comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
ජූලි 13, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 194 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 195 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 171 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
කොටළුවා කොටළුවා යනු පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයකි. කොටළුවා ප්‍රමාණයෙන් සැහැල්ලු බර, සාමාන්‍ය බර හා අධික බර යන පන්ති 3න්ම පිහිටයි.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස දශක: ක්‍රිපූ 800ගණන් ක්‍රිපූ 790ගණන් ක්‍රිපූ 780ගණන් – ක්‍රිපූ 770ගණන් – ක්‍රිපූ 760ගණන් ක්‍රිපූ 750ගණන් ක්‍රිපූ 740ගණන් වසර: ක්‍රිපූ 779 ක්‍රිපූ 778 ක්‍රිපූ 777 ක්‍රිපූ 776 ක්‍රිපූ 775 ක්‍රිපූ 774 ක්‍රිපූ 773 ක්‍රිපූ 772 ක්‍රිපූ 771 ක්‍රිපූ 770 ප්‍රවර්ග: උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම්
|
ACADEMIC
|
විස්තාර මූර්ඡනය (AM) (විමූ) යනු ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයෙහි භාවිතා වන ක්‍රමවේදයක් වන අතර බහුලව භාවිතා වන්නේ ගුවන් විදුලි වාහක තරංගයක් ඔස්සේ තොරතුරු විකාශය කිරීමටය. විමූ ක්‍රියාකරනුයේ සම්ප්‍රේෂනය කරනු ලබන සංඥාවෙහි ප්‍රබලතාවය යවනු ලබන තොරතුරු අනුව විචලනය කිරීමෙනි. නිදසුනක් වශයෙන්, ලවුඩ්ස්පීකරකයකින් නැවත උපදවීමට නියමිත ශබ්දයක් හෝ, රූපවාහිනී පික්සලයන්හී ආලෝක තීව්‍රතාවය හෝ නිරූපණය කිරීමට සංඥා ප්‍රබලතාවයෙහි මෙම විචලනය භාවිතා කළ හැක. තරංගයක සංඛ්‍යාතය (frequency) සහ විස්තාරය (amplitude) යනුවෙන් ප්‍රධාන ගුණ දෙකක් ඇති අතර මූර්ජනය(modulation) යනු ඇතුලත්කෙරීමේ/වෙනස් කෙරීමේ ක්‍රමයකි.මෙහිදී අදාල දත්තයට අදාල තරංගය සංයාව(data signal) ලෙසත්,සංයාව ප්‍රවහනයටම පමණක් යොදාගන්න තරංගය වාහකය(carrier wave) ලෙසත් අර්ථදක්වනවා ඇත. සංයාවට අනුව වාහක තරඟයේ විස්තාරය වෙනස් කිරීම විස්තාර මුර්ජනය(amplitude modulation) ලෙසත් සංයාවට අනුව සංක්‍යාතය වෙනස් කිරීම සංක්‍යාත මුර්ජනය(frequency modulation) ලෙසත් සඳහන් කර හැක.
|
ACADEMIC
|
ගොනුව:Rgs.jpg thumb දැව නොවන වන නිපැයුම් යනු දැව හැරුණු කොට වනාන්තරයේ ශාක හා සත්ව යන කොටස් දෙකෙන්ම බිහිවී සෑදෙන සියළුම භාණ්ඩයි. දැව නොවන වන නිපැයුම්, පවුලේ ආදායමට සහ ජීවිකාවට ආධාර වෙයි. ඒ වගේම බොහෝ දුෂ්කර සමාජනයන්ගේ සංස්කෘතික වැදගත්කමක් මෙයට හිමි වේ. මෑතක සිට, තිරසාර සංවර්ධනය තුළ මෙහි භූමිකාව විශේෂ අවධානයකට ලක්වී තිබේ. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Non-timber_forest_products
|
ACADEMIC
|
ඉස්ලාමීය අඡ්‍යනය - කලාව, විනොයුව, සාහිත්‍යය සහ ගෘහ නිර්මාණ ශීල්පය ඉස්ලාමීය කලාව • ඉස්ලාමිය කුඹල් කර්මාන්තය • ඉස්ලාමිය අක්ෂර කලාව • ඉස්ලාමිය සංගීතය • ඉස්ලාමිය කාව්‍ය ඉස්ලාමීය අධ්‍යනයන්ගේ කොටසක් වන ඉස්ලාමීය කලාව, ජ්‍යාමිතික, මල් සහිත, අක්ෂර කලාවන්ගෙන් යුත් විසංයුක්තහා විචිත්‍ර කලාවකි. ක්‍රිස්තියානි කලාවේ මෙන් නොව, ඉස්ලාමීය කලාවේ මිනිස් රෑප චිත්‍රයට නැංවීමේ සම්ප්‍රදායක් නොමැත. මිනිස් රෑප චිත්‍රයට නැංවිමෙන් මුර්ති වන්දනාවට තම අනුගාමිකයන් පෙළඹේය යන විශ්වාසය නිසා ඉස්ලාමීය කලාවේ මිනිස් රෑප දැකගත නොහැක. මෙසේ මිනිස් රෑප සහ ප්‍රතිමා තහනම් කිරීම aniconism ලෙස හදුන්වයි. පසුගිය සියවස දෙක තුළ බටහිර ශිෂ්ඨාචාරයේ ආශ්‍රයත් සමග මෙම තහනම ලිහිල් විය. ඉස්ලාමීය වියොනුව • ඉස්ලාමිය ප්‍රහසනය • ඉස්ලාමිය චිත්‍රපට ඉස්ලාමීය වියෝනුව (විනෝද කටයුතු ) විධිමත් කරන්නේ ෂරියා නිතීයෙනි. ඉස්ලාමීය සාහිත්‍යය මෙම ක්ෂේත්‍රය නුතන සහ සම්භාව්‍ය අරාබි සාහිත්‍යය සහ භාෂා පිළිබද අධ්‍යයනයන්ගෙන් සමන්විත වේ. ඉස්ලාමීය සංස්කෘතියෙන් ආභාෂය ලැබු හෝ එහි කොටසක් වු හීබුට, තුර්කී, පර්සියානු, ආමේනියානු හා උස්බෙකිස්තානු වැනි නුතන හෝ පැරණි භාෂාවන් ද ඉස්ලාමීය සාහිත්‍යයේ අඩංගු වේ. ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශීල්පය ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පය යනු ඉස්ලාමීය ඉතිහාසය සහ සංස්කෘතිය තුළ පරිණාමයට පත් වු ගෘහ නිර්මාණ ශිල්පයයි. එම නිසා මෙයට අගමික ගොඩනැගිලි මෙන්ම අාගාරික ගොඩනැගිලි ද, ඓතිහාසික මෙන්ම නුතන ඉදිකිරිම්ද, ඉස්ලාමීය ආභාෂය ලැබු නිර්මාණ සියල්ලම පාහේ ද අයත් වේ. පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පය, ඉස්ලාමිය ගෘහ නිර්මාණ ශිල්පය ලෙස වරදවා වටඑා ගැනීම ඉතා සුලභාව සිදුවන දෙයකි.
|
ACADEMIC
|
බොහෝවිට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලෙස වරදවා සිංහලයට පරිවර්තනය කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ආණ්ඩු ප්‍රධානින්ගේ රැස්වීම පොදු රාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ ආණ්ඩු ප්‍රධානීන් ද්වී වාර්ශික සමුළු රැස්වීමයි. මෙම රැස්වීමට නිල වශයෙන් සහභාගිවන ආණ්ඩු ආණ්ඩු ප්‍රධානයකු එකම තැනැත්තා වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක දෙවන එලිසබෙත් රැජින (හෝ ඇයගේ නියෝජිත රාජකීයයා) වේ.
|
ACADEMIC
|
ඔක්තෝබර් 2 යනු ග්‍රෙගරි දින දසුන අනුව මෙය මෙම වසරේ 275 වන දිනය යි. වසර අවසන්වීමට තව දින 90ක් ඇත.
|
ACADEMIC
|
අප්‍රේල් 2011 මියාගි භූමිකම්පාව 2011年 宮城県沖地震 මාර්තු 11 භූමිකම්පාව ටෝකියෝව සෙන්ඩයි අපිකේන්ද්‍රය සහ පසුකම්පනය දක්වන සිතියම දිනය 23:32:41, 7 අප්‍රේල් 2011 (+09:00) විශාලත්වය 7.1 (Mw) [1] ගැඹුර 49 කිමී[convert: unknown unit] අපිකේන්ද්‍රය 38°15′11″N 141°38′24″E / 38.253°N 141.640°E / 38.253; 141.640ඛණ්ඩාංක: 38°15′11″N 141°38′24″E / 38.253°N 141.640°E / 38.253; 141.640 වර්ගය පසුකම්පනය රටවල් හෝ ප්‍රදේශ ජපානය උපරිම තීව්‍රතාවය MM VIII[2] ආපතිකයන් 4 මියගිය බව සහතික කෙරේ, 141 තුවාල ලබති[3] ආශ්‍රිත[සංස්කරණය] ↑ "Magnitude 7.1 - NEAR THE COAST OF HONSHU, JAPAN". earthquake.usgs.gov. USGS. 7 අප්‍රේල්, 2011. Archived from the original on 14 අප්‍රේල් 2011. සම්ප්‍රවේශය 2011-04-09. ↑ "PAGER - M 7.1 - NEAR THE EAST COAST OF HONSHU, JAPAN". earthquake.usgs.gov. USGS. 7 අප්‍රේල්, 2011. සම්ප්‍රවේශය 2011-04-20. ↑ මාණ්ඩලික ලේඛක (8 අප්‍රේල්, 2011). "4 killed, 141 injured after 7.4 quake hits Miyagi Pref, vicinity". ජැපෑන් ටුඩේ. සම්ප්‍රවේශය 2011-04-08.
|
ACADEMIC
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ because ප්‍රවර්ග යැයි නාම අවකාශයක් නොමැතිවීම නිසාවෙනි. Asserted to be non-controversial maintenance. CSD G6 බලන්න.%5B%5BWP%3ACSD%23G6%7CG6%5D%5D%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8G6 එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, කරුණාකර මෙම දැන්වීම ඉවත්කරන්න.පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ Shwetha (දායකත්ව| ලඝු) විසින් 2 වසර ගණනකට පෙර ට පෙරදීය මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග ඩිංගිරි බණ්ඩා විජේතුංග සිරිමාවෝ බණ්ඩාරනායක හරිශ්චන්ද්‍ර විජයතුංග නිශ්ශංක විජයරත්න
|
ACADEMIC
|
හම්බන්තොට මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හම්බන්තොට මැතිවරණ කොට්ඨාසය වෙනුවට හම්බන්තොට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස හම්බන්තොට දිගටම පවතියි. 1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය] 23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2] අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව % එල්. රාජපක්ෂ තරුව 8,740 47.55% සී. එදිරිසූරිය අත 8,340 45.37% ජී.කේ.ඩබ්. පෙරේරා කරත්ත රෝදය 1,301 7.08% වලංගු ඡන්ද සංඛ්‍යාව 18,381 100.00% ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 295 මුළු ඡන්ද සංඛ්‍යාව 18,676 ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 31,841 ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 58.65% 1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය] 24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3] අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව % චාල්ස් එදිරිසූරිය යතුර 14,494 55.46% ලක්ෂ්මන් රාජපක්ෂ කුඩය 10,658 40.78% ජයදාස පතිරත්න තරුව 418 1.60% ජයදේව අමරසිංහ අලියා 367 1.40% පී. එච්. මෙන්ඩිස් ද සිල්වා අත 199 0.76% වලංගු ඡන්ද සංඛ්‍යාව 26,136 100.00% ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 330 මුළු ඡන්ද සංඛ්‍යාව 26,466 ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 37,079 ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 71.38% ආශ්‍රිත[සංස්කරණය] ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. න සා සං ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාස නැගෙනහිර පළාත අම්පාර · මඩකලපුව · කල්කුඩා · කල්මුනෙයි · මුත්තූර් · නින්තවූර් · පද්දිරුප්පු · පොතුවිල් · සමන්තුරෙයි · සේරුවිල · ත්‍රිකුණාමලය උතුරු පළාත චාවකච්චේරි · යාපනය · කන්කසන්තුරෙයි · කයිට්ස් · කිලිනොච්චි · කෝපායි · මනිපෙයි · මන්නාරම · මුලතිව් · නල්ලූර් · පේදුරු තුඩුව · උඩුප්පිඩි · උඩුවිල් · වඩුක්කොඩෙයි · වවුනියාව බස්නාහිර පළාත අත්තනගල්ල · අවිස්සාවේල්ල · මැද කොළඹ · නැගෙනහිර කොළඹ · උතුරු කොළඹ · දකුණු කොළඹ · බටහිර කොළඹ · ගම්පහ · හොරණ · ජාඇල · කළුතර · කැලණිය · කෝට්ටේ · මීරිගම · මොරටුව · මීගමුව · පානදුර · වැල්ලවත්ත-ගල්කිස්ස · දෙහිවල-ගල්කිස්ස · දෙහිවල · රත්මලාන දකුණු පළාත අම්බලන්ගොඩ - බලපිටිය · බද්දේගම · උඩුගම · වැලිගම · අකුරැස්ස · මාතර · හම්බන්තොට · බෙලිඅත්ත · හක්මන · දෙනියාය · ගාල්ල සබරගමුව පළාත බලන්ගොඩ · නිවිතිගල · රත්නපුරය · කිරිඇල්ල · දෙහිඕවිට · රුවන්වැල්ල · දැදිගම · කෑගල්ල · මාවනැල්ල මධ්‍යම පළාත දඹුල්ල · මාතලේ · මිනිපේ · වත්තේගම · කඩුගන්නාව · මහනුවර · ගලහ · ගම්පොළ · මතුරට · නුවරඑළිය · තලවකැලේ · කොටගල · නාවලපිටිය · මස්කෙලිය වයඹ පළාත පුත්තලම · නිකවැරටිය · දොඩන්ගස්ලන්ද · කුරුණෑගල · දඹදෙණිය · වාරියපොල · දඞගමුව · බිංගිරිය · හලාවත · නාත්තන්ඩිය උතුරු මැද පළාත මැදවච්චිය · අනුරාධපුරය · කලාවැව · හොරාව්පතාන · පොළොන්නරුව ඌව පළාත අලුත්නුවර · බදුල්ල · බණ්ඩාරවෙල · වැලිමඩ · හපුතලේ · බුත්තල ඛණ්ඩාංක: 6°7′0″N 81°7′0″E / 6.116667°N 81.116667°E / 6.116667; 81.116667
|
ACADEMIC
|
මෙම ලිපිය වනාහි Television studies ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. රූපවාහිනී අධ්‍යයනය යනු රූපවාහිනිය පිළිබඳ විවේචනාත්මකව විග්‍රහ කිරීමක් සිදුකරන අධ්‍යයන ක්ෂේත්‍රයකි මෙකී අධ්‍යයනයන් ජන සන්නිවේදන සමීක්ෂණවලින් කැපී පෙනෙන ලෙස වෙන්කර හඳුනාගත හැකිය. ඒ ජනසන්නිවේදනයේදී අනුභාවිත දෘෂ්ඨි කෝණයකින් අදාළ මාතෘකාවන් කරා ළඟා වීමට දරන ප්‍රයත්නයන් නිසාය. මෙකී ක්ෂේත්‍රයෙහි අර්ථ දැක්වීමක් සිදු කිරීම ගැටලු සහගතය. ඇතැම් ආයතන සහ විෂය නිර්දේශ මගින් එය මාධ්‍ය අධ්‍යයනයකින් වෙන්කොට හඳුනා නොගත් අතර ජනප්‍රිය සංස්කෘතිකමය අධ්‍යයනයක් උප ක්ෂේත්‍රයක් ලෙසදටද වර්ගීකරණය නොකෙරේ. රූපවාහිනී අධ්‍යනය දළ වශයෙන් දිගුකල් පවත්නා ක්ෂේත්‍රයක් වු සිනමා අධ්‍යනයට ද සමානකමක් දක්වයි. එහිදී වඩාත්ම සුලභ ලෙස අවධානය යොමු කරනු ලබන්නේ සන්දර්භ විෂයක විශ්ලේෂණය පිළිබඳවය. උදාහරණයක් වශයෙන් Cathy come Home සහ Twin Peaks වැනි රූපවාහිනියේ ගුණාත්මක බව විශ්ලේෂණය කිරීම සිදු කල වැඩසටහන් මගින් පර්යේෂකයන් හට ඔවුන්ගේ සිනමා රූපී ගුණාංග සඳහා අභිරුචියක් ඇතිකර ගැනීමට ඉවහල් වී ඇත. කෙසේ නමුත් රූපවාහිනී අධ්‍යයනයේ දී රූපවාහිනිය නැරඹීමම සාපේක්ෂව ජනතාවට එකී වැඩසටහන් මගින් උකහාගන්නා දෙය එකිනෙක අනුබද්ධ කළ හැකිය. මෙය පොදුවේ හඳුන්වනු ලබන්නේ ප්‍රේක්ෂක පිරිස අධ්‍යයනය හෝ ප්‍රතිග්‍රහන න්‍යාය ලෙසටය. සටහන්[සංස්කරණය] Television_studies
|
ACADEMIC
|
අභ්‍යන්තර යුද්ධය සහ මුල් පාලන කාලය අවුරුදු 16 ක් වන විට ගාමිණී හිතුවක්කාර වුවද, ශක්තිමත්, කීර්තිමත් බුද්ධිමත් මෙන්ම රාජකීයත්වය සහ බලය අතින්ද වීරයෙක් විය. රජරට රජු සිංහාසනයෙන් පන්නා දැමීමට අදිටන් කරගත් ගාමිණී ඒ සඳහා රෝහණ ප්‍රදේශය අවටින් හමුදාව සඳහා භටයින් බඳවා ගත්තේය. අනතුරුව රජරට ආක්‍රමණය කිරීමට තමන් තුළ තිබෙන අභිප්‍රාය තම පියාට කීවේය. පිය රජු මෙයට විරුද්ධ වෙමින් " ගඟෙන් මෙහා පැත්ත ප්‍රමාණවත්" යැයි කිවේය. මෙහිදී පියා සහ පුතා අතර ඇතිවූ වචන හුවමාරුවෙහි ප්‍රථිඵලය වූයේ ගාමිණීට "දුට්ඨ ගාමිණී" යනුවෙන් නමක් පට බැඳිම සහ ඔහුගේ යහළුවන්ට මලය රටට පලා යාමට සිදු වීමයි. ගාමිණීට රාජකීය හිර මැදුරක හිරකාරයෙකු වීමට සිදු විය. කාවන්තිස්සගේ මරණයෙන් පසු තමන්ට හිමි කිරුල තම බාල සහෝදරයා වූ තිස්සගෙන් ආරක්ෂා කර ගත යුතු බව ගාමිණීට වැටහුනි. තිස්ස ඒ වන විට වැන්දඹු රජ මෙහෙසිය වූ විහාර මහා දේවියද කණ්ඩුල නම් ඇතාද තමා භාරයට ගෙන සිටියේය. දෙබෑයන් අතර "චූලංගනියපිත්ති" නම් ස්ථානයේදී සිදු වූ යුද්ධයෙන් ගාමිණී පරාජයට පත් විය. ඔහුගේ සේනාව දහස් ගණනක් වැනසුනහ. දුටු ගැමුණුට ආපසු මහගමට පලා යාමට සිදු විය. එහිදී ඔහු තවත් සේනාවක් සංවිධානය කොට නැවතත් තිස්ස සමග නගරය පේන තෙක් මානයේ ස්ථානයක සටනක් ආරම්භ කළේය. ඒ වතාවේදී ගාමිණි ජය ගත්තේය. තිස්සට අපවත් වූ භික්ෂුවකගේ මෘත දේහයක් ඉවතට ගෙන යන ආකාරයට වෙස්වලා ගෙන යුද බිමෙන් පැන යාමට සිදු විය. ඉන් ටික කලකට පසු විහාර මහා දේවියගේ සහ භික්ෂූන් වහන්සේලාගේ උත්සාහයන්හි ප්‍රථිඵලයක් ලෙස සහෝදරයින් දෙදෙනා සමගි වූහ. තිස්ස රජුගේ ප්‍රධාන සෙන්පතියන්ගෙන් කෙනෙකු විය. රජරට ආක්‍රමණය තමන්ගේ තත්වය තහවුරු කර ගැනීමෙන් පසු දුටු ගැමුණු උතුර ආක්‍රමණය කිරීම පිණිස සැලසුම් කළේය. එම සැලසුමට උතුර පමණක් නොව අවට තිබුණු අර්ධ ස්වාධීන කුඩා රාජ්‍යයන් විශාල ප්‍රමාණයක්ද ඇතුළත් විය. රජුගේ හමුදාව යුධ රථ බලකායකින්ද, අශ්වාරෝහක හමුදාවකින්ද, සෙබලු හා යුධ ඇතුන් සංඛ්‍යාවකින්ද සැදුනේය. ඒ සමගම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද වූහ. ධාතුන් වහන්සේ නමක් ඔහුගේ හෙල්ල තුළ තබනු ලැබුයේ වාසනාව හා ආශිර්වාදය ලබා ගැනීම පිණිසයි. මේ සියල්ලටම අමතරව තම පියා විසින් රටේ සෑම කොනකින්ම බඳවා ගෙන පුහුණු කරන ලද ඉතා ප්‍රසිද්ධ දස මහා යෝධයින්ද රජු සමග ගමන් ගත්හ. නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝන, ථෙරපුත්තාභය, ගෝඨාභය, බරණ, වසභ, වේලුසුමන, සහ පුස්සදේව ඒ යෝධයෝ වූහ. යුධ ව්‍යාපාරයෙන් දුටුගැමුණු උතුරේ දෙමළ පාලකයින් කීප දෙනෙක් යටත් කළේය. (මහාවංශයේ කියන්නේ මෙය 32 ක් තරම් පිරිසක් බවයි) විශේෂ කරුණක් වූයේ නගරය මාස 4 ක් මුළුල්ලේ වට කරගෙන සිටීමයි. මෙහිදී දෙමළ හමුදා තමන්ගේ ආරක්ෂාව සඳහා උණු ලෝදිය සහ උණු කරන ලද තාර දුටු ගැමුණුගේ හමුදාවේ ඇතුන් බිය කිරිම සඳහා පාවිච්චි කළ බව කියැවේ. මේ කාලයේදීම ඔහු රන් එතනා නම් එක් ගම් ප්‍රධානියෙකුගේ දියණිය විවාහ කර ගත්තේය. එම ප්‍රධානියා එළාර රජුට කප්පම් ගෙවමින් සිටි තැනැත්තෙකි. අඩු ගණනේ අවස්ථා දෙකකදී රජුගේ බුද්ධිමත් සහ නිර්භීත ඇතාට ජයග්‍රහනයේ ගෞරවය ලැබිය යුතුව තිබුණි. යුද්ධයේ උච්චතම අවස්ථාව එළඹුනේ අනුරාධපුර නගරයේ නැගෙනහිර දොරටුව අසලදීය. එහිදී දුටු ගැමුණු කණ්ඩුල ඇතා පිට ද වියපත් එළාර ඔහුගේ ඇතා වන මහාපබ්බත ඇතු පිටද සිට දෙදෙනා අවසානයේ සටනට අවතීර්ණ වූහ. දුටු ගැමුණු හෙල්ලකින් ඇන එළාර මරා දැමුවේය. මෙම සටන ලංකා ඉතිහාසයේ වීර ප්‍රසිද්ධ සටන් වලින් එකකි. ඔහු අනුරාධපුරයේදී ලත් ජයග්‍රහණය හේතුවෙන් ලංකාව සම්පූර්ණයෙන්ම වාගේ පාලනය කිරීමට පෙර නොවූ විරූ තත්වයක් දුටු ගැමුණුට ලැබුණි. ඔහු ජයග්‍රහණය ලැබුවද එතෙක් දුටු ගැමුණුට තිබුණු ගැටළු අවසාන නොවීය. එළාර රජු දකුණු ඉන්දියාවේ චෝල රජෙකු වුවද ඔහු ඉතා සාධාරණ රජෙකු ලෙස නම් දරා සිටියේය. මේ නිසා දුටු ගැමුණු තම සාමාන්‍ය ක්‍රියා කලාපයෙන් බැහැරව මිය ගිය රජුට උපහාර පිදීමේ අරමුණින් එළාර රජු ආදාහනය කොට භෂ්මාවශේෂ ගෙන සොහොනක් කරවූයේය. තවද එම ස්ථානය පසු කර යන්නන්ට සොහොනට ගරු කොට යා යුතු බවට නියෝග පැනවීය. තව දුරටත් කියතොත් ඔහු විශාල ජයග්‍රහණයක් ලත් නමුත් සතුටක් නොලැබුවේ යුද්ධයේදී සිදුවුණු විශාල මිනිස් සංහාරය මෙනෙහි වීම හේතුවෙනි. වංශකතාවල විස්තර කෙරෙන පරිදි ඔහු විසින් කරවන ලද පූජ්‍ය ස්ථාන කොතරම්දැයි ඒවායේ අත්තිවාරම් සංඛ්‍යාවෙන් පැහැදිලිවේ. ඒවාට මහා ස්ථූප සංඝාරාම සහ පූජනීය ස්ථානද ඇතුළත්ය.
