comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
පාඨක ඔබට සැම විටම අලුත් අත්දැකීමක් ගෙන එන සරසවිය මෙවර අලුත්ම තරගය හඳුන්වා දෙයි. මෙවර විශේෂත්වය නම් එයට පුවත්පත් මෙන්ම අන්තර් ජාලය ඔස්සේ ද එයට හවුල් වන්නට ඇති හැකියාවයි. ඔබ කළ යුත්තේ මේ සමඟ පල කරන ඡායාරූපයට රසවත් දෙබසක් ලියා අපට එවීමයි. නැතහොත් www.sarasaviya.lk  වෙබ් අඩවියට එක් කිරීමයි.තැපැල්පත් මඟින් හෝ වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ඔබේ දෙබස ඊළඟ සතියේ බදාදා එනම් ජූනි 12 වැනිදාට පෙර ‘කියන්නේ මොනවාද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.හොඳම දෙබසට ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන ආදරණීය කතාවක් චිත්‍රපටයේ අනුග්‍රහයෙන් සතිපතා රු: පන්සියයක තෑගි වව්චරයකි.මෙවර ඡායාරූපයේ අනුව බන්දු ආරියසේනට කියන්නේ මොනවාද?
CREATIVE
ආදර ගීතයතිරගත වූ දිනය – 1984 පෙබරවාරි 24 ඉදිරිපත් කිරීම – නිපෝන් මූවීස් නිෂ්පාදනය – කුමාර බල්සන් රූප රචනය සහ අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලක සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම් කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න සංස්කරණය – එල්මෝ හැලිඩේ (සිංහගිරි චිත්‍රපට සමාගම් සංස්කරණ මැදිරිය) කැමරා සහාය – යූ. ආර්. විජේනායක, සුමින්ද වීරසිංහ, බෙනඩික් සිල්වා, ජිනදාස ලියනගේ අංග රචනය - රෙජී ද සිල්වා කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල, සහාය හේමචන්ද්‍ර පෙරේරා, කීර්ති පෙරේරා ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම් ශබ්ද සහාය – ජී. සුන්දරරාජ්, බී. සුමනදාස, ඇලෝසියස් රුද්‍රිගු, ආනන්ද අමරසිංහ රසායනාගාර කටයුතු - වී. සිවදාසන් රසායනාගාර සහාය - ඩෙවිඩ්සන් සිල්වා, ඇස්. රාජා, ඇස්. රාමචන්ද්‍රන් කාර්මික සේවා - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් සැකසුම සහ දෙබස් පටිගත කිරීම – විජය චිත්‍රාගාරය පිටපත් මුද්‍රණය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නිශ්චල ඡායාරූප - බෝධි විජේසිංහ කොණ්ඩා සැකසුම – සෑම් පෙරේරා ධාවන කාලය – පැය 1 විනාඩි 50 දිග අඩි 11000, පිටපත් ප්‍රමාණය 13 නිෂ්පාදන කලමනාකරණය – ජයවීර ඒකනායක නිෂ්පාදන කෘත්‍යාධිකාරි – කුමාරන් විල්සන් ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග - සරසවි චිත්‍රාගාරය ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සිරිල් ඒ. සීලවිමල සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්නගීත -ආදරේ වේදනා ක්ෂේම ගම්මාන ගිම්හානයේ - ආචාර්ය වික්ටර් රත්නායක – පද – සමන් චන්ද්‍රනාත් වීරසිංහ ආදරේ වේදනා ක්ෂේම ගම්මාන ගිම්හානයේ - විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන – පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ ආදරේ වේදනා - වික්ටර් රත්නායක, චන්ද්‍රිකා සිරිවර්ධන – පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ චම්පික රූ සිරිනාරි – වික්ටර් රත්නායක, චන්ද්‍රිකා සිරිවර්ධනමෙම ගීත චිත්‍රපටය සඳහා ඇතුළත් නොවීය.රංගනය -ඩග්ලස් රණසිංහ (තුෂාර), සබීතා පෙරේරා (ඉරේෂා), ජෝ දඹුලුගල (දිසානායක), පුෂ්පා කාන්ති අක්මීමන (සෝමා), ගර්ලි ගුණවර්ධන, චන්දි රසිකා, සීතා කුමාරි, නලින් විජේසේකර, රංජිත් ලාල් වීරසිංහ, බන්දුල ශ්‍රී ගුණවර්ධන, ආනන්ද සිරිසේනදෙවෙනි ගමනතිරගත වූ දිනය - .........ඉදිරිපත් කිරීම – එම්. පී. එස්. චිත්‍රපට නිෂ්පාදනය – රත්නපාල මරවනාගොඩ අධ්‍යක්‍ෂණය සහ තිරනාටකය – එච්. ඩී. ප්‍රේමරත්න කතා තේමාව සහ දෙබස් - නිමල් ඩී. ගමගේ සහාය අධ්‍යක්‍ෂණය – අයි. එන්. හේවාවසම්, කැමිලස් පෙරේරා කැමරා අධ්‍යක්‍ෂණය - සුමිත්ත අමරසිංහ කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර, සුනිල් ජයවීර, නිමල් බන්දුසේන, සනත් බණ්ඩාර කුමාර, එම්. එල්. ජිනදාස සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුනි සංස්කරණ සහාය – කාලෝ විජේසිංහ, ඩෙන්සිල් ජයවීර අංග රචනය – රංජිත් මතඟවීර කලා අධ්‍යක්‍ෂණය - හේමපාල ධර්මසේන සහාය - අතුල සුල්තානාගොඩ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොළ, එච්. ජී. පොඩිරත්න, පාලිත පෙරේරා, සෝමරත්න පෙරේරා රසායනාගාර කටයුතු - ප්‍රසාද් රසායනාගාරය - චෙන්නායි පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ් සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරය කැමරා සහ ආලෝක උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් කොණ්ඩා සැකසුම – පියල් සමරසිංහ නිෂ්පාදන කළමනාකරණය – කාලෝ විජේසිංහ නිෂ්පාදන කටයුතු සහාය - සුනිල් පෙරේරා, සිසිර සෙනෙවිරත්න, මහින්දසිරි රණගහ ධවන කාලය – පැය 1 විනාඩි 50 දිග අඩි 10.000 නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාසගීත හා ගායන ශිල්පීන් –චාමර සැලුනාවේ – ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ (ධර්මසිරි ගමගේ) චාමර සැලුනාවේ – නීලා වික්‍රමසිංහ (ධර්මසිරි ගමගේ) ඔබ පිබිදිලා - අයිවෝ ඩෙනිස් (සුගතපාල සෙනරත් යාපා)නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ, ගර්ලි ගුණවර්ධන, සීතා කුමාරි, ගාමිණී විජේසූරිය, පී. බී. මයිල්ලෑව, නවනන්දන විජේසිංහ, අනුර මැදගොඩ, වින්සන්ට් වාස්, සයිමන් මරවනාගොඩ, ජෝ දඹුලුගල, පෝල් ඒකනායක, රමණී ෆොන්සේකා, ඩන්ස්ටන් නන්දලාල්, අබේකෝන් මහත්මිය, විජේසූරිය මහත්මිය.- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
CREATIVE
අසාධාරණයට එරෙහි වූ ගැහැනියගුලාබ් ගැන්ග් (GULAAB GANG)ජනපි‍්‍රය හින්දි තරු යුවළක් වන මධුරි ඩික්සිත් හා ජූහි චවුලා එකිනෙකාට ප්‍රතිවාදී චරිත දෙකක් මවන චිත්‍රපටයක් වෙයි.සමාජ අයුක්තිය සහ අසාධාරණයට ලක් වූ ගැහැනුන් වෙනුවෙන් නැඟී සිටින රාජෝ නම් වූ වීර කාන්තාවක් වටා ගෙතුණ ගුලාබ් ගැන්ග් නමැති හින්දි චිත්‍රපටයයි.ජූහි චව්ලා (සුමිත්‍රා දේවි), මධුරි ඩික්සිත් (රාජෝ), පි‍්‍රයංකා බෝස් (සන්ධ්‍යා), ලතා එස්. සිං (ටාරා) සහ දිව්‍යා (ජග්ඩේල්) ලෙස රඟන ගුලාබ් ගැන්ග් කතාව, තිර රචනය, සංගීතය සහ අධ්‍යක්‍ෂණය සෞමික් සෙන් ගෙනි.සිනමාකරුවකු වීමේ සිහින දකින ජිගර් තන්ඩා (JIGAR THANDA)කාර්නික් සුබ්‍රමානියම් හොඳ සිනමාකරුවකු වීමේ සිහින දකියි. ඔහු ඒ සිහිනය මල්පල ගන්වා ගැනීම සඳහා මහත් ධෛර්යයකින් කටයුතු කරයි. ඔහුට හමුවන නිෂ්පාදකයන් අපේක්‍ෂා කරනුයේ ඔහු කිරීමට බලාපොරොත්තු වන ආකාරයේ චිත්‍රපටයක් නොව ජනපි‍්‍රය තලයේ චිත්‍රපටයකි. එහෙත් කාර්නික් සුබ්‍රමානියම් අධෛර්යවත් නොවේ. එය ඔහුගේ ජයග්‍රහණයට මග පාදයි.කාර්නික් සුබ්‍රමානියම් ලෙස ඉන්දීය සිනමාවේ ජනපි‍්‍රය නැගී එන නළු සිද්ධාර්ත් ප්‍රධාන චරිතය රඟන ජිගර් තන්ඩා සෙසු රංගනයෙන් ලක්‍ෂමී මෙනන් (කයල් විෂ්) ලෙසත් බොබි සිම්හා, නසාර්, කරුණාකරන්, රාමචන්ද්‍රන් දුරෙයි රාජ්, සෞන්දරාජ් සහ අම්බිකා ඇතුළු ජනපි‍්‍රය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.සන්තෝෂ් නාරායන් සංගීත අධ්‍යක්‍ෂණය කළ ජගර් තන්ඩා කාර්තික් සුබ්බරාජ් ගේ අධ්‍යක්‍ෂණයකි.මිනිසා ගේ ධෛර්යවන්ත කම ඉදිරියේ පසු බසින ගොඩ්සිලා (GODZILLA)මිනිසාගේ ධෛර්යය සම්පන්න බව පෙන්වන ගොඩ්සිලා මේ දිනවල ඉතාමත් ජනපි‍්‍රය ඉංගී‍්‍රසි චිත්‍රපටයකි.විශාල රාක්‍ෂයෙක් බඳු ගොඩ්සිලා ගෙන් ලෝකය බේරා ගැනීම සඳහා විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන ගොඩ්සිලා විනාශ කිරීම සඳහා විද්‍යාඥයන් විසින් පියාඹන සත්වයකු නිර්මාණය කරනු ලබයි.මෙම රොබෝ සත්වයා ඉදිරියේ ගොඩ්සිලා පරාද වී පලා යයි.මෙවන් කතා පුවතක් රැගත් ගොඩ්සිලා චිත්‍රපටයේ ආරොන් ජොන්සන්, එළිසබෙත් ඕසන්, බ්‍රයන් කැරන්ස්ටන්, ඩේවිඩ් ස්ට්‍රාතන්, කෙන් වටනබේ ඇතුළු ජනපි‍්‍රය නළු නිළියන් රංගනයෙන් දායක වෙති.ගොඩ්සිලා ග්රේන් එඩ්වඩ් ගේ අධ්‍යක්‍ෂණයකි.පෞද්ගලික ජීවිතය ද? වෘත්තීය ජීවිතය ද?ඩ්‍රාෆ්ට් ඩේ (DRAFT DAY)පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් තම වෘත්තීය ජීවිතය තුළ කැප කළ යුත්තේ කුමක්ද? තම පෞද්ගලික ජීවිතය ද? නොඑසේ නම් වෘත්තීය ජීවිතය ද?ඒ තීරණය කුමක්දැයි නැරඹිය හැක්කේ දක්‍ෂ නළුවකු වන කේවින් කොස්ට්නර් සහ ජෙනිෆර් ගානර් රඟන නවතම චිත්‍රපටයෙනි.අයිවන් රෙයිට්මන් ගේ අධ්‍යක්‍ෂණයක් වන ඩ්‍රාෆ්ට් ඩේ හි සෙසු රංගන දායකත්වය ටොම් විලීන්, සෑම් එළියට්, ටෙරි කෲස් සහ ඩෙනිස් ලේරි ගෙනි.මොන මගුලක් ද මන්දාටූ ස්ටේටස් (2 STATES)ක්‍රිෂ් (අර්ජුන් කපූර්) පන්ජාබ් තරුණයෙකි. ඔහුට අහමද්බාද් නගරයේදි ද්‍රවිඩ යුවතියක වන අනන්‍යා (අලියා බාට්) හමු වෙයි.ඔවුන් ප්‍රේමයෙන් වෙළී ජීවත් වුවද ඔවුනගේ ප්‍රේමයට දෙපාර්ශවයේම මවුපියන් හරස් වෙයි. එහිදී ක්‍රිෂ් සහ අනන්‍යා කුමක් කරයිද? මේ කරන් ජොහාර් නිෂ්පාදනය කළ අලුත්ම හින්දි චිත්‍රපටය වන ටූ ස්ටේටස් හි කතා පුවතයි. අති ශෘංගාරාත්මක චිත්‍රපටයක් ලෙස සැලකෙන මෙහි මියුරු ගීත හයක් ඇතුළත්ය.අර්ජුන් කපූර්, අලියා බාට් සමඟ අම්රිටා සිං, රොනිට් රෝයි, රේවතී, ශිව කුමාර් සුබ්‍රමානියම් රඟන ටූ ස්ටේටස් අභිෂේක් වර්මන් ගේ අධ්‍යක්‍ෂණයකි. ටූ ස්ටේටස් සුප්‍රකට නවකතාකරු චේතන් භගත් ගේ කෘතියක් පාදක කරගත් අතර තම කතාව දිලිප් ජයකොඩි විසින් මොන මගුලක්ද මන්දා යනුවෙන් සිංහලට පරිවර්තනය කොට ඇත.සතුරන්ක වෙට්ටෙයි (SATHURENKA VETTEI)නවතම නළු නිළියන් රැසක් රඟන සතුරන්ක වෙට්ටෙයි දෙමළ චිත්‍රපට ඇලුම් කරන්නන්ට මේ දිනවල නැරඹිය හැකි චිත්‍රපටයකි.ුනවානම්, ඉලවරාසු, නටරාජ් ඉෂ්රා, පරිශුද්ධන් ධාරදන්, රාම චනුන් ඇතුළු නළු නිළියන් රඟන සතුරන්ක වෙට්ටෙයි එච්. විනෝන් ගේ අධ්‍යක්‍ෂණයකි. එන්. ලින්ගුසාමි මෙය නිපදවා ඇත.ලිව්වේ – කල්‍යාණ චන්ද්‍රසේකරබ්ලු රේ චිත්‍රපට අනුග්‍රහයමූවි වර්ල්ඩ් එච්. ඩී.ඩී. වී. ඩී. අනුග්‍රහයනීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර.
CREATIVE
පුංචි තිරයේ පවුලේ කතන්දර නිර්මාණකරු නාලන් මෙන්ඩිස්ගේ තවත් එවැනිම වූ සොඳුරු කතා පුවතක් රැගත් ඉසුරු සංග්‍රාමය ටෙලි සිතුවම පසුගිය 23 දා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 9 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය ඇරැඹිණ.අර්වින් ගනේපුර සහ ඩන්කන් මැදගෙදර යන ධනවතුන් දෙදෙනෙකුගේ පවුල් අතර ඇතිවන සිද්ධි දාමයක් ඔස්සේ දිග හැරෙන මෙය ජයන්ත පීරිස්ගේ නිෂ්පාදනයකි. ජයන්ත, රංගන ශිල්පිණී චතුරිකා පීරිස්ගේ පියා වේ.ගාමිණී හෙට්ටිආරච්චි, දමයන්ති ෆොන්සේකා, කමල් දේශප්‍රිය, චන්දික නානායක්කාර, යශෝධා විමලධර්ම, චතුරිකා පීරිස්, කංචන කොඩිතුවක්කු, රොෂාන් පිලපිටිය, පූර්ණිකා පීරිස්, සම්පත් කුමාරතුංග, සඳනි සුලක්නා, අරුණි මෙන්ඩිස්, වසන්ත ගීතාච්චි, සුසිලා කෝට්ටගේ, ප්‍රේමදාස විතානගේ, රහල් බුලත්සිංහල, මොරීන් චාරුනී, කුමාර තිරිමාදුර, ගාමිණී ජයලත්, ප්‍රේමා පතිරාජ, ඉසුරු සංග්‍රාමය රංගනයෙන් හැඩ ගන්වති.සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. ප්‍රියන්ත ප්‍රදීප් සමඟ ගාමිණී චමින්ද කැමරාව මෙහෙයවා ඇත.සුනන්ද සිල්වාගේ තිර රචනයකි. අමල් පෙරේරා සහ නෙලූ අධිකාරිගේ මියුරු හඩින් ඉසුරු සංග්‍රාමය රසවත් වේ.මහින්දාගමනය සහ සිරි දළඳාගමනයවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර ‘මීදුම වගේ ඇවිදින්’ ටෙලිසිතුවම සමඟින් නැවතත් පුංචි තිරයේ ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කිරීමට සූදානම් වෙයි. කැලණිය කිත්සිරිමෙවන් විහාර මළුවේදී සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ එහි මුහුරත් උළෙල පවත්වන ලදී.ප්‍රකට මාධ්‍යවේදියකු වන සුදර්මන් රදළියගොඩ ටෙලි නාට්‍ය රංගනයට එනුයේ මෙම ටෙලි නාට්‍ය තුළින් වීම විශේෂත්වයකි.රංජිත් කේ. පෙරේරාගේ මූල්‍යමය දායකත්වයෙන් රූගත වන මීදුම වගේ ඇවිදින්, ජීවන් කුමාරණතුංග, පබෝධා සංදීපනී, විජේරත්න වරකාගොඩ , රුවන්ති මංගලා, සුජානි මේනකා, මහේෂි මධුසංඛා, සංකේත් වික්‍රමගේ, නලීන් ප්‍රදීප් උඩවෙල, නුවන් ගුණසේකර, කමල් දේශප්‍රිය, අනුර ජයසේකර, විශ්ව ලංකා, වසන්ත ජයසිංහ ආරච්චි, සඳරු රදළියගොඩ, ඥානාංග ගුණවර්ධන, ඩී. බී. ගංගොඩතැන්න, සිසිර කුමාරතුංග, තිරාෂා සෙව්වන්දි යන පිරිස රංගනයෙන් හැඩ ගන්වති.එඩ්වින් පීරිස්ගේ රූපවාහිනී රචනයකි. කපිල පුගලආරච්චි සංගීත රටා මවයි. ප්‍රියන්ත ඊශ්වර අංග රචනයෙන් එක්වන මෙහි කලා අධ්‍යක්ෂණය සිරිනාථ වික්‍රමසිංහගෙනි.මීදුම වගේ ඇවිදින් හි සහාය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි. ඒ ලකී ආතාවුද සහ ගයාන් බුද්ධිකයි.පී. කේ. ලෙනාඩ් කැමරාව මෙහෙය වන අතර රොෂාන් ජයසුන්දරගේ නිෂ්පාදන කළමනාකරණයකි.එස්. ඒ. බෙනට් අධ්‍යක්ෂණය කරන ‘සිතක නිවන’ පොහොය කතා මාලාවෙහි සමාරම්භක රූගත කිරීම පසුගියදා බොරැල්ල සුදර්ශී ශාලාවේ පැවැත්විණ.නිමල් ඇන්තනී, රමණී සිරිවර්ධන, තිස්ස ඩයස්, වෛද්‍ය ප්‍රසාද්, අමිල ප්‍රසංග ගමගේ, සමර ශ්‍රී දඩල්ලගේ, ශාමා සප්නා, එස්. ඒ. සාගර සම්පත්, ඩික්ෂන් ජෙරාඩ්, අනුලා දේදුණු, පියුමි හංසමාලා, අජිත සමරජීව මේ සඳහා රංගන දායකත්වය සපයන ලදී.සිතක නිවන අමිල ප්‍රසංග ගමගේ ගේ නිෂ්පාදනයකි. තිස්ස ඩයස් කතාව දෙබස් තිර රචනය සකසයි. දනේෂ් ගමගේ ගේ කැමරාකරණයකි. රිෂිකා නිල්මිණි අංග රචනා ශිල්පිණියයි. ඩික්ෂන් ජෙරාඩ් කලා අධ්‍යක්ෂණයෙන් ද, ලසන්ත විතානගේ නිෂ්චල ඡායාරූපකරණයෙන්ද, ඉඳුනිල් ප්‍රසාද් ගායනයෙන් ද මෙයට දායක වෙති.සේයාරුවෙන් දැක්වනුයේ සිතක නිවන හී නිමල් ඇන්තනී සමඟ රමණී සිරිවර්ධන රඟන ජවනිකාවකි.කලකට ඉහතදී ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වූ ටයිටස් රණසිංහගේ කැදැල්ල නෑ උණුසුම් ටෙලි සිතුවමහි ඩී. වී. ඩී. තැටිය ටොරානා ලේබලය යටතේ දැන් නිකුත් වී තිබේ.කොටස් විසි හතරකින් යුතු මෙම මාලා නටකය ප්‍රදීප් සේනානායක, නිසංසලා ජයතුංග, බුද්ධික ජයරත්න, ඉන්ද්‍රජිත් නාවින්න, ශ්‍රියාණි මහවත්ත, රෙබේකා නිර්මලී, දයාසිරි හෙට්ටිආරච්චි, චන්දන මලියරත්න, නවීනා ශිවන්ජි ඇතුළු පිරිසගේ රංගනයෙන් හැඩගැන් වී ඇත. මෙය ගීතා ශිරන්තිගේ නිෂ්පාදනයකි.ආරියරත්න විතානගේ අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලංකාවේ මල්වර සිරිත් පිළිබඳ වාර්තා චිත්‍රපටය චයිල්ඩ් හුඩ් ටු වුමන් හුඩ් හි රූගත කිරීම් පසුගිය දා සිදුවිණ.
CREATIVE
දක්ෂතම සිනමා නළුවකු වන ශෂී විජේන්ද්‍ර, දිල්හානි අශෝකමාලා සමඟ පෙම් චරිත නිරූපණය කළ චිත්‍රපට තිරගත වී තිබේද?මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකටුවඔව්, ශෂී සහ දිල්හානි රඟපා තිබෙන චිත්‍රපට තිරගත වී තිබෙනවා. ලව් ඉන් බැංකොක්, විජේ සහ අජේ, සූර වීර චණ්ඩියෝ, ආසයි බයයි, රඹා සහ මධූ ඒ චිත්‍රපට අතර තිබෙනවා.චිත්‍රපට නාමාවලිය බලද්දී චිත්‍රපට සහාය අධ්‍යක්ෂවශයෙන් කුමාරදාස වාකිෂ්ඨ නම තිබෙනු දුටුවා. ඔහු සරසවිය පුවත්පතේ සේවයකළ කුමාරදාස වාකිෂ්ඨමද?ප්‍රේමසිරි නාරසිංහ – වල්පල, මාතරඔහු සරසවිය පුවත්පතේ සේවය කළ කුමාරදාස වාකිෂ්ඨම තමයි.‘අජාසත්ත’ චිත්‍රපටය අපට ඉදිරියේදී නැවත නැරැඹිය නොහැකිද?රෝහිත හේවාපන්න – රාගමඅජාසත්ත චිත්‍රපටයේ නිෂ්පාදක ඒ. එස්. පී. වික්‍රමරත්න දැන් ජීවතුන් අතර නැහැ. එහි අයිතිය කාට ඇත්දැයි දන්නේ නැහැ. කොහොම වුණත් ජනිත් මාරසිංහ අජාසත්ත නමින් අලුත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට යන වග ආරංචියි.පුංචි තිරයේ මුලින්ම විකාශය වූ සිංහල චිත්‍රපටය කුමක්ද?ඒ. කරුණාදාස - ඉඳුරුව1980 අප්‍රේල් 14 වැනි දින ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කළ මඩොල්දූව. මෙරට මුල්වරට රූපවාහිනියක විකාශය කළ පළමු සිංහල චිත්‍රපටයයි.මොහිදීන් බෙග්ට ගීත රචනා කළ ගීත රචකයන් අතර හර්බට් එම්. සෙනෙවිරත්නටත් සුවිශේෂී තැනක් හිමි විය යුතුයි නේද?කමල් පද්මලාල් - හුණුපිටිය, වත්තලඔව් කමල්, බෙග් මාස්ටර්ට ගීත ප්‍රබන්ධය කළ ගී පද රචකයන් අතර ඔහුගේ නම ඉහළින්ම කියැවෙනවා. එය යමකුට අමතක වෙනවා නම් සමාව දිය නොහැකි වරදක්.ඒ වගේම තවත් විශාල පිරිසක් බෙග් මාස්ටර් වෙනුවෙන් ගීත ප්‍රබන්ධය කර තිබෙනවා.ගාමිණී, ජීවන්, ශෂී, රොබින්, ක්ලීටස්, විල්සන් කරු, සනත් වැනි බොහෝ සටන් නළුවන්ගේ දක්ෂතා එදා චිත්‍රපටවල දැකගත හැකි වුණත්, අද එසේ සටන් කළ හැකි නළුවන් ලෙස ඔබ සිතන්නේ කවුරුන්ද?සුජාතා ගුණවර්ධන - කඩවතඅලුත් පරපුරේ රන්ජන්, අර්ජුන්, වසන්ත කුමාරවිල වගේ එබඳු දක්ෂයන් සිටිනවා.රිචඩ් ද සොයිසා චිත්‍රපටවල රඟපා තිබේද? ඇත්නම් එම චිත්‍රපටවල නම් කියන්න.තිලකරත්න විල්වල – කෑගල්ලඔහු චිත්‍රපට දෙකක රඟපෑවා. ඒ යුගාන්තය හා සත්‍යග්‍රහණය යන චිත්‍රපටවල.දස පනත සහ හටාරි යන චිත්‍රපටවල පිටපත් තියෙනවද?සරත් රණසිංහ – කපුගොඩ, මාළිඳඅනිවාර්යයෙන්ම ඔබට ඩී. වී. ඩී වෙළෙඳපොළෙන් සොයා ගත හැකියි.මා ඔබේ විශේෂාංගයට තැපැල්පත් 15 ක් පමණ යොමු කළා. ඒත් පළ වුණේ නැහැ. පැරැණි පාඨකයන් මඟ හරින එක වැරැදියි නේද?මහින්ද – වෑකඩමහින්ද, ඔබ යොමු කරන තැපැල්පත් පැහැදිලි අත් අකුරින් ලියා එවන්න.එවිට පළ වේවි. ඔබේ දුරකථන අංකයත් ලියා එවන්නකෝ.ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘පැරැණි හින්දි ගී’ වැඩසටහන විකාශය වෙන්නේ කවදාද?නිලුෂි ද සිල්වා - රත්මලානඅඟහරුවාදා රාත්‍රී දහයටනේ.‘සූරයන්ගෙත් සූරයා’ චිත්‍රපටයේ නව පිටපත් කිහිපයක් ප්‍රදර්ශනය වීම පමාවීමට හේතුව කුමක්ද?ආර්. එච්. එම්. ප්‍රේමසිරි – ගණේමුල්ලඑහි පිටපත් අලුතෙන් තිරගත කරන වගක් නම් දන්නේ නැහැ ප්‍රේමසිරි.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට චිත්‍රපටයක් වෙනුවෙන් හෝ කෙටි චිත්‍රපටයක් වෙනුවෙන් සම්මානයක් ලැබූ කලාකරුවා කවුද?චිත්‍රා පෙරේරා - හොරණප්‍රඥාසෝම හෙට්ටිආරච්චි. ඔහු නිර්මාණය කළ ගෙත්තම් හා අත්කම් වාර්තා චිත්‍රපටයට වැනිස් උළෙලේ සම්මාන ලැබුණා.ඉදිරියේදී ඊ. ඒ. පී. සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිත චිත්‍රපට මොනවාද?පාලක සමන් පෙරේරා - අල්විස්ටවුම – හැඳලසෙනසුරු මාරුව, රන් කෙවිට – 2, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, සමනළ සංධිවනිය, ප්‍රවේගය, කෝ මාර්ක් නෝ මාර්ක්, සිරි දළදාගමනය, කොස්තාපල් පුණ්‍යසෝම, තන්හා රති රඟා, සිරි පැරැකුම්බා, අජාසත්ත යන චිත්‍රපට දැනට තිරගතවීමට නියමිතයි.රැඟුම් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා කවුරුද?විල්ෆ‍්‍රඩ් පෙරේරා - රත්මලානප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර.ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල මහතාට සහෝදරයකු සිටිනවා නේද? ඔහු ගැන කිසිදු විස්තරයක් කිසිදු මාධ්‍යයකින් සඳහන් නොකරන්නේ ඇයි? එතුමාගේ මව පියා ජීවතුන් අතර සිටිනවාද?උපාලි රණවක – නාලවලානජෝතිපාලයන්ගේ මවයි, පියයි ජීවතුන් අතර නැහැ. එතුමාට එක් සහෝදරයකු සිටියා. ඔහු රූපා නමින් හැඳින්වූයේ. ඔහුත් මිය ගියා. සහෝදරියන් හතරක් හිටියා.- අර්ජුන්සැකසුම - සංජීව සම්පත් බාලසූරිය  
CREATIVE
මම දැන් වැඩිපුරම කාලය ගත කරන්නේ ආගමික කටයුතු සමඟින්. එය මට කුඩා කාලයේ පටන්ම හුරු වූ දෙයක්. මගේ හැම කටයුත්තකදීම හෙනැල්ල වගේ සිටි මගේ අම්මා දැන් එක්තැන් වෙලා ඉන්නේ. ඇයට වයස අවුරුදු 95 ක්. අම්මා බලා ගනිමින් අම්මාගේ නිරෝගි සුවය පතා මම පුණ්‍ය කටයුතුවල නියැළෙනවා.මේ සතිය බෞද්ධයන් වන අපට සුවිශේෂතම සතියක්. වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වුණා.ඊට අමතරව මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. එදාට මහියංගනය චෛත්‍යයට බුද්ධ පූජාවක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ ගමන අතරතුර මාවරගල සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න, ඖෂධ පූජා කරන්නත් බලාපොරොත්තු වෙනවා. දාන, සීල, භාවනා සමඟින් බොහොම නිස්කලංකව ජීවිතේ ගෙවනවා.
CREATIVE
බොහෝ කාලයක නිහඬතාවයෙන් පසු ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද දමයන්ති ජයසූරිය මියුරුතම ගායනයක් සමඟින් කලා ලොව ගීතවත් කරන්නට එක්ව සිටිනවා.‘හතර මහ නිධන් ළයේ නිධන් කර නින්දේ පසුවන හඳපානාගල දූදරු සම්පත අතපානා කළ කොපුල් තෙමා ගත් හඳපානාගල . . .මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වන හඳපානාගල ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනය සමඟින් ඇය සිය හඬ ගුවනට මුදාලන්නීය.ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කරන හඳපානාගල ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ රචනය රත්න ශ්‍රී විජේසිංහ විසිනි. සංගීතය ගයාන් ගණකධාරගේය.දමයන්ති ජයසූරිය මෙලෙස ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයට එක් වූයේ වසර තුනකට පමණ පසුවය. හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ තේමා ගිත ගායනයෙන් ටෙලි තේමා ගී ගායනයට එක් වූ ඇය තේමා ගී තිහකට අධික ප්‍රමාණයක් ගායනා කර තිබේ.සිය මියුරු ස්වරයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීත රැසක් ගීත ක්ෂේත්‍රයට දායාද කළ ඇය මේ දිනවල බෞද්ධ ගී එකතුවක් ආදරණීය රසික ඔබට තිළිණ කරන්නට සූදානම් වෙමින් සිටින්නීය.- යතේජා 
CREATIVE
මා සනත් නන්දසිරිගේ ගීත පිළිබඳ අධ්‍යයනයක නිරත වෙමින් පොතක් ලිව්වා. ඒ ඔහුගේ ගීත විමර්ෂණයට කාලයක පටන් මගේ සිතේ තිබුණු සිතුවිල්ලකට අනුවයි. ඒ පොත නම් කරලා තියෙන්නේ ‘සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියැසිය’ කියන නමින්. ළඟදීම ඒ කෘතිය පාඨකයන් අතට පත් කිරීමටත් නියමිතයි. මේ අතර ගුවන් විදුලියේ වෙළෙඳ දැන්වීම් කටයුතු සමඟ කාලය ගත වන නිසා වැඩ කටයුතු අධිකයි.
CREATIVE
තිස්ස උඩංගමුව කියන්නේ සංදේශය චිත්‍රපටයෙන් පටන් ගෙන බැද්දේගම, කලියුගය, යුගාන්තය ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑ දක්ෂ නළුවෙක්. එපමණක් නොව ටෙලි නාට්‍ය ගණනාවකම ඔහුගේ දස්තම් අප දුටුවා. තිස්සව කලාවට හඳුන්වා දෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාණන්.ඉතින් තිස්ස කාලෙකින් නොදුටු තමාගේ ගුරුදේවයන් බලන්න ලෙස්ටර් මහතාගේ නිවසට ගියා. එතැන් පටන් සිදු වූ දෙය ගැන තිස්ස පැවසූයේ මෙන්න මෙහෙමයි.ලෙස්ටර් මහත්තයා ලෙහෙසියෙන් එළියට බහින කෙනෙක් නෙවෙයි. එත් මං ආවා කියපුවාම එතුමාණන් ආලින්දයට ආවා. මගේ වයස කීයද ඇහැව්වා.හැත්තෑ හතරයි.මං එහෙම කිව්වා.තාම කොල්ලා වගේ නේද වැඩ.එතුමාණන් එහෙම කියලා තව කතා රැසකට මුල පිරුවා. ඔහුත් එක්ක අදහස් හුවමාරු කර ගනිද්දියි මතක් වුණේ මං ලංකාවේ ඉපැරැණි නළුවෙක් බව. ඒ වගේම මට මේ වන විටත් කිසිදු ඇගයීමකටත් ලක්වෙලා නැහැ. ඒකටත් මට දුක හිතුණා. මං මේ වන විට අවුැදු 52 ක් විතර රඟපාලා තියෙනවා. මං ඒ ගැනත් ලෙස්ටර් මහත්තයා එක්ත කතා කළා.එදා මං එතැනින් එළියට බැස්සේ ඒ අදහසත් ඔළුවේ තියාගෙන. එදා ලෙස්ටර් මහත්තයාගේ නිවසට ගිය නිසයි මගේ ඉතිහාසය වුණත් ඇවිස්සුණේ. ඉතින් මට එවන් වූ උපහාර උළෙලක් තියනවා නම් ඇත්තටම ශක්තියක් වේවි.- ප්‍රසාද්
CREATIVE
රෙජිනෝල්ඩ් කුරේ කියන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ වගේම කලා ක්ෂේත්‍රයේත් ඉතා ජනප්‍රිය චරිතයක්. අමාත්‍ය ධූරයේ වගකීම් වගේම ලැබෙන වෙලාවන් අනුව රංගන ක්ෂේත්‍රයට සිය දායකත්වය ලබා දෙන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පද රචනයටත් එතුමා දක්වන්නේ බොහොම ලැදියාවක්. පසුගිය දවසක ඔහු අතින් අලුත්ම ගීතයක් රචනා වුණා. එය නත්තල් ගීතයක්.  ‘නීල ගගන තල පිපී දිදුලනනිල්මිණි තාරකා වියනේසීත හිමපෙති විසුල මිහිතල උයනේසාමයේ බිළිඳු කුමරුන්මෙලොව එළිය දුටුවානත්තල් දා . . .’මහින්ද බණ්ඩාරගේ සංගීතයට අනුව මේ නත්තල් ගීතය ගායනා කරන්නේද විශාරද උපේක්ෂා උඩගෙදර විසිනි.
CREATIVE
මිහිර පුවත්පතේ 50 වැනි සංවත්සරයට ලේක්හවුස් ආයතනයට ගොඩවැදුනු නිළි රැජින මාලිනී සහ සබීතා කතා කරන්නට ඇති දෙබස කුමක්ද?රූපයේ දැක්වෙන අයුරෙන්ඔවුන් කියන්න ඇති දෙබස රසවත් ලෙස ලියා මේ අගෝස්තු 14 වැනිදාට පෙර ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?,සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන චිත්‍රපටයේ අනුග්‍රහයෙන් හොඳම දෙබසට සතිපතා රු: පන්සියයක තෑගි වව්චරයකි.
