තම් ටීවී වෙට්ට්‍රි ටීවී ඉංග්‍රීසි ආර්ට් ටීවී සීසීටීවී නිව්ස් ඊටීවී එන්ටීවී ප්‍රයිම් ටීවී ක්‍රීඩා සීඑස්එන් එම්ටීවී ස්පෝට්ස් සැටලයිට්/කේබල් චැනල් සී හෙරිටේජ් ටීවී ශ්‍රී ටීවී යංග් ඒෂියා ටෙලිවිෂන්
|
ACADEMIC
|
ඕලැන්ඩෝ ජොනතන් බ්ලැන්චාඩ් බ්ලූම් (උපක 13 ජනවාරි 1977) යනු ඉංග්‍රීසි නළුවෙකි. 2001 දී ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් හී එල්ෆ්-කුමරු ලෙගොලාස් ලෙසින් සහ [1] 2003දී පයිරෙට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපට පෙළෙහි කම්මල්කරු විල් ටර්නර් ලෙසින්ද අනාවෘත භූමිකා ලත් ඔහු, පසුව එළිසබෙත්ටවුන් හා කින්ග්ඩම් ඔෆ් හෙවන් ඇතුළු හොගිවුඩ් චිත්‍රපටයන්හී ප්‍රධාන චරිත රග පෑමට වරම් ලැබීය. ආශ්‍රිත[සංස්කරණය] ↑ ජෝන්ස්, ඇලිසන් (23 මැයි 2007). [asp?r=149902 "සෙලිබ්‍රිටි ඉන්ටර්වීව්: වෙයර් දෙයාර්ස් අ විල්..."]. TeenHollywood.com. asp?r=149902. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 මැයි 2007.
|
ACADEMIC
|
හොරගොල්ල දීපශිකා එල්ලේ ක්‍රීඩා සමාජය හොරගොල්ල දීපශිකා එල්ලේ ක්‍රීඩා සමාජය 1975 වර්ෂයේ තිබ්බොටුගොඩ ගණේමුල්ල ගාමිණි විදුහලේ 8 වන ශ්‍රේණියේ සහ 9 වන ශ්‍රේණියේ සිසුන් විසින් ආරම්භ කිරිමෙන් අනතුරැව හොරගොල්ල දීපශිකා දිපශිකා ක්‍රීඩා සමාජය ලෙස නම්කරන ලද්දේ එම කණ්ඩායමේ උපනායක වශයෙන් ක්‍රීඩාකරනු ලැබූ ඒ ඩොනල්ඩ් අයිවන් විසිනි.නායක වශයෙන් එස් නීල් රැපස් සිල්වා කණ්ඩායම ආරම්භයේ පටන් 2002.03.14 වන දින හදිසි අනතුරකින් මියයන තෙක්ම මෙම කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන ලදි. තිබ්බොටුගොඩ,ගාමිණී කණිෂ්ඪ විද්‍යාලය මියයන විටද ඔහු දිවයිනේ සිටි දක්ෂතම එල්ලේ ක්‍රිඩකයාද විය.කණ්ඩායමේ ප්‍රථම සංවිධායක වයේ එරික් මර්වින් සිල්වාය. ප්‍රථම තරගය වශයෙන් සටහන් වන්නේ බොල්ලත ක්‍රීඩා සමාජය සමග පවත්වන ලද සුහද එල්ලේ තරගයයි .මෙම තරගයේ පළමු ඉනිම සදහා වට පනස් පහක්(55)ලැබූ හොරගොල්ල දිපශිකා එල්ලේ කණ්ඩායම ඉනිමකින් හා වැඩි ලකුණු තිස්පහකින් ජය ගන්නා ලදි.එම ප්‍රථම තරගයේදීම එස් නීල් රැපස් සිල්වා සහ එස් රංජිත් සිල්වා ලකුණු දොළහ(12) බැගින් ලබා ගන්නා ලදි. එදි සිට 2000 වසර දක්වා දිපශිකා පැමිණි ගමන්මග ඉතා දුෂ්කරවූත් දක්ෂතාවලින් පිරි සාර්ථක ගමන් මගක් විය.එල්ලේ තරගාවලියකට තරගකරන ලද ප්‍රථම තරගාවලිය වූයේ 1982 දී රාගම තේවත්ත සුහද ක්‍රිඩා සමාජය මෙහෙයවන ලද එල්ලේ තරග මාලාව වන අතර එම තරගමාලාවේ සහභාගි වූ අනෙකුත් කණ්ඩායම් අභිබවමින් තෙවන ස්ථානය ලබා ගැනීමට හැකිවිම ඉදිරි ගමන් මගට මහත් පිටුවහලක් විය.එසේම එදින සිට 1993 වසර වන විට එල්ලේ තරගයන් 279 කට සහභාගී වෙමින් 215 ක් ජයගෙන ඇති අතර ඉන් තරග 92 කින් ජයගෙන ඇත්තේ එක් ඉනිමක් පමණ්ක් ක්‍රීඩා කරමින්ය.තරග පහක් ජය පරාජයෙන් තොරව නිම කර ඇති දීපශිකා ක්‍රීඩා සමාජය ලංකාවේ දක්ෂතම කණ්ඩායම් දෙකක් කිසිදු ලකුණක් නොදි බිංදුවට දවාගන්නා අවශ්ථාවන් දෙකක් සටහන් කර ගැනීමට තරම් දක්ෂතා පෙන්නුම් කර ඇත. හොරගොල්ල දීපශිකා එල්ලේ ක්‍රීඩා සමාජෙයේ ආරම්භක සාමාජිකයින්. |එස්_රංජිත්_සිල්වා - හොරගොල්ල දීපශිඛා එල්ලේ කණඩායම හොරගොල්ල දීපශිකා ක්‍රිඩා සමාජයේ සිටි දක්ෂතම ධාවකයා වු ඊ ඩී සැම්සන් මයිකල් ක්‍රිඩා සමාජය ඉදිරියට රැගෙන යාම සදහා එකල මුදල් වැයකල ක්‍රීඩකයා වන අතර ප්‍රධාන සංවිධායක එරික් මර්වින් සිල්වාගෙන් පසු කොලින් කැමල්,බොනිපස් කුමාර පේලි,සිසිර කුමාර , එස් රංජිත් සිල්වා සහ එස් ජුඩ් සිල්වා කලින් කලට මෙම කණ්ඩායමේ එක් එක් නිළතල හොබවන ලදී.1990 දශකයේ ඩඩ්ලි අබේකෝන්,ප්‍රසන්න ඩයස්,එරික් මර්වින්,ක්‍රීස්ටි සිල්වා,මිල්ටන් මෙන්දිස්,සැම්සන් මයිකල්,ඩොනල්ඩ් අයිවන්,බොනිපස් කුමාරපේලි,සරත් කුමාර,සිසිර කුමාර,පෝල් සිල්වා,විල්ප්‍රඩ් සිල්වා,එස් රංජිත් සිල්වා,නිමල් සිල්වා,නාමල් බංඩාර,ඔස්කා ද සිල්වා,එම් ප්‍රෙමසිරි,එස් ජූඩ් සිල්වා,හෙක්ටර් සිල්වා,ග්‍රේෂන් ඇන්තනි,පිටර් ග්‍රේබියෙල්,මෙම කණ්ඩායම ආරම්භයේ සිටි ක්‍රිඩකයින් වශයෙන් හදුන්වා දිය හැක. ඉන් පසු රැපස් ඩයස්,නිශාන්ත සිල්වා,රනිල් චන්දන,නිමල් සිල්වා,හේෂාන් ධම්මික සිල්වා වැනි දක්ෂ ක්‍රිඩකයින් රැසක් බිහිකරලිමට දායකත්වය සපයා ඇත. ප්‍රධන අනුසාසක වරයෙකු වශයෙන් සිටි එස් පිටර් සිල්වා සිහිවිම පිණිස මාවතක් නම් කර ඇති අතර,දීපශිකා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මාවතක්ද නම් කිරිමට කටයුතු කිරිමද විශේෂත්වයක් වශයෙන් හදුන්වා දිය හැක.
|
ACADEMIC
|
මෙම ලිපිය හෝ ලිපි කොටස මහනුවර නායක්කාරවරු සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) නරේන්ද්‍ර සිංහ රජුගේ පළමු බිරිඳගේ සහෝදරයා නොහොත් රජුගේ මස්සිනා වූ ශ්‍රී විජය රාජසිංහ එම නමින්ම මහනුවර රාජධානියේ රජු ලෙස සිහසුනට පත් විය. ඔහු දකුණු ඉන්දියාවේ විජයනගර් පරම්පරාවෙන් පැවත එන්නෙකි. ඔහුගේ සම්භවය ද මදුරෙයි නගරයයි. නව රජු සැලකිය යුතු තරමේ ප්‍රබුද්ධයෙකු විය. හින්දු භක්තිකයෙකු වුවත් ජාතික ආගම වූ බුද්ධාගමේ උන්නතිය සඳහා සම්පූර්ණ අවධානය යොමු කළේය. ඔහු රටේ නොයෙක් ස්ථානවල ගල් ලෙන්වල බුදුන්ගේ සැතපෙන පිළිම, හිටි පිළිම, හා හිඳි පිළිම ජීවමාන ප්‍රමාණයට ගලින් නිම කිරීමට කටයුතු කළේය. එවකට මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරමින් සිටි ලන්දේසීන් සමග වෙළඳ කටයුතු මුල් කරගෙන සටන් කීපයක නියැලීමට රජුට සිදු විය. ශ්‍රී විජයරාජසිංහ පල්ලි විනාශ කළේය. ලන්දේසීන්ට හා පෘතුග්‍රීසීන්ට නොයෙක් වද හිංසා පැමිණ වූ අතර එම තත්වය කීර්ති ශ්‍රී යුගය දක්වා පැවතියේය. රටේ ව්‍යසනකාරී සිද්ධීන් කීපයක් ඇති වූ අතර එවැනි දෑ සිදු වන්නේ රජුගේ ක්‍රියා කලාපයන් නිසා යැයි රජු සිතුවේය. එයින් පසු පමණක් රජුගේ එම ක්‍රියා නැවතුණේය. ඔහු මදුරෙයි හි රාජකීය පවුලකින් බිරිඳක් සරණ පාවා ගත්තේය. එහෙත් 1736 වන විට අවරුදු 200 ක් පැරණි මදුරෙයි හි නායක වංශය අවසාන විය. ඊට හේතුව වූයේ මුස්ලිම්වරු මුළු රටේම පාලන බලය අල්ලා ගැනීමයි. මදුරෙයි රාජකීය පවුල සමග විවාහ සබඳතා රජු සිහසුනට පත් වීමෙන් පසු දකුණු ඉන්දියාවෙන් බිරිඳක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කළේය. මේ සඳහා ඔහු 1739 දී මදුරෙයි නගරයට දූතයින් දෙදෙනෙකු යැව්වේය. ඒ වන විට මදුරෙයි හි නායකවරුන් විජයරංග චොක්කනාථ සමයේ භුක්ති විඳිමින් සිටි බලය සහ ගෞරවය ඔවුන් වෙතින් ගිලිහී තිබුණි. මේ නිසා ශ්‍රීලංකාවේ රජු විසින් ගෙනෙන ලද යෝජනාව භාර ගැනීමට වඩා සුදුසු සහ මනෝඥ බැව් මදුරෙයි නායකවරු කල්පනා කළහ. බංගරුතිරුමලගේ පවුලේ අය රජුගේ යෝජනාව පිළිගත්හ. එම පවුල ඒ වන විට වාසය කළේ ශිවනංග සමීන් හි තිරුපචේතිරම් අසල වෙල්ලෙයි කුරුච්චි කොටුවේය. බංගරු තිරුමලගේ ඤාති වූ රාම ක්‍රිෂ්ණප්පා නායක සහ නරෙනප්පා නායක නම් සහෝදරයින් දෙදෙනා රාම්නාද් නම් ස්ථානයේදී රජුගේ නියෝජිතයන් දෙදෙනා මුණ ගැසුනාහ. නරෙනප්පා නායක හට විවාහ කර දෙන වයසේ දියණියක් සිටි අතර ඔව්හු මහනුවර රජුගේ ඉල්ලීමට කැමැත්ත පළ කළහ. සහෝදරවරු ඔවුන්ගේ පවුලේ අයද ඤාතීන් ද රජුගේ නියෝජිතයා සමග දියණියගේ විවාහ මංගල්‍යය උදෙසා ලංකාවට පැමිණියහ. පසුව ඔව්හු නෑදෑ හිතමිත්‍රාදීන් සමග මහනුවර පදිංචි වූහ. නරෙනප්පා නායක එක් රෙජකුගේ මාමා කෙනෙකු වූවාක් මෙන් අනාගත රජවරුන් දෙදෙනෙකුගේ පියෙකු වීමේ අවස්ථාව ලැබුවේය. ඒ අනාගත රජවරුන් දෙදෙනා නම් ඔහුගේ පුතුන් දෙදෙනාය. එයින් එක් කෙනෙකු 1740 වන විට අවුරුදු 5 ක් හෝ 6 ක වයස් වූ අතර අනෙකා අත දරුවෙකු විය. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ශ්‍රී විජය රාජසිංහගෙන් පසු රජ බවට පත්වූහ. 1747 දී ශ්‍රී විජය රාජසිංහ තවත් මදුරෙයි කුමරියක් සරණ පාවා ගත්තේය. මේ සෑම මනමාලියකම ඇයගේ නෑදෑයින් කණ්ඩායමක් ගෙන ආහ. ඔවුන් රාජකීය උරුමයක් ඇති අය වූහ. පසුව ඔව්හු මහනුවර ඔවුන්ගේ ස්ථිර නිවහන කර ගත්හ. රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා නම් කළ විගසින් මිය ගියේය. ඔහුට දරුවන් නොමැති විය. ඔහු රජ බවට පත් වීමට නම් කරනු ලැබුවේ ඔහුගේ බිරිඳගේ සොහොයුරා වූ තමන්ගේ වැඩිමල් මස්සිනාය. හෙතම ඔහුගේ සොහොයුරිය රජු සමග විවාහ වූ දිනයේ සිටම රජ මාළිගයේ සිටි තැනැත්තෙකි. අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් වූ මෙම විශේෂිත ක්‍රමය නිසා නරෙනප්පා නායකගේ පුතා කීර්ති ශ්‍රී රාජසිංහ නමින් මහනුවර සිහසුන උරුම කර ගත්තේය. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Nayaks_of_Kandy#Sri_Vijaya_Raja_Singha_1739-1747
|
ACADEMIC
|
උභය මඩවල සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පදවිය මේජර් ජෙනරල් රෙජිමේන්තුව ශ්‍රී ලංකා ආමර්ඩ් හමුදාව අණදීම් මිලිටරි ස්පෝක්ස්මන් සටන්/යුද්ධ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය ප්‍රදාන උත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර සම්මානය මේජර් ජෙනරල් උභය මඩවල USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු මිලිටරි ස්පෝක්ස්මන් තනතුරු හොබවයි. මේජර් ජෙනරල් උභය මඩවල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] මේජර් ජෙනරල් උභය මඩවලයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
|
ACADEMIC
|
වටදා ගෙය රැස්වීම් ශාලාව / සම්මන්ත්‍රණ ශාලාව/ ප්‍රේක්ෂකාගාරය සත්මහල් ප්‍රසාදය රන් කොත් වෙහෙර ගල් විහාරය - බුදුන් වහන්සේ පසෙකින් වැඩ සිටින ආනන්ද තෙරුන් හැටදාගේ - නිශ්ශංක මල්ල රජු විසින් දන්ත ධාතුව තැබීමට දින 60 කින් තනන ලද නිසා හැටදා ගේ නම ලැබී ඇත. පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව (සමහර පුරා විද්‍යාඥයින් මෙය පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුවක් නොව කිසියම් උගතෙකුගේ පිළිරුවක් විය හැකි බව විශ්වාස කරති. පිළිරුව මත තිබෙන කැටයම් එම අදහස සනාත කරයි. එමෙන්ම මෙම පිළිරුව රජකුගේ නොවන බවට පිළිරුවේ තිබෙන ඇතැම් ලක්ෂණ වලින්ද අනුමාන කළ හැක. පොළොන්නරුවේ තිබෙන පරාක්‍රම බාහු රජතුමාගේ මාළිගයේ නටඹුන් පුරා විද්‍යාත්මක නටඹුන් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව තබා තිබුණු වටදා ගෙයි නටඹුන් Ø පොළොන්නරුවේ රජ මාළිගය (විජයන්ත පාසාද) Ø සම්මන්ත්‍රණ සභාශාලාව / ප්‍රේක්ෂකාගාරය Ø වටදා ගෙය (Round house) Ø සදකඩ පහන Ø ථුපාරාමය (Image house) පිළිම ගෙය Ø ලතා මණ්ඩපය (Lotus Sanctuary) Ø අටදාගේ (ධාතු අටක් ඇති මන්දිරය) Ø ගල්පොත (stone book) Ø දෙමළ මහා සෑය පොළොන්නරුවේ ඇති අවසාන නොකළ විශාලතම ස්ථුපයයි. මෙය තැනීමට පළවෙනි පරාක්‍රම බාහු රජතුමා නියෝග කළ අතර එය ගොඩනගන ලද්දේ ඉන්දියාව සමග කරන ලද සටන් වලදී යටත් වූ යුධ සිරකරුවන් විසින් මෙම හේතුව නිසා මේ සෑය දෙමළ මහා සෑය ලෙස නම්කර ඇත. දෙමළ යනු සිංහල ද්‍රවිඩයිනට කියන නමයි. Ø නෙලුම් පොකුණ (Lotus bath) පිපෙන නෙලුමක හැඩය ගත් පොකුණු හතක් තිබේ. දෙමළ මහා සෑය සහ තිවංක පිළිම ගෙය අතර පිහිටා ඇත. Ø සත්මහල් ප්‍රසාද(එක පිට එක තට්ටු හතකින් යුත් පිරමීඩාකාර කුලුණකි. Ø හැටදාගේ (ධාතු හැටකින් යුත් සිද්ධස්ථානය) Ø ලංකා තිලක Ø රන්කොත් විහාරය (රන් කොතක් තිබෙන දාගැබ) මෙම දාගැබ මීටර් 168 ක වට ප්‍රමාණයෙන් යුක්තය. මීටර් 55 ක උසය. මෙම දාගාබ පොළොන්නරුවේ ඇති අවසන් කළ විශාලතම දාගාබ ලෙස සැලකේ. දාගැබේ වැඩ නිමකරන ලද්දේ නිශ්ශංක මල්ල රජු විසිනි. ගොඩනැගීම ඇරඹුවේ පරාක්‍රම බාහු රජතුමාගේ එක් බිසවක් වන රූපවතී දේවිය විසින් විය හැක. Ø භික්ෂු රෝහල - දොලොස් වන සියවසේ රෝහලක නටඹුන් සොයා ගෙන ඇත. කාමර සහ ශාලාවන් 15 ක් තිබුණි. Ø පබලු වෙහෙර (Coral Shrine) Ø කිරි වෙහෙර (Milk - White Shrine) - පෙළොන්නරුවේ ඉතිරිව තිබෙන ඉතා හොදින් ආරක්ෂා වූ දාගාබ් වලින් එකකි. මෙය කිරීමට ආරම්භ කළේ 1 වැනි පරාක්‍රම බාහු රජතුමා විසින් ඔහුගේ එක් දේවියක් වූ සුභද්දා" සිහිවීමටයි. Ø පොතුගල් විහාරය - (තාපසාරාමය) Ø තිවංක පිළිම ගෙය - (Tivanka Image House) Ø අලහාන පිරිවෙන - (Aiahana University) Ø ශිව දේවාලය (Siva Shrine) Ø කුමාර පොකුණ (Royal bath)
|
ACADEMIC
|
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. ඉන්‍දීය සංගීත භාණ්ඩ can be broadly classified into three categories, mainly classical, western and folk. See Carnatic music and හින්දුස්ථානී සංගීතය. The instruments are further sub-classified into the type based on the science behind the same. හින්දුස්ථානී සංගීතය පාරිභාෂික වදන් ස්‍රැති · ස්වර · අලංකාර · රාග තාල · ඝරණ · ථාට· වාදී· සංවාදී සංගීත භාණ්ඩ ඉන්දීය සංගීත භාණ්ඩ ප්‍රභේද ධ්‍රැපද් · ධමාර් · ඛ්‍යාල් · තරාණා ඨුම්රි · ධද්‍රා · කව්වාලි · ගzසල් ථාට බිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · කළ්‍යාණ තාල දාදරා · ත්‍රිතාල් · කෙහෙර්වා · ඣප් · දීප්චන්‍දි · ලාවණී · ඒක් රාග බිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව · භීම්පලාශ්‍රී · යමන් භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · භූපාලි සිතාරය පටුන 1 තත් කම්පක සංගීත භාණ්ඩ 2 අළුවෙන් වැයෙන සංගීත භාණ්ඩ 3 සුළඟින් (පිඹීමෙන්) වැයෙන සංගීත භාණ්ඩ 3.1 පිත්තලමය 3.2 බටනලා 3.3 තනි ඉපිය 3.4 ද්වි ඉපිය 3.5 නිදහස් ඉපිය 3.6 නිදහස් ඉපිය හා bellow 4 සමාඝාත සංගීත භාණ්ඩ 4.1 Membranophones 4.2 Idiophones 5 නාදමය උදාහරණ 6 බාහිර සබැඳුම් තත් කම්පක සංගීත භාණ්ඩ[සංස්කරණය] Bela Bahar, a combination of Sarod, Violin & Santoor. Bulbul Tarang Dotar, the two-stringed version of the Ektar, in Bengal known as Dotora or Dotara. Ektara Getchu Vadyam or Gettuvadyam, Gethu Vadyam, Jhallari Gopichand or Gopiyantra or Khamak Gottuvadhyam or Chitravina Katho Mikrab Rabab සන්තූරය සරෝදය Seni Rabab සිතාරය Surbahar Swarabat Swarmandal Tambura වීණාව මාගධී විණාව මෝහන් වීණාව නකුල වීණාව රුද්‍රා වීණාව සරස්වතී වීණාව විචිත්‍ර වීණාව අළුවෙන් වැයෙන සංගීත භාණ්ඩ[සංස්කරණය] චිකරා දිල්රුබාව එස්රාජය Kamancha මයුර වීණාව or Taus Pena or Bana Ravanhasta සාරංගිය Sarinda ෂහ්නායි වයලීනය වයලීනය සුළඟින් (පිඹීමෙන්) වැයෙන සංගීත භාණ්ඩ[සංස්කරණය] පිත්තලමය[සංස්කරණය] භන්කෝරා බටනලා[සංස්කරණය] බන්සූරි Bombashi or Bommbanshi Pullanguzhal වීණු (කර්නාඨක බටනලාව) තනි ඉපිය[සංස්කරණය] Pepa Pungi or Been ද්වි ඉපිය[සංස්කරණය] Alghoza Kuzhal Nadaswaram Shehnai නිදහස් ඉපිය[සංස්කරණය] Gogona Morsing නිදහස් ඉපිය හා bellow[සංස්කරණය] Surpeti Hand-pumped හාමෝනියම් සමාඝාත සංගීත භාණ්ඩ[සංස්කරණය] Membranophones[සංස්කරණය] තබ්ලාව (බායාංගය) Chande or Chenda Daf - a tambourine Dhadh or Damru ඩෝලය ඩොලැක්කිය Dollu එස්රාජය Ghumot Idakka Kanjira Khol Maddale Mizhavu Mridangam පඛ්වාජය Panchamukha vadyam Pung Shuddha madalam or Maddalam තබ්ලාව Tabla tarang Tasha - a kettledrum Tamak' Tamte Thanthi Panai Tumbak Thappu or Parai Thavil Urumee Udukai Idiophones[සංස්කරණය] Chimpta - a fire tong with brass jingles Chengila Ghatam Ghungroo Jal tarang Khartal Kasht tarang Manjira or jhanj or tala Thaarai Thappatai නාදමය උදාහරණ[සංස්කරණය] Sound Samples of Indian Instruments (non-commercial page) Courtesy of www.superbrass.com බාහිර සබැඳුම්[සංස්කරණය] I-Soft Sangeet Research on Indian & Pakistani music Indian Instruments - Chandrakantha.com's extensive treatment on the musical instruments of India
|
ACADEMIC
|
බුද්ධත්වයට පත්වීම ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපාන සති භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබද අවධානය) යොමු වීමෙන් පසු බුදුදහමේ සදහන් වන මධ්‍යම ප්‍රතිපදව (සැප විදීමට ඇත ඇල්ම හා උග්‍රතාප යන අන්ත දෙකෙන්ම ඇත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) හදුනාගත් සේක. කෘෂ වු පෙනුම නිසා මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහනව්සේ කිරිපිඩු දානයක් පිළිගැන්නුවේය. ඉන්පසු වර්තමානයේ බුද්ධගායාවේ බෝධි වෘක්ෂය නමින් හැදින්වෙන ඇසතු ගසක් මුල හිදගෙන සත්‍ය සොයා ගන්නා තුරැ නොනැගිටියි අධිෂ්ඨාන කරගත්තේය. උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් 4 දෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියෝ. මෙලෙස දින 49 ක් භාවනා කිරිමෙන් අනතුරැව වයස අවුරැදු 35 දී එතුමා බුද්ධත්වය ට පත්විය. සමහරැන්ට අනුව මෙය සිදුවුයේ පස්වන චන්ද්‍ර මාසේ වන අතර සමරෙක්ට අනුව ය දොළොස්වන මාසයේදී සිදුවිය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව බුද්ඡ හෙවත් "අවබෝධය ලබාගතක් තැනැත්තා" ලෙස හැදින්විය. බුද්ධ ධර්මයේ එතුමා ශාක්‍ය මුනි බුද්ධ හෙවත් "ශාක්‍ය කුලයේ" අවබෝධය කරගත් තැනැත්තා ලෙස හැදින්වේ. මෙම අවස්ථාවේ එතුමා සත්වායාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබද පුර්ණ අවබෝධයට පත්වු අතර එම හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරිමට අවශ්‍ය පියවර ද අවබෝධකරගත් සේක. මෙම අවබෝධ කරගත් සත්‍යය චතුර්රාර්ය සත්‍ය ලෙස කොටස් 4 කට වර්ග කෙරෙන අතර සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරැන් තුළ පවතින උතුම් ගුණ 9 (නව අරහාදී බුදුගුණ) එතුමන් තුළ විය. ආයචන සුත්‍රයේ (සංයුක්ත නිකාය vi - i) සදහන් වන කථවකට අනුව (පාලි ධර්ම ග්‍රන්ථ වල සදහන් ) බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරැව මෙම ධර්මය මනුෂ්‍යායට දේශනා කළ යුතද නැද්ද යන්න කල්පනා කළ සේක.තණ්හාව, වෛරය හ මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරැ හා තේරැම් ගැනීමට අපහසු ධර්ම නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ කල්පනා කළ සේක. නමුත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහග් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිදක් ද සිටිය හැකි බව පවසා බුදුරාජාණන් වහන්සේට ඇති මහා කරැණාව හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ඔවුනේ ගුරැවරයා පවට පත්වීමට එකග විය.