|
ACADEMIC
|
චිත්‍රාගාරයක් යනු චිත්‍රපට නිර්මාණය සඳහා සකස් කළ පාලිත පරිසරයකි. මෙම පරිසරයට අභ්‍යන්තර (ශබ්ද වේදිකාව), බාහිර (පසුපස ප්‍රදේශය) හෝ එම ද්විත්වයම අයත් විය හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේදී චිත්‍රාගාරය යන යෙදුම චිත්‍රපට නිෂ්පාදක ආයතන හැඳින්වීමට ද භාවිතා කෙරෙයි. මීට ප්‍රධාන හේතුව වුයේ හොලිවුඩයේ ස්වර්ණමය අවධියේදී (1920 දශකයේ අග භාගයේ සිට 1940 දශකයේ අගභාගය දක්වා) ප්‍රමුඛ පෙළේ චිත්‍රපට නිෂ්පාදන ආයතන සතුව ඔවුන්ගේම චිත්‍රාගාර පැවතීමයි. වර්තමානයේද ඇතැම් නිෂ්පාදන ආයතන සතුව චිත්‍රාගාර පවතී. කෙසේ නමුත් සමස්තයක් ලෙස ලෝකය සම්බන්ධයෙන් ගත් කල (එක්සත් ජනපදයේ පවා) බොහෝ චිත්‍රපට නිෂ්පාදක ආයතන කිසිදිනෙක තමන්ට අයත් චිත්‍රාගාර පවත්වාගෙන ගොස් නැත. ඒ වෙනුවට ඔවුහු ස්වාධීන අයිතිය සහිත ස්ථාන කුලියට ගෙන සිය නිර්මාණ සිදු කර ඇත. බොහෝ විට මෙම ස්ථාන අයත් පුද්ගලයින්ම විසින් තමන්ගේම චිත්‍රපට නිපදවීම සිදු නොකරති. සටහන්[සංස්කරණය] Film_studio
|
ACADEMIC
|
ද පොයිසන් කිචන් හෙවත් වස කුස්සිය යනු, 1933 දී හිට්ලර් ජර්මනියේ බලයට පැමිණීමට ප්‍රථම, හිට්ලර්ව ඉතා තදින් විවේචනය කරමින් ඔහු පිළිබඳ ඉතාමත් සෘණාත්මක විමර්ශනාත්මක හෙළිදරව්වන් මාලාවක්, 1920 ගණන් වලදී හා 1930 ගණන්වල මුල් භාගයෙහිදී ප්‍රකාශයට පත් කල, ද මියුනික් පෝස්ට් නම්වූ බැවේරියානු පුවත්පතක පත්‍ර කලාවේදීන්කණ්ඩායමක් හැඳින්වීමට ඇඩොල්ෆ් හිට්ලර් විසින් භාවිතා කල පදයයි. [1] The newspaper had been founded by the Bavarian Social Democratic party, and its initial opposition to Hitler was based on ideological grounds, but quickly acquired a personal dimension both for the journalists involved and for Hitler himself. Ron Rosenbaum writes in his 1998 book about The Poison Kitchen: "Their duel with Hitler lasted a dozen years and produced some of the sharpest, most penetrating insights into his character, his mind and method, then or since. Much of their work has been forgotten, but not much has been surpassed. And, as the name Poison Kitchen suggests, they succeeded in getting under Hitler's skin ...."[2] The Poison Kitchen group became one of the few early warning voices regarding the dangers posed by the rise of the Nazi party, although their warnings went largely unheeded at the time. When Hitler finally came to power in 1933, The Munich Post offices were subject to a final ransacking by the S.A. on March 9, 1933 and all the members of the paper "disappeared" without a trace. [1] The very street address was stricken from the map and remains so to this day. The Poison Kitchen group included Martin Gruber, Erhard Auer, Edmund Goldschagg, and Julius Zerfass, and others. ආශ්‍රිත[සංස්කරණය] ↑ Ron Rosenbaum. Explaining Hitler: The Search for the Origins of His Evil. Random House. 1998. ISBN 9780679431510 ↑ Excerpts: Explaining Hitler: The Search for the Origins of His Evil. Columbia Journalism Review. Sep/Oct 1998. Accessed July 5, 2008. අමතර මූලාශ්‍රයන්[සංස්කරණය] History of the Poison Kitchen Holocaust Chronical Article on the Poison Kitchen Racism: power and the press Explaining Hitler : The Search for the Origins of His Evil (ISBN 0-06-095339-X) An Excerpt from the Above book on the Random House website
|
ACADEMIC
|
බොහොමයක් CPU හා අනුක්‍රමික තාර්කික උපාංග ස්වභාවයෙන්ම සමමුහුර්තිත වේ. එනම් ඒවා නිර්මාණය කර ඇත්තේ සමමුහුර්ත කරණ සංඥාවක් පිළිබඳ උපකල්පනයක් මත ධාවනය වන ලෙසයි. ස්පන්ද සංඥාව ලෙස හඳුන්වන මෙය සාමාන්‍යයෙන් ආවර්තිත හතරැස් සංඥාවක ආකාර ගනී. CPU හි බොහොමයක් පරිපථවල විවිධ අංශවල විද්‍යුත් සංඥාව චලනය වන උපරිම කාලය ගණනය කිරීමෙන්, CPU සැලසුම්කරුවන්ට ස්පන්ද සංඥාව සඳහා සුදුසු ආවර්තය තෝරා ගත හැක. මෙම ආවර්තය අන්ත බරපතල අවස්ථාවලදී සංඥාවට යෑමට හෝ ව්‍යාප්ත වීමට ගතවන කාලයට වඩා වැඩි විය යුතුයි. අන්ත තත්වයේ ව්‍යාප්ති සීමාවට වඩා සැලකිය යුතු තරම් වැඩි අගයකට ස්පන්ද ආවර්තය සකස් කිරීමෙන් මුලු CPU එක හා උස පහත් වන සප්න්ද සංඥාවේ මුළු අවට දී එය දත්ත හසුරවන ආකාරය නිර්මාණය කළ හැකි වේ. විශේෂිතවම මෙහි දී සැලසුම් කිරීමේ අංශයෙන් හා සංරචක ගැනුම් අංශයෙන් යන අංශ දෙකේම CPU සරල වීමේ වාසිය ලැබේ. කෙසේ නමුත් මෙහි අවාසියක් වන්නේ CPU හි සමහරක් අවයව වලට වඩා වේගයෙන් ක්‍රියා කළ හැකි වුවත් මුලු CPU ට එහි මන්දගාමීව අවයවය තෙක් බලා සිටිය යුතු වීමයි. මෙම සීමා කිරීම් CPU අනුවර්තීවාදය ඉහල නැංවීමේ විවිධ ක්‍රම මඟින් විශාල ලෙස හානි පූර්ණයට ලක් වේ.(පහත බලන්න) කෙසේ නමුත් නිර්මිත දියුණු වීම් පමණක්, විශ්වීයම සමමූර්තිත CPU වල සියලු දුබලතා නිරාකරණය නොකරයි. උදාහරණයක් ලෙස ස්පන්ද සංඥාවක් අනෙක් ඕනෑම විද්‍යුත් සංඥාවක පමාවට හේතු වේ. සංකීර්ණ CPU වල අධි ස්පන්ධ සීඝ්‍රතා , මුළු ඒකකය පුරාම ස්පන්ද සංඥාව කලාවේ (සමමූර්තිත) පිහිටුවා ගැනීම අපහසු කරවයි. මෙය CPU හි දෝශ ක්‍රියාකාරීත්වයට ප්‍රමාණවත් වන තනි සංඥාවක ප්‍රමාද වීම වැළැක්වීම සඳහා සමාන බහු ස්පන්ද සංඥා ඇති කරවීමට බොහොමයක් නූතන CPU මෙහෙය වීය. ස්පන්ද සීඝ්‍රතාව වැඩි වීමේ තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ CPU මඟින් උත්පාදනය වන තාප ප්‍රමාණයයි. නිතර වෙනස් වන ස්පන්ද, බොහොමයක් උපාංග ඒවා ඒ අවස්ථාවේ දී භාවිතා වේ ද යන්න නොසලකා ක්‍රියාත්මක වීමට සලස්වයි. සාමාන්‍යයෙන් ක්‍රියාත්මක උපාංගයක් එය ස්ථිතික අවස්ථාවේ ඇති විට දී ට වඩා වැඩි ශක්තියක් භාවිතා කරයි. එම නිසා ස්පන්ද සීඝ්‍රතාව වැඩි වීමත් සමඟ CPU තාප විමෝචනය ද වැඩි වන අතර එම නිසා වඩා කාර්යක්ෂම සිසිලන පද්ධතියක් අවශ්‍ය වේ. අනවශ්‍ය උපාංග ක්‍රියාත්මක වීම වැළැක්වීමේ එක් ක්‍රමයක් ස්පන්ද ද්වාරකරණය (clock gating) ලෙස හඳුන්වයි. එහි දී සිදු කෙරෙනුයේ අනවශ්‍ය උපාංගවලට ස්පන්ද සංඥාව කපා හැරීමයි. (වඩාත් නිරවද්‍යව ඒවා ක්‍රියා විරහිත කිරීම) කෙසේ නමුත් මෙය ක්‍රියාත්මක කිරීමට අපහසු ලෙස සැලකෙන නිසා ඉතා අඩු බල සැලසුම්වල හැර පොදු භාවිතයේ දක්නට නැත. විශ්ව ස්පන්ද සංඥාවේ සමහරක් ගැටලුවලට විසඳුම් සෙවීමේ තවත් ක්‍රමයක් වනනේ සියල්ල සමඟම ස්පන්ද සංඥාව ඉවත් කිරීමයි. ස්පන්ද සංඥාව ඉවත් කිරීම සැලසුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන නමුත් අසමකාලික (asynchronous) නිර්මාණ (හෝ ස්පන්ද රහිත) ඒ හා සමාන සමමූහුර්තිත නිර්මාණ හා සැලකීමේ දී ජව භාවිතයේ දී හා තාප විමෝචනයේ දී වාසි ගෙන දේ. යම් තාක් දුරකට නොගැලපෙන වුවත්, ස්පන්ද සංඥාවකින් තොරව සම්පූර්ණ CPU පවා නිර්මාණය කර ඇත. මේ සඳහා උදාහරණ දෙකක් වන්නේ ARM ට අනුකූල AMULET හා MIPS R3000 සමඟ ගැලපෙන මිනි MIPS ය. සමහරක CPU සැලසුම් ස්පන්ද සංඥාව සම්පූර්ණයෙන් ඉවත් කරනු වෙනුවට , අංක ගණිතමය කාර්යඵල ලාභ ලබා ගැනීමට සුපිරි ගණයේ පයිප් ලයින් සමඟ අසමකාලික ALU යොදා ගැනීම වැනි, CPU හි යම් කොටස්වල උපාංග පමණක් අසමකාලික කිරීම සිදු කරයි. සම්පූර්ණව අසමකාලික සැලසුම්වලට ඒවාට අනුරූප සමමුහුර්තිත සැලසුම්වලට සමානව හෝ ඊට වඩා හොඳින් ක්‍රියා කළ හැකිය යන්න සම්පූර්ණයෙන් පැහැදිලි නැති වුවත් අවම තරමින් සරල ගණිත ක්‍රියාවලිවල දී වඩා උසස් වන බවට සාක්ෂි ඇත. මෙය ඔවුන්ගේ අනර්ඝ ජව පරිභෝජනය හා තාප විමෝචන ගුණ සමඟ සම්බන්ධ මේවා කාවැද්දූ පරිගණක සඳහා සුදුසු බවට පත් කරයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/CPU#Clock_rate
|
ACADEMIC
|
එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා 100px කර්තෘ As of 2008, 4,411 named contributors රට (1768–1900) ස්කොට්ලන්තය (1901–2012) ඇ.එ.ජ. භාෂාව ඉංග්‍රීසි විෂයය(න්) General ප්‍රභේදය(න්) Reference encyclopaedia ප්‍රකාශක Encyclopædia Britannica, Inc. Official site ප්‍රකාශිත දිනය 1768–2012 (මුද්‍රිත පොත) මාධ්‍ය වර්ගය As of 2008, 32 volumes (hardbound) ISBN ISBN 1-59339-292-3 OCLC අංකය 71783328
|
ACADEMIC
|
පටුන 1 ශ්‍රේෂ්ඨාධිකරණය 1.1 බලතල 2 අභියාචනාධිකරණය 2.1 බලතල 3 පළාත් බද මහාධිකරණය 3.1 බලතල 4 මහාධිකරණය 4.1 බලතල 5 දිසා අධිකරණය 5.1 බලතල 6 මහේස්ත්‍රාත් අධිකරණය 7 ප්‍රාථමික අධිකරණය 7.1 බලතල 8 අදාළ මූලාශ්‍ර 9 මේ අඩවිත් බලන්න ශ්‍රේෂ්ඨාධිකරණය[සංස්කරණය] ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක වන උත්තරීතර සහ අවසානාත්මක අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වේ.එහි ප්‍රධානියා අගවිනිසුරුය.අගවිනිසුරු ඇතුළු අනෙකුත් විනිසුරු මඩුල්ල නිර්දේශ කිරීම සහ පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබේ.18 වන සංශෝධනයට පෙර අගවිනිසුරු සහ ශේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවේ අනුමැතිය අවශය විය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 18 වන සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පත් කරන ලදි. එනිසා වර්තමානයේ අග්‍රවිනිෂ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරු පත් කිරීම ජනපති විසින් සිදු කිරීමේ දී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ සලකා බැලීම පමණක් සිදු කරනු ලබයි. නමුත් පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ වලින් ජනාධිපතිවරයා බැදී නොසිටී.අගවිනිසුරු ඇතුළු විනිසුරුවරු 6 කට නොඅඩු සහ 10 කට නොවැඩි සංඛ්‍යාවකින් විනිසුරු මඩුල්ල සමන්විත වේ. බලතල[සංස්කරණය] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම අවසානාත්මක අභියාචනා අධිකරණ බලය ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඇති උපදේශාත්මක අධිකරණ බලය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධ නඩුකර විභාග කිරීම ජනාධිපතිවරණ හා ජනමතවිචාරණ ඡන්ද පෙත්සම් විභාග කිරීමේ බලය විශේෂ අවස්ථාවන්හි රිට් ආඥා නිකුත් කිරීමේ බලය අභියාචනාධිකරණය[සංස්කරණය] ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක වන දෙවන ජ්‍යෙෂ්ඨතම උසාවියයි. මෙහි ප්‍රධානියා අභියාචනාධිකරණ සභාපතිය.උපරිම 12 සහ අවම 7 වශයෙන් විනිසුරු මඩුල්ල සමන්විත වේ. බලතල[සංස්කරණය] අභියාචනා අධිකරණ බලය ප්‍රතිශෝධන අධිකරණ බලය රිට් (writ) ආඥා නිකුත් කිරීමේ බලය මහමැතිවරණ ඡන්ද පෙත්සම් විභාග කිරීමේ බලය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩු විභාග කිරීමේ බලය පළාත් බද මහාධිකරණය[සංස්කරණය] 1988 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 13 වන සංශෝධනය මගින් මෙය පිහිටුවන ලදි. අධිකරන බලය විමධ්‍යගත කිරීම සම්බන්ධව මෙය සාර්ථක නිදසුනකි. බලතල[සංස්කරණය] පෙර අභියාචනාධිකරණය විසින් ක්‍රියාත්මක කරන ලද අභියාචනා සහ රිට් ආඥා නිකුත් කිරීමේ බලය ප්‍රාථමික හා මහේස්ත්‍රාත්අධිකරණයන්හි නඩු තීන්දු වලට එරෙහි අභියාචනා සහ ප්‍රතිශෝධන විභාග කිරීම මහාධිකරණය[සංස්කරණය] ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉහළම මුල් අවස්ථා අපරාධ අධිකරණය මෙය වේ.ජූරි සභාවක් ඉදිරියේ නඩු විභාග වන එකම අධිකරණයයි.අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය අනුව ජනාධිපති විසින් විනිසුරුවරු පත් කරනු ලබයි. බලතල[සංස්කරණය] බරපතල අපරාධ නඩු විභාග කොට දඬුවම් නියම කිරීම ජූරියක් සහිතව හෝ රහිතව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ (Trail at bar) නඩු විභාග කිරීම අද්මිරාල්ති අධිකරණ බලය ඇප නියම කිරීම් සහ හදිසි නීති රෙගුලාසි කඩකිරීම් සම්බන්ධ නඩු විභාග කිරීම දිසා අධිකරණය[සංස්කරණය] ඉහළම මුල් අවස්ථා සිවිල් අධිකරණයයි.මෙය පවුල් අධිකරණය ලෙසද හදුන්වයි. බලතල[සංස්කරණය] සියලුම සිවිල් නඩු විභාග කරයි (සිවිල්, ආදියම්, භාර අාදී වන) පවුල් ආරවුල් සම්බන්ධ නඩු විභාගය දේපළ හිමිකාරිත්වය සම්බන්ධ නඩු විභාගය බාලවයස්කරුවන් සම්බන්ධ ඉහළම භාරකරු ලෙස සැළකීම මහේස්ත්‍රාත් අධිකරණය[සංස්කරණය] මුල් අවස්ථා අපරාධ අධිකරණ බලතල ක්‍රියාත්මක කරනු ලබයි.සිවිල් නඩු විභාග කිරීමේ බලයද ඇත. නමුත් මූලිකව "අපරාධ අධිරණයක්" ලෙස හදුන්වයි. ප්‍රාථමික අධිකරණය[සංස්කරණය] මුල් අවස්ථා සුළු අපරාධ අධිකරණ බලතල හා සුළු සිවිල් අධිකරණ බලතල ක්‍රියාත්මක කරනු ලබයි. ආරවුල් හැකිතාක් දුරට සමථයට පත් කිරීමට විනිසුරුවරයා බැඳී සිටී. බලතල[සංස්කරණය] රු. 1500 ට වඩා අඩු සිවිල් නඩු විභාග කිරීම පළාත් පාලන ආයතන වල අනුනීති ක්‍රියාත්මක කිරීම 66 වගන්තිය යටතේ වන නඩු විභාගය අදාළ මූලාශ්‍ර[සංස්කරණය] ශ්‍රී ලංකාවේ නීති විද්‍යාල ප්‍රවේශ අත්පොත මේ අඩවිත් බලන්න[සංස්කරණය] නීතිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ජාත්‍යන්තර අපරාධ අධිකරණය
|
ACADEMIC
|
මාධ්‍යයේ මානව විද්යාේව මාධ්‍යයේ මානව විද්යායව (ජනමාධ්‍ය පිලිබඳ මානව විද්යායව, මාධ්‍ය මානව විද්යාව) වූ කලි නිෂ්පාදකයින් පේ්ිරක්‍ෂකයින් සහ ජනමාධ්‍යයේ වෙනත් සංස්කෘතිකමය හා සමාජීය පැතිකඩවල් තේරුම්ගැනීමේ මාර්ගයක් ලෙස මානව වංශ අධ්‍යනයන් වැදගත් ලෙස සලකන්නාවූ සමාජීය හෝ සංස්කෘතික මානව විද්යා ත්මක අධ්‍යයන කලාපයකි. විධික්ාරමය මාධ්‍යයේ මානව විද්යාකවේ සුවිශේෂීත්වය වන්නේ එහිදී මානව වංශ ලේඛයන් යොදාගැනීමයි. මධ්‍ය අධ්‍යනයන් තුල මාධ්‍ය මානවවංශ ලේඛයන් කෙරෙහි වන අවධානය වැඩිවෙමින් පවතී. කෙසේ වෙතත් මෙහිදී මානව වංශ ලේඛයන් කෙරෙහි මානව විද්යාවත්මක ප්ඩරවේශයන් වන සහභාගීත්ව නිරීක්‍ෂණය සහ දීඝ කාලීන ක්ෂේත්යර අධ්‍යනයන් ආදිය අනුගමනය නොකෙරේ. මේ වෙනස්කම් හේතුකොටගෙන මාධ්‍ය කෙරෙහි උනන්දුවක් දක්වන මානව විද්යාආඥයෝ තමන්ව දකින්නේ මාධ්‍ය අධ්‍යනයන් සහ සංස්කෘතික අධ්‍යනයන්හි මානව වංශ ලේඛ ප්නරවේශයක් අනුගමනය කරන උපක්ෂේත්ෙරයක් ලෙසිනි. න්‍යාය වෙනත් බලපෑම් අතරේ වුවද මාධ්‍යයේ මානව විද්යානව තරමක්දුරට අන්තර් දැනුම් පද්ධතිමය එකකි. මාධ්‍ය පිලිබඳ මානව විද්යාමව යොදාගනු ලබන න්‍යායන් ව්‍යවහාරික ප්ේරවේශයන්ගේ සිට පියරේ බෝර්ඩියෝගේ න්‍යායන් දක්වා මෙන්ම නව තාක්‍ෂණයන් හා පරිචයන් අනුයෝජනය හා අනුවර්තනය පිලිබඳව වන සංවාදයන් දක්වා දිවෙයි. එමෙන්ම ද්‍රෘෂ්‍යමය මානව විද්යා ව සහ චිත් රපට න්‍යාය මෙන්ම ශාන්තිකර්ම හා ප්යරාසාංගික අධ්‍යනයන් (උදා. නැටුම් හා නාට්‍ය) යනාදී න්‍යායන්ගෙන්ද එය වෙත න්‍යායාත්මක ප්ෂරවේශයන් ලබාගෙන ඇත. එමෙන්ම පරිභෝජනය මාධ්‍ය අධ්‍යනයන්හි පේ්නරක්‍ෂකාගාරයේ ප්නරතිග්්‍රහනය, නව මාධ්‍ය සහ ජාලකරණ න්‍යායන්, ගෝලීයකරණය පිලිබඳ න්‍යායන්, ජාත්‍යන්තර සිවිල් සමාජය පිලිබඳ න්‍යායන් සහ සහභාගීත්ව සන්නිවේදනය පිලිබඳ සංවාදයන් මෙන්ම සංවර්ධන අධ්‍යනයේ පාලනය යන සංකල්පයන්ද න්‍යායිකව මාධ්‍යයේ මානව විද්යා්ව කෙරෙහි බලපෑම් සහගතවී ඇත.
|
ACADEMIC
|
පුරාතන යුගයෙහි ගණිතඥයන් අතර ආකිමීඩිස් ශ්‍රේෂ්ඨතමයෙක් විය. ලියොනාඩ් ඉයුලර් ශ්‍රේෂ්ඨතම ගණිතඥයන් අතුරින් එකෙකු ලෙසින් පුළුල් ලෙසින් සැලකෙයි. ගණිතඥයෙකු යනු ප්‍රාථමික අධ්‍යයන ක්ෂේත්‍රය ගණිතය වන්නාවූ පුද්ගලයෙකි.
|
ACADEMIC
|
ක්‍රොඒෂියා සමූහාණ්ඩුව අගනුවර සහ විශාලම නගරය - සැග්‍රිබ් 450481 N160 O1 E රාජ්‍ය භාෂාව - ක්‍රෝටියන් රාජ්‍යය - පාර්ලිමේන්තු සමූහාණ්ඩුව ජනාධිපති - අයිවෝ ජොසිපොවික් අගමැති - ජඩ්‍රැන්කා කොසෝර් පාර්ලිමේන්තු සභාපති - ලුකා බේබික් ස්ථාපිත කිරීම - නිදහස් රාජධානිය - 925 වර්‍ග ප්‍රමාණය - එකතුව - 56,594 Km2 (126th) 21,851 5q mi ජලය (%) - 1.09 ජනගහණය - 2009 තක්සේරුව - 4,489,409(1) (122nd) 2001 ජන සංඛ්‍යාතය - 4,437,460(2) ඝනත්වය -81/Km2(115th) 208/5q mi GDP (ppp) - 2008 තක්සේරුව එකතුව - $ 82.407 බිලියන(3) සාමාන්‍ය - $ 18, 576(3) GDP (සාමාන්‍ය) . 2008 තක්සේරුව එකතුව - $ 69.357 බිලියන(3) සාමාන්‍ය - $ 15,633(3) ගිනි (2008) - 29 (පහළ) HDI (2007) - 0.871(4) (ඉහළ) (45th) මුදල් - කුනා (HRK) කාල මණ්ඩලය - CET (UTC + 1) ග්‍රීෂ්ම සෘතුව (DST) - CEST (VTC + 2) මං තීරැව - දකුණ අන්තර්ජාල TLD - .hr දුරකථන සංක්ත - 385 ක්‍රොඒෂියා නිලවශයෙන් ක්‍රොඒෂියා සමූහාණ්ඩුව මධ්‍යම හා ගිණිකොන යුරෝපය, පැනෝනියන් බිම් බොල්තන්ස් සහ ඇඩ්රියාත්ටිත් සමුද්‍රය අතර පිහිටි රටකි. අගනුවර හා විශාලතම නගරය වන්නේ සැග්රෙබ්ය. ක්‍රොඒෂියා මායිම් වන්නේ ස්ලෝවෙනියා, උතුරු හන්ගර්, බොස්නියා හා හර්සෙන්ගොවීනා ගිනි කොනට සර්බියා සහ නැගෙනහිර මොන්ටනෙග්රෝ වලටය. 7 වන සියවසේ පැමිණි තෝට්ස්වරුන්ගෙන් පැවත එන රට අද ක්‍රොඒෂියාව ලෙස නම් කෙරේ. ඔවුන් රාජ්‍ය අදිපාදිවරයකුගේ පදවි දෙකකට සංවිධානය කරන ලදී. පළමු රාජු වන තොමිස්ලෝව් රජු AD 925 ඔටුනු පැලදි අතර, ක්‍රොඒෂියාව රාජධානියක් දක්වා උසස් විය. ක්‍රොඒෂියානු රාජධානිය ඔවුන්ගේ බලය ශතවර්ෂ 2ක් දක්වා බල පවත්වා ගන්නා ලදී. ඔවුන්ගේ රාජධානියේ උජ්ජතම පරිච්ජේදය පීටර් ත්‍රෙස්මියර් iv හා ඩෙමිම්‍රියස් ස්වොනිමියර් රාජ්‍ය කාලයේ විය. ක්‍රොඒෂියා හන්ගරි සමග 1102 දී සම්මුතියකට එලබිය. 1526දී ක්‍රොඒෂියානු පාර්ලිමේන්තුව හැබ්ස්බර්ග් තුළින් ෆර්ඩිනැන්ඩ් ක්‍රොඒෂියානු ඔටුන්නට තෝරා පත් කර ගත්හ.
|
ACADEMIC
|
නර්තන සිද්ධාන්තය නව හැඳින්විමක් වන අතර, එය සංගීත සිද්ධාන්ත හා සමානව නර්තනයේ ස්වභාවය හා යාන්ත්‍රණය විස්තර කරයි. සංගීතකරණයේ දී කරනු ලබන්නේ නර්තනයේ එක හා සමාන යුගල හා ඒවාට ගැලපෙන සංගීත නිර්මාණය කිරිමයි. සංගීත සිද්ධාන්ත ගැඹුරින් විස්තර කරනුයේ, නර්තනයේ මුලාරම්භ, ශෛලීය, පාද ක්‍රියාකාරිත්වය හා කුසලතා නිරූපනයයි. නර්තන සිද්ධාන්ත සඳහා කායික චලනයන්, සහකරුවන්ගේ අන්‍යොනය සබඳතා හා සංගීතයේ රිද්මය බලපායි. එමඟින් ගවේෂණය කරනුයේ, සන්නිවේදනය, කායික, මානසික, භාවාත්මක හා නර්තනයේ කලාත්මක ලක්ෂණ මානව හැඟීම් හා අන්තර්ක්‍රියා මාධ්‍යයක් ලෙස නර්තනය තුලින් විදහා දැක්විමයි. මෙසේ කරන විට සියුම් වූ වෙනස්කම් නර්තනය තුළින් ප්‍රභේද හා විලාශයන් මෙන්ම ඔවුන්ගේ සමාජ පසුබිම හා සංස්කෘතිය විශ්ලේෂණය කෙරේ. නර්තන සංස්කෘතිය සෑම තැනම ඇති මුලධාතුවකි. නර්තනයේ සිද්ධාන්තය නර්තනයේ ස්වාභාවය සහ විවිධ චලනයන් ස්වභාවිකව හෝ පෙළඹීමකින් විදහා දැක්වීමක් කෙරෙයි. සටහන්[සංස්කරණය] Dance theory
|
ACADEMIC
|
නිල වෙදකම ශරීරයේ නිල තෙරපා රෝග වලට ප්‍රථිකාර කරයි. අංගම්පොර ශාස්ත්‍රයට සම්බන්ධ නිල හා මරු නිල මෙම වෙදකමත් සමඟ අත්‍යන්තව ප්‍රතිබද්ධ වී පවතියි. නිල වෙදකම භාවිතයෙන් ශරීරයේ නිදන්ගත රෝග පවා සුවකිරීමේ හැකියාවක් දක්ෂ අංගම් ශිල්පියෙකුට ඇත. යොදාගන්නා වෛද්‍ය ක්‍රම[සංස්කරණය] හෙළ වෙදකමේ චීන වෙදකම
|
ACADEMIC
|
ගෞතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් 2555 වන වසරයි. 2600 සම්බුද්ධත්ව ජයන්තිය මෙම වසරේදී සමරණ ලදී.
|
ACADEMIC
|
මෙම ලිපියට විකිපීඩියාවේ ප්‍රමිතීන් සපුරාලීමට තවත් ලිපිවල සබැඳුම් අවශ්‍යයි . මෙය දියුණු කිරීමට මෙහි අඩංගු තොරතුරු අනුව මීට සම්බන්‍ධ සබැඳුම් එක් කිරීමෙන් ඔබට සහාය විය හැක. (අගෝස්තු 2011) මෙම ලිපියට අදාල විශය පිලිබඳ ප්‍රවීණයෙකුගේ අවධානය අවශ්‍ය යි. වැඩි විස්තර සඳහා සාකච්ඡා පිටුව බලන්න. විකිව්‍යාපෘතියක් සමග මෙම අයැදුම සම්බන්ද කිරීම සලකා බලන්න. (අගෝස්තු 2011) මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය මහජනපද ලිපියේ ඡේදයක් ලෙස පැවතිම සහ මෙම අන්තර්ගතය එහි අඩංගු බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. %E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%5B%5B%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AF%5D%5D+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%91%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92.NA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ Salin813 (දායකත්ව| ලඝු) විසින් 3 වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|චෙඩි රාජධානිය|header=1|මෙම ලිපිය මහජනපද ලිපියේ ඡේදයක් ලෙස පැවතිම සහ මෙම අන්තර්ගතය එහි අඩංගු බැවිනි.}} ~~~~ චෙඩ් රාජධානිය යනු මුල් කාලයේ පෞරාව රජවරැන් විසින් ද පසුකාලීනව යදව් රජවරැන් විසින් ද පාලනය කරන ලද මධ්‍ය හා බටහිර ඉන්දීය රාජධානි වලින් එකකි. එය දල වශයෙන් මධ්‍ය ප්‍රදේශ හි බුන්දල් කාන්ද් ප්‍රදේශයේ සිට යමුනා නදියේ දකුණු ප්‍රදේශයේ දක්වාත් බෙත්වා හෙවත් වෙන්රාමකී නදිය ඔස්සෙන් පැතිරි පවතී. මෙම චෙඩ් රාජ්‍යය පාලනය කරන ලද්දේ මගධ දේශයේ ජානිසන්ධගේ මිතුරකු වන සිසුපාල හා කුරැ දේශයේ දුර්වෝධක යන රජවරැන්ට. ඔහු ඔහුගේ මයිලනුවන්ග් පුත්තු වු වාසුදේව ක්‍රිෂණන්ගේ එදිරිවාදියෙක් විය. යුධිස්ථිර නම් වූ පාණ්ඩය රජුගේ රජසුව බිලි පුජාවේ දී වාසුදේව ක්‍රිෂ්ණන් විසින් සිසුපාලයන් මරණයට පත්කරන ලදි. හීමගේ භාරයාව චෙඩ් රාජ්‍යයේ වැසියෙකි. වචඩ් හි අගනුරව ලෙස සදහන් වනුයේ සුක්කිමතී නම් වු නගරයයි. කුරැක්ෂේත්‍ර යුද්ධයේ දී කැපී පෙනන චෙඩ් ශුරයන් සෙ ධාමපොරෂ, සිසුපාල, දෘෂ්ඨයකේතු , සුකේතු, සරභ, භීමගේ බිරිද, කකුලේ බිරිද, කරෙනුමති, දෘෂ්ඨකේතුගේ පුතුන් යන අය ඇතුලත් ය. අනෙකුත් ප්‍රසිද්ධ චෙඩ් වැසියන් ලෙස උපරිචාර වාසු රජු, ඔහුගෙ දරැවන්, සුවානු රජු, සහජ රජු යන අය ඇතුලත් ය.