CREATIVE
නූලෙන් නූල ඉඳිකටුවට ඇමුණුනේ ඇයගේ ජීවිතයට අභියෝග නම් කිනිස්ස සිය දහස් වරක් ඇනෙද්දීය. එහෙත් ඒ සියල්ල ජය ගනිමින්, ඇය ජීවිතය රන් හූයෙන් ගෙත්තම් කර ගත්තේ මොන තරම් අලංකාර අන්දමින්ද? ඒ අලංකාරය අපේ දෑස්වල සිත්තම් වන සුන්දර සැන්දෑව උදාවන්නේ අප්‍රේල් පළමුවැනි දිනයේ සිටයි. ජාතික රූපවාහිනියේ ‘සඳ මිදුල’ හෝරාව සඳකටත් වඩා රමණීය කරන්නේ, දිරිය දියණිය, ඔහරා ඉතොකොය.ඔහරා, දරිද්‍රතාව විසින් තටු කපා දමන ලද කිරිල්ලියකි. දියණියක වීම නිසා ඇයට සිය ඉලක්කය වෙත ළඟා වීමටවත් හැකි වේවිදැයි බොහෝ දෙනෙක් සැක පහළ කළහ. එහෙත් ඇය ද ජපන් දේශයේ තවත් ඔෂීන් කෙනෙකි. තටු නැතිව ඉපදුණත් ඇය ගුවනේ අනන්තයටම ඉගිළෙන්නීය. ඒ දස්කම, කැපවීම වගේම උත්සාහයත් දෝතින් දරාගෙනයි. ‘අත්තටු නෑ - එත් එයා ඉගිළෙයි’ ඔහරා ඉතොකො ගැන ලොවම පවසන්නේ එයයි.අයකා කොෂිනෝ 1913 වසරේ ජූනි මාසයේ ඔසාකාවේ කිෂිවදා නගරයෙහි උපත ලැබුවාය. පියා කිමෝනා ඇඳුම් මසන්නකු වූ නිසා ඇයගේ සිත ඇදී ගියේ ඇඳුම් මැසීමටය. අකුරු කිරීම ද පසෙකලා සකල විරෝධතා අබිබවමින් අයකා මෝස්තර නිර්මාණ ශිල්පිනියක වූවාය. විසි හැවිරිදි වියේදී ඇය තමන්ගේම ව්‍යාපාරයක හිමිකාරිය වූවාය. සැමියා යුද්ධ සමයේ මිය ගිය නිසා අයකා ජීවිතයෙන් පරාජය වූයේ නැත. දියණිවරුන් තිදෙනා සමඟ එක් වී ඇය ව්‍යාපාරය වැඩි දියුණු කළාය. ඔවුන් තිදෙනාම ගමන් කළේ මවගේ අඩි පාරෙයි. 2006 වසරේදී අනූ දෙහැවිරිදි වියේ පසු වූ අයකා, ආඝාතයෙන් (ස්ට්‍රෝක්) රෝගී වූවාය. රෝහල් ගතවී සිටියදීත් ඇය ඇඳුම් මෝස්තර ප්‍රදර්ශනයක් පැවැත්වූවාය. මාර්තු මාසයේදී ඇය අවසන් ගමන් ගියාය. එහෙත් ඇය කැපූ පාරේ දියණියෝ ගමන් කරති. අද අයකාගේ දියණිවරුන් අන්තර් ජාතික මට්ටමේ මෝස්තර නිර්මාණ ශිල්පිනියන්ය. මේ දිරිය දියණියගේ කතාව, අතීතයත් සමඟ වැළලුණේ නැත. එය ‘කානේෂන්’ නමින් පුංචි තිරයේ නිර්මාණය විය.‘කානේෂන්’ ටෙලි සිත්තමේ ඔහරා ඉතොකො නමින් පණ ලබන්නේ අයකා කොෂිගෝය.2011 වසරේදී නාට්‍ය රූගත කිරීම ඇරැඹූණත් නිෂ්පාදක කණ්ඩායමට අභියෝගයකට මුහුණදීමට සිදු විය. ඒ නාට්‍ය මාලවේ ආරම්භක නිෂ්පාදන කටයුතුවලට තෝ හොකු භූමිකම්පාවෙන් බාධා සිදුවීම නිසයි. එහෙත් සියලු අභියෝග ජයගෙන 2011 වසරේ ඔක්තෝබරයේ සිට 2012 මාර්තු දක්වා ජපානයේ එන් එච් කේ රූපවාහිනි ආයතනයෙන් ‘කානේෂන්’ විකාශය කරන ලදී.ඔහරා ඉතොකො දිරිය දියණියට ජීවය දෙන්නිය, ඔනො මචිකෝ නිළියයි. සම්මුඛ පරීක්ෂණයට පැමිණි එක් දහස් අටසිය පනහක් ඇසුරින් ඔනො තේරී ඇත. වියපත් ඔහරා ලෙස රඟන්නේ මරි නත්සුකිය. නාට්‍යයේ වයස අවුරුදු හැත්තෑ දෙකකට වැඩි වයසේ චරිතය ඇය රඟද්දී මරිගේ සැබෑ වයස අවුරුදු පනස් අටක් විය. ඔහරා ඉතොකොගේත් ඔහරාගේ දෙවැනි දියණිය වන නඔකාගේත් ළමා විය දක්ෂ ලෙස නිරූපණය කරන්නේ නිනොමියා අකරිය.තරුණ විය රඟන ඔනො මචිකෝ තිස් දෙහැවිරිය. ඇය ‘සුසාකු’ සිනමා රංගගනයට සිංගප්පූරු සිනමා උළෙලේ හොඳම නිළිය වූවාය. යුරේකා, ද මෝනිං ෆොරස්ට්, ක්ලයිම්බර්ස් හයි, ලයික් ෆාදර් ලයික් සන්, කිකිස් ඩිලිවරි සර්විස් වැනි සිනමාපට රැසකම ඔනො රඟපා ඇත.වැඩිහිටි නිළිය මරී තත්සු කී ගායිකාවක, නර්තන ශිල්පිනියක ද වන්නීය. ඇය විවාහ වී ඇත්තේ 2008 වසරේදීය. සිනමාපට රැසක රඟපා ඇති මරී පණ පොවා ඇති එකම ටෙලි චරිතය ඔහරාගේ වැඩිහිටි චරිතයයි. ඇය දෙවරක්ම ජපන් ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා නිර්දේශ වී තිබේ.‘ඔෂින්’ සමඟ ‘අත්තටු නෑ, ඒත් එයා ඉගිළෙයි’ නාට්‍යයට ඇත්තේ අපූරු නෑකමකි. නව නාට්‍ය තිරගත වන්නේ ඔෂින් තිරගත වී වසර තිහකට පසුවය. විශාරද දීපිකා ප්‍රියදර්ශනී ‘හා හා හරි හාවා’ ගීතයට පසු හඬ කවන ලද නිර්මාණයක තේමා ගීතයට දායක වන්නේ ද තිස් වසරකට පසුවය. ඔෂීන් ටෙලි නිර්මාණයේදී මෙන්ම ග්‍රේස් තෙන්නකෝන් සහ රසාදරී පීරිස් මෙහි ප්‍රධාන චරිත දෙකකට හඬ දෙති.සුජාතා දියණියත් සමඟ රට පුරාම ඇතිවුණු කොරියානු ඓතිහාසික නාට්‍ය රැල්ලට උඩුගං බලා යමින් අරඹන නවතම ජපන් නාට්‍ය අලුත් වෙනසක සැබෑ ඇරැඹුමක් බව හඬ කැවීම් අංශයේ ප්‍රධානී අතුල රන්සිරිලාල් මහතාගේ අදහසයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
පාඨක ඔබට සැම විටම අලුත් අත්දැකීමක් ගෙන එන සරසවිය මෙවර අලුත්ම තරගය හඳුන්වා දෙයි. මෙවර විශේෂත්වය නම් එයට පුවත්පත් මෙන්ම අන්තර් ජාලය ඔස්සේ ද එයට හවුල් වන්නට ඇති හැකියාවයි. ඔබ කළ යුත්තේ මේ සමඟ පල කරන ඡායාරූපයට රසවත් දෙබසක් ලියා අපට එවීමයි. නැතහොත් www.sarasaviya.lk  වෙබ් අඩවියට එක් කිරීමයි.තැපැල්පත් මඟින් හෝ වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ඔබේ දෙබස ඊළඟ සතියේ බදාදා එනම් මැයි 21 වැනිදාට පෙර ‘කියන්නේ මොනවාද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.හොඳම දෙබසට ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන ආදරණීය කතාවක් චිත්‍රපටයේ අනුග්‍රහයෙන් සතිපතා රු: පන්සියයක තෑගි වව්චරයකි.මෙවර ඡායාරූපයේ අනුව ආදරණීය කතාවක් මුහුරත් උළෙලේදී සුනිල් ආරියරත්න, උපුල් ශාන්ත සන්නස්ගලට පවසන්නේ කුමක්ද?
CREATIVE
ඉෂාන් මෙන්ඩිස්මේ දිනවල ස්වාධීනරූපවාහිනිය ඔස්සේ රාත්‍රී 9.00 ට විකාශය වන ‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයෙහි රූ එෆ්. එම් හි නිවේදකයන් අතර ඔහුත් බොහොම ජනප්‍රිය චරිතයක්.‘ජනිත්’ජනිත්ගේ චරිතයට පණ පොවන ඉෂාන් මෙන්ඩිස් කියන යෞවනයාට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර බොහොමයි.‘බොහොම දෙනෙක් මට මේ දවස්වල කතා කරන්නේ ජනිත් කියලා. ජනිත් කියන්නේ ඒ තරම්ම හොඳ චරිතයක් නම් නෙමෙයි. කෝසලට උදව් කරන්නට ඇවිත් ඕපාදූප සොයන මනීෂාට යටි සිතින් ආදරය කරන අමුතුම චරිතයක්. ප්‍රේක්ෂකයෝ නිතරම මගෙන් අහන දෙයක් වෙන්නේ ඔයා මනීෂාට ආදරය කරනවා නේද කියන කාරණයයි.’ මාතර මාකඳුර ගමේ උපන් ඉෂාන් මෙන්ඩිස් කොළොම්පුරවරයට පැමිණෙන්නේ විශ්වවිද්‍යාල ආධ්‍යාපනය සඳහායි. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවන ඔහු නාට්‍ය කලාවට ආදරය කළත් හදාරන්නට සිදුවන්නේ ජනසන්නිවේදනයයි. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ වීදි නාට්‍යය කණ්ඩායමට බැෙඳන ඉෂාන් එය සිය රංගන දක්ෂතා සඳහා අපූරු පාලමක් කර ගන්නවා.ඔහුගේ තරුණ සිත නාට්‍ය කලාවේ නතර වනවාත් සමඟ බොහෝ නිර්මාණ කිහිපයක් ඔහුව සොයාගෙන පැමිණෙන්නේ මේ අතරයි. ක්‍රිෂාන්ත රත්නසිරිගේ ‘කිං තුල්ලෝ’ වේදිකා නාට්‍යයෙහි ප්‍රධාන චරිතයට පණ පොවන මේ යෞවනයා ඔලේ සෝඩා දැන්වීමට ද පෙනී සිටියි. ජනතාව අතරට ඔහු පළමුව පා තබන්නේ ‘කෝපි කඩේ’ සුපුන්ගේ චරිතයෙනි. ‘ගැහැනු ළමයි’ හි කීර්තිත්, ‘රුවන් මාළිගා’ හි සෙන්ටර්, ‘ඕලු – 2’ හි තිලකෙගේ චරිතය ඉෂාන්ව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යයි. 2008 වසරෙහි යෞවන සම්මාන උළෙලේදී දිගු නාට්‍යයක් වූ ‘හෙට දවස වෙනුවෙන්’ ඔහුට කුසලතා සම්මානයක් ලැබෙයි.‘මේ ලැබුණු සම්මානයෙන් මගේ රංගන ජීවිතය අලුත් කළා. රංගනය පිිළිබඳ හැදෑරීමට තිබෙන කැමැත්ත දියුණු කළා. ප්‍රසන්නජිත් අබේසූරියගේ පහුර වීදි නාට්‍ය කණ්ඩායමට බැඳුණා.ඉන් ලබාගත් බොහෝ අභ්‍යාසයන් සමඟ ඊට පස්සේ මගේ ‘මෙහෙවර’ වීදි නාට්‍යය කණ්ඩායමක් නිර්මාණය කිරීම කියන පියවර තබන්නට හැකි වුණේ රංග කලාවේදී මා ලැබූ පන්නරයයි. වේදිකාව හා පුංචි තිරයේදී ලැබෙන චරිත සඳහා සාධාරණයක් ඉෂ්ට කරමින් පැමිණි ගමනේ සංධිස්ථානය වෙන්නේ සිනමාවයි. මා එසේ කියන්නේ මා අද වඩාත් ආදරය කරන මාධ්‍යය බවට පත්ව ඇත්තේ සිනමාව නිසයි.’මේ දිනවල තිරගත වන ඉසුරු වීරසිංහගේ ‘කලර්’ චිත්‍රපටයෙහිදී ඉෂාන් ඔබව හමුවන්නේ කොන්දොස්තරවරයකුගේ චරිතයෙන්. එම චරිතය බොහෝ දුර විහිද නොයන චරිතයක් වුව ද එහි දැක් වූ රංගනයේ ප්‍රතිභාව වෙනුවෙන් ඔහුට හිමිවන්නේ අපූරු අවස්ථාවක්.‘මේ කොන්දොස්තරවරයාගේ චරිතයේදී කළ රංගනය නිසා මා කෙරෙහි පැහැදුණ ඉසුරු වීරසිංහ කියන අධ්‍යක්ෂවරයා ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා මා තෝරා ගන්නවා. ඊළඟට ප්‍රදර්ශනය කිරීමට නියමිත ඔහුගේ ‘මල්’ කියන යෞවනය අළලා රූපගත වුණු මෙම චිත්‍රපටය මගේ රංගන ජීවිතය නව මඟකට යොමු කළා. දුරකථන ඇමැතුමක් වටා ගෙතී ඇති ‘මල්’ චිත්‍රපටය මා ප්‍රධාන චරිතයක් රඟපාන මගේ කුලුඳුල් චිත්‍රපටයයි. රංගන ජීවිතයෙන් දිගුª ගමනක් යන්නට බලාගෙන සිටි මට මේ චරිතය අපූරු කඩඉමක්.මා පිළිබඳ විශ්වාසය තබා අධ්‍යක්ෂවරයා මට දුන් කාර්යය නිසි අයුරින් කළාය කියන තෘප්තිමත් බව මා සතුයි. ඉදිරි කාලයේදී එය තිරගත වේවි.’දක්ෂ, කුසලතා සපිරි රංගන ශිල්පියෙක් වීමේ අධිෂ්ඨානය සිතෙහි රඳවා ගත් ඉෂාන් මේ දවස්වල මුතු පිහාටු ටෙලි නාට්‍යය ඔස්සේ වගේම ‘සුදු ගින්දර’ ටෙලි නාට්‍යය ඔස්සේ ද ඔබ හමුවට පැමිණෙයි. ඔහුගේ සොඳුරු පැතුම සැබෑවක් වන්නට අවැසි ඉඩ හසරෙහි සැරිසැරීමට ඉෂාන්ට අවකාශ ලැබේවා යන්න සරසවිය අපගේ ප්‍රාර්ථනයයි.- තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
අපේ ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහයන්ගේ නෙතට කඳුළක්එනු දුටුවේ ජයන්ත ධර්මදාස මහතාගේ සහභභාගීත්වයෙන් පැවැතුණ කර්තෘභාග ගෙවීමේ සහෘද සංසදයේ රැස්වීමේදීයී.කවදත් සංවේදී කලාකරුවකු වූ රෝහණට ඊට ටික දිනකට පෙර කර්තෘභාග ලෙස මුදලක් ලැබී තියෙනවා. ඒ 2001 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ඔහු සංගීතවත් කළ ගීත වෙනුවෙන්. මේ විදියට කර්තෘභාග ගෙවා ඇත්තේ අපේ ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ විසින්.මේ අවස්ථාවට අපේ සංගීත ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් පැමිණ සිටියා. මේ ආකාරයට කර්තෘභාග මීට පෙර ගෙවූ දයාන් විතාරණ, රොහාන් ශාන්ත බුලේගොඩවත් මතක් කරන්නට රෝහණ අමතක කළේ නැහැ. මේ සංවේදී කතාව රෝහණ මතක් කරන විට සියල්ලන්ගේම නෙතට කඳුලක් ඉනුවේ තමන්ගේ යුතුකම හරියට ඉටු කරන කලාකරුවන් ගැන සොම්නසක් සිතෙහි ඉපැදුන නිසයි.අනෙක් ගායකයන්ට හොඳ මාර්ගෝපදේශයක් ලබා දුන් සෝමතිලක ජයමහ ශූරීන්ට සරසවිය උපහාරය.පසුගියදා දෙරණ කලා ගමේ අවුරුදු උත්සවය හරිම ජයට පැවැත්වුණා. මෙහි සිත් ගන්නාම ක්‍රීඩාව වූයේ කාන්තා කොට්ට පොර තරගයයි.හැම වසරේදීම වාගේ මේ වසරේදීත් නදීෂා හේමමාලිට කිසිම තරගයක් තිබුණේ නැහැ. නමුත් අන්තිම තරගයේදී නදීෂාට හොඳ තරඟයක් දීමට ජානකී විජේරත්නට හැකි වුණා. පළමු වටයේදී ජානකීට නදීශා පහර එල්ල කළේ ආවේගයෙන් වගේයි.නමුත් ජානකී කිසිදු පැකිලීමකින් තොරව දණ්ඩ උඩ රැඳී සිටියේ හරියට පළපුරුදු ක්‍රීඩිකාවක් වගෙයි. අපි දුටුව ආකාරයට නම් ජානකී සහ නදීෂා කොට්ට පොර ගැසීමේ හොඳ පළපුරුද්දක් ඇති දෙදෙනක් බවට නම් සැකයක් නැහැ. කොහොම වුනත් නදීෂා මේ කොට්ට පොර තරඟයෙන් හොඳ තරගයක් දී වෙනදා වගේම ජය ගත්තා.චන්දික නානායක්කාරයි, ප්‍රභාත් වීරසිංහයි කියන්නේ ගසට පොත්ත මෙන් බද්ධ වුණු ගජ යහලුවන්. මේ දෙදෙනාගේම ගම් පළාත වුණේ රත්නපුරයයි. පසුගිය සිංහල අවුරුදු දා තම ගජ මිතුරාවබලන්න චන්දිකවිශාල කේක් ගෙඩියකුත් රැගෙන ප්‍රභාත්ලගෙ නිවෙසට ගොඩ වුණා.අවුරුදු ලැබීමේ සතුටත් තම මිතුදම යළි මතක් කර ගන්නටත් මේ හමුව ඉවහල් වුණා. සිංහල අවුරුදු දවස නිසාම ප්‍රභාත්ගේ බිරිඳ වසන්තාට කරදර නොකළ ප්‍රභාත් චන්දිකටත් හොරෙන් මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් වැඩ පටන් ගත්තා.සාලයට වී වසන්තා හා පවුලේ අය සමඟ කතාබහ කරමින් සිටි චන්දික, ප්‍රභාත් කොහෙද කියමින් මුළුතැන්ගෙට පැමිණියේ ප්‍රභාත් පෙනෙන්නට නොසිටි නිසා. තම ගජ මිතුරාට තම අතින්ම නිමැවුනු ප්‍රණීත කෑම වේලක් පිරිනැමීමට සිතමින් කෑම පිළියෙල කරන ප්‍රභාත් දුටු චන්දිකට ඉහ වහ ගිය බඩගින්න ද අමතක වුණා.හදිසියේ කොළඹ වැඩක් බව පවසමින් චන්දික ප්‍රභාත්ලගේ නිවසින් දවල්ටත් නොකා පැමිණි වගයි ආරංචි. මේ ගැන විමසුවාම චන්දික කියන්නේ ප්‍රභාත් උයන හැටි දුටුවාම කෑම එපා වුණු බවයි.ලූෂන් බුලත්සිංහල අපේ ප්‍රවීණ කලාකරුවාට වයෝවෘද්ධ රෝගියෙකුගේ චරිතයක් රූපණය කිරීමට සිදු වුණා.මෙහිදී මේ රෝගියාව නාවන දර්ශනයක් ඉතා තාත්විකව කැමරාවටහසු කර ගැනීමට අවශ්‍ය වුණා.මේ නිසාම කිහිප වතාවක්ම මේ දර්ශනය රූගත කිරීමට සිදු වුණා. මේ දර්ශනයෙන් පසුව ලූෂන්ගේ ඇඟට යම් අපහසුතාවයක් දැනුණත් දිගටම රූගත කිරීම සිද්ධ කළා.සවස් යාමය වන විට තමයි තෙමුණ එකේ බරපතලකම දැනුණේ. ඒ ලූෂන්ට සහලවලා උණ හැදුන නිසා.සංජීව සම්පත්සේයා - ටෙනී මාලන්
CREATIVE
ආර්. පී. ලියනගේ ජන්ම ලාභය ලැබුවේ කොලොන්නාව, කොටිකාවත්ත ගම් ප්‍රදේශයේදීය. ඔහු පාසල් අධ්‍යාපනය හමාර කරනවාත් සමඟම සංගීත ක්ෂේත්‍රය වෙත යොමු වන්නේ ඩ්‍රම්ස් වාදනයට ඇති අසීමිත කැමැත්ත නිසාවෙනි.මොහු 70 දශකයේදී සංගීත කණ්ඩායමක් ද නිර්මාණය කළේය. එය ‘ගෝල්ඩන් ඇරෝස්’ නමින් සංගීත ක්ෂේත්‍රය අතර ජනප්‍රිය විය.එදවස ‘ගොල්ඩන් ඇරෝස්’ සංගීත කණ්ඩායම ලංකාවේ දක්ෂ ගායන ශිල්පීන් රැසක් රටට දායාද කරන්නට සමත් විය. එම ශිල්පීන් අතර එක් අයෙකුª වන්නේ ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්දයි. ඒ පිළිබඳව ඔහු පවසන්නේ හද පිරි සතුටිනි.මොහු වෘත්තියෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශ ප්‍රධානියෙකි. ඔහු රැකියාව සඳහා කාලයක් විදෙස්ගතව සිටියේය. ඒ කාලය තුළදී ඩ්‍රම්ස් වාදකයෙකු ලෙසින් ඩුබායි හි ජුමේරා හෝටලයේදී ප්‍රිය සාදවලට සහභාගී වන්නට ද අමතක නොකළේය. ඒ නිසාවෙන්ම ඔහුට යුරෝපීය හා ඉන්දියානු කලාකරුවන් රැසක් දැන හඳුනා ගැනීමට ද අවස්ථාව උදා විය.සංගීතයට මුළු හදින් ළෙංගතු වූ මොහු පසුව ගී නිර්මාණයට ද යොමු වුණි. ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ‘ශ්‍රී ලංකා අපේ මෑණී’ ගීතය නිර්මාණය කළ අතර ඊට අමතරව තනු නිර්මාණ කිහිපයක් ද ඔහුගේ නිර්මාණ ගොන්න අතර වෙති.ඉදිරියේදීත් සංගීතය උදෙසාම කැපවීමේ අදහසින් ඔහු ‘මෙලඩි මේකර්ස්’ නමින් සංගීත කණ්ඩායමක් හා පෞද්ගලික වියදමින් ශබ්දාගාරයක් ද පවත්වාගෙන යන මොහු නවකයින්ට ක්ෂේත්‍රයට පැමිණීමට අත හිත දීමට ද බලාපොරොත්තුවෙන් සිටී.ආර්. පී. ලියනගේ ශිල්පියාගේ ඉදිරි කලා කටයුතු සාර්ථක වන්නට අපි සුබ පතන්නෙමු.සටහන – දීපිකා ජයලත්ඡායාරූපය – මාලන් කරුණාරත්න  
CREATIVE
මේ දවස්වල මම ඉන්නේ බොහොම විවේකයෙන්. ඒ පසුගිය දවස්වල දිගින් දිගටම ටෙලි නාට්‍ය බොහොමයකට සම්බන්ධ වුණු නිසයි. දිගින් දිගටම රඟපෑ ඒ ටෙලි නාට්‍යය කිහිපය ඉදිරි කාලයේදී විකාශය වේවි. ඒ වගේම වාසිත සමරනායකගේ ටෙලි නාට්‍යයකටත් රඟපෑමෙන් සහයෝගය දක්වන්න මට ආරාධනා ලැබුණා. එහි මුහුරත් උළෙලටත් පසුගිය දිනෙක මා සහභාගි වුණා.ළඟදීම ජාතික රූපවාහිනියේ ආරම්භ කරන ජපන් ටෙලි නාට්‍යය සඳහා හඬ කැවීම් කටයුතුත් කරනවා. මේ අතර ලැබෙන විවේකය මගේ මහත්තයත් සමඟ බෙදා හදා ගන්නේ බොහොම සතුටෙන්.
CREATIVE
ලෝක සිතියම මත ලංකාව ඉතාම කුඩා තිතක් ලෙස පෙනෙන විටම ඒ තිතෙන් මතුව බොහෝ දස්කම් පෙන්වන කෙනෙකි ඈ. ඇමරිකාවේ උතුරු නිව් ජර්සියේ ජීවත් වන ඇය සම්නර් පෙරේරාය. 17 හැවිරිදි ඈ සංගීතයටත්, වේදිකා නාට්‍ය රංගනයටත් දක්වන්නේ බුහුටිකමකි. අවුරුදු 09දී රංගන ජීවිතය ආරම්භ කළ ඇය ගැරේප් තියටර් කණ්ඩායමේ තරුණ කණ්ඩායමට ඇතුළත් වුණි. එහිදී “ද හොන්ක්” සහ “ලිට්ල් ප්‍රින්සස්” යන නාට්‍ය ද්විත්වයේ ඇය කළ රංගනය කැපී පෙනෙන්නකි. 2010 වසරේදී “ටීන් අයිඩල් 2010” තරගයෙන් ප්‍රාදේශීය මට්ටමෙන් ජයග්‍රහණය කළ අතර ඉන් පසුව ජාතික තලයේ උසස් පාසල් අතර පැවති “ටීන් අයිඩල් 2010” තරගයට සහභාගී විය.එමෙන්ම නිව් ජර්සිහි රංගකලා මධ්‍යස්ථානයෙහි තරුණ කලාකරුවන්ගේ ආයතනයට ඇතුළත් වී වැඩි දුරටත් වේදිකා රංගනය පිළිබඳ හදාරන්නට විය. කටහඬ පාලනය මෙන්ම රංගනය පිළිබඳ ඈ උගත්තේ එයිනි. බර්ගන් කන්ට්‍රි මියුසික් ඇකඩමියෙන් තව දුරටත් නර්තනය, රංගනය, ගායනය පිළිබඳ වඩා ගැඹුරින් හැදෑරීම හේතුවෙන් සම්නර් වෘත්තීමය වේදිකා නාට්‍ය ශිල්පිනියක වීමට පුහුණු වීම අරඹා ඇත. 2013 වර්ෂයේදී ඇගේ පාසලේ රඟ දැක්වූ නාට්‍යයක් වූ බ්‍රිහඩුන් හි මෙග් බ්‍රොකී චරිතය රඟපා පෙප්මිල් ප්ලේ හවුස් රයිසින්ග් ස්ටාර් සම්මාන උළෙලේ හොඳම සහය නිළිය සඳහා නිර්දේශ විය.ප්‍රකට ටෝනි සම්මාන උළෙල අනුකරණය කරමින් පවත්වන මේ සම්මාන උළෙල සඳහා අන්තර් පාසල් 100ක් සහභාගී වේ. ප්‍රකට හොලිවුඩ් නිළියක වන ඈන් හැතවේ පවා එකල මේ සම්මානය සඳහා නිර්දේශ වී සිටීම වඩාත් වැදගත්ය.අංශ කිහිපයක් යටතේම දක්ෂතා පෙන්වන සම්නර් තම පාසලේ ජෑස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාවක ලෙස කටයුතු කර ඇත. පුණ්‍ය කටයුතු වෙනුවෙන් තම කටහඬ ස්වේච්ජාවෙන් ලබාදෙන සම්නර් ඔවුන්ට සත්කාර පිණිස පැවැත් වූ “කීප් ද ස්පිරිට් 45 ලයිව්” සංගීත ප්‍රසංගයට සහභාගී වූවාය. දෙවැනි ලෝක යුද වීරයන්ගේ සේවය අගය කරමින් පැවැත් වූ මේ ප්‍රසංගයේදී 40 සහ 50 දශකවල ප්‍රකට ජෑස් ගීත ගායනා කෙරුණි.ලෝක සිතියමේ ලංකාවේ තැන ලකුණු කරන්නට තැත් කරන සම්නර් අනාගතයේ දිනෙක දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පිනියක වන බවට නම් සැකයක් නැත.
CREATIVE
අපේ රට පුංචි දූපතක් වුණාට අපි සතු කලා උරුමයන් නම් ගොඩක් විශාලයි. ලෝකයේ කිසිම රටකට නොදෙවෙනි වෙන සංස්කෘතියක් අප සතු වීම ඇත්තෙන්ම ආඩම්බරයක්.ලෝකයේ කොතනට ගියත් අපේ කලාව රැක ගැනීම අප සතු යුතුකමක්. සමහරු නොහිතුවත් එහෙම හිතන අයත් ඉන්නවා. එහෙම කෙනෙක් තමයි සුමිත් තිසේරා. දැනට මව් බිමෙන් බැහැරව කැනඩාවේ ජීවත් වුණත් ඔහු ලාංකේය කලාවට ගොඩක් ලැදියි. ඒ නිසාම ඔහුගේ වෑයම අපේ කලාව ලොව ප්‍රචලිත කිරීමයි. පියවරෙන් පියවර ඒ සඳහා යන ගමන සාර්ථක වෙලා.ඒ ගමන් මග ගැන අපි සුමිත්ගෙන්ම අහමු.මම කුඩා කාලයේ සිටම කලාවට ගොඩක් ආස කලා. පාසල් වේදිකාව මට රංගනයේ දොරටු විවරකර දුන්නත් එහි රැෙඳන්න මට වරම් ලැබුණේ නැහැ. නමුත් මම කලාවට හැමදාම ආදරය කළා. ඒ වගේම සිංහල සිනමාවට සේවයක් කරන්න ඕන කියන අධිෂ්ඨානය මගේ හිතේ හැමදාම තිබුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි 1985 වසරේදී ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනම බිහි වෙන්නේ. මගේ බලාපොරොත්තුව වුණේ අපේ සිංහල සිනමාවට කලාවට සේවයක් කරල අගැයීමට ලක් නොවුණ කලාකරුවන්ට නිසි තැනක් දෙන්න. ඒ අනුව පැවති උපහාර උළෙලවල්වදී ජී. එස්්. බී. රාණි පෙරේරා, ආරියරත්න කහවිට, හරූන් ලන්ත්‍රා, මාලිනී ෆොන්සේකා, සෝනියා දිසා, අයිවෝ ඩෙනිස්, රෝයි ද සිල්වා, ක්‍රිෂ්ටි සොයිසා, ලතා වල්පොල, ශ්‍රියාණි අමරසේන, ජයසේන ජයකොඩි, උදුලා දාබරේ, ටෝනි රණසිංහ, ධර්මසිරි ගමගේ, අනුලා කරුණාතිලක විතරක් නෙවෙයි 1996 වසරේදී ලෝක ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ අර්ජුන රණතුංග සම්මානයට පාත්‍ර වුණා.කලාවට සේවය කරන්න ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනම බිහි වෙන්නේ කොහොමද?මමයි මගේ පාසල් මිතුරකු වූ චිත්‍රපට අධ්‍යක්ෂ එච්. ඩී. ප්‍රේමරත්නයි දවසක් චිත්‍රපටයක් බලද්දි තමයි මේ තීරණයට ආවේ. ඒ අවස්ථාවේදී අපි කතා වුණා අගැයීමට ලක් නොවූ පැරැණි කලාකරුවන් අගයන්න ඕන කියල. ඒ අනුව 1988 දී අර්නස්ට් පෝරුතොට පියතුමා ඇතුළු එච්. ඩී. ප්‍රේමරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, මිල්රෝයි පෙරේරා එක්ව ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනම පිහිටුවන්නේ. මේ වන විට රංග ප්‍රේමරත්න සභාපති ලෙසත් මම ජාත්‍යන්තර සභාපති ලෙසත් කටයුතු කරනවා.ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනමේ සාර්ථකත්වය?2000 වසරේ දී අපි ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ තවත් ශාඛා දෙකක් පිහිටුවූවා. මේ ඔස්සේ අපට ජාත්‍යන්තර මට්ටමෙන් ලාංකේය කලාවට සේවයක් කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අනුව අපි ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් උත්සවය නිමිත්තෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව නගර 18 ක සංස්කෘතික උළෙලවල් පැවැත්වූවා. ඒ සඳහා මෙරට කලාකරුවන් රැසකගේ සහභාගිත්වය ලැබුණා. ඊට අමතරව මෙරට දරුවන්ට සිනමාව හා කලාව පිළිබඳ පාඨමාලා, සම්මන්ත්‍රණ පවත්වන්නටත් කටයුතු යොදලා තියෙනවා.ඔබගේ පෞද්ගලික තොරතුරු ගැනත් සඳහන් කළොත්?මම අධ්‍යාපනය ලැබුවෙ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ 07 ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයෙන්. අනතුරුව මම නාවික සේවයට බැදුණා. මේ වන විට මම නාවික මිනින්දෝරුවෙක් විදියට සේවය කරනවා. දැනට පදිංචි වෙලා ඉන්නේ කැනඩාවෙ. මගේ බිරිඳ සන්ධ්‍යා තිසේරා. මට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනමේ වැඩ කටයුතු කීපයක් වෙනුවෙන් තමයි මම ලංකාවට ආවේ.ඉදිරිය ගැනත් කතා කරමු.ඉදිරි කාලයේදී චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. නැසීගිය ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය තිස්ස අබේසේකරගේ අවසන් තිර රචනයට අනුව තමයි මෙය සිදු කෙරෙන්නේ. සම්මානනීය කැමරා ශිල්පී සුමින්ද වීරසිංහ සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරල තිබුණත් නොසිතූ මොහොතක ඔහු අප අතහැර ගියා. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.යතේජා ඥානරත්න
CREATIVE
ඉන්දික වීරසිංහ ගායන ක්ෂේත්‍රයේ යොවුන් ගායන ශිල්පියෙක්. පාසල් කාලයේ පටන් සංගීතයට විශේෂ ලැදියාවක් දැක් වූ ඔහු ඒ පිළිබඳව වැඩිදුර යොමු වන්නේ 2000 වසරේදී. ඒ ජාතික තරුණ සේවා සභාවෙන්. ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් යටතේ ගුරුහරුකම් ලබමින් සංගීතය හැදෑරූ ඉන්දික සිය කුළුඳුල් ගීතය ‘සඳ ඉකි බිඳියි’ එළි දක්වන්නේ 2004 වසරේදියි.ඔය ඇස් දිහා බලන්ඔබ කී කතා අසන්මං තනි වෙලා සිතින්ඔබ වෙන් වෙලා මගෙන් . . .මේ දිනවල ගුවන් විදුලි නාලිකා මෙන්ම අන්තර්ජාලය ඔස්සේත් අසන්න ලැබෙන මේ ගීතය ඉන්දිකගේ අලුත්ම ගීතයයි. ඔහු මේ වන විටත් ‘ඔය ඇස් දිහා’, ‘සඳ ඉකි බිඳියි’ ගීත වලට අමතරව ‘මලක රුවක්’, ‘නිල් දෙනෙතේ’, ‘එළකිරි කොල්ලා’ නමින් ගීත එළි දක්වා අවසන්. මේ ගීත අතර අලුත්ම ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන බවයි ඉන්දික සරසවියට පැවැසුවේ. ඒ වගේම ‘ඔය ඇස් දිහා’ ගීතය රිගින් ටෝන් සඳහාත් ඇතුළත් කරලයි තියෙන්නේ.රසිකයන් අතරට යන්න පුළුවන් අර්ථවත් ගීත ආදරණීය රසික රසිකාවන්ට තිළිණ කිරීම තමයි ඉන්දිකගේ බලාපොරොත්තුව. පෞද්ගලික ආයතනයක ප්‍රාදේශීය අලෙවි කළමණාකරුවෙකු ලෙස සේවය කරන ඔහු හැකි සෑම වේලාවක්ම ප්‍රසංග වේදිකාව වෙනුවෙනුත් වෙන් කරනවා.ළඟදීම සිය ගීත එකතුවක් එළි දක්වන්න බලාපොරොත්තු වෙන ඉන්දික මේ දක්වා පැමිණි සිය සංගීත චාරිකාවට දිරිය දුන් සංගීතඥ නවරත්න ගමගේ, ජයසිරි අමරසේකර, චානක සේනාධීර ඇතුළු හැම දෙනෙක්ම කෘතඥ පූර්වකව සිහි කර සිටියි. - යතේජා
CREATIVE
‘මං නළුවෙක් ද කියලා හිතෙනවා’ මෙසේ පවසන්නේ එසේ මෙසේ නළුවකු නොව විශිෂ්ට රංගධරයකු වූ අමීර් ඛාන්ය. ඔහු පී කේ සිනමාපටය රාජස්ථානයේ රූගත කරද්දී රසිකයන් සිනමාව ගැන එකදු ප්‍රශ්නයක් හෝ නොනැඟීම ඊට හේතුවයි.ප්‍රශ්න නගා ඇත්තේ ‘සත්‍යමෙව් ජායතී’ වැඩ සටහන ගැනයි. ‘මට හිතෙන්නේ මිනිස්සු මගේ චිත්‍රපට ගැන උනන්දු නැහැ. විශ්‍රාම ගන්න කාලය ඇවිත්’ ඔහු එසේ පවසා ඇත්තේ සිනාසෙමිනි. එහෙත් එය ඇස් රතු වන විහිළුවක් නොවේවායි යන්න සැමගේම පැතුමයි.