|
ACADEMIC
|
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේබදා: මෑත වර්ෂයන්හී දෙසැම්බර් 27 2012 (බ්‍රහස්පතින්දා) 2011 (අඟහරුවාදා) 2010 (සඳුදා) 2009 (ඉරිදා) 2008 (සෙනසුරාදා) 2007 (බ්‍රහස්පතින්දා) 2006 (බදාදා) 2005 (අඟහරුවාදා) 2004 (සඳුදා) 2003 (සෙනසුරාදා) දෙසැම්බර් 27, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 361 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 362 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින සතරක් ඇත.
|
ACADEMIC
|
ශුද්ධවූ මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේ මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේගේ මංගල්‍යය , එනම් ශුද්ධවූ මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේගේ මංගල්‍යය ( ශුද්ධවූ මිකායෙල් තුමන්, ශුද්ධවූ ගාබ්‍රියෙල් තුමන්, ශුද්ධවූ යූරියල් තුමන්ගේ සහ ශුද්ධවූ රපායෙල් තුමන්ගේ මංගල්‍යය, අග්‍රදේවදූතයාණන්වහන්සේලාගේ මංගල්‍යය, හෝ ශුද්ධවූ මිකායෙල් සහ සියළු දේවදූතායණන්වහන්සේලාගේ මංගල්‍යය ලෙසින්ද හැඳින්වෙන) යනු, බටහිර ක්‍රිස්තියානි දින දසුනේ සැප්තැම්බර් 29 දිනදී යෙදෙන ශුද්ධවූ දිනයකි. විෂුවයට සමීප දිනයක එය යෙදෙන බැවින්, උතුරු අර්ධගෝලයේ ශරත් සෘතුවෙහි සහ දිනයෙහි දිග කෙටිවීම ආරම්භය හා මෙය සම්බන්ධවෙයි. ක්‍රිස්තියානි දේවකථාසංග්‍රහය ප්‍රකාර, මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේ යනු, අග්‍රදේවදූතයාණන්වහන්සේලා අතුරින් අග්‍රගණ්‍යයා වන අතර, ස්වර්ගයේ ඇතිවූ යුද්ධයෙහිදී ලුසිෆර් පැරදවීම පිළිබඳ ගෞරවය එතුමාට හිමි වෙයි.
|
ACADEMIC
|
පීල් ඩිස්ට්‍රික්ට් ස්කූල් බෝඩ් Board office location මිසිසාගා, Ontario, කැනඩාව Board identifier B66125 Number of schools 198 elementary schools 36 secondary schools [1] 2011-12 budget (CAD $ millions) $1.56 billion [2] Number of students 108,503 elementary students 44,252 high school students [3] Chair of the Board Janet McDougald [4] Director of Education Tony Pontes[5] Elected Trustees Brampton (David Green, Harinder Malhi, Suzanne Nurse, Steve Kavanagh, Beryl Ford), Caledon(Stan Cameron), Mississauga(Janet McDougald, Sue Lawton, Rick Williams, Meredith Johnson, Brad MacDonald, Jeff White) Student Trustees May Zou, Linda Bui www.peelschools.org පීල් ඩිස්ට්‍රික්ට් ස්කූල් බෝඩ් (Peel District School Board) යනු කැනඩාවේ ඔන්ටේරියෝවේ පිහිටි පාසල් මණ්ඩලයකි. පීල් ප්‍රදේශයේ පිහිටි පාසල් 230ක පමණ සිසුන් 155,000(ආසන්න වශයෙන්)මෙම ආයතනය සේවය ලබා දෙයි. References[සංස්කරණය] ↑ http://www.peelschools.org/facts/facts/general.htm ↑ http://peelannualreport2012.com/public-school-trustees/ ↑ http://www.peelschools.org/facts/facts/general.htm ↑ http://peelannualreport2012.com/public-school-trustees/ ↑ "Get the Facts". Peel District School Board. සම්ප්‍රවේශය 2010-11-22. ආශ්‍රිත ලිපි[සංස්කරණය] බ්‍රැම්ටන් බාහිර සබැඳි[සංස්කරණය] පීල් ඩිස්ට්‍රික්ට් ස්කූල් බෝඩ් පීල් ඩිස්ට්‍රික්ට් ස්කූල් බෝඩ් (ඉංග්‍රීසි) Ontario school-related හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. න සා සං
|
ACADEMIC
|
පාදෙණිය Padeniya — ගම — රට ශ්‍රී ලංකාව පළාත මධ්‍යම පළාත දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) පාදෙණිය බොහෝ විට නගරයකට වඩා හන්දියක් ලෙස හැඳින්වේ. කටුගස්තොට - පුත්තලම A10 මාර්ගයේ පිහිටා ඇත. අනුරාධපුර - පාදෙණිය A28 මාර්ගයේ එක් අන්තයකි. වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ය. ආශ්‍රිත ලිපි[සංස්කරණය] පාදෙණිය පන්සල
|
ACADEMIC
|
කථන හා ව්‍යාධි විද්‍යාව යනු පුද්ගලයෙකුගේ කථනය, භාෂාව, සංජානනය, හඬෙහි ඇතිවන ආබාධ, ගිලීමේ අපහසුතා සහ ඒවා සඳහා පුනරුත්ථාපනය හා නිවැරදි කිරීම් ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේදයකි. කථනය හා භාෂා ව්‍යාධි විද්‍යාඥයින් හෝ කථන හා භාෂා චිකිත්සකවරුන් විසින් මෙකී රෝගීන්ගේ හඬ ඉපදවීම, කථනය වැඩිදියුණු කිරීම, ගිලීමේ අපහසුතා සහ භාෂා අවශ්‍යතා පාසල් වලදී, රෝහල් වලදී සහ වෙනත් ස්ථාන වලදී කථන චිකිත්සක ක්‍රම මගින් ප්‍රතිකාර ලබාදේ. සන්නිවේදනය සඳහා කථනය (උච්චාරණය, කටහඩ හැසිරවීම, වේගය, තීව්‍රතාවය,) (ධ්වනි විද්‍යාව, ශබ්ද අධ්‍යයන විද්‍යාව, රූපකාරය, ක්‍රියාකාරක පද සම්බන්ධය, අර්ථ විචාරය, උපයෝගි බස සම්බන්ධ වාග් විද්‍යාව) කථන හා ව්‍යවහාරික භාෂාව, (ලිවීමේදි හා කියවීමේදි භාවිතා වන) සහ මුහුණෙන් වන හැගීම් ප්‍රකාශ කිරීම් හා ඉරියව් අන්තර්ගත වේ. මුඛයේ ස්වරාලයේ සහ ග්‍රසනිකාවට අයත් ගිලීමේ ක්‍රියාවලිය ආශ්‍රිත රෝග කථන චිකිත්සාව යටතේ ප්‍රතිකාර කරනු ලැබේ. රෝගයේ තීව්‍රතාවය හා ස්වභාවය අනුව ඒ සඳහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ශාරීරික සුවතා ව්‍යායාම, නිරතුරුවම සිදුකරන පුහුණු වීම්, සන්නිවේදනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රම භාවිතා කිරීම වැනි ඒවා වේ. කථන චිකිත්සාව සඳහා සංඥා භාෂාව හා පින්තූර මගින් සංකේත ක්‍රම භාවිතා කිරීම සිදුවේ. භාෂා චිකිත්සකවරුන් ගිලීමේ ඇති අපහසුතාවන් සදහා ප්‍රතිකාර කිරීම සඳහා ද පුහුණු වී ඇත. මෙය, කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව (SLP) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේද, එක්සත් රාජධානියේ, අයර්ලන්තන් හා දකුණු අප්‍රිකාවේ කථන හා භාෂා චිකිත්සාව ලෙසද, ඕස්ට්‍රේලියාවේ කථන ව්‍යාධි විද්‍යාව ලෙසද, නවසිලන්තයේ කථන භාෂා චිකිත්සාව ලෙසද හැදින්වේ. මීට අමතරව වෙනත් ආකාර වලින් ද මෙය විස්තර කෙරේ. මෙය කථනය ඇති කරන්නා වු අවයව වල ඇති වන රෝගී තත්වයන් කෙරෙහි ප්‍රතිකාර ලබාදෙන්නා වූ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයකි. කථන අවයව වන්නේ මුඛය, උගුර, ස්වර තන්තු හා පෙනහළුය. ස්වර තන්තු වල හා ස්වරාලයේ ඇති පිළිකා ස්වර තන්තු වල අක්‍රමිකතා සහ කථනය ඇති කරන අවයව වල කථන පාලනයෙහි අක්‍රමිකතා සඳහා මෙහිදි ප්‍රතිකාර කෙරේ. ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වෛද්‍යවරුන් ද කථනය හා සම්බන්ධ රෝග තත්ව සඳහා පුහුණු කොට ඇත. මෙම කථන චිකිත්සාව වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් උපක්ෂේත්‍රයකි. මෙම කථන චිකිත්සකවරුන් කථන අපහසුතා සහ ගිලීමේ අපහසුතා පිළිබඳව ප්‍රතිකාර කරති. මෙමගින් ස්වරාලයේ අක්‍රමිකතා උගුර බැරැන්ඩි වීම සහ ගැස්ට්‍රයිටිස් රෝගය හා සම්බන්ධ ආහාර උගුරට ඒම හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කෙරේ. මෙම කථන චිකිත්සකවරුන් මගින් ප්‍රතිකාර ලබන රෝගීන් අතරට කථන ආබාධ ඇති කුඩා ළමුන්, ස්වරාල සැත්කම් කරන ලද රෝගීන්, ගිලීමේ අපහසුතා ඇති රෝගීන් සහ ස්වරාල අබාධ ඇත්තවුන් අන්තර්ගත වේ. අතීතයේ ගොත ගැසීම මානසික ආබාධයක් ලෙස සැලකුවද දැන් එම මතය ඉවත්කර ඇත. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Speech-Language_Pathology
|
ACADEMIC
|
විජය කුමාරතුංග උපත 1945 ඔක්තෝම්බර් 9 ජා-ඇල, ශ්‍රී ලංකාව මරණය 1988 පෙබරවාරි 16 පොල්හේන්ගොඩ, ශ්‍රි ලංකාව අනෙකුත් නම් කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග වෘත්තිය රංගන ශිල්පී, දේශපාලක සක්‍රීය වසර 1968–1988 කලත්‍රයා(යන්) චන්ද්‍රිකා කුමාරතුංග විජය කුමාරණතුංග (1945 ඔක්තෝබර් 09 – 1988 පෙබරවාරි 16) හෙවත් විජය කුමාරතුංග 1978 පටන් හිටපු ශ්‍රී ලංකා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා විවාහ වී සිටි ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික චිත්‍රපටි නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන අතර 1988 වසරේදී ඔහුව ඝාතනය කරන ලදී. පවුල් ජීවිතය 1978 වසරේදී කුමාරතුංග හිටපු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරු වූ සොලමන් බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායකගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක හා විවාහ විය.
|
ACADEMIC
|
බේස් බෝල් ක්‍රීඩා තරඟයක් පළමු වරට ගුවනින් විසිරුවා හරින ලද්දේ 1921 අගෝස්තු 5වන දින පෙනිසිල්වෙනියාවේ පීටර්ස්බර්ග්හි ෆොර්බ්ස් ෆීල්ඩ් ක්‍රිඩාංගනයේ පැවති තරඟයක් KDKA වෙස්ටන් හවුස් ගුවන්විදුලිය මඟිනි. පීටර්ස්බර්ග් පීරේට්ස් හා පිලඩෙල්පියා පිලීස් කණ්ඩායම් දෙක අතර තර‍්‍ඟයේ පැට් වීල්ස් විසින් විස්තර ප්‍රචාරය කරන ලදී. 1939 සැප්තැම්බර් මාසයේ දී පළමු වරට ෆෝඩ්හැම් (Fordham) හා වෙයින්ස්බර්ග් (Waynesburg) පාසල් අතර ඇමරික්න පාපන්දු තරඟයක් රූපවාහිනිය මඟින් විසිරුවා හරින ලදී. NBC ය පළමු වරට රූපවාහිනී ආවරණයක් පළමුවරට ජාතික පාපන්දු තරඟාවලියක් සඳහා ලබා දුනි. මෙහිදී ඔවුන් ආවරණය කළේ ෆිලඩෙල්පියා ඊගල් සහ බෲක්ලින් ඩොජර්ස් කණ්ඩායම් දෙක අතර 1939 ඔක්තෝම්බර් 23 වන දින පැවැත්වූ තරඟයකි. 1958 පැවති NFL ශූරතාවලියෙන් පසු MFL හි ගුවන් විදුලි අයිතිය වැදගත්ය. Monday Night Football , NFL on FOX, සහ NBC Sunday Night Football මඟින් ඇමරිකන් පාපන්දු ගුවන් මඟින් විසුරුවා හැරීමේ හැඩ ගලයෙහි මෙන්ම Super Bowl වැඩ සටහන් විස්තරයෙහි ද වෙනසක් ඇති කරන ලද්දේ එය හවස විකාශනය බවට පරිවර්තනය කරමිනි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Broadcasting_of_sports_events#History
|
ACADEMIC
|
රූපය. 1: ආනතිය i (කොළ) සහ අනෙකුත් කක්ෂීය පරාමිතික පෙන්වන එක් දසුනක් සාමාන්‍ය වශයෙන් ආනතිය යනු, සමුද්දේශ තලයක් සහ වෙනත් තලයක් හෝ දිශා අක්ෂය හෝ අතර කෝණය වෙයි.
|
ACADEMIC
|
දෙවැනි උඩරට යුද්ධය ආසන්න සමයේ ඉන්දියන් උප මහාද්වීපයේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම වාගේ බ්‍රිතාන්‍ය පාලනයට නතු වූ බව පෙනුණි. උඩරට රාජ්‍යය අභ්‍යන්තර කඳුකරය ට සීමා වී පැවතුනේය. පළමු උඩරට යුද්ධය අවසානයේ හා දෙවැන්න අතර වූ අවුරුදු 10 ක කාලය තුළ සිදු වීම් කෙසේද කියතොත් දෙවැනි යුද්ධයේ ස්වරූපය පළමුවැන්නට වඩා සෑහෙන වෙනසක් ගත්තේය. 1805 දී බ්‍රිතාන්‍යයට උඩරට සතුරු රදළවරු රාශියක් සමග මත ගැටුම් ඇති කර ගැනීමට සිදු වූ නමුදු 1815 එම රදළවරුම උඩරටට පැමිණෙන ලෙස බ්‍රිතාන්‍යයින්ට ඇරයුම් කොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කිරීමට උදව් ද කළහ. එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර මේට්ලන්ඩ් මහා පරිමාණ වශයෙන් නීතිමය හා සාමාජයීය වශයෙන් ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍ය බලය ආරක්ෂා කිරීමට හා වැඩි කිරීම උදෙසාය. දූෂණ තුරන් කිරීම සඳහා සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීමද, කුල නීතිය පදනම් කර ගත් ලාංකික මහාධිකරණයක් ආරම්භ කිරීම ද ඊට ඇතුළත් විය. ලන්දේසි පල්ලිවලට තිබුණු වරප්‍රසාද නැති වූ අතර කතෝලික ප්‍රජාවට ඡන්ද බලය හිමි විය. මේට්ලන්ඩ් බෞද්ධ අධිකාරී බලයට රහසින් පීඩා කළ අතර යුරෝපීයයන්ට අක්කර 4000 ක බිම් කොටස් දෙන බව පැවසීමෙන් ඔවුන් දිවයිනට අද්දවා ගැනීම අපේක්ෂා කළේය. ඔහුගෙන් පසු පැමිණි රොබට් බ්‍රවුන්රිග් ද මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේය. 1807 දී සාදා නිම කරන ලද නුවර වැවෙහි අලංකාරය හැරෙන්නට එම ව්‍යාපෘතිය ජනතා ප්‍රසාදයට ලක් නොවීය. ඊට හේතු වූයේ එයින් ප්‍රායෝගික වශයෙන් සේවයක් සිදු නොවීමයි. සාම්ප්‍රදායික වශයෙන් එවැනි විශාල වාරි කර්මාන්ත තැනවීමේ ප්‍රධාන අරමුණ වූයේ කුඹුරුවලට ජලය සැපයීම වුවත් මැද සෙංකඩගල කුඹුරු තිබුනේ නැත. 1810 දී රජු විසින් පිළිමතලාවේ දරමින් සිටි ප්‍රධාන ඇමති ධූරයෙන් ඉවත් කරන ලදී. ඊළඟ වසරේ පිළිමතලාවේ කැරළි ගැසුවේය. නුවර ප්‍රධානීන් බියටපත්කරමින් ඔහු මරණයට පත් කරනු ලැබුවේය. රජු තවදුරටත් බලවත් බෞද්ධ සංස්ථා සතු ධනය හා ඉඩම් බලහත්කාරයෙන් ලබා ගෙන අන් සතු කළේය. මේ කාලය මුළුල්ලේ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකු වූ ජෝන් ඩොයිලි සිංහල රදළවරු කීප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වා ගෙන ගියේය. ඔව්හු නායක රජ පෙළපතකට වඩා බ්‍රිතාන්‍ය පාලනය වඩා හොඳ යයි සිතූහ.