|
ACADEMIC
|
ඉන්කා කබාය ස්මාරක ගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය] සිය ගෘහ නිර්මාණ ශිල්පයේ උච්චතම අවස්ථාවේ පැවති මෝස්තර මැටි භාණ්ඩවල සහ රෙදිපිළිවල පිළිබිඹු කළ ඉන්කා කලා ශිල්පයන්හි බොහෝදුරට ඉතාමත් වැදගත් වුයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. ඉන් ප්‍රධානතම උදාහරණය වනුයේ ප්‍රධාන නගරය වන ‘කුස්කෝ’ ය. ‘මාචු-පීචු’ හි සිත් ඇදගන්නා දර්ශණය නිර්මාණය කරනු ලැබුයේ ඉන්කා ඉන්ගිනේරුවන් විසිනි. ඉන්කාවරුන් ඉදිකළ ගල් විහාරවල ගඩොල්වලින් තොර නිර්මාණ ක්‍රමයක් යොදාගත් අතර ඒවා එකිනෙකට කෙතරම් හොනදීන් සම්බන්ධ වී ද යත් ඒවායේ ගල් අතරින් පිහිතලයක් ඇතුළුකිරිමට වුව ද නොහැකිය. මෙම ක්‍රියාවලිය ප්‍රථමයෙන් මහා පරිමාණයෙන් යොදාගනු ලැබුයේ ටිටිකාකා විලෙන් දකුණෙහි පුකාරා (ක්‍රි.පු_ 300 සිට ක්‍රි. වර්ෂ 300 දක්වා) හි විසු ජනතාව විසිනි. පසු කාලයේ දී දැනු බොලිවියාව ලෙස හැදින්වෙන ටිවානකු (ක්‍රි.ව 400-1100) නම් මහා නගරයෙහි ද එය යොදාගෙන ඇත. නිර්මාණයෙහි දී යොදාගත් ගල් එකිනෙකට නිශ්චිතවම සවිවීම සදහා කැටයම් කරන ලද අතර එය සිදු කරන ලද්දේ එක් ගලක් තවත් ගලක් මතට පුන පුනා පහත හෙළමින් දුවිලි එකතු වී තිබුණු පහත පිහිටි ගල මතුයෙහි කොටස් කපා ඉවත් කිරිමෙනි. දැඩි ලෙස එකිනෙකට බැඳීම හා පහත පිහිටි ගල්වල අවතල භාවය ඒවා අසාමාන්‍ය ලෙස ස්ථාවර කිරිමට සමත් විය. පිඟන් කර්මාන්තය, වටිනා ලෝහමය කෘතින් හා රෙදිපිළි[සංස්කරණය] අධිරාජ්‍යය තුළ සියළුම රන් හා රිදී කෘතින් ආක්‍රමණිකයන් විසින් ද්‍රව බවට පත් කරන ලදී. පිඟන් භාණ්ඩ කුරුල්ලන්, තරංග, බළල් වර්ගයන් හා ජ්‍යාමිතික හැඩ රූ වැනි විවිධ මෝස්තර යොදා පින්තාරු කළහ. ඒ අතරින් ඉතාම කැපී පෙනන ඉන්කා පිඟන් භාණ්ඩයන් වනුයේ කුස්කෝ බෝතල හෝ ‘ඇරිබලෝස්’ ය. මෙම භාණ්ඩ බොහෝමයක් ලීමා හි ලාකෝ පුරාවිද්‍යාත්මක කෞතුකාගාරයේ සහ පුරාවිද්‍යාව, මානව විද්‍යාව හා ඉතිහාසය පිළිබද ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සදහා තබා ඇත. සටහන්[සංස්කරණය] |Incas - Arts and technology |-
|
ACADEMIC
|
භූ ගෝලීය සාධක[සංස්කරණය] විශාල ගොවිපලවල දක්නට ලැබෙන්නේ බොහෝ මහාද්වීපවල මධ්‍ය නිරක්ෂ ප්‍රදේශවලයි. මෙම වගා ක්‍රමයේ ස්වභාවය නම් එයට අවශ්‍යවන්නේ සුළු වර්ෂාපතනයක් වීමය. අවශ්‍යතාවය මත වගාවන් සහ එඬේර ක්‍රියාකාරකම් අනුව මූලික බෙදීම් කෙරුණ ද වර්ෂාපතනය, වැවිලිවල ස්වභාවය සහ ප්‍රදේශයේ කෘෂි ක්‍රියාකාරකම් සහ වෙනත් කාරණා මත තව දුරටත් උප බෙදීම් කළ හැක. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Extensive_farming
|
ACADEMIC
|
මෙම ලිපිය මානව වර්ධනයේ අවස්ථා පිළිබඳවය. අනෙකුත් සත්ත්ව විශේෂයන් සඳහා, භ්‍රෑණය(ජීව විද්‍යාව) බලන්න. අනෙකුත් භාවිතයන් සඳහා, භ්‍රෑණය(වක්‍රෝත්තිහරණය) බලන්න. "උල්ඛයෙහි බහා ලන, ලද අට සති පමණ වියැති භ්‍රෑණයක්", ග්‍රේස් ඇනටමි වෙතින්. වැදෑමහ කොටසක්, මෙම රූපයෙහි පහළින්ම පෙනෙන්නට ඇති අතර, උල්ඛය භ්‍රෑණය ඉක්මවමින් ඉහළින් පවතියි. [1] භ්‍රෑණයක් යනු වර්ධනය වෙමින් පවතින, කළලමය අවස්ථාවට පසුව හා උපතට පෙර පවතින, ක්ෂීරපායියෙකු හෝ වෙනත් ජලාබුජ පෘෂ්ඨවංශිකයෙකු වේ. මානවයයන්ගේ, ප්‍රාග්-ප්‍රසව වර්ධනයෙහි අවසන් අදියරයන් වන භ්‍රෑණ අවස්ථාව , සංසේචනයට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා ඉන්ද්‍රියය පද්ධතියන් නිර්මාණය වීමෙන් අනතුරුව ඇරඹී, [2] උපත දක්වා පවතියි.[3] වර්ධනය[සංස්කරණය] මූලික ලිපිය: ප්‍රාග්-ප්‍රසව වර්ධනය ලෙනාඩෝ ඩා වින්සිගේ "ගර්භයක පිහිටි භ්‍රෑණයක් දිස්වන අයුරු" නමැති, එකතුවෙන් චිත්‍රයක්. භ්‍රෑණ අවස්ථාව ඇරඹෙනුයේ සංසේචනයෙන් සති අටකට පමණ පසුවය. පාරිසරික නිරාවරණයන් නිසා හානියට පත් වන තරම් වූ කළලය තරමට භ්‍රෑණය සංවේදී නොවූවද, විෂ නිරාවරණයන් නිසාවෙන් බොහෝවිට භෞතවේදීය අසාමාන්‍යතා හෝ සුළු සහජ විරූපතාවයන් හේතූභූත විය හැක. [4] ගර්භපාතය, තෙවන පාර්ශවයක් විසින් සිදුකෙරුණු ගැබ් නැසීම , හෝ ප්‍රේරිත ගබ්සාව ඇතුළු විවිධ සාධක හේතුවෙන් භ්‍රෑණයක වැඩීම අවසන් විය හැක. භ්‍රෑණ අවස්ථාව පුරාවටම, භ්‍රෑණය වැදෑමහට සම්බන්ධව පවතින්නේ පෙකණි වැල මගින් වන අතර, ඔක්සිජනිකෘත, පෝෂක-සරු රුධිරය වැදෑමහ වෙතින් භ්‍රෑණය වෙත සැපයුම හා, අනෙක් අතට ඔක්සිජනීහෘත, පෝෂක-හායිත රුධිරය වැදෑමහ වෙතට රැගෙන යෑමද එය මගින් සිදු වේ. භ්‍රෑණය වටවී ඇත්තේ උල්ඛ තරලය මගින් වන අතර, එය (අනෙකුත් කර්තව්‍යයන්ට අමතරව) විසින් මවගේ උදරය වෙතට එල්ල වන පහරවල් ලුහු කිරීම, භ්‍රෑණය නිදහස් ලෙස චලනය වීමට ඉඩ හැරීම, මාංශපේෂීමය/ඇටසැකිලිමය වර්ධනයට අනුබල දීම, සහ භ්‍රෑණය තාප හානිය සිදුවීමෙන් වැලැක්වීම සිදුකරයි. ආශ්‍රිත[සංස්කරණය] ↑ Gray, Henry and Lewis, Warren. Anatomy of the Human Body, page 57 (Lea and Febiger 1918). Via Google Books. Retrieved (2009-02-03). ↑ MedicineNet.com. මෙයද බලන්න Dictionary.com. ↑ සමහරක් බලධාරීන් කියාසිටින්නේ කළලමය අවස්ථාවන් සති හතක පමණ කාලයකට සීමා වන බවයි. බලන්න එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා: "මානවයන් විෂයයෙහි, සංසේචනයෙන් පසු පළමු සති සත හෝ අටක කාලය තුලදී ප්‍රාණියා හැඳින්වෙන්නේ කළලය වශයෙන් වන අතර ඉන්පසුව එය භ්‍රෑණය වශයෙන් හැඳින්වේ." මෙයද බලන්න ද කොලොම්බියා එන්සයික්ලොෆීඩියා (සයවන සංස්කරණය). Retrieved 2007-03-05: "බීජය සංසේචනය වී සති සතක සිට අටක කාලයක් දක්වා කාලයකට පසුව, කළලය නවජයාගේ සාමන්‍ය ස්වරූපය ගෙන සියළු ඉන්ද්‍රියයන් පිහිටා ඇති කල්හී, භ්‍රෑණ අවස්ථාව ඇරඹේ." ↑ Drews, Ulrich. Color Atlas of Embryology, page 360 (Thieme 1995).
|
ACADEMIC
|
මැදින් පසළොස්වක පෝය මැදින් මාසයේ පෝය හතරින් එකකි.මැදින් පසළොස්වක දිනයට යෙදේ. බුද්ධ චරිතය සහ මැදින් පසළොස්වක පෝය[සංස්කරණය] ගෞතම බුදුන් වහන්සේ පළමුවරට කිඹුල්වත් පුරයට වැඩම රටවල් අනුව මැදින් පසළොස්වක පොහොය[සංස්කරණය] ශ්‍රී ලංකාව: සෑම මැදින් පසළොස්වක පොහොය තිථියකටම වඩාත්ම අනුරූපී සම්මත දිනය රජයේ සහ වෙළඳ නිවාඩුවකි.
|
ACADEMIC
|
"ප්‍රත්‍යාවේක්ෂා" යනු තමන් ව්සින් අතිතයෙ කල ක්‍රියා පිලිබන්ද සිහි නුවනින් යලි සිතා බෑලිම
|
ACADEMIC
|
ව්‍යවර්තය යනු බලයක් මගින් වස්‌තුවක් යම් අක්ෂයක් හෝ ධරයක් වටා භ්‍රමණය කීරීමට අැති හැකියාවය්. ව්‍යවර්තය, බලයක ඝූර්‌නය ෙලසද හැඳින්‌විය හැක. දෘඪ වස්‌තුවක ව්‍යවර්තයක් යෙදූ විට එය භ්‍රමණය කීරීමට හැකිය. තන්‍ය වස්‌තුවක ව්‍යවර්තයක් යෙදූ විට එහි හැඩය විකෘත කීරීමට හැකිය. උදාහරන[සංස්කරණය] දඟ පන්‌දු යවන ක්‌රිකට් ක්‌රීඩකයෙක් ව්‍යවර්තයක් යෙදා පන්‌දුව භ්‍රමණය කරවය්. කිඹුලා බනිස් නිපදවන බක්කරයෙක් (baker) පිටි පාප්පයට (dough) ව්‍යවර්තයක් යෙදූ විට එහි හැඩය වෙනස්‌වේ. අප අැනයක් තද කරීමට ඉස්කුරුප්පු නියනයකට ව්‍යවර්තයක් යොදය්
|
ACADEMIC
|
ස්පුට්නික්-2 චන්ද්‍රිකාවේ ආකෘතියක් පෘථිවිය වටා කක්ෂ ගැන්වූ දෙවන කෘත්‍රිම උපග්‍රහයා ස්පුට්නික්-2 යී. එමෙන් ම මෙය ජීවියෙකු අභ්‍යවකාශයට රැගෙන ගිය ප්‍රථම අභ්‍යවකාශ යානය ද වෙයි. ඒ ලයිකා නම් බැල්ලකි. ස්පුට්නික්-2 ගුවන් ගැන්වුණේ 1957 නොවැම්බර් 3 දා, එනම් ප්‍රථම කාත්‍රිම උපග්‍රහයා වන ස්පුට්නික්-1 ගුවන් ගන්වා මාසයකට පසු යි. සෝවියට් සංගමය ඒ වන විටත් සුනඛයන් නවදෙනෙක් R-1 හා R-5 වැනි රොකට්ටු ආධාරයෙන් ප්‍රාක්ෂේප පථවල ගුවන් ගන්වා පරීක්ෂණ ගණනාවක් පවත්වා තිබූ බැවින් සමහර අයෙක් විශ්වාස කරන පරිදි ස්පුට්නික්-2 මසක් තුළ නිර්මාණය කර අභ්‍යවකාශගැන්වූවක් නොවේ. ස්පුට්නික්-2 චන්ද්‍රිකාව සිය වාහක රොකට්ටුවේ දෙවන අවස්ථාවෙන් වෙන් වීමට සැලසුම් කර නොතිබිණ. එම නිසා අභ්‍යවකාශයේ රැඳුණු පස් මසක කාලය තුළ ස්පුට්නික්-2 පෘථිවිය වටා පරිභ්‍රමණය වූයේ වාහක රොකට්ටුව හා එකට සම්බන්ධව ය. අවාසනාවකට මෙන් මෙහි ගමන් කළ ජීවියා නැවත නිරුපද්‍රිතව නැවත පොළොවට ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකසා නොතිබුණි. තවද, 2002 වසරේ දී අනාවරණය වූ කරුණු අනුව ස්පුට්නික්-2 ගුවන් ගන්වා පැය කිහිපයක් ඇතුළත අධික උණුසුම හා ආතතිය හේතුවෙන් ලයිකා බැල්ල මිය ගොස් ඇත. මෙසේ අනාරක්ෂිතව ජීවියකු අභ්‍යවකාශ ගැන්වීම එකල මෙන් ම මෑතක දී ද සත්ත්ව හිංසන විරෝධීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. නිමැවුම[සංස්කරණය] ස්පුට්නික්-2 කේතුවක හැඩගත් මීටර් 2 ක උච්චයකින් (උසකින්) ද ආධාරක විෂ්කම්භය මීටර් 2 කින් ද යුක්ත වූ චන්ද්‍රිකාවකි. එහි ස්කන්ධය කිලෝග්රෑම් 508.3 ක් විය. මූලික වශයෙන් එකිනෙකින් වෙන්වූ කොටස් තුනකින් එය සමන්විත විය. (1) ජීවි කුටිය: ස්පුට්නික්-2 හි මධ්‍යගතය වූ මෙය වායුරෝධිත ලෙස සංමුද්‍රණය කළ හැකිවූ, ඇලුමිනියම් සිලින්ඩරයකි. එය දිගින් සෙන්ටිමීටර් 80 කින් හා විෂ්කම්භය සෙන්ටිමීටර් 64 කින් යුක්ත විය. මෙම කුටිය චන්ද්‍රිකාවේ පහළින් ම පිහිටි කොටස විය. මෙහි ගමන් ගන්නා සුනඛයා ආසනයක රඳවා, එය මෙම කුටියට ඇතුල් කරන ලදි. කුටි පියනෙහි කුඩා කවුළුවක් ද විය. කුටිය තුළ උෂ්ණත්වය හා පීඩනය මැනීම පිණිස සංවේදක සවි කර තිබුණි. එමෙන් ම සුනඛයාගේ රුධිර පීඩනය, හෘද ස්පන්දනය සහ ශ්වසන සීඝ්‍රතාව මැනීම පිණිස ද සංවේදක යොදා ගැනිණ. මෙමඟින් ජීවියකු අභ්‍යවකාශයේ ක්‍රියාකාරී වන ආකාරය නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයනට හැකිවිය. කුටිය තුළ ඔක්සිජන් වායුව නිපදවීමට සහ කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගැනීමට ක්ෂාරීය සංයෝග යොදා ගැනිණ. සංවාතනය සහ සුනඛයාගේ ශරීරය සිසිල්ව තබා ගැනීම පිණිස පංකාවක් ද කුටිය තුළ තිබිණ. සුනඛයාට ආහාර දීම සඳහා පටියක් මෙන් එකට ඈඳුණු කුඩා බන්දේසි පෙළක් තිබිණ. ජල්ලි ආකාරයෙන් වූ ආහාර සහ ජලය ඒවායේ තබා තිබිණ. මේ යන්ත්‍රණය සකසා තිබුණේ සෑම දිනකම සුනඛයා ඉදිරියේ නව බන්දේසියක් විවෘත වන ආකාරයටය. දිනකට ඇවැසි ආහාර හා ජලය මෙසේ සැපයුණු අතර දින 20 කට සෑහෙන ආහාර ප්‍රමාණයක් චන්ද්‍රිකාව තුළ තිබිණ. (2) සම්ප්‍රේෂණ බහාලුම: ජීවි කුටියට ඉහළින් ඇලුමිනියම්වලින් තැනූ ගෝලාකාර බහාලුමක රේඩියෝ සම්ප්‍රේෂකයක් තිබුණි. මෙය අන් කිසිවක් නොව, ස්පුට්නික්-1 සමඟ ම නිර්මාණය කෙරුණු PS-2 නම් අතිරේක චන්ද්‍රිකාව යි. මෙය ද ස්පුට්නික්-1 මෙන් 20.005 MHz සහ 40.002 MHz යන වාහක තරංග නිකුත් කළේ ය. (3) උපකරණ ඇසුරුම: ස්පුට්නික්-2 චන්ද්‍රිකාවේ මුදුනින් ම පිහිටියේ සැටැහුම් උපකරණ කට්ටළයක් අන්තර්ගත ඇසුරුමකි. මෙම උපකරණවලින් හිරුගෙන් නිකුත් වන පාරජම්බූල හා X-කිරණ තීව්‍රතාව මෙන් ම, අභ්‍යවකාශයේ අන්තරීක්ෂ කිරණ තීව්‍රතාව ද මනින ලදි. මෙම කොටස් තුන එක-උඩ-එක පිහිටන ආකාරයට රඳවන ලද්දේ විශේෂ කේතු ආකාර කාප්පයක් ආධාරයෙනි. චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට පිවිසෙන තෙක් එය ආරක්ෂා කිරීමට නාස් කේතුවක් තිබිණ. ඉන්පසු චන්ද්‍රිකාව නිරාවරණය කිරීම පිණිස එය ඉවත ලන ලදි. න සා සං ස්පුට්නික් ව්‍යාපෘතිය ස්පුට්නික්-1 ● ස්පුට්නික්-2 ● ස්පුට්නික්-3 ● ස්පුට්නික්-4 ● ස්පුට්නික්-5 ● ස්පුට්නික්-6
|
ACADEMIC
|
චැලෙන්ජර් අභ්‍යවකාශ යානාව දියත් කිරීමෙන් තත්පර 73 කට පසුව ඉන් දුම් පිටවන අයුරු දැක්වෙන ඡායාරූපයක්. එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනාම මරුමුවට පත් වූහ චැලෙන්ජර් යානාවේ ගමන කළ කාර්ය මණ්ඩලයේ ඡායාරූපයක් චැලෙන්ජර් අභ්‍යවකාශ යානා ව්‍යවසනය සිදුවුයේ NASA ආයතනය මඟින් චැලෙන්ජර් අභ්‍යාවකාශ යානාව දියත් කර තත්පර 73 කට පසුවය. එහි සිටි සාමාජිකයන් හත් දෙනාම මරුමුවට පත් කරමින් යානාව පිපිරී ගියේය. 1986 ජනවාරි 28 වන දින අත්ලාන්තික් මුහුදට ඉහළදී මෙම පිපිරීයාම සිදුවුනි. දකුණු පස ඝන රොකට් බුස්ටරය (Solid Rocket Booster/SRB) නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා හටගත් ගින්න බාහිර ඉන්ධන ටැංකිය වෙත පැතිරුනි. ක්‍රම ක්‍රමයෙන් යානාව විනාශ වන්නට පටන් ගත් අතර යානාව තුල සිටි සියල්ලෝම මරණයට පත් විය. යානාවේ මගීන් සිටින කොටස සහ වෙනත් කොටස් දීර්ඝ වෑයමකින් පසුව අත්ලාන්තික් මුහුදු පතුලෙන් සොයා ගැනිනි. මෙම විනාශය නිසා අභ්‍යවකාශ යානා වැඩසටහන මාස 32 ක් යන තුරු නතර කිරීමට සිදු විය. එවකට සිටි ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් මෙම ව්‍යවසනය පිළිබදව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරන ලදී. එහිදී පෙනී ගියේ NASA හි සංවිධාන සංස්කෘතියෙහි සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි දුර්වලතා මෙම අනතුර සඳහා බලපෑ ප්‍රධාන සාධක බවය. මෝටර්න් නිකෝල් නමැති කොන්ත්‍රාත්කරුවාගේ SRB නිර්මාණයේ ගැටලු තිබෙන බව 1977 සිටම NASA හි කළමනාකරුවෝ දැන සිටියහ. නමුත් මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඉතා සීත දිනයක යානාව දියත් කිරීම අනතුරු සහගත බව පිළිබඳ ඉංජිනේරුවන් විසින් කරන ලද අනතුරු ඇඟවීම කළමණාකාරිත්වය විසින් නොසලකා හරින ලද අතර ඒ පිළිබඳව උසස් නිලධාරීන්ට දැන්වීමට ඔවුහු අපොහොසත් වූහ. අභ්‍යවකාශ යානා දියත් කිරීමට පෙර අවශ්‍යතා 9 ක් සපුරාලිය යුතු බව රොජර්ස් කමිටුව විසින් නාසා ආයතනයට දන්වන ලදි. අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ගුරුවරයා වන වැඩසටහනෙහි ප්‍රථම සාමාජිකයා වූ ක්‍රිස්ටා මැක් ඒලිෆ්, යානාවේ සාමාජිකාවක් වූ බැවින් මෙම යානාව දියත් කිරීම බොහෝ දෙනා විසින් සජීවිව නරඹන ලදී. අනතුර පිළිබඳ මාධ්‍ය ආවරණය අති දැවැන්ත වූ අතර අනතුරෙන් පැයක් ඇතුලත ඇමරිකානුවෝ 85% ක් මෙම පුවත දැන සිටියහ. චැලෙන්ජර් ව්‍යවසනය නිසා ඉංජිනේරු ආරක්ෂාව සහ වැඩපොළෙහි සාරධර්ම පිළිබද විශේෂයෙන් සාකච්ඡා කෙරුණි. මේ සිද්ධිය අළලා 1990 දී 'චැලෙන්ජර්' නමැති චිත්‍රපටය නිර්මාණය විය. සටහන්[සංස්කරණය] Space_Shuttle_Challenger_disaster
|
ACADEMIC
|
ලංකාවේ ඉහල තනතුරු රැසැක් දැරූ සිවිල් සේවකයෙකි. ඉතා සුවිශේෂී දුරදක්නා ඥාණයක් තිබූ පුද්ගලයෙකු ලෙස සැලකේ.[1] දැරූ තනතුරු[සංස්කරණය] අග්‍රාමාත්‍ය ලේකම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් මූලාශ්‍ර[සංස්කරණය] ↑ යාපනය අමිහිරි අතීතය දුරලීම සහ ඉදිරි දැක්ම වැළඳගැනීම
|
ACADEMIC
|
මුල් ළමාවිය සංවර්ධන සඳහා ඉවහල්වන සෙල්ලම් මිදුලක් මුල් ළමාවිය යනු දරුවකුගේ පළිසිඳගැනීමේ සිට අවු 8 දක්වා කාලයයි. මුල් ළමාවියේදී දරුවාගේ සංවර්ධනය ප්‍රශස්ථ කිරීම සඳහා ගතහැකි/ගතයුතු ක්‍රියා මාර්ග, මුල් ළමාවියේ සංවර්ධනය සඳහා රැකවරණය (ECCD) නම්වේ. පටුන 1 ප්‍රධාන අංග 1.1 දිවි සුරැකුම 1.2 වර්ධනය 1.3 මනෝ සමාජයීය සංවර්ධනය 2 විවිධ රටවල තත්‍වය 2.1 ශ්‍රී ලංකාව ප්‍රධාන අංග[සංස්කරණය] අංග 3කි දිවි සුරැකුම[සංස්කරණය] මුල් ළමාවියේදී ජීවිත හානි වියහැකි අවස්ථා මගහැර ජීමිතය රැකගැනීමේ ක්‍රමවේද මෙයට ඇතුලත්වේ. නිදසුන් සෞඛ්‍ය ආරක්‍ෂිත දරු ප්‍රසූතිය මාතෘ නිවාඩු මවුකිරි පමණක් දීම (වයස මාස 4 දක්වා අනිවාර්යයෙන්) ප්‍රතිශක්තිකරණය වර්ධනය[සංස්කරණය] ළමයින්ගේ උස, බර, සිරුර වර්ධනය ප්‍රමානාත්මකව දැක්විය හැකි නිසා ළමා වර්ධනය යන යෙදුමෙන් එම ලක්ෂණවල වැඩිදියුණුවීම අදහස් කෙරේ. එහෙත් සංවර්ධනය යන යෙදුමෙන් ඊට වඩා පුලුල් අර්ථයක් ගෙනදෙයි. ළමයින්ගේ ශාරීරික, මානසික, බුද්ධිමය, සමාජමය, චිත්තවේගීය යනාදි වශයෙන් දැක්විය හැකි සියලුම අංශවල සිදුවන වැඩිදියුනුව සංවර්ධනය යන යෙදුමෙන් අර්ථ ගැන්වේ. මනෝ සමාජයීය සංවර්ධනය[සංස්කරණය] විවිධ රටවල තත්‍වය[සංස්කරණය] ශ්‍රී ලංකාව[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියෙන් ප්‍රකාශකරන පරිදි මුල් ළමාවිය යනු දරුවකුගේ පළිසිඳගැනීමේ සිට අවු 05 දක්වා කාලයයි. පවුල් සෞඛ්‍ය කාර්යංශය සහ ළමා ලේකම් කාර්යාලය මුල් ළමාවිය සංවර්ධනයසම්බණ්දව ක්‍රියාත්මකවේ. නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනය / ගුරු පුහුණු / නියාමනය හා අවම ප්‍රමිතින් පිළිබඳ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ පෙරපාසල් වයසේ පෙරපාසල් නොයන පිළිබඳ දරුවන්විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳ මව විදේශගත වු දරුවන් පිළිබඳ දෙමාපියන් අහිමි ළමුන් පිළිබඳ ළමා මව්වරුන්ට ලැබුනු ළමුන් පිළිබඳ තනි මාපිය ළමුන් පිළිබඳ විශේෂ අවධානය යොමු කල යුතු පවුල් පිළිබඳ අවදානම් සහිත පවුලවල දරුවන් පිළිබඳ ගැබිණි මව්වරු පිළිබඳ තරුණ හා විවාහ අපේක්ෂිත කණ්ඩායම් පිළිබඳ ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන ගම්මාන නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ තෝරාගත් පවුල් ඒකක ගොඩනැගීම පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් ක්‍රියාත්මක ජාතික වැඩපිලිවෙලක් ඇත.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස දශක: ක්‍රිපූ 760ගණන් ක්‍රිපූ 750ගණන් ක්‍රිපූ 740ගණන් – ක්‍රිපූ 730ගණන් – ක්‍රිපූ 720ගණන් ක්‍රිපූ 710ගණන් ක්‍රිපූ 700ගණන් වසර: ක්‍රිපූ 733 ක්‍රිපූ 732 ක්‍රිපූ 731 – ක්‍රිපූ 730 – ක්‍රිපූ 729 ක්‍රිපූ 728 ක්‍රිපූ 727 ක්‍රිස්තු පූර්ව 730 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 730 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 730 අබ් ඌර්බෙ කෝන්ඩිටා 24 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 4021 බෞද්ධ දිනදසුන −187 – −186 බහායි දින දසුන −2573 – −2572 බෙංගාලි දින දසුන −1322 බර්බර් දින දසුන 221 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1367 බයිසැන්ටියානු දින දසුන 4779–4780 චීන දින දසුන 庚戌年 (Metal Dog) 1967 or 1907 — to — 辛亥年 (Metal Pig) 1968 or 1908 කොප්ටික දින දසුන −1013 – −1012 ඩිස්කෝර්ඩියන් දින දසුන 437 ඉතියෝපියානු දින දසුන −737 – −736 හෙබ්‍රෙව් දින දසුන 3031–3032 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −673 – −672 - ශක සම්වත් N/A - කලි යුග 2372–2373 හොලොසීන දින දසුන 9271 ඉග්බො දින දසුන −1729 – −1728 ඉරාන දින දසුන 1351 BP – 1350 BP ඉස්ලාමීය දින දසුන 1393 BH – 1391 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1604 මින්ගුවෝ දින දසුන 2641 before ROC 民前2641年 තායි සූර්ය දින දසුන −186 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 730 BC
|
ACADEMIC
|
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. චාලට්ස් වෙබ් 2: විල්බර්ස් ග්රෙයිට් ඇඩ්වෙන්චර් 220px DVD cover අධ්‍යක්ෂණය කළේ Mario Piluso නිෂ්පාදනය කළේ James Wang තිරරචනය ලියැවුණේ Elana Lesser Cliff Ruby පදනම් වුණේ Characters by ඊ. බී. වයිට් නළු නිළියෝ Julia Duffy David Berón Charlie Adler Amanda Bynes සංගීතය සැපයූයේ Michael Tavera සංස්කරණය සිදු කළේ Christopher Hink බෙදාහරින ලද්දේ Paramount Home Entertainment (USA) Universal Studios Home Entertainment (non-USA) නිකුතුව මාර්තු 18, 2003 (2003-03-18) ධාවන කාලය මිනිත්තු 79 රට ඇමෙරිකාව භාෂාව ඉංග්‍රීසි චාලට්ස් වෙබ් 2: විල්බර්ස් ග්රෙයිට් ඇඩ්වෙන්චර් යනු 2003 American direct-to-video animated film, and the sequel to the 1973 film චාලට්ස් වෙබ්. It was produced by Paramount Pictures, Universal Pictures, Universal Cartoon Studios, and Nickelodeon; and distributed by Paramount Home Entertainment in North America and Universal Studios Home Entertainment overseas.