CREATIVE
හොලිවුඩ් පුරයේ තවත් අභිරහස් මරණයක්. හොලිවුඩ් සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ වැඩිමල් පුතුවන සැගේ ස්ටැලෝන් පසුගිය 13 වැනිදා මෙලෙසඅවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ.ලොස් ඇන්ජලීස් නුවර ස්ටුඩියෝ සිටි හි නිවසේ ඔහුගේ කාමරයේ තිබු සිරුර සොයා ගෙන තිබුණේ නිවසේ සේවකයකු විසිනි.මිය යන විට 36 වැනි වියේ පසු වූ සැගේ ගේ මරණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වී නොමැති බවයි එතෙරින් වාර්තා වෙන්නේ.ඔවුන් සැක පල කරන්නේ වේදනා නාශක අධික ලෙස භාවිතයට ගැනීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි.මෙය සිය දිවි හානිකර ගැනීමක් ලෙස තහවුරු කරන්නට තරම් සාක්ෂි කිසිවක් මේ වන විටත් ලැබී නොමැති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.1976 මැයි 05 වැනිදා උපන් සැගේ මුන්බ්ලඩ් ස්ටැලෝන් සිය පියාගේ අඩි පාරේ යමින් කලා ක්ෂේත්‍රයට පිවිස චිත්‍රපට නළුවකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු මෙන්ම තිර රචකයෙකු ලෙස ද ප්‍රසිද්ධියක් අත්කර ගැනීමට සමත් විය.පියාගේ රොකී චිත්‍රපට මාලාවෙන් ක්ෂේත්‍රයට පිවිසි සැගේට රොකී 5 (1990), ද ඩෙවිල් ඉන් සයිඩ් මී (1993), ඩේලයිට් (1996), ඇමරිකන් හීරෝ (1997) ඇතුළු චිත්‍රපට 13 ක රංගනගයෙන් දායක වන්නට අවස්ථාව උදා විය.ඒ අතර රොකී 5 සහ ඩේලයිට් හි සිය පියා සමඟ රංගනයේ යෙදීමට ඔහුට අවස්ථාව උදා විය.2006 වසරේදී ඔහු විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ වික් නම් කෙටි චිත්‍රපටයෙන් බොස්ටන් චිත්‍රපට උළෙලේදී සැගේට හොඳම චිත්‍රපට නිෂ්පාදකට හිමි සම්මානය හිමි විය.සැගේ ස්ටැලෝන් මෙම සතියේදී විවාහ ගිවිස ගැනීමට ද නියමිතව තිබිණි.මෙම විවාහය ඔහුගේ දෙවන විවාහය වන අතර ඔහු මීට පෙර ස්ටාර්ලින් රයිට් සමඟ 2007 දී විවාහ ගිවිසි නමුත් 2008 වසරේදී එම විවාහය බිඳ වැටිණි.මෙම හොලිවුඩ් නළුවාගේ මරණය පිළිබඳ රස පරීක්ෂණ තවමත් පැවත්වේ.එහිදී ඔහු වේදනා නාශක අධික ලෙස භාවිත කළා ද නැත්නම් අධිකව මත්ද්‍රව්‍ය භාවිත කළා ද යන්න ඔප්පු වෙනු ඇත.කෙසේ නමුත් සැගේ ගේ දිගුකාලීන මිතුරන් පවසා ඇත්තේ යහපත් ශරීර සෞඛ්‍යයෙන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ සැගේ කිසි දිනෙක මධ්‍යසාර හෝ මත් ද්‍රව්‍ය භාවිත කරනු දැක නොමැති බවයි.අද වන විට හොලිවුඩ් පුරයෙන් වාර්තා වන මෙම තරුණ නළුවාගේ මරණය පිළිබඳව සැකයක් මතුව ඇත්තේ ප්‍රීතිමත් අන්දමින් ජීවිතය ගත කළ මෙම තරුණයාට ජීවිතයෙන් සමු ගැනීමට හේතුවක් තිබුණේද නොඑසේ නම් අවාසනාවන්ත ලෙස මරණයට පත් වූවා ද යන්නයි.යතේජා ඥානරත්න
CREATIVE
මේ ඡායාරූපය කියන්නේ අනුවේදනීය කතාවක්. පසුගිය දවසක අපේ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහරගම පිළිකා රෝහලට ගියේ සමාජ සත්කාරයකට දායක වන්නටයි.ඒ නවලෝක සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වූ අභාවප්‍රාප්ත, දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් පවුලේ සමාජිකයන් විසින් පරිත්‍යාග කරන ලද රෝහල් වාට්ටු ගොඩනැගිල්ල විවෘත කිරීමටයි.නවලෝක නිර්මාතෘ ධර්මදාස මහතා වාසනා, හතර වටේ වැනි චිත්‍රපටවල සම නිෂ්පාදක වරයායි. එමෙන්ම ඔහුගේ එක් පුත්‍රරත්නයක් වූ ජයන්ත ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති හැටියටද කටයුතු කළා.රවී,දොස්තර වසන්ත සහ ප්‍රීතිනවලෝක පවුලේ ළඟ හිතවතකු වූ රවීත් මේ සත්කාරයට එකතු වුණේ පින් සිත් ඇතිවයි. රවී කලකට ඉහත දී මෙහෙය වූ ‘ මයින්ඩ් ස්ටාර් ‘ වැඩසටහනේ දී ලක්ෂ දහයක් දිනාගත් විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයායි.රවී, වෛද්‍ය වසන්ත සමඟ පිළිකා රෝහලේ වාට්ටු තුළට ඇවිද ගියේ රෝගීන්ගේ නෙත් සිත් සතුටු කිරීමටයි. බෙහෙවින් අසාධ්‍ය ලෙඩකු රවී පැමිණ සිටිනවා දැක කතා කළා.’ මට හරි සන්තෝෂයි, ඔබ තුමා දැකගන්න ලැබීම ‘. මේ නන්නාදුනනා රෝගියා රවීගේ අතින් අල්ලාගෙන කියා සිටියා. රෝගියාගේ තත්ත්වය දන්නා වෛද්‍ය වසන්ත රෝගියාගෙන් මෙහෙම විමසුවා. ‘ එයා රවීන්ද්‍ර නම් මම කවුද ? ‘’ මට අඳුනන්න බෑනේ ‘ යනුවෙන් රෝගියා පැවසුවා.මේ දිනවල උදේ සවස දකින වෛද්‍යවරයා හඳුනාගන්න බැරි උනත් රවීන්ද්‍රව හඳුනාගත් හැටි දැකලා රවීටත්, වෛද්‍ය වසන්තටත් නෙතඟට කඳුළක් ආවා.මීට කාලෙකට පෙර විදේශිකයෙක් ජාතිකරූපවාහිනි සංස්ථාවට ගොඩ වුණේ උවමනාවකට. නුහුරු නුපුරුදු බවක් නොපෙනුනත් රූපවාහිනී සංස්ථාවට ඇතුල් වූ මේ විදෙස් ජාතිකයා වටපිට බැලුවෙ තමා නොදන්නා දෙයක් අහන්න වගේ.රූපවාහිනියේ කාර්යබහුලකමත් එක්ක එහාට මෙහාට දුවන අය අතරේ ලස්සන තරුණියකුත් හිටියා.තරමක් සිංහල කතා කරන්නටත් හැකියාව තිබුණු මේ විදේශිකයා අර තරුණිය ළඟට ගිහින් ඇහුවාලු ‘රෑට ගෙදර ඉන්නවද?’ කියල.මහත් අපහසුතාවයකට පත් වුණ තරුණිය වටපිට බලද්දී මේ කතාව ඇහුන තව කීප දෙනෙකුත් එතනට ළං වෙලා බැලුව මොකද වුණේ කියල? එතකොට තමයි කාරණාව තේරුණේ. විදේශිකයා ඇවිත් තියෙන්නේ රට ගෙදර හමු වෙන්න. තමා දන්න සිංහලෙන් අහල තියෙන්නේ රට ගෙදර ඉන්නවද කියල. මේ කතාව සරසවියට කිව්වේ අනුර බණ්ඩාර රාජගුරු.එච්. ආර්. ජෝතිපාලයන්ගේ විසිපස් වැනි ගුණානුස්මරණය වෙනුවෙන් පසුගිය දා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී විශේෂ උපහාර ප්‍රසංගයක් පැවැත්වුණා.මෙහි මුලසුන හෙබ වූයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකායි. ඔහු ජෝති ගැන සොඳුරු මතකය අවදි කළේ අතීතයෙ මිහිරි කතාන්දරයක් නැවත මෙනෙහි කරමින්.’ ජෝතිට ගීත ලියන්න මට මහත් ඕනෑකමක් තිබුණා. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ. දවසක් ජෝති අසනීප වෙලා බේත් ගන්න මා ළගට ආවා. ඒක අහඹු සිදුවීමක්.’ ජෝති මාව හඳුනාගෙන, එකවරම මගෙන් විමසුවා මටත් ගීයක් ලියලා දෙන්න කියලා.මම එවෙලෙම මේසය උඩ තිබුණ කොළයක පද ලිව්වා. මේ ගීපද දැකපු ජෝති කීවේ ‘ මම මේ සිංදුව ලංකාවෙ හිට්ම සිංදුවක් කරනවා ‘ කියලා. අවාසනාවකට ඒ ගීය ගයන්න ජෝති ජීවත් වෙලා හිටියෙ නැහැ.ඒ ගීතය තමයි සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘ රුදුරු තුරු වදුලේ ‘ ගීතය. ජෝති කිව්ව වගේම මේ ගීතය ලංකාවෙ හිට් ගීතයක් වුණා. යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවසුවේ ජෝති ගැන මතකය අලුත් කරමින්.නව පරපුරේ නිළි රෝමා රෝෂි, හරේන් පුෂ්ප කුමාර සමඟ විවාහ වී දැන් වසර දෙකකුත් ගෙවිලා. මේ පවුලට තෙවැනියෙක් එන දවස ගැනපසුගිය දිනවල අපි විමසුවත් ඇය නිහඬතාවයෙන් සිටියා.දැන් ඒ සුබ ආරංචිය කියන්න වෙලාව ඇවිත්. ඒ රෝමා සහ හරේන්ගේ සුබ සිහින සැබෑවීමයි. දරු සම්පතක් ගැන සිහින මැවූ රෝමා ට ළඟදීම පුංචි සිඟිත්තකුගේ සුරතල් බලන්න හැකිවෙයිලු.ඇය මේ වග ප්‍රථමයෙන් කිව්වෙත් සරසවිය අපටයි.රෝමාගේ පුංචි කැදැල්ලට අලුතෙන් එක්වන සිඟිත්තා වෙනුවෙන් රෝමා මේ දිනවල ලහි ලහියේ නිවස හැඩ වැඩ කරනවාලු.රෝමා ලක්සළුසල ආයතනයේ මාධ්‍යය සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙසද අපට බොහෝම සමීපයි.  
CREATIVE
මගේ අලුත්ම නවකතාව ලියමින් තමයි මම මේ දවස්වල කාලය ගත කරන්නේ. ඒ වගේම මගේ නවකතාවක් වුණු ‘කන්දක් සේ මා’ පොත චිත්‍රපටයකට රැගෙන එන්නත් අවශ්‍ය වැඩකටයුතු ලහි ලහියේ සූදානම් වෙනවා.එහි අධ්‍යක්ෂවරයා වන්නේ අශෝක අතාවුද හෙට්ටි සමඟ නාවෝ නෂිමොතෝයි. තිරපිටපත ලියන්නේ මමයි. එහි නූපා නිරෝෂා පෙරේරායි. කාලයකට පෙර ලංකාවේ නරඹන්නන් අතර ජනප්‍රිය වුණු ඔෂින් ද මේ චිත්‍රපටයේ රඟපානවා.
CREATIVE
තිරගත වූ දිනය – 1985 ජූලි 05 ඉදිරිපත් කිරීම - සුභ ප්‍රාර්ථනා චිත්‍රපට නිෂ්පාදනය – අනෝජා වීරසිංහ, එච්. එම්. හනීපා කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස් (තේරේ කසම් චිත්‍රපටයේ අනුකරණයකි) සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා සංස්කරණය – කාලිංග ද සිල්වා සහාය – කුමාරසිරි ද සිල්වා අංග රචනය – ඊබට් විජේසිංහ කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සහාය - ජෝර්ජ් ජයකොඩි සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් - ඩෙස්මන් රුද්‍රිගෝ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග රසායනාගාර කටයුතු - සුනිල් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න, ජයරත්න පෙරේරා, වසන්ත ජයතිස්ස, රංජිත් රණසිංහ පිටපත් මුද්‍රණය – ජී. ඩී. කිංස්ලි පෙරේරා පිටපත් මුද්‍රණ සහාය - යෙස්ටස් රූපසිංහ, ඇස්. බොරළුගොඩ කොණ්ඩා මෝස්තර – වික්ටර් ලොයිඩ් විශේෂ ඇඳුම් නිර්මාණය - වෙස්ටන් ස්මාට් ටේලර්ස්, ඉන්ද්‍රාණි ප්‍රනාන්දු මහත්මිය, ජී. ඩබ්ලිව්. පෙරේරා මහත්මිය වේදිකා සැරසිලි - නිමල් බුලත්සිංහල නිශ්චල ඡායාරූප – ලීනස් කල්දේරා නිශ්චල ඡායාරූප වර්ණ රසායනාගාරය - රොඩ්කෝ කලර් ෆොටෝ නිෂ්පාදන සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු, එච්. ඩී. සෝමරත්න, බෙබි අයියා ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් නිෂ්පාදන විධායක – එස්. වී. ධනරත්නම් නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ, හේමසිරි හල්පිට ගීත: පාළු සුසානේ ප්‍රේම පුරාණේ – එච්. ආර්. ජෝතිපාල – පද – අජන්තා රණසිංහ උන්නේ නැද්දෝ දෙන්නා - එච්. ආර්. ජෝතිපාල, මායා දමයන්ති පෙරේරා - පද – අජන්තා රණසිංහ මං ඉන්නම් ගීත සංගීතේ – එච්. ආර්. ජෝතිපාල – පද – අජන්තා රණසිංහ පිහිනා ගිතේ ජලාසේ - එච්. ආර්. ජෝතිපාල – පද – අජන්තා රණසිංහ ආශා මැවේ යොවුන් කාලේ - මායා දමයන්ති පෙරේරා සහ පිරිස - පද - හේමසිරි හල්පිට ඔබ මා ළං කළා - එච්. ආර්. ජෝතිපාලමේ ගීත රාවේ හමා මාරුතේ – එච්. ආර්. ජෝතිපාලනළු නිළියන් - ශෂි විජේන්ද්‍ර (හඳුන්වා දීම), අනෝජා වීරසිංහ, ශි‍්‍රයානි අමරසේන, සෝනියා දිසානායක, රෝයි ද සිල්වා, ජීවන් කුමාරතුංග, ෆෙ‍්‍රඩී සිල්වා, නිමල් පල්ලේවත්ත, ටෙඩී විද්‍යාලංකාර, සුමනා ගෝමස්, ටිරෝන් මයිකල්, ක්ලිටස් මෙන්ඩිස්, ඩෙස්මන් රුද්‍රිගූ, රමණී සිරිවර්ධන, දොන් සිරිසේන, ජෙරල්ඩීන් බණ්ඩාරනායක, සරත් ද අල්විස්, අර්නස්ට් කොරයා, සුනිල් සෝම පීරිස්, ඇන්ජලා වෙරෝනිකා, එඩ්නා සුගතපාල, රොඩ්නි ප්‍රනාන්දු, දයානනන්ද විද්‍යාලංකාර, නීලවතුර විජේවර්ධන, ප්‍රේමදාස විතානගේ ආරම්භක සිනමා ශාලා: රොක්සි - වැල්ලවත්ත, මානෙල් - දෙමටගොඩ, ගැමුණු - වත්තල, කිංස් - මීගමුව, තුසිත - පේරාදෙණිය, නිව් ඉම්පීරියල් - රත්නපුරය, කිංස් - බදුල්ල, ක්වින්ලන් – ගාල්ල, ඩොන්ස් ලංකා - කළුතර, සිනෙක්ස්පෝ - කුරුණෑගලතිරගත වූ දිනය – 1985 ජූලි 12ඉදිරිපත් කිරීම – වී. ඒ. පී. චිත්‍රපටනිෂ්්පාදනය – වැලන්ටයින් ඇන්තනි පෙරේරා කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය, ගීත ප්‍රබන්ධය – ගුණදාස කුමාරසිංහ සහාය අධ්‍යක්ෂණය – රංජිත් කේ. ගමගේ කැමරා අධ්‍යක්ෂණය – නිමල් පෙරේරා සංස්කරණය - නිව්ටන් වීරසිංහඅංග රචනය - සනත් සී. විජේවර්ධනසටන් අධ්‍යක්ෂණය - සරණපාල සූරියආරච්චි ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් ශබ්ද සහාය – ජී. ඇලෝසියස්, ඔස්ටින් මොරායස්, ජී. සුන්දරරාජන්, ඒ. අයි. අමරසිංහ, ජී. ඇන්ටනි රසායනාගාර කටයුතු - වී. සිවදාසන් රසායනාගාර සහාය – එච්. ජී. මුත්තුසාමි, එස්. රාජා, පීටර් රේමන්ඩ්, ආර්. ජෝන් සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල සංගීත අධ්‍යක්ෂණය - කේ. එම්. ස්වාහිර් ගීත - පිපුණු මල වාගේ සුවඳයි – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක ගිම්හාන යාමයේ - සුජාතා අත්තනායක සැපත විපතේදී - සධානා රණසිංහ හදක මහිම දෙහදක් අද එක්වෙලා - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක නළු නිළියන් - ආනන්ද වික්‍රමගේ (ටයිටස්), විජේන්ද්‍ර ප්‍රසාද් (අසංක), අවන්ති අපොන්සු (නදීකා), අනූෂි විජේගුණවර්ධන (රෝසි), සරණපාල සූරියආරච්චි (විජේ), ඇන්ජිලා වෙරෝනිකා (කුසුමා), කමනී අමරසිංහ (සුමනා), බී. ඇස්. පෙරේරා, මානෙල් වානගුරු, ලිලියන් එදිරිසිංහ, නීල් ද මොරායස්, රත්මලී ගුණසේකර, රංජිත් ගමගේ. කමල් ඒ. සෝමරත්න, නන් ශ්‍රී සාවිත්‍රිමෙම චිත්‍රපටයේ මුල් නම් වශයෙන් සුමුදු පුතා / පෙමක මහිම- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
CREATIVE
ශාන් කරන්නාගොඩශාන් කරන්නාගොඩ යන නම හා නර්තනය බැඳී ආවේ දිගු කාලයක සිටය. වසර ගණනාවක් නැටුම් ගුරුවරයකු ලෙස ක්ෂේත්‍රයට නවකයින් රැසක් හඳුන්වා දුන් හෙතෙම වර්තමානය වන විට රංගනයට ද පිවිස සිටින්නේය. එපමණක් ද නොව තිර රචකයකු වශයෙන් ද ක්ෂේත්‍රයේ නමක් ගොඩ නඟා ගන්නට වෙර දරන ශාන් මේ දිනවල සුමිත් ගල්හේනගේ මහ බ්‍රහ්ම සිනමාපටයේ ද්විත්ව චරිත නිරූපණය කරමින් සිටියි.ඔහු ප්‍රථමයෙන් පැවසුවේ සිය කලා ජීවිතය ආරම්භ වූ අයුරුයි.අවුරුදු එකොළහෙදියි මං නර්තනය පටන් ගත්තේ. ඒ මගේ ගම වන අගලවත්ත පිඹුර කනිෂ්ඨ විද්‍යාලයේ සහ මතුගම සුමංගල පිරිවෙනහි ඉගෙන ගනිද්දි. ඊට පසුව මං ඉන්දියාවේ ලක්නව් භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයේ භරත නාට්‍යම් ඉගෙන ගත්තා.ඊට පස්සේ?මං ලංකාවට ඇවිත් නර්තනය උගන්වන්න පටන් ගත්තා. 2000 දශකයේ මුල භාගයේ මගේ නම හරියට ප්‍රසිද්ධ වුණා.වර්තමානය වන විට ඔබ නළුවෙක්. කොහොමද රංගනයට පිවිසුණේ?මගේ නංගි අයැදුම්පතක් දාලා තිබුණා රංගන තරු තෝරන තරගයකට. මං ඒකට සහභාගි වුණා. පන්දාහක් අතරින් අන්තිම විස්සට තේරුණා. ඩග්ලස් සිරිවර්ධනයන් ඇතුළු ප්‍රවීණයෝ පිරිසක් තමයි එහි විනිශ්චය මණ්ඩලයට හිටියේ. ඒත් එමගින් ලබා දුන් නිර්මාණවලට එකතු වන්නට බැරි වුණා කාර්යබහුල නිසා. මට හරි දුකයි. ඊට සහභාගි වූ අය අද ජනප්‍රිය නළු නිළියෝ.කාලයක් ගියාට පසුව මම චිත්‍රපට කිහිපයකම සහාය කලා අධ්‍යක්ෂවරයකු, ඇඳුම් නිර්මාණ ශිල්පියකු වාගේ කැමරාවට පිටුපස තිබුණු සෑම කටයුත්තක් පිළිබඳව ඉගෙන ගත්තා වැඩ කරන ගමන්. ඒ අතරතුරදි හැකි පරිදි ගරිල්ලා මාකටිං, ධර්ම පුත්‍ර, හිරිපොද වැස්ස ආදී නිර්මාණවලට දායක වුණා.එතකොට ඔබ තිර රචනයට පිවිසෙන්නේ?කැකුලි චිත්‍රපටය තමයි මුලින්ම ලිව්වේ. එය රූගත කිරීම් හි අඩක් නිමයි. ඊට පසුව මේ දිනවල රූගතවන මහා බ්‍රහ්ම.ඔබ එහි ප්‍රධාන චරිත රඟපානවා?ඔව්. එය කාලයන් දෙකක් වටා ගෙතෙන චරිතයක්. මා එක් ආත්මෙක රාජ කුමාරයෙක්. අනික ධම්මරක්ඛිත නම් හාමුදුරු නමක්.ධම්මරක්ඛිත හිමියන් ලෙස සිවුර දරාගෙන ඉන්න කොට හොඳ හොඳ අත්දැකීම්වලට මුහුණ දුන්නා කියලා ආරංචියි?මට ගොඩක් අය වැන්දා. පුදුමේ කියන්නේ මාව කලින් දැනගෙන හිටපු අයත් වැන්ද එකයි. මොනවා කරන්නද සද්ද නැතුව හිටියා.මේ වන විට තවත් නිර්මාණ සදහා ආරාධනා ලැබිලද තියෙන්නේ?පාලිත ගොඩගේ මහත්මයා කරන සෙනෙහස සුවඳයි නාට්‍යයේ ෂූටිං. මට තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා.මේ ශාන්ගේ දුරකථන අංකයයි. 0713373743.සටහන – ප්‍රසාද්සේයාරුව - මාලන්
CREATIVE
මෙම සතිඅන්තයේදී අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට ලැයිස්තුවේ පෙරමුණ ලබා ගැනීමට සමත්ව ඇත්තේ ජේම්ස් ගන් අධ්‍යක්ෂණය කළ Guardians of the Galaxy චිත්‍රපටය යි. අගෝස්තු පළමු වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තයේදී අමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 94.3ක ආදායමක් වාර්තා කළේය. කි‍්‍රස් ප්‍රදට්, සෝ සැල්ඩෙනා, වින් ඩීසල්, බ්රැඩ්ලි කෝපර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Guardians of the Galaxy විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක්. ඩොලර් මිලියන 170ක වියදමකින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 121ක ධාවන කාලයකින් යුතු වේ.දෙවැනි ස්ථානය හිමි වෙන්නේ පසුගිය ජුලි 25 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කළ Lucy චිත්‍රපටය යි. විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන Lucy පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 18.3කි. තෙවැනි ස්ථානය හිමි වෙන්නේ ටේට් ටේලර් අධ්‍යක්ෂණය කළ Get on Up චිත්‍රපටය යි. සුප්‍රසිද්ධ අමෙරිකානු ජාතික ගායන ශිල්පී ජේම්ස් බ්රිවුන්ගේ කතාව පාදක කරගත් මෙහි චැඩ්වික් බොස්මන්, නෙල්සන් එලිස්, ඩැන් ඒකෝඩ්, වයලා ඩේවිස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. මිනිත්තු 138ක ධාවන කාලයකින් යුතු Get on Up සිය පළමු සතිඅන්ත ආදායම ලෙස ඩොලර් මිලියන 13.6ක් වාර්තා කළේය.පසුගිය ජුලි 25 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ Hercules චිත්‍රපටය මෙවර අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ සිව්වැනි ස්ථානය හිමිකර ගෙන ඇති චිත්‍රපටය යි. බ්රෙට් රේට්නර් අධ්‍යක්ෂණය කළ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන එය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 11කි. පස්වැනි ස්ථානය හිමි වෙන්නේ වානරයන් සහ මානවයන් අතර සිදුවන සිදුවීම් සමුදායක් පාදක කර ගිනිමින් මැට් රීව්ස් අධ්‍යක්ෂණය කළ විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන Dawn of the Planet of the Apes චිත්‍රපටය යි. එය පසුගිය සති අන්තයේදි ඩොලර් මිලියන 8.7ක් වාර්තා කළේය.පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Planes: Fire & Rescue ඩොලර් මිලියන 6ක් වාර්තා කරමින් අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ හයවැනි ස්ථානයටත් The Purge: Anarchy ඩොලර් මිලියන 5.9ක් වාර්තා කරමින් හත්වැනි ස්ථානයටත් පැමිණ තිබේ. ජේක් කේස්ඩන් අධ්‍යක්ෂණය කළ Sex Tape චිත්‍රපටයට අටවැනි ස්ථානය හිමිවී තිබේ. හාස්‍යමය පේ‍්‍රමණීය කතා පුවතක් ගෙන එන And So It Goes චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ නමවැනි ස්ථානය හිමි වී ඇත. ඒ Most Wanted Man චිත්‍රපටය සිටින්නේ මෙම දර්ශකයේ දසවැනි ස්ථානයේය. පසුගිය අගෝස්තු පළමු වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ඇන්ටන් කොබ්ඩින් අධ්‍යක්ෂණය කළ ඒ Most Wanted Man ත්‍රාසජනක කතා පුවතක් ගෙන එන චිත්‍රපටයකි.යතේජා
CREATIVE
ධවල පවුර සිනමාපටය නිෂ්පාදනය කළ සුනිල් සාලිය රණවීර අභාවප්‍රාප්ත වෙයි.දිගු කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට වයස අවුරුදු හතළිස් නවයකි. දියමත ලියමි ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක ද රඟපා ඇති සුනිල්ගේ අවසන් කටයුතු අද සවස (බ්‍රහස්පතින්දා) වැලිගම මුදුගල පොදු සුසාන භූමියේදී කිරිමට නියමිතය.
CREATIVE
රනිල් කුලසිංහ කලා ලොවේ යොවුන් රංගන ශිල්පියෙක්. පහුගිය දවස්වල රනිල්ට ලැබෙන රංගන ආරාධනා අතර එක ටෙලි නාට්‍යයක රූගත කිරීම් යෙදිලා තිබුණා. එහි රනිල්ගේ දර්ශන කිහිපයක්ම යෙදිලා තිබුණු දවසක මේ ටෙලි නාට්‍ය කණ්ඩායම දර්ශන තලයට වෙලා බලාගෙන හිටියේ රනිල් එනකල්. බලාගෙන ඉන්නවා ඉන්නවා රනිල් එන පාටක් නම් නැහැ. කොහෙද ඉන්නේ කියල බලන්න සහාය අධ්‍යක්ෂ රනිල්ට දුරකථන ඇමතුමක් ගත්තා.‘ආ . . . මල්ලි කොහෙද ඉන්නේ?’ ඔහු ඇහුවාම රනිල් ‘අයියේ මං මේ . . . බොරැල්ල ස්ටේෂන් එක ළඟ ඉන්නේ’ කියලා කෝල් එක කට් කළා. සහාය අධ්‍යක්ෂකට හිතා ගන්නත් බෑ. බොරැල්ලේ කොහෙද ස්ටේෂන් එකක්. ආයෙමත් කෝල් එකක් ගත්තා. ‘බොරැල්ලේ කොහෙද බං ස්ටේෂන් එකක්, ඇත්ත කියනවා. කොහේද ඉන්නේ? මෙහෙම කියන කොට තමයි රනිල්ට ඉන්නේ කොහේද කියලා මතක් වුණේ.‘අනේ අයියේ සොරි. මට එකපාරට වැරැදුණා. කලින් කෝල් කරන කොට හිටියේ මරදානේ ස්ටේෂන් එක ළඟ. දැන් නම් ඉන්නේ බොරැල්ල කනත්ත ළඟ. මං ඉක්මනට එනවා’ යැයි පවසමින් රනිල් දුරකථන ඇමතුම විසන්ධි කළා.
CREATIVE
‘සිරස සුපිර තරු’ සොයා යාමේ පස්වැනි අදියරෙන් ඉවත් වූදිල්නේෂාසිරස සුපිරි තරු සොයායාමේ හතරවැනි අදියරෙන් ගායන ලොවට පිවිසි ඇය ඉන් අවසන් විසි හතර දෙනා දක්වා පැමිණ ඉවත් විය. ඇය එදින එම තරග භූමියෙන් පිට වී ආවේ ආයෙත් රියැලිටි තරගවලට නොයන දැඩි අධිෂ්ඨානයෙනි. එහෙත් තම මවගේ ඉල්ලීම මත සුපිරි තරු සොයා යාමේ පස්වැනි අදියරට ද අයැදුම් කළ ඇය පෙර මෙන් නොව තවත් දුර පැමිණ අවසන් දොළොස් දෙනා සඳහා තේරී පත්වන්නට වාසනාව ලද්දාය.දිල්නේෂා වීරකෝන්.මෙවර සුපිරි තරු රෑනෙන් ගිලිහුණු තාරකාව ඇයයි. ඇය අවසන් තරගකරුවන් හතර දෙනා අතරින් නික්ම යන්නට සිදු වූයේ ජනතාව ලබා දුන් තීන්දුවෙනි.දිල්නේෂා ආව දුර ගැන තෘප්තිමත්ද?පෙර අදියරට වඩා නම් ඉදිරියට ආවා. මගේ හීනය වුණේ අවසන් දොළහ අතරට ඒම. ඒ හීනය නම් සැබෑ වුණා.ඔබට සිතෙන විදිහට ඇයි ඔබට ජනතා මනාපයන් අඩු වූයේ?මං හිතන්නේ කොල්ලෝ තුන්දෙනා අතර සිටය එකම කෙල්ල මං නිසා වෙන්න ඇති.නැතිනම් ගායනයේදී ඔබේ යම් අඩුපාඩුවක් නිසා නොවේද?අප හැමෝගෙම අඩුපාඩු තියනවා. මොකද අප තවමත් ආධුනිකයින්. මගේ ගායනා ගැන මට හොඳ විශ්වාසයක් තියනවා. මම නම් හිතන්නේ ඉහත හේතුව හින්දයි ජනතා මනාප මට අඩු වුණේ.ඇයි රියැලිටි තරගවලදී තරගකරුවන් පැරැණි ගීතම ගයන්නේ?පැරැණි ගීත මිනිසුන්ගේ කනට හුරුයි. එහෙයින් රසික රසිකාවන් ඒවාට එක්වන ප්‍රවණතාවය වැඩියි. සමහර විට එස්. එම්. එස්. යවන්නෙත් තරගකරුවන්ට නොව ගීත සඳහායි. ඉතින් අලුත් ගීත නොගයා පැරැණී ගීත ගයන්නේ ඒකයි.ඔබ ජනප්‍රියද?ඔව් මං ජනප්‍රියයි. ලැබෙන රසික ප්‍රතිචාර මතයි මං එහෙම කියන්නේ.රියැලිටි තරගවලින් ජනප්‍රිය වන අය ක්ෂේත්‍රයේ රැෙඳන්නේ නැත්තේ ඇයි?ඒකට ප්‍රධානම හේතුව තමයි හරියාකාර සැලැස්මක් නැති එක.ගීත ගැයුවත් ඔබේ අනාගතය දකින්නට සූදානම් වන්නේ වෙනමම අංශයකින් නේද?මම දැනට සංචාරක කළමණාකරණය පිළිබඳව හදාරනවා. අනාගතයේදී හොඳ ව්‍යවසායිකාවක් වේවි.එතකොට ගායනය?ගායනයට තියෙන හැකියාව කවදාවත් නැති වන්නේ නැහැනේ. ව්‍යවසායිකාවක වුණත් මං ගායනයේ යෙදෙනවා.ඔබ මීට ප්‍රථම ස්වනිර්මාණ ඉදිරිපත් කොට තියනවාද?‘ඔච්චමට කී කතා නමින්’ ගීතයක් නිකුත් කළා. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී දැනගන්නට ලැබේවි.මෙවර සුපිරි තරු තරගාවලියේ ඔබට දැනෙන්නට සිංදු කියූ දක්ෂයින් කවුද?දසුන් සහ දුලාජ්. ඒ දෙන්නා සිං කරන ස්ටයිල් එකට ආසයි.ඔබේ පුද්ගලික තොරතුරු ටිකක් කිව්වොත්?මගේ ගෙවල් පේරාදෙනිය මහකන්දෙ. මහනුවර මහමායා විද්‍යාලයෙනුයි අධ්‍යාපනය ලැබුවේ.කාටද තුති පුදන්න තියෙන්නේ?සිරස හැමෝටම, මගේ මව්පියන්ට.ඔබට කාට හරි කතා කරන්න වුවමනා වුණොත්?0778789274 අංකයට කතා කරන්න කියන්න.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
දොළොස් වසරක් ගෙවිලානුග සෙවණේ සිසිල ඔබට දැනේනට ඇරැඹිලා පසුගිය 17 වැනි අඟහරුවාදාට වසර දොළොසකි. ගෙවුණු කාලය කෙතරම් දිගු වුවත් එය ඔබට, මට රහසේම ගෙවී ගියේ අප නුග සෙවණ සමඟ ගත කළ සෑම මොහොතක්ම හරවත් මෙන්ම රසවත් වූ නිසාමයි.ජාතික රූපවාහිනිය නුග සෙවණ ඔස්සේ දියණියට, යෞවනියට, මව්වරුන්ට පමණක් නොව මිත්තණියන්ට ද ජීවිතය විඳීමින් පවුලේ ආර්ථිකයට ශක්තියක් වන්නට මඟ කියා දුන්නේ විටෙක සොයුරියක් සහ තවත් විටෙක මවක් ලෙසිනි. වෙනදා මුළුතැන් ගෙට නොගොස් විලාසිතා කරන්නට පමණක් යොමු වූ තරුණියන් නුග සෙවණේ සෙවණ ලබා මනබඳනා විලාසිතාවෙන් හැඩ වූවා පමණක් නොව කටට රසට උයන්න පිහින්න ද උගත්තේය.එපමණක් නොව නුග සෙවණ බාල, මහළු සැමට ජීවිතය කියා දෙන නවාතැන්පොළ වූයේය. ඒ අතර ඇතැම් ළියන් නුග සෙවණට ගොඩ වූයේ ළියන් සුරළියන් කරන රහසක් දැන ගැනීමටය. ගෙවුණු දොළොස් වසර තුළදී දිනෙන් දින නුග සෙවණට පැමිණි පිරිස වැඩි වූයේ එහි වූ ගුණාත්මක බව නිසාමය. ඉන් ජාතික රූපවාහිනියට වූ අභිමානය අති මහත්ය. හරවත් මෙන්ම ගුණවත් වැඩසටහන් රටට බෙදන නුග සෙවණ සැබෑම හරය තේරුම් ගත් උදෑසන වැඩසටහනකි. එනිසාම ඉතාමත් ස්ථාවර ගමනකට නුග සෙවණට මඟ පෑදී ඇත. ගෙවුණු දොළොස් වසරේ නුග සෙවණේ හැදී වැඩුණු පිරිස ද අපමණය.ඉතිං . . .මේ නුග සෙවණ හරිම සිසිල් . . .එන්න . . . අප හෙටත් ඒ සිසිල විඳිමු . . .- නිශංකා උඩුගම්පලසේයාරූ - නිරෝෂ් ප්‍රියංක
CREATIVE
මම රඟපෑ ටෙලි නාට්‍ය පහක් පමණ ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඇහැල මහ නිකිණිය, දඩයක්කාරයා කියන ටෙලි නාට්‍යය දෙක වගේම සුමිත් රෝහණ තිත්තවැල්ලගේ හා ප්‍රසන්න වනසිංහගේ ටෙලි නාට්‍ය ද්විත්වයත් ඒ අතරට ඇතුළත්.ඒකාංගික ටෙලි නාට්‍ය හතරක් ද ඒ ආකාරයට ඉදිරියේදී විකාශය වීමට නියමිත නිර්මාණ අතර වෙනවා. මෙගා ටෙලි නිර්මාණවලට රංගනයෙන් දායක නොවන නිසා නිතරම වගේ මගේ රංගනය නරඹන්නන්ට පුංචි තිරයෙන් දැක ගත නොහැකියි.රඟපෑමට අමතරව ‘නව නළු කලා කෙත’ කියන මගේ නාට්‍ය හා රංග කලා පාසල කරගෙන යන නිසා මම තරමක් වැඩ කටයුතුත් එක්ක කාර්යබහුලයි. ජයලත් මනෝරත්න, පරාක්‍රම නිරිඇල්ල, කරුණාරත්න අමරසිංහ, අතුල රන්සිරිලාල් ආදී ප්‍රවීණ විද්වතුන් කිහිප දෙනෙක්ම එහි දේශන සඳහා පැමිණෙනවා. ඉදිරියේදී ළමයින් වෙනුවෙන් අධ්‍යාපනික වැඩ සටහනක් කිරීමටත් අදහස් කරගෙන සිටිනවා. එහි කටයුතු තවම පවතින්නේ ආරම්භක මට්ටමේ.