|
ACADEMIC
|
බස්නාහිර පළාත Western Province மேல் மாகாணம் — පළාත — ධජය ශ්‍රී ලංකාව තුල පිහිටුම රට ශ්‍රී ලංකාව මෙනමින් පළාතක් ඇතිකිරීම 1833 පළාත් සභාව ස්ථාපිත කිරීම 14 නොවැම්බර් 1987 පරිපාලන නගරය බත්තරමුල්ල විශාලතම නගරය කොළඹ පාලනය / පරිපාලනය • ආණ්ඩුකාර අලවි මවුලානා • ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග වර්ගප්‍රමාණය • සම්පූර්ණ 3,709 කිමී2 (1,432 වර්ග සැත) භූමිප්‍රමාණ අනුස්ථිතිය 9වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 5.64% ) ජනගහණය (2001) • සම්පූර්ණ 5,361,200 • අනුස්ථිතිය 1වන (සම්පූර්ණ ජනගහණයෙන් 28.79% ) • ඝණත්වය Bad rounding here1,400/කිමී2 (Bad rounding here3,700/වර්ග සැත) පසුගිය වසර 10 තුලදී ජනගහණය 36.8% කින් ඉහළ ගොස් ඇත දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1] • සම්පූර්ණ රු 2,178 බිලියන • අනුස්ථිතිය 1වන (මුළු ප්‍රමාණයෙන් 45.1% ) වේලා කලාපය කොළඔ (UTC+05:30) පරිපාලන භාෂා සිංහල, දෙමළ වෙබ් අඩවිය wpc.gov.lk/ බස්නාහිර පළාත (ඉංග්‍රීසි: Western Province වෙස්ටර්න් ප්‍රොවින්ස්, දෙමළ: மேல் மாகாணம் මේල් මාක්කානම්) ශ්‍රී ලංකාවේ අධිකතම ජන ඝනත්වයක් සහිත පළාත වෙයි. රටේ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රය වන කොළඹ ද එහි පිහිටා ඇක. බස්නාහිර පළාත සතුව 5,648,000 ප්‍රමාණයක ඇස්තමේන්තුගත ජනගහණයක් ඇති අතර එහි භූමිප්‍රමාණය 3 694,20 කිමී2[convert: unknown unit] ක් වෙයි. බස්නාහිර පළාත විසින්, දකුණු ආසියාවේ ඕනෑම ප්‍රදේශයක් විසින් වාර්තා කර ඇති විශාලතම ඒක පුද්ගල දදේනි වන ඇඑඩො 3,808 ක ඒක පුද්ගල දළ දේශය නිශ්පාදිතය වාර්තා කර ඇත. පටුන 1 දිස්ත්‍රික්ක 2 පළාත් පාලන සීමා 2.1 මහ නගර සභා සීමා 2.2 නගර සභා සීමා 2.3 ප්‍රාදේශය සභා සීමා 3 ආශ්‍රිත දිස්ත්‍රික්ක[සංස්කරණය] බස්නාහිර පළාත, පරිපාලන දිස්ත්‍රික්ක 3 කට බෙදා ඇත: කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය 642 කිමී2[convert: unknown unit] ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය [convert: invalid number][2] කළුතර පරිපාලන දිස්ත්‍රික්කය 1,606 කිමී2[convert: unknown unit] පළාත් පාලන සීමා[සංස්කරණය] මහ නගර සභා සීමා[සංස්කරණය] කොළඹ මීගමුව ගම්පහ දෙහිවල ගල්කිස්ස කඩුවෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සීමා[සංස්කරණය] කළුතර මහරගම ප්‍රාදේශය සභා සීමා[සංස්කරණය] කොලොන්නාව වත්තල ජා-ඇල කිරිබත්ගොඩ කැලණිය ආශ්‍රිත[සංස්කරණය] ↑ :.නිවුස් ලයින් : නෝර්ත්, ඊස්ට් රෙකෝඩ් හයස්ට් ජීඩීපී ග්‍රෝත් රේට් ↑ ඩිස්ට්‍රික්ට්ස් සෙක්‍රටේරියන්ට්ස්
|
ACADEMIC
|
කන්දේවෙල අම්බලම ශ්‍රී ලංකාවේ හේවා හැට ප්‍රදේශයේ ඉදිකොට ඇති ඉපැරණි අම්බලම් කිහිපය අතුරින් එකකි. එය හඟුරන්කෙත - මහනුවර මාර්ගයේ කන්දේවෙල ග‍්‍රාමය තුල පිහිටා ඇත. පටුන 1 අතීතය 2 ඉදිකිරීම් ආකෘතිය 3 ප්‍රතිසංස්කරණය 4 ආශ්‍රිත අතීතය[සංස්කරණය] ඉදිකිරීම් ආකෘතිය[සංස්කරණය] ටැම්පිට ආකෘතියේ ඉදිකිරීම් අනූව යමින්, පොලවේ සෘඡුකෝණාශ්‍රාකාර කොටසක විශාල ගල් හතරක් තබා ඒ මත විශාල දැව කඳන් සමබර කොට අම්බලම ඉදිකොට තිබෙයි. වහලය කොත් ස්වරූපයකින් යුක්ත වන අතර, එය කැණිමඬල ආධාරයෙන් මතුකොට තිබෙයි.[1] ප්‍රතිසංස්කරණය[සංස්කරණය] 2005 වර්ෂයේදී පමණ මෙම අම්බලම පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් තහවුරු කොට තිබෙයි. මීට අමතරව අම්බලමෙහි වූ පැරණි පෙති උළු ඉවත්කොට ඒ වෙනුවට නව උළු සහ දිරා ගිය පැරණි දැව වෙනුවට නව දැව යොදා ප්‍රතිසංස්කරණය කොට ඇත.[2] ආශ්‍රිත[සංස්කරණය] ↑ "කන්දේවෙල අම්බලම". පලංචිය. 2011 ඔක්තෝම්බර් 17. සම්ප්‍රවේශය 2014 ජුනි 4. ↑ "කන්දේවෙල අම්බලම". වටපිට වගතුග. 2010 සැප්තැම්බර් 2. සම්ප්‍රවේශය 2014 ජුනි 4.
|
ACADEMIC
|
ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු. ආශ්‍රිත ලිපි[සංස්කරණය] අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ශ්‍රී ලංකාව
|
ACADEMIC
|
ඡායාරෑපකරණය අභ්‍යන්තරය රෑපයක් නාභිය දුර ඡයාරූපකරණයේ සංයුතියට බලපාන අයුරු නාභිය දුර වෙනස් කරමින් ප්‍රධාන වස්තුවේ සිට කැමරාවට ඇති දුර වනෙස් කිරමෙන් ප්‍රධාන වස්තුවක එම ප්‍රමාණයේම තබාගෙන අනෙක් වස්තුවේ විවිධ ප්‍රමාණය ලබාගත හැක. ඡයාරූප කාචයක් අනනතයට යාමු කළ විට එහි පසුපස නිශ්පන්ද ලක්ෂ්‍යය නාභීය තෂ්යේදී සේයා පඨලයන් වෙනස් වේ. කැමරාවෙන් ඉතා ඇත පිහිටන වස්තු තියුණු ප්‍රතිබිම්බ කිරය මත සාදයි. ඇතැම් විට ඡයාරෑප ශිල්පීන් ප්‍රතිබිම්බ තලප නාභීය තලප ලෙසද හදුන්වයි. වස්තුව අන්තයේ ඇතිවට මේවා සමපාත වේත නමුත් කුඩා වස්තු දුරවල් සදහා නාභිය තලය ස්ථායි වේ. දුර ඇති වස්තුවක ප්‍රතිබිම්බයේ විශාලනය කාචයේ නාභීයු දර මගින් තීරණය කෙරේ. කාචයේ නාභිය දුර , ඉදිරිපස නිශ්පන්ධ ලක්ෂ්‍යයේ සිට වස්තුවට දුර , පසුපස නිශ්පන්ද ලක්ෂ්‍යයේ සිට ප්‍රතිබ්මබයට දුර ද නම් , අඩුවන විට ද වැඩි විය යුතුයත උදාහරණයක් ලෙස නාභිදුර 50mm වු සාමාන්‍ය 35mm කැමරාවක් සලකමු අන්තයේ අති වස්තුවක් නාභිගත කිරීම සදහා පසුපස නිශ්පන්ධ ලක්ෂ්‍ය = 50mm ස්ථානගත කල යුතුය. නමුත් එක මීටරයක් අැතින් ඇති වස්තුවක් නාභිගත කිරීම සදහා කාචය 2.6 mm ක් ප්‍රතිබිම්භ තලයෙන් ඉවතට ගෙන යායුතු වේ. මේ අනුව = 52.6mm නාභිය දුර සාමාන්‍යයෙන් මිලිමීටර් වලින් සටහන් කරන අතර ඇතැම් පැරණි කැමරා වල වමය සෙන්ටිමිටර් හෝ අගල් වලින්ද දක්නට ලැබේ. කැමරාව හසුකරගත හැකි පරාසය නාභිය දුරත් සේයා පඨලයේ ප්‍රමාණයත් අතර අනුපාතය මත රදා පවතී. කාචයේ දුර සේයා පඨලයේ හෝ සංවේදකයේ විකර්ශනයේ සදිගට සාමානනම් එය සාමාන්‍ය කාචයක් ලෙස හදුන්වනු ලැබේ. මෙවැනි කාදයක දැකිය හැකි කෝණය 530 ක් පමණ වන අතර මෙවැනි කාචයක නාභිය දුර 50mm පමණ වේ. මීට වඩා දිගු නාභි දුරක් ඇති කාදච ටෙලිෆෝටෝ කාච ලෙස හැදින්වෙන අතර මේවායේ නාභි දුර 85 mm පමණ වේ 35 mm සව්මනයේ ප්‍රසිද්ධ හේතුකොට ගෙන සමාන්‍යයෙන් කැමරා කාච පද්ධතියක වාභිය දුර 35 mm අවක නාභිය දුරට සාපේෂ්ව ප්‍රකාශ කරනු ලබයි. 35 mmසමක නාභිය දුර භාවිතය සංඛ්‍යාංක කැමරාවටද පොදු කරැ
|
ACADEMIC
|
භාණ්ඩයක් පිළිබද හුදු වෙන් කරන ලද තොරතුරැ වලට පමනක් සිමා නොවන අලෙවිකරණයේදි අපගේ චර්යාවන් හා සාරධර්ම පාලනය හා වෙනස් කිරිමට තැතැකල හැක. එක්තරා මට්ටම සමජය මෙය පිළිගතක්තත් සාමාචාර්ය සම්පන්න බලන විට එය සව් සිමාවක තිබිය යුතුයි. අලෙවිකරන ආචාරධර්මථ,, මධ්‍යම ආචාරධර්ම වලට ඉතා සාමන වේ. ඊට හේතුව අලෙවිකරණයේදි, මාධ්‍ය බහුලව භාවිතයයි. එනමුත් මාධ්‍ය ආචාරධර්ම, අලෙවිකරණයට පමණක් සිමා වු පුළුල් මාතෘකාවකි. මිල නියමය කිරීම - Pricing fiuos, price discrimination, price skimming තරගකාරි නොවන ක්‍රියමාර්ග - මෙහිදි මිල නියම කරන ක්‍රමයන් ඉක්මවා, භාණ්ඩ සපයන්න් හා සපයුම් මාර්ග වල පක්ෂපාතිත්තවය ලබා ගැනීම විශේෂිත අලෙවිකරණ උපයයන් - Green wash, Best & switch, shill, pyramid scheme, viral marketing planned obsolesce දැන්විමේ අඩංගු - තරගකරැවට පහර දෙන දැන්විම් භාංවංග (Subliminal) පනිවුඩ කාමය උපදවන දැන්විම්, සදකල් පවතින හෝ හානියාදක ලෙස සලකන භාණ්ඩ අලෙවිකරණය හ දරැවන් - පාසලේ අලෙවිකරණයේ යෙදිම කළුකඩ වෙලදාම(Black Market ) හා Greenmarket (අයිතිකරැ අනුදැනුනේ තොර විකිණිම) Merrespece නිෂ්පාදනයේ ආචාර ධර්ම භාණ්ඩය හා භාණ්ඩ නිෂ්පාදන ක්‍රියවලිය හානියක් නොමැති විමට වගබලගැනිම මෙහි අරමුණයි. මෙහිදි මුහුණපාන තද අකර තැබිමක් නම් භාණ්ඩයෙන් හා නිෂ්පාදන ක්‍රියාවලියෙන් වන හානිය කුමන මට්ටමෙන් පසු හානිදායක ලෙස සලකයිද යන්නයි. එමෙන්ම සමාජයේ දක්වන හා තාක්ෂන වෙනස සමග මෙම මට්ටම වෙනස්විය යුතුය. දෝෂ සහිත, ඇබ්බැහි විය හැති, අන්තර්ගත වු අවදානමක් සහිත භාණ්ඩ හෝ සේවා (උදා දුම්කොල, මධ්‍යසාරථ ආයධ වාහනය රසායනික ද්‍රව්‍ය burgee Jumping) ව්‍යාපාරය හ පාරිසරය අතර ඇති ආචාර ධර්ම (පලරිසර දුෂනය, පාරිසරික ආචාර ධර්ම, කාබන් විවොවක ද්‍රව්‍ය අලෙවිය) නව තාක්ධෂනය සමග ආචාර ධර්ම වලට වන බලපෑම (ජානමය වශයෙන් සැකසු ආහාර- Geretically Motified Food ජංගම දුරකථන වල විකිණර හා සෞඛ්‍යය) නිෂ්පාදිත පරික්ෂාකිරිමේ ආචාර ධර්ම - සත්ව අයිතින් හා සතුන් මත පරික්ෂාව, ආර්ථික පලදා ඇති කොටස් පරික්සාවට යොදා ගැනිම (සිසුන්) සටහන්[සංස්කරණය] | Ethics of sales and marketing |-
|
ACADEMIC
|
මයි ශ්‍රී ලංකා විත් පීටර් කුරුවිට ප්‍රභේදය සූප ශාස්ත්‍රය ඉදිරිපත් කලේ පීටර් කුරුවිට සම්භව රට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව භාෂාව(න්) ඉංග්‍රීසි No. of seasons 1 කථාංග ගණන 10 නිෂ්පාදනය ස්ථානය(න්) ශ්‍රී ලංකාව ධාවන කාලය විනාඩි 60 ප්‍රචාරණය මුල් නාලිකාව එස්බීඑස් වන් රූප ආකෘතිය 576i (එස්ඩීටීවී) 720p (එච්ඩීටීවී) Audio format ස්ටීරියෝ මුල් ධාවනය 3 නොවැම්බර් 2011 – 5 ජනවාරි 2012 මයි ශ්‍රී ලංකා විත් පීටර් කුරුවිට යනු, 2011 නොවැම්බර් 3 දින සිට 2012 ජනවාරි 5 දින දක්වා එස්බීඑස් වන් නාලිකාව ඔස්සේ විකාශය කෙරුණු කොටස්-10 ඕස්ට්‍රේලියානු සූපශාස්ත්‍ර රූපවාහිනී වැඩසටහන් මාලාවකි. එය ඉදිරිපත් කරන ලද්දේ පීටර් කුරුවිට විසිනි.
|
ACADEMIC
|
කැසිනෝ යන්නෙන් අදහස් වන්නේ, සමහරක් වර්ග වල සූදු ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහිතවූත් එම කාර්යයන්ට අවකාශ සලසන්නාවූත් පහසුකමකි. අපරාධ[සංස්කරණය] කැසිනෝ හා සම්බන්ධ මතභේදාකාරී ක්ෂේත්‍රයන් අතුරින් එකක් වන්නේ අපරාධ සිදුවීමේ ප්‍රමාණය හා ඒවායේ ඇති සෘජු සම්බන්ධතාවයයි.
|
ACADEMIC
|
තේරවාදී බුද්ධ ධර්මය යනු දැනට පවතින පැරණිතම බෞද්ධ සම්ප්‍රදායයි. එය සාපේක්ෂව ගතානුගතික හා මුල් යුගයේ බුද්ධ ධර්මය හා ඉතා සමීප වේ. මෙම සම්ප්‍රදාය ආරම්භ වුයේ ක්‍රි.පු. 250 දී පැවති තුන්වන ධර්ම සංඝායනාවේදී ඇති වු වැඩිහිටි භික්ෂුන් වහන‍්සේලා කණ්ඩායමක් වන විභජ්ජවාද කණ්ඩායමෙනි. මෙම සාම්ප්‍රදාය ඉන්දියාවෙන් ක්‍රමයෙන් පිරිහී ගිය මුත් ශ්‍රී ලංකාව හා ගිනිකොණ දිග ආසියාවේ තවමත් නොනැසි පවතී. තේරවාදී බුදුදහම පාලි ධර්ම ග්‍රන්ථ හා පාලි අටුවා ග්‍රන්ථ මත විශේෂයෙන්ම පදනම්ව කටයුතු කරයි. සියවස් ගණනාවක් තිස්සේ කට පාඩමින් පැවත ගෙන ආ පාලි ධර්මය ක්‍රි.පු. අවසාන සියවසේ දී ශ්‍රි ලංකාවේදී ග්‍රන්ථාරූඪ කෙරැනු අතර තේරවාදී බෞද්ධයෝ මෙය 4 වන ධර්ම සංඝායනාව ලෙස හඳුන්වයි. තේරවාදී සම්ප්‍රදාය තුළ සියළුම සුත්‍ර හා විනය සහිත ත්‍රිපිටකයේ පැරණිතම බුද්ධ දේශනාව අඩංගු වන බව බොහෝ වියතුන් පිළිගන්නා අතර එහි සත්‍යතාව සියළුම බුද්ධ සම්ප්‍රදායන් පිළිගනිති. තේරවාදය විභජනවාදය හෙවත් විමර්ශනයෙන් අනතුරුව පිළිගැනීම යන මතයට පිළිගැනීමක් ලබාදේ. ධර්ම ග්‍රන්ථවලට අනුව යමෙකුගේ විදර්ශනාත්මක බුද්ධිය අන්ධ භක්තියෙන් නොව අත්දැකීමෙන් විශ්ලේෂණයෙන් හා හේතු සහිතව ඇතිවිය යුතුය. තේරවාදී බුද්ධ ධර්මය අනුව සත්වයාගේ පැවැත්ම හා දුකට හේතුවෙන්නේ තණ්හා, ක්‍රෝධය හා අවිද්‍යාවයි. මේවා කෙලෙස් සිත දුෂණය කරමින් දුක හා පීඩනය ඇති කරයි. යමෙකුට මෙම පීඩා වලින් මිදීමට අවශ්‍ය නම් කෙලෙස් තම සිත තුළින් සම්පුර්ණයෙන්ම ඉවත් කළ යුතුය. භාවනාවේ යෙදෙන්නා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව නිර්වාණය ලබා ගත හැකි අතර තේරවාදී බුදුදහමේ අවසාන හා එකම අරමුණ නිර්වාණයයි. ශ්‍රී ලංකාව, මියන්මාරය, ලාඕස්, තායිලන්ත හා කාම්බෝජය මෙන්ම චීනය, වියට්නාමය මැලේසියාව හා බංගලාදේශයේ සමහර කොටස්ද තේරවාදීබුදුදහම අනුගමනය කරති. යුරෝපයේ හා ඇමරිකාවේද එයට ලැබෙන පිළිගැනීම ඉහල යමින් පවතී. සටහන්[සංස්කරණය] Theravada History
|
ACADEMIC
|
අමල් කරුනාසේකර සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පදවිය මේජර් ජෙනරල් රෙජිමේන්තුව ශ්‍රී ලංකා පාබල හමුදාව අණදීම් 53 බල ඇණිය සටන්/යුද්ධ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය මේජර් ජෙනරල් අමල් කරුනාසේකර RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ හමුදා බුද්ධි අංශ තනතුර හොබවයි. මේජර් ජෙනරල් ජානක වල්ගම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] මේජර් ජෙනරල් අමල් කරුනාසේකරයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
|
ACADEMIC
|
ඇදුම් මැසීමේ දී හා විලාසිතා නිර්මාණයේදී නිදර්ශණයක් යනු යම් ඇදුමකට සමාන වෙනත් ඇදුම් නිපදවීමේදි පිටපත් කිරීම සදහා යොදා ගන්නා මුල් ඇදුම හෝ රෙදි කැපීමට හා එකලස් කිරීමට පෙර ඇදුමේ කොටස් අදාල රෙදි කැබැල්ල මතට පිටපත් කිරීම සදහා යොදා ගන්නා කඩදාසි හෝ කාඩ්බෝඩ් පතෝරම් වේ. (සමහරක් විටදී කඩදාසි නිදර්ශක ලෙස හැදින්වේ) නිදර්ශන නිර්මාණය හෝ නිදර්ශණ කැපීම යන නිදර්ශන නිර්මාණය කිරීමේ කලාවයි. විවිධ මෝස්තර විශාල ප්‍රමාණයක් සදහා නිදර්ෂණ නිපද විය හැකි මූලික නිදර්ශක ස්ලෝප හෝ බ්ලෝක් ලෙස හදුන්වනු ලැබේ. ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම්[සංස්කරණය] ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම්. ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම් සාමාන්‍යයෙන් ටිෂූ කඩදාසි මත මුද්‍රණය කර මැසීම් උපදේශ හා රෙදි සඳහා වූ යෝජනා ඇතුළත් පැකට්ටු තුළ විකුණනු ලැබේ. නූතන රටා මිළ, ප්‍රමාණය, විලාසිතා හා මැසීමේ දක්ෂතා මට්ටම්වලින් විවිධ පරාසවලින් මිළ දී ගත හැකි අතර එමඟින් පාරිභෝජකයන්ගේ අවශ්‍යතා ඉතා හොඳින් ඉටු වේ. ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම් ශ්‍රේණිගත කර ඇත. එනම් ඒවා මුල් නිපැයුමට වඩා විශාල හා කුඩා ප්‍රමාණවලට ගැළපෙන පරිදි නැවත ඇඳ ඇත. එබිනෙසර් බටරික් ශ්‍රේණි කරන ලද ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම් වල වානිජමය නිෂ්පාදනය 1963 දී හඳුන්වා දෙන ලදී. (වික්ටෝරියන් මැහුම්කරුවන් විසින් භාවිතා කරන ලද ශ්‍රේණි කරන පද්ධතියක් මත පදනම්ව) එහිදී ඔවුන් විසින් පිරිමි හා ළමා ඇඳුම් සඳහා අතින් අඳින ලද රටා විකුණන ලදී. 1866 දී බටරික් කාන්තා ඇඟළුම් සඳහා ද රටා නිපදවන ලද අතර වර්තමානයේ ගෘහස්ථ මැසීම් රටාවෙළඳ පොළෙහි හදවත ලෙස පවතින්නේ එයයි. වර්තමානයේ ගෘහස්ථ මසන්නෙකුට ඇයගේ ශරීර මිනුම් හා ශරීරයේ හැඩයටඅනුව සකසා ගත හැකි පරිගණකගත රටා සපයන යෙදුම් ද ඇත. 3D තාක්ෂණය මඟින් ගෘහස්ථ මසන්නෙකුට අදාල ඇඳුම නිම කළ එය පැලදීමෙන් පසු දිස්වන ආකාරය ඇඳුම මැසීමට පෙරම දැක බලා ගැනීමට අවස්ථා ලබා දෙයි. මෙය කාලය මෙන්ම අවශ්‍ය පරීක්ෂක ඇඳුම් ගණන අඩු කරයි. රටා නිර්මාණ ග්‍රන්ථ[සංස්කරණය] රටා නිර්මාණ ග්‍රන්ථ යනු විවිධ ඇඳුම් නිපදවීම සඳහා උපදෙස් හා සටහන් ඇතුළත් උපදෙස් මැනුවලයකි. ඒවා මූලිකවම ඇත්තේ පුද්ගලික හා අධ්‍යාපනික කටයුතු උදෙසාය. භාවිත (Custom) ඇඳුම් නිර්මාණකරණය සඳහා භාවිතාකරන පතරොම්[සංස්කරණය] භාවිත ඇඳුම් නිර්මාණකරණය සඳහා භාවිතාකරන පතරොම් නිර්මාණ ක්‍රම 3න් එකක් බොහෝ විට සේවයේ යොදවයි. තල රටා ක්‍රමය ආරම්භ වන්නේ පතොරමක නිර්මාණයත් සමඟය. එය පලඳින්නාගේ මිනුම්වලට අනුව තනන ලද ආභරණ - කර උඩුකය ඇඳුම් හා පටු සාය සඳහා වූ මූලික රටාවයි. මෙම පතොරම් සාමාන්‍යයෙන් බර අඩු කාඩ්බෝඩ් හෝ ටැග් බෝඩ් මඟින් නිපදවන අතර එහි විලාසිතා විස්තර ඇතුළත් නොවේ. ටොයිල්ස් (UK) හෝ මස්ලින්ස් (US) ලෙස හඳුන්වන ආදර්ශ ඇඳම් පැලදුම් මාලාවක් සකස් කිරීම තුළින් පතොරමේ හැඩය ස්ථිර කරගත් පසු එය බොහෝමයක් රෙදි පිළි විලාසිතා සඳහා කර, අත් හා එවැනි දේ වෙනස් කරමින් විවිධ රටා නිපදවීම සඳහා යොදා ගත හැක. කටු සටහන් ක්‍රමය බහුලව භාවිතා වන්නේ පිරිමි රෙදි පිළිවලදීය. එයට විවිධ සරල රේඛා හා වක්‍ර යොදා ගෙන අදාල රටාව ඍජුවම රටා පත්‍රය මතට සටහන් කිරීම ඇතුළත් වේ. එය ඔබගේ දැන ගැනීම සදහා ප්‍රයෝජනවත් වේ. රටා පැළඳවීමේ (Draping) ක්‍රමය වඩා සිත් ගන්නා හා ආවේණික සැලසුම් සඳහා යොදා ගන්නා අතර ඒවා තල රටා ක්‍රමය මඟින් සිදු කර ගැනීම අපහසු වේ. එයට ඇඳුම් ආකාරයක් මත ඍජුවම අදාල රෙද්ද සවි කර මස්ලින් ආදර්ශ රටාවක් නිපදවා ඉන් පසුව එය කඩදාසි රටාවක් මතට පිටපත් කිරීම හෝ අදාල නිර්මාණය කරන ලද මස්ලින් එකම රටාවක් සේ යොදා ගැනීම ඇතුළත් වේ.
