comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
මාලිනී රසික හවුලට අශෝකගෙන් ආරාධනාඅශෝක සෙනරත් මුදලිගේ නිෂ්පාදනය කොට අධ්‍යක්‍ෂණය කළ ‘සිනෙ රූ තරු තොරතුරු’ රූපවාහිනී වැඩසටහන අඩංගු කළ ඩී. වී. ඩී. තැටියෙහි ග්‍රන්ථය එම නමින්ම මෙම මස 30 වැනිදා සවස 3.45 ට සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය එනම් සුදර්ශී ආයතනයේ ගාමිණී ෆොන්සේකා සමරු රඟහලේ දී එළිදැක්වේ.සිනෙ රූ තොරතුරු වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයන් වූයේ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එය මෙහෙය වීය. එම වැඩසටහනෙහි සියලු සංවාදයන් ඒ අයුරින්ම සිනෙ රූ තරු තොරතුරු ග්‍රන්ථයේ සටහන්ව තිබේ.එය සරසවි ආයතනයේ ප්‍රකාශනයකි. මෙම කටයුත්තට අමතරව එදින මාලිනියගේ උපන් දිනය සැමරීම සහ ඇයගේ රසික හවුලක් පිහිටුවීම ද සිදුවේ. මෙම අවස්ථාවට සහභාගිවීම සඳහා අශෝක, ක්ෂේත්‍රයේ සහෘදයන්ට විවෘත ආරාධනාවක් කරයි. ප්‍රසාද්
|
CREATIVE
|
ජෙහාන් ඇලෝශියස්ගේ ‘රියල් ස්ටාර්’ වේදිකා නාට්‍යයේ වගේම රාජ්‍ය සම්මාන දිනූ ‘දාස මල්ලිගේ බංගලාව’ වේදිකා නාට්‍යයවලට මම රංගනයෙන් දායක වෙනවා.ඒ නාට්‍යවල පුහුණුවීම් අතර අනෝජා වීරසිංහගේ ‘අභින’ ඇකඩමි පෝරම් තියටර් එකත් සමඟ සම්බන්ධ වෙලා ඩ්‍රාමා වර්ක් ෂොප් කරනවා. එයටම රණවිරු රියල් ස්ටාර් වැඩ සටහනත් අයත්.
|
CREATIVE
|
රංගන ශිල්පිනී නිලූෂි හල්පිටගේ දුරකථන අංකය සහ ලිපිනය ලබා දෙන්න.කරුණාරත්න රණවීරකොළඹ 08.දුරකථන අංකය – 0776748443.ලිපිනය -අංක 108,වෑතර,පොල්ගස්ඕවිට.අර්ජුන් ඔබ වඩා කැමැත්තක් දක්වන්නේ චිත්‍රපට වලටද? ටෙලි නාට්‍යවලටද? නැත්නම් වේදිකාවටද?එම්. ඉන්ද්‍රපාල,මුංහේන.චිත්‍රපට බලන්න තමයි.ඉන්දීය සිනමාව මෙපමණ කලක් අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ අදාල බලධාරීන්ගේ උනන්දුව මත නේද? කෝ අපේ අයට උනන්දුවක්?සරත් රණසිංහකපුගොඩ, මාළිඳ.ඔබ හිතන විදිය වැරැදියි සරත්. ඉන්දියාවේ ආණ්ඩුව පවතින්නේ චිත්‍රපට කර්මාන්තයේ ආධාර මතයි. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පවතින්නේ ආණ්ඩුවේ ආධාර මතයි. මේ අවුරුදු හැට හයටම විවිධ ආණ්ඩු විවිධ ආකාරයේ ආධාර දුන්නත් එයින් වැඩක් නොගත් එකම කර්මාන්තය අපේ සිනමාව බවයි මගේ හැඟීම.සරසවිය පුවත්පතේ උපන් දින පිටුව සම්පාදනය කරන සිරි කහවල මහතාගේ ලිපිනය පළ කරන්න.රත්න කහඳවඅලව්ව.අංක 07, සූරියමල් මාවත, සිරිමල් උයන, රත්මලාන.1974 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරුණු ‘රාම් පූර් කා ලක්ෂ්මන්’ හින්දි චිත්‍රපටය ගැන විස්තරයක් දැන ගැනීමට කැමැතියි.නෙවිල් කිරිහෙට්ටිපමුණුගමකලක් අතිශය ජනප්‍රිය සිනමාකරුවෙකුව සිටි මන්මෝහන් දේසායි විසින් 1972 වසරේ නිර්මාණය කරන ලද රාම් පූර්කා ලක්ෂ්මන් චිත්‍රපටයේ රන්ධීර් කපූර්, රේඛා, සතෘගන් සිං, සුලෝචනා, පද්මා ඛන්නා ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණ. මේ චිත්‍රපටයට පාදක වූයේ පවුලෙන් වෙන්වන සහෝදරයන් දෙදෙනකුගේ කතාවක්. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඒ. ඒ. නදියත්වාලා විසිනි.ප්‍රවීණ හින්දි නළු දිලිප් කුමාර් ගැන අලුත් ආරංචියක් කියන්න.වියානි ගුණවර්ධනවෙන්නප්පුවදිලිප් කුමාර් වසර පහළොවකින් රඟපෑවේ නැහැ. ඒ වගේම මේ වන විට 92 හැවිරිදි වියේ පසුවන ඔහු පසුගිය වතාවක මරණයේ මුවදොර ළඟට ගොස් යළි සුවපත්ව සිටිනවා. 1998 වසරේදී තමයි ඔහු අවසන්වරට චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණේ.අපේ රටේ මිනිසුන් චිත්‍රපට නාට්‍ය නැරැඹීමට වඩා වැඩි මුදලක් ලොතරැයි මිලදී ගැනීමට යොදවන්නේ යැයි කියන්නේ ඇත්තද?චාමර විජේසිංහපිළියන්දලවෙන්න ඇති. මමත් එහෙමයි.ජනප්‍රිය සිනමා නළු ටෝනි රණසිංහ රඟපෑ ප්‍රථම චිත්‍රපටය කුමක්ද? ඒ කුමන වසරේද? ඔහුගේ ලිපිනය පළ කරන්න.ෂේන් වීරසිංහඅනුරාධපුරටෝනි රණසිංහ මුලින්ම රංගනයෙන් දායක වුණේ සිරිසේන විමලවීරගේ ‘පුංචි අම්මා’ චිත්‍රපටයේ. එහෙත් එය කිසි කලෙක තිරගත වුණේ නැහැ. තිරගත වූ මුල්ම චිත්‍රපටය 1963 වසරේ තිරගත වූ ගම්පෙරළිය චිත්‍රපටයයි.ටෝනිගෙ ලිපිනය – අංක 163/3,සිරිධම්ම මාවත,කොළඹ 10.ලොව මුලින්ම ඩිජිටල් සිනමාකරණය සිදු වූයේ කුමන රටකද? කුමන චිත්‍රපටය ද? සිනමා ශාලාවදැයි පහදා දෙන්න.මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වලකෑගල්ලඅමෙරිකා එක්සත් ජනපදය.ඩිජිටල් තාක්ෂණයෙන් නිර්මාණය කළ ප්‍රථම චිත්‍රපටය 1998 වසරේ තැනුණු ලාස්ට් බ්‍රෝඩ්කාස්ට් චිත්‍රපටයයි.සරසවිය පුවත්පතේ තනි මංසල විශේෂාංගයේ ජනප්‍රිය නිළි සුරේනි සෙනරත් දක්වා තිබුණා ‘පිරිමි කියන්නේ විශ්වාස කරන්න බැරි පිරිසක්’ බව. මේ මතය ගැන ඔබ හිතන්නේ කුමක්ද?සෝමා එච්. පතිරණකහවත්තමං හිතන මතය නොවෙයි. කාන්තාවක් වුණ සෝමා ම උත්තරය කියන්නකෝ.ලොව ප්‍රකට සංගීත කණ්ඩායමක් වන බීට්ල්ස් සංගීත කණ්ඩායමේ විස්තරයක් සඳහන් කරන්න.අතුල රම්‍යසිරිපානදුරලෝකයේ සංගීත කණ්ඩායම් අතර අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් ලෙස සැලකෙන බීට්ල්ස් සංගීත කණ්ඩායම ටයිම්ස් සඟරාව කියන හැටියට 20 වන සියවසේ මිනිසුන්ට වැඩියෙන්ම බලපෑම් කළ සිය දෙනා අතරට ඇතුළත් වෙනවා. ඒ වගේම එදා මෙදාතුර සංගීත කණ්ඩායමක් ඉපැයූ ඉහළම ආදායම ද ලබා ගත්තේය. ජෝන් ලෙනන්, පෝල් මැකාර්ති, ජෝර්ජ් හැරිසන් සහ රින්ගෝ ස්ටාර් යන එංගලන්තයේ ලිවපූල් හි ජීීවත් වූ ගැටවරයෝ සිවු දෙනෙක් විසින් රොක් සංගීතය භාවිත කරමින් ආරම්භ කළ මෙම සංගීත කණ්ඩායම උන්මාදයක් ලෙස (බීට්ල් මේනියා) ලොව පුරා පැතිර ගියා. පරම්පරා ගණනක් මුළුල්ලේ අදටත් එහි ජනප්‍රියත්වය රැඳී තියෙනවා. එහෙත් පසු කලෙක ජෝන් ලෙනන් උන්මත්තකයෙකු විසින් ඝාතනයට ලක් විය.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
මම මේ දවස්වල ගෙදරට වෙලා නිදහසේ කාලය ගත කරනවා. මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙන නිසා ඒ වෙනුවෙන් වෙනත් වසරවල වගේම විශේෂ දරුවන් සිටින ළමා නිවාසයකට කෑම වේලක් පිරිනමලා ඔවුන් සමඟ සතුටින් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා.දැනට සංජය නිර්මාල්ගේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වෙනවා. ඒ හැරුණාම තවත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.
|
CREATIVE
|
මෙගා තරුව අමිතාබ් බච්චන්, ප්‍රවීණ නිළි ජයා බච්චන්, නළු අභිෂේක් බච්චන්, ජනප්‍රිය නිළි අයිශ්වර්යා රායි, ආරධ්‍යා සිඟිති දියණිය එකට එක්වුණු තැන සතුට, සුන්දරත්වය, සිරියාව උතුරා යන කැදැල්ලක් සිතෙහි මැවීම අරුමයක් නොවෙයි. මොවුන් ජීවත්වෙන ජල්සා නිවෙස ගැන කාගේත් සිත්වල මැවෙන්නේ එවැනි රූපයකි. එහෙත් එය සැබෑවක් ද?ජයා බහදූරී නැන්දම්මා සහ අයිශ්වර්යා රායි ලේළිය අතර ඇතිවන ගැටුම් නිසා අභිෂේක් බච්චන් අසරණ වී සිටින බවට රාවයක් බොලිවුඩය පුරාම පැතිරී යමින් පවතී. මේ ගැන විමසූ විට අභිෂේක් නම් කියන්නේ වැදගැම්මකට නැති මෝඩ කතා කියලයි.එහෙත් මේ කතාව පතුරවන්නන් පවසන ආකාරයට නැන්දම්මා ලේළි ගැටුමට හේතුව ජයා බහදූරි පමණට වඩා අයිශ්වර්යාගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතවලට ඇඟිලි ගැසීමයි. මේ නිසාම ජල්සා අත්හැර අභිෂේක් සහ ආරධ්‍යා සමඟ වෙනම කැදැල්ලකට යාමට ඇයට අවශ්‍ය වී තිබේ.මෙගා ස්ටාර් අමිතාබ් සමඟ නම් අයිශ්වර්යාට කිසිදු ගැටලුවක් නැති බව කියවෙයි.එහෙත් ප්‍රසිද්ධියේ මේ නැන්දණිය සහ ලේළිය මව හා දියණිය සේ සෙනෙහසින් බැඳී සිටිති. කෙසේ වුවත් කට කතාව සත්‍ය නම් එයට සැබෑ හේතුව ජයා ලේළිය ගැන දක්වන දැඩි සැලකිල්ල සහ සෙනෙහසයි. ‘ඈෂ්’ ගැන කවුරුන් හෝ වැරැදි යමක් පවසන විට ඊට විරුද්ධව සටන් වදින්නේ ජයා නැන්දණියයි.මෑතකදී මාධ්‍යවේදීන්ට ජයා බැණ වැදුණේ ලේළියට, අයිශ්වර්යා ලෙස ඇමතීම නිසයි. කෝපයට පත් ඇය අයිශ්වර්යා නෙවෙයි අයිශ්වර්යා රායි බච්චන් ලෙස අමතන්න යැයි අවවාදාත්මක ලෙසින් කියා සිටියාය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ විශාරද නන්දා මාලිනියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සවරින් හෝටලයේ පැවැති මුහුරත් උළෙලකින් අනතුරුව ප්‍රියන්ත කොළඹගේ සිය තෙවැනි සිනමා කෘතිය ආදරණීය කතාවක් වැඩ කටයුතු ආරම්භ කළේය.චමින්ද ගමගේ නිෂ්පාදනයට එක්වන මෙහි බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය සහ අරුණි රාජපක්ෂ ප්‍රධාන චරිතයන්ට පිවිසෙති. ආදරණීය කතාවක් සමඟ නව සංගීත අධ්‍යක්ෂවරයකු ප්‍රියන්ත හඳුන්වා දෙයි. ඒ උදාර සමරවීරය.ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. නලීන් ප්‍රේමතිලකගේ අංග රචනයකි. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් ද, පුෂ්පකුමාර රාජගුරු කැමරා අධ්‍යක්ෂණයෙන් ද එක්වන මෙහි ගී පද රචනා නිලාර් එන්. කාසිම්, උපුල් ශාන්ත සන්නස්ගල, චමින්ද ගමගේ, ප්‍රියන්ත කොළඹගේ සහ නන්දන වික්‍රමගේගෙනි.ආදරණීය කතාවක් චමින්ද සමඟ ප්‍රියන්ත කොළඹගේ නිෂ්පාදනයෙන් එක් වෙයි.ප්‍රසාද් - සේයාරූ - මාලන්
|
CREATIVE
|
ඒ. වී. එම්. ගේසිංහල දොස්තරමේ ඡායාරූපය සිංහල සිනමාවේ තිරගත වූ දොස්තර චිත්‍රපටයේ අවස්ථාවක්. මෙහි විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ චෙන්නායි හි අදටත් ප්‍රධානම චිත්‍රපට සමාගමක් වන ඒ. වී. එම්. සමාගමයි. එහි වයසත් අපේ සිංහල සිනමාවේ වයසටම සමානයි.සිංහල සිනමාවට වසර 66 ක් සේම ඒ. වී. එම්. සමාගමත් වසර 66 සපිරුවා. ඒ. වී මෙයියප්පන් චෙට්ටියාර් විසින් තමයි මෙම චිත්‍රපට සමාගම බිහි කළේ. ඒ. වී. එම්. සමාගම විසින් දෙමළ, හින්දි, තෙළිඟු, මලයාලම් බසින් චිත්‍රපට රැසක් නිපදවූවා.ඒ වාගේම ඔවුන් නිෂ්පාදනය කළ සිංහල චිත්‍රපටයක් තමයි දොස්තර. මේ ඡායාරූපයේ සිටින්නේ එඩී ජයමාන්න සමඟින් සුරූපී නිළි කාන්ති ගුණතුංග. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එවකට දකුණු ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ කේ. ශංකර්. පසු කාලෙක ගාමිණී ෆොන්සේකා රංගනයෙන් එක් වූ නීල කඩලින් ඕරත්තිලෙයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත් ශංකර් විසින්. අද එඩී ජයමාන්නයන් අප අතර නැහැ. කාන්ති ගුණතුංගත් විදේශයක. හැබැයි දොස්තර චිත්‍රපටයේ එන වාසනාවන්ත කල ලබා වැනි ගීතය අදටත් ජනප්‍රියයි.විවාහයේ මල් නෙලා පළඳිමුකෝබී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ දෛව විපාකය චිත්‍රපටයේ අවස්ථාවක් තමයි මේ. එහිදී සේනාධීර කුරුප්පු සමඟින් ෂර්ලි බ්ලයිත් දෛව විපාකය චිත්‍රපටය අලංකාර කළේ මේ අයුරින්. සේනාධීර කුරුප්පු අද අප අතර නැතත් ෂර්ලි බ්ලයිත් යුරෝපා රටක පදිංචි වෙලා සිටින බව ආරංචියි. අද වන විට දෛව විපාකය චිත්‍රපටයේ පිටපතක්වත් ඉතිරි වෙලා නැති වුණත් එහි තිබෙන ‘සුරතලියේ සුකොමලියේ’ ගීතය නම් අදටත් හරිම ජනප්‍රියයි.පාඨක ඔබ ළඟත් මෙවැනි වූ සොදුරු මතක සටහන් තිබේ නම් ඒවා තවත් අමරණීය මතකයන් බවට පත් කිරීමට සරසවියට එවන්න. එවිට ඒ මතක ඔබ අප කා අතරත් සුන්දර මතකයන් ලෙස රැඳෙනු ඇත.- යතේජා ඥානරත්න
|
CREATIVE
|
ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධනමේ දවස්වල එල්ෆින්ස්ටන් රඟහල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරනවා. ලබන දෙවැනිදා එහි සරස්වතී ප්‍රතිමාව නිරාවරණය කරන්න කටයුතුª සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තුන් වැනිදා මගේ ජීවිතයේ සුවිශේෂම අවස්්ථාවක් යෙදිලා තියෙනවා. එදින පුණ්‍ය කටයුතුª සමඟින් සුපුරුදු පරිදි මගේ කාර්ය මණ්ඩලය සමඟ සාමාන්‍ය විදියට රාජකාරී කටයුතුª කරගෙන තමයි ඉන්න බලාපොරොත්තු වෙන්නේ.
|
CREATIVE
|
හෙළ සිනමාවේ දශක කිහිපයක්ම සිටි වීරයා අතුරුදන් වී ඇත. මෙවන් කාලයක යළිත් විවිධ චරිත රංගනයේ දක්ෂතා ඇතිව රංගනයේ යෙදෙන රොජර් සෙනෙවිරත්න නමැති නළුවා වෙතින් අපට දැකිය හැක්කේ යළිත් අපේ චිත්‍රපටවල වීරයාගේ චරිතය සඳහා කෙනෙකු සිටින බවය. මා සිතන විදිහට ගාමිණී, රවීන්ද්‍ර, විජය, ජීවන්, සනත්, ශෂී, රන්ජන් වැනි අංක එකේ නළුවන් අතරට ඔබට ද පැමිණිය හැක.වෛද්‍ය නෙල්සන් වීරසිංහ / අනුලා වීරසිංහ- පොල්ගහවෙලගයාන් වික්‍රමතිලක බොඳ මීදුම් නාට්‍යයෙහි රඟපෑවේ ප්‍රේක්ෂකයාගේ සිතෙහි වෛරය ඇතිවන අන්දමේ දරදඬු විකෘති පුද්ගලයකුගේ චරිතයකි. එසේ ප්‍රේක්ෂක අපගේ නොපහන් බවට පත් වූයේ ඔබේ අති දක්ෂ රංගනය නිසයි.නමුත් ස්වර්ණවාහිනියේ දැන් විකාශය වන සේපාලිකා ටෙලි නාට්‍යයේ ඔහු රඟන පහන් නම් වූ චරිතය ඊට ඉඳුරා වෙනස් අවිහිංසක තරුණයෙකි. ඔබ එය කෙතරම් අති දක්ෂ සහ සියුම් ලෙස රඟනවාද කිව්වොත් එය පෙර පැවසූ පුංචි තිරයේ සිටි දුෂ්ඨ නළුවා ද යන්න විශ්වාස කළ නොහැක.මෙම චරිත දෙක රඟපෑමෙන් පමණක් ඔබ කොතරම් පුළුල් පරාසයක රංගනයක් කළ හැකි රංගවේදියකු ද යැයි ඔප්පු කොට ඇත.නිලාන් වෙත්තසිංහඑදා හැටේ දශකයේ ගුවන් විදුලියෙන් නිතර ඇසුන අඩු කුලේ කියාලා අසරණයා, සාදු සිරීපා . . . ආදී ගී ගැයූ ඒ. ජේ. කරීම්ගේ හඬ දැන් ගුවනට මුසුවන්නේ නැත. සතියකට වරක් හෝ කරීම්ගේ ගීත ප්‍රචාරය කරන්නේ නම් මැනවි.ජයම්පති නවරත්න- මාතලේපළමු සුපිරි තරුව වූ අජිත් බණ්ඩාර,ඔබගේ නිහඬතාවය හේතුවෙනි මෙය ලියන්නේ. සිරස නාලිකාව සමඟින්වත් අප හමුවන්නේ නැත්තේ ඇයි. සරසවිය තුළින්වත් ඔබේ ගායන දිවියේ තොරතුරු පවසන්න.- ලාලනී රේණුකා වික්‍රමසිංහ - කුරුණෑගලපසුගිය දිනෙක ගාලු කොටුව තුළදී ඔබ මවත් සමඟ පැමිණ සිටියදී අපට හමු විය. ඉතා නිහතමානීව සුහදත්වයෙන් අප කණ්ඩායම සමඟ කතාබස් කොට ඡායාරූපවලටත් පෙනී සිටීමට තරම් ඔබ කාරුණකි විය. ඔබගේ නිහතමානීත්වයට අපේ ආචාරය.ශිරාණි, සිඟිති, සුජීවා, පර්මි -දංකොටුවකෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවෙන් ජනප්‍රිය වූ වසන්ත කුමාරසිරි මේ දිනවල ‘බොරලු පාර’ හි පොලිස් ස්ථානාධිපතිගේ චරිතය තුළින් හොඳ ප්‍රතිභාවක් විදහා දක්වයි. පොලිස් සේවාවේ ගෞරවයත්, පුද්ගලික ජීවිතයේ තම ගෞරවයත් මෙතුළින් මොහු අගේට රැක ගනියි.ඩඩ්ලි ගෝමස් - කටුබැද්දටෙලි නාට්‍ය නිෂ්පාදකවරුනි, අධ්‍යක්ෂවරුනි, නළු නිළියනි,පටන් ගැන්මේදී ඇතිකර ගන්නා සියලුම කොන්දේසි නාට්‍යයක් නිමවන තුරු පවත්වා ගන්න. තරමග ප්‍රේක්ෂක අපව අසරණ නොකර පටන් ගැන්මේදී සිටින ප්‍රධාන නළු නිළි යුවලවත් අඩු තරමින් අවසන් වනතුරු තබා ගන්න.උමංගා ද සිල්වා- මොරටුවනාගරික පංතියේ සංකර චරිතයට නියම අර්ථකතනයක් දෙමින් එම චරිතයන් තුළ සැබෑ ලෙසම ජීවත්වන දඟකාර නිළියකි අංජුලා රාජපක්ෂ. රඟන චරිතය තමාගේ කර ගනිමින් ලස්සන රැ¼ගුමන් හි යෙදෙන අංජු ඔබ තමයි පුංචි තිරයේ දඟකාරිය.සුසිලා පතිරාජ - උස්වැටකෙයියාවචිත්‍රපට අධ්‍යක්ෂවරුනි ඔබලා අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටවල සියලුම නාමාවලියන් දර්ශනය ආරම්භයට පෙර ප්‍රදර්ශනය කරන්න. ඊට හේතුව සිනමා දර්ශනයන් අවසන් වූ වහාම ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලින් පිටව යන හෙයිනි. එබැවින් නාමාවලි නැරැඹීමට කිසිවෙකු උනන්දු නොවේ.එච්. ඒ. ජයසේනරණාල0752805047අඳුරු අහසට රෑ කැටයම් ගීයෙන් සිත් සනහාලන රඛිත වෙළන්ගොඩ පැහැබැර අනාගතයකට හිමිකම් කියත්වා.විරාජ් - නිකවැරටියසිනමාවේ, වේදිකාවේ විතරක් නෙවේ පුංචි තිරයේදිත් සුවිශේෂී වූ රංග දක්ෂතාවයක් ලබාදෙන බිමල් ජයකොඩිට සුබ අනාගතයක්.චතුරිකා- ගාල්ලදමිත් අසංකගේ ගීත ඉතාමත් ලස්සනයි. මම අහන්නේ ඔහුගේ ගීත පමණයි.මධුභාෂිනී - මොරටුවතිසුරි යුවනිකා ගොඩක් ලස්සනයි.ශාලිකා - වලස්මුල්ලමංජුලා කුමාරි රඟපෑ සපුමලී නාට්‍ය හරවත්.සඳමාලි -දෙහිවලමහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර රචනා හරිම සුන්දරයි.ඉෂාර- කෑගල්ලනොදැක ඉන්න බෑ ගීතය මේ දවස්වල හරිම ජනප්‍රියයි. ඒක ගායනා කරන රුවන් හෙට්ටිආරච්චිගේ හඬ අපව වශි කරනවා.ෆාතිමා -නුවර- බිනුරි - මාවනැල්ලවිශ්ව කොඩිකාර දරුවනේ චිත්‍රපටයේ සිය දස්කම් මනාව පිළිබිඹු කරනවා.ධනු - ඇල්පිටියචාමර පීරිස්ගේ පියවි හි ඩිනක්ෂි, උමයංගනා, යුරේනි, කාවිංග, එරංග ඇතුළු සියලුම ශිල්පීන්ගේ රඟපෑම් ඉතාම සාර්ථකයි.ලහිරු - ඉඹුල්ගොඩඅන්තර් ජාතික මැකෝ සම්මානය (2012) ලබා සියලුම ගුවන් විදුලි නාලිකා අභිබවමින් ජනප්‍රියම නාලිකාව බවට පත් වූ හිරු එෆ්. එම්. සේවයට සහ අරවින්ද, බුද්ධික, ප්‍රසාද්, කෙවින්, නිදර්ෂි, රංග, මහේෂ්, ධනුෂ්ක, ලක්මල්, සමීර ඇතුළු හිරු ටීම් එකේ හැමෝටම ජය පතමි.ප්‍රතිචාර සැකසුම - ප්‍රසාද්සමරතුංග
|
CREATIVE
|
විස පස් වසක් ගත කෙරුවෙමි ඔබ නැතුව අසමින් රුවන් ගී රැස ඇති මා සතුව ඔබ ගැන මතක එනවා යළි යළි මතුව සමරමි මිතුර! නොසිඳෙන ළසොවින් යුතුව බාලේ පටන් ගී හඬ වෙත සවන් ඇදී මට ඔබ සොයා එන්නට සිත කියන ලදී ගීී ලොව ගමන් මඟ පාදා සිතින් ලැදී ජෝතිය මගේ ඔබ විය මිතු දමින් බැඳී සිනමා තිරේ වැජඹුන කෝකිල යාය පොදු ජන හද දිනා ගත් ගායක යාය ගී ඔසුවෙන් සුව දුන් ජීවක යාය පාලුයි සදා ඔබ නැති ගී තරු යාය ඔබෙ ගී කොල්ල කාගෙන නොතකා නීතී අද නව ‘සුපිරි තරු’ පිරිසක් ‘වැඩ දාතී’ බැලු බැලු අතේ නෙක නෙක විගඩම් පාතී සුපිරි තරුව ඔබ මිස කව්රුද ජෝතී උත්තම ගුණෙන් පිරිපුන් ගුණවතාණෙනී සිත් ලෙස දිවිය විඳ ගත් රසවතාණෙනී අත් හැර අප ගියත් ඔබ අවුළුවා ගිනී සිත් තුළ ජීවමානයි හිතවතාණෙනී පැතු ආදරය හිමි නැති වූ ලෝකයක ඔබ ළඟ සැනසුණෙමි වළලා ඒ මතක ඉන් පසු ඔබ ද ගිය විට නොඑනා මගක දිවියම කැළඹුනා මැදි වී වියවුලක යළි ආදරේ කුසුමක් පිබිදී ආවා නොසිතු පරිදි ඒ කුසමද පර වූවා මේ හුදෙකලාවේ මගෙ දිවි ගතවේවා ඔබ හමුවෙලා මතු මා සිත සැනසේවා- ආනන්ද පද්මසිරිඑච්. ආර්. ජෝතිපාල තමයි මේ රටේ වැඩිම ගීත සංඛ්‍යාවක් ගැයූ ගායන ශිල්පියා. ඒ ගීත ප්‍රමාණය දොළොස් දහසකට ආසන්නයි. කොයි තරම් ජෝති රසිකයකු වුණත් ජීතිගේ අහපු නැති ගීතයක්, දෙකක් නම් තියෙනවාමයි.ජෝතිගේ ජනප්‍රිය ගීත මෙන්ම අප්‍රකට ගීත රැසක් අපට ‘ලක්හඬ’ ගුවන් විදුලියෙන් දිනපතාම රාත්‍රී 9.00 – 10.00 දක්වා පැයක කාලයක් සවන් දෙන්න පුළුවන්. ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන තිබෙනා මේ ජෝති රාත්‍රිය වැඩසටහනේ ඉතිහාසය අවුරුදු තුනකට ආසන්නයි.ජෝතිගේ හැඟුම්බර ගායනයන්ට වදන් චිත්‍ර මවමින් ‘ජෝති රාත්‍රිය’ අපට සමීප කරවන්නේ යොවුන් නිවේදිකා මේඛලා වසුන්දරා. ඇය තමයි මේ වැඩසටහනේ නිෂ්පාදිකාවත්. ‘ලක්හඬ’ ගුවන් විදුලියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අශෝක කරුණානායකගේ සංකල්පයක් අනුව තමයි මේ වැඩ සටහන මම ආරම්භ කළේ. ඒ 2009 වසරේ ඔක්තෝබර් මාසයේදී.මුලින්ම මෙය ප්‍රචාරය වුණේ රාත්‍රී 9.00 සිට 9.30 දක්වා විනාඩි 30 ක කාලයකින්. නමුත් අසන්නන්ගේ බලවත් ඉල්ලීම නිසා වසරකට පසු අපි එය පැයක් දක්වා දීර්ඝ කළා. මම හිතන්නේ කිසිම නාලිකාවක දිනපතාම මේ වගේ ගායන ශිල්පියකුගේ ගීත ප්‍රචාරය වෙන්නේ නැහැ. ජෝති ගේ ගී වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ ලක්හඬ ගුවන් විදුලිියේ සහ ස්වාධීන රූපවාහිනියේ. ජෝතිපාලයන් ගැයූ ගීවල නිවැරැදි විස්තරත් අප ඉදිරිපත් කරනවා. සමහර ගීත ඇතැම් ශ්‍රාවකයන් මුලින්ම ඇහුවේ මේ ‘ජෝති රාත්‍රිය’ වැඩ සටහනෙන්.ජූලි 07 උදෑසන හීල් දානය මාලිගාවත්ත අබේසිංහාරාමයේ දී. ජූලි 07 උදෑසන දහයට පුෂ්පෝපහාරය බොරැල්ල කනත්ත, ජෝතිපාල පිළිරුව අසල දී. ජූලි 07 සවස දෙකට වියළි ආහාර බෙදා දීම ජයනන්ද සීඩී වර්ල්ඩ් අසල දී. ජූලි 07 සවස හයයි තිහට ජෝති උපහාර ප්‍රසංගය මරදාන ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේ දී.ජෝතිපාලයන්ගේ විසිපස් වන ගුණ සමරුව තේමා කර ගනිමින් සිංහ එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව ජූලි මස හත් වැනි දින රාත්‍රී 8 – 12 දක්වා සිංහ එෆ්. එම්. සිංහ සජීවී වේදිකාව වෙන් වනුයේ ජෝතිපාලයන් වෙනුවෙනි.මේ සඳහා සංගීතයෙන් මාරවිල සංතූර් සංගීත කණ්ඩායම එකතු වන අතර පුන්සිරි සොයිසා, ලලිත් පොන්නම්පෙරුම, ඩබ්ලිව්. ප්‍රේමරත්න, සුරේෂ් ගමගේ, උදේශ් නිලංග, ගයනි මදුෂා, මාරියෝ ආනන්ද සහ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ ගායනයෙන් දායකවීමට නියමිතය.
|
CREATIVE
|
අග්‍රගණ්‍ය සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් නිමැවුණු විශේෂ මුද්දරය සහ මුල් දින කවරය තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග විසින් එතුමිය වෙත පිළිගැන් වූ අයුරු.අජිත් ගලප්පත්ති විසින් රචිත ‘සුමිත්‍රා අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව’ කෘතිය සිනමාවේදී සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත පිළිගැන් වූ අයුරුඔබේ ආදරේ තනුව රාව නොනගනා මියුරු ගීතයයි නැත වදන් වැල මනා පිය ළදක නොමවෙනා තරුණයකු මෙනා හිමි ඔබ නොදනී මා එය දනිමිඔබේ ආදරේ ඔරුව රුවල නැත මනා දුම්රියක් වගෙයි නැති ගමන් මග මනා ජීවේ මගේ හිමිට සෙල්ලමක් වුණා හිමි ඔබ නොදනී මා එය දනිමිආදරෙන් ජීවයෙන් මා පිබිදුණේ ආදර පුතුනේ නැත පියෙකු සුරකිනා මා ඔබ රකිමී මා දෙනෙත මෙනා ජීවේ මගේ හිමිට සෙල්ලමක් වුණාරචනය - සොමී සේකරාමගායනය - සමිතා මුදුන්කොටුවසංගීතය – නිමල් මෙන්ඩිස් චිත්‍රපටය - දුවට මවක මිසමා රිදවා - යදමින් බඳවා පොළොවේ නටුවෙන් ගලවා ඔබ යන්න ගියා - මල් පෙති පාගා විඳිමි විඳිමි වේදනාමිණි කිරුළේ දුක හංගා දිනේ යෙහෙන් නිරිඳා රුවන් ළයේ නිදිගන්වලා කෙසේ වද වෙන්න දෝගැරහුම් ලබා - වින්දා බොහෝ නින්දා අවසන් වේ – නාදය අවසන් වේ තත සුන් වූ වීණාවේකොහිදෝ - කොහිදෝ - මා වියූ දුහුල් සළුව කොහිදෝ කොහිදෝ - කොහිදෝ - මා වියූ දුහුල් සළුව කොහිදෝරචනය – රත්න ශ්‍රී විජේසිංහගායනය – ඉන්දිකා උපමාලිසංගීතය – නිමල් මෙන්ඩිස්චිත්‍රපටය - වෛෂ්ණාවීකිසිදා නොපැතූ දේ සිදුවේවී සිත බිඳුණේ යළි ප්‍රේමේ හින්දා දිවි දුන්නේ මමයි දුක දුන්නේ ඔබයි ස්ත්‍රී සිත් පෙන්නුවා ඔබ ස්ත්‍රී සිත් පෙන්නුවා නොසිතනු මා ඔබගේය කියා නිදහසේ ඇරයුම් ලබනා යනවාමයි මා සිත කියන දිහා පුරුෂ සිත් පෙන්නුවා ඔබ පුරුෂ සිත් පෙන්නුවාඔබ නොදනී කැලඹුම මායාවේ නොහැඟේ ජීවිතයේ ගිම්හානේ තරවටු කළ යුතු වේ හිත දේ දඬුවම් සේ ස්ත්‍රී සිත් පෙන්නුවා ඔබ ස්ත්‍රී සිත් පෙන්නුවාදනිමි ලොකු කෙරුමෙක් බව තා සිත පෑරේ මේ සැසඳීම නිසා ගනුදෙනුවට ආදර යයි පවසා පුරුෂ සිත් පෙන්නුවා ඔබ පුරුෂ සිත් පෙන්නුවාරචනය හා සංගීතය – නිමල් මෙන්ඩිස්අනුවාදය - දුමින්ද ඇල්ලෙකෙන්දගායනය – රුක්මන් අසිත පෙරේරා, මීනා ප්‍රසාදිනීසංගීත සංයෝජනය - සුරේෂ් මාලියද්දචිත්‍රපටය - වෛෂ්ණාවීඡායා - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
එක්ස්-මෙන් සිනමාපට මාලාවේ වොල්වරයින් තරුව, හියු ජැක්මන්ට ජීවිතයේ අසන්නට අකැමැතිම වචන පෙළෙන් සිත රිද්දවා ගැනීමට සිදු වී තිබේ. ඒ තමන් පිළිකාවකට ගොදුරු වී සිටිනවා යන වදන් පෙළයි. හතළිස් පස් හැවිරිදි ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත නළුවකු වූ හියු සම් පිළිකාවකින් පීඩා විඳීන බව අනාවරණය විය. ඔහු මේ බව දැනගෙන ඇත්තේ, බිරිය නාසයේ ඇති කුඩා වර්ධනය වෛද්‍යවරයකුට පෙන්වන ලෙසට කළ බලපෑම නිසාය.ඔහු සිය ආදරණීය බිරිය, ඩෙබොරා - ලී ෆර්නස් සමඟ ගොස් නිව්යෝර්ක් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගනිති. නාසයට දැමූ බැන්ඩේජ් පටිය හියුගෝගේ කඩවසම් පෙනුමට බාධාවකි. එහෙත් බිරිය වෙනදාටත් වඩා ආදරණීය වීම නිසා ඔහු සිත හදාගෙන ඇතිවාට කිසිදු සැකයක් නැත.ඔහු සමාජ වෙබ් අඩවියකට සිය රුව සමඟ මේ පණිවුඩය ද ලියා යවා තිබේ.‘මං වගේ මෝඩ වෙන්න එපා. සම් පිළිකා සඳහා සම්මුඛ පරීක්ෂණයකට ලක් වෙන්න. පිටතට යන විට සන්ස්ක්‍රීන් භාවිත කරන්න.’පිළිකාව ගැන ප්‍රසිද්ධියේ කතා කරන, උපදෙස් දෙන පළමු තරුව හියු නොවෙයි. හැට හතර හැවිරිදි සැමුවල් එල්. ජැක්සන් ද ප්‍රසිද්ධියේම සිය පිළිකා තත්ත්වය ගැන කතා කළේය.‘පිරිමින් සාමාන්‍යයෙන් සෞඛ්‍ය ගැන කතා කරන්නේ නැහැ. පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා හැර අනෙක් පිළිකා කාන්තාවන්ට විතරයි කියලා හිතනවා. ඒක වැරැදියි. පිරිමින් පිළිකා ගැන බැරෑරුම් විධියට සිතන්න ඕන කාලය ඇවිල්ලා.’ හියු සිය රසික ප්‍රජාව දැනුවත් කරමින් පවසන්නේය.මේ අතර මීළඟ වොල්වරයින් සිනමාපටයට ද හියුට ආරාධනා ලැබී තිබේ.පුදුමය නම් හියු මෙවැනි රෝගයකට ගොදුරු වූයේ යෝග ක්‍රම අනුගමනය කරමින්, භාවනා කරමින්, ආතතියෙන් තොර ජීවිතයක් ගත කරමින් සිටියදී වීමයි. විවේකීව සිටින විට ඔහු පියානෝව වයා විනෝද වන්නේය.ඔහු සිය නළු වෘත්තියට වඩා පවුල් ජීවිතය අගය කරන්නෙක් ද වෙයි. හියු, ඩෙබෝරා - ලී ෆර්නස් සමඟ විවාහ වූයේ 1996 දීයි. ඔහුගේ මංගල මුදුවේ ‘අපේ එකමුතුව සමාජයට විශිෂ්ට සම්පතක්’ යන තේරුම ඇති සංස්කෘත වචනය කොටා තිබේ. ෆර්නස්ට දෙවරක්ම ගබ්සා වූ නිසා දරුවන් දෙදෙනෙක් හියූ හා ෆර්නස් හාදා වඩා ගනිති.