CREATIVE
තාත්තයි දුවයිතිරගත වූ දිනය – 1984 – අපි‍්‍රයෙල් 12ඉදිරිපත් කිරීම - ගෝල්ඩ් ස්ටාර් ෆිල්ම්ස්නිෂ්පාදනය සහ කතාව - ආර්. කේ. රාජාඅධ්‍යක්‍ෂණය – මූ. අරුක්ගොඩදෙබස් සහ සහාය අධ්‍යක්‍ෂණය – ධර්ම ශ්‍රී මුණසිංහතිර රචනය - සිරිල් ඒ. සීලවිමලකැමරාකරණය – එම්. ඒ. ගෆූර්කැමරා සහාය – ජී. ඩී. නන්දසේනසංස්කරණය – කාලිංග ද. සිල්වාඅංග රචනය – ඊබට් විජේසිංහකලා අධ්‍යක්‍ෂණය – ඇහැලියගොඩ සෝමතිලකනැටුම් අධ්‍යක්‍ෂණය - සිරිල් අමරසිංහශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංගශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිමහත්තයා, ආර්. ඒ. ඩබ්ලිව්. රණවන, ලලිත් පාලිත සිල්වා, උපාලි අරම්පොළරසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවි ලැබ්සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරයනිෂ්පාදන අධිකාරී – ලයනල් පඬුවාවලගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරයසංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාසගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධනගීත – මලින් මලට පැන ඉගිලෙනසමනලයින්නේ – නීලා වික්‍රමසිංහඈතින් ඈතට රහසේ - එච්. ආර්. ජෝතිපාල, නීලා වික්‍රමසිංහඑහේ ඉඳන් ආවෝ අපි – එච්. ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වානළු නිළියන් - ජෝ අබේවික්‍රම (ලව්රිස්), සනත් ගුණතිලක (සාලිය), අනෝජා වීරසිංහ (අනෝජා), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (සැම්සන්, පෝල්), රෙක්ස් කොඩිප්පිලි (සාලියගේ පියා), සෝනියා දිසානායක (සාලියගේ මව), ෆෙ‍්‍රඩී සිල්වා (සිල්වා), විල්සන් කරුණාරත්න (කරු), රත්නපුරේ ජයසූරිය (ජයේ), කිංස්ලි දිසානායක (නානා චෙට්ටියාර්), නාරද මුණසිංහ, බර්ටි සුනිල්, මංජුලා විතානගේ, අබේරත්න ජයසූරිය, කරුණාදාස අතුරුගිරියප්‍රදර්ශනය – එල්ෆීන්ස්ටන් ඇතුළු සිනමාහල් 13 කදී.තිරගත වූ දිනය – 1984 අපි‍්‍රයෙල් 14ඉදිරිපත් කිරීම – පිරමීඩ් ෆිල්ම්ස්නිෂ්පාදනය, කතාව, තිර නාටකය, සමඅධ්‍යක්‍ෂණය සහ පසුබිම් සංගීතය – තිස්ස නාගොඩවිතානසම අධ්‍යක්‍ෂණය - සුනිල් ආරියරත්නදෙබස් - සුනිල් ප්‍රේමකුමාරසහාය අධ්‍යක්‍ෂණය - සුනිල් ප්‍රේමකුමාර, නිමල් තෙන්නකෝන්කැමරාකරණය – මර්සලීන් එස්. පෙරේරාකැමරා සහාය – රංජිත් පෙරේරාසංස්කරණය – ලාල් දිසානායක සහාය -ස්ටැන්ලි ද අල්විස්අංග රචනය – ඊබට් විජේසිංහකලා අධ්‍යක්‍ෂණය - ලයනල් සිල්වාකලා සහාය - සුගත් මුදලිගේ, ප්‍රේමදාස හීනටිගලශබ්ද පරිපාලනය – ඩී. එම්. පුංචිහේවාරසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්සැකසුම – ලංකා චිත්‍රාගාරයනාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහවිදුලි කාර්මික ශිල්පී – නන්දන ප්‍රනාන්දුසහාය- පී. ආරුමුගම්, සුනිල් ද සිල්වාගීත පටිගත කිරීම - ලාල් දිසානායකදෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග, ඒ. එම් රියාස්, ලයනල් ගුණරත්නනිෂ්පාදන කළමනාකරණය – කුමාරි නාගොඩවිතානගී තනු හා සංගීතය – පී. ඇල්. ඒ. සෝමපාලනිශ්චල ඡායාරූප - ලෙස්ලි අමරසිංහගීත සහ ශිල්පීන් -අන්දරේ මන් දන්නේ රට්ටුන් - ෆෙ‍්‍රඩී සිල්වා (ආනන්ද එස් විජේසිරි)හිරුගෙන් අවසර නැත ඉල්ලන්නේ - ෆෙ‍්‍රඩී සිල්වා, උපාලි කන්නංගර, තිස්ස නාගොඩවිතාන (සෝමරත්න ලියනගේ)කැකිල්ලේ රජා රජුන්ගෙත් රජා - උපාලි කන්නංගර, තිස්ස නාගොඩවිතාන, ෆෙ‍්‍රඩී සිල්වා, ශ්‍යාමලී ලිවේරා (ආනන්ද එස්. විජේසිරි)අම්මපා සුන්දර ගීත ගය ගයා - උපාලි කන්නංගර, තිස්ස නාගොඩවිතාන, ෆෙ‍්‍රඩී සිල්වා (සුනිල් ප්‍රේමකුමාර)නළු නිළියන් – ඇන්තනි සී. පෙරේරා (කැකිල්ලේ රජ්ජුරුවෝ), බී. එස් පෙරේරා (පොල්බෑ මූණා), පියදාස විජේකෝන් (මහදැනමුත්තා), දොන් සිරිසේන (රබ්බඩ අයියා), චන්ද්‍රසිරි කොඩිතුවක්කු (පුවක් බඩිල්ලා), සුනිල් ප්‍රේමකුමාර (කෝටු කිතයියා), බන්දුල ගලගෙදර (ඉඳිකටු පැංචා), ලයනල් සිල්වා (රයිගමයා), ෆෙ‍්‍රඩී සිල්වා (අන්දරේ), ලිලියන් එදිරිසිංහ (මහදැනමුත්තගෙ බිරිඳ), වසන්ති චතුරාණි (දියණිය), හියුගෝ ප්‍රනාන්දු, එල්, එම්. පෙරේරා, ජයසේකර අෆොන්සු, අවන්ති අෆොන්සු, තනුජා කුමාරි, ගුණපාල වීරසේකර, මහේෂ් ජයතිලක.- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු  
CREATIVE
විජේරත්න වරකාගොඩ ප්‍රසිද්ධ නළුවෙක්. ඔහු රඟපෑ චිත්‍රපට මොනවාද? ඒ ගැන විස්තර ටිකක් දැන ගැනීමට කැමැත්තමි.ආර්. ඒ. අමරසිංහකැලණියආදරයයි කරුණාවයි, ගොළු හදවත, දෙලොවක් අතර, කදිරා, සුහද දිවි පිදුම, ගම්පෙරළිය, නිධානය, පරසතු මල්, අංජානා, ආරාධනා, අරුණට පෙර, මහමෙර උසට ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑවා.ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක, ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනියන් වන ශ්‍රියාණි අමරසේන, ස්වර්ණා මල්ලවාරචචි සමඟ මෑත යුගයේ චිත්‍රපටවල රඟපා තිබේද?මිල්ටන් ප්‍රනාන්දුඋතුරු මූදුකටුවඔවුන් තිදෙනා මෑතකදී එකම චිත්‍රපටයක රඟපෑවේ නෑ.70 දශකයේ හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපටයක් වූ ‘බොබි’ තුළින් ජන ප්‍රසාදයක් අත්කර ගත් ශෛලේන්ද්‍ර සිං නම් ගායකයාගේ ගායන දිවිය තවත් චිත්‍රපට කිහිපයකට සීමා වී අවසන් වුණා. ඔහුගේ වත්මන් තත්ත්වය කුමක්ද?ජානක ඉලුක්කුඹුරකඩවත1989 න් පසු ඔහු ගීත ගායනයේ යෙදුණේ නැහැ. 2008 වසරේදී ඔහුගේ ගීත ඇල්බමයක් එළි දුටුවා. ඔහු බෙංගාලි චිත්‍රපටයකත් රඟපෑවා.පැනයක් අසමින් සරණක් ලැබ ගන්න ලණුවක් දෙන්න නිළියකගෙ හද බැඳ ගන්නවියානි ගුණවර්ධනවෙන්නප්පුවලණුවක් මොට ද නිළියකගේ හිත ගන්නතණ්ගුස් නූල හොඳ වැඩි ගෙල ලා ගන්නසිනමා ශාලාවල නරඹන්නන්ගේ පැමිණීම වර්ධනය නොවූ විට දර්ශන වාර අවලංගු කරන කාලයක් තිබුණත් දැන් එම තත්ත්වය වෙනස්ව ඇතත් සෙනඟ නොමැති බව පවසමින් ප්‍රේක්ෂකයන් එළවා දමන තැනට ඇද වැටිලා. මෙයට විකල්පයක් නැතිද?ආර්. එච්. එම්. ප්‍රේමසිරිගණේමුල්ලප්‍රේක්ෂකයන් එළවා දමන සිනමා ශාලා තියෙනවා නම් කියන්න. හැබැයි හරියට ආදායමක් නැතිව සිනමා ශාලාවල චිත්‍රපට පෙන්නන විට ලයිට් බිල ගෙවන්න තරම්වත් ආදායමක් ඕන වෙනවානේ.‘කතී පතන්ග්’ හින්දි චිත්‍රපටයේ නමේ තේරුම සහ එම චිත්‍රපටයේ තොරතුරු ටිකක් කියන්නකෝ.තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වලකෑගල්ලකතී පතන්ග් යනු කැඩුණු සරුංගලයයි. එහි මාධවී නම් තරුණිය කමල් නැමැති වනජීවී නිලධාරියා සමඟ ඇතිවන පේ‍්‍රමය ගැන කියවෙන කතා පුවතක් ඇතුළත්. රාජේෂ් ඛන්නා සහ ආශා පරේක්, ප්‍රේම් චොප්රා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. අධ්‍යක්ෂණය කළේ ශක්ති සමන්තා.ගායන ශිල්පී රොමේෂ් සුගතපාලගේ ලිපිනය කුමක්දවසන්ත කේ. ප්‍රනාන්දුකැලණිය175 බී,ගම්පොළ පාර,කඩුගන්නාව.සිංහල චිත්‍රපට පුංචි තිරයේ ප්‍රදර්ශනය සුදුසු දෙයක් ද අර්ජුන්?කරු මන්දාවලනාත්තන්ඩියතියෙන තරමක් චිත්‍රපට ටෙලිවිෂනයෙන් පෙන්වනවාට නම් මම කැමැතියි. වැඩි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් රඳවා තබා ගත හැකි මාධ්‍යක් තමයි ටෙලිවිෂනය කියන්නේ. කොහොමටත් මම නම් ටී. වී. එකක් ගත්තේ චිත්‍රපට බලන්න මිසක් වෙන වැඩකට ඇතුව නෙමෙයි.කාන්තා නමකින් ජනප්‍රිය පැරැණි සිංහල ගීත ගායනා කළ ගායකයා කවුද?විමල් රණසිංහග්‍රෑන්ඩ්පාස්කාන්තා හඬකින් ගී ගයන ගායකයා කවුද කියා ඇසුවා නම් මේ කාලයේ උත්තර දෙන්න බැහැ විමල්. නමුත් ඔබ අසන්නේ කාන්ති වක්වැල්ල ගැන විය යුතුයි.කලාකරුවන්ගේ උපන් දින සොයා දෙන සිරි කහවල මහතාගේ උපන් දිනය කවදාද? හැකි නම් දුරකථන අංකයත් ලබා දෙන්න.මාලනී ජයසිංහගැටහැත්තපෙබරවාරි 16.0714454251.බටහිර සිනමා නළුවෙකුª වන සෝන් කොනරි ජීවතුන් අතර සිටිනවාද?ආර්. එස්. වික්‍රමආරච්චිවිගොඩජීවතුන් අතර සිටිනවා. 1930 වසරේ අගෝස්තු 25 වැනිදා උපන් ඔහු දැන් 83 හැවිරිදිය.කොළඹ නගරයේ ඉදිකර ඇති අංග සම්පූර්ණ සිනමා ශාලාව කුමක්ද?වියානි ගුණවර්ධනවෙන්නප්පුවඅංග සම්පූර්ණ සිනමා ශාලා අතරට මැජෙස්ටික් සිනමා ශාලාවල ස්ටන්ඩ් සුපිරියර් හා ප්ලැටිනම් සිනමා ශාලා දෙකත් වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ඇතුළත් වෙනවා. ඒ අතරිනුත් මා වඩා කැමැත්තක් දක්වන්නේ ප්ලැටිනම් සිනමා ශාලාවටයි. හොඳම ප්‍රක්ෂේපන රූප ලබා දෙන්නේ ප්ලැටිනම් සිනමා ශාලාවෙන් තමයි.හැටේ දශකයේ අධි වායුසමීකරණය කරන ලද ලිබර්ටි හෝ මැජෙස්ටික් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වූ සොලමන් ඇන්ඩ් ශීබා චිත්‍රපටයේ ඩී. වී. ඩී. අපේ රටේ ඇතැයි ඔබ සිතනවාද? එහි රඟපෑ ප්‍රධාන නළු නිළි යුවළ පිළිබඳ හැඳින්වීමක් කළ හැකිද?සිරිමල් පීරිස්මොරටුවඩී. වී. ඩී. තිබෙනවා. එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ යූල් බ්‍රයිනර් සහ ජීනා ලොලොබ්‍රිගෙල්ලා විසින්.සැකසුම -යතේජා ඥානරත්න  
CREATIVE
බ්‍රිට්නි වැනි සොඳුරියක් බිරියක් නොවී කෙලෙසින් සිටින්නද? නීති පර්යේෂකයකු සමඟ තිස් දෙහැවිරිදි බ්‍රිට්නි පවත්වන සබඳතාව කිසිවකුටත් රහසක් නෙවෙයි. ඇය වම් අතේ වෙදැඟිල්ලේ රන් මුදුවක් පැලඳ තිබීම මේ දිනවල කාගේත් කසු කුසුවට ලක් වූ කරුණක් වී තිබේ. ඇය සෝන් නම් අට හැවිරිදි සහ හත් හැවිරිදි ෂේඩ්න් යන පුතුන් දෙදෙනා සමඟ සොකර් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී මාධ්‍යයේ උකුසු ඇස ඇයගේ වෙදඟිල්ල වෙත යොමු වී ඇත.බ්‍රිට්නි, කෙවින් ෆෙඩර්ලයින් සමඟ මුලින් විවාහ වී සිටි අතර ළමා වියේ පෙම්වතා ජේසන් ඇලෙක්සැන්ඩර් සමඟ පැය පනස් හතකට විවාහ වූහ. 
CREATIVE
මම දැන් විවේකීව ගෙදරට වෙලා සතුටින් කාලය ගත කරමින් ඉන්නේ.ඒ වගේම ජ්‍යෝතිෂ්‍ය වැඩ කටයුතුත් කරගෙන යනවා.මේ සතියට මගේ 84 වැනි උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදාට පන්සලට ගිහින් ආගමික වතාවත්වල යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.
CREATIVE
දුවන් දුවන්දූවිල්ල මතින්අරුණැල්ල අරන්පරවෙන්න කලින්. . .මේ තේමා ගීතය සමඟින් රන් සිරිමල් නවතම ටෙලි සිත්තම ජූලි මස 21 වැනිදා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය.ජව සම්පන්න ධාවන ශූරයෙක් වන ධනංජය නම් වූ පාසල් සිසුවා ක්‍රීඩා දිවියේ පාසල්, පර්ෂද ජයග්‍රහණ ලබා ජාතික වාර්තාව අභියස බලාපොරොත්තු සහගතව සිටියි. අවසාන ජාතික වාර්තාව සඳහා වූ ධාවන තරගයේදී කිසියම් සැළසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵයක් ලෙස ඔහු ධාවන මං තීරුවේ අසරණ වෙද්දී ජයග්‍රහණය පෙනි පෙනී එය අහිමි වී යයි. සියලු දෙනාගේ විවේචනයට ලක් වන ධනංජය ක්‍රීඩා දිවිය පිළිබඳ කලකිරීමට පත්ව ක්‍රීඩාවට සමු දෙයි.පසු කලෙක ගුරුවරයෙකු ලෙස දුෂ්කර ගම්මානයක කටයුතු කරන ධනංජයට සුවිශේෂී දරුවෙකු වූ සිිරිමල් හමුවීමත් සමඟ සිරිමල් තුළින් ධනංජය තම යටගියාව නැවත දකින්නට පටන් ගනියි. තමාට අහිමි වී ගිය ක්‍රීඩා කිරුළ සිරිමල් තුළින් දකින ධනංජය නියම පුහුණුකරුවකුගේ ප්‍රශස්ත ගති පැවැතුම් විදහා දක්වන කරුණාවන්ත ගුරුවරයකු ලෙස සිරිමල් අවසාන ජාතික ඉලක්කය දක්වා මෙහෙය වන්නට වෙහෙසෙයි. ධනංජයගේ ප්‍රයත්නයත්, සිරිමල්ගේ ජවයත් ඊට එරෙහිව නැගෙන සමාජ ආර්ථික අභියෝග හමුවේ ඔවුන් සිදු කරනු ලබන අරගලත් රන් සිරිමල් තුළින් විශද වෙයි.හොඳම යොවුන් නවකතාව ලෙස ගොඩගේ සම්මානයට පාත්‍ර වූ අනුරසිරි හෙට්ටිගේ ගේ රන් සිරිමල් නවකතාව ඇසුරෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව ක්‍රීඩාව විෂය කර ගත් ටෙලි නාට්‍යයක් ලෙස මෙය විකාශය කෙරේ.හඳුන්වා දෙන ළම නළු නිපුන තීක්ෂණ සිරිමල් ලෙස චරිත නිරූපණය කරන මෙම ටෙලි වෘත්තාන්තයට ධර්මප්‍රිය ඩයස්, තරුෂි පෙරේරා, ජයලත් මනෝරත්න, දමයන්ති ෆොන්සේකා, නිරෝෂන් විජේසිංහ, බන්දුල විතානගේ, මාදනී මල්වත්ත, දීපානි සිල්වා, චිත්‍රා වාකිෂ්ට, දයා තෙන්නකෝන්, ග්‍රේස් තෙන්නකෝන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.ගයා රම්‍ය අල්විස් අධ්‍යක්ෂණය කරන රන් සිරිමල් හි කැමරාකරණය - දීපාල් ජයසිංහ, සංස්කරණය - පූජිත කාංචන අමරතුංග, අංග රචනය – චන්දන සෙනරත් බණ්ඩාර, සංගීතය – අසේල බණ්ඩාර, ගායනය - සමන් ලෙනින්, කලා අධ්‍යක්ෂණය ජිනේෂ පද්මකුමාර සහ පරිගණක දෘශ්‍ය ප්‍රයෝග සසංක අමරවීර ගෙනි.  
CREATIVE
අධ්‍යක්ෂණය:ගැහැනු ළමයි (1978-03-17)ගඟ අද්දර (1980-08-01)යහළු යෙහෙළි (1982-12-24)මායා (1984 -09-28)සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (1988-02-30)ලොකු දුව (1996-0816)දුවට මවක මිස (1997025-14)සක්මන් මළුව (200311-28)යහළුවෝ (200712-20)වෛෂ්ණාවීසහාය අධ්‍යක්ෂණය:සංදේශය (1960)ද ගෝඩ් කිං (1976)සංස්කරණය:ගම්පෙරළිය (1963),දෙලොවක් අතර (1966),රන් සළු (1967)අක්කර පහ (1970),ගොළු හදවත (1968),දෑස නිසා (1975),ද ගෝඩ් කිං (1976),මඩොල් දූව (1976),අහසින් පොළොවට (1978),වෛෂ්ණාවීසම නිෂ්පාදනය:බැද්දේගම(1981)සංස්කරණය (කෙටි වාර්තා):හෝම් ෆෙ‍්‍රාම් ද සී (මුහුදෙන් ගෙදරට) (1962), ෆෝර්ටි ලීග්ස් ෆෙ‍්‍රාම් පැරඩයිස් (සුරපුරට හතළිස් ගව්වක් මෙහා) (1970), කැන්ඩි පෙරහැර (නුවර පෙරහැර) (1971)අධ්‍යක්ෂණය (වාර්තා):සැළලිහිණිගම, පමා නොවී එමි අකුරට, නිවසේ හදිසි අනතුරු, වින්කල් පැංචා, සේරිවාණිජ ජාතකය, ඉල්ලීස ජාතකය, සස ජාතකය(ටෙලි නාට්‍ය):අධ්‍යක්ෂණයගැහැනු ළමයිසම අධ්‍යක්ෂණයගොළු හදවත
CREATIVE
අහංකාර ස්ත්‍රී චිත්‍රපටය ගැන යමක් කියන්න.ජයම්පති නවරත්න – මාතලේ1954 සැප්තැම්බරර් 17 තිරගත වූ මෙම චිත්‍රපටය ඒ. බී. රාජ්ගේ අධ්‍යක්ෂණයක්. එහි රඟපෑවේ ක්ලැරිස් ද සිල්වා, රවීන්ද්‍ර රූපසේන, රත්නා කුමාරි ද සිල්වා, හියුගෝ ප්‍රනාන්දු, රෝහිනී ජයකොඩි, මාක් සමරනායක, එඩී යාපා, නැන්සි ඩයස්, වින්සන්ට් වාස්, ට්‍රිසිලා මාර්ටිස්, ඇනස්ටා වයලා ප්‍රනාන්දු, වීණා ජයකොඩි, බර්ට්‍රම් ප්‍රනාන්දු, බෙනඩික්ට් ප්‍රනාන්දු, ලකී යාපා, ලීනා ද සිල්වා, පුණ්‍යා බුලත්සිංහල, නිකලස් පෙරේරා සහ විදේශීලී ද සිල්වා යන පිරිස. මෙය නිෂ්පාදනය කළේ එස්. එම්. නායගම්.මේ ආත්මයේ කළ වැරැදිවලට මේ ආත්මයේම දඬුවම් ලැබෙනවාද?චාමර ප්‍රේමනාත් – මිරිස්වත්තඒකනේ චාමර බෞද්ධ දර්ශනයේ කියන්නේ ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ කියලා.ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමට නම් පොතක් ලිවීම අනිවාර්යයද?සී. පී. විජේසිංහ – පිළියන්දලඇයි විජේ පොත් නොලියූ ශ්‍රේෂ්ඨ මිනිසුන් මේ ලෝකේ නැද්ද.දක්ෂ විකට ශිල්පියෙකු වූ එල්. එම්. පෙරේරා විසින් නිපදවනු ලැබූ චිත්‍රපට මොනවාද?මැණිකේ විල්වල – කෑගල්ල, තටාකය පාරහතර මහා නිධානය, හතර කේන්දරේ, හතර පෙරළිය, හතර වටේ.කැලණි ගඟෙන් නාලා - කැකිරි සිනා පාලා’ ගීතය ගයන්නේ කවුද?සෙව්වන්දි - පමුණුවිලවසන්තා සන්දනායක සහ සරත් සන්දනායක.එච්. එම්. වී. ගීත තැටි වර්තමානයේ බෙදා හරින සමාගම් මොනවාදඅයිලින් සෝවිස් - රාගමවර්තමානයේ එච්. එම්. වී. තැටි බෙදා හරින්නේ නැහැ.විනෝදය සඳහා චිත්‍රපට නරඹා ඔළුව කචල් කර ගන්නවාට වඩා හොඳ නැතිද පුංචි පැටව් ටිකක් එක්ක හැංගි මුත්තන් සෙල්ලම් කරන එක.කරු මන්දාවල – නාත්තන්ඩියඇයි නිදාගන්න එකත් හොඳයි නේද?අපේ ගෙදර හිටිය ගිරව් ජෝඩුව නැති වුණා. ඔයාලගේ එෆ්. එම්. එක පැත්තෙවත් ආවද අර්ජුන?ඩිෂානි තාරුකා - මඩකලපුවඅපිට එෆ්. එම්. එකක් නෑනේ තාරුකා.‘වනසරා’ චිත්‍රපටයේ රඟපෑ ශිරාණි ගුණතිලක ගැන යමක් කියන්න.කමලා අයිරාංගනීල – මුලටියන, මාතරරෝලන්ඩ් අමරසිංහගේ කොළඹ හාදයෝ චිත්‍රපටයේ ලයනල් දැරණියගලගේ පෙම්වතිය ලෙස රඟපාමින් සිනමාවට එක් වූ ඇය ඒ සමයේ හැඳින් වූයේ ශිරාණි ප්‍රනාන්දු යන නමින්. විවාහයෙන් පසුව ශිරාණි ගුණතිලක යන නාමය භාවිත කළා.කොළඹ හාදයෝ, දෙළොවක් අතර, ඔබ දුටුදා, සැඟවුණු මැණික, වනසරා ඇය රඟපෑ චිත්‍රපටයි.ප්‍රවීණ නළුවන් වන හේමසිරි ලියනගේ සහ සුමින්ද සිරිසේන දැන් කෝ?ස්වර්ණා අරංගල්ල , කඳුකර උයන - කොටුගොඩහේමසිරි ලියනගේ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. තවමත් ඔහු සක්‍රීයව කලා කටයුතුවලත් නියැළෙනවා. සුමින්ද සිරිසේන පසුගිය කාලයේ රෝගාතුර වී සිටියත් වර්තමානයේ විවේක සුවයෙන් කල් ගෙවනවා.මා එවූ ප්‍රශ්නවලින් මෙතෙක් පිළිතුරු ලැබුවේ එකකට පමණයි. අනික් ඒවාට උත්තර නොලැබුණේ ඇයි?පී. වයි. අනුලාවතී – අවිස්සාවේල්ලදිගටම ප්‍රශ්න එවන්නකෝ.බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුද? මෙරට තිරගත වූයේ කවදාද?ලකී යාපා - කිරිවඩුන්න – කෑගල්ලඑහි අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන්. 1957 දී තිරගත වුවා.ටෙලි නාට්‍ය කලාවේ ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වූ ‘දිමුතු මුතු’ හී රඟපෑ වසන්ත කොටුවැල්ල නිහඬ ඇයි?තිලකරත්න විල්වල – කෑගල්ලඔහු නිහඬ නැහැ .ළඟදීම ඔහු නිර්මාණයකින් ඔබ පිනවයි.සැකසුම - සංජීව සම්පත් බාලසූරිය  
CREATIVE
තරුවක් වෙන්න අකැමැති කවුද? තරු වෙන්නට වෙර දරනා තතනන අය, අද කලා ලොව ඕනෑතරම්... ඒ අතරේ, තරුවකට පෙම් බඳින්න ඔවුන්ට කොයින්ද ඉඩක් ?රුක්මන් කනිෂ්ක විමලසූරිය...තරුවකට අමතයි... “තාරකාවියේ ” ඔහුගේ කුලුදුල් ගීත සමුච්ඡයයි.රුක්මන් දැනට පදිංචි වී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවෙකි. පේරාදෙණිය සරසවිය රුක්මන්ගේ විශ්ව දැනුමට මෙන්ම ගායන කුසලතාවටද තිඹිරිගෙයක් විය. 80 දශකයේ මුල් භාගයේ විශ්ව විද්‍යාලයීය හොඳම ආධුනික ගායකයා වීම, ඔහුගේ දිවියේ සදානුස්මරණීය මතක සටහනකි. එම කාලවකවානුව තුළම, විශ්ව විද්‍යාල මට්ටමින් හොඳම නථවා වීමට ද හෙතෙම සමත් විය.පශු වෛද්‍යවරයෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරමින්, ඔහු දුෂ්කර සේවයෙහි ද අත්දැකීම් ලැබුවෙකි. සිය වෘත්තීය ජීවිතයේ කඩඉමක් පසුකරමින් ඔහු විදෙස් ගත වන්නේද මෙම කාලය තුළයි.කැන්ගරු දේශයේ සිටියත්, කලාවට දැක්වූ උනන්දුව බිඳකින් හෝ අඩු නොවිණි. ගීත 17 කින් යුත්, “ තාරකාවියේ ” එරට දී එළිදැක්වුණේ මේ නිසාමයි. ජ්‍යෙෂ්ඨ සංගීතවේදී, ආචාර්ය රෝහණ වීරසිංහ, සංගීතවේදී එච්. එම්. ජයවර්ධන, ුිආචාර්ය වික්ටර් රත්නායක, ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න, සංගීතවේදී මහින්ද බණ්ඩාර, නවරත්න ගමගේ ඇතුථ තවත් ශිල්පීන් රැසකගේ සංගීත ඥානය මේ සඳහා හිමිව තිබේ.ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ, බන්ධුල නානායක්කාරවසම්, සිසිර දිසානායක, මහින්ද දිසානායක දිවුල්ගනේ ගේය පද රචනයෙන් එක්වූවෝ වෙති.යුග ගායනයෙන් සංගීතවේදී වික්ටර් රත්නායත, සහ ජනප්‍රිය ගායන ශිල්පිනියන් වන උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී එක්වූහ.“ තාරකාවියේ ” සී.ඩී. තැටියේ මුල් පිටපත, හෙළයේ මහා ගාන්ධර්වයාණන්, ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් හට පිළිගැන්විණි. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ “සුළග” ( A Poem of Love ) ටෙලිනාට්‍යය වෙනුවෙන් රුක්මන් ගැයූ ගීය, පසුගිය වසරේ සුමති සම්මාන උළෙලේදී , සම්මානයක් සඳහා නිර්දේශ වීම, මහත් ආඩම්බරයක් බව සමුගන්නා මොහොතේ ඔහු සරසවියට සිහිපත් කළා.සටහන – ඉවැඩ්නි පණ්ඩිතරත්නඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
දේශීය සිනමාවට ඉතාම අත්‍යවශ්‍යව තිබුණු සිනමා සංරක්‍ෂණාගාරයක් ලබන අප්‍රේල් මස පස්වැනි දා නිල වශයෙන් ආරම්භ කරන බැව් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය මාලිනී ෆොන්සේකා ‘සරසවිය’ ට විශේෂ හෙළිදරව්වක් කළාය.ඇය මේ පිළිබඳ පැවසුවේ දහසයවන ඩොව්ලි ඒෂියා සිනමා උළෙලට පිටත්ව යාමට ද ප්‍රථමයෙනි. අතිගරු ජනාධිපතිතුමන් ගේ ආශීර්වාදය යටතේ කොළඹ ජාතික ලේඛණාරක්‍ෂණාගාර පරිශ්‍රයේ දී ඇරැඹෙන මෙම සංරක්‍ෂණාගාරය අප්‍රේල් 05 වැනි දාටම ඇරැඹීමට තීරණය කොට ඇත්තේ 1958 වර්ශයේ සිට සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව දැඩිව පෙන්නා දුන් මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ට ගෞරවයක් ලෙසටය. ආචාර්ය ලෙස්ටර් ගේ අනූපස්වැනි ජන්ම දිනය එදිනට යෙදේ.දීර්ඝ කාලයක් මුළුල්ලේ විවිධ පාර්ශ්වයන් ගේ කඹ ඇදීම්වලට ලක්ව එක තැන නතර වී වචනවලට පමණක් සීමා වූ සිනමා සංරක්‍ෂණාගාරය ගොඩනැගීම සඳහා ජාතික උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා බෙහෙවින් සහාය වූ බව මාලිනී සරසවියට පැවසීය.මෙරටට සිනමා සංරක්‍ෂණාගාරයක ඕනෑකම මැනවින් තේරුම් ගත් මාලිනී පසුගිය කාලයේ ඒ වෙනුවෙන් දැඩි උනන්දුවකින් කටයුතු කළ අතර ඒ සඳහා එම අමාත්‍යාංශය සමඟ කළ සාකච්ඡාවේදී සංරක්‍ෂණාගාරයේ අධ්‍යක්‍ෂවරියක වන ආචාර්ය සරෝජා වෙත්තසිංහ කැපවීමෙන් ක්‍රියා කළ බැව් මාලිනී වැඩිදුරටත් පැවසීය. එමෙන්ම දළුගම සරසවි චිත්‍රාගාරයේ රණවන මහතා ද මෙම ජාතික කර්තව්‍යයේ දී දැඩි කැපවීමකින් කටයුතු කළේය.ප්‍රසාද්
CREATIVE
නිවේදිකා සුභාෂිණී හේමමාලාමේ සතිය නම් මට වැඩ කටයුතු බහුල වූ සතියක්. දැන් මම නිවේදනයෙන් ඈත්ව විධායක නිෂ්පාදිකාවක් ලෙසිනුයි කටයුතු කරන්නේ.පසුගිය සතිය නම් පවුලේ සාමාජිකයන් සමඟ බොහොම නිස්කලංක ප්‍රදේශයක නිවාඩුවක් ගත කළා.මගේ උපන් දිනය යෙදී තියෙන ලබන 29 වැනිදා ස්වාධීන රූපවාහිනියෙන් දියත් කෙරෙන කිරි අම්මාවරුන්ගේ දානයකට දායක වෙන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. එය මා ලද භාග්‍යයක් කොට සළකනවා.
CREATIVE
මම ලියන ‘නාට්‍ය ඉතිහාසය’ කියන කොටස ලියමින් කාලය ගත කරනවා. ඒ අතර ඈන් බ්ලැක්බර්න්ගේ ‘19 වැනි සියවසේ අග්නිදිග ආසියාවේ බුදු දහම’ පිළිබඳ කෘතියේ පරිවර්තන කටයුතුත් කෙරෙනවා.
CREATIVE
ඇය රංගනය මෙන්ම නර්තන ශිල්පිනියක්. නිරූපිකාවක් ලෙසට විටෙක අපට හමුවන ඇය තවත් වරෙක අපට හමුවන්නේ රූපසුන්දරියක ලෙසටයි. මේ දිනවල වේදිකා ගතවන ටෙනිසන් කුරේගේ ‘සිවම්මා ධනපාල’ නාට්‍යයේ කැපී පෙණෙන චරිතයකින් අපට හමුවන මැය රිදී තිරයේ ද සිතුවම් මැවූ තාරකාවක්.චතුරිකා ආරියවංශ කොහොමඳ මේ ගමන ඇරඹුණේ?මගෙ පාසල ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහ විදුහල. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා කලාවට තිබෙන්නෙ ලොකු ආදරයක්. මං නර්තනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් කුඩා කාලෙ ඉඳලාම ආසාවෙන් හිටියේ.මේ අතරතුර විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. සිරස ඊ ඍ හි නේත්‍රා, ස්වර්ණවාහිනිය මෙගා ස්ටාර්, දෙරණ සිටි ඔෆ් ඩාන්ස් වගේ වැඩසටහන්වලට නර්තනයෙන් දායක වුණා. මේ අතරතුර නර්තනය වගේම නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු සඳහා දායක වුණේ හරිම ආසාවෙන්.නිරූපණ ක්ෂේත්‍රයෙන් ඔබ රූ රැජන බවට පත් වෙනවා?ඔව්, 2012 වසරේ මිස් ශ්‍රී ලංකා තරගාවලිය සඳහා මා ඉදිරිපත් වුණා. එහි අවසන් දොළොස්දෙනාට මාව තේරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මාසයක් පුරා පිලිපීනයෙ පැවැත්වුණ තරගාවලිය නියෝජනය කරන්නට මට අවස්ථාව උදාවුණා. මිස් අර්ත් තරගාවලියෙදි මිස් ටැලන්ට් කිරුළ මට ලැබුණා. රටවල් 96 ක් පරදවමින් තමයි මට මේ ජයග්‍රහණය ලැබුණේ.එහිදී මම නර්තනයක් වගේම ටෙනිසන් කුරේ මහතාගේ වේදිකා නාට්‍යයක කොටසක් ඉදිරිපත් කළා.ඔබ සිනමාවටත් සම්බන්ධයි?ඔව්, අර්ජුන කමලනාත් ගේ ආශාවේ මායා වගේම බර්මින් ලයිලි ප්‍රනාන්දු ගේ සඳළුතලේ කුමාරිකාවෝ චිත්‍රපටවලට මං දායක වුණා.වේදිකාව කොහොමද ඔබට දැනෙන්නෙ?වේදිකාව රංගනයට හොඳ තක්සලාවක්. ඒ වගේම මට වේදිකාවේ කටයුතු කරන්නට ලැබුණේ දැවැන්ත අධ්‍යක්‍ෂවරයකු සමඟ ඒ තමයි ටෙනිසන් කුරේ මහතා. අධ්‍යක්‍ෂවරයකු විතරක් නෙමෙයි එතුමා හොඳ රංගන ශිල්පියෙක්.ඔබ නර්තනය, රංගනය වගේම නිරූපණ ක්ෂේත්‍ර ඉගෙනගෙන තිබෙනවද?අධ්‍යනය කරලා තිබෙනවා. නර්තනය, නිරූපණය නම් මම තනිවම තමයි හැදෑරුවේ. අදට වුණත් ඕනෑම සංගීත රටාවකට නර්තනයෙ යෙදෙන්නට මට පුළුවන්. මේ වනවිට නර්තන ප්‍රසංගයක් පවත්වන්නට කටයුතු කරන අතරේ තවත් පරපුරකට නර්තන කලාව බෙදනවා.මොනවගේ චරිත ද ඔබ බලාපොරොත්තු වෙන්නේ?මගේ ගති ස්වරූපයට අනුව ගැළපෙන චරිතයක් ලැබුණොත් රඟපානවා. අනිවාර්යයෙන්ම මගෙ බාහිර ස්වරූපයට ගැළපෙන චරිතයක් විය යුතුයි.ඉදිරියේදී කලා කටයුතු කොහොමද සංවිධානය කරගෙන තිබෙන්නේ?මේ දිනවල සිවම්මා ධනපාල වේදිකා නාට්‍යය සමඟ කටයුතු කරනවා. ඉදිරියේදී නාට්‍ය කිහිපයකට වගේම චිත්‍රපට කිහිපයකටත් ඇරැයුම් ලැබිලා තිබෙනවා. හැකි සෑම වෙලාවකදීම කලා කටයුතුවලට දායකවීම තමයි මගේ අරමුණ.විද්‍යුත් ලිපිනය කියමු.chathurikaariyawansha@gmail.comචතුර ඡායා - මාලන්  
CREATIVE
පසුගිය දා නිමාව දුටු දෙවැනි දිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ (2013) හොඳම ලෝක චිත්‍රපටය ලෙස ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සම්මානය දිනා ගත්තේය. සිනමා උළෙලේ ආරම්භක චිත්‍රපටය වූයේද එම චිත්‍රපටය ය. විවිධ රටවල චිත්‍රපට 174 ක් විවිධ අංශයන් යටතේ මෙම උළෙල නියෝජනය කොට තිබිණ. හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීම විශාල ජයග්‍රහණයක් බව එහි අධ්‍යක්‍ෂ සමන් වීරමන් සරසවියට දන්වා සිටියේය.ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ආචාර්ය නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයකි.සිනමා උළෙලේ යාව ජීව සම්මානය පිරිනැමුනේ ප්‍රවීණ නළු ශත්රුගන් සිං ටය. හොඳම චිත්‍රපටය, හොඳම ලෝක චිත්‍රපටය ඇතුළු සම්මාන 25 ක් මෙම උළෙලේ දී පිරි නැමිණ. දිල්ලි සිනමා උළෙලේ දී ශ්‍රී සිද්ධාර්ථ ගෞතම තිරගත වූයේ සිනේමා අක්‍රොස් ද බොඩර් යන අංශය යටතේ වන අතර එයට ඇතුළත් වූ චිත්‍රපට සංඛ්‍යාව 09 කි. - ප්‍රසාද්
CREATIVE
රංගන ශිල්පීදයාදේව එදිරිසිංහමට මේ සතියේ හැම දවසකම වගේ ෂූටින් යෙදිලා තියෙනවා. ටෙලි නාට්‍ය දෙකක වගේම ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය උළෙලක නාට්‍ය පුහුණුවීම් යොදාගෙන තියෙනවා. මම එහි නාට්‍ය තුනකට රංගනයෙන් දායක වෙන්න නියමිතයි. ඒ හැරුණාම මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. ඒත් රූගත කිරීම් හා නාට්‍ය පුහුණුවීම් නිසා එදාට ගෙදරට වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ. 
CREATIVE
රංගන ශිල්පීරුවන් වික්‍රමසිංහමේ දවස්වල රංගන කටයුතුවලින් තරමක් ඈත්වෙලා සිටින නිසා දහම් පාසලේ ඉගැන්වීම් කටයුතුවල නිරත වෙනවා. මගේ දහම් පාසලේ ගුරු වෘත්තියට වසර විසි දෙකක්. මගේම කියලා කිංග් කොලේජ් කියන පෞද්ගලික ඉංගී‍්‍රසි ආයතනයේ කටයුතුත් කෙරෙන්නෙත් මේ අතරෙමයි.පසුගිය දවස්වල මගේ රංගනය දකින්න ලැබුණු ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යයේ මා රඟපෑවේ මාස පහළොවකට පස්සෙයි. ලැබෙන සෑම චරිතයක්ම රඟපාන්න කැමැත්තක් නොතිබුණත්, යමක් කළ හැකි චරිතයකට රංගනයෙන් දායක වීමට මම ඉන්නේ බොහොම කැමැත්තෙන්.