|
ACADEMIC
|
දඹුල්ල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ, දඹුල්ල නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි. එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දඹුල්ල මැතිවරණ කොට්ඨාශය වෙනුවට මාතලේ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස දඹුල්ල දිගටම පවතියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු[සංස්කරණය] සූචිය ස්වාධීන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය මැතිවරණය මන්ත්‍රීවරයා පක්ෂය කාල සීමාව 1947 එච්. බී. තෙන්නකෝන් 1947-1956 1952 1956 ටිකිරි බණ්ඩා තෙන්නකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956-1977 මාර්තු 1960 ජූලි 1960 1965 1970 1977 කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක එක්සත් ජාතික පක්ෂය 1977-1989 ආශ්‍රිත[සංස්කරණය] ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 6 වන සියවස – 7 වන සියවස – 8 වන සියවස දශක: 630ගණන් 640ගණන් 650ගණන් – 660ගණන් – 670ගණන් 680ගණන් 690ගණන් වසර: 664 665 666 – 667 – 668 669 670 ක්‍රිස්තු වර්ෂ 667 (DCLXVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 667 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
සම්බන්ධතා-අභිනත ('CO-ප්‍රකාරය[1]) සන්නිවේදනය යනු, දුර විනැවුමෙහිදී සහ පරිගණක ජාලකරණයෙහිදී, කුමන හෝ වැඩදායී දත්ත හුවමාරුවකට පෙර සන්නිවේදන සැසියක් හෝ අර්ධ-ස්ථිර සබැඳියක් ප්‍රතිෂ්ඨාපනය කෙරෙන සහ එය එවුනු අනුපිළිවෙලටම දත්ත ප්‍රවාහයක් බාරදෙනු ලබන, ජාල සන්නිවේදන ප්‍රකාරයකි. සම්බන්ධතා-අභිනත සන්නිවේදනයට විකල්පය වන්නේ, අසම්බන්ධිත සන්නිවේදනය වන අතර, එයට නිදසුන් වශයෙන් දැක්විය හැකි IP සහ UDP නියමාවලියන්හී භාවිතා වන්නාවූ ඩේටාග්‍රෑම් ප්‍රකාරයේ සන්නිවේදනයෙහි, අනුපිළිවෙලට නොවන දත්ත බාරදීම සිදු කල හැක්කේ, විවිධ පැකට්ටු මාර්ගගත කෙරෙන්නේ ස්වායත්තව වන බැවින් සහ, වෙනස් මං පෙත් ඔස්සේ බාර දිය හැකි බැවිනි. ආශ්‍රිත[සංස්කරණය] ↑ ඉන්ෆොමේෂන් ප්‍රොසෙසිං සිස්ටම්ස් - ඕපන් සිස්ටම්ස් ඉන්ටර්කනෙක්ෂන්, "ට්‍රාන්ස්පෝර්ට් සර්විස් ඩෙෆිනිෂන්", ප්‍රමිතිකරණය සඳහා ජාත්‍යන්තර සංවිධානය, ජාත්‍යන්තර ප්‍රමිතිය 8072, ජූනි 1986.
|
ACADEMIC
|
ඇමරිකාවන් භූමිප්‍රමාණය 42,549,000 කිමී2 ජනගහණය 911,000,000 (ජූලි 2008 ඇස්ත.) ජනගහණ ඝණත්වය 21/කිමී2 (55/වර්ග සැත) ජාතිකත්ව නාමය ඇමරිකානු[1] (නමුත් භාවිතය බලන්න) රටවල් 35 ඇමරිකාවන්, හෝ ඇමරිකානු මහාද්වීපය,[2][3][4] යනු නව ලෝකය ලෙසින්ද හැඳින්වෙන, බටහිර අර්ධගෝලයෙහි භූමිප්‍රදේශයන් වෙති. උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව යන මහාද්වීපයන් හා,[5]ඒවාට ආශ්‍රිත දිවයින්ද අඩංගුව, ඒවා පෘථිවියේ මුළු පෘෂ්ඨ වර්ගප්‍රමාණයෙන් 8.3% ක් ආවරණය කරයි (එහි භූමි වර්ගප්‍රමාණයෙන් 28.4% ක්). භූ-ලක්ෂණ අභිභවනය කරන්නේ, බටහිර වෙරළ ඔස්සේ දිවෙන දිගු කඳු දාමයක් වන, ඇමරිකානු කෝඩිලේරාව විසිනි. ඇමරිකාවන්හී වඩාත් පැතැලි නැගෙනහිර පෙදෙස අභිභවනය කරන්නේ, ඇමේසන්, මිසිසිපි, සහ ලප් ලාටා වැනි විශාල ගංගා ද්‍රෝණි වලිනි. උතුරු-දකුණු දිශානතියට 14 000 කිමී[convert: unknown unit] ප්‍රමාණයක් පුරා පැතිරෙන ඇමරිකාවන් හරහා, දේශගුණය සහ පරිසර විද්‍යාව දැඩි ලෙසින් විචලනයට භාජනය වීම, උතුරු කැනඩාවෙහි, ග්‍රීන්ලන්තයෙහි, සහ ඇලස්කාවෙහි ආක්ටික් තුන්ද්‍රා සිට, මධ්‍යම ඇමරිකාවෙහි සහ දකුණු ඇමරිකාවෙහි නිවර්තන වැසි වනාන්තර දක්වා ව්‍යාප්තිය කුලින් පිළිබිඹු වෙයි. ආශ්‍රිත[සංස්කරණය] ↑ "American". ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (3වන සංස්.). ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. සැප්තැම්බර් 2005. http://oed.com/search?searchType=dictionary&q=American. ↑ නිදසුනක් වශයෙන් බලන්න: ඇමරිකා – මේරියම්-වෙබ්ස්ටර් ඔන්ලයින් ශබ්දකෝෂයෙහි අර්ථදැක්වීම. සම්ප්‍රෙව්ශය, 2008, ජනවාරි 27 දී; "dictionary.reference.com ඇමරිකා". Dictionary.com. ඉංග්‍රීසි භාෂාව සඳහා ද ඇමරිකන් හෙරිටේජ් ශබ්දකෝෂය, සතරවන සංස්කරණය. හොව්ටන් මිෆ්ලින් සමාගම, 2004. සම්ප්‍රෙව්ශය: ජනවාරි 27, 2008. ↑ මාර්ජෝරී ෆී සහ ජේනිස් මැක්ඇල්ෆයින්, ඔක්ස්ෆර්ඩ් ගයිඩ් ටු කැනේඩියන් ඉංග්ලිෂ් යූසේජ් (2008) පිටුව 36 පවසන්නේ "In Canada, American is used almost exclusively in reference to the United States and its citizens." සිංහල: "කැනඩාවේ, ඇමරිකන් යන වචනය සැම විටම පාහේ භාවිතා වන්නේ එක්සත් ජනපදය සහ එහි වැසියන් ආශ්‍රිතවයි." ද නිව් සීලන්ඩ් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි, ද කැනේඩියන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි, දි ඕස්ට්‍රේලියන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි සහ ද කන්සයිස් ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරි යන ඇතුළු අනෙකුත් සියල්ල විසින් "ඇමරිකන්" යන්න අර්ථදැක්වීමේදී ඇමරිකාවන් සහ එක්සත් ජනපදය යන දෙකම හුවා දක්වයි. ↑ "ඇමරිකා." දි ඔක්ස්ෆර්ඩ් කම්පෑනියන් ටු ද ඉංග්ලිෂ් ලැන්වේජ් (ISBN 0-19-214183-X). මැක්ආතර්, ටොම්, සංස්., 1992. නිව්යෝර්ක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, පි. 33: "[16 සියවස: ගවේෂක ඇමරිගෝ වෙස්පුචි (1454–1512) ගේ ලතින්කෘත පළමු නමෙහි, ඇමරිකස් යන්නෙහි, ස්ත්‍රී ලිංගික පදයෙන්. ඇමරිකා යන නම පළමුවරට එළිදැක්වුනේ, ජර්මානු සිතියම් විද්‍යාඥ මාටින් වල්ඩ්සීමුලර්ගේ 1507 සිතියමක, දැනට බ්‍රසීලය යනුවෙන් හැඳින්වෙන පෙදෙස සඳහාය]. 16 සියවස පටන්, බොහෝවිට ඇමරිකාස් යන බහුවචනය නව ලෝකය සඳහා දළ වශයෙන් තුල්‍යාර්ථිකව, බටහිර අර්ධගෝලයට නමක් ලෙසින්. 18 සියවස පටන්, ඇමරිකානු එක්සත් ජනපදයෙහි නම වශයෙන්. මෙම දෙවන ආකාරය ඉංග්‍රීසි භාෂාවේ දැන් ප්‍රාථමික වෙයි: ... කෙසේවෙතත්, මෙම පදය විවිධ ලෙසින් භාවිතය සඳහා විවෘතය: ..." ↑ "කොන්ටිනන්ට්". එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 31 ඔක්තොම්බර් 2012.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 7 වන සියවස – 8 වන සියවස – 9 වන සියවස දශක: 720ගණන් 730ගණන් 740ගණන් – 750ගණන් – 760ගණන් 770ගණන් 780ගණන් වසර: 750 751 752 – 753 – 754 755 756 ක්‍රිස්තු වර්ෂ 753 (DCCLIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 753 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස දශක: ක්‍රිපූ 800ගණන් ක්‍රිපූ 790ගණන් ක්‍රිපූ 780ගණන් – ක්‍රිපූ 770ගණන් – ක්‍රිපූ 760ගණන් ක්‍රිපූ 750ගණන් ක්‍රිපූ 740ගණන් වසර: ක්‍රිපූ 776 ක්‍රිපූ 775 ක්‍රිපූ 774 – ක්‍රිපූ 773 – ක්‍රිපූ 772 ක්‍රිපූ 771 ක්‍රිපූ 770 ක්‍රිස්තු පූර්ව 773 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 773 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 773 අබ් ඌර්බෙ කෝන්ඩිටා −19 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 3978 බෞද්ධ දිනදසුන −230 – −229 බහායි දින දසුන −2616 – −2615 බෙංගාලි දින දසුන −1365 බර්බර් දින දසුන 178 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1410 බයිසැන්ටියානු දින දසුන 4736–4737 චීන දින දසුන 丁卯年 (Fire Rabbit) 1924 or 1864 — to — 戊辰年 (Earth Dragon) 1925 or 1865 කොප්ටික දින දසුන −1056 – −1055 ඩිස්කෝර්ඩියන් දින දසුන 394 ඉතියෝපියානු දින දසුන −780 – −779 හෙබ්‍රෙව් දින දසුන 2988–2989 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −716 – −715 - ශක සම්වත් N/A - කලි යුග 2329–2330 හොලොසීන දින දසුන 9228 ඉග්බො දින දසුන −1772 – −1771 ඉරාන දින දසුන 1394 BP – 1393 BP ඉස්ලාමීය දින දසුන 1437 BH – 1436 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1561 මින්ගුවෝ දින දසුන 2684 before ROC 民前2684年 තායි සූර්ය දින දසුන −229 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 773 BC
|
ACADEMIC
|
නෙලුම් කුලුන යනු ශ්‍රී ලංකාවේ ඉදි කිරීමට යෝජිත සන්නිවේදන කුළුණක් වන අතර , මෙය නෙලුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා "නෙලුම් කුලුන" ලෙස නම් කෙරේ. මෙහි උස මීටර 350 කි. නිම කිරීමෙන් පසු මෙය ලොව පස්වෙනි උසම කුලුන බවට පත් වනු ඇත. මෙය කොළඹ බේරෙ වැව අසල ඉදිකිරීමට යෝජිත අතර චීන සමාගමක් මගින් නිර්මාණය කිරීමට යෝජිත මෙම කුලුනේ ඇස්තමේන්තු ගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 100 ක් වේ. මෙම කුලුන නිර්මාණය කිරීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් කරනු ලබයි. [1] පටුන 1 උද්‍යානය 2 ගොඩනැගිල්ලේ අංග 2.1 පාදම 2.2 ප්‍රධාන බඳ 2.3 නෙළුම් මල 2.3.1 පළමු හා දෙවන තට්ටු 2.3.2 තුන්වන තට්ටුව 2.3.3 හතරවන තට්ටුව 2.3.4 පස්වන සහ හය වන තට්ටු 2.3.5 හත්වන තටිටුව 3 අයිතිය 4 මුලාශ්‍ර උද්‍යානය[සංස්කරණය] ගොඩනැගිල්ලේ අංග[සංස්කරණය] පාදම[සංස්කරණය] මහල් 4කි. ආපනශාලා සහ සාප්පු සංකීර්ණයකි. එස්කලේට' 16 කි. ප්‍රධාන බඳ[සංස්කරණය] විදුලි සෝපාන 5 නෙළුම් මල[සංස්කරණය] පළමු හා දෙවන තට්ටු[සංස්කරණය] රූපවාහිනී හා ගුවන් විදුලි හා ජංගම දුරකතන ආයතන තුන්වන තට්ටුව[සංස්කරණය] උත්සව ශාලාව හතරවන තට්ටුව[සංස්කරණය] කරකැවෙන ආපනශාලාව පස්වන සහ හය වන තට්ටු[සංස්කරණය] නඩත්තු අංශ හත්වන තටිටුව[සංස්කරණය] අයිතිය[සංස්කරණය] කොටස් වෙළඳපල හරහා මුලාශ්‍ර[සංස්කරණය] This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න. ↑ http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3440:2010-11-08-02-16-17&catid=1:latest-news&Itemid=269 ලංකා සී නිවුස් - ලොව පස්වැනි උසම කුළුම ලංකාවේ ඉදිරිකිරීමට යයි
|
ACADEMIC
|
මූලික ලිපිය: සංඥාව (ඉලෙක්ට්‍රොනික විද්‍යාව) ප්‍රතිසම සංඥාවක් යනු එම සංඥාවෙහි කාලය සමග විචලනය වන අංගය (විචල්‍යය) වෙනත් කිසියම් කාලය සමග විචල්‍යය වන රාශියකින් නිරූපණයක් වන්නාවූ, එනම් වෙනත් කාලය සමග විචල්‍ය සංඥාවකට ප්‍රතිසම වන්නාවූ, ඕනෑම අවිච්ඡින්න සංඥාවකි.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස දශක: ක්‍රිපූ 790ගණන් ක්‍රිපූ 780ගණන් ක්‍රිපූ 770ගණන් – ක්‍රිපූ 760ගණන් – ක්‍රිපූ 750ගණන් ක්‍රිපූ 740ගණන් ක්‍රිපූ 730ගණන් වසර: ක්‍රිපූ 769 ක්‍රිපූ 768 ක්‍රිපූ 767 ක්‍රිපූ 766 ක්‍රිපූ 765 ක්‍රිපූ 764 ක්‍රිපූ 763 ක්‍රිපූ 762 ක්‍රිපූ 761 ක්‍රිපූ 760 ප්‍රවර්ග: උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම්
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස දශක: 1920ගණන් 1930ගණන් 1940ගණන් – 1950ගණන් – 1960ගණන් 1970ගණන් 1980ගණන් වසර: 1951 1952 1953 – 1954 – 1955 1956 1957 ක්‍රිස්තු වර්ෂ 1954 (MCMLIV) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 1954 වන වසර, 2 වන සහශ්‍රවර්ෂය තුල 954 වන වසර, 20 වන සියවස තුල 54 වන වසර, සහ 1950ගණන් දශකයෙහි 5 වන වසර ලෙසිනි. .
|
ACADEMIC
|
පෙබරවාරි 22, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 53 වන දිනය වේ. අවුරුද්ද අවසන් වීමට තවත් දින 312 ඉතිරිව තිබේ (අධික අවුරුද්දක් නම් 313). This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
පරාක්‍රම කොඩිතුවක්කු විශිෂ්ට ගණයේ සිංහල කවියෙකි. 1950 සහ 1960 දශකවල සිංහල කාව්‍යයේ නව පිබිදීමත් පර්යේෂණවලින් අනතුරුව, 1970 දශකය තුළ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ සහ රත්න ශ්‍රී විජේසිංහ වැනි බොහෝ තරුණ කවියන් මතු විය. ඔහුගේ “පොඩි මල්ලියේ” කෘතිය (1972) විචාරක ප්‍රසාදයට ලක් වූ අතර “ඔටුන්න හිමි කුමාරයා” (1975) ගෙන් අනතුරුව ඔහු 1990 වන තෙක් පුවත් පත්වලට ලියූ කවි කිහිපයකට අමතරව අලුතින් කිසිවක් ප්‍රකාශයට පත් කළේ නැත. කෘති[සංස්කරණය] පොඩි මල්ලියේ ඔටුන්න හිමි කුමාරයා රශ්මි: භාව කාව්‍ය දිවමන් ගජමන් දේවින්ගේ මිනිසුන්
|
ACADEMIC
|
ඛණ්ඩාංක: 11°21′N 142°12′E / 11.35°N 142.2°E / 11.35; 142.2 මරියානා අගාධයෙහි පිහිටුම මරියානා අගාධය හෝ මරියානාස් අගාධය[1] යනු ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටසයි. බටහිර ශාන්තිකර සාගරයෙහි එය පිහිටා ඇත්තේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය 2 550 කිමී[convert: unknown unit] පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ 69 කිමී[convert: unknown unit] ක් පමණි. ගැඹුරුතම කොටස 11,03 කිමී[convert: unknown unit] යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් [2] එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන චැලෙන්ජර් ඩීප් හිදී, එහි උපරිම-ගැඹුර වන 10,91 කිමී[convert: unknown unit] (35,800 අඩි) පමණ ප්‍රමාණය වාර්තා වී ඇත[3]. සටහන්[සංස්කරණය] ↑ එ.ජ. ජාතික භූඅවකාශීය-බුද්ධි තොරතුරු කාර්යාංශය අනුව ප්‍රභේද්‍යයකි ↑ "මරියානා ට්‍රෙන්ච්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා. එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා. ↑ "NOAA ඕෂන් එක්ස්ල්ලෝරර්: හිස්ට්‍රි: ක්වොටේෂන්ස්: සවුන්ඩින්ස්, සී-බොටම්, ඇන්ඩ් ජායෝෆිස්ක්ස්". NOAA, සාගර ගවේෂණ සහ පර්යේෂණ කාර්යාලය.
|
ACADEMIC
|
මෙම ලිපිය ට ව්‍යාකරණ, විලාස, සංගතිය, මාත්‍රය, හෝ අක්ෂර වින්‍යාසය සඳහා පිටපත් සංස්කරණය අවශ්‍ය යි . ඔබට ඊට සංස්කරණයෙන් දායකවිය හැක. (දෙසැම්බර් 2011) ජීව විද්යාලත්මක මානව විද්යානව ජීව විද්යායත්මක මානව විද්යාලව එසේත් නැතිනම් භෞතික මානව විද්යාහව වූ කලි ජීව විද්යා ත්මක පරිණාමීය යාන්ත්යරණයන්, ජානමය ප්වරවේණීන්, මානව අනුවර්ත්‍යතාවය සහ විචලනය ආදි මානව අධ්‍යයන විද්යා ව, මානව රූපකෘත විද්යාරව සහ මානව පරිණාමයේ පොසිල වර්තා පිලිබඳව අධ්‍යනය කෙරෙන මානව විද්යාමවේ ශාඛාවයි. භෞතික මානව විද්යා ව ඇල්ෆඞ් රසල් වොලස් හා චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වරණය පිලිබඳ න්‍යායන් සහ ග්‍රෙගරි මෙන්ඩල්ගේ ප්ලරවේණිය පිලිබඳ පර්යේෂණයන් එළිදැක්වීමට පෙර 19 වන සියවසේදී වර්ධනය වූවකි. ඊට එම නම යොදනු ලැබ්වේ එහි සියළු දත්තයන් භෞතිකව පවතින ඒවා (පොසිල, මිනිස් ඇටකටු) වූ බැවිනි. ඩාවින්ගේ න්‍යායන් සහ නූතන සහවාදයන්ගේ නැඟීමත් සමඟ මානව විද්යා ඥයින්ට නව ආකාරයේ දත්තයන් වෙත ප්තරවේශය උදාවූ අතර බොහොමයක් දෙනා තමන්ව ‘ජීව විද්යා්ත්මක මානව විද්යා ඥයින්’ ලෙස හඳුන්වා ගැනීමට පටන් ගත්හ. මානවමිතිය පිලිබඳ අධ්‍යනයන් වැනි භෞතික මානව විද්යානවේ මුල් කාලීන ශාඛාවන් මේ වන විට ව්‍යාජ විද්යා්වන් ලෙස සලකා බැහැර කරනු ලැබ ඇත. කපාල දර්ශකය වැනි මිනුම් චර්යාවාදී ගතිලක්‍ෂණ සොයාගැනීමට උපකාරී කරගනු ලැබූ අතර මුල් කාලීන විද්යාකත්මක භෞතික මානව විද්යාවවේ ආරම්භකයින් ලෙස පෝල් බ්‍රෝකා සහ ෆ්රාන්ස් බොයස් හැඳින්විය හැකිය.