|
ACADEMIC
|
(Nagaland) නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාන්තයකි. අගනුවර: කොහිමා.
|
ACADEMIC
|
කදුරුවෙල — නගරය — කදුරුවෙල ඛණ්ඩාංක: 07°55′49″N 81°02′09″E / 7.93028°N 81.03583°E / 7.93028; 81.03583ඛණ්ඩාංක: 07°55′49″N 81°02′09″E / 7.93028°N 81.03583°E / 7.93028; 81.03583 රට ශ්‍රී ලංකාව පළාත උතුරු මැද පළාත ජනගහණය • සම්පූර්ණ 45,401 වේලා කලාපය Sri Lanka Standard Time Zone (UTC+05:30) කදුරුවෙල යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබේන නගරයකි.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 7 වන සියවස – 8 වන සියවස – 9 වන සියවස දශක: 750ගණන් 760ගණන් 770ගණන් – 780ගණන් – 790ගණන් 800ගණන් 810ගණන් වසර: 786 787 788 – 789 – 790 791 792 ක්‍රිස්තු වර්ෂ 789 (DCCLXXXIX) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 789 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
උස්සංගොඩ උස්සන්ගොඩ වනාහි දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. කොළඹ - වැල්වාය (AA2) මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටා ඇත. අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි. පටුන 1 පාශාණ 1.1 වර්ණය 1.2 යකඩ 2 ජීවීන් 2.1 ශාක 2.2 සත්තු 3 ජනප්‍රවාද 4 උස්සංගොඩ ජාතික වනෝද්‍යානය පාශාණ[සංස්කරණය] උස්සංගොඩ පොළොව වර්ණය[සංස්කරණය] උස්සංගොඩ පොළොව ඇල්ලූ පසු පාට ගෑවුනු අතක් පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. යකඩ[සංස්කරණය] උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි. ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. ජීවීන්[සංස්කරණය] ශාක[සංස්කරණය] උස්සංගොඩ ශාක වැවෙන්නේ ඉතාම මද වශයෙනි. උස්සංගොඩ ශාක වැවෙන්නේ ඉතාම මද වශයෙනි. ඒවාද මෙවැනි ඉතා කුඩා පැලෑටි වේ සත්තු[සංස්කරණය] ජනප්‍රවාද[සංස්කරණය] කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද සකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි. උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි. උස්සංගොඩ ජාතික වනෝද්‍යානය[සංස්කරණය] උස්සංගොඩ සහ ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රි.ව.2010දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිනි. මෙම ලිපියට තවත් ප්‍රවර්ග අවශ්‍ය වේ. කරුණාකර ප්‍රවර්ග එක්කිරීමෙන් සහායවන්න. එවිට මෙය මීට සමාන තවත් ලිපි සමග ලයිස්තුගත වනු ඇත. (අගෝස්තු 2011)
|
ACADEMIC
|
ගෘහස්ථ ගෝලීය තොරතුරු පද්ධතියක සංකල්පය අවම තරමින් ඇසිසැක් ඇසිමොව් ගේ “ඇනිවර්සරි” කෙටිකතාව (1959 මාර්තු, ඇමේසින්ගේ ස්ටෝරීස්) තෙක් වත් ආපසු දිවෙයි. එහිදි එම චරිත, පෘතුවි අභ්‍යන්තරයේ ඇති සුපිරි පරිගණකයකට විශ්ව විසිරි පරිපථ ජාලයක් හරහා සම්බන්ධිත මල්ටිවැක් අවුල් ලට් (Multivac outlet) ලෙස හදුන්වන ගෘහස්ථ පරිගණකයක් තුලවු තොරතුරු විමසා බලයි. එක් චරිතයක් ඔහුගේ දරුවන් සඳහා මල්ටිවැක් Jr. ආකෘතියක් ස්ථාපනය කිරීමට සිතයි. එම කථාව ගොඩ නැගි ඇත්තේ වාණිජ අභ්‍යවකාශ ගමන් සුලභ ඈත අනාගතයකය. එහිදි යන්ත්‍රය පිලිතුරු පටි කැබැල්ලක මුද්‍රණය කරන අතර එය කවුළුවක් තුළින් එළියට පැමිණේ. එහි විඩියෝ සංදර්ශණයක් නැත. ගෘහස්ථ පරිගණකයේ අයිතිකරු පවසන්නේ ඔහු කථා කරන මල්ටිවැක් අව්ට්ලට් එකක් ගැනීමට මුදල් වියදම් නොකරන බවයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/World_wide_web#History_in_literature
|
ACADEMIC
|
ඩෙවෝන් ඇල්ල පිහිටීම තලවකැලේ, ශ්‍රී ලංකාව වර්ගය Tiered[1] සමස්ථ උස මීටර 97 Number of drops 3 ජල මූලාශ්‍රය කොත්මලේ ඔය ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකක්ය. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇත. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමි තේ වැවිලිකරුවෙකු වු ඩෙවෝන් මහතාගේ නාමය නිසා ලැබිණ. දිය ඇල්ලේ උස මිටර 97කි. ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් උස අනුව ඩෙවෝන් දිය ඇල්ල 19 වැනි ස්ථානය ලබා ගනී. මුහුදු මට්ටමේ සිට මිටර 1140ක් උසකින් දිය ඇල්ල පිහිටා ඇත. ජල ප්‍රභවය කොත්මලේ ඔයයි. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ දිය ඇලි මූලාශ්‍ර[සංස්කරණය] විකිමාධ්‍ය කොමන්ස් හි Devon Fallsට අදාළ මාධ්‍ය ඇත. ↑ "Devon Falls". www.worldwaterfallsdatabase.com. සම්ප්‍රවේශය 2008-12-24. (Sinhala) Senanayake, Chanaka (2004). Sri Lankawe Diya Eli. Sooriya Publishers. ISBN 978-955-8892-06-0. (Sinhala) Abhayawardhana, H.A.P. (2004). Kandurata Praveniya. Sri Lanka Central Bank. ISBN 978-955-575-092-9. ඛණ්ඩාංක: 6°56′N 80°37′E / 6.933°N 80.617°E / 6.933; 80.617 බාහිර සබැදි[සංස්කරණය] විකිමාධ්‍ය කොමන්ස් හි Devon Fallsට අදාළ මාධ්‍ය ඇත. Devon waterfall , Talawakelle , Sri Lanka
|
ACADEMIC
|
මෙම ලිපිය වනාහි Health ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. පටුන 1 සෞඛ්‍යයෙහි විවිධ අංග 1.1 ශාරීරික සෞඛ්‍ය 1.2 උස 2 මානසික සෞඛ්‍ය සෞඛ්‍යයෙහි විවිධ අංග[සංස්කරණය] ශාරීරික සෞඛ්‍ය[සංස්කරණය] ශාරීරික සෞඛ්‍ය යනු අඛණ්ඩ ව්‍යායාම, නිවැරදි ආහාර වේලක්, පෝෂණය සහ නිසි පරිදි විවේකයක් ලබා ගැනීම මගින් ශාරීරික වශයෙන් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමයි. උස[සංස්කරණය] උස යනු ජනගහනයක සෞඛ්‍ය තත්ත්වය පිලිඹිබු කරන ඉතා ශක්තිමත් දර්ශකයකි. උස කෙරෙහි එදිනෙදා ජීවන රටාව බලපාන අතර සෞඛ්‍ය තත්ත්වයෙහි හා පෝෂණ මට්ටමෙහි වැඩිදියුණු කිරීමක් මගින්ද එයට බලපෑමක් සිදුකළ හැකිවේ. උස කෙරෙහි පුද්ගලයෙකුගේ ජාන මගින්ද විශාල බලපෑමක් එල්ල කරයි. මිනිසාගේ වර්ධනය කෙරෙහි බලපාන සාධක සහ එහි බලපෑම් පිළිබදව සිදුකරන අධ්‍යනය ‘ඔස්කෝලොජි’ නම් වේ. මානසික සෞඛ්‍ය[සංස්කරණය] මානසික සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ හැගීම් හා මානසික ක්‍රියාකාරීත්වයන් යහපත් මට්ටමක පවත්වා ගැනීම පිලිබදව ගොඩනැගුනු සංකල්පයකි. මේරියම් වෙබ්ස්ටර් විසින් විග්‍රහ කරන අන්දමට මානසික සෞඛ්‍ය යනු එදිනෙදා ජීවිත්වීමට අවශ්‍යතා සපුරා ගැනීමට හා සමාජයේ ක්‍රියාකාරී වීම සදහා පුද්ගලයෙකු සංජානනය හා හැගීම් භාවිතයට ගන්නා හැගීම් හා මානසික නිරෝගිතාවය ගැන විග්‍රහ කෙරෙන තත්ත්වයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික සෞඛ්‍ය සදහා නිලතල නිර්වචනයක් නොමැත. මානසික සෞඛ්‍ය පිළිබද නිර්වචනයක් දීමේදි සංස්කෘතිකමය නිර්වචනයන් පුද්ගලානුරූපි තක්සේරු කිරීම් සහ විවිධ වෘත්තීය මට්ටමේ සිද්දාන්තයන් බලපෑමක් ඇති කරයි. පොදු වේ ගත් කළ බොහෝ විශේෂයන් එකග තාවයට පත්වී ඇති මතයක් නම් මානසික සෞඛ්‍ය හා මානසික රෝගය යනු එකිනෙකට තේරුමක් නොදෙන බවයි. වෙනත් ආකාරයකින් පැවසුව හොත් හදුනාගත් මානසික රෝගයක් නොමැති වීමට යහපත් මානසික සෞඛ්‍යක් ඇති බවට දර්ශකයක් නොවේ. පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍ය යහපත් බවට දෘෂ්‍යමාන සාක්ෂියක් නොමැති වන්නේ පුද්ගලයා කොතෙක් දුරට සාර්ථකව හා කාර්යක්ෂ්‍යමව තම එදිනෙදා කටයුතු සිදුකරන්නේ ද යන වගයි. යහපත් මානසික සෞඛ්‍යයක ලක්ෂණ වනුයේ තමාගේ හැකියාවන් පිලිබද විශ්වාසයක් තබා ගැනීම සමාන්‍ය මට්ටමේ ආතතියක් විදදරා ගැනීමට හැකියාවක් තිබීම ප්‍රශස්ථ මට්ටමකින් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට හැකිවීම, නිදහස් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීම, පසු බෑමකින් යළි සිටි තත්ත්වයට හෝ පත්වීමට හෝ අසීරු අවස්ථාවලින් යලි යතා තත්ත්වයට පත්වීම උදාහරණයක් ලෙස ගත හැක. සමස්ථයක් වශයෙන් ගත් කල යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සදහා පුද්ගලයෙකුෙග් මානසික ශාරීරික හා සමාජීය යන අංශ 3 හිම යහපත් ක්‍රියාකාරීත්වයක් එක්වර පවත්වා ගත යුතුය.
|
ACADEMIC
|
සිගිරිය පළමුවන කාශ්‍යප රජු විසින් කි‍්‍ර.ව. 5 වන සියවසේදී ඉදිකරන ලද නිර්මාණයකි. 1982 දී ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති සීගිරිය, ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ එක්තැන්වීම මැනවින් නිරූපණය කරන ස්ථානයක් ලෙස හදුන්වාදිය හැකිය. පුරාවිද්‍යාඥයින් විසින් මුල්කාලීනව සීගිරිය බලකොටුවක් ලෙසත් පසුව නගරයක් ලෙසත් හඳුනාගෙන තිබේ. මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ වලට අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඓතිහාසික අවධි 08 ක් හදුනා ගෙන තිබේ. එනම්, ආදි ආරාමික අවදිය - ක්‍රි.පු. 3/2 වන සියවස්හි සිට ක්‍රි.ව. 1 සියවස දක්වා, සීගිරි පර්වතය පාමුල වු කටාරම් සහිත ගුහා සහ ඒවා සඟ සතු කොට පිදු බව දැක්වෙන බ්‍රාහ්මී ශිලා ලිපි මේ යුගයට අයත්ය. අවධිය පුර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව. 1 සියවස සිට 5 වන සියවස දක්වා මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය. අවධිය - කාශ්‍යප යුගය - ක්‍රි.ව. 477-495 අවධිය - පශ්චාත් කාශ්‍යප යුගය - ක්‍රි.ව. 6-7 සියවස් දක්වා වු පසු ආරාමික යුගය පශ්චාත් කාශ්‍යප යුගය අවධිය - අත්හැරීම් යුගය - ක්‍රි.ව. 13-17 සියවස් දක්වා අවධිය නුවර යුගය - 17-19 සියවස අවධිය - නූතන පුනරුදය - 1830 ගණන්වල සිට 70 දශකය දක්වා සංකීර්ණ කොටස් කිහිපයකි සීගිරි පර්වතය හා ඒ මත ඇති මාළිගාව ඇතුළු නුවර හා මාලක ජල උද්‍යානය, උයන්, දිය අඟල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමි භාගය දිය අගල හා පවුර සහිත නැගෙනහිර භූමි භාගය ඉහත කී අලංකාර ඉදිකිරීම් වලට අමතරව සිීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්වී ඇත්තේ එහි ඇති ලෝක ප්‍රකට බිතු සිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වු කුරුටු ගී නිසාය. [1] --112.134.230.121 01:02, 24 අගෝස්තු 2014 (යූටීසී) ↑ http://www.archaeology.gov.lk/web/index.php?option=com_content&view=article&id=69&Itemid=99&lang=si
|
ACADEMIC
|
ශ්‍රී ලංකාවේ ලෙන් විහාරයක් වන අලුවිහාරේ , මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. මෙම විහාරය පිහිටි ගමද විහාරයේ නමින්ම හැඳින්වේ. ආරම්භය[සංස්කරණය] ක්‍රි.පූ. තෙවන සියවසේ දී, දේවානම් පියතිස්ස රජතුමා විසින් මෙම ලෙන මහා සංඝ රත්නය විෂයෙහි පූජා කර තිබේ. එතුමා විසින් බුදු සසුනට පූජා කරන ලද විහාර අතර ප්‍රධාන ස්ථානයක් මෙම විහාරයට හිමි වේ. ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ කිරීම[සංස්කරණය] අලුවිහාරේ ලෙන් විහාරය, පාලි බෞද්ධ ත්‍රිපිඨකය පළමුවරට ග්‍රන්ථාරූඪ කළ ස්ථානය ලෙස වැදගත් වේ. බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් බුද්ධ ධර්මය කට පාඩමින් පවත්වාගෙන ආහ. ක්‍රි.පූ. පළමු සියවසේ, වළගම්බා රජ සමයේ දී "බැමිණිතියාසාය" නමින් දරුණු දුර්භීක්ෂයක් ඇති වූ අතර එය වසර 12ක් තිස්සේ පැවතුනි. මෙම කාල වකවානුව තුළම ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය ආක්‍රමණයකටද ලක් වී තිබුණි. දුර්භීක්ෂය නිසා භික්ෂූන් වහන්සේලාට කැලෑ කොළ, අල, මුල් ආදිය වළඳමින් ඉතා අසීරු කාලයකට මුහුණ දීමට සිදුවිය. මෙම තත්වයන් යටතේ ධර්මය කට පාඩමින් මතක තබාගැනීම අපහසු විය. එම නිසා බුදු දහමට ඇති තර්ජනය භික්ෂූන් වහන්සේලාට අවබෝධ විය. ඔවුන් ගෙන් 60 නමක් පමණ මලය (කඳු ) රටට වැඩිය අතර, තවත් පිරිසක් උතුරු ඉන්දියාවට වැඩිය බව කියැවේ. මලය රටට වැඩි පිරිස මහවැලි ගං ඉවුරු වල ඉතා අසීරු ලෙස කාලය ගත කළහ. ඔවුහූ දුර්භීක්ෂයෙන් මිය ගිය සතුන් දුටුවහ. බුදු දහම විනාශ වීමේ අවධානමක් ඇති බව උන් වහන්සේලාට අවබෝධ වූහ. දුර්භීක්ෂය ගෙවී ගිය අතර, වසර 14 ක් තිස්සේ සැඟව සිටි වළගම්බා රජු නැවත කරළියට අවේය. මලය රටට හා ඉන්දියාවට වැඩම කල භික්ෂූන් වහන්සේලා නැවත පැමිණ, කල්ලගම ජනපදයට ඒකරාශී වූහ. මතු පරපුර වෙනුවෙන් බුදු දහම රැකගනු වස් ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ කිරීමට ඔවුහූ කතිකා කරගත්හ. අනුරාධපුරය මේ සඳහා සුදුසු නොවන බව තේරුම් ගත් උන්වහන්සේලා, වළගම්බා රජුගේ අනුග්‍රහය ඇතුව "මාතුල ජනපදයේ", ආලෝක ලෙන මෙම කාර්යයට සුදුසුම තැන ලෙස තෝරා ගන්නා ලදී. වර්තමානයේ, මාතලේ, අලුවිහාරේ ලෙසින් හැඳින් වෙන්නේ මෙම ස්ථානයයි. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ත්‍රිපිටකය
|
ACADEMIC
|
"බලාපොරොත්තු විරහිත බව" මෙතැනට යළියොමුවෙයි. බලාපොරොත්තු විරහිත බවෙහි වෙනත් භාවිතයන් සඳහා, බලාපොරොත්තු විරහිත බව (වක්‍රෝක්තිහරණය) බලන්න. කැලඹීමේ මනෝභාවය සඳහා, විෂාදය බලන්න. Melencolia I (ca. 1514), by Albrecht Dürer මානසික අවපීඩනය යනු පුද්ගලයෙකුගේ සිතිවිලි, හැසිරීම, යහපැවැත්ම පිලිබඳ හැඟීම යනාදියට බලපෑ හැකි දුර්වල මනෝභාවයක් සහ ක්‍රියාකාරකම් වලට දක්වන අකමැත්තයි.[1][2] මානසික අවපීඩනය සහිත පුද්ගලයන්ට ශෝකය, සාංකාව, හිස් බව, තනිවූ බව (කිසිවෙකුගේ උදවු නොලැබෙන බව), බලාපොරොත්තු විරහිත බව, තමන් වැදගැම්මකට නැති අයෙක් බව, වරදකාරී බව, නොරිස්සුම් සහගත බව සහ අවිවේකි බව ආදිය දැනිය හැක. කාලයකදී සතුටුදායක ක්‍රියාකාරකම් ලෙස තමන් සැලකූ ක්‍රියාකාරකම් වලට ඇති උනන්දුව අඩු වීම, කුසගින්න අඩුවීම හෝ අධික ලෙස ආහාර ගැනීම, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම අපහසු වීම, කරුණු සිහිපත් කිරීම හෝ තීරණ ගැනීමේ අපහසුතාව, හෝ සියදිවි නසාගැනීමට කල්පනා කිරීම ආදිය ඔවුන් තුල දැකිය හැකි ලක්ෂණ වේ. අඩු නින්ද, අධික නින්ද, විඩාව, වේදනා, කැක්කුම්, ජීර්ණ ගැටළු, හෝ ශක්තිය ඌන බව ආදිය ද ඔවුන් තුල දැකිය හැක.[3] අවපීඩන මනෝභාවය, විෂාදය වැනි මානසික සින්ඩ්‍රෝමයන්ගේ විශේෂ අංගයකි. නමුත් වියෝව, යම් ශරීර ආබාධයක රෝග ලක්ෂණ, හෝ ඇතැම් ඖෂධ/මත්ද්‍රව්‍ය හෝ වෛද්‍ය ප්‍රතිකාර වල අතුරු ආබාධ ආදියෙහි දී මානසික අවපීඩනය ඇතිවීම සාමාන්‍ය ප්‍රතික්‍රියාවකි. ↑ Salmans, Sandra (1997). Depression: Questions You Have – Answers You Need. People's Medical Society. ISBN 978-1-882606-14-6. ↑ Diagnostic and Statistical Manual of Mental Disorders, Fifth Edition (DSM-5). American Psychiatric Association. 2013. ↑ "NIMH · Depression". nimh.nih.gov. සම්ප්‍රවේශය 15 October 2012.
|
ACADEMIC
|
උගන්ඩා ප්‍රාණපරිත්‍යාගවරු වනාහි දැනට උගන්ඩාවේ කොටසක් වන ඓතිහාසික බුගන්ඩා රාජධානියෙහිදී ඝාතනයට පත්කෙරුනු ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තවුන් පිරිසකි.