|
CREATIVE
|
නාට්‍යවේදී එම්. සෆීර්ගේ ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම මගින් නිෂ්පාදනය කරනු ලබන නාට්‍ය නිෂ්පාදන 05 ක නිර්මාණ කාර්යයන් සඳහා ශිල්පීන් තෝරා ගැනීම මේ දිනවල සිදු කෙරේ.ජාත්‍යයන්තරව පුහුණුව ලැබූ ඉන්ටර් ඇක්ට් ආර්ට් පුහුණුකරුවන් මෙහෙය වන මේ නිර්මාණ සඳහා සහභාගී වීමට කැමති අය තමන් විසින් සකස් කළ අයැදුම් පතක් ඉන්ටර් ඇක්ට් ආර්ට්, බ්ලැක් බොක්ස් රඟහල, 160/7, කොස්වත්ත පාර, නාවල, රාජගිරිය යන ලිපිනයට හෝ interactartsl@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න. වයස 18 ට වැඩි සිංහල, දමිළ ඕනෑම අයෙකුට මේ සඳහා අයැදුම් කළ හැකිය.තිලානිමොරටුව ‘හමිං බර්ඩ්ස්’ සංගීත කණ්ඩායමේ ගායක තිලක් ද මැල්ගේ අවුරුදු ඇවිල්ලා සංගත තැටිය පසුගිය දා එළි දැක්විණි. මෙහි සංගීතය සරත් ගුණවර්ධන ගෙනි. සේයාරුවෙන් දැක්වෙනුයේ තිලක් ගීත පටිගත කළ අවස්ථාවයි.
|
CREATIVE
|
කොයි කවුරුත් සිංහයාට කියන්නේ කැළේ රජා කියලානේ. ඒ වුණත් නේල් නම් වූ සිංහයා නම් අමෙරිකානු නිළි මෙලනි ග්‍රිෆිත්ගේ සුරතලා බවටයි පත් වුණේ. හැත්තෑව දශකයේ මුල් භාගයේදී තමයි මේ සිංහ පැටියා ඇයගේ නිවෙසට ගෙනවිත් තියෙන්නේ. රංගන ශිල්පිනියක වූ ඇගේ මව ටිපී හේඩ්න් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බාප්පා (නොඑල් මාෂල්) ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ The Birds චිත්‍රපටයට දායක වෙන්න අප්‍රිකාවට ගිය අවස්ථාවේදියි මේ සිංහ පැටියා කැලිෆෝනියාවේ පිහිටි නිවෙසට ගෙනවිත් තියෙන්නේ. ඒ චිත්‍රපටයක් සඳහායි.නේල් මෙලනිගේ නිවෙසට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 14ක්. එදා සිට ඇයගේ සුරතලා බවට පත් වෙලා තියෙන්නේ නේල්්. මෙලනි සෙල්ලම් කරනවා වගේම මේ සිංහ සුරතලා සමගින් නිදා ගන්නත් පුරුදු වෙලා. මෙලනිගෙත් නේල්ගේත් ඡායාරූප එදා ඡායාරූප ශිල්පී මයිකල් රොජර්ගේ කැමරාවේ සටහන් වුණා. අප්‍රිකාවේ සිංහයක් සුරකින මධ්‍යස්ථානයකින් මෙලනිගේ නිවෙසට ගෙන ආ නේල් සමගින් 1981 වසරේදී ඇයගේ බාප්පා අධචප නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එහි නේල් සමගින් මෙලනි, ඇයගේ අම්මා ටිපී සහ බාප්පා නොඑල් මාෂල් රංගනයෙන් දායක වුණා. වසර ගණනකට පසුව මෙලනි මේ මතකය ලොව වටා ඇයගේ රසික රසිකාවන් සමග බෙදා ගත්තේ එදා මයිකල් රොජර් ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමෙන්.
|
CREATIVE
|
අනාදිමත් කාලයක් ප්‍රේක්ෂකයින් නැරඹූ මරදානේ සෙන්ට්‍රල් සිනමාහල හදිසියේම (ආසන හා වෙනත් උපකරණ හා විදුලි උපකරණ සමඟින්) බිමට සමතලා කළේ කුමක් නිසාද?එච්. ඒ. ජයසේන – රනාලේඑය එහි පාලක අධිකාරියේ තීරණයක් විය යුතුයි. කොහොම වුණත් නවීකරණය නොවන බොහෝ ස්ථානවලට ඒ ඉරණම අත්වෙනවා. මේ ප්‍රශ්නය නගන ඔබත් පසුගිය අවුරුදු දහය තුළ මේ සිනමාහලට කී වරක් ගොඩ වුණාදැයි ඔබෙන්ම විමසා බලන්න. එක්තරා කාලයක එහි තිරගත වූ හැම ඉංග්‍රීසි චිත්‍රපටයක්ම නැරැඹූ මම පසුගිය අවුරුදු දහය ඇතුළත මේ සිනමාහලට ගොඩ වැදුණේ නැහැ.*‘සරසවිය’ පැරැණි පාඨකයන්ව දැන් අමතක කරනවා නේද?සරත් සේනාධීර – ජා-ඇලඅනේ සරත් කිසිම අමතක කිරීමක් නැහැ. ඒ නිසානේ ඔබ එවූ තැපැල්පත ලැබුණ විගස ගත්තේ.*1972 වසරේ පිහිටුවන ලද ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සභාපතිවරයා කවුද?එම්. ප්‍රෙඩී ප්‍රනාන්දු – කල්දෙමුල්ලපසු කලෙක කීර්තිමත් දේශපාලඥයෙක් වූ එවකට ඉහළ පෙළේ පරිපාලන නිලධාරියෙක් වූ ආචාර්ය සරත් අමුණුගමයි.*විශිෂ්ට රංගනවේදියකු වන රවීන්ද්‍ර රන්දෙණියගේ නිවසේ ලිපිනය සොයා දෙන්න.උදයන්ත සිරිසේන – රුවන්වැල්ල283,පරණ නුවර පාර,දළුගම,කැලණිය.*කොළඹ එම්පයර් සිනමාහල නැවත විවෘත කරන්නේ නැද්ද?කරුණාදාස - ඉඳුරුවවිවෘත කරන එකක් නැහැ. දැන් එහි ඇත්තේ නිවාස සංකීර්ණයක්. ඒ එම්පයර් සිටි නමින්.*විජය – කුවේණි චිත්‍රපටයේ කුවේණිගේ හා විජයගේ චරිතය රඟපෑ නිළිය හා නළුවා කවුද?යූ. එච්. සුමනදාස - තිස්සමහාරාමයදුලානි අනුරාධා හා රොජර් සෙනෙවිරත්න.*මොහිදීන් බෙග්ට ගීත රචනා කළ ගීත රචකයින් කිහිප දෙනකුගේ නම් සඳහන් කරන්න.චිත්‍රානන්ද සමරතුංග - නාරම්මලකරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, හියුගෝ ප්‍රනාන්දු, ඩී. ටී. ප්‍රනාන්දු, ඒ. ජේ. ද සොයිසා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ප්‍රේමකිර්ති ද අල්විස් යනු ඔහුට ගීත ලියූ ගීත රචකයින් කිහිප දෙනෙකි.*චිත්‍රපට අධ්‍යක්ෂ තිලක් වේහැල්ල අධ්‍යක්ෂණය කළ ‘කතරගම රූමතිය’ චිත්‍රපටය ගැන තොරතුරු කියා දෙන්න.තිලකරත්න විල්වල – කෑගල්ලමෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූපගත කළත් අදාළ අයගේ අනුමැතිය ඊට නොලැබුණා.විජය කුමාරණතුංගගේ නිෂ්පාදනයක් වූ ‘සමාව‘ චිත්‍රපටයට මොකද වුණේ?ආර්. එච්. එම්. ප්‍රේමසිරි – ගනේමුල්ල‘සමාව’ අතරමග නතර වුණා.ලෝකයේ දිගම චිත්‍රපටය, එහි අධ්‍යක්ෂ හා කාලය කොපමණද?විරාජ් හර්ෂනාථ – නිකවැරටියඑඩ්ගා රයිස්ගේ ‘හයිමාට්’ ජර්මන් චිත්‍රපටයයි.එහි ධාවන කාලය පැය 53 මිනිත්තු 25 යි.‘මයුරිගෙ කතාව’ චිත්‍රපටයේ දෙබස් කවුරුන් විසින් ලියන ලද්දේ ද?මිල්ටන් ප්‍රනාන්දු – මුදුකටුවධර්ම ශ්‍රී මුණසිංහ.අපගෙන් සදහටම සමුගත් මාධ්‍යවේදී නිමල් ලක්ෂපති ආරච්චි හඳුන්වා දිය හැක්කේ කවර අයුරින්ද?චාමර විජේසිංහ – පිළියන්දලනිමල් ගැන කෙටියෙන් හඳුන්වා දෙනවා නම් අපේ විද්‍යුත් මාධ්‍ය කලාව තිරිහන් කළේ ඔහුයි. ඒ වගේම අපේ රටේ අගැයීමට ලක් විය යුතු බොහෝ මිනිසුන් වගේම නිමල් ගැන ලියන්නට වන්නේත් නිමල් මියගිය පසුවයි.එක් අතකින් නිමල් පිළිබඳ මෙසේ ලියන්නේ ඔහුගේ අකල් මරණයත් සමඟයි.තව ජීවත්ව සිටියා නම් නිමල් මෙරට විද්‍යුත් මාධ්‍ය කලාව පිළිබඳ කවරකුගේ විවේචනයට හසු වුණත් ඔහු ඒ විවේචනවලට මුහුණ දී තමන්ගේ සාධක වෙත යොමු වන්නට ඉඩ තිබුණා.නිමල් විද්‍යුත් මාධ්‍ය ලොවේ පෙරළිය කරද්දී ඒ විවේචනවලට බය වුණා නම් අදටත් අපගේ විද්‍යුත් මාධ්‍ය කලාව මහලු මඩමක්.අර්ජුන්සැකසුම – තිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
කලාවට ලැදි ඔහු ක්ෂේත්‍රයට පා තබන්නේ ළමා නිවේදකයෙක් විදියට. ඒ කඳුරට ගුවන් විදුලි සේවයෙන්. ඒ අතරතුරේදීම වැඩසටහන් නිෂ්පාදන කටයුතුවලටත් දායකත්වය ලබා දුන් ඔහු අද වන විට රංගන ශිල්පියෙක්. ‘බාඳුරා දේශය’ ටෙලි සිත්තමෙන් රංගනයේ මුල් පියවර තැබූ ඔහු ‘හෝල්ට්’, ‘අළුපාට හීන’, ‘දූවරු’, ‘අමන්දා’, ‘සමාවෙන්න සර්’, ‘රන් සිරිමල්’ වැනි ටෙලි නාට්‍ය රැසකින් සිය රංගන හැකියාවන් ඔප්පු කර පෙන්වා අවසන්. ඔහු රනිල් ප්‍රසාද්.කලා ක්ෂේත්‍රයේ පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?ගොඩක් සතුටුයි. බාඳුරා දේශය ටෙලි නාට්‍යයෙන් පැමිණි ගමනේදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘හෝල්ට්’ ඔස්සේ තමයි බොහෝ දෙනා මා හඳුනා ගත්තේ. ‘අළු පාට හීන’ ටෙලි වෘත්තාන්තයේ අශෝකගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට අමතරව නිදහස් රූපවාහිනි වැඩ සටහන් නිෂ්පාදකවරයෙක් ලෙසත් කටයුතු කර ගෙන යනවා.මේ දිනවල විකාශය වෙන රනිල්ගේ දායකත්වය ලද නිර්මාණ?‘රොමියෝ සහ දාන්තේ’ සහ ‘සිහින පුරය’ මේ දිනවල විකාශය වෙනවා.ළමා නිවේදකයකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඔබ රංගන ශිල්පියකු බවට පත් වෙන්නේ?පුංචි කාලේ ඉඳලම කඳුරට සේවයේ නිවේදන කටයුතුවලට දායක වුණා. නාට්‍ය හඬ කැවීම් කළා. පාසල් අධ්‍යාපනය නිමාවත් සමඟම ටෙලි විව් ආයතනයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන පාඨමාලාවට ශිෂ්‍යත්වයක් ලැබුණා. පසුව සිරස ටී වී ආයතනයේ සහාය නිෂ්පාදක ලෙස කටයුතු කරන අතරෙදි තරුණ සේවා සභාව මඟින් පවත්වන ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව කරන අතරතුරේදී තමයි අරුණ ජයවර්ධන ‘බාඳුරා දේශයේ’ රංගනයට අවස්ථාව ලබා දුන්නේ. ඊට පසුව බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතා රංගනයට බොහොමයක් අවස්ථා ලබා දුන්නේ.රනිල්ගේ පාසල් කාලය?මහනුවර, වත්තේගම ජාතික පාසලෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. පාසලේදී නම් කිසිම කලා කටයුත්තකට දායක වෙලා නැහැ. උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ විද්‍යා විෂයයන්ගෙන්. ටෙලි විව් ආයතනයට ලද ශිෂ්‍යත්වය තමයි කලා ක්ෂේත්‍රයේ මඟ විවර කළේ.චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වෙන්න කැමැත්තක් නැද්ද?මුලින්ම දායක වූ චිත්‍රපටය ‘සිනාසුනා ආදරෙන්’. ඊට පසුව එරංග සේනාරත්නගේ ‘සදිස්නා’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන් අවස්ථාව ලැබුණා. හැබැයි ඒක තවම විකාශය වුණේ නැහැ. දැනටමත් චිත්‍රපට දෙකක් සඳහා ආරාධනා ලැබිලා තියනවා.ඉදිරියේදී විකාශය වෙන්න නියමිත ටෙලි නිරමාණ?බර්මන් ලයිලි ප්‍රනාන්ද මහතාගේ ‘සෙනෙහස සුවඳයි’ සහ ‘දේදුන්නෙන් එන’ ටෙලි නිර්මාණ ඔස්සේ මගේ රංගනය ඔබට දැකගන්න හැකියි.ඔබ රංගන ක්ෂේත්‍රයට පැමිණි කාලය සමඟ ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස?ප්‍රවීණයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඒත් අලුත් අය අතරේ නම් කැපිලි තියෙනවා.ක්ෂේත්‍රයේ ඔබේ ඉදිරි ගමන?රංගනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයන් හමුවට යන්න බලාපොරොත්තුª වෙනවා. ඊට අමතරව ඉගෙන ගත් දැනුම සහ අත්දැකීම් සමඟ වාර්තා වැඩ සටහන් නිෂ්පාදනය තවදුරටත් කරගෙන යන්න සූදානම් වෙනවා. මේ හැම දේම සමඟ වැඩ සටහන් නිෂ්පාදන අංශයෙන් මගේම ආයතනයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.රනිල් ප්‍රසාද් - 0776650282යතේජාඡායාරූපය - ටෙනී
|
CREATIVE
|
මේ වන විට සිනමා කෘතීන් නිර්මාණය සඳහා දියුණු රටවල් භාවිත කරන ඩිජිටල් තාක්ෂණයෙන් යුතු සිනමා සංස්කරණ සහ කැමරා උපකරණ ප්‍රදර්ශනයක් පසුගියදා ෆයින් විෂන් ආයතනයේදී පැවැත්විණ. එහිදී මෙරට සිනමා ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට එම උපාංග ක්‍රියාත්මක කොට අධ්‍යයනයක යෙදෙන්නට ද අවස්ථාව උදාවිණ.දේශීය සිනමා ක්ෂේත්‍රයට ඩිජිටල් තක්ෂණය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණ සහිතව මෙම ප්‍රදර්ශනය පැවැත් වූ බව ෆයින් විෂන් ආයතනයේ සභාපති රොහාන් වැලිවිට ‘සරසවිය’ට දැන්වීය.- ප්‍රසාද්සේයාරූ - මාලන්
|
CREATIVE
|
ජීවමාන සිනමා කිවිඳීයට මුද්දරයක්හෙළ සිනමා කිවිඳීය ලෙස විරුදාවලි ලත් මෙරට විශිෂ්ටතම සිනමාවේදිනිය ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ සුමිත්‍රා පීරිස් මහත්මියවෙනුවෙන් මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම පසුගියදා තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.එදා සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර හරහා සිනමාවට පැමිණි ජීවන් කුමාරතුංග අද තැපැල් සේවා අමාත්‍යවරයා ලෙස මෙම අවස්ථාවට එක්වීම ඉතා සුවිශේෂී අවස්ථාවක්.- යතේජා ඥානරත්නඡායාරූප – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
පටාචාරා මේ 25 දාමේසයෙහි කෙළවරෙහි වූ ජංගම දුරකතනය සීරුවට නාද වෙයි. එදින අතිශය කාර්යබහුල දිනයක් වූ නිසාම ඒ පිළිබඳ මා කෙරේ ඇත්තේ මඳ අවධානයකි. දුරකතනය විසන්ධි කර දමන්නට ද සිතේ.Lahiru - Grantsලෙස තිරයේ දිස් වෙයි.ඇමතුම ලබා දෙන්නා ග්‍රාන්ටිස් වෙළෙඳ දැන්වීම් ආයතනයේ ළහිරුය.‘චතුර අනිද්දා වැඩක් තියෙනවා. කොහොමද තත්ත්වෙ. ඔහු අසන්නේ සංයමයෙනි. අනිද්දා නෙසුරාදාවක් වන නිසාම කාර්යාලයේ නිවාඩු දිනයකි. මම මිතුරුකම සමඟ ලැබුණු ඇරැයුම පිළිගත්තෙමි.යා යුතුව තිබුණේ අරකවිල නර්තන හා නාට්‍ය පදනම වෙතටය. මීට පෙර එක් වරක් එහි ගොස් තිබූ මම ගමනේදී පසුවන නිහඬ නිසසල පරිසරයේ මිහිර නිසාම ගමනට කැමැති වූයෙමි. මාධ්‍ය සගයන් රැසක් පුරවා ගත් රථය ක්‍රමයෙන් අරකවිලට ළඟා වූයේ තවත් පිරිසකගේ බලාපොරොත්තු ඉටු කරමිනි. ඔවුන් ජානකී හිල්, පීටර් හිල් ඇතුළු අරකවිල පදනමේම පිරිසය.අලංකාර වෙල් යාය මැදින් වැටුණු රතු ගුරු පාරෙන් අපි පදනම් ගොඩනැගිල්ල වෙතට සීරුවෙන් ගමන් කරනු ලැබූවේ ගෞරවාදරය ද ලබමිනි. දේශීය සිහිල් පැන් මෙන්ම විදේශීය සිහිල් පැනින් ද විඩාව නිවා ගත් අප රංග ශාලවේ ඈඳී ගත්තේ ඔවුන්ගේ නව නිර්මාණ කටයුත්ත දැක බලා ගැනීමේ අටියෙනි. ගැමි දරුවන්ට රංගනයේ මෙන්ම නර්තනයේ ද තක්සලාව වන අරකවිල නාට්‍ය හා රංගන පදනම මීට පෙර ද දැවැන්ත නර්තන ප්‍රසංගයක් අපූරුවට පැවැත් වූ අයුරු මට මතකය.මෙවර ඔවුන්ගේ වෑයම පටාචාරා සැවැත් නුවරින් අරකවිලටත්, අරකවිලින් නෙළුම් පොකුණටත්, නෙළුම් පොකුණෙන් ලෝකයටත් ගෙන යාමය.දැන් අපි ආරාධිතයන් වී සිටින්නෙමු. දර්ශනය ආරම්භවීමට සියල්ල සූදානම්ය.පළමුව වේදිකාවෙන් ප්‍රේක්ෂකාගාරයට පැමිණි දරුවන් වේදිකාව වෙත හැම නෙත් මෙන්ම හිත්ද බැඳ දමා ගැනීමට සමත් වූ බව කිව යුතුමය. එතරමටම දැකුම්කළු ඒ රංගනය සැමට ගෙන ආවේ සන්තෝෂයකි.බෞද්ධ සාහිත්‍යයේ එන පටාචාරා කතා වස්තුව ඇසුරින් නිර්මාණය වූ පටාචාරා සසර කතරේ අතරමං වූ ගැහැනියකගේ ශෝකාන්තය පිළිබඳ කියැවෙන සංවේදී කතාවයි. නර්තන නාට්‍යයක් ලෙස වේදිකා ගතවන පටාචාරා උඩරට, පහත රට, භරත, කතක් වැනි නර්තන සම්ප්‍රදායන්ගෙන් සුපෝෂිත වූ නාට්‍යයක්. පටාචාරා සහ ධාරක අතර ඇතිවන ප්‍රේමය මනාවට විදහාපාන මෙම නාට්‍ය තුළ ජාතක කතාවට එහා ගිය ලක්ෂණ කිහිපයක්ම අපට හමු වෙයි. ධාරක සහ පටාචාරාගේ ළමා කාලය ජාතක කතාකරුවා කතාබහට ලක් නොකරන අතර මෙම නාට්‍ය හරහා ළමා කාලයේ සුන්දර ඉසව් කතාබහට ලක් වෙයි.පටාචාරා ජානකී හිල්ගේ අධ්‍යක්ෂණයකි. කාලයක සිට පටාචාරා පිටපත සඳහා කරුණු සෙවූ ඇය මෙම කතාව හරහා අපූරු පණිවුඩයක් දීමට සැරැසෙයි. අනවබෝධයෙන් තනා ගන්නා ප්‍රේම සම්බන්ධතා හරහා නිවෙස හැර යන ගැහැනියකට අත්වන ඉරණම පටාචාරා යටි පෙලෙහි අපට මුණ ගැසෙයි.පටාචාරා කුඩා පිරිසක් එක්ව කරනු ලබන දැවැන්ත නිර්මාණයක් බව අපට හැඟී යන්නේ මාධ්‍ය දර්ශනය සඳහා කළ ප්‍රසංගය නැරැඹීමෙනි. එකසිය හැට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එකම වේදිකාවක රඟන පටාචාරා වෙනස්ම ආකාරයේ නිර්මාණ අත්හදා බැලීමක් ද වෙයි.පටාචාරා හැඩ කරන අති රමණීය සංගීත රටා ගැන ද මට සිහි වෙයි. ලංකාවෙන් සංගීත ශිල්පී අතුල එදිරිසිංහ දායකත්වය ලබා දෙන පටාචාරා සඳහා සප්‍රසිද්ධ ඉන්දියානු සංගීත ශිල්පීන් රැසක් ද දායක වෙයි. භාරතයේ නම් දරන සංගීත ශිල්පිීන් වන නිතික් කුමාර් ගුප්තා, කුඩමලෝර් ජනේන්ද්‍රන්, ජයදේවන්, ජෙයියන් ජේ පටාචාර සඳහා සංගීතය සැපයීම සුවිශේෂත්වයකි.ඉතා සංයමයෙන්, කැපවීමන් පුරුදු පුහුණු වූ පටාචාරා හි ප්‍රධාන භූමිකාව වන පටාචාරා සඳහා ජීවය ලබා දෙන්නේ ප්‍රවීණ භරත නර්තන ශිල්පිනී රුක්සලා රෝෂිණී විසිනි. ධාරකගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ බැලේ නර්තන ශිල්පී කපිල පලිහවඩනයි. ඔවුන් දෙදෙනාගේ ලාලිත්‍යයෙන් මෙන්ම සෘංගාරයෙන් ද පිරි නර්තන රටා පැමිණ සිටි සියළු දෙනාම විනාඩි කිහිපයකට වෙනම ලොවකට ගෙන ගිය බව කිව යුතුමය.සැබෑවටම පටාචාරා ලාංකේය කලා කෙතට වට පිණි වැස්සකි. කොළඹට තරමක් දුර මෙවැනි ගම්මානයක පිරිසක් එක්ව මේසා විශාල නිර්මාණ කටයුත්තක් ඉටු කිරීමට පෙළඹීමද පැසසීමට ලක් විය යුතු කාරණාවකි.2014. 01. 25 වැනි දින පස්වරු 07 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී එළි දැකීමට නියමිත පටාචාරා තවත් එක් නෘත්‍ය නාට්‍යයක් නොවන බවට දැන් අපට සාක්ෂි ලැබී හමාරය. ඒ තරමට ඒ තුළ දැක ගත හැකි බොහොමයක් ලක්ෂණ අප සැවොම ආනන්දයට පත් කොට ඇත.එදා ජංගම දුරකතනය විසන්ධි කර දැමුවා නම් මේ කිසිවක් මට ද දකින්නට නොලැබෙනු ඇත. ඔබත්, මමත් මේ හැම දේම දකින්න 2014 01. 25 පටචාරා සමඟ නෙළුම් පොකුණේදී හමු වෙමු.- චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
රේඛා සහ අමිතාබ් ප්‍රේමය දෛවයෙන් දෙකඩ වූව ද දෙදෙනාගේ ජීවිතවල ඇත්තේ පුදුමාකාර සබඳතාවකි. රේඛා මෙන්ම අමිතාබ් බච්චන් ද ඉපදී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේයි. රේඛාගේ උපන් දිනය ඔක්තෝබර් 10 වැනිදාට යෙදී තිබෙන අතර බච්චන්ගේ උපන් දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් 11 වැනි දිනයටය.එනම් දෙදෙනාගේ උපන් දිනවල තිබෙන්නේ දිනක වෙනසකි. දශක තුනකට පසු අමිතාබ් සහ රේඛා ‘ෂම්තාබ්’ සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන්ට දක්නට ලැබෙනු ඇත. දෙදෙනා අවසන් වරට රැඟුවේ 1981 තිරගත වූ ‘සිල්සිලා’ සිනමාපටයේයි.
|
CREATIVE
|
ගායන ශිල්පී රොම්ලස් පෙරේරාගේ සංගීත ජීවිතයට වසර පණහක් නිමිත්තෙන් විශේෂ උපහාර සංයුක්ත තැටිය ‘පැතුම් සමුදුරේ’ මෙම මස 18 වැනිදා ගුවන් විදුලි සංස්ථාවේදී එළිදැක්වේ. මෙයට සමගාමීව ලලිත් ප්‍රියංකර විසින් රචනා කරන ලද ඔහුගේ ගීත සහ ඡායාරූප මෙන්ම විස්තර ඇතුළත් ග්‍රන්ථයක් එදිනම දොරට වඩිනු ඇත.ඇයි නාවෙ මා සොයලා, රුහුණු කතරගම කඳ දෙව් ස්වාමිනේ, නිල් ජලේ යමුනා සමීරේ රොම්ලස් ගැයූ ජනප්‍රිය ගීත අතර වේ.- ප්‍රසාද්
|
CREATIVE
|
ජ්‍යෙෂ්ඨත්වයට ගෞරවාදරයෙන්, රන්බීර්ගෙන් රේඛාටභාරතීය සිනමාවට සිය වසක් සපිරෙන මේ වසරේදී ජනවාරි 20 වැනි දින මූම්බායිහි පැවැත්වුණු 58 වැනි ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන උළෙලේදී වැඩිම සම්මාන ගණනකට නිර්දේශ වූ සිනමාපටය ‘බර්ෆි’ ය. ඊට කරට කර තරගයක් දුන්නේ අග්‍රගණ්‍ය අධ්‍යක්ෂවරයකු වූ යාෂ් චොප්රා අවසන් වරට අධ්‍යක්ෂණය කළ ‘ජබ් තක් හෛයි ජාන්’ ය.‘බර්ෆි’, ගොළු, බිහිරි තරුණයකු, මානසික දුබලතාවකින් පීඩා විඳින තරුණියක හා සාමාන්‍ය තරුණියක සමඟ ඇතිවන අපූරු ත්‍රිකෝණ ආදර කතාවකි. 2012 වසරේදී බොලිවුඩයට රන් කාසි වැස්ස වූ මේ සිනමාපටයට 2013 වසරේදී ද උදා වී ඇත්තේ හොඳ කල දසාවකි.මෙවර ‘බර්ෆි’ කණ්ඩායම හොඳම සිනමාපටය ඇතුළු තවත් සම්මාන රැසකින් පිදුම් ලැබූහ. බර්ෆි තරග අංශ නවයක් සඳහා ද, ජබ් තක් හෛයි ජාන් තරග අංශ හතක් සඳහා ද නිර්දේශ වී තිබුණි. සිනමා උළෙල පැවැත්වුණේ එරට සිනමාවට සිය වසරක් පිරෙන අවස්ථාවේ නිසා විශේෂ රන් ආලේපිත කුසලාන සම්මානලාභීන්ට පිරිනැමිණි.හොඳම නළුවා - රන්බීර් කපූර් (බර්ෆි)හොඳම නිළිය - විද්‍යා බාලන් (කහානි). මේ දෙදෙනාම පිට පිට ෆිල්ම්ෆෙයාර් සම්මානයට පාත්‍ර වූ දෙවැනි වතාවයි.හොඳම අධ්‍යක්ෂණය - සුජෝයි ගෝෂ් (කහානි)හොඳම සහාය නළුවා - අනූ කපූර් (විකී ඩෝනර්)අනුෂ්කා ෂර්මා - හොඳම සහාය නිළිය (ජබ් තක් හෛයි ජාන්)හොඳම නිළිය විද්‍යා සමඟ රේඛා ජයග්‍රහණයේ සතුට හාද්දකින් උණුසුම්කර ගනිමින්හොඳම නවක නිළිය - ඉලේනා ඩි. කෲස් (බර්ෆි)හොඳම නවක නළුවා - ආයුෂ්මාන් කුරානා(විකී ඩෝනර්)හොඳම නවක අධ්‍යක්ෂණය - ගෞරී ෂින්ඩේ (ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්)හොඳම ගායකයා - ආයුෂ්මාන් කුරානා(ජානි දා රන්ග් හා විකී ඩෝනර්)හොඳම ගායිකාව - ෂල්මාලි ඛෝගේඩ්(පරේෂාන්, ඉෂාක්සාඩේ)හොඳම සංගීත අධ්‍යක්ෂවරයා - ප්‍රීතම් (බර්ෆි)හොඳම ගීත රචනය - ගුල්සාර් (ජබ් තක් හෛයි ජාන් හි චලා ගීතය)යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේ නැසීගිය යාෂ් චොප්රා සිනමාවේදියායි.* විචාරක සම්මාන* හොඳම නළුවා - ඉර්ෆාන් ඛාන් (පාන් සිං තෝමාර්)හොඳම චිත්‍රපටය ‘බර්ෆි’* හොඳම නිළිය – රීචා චාදා (ගෑන්ග්ස් ඔෆ් වසේපූර්)* හොඳම සිනමාපටය – ගෑන්ග්ස් ඔෆ් වාසේපූර්ය.* ෆිල්ම් ෆෙයාර් තාක්ෂණික සම්මාන* හොඳම ක්‍රියාදාම - ශ්‍යාම් කෞශල් (ගෑන්ග්ස් ඔෆ් වාසේපූර්)* හොඳම කැමරාකරණය - සේතු (කහානි)* හොඳම සංස්කරණය - නම්රතා රාඕ (කහානි)* හොඳම නිෂ්පාදන සැලසුම් – රාජත් පෝදාර් (බර්ෆි)* හොඳම ශබ්ද පරිපාලනය - සංජේ මෞර්යා සහ ඇල්විල් රීගෝ (කහානි)* හොඳම වේශ නිරූපණය - මනෝෂි නාත් සහරුෂි ෂර්මා(ෂැන්ග්හයි)* හොඳම නර්තන නිර්මාණය - බොස්කෝ ලූසර් (ආන්ටි ජි – ඒක් මේන් ඕර් ඒක්තු)හොඳම පසුබිම් නිර්මාණය – ප්‍රීතම් (බර්ෆි)
|
CREATIVE
|
ඩී.ජේ.පාල්කේහරියටම අවුරුදු සියයකට ඉස්සර එනම් 1913 වසරේ මුල් දවස්වල එක් මිනිසෙක් ඒ වනවිටත් බොම්බායේ ජීවත් වූ ගණිකාවන් සොයා නගරයේ සැරි සැරුවේය. ඔහු උගතෙකි.වංශවතෙකි.එමෙන්ම ඉතා වැදගත් බිරින්දෑ කෙනෙක් ද ඔහුට උන්නේය.එබැවින් බැලූ බැල්මට මේ හාදයා කරන්නේ මොන වින්නැහියකැදැයි ඔහු ගැන දන්නා ඇතැමෙකුට නොසිතුනා නොවේ. එහෙත් ඔහු සොයා ගිය කිසිදු ගැහැනියක ඔහුට කැමැත්ත පළ කළේ නැත.ඇත්තටම ඔහු ගණිකාවන් සොයා ගියේ බැරි තැනය.ඒ අවදියේ බොම්බායේ සිටි බොහෝ රූමත් කාන්තාවන් බොහෝ දෙනෙකුට සිය අවශ්‍යතාවය කියා සිටියෙද ඔවුන් ඒ කිසිවකු එයට කැමැති වූයේ නැත.අවසානයේ ගණිකාවක හෝ සොයා යන්නට ඔහු ගියේ තම බිරින්දෑගේ කැමැත්ත ඇතුවය.එහෙත් පුදුමය නම් ඒ කිසිවකු හෝ ඔහුගේ අදහසට එකඟ වන්නට අකමැති වීමය. හේතුව එබඳු අවමානයකට ගොදුරු වනවාට වඩා මේ අයහපත් ජීවිතය කදිමයැයි ඔවුන් විශ්වාස කිරීමය. ඔහු ගැහැනුන් පොළඹවන්නට තැත් කළේ අන් කිසිවකට නොවේ තමා විසින් අදහස් කරන නිර්මාණය වෙනුවෙනි.මේ සොයායෑම මුල්ම ඉන්දියානු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහාය. ඔහු සොයා ගියේ අන් කිසිවකු නොව ඉන්දියාවේ පළමු සිනමා නිළියයි. එයින් සියවසක් ගෙවෙන විට නිළියක් වීමේ සිහිනය ඇතිව මගට බසින ඉන්දියානු යුවතියන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකැයි කියවෙයි. එහෙත් ඒ සිහිනය සැබෑ කර ගන්නට හැකි වනුයේ කීයෙන් කී දෙනෙකුටද?එහෙත් පුදුමය නම් එදා ඒ සඳහා කිසිවකු හෝ සොයා ගන්නට බැරි වීමය.මුල් වරට ඉන්දිය චිත්‍රපටයක් තනන්නට වෙර දැරූ මේ හාදයා දුන්දිරාජ් ගෝවින්ද් පාල්කේය.පාල්කේ උපන්නේ 1870 වසරේ අප්‍රේල් 30 වැනි දාය.ඒ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාසික් නගරයට නුදුරින් වූ ට්‍රිම්බකේෂ්වරියේය. දරු පස්දෙනෙකුගෙන් යුත් පවුලක දුන්දිරාජ් බාලයා විය.තාත්තා සංස්කෘත බස පිළිබද විශාරදයකු විය.ඔහු උපන් සමය ලෝකය සිනමාව උපද්දවන්නට විලි ලෑ කාලය විය. සිනමාව උපදින විට දුන්දිරාජ් විසි පස් වැනි විය ගත කරමින් සිටියේය.ඔහු ඉන්දියාවේ දී සිනමා කෘතියක් එළි දක්වනුයේ තවත් වසර ගණනාවක්ට පසුවය.ඒ වන විට ඔහු 43 වැනි වියේ පසු විය.රාජා හරිශ්චන්ද්‍ර එම චිත්‍රපටයේ නම විය. ඉඳීන් පළමු ඉන්දියානු චිත්‍රපටය එළි දැක මේ වසරට අවුරුදු සියයකි.පළමු චිත්‍රපටයේ රඟපාන්නට නිළියක සොයා දුෂ්කර වෑයමක යෙදුන පාල්කේ තම සිඟිති දියනිය මන්දාකිණි අවසානයේ සිනමාවට ගෙනාවේ මුල් වරට ඉන්දියාන් සිනමා කෘතියක රඟපෑ දැරිය ලෙස ඇයගේ නම සිනමාවට එක් කරමිනි. එහෙත් සිය මුල්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළියවූයේ පිරිමියෙකුත් නොවන ගැහැනියක ද නොවන සලුන්කේ නමැත්තෙකි.පසු කලක ඉන්දියානු සිනමාවේ කෙතරම් සුරූපියන් වැජඹුන ද එදා මුල්ම චිත්‍රපටයේ කතා නායිකාව වූයේ එබන්දෙකු යැයි පැවසීම පුදුමයක් නොවන්නේ ද?ඔහු සොයා ගත්තේ ද බොම්බායේ කඩයක තේ සාදමින් සිටින විටය. දිනකට තේ හදා උපයනවාට වඩා මුදලක් ගෙවන බවට පොරොන්දු වෙමිනි.මුල්ම චිත්‍රපටයේ නළුවා වුයේ ඩී.ඩී දාබ්කේ ය.ඔහු වේදිකා නළුවකු වුව ද ඔහු රඟපෑවේ චිත්‍රපට තුනකි.එයින් පසු ඔහු නළු වෘත්තියට සමු දුන්නේය.අද වන විට ඉන්දිය සිනමාව වාර්ෂිකව උපයන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කි. ඇමරිකානු ඩොලරයක් ලංකාවේ මුදලින් රුපියල් 130 ක්සේ සැළකුවහොත් ඒ උපදින මුදල කෙතරම් දැයි සිතා ගන්නා ලෙස අපි ඔබට කියා සිටිමු.අපේ සිනමාවට ද තිඹිරි ගෙය තනා දුන් ඉන්දියාන් සිනමාවේ කතාන්තරය මෙතැන් සිට කියවමු. එය ඉතා එසවත් කතාන්තරයකි. අපූරු ගවේෂණයකි. එක් රටක් ඇතුළේ භාෂාවන් රැසක් චිත්‍රපට හැදෙයි. දිනෙන් දින අලුත් තරු බිහිවෙයි. පළමු චිත්‍රපටය තනා ඉන්දියානු සිනමාවේ පියා ලෙස ඉතිහාසයට එක් වුවද මේ අපුරු මිනිසා පිළිබඳ කතාන්තරය වෙනමම එකකි.චිත්‍රපට රාශියක් තැනුව ද ඔහු සිනමාවෙන් සමු ගන්නේ අනතුරුව කාටත් අමතක ව යයි.එදා මෙදා ඉන්දියානු සිනමාතරු මෙන්ම සිනමාවේදින් පිළිබඳවත් රසවත් තොරතුරු රැගත් මේ ලිපි මාලාව මේ වසරේ පනස් වැනි සංවත්සරය සමරන සරසවිය ගෙන එන්නේ සතිපතා පාඨකයන්ට තෑගි දිනා ගැන්මට අවස්ථාවක් ද සලසමිනි.මතු සම්බන්ධයි- අරුණ ගුණරත්න
|
CREATIVE
|
සමන් වීරමන්ගේ අලුත්ම චිත්‍රපටය වුණු ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ රූගත කිරීම් සමඟ දවස ගෙවෙනවා. ඒ වගේම ඒ අතර ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘හඳපානාගල’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් ආරම්භ කළා. මේ නිර්මාණ දෙකත් සමඟ කාලය ගත වෙනවා.මගේ උපන් දිනය දවසේදි රූගත කිරීම් කටයුතු නොතිබුණොත් පවුලේ අය සමඟ ගෙදරට වෙලා කාලය ගත කිරීම තමයි මම නම් කරන්නේ.