|
ACADEMIC
|
රට තුලට කඩා වැදිම (ආක්‍රමණය) සහ පාලනය චූල වංශයෙහි මාඝ ගැන සියලු තොරතුරු සිත් ගන්නා අන්දමින් ඉදිරිපත් කරයි. මෙය සාමාන්‍යයෙන් සංක්ෂිප්ත ලේඛණයක් මගින් ඉතා කලාතුරකින් ඉදිරිපත් කෙරෙන්නකි. ඵහි Lxxx වැනි පරිච්ඡේදයෙහි මෙසේ කියා ඇත. "ලක්වාසී ජනතාවගේ බොහෝ දුශ්චරිත ක්‍රියාවන් නිසා ලංකාවේ ආරක්ෂාව භාරව සිටි දේවතාවුන්ට ඵම ආරක්ෂාව සැපයීමට නොහැකි විය. මේ අවස්ථාවේ මිසදිටු මනුෂ්‍යයෙක් ලංකාවට ගොඩ බැස්සේය. ඔහු කෲර රාජ්‍ය පාලකයෙකි. ඔහු යහගුණ නමැති වනය පුළුස්සා දැමූ ලැව් ගින්නකි. ඔහු හොඳ ප්‍රතිපත්ති නම් වූ රෑ නෙලුම් මිලින කළ සූර්යයා මෙන් විය. සාමය නැමති දවල් නෙලුම් මිලින කළ චන්ද්‍රයා විය. මාඝ නැමති ඔහු කාලිංග නම් පරපුරෙන් පැවති කෲර රජුය. මාඝ තම 24000 ක්වූ හමුදාව සමග ලංකාවේ රජ රටට පැමිණීමට පෙර මාඝ ගැන කිසිවක් දැන නොතිබුනා මෙන්ම ලංකාවේ ඔටුන්න ලබා ගැනීමට ඔහුට තිබුණු හිමිකම ගැනද කිසිවක් දැන ගැනීමට නැත. ඔහු මෙහි පැමිණීමට පෙර වූ අවුරුදු කිහිපය තුළ ලංකාවේ දේශපාලන තත්වය නරක අතට වර්ධනය වෙමින් පැවතුනේය. රජුන් නම දෙනෙකු අවුරුදු 20ක් තුළ රජකමට පත් වූහ. ආක්‍රමණයන් තුනකට මුහුණ දීමට ද සිදු විය. නිශ්ශංක මල්ල රජු විසින් 1187 දී පිහිටවුවන ලද කාලිංග රාජ වංශය මාර්ගයෙන් මාඝට උරුමකමක් තිබෙන්නට ඇතැයි අනුමානයක් තිබේ. ඔහු විසින් දක්වන ලද හේතුවල සත්‍යතාවය කුමක් වුවත් ඔහුගේ ආක්‍රමණයන් මගින් ඇති කළ ප්‍රචණ්ඩත්වය නිසා මහජනතාවගෙන් ලැබිය යුතු සහයෝගය ඉක්මණින් අහිමි විය. රජරටට හා සිංහලයින්ට දකුණු ඉන්දීය රාජ්‍යයන් සමග දිර්ඝ ඵෙතිහාසික,සංස්කෘතික,ආගමික මෙන්ම ලේ නෑ සබඳතාවයන් ද තිබුනේ පාණ්ඩ්‍ය හා චෝල රජ පවුල් සහ දිවයිනේ රජ පවුල් අතර නිරන්තර විවාහ සම්බන්ධතා තිබුණු හෙයිනි. අනිකංග (1209) සහ පරාක්‍රම පණ්ඩු (1212 දී ) වැනි ආක්‍රමණිකයින් බොහෝ විට පිළිගැනුනේය. සමහර විට මෙවැනි ආක්‍රමණිකයින්ගෙන් ප්‍රසිද්ධම තැනැත්තා ඵළාර විය හැකිය. ඔහු ඊට අවුරුදු දහයකට පමණ පෙර ලංකාව ආක්‍රමණය කළා පමණක් නොව භික්ෂූන්ගෙන් පවා "ධර්මරාජ්" නම් පටබැඳි ගෞරව නාමය ලබා ගැනීමටද සමත් විය. ඵපමණක් නොව ඔහු ශ්‍රි ලංකා ඉතිහාසයේ ඉතාම හොඳ පාලකයින්ගෙන් කෙනෙකු ලෙසද ගෞරවයට පාත්‍ර විය. ඔවුන් වැනි පාලකයින් දේශීය ප්‍රභූවරු ද පාලනයට හවුල්කරගත් අතර දේශීය ආගම වූ බුද්ධාගමට ද ගරු කළහ. චූලවංශය මාඝ ගැන විස්තර දක්වද්දී ඔහු ගැන අප්‍රසන්න අන්දමින් කථා කරන්නේ ඔහු සිංහල ජනතාවගේ සංස්කෘතියට හා ආගමට නිසි තැන දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. මාඝගේ ආක්‍රමණයේදී ඔහුගේ හමුදාවන් මහා පරිමාණ හොරකම් මංකොල්ලකෑම් කළ බවත් දේපළ විනාශ කිරීම්,පැහැරගෙන ගොස් හිරිහැර කිරීම (චූල වංශය ළමයින්ට තැලීම විශේෂයෙන් සඳහන් කර ඇත) අත් පා කපා දැමීම්වල යෙදුණු අතර රජරට ප්‍රභූ පිරිස් වහලුන් ලෙසද යොදා ගත්හ. මේ සඳහා ආක්‍රමණිකයින්ගේ දැඩි කෑදරකම පරාක්‍රම පණ්ඩු රජුගේ ඉරණමෙන් පැහැදිලි වේ. ඔහු අන්ධ කරන ලදුව මරණයට පත්කරණ ලදී. මෙයිනුත් පසුව හමුදාව රජරට පූජනීය පෙදෙස් බොහොමයක් විනාශ කිරීමද අපවිත්‍ර කිරීමටද ක්‍රමානුකූලව කටයුතු කළේය. දාගැබ් විනාශ කරනු ලැබිණි. කෞතුක වස්තු ආදිය අතුරුදන් විය. පොත් ඉරා විසිකර දැමිණ. භික්ෂූන්ට පහර දී පන්සල්වල දේපළ කොල්ලකන ලදී. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් ලංකාවේ පැරණිතම ස්ථූපය වූ ථූපාරාමයත් දුටු ගැමුණු රජුගේ ප්‍රියතම රුවන් වැලි සෑයත් අපවිත්‍ර කිරිමයි. පරාක්‍රම පාණ්ඩ්‍ය මරා අනුරාධපුර සහ පොළොන්නරුවේ විහාර සතු දේපළ ද කොල්ලකෑමෙන් පසු මාඝගේ හමුදාව විසින්ම මාඝ පූජනීයත්වයට පත් කරනු ලැබීය. පසුව ඔවුහු පුලත්ති නගර නම් අගනුවර වාසස්ථානය කර ගත්හ. ඔහුගේ පාලනයේ මුල් තැන ගත්තේ භූමියෙන් ගත හැකි උපරිම දේ ගැනීම හා හැකිතාක් දුරට රජරට පැවති සම්ප්‍රදායයන් නැතිකිරීමත්ය. පූජනීය ස්ථාන සහ පන්සල් ඔහුගේ සහචරයින්ට වාසස්ථාන හැටියට පාවිච්චි කිරීමට තෑගි වශයෙන් ප්‍රධානය කළ ආකාරයත් ස්වදේශික ජනයාගෙන් බලෙන් ලබා ගත හැකි උපරිම ධනය සූරා ගැනීමත් මහජනතාවගෙන් වැඩි දෙනෙක් වහලුන් ලෙස සේවයේ යෙදු ආකාරයත් චුලවංශයේ නැවතත් විස්තර කරයි.
|
ACADEMIC
|
ශ්රී: ලංකාවේ දූපත් ශ්‍රී ලංකාව වටා දූපත් විශාල සංඛ්යාnවක් ඇත. වඩාත් සුලභ දීපිකාවන් උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයට නැගෙනහිරින් පිහිටා ඇත. මෙම දූපත් සමූහය ලන්දේසි පාලන සමයේදී ලන්දේසි නම් සහිත වූ අතර ඇතැම් ඒවා අද ද ව්යූවහාර කෙරේ. යාපනය අර්ධද්වීපය යාපනය අර්ධද්වීපය වටා සුලභව හඳුනාගත හැකි දූපත් වන්නේ අනලතිව් දූපත් වන අතර අදටත් දිය මංකඩක් හරහා ප්ර ධාන භූමියට සම්බන්ධ වී ඇත. එලුවැතිව් කුඩා ධීවර නැවතුම් පොළකි. කච්චතිව් දූපත 1974 දී ඉන්දියාවෙන් ශ්රී ලංකාවට සම්ප්රේමෂණය වූ අතර ශ්රීි ලංකාවේ හා ඉන්දියාවේ තමිල් නාඩු ප්රාදන්තය අතර සම්බන්ධිත ලක්ෂ්ය යක් ලෙස අදටත් ක්රිමයා කරයි. අතිතයේදී කච්චතිවු දූපත ලාංකික ඉන්දීය ධීවරයන් විසින් හවුලේ භාවිතා කෙරුණි. මෙම දූපතේ ප්ර සිද්ධ කතෝලික ආශ්රීමයක් ඇත. වෙනත් හඳුනාගත හැකි දූපත් වන්නේ කරතිව්, මණ්ඩතිව්, හා නයිනතිව් වන අතර සිංහල භාෂාවෙන් නයිනතිව් නාගදීපය ලෙසද හැඳින්වේ. එහි බෞද්ධ හා හින්දු පූජනීය ස්ථාන ඇති අතර ද්රභවිඩ හින්දූන්ට හා සිංහල බෞද්ධයන්ට කීර්තිමත් වන්දනා ස්ථානයක් වේ. නෙදින්තිව් ලන්දේසි භාෂාවෙන් ඩෙල්ෆ් වශයෙන් හැඳින්වෙන අතර එහි ආවේනික පෝනි අහ්වයන් සඳහා ප්රතසිද්ධ වේ. පරාටිතිව් යනු දේශීය ධීවරයන් විවේක ගැනීමට භාවිතා කරන ජනාවාස නොවූ දුපතකි. දුපත් ජනගහනයෙන් වැඩි කොටසකට නිවෙස් වූ දුපත් දෙකක් වන්නේ පුන්ගඩිතිව් හා වෙලනායි (Leidel ලෙස ලන්දේසි භාෂාවෙන් හැඳින්වේ) යන විශාල දූපත් දෙකයි. මන්නාරම් දිස්ත්රි ක්කය ආදම්ගේ පාලමේ ඡායාරූප 5 ක් ශ්රීග ලංකාවට අයත් තවත් දූපත් සමූහයක් ආදම්ගේ පාලම නැමති වැලිමය දූපත් දම්වැලක් සාදයි. මෙහි ශ්රීල ලංකාව පැත්තේ කෙළවර දූපත සාපේක්ෂව විශාල වන අතර මන්නාරම් දූපත නම් වේ. ඉන්දීය හා අරාබියානු වෙළෙන්ඳන් සඳහා එය ඓතිහාසිකව වැදගත් පිවිසුම් දොරටුවක් විය. එමෙන්ම ශ්රීර ලංකාවේ සිට ඉන්දියාවට යන සරණාගතයින් සඳහා නාවුක තොටු පොළක් විය. ආරක්ෂක නාවුක ආරක්ෂක සහ සංචාරක අරමුණු සඳහා යොදා ගන්නා කුඩා ජනාවාස නොවූ දීපිකා රාශියක් ශ්රීා ලංකාව වටා පවතී. http://en.wikipedia.org/wiki/Islands_of_Sri_Lanka
|
ACADEMIC
|
හින්දු ආගමේ ප්‍රධානතම උප ආගමකි. ශිව දෙවියන් උත්තරීතර දෙවියන් ලෙස සැලකීම මෙහි විශේෂත්වයයි.
|
ACADEMIC
|
ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහිදී, ක්වොන්ටම් තත්ත්වය යනුවෙන් අදහස් වන්නේ ක්වොන්ටම් පද්ධතියක තත්ත්වය වෙයි. තත්ත්ව දෛශිකය ලෙසින් හැඳින්වෙන, හිල්බට් අවකාශයෙහි දෛශිකයක් ලෙසින්, ක්වොන්ටම් තත්ත්වයක් දැක්වෙයි. නිදසුනක් ලෙසින්, හයිඩ්‍රජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝනයෙහි ශක්ති වර්ණාවලිය සැලකීමේදී, අදාළ තත්ත්ව දෛශිකය හැඳින්වෙන්නේ මූලික ක්වොන්ටම් අංකය වෙතිනි. වඩාත් ආකූල අවස්ථාවක් සඳහා, ඊආර්ආර් පරික්ෂණයේ බෝම්ගේ සූත්‍රණය සලකා බලන අතර, මෙහිදී තත්ත්ව දෛශිකයට, අංශුන් දෙකක් සඳහා සහබද්ධ බැමීම් තත්ත්වයන්හී අධිස්ථාපනය අදාළ වෙයි. [1]:47–48 වඩාත් පොදු ලෙසින් සැලකූ විට, ක්වොන්ටම් තත්ත්වයක් ශුද්ධ හෝ මිශ්‍ර හෝ විය හැක. ඉහත නිදසුන ශුද්ධ ගණයට අයත් වෙයි. ගණිතමය ලෙසින් ශුද්ධ ක්වොන්ටම් තත්ත්වයක් සැලකෙන්නේ, හිල්බට් අවකාශයක් තුල සංකීර්ණ සංඛ්‍යා මගින් වන අතර, මෙම නිරූපණය, වඩාත් සාමාන්‍යාකාර ත්‍රිමාන අවකාශයෙහි සාධාරණීකරණයක් වෙයි. [2]:93–96 මෙම හිල්බට් අවකාශය, ශ්‍රිත අවකාශයක් ලෙසින් පෙන්නුම් කරයි නම්, එහි මූලිකාංග හැඳින්වෙන්නේ තරංග ශ්‍රිත ලෙසිනි. ආශ්‍රිත[සංස්කරණය] ↑ බැලන්ටයින්, ලෙස්ලි (1998). ක්වොන්ටම් මිකැනික්ස්: අ මොඩර්න් ඩිවලප්මන්ට් (2වන, සන්නිදර්ශිත, යළිමුද්‍රණය සංස්.). වර්ල්ඩ් සයන්ටිෆික්. ISBN 9789810241056. ↑ ග්‍රිෆිත්ස්, ඩේවිඩ් ජේ. (2004), ඉන්ට්‍රඩක්ෂන් ටු ක්වොන්ටම් මිකැනික්ස් (2වන සංස්.), ප්‍රෙන්ටිස් හෝල්, ISBN 0-13-111892-7
|
ACADEMIC
|
උද්‍යාන විද්‍යාව අංශ 06 ක් යටතේ අධ්‍යයනය කළ හැකිය. ඒ සියල්ල නැවත අංශක දෙකකට බෙදන අතර අංශ දෙකක අලංකරණය සහ පරිභෝජනය සඳහා උද්‍යාන පලාලනය ලෙසයි. · වෘක්ෂලතා අධ්‍යයනය - වෘක්ෂලතා තෝරා ගැනීම, පැලකිරීම, සාත්තු කිරීම (රැක බලා ගැනීම), තනි ගස් ඉවත් කිරීම, පදුරු වැල් හා වාර්ෂික වෘක්ෂලතා පිළිබඳ අධ්‍යයනය · මල් වගාව පිළිබද අධ්‍යයනය - වෙළද පොළ සඳහා මල් වගාව · වන වගාව සඳහා භූමි (සැලැස්ම) - භූමි සැකැස්ම සඳහා අවශ්‍ය පැලෑම් වර්ධනය, වෙළඳ පොළ හා වෙළඳ පොළ පවත්වා ගෙන යාම. · එළවළු වගාව - වෙළඳ පොළ අරමුණු කොට එලවළු වගාව · පලතුරු වගාව - වෙළඳ පොළ සඳහා පලතුරු වගාව · බෝග වගාවේ ගුණාත්මක බව පිළිබඳ අධ්‍යයනය - ගුනාත්මක බව පවත්වා ගෙන යාම හා නරක් වීම වලක්වා ගැනීම පිණිස. උද්‍යාන විද්‍යාඥයින්ට නිෂ්පාදන ආයතනයන්හි, රාජ්‍ය ආයතන වල, අධ්‍යාපනික ආයතන හා පෞද්ගලික ආයතනයන්හි සේවය කල හැකිය. ඔවුන්ගේ සේවාවන් යාන්ත්‍රික ශිල්පීන් තොග හා සිල්ලර බෝග නිෂ්පාදකයින්, බෝග පරීක්ෂකයින්, ව්‍යාප්ති විශේෂඥයින් බෝග වැවිලි කරුවන්, පරීක්ෂණ නිළධාරීන් හා දේශකයන් ලෙස කටයුතු කල හැකිය. උද්‍යාන විද්‍යාව විෂයට සම්බන්ධ විෂයන් අතර, ජීව විද්‍යාව උද්භිද විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ජාන විද්‍යාව , භෞතික විද්‍යාව සංඛ්‍යානය, පරිගණක විද්‍යාව , ජන සංන්නිවේදනය, ගෙවතු සැළසුම් හා වගා සැළසුම්ය. වන වගා විද්‍යාව හා උද්‍යාන විද්‍යාව යන විෂයට ඇතුළත් වන්නේ, ශාඛ වර්ග, ශාඛ ප්‍රවර්ධනය, පටක සංවර්ධනය, බෝග නිෂ්පාදනයෙන් පසු අස්වනු මෙහෙය වීම., ශාඛ බෝ කිරීම, පරාගණ කළමණාකරණය, බෝග පෝෂණය, ශාඛ වලට බලපාන පරපෝෂි විද්‍යාව, ආර්ථික විද්‍යාව හා වෙළදාමය. උද්‍යාන විද්‍යාවේ සමහර තනතුරු හා රැකියා අවස්ථා සඳහා ආචාර්යය හෝ මාහාචාර්යය උපාධියක් අවශ්‍යය. උද්‍යාන විද්‍යාව කුඩා ගෙවතු වල සේම පැල තවාන් වලද සිදු කරයි. පැල තවාන් වල කාර්යන් බීජ නිෂ්පාදනයේ සිට හොඳින් වැඩුණු ශාක කප්පාදුව දක්වා විහිදේ. මෙසේ පිළියෙල කරගත් මෙම බීජ හා අතු අලංකරණ ගෙවතු වගා හා වෙළද පොළ සඳහා ගෙවතු වගා කරන ප්‍රදේශයන්ට ප්‍රවාහනය හා බෙදාහැරීම සිදු කරයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Horticulture#The_study_of_horticulture
|
ACADEMIC
|
ගැමි ව්‍යාවහාරයේ පැවත එන ජන ජිවිතයේ අත්දැකීම් පාදක කරගනිමින් ගොඩනැගුණු කතාවන් විකාශනයේ තවත් එක් අවස්ථාවක් ලෙස ප්‍රස්ථාව පිරුළ හදුන්වා දීම නිවැරදි යයි හැගේ.මන්ද ජනකතා ජනකවි තුළින් ලද අත්දැකීම් මෙන්ම පරිශිලනය කරන ලද කරැණු ඔස්සේද එවැනි ආකාරයට එය අර්ථකථනය කිරිම වරදක් නොව.. ගැමියන් එසේත නැත්නම් පැරැනන්නන් කට කහනවට කතා කීවේ නැත. සිත කය වචනය මැනවින් සංවර කරගත් ඔවුන් නූගත් ගැමියන්ගේ ඇසුරෙන් පවා ලද අත්දැකීම් මගින් ආදර්ශයන් සපයා තිබුණේ වහෙන් ඔරෝ බාසාවෙනි.අදට වඩා එදා බාසාව සරල යැයි කිව නොහැක . නමුත් අපබ්‍රංස තිබුනාදායි සැකයක් ඇත.සිංහල වචන වලට ඉංග්‍රීසි ගලපන විට ඒවා අපබ්‍රංස වන්නට ඇත.එවැනි අප්බ්‍රංස කීම වෙුනුවට කිව යුතු දේ කෙටියෙන් හිකට කාවාදින්නට කීවේ මෙවැනි ප්‍රස්ථාව පිරැළු භාවිතයෙනි. අද වන විටද එහි විකාශනයට මාධ්‍ය වන්නේ ජන වහර එසේත් නැතිනම් මුඛ පරම්පරාගත සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රමයකි.
|
ACADEMIC
|
ආරූඨ නාමයක් යනු, යම් අයෙකු, හෝ සමහරවිටෙක යම් කණ්ඩායමක් හෝ විසින් භාවිතා කෙරෙන කල්පිත නාමය කි. ලේඛකයන්ගේ ලේඛක අන්වර්ත නම්, කුරුටු චිත්‍රශිල්පීන්ගේ හැඳුනුම් සංකේත, සටන්කාමී කලහකරුවන්ගේ හෝ ත්‍රස්තවාදීන්ගේ රණ නාමයන්, සහ පරිගණක දත්ත සොරුන්ගේ හසුරුවනයන් හිදී ආදී වශයෙන්, යමෙකුගේ සත්‍ය අනන්‍යතාවය සැඟවීමට මෙම ආරූඨ නාම බොහෝවිට භාවිතා වෙයි. රණ නාමය[සංස්කරණය] රණ නාමය (Noms de guerre නොම් ඩෙ ගෙය යන ප්‍රංශ පදයෙහි අර්ථය වන්නේ "යුද්ධයෙහි නම්" හෝ "යුද්ධ නම්") බහුල ලෙසින් වැහැරුනේ, ඔවුන්ගේ පැරැණි දිවිය සිහිගන්වමින් ප්‍රංශ විදේශ හමුදාවට බඳවා ගත් භටයන් වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ රණ නාම[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ඊලම් යුද්ධයේ දී එල් ටී ටී ඊ සංවිධානය තම සාමාජිකයන් හට මෙවන් රණ නාම ලබා දී තිබුණි. උදා. (ඇලෙක්ස්, කරුණා අම්මාන් , නෙදියවන් , කේ.පී., චාර්ල්ස් ඇන්තනි, වික්ටර්). ශ්‍රී ලංකාවේ දෙවතාවක් ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ ද තම සාමාජිකයන්ට රණ නාම ලබා දී තිබුණි උදා (පොඩි අතුල, කිර්ති විජයබාහු, ලොකු අතුල).
|
ACADEMIC
|
බිම් වැඩ යනු පස් හෝ පාෂාණ විශාල ප්‍රමාණ වලින් චලනය කිරීම හරහා නිර්මාණය වු ඉංජිනේරුමය කටයුත්තකි. ඉංජිනේරුවරුන් චලිතයේ දුර අවම කර ගන්නා අතර කැපීම්වලින් ලබාගත් පාෂාණ පිරවුම්වලට ගැලපෙන බව සහතික කර ගැනීමට ජෛව තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව (පස් තරල භාවය හා ඝර්ෂණය වැනි) හා පරිමා තක්සේරුව සමග සම්බන්ධ වී වැඩ කටයුතු සිදු කළ යුතුය. අතීතයේදී එවැනි ගණනය කිරීම් සිදු කළේ සිම්සන්ගේ රූල වැනි ක්‍රම සමගින් රූටන රූලක් යොදා ගනිමිනි. වර්තමානයේදී ඒවා පරිගණකයක් හා ඒ සදහා විශේෂිත වු මෘදුකාංග මගින් සරලවම ඉටුකර ගත හැකිය. චලනය කිරීමට ඇති ඉතා විශාල ද්‍රව්‍ය ප්‍රමාණය නිසා (විශාල වේලි වැනි කටයුතු වලදී කියුබික් අඩි මිලියන ගණනක් එහා මෙහා ගෙන යාමට සිදුවේ. එය ස්ක්‍රැපර් හා ලෝඩර්, නිෂ්පාදන ට්‍රක් රථ, ග්‍රේඩර, ඩෝසර, බැකෝ හා ඩ්‍රැග් ලයින් ස්කැවේටර් වැනි අනෙකුත් බිම් චලන යන්ත්‍ර වල දියුණුවත් සමග පරිණාමනයකට භාජනය විය. සාමාන්‍ය බිම් වැඩ අතරට මහා මාර්ග, වේලි, ඇළ මාර්ග, බැමි හා ගැටි ඇතුළත් වෙයි. යුධ ඉංජිනේරු විද්‍යාවේදී බිම් වැඩ යනු වඩාත් විශේෂිත ලෙස පස්වලින් සාදන ලද ආරක්ෂක බැමිය. පස් එතරම් ශක්තිමත් නොවුණත් විශාල ව්‍යුහ තැනීම සදහා අති විශාල ප්‍රමාණවලින් ලබා ගැනීමට තරම් ලාභ දායිව පවති. අතීත බිම් වැඩ ආරක්ෂිත ව්‍යුහ සදහා උදාහරණ අතරට අගල් පිඩැලි, තාප්ප, මාලිගා හා කදු බලකොටු අයත් වෙයි. නූතන උදාහරණ වලට අගල් හා පස් වැටි ඇතුළත් වේ.
|
ACADEMIC
|
ශුද්ධවූ මේරි ෆවුස්තීනා කොවල්ස්කා දිව්‍ය සත්ප්‍රසාදයේ ශුද්ධවූ මේරි ෆවුස්තීනා කොවල්ස්කා කන්‍යා සොහොයුරිය, දේව දයාවේ අපෝස්තුළුවරිය උපත 25 අගෝස්තු 1905 ඌච්,පෝලන්තය මරණය ඔක්තෝම්බර් 5, 1938(1938-10-05) (වයස 33) ක්‍රාකොෆ්, පෝලන්තය ගරු කරනු ලබනුයේ රෝමානු කතෝලික සභාව භාග්‍යවත් භාවයට එසවූයේ 18 අප්‍රේල් 1993 දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් ශුද්ධවර භාවයට එසවූයේ 30 අප්‍රේල් 2000[1][2] දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් ප්‍රධාන සිද්ධස්ථාන දේව දයාවේ බැසිලිකාව, ක්‍රාකොෆ්, පෝලන්තය මංගල්‍යය දින 5 ඔක්තොම්බර් ආශ්‍රිත[සංස්කරණය] ↑ Pope John Paul II, Homily for the Canonization of Sr Mary Faustina Kowalska, 30 April 2000. ↑ Odell, Catherine M. (1998). Faustina. The Apostle of Divine Mercy. Huntington, Indiana: Our Sunday Visitor Publishing. pp. 191-4. ISBN 0-879-73923-1; ISBN 978-08-7973-923-2. http://books.google.com/books?id=NORyG_JzRBwC&printsec=frontcover.