CREATIVE
මේ දවස්වල මම ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයෙහි සිංඤෝ ගේ චරිතයට පණ පොවනවා. ‘ආත්මා’ ටෙලි නාට්‍යයෙහිත් චරිතයකට රංගනයෙන් දායක වුණා. ධර්මසේන පතිරාජගේ ‘සක්කාරං’ චිත්‍රපටයෙත් චරිතයක් සඳහා මට ආරාධනා ලැබුණා.ඒ රඟපෑම් කටයුතුත් අවසානයි. ළඟදීම ආරම්භ කිරීමට නියමිත කේ. ඩී. නිකලස්ගේ චිත්‍රපටයකටත් රංගනයෙන් සහභාගිවීමටත් මට කතා කළා. ඒ චිත්‍රපටයේ මගේ බිරිය විදියට රඟපාන්නේ ගයත්‍රි ඩයස්.මේ සියලු වැඩ කටයුතු අතර මා ලියූ තීරු ලිපි එකතුවක් ළඟදීම එළිදැක්වීමේ අදහසකුත් මට පහළ වුණා. ඒ නිසා එහි කටයුතුත් සමඟ සිටින නිසා මා බොහොම කාර්යබහුල කෙනෙක් වෙලා.
CREATIVE
රංගන ශිල්පීබුද්ධික ලොකුකැටිය‘කළු අරලිය’, ‘ගිනි අවි සහ ගිනි කෙළි’, ‘ස්වර්ණපාලි’ කියන මගේ රංගනය රැගත් ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දවස්වල විකාශය වෙනවා.ඒ සඳහා තිබෙන ප්‍රතිචාර නිසා මම ඉන්නේ බොහොම සතුටෙන්. ඒත් සමඟම මගේ රංගනය මුසු වුණු චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ දේවින්ද කෝන්ගහගේ ‘භවතරණ’ යි.
CREATIVE
ක්‍රිස්ටින් ස්ටුවර්ට්, රොබට් පැටින්සන් නැවතත් එක්වන ට්විලයිට් සාගා චිත්‍රපට මාලවේ නවතම චිත්‍රපටය ද ට්ව්ලයිට් සාගා : ෙබ්‍රිකිං ඩොව්න් මෙම පසුගිය 21 සිට ලිබර්ටි සහ එක්සෙල් වර්ල්ඩ් යන සිනමා ශාලාවන්හි තිරගත වේ.ස්ටේෆපනී මේයර්ගේ ෙබ්‍රිකිං ඩොව්න් කෘතිය මෙම සිනමා කෘතියට පාදක වී ඇත.ක්‍රිස්ටීන් ස්ටුවර්ට්, රොබට් පැටින්සන්, මැකෙන්සි ෆොසායි රඟන මෙහි නිෂ්පාදනය කැරන් රෝසක් සහ ස්ටේෆපනි මෙයර්ගෙනි.නිහාල් ප්‍රේමචන්ද්‍රගේ නවතම ඩී වී ඩී චිත්‍රපටය වූ ජොලි වැඩකාරයෝ දැන් නිකුත් වී තිබේ.නිරෝෂනී ප්‍රේමසිංහ, රිද්මා තරංගනී, නිලංගනී පෙරේරා, මහේන්ද්‍ර විජේරත්න, කපිල ප්‍රේමවංශ, සරත් ඉඳුරුවගේ, අජිත් ප්‍රේමකාන්ත, බන්දුල ජාගොඩ, මහේෂ් පතිරණ සමඟ නිහාල් ප්‍රේමචන්ද්‍ර රංගනයේ යෙදෙයි.කැමරාව සහ සංස්කරණය ශාන්ත සෙනවිරත්න සිදු කොට ඇත. නිලාන් නිම්මිකගේ සංගීතයෙන් ද, මහේන්ද්‍ර විජේරත්නගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍යාමන් දමයන්තිගේ අංග රචනයෙන් හැඩවන ජොලි වැඩකාරයෝ කපිල ප්‍රේමවංශගේ නිෂ්පාදනයකි.සම්මානලාභී ලේඛකයකු වන ගුණරත්න ඒකනායක විසින් රචිත ‘බොල් කන්ද’ කෙටි කතා සංග්‍රහය ලබන 29 වැනිදා මොරටුව, සොයිසා පුර නිපුන් පොත් මැදුරේදී දොරට වැඩීමට නියමිතය.2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ පළමු ස්ථානය දිනූ තෑගි ගොඩයි කෘතිය හා 2003 වසරේ ඩී. ආර්. විජේවර්ධන නවකතා තරගයේ තෙවන ස්ථානය දිනූ ‘යාපනය තවමත් ඈතයි’නවකතාව ද, 2008 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත ‘අපේම මිනිස්සු’ සහ 2012 වසරේ ගොඩගේ සම්මාන සඳහා නිර්දේශිත ‘සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි’ නවකතාව ද ගුණරත්න ඒකනායක රචනා කළ කෘති අතර වෙයි.ඉන්ට් ඇක්ට් ආර්ට් බ්ලැක් බොක්ස් කණ්ඩායමේ තරුණ නාට්‍යකරුවන් වන එම්. සෆීර්, එස්. දයාලන්, තිවංක රණසිංහ, රෙජී චන්දිම, නාට්‍ය පරිවර්තක ජයලත් එස්. ගෝමස් ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ පුනේහි පිහිටි ෆ්ලේම් රංග කලා විශ්ව විද්‍යාලයේ විශේෂ ආරාධනයෙන් එම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් පුහුණු කිරීමට මේ මස 28 වැනිදා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.එහිදී මාසයකට ආසන්න කාලයක් මෙම කණ්ඩායම එම විශ්වවිද්‍යාලයේ රංග කලා අධ්‍යයන අංශයේ සිසුන් කණ්ඩායමක් සමඟ නූතන රංග කලා ප්‍රවණතා, සිරුර හා එහි නම්‍යශීලී රංග ක්‍රමවේදය පිළිබඳ පුහුණුවක් ලබාදී එමඟින් නූතන රංග නිෂ්පාදන එහිදී රංගගත කිරීමට නියමිතය. අනතුරුව එම නාට්‍ය නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් සිදු කිරීමට ද නියමිතය.මෙවැනි ආරාධනාවක් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම්. සෆීර් යනු ශ්‍රී ලංකාවට බ්ලැක් බොක්ස් රංග කලාව හඳුන්වා දුන් පුරෝගාමියා ද වේ. ශ්‍රී ලාංකීය රංග කලා ඉතිහාසය තුළ සංවිධානය වූ පළමු ජාත්‍යන්තර නාට්‍ය උළෙල මෙරට සංවිධානය කළ නාට්‍යකරුවා ද වෙයි.‘පවන රළු විය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවේ දක්ෂ තිර රචකයකු බව ප්‍රේක්ෂකයාට ඔප්පු කළ රංජිත් කුරුප්පු දක්ෂ පරිවර්තකයෙක්. මීට කලකට ඉහත ඔහු වාරිස් ඩයරිගේ කෘතියක් ආශ්‍රයෙන් පරිවර්තනය කළ ‘කාන්තාරයේ කුසුම’ පාඨකයන්ගේ ප්‍රසාදයට ලක් වුණා.ඔහු නැවතත් පරිවර්තන කෘතියක් සමඟින් පාඨකයන් හමුවට පැමිණෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ ‘දෑත යොමා අහස දෙසා’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන්.ස්ලාට්ගේ ZLATA’S DIARY ‘A CHILD’S LIFE IN WARTIME SARAJEVO’ කෘතියෙහි පරිවර්තනයක් ලෙසින් පාඨකයන් අතට පත්වන ‘දෑත යොමා අහස දෙසා’ යුද ගිනි දැල්වලට මැදි වූ දැරියකගේ ජීවිතයේ ළසෝ තැවුල් සංවේදීව හෙළි කරන්නක්.ජයකොඩි සෙනෙවිරත්න ලියූ ‘සිත්තරකුට පෙම් බැඳ’ නවකතාවේ නවතම මුද්‍රණය මේ මස 28 වැනිදා බදාදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.ප්‍රසාද් - තිලානි - යතේජා
CREATIVE
ජනාධිපතිතුමන් අතින් හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්, ජ්‍යෙෂ්ඨ රංගනවේදීන් වන ජී. ආර්. පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, බොනිපස් ප්‍රනාන්දු, අමරසිරි කලංසූරිය සහ ගායක සේනානායක වේරලියැද්දසංකේතාත්මකව ණය සහන පහසුකම් ලබා ගත් මොහොත. ඡායාරූපය – නලීන් හේවාපතිරණජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කලාකරුවන් සහ ලේඛකයින් හට සහනදායි මෝටර් රථ ණය යෝජනා ක්‍රමයේ සමාරම්භය සහ ඔවුන්ට ලැප්ටොප් පරිඝනකයන් ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් රැසක් ජනාධිපතිතුමා අතින් ලැප්ටොප් පරිගණක සහ ණය සහන පහසුකම් ලබා ගත්හ. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියරත්න ඇතුගල යන මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.ඉතාලි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද පළමු ඉතාලි ශ්‍රී ලංකා කෙටි චිත්‍රපට උළෙල 2012 හි හොඳම කෙටි චිත්‍රපටය ලෙස ඉල්හාම් හොසින් විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ‘චාවෝ’ සම්මාන ලබයි.තුමිදු දොඩන්තැන්න සහ දසුන් පතිරණ එහි රංගන දායකත්වය සැපයීය.ඉහත සම්මාන උළෙල සඳහා කෙටි චිත්‍රපට 70 ක් ඉදිරිපත් වූ අතර අනෝමා වීරසේකරගේ ‘ලිපිය’ සහ අජන්තා විජයවර්ධනගේ ‘සංක්‍රාන්ති’ යන කෙටි චිත්‍රපට අවසාන තරගකාරී චිත්‍රපට හය අතරට සුදුසුකම් ලැබීය.සම්මානලාභී ඉල්හාම්’ අවසන් වටය නියෝජනය කරන ලද අනෝමා සහ අජන්තා ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ශිෂ්‍යයන් වීම විශේෂත්වයකි.රුක්මණී දේවියගේ තිස් හතර වැනි ගුණ අනුස්මරණය නිමිත්තෙන් ඇය පිළිබඳ සියලු තතු අඩංගු කළ වෙබ් පිටුවක් www.rukmanidevi.org  නමින් පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවති කෙටි උත්සවයකදී හෙළ නිළි රැජන මාලිනිය අතින් අන්තර් ජාලයට මුදා හැරිණ.මේ ඒ අවස්ථාවයි. මෙහි නිෂ්පාදිකා ජනිතා නීලිකා පෙරේරා පසෙකින් වෙයි. කාංචනමාලා මහවිතාන අධීක්ෂණයෙන් මෙයට දායක වූහ.නොවැම්බර් පළමුවැනිදා සිට ස්වර්ණවාහිනී නාළිකාවේ සතියේ දින පහේම රාත්‍රී 7.30 ගුවන් කාලය වෙන් වෙනුයේ දම්සාරී වෙනුවෙනි. ‘දම්සාරි’ ගිහාන් රෝහණගේ නවතම ටෙලි සිතුවම වේ. ඔහු මීට ප්‍රථම චක්‍රාංගි, කටු කුරුල්ලෝ, පිනි අග පුළිඟු වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කොට ඇත.මව මිය ගිය උත්සාහවන්ත දම්සාරි නම් යෞවනියක් තේමා කර ගනිමින් මෙය නිර්මාණය වී තිබේ. අමා ටෙලි සිතුවමේ අමා ලෙස ජනාදරයට පත් වූ ශෙරිල් ඩෙකර් දම්සාරි හි දම්සාරිගේ චරිතයට පණ පොවනු ලැබේ.ජනක් ප්‍රේමලාල්, ජගත් බෙනරගම, සරත් චන්ද්‍රසිරි, රවීන්ද්‍ර යසස්, කුසුම් රේණු, කාවිංග පෙරේරා, භාග්‍යා ගුරුසිංහ, අවන්ති අපොන්සු, චිත්‍රා වරකාගොඩ, අර්ඩ්ලි වෙදමුණි ඇතුළු පිරිසගෙන් දම්සාරි රංගනයෙන් හැඩ ගැන්වේ.ආරිය සමරනායකගේ කැමරා අධ්‍යක්ෂණයකි. අරුණ ප්‍රේමරත්න කතාව සහ තිර රචනය සකසයි. සමන් ශ්‍රීී නාරායන, චින්තක විජයරත්න දම්සාරි හි කලා අධ්‍යක්ෂවරුන්ය. විශාකා ගුණතිලකගේ අංග රචනයකි. ප්‍රියන්ත පෙරේරා සහය නිෂ්පාදනයෙන් එක්වෙයි. සංගීත අධ්‍යක්ෂණය තීක්ෂණ අනුරාධ විසින් සිදු කොට ඇත. ඉරෝෂන් බුද්ධික නිෂ්පාදන කළමනාකරුය. දම්සාරි ස්වර්ණවාහිනී ආයතනයේ නිෂ්පාදනයකි.ප්‍රසාද් සමරතුංග
CREATIVE
සටන් නළුවකු මෙන්ම ආත්මාරක්‍ෂක සටන් කලාව පිළිබඳ ගුරුවරයකු වන සේනක විජේසිංහ ගේ කුලුඳුල් අධ්‍යක්‍ෂණය යටතේ නිර්මාණය කෙරෙන පුංචි බෲස්ලි සිනමා පටයේ රංගනයට කැමැති ඔබට අවස්ථාවක් ලබා දීමට සේනක තීරණය කොට තිබේ.ලෝක ප්‍රකට සටන් නළුවකු වන බෲස්ලී ප්‍රිය කරන කුඩා දරුවකු වටා ගෙතෙන මේ සඳහා වයස අවුරුදු දහයත් විසිපහත් අතර සටන් කලාව ප්‍රගුණ කළ අයට අයදුම් කළ හැකිය. මේ සඳහා තමා ළඟදී ගත් ඡායාරූපයක් සමඟින් අයඳුම්පතක් 143/5, සාලාව පාර, මිරිහාන, නුගේගොඩ ලිපිනයට යොමු කළ හැකි අතර 0776333519 අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිවේ.
CREATIVE
හැටන් නැෂල් බැංකුවේ රැකියාව කරන නිසා ඒ කටයුතුවලට තමයි මා මුල් තැන දී තිබෙන්නේ. ඊට අමතරව තාත්තාගේ ‘හුනුවටය’ හා ‘කුවේණි’ කියන වේදිකා නාට්‍ය දෙක වේදිකා ගතවන නිසා එහි පරිපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටිනවා.
CREATIVE
මම මේ දවස්වල නව මුහුණුවරකින් යුතු ප්‍රසංගයක් සඳහා සූදානම් වෙමිනුයි සිටින්නේ. රාවණා ඉන් කොන්සට් නමින් තේමා වාදනයන්ගෙන් යුතුව මහනුවරදී පවත්වන්න සූදානම්.මේ අවුරුද්දේ මම සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට පහක් තිරගත වෙනවා. දැනට ඉන් කිහිපයක් තිරගත වුණා.ඊට අමතරව ස්වාධීන රූපවාහිනි සේවයේ 35 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණ කටයුතු භාර වෙලා තියෙන්නෙත් මට. එයත් මේ දවස්වල නිර්මාණය කරගෙන යනවා.
CREATIVE
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.A Haunted House‘අ හෝන්ටඩ් හවුස්’ හාස්‍ය මෙන්ම ත්‍රාසජනක සිදුවීම් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. මයිකල් ටයිඩ්ස් විසින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 86 ක ධාවන කාලයකින් යුතු වේ. මාලන් වෙයන්ස්, එසෙන්ස් ඇට්කින්ස්, නික් ස්වෝඩ්න්, ඩේවිඩ් කෝච්නර්, ඩේව් ෂෙරිඩන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.Stoker‘ස්ටෝකර්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් නවතම හොලිවුඩ් චිත්‍රපටයක්. පාක් චෑන්වෲක් අධ්‍යක්ෂණය කළ මෙහි මියා වැසිකොව්ස්කි, මැතිව් ගෝඩ්, නිකොලෙ කිඩ්මෑන්, ඩර්ව්ට් මුල්රෝනි, ජැකි වේවර් ප්‍රධාන චරිත නිරූපණය කරති.Oz the Great and Powerful‘ඕස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්’ සුරංගනා කතා තේමාවක් රැගත් නවතම හොලිවුඩ් චිත්‍රපටයක්.සෑම් රයිම් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ජේම්ස් ෆ‍්‍රැන්කෝ, මිලා කුයින්ස්, රැචෙල් වෙයිස්, මයිකල් විලියම්ස්, සැක් බ්‍රාෆ්, බිල් කොබ්ස්, ජේ කින්ග් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ඕස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්’ මිනිත්තු 130 ක ධාවන කාලයකින් යුතු වේ.The Muppets‘ද මපට්ස්’ සංගීතය රැගත් හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ජේම්ස් බොබින් අධ්‍යක්ෂණය කළ ‘ද මපට්ස්’ මිනිත්තු 103 ක ධාවන කාලයකින් යුතු වේ. ජේසන් සෙගෙල්, ඇමි ඇඩට්ස්, ක්‍රිස් කෝපර්, රෂිඩා ජෝන්ස් මෙහි චරිත සඳහා දායකත්වය ලබා දේ. ලබන වසරේදී ‘ද මපට්ස්’ හි මීළඟ චිත්‍රපටය ‘ද මපට්ස් අගේන්’ තිරගත වීමට නියමිතය.Man on a Ledge‘මෑන් ඔන් අ ලෙජ්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. අසෙගර් ලීත් අධ්‍යක්ෂණය කළ මෙහි සෑම් වොතින්ග්ටන්, එලිසබෙත් බැන්ක්ස්, ජැටි බෙල්, ඇන්තනි මැකී, ජිනිසිස් රොඩ්‍රිග්‍යු, ඊඩ් හැරිස් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘මෑන් ඔන් අ ලෙජ්’ මිනිත්තු එකසිය දෙකක ධාවන කාලයකින් යුතු වේ.Warth of the Titans‘වෝර්ත් ඔෆ් ද ටයිටන්ස්’ ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටයක්. ජොනතන් ලෙබ්ස්මන් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ. එඩ්ගා රමීර්ස්, ටොබි කේබෙල්, ඩැනි හියුස්ටන්, රැල්ප් ෆයින්ස්, ලියම් නෙසන් ‘වෝර්ත් ඔෆ් ද ටයිටනස්’ හි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.Jodi Breakers‘ජෝඩි බේකර්ස්’ ආදරය, හාස්‍ය මුසු වූ හින්දි චිත්‍රපටයක්. අශ්විනි චෞද්රි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ බිපාෂා බාසු, ආර්. මාධවන්, ඕම් විද්‍යා, දීපනිතා ෂර්මා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.Bandook‘බැන්ඩොක්’ අපරාධයක් පිළිබඳ සිදුවීම් පෙළක් ගෙන එන හින්දි චිත්‍රපටයක්. ආදිත්‍ය ඕම් අධ්‍යක්ෂණය කළ ‘බැන්ඩොක්’ හි මනිෂා කෙල්කාර්, ලෝචන් සිංග් යාදේව් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.- යතේජා ඥානරත්න
CREATIVE
මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙලේ ඉංග්‍රීසි සාහිත්‍ය අංශයෙන් හොඳම යොවුන් කෘතියට හිමි සම්මානය හිමි වූයේ ලුවී වැන්ඩස්ට්‍රාට්න් විසින් රචිත බුද්ධි නම් කෘතියටයි.ලුවී වැන්ඩස්ට්‍්‍රාට්න් කියන්නේ කාලයක් පුරා අපේ සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කරන සිනමාකරුවෙක්. ඔහු සිනමා නිර්මාණ තිහකට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළත් ඒවාට මේ දක්වා සම්මාන නම් හිමි වුණේ නැහැ. එපමණක් නොවෙයි කාම රැල්ල නමින් ඒ කාලයේ ජනප්‍රිය චිත්‍රපට රැල්ලේ නිර්මාතෘ ලෙස චෝදනා ලැබුවෙත් ලුවී. ඒ වුණාට ඔහු රචනා කළ පළමුවන කෘතියට නම් සම්මාන හිමි වුණා. ඒක තමයි ලුවීගේ විශේෂත්වය.ලුවී වැන්ඩස්ට්‍රාට්න් කියන්නෙ සෙට් එකේදී විවේකයක් ලැබුණොත් ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන කාලය ගත කරන පුද්ගලයෙක් නොවෙයි. විවේක වෙලාවකදී ඔහු අතේ නිතරම ඉංග්‍රීසි නවකතා පොතක් නම් දැකගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉංග්‍රීසි සාහිත්‍ය ගැන බොහෝ දැනුවත් අයෙකුටවත් ලුවී එක්ක කතා කරලා දිනන්න අමාරුයි. ඒ ගැන හැමෝම දන්නා දෙයක්. එපමණක් නොවේ විදේශ චිත්‍රපට පිළිබඳ ලුවීගේ දැනුමත් ඉතා ඉහළයි.
CREATIVE
දිනෙන් දින අපේ ගීත ක්‍ෂේත්‍රයට එක්වන ඒකාකාරී, මෙලෝ රහක් නැති ගීවලට වඩා මේ ගීතය ටිකක් වෙනස්.ජනප්‍රිය ගී රැසක් රචනා කළ ෂෙහාන් ගලහිටියාවගේ සංකල්පනාවක් වන ‘හැඟුමන්අනන්තයේ ’ ගායනයෙන් හැඩ කළේ අපේ යොවුන් සංගීත ශිල්පීන් දෙපළක් වන භාතිය හා සන්තුෂ්.ජපන් ගායිකා අයිකා විසුස්වා ද ඔවුනට ගායනයෙන් සහාය වුණා. මෙහි සංගීතය නිර්මාණය කෙන් ලැපන් සමඟ ‘සරිගම’ නිෂ්පාදන ආයතනය මගින් සිදුකර තිබෙනවා.මේක හුදු රස වින්දනය උදෙසාම නිර්මාණය වූ ගීතයක් විතරක්ම නෙවෙයි. සුවිශේෂ හේතුවක් මතයි මේ ගීතය නිර්මාණය වුණේ.‘හැඟුමන් අනන්තයේ ’ ගීතය ඇතුළත් වන්නේ මසකි හමාමොතේ අධ්‍යක්‍ෂණය කළ ‘ෆයිනල් ජජ්මන්ට්’ කියන ජපන් චිත්‍රපටයේ නාමාවලි ගීතය හැටියට.මේ චිත්‍රපටය අපට වැදගත් වන්නේ යොවුන් පරපුරේ නිළි උමාලි තිලකරත්න එහි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන නිසා.දැනට ජපානයේ සිනමා ශාලා 200 ක තිරගත වන ‘ෆයිනල් ජජ්මන්ට් ’ චිත්‍රපටයේ මෙරට ප්‍රදර්ශනය ඇරඹෙන්නේ අද සිටයි.එහි මංගල දර්ශනය අද සවස 6.30 ට කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාහලේ පැවැත්වෙනවා. එහි පූර්ව ප්‍රචාරක පටය හැටියටත් යොදා ගැනුණේ මේ මියුසික් වීඩියෝවයි.අල්ටිමේට් මීඩියා සොලියුෂන් ආයතනය වෙනුවෙන් මේ නිර්මාණ කටයුත්ත මෙහෙයවීමේ වගකීම පැවරුණේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂ ලලිත් පන්නිපිටියට.එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ දක්‍ෂ ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයකු වන බුද්ධික ගුණදාසයි.මේ මියුසික් වීඩියෝවේ සාර්ථකත්වය පසුපස තිබෙනා අදෘෂ්‍යමාන හස්තයන් ඔවුන්ගේ.වැඩේ ගැන පොඩ්ඩක් කතා කරමුද?මගේ ඒ ඇරැයුම ලලිත් පන්නිපිටියට. ඔහු සෙමෙන් වචන ගොනු කරන්නට පටන් ගත්තා.මේ මියුසික් වීඩියෝ එක නිර්මාණය කිරීමේ වගකීම අපට පැවරුවේ ‘අල්ටිමේට් මීඩියා සොලියුෂන් ’ ආයතනයේ අධ්‍යක්‍ෂ මනුර ඒකනායක විසින්.මේක ඇත්තටම එක්තරා විදිහක අභියෝගයක් වුණා. මොකද වැඩේ ඉතාමත් යුහුසුළුව කළ යුතුව තිබුණ නිසා.මේ එතකොට කඩිමුඩියේ කරපු වැඩක් ?ඔව්, ඒත් ඇත්තටම මේ නිර්මාණ කටයුත්ත අතිශයින් සාර්ථක වුණා.‘ෆයිනල් ජජ්මන්ට්’ චිත්‍රපටයේ දකුණු ආසියාවේ සම්බන්ධීකරණ කටයුතු කරන මයිඩා මහතා ගොඩක් සතුටු වුණා මේ මියුසික් වීඩියෝ එක දැකලා. ඔහු අපට විශේෂයෙන් ස්තුති කළා.එක්තරා විදිහක නිර්මාණාත්මක තාක්‍ෂණික හරඹයක් හැටියටයි මම මේ කාර්යය දකින්නේ ?අසංක ඒක ඇත්ත. මේ චිත්‍රපටය අපට ලැබුණේ H. D. cam 5 R එකේ. ඒක ලෝකයේ දියුණුම තාක්‍ෂණයක්. ලංකාවේ අපට ඒ පහසුකම් නැති නිසා අපි මේ ටේප් එක ඉන්දියාවට ගිහින්D. P. X. වලට හරවා ගත්තා. මෙහේ අපි ෂූට් කළේ RED 4 K කැමරාවෙන්. අවසානයේ චිත්‍රපටයේ තේමාවට, අරුතට ගැළපෙන විදිහට එහි දර්ශන කිහිපයක් හා මෙහෙදී අප රූගත කළ භාතිය, සන්තුෂ් හා ජපන් ගායිකා අයිකාගේ රූපරාමුත් යොදාගෙන මේ මියුසික් වීඩියෝ එක නිර්මාණය කළා.මේ සියලු රූ ගත කිරීම් සිදු කළේ ඕ චදඤ ඉ ශබ්දාගාරයේදී. ෆිල්ම් එකේ එන්ඩ් ටයිටල් සෝන්ග් එකත් ඒකමයි.සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ නිකම් නෙවෙයිනේ. ඒ නිසා භාතිය - සංතුෂ් අපේකම රැගෙන සිංහල බසින් ගයන ‘හැඟුමන් අනන්තයේ ’ ගීතය ජපානයට ආගන්තුක වෙන එකක් නෑ. ගීතය පටිගත කරද්දී අයිකා ජපන් බසින් ඇගේ කොටස ගායනා කරන විට, ඒ වෙලාවේ එතන හිටපු මටත් අපූරු චමත්කාරජනක හැඟීමක් මතුවුණා. ඒ කියන්නේ ඇත්තටම සංගීතයට භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි.බුද්ධික ගුණදාසලලිත් පන්නිපිටියටමේ චිත්‍රපටය ලංකාවේ සිනමා ශාලාවල දිගටම ප්‍රදර්ශනය කෙරෙනවද?ඒ පැනයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වුණේ බුද්ධික ගුණදාස.ඇත්තටම අද ලිබර්ටි එකේ ප්‍රිමියර් එකෙන් පස්සේ සැවෝයි 02 සිනමා හලේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ වගේම රිත්මා මණ්ඩලයේ සිනමාහල්වල මුළු ලංකාවම ආවරණය වෙන පරිදි අප මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම්.සිංහල සහ දෙමළ උපසිරැසි සහිතව ඒ අදාළ සිනමාහල්වලදී මෙය තිරගත වෙනවා. මම හිතන්නේ අපේ රටේ සිනමා ප්‍රේක්‍ෂකයන්ට මෙය අපූර්ව අත්දැකීමක් වේවි.අසංක දේවමිත්‍රසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
සිනමා මාධ්‍යවේදී ප්‍රදීප් නිශාන්ත හේරත් පසුගියදා යුග දිවියට ඇතුළත් වුණා. ඔහුගේ අතගත් මනාලිය වූයේ වෘත්තියෙන් ගණකාධිවරියක් වන තුෂාරි තිලකරත්නයි. ඔස්ට්‍රේලියාවේ තුරෙ වොරන් හි ෆවුන්ටන් ගේට් හෝටලයේ පැවති ප්‍රදීප් - තුෂාරිගේ විවාහ මංගල උත්සවයේ අවස්ථාවකි මේ.
CREATIVE
සල්මන්, කත්‍රිනා කායිෆ් ආදර කථාව ඉතිහාසයට එක් වුණ ද, ඒ ඉතිහාසයේ ජීවත් වන්නට රසිකයන් ඉතා කැමැතිය. දෙදෙනා විරසක වීමෙන් පසු නිපදවුණු ‘ඒක් තා ටයිගර්’ අති සාර්ථකත්වයේ රහසත් එයයි. මේ නිසාමදෝ සජීඩ් නදියද්වාලා ‘කික්’ සිනමාපටයට කත්‍රිනා හා සල්මන්ගේ විශේෂ නර්තන අංගයක් එක් කිරීමට බලාපොරොත්තු වෙයි.කත්‍රිනා තම මනාපය ඊට දී අවසන්ය. සිනමාපටය ප්‍රවර්ධනය කිරීමේදී ද මේ ගීතය යොදා ගැනීමට සජීඩ් බලාපොරොත්තු වෙයි. ‘කික්’ සිනමාපටයේ සල්මන්ගේ පෙම්වතිය ලෙස රඟන්නේ අපේ ජැකලින් ෆර්නැන්ඩස්ය.ජැකලින් මෑතකදී ඉන්දියාවේ වඩාත් සිත් ගත් තාරකාවන් අතර තෙවැන්නිය ලෙස රසික මනාපය දිනා ගත්තාය. මනාපය නිසා ඇය වඩාත් දිරිමත් වී සිටින්නීය. ‘කික්’ට පසු ජැකී, රන්බීර් කපූර් සමඟ රඟන ‘රෝයි’ තිරගත වීමට නියමිතය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
රංගන ශිල්පිනීශෂිනිකා කරලියැද්දචනික පෙරේරාගේ ‘භව චක්‍ර’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කෙරෙනවා. ඊට අමරතව තිෂූල දීප තඹවිටගේ ටෙලි නාට්‍යයක රඟපෑමටත් මට කතා කළා.මම රඟපාන ‘අත්තම්මා’, ‘මුතු’ ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා.