|
CREATIVE
|
ගායන ශිල්පීබණ්ඩාර අතාවුදසංගීත කටයුතුත් සමඟ මගේ දවස ගත වෙනවා නොදැනෙන තරම්. සංගීතය ඉගෙන ගැනීමට කැමැති ඕනෑම කෙනෙකුට මගේ උදව් ලබා දෙන්නට මම ඉන්නේ බොහොම කැමැත්තෙන්.ඒ වගේම පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ සංගීතය ඉගැන්වීමට මා සහභාගි වෙන්නේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන්. ඊට අමතරව 2013 වසරෙහි පැවැත්වුණු මගේ ‘රුවන් තාරකා’ ප්‍රසංගය මේ වසරෙහිත් අපේ‍්‍රල් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.ඒ නුවර මහජන බැංකුවේ ප්‍රධානත්වයෙන් ඔවුන්ගේ කලාකවයේ අර මුදල තර කර ගැනීම සඳහා ධර්ම රාජ ශ්‍රවණාගාරයේ දියි. ප්‍රසංගයේ සංගීත පුහුණුවීම් කටයුතු නිසා මම තරමක් මේ දවස්වල කාර්යබහුලයි.
|
CREATIVE
|
සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කළ ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටයේ පාසල් දර්ශන සඳහා අනුමැතිය ලැබී ඇතැයි එහි නිෂ්පාදක ගයාන් රණධීර පවසයි. මේ දිනවල සාර්ථකව තිරගතවන එහි පාසල් දර්ශන පැවැත්වීම ළඟදීම ඇරැඹෙනු ඇත.ප්‍රසාද්
|
CREATIVE
|
චන්ද්‍රා කළුආරච්චිමම නම් මේ දවස්වල ගෙදරට වෙලා පොතපත කියවමින් බොහොම විවේකීව කාලය ගත කරනවා. වෙනත් විශේෂ වැඩ කටයුතු නම් යොදා ගෙන නැහැ. මේ සතියේදී මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා.එදාට ගෙදර හැමෝටම රස විඳීන්න කිරිබතක් හදන්න බලාපොරොත්තු වෙනවා. සිංහල අලුත් අවුරුද්දත් ළඟ එනවානේ. ඒ වෙනුවෙනුත් දැන් සූදානම් වෙමින් සිටින්නේ.
|
CREATIVE
|
රංගන ශිල්පිනී අග්‍රා සජීවනීමම නම් දැන් කලාවෙන් ඈත් වෙලා සාමාන්‍ය ගෘහණියක් විදියට ජීවිතේ ගෙවනවා. ඒ අතර දරු මුණුපුරන් බලන්න විදෙස්ගත වෙනවා.කලා ලෝකයේ අපි ජනප්‍රිය වුණු කාලය දැන් ගෙවිලා ගිහින්. මේ අලුත් අයගේ කාලයනේ. ඒ නිසා මම නම් කලා ලොවේ නවකයන්ගේ දස්කම් බලමින් විවේකීව සිටිනවා.
|
CREATIVE
|
දිලිනි පෙරේරාරංගන ශිල්පිනියක් වීම පුංචි කාලේ ඇගේ බලාපොරොත්තු අතරේ නැති වුණත් ඇය ටෙලි නාට්‍ය නැරැඹුවේ හරිම ආසාවෙන්. ඒ විදියට නරඹපු සමහර නාට්‍යවල චරිත තමන් වුණා නම් කියලත් සිතුණු අවස්ථා නැතුවාමත් නොවෙයි. කොහොම හරි කාලය ගත වෙලා තාරුණ්‍යයට පිවිසි ඇය දැන් රංගන ශිල්පිනියක්. මේ දවස්වල විකාශය කෙරෙන ‘සත්‍ය’ ටෙලි නාට්‍යයේ ශලිනි ලෙසත්, ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යයේ සුලෝචනා ලෙසත් ඔබේ ආලින්දයට එන ඇය දිලිනි පෙරේරා. දිලිනි සිය රංගන ජීවිතය ගැන සිහිපත් කළේ මේ අයුරින්.‘හැම දෙයක්ම හරිම ලස්සනට පිළිවෙලට කරන එක පුංචි කාලේ ඉඳලාම මගේ පුරුද්දක්. පාසල් අධ්‍යාපනය අවසන් වනවාත් සමඟම මගේ හිත යොමු වුණේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට. ඒ පිළිබඳ හොඳින් හදාරලා මම සැලෝන් එකක් පටන් ගත්තා. ඒ වෙන කොටවත් මගේ හිතේ රංගනය ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ වුණාට ලැබුණ වෙලාවන් අනුව මම ටෙලි නාට්‍ය නැරැඹුවා. සමහර චරිත දිහා බලන කොට නම් ඒවා මටත් කරන්න පුළුවන් කියලත් හිතුණු අවස්ථා තිබුණා. දවසක් මට මගේ යෙහෙළියක් කතා කරලා ඇහුවා රඟපාන්න කැමැති ද කියලා. ඒ 2011 වසරේදී. ඇය පවිත්‍රා වික්‍රමසිංහ. ඇයත් රංගන ශිල්පිනියක්. ලොකු බලාපොරොත්තුවක් නොවුණට හිතේ තිබුණු පුංචි ආසාවත් නිසා මම ඒ ආරාධනාව පිළිගත්තා.ඒ අනුව තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වුණේ. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ පිපෙන මල් ටෙලි නාට්‍යයේ තමයි මගේ මුල්ම රංගනයේ යෙදුණේ. කැමරාවට මුහුණ දුන්න පළමු දවසේ නම් ටිකක් බයක් වගේම චකිතයකුත් තිබුණා. දවස් කිහිපයක් ගත වුණාම ඒ ගතිය මඟහැරිලා ගියා.ඒ වගේම ෆීල්ඩ් එකේ ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ඊට පසුව සිවගුරුනාදන්ගේ ‘මේ සුරම්‍ය පාරාදීසය’, ‘කෝරළේ මහත්තයා’ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. මීට අමතරව මම රංගනයෙන් දායක වුණ ‘වීදිය බණ්ඩාර’, ‘හිරුට මුවාවෙන්’, ‘චන්න කින්නරාවී’, ‘දුවන බාබර්’, යන ටෙලි නාට්‍ය විකාශය වෙන්න නියමිතව තියෙනවා.එරංග සේනාරත්නගේ ‘ඔක්කොම පිස්සො’, ‘නෝනෙ මගෙ සුදු නෝනේ’ සහ ජනක අරවින්දගේ ‘පෙරකදෝරු ගැටේ’ චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වෙන්නත් මට අවස්ථාව ලැබුණා. දැන් මම රංගන කටයුතුවල යෙදෙන්නේ හරිම කැමැත්තෙන්. මගේ ජීවිතයේ රංගනයට වැඩි ඉඩක් වෙන් කරලා නිසා මේ දවස්වල මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්වෙලා ඉන්නේ. රංගනය කියන්නේ විවිධත්වයක් තියෙන ක්ෂේත්‍රයක්. ඒ විවිධත්වයට මම ගොඩක් කැමැතියි. ඒ වගේම මගේ රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්. තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. මට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව උදාකර දුන් පවිත්‍රා අක්කා ඇතුළුව මගේ රංගන කටයුතුවලට සහාය දුන් සැමටත් අධ්‍යක්ෂවරුන්ටත් විශේෂයෙන් ස්තූති කරනවා.යතේජා ඥානරත්නඡායාරූපය – මහේෂ් නිශාන්ත
|
CREATIVE
|
මේ දවස්වල මගේ වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ෂූටින් සහ රිහසල් වෙනුවෙන්. මේ දවස්වල විකාශය කෙරෙන තූර්යා සහ සිහින සක්මන ටෙලි නාට්‍යයේ ෂූටින් සහ එමිනි වේදිකා නාට්‍යයේ රිහසල් යෙදිලා තියෙනවා. ඒ හැරුණාම විශේෂ වැඩ කටයුතුª නම් යොදාගෙන නැහැ. මගේ උපන් දිනය මේ සතිය තුළ යෙදිලා තිබුණත් එදිනත් සුපුරුදු සාමාන්‍ය විදියට ගත කරනවා.
|
CREATIVE
|
හොඳම චිත්‍රපටය ඇතුළු අන්තර් ජාතික සම්මාන පහක් දිනූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය නැවතත් 2013 ඔස්ට්‍රේලියාවේ ආසියා පැසිපික් සිනමා සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ වී ඇත. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිනමා කලා ඇකඩමියේ දී දෙසැම්බර් මස 01 දින චිත්‍රපටය තිරගත කැරෙන අතර එදිනම 2009 ආසියා පැසිපික් සම්මාන උළෙලේ දී ප්‍රසන්න විතානගේ ගේ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස නිර්දේශ ලැබූ මාලිනී ෆොන්සේකාගේ රංගන දිවියට වසර පනහක් පිරීම වෙනුවෙන් ‘ආකාස කුසුම්’ චිත්‍රපටය ද ඇයට උපහාර පිණිස තිරගත කෙරෙනු ඇත.ලයික් ෆාදර් ලයික් සන් (ජපානය), ඔමාර් (පලස්තිනය), ද පාස්ට් (ප්‍රංශය – ඉතාලිය), ටෙලිවිෂන් (බංග්ලා දේශය), ද ටර්නිනිග් (ඔස්ට්‍රේලියාව) ඇතුළු ලොව පුරා කතාබහට ලක් වූ චිත්‍රපට හයක් 2013 වසරේ ආසියා පැසිපික් සිනමා සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වී ඇත.ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලි නිෂ්පාදනයෙන් දායක වූ ‘ඔබ නැතුව ඔබ එක්ක’ ඉන්දු – ලංකා නිෂ්පාදනයකි.-ප්‍රසාද්
|
CREATIVE
|
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා කීර්ති ශ්‍රී ජනරංජන ගෞරව නාමයෙන් පිදුම් ලබයි.ඒ ඔහු මෙරට කලාව වෙනුවෙන් කරන ලද මෙහෙවරයන් වෙනුවෙනි. මල්මතු මහ විහාරයේ විංසද්වර්ගික කාරක සංඝ සභාව මඟින් අමාත්‍යවරයාට මෙම ගෞරව නාමය ලබාදෙන ලදී.- ප්‍රසාද්
|
CREATIVE
|
සූරජ් පන්චෝලිට එරෙහිව ජියා ඛාන්ගේ මව ඉහළ උසාවියට යද්දී, සූරජ්ගේ මාපියන් ජියාගේ මවට, සූරජ්ට කරන චෝදනා ගැන සමාව ඉල්ලන ලෙසට දන්වා ඇත්තේ රුපියල් කෝටි සියයක වන්දියක් ද ඉල්ලමිනි.නළු ආදිත්‍ය පන්චෝලි සහ සරීනා වහබ්, සූරජ්ගේ මාපියන්ය. එහෙත් ජියාගේ මව රබියා දැඩි ලෙස එය ප්‍රතික්ෂේප කරන්නීය.මිය යන විට ජියා පෙමින් බැඳී සිටියේ සූරජ් සමඟයි. රබියා තරයේම පවසන්නේ මරණයට වගකිව යුත්තේ පෙම්වතා කියායි.රබියා පවසන අන්දමට ඇයගේ අන්තර්ජාල ගිනුමේ තොරතුරු කිහිපවරක්ම රහසින් ලබාගෙන ඇත. එපමණක් නොව ඇයගේ විද්‍යුත් තැපෑල හරහා අනෙක් අයට පරිගණක වෛරස් යැවීමට කවුරුන් හෝ කටයුතු කර තිබෙන බව ද පවසන්නීය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
බයිලා ගී ලොවේ චක්‍රවර්ති ලෙස කිරුළු පැලඳුවේ එම්. එස්. ප්‍රනාන්දුය. මේ ඒ ගී හඬට සමීප වූ ගී ස්වරයකි. ඔහු එම්. එස්. ප්‍රනාන්දු නොවන මුත් කේ. එම්. එස්. ප්‍රනාන්දු වෙයි.ගුවන් විදුලියේ ශ්‍රේණිගත ගායකයෙකු ද, සංගීත සැඳෑවන්හි ගායකයෙකු ද වන කේ. එම්. එස්. ප්‍රනාන්දු වේග රිද්ම ගීත ගැයීමෙහි සුදක්ෂය.ඔහු සන්ෆ්ලවර්, මේරියන්ස්, සන්ෂයින්, ෂිලනියස් හා සියනෑ වැනි සංගීත කණ්ඩායම්වල ගීත ගායනා කර ඇත්දැකීම් ඇත්තෙකි. මෑතකදී රෙජිනෝල්ඩ්ි කුරේ අමාත්‍යවරයාගේ ජීවිත කතාව බයිලා ගීතයකින් එළි දැක් වූ ඔහු ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය මහතාගේ ‘අග්නි කංකාරිය’ ටෙලි නාට්‍ය මාලවේ සහය කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය.ඔහු 90 දශකයේ ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයට ඉල්ලුම් කර සී ශ්‍රේණීයේ සාමාර්ථයක් ලබා ගත්තේය.ෂෙල්ටන් මුතුනමගේ, ප්‍රියංකර පෙරේරා, මයිකල් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, එඩ්වඩ් – චරිතා වැනි ගායකයන්ගේ සමකාලීන ගායකයෙක් වන කේ. එම්. එස්. ප්‍රනාන්දු යුද සමයේදී ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් උපහාර ගී ගායනා කර වඩාත් ප්‍රචලිත විය.ඔහුගේ ගායන ගමන් මඟ එළිපෙහෙළි කිරීමට ඒ. එල්. කාසීම්, මැණික් ගුරුගේ, ලයනල් සිල්වා, ඒ. ජේ. කරීම්, සරත් ද අල්විස්, නෙවිල් පෙරේරා, චිත්‍රා කුමාරි පත්තප්පෙරුම වැනි අයගෙන් ලැබුණු සහයෝගය සුවිශාලය.අමානි ඉරේෂිකාඡායාරූපය - මාලන්
|
CREATIVE
|
ඔක්තෝබර් 16 වැනි දිනට කරීනා - සායිෆ් සූදානම් වන්නේ විවාහයේ දෙවැනි මධුසමයටයි. ඔවුන්ගේ දෙවැනි විවාහ සංවත්සරය යෙදී ඇත්තේ එදිනටයි. බ්‍රිතාන්‍යයේ අගනුවර මොවුන් දෙදෙනාගේ සිත් ගත් නවාතැනයි. පළමු විවාහ සංවත්සරය ද ඔවුන් පැවැත්වූයේ ලන්ඩනයේදීයි. සායිෆ් ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබීම මේ සිත් ගැනීමට එක් හේතුවකි. එහෙත් දෙවැනි සංවත්සරයට නම් ලැබෙන පුවත් අනුව ඔවුන් යාමට තීරණය කර ඇත්තේ ප්‍රංශයටයි.සායිෆීනා (සායිෆ් සහ කරීනා) සාන්ත – එමිල්සන් හිදී මංගල දිනයේ සුබ මතකයන් අවදි කිරීමට සිතාගෙන සිටිති. අගෝස්තු 23 වැනිදා බැන්ජලිනා (බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී තරු යුවළ) විවාහ වූයේ ද මේ සොඳුරු මිදි උයනේයි. සාන්ත – එමිල්සන් හොලිවුඩ්, බොලිවුඩ් තරුවලින් නිතර සොඳුරු වන බිම් පෙදෙසකි.
|
CREATIVE
|
රංගන ශිල්පි රොඩ්නි වර්ණකුලමේ සතිය මට කරුණු කිහිපයක්ම නිසා සුවිශේෂයි. මෙවර අලුත් අවුරුද්ද සමඟින් පාස්කු සතිය උදා වුණා. කිතුණු බැතිමතෙක් විදියට පාස්කු වෙනුවෙන් මම ආගමික වතාවත් වෙනුවෙන් කැප වෙන්නේ. මහ සිකුරාදාට කිසිම වැඩක් භාර අරගෙන ගෙදරින් පිට වෙන්නේ නැහැ. ඊට පසුව සුපුරුදු පරිදි කලා කටයුතුවල නිරත වෙනවා.මේ සතියේ මගේත්, මගේ පුතාගේත් උපන් දින යෙදිලා තියෙනවා. උපන් දින දෙකම එකම දිනයක වීම නිසා ගොඩක් සතුටුයි. මගේ පුතා ඉරෝෂ වර්ණකුල. අපි දෙන්නාගෙම උපන් දින වුණත් පුතාගේ මනාපය අනුව එදා දවස ගත කරනවා.මම දරුවන්ට වුණත් පුංචි කාලේ ඉඳලාම උපන් දිනදා අපි විතරක් පාටි දාලා සතුටු වෙන්නේ නැතුව අපේ උදව් අවශ්‍ය අයට උදව් කරන්න පුරුදු කරලා තියෙන්නේ. ඒ අනුව ඒ ලස්සන දවස ගත කරන්න බලාපොරොත්තු වෙනවා.මේ දවස්වල කලා කටයුතු නම් එතරම් යෙදා ගෙන නැහැ. මැයි මාසයේ ඉඳලා සුපුරුදු පරිදි වේදිකා නාට්‍ය සමඟින් රට වටා යන්න සූදානම්. ඒ වගේම අලුත් චිත්‍රපටයක රූගත කිරීමේ කටයුතු සඳහාත් දායක වෙන්න යොදා ගෙන තියෙනවා.
|
CREATIVE
|
මේ දිනවල මම සන්තුෂ ලියනගේ ගේ අලුතම ටෙලි නාට්‍යයකට දායක වුණා. ඊට අමතරව පරාක්‍රම නිරිඇල්ල සමඟ ජනකරළිය නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා කටයුතු කරනවා.ඒ සමඟින් යාපනය, කිලිනොච්චිය, අනුරාධපුර වැනි ප්‍රදේශ කිහිපයකම නාට්‍ය ප්‍රදර්ශනය යෙදාගෙන තියෙනවා. එහිදී ජංගම වේදිකාව සමඟින් නාට්‍ය කලාව පිළිබඳ සිසු සිසුවියන් මෙන්ම ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන අයට දැනුම ලබා දෙමින් සිටිනවා.
|
CREATIVE
|
පසුගිය කාලයම ගත කළේ අලුත් චිත්‍රපට දෙකකම සංස්කරණ කටයුතු සමඟිනුයි. ඒ ධර්මසේන පතිරාජගේ ස්වරූප හා සක්කාරම් චිත්‍රපටයි. ඉදිරි කාලය ‘දේදුනු කොලනිය’ නමැති තවත් අලුත් ටෙලි නාට්‍යයක සංස්කරණ කටයුතු යෙදිලා තියෙනවා.
|
CREATIVE
|
සම්පත් ජගත් කුමාරරූපනය යනු ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. අනෙකා පිනවමින් තම චරිතයට උපරිම සාධාරණයක් සිදු කිරීමට සමත් නම් ඔහු හෝ ඇය දක්ෂ රංගන ශිල්පියෙකි. එවන් වූ රංගන හැකියාවන් රැසක් උරුම කරගත් තරුණයෙක් පසුගියදා සරසවියට ගොඩ වැදුණේය. ඔහු සම්පත් ජගත් කුමාරයි. ඔහුගේ හඬින්ම අපි ඔහු පිළිබඳ අපි දැනගනිමු.මගේ ගම තලංගම කොස්වත්තේ. පාසල් ගියේ එම්. ඩී. එච්. ජයවර්ධන මහා විද්‍යාලයට. පාසල් යන කාලයේ ඉඳලම කලා හැකියාවන් මගේ ඇඟේ තිබුණා. අධ්‍යාපන කටයුතු හමාර කරලා ඉන්න කාලේ රංගන කටයුතුවලට යොමු වෙන්න මට ඉඩහසර ලැබුණා. මගේ මුල්ම රංගන දායකත්වය මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. ප්‍රවීණ රංගන ශිල්පී අමිත්ත වීරසිංහ සහ නැසීගිය අසේල ජයකොඩි එක්ක තමා මගේ පළමු නාට්‍යය වන පහන්සිළු හි රංගනයේ යෙදුණේ. ඒ මීට වසර 8 කට පමණ පෙර. ඒ ලබපු පන්නරයත් එක්ක රංගන ක්ෂේත්‍රයේ සාර්ථක ආරම්භයක් සනිටුහන් කරන්න මට හැකියාව ලැබුණා.මේ වන විට මම යශෝධරා, ලාබයි ඇපල්, රෝස කටු, මේ සෞම්‍ය පාරාදීසය, සාරංගනා කියන ටෙලි නාට්‍යවලට රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. ඒ වගේම රට පුරා මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම වෙනුවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සකස් කළ කෙටි චිත්‍රපට දෙකකටත් රංගනයෙන් දායක වුණා. එය අධ්‍යක්ෂණය කළේ ජනප්‍රිය ජයසිංහයි.ඉදිරියේදී තිරගතවීමට නියමිත සෝමවීර ගමගේ අධ්‍යක්ෂණය කළ ‘සැන්ඩි’ ළමා චිත්‍රපටයේ කපිල සිගේරා සමඟත් මම රංගනයේ යෙදෙනවා.ඇත්තටම හැමෝටම මේ ක්ෂේත්‍රයේ හොඳ තත්ත්වයක් ගොඩ නගා ගන්න අමාරුයි. එවැනි ස්ථාවරත්වයකට පත්වෙන්න දක්ෂතාවය වගේම වාසනා ගුණයත් තියෙන්න ඕනෑ. ඉතින් මගේ අරමුණත් මේ ක්ෂේත්‍රයේ හොඳ රංගන පරාසයක නියැළිලා චරිතාංග නළුවෙක් ලෙස ඉදිරියට යන්න.මේ ගමන සාර්ථකව ඉදිරියට යන්න විශාල පිරිසකගේ සහයෝගය ලැබෙනවා. ඒ අතරින් අමිත්ත වීරසිංහ, කපිල සිගේරා, මනෝජ් ලක්සිරි, කුමාර රණපුර කියන කලා ශිල්පීන්ව හෘදයාංගමව මතක් කරනවා. ඒ වගේම මාගේ මවුපියන්, බිරිඳ මා දිරිමත් කරනවා. ඉදිරියටත් හොඳ චරිත ලැබුණොත් හැකි උපරිමයෙන් රංගන දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.සටහන – ඉසුරි හෙට්ටිආරච්චිඡායා - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
අබා චිත්‍රපටය නිපදවමින් සිනමා ලෝකයට පිවිසි නිෂ්පාදක ජස්ටින් බෙලගමගේ පසු ගිය වසරේදී අතිශය වැදගත් කටයුත්තකට අත තැබුවේය. ඒ සිනමාව සම්බන්ධ ශබ්දකෝෂය ක් මුල් වරට සිංහල බසින් එළි දැක්වීමයි.ඒ වගේම මේ වසරේ ඔහු තවත් දැවැන්ත කෘතියක් එළි දැක්වීය.ඒ ලෝක ඉතිහාසයේ මං සළකුණු නම් ග්‍රන්ථයයි.ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් ශිෂ්ටාචාර ගොඩ නැගීම පිළිබඳ ඔහු මේ කෘතිය මගින් ඉතා සුමට කතාවක් විලාසයෙන් ලියා ඇති ආකාරය අතිශය වර්ණනාත්මක බව කිව යුතුමයි.ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට මධ්‍යතන යුගයේ අවසානය දක්වා ලෝකයේ ඉතිහාස කතාව මෙයට ඇතුළත් ව තිබේ.හෝමෝ සේපියන් මානවයා තම දෙපා මත නැගීසිට අවුරුදු දෙලක්ෂයක පමණ කාලයක් මුළුල්ලේ මහ පොළව මත කළ දිගු සංචාරයේ දී ඔහුට හමුවූ අපූරු මිනිසුන් ඔහු ලැබූ චමත්කාර ජනක අත්දැකීම් සහ ඔහු පසු කළ අඳුරු යුග සහ විභූතිමත් ශිෂ්ටාචාර පිළිබඳව සුන්දර කතාන්තරය ජස්ටින් බෙලගමගේ මෙහි විශිෂ්ට අන්දමින් ලියා ඇත්තේය.
|
CREATIVE
|
සාරංගගේ විවාහය ළඟදීම...සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න අතර ඇති පෙම් පලහිලව්ව ගැන දැන් බොහෝ දෙනා දන්නවා. ළඟදීම ඒ දෙන්නා එක වහළක් යටට යනවලු. ඒ සුභ කටයුත්ත සිද්ධ වෙන්නේ මේ එළඹෙන මැයි මාසයේ කියලයි අපට දැනගන්නට ලැබුණේ.සාරංග ඇත්තද ඒ කතාව?මැයි මාසයේ නම් නෙවෙයි. ඒත් ළඟදීම මගේ විවාහය සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්.ඇයි තවම නිශ්චිත දින වකවානු තීරණය කොට නැද්ද? අපිට නම් ආරංචි වුණේ මැයි මාසයේදී ඔබේ විවාහය සිදු වෙනවා කියලා?එහෙම නෙවෙයි. හැම දෙයක්ම ප්ලෑන් කරලා ඉවරයි. ඒත් දිනය මාධ්‍යයට තවමත් කියන්නේ නැහැ.ඒ විතරක් නෙවෙයි ඔබ ඔබේ පෙම්වතිය ගැනවත් වැඩිය කියන්නේ නැහැ?ඔව්. ඒක අපි දෙන්නා විසින් ගත් තිරණයක්. අපි දෙන්නට දෙන්නා තීරණය කළා අපේ නම් කියා ගන්නේ නැහැ කියලා.ඒත් ඔබේ පෙම්වතිය උමාලි කියලා හැමෝම දන්නවනේ?ඔව්. අපි දෙන්නා හැසිරෙන විදිහෙන් කතාබහ කරන විදිහෙන් අපිව දකින අයට හිතන්න ඉඩ තියනවා. එතකොට අපි දිහා බලාගෙන ඉන්න අය තීරණය කළා අප පෙම්වතුන් බවට. ඒකේ අමුතු රහක් තියෙනවා.උමාලිව කොහොමද ඔබට මුණ ගැසුණේ?සනත් අබේසේකරගේ සඳවත සේයා ටෙලි නාට්‍යනුයි අපි දෙන්නා මුල්වරට මුණ ගැසුණේ. ඇයයි මමයි පෙම්වතුන් විදිහටයි රඟපාන්න තිබුණේ. ඇයව මීට කලින් හමුවෙලා තිබුණේ නැහැ. නමුත් කාලයක් ඇය එක්ක වැඩ කරද්දී මෙතෙක් පහළ නොවූ අමුතු හැඟීමක් මා සිතෙහි ඇති වුණා. ඇයගේ චර්යා රටා පිළිබඳවත් මං පැහැදුණා.ඊට පසුව?කාලයාගේ ඇවෑමෙන් අපි නොදැනුවත්වම පෙම්වතුන් වුණා.දෙන්නගේ සම්බන්ධයට දැන් කොච්චර කල්ද?අවුරුදු හතක් විතර.කොහොමද මෙච්චර කල් මේ සබඳතාව පලුදු නොකර ගෙන තියා ගත්තේ?අවබෝධය තමයි. එයා දන්නවා මගේ රංගනය කැමරාව ඉදිරියේදී විතරයි කියලා. මාත් ඇය ගැන එහෙම තමයි හිතන්නේ.බැන්දට පස්සේ දෙන්නගේ රංගනය සීමා වෙයිද?කොහෙත්ම නැහැ. මේ තියෙන නිදහස තියාගෙන දෙන්නම ඉන්නවා.මෑතකාලීනව නිළියන්ට අධ්‍යක්ෂවරුන්ගෙන් එල්ල වන බලපෑම් වැඩියි එහෙව් තත්ත්වයක් මත උමාලිව රංගනයට යවන්න බය නැද්ද?ඇයට කවුරුන් හෝ වැඩකට කතා කරපුවාම එතැන ඉඳලා ඒ පුද්ගලයාත් එක්ක ගනුදෙනු කරන විදිහ මං දැකලා තියෙනවා. ඇය කිසිදු විදිහේ අයුතු යෝජනාවකට ඉඩ නොතියන්න කතා කරන්නේ. අනික ඇය තෝරා බේරාගෙන රඟපාන්නේ. මට ඇයව ගොඩක් විශ්වාසයි. මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි අනෙක් ක්ෂේත්‍රවලත් ඔය ප්‍රශ්නය තියෙනවා. ගුරුවරියන්ට ගුරුවරුන්ගෙන්, හෙදියන්ට වෛද්‍යවරුන්ගෙන් බලපෑම් තියෙනවා. ඒත් ඒවා පිටට යන්නේ නැහැ. කලාව ඇතුළේ තියෙන දේවල් ගැන මිනිස්සු ඇහැ ගහගෙන ඉන්නේ හරියට වැරැදි වෙන්නේ මෙතන විතරයි වගේ. එහෙම නෙවෙයි හැම ක්ෂේත්‍රයකම කාන්තාවන්ට බලපෑම් තියෙනවා.මෙ දිනවල ඔබ මුතුපලස නාට්‍යහි රඟපාන්නේ සාගර ඉද්දමල්ගොඩ කියන සල්ලාල අධ්‍යක්ෂවරයකුගේ චරිතයක්. උමාලි ඒ ගැන මොකද කියන්නේ?සාගර කියන්නේ එක චරිතයක් පමණයි. ඒ ඉන්නේ මම නෙවෙයිනේ. ඇයට ඒ ගැන වගක් නැහැ.උමාලි මේ වන විට ජපානයේ ඉගෙනුම ලබනවා. විවාහයෙන් අනතුරුව?ඒක තමයි. ඇය තව ටික කාලයක් යනකම් ඉගෙන ගනීවි. බැන්දයින් පස්සේ අපි එහෙයි මෙහෙයි ඉන්න හිතාගෙන ඉන්නවා.විවාහය දවසේ අඳින්නේ මොන විදිහටද?ඒකත් රහසක්.උමාලියි ඔබයි කී පාරක් තරහ වෙලා ඉඳලා තියෙනවාද?එහෙම ප්‍රමාණයක් කියන්න අමාරුයි. අනන්තවත් තරහ වෙලා ඉඳලා තියනවා.උමාලිගේ ඔබ දකින විශේෂත්වය?ඇය දක්ෂයි. රංගනය, ගායනය, නර්ථනය වගේ කලාවේ බොහෝ අංග ඇය ප්‍රගුණ කරලා තියෙනවා. එයා මාව ගොඩක් තේරුම් අරන් තියෙනවා. ඒත් මම එයාට තියෙන්නේ ආදරයක් ද කියලා මං තවම දන්නේ නැහැ. අපි දෙන්නා අතර තියෙන්නේ ප්‍රබල බැඳීමක්. ඒ බැඳීම ඇතුළේ ඇය සුන්දර තරුණියක්. ඒ සුන්දරකමම මට විශේෂයි.ඇයි ඔබ උමාලිට තියෙන්නේ ආදරයක් ද කියලා මං තවම දන්නේ නැහැ කිව්වේ?ආදරය නිර්වචනය කරන්න අමාරු නිසා.උමාලිත් එක්ක යුග ගීයක් කරන්න අදහසක් නැද්ද?අපි සිංදුවක් කළා. ඒකේ නම ‘හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරයට ළං වෙලා’. එය ලිව්වේ සචිත උදයංග, සංගීතය සංජුල හිමාලගෙන්. ගීතයෙන් කියවෙන්නේ අපේ ආදර කතාව. එක අන්තර් ජාලයට දැම්මා. අහලා බලන්න පුළුවන් මගේ රසිකයින් හැමෝටම.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
‘කන්‍යාවි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම ජාතික රූපවාහිනියේ විකාශය වන ‘හද රැඳි ගී’ සංගීතමය වැඩසටහනෙහි අධ්‍යක්ෂ බී. සිරිතුංග පෙරේරා නවකයන් රැසකට අතදීමට සැරැසෙයි.‘හද රැඳී ගී’ වැඩසටහනෙහි රූප රචනා සඳහා පෙනී සිටින්නට කැමැති තරුණ – තරුණියන්ටත්, ‘පුරවරණ’ වැඩසටහනෙහි නිෂ්පාදන අංශයේ විවිධ අංශවලට සම්බන්ධවීමට කැමැති තරුණයන්ට පුහුණු කරන ගමන් වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීමටත්, ඉදිරියේ රූගත කිරීම සඳහා නියමිත ඔහුගේ චිත්‍රපටයක් සඳහා සහභාගිවීමටත් වයස අවුරුදු 17 ත් 30 ත් අතර තරුණයන්ට හා තරුණියන්ට අවස්ථාව හිමි වෙයි. ඔබගේ ඇති දක්ෂතා හා අධ්‍යාපන සුදුසුකම් සමඟ 0716237635 යන දුරකතනයෙන් සිරිතුංග පෙරේරා විමසන්න.තිලානි ශානිකා
|
CREATIVE
|
* ඔබ කවුද?යසස් රත්නායක.* වර්තමාන යුද හමුදාපති දයා රත්නායකයන්ගේ පුතා?ඔව්. ඒත් මං කැමැති නැහැ එහෙම හඳුන්වනවාට.* ඒ මොකද?තාත්තගේ තරුවලින් මට බැබලෙන්න ඕනෑ නැහැ. මං තාත්තාගේ නමින් අයුතු ප්‍රයෝජන ගන්නෙත් නැහැ. ඒකයි එහෙම කිව්වේ.* යසස් රත්නායක තමයි සිංහල සිනමාවේ අලුත් කතානායකයා. එහෙම කිව්වොත් හරිද?හප්පේ එච්චර ලොකුවට මාව හඳුන්වන්න එපා. මං තවම සිංහල සිනමාවට පුංචි කෙනෙක්.* නමුත් ඔබ සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම චිත්‍රපටය වන ආකර්ෂා හී ප්‍රධාන චරිතය රඟපානවා නේද?ඒක නම් එහෙම තමයි. ඒක ළඟදීම රූගත වෙනවා. එහි කර්නල් වික්‍රමසිංහ කියලා චරිතයක් මම රඟපාන්නේ. පූජා තමයි පෙම්වතිය.* පළමු චිත්‍රපටයේම පූජා වගේ කෙනෙක් පෙම්වතිය වීම ගැන මොකද හිතෙන්නේ?ටිකක් ලැජ්ජයි. ඒත් සතුටුයි. පුළුවන් උපරිම සාධාරණය ඉටු කරනවා.* මොනවද රංගනය සඳහා ඔබට තියෙන සුදුසුකම?මං ලංකාවේදී ඉංග්‍රිසි වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. 2008 වසරේ වයි. එම්. සී. ඒ. මඟින් සංවිධානය කළා ෂේක්ෂ්පියර් නාට්‍ය තරගාවලියක්. එහි හොඳම නළුවා වුණෙන් මම මුළු ලංකාවෙන්ම. ඊට පසුව මං උසස් අධ්‍යාපන කටයුතුවලට අමෙරිකාවට ගියා.* කොහොමද ඔබට ආකර්ෂාව හමුවන්නේ?සමන් වීරමන් මහතා හරහායි මට සුනෙත් මාලිංග ලොකුහේවා හමු වන්නේ. ඔහු මට පිටපත දීලා චරිතයට කතා කළා. මමත් වැඩේට සෙට් වුණා. මට මීට ප්‍රථම සමන් මහත්මා ඔහුගේ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමාපටයේ නන්ද කුමාරයාගේ චරිතයට ඇරැයුම් ලැබුණා. ඒත් කාර්යබහුලකම නිසා මට ඊට දායකවන්න වුණේ නැහැ. ඒත් මේ කාලය හොඳයි. ඒකයි කර්නල් වික්‍රමසිංහ චරිතය භාර ගත්තේ.* සැබෑ ජීවිතයේදී ඇයි හමුදා නිල ඇඳුමට ප්‍රිය නොකළේ?මං කොහොමත් සටන්කාමී පුද්ගලයෙක් නෙවෙයි. ඒක නිසා හිතුණේ නැහැ හමුදාවට බැඳෙන්න. ඒත් චිත්‍රපටය වෙනුවෙන් හමුදා නිල ඇඳුම ඇන්දා.* තාත්තගේ නම පාවිච්චි කරලා බේරුණු අවස්ථා මොනවද තියෙන්නේ?කවදාවත් මං තාත්තගේ නම පාවිච්චි කරලා අයුතු ප්‍රයෝජනයක් අරගෙන නැහැ. පාසල් කාලේ එක පාරක් මං හෙල්මට් නැතුව ගිහින් පොලීසියට අහු වුණා. එදා මට අවවාද කරලා මුදා හැරියා. එවලේවත් මං තාත්තගේ නම පාවිච්චි කළේ නැහැ බේරෙන්න.* සාමාන්‍යයෙන් ඔබ චණ්ඩි වැඩ කරලම නැද්ද?මම සාමාන්‍යයෙන් නිවුණු කෙනෙක්. ඒ වගේම භාවනා කරන්නත් මං ආසයි. මං ආරණ්‍යවලට ගිහින් මාස ගණන් ඉඳලා තියෙනවා.* ඉදිරියේදී දිගටම භාවනාවේ නියැලෙයිද?තවම තීරණයක් නැහැ. හැබැයි මට කලාවෙන් ඉදිරියටම යන්න හිතක් තියෙනවා. බලමු. ආකර්ෂා චිත්‍රපටයෙන් පසුව ඒ හැම දෙයක්ම තීරණය වේවි.* එත් මට දැනගන්නට ලැබුණා ඔබ අධ්‍යක්ෂණයටත් පිවිසෙන්න සූදානමක් තියෙනවා කියලා?ඔව්. මං කරනවා නම් කරන්නේ අමෙරිකාවේ තාක්ෂණයයි ලංකාවේ ශිල්පීනුයි දාලා වෙනස්ම සිනමාපටයක්. කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.* පොඩි කාලේ ඉඳලා ඔබ නීත්‍යනුකුල පරිසරයක හැදෙන්න ඇති?හරියට හරි. අපේ ගෙදර හමුදා නීතිය තිබුණා. ඒක නිසා මං නීට් එකට වැඩ කරන්න පුරුදු වුණා. කිසිදු අයහපත් වැඩකට යොමු වෙන්න තිබුණු ඉඩකඩ වැලකුණා. අදටත් මගේ කාමරය පොඩ්ඩක් හරි හැඩිවෙලා තිබුණොත් තාත්තා කෑගහනවා.* මේ වෙන කොට සිංහල සිනමාවට ඇල්මක් ඇති වෙලාද තියෙන්නේ?බොරු කියන්න ඕන නැහැනේ, ලංකාවේ සිනමාව ගැන මට ලොකු අවබෝධයක් නැහැ. ලංකාවේ චිත්‍රපවලට වඩා හොලිවුඩ් චිත්‍රපටයි මං බලලා තියෙන්නේ. ඒ වුණත් මේක මගේ රට. සිංහලකම මගේ ලේවල තියෙනවා. ඒකයි මම කිව්වේ කවදා හරි මේ රට වෙනුවෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියාලා.* ඔබේ පියා ඔබ කලා කටයුතුවල නියැලෙනවාට කැමැතිද?ඔව්. ඔහු මට නිරන්තරයෙන් ආශිර්වාද කරනවා.* ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරුත් සඳහන් කරමු?මං ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. මගේ උපන් දිනය 1988. 05. 04 වැනිදා. මට මල්ලියෙකුයි නංගියෙකුයි ඉන්නවා. ඒ ඇති නේද?