|
ACADEMIC
|
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත උතුරු පළාත දිස්ත්‍රික්කය වවුනියාව දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙය අත්හදා බැලීමට සාදන ලද පිටුවකි නිසාවෙනි. CSD G2 බලන්න.%5B%5BWP%3ACSD%23G2%7CG2%5D%5D%3A+Test+pageG2 එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ තඹරු විජේසේකර (දායකත්ව| ලඝු) විසින් 2 වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:Db-test-notice|භාරකාර මණ්ඩලය|header=1}} ~~~~ මාධ්‍යය:නිදසුන.oggමාධ්‍යය:නිදසුන.ogg
|
ACADEMIC
|
ලෝක දියවැඩියා දිනය සඳහා ලාංඡනය ලෝක දියවැඩියා දිනය යනු දියවැඩියා රෝගය ගැන දැනුවත් කිරීම ගෝලීය වශයෙන් සිදුකරන දිනයකි. මෙය නොවැම්බර් මස 14 වන දිනට දී ඇත. මෙම දිනය 1991 දී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහල යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සලකා ප්‍රකාශයට පත් කරන ලදී. සෑම වසරකදීම ලෝක දියවැඩියා සංගමය මෙම දිනය නව තේමාවක් යටතේ සමරනු ලබයි. මෙහිදී දියවැඩියාවෙන් පෙලෙන්නන් මුහුණපාන ගැටළු ගැනද අවධානය යොමු කරනු ලබයි. දියවැඩියාව හා මානව හිමිකම් , දියවැඩියාව හා දියවැඩියාව ගැන දැනුවත් කිරීම වසර පුර පැවතුනද , මෙම දිනය ඉන්සියුලින් සොයා ගැනීමට මුල් වූ ෆෙඩ්රික් බන්ටින්ග් ගේ උපන් දිනය සලකුණු කරයි. (මෙම සොයාගැනීමට චාර්ල්ස් බෙස්ට් ද දායක විය. ) දියවැඩියා රෝගය හා මානව හිමිකම් , දියවැඩියාව හා ජිවන ක්‍රමය , දියවැඩියාව හා තරබාරු බව , ළමුන් හා නව යෞවනයන් අතර දියවැඩියාව දියවැඩියා දිනය හා සමගාමී තේමා සමහරකි. 2009 සිට 2013 දක්වා දියවැඩියා දිනයේ තේමාව වන්නේ දියවැඩියාව ගැන දැනුවත් කිරීම හා දියවැඩියාව වැළැක්වීමයි. නිවාඩු-සබැඳි හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. න සා සං
|
ACADEMIC
|
ලිනක්ස් බෙදා හැරීම is a member of the family of Unix-like operating systems built on top of the Linux kernel. Such distributions (often called distros for short) are Operating systems including a large collection of software applications such as word processors, spreadsheets, media players, and database applications.
|
ACADEMIC
|
මෙම ලිපිය හෝ ලිපි කොටස පළමුවන පරාක්‍රමබාහු රජ සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) පරාක්‍රමබාහු පොළොන්නරුවේ තම බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව 1153 සිට මුළු ශ්‍රී ලංකාවම ඉදිරි අවුරුදු තිස් තුනක කාලය මුළුල්ලේ පාලනය කළේය. (චූලවංශයේ පොළොන්නරුව ගැන සඳහන් වී ඇත්තේ පුලත්ති නගර වශයෙනි) මෙම කාලය තුළ ඔහු ආගම නැවත නගා සිටු වීම, ගොඩනැගීම් කර්මාන්ත, හා යුද්ධ යනාදී අංශවල කරන ලද කාර්යයන් කිසිවෙකුගේ මතකයෙන් ගිලිහී නොයයි. වටදාගෙය පරාක්‍රමබාහු රජතුමා දන්ත ධාතුව තැන්පත් කරන ලද විහාරය. වට්ටගාමිණි අභය රජතුමාගේ කාලයේ (ක්‍රි.පූ 104-88-76) ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා එකිනෙකාට විරුද්ධ නිකායන් 3 කට බෙදී සිටියහ. ඒ මහාවිහාරික ථෙරවාදී, අභයගිරි පාර්ශවය සහ දක්ඛිණ විහාර පාර්ශවය වශයෙනි. පරාක්‍රමබාහු රජතුමාගේ එකම අරමුණ වූයේ දුටුගැමුණු රජතුමාගේ කාලයේ පැවතියාක් මෙන් මෙම නිකායන් තුනම ඒකාබද්ධ කිරීමයි. ඒ වන විට භික්ෂු සමාජය බොහෝ සෙයින් දූෂිත වී තිබුණේය. ඇතැම් භික්ෂූහු විවාහ වී දරුවන්ද ලැබ සිටියහ. බොහෝ ක්‍රියාකාරකම්වලදී ලෞකික සැප සම්පත් සොයමින් ඔවුන් කටයුතු කළේ ගිහියන් මෙනි. 1165 දී පමණ භික්ෂු සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සාකච්ඡා කිරීමට පොළොන්නරුවේදී සමුළුවක් කැඳවන ලදී. මෙයට පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රධාන නියෝජිතයා ලෙස පලපුරුදු මහාතෙර කාශ්‍යප හිමියන් සහභාගී වූහ. ඒ හිමියෝ අති දක්ෂ වූද ත්‍රිපිටකය ගැනද විශේෂයෙන් විනය පිටකය පිළිබඳව ද මනා දැනීමක් ඇතිව සිටියහ. පරාක්‍රම රජුගේ මෙම උත්සාහයට බාධාවන් එල්ල වූයේ අභයගිරි පාර්ශවයෙනි. අභයගිරි පාර්ශවය ඒ වන විට වෛතුල්‍යවාදය නම් ධර්ම විරෝධී ව්‍යාපාරයක් කෙරේ බැඳී සිටියහ. පරාක්‍රමබාහු එම පාර්ශවය වඩාත් දූෂිතව සිටි බැව් තේරුම් ගෙන සිටියේය. මෙම සමුළුවට සහභාගී වනවාට වඩා වෙනත් රටකට යාම මැනවැයි කල්පනා කළ ඇතැම් භික්ෂූහු එසේ කළහ. ඇතැමෙක් සිවුරු හැර ගිහි බවට පත් වූහ. මෙසේ කිරීමට පරාක්‍රමබාහු රජු ඔවුන් උනන්දු කරන්නට ඇතැයි සිතිය හැක. දූෂිතයන්ට තහනම් නියෝග පැනවීම හෝ ශාසනයෙන් නෙරපීමද සැබෑ ධර්මානුකූලව ගත කරන්නන්ට තෑගි දීමෙන් හා ධෛර්ය දීමෙන්ද යනාදී කරුණු මත ශාසනය පිරිසිදු කිරීම රඳා පවතින්නේ යයි ඔහු සිතු බව පෙනේ. අවසානයේ නිකායන්වල නායක හිමිවරුන් වර්ෂයකට වරක් කැඳවා මහවැලි නදී ඉවුරේ මධ්‍යස්ථානයක හිඳුවා ප්‍රගතිය සහ ප්‍රමිතිය විමසා බැලුවේ ප්‍රායෝගික තත්වය පරීක්ෂා කිරීම පිණිසයි. 1157 දී සුගලා දේවිය පරාජය කිරීමෙන් පසු පරාක්‍රමබාහුට දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව හිමි විය. ඔහු දන්ත ධාතුව මැණිකක් තුළ ඔබ්බවා පොළොන්නරුවේ දළදා මන්දිරයේ වැඩ හිඳුවේය. මෙවැනි ගොඩනැගිලි පරාක්‍රමබාහු යුගයේ අගනා සිහිවටන විය. ඔහු සංඝයා වහන්සේ උදෙසා කළ ගොඩනැගිලි ගැන බොහෝ විස්තර ද ගල් විහාරය වැනි තැන්වල ඔහුගේ අභිප්‍රායයන් සහ වෙනත් සිද්ධීන් පිළිබඳ තොරතුරු ද බොහෝ විට අඩංගු කරමින් චූලවංශය විස්තර දක්වා ඇත.
|
ACADEMIC
|
ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන වර්තමාන ශ්‍රී සුමංගල ජාතික පාසල ක්‍රි.ව 1864 වර්ෂයේ දී ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඒ.ඩි ඉෂෙඩ් සිරිවර්ධන මහතා ය.ආරම්භයේ දී ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම විදුහල මිශ්‍ර පාසලක්ව පැවති මුල් යුගයේ "නිල්දණ්ඩාහින්න රජයේ පාසල" යනුවෙන් නම් කෙරුණු අතර,මෙම පාසල සතුව එවකට තිබුනේ එක් ගොඩනැගිල්ලක් පමණි.පසුකාලීනව මෙම විදුහල පිරිමි හා ගැහැණු වශයෙන් කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන ලදී.පිරිමි පාසල වර්ථමාන මෙම විද්‍යාලයේ ආනන්ද ශාලාව පිහිටි ස්ථානයේ පවත්වාගෙන ගිය අතර ගැහණු පාසල නිල්දණ්ඩාහින්න නගරයේ සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ගැහණු පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මහත්මිය වූ අතර,පසුකාලීනව වැරැල්ලගම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලදි. ඉන් පසු නැවතත් මෙම විදුහල මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රමයෙන් දියුණුව කරා පිය නගන්නට විය.රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය මෙම පාසල සදහා එවකට පැවති රජයෙන් ගොඩනැගිලි කිහිපයක් හා විද්‍යාගාරයක් ලබා දෙන ලදි.ශ්‍රී සුමංගල යන නාමය මෙම පාසලට ලබා දීමට හේතු වූයේ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූ මෙම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ "අඹන් ඇල්ලේ ශ්‍රී සුමංගල" නායක ස්වාමින්වහන්සේට උපහාර පිදීම සදහා ය.මෙම කාර්‍යයේ දී පුරෝගාමී ව කටයුතු කරණ ලද්දේ එවකට වලපනේ පාර්ලිමේන්තුමා වශයෙන් කටයුතු කළ ටි.බි.එම් හේරත් මැතිතුමා ය. රමික විකාශනයක් පෙන්නුම් කරන මෙම පාසල පසු කාලීනව 'මහා විද්‍යාලයක් බවට පත් වූ අතර '1982 දී මධ්‍ය මහා විද්‍යාලයක්' බවට පත් කරණු ලැබීය. "1993 වර්ෂයේ දී මෙම පාසල ජාතික පාසලක්" දක්වා දියුණු වූ මෙම පාසලේ ප්‍රගතිය වෙනුවෙන් අතීතයේ සිට වර්ථමානය දක්වා උරදුන් විදුහල්පතිවරුන් ගණන 28ක් පමණ විය. අතීතයේ සිට මේ දක්වා රටට දැයට විශාල සේවයක් කර ඇති විදුහල අප රටට අවශ්‍ය උගතුන් හා බුද්ධිමතුන් රාශියක් බිහිකර ඇත.ඒ අතර දොස්තරවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,පරිපාලන නිලධාරීන්,දක්ෂ කලා ශිල්පීන්,ගුරුවරුන්,ගෞරවණීය සංඝයා වහන්සේලා ආදීන් වේ.එදා මෙදා තුර විදුහල් පියසේ සෙවන ලැබූ සැමගේ ගෞරවයට පාත්‍ර වූ පැරණි පාසල් බුදු මැදුර ඉදිකරණ ලද්දේ එවකට විදුහල්පති තුමා වූ එදිරිසූරිය මහත්මා විසිනි. වර්ථමානයේ භෞතික සම්පත් හා මානව සම්පත් වලින් පෝෂණය වූ ශ්‍රී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 2500ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය වශයෙන් 85ක් පමණ කටයුතු කරණු ලැබේ.රටට දැයට උගතුන් බිහිකිරීමෙහිලා මුලික පරමාර්තය ඇති මෙම පාසල "නොනැවතී ඉදිරියට" යන තේමා පාඨය මුල් කරගෙන කලාපයේ මෙන්ම මුලු රටේ ම ඉතා කීර්තිමත් පාසලක් බවට ද පත්ව ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු. උදාහරණ.jpg 1 යටි ලියමන උදාහරණ.jpg 2 යටි ලියමන
|
ACADEMIC
|
සිතියම පීනිෂියාව සහ සේද මාවත පීනිෂියාව පුරාණ කැතෑන්හි උතුරු කොටසේ වු පුරාණ ශිෂ්ටාචාරයක් විය. එහි අගනගරය තිබුණේ මුහුදු බඩ ප්‍රාන්ත දිගේය. (වර්තමානයේ ලෙබනනය, සිරියාව සහ ඊශ්‍රයලය) පීනිෂියානු ශිෂ්ටාචාරය වෙරළ බඩ වෙළෙඳ සංස්කෘතියකින් යුක්ත වු අතර එහි වෙළෙඳාම ක්‍රි.පු. 1200 – 900 දී මධ්‍යධරණි මුහුද අවට පැතිර තිබුණි. එවන් නගර කේන්ද්‍රකර ගත් සංස්කෘතින්හි මායිම්වල උච්ඡාවචනය වීම් දක්නට තිබුණ ද ටයර් නගරයේ දකුණු දිගට වන්නට ස්ථාවරව තිබු බව දක්නට ලැබේ. සයිඩන් හා ටයර් අතර පිහිටි සරෙප්ටා (දැනට සරා ෆන්ඩ්) නගරය පීනිෂියා නිජබිමේ වැඩියෙන්ම කැණීම්වලට ලක්වු නගරයයි. පීනිෂීයානු වරුන් වැඩියෙන්ම වෙළෙඳාම් කටයුතු කළේ ශ්‍රම බලය යෙදවු ඔරු වර්ගයක් වු හම්බානාවලිනි. බයරිම නිර්මාණය කළ ප්‍රථම ශිෂ්ටාචාරය වන්නේ මෙයයි. පීනිෂීයන්වරු තමුන් තනි ජන වර්ගයක් ලෙස කොතරම් දුරට සිතුවේද යන්න අවිනිෂ්චිතය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය පාලනය කළේ ග්‍රීසියේ මෙන් නගරාණ්ඩුය. සෑම නගරාණ්ඩුවක්ම දේශපාලනික වශයෙන් නිදහස් ඒකකයක් වූයේය. එසේ වුවත් ඔවුන්ට ගැටුම් ඇති කර ගැනීමට නිදහස තිබුණි. වෙනත් නගරාණ්ඩුවකට ප්‍රධානත්වය ගත හැකිව තිබුණි. ගිවිසුම් ඇති කර ගනිමින් සහයෝගයෙන් ක්‍රියාකිරීමේ නිදහස තිබුණි. ලෙවන්ට්හි වු පීනිසීයානු ප්‍රාන්ත අතරින් වඩාත්ම බලවත් වුයේ ටයර් සහ සයිඩන්ය.පීනිෂීයන්වරු හීබෲවරුන් සමග කුළුපගව සිටිය අතර සොලමන්ගේ එක්සත් රාජාණ්ඩුවේ ආරම්භය වන විට ද පීනිෂියන්වරු හා හීබෲවරුන් අතර විවාහ සිදුවී තිබුණි. පුරාණ ඊශ්‍රායලයේ ගෘහ නිර්මාණ ශිල්පයට ප්‍රධාන වශයෙන් ඔවුන් බලපෑ බව සැලකේ. හෝඩියේ පුළුල් භාවිතයක් සිදුකළ මුල්ම ජන කොට්ඨාශය වන්නේ ද පීනිෂීන්වරුය. සියලුම නවීන හෝඩි වල පුරෝගාමියා ලෙස සැලකෙන්නේද කැනනයිට් - ෂීනිෂියානු හෝඩියයි. පීනිෂියන්වරු පීනිෂියානු භාෂාව කතා කළහ. කැනැනයිට් භාෂාව හීබ්‍රෑ සමග පරස්පර ලෙස තේරුම් ගත හැකිය. පීනීෂියන්වරු වෙරළ බඩ වෙළදාම හරහා තම භාෂා භාවිතය උතුරු අප්‍රිකාවේ හා යුරෝපයේ පැතිරවූහ. ශිලා ලේඛනවලට අමතරව ඔවුන් බොහෝ පොත් ලියුහ. (දැනට ඒවා විනාශ වී ගොස්ය) සිසේරියා බයුස්බියස් ලියු ‘ක්‍රිස්තු ධර්මය සම්මිශ්‍රණය’ නම් ග්‍රන්ථයේ පිලෝ ඔප් බයිබ්ලොස් සහ ‘සැන්චුනිඒතන්’ ග්‍රන්ථවලින් උපුටා ගත් කොටස් විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු පීනිෂියානු කුඩා ජනපද පීනිෂියන්වරු විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු පීනිෂියානු කුඩා ජනපද සීනිෂියන් වරු ගැන වඩ වඩාත් දැන ගැනීමට උත්සුක වූහ. ශාන්ත ඕගස්ටීන් හීබෲ භාෂාවේද ෂීනිෂියානු භාෂාවේද යෙදෙන සමජාතීය වචන විස්තර කිරීමට හැකි අයෙක් විය. ඔහුගේ මව ශාන්ත මොනිකාද මෙම කුඩා ජනපදවල සම්භවයක් වූ ඇත්තියක් බව කියවේ. සටහන්[සංස්කරණය] Phoenicia
|
ACADEMIC
|
රෝග බෝවීමේ මාර්ගවලට නිරාවරණය වීමෙන් පසුව HIV – 1 ඇතිවීම සඳහා ඇති අවධානම. කොන්ඩමයක් භාවිතා නොකළේ යැයි අනුමාන කළ හොත්, වසංගත රෝග තත්වයක් ඇති වූ අවස්ථාවන්වලදී සිට HIV රෝගයෙහි ප්‍රධාන රෝග ව්‍යාප්තවීමේ මාර්ග තුනක් හදුනාගෙන ඇත. ලිංගික මාර්ගවලින් - බහුතරයක් HIV ආසාදන ඇති වනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් මගිනි. ලිංගික ක්‍රමෝපායන් මගින් සිදුවන රෝග ව්‍යාප්තිය සිදුවනුයේ ආසාදිත ලිංගික ස්‍රාවයන් එක් සහකරුවකුගේ සිට වෙනත් අයෙකුගේ ලිංගික අවයව , මුඛය හෝ ගුද මාර්ගයේ ආස්තරන පටක වෙත ස්පර්ශවීමෙනි. රුධිර හෝ එහි නිෂ්පාදන මගින් - මෙම රෝග ව්‍යාප්තවීමේ මාර්ගය මගින් HIV ඇති වීමේ අවධානමක් ඇති වනුයේ ශිරාගත කර ගනු ලබන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් , හිමොෆීලියා රෝගීන් සහ රුධිර පාරවිලයනයට ලක්වන රෝගීන්ටයි. (සංවර්ධිත රටවල බොහෝ රුධිර පාරවිලයන HIV සදහා පරීක්ෂා කෙරුන ද එමගින් HIV වැළඳීමේ අවධානමක් පවතී. එන්නත් කටු වර්ග නැවත භාවිතා කිරීම සිදු කරනු ලබන තුන්වන ලෝකයේ රටවල් වැනි දුර්වල සෞඛ්‍ය තත්වයන් පවතින ප්‍රදේශවල ජනතාවට ඉහත කී අවධානම ඉහළ වේ. එන්නත් කටු හවුලේ පරිහරණය කිරීම මගින් ද HIV ව්‍යාප්ත වේ. හෙදියන් , විද්‍යාගාරවල සේවකයන් සහ වෛද්‍යවරු වැනි සෞඛ්‍ය වෘත්තිකයන් ද මෙලෙස ආසාදනයට ලක්විය හැකිය. පච්චා කෙටීම , සම සිදුරු කිරීම වැනි ක්‍රමෝපායන් සිදු කරන පුද්ගලයින්හට ද මෙම අවධානම ඇත. මවගෙන් දරුවාට රෝග ව්‍යාප්ත වීම - මෙලෙස රෝග කාරක HIV වෛරස මවගෙන් දරුවාට ගමන් කිරීම කුස තුළ දී හෝ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවලදී සිදුවිය හැකිය. මෙලෙස රෝග ව්‍යාප්ත වීමේ හැකියාව 25% කි. ප්‍රති වෛරස ඖෂධ හෝ සිසේරියන් සැත්කමක් සිදු කිරීම මගින් මෙම අවධානම 1% දක්වා අඩු කළ හැකිය. මව් කිරි දීම මගින් ද රෝගය ඇතිවීමේ අවධානම වැඩිවේ. HIV – 2 රෝගය HIV – 1 ට වඩා අඩු සීඝ්‍රතාවයකින් මවගෙන් - දරුවාට ද ලිංගික ක්‍රියාකාරකම් ව්‍යාප්තවේ. HIV වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ ඛේටය , කදුළු හා මුත්‍රාවල අඩු සාන්ද්‍රනවලින් අන්තර්ගත වේ. නමුත් මෙම ස්‍රාවයන් මගින් රෝග ඇති වූ අවස්ථාවක් පිළිබදව වාර්තා වී නොමැත. තවද මේ මගින් රෝග ඇති වීමේ අවධානම ද නොසලකා හැරිය හැකිය. ලේටෙක්ස් කොන්ඩම් වැනි භෞතික බාධකයන් යොදා ගැනීම ද HIV රෝගය වළක්වා ගැනීමට උපකාරී වේ. ශුක්‍රාණු විනාශයට පත් කිරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයට ඇතුළත් කරනු ලබන බාධක උපත් පාලන ක්‍රම සමග හෝ නොමැතිව භාවිතා කිරීම මගින් යෝනි මාර්ගය ආසාදනයට ලක්වීම මගින් රෝග ආසාදන සීඝ්‍රතාව ඉහළ යයි. අප්‍රිකානු රටවල 1999ට ප්‍රථම සිදු කරනු ලැබූ නිරීක්ෂණාත්මක අධ්‍යයනයන් විසි හතකට අනුව පුරුෂයින්ගේ චර්ම ඡේදනය මගින් HIV අසාදන අවධානම අවම වේ. කෙසේ නමුත් පසුව සිදු කරන ලද හෙලිදරව්වකින් පෙනී ගොස් ඇත්තේ මෙම අධ්‍යයනයන්වලදී චර්මඡේදනය හා HIV ආසාදන අතර සම්බන්ධයක් පෙන්නුම් කර ඇත්තේ කිසියම් අත්‍යන්ත සාධකයක් හේතුවෙනි. පසුව සිදු කරන ලද අධ්‍යයනවලදී චර්මඡේදනයට ලක් නොවූ පිරිමින් ජීවානුහරිත ක්‍රම යටතේ චර්මඡේදනයට ලක් කරන ලද අතර තවත් කොටසක් චර්ම ඡේදනයට ලක් නොකරන ලදී. මෙම අධ්‍යයනයන් දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ උගන්ඩාව යන රටවල සිදු කරන ලද අතර ඒවායෙහි විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම 60% , 5.3% සහ 51% ලෙස පිළිවෙලින් අඩු වීමක් පෙන්නුම් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙසට WHO හා UNAIDS යන ආයතන මගින් විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම අඩු කිරීම පිණිස අමතර ක්‍රියාකාරකමක් ලෙසට පිරිමින්ගේ චර්මඡේදනය නිර්දේශ කරනු ඇත. පර්යේෂණ මගින් ඓතිහාසික සමාජීය හා සංස්කෘතික වටපිටාවන්වල පුරුෂ චර්මඡේදනය හා HIV ආසාදනය අතර සම්බන්ධතාවයක් ඇති දැයි සොයා බැලේ. ඇතැම් දකුණු අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් පවසන අන්දමට ජීවානුහරණය නොකරන ලද බ්ලේඩ් තල සාම්ප්‍රදායික වෛද්‍යමය නොවන චර්ම ඡේදනය කිරීම සඳහා වරින් වර භාවිතා කිරීමේදී HIV බෝවීමේ අවධානම ඉහළ ගොස් ඇත. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Human_Immunodeficiency_Virus#Transmission
|
ACADEMIC
|
දිල්මන් යනු මෙසපොතේමියානු ශිෂ්ටාචාරය මඟින් තඹ අමුද්‍රව්‍යයේ ආකරය ලෙස සලකනු ලැබුද, ඉන්දු නිම්න හා මෙසපොතේමියානු ශිෂ්ඨාචාර වල එය පොදු වෙළෙඳපොල ලෙස සැලකූ බිම් කඩකි. මෙම බිම්කඩ නිශ්චිතවම හඳුනාගෙන නැතත් එය බහරේනය, නැගෙනහිරි පළාත, ඕමානය අතර හෝ පර්සියන් ගල්ෆ් මුහුදේ ඉරාක වෙරළ සීමාවේ පිහිටා තිබු බව විශ්වාස කෙරේ. ඉතිහාසය[සංස්කරණය] දිල්මන් මුලින්ම සොයා ගනු ලැබුවේ උරුක් නගරයේ පිහිටි ඉනන්නා දේව්දුවගේ දේව් මැදුරක තිබු සුමේරියන් නමැති කූඤ්ඤය හැඩැති මැටි කැබැල්ලක ආධාරයෙනි. එය ක්‍රි.පූ. 4 වන සියවසේ අගභාගයේ සටහන් වුවකි. දිල්මින් නමැති පදය පොරව සහ එක්තරා නිළධාරියෙකු සඳහන් කිරීමට යොදා ගනී. බැබිලේනියානු කැසයිට් රාජවංශයේ නයිපුර් වලින් සොයාගත් බර්නාබුරයාහ් රාජකාලයේ නම දරන ලිපි දෙකක දිල්මන් පිළිබඳව සඳහන් ව තිබුණි. එම ලිපි දිල්මන් හි ප්‍රාදේශීය නිලධාරියා විසින් සිය මෙසපොතේමියාවේ උන් ඉහළ නිළධාරියාට ලියන ලද ලිපිය. ඇක්කඩයන් යනු එම ලිපි යොමුකරනු ලැබු නාමයවේ. එම ලිපිවලට සබැඳි අදාල සෑම ලියකියවිල්ලකම අඩංගු වන්නේ එකල බැබිලෝනියාව හා දිල්මින් අතර තිබු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධය පිළිබඳවයි. කැසයිට් අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසු ක්‍රි.පූ. 1250 මෙසපොතේමියානු රජ කෙනෙකු දිල්මන් හා මෙලුහා හි පහල මුහුදේ හා උඩහ මුහුදේ රාජ්‍යත්වයට පත්වුණි. අවසාන වශයෙන් නිඕ බැබිලෝන් නැමති අධිරාජ්‍යය විසින් දිල්මනය පාලනය කරන ලදි. නිඕ - බැබිලෝන් රාජ්‍ය සමයෙන් පසු දිල්මිනය බිඳ වැටුණි.