CREATIVE
හර්ෂ උඩකන්දගෙන් අහමුහර්ෂ උඩකන්ද සහාය අධ්‍යක්ෂවරයෙක්. මේ වන විට ඔහු ටෙලි නාට්‍ය විසි පහකට පමණ සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා. හර්ෂ පළමුව ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රංගන ශිල්පියකු වන්න. එහෙත් සිරිතුංග පෙරේරාගේ හමුවත් සමඟ ඔහු ඔහුගේ සිහිනය වෙනත් මඟකට හරවා ගන්නවා. එතැන් පටන් තමයි ඔහු සහාය අධ්‍යක්ෂවරයකු වන්නේ. මේ ඒ හර්ෂ ගැන පුංචිම පුංචි සටහනක්.හර්ෂ රඟපාන්න ආවේ මොන නාට්‍යයටද?හඳපාන නාට්‍යයට.එය අධ්‍යක්ෂවරු තුන් දෙනෙක් අධ්‍යක්ෂණය කළානේ. මං එන විට එය අධ්‍යක්ෂණය කරමින් සිටියේ බී. සිරිතුංග පෙරේරා මහත්මා. ඔහු මගේ උනන්දුව දැකලා සහාය අධ්‍යක්ෂණයට යොමු කළා. පළමුව හඳපාන නාට්‍යයෙත් පසුව එක්ටැම්ගේ, සත්කුළුපව්ව ඇතුළු ටෙලි නාට්‍ය සහ ජුසේවස්, කල්පාන්තේ සිහිනයක් වැනි චිත්‍රපටවලටත් සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා.මේ දිනවල මොනවද ඔබේ කලා කටයුතු?සිරිතුංග සර් මේ දවස්වල රූපවාහිනියේ වැඩසටහනක් කරනවා හද රැඳි ගී කියලා. මං තමයි ඒකේ සහාය අධ්‍යක්ෂ. ඒ වැඩසටහනේ වීඩියෝ දෙසීයක සහාය අධ්‍යක්ෂණය කරලා තියෙනවා.හැමදාම සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් ඉන්නද කල්පනාව?මං දැන් ටෙලි ෆිල්ම්ස් දෙකක් කළා. දඟකාර යෞවනය සහ සෙවණැලි කියලා ඩී වී ඩී ෆිල්ම් දෙකක් කළා. ඒ වගේ සමන් ශ්‍රී උඳුගොඩ නම් ගායකයකුගේ ගීතයකට මියුසික් වීඩියෝවක් කරලා දුන්නා. මේ වන විට ක්‍රම ක්‍රමයෙන් අධ්‍යක්ෂණය පැත්තට යොමුවෙලා. කාලයක් මං දෙරණ නාළිකාවට බුදුසරණ කියලා ඒකාංගික නාට්‍ය මාලාවකුත් කළා. මේ වන විට ප්‍රාසංගික නාට්‍යකුත් පටන් ගත්තා. ළඟදීම ඒකෙ විස්තරත් සරසවියෙන්ම කියන්නම්.හර්ෂගේ ගෙවල් කොහෙද? මොනවද පවුලේ විස්තර?මගේ ගම රත්නපුර. මං පවුලේ එකම දරුවා. රත්නපුර කහවත්ත මධ්‍ය මහ විද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. මං මේ වන විට විවාහකයෙක්. මගේ බිරිය තක්සලා කුමාරි. ඇය නිළියක්.පවුලේ එකම දරුවා වෙච්ච කොට ගෙදරින් අකැමැති වුණේ නැතිද ඔබ කලාවට එනවට?තාත්තා නම් කොහෙත්ම කැමැති වුණේ නැහැ මං කලාකරුවෙක් වෙනවට. ඒත් පසුකාලීනව මං නන්නත්තාර නොවී යම් ස්ථාවරයකට එනකොට ඔහු මට හොඳ සහායක් දුන්නා. අම්මා නම් මුල ඉඳලා ඉදිරියට යන්න ශක්තියක් වුණා.සහාය අධ්‍යක්ෂවරුන් ක්ෂේත්‍රයට පැමිණෙන නවක නිළියන්ට අනිසි බලපැම් කරනවා කියන්නේ ඇත්තද?මං නම් කියන්නේ මේකයි. තනි අතින් අත්පුඩි ගහන්න බැහැනෙ. දෙපාර්ශවයේම වැරැදි තියෙනවා. තමන් හොඳට හිටියම අනිසි බලපෑම් එන්නෙත් නැහැ. අනිසි බලපෑම් කරන්න යන්නෙත් නැහැ. මේක ඇත්තටම ගෞරාවාන්විත දේවත්වයෙන් ඇදහිය යුතු වෘත්තියක්. ඒක කෙලසගන්න එපා කියලත් කාගෙනුත් මං ඉල්ලීමක් කරනවා.අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?හොඳ අධ්‍යක්ෂවරයකු හැටියට වැඩක් කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම මට මෙතෙක් ගමනට අප්‍රමාණ සහායක් ලබා දුන් සිරිතුංග සර්වත් උදව් කළ හැමෝමවත් බොහොම ආදරයෙන් මතක් කරනවා.මේ හර්ෂගේ දුරකථන අංකයයි. 077-9138206.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
* මනීෂා මොකද මේ දවස්වල නිහඬ?ඒ පේන හැටි වෙන්න ඇති. මං කොහොමත් සද්ද බද්ද දාන කෙනෙක් නෙවෙයිනේ. පහුගිය කාලේ ටැමිල් ෆිල්ම් එකකත් රඟපෑවා.* මොකක්ද ඒකේ නම?ඒකේ නම තවම කියන්න එපා කිව්වා.* කවුද?ෆිල්ම් ටීම් එකේ අය තමයි.* ඒත් ඔයාට ඒකෙ නම මාධ්‍යයට පවසන්න තිබුණා නම් වටිනවා නේද?ඒක මං වෙලාවට කියන්නම්.* ඔබ ඉන්න නාට්‍යයක් මේ දවස්වල විකාශය වෙනවාද?ඔව්. අමුතු මිනිස්සු.* අමුත මිනිස්සු නාට්‍යය දැන් ඉවර වෙලා ගොඩක් කල්නේ?අහ් . . . ඒක ඉවරද?* ඒ කියන්නේ මනීෂා තමන් රඟපාන නාට්‍යක්වත් නරඹන්නේ නැහැ?නාට්‍ය බලන්න තියා ටී. වී. එක දාන්නවත් කෝ වෙලාවක්.* තමන්ගේ නාට්‍යයක් බැලුවොත් නේද තමන්ගේ අඩුපාඩු බලාගන්න පුළුවන් වෙන්නේ?ඒක නම් එහෙම තමයි.* එහෙනම් නාට්‍ය බලන්නේ නැත්තේ මනීෂාගේ රංගනයේ හදාගන්න තරම් අඩුපාඩු නැහැ කියන එකද?අයියෝ මං එහෙම දෙයක් නෙවෙයි අදහස් කළේ . මං හිතන්නේ අපි හැමදාමත් ඉගෙන ගන්නවා. මැරෙනකම් අපේ අඩුපාඩු හදාගෙන ඉවර කරගන්න බැහැ. මං මගේ නාට්‍ය ඉන්ටර්නෙට් එකෙන් බලනවා. ටී. වී. එකේ නොබැලුවත්.* මනීෂා ගැන දූෂමාන ආරංචියක් පසුගියදා පැතිර ගියා?අනේ අපි ඒ ගැන කතා නොකර ඉමු.* මං ඇහැව්වේ එහි සත්‍ය අසත්‍යතාවය?මං ඒක සුදුසු වෙලාවට කියන්නම්. ඔයා දැන් වෙන ප්‍රශ්නයක් අහන්න.* හරි එහෙනම් කියන්නකෝ බම්බලපිටියේ තිබුණු ඔයාගේ සැලුන් එකට මොකද වුණේ කියලා?ඒක වෙන තැනකට මාරු කළා.* ගොඩක් අය හිතාගෙන ඉන්නේ සැලුන් එක වැහැව්වා කියලයි?එතන පාර්කිං ප්‍රශ්නයක් තිබුණා. සැලුන් එකට එන අයට තියා මගේ වාහනේ පාක්කර ගන්නවත් එතන ඉඩක් තිබුණේ නැහැ. ඒකයි තැන මාරු කළේ.* කලාවයි ව්‍යාපාරයයි සමබරව කරගෙන යන්න පුළුවන්ද?අපෝ පුළුවන්. මං ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගෙන තියෙන නිසා හොඳටම ව්‍යාපාර කරන්න පුළුවන්.* කලාකාරියක් නොවී ව්‍යාපාරිකාවක් වුණා නම් අද ඔබ මීට වඩා සැප සම්පත් ලබාගන්න තිබුණා නේද?සල්ලිම නෙවෙයි ජීවිතේ. මට මුදල් හෙවීමේ අවශ්‍යතාවයම නෙවෙයි තිබුණේ. කලාවට ඇවිත් මුදල් පසෙකලා මගේ හැකියාව එළියට දාන්නයි මට ඕනෑ වුණේ. මට මුදල් අඩුපාඩු තිබුණේ නැහැ.* එහෙනම් ඔබට නිෂ්පාදිකාවක් වෙන්න තිබුණනේ?නිෂ්පාදිකාවක් වන්නටත් ක්ෂේත්‍රයේ දෙයක් දැනගෙන ඉන්න ඕනේනේ. ඉදිරියේදී නිෂ්පාදිකාවක් වෙන්නටත් හිතාගෙන ඉන්නවා. මගේ සැමියාත් නිෂ්පාදකවරයෙක් නිසා දැන් බය නැහැ.* කලාකාරිණියකගේ පුද්ගලික තොරතුරු රසික රසිකාවන්ට වැදගත් නැතිද?ඇයි ඔයා මේ ප්‍ර‍්‍රශ්න අහගෙන එන ගමන් ඕක ඇහැව්වේ?* මනීෂා මං කලින් අහපු ප්‍රශ්නයෙදී ආඳෙක් වගේ ලිස්සලා ගිය හින්දා?මෙහෙමයි, අනවශ්‍ය දේවල් ගැන හාර අවුස්සනවට මං ආස නැහැ. කලාවේ යෙදුණත් අපිත් සාමාන්‍ය මනුස්සයෝ. ඒක නිසා අපට එන ප්‍රශ්නත් වෙලාවකට දරාගන්න අමාරුයි. පොදුවේ ගත්තොත් කලාකරුවන්ගේ පුද්ගලික ජිවිතයට වඩා ඔවුන්ගේ කලා තොරතුරු ගැන මිනිස්සු දැනුවත් කළොත් හොඳයි. මොකද කලාව වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙනවා. ඒ මහන්සිය ගැන මාධ්‍යයන් කතා කරනවා නම් සතුටුයි.* අමුතු මිනිස්සු හි චරිතයට ලැබුන ප්‍රතිචාර කොහොමද?ගොඩක් ඉහළයි. මට සතුටුයි. මං එහි සිල්ලර වෙළෙන්දිය විදියට හිටියේ. සැබෑ වෙනසක් මගේ.* කොහොමද මනීෂාගේ ඉදිරිය ගෙවෙන්නේ?අර මං මුලදි කතා කරපු ටැමිල් ෆිල්ම් එක ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒක ආවට පස්සේ මං ගැන වැඩිපුර මිනිස්සු කතා කරාවි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
නව පරපුරේ දක්‍ෂ සහාය අධ්‍යක්‍ෂවරයකු වනචාමර චින්තක ටෙලි නාට්‍ය කිහිපයකම තමන්ගේ හැකියාව පෙන්නුම් කළා.පසුගිය දවසක රූපවාහිනී වැඩසටහනක් සඳහා දෙමෝදර ආරුක්කු නවයේ පාලම අසලදුම්රිය එන දර්ශනයක් රූගත කෙරුණා. එහි සහාය අධ්‍යක්‍ෂවරයා වූයේ ද චාමරයි.හරිම අපහසුවෙන් කැමරා ආම්පන්නද රැගෙන ආරුක්කු නවයේ පාලම අසලට චාමර ඇතුළු පිරිස සෙන්දු වුණා. මේ දර්ශනය රූගත කිරීම නැරඹීමට ද විශාල පිරිසක් එක්රොක් වුණා. මෙ පිරිස හැසිරවීමත් චාමරගේ වගකීමේ කොටසක්. හරියටම දුම්රිය ආරුක්කු නවයේ පාලම අසලට පැමිණෙන විට රූගත කිරීම් ඇරඹුණා.මෙම ස්ථානයට ජනතාවගේ පැමිණීම පාලනය කරමින් සිටි චාමර දුටුවේ දුම්රියේ තමන්ගේ ගුරුවරයා ඉන්න බවයි. එවිටම චාමරට උන්හිටි තැන් අමතක වී..සර්...සර්...කියමින් දුම්රිය පසු පස දිව්වා.මේ දැකපු කැමරා අධ්‍යක්‍ෂවරයාට තරු පෙණුනා. දර්ශනයේ අවසන් භාගයේ ඇත්තේ ‘චාමර සර්.. සර්.. කිය කියා යන දර්ශනයයි. මේ සිදුවීම නිසා චාමර අධ්‍යක්‍ෂවරයාගෙන් හොඳටම බැනුම් ඇහැව්වලු. දර්ශනය අවසානයේ චාමර රේල් පීල්ල උඩ හිසට අත තියාගෙන ඉන්න කොටස නම් හොඳට රූගත වෙලාලු.සැන්ඩෝ හැරිස් සමඟ ‘අයුක්තියට හිස නමන්නේ නැහැ’ ගීතය ගයා, රඟන ප්‍රේමදාස විතානගේ අපේ රටේ පැරැණි රංගන ශිල්පියෙක්.මේ ළඟදී දවසක නෙළුම් පොකුණ රඟහලේ ප්‍රසංගයක් සඳහා ඔහුට පෙර පුහුණුවීම් තිබුණා.ප්‍රේමදාස සාමාන්‍යයෙන් ගමන් යන්නේ තමන්ගෙම ත්‍රිරෝද රථයෙන්. ඔහු නෙළුම් පොකුණට අදාළ දිනයේ පැමිණියෙත් තමන්ගේම ත්‍රිරෝද රියෙන්. ඔහු ගේට්ටුව අසලට ත්‍රිරෝද රථයෙන් එනවිටම එහි ආරක්‍ෂක නිලධාරියා එය නවත්වන්න නියෝග කළා.කොහෙද මේ කඩාගෙන බිඳගෙන යන්නේ...?රිහසල්වලට.කෝ කවුරුවත් ඇතුළේ නැහැනේ...මම තමයි... යන්නේ...?ඒ වුනාට කෝ මේක ඇතුළේ කවුරුවත් නැහැනේ...? මේ විදියට කොච්චර ආරක්‍ෂක නිලධරියාට පැහැදිලි කළත් ප්‍රේමදාසට නෙළුම් පොකුණට යන්න දෙන පාටක් නැහැ. මේ වෙලාවේ එතනට පැමිණි වෙනත් ආරක්‍ෂක නිලධාරියෙක් ප්‍රේමදාසව හඳුනාගෙන ඇතුළට යන්නට අවසර දෙනතුරු ප්‍රේමදාසට ත්‍රිවිල් එකත් සමඟ ගේට්ටුව ළඟ රස්තියාදු වෙන්න වුණා.සිංහල සිනමාවේ දෘශ්‍ය ප්‍රයෝග කිරීමෙහිලා අති විශේෂදස්කමක් දැක් වූ කලා ශිල්පී ගිවන්ත අර්ථසාද්ට පසුගිය දිනෙක දිගට හරහට දුරකථන ඇමතුම් ආවා ඔහුගේ උපන් දිනයට සුබ පැතීමට.නමුත් ගිවන්ත පැවසුවේ ‘මගේ උපන් දිනේ අද නෙමේනේ’ යනුවෙනි. ඒ වුණාට ඔයාගේ උපන් දිනේ ගැන ‘සරසවිය’ පත්තරේ තියෙනවනේ?‘වෙන්න බෑනේ’ යනුවෙන් ගිවන්ත කීවත්, දුරකථන ඇමතුම් ලබා දන උදවිය දහ අතේ දිවුරා කීවේ ගිවන්තගේ උපන් දිනේ අදයි යනුවෙනි. ගිවන්ත හනිකට සරසවිය පුවත්පත බැලූ විටයි වැටහුණේ මේ උපන් දිනේ තරුණ නව පරපුරේ රංගන ශිල්පී ගිවන්ත අර්ථසාද්ගේ බව.එම මොහොතේම රංගන ශිල්පී ගිවන්තට දුරකථන ඇමතුමක් ගත් ගිවන්ත අර්ථසාද් සුබ උපන් දිනයක් පුතා. ඔයාගේ උපන් දිනේට මටනේ සුබ පතන්නේ යනුවෙන් පැවසුවා.දවස පුරාම කලා ශිල්පී ගිවන්තට පැමිණි දුරකථන ඇමතුම් නිසා ඔහු කාර්යය බහුල වුණා කියලත් ආරංචියි.රොඩ්නි වර්ණකුල අපට සිටින දක්‍ෂ රංගන ශිල්පියෙක් වගේම හිත හොඳ මිනිසෙක්.දවසක් ඈත පළාතක නාට්‍යයක් අහවර වී එළිවෙන ජාමෙට රොඩ්නි ඇතුළුපිරිස කොළඹට සේන්දු වුණා.කොළඹට ආව මේ පිරිස තම තමන්ගේ වැඩ කටයුතු වලට පිටත් වුණා. රොඩ්නිත් තමන්ගේ වෑන් රථය පදවාගෙන බේස්ලයින් පාරේ පැමිණියා. උදේම නිසා මාර්ගයේ තද බදයත් වැඩියි. දෙමටගොඩ ගුවන් පාලම අසල ඇති ‘කලර්ලයිට්’ එක ළඟ වාහන තදබදය වැඩියි.රොඩ්නි සාමාන්‍යයෙන් වාහන තදබදය ඇති විට ‘තමන්ගේ වාහනය’ නියුට්‍රල් එකට දමා, හෑන්ඩ් බ්‍රේක් එක ගසාගෙන නිදහසේ සිටින කෙනෙක්.වාහන තදබදය වැඩි නිසාම එදා රොඩ්නිට නිදිමතත් වැඩි වෙලා. රොඩ්නිට නොදැනීම වාහනය ඇතුළේ නින්ද ගිහින්. වාහන බොහොමයක් රොඩ්නිව පසු කරගෙන ගිය නිසා අසල සිටි හමුදා නිලධාරියෙක් රොඩ්නිගේ වාහනය ළඟට පැමිණ වීදුරුවට තට්ටුවක් දැම්මලු. රොඩ්නි ඇහැරෙන පාටක් නැති නිසා ටිකක් හයියෙන් තට්ටු කළාලු. ඔන්න රොඩ්නිට ඇහැරිලා.ආ....මේ අපේ රොඩ්නි මහත්තයනේ...ඔව්.... මේ...මේ...ටිකක් නින්ද ගියා...ඊයෙ රෑ වැඩක් තිබුණා ඒකයි. කියූ රොඩ්නි හිමිහිට වාහනය පදවාගෙන ජා ඇල පැත්තට ගියාලු.සංජීව සම්පත් බාලසූරියසේයා - ටෙනී/ මාලන්/ ප්‍රසාද්
CREATIVE
ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයිඅමර කාන්ති හේරත්අවුරුදු 42 යි - කොට්ටාවඅධ්‍යාපනය – අ. පො. ස. උසස් පෙළරංගනය – අවස්ථාවක් ලැබී නැත. සංගීතය හදාරා තිබේ.දක්ෂතා - ගායනයවයි. ඒ. දිලුපා නිසංසලාඅවුරුදු 29 යි – ගම්පහඅධ්‍යාපනය –අ. පො. ස. සාමාන්‍ය පෙළරංගනය - වේදිකා, ටෙලි, චිත්‍රපට රඟපා ඇත. රංගනය හදාරා තිබේ.ලහිරු වීරසේකරඅවුරුදු 20 යි – ඉඹුල්ගොඩඅධ්‍යාපනයඅ. පො. ස. උසස් පෙළරංගනයටෙලි නාට්‍යයපී. රවිඳු මාලින්ද සිල්වාඅවුරුදු 20 යිකිඹුලාපිටියඅධ්‍යාපනයඅ. පො. ස. සාමාන්‍ය පෙළරංගනයඅවස්ථාවක් ලැබී නැතකේ. බී. මනෝජ් විජේරත්නඅවුරුදු 18 යි – කුරුවිටඅධ්‍යාපනය –අ. පො. ස. සාමාන්‍ය පෙළරංගනය - ටෙලි, චිත්‍රපට රඟපා ඇත. රංගනය හදාරා තිබේ.ප්‍රසන්න පෙරේරාඅවුරුදු 26 යි - මොරටුවඅධ්‍යාපනය –අ. පො. ස. සාමාන්‍ය පෙළරංගනය - ටෙලි නාට්‍යය -රංගනය හදාරමින් සිටී.කළු කෝට්ටෙගේ ප්‍රින්සි පිලීජිලන්තිකාඅවුරුදු 23 යි – වඳුරඹඅධ්‍යාපනය –අ. පො. ස. සාමාන්‍ය පෙළරංගනය – වේදිකා, වීදි නාට්‍යය රංගනය හදාරා ඇත.සංඛ ප්‍රභාත්අවුරුදු 24 යි – රත්නපුරයඅධ්‍යාපනයඅ. පො. ස. උසස් පෙළරංගනයඅවස්ථාවක් ලැබී නැත. රංගනය හදාරමින් සිටී.
CREATIVE
රංගන ශිල්පියකුට රංගන හැකියාව සේම කලා ක්ෂේත්‍රය පිළිබඳ සාමාන්‍ය දැනුමත්, අවබෝධයත් අත්‍යවශ්‍ය දෙයක්. කලා ක්ෂේත්‍රය ඇසුරෙන් සැකසෙන ප්‍රශ්න පත්තරේට අද පිළිතුරු සපයන්නේ යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන තරු යුවළක් වන එරංග ජීවන්ත සමඟින් සෙනාලි ෆොන්සේකා.
CREATIVE
ජනපි‍්‍රයත්වය කෙනකුගේ පෞද්ගලිකත්වය මරා දමන්නේ හුස්ම ගැනීමටවත් ඉඩක් ලබා නොදෙමිනි. ගායිකා සෙලීනා ගෝමස් ද ජනප්‍රියත්වය මහත් කරදරයක් වී ඇති යොවුන් ගායන තාරකාවකි. සෙලීනාට උමතු වූ රසිකයකු මහත් හිසරදයක් බවට පත් වී තිබේ. ඇයට මේ හිසරදයෙන් බේරීමට හැකි වී තිබෙන්නේ පොලිස් ආරක්ෂාව නිසයි.ඇයගේ නිවෙසට බඩගාගෙන ඒමට උත්සාහ කළ රසිකයා දුටු නිවැසියන් 911 යන හදිසි ඇමැතුම් ඒකකයට කථාකර සිද්ධිය ගැන පවසා තිබේ. ඔහුට දින 120 ක දඬුවමක් නියමකර ඇති අතර නිදහස් වූ පසුව ද ඇයගේ නිවෙස ආසන්නයටවත් යාම තහනම්කර ඇත. 
CREATIVE
ගුවන් විදුලියේ වැඩ කටයුතු කරගෙන යන අතරම මගේ ඩී. ශ්‍රී. ඇකඩමි කියන ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදකයන් පුහුණු කරන ආයතනයේ වැඩ කටයුතුවලටත් මා මුල් තැන දුන්නා.ඒ අපගෙන් පස්සේ වඩාත් යහපත් වූ සන්නිවේදන පරපුරක් බිහි කිරීමේ අරමුණෙන්. සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් සිටින අයට නිවැරැදිව පුහුණුවක් ලබා දෙමින් ඒ ඒ ස්ථානවලට යොමු කිරීම සිදුවන නිසා සිතට දැනෙන්නේ සතුටක්.
CREATIVE
තිරයේදී පෙම්වතුන්, පෙම්වතියන් ප්‍රකාශ කරන වචන, ඔවුනගේ හැඟීම් ජීවිතයටත් වඩා වටිනවා. මෙසේ පවසන්නේ ආදරණීය වයසක පසුවන අනුෂ්කා ෂර්මායි.තිරයේ ඇයට හමු වූ ප්‍රේමණීයම ආදරවන්තයා වී සිටින්නේ ෂාරුක් ඛාන්ය. ඇයට සිය කුලුඳුල් සිනමාපටයේම ෂාරුක් සමඟ රැඟීමේ වාසනාව ලැබුණි.ඒ ‘රබ් නෙ බනා ඩි ජෝඩ්’ සිනමාපටයෙනි. ඉන් පසු ඇයට ඔහු හමුවුණේ ‘ජබ් තක් හෛයි ජාන්’ සිනමාපටයෙනි.සිනමාපටයේ වැඩිපුරම කතාබහට ලක්වුණු ආදරවන්තයන් දෙදෙනා ෂාරුක් – කත්‍රිනා වුණත් ඒ ගැන අනුෂ්කාගේ නම් අබමල් රේණුවකවත් අමනාපයක් නැත.තිරයේදී මෙන්ම තිරයෙන් බැහැරවත් හොඳම ආදරවන්තයා ෂාරුක් බව අනුෂ්කා පැවසුවේ ආදරවන්තියන් වෙනුවෙන්ම නිපදවනු ලැබූ ආභරණ එකතුවක් හඳුන්වා දෙන වැඩ සටහනකට පැමිණිලයි. එහිදී සංවිධායකයන් ඇයගෙන් තිරයේ හොඳම ආදරවන්තයා ගැන අසා තිබේ.අනුෂ්කාගේ හදවත ෂාරුක් කෙරෙහි බැඳී ඇත්තේ ඔහු කාන්තාවන්ට දක්වන ගෞරවය සහ චාම් බව නිසයි. තිරයේදී ආදරය ජීවිතයට වඩා විශාල වුවත් සැබෑ ජීවිතයේදී තමන්ට එය එතරම් දෙයක් නොවන බව අනුෂ්කා පවසා තිබේ.අනුෂ්කාගේ ඊළඟ සිනමාපටයේ නම් ප්‍රධාන නළුවා අමීර් ඛාන්ය.ෂාරුක් යනු කාන්තාවන්ගේ වගේම ලක්ෂ්මී දේවියගේත් ආදරය අඩුවක් නැතිව ලබන්නෙකි. මෙවර විශේෂ ඉන්දියානු ෆෝබ්ස් සඟරා කවරය සැරැසී තිබෙන්නේ ෂාරුක්ගේ රුවිනි.ඒ ඔහු ජනප්‍රියභාවයෙන් සහ මුදලෙන් අංක එකේ ස්ථානය රැකගෙන ඇති නිසයි. 2011 ඔක්තෝබරයේ සිට 2012 සැප්තැම්බරය දක්වා ඔහු ඉන්දියානු රුපියල් කෝටි 202.8 ක් උපයා ඇති නිසයි.දෙවැනි තැන දිනා සිටින්නේ තවත් ඛාන් කෙනෙකි. ඔහු රුපියල් කෝටි 144.2 ක් ඉපයූ සල්මන් ඛාන්ය. අක්ෂේ කුමාර් ඊළඟට ධනයෙන් හා ජනප්‍රියභාවයෙන් පෙරට පැමිණ සිටින්නායි.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
‘සිරි දළදා ගමනය’ චිත්‍රපටයේ පණ්ඩු රජුගේ බ්‍රාහ්මණයකුට පණ දුන් අශෝක නවරත්න කුමාරසිංහ තම රංගන ගමන ආරම්භ කරන්නේ දිගු කලකට පෙරය. අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වන ඔහු රංගනයට අමතරව ජ්‍යෝතිෂයවේදියෙකි. ගායකයෙකි.ඔබේ රංගන ගමනේ ආරම්භය සනිටුහන් වෙන්නේ කොහොමද?පාසල් යන කාලයේ පටන්ම මට ගීත ගයන්නට තිබුණේ පුදුම ළැදියාවක්. මම හිතන්නේ ගායන හැකියාව වගේම රංග හැකියාවත් මට ආවේ මගේ පියාගෙන් කියලයි. ඔහු බස් රථ ව්‍යාපාරිකයෙක් වුණත් තියටර් යුගයේ හිටිය අපූරු නළුවෙක් කියලා කිව්වොත් නිවැරැදියි. තියටර් ගීත කියන්න ඔහු බොහොම හපනෙක්. සර්පිනාව, තබ්ලා වාදනය කරන්න ඔහුට අපූරුවට පුළුවන්. අපි හැමෝම එකතු කරගෙන ඔහු නිවෙසේදී තියටර් ගීත කියනවා. ඒවා රඟනවා. මේ පසුබිම මගේ කලා ජීවිතයේ ආරම්භ කරන්න හේතු වෙන්න ඇති කියලා හිතනවා.රංගනයට ප්‍රථම ඔබ කලාවට පිවිසෙන්නේ ගායකයෙක් ලෙස නේද?මම මේ වනවිට ‘සුන්දර් සංගීත්’ නමින් ඒක පුද්ගල හින්දි ගී ප්‍රසංගයක් කරලා තිබෙනවා. මගේ කලා කටයුතුවලට අපූරු සහයෝගයක් වුණේ රජරට සේවයෙන් ඇරැඹි ‘රජරට කැකුළු’ වැඩසටහනයි . ඒ ඔස්සේ ලැබුණු සහයෝගය මට ගායකයෙක් වගේම නළුවෙක් වෙන්නත් උදව් කළා.ඔබ රංගනයට පිවිසෙන්නේ කොයි ආකාරයෙන්ද?මුලින්ම රඟපාන්නේ නිහාල් කියන මහත්තයාගේ ‘රජ දහන’ ඒකාංගික ටෙලි නාට්‍යයේ. ඊළඟට මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්තයාගේ ‘රම්‍ය නගරේ’ ටෙලි නාට්‍යයේ. ඒ වගේම රංග බණ්ඩාරගේ ‘ස්නේහ සැමරුම’ ඒකාංගික ටෙලි නාට්‍යයේ පොලිස් පරීක්ෂකයෙක් විදියට රඟපෑවා. මොහාන් නියාස්ගේ නිර්මාණයකටත් මා රංගනයෙන් දායක වුණා.ළඟදීම ඔබගේ රඟපෑම දැකගත හැක්කේ කුමන නිර්මාණ ඔස්සේද?මම රඟපෑමෙන් දායක වුණු චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ අතර සනත් අබේසේකරගේ ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’ චිත්‍රපටයේ ගම්භාර ඇත්තෝ විදියට මා රංගනයෙන් දායක වුණා. මාත් සමඟම මගේ බිරියත් එහි රඟපෑවා. සුගත් සමරකෝන්ගේ ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රටයේ නායක ස්වාමීන් වහන්සේ ලෙසත්, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහ රජ දුටුගැමුණු’ චිත්‍රපටයේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ චරිතවලටත් මා පණ පෙව්වා. මගේ පුතුª ගයාන් මධුෂංකත් එහි සෙබල චරිතයකට රංගන දායකත්වය දැක්වූවා. මේ සියලු නිර්මාණ මඟින් මගේ රංගනය ඉදිරියට දැක ගත හැකියි.රංගනයෙන් ඉදිරියට යන්නට අදහස් කරගෙන සිටින අශෝක නවරත්නට ඔහුගේ රසිකයකුට කතා කිරීමට අවශ්‍ය නම් 0724666219 යන දුරකථන අංකයට හෝ අංක 2923, 3 වෙනි පියවර (රුක් සෙවණ), අනුරාධපුරය යන ලිපිනයට ලිපි එවිය හැකියි.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
මිහිඳු සංස්කෘතික පදනම සංවිධානය කරන ලද සුවඳ පද්ම 2014 උපහාර සම්මාන උළෙල පසුගිය සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.එහිදී බැසිල් ද සේරම්, චිත්‍රා වාකිෂ්ඨ, රත්නා සුමනපාල, අශෝක හේවාවිතාරණ, චන්දි රසිකා, සමන්ති ලැනරෝල්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුනිල් හෙට්ටිආරච්චි, උදුලා දාබරේ සහ දේවිකා සුරම්මි යන කලා ශිල්පීන් හට මූල්‍ය ත්‍යාග සමඟ උපහාර තිළිණ පිරිනමන ලදී. බුද්ධි කීර්තිසේන, සුවිනීතා වීරසිංහ, දයාවංශ ජයකොඩි, බුද්ධි වික්‍රම, අතුල රන්සිරිලාල්, සුජතා අත්තනායක, අශෝක කරුණාරත්න, රංජිත් ධර්මකීර්ති සහ රවිබන්ධු විද්‍යාපති සුවඳ පද්ම උපහාර සම්මානයෙන් පිදුම් ලැබූහ.කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ විසින් රචිත ‘ඔබ තවමත් ප්‍රමාද නැත’ සහ ‘නරක දේ ලියන්න වැල්ලේ’ යන කෘති ද්විත්වය දොරට වැඩීම ද එහිදී සිදු කෙරිණි. මහාචාර්ය ජේ. බී. දිසානායක, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ආචාර්ය එඩ්වින් ආරියදාස සහ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. මිහිඳු සංස්කෘතික පදනම වෙනුවෙන් මෙම උළෙල සංවිධානය කරන ලද්දේ සභාපති සතිස්චන්ද්‍ර එදිරිසිංහ විසිනි.- යතේජා   
CREATIVE
සෑම ඉරු දිනකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබ හමුවට එන්නේ ‘රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්’ වැඩ සටහනයි. විදේශයන්හි රැකියාවල නිරතවූවන් වෙනුවෙන් වෙන් වූ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් ඔස්සේ මේ වන විට කුවේට්, කටාර් සහ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සිය ගායන නර්තන දස්කම් දක්වා අවසන්. අද රටවිරුවෝ වේදිකාව ඉදිවෙලා තියෙන්නේ ජෝර්දානයේ. මේ එහි ප්‍රථමයෙන් සිය කලා කුසලතා පෙන්වන රටවිරුවන්.ජෝර්දානයේ රටවිරුවෝ වේදිකාවට ප්‍රථමයෙන් පැමිණෙන්නේ මාදූවගේ සිසිල් ජයලත් ද සිල්වා. ගායනයට තිබූ සහජ හැකියාවෙන් පාසල් කාලයේ සිටම ගායනයට උනන්දු වූ ඔහු සංගීත කණ්ඩායම් සමඟ සිය ගායන හැකියාවන් පෙන් වුවත් අද එය රටවිරුවෝ වේදිකාවෙන් ලොවටම පෙන්වන්න සූදානම්. අම්බලන්ගාඩ පදිංචි සිසිල් ජයලත් විදෙස් සේවයට එක් වී ඇත්තේ 2007 වසරේ සිටයි.ජෝර්දානයේ තත්ත්ව පරීක්ෂකවරයෙකු ලෙස සේවයේ නිරත එස්. ප්‍රමුක් ප්‍රියදර්ශන මීළඟට රටවිරුවෝ වේදිකාවට එක්වන ගායන තරුවයි. පාසල් කාලයේ සිට ගායනයට තිබූ උනන්දුවෙන් ඒ කෙරෙහි යොමු වූ ඔහුට සිය ගායන හැකියාව එළිදක්වන්න අවස්ථාව උදා වුණේ රටවිරුවෝ වේදිකාව හරහායි. පානදුර පදිංචි ප්‍රමුක් විදෙස් සේවයට එක්වෙන්නේ පසුගිය වසරේදීය.ගාල්ලේ පදිංචි අරුණි බුද්ධිකා සිය විචිත්‍රවත් නර්තනයෙන් ජෝර්දානයේ රටවිරුවෝ වේදිකාව අලංකාර කරන්න සූදානම්. පාසල් කාලයේ සිට නර්තනය විෂයක් ලෙස හැදෑරූ ඇය එම දස්කම් එළිදක්වන්න තෝරා ගත්තේ ජෝර්දානයේ ඉදි වූ රටවිරුවෝ වේදිකාවයි.එරංගා සංජීවනී රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වෙන තවත් ගායන තාරකාවක්. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඇය පාසැල් මට්ටමේ ගායනා තරඟවලදී ප්‍රථම ස්ථානයන් ද හිමිකර ගැනීමට සමත් වූ අයෙක්. මේ වසරේ සිට ජෝර්දානයේ සේවයට එක් වූ එරංගා සංජීවනීගේ අනාගත බලාපොරොත්තුව සංගීත ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්නයි.හල්මි සුභාෂණි ද සිල්වා අද රටවිරුවෝ වේදිකාව හැඩ කරන්න එක්වන නර්තන තරුවක්. කුඩා කාලයේ සිටම නර්තනයට යොමු වූ ඇය තම නර්තන හැකියාවන් එළි දක්වන්නට ලැබුණේ රටවිරුවෝ වේදිකාවෙන්. බලපිටියේ පදිංචි හල්මි සුභාෂිණි ද සිල්වා ජෝර්දානයේ සේ්වයට එක් වන්නේ මේ වසරේ මුල සිටයි.හෙට්ටිපොල පදිංචි චානක ජයසූරිය සිය මියුරු ස්වරයෙන් ජෝර්දානයේ රටවිරුවෝ ටැලන්ට ස්ටාර් වේදිකාව ගීතවත් කරන්න සූදානම්. පාසල් කාලයේ සිට ගායන හැකියාවන් වගේම කථික තරඟවලින්ද සමස්ත ලංකා මට්ටම දක්වා ගමන් ගත් දක්ෂයෙක්. ගායනයට වාගේම ක්‍රීඩාක්ෂේත්‍රයේ ද දස්කම් දක්වන චානක ජෝර්දානයේ විදෙස් සේවයට එක් වෙන්නේ 2007 වසරේ සිටයි.යතේජා ඥානරත්න
CREATIVE
ප්‍රසන්න විතානගේගේ නවතම සිනමාපටයඉන්දීය නිළි අංජලී පටෙල් රඟන ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමාපටය වූ ඔබ නැතිව ඔබ එක්ක හි සියලු වැඩ කටයුතු මේ වන විට අවසන්ව තිබේ.අංජල, ඩෙල්ලි ඉන් ඩේ සහ තෙළිඟු චිත්‍රපට ගණනාවක චරිත මැවූ අයකි. ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම් මෙහි සෙසු චරිත මවති.ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලී, රාහුල් රෝයි සහ එච්. ඩී. ප්‍රේමසිරි මෙය නිෂ්පාදනය කොට තිබේ.රජ හොරු කණ්ඩායමේ ඉදිරි වැඩ කටයුතු ඇරැඹීමේ මූලික පියවර ලෙස එහි මුහුරත් උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී පවත්වන ලදී.සුරංග ද අල්විස්ගේ කුලුඳුල් සිනමා සිතුවම වන රජ හොරු රන්ජන් රාමනායක, අර්ජුන කමලනාත් සහ බුද්ධික ජයරත්න රිදී තිරයේ එකට රඟන පළමු අවස්ථාවයි.ඉවෝක් සමාගමේ ඉදිරිපත් කිරීමක් වන මෙහි නිෂ්පාදකවරුන් ලෙස ලහිරු වික්‍රමසිංහ සහ ප්‍රසාද් රොද්‍රිගෝ කටයුතු කරති.සඳුන් විජේසිරි, නදීකා ගුණසේකර, රොනී ලීච්, හිමාලි සිරිවර්ධන, හේමන්ත ඊරියගම, ආරියසේන ගමගේ, සමන්ති ලැනරෝල්, ප්‍රේමදාස විතානගේ, ඩී. බී. ගංගොඩතැන්න, නන්දන හෙට්ටිආරච්චි, දමිතා සළුවඩන, සමන් පද්මකුමාර, අර්ඩ්ලි වෙදමුණි මෙහි චරිත මවති. රජ හොරු කණ්ඩායම මුහුරත් උළෙලදා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.සේයාරුව - නිශ්ශංක විජේරත්නජනප්‍රිය සිංහල චිත්‍රපට රැසක් නිර්මාණය කළ එස්.වී.චන්ද්‍රන් පසුගිය 7 වැනි දින අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ දී අභාවප්‍රාප්ත විය.මිය යන විට ඔහු 69 වැනි වියේ පසුවිය. චිත්‍රපට සංස්කරණ ශිල්පියකු ලෙස සිනමාවට පිවිසි චන්ද්‍රන් මුලින්ම එල්.එස්.රාමචන්ද්‍රන් කේ.වෙන්කට් වැනි සිනමාකරුවන් සමග කටයුතු කළ චන්ද්‍රන් බැප්ට්ස්ට් ප්‍රනාන්දු මුල්වරට ප්‍රධාන චරිතයට යොදා ගනිමින් තැණුන දුප්පතාගේ හිතවතා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂණයට එක් විය.බැප්ටිස්ට් එතෙක් සිනමාවේ දුෂ්ටයා වූ අතර චිත්‍රපටය නිපදවූයේ ද බැප්ටිස්ට් විසින්මය. පසුව චන්ද්‍රන් සිතක සුවඳ,සුභානි,සුදු අය්යා,සිතාරා යන චිත්‍රපට නිර්මාණය කළේය. ඔහුගේ අවසන් නිර්මාණය වූයේ ඔබට පමණයි ආදරේ චිත්‍රපටයයි.එය ඇන්ටන් කිංස්ලි සමග සම අධ්‍යක්ෂනය කළ චිත්‍රපටයක් විය. චිත්‍රපට රැසකටම සංස්කරණයෙන් දායකවූ හෙතෙම අවසන් වරට සංස්කරණය කරන ලද්දේ රෝයි ද සිල්වා නිර්මාණය කළ ගෙදර බුදුන් අම්මා චිත්‍රපටයයි.පසුකලක අමෙරිකාවේ පදිංචියට ගිය ද සිතින් ලාංකිකයකු වූ චන්ද්‍රන් මෙරටින් අමෙරිකාව බලා යන සියළු සිනමා හිතවතුන් හමුවන්නට අමතක කළේ නැත.එමෙන්ම මෙරට සිනමා ශිල්පින් සමග ඔහුගේ සබඳතාව ද දිගටම පවත්වා ගෙන ගියේය. චන්දුන් උතුම් ස්ත්‍රිය චිත්‍රපටයේ රෝයි ද සිල්ව ාසමග රංගනයේ ද යෙදුණි.ඔහුගේ වියෝවෙන් ශෝකයට පත් වූවන් අතර බිරිය මර්සි සහ දියනියන් දදෙදෙනා ද සිටිති.  
CREATIVE
අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහයේ මෙම සතියේ අංක එකට පැමිණ සිටින්නේ හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Frozen චිත්‍රපටය යි. ක්‍රිස් බ්‍යුක් සහ ජෙනිෆර් ලී අධ්‍යක්ෂණය කළ මෙය පසුගිය නොවැම්බර් 27 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කෙරිණි. සති අන්තය වනවිටදී ජ්පධලඥද ඩොලර් මිලියන 31.6ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය.සති දෙකක් පුරා අංක එකේ සිටි The Hunger Games චිත්‍රපට මාලාවේ දෙවැන්න වන Catching Fire චිත්‍රපටයට මෙවර හිමිවී ඇත්තේ දෙවැනි ස්ථානය යි. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 26.2ක්. පසුගිය දෙසැම්බර් 06 වැනිදා අමෙරිකාවේ තිර ගතවීම ආරම්භ කළ Out of The Furnace චිත්‍රපටයට හිමිවී ඇත්තේ තෙවැනි ස්ථානය යි. ස්කොට් කූපර් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙහි ක්‍රිස්ටීන් බැලේ, කේසි ඇෆ්ලෙක්, සෝ සල්ඩානා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. පළමු සති අන්තයේදී එය ඩොලර් මිලියන 5.22ක ආදායමක් වාර්තා කළේය.අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ පස්වැනි සතිය ගත කරන Thor : The Dark World චිත්‍රපටය සිව්වැනි ස්ථානයේ රැඳී සිටින චිත්‍රපටය යි. මෙම සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 4.81ක්. බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ තෙවැනි සතියේ පසුවන කේන් ස්කොට් අධ්‍යක්ෂණය කළ Delivery Man චිත්‍රපටය පස්වැනි ස්ථානයේ පසු වේ. සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 3.74කි. හාස්‍යමය චිත්‍රපටයක් වන මෙහි වින්ස් වෝග්න්, ක්‍රිස් ප්‍රැට්, කෝබි ස්මුල්ඩර්ස් අතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ග්‍රේ ෆ්ලෙඩර් අධ්‍යක්ෂණය කළ Homefront චිත්‍රපටය හයවැනි ස්ථානයට පැමිණෙන විටදී බ්‍රයන් පර්සිවෙල් අධ්‍යක්ෂණය කළ The Book Thief හත්වැනි ස්ථානයට පැමිණ තිබේ. හාස්‍යමය කතාපුවතක් රැගෙන එන The Best Man Holiday චිත්‍රපටය අටවැනි ස්ථානයේ රැඳී සිටින අතර ස්ටෙෆන් ෆ්‍රයාර්ස් අධ්‍යක්ෂණය කළ  Philomena නවවැනි ස්ථානයේ රැඳී සිටියි.පසුගිය සතියේ අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරෙන් ඉවත්ව සිටි Dallas Buyers Club චිත්‍රපටය යළිත් දසවැනි ස්ථානයට පැමිණීමට සමත්ව ඇති අතර පසුගිය සතියේ නමවැනි සහ දසවැනි ස්ථාන රැක ගනිමින් සිටි Black Nativity සහ Last Vegas  චිත්‍රපට මෙවර පළමු චිත්‍රපට දහයෙන් ඉවතට ගොස් ඇත.යතේජා
CREATIVE
තමන් දවසක් හෝ පෙම් කළ තැනැත්තා වෙනත් තැනැත්තියකට තමන්ට වඩා මනාපය දුන් විට ඇතිවන හිත් වේදනාව කෙතරම් ද? දීපිකා පදුකෝන් පසුගිය දිනක මුහුණ පෑවේ එවන් අකරතැබ්බයකටයි. ‘ වින්ඩෝ සීට්’ සිනමාපටයේ කතා නායිකාවට, දීපිකා පදුකෝන් වෙනුවට අලියා බාත් තෝරා ගන්නා ලෙස රන්බීර් කපූර් අධ්‍යක්ෂ ඉම්තියාස් අලිගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අලියා බාත් රන්බීර් සමඟ ප්‍රධාන චරිතය රඟපෑමට ලාබාල වැඩි බව අධ්‍යක්ෂවරයා පැවසූ නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප විය.මෑතකදී අලියා බාත් රැගූ ‘හයිවේ’ අතිශය ජනාදරයට පත් විය. රන්බීර් ඒ රැගුමන් දැක කෙතරම් සතුටට පත් වූවා ද කිවහොත් පෞද්ගලිකවම ඇය හමු වී සුබ පතන්නට සිටින බවට ද ආරංචියි. අලියා, රන්බීර්ගේ වෙනත් සිනමාපටයකට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.රන්බීර්, අලියාගේ සිනමා වීරයායි. මේ නිසා ඇයත් බලාපොරොත්තුවෙන් සිටින්නේ කෙදිනක හෝ රන්බීර්ගේ සිනමා පෙම්වතිය වීමටයි. කෙසේ වුවත් ‘වින්ඩෝ සීට්’ අවසානයේදී දීපිකාගේම විය. දීපිකා සමඟ රඟද්දී රන්බීර්ට අපහසුතාවක් ඇති වුණොත් මේ අනුව එය පුදුමයක් නොවෙයි.කාජල් සහ ෂාරුක් සැබෑ පෙම්වතුන් නොවුණත්, තිරයේදී ෂාරුක්ට කාජල් තරම් ගැළපෙන වෙනත් පෙම්වතියක් නැත. එහෙත් කාජල් ද සිදු කළේ රන්බීර් කළ දෙයමයි. තිරයේ පෙම්වතා තෝරා ගැනීමට අවස්ථාවක් ලැබුණොත් රන්බීර් තෝරා ගන්නා බව වරක් කාජල් පැවසුවාය.මේ අතර ශ්‍රී ලංකාවේ රූගත කිරීම්වල යෙදෙන රන්බීර් සිරුරේ පෙනුම පවත්වා ගැනීමට නිවෙසේ කෝකියාට කියාම ආහාර පිස ගනියි. බොම්බේ වෙල්වට් හි ඔහු රඟන්නේ බොක්සිංකරුවකුගේ චරිතයකි. රන්බීර් ශ්‍රී ලංකාවේ ආහාර නැතිවම බැරි තරමට ඒවාට ගිජුය. එහෙත්් තුනපහ රස වැඩි නිසා පෝෂණවේදීන් ඒවා සීමා කරන ලෙසට උපදෙස් දී තිබේ. ඔවුන්ගේ අණ නොකතා රන්බීර් හොර රහසේ අපේ ආහාර ඉඩක් ලද ඇසිල්ලේ ගන්නා බවට ද ආරංචිය.‘බොම්බේ වෙල්වට්’ රන්බීර්ගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීමකි. ඔහු වීදියේ චණ්ඩි රජකු ලෙස රඟන මේ චරිතය තමන්ගේ වඩාත් ප්‍රේමණීයම චරිතය බව පවසන්නේ, එය ටයිටැනික්, ගෝන් විත් ද වින්ඩ් සිනමාපටවලට සමාන කරමිනි.පේ‍්‍රක්ෂකයන්ට ළඟදීම තිරයෙන් බොක්සිංකාරයකු සේම බොක්සිංකාරියන් දෙදෙනකු ද තිරයෙක් දැකීමට හැකිවනු ඇත. ඒ ප්‍රියංකා චොප්රා සහ සෝනක්ෂි සිංහය. පස් වරක්ම ලෝක ශූරතාව දිනාගත් මේරි කොම්ගේ චරිතයට තිරයේ පණ පොවන්නේ ප්‍රියංකා චොප්රායි. සෝනක්ෂි සිං, විපුල් ෂාගේ ‘හෙලිඩේ : අ සෝල්ජර් ඊස් නෙවර් ඕෆ් ඩියුටි’ හි බොක්සිං ශූරියයි. ඇය සිය චරිතයට පරමාදර්ශය කරගෙන සිටින්නේ මොහමඩ් අලි දියණිය, ලයිලා අලිගේ සටන් විලාසයයි. හොඳම බොක්සිං ක්‍රීඩකයා තේරීම භාර වන්නේ ප්‍රේක්ෂකයන්ටයි.