* මේ වන විට ආකර්ෂාට අතරව තවත් සිනමාපට හෝ වෙනත් නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවාද?චිත්‍රපට දෙක තුනකට කතා කළා. තවම කන්ෆෝම් නැහැ. ටෙලි නාට්‍ය ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. ඒත් හොඳ චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමේ නවතම කර්තව්‍ය වන්නේ බ්ලැක් බොක්ස් යොවුන් නාට්‍ය උළෙලයි. මෙම නාට්‍ය උළෙල මේ මස 27, 28, 29 දිනවල පස්වරු 3.00ට සහ 7.00ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.නූතන ජර්මානු යොවුන් නාට්‍ය නිෂ්පාදන ත්‍රිත්වයක් රැගත් මේ නාට්‍ය උළෙලේ දී එළි දැක් වෙන්නේ යෞවනයන්ගේ සිත් හි කාලයකට පටන් රැඳී සිහිනයකි. එහි අධ්‍යක්ෂවරු වන ශමික දිල්හාන් සහ රෙජී චන්දිම තම සිත් රැඳි සිහිනය පිළිබඳ මෙසේ කියති.බ්ලැක් බොක්ස් නාට්‍ය උළෙලේ දී වේදිකා ගතවන නාට්‍ය මොනවාද?‘ඔබ සහ මම’, ‘කැම් ඇන්ඩ් ප්‍රෙඩා’, ‘බොක්සර්’ කියන වේදිකා නාට්‍ය ත්‍රිත්වයයි මෙහිදී වේදිකා ගතවෙන්නේ. ‘ඔබ සහ මම’ කියන්නේ Ingeborg Von Zadow’sගේ ‘Me & You’ කියන නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. එය අධ්‍යක්ෂණය කරන්නේ ඩී.කේ. ආටිගලයි. ‘කැට් ඇන්ඩ් ප්‍රෙඩා’ කියන්නේ Katte & Freadha නාට්‍යයේ පරිවර්තනයක් වන අතරම එය අධ්‍යක්ෂණය කරන්නේ ශාමික දිල්ශාන්.අනෙක් නාට්‍ය වන්නේ Lutz Hübner ගේ The Hart of Boxerනාට්‍ය ඇසුරෙන් රෙජී චන්දිම කරන ලද බොක්සර් නාට්‍යයයි. මේවා පිළිවෙළින් 27,28,29 කියන දිනවලදී වේදිකා ගත කිරීමට නියමිතයි. මේ සියලුම නාට්‍ය ජර්මානු නාට්‍ය ආශ්‍රයෙන් කරන ලද පරිවර්තනයි. යොවුන් නාට්‍ය නිෂ්පාදන ලෙසින් කරළියට පිවිසෙන අපගේ මේ කුළුදුල් සිහිනය එළි දකිනතුරු අප සිටින්නේ නොඉවසිල්ලෙන්. ඒ වගේමයි මේ නාට්‍ය ත්‍රිත්වය අපට ලෝකයේ ඕනෑම රටකට ගිහින් පෙන්වීමට හැකි අවසරය ලැබීමත් අප දකින්නේ යම් වාසනාවක් ලෙසයි.ප්‍රොසීනියම් වේදිකාවත් සමඟ ගනුදෙනු කළ අධ්‍යක්ෂකවරයෙකුට බ්ලැක් බොක්ස් වේදිකාවත් සමඟ ගනුදෙනු කිරීම පහසුද?අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ ප්‍රොසීනියම් වේදිකාව මත කෙරෙන රංගනයක් නරඹන්නයි. නමුත් බ්ලැක් බොක්ස් වේදිකාවේදී ප්‍රේක්ෂකයා හා රංගය අතර ඇති හිඩැස අවම කිරීමක් සිදු වෙනවා. එතනදි අපි කරන දේ ප්‍රේක්ෂකයාට සමීපව දැනෙනවා. රංගනයේදී අපි භාවිත කරන්නේ රඟ නොපා රඟපෑම කියන නන් ඇක්ටින් මෙතඩ් එකයි.නළු නිළියන්ට හා ප්‍රේක්ෂකයන්ට මේ ක්‍රමය අලුත්ම අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි අධ්‍යක්ෂකවරු විදියට අපිටත් ඒක අලුත් අභියෝගයක් වුණා. මේ ප්‍රේක්ෂාගාරයක ඉන්නේ ප්‍රේක්ෂකයන් සියයක් පමණයි. එතනදි අපට තිබුණේ මෙතෙක් කල් ප්‍රොසීනියම් වේදිකාවත් සමඟ කටයුතු කළ අයව කොහොමද බ්ලැක් බොක්ස් වේදිකාවට රැගෙන එන්නේ කියන අභියෝගයයි. ඒ වගේම මේ නාට්‍යවලට අප නළු නිළියන් තෝරා ගන්නේ වැඩමුළුවක් තියලා. ඔවුන්ව මේ වේදිකාවට අනුගත කිරීම ලෙහෙසි පහසු වුණේ නැහැ. අවසානයේ අපට තරමක් හෝ ඒ පිළිබඳ ජයක් අත්කර ගැනීමට හැකි වූ බවක් සිතෙනවා. අනෙක් කාරණය වෙන්නේ අධ්‍යක්ෂණය කියන්නේ නුහුරු නුපුරුදු කාර්යයක් වීමයි.ජර්මානු නාට්‍ය පමණක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?ලංකාවේ ඉන්න අපට ලෝකයක් සමඟ ගනුදෙනු කරන්න හැකි වෙන්නේ සෆීර් සර් නිසා. ඒ කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලත් සමඟයි. ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ඒ අයගේ නාට්‍ය පිටපත් තරුණයන්ට ලබා දෙන්නේ මේ හරහායි. අපේ ගුරුතුමා තීරණය කරනවා ඒ පිටපත් අපට ලබා දෙන්නට . ඒ විදියටයි ජර්මානු නාට්‍ය අපට ලැබෙන්නේ. අධ්‍යක්ෂණය ගැන සිහින දකිමින් සිටි අපට මේ තීරණය අපූරු අවස්ථාවක් උදා කළා.ඒ වගේම මේ නාට්‍ය පිටපත්ම තෝරා ගැනීමට හේතු වුණු අනෙක් කාරණය වෙන්නේ නාට්‍ය පුහුණුවීම් මධ්‍යස්ථානයයි. අද වනවිට ලංකාවේ නාට්‍ය පුහුණු වීම් කරන්න ස්ථානයක් නොමැති අවස්ථාවක පුහුණුවීමේ මධ්‍යස්ථානයක් විදියට වගේම නාට්‍ය උළෙල තැබීමටත් නොමිලේ ලබාදුන් අවස්ථාව සත්‍ය ලෙසම අගය කළ යුත්තක්. සෆීර් සර් මේ ස්ථානයත් සමඟ වසර දාහතරක් සමඟ කරන ගනුදෙනුව ඔස්සේ ලැබෙන ප්‍රතිලාභවලට ඔහු අපට යොමු කරනවා. ඔහු මේ නාට්‍ය උළෙල හරහා පසු පෙළක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම තරුණ පරපුරට අතදීමක් ලෙසයි මේ කටයුතු කෙරෙන්නේ.කොහොමද මේ නිර්මාණ අපේ සමාජය හා ගැළපෙන්නේ?මේ නාට්‍ය ත්‍රිත්වයෙන්ම කතාබහට ලක්වෙන්නේ තරුණ ගැටලු පිළිබඳයි. අද බොහෝ විට නොවන දෙයක් ලෙස මා දකින්නේ තරුණයන් හා ඔවුන්ගේ ගැටලු ඉලක්ක කර ගනිමින් නිර්මාණ බිහිවීමයි. ඒ නිසා මේ නිර්මාණ කුමන රටකට අයත් වුවත් අපව නියෝජනය කිරීමම අපගේ සමාජයට ගැළපීමට ඇති මූලික හැකියාව ලෙස දකිනවා. අවසානයේ අපට කියන්නට තිබෙන්නේ එන්න අප සමඟ එකතුවෙලා යෞවනයන්ගේ ගැටලු පිළිබඳ කතා කරන යොවුන් නාට්‍ය උළෙල නරඹලා අලුත් අත්දැකීමක් විඳගන්න කියලයි.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ලොවම සතුටු කරන පුද්ගලයන් බොහෝ විට හුදෙකලා වී සුසුම් හෙළනන්ය. මයිකල් ජැක්සන් ද එවැන්නෙකි. ඔහුගේ හිටපු බිරියක වූ ඩෙබී රෝව් නම් ඔහු සිතින් හඬද්දී විසි වසරක්ම ඔහුට සමීප වී සිටියාය.ඇය පවසන අන්දමට 1994 දී පෙප්සි වෙළෙඳ දැන්වීම රූගත කරද්දී ඔහුගේ හිස්කබල පිලිස්සීමෙන් පසු බොහෝ වේදනා වින්දේය. ඔහුගේ කුරුලෑවලට, සම සුදුවීමට, පිලිස්සීමට ප්‍රතිකාර ගැනීම සඳහා චර්ම රෝග වෛද්‍යවරු නිරන්තරයෙන්ම හමු වුණේය.මයිකල්ට ඇතිවුණු වේදනාවට වෛද්‍යවරු තරගෙට ප්‍රතිකාර කළා. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු සහ චර්ම රෝග වෛද්‍යවරු මම තමයි හොඳම බේත දෙන්නේ කියද්දී මයිකල් ඔවුන් විශ්වාස කළා.ඔහුගේ තිබුණු ලොකුම මෝඩකම මිනිසුන් ප්‍රමාණයටත් වඩා විශ්වාස කිරීමයි.කවදත් මං මයිකල්ට ආදරය කළා. ඔහු පියෙක් කරන්න බලාපොරොත්තු වුණා. අංග සම්පූර්ණ මිනිසකු බවට පත් කරන්න උත්සාහ කළා.’ විසි වසරකට ආසන්න කාලයක් පුරා ඔහු ගැන සොයා බැලූ, ඔහුගේ සමීපතම මිතුරියක වූ ඩෙබී මෙසේ පැවසුවේ පැරිස් ජැක්සන් සිය දිවි නසා ගැනීමට ගත් උත්සාහය සම්බන්ධව පැවැති නඩුවේදීයි.මේ ජීවිතයේ හොඳම කාලයයි කීමට තරුවකට හෝ තාරකාවකට අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකිනි. ඒ වෘත්තීය ජීවිතය සාර්ථක වුණත් පෞද්ගලික ජීවිතය අසාර්ථක වන නිසයි. නිකොල් කිඩ්මන් නම් මේ ගෙවන්නේ සොඳුරුම කාල පරිච්ඡේදයයි. ඒ ග්‍රේස් කෙලීගේ චරිතය, ‘ග්‍රේස් ඔෆ් මොනැකෝ’ සිනමාපටයේ නිරූපණය කිරීමට වරම් ලැබීම නිසා නොවෙයි. සාර්ථක යුග ජීවිතය නිසයි. ඇය තමන්ට මෙසේ හිත පුරා, මුව පුරා සිනාසීමට අවස්ථාව උදාකර දුන් සැමියා කීත් අර්බන්ට සහ දරුවන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වන්නීය.හතළිස් හය හැවිරිදි නිකොල් කලින් විවාහ වී සිටියේ සුපිරි නළු ටොම් කෲස් සමඟයි.2001 දී ඔහුගෙන් වෙන් වූ ඇය 2006 දී ගායකයකු වූ අර්බන්ගේ අත ගත්තාය. සන්ඩේ හා ෆෙයිත් ඔවුනගේ දියණිවරුන්ය.නිකොල් ‘ද අවර්ස්, මෝලින් රෝගල්, ටු ඩයි ෆෝ, අයිස් වයිඩ් ෂට්, දි අදර්ස්, කෝල් ඩි මවුන්ටන්, දි ඉන්ටර්ප්‍රීටර්, ඔස්ට්‍රේලියා, රැබිට් හෝල්’, වැනි සිනමාපට ගණනාවකම රඟපෑ නිළියකි. ඇය තෙවරක්ම ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ අතර 2002 දී ‘ද අවර්ස්’ රංගනයට හොඳම නිළිය ලෙස ඔස්කා සම්මානයට පාත්‍ර වූවාය.‘මෑන් ඔෆ් ස්ටීල්’ දෙවැන්නට මේ දිනවල බැට්මෑන් ලෙස රඟන බෙන් අෆ්ලෙක් හොඳින් පුහුණු වෙමින් සිටියි. ඔහු දිනකට පැය දෙකක් ඒ සඳහා කායික පුහුණුවීම්වල යෙදෙන්නේය.අෆ්ලෙක්ට, ක්‍රිස්ටියන් බේල්, වාල් කිල්මර්, ජෝර්ජ් ක්ලුනි, මයිකල් කීට්න් වැනි පෙර බැට්මෑන්ලාගේ අනුගාමිකයකු වීමට සිදු වී තිබේ.ඔස්කාර් සම්මානලාභී හතළිස් එක් හැවිරිදි බෙන් අෆ්ලෙක් මේ චරිතය නිරූපණය කරනවාට එරෙහිව ඔහුගේ රසිකයන් 51,000 ක් අන්තර්ජාල පෙත්සමක් ඉදිරිපත්කර තිබේ. බෙන් සුපිරි වීරයකුගේ චරිතය රඟන්නේ සිව්වැනි වරටයි.බෙන් නිසාම බැට්මෑන්ගේ මුහුණුවර වෙනස් කරන බවට සිනමා අධ්‍යක්ෂවරයා පොරොන්දු වී තිබේ. මේ සිනමාපටය 2015 දී තිරගතවීමට නියමිතයි.ඔහු ගුඩ් විල් හන්ටිං (1997) සඳහා ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දිනා ගත්තේය.උපන් ඇඳුමින් රඟන සරාගී දසුන් හොලිවුඩයට නිතර දකින කුකුළගේ කරමලය වගෙයි. එහෙත් නවක නිළියන්ට ජ්‍යෙෂ්ඨ නිළියක් එසේ කරන ලෙස ඔවදන් දීම කෙතරම් සුදුසු ද? ෂැරොන් ස්ටෝන් මෙසේ අවවාද දෙන නිළියයි. එලෙස රඟන්නේ නැති කිසිදු නිළියකට තමන් කැමැති නැති බව ද ඇය පවසන්නීය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක නිරුවතින් රඟන්න ෂැරොන් සුදානම්ය. ඇය රංගනයට පිවිසි අලුත ඇයගේ පියා ඔබ සැම විටම රඟන්නේ නිරුවතින් ද කියා විමසා ඇත. එවිට ෂැරොන්ට සිනමාපටයක නිරුවත්වීම ගැන පියාට කරුණු පැහැදිලිකර දීමට සිදු වී තිබේ. පනස් පස් හැවිරිදි ෂැරොන් ඒක් බේසික් ඉන්ස්ටින්ක්ට් රඟපා අන්තර්ජාතික අවධානය දිනා ගත්තාය. ඇය හොඳම නිළිය ලෙස ඇකඩමි සම්මානයට ද නිර්දේශ වී තිබේ. දෙවරක්ම දික්කසාද වූ ඇය තමන්ට වඩා බෙහෙවින්ම බාල ජෝර්ජ් හෝවි සහ මාටින් මිකා සමඟ සබඳතා පැවැත් වුව ද ඒවා ලත් තැනම ලොප් විය.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
මම තිර රචනය කර අධ්‍යක්ෂණය කළ හඳපානාගල ටෙලි නාට්‍ය දැන් විකාශය වෙනවා. පසුගියදා මුහුරත් උළෙල පැවැති පිනි මුතු වැස්සක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අගෝස්තු මාසයේදී හපුතලේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සීගිරි ගී කෙටි නාට්‍ය හා දෙරණ නාලිකාවෙන් විකාශය වෙන්න නියමිත ටෙලි නාට්‍යකත් රූගත කිරීමේ කටයුතු ආරම්භ කරන්නත් කටයුතු සූදානම්.
|
CREATIVE
|
මම පසුගිය දවස්වල ගිරිරාජ්ගේ ‘සුහද කොකා’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ වගේම ජයලත් මනෝරත්නගේ ‘ ගුරු තරුව’, ‘තල මල පිපිලා’ කියන වේදිකා නාට්‍යවලත් රඟපානවා.රංගනයට ඇවිත් වසර ගණනාවක් ගතවෙන නිසා මම පසුගිය දිනවල ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා. එය අධ්‍යක්ෂණය කළේ චන්දන හේවාපතිරණයි. ‘ජීවිත තරණය’ කියන නමින් නම් කරලා තිබෙන මේ ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියට දීලයි තිබෙන්නේ. ඒත් ඒ විකාශනය සඳහා තවම මට පිළිතුරක් ලැබුණේ නැහැ.
|
CREATIVE
|
මොනරා පියකරුයි. හඬ අමිහිරියි. කොහා කළු පැහැතියි. හඬ මිහිරියි. මොනරාට කොහාගේ හඬ තිබුණා නම් .සොබා දහම හඬයි රුවයි එක්තැන් කරන්නේ කලාතුරකිනි. එහෙත් එවැනි සුසංයෝග බොලිවුඩයට නම් ආධුනික නැත. නූර්ජහන්, සුරෙයියා වැනි ගායිකාවන් බොලිවුඩ් තිරය ඒකාලෝක කළේ රුවින්, රංගනයෙන් පමණක් නොව මිහිරි හඬ ද එක් කරමිනි. ඒ සොඳුරු අතීතයෙන් පසු මෑත කාලයේ කෙතරම් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියන් සිටිය ද ඔවුන්ගේ හඬ නම් තිරයට එක් වූයේ නැත.නව පරපුරින් මේ නිහැඬියාව බිඳ දැමූ තාරකාව ප්‍රියංකා චොප්රායි. ප්‍රියංකා චොප්රාගේ පියා අශෝක් චොප්රා ද ගායකයකි. ඔහුට අවශ්‍ය වූයේ ප්‍රියංකා ගායිකාවක කිරීමටයි. ඇය ඒ සිහිනය සැබෑ කරමින් බටහිර සංගීතය ද හදාරමින් සිටින්නීය. ඇය ගිය මඟ යමින් ඇයගේ ඥාති සොයුරිය නැඟී එන ජනප්‍රිය නිළි, පරිනීතා චොප්රා ද ගී ගැයීමට පෙළඹී සිටින්නීය.ප්‍රියංකා ආසාවට ගී ගයද්දී කත්‍රිනාට ගී ගැයීමේ අවස්ථාව ලැබෙන්නේ ඉබේටමය. අද අංක එකේ බොලිවුඩ් නිළි තාරකාව කත්‍රිනා කායිෆ්, යාෂ් රාජ් ගේ ‘ඩූම් 3’ හී ගී ගැයුවාය. යළිත් ඇයට ගී ගයන්නට වරම් ලැබී තිබේ. ඒ ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහමන්ගේ තනුවකටයි. යාෂ් රාජ්ගේම ෂාරුක් ඛාන් සහ අනුෂ්කා ෂර්මා ප්‍රධාන චරිත නිරූපණය කරන සිනමා පටයක ගී ගැයීමට කත්‍රිනාට අවස්ථාව උදා වී ඇත.පකිස්තානු ගායක අලි සෆර්ගේ ඉල්ලීමකට ඔහුගේ ගීත ඇල්බමයට ද මීට පෙර ඇය ගී ගැයුවාය. කත්‍රිනාට, ප්‍රියංකාට මෙන් ගී ගැයීමේ උමතුව නැතත්, ගී ගැයීමට ඇති ඇරැයුම්වලින් අඩුවක් නැත්තේ සැබෑවටම ඇයගේ හඬ මිහිරි නිසා විය යුතුයි.හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නැත. ඒ වාගේම රංගනයට ආදරය කරන නළුවකුගේ කැපවීමට ද වයස බලපාන්නේ නැත. පනස් තුන් හැවිරිදි අනිල් කපූර් බොලිවුඩයේ ඒ සඳහා ඇති හොඳම උදාහරණයයි.‘ගැන්ග්ස්ටර්’ සිනමාපටයේ රූගත කිරීමකදී ඔහු පුරා පැය 20 ක් මඳ විවේකයක් හෝ නොගෙන රඟපා තිබේ. ඒ වායු සමීකරණය කළ සුඛෝපභෝගී පරිසරයකදී නොවීම තවත් විශේෂයකි.මූම්බායි නගරයේ දූලි පිරුණු වීදිවල ගිනිගහන මධ්‍යහ්නයේදී පවා ඔහු මිනිත්තුවක විවේකයක්වත් නොගෙන රඟපා තිබේ. ඔහු සමඟ රඟන ජෝන් ඒබ්‍රහම් පවසන්නේ අපට ඔහු සමඟ හැරෙන්නටවත් බැහැ කියායි.සුපිරි තරුවකගේ පැතුම් ඉහළ යන්නේ රඟන, රඟන සිනමාපටය සාර්ථක වන තරමටයි. එහෙත් සල්මන් ඛාන්ට නම් මේ නියමය කණපිට පෙරැළී ඇති හැඩයි.ඔහු රැඟූ ‘දාබන්ග්’, ‘රෙඩි’ හා ‘බොඩිගාඩ්’ එක පිට එක ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගතවෙද්දී තමන් භයානක අඩවියකට පිවිස ඇති වගක් ඔහුට හැෙඟයි.‘චිත්‍රපටි සියල්ලම සාර්ථක වීම ගැන හිතට සතුටුයි. එත් ඒ නිසාම ඊළඟ චිත්‍රපටියේදී මොකක් ද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. මං හිතන්නෙ මං ඉන්නෙ භයානක තත්ත්වයකයි කියලා.’ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු එසේ පවසා තිබේ.හතළිස් හත් හැවිරිදි සල්මන් ඛාන්ගේ විසිහතරක ආයු කාලයක් ඇති සිනමා ජීවිතයේ මේ ගෙවෙන්නේ සුවිශේෂී කාල පරිච්ඡේදයකි. ප්‍රථම වරට යාෂ් රාජ්ගේ සිනමාපටයකට දායක වන්නට ලැබීම නිසා ඔහුගේ සිත සතුටින් පිරී ඇත.ඊයේ මුල්වරට තිරගත වූ ‘එක් තා ටයිගර්’ සිනමාපටයට ද හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී. හිටපු පෙම්වතිය කත්‍රිනා කායිෆ් සමඟ සල්මන් ඛාන් තිරයේ පෙම්වතුන් ලෙස මේ සිනමා පටයෙන් දකින්න ලැබෙන්නේ සිව් වසරකට පසුවයි.රන්බීර් කපූර් බොලිවුඩයේ ඉහළම ඉල්ලුමක් ඇති තනිකඩයායි. ඔහුගේ තනිකඩ ජීවිතයට නැවැතීමේ තිත ලබා දෙන්නට අවසරයක් ඔහුගේ සිතට නම් නැත. ඒ ඔහු අම්මාගේ පුතකු නිසයි.දීපිකා පදුකෝන් සමඟ රන්බීර්ගේ තිබූ හාදකමට රතු එළිය දැල් වූයේ, ඔහුගේ මව නිතූසිං බව බොහෝ දෙනකු නොදනී.දීපිකා, රන්බීර්ට ගැළපෙන්නියක නොවන බව නිතූ පවසා ඇත. එහෙත් කත්‍රිනා සම්බන්ධව නම් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. කත්‍රිනාට නිතූ මෙන්ම රිෂි කපූර් ද මහත් සේ ආදරය කරති. කත්‍රිනා ද රන්බීර්ගේ ක්‍රිෂ්ණරාජ් නිවෙසට අමුත්තියක නොවෙයි. ඇය කපූර් නිවෙසට නිතරම යන්නීය.මේ කත්‍රිනාට සිකුරාගේ කලදසාව ලබා ඇති කාලයකි. රාජ්නීති - 2 සඳහා ද කත්‍රිනා තෝරා ගෙන තිබේ. කත්‍රිනාගේ රාජ්නීීති පළමු රංගනය විචාරක පැසසුම් ලැබූවකි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
පසුගිය සතියෙන්...ඔන්න දැන් ඉතිං රූබර ගුවන් සේවිකාවන් දැන් මම ළඟටම ඇවිල්ලා. මේ සුර දූතියන්ගේ අත රැඳි බන්දේසිවල එකිනෙක තාලෙට නැළවෙන ගැටෙන විස්කි, බ්‍රැන්ඩි, ජින්, බියර්, වයින් ටී, කෝපි, සොෆ්ට් ඩ්‍රින්ක්ස් පිරිලා. මේව දැක්කම මගේ සිතට අපූරු සිතිවිලි පහළ වෙන්න පටන් ගත්තා. දැන් මගේ හිත තුළ තිබුණ කුතුහලය බය ටිකක් අඩු වෙලා.ගුවන් යානයේ පවතින සීතලෙන් මිදෙන්න කන් අගුල් වැටිලා තියෙන එක ටිකක් අඩු කර ගන්න, ඇඟ ටිකක් උණුසුම් කර ගන්න විස්කි වීදුරුවක් ඉල්ලගෙන මට බීමේ ආශාවක් ඇති වුණා. ඔන්න ඉතිං ඒ අස්සේ පන්සිල් මතක් වෙන්නත් පටන් ගත්තා. බයෙන් වෙව්ල වෙව්ලා ගාථාව කිය කියා ආපු මට මේ වගේ දෙයක් බොන්නත් මොකක්ද වගේ. ඇඟ සීතලෙන් ගැහෙන වෙලාවේ ඖෂධයක් වශයෙන් පොඩ්ඩක් ගත්තට වරදක් වෙන එකක් නෑ කියලත් මට හිතෙන්න වුණා. ඒත් මේ රූබර ලලනාවන්ගෙන් සැර බීම ටිකක් ඉල්ලගෙන බොන්න මට ලැජ්ජයි වගේ.සීතල වැඩිවෙලා මගේ ඇඟ ගැහෙන එක වැඩි නිසාම හිතට ලොකු දිරියක් අරගෙන පුණ්‍යවන්ත සිතිවිලි යටපත් කරගෙන ලැජ්ජා භය තියෙන උපාසකයෙක් වගේ බ්‍රැන්ඩි ටිකක් ලලනාවකගෙන් ඉල්ලා ගත්තා. ලලනාව ටිකක් ඈත් වෙනකන් ඉඳලා මම එක හුස්මට බ්‍රැන්ඩි ටික උගුරට හලාගෙන හොඳට අසුනට ඇල වී ටික වෙලාවක් ඉන්න කොට මට ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා මගේ ශරීර කූඩුවේ තිබුණ සීතල ගතිය නැති වෙලා ඇඟ උණුසුම් වන ගතියක්. එතකොට මගේ හිතේ තිබුණ ලැජ්ජා භයත් මටම හොරා පැනලා ගිහින් තිබුණා.මම ඉතිං සුර දූතියන්ගෙන් වරින්වර බ්‍රැන්ඩි ඉල්ලගෙන බොන්න පටන් ගත්තා. මගේ මේ තියෙන කෑදරකමටයි, පෙරේතකමටයි ශරීරයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඕනෑවටත් වඩා ඉහළ නගින බවක් මට දැනෙන්න වුණා. දැන් මොනව කරන්නද? කුම්බලා මාළු කෑව නම් විඳවපන් බළලෝ කියනවා වගේ මට ශරීර කූඩුවේ ඉහළ යන උෂ්ණත්වය පාලනය කර ගන්නෙ කොහොමද කියලා අසුනට හාන්සි වෙලා මොහොතක් කල්පනා කළා. මේ විදියට උෂ්ණත්වය ඉහළ ගිහින් මාව පිච්චිලා යයිද කියලත් මට හිතුණේ නැත්තෙමත් නෑ. මේ තත්ත්වය පාලනය කරගන්න බියර් ටිකක් බිව්වොත් හොඳයි කියලා මට හිතුණ නිසාම ශරීර උෂ්ණත්වය අඩු කර ගන්න හොඳ ඖෂධයක් කියලා බියර් වීදුරු කීපයක්ම ඉල්ලගෙන බීල බැලුවා.මෙහෙම වරින් වර බියර් ඉල්ලන් බොන කොට මට දැනුණා පපුව ගොර ගොර ගාන හඬක්. මට දෙයියො බුදුන් සිහි වුණා. සෙම ඇවිස්සුණොත් වෙන්නේ මහ ජංජාලයයි. දැන් ඉතිං මගේ හිතට අපූරු සිතිවිලි පහළ වෙන්න පටන් ගත්තා. යානයේ තියෙන වැසිකිලිය නරඹන්න යන්න හිතුණා. අහස් යාත්‍රාව ඇතුළේ ඉඳල ශරීර කෘත්‍ය කරන්න මට ආශාවකුත් ඇති වුණා. අහසේ ඉඳලා මේ වැඩේ කෙරුවනේ කියලා හිතට උජාරුවක් ඇතිකර ගන්නත් මට හිතුණා. අහසේ ඉඳලා විනෝද සමය රඟපාන්නත් මට හිතුණා.මිනිස්සු ආශ කළ මම පොඩි ළමයට ඇඳල ඉන්න අවස්ථාව, සූප්පුව කටේ ගහලා බෝතලය, පොත් බෑග් එක කරේ දාගෙන ජම්පර් කලිසම ඇඳලා ගුවන් යානය ඇතුළේ ඇවිද ඇවිද මේකේ ඉන්න මිනිස්සු හිනස්සන්න මට හිතුණා. ඇනස්ලි, සැමුවෙල් ඉන්න තැනකින් නැගිට්ටවගෙන ප්ලේන් එකේ රඟපෑමක් කළා නම් උඩු ගුවනෙත් විනෝද සමය රඟ දැක්වෙයි කියලා පත්තරවල හෙඩින් යයි කියලත් මට හිතුණා. ඔය වගේ සිතිවිලි රාශියක් මැද අතරමං වෙලා ඉන්න කොට එන්න එන්නම වැඩේ හරි යන පාටක් නැති තරම්. ප්ලේන් එක ඇතුළේ සීත වායුව සමඟ මගේ සෙම් කෝපය තව තවත් වැඩි වුණා.මේ වෙන කොට මගේ මෝඩකමට මමම ඕනෑකමින් නැති ලෙඩක් හදාගෙන. දැන් ඉතිං පසුතැවිලි වෙලා වැඩකුත් නෑ කියලා හිතුණා. ඒ පාර මම හිතුවා සෙමට හොඳම බේත විස්කි කියලා ගුවන් සේවිකාවන්ගෙන් විස්කි බොන්න හරි හපනෙක් වගේ විස්කි ඉල්ලගෙන වීදුරු කීපයක්ම එක හුස්මට බීල දැම්මේ හොඳ පුරුදුකාරයෙක් වගේ.ලබන සතියට...චන්දන දයාසිරිවර්ධනඡායාරූප - ශාන් රඹුක්වැල්ල
|
CREATIVE
|
රංගන ශිල්පිනීදුලාංජලී ආරියතිලකලබන වසරේ උසස් පෙළ විභාගයට සහභාගි වන නිසා මම මූලිකත්වය ලබා දීලා තියෙන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලටයි.ඒ නිසා කිසිම රංගන කටයුත්තකට මා දායක වුණේ නැහැ. නැවතත් රංගන කටයුතුවලට සහභාගි වෙන්න මා තීරණය කළේ උසස් පෙළ විභාගයෙන් පසුවයි.
|
CREATIVE
|
පණ්ඩිත් අමරදේව මහාචාර්ය සුනිල් ආරියරත්න අතර ඇතිවූ කතාබහ කුමක්ද? ඔබ සිතන අන්දමට රසවත් ලෙස ලියා මේ නොවැම්බර් 13 වැනිදාට පෙර ලැබෙන ලෙස‘දෙබස කුමක්ද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.
|
CREATIVE
|
ජීවිතයේ අර්ධ ශතකය පසුකර සිටිය ද තවමත් සිමන් කොවෙල්ට සිඟිති සුරතල් අරුම පුදුමය. ඔහුගේ හිටපු පෙම්වතිය සිනිතා මේ දිනවල පනස් හතර හැවිරිදි ඔහු පීතෘත්වයට පෙර පුහුණුවක් ලබමින් සිටින බව පවසන්නීය.‘එක්ස් ෆැක්ටර්’ රියැලිටි වැඩසටහනේ ජනප්‍රියම චරිතයක් හා බ්‍රිතාන්‍ය සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ සිමන් කොවෙල්ගේ සහකාරිය ලෝරන් සිල්වර්ටන් දරුවකු අපේක්ෂාවෙන් සිටින්නීය.හිටපු පෙම්වතිය සිනිතා ‘මග්දලේනා’ නම් අඬන සහ මුත්‍රා පිට කරන බෝනික්කා ඔවුන් දෙපලට තිළිණ කරදී තිබේ.‘කොවෙල් බෝනික්කා සමඟ සිටින ආකාරය දුටු විට සැබැවින්ම සිනහා යනවා. ඔහු එක් පැත්තකට හැරෙන විට දරුවා හඬනවා. අනෙක් පැත්තට හැරෙන විට දරුවා මුත්‍රා කරනවා. කරන්න ඕන මොනවද කියලා ඔහුට තේරෙන්නේ නැහැ.’ ඇය පවසන්නීය.දරුවා බිහි කිරීමට ඔවුන් තෝරාගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
රංගන කටයුතුවලට වඩා මගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ ඉගෙනීමේ කටයුතුවලටයි. කලා කටයුත්තකට කරන්නේ ‘අත්තටු නැතත් එයා ඉගිලෙයි’ කියන විදෙස් නාට්‍යයේ හඬ කවන එක පමණයි.තාවකාලිකව රංගන කටයුතුවලින් ඈත් වෙලා මා වැලිසර තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් ගතවීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා.
|
CREATIVE
|
පසුගිය දවස්වල සිහිනෙක පාවෙලා ටෙලි නාට්‍යයේ ෂූටින්වලට දායක වුණා. මේ සතියේදී තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් මහවැව ප්‍රදේශයේදී සිදු කරන්න නියමිතව තියෙනවා.මේ වන විට තවත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒ වගේම මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තිබුණාට එදාත් ෂූටින් සමඟයි ගත කරන්න සිදු වෙලා තියෙන්නේ.
|
CREATIVE
|
මේ දිනවල පටන් සාහිත්‍ය මාසය වෙනුවෙන් සූදානම් වෙනවා. ගම්පහ මින්සර ප්‍රකාශන ආයතනනයේ ප්‍රධාන සංස්කාරක ලෙසින් සාහිත්‍ය මාසයේ එළි දකින්න නියමිත කෘති කිහිපයක සංස්කරණ කටයුතු සිදු කරමින් සිටිනවා. ඊට අමතරව මගේ 26 වැනි නවකතාව ‘කුමන නැටුම් කෙළි’ දැන් මුද්‍රණ ද්වාරයෙන් පිට වුණා. එම කෘතියත් සාහිත්‍ය මාසයේදී එළි දක්වන්න සූදානම් වෙනවා. අගෝස්තු මාසයේ පටන් ගම්පහ දිස්ත්‍රික්කයේ පුවත්පත් කලාවට උනන්දු වූවන් වෙනුවෙන් නොමිලයේ පාඨමාලාවක් පවත්වන්නත් කටයුතු කරගෙන යනවා.
|
CREATIVE
|
ගුවන් විදුලිය තුළ විනෝද සමය ඉදිරිපත් කිරීමේදී අපිට යම් සීමාවක ඉඳගෙනයි කතා නිර්මාණයට අවසර ලැබුණේ. ඒ නිසාම ගුවන් විදුලියේ නීති රීතිවලට ගැළපෙන ලෙස තමයි විනෝද සමය නිර්මාණය කළෙත්. ඒත් විනෝද සමය සඳහා ගුවන් විදුලියෙන් පිටත විවිධ පළාත්වලින් අපිට ලැබුණු ආරාධනාවලට අනුව අපි විනෝද සමය නිර්මාණය කළා. ගුවන් විදුලියේ නීති රීතිවලට පිටින් එවැනි වැඩසටහන්වලදී අපිට භාවිත කළ හැකි දෙබස්වලදී ලොකු නිදහසක් ලැබුණා. ඒ වගේ පිට පළාත්වලට ගිහින් කරපු විනෝද සමය වැඩසටහනක් තමයි මඟුල් කපුකම. මේ සඳහා මුදලාලි ලෙසින් ඇනස්ලි. මඟුල් කපුවා ලෙසින් සැමුවෙල්. මනමාලයා ලෙසින් බර්ටි රංගනයෙන් එක් වුණා.කපුවා - ඔන්න මුදලාලි ඔහේගෙ පුතාට හරි ශෝක් කටයුත්තක් ගෙනාවා.මුදලාලි - වැඩක් නැහැ කපු මහත්තයා. ඌට තියෙන්නේ වෑන් පිස්සුව. අදත් ඔය කාර් බ්‍රෝකර් කෙනෙක් එනකන් බලන් ඉන්නෙ.ඔය අතරෙ බර්ටි ගුණතිලකයන් පත්තරයක් අතේ ඇතිව සුරුවම් බබා වේදිකාවට පැමිණේ. බර්ටිගේ ගමන් විලාසය දකින ප්‍රේක්ෂකයෝ ඔන්න සිනහ වෙන්නට පටන් ගන්නවා.ඇල්ෆ්‍රඩ් බිරිය සවර්ණා සමඟකපුවා - මුදලාලි අන්න බේබි මහත්තයා එනවා යං . . යං . .මුදලාලි - අනේ මට බැහැ. මට දැන් එපා වෙලා. ඔහෙම කතා කරනවා.කපුවා - ඔන්න බේබි මහත්තයා මම මේ සැරේ හොඳ එකක් ගෙනාවා.මනාලයා - මම උදේ ඉඳල බලන් හිටියෙ කොහෙන්ද ඔය.කපුවා - මේකට නම් බේබි මහත්තයා කැමති වෙයි, කඩුගන්නාවෙන්.මනාලයා - එහෙනං කඳුවලට හොඳ ඇති.කපුවා - මොනවා අහනවද උදේ නැග්ගහම හැන්දෑවෙ බහින්නෙ.මනාලයා - පාට කොහොමද?කපුවා - පෙනුමයි, රතුයි.මනාලයා - දැන් කී සැරයක් බෝර් කරලද?කපුවා - මක් කිව්වා?මනාලයා - හා කමක් නැහැ, කොහොමද බොනට් එක?කපුවා - ඒ කිව්වෙ?මනාලයා - ඒ කිව්වෙ ඉස්සරහ පැත්ත.කපුවා - හරිම ෂෝක් ආ . . . බේබි මහත්තයා කැමති වෙයි.මනාලයා - හැබැයි තැලිලා පොඩි වෙලා නම් මට එපා. කොහොමද ඩිකිය?කපුවා - ඒ කිව්වෙ?මනාලයා - පස්ස පැත්ත සීරිල තැලිලා පොඩි වෙලා තිබුණොත් මට එපා.කපුවා - බේබි මහත්තයා මොනවා කියනවද මන්ද? කමක් නෑ. කමක් නෑ.මනමාලයා - මොකක්ද පාවිච්චි කරන තෙලකපුවා - ඒක ඉතින් අහලා බලන්න ඕනෑ. එක එක තෙල් වර්ග පාවිච්චි කරනවානේ. මම අහලා කියන්නම්.මනාලයා - බැක් ටපයර් කරනවද?කපුවා - ඒ කිව්වෙ?මනාලයා - උන්නු උන්නු ගමන් පස්ස පැත්තෙන් ‘ඩෝං’ ගාල ශබ්දයක් පිට වෙනවද?කපුවා - ශාක් . . . බේබි මහත්තයා කියන කතා. ඒවා ඉතිං ගෙනාපුවහම දැනගත හැකිනෙ.මනාලයා - හැබැයි ලෙඩ දෙන්න ගත්තොත් මම අයින් කරනවා හරිද? ඉස්සෙල්ල එකත් මම අයින් කළේ ඒකනෙ.කපුවා - බේබි මහත්තයා මොනවද මේ කියන්නේ. මගේ ජොබ් එකත් ගහල යයි.මනාලයා - එහෙම කියල බැහැ. යාළුවෙක් ඉල්ලුවොත් දෙන්ඩ එපායැ. දැන් මේ ටිකේ මමත් යාළුවෙකුගෙ එකක් පාවිච්චි කරන්නෙ හරිද? කී දෙනෙකුට නැගල ගිය හැකිද?කපුවා - ශාක් . . . අහන කැත කතා.මනාලයා - කොහොමද ටයර්?කපුවා - මහත්තයෝ ඔය කතා කරන්නේ මනමාලියෙක් ගැන ද නැත්නම් කාර් එකක් ගැනද?මනාලයා - මං කතා කරන්නේ කාර් එකක් ගැනවත් මනමාලියෙක් ගැනවත් නොවෙයි.කපුවා - එහෙනම්?මනාලයා - මම කතා කරන්නෙ වෑන් එකක් ගැන.කපුවා - ඕයි, මම කාර් බ්‍රෝකර් නෙවෙයි, මැරේජ් බ්‍රෝකර්.චන්දන දයාසිරිවර්ධනඡායාරූප - මාලන් කරුණාරත්නපසුගිය සතියෙන්...
|
CREATIVE
|
හින්දි සිනමාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරුන් වූ නවුෂාඩ්, ෂන්කර් – ජායිකිෂන්, කල්්‍යාන්ජී – ආනන්ද්ජී, ලක්ෂමිකාන්ත් – ප්‍යාරේලාල් යන අයගෙන් අද ජීවතුන් අතර සිටින්නේ කවුද?ජයම්පති නවරත්න – මාතලේ– ආනන්ද්ජී, ප්‍යාරේලාල් යන අය තවමත් ජීවතුන් අතර සිටිනවා.අහස් ගව්ව නමින් මෙගා ටෙලියක් මේ දිනවල විකාශය වේ. ඒ තුළින් ධර්මසේන පතිරාජගේ ශ්‍රේෂ්ඨ සිනමා කෘතියක් වන අහස් ගව්ව චිත්‍රපටය හෑල්ලුවට ලක්වෙනවා නේද? ඒ. වික්‍රමාරච්චි - දෙහිඕවිටපතිරාජයන්ගේ අහස් ගව්ව නම් හෑල්ලුවට ලක්වන්නේ නම් නැහැ. නමුත් ඔය කියන අනුකරණය නම් හෑල්ලුවට ලක් වෙනවා.සබීතා පෙරේරා සිනමාවට පිවිසෙන්නේ කුමන චිත්‍රපටය හරහාද? චතුරංග - තුන්තානඇය මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑවේ සබීතා චිත්‍රපටයේ. ඊට පෙර ඇය හතර වටේ හා ටොම් පචයා යන චිත්‍රපටවල ළමා චරිත නිරූපණය කර තිබෙනවා.හින්දි තිරයේ අති දුෂ්ටචරිත රඟපෑ ප්‍රාන් හා අපේ ඩොමී ජයවර්ධන අතර ඔබ දකින වෙනස කුමක් ද?ප්‍රාන් හින්දි දෙබස් කිව්වා. ඩොමී සිංහල දෙබස් කිව්වා.සිංහල සිනමාවේ උසම නළුවා හා නිළිය කවුද? ඒ. කරුණාදාස - ඉඳුරුවඋසම නළුවා බැසිල් ද සේරම්. නිළිය විශාඛා සිරිවර්ධන.ජනප්‍රිය රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදිකාවක් වූ ලංකා පෙරේරා දැන් කෝ? ස්වර්ණා අරංගල්ල - කොටුගොඩඇය ලංකාවේ සිටිනවා. මේ ළඟදී සියත රේඩියෝවේ වැඩසටහනකටත් සහභාගී වූවා මට මතකයි.අමරසිරි කලංසූරිය කලාකරුවා මුලින්ම රඟපෑ සිංහල චිත්‍රපටය කුමක්ද? අජිත් ලක්මාල් - මීගමුවරංජිත් පෙරේරාගේ රැයත් දවාලත් චිත්‍රපටය.රණවිරු ගී තරුව අයෝමි පෙරේරා ගැන ඔබේ මතය කුමක්ද? චාමර හේමනාත් විජේසිංහ – පිළියන්දලඇය දක්ෂ ගායිකාවක් බවයි මගේ මතය.සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම් ජයන්ත්ගේ බාල අවධිය නිරූපණය කළ ළමා නළුවා කරුණාරත්න අබේසේකරයන්ගේ සහෝදරයකුª වන මාධ්‍යවේදී දයා අබේසේකරද? විමල් රණසිංහ – කොළඹ 14ඔව්නේ. ඔබ එය දන්නවානේ.*රන්මුතුදූව චිත්‍රපටය හා සංදේශය චිත්‍රපටය මෙරටට ගෙන ඒමට කිසිවකු කටයුතු නොකරන්නේ ඇයි? ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූවඑම චිත්‍රපට අදාළ නිෂ්පාදකයින්ට අයිති පුද්ගලික දේපොළක්. ඒවා ගැන ඔවුන් සිතැඟි පරිදි කටයුතු කරනවා. රන්මුතු දූව හා සංදේශය නිෂ්පාදකවරුන් ඒවා නැවත ගෙන්වනවා නම් හොඳයි.*ලංකාවේ නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම් කරන්නට බැරි ඇයි? ප්‍රභාත් රාජපක්ෂ – නාවලපිටිය(ප්‍රභාත් ඔබ පැන යොමු කරන විටදී කෙටියෙන් යොමු කරන්න).ලංකාවේ නිර්මාණශීලී තරුණ වෙළෙඳ දැන්වීම්කරුවන් රැසක් සිටිනවා යන්නයි මගේ හැඟීම. ලෝකයේ බොහෝ රටවල වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවන් පසුව සිනමාකරුවන් වෙනවා. ලංකාවේත් වෙළෙඳ දැන්වීම්කරුවන් හොඳ සිනමාකරුවන් වූ අවස්ථා තියෙනවා.*සුජාතා චිත්‍රපටයට පෙම් රැල්ල නැගෙයි, ගල් තල්ලේ වැදෙයි යන ගීතයට ප්‍රධාන රංගනය ලබා දුන් නළු නිළි යුවළ කවුරහුද? හිලරි සිරිලාල් ද අල්මේදා, බ්‍රිජට් සිල්වා - මොරටුවැල්ලඩොමී ජයවර්ධන හා ශාන්ති ලේඛා.*මේක ඔයාගෙන් හොඳින් අහන්නේ හොඳද? ඔය අර්ජුන් කියලා උත්තර දෙන්නේ සරසවිය සුනිල් මිහිඳුකුල නේද? දැන්වත් ඇත්ත කියන්න. මේක අපට ප්‍රශ්නයක්, හිතට වදයක්. මහනුවර උපනන්ද – අඟුලාන දුම්රිය ස්ථානයඔය වගේ දේවල් ප්‍රශ්න කරන්න එපා. සුනිල් මිහිඳුකුල මහත්මයා දැන් රසඳුන සංස්කාරක හා සිළුමිණ සම කර්තෘ.*රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ මේ දිනවල රූගත කරන ටෙලි නාට්‍ය මොකක්ද? ඩඩ්ලි ගෝමස් - මොරටුවචමින්ද ඩිල්ෂාන් වෙල්ලාලගේ කියන අලුත්ම අධ්‍යක්ෂවරයාගේ ටෙලි නාට්‍යයක්.*සිංහල සිනමාවේ දෙවැනි වර්ණ චිත්‍රපටය කුමක්ද? විහඟ පැතුම් - කොස්ගමවෙසතුරු සිරිත.*හින්දි සිනමාවේ රාජ් කපූර් රඟපෑ ප්‍රථම චිත්‍රපටය කුමක්ද? වියානි ගුණවර්ධන වෙන්නප්පුව1935 ඔහු ළමා වියේදී රඟපෑ ඉන්කියුලාබ් චිත්‍රපටය.*ජනප්‍රිය නිළි ක්ලැරිස් ද සිල්වා මුලින්ම රඟපෑ චිත්‍රපටය කුමක්ද? එල්. තිලකසිරි ද සිල්වා - මීටියාගොඩපුදුම ලේලි චිත්‍රපටය.අර්ජුන්සටහන් - සංජීව සම්පත් බාලසූරියපසුගිය සතියේ ලොතරැයි කිරිල්ලියේ ගීතය රචනා කළේ ජයන්ත රෝහණ යනුවෙන් පළ වූයේ වැරැදීමකිනි. එය ජයන්ත ජෝතියරත්නයන්ගේ ගී පබැඳුමක්. අර්ජුනට පැන යොමු කරන විට දී පැහැදිලි, නිරවුල්ව, කෙටියෙන් ප්‍රශ්න යොමු කරන්න. දුරකථන අංකය ද සඳහන් කරන්න. තැපැල්පත්වල පමණක් ලියා එවන්නත් අමතක කරන්න එපා.
|
CREATIVE
|
තාරකා බැබළෙන්නේ හිරුගේ එළියෙන්.මේ කෙතරම් සත්‍ය කතාවක්ද? මේ සිහින සිනමා පුරවරයේ බැබළෙන තාරකාවන්ට එළිය දෙන්නේ හිරු වැනි රසික ජනතාවයි.ඒ නිසා තරුවලට තමන් ගැන තමන්ට ඕන ආකාරයට තීරණ ගන්නත් නිදහසක් නැති තරම්. මේ චෝදනාව රසිකයන්ගෙන් එල්ල වෙන්නේ ඓශ්වර්යා රායිටයි. ලොවෙහි සොඳුරුතම ළඳ යන නම පට බැඳෙන්නට තරම් වාසනාවන්ත වූ ඈෂ්ට, චෝදනාව එල්ල වෙන්නේ දරුවා බිහි කළ පසු රුව ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසයි.තිස් අට හැවිරිදි ඈෂ් ආරධ්‍යා දෝණි බිහි කළේ මීට මාස හයකට කලින්.දරුවා ලැබුණු පසු ගැබිනි කාලයේදී වැඩි වුණු බර අඩු කර ගන්න ඈෂ් කිසිම උනන්දුවක් දක්වලා නැහැ. ඈෂ් ගේ තරබාරු සිරුර දුටු රසිකයන් කියන්නේ බොලිවුඩ් නිළියක් වන ඇය තමන්ගේ සිරුරේ හැඩය ගැන අනිවාර්යයෙන්ම සිතිය යුතු බවයි.‘වික්ටෝරියා බෙකම්ට පුළුවන් නම් ඇයි ඇයට බැරි?’ මේ බොහෝ දෙනකු නඟන ප්‍රශ්නයයි.ඈෂ් දහවෙනි වරටත් කෑන්ස් සිනමා උළෙලට මේ සතියේදී සහභාගි වෙනවා. මෙවර වැඩි දෙනෙක් ඈෂ්ගේ සිරුරේ ප්‍රමාණය ගැන අවධානය යොමු කරනවා නිසැකයි.මත්පැන්, දුම්වැටි ක්‍රීඩා භූමියක අශුද්ධ වස්තූන්ය. දෙවියකු ලෙසින් අදහන බොලිවුඩ් සුපිරි තරුවක වුණත් ක්‍රීඩා භූමියේදී වරදකරුවකු කිරීමට මේ විනාශකාරී සංයෝගය හොඳටම ප්‍රමාණවත්ය.වරක් සුපිරි නළු ෂාරුක් ඛාන්ට දඩ නියම වුණේ ප්‍රසිද්ධයේ දුම් පානය කිරීම නිසාය. මෙවර ඔහුට දඬුවම් පැනවෙන්නේ බීමත්ව වන්ඛේඩේ ක්‍රීඩාංගනයේ කලහකාරී ලෙස හැසිරීම නිසයි. තම දරුවන් සම්බන්ධයෙන් ක්‍රීඩාංගනයේ නිලධාරීන් ක්‍රියා කළ ආකාරය නිසා තමන් එලෙසින් හැසිරුණු බව ෂාරුක් පසුව කියා සිටියේය. එහෙත් ඒ හැසිරීම නිසා ෂාරුක්ට වසර 5 කට වන්ඛේඩේ ක්‍රීඩාංගනය තහනම්කර තිබේ.‘ශාන්ති’ ටෙලි මාලාවෙන් අපේ රටේ රසිකයන්ගේ ආදරය දිනා ගත් මන්දිරා දෙවැනි වරටත් මවු පදවිය ලබලා. පසුගිය වසරේ මැයි 17 වැනිදා මන්දිරා - රාජ් යුවළට පුතකු ලැබුණා.ඔවුන්ට දරු සුරතල් බලන්න වාසනාව පෑදුණේ විවාහයෙන් වසර දොළහකට පසුවයි.දැන් පුතුගේ තනියට පුංචි දෝණියක් ගෙදරට කැන්දා ගෙන එන්න මන්දිරා - රාජ් දෙදෙනා තීරණය කරලා.ඒ නිසයි මන්දිරා දෙවැනි වරටත් මවු පදවිය ලබනවා කියන්නේ. හැදූ මවත්, වැදූ මවත් අතර ඇත්තේ කෙස් ගසකටත් අඩු පරතරයක්නේ.තමන්ගේ අඩි පාරේ දුව යනවාට බොහෝ අම්මලා කැමැතියි. එහෙත් බොලිවුඩයේඅම්මලා නම් කැමැති දූවරු වෙනත් මඟක් තෝරා ගන්නවාටයි.මීට පෙර තමන්ගේ දියණිය රඟපානවාට අකැමැති බව පැවසුවේ ජූහි චව්ලා. ජූහි ගිය මඟ යමින් ශ්‍රී දේවි කියන්නේ ද එවැනිම කතාවක්.‘තාම ජානවී දූට අවුරුදු 15 යි. එයා සිනමාවට එන්න පොඩි වැඩියි. මට ඕන දූලා දෙන්නටම හොඳ අධ්‍යාපනයක් දෙන්න. රඟපෑම නිසා දක්ෂ ලෙසින් ඉගෙන ගත්ත මගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා.කොහොමත් ජානවී නිළියක් කරන බලාපොරොත්තුවක් නැහැ. අධ්‍යාපනයෙන් පස්සෙ විවාහය ගැන හිතනවා.‘දියණිය ගැන ශ්‍රී දේවි එසේ පැවසුව ද ඇය නම් ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’වලින් සිනමාවේ දෙවැනි ගමන ඇරැඹුවා.මේ අතර මධුරි ඩික්සිත් ද සිනමාවේ දෙවැනි ගමනට සූදානමින්.ඇය විසල් භාරද්වාජ්ගේ ‘දේක් ඉෂ්කියා’ හි ප්‍රබල චරිතයක් නිරූපණය කිරීමේ අපේක්ෂාවෙන් සිටිනවා. ඇය මෙහි රඟන්නේ නස්රුදීන් ෂා සමඟලු.
|
CREATIVE
|
අමෙරිකානු රියලිටි වැඩසටහන් ඉදිරිපත් කරන බෙතනි ෆ්‍රැන්කල්හටත් නීතියෙන් අවවාද කරලා. ඒ සිය දියණියගේ ඇඳුම් හැඳ සිටීමට එරෙහිවයි. බෙතනි සිය දියණියගේ පිජාමා ඇඳුම් ඇඳි ඡායාරූප මිතුරු මිතුරියන් වෙත යවලා.මේ දිනවල ඇය සිය සැමියාගෙන් වෙන්වීම වෙනුවෙන් නඩු අරගලයකට මැදිවයි සිටින්නේ. ඇය කුමන අරමුණක් ඇතිව මෙම ක්‍රියාව කළද දියණියට කරන අපහාසයක් බැවින් වහාම මෙය සිදුනොකරන ලෙසින් නඩුකාරතුමන් බෙතනිට දැඩි ලෙසින් අවවාද කර තිබෙනවා.
|
CREATIVE
|
ද ප්‍රින්ස් (The Prince)විශ්‍රාම ගිය හමුදා නිළධාරියෙක් තම එකම දියණිය පැහැර ගත් අයගෙන් ඇය ගලවා ගැනීම සඳහා දියත් කරන වික්‍රමයන්ගෙන් පිරි ද ප්‍රින්ස් මේ සතියේ වෙළඳපොළට පැමිණි නවතම ඩී. වී. ඩී. පටයයි.ජේසන් පැට්ට්‍රික් පෝල් ලෙසත්. බෲස් විලීස් ඕමාර් ලෙසත් ජෝන් කොසැක් සෑම් ලෙසත් රඟන මෙම ක්‍රියාදාම චිත්‍රපටයෙහි ජොනතම් ස්කැහිච්, ජියා මන්ටෙග්නා සහ ජෙසිකා ලෝව්න්ස් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වී ඇත.යාරොන් ලෙවි කැමරා අධ්‍යක්ෂණය කළ ද ප්‍රින්ස් බ්‍රයන් ඒ මිලර්ගේ අධ්‍යක්ෂණයකි.ජෝන් ඩොයි විජිලන්ට් (John Doe Vigilante)කෙනෙකුට ඔහු වීරයෙකි. එහෙත් තව කෙනෙකුට ඔහු දුෂ්ඨයෙකි. යමෙකුට සාධාරණ වන දෙය තව කෙනෙකුට අසාධාරණයක් විය හැකිය. ඔබම මෙය තීරණය කරන්න.මෙවන් තේමාවක් රැගත් මෙම චිත්‍රපටය සුපුරුදු හොලිවුඩ් සිනමාවෙන් බැහැරව ඔබ වෙත එන නැවුම් සම්ප්‍රදායක් වනු ඇත. ඕස්්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී රූපගත කර ඇති ජෝන් ඩොයි ඕස්ට්‍රේලියාවේ ෆිල්ම් වික්ටෝර්යා ආයතනයේ සහායකයන්ගේ දායකත්වයෙන් නිර්මාණය වූවකි.ජැමි බම්බර්, ලැඩි හුල්මේ, සෑම් පාර්සන්සන්, ගැරී ඒබ්‍රහම් සමග බ්‍රෙන්ඩන් ක්ලෙසකින් රංගනයේ යෙදෙන මෙය කෙලි ඩොලේන් ගේ අධ්‍යක්ෂණයකි. (Anjaan)දෙමළ සිනමාවේ සුපිරි නළු සුර්යා රාජු බායි සහ ක්‍රිෂ්ණා ලෙස රඟන අති දැවැන්ත චිත්‍රපටයකි අන්ජාන්.ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් වියදම් කර තනා ඇති අන්ජාන් මේ දිනවල ඉන්දියාවේ මෙන්ම ඇමරිකාව, මැලේසියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රදර්ශනය වේ.සූර්යා සමඟ සමන්ත ජීවා ලෙස ප්‍රධාන රංගනයට එක් වෙන අන්ජාන් හි සෙසු චරිත රංගනය විද්‍යුට් රම්වාල්, සූරි, මුරලි ශර්මා, මනෝජ් බජ්පායි, සන්ජානා සිං, බොබි බේඩි දායක වේ.ප්‍රකට කැමරා ශිල්පි සන්තෝස් සිවන් කැමරාකරණය කළ අන්ජාන් එස්. ලින්ගුසාමිගේ අධ්‍යක්ෂණයකි. (Super) ජනප්‍රිය නළු නාගර්ජුන සමඟ සෝනු සුඩ්, අයේෂා, ටානියා සමග හඳුන්වා දෙන අනුෂ්්කා රඟන සුපර් සටන් සහ ගීත ඇතුළත් ජනප්‍රිය චිත්‍රපටයකි.පූරි ජගන්නාද් අධ්‍යක්ෂණය කළ සුපර් චිත්‍රපටය නාගර්ජුන විසින්ම නිෂ්පාදනය කර ඇත. වීර උදාරජනප්‍රිය චිත්‍රපට නළු ක්ලීටස් ේමන්ඩිස් නිෂ්පාදනය කළ වීර උදාර චිත්‍රපටයේ ඩී. වී. ඩී පට සිංහල චිත්‍රපටය පසුගියදා වෙළෙඳපොළට පැමිණියේය.ජනප්‍රිය නළු විජය කුමාරතුංග සමඟ මාලිනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, අමෝජා වීරසිංහ, මොරින් චාරුණි, ස්ටැන්ලි වර්ණකුල, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රඟන වීර උදාර ෂර්ලි පී. විජේරත්නගේ අධ්‍යක්ෂණයකි.සලීම් (Salim)විවිධත්වයට කැමති සිනමා ප්‍රේක්ෂකයන්ට නැරැඹිය හැකි අලුත්ම ඩී. වී. ඩී. පටයකි සලීම්.එස්. වී නිර්මල් කුමාර් අධ්‍යක්ෂණය කර ඇති සලීම් චිත්‍රපටය මොහොමඩ් සලීම් නම් වූ චරිතය වටා ගෙතී ඇත.විජේ ඇන්තනි, මොහොමඩ් සලීම් ලෙස ද, ආක්ෂා පර්දසානි නිශා ලෙස ද රඟන අතර ආර්. එස්. ආර්. මනෝහර්, ස්වමින්සාත්, මුරුල් දාස් සමඟ ප්‍රේම් ජී අමරෙන් සෙසු චරිත රංගනයෙන් දායක වී ඇත.ලිව්වේ – කල්‍යාණ චන්ද්‍රසේකරඩී. වී. ඩී. අනුග්‍රහයනීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර.
|
CREATIVE
|
රංගන ශිල්පිනීසුමනා අමරසිංහඅපේ අලුත්ම චිත්‍රපටය ‘සිහින ලොවක්’ චිත්‍රපටයේ වැඩකටයුතු සමග තමයි දැන් කාලය ගත කරන්නේ. අමෙරිකාවේදි තමයි එහි රූගත කිරීම් කටයුතු සිදු කළේ. ඒ වගේම එහි දෙවන කොටස සඳහාත් දැන්මම සූදානම් වෙනවා. ඒ වගේම මේ සතියේදී මගේ උපන්දිනයත් යෙදිලා තියෙනවානේ. ඒ නිසා හෙට තෑගිබෝග, කෑම වර්ග අරගෙන ළමා නිවාසයකට ගිහින් ඒ දරුවන් සමග සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා.ඊට අමතරව ඉදිරි කාලය නම් රූපලාවන්‍ය ක්ෂේත්‍රය නිසාත් ටිකක් කාර්යබහුල වෙන්න සිදු වෙයි. දැනට අවුරුදු තිහක පමණ කාලයක සිට තමයි මම රූපලාවන්‍ය කටයුතුවල නිරත වෙලා ඉන්නේ. ඒ ගැනත් විශාල තෘප්තියක් හිතට දැනෙනවා.
|
CREATIVE
|
රංගන ශිල්පිනීදේවිකා මිහිරාණිමට නම් ගතවන හැම දවසක්ම ඉතාම සුවිශේෂයි. දරුවන්ගේ හා සැමියාගේ කටයුතු සමඟින් තමයි මම හැම දවසක්ම ගත කරන්නේ. මේ සතිය කියලා එහි වෙනසක් නැහැ. විජය මේ දවස්වල ගිරිරාජ්ගේ සුහද කොකා චිත්‍රපටයට දායක වෙලා ඉන්නවා. මමත් පුතාගේ වැඩත් සමඟ කාලය ගත කරනවා. දුව දැන් විවාහ වෙලානේ.පුතාත් තරුණ වයසේ ඉන්නේ. ඒ නිසා ඔහු හුදකලා වෙන්න දෙන්න බැහැ. ඔහුට හොඳ මිතුරියක් වෙලා ඉන්නවා. කලා ක්ෂේත්‍රයේ ටෙලි නිර්මාණ නම් දැනට භාර ගත්තේ නැහැ. වේදිකා නාට්‍ය සමඟ තමයි කාලය ගත වෙන්නේ.තිලානි / යතේජාඡායාරූප –ටෙනී / මාලන්
|
CREATIVE
|
හේමසිරි සෙල්ලප්්පෙරුම, සුනිල් සෝම පීරිස්, දයා විමලවීර දැන් සිනමාවෙන් ඉවත් වෙලාද?වික්ටර් පල්ලිමුල්ල - හැඳලසෙල්ලප්පෙරුම තැනූ චිත්‍රපටයක් තිරගත වීමට නියමිතයි. සුනිල්සෝම නම් ඉදිරියේදී චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. දයා විමලවීර නම් ළඟදී චිත්‍රපටයක් කළේ නැහැ.ජනකාන්ත සිනමා නළු විජය කුමාරතුංග චිත්‍රපට පසුබිම් ගීත ගායනා කර ඇති චිත්‍රපට මොනවාද?යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙණියගඟ අද්දර, නොම්මර 17, සූරියකාන්ත, දොළොස්මහේ පහන, ඒවායින් කිහිපයක්.ගාමිණී ෆොන්සේකා හා ස්වර්ණා මල්ලවආරච්චි සංඛපාලි චිත්‍රපටයේ එකට රඟපෑවා නේද?පී. ගිණිගේ – පානදුරඔබ හරි, සංඛපාලී හි මේ දෙදෙනා ප්‍රබල චරිත දෙකක් නිරූපණය කළා.කලාව පිළිබඳ මෙතරම් දැනුමක් ඇති අර්ජුන්ගේ ලිපිනය සහ ඡායාරූපයක් පළ කරන්න.විජය ඉලංගකෝන් – පල්ලෙවෙල – ගම්පොළලිපිනය, ඡායාරූප අත්‍යවශ්‍ය සාධක නොවේ. ඔය කොතනත් අර්ජුන් ඉන්නවා. අවුරුදු විස්සකට වැඩි කාලයක් සරසවියේ අර්ජුන් නම පළ වූවා.එදා මෙදාතුර සරසවිය මුල් කවරය සැරසූ රංගන ශිල්පීන්ගේ එම ඡායාරූප ලබාගත හැකිද?තිලකසිරි ද සිල්වා - මීටියාගෙඩබැහැ. නමුත් ඇතැම් පැරැණි ඡායාරූප ලේක්හවුස් පුස්තකාලයෙන් ලබාගත හැකියි.යුගයේ වාසනාවන්ත ජනප්‍රියම සිනමාකරුවා උදයකාන්ත වර්ණසූරිය නේද?ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූවසම්පූර්ණ ඇත්ත. ඒකනේ සෙනසුරු මාරුව කළේ.ගාමිණී රඟපෑ බොහෝ චිත්‍රපටවල පසුබිම් ගී ගැයුවේ එච්. ආර්. ජෝතිපාල. ගාමිණී නිර්මාණය කළ එකම චිත්‍රපටයකවත් ජෝතිගේ පසුබිම් ගායනය නොතිබුණේ ඇයි?චන්න ජයසුන්දර – යක්කල, චන්දනගමඑයට සෘජු පිළිතුරක් දීම මට අපහසුයි. ගාමිණී තම නමින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල තිබූ ගීත අතර ජෝතිපාලට ගයන්නට ගීතයක් තිබුණේ සක්විති සුවය චිත්‍රපටයේ පමණයි. ඔහු අධ්‍යක්ෂණය කළ සාගරයක් මැද, කොටි වලිගය, උතුමාණෙනි වැනි චිත්‍රපටවල ගීත තිබුණේ නැහැ. නමුත් ගාමිණී අධ්‍යක්ෂණය කළ බවට චිත්‍රපට නාමාවලියේ සඳහන් චිත්‍රපටවල ජෝතිපාලගේ හඬ නොතිබුණත් ගාමිණී නිල නොවන අයුරින් අධ්‍යක්ෂණය කළ බොහෝමයක් චිත්‍රපටවල ජෝතිපාලගේ හඬ තිබුණ වග අමතක කරන්න එපා.හොඳම වෙලාව, හොඳයි නරකයි, ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි, සැණකෙළිය, කවුද රජා යන චිත්‍රපට පිටපත් සහ ඩී. වී. ඩී. පිටපත් තිබේද?විකුම් පෙරේරා - කපුගොඩමේ අතරින් ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි, කවුද රජා යන චිත්‍රපටවල පිටපත් තිබෙනවා. ආවා සොයා ආදරේ චිත්‍රටයේ ඩී. වී. ඩී පිටපත් ළඟදී නිකුත් වුණා.චන්ද්‍රිකා සිරිවර්ධනට හරියට සිංදු කියන්න බැහැ කියන්නේ ඇත්තද?මංජුල පෙරේරා - බෑන්කඩඇය විශිෂ්ට ගණයේ ගායිකාවක් කියලයි මා හිතන්නේ. එමෙන්ම සංගීතය පිළිබඳ අති විශාල දැනුම් සම්භාරයක් චන්ද්‍රිකා සිරිවර්ධන සතුයි.සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ තරම් සියුමැලි ද කළුගල් ගීතය ලිව්වේ කවුද?අජිත් ලක්මාල් - මීගමුවනීතිඥ රජී වෙල්ගම.සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම් ජයන්ත් ගේ ළමා අවධිය නිරූපණය කළේ මාධ්‍යවේදී දයා අබේසේකරද?විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්දයා අබේසේකර තමයි.සමහර ටෙලි නාට්‍යවලට වියදම් කරන මුදල් අපරාදේ නේද අනේ?සුජාතා ගුණවර්ධන – කඩවතඔයා මේ මුදලක් ගැන කතා කරනවා. ඒවා බලන අයගේ කාලය?සනත් ගුණතිලක හා රන්ජන් රාමනායක විවාහ නොවීමෙන් රටට දෙන ආදර්ශය කුමක්ද?චන්ද්‍රසිරි මානවඩු - කෙරමිණියමිනිසකුට විවාහ විය යුතුම යැයි කියලා ස්ථිර නියමයක් ලෝකේ කොහේවත් නැහැ. එසේ විවාහ නොවී ජීවිතේ සතුටින් කල්ගත කරන අය ඕනෑ තරම් ඉන්නවා.තමන්ට ඒ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රචාරය නිසාත්, විවාහ වීමට සුදුසු කෙනෙක් තවම නොලැබුණු නිසාත්, නිදහස් ජීවිතය අගය කරන නිසාත්, සමහර යම් යම් ශාරීරික ස්වභාවික හේතු නිසාත් සමහරු විවාහ වෙන්නේ නැහැ.ඒ වගේම විවාහ වී අසතුටින් පවුල් ජීවිත ගෙවනවාට වඩා විවාහ නොවී සිටීම වැදගත්. සනත්ගේ සහ රන්ජන්ගේ අවිවාහක දිවියේ වටිනාකම දන්නේ ඒ දෙදෙනාමයි.ලෝකයේ කාටවත් වුවමනාවට විවාහ නොවී සදාකාලිකව තනිකඩව ඉන්නට තරම් එඩිතර වීම ගැන මම ඔවුනට සුබ පතනවා.අර්ජුන්සැකසුම - සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
චිත්‍රපට විචාරකඅජිත් ගලප්පත්තිටෙලිනිස සංසදයේ ආරාධනයෙන් මා ලියූ තිස්ස අබේසේකරයන් ගේ ජීවිත කතාව කෘතිය පසුගිය දා එළි දැක්වුණා. ඒත් මා ලියූ සියලු තෝරතුරුම ඒ කෘතියට අඩංගු වී නැහැ.ඒ නිසා ඔහුගේ ජීවිතය පිළිබඳ පාඨකයා දැනගත යුතු බොහෝ දේ ඒ කෘතියේ අඩංගු නොවීම මා දකින්නේ පාඨකයාට කෙරෙන අසාධාරණයක් විදියටයි. මා මේ දවස්වල ඉන්නේ ඊට කුමක් කළ යුතුද කියා කල්පනා කරමින්.
|
CREATIVE
|
දිවයින පුරා විසිරී සිටින ආධුනික මෙන්ම ප්‍රවීණ ගී තනු නිර්මාණකරුවන්ගේ ස්වතන්ත්‍ර නැවුම් ගී නිර්මාණ එකතු කිරීමේ වැඩ පිළිවෙලක් කීර්ති පැස්කුවල් විසින් ආරම්භ කොට ඇත. මෙලඩි බෑන්ක් යනුවෙන් හඳුන්වා දෙන මෙහි මූලික අරමුණ සැඟවුණු නිර්මාණකරුවන් ජනතාව අතරට යැවීමයි.මෙහිදී එම ගීත ජනප්‍රිය ගායක ගායිකාවන් ලවා ගායනා කොට එළි දැක්වීම සිදුවේ. විවිධ ශෛලීන්ගෙන් යුතු එවන් නිර්මාණ අංක 18 බී, ශ්‍රී සෝරත මාවත, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයේ ඇති සොනික් ශබ්දාගාරයට ගෙනවිත් දෙන්න යැයි කීර්ති පවසයි. මෙයට සමගාමීව ගී පද රචනා බැංකුවක් ආරම්භ කිරීමට ද ඔහු බලාපොරොත්තු වේ. මෙමගින් චිත්‍රපට, ටෙලි නාට්‍ය, සී ඩී. සහ වෙනත් වැඩසටහන්වලට ලබාදීම කීර්තිගේ අපේක්ෂාවයි.ප්‍රසාද්
|
CREATIVE
|
දිනය - පසුගිය සෙනසුරාදා.තැන – නාරාහේන්පිට ජාතික රුධිර පර්යේෂණ ආයතනය.වෙලාව - උදෑසන නවයට ආසන්නය.ජනිත්, අපි ඇවිල්ලා ඉන්නේ.ඉන්න මං ගේට්ටුව ගාවට එන්නම්.දුරකතන ඇමතුම විසන්ධි වන්නටත් ප්‍රථම ජනිත් වික්‍රමගේ අප අසලය.යාළුවෝ මිත්‍රයෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. පිරිත් කියලා වැඩේ පටන් ගමු.ඔහු අප කැටුව ආයතන පරිශ්‍රයට ගියේය.සරත් දික්කුඹුර, සුරාජ් මාපා, ධනංජය සිරිවර්ධන, අශෝක සෙනරත්මුදලිගේ, ඔබිනාමුණි ගාමිණී ද සිල්වා ඇතුළු පිරිස පිරිවරා ජනිත්ගේ ආදර මව්පියන් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු එතැනය. ඔවුනට අමතරව ත්‍රිවිධ හමුදාවේ තරුණ තරුණියන් සහ තවත් පිරිසක් අනෙක් පසය.මෙතැන අද සිදුවන්නේ ලේ දන්දීමේ පුණ්‍ය කටයුත්තකි. එය සංවිධානය කොට ඇත්තේ ජනිත් ඇතුළු ජනු 29 කණ්ඩායමය. ඒ 29 වැනිදාට යෙදෙන ජනිත්ගේ උපන් දිනය වෙනුවෙනි. එදින සතියේ දිනයක් නිසා 25 වැනි සෙනසරාදා මේ සුබ අවස්ථාව සඳහා වෙන් කොට තිබුණේ කාටත් පහසු දිනයක් බැවිනි.සෙත් පිරිතෙන් අනතුරුව පැමිණ සිටි කලාකරුවන් හැර අනෙක් අය පළමුව ලේ දන් දීමේ කටයුත්තට යොමු වූයේ ඔවුන් ආරාධිතයන් නිසාය.අන්න චණ්ඩියෙක් මේ පැත්තට එනවා?කාගේදෝ කෑගැසීමකට අප බැලුවේ එදෙසය. පැමිණෙමින් සිටියේ ක්ලීටස් මෙන්ඩිස්ය.ඊයෙයි පෙරේදයි මහ රෑ වෙනකම් ෂූටිං. තකහනියක් මං මේ ආවේ මීගමුවේ ඉඳලා. ජනිත් මාර වැඩක්නෙ මට කළේ.ඒ මොකක්ද?ඊයේ රෑ ටී. වී. ප්‍රෝග්‍රෑම් එකේදි මේ වැඩේට මං එනවාමයි කිව්වා. ඉතින් එහෙම කියලත් මං නෑවිදින් ඉන්න එක හරි නැහැනේ. එකයි පොඩි වෙලාවකටවත් ආවේ.මානෙල් ඇතුළු ජනු 29 කණ්ඩායම පැමිණ සිටි අයට සංග්‍රහ කරයි.මේ වන විට සෑහෙන්න පිරිසක් පැමිණෙමින් සිටියහ. ඒ අයගේ සිත් සැනසෙන්නට මියුරු සංගීත කණ්ඩ ඇතුළත් සී. ඩී. පටයක් වාදනය වෙමින් තිබිණ. හදිසියේම රැප් කළ දඩි බිඩි සංගීතයෙන් සැදුම් ලත් ගීතයක් ඉන් වාදනය විය.මේ මොකද මේ, මිනිස්සුන්ගේ ලේ කෝප වේවි මේ වගේ සිංදු අහලා.ජනිත් වහා වහා සිදු වූ දෝෂය පිළිබඳ සොයා බැලීය. වැරැද්ද නිවැරැදි වූ පසු නැවතත් සෞම්‍ය සංගීතය හාත්පස සිසාරා ඇසන්නට පටන් ගත්තේය.ගයේෂා පෙරේරා, ඕෂධී හේවාමද්දුම, ගයත්‍රි ඩයස් සහ ධනංජය සිරිවර්ධන දොරකඩ අසල කතාවකය. ශලනි තාරකා ආවෙ එවලේය.ඔයාගේ ඇඟේ ලේ තියෙනවද දෙන්න?ගයත්‍රි ශලනිගෙන් අසයි.මොකද නැත්තේ, පොඩියට හිටියට මගේ ඇඟේ හොඳට ලේ තියෙනවා.ඈතින් රැවුල වවා ගත් කෙනෙකු එනු පෙනිණ.අර කවුද බං. මට අඳුනගන්න බැහැනෙ, ඒත් පුරුදුයි.ජනිත් විමසයි.අප්පට සිරි මේ අර්ජුන අයියනෙ. මොකෝ මේ රැවුල වවාගෙන. අමීශා බූට් එකක්වත් තිබ්බද?පිස්සුද මල්ලි. මට මහරජ ගැමුණු චිත්‍රපටයේ චරිතයක් ලැබුණනෙ. ඒකටයි මේ රැවුල වවන්නේ.සෙනාලි ෆොන්සේකා, බුවිනි චාපා දියලගොඩ, රෝහණ සමරදිවාකර, සහාය අධ්‍යක්ෂ ලාල් ඒබ්‍රහම්, ශනුදු ප්‍රියසාද් ඇතුළු ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මේ වන විට ශාලාවට පැමිණ සිටියහ. කලාකරුවන්ගෙන් පළමුව ලේ දන් දෙන්නට ගියේ සරත් දික්කුඹුරය. ඔහු ගිය පයින්ම ආපසු ආවේය.මොකද සරත් අයියා?ප්‍රෙෂර් ටිකක් වැඩියිලු.ඩොක්ටර් ඇහැව්වානෙ මෙතන කාට හරි බය වුණාද කියලා.එය අසා එතැන සිටි බහුතරයකට සිනහ පහළ විය.සරත් ඔයා කළේ තවත් පුණ්‍ය කටයුත්තක්, ඔයාගේ කතාව අහලා හිනාවෙලා ලේ දන් දෙන්න කලින් අපි හැමෝගෙම ලේ පිරිසුදු වුණා.ගාමිණී ද සිල්වා ඇවිත් කියයි.මේ අතරතුරදී ජනිත් ඇඟිල්ලක් කටේ ගසාගෙන කල්පනාවකය.මොකෝ ජනිත්?නැහැ. මං හිතුවේ දෙසීයක් විතර එයි කියලා.ඒත් දැනටමත් ආපු අය තුන්සීය පැනලා.ඇත්තටම සතුටුයි. එන අයට තව කන්න බොන්න ගේන්න ඕනෑ. තමන්ගේ උපන් දිනයට අනෙක් අයත් මේ වගේ පුණ්‍ය කටයුතු කරනවා නම් හොඳයි නේද? නිකම් බොරු පාටි දාන්නේ නැතුව.ජනිත් පවසාගෙන යයි.දහල් දොලහ පමණ වෙද්දී ජීවන් කුමාරණතුංග පැමිණියේය. ඔහුගේ පැමිණීම කොයි කාටත් තවත් ශක්තියක් විය.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - අමිත් එස්. සේනාරත්න
|
CREATIVE
|
සිනමාවට සහ සිංහල සාහිත්‍යයට ඉමහත් සේවාවක් කළ කලාසූරී අරිසෙන් අහුබුදු විද්වතාණන් සදා සිහිපත් කිරීමට හෙළබස අගයන්නන්ගේ යුතුකමකි.සුනිල් චන්ද්‍රසේකරයාගොඩමුල්ල,කොටුගොඩකමල් අද්දරආරච්චිටඑදා සිට අද දක්වා ජීවන ගමනේ නොයකුත් බාධක අවහිරයන්ට මුහුණ දුන් ඔබ, ඒ සියල්ල විඳදරා මෙතෙක් දුර පැමිණියා සේ, තව තවත් ධෛර්ය සම්පන්නව ආදර බිරිය අනුරානි සමඟ ඉදිරියටත් මේ ගමන යන්න අපි ධෛර්ය ශක්තිය ලබා දෙමු.මොරටුවේ - උමංගා ද සිල්වා.ඔබට ලැබෙන ගල් මුල්වලට සැලෙන්න එපා. ජෝතිගේ ගී ගයමින් මුදල් හම්බ කළේ ඔබ පමණක් නොවෙයි. මහමග යාචකයාගේ පටන් ඇතැම් ප්‍රවීණ ගායකයන් පවා ජෝති ගී ගැයුවා.නමුත් ඔබ ජෝතිගෙ ගී ඉතාමත් කන්කළු ලෙස ගැයීම බොහෝ දෙනකුට හිසරදයක් වුණා. ඒකයි සත්‍යය.ඔබේ හඬ හඳුනාගත් අය සමඟ හොඳ නිර්මාණයන් බිහි කරන්න.මුලින් ජෝතිට මෙන් ඔබටත් කලකදී ලැබුණු ගල් මල් වී ඔබේ දෙපා සිප ගනීවි.වල්පොළරංජනී අමරසිංහ.ඇදුරු තුමෙණි සරච්චන්ද්‍ර පිං ඇති සරසවි වරම් ලබාලා සාහිත මල් අප හදතුළ ඔබ අතුරාලා මනමේ සිංහබා මතකය කියාලා වැළපෙයි වේදිකාව ද දුක දැනීලා පන්හිඳ අසයි කෝ මාගේ සුවාමියා වැළපෙයි සිතාරය සුසුමන් සළාලා ඔබෙ පොත පත ද අසයි මාගේ සුවාමියා නැත අන් වචන ඔබවේ මහ ප්‍රාඥයා කුසුමකි ඔබ අප ලක් දෙරණ පිපුණු ජාතියේ පිනෙන් මෙරටෙහි ජනිත වුණු ඔබෙ රූ මඬල සුපුරුදු සේ වුණත් සුණූ ඇත ඔබෙ රුව ඇතේ මතකයේ අප නොවී අළුජයනාත් ඉන්ද්‍රජිත්රෝහල පාර කළුබෝවිලනදීෂා හේමමාලි ‘ආදරියේ’ ටෙලි සිතුවමෙ හි දක්නට නැත්තේ ඇයි. ඇය නොමැතිව හරිම පාළුයි. නැවත ඇය ආදරියේ සඳහා නොඑන බව අපි දනිමු. ඔබ නොමැතිව නාට්‍යය බලන්න කම්මැලි යැයි ද මෙහි දී සඳහන් කරන්නට කැමැත්තෙමි.උමේෂා- මාතරබී. පී. ගම්මුදලි -මාළිගාතැන්න - කමල් - බෙලිහුල්ඔය.නිළි රැජන මාලිනියට තව තවත් නිර්මාණයන්ට දායක වන්න ලැබේවා.උදය.සුමින්ද සිරිසේනව ඉක්මනින් ටෙලි සිතුවම් හරහා දැක ගන්නට ඕනේ.ගම්ලත් - පාදුක්ක.තරුපිරි අහස ටෙලි සිතුවමෙහි කඩවසම් මේනක රාජපක්‍ෂ කැපී පෙනෙන තරුවකි.ධම්මික, කෑගල්ල - ජානක ප්‍රේමනාත් ,ඇල්පිටිය.කේෂාන් ශෂින්ද්‍රට සුදුසු වෘත්තිය ගායනය නොව රංගනයයි. පිපෙන මල් ටෙලි සිතුවම නරඹන අපට එය පැහැදිලිවේ.පවිත්‍රා, බෙලිඅත්ත.බොලිවුඩ් රිදී තිරයේ දුඹුරු රුව කාජල්, සැබෑ ජීවිතයේ මවකගේ භූමිකාව ද රඟමින් ඇගේ හැඩය ද මනාව කළමනාකරණය කරගෙන සිටින අයුරු අනර්ඝයි.සමන්ති - මහනුවරඅමා ටෙලි සිතුවමේ විශ්ව, ශෙරිල් මෑත කාලයේ පුංචි තිරයේ අප දුටු හොඳම පෙම්වතුන් යුවළයි.තිළිණි මධුශිකා,කන්නිමහරදිස්නා, සඳලංකාවජෝති සදා කාලිකයි. ඔහුව අනුකරණය කරන්නෝ තාවකාලිකයි.අමා-කෑගල්ලගීතා කුමාරසිංහ නිපැයූ ‘ලොකු දුව’ චිත්‍රපටය ඩී. වී. ඩී. කොට වෙළඳ පොළට නිකුත් කරන්න.විත්‍රානන්දු, අහුංගල්ල.රොෂාන් රණවනව ප්‍රධාන චරිතයට යොදලා නැවතත් චිත්‍රපටයක් කළොත් හැරගිය ප්‍රේක්‍ෂකයින් යළි සිනමා ශාලාවලට ඒවි.මධු, කොළඹ.බිඳුණු හදවත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිස නිර්මාණ රැසකින් රසික සිත් පින වූ ලුවී වැන්ඩස්ට්‍රාටන් නිහඬවීම ලොකු අඩුපාඩුවකි.විරාජ් හර්ෂනාථබණ්ඩාර-නිකවැරටිය.මෑත කාලයේ බිහි වූ විශිෂ්ටතම දුෂ්ට නළුවා ගයාන් වික්‍රමතිලකයිකරු -මීරිගමහිමාලි සිරිවර්ධනගේ නර්තනයට මං කැමතියි.තිළිණි නුවන්තිකාගනේමුල්ල
|
CREATIVE
|
ඩොනල්ඩ් ජයන්ත සම අධ්‍යක්‍ෂණය කරන අලුත්ම චිත්‍රපටය තමයි ‘මායා’. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ එහි ඇතුළත් එක චරිතයක්. ඔහු නමින් මාලන්. මායා තුළදී මාලන්ට සිදුවන්නේ හරිම කරදර. මේ කරදර තමයි ඔහුට එක එක වෙලාවට විවිධ චරිත ආරූඪ වීම. සමහර වෙලාවට කාංචනා නමැති කාන්තාවක් ආරූඩ වන ඔහුට තවත් වෙලාවකට නානගෙ මන්ද බුද්ධික පුතා ආරූඪ වෙනවා. මේ විදියට මාලන් මායා තුළදී විවිධ ස්වරූපයෙන් සිටිනවා. මේ මාලන් ලෙස පෙනී සිටින නළුවා කවුද කියා මේ ඡායාරූපයෙන් ඔබට හඳුනා ගන්න පුළුවන්ද?ඔහු අපේ කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය යොවුන් රංගන ශිල්පියෙක් වන පුබුදු චතුරංග. පුබුදුව මේ විදියට හැඩ ගැන්වූයේ වේශ නිරූපණ ශිල්පී නලින් ප්‍රේමතිලක. ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් ගේ නිෂ්පාදනයක් ලෙසින් ‘මායා’ තුළින් ළඟදීම ඔහු ඔබ හමුවට පැමිණේවි.
|
CREATIVE
|
සැබෑ චරිත තිරයෙන් දැකීමට රසිකයන් වැඩි මනාපයක් දක්වති. එනිසාම නුදුරු අනාගතයේදී ලෝකයම ආදරය කරන තවත් සැබෑ චරිතයක් තිරයේදී දක්නට ලැබෙනු ඇත. ඒ ඉන්දියානු ජාතික කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතයයි. රටේ මිලියන ගණනක තරුණ පිරිසකගේ ජීවිතවලට පරමාදර්ශය වී ඇති මේ වීරයාගේ ජීවන චරිතය නුදුරු අනාගතයේදීම තිරයේ දිග හැරෙනු ඇත. බොහෝ දුරට චරිතයට පණ පොවනු ඇත්තේ සුෂාන්ත් සිං රාජ්පුට්ය.සුෂාන්ත් චරිතය රඟපෑමට මහත් කැමැත්තෙන් බලා සිටියි. දැන් ඔහුගේ කාලය ගත වෙන්නේ දෝනිගේ තරග නැරැඹීමට, ඔහුගේ හැසිරීම්, පෞද්ගලික ස්වභාවය අධ්‍යයනය කිරීමටයි. ඔහු මහේන්ද්‍රගේ උපන් නගරයට ගොස් ක්‍රිකට් තරුව ඇසුරු කරන්නන්ගෙන් ද ඔහු පිළිබඳ තොරතුරු සොයා ගෙන තිබේ. ආරංචි මාර්ගවලට අනුව, නවසීලන්ත සංචාරයට පිටත් වීමට පෙර මහේන්ද්‍ර සිං දෝනි, සුෂාන්ත්ව හමු වී ඇත.ඉන්දියාවේ කුඩා නගරයකින් පැමිණ අවසානයේ රටේ ක්‍රිකට් නායකයා වූ අන්දම වාගේම ඔහුගේ පෞද්ගලික ජීවිතයත් මෙහිදී පෙන්නුම් කරයි. ක්‍රීඩකයාගේ බිරිය, සක්ෂිගේ චරිතය බොහෝ විට නිරූපණය කරනු ඇත්තේ දීපිකා පදුකෝන් හෝ ශ්‍රද්ධා කපූර්ය. 2015 ආරම්භයේදී සිනමාපටය තිරගත කිරීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙයි. සිනමාපටය විදෙස් රටවලදීත් රූගත කිරීමට බලාපරොත්තුªවෙන නිසා ඉන්දියානු රුපියල් කෝටි 95 කට වැඩි මුදලක් වැයවෙනු ඇති බවට ගණන් බලා ඇත.
|
CREATIVE
|
හැබෑ ජීවිතයේදී ජැකී ෂෙරෝෆ් හා ටයිගර් ෂෙරෝෆ් පිය පුතු අතර ගැටුමක් ඇති නොවුණත් සිනමා ජීවිතයේදී නම් එසේ වන හැඩයි. ටයිගර්ගේ කුලුඳුල් රංගනය රැගත් සිනමාපටය ‘හීරෝපන්තිත්’, ජැකීගේ ‘කොච්චයිඩයියාන්’ සිනමාපටයත් තිරගත වන්නේ මැයි 23 වැනිදාය.විසි හතර හැවිරිදි ටයිගර් මේ වන විට විශාල පිම්මක් පැන අවසන්ය. බොලිවුඩයේ දිගම පාර්කර් සටන් දර්ශනයට පෙනී සිටි නළුවා ලෙස ටයිගර් එක් වී අවසානය. ඔහුගේ ක්‍රියාදාම ජවනිකාව මිනිත්තු 6 ක් හා තත්පර 30 ක් දිගුය. මේ දර්ශනය සඳහා ඔහු මාස තුනක් පුහුණු වී තිබේ. මෙබඳු සටන් සඳහා දක්ෂතා ඇති බොලිවුඩයේ සිටින අනෙක් විශිෂ්ටයන් වන්නේ අක්ෂේ කුමාර්, විද්‍රත් ජම්මචාල් සහ අරුණෝදේ සිංය.ජැකීගේ පුතු ටයිගර්ගේ සිනමා ගමන ගැන අනාවැකි කීමට නොහැකි නමුත් මේ වන විට ඔහුට සමාජ වෙබ් අඩවිවලින් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළය. අන්තර් ජාතික මට්ටමේ ක්‍රියාදාම වීරවරයකුගේ පෝස්ටරයක ලකුණු සියල්ලම ජැකීගේ පෝස්ටරයේ ද දක්නට ඇත. ටයිගර්ගේ පෝස්ටරයට ඇත්තේ විශාල ඉල්ලුමකි.හමුදා පුහුණුවකින් ලබන පුහුණුවට සමාන පුහුණුවකින් සංයමයකින් කරන දිවීම, පැද්දීම, නැඟීම, පෙරළීම වැනි ක්‍රියාවලීන් මොන තරම් අපූරුවට ඔහු ක්‍රියාත්මක කරනවාදැයි සිනමාපටය නරඹන ඕනෑම කෙනකුට වටහා ගැනීම අසීරු නැත.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයමවික්ටර් බණ්ඩාර සේනාරත්නගේ ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ වේදිකා නාට්‍යය ඩී. වී. ඩී. ලෙස දැන් නිකුත් වී ඇත. මෙරට සිදු වූ ඓතිහාසික සිදුවීමක් වන 1818 ඌව - වෙල්ලස්ස කැරැල්ල ඇසුරින් නිර්මාණය වූ මෙහි කුවින්ටස් වීරකෝන්, දේශාන් අමරසිංහ, නීල් ඩී මොරිස්, සුමනා ගෝමස්, ස්ටැන්ලි ක්‍රිශාන්ත, රෝයි ජයවර්ධන, කේ. පියකරුආරච්චි, ප්‍රියා ආරියසේන, සුනිමල් දාබරේ, සුසන්ත බාලසූරිය, නිශංකා වීරසිංහ රංගනයෙන් දායක වේ. වෙල්ලස්සේ වෙඩි හඬ ඩී. වී. ඩී. නිකුත් කිරීම ටොරානා වීඩියෝ මූවිස් වෙතිනි.‘ඉනැප්‍රොප්‍රියේට්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. වින්ස් ඔෆර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි රොබ් සචින්ඩර්, මයිකල් රොඩ්‍රිග්‍යුස්, ඒඩ්‍රියන් බ්‍රෝඩ්, ලින්ඩ්සෙ ලොහාන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති. ඉනැප්‍රොප්‍රියේට් මිනිත්තු 84 ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයකි.‘ඩිස්කනෙක්ට්’ ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. හෙන්රි ඇලෙක්ස් රුබින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 115 ක ධාවන කාලයකින් යුක්ත වේ. ජේසන් බැට්මැන්, හෝප් ඩේවිස්, ෆ්‍රෑන්ක් ග්‍රිලෝ, ඇන්ඩ්‍රිග් රයිස්බර්ග්, පාවුලා පැටන් ඩික්කෙනෙක්ට් හි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.‘අයි ඈම් සෝ එක්සයිටඩ්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. පෙඩිරෝ අමෝඩ්වර් අධ්‍යක්ෂණය කළ මෙහි ජේවියර් කම්රා, ඇන්ටෝනියෝ ඩි ලා ටොරේ, රාවුල් අරෙව්ලෝ, චාලොස් අසෙස්, හියුගෝ සිල්වා, ලෝලා ඩ්‍යුනස්, සසිලියා රාත් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.අයි ඈම් සෝ එක්සයිටඩ් මිනිත්තු 90 ක ධාවන කාලයකින් යුතු වේ.‘ෆ‍්‍රාන්සස් හා’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක් නෝආ බොයුමිබැච් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 86 ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයක්. ග්‍රේටා ගවිශ්, මිකී සුමිනර්, ඇඩම් ඩ්‍රයිවර්, මයිකල් එස්පර්, ග්‍රේස් ගුමර්, ජෝෂ් හැමිල්ටන් ඇතුළු පිරිසක් ෆ‍්‍රාන්සස් හා චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙති.‘කිලින්ග් සීසන්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. මාර්ක් ස්ටීවන් ජොන්සන් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 91 ක ධාවන කාලයකින් යුතුවේ. රොබට් ඩී නිරෝ, ජෝන් ට්‍රැවොල්ටා, මයිලෝ වෙන්ටිමිග්ලියා, එලිසබෙත් ඔලින් කිලින්ග් සීසන් හි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.‘රබ්බා මේන් ක්‍යා කරෝන්’ ආදරය, හාස්‍ය රැගත් බොලිවුඩ් චිත්‍රපටයක්.අම්රිත් සාගර් චොප්රා විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ආකාශ් චොප්රා, අර්ෂාඩ් වාර්ඩි, පරේෂ් රාවල්, රාජ් බබ්බර්, ශක්ති කපූර්, රියා සෙන්, හිමානි ශිවපූරි, අනුරාධා පටේල්, ටිනු ආන්න්ද් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.‘අන්කුර් අරෝරා මර්ඩර් කේස්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් හින්දි චිත්‍රපටයක්.සුහාලි ටටාරි අධ්‍යක්ෂණය කළ මෙහි අර්ජුන් මථූර්, කේ. කේ. මෙනෝන්, විශාඛා සිංග්, මිස්කා චෝප්රා, පඕලි දාම්, සචින් කුරානා, මනිෂ් චවුද්රි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. අන්කුර් අරෝරා මර්ඩර් කේස් මිනිත්තු 129 ක ධාවන කාලයකින් යුතු වේ.යතේජා ඥානරත්න
|
CREATIVE
|
අනෝජා වීරසේකරමම විවාහ වුණේ අඩු වයසින්මේක දාලා කොහේ යන්නද?නිළියෝ එහෙමද කියලා අහන කොට අපිට උත්තර නෑමුතු පලසේ ඇමැති බිරිය ටිකක් සැරයි. සුන්දර චන්දරේ හැඩ කරන කාන්ති ඊට හාත්පසින්ම වෙනස්.මේ චරිත දෙක නොඅනුමානව ඔබ නෙත ගැටී ඇති. කවුද ඒ තැනැත්තිය. අපි ටිකක් විපරම් කරලා හොයලා බැලුවා. ඊට පසුව සරසවියට කැඳවාගෙන ආවා.අනෝජා වීරසේකර නිමාවූ මුතු පලසේ ඇමැති බිරියත් සුන්දර චන්දරේහි කාන්තිත් ඇයයි. මේවාට අමතරව තවත් ටෙලි සිතුවම් සහ සිනමාපට ගණනාවක් ඔස්සේ ඉදිරියේදී ඇය සිය දක්ෂතා පෙන්වීමට නියමිතයි.අනෝජා බොහොම කාර්යබහුල මොහොතක මම ඔබව කතාවට අල්ල ගත්තේ?ඇත්ත. නාට්‍ය දෙක තුනකම රඟපානවා. ඒ අතරින් ඔබ සඳහන් කළ නාට්‍ය දෙක විශේෂයි. ඇමැති බිරිය සහ කාන්ති අන්ත දෙකක චරිතයන්. ඒ වගේම පුරකලනි නාට්‍යයත් විකාශය වෙනවා. කලක් ඉමහත් ජනප්‍රසාදය ලබමින් දිගහැරුණු පාංබට්ටා නැවතත් පෙන්වනවා. ඒකේ මං ජසින්තා. ආයෙත් මගේ ජනප්‍රියත්වය වැඩි වුණා කියලා හිතෙනවා පාංබට්ටා සමඟින්.අනෝජා කොහොමද රඟපාන්න එන්නේ?ඒක අහඹු සිද්ධියක්. ගැහැනු ළමයි ටෙලි නාට්‍යයට අපේ ඉස්කොලෙනුයි ගැහැනු ළමයිව තෝර ගත්තේ. මාත් ඒ ගොඩේ හිටියා. එතකොට මගේ වයස අවුරුදු දහතුනයි. එය තමයි මගේ පළමු රංගනයය. ඊට පසුව වසර පහක් අධ්‍යාපනය වෙනුවෙන් රංගනය නවත්වන්න සිදු වුණා. ආයෙත් මම නිළියක් ලෙස එළියට එන්නේ කිරි පබළුවිල ටෙලි නාට්‍යයෙන්.ඔබ රඟපෑ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක් මතක් කළොත්?සිතට වහල් වීමි, මිලා, නිර්මායා, සකිසඳ සුවාරිස්, ශනි බලවත්.එතකොට චිත්‍රපට?වැඩ බැරි ටාසන් 2, බෝනික්කා, උයනට මල් ගෙන්න, ප්‍රීති ඇන්ඩ් ජෝයි.ඔබ ව්‍යාපාරික කාන්තාවක්. විනෝදාංශයක් විදිහට ද කලාවේ යෙදෙන්නේ?කලාවට මම ආසයි. ඒකයි රඟපාන්නේ. හැබැයි හැමදාම එක වගේ නිර්මාණ ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම ඒ කාලෙදි අපිට ජීවත්වන්න අමාරුයි. ඒකයි ව්‍යාපාර අංශයට යොමු වුණේ.ඔබ කියන්නේ කලාව අස්ථාවරයි කියලද?ඔව්. ඇතැම් අවස්ථාවලදී අස්ථාවරයි.නිළියන්ට ලංකාවේ තියෙන පිළිගැනීම කොහොමද?අපි දිහා වපර ඇසින් තමයි සමහරු බලන්නේ. මුතුපලසෙ නාට්‍යයේ ක්ෂේත්‍රයේ අඩුපාඩු කතා වෙනවා. ඒකේ තියෙන දේවල් හරියටම හරි. ඇතැම් අය අහනවා නිළියො එහෙමද කියලා. අපටත් උත්තර නැහැ ඉතින්.ඔච්චර ඇනුම් පද අහ අහ ඇයි මේ ක්ෂේත්‍රයේම ඉන්නේ?ක්ෂේත්‍රයට මම හරිම ආදරෙයි. මේක දාලා කොහේ යන්නද?ඔබේ අදහසක් නැද්ද නිෂ්පාදිකාවක් වෙන්න?නිෂ්පාදනයට එන්න ඕනෑ. හැබැයි අමාරුවෙ වැටෙයි කියලා බයයි. නාට්‍යයක් කරලා ඒක නොයා හිටියොත් හැමෝම අමාරුවේ වැටෙනවානේ.ඔබේ පවුලේ විස්තරත් කියමු?මම විවාහකයි. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මම විවාහ වුණේ අඩු වයසෙන්. ලොකු පුතාට අවුරුදු 21 යි. ඔහු මාධ්‍ය ආයතනයක සේවය කරනවා මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහු මගේ රංගන කටයුතුවලට අමිල සහායක් දෙනවා.මේ වන විට රඟපාපු හොඳම චරිතය මොකක්ද කියලා මම ඇහැව්වොත්?ගොඩක් චරිත මට හොඳයි. ඒ අතරින් එරංග සේනාරත්නගේ අපූරුගම නාට්‍යයේ චරිතය මට හොඳින් දැනුණා. මම එහි දරුවන් හතර දෙනෙක් ඉන්න ගැබ්බර මවකගේ චරිතයක් රඟපාන්නේ. ඒ වගේම ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ බෝනික්කා චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර්වරියක් විදිහට රඟපෑවා. ඒ චරිතෙත් මට විශේෂයි.සටහන - ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
රංගන ශිල්පී බුද්ධික රඹුක්වැල්ලමම මේ වසරේ අලුත්ම වැඩ කටයුත්තක නියැලිලා සිටින නිසා දවස ගත වෙනවා දැනෙන්නේ නෑ. ඒ මගේ අලුත්ම ගීතය එළි දක්වන්නයි මේ සූදානම් වෙන්නේ. ඒක විරහ ගීතයක්. මේ දවස්වල වඩාත් ජනප්‍රිය ගී පද රචකයෙක් වුණු සජිත් පී. චතුරංග තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. චමත් සංගීත්ගේ සංගීතය මේ විරහා ගීතය හැඩ කරනවා. ගීතයෙහි සියලු පටිගත කිරීම් කටයුතු අවසාන වුණත් රූප රචනාව කරන්නට අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙනවා.ලංකාවේ මෙතෙක් කරපු රූප රචනාවලට වඩා වෙනස් රූප රචනාවක් කරන්නයි මා අදහස් කරන්නේ. ඒ සඳහා ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය යොදා ගන්නත් අපි අදහස් කරනවා. රූප රචනාවලට පණ දෙන රනුෂ්ක ප්‍රනාන්දු තමයි මගේ ගීතයේ රූප රචනාවෙත් අධ්‍යක්ෂවරයා. මෙවර මගේ උපන් දිනයට අසන්නන්ට මගෙන් ලැබෙන උපන් දින තෑග්ගක් විදියටත් මම මෙය සලකනවා.
|
CREATIVE
|
අලුත් පරම්පරාවකට යළිත් අතඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි
|
CREATIVE
|
වල්පොල රසික සමාජයෙන් ඉල්ලීමක්ප්‍රවීණ ගායන ශිල්පී ධර්මදාසවල්පොලයන්ගේ තිස් වැනි අනුස්මරණ දිනය නිමිති කොටගෙන ඔහුගේ සංගීත ජීවිතය පිළිබඳ ග්‍රන්ථයක් පළ කිරීමට මහනුවර වල්පොල රසික සමාජය කටයුතුකරගෙන යයි.වර්නන් ද සිල්වාගේ මූලිකත්වයෙන් පළ කෙරෙන මෙම ග්‍රන්ථයේ කර්තෘත්වය දරන්නේ කපිල කුමාර කාලිංග මහතායි.කෘතිය සැකසීම සඳහා අවශ්‍ය ධර්මදාස වල්පොල ශූරීන් පිළිබඳ අප්‍රකට තොරතුරු, ඡායාරූප යනාදිය වර්නන් ද සිල්වා, අංක 96, කොටුගොඩැල්ල වීදිය මහනුවර යන ලිපිනයට හෝ 072-7485200, 0775485200 යන දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාදී පැවසීිමෙන් ඔබට කෘතඥ වන බව සංවිධායකවරු පවසති.ඉරැස්මා සිනමාපටය අධ්‍යක්ෂණය කළආරියරත්න විතානගේ සිත්තර පැංචාසහ ගිනි කුසුම නමින් තිර නාටක ග්‍රන්ථ ද්විත්වයක් එළි දක්වා තිබේ.ඉන් සිත්තර පැංචා, එක්දාස් නවසිය අනූනවය වසරේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සිත්තර පැංචා ටෙලි සිතුවමෙහි තිර පිටපතයි.චන්ද්‍රරත්න මාපිටිගම විසින් එය අධ්‍යක්ෂණය කරන ලදී.ගිනි කුසුම ඔහුගේ හතරවැනි වෘතාන්ත සිනමා රචනයයි. ලාංකේය ජන සමාජයේ පහළ ස්ථරයේ ගැහැනියකගේ දුක් සුසුම සහ සතුට සහ වේදනාව අධ්‍යාත්මිකව මිට මොළවා ගැනීමට දැරෙන සිනමා ප්‍රයත්නයකි.වෘත්තාන්ත චිත්‍රපට තුනකට සහ වාර්තා චිත්‍රපට ගණනාවකට තිරනාටක රචනා කර ඇති ආරියරත්න වෘතාන්ත චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළේය. ලේඛකයකු මෙන්ම පරිවර්තකයකු ද වශයෙන් දීර්ඝකාලීන අත්දැකීම් ඇති ඔහු පළමුව අධ්‍යක්ෂණය කරන ලද අතුරු මිතුරු ළමා චිත්‍රපටයට ජනාධිපති සම්මාන හතරක් ද, අධ්‍යක්ෂණය සඳහා ජූරියේ සම්මානයක් ද ලැබීය.තවලම පැහැසර සංසදය වාර්ෂිකව සංවිධානය කරන ලද පැහැසර කලා උළෙල – 2012 හිදී සිංහල කලා කෙත අස්වැද්දීම වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා වාර්ෂිකව පිරිනැමෙන ‘පැහැසර අභිනන්දන සම්මානය’ චන්න විජේවර්ධන (නර්තන), ජයතිලක කම්මැල්ලවීර (සාහිත්‍ය), රෝහණ බෝගොඩ (සංගීත), චන්ද්‍රසෝම බිංදුහේවා (නාට්‍ය) යන ප්‍රවීණ කලාකරුවන් සිව් දෙනා වෙත පිරිනැමිණි.ප්‍රවීණ මාධ්‍යවේදී ආරියදාස පීරිස්ගේ පණස් වසරක මාධ්‍ය මෙහෙවර අගැයීමට ලක් කරමින් ඉදිරිපත් කෙරෙන ගුණ රුව සුවඳ වැඩසටහන ලබන බදාදා (29) සවස හයට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.හිරු නාලිකාවේ රාත්‍රී 7.00 ට විකාශය වූ කැලුම් පාලිත මහීරත්නගේ විසුළ අහස යට ටෙලි සිතුවමෙහි විකාශන කාලය වෙනස් වී තිබේ. ඒ අනුව දැන් එය විකාශය වනුයේ එම නාලිකාවෙම රාත්‍රී 9.00 ටයි.ප්‍රවීණ ගායන ශිල්පී හරූන් කුමාර් ලන්ත්‍රාගේ ගායන දිවිය අළලා සැකසුණ ‘ආලකමංදාව’ විශේෂ වැඩ සටහන ‘ආදරණීය සුළං කුරුල්ලා’ මෙම 30 වැනි දින රාත්‍රී 10.20 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. ප්‍රවීණ මාධ්‍යවේදී, සිනමා විචාරක සුනිල් මිහිඳුකුලගේ තිර පිටපතක් වන මෙය විනීතා එම්. කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි.ලේක්හවුස් ආයතනයේ හිටපු ඡායාරූප සමකර්තෘ මෙන්ම සරසවිය පුවත්පතෙහි හිටපු ප්‍රධාන ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකාගේ දයාබර මෑණියන් වූ, සරසවිය හිටපු කර්තෘ සහ ආරෝග්‍යා පුවත්පතෙහි වත්මන් කර්තෘවරිය වන දීප්ති ෆොන්සේකාගේ නැන්දණිය මරියා ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 93 කි. ඇගේ අවසන් කටයුතුª පසුගියදා වත්තල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරිණ.ඉන්දියාවේ චෙන්නායි හි කරුණානාල්‍ය සමාජ සේවා ආයතනය මඟින් පවත්වනු ලබන ළමා කුසලතා වැඩසටහන් අතර ක්‍රියාත්මක වන අධ්‍යාපන සහ සංස්කෘතික තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තරිඳු උපේක කෝණාර සමත් වෙයි.ඔහු කුලසිරි බුදවත්ත රංගායතනයේ වසර හයක් නර්තනය හදාරන ශිෂ්‍යයෙකි.මේ ඔහු සම්මානය දිනා ගත් මොහොතයි.
|
CREATIVE
|
තිස්ස අබේසේකරයන් අප අතරින් වෙන්ව ගොස් මේ 19 වැනි දිනට සිව් වසරකි.ඔහු අපේ සිනමාවේ සිටි වඩාත්ම විශිෂ්ටතම තිරනාටක රචකයා විය.ඔහු අතින් නිම වූ චිත්‍රපට අතරින් විරාගය මෙරට බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට ගොන්නෙහිලා සැලකෙන්නකි.ඔහු තැනූ පිටගම්කාරයෝ මෙරට ටෙලිවිෂන කලාවේ නවමානයන් පුබුදුවාලීමට සමත් වූවකි.සිය ජීවිතයේ අවසානය දක්වාම ඉගෙනුමෙහි ද ඉගැන්වීමෙහිද යෙදුණ තිස්ස අබේසේකරයන් වැනි බහුශ්‍රැතයන් අහිමි වයාම කිසිසේත්ම පිරිමැසිය නොහැකි පාඩුවකි.මෙරට චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය දරද්දී ඔහු ගත් තීරණ සිනමාවේ ප්‍රගමණයට හේතු විය.අලුත් සිනමා පරම්පරාවකට මංපෙත විවර කරදීමට තිස්ස අබේසේකරයන් ගත් ප්‍රයත්නය වඩා පළ නෙලන්නට මත්තෙන් ඔහුට එයින් සමුගැන්මට සිදුවීම අපේ සිනමාවේ අලුත් මංපෙතකට ඉඩ දීමට තිබූ අවස්ථාවක් අහිමිවීමකි.
|
CREATIVE
|
නිෂ්පාදකවරු තාත්තාටලක්ෂ 35 ක් ණයයිගෆූර්ගේ දියණියගෆූර් යන නම ඇසෙන විට මට මුලින්ම සිහිපත් වූයේ කොළඹ නගරයේ එනමින් ඇති දැවැන්ත පැරැණි ගොඩනැගිල්ලකි. අපේ පුවත්පත් වැඩිහිටියන්ට අනුව එනමින් සුප්‍රකට පොලිස් නිළධාරිවරයකු ද එකල සිටියහ.ගෆූර් ගොඩනැගිල්ල අති දැවැන්ත වූ සේම පොලිස් නිළධාරියා ද උස මහත යෝධයකු විය. අපේ කතානායකයා අපට හිතවත් ගෆූර් ද දැවැන්ත මිනිසෙකි. නමුත් පෙනුමෙන් නම් නොව කළ වැඩවලිනි. සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක කැමරාව මෙහෙය වූයේ මේ ගෆූර්ය. ඔහු සිරුරෙන් උස මහත නොවූව ද හදවතින් දැවැන්ත මිනිසෙකි. වැඩෙන් පතාක යෝධයකි. මේ සටහන ලියවෙන්නේ ගිය සඳුදා එනම් 17 දා පාන්දර නිළි රැජන මාලිනී ෆොන්සේකා විසින් අපට දන්වා සිටි එදින අප අතරින් සදහටම සමුගත් එම්. ඒ. ගෆූර් ගැනය. එම්. යනු මොහොමඩ්ය. ඒ. කියන්නේ අබ්දුල්ය. සම්පූර්ණ නම මොහොමඩ් අබ්දුල් ගෆූර්. මිය යන විට අසූ වැනි වියෙහි පසු විය.එයින් පණස් හය වසරක් ගෙවුනේ සිනමාවත් සමඟය. අප දන්නා තරමින් ඔහුට නිෂ්පාදකයින් ලක්ෂ විසි පහකටත් වඩා ‘පොලු’ තබා ඇත්තේය. ඒ මුදලින්ය. එහෙත් ඔහු කැපවීමෙන් කළ දායකත්වය මිල කළ නොහැකිය. ගෆූර් උපන්නේ මන්නාරමේය. පාසැල් ගියේ මන්නාරම ශාන්ත සේවියර් විද්‍යාලයටය. ඔහු ඒ කාලයේ සිටම ආස කළේ සිනමාවටය. එහෙයින් නගරයට පැමිණි කිසිදු චිත්‍රපටයක් ඔහු මඟ හැරියේ නැත.මේ සිනමා පිස්සුව නිසාම පාසල් අධ්‍යාපනය පසෙකටලූ හෙතෙම ඒ කාලයේ පැවැති කූඩාරම් සිනමා ශාලාවකට ගියේය. ගෆූර්ට ප්‍රක්ෂේපණ යන්ත්‍ර සහායකයකු ලෙස මුලින්ම රස්සාව ලැබුණේ මාතලේ කූඩාරම් සිනමා ශාලාවකය. පසුව 1957 දී ලංකා චිත්‍රගාරය ආරම්භයේදී ගෆූර් එහි රැකියාවට යන්නේ රියදුරකු ලෙසටය. ඉඩ ලද හැම විටම චිත්‍රාගාරයේ ඇතුළට රිංගන ඔහු එහි කැමරාව අතපත ගාන්නට පටන් ගත්තේය. මේ ඉලන්දාරියාගේ අධික උනන්දුව දුටු ලංකා චිත්‍රාගාරයේ සාමාන්‍යාධිකාරී සී. ඊ. ඊ, ඇන්තනී පිල්ලේ, ගෆූර්ව එහි ශබ්ද අංශයට ද, දෙවනුව සංස්කරණ මැදිරියට යොමුකොට අනතුරුව කැමරා අංශයට එක් කළේය.ඔහුගේ මුල්ම කැමරා ගුරුවරයා වූයේ එවකට චිත්‍රාගාරයේ සේවය කළ ටී. වයි. එම්. සාමිය. එම්. එස්. ආනන්ද දෙවැනි ඇදුරාය. ඔහු මුල් වරට දායක වනුයේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ සංසාරේ චිත්‍රපටයටය. පසුව හඳපාන චිත්‍රපටය නිර්මාණය කරන විට ඔහු එහි කැමරාව ක්‍රියා කරවන්නා විය. ගෆූර් මුල්වරට කැමරාව අධ්‍යක්ෂණය කළේ හිතට හිත චිත්‍රපටයේය.එතැන් පටන් චිත්‍රපට දෙසීයකට වැඩි ගණනක කැමරා අධ්‍යක්ෂවරයා විය. ඇතැම් විට එය වාර්තාවක් ද වන්නට ද ඇත. මෙරට නිර්මිත දමිළ චිත්‍රපට 23 න් 12 කම කැමරාව මෙහෙය වූයේ ගෆූර්ය. නිධානය, ගොළු හදවත වැනි චිත්‍රපට ලංකා චිත්‍රාගාරයේ තැනෙද්දී එම්. එස්. ආනන්දගේ සහායකයා වන්නේ ගෆූර්ය. මේ පුංචි මිනිසා තරම් චිත්‍රපට ක්ෂේත්‍රයේ හැම දෙනා සමඟම හොඳින් වැඩ කළ කෙනෙක් සොයා ගත නොහැකි තරම්ය. ඉතා ඉක්මනින් චිත්‍රපට රූපගත කිරීම් සම්බන්ධයෙන් ඔහුට තිබුණේ අසමසම හැකියාවකි.අව්ව ද වැස්ස ද කුසගින්න ද ඔහුගේ නිර්මාණ කර්තව්‍යට බාධාවක් නොවිණ. ඔහු ලංකාවේ හතර කොණේ චිත්‍රපට රූගත කළ ඔහුගේ අතින් කැමරාවට හසු නොවුණු කිසිදු සිනමා නළුවකු නිළියක නොවීය. 1973 දීපශිකා සම්මානයෙන් ද පසුව 1990 දී චණ්ඩින්ගෙත් චණ්ඩියා සිනමාපටය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේ මේ අප්‍රමාණ මිනිසා අගයමිනි. සිනමාව වෙනුවෙන් වෙහෙසුණ ඔහු මේ සම්මාන හැර ලද දෙයක් නැත.පසුගිය සමය වන විට ඔහු සිනමාවෙන් ටෙලිවිෂනයට ද පැමිණියේය. අප දන්නා තරමින් ඔහු අවසන් වරට රූගත කළේ කෝරළේ මහත්තයා ටෙලි නාට්‍යයයි. එහි නිෂ්පාදක මෙන්ම අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර පෞද්ගලිකව සහ මුදලින් තමන්ට බොහෝ උපකාර කළ බව සරසවිය සමග ඔහු පැවැත් වූ අවසාන සාකච්ඡාවේදී කියා සිටියේය. ඒ පෙර සඳහන් කළ සේම බොහෝ නිෂ්පාදකවරු ඔහුට මිය යන තුරුම ලක්ෂ ගණනක මුදලින් පොලු තැබූ යුගයකය. ගෆූර් අද අප අතර නැතත් ඔහු විසින් තිරයට ගෙනා රූප සදාකල් පවතිනු ඇත. ගෆූර් මිය යන විට දියණියන් පස් දෙනෙකු සහ එක් පුතකුගේ පියකු වූයේය. අභිමානනීය මුත්තණුවකු විය. ගෆූර් විවාහ දිවියේ පණස් වසර සැමරුවේ ද මේ වසරේදීය.ගෆූර් සමඟ සිනමාවට එක් වූ බොහෝ දෙනා අද අප අතර නැත. එහෙත් රුවින් පොඩි, වැඩෙන් ලොකු ගෆූර්ගේ රුව ද අප අතර රැෙඳනු ඇත.ගෆූර්ගේ කැමරාවට හසු වූ සිනමාපට කිහිපයක්... සටහන - ප්‍රසාද් සමරතුංගසේයාරුව -අමිත් එස්.සේනාරත්න
|
CREATIVE
|
ධනපාල උඩවත්ත ගයන මේ ගීතය ලොකු කුඩා කොයි කා අතරෙත් හරිම ජනප්‍රියයි. ධනපාල විසින්ම පදරචනා කොට සංගීතවත් කළ එය ඔහු නොගයන ප්‍රසංග වේදිකාවක් නැතිතරම්. වේග රිද්මයේ ගීතයක්වූ රංග නදීකා ටිකක් වෙනස් කරලා කවුරුදෝ වෙනත් අයකු ගයනවා මේ දිනවල අපට ඇසෙනවා.ඒ සඳහා සංගීත භාණ්ඩ වශයෙන් භාවිත කොට ඇත්තේ බොක්ස් ගිටාරය පමණයි. ඒ ගැයුම කාගෙද කියලා අපි පොඩ්ඩක් හොයලා බැලුවා.රංගනදීකා ස්ලෝ කරලා හඬමුසුකරලා තියෙන්නෙ ධනපාලගෙම පුතා. ඔහු එම ගිතය තාත්තගෙන් ඉල්ලලා ගයනවා පමණක් නොව ඒකට වීඩියෝවක්ද නිර්මාණය කරන්නත් සූදානමින්. ළඟදීම රූපයට නැඟුණ රංග නදීකා ඔබටත් දක්නට, අසන්නට ලැබේවි.- ප්‍රසාද්
|
CREATIVE
|
කොළඹ සිනමා උළෙලේ නළු නිළි සාදයේදී රමණී, මොරින්ට පවසන දෙබස කුමක්ද?රූපයේ දැක්වෙන අයුරෙන්ඔවුන්ගේ කතාබහ රසවත් ලෙස ලියා මේ සැප්තැම්බර් 11 වැනිදාට පෙර ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.