|
ACADEMIC
|
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 30 කි. එනම් අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බමුණුකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටුපොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පඩුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රිදිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකාවේ පළාත් සභා බාහිර සබැදි[සංස්කරණය] Divisional Secretariats Portal Statoids: Divisions of Sri Lanka
|
ACADEMIC
|
ලුහුඬු දැන්වීම්, විශේෂයෙන් පුවත්පත්වල දැකිය හැකි මාර්ගගත සහ අනෙකුත් වාර්තාවල උදා- ලෙස මුදල් ඉතිරි කරන හෝ වියදම් නැති දැන්වීම් සහිත පත්‍රවල ද පළවන දැන්වීම් ආකාරයකි. ලුහුඬු දැන්වීම් ප්‍රමිතියකට අනුව සැකසූ දැන්වීම් හෝ ව්‍යාපාරික ආදර්ශයන් ගෙන් වෙනස් වන අතර ඒවා පෞද්ගලික හෝ තනි තනි වශයෙන් (සුළු සමාගම් හෝ සංස්ථා ඊට අයත් නොවේ) නිෂ්පාදයන්ට අලෙවියන් හෝ සේවාවන් ඉල්ලමින් පළ කෙරෙන දැන්වීම් වේ. විමසුම[සංස්කරණය] ලුහුඬු දැන්විම් යනු සාමාන්‍යයෙන් විකිනීමට ඇති දෙය පිළිබඳව කෙටියෙන් ලියැවුණු දුරකතන අංක මඟින් වඩාත් විස්තර සපයා ගත හැකි ආකාරයේ දැන්වීම්ය. එයට තව වඩාත් විස්තර ද සැපයිය හැකි අතර එනම් සම්බන්ධ කරගත හැකි තවත් ලිපිනයක් හෝ නිෂ්පාදනය පිළිබඳ සවිස්තරයක් ද දිය හැක. (උදා - “රෙදිපිළි” වෙනුවට කලිසම් සහ උඩුකයට ඇඳුම්, සයිස් 10” හෝ “රථ වාහන” වෙනුවට රතු 1996 පොන්ටියැන් මහා රථ තරඟය ග්‍රෑන්ඩ් පික්ස්) සාමාන්‍යයෙන් මෙහි පින්තූර හෝ අනෙකුත් රූප රාමු මෙම දැන්වීම්වල අඩංගු නොවන අතර සමහර විට කුඩා ලාංඡනයක් භාවිතා කළ හැක. ලුහුඬු දැන්වීම් එසේ හැඳින්වෙන්නේ ප්‍රකාශනය තුළ විවිධ මාතෘකා යටතේ සාමාන්‍ය වර්ගීකරණයක්, සිදු කරමින් සේවාවන් නිෂ්පාදනයන් වර්ග කරමින් (ගිණුම්කරණය, රථ වාහන, රෙදි පිළි, ගොවිපල නිෂ්පාදන, විකිණීමට තිබේ, කුලියට යනාදී) සහ සම්පූර්ණ කාණ්ඩගත කරමින් ප්‍රකාශනයේ සුවිශේෂී ස්ථාන එයට දෙමින් එය ප්‍රදර්හන වෙළඳ දැන්වීම්වලට වඩා පැහැදිලි පෙනෙන ලෙස, එනම් ප්‍රකාශන කලාව සහිත චිත්‍ර ඇතුළත් ප්‍රකාශනය පුරා විහිදුනු කතු වැකියට යාබද වෙළඳ දැන්විම්වලට වඩා වෙනස් ලෙස පළ කිරීම වේ. ආකාර දෙකක මුහුම්කරණය ප්‍රදර්ශනාත්මක සහ ලුහුඬු දැන්වීම් - නිතරම හමු විය හැක. කණ්ඩගත දැන්වීම්වල දී විශාල ප්‍රමාණයක් රූප සහිත විස්තරාත්මක ඒවා ද ප්‍රකාශනයක ලුහුඬු දැන්වීම කොටස් අතරතුරේ හමු විය හැක. ව්‍යාපාරික අවස්ථා ලුහුඬු දැන්වීම් අතර හමු විය හැකි අතර ඒවා සේවා අලෙවිය සඳහා භාවිතා කරන අතර 1-800 දක්වා අතර ප්‍රමාණයක් රැකී රක්ෂා සංඛ්‍යා එහි විය හැක. ලුහුඬු දැන්වීම් අතර බොහෝ සමාගම් නව රැකියා අවස්ථාවන් ද දැන්වීමට අවස්ථා කර ගෙන ඇත. මුද්‍රිත ලුහුඬු දැන්වීම් දිගින් ඉතා සීමිත ලෙස තීරුවක පේළි ගෙන ඇති අතර ඒවා කෙටි යෙදුම් මඟින් පුරවා ඇති අතර ඉන් ඉඩකඩ සහ මුදල් ඉතිරි කර ගෙන ඇත. වර්තමානයේ අන්තර්ජාලය වෙත ද ලුහුඬු දැන්වීම් ව්‍යාප්තව තිබෙනු දැකිය හැක. විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: Classified advertising
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 5 වන සියවස – 6 වන සියවස – 7 වන සියවස දශක: 520ගණන් 530ගණන් 540ගණන් – 550ගණන් – 560ගණන් 570ගණන් 580ගණන් වසර: 547 548 549 – 550 – 551 552 553 ක්‍රිස්තු වර්ෂ 550 (DL) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 550 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
ස්කොට් ජාතිකයන් යනු මහා බ්‍රිතාන්යට අයත් උප රාජ්යක් වන ස්කොට්ලන්තයෙ වාසය කාන ජන කොට්ටශයකි.
|
ACADEMIC
|
ගොෆ්රි රශ්, 2008 දි අන්තර්ජාතික "ෆිල්ම් ෆෙස්ටිවල්" හිදි ය. උපත ගොෆ්රි රෝයි රශ්, 1951 ජූලි 6 ටූවුමබා, කුවීන්ස්ලන්ඩ්, ඕස්ට්රේලියාව රැකියාව නළුවෙකි ක්‍රියාකාරි වර්ෂයන් 1981- වර්තමාන භාර්යාව ජේන් මෙනෙලවුස් (1988 - වර්තමාන) ගොෆ්රි රෝයි රශ්, (1951 ජූලි 6 උපත ලද) ඕස්ට්රේලියානු නළුවෙකි. 2009 නොවැම්බර් වන විට ඔහු විසින් "ට්රිපල් ක්රවුන් ඔෆ් ඇක්ටින්","ශාස්ත්රීය සම්මානයක් ද","ටෝනී සම්මානය" හා "එමි සම්මානය" දිනා ගත් 17ත් දෙනා අතුරෙන් අයෙකි. තවද ඔහු විසින් " ගෝල්ඩන් ග්ලෝබ්" ,"ද බෆ්තා", "ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ්", "නැශනල් ෆිල්ම් ඉන්ස්ටිටියුට්" මගින් ද සම්මාන ලබන ලදි. පෙර ජීවිතය රශ් උපත ලැබුවේ ටූවූම්බා, කුවීන්ස්ලන්ඩ් හිදි ය. ඔහුගේ දෙමාපියන් වන මර්ලි වෙළද සැල් අළෙවි නියෝජිතයෙක් වන අතර, ගණකාධි තනතුරක් දරන රෝයි බේඩන් රශ් රෝයල් ඕස්ට්රේලියන් ගුවන් හමුදවේ සේවය කරයි. ඔහුගේ දෙමාපියන් ඔහුට වයස අවුරුදු පහේදී දික්කසාද වූ අතර, ඔහුගේ මව ඔහුව රැගෙන තමාගේ දෙමාපියන් සමඟ "බ්රිස්බේන්" හි පදිංචියට ගියාය. තම සිනමා ජීවිතය ආරම්භ කිරීමට ප්රථම ඔහු "පාර්ක් ස්ටේට්" පාසැලේ ඉගෙනුම ලැබුවේය. ඔහු කුවීන්ස්ලන්ඩ් විශ්ව විද්යාලයෙන් කලා අංශයෙන් උපාධියක් ද ලැබුවේ ය. විශ්ව විද්යාලයේ සිටින අතරතුර ඔහුගේ හැකියාවන් "කුවීන්ස්ලන්ඩ් තියටර් කොම්පැනිය" විසින් හඳුනාගත් අතර, ඔහු ඔවුන් හා සම්බන්ධ වී 1971 දි තම සිනමා ජීවිතය ආරම්භ කලේ නිෂ්පාදන 17 කට සම්බන්ධ වෙමිනි. 1975 දි ඔහු පැරිසියට ගියේය. ඔහු එහිදි "එකෝලේ ඉන්ටනැශනල් තියටර් ජේකස් ලිකොක්" හි අභිරූපණ රංඟනය හැදෑරුවේ ය. 1979 දි ඔහු විසින් නළු "මෙල් ගිබ්සන් " සමඟ මාස 4ක් වාසය කල අතර ,ඔහු සමඟ එක්ව "වේටින් ෆො ගොඩොට්" වේදිකා නාට්යයේ රඟපෑවේ ය.
|
ACADEMIC
|
මෙම ලිපිය වවුනියාව දිස්ත්‍රික්කය පිලිබඳ වේ. නගරය සඳහා, වවුනියාව බලන්න. වවුනියාව දිස්ත්‍රික්කය — පරිපාලන දිස්ත්‍රික්කය — වවුනියා දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් ඛණ්ඩාංක: 08°50′N 80°30′E / 8.833°N 80.5°E / 8.833; 80.5ඛණ්ඩාංක: 08°50′N 80°30′E / 8.833°N 80.5°E / 8.833; 80.5 රට ශ්‍රී ලංකාව පළාත උතුරු පළාත අග නගරය වවුනියාව වර්ගප්‍රමාණය • සම්පූර්ණ 1,967 කිමී2 (759 වර්ග සැත) • භූමිය 1,861 කිමී2 (719 වර්ග සැත) • ජලය 106 කිමී2 (41 වර්ග සැත) ජනගහණය (2012) • සම්පූර්ණ 171,511 • ඝණත්වය Bad rounding here87/කිමී2 (Bad rounding here230/වර්ග සැත) වේලා කලාපය ශ්‍රී ලංකාව (UTC+05:30) ISO 3166 කේතය LK-44 වවුනියාව දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,967 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 171,511 ක් විය. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ පළාත්
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 7 වන සියවස – 8 වන සියවස – 9 වන සියවස දශක: 740ගණන් 750ගණන් 760ගණන් – 770ගණන් – 780ගණන් 790ගණන් 800ගණන් වසර: 775 776 777 – 778 – 779 780 781 ක්‍රිස්තු වර්ෂ 778 (DCCLXXVIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 778 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
ජනවාර්ගිකඅර්ථ දැක්වීම ජනවාර්ගිකඅර්ථ දැක්වීම ජනවාර්ගිකත්වය පිළිබදව අර්ථකථනය ඉතා සංකිර්ණ සහ අපැහැදිලි බවත්, එය ඉතා අසිරැ කර්යයක් බවත් සමාජ විද්‍යාඥ Max Weber මහතා වරක් පවසන ලදී. කෙසේ වෙත්ත බොහෝ සමාජ විද්‍යාඥයින් අනුමත කරන ලද අර්ථ කථනයක් Weber මහතා ඉදිරිපත් කරන ලදි. ශරිරික මෙන්ම චාරිත්‍ර වල සමානාත්මකතාවයන් නිසාද, සංක්‍රමණයේ සහ ජනපදකරණයේ මතකයන් නිසාද, තමන්ගේ පොදු පෙළපත ගැන ආත්මගත විශ්වාසයක් ඇති මිනිසුන්ගේ වාර්ගිකරණයට මෙම විශ්වාසය මහත් රැකුලක් වු අතර ඒ සදහා ලේ නෑකමක් තිබිම අවශ්‍ය නොවී. Weber මහාතාෙග්න් පසුව සමාජ විද්‍යාඥයන්ගේ ජනවාරිගික පිළිබද හැදින්විමක් බොහෝ විට සාවද්‍ය ඒවා බව මානව විද්‍යාඥ Ronald Choen මහතා මානව වගී පිළිබදව මානව විද්‍යා හා සමාජ අධ්‍යනයකදි පෙන්වා දෙන ලදී. "අප අනුමත කරන මානව වර්ග වන අනන්‍යතාවයන්, ඉතා අඥානය, එමෙන්ම ඉතා සාවද්‍ය" යටත් විජිතාදින් ජනවර්ගවල අනන්‍යතාවය (පෙර තම ග්‍රෝතික වල අනන්‍යතාවය) පිළිබද බොහෝ විට ප්‍රශ්න නගරන බව Choen මහතා පෙන්වා දෙන ලදී. Horld Isaacs විසින් ජනවාර්ගිකත්වයේ අනෙක් ලක්ෂණය හදුනාගෙනඅඇති අතර, ඒ අතරින් ඔඍවුනගේ ශාරිරික පෙනුම, නම, භාධාව, ඉතිහාසය සහඉ ආගම විශේෂයක් ගනී, මෙම අර්ථකථනය සමහර ශබ්දකෝෂ වලත් අන්තර්ගත වේ.එකිනෙකට වෙනස් මානව වයිවල ලාක්ෂණික මෙලෙස ඉතා වැදගත් වුනේ කෙසේද කෙදිනද, එයට හේතුව කුමක්දැයි සමාජ විද්‍යාඥ විමර්ශනය කරන ලදි. ජනාවර්ගික සීමා ඉතා අස්ථිර බව මානව විද්‍යාඥ John Viocent පෙන්වා දෙන ලදසි. ජනවාර්ගිකරණය ද්විධාරකණයට සමාන කළ Ronald Choen තවද එය දේශපාලනික අවශ්‍යතාවයන්ගේ සිමා වලින් වට කාල හැකි වුවද පෙන්වා දෙන ලදි. මේ හේතු නිසා ජනවාර්ගිකරණවට පෙළපත දැඩිලෙස බල නොපායි. පොදුදේශපාලනික තත්ත්වය ටතේ ජනවාර්ගික සිමා වෙස්කිරිම ජනවාර්ගිකණය වැදගත් ලක්ෂණය වෙයි.