|
ACADEMIC
|
දියමන්ති හා මිනිරන් යනු කාබන්හි බහුරූපී ආකාර වේ. ඒවා එකම මූලද්‍රව්‍යයේ සංශුද්ධ ආකාර වන නමුත් ව්‍යුහයෙන් එකිනෙක වෙනස් වේ. බහුරූපීතාව යනු සමහර මූලද්‍රව්‍ය ව්‍යුහ 2ක් හෝ වැඩි ගණනක් ලෙස ස්වභාවයේ පැවතීමේ සංසිද්‍ධියයි. මෙම විවිධ ආකාරවල පරමාණු සැකැස්ම එකිනෙකට වෙනස් වනඅතර ඒ සඳහා බන්ධන ස්වභාවය බලපායි.මෙම වෙනස් ආකාර ඒවා තැනී ඇති මූලද්‍රව‍්‍යයේ බහුරූපී ආකාර සේ සැලකේ. බහුරූපීතාවය සඳහා උදාහරණයක් ලෙස කාබන්හි බහුරූපී ආකාර දෙකක් වන දියමන්ති හා මිනිරන් සැලකිය හැක. දියමන්තිවලදී කාබන් පරමාණු එකිනෙක වසුත්කලීය බැදී ත්‍රීමාණ දැලිසක් සාදන අතර මිනිරන්වලදී කාබන් පරමාණු ෂඩාස්‍රාකාරව තලීයම සකස් වී තිබේ. බහුරූපීතාව සඳහා යොදාගන්නා ඉංග්‍රීසි වචනය “Allotropy” ග්‍රීක භාෂාවෙන් බිඳී ආ වචනයක් වන අතර එය “allos” හා “tropos” යන වචන යුගලෙහි එකතුවෙන් සෑදී ඇත. “allos” යන්නෙන් “අනෙක” යන්න හැඟෙන අතර “tropos” යන්නෙන් “ක්‍රමය” යන්න අදහස් වේ. බහුරූපීතාව අදාල වන්නේ එකම මූලද්‍රව්‍යයේ එකම භෞතික ස්වභාවයේ පවතින වෙනස් ආකාර සඳහා පමණි. එබැවින් එකම මූලද්‍රව‍්‍යයේ ඝන , ද්‍රව හා වායු කලාප එකිනෙකෙහි බහුරූපී ආකාර ලෙස නොසැලෙක්. සමහර මූලද්‍රව්‍යවල බහුරූපී ආකාර ඉහත අවසාන 3 හිම පැවතිය හැක. උදා - ඔක්සිජන් මූලද්‍රව්‍යයේ O2 ඩයිඔක්සිජන් හා O3 ට්‍රයිඔක්සිජන් / ඕසෝන් යන බහුරූපී ආකාර යුගල ඝන ද්‍රව හෝ වායු වන අවස්ථා 3න් ඕනෑම එකක පැවතිය හැක. අනෙකුත් මූලද්‍රව්‍යවල බහුරූපී ආකාර එක් කලාපයකට පමණක් සීමා වේ. උදාහරණයක් ලෙස ගතහොත් පොස්පරස්හි ඝන කලාපයේ බොහෝ බහුරූපී ආකාර පවතින නමුත් ද්‍රව තත්වයට පත් කළ විට ඒ සියල්ලෙන්ම එකම P4 ව්‍යුහ දරණ ද්‍රව පොස්පරස් ලැබේ. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Allotropes
|
ACADEMIC
|
සබරගමු නර්තන සම්ප්‍රදාය සබරගමු නැටුම්. ජාතික සංස්කෘතියට අයත්, ඉතාම පැරණි, දුටුවන් ප්‍රිය උපදවන ආකාරයේ නැටුම් කලාවක් වන මෙය මේ ප්‍රදේශයටම සීමා වූවකි. සබරගමු නැටුම් කලාව ගොඩනැගී තිබෙන්නේ මාත්‍රා 05ක නැටුම් මූලික පදනම් කරගෙනය. 1. මුල් මාත්‍රය2. සින්දු මාත්‍රය3. ගමන් මාත්‍රය4. යක්පද මාත්‍රය5. නාඩගම් මාත්‍රයඑසේම එක් නැටුමක් සම්පූර්ණවීමට නම් කරුණු 07ක් සම්පූර්ණ විය යුතු අතර, ඒවා පහත පරිදිවේ.1. තානම2. මාත්‍රය3. කවිය4. වට්ටම5. කලාසම6. සීරුමාරුව (තීරු මාරුව)7. අඩව්ව සබරගමු නැටුම් පැවැත්වෙන අවස්ථා.1. විහාර, දේවාලවල කරන ආගමික උත්සව සම්බන්ධ නැටුම්.මෙහිදී මාත්‍රා පහටම අයත් නැටුම් රඟ දැක්වේ.ධාතු පෙරහැර, මහා සංඝයා වැඩමවීම, ඇසළ පෙරහැරේ දේවාභරණ වැඩමවීම යන අවස්ථාවලදීත්, පාන්මඩු, පූනා මඩු, දෙවොල් ගම් මඩු, ගී මඩු, කිරිමඩු, හැල්ලුම් මඩු සඳහාත් මෙම නැටුම් රඟ දැක්වේ.2. නව ග්‍රහයින්ගෙන් ශාන්තියක් ලබා ගැනීමට කරන තෝත්‍ර.ග්‍රහ දෝෂ, දෙවි දෝෂ, යක්ෂ දෝෂ, හීන් දෝෂ, ආදී දෝෂයන් දුරු කිරීම සඳහා කරනු ලබන බලි යාගයන් මෙයට අයත් වේ. මෙහිදී මුල් මාත්‍රය, සින්දු මාත්‍රය හා යක්පද මාත්‍රයට අයත් කස්තිරම්, තීරු මානම් සහ අඩව්ද අත්‍යාවශ්‍ය වේ.3. යක්ෂයින් සහ විවිධ භූතයින්ගෙන් වන උවදුරු දුරු කර ගැනීමට කරන තෝත්‍ර.යක්ෂයන්ගෙන් වන උවදුරු දුරු කර ගැනීම සඳහා සිදු කරන මෙම තෝත්‍ර සඳහා යක්පද මාත්‍රයට හා නාඩගම් මාත්‍රයට අයත් නැටුම් වැඩි වශයෙන් යොදා ගනු ලබයි. එහෙත් සමහර අවස්ථාවලදී සින්දු මාත්‍රයද යොදා ගනු ලබයි.4. මංගල උත්සව අරමුණු කරගෙන විනෝදය සඳහා පවත්වන නැටුම්.මේ අවස්ථාව සඳහා මාත්‍රා නියමයක් නැත. මාත්‍රා පහටම අයත් නැටුම් කැමති පරිදි ඉදිරිපත් කරනු ලැබේ. සින්දු මාත්‍රයට අයත් නැටුම් මෙහිදී විශේෂයි.සබරගමු නැට්ටුවාගේ ඇඳුම්.බලි ශාන්ති කර්ම සඳහා සුදු සේලය හා රතු රෙදි පටියද ඉන බඳින අතර, නවගුණ වැලක්ද පළඳියි. හිසට ජටාව, කණට කඩුක්කම්, අත්වලට බණ්ඩි වළලු, එක් අතකට අක්මිණියක්ද, අනෙක් අතට පුවක් මල් ඉත්තක්ද ගනියි.සබරගමු නැටුමේ ඇඳුමද උඩ රට හා පහතරට ඇඳුම් සම්ප්‍රදායට වඩා බෙහෙවින් වෙනස්ය. මෙහි විශේෂය දෙවි ඇඳුමකට සමාන ලෙස නිර්මාණය කිරීමයි. පාදෙකට බඳින රහු කුට්ටම් දෙකෙහිද විශේෂත්වයක් ඇති බව පෙනේ. ප්‍රමාණයෙන් විශාල රහු ගණනාවක් දෙපාවල බැඳ නැටීමට සෑහෙන ශරීර ශක්තියක්ද අවශ්‍යය. මේ නිසා කාලයාගේ ඇවෑමෙන් රහු ප්‍රමාණයෙන් කුඩාවීමත් ගණනින් අඩුවීමත් ඉබේටම සිදු වී තිබේ.එසේම සබරගමු නැට්ටුවාගේ ඇඳුම ලංකාව හැර වෙනත් රටක නැටුම් සඳහා වූ ඇඳුම්වලට සම්මිශ්‍ර වී නැත.වාදනය.සබරගමු නැටුමේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය දවුලය. නැටුමේ සාර්ථකත්වය රඳා පවතින්නේ තිතට, මාත්‍රයට ගැලපෙන පරිදි කරන දවුල් වාදනය තුලය. නැට්ටුවා කොතරම් ප්‍රවීණයෙකු වුවද දවුල නිසිලෙස වාදනය නොකළහොත් නැටුම නියම ලෙස ඉදිරිපත් කළ නොහැකි වනු ඇත. http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=13048%3A%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.&catid=52%3Aknowledge&Itemid=143&lang=si sudassi
|
ACADEMIC
|
භෞතික ක්‍රම රෙදි ආදෘශ්‍යනය (Cloth Modeling) එනම් පරිගණක ක්‍රමලේඛයක් මඟින් රෙදි පිළි වර්ග නිරූපණය කිරීමේ විවිධ ක්‍රම අතුරින් භෞතික ක්‍රම විධි එකකි. මෙහිදි රෙද්දෙහි අංශුන් එකිනෙක ජාලයක් ලෙස දුනු වලින් සම්බන්ධ වි ඇති ලෙස සැලකේ. තවත් ක්‍රමයක් වන ජ්‍යාමිතික ක්‍රම (Geometric Methods) මඟින් වියන ලද රෙද්දෙහි ඇදෙන සුළු ගතිය ඇති නොකරයි. මෙම භෞතික ක්‍රම රෙද්දෙහි ඇදෙන සුළු ගතිය (ආතතිය), තද ගතිය සහ බරට බලපෑමක් ඇති කරයි. E(අංශුවij) = Ks Rsij + Kb Eb,i,j + Kg Eg,I,j පද ප්‍රත්‍යස්ථතාවය නිරූපණය කරයි. ( නියමයෙන්) පද නැවුම නිරූපණය කරයි පද ගුරුත්වජබලය නිරූපණය කරයි. (ගුරුත්වාකර්ෂණය නිසා ඇතිවන ත්වරණය 'acceleration due to gravity' බලන්න) අප දැන් යාන්ත්‍රික සමතුලිතතාවයෙහි (mechanical equilibrium) මුලික මුලධර්මය ඉහත සඳහන් සමිකරණයට යොදමු. මේ අනුව සෑම වස්තුවක්ම අවම ශක්ති මට්ටමක සමතුලිත වීමට බලන බැවින්, ඉහත සමිකරණය අවකලනය කිරීමෙන් එම අදාල අවම ශක්ති මට්ටමේ ශක්තිය සොයා ගත හැකිය. අංශු ශක්තිය ආශ්‍රිත ක්‍රම මෙම ක්‍රමය වඩාත් සංකීර්ණ ක්‍රමයකි. මෙම අංශුමය ක්‍රමය, භෞතික ක්‍රමය එක් පියවරක් ඉදිරියට ගෙන යාමකි. මෙහිදි සලකනු ලබන්නේ අංශු ජාලයක් එකිනෙක සමඟ ඍජුවම අන්තර්ක්‍රියා කිරීමයි. එනම්, අංශු අතර දුනු වෙනුවට අංශු අතර ශක්ති හුවමාරුව යොදා ගෙන රෙද්දෙහි හැඩය නිශ්චය කර ගනි. මේ සඳහා පහත සඳහන් අයුරු ශක්ති සමිකරණය යොදා ගනි. U මුළු = U විකර්ෂණය + U ඇඳීම+ U නැමීම+ U පන්දුලම+ Uගුරුත්වාකර්ෂණය විකර්ශණ ශක්තිය යනු බාහිරින් එකතු කරන ලද කෘතිම පදාර්ථයකි. මෙයට හේතුව රෙද්ද තුළ එකිනෙක ඡේදනයක් නොවීමයි. භෞතික ක්‍රමයේ මෙන්ම ඇදෙන සුළු බවෙහි ශක්තිය තීරණය කරනුයේ හූක්ස්ගේ නියමයෙනි. නැමෙන සුළු ගතියේ ශක්තිය මඟින් එහි දැඩි බව පෙන්වයි. පන්දුලමේ ශක්තිය, රෙද්දෙහි නිරූපණය කිරීමේ හැකියාව පෙන්නුම් කරයි ( එක් තලයක් තුළ සිදුවිය හැකි නිරූපණය) ගුරුත්වාකර්ෂණ ශක්තිය, රඳා පවතිනුයේ ගුරුත්වාකර්ෂණය නිසා ඇති වන ත්වරණය මතය. මෙම සමිකරණයට වෙනත් බාහිර ප්‍රභව මඟින් ලැබෙන ශක්තින් ද එකතු කොට අවකලනය මඟින් අවමය සොයා ගැනීමෙන් අපගේ ආකෘතිය වඩා සාධාරණිකෘත වේ. මෙම නිසා ඕනෑම තත්වයක් යටතේ රෙදිවල හැසිරීම ආදර්ශනය කිරීමට අපට හැකියාව ලැබේ. අප රෙදි කැබලි අංශුමය එකතුවක් ලෙස සලකන බැවින්, එහි හැසිරීම ගති විද්‍යානුකූලව පහදා දිය හැකිය. සටහන්[සංස්කරණය] |Cloth_modeling Physical_methods |-
|
ACADEMIC
|
පූජා සහ පූජාවන්හි දී අනුගමනය කෙරෙන පිළිවෙත් මැනැවින් ඉටුකෙරෙන පූජවකදී පහත දැක්වෙන පියවර අනුගමනය කෙරේ. 1. දේවාරාධනය 2. පිළිගැන්වීම 3. ආයාචනය 4. නිමකිරීම 5. ධෝවනය සහ බෙදාදීම ආරාධනය දේවාලයක් තුළ පිහිටි ප‍්‍රතිමාවක් හෝ තාවකාලික සංකේතයක් මගින් හෝ දෙවියන්ට ආරාධනය කිරීම පළමුව සිදු කරනු ලැබේ. මෙකී තාවකාලික සංකේතය ප‍්‍රතිමාවක් හෝ දෙවියන් සංකේතවත් කෙරෙන පහත දැක්වෙන අංගවලින් එකක් හෝ විය හැකිය. x භාෂාවේ සහ ඥානයේ දෙව`ගන වන සරස්වතිය වෙනුවෙන් තීන්ත භාජනයක්, පෑනක් සහ මල් කිනිත්තක්. x ශිව වෙනුවෙන් ශෛලමය ශිව ලිංගයක් x විෂ්ණු වෙනුවෙන් හැඩ ගැන් වූ පාෂාණයක් කෙසේවෙතත් බොහෝ පූජාවන්හිදී ගංගා නදියේ ජලයෙන් පුරවාගත් මැටි කලයක් සහ අඹ කොළ මත තබන ලද පොල් ගෙඩියක් සංකේතයක් ලෙස භාවිත කෙරේ. ඇතැම් පූජාවන්හිදී ප‍්‍රතිමා කිහිපයක් ම භාවිත කරන අතර පූජාව පවත්වනු ලබනුයේ කවර දෙවි කෙනෙක් වෙනුවෙන් වුව ද සංකේතාත්මකව විෂ්ණු දෙවියන්ගේ පැමිණීම අනිවාර්ය වෙයි. පිළිගැන්වීම පූජා භාණ්ඩ දෙවියන්ට පිළිගැන්වීමේදී දෙවියන් පිළිගැනීම සහ පූජා භාණ්ඩ ඔවුන්ට කැපකිරීම පහත දැක්වෙන අනුපිළිවෙල අනුව සිදු වෙයි. 1. ආසනයක් පිළිගැන්වීම 2. පා ධෝවනය පිණිස ජලය පිළිගැන්වීම 3. අත් ධෝවනය පිණිස ජලය පිළිගැන්වීම 4. පානය පිණිස පැන් පිළිගැන්වීම 5. ස්නානය කරවීම 6. සිරස ස්නානය කරවීම 7. අසුන් ගැන්වීම 8. ඇ`දුම් පූජා කිරීම 9. පූන නූල පැළ`දවීම 10. ස`දුන් ආලේපය පූජා කිරීම 11. සහල් පූජා කිරීම 12. පුෂ්ප පූජා කිරීම 13. ස්තෝත‍්‍ර ගායනය 14. සුව`ද දුම් පූජා කිරීම 15. ආලෝක පූජා කිරීම 16. ආහාර පූජා කිරීම 17. පළතුරු පූජා කිරීම 18. බුලත් පූජා කිරීම මේ සියල්ල ඉන්දීය සමාජය තුළ ගෞරවණීය අමුත්තෙකු විෂයයෙහි සිදු කෙරෙන සංග‍්‍රහ වේ. ‘එතෙ ගන්ධපුෂ්පේ ... නමඃ. ඕම් ... නමඃ. එතෙ ආධිපත්‍යෙ ශී‍්‍ර විෂ්ණවෙ නමඃ. ’ යන සරළ ගායනයකින් ද පූජාව සමන්විත වෙයි. සියලූම පූජාවන්ගේ අධිපතීත්වය විෂ්ණු බව පිළිගැනෙන හෙයින් විෂ්ණු දෙවියන්ගේ පැමිණීම අනිවාර්ය වෙයි. ආහාර පූජා කිරීම වඩාත් විසිතුරු ලෙස සිදුකෙරේ. ආහාර පූජා කිරීමේදී ඒවා රතු වස්ත‍්‍රයකින් ආවරණය කිරීම ද කරනු ලැබේ. ආයාචනය පූජාවන්හි ඉතාමත් ම නිර්මාණාත්මක අංගය ආයාචනය සේ සැළකිය හැකිය. ශුද්ධ ග‍්‍රන්ථ සජ්ඣායනය, භක්ති ගීත ගායනය සහ නර්තනය ද මන්ත‍්‍ර ගායනයෙහි යෙදෙමින් පුෂ්පෝපහාර පැවැත්වීම ද මෙයට අන්තර්ගත වෙයි. නිමකිරීම යහපත අයැදිමින් ද වරදක් සිදුවූයේනම් කමාව අයැදිමින් ද සියලූම පූජා භාණ්ඩ දෙවියන් උදෙසා නැවත වරක් කැප කරමින් දෙවියන් වටා ප‍්‍රදක්ෂිණා කිරීම මෙහිදී සිදුවෙයි. සක් පිඹීම, ඝන්ඨා නාදකිරීම සහ බෙර වාදනය ද මෙහිදී සිදු කෙරේ. ධෝවනය සහ බෙදාදීම දෙවියන්ට ආරාධනය කරනු ලැබූයේ තාවකාලික සංකේතයක් මගින් නම් එය ජලයෙහි ගිල්වා ධෝවනය කිරීම පිණිස විශේෂ උත්සවයක් පවත්වනු ලැබේ. පූජාවෙන් අනතුරුව ප‍්‍රසාද යනුවෙන් හ`දුන්වනු ලබන පූජා භාණ්ඩ බැතිමතුන් සහ පූජකයින් වෙත බෙදා දීම සිදු වෙයි.
|
ACADEMIC
|
අකිරා කුරෝසාවා උපත මාර්තු 23, 1910(1910-03-23) ෂිනගාවා(Shinagawa), තෝකියෝ (Tokyo), ජපානය මරණය සැප්තැම්බර් 6 1998 (වයස 88) සෙතගායා (Setagaya), තෝකියෝ, ජපානය වෘත්තිය චිත්‍රපට අධ්‍යක්‍ෂක, නිෂ්පාදක, තිර පිටපත් රචක, චිත්‍රපට සංස්කාරක. සක්‍රීය වසර 1936–1993 කලත්‍රයා(යන්) යෝකෝ යගුචි (Yōko Yaguchi) (1921–1985) (ඇගෙ අභාවය තෙක්); දරුවන් දෙදෙනයි. අකිරා කුරෝසාවා 1910 මාර්තු 23 දින ටෝකියෝහි නියම්ගමක උපත ලැබීය. කුරෝසාවාගේ පියා කණිෂ්ඨ උසස් පාසලක අධ්‍යයක්ෂකවරයකු විය. ඔහුගේ දෙමාපියන් වුයේ ඉසාමු කුරෝසාවා හා ෂිමා කුරෝසාවා වේ. ඉසාමු කුරෝසාවා බටහිර සංස්කෘතිය තමන් අධ්‍යක්ෂණය කල වැඩසටහන් වලට යොදාගත් අතර පසුකාලයේ චිත්‍රපට ධනාත්මක අධ්‍යාපනික අත්දැකීමක් ඇතිකරන බව වටහා ගත්තේය. පාසල් කාලයේදී අකිරා කුරෝසාවා චිත්‍ර ඇඳීමට ඔහුගේ ගුරුවරයකු විසින් උනන්දු කරවන ලදී. මෙයට ඔහුගේ සහෝදර හීගෝගේ බලපෑම ද ඇතිවිය. 1936 දී කුරෝසාවා අධ්‍යයක්ෂකවරුන් සඳහා ආධුනික පාඨමාලාවක් හැදෑරීය. අනතුරුව තිජිරෝ යමාමටෝ ගේ සහයක අධ්‍යයක්ෂවරයකු වශයෙන් කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි. ඔහු පළමුව අධ්‍යක්ෂණය කල චිත්‍රපටය වුයේ සන්හිරෝ සුගාටා" වේ. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය ජාතිකත්ව තේමාවන් නිරූපණය කරයි. ඔහුගේ පළමු පසු-යුධ සමයේ චිත්‍රපටය වුයේ නෝ රිග්‍රෙට්ස් ජො අවර් යුත්" චිත්‍රපටයයි. තුරෝසාවා ඩුන්කන් එන්ජල්", "ස්ට්‍රේ ඩෝග්" වැනි වර්තමාන ජපානය නිරූපණය කරන චිත්‍රපට ගණනාවක් නිපදවන ලදී. ඔහුගේ රෂොමොන්" චිත්‍රපටය අන්තර්ජාතික ප්‍රසිද්ධියට පත්වූ අතර ගෝල්ඩන් ලයන්" සම්මානය දිනා ගැනීමට ද සමත් විය. එය පිරිනමන ලද්දේ වේනිස් චිත්‍රපට උළෙලදීය. කැමරාව නළුවන්ගෙන් බොහෝ ඈතින් තබා ගැනීමෙන් හොඳ රංගනයක් නිපදවිය හැකි බව ඔහු විශ්වාස කළේය. කැමරා රාශියකින් හා දිගු නාභි දුර ඇති කාච සහිත කැමරා වලින් යුක්ත කට්ටල ඔහු භාවිතා කළේය. ඔහුගේ මෙම කුසලතාවයන් නිසා ඔහුව ටෙනෝ" (අධිරාජ්‍යයා) යන නාමයෙන් හඳුන්වන ලදී. නළුවන්ට අළුත් වේශ ඇඳුම් (costumes) ලබාදීමෙන් චරිත ව්‍යාජබවින් අඩු කල හැකි බව ඔහු විශ්වාස කළේය. සමහර අවස්ථාවල ඔහු නළුවන්ට වේශ ඇඳුම් රංගනයට දින ගණනකට කලින් ලබාදී ඒවා නිතරම අඳින ලෙසත්, එමඟින් එම ඇඳුමට බැඳීමක් ඇතිකරගන්නා ලෙසත් අවවාද කළේය. එලෙසම ඔහු තම චිත්‍රපටවල සංගීතය ලෙස අවසානයක් නොමැති සංගීත ඛණ්ඩ යොදා ගන්නා ලදී. ජපන් විවේචකයන් ඔහුව ඕනාවට වඩා බටහිරට ලැදි යැයි වර්ග කලත්, ඇත්ත වශයෙන්ම කුරෝසාවා ජපන් සංස්කෘතියෙන් තදින්ම බලපෑමට ලක්වු අයෙකි. උදාහරණ ලෙස කුබුකි හා නෝහ් යන නාට්‍ය ශාලා රංගනයන් හා ජිදෙයිගති නම් ජපන් සිනමාවේ බලපෑම් සැලකිය හැක.
|
ACADEMIC
|
අප්‍රේල් 28: අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: අප්‍රේල් 27 – අප්‍රේල් 28 – අප්‍රේල් 29 අධිලේඛන – විද්‍යුත් තැපෑලෙන් – තවත් සංවත්සර... දැන් වේලාව 2014 දෙසැම්බර් 31 (UTC) – මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න
|
ACADEMIC
|
මෙහි පහත ලැයිස්තුගත කොට ඇති පිටු තුල, විශේෂයෙන්ම සියවස් සහ සහස්‍රවර්ෂ වල ප්‍රවණතා සහ සිද්ධි පිළිබඳ තොරතුරු අඩංගු වෙයි. න සා සං සියවස් සහ සහස්‍රවර්ෂ සහස්‍රවර්ෂය සියවස ක්‍රිපූ (ක්‍රිපූයු) 4වන 40වන 39වන 38වන 37වන 36වන 35වන 34වන 33වන 32වන 31වන 3වන 30වන 29වන 28වන 27වන 26වන 25වන 24වන 23වන 22වන 21වන 2වන 20වන 19වන 18වන 17වන 16වන 15වන 14වන 13වන 12වන 11වන 1වන 10වන 9වන 8වන 7වන 6වන 5වන 4වන 3වන 2වන 1වන ක්‍රිව (පොයු) 1වන 1වන 2වන 3වන 4වන 5වන 6වන 7වන 8වන 9වන 10වන 2වන 11වන 12වන 13වන 14වන 15වන 16වන 17වන 18වන 19වන 20වන 3වන 21වන 22වන 23වන 24වන 25වන 26වන 27වන 28වන 29වන 30වන මෙයද බලන්න[සංස්කරණය] සහස්‍රවර්ෂ ලැයිස්තුව දශක ලැයිස්තුව කාලානුරූප ලැයිස්තුව කාලානුක්‍රමය වසරන්හි අනෙකුත් කාණ්ඩ ගතකිරීම් සඳහා දින දසුන සහ දින දසුන් ලැයිස්තුව බලන්න. ඓතිහාසික සිද්ධීන් වෙනස් ලෙසින් සංවිධානය කිරීම් සඳහා ඉතිහාසය, යුගය අනුව ඉතිහාසය සහ, යුග බෙදීම බලන්න. ඉහත කාල පර්ච්ඡේද සඳහා, බිග් බැං හී කාලානුරූපය, භූවිද්‍යාත්මක කාල පරිමාණය, පරිණාමයෙහි කාලානුරූපය සහ, ලඝුගණක කාලානුරූපය බලන්න. පටුන ලැයිස්තු ලැයිස්තු සමාලෝචන · මාතෘකා (මූලික) · ශාස්ත්‍රීය ශික්ෂණයන් · ශබ්දමාලා · ද්වාර · ප්‍රවර්ගයන් රටවල් · ජනයා · දිනවකවානු (සියවස් · දශක) · 2014 · සංවත්සර (අද) · කාලීන සිදුවීම් · මෙම වසරෙහි සිදුවූ මරණ සූචි පත්‍ර ඩිවි පංති · LOC පංති · A–Z සූචිය
|
ACADEMIC
|
998 බෝඩියා සොයාගැනීම සොයාගත් තැනැත්තේ කේ. රයින්මුත් සොයාගත් ස්ථානය හයිඩ්ල්බර්ග් සොයාගත් දිනය අගෝස්තු 6, 1923 නිලනාමයන් විකල්ප නම් 1923 NU කක්ෂීය ලක්ෂණ කාලාරම්භය අගෝස්තු 18, 2005 (JDCT 2453600.5) විහේලිකය 3.773 AU අපහේලිකය 2.475 AU අඩ-මහා අක්ෂය 3.124 AU උත්කේන්ද්‍රියතාවය 0.208 කක්ෂීය කාලාවර්තය 5.521 a මධ්‍යන්‍යය විෂමතාවය 275.180° ආනතිය 15.478° ආරෝහණ මංසලෙහි දේශාංශකය 301.320° පරිතාරාන්තිකයේ විස්තාරය 72.688° 998 බෝඩියා යනු ප්‍රධාන-වළල්ලට අයත් ක්ෂුද්‍ර ග්‍රහයෙකි. බාහිර සබැඳි[සංස්කරණය] ඩිස්කවරි සර්කම්ස්ටන්සර්ස්: නම්බර්ඩ් මයිනර් ප්ලැනට්ස් න සා සං සුළු ග්‍රහයෝ සංචාලකය 997 ප්‍රිස්කා 998 බෝඩියා 999 සකියා න සා සං සෞර ග්‍රහ මණ්ඩලයේ කුඩා වස්තූන් සුළු ග්‍රහයෝ Designation Groups Moons Meanings of names Pronunciation of names Asteroids Aten asteroid Families Jupiter Trojans Main-belt Near-Earth Spectral types Distant minor planets Centaurs Damocloids Neptune trojans Trans-Neptunian objects Detached Kuiper belt Oort cloud Scattered disc Comets Extinct Great Lost Main-belt Non-periodic Periodic Sungrazing Meteoroids Bolide Dust Fireball Meteor Meteorite Tektite Lists / categories Asteroid groups and families Asteroid moons Binary asteroids Minor planets මෙම පිළිබඳ ලිපිය ක්ෂුද්‍ර ග්‍රහ වළල්ලට අයත් ක්ෂුද්‍ර ග්‍රහයෙක් පිළිබඳ අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
|
ACADEMIC
|
චෙක් සමූහාණ්ඩුවේ ප‍්‍රාථමික පාසැලක් ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනයේ ප‍්‍රථම අදියර වේ. පෙර පාසැල එයට පූර්වගාමී වන අතර ද්විතීය අධ්‍යාපනය ප‍්‍රාථමික අධ්‍යාපනයට පසුව පැමිණේ. උතුරු අමෙරිකාවේ මෙම අධ්‍යාපන අවදිය මූලික අධ්‍යාපනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. බොහෝ රටවල ප‍්‍රාථමික අධ්‍යාපනය ලබාගැනීම දරුවන්ට අනිවාර්ය වන අතර එය ලබාදීම සඳහා කි‍්‍රයා කිරීමට දෙමාපියන් නීතිමය වශයෙන් බැදී සිටී. ද්විතීය පාසැලට හෝ උසස් පාසැලට මාරුවීම සිය කැමැත්ත පරිදි සිදුවන නමුත් එය වයස අවුරුදු එකොලහේදී හෝ දොළහේදී සිදුවෙයි. ඇතැම් අධ්‍යාපන පද්ධති අනුව වෙන්ව පිහිටි මධ්‍යම පාසැල් ඇත. වයස අවුරුදු දහහතරේදී පමණ එහිදී අවසාන අධ්‍යයන අදියරට සංක‍්‍රමණය විය හැකිය. ප‍්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන පාකිස්තානු ශිෂ්‍යයෙක් ප‍්‍රාථමික අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණු වනුයේ සිසුන්ට මූලික භාෂාමය හා ගණිතමය හැකියාව ලබාදිමත් විද්‍යාව, භූගෝලවිද්‍යාව, ඉතිහාසය සහ වෙනත් සමාජයීය විද්‍යා විෂයයන් සඳහා පදනම් දැනුමක් සැපයීමත් ය. එහෙත් ප‍්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත‍්‍ර කවරේද යන්න සහ ඒවා ඉගැන්විමේදී අනුගමනය කළයුතු ක‍්‍රමවේදය කුමක්ද යන්න විවාදාත්මකය. ප‍්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණකර උසස් හෝ ද්විතීයික පාසැලකට ප‍්‍රවේශවන තෙක් ක‍්‍රමයෙන් උසස් කෙරෙන පන්ති සහිත පාසැලකින් එය ලබාදීම පවත්නා තත්වයයි. දරුවාගේ අධ්‍යාපනය මෙන් ම ශුභසාධනය ද සඳහා වගකීම දරන එක ගුරුවරයෙකු යටතේ වර්ෂයක පමණ කාලයක් පුරා දරුවා ගත කරයි. සංගීතය හා ශාරීරික අධ්‍යාපනය වැනි ඇතැම් විෂයයන් පිළිබඳ විශේෂඥ ගුරුවරුන්ගේ සහාය මෙම කාලය තුළදී එකී ගුරුවරයාට ලැබේ. මේ අනුව ප‍්‍රාථමික අධ්‍යාපන ක‍්‍රමයේ විශේෂ ලක්ෂණය වනුයේ එක ම ගුරුවරයෙකු යටතේ ඉගෙනීමත් පන්තිය සමග සමිප සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවීමත් ය. සාම්ප‍්‍රදායිකව මුල් අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් වනුයේ විවිධාකාර ශාරීරික දඬුවම් ය. මෑතක සිට මෙම ක‍්‍රමයට විරෝධය පළවී ඇති අතර බොහෝ රටවල විශේෂයෙන් බටහිර රටවල ඒවා නීතියට පටහැනි කි‍්‍රයා සේ සැලකේ. සටහන්[සංස්කරණය] Primary education
|
ACADEMIC
|
<< ජනවාරි 2014 >> සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ජනවාරි 30, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 30 වන දිනය වේ. අවුරුද්ද අවසන් වීමට තවත් දින 335 ඉතිරිව තිබේ (අධික අවුරුද්දක් නම් 336). This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේබ්‍රහ: මැයි 11, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 131 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 132 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 234 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 6 වන සියවස – 7 වන සියවස – 8 වන සියවස දශක: 600ගණන් 610ගණන් 620ගණන් – 630ගණන් – 640ගණන් 650ගණන් 660ගණන් වසර: 632 633 634 – 635 – 636 637 638 ක්‍රිස්තු වර්ෂ 635 (DCXXXV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 635 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
ෆීනික්ස් අභ්‍යාවකාශ යානයේ සිත්තරෙකුගේ සංකල්පයක් ෆීනික්ස් ක්‍රියාන්විතය විසින් ටෙලිරොබෝවෙකු 2008 මැයි මාසයේ දී අගහරුගේ ධ්‍රැව ප්‍රදේශමතට ගොඩ බස්වනු ඇත. මෙම මෙහෙවරට මූලික අරමුණු 2ක් පවතී. එකක් ක්ෂුද්‍ර ජීවීන් වාසය කිරීමට ඉඩ ඇති අගහරුගේ ප්‍රචාරණ පාෂාණ මත ජීවත්වීමට සුදුසු ප්‍රදේශ පරීක්ෂා කිරීමට වන අතර අනෙක අගහරු මත ඇති ජලයේ භූවිද්‍යාත්මක ඉතිහාසය පිළිබදව අධ්‍යයනය කිරීමයි. මෙම යාත්‍රාවට ප්‍රචාරණ පාෂාණ මත 0.5m පමණ අගලක් කැනිය හැකි 2.5m දිග රොබෝ අතක් ඇත. මෙම අතෙහි කැමරාවක් සවිකර ඇති අතර එමගින් විශ්ලේෂණය සදහා ද්‍රව්‍යය සාම්පල යානය වෙතට ගෙන ඒමේ දී කොරොස්ස මත ද්‍රව්‍යය සාම්පල ඇත්දැයි නිසැකවම දර්ශනය කර ගත හැක. මෙමගින් වයිකින් යානාවන්හි නිර්මාණකරණයේ දී වූ විශාල අතපසුවීමක් මගහරවාගෙන ඇත. මෙම යානාව සතුව 10ppb දක්වා වාෂ්පශීලී කාබනික සංයෝග අනාවරණය කරගත හැකි විශාල වර්ණාවලිමානයක් , ආලෝක අන්වීක්ෂයක් හා පරමාණුක බල අන්වීක්ෂයක් ඇත. උපකරණ නිවැරදිව ක්‍රියා කළහොත් අගහරු මත ඇති ඔක්සිහාරක වර්ග හා එහි ප්‍රමාණික බව ප්‍රචාරණ පාෂාණවල ඇති අයන පිළිබදව විද්‍යාඥයින්ට දැනගත හැකිවන පරිදි විද්‍යුත් රසායනික පරීක්ෂණයක් ද සිදු කෙරෙනු ඇත. මේ අතර අගහරුමත ඔක්සිකාරක අක්ෂාංශමත වෙනස් වන බව වාර්තාකරණ නාසා විද්‍යාඥ කැරොල් ස්ට්‍රොකර් වයිකින් 1ට වඩා වයිකින් 2 සුළු ඔක්සිකාරක ප්‍රමාණයක් දුටුවේ එය වඩාත් උතුරට පිහිටීම නිසා බව කියා සිටී. ෆීනික්ස් ගොඩබසිනු ඇත්තේ වඩාත් උතුරට වන්නටය. ෆීනික්ස් ගොඩ බසින ප්‍රදේශයේ මණ්ඩි බැස්ම (අවසාදන) සීඝ්‍රතාවය නිසා අඩුම තරමේ අවුරුදු 50000 ක් හෝ සමහර විට අවුරුදු මිලියන ගණනක් පැරණි සාම්පල් ගෙන ඒමට බලාපොරොත්තු වේ. අතීතයේ අගහරු මත දේශගුණය වඩාත් උණුසුම්ව තිබුණු නිසා හා එම නිසා ඕනෑම ආකාරයක ජීවයක් පැවතීමට ඉඩ තිබුණු නිසා මෙය ඉතා වැදගත් බව ස්ට්‍රොකර් පවසයි. පාත්පයින්ඩර් රෝවරය හෝ වායු බෑග මගින් කුෂන් කළ (air bag – cushioned) කැප්සූල භාවිතා කළ අගහරු ගවේෂක රෝවර (Mars Exploration Rovers) මෙන් නොව , රොකට් අපද්‍රව්‍ය මගින් වයිකින්ග් ගොඩ බැසූ ස්ථාන දුෂණය වූ බවට විරෝධතා එල්ල වූවද ෆීනික්ස් යානය ද ගොඩ බසිනු ඇත්තේ වයිකින්ග් ගොඩබැසූ ආකාරයමටය. පෙර කළ 1965 තාරකා විද්‍යාඥයන් විසින් කළ දුරේක්ෂ නිරීක්ෂණ මත පදනම්ව , ෆීනික්ස් මගින් අගහරු මත ජීවය සොයා ගැනීමට ඉතා හොද හැකියාවක් ඇති බවට Imminent Discovery නම් පොතෙහි සමහර පර්යේෂකයන් අදහස් දක්වා ඇත. 1962 දී අර්ල් සී. ස්ලිෆර් විසින් රචිත ‘MARS “ The photographic story’ නම් පොතෙහි ඔහු “අගහරුගේ ධ්‍රැව වැස්මේ සීමාන්හි තදින් පැතිර පවතින අදුරු නිල් පැහැති පටියක් ගැන විස්තර කරයි. මෙම අභිරහස විසදිය හැකි ස්ථානයක ෆීනික්ස් ගොඩ බසිනු ඇත. අනාගත ක්‍රියාන්විත නාසා ආයතනය විසින් අගහරුමත ජීවය පිළිබද ගැටළුවලට පිළිතුරු දිය හැකිවන පරිදි 2016 දී නක්ෂත්‍ර ජීව විද්‍යාත්මක විද්‍යාගාරයක් (Astrobiology Field laboratory) දියත් කිරීමට සැලසුම් කරමින් පවතී. මෙම මෙහෙවරේදී කුමන ආකාරයේ පරීක්ෂණ සිදු කෙරෙනු ඇත් ද යන්න තීරණය කරනු ලබන්නේ අගහරු ගවේෂණ හා අයබර විශ්ලේෂණ කණ්ඩායම (Mars Exploration and Payload Analysis Group) විසිනි.