CREATIVE
පසුගිය කාලයේ මම චිත්‍රපට දෙකකට නිෂ්පාදනයෙන් දායක වුණා. ඒ ‘මගේ යාළු මාළු’ හා ‘ඇඩ්‍රස් නෑ’ කියන චිත්‍රපට සඳහායි. මේ වනවිට එහි සියලු කටයුතු අවසාන නිසා ප්‍රදර්ශන කටයුතුවලට සූදානම් වෙනවා. ඉන් එක් චිත්‍රපටයක් මේ වසර අවසානයේ හෝ ඊළඟ වසර මුලදී තිරගත වීමට නියමිතයි.
CREATIVE
එකිනෙකට වෙනස් චරිත තුළින් ඔබේ හදවත දිනා ගත් ඇය රංගනයට අමතරව නිවේදනයට ද එක ලෙස දස්කම් දක්වන්නීය. ඕෂධී හේවාමද්දුම මේ සුරූපී රංගන ශිල්පිනිය පසුගිය වසරේ තිරගත වූ මහින්දාගමනය චිත්‍රපටයේ අනුලා බිසවගේ චරිතයට පණ පොවමින් සිය රංගන ජීවිතයේ සුවිශේෂි කඩ ඉමක් පසු කළාය. මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගත වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සුජාතා සිටු දියණියගේ චරිතයට පණ පොවන්නේ ද ඇයයි.මිචෙල් ෆොන්සේකාගේ ‘සැඩ සුළං’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගනනයට පිවිසි ඇය දේදුනු පාලම, පූජා, මිරි¼ගුª නදිය, වසන්ත කුසලාන, කුවෙර වර, තිමිර, කාව්‍යා, මයුර අසපුව, සුභා, ඇබෑර්තු ඇත වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතක සටහන් තබමින් 2007 වසරේ පැවැති සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය ලෙස ද සම්මානයට පාත්‍ර වූවාය. 2010 වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ දී ‘සිනිඳු පියාපත්’ ටෙලි සිත්තමේ රංගනය වෙනුවෙන් ද කුසලතා සම්මානයක් දිනා ගැනීමට ඕෂධී සමත් වූවාය.ගුවන් විදුලියේ ළමා පිටියෙන් ළමා නිවේදිකාවක ලෙස නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙමින් ඕෂධී රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරමින් නිවේදන කටයුතු සඳහා ද සිය දායකත්වය ලබා දෙන්නීය. චාමික හත්ලහවත්තගේ ‘හරි අපූරු දවසක්’ වේදිකා නාට්‍යයෙන් වේදිකාවට පය තැබූ ඇය ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනට සහභාගි වෙමින් සිය නර්තන හැකියාවන් ද ගෙන හැර දැක්වූවාය. මේ දිනවල තම ආදරණීය පුතුගේ සුරතල් සමඟින් කාර්යබහුල ඕෂධී රංගන ජීවිතයෙන් මඳක් දුරස් වුව ද ඉදිරියේදී අලුත් නිර්මාණ සමඟින් ඔබ හමුවට පැමිණීමට සූදානම්. ඕෂධී සිය සිඟිති පුතු සමඟින් වූ සොඳුරු සේයා රුවකින් අද සරසවිය මුල් පිටුව සැරසේ.- යතේජා
CREATIVE
(1939 ජනවාරි 8 – 2014 මාර්තු 25)විටෙක අහිංසක, වරෙක දඟකාර නන්දාගේ නන්දනීය රැඟුමන් අතීතයට එක් වී අවසාන වූවත්, කිසිදා ප්‍රේක්ෂක මතකයෙන් නම් ගිලිහී ගියේ නැත. භාරතයේ නන්දා ශ්‍රි ලාංකික රසික රසිකාවනට තවමත් ආදරණීය, අහිංසක ‘සුදු නංගී’ය. චෝටි බෙහේන්ය.ජීවිතයේ සැඳෑ සමය පවුලේ අය හා සමකාලීන මිතුරියන් වූ වහීඩා රෙහ්මාන්, ආශා පරේක්, හෙලන්, සයිරා බානු, මාලා සිංහ, ශකීලා සමඟත් නිහඬව ගෙවා දැමූ ඇය මාර්තු 25 වැනිදා වර්සෝවා නිවෙසේදී ජීවිතයෙන් ද නිහඬවම සමු ගත්තාය. ඉහෙන් බහින රෝගයක් නොතිබූ ඇය හදිසියේම මරු තුරුළට ගොස් ඇත්තේ දරණු හෘදයබාධයකට ගොදුරුවීමෙනි. ඒ ජීවිතයේ හැත්තෑපස් වැනි වසරේ පසුවෙද්දීය.නන්දාට සිනමා උරුමය දායාද වුණේ උපතින්මය. දක්ෂ මරාති නළුවකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු හා ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු වූ විනායක් දමෝදර් නන්දාගේ පියාය. මව නිළි මීනාක්ෂිය. පියා වයස අවුරුදු හතළිස් එකක් තරම් අඩු වයසකදී මිය ගිය නිසා පවුලේ බර පැටවුණේ නන්දාටයි. අට හැවිරිදි වියේදී ළමා නිළියක ලෙසින් ඇය රංගනයට පිවිසියාය.‘බේබි නන්දා’ ලෙසින් තිරයට එක් වූ නන්දාගේ පළමු සිනමා රංගනය ‘මන්දිර්’ (1948) ය. ජන්ගු, අන්ගාරේ, ජාග්රිතී වැනි සිනමාපටවල ළමා නිළියක ලෙස රඟන අතර, ඇය අධ්‍යාපනය ලැබුවේ නිවෙසට ගෙන්වන ලද ගුරුවරයකුගෙනි. සහෝදර සහෝදරියන්ට අධ්‍යාපනය ලබාදීමේ වගකීම පැවරී තිබුණේ ද නන්දාටමය. අද ඇයගේ එක් සහෝදරයකු වූ ජයප්‍රකාශ් කර්නාටකි, මරාති සිනමා අධ්‍යක්ෂවරයකි.නන්දාගේ සිනමා ගමන් මඟ වෙනස් කළේ පිය පාර්ශ්වයේ ඥාතියකු වූ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ වී. ශාන්තාරාම්ය. තූෆන් ඕර් දියා (1956) නන්දාගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. 1957 වසරේදී ‘බාබි’ රංගනයට නන්දා ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම සහාය නිළියක ලෙස නිර්දේශ වූවාය.නන්දා දිදුලන තරුවක් කළේ ‘චෝටි බෙහේන්’ (1959) සිනමාපටයයි. ඉන්පසු ඇය දිගින් දිගටම සුපිරි තරුවල, සුපිරි පෙම්වතිය වූවාය. ‘හම් දෝනෝ, තීන් දේවියන්’ හි ඇය දේව් ආනන්ද්ගේ පෙම්වතියයි. එක් ගීතමය ජවනිකාවක්වත් නොතිබූ ‘කානූන්’ (1960) සිනමාපටයේ ප්‍රධාන නිළිය වූයේ ද ඇයයි. ‘ආන්චල්’ සිනමාපටයේ කළ රංගනයට ඇය හොඳම සහාය නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ගත්තාය.සුදු නංගී ජවනිකාවක්...රාජ් කපූර් සමඟ ‘ආශික්’ (1962) සිනමාපටයේ සහ රාජේන්ද්‍ර කුමාර් සමඟ සිනමාපට තුනක ද ඇය රඟපෑවාය. නන්දා මුලදී ෂම්මි කපූර් සමඟ රඟපෑම ප්‍රතික්ෂේප කළේ්, කැළෑ සතකු බඳු දඟකාර රංගන රටාවට දැක් වූ නොකැමැත්ත නිසයි. එහෙත් පසුව ඇය ‘ප්‍රේම් රොග්’ සිනමාපටයේ ඔහු සමඟ රැඟුවාය.1960 – 65 කාලයේදී නූටාන්ට පසුව රංගනයට වැඩිම මුදලක් අය කළ නිළිය වූයේ නන්දායි. නවකයන්ට අත දෙන්නන් අතර නන්දා කවදත් පෙරමුණ ගත් බව ක්ෂේත්‍රයේ කාහටත් රහසක් නොවීය. නවක නළුවකු වූ ෂෂි කපූර් සමඟ ඇය සිනමාපට අටකදී පෙම්වතිය ලෙසින් රැඟුවාය.තිරයේ පරමාදර්ශී භාරත යුවතියක වූ නන්දා බටහිර පන්නයේ තරුණියක ලෙස රැඟුවේ ‘ජබ් ජබ් පූල් කිලේ’ සිනමාපටයේ පමණි. ෂෂි කපූර්ගේ තිරයේ ආදරණීයම පෙම්වතිය වූයේ නන්දාය. පසුව ඇය රාජේශ් ඛන්නා, රාජේන්ද්‍ර කුමාර්, ජිතේන්ද්‍ර, මනෝජ් කුමාර් වැන්නන්ට ද පෙම්වතිය වූවාය.හැත්තෑව දශකයේ සිනමාවෙන් තාවකාලිකව සමුගත් ඇය 1982 දී යළි රංගනයට පිවිසියාය. ආහිස්තා ආහිස්තා, මස්දූර්, ප්‍රේම් රොග් සාර්ථක රංගනයන් සමඟ ඇය තිරයෙන් සමු ගත්තාය.තිරයේ කෙතරම් සුපිරි තරුවලට පෙම් බැන්ද ද, ඇය සැබෑ ජීවිතයේදී කිසිවකුට පෙම් කළේ නැත. ‘ජබ් ජබ් පූල් කිලේ’ රූගත කරද්දී අධ්‍යක්ෂ සූරජ් ප්‍රකාශ් නන්දාගේ රුවට උමතු වූ ලුතිනන්වරයෙකු පිළිබඳ යෝජනාවක් ගෙන ආව ද ඇය එය ප්‍රතික්ෂේප කළාය. නන්දාගේ සොයුරන් ඇයට ගෙන ආ සියලු යෝජනාවන්ට ද අත් වූයේ එම ඉරණමය.1992 දී මැදි වයසේදී නිළි මිතුරිය වහීඩාගේ පෙරැත්තය නිසාම අධ්‍යක්ෂ මනමෝහන් දේසායි සමඟ නන්දා විවාහ ගිවිස ගත්ත ද, ඔහු නිවෙසින් වැටී අංශභාග තත්ත්වයට පත් වී මිය ගියේය. ඒ විවාහ ගිවිසුම ද අවසන් වූයේ ඇය අස්වාමික කරමිනි.මියයන තුරුම තනිකඩ දිවියට පෙම් බැඳී නන්දාගේ තිරයේ පෙම්වත් දිවිය නම් රසිකයන්ගේ මතකයෙන් කිසිදා බැහැර නොවනු ඇත.
CREATIVE
‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් සමඟ මම ‘මුල්’වලට සම්බන්ධ වුණා. ඒ අතරම ස්වර්ණවාහිනියෙන් කෙරෙන අලුත්ම ගේම් එකට සහභාගි වෙන්නට මටත් ආරාධනා ලැබුණා.කොළොම් පුරවරයෙන් බොහෝ ඈත කුඩාවැව කියන ප්‍රදේශයේ කැලයකයි මේ ගේම් එක පැවැත් වෙන්නේ. මාසයක් පමණ නැවතී සිටිමින් විවිධ අභියෝගවලට මුහුණ දෙමින් නියැලෙන ඒ කටයුත්ත අපට අපූරු අත්දැකීමක්.
CREATIVE
කේශ කළ්‍යාණයක් නොමැති ප්‍රියංකා චොප්රා තාරකාව සිතින් මවා ගැනිීමටත් අසීරුයි නේද? එහෙත් මේ අසීරු අභියෝගය ඇය ජයගෙන අවසන්ය. කෙස් කළඹින් පවා ඇය මේ කැපවීම කර තිබෙන්නේ තමන් රඟන චරිතයට උපරිම සාධාරණයක් කිරීමටය. මෙවර ඇය කොණ්ඩය කෙටි කරගෙන සාධාරණය ඉටු කරන්නේ ඔලිම්පික් පදක්කම්ලාභී මේරි කොම්ගේ චරිතයටයි. සැප්තැම්බර් 5 වැනිදා තිරගතවීමට නියමිත මේරි කොම් සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු පවා ඇය එලෙසින්ම කිරීමට බලාපොරොත්තු වන්නීය. මේරි කොම් චරිතය තම සිනමා ජීවිතයේ දුෂ්කරම රංගන භූමිකාව බව ප්‍රියංකා පවසන්නීය. සිනමාපටය නරඹා සැබෑ මේරි කොම් කඳුළු සැලීම නිසා ප්‍රියංකාට තමා ගැන අහිංසක අභිමානයක්ද ඇති වී තිබේ. 
CREATIVE
මගේ මූලික අවධානය යොමු වෙලා තියෙන්නේ ‘මහරජ දුටුගැමුණු’ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහායි. එහි සංස්කරණ කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසාන වී තිබෙන වග ඔබට පවසන්නේ බොහොම සතුටෙන්. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණය කරන ‘මහ රජ දුටුගැමුණු’ චිත්‍රපටය නව වසරේ ජනවාරි මාසයේ මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් බවත් කිව යුතුයි.
CREATIVE
පසුගිය කාලයේ ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණත් මම දැන් වැඩ භාර ගන්නේ බොහොම අඩුවෙන්. ඒ මේ ක්ෂේත්‍රය ගැන ඇතිවී තිබෙන කලකිරීම නිසයි.දීර්ඝ ටෙලි නාට්‍යවලට නැතිව කොටස් තිහක ආදී ටෙලි නාට්‍යවලට පමණක් රංගනයෙන් සහභාගි වෙලා මගේ ව්‍යාපාරවල කටයුතු කරගෙන යන එකයි මම දැන් කරන්නේ.
CREATIVE
හොලිවුඩයේ තරුවල කසාදයන් දික්කසාදයෙන් අවසන් වෙන අවස්ථා බොහොමයි. එහෙත් ඒ බොහොමයක් අසාර්ථක වේවියි කියා සිතීමටවත් නොහැකි සබඳතායි.බොහෝ දෙනෙක් සුපිරි ගායිකා ලේඩි ගගාගේ අලුත්ම සබඳතාව ගැන නම් සැක පහළ කරති. ඇය මේ දිනවල ආදරයෙන් පසුවන්නේ ටේලර් කිනේටයි. දෙදෙනාගේ පරස්පර පෞරුෂයන් නිසා එකිනෙකාට නොගැළපෙන බව වැඩි දෙනාගේ අදහසයි. එහෙත් ලේඩි ගගා නම් පවසන්නේ ඔහු හරි අපූරු පුද්ගලයකු බවයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ලන්ඩනය වෙත පියාසර කරන අධිවේගී පෞද්ගලික ජෙට් යානයක සුඛෝපභෝගී මැදිරියක් තුළ සුරූපී ගුවන් සේවිකාවක් සමඟ විවේකසුවයෙන් ගත කරන සුවිශේෂී පුද්ගලයෙකි. සූක්ෂම ලෙස ඔහුගේ ගිනි අවිය සොරා ගන්නා ඇය මොහොතකින් එය ඔහුට එල්ල කරමින් තෙවැනනකුට මැදිරිය තුළට ඒමට ඉඩ සලසයි.පැරෂූටයක් පැලඳගෙන ගිනි අවියක් ද මානාගෙන පැමිණි ඔහු තරුණියට ද පැරෂූටයක් ලබා දෙයි. ලද අවසරයකින් අනෙකා එල්ල කළ පා පහරින් ඔහු අත වූ ගිනි අවිය පසෙකට විසි වී යන අතර දෙදෙනා අතර දරුණු සටනක් ඇවිලෙයි. සුළු පමාවකින් යානයේ දොර විවර වී දෙදෙනාම එක පොදියට ගුවනට විසි වෙයි.අසීමිත වේගයකින් පොළවට ඇද වැටෙද්දී ගුවනේ කෙරෙන දරුණු සටනක අවසානයේ පැරෂුට්කරුගේ පැරෂූටය ගලවාගෙන එය පැලඳ ගැනීමට අනෙකා සමත් වෙයි. ගොදුර දඩයක්කරු බවට පත්වෙද්දී අනෙකා නිදැල්ලේ මරණය සොයා මහ පොළොව දෙසට ඇදී යයි. එහෙත් සටන එතෙකින් නිමා නොවේ.දිළිසෙන වානේ දත් සහිත මුව අයාගෙන ගුවනේ සිට ඔහු මත කඩා පනිනා දැවැන්තයකු ඔහුගේ කකුලක් ඩැහැ ගනී. ජේම්ස් බොන්ඩ් සහ ‘ජෝස්’ ගේ ප්‍රථම හමුවීම සිදුවන්නේ එලෙසටයි. ගුවනේදී ඇරඹෙන සටන මිහිමත දී පමණක් නොව ඈත අභ්‍යවකාශය දක්වා ද ඇදී යන අතර සටනේ අවසානය කෙසේ සිදු වන්නේ ද යන්න විසඳෙන්නේ ‘මුන්රේකර්’ චිත්‍රපටය තිරගතවීමෙන් අනතුරුවයි. ‘මුන්රේකර්’ කතාව ගෙතී ඇත්තේ හියුගෝ ඩ්‍රැක්ස් නමැති පුද්ගලයකුගේ සමාජ විරෝධී අත්තනෝමතික ක්‍රියාදාමයක් වටාය.ඔහු බ්‍රිතාන්‍යය සතු ‘මුන්රේකර්’ නම් අජටාකාශ ෂටලයක් පැහැර ගනී. ඔහු පෘථිවිය වටා කක්ෂයක සඟවා ඇති අජටාකාශ මධ්‍යස්ථානයක් තුළ ජාන තාක්ෂණය උපයෝගි කර ගනිමින් මිනිස් පරපුරක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. මධ්‍යස්ථානය තුළ නිපදවෙන විෂ රසායනයක් පෘථිවියට එවා මිහිපිට සියලු මනුෂ්‍ය වර්ගයා සමූලඝාතනය කොට කලක් ගත වූ පසු ජාන තාක්ෂණයෙන් නිර්මාණය කළ ගැහැනු, පිරිමින් මඟින් මිහිමත නව ප්‍රජාවක් ස්ථාපිත කොට තමා එහි පාලකයා වීම ඩ්‍රැක්ස් ගේ උමතු අරමුණ වෙයි.මෙහිදී ඔහුගේ ආරක්ෂකයා වන්නේ අයිකිඩෝ සටන් ශිල්පියකු වූ චැන්ග් නැමැත්තෙකි. වානේ දත් ඇති ‘ජෝස්’ ද ඔවුන්ගේ කඳවුරේ වෙයි. ඔවුන් හට පැවරෙන ප්‍රධාන කටයුත්ත වන්නේ සිය ව්‍යාපෘතියට එරෙහිව එය විනාශ කිරීමට පැමිණෙන බ්‍රිතාන්‍ය රහස් නියෝජිත ජේම්ස් බොන්ඩ් සහ සී. අයි. ඒ. නියෝජිතවරිය වන හෝලි ගුඩ්හෙඩ් ඝාතනය කිරීමයි.මෙහෙයුම අතරතුරදී තම ජීවිතය බේරා දුන් බොන්ඩ් සමඟ එක්ව කටයුතු කිරීමට හෝලි ගුඩ්හෙඩ් එකඟ වෙයි.පැහැර ගත් ‘මුන්රේකර්’ ෂටලය සඟවා ඇත්තේ ඩ්‍රැක්ස්ගේ අජටාකාශ නැවතුම්පොළේ බව ඔවුන් දැන ගනී. ඒ අනුව එය මුදා ගැනීමත්, ඩ්‍රැක්ස්ගේ අජටාකාශ තිප්පොළ විනාශ කර දැමීමත් බොන්ඩ් සහ හෝලිගේ අභිප්‍රාය වෙයි. ඩ්‍රැක්ස් ගේ සැලසුම් ව්‍යාප්ත වී ඇති කැලිෆෝනියාව, වැනීසිය, බ්‍රසීලය හා ඇමසන් වනාන්තරය හරහා අජටාකාශය දක්වා ගමන් නොකොට මෙම හපන්කම කිරීම උගහටය. ඔවුන් දෙදෙනා මෙම අභියෝගය ජය ගන්නේ කෙසේද?‘මුන්රේකර්’ ජේම්ස් බොන්ඩ් සිනමාවලියේ එකොළොස් වැන්න වන අතර රොජර් මුවර් බොන්ඩ් ලෙස පෙනී සිටින සිව්වැනි චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂක ලුවිස් ගිල්බට් ගේ තුන්වැනි සහ අවසාන චිත්‍රපටය ද වෙයි. වර්ෂ 1954 දී ඉයන් ෆ්ලෙමින් විසින් රචිත නවකතාව පාදක කොටගෙන තිර නාටකය රචනා කරන ලද්දේ ක්‍රිස්ටෝපර් වුඩ් විසිනි.‘ද ස්පයි හූ ලව්ඩ් මී’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය සඳහා තෝරාගෙන සිටියදී බාබරා බැච් ගේ හදිසි පැමිණීම නිසා එම අවස්ථාව අහිමි වී ගිය ලොයිස් චයිල්ස් නම් අමෙරිකානු රූමතිය මෙහි ප්‍රධාන නිළිය විය.සී. අයි. ඒ. රහස් නියෝජිත විද්‍යාඥ හෝලි ගුඩ්හෙඩ් ගේ චරිතය නිරූපණය කළේ ඇය විසිනි. හියුගෝ ඩ්‍රැක්ස් හෙවත් බොන්ඩ් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ මයිකල් ලෝන්ස්ඩේල් නම් ප්‍රංශ ජාතික නළුවෙකි.ඔහුගේ ආරක්ෂකයා වන චැන්ග් ගේ චරිතය රඟපෑවේ ටොෂිරෝ සුගා විසිනි. ඔහු චිත්‍රපටයේ විධායක නිෂ්පාදක මයිකල් ජේ විල්සන් ගේ සටන් ගුරුවරයා වන ජපන් අයිකිඩෝ සටන් උපදේශකවරයෙකි. වානේ දත් ඇති ‘ජෝස්’ රිචඩ් කීල් ද ඔහුගේ සහාය සඳහා විය. ඩ්‍රැක්ස් ගේ පුද්ගලික ගුවන් නියමුවරිය වන කොරින් ඩුෆෝ ලෙස රඟපෑවේ කොරින් ක්ලරිය.ඉතිරි කොටස ලබන සතියේආනන්ද දිසානායක
CREATIVE
බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් හෙවත් කිං ඛාන් බොලිවුඩයට පමණක් නොව ලොව පුරා ආකර්ශනය දිනා ගත් තරුවක්. කෙතරම් අලුත් නළුවන් පැමිණියද 48 වැනි වියේ පසුවන ඔහුහට තවමත් අංක එක හිමි වී ඇත. එපමණක් නොව කිං ඛාන් ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ පළමු නළුවාද වේ.මේ දිනවල කිං ඛාන් ගැන කතාබහට ලක් වෙන මාතෘකාව වී ඇත්තේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය යි. ඒ ඔහු රංගන දායකත්වය ලබා දෙන Happy New Year චිත්‍රපටය යි. එය හෙට (24) සිට තිරගත වීම ආරම්භ කෙරෙන අතර එහි ෂාරුක් සමගින් දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, බෝමන් ඉරානි, විවාර් ඛාන්, සෝනු සෝද් සහ ජැකි ෂරොෆ් රංගන දායකත්වය ලබා දෙති. යෂ් රාජ් ෆිල්ම්ස් ඉදිරිපත් කරන Happy New Year අධ්‍යක්ෂණය ෆාරා ඛාන් සහ නිෂ්පාදනය ගෞරි ඛාන් විසිනි. අමෙරිකානු ඩොලර් මිලියන 24ක පිරිවැයක් දරා නිපැයූ මෙම චිත්‍රපටය හින්දි, දෙමළ සහ තෙළිඟු බසින් තිරගත වීමට නියමිතව ඇත. ක්‍රියාදාම මෙන්ම හාස්‍යයද රැගෙන එන මෙම නවතම චිත්‍රපටයේ කිං ඛාන් ස්වරූප පහකින් චරිත මවන්නේය. ඒ අතරේ රන් පැහැ ගැන්වූ හිස කෙස් විලාසිතාව සහ නිල් පැහැ ඇස් ඔහුගේ ස්වරූපය වෙනස්ම ආකාරයේ එකක් බවට පත් කර තිබේ.Happy New Year චිත්‍රපටය ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරේ ෂාරුක් දායක වන තෙවැන්නයි. ඔහු මීට පෙර ෆාරා ඛාන්ගේ Main Hoon Na, Om Shanthi Om චිත්‍රපට දෙකට රංගන දායකත්වය ලබා දුන් අතර දීපිකා සමගින් රංගනයේ යෙදෙන තෙවැනි අවස්ථාවද වේ. ඒ අතරේ වූ Chennai Express පසුගිය වසරේ අති සාර්ථක අයුරින් ලොව පුරා තිරගත විණි. පසුගිය කාලයම ෂාරුක්, දීපිකා ඇතුළු Happy New Year කණ්ඩායම වෙහෙසුනේ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙනි. ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනි වාඩසටහනක් වන Comedy Night With Kapil වැඩසටහනෙහි පසුගිය සති අන්තය වෙන් වූයේ Happy New Year චිත්‍රපටය වෙනුවෙනි. එදින ෂාරුක්, දීපිකා, අභිෂේක් ඇතුළු පිරිස ඒ සඳහා සහභාගි වූහ. එය දීපාවලි උත්සවය වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් ලෙසින් ඉදිරිපත් කෙරිණි.පසුගියදා Happy New Year චිත්‍රපටය වෙනුවෙන් වූ තවත් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් පිරිසක් කිං ඛාන්හට අපූරු පාඩමක් ඉගැන්වූහ. එදින මාධ්‍ය හමුව පවත්වන්නට නියමිතව තිබූ වේලාව පස්වරු 4.30 වුවත් ෂාරුක් එම ස්ථානයට පැමිණ ඇත්තේ රාත්‍රි 8.00ට පමණය. ඒ වන තෙක් රැඳී සිටි මාධ්‍යවේදින් ෂාරුක් පැමිණි පසු පිටව ගොස් ඇත්තේ මෙය මෙසේ සිදු වූ ප්‍රථම අවස්ථාවද නොවන බව පෙන්වාදී ඔහුට බැණ වැදීමෙන්ද පසුවයි.කිං ඛාන්ගේ රංගනය ඇතුළත් තවත් චිත්‍රපටයක් මේ වසරේ තිරගත වීමට නියමිතව තිබුණද Happy NewYear චිත්‍රපටය හේතුවෙන් එය ලබන වසර දක්වා කල් දමා ඇත. ඒ අනුව මනේෂ් ෂර්මා අධ්‍යක්ෂණය කළ ආදිත්‍ය චොප්රා නිෂ්පාදනය කළ Fan චිත්‍රපටය ලබන වසරේදී ඔබට නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත.යතේජා
CREATIVE
මෙරට ප්‍රථම වතාවට මුද්දර කාර්යාංශය මඟින් දුෂට නළුවන් සිවු දෙනකුගේ මුද්දර හතරක් එළි දැක්වීමට සූදානම් වේ. පියදාස ගුණසේකර, එච්. ඩී කුලතුග, ඩොමී ජයවර්ධන සහ ශේන් ගුණරත්න එම දුෂ්ට නළුවන් සිවු දෙනාය. එම මුද්දර ළඟදීම වෙළෙඳපාළට නිකුත්වනු ඇත.
CREATIVE
සිය මව්බිමේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් අතර ආර්ථික විද්‍යාව හා තර්ක ශාස්ත්‍රය පිළිබඳ ප්‍රසිද්ධගුරුවරයෙක් වූ නාරද විජේසූරිය කාලයකට පස්සේ තම මව්බිමට පැමිණ සිටියි.හේ ප්‍රංශයේ පදිංචිව සිට මව්බිමට පැමිණ ඇත්තේ විවිධ වැඩ කටයුතු රාශියක් සිත් හි දරාගෙනයි. මේ වන විට ගුරු භුමිකාවට සමුදී ඇති නාරද මාධ්‍යවේදියෙක් ලෙස විදේශයෙහි විකාශය වන රූපවාහිනී නාලිකාවක සේවය කරන්නේ සිය දක්ෂතා උරගා බලමිනි. ඊට අමතරව ගී පද රචනාවට පෙම් බැඳි නාරදගේ ගීත කිහිපයක් ද සිටි එෆ්. එම්, ලක් එෆ්. එම්, ලක්හඬ වැනි ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය වේ.මාධ්‍යවේදියකු කියන භූමිකාවට අමතරව මේ දවස්වල ඔබ ගී පද රචකයෙක් ගේ භූමිකාවට ද පිවිස සිටින්නේ?‘කාලයක පටන් ගීතයට මා බොහොම ආදරය කළා. සමාජයේදී දකින අත්විඳින බොහෝ දේ පිළිබඳ සිතට දැනෙන දේ කොළයක කුරුටු ගාන්නට මා අමතක කළේ නැහැ. ඒ කුරුටු ගෑ බොහෝ දේ ගීතයක් ලෙස එළි දැකිය යුතුයි කියා මා සිතුවා. ඒ අනුව මා ලියූ තෝරා ගත් පද රචනා කිහිපයක් ප්‍රවීණ ගායක – ගායිකාවන් කිහිප දෙනකුට කියා ගයවන්නට හැකි වුණා.සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, ටී. එම්. ජයරත්න, නිරෝෂා විරාජිනී, දීපිකා ප්‍රියදර්ශනී, ලක්ෂ්මන් හේවාවිතාරණ, ජානක වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල්, දයාන් විතාරණ, නලින් පෙරේරා, සංගීත් වික්‍රමසිංහ, ඩබ්. ඩී. ආරියසිංහ වැනි ගායන ශිල්පීන් කිහිප දෙනෙක් මා ලියූ ගී පද ගැයුවා. ඊට සංගීතය නිර්මාණය කළේ කලනි පෙරේරා, නාලක අංජන, ශාන්ත ජයලත් තිසේරා, ඉන්ද්‍රජිත් මිරිහාන, සංගීත් වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල් ඇතුළු සංගීතඥයන් කිහිප දෙනෙක්.මේ ගීත එකතුව සංයුක්ත තැටියක් ලෙස දොරට වඩින්නේ කවදාද?‘මෙම ගීත කිහිපය ප්‍රවීණ ගායක – ගායිකාවන්ට කියා ගැයුවත් කවදා හෝ සංයුක්ත තැටියක් ලෙසින් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්න මා කැමැති නැහැ. වෙළෙඳ පොළෙහි අලෙවිය පිළිබඳ සිතාගෙන නෙමෙයි මා ගීත කිහිපය පටිගත කළේ.ඔබගේ බොහොමයක් ගීත සඳහා පාදක වූ තේමාවන් වන්නේ ආදරයයි. ගීත සඳහා ආදරය මූලික වීමට විශේෂ හේතුවක් තිබුණද?‘අද ආදරය කියන්නේ සුලභ සංකල්පයක්. ආදරය කියන සංකල්පය වටහා ගන්නා ආකාරය එකිනෙකාට වෙනස්. එහි ප්‍රතිඵලයක් විදියට සැබෑ ආදරයට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ. බොහෝ ගැඹුරින් හා හදවතින් ආදරය කරනා බොහෝ දෙනා වැඩිපුරම දුක් විඳින්නන් බවට පත් වෙලා. ආදරයක් ලැබිමට තරම් සුදුසු නැති ඇතැමෙක් හිතා ගන්නටවත් බැරි තරම් විශාල ආදරයක් භුක්ති විදිනවා. තමන්ගේ ආදරය අනිකාට තේරුම් ගැනීමට නොහැකි වීම නිසා වේදනාවට පීඩාවට පත්වන ප්‍රේමවන්තයා වරෙක කල්පනා කරන්නේ, තම ආදරය ඕනැවටත් වඩා වැඩි බවයි. මෙවන් කාරණා මගේ අවධානයට හසු වුණා. ඒ නිසා ඔවුන් විඳින දේ ඔස්සේ ලැබුණු අත්දැකීම් මගේ අත්දැකීම් බවට පත් වුණේ ඉබේමයි. ඉන් මගේ හදවතට දැනුණ දේ ගී පදවලට පෙරළුණා. ඒ වෙනස්ම තේමාවන් හා උපමා අලංකාර භාවිතයෙන්.’මාධ්‍යවේදියා කියන භූමිකාවට ඔබ පිවිසෙන්නේ කුමන අයුරින්ද?‘මා කලක් විදේශගතව සිටිද්දී යම් අභියෝගයක් එල්ල වුණා. ඒ මාධ්‍ය ආයතනයකින්. එහි විකාශය වුණු සිංහල සේවයකින් එල්ල වුණු අභියෝගයට මා බිය නැතුව මුහුණ දුන්නා. ඒ පිළිබඳ පැහැදුණු ඔවුන් දිගින් දිගටම මට ඔවුන් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබා දුන්නා. මා එහි වැඩසටහන්වලදී නිවේදනයේ පටන් බොහෝ කටයුතුªවලදී ඔවුන් සමඟ කටයුතුª කළා. දැන් මගේ මාධ්‍යය එයයි.මේ වන විට ඔබ ලංකාවට පැමිණ සිටින්නේ විශේෂ හේතුවක් මතද?‘ජාත්‍යන්තරයටම දැක බලා ගත හැකි අයුරින් රූපවාහිනි සේවයක් විදේශයේදී ආරම්භ කිරීමේ යම් බලාපොරොත්තුවක් තිබෙනවා. ජර්මනියේ ආරම්භ කිරීමට යන මේ සේවය ප්‍රංශ, ජර්මන්, ඉතාලි, සිංහල යන භාෂාවන්ගෙන් සමන්විතයි. මෙහි මූලික අදහස වන්නේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය, සාහිත්‍යය, කලාව පිළිබඳ දැනුවත් කිරීමයි. ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයෙහි තිබෙනා වැරැදි මතය වෙනස් කිරීමත් මෙහි තවත් අරමුණක්. ලංකාවේ කිහිප දෙනෙක් සමඟ මේ දවස්වල ඒ පිළිබඳ සාකච්ඡාවකයි සිටින්නේ.ඔහුට අමතන්න ඔබට අවශ්‍ය නම් 0712953182 යන දුරකතනයට අමතන්න. ඊට අමතරව nurd80@hotmail.com යන ඊමේල් ලිපිනයට පණිවුඩයක් යැවීමෙන් ද ඔබට ඔහු හා සම්බන්ධ විය හැකිය.තිලානි ශානිකා විතානාච්චි
CREATIVE
මම මේ දවස්වල මගේ ජීවිතයේ සුවිශේෂ කටයුත්තක් සමඟින් කාර්යබහුල වෙලා ඉන්නේ. ඉදිරි මාසය ඇතුළත මම මගේම ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න සූදානම් වෙනවා.ඒ නිසාම මේ දිනවල රංගන කටයුතුවලට නම් දායක වුණේ නැහැ. ව්‍යාපාරය ආරම්භ කළ පසු සුපුරුදු පරිදි රංගන කටයුතු සඳහා දායක වෙන්න සූදානමින් ඉන්නෙ.මම රංගනයෙන් දායක වුණු ‘මහරජ අජාසත්’ චිත්‍රපටයත් ඉදිරියේදි තිරගත වේවි. එහි බදිරිවතී නමින් කළ ශුද්‍ර තරුණියගේ චරිතය මගේ රංගන දිවියේ සුවිශේෂ චරිතයක්.