|
ACADEMIC
|
සිහසුනට පත්වීම සහ මානාභරණ පරාජය කිරීම පරාක්‍රමබාහුගේ පාලන සමය, පොළොන්නරුවෙහි සඳකඩ පහන වැනි කලා කෘති බිහි වුනු, කලා ශිල්ප ආදියෙහි විශාල දියුණුවක් දක්නට ලැබුණු යුගයක් විය. පරාක්‍රමබාහු සැණෙකින් රජරට ඔටුනු පළන් රජු බවට පත් විය. එහෙත් යුද්ධය නිමා වීමේ ලකුණු බොහෝ දුරස් විය. මානාභරණ නැවතත් පහර දුන්නේ ඔහුගේ හමුදා මහවැලි ගඟ තෙක් ආපසු හරවා යවමිනි. ඔහු මහවැලි ගඟේ ස්ථාන දෙකින් රජරටට කඩා වැදීමට උත්සාහ කළේය. මේ අතරවාරයේ අනුරාධපුරය මුල් කර ගත් නාරායන නම් ප්‍රධානියෙක් කැරැල්ලක් ආරම්භ කළේය. නැවත වරක් උතුරේ පරාක්‍රමබාහුගේ බලය තර්ජනයට ලක් විය. මෙම අවස්ථාවේ මානාභරණ නැවත නැගී නොසිටින්නට පරාජය කළ යුතුයයි පරාක්‍රමබාහු තීරණය කළේය. යුද්ධය මගින් ඔහු පරාජය කොට රුහුණේ බලය ද ඔහු වෙතින් ඉවත් කළ යුතු යයි පරාක්‍රමබාහු සිතුවේය. මහවැලි ගඟේ තොටුපලවල බලය අල්ලා ගැනීමට රක්ඛ නම් සෙන්පතියා යවා පරාක්‍රමබාහු තෙමේම දක්ඛිණදේශයෙන් රුහුණ ආක්‍රමණය කළේය. තවත් හමුදාවක් මගින් නාරායන්ගේ කැරැල්ල මැඩ පවත්වන ලද්දේ මහවැලි ගඟෙහි තොටුපලවල බලය සාර්ථක ලෙස අල්ලා ගත් රක්ඛ සෙනෙවියාට උතුරු දිසාවෙන්ද ආක්‍රමණයකට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමිනි. පරාක්‍රමබාහු ඉක්මන් ජයග්‍රහණයක් බලාපොරොත්තු වූයේ වී නමුදු එය සිදු නොවීය. මානාභරණ රක්ඛ සෙනෙවියා පරදවා රජරට දක්වා ආපසු පළවා හැරියේය. ඔහුගේම හමුදාව තුළ අභ්‍යන්තර ආරාවුල්වලට ද, මලය දේශයේදී ඔහුගේ හමුදාවන්ගේ පරාජයට ද පරාක්‍රමබාහු රජු මුහුණ දෙමින් සිටියේය. මානාභරණ නැවතත් පොළොන්නරුව ද ඒ සමගම රජරටින් විශාල ප්‍රදේශයක් ද අල්ලා ගත්තේය. මෙම හේතු නිසා පරාක්‍රමබාහු කළේ දකුණු ප්‍රදේශයේ හමුදා ආපසු කැඳවා තම සම්පූර්ණ බලය කැටිකර උතුරට යෙදවීමයි. තමන් නැවතත් කොටු වී ඇති බව මානාභරණට වැටහුණි. එළඹුණු වසර කීපය තුළ නොකඩවා කෙරුණු සටන් හේතුවෙන් දෙපාර්ශවයම හෙම්බත් විය. මානාභරණ නගරය අතහැර රුහුණට පලා ගියේය. ඔහුගේ හමුදාවන් මහවැලි නදිය පෙදෙසෙහිදී පරාක්‍රමබාහුගේ හමුදා විසින් පරාජය කොට විනාශ කරනු ලැබිනි. රජු ලෙඩ රෝග සහ දැඩි වෙහෙස හේතු කොට ගෙන මිය යාමට ආසන්න මොහොතේ ආපසු දකුණට පැමිණියේය. අවුරුදු පහක් පමණ කාලයක් මුළුල්ලේ අඛණ්ඩව යුද්ධයක නියැලුනා වුවද පරාක්‍රමබාහු අවිවාදයෙන්ම මුළු ශ්‍රී ලංකාවේම පාලකයා විය. මෙම යුද්ධය ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ සුවිශේෂ සිද්ධීන්වලින් එකක් ලෙස පෙනී යන්නේ 'දෙවනගල' අසලින් හමුවන ගල් පුවරුවක කොටා ඇති ආඥාවක් වැනි තවත් ඒ හා සමාන ලේඛන කිහිපයක ඒ බව දක්වා තිබීම නිසාය. මානාභරණගේ පුතා පොළොන්නරුවට කැඳවා ඔහු සමඟ සාමය ඇතිකර ගැනීමෙන් පසු අලංකාර උත්සවයක් පවත්වා ඔටුනු පැළඳවීම සිදු කළේය.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 7 වන සියවස – 8 වන සියවස – 9 වන සියවස දශක: 750ගණන් 760ගණන් 770ගණන් – 780ගණන් – 790ගණන් 800ගණන් 810ගණන් වසර: 780 781 782 – 783 – 784 785 786 ක්‍රිස්තු වර්ෂ 783 (DCCLXXXIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 783 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
මෙයින් අදහස් වන්නේ, සෞඛ්‍යය, ලෙඩරෝග හා සෞඛ්‍යය සම්පන්න අධ්‍යයනය කිරීම සඳහා භූගෝලීය විද්‍යාත්මක තොරතුරු, යථාදර්ශනයන් හා ක්‍රමවේදයන් යොදා ගැනීමයි. මෙය වෛද්‍ය භූගෝලීය විද්‍යාව ලෙසද හඳුන්වයි. එය පාදක වූයේ සෞඛ්‍යයේ ජීව - වෛද්‍යමය ආකෘතිය මත වන අතර තාර්කික යථානුභූතවාදි දර්ශනයද සැලකිල්ලට ගනී. සමාජ, නොඑසේනම් සාමාජීය - පාරසරික ආකෘතිය මඟින් ලෙඩරෝග සඳහා වඩාත් සංකල්ප ප්‍රවේශයක් යොදාගනු ලබයි. එමගින් පද්ධතියේ උපාංගවලට නොව සමස්ථ පුද්ගලයාටම ප්‍රතිකාර කිරීම පිළිබදව අවධාරණය කරනු ලබයි. මෙම ආකෘතිය යටතේ නව ලෙඩ රෝග (උදා. මානසික අසනීප තත්වයන්) සොයාගන්නා අතර අනෙකුත් ආකාර වල ඖෂධ (ආදේශනාත්මක හෝ විකල්ප ඖෂධ) සාම්ප්‍රදායික ඖෂධ සමඟ සංයෝග කරනු ලබයි. මෙම විකල්ප ක්‍රමවේදාත්මක ප්‍රවේශයෙන් අදහස් කලේ, ව්‍යුහකරණය, ව්‍යුහවාදය (ස්කෘති වාදය), සමාජ අන්තර් ක්‍රියා වාදය, ස්ත්‍රී වාදය වැනි දර්ශනයන් සංගත කිරීම පිණිස වෛද්‍ය භූගෝල විද්‍යාව පුළුල් වූ බවයි. එමනිසා සෞඛ්‍ය භූගෝල විද්‍යා ක්ෂේත්‍රය උපත ලැබීය. අධ්‍යයන ක්ෂේත්‍රයන්[සංස්කරණය] සෞඛ්‍ය භූගෝලීය විද්‍යාව මඟින් ජනගහනයේ සෞඛ්‍ය, ප්‍රදේශයන් තුල ලෙඩ රෝගවල ව්‍යාප්කතිය, සෞඛ්‍ය සහ ලෙඩරෝග කෙරෙහි පාරිසරික බලපෑම් යනාදිය පිළිබද අවබෝධයක් ලබාදේ. එසේම සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි බව හා සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ ව්‍යාඵෘතික සමගද මෙය සම්බන්ධවේ. මෙම අධ්‍යයනය සලකනු ලබන්නේ මානුෂීය භූගෝල විද”්‍යාවේ උපනතියක් ලෙසයි. කෙසේ වුවත්, වසංගත අධ්‍යනය, දේශපාලන විදයාව වැනි අනෙකුත් ක්ෂේත්‍රයන් පිළිබදව අවබෝධයක් ද ඊට අවශ්‍යවේ. සෞඛ්‍ය සේවය පොදු භාණ්ඩයක් වුවුද, එය ශුද්ධ පොදු භාණ්ඩයක් නොවේ. වෙනත් වචන වලින් සදහන් කරන්නේ නම් එය සියළුම පුද්ගලයන්ට සමානව ලබාගත නොහැක. සෞඛ්‍ය සේවා වෙන් කිරීමෙන් භූ ගේලීය විද්‍යාවට මේ සම්බන්ධයෙන් කිරීමට බෙහෝදෑ පවතී. ජනගහනයේ ව්‍යාප්තියට අනුව පොදු සේවා සදහා වන ඉල්ලුම අඛණ්ඩව ව්‍යාප්තව පවති. නමුත් මෙම සේවාවන් සපයනු ලබන්නේ ඇතැම් ස්ථාන වල පමණි. එම නිසා ප්‍රත්‍යක්ශ වශයෙන් එම සේවා භාවිතා කිරීමේ ප්‍රායෝගික බව, ප්‍රවාහන පිරිවැය, ප්‍රවාහණ කාලය / වාරගණන ආදී වශයෙන් සෟඛ්‍ය සේවා සදහා වන ප්‍රවේශයේ අසාමානක්‍ය තාවයක් පවතී. සෞඛ්‍ය පහසුකම් වලට ප්‍රවිශ්ඨ වීමට / ලඟාවීමට බලපාන එකම ගුණාංගය වන්නේ භූ ගෝලීය හෝ ස්ථානීය සාධක (ආසන්න බව, ප්‍රවාහන කාලය) පමණක් නොවේ. භූගෝලීය සාධක හැරුණු විට මේසදහා බලපාන අනෙකුත් සාධක වන්නේ සමාජ, මූල්‍යමය හා ශ්‍රිතාත්මක සාධකයි. සෞඛ්‍ය සේවා වල සාමාජීය සුලභතාවය හෙවත් සමාජීය වශයෙන් ලඟාවිය හැකි බව රදා පවතිනුයේ ජාතිය (උදා - කළුජාතිකයන්ට හා සුදු ජාතිකයන්ට වෙන්වෙන් රෝහල්), වයස, ස්ත්‍රී පුරුෂ භාවය හා පුද්ලයන්ගේ අනෙකුත් සාමාජීය ගති ලක්ෂණ මතයි. රෝගියා හා වෛද්‍ය වරයා අතර සම්බන්ධතාවයද මෙහිදී වැදගත් වේ. මූල්‍යමය සාධක රඳාපවතිනුයේ කිසියම් සෞඛ්‍ය පහසුකමක මිල මතයි. ශ්‍රිතාත්මක සාධක යනුවෙන් පිළිඹිබු වන්නේ සපයන සේවාවල ප්‍රමාණය සහ ව්‍යුහයයි. මෙය ලෝකයේ විවිධ රටින් රටට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. විවෘතව ඇති වේලාව, පොරෝත්තු ලයිස්තූන් යනාදීන් සෞඛ්‍ය සේවා වලට ප්‍රවේශ වීම සදහා බලපානු ලබයි. තින පුද්ගලයන්ට හෝ ජනගහනයේ උපකණ්ඩායම් වලට සෞඛ්‍ය පහසුකම් වලට ප්‍රවේශ වීමේ හැකියාව තීරණය කිරීමේදී මේවා වැදගත් කාර්යය භාර්යයක් ඉටු කරයි. මෙවනක් ආකාරයේ ප්‍රවේශයක්, “සඵලදායි ප්‍රවේශයක්” ලෙස හදුන්වනු ලබයි. සෞඛ්‍ය සේවා පහසුකම් වල පිහිටිම විශාල වශයෙන් රඳාපවතිනුයේ ක්‍රියාවේ යොදවනු ලබන සෞඛ්‍ය සේවා පද්ධතියේ ස්වභාවය මතයි. එමෙන්ම ඓතිහාසික සාධකද විශාල වශයෙන් බලපානු ලබයි. (රෝහල්, සැත්කම් ආදී පහසුකම් වල ඉහළ ආයෝජන පිරිවැය නිසා) රෝගීන්ව විශේෂඥයෙකුට යොමු කිරිමේ පද්ධති පැවතීම ආදී සංවිධානමය සාධක හරහා සුළු පරතරයක් ඉවත් කළ හැක. සැලසුම් කළ සෞඛ්‍ය සේවා පද්දතියක් තුළ අපි අපේක්ෂා කරනු ලබන්නේ ඉල්ලුමේ ව්‍යාප්තියට සරිලන ආකාරයට පහසුකම් වල ව්‍යාප්තිය සාධාරණව හා සමීපව පැවතිමයි. කෙටියෙන් සදහන් කරන්නේ නම්, වෙළෙඳ පොළ අබිමුඛ කරගත් පද්ධතියක් මගින් ස්ථානීය රටාවන් (ප්‍රදේශීය පිහිටීම්) මැනවිම් පිළිඹිබු කර ගත යුතුය. විභව ලඟාවීමේ පහසුව හෝ සැබෑ ලඟාවීමේ පහසුව මිනුම් කිරීමට අපේක්ෂා කරනු ලැබිය හැකිය. නමුත් ප්‍රවේශය සමග වැඩිවන උපයෝගිතා රටාවක් ඇති බව මතකතබාගත යුතුය. එනම්, ප්‍රවේශයේ පහසු පුද්ගලයන් එම සෞඛ්‍ය සේවා බොහෝ විට භාවිතා කරයි. Reference: http://en.wikipedia.org/wiki/Health_geography
|
ACADEMIC
|
එක්සත් මැක්සිකානු රාජ්‍ය දුරකථන සංකේත - + 52 එක්සත් මැක්සිකානු රාජ්‍ය පොදුවේ මැන්සිනෝ ලෙස හදුන්වන අතර උතුරැ ඇමරිකාවේ පිහිටි ෙපඩරල් ව්‍යවස්ථාමය සමුහාණ්ඩුවකි. එය උතුරැ ඇමරිකාව, දකුණ හා බටහිර පැසිපික් සාගරය, ගිණීකොණ ගෝතමාලා හා බෙලීස් සහ කැරබියානු මුහුද හා නැගෙනහිරින් මැන්සිකන් ආගාධයට මායිම් වේ. එය වර්ග කි. මි. මිලියන 2 ක් (වර්ග සැතපුම්) 760 000 ක් පුරා පැතිරේ. ඇමරිකාස් තුල පවතින 5 වන විශාලතම රටවල අතර 14 වන ලෝකයේ විශාලතම නිදහස් රාජ්‍ය වන අතර ජනගහනය මිලියන 111 කි. 1521 විසින් මෙම පලාත අල්ලාගත් අතර නව ස්පාඤ්ඤයේ ප්‍රතිරාජ පදවිය ස්ථාපනය කල අතර 1821 නිදහසෙන් පසු එය ක්‍රමයෙන් මෙක්සිකෝ බවට පත් විය. නිදහසෙන් පසු කාලය ආර්ථික ස්ථාරවත්වය ප්‍රාදේශීය පාලනය, සිවිල් යුද්ධය, විදේශීය අගනුවර, රාජ‍්‍යයන් දෙකක් හා ස්වදේශී ආඥාදායකයන් දෙකක් යනාදිය විශේෂ විය. 1910 දී ඇති වු මැක්සිකානු විප්ලවයෙන් ප්‍රසිද්ධියට පත් වු 1917 ව්‍යවස්ථාව සහ වර්තමානයේ රටේ පවතින දේශපාලන ක්‍රමය පැන නැගුණි. 2000 ජුලි පැවති මැතිවරණයෙන් ප්‍රථමවර විපක්ෂයක් ජයගත් අතර ව්‍යවස්ථාපිත විප්ලවීය පක්ෂය පරාජය විය. රාජ්‍යයන් ලෙස හා 1994 පටන් එන ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංගමයේ එකම ලතින් ඇමරිකානු සාමාජිකයා වන මැක්සිකෝව ඉහළ මධ්‍ය ආර්ථිකයක් ඇති රටකි. එය නම් කාර්මික හා නැගි එන බලයකින් යුත් රටකි. එය විශාලතම 13 GDP නාමික අගය ඇති අතර මිලදී ගැනීමේ ශක්තියෙන් 11 වන තැන සිටී. ආර්ථිකය උතුර ඇමරිකානු නිදහස් වෙළෙද ගිවිසුම හා බැදී ඇති අතර NAFTA සහකාර හා ඇමරිකාව ද වේ. එක්සත් මැක්සිකානු රාජ්‍යය පින්තූරය - කොඩිය ජාතික ගීය ජාතික මුද්‍රාව - එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව සිතියම - එක්සත් මැක්සිකානු රාජ්‍යය අගනුවර සහ විශාලම නගරය - මෙක්සිකෝ නගරය - 190 03'N 990 22' W රාජ්‍යය - ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව ජනාධිපති - පිලිප් කාල්ඩරන් (PAN) නීති සම්පාදක - ඝනාව (කොංග්‍රසය) බලය පවත්නා පක්ෂය - සභාව විපක්ෂය - නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය නිදහස - ස්පාඤ්ඤ සිට ප්‍රකාශයට පත් කිරිම - සැප්තැම්බර් 16, 1810 පිළිගැනීම - සැප්තැම්බර් 27, 1821 වර්ග ප්‍රමාණය - එකතුව - 1 972 550 Km2 761 606 sq mi ජලය (%) – 2.5 ජනගහනය - ජුලි 2009 තක්සේරැව - 111 211.789 2005 ජන සංඛ්‍යාකය - 103 263 388 ඝනත්වය - 55 / Km2 (142nd) 142 / sq. mi සාමාන්‍ය - $ 14 534 (6) (55th) GDP (සාමාන්‍ය) – 2009 තක්සේරැව එකතුව - $ 1.143 ට්‍රිලිටන (7) (13th) සාමාන්‍ය - $ 10 212 (8) (46th) ගිනි (2008) – 46.1 (9) (ඉහළ) HDI (2007) – 0.854(10) (මධ්‍යය) (53rd) මුදල් - පෙසෝ (MXN) කාල මණ්ඩලය - රාජ්‍ය මැක්සිකානු කාල මණ්ඩලය (UTC – 8a – 6) ග්‍රීෂ්ම සෘතුව - (DST) විවිධ (VTC – 7a - ) මං තිරැව - දකුණ අන්තර්ජාල TLD - .mx
|
ACADEMIC
|
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත වයඹ පළාත දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සහිත දෙමල ජාතියට අයත් ජනතාව ශ්‍රී ලාංකික දෙමළ ජනතාව (දෙමළ: இலங்கை தமிழர், ඉලංගෙයි තමිලර් [?] හෝ දෙමළ: ஈழத் தமிழர், ඉලාත් තමිලර් [?]), නම්වේ. පටුන 1 උප වර්ග 1.1 ලංකා සම්භවයක් සහිත දමිළ ජනයා 1.1.1 යාපනේ දෙමළ ජනයා 1.1.2 නැගෙනහිර දෙමළ ජනයා 1.1.3 මීගමු දෙමළ ජනයා 1.2 ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා 2 ආශ්‍රිත ලිපි 3 සටහන් උප වර්ග[සංස්කරණය] ලංකා සම්භවයක් සහිත දමිළ ජනයා[සංස්කරණය] ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ජනයා ලංකා සම්භවයක් සහිත දමිළ ජනයා යනු ඈත අතීතයේ සිටම ලක්දිව තුල පදිංචිව සිටි දෙමළ ජනයාගෙන් පැවත එන්නන් වේ. මොවුන් අති බහුතරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ හෝ බස්නාහිර පලතෙය අයත් කොළඹ පරිපාලන දිස්ත්‍රික්යේ ජිවත් වෙයි. යාපනේ දෙමළ ජනයා[සංස්කරණය] නැගෙනහිර දෙමළ ජනයා[සංස්කරණය] මීගමු දෙමළ ජනයා[සංස්කරණය] ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා[සංස්කරණය] ප්‍රධාන ලිපිය: ඉන්දියානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික දමිළ ජනයා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා හෙවත් කදුකර දමිළ ජනයා ක්‍රි.ව. 19 වන සියවසේ තමිල් මදුරාසි පරිපාලන ඒකකයේ සිට තේ වගාව සදහා ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වූ දෙමළ ජනයාගෙන් පැවත එන්නන් වේ. මින් බහුතරය තවමත් මධ්‍යම කදුකරයේ ජිවත් වෙයි. බ්‍රිතාන්‍ය ලංකාව සහ බ්‍රිතාන්‍ය රාජ් භූමි දෙකම එක්සත් රාජධානිය යටතේ වූ බැවින් ලංකාව (1984දී) සහ ඉන්දියාව (1947දී) නිමින් ස්වෛරීය රාජ්‍යයන් ලෙස නිදහස ලබනතුරු මෙවුන්ගේ පුරවැසිභාවය පිලිබඳ ටැටළුවක් නොවීය. මොවුන්ගේ ඉරණම පිළිබඳව සලකාබැලීමක්න් හෝ තීරණයකින් තොරව ස්වාධීන රාජයන් බිහිවීමෙන් පසු මෙය සමාජයීය සහ දේශපාලන්ක ගැටළුවක් බවට පත්විය. 1960 දී ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන ලද ගිවිසුමේ වගන්ති ප්‍රකාරව 40% වූ ඉන්දීය දමිළ ජනයාට ශ්‍රිලාංකීය පුරවැසිභාවය පිරිනමන ලද ශේෂ ජනයා තම මවුබිම වූ ඉන්දියාවට පමුණුවන ලදී.1990 වන විට ශ්‍රිලංකාවේ වෙසෙන බොහෝ ඉන්දියානු දමිළ ජනයාට ශ්‍රිලාංකීය පුරවැසිභාවය හිමිවුනි. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ජනයා සටහන්[සංස්කරණය]
|
ACADEMIC
|
විවිධ ගුණාංග දක්වමින්, පරාවලයක රූපයක් පරාවලයක් යනු, රූපයේ ආකාරයට දිශා ගත කළ විට දළ වශයෙන් ඉංග්‍රීසි මහකුරු යූ-හැඩැති, එනමුදු, එහි තලයෙහි ඕනෑම අයුරකින් දිශාගත විය හැකි, ද්වි-මාන , දර්පණ-සමමිතික වක්‍රයකි.
|
ACADEMIC
|
ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරන ලේකම්. වෛද්‍යවරයෙකි අම්පාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක
|
ACADEMIC
|
රේඛීය වීජ ගණිතයේදී, ගවුසීය බැහැරීම යනු රේඛීය සමීකරණ පද්ධතියක විසඳුම් සෙවීම, න්‍යාසයක තත්වය සෙවීම හා ප්‍රතිලෝමය ගණනය කිරිම වැනි කාර්ය කිරීමට භාවිතා කළ හැකි ඇල්ගොරිතමයකි. ගවුසීය බැහැරීම, ජර්මානු විද්‍යාඥ හා ගණිතඥ කාර්ල් ෆෙඩ්රික් ගවුස් වෙනුවෙන් නම් තබා ඇත. ඇල්ගොරිතම පුරාවට ප්‍රාථමික පේළි ක්‍රියාවලිය භාවිතා වේ. ඇල්ගොරිතමය කොටස් 2 කින් යුක්ත වේ. ඒ එක එකක් පිළියෙල කර ඇති න්‍යාසයක පේළි සලකා බලනු ලැබේ. පළමු වැන්න න්‍යාසය පේලි එවලුම් ආකාරයට අඩු කරනු ලැබේ. දෙවැන්න න්‍යාසය තව දුරටත්, අවකරණය කරන ලද පේලි එවලුම් ආකාරයට අඩු කරනු ලැබේ. බොහෝමයක් යෙදීම් සඳහා පළමු කොටස පමණක් ප්‍රමාණවත් වේ. මේ හා සම්බන්ධ නමුත් අඩු කාර්යක්ෂම ඇල්ගොරිතමයක් වන ගවුස් ජෝර්ඩන් ඉවත් කිරීම න්‍යාසය අවකරණය කරන ලද පේළි එවලුම් ආකාරයට එක් පියවරකින්ම පත් කරනු ලැබේ. ඇල්ගොරිතමය පිළිබඳ සමාලෝචනය[සංස්කරණය] ගවුසීය ඉවත් කිරීමේ ක්‍රියාවලියේ කොටස් දෙකකි. ප්‍රථම කොටස (ඉදිරි ඉවත් කිරීම්) දී ඇති පද්ධතියක් ත්‍රිකෝණාකාර හෝ එවලුම් ස්වභාවයකට අඩුකිරීම හෝ පිළිතුරු නැති පිරිහුණු සමීකරණයක් බවට හරවා පද්ධතියට විසදුම් නොමැති බව පෙන්වීම හෝ සිදු කරයි. මෙය මූලික පෙළ ක්‍රියාවලියක භාවිතයෙන් ඉටු කර ගනී. දෙවන පියවර ඉහත පද්ධතියේ විසදුම් සෙවීමට ප්‍රති ආදේශ කිරීම යොදා ගනු ලැබේ. න්‍යාස සදහා ද ඒ හා සමානවම ප්‍රකාශයට පත් කර ඇත. පළමු කොටස න්‍යාසය සුගම පේළි ක්‍රියාවලියක් යොදා ගෙන පේළි එවලුම් ආකාරයන් දක්වා අඩු කරන අතර දෙවන කොටස එය අවකරණය කරන ලද පේලි එවලුම් ආකාරයක් හෝ පේළි භෞත්‍රිකා ආකාරයන් දක්වා අඩු කරන අතර දෙවන කොටස එය අවකරණය කරන ලද පේලි එවලුම් ආකාරයක් හෝ පේලි සෞත්‍රිකා ආකාරයක් දක්වා අඩු කරයි. ඇල්ගොරිතම විශ්ලේෂණයට ඉතා වැදගත් වන තවත් කරුණක් වන්නේ ගවුසීය ඉවත් කිරීම, න්‍යාස වියෝජනය ගණනය කිරීමයි. ගවුසීය ඉවත් කිරීමේදී භාවිත වන සුගම පේළි ක්‍රියාවලි තුන (ගුණන පේලි, හුවමාරු පේළි හා පේළි වල ගුණිත අනෙක් පේලි වලට එකතු කිරීම) වමෙහි ඇති ප්‍රතිවර්ථ කළ හැකි න්‍යාස සමග මුල් න්‍යාසය ගුණ කිරිම සිදු කරයි. ඇල්ගෝරිතමයේ ප්‍රථම කොටස LU වියෝජනය ගණනය කරන අතර දෙවන කොටස, ස්වාධීනව තීරණය කරන ලද යටිකුරු කළ හැකි න්‍යාසයක හා ස්වාධීනවතීරණය කරන ලද අවකරණය කරන ලද පේලි එවලුම් න්‍යාසයක ප්‍රතිඵලයක් ලෙස මුල් (Original) න්‍යාසය ලියනු ලැබේ.
|
ACADEMIC
|
මොඩමයක් යනු දුරකතන මාර්ගයක් ඔස්සේ යම් පරිගණක දෙකක් අතර සන්නිවේදනය ගොඩනගා ගැනීම සඳහා ඇති විද්‍යුත් උපකරණයකි. Modem යන්න ඉංග්‍රීසි භාෂාවේ ඇති තනි වචනයක් නොවන අතර එහි ගොඩ නැගීම පහත ආකාරයට විස්තර කල හැක. මෙහිදී Modulate සහ Demodulate යන වචන ද්විත්වයම සලකා බලන විට, MOdulate "MO " සහ DEModulate hi "DEM " යන වචන ද්විත්වය MODEM යන වචනය ඉදිරිපත් කරයි ,
|
ACADEMIC
|
ඔබට අවැසි ලිපිය තෝරාගන්න කැරට් (අල වර්ගය) කැරට් (රන් මිනුම් ඒකකය) කැරට් (ස්කන්ධ මිනුම් ඒකකය) මෙම වක්‍රෝත්තිහරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත.
|
ACADEMIC
|
අප‍්‍රිකානු අධ්‍යයන - ඉතිහාසය රොබට් හැරිස් (කණිෂ්ට) ට අනුව අප‍්‍රිකානු අධ්‍යයන වර්ධනය අදියර හතරකින් සිදුවිය. 1890 සිට දෙවන ලෝක යුද්ධය දක්වා වූ කාලයේ දී අප‍්‍රිකානු ජනතාවගේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයට බොහෝ සංවිධාන බිහිවිය. දෙවන අදියරේ දී මෙහි අවධානය කළු ඇමෙරිකානුවන් වෙත යොමුවිය. තුන්වන අදියරේදී අප‍්‍රිකා කේන්ද්‍රික අධ්‍යයන කළු අධ්‍යයන ලෙස සංවිධානගත වන්නට විය. හතරවන අදියර ලෙස වඩා විධිමත් සෙද්ධාන්තික විමර්ශනයක් ඇෆ‍්‍රිකානා ස්ටඞීස් නමින් බිහිවිය. ඇෆ‍්‍රිකානා ස්ටඞීස් යන වදන පැමිණ ඇතැයි සැළකිය හැක්කේ මානව හිමිකම් ව්‍යාපාරයේ ප‍්‍රථිඵලයක් ලෙස ජේම්ස් ටර්නර් විසින් 1969 දී පිහිටුවන ලද ඇෆ‍්‍රිකානා ස්ටඞීස් ඇන්ඞ් රිසර්ච් සෙන්ටර් අනුසාරයෙනි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Black_studies#History
|
ACADEMIC
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.