|
ACADEMIC
|
ලේසර පිරික්සුමේදී වස්තුව මතුපිට පරික්ෂා කර ලේසර් වල ශක්තියේ වෙනස්කම් මත එම භාවිතද වෙනස්වේ. ශක්තියෙන් අඩු ඒවා ලේසර් උත්තීරණයට යොදාගනී. ශක්තියෙන් වැඩි ලේසර මහත් මඟින් ද්‍රව්‍යය ද්‍රව බවට පත්කරන නිසා ඒවා ද්‍රව්‍යය කැපීමට භාවිතා කරයි. මෙම භාවිත සඳහා උපයෝගීවන මූල හා නියාම බොහෝ දුරට සමාන වේ. මූල ක්‍රියාවලියම පරිගණකයකට සම්බන්ධවූ මෘදුකාංග සමන්විත පද්ධතියකින් හැසිරවේ. මෙම පද්ධතියට සම්බන්ධ ස්කෑනර් පත්‍රය දෛශික දත්ත චලිත දත්ත බවට හරවන අතර එය ස්කෑන ශීර්ෂ ස්ථානයට යවනු ලබයි. මෙම ස්ථානය කැඩපත් දෙකකින් යුක්ත වේ. එමඟින් ලේසර් කදම්භය X හා Y සමකක්ෂ වලට හැරවිම සිදුකරයි. Z සමකක්ෂය අවශ්‍යය වුවහොත් විශේෂිත දෘෂ්ටියක් මඟින් ලබාගනි. විශේෂිත අවස්ථාවල වඩා හොද සුපිරික්සිම් ලබාගැනීමට ස්කෑන ශිර්ෂස්ථාන එකකට වැඩි ගණනක් යොදාගනි. මේවාට යොදාගන්නා මෘදුකාංග වෙනස් වේ. සමහර අවස්ථාවල කලයුතු කාරය ශිර්ෂ ස්ථානවල බෙදීම මඟින් වැඩි කාර්යක්ෂමතාවය ලබාගනී.
|
ACADEMIC
|
හාසරා නගරය (උර්දු: ہزارہ ٹاؤن, හාසරාගි: آزره ٹاون) යනු 70,000 පමණ ජනගහනයකින් යුතු සහ, එයින් හතරෙන් තුන් පංගුවක් පමණ හාසරා ජනයාගෙන් සමන්විත සහ හාසරා නගරයේ දකුණු කොටසේ සුළුතර බලූච් සහ පෂ්ටුන් ගෝත්‍ර සහිත, පාකිස්තානයේ ක්වේටා නගරය අසබඩ බටහිර දිගින් පිහිටි, පහළ-මධ්‍යම ආදායම් ලාභී ප්‍රදේශයකි.
|
ACADEMIC
|
මෙම ලිපිය බදුල්ල දිස්ත්‍රික්කය පිලිබඳ වේ. නගරය සඳහා, බදුල්ල බලන්න. බදුල්ල දිස්ත්‍රික්කය — පරිපාලන දිස්ත්‍රික්කය — බදුල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් ඛණ්ඩාංක: 6°59′05″N 81°03′23″E / 6.98472°N 81.05639°E / 6.98472; 81.05639ඛණ්ඩාංක: 6°59′05″N 81°03′23″E / 6.98472°N 81.05639°E / 6.98472; 81.05639 රට ශ්‍රී ලංකාව පළාත ඌව පළාත විශාලතම නගරය බදුල්ල වර්ගප්‍රමාණය • සම්පූර්ණ 2,861 කිමී2 (1,105 වර්ග සැත) • භූමිය 2,827 කිමී2 (1,092 වර්ග සැත) • ජලය 34 කිමී2 (13 වර්ග සැත) ජනගහණය (2006) • සම්පූර්ණ 837,000 • ඝණත්වය Bad rounding here290/කිමී2 (Bad rounding here760/වර්ග සැත) වේලා කලාපය ශ්‍රී ලංකාව (UTC+05:30) ISO 3166 කේතය LK-81 බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,861 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2006දි ) 837,000 ක් විය. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ පළාත්
|
ACADEMIC
|
මෙම ලිපිය වනාහි Fat ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. මේදය[සංස්කරණය] මේදය යනු පුළුල් කාණ්ඩයක පැතිර පවත්නා රසායනික ද්‍රව්‍යයක් වන අතර ඒවා කාබනික ද්‍රාවකයන්හි දියවන අතර ජලයෙහි අද්‍රව්‍යවේ. රසායනික විද්‍යාවට අනුව මේද යනු ග්ලිසරෝල් හා මේද අම්ලවල ට්‍රයිඑස්ටර වේ. මේදය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී එහි ව්‍යුහය සහ සංයුතිය අනුව ඝන හෝ තරලයක් වේ. තෙල්, මේද සහ ලිපිඩ යන වචන භාවිතා කළද තෙල් යනු ද්‍රවයක් වන අතර මේද යනු සාමාන්‍ය කාඹර උෂ්ණත්වයේදී ඝණයකි. ලිපිඩ යනු මෙම ඝණ හා ද්‍රව මේද සදහා භාවිතාවන පොදු නමකි. තෙල් යන්නෙන් අදහස් වන්නේ ජලය සමග මිශ්‍ර නොවන ග්‍රීස් , පෙට්‍රෝලියම් වැනි ද්‍රවයකි. මේද යනු ලිපිඩවල එක් වර්යක් වන අතර එය අනෙකුත් ලිපිඩ වලින් වෙන්කර හදුනාගත හැක්කේ එහි රසායනික ආකෘතිය සහ භෞතික ලක්ෂණ අනුවය. මෙම අණු විශේෂය ව්‍යුහ විද්‍යාත්මකව සහ පරිවෘත්තීය ක්‍රියාවලින් ඉටුකරන ජීවය සදහා ඉතා වැදගත් ස්ථානයක් දරයි. මිනිසුන් ඇතුළු විෂම පෝෂීන් බහුතරයකගේ ආහාර වේලෙහි විශේෂ ස්ථානයක් මේවා සදහා හිමිවේ. අග්න්‍යාසය මගින් ශ්‍රාවය කරන ලයිපේස් නම් එන්සයිමය මගින් ලිපිඩ බිදහෙලනු ලබයි. ආහාරයට ගත හැකි සත්ව මේදයන් වනුයේ ඌරු තෙල්, මත්ස්‍ය තෙල්, බටර් හෝ එළගිතෙල්ය. ඒවා කිරිවලින් , මස්වලින් සහ සතුන්ගේ සමට යටින් ඇති තෙල් මගින් ලබාගනී. ශාකවලින් ලබා ගන්නා ආහාරයට ගත හැකි මේද වර්ග වනුයේ රටකජු, සෝයා, සූරිය කාන්ත තෙල්, තලතෙල්, පොල්තෙල්, ඔලිව්තෙල් සහ එළවළු තෙල්ය. මාජරින් සහ අනෙකුත් එළවළු තෙල් වර්ග ආහාර ද්‍රව්‍ය පිලිස්සීම සදහා භාවිතා කරනු ලබයි. මේදය සදහා ලබාදී ඇති මෙම නිදසුන් සංතෘප්ත මේද සහ අසංතෘප්ත මේද ලෙස වර්ගීකරණය කරයි.
|
ACADEMIC
|
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේඉරි: ජූනි 1, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 152 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 153 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 213 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ as a page that is patent nonsense, consisting purely of incoherent text or gibberish with no meaningful content or history නිසාවෙනි. This does not include poor writing, vandalism (G3), සිංහල නොවන අන්තර්ගතය, badly translated material, hoaxes (G3), etc. CSD G1 බලන්න.%5B%5BWP%3ACSD%23G1%7CG1%5D%5D%3A+%5B%5BWP%3APN%7CPatent+nonsense%5D%5D%2C+meaningless%2C+or+incomprehensibleG1 එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පරිපාලකවරු වෙත සටහන: මකා දැමීමට පෙර මෙම ලිපිය සතුව එහි සාකච්ඡා පිටුවෙහි ඇති අන්තර්ගතය පරීක්ෂා කරන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ Singhalawap (දායකත්ව| ලඝු) විසින් 0 තත්පරයකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:Db-nonsense-notice|බෞද්ධයන් ලැයිස්තුව|header=1}} ~~~~ බුදුන් වහන්සේ ජීවත් වූයේ ක්‍රි.පූ. 566 – 486 මධ්‍යම ඉන්දියාවේ ගංඟා නදී නිම්න ප්‍රදේශයේය. උන්වහන්සේ ආර්ය ශිෂ්ඨාචාරය විසින් මෙන්ම මුළු මහත් මානව සංහතිය විසින්ම බිහිකළ උසස්ම පුද්ගලයා ලෙස නිසැකවම කිවහැකිය. ලොව බිහි වූ උසස්ම මිනිසා වන උන්වහන්සේ ලොව උසස්ම දර්ශනය මානව සංහතියට දායාද කළේය.මිනිසා අන් සියල්ලටම වඩා උසස් බව සිය දහමින් පෙන්වා දුන්හ.ත්‍රිපිටකය යනු සූත්‍ර,විනය,අභිධර්ම යන දේශනාවන්ය. උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන්නන් ශ්‍රාවකයන් ලෙස හදුන්වයි.පරාර්ථකාමිත්වය හා ධර්මකාමීත්වය අගය කරන නිවන අරමුනු කරගෙන සාමකාමි ජීවිතයක් ගත කරන පරාර්ථකාමීන්ය.
|
ACADEMIC
|
ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලය සහ එහි පූර්වගාමී යටත් විජිකයන්ට අයත් භූමි ප්‍රදේශය තුල හෝ එහි ජනතාව විසින් හෝ නිපැයුනු ලිඛිත හෝ සාහිත්‍යමය හෝ කෘතීන් ඕස්ට්‍රේලියානු සාහිත්‍යය යනුවෙන් හැඳින්වෙති. අනෙකුත් සමකාලීන කෘතීන් සහ කතුවරු[සංස්කරණය] 1973 දී පැට්‍රික් වයිට් විසින් සාහිත්‍යය සඳහා වු නොබොල් ත්‍යාගය දිනාගැනීමත් සමග, ඕස්ට්‍රේලියානු සාහිත්‍යය එහි කුටප්‍රාප්තිය කරා ලගා වු බව පොදු මතයයි. පැට්‍රික් වයිට්, එසේ නොබෙල් සාහිත්‍යය ත්‍යාගය දිනු පලමුවෙනි සහ (මෙතෙක්) එකම ඕස්ට්‍රේලියානු ජාතිකයා වේ. 2003 දී නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභි ජෝන් එම්. කෝටේසී දකුණු ඕස්ට්‍රේලියාවේ, ඇඩ්ලේස්හි ජීවත් වුව ද, ඔහුගේ උපන් බිම දකුණු අප්‍රිකාව වන බැවින් ඔහු සැලකනේනේ අප්‍රිකානු ජාතිකයෙකු ලෙස සැළකේ. පීටර් කේරි, කේට් ග්‍රෙන්විල්, ඩේවිඩ් මාලුෆ්, ජැනෙට් ටර්නර් හොස්පිටල් හා ටිම් වින්ටන් 70 දශකයෙන් පසු ඕස්ට්‍රේලියාවෙන් බිහි වු විශ්ෂ්ඨ කතුවරුන් වේ. ඩේවිඩ් මාලුෆ් ජේම්ස් ක්ලැවෙල්, 'ද ඒෂියන් සාගා වේදී ඕස්ට්‍රේලියානු සාහිත්‍යයේ ප්‍රධාන අංගයක් සාකච්ඡාවට ලක් කරයි. ඒ (නෙවිල් ෂූට් කල පරිදි) අපරදිග දෘෂ්ඨිකෝණයකින්, පෙරදිග සංස්කෘතිකාංග විදහා දැක්වීමෙනි. ඔහු සාර්ථක තිර රචකයෙක් ද වේ. තවද ඔහු “ෂින්ඩ්ලර්ස් ලිස්ට්” චිත්‍රපටයට පදනම් වුණු ෂින්ඩ්ලරස් ආර්ක් ග්‍රන්ථයේ කතුවරයා වූ, බ්‍රකර් ත්‍යාගලාභී තෝමස් කෙනෙලි සමඟ ඕස්ට්‍රේලියානු සාහිත්‍යයේ තේමාවන් වඩාත් පුළුල් කිරීමට පෙරමුණ ගත් කතුවරයෙකු වේ. ඒ හැරුණු විට ජාත්‍යන්තර තේමාවන් ඔස්සේ සාහිත්‍ය නිර්මාණයේ නියැළි ඕස්ට්‍රේලියානු කතුවරුන් ලෙස ජේරාඩ් වර්නාත් සහ බ්‍රෙන්ඩා වෝකර් හැඳින්විය හැක. කාව්‍යය[සංස්කරණය] ඕස්ට්‍රේලියානු සාහිත්‍යය බිහිවීමේදී කාව්‍ය ශාස්ත්‍රය වැදගත් කාර්ය භාරයක් ඉටු කළේය. ඕස්ට්‍රේලියානු මහා කවීන් අතරින් දෙදෙනෙකු වුයේ ක්‍රිස්ටෝපර් බ්‍රෙනන් සහ ඇඩම් ලින්ඩ්සේ ගොර්ඩන් ය. ගොර්ඩන් එක් වතාවකදී ‘ඕස්ට්‍රේලියාවේ ජාතික කවියා’ ලෙසද හැඳින්වුනේය. එමෙන්ම එංගලන්තයේ වෙස්ට් මිනිස්ටර් ඈබෙහ හි කවියන්ගේ අංශයේ ප්‍රතිමාවක් තිබෙන එකම ඕස්ට්‍රේලියානු කවියාද වන්නේය. ගෝර්ඩන් සහ බ්රුනන් යන දෙදෙනාගේම කෘතින් කාව්‍ය ශාස්ත්‍රයේ සම්ප්‍රදායික ශෛලියට අනුකූල විය. ඒවා තුළ බොහෝ ශාස්ත්‍රීය කරුණු අඩංගු විය. මේ නිසාම ඔවුන්ගේ කෘතින් උසස් සංස්කෘතික විෂය පථය තුළට එක් විය. මෙම කාලය තුල දීම ඕස්ට්‍රේලියාවට ගැමි ගීත වලද, කවි කථා වලද ආශිර්වාදය ලැබුණේය. ලෝසන් සහ බැන්ජෝ පැටෙර්සන් යන දෙදෙනා මෙම ජනප්‍රිය කවි කථාවල ප්‍රධාන පෙළේ කුශලතාවයන් දැක්වු අයගෙන් දෙදෙනෙකි. එමෙන්ම බොහෝ ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු කාව්‍යයක් ලෙස සැළකිය හැකි වෝල්ට්සින් මැටිල්ඩා (Waitzing Matilda) නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මෙම බැන්ජෝ වගකිව යුතු වුයේය. ඕස්ට්‍රේලියාවේ ඈත පිටිසර පෙදෙස්වල ප්‍රේමනීය හැඟීම් ඇති කළ දර්ශන සහ එහි වාසය කළ විෂම චරිත, ඕස්ට්‍රේලියානු ආත්මයේ හැඩය සකස් කිරීමේදි වැදගත් කොටසක් ඉටුකර ඇත. එය හරියට ඇමෙරිකානු ඕල්ඩ් වෙස්ට්හි ගොපල්ලන්, ආර්ජන්ටිනා පැම්පාස්හි ගවුචෝ වරුන් එම රටවල් තුළ ප්‍රතිරූපයේ කොටසක් වුවා මෙනි. විසිවෙනි ශත වර්ෂයේ කැපි පෙනුන ඕස්ට්‍රේලියානු කවියන් අතරට ඒ.ඩි.හෝප් ජුඩිත් රයිට්, ශ්වෙන් හාර්වුඩ්, කෙනත් ස්ලෙයර්, ලෙස් මරේ සහ වඩාත් මෑතදී ජෝන් ෆෝර්බ්ස් සහ ජෝන් ට්‍රැන්ටර් යන අයද ඇතුළත් වේ. වඩාත් මෑතදි මතු වී ආ කවියන් ලෙස ජුඩිත් බෙවරිජ් සහ ඇන්ඩෲ ස්ලැටරි යන නම් සදහන් වේ. සමකාලීන ඕස්ට්‍රේලියානු කවි බොහෝ විට ප්‍රකාශයට පත් කරනු ලබන්නේ කුඩා සහ ස්වාධීන පොත් ප්‍රකාශකයින් විසිනි. කෙසේ වුවද නව මධ්‍ය සහ අන්තර්ජාල සටහන් ද ඇතුලු වෙනත් වර්ගයේ ප්‍රකාශන සහ ජනතා කාව්‍ය ව්‍යාපෘති විශාල ලෙස ජනප්‍රිය වෙමින් පවතී. සිඩ්නි නගරය මූලස්ථානය කරගත් ද රෙඩ් රූම් කම්පැනි නම් ආයතනය මෙම ක්ෂේත්‍රයේ වඩාත් ක්‍රියාකාරි සමාගම්වලින් එකකි. ආශ්‍රිත[සංස්කරණය]
|
ACADEMIC
|
දඹුලු ලෙන් විහාරය (රන්ගිරි දඹුලු ගල් විහාරය) රට මැද බාගයට වන්නට පිහිටි ලෝක උරැමයක් ලෙස නම් කර ඇති ස්ථානයකි. කොළඹින් කි.මි.148 නැගෙනහිරින්ද මහනුවරින් කි.මි.72 උතුරින්ද පිහිටා ඇති මෙය ඉතා හොඳින් සුරැකිව ඇති විහාර සංකීර්ණයකි. තැනිතලාවෙන් මි.160 උසින් පිහිටි පර්වතයක 80 අධික ලෙන් සංඛ්‍යාවක් පවතින අතර ෙලන් පහක් ආශිතව විහාර අන්ඝනය පිහිටිවා ඇත. බුද්ධ චරිතයට අදල ස්තූප සහ බිතු සිතුවම් නිස ෙමම විහාරය ෙලා්ක ප්රසිද්දියට පත් වී ඇත.බුද්ධ ස්තූප 153 සිංහල රජුන්ගේ ප්‍රතිමා 3 සහ දැව ප්‍රතිමා 4 ක් වර්ග මි.2100 ප්‍රෙද්ශයක පිහිටිව තිබේ. බිතු සිතුවම් මගින් බුදුන්ගේ මාර පරාජය සහ පලමු ධර්ම දේශනාව නිරූපණය කර ඇත. මේවාත් බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් ශ්‍රී ලංකාව
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස දශක: ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් 0ගණන් – 10ගණන් – 20ගණන් 30ගණන් 40ගණන් වසර: 13 14 15 – 16 – 17 18 19 16 වසර (XVI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ටවුරුස්ගේ සහ ලීබොගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 769 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 16 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය. වයසක් ලෙසින් සැලකූ කල, 16 යනු වැඩිහිටි විය ඇරඹෙන සාමාන්‍ය අගයයි.
|
ACADEMIC
|
සිස්ටීන් ෙද්වස්ථානය යනු වතිකානු නගරයේ පිහිටි පාප්තුමාගේ නිල නිවස වන අපොස්ටොලික් මන්දිරයේ පිහිටා ඇති දේවස්ථානයකි. ගෘහ නිර්මාණයෙන් අනූන ස්ථානයක් වන මෙහි පුරාණ තෙස්තමේන්තුවේ සොලමන් පූජස්ථානයේ ලක්ෂණද පිළිබිඹු වේ. ශ්රේ ෂ්ඨ පුනරුදවාදී කලාකරුවන්ගේ බිතු සිතුවම්කරණයෙන්ද එනම්, මයිකල් ආන්ජිලෝ වැනි අයගේ නිර්මාණකරණයෙන් අලංකෘත මෙහි පාප්වහන්සේගේ ආගමික සහ විවිධ ක්රිියාකාරකම් සිදුකරන දේවස්ථානයයි. තවද, නව පාප් වහන්සේ කෙනෙකු පත් කරනුවස් පවත්වනු ලබන රහස් සාකච්ඡා සිදු කරනුයේ මෙම පරිශ්රසයේදී වීම විශේෂත්වයකි. http://en.wikipedia.org/wiki/Sistine_Chapel
|
ACADEMIC
|
මෙම ලිපිය හෝ ලිපි කොටස පිළිකා සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) බොහොමයක් පිළිකා මුලින්ම හදුනාගනු ලබන්නේ එහි රෝග ලක්ෂණ මගින් හෝ රෝග විමර්ශන ක්‍රම මගිනි. ඉහත කී ආකාර දෙකෙන්ම පිළිකාවක් පිළිබද නිශ්චිත රෝග නිර්ණයක් ලබාදිය නොහැකි අතර ඒ සදහා ව්‍යාදිවේදියකුගේ උපදෙස් අවශ්‍ය වේ. ව්‍යාදිවේදියෙකු යනු පිළිකාවන් සහ අනෙකුත් රෝග නිර්ණය කිරීම සදහා විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය වරයෙකි. රෝග නිර්ණය කිරීමේ ක්‍රම[සංස්කරණය] පිළිකාවක් ඇති බවට සැක සහිත පුද්ගලයෙකු විවිධ වෛද්‍ය පරීක්ෂණ කෙරෙහි භාජනය කෙරේ. ඒවා නම් රුධිර පරීක්ෂා, එක්ස් රේ පරීක්ෂාවන්, සී.ටී. ස්කෑන් සහ එන්ඩොස්කොපි පරීක්ෂාවන්ය. ශරීරයේ පටක විශ්ලේෂණය (බයොප්සි පරීක්ෂාවක්)[සංස්කරණය] විවිධාකාර හේතුමත පදනම් වුවත් පිළිකාවක් ඇති බවට සැක කලද බොහෝ පිළිකාවන් සදහා නිශ්චිත රෝග නිර්ණයක් ලබාගැනීමට ව්‍යාදිවේදියකු මගින් ලබාදෙන අදාල පිලිකා සෛල වල පටක වාර්තාවක් අත්‍යවශ්‍ය වේ. මෙම අදාල පටක කොටස බයොප්සි පරීක්ෂාවකින් හෝ සැත්කමකින් ලබාගත හැකිය. බොහෝ බයොප්සි පරීක්ෂාවන් ශල්‍යාගාරයකට නොගොස් වෛද්‍යවරයා රැඳී සිටින කාමරය තුළදීම ලබා ගත හැකිය. උදා - සම, පියයුරු හෝ අක්මාවේ පටක කොටස් අනෙකුත් අවයව වල සිදුකරන බයොප්සි පරීක්ෂාවන් සදහා නිර්වින්දන ක්‍රම භාවිතා කරමින් ශල්‍යාගාරයක් තුළ සිදු කරන සැත්කමක් අවශ්‍ය වේ. ව්‍යාදිවේදියෙකු මගින් ලබාදෙන නිර්ණයෙහි වර්ධනයට ලක්වන සෛල වර්ගය පිලිබද හැදින්වීමක් කරයි. තවද අදාල වර්ධනයෙහි පටක විද්‍යාත්මක වර්ගි කරණයේ සහ එහි අනෙකුත් ලක්ෂණ ද සදහන් කරයි. ඉහත තොරතුරු එක්ව ගත් කළ අදාල රෝගියාගේ රෝගයෙහි තත්ත්වය අවබෝධකර ගැනීමට සහ වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමය තෝරා ගැනීමට උපකාරීවේ. සෛල ජාන විද්‍යාව (Cytogenetics) සහ ප්‍රතිශක්ති පටක රසායන විද්‍යාව (Immunohistochemistry) යනු ව්‍යාදිවේදීන් විසින් පටක කොටස් මගින් සිදුකරන අනෙකුත් වර්ග වල පරීක්ෂාවන්ය. මෙම පරීක්ෂණ මගින් අදාල පිළිකාව අනාගතයේදී හැසිරෙන ආකාරය සහ වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රම පිලිබද අවබෝධයක් ලබාගත හැකිය.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස – ක්‍රිපූ 6 වන සියවස දශක: ක්‍රිපූ 630ගණන් ක්‍රිපූ 620ගණන් ක්‍රිපූ 610ගණන් – ක්‍රිපූ 600ගණන් – ක්‍රිපූ 590ගණන් ක්‍රිපූ 580ගණන් ක්‍රිපූ 570ගණන් වසර: ක්‍රිපූ 607 ක්‍රිපූ 606 ක්‍රිපූ 605 – ක්‍රිපූ 604 – ක්‍රිපූ 603 ක්‍රිපූ 602 ක්‍රිපූ 601 ක්‍රිස්තු පූර්ව 604 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 604 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 604 අබ් ඌර්බෙ කෝන්ඩිටා 150 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 4147 බෞද්ධ දිනදසුන −61 – −60 බහායි දින දසුන −2447 – −2446 බෙංගාලි දින දසුන −1196 බර්බර් දින දසුන 347 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1241 බයිසැන්ටියානු දින දසුන 4905–4906 චීන දින දසුන 丙辰年 (Fire Dragon) 2093 or 2033 — to — 丁巳年 (Fire සර්පයා) 2094 or 2034 කොප්ටික දින දසුන −887 – −886 ඩිස්කෝර්ඩියන් දින දසුන 563 ඉතියෝපියානු දින දසුන −611 – −610 හෙබ්‍රෙව් දින දසුන 3157–3158 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −547 – −546 - ශක සම්වත් N/A - කලි යුග 2498–2499 හොලොසීන දින දසුන 9397 ඉග්බො දින දසුන −1603 – −1602 ඉරාන දින දසුන 1225 BP – 1224 BP ඉස්ලාමීය දින දසුන 1263 BH – 1262 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1730 මින්ගුවෝ දින දසුන 2515 before ROC 民前2515年 තායි සූර්ය දින දසුන −60 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 604 BC
|
ACADEMIC
|
විහාරමහා දේවිය විහාරමහා දේවියගේ ප්‍රතිමාවක් නිල කාලය ක්‍රි.පූ. 205 - ක්‍රි.පූ. 161 වල්ලභයා කාවන්තිස්ස රජ පියා කැළණිතිස්ස රජ විහාරමහා දේවිය යනු ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජවරයෙකු වූ දුටුගැමුණු රජතුමාගේ සහ සද්ධාතිස්ස රජතුමාගේ මෑණියන් වේ. ඇය කාවන්තිස්ස රජුගේ අගමෙහෙසියයි. විහාරමහා දේවිය, කැළණිය රජකම් කල කැළණිතිස්ස රජුගේ දියණිය වූවාය. සිදුකරන ලද වරදවා තේරුම් ගැනීමක් නිසා වරක් කැළණිතිස්ස රජු විසින්, නිදොස් භික්ෂූණ් වහන්සේ නමක් කැකෑරෙන තෙල් කටාරමක් තුල බහා ජීවිතක්ෂයට පත් කරවන ලදී. මේ පාපකාරී සිද්ධිය නිසා කෝපයට පත්වූ දෙවියන්, මහ මුහුද ගොඩබිම වෙත කළඹා එවූ බවත්, රජුගේ ශාස්ත්‍රකරුවන්ගේ කීම පරිදි එම විනාශය වළක්වනු වස් රජුගේ දියණියක මුහුදට බිලි කිරීම කල යුතු වූ බවත් පැවසෙයි. ඒ අනූව විහාරමහා දේවිය, සිය පියා විසින් සිදුකල පාපකාරී ක්‍රියාවට සහ ජන්ම භූමියෙහි සුරක්ෂාව වෙනුවෙන් ඇගේ ජීවිතය පුද දීමට ඉදිරිපත් වූ අතර, රජවරයෙකුගේ දියණියකි යන්න සටහන් කෙරූ අලංකාරවත්ව සරසන ලද කුඩා නැවක් තුල විහාරමහා දේවිය මුහුදේ පා කර හැරි බව ඉතිහාසයේ සඳහන් වෙයි. විහාරමහා දේවිය මුහුදේ පා කර හැරීමෙන් අනතුරුව මහ මුහුද නැවතත් සංසුන් ස්වරූපයට පත්විය. කෙසේ නමුදු සිය දියණිය මුහුදට බිලි දීමට සිදුවීම ගැන රජු ඉතා කණස්සල්ලට පත් වූ අතර, රජුගේ මෙහෙසිය ඇතුළු රටවැසියෝද සිය නිර්භීත කුමරිය අහිමි වීම ගැන දුකට පත්වූහ. මෙවැනි දෙයක් සිදුවීම සම්බන්ධව ඔවුන් සියළු දෙනාම රජු වෙත සිය දෝෂාරෝපණ එල්ල කළහ. මේ අතරතුර, තරුණ කුමරිය (විහාරමහා දේවිය) සහිත නෞකාව ආපදාවකින් තොරව දිවයිනෙහි දකුණු දිග (රෝහණ/රුහුණ) කිරින්ද ප්‍රදේශයේ වෙරළක් වෙත සේන්දු වූ අතර, එකල්හී එම ප්‍රදේශය කාවන්තිස්ස රජු විසින් පාලනය කරමින් තුබූ සස්‍රීක ප්‍රදේශයක් බව පැවසෙයි. කුමරිය සහිත නෞකාව දුටු ධීවරයෝ මේ පිළිබඳව රජ මැදුර වෙත දන්වා සිටින ලදී. ථූපවංසයට අනූව කුමරිය සහිත නෞකාව දුටු පක්ෂීහූ රෑනක් රජු වෙත මුලින්ම මේ පිළිබඳව සැළකර සිටි බව සඳහන් වෙයි. පෙරහැරක් මගින් කුමරිය කැඳවාගෙන ආ කාවන්තිස්ස රජු, ඇය විසින් සිය ජන්ම භූමිය වෙනුවෙන් දේශමාමකව හා නිර්භීතව සිදු කල කැපවීම කෙරේ සිත් ඇතිව, ඇයව විවාහ කර ගැනීමට තීරණය කරන ලදී. ඉතිහාසයට අනූව නෞකාවෙන් ඇය ගොඩබට ස්ථානය ආසන්නයේ ලංකා විහාරය පිහිටා තිබීම නිසා ඇය එතැන් පටන් විහාරමහා දේවිය ලෙස හැඳින්වූ බව සඳහන් වෙයි. කාවන්තිස්ස රජුට දාව, ලාංකීය ඉතිහාසයේ පසුකාලීනව අග්‍රගණ්‍ය රජවරුන් බවට පත් වූ දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමාරවරුන් බිහි කල විහාරමහා දේවිය, මෙරට වීරවරියක ලෙස හැඳින්වෙයි. මේවාද බලන්න[සංස්කරණය] විහාරමහාදේවී උද්‍යානය බාහිර සබැඳි[සංස්කරණය] ක්වීන් විහාරමහාදේවී ලෙජන්ඩ් ඔෆ් ක්වීන් විහාරමහාදේවී
|
ACADEMIC
|
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවේ කථානායක යනු රටෙහි ව්‍යවස්ථාදායකය වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මූලාසනය හොබවන පුද්ගලයා වෙයි. බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායය අනුගමනය කරන මන්ක්‍රී මණ්ඩලයෙහි ක්‍රියාකාරිත්වය හා බැඳි වැදගත් කර්තව්‍යයන් කිහිපයක් කථානායක අතින් ඉටු වෙයි.
|
ACADEMIC
|
පටුන 1 හැදින්වීම 2 ආරම්භය 3 භාවිතය 4 බාහිර පුරුක් හැදින්වීම[සංස්කරණය] ඇසෙම්බ්ලි භාෂාවක් යනු පරිගණක ක්‍රමලේඛන ලිවීමට භාවිතා කරණ ප්‍රාථමික මට්ටමේ භාෂාවකි. මෙය තරමක් බාවිතයට අපහසු ක්‍රමලේක භාෂාවකි.. ආරම්භය[සංස්කරණය] භාවිතය[සංස්කරණය] බාහිර පුරුක්[සංස්කරණය] http://s.dasun.googlepages.com/assembly.html Assembly Tutorials ඇසෙම්බ්ලි භාෂාවට උදව්
|
ACADEMIC
|
1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ සැප්තැම්බර් මස 22 දින ගාල්ල ජාත්යන්තර ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවය. ඔහු එක්දින වරම් දිනාගත්තේ 2004 වසරේ අප්‍රේල් මස 25 දින හරාරේ හීදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අමතරව රංගන හේරත් ක්‍රීඩා කළ වෙනත් කණ්ඩායම් කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය මුවර්ස් ක්‍රීඩා සමාජය හැම්ප්ෂයර් සරේ වයඹ ඉලෙවන්ස් ශ්‍රී ලංකා "ඒ" වැඩි විස්තර සඳහා- http://www.espncricinfo.com/ci/content/player/
|
ACADEMIC
|
තෙවන ඇස යනු පාරහෞතික හා ගුප්තශාස්ත්‍රමය සංකල්පයකි. මෙහි ප්‍රධානම අදහස නම් සාමාන්‍ය ඇසට ගෝචර නොවන දේ පිලිබඳ අවබෝධය හා දෘශ්ථිය ලැබීමයි. තෙවන ඇස යනු හෞතිකව ස්පර්ශ කල නොහැකි මනසේ කොටසකි. මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ.[1] මෙය පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත. මූලාශ්‍ර[සංස්කරණය] ↑ Complete Book of Witchcraft, by Raymond Buckland, 81 පිටුව
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 8 වන සියවස – 9 වන සියවස – 10 වන සියවස දශක: 820ගණන් 830ගණන් 840ගණන් – 850ගණන් – 860ගණන් 870ගණන් 880ගණන් වසර: 853 854 855 – 856 – 857 858 859 වසර 856 (DCCCLVI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
|
ACADEMIC
|
ඕපන් බීඩීඑස් යනු යුනික්ස් වැනි පරිඝණක මෙහෙයුම් පද්ධතියක් වන අතර බ(ර්)කෙලි ම්‍රුදුකාණ්ග ව්‍යප්තියෙන් නිමැවෙන .
|
ACADEMIC
|
රූපවාහිනී සම්ප්‍රේෂණය 1927 දී ජෝන් ලොගී බෙයාඩ් දිගු-දුර රූපවාහිනී තරංගයක්" සැතපුම් 438 දිග දුරකථන මාර්ගයක් හරහා ලන්ඩන් හා ග්ලාස් ගෝ අතර සම්ප්‍රේශණය කරන ලදී. බෙයාඩ් ලොව පලමු දිගු-දුර රූපවාහිනි දර්ශන ග්ලාස්ගෝ කේන්ද්‍රස්ථානයේ කේන්ද්‍ර හෝටලයට (central Hotel) වලට සම්ප්‍රේෂණය කරන ලදී. අනතුරුව ඔහු බෙයාඩ් රූපවාහිනී ප්‍රවර්ධන ආයතන පිහටවූ අතර 1928 දී අත්ලාන්තික් සාගරය හරහා ප්‍රථම රූපවාහිනි සම්ප්‍රේෂණය ලන්ඩන් සිට හාට්ස්ඩාලේ, නිව්යොක් වලට හා ප්‍රථම BBC රූපවාහිනී වැඩසටහන් සම්ප්‍රේෂණයද සිදුකලේය. 1929 නොවැම්බර් හිදී ප්‍රංශයේ බර්නාඩ් කාටන් සමඟ එක්ව ඔහු ප්‍රංශයේ පලමු රූපාවහිනී ආයතනයය වන "රූපවාහිනී-බෙයාඩ්-නාටන්" ආයතනය ඇති කලේය. "එප්සොම් ඩර්බි" (Epsom Derby) නම් පළමු සජීවි වැඩසටහන 1931 දී වවිකාශය කිරීමට ඔහු පුරෝගාමී විය. ඔහු 1930 දී "ලන්ඩන් කොලීසියම්" "බර්ලින්", "පැරිස්" හා "ස්ටොක්හොල්ම්" හිදී අඩි දෙක x අඩි දෙකක රූප රාමුවක් ශාලා රූපවාහිනී පද්ධතියක් ප්‍රදර්ශනය කලේය. 1939 වන විට ඔහු තම ශාලා ප්‍රක්ෂේපණ පද්ධතිය බොක්සිං ක්‍රීඩා තරඟයක් පෙන්වීමට හැකි තරම් අඩි 15 x අඩි 12 රූප රාමුවක් තරමට දියුණු කර සිටියේය. 1929 සිට 1932 දක්වා 30-මාර්ග බෙයාඩ් පද්ධතියක් භාවිතයෙන් BBC සම්ප්‍රේෂකයන් රූපවාහිනී වැඩසටහන් ප්‍රචාරණය කිරීම සිදුවිය. 1932-1935 දක්වා BBC ය ඔවුන්ගේ වැඩසටහන් ඔවුන්ගේ 16 පෝට්ලන්ඩ් හි තිබු මැදිරියේ නිෂ්පාදනය කලේය. 1936 නොවැම්බර් හිදී BBC ය ඔවුන්ගේ බෙයාඩ් 240 මාර්ග සම්ප්‍රේෂණය EMI ඉලෙක්ට්‍රොනික සුපිරික්සීම් පද්ධතියකට මාරු කරන ලදී. මැක්‍රොනී සමඟ සංයුක්ත කිරීමෙන් අනතුරුට මෑතකදී එම පද්ධතිය 405-මාර්ග බවට පත්කර තිබේ. බෙයාඩ් පද්ධතියේ කැමරා රැගෙන යාමේ අපහසුව නිසා 1937 දී BBC ය බෙයාඩ් පද්ධතිය මඟින් ස්මප්‍රේෂණය අතහැර දමන ලදී. අයිසැක් ෂොන්‍බර්ග් යටතේ ගෙනගිය අලුතින් පටන් ගත් EMI - මාර්කෝනි (මෙයට RCA හා ව්ලැද්මීර් ස්වොරියකින්ගේ බලපත්‍ර වලට පරිශීලනයටද හැකියා තිබිණි) ආයතනයේ ඉලෙක්ට්‍රොනික රූපවාහිනී පද්ධතිය බෙයාඩ් රූපවාහිනී පද්ධතිය ප්‍රතිස්ථාපනය කරන ලදී. එසේම ෆිලියෝ T. ෆැන්ස්වරක්ගේ ඉලෙක්ට්‍රොනික රූප උපකරණය බලපත්‍ර සම්මුතියක ආධාරයෙන් බෙයාඩ් ආයතනයට පරිශීලනයට ලැබිණ. කෙසේ වුවත් මෙම රූප විච්ඡේදක කැමරාව ආලෝක සංවේදීතාවයෙන් හිඟ වූ අතර එයට වැඩි දීප්තියක් අවශ්‍ය වුයේය. බෙයාඩ් ලොකු දායකත්වයක් ඉලෙක්ට්‍රොනික රූපවාහිනී ක්ෂේත්‍රයට යාන්ත්‍රික පද්ධතිවල භාවිතය අවසානයෙන් පසුව ලබා දෙන ලදී. පාට පෙරනයක් සවිකල කවයක් ඉදිරියෙන් කැරෙන කැතෝඩ කිරණ නලයක් ආධාරයෙන් 1939 දී, ඔහු වර්ණ රූපවාහිනී දර්ශන පනේවන ලදී. පසුව මෙම ක්‍රමයට ඇමරිකාවේ CBS හා RCA මඟින් ද යොදාගන්නා ලදී. 1944 අගෝස්තු 16 දින ඔහු ලොව ප්‍රථම සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික වර්ණ රූපවාහිනී දර්ශනය පෙන්වන ලදී. ඔහුගේ 600-තීරු වර්ණ පද්ධතිය රූපයක් නිර්මාණය කිරීමට 6 වරක් ප්‍රස්තාර කරන (scanning) ත්‍රිත්ව-වියමනක් (triple interlacing) යොදාගන්නා ලදී. 1943 දී යුද්ධයෙන් පසුව රූපවාහිනී සම්ප්‍රේෂණ සිදුකිරීම සලකා බැලීම සඳහා හැන්කී කොමිටිය පත්කරන ලදී. බෙයාඩ් තමන්ගේ 1000-තීරු ටෙලික්‍රෝම් ඉලෙක්ට්‍රොනික වර්ණ පද්ධතිය යුද්ධයෙන් පසු සම්මතය බවට පත්කරගන්නා ලෙස හැන්කී කොමිටියට ඒත්තු ගැන්වීය. හැන්කී කොමිටියේ සැලසුම් සියල්ල පාර්ශ්විකවව යුද්ධයෙන්-පසු ප්‍රතිසංස්කරණ අභියෝග නිසා නැතිවිය. මොනොත්‍රෝම් 405-තීරු සම්මතය 1985 දක්වා සමහර ප්‍රදේශවල දිගටම පැවතිණ. දශක 3කින් පසුව 625-තීරු පද්ධතිය 1964 දී හඳුන්වා දුන් අතර 1967 දී PAL වර්ණ පද්ධතිය හඳුන්වා දෙන ලදී.
|
ACADEMIC
|
කෙටි මග: WP:AHF WP:HOPEFUL This is a page created from Category:Wikipedia administrator hopefuls and periodically updated by a bot. The first section contains users in this category who have made at least 30 edits in the last 2 months (the "active" criteria from WP:LA). For these users the date of first edit is listed, with links to previous RFAs. The second section lists users who have made fewer than 30 edits in the last 2 months with the date of their latest edit and links to previous RFAs. The last section lists users in the category who are already administrators. Adding yourself to this list[සංස්කරණය] Any editor is welcome to add themselves to this list, even if they haven't yet finished reading the WP:Administrators' reading list. To do so simply add either of these userboxes to your userspace: {{User wikipedia/Administrator someday}}: මෙම පරිශීලකයා සිංහල විකිපීඩියාවේ පරිපාලකවරයෙකු නොවනමුත් යම් දිනක එසේ වීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරයි. {{User wikipedia/Administrator maybe}} This user is not a Wikipedia administrator, but might like to be one someday...
|
ACADEMIC
|
ආවර්තිතාවෙ ඉතිහාසය හා විකාශනය
|
ACADEMIC
|
අධික රතු ඇස් සංසිද්ධිය බොහෝ සතුන්ගේ පවා රතු ඇස් සංසිද්ධිය දැකගත හැකි වේ. ෆ්ලෑෂරයකද උපකාරය ඇතිව ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී ෆ්ලෑෂරය කැමරා කාචයට ආසන්න විට මෙම රතු ඇස් සංසිද්ධිය ඇති වේ. ෆ්ලෑෂරයේ ආලෝකයේ වේගවත් කම වැඩිවීම නිසා ඇසේ කළු ඉංගිරියාව වැසීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොලැබේ. එවිට ආලෝකය රුධිරය බහුල ප්‍රදේශයක් පසු කර යන බැවින් එම ප්‍රදේශ හඳුනාගන්නේ රතු පැහැ ප්‍රදේශ ලෙසිනි . මෙම සංසිද්ධිය අළු පැහැති හා නිල්වන් ඇස් ඇති අයගේ මෙන්ම කුඩා ළමුන්ගේ බහුලව දැකගත හැකිය. මීට හේතුව මෙම ඇස් ඇත්තවුන්ගේ අක්ෂි පටලයේ මෙලනින් දර්ශකය අඩු බැවින් ඒවා මගින් වැඩි ආලෝක ප්‍රමාණයකට ඇස තුළට යාමට ඉඩ සලසා දීමය. කුඩා ළමුන්ගේ කළු ඉංගිරියාව ඉතා කුඩා ආලෝක ප්‍රමාණයකට වුවද සම්පුර්ණයෙන් විවෘත වීම නිසා මෙම සංසිද්ධිය සිදු වේ. රතු ඇස සංසිද්ධිය මඟහරවා ගැනීම[සංස්කරණය] Adobe Photoshop වැනි චිත්‍රණ මෘදුකාංග භාවිතා කොට රතු ඇස් ඉවත් කිරීමේ ක්‍රම කිහිපයක් ඇත. රූපයේ දක්වා ඇත්තේ ස්ථර මිශ්‍ර කිරීමේ ක්‍රමය මඟින් එය සිදු කරන ආකාරයයි. ඇතැම් විට එය රතු වේ. රතු ඇස සංසිද්ධිය ක්‍රම කිහිපයකින් මඟ හරවා ගත හැකිය 1. අසල ඇති දීප්තියෙන් අඩු මුහුණකට දීප්තිමත් ආලෝකය වැටීමට සලස්වා එයින් පරාවර්තනය වන ආලෝකය පුද්ගලයා මත පතිත වීමට සැලැස්වීම. මෙමඟින් දීප්තිමත් ආලෝක කිරණ ඇසට ඇතුළු වීම වළක්වා විසිරුණු ආලෝකය ඇසට ඇතුල් කරයි. 2. කැමරාවේ ප්‍රකාශ අක්ෂයට ඈතින් ෆ්ලෑෂරය සවිකිරීම. මෙමඟින් ෆ්ලෑෂරයෙන් නිකුත් වන ආලෝක කිරණ ඇස මත සෘජුකෝණිකව පතනය වන බව තහවුරු වේ. මෙහිදී ප්‍රකාශ අක්ෂයට වෙනස් අක්ෂයකින් ආලෝකය ඇතුළු වන අතර, අක්ෂි කාච මෙම අක්ෂය ඔස්සේ නාභිගත කිරීම සිදුකරයි. එවිට ඡායාරූපයේ ඇස සාමාන්‍ය පරිදි දිස්වේ. 3. හාත්පස ආලෝකය වැඩි කොට ෆ්ලෑෂරය නොමැතිව ඡායාරූපය ගැනීම. ෂටර වේගය අඩුකර, කාච සිදුර විවෘත කර වේගවත් සේයා පටල හෝ සංවේදක යොදාගත හැකිය. 4. පසුතල ආලෝකය වැඩිකර, ඡායාරූපයේ දීප්තිය වැඩි කිරීමට පසුව සංඛ්‍යාංක සකස් කිරීම. දෘශ්‍යමාන තිරයේ වේගය වැඩිකිරීම. 5. නුතන කැමරාවල ඇති රතු ඇස සකස් කිරීමේ උපක්‍රම භාවිතය. ඇතැම් පූසන්ගේ රතු ඇස් සංසිද්ධිය නිසා ඇස් රතු නොවේ. 6. ඡායාරූපයට පෙනී සිටින්නාට කෙලින්ම කැමරාව දෙස නොබැලීමට උපදෙස් දීම. 7. ඡායාරූපය ගන්නා ස්ථානයේ ආලෝකය වැඩි කිරීම. 8. සංඛ්‍යාංක රූප සකස්කරණවල ඇති රතු ඇස නිවැරදි කිරීමේ ක්‍රම භාවිතය. ෆ්ලෑෂරය භාවිතා කිරීම අවශ්‍ය නම් වස්තුවට කැමරාවේ සිට ඇති දුරෙන් 1/20 ක් දුරින් ෆ්ලෑෂරය තැබීම යෝගය වේ. වෘත්තීය ඡායාරූප ශීල්පින් රතු ඇස් නිවැරදි කිරීම සඳහා පසුතල ආලෝකය භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.
|
ACADEMIC
|
ලක්ෂපාන ඇල්ල ලක්ෂපාන ඇල්ල පිහිටීම හැටන්, ශ්‍රී ලංකාව ඛණ්ඩාංක 6°54′N 80°30′E / 6.9°N 80.50°E / 6.9; 80.50ඛභ්ඩාංක: 6°54′N 80°30′E / 6.9°N 80.50°E / 6.9; 80.50 උන්නතාංශය මීටර් 720 සමස්ථ උස මීටර 126 Number of drops 1 ජල මූලාශ්‍රය මස්කෙළිය ඔය උස අනූව ලෝකයේ ස්ථානය 625 උසින් මීටර් 126[1] ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි.[2] එය නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ හැටන්හී පිහිටා ඇත. කෙහෙල්ගමු ඔයට සම්බන්ධවන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබෙයි. පටුන 1 ජනශ්‍රැති 2 මේවාද බලන්න 3 ආශ්‍රිත 4 බාහිර සබැඳි ජනශ්‍රැති[සංස්කරණය] පැරණි ජනශ්‍රැතියකට අනූව බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කරන අතරතුරදී, මෙහි සිට ඉරුණු සිවුර පිරියම් කර ගත් බව පැවසෙයි. මේවාද බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ දියඇලි ආශ්‍රිත[සංස්කරණය] ↑ Senanayake 2004: 1 ↑ "ලක්ෂපාන ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 2008-12-25. බාහිර සබැඳි[සංස්කරණය] (Sinhala) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දියඇලි (1st සංස්.). සූරිය ප්‍රකාශකයෝ. ISBN 955-8892-06-8.
|
ACADEMIC
|
උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත වයඹ පළාත දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
කන්ට්‍රි මියුසික් හෙවත් පසල් සංගීතය යනු මූලිකව ම දකුණු දිග එක්සත් ජනපදවල සහ ඇපාචියන් කඳුකරයේ බිහිවූ ජනල්‍රිය සංගීත මිශ්‍රණයකි. එහි මුල් සාම්පරයු දායික ජන සංගීතය කෙල්ටික් සංගීතය බ්ලූස් ගොස්පල් සංගීතය හෝකුම් සහ පැරණි යුගයේ සංගීතය දක්වා දිවෙන අතර 1920 දශකයේ දී මෙය සීඝරතයකයෙන් ව්යාපප්ත විය. මේ සඳහා මුලින් භාවිත වූ හිල්බිලි මියුසික් යන්න බැහැර වන විට 1940 දශකයේ දී කන්ටිරවූ මියුසික් යන්න ආදේශ විය. මෙම වදන 1970 දශකයේ දී වඩාත් ව්යාබප්ත වූ අතර ඉන් පසුව කන්ටිර්ට සහ වෙස්ටර්න් සංගීතය කර්ස මයෙන් පහව යන්නට විය. කෙසේ වුවද එක්සත් රාජධානියේ තවමත් මෙම සංගීත රටාව බහුලව භාවිතා වේ. වයඹදිග එක්සත් ජනපදවල විවිධ ජාතීන් ට අයත් කණ්ඩායම් විසින් නිමැවූ වෙස්ටර්න් මියුසික් යන්න ත් සමග කන්ටිරරණ සහ වෙස්ටර්න් මියුසික් යන්න පොදු වදනක් සේ භාවිතා විය. කන්ටිර/e සංගීතය එදා මෙදා තුල වැඩිම අලෙවියක් වාර්තා කළ ගායකයෝ දෙදෙනෙක් බිහිකිරීමට සමත් විය. ඉන් එක් අයෙකු වූ එල්විස් ප්රෙමස්ලි මුල් කාලයේ හිල්බිලි කැට් යන නාමයෙන් හැඳින්වූ අතර ලූසියානා හේරයිඞ් නම් රූපවාහිනී වැඩසටහනේ නිරන්තර පෙනී සිටින්නෙක් විය. ඔහු පසුව එකල නැගී එන සංගීතයක් වූ රොක් ඇන්ඞ් රෝල් අර්ථ නිරූපණය කළ ශිල්පියා බවට පත් විය. අනෙක් අලෙවි වාර්තා තැබූ ගායකයා වූයේ ගාර්ත් බෲක්ස් ය. වැඩිම ආදායමක් ලැබූ කන්ටිරයි ගායකයෙකු වූ ඔහු 1990 දශකයේ අග භාගයේ කුඩා කාලයකට හැරුණු කොට සම්පූර්ණයෙන් ම කන්ටිරයු ගායකයෙකු ලෙස කටයුතු කළේ ය. බොහෝ සංගීත කර90 ම වල අලෙවිය අඩු වූවද 2006 වසරේදී කන්ටිරන් සංගීතය එහි හොඳම වසරක් වාර්තා කළේ ය. අමෙරිකාවේ කන්ටිරපව ඇල්බම අලෙවිය සියයට 17.7 කින් වැඩිවූ අතර එය පරරණ මාණාත්මකව මිලියන 36 ක් විය. මීට අමතරව ගුවන් විදුලි වර්ගීකරණ සමාගම් දත්ත අනුව එක්සත් ජනපදය පුරා කන්ටිරනා සංගීතයට සවන් දෙන්නෝ පරඩා මාණය පසුගිය දශකය පුරාම සතියකට වැඩිහිටියන් මිලියන 77.3 ක ඒකාකාරී තත්වයකින් පැවතිණ. කන්ටිරීා මියුසික් යන පදය බොහෝ ශෛලීන් පරයය භේදයන් සහ අනු පරුව භේදයන් වෙනුවෙන් භාවිත කරනු ලබයි.
|
ACADEMIC
|
රජරට රාජධානියේ අගනුවර ලෙස පොළොන්නරුව පැවති යුගය පොළොන්නරු යුගය නමිවේ. ආශ්‍රිත ලිපි[සංස්කරණය] රජරට රාජධානියේ පොළොන්නරු යුගය අනුරාධපුර යුගය
|
ACADEMIC
|
ලන්ඩන් නගරය මූලාස්ථානය කරගත් මහජන සෞඛ්‍යය පිලිබඳ රාජකීය සංගමය යනු මහජන සෞඛයය සහ සුවතාවය සම්බන්ධ පුණ්‍යායතනයකි[1]. පටුන 1 අතීතය 2 සාමාජිකත්වය 2.1 පුද්ගල යෝ 2.2 සංස්ථාපියන් 3 මුලාශ්‍ර අතීතය[සංස්කරණය] පෙර පැවති සංවිධාන 2ක් ඒකාබද්ධ කිරීමෙන් ක්‍රි.ව. 2008 වසරේදී ස්ථාපිතකල ආයතනයකි.[2] සාමාජිකත්වය[සංස්කරණය] පුද්ගල යෝ[සංස්කරණය] මහජන සෞඛ්‍යය සම්බන්ධව ක්‍රියාකරන ඕනෑම පුද්ගලයෙකුට සාමාජිකත්වය ලබාගත හැක. සංස්ථාපියන්[සංස්කරණය] මෙහි අගය සහ වාසි හඳුනාගත් ඕනෑම සංවිධානයකට සාමාජිකත්වය ලබාගත හැක[3] වෘත්තීමය සංගම්. අධාපනික ආයතන සහ වෙළඳ ව්‍යාපාර මෙම සාමාජිකත්වය ලබා ඇත. මුලාශ්‍ර[සංස්කරණය] ↑ http://www.rsph.org.uk/en/about-us/index.cfm ↑ http://www.rsph.org.uk/en/about-us/index.cfm ↑ http://www.rsph.org.uk/en/membership/corporate-membership
|
ACADEMIC
|
කප්පාගොඩ යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ, පිහිටි සුන්දර ගමකි. අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ මෙම ග්‍රාමය හරහා ය. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගංගාවක් වන මා ඔය(කප්පාගොඩ හා ඒ ආශ්‍රිත ගැමියන් මෙසේ භාවිතා කරයි. එහෙත් ලංකා සිතියමේ මෙය දක්වා ඇත්තේ “මහ ඔය“ ලෙස ය. මෙය ධාරිතාවය අනුව ශ්‍රී ලංකාවේ සයවන විශාලතම ගංගාවයි. කප්පාගොඩ ගම හරහා ගලාබසින අතර, මුළු මාවනැල්ල නගරයටම ජලය පොම්ප කරනු ලබන පොම්පාගාරය ද කප්පාගොඩ පිහිටා ඇත.
|
ACADEMIC
|
මෙම ලිපිය කොළඹ දිස්ත්‍රික්කය පිලිබඳ වේ. නගරය සඳහා, කොළඹ බලන්න. This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න. කොළඹ දිස්ත්‍රික්කය Colombo District கொழும்பு மாவட்டம் — පරිපාලන දිස්ත්‍රික්කය — කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම ඛණ්ඩාංක: 6°52′N 80°01′E / 6.867°N 80.017°E / 6.867; 80.017ඛණ්ඩාංක: 6°52′N 80°01′E / 6.867°N 80.017°E / 6.867; 80.017 රට ශ්‍රී ලංකාව පළාත බස්නාහිර සංස්ථාපනය අගනුවර කොළඹ ප්‍රදේශ ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ: 13 ග්‍රාම නිලධාරි: 557 පාලනය / පරිපාලනය • දිස්ත්‍රික් ලේකම් ජී. ඒ. ජේ. සිල්වෙස්ටර් • ප්‍රාදේශීය ලැයිස්තුව මහනගර සභා: 5 නගර සභා: 3 ප්‍රාදේශීය සභා: 5 වර්ගප්‍රමාණය • සම්පූර්ණ 699 කිමී2 (270 වර්ග සැත) • භූමිය 676 කිමී2 (261 වර්ග සැත) • ජලය 23 කිමී2 (9 වර්ග සැත) ජනගහණය (2001) • සම්පූර්ණ 2,251,274 • ඝණත්වය Bad rounding here3,200/කිමී2 (Bad rounding here8,300/වර්ග සැත) වේලා කලාපය ශ්‍රී ලංකාව (UTC+05:30) ISO 3166 කේතය LK-11 වෙබ් අඩවිය ds.gov.lk/dist_colombo 642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක අතුරින් වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) එය සතු වෙයි. කොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 කට බෙදා ඇත. ප්‍රධාන නගර[සංස්කරණය] කොළඹ (මහ නගර සභාව) කැස්බෑව (කැස්බෑව නගර සභාව) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළියන්දල (කැස්බෑව නගර සභාව) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බොරලැස්ගමුව (බොරලැස්ගමුව නගර සභාව) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැපිලියාන(බොරලැස්ගමුව නගර සභාව)කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|
ACADEMIC
|
මුද්‍රණයේ විධික්‍රමයන් අච්චු සාදන්නෙක් ජොස්ට් ඇමෙන් ගේ ලී අච්චු මුද්‍රණයක් 1568 නිරේඛනය සහ තහඩු මුද්‍රණය වැනි ඉන්ටාලියෝ ශිල්පක්‍රමයන් හා සැසඳීමේදී ඒවායේ අවශ්‍ය වන්නේ අඩු පීඩනයක් යෙදීමකි. මේ ක්‍රමයෙන් හොඳ මුද්‍රණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ අච්චුව මත තීන්ත තවරා කඩදාසියක් හෝ රෙද්දක් සමඟ ගැටීමට සැලැස්වීම පමණකි. මුද්රනණයේදී සැලකිල්ලට ගතයුතු විධිකරනි ම තුනක් පවතී. x මුද්රාෂ තැබීම : රෙදි මෙන්ම මුල්කාලීන යුරෝපීය ලී අච්චු (1400-40) සඳහාද යොදාගනු ලැබිණ. මෙහිදී කඩදාසිය හෝ රෙද්ද මේසයක් වැනි පැතලි මතුපිටක් මතත තබා ඒ මත තබන ලද අච්චුව තද කිරීම හෝ හෝ මිටියකින් තට්ටුකිරීම මඟින් මුද්රටණය සිදුකෙරින. x සම්මර්ෂණය : සෑම කාලයන්හිම ඈත පෙරදිග රටවල ජනපිරී බය මුද්රෙණ විධිකරහා මය වූයේ මෙයයි. යුරෝපීය ලී අච්චු මුද්ර්ණය සඳහා මෙම කරනි මය 15 වන සියවසේදී පමණ යොදාගැනින. යුරෝපයේදී මෙය වැඩි වශයෙන් යොදාගැනුනේ රෙදි මුද්රෙණය සඳහාය. එමෙන්ම 1910 පමණ සිට වර්තමානය දක්වා බටහිර ලී අච්චු මුද්රණණ සඳහා මෙය යොදාගනු ලබයි. අච්චුව එහි මුහුණ ඉහලට සිටින ලෙස මේසයක් මත තබා ඒ මත කඩදාසිය හෝ රෙද්ද තබනු ලබයි. කඩදාසිය පිටිපැත්ත පැතලි ලීයකින්, ඔපකරයකින් සම්මර්ෂණය හෙවත් පිරිමැදීම සිදුකරනු ලබය.ි පසුකාලීනව ජපානයේ ලී අච්චුව නොවෙනස්ව රඳවා ගැනීම සහ මුද්රතණයේදී නිසි පීඩනයක් ලබාදීම සඳහා සංකීර්ණ ලී යාන්තිරකිනක මෙවලම් යොදාගනු ලැබිණ. මෙහි අවශ්යණතාව තදින් දැනෙන්නට පටන් ගත්තේ බහු වර්ණ යෙදීම ආරම්භ වූ පසු තීන්ත තට්ටු කිහිපයක් යෙදීමට අවශ්යැ වූ විටය. x මුද්ර්ණාල මුද්රැණය : බෙහෝ කාලයක් වනතුරු මුද්රබණාල දැකගත හැකිවූයේ ආසියාවේ පමණකි. මුද්රුණාල මුද්රුණය 1480 පමණ සිට යුරෝපීය මුද්රබණයන් පොත් මුද්රූණය සඳහාද ඊට පෙර සිටම ලී අච්චු මගින් මුද්රණත පොත් මුද්ර ණය සඳහාද යොදාගනු ලැබිණි. මුද්රිණාල මුද්රරණයන්ට පෙර සරළ මුද්රිණ කර ම යුරෝපයේ පැවත තිබිය හැකි වුව ඒ පිලිබඳ පරුෝ බල සාධක නොමැත.
|
ACADEMIC
|
බෙන්තොට දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර වෙරළාසන්න නගරයකි. බෙන්තොට නගරය විදේශිකයන් අතර ජනප්‍රිය සංචාරක නගරයකි. පුරාණයේ පැවතගෙන එන ආකාරයට බෙන්තොට යන නාමය ලැබී ඇත්තේ බෙම් නම් යක්ෂයෙකු බෙන්තර ගගට අරක් ගෙන සිටි නිසා බවට පැවසේ. තොට යන්න ගං ඉවුර යන අර්ථය ගෙන දෙයි. බෙන්තර නගරය තුල ලෝක ප්‍රසිද්ධ සංචාරක හෝටල් කීපයක්ම පිහිටා ඇති අතර එය රෝග සුව කිරීමේ දේශීය ක්‍රමයක් වන ආයුර්වේදය සදහාද ප්‍රසිද්ධියක් උසුලයි. බෙන්තොට නගරය තුල නිපදවෙන රා නැමැති මධ්‍යසාරය එහි ජනප්‍රිය පානයකි. මෙහි ජනගහනය ආසන්න වශයෙන් 25000-50000 ත් අතර වේ. 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මෙම නගරයටද බරපතල හානි සිදුවිය. සැළලිහිණි සංන්දේශයෙහිදී සැළලිහිණියාට තුන් වෙනි රැය බෙන්තොට වන වාසයේ ගතකිරීමට නියම කොට ඇත. බෙන්තොට වට කොට පුරාණ රජමහා විහාර සතරක් ඇති බව කියති. වනවාසය මින් එකකි. පුරාණ භාෂිතය වූ භීමතීර්ථය පසුව බෙම්තොට වී අනතුරුව බෙන්තොට වී ඇත. සමහරු බෙන්තර යැයි ව්‍යවහාර කරති. නිදසුනක් වශයෙන් පැරැණි ඡන්ද කොට්ඨාශය බෙන්තර-ඇල්පිටිය විය.
|
ACADEMIC
|
මෙම ලිපිය ස්වෛරී රාජ්‍යය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, බුරුමය (වක්‍රෝත්තිහරණය) බලන්න. Republic of the Union of Myanmar Pyidaunzu Thanmăda Myăma Nainngandaw ජාතික ගීය: Kaba Ma Kyei Sorry, your browser either has JavaScript disabled or does not have any supported player. You can download the clip or download a player to play the clip in your browser. Location of Burma (green) in ASEAN dark grey අගනුවර Naypyidaw 19°45′N 96°6′E / 19.75°N 96.1°E / 19.75; 96.1 විශාලතම නගරය Yangon (Rangoon) නිල භාෂාව(න්) Burmese පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් Jingpho, Kayah, Karen, Chin, Mon, Rakhine, Shan Official scripts Burmese script ජාති නාමය Burmese/Myanma රජය Unitary Presidential republic - President Thein Sein - Vice President Tin Aung Myint Oo Sai Mauk Kham ව්‍යවස්ථාදායකය Pyidaungsu Hluttaw - උත්තර මන්ත්‍රී මණ්ඩලය Amyotha Hluttaw - පහළ මන්ත්‍රී මණ්ඩලය Pyithu Hluttaw Formation - Pagan Dynasty 23 December 849 - Toungoo Dynasty 16 October 1510 - Konbaung Dynasty 21 March 1752 - Independence 4 January 1948 (from United Kingdom) - coup d'état 2 March 1962 වර්ග ප්‍රමාණය - සම්පූර්ණ 676,578 කිමී2 (40th) 261,227 සතරැස් සැත - ජලය (%) 3.06 ජනගහණය - 2009 ඇස්තමේන්තුව 55,400,000 (24th) - 1983 ජන සංගණනය 33,234,000 (3) - ඝණත්වය 73.9/කිමී2 (119th) 191.5/සතරැස් සැත GDP (PPP) 2010 ඇස්තමේන්තුව - සම්පූර්ණ $76.473 billion - ඒක පුද්ගල $1,250 GDP (නාමික) 2010 ඇස්තමේන්තුව - සම්පූර්ණ $42.953 billion - ඒක පුද්ගල $702 HDI (2010) ▼ 0.451 bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 132nd ව්‍යවහාර මුදල kyat (K) (MMK) වේලා කලාපය MST (UTC+6:30) රිය පදවන්නේ right අන්තර්ජාල TLD .mm ඇමතුම් කේතය 95 1 Some governments recognise Rangoon as the national capital. අර්බුදය සහ 1988 සිට[සංස්කරණය] 1980 දශකයේදී විදේශ ආධාර කෙරෙහි සීමා රජය විසින් නිදහස් කල නිසා ආර්ථික වර්ධනය වීමට පටන් ගත්තේය.නමුත් 1980 දශකයෙන් අගදී වෙලඳ ද්රව්ය වල මිල පහත වැටී ණය වැඩි වී ආර්ථික අර්බුදයක් ඇතිවිය.විදේශ ආයෝජන වැඩි කිරීමට 1987-1988 කාලයේ ආර්ථිකය නැවත ප්රකෘතිමත් කිරීමේදී උත්සහා කලහ. මෙය ප්රමාණවත් නොවුණත් රට තුල කලබලය වැඩි වීම වැලැක්වීමට කාලීනව කිසියම් බැංකු නොට්ටු ලෙස භාවිත කලහ. පසුව බහුතරයක් ජනයාගේ ඉතුරුම් ලබගැනිමටද නියෝග විය. 1987 සැප්තැම්බර් හිදී Ne-win හිදී එම මුදල් නෝට්ටු තහනම් කලේය. එසේ කිරිමට ප්රධාන හේතුව වුයේ ඔහුගේ මිත්ය ඇදහීමයි. ඔහු 9 වාසනා අංකය ලෙස සැලකු බැවින් 45 හා 90 නොට්ටු වලට පමනක් ඉඩ දුන්නේය. Durma පැමිණි පසු එහි අර්ථ්ක බංකොලොත් බව ඉස්මතු වී පෙණුනි. Ne-win 1981 දී ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත් ඔහු DSTP හි සභාපති ලෙස බලය ඉතිරිව පැවතුනි. 1988 දී ශිෂ්ය විරෝධකයන් මැඩපැවැත්විමට පොලීසිය ක්රියාකිරීම සමඟ සියගණන් ශිෂ්යයන් හා පුරවැසියන් මිය ගියහ. රට පුරාම විරෝධතා බිඳදමන ලදී. හමුදාව විසින් පිරිස්වලට වෙඩි තැබීය. ප්රචන්ඩත්වය හා අකූලත්වය බල පැවැත්විනි. මේ නිසා රට විශාල විප්ලවයක අද්දරට පැමිණ තිබුණි. හමුදාව දහස් ගණන් මිනිසුන් මරන්නට විය. මාෂල් නීතිය යටතේ හමුදාව ඉවත් කරන ලද අතර Saw-Maung අගමැති ලෙස පත් විය. 1989 අගෝස්තු 5 දී පැය 6 පමණ විශේෂ රැස්වීමකින් පසු Knin - Nyunt , FLORC හි ලේඛම් ලෙස පත් විය. 1989 මර්තුවේදී CPB නායකත්වයද දැඩි විරෝධයකින් පසු පරාජය විය. 1960 දශකයේ අග භාගයේදී කොමියුනිස්ට් නායකයන් චීනයේ දේශසීමවෙන් නෙරපා දැමීමට ඉක්මණින් අණ කරන ලදී.
|
ACADEMIC
|
අප්‍රේල් 3, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 93 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 94 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 272 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
ද්‍රව්‍ය අමුණා තැබීමට භාවිතා කරන උපකරණ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන උපකරණ(කාසිය පරිමාණය දැක්වීමට භාවිත කර ඇත ) ද්‍රව්‍ය අමුණා තැබීමට භාවිතා කරන උපකරණයක් යනු ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගනණක් යාන්ත්‍රිකව එකතුකිරීමට හෝ සවිකොට තැබීමට භාවිතාකරන උපාංගයකි. මේවා බෑග්, පෙට්ටි හෝ ලියුම් කවර වැනිදේ වැසීමට භාවිතා කල හැක. නැතහොත් නම්‍යශීලී ද්‍රව්‍යයක සිදුරක දෙපස එකට එකතුකොට තැබීමට හෝ භාජනයක පියන සවිකොට තැබීම වැනි දේ සඳහා භාවිතා කල හැක. වැසීම් කටයුතු සඳහා ම විශේෂිත වූ උපකරණ මෙන් නොව බොහෝ විට මේවා තාවකාලික වන අතර නිතරම ඇරීම හා වැසීම සිදු කෙරේ. දැව කර්මාන්තයේ සමහර සන්ධි වලට භාවිතා කරන කූඤ්ඤ ද ඇමුණුම් ද්‍රව්‍ය ලෙස සැලකිය හැකි වුවද ඒවා සාමාන්‍යයෙන් භාවිතා වන ඇමුණුම් ද්‍රව්‍ය ලෙස හඳුනා නොගැනේ. ෆ්ලැට් පැක් ස්වරූපයෙන් සපයන ගෘහ භාණ්ඩ, කන්ෆෝමැට් ඇමුණුම් උපකරණය ලෙස හැඳින්වෙන කැම් අගුළු වලින් අගුළු දැමූ කැම් කූඤ්ඤ භාවිතා කරයි. යාන්ත්‍රිකව ද්‍රව්‍ය එකට එකතු කිරීමට ලණු, නූල්, වයර්(කම්බි,බොහෝවිට ප්ලාස්ටික් වලින් වටවූ හෝ ප්ලාස්ටික් ස්ට්‍රිප් කෝටින් කල සමාන්තර කම්බි ), කේබල්, දම්වැල් හෝ ප්ලාස්ටික් දැවටුම් භාවිතා කල හැකි වුවත් ඒවා බහුලව වෙනත් කාර්යයන් සඳහා භාවිතා වන බැවින් ඇමුණුම් උපකරණ ලෙස නම් නොකෙරේ. එලෙසින්ම අසව්ව හෝ දුනු ද ද්‍රව්‍ය එකට එකතුකිරීමට භාවිතා කලද ඒවායේ ප්‍රධාන කාර්යය වන්නේ දැඩිව සවිකර තැබීමට වඩා, නැවීම වැනි දේට සහය දීමය. ද්‍රව්‍ය එකට එකතු කිරීමේ අනෙකුත් ක්‍රමවේදයන් වශයෙන් පෑස්සීම, ටේප් කිරීම, පිත්තලෙන් පෑස්සීම, ග්ලූ ගෑම, සිමෙන්ති ගෑම, බ්‍රේස් කිරීම හෝ අනෙකුත් මැලියම් ගෑම දැක්විය හැක. එමෙන්ම කාන්දම්, රික්තය(චූෂ්ණ නළය වැනි ) හෝ ඝර්ෂණය වැනි බලයක් ද යෙදිය හැක. ඇමුණුම් උපකරණ වර්ග බැටන්(batten) යතුරු ඇණය, ඉස්කුරුප්පු ඇණය, ස්ටඩ් පිත්තල ගාංචුව - Bocklebee clasp කලම්පය ක්ලිපය ගිරිවර ඇණය ඇබය අල්පෙනිත්ත- ක්ලෙවිස් අල්පෙනිත්ත (clevis pin) -ඇඳුම් අල්පෙනිත්ත -කොටර් අල්පෙනිත්ත (cotter pin) රැඳවුම් වළල්ල - බාහිර වළල්ල -අභ්‍යන්තර වළල්ල -ඊ-වළල්ල මිටියම් ඇණය රබර් පටිය ඉස්කුරුප්පුව මැහුම්
|
ACADEMIC
|
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. ශ්‍රී ලංකාවේ දේශපාලනය.- ව්‍්‍යවස්ථා සංවර්ධනය සහ දේශපාලන තත්ව ව්‍්‍යවස්ථා සංවර්ධනය. 1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලය රාජ්‍යක් වූ අතර අග්‍ර ආණ්ඩු කාර වරයා බ්‍රිතාන්‍්‍ය කිරීටයේ නියෝජිතයා විය. ද්වීමණඩල පාර්ලමේන්තු සෙනෙට් සභාවකින් සහ නයෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත විය. 1971 දී සෙනෙට් මණ්ඩලය අහෝසි කෙරුණු අතර 1972 දී සිලෝන් නාමය ශ්‍රී ලංකාව බවට පත් කෙරුණි. එහෙත් සමගම ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය තුල ජන රජයක් බවට පත් වූ අතර අග්‍ර ආණ්ඩුකාර ධූරය ශ්‍රී ලංකාවේ ජනාධිපත ධූරය බවට පත්විය. ප්‍රතම ජනරජ ආණ්ඩු ක්‍රමය යටතේ ඒක මාණ්ඩලික ව්‍්‍යවස්ථාවක් බිහි කෙරුණු අතර එය ජාතික රාජ්‍ය සභාව ලෙස හැදින්විය. 1978 දී සමිමත කෙරුණු නව ව්‍්‍යවස්ථාව විධායකය ජනාධිපති ධූරයක් ඇතිකල අතර ව්‍්‍යවස්ථාධායකය පාර්ලමේන්තුව ලෙස නම් කිරිනි. දේශපාලන තත්වයන්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය වන එක්සත් ජාතක පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ,ජාත්‍යන්තර නොබැදියාව සහ සංිහල සංස්කෘතයේ ප්‍රවර්දනය පිළිගනි. මෙම පක්ෂ දෙක අතර අතිතයේ පැවති වෙනස්කම් දැන් අවමවී ඇත. සාමාන්‍යෙන් ශ්‍රී.ල.නි.ප රාජ්‍යට විශාල කාර්යභාරයක් පවරන අතර එ.ජා.ප එය ධනවාදයට පවරයි. ශ්‍රී ලංකාවේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින අතර දේශපාලන ප්‍රචන්ඩත්වය ( විශේෂයෙන් 1977 - 1993 එ.ජා.ප පාලන සමය යි ) පැවතියත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවරව පැවති. 1977 - 1997 වකවානුවට සාපේක්ෂව දැන් දැන් මැතිවරණ වලදී එ.ඡා.ප සහ ශ්‍රී.ල.නි.ප අතර ප්‍රචණ්ඩත්වය අඩු වෙමින් පවතියි. 1989 මහ මැතිවරණ වලට සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩත්වය අඩුවී ඇත. ශ්‍රී.ල.නි.ප ජනාධිපති C.B කුමාරතුංග මහත්මිය වසර දෙකකට ආයුකාලයකට පසු 2004 පෙබරවාරි මස පාර්ලමේන්තුව විසුරුවා හැරියාය.(සාමාන්‍්‍ය ආයුකාලය වසර6 කි ) 2004 අප්‍රේල් 2 පැවත් මහ මැතවරණයෙන් ශ්‍රී.ල.නි.ප - ජ.වි.පේ සන්ධානය එක් පක්ෂයක් ලැබූ වැඩිම ඡන්ද ගණන ලබාගත්තද වැඩි බහුතරක් ලබා ගත නොහැකිවිය. මෙම සන්ධානය පිළිබදව උපහාසාත්මක කරුණක් වූයේ ජනාධිපතිනිය ගේ සැමියා මරා දැමුණේ ජ.වි.පෙ මගින් වීමය. සන්ධානය එය තුලින් නව පාර්ලමේන්තුවේ පළමු ඡන්ද විමසිම වන කථානායක තේරීමේ තරගය ඔහු පාරාජය වූහ මෙය නිසා පෙබරවාරි සිට මැයි දක්වා පාර්ලමේන්තුව කිසදු පණතක් සම්මත කළේ නැත.
|
ACADEMIC
|
කිලිනොච්චි සටන යන්නෙන් පහත දේ අදහස් විය හැක: කිලිනොච්චි සටන (1998), ශ්‍රී ලංකාවේ කිලිනොච්චි නගරයේ පාලනය නතු කර ගැනීම සඳහා 1998 සැප්තැම්බර් මසදී ඇති විය කිලිනොච්චි සටන (2008–2009), ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2008 උතුරු ක්‍රියාන්විතයෙහි කොටසක් වශයෙන් 2008 නොවැම්බර් සහ 2009 ජනවාරි අතර පැවතියේය මෙම වක්‍රෝත්තිහරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත.
|
ACADEMIC
|
ඩිල්කා සමන්මලී Dilka Samanmalee වෘත්තිය රූපවාහිනී නිවේදිකාවක කලත්‍රයා(යන්) චන්දන අසේල[1] ඩිල්කා සමන්මලී යනු ශ්‍රී ලංකාවේ සිටින රූපවාහිනී වාර්ථාකාරිණියක, ප්‍රවෘත්ති නිවේදිකාවක සහ ජනමාධ්‍යවේදිනියක වෙයි. පටුන 1 මුල් අවධිය 2 වෘත්තීය දිවිය 2.1 දෙරණ ටීවී 360° දේශපාලන වාද වැඩසටහන 3 ඇගයීමට ලක්වීම් 4 ආශ්‍රිත 5 බාහිර සබැඳි මුල් අවධිය[සංස්කරණය] ජනමාධ්‍යවේදිනියක වීමට ප්‍රථම, ඩිල්කා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකාවක සිටියාය.[1] වෘත්තීය දිවිය[සංස්කරණය] දෙරණ ටීවී 360° දේශපාලන වාද වැඩසටහන[සංස්කරණය] ටීවී දෙරණ හී විකාශය කරන සතිපතා 360° දේශපාලන විවාද වැඩසටහන, ඩිල්කාගේ මාධ්‍ය දිවිය තුල විශේෂ සලකුණක් ඇතිකල සංධිස්ථානයක් ලෙස හැඳින්වෙයි. එක් එක් සතිවලදී තෝරාගත් දේශපාලන චරිතයකට ආරාධනා කොට, ඔහුගෙන් හෝ ඇයගෙන් අදාල විෂය පිළිබඳ කරුණු විමසීම පදනම් කර ගත් මෙම වැඩසටහන තුල පෙරලිකාර චරිතයක් නිරූපණය කරමින්, ඒ හරහා ඉමහත් දේශීය ප්‍රේක්ෂක පිරිසක අවධානය තමා නතු කර ගැනීමට ඩිල්කා සමත් වූවාය. කෙසේ නමුදු වැඩසටහන තුලදී, ඩිල්කාගේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවන බවට බොහෝ දෙනෙකු විසින් ඇයට චෝදනා එල්ල කරනු ලබයි.[2] ඩිල්කා විසින් මෙහෙයවනු ලැබූ 360° වැඩසටහන් අතුරින් වරෙක උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සහ රන්ජන් රාමනායක මහතා ගෙන්වා සිදුකල වාද වැඩසටහන්, එම අවස්ථාවලදී බොහෝ දෙනෙකු අතර කථාබහට ලක්වුණු අතර, ඉන් 2010 වර්ෂයේදී විකාශනය වූ රන්ජන් රාමනායක මහතා එක්වූ 360° වාද වැඩසටහනේදී ඩිල්කා, රාමනායක මහතාගේ තර්ජනයන්ට ලක්වූ බවද සඳහන් වෙයි.[3][4][5] ඇගයීමට ලක්වීම්[සංස්කරණය] ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුලදී ඩිල්කා කිහිපවතාවක්ම ඇගයීමට පාත්‍රවී තිබෙයි.[6] වසර ඇගයීම පිරිනැමීම ප්‍රතිපලය 2008 කැපීපෙනෙන රූපවාහිනී ඉදිරිපත්කරන්නිය ජනමාධ්‍ය තොරතුරු අමාත්‍යාංශය විශේෂ සඳහන 2007 හොඳම කාලීන වැඩසටහන- දෙරණ 360° සඳහා සුමති ටෙලි සම්මාන ජයග්‍රාහක 2009 විශේෂ සම්මානය- දෙරණ 360° සඳහා සුමති ටෙලි සම්මාන ජයග්‍රාහක 2008 ජනමාධ්‍ය අමිල සේවය සඳහා සම්මානය ශ්‍රී ලංකා ජනමාධ්‍ය සන්නිවේදන සංගමයේ මැකෝ (MACO) සම්මාන 2007 - 2008 හොඳම කාලීන වැඩසටහන/වැඩසටහන් ඉදිරිපත් කරන්නිය ජාතික මාධ්‍ය පදනම 2010 ගෝල්ඩන් වොයිස් මැකෝ සම්මානය ශ්‍රී ලංකා ජනමාධ්‍ය සන්නිවේදන සංගමයේ මැකෝ (MACO) සම්මාන 2010 ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන තරුණ පුද්ගලයින් දසදෙනා TOYP 2010 නිර්දේශිත ආශ්‍රිත[සංස්කරණය] ↑ 1.0 1.1 "360 හරහා රට කැළඹූ ඩිල්කා සමන්මලී අද යුග දිවි අරඹයි". සරසවිය. 2012 ජනවාරි 19. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014. ↑ "ඩයිනමයිට් ඩිල්කා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රී රංගා". Ramachandra. SEPTEMBER 27, 2010. සම්ප්‍රවේශය 2014-04-28. ↑ "‘දෙරණ’ මාධ්‍යවේදිනියට රංජන් රාමනායක තර්ජනය කිරීම දැඩි ලෙස හෙළා දකිනවා". ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය. 2010-සැප්තැම්බර්-3. සම්ප්‍රවේශය 2014-04-28. ↑ "විඩියෝ:රන්ජන් ත්‍රෙටන්ස් ඩිල්කා ඕවර් දෙරණ 360 ප්‍රෝග්‍රෑම්". Adaderana.lk. 2010-08-30. සම්ප්‍රවේශය 2012-08-30. ↑ "නිව්ස්". Nation.lk. සම්ප්‍රවේශය 2012-08-30. ↑ "අබවුට් ඩිල්කා සමන්මලී". ෆේස්බුක්. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014. බාහිර සබැඳි[සංස්කරණය] ඩිල්කා සමන්මලී
|
ACADEMIC
|
සරත් කුමාර ද සිල්වා උපත කොළඹ ලංකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු සංස්තාවහි වර්තමාන සභාපති ආගම බෞද්ධ සරත් කුමාර ද සිල්වා යනු ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු සංස්තාවහි වර්තමාන සභාපති වරයායි. ජීවන සටහන්[සංස්කරණය] ඔහු වරලත් සිවිල් ඉංජිනේරු වරයෙකි. කලුතර බෝධිය ඉංජිනේරු ව්‍යාපෘතිය ඔහුගේ විශේෂ නිර්මානයකි. සරත් කුමාර ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] සරත් කුමාර ද සිල්වානන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
|
ACADEMIC
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.