|
CREATIVE
|
අනුරාධපුර තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායමෙන් කලා ලොවට පිවිසි දර්ශන ඉලංගසිංහ සිය දෙවැනි ගීත එකතුව ළඟදීම එළිදැක්වීමට සූදානමින් සිටියි. කොරියාවේ පූසාන් නගරයේ සේවයේ නිරත ඔහුගේ පළමු ගීතය ‘නයගරා’ නමින් නිකුත් කළේය.මෙහි පදමාලාව සඳහා රදික මධුපි‍්‍රය අබේවර්ධන සහ සංගීතයෙන් කේෂාන් පෙරේරා ද දායකත්වය සපයා ඇත.ඔහුගේ අනෙකුත් ගීත සඳහා ආරාධනා ඒකනායක, ෂෙහාන් ගලහිටියාව, කුෂාන් මහේන්ද්‍ර, රදික මධුපි‍්‍රය පද රචනයෙනුත් උදාර සමරවීර, ශලින්ද්‍ර සිල්වා, කේෂාන් පෙරේරා, විරාජ් පෙරේරා සහ ඩී. එන්. ඒ. රෙකෝඩ්ස් සංගීතයෙනුත් එක් වී තිබේ.-යතේජා
|
CREATIVE
|
නැවතත් චිත්‍රපටයක් කරන්න මේ දවස්වල සූදානම් වෙනවා. එහි රූගත කිරීම් ලබන මාසයේ අග විතර ආරම්භ කිරීමට නියමිතයි. මේ චිත්‍රපටය කෙරෙන්නේ සයිමන් නවගත්තේගමගේ ‘දඩයක්කාරයා’ නවකතාව ආශ්‍රයෙන්.මෙහි රංගනයෙන් සහභාගි වන්නේ සංජීව උපේන්ද්‍ර, හේමසිරි ලියනගේ කියන රංගන ශිල්පීන් දෙපළයි.
|
CREATIVE
|
සන්සුන් ආගන්තුක සුළං රැලි වැව් දියවර මත දිගාවෙයි. රතු පැහැ හිරු කෙඳිතිවලින් සංතර්පණය වන වැව් දියවර රන් තැටියක සිරි ගන්නා හැන්දෑවයි මේ.මඟ සොයමින් හුරු පුරුදු කෙළි දෙලෙන් කැදලි කරා ඇදෙන කෑදැත්තන් ගේ හඬත් රාත්‍රියට අතවනන ඉපල් අත්තක හිඳ මොනවාදෝ කියන්නට වෙරදරන බකමූණකුගේ කෙඳිරියත් හැර පරිසරයම වෙලාගෙන ඇත්තේ නිහැඬියාවක සුන්දරත්වයකි.උදෑසනම කොළඹින් පිට වූ මමත් ඡායාරූප ශිල්පි නිරෝෂුත් රන්මිහිතැන්නට පය ගසද්දී හිරු මුඳුන් වී පැය දෙකකට ආසන්නව තිබිණි.‘කෝරලේ මහත්තයලගෙ ගෙදර කොහෙද’අප ගමන් කළ රථයේ රියදුරු අප මහන්සියට පත් නොකරම අදාළ තැන වෙතටම රැගෙන යාමට සැරසෙයි.ආරක්‍ෂක නිලධාරියාගේ විධානය අනුව රථය ඉදිරියට ඇදෙයි.අපට ඉතාමත් හුරු පුරුදු මේ නවාතැනට මීට පෙර කිහිප වතාවක්ම පැමිණි මම රථයෙන් බැස ගත්තේ කෝරලේ මහත්තයා දර්ශන තලයේ ඇතිවී ඇති කලබලය දැකීමෙනි.විශාල පිරිසක් පිනා වටකරගෙනය. කරකියා ගත නොහැකි වූ පිනා තුෂ්නිම්භූතව බලා හිඳියි.‘මොකෝ මේ....මට ඇසුණේ ඉබේටමය.‘නෑ මේ රන්මිහිතැන්න බලන්න ආපු කට්ටිය පිනාව වටකරගෙන දිගට හරහට ප්‍රශ්න අහනවා.‘පිළිතුරු බැන්ඳේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂ පද්මසිරි කොඩිකාරය.‘ආ... මං බැලුවෙ මොකක්ද මේ කලබලේ කියලා.අපි වැඩ කටයුතු ඇරැඹුවේ එතැනිනි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි රසිකයෝ පිනා මෙන්ම ‘කෝරලේ මහත්තයා’ පිරිස සමඟ කතාවකය. අපි එම පිරිස ද කැමරාවට හසු කරගත්තේ පිනා සමඟය.ඒ රසිකයන්ට සදාදරණීය තිළිණයක් වූ එම කටයුත්තෙන් අනතුරුව දර්ශන රූ ගත කිරීම් ඇරැඹුණේ කඩපොළ දෙසය.මුදලාලි, පිනා, පියුමි දර්ශන තලයේය. පිනා කතන්දර මැද දර්ශන රූගත කොට හමාරවන විට සැන්දෑවට ඉතා ආසන්නය.ඉන් අනතුරුව වෙදරාලගේ නිවෙසේ රූගත කිරීම්ය. වෙදරාලගේ ඉළ ඇදෙන විහිළු කතා නිමක් නැත. ඒ කතාන්දර අලුත්ම විහිළු කතන්දරය.මේ අතරතුර කදිරා හමු නොවීම අපට පැනයකි. මමත් නිරොෂුත් කදිරා සොයමින් වන වැදුනෙමි.රූස්ස ගස් මුදුණක පැලකට වී හිඳින කදිරා ඊළඟ මොහොතේ බිමට බැස්සේ අප දැකීමෙනි. කදිරා සමඟ මොහොතක් කතා කළ අප වැව අසලට ගියේ අනගි බටලී හඬ සොයමිනි.වැව් කණ්ඩියේ තැනෙකට වී හුදෙකලාව වස්දඬුව වයන්නා සපුමල් ය. විශ්වත් ඔහුගේ මිතුරා ලෙස රඟපාන නිෂානුත් ඡායාරූපයට නගාගත් අපි ඊළඟ මොහොතේ වැව අසලට වී ගිමන් හැරියෙමු.විශ්ව පාලම මත හිඳිද්දී මිතුරා වැවට බස්සවා ඡායාරූපයක් ගැනීමට අපට අවශ්‍ය වූයේය. මේ මොහොතවන විට අපි එම ඡායාරූපය රැගෙන සිටියෙමු.වැවට බැසීම නිසා පෙඟුණු සරම මිරිකමින් උන් මිතුරාත් ඒ දෙස බලාසිටි මමත් විශ්වත් නිරෝෂුත් අතරට පැමිණියේ වෙදරාලය.‘මේ වැවේ මාර කිඹුලෙක් ඉන්නවා.ඒ කියමන සමඟ මිතුරා ගේ මුහුණ වෙනස්වනු දුටු මට සිනාහවට වඩා ඇති වුයේ භීතියකි.මීට සුළු මොහොතකට ප්‍රථමවද වැවට බැස සිටි ඔහු ගේ වෙනස්වන මුහුණ මතට සඳ එළිය වැටී තිබුණි.අද කෝරලේ මහත්තයා පිරිසට සුවිශේෂී දිනයකි. සියලු දර්ශන නිමා කළ සතුට විඳින්නට අද රාත්‍රී සාදයකි. සාදයට සියල්ල සූදානම්ය.මේ කෝරලේ මහත්තයගේ කොණ්ඩෙයි රැවුලයි කෝ?කොණ්ඩා සැලසුම් ශිල්පියා ගැටලුවකට මැදිව සිටී.ඒක ගලවලා වෑන් එකේ.තවත් හිතවතකු පවසන්නේ රාජකාරි අතරතුරය.මේ ගෙවෙන්නේ සුන්දරත්වයේ ඉමිහිරි හැන්දෑවයි. දිවා කාලයේ හමුවුණු නුපුරුදු මුහුණු වෙනුවට දැන් සිටින්නේ අපට ළෙන්ගතු නළු නිළි පිරිසකි.‘මල්ලී වසන්ත කුමාරවිල ඉන්නේ කාටද?දිවා කාලයේ කදිරා ලෙස සිටි වසන්ත හඳුනා ගැනීමට නොහැකි වූ අප රථයේ රියදුරා මාගෙන් අසන්නේ වසන්තගේ මුව මඬලද සිනාහවේ ගිල්ලුවමිනි.දැන් පිනා වෙනුවට අප ඉදිරියේ සිටින්නේ හොඳින් ඇඳ පැලඳ ගත් මහින්ද පතිරගේය. කෝරලේ මහත්තයා තමාට හුරු පුරුදු කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටී. රෙද්ද හැට්ටය හැඳි ගැමි ළඳුන් සියල්ලෝම බටහිර ඇඳුමින් සැරසී සිටිති.රාත්‍රී සාදය ඇරඹිණි.වෙදරාලගේ බටලී හඬත් විජේරත්න වරකාගොඩයන්ගේ මිහිරි ගායනාත් මහින්ද පතිරගේ ගේ සුන්දර ගීතත් සමඟ රාත්‍රී ගෙවී යන්නේ නොදැනුවත්වමය.එකිනෙකා ළෙන්ගතුව රඟමින්, ගයමින් සුන්දර සාදය අවසන් වූයේ අලුත් බලාපොරොත්තු ඉතිරි කරමිනි.කෝරලේ මහත්තයා 3 ළඟදීම පටන් ගන්නවා.පද්මසිරි කොඩිකාර පැවසුවේ වෙන්වීමක් අග සුන්දර හමුවීමක් ද ඇතිබව පසක් කරමිනි.චතුර ගීතනාත් බණ්ඩාරඡායාරූප – නිරෝෂ් පි‍්‍රයංක බටේපොළ
|
CREATIVE
|
පද්ම කුමාර මෙත්තසේන පිළිබඳ අලුත් ආරංචි කිහිපයකි. ඉන් එකක් ඔහු විසින් රචිත පළමු කවි පොත ගැනය. තරුව නම් මරු නම් වූ විශේෂ වූ කවි පොතක් ලෙස හැඳීන් වූවාට වරදක් නැත. ඒ ඊට අඩංගු වනුයේ මෙත්තසේන විසින් නිර්මාණය කොට අන් අයට යැවූ කවීත්වයෙන් යුතු කෙටි පණිවුඩ (එස්. එම්. එස්) ය.ඒවා ලැබුවේ කවුද යන්න සඳහන් නොකර එස්. එම්. එස්. කවි පමණක් මෙහි අඩංගුව ඇත. තරුව නම් මරු එළි දැක්වූයේ පසුගියදා නිමාව දුටු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදීය.මෙත්තසේනගේ ඊළඟ කලා පුවත වනුයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ පළමු කෙටි චිත්‍රපටයය. පැරගන් නම් වූ එහි ප්‍රධාන නළු නිලි දෙපොළ මෙත්තසේන ගෙන්වා තිබෙන්නේ ඉන්දියාවෙන්ය.ඕවේස් බක්ෂි සහ රංජනා මිෂ්රා වන ඔවුන් මෙරටට හඳුන්වා දෙන ගමන් ගිරිරාජ් කෞශල්‍ය, තිසුරි යුවනිකා, ජී. ආර්. පෙරේරා, තිලක් සෙනෙවිරත්න, නිලාන් මලිගැස්ප, සනත් වීරසූරිය, දුමින්ද කලංසූරිය, සමන්ති ලැනරෝල්, ජානක ජයකොඩි, පුණ්‍යා සිල්වා, රෝහණ පෙරේරා ඇතුළු පිරිස ද පැරගන් සඳහා රංගනයෙන් දායක කොටගෙන තිබේ.අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද මෙත්තසේනගෙන්ය.රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. කැමරාව අයේෂ්මන්ත හෙට්ටිආරච්චි මෙහෙයවා ඇත. ඉන්දික උදාර ලංකාගේ අංග රචනයකි. සුරේෂ් ශ්‍යාමන් සහාය අධ්‍යක්ෂණයෙක් එක් වෙයි. ඩබ්ලිව්. එම්. එන්. කිත්සිරි නිෂ්පාදන කළමනාකරුය.මේ වන විට සංස්කරණ අවධියේ පසුවන පැරගන් නිර්මාණය වූයේ ජාත්‍යන්තර සිනමා උළෙලයන් නියෝජනය කිරීමට බව මෙත්තසේන පවසයි.- ප්‍රසාද්
|
CREATIVE
|
රනිල් මල්ලවාරච්චිරනිල් මල්ලවාරච්චි කියන නම අපේ රටේ සංගීත ප්‍රේමීන්ට ආගන්තුක නැහැ. නමුත් පසුගිය කාලය මුළුල්ලේම රනිල් සජීවීව අපට හමු වුණු වාර ඉතා අල්පයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින රනිල් පහුගිය දවසක ලංකාවට ආවේ අපූරු ප්‍රසංගයක් සඳහා. මිල්ටන් මල්ලවාරච්චි මහතාට උපහාර පිණිස පැවැත්වුණ ඒ ප්‍රසංගය පැවැත්වුණේ නෙළුම් පොකුණ රඟහලේ. ඉන් අනතුරුව මෙම ප්‍රසංගයේ ඩී. වී. ඩී. තැටියක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත්වුණා. මේ කටයුතු සියල්ල නිමාවේදී නිස්කලංක වූ රනිල් සමඟ අපි කලකට පසුව කළ කතාබහයි මේ.* රනිල් කාලෙකට පස්සේ?ඔව්, තාත්තාට උපහාර පිණිස ප්‍රසංගයක් වගේම ඩී. වී. ඩී. තැටියකුත් නිකුත් කළා. ඒ නිසා ටිකක් කාර්ය බහුල කාලයක් තමයි ගත කළේ. කාලෙකට පස්සේ ලංකාවට ඇවිත් අලුත් දෙයක් කරන්න ලැබීම ගැන මට තියෙන්නේ තෘප්තියක්. මේ ප්‍රසංගය සඳහා මට බොහෝ දෙනෙක් එදා වගේම උදව් කළා. ඒ අතරින් නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, සිනෙ ස්ටාර් පදනම වගේම මැලිබන් ආයතනයත් මට අමතක කරන්නට බැහැ.* මේ ප්‍රසංගගයේදී මල්ලවාරච්චි පරපුරේ තවත් පුරුකක් අපට හමුවෙනවා?ඔව්, ඒ තමයි පවන්. මමයි පුතයි මෙම ප්‍රසංගයට යුග ගීතයක් ගායනා කළා. මෙම ගීතය රචනා කළේ ආනන්ද පද්මසිරි. සංගීතය රජිව් සෙබස්තියන්. කුඩා කාලයේ ඉඳලම සංගීත පරිසරයක හැදුණු වැඩුණු නිසාම පුතාට හොඳට ගීත ගයන්නට පුළුවන්. ඇත්තටම මගේ ගීත අහලා මගේ තාත්තා කොච්චර සතුටට පත්වෙන්නට ඇද්ද කියලා මට හොඳින්ම දැනුණේ පුතාගේ ගීතයන් අහද්දී.ඒ වගේම නිලාර් එන්. කාසිම් ලියූ ‘මේ ලොව’ කියන ගීතයත් මමයි පුතයි ගායනා කළා. ඒ වෙනුවෙන් රූප රචනාවක් ද සිදු කළා. රූප රචනා කළේ ප්‍රදීප් බෝගහවත්ත.ඒ වගේම පවන් ඉංග්‍රීසි ගීත ගායනයටත් දක්ෂයි. තාත්තා ගායනා කරපු ගීතයක් ඉංග්‍රීසි බසට හරවා පවන් ගායනා කරනවා. එහි තනු නිර්මාණය සහ සංගීතය භාතිය ජයකොඩිගෙන්.* ඔබේ පියාගේ ගීත දැන් අපට ඇහෙන්නේ වෙනත් හඬවලින්?ඔව්, ඇත්තටම ඒක තාත්තා තනු නිර්මාණය කළ ගීත නෙවෙයි. ඒ ගීතවල ගායනයේ හිමිකාරිත්වය පමණයි තාත්තාට තිබුණේ. ඒ නිසා ඒ ගැන මට කනගාටුවක් නැහැ. නමුත් තාත්තා නිර්මාණය කළ ගීතවලට අනිසි කටයුත්තක් කළොත් මං ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.* ඕස්ට්‍රේලියාවේ ගෙවෙන ජීවිතය කොහොමද?වරදක් කියන්න බැහැ. එහිදීත් විටින් විට මම සංගීත කටයුතුවලට සහභාගි වෙනවා. ශ්‍රී ලාංකිකයන් මුල් වෙලා ඕස්ට්‍රේලියාවේ විවිධ කටයුතුª සංවිධානය කරනවා. ඉඩ ලැබෙන හැම වෙලාවේදීම මම ඒ කටයුතුª සමඟත් එකතු වෙන්නට අමතක කරන්නේ නැහැ. ඉඩ ලැබෙන හැම විටම ගීත ගැයීම වෙනුවෙන් තවමත් කැප වෙලා ඉන්නවා.* මෑත කාලයේ මියුසික් වීඩියෝ අතිශය ජනප්‍රියයි. මේ රැල්ලේ ඔබත් මුල්ම පුරුකක්?ඔව්, මම හා හර්ෂ ගායනා කළ මේ මගේ මලයි ගිීතය හරහා තමයි අපේ රටේ රූප රචනා කලාව උඩු යටිකුරු වුණේ. ඒ ගීතයට තැනූ මියුසික් වීඩියෝව බොහෝ දෙනකුට අදටත් මතකයි. ඉන් පස්සේ භාතිය - සන්තුෂ්ලා මේ රූප රචනා කලාවට වෙනස්ම අරුතක් ලබා දුන්නා.මම මේ ශෛලියේ වරදක් දකින්නේ නැහැ. මොකද මේක ලෝකයේ ප්‍රබල කලාවක්. නමුත් අපේ මේ කලාව විධිමත්ව හසුරුවන්නේ නැති ගතියක් මට පේනවා. මේ කටයුතු විධිමත් වුණොත් මියුසික් වීඩියෝ කියන්නේ නරක දෙයක් නෙවෙයි.*හර්ෂ – රනිල් හවුලට මොකද වුණේ?අපි අලුත් යමක් කරන්නට උත්සාහ කළා. ඒ උත්සාහය සාර්ථක වුණා. අපි නිර්මාණය කළ ඇතැම් ගීත අතිශය ජනප්‍රිය වුණා. නමුත් ඇතැම් හොඳ ගීතවලට මාධ්‍ය ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ වගේම කාලයාගේ ඇවෑමෙන් මං රටින් පිට වුණා. හර්ෂ කාර්යය බහුල වුණා. අපේ නිර්මාණ බිහි වුණේ නැහැ. නමුත් අදටත් අපි හොඳ යාළුවෝ. හර්ෂ මගේ පුතා වෙනුවෙනුත් ගීතයක් නිර්මාණය කළා.ආයෙත් දවසක ගීතයක් කරන්නට හිතුණොත් අපි එකතුවේවි.* අද ලංකාවේ පවතින සංගීත රැල්ල ගැන මොනවද හිතෙන්නේ?කාලෙන් කාලෙට විවිධ රැලි බිහිවෙනවා. ඒ රැලිවලට විවිධ අර්ථ කථනත් එකතු වෙනවා. ඒත් මං මේ කිසිම දෙයක් විවේචනය කරන්නට යන්නේ නැහැ. මොකද අලුත් කාලෙට අලුත් විදියට අලුත් නිර්මාණ බිහි විය යුතුයි.* කොහොමද පවුලේ තොරතුරු?මගේ බිරිය නිරාෂා. පුතා පවන්, දුව අනුපජා. අපි හරිම සතුටින් ජීවත් වෙනවා. පුතාට දැන් වයස අවුරුදු දාහතරයි. දුවට එකොළහයි. වසරකට දෙකකට වතාවක් අපි ලංකාවට ඇවිත් මව්බිමේ සුවය විඳලා යනවා. ඒ ඇරුණාම ඉතිං ජීවිතේ කාර්ය බහුලයි.* අලුත් ගීත ටිතක් කරන්න හිතක් නැද්ද?මේ අලුත් ඩි. වී. ඩී තැටියේ ගීත තිහක් ඇතුළත් වෙලා තියෙනවා. ඊට අලුත් ගීත ඇතුළත්. මේ සඳහා ලැබෙන ප්‍රතිචාර අනුව තවත් අලුත් ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.චතුර ගීතනාත් බණ්ඩාරඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
ඇන්ජලා කුරුප්පු නිෂ්පාදනය කරන තුසිත ද සිල්වා අධ්‍යක්ෂණය කරන ‘විෂ්ණ සංක්‍රාන්තිය’ ළඟදීම විකාශය වීමට නියමිතය. මෙහි නදීෂා හේමමාලි, බිමල් ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ති චතුරානි, සම්පත් ජයවීර, දමිතා අබේරත්න, බුද්ධදාස විතානආරච්චි, නලින් ප්‍රදීප් උඩුවෙල, නිලන්ති විජේසිංහ, ප්‍රතිභා හෙට්ටිආරච්චි, රහල් බුලත්සිංහල, පවිත්‍රා වික්‍රමසිංහ, සෝමසිරි කොළඹගේ ආදී නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකේය ගැමි ජන සමාජයේ පැවැති ජීවිතය සහ මරණය පිළිබඳ ඇති කුතුහලයත්, පැරැණි මන්ත්‍ර ගුරුකම් සහ මිථ්‍යා විශ්වාස පිළිබඳ ඔවුනොවුන් අරගලයට හා පරීක්ෂාවට ලක් වූ ආකාරයත් ‘විෂ්ණ සංක්‍රාන්තිය’ නිර්මාණයෙන් පිළිබිඹු වෙයි.- තිලානි
|
CREATIVE
|
සුනෙත් මාලිංගගේ අලුත් චිත්‍රපටයට ගීත තුනක් රචනා කළා. මේ දිනවල විකාශය කෙරෙන රනා ටෙලි නාට්‍යයේ තේමා ගිතයත් රචනා කළා. දැන් මගේ දෙවැනි ගීත පොත ‘ඉකි ගසා හඬන අතීතයක’ නමින් සහ සංයුක්ත තැටියක් එළි දක්වන්න සූදානම් වෙනවා. දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් යුතු ‘වසන්ත සංක්‍රාන්තිය’ ඔපෙරාවේ පටිගත කිරීමේ කටයුතුත් දැන් සිදු කෙරෙනවා. ඊට අමතරව නවක ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ගීත රචනා කළා
|
CREATIVE
|
මෙරට සාහිත්‍ය සම්මාන ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවා මහත් ආන්දෝලනයක් ඇති කළ කන්දක් සේ මා නවකතාව පාදක කොට එනමින් තැනෙන චිත්‍රපටයේ මුහුරත් උළෙල හෙට රාජගිරියේ සවරින් හෝලයේ පැවැත් වේ. තවො තෂිමොතෝ සමඟ අශෝක අතාවුදහෙට්ටි මෙය අධ්‍යක්ෂණය කරනු ලබයි.ඔෂින් ටෙලි නාට්‍ය මාලාවේ ඔෂින්ගේ ළමා විය රඟපෑ කුනිහිකෝ මිටමුරා, අයාකෝ කෙබයාෂි සමඟ නිරෝෂා පෙරේරා, වසන්ත කොටුවැල්ල, කෞශල්‍ය ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනෙවිරත්න මෙහි රංගන දායකත්වය සපයති.රුවන් කොස්තා කැමරාව මෙහෙය වන අතර ජයන්ත හෙව්ටිආරච්චි මහාචාර්ය ආශු මාරසිංහ, සුමිත්‍රා රාහුබද්ධ කන්දක් සේ මා නිෂ්පාදනය කරනු ලබයි.මෙය ජපානය සහ ශ්‍රී ලංකාව යන දෙරටේ චිත්‍රපටය රූගැන්වේ.
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයමසංගීතාතිමති වීරරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘සංගීතා’ සිංහල චිත්‍රපටය දැන් ඩී. වී. ඩී. ලෙස නිකුත් වී ඇත. විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ගාමිණී අබේසිංහ, අනූෂා ගීතාංජලී, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, එඩී ජූනියර්, නෙල්සන් කරුණාගම මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘සංගීතා’ නිෂ්පාදනය තිමති වීරරත්න විසිනි. මෙය ටොරානා වීඩියෝ මූවීස් නිකුත් කිරීමකි.Only God Forgives ‘ඔන්ලි ගෝඩ් ෆොගිව්ස්’ අපරාධයක කතා පුවතක් රැගත් ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. නිකොලස් වින්ඩින්ග් රිෆින් අධක්ෂණය කළ මෙහි රයන් ගොස්ලින්, ක්‍රිස්ටින් ස්කොට් තෝමස්, විත්යා පැන්ස්රින්ග්රම්, ටොම් බෲක් ප්‍රධාන චරිත නිරූපණය කරති. ඔන්ලි ගෝඩ් ෆොගිව්ස් මිනිත්තු 90 ක ධාවන කාලයකින් යුතු වේ.‘දි ඉන්ටර්න්ෂිම්’ හාස්‍ය රැගත් හෙලිවුඩ් චිත්‍රපටයක්. වින්ස් වෝග්න්, ඕව්න් විල්සන්, රෝස් බ්‍රයන්, මැක්ස් මින්ග්හෙලා, ජෝආනා ගාසියා, ජෝන් ගුඩ්මන්, ඩෙලන් ඕබ්‍රේන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් එක්වෙති. දි ඉන්ටර්න්ෂිම් මිනිත්තු 119 ක ධාවන කාලයකින් යුතු වේ. අධ්‍යක්ෂණය ෂාව්න් ලෙවී විසිනි.Monsters University‘මූන්ස්ටර්ස් යුනිවසිටි’ ත්‍රිමාණ පරිගණක සජීවකරණ චිත්‍රපටයක්. හාස්‍ය රැගත් මෙය මිනිත්තු 103 ක ධාවන කාලයකින් යතු වේ. ඩැන් ස්කැන්ලන් අධ්‍යක්ෂණය කළ මූන්ස්ටර්ස් යුනිවසිටි හි බිලී ක්‍රිස්ටල්, ජෝන් ගුඩ්මන්, ස්ටීව් බසෙමි, ජොඑල් මුරේ, සේන් හේයස්, ඩේව් ෆොලේ ඇතුළු පිරිසක් හඬ දායකත්වය ලබා දෙති.Aftershockනිකොලස් ලෝපේස් විසින් අධ්‍යක්ෂණය කළ ‘ආෆ්ටර්ෂොක්’ ත්‍රාසජනනක සිදුවීම් පෙළක් රැගත් චිත්‍රපටයක්. එලී රොත්, ඇන්ඩ්‍රියා ඔස්වර්ට්, එරියල් ලෙවී, නිකොලස් මාර්ටින්ස්, ලොරොන්සා ලසෝ, නතාෂා යරොවෙන්කෝ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.This is the End‘දිස් ඊස් දි එන්ඩ්’ ත්‍රාසය සහ හාස්‍ය ද රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. සීත් රොගෙන් සහ ඊවන් ගොල්ඩ්න්බර්ග් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 106 ක ධාවන කාලයක් රැගත් චිත්‍රපටයක්. සිත් රොගෙන්, ජේ. බෝචුඑල්, ජේම්ස් ෆ‍්‍රැන්කෝ, ජොනාබ් හිල්, ඩැනී මැක්බ්‍රයිඩ්, ක්‍රෙග් රොබින්සන් ඇතුළු පිරිසක් දිස් ඊස් දි එන්ඩ් හි චරිත සඳහා පණ පොවති.The Iceman‘දි අයිස්මෑන්’ ත්‍රාසජනනක සිදුවීම පෙළක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. මයිකල් ෂැනොන්, විනෝනා රයිඩර්, ක්‍රිස් එවැන්ස්, රේ ලියොටා, ජේම්ස් ෆ‍්‍රැන්කෝ, ස්ටෙෆර් ඩ්‍රොෆ් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති. දි අයිස්මෑන් ඒරියල් වෝමන්ගේ අධ්‍යක්ෂණයක්.Ek Thi Daayan‘ඒක් තී දායන්’ ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක්. කනාන් ලියර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඉම්රාන් භෂ්මි, හුමා කුරේෂ්, කුන්කුනා සෙන් ෂර්මා, කල්කී කොච්ලින් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.යතේජා ඥානූරත්න
|
CREATIVE
|
එක මුළුතැන් ගෙයක රැජනන් දෙදෙනකුට රජ කළ නොහැකි නමුත් බොලිවුඩ් තිරයේ නම් සමගියෙන් සමාදානයෙන් නව පරපුරේ කුමරියන් තිදෙනකුම වාසය කරයි. ඒ ශ්‍රද්ධා කපූර්, අලියා බාත් සහ පරිනීතා චොප්රාය. ශ්‍රද්ධා පවසන අන්දමට ඔවුන් තිදෙනා අතර ඇත්තේ පුදුමකාර සමගියකි. අලියා මෙන්ම පරිනීති ද වෙනස් රංගන කුසලතාවලින් පිරි අය බව ශ්‍රද්ධා පවසන්නීය. තිදෙනා අතර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න අරගලයකි. තිදෙනාම කාර්යයබහුලය.බොලිවුඩයේ නිළියන්ට වඩා නළුවන් ඕපාදූප දොඩවන බව ශ්‍රද්ධා නොබියව පවසන්නීය. නිළියන්ගේ සීතල යුද්ධ ගැන නිරන්තර කථාබහ වුව ද නළුවන් අතර ඇති යුද්ධ ඊට වඩා උණුසුම්ය. ඔවුන් ගැන වැඩිපුර කථාබහ නොකෙරෙන්නේ සියල්ල කරන්නේ හොර රහසේ නිසා බව ශ්‍රද්ධාගේ අදහසයි.මේ දිනවල ‘හෙයිඩර්’ සිනමාපටයේ ‘දෝ ජාහාන්’ ගායනය නිසා ශ්‍රද්ධාගේ ගායන කුසලතාව ගැන ද බොහෝ දෙනෙක් කථා කරති.
|
CREATIVE
|
එදා සන්ධ්‍යා - මෙදා පූජාරූ ගැන්වීම් ඉන්දියාවේථෙරි ගාථාවන්ගේ එන පටාචාරා පුවත යළිත් වරක් සිංහල සිනමාවට එක් වෙයි. එදා සන්ධ්‍යා කුමාරි චරිත මැවූ පටාචාරා චරිතයට මෙවර රංගනයෙන් දායක වන්නේ පූජා උමා ශංකර්ය.පූජා සමඟ මාධනී මල්වත්තගේ සිටු දේවිය ලෙසද, අජිත් වීරසිංහ සිටුතුමා ලෙස ද, නලින් ද සම්පත් පටාචාරාගේ සැමියා ලෙස ද චරිත නිරූපණය කරයි. සෙසු චරිතයන් සඳහා නළු නිළියන් මේ වන විට තෝරමින් පවතියි.ජයනාත් ගුණවර්ධන කැමරාව මෙහෙයවන පටාචාරා ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයකි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත නිර්මාණයෙන් ද, නලින් ප්‍රේමතිලක අංග රචනයෙන් ද, ඇඳුම් පැළඳුම් නිර්මාණයෙන් වෙනුක වික්‍රමආරච්චි ද දායක වෙති. මහාචාර්ය සුනිල් ආරියරත්න සහ සුනිල් විමලවීර ගී පද රචනා කරති. නන්දා මාලිනී සමඟ සුනිල් එදිරිසිංහ ගී ගයනු ඇත. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. අශෝක ආරියරත්න නිෂ්්පාදන කළමනාකරණයෙන් ද සම්බන්ධ වේ.පටාචාරා රන්දිය ඔසී ශ්‍රී ලංකා ෆිල්ම්ස් වෙනුවෙන් ලතා කුලරත්න නිෂ්පාදනය කරයි. ළඟදීම රූගත කිරීම් ආරම්භ කරන මෙහි දර්ශන ඉන්දියාවේදි රූගත කෙරෙනු ඇත. පටාචාරා මුල් චිත්‍රපටය විමලනාත් දිසානායකගේ අධ්‍යක්ෂණයකි- ප්‍රසාද්
|
CREATIVE
|
18 වැනි සියවසේ අග භාගයේ වැහිබර සැඳෑවක පෙරදිග යුරෝපයේ එක්තරා කඳුකර දුර්ග මාර්ගයක් ඔස්සේ ඇදීයන අස්රියක් තුළ ගමන් ගන්නා ව්‍යාපාරියකු වන වෙලර් නැමැත්තා සහ අනෙකුත් මඟීන් දෙදෙනාත් අතර ඇතිවන බහින්බස් වීම කෙළවර වන්නේ ගුටි කෙළියකිනි. එහි අවසානය වන්නේ වෙලර් සහ ඔහුගේ ගමන් මලු සියල්ලත් සමඟ ඔහුත් රථයෙන් පිටතට තල්ලුකර දමා අනෙක් අය රිසි සේ පළා යාමයි. රෑ බෝවී ගෙන එන පැයේ ක්‍රමයෙන් සිහි ලබා නැගිටින වෙලර්ට මෑතින් අසන්නට ලැබෙන්නේ ඇඟ කිලිපොලා යන මර ළතෝනි හඬකි. විලාප නඟන අය ගැන විමසිලිමත් වන වෙලර්ට දක්නට ලැබෙන්නේ ගල් දෙබොක්කාවක් අතර ළය පසාරු කරගෙන ගිය කුරුසයක් ද සහිතව වෙදනාවෙන් පණ අදින පුද්ගලයෙකි. මරු විකල්ලෙන් දඟලන පුද්ගලයාගේ සිරුර ක්‍රමයෙන් දියවීගෙන ගොස් කැටි ගැසුණු රුධිරය රත් පැහැ දුහුවිල්ලක් බවට පරිවර්තනය වන අතර අවසන ඉතිරි වන්නේ ඔහු ඇඳ සිටි කළු ලෝගුවත්, මාලය සහ පෙන්ඩනයත්, මුදුවත් පමණකි. ඇරීගිය මුවින් යුතුව විමතියටත්, භීතියටත් පත්ව මෙම භයානක දසුන දෙස බලාසිටි වෙලර්, සෙමෙන් සෙමෙන් එතනට ළංව පෙන්ඩනය අතට ගනියි. එහි තැවරී ඇති ලේ පිස දැමූවිට එහි කොටා අති අකුරු කිහිපය කෙමෙන් දිසිවන්නට පටන් ගනී. ‘ඩ්‍රැකි්‍යුලා’‘ටේස්ට් ද බ්ලඩ් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටය ආරම්භ වන්නේ ඒ අයුරිනි. ඉන්පසු ලන්ඩනයට පැමිණෙන වෙලර් ගෙන් ඩ්‍රැකි්‍යුලා සතු එම කෞතුක භාණ්ඩ මිලදී ගන්නා එක්තරා විනෝදකාමී ප්‍රභූවරු සිව්දෙනෙක් පිටිසරබද ගරා වැටුණු පැරැණි පල්ලියක ඇති පාළු සොහොන් ගෙයක් තුළ දී වැම්පයර්වරු නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ යාගයක නිරත වෙයි.ඩ්‍රැකි්‍යුලා ගේ ලේ මිශ්‍ර අළු මතට තමාගේ ලේ මසුකොට පානය කිරීමේ එම චාරිත්‍රයේ දී එහි ප්‍රධානියා අනෙක් අය සමඟ ඇතිකර ගන්නා ගැටුමකින් මැරුම් කයි. ඔවුන් පැනයන අතර යාගය සාර්ථක වී ‘ඩ්‍රැකි්‍යුලා’ යළි ජීවමාන වෙයි. තමාගේ කීකරු සගයා මරා දැමූ පළිය ගැනීමට අනෙකුත් ප්‍රභූවරු සොයා යන ඩ්‍රැකි්‍යුලා, ඔවුන්ගේ දියණියන් වසඟයට ගන්නා අන්දමත්, ඔහු විසින් පැහැරගෙන යන ‘ඇලිස්’ නමැති රූබර තරුණිය බේරා ගැනීමට ඇගේ පෙම්වතා වන ‘පෝල්’ විසින් ගන්නා ප්‍රයත්නයත් චිත්‍රපටයෙන් විදහා දැක්වෙයි.‘ඩ්‍රැකි්‍යුලා හැස් රිස්න් ෆේරාම් ද ග්රේව්’ චිත්‍රපටයේ අවසාන දර්ශනය මෙම චිත්‍රපටයේ ආරම්භක දර්ශනය ලෙස යොදා තිබීම විශේෂත්වයකි.1970 දී නිෂ්පාදනය වූ ‘වෙස්ට් ද බ්ලඩ් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ අධ්‍යක්‍ෂණය කළේ පීටර් සැස්ඩි විසිනි. බ්‍රෑම් ස්ටෝකර් ගේ සුප්‍රකට ‘ඩ්‍රැකි්‍යුලා චරිතය පාදකකොට ගෙන තිර පිටපත රචනය කෙරුණේ ඇන්තනි හින්ඩ්ස් අතිනි. හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ අයිඩා යන්ග්. සංගීතය ජේම්ස් බර්නාඩ් ගෙනි. ආතර් ග්‍රාන්ට් ගේ කැමරාකරණයෙන් සහ ක්‍රිස් බාන්ස් ගේ සංස්කරණයෙන් චිත්‍රපටය වර්ණවත් විය. හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් වෝනර් බ්‍රදර්ස් ඇමෙරිකානු සමාගම විසින් බෙදාහැරීම සිදුකළ අතර 1970 මැයි මස 07 වැනි දා ලන්ඩනයේ දී තිරගත වීම් ආරම්භ විය.චිත්‍රපටය සඳහා ක්‍රිස්ටෝපර් ලී තමාගේ ගාස්තුව වැඩිකළ නිසා ලී සමඟ බැඳුනු ඩ්‍රැකි්‍යුලා ඒකාධිකාරය බිඳ දැමීමට අදහස් කළ හැමර් චිත්‍රපට සමාගම වෙනත් චරිත යොදා චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට තීරණය කළත්, වොනර් බ්‍රදර්ස් සමාගම ක්‍රිස්ටෝපර් ලී නොමැති ඩ්‍රැකි්‍යුලා චිත්‍රපටයක් බෙදා හැරීම එක හෙළාම ප්‍රතික්‍ෂේප කළ හෙයින් හැමර් සමාගමට තම අදහස වෙනස්කොට ලී ගේ කෙවල් කිරීමට එකඟ වන්නට සිදුවිය.සුරූපී ලින්ඩා හේඩන් ඇලිස් හාගුඩ් ගේ චරිතය නිරූපණය කළ අතර ඉස්ලා බ්ලෙයාර් ලුසී පැක්ස්ටන් ලෙස රඟපෑවේය. මැඩ්ලින් සුමිත් රඟපෑවේ ඩොලී ගේ චරිතයයි. වෙලර් ලෙස රෝයි කිනර් ද ජෙෆ්රි කීන් විලියම් හාගුඩ් ලෙස ද රංගනයට එක්විය. මයිකල් රිපර්, ග්වෙන් වැට්ෆඩ් වීටර් සැලිස් සහ ෂර්ලි ජැෆී සෙසු චරිත නිරූපණය කළහ. රූ ගතකිරීම් සිදුකෙරුණේ හාට්ෆෝඩ්ෂයර් හි ඇල්ඩෙන්හෙම් උද්‍යානයේ දී, හයිගේට් සුසාන භූමියේ දී, ශාන්ත ඇන්ඩෲ දේවස්ථානයේ දී සහ එල්ස්ට්‍රි චිත්‍රාගාරයේ දර්ශනතල වලදීයි.එදා සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටයේ ඩිජිටල් ඩී. වී. ඩී. පිටපත් 2007 නොවැම්බර් 06 වැනි දා වෙළඳපොලට නිකුත් විය. පැරැණි ‘හොරර් ක්ලැසික්’ සිනමා රසිකයන්ට එය හොඳ පණිවුඩයක් වනු නොඅනුමානය.‘ලේ පිපාසිතයා ලන්ඩනයට පැමිණෙයි’ ලබන සතියේ ‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ආනන්ද දිසානායක
|
CREATIVE
|
මම රංගනයෙන් දායක වූ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය ළඟදීම තිරගත වෙන්න නියමිතයි. එහි මම නිරූපණය කළ ඇහැළේපොළ නිළමේගේ චරිතය මට සුවිශේෂ චරිතයක්.ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය තිරගත වෙන්න නියමිතව තියෙන්නෙත් මගේ උපන් දිනය යෙදී තිබෙන දිනයේදිමයි. ඒ වගේම චිත්‍රපටයේ ඇහැළේපොළගේ වයසත් මගේ වයසත් එකයි. ඒ නිසාම එහි සතුටත් ගොඩක් වැඩියි.
|
CREATIVE
|
ජාතික සම්මානයෙන් පුද ලද ළමා නිළියක සිනමා ක්ෂේත්‍රයට කෙතරම් සුබ ප්‍රාර්ථනයක් ද? වයස අවුරුදු එකොළහේදී ‘මක්දී’ (2011) සිනමා රංගනයට හොඳම ළමා නිළිය ලෙස ශ්වේතා ප්‍රසාද් ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය.ඇයගේ සිනමා ගමන එතැනින් නතර වූයේ නැත. බෙංගාලි, තෙලිඟු, දමිළ සිනමාපට රැසකම ඇය රැඟුවාය. ශ්වේතා ස්ටාර් ප්ලස් නාළිකාවේ ‘කහානි ගර් ගර් කි’ හි සෘති ලෙසින් ද, ‘කරිෂ්මා කා කරිෂ්මා’හි රැඟීමෙන් ද ජනාදරයට පත් වූයේ ඔය කාල වකවානුවේදීමය.ස්වේතා උස් මහත් වූයේ රංගනයෙන් ද විශිෂ්ටයකු වෙමිනි. 2005 දී ඇය ‘ඉක්බාල්’ සිනමාපටයට රංගනයෙන් දායක වූයේ කදීජා ලෙසයි. එයත් කෙතරම් සාර්ථක රංගනයක් වූවා ද කිවහොත් පස් වැනි කරච්චි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම සහාය නිළිය ලෙස ද තේරුණාය. ‘දර්නා සරූරි හයි’ (2008) ඊළඟට ඇය දායක වූ සිනමාපටයයි. තෙළිඟු සිනමාවේ ශ්වේතාට දොරටුව විවර වුණේ ‘කෝතා බන්ගරු ලෝකම්’ රංගනයත් සමඟයි. ඇය හොඳම නිළියට ද නිර්දේශ වූවාය. චිත්‍රපටය වාණිජ වශයෙන් අති සාර්ථක විය. එහෙත් ‘ඒක් නදීර් ගල්පෝ’ (2009) හෙවත් ගංගාවේ කථාව නම් බෙංගාලි සිනමා රංගනයත් සමඟ ඇයගේ ජීවිත ගංගාව ගලා ගෙන ගියේ විනාශයේ දොරටුව කරාය.මවත් පියාත් ජීවත් කිරීමට තරම් සිනමාපට නොලැබෙන විට මේ අති දක්ෂ යොවුන් තාරකාව තෝරා ගත්තේ ලෝකයේ පැරැණිම වෘත්තියයි.විසිතුන් හැවිරිදි ශ්වේතා පසුගියදා අත් අඩංගුවට ගැනුණේ හයිද්‍රාබාද් ගණිකා නිවාසයකදීයි.‘වෘත්තීය ජීවිතයේ වැරැදි තෝරා ගැනීම් මෙන්ම මේ තෝරා ගැනීම ද වැරැදියි. බොහෝ නිළියන් මා මෙන්ම මුදල් උපයන්න මේ ක්ෂේත්‍රයට යොමු වී සිටිනවා’ අත් අඩංගුවට පත් ඇය පවසා තිබේ. මේ වන විට ශ්වේතා පුනරුත්ථාපන කඳවුරකට යවා ඇත. ඇය ගණිකා වෘත්තියට යොමු කළ පුද්ගලයා ද අත් අඩංගුවට ගෙන තිබේ.
|
CREATIVE
|
ඉදිරි සතිය අලුත් අවුරුදු සතිය නිසා ලැබෙන නිවාඩුවත් සමඟින් විවේකීව ගත කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුදු චාරිත්‍රත් සමඟින් මහනුවර ගිහින් දළදා වහන්සේ වැඳ පුදාගෙන එන්න ලොකු බලාපොරොත්තුවකින් මමයි බිරිඳයි ඉන්නේ. දහනම වැනිදා මගේ උපන් දිනයත් යෙදෙන නිසා එදාට කිරිබතක් පිසලා පන්සලට ගිහින් බෝධි පූජාවකුත් පවත්වන්නට බලාපොරොත්තුª වෙනවා. දැනට ටික කලකට ඉහතදී මගේ ගීත එකතුවකින් යුතු උණ පඳුරක මල් පිපිලා සංයුක්ත තැටිය එළි දැක්වූවා. ඒ හැරුණාම රාජකාරී කටයුතු සමඟින් කාලය ගත කරනවා. මම බෞද්ධයෙක් විදියට ආගමානුකූලව සරළ සැහැල්ලු ජීවිතයක් ගත කරමින් බොහොම සතුටින් ජීවත් වෙන්නේ.
|
CREATIVE
|
විනෝද සමයට විරුද්ධව එක්තරා පුද්ගලයෙක් පත්තරයට ලිපියක් ලිව්වේ එය අසභ්‍ය වචන ඇතුළත් යනුවෙන් චෝදනා කරමිනි. ඒ චෝදනාව ඔහු මට එල්ල කර තිබුණේ පත්‍ර වාර්තාකරු නමින් මා ඉදිරිපත් කළ වැඩ සටහන විකාශය වීමත් සමඟයි. අපේ විනෝද සමයට අයත් ඇන්ටස් නම් චරිතයක් විය. මේ චරිතයට රංගනයෙන් දායක වුණේ ස්වර්ණ ශ්‍රී සරත්වීරයි. ස්වර්ණ හොඳ භාරත නැට්ටුවෙක් විය. මුල් කාලයේ ඔහු විනෝද සමය තේමාව වාදනය වෙද්දී විචිත්‍රවත් නැටුමක් ඉදිරිපත් කළා. ඔහුගේ අකල් මරණයත් සමඟ ඇන්ටස් චරිතය අපේ විනෝද සමයෙන් ඉවත් වෙලා ගියා.පත්‍ර වාර්තාකරු වැඩ සටහනට එදා අමාරිස් ලෙස සැමුවෙල්, ඇන්ටස් ලෙස ස්වර්ණ ශ්‍රී සරත්වීර පත්තර වාර්තාකරු ලෙස මමත් සහභාගි වුණා.අමාරිස් - ඇන්ටස් බලහන් කවුද ඇවිල්ලා ඉන්නේ කියලා.පුතා ඇන්ටස් - තාත්තේ තාත්තේ පත්තරකාරයෙක් ඇවිල්ලා.අමාරිස් - මෙහෙ පරණ පත්තර නැහැයි කියාපන්.ඇන්ටස් - නැහැ, නැහැ තාත්තේ පත්තර වාර්තාකාරයෙක්.අමාරිස් - (කොඳුරමින්) ඒ මොන මල ඉලව්වකටද? ආ එන්ඩ මහත්තයා මොකද මේ මගෙන් වරදක්වත් වුණාද?වාර්තාකරු (මම) නැහැ, නැහැ, අර ළිඳකට වැටුණු වහු පැටියෙක් බේර ගෙන වීර ක්‍රියාවක් කළාය කියා ආරංචි උනා.අමාරිස් - බලන්ඩ මහත්තයා මෙච්චර තරුණයො ඉන්නවා එකෙක් අවෙ නෑනෙ වහු පැටියව බේර ගන්ඩ.වාර්තාකරු - මොකක්ද ලොකු උන්නැහැගෙ නම.අමාරිස් - පී. කේ. අමාරිස්.වාර්තාකරු - සම්පූර්ණ නම?අමාරිස් - පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්. ඒ උනාට මහත්තයො සිංහල ක්‍රමයට පු. කේ. කියා මුල් අකුරු දමල ලියන්ඩ එපා කැතයි.වාර්තාකරු - පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්. හරි හරි මට තේරුණා, මට තේරුණා පී. කේ. අමාරිස් කියලා දමන්නං.ලිපිනය - මොකක්ද?අමාරිස් - ඒ කිව්වේ?වාර්තාකරු - ලියුම් ලැබෙන පිළිවෙල.අමාරිස් - ආ . . . එහෙම කියන්ඩකො. පියුම් මහත්තයා එනවා. උණබම්බු ගේට්ටුව ළඟට බැල් එක ගහනවා. අපේ දුව හනිකට ගිහිල්ලා ලියුම බාර ගන්වා. දැන් පියුම් මහත්තයා අපේ බෑණා.වාර්තාකරු - නැහැ නැහැ ඇඩ්රස් එක.අමාරිස් - ආ . . . අන්න එහෙම සිංහලෙන් කියන්ඩකො. පී. කේ. අමාරිස්, කැලණිය තැපැල්.වාර්තාකරු - හරි . . . හරි . . . දැන් කොහොමද අමාරිස් උන්නැහෙ වස්සා බේරගන්ඩ ළිඳට පැන්නේ.අමාරිස් - මම පැන්නෙ නැහැ මහත්තයා. කවුද වරෙත්තුවෙක් මාව ළිඳට තල්ලු කළානෙ.ඇන්ටස් - අපියි අපේ තාත්තාව ගොඩට ගත්තේ.චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - ශාන් රඹුක්වැල්ල
|
CREATIVE
|
හවසට රිහසල් යනබුද්ධික දමයන්තගෙන්අසල්වැසියෙක් අහලාහෙ ට ක් නැ ති ර ට ක් 22 දාබුද්ධික දමයන්ත යනු වේදිකාව වෙනුවෙන්ම උත්පත්තිය ලැබූ කලාකරුවකු යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. බොහෝ නිර්මාණකරුවන් මෙන්ම රංගන ශිල්පීන් පවා වේදිකාව අතැර යන මෙවන් වූ යුගයක ඔහු වේදිකාව පමණක් තම ප්‍රකාශ මාධ්‍ය කර ගනිමින් අද නිර්මාණකරණයේ යෙදෙයි. ‘හෙටක් නැති රටක්’ බුද්ධිකගේ නවතම වේදිකා නිර්මාණයයි. මෙම මස 22 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී වේදිකා ගතවේ.බුද්ධික ‘හෙටක් නැති රටක්’ ගැන පළමුව මට පැහැදිලි කිරීමක් කරන්න?මේක ප්‍රකට දකුණු අප්‍රිකානු නාට්‍යකරුවකු වන මයික් වැන්ගාන්ගේ නාට්‍යයක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්. එය පරිවර්ථනය කරලා දුන්නේ ප්‍රගීත් අලුත්වත්ත . සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවේ පවත්වාගෙන ගිය මර්ධනකාරී වර්ගවාදී පාලන සමය අවසන් විමත් සමඟ එම රට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස නැවත ගොඩ නැඟීමට දරන උත්සාහය පිළිබඳයි මෙයින් කතාබහ කරන්නේ.අප්‍රිකානු සමාජයට බලපාන ප්‍රශ්නයක් ඔබ කොහොමද මෙරටට ගළපගන්නේ?දකුනු අප්‍රිකානු සමාජ දේශපාලන පසුබිම මත රචනා වුවත් එහි අන්තර්ගතය සෑම සමාජයකටම පොදුයි. කෙටියෙන්ම කිව්වොත් එහෙත් මෙහෙමයි. මෙහෙත් එහෙමයි. කිසිම වෙනසක් නැහැ.හෙටක් නැති රටක් හැමෝටම ගෝචර වේවිද?මෙහෙමයි. මගේ නාට්‍ය බලන්න ඉන්නේ සීමිත ප්‍රේ්ක්ෂක කණ්ඩායමක්. ක්‍රිකට් මැච් බලන්න එනවා වගේ බුද්ධික දමයන්තගේ නාට්‍ය බලන්න මිනිස්සු එන්නේ නැහැ. ඒක මං දන්න කරුණක්. ඒ හින්ද හෙටක් නැති රටක් නරඹන්න ඒ පිරිසම ඒවි. හැබැයි මේ නාට්‍ය එක්තරා ප්‍රේ්ක්ෂක කණ්ඩායමකට විතරක් හදපු එකක් නෙවෙයි.ඉස්සරට සාපේක්ෂව අද වේදිකා නාට්‍ය නරඹන්නට එන ප්‍රේක්ෂකයින්ගේ අඩුවක් දක්නට තිබෙනවා. ඇයි ඒ?ප්‍රධානම හේතුව ටී වී චැනල්වලින් පුන්නක්කු ලබා දීම. මෙරට නාට්‍ය කලාවක් කියල දෙයක් තිබුණා. ඒත් අද එහෙම නැහැ. ඒ ප්‍රවණතාවය නැති වෙලා ගිහින්. මිනිස්සු වර්තමාන හරසුන් ටෙලිවලට වහ වැටිලා. නොදැනිම මුලාවේ යනවා.අතීතයේ ඔබ දක්ෂ ටෙලි නාට්‍ය නළුවෙක්. බෙනට් රත්නායකගේ ඹඹඹ.ජධථ ඇතුළු නාට්‍ය ගණනාවකින් ඔබ ඒ බව මනාව ඔප්පු කළා. ඉතින් අඳුරට බැන බැන ඉන්නේ නැතුව ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් එක පහනක්වත් දැල්වුවොත් නරකද?ඒකට මං මොකටද? ඔය නාට්‍ය කලාව වෙනුවෙන් කතා කරන්න ඕනෑ තරම් පිරිස් ඉන්නේ. තරුණ ජවය වේදිකාවටයි අවශ්‍ය. ඒකයි මේකෙම රැඳී ඉන්නේ.ඒත් වේදිකාවට අද නිසි තැනක් නැහැනෙ?ඔව්. ඒක ඇත්ත. අද වේදිකා නාට්‍ය කියන විෂය අතහැරලම දාලා. කිසිම අනුග්‍රාහකයෙක් නැහැ මේක ගොඩ ගන්න.මේ කෙනෙහිලිකම් මැද ඔබ වේදිකාවෙම ඉන්නවා?අපට එහෙම ඉන්න වෙලා තියෙනවා. සෑම කෙනෙහිලිකමක්ම දරාගෙන වේදිකාවට ආදරය නිසා වේදිකා නිර්මාණ කරනවා. හවසට හවසට වේදිකා නාට්‍ය රිහසල් යනවා දැකපු අපේ ගම් පළාතේ කෙනෙක් මගෙන් අහනවා ‘මහත්තයා සිකියුරිටි ජොබ් එකක් කරන කෙනෙක්ද කියලා. විලි ලැජ්ජාවෙ බැහැ. මං වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු කිව්වොත් ඔහු හිනා වේවි.ඔබ වෘත්තීමය කලාකරුවෙක්ද?ඔව්. ජොබ් කර කර නාට්‍ය හදන්න බැහැනෙ. නළුවො වෘත්තීයයි. ඒත් අධ්‍යක්ෂවරු වෘත්තීය නැහැ කියලයි මං හිතන්නේ.හෙටක් නැති රටක් හි නළු නිළි පිරිවර මතක් කළොත්?ජයනි සේනානායක, රජිත හේවාතන්ත්‍රි, ඕෂධී ගුණසේකර, සමන් චන්දන සමඟ මම මෙහි රඟපානවා.වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන ගමන් රඟපාන්න පුළුවන්ද?මොකද බැරි. මං මෙහි සුළු චරිතයක් තමයි නිරූපණය කරන්නේ. අධ්‍යක්ෂවරු රඟ නොපා අධ්‍යක්ෂණය කරන ඇතැම් නිර්මාණ සාර්ථක නැති රටක මම අධ්‍යක්ෂණය කරන ගමන් රඟපෑවාම මොකද වෙන්නේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මේ දිනවල වැඩි වශයෙන්ම ටෙලි, සිනමා නිර්මාණ තැනෙනුයේ ඓතිහාසික පුරාවෘත්ත සහ ඒ හා සබැඳි චරිත ඇසුරිනි. අප නිර්මාණකරුවන් එවන් වූ නිර්මාණයන් සඳහා උනන්දු වනුයේ ඒවාට ප්‍රේක්ෂකයින්ගේ ඇති වැඩි කැමැත්ත නිසා විය හැකිය. එවැනි නිර්මාණයක් සඳහා තෝරා ගත් අලුත්ම චරිතය වනුයේ දෝන කතිරිනාය. ඇගේ ජීවිත කතාවෙහි රසමුසු තැන් අළලා ටෙලි සිතුවමක් නිර්මාණය කිරීම මේ දිනවල සිදු වෙයි. ඒ ගිහාන් රෝහණගේ අධ්‍යක්ෂණය යටතේයි.කේ. බී. හේරත් දෝන කතිරිනා ටෙලි සිතුවමෙහි පිටපත රචනා කරනු ලබයි. දෝන කතිරිනා ගේ චරිතයට පණ පෙවීමට නියමිතව ඇත්තේ නවක නිළියකි. ඒ කවුදැයි තවම හෙළි කෙට නැත. ළඟදීම රූගත කිරීමට සූදානම්ව ඇති දෝන කතිරිකා අජානි පෙරේරාගේ නිෂ්පාදනයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
එලිෆන්ට් වෝක් චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න.විමලසේන හපුතන්ත්‍රිඅත්තනගල්ල1954 වසරේදී විලියම් ගිල්ට්‍රේ විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාදක වනුයේ 2 වන ලෝක සංග්‍රාම සමයේ තේ වැවීමට මෙරටට පැමිණි වතු හිමියෙක් සහ ඔහුගේ බිරිඳ පිළිබඳ කතාවයි. එහි එලිසබෙත් ටේලර්, ඇන්ඩ්‍රෘස් පීටර් හියුච් චරිත නිරූපණය කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී රූ ගැන් වූ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ විවියන් ලේ විසින්. එහෙත් මේ සම්මානනීය නිළිය හදිසියේ සුව කළ නොහැකි රෝගයකින් පීඩා විඳී නිසා ඒ වෙනුවට එලිසබෙත් ටේලර් යොදා ගත්තා.නමුත් මේ සඳහා ටේලර් ලංකාවට පැමිණියේ නැහැ. ඒ වෙනුවෙන් විවියන් යොදා ගත් දර්ශන දුර රූප ලෙස යොදා ගත් අතර පසුතල මෙරට තිබියදී සමීප රූප සහිත දර්ශන සඳහා එලිසබෙත් ටේලර් යොදා රූගත කෙරුණා. රොබට් ස්චැන්ඩිෂ් රචනා කළ මෙම නවකතාව අලිපාර ලෙසින් සිංහලෙන් කියවන්නත් පුළුවන්.ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වී තිබේද?එච්. ඉන්ද්‍රපාලමුංහේනඔව්. ඔහු ටයිටස් තොටවත්තයන්ගේ ‘රන් කහවණු’ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වුණා.අපේ රටේ මෙන් වෙනත් රටවලත් නළු නිළියන් වෙළෙඳ ප්‍රචාරක දැන්වීම්වල පෙනී සිටිනවාද?සුනිල් චන්ද්‍රසේකරකොටුගොඩඅපේ රටටත් වඩා වෙනත් රටවල නළු නිළියන් වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටිනවා වගේම අපේ රටේ නළු නිළියන් ලබනවාටත් වඩා වැඩි ආදායමකුත් ඔවුන් උපයනවා.විජය කුමාරණතුංග සහ චිලි දේශයේදී ඝාතනයට ලක් වූ වික්ටර් හාරා ගේ රූපය එක වගේ යැයි සමහරු කියනවා. අර්ජුන් ඒක ඇත්තක්ද?දයාරත්නඅගුණුකොලපැලැස්සමම වික්ටර් හාරා හැබැහින් දැක නැහැ. හැබැයි ඡායාරූපවල නම් මේ දෙදෙනා රූපයෙන් එක සමාන වගේ පේනවා. මේ ඡායාරූප දකින ඔබටත් එහෙම හිතේවි.‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ අනෝමා ජනාදරීගේ රඟපෑම් ගැන ඔබ කුමන අදහසක් දරන්නේ ද යන්න ගැන අපට කියා දෙන්න කෝ?මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වලකෑගල්ලඇය ඒ චිත්‍රපටයේ රඟපෑවා මතකයි. ඒ වුණත් දැන් මට ඒ රඟපෑම ගැන මතකයක් නැහැ.දැනට ආදායම් වාර්තා බිඳ හෙළූ සිංහල චිත්‍රපටය ‘සිරි පැරකුම්’ ද ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයද?සරත් සේනාධීරජාඇලසිරි පැරකුම් චිත්‍රපටය.අරිසෙන් අහුබුදු සූරීන් ‘සංදේශය’ චිත්‍රපටයට පමණ ද ගීත රචනා කළේ. එම ගීත තවමත් ජනප්‍රියයි. සන්දේශය චිත්‍රපටයේ සංගීතය කාගේ ද?සරත් වික්‍රමසිංහඅතුරුගිරියසංදේශය චිත්‍රපටයේ සංගීතය ආර්. මුත්තුසාමි විසිනි. එහි ගී තනු සුනිල් ශාන්ත විසිනි. අරිසෙන් අහුබුදු සූරින් සංදේශය වගේම වීර පුරන් අප්පු, හඳයා, ආදර හසුන, සංඛපාලි ඇතුළු චිත්‍රපට රැසකම ගී රචනා කළා.ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සහ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ ලිපිනයන් සඳහන් කරන්න.කේ. ඒ. ඩී. නාමල්අකුරැස්සරවීන්ද්‍ර රන්දෙණිය,අංක 283. පරණ නුවර පාර,දළුගම,කැලණිය.මාලිනී ෆොන්සේකාඅංක 520/9,තෙවන පටුමග,සුසිලාරාම පාර.මාලඹේ.ගාමිණී ෆොන්සේකාගේ විශිෂ්ඨ රංගනය ඇතුළත් වන්නේ චණ්ඩියා, පරසතු මල්, නිධානය යන චිත්‍රපටවල යැයි මගේ හැඟීම වුණත් ඔහු රඟපෑ වානිජ චිත්‍රපට වුව ද අගය කළ යුතුයි නේද?අමිල දුෂ්‍යන්ත නාරංගොඩපානදුරගාමිණී රඟපෑ හැම චිත්‍රපටයකම තමන්ගේ චරිත ඉතා විශිෂ්ඨ අයුරින් නිරූපණය කර තිබුණා. ඒ නිසා හොඳ චිත්‍රපටවල වගේම අන්තිම කබල් චිත්‍රපටවලත් ඔහුගේ රංගනය අගය කළ හැකියි.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
ආදරය නිසා ජීවිතයෙන් පලා යන්නියන්ගෙන් බොලිවුඩයට අඩුවක් නැත. මීනා කුමාරි මධුවිතෙන් ජීවිතය නිදහස් කරගත්තාය. විසි එක් වැනි සියවසේ තාරකාවන් ඒ සඳහා තෝරා ගන්නේ විදුලි පංකාවක් සහ රෙදි පටියකි. සයියාම් ඛන්නා මෑතකදී එලෙසින් ජීවිතයෙන් සමුගත් තාරකාවයි. මෝනා ඛන්නා ලෙසින් ද ඇය ජනප්‍රියය.නැගණිය සමඟ තනිවම මූම්බායි හි ජීවත් වූ ඇය නිවෙසට අවශ්‍ය දේ මිලදී ගැනීමට නැගණිය කඩයට යවා දිවි තොර කරගෙන ඇත. ‘මම ඔබට ගොඩක් ආදරෙයි. මං විවේකයෙන් සිටින නිසා ඇවිත් බාධා කරන්න එපා!’ ඇය නැගණියට අවසන් වරට පවසා තිබිණ.සොයුරිය පැවසූ පරිදිම ඇය කඩයට ගොස් පැමිණ රූපවාහිනිය නරඹන්නට ගත්තාය. සොයුරිය නිදි ඇතැයි ඇය සිතුවාය. සොයුරියගේ කාමරයෙන් ‘රොක් ස්ටාර්’ සිනමා පටයේ ‘තුම් හෝ’ ගීතය ඇසී තිබේ. රියා කාමරයට ඇතුළු වූ විට දැක ඇත්තේ ගෙල වැළලාගෙන මිය ගොස් සිටින සොයුරියයි.මෝනා බොලිවුඩයට පා තැබුවේ දිගු ගමනක් යාමටයි. එහෙත් ඇයට සිතූ තරම් සාර්ථකත්වයක් අත් දකින්නට නොලැබුණි. ‘ද හෝන්ටඩ් හවුස්’ වැනි සිනමාපටවල ඇය රඟපා ඇති අතර ‘ද ලාස්ට් හොරර්’ සිනමාපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතය.සයියාම්ගේ සොයුරිය පවසන්නේ මේ සියල්ලටම වඩා ඇයගේ මරණයට හේතු වන්නට ඇත්තේ පෙම්වතා බවයි. සියදිවි නසා ගැනීමට පෙර ලියූ ලිපියේ කිසිවකුට ඇය වරද පවරා නැතත්, පෙම්වතා මෑතක සිට මඟ හැරීම ඇයට සිත් වේදනාවට හේතු වී තිබේ. සියදිවි නසා ගැනීමට පෙර අවසන්වරට ඇය ඇමතුමක් ලබා දී ඇත්තේ පෙම්වතාටයි. ඔහු බොලිවුඩයේ ජනප්‍රිය නළුවකුගේ පුතකු බව කියවේ.හේතුව කුමක් වුවත් දිව්‍ය භාරතී, සිල්ක් ස්මිතා, පර්වීන් බාබි, නගිසා ජෝශප්, ජියා ඛාන් සියදිවි නසා ගැනීමේ නාමාවලියට සයියාම් ඛාන් ද එක් වූවාය.
|
CREATIVE
|
හෙට සිට සතියකට මට රට බාර දෙන්න‘අද මේ ඉන්න පුංචි සිඤ්ඤොලා වගේ නෙමෙයි මේ ටිප්ටොප්. මම ඇවිල්ලා 1947 ඉඳලා ඩී. එස්ලා, බණ්ඩාරනායකලත් එක්ක දේශපාලනය කරපු පොරක්. සතියකට මට රට භාර දුන්නොත් මං කොරලා පෙඤ්ඤංඤං. අරක්කු පොව පොවා කවාපියව් පාන් පිටි. හිස් මොළ නැති, කොන්ද පණ නැති උන් බිහි වන තරමට මුන්ට වාසියි. මට බලයක් ලැබුණොත් මුන්ගේ ඔළු ගෙඩි ගෝනි පඩංගුවල ඔතලා පැය විසි හතරක් පුරා අධෝ පක්ෂයට පයින් ගහන නීතියක් ගේනවා. කැපුවත් ලේ ඒ පාටයි, මේ පාටයි කියන්නේ අමු කෙබරයක් ඕයි. ඒක උන්ගේ පැවැත්මට හදා ගත්තු කෙබරයක් ඕයි . . .’ටිප් ටොප් සිල්වාගේ ස්වරය ගලාගෙන ගියේ පැමිණ සිටි සියල්ලන් පුදුමයට පත් කරමිනි. ඔහුගේ කතාව ඇසූ එහි සිටි ජනයාගේ සිත්වල ඇති වූ අදහස් ඔවුන් කියා පෑවේ කසු කුසුවකිනි.එමා සිය සැමියා වූ එලාරිස් දෙස හෙළුවේ විමසුම් සහගත බැල්මකි.‘මේ මිනිහගේ උපන් ගති මමවත් වෙනස් කරන්න ඕන’ඈ ඈටම පවසා ගත්තේ ඔහුගේ වැදි ගතිගුණ නිසා අපහසුතාවට පත් වන්නේ ඇය හෙයිනි. වැද්දෙකු මෙන් කිසිදු බියක් නැතිව එලාරිස් සතුන් මරන අයුරු ඇය බලා සිටියේ පිළිකුලෙනි. ඔහුට ආගමක දහමක නැඹුරුවක් නොවීය. අධ්‍යාපනයක් ද නොලත් මේ මිනිසාට ඇගේ සිත බැඳුණේ මන්දැයි එමා කල්පනා කළාය. ඔහුගේ අතීතය බොහෝ දුක්මුසුය. එලාරිස්ගේ ස්වභාවයට වගකිව යුත්තේ ඔහු විසූ ඒ සමාජයයි. ඔහු හැදුණු වැඩුණු පරිසරයයි.‘මම මේකට මොකක්ද කරන්නේ?’ඇය දස අතේ කල්පනා කළේ ඇගේ සැමියා උසස් සමාජයට කැන්දන් එනු පිණිසය.‘මස් කඩයක් දමලා දෙන්න ඕන’එමා අවසානයේ තීරණයකට පැමිණියාය. එවිටවත් ඔහු කරන කාර්යයට සමාජයේදී යම් වැදගත් තැනක් හිමිිවනු නියතය. සිය සැමියා වෙනුවෙන් මස් කඩයකට බලපත්‍ර ලබා ගත යුතු වෙයි.‘සල්ගාදු ඇමතිවරයා මට ලයිෂන් එක දෙයිද?එමාගේ සිත සසල කළ ඒ අදහස කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු යැයි ඕ අදිටන් කර ගත්තාය.සල්ගාදු ඇමතිවරයා සිය ප්‍රදේශයට ඇමතිවරයෙක් වුව ද ඔහු පිළිබඳ ලැබෙන ආරංචි නම් හොඳ ඒවා නොවේ.‘මිස්ට ඇමතිතුමා කතා කරනවා’සේවකයෙක් පැමිණ පැවසූයේ ඇගේ සිතුවිලි දැහැන බිඳ දමමිනි. ඈ තම ඇඳුම සකසා ගත්තේ ඔහු හමුවට යෑම සඳහාය.‘වාඩි වෙන්න’විනිවිද යන බැල්මෙන් එමා දෙස බලමින් ඇමතිතුමා පැවසුවේ මුවඟට සිනහවක් ද නඟන අතරතුරය. ඈ ඔහු ඉදිරිපස අසුනේ ඉඳ ගත්තා නොව ඉඳ ගැනිණි.‘ඉතිං . . .’ඔහු එමා සමඟ කතාබහ ආරම්භ කළේ කාලයක පටන් හඳුනන්නෙක් ලෙසය. ඇයට කිසි දිනෙක නොදැනුනු නුහුරු බවක් සිතට පිවිසියාය. ඒ මන්දැයි සිතමින් සිටීමට මේ කාලය නොවේ. ඒ නිසා ඈ සිය සිත එකතු කර ගනිමින් ඇමතිතුමාගේ දෙනෙත දෙස එක්වරම බැලුවේ ඕනෑම දෙයකට සූදානම්වය.සල්ගාදු හිස ඔසවා බැලුවේ ඔහු ඉදිරිපස සිටින සුන්දර ගැහැනිය දෙසය. ඇගේ සැලකිය යුතු සුන්දරත්වයක් ඇතැයි ඔහුට සිතෙයි. නිශ්ශබ්දතාව රජයන මේ මොහොත කියන්නේ ඇගේ නුහුරු නුපුරුදු බවයි.‘ඇමතිතුමා . . . මට ලයිසන් එකක් ගන්න ඕන’ඇගේ ස්වරයේ ඇති පක්ෂපාති බව සල්ගාදුට පහසුවකි. ඔහු සිය හීසරය ඇය දෙසට මුදා හරිමින් සිටියේ සියල්ල සාවධානව අසා සිටින අයුරෙනි. ඇය පැමිණ ඇත්තේ ඔහුගෙන් උදව් ලබා ගැනීමටය. සල්ගාදුට ඔහුගේ සිතෙහි රජ කරන අදහසට පොටක් පෑදී ඇත. මේ සොඳුරු ගැහැනියව ඔහුට නතු කර ගැනීමට ලැබුණු ඉඩ තරමක් ප්‍රයෝජන ගත හැකිය. මෙතරම් කලක් මෑ තම දෑස මානයට නොපැමිණියේ මන්දැයි හේ සිතුවේ ගැටලුවට පිළිතුරු දෙන අතරතුරදීය.එමා ඇමතිගේ නිවෙසින් පැමිණියේ දහසක් බලාපොරොත්තු හද පුරවාගෙනය. ඇමතිගේ දෑසේ දුටු ආරාධනය ඇයට නුපුරුදු නොවේ. ඈ සියල්ලටම පෙර තම අදහස ඉටු කර ගන්නට සෑදී පැහැදී සිටියාය.‘මමත් ඕන දේකට ඔට්ටුයි’ඈ පැවසුවේ තමාටමය. එමාට බලපත්‍රය ලැබිණි. එහෙත් ඔහුගේ පහස පතා තම සිත කෑ මොර ගහන අයුරු ඈ ඉවසූයේ ළඟදීම ඔහු මුණ ගැසෙන බව දත් හෙයිනි. එහෙත් ගැටලුවකට ඇත්තේ ඔහුගේ බිරිය නෙලාය. බිරියගේ අතට හසු නොවන්ට ඇය තම ජීවිතය පිළිබඳ වග බලා ගත යුතුය.ඇමතිගේත්, එමාගේත් අනියම් සබඳකම නෙලා අතට හසුවේද? එලාරිස් මේ පිළිබඳ දැන ගනීවිද? ටිප් ටොප්ට මොකද වුණේ? මේ පිළිබඳ විමසීමට නම් මේ මාසයේ 31 වැනිදා තිරගත වන ‘සතියකට මට රට බාර දෙන්න’ චිත්‍රපටය නැරැඹීමට ඔබට සිදුවනු ඇත. සෝමරත්න රාමනායක නම් අධ්‍යක්ෂවරයා 1950 – 60 දශකයේ චරිත වර්තමානයට රැගෙන එමින් කියන්නට තනන දේ නරඹන්නට ඔබත් මෙහි පැමිණෙන්න ඔහු ආරාධනා කරයි.තිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.