CREATIVE
මගේ ජීවිතේ හැමදාම කලාව සමඟයි ගෙවෙන්නේ. මගේ ගෝල බාලයන්ට උගන්නලා තෘප්තිමත් වෙන අතරේ මම මා ගැනම පොතක් ලියන්න හිතුවා. ඒ පොත ලියාගෙන යන ගමන් සංගීතය මඟින් ලෙඩ දුක් සුව කිරීම ගැන සංගීත චිකිත්සන වැඩ සටහන් මාලාවක් මගේ මහත්තයා එක්ක කරගෙන යනවා. විශ්‍රාමික වුණත් මේ කටයුතු එක්ක මම කාර්යබහුල චරිතයක් වෙලා.
CREATIVE
මහාචාර්ය ආරියරත්න ඇතුගල අලුත් නිර්මාණ කාර්යමහ සමයම. ජන සම්ප්‍රදායන් ආශ්‍රයෙන් නිර්මාණය වූ මහ සමයම දැවැන්ත වේදිකා නාට්‍යයක්.නෙළුම් පොකුණේපැවති චාම් උත්සවයකදී මූලික වැඩ කටයුතු ඇරැඹුණ මහ සමයම සඳහා ප්‍රවීණ මෙන්ම නව පරපුරේ දක්ෂ නළු නිළියන් කැලක් සම්බන්ධවයි.ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, විජය නන්දසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, සහන් රන්වල, ඉන්දිකා උපමාලි, මාධනී මල්වත්ත, චතුරිකා පීරිස්, සේනානායක වේරලියද්ද ඒ අතර ඉන්නවා.සංගීතය මෙහෙයවීම කෝලිත භානු දිසානායකගෙන්.රංග වින්‍යාසය රවි බන්දු විද්‍යාපති, චන්න විජේවර්ධන සහ දර්ශන පියරත්න යන අයගෙන්.රචනය සහ අධ්‍යක්ෂණය මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ වන මහ සමයමහි පුහුණුවීම් නොබෝ දිනකින් ඇරැඹේ. අපේ ප්‍රවීණ නිවේදිකාවක් වන රත්නා පුෂ්පා කුමාරිට අපූරු අවස්ථාවක් හිමි වුණා. ඒ මේ මාසයේ 24 වැනිදා සිට 30 වැනිදා දක්වා තුර්කියේඅන්කරා නුවර පැවැත්වෙන අන්තර් ජාතික ළමා නාට්‍ය උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නයි.ඒ නියෝජනයත් සමඟින් ඈ අද දවසේ ‘ළමයින් සඳහා නාට්‍ය ක්‍රියාකාරකම්’ යන මැයෙන් වැඩමුළුවක් ද මෙහෙය වන බව අපට ආරංචි වුණා.ඒත් සමඟම රත්නා ලියූ  ‘ACTIVITIES FOR THEATRE AND NON THEATRE PEOPLE’  කියන කෘතියත් එළි දැක්වීමට නියමිතයි.ළමා කුසලතා සංවර්ධන වැඩසටහන හා ජාතික නාට්‍ය ආයතනය හරහා විශාල කාර්යභාරයක් ඉටු කරන රත්නා පසුගියදා දිරිය ප්‍රසාදිනී සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්තියක් වුණා.බිඳුණු සිත් සුවපත් වෙන්නෙත් සඳරේඛාහිනැහෙන්නෙත් ලක්ෂ්මන්මල්ලවආරච්චි ගේ ගේය පද තාලෙට කිව්වොත් ඔබ පුදුම වේවි.හැැබැයි පුදුමයි! ඒත් ඇත්තයි. දෙපැති දහර, ආදරවන්තයෝ, හිම කැදැල්ල ආදී ටෙලි නිර්මාණ සඳහා ගීත රචනා කළ හැට හැත්තෑව දශකයේ ජනප්‍රිය නවකතාකරුවකු වූ ලක්ෂ්මන් මල්ලවආරච්චි අලුත් ටෙලි නාට්‍ය දෙකකටම ගීත රචනා කරලා.ඒ අතරින් ප්‍රසන්න ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ‘බිඳුණු සිත්’ ටෙලි නාට්‍යයට සහ නිමල් ජයවීර අධ්‍යක්ෂණය කරන ‘සඳරේඛා’ ටෙලි නාට්‍යයට.‘බිඳුණු සිත්’ හි ලක්ෂ්මන්ගේ ගී පද වෛද්‍ය ඈෂ්ලි පෙරේරා සමඟ නිලානි කාංචනා නම් වූ නවක ගායන යුගළයේ හඬින් ගීතවත් වන අතර එහි සංගීත නිර්මාණය සංගීත් වික්‍රමසිංහගෙන්.‘සඳරේඛා’ ටෙලි සිතුවමේ ලක්ෂ්මන්ගේ ගී පද උමාරියා සිංහවංශ ගයන්නේ නවරත්න ගමගේ ගේ සප්ත ස්වර තනුවට.රටම හිනැස්සූ මර්සි එදිරිසිංහගේ මේ තොරතුරු ඇසුවොත් ඔබේ නෙතට කඳුළක් නැගේවි. මේ ඇය පිළිබඳ දුක්මුසු ආරංචියක්. මට කාලයක් තිස්සේ දකුණු කකුලේ පොඩි රිදීමක් තිබුණා.මං ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කාලෙකට පස්සේ කකුල ඉදිමුණා. ඊට හේතුව හොයා ගත්තු වෛද්‍යවරයා කිව්වේ ගර්භාෂයේ ඇති ගෙඩියක් නිසා වේදනාව හටගත් බව. ඉක්මනින් එය ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන්නත් ඕනෑ බව ඔහු පැවසුවා.ඒ නිසා පසුගිය 11 වැනිදා මුළු ඇඟම සිහි නැති කරලා ඒ ඔපරේෂන් එක කළා. දැන් නම් ටිකක් සනීපයි. වෛද්‍යවරු කියනවා දිගටම රෙස්ට් කරන්නලු. එත් මට එක තැනකට වෙලා ඉන්න බැහැ.මං බොහොම කඩිසරව ඉන්න කෙනෙක්. කෙසේ නමුත් මේ වෙනකම්ම මගේ රාජකාරි සහ කලා කටයුතුවලින් බැහැරව කාලය ගත කලේ. හැකි ඉක්මනින් මගේ පුරුදු දිවිය අරඹනවා.එයට පෙර පසුගියදා මර්සි එදිරිසිංහගේ දයාබර මෑණියන්ගේ අවසන් කටයුතු සඳහා මන්සි වුණු ඇයත් සමඟ දුක බෙදා ගත් වරකාපොල අමේපුස්ස ගම්වාසීන්ට, ඊට සහභාගි වූ කලාකරුවන්ට, මිත්‍රයන්ට, නැදෑ හිතවතුන්ට, පවුලේ පිරිසට, ගම්පහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු කන්‍යා සොහොයුරියන්ට, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, කතානායක චමල් රාජපක්ෂ, රඹුක්කන පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ප්‍රේමදාස, කරු ජයසූරිය, කබීර් හෂීම් යන මහත්වරුන්ට ස්තුති කරන්නත් ඇය අමතක කෙරුවෙ නැහැ.
CREATIVE
මා ගැයූ ‘ඔබේ ආදරේ’ කියන මගේ අලුත්ම ගීතයේ කටයුතු සියල්ල අවසන් කරලා වැඩි දවසක් ගත වුණේ නැහැ. එය මගේ රසිකයන් අතරට රැගෙන යන්න මේ දවස්වල මා බලාගෙන සිටින්නේ බොහොම නොඉවසිල්ලෙන්.ඒ ගීතය ලිව්වේ හා එහි සංගීතය කළේ සංජුල හිමාලයි. ගීතයේ රූප රචනාව කළේ වාසව බදුගේයි.ඊට අමතරව කේ. ඩී. නික්ලස් මාමාගේ, නලින් රාජපක්ෂ මාමාගේ චිත්‍රපටවලට රංගනයෙන් සහභාගි වුණා. මා රඟපෑ තාත්තාගේ ‘රහයි ජීවිතේ’ කියන චිත්‍රපටයත් ඉදිරි කාලයේදී තිරගත වේවි.
CREATIVE
මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ සිනමාව සහ දේශපාලන දිවියේ මතක සටහන් අළලා සුනිල් ලීනස් විසින් රචිත ‘විජය කුමාරතුංග සිනමාව සහ දේශපාලනය’ යන ග්‍රන්ථය මෙම මස 17 දින සවස 2.00 ට කොළඹ 07 ස්ටැන්ලි විජයසුන්දර මාවතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී එළිදැක්වේ.මෙහි ප්‍රධාන දෙසුම් මාදම්පාගම අස්සජි හිමි සහ ජයම්පති වික්‍රමරත්න විසින් පවත්වනු ලැබේ.මෙය ජාතික මහජන සහෘද සංසදයේ සංවිධානයකි.ජනකාන්ත රංගන ශිල්පී විජය කුමාරණතුංගයන්ගේ 25 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ‘’ජාතික මහජන සහෘද සංසදය’’ නාට්‍ය අනුකමිටුව මෙහෙයවන විවෘත කෙටි නාට්‍ය උළෙලේ තෝරාගත් කෙටි නාට්‍ය තුනක් මේ මස 17 වැනි දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී වේදිකා ගත වේ.එදින පස්වරු 2 ට ප්‍රවීණ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් මෙම නාට්‍ය ත්‍රිත්වය වේදිකාගත වේ.සංජීව
CREATIVE
සුගත් ජානකගැහැනු ළමයි ටෙලි නාට්‍යයේ ‘මතං’ බොහෝ දෙනාගේ මතකයේ රැඳුන චරිතයක්. ‘හිතට වහල්වීම’ හි ‘ආකාශ්’, ‘මිලා’ හි ‘ගිනිකූරු කුමාරයා’ චරිත තුළින් අමතක නොවන ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත් ඔහු නව පරපුරේ දක්ෂ රංග ශිල්පියකු වන සුගත් ජානකයි.1999 වසරේ ‘කුලවිලෝකනය’ ටෙලි නාට්‍යයේ ‘රෝඩී’ චරිතයට පණ පොවමින් පුංචි තිරයට පැමිණි සුගත් අද වන විට විවිධ චරිත රැසකින්ම ආලින්දයට ගොඩ වදී.රංගනයේ නොමැකෙන සිහිවටනයන් රැසක් තැබූ සුගත් පසුගිය දිනෙක ‘සරසවිය’ට ගොඩ වුණේ ඔහුගේ අලුත්ම කලා විස්තර කියන්නටයි.‘ඉතිං සුගත් කාලෙකට පස්සේ . . .?’පසුගිය ටිකේම විවිධ චරිත කළා. ඇතැම් චරිත මිනිසුන් මොන තරම් ආදරයෙන් වැලඳ ගත්තා ද කීවෝත් පාරේ යන කොට ළඟටම ඇවිත් මා සමඟ කතා කරන්නේ ඒ චරිතවල නම් වලින්. ඇස්වලට කඳුළු එන තරම් සතුටක් ඇති වෙන්නේ එතැනට මම එන්න ගත්තු උත්සාහය මතක් වෙලා.මේ දිනවල මොනවද ඔබ කරන්නේ?මොහාන් නියාස්ගේ ‘ඉසුරු විමන’ කියන අලුත්ම නාට්‍යයේ රඟපානවා.එහි මම දමිතා අබේරත්නගේ මස්සිනා ලෙස සැලකිය යුතු චරිතයක් කරනවා.සුනිල් කොස්තාගේ ‘සුදුයි උසයි’ නාට්‍යයේ ‘සුගතේ’ කියන චරිතය කරනවා. ඩෙන්සිල් ජයවීරගේ ‘අහංකාර ස්ත්‍රී’ කියන ටෙලි නාට්‍යයෙත් සැලකිය යුතු චරිතයක් ලැබුණා. ඒ ගැන නම් මට දැනෙන්නේ ලොකු සතුටක්.මොකද මේක පැරැණි චිත්‍රපටයක් නේ. එදා විශිෂ්ට රංගන ශිල්පියෙක් කරපු චරිතයක් මට ලැබීම භාග්‍යයක්. එයට අමතරව ඇරැයුම් ලැබෙන ප්‍රසංග සඳහාත් සහභාගී වෙනවා. මොකද මම රඟපාන්න කලින් සිටයි ගීත ගායනයට යෙමු වුණේ.ඉදිරියේ දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?කිහිපයක් තියෙනවා වැඩ ඉවර කරපු. මොහාන් නියාස්ගේ ‘දෙවන මවු’, සංජය නිර්මාල්ගේ ‘රොසලිනා’, සනත් අබේසේකරගේ ‘ආදර රිද්ම’, සුරේෂ්ගේ ‘සෙව්වන්දි’ හා ‘හිරුට පිපෙන සූරිය කාන්ත’ යන ටෙලි නාට්‍යත්, සදිස් කුමාරගේ ‘මායා’ චිත්‍රපටයේත්, සුනිල් ටී ගේ ‘රන්ජා’ චිත්‍රපටයේත් හොඳ චරිතයන් කළා. ඒවා ළඟදීම දැක බලා ගන්න හැකියි.රංගනය හදාරලා තියෙනවද?මම ආපු කාලේ රංගන පාසල් තිබුණේ නෑ. මම රඟපාන්න ඉගෙන ගත්තේ ගෙදර කණ්ණාඩිය ළඟට වෙලා. කලාව මම කරන්නේ හැඟීමකින්, මහත් කැප කිරීමක් කරලා.ආපු මේ ගමන මට වටිනවා. ඒ නිසා අදටත් මට ලැබෙන චරිත කැමරාව ඉදිරියේ රඟ දක්වන්න පෙර ගෙදර පෙර පුහුණුවක් කරනවා.අද හැදෙන ටෙලි නාට්‍ය කොහොමද?ඉතාමත් හොඳයි. අලුත් අයට බොහෝ අවස්ථා එයින් ලැබෙනවා.ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තිබේ ද?ඔව්. මම ආසයි අහිංසක පෙම්වතකුගේ චරිතය රඟපාන්න, අන්ධ චරිතයක් කරන්න. පෙම් චරිත කරලා තිබුණත් මිනිස්සුන්ට සමීප වෙන පෙම්වතෙකුගේ චරිතයක් කරලා නෑ.වෘත්තීය අද රංගනයම ද?මම මීට කලින් කරපු රැකියාවෙන් ඉවත් වුණේ එක දිගට ෂූටිං වලට නිවාඩු ගන්න බැරි නිසා. කරන දේ හරියට කරන්නයි මට ඕනෑ. අද මම පූර්ණකාලීන රංගන ශිල්පිියෙක්.මේ කථාවේ අවසානයට එමු. රංගනය පැත්තෙන් ඇති බලාපොරොත්තු මොනවාද?කවදා හරි ඉහළම තැනකට එන්න තමයි මගේ බලාපොරොත්තුව. උසස් කලාත්මක සිනමා පටයකට දායක වෙන්න සිහින දකින අතර පුළුවන් තාක් රංගනයේ යෙදෙන්නම සිතනවා.කවදා හරි සම්මානයක් ලබා ගැනීමේ සිහිනය ද සිතේ තිබෙනවා.එහෙනම් ඔබේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යැයි සරසවියේ අපි ප්‍රාර්ථනා කරමු.මංජුල ප්‍රසාද් වීරසිංහඡායාරූපය -ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
අනුරාධා, වස්තුව, රිදීතැල්ල, නිළියකට පෙම් කළෙමි ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සිරි කුලරත්නගේ නවතම සිනමා සිතුවම රාස්ස කැලේ අද සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලවන්හී තිරගත වේ. ළමා සිනමාපටයක් වන එහි සනත් ගුණතිලක, නීටා ප්‍රනාන්ද, ක්වීන්ටස් වීරකෝන්, සනෝජා බිබිලේ, බන්දුල ගලගෙදර, මලිත්ත විජේවර්ධන, තිෂූණ පෙරේරා ආදීහු චරිත මවති.කේ. ඒ. ධර්මසේනගේ කැමරා අධ්‍යක්ෂණයකි. චන්දිම වීරසේකර සහාය අධ්‍යක්ෂණයෙන් ද, මායාදුන්න බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන් ද, ආනන්ද පොල්ගහවෙල අංග රචනයෙන් ද මෙයට දායක වෙති. සෝමපාල රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි. තිර රචනය මායාදුන්න බණ්ඩාර සහ සිරි කුලරත්නගෙනි.රාස්ස කැලේ කුසල් පෙරේරාගේ නිෂ්පාදනයකි.
CREATIVE
කොළඹ විශ්වවිද්‍යාලයේ සරසවි මිතුරෝ සංවිධානය විසින් මෙරට කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ කලාකරුවන් ඇගැයීම වෙනුවෙන් සංවිධානය කෙරෙන ‘ලක්තඹර අභිනන්දන සම්මාන උළෙල’ මැයි 06 වැනිදා පස්වරු 3.00 ට එම විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවැත්වේ.මේ වසරේ සිට වාර්ෂිකව පවත්වන්නට නියමිත මෙම උළෙලේ මෙවර, සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් හරුන් ලන්ත්‍රා, සිනමාව වෙනුවෙන්, විමල් කුමාර ද කොස්තා සහ නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලූෂන් බුලත්සිංහල සම්මාන ලැබීමට නියමිතය.1998 වසරේදී සුහද හමුවීම් සහ සාමාජික සුබ සාධනය වෙනුවෙන් ආරම්භ කළ සරසවි මිතුරෝ සංවිධානය විසින් පසුව ඉන් ඔබ්බට යමින් දුෂ්කර පළාත්වල අධ්‍යාපන සම්මන්ත්‍රණ සහ පාසල් උපකරණ බෙදා දීම වැනි කටයුතුද සිදු කෙරේ. ඊට අමතරව මේ වසරේ සිට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් උසස් නිර්මාණ රසාස්වාදය කිරීම සහ කලාකරුවන්ට ප්‍රණාමය පුද කිරීම උදෙසා ‘ලක්තඹර’ අභිනන්දන උළෙල පැවැත්වේ. වර්තමානයේදී එහි සභාපතිත්වය දරණු ලබන්නේ බර්නාඩ් කාරියවසම් විසිනි.ලබන 06 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ඒ මහතා ඔබ සැමට විවෘත ආරාධනාවක් කර සිටියි.යතේජා
CREATIVE
අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි මෙම සතියේ අංක එක දිනා ගන්නේ ජෝෂ් බෝන් අධ්‍යක්‍ෂණය කළ The Fault in Our Stars  චිත්‍රපටය යි. පසුගිය ජුනි 06 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටය සති අන්තය වනවිට දී ඩොලර් මිලියන 48.2 ක ආදායමක් උපයා තිබුණි. ප්‍රේමණීය කතා පුවතක් රැගත් The Fault in Our Stars හි ෂෙලින් වූඩ්ලි, අන්සෙල් එල්ගෝර්ට්, නැට් වොල්ෆ් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.ගෙවී ගිය සතිය පුරාවට බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ පෙරමුණ ගෙන සිටි මන:කල්පිත ක්‍රියාදාම පවුලේ චිත්‍රපටයක් වන Maleficent දෙවැනි ස්ථානයට පැමිණ සිටියි. එය පසුගිය සති අන්තයේ දී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 33.5 කි. පසුගිය ජුනි 06 වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ  Edge of Tomorrow  චිත්‍රපටයට තෙවැනි ස්ථානය හිමි වී තිබේ. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය ඩව්ග් ලීමන් ගේ අධ්‍යක්‍ෂණයකි. ටොම් කෲස්, එමිල් බ්ලන්ට්, බිල් පැක්ස්ටන් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. පසුගිය සති අන්තය වනවිට දී එය ඩෝලර් මිලියන 29.1 ක ආදායමක් උපයාගෙන තිබුණි.බ්‍රයන් සින්ගර් අධ්‍යක්‍ෂණය කළ X-Men : Days of Future Past චිත්‍රපටය සිව්වැනි ස්ථානය දක්වා පහළ බැස තිබේ. පසුගිය සතියේ දෙවැනි ස්ථානය හිමිව තිබූ එය දැන් ගත කරන්නේ අමෙරිකානු ප්‍රදර්ශනයේ තෙවැනි සතිය යි. සති අන්තයේ දී එය ඩොලර් මිලියන 14.7 ක ආදායමක් වාර්තා කළේය. සීත් මැක්ෆ‍්‍රාලෙන් අධ්‍යක්‍ෂණය කළ ඒ A Million Ways to Die in the West චිත්‍රපටයට හිමි වන්නේ පස් වැනි ස්ථානය යි. සති අන්තය වන විටදී එය ඩොලර් මිලියන 7.2 ක ආදායමක් ලබා තිබුණි. විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Godzilla සති අන්තයේ දී ඩොලර් මිලියන 6 ක ආදායමක් වාර්තා කරමින් හයවැනි ස්ථානය හිමිකර ගත්තේය.නිකොලස් ස්ටෝලර් අධ්‍යක්‍ෂණය කළ Neighbors චිත්‍රපටය ඩොලර් මිලියන 5.2 ක ආදායමක් උපයා හත්වැනි ස්ථානයට පැමිණි චිත්‍රපටය යි. හාස්‍යමය චිත්‍රපටයක් වන ෆ්‍රෑන්ක් කොරාසි අධ්‍යක්‍ෂණය කළ Blended  චිත්‍රපටයට හිමි වී ඇත්තේ අටවැනි ස්ථානය යි. ජෝන් ෆෙව්රේව් අධ්‍යක්‍ෂණය කළ Chef නමවැනි ස්ථානයටත් ක්‍රෙග් ගිල්ස්පි අධ්‍යක්‍ෂණය කළ Million Dollar Arm  චිත්‍රපටය දසවැනි ස්ථානයටත් පත්වී තිබේ. පසුගිය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටි The Amazing Spider Man 2  චිත්‍රපටය සහ The Other Woman චිත්‍රපටය මෙවර ඉවතට ගොස් තිබේ.යතේජා
CREATIVE
නර්තනයට මනා හපන්කම් දක්වන ලාල් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘දිව්‍යාංජලී – 2014’ නර්තන ප්‍රසංගය මෙම මස 12 වැනිදා එනම් අද දින සවස 6.00 ට මහරගම ශ්‍රී ලංකා යූත් රඟහලේ ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ. ඔහුගේ රංගායතනයේ සිසු - සිසුවියන්ගේ කලා කුසලතා ඔප් නැංවීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම නර්තන ප්‍රසංගය පිළිබඳත්, ලාල් තිලකරත්නගේ කලා දිවිය පිළිබඳත් අදහස් කිහිපයක් මෙලෙස ඔහු සරසවියට ගෙනහැර පෑවේය.ඔබ කරන්නට යන මේ නැවුම් කටයුත්ත කුමක්ද?කාලයක් ලංකාවටම පමණක් සීමා වුණු නර්තනය හා බෙර වාදනය අද වන විට මුළු ලෝකයේම ව්‍යාප්ත වෙලා. එහෙම වීමේදී ජාත්‍යන්තරයට නර්තනය හා බෙර වාදනය අරගෙන යන්න බොහොම මහන්සි වුණු පිරිසක් අප අතර සිටිනවා. ඔවුන් ඇගයීමට ලක් කිරීම මේ නර්තන ප්‍රසංගය පැවැත්වීමේ එක් අරමුණක්. මෙම ප්‍රසංගය පැවැත්වීමේ අනෙක් අරමුණ වන්නේ ලාල් තිලකරත්න රංගායතනයේ සිසු - සිසුවියන්ගේ කලා කුසලතා එළි දැක්වීම සඳහා වේදිකාවක් නිර්මාණය කරදීමයි. අද දින සිසු - සිසුවියන් හැත්තෑ දෙනෙක් පමණ ශ්‍රී ලංකා යූත් රඟහලේ වේදිකාවේ තම දක්ෂතා එළි දක්වනවා. උඩරට, පහත රට, සබරගමු සම්ප්‍රදායවල නර්තන හා බෙර වාදන මෙහිදී ඉදිරිපත් කෙරෙන බවත් කියන්න ඕනෑ.සම්මානයෙන් පුද ලබන කලාකරුවන් අතරට ගැනෙන්නේ කවුරුන්ද?වේදිකාවේදී පුද ලබන ශිල්පින් අතරට එකළොස් දෙනෙකු ඇතුළත් වෙනවා. එහිදී සම්ප්‍රදාය රැක ගනිමින් ප්‍රසාංගික කලාව ජාත්‍යන්තරයට රැගෙන ගිය ශිල්පීන් හත් දෙනෙක් වගේම සබරගමු, පහතරට, උඩරට නැටුම් සම්ප්‍රදායයන් ආරක්ෂා කරගත් ශිල්පීන් සිව් දෙනෙකුටත් විශේෂ සම්මාන ප්‍රදානයත් සමඟ ඔවුන්ව ඇගයීමට ලක්වෙනවා.ඒ අතරට ජනනාත් වරකාගොඩ, උදය ප්‍රිය කුමාර, අජිත් ජන ශාන්ත පෙරේරා, චන්ද්‍රසිරි හඟරාපිටිය, සුසන්ත රූපතිලක, සමන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න රූපතිලක, සී. වී. යොහාන් පුංචි නිලමේ, සී. වී. ඒ. එන්. ධනවර්ධන නිලමේ, කේ. ප්‍රියන්ත කුසුම්සිරි, එච්. එච්. ප්‍රියන්ත කරුණාරත්න කියන ශිල්පීන් ඇතුළත්. මේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගේ සම්මාන ප්‍රදානය පිළිබඳ කතාබහ කිරීමේදී දෙපාර්ශවයක් විසින් ඒ සඳහා අනුග්‍රහකත්වය දැක්වූවා. ඒ චන්න – උපුලීගේ ප්‍රධානතත්වයෙන් පණීභාරත පදනම හා රොජර් සෙනෙවිරත්න මහතායි. ඔවුන් පිළිබඳ මා සඳහනක යෙදෙන්නේ මේ උතුම් කාර්යයට එවැනි ආකාරයෙන් දායක වීම පිළිබඳ ඔවුන්ට ස්තුති කිරීමක් වශයෙන්.ඔබ නර්තනයට පිවිසෙන පසුබිම ගැන විස්තරයක් කළහොත්?එදා අද වගේ කලාවට පිවිසීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. බොහොම අපහසුවෙන් තමයි ඒ මාර්ගය මා පාදා ගත්තේ. මගේ ගම රත්නපුර. නර්තනය පිළිබඳ මා මුලින්ම අධ්‍යාපනය ලබන්නේ නිමල් වීර කලායතනයෙන්. මගේ මුල් ගුරුවරු වෙන්නේ සී. දිසානායක, ශාන්ත දිසානායක යන ගුරු පියවරුයි. ඊට පස්සේ මා ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වෙනවා. කාලයක් පාසල් ගුරුවරයෙක් විදියටත් ඉන් පස්සේ ජාතික රූපවාහිනි සංස්ථාවේ නර්තන කණ්ඩායමෙත් සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරනවා. ලංකාවේ ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙකු යටතේම නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මා දැන් නිදහස් නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.පසුගිය කාලයේ ජාත්‍යන්තරයේදී ඔබ ඇතුළු කණ්ඩායමක් ඇගයීමට ලක්වුණා නේද?ජර්මනියේදී තිබුණු ජාත්‍යන්තර නර්තන තරගයකදීයි එය සිදු වුණේ. රටවල් 99 ක් මේ තරගය සඳහා සහභාගි වී සිටියා. මේ සඳහා චන්න විජේවර්ධන ප්‍රමුඛ කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. අප සියල්ලන්ගේ දක්ෂතා නිසා ඒ රටවල් අතර පළමුතැනට එන්නට අපට හැකියාව ලැබුණා. එහිදී චන්න විජේවර්ධන කිව්වේ උඩරට සම්ප්‍රදායේ ක්‍රියාකාරකම් හැටියට හැෙඟන විශේෂ වූ කැරැකීමේදී තත්පරයට වට හතරක වේගයෙන් වැඩිම වෙලාවක් කැරැකීමට මා දැක් වූ දක්ෂතාවයත් ඒ ජයග්‍රහණයට හේතු වුණු බවයි. මේ තරම් වේගයෙන් කැරැකීමට මට හැකි වූණේ මා ලැබූ පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන්.ඉදිරි කටයුතු සංවිධානය වී තිබෙන්නේ කොහොමද?නිදහස් නර්තන ශිල්පියෙක් විදියට කටයුතු කරන ගමන් මා සතු දැනුම අනාගත පරපුරට බෙදා හදා දීමට මා වඩාත් කැමැත්තෙන් සිටිනවා. ඒ සඳහායි මා ලාල් තිලකරත්න රංගායතනය ආරම්භ කළේ. එහි සාර්ථක්වය සඳහා කටයුතු කිරීම මගේ අනාගත බලාපොරොත්තුවයි.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
කලාවට හිතැති බොහෝ අය තම හැකියාවන් කරලියට ගෙන එනුයේ වේදිකාව මූලාශ්‍ර කර ගනිමිනි. වේදිකාව තම ජීවිතය කර ගත් එවැනි රංගන ශිල්පිනියක් පසුගියදා සරසවියට පැමිණියා. ඇය නමින් ආශා සේපාලිකා.‘මම මුලින්ම වේදිකා නාට්‍යයක රඟපාන්නේ මට අවුරුදු පහළොවේදී. ඒ මගේ අයියා දේවි ශ්‍රී ධර්මානන්දයන්ගේ ‘අඳුර මැදින් මරු කතරට’ වේදිකා නාට්‍යයේ. එදා ඇරඹි මගේ කලා ගමනේ අද වෙන කොට මම වේදිකා නාට්‍ය පනහකට ආසන්න සංඛ්‍යාවක රඟපාලා තියෙනවා. මම රඟපාපු නාට්‍ය අතුරෙන් ‘මාතලන්’, ‘රංග කේසි’ හා ‘සංසාර චක්කරේ’ වේදිකා නාට්‍ය මාව ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආවා කීවොත් නිවැරදියි.මාතලන් නාට්‍යයේ මම රඟපෑවේ චික්‍රවාලි කියන ප්‍රධාන චරිතය. නටබුන්, ලේ කඳුළු දහඩිය, රෝමියෝ ජුලියට්, ප්‍රශ්නයක්, ගල්මල්, ලේ නෑයෝ, හතරේ වාට්ටුව, නායකයා ආදී නාට්‍යවලත් දයානන්ද ගුණවර්ධනගේ ‘ගජමන් පුවත’ රංජිත් ධර්මකීර්තිගේ ‘අංගාරා ගඟ ගලා බසී’ හා බර්ට්‍රම් නිහාල්ගේ ‘සිවුපා’ යන වේදිකා නාට්‍යවලත් මම රංගනයෙන් එක් වුණා. බොහෝ විට තලතුනා, වයසක හා මුඩුක්කු චරිත තමා මම නිරූපණය කළේ. අවුරුදු විසි එකක්ම මම නිශාන්ත ද අල්විස්ගේ ‘බූදලේ’ වේදිකා නාට්‍යයේ චරිත නිරූපණය කළා. මම විවාහ වුණාට පස්සේ දරුවන්ගේ හා සැමියාගේ කටයුතු නිසා නාට්‍යවල සම්බන්ධ වෙන්න නොහැකිව බොහෝ කාලයක් නිහඬව හිටියා. මුල් කාලයේදී සැමියාගෙන් බාධා තිබුණත් දැන් එහෙම නැහැ. ඒ නිසා ආනන්ද එස්. විජේසිරිගේ ‘පුරවර සුන්දරී’ නාට්‍යයෙන් මට නැවත වේදිකාවේ දස්කම් පාන්න අවස්ථාව ලැබුණා.වේදිකාවේ අත්දැකීම් බහුල ඇය මේ දිනවල ‘ස්ත්‍රී වයිරා’ වේදිකා නාට්‍යයෙත්, දෙව්ලොව යනකං හා යකා මහත්තයා නාට්‍යවල රඟපායි. එයට අමතරව ජයසේකර අපොන්සුගේ ‘පිට තටු’ නාට්‍යයේත් ‘සීලවතී’ හා ‘අල්ලපු ගෙදර අලුත් අය’ නාට්‍යවලත් ඇය රඟපාන්නීය.මට නැවතත් රඟපෑමට අවස්ථාව ලැබීම ගැන බොහෝම සතුටුයි. එදා වගේම පිළිගැනීම මට අදත් තියෙනවා. ගොඩක් නාට්‍යවලටත් ආරාධනා ලැබෙනවා. මම ප්‍රාර්ථනා කරන්නේ මගේ අයියත් එක්ක නැවත මට රඟපාන්න වාසනාව ලැබෙන්න කියලා.වේදිකාවට ලොබ බඳින ආශා සේපාලිකා දැනට බිෂොප් විද්‍යාලයේ අනධ්‍යන මණ්ඩලයේ සේවය කරන අතර රැකියාව කරන අතරතුර කලාවට කැපවීමට බලාපොරොත්තු වේ. වේදිකාවට පමණක් සීමා නොවී ටෙලි නාට්‍යවලට ද සිනමාවට ද සම්බන්ධවීමට ඇය බලාපොරොත්තු වේ. 0776851633 ඇගේ දුරකථන අංකයයි.මගේ කලා කටයුතුවලට පවුලේ සැවොමත්, නිහාල් සිල්වා, සොමී රත්නායක හා ජයසේකර අපොන්සු යන මහත්වරු ගොඩක් උපකාර කරනවා. ඒ සැමටත් මට මෙතෙක් උපකාර කළ අයටත් මගේ ජීවිතයට මඟ පෙන්වන දෙවියන් වහන්සේටත් මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා.අමානි ඉරේෂිකා රූපසිංහඡායාරූපය – මාලන්
CREATIVE
රංගන ශිල්පීඥානාංග ගුණවර්ධනපසුගිය දවස්වල ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු ‘පුංචි වලව්ව’ ටෙලි නාට්‍යයට මට ලැබුණු ප්‍රතිචාර බොහොමයි. එහි පිටපත ලිව්වේ මහේෂ් රත්සරයි. අධ්‍යක්ෂණය කළේ ඉරේෂ් ලොකු බණ්ඩාරයි. ඒ වගේම මා රඟපෑ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා.මේ දවස්වල ප්‍රියන්ත ප්‍රනාන්දුගේ හා සුනිල් විතානාරච්චිගේ ‘සඳ විනිවිද’ කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ අතරම සෝමවීර සේනානායක පිටපත ලියන එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කරන ‘අපූරුගම’ ටෙලි නාට්‍යයේත් මා රඟපාන්නේ තේගිරිස්ගේ චරිතයයි.ඊට අමතරව ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘මිණි මුතු වැස්ස’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ලබන මාසයේ ආරම්භ කරාවි.
CREATIVE
මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට ජනපි‍්‍රය කලාකරුවන් රැසක් ඉදිරිපත් වී සිටිති. ගීතා කුමාරසිංහ, අනර්කලී ආකර්ෂා, රොජර් සෙනෙවිරත්න, මධුමාධව අරවින්ද, රංජිත් ජයසේකර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද, නදීෂා හේමමාලි, රොඩ්නි ෆේෂර්, සුගත් අප්පුහාමි, උදාර රත්නායක එක්සත් ජාතික පක්‍ෂයෙන් ද, රවීන්ද්‍ර යසස්, ජගත් බෙනරගම, නලීන් ප්‍රදීප් උඩුවෙල ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් ද තරග වදිති.
CREATIVE
උත්තරීතර ප්‍රේමය නිසා ටජ් මහල් වැනි මන්දිර වගේම සිනමාපට ද නිර්මාණය වෙයි. මේ සිනමා ටජ් මහල ගොඩ නගන්නේ ප්‍රියංකා චොප්රාගේ හිටපු පෙම්වතා අසීම් මර්චන්ට්ය. ඔහු නිෂ්පාදන සමාගමක් අරඹා තිබේ. එයින් නිපදවන පළමු සිනමාපටය ප්‍රියංකාගේ බොලිවුඩ් ජීවිතයේ පළමු වසර කිහිපය ඇසුරින් නිර්මාණය වූවකි. එහෙත් එය ආදරයට නිපදවන්නක් ද, වෛරයට නිපදවන්නක් ද කියා සිනමාපටය නරඹන තුරු කිසිවකුටත් කිව නොහැකිය.අසීම් පවසන අන්දමට සිනමාපටය ප්‍රියංකාගේ හිටපු කළමනාකරු ප්‍රකාශ් ජාජු ඇසුරින් නිර්මාණය කෙරුණකි. ප්‍රියංකා, ජාජු 2004 වසරේදී නෙරපා දමා ඇති අතර ඔහුට දින 67 ක් සිරගතව සිටීමට සිදු වී ඇත්තේ ද ඉන් පසුවයි. ඔහු ප්‍රියංකාගේ පෞද්ගලික ජීවිතයට ද ඇඟිලි ගසා තිබේ. ප්‍රියංකාගේ පියා ඔහුට එරෙහිව නඩු පැවරූ අතර, ජාජුු පවසන අන්දමට ජාජුගේ පවුලේ අයට ද පියා තර්ජනය කර තිබේ.අසීම් මේ සිදුවීම් හොඳින් දන්නා පුද්ගලයාය. ඔහු ප්‍ර‍්‍රියංකාව දන්නේ ඇය 2000 වසරේදී ලෝක රූප රාජිනී කිරුළ දිනා ගැනීමට පෙර, මෝස්තර නිරූපණයෙහි යෙදී සිටින කාලයේ සිටයි. ප්‍රියංකා රූ රාජිනී කිරුළ දිනාගෙන දෙවසරකට පසු ඔවුහු වෙන් වූහ.ප්‍රියංකාගේ සිත රිදේ්විදැයි මාධ්‍ය පැවසූ විට අසීම් පවසා ඇත්තේ, දෙදෙනාගේ ආදරය අවසන් වී බොහෝ කල් බවයි. ඇය ආදරණීය පුද්ගලයකු බවත්, ඇය ගැන තමන් ආඩම්බර වන බවත් අසීම් වැඩිදුරටත් පවසා තිබේ.ප්‍රියංකා මේ සියල්ල ඉදිරියේ මුනිවත රකින්නීය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE