comments
string | labels
string |
---|---|
ජේම්ස් බොන්ඩ් සිනමාපටවලට බොලිවුඩ් රසිකයන්ගේ ඇත්තේ නොමඳ කැමැත්තකි. බොන්ඩ් රසිකයකු වන අක්ෂේ සිය මනාපය තමන්ගේම සිනමාපටයක සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.‘තුපාකි’ (2012) නම් දමිළ සිනමාපටය ඇසුරින් ‘පිස්ටල්’ නමින් ප්‍රතිනිර්මාණය කෙරෙන සිනමාපටයේ සටන් අධ්යක්ෂණයට අක්ෂේ තෝරා ගෙන ඇත්තේ අලුත්ම බොන්ඩ් සිනමාපටය වූ ස්කයිෆෝල් හි සටන් අධ්යක්ෂවරයා වන ග්‍රේග් පවල්ය. මේ ග්‍රේග්ගේ පළමු බොලිවුඩ් අත්දැකීමයි. පවල් බොලිවුඩයේ සහයෝගිත්වය අගය කරන්නෙකි. විශේෂයෙන්ම අක්ෂේගේ ක්‍රියාදාම හැකියාව ඔහු මවිතයට පත්කර තිබේ.ෂේක්ස්පියර්ගේ හැම්ලට් චරිතය බොලිවුඩ් තිරයේ ජීවමාන කිරීමට තිමාංෂු ධූලියා තෝරා ගෙන ඇත්තේ ඊට ගැළපෙනම කෙනායි. ඔහු අන් කිසිවකු නොව ග්‍රීක ප්‍රතිමාවක් හා සමාන රුවක් හිමි රිතික් රොෂාන්ය. උතුරු ඉන්දියාවේදී රූගත කෙරෙන මේ සිනමාපටය, මූලික කතා තේමාවට හානියක් නොකර, ඉන්දියානු මුහුණුවරකින් නිර්මාණය කිරීමට අධ්යක්ෂවරයා බලාපොරොත්තු වන්නේය.රිතික් මේ වන විටත් හැම්ලට් කුමරුන් වීමේ අභියෝගය භාරගෙන අවසන්ය. ඔහුගේ ‘බෑන්ග් බෑන්ග්’, ‘ශුද්ධි’, ‘ක්‍රිෂ් 3’ සිනමාපටවල රූගත කිරීම් නිම වී තිබේ. හැම්ලට් ලබන වසර මැද දී රූගත කිරීමට බලාපොරොත්තු වේ.රිතික්, හැම්ලට් කුමරුට පණ දීමට සුදුසුම තරුව බව අධ්යක්ෂවරු වටහා ගෙන ඇත්තේ අදක ඊයෙක සිට නොවෙයි. අනූව දශකයේ අග භාගයේ හොලිවුඩයේ ‘ඒ’ කාණ්ඩයේ අධ්යක්ෂවරයකු වූ තසීම් සිං හා නිෂ්පාදකවරයකු වූ ජේම්ස් කිලොව් නිව්යෝර්ක් නුවර දී රිතික් හැම්ලට් කුමරු ලෙස වෙස් ගන්වා ඡායාරූප එකතුවක් ගෙන තිබේ. ‘මේ තමයි ඉන්දියාවේ හැම්ලට් කුමරු’ කිලොව් ඒ අවස්ථාවේදී පවසා ඇත.රිතික්ගේ රුව හා රංගන හැකියාව සේම ධූලියාගේ අධ්‍යක්ෂණය ද රන්රස සේ එකට පෑහී අමරණීය ශෝඛාන්තයක් තිරයට නැගෙනු නම් නොඅනුමානය. ධූලියා ‘හාන් සිං තෝමාර්’, ‘සහීබ් බිවී’, ‘ගැන්ග්ස්ටර්’ ජනප්‍රිය සිනමාපටවල අධ්‍යක්ෂවරයාය. රිතික්, බොලිවුඩයේ ග්‍රීක රජ කුමරුයි. මේ සුසංයෝගයෙන් රසිකයන්ට නොබලාම බැරි නිර්මාණයක් බිහිවනු ඒකාන්තය.රිතික්ගේ රුව ගැන ප්‍රේක්ෂක ජනතාව සේම ඔහු ද උමතුª වී සිටියි. තිස් නව හැවිරිදි රිතික් මෑතක දී පැවති කායවර්ධන පොතක් දොරට වැඩීමකදී කියා සිටියේ ‘මට හිතෙන්නෙ බොලිවුඩයේ හොඳම සිරුර තියෙන්නෙ මටයි’ කියායි. ‘ක්‍රිෂ් 3’ සිනමාපටයේ රඟපෑමට පෙර ඔහු අන්තර් ජාතික කායවර්ධන පුහුණුකරුවකු වූ ක්‍රිස් ගෙතීන්ට කියා පුහුණු වී තිබේ. ඒ සඳහා රිතික් ඔහුට රුපියල් ලක්ෂ 20 ක් ගෙවූ බවට කට කතාවක් ද පවතී.‘ක්‍රිෂ් 3’ සුපිරි ක්‍රියාදාම සිනමාපටයක්. සිනමාපටයේ ඇත්තටම හොඳ ක්‍රියාදාම ජවනිකා තිබුණා. උස ගොඩනැගිල්ලෙන් පනින දර්ශනයට මං හරි කැමැතියි’ ඔහු පවසන්නේය. රිතික් මෙහි ත්‍රිත්ව චරිත නිරූපණයක යෙදෙන බව සිනමාපටයේ අධ්යක්ෂවරයා මෙන්ම රිතික්ගේ පියා වූ රාකේෂ් රොෂාන් පවසා තිබුණි.‘ක්‍රිෂ් 3’ සඳහා අපරිමිත කැපවීම් කළ නිසා නොවැම්බර් 1 වැනි දින එය තිරගත වෙන තුරු රිතික් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි.‘මේ අවුරුද්ද මගේ අවුරුද්ද වේවා!’ යන්න නව වසර උදාවෙද්දී සෑම තරුවකගේම, තාරකාවකගේම ප්‍රාර්ථනය බවට පත්වෙයි. ඒ ඉන් තමන්ගේ ස්ථාවරත්වය ද තහවුරු වෙන නිසයි.වසර උදා වී හය මසක්වත් ගත නොවුණ ද එක් තාරකාවක් නම් මේ වන විට 2013 තමන්ගේ වසර කරගෙන අවසානය. ඇය දීපිකා පදුකෝන්ය.මුලින්ම ඇය ගැන පුවත් මැවුණේ ‘රේස් 2’ සාර්ථක වීම නිසයි. දැන් ඇය ගැන ‘යේ ජවානි හෛ දීවානි’ සිනමා රංගනය ගැන වාගේම හිටපු පෙම්වතා, දන් හොඳම මිතුරකු වන රන්බීර් කපූර් නිසා ද පුවත් මැවෙන්නේය.මේ අතරේ ෆිල්ම්ෆෙයාර් සඟරාව ඇය බොලිවුඩයේ විලාසිතා තාරකාවන් අතර අංක එකේ තාරකාව ලෙස නම් කර ඇත. ඒ නිකම්ම නොවේ. දීපිකාගේ විලාසිතා කලක් තිරය බැබළ වූ සීනත් ආමන්ගේ සහ රේඛාගේ විලාසිතා හා සසඳමිනි.දීපිකා පදුකෝන් මේ ගත කරන්නේ හුස්ම ගැනීමටවත් විවේකයක් නැති කාලයකි. ‘චෙනායි එක්ස්ප්‍රස්’ රූගත කිරීමට සහභාගි වෙමින් සිටින අතරේ ඇය ‘යේ ජවානී හෛයි දීවානි’ සිනමාපටය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල යෙදෙන්නීය. ඒ අතරේ ධ් ර්ථ ඹ් තරඟ නැරැඹීමට ද යන්නීය.වසරේ බලාපොරොත්තු තැබිය හැකි සිනමාපට ගණනකම ඇය ප්‍රධාන තාරකාව වන අතර මෑතකදී ටයිම් සඟරාව මඟින් කළ ඡන්ද විමසීමකදී 2012 වසරේ වඩාත්ම බලාපොරොත්තු තැබීමට හැකි වූ තාරකාව ලෙසින් නම් කෙරුණේ ද දීපිකාය.දවසේ සෑම මිනිත්තුවකම කාර්යබහුල වී සිටින ඇය 2013 සිය ආධිපත්‍යයට ගෙන අවසන්ය. මාධ්‍ය මේ සියල්ල වාර්තා කරන්නේ කෙතරම් ඉහළ ගියත් පහළ බැස නොමැති නිහතමානීකම ගැන ද පැසසුම් දෙමිනි.අන්තර් ජාලයෙනිචම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
රශ්මිත නෙත්යාංජ ළමා රංගන ශිල්පියකි. ළඟදීම තිරගතවීමට නියමිත දෝණි සිනමා පටය හරහා රංගනයට පිවිසි ඔහු සුනිලේලියනආරච්චිගේ සිලෝන් සිල්වා වේදිකා නාට්‍යයේ ද්විත්ව චරිත රඟමින් තම දක්ෂතා ප්‍රකට කොට ඇත. රශ්මිතගේ රංගන දිවිය ඇරැඹෙන්නේ සරසවිය පුවත්පත නිසයි. ඔහු පළමුව කතා කළේ ඒ ගැනයි.සරසවිය පුවත්පතේ පළ වූ නළු නිළි වරම් සඳහා ඡායාරූපයක් එව්වා. එය පළවූ පසුව ඒක දැකලා තමයි දෝණි හි රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඊට පසුව බෙනඩික් මන්ත්‍රීගේ අධ්‍යක්ෂණය කළ පොහොය නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ඒවා බෞද්ධයා නාළිකාවේ විකාශය වුණා.රශ්මිතට ඊළඟට හිමිවන්නේ සිලෝන් සිල්වා වේදිකා නාට්‍යය.ඒක අධ්‍යක්ෂණය කළේ සුනිල් ලියනආරච්චි සර්. මං එහි කඩේ කොලුවා සහ කොළයා කියන චරිත රඟපානවා. ඒ නාට්‍යයේ කුසුම් රේණු, කුමුදිනී අධිකාරී, ලක්ෂ්මන් ආරච්චිගේ වැනි ප්‍රවීණ අය රඟපානවා. මා ඔවුන්ගෙන් ඉගෙනගත් දේ බොහෝයි. ඇත්තටම සතුටුයි මේ වගේ පිරිසක් එක්ක රංගනයේ යෙදෙන්න ලැබුණට. මේ වන විට සිලෝන් සිල්වා හි දර්ශනවාර කිහිපයක්ම පැවැත්වූවා. ඒවා අවසානයේදී බලාගෙන උන්නු අයගෙන් ලැබුණේ හිතාගන්නවත් බැරි ප්‍රතිචාරයක්.රශ්මිතට තවත් වේදිකා නාට්‍ය දෙකකටම ඇරැයුම් ලැබිලා. ඒ ඩික්ෂන් ලොනාඩ්ගේ අජාසත්ත සහ පදමානවක.ඒ නාට්‍ය දෙකෙත් ළඟදීම පටන් ගන්නවා. ඒත් එක්කම බෙනඩික් සර්ගේ එක රෑනේ කුරුල්ලො සිනමා පටයේ ප්‍රධාන චරිතයක් මැව්වා. ඒකේ රූපගත කිරීම් ඉවරයි. එය ළමා චිත්‍රපටයක්. කැලයක අතරමං වුණ ළමුන් හතරදෙනෙක් වටා තමයි ඒකෙ කතාව ගොඩ නැඟෙන්නේ. ඉන් එක්කෙනෙක් මම.ඒ චිත්‍රපටයේ රූ ගතකිරීම් තිබුණෙ දඹුල්ලෙ කැලයක. ඉතින් චිත්‍රපටයේ වෙනවා වගේ ඇත්තටම මං කැලෑවෙ අතරමං වුණා. මං හොඳටම බයවුණා. වාසනාවට ටික වේලාවකින් පාර හොයාගන්න පුළුවන් වුණා.රශ්මිත මේ වනවිට බෙන්තර ගාමිණි මධ්‍ය මහ විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. රශ්මිත ඉන්නේ බෙන්තර, මව මාලි, පියා සුපුන්, සහෝදයා සඳු.අවසානයේ විදුහල්පති එච්.එම්. ගුණරත්න, පංති භාර ගුරුතුමිය විශාකා සහ ඔහුගේ හැකියාවන් හඳුනාගෙන ඉදිරියට ගත් අනුෂා ගුරුවරියව රශ්මිත ආදරයෙන් මතක් කළා. ඒ වගේම දෝණි චිත්‍රපටයේ අධ්යක්ෂ පී. සිවදාසන්, නිෂ්පාදන සුනිල් ටී. ප්‍රනාන්දු, සුනිල්ධර්මසේන ඇතුළු ඔහුට උදවුකළ සියලු දෙනාට ස්තුති කරන්නත් ඔහු අමතක කළේ නැහැ.මේ රශ්මිතගේ දුරකතන අංකයයි. 0722171860.සටහන - ප්‍රසාද්
|
CREATIVE
|
රිතික් - සුසේන් ආදර හසුන දික්කසාදයෙන් ඉරා දමා අවසන්ය. අයිෆා සම්මාන උළෙලට සහභාගිවීමෙන් පසු රිතික් අමෙරිකාවේ ෆ්ලෝරිඩාවල සිට මූම්බායි හි බන්ද්‍රා නිවෙසට පැමිණියේ ඒ අමිහිරි අත්දැකීම විඳ ගැනීමටය. හ්රෙහාන්, හ්‍රිධාන් පුතුන් දෙදෙනාගේ භාරකාරත්වය දික්කසාදය අනුමත වූ පසු බොහෝ දුරට පැවරෙනු ඇත්තේ සුසේන්ටය. මේ වසරේ ඔක්තෝබර් අවසානය වනතුරුත් දෙදෙනා යළි එක්වීමට තීරණය නොකළොත් එය දාහත් වසරක ආදර කථාවේ නිමාවයි. සුසේන්ගේ පියා, ප්‍රවීණ නළු සංජේ ඛාන් සහ සුසේන්ගේ සොයුරියන් මඟින් යළි සුසේන් සමඟ ආදරයක් ගොඩ නගා ගැනීමට රිතික් ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක විය.දික්කසාදය සඳහා ඉල්ලුම් කළ පසු සුසේන් කොහෙත්ම කම්පාවට පත් වූයේ නැත. ඇය අර්ජුන් රාම්පාල් සමඟ මූම්බායි හි ප්‍රකට සමාජ ශාලාවක සාදයකට සහභාගි වී තිබේ. දරුවන්ගේ භාරකාරත්වය ඇයට පැවරෙන නිසා ඇය ඉතා සතුටින් සිටි බව පැවසෙයි. දික්කසාදයට හේතුව අර්ජුන් රාම්පාල් බව බොහෝ දෙනාගේ අදහසයි.දික්කසාද ලිපි භාරදීමට පෙර දින රාත්‍රියේ රිතික්, සංජේ කපූර්ගේ බිරිය, මහීප්ගේ උපන් දින සාදය නර්තනයෙන් රසවත්කර ඇත. මහීප්ගේ උපන් දින සාදයට ෂාරුක් බිරිය ගෞරී ඛාන්, කරන් ජොහාර්, කරිෂ්මා කපූර්, අර්ජුන් කපූර් වැන්නන් සහභාගි වී තිබේ. මහීප්, සුසේන්ගේත් හොඳම මිතුරියක වූ නමුත් ඇය සාදයට සහභාගි වී නැත. එසේ වුවත් සෑම විටම දරුවන්ගේ සතුට හමුවේ වෙන් වූ දෙසිත් ළං වෙන බව නම් කාටත් රහසක් නොවෙයි. දික්කසාද ලිය කියවිලි භාර දුන් පසු රිතික්, සුසේන් එක් වූයේ බාල පුතු හ්රිධාන්ගේ උපන් දිනය සැමරීමටයි.පුතුන් දෙදෙනා සමඟ දෙදෙනා සාදයක් පවත්වා ඇති අතර වීර සිනමාපටයක් ද නරඹා තිබේ. රිතික් සහ සුසේන් එක ළඟ වාඩි වී සිනමාපටය නැරැඹූ බවත්, දරුවන් ඉදිරියේ දෙදෙනා සතුටින් සිටි බවත් ඇසින් දුටුවෝ පවසති. වෙන් වුවත් දරුවන්ගේ සතුටේදී එක්වීම ඔවුන්ගේ අතීත ආදරයේ එකම සතුටුදායක පුවතයි.ඔක්තෝබර් මාසයේදී රිතික් තනි වුවත්, ඔහුගේ ආදර හිස් තැන පිරවීමට බොහෝ තරුණියන්ගෙන් ඉල්ලුම්පත් ලැබෙනු ඇත. මංගල සිනමාපටය ‘කහෝ නා ප්යාර් හෛ’ තිරගත වූ වසරේ වැලන්ටයින් දිනයේදී ඔහුට ලැබුණු මංගල යෝජනා ගණන තිස් දහසකට අධික විය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
නළු නිළිකමත් සූදුවකි. වෘත්තීය ජීවිතය සාර්ථකවීම හෝ අසාර්ථක වීම ගැන කිසිවකුටත් අනාවැකි කීමට නුපුළුවන. ශිල්පා ෂෙට්ටි රංගනය නම් සුදුවෙන් ජය ලැබුවාය. එහෙත් අයි පී එල් කුසලානය සමඟ පවත්වන සූදුවෙන් නම් පරාජය ලබන පාටය.රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් වූ රාජ් කුන්ද්‍රා සහ ශිල්පා ෂෙට්ටි තම පිළ වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමේ සැකයට දිල්ලි පොලීසිය විසින් රාජ් කුන්ද්රාගෙන් පැය 11 ක් ප්‍රශ්නකර තිබේ. මේ වන විට විදෙස් ගතවීමට නොහැකි ලෙස ඔහුගේ ගමන් බලපත්‍රය ද අත්හිටුවා ඇත. ඔට්ටු ඇල්ලීමෙන් රාජ්ට මුදල් ද අහිමි වී තිබේ.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ශිරෝමි නදීෂානි ගේ රුවෙන් අද ගැලරි ඉඩ පිරෙයි. නර්තන ශිල්පිනියක ලෙස කලා ලොවට පිවිසි ශිරෝමි රංගන ලොවට පිවිසෙන්නේ කෝපි කඩේ හරහාය. මේ දිනවල විකාශය වන අපේක්ෂා, සුදුයි උසයි ටෙලි නාට්‍යවල චරිත මවමින් ඔබ හමුවන ශිරෝමි සමඟ අපි කතා කරමු.* කොහොමද අනුරාධපුරේ ඉඳන් කලා ලෝකෙට ආ මේ ගමන?පුංචි කාලේ ඉඳලම මං ආසාවෙන් හිටියේ නර්තන ශිල්පිනියක් වෙන්නයි. නර්තනයට ඇලුම් කළ මා ඒ පිළිබඳ හොඳ හැදෑරීමක් ද කළා. කලකට පසුව අධ්‍යාපන කටයුතු අහවර වෙලා මම නර්තන කණ්ඩායමක සාමාජිකත්වය ලබා ගත්තා.නර්තන කටයුතු සමඟ නිරතුරුවම කලා ලෝකයේ දැවැන්ත චරිත ආශ්‍රය කරන්නට ලැබුණා. ඉන් පසුව තමයි රංගනයට යොමු වුණේ. මුලින්ම රඟපෑවේ කෝපි කඩේ ටෙලි නාට්‍යයෙන්.* එදා මොකද හිතුණේ?පුංචි බියකුත් එක්ක ලොකු සන්තෝෂයක් දැනුණා මට. ඒත් මෙච්චර දුර ගමනක් එන්න පුළුවන් වේවි කියලා මං එදා හිතුවේ නැහැ.* මේ දවස්වල මොකද කරන්නේ?චාමර ප්‍රසන්න අධ්‍යක්ෂණය කරනු ලබන සතුටු ස්වර ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙලා ඉන්නවා.* ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම සන්තෝෂයි. ප්‍රවීණයන්ගෙන් ඉතා ඉහළ උදව් ලැබෙනවා. ඒ වගේම බොහොම සන්තෝෂයෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා.* කවුද කැමැතිම නිළිය?අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රඟපෑමට මං ඉතාමත් ආසයි. ආදරෙයි. එතුමියට මං පෞද්ගලිකව ගොඩාක් කැමැතියි.* ඇයි ඒ?එතුමියගේ රඟපෑම ඉතාමත් තාත්ත්විකයි. ඒ වගේම ප්‍රියමනාපයි. ප්‍රවීණ නිළියන් හැමෝටම මං ආදරෙයි.* මොනවද විනෝදාංශ?බයිසිකල් පදින එකයි චිත්‍රපට බලන එකයි තමයි නිදහසේ ඉන්න වෙලාවට කරන්නේ.* බයිසිකල් ධාවන සූරියකගේ චරිතයක් භාර දුන්නොත්?අනිවාර්යයෙන්ම කරනවා. ඒක මට කරන්න පුළුවන්.* කැමැතිම චරිතයක් තියෙනවද හිතේ?මා දඟකාරයි. සාමාන්‍ය ජීවිතේ වගේ දඟකාර චරිතයක් ලැබෙනව නම් මං ආසයි.* දැන් වයස කීයද?21 යි.* විවාහ වෙන්නෙ මොන වගේ කෙනෙක් එක්කද?මට ආදරය කරන ක්ෂේත්රය තේරුම් ගත්ත සුහදශීලී කෙනෙක් තමයි මං හොයන්නේ.* රඟපෑමට අමතරව මොනවද කරන්නේ?කලා අංශයෙන් බාහිර උපාධිය හදාරන්නට අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා ඉන්නවා. ඒ වගේම නර්තනය ගැන වැඩිදුර අධ්‍යාපන කටයුතුª සඳහාත් කාලය කැප කරනවා.* ඔබේ බලාපොරොත්තුව ජනප්‍රිය නර්තන ශිල්පිනියක් වීමද, නිළියක් විමද?අංශ දෙකම හොඳින් කරගෙන යාම තමයි බලාපොරොත්තුව.* චිත්‍රපටවලට දායක වුණාද?ඔව්. මායදේවි චිත්‍රපටයේ නැටුම් ජවනිකාවකට සහභාගිවීමට පැමිණියා. එතනදි මාව දැකල මට ඒ චිත්‍රපටයේ චරිතයක් ලැබුණා.* විද්‍යුත් තැපැල් ලිපිනය කියමු?cnshirom.@gmal.com- චතුර
|
CREATIVE
|
මේ ‘ඔන්න බබෝ බිල්ලේ එනවා’ චිත්‍රපටය රූගත කෙරන අතරතුරදී ගත් ඡායාරූපයක්. දැන් නවීන තාක්ෂණය සමඟ ග්‍රැෆික් නිර්මාණය වුවත් එවැනි පහසුකම් නොතිබුණු යුගයක ඉතා සූක්ෂම අන්දමින් දෘශ්‍ය ප්‍රයෝග යොදා ගනිමින් නිර්මාණය කළ චිත්‍රපටයක් තමයි ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ චිත්‍රපටය. මේ මොරිස් දහනායක, දොන් සිරිසේන, බී. එස්. පෙරේරා, ශාන්ති ලේඛා පළමු චිත්‍රපටයෙන්ම හොඳම නිළිය වන්නට වාසනාව ලැබූ ස්වර්ණා කහවිට වට කරගන සහාය අධ්යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි රූගත කිරීම් අතරතුරේදී දෙබස් කියලා දෙන අවස්ථාවක්. එහා සිට මේ දෙස බලාගෙන ඉන්නේ චිත්‍රපටයේ අධ්යක්ෂ ලෙනින් මොරායස්.මේ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘ඔන්න මාමේ කෙල්ල පැනපි’ චිත්‍රපටයේ ගීතයක් පටිගත කළ අවස්ථාවක්. අපේ ගී ලොවේ කිසිදා නොමැකෙන අමරණීය හඬවල් හිමි සිව් දෙනෙක්. ඇන්ජලින් ගුණතිලක, අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල සමඟින් ධර්මදාස වල්පොල මේ රන්වන් රන් රූපේ ගීතය ගායනා කළ ආකාරයයි. පළමු වතාවට මේ හඬවල් හතර එක්කර එක ගීතයක් නිිර්මාණය කිරීමේ අදහස පහළ වෙලා තියෙන්නේ චිත්‍රපට අධ්යක්ෂ ලෙනින් මෙරායස්ට තමයි.- යතේජා ඥානරත්න
|
CREATIVE
|
චිත්‍රපට නිශ්චල ඡායාරූප ශිල්පියකු වන ලින්ටන් අබේසේකරගේ දියණිය සනෝජා – ඩිනෝයි විවාහ මංගල්‍යය පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ සනෝජා - ඩිනෝයි මනාල යුවළ සමඟ සිටින ලින්ටන් අබේසේකර හා චිත්‍රපට අධ්යක්ෂ සුනිල් ටී. ප්‍රනාන්දු, ජනප්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න මංගල උළෙලට සහභාගි වූ අවස්ථාවකි.
|
CREATIVE
|
කලා ලොවේ දිදුලන තරු අතර තරුවක් වීම ඔහුගේ ප්‍රාර්ථනයයි. ඒ පැතුම ඉටු වී කලා ලොවට පිවිසෙන්නට වරම් ලැබීම ඔහු ලබන වාසනාවකි. ඔහුට ඒ වාසනාව ළඟා කර දීමට අවස්ථාවක් ලැබීම සරසවිය ලද සතුටකි.මෙවැනි වාසනාවක් ළඟා කර ගනිමින් නව පරපුරේ තරු අතරට ඇතුගල්පුරයෙන් පාය එන තරුවකි චානක මධුශංඛ කුමාරතුංග. බර්ට්‍රම් නිහාල්ගේ රුපියල් සත ටෙලි සිත්තමෙන් රංගනයට පිවිසෙන විට ඔහු වයස අවුරුදු හතරක් සපිරුවා පමණි. ඇතුගල මෙන් නොසැළෙන අධිෂ්ඨානයකින් යුතුව රංගනය, නර්තනය මෙන්ම නිවේදන කටයුතුවල ද දස්කම් දක්වන චානක, මේ වන විට කාව්‍යා, විදර්ශනා, මේ වසන්ත කාලයයි යන ටෙලි වෘතාන්ත සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇත.රුවන් වික්‍රමසිංහගේ ‘හිමිකාරි’ ටෙලි නාට්‍ය සඳහා සිය නර්තන දායකත්වය ලබා දී ඇති අතර යොවුන් සිහින, අංජලී ටෙලි සිත්තම්වලින්ද ඉදිරියේදී ඔහුගේ රංගන හැකියාවන් ඔබට පෙනෙනු ඇත. ලබන 9 වැනිදා සිට ස්වර්ණවාහිනියේ දිග හැරෙන සිවගුරුනාදන්ගේ පිණි වැස්සක් නාට්‍යයේ ද ඔහුගේ නර්තන දස්කම් දක්නට ලැබේ. එසේම රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා නිර්දේශිත නාට්‍ය දෙකක් වෙනුවෙන් ද චානක සිය දායකත්වය ලබා දී තිබේ.ඉදිරියේදී සිය සාමාන්‍ය ජීවිතයේ නමින් ද ස්වාමීන් වහන්සේ නමකගේ චරිතයක් හා මරණයට පත්ව දේහය තැන්පත් කර ඇති අවස්ථාවක් රංගනයේ යෙදීමටද ඔහු විශේෂ කැමැත්තක් දක්වන්නේය.රංගනයට අමතරව නර්තන අංශයේ දක්ෂතා පෙන්වමින් චානක මේ වන විට රූපවාහිනී නාලිකාවන්හි නර්තන වැඩසටහන් සඳහා සහභාගි වී තිබේ. ඉදිරියේදී දුෂ්්‍යන්ත් වීරමන් විසින් පවත්වන්න යෙදෙන දැවැන්ත නර්තන ප්‍රසංගයක් සඳහා චානක ද සිය නර්තන දස්කම් ඉදිරිපත් කිරීමට නියමිතය.තමාට කලා ලොවට පිවිසීමට සරසවිය විශාල සවියක් වූ බව පවසන චානක මධුශංඛ මේ දක්වා දුරක් පැමිණීමට අත හිත දුන් ලීල් ආනන්ද ගජනායක ඇතුළු සියලු දෙනාට සිය කෘතගුණ පුද කර සිටියි. සරසවිය තම අනාගත රංගන දිවියේ සාර්ථකත්වයේ මුල් පුරුක ලෙස දකින චානකට තරු අතර බැබළෙන්නට සුබපැතුම්.ඡායාරූපය මාලන්
|
CREATIVE
|
ඇය කලකට ඉහතදී මෙසේ ගැයුවාය. හිටියොත් හොඳට හැදී... දෙවියොත් නමට වඳී...මේ ගීතය අපට යළිත් සිහිපත් වූයේ පසුගියදා මරදාන ටවර් රඟහලේදී පැවැති රණවිරු මා පිය ප්රණාම උළෙලෙහි දීය.ලෝක වැඩිහිටි දිනය හා 64 වැනි යුද හමුදා දිනයට සමගාමීව සේවා වනිතා යුද හමුදා ශාඛාව මෙම රණවිරු මා පිය ප්රණාම උළෙල සංවිධානය කර තිබුණි.ඇය, ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක වේදිකාවට ගොඩවුවාය. ඇය වේදිකාවට පැමිණෙනවිටත් අවට සිසාරා ඇසුණේද ඇයගේ මිහිරි හඬයි.දුනුකෙයියා මලක් වගේ දුරක පෙනෙනවා...වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා...ගීතයෙන් මුළු මහත් දේශයම පිනවූ ඇය එදා වේදිකාවට ගොඩවූයේ ගායිකාවක ලෙසින් නම් නොවේ. රට වෙනුවෙන් දිවි පිදු අභීත රණවිරු මවක් ලෙසිනි.කලක් මවුබිම ගීතයෙන් පිනවූ ඇය, තම මවුබිම වෙනුවෙන් උතුම්ම කාර්යයකදී තම පුතු රට වෙනුවෙන් දන්දීමෙනි.ඇය තම ජීවිතයේ කළ උතුම්ම පුණ්‍යකර්මය එයයි. දස මසක් කුස හොවා බිහි කළ තම ආදරණීය පුතණුවන් උස් මහත් කර තම මවුබිම වෙනුවෙන් ඇය පූජා කළාය. ඒ වීර පුතු කපිතාන් චානක සංජීව අත්තනායක 1992 වසරේ පුනරීන්හිදි තම මව්බිම වෙනුවෙන් දිවි පිදුවේය.යුද හමුදාපතිතුමන් විසින් ප්රණාම සහතික ලබාදුන්න අවස්ථාව. ගායිකා සුජාතා අත්තනායකගේ සැමියා සංගීතඥ නවරත්න අත්තනායක ද පසෙකින් සිටී.කපිතාන් චානක සංජීව එදා දිවි පිදුවේ තම ආදරණීය මෑණියන් කළ පරිත්‍යාගයේ අගය තව තවත් ඉහළ නංවමිනි. ඒ උදාර මාතාව සිය පුත්‍ර රත්නය රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කළ උදාර මෙහෙවර උදෙසා පසුගියදා සම්මානනීය වූවාය.ඇයට එම සම්මානය පිරිනැමූයේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක විසිනි. නිල තේජස හමුවේ උතුම් මාතෘත්වය ඉහළින් තැබූ යුද හමුදාපතිතුමා එදා මේ අග්‍රගණ්‍ය ගායිකාවට, රණවිරු මාතාවට සම්මානය පිරිනැමූයේ මෙසේ වැඳ ආචාර කිරීමෙන් අනතුරුවය. එය දුටු සියල්ලන්ගේම නෙතට කඳුළු ගලා ආවේ කෙතරම් තරුපටි පැලැඳීයද කිසිවෙකුට හිස නොනැමුවද උතුම් වූ මාතෘත්වය හමුවේ යුද හමුදාපතිතුමන් දැක්වූ ගෞරවය නිසාවෙනි.යතේජාඡායාරූප –ගයාන් පුෂ්පික
|
CREATIVE
|
දෙ ඩාන්ස් එලෝන් චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී රූපයේ දැක්වෙන අයුරෙන් ඔවුන් අතර කතාබහ රසවත් ලෙස ලියා මේ ඔක්තෝබර් 09 වැනිදාට පෙර ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.
|
CREATIVE
|
ප්‍රවීණ සිනමා ලේඛක රූපසේන සිල්වා විසින් රචිත ‘ලෙස්ටර් චිත්‍රපට ගීතාවලිය’ ග්‍රන්ථය 2012 සාහිත්‍ය මාසය පෙරටු කොටගෙන සැප්තැම්බර් මුල් සතිය තුළ දී නිකුත් කෙරේ.කීර්තිධර සිනමාවේදියකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වටා ඈඳුනු 18 වැනි ග්‍රන්ථය ලෙස මෙය එළි දකී.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳ අතීත කථනයක් සහිත මෙහි එතුමාගේ සිනමාපට වලින් ඇසුනු සියලුම ගීත සමඟ පසුබිම් සංගීතය පිළිබඳ විද්වත් අදහස්, මිලි මීටර් 8 – 16 – 35 ප්‍රමාණයන්ගෙන් නිර්මාණය කළ වාර්තා, කෙටි, අර්ධ වෘත්තාන්ත හා වෘත්තාන්ත චිත්‍රපටවල දුර්ලභ ඡායාරූප හා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්බන්ධ මෙතෙක් රචිත ග්රන්ථ නාමාවලියක් ද ඇතුළත්ව තිබේ.මෙහි සම්පාදක රූපසේන සිල්වා මෙරට ප්‍රථම ටෙලි නාට්‍යය වූ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ ගේ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරු ද වෙයි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
රංගන ශිල්පිනී නිලන්ති විජේසිංහමාස හයක පමණ කාලයක් විදෙස්ගත වෙලා මීට ටික දිනකට ඉහතදීයි මම ලංකාවට ආවේ.ඉදිරියේදී චන්න පෙරේරාගේ චිත්‍රපටයේ සහ සම්පත් ශ්‍රී රෝෂන්ගේ චන්ද්‍රග්‍රහණය ටෙලි නාට්‍යයේත්, බර්ට්‍රම් නිහාල්ගේ අලුත්ම ටෙලි නිර්මාණයේත් වැඩ කටයුතු යොදාගෙන තියෙනවා. ඊට අමතරව මම රංගන දායකත්වය දුන් ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙන්න නියමිතව තියෙනවා.
|
CREATIVE
|
තිස් වසක් පුරාවට අපේ මේ පුංචි රට වෙළා ගෙන තිබූ වියරු යුද ගිනිදැල් දැන් නිවී ගොස් අවසන්. අද අපේ මේ පින් බිම ඒ උදා වූ සාමයේ රන් අරුණැල්ලෙන් නැහැවිලා. පොපියන හදවත්වලින් උතුරා ගලන්නේ ඒ සාමයේ මල් සුවඳ.යුද්දෙන් විනාශ වුණ ගම් බිම්, ගොඩනැගිලි, මංමාවත් ආයෙත් හදන්න, එහෙමත් නැතිනම් පිළිසකර කරන්න පුළුවන්. ඒත් යුද්දෙන් පෑරුණු හදවත් එහෙම ලෙහෙසියෙන් සුවපත් කරන්න බැහැ. ඒ බිඳුණු හිත් පුනරුත්ථාපනය කිරීමේ මහා සංස්කෘතික, අධ්‍යාත්මික අරගලයට පෙරමුණ ගත යුත්තේ විශේෂයෙන්ම අපේ රටේ කලාකරුවන්.1917 ශ්‍රේෂ්ඨ එක්තෝබර් විප්ලවයෙන් පස්සේ නව රුසියානු සාහිත්‍යය ගොඩ නැඟුණේ ඒ විදිහට. ඒ විප්ලවයේ කැඩපත ටෝල්ස්ටෝයි කියා පසු කලෙක වී. අයි. ලෙනින් ප්‍රකාශ කරන්න ඇත්තේ ඒ නිසා වෙන්නැති.රටක් ජාතියක් ඉදිරියට යන්න නම් පළමුව සාමය, දෙවනුව සාමය, තෙවනුවත් සාමය. රටක විතරක් නොවේ ලෝකයේ පැවැත්මටත් සාමය කියන්නේ අවශ්‍යම සාධකයක්.ලෝකයේ සුන්දරම වදන ‘ආදරය’ නම්, වටිනාම වදන ‘සාමය’ කියලා මට හිතෙනවා. ඒක හරියටම දන්නේ යුද්දෙන් බැටකාපු, ජීවිතවලින් වන්දි ගෙවපු අපි වගේ මිනිස්සු විතරයි. විතරමයි.සාමය හා මානව හිතවාදය උදෙසා නන් අයුරින් කැපවී සිටින ක්‍රියාකාරීන් අගයමින් පිලිපීනයේ ගුසී සාම පදනම මඟින් පිරිනමන ‘ගුසී’ සාම ත්‍යාගයකින් පිදුම් ලබන්නට අපේ ප්‍රවීණ, සම්මානනීය ගායිකා දීපිකා පි‍්‍රයදර්ශනී හට පසුගිය දිනෙක අවස්ථාව උදා වුණා. ඒ අගැයුම දීපිකාට, අපේ සංගීත ක්ෂේත්රයට විතරක් නෙවේ ඇත්තටම මුළු රටටම ආඩම්බරයක්. අභිමානයක්. දීපිකා මේ සාම ත්‍යාගය හිමි කර ගත්තේ ප්‍රාසංගික කලාව හා මානුෂීය සුබ සාධනය නම් අංශය යටතේයි. ලොව පුරා රටවලින් විසි දෙනකුහට විවිධ අංශයන්ට මේ සාම ත්‍යාග හිමි වුණා.බොරලු ඇනෙන, පය රිදවන කටු කොහොළින් පිරි මාවතක සුභාවිත ගීතයේ රන් සලකුණ සොයා පියමං කරන අපේ කාලයේ ප්රමුඛ ගායිකාව ඇයයි. සඳ පහන් රැයකත්, හිරු ගිනි ගත් මද්දහනකත්, කුරුලු කූජන පිරි හිමිදිරියකත් අපට ඇගේ සුගායනීය ගී රාවයේ මිහිරෙන් එකවගේ සැනහෙන්නට පුළුවන්. ඒ ඇය ගීතයෙන් අපේ හදවතට වගේම බුද්ධියටත් අමතන නිසා.මානව දයාව දෝරේ ගලන දීපිකා ගේ හද මඬළින් උපදින ඒ ගී රාවය ඇත්තටම සඳ එළියක් වගේ සෞම්‍යයි. ඒ සෞම්‍ය සඳ එළිය දිගේ සාමයේ රන් පලස මත මනුෂ්‍යත්වය දෝත දරා සෙනෙහසින් අත්වැල් බැඳ යන්නට ඈ අපට ඇරැයුම් කරනවා.සාමයේ පණිවුඩය ගීතයෙන් ලොවට ගෙනගිය, හෙළ ගී ලොව මල් මානවිකාවිය...මේ උණුසුම් සුබාශිංසන නුඹටයි.... ඔව්.... නුඹටමයි....- අසංක දේවමිත්ර පෙරේරා‘ගුසී’ සාම ත්‍යාගයෙන් පිදුම් ලද ගීතයමා තොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගේ දෝණියේ වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්න ද පැංචියේ ගුරුතුමී මා සිසුවියයි ඔබ ඒත් අපි එක පංතියේකරවටේ අත දමා හිනැහුන කෝ නුඹේ පොඩි යාළුවන් දායාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන් තාත්තා හීනෙන් ඇවිත් අත වනනතුරු කඳවුරු දොරින් කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින්මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා හඬනා හඬින් මායිමේ වැට අඬගසයි හෙට අවි දරා රකිනා ලෙසින් දමා ගොදුරට කෙලෙස යන්න ද ඒත් යන්නට වෙයි ඉතිං වරක් දැක සිත නිවාගන්නට දුවේ ඩිංගක් හිනැහියන්ගේය පද – මහින්ද චන්ද්රසේකරතනුව සහ සංගීතය - රෝහණ වීරසිංහගායනය – විශාරද දීපිකා ප්රියදර්ශනීරූප රචනය – උපාලි ආරියසිරි
|
CREATIVE
|
‘Glorious Golden Night’නම් වාර්ෂික ගී ප්‍රසංගය ජූනි මස 01 වැනිදා ප.ව. 6.00 ට ලුම්බිණි රඟහලේදී පැවැත්වේ.මෙම ප්‍රසංගය ජනප්‍රිය ග්ලෝරියස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා වන සුරේශ් කුමාර සංවිධානය කරයි.රන්ජන් දහම්පත්, රොෂාන් සාගර, ගීතාංජලී, තරංග රංග ගායනයෙන් ද, ඩිල්ශාන් මධුශංඛ, තරිඳු ධනංජය සංගීතයෙන් ද පුබුදු චන්දන ශබ්ද පරිපාලනයෙන් ද සහාය වෙති.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ‘ආර්ට් එකේ අපි’ එකමුතුවෙන් ඉදිරිපත් කරන ‘ඉරක් ඇන්දත් හැඩැති දෙන්නෙක්’ නම් අනුරලා දෙදෙනාගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය ජූනි මස 04, 05, 06 තෙදින පුරා පෙ. ව. 9.00 සිට ප. ව. 5.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වේ.අනුරලා දෙදෙනාම ක්ෂේත්රයට පැමිණ තිස් වසරක් සපුරා තිබේ. අනුර දහනායකගේ අතින් නිර්මාණය වූ මූර්ති අතර ‘හිස් සයක මිනී ඔළුව’ මූර්තිය විචාර පැසසුමට ලක් වූවකි.සම්මාන කිහිපයක්ම ලබා ඇති ඔවුන්ගෙන් අනුර ශ්‍රීනාත් ‘අනුරා ලෝකය’ නමින් ද, අනුර දහනායක ‘සම්මා’ නමින් ද චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන දෙකක් ද පවත්වා ඇත.සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට එක්කළ පරිවර්තක ප්‍රභාත් මිරිහාගල්ල පරිවර්තනය කළ ‘කුණාටුවෙන් උපන් දැරිය’ කෘතිය ජූනි මස 04 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්රදර්ශනාගාරයේදී දොරට වඩී.‘වීදියේ මාර්ටින්’, ‘කුරිරු දූපත’, ‘කළු සාදය’, ‘අභිරහස් සිතුවම’ කෘති ලියූ තේජා පූර්ණිමා ගුණසේකරගේ ‘කරුවල වලව්ව’ කෘතියෙහි නව මුද්‍රණයක් පසුගියදා නිකුත්විය.- තිලානි
|
CREATIVE
|
ධර්මසේන පතිරාජ ‘සක්කාරං’ චිත්‍රපටයේ පිටපත ගේන්න ඉන්දියාවට ගියා. එහි නිෂ්පාදක වශයෙන් කටයුතු කරන්නේ මමයි.ඒ වගේම මා ඇතුළුව තවත් කිහිප දෙනෙක් නිෂ්පාදනයෙන් දායක වූ නිලේන්ද්‍රගේ ‘තන්හා රතී රඟා’ තිරගත කිරීම පිළිබඳ හා ප්රචාරක කටයුතු පිළිබඳ සාකච්ඡාවලට දවස ගත වෙනවා. ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල චිත්‍රපටය පෙන්වීමේ අදහසෙන්.
|
CREATIVE
|
සිනමාවේ පූර්ණවන්ත පින්වන්තයා අමීර් ඛාන්ය. ඔහු රඟන මෙන්ම ඔහු නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන් අත ගසන සිනමාපට ද අති සාර්ථක වන්නේ සම්මාන උළෙලකදී ලැබෙන සම්මානයකට වඩා ප්‍රේක්ෂක සම්මානය වටිනා බව පෙන්වමිනි.ඔහුගේ තලාෂ් තිරගත වූයේ නොවැම්බර් 30 වැනි සිකුරාදා දිනයේයි. සිකුරාදා වැඩ කරන දිනයක් වුවත් එයට ලැබී ඇති පේ්ර්ක්ෂක ප්‍රතිචාර අතිවිශිෂ්ටය.ෂාරුක් රඟන ජබ් තක් හෛයි ජාන් සහ අජේ දේව්ගන්ගේ සන් ඔෆ් සර්දාර් සිනමාපට දෙකටම තලාෂ් බොක්ස් ඔෆිස් අභියෝගයක් වනු ඇති බවට බොහෝ දෙන අනාවැකි පළ කරති.මේ වසරේ තිරගත වූ සිනමාපට අතරින් පළමු දිනයේදීම වැඩිම ආදායම් ලබා ඇත්තේ ඒක් තා ටයිගර්, අග්නීපාත් සහ රවුඩ් රතෝර්ය.සල්මන්ගේ ඒක් තා ටයිගර් තිරගත වී තිබෙන්නේ රාමසාන් දිනයේදීයි. රිතික්ගේ අග්නීපාත් තිරගත වූයේ එරට ජනරජ දිනයේදීයි. අක්ෂේගේ රවුඩ් රතෝර් තිරගත වී ඇත්තේ නම් වැඩ කරන දිනයක් වූ ජූනි 1 වැනි සිකුරාදාය.කෙසේ වුවත් වැඩ කරන දිනයකදී තිරගත වී මුදල් ඉපයීම අතින් වැඩ පෙන්විය හැක්කේ අමීර් ඛාන් වැන්නකුට පමණමය.ඔහුගේ තලාෂ් තෙදිනකදී ඉන්දියානු රුපියල් කෝටි 46 ක් උපයා ඇති අතර ෂාරුක්ගේ ජබ් තක් හෛයි ජාන් දින විස්සකදී ඉන්දියානු රුපියල් කෝටි 103 ක් උපයා ඇත.අජේ දේව්ගන්ගේ සන් ඔෆ් සර්දාර් දින විස්සකදී ලබා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 90 කි. ජබ් තක් හෛයි ජාන් හා සන් ඔෆ් සර්දාර් තිරගත වූයේ දීවාලි නිවාඩුවේදීයි.ජනප්රසාදය, ලක්ෂ්මීගේ වාසනාව, නොඅඩුව ලැබෙන තරු වෘත්තිය රෝස මල් ඇතිරූ රතු පලස් එළන ලද මාවතක් කියා සිතුවොත් නම් වැරැදිය.මේ සියල්ල වෙනුවෙන් ඔවුන්ට බොහෝ කැප කිරීම් කිරීමට සිදු වෙයි.දර්ශන තලයකදී සිදුවන ජීවිත කාලයටම බලපාන අනතුරු ඊට හොඳම සාක්ෂියකි. ඉම්රාන් භෂ්මිට ද මෑතකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වූයේ රංගනය නිසාය. ඔහු රාජ්කුමාර් ගුප්තාගේ ‘සන්චක්කර්’ හී රඟමින් හඬ කවමින් සිටියදී කට හඬ අහිමි විය.දැන් ඔහුට වචනයක් හෝ කතා කිරීමට නොහැකිය. ඖෂධ වෛද්‍ය උපදෙස් මත ගනිමන් සිටිය ද යළි කට හඬ ලැබීමට යම් කාලයක් ගත වනු ඇත.කට හඬ අහිමි වී තිබියදීත් ඔහු තමන් සැබෑ රංගන ශිල්පියකු බව ඔප්පු කරමින් කරන් ජොහාර්ගේ ‘උන්ග් ලී’ සිනමාපටයේ මේ දිනවල රඟන්නේය.සංජේ දත් සමඟ ඔහු උස් හඬින් දෙබස් කීමට ගන්නා වෑයම දකින කොයි කාගේත් නෙත් කඳුළින් තෙත් වී තිබේ. සිනමාපටයේ හඬ කැවීම සිදු කරන්නේ ඉම්රාන් භෂ්මිගේ කට හඬ යළි යථා තත්ත්වයට පත් වූ පසුවයි.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ලෙනින්ගේ කැමරාවටජනප්රියම පෙම් යුවළ හසු වූ මොහොතක්මේ වෙන කවුරුවත් නොව ලෙනින් මොරායස් සහ සහාය අධ්යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි සිනමාවේ ජනප්‍රියම පෙම් යුවළ විජය – මාලිනී කැමරාවට හසුකරමින්. ලෙනින් මොරායස් සිනමාවේ තමාගේම අනන්‍යතාවත් ගොඩ නගා ගත් දක්ෂ සිනමාකරුවෙක්. ඔහු අධ්‍යක්ෂණය කළ උන්නත් දාහයි මළත් දාහයි චිත්‍රපටය රූගත කිරීමේදී ගත් ඡායාරූපයක් තමයි මේ.පසු කලෙක ගඟ අද්දර, අහසින් පොළවට වගේ චිත්‍රපට නිෂ්පාදනය කළ සුමති චිත්‍රපට සමාගමේ මුල් නිෂ්පාදනය වුණෙත් මෙම චිත්‍රපටයයි.රස කතාකරුවන් එකතු වූ මොහොතක්මේ රස කතාකරුවන් එකතු වූ මොහොතක්. සහාය අධ්යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි, විකට නළු බී. එස්. පෙරේරා සහ හැත්තෑව දශකයේ අතිශය ජනප්‍රිය රූපසිංහ සහෝදරයන් දෙදෙනා. හතර දෙනාම සූරයෝ, අමල් බිසෝ, දැන් මතකද වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ නීල් රූපසිංහ. හොඳම වෙලාව, එදත් සූරයා අදත් සූරයා වැනි චිත්‍රපට නිෂ්පාදනය වගේම සංඛපාලි සම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළෙත් සරත් රූපසිංහ. සරත් රුපසිංහගේ කතාවකට තමයි මේ කට්ටියම රස වැටිල අහගෙන ඉන්නේ.යතේජා ඥානරත්න
|
CREATIVE
|
කුඩම්මාගේ ජීවිත කථාව තිරයට ගෙන ඒමට තරම් ළෙන්ගතු පුතකු මූම්බායි පුරවරයේ ජීවත් වෙයි. ඔහු කමල් අම්රෝහි ප්‍රවීණ අධ්යක්ෂවරයාගේ පුතු තජ්දර් අම්රෝහිය. කුඩම්මා සම්මානනීය ජනකාන්ත තාරකාව මීනා කුමාරිය.මීනාගේ චරිතය රඟපෑමට නවක නිළියක මේ දිනවල ඔහු සොයමින් සිටින්නේය. තම පියාගේ එනම් සිනමාවේදී කමල් අම්රෝහිගේ දෙවැනි බිරිය, මීනාගේ චරිතය ඔහුට තිරයට ගෙන ඒමට අවශ්‍ය වී ඇත්තේ ඔවුනගේ ආදර කථාවේ සැඟවුණු සත්‍ය ලොවට ගෙන ඒමටයි. මීට හතළිස් දෙවසරකට පෙර අධික මත්පැන් පානය නිසා සිරෝසිස් රෝගයෙන් මීනා මිය ගියාය. ඒ වයස අවුරුදු තිස් නවයක් තරම් අඩු වයසකදීය. මීනා, කමල් අම්රෝහි සමඟ පෙමින් බැඳුණේ 1952 දී සිනමා දර්ශන තලයකදීය.ඔහු මීනාට වඩා පහළොස් වසරක් වැඩිමල් විය. විවාහ වූ අලුතම දෙදෙනාගේ ආදර කථාව දඒරා (1953) නමින් මීනාත්, කමලුත් තිරයට ගෙන එන ලදී. සිය ආදර කථාව ඇතුළත්කර තවත් සිනමාපටයක් කිරීමට දෙදෙනාටම අවශ්‍ය වුවත්, සිතූ තරම් ඉක්මනින් ඒ පැතුම ඉටුකර ගත නොහැකි විය. ඔවුන්ගේ සිහිනය මල්පල ගැන්වුණේ දහසය වසරකට පසුවයි. ‘පාකීසා’ ඒ විශිෂ්ට සිනමා නිර්මාණයයි. සිනමාපටය 1972 පෙබරවාරි 4 වැනිදා මීනා මිය යාමට මාස දෙකකට පමණ පෙර තිරගත විය. මීනා, ඔමාර් ඛයියාම් මෙන් ගී පොතයි, මීවිතයි, ආදරයයි, ජීවිතය කරගත්තියකි.දිළිඳුකම නිසාම වරක් පියා ඇය අනාථ නිවාසයකට පවා භාර දී තිබේ. අවසානයේදී ළමා වියේ සිට රඟපෑමෙන් පවුලම ජීවත්කර තිබෙන්නේ ද ඇයමය. මිය යන විට සිනමාපට අනූවකට වැඩි සංඛ්‍යාවක රඟපා තිබුණ ද, හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් දිනාගෙන තිබුණ ද ඇය අවසන් හුස්ම හෙළුවේ අතේ සතයක් නැති අසරණියක ලෙසයි. ඇය මිය ගිය පසු රෝහල් බිල් ගෙවීමට මුදල් පවා තිබී නැත.තජ්දර්ට අවශ්‍ය කුඩම්මාත්, පියාත් අතර සෙනෙහස බිඳ වැටුණේ ඇයට මවක වීමට ඉඩ නුදුන් නිසා බවට ඇති කතාව සත්‍යයක් නොවන බව ලොවට පෙන්වීමටයි. ‘මගේ තාත්තා සුළු මවගේ ජීවිතයට දුෂ්ටයකු වූයේ නැහැ. ඇය දෙවරක්ම ගැබ් ගත්තත්, ගබ්සා වී තිබෙනවා. මේ ඇත්ත ලෝකයට පෙන්වන්න ඕනෑ’ ඔහු පවසන්නේය.සිනමාපටය මූම්බායි හි ජනාකීර්ණ වීදිවල රූගත කිරීමට තජ්දර් බලාපොරොත්තු වන්නේය. ඔහු ද පියා මෙන්ම අධ්යක්ෂණයට, පිටපත් හා ගීත රචනයට දස්කම් දක්වන්නෙකි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
එඩ්වඩ් චන්ද්‍රසිරි සමඟසිනා සයුරේ ගිලෙමු‘මාර පොරක්නෙ’මමත් එක්ක මෙච්චර වෙලාකතාබහ කරමින් උන්පුද්ගලයා යනකං ඉඳල මගේ මිත්‍රයා හිනා වෙන්නට පටන් ගත්තා.දන්නවනෙ කවුද කියල . . .මං ආයේ ඇහුවේ සැකයෙන්.ඔව් . . ඔව් එඩ්වඩ් චන්ද්රසිරිනෙ . . .මිත්‍රයා කිව්වේ හිනාව නවත්තගන්න බැරිව.මාර කතා ටිකක්නෙ කිව්වෙ . . .මිත්‍රයා ආයෙත් මතක් කරමින් හිනා වෙනවා.තව මාර කතා තියෙනවා . . . නාට්‍යවල වෙච්ච මාර දේවල් . මං කතා අහුරෙන් එකක් දෙකක් මතක් කළා.‘එඩ්වඩ් අයියට ඉඳල තියෙනවා කොළඹගේ කියල යාළුවෙක්. කොළඹගේත් වේදිකා නාට්‍ය නළුවෙක්. දෙන්න එකටම තමයි කොයි වෙලේත් නාට්‍යවලට ගිහිං තියෙන්නේ. කොළඹගේලගේ ගෙදර සුදුම සුදු පූසෙක් ඉඳල තියෙනවා. මේ පූස ගෙදර ඉන්නවට කොළඹගේ කැමැති නැත්තේ බළල් මවිල් ගේ පුරාම යන නිසා. ඒ නිසාම කොළඹගේ තමාගේ පුතාට නිතරම කියනවලු මේ පූසා ගෙට ගන්න එපා කියලා.ඔහොම දවසක් කොළඹගේ එඩ්වඩ් එක්ක නාට්‍යයක වැඩට ගිහිල්ලා ඇවිල්ලා හෙල්මට් දෙකම තිබ්බලු සාලේ. උදේ බලන කොට එක හෙල්මට් එකක් බළල් මවිල් පිරිල තිබුණලු.‘මේ දරුවො මං කියල තියෙනවනෙ ඔය ජරා පූසා ගෙට ගන්න එපා කියලා’හෙල්මට් එක දැකපු කොළඹගේට ඌරු ජුවල් වුණාලු.‘අනේ තාත්තේ කිටිය හිටියෙ එළියෙනෙ’දරුවා බොහොම බැගෑපත්ව උත්තර දුන්නලු.‘එළියෙ . . එළියෙ . . එළියෙ හිටිය නං කොහෙන්ද මේ හෙල්මට එකේ බළල් මයිල්.කොළඹගේට තවත් කේන්ති ගියා. මෙහෙම ටික වෙලාවක් ගියහම දරුවා ආයෙත් තාත්තා ළඟට කිට්ටු වුණාලු.‘තාත්ත මට බැන්නෙ බොරුවටනෙ . . . තාත්තට මතත නැතිවුණාද ඊයේ මේ හෙල්මට් එක දාගෙන ආවේ එඩ්වඩ් අංකල් කියලා .. .’දරුවා හිනා වෙමින් කිව්වම කොළඹගේ ගේ කන් දෙකෙන් දුන් විසි වුණාලු.මගේ යාළුවට කතාව තේරුම් ගියේ නෑ වගේ කතාව ඉවර වෙනකල් ඔහු බලාගෙන උන්නා.ඉතිං . . .ඉතිං කියන්නෙ, බලන්නකො එඩ්වඩ් අයියගෙ කොණ්ඩෙ දිහා . . .අන්න එතකොට තමයි මගේ මිත්‍රයාගේ දත් තිස් දෙකම පේන්න හිනා ගියේ.එඩවඩ් චන්ද්රසිිරිගේ කොණ්ඩෙ සුදුම සුදු පාටයි. කොළඹගේ බළල් මවිල් කියල රැවටිලා තියෙන්නේ හෙල්මට් එකේ ඇමිනුණු මේ කොණ්ඩ කෑලිවලට.එඩ්වඩ් අයියගෙ ජීවිතේ මේ වගේ රස කතා ගොඩක් තියෙනවා.මේ ළඟදි දවසක් එඩ්වඩ් අයිය නාට්‍යයක වැඩ කටයුත්තකට දෙල්කඳ ගිහිල්ලා. එමින් ගමන් ඇවිත් තියෙන්නේ ත්‍රීවිල් එකක. නුගේගොඩට කිට්ටු පෙට්‍රල් ෂෙඩ් එකක ත්‍රීවිල් එක නතර කළාලු තෙල් ගහන්න. මේ අතරේ එඩ්වඩ් අයියා ෂෙඩ් එකේ වැසිකිලියට ගිහිං දොර වහං. කළුවර වැසිකිළියේ කිසිම දෙයක් පෙනුණෙ නෑලු. තමන්ගේ කටයුත්ත නිමා වෙලා එළියට එන්න දොර අරිනවලු. ඒත් ඇරුණෙම නෑලු.මෙහෙම විනාඩි හතළිහක් විතර වැසිකිළිය ඇතුළෙ ගත වෙලා අන්තිමට වැසිකිලියේ එහා පැත්තේ තිබුණු කවුළුවකින් එඩ්වඩ් අයියා කෑගහලා. ඒ කෑගැහිල්ලට සෙනඟ පිරුණත් ෂෙඩ් එකේ මුරකාරයා දොර කඩනවට තදින්ම විරුද්ධ වුණා.ඊට පස්සේ ඉහළ නිලධාරියෙක්ගෙන් අවසර අරන් දොර කඩල එඩ්වඩ් එළියට අරන් තියෙන්නේ පැය දෙකකට පස්සේ. පැය දෙකක් ගඳ ගහන කළුවර වැසිකිළියට වෙලා ඉඳලා ජීවිතේ එපා වුණා කියල මනුස්සයා මට කිව්වා.දැන් මගේ මිත්‍රයා එඩ්වඩ් චන්ද්‍රසිරි ගැන හාරා අවුස්සයි.එඩ්වඩ් කියන්නේ ක්ෂේත්‍ර කිහිපයකම පරිණත මනුස්සයෙක්. ප්‍රධාන වේදිකා නාට්‍ය හතළිහක විතර නිෂ්පාදන කළමනාකරණය කරලා තියෙනවා. ඒ වගේම අහසින් වැටුණු මිනිස්සු අධ්‍යක්ෂණය කළා. නාට්‍ය ගැන බාහිර කථිකාචාර්ය වරයෙක්. ලිපිකරුවකු විදියට රජයේ දෙපාර්තමේන්තු කිහිපයකම සේවය කරලත් තියෙනවා.දැන් මගෙත් මිත්රයාගෙත් දවසේ මාතෘකාව එඩ්වඩ් චන්ද්‍රසිරිය. ඔහු පුවත්පත්වලට ලියූ සිනා උපදවන රස කතා කියවා තිබූ මගේ මිතුරා ඒ කතාන්දර ගැන නැවත මට කියයි.එහි රසවත් බව තවමත් මිත්‍රයාට මතක ඇති සැටියකි.අද මොනවටද හම්බු වුණේ . . .ඔහුට තවත් පැනයක්.එඩ්ව්ඩ් අයියගේ පොත එනවනේ ලබන සතියේ . . .ඒ ගැන කියලා යන්න ඇවිත් තියෙන්නේ. හරිම නිහතමානි මනුස්සයනේ.මොකක්ද පොත . . .සිනා සයුර . . . සරසවි ප්රකාශනයක්.ආ . . . එහෙනං කතා ටික ඔක්කොම එක හුස්මට කියැව්වහැකි.ඔව්. . .කවදද දිනේ. . .ජූනි 28 . . . සවස 3.30 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ . . .මම අඩුවක් නොතබා කීවෙමි . එදාට මුලසුන සිළුමිණ සම කර්තෘ, රසඳුන සංස්කාරක සුනිල් මිහිඳුකුල, තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයගේ රසවත් දේශනයක් අහන්නත් පුළුවන් එදාට.මම මිතුරාට කීවෙමි.මමත් එදාට එන්නං . . . මිතුරා සමුගෙන ගියේ දින කිහිපයකට පෙරාතුවය.ඔහු පැමිණෙන්නේ නම් අද මා ඇමතිය යුතුය . . .දිනය අදය . . .සිනාසෙන දිනය අදය . . .චතුර ගීතනාත් බණ්ඩාරඡායාරූපය -ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
විදෙස් ගතවූවන්ගේ කලා හැකියාවන් දැක්වීමට වෙන් වූ රටවිරුවෝ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නේ ඕමානයේ. මැද පෙරදිග රටවල් කිහිපයකින් පසු ඕමානයට පැමිණි රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්හි මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වැඩසටහනයි. මේ එහිදී තම කලා හැකියාවන් දක්වන්න නියමිත රටවිරුවන් ගැන කෙටි සටහනක්. මෙම වැඩසටහන ලබන ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබ හමුවන්න නියමිතයි.එහිදී ගමගේ කසුන් මධුසංඛ රටවිරුවෝ වේදිකාවට එක් වෙන්නේ ගායනා අංශයෙන්. ඕමානයේ විදුලි කාර්මිකයෙකුª ලෙස සේවයේ නිරත ඔහු විදෙස් සේවයට සම්බන්ධ වී ඇත්තේ 2011 වසරේ සිටයි. පෙර පාසල් වියේ සිටම සංගීත අංශයට යොමුව ඇති ඔහු මෙවර රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්.මධුෂාන් ජයනෙත්ති රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවට පැමිණෙන්නේ ගායන අංශයෙන්. සංගීතයට ඇති ලැදියාව නිසාම පාසල් කාලයේ සිට සංගීතය විෂයක් ලෙස හදාරා ඇති ඔහු මෙරටදී සංගීත කණ්ඩායම් කිහිපයකම ගායන ශිල්පියෙකු ලෙස මෙන්ම විදුලි ඕගන් වාදන ශිල්පියෙකු ලෙසත් කටයුතු කරලා තියෙන අයෙක්. ඕමානනයේ ගබඩා පාලක තනතුරේ සේවයේ නිරත මධුෂාන් විදෙස් සේවයට එක්වෙන්නේ 2006 වසරේ සිටයි.ගම්පොළ රේණුකා නිලන්ති ගුණරත්න රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කරන්න සූදානම් රටවිරුවෙක්. කුඩා කාලයේ සිටම සංගීතයට ලැදි වූ ඇය මීට පෙර අවස්ථා කිහිපයකදීම ඕමානයේ පැවති සංගීත සංදර්ශන ගීතවත් කරන්නත් එක්වෙලා තියෙනවා. රේණුකා විදෙස් සේවයට එක් වෙන්නේ 1996 වසරේ සිටයි.මීළඟට රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ ජයවීර කංකානම්ගේ අනිල්. ගායන හැකියාව සහජයෙන් ලද ඔහු ඕමානයේ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් දෙවැනි වැඩසටහන ගීතවත් කරන්න සූදානම්. හෝටල් කෂේත්රයේ සේවය කරන අනිල් විදෙස් සේවයට එක්වෙන්නේ 2008 වසරේදියි.කමල් ආරියසිංහ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සහභාගි වන තවත් රටවිරුවෙක්. සංගීතයට ඇති ඇල්ම වගේම පවුලේ ආභාෂයත් නිසාත් ගායන අංශයට යොමු වූ ඔහු තම දස්කම් මෙවර රටවිරුවෝ වේදිකාවේ දක්වන්න දැන් සූදානම්. කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කරන කමල් විදෙස් සේවයට එක්ව මේ ගෙවෙන්නේ පහළොස් වැනි වසරයි.සමන් කුමාර බණ්ඩාර රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවට එක්වන මීළඟ රටවිරු තරුවයි. කුඩා කාලයේ සිටම සංගීතයට ඇති වූ ලැදියාව නිසා ඔහු සාමාන්‍ය පෙළ දක්වාම පෙරදිග සංගීතය විෂයක් ලෙසත් හදාරා ඇති අයෙක්. ඕමානයේ හෙද නිළධාරියෙකු ලෙස කටයුතු කරන සමන් කුමාර එම සේවයට එක් වෙන්නේ මේ වසරේදියි.- යතේජා ඥානරත්න
|
CREATIVE
|
ජ්‍යෙෂ්ඨ කලාකරුවන් හඳුනා ගැනීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කරනු ලැබූ ජාතික කලාකරුවන්ට හැඳුනුම්පත් ප්‍රදාමෝත්සවය පසුගියදා මරදාන ටවර් රඟහලේදී පැවැත්විණි.සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උළෙලේදී ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 500 දෙනෙකුට ජාතික කලාකරු හැඳුනුම්පත් ලබාදීම සිදු කෙරිණි. එහිදී ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ, ප්‍රවීණ රංගනවේදී හා ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය, රංගන ශිල්පී හා දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් යන ශිල්පිීීන් තමන්ට හිමි හැඳුනුම්පත අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අතින් ලබා ගත්තේය.ඊට අමතරව නාලන් මෙන්ඩිස්, රොඩ්නි වර්ණකුල, ජයලාල් රෝහණ, රශ්මි සංගීතා, සුදත් රෝහණ, සුරේෂ් ද අබේසේකර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සමන්ත පෙරේරා, සෝමසිරි මැදගෙදර, ජනනාත් වරකාගොඩ, අජිත් ලොකුගේ, බණ්ඩාර ඇහැලියගොඩ, අනුර මාධව ජයසේකර, ශ්‍රියානි අමරසේන, අමිත්ත වීරසිංහ, නවරත්න ගමගේ, විනීතා කරුණාරත්න, ප්‍රියා රණසිංහ, රැජිනි සෙල්වනායගම්, චන්දන වික්‍රමසිංහ, පී. ඥානසිරි පීරිස්, වික්‍රමසිංහ බණ්ඩාර, මහාචාර්ය මුදියන්සේ දිසානායක, එස්. විලබඩගේ යන ශිල්පීහු හා ශිල්පිනියෝ එදින වේදිකාවේදී තම හැඳුනුම්පත ලබා ගත්හ. මේ සමඟම භික්ෂූන් වහන්සේලා සිව් නමකට ද ජාතික කලාකරු හැඳුනුම්පත ලැබිණි.මෙම හැඳුනුම්පත නව තාක්ෂණයට අනුව ජාත්‍යන්තර පිළිගැනීම ලැබෙන පරිදි හා රාජ්‍ය මට්ටමින් හඳුනා ගත හැකි පරිදි සකස් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.ජාතික කලාකරු හැඳුනුම්පත් උළෙල සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ විජිත් කණුගල, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි වූහ.තිලානි ශානිකා විතානාච්චිඡායාරූප සරසවිය වෙබ් අඩවියේ www.sarasaviya.lkසෙනසුරාදා දවල් එකේ සිට සිංහ ගුවන් විදුලියේ ප්‍රචාරය වන සිනෙ රූ ගී වැඩ සටහනෙහි මෙවර කතාබහ කෙරෙනුයේ ටී. ආර්. සුන්දරම් අධ්‍යක්ෂණය කළ වනමෝහිණි පිළිබඳවය.කේ. ගුණරත්නම් ගේ නිෂ්පාදනයක් වන මෙහි හර්බි සෙනෙවිරත්න, කාන්ති ගුණතුංග, හියුගෝ ප්‍රනාන්දු, රිචඩ් ඇල්බට්, රෝහිණී ජයකොඩි ඇතුළු නළු නිළියන් රැසක් රඟන ලදී.සිනෙ රූ ගී වැඩ සටහනට සවන්දීමෙන් වනමෝහිණී සිනමාපටය ගැන තවත් තොරතුරු රැසක් දැන ගත හැක.- ප්‍රසාද්
|
CREATIVE
|
ජනාධිපති ලේකම්තුමාගේ අදහසකට අනුව ආරම්භ කළ ‘මුල් ‘ කියන වැඩසටහනේ කටයුතුත් සමඟයි මම කාලය ගත කරන්නේ. මේ වනවිට සෝලියස් මැන්දිස්, ආනන්ද රාජකරුණා, ආතර් වී. දියෙස්, පොන්නම්බලන් රාමනාදන්, එස්. මහින්ද හිමි වගේ ලංකා ඉතිහාසයේ වැදගත් චරිත රාශියක් අපි පුංචි තිරයට රැගෙන ආවා.ටෙලි නාට්‍ය කිහිපයක් අධ්යක්ෂණයට ආරාධනා ලැබුණත් ඒ සියල්ල මා ප්‍රතික්ෂේප කළා. අද වනවිටත් මම අධ්‍යක්ෂණය කළ ‘සත්කුථ තරණය’ ටෙලි නාට්‍යයේ කටයුතු අවසන් වෙලා වසර කිහිපයක් ගෙවී ගියත් ඒක පුංචි තිරය මතට අරගෙන එන්න නොහැකි වුණා.ඒ සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලැබුණත් ඒක තවමත් විකාශය වුණේ නැහැ.ඒ නිසා පසුගිය කාලයේ ඒ නිර්මාණය චිත්‍රපටයකට අවශ්‍ය විදියට නිර්මාණය කරමින් ඇමෙරිකාවේ හූස්ටන් සම්මාන උළෙලට ඉදිරිපත් කළා. එය සිල්වර් සෙමිවෝඩ් සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ දවස්වල ‘මුල්’ වැඩසටහනට අමතරව නවකතාවක් ලියමින් ඉන්නවා. ඒ කෘතිය ඉදිරි කාලයේ දී එළි දැක්වේවි.
|
CREATIVE
|
පසුගිය ‘සරසවිය’ කලාපයේ පළ වූ හංසි සිතාරාට පහරදීම සම්බන්ධ ලිපියෙහි ඊට අදාළ සියලු පාර්ශවයන් අදහස් දැක් වූ අතර අක්ෂා සුදාරි පමණක් කිසිත් පැවසුවේ නැහැ.නමුත් ඇය කියා සිටියේ ළඟදීම දිනයක ඒ ගැන ‘මාර කතාවක්’ තමන්ට පවසන්නට ඇති වගයි. ඇයගේ ‘මාර කතාව‘ කුමක්දැයි දැනගන්නට අප ආක්ෂාව සම්බන්ධ කර ගත්තා.අයියේ මට ටිකක් සනීප නැහැ. මං ඒ ගැන තව සතියකින් කියන්නම්.ආක්ෂා එහෙම කිව්වා. ඇය වචන උච්චාරණය කළේ ද හෙමින්.එක දෙයක් කියන්න ඕනේ. මේනකා මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ. එයාට වැදිලා තියෙන්නේ කොහේවත් යන මඩක්. ඉතින් මං මේ ගැන ඇත්තම විස්තරේ කියන්නම්. මට ටික කාලයක් දෙන්න ප්ලීස් . . -ප්‍රසාද්.
|
CREATIVE
|
මල් වත්තක මල් මෙන් සල්මන් ඛාන්ගේ ජීවිතයට ද සුන්දර තරුණියන්ගෙන් අඩුවක් නැත. එහෙත් ඒ අතරින් ඔහු ජීවිතයට සදහටම කිසිවෙක් ළං කර නොගැනීම ක්ෂේත්රයේ කොයි කාටත් ඇති ගැටලුවකි. මේ වසර අවසානයේදී ඒ ගැටලුවට සුබ පිළිතුරක් ලැබෙන බවට ඉඟියක් ලැබී තිබේ.හතළිස් අට හැවිරිදි සල්මන් ඛාන් තමන් මේ වසර අවසානයේදී හුදෙකලා ජීවිතයෙන් සමු ගැනීමට ඉඩ ඇති බව පවසා තිබේ. ඒ බොලිවුඩ් තාරකාවක සමඟ නම් නෙවෙයි. ලූලියා වන්චර් රොමේනියානු තාරකාව සමඟයි.‘ජීවිතයේ තීරණාත්මක මංසන්ධියක තමන් මේ කාලයේ සිටින බව’ සල්මන් පවසන්නේය. ලජ්ජාශීලීව සිටීම ඉක්මනින්ම අත හැරීමට ඔහුට සිදු වී තිබේ. ඒ ජීවිතයේ විශේෂ සිද්ධියක් තවත් මාස කිහිපයකින් සිදුවීමට තිබෙන නිසයි. ඒ අන් කිසිවක් නොව විවාහයයි.‘මම අනුගමනය කරන්නේ මිනිස් දහමයි. ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ සියලු ආගම් අනුගමනය කරනවා. නිවැරැදිම දේ කරනවා. ඒ නිසා මා ආශීර්වාද ලද්දෙක්. මගේ පියා පතන්, මව හින්දු. කුඩම්මා ජනප්‍රිය නිළි හෙලන් කතෝලික, මස්සිනා පන්ජාබ. ඒ නිසා මං සම්පූර්ණයෙන්ම වෙනස් බිරියක් කැන්දාගෙන එන්න සිතුවා. සැම විටම පෙම්වතිවයන්ට හොඳ මිතුරකු වුණා. ඒ නිසා අනෙක් පෙම්වතුන්ට වඩා මං වෙනස්.කුඩා කාලයේ නරක, දඟ ළමයෙක්. නඩු, සිරගත කිරීම් වගේ දේවල් මං ගැන අසන්න නොලැබුණා නම් මවත් පියාත් මං වගේම ලාබාලව පෙනේවි.’සල්මන් මාධ්‍යවේදීන් ඉදිරියේ පාපොච්චාරණයක යෙදෙන විලසින් පැවසුවේය. කෙසේ වුවත් දිගු කාලයක් වැඩිම ඉල්ලුමක් ඇති බොලිවුඩ් තනිකඩයාගේ තනිකඩ ජීවිතය ලූලියා නිසා නිම වෙන්නේ නම් එය කාගේත් සතුටට හේතු වෙනවා ස්ථීරය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
චිත්‍රපට අධ්යක්ෂබූඩි කීර්තිසේනමගේ අලුත්ම කාරිය වන්නේ අයි ෆෝන් එකෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. එය නම් කරලා තියෙන්නේ Adventures of Ricky Deen නමින්. මේ චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා චරිත ත්‍රිත්වයකින් ද, පාලිත සිල්වා චරිත ද්විත්වයකින් ද රංගනයෙන් දායක වෙනවා.මෙහි සංගීතා වීරරත්න, සමනලී ෆොන්සේකා, ශලනි තාරකා, දසුන් පතිරණ, දර්ශන ධර්මරාජ් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ද සිටිනවා. චිත්‍රපටයේ පළමු කොටස රූගත කිරීම් අවසාන නිසා මේ සූදානම් වන්නේ එහි දෙවන කොටසෙහි රූගත කිරීම් ආරම්භ කරන්නයි.
|
CREATIVE
|
ආර්. දුමින්ද සිල්වා පදනම ආරම්භ කළ කලා සවිය වැඩ සටහනේ දෙවැනි අදියර පසුගියදා සුසිලා කූරගම හෙවත් කෝපි කඩේ එන්සිනාගේ නිවසේදී පැවැත්විණ. එහිදී ඇයගේ සුවදුක් විමසා බලා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා විසින් ඇයට මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
|
CREATIVE
|
ජනප්‍රිය ගායන ශිල්පිනී කලාවතී විසින් ගැයෙන නවතම ගීත ඇතුළත් ‘කවි ගී’ සංයුක්ත තැටිය දොරට වැඩීම අද පස්වරු 3.00 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කෙර්.කලාවතී විසින් වසර විස්සකට පසුව එළි දැක්වෙන මෙම ගීත එකතුවට දමිළ ගිතයක් ඇතුළුව සිංහල ගීත 14 ක් ඇතුළත් වේ.මෙහි පද රචනා කැළුම් ශ්‍රීමාල්, නිලාර් එම්. කාසිම්, නිමල් ඩයස්, බන්දුල ජාගොඩ, මලර් අන්බන්, මාතලේ ආනන්ද අබේවික්‍රම සහ ධම්මික තේනුවර ගේ වන අතර සංගීතය නිමල් ඩයස් විසිනි. තියොඩර් ජයසුන්දර, ඈන් කරින් පවුල්ස්වර්ත් සමඟින් කලාවතීගේ දියණිය වන සංගීතා මෙහි ගායනයෙන් එක් වෙති.- යතේජාදිගු කලකට පසු ක්ලීටස් මෙන්ඩිස් වේදිකා රංගනයට පිවිසෙන පීටර් වෙදමුණිගේ ‘නඩය දඬු කඳේ’ වේදිකා නාට්‍යය මෙම මස 22 වැනිදා බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගතවීමට නියමිතය.ක්ලීටස් සමඟ රත්නශීලා පෙරේරා, සැනෙට් දික්කුඹුර, ආරියසේන ගමගේ, රාජසිංහ ලෝලුවාගොඩ, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, රෝහිත බී. පෙරේරා, රින්ස්ලි වීරරත්න සහ වසන්ත සතුරුසිංහ මෙහි නළු නිළියන් පිරිවරය.සංගීතය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමාර ලියනගේවත්තගෙනි. සිරිනාථ වික්‍රමසිංහ අංග රචනා ශිල්පියාය.තව නොබෝ දිනකින් ක්ලීටන් ඇතුළු නඩය දඬු කඳේ සිටින අපූරුව දැකගත හැකිවනු ඇත.- ප්රසාද්එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ ගෝව නගරයේ පැවැත්වෙන දකුණු ආසියානු සිනමා උළෙල නියෝජනය කිරීම සඳහා කෙටි චිත්‍රපට මේ දිනවල භාර ගන්නා බව එම උළෙලේ මෙරට සම්බන්ධීකරණ නිලධාරී චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ සුමිත් රෝහණ තිත්තවැල්ගල සරසවියට දන්වා සිටියි.මේ පිළිබඳ වැඩි විස්තර 0777767851 යන අංකයට අමතා සුමිත් හරහා හෝ ඵචටට2006@ඨථචඪත.ජධථ යන විද්‍යුත් ලිපිනයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.- ප්‍රසාද්
|
CREATIVE
|
දීපිකා මොන තරම් කාලයේ තාලයට ගැළපෙන තරුණියක් ද? 2013 තමන්ගේ වසර කරගත් දීපිකා ඒ සතුට සාදයකින් සැමරීමට අදහස් කරගෙන සිටින්නීය.ඒ සඳහා ඇය වර්තමාන පෙම්වතා රන්වීර් සිංට පමණක් නොව හිටපු පෙම්වතුන් වන රන්බීර් කපූර්ට සහ සිද්ධාර්ත් මාලියාට ද ආරාධනා කර ඇති බවට රාවයක් පවතී.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
වර්තමානය වන විට තරුණ තරුණියන් වැඩි වශයෙන් සංගීත ක්ෂේත්රයට යොමු වීමෙ ප්‍රවණතාවයක් තියෙනවා. ඉන් වැඩි දෙනෙක් සංගීත කටයුතුවල නියැලෙන්නේ විනෝදාංශයක් විදිහට. චන්ක ගයශාන් කියන්නෙත් අන්න ඒවගේ කෙනෙක්. මේ දිනවල ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් වන ‘කවිකාරකම්’ ගයන්නේ ඔහු. අප මේ තරුණ තරුව හඳුන්වා දෙන්න හිතුවා. සංගීත ක්ෂේත්රය ගැන උනන්දු වන ඔබ චන්ක පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඇති. කියවලා බලන්න. මෙතැන් පටන් ලියවෙන්නේ ඔහු ගැනයි.* චන්ක, ඔබ ක්ෂේත්රයට පැමිණි අයුරු මතක් කළොත්?මං ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යන්න හිතාගෙන හිටියේ. ඒ හින්ද වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගියා. එහිදී ගායන තරගයක් තිබුණා. හරියට සුපර් ස්ටාර්ස් වගේ රියැලිටි තරගයක්. මං ඊට සහභාගි වී දෙවැනි තැන දිනා ගත්තා. මං ඒ තරගයෙනුයි මගේ දක්ෂතාවන් හඳුනා ගත්තේ. ඊට පස්සේ මට හිතුණා ලංකාවට ආවට පස්සේ ගීතයක් කරන්න. ‘කවිකාරකම්’ තමයි ඒ ගීතය.* කවුද කවිකාරකම් ලිව්වේ? සංගීතය සැපයුවේ?මනුරංග විජේසේකර අයියගේ පද. සංගීතය දිලුම් තේජනගෙන්.* මෙය තරමක් විරහවට බර ගීයක්?හිතන තරම් විරහවක් මේ සිංදුවේ නැහැ. මට රැල්ලට යන්න බැරි හින්දයි මෙවන් ගීතයක් කළේ.* පවතින රැල්ලට සිංදුවක් කළා නම් මිට වඩා ජනප්‍රිය වන්න තිබුණා නොවේද?මං ආස ස්ටයිල් එක මේකයි. මට වුවමනා වුණේ ගීතය හරහා මට ජනප්‍රියත්වය ළඟා කර ගන්න නොවෙයි. පවතින රැල්ලෙන් මිදිලා හොඳ නිර්මාණයක් සිදු කිරීමේ අවශ්‍යතාවය මතයි මෙවැනි ගීයක් හා හා පුරා කියලා මං ගැයුවේ.* මනුරංග විජේසේකර කියන්නේ රම්බරි, රතු රට කජු, මොට්ටු වැනි ගීත ලියූ අයෙක්. එවැනි අයකුගෙන් ඔබ ඉහත කුලකයේ ගීතයක් ලියාගන්න තිබුණනෙ?ඕස්ට්‍රේලියාවේදී අර තරගයේ වගේම ප්‍රසංග වේදිකාවලදී මං ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චි වැනි අයගේ ගී. මගේ ශෛලිය ඒකයි. ඉතින් මං රම්බරි වගේ ගීතයක් කිව්වා නම් කවුරුත් අහන එකකුත් නැහැ.* සංගීතය ඔබේ විනෝදාංශය?ඔව්.* කලාව විනෝදාංශයක් කරගන්න පුළුවන්ද?මෙහෙමයි. ව්‍යාපාර පරිපාලනය පැත්තෙනුයි මං ඉගෙන ගන්නේ. ඒ අතතුරදී අහම්බෙන් ගායනට යොමු වුණා. මං හිතුවා ඒ මාර්ගයෙන් ගිහිල්ලත් මට යමක් කරන්න පුළුවන් කියලා. විනෝදාංශයක් විදියට සංගීතය කරන්න පටන් ගත්තා. ක්‍රම ක්‍රමයෙන් යද්දී ව්‍යාපාර පැත්තට සියයට පණහයි, සංගීතයට සියයට පණහයි වශයෙන් ජීවිතය වෙන් වන්න පුළුවන්.* ඔබ ඇයි පැරැණි ගීතයක් රීමිකිස් කරමින් ක්ෂේත්රයට ආවේ නැත්තේ? අද අලුත් පරපුරෙ අය වැඩි දෙනෙක් එන්නේ එහෙමනෙ?අලුත් ගීත රීමික්ස් කරන එක හොඳයි. හැබැයි ගීතයට හානි කරන්න හොඳ නැහැ. මටත් එහෙම කරන්න තිබුණා. නමුත් මං කවුද කියන එක හරියටම රසික රසිකාවන් හඳුනා ගත්තේ මගේම ගීතයක් කළොත් විතරයි.* කවිකාරකම් වීඩියෝව නිර්මාණය කළේ කවුද?අනූප, සමීර සහ මනුරංග යන මිතුරන්.* වීඩියෝව කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකීම් කිහිපයක් මතක් කළොත්?අපි මෙහි දර්ශන තල ලෙස යොදා ගත්තේ මීගමුව හෝටලයක වටපිටාවක්. අපිට වීඩියෝව සඳහා අවශ්‍ය ලයිට්වලට කරන්ට් එක ගත්තෙත් ඒ හෝටලයෙන්. අප අතින් සිදු වූ අත්වැරදීමකින් මුළු හෝටලයේම විදුලිය විසන්ධි වුණා. ටුවරිස්ට්ලා එළිය පැනලා හරිම ජරමරයක් කළේ. අපි බය වුණා. ඒ වෙලේ ඉඳලා ටුවිරිස්ට්ලා අපි ළඟට ඇවිත් එක එක ප්‍රශ්න අහන්න ගත්තා. ඒවාට උත්තරදිදී වීඩියෝව කළා. වෙලාවකට වදයක් වුණා ඔවුන්ව.* කවිකාරකම් රිඟිංටෝන් දැම්මද?රිඟිං ටෝන්වලට නෙවෙයි මේ සිංදුව කළේ. මං එහෙම රිඟිංටෝන් වලට සිංදු හදන්නේ නැහැ. සිංදු තියෙන්න ඕන අහන්න. ගීත කියන්නේ රස විඳින මාධ්‍යයක්.* ඔබේ පෞද්ගලික විස්තර කියමු?මගේ පවුලේ මල්ලිලා දෙන්නයි අම්මයි තාත්තයි. තාත්තා බිස්නස් කරන්නේ. ඉගෙන ගත්තේ ජෙනිග්ස් ජාත්‍යන්තර පාසලේ. ගම වෙන්නප්පුව.* ඔබේ ඊළඟ නිර්මාණය මොන වගෙ එකක් වේවිද?වෙස්ටන් නිර්මාණයක් කරන්නයි හිත. බලමු නේද.මේ චන්කගේ දුරකතන අංකයයි 0776705435.කවිකාරකම් කියාමා ගැනම ලියූ නිසාපෙර වැරදි නෑ කියාඔබ එක්ක එක් වුණා ගැරහුම් එපා ඔබෙන්පැරැදෙන්න මා සිතෙන්සරතැස නිවා මගෙන්හැර යන්නෙ දැන් ඉතින් වරැදුන තැනක් මුලින්මට මතක නැහැ ඉතින්ඔබ ගැයූ ගී වලින්මට උරුම නෑ ඉතින්සටහන – ප්‍රසාද් සමරතුග සේයාරුව - නිරෝෂ් ප්‍රියංක
|
CREATIVE
|
උදයකාන්ත වර්ණසූරියගේ කොස්තාපල් පුඤ්ඤසෝම සිනමාපටයේ හැත්තෑ පස් වැනි දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් මෙම මස 13 වැනිදා සවස බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.පුඤ්ඤසෝම සඳහා රංගනයෙන් දායක වූ මහේන්ද්‍ර පෙරේරා,ශ්‍රියන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන ඇතුළු නළු නිළියන් රැසක් සහභාගී වන මෙහිදී රාත්‍රී 7.00 දර්ශනය නැරැඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශපත් දිනුම් ඇදීමෙන් මුදලින් ත්‍යාග මෙන්ම තවත් සුවිශේෂ තිළිණ රැසක් ද පිරිනැමෙනු ඇත.
|
CREATIVE
|
දයා - මාලෙත් ඔයා වගේම හැබෑ රත්රන් වෙන්නැති නේද?සමන්ති – නෑ අනේ, මේක ඉමිටේෂන් එකක්, ඔයා වගේ.වසන්ත කේ. ප්‍රනාන්දු.සමන්ති - ග්‍රේස් අක්කා ඈතට හරිම ලස්සනයි නේද?දයා - එකත් එකටම ඔයා ආවා කියන ආරංචියට ඔය එනවා ඇත්තේ.රසාංග අනුරාධ.දයා - සමන්ති ඔයා හෙට හන්තානේ කන්ද නගින්න එනවද?සමන්ති – තරහා වෙන්න එපා දයා. ඔයා යනවා නම් මම නොයන්න තීරණය කළා.චන්ද්‍රසිරි මානවඩු.දයා - සමන්ති, ඇත්තම කියනවා නම් මම ඔයාට කැමැතියි. ඒත් මම දන්නවා ඔයාගේ හිත තියෙන්නෙ සෝමෙ ළඟ කියලා.අන්ජලී නිල්වලා රත්නවීර.විද්‍යුත් තැපෑලෙන් තරග වදින ඔබේ තැපැල් ලිපිනයද යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
|
CREATIVE
|
වැඩිම ඡන්ද ලද චිත්‍රපට දෙසිය පනහ අතරින් මුල් තැනට පත් චිත්‍රපට පනහ මොනවාද?ලොව මෙතුවක් බිහිවූ හොඳම චිත්‍රපට කවරේද?පුරා වසර දහයකට වරක් බ්‍රිතාන්‍ය සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාව මගින් ලොව පුරා පිළිගත් සිනමා විචාරකයන් සහ සිනමා ක්‍රියාකාරින් ට තමන් කැමැතිම චිත්‍රපට දහය තෝරා ගන්නට ආරාධනා කරති. එහෙත් වසර ගණනාවක් මුළුල්ලේ ලොව හොඳම චිත්‍රපටය ලෙස නම් දරා සිටි සිටිසන් කේන් චිත්‍රපටයට මෙවර සිය මුල් තැන අහිමි වගියේය.ඒ ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ වර්ටිගෝ ලොව පුරා සිනමා විචාරකයන් විසින් මුල් තැනට තෝරා ගැනීමත් සමගය. ඡන්ද 191 ක් ඒ සඳහා හිමිව තිබිණ.දෙවැනි තැනට පත් වූ සිටිසන් කේන් සදහා ලැබී තිබුණේ ඡන්ද 157 කි.රටවල් 73කින් 847 දෙනෙකු මේ ඡන්ද විමසීම සඳහා සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාවේ ප්රකාශකවන් වන බ්‍රිතාන්‍ය සිනමා ආයතනය විසින් තෝරා ගෙන තිබිණ. මේ ඡන්ද දායකයන් තම තමන් විසින් තෝරා ගන්නා ලද එකිනෙකට වෙනස් චිත්‍රපට සංඛ්‍යාව 2045කි.මෙහි පළවනුයේ ඔවුන් විසින් තෝරා ගන්නා ලද වැඩිම ඡන්ද ලද චිත්‍රපට දෙසිය පනහක් අතරින් මුල් තැනට පත් චිත්‍රපට පනහක නාමාවලියයිමේ.මේ අතර ලොව පුරා විශිෂ්ට ගණයේ සිනමාකරුවන් රැසකගේ ඡන්දයෙන් අධ්යක්ෂවරුන් විසින් තෝරා ගනු ලබන චිත්‍රපට සියයද ඒ සමග සමගාමිව ප්‍රකාශයට පත් කරන ලදී.කෙසේ වෙතත් මේ චිත්‍රපට තෝරා ගැනීමේ කර්තව්‍ය සඳහා මෙරටින් දායකවන්නට ඉඩ ලැබුණේ එක් සිනමාවේදියකුට පමණී.ඒ තවමත් මෙරට තිර ගත නොවූ නමුත් ඉගිලෙන මාළුවෝ නම් චිත්‍රපටය තැනීමෙන් ලොව පුරා සිනමා විචාරකයන්ගේ අවධානය දිනා ගත් සිනමාකරු සංජීව පුෂ්පකුමාර පමණී.ලොව පුරා සිනමාකරුවන් විසින් තෝරා ගන්නා ලද චිත්‍රපට සියයයෙන් මුල් තැනට පත් චිත්‍රපට දහය අරුණ ගුණරත්න
|
CREATIVE
|
චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වූ යාය 4 ටෙලි සිතුවම සෑම ඉරිදාවකම රාත්‍රී 9 ට ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වේ.සදාහරිත රක්ෂිත පතන් වනාන්තරයක මායිම්ව පිහිටි අවට ලෝකයෙන් වෙන් වූ ගමක් තුළ ජීවත්වන පවුල් තුනක් වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙය විනිල් මැණික් ආයතනයේ නිෂ්පාදනයකි.බිමල් ජයකොඩි , සාරංග දිසාසේකර, හිමාලි සිරිවර්ධන, මොරින් චාරුනී, එරංග ජීවන්තක, ඩිනක්ෂි ප්‍රියසාද්, තිමිල උඩලවත්ත, සංගීතා බස්නායක, චින්තක වාස්, ෂනුද්‍රි ප්‍රියසාද්, සඳනි නිමේෂිකා, පවිත්‍රා ෂක්‍රමසිංහ, අසේල සපුආරච්චි, පබසරා කාරියවසම් යාය 4 හි නළු නිළි පිරිවරයි.කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ධම්මික හේවාදූවගේ කලා අධ්‍යක්ෂණයකි. සංජීව රත්නායක අංග රචනයෙන් එක් වෙයි.උදය ප්‍රසන්න සහාය අධ්‍යක්ෂණයෙන් ද, චන්දන ශ්‍රී සුදාරක නිෂ්පාදන කළමනාකරණයෙන්ද රවි හාන්ස් වැටකෙපොත සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ලක්රුවන් සේරම් සංස්කරණයෙන් ද දායක වෙති.යාය 4 චාමර පීරිස්, තිමර උඩවමත්ත සහ තුෂානී බුළුමුල්ගගේ තිර රචනයකි.ප්‍රියන්ත පතිරගේ ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘පුංචි අපිත් බය නැහැ දැන්’ ළමා චිත්‍රපටය ලබන 08 වැනිදා කිතුල්ගල අවට ප්‍රදේශයේ රූගත කිරීමට නියමිතය.ගිරිරාජ් කෞෂල්‍ය, රාජිත චාමිකර (පිංපොං), ජයනි සේනානායක, මහින්ද පතිරගේ, සුසන්තා චන්ද්‍රමාලි, තිස්ස බණ්ඩාරනායක, සීතා කුමාරි, කැලුම් නිරෝෂන්, රන්ජන් ගලගෙදර, ප්‍රියංකර ජනක කුමාර, සන්දීප සන්රාජ් ඇතුළු නළු නිළි පිරිසක් මේ සඳහා රංගනයෙන් සහභාගි වෙති. ප්‍රධාන ළමා චරිත සඳහා පණ පොවන්නේ සචින් චතුරංග, දිල්කි නෙත්මිණි, සන්තුෂ් දිල්හාර විසිනි.කැමරාකරණයෙන් ගාමිණි චමින්ද, කලා අධ්‍යක්ෂණයෙන් සුමති කුඩලිගම, සහය අධ්‍යක්ෂණයෙන් ඩබ්. රවීන්ද්‍ර, අංග රචනයෙන් ශ්‍රී ලාල් හේමන්ත, නිෂ්පාදන කළමනාකරණයෙන් පුබුදු රණසිංහ හා නිෂ්පාදන විධායක ලෙස එස්. සුභසිංහ දායකත්වය සපයයි.නිමි රූ චිත්‍රපට වෙනුවෙන් රෝසි මැනුවෙල්, සන්දීප් සන්රාජ් හා රන්ජන් ගලගෙදර ‘පුංචි අපිත් බය නැහැ දැන්’ ළමා චිත්‍රපටය නිෂ්පාදනය කෙරේ. චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතුª කළ ප්‍රියන්ත පතිරගේ ‘බීරළු කොට්ට්ය’, ‘සුභා මා ඔබේමයි’ වැනි ටෙලි නාට්‍යයන්හි අධ්යක්ෂවරයා ද වේ.
|
CREATIVE
|
අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ පෙරමුණට පැමිණීමට ෆ්‍රැන්සිස් ලෝරන්ස් අධ්‍යක්ෂණය කළ The Hunger Games : Catching Fire චිත්‍රපටය සමත්ව ඇත. පසුගිය නොවැම්බර් 22 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ මෙය The Hunger Games චිත්‍රපට මාලාවේ දෙවැන්නයි. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ජෙනිෆර් ලෝරන්ස්, ජෝන් හචර්සන්, ලියම් හෙම්ස්වෝර්ත් රංගනයෙන් දායක වෙති. පළමු සති අන්තයේදී එය ඉපැයූ ආදායම ඩොලර් මිලියන 15.8ක්.සති කිහිපයක් පුරා අංක එකේ සිටි Thorචිත්‍රපට මාලාවේ දෙවැන්න වු The Dark World චිත්‍රපටයට මෙවර දර්ශකයේ හිමි වූයේ දෙවැනි ස්ථානය යි. සති අන්තය වනවිට එය ඉපැයූ ආදායම ඩොලර් මිලියන 14.2ක්. මැල්කොම් ඩී. ලී අධ්‍යක්ෂණය කළ The Best Man Holiday චිත්‍රපටය තෙවැනි ස්ථානයට පැමිණ තිබේ. හාස්‍යමය කතා පුවතක් රැගත් එය සති අන්තය වනවිට ඩොලර් මිලියන 12.5ක ආදායමක් වාර්තා කර තිබුණි. පසුගිය නොවැම්බර් 22 වැනිදා සිට අමෙරිකාවේදි තිරගතවීම ආරම්භ කළ Delivery Man චිත්‍රපටය සිව්වැනි ස්ථානයට පැමිණ තිබේ. කෙන් ස්කොට් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 7.94ක්. වින්ස් වෝග්න්, ක්‍රිස් ප්‍රැට්, කෝබි ස්මල්ඩ්ර්ස් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් එක් වෙති.අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ සිව්වැනි සතිය ගතකරන Free Birds චිත්‍රපටයට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානය යි. හයවැනි ස්ථානය ජෝන් ටටෙල්ටර්බ් අධ්‍යක්ෂණය කළ Last Vegas චිත්‍රපටයට හිමිවී තිබේ. ජෙග් ට්රෙමෙයින් අධ්‍යක්ෂණය කළ Bad Grandpa චිත්‍රපටය හත්වැනි ස්ථානයේ රැඳී සිටින අතර අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ එය ගත කරන්නේ අටවැනි සතිය යි. 12 Years a Slave චිත්‍රපටය නමවැනි ස්ථානයේ රැඳී සිටී.ජීන් මාර්ක් වැලී අධ්‍යක්ෂණය කළ Dallas Buyers Club චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර දසවැනි ස්ථානය හිමිවී තිබේ. සති හතක් පුරා බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටි Cloudy With a Chance of Meatballs චිත්‍රපටය සහ About Time, Captain Phillips චිත්‍රපට මෙවර දර්ශකයෙන් ඉවතට ගොස් තිබේ.යතේජා
|
CREATIVE
|
* සුප්‍රකට ගීත රචකයකු වූ උපුල් ශාන්ත සන්නස්ගල ගැන ඔබේ අදහස කුමක්ද?උපාලි තිලකරත්නගාල්ලසන්නස්ගල යනු මට දැනෙන්නේ මහා පොරක් හැටියටයි. ඔහුගේ මතවාදවලට මම හැම විටම එකඟ නැතත් ඔහු මට පොරක් වී ඇත්තේ කාරණා කිහිපයක් නිසාය. එකක් නම් ඔහු ජීවිතය බිංදුවෙන් පටන් අරගෙන සියලු අභියෝග මැද තම වපසරිය හඳුනාගෙන ඉහළටම ඒමට ඔහුට තිබූ කැපවීම හා ධෛර්යවන්තකමයි. අනෙක තම මතවාද වෙනුවෙන් පෙනී සිටීමට හා ඒවා එළි දැක්වීමට ඔහු තුළ ඇති නිර්භීතකමයි. එසේම මව්පියන් තම දරුවන් දොස්තරවරුන්, ඉංජිනේරුවන් කළ යුතු යැයි මෝඩ හීන දකිමින් සිටින යුගයක සිංහල භාෂාව ඉගෙන ගැනීම යෞවන යෞවනියන් අතර විලාසිතාවක් බවට පත් කිරීමට තරම් ඔහු තුළ තිබූ නිර්මාණශීලිත්වය දුටුවාම මට දැනෙන්නේ ඔහු නම් සුපිරි පොරක් හැටියටයි.* අශෝක පොන්නම්පෙරුම සමඟ රීටා රත්නායක රඟපෑ චිත්‍රපට සඳහන් කරන්න.කේ. පී. පියසේන, රේමන් සිල්වාබොරගොඩවත්තසිතක මහිම, සුනීතා, සුන්දර බිරිඳ, සුහද සොහොයුරෝ, සුභ සරණ සැප සිතේ, ඇතුල්වීම තහනම්, සුහද පැතුම, ශාන්ති මේ දෙදෙනා එකට රඟපෑ චිත්‍රපටයි.* අපේ රටේ මෙන්ම විදෙස් රටවලත් ඉතා ජනප්‍රිය ඉංග්‍රිසි චිත්‍රපටයක් වූ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ නළු නිළි යුවළ කවුද?එච්. ඉන්ද්රපාලමුංහේනලියනාඩෝ ඩිකැප්රියෝ සහ කේට් වින්ස්ලට්.* ඉතාමත් සාර්ථක සිංහල චිත්‍රපටයක් වූ ‘මාතලන්’ චිත්‍රපටය රූපවාහිනී නාලිකාවක විකාශනය නොකරන්නේ මන්ද?අයිලින් සෝවිස්රාගමවර්තමානයේ එහි අයිතිය තිබෙන්නේ තිස්ස නාගොඩවිතාන සතුවය. අපි මේ මඟින් ඒ මහතාගෙන් ඉල්ලීමක් කරමු.* රත්නපුරේ ශිවංකර හිමි නමින් පැවිදි වූ ඩී. කීරගලආරච්චි නම් පුවත්පත් කලාවේදියාගේ අද තත්ත්වය ගැන විස්තරයක් කරන්න.සමන් ගාල්ලගේකැටපලඋන්වහන්සේ පසුගිය කාලයේ මුණ ගැසුණේ නැහැ. සසර මඟ කෙටි කර ගැනීමේ අදහසින් ආරණ්‍යගතව සිටින බව ආරංචියි.* සමහර රූපවාහිනී වැඩසටහන්වලදී නිවේදිකාවෝ එම වැඩසටහන් කිසිම සංවර ගතියකින් නොකරන බවයි පේන්නේ. ඒ ගැන ඔබගේ අදහස කුමක් ද?ආතර් ද සිල්වාමාතලේ.සංවර නැද්ද කියල නම් මම දන්නේ නැහැ. මට වැඩසටහන අප්‍රිය නම් චැනල් මාරු කරනවා. මොකද ඕන තරම් චැනල් තියෙනවානේ බලන්න. නැත්නම් රූපවාහිනිය ඕෆ් කරලා විදුලි බලය ඉතිරි කරනවා.* ජනප්‍රිය ගායන ශිල්පිනී සුභානි හර්ෂණීගේ අලුත්ම ලිපිනය ලබා දෙන්න.වසන්ත කේ. ප්රනාන්දුකැළණියසුභානි හර්ෂණී අංක 129, බෙලිඅත්ත පාර, තංගල්ල.* සුන්දර බිරිඳ චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් කවුරුන්ද?එච්. වී. කේ. පියදාසමාබෝලේජනප්රිය ගීත රැසක් අඩංගු වූ මෙම චිත්‍රපටයේ අශෝක පොන්නම්පෙරුම, රීටා රත්නායක, රවීන්ද්‍ර රූපසේන, ලීනා ද සිල්වා, එල්. එම්. පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වුණා.* දක්ෂතම සම්මානය දිනා ගන්නා ඇතැම් නළු නිළියන්ට ජනප්‍රිය සම්මානය තියා ජනප්‍රිය ලේඛනයටවත් පැමිණිය නොහැකි ඇයි අර්ජුන්?කරු මන්දාවලනාත්තන්ඩියසමහර ජනප්‍රිය නළු නිළියන්ට දක්ෂ නළු නිළියන් වෙන්න බැහැ වගේම තමයි කරු.* ‘මවකගේ උණණුසුම නොලබා සැපට නිදන පුතේ’ ගීතයෙන් ජනප්‍රිය වූ කේ. සේන ගායන ශිල්පියා අප අතර තවම සිටිනවාද?සුනිල් බී. වේහැල්ලසමන් ගාල්ලගේලක්මාල්ඩඩ්ලි ගෝමස්දැන් ජීවතුන් අතර නැහැ.* මේ දිනවල දෙරණ රූපවාහිනියේ විකාශනය වන ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයේ ගොතටුවේ සිරිල් ලෙස රඟපාන කුමාර රණපුරගේ දුරකථන අංකය ලබා දෙන්න.දයාරත්න ගනේගොඩකැලණිය0776673934.* අර එෆ් එම් ඇහුවත් සල්ලි තමයිමේ එෆ් එම් ඇහුවත් සල්ලි ගොඩයිඒත් අපි අහන්නේ අර්ජුන්ගෙන් පමණයිඅපිට නම් . . . ඉතින් . . .?විමල් රණසිංහකොළඹ 14.පිළිතුරු තමයි.* අර්ජුන්ගෙන් අහන්න තීරුවේ පැනයට පිළිතුරු ලෙස ‘ගඟ යන්නේ කොහෙද ගලා’ ගීතය ඇතුළත් චිත්‍රපටය යට ගිය දවස බවට මගේ මතකයයි. ඉපදුණේ ඇයි චිත්‍රපටයට එම ගීතය අඩංගු නොවේ. මෙය නිවැරැදි කර දෙන්න.ආර්. එච්. එම්. ප්රේමසිරිගණේමුල්ලඔබ නිවැරැදියි.* චිත්‍රපටයක මනා ලෙස ගීත පටිගත කිරීමේ නියැලී සිටි මර්වින් බෙන්ස් නම් කලාකරුවා ගැන යමක් කියා දෙන්නකෝ. ඔහු දැන් නිශ්ශබ්ද ඇයි?මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වලකෑගල්ලචිත්රපට ගීත පටිගත කිරීමේ දීර්ඝ ඉතිහාසයක් තිබූ මර්වින් බෙන්ස් වර්තමානයේදී ක්ෂේත්රයෙන් ඉවත්ව විවේක සුවයෙන් ගත කරන්නේ. එහෙත් ඔහු සිනමාව කෙරෙහි ඇති උනන්දුව අඩු වූ බවක් පෙනෙන්නට නැහැ.සැකසුමයතේජා ඥානරත්න
|
CREATIVE
|
සරසවිය මාධ්‍යවේදී සංජීව සම්පත් බාලසූරිය පසුගියදා යුග දිවියට පිවිසුණේය. ඔහුගේ අත ගත් මනාලිය වූයේ නීතිඥවරියක වන ජයමුදිතා ජයසූරියයි. පස්යාල කල්එළිය ග්‍රෑන්ඩ් එමිරේට්ස් උත්සව ශාලාවේදී සංජීව - ජයමුදිතා දෙපොළ සේයාරුවට පෙනී සිටි අයුරුයි මේ.
|
CREATIVE
|
එළිසබෙත් ටේලර් නම් ගිනි සිළුව ඉදිරියේ පළගැටියකු නොවන කඩවසම් හාදයා කවුරුන් ද? ජනප්‍රිය නළු කොලින් ෆෙරල් එළිසබෙත් ටේලර් සමඟ අසාමාන්‍ය, අපූරු සබඳතාවක් පවත්වා තිබෙන්නේ ඇය මිය යාමට ආසන්න කාලයේදීියි. වසර 2011 දී වයස අවුරුදු හැත්තෑ නවයේදී එළිසබෙත් අවසන් හුස්ම හෙලුවාය. කොලින්ට වඩා එළිසබෙත් හතළිස් වසරක් වැඩිමල්ය.ඒ කතාව ඔහු හෙළි කළේ රූපවාහිනී සාකච්ඡාවකදීයි. ‘වසර 2005 දී මගේ බාල පුතාගේ උපත බලාපොරොත්තුවෙන් සිටි කාලයක්. දවසක් මට ඇයගේ කාර්ය මණ්ඩලයෙන් එළිසබෙත්ට අසනීප බව දැනගන්නට ලැබුණා. ඇයගේ හදවතේ ගැටලුවක් ඇති බවත් එය එතරම් ගැටලුවක් නොවන බවත් ඔවුන් පැවසුවා. මං මිතුරාට ඇයට ‘හලෝ’ කීී බව පවසන්නැයි කිව්වා. ඒ සමඟම ඇය මා ගැන නොදන්නවා ඇතැයි ද පැවසුවා. නෑ ඇය ඔබ ගැන දන්නවා. ඔහු පැවසූ විට මා පුදුමයට පත් වුණා. එවිට පුදුම සතුටක් ඇති වුණේ. ඇයට ඉක්මන් සුව පතලා පණිවුඩයක් ඇරියා.නිවෙසට ගිය පසුත් ඇය සිහි වුණා. මං ඇයගේ කාර්ය මණ්ඩලයට, මිතුරන්ට කතා කර ඕකිඩ් මල් කලඹක් යැව්වා. ඇයත් මට මල් කලඹක් එව්වා.මං සතුටින් උඩ පැන්නා. ඊළඟ පියවර ඇය හමුවීමයි.අපූරු ආදරයක් අප අතර ගොඩ නැඟුණා. මා ඇයගේ අටවැනි සැමියා වීමට බලා සිටියා. ඒත් ඒ සිහිනය මල් පල දැරුවේ නැහැ. (ඇය හත් වරක් විවාහ වූවාය).අපි අතරේ තිබුණු බැඳීමේ අවසන් ප්‍රතිඵලය වුණේ දෙදෙනාටම නින්ද නොයාමයි. මං වාගේම ඇයත් නිදි මැරුවා. පාන්දර දෙකටත් ඇයට කතා කළා. පැයක ඇමතුමකින් අපි ආදරය බෙදා ගත්තා.ඇය මගේත්, ජොනී ඩෙප්ගේත් රංගනය අගය කළා.’තිස්හත් හැවිරිදි අයිරිෂ් නළු කොලින් ෆෙරල්, අට වරක්ම විවාහ නොවුණත් සබඳතා රැසකටම හිමිකම් කියන්නකි. ඔහු අමේලියා වෝනර්, බ්‍රිට්නි ස්පියර්ස්, නිකොල් නරේන්, ඇන්ජලිනා ජොලී, ඩෙමී මුවර් වැනි තාරකාවන් රැසක් සමඟ පෙමින් බැඳුණු අයෙකි.එළිසබෙත් ටේලර්ගේ අවමඟුලට පවුලේ සාමාජියන් නොවන අය සහභාගි වූයේ සීමාසහිතවය. ඒ අතර ඔහු ද සිටියේය. ෆෙරල් එළිසබෙත් වෙනුවෙන් පෙම් කවක් ද ගායනා කෙරුවේය.
|
CREATIVE
|
ආදරය පෙම්වතියකට වඩා වටින්නේ ආදරවන්තයා සමඟ ගත කිරීමට සොයා ගන්නා මොහොතක හෝ කාලයයි. අනුෂ්කා ෂර්මා විරාල් කෝලිටත් වඩා ;සනෙහස දක්වන මිතුරකු සිටියි. මේ නිසා විරාල් ගේ සිත ද ඊර්ෂ්‍යාවෙන් පිරී ඇත. අනුෂ්කාගේ හදවත දිනාගෙන ඇත්තේ මාස හයක කෙනෙකි. හැබැයි ඒ දෙපා සතකුª නම් නොවෙයි. සිවුපා සතෙකි. ලැබ්රඩෝර් සුනඛ විශේෂයට අයත් උගේ නම ‘ඩූඩ්’ ය. ‘ඩූඩ්’ නොදැක කාලය ගත කිරීම විරාල් නොදැක කාලය ගත කිරීමටත් වඩා අනුෂ්කාට අසීරුය.ශ්‍රී ලංකාවේ අනුරාග් කාශ්‍යප් ගේ ‘බොම්බේ වෙල්වට්’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටි ඇය සති අන්තයේ මූම්බායි ගොස් ඇත්තේ සුනඛ සුරතලා බැලීමටයි. සුනඛ පෝතකයා සමඟ ඇති පෙම මඳ වශයෙන් හෝ බිදී යනවාට අනුෂ්කා අකැමැතිය. ‘ඩූඩ්’ සමඟම ගත කළ සති අන්තයට ‘විරාල්’ ගේ නමවත් එක් කිරීමට ඇය අකැමැති වූ බව මිතුරු මිතුරියෝ පවසති.
|
CREATIVE
|
අති සාර්ථක ලෙස සිනමා ශාලා 45ක තිරගත වන “ඇහැළේපොළ කුමාරිහාමි” චිත්‍රපටය හෙට විජයග්‍රාහී 50 වැනි දිනය සමරයි. මේ වන විට ලක්ෂ 850ක ආදායමක් උපයා ඇති මෙම චිත්‍රපටය තවදුරටත් පාසල් දර්ශන සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව නිෂ්පාදක ගයාන් රණධීර පවසයි.50 වැනි දිනය සමරමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට “ඇහැළේපොළ කුමාරිහාමි” කණ්ඩායම සැලසුම් කර තිබේ. ඒ අනුව 20 වැනි සෙනසුරාදා පෙ.ව.10.30ට “ඇහැළේපොළ කුමාරිහාමි” රංගන පිළිවෙළ රැගත් කණ්ඩායම නුගේගොඩ “ක්වින්ලන්” සිනමාශාලාවට ළඟාවීමට නියමිතය. ඉන් අනතුරුව එදින ප.ව.1.30 දර්ශනය සඳහා දළුගම “කන්ට්‍රාස්” සිනමා ශාලාවටත්, කඩවත “නිකාඩෝ” සිනමා ශාලාවටත් පිරිස පැමිණෙති. රාජගිරිය “ඉන්පාලා” සිනමා ශාලාවේදී පස්වරු 4.30 දර්ශනය සදහා නළු - නිළි පිරිස සහභාගී වීමට නියමිත අතර රාත්‍රී7.00 දර්ශනය සඳහා ඔවුන් කොල්ලුපිටිය “ලිබර්ටි” සිනමා ශාලාවට ළඟාවෙයි. මෙදින සිනමා ශාලාවට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට මද්දුම බණ්ඩාර ඇතුළු නළු - නිළි පිරිසගේ අත්සනෙන් යුත් සමරුවක් ලබාදීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර ඇති බව තව දුරටත් ගයාන් රණධීර පැවසීය.- තිලානි ශානිකා
|
CREATIVE
|
ඩොනල්ඩ් ජයන්ත කියන්නේ අපේ සිනමා ක්ෂේත්රයේ සිටින කාර්ය බහුලම සහාය අධ්යක්ෂවරයෙක්. චිත්‍රපට රැසකට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණු ඔහු පසුගිය දවස්වල නම් කිව්වේ තම 50 වැනි සහාය අධ්‍යක්ෂණයෙන් පස්සේ අධ්යක්ෂණයට පිවිසෙනවා කියලා.එහෙම කියපු ඩොනල්ඩ් පසුගිය දවසක සදේශ් කුමාර්ගේ ‘ප්‍රවේගය’ චිත්‍රපටයට සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා. මේ ගැන අහන්න අපි ඔහුට කතා කළාම ඔහු අපට කිව්වේ ආයෙමත් ‘මායා’ කියලා අලුත්ම ෆිල්ම් එකකට සම අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා කියල යි.ඩොනල්ඩ් සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණ ෆිල්ම් දහයක් විතර තව තිරගත වෙන්නත් තියෙනවා. මේ වෙනකොට ඔහු සහාය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන 47 ක්. ඒ වගේම තව අලුත් චිත්‍රපට හතකටත් සහාය අධ්යක්ෂණයට ආරාධනා ලැබිලා.කොහොම වුණත් මේ හැම එකක්ම ඉවර කරලා පොඩි නිවාඩුවක් එහෙමත් අරගෙනම අධ්යක්ෂණයට පිවිසෙන්න තමයි ඩොනල්ඩ් ගේ බලාපොරොත්තුව.
|
CREATIVE
|
සිය වසකට ආසන්න ඉතිහාසයක් ඇති කොළඹ රීගල් සිනමාහලේ වැඩිම ආදායම් වාර්තාව තැබීමට පසුගිය ඉරිදා කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටය සමත් විය. එදින පැවති දර්ශනවාර තුනෙන් පමණක් එම චිත්‍රපටය ඉපැයූ ආදායම රුපියල් තුන් ලක්ෂ දෙදහස් හයසියයකි.එමෙන්ම ලිඩෝ බොරැල්ල, මෙට්‍රෝ නුගේගොඩ, ඇමටි ලයිට් මහරගම, හිමාලි කිරිබත්ගොඩ යන සිනමා ශාලාවන්හි එක් දිනක් තුළ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය මෙය බව උදයකාන්ත වැඩිදුරටත් පවසයි.උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ පුඤ්ඤසෝම තිරගත කරන ලද සියලුම සිනමා ශාලාවල නොසිතූවිරූ සාර්ථකත්වයක් ලබා ඇති බව ද වාර්තා වෙයි.
|
CREATIVE
|
නැවතත් ක්‍රියාදාමයටද නොවැම්බර් මෑන් (The November Man)උසස් සී. අයි. ඒ. නිලධාරියකු වන පීටර් තම සේවා කාලය නිමවා ස්විස්ටර්ලන්තයට ගොස් නිදහස් ජීවිතයක් ගත කරයි. එහෙත් ඔහුගේ කලින් ප්‍රධානියා නැවත ඔහු මෙහෙයුමකට කැඳවයි. එහිදී ඔහුට මුහුණ පාන්නට සිදු වනුයේ නොසිතූ විරූ අත්දැකීමකටය.ත්‍රාසජනක කතාවක් තේමා වී ඇති නොවැම්බර් මෑන් ජනප්‍රිය නළු පියෙරෙස් බ්‍රොස්නන් සම ඟ ලුක් බ්රූක්ලි, ඔල්ගා කුරිලැන්කෝ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.මෙය ජනප්‍රිය චිත්‍රපට රැසක් තැනූ රොජර් ඩොනල්ඩ්සන්ගේ අධ්‍යක්ෂණයකි.නිසල දිවියක් සසළ කළ (Sarabham) අරුන් මෝහාන් අධ්‍යක්ෂණය කළ නවතම දෙමළ චිත්‍රපටයයි සරබහම්. ගෘහ නිර්මාණ සමාගමක කළමනාකරුවකු වන වික්‍රම් නමැත්තකු වටා ගෙතුණ මෙය නවීන් චන්ද්‍ර, ආදුකාලම් නරේන්, කාදල් කන්නන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇත.පළමුව ආත්මාරක්ෂාවස්ට්රීට් ෆයිටර් (Street Fighter)සටන් කලාව ප්‍රගුණ කරන අයටත් ත්‍රාසජනක සටන් නැරැඹීමටත් ප්‍රිය කරන ඩී. වී. ඩී. ප්‍රේක්ෂකයාට සුදුසු චිත්‍රපටයක් ස්ට්‍රීට් ෆයිටර් චිත්‍රපටය.ජෝයි මුන්යා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි අකිරා කොයියාමන්, ක්‍රිස්ටියන් හෝවාඩ්, මයික් මෝ(හ්) රංගනයෙන් දායක වන අතර ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කරන රේ සහ කෙන් නැමති තරුණයන් දෙදෙනකු සහ ඔහුගේ ගුරුවරයා වටා මෙහි කතාව ගෙනී ඇත.තම සටන් ගුරුවරයා වන ගෝකන්ගේ රහසිගත අතීත ජීවිතය සමඟ රේ සහ කෙන් හට මුහුණදීමට සිදුවන බිහිසුණු සිදුවීම් පෙළක් ස්ට්‍රීට් ෆයිටර් සඳහා පාදක වී ඇතහොඳට දුවනපොරියාලන් (Poriyaalan) හරිල් කල්යාන්, ආනන්දි, අජේ රාජා, අචුටා කුමාර් ආඩු කලම්, නදින් මොහාන් සමඟ රූබන් රංගනයෙන් දායක වී ඇති පොරියාලන් මේ දිනවල වෙළෙඳ පොළේ ලබා ගත හැකි නවතම ඩී. වී. ඩී. පටයකි.පොරියාලන් තනු කුමාර්ගේ අධ්‍යක්ෂණයකි.ඈත ගමක වටපිටාවෆයින්ඩින් ෆනි (Finding Fanny) මේ දිනවල ශ්‍රී ලංකාවේද තිරගත වන නවතම හින්දි චිත්‍රපටයයි ෆයින්ඩින් ෆනි චිත්‍රපටය.හෝමි මුදජානියා අධ්‍යක්ෂණය කළ ෆයින්ඩින් ෆනි හින්දි සිනමාවේ විශිෂ්ඨ රංගධරයකු වන නස්රුදින් ෂා සමඟ දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වී ඇත. සෙසු චරිත රංගනය අරුන් කුමාර්, පන්කාජ් කපූර් සහ කලක් හින්දි සිනමාව බැබල වූ ඩිම්පල් කපාඩියා රංගනයෙන් එක් වී ඇත.ඩිම්පල් කපාඩියා රඟපෑ ආරාධනා වැනි හින්දි චිත්‍රපට නැරැඹූ ප්‍රේක්ෂකයාට ෆයින්ඩින් ෆනි මහත් ආස්වාදයක් ගෙන දෙනු ඇත. මෙය දිනේෂ් විජන් නිෂ්පාදනය කර ඇත.ගෝවා ප්‍රදේශයේ ගමක් වටා ගෙතුන අපූරු කාන්තරයක් වන ෆයින්ඩින් ෆනි මෑත භාගයේ තිරගත වූ විශිෂ්ට චිත්‍රපටයකි.සිගරාම් තෝඩු (Sicaram Thodu) ඉන්දීය සිනමාවේ නව පරපුරේ ජනප්‍රිය නළුවකු වන වික්‍රම් ප්රබූ, මුරලි පාන්ඩියන් ලෙස රඟන සිගරාම් තෝඩු මේ දිනවල දකුණු ඉන්දියාව පුරා ජනප්‍රිය චිත්‍රපටයකි.මෙහි වික්‍රම් ප්රබූ සමඟ සත්‍යරාජ් මෝගල්, ගජාර්, කේ. ඒ. රවි කුමාර්, සතිස් සමඟ කේ. සී. ආනන්ද් රංගනයෙන් දායක වී ඇත.මෙය ගෞරව් ගේ අධ්‍යක්ෂණයකි. ආබාධිත පොලිස් නිලධාරියකුගේ පුතකු වටා ගෙතුන මේ චිත්‍රපටය ත්‍රාසජනක කතාවක් ඇතුළත් චිත්‍රපටයකි.ක්රීචර් (Cresature) හින්දි සිනමාවේ තවත් සාර්ථක අධ්‍යක්ෂණයකි. වික්‍රම් භාත් අධ්‍යක්ෂණය කළ නවතම හින්දි චිත්‍රපටයයි ක්රීචර්.අලුතින් ආරම්භ කරන ලද නවාතැනක ලැගුම් ගැනීමට එන අය දෙස තවක් යමෙකු බලා සිටියි තේමාවෙන් නිර්මාණය වි ඇති ක්රීචර් චිත්‍රපටය අද්භූත සහ හොල්මන් ගැන කියවෙන චිත්‍රපටයක් වන අතර මෙය භූෂාන් කුමාර්ගේ නිෂ්පාදනයකි.බිපාෂා බාසු සමඟ ඉම්රාන් අබ්බාස් මෙහි රංගනයෙන් දායක වී ඇත.ලිව්වේ – කල්‍යාණ චන්ද්රසේකරඩී. වී. ඩී. අනුග්‍රහය නීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර.
|
CREATIVE
|
හැත්තෑව, අසූව දශකවල සහ නව පරපුරේ අතිශය ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ එකමුතුවෙන් හැඩ ගැන්වෙන ‘අමේසින් බීට්’ ලයිව් ඉන් කොන්සර්ට් මෙම මස 17 වැනිදා සවස කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.අනිල් භාරතී, ඩැල්රින් සුබී, ප්‍රියන්ත ප්‍රනාන්දු, ඉන්ද්‍රාණි පෙරේරා, ලාංකිකා පෙරේරා, රොනී ලීච්, ලකීදේවා සමඟ ලහිරු පෙරේරා,තීක්ෂණ අනුරාධ, සංඛ දිනෙත්, සුරනි ද මෙල්, උදේශ් ඉන්දුල, රුක්ෂාන් පෙරේරා, දුෂ්යන්ත් වීරමන් සහ ශානිකා මදුමාලි යන අයගේ ගැයුමින් ප්‍රසංගය හැඩ ගැන්වීමට නියමිතය.සංගීතය රුක්ෂාන් කරුණානායක ප්රමුඛ චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස් සහ සහන් සිල්වා ප්රමුඛ ග්ලෝරි සංගීත කණ්ඩායම් වලිනි.රංගන දායකත්වය දොන් ගයි විසින් සහ නර්ථනය සංඛ ප්‍රසාද් ප්රමුඛ සෝලා හිට්ස් නර්ථන කණ්ඩායම විසින් සිදු කරයි.රාවතාවත්ත සූරතාවයන්ගේ රාජේශ්වරියගේ දෙව් මැදුරේ සංවිධානයක් වන මෙම ප්‍රසංගයේ සියලුම ආදායම් එම දෙව් මැදුරේ ගොඩනැගිල්ලේ අරමුදල සඳහා වෙන් කෙරේ.
|
CREATIVE
|
නිවෙසට වී සිටින මම උදේට නැඟිටලා පළමුව කරන්නේ කුරුල්ලන්ට කෑම දැමීමයි. කෑම ලෑල්ලට එන කුරුල්ලන් අතර ඉන්න කොහා නිතරම වගේ මගේ නෙත ගැටෙනවා. අවුරුද්දට විතරක් කොහා නාද කරන වග අසා ඇති නමුත් සෑම දිනෙකම වගේ කොහාගේ නාදයට මම සවන් යොමු කරනවා.පසුගිය කාලයේ අලුත් පරපුරට ගීත කිහිපයක්ම රචනා කළා. කාලයකට පස්සේ ධම්මිකා බණ්ඩාරටත් ගීතයක් ලිව්වා. ඒ අතරම චිත්‍රපටවලටත් ගීත ලිව්වා.
|
CREATIVE
|
ගීත කෝකිලා ලතා වල්පොලගේ ඡන්ම දිනය වෙනුවෙන් මීට වසර හතකට ප්‍රථම ආරම්භ කෙරුණු ‘ලතා වල්පොල මිතුරු හවුල’ හි අනුශාසක මණ්ඩලයේ ප්‍රථම රැස්වීම මෙම 28 වැනිදා සවස 3.00 ට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අනුග්‍රාහකත්වයෙන් මොරටුව නගරශාලාවේදී පැවැත්වේ.පූජ්‍ය ගම්පොළ සුගුණධජ ස්වාමීන් වහන්සේ හා දේවගැති ගරු සුනිල් ප්‍රනාන්දු පියනම පූජ්‍ය අනුශාසකවරුන් වශයෙන් ද පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ශි‍්‍රයාණි අමරසේන, ක්ලැරිස් ද සිල්වා, සෝබනී අමරසිංහ, ජනාදරී සල්ගාදු, අයිරින් ලියනගේ, සීතා නානායක්කාර, මල්ලිකා කහවිට, ඉන්ද්‍රාණී සේනාරත්න, චරිතා පි‍්‍රයදර්ශනී පීරිස්, චන්ද්‍රිකා සිරිවර්ධන, ස්ටැන්ලි ඕමාර්, ජයන්ත අරවින්ද, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, ඩබ්ලිව්. ප්‍රේමරත්න, ටියුලින් ජයරත්න, අර්නස්ට් වඩුගේ, සිරි කහවල, ටී. ජී. රංජන් ද සිල්වා, සුදත් සමරසිංහ සහ දෙහිවල ගල්කිස්ස උප නගරාධිපති කේසරලාල් ගුණසේකර, පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත ද සිල්වා, හිටපු පළාත් සභා මන්ත්‍රී මොරිස් විජේසිංහ යන මහත්ම මහත්මීන් ගිහි අනුශාසකවරු වශයෙන්ද මෙහි කටයුතු කරන අතර ලතා මිතුරු හවුල නිර්මාතෘ තිලංගනී මල්ලිකා මෙන්ඩිස් මහත්මිය මෙහි සභාපතිත්වය දරන්නීය.චන්දු
|
CREATIVE
|
හෙට රාත්‍රී 10.10 ට ජාතික රූපවාහිනියේ විකාශය වන ආලකමන්දාව වැඩසටහන ප්‍රවීණ කැමරා ශිල්පී වී. වාමදේවන් වෙනුවෙන් වෙන් වෙයි. සුනිල් මිහිඳුකුල තිර පිටපත ලියූ මෙය විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි. සංස්කරණය රංජිත් වලිසුන්දරගෙනි.ආලකමන්දාව ජාතික රූපවාහිනියේ නිපැයුමකි.- ප්‍රසාද්‘දඟමල්ල’, ‘මම වෙනම මලක්’, ‘ඈන්’ වැනි සම්මාන දිනූ හා ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය කළ නාලක ස්වර්ණතිලකගේ ‘තටු සලන්න ඉඩ හරින්න’ නම් නවතම වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මේ මස 20 වැනිදා කලුතර සිරි කුරුස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මහරගම ශාස්ත්රභූමි කලායතනයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ නර්තන හැකියාවන් දක්වන ශාස්ත්රා නර්තන ප්‍රසංගය ලබන 21 වැනිදා හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.ජීසස් ඔෆ් ස්පයිඩ ලයිෆ් නැමැති ස්ව නිර්මාණ මුද්‍රා නාට්‍ය මෙවර ප්‍රසංගයේ විශේෂ ඉදිරිපත් කිරීමක් වන අතර මෙම ප්‍රසංගය සඳහා වයස අවුරුදු තුනේ සිට දරුවන් සහභාගිවේ. නර්තන නිර්මාණ අධ්‍යක්ෂණය අමාලි දීපිකා දහනායක විසිනි.- යතේජාසම්මානනීය තිරකතා රචකයකු මෙන්ම අධ්යක්ෂවරයකු ද වන සරත් ධර්මසිරි නිර්මාණය කළ නවතම ආරක කතා පුවතක් රැගත් ‘බණ්ඩාර දෙයියෝ’ ටෙලි වෘතාන්තය සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වේ.ජාතික රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය වන දම්සරණ නමින් පොහොය නාට්‍ය මාලාවක රූගත කිරීම් පසුගියදා ඇරැඹිණ.හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන මෙහි හෂිනිකා කරළියැද්ද, රූපා ගෝමස්, පවන් සත්සර, මිලින්ද පෙරේරා, මංජුල සේනානායක, ජයතිලක ඇඹුල්දෙණිය, ජනක හාල්පන්දෙණිය ආදී පිරිස රංගනයේ යෙදෙති.අශෝක පීරිස් සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අජිත් රන්දුනුගේ ගීත ගායනයෙන් ද, මහේෂ් කරුණාරත්න කැමරාකරණයෙන් ද, දීපාල් උදයසිරි කලා අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වෙති. මෙහි නිෂ්පාදනය දේදුණු පික්චර්ස් වෙනුවෙන් තක්සලා කුමාරිගෙනි.නිෂ්පාදන කළමනාකරණය ලලිත් කල්දේරාගෙනි. සම නිෂ්පාදනය සහ සහාය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්නගෙනි. දර්ශන තල සම්බන්ධිකරණය විමල ගුණසේකරගෙන්ය.දම්සරණ හි උපදේශකත්වය සහ සම්බන්ධිකරණය බී. සිරිතුංග පෙරේරාගෙනි.- ප්‍රසාද්
|
CREATIVE
|
සනත් අබේසේකර අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමාපටය, ධර්මපාලතුමන්ගේ එකසිය පනස් වැනි ජන්ම සංවත්සරය යෙදෙන සැප්තැම්බර් 17 වැනිදා සිිට එම්. පී. අයි. සහ සෙල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කෙරෙන බව අධ්යක්ෂවරයා ‘සරසවිය’ට දන්වා සිටියි. පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන් සමඟ සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ මෙහි ධර්මපාලතුමන්ට පණ පොවනුයේ පාලිත සිල්වාය.ලකී ඩයස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් දේශප්‍රිය, සඳුන් විජේසිරි, ගයාන් වික්‍රමතිලක, හයිසින්ත් විජේරත්න, ඔස්ටින් සමරවික්‍රම, මාධව විජේසිංහ, රුවන්ගි රත්නායක, දයාසිරි හෙට්ටිආරච්චි, අශෝක නවරත්න කුමාරසිංහ, අමල් පෙරේරා, අජිත් කුමාර, සංජය අමරසිංහ, චිත්‍රානන්ද කුරුවිට ආරච්චි සෙසු චරිත රඟනු ලබයි. අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය සනත් අබේසේකර විසින් නිම කොට ඇත. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. විශාරද නන්දා මාලිනී, රෝහණ වීරසිංහ, මාධවී ජයසේන ගීත ගායනයෙන් එක් වී සිටී. ලකී ආතවුදගේ සහාය අධ්‍යක්ෂණයකි.ගයාන් බුද්ධික සහ ඉන්දික දෙවන සහය අධ්‍යක්ෂවරුන්ය. උපදෙස් සහ තොරතුරු ලබාදීම ආචාර්ය ගයාන් චානුක විදානපතිරණගෙනි. ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනය කෙට ඇත. පූජ්‍ය ඇඹිලිපිටියේ විජිත හිමි සම්බන්ධිකරණයෙන් ද, හීනටිගල ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් ද, මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මේ සඳහා එක් විය. සංජය අමරසිංහගේ නිෂ්පාදන කළමනාකරණයකි. ඉෂිනි අබේසේකර නිෂ්පාදන කෘත්‍යාධිකාරී වේ. නන්දිනන්දා ජයකොඩි සංස්කරණයෙන් එක්ව ඇත.ප්‍රසාද්
|
CREATIVE
|
සුනිල් ටී. චිත්‍රපට සමාගමේ 57 වැනි සිනමා නිර්මාණය ‘මහරජ අජාසත්’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ ගංගාරාම විහාරස්ථාන භූමියේදී පැවැත්විණි. මෙහි කථාව, දෙබස් සහ අධ්‍යක්ෂණය සනත් අබේසේකරයන්ගේය. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍යපාද එල්ලාවල මේධානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ චිරාගත පොල්තෙල් පහන් දල්වා උත්සවය මෙහෙය වන ලද්දේ කුමා අත්තනායකයි.කාලයකට පසු ජනප්‍රිය නිළි සබීතා පෙරේරා මෙහි චරිතයකට දායක වීම විශේෂ වූ කරුණකි. ඇය ඛේමා දේවියගේ චරිතයට ජීවය දෙන්නීය. බිම්බිසාර රජුගේ චරිතය සඳහා තෝරා ගෙන තිබුණේ ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගයි. නව පරපුරේ ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක අජාසත්ත රජුගේ චරිතය සඳහා ද ‘උදයිබද්රා’ කුමරියගේ චරිතය සඳහා නව පරපුරේ නිළි හෂිනි ගෝනගල ද තෝරා ගෙන තිබුණි. මීට අමතරව ගීතා කාන්ති ජයකොඩි, නදීකා ගුණසේකර, ජයනි සේනානායක, නලීන් ප්‍රදීප්, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, ජී. ආර්. පෙරේරා, රොබින් ප්‍රනාන්දු, වසන්ත කුමාරවිල, ජයරත්න ගලගෙදර, ඥනාංග ගුණවර්ධන, දයාසිරි හෙට්ටිආරච්චි සහ සංජය අමරසිංහ සෙසු චරිත සඳහා තෝරා ගෙන තිබුණි.මෙම සිනමා නිර්මාණයේ ලකී අතාවුද සහාය අධ්යක්ෂවරයායි. අංග රචනය සමීර මධු කිෙඳල්පිටියගෙනි. හීනටිගල ප්‍රේමදාස මෙහි ඇඳුම් නිර්මාණය හා පසුතල නිර්මාණකරුවායි. කැමරාකරණය කුමාර තිලක්ගෙනි. විශේෂ ත්‍රිමාණ දර්ශන තිලාන් කුරේගෙනි. දෙවන සහාය අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නේ සුනෙත් රසාංග සහ ගයාන් බුද්ධිකයි. කොණ්ඩා සැකසුම සෑම් පෙරේරාගෙනි. නන්දා නන්දි ජයකොඩි මෙහි සංස්කරණ ශිල්පිනියයි. සංගීතය සෝමපාල රත්නායකගෙනි. වසන්ත කුමාරවිල මෙහි සටන් අධ්යක්ෂවරයායි. නිෂ්පාදන කෘත්‍යාධිකාරි සුනිල් ධර්මසිරියි. නිෂ්පාදන සම්බන්ධීකරණය ප්‍රගීත් ධර්මපාල වන අතර මෙහි නැටුම් අධ්යක්ෂවරයා චන්දන වික්රමසිංහයි.සටහන / සේයාරුව -ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
දිගු කලකට පසු ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කරන ටෙලි නිර්මාණය දස්කොන් සඳහා නවක නළු නිළියන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 07, 08 එනම් එන සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හී බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ඇති මිහිලක මැදුරේදී පැවැත්වේ. මේ සඳහා සහභාගි වන අය ළඟදී ගත් වර්ණ ඡායාරූපයක් සහ තම විස්තර ඇතුළත් කළ අයැදුම්පතක් රැගෙන ආ යුතු වේ.- ප්‍රසාද්
|
CREATIVE
|
අර්ජුනගෙන් අහලා බලමුඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබියදී ක්ෂේත්රය පුරා අර්ජුන කමලනාත් සහ දීර්ඝ කාලයක් පෙම්වතිය ලෙස සිටි අමීෂා කාවින්දි පිළිබඳව විවිධ කතා බහ පැතිරුණා.‘අර්ජුනව අතහැර අමීෂා රට ගිහින්’ ඇසුණු තොරතුරයි. ඒ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව විමසන්නට අර්ජුන කමලනාත්ට කතා කළත් ඔහුගේ කාර්යබහුල තත්ත්වය නිසා ඔහු සම්බන්ධ කර ගැනීම පහසු වූයේ නෑ. කොහො වුණත් අන්තිමේදී අර්ජුන මේ පිළිබඳව අපට කිව්වේ මෙවන් කතාවක්.ඔය කියන කතාව අමූලික බොරුවක්. අමීෂා ගියේ දොහා කටාර්වලට. අමීෂගේ අක්කයි, ළමයි දෙදෙනායි, මස්සිනයි එක්ක. එහෙම නැතිව වෙන කෙනෙක් එක්ක යාළුවෙලා මාව දාල ගියා නෙමෙයි.හැබැයි අපි අතර ආදර සම්බන්ධය නතර වෙලා දැනට මාස 6 ක් විතර වෙනවා. ඒ අපි දෙදෙනා කතා කරලා ගත් තීන්දුවක් අනුවයි.මවුපියන්ගේ ආශිර්වාදය මැද අපි එකතු වෙන්න හිටියේ. ඒ නිසා හඳහන් බලන කොට අපි දෙන්නටම අපලයි. මට සෙනසුරු ලබලා, අමීෂාට රාහු ලබලා. මේ කාරණය ඇත්තද බලන්න බොහෝ අය ළඟට ගිහින් අපේ හඳහන් බැලුවා.ඒ හැමෝම කිවේවේ අපි දෙන්නට වෙන් වෙන්න කියලා. අමීෂා විදේශ ගත වෙනවා නම් හොදයි කියලා කිව්වෙත් ජ්‍යෝතිෂවේදීන්.කොහොම වුණත් ඉඟිලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයෙන් පස්සේ අමීෂා ක්ෂේත්රය පිළිබඳව කලකිරීමෙන් හිටියේ. එයා රඟපාන්න ආයෙත් සහභාගි වෙන්නේ නැති තරමට කලකිරිලා තමයි රට ගියේ.ප්‍රධාන පෙළේ චිත්‍රපට අධ්යක්ෂවරයකුයි ජනප්‍රිය නළුවෙකුයි එකතු වෙලා ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය සිනමා ශාලාවලින් ගැලෙව්වා. මේ හැම දෙයක්ම නිසා අමීෂා කලකිරුණා.ආශාවේ මායා චිත්‍රපටයේ ප්රචාරක වැඩ කටයුතු සඳහා අමීෂා නැවත ලංකාවට එයි. කොහොම වුණත් සතියකට දෙපාරක් විතර අමීෂා මට කතා කරනවා. එයා යන කොට කිව්වේ අවුරුදු දෙකකින් එන්නේ කියලා.නමුත් දින කිහිපයකට ඉස්සෙල්ලා කතා කරලා කිව්වා සැප්තැම්බර් එනවා කියලා. අමීෂා ආපුවාම ඔබ දෙපළ යළිත් එකතු වෙනවාද? එකතු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක දෛවයට බාර දෙනවා. හැබැයි අපි දෙන්න හොඳ යහළුවෝ. අමීෂා ලංකාවට ආපුවහම ඇයගෙන්ම මේ ගැන අහලා බලන්න.ක්ෂේත්රයේ හැදෙන හැම කතාවක්ම ඇත්ත නෙමෙයි. මේක අපේ පෞද්ගලික ජීවිතයේ වෙන ප්‍රශ්න. රසිකයන් අපි ගැන අවධියෙන් ඉන්න එක ගැන සතුටුයි.- තිස්ස ධම්මික
|
CREATIVE
|
දුර්ගාරස මුසු වූ පෙම් කල්පනා රස ඉල්ලා වැලපෙන්නා හසරැල්ල මතින් කඳුළැල්ලට යමින් ඔබ මුණ ගැසෙනා තුරු නොදැනී තනි වූයෙම් මම හිත නුවනී රකුසන් රඳනා ගිනියම් කතරේ සිර වී උන් රණ හංසියෝ මුදවාලු කුමරාණනේ කඳුළක් වේ දෝ ආදරේ ගඟුලක් වැනි ජීවිතේ මා පණ ගැන් වූ උණුසුම අතුරා සැතපෙනු මැනවි නිදැල්ලේ සොම්නස් මහ ද තොටිල්ලේ වටහා ගත යුතු ජීවිතේ පියඹා එනු ඇත ආදරේපද රචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීතය - ග්‍රේෂන් ආනන්ද ගායනය – නීලා වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාසුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
සමන් කුමාර ලියනගේ ගේ ‘සිදම්බරං’ වගේම මොහාන් ජී. රංගනාත්ගේ ‘හිරු දරුවෝ’ ටෙලි නාට්‍යවල රූගත කිරීම් ආරම්භ වුණා. ඒ වගේම සරත් ධර්මසිරිගේ ‘සත්පත්තිනි’ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙලටත් මා සහභාගි වුණා.මගේ වේදිකා නාට්‍ය වුණු සකුන්තලා, මම රට වටා යනවා. ඊට අමතරව රාස්ස පරාස්ස හා කොලොම්පුරේ, කාලගෝල වේදිකා නාට්‍යවලත් රඟපානවා.මේ අතරතුර මම අලුත් කටයුත්තකට යොමු වුණා.ඒ ‘ඇත්තටම බොරු’ නම් වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමටයි. දැනටමත් පුහුණුවීම් ආරම්භ කර ඇති මේ වේදිකා නාට්‍යයේ තිබෙන විශේෂත්වය වන්නේ උදයන්ති කුලතුංග පළමුවරට වේදිකා නාට්‍යයකට රංගනයෙන් සහභාගි වීමයි.සුසිලා කෝට්ටගේ, නිරෝෂන් විජේසිංහ, දිමුතු චින්තක ඇතුළු රංගන ශිල්පීන් රැසක් එහි රංගනයෙන් දායක වෙනවා. අප්‍රේල් 13 වැනිදා උදාවන පාස්කුව සඳහාත් නාට්‍යයකුත් සූදානම්. මම සංගීතය අධ්‍යක්ෂණය කළ ගී පද ලියූ ගීත ඇතුළත් සී. ඩී. තැටියක් ළඟදීම එළි දැක්වීමටත් සියලු කටයුතු සූදානම්.
|
CREATIVE
|
රංගන ශිල්පීමහින්ද පතිරගේමම මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ කෝරලේ මහත්තයා නිසා. මම කෝරළේ මහත්තයා වේදිකා නාට්‍යය වෙනුවෙන් සූදානම් වෙනවා. මේ සඳහා මම කෝරළේ මහත්තයා, මැණිකේ, පිනා, හීන් එතනා, කදිරා සහ කෙයිතා යන චරිත හය තමයි එකතු කර ගන්නේ.මේ දවස්වල එහි පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් සිටිනවා. ජීවන් හඳුන්නෙත්ති තමයි එහි සංගීත කටයුතු සිදු කරන්නේ. ඊට අමතරව රෝහණ බැද්දගේ මහත්තයාගේ රාළහාමි වේදිකා නාට්‍යයේ චරිතයකට දායක වෙනවා.තිලානි / යතේජාඡායාරූප – ටෙනී / මාලන්
|
CREATIVE
|
* ලෝකයට චලන චිත්‍ර යන්ත්‍රය සොයා දුන්නේ සොහොයුරන් දෙදෙනෙක් විසිනි. ඔවුන් නම් ඔගස්ටස් මේරි ලුවිස් නිකලස් ලුමියර් සහ ලුවිස් ජීන් ලුමියර් ය. ඔවුන් ලුමියර් සහෝදරයන් ලෙසින් හැඳින් වූ අතර ඔවුන් නිපද වූ යන්ත්‍රය සිනමැටී ග්‍රාෆ් යනුවෙන් හැඳින්වීය* සිංහල සිනමාවේ ටාසන් යනුවෙන් හඳුන්වන ලද නළුවා වනුයේ රිචඩ් ඇල්බට් ය.* ලෝකයේ දීර්ඝතම ධාවන කාලයකින් යුතු චිත්‍රපටය වනුයේ ජර්මනියේ තැණුනු හයිමාර්ට් චිත්‍රපටය යි. එය පැය දහසය හමාරක දීර්ඝ ධාවන කාලයකින් යුක්ත වේ.* 1903 වසරේ තැණුන The Great Train Robbery චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එඩ්වින් එස්.පෝටර් විසිනි. සිනමාවේ වෘත්තාන්ත කතා කලාවේ ආරම්භය එයින් සිදුවීම එහි විශේෂත්වය යි. එමෙන්ම සිනමා කර්මාන්තය බිහිවීමෙහි ලා මෙම චිත්‍රපටය අතිශය වැදගත් විය.* සිනමා කෘතියක් වෙනුවෙන් හඬකැවූ ලොව පළමු සිනමා නළුවා අල් ජොන්සන්ය. ලොව මුල්ම කතානාද චිත්‍රපටය වන The Jazz Singer චිත්‍රපටය වෙනුවෙන් ජොන්සන් සිය හඬකවමින් රඟපෑවේය.* සිනමාව වර්ණ භාවිත කරන ලද්දේ 1906 වසරේදී පමණ ජෝර්ජ් ඇල්බට් ස්මිත් විසිනි. සිනෙමාකලර් ක්‍රමය යොදා ගැනීම මෙහි ආරම්භය යි.* සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදුණු ප්‍රථම ලාංකේය දෙමළ අධ්යක්ෂවරයා ටී. සෝමසේකරන්ය. සැඩසුළං චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහු විසිනි.* ඉන්දියානු සිනමාවේ ප්‍රථම නිළිය වනුයේ කමලා බායි කමත් ය.* ලෝකයේ දීර්ඝතම චිත්‍රපට කතා මාලාව ලෙස හැඳින්වනුයේ තෝරා සාන් චිත්‍රපට මාලාවයි. ජපානයේදී නිර්මාණය කෙරුණු එහිදී 1969 වසරේ සිට 1995 වසර දක්වා එක දිගට චිත්‍රපට 48ක් නිර්මාණය කෙරිණි.* 1905 වසරේ සිට 1914 දක්වා කාලය දක්වා ලොව විශාලතම චිත්‍රාගාරය වනුයේ ගෝමන්ට් පික්චර්ස් චිත්‍රාගාරය යි. එහි හිමිකරුවා වුයේ ප්‍රංශයේ ලියොන් ගෝමන්ට් ය.* ප්‍රථම ඉන්දියානු කතානාද චිත්‍රපටය හා වර්ණ චිත්‍රපටය නිර්මාණය කළේ අර්දේශීර් අයිරාණි විසිනි.* ශ්‍රී ලංකාවේ ගොඩනැගුණු මුල්ම චිත්‍රාගාරය වූයේ කඳානේ පිහිටි සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය යි. එය ගොඩනංවන ලද්දේ එස්. එම් නායගම් විසිනි.* 1951 වසරේදී ඉන්දියාවට පැමිණි ප්‍රංශ සිනමාකරුවෙකු සත්‍යජිත් රායි හට විශාල මඟ පෙන්වීමක් කළේය. ඔහු ෂාන් රෙමෝවාය. ඒ ඔහු ඉන්දියාවේදී ද රිවර් චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි.* දිලීප් කුමාර් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස අට වතාවක් සම්මාන දිනා ගන්නා ලදී. ඒ දාග් (1953), අසාද් (1955), දේව්දාස් (1956), නයාදෝර් (1957), කොහිනූර් (1960), ලීඩර් (1964), රාම් ඕර් ශ්‍යාම් (1967) සහ ශක්ති (1982) චිත්‍රපටවල රංගනයන් වෙනුවෙනි.* රාජ් කපූර් මුල්වරට රඟ පෑ චිත්‍රපටය වනුයේ 1935 වසරේ තැණුනු ඉන්කුලාබ් චිත්‍රපටය යි.යතේජා
|
CREATIVE
|
මම නම් මේ සතියේත් සුපුරුදු පරිදි සංගීත කටයුතුවල නිරත වෙලා තමයි ඉන්නේ. ඒ වගේම මීළඟට එළි දක්වන්න නියමිත ගීතයේ වැඩ කටයුතුත් ඒ අතරේ තියෙනවා. තව විදෙස් සංචාර කිහිපයකුත් යොදාගෙන තියෙනවා. ඒ නිසා මේ දවස් ටිකත් කාර්යබහුලයි.
|
CREATIVE
|
ගායන ශිල්පීපුන්සිරි සොයිසාසංගීත ප්‍රසංග කටයුතු සමඟ සිටින නිසා කාලය ගතවෙනවා නොදැනෙන තරම්. මේ දවස්වල දිගින් දිගටම මම සංගීත ප්‍රසංගවල ගීත ගයනවා. පසුගිය දිනවල ඩුබායි යන්න ලැබුණා ‘සනිධප’ත් සමඟ. ඒ සංගීත ප්‍රසංගයක් සඳහායි. ඒ රටේ දී මා සමඟ ගිය පිරිසට ලැබුණු ප්‍රතිචාර නිසා මගේ සිතේ තිබෙන්නේ කිව නොහැකි සතුටක්.
|
CREATIVE
|
විසිතුරු සිනමා ලෝකයට පිවිසි වහාම විවාහයක් වෙනුවෙන් උපදින ආදරණීය සිතිවිලි මරා දැමීම බොහෝ තාරකාවන්ගේ සිරිතයි. එහෙත් රැඟූ පළමු සිනමාපටයෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය නොමඳව දිනාගත් එක් නිළියක් විවාහය, ඊළඟ රංගනයට පෙර තම තෝරා ගැනීම කර ගත්තාය. ඇය නාර්ගීස් ෆක්රීය.රොක්ස්ටාර් සිනමාපටයේ රඟපාමින් වසරේ තිරයේ ආදරණීය පෙම් යුවළ බවට පත් වූයේ රන්බීර් කපූර් සහ නාර්ගීස් ෆක්රීය. ඇය ලැබූ අසීමිත ජනප්රියභාවය නිසා චිත්‍රපට ගණනාවකම රංගනයට ඇරියුම් ලැබුණත්, ඇය එතරම් රංගනය ගැන උනන්දුවක් නොදක්වන බවක් පෙනුණි.දැන් ඒ රහස හෙළි වී තිබේ. අග්‍රගණ්‍ය සිනමා අධ්යක්ෂ යාෂ් චොප්රාගේ බාල පුතු උදෙයි චොප්රා සමඟ බැඳි හාදකම රංගනයේ සෙමින් ගමනට හේතුවයි. පසුගිය වසර පුරාම උදෙයි සහ නාර්ගීස් පෙමින් වෙළී සිටි අතර 2012 වසර අවසාන වීමට පෙර විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියහ.යාෂ් චොප්රා සිනමාවේදියාගේ උපන් දිනයේදී දෙදෙනාට යාෂ් මහතාගේ මෙන්ම පැමලා චොප්රා මහත්මියගේත් මනාපය ලැබී තිබේ. පුතාගේ තෝරා ගැනීමට කවදත් චොප්රා මාපියෝ කැමැත්ත ප්‍රකාශකර සිටිති.උදෙයිට, නාර්ගීස් මුණ ගැසී ඇත්තේ මේ වසරේ තිරගතවීමට නියමිත ‘මැඩ්රාස් කැෆේ’ රූගත කරන කාලයේදීය.උදෙයිගේ රංගනය මේ නත්තලේදී තිරගතවීමට නියමිත ‘ඩූම් 3’ සිනමාපටයේ දක්නට ලැබෙනු ඇත. ඔහු මීට පෙර තනීෂා මුඛර්ජි (කාජල්ගේ නැගණිය) සමඟත් පරිනීති චොප්රා සමඟත් පෙමින් වෙළී සිටියේය. උදෙයිගේ අවසාන සහ එකම තෝරා ගැනීම නාර්ගීස් වී මේ වසරේ බොලිවුඩ් පුරයේ මංගල අසිරිය ඔවුනගෙන් ඇරැඹේවා යන්න රසිකයන්ගේ ප්‍රාර්ථනයයි.අපට නිතර අසන්න ලැබෙන්නේ විරසක වන තරු පෙම්වතුන් සහ විවාහක තරු යුවළ ගැනය.එහෙත් සිනමාවේ හොඳම මිතුරන්ගේ නොහොඳ නෝක්කාඩු ගැන නම් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.මේ නොමනාපය ඇති වී තිබෙන්නේ චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් සහ සුපිරි තරුව ෂාරුක් ඛාන් අතරයි. අමනාපයට හේතුව නම් තවමත් අනාවරණය වී නැත.ෂාරුක්ගේ නව වසර සැමරුම් උත්සවයට ලැබුණු ආරාධනාව ඩුබායිවල සිටිද්දීත් කරන් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවයි. ඔහු වෙනත් අවුරුදු උත්සවයකට ඒ වෙනුවට සහභාගි වී තිබේ.මින් පෙර කරන්, ෂාරුක්ගේ ආරාධනා කිසි විටකත් ප්‍රතික්ෂේප කරනැත.කරන්ට තමන් කැමැති ආකාරයට උත්සවය පවත්වන්න අවශ්‍ය වන්නට ඇති බව මේ ගැන විමසූ විට ෂාරුක් පැවසුවේය.ෂාරුක් – කරන් මිතුදම ඇරැඹුණේ ‘දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ’ සිනමාපටය රූගත කළ කාලයේ සිටයි. කරන් ඔහුගේ සිනමාපට ගණනාවකම ප්‍රධාන නළුවා කරගත්තේ ෂාරුක්වය.අක්ෂේ තමන්ගේ වාසනාව ට්වින්කල් බව කියා සිටින්නේ සෑම සාර්ථක පිරිමියකු පිටුපසම යහපත් බිරියක් සිටින බවට ඇති පැරැණි කියමන සනාත කරමිනි.ට්වින්කල්ගේ තිස් අට වැනි උපන් දිනය යෙදී තිබුණු දෙසැම්බර් 29 වැනිදා ඔහු ට්විටර් වෙබ් අඩවියෙන් මේ බව ලොවටම කියා සිටියේය. ‘මගේ සිහිනයේ කාන්තාව ඇයයි. ඇය සෑම අතින්ම මගේ ජීවිතය උත්සව සැමරුමක් කළා.’ හතළිස් පස් හැවිරිදි ආදරණීය සැමියා ‘සුබ උපන් දිනයක් ටීනා!’ කියා හදවතින්ම සුබ පැතුවේ 2001 දී අතිනත ගන්නා විට බැඳුණු සෙනෙහසම සිතේ රඳවා ගෙනයි.දැන් ට්වින්කල් - අක්ෂේ දරුවන් දෙදෙනකුගේ මාපියන්ය. ආරව් පුතා දස හැවිරිදිය. දෝණි උපන්නේ පසුගිය සැප්තැම්බරයේයි. නිතාරා ඛන්නා භාතියා දුවණියගේ නමයි. නැසීගිය බොලිවුඩයේ පළමු සුපිරි තරුව රාජේශ් ඛන්නාගේත්, ට්වින්කල් ඛන්නාගේත් උපන් දිනය යෙදී තිබෙන්නේ දෙසැම්බර් 29 වැනි දිනටයි. 2011 වසර වෙනතුරුම රාජේශ් ඛන්නා සහ ට්වින්කල් උපන් දිනය සැමරුවේ එකටමය.එහෙත් මේ වසරේ සුපිරි නළු පියා වියෝවීම නිසා ට්වින්කල් දියණිය චාම් අන්දමින් උපන් දිනය සැමරුවාය. ජීවත්ව සිටියා නම් රාජේශ් ඛන්නා සමරන්නේ හැත්තෑ වැනි උපන් දිනයයි.පියාට උපහාර වශයෙන් ට්වින්කල් දියණිය සහ අක්ෂේ බෑණා දියණියගේ නමට ඛන්නා වාසගම එක් කළහ.අක්ෂේට 2012 වසර අති සාර්ථක වසරකි. 2013 ට ද ඔහු සුබ ආරම්භයකට පියවර තබා තිබේ. අක්ෂේ ‘තුප්පාකි’ ද්‍රවිඩ සිනමාපටය හින්දි සිනමාපටයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කිරීමට පටන්ගෙන අවසන්ය. සෝනක්ෂි සිංහ මෙහි ප්‍රධාන නිළියයි. අක්ෂේගේ ‘ජෝකර්’ ‘රවුඩි රතෝර්’ සිනමාපටවල ප්‍රධාන නිළිය වූයේ ද සෝනක්ෂිය.පසුගිය වසරේ ඔහුගේ සිනමාපට හයක් තිරගත වූ අතර ඉන් පහක්ම ඉහළම ආදායමක් ලැබුවේය. හවුස්ෆුල් 2, රවුඩි රතෝර්, ඕ මයි ගෝඩ්, ඛිලාඩි 786 කෝටි සියයක ආදායමක් ඉපද වූ සිනමාපට අතරට එක් විය.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
සුනිල් ලියනආරච්චි. ඔහු කලා ක්ෂේත්රයට එක් වෙන්නේ 80 දශකයේදීයි. වේදිකාවෙන් රංගනයට අත්පොත් තැබූ ඔහු මෙරට ප්‍රථම ඒකාංගික ටෙලි සිත්තම හැඩ කරන්නත් වාසනාවන්ත වූ රංගන ශිල්පිියෙක්. ඒ මෙරටට රූපවාහිනියේ ආගමනයත් සමඟින් බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘සාමයේ තරුව’ ඒකාංගික ටෙලි නාට්‍යයෙන්. ශ්‍රියන්ත මෙන්ඩිස්, නිමල් චන්ද්‍රසිරි සමඟින් එදා ‘සාමයේ තරුව’ ටෙලි නාට්‍යයේ රජතුන් කට්ටුව නිරූපණය කළේ ඔහුයි. එදා මෙදාතුර වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දෙන්න ඔහුට අවස්ථාව උදා වුණා. මේ කතාබහ ඒ සුවිශේෂි රංගන ශිල්පියා වූ සුනිල් ලියනආරච්චි සමඟයි.* වේදිකාවෙන් කලා දිවිය ආරම්භ කළ ඔබ අද යළිත් නවතම නාට්‍ය නිර්මාණයක් සමඟින් වේදිකාවට පැමිණෙන්න සූදානම්?ඔව්. එය නම් කරලා තියෙන්නේ ‘සීරෝ’ නමින්. මේ දිනවල එහි පුහුණුවීම කටයුතුවල නිරත වෙලා ඉන්නේ. ලබන අගෝස්තු 04 වැනිදා දංකොටුව දොන් බොස්කෝ දේව් සත්හලේ රංග ශාලවේදී මංගල දැක්ම පවත්වන්නත් සූදානම් කරලා තියෙන්නේ.* ‘සීරෝ’ තුළින් සමාජයට ඔබ කියන්න උත්සාහ ගන්නේ?මධ්‍යම පාන්තික ණය බරින් මිරිකුණු මිනිසුන්ගේ ජීවිත ගැන තමයි සීරෝ තුළින් කතා කෙරෙන්නේ. එය දවසක කතාවක්. වැඩපොළක පඩි දවස ගෙවෙන ආකාරය තුළින් තමයි මේ ගැන කතා කෙරෙන්නේ.* සීරෝ සමඟ එක්වන නළු නිළි පිරිස?මෙහි මමත් ඇතුළුව කුසුම් රේණු, සුරම්‍යා රංජනී, ලක්ෂ්මන් ආරච්චි, මාලි ජයවීර, මිලින්ද පෙරේරා, චාන්දනී මල්ලිකා, වසන්ත ප්‍රේම කුමාර් සරංගා නිලුෂනී, අනුර මාපිටිය, අංජු නර්මදා, අවන්ත පෙරේරා, කේ. බී. ඩොනල්ඩ්, තිලකරත්න ලියනගේ, මලිඳු ගමගේ, රශ්මිත නෙත්යාංජ, සරත් සේනාධීර, පියදාස ප්‍රනාන්දු, සඳුන් උනන්තැන්න, ඩී. සී. සුමිත්‍රආරච්චි, පියදාස සිරිවර්ධන සහ සංජීව මදුසංඛ රංගනයෙන් දායක වෙනවා.* ඔබ ටවර් හෝල් නාට්‍ය ඇතුළු වේදිකා නාට්‍ය රැසකට සහභාගි වූ ශිල්පියෙක්. මම කැමැතියි ඔබෙන් දැනගගන්න ආරම්භක අවදියේදී වේදිකාවෙන් ලද ඒ අත්දැකීම් ගැනත්?80 දශකයේ රූපවාහිනිය පැමිණෙන්න පෙර ජනතාවට රසවින්දනයට තිබුණේ වේදිකා නාට්‍ය. නාට්‍ය, චිත්‍රපට වගේම ඉඳල හිටල සංගීත සංදර්ශනයකුත් තියෙන අවස්ථා තිබුණා. ඒ නිසා වේදිකා නාට්‍ය බලන්න ගොඩක් අය පුරුදු වෙලා හිටියා. ටවර් හෝල් යුගයේ ජනප්‍රියම රංගන ශිල්පිනිය වුණේ සරලා බායි. ඩොනල්ඩ් රත්නවීරගේ සොඳුරු ළඳක් වේදිකා නාට්‍යයේ මට ඇයත් සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණා. එවිට මට වයස අයුරුදු 18 ක් විතර ඇති. පසුකාලීනව ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට දායක වුණාට ඒ වෙනුවෙන් රංගනය පිළිබඳ අවබෝධය, පුහුණුව ලැබුණේ වේදිකාවෙන්.* ඔබ ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට රැසකටත් දායක වෙලා තියෙනවා?බර්ට්‍රම් නිහාල්ගේ ‘සාමයේ තරුව’ ඒකාංගික නාට්‍යයට තමයි මුලින්ම දායක වෙන්න අවස්ථාව ලැබුණේ. ඊට පසුව සුබ පාර්ථනා, ගම්පෙරළිය, සංගුල මාරුතය, ගඟුලෙන් එතෙරට, වසුදා, භාර්යාවෝ, බල සෙබළ, ඉංගම්මාරුව, පිංගල දනව්ව, මිරිගු දිය, සුබෝධා ඇතුළු ටෙලි නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම අජාසත්ත චිත්‍රපටයෙන් ආරම්භ කළ සිනමා රංගනයේදී අංගුලිමාල, ධවල පවුර, නොමම්ර එකේ මහත්තයා, කිව්වද නහී නොකිව්වද නහී, තැන්ක් යූ බර්ටි, ගොළු මුහදේ කුණාටුව වැනි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණා.* ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි ඔබ ගජ මිතුරන්?ඔව්. අපි තුන්දෙනාම කලා ක්ෂ්ත්රයට අවේ එකම කාලයකදියි. අපි තුන්දෙනාම හොඳ යාළුවෝ. ඒ වගේම අපි තුන්දෙනාම ගුරුවරු.* ඔබගේ රංගන දිවියේ සම්මානනීය වූ අවස්ථා ගැනත් සිහිපත් කරමු?1981 වසරේදී රාජ්‍ය සම්මාන උළෙලේදී බී. කරුණාරත්නගේ ‘කලිගියුලා’ නාට්‍යයේ සෙබළාගේ චරිතය වෙනුවෙන් සම්මානය, 1982 වසරේදී සම නිෂ්පාදනයෙන් දායක වූ ‘මන්දාරම් වැහි’ නාට්‍යයෙ රණ මයුර සම්මානය ඇතුළු සම්මාන සහතික නවයක් දිනා ගන්න සමත් වුණා. ඒ වගේම 1983 වසරේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘දෙයියන්ගේ පුංචි අන්තරය’ නාට්‍යයේ වික්ටර්ගේ චරිතය වෙනුවෙන් සම්මාන සහතිකයත්, 1984 හොඳම නාට්‍යය වු අනුර චන්ද්‍රසිරිගේ ‘හිම කුණාටු’ නාට්‍යයේ ප්‍රතිමාව චරිතය වෙනුවෙනුත් මට සම්මාන හිමි වුණා.* මේ දවස්වල ඔබ දායක වෙලා සිටින නිර්මාණ වගේම ඉදිරි නිර්මාණ කටයුත ගැනත් සඳහන් කළොත්?මේ දිනවල ටෙනිසන් කුරේ සමඟ සිවම්මා ධනපාල නාට්‍යයේ රංගන කටයුතුවල නිරත වෙලා ඉන්නවා. මම එහි මයුරපාද ගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. ඒ අතර ලැබෙන විවේකයේදී තමයි මගේ අනෙක් නාට්‍ය දර්ශන කෙරෙන්නේ. ඒ අනුව ඉදිරියේදී සීරෝ සමඟින් රට වටා යන්න බලාපාරොත්තුªª වෙනවා.- යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
‘මල් පෙත්තක පන් හිඳකින්’, ‘ඇයි නාවේ මා සොයලා’ ආදී ජනප්‍රිය ගීත රැසක් ගැයූ ගායන ශිල්පී ජේ. ඒ. රොම්ලස් පෙරේරාගේ අඩ සියවසක සෞන්දර්ය චාරිකාව නිමිති කර ගනිමින් ඔහු ගයන රසාලිප්ත ගීතාවලියෙන් රස ගැන්වෙන ‘ඒක පුද්ගල ගී මියැසිය’ මේ මස 23 වැනිදා පස්වරු 6.00 ට පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.පිළියන්දල ගුණවර්ධන පදනමේ සාදර අනුග්‍රහයෙන් රස ගැන්වෙන මේ ගී මියැසියේදී රොම්ලස් ගායන ශිල්පියා ගැයූ ජනප්‍රිය ගීත 22 ක් පමණ ගායනා කිරීමට නියමිතය. මේ ප්‍රසංගයේ සංගීතය සපයන්නේ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයයි.1960 දශකයේ ගායන ක්ෂේත්රයට අවතීර්ණ වූ රොම්ලස් පෙරේරා ශ්‍රාවකයන්ගේ හදවතෙහි ගී ගයා නොමැකෙන මතක සටහනක් තැබූවෙකි. එදා මෙදාතුර කැසට් පට හා ගී තැටි 20 කට පමණ තම මියුරු ස්වරය එක් කළ මොහු කලක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කළේය. ‘කලියුග කාලේ’, ‘කවුද හරි’’, ‘ඉඳුනිල්’, ‘ඇමැතිකම’ යනාදී චිත්‍රපට කිහිපයකම පසුබිම් ගී ගැයූ මේ ගායන ශිල්පියාට දශක පහක් තිස්සේ ගුවන් විදුලියට කළ සේවය වෙනුවෙන් උපහාරයක් ද පිදිණි.ඒ ගුවන් විදුලි සංස්ථාවෙන් ඔහුගේ ජනප්‍රිය ගී 14 කින් සමන්විත ‘පැතුම් සමුදුරේ’ නම් ගී තැටියක් නිෂ්පාදනය කර එළි දැක්වීමෙනි. ඊට අමතරව කතරගම මහා දෙවොලේදී බැතිමතුන් රැසක් මධ්‍යයේදී රූපවාහිනියේ ‘හද රුඳි ගී’ වැඩසටහනට ඔහු ගැයූ ‘රුහුණු කතරගම කඳදෙව් සාමිනේ’ නම් ගීතය රූගත කෙරිණි. රොමිලස් ගැයූ ‘පැතුම් සමුදුරේ, ‘නීල ජලේ’ , ‘පැතුම්බර නෙත්’, ‘ නීලනුවන්’ යන ගීත ද රසිකයන්ගේ මතකයේ තැන්පත් වූ ගීත කිහිපයකි.තිලානි
|
CREATIVE
|
එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක කලාකරුවන් බයිට් කරන වැඩසටහනකින් තමන්ට සිදු වූ අනිසි අඩත්තේටම්වලට එරෙහිව මිහිරි සිරිතිලක නඩුවක් ගොනු කළා. එය පසුගිය දිනෙක මීගමුව උසාවියෙන් විභාග කෙරුණා. එහිදී ගත් තීන්දු තීරණ පිළිබඳ මිහිර අපට දැන්වුවා.මගේ ලෝයර් හරහා ඔවුනට ඉල්ලීම් වගයක් ඉදිරිපත් කළා. ඒ අය ඒවාට එකඟතාවය ප්‍රකාශ කෙරුවා. ඒ හේතුවෙන් වැඩසටහන කරපු මේ වනකකම් රිමාන්ඩ් භාරයේ සිටි තිදෙනාව ඇප පිට නිදහස් කළා. නඩුව දෙසැම්බර් 10 වැනිදාට කල් ගියා. එදා තමයි අවසාන තීරණය දෙන්නේ.මේ වෙලාවේ මං මුදල් අරගෙන මේ නඩුව සැහැල්ලුවෙන් විසඳුවා කියලා කතාවක් පැතිර යනවා. ඇත්තටම ඒක අසත්‍යයක්. මුදල් ගත්තා නම් මෙච්චර දේවල් මං කරන්නේ නැහැනේ. අනික මට වෙච්ච අපහාසය කොහොමද මිල කරන්නේ. මං මේ දේ කරන්නේ සමස්ථ කලාව සහ කලාකරුවන් වෙනුවෙන්. අයේ මෙවන් වැඩ නොවිය යුතුයි.මේ මොහොතේ මගේ ලෝයර් නෙල්සන් කුමාරනායක, මීගමුව ඒ. එස්. පී. ආනන්ද අල්විස් හා මීගමුව කොච්චිකඩේ පොලීසියේ ස්ථානාධිපති යන මහත්වරු ව මතක් කළ යුතුයි.ලෝයර් කලාකරුවන්ට තියෙන ලැදියාව නිසා මං වෙනුවෙන් කතා කළේ ශත පහක්වත් අය කරන්නේ නැතිව.- ප්‍රසාද්
|
CREATIVE
|
චිත්‍රපටවල ගීත ගැයුවාට පස්සේ මම ගීත ගැයුවේ නැහැ. ඒ නිසා ඉදිරියේදී සී. ඩී. පටයක් කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට අවශ්‍ය ගීතවල තනු නිර්මාණය කිරීමට කාලය යොදවමින් තමයි මම කාලය ගත කරන්නේ.
|
CREATIVE
|
තේරේසා ගියුඩ්ස් අමෙරිකානු රියලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නියන් අතරේ ප්රමුඛ ස්ථානය දිනාගෙන සිටින්නියක්. ඇය ඉදිරිපත් කළ The Real Housewives of New Jersey සහ Celebrity Apprentice විශාල ජනප්‍රියත්වයක් දිනාගත් වැඩසටහන්. එහෙත් දැන් නම් ඇයට රියලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නට නොහැකි කාලයක් උදාවෙලා. ඒ ඇය කළ වංචා දූෂණ හේතුවෙන්. ඒ වෙනුවෙන් වරදකරුවන් බවට පත් වූ තෙරේසා සහ ඇයගේ සැමියාහට දැන් සිර දඬුවම් නියම වෙලා.සැමියාට මාස 41ක සිර දඬුවමක් නියම වෙද්දි තෙරේසාට හිමි වූයේ මාස 15ක සිර දඬුවමක්. සැමියාගේ තීන්දුව ලබාදී පැය ගණනක් ගතවූවාට පසුවයි තෙරේසාගේ දඬුවම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. රූපවාහිනියේ රියලිටි වැඩසටහන් ඉදිරිපත් කළ තෙරේසාට සිරකුටියත් වෙනස්ම රියලිටි අත්දැකීමක් වේවි.
|
CREATIVE
|
රංගන ශිල්පි මිලින්ද පෙරේරාමේ දවස්වල ‘රෑන’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහ හඬකැවීම් කටයුතු සඳහා දායක වෙනවා.‘සාජන්ගේ නැන්දම්මා, ට්‍රැෆික් සාජන්’ වේදිකා නාට්‍යවලටත් දායක වෙන්න කාලය වෙන් කරලා තියෙන්නෙ. ඊට අමතරව මගේ බිරිඳ හිමාලි සමඟ ළදරු පාසල්වල වැඩසටහන් පැවැත්වීමත් කරගෙන යනවා.
|
CREATIVE
|
මම මේ දවස්වල සිනේ මේකර්ස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා නමින් දේශීය සිනමාව වෙනුවෙන් වූ වැඩ පිළිවෙලක් සමඟ කාර්යබහුල වෙලා ඉන්නවා. රෙහාන් වැලිවිට එහිසභාපති ලෙසත් මොහාන් හෙට්ටිආරච්චි ලේකම් ලෙසත් මම භාණ්ඩාගාරික ලෙසත් කටයුතු කරනවා. දේශීය සිනමාව රැක ගැනීම සහ නඟා සිටුවීම තමයි අපේ මූලික අරමුණ. ඒ අනුව ඩිජිටල් සිනමාකරණය සහ ඩිජිටල් සිනමා ප්රක්ෂේපනය සිනමාහල්වල ස්ථාපිත කිරීම වෙනුවෙන් ප්‍රථම පියවර අපි තබන්න සූදානම්. ඊට අමතරව සිනමා ශාලාවල ඇති වී තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමත් එයට ඇතුළත්.ඊට අමතරව මම අධ්‍යක්ෂණය කළ ඇද්ද ලණුව දැම්ම කොඩිය සහ රහයි ජීවිතේ චිත්‍රපට තිරගත වෙන්න නියමිතව තියෙනවා. මගේ මීළඟ චිත්‍රපටය රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ වැඩ කටයුතු ළඟදීම ආරම්භ කරන්න සූදානම්. ටෙනිසන් කුරේ සමඟින් මහින්ද පතිරගේ එහි ප්‍රධාන චරිත නිරූපණයට නියමිතයි.
|
CREATIVE
|
‘අපි ගයමු - කවදාටත් රස සිංදු’ ගීතමය වැඩසටහන සෑම මසකම අවසන් සෙනසුරාදා පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තරසම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොළඹ කමත එළිමහන් රංග භූමියේදී පැවැත්වේ.ග්රැමෆෝන් යුගයේ සිට නූතනය දක්වා ශ්‍රී ලාංකේය ගායකයන් විසින් සිංහල ගීත ක්ෂේත්රයට දායාද කළ විශිෂ්ට ගීත රැසක් එක්ව ගායනා කර රස විඳීමේ අත්දැකීම් ජනතාවට ලබාදීමේ අරමුණැතිව මෙම ගී සරණිය පැවැත්වේ.මෙම මාසික ගීතමය සංග්‍රහය සඳහා සහභාගී වන රසික රසිකාවියන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරෙන බව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අධ්යක්ෂ ජනරාල් බන්ධුල ඒකනායක මහතා ‘සරසවිය’ට පැවැසීය.මෙම ගීත සරණිය පවුලේ සැමට සංගීතය රස විඳිය හැකි සන්ධ්‍යාවක් වනු නොඅනුමානය.ප්‍රවීණ නාට්‍ය හා සිනමා රංගධරයකු වන ජයලත් මනෝරත්නගේ ‘ගුරු තරුව’ වේදිකා නාට්යලබන 29 වැනිදා පස්වරු 3.30 සහ 6.30 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ එළිමහන් රංග පීඨය, ගෘහස්ථ ක්‍රීඩාගාරය හා පැසිපන්දු ක්‍රීඩා පිටියක අවශ්‍යතාව වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සඳහා පාසල නඟා සිටුවීමේ කමිටුව විසින් මෙය සංවිධානය කෙරේ.ගුණරත්න ඒකනායක විසින් රචිත 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ පළමු ස්ථානය දිනූ ‘තෑගි ගොඩයි’ කෘතියේ දෙවන කොටස වන ‘තෑගි ලැබෙයි’ කෘතියේ තෙවැනි මුද්‍රණය ලබන ජූලි මස 03 වැනිදා පෙරවරු 10.00 ට සොයිසාපුර නිපුන් පොත් මැදුරේදී දොරට වඩියි.පාසල් සිසු සිසුවියන් අතර ඉතා ජනප්‍රිය යොවුන් නවකතා මාලාවක් වන මෙම කෘති පෙළෙහි කොටස් පහක් නිකුත් කර තිබේ.- යතේජා ඥානරත්න
|
CREATIVE
|
ඌව ඡන්දයට පැවැත්වෙන සංගීත ප්‍රසංගවලට බයිලා ගායනයෙන් සම්බන්ධ වීමට මට ආරාධනා ලැබිලා තිබෙනවා.ඒ වගේම මගේ පර්සි රාජපක්ෂ වාද බයිලා සංගීතා කලායතනයේ සංගීත පන්ති පැවැත් වෙනවා. වාද බයිලාවලට අය පුහුණු කරනවා.
|
CREATIVE
|
කඳුළු පුරවන්නෙපා සමඟ පෑයූ සම්පත්ඔහුට ගායන හැකියාව ලැබෙන්නේ සහජයෙන්මයි.පාසල් කාලයේදී සෞන්දර්ය විෂයක් ලෙස සංගීතය හැදෑරූ ඔහුගේ විනෝදාංශය වුණෙත් සංගිතයම තමයි.සම්පත් අකලංක මේ වන විටත් ගීත නිර්මාණ කීපයක් නිර්මාණය කර අවසන්. සම්පත් ගායනා කරන ‘කඳුළු පුරවන්නෙපා’ ගීතය මේ වන විටත් ඔබ සවනට හුරුපුරුදු ඇති.ඔබ මුලින්ම සංගීත ක්ෂේත්රයට පැමිණි ආකාරය ගැන සඳහන් කරමු?පොඩි කාලෙ ඉඳලම සංගීතයට මගේ විශේෂ ලැදිකමක් තිබුණා. පාසල් කාලයේදී සමස්ත ලංකා ජන ගායනා තරඟවලටත් ඉදිරිපත් වුණා. පාසල් අධ්‍යාපනය හමාර කිරීමත් සමඟම සංගීත කණ්ඩායමක් සමඟ සම්බන්ධ වෙලා කටයුතුª කරන්න අවස්ථාව ලැබුණා. එහි ඔක්ටපෑඩ් වාදක ශිල්පියෙක් ලෙස තමයි මම කටයුතු කළේ. මීට වසර කීපයකට පෙර මම එයින් ඉවත් වුණා. ඒ කාලයේදී අජිත් කියල මගේ යාළුවෙක් මාව ගිහාන් නිෂාන්ට හදුන්වා දුන්නා. මගේ හැකියාව බලලා ඔහු තමයි මේ ගීත මට ලබා දුන්නේ.සම්පත් ඉදිරියේදී එළි දක්වන්නට සූදානම් වන ගීත නිර්මාණ ඇති නේද?ඔව්. මම මුලින්ම කළ නිර්මාණය තමයි ‘කඳුළු පුරවන්නෙපා’ ගීතය. එහි ගී පද මෙලාන් ඉඳුනිල්ගේ. සංගීතය ගිහාන් නිෂාන්ගෙන්. මගේ මීළඟ ගීතය ‘තටු ගහන්නෙ පැන යන්නද කිරිල්ලි’. ළඟදීම ඒ සඳහා වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නවතම ගීත සමගින් ඉදිරියේදී ගීත තැටියක් කරන්නත් සූදානම් වෙනවා. මේ හැම දේම සමගින් ඉහළටම යන්න තමයි මගේ බලාපොරොත්තුව.අවසාන වශයෙන් ඔබ කියන්නේ?සංගීත ක්ෂේත්රයේ මේ දක්වා දුරක් එන්න උපකාර කළ හැමෝටම මම ස්තුති කරනවා. මගේ අම්මා, තාත්තා, බිරිඳ මේ හැම දෙනාගෙන්ම විශාල සහයෝගයක් වගේම යාළු මිත්‍රයන්ගේ ප්‍රතිචාර මා දිරිමත් කරනවා. මගේ පාසල් කාලයේදී සංගීත ගුරුවරුන් වූ විනිෆ්රිඩා ගුරුතුමියත් ධම්ම ජයසේකර ගුරුතුමා සහ මෙලාන්, ගිහාන් විශේෂයෙන් සිහිපත් කරනවා. මගේ ගීත ප්‍රචාරය කරන ගුවන් විදුලි නාලිකා වගේම මේ අවස්ථාව ලබා දුන් සරසවියටත් ගොඩාක් ස්තුතියි. 0712627052 – සම්පත් අකලංක. යතේජා ඥානරත්න ඡායාරූපය – ධම්මික
|
CREATIVE
|
මෙම මස 15 වැනිදා එනම් එන අඟහරුවාදා රාත්‍රී 10.10 ට ජාතික නාලිකාවේ විකාශය වන සුහානි රාත් වැඩසටහන වෙන් වනුයේ කිෂෝර් කුමාර් වෙනුවෙනි. එය කොටස් දෙකක් යටතේ දිග හැරෙන අතර මෙදින විකාශය වනුයේ එහි පළමුවැන්නයි. සුහානි රාත් විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි. පිටපත සහ පූරක දායකත්වය නුවන් නයනජිත් කුමාරගෙනි.බොලිවුඩ් සිනමාවේ අසහාය චරිතයක් වූ කිෂෝර් ගායකයකු, නළුවකු, ගීත රචකයකු, තනු නිර්මාපකයකු, තිර පිටපත් රචකයකු, නිෂ්පාදකවරයකු සහ අධ්යක්ෂවරයකු ලෙසින් දැක් වූ දස්කම් අපමණය. ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මානය අට වතාවක් දිනා ගත්තේය.ප්‍රසාද්
|
CREATIVE
|
වසන්ත කුමාරවිල කියන්නේ අපේ කලා ක්ෂේත්රයේ සිටින දක්ෂ සටන් අධ්යක්ෂවරයෙක්. බොහොම කැපවීමෙන් තම රංගන කටයුවල නිරත වෙලා සිටින වසන්ත දැන් ෂූටිං නිසා ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඔහුගේ මේ කාර්යබහුලත්වයට හේතුවෙලා තියෙන්නේ චිත්‍රපට දෙකක එකවර රූගත කිරීමේ කටයුතුවලට සහභාගි වෙන නිසා.එක චිත්‍රපටයක නම ‘අජාසත්ත’. එහි ඇමති කෙනෙකු ගේ චරිතයක් වසන්ත නිරූපණය කරන්නේ. රූගත කිරීම් සිදුවන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ. අනිත් චිත්‍රපටය ‘මායා’. මායා රූගත කිරීම් සිදුවන්නේ කළුතර ප්‍රදේශයේ. එහි රඟපාමින් සටන් අධ්‍යක්ෂණය කරන්නෙත් වසන්ත.මේ නිසා අජාසත්ත චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර වෙලා වසන්ත කෙළින්ම යන්නේ මයා රූගත කෙරෙන තැනට. ඊට පස්සෙ ආයෙමත් වැල්ලම්පිටියට. මේ විදියට වැල්ලම්පිටියෙයි, කළුතරයි පැය 72 ක් එක දිගට නොනිදා වසන්ත ෂූටිං.
|
CREATIVE
|
උදාරි වර්ණකුලසූරිය මේ දිනවල කාලය ගත කරන්නේ සිංගප්පූරුවේ සෙන්තොසා දූපතකිට්ටුව නිවාස සංකීර්ණයක කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම්වයි.සිංගප්පූරුවේ නැෂනල් යුනිවර් සිටි රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සැමියා සමඟ සතුටින් නිවාඩුව ගත කරන බවයි ආරංචිය.උදාරිගේ දියණිය මෙලොව එළිය දකින්නට සූදානම් වන්නේ එම රෝහලේදීම බව ඈ වැඩිදුරටත් පවසනවා.උදාරි සිංගප්පූරුවේ සිට සරසවිය පුවත්පතට එවා තිබූ ඡායාරූප කිහිපයකි මේ.- ප්රසාද්සිද්ධාර්ථ රූගත කිරීම්කොළඹ අවටසිදුහත් චරිතය ඇසුරෙන් තැනෙන අලුත්ම චිත්‍රපටය සිද්ධාර්ථ හී රූගත කිරීම් කැලණිය පැලවත්ත අවටප්රදේශයන්හි මේ දිනවල සිදුවේ. සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වන එය වෙනුවෙන් රන්ජන් රාමනායක රජ වෙස් ගෙන තිබේ.රන්ජන් එහි නිරූපණය කරනුයේ සුද්ධෝදන රජුගේ චරිතයයි.සිද්ධාර්ථහි සිද්ධාර්ථ කුමරුගේ, මහමායා දේවියගේ, යශෝධරා දේවියගේ සහ දෙව්දත් චරිත රඟනුයේ ඉන්දියානු නළු නිළියන් පිරිසකි. ඒ අයට අමතරව බුද්ධදාස විතානාච්චි, ඩග්ලස් රණසිංහ, සාරංග දිසාසේතර, රොෂාන් රණවන මෙරටින් මේ සඳහා රංගනයෙන් දායක වේ.නවීන් ගුණරත්න සහ ජෙෆ් ගුණවර්ධන සිද්ධාර්ථ සිනමා සිතුවම නිෂ්පාදනය කොට තිබේ.- ප්‍රසාද්
|
CREATIVE
|
ජනාකීර්ණ වූ කොළඹ අහස යට තවත් එක් සැන්දෑවක් ගෙවෙමින් තිබිණ. මලානික වූ වියළි සුළං කෝඩ එකිනෙක හැප්පෙමින් මිනිස් සිත් සනහාලන්නට නිශ්ඵල උත්සාහයක යෙදෙමින් සිටියේය. එකිනෙකා පරයමින් ධාවනයක යෙදෙන මිනිස් පොදිය අතරින් ඇය නිසොල්මනේ මා වෙත පියවර නඟනු පෙනේ.ගොඩක් වෙලා ද ඇවිත්?ඇය මගෙන් අසයි.චතුරි.ඔව් . . .කොළඹ අහස යට ගෙවෙන ජීවිතය සුන්දරද?වාඩිවෙමු. අපි තේ කෝප්පයක් බොන ගමන්ම කතා කරමු.හොඳයි.වොල්ගා කල්පනී මම ඇයගේ සැබෑ නමින් අමතා ඇයව පියවි ලොවට ගත්තෙමි.වොල්ගා . . . මේ දවස්වල ඔබ වඩාත් ජනප්‍රිය අනවර්ථ දෙකකින් කියලා කිව්වොත් මම හරිද?හරියට හරි. මුතුපලස නාට්‍යයේ සඳමාලි සහ කොළඹ අහස යට නාට්‍යයේ චතුරි කියන නම් දෙකෙන් තමයි ප්‍රේක්ෂකයන් මට කතා කරන්නේ.ඒ අතරින් ගොඩක් අයට මතක?චතුරිව.ඔබ රංගනයට එන්න කලින් නිවේදිකාවක්?හරියටම හත වසරෙදියි කැමරාවක් ඉස්සරහට ගියේ. ඒ රූපවාහියේ අතුරු මිතුරු වැඩ සටහනෙන්.ඊට පසුව?දේදුනු හැන්දෑව, දෙරණ ලිට්ල් ස්ටාර්, ඊටත් පස්සේ ස්වර්ණවාහියේ හිතට වදින එක.නිවේදිකාවක් වෙන්න වගෙයි පුංචි කාලේ ඉඳලා ආස කළේ?අපොයි ඔව්.එතකොට නිළියක් වන්නේ?ස්වර්ණවාහිනියේ හිතට වදින එක වැඩසටහන කරමින් ඉන්න කොට එම ආයතනයේ බුද්ධික කුලසේකර සහ චාමර සමරවික්‍රම යන මහත්වරුන්ගෙන් ආරාධනාවක් ලැබුණා රංගනයට.මොකද හිතුණේ?නුහුරු අත්දැකිමක් නිසා මොකක්ද වගේ කියලා දැනුණා. ඒත් බැහැ කිව්වේ නැහැ. මට කතා කළේ මුතුපලසෙහි සඳමාලි චරිතය.එතකොට කොළඹ අහස යට චතුරිව ලැබුණේ?චින්තක විජේරත්න සහ බුද්ධික ඉරෝෂන් කියන අයියලා දෙන්නගේ මාර්ගයෙන් ගයා රම්‍ය අල්විස් මහත්මයාව හඳුනා ගත්තා. ඔහු තමයි මාව ඊට ගත්තේ.චතුරි ඔබගේ සැබෑ ජීවිතයට ටිකක් සමානයි කියලා දැනගන්නට ලැබුණා?ඒ කොහොමද?මං කිව්වා හරිනේ?හරි තමයි. චතුරි වගේම මමත් දැන් ආස නිළියක් වන්න. ඒ වගේම හැම තීරණයක්ම ගන්න කලින් ගෙදර අය ගැන හිතනවා? චතුරිල පොළවේ පය ගහලා ඉන්න තැනැත්තියන්. මාත් එහෙමයි.ඇත්තටම දැන් ඔබ නිවේදිකාවක් ලෙස අප හමුවට එන්නේ නැහැ නේද?හිතට වදින එක ප්‍රෝග්‍රෑම් එකෙන් පසුව නිවේදනයට තරමක විරාමයක් තැබුවා. අවංකවම කිව්වොත් රංගනය නම් වූ කොහොල්ලෑ බබාගේ ඇෙඟ් ඇලිලා ඉන්නේ මං. ගොඩක් ආස වුණා රංගනයට. ඒත් ලබන මාසේ මැද විතර ආයෙත් අලුත් වැඩසටහනකින් නිවේදිකාවක ලෙස පෙනී සිටිනවා මං.හිතට වදින එක සජීවී වැඩසටහනක්. එය නිවේදනය කරද්දී අකරතැබ්බවලට මුහුණපාලා ඇති?හොඳම වැඩේ මේකයි. ඔන්න දවසක් මම අසනීප වෙලා ඉස්පිරිතාලේ හිටියා. සේලයිනුත් මට දිදී තිබුණේ. කොහොම හරි ගෙදර ගිහින් දවල් දොළහට ප්‍රෝගෑම් එක කරලා ආයෙත් හවස ඉස්පිරිතාලෙට ඇවිත් සේලයින් බටේ ගහ ගත්තා.කලාව වෘත්තිය කර ගන්න හිතක් තියනවා වගෙයි?අනිවාර්යයෙන්ම.ලංකාව ඇතුළේ වෘත්තීය කලාකරුවකු වෙලා ඉන්න පුළුවන්ද?එහෙම ඉන්න තමයි ට්‍රයි එක.රඟපාන්න ආස චරිතයක් තියෙනවාද?මං හරිම ආසයි මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණියකගේ චරිතයක් කරන්න.ක්ෂේත්රය කොහොමද?ගොඩක් හොඳයි.අයුතු යෝජනා ඇවිත් නැතිද ඔබට අන් නිළියන්ට මෙන්?දෙයියංගෙ පිහිටෙන් කවදාවත් එහෙම ඒවා ඇවිත් නැහැ.වොල්ගගෙ ගෙවල් කොහෙද?රාගම.පාසල?ඉස්කෝල දෙකකට ගියා. කඳාන ශාන්ත සෙබස්තියන් සහ මොරටුව වේල්ස් කුමරි විදුහල් තමයි ඒවා.එතකොට උපන් දිනය?1990. 07. 19ලග්නය?මකර.මේ වන විට ප්‍රේමවන්තියක්ද?නැහැ. ඒත් විරහ වේදනාවක් වින්දා.දුක හිතුනම මොකද කරන්නේ?තනියම හොඳටම අඬනවා. මට තියෙන්නේ බිදුණොත් හදාගන්න අමාරු හිතක්. ඒ නිසා දුක හිතෙන දේවල් වෙනවට මං හරිම අකැමැතියි.වොල්ගට මේතාක් දුර එන්න කවුද උදව් කළේ?අම්මා, තාත්තා, අක්කා, වසන්ත ඥාණප්රිය, විජිත ප්‍රේමප්‍රිය, ප්‍රතිභා අයියා, ස්වර්ණා මිස්, බුද්ධික කුලසේකර, චාමර සමරවික්‍රම, ගයා රම්‍ය අල්විස්ඔබ ගැන ඔබම කෙටියෙන් හඳුන්වා දෙන්න?නිතර හිනාවෙලා ඉන්න කැමැති කෙනෙක්.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
තිනෙත චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව Apstair 07 චන්ද්‍රිකාවට අමතරව Eutelsat70 චන්ද්‍රිකාව ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් ආසියාව, මැද පෙරදිග, යුරෝපය සහ අප්‍රිකානු රටවල්වලින් වැඩි ප්‍රමාණයක ප්‍රේක්ෂකයින්ට තිනෙත නැරැඹීමට හැකිය. එමෙන්ම මේ හේතුවෙන් 65 – 80 CM කුඩා Dish මඟින් ද තිනෙත නැරැඹීමට හැකිවීමයි. නොවැම්බර් මස පළමුවැනිදා සිට ආරම්භ කෙරෙන මෙහි දිනකට එක ටෙලි නාට්‍ය බැගින් දින හතේම ටෙලි නාට්‍ය හතක් විකාශයවීමට ද නිචයමිතය.මේ සඳහා වූ ගිවිසුමකට තිනෙත සභාපති රොහාන් වැලිවිට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හොරෝසෝන් සැට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හිෂාමි හම්සාරි යන මහත්වරුන් අත්සන් තැබිණ. මේ එම අවස්ථාවයි.
|
CREATIVE
|
අයියාට මේ රජගේ මල්ලි හදාලාඔබෙ මල්ලි හදාලාරජගේ වත් නැත මේ ලස්සනට තියාලානිවිහැල්ලේ සැනසිල්ලේ ඉන්න හොඳේකරදර නැතුව පාඩුවේ//අතීතය වර්තමානයේ ද එක ලෙසින් කාගේත් සිත් සතන් තුළ පිළිරැව් දුන් 1959 දශකයේ සිනමාවට නැං වූ පුරුෂරත්නය චිත්‍රපටයේ ‘අයියාට මේ රජගේ මල්ලි හදාලා - පොඩි මල්ලි හාදාලා’ යන ගීතය එල්. ඒ. ඩී. ජෙනට් ඩොරින් නොහොත් සිනමාවේ බේබි ඩොරින් කලාකාරිනිය විසින් ගායනා කළාය.එම ගීතය අප මුවින් මිමිණෙන්නේ නිරායාසයෙනි. එම ගීතය මුල් වරට ඇසූදා පටන් මිය යන තුරුම අප හදවතේ කොතැනක හෝ ඒ මිහිරි නම පිළිබඳ මතකය නිදන්ව ඇති නිසාය.බේබි ඩොරින් නාමය ගීත කලා ලොවේත් සිංහල සිනමා ඉතිහාසයෙත් එක්තරා පරිච්ඡේදයක ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැඟි නාමයකි.කලා දිවියට උරුමකම් කියූ පෙළපතකින් උපන් ඇය කඳාන, ගාලු ශ්‍රී මාවතේ මුල් ගම් බිම් වූවාය. සිප්සතර හදාරමින් සිටි 13 – 14 කුඩා අවදියේදී බේබි ඩොරින් නම් ඇය රම්‍යලතා චිත්‍රපටයේ රම්‍යලතා නම් යෞවනියගේ චරිතය රඟපෑවාය.මෙම චිත්‍රපටයට අමතරව කුරුලුබැද්ද, නළඟන වැනි චිත්‍රපට දහයක පමණ රංගනයෙන් දායක වූ බව අපට දැනගන්නට ලැබිණ.සිනමාවෙන් ජීවය ලැබ චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබා දුන් ඇය වයස අවුරුදු 15 වේදී පමණ ‘පුරුෂ රත්නය’ චිත්‍රපටයේ මුල් ගීතය පමණක් ගායනා කර හෙළ සිනමාවේ පමණක් නොව මුළුමහත් රසික රසිකාවන්ගේ ජනාදරයට පත් වූ සිනමා ඉතිහාසයේ නොමියෙන චරිතයක් බවට පත්වූවාය.ගීත ලොවේ කලා තරුවක්ව බැබළෙන වාද බයිලා ගායක මාස්ටර් මොරීන් ඇයගේ මාමා විය.කලා දිවියේ නොයකුත් කඩඉම් පසුකරමින් පැමිණි එම යෞවනිය 1964 පමණ කාලයේදී දුම්රිය දෙපාර්තමේන්තු සංඥා අංශයේ සේවයේ නියුතුව සිටි එල්. එච්. ජී. වික්ටර් මහතා සමඟ අතිනත ගෙන 1969 පමණ වකවානුවේදී රජරටට පැමිණ අනුරාධපුර ගල්වල පාර පොතානේගම ප්‍රදේශයේ තම කැදැල්ලේ ජීවිකාව ගෙන ගියාය.1955 කාල වකවානුවේදී සිනමා රංගනය හා ගීත ගායනයට පිවිසි ඇය පුරුෂරත්නය චිත්‍රපටයේ මුල් ගීතය ගායනයෙන් පසු රංගනයෙන් ඉවත්වීමට තීරණය කළාය. ඒ වන විට ඇය චිත්‍රපට ගණනාවක විවිධ භූමිකාවන්ට පණ දී තිබිණ.බේබි ඩොරින්ගේ සිනමා ජීවිතයේ අමරණීය මෙන්ම අමතක නොවන ගීත ගායනය හැටියට සලකනු ලබන්නේ ‘පුරුෂ රත්නය’ චිත්‍රපටයේ ‘අයියාට මේ රජගේ මල්ලි හදාලා - ඔබෙ මල්ලි හදාලා’ යන ගීතයයි. ‘පුරුෂ රත්නය’ සිංහල චිත්‍රපටයේ එම ගීතය එදත් අදත් යොවුන් පරපුරේ කා අතරත් ඒ මිහිරි හඬ සදා නොමැකෙනු ඇතැයි අපේ හැඟීමය.බේබි ඩොරින් එකල සිනමාවට සම්බන්ධ වී සිටියත් රංගනයෙන් ගීත ගායනයෙන් ඈත් වූවාට පසු ඉතා නිහඬ ජීවිතයක් ගත කළ බේබි ඩොරීන් පසුකාලීනව දරු මුනුපුරන් සමඟ කාලය ගතකර අවුරුදු 69 ක් ආයු වළඳා 2012. 12. 21 දින අප කා අතරත් ඇයගේ සුමිහිරි මතකය රඳවා තබා මෙලොවින් සමු ගත්තාය.බේබි ඩොරින් සමඟ සිනමා ජීවිතය ගත කළ බොහෝ කලාකාමීන් හට ඇයගේ සමු ගැනිමේ වියෝව දරාගත නොහැකි වනු ඇත.අපට යළි කෙදිනකවත් බේබි ඩොරින් නම් චරිතය හමුවන්නේවත් මුණ ගැහෙන්නේවත් නැත.කලා ලොවෙන් සදහටම සමුගෙන ගිය කලාකාරිනියට මොක් සුව පතමු.සටහන – ගයාන් රාජපක්ෂඡායාරූප – අමිල ප්‍රභාත් වනසිංහ
|
CREATIVE
|
ජයරත්න ගලගෙදරඔහු ජයරත්න ගලගෙදර.ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ වගකිව යුතු රැකියාවක නිරත වෙමින් ඔහු මේ වන විට රංගනයට ද පිවිස තිබේ. චිත්‍රපට මෙන්ම ටෙලි නාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කළ ජයරත්න ගලගෙදර සමඟ කළ කතාබහයි මේ.මුලින්ම කියමුද ඔබ රංගනයට ප්රවිෂ්ටවීමේ ආරම්භය ගැන?කුඩා කාලයේ සිටම රංගනය ගැන මගේ හිතේ ලොකු උනන්දුවක් තිබුණා. පාසල් කාලයේදී ගමේ අවුරුදු උත්සව ආදියට වේදිකා නාට්‍ය නිර්මාණය කළා. ගමේ අයගෙන් ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා.ඒ අත්දැකීම් තමයි රංගනයට යොමු වෙන්න හේතු වුණේ. මරදානේ කාර්මික විද්‍යාලයේ ජාතික ව්‍යාපාර ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ කාලයේදී වේදිකා නාට්‍ය නිර්මාණ තරඟයක් තිබුණා. ඒ සඳහා මම ‘පියෙක් සහ පුතෙක්’ නමින් නාට්‍යයක් නිර්මාණය කළා. එහිදී එම නාට්‍යයට දෙවන ස්ථානය හිමි වුණා. සුගතපාල ද සිල්වා මහතාත් එදින විනිශ්චය සඳහා හිටියා. මේ හැම දෙයක්ම මගේ කලා ජීවිතයට ශක්තියක් වුණා.මේ වන විට ඔබ දායක වූ නිර්මාණ ගැනත් සඳහන් කරමු?මේ දිනවල තිරගත වන උදයකාන්ත වර්ණසූරියගේ සෙනසුරු මාරුව, නාලක විතානගේ ගේ රූපාන්තරණ, ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය, සිවගුරුනාදන්ගේ කෝ මාක් නෝ මාක් සහ සමන් වීරමන්ගේ සිද්ධාර්ථ ී චිත්‍රපටවලට වගේම නාලන් මෙන්ඩිස්ගේ දූවරු, රන්ජන් ප්‍රසන්නගේ සිහින පුරය වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ගිහාන් රෝහණගේ දම්සාරි ටෙලි සිත්තමටත් දායක වෙන්නට අවස්ථාව උදා වුණා. ඊට අමතරව කාටුන් වැඩසටහන්වල සහ ගුවන් විදුලි වැඩසටහන්වලටත් හඬ කැවීමෙන් ද දායක වෙනවා.රාජකාරි ජීවිතය ගැනත් කියමුද?ජයවර්ධනපුර සරසවියෙන් බාහිරව වාණිජ්‍යවේදී විශේෂ උපාධිය ලබා ගත්තා. මම වසර හතරක් විගණනන සමාගමක සේවය කිරීමෙන් අනතුරුව ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම සමඟ සම්බන්ධ වුණා. එයට දැන් වසර 18 ක් පමණ වෙනවා. දැනට එහි මෙහෙයුම් විධායක ලෙස කටයුතු කරනවා. චිත්‍රපට අංශයේ ප්‍රවර්ධන වගේම නිෂ්පාදන කටයුතු ගැනත් වගකීම දරනවා.කාර්ය බහුල රැකියාව රංගනයට බාධාවක් වෙලා නැද්ද?මම රැකියාවට රංගනය බාධාවක් නොවන ආකාරයටයි කටයුතු කරන්නේ. හැම විටම කිසිම බාධාවක් නොවෙන්නට මම වග බලා ගන්නවා. බොහෝ වෙලාවට සති අන්තයේ තමයි මම රූගත කිරීම් සඳහා සහභාගි වෙන්නේ. මොන දේ වුණත් රැකියාව තමයි අංක එක.රිදී තිරයේ වගේම පුංචි තිරයේත් ඔබ දායක වූ නිර්මාණ අතර ඔබට සුවිශේෂ වූ චරිත එහෙමත් ඇති නේද?ඔව්. විවිධ චරිත ලබන්නට මම වාසනාවන්ත වුණා. ඒ අතර සිද්ධාර්ථ චිත්‍රපටයේ මහල්ලාගේ චරිතය තමයි මගේ ජීවිතයේ ලබපු ලොකුම වාසනාව.පවුලේ විස්තරත් කියමු ද?බිරිඳ නෙරංජනා. පුතා පසිඳු. දුව මල්කි. දුවයි පුතායි රංගන කටයුතුවලට දායක වෙනවා.ඉදිරියටත් රංගනයට ඇරැයුම් ලැබිලා ඇති නේද?රේණුකා බාලසූරිය මහත්මියගේ වගේම උදයකාන්ත වර්ණසූරිය, ධම්මික සිරිවර්ධන සහ සනත් ගුණතිලක මහත්වරුන්ගේ නවතම සිනමා නිර්මාණ සඳහා මට ආරාධනා ලැබිලා තියෙනවා.අනාගත බලාපොරොත්තුව නළුවෙක් විදියට ඉදිරියට යන්නද?රංගන කටයුතුවල දිගටම නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.අවසාන වශයෙන් ඔබ කියන්නේ?මට මේ තත්ත්වයට එන්න උදව් කළේ ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ කලමනාකාර අධ්යක්ෂ අසංක එදිරිසිංහ මහතා. එතුමා ඇතුළු හැම අයුරින්ම මට සහාය දක්වන හැම දෙනාටම මා මගේ ගෞරවය පිරි ස්තුතිය පිරිනමනවා.යතේජා ඥානරත්න
|
CREATIVE
|
‘ඒ ආදරයත් ඉවරයි’. බොලිවුඩ් ප්‍රේම කථා බොහොමයකට එක් කිරීමට සිදු වී ඇත්තේ ඒ වගන්තියයි. සෝනම් කපූර් සහ සහීර් බෙරි මෙසේ පෙම් කථාව නිම කළ නව යුවළයි. මෝස්තර නිරූපණ ශිල්පී, ව්‍යාපාරික සහීර් බෙරිට කාර්යබහුලකම සහ දිල්ලි, ලන්ඩන්, ගෝවා සංචාර නිසා ප්‍රේමය දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි වී තිබේ.සෝනම්, සහීර් මුණ ගැසුණේ සමාජ වෙබ් අඩවියකිනි. එහෙත් දෙදෙනා ප්‍රේමවන්තයන් කිරීමේ අනංග කාර්යය සොයුරිය රියා විසින් සිදු කරන ලදී. දෙදෙනා සමාජයෙන් ප්‍රේමය රහසක් කර තබා ගත්ත ද ජුනි 9 වැනිදා සහීර්, සෝනම්ගේ උපන් දින සාදයට පැමිණි පසු මාධ්‍යයේ උකුසු ඇසින් ගැලවීමට ඉඩක් ලැබී නැත. මීට පෙර ඇයගේ පෙම්වතා වූයේ පූනිත් මල්හෝත්රාය. ඒ ප්‍රේමය ද උපන් තැනම වැළලුණකි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
‘මැද ගෙදර’ ටෙලි නාට්‍යයයේ රූගත කිරීම් සමඟ ගත කරන නිසා මම බොහොම කාර්යබහුල කෙනෙක්. ‘පාවෙලා’ කියන අලුත්ම ටෙලි නාට්‍යයෙත් ළඟදීම රූගත කිරීම් ආරම්භ කරාවි. මේ දවස්වල විකාශය වන ‘තරුමලී’, ‘සිරීගේ ඉරණම’ ටෙලි නාට්‍යවලට මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් බොහොම උණුසුම්.
|
CREATIVE
|
මෙරට අග්‍රගණ්‍ය කලාකරුවන් අතරෙහි ලා ගැණිය හැකි පණ්ඩිත් අමරදේව, මාලිනී ෆොන්සේකා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය වික්ටර් රත්නායක, රවීන්ද්‍ර රන්දෙණිය, සුනිල් එදිරිසිංහ ආදී කලාකරුවන් 14 දෙනෙකුගේ ජීවමාන ඉටි රූප ප්‍රදර්ශනයක් මෙම 9 වැනිදා සිට 11 වැනිදා තෙක් කොළඹ කලා භවනේදී පැවැත්වේ.මහාචාර්ය සුනිල් ආරියරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය වික්ටර් රත්නායක, බණ්ඩාර ඇහැලියගොඩ සහ ප්‍රේම් දිසානායක එකතුව මෙම ඉටි රූ දැක්ම සංවිධානය කරයි.අතුල හේරත් සහ මහීම හේරත් යන පිය පුතු යුවළ විසින් නිර්මාණය කරනු ලබන මෙම ඉටි රූ ලොව අති පරිසිඳු ඉටි රූ කෞතුකාරගය වන බ්‍රිතාන්‍යයේ මැඩම් ටුසුවුඩ්ස් අනු රූ පරදන බැව් ඒ දුටු බොහෝ දෙනා පවසති.
|
CREATIVE
|
සේමිණි දිනූෂා ඉද්දමල්ගොඩ ලාංකේය කලා අඹරේ වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයෙත් එක ලෙස ප්‍රතිභාව දක්වන රංගන තරුවක්. ශ්‍රියාණි අමරසේනගේ ‘ඉරබටු තරුව’ ටෙලි සිත්තමෙන් කලා ලොවට පා තැබූ ඇය සුමති සම්මාන උළෙලේදී හොඳම නැඟී එන නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ද සමත් වූවාය.රංගනය වෙනුවෙන් විශේෂිත කැප කිරීම් කිරීමට පවා නොපසුබට වූ ඇය ‘නේත්‍රා මංගල්‍යය’, ‘වරා මල්’, ‘කරුවල ගෙදර’ ‘එඑඑ ඩොට් කොම්’, ‘ඉතිං මට අවසරයි’ වැනි ටෙලි නාට්‍ය තුළින් සිය රංගන කුසලතා ගෙනහැර දැක්වූවාය. සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘යර්ස් බොස්’ නාට්‍ය මාලාවේ ‘රෝෂිණි’ ලෙසත් ඇය වඩාත් කතාබහට ලක් වූවාය.‘රෝස වසන්තය’, ‘යකඩ පිහාටු’, ‘සුදු හංසි’, ‘දකින දකින මල්’, ‘අසෙනි වර්ෂා’ වැනි සිනමා නිර්මාණ තුළින් රිදී තිරය විචිත්‍රවත් කළ සේමිණි සිය රංගන දිවියේ විවිධ කඩඉම් පසු කරමින් 29 වැනි සරසවිය සම්මාන උළෙලේ කුසලතා සම්මානය සේම වේදිකාව නියෝජනය කරමින් ‘පුංචි ආදර බල කිරීමක්’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ද දිනා ගත්තාය.ඉදිරියේදී ද විවිධ චරිත මවමින් ඔබ හමුවට ඒමට සූදානමින් සිටින සේමිණි ඉද්දමල්ගොඩගේ අලංකාර සේයා රුවකින් අද සරසවිය මුල් පිටුව සැරසේ.- යතේජා
|
CREATIVE
|
* දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා සමඟ ජසයා ලෙන්චිනා’ ඇල්පිටිය සුධර්මා ශාලාවේ * සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ ගාල්ල හෝල් දි ගෝල් රංග ශාලාවේ * රෝහණ දන්දෙණියගේ’රාස්ස සහ පරාස්ස’ රාගම විජය කුමාරතුංග රඟහලේ* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ වේයන්ගොඩ ජනාධිපති විදුහල් රංග ශාලාවේ* සරත් කොතලාවලගේ ‘නරි බුරති’ කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාර ශාලාවේ * ‘බල්ලොත් එක්ක බෑ’ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ * ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ ‘ගැබ්බර මිනිසා’මීගමුව නගර ශාලාවේ * අතුල පතිරණගේ ‘දොළහක්’ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ- තිලානි ශානිකා
|
CREATIVE
|
නව පරපුරේ කලාකරුවන් බහුතරයක් දෙනා තමන්ගේ උපන් දිනය සමරන්නෙ සාදයක් සංවිධානය කරලා හොඳ හැටි කාබී විනෝද වී, මේ වනවිට එය එක්තරා අන්දමකින් සම්ප්රදායක් බවට ද පත්ව තිබෙනවා. එහෙත් අප හිතාදර ජනිත් වික්‍රමගේ නම් මේ එළඹෙන 29 දාට යෙදෙන උපන් දිනයට නම් කිසිදු උත්සවයක් සංවිධානය කරන්නේ නැතිලු. ඔහු ඒ වෙනුවෙන් අමුතුම අන්දමේ පුණ්‍ය කටයුත්තක් පිට පිට තෙවැනි වතාවටත් සිදු කරන්නට සූදානම් වෙලා. 29 වැනිදා සතියේ දවසක් හින්දා ජනිත් ඒ සඳහා යොදාගෙන තියෙන්නේ කාටත් පහසු දවසක්. එනම් 25 වැනි සෙනසුරාදා. මෙදින නාරාහේන්පිට ජාතික රුධිර පර්යේෂණ ආයතනයේදී ලේ දන්දීමේ වැඩසටහනක් තමයි පෙරසේම ජනිත් ඇතුළු ජනු 29 කණ්ඩායම සංවිධානය කරලා තියෙන්නෙ.එදින උදෑසන 9 සිට සවස 2 දක්වා පැවැත්වෙන මේ පුණ්‍ය කටයුත්තට සහභාගී වෙන්න කියලා ජනිත් ක්ෂේත්රයේ තම හිතවත් සහෘදයින්ට විවෘත ආරාධනාවක් කරනවා. ඒ වගේම උපන් දිනය දවසට නිකරුණේ මුදල් සහ කාලය නාස්ති නොකොට මෙවන් වූ පලක් ඇති දෙයක් කරන්නට යැයි ජනිත් සරසවිය හරහා ඉල්ලීමක් ද කරනවා.- ප්‍රසාද්
|
CREATIVE
|
පැරැණි චිත්‍රපට සමාගම් වූ සීමාසහිත සිනමාස්, සීමාසහිත සිලෝන් තියටර්ස් හා සිලෝන් එන්ටර්ටෙයින්මන්ට් යන සමාගම් තවමත් චිත්‍රපට ප්‍රදර්ශනය කරනවාද?ජයන්ත විජේසූරියවටපුළුව, මහනුවරප්රදර්ශනය කරනවා විතරක්නොවේ, තවමත් සිනමාවේ. සිලෝන් තියටර්ස්, සිනමාස් සහ සිලෝන් එන්ටර්ටෙයින්මන්ට් යන ආයතන ඒකාබද්ධ වී සී. ඊ. එල්. මණ්ඩලය නිර්මාණය කර තියෙනවා. රීගල් ප්රමුඛව අද මේ මණ්ඩලයේ බොහෝ චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා.විශාරද නන්දා මාලිනී සහ ආචාර්ය වික්ටර් රත්නායකයන් යුග ගීතයක් ගායනා කර ඇත්තේ ‘මී මැස්සෝ’ චිත්‍රපටයට පමණක්ද?කේ. ජී. සෝමදාසතම්මිට, මාකේවිටනැහැ, තවත් චිත්‍රපට කිහිපයක් තියෙනවා. මුවන් පැලැස්ස දෙක, ‘නිල් වන ලන්දේ මල් මකරන්දේ’ ඊට හොඳම උදාහරණයයි.හැට දශකයේ ප්‍රේක්ෂක හදවත් දිනූ සංදේශය චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කළේ කවුද?හිලරි සිරිලාල් ද අල්මේදාමොරටුවැල්ල, මොරටුවඅපේ විශිෂ්ඨ සංගීතවේදියකු වන සුනිල් ශාන්තයන් විසින්.එදා මෙදාතුර සිංහල චිත්‍රපට නිෂ්පාදනයට උර දුන් මැති ඇමැතිවරුන් කවරහුද?කමලා සෙනෙවිරත්නහෝකන්දර දකුණකෙහෙලිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි, එම්. එච්. මොහොමඩ්, ෆීලික්ස් පෙරේරා, නීල් රූපසිංහ ඇතුළු මැති ඇමැතිවරු රැසක් සිටිනවා.එම්. මස්තාන් අධ්‍යක්ෂණය කළ ගාමිණී ෆොන්සේකා ද්විත්ව චරිත රඟපෑ සිංහල චිත්‍රපටයේ නම සඳහන් කරන්න.ඩී. එම්. සුනිල් ශාන්තරත්මල්ගාරආත්ම පූජා චිත්‍රපටයනේ සුනිල්.එච්. ආර්. ජෝතිපාලයන් පසුබිම් ගීතය ගායනා කරන ලද පළමු චිත්‍රපටය ගීතය කුමක්ද?ආර්. ඒ. අමරසිංහකොටහේනසුරතලී චිත්‍රපටයට ගැයූ ‘සිරියමේ සාරා නැගෙවී හද මෝරා.’සිකුරුලියා චිත්‍රපටයේ සුවිනීතා වීරසිංහ සමඟ සුවිශේෂී චරිතයක් රඟපෑ නළුවා කවුද? ඔහු ගැන තොරතුරු ටිකක් කියන්න.විමල් රණසිංහග්රෑන්ඩ්පාස්බන්දුල ගලගෙදර රංගන ශිල්පියායි. ඔහු දැන් සක්‍රීයව කලා කටයුතුවල නියැලුණේ නැතත් සිනමා උත්සව සඳහා සහභාගි වෙනවා.බොනියම් සහ ඇබා යන බටහිර සංගීත කණ්ඩායම්වල වර්තමාන තත්ත්වය කෙසේද?අයිලින් සෝවිස්රාගමමේ දෙකම වර්තමානයේ අලුත් නිර්මාණයන්හි යෙදුණේ නැහැ. බොනියම් කණ්ඩායමේ සාමාජිකයකු වූ බොබි ෆැරල් පසුගිය වසරේ මිය ගියා. කෙසේ වෙතත් 1984 වනතුරු නිර්මාණ කාර්යේ යෙදී සිටියත් එම වසරෙන් පසුව කිසිදු නිර්මාණයක් කළේ නැහැ.ස්වීඩන් සංගීත කණ්ඩායමක් වූ ඇබා 1982 දී විසිර ගියා. කෙසේ වෙතත් ‘මම්මා මියා’ චිත්‍රපටය වෙනුවෙන් ඔවුන්ගේ පැරැණි ගීත 2008 වසරේ දී ගැයුවා මෙන්ම එම චිත්‍රපටය ඉහළ ආදායම් වාර්තා තැබුවා. ඔවුන් එක්ව 2000 වසරේ ප්‍රසංගයක් පැවැත්වුවත් එහි අලුත් ගීත අඩංගු වූයේ නැහැ.හින්දි තිරයේ අවිහිංසක ලෙස චරිත නිරූපණය කළ නූටාන් අපේ පුණ්‍යා හීන්දෙනියට සමානයි නේද?සරත් රණසිංහ කපුගොඩමට නම් කොයි විදිහකවත් සමානකමක් පේන්නේ නැහැ.සිංහල සිනමාවේ ප්‍රථම ‘සිනමාස්කෝප්’ චිත්‍රපටය කුමක්ද?මැණිකේ විල්වල කෑගල්ලවැලිකතර – ඩී. බී. නිහාල්සිංහයන්ගේ.ජනකාන්ත නළු විජය කුමාරතුංග අවසන් වරට චරිත නිරූපණය කළ චිත්‍රපටය වන්නේ මධු සිහින ද? සමාවද? තන්හා ආශාද?මිල්ටන් ප්‍රනාන්දු උතුරු මූදුකටුවඅවසන් වරට රූපගත කළේ මධු සිහින.වොලී නානායක්කාර තාම ජීවතුන් අතර සිටිනවාද?සුදත් නිශාන්ත මීගමුවවසර කිහිපයකට පෙර මිය ගියා.සමහර උත්සවවලදී වේදිකාවේ පාවෙන සමහර ඇත්තියන් දැක්කම බොලිවුඩ්, හොලිවුඩ් ඉක්මවා යයි කියා සිතෙනවා නේද?සුජාතා ගුණවර්ධන කඩවතඑහෙම ඉක්මවා යන්න පුළුවන් නම් ඉතා හොඳයි.(අර්ජුන්)සැකසුම - සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
‘සුදු මීදුම පීදෙන තොටිල්ලෙසඳ පායන කෝමල ඇසිල්ලේඈතට ඈත යමු අපි පාවිලාඅප සිත් සැනසෙනවා . . .’මේ ගීතයේ ජනප්‍රියත්වය ඔබට අමුතුවෙන් කිව යුතුª නැත. ඒ රසාලිප්ත අපූර්ව හඬක් හිමි ඔහු ගැයූ ඔබ ළඟ නැති මේ සසරේ, මා හඬවලා, කුසුම්ලතා රේණුලතා, මන බන්දනා වැනි ගීත එදා මෙන්ම අදත් අප මතකයේ සදා අනුස්මරණීයය.ග්‍රේෂන් ජයමහ.ඒ නමද ඔබට අමතක වන්නට විදිහක් නැත. කලක් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායන තරුවක් වූ හෙතෙම හදිසියේම නොපෙනී ගියේ ප්‍රශ්නාර්ථයන් රැසක් ඉතිරි කරමිනි. ඒ සියල්ල සඳහා පිළිතුරු මෙම මස 28 දින ලැබෙනු ඇත. විදෙස්ගත වී නිහැඬියාවකින් පසු වූ ග්‍රේෂන් යළි ලංකාවට පැමිණ තවත් මතක හිටින දෙයක් කිරීමට සූදානමිනි. මේ ග්‍රේෂන්ගේ තොරතුරු සොයා බැලීමකි.* ග්‍රේෂන් අයියේ 28 වැනිදා වෙන්නේ මොකක්ද? ඒ ගැන තවත් විස්තර මොනවද කියලා දැනගන්න ඔබ රසික පිරිස කැමැති වේවි?මං ගීත ගායනයට ඇවිත් වසර විසිපහයි. මේ කාලය අතරතුර මං ලද අත්දැකීම් ද බොහොමයි. වසර විසිපහක් කියලා කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. ඉතින් මට හිතුණා මගෙත් එක්ක හිටපු සහෘදයෝ එකතු කර ගනිමින් පුංචි ප්‍රසංගක් ඉදිරිපත් කරන්න. ඒකට සුදුසුම කාලේ තමයි දැන්.* කොහෙද ප්‍රසංගය තියෙන්නේ? නමක් එහෙම තිබ්බද?ඔව් ඒකේ නම ‘සුදු මීදුමයි, ග්‍රේෂන් ජයමහයි, විසි පහයි’ විසිඅට වැනිදා ජාඇල ගුරුගේ ප්‍රසංග ශාලවේදියි මෙය පැවැත් වෙන්නේ. ‘සුදු මීදුම’ ගීතය කියන්නේ මගේ අනන්‍යතාවය කිව්වොත් වැරැදි නැහැ. ඒක හින්දා එහි මුල් පදය නමට යොදා ගත්තා.* ඔබ ගොඩක් ජනපි‍්‍රය කාලේ හිටි හැටියේම අතුරුදන් වූයේ ඇයි?මෙහෙමයි. මං 2004 දී විදෙස් ගත වුණා. ඒ මෙරට පැවති යුදමය වාතාවරණය මත. අපි වෘත්තිමය ගායකයොනෙ. ඒ කාලයේ ප්‍රසංග තහනමකුත් තිබුණා. බැරිම තැනයි විදෙස් ගත වුණේ.* එතකොට අද ගැන මොකද කියන්න තියෙන්නේ?ඇත්තටම අද ලංකාව තියෙන තත්ත්වය ගැන සතුටුයි. ඒකයි ලංකාවට ඇවිත් මෙවන් වූ කටයුත්තකට මුල පිරුවේ. මට හොඳටම විශ්වාසයි මගේ රසිකයෝ එදා මෙන්ම අදත් මට හරිම ආදරෙයි කියලා.* ඔබ නැති අතරේ ඔබේ ‘මා හඬවලා’ ගීතය වෙනත් පිරිසක් විසින් රීමික්ස් කළා නේද?ඔව්. මාත් ඒක ඇහැව්වා. මට කනගාටුවක් නැහැ ඒ සිද්ධ වෙච්ච දේට. මං කාටවත් දොස් කියන්නෙත් නැහැ. ඒත් මගෙන් අහලා එහෙම දෙයක් කළා නම් තවත් සතුටු වෙන්න තිබුණා.* වසර විසිපහක් තුළදී ගීීත ගයන්නට ගොස් අනන්තවත් කටු කන්න ඇති?මොකද නැත්තේ කටු කාපුවා නම් උපරිමයි. මං ආපු මුල් කාලේ සංගීත සන්දර්ශනයක් ඉවරවෙලා වේයන්ගොඩ ඉඳලා කඳාන වෙනකම් මහ රෑ පයින් ආවා. සමහර අතු පාරවල්වල එද්දී සපත්තුව පසාරු කරගෙන කටුත් ඇනුණා.* ඒවා ගැන මතක් කරද්දී මොකද හිතෙන්නේ?පුදුමාකාර විදිහට සතුටක් දැනෙනවා. ඒ සතුට තමයි 28 මං මගේ සහෘදයෝ එක්ක බෙදා ගන්නේ.* ප්‍රසංගය ගැන තවත් යමක් සඳහන්කර මේ කතාව අවසන් කරමු?මෙහිදි මගේ අලුත්ම ගීතයක් රසික රසිකාවන්ට ලබාදෙන ගමන්ම මගේ පැරැණි ගීත නව සංගීතයට මුසුකොට ගායනා කරනවා. ඒ වගේම මට ආදරය කරන හැමෝම එදාට එන්න කියලත් ආරාධනාවක් කරන්න කැමැතියි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - නිරෝෂ් ප්‍රියංක බටේපොළ
|
CREATIVE
|
රංගන ශිල්පීසරත් දික්කුඹුරමම මේ දවස්වල ‘දඩකෙළි අරණ’ කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟයි කාලය ගත කරන්නේ. එහි මා රඟපාන්නේ පුණ්‍යසේන කියන මෝඩ පහේ ගැමියෙක්ගේ චරිතයක්. වැවක වීසිදැල් දමලා මාළු අල්ලන මේ චරිතය මට සුවිශේෂයි.ඒ වගේම එය රූගත කළේ තිස්සමහාරාමයේ තිබෙන වැවකයි. ඒ වැවේ වතුර හිඳිල නිසා මට මාළු අල්ලන්න සිද්ධ වුණේ ඉණ දක්වා මඩේ බැහැලයි. ඒක මට අපූරු අත්දැකීමක් වුණා.
|
CREATIVE
|
ඇන්ටන් ජූඩ් අවසන් වරට රංනයෙන් දායක වූ සුනිල් අරුණ වීරසිරිගේ නවතම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය වන ‘වීර්යා’ සිනමාපටයෙහි සියලු වැඩ කටයුතු මේ වන විට නිම වී තිබේ.තිරගත කිරීමට තෝරා ගැනීම සඳහා මණ්ඩල කිහිපයකට චිත්‍රපටය යොමුකොට ඇති බව අධ්යක්ෂවරයා දන්වා සිටියි.විනෝදාත්මක පවුලේ චිත්‍රපටයක් වන වීර්යා හි ලකී ඩයස්, ශ්‍රියාණි අමරසේන, ජගත් චමිල, දුලීකා මාරපන, නිරෝෂන් විජේසිංහ, සරණපාල ජයසූරිය, රම්‍යා වනිගසේකර, ඥානාංග ගුණවර්ධන, සරත් කොතලාවල, සුජානි මේනකා, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, අංජුලා රාජපක්ෂ, නෝමන් පළිහවඩන සමඟ ශේෂාද්‍රි චරිත මවති.කතාව, දෙබස්, තිර රචනය ලාල් පාගොඩආරච්චිගෙනි. අයෙශ්මන්ත හෙට්ටිආරච්චි කැමරාව මෙහෙයවා ඇත. අජිත් රාමනායකගේ සංස්කරණයකි. ඉන්දික උදාර ලංකා අංග රචනා ශිල්පියාය. ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි ද, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම ද, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත පතිරගේ ද, නිෂ්පාදන කළමනාකරණයෙන් සුමිත් ප්‍රසන්න ද වීර්යා සඳහා එක් වී තිබේ.සංගීතයට ප්‍රමෝද් නාරායන සහ අමිත් ගුරුලවෙල දායක වෙයි.වීර්යා සුනිල් අරුණ වීරසිරිගේ දෙවැනි අධ්‍යක්ෂණය වන අතර ටිකිරි සුවඳ ඔහුගේ පළමුවැන්නයි. ක්ලීන් අවුට්, සැපට දුකට සනී, ටිකිරි සුවඳ සුනිල් මීට ප්‍රථම නිෂ්පාදනය කොට ඇති සිනමාපට වේ.- ප්රසාද්පද්මකුමාර මෙත්තසේනව අප වඩාත් හඳුනන්නේ ඡායාරූප ශිල්පියකු ලෙසින්. නමුත් ඔහු ජනප්‍රිය ගීත රැසක රචකයකු ද වනවා. ඉරක් පායනා දේශය (වික්ටර් රත්නායක) කෙහරැලි කඩාගෙන, ආනෙ ගැටව්නේ (වේරලියද්ද), සුදු රුවනි (ජගත් වික්‍රමසිංහ) පැණි කොමඩු ගෙඩිය (නලින් පෙරේරා), මවුනි සදා වඳිනු දෑත (දයාන් විතාරණ) ඔහු අතින් ලියවෙච්ච ජනප්‍රිය ගීත කිහිපයක්.ලියන සහ ඡායාරූප ගන්නා කටයුතු මධ්‍යයේ මෙත්තසේන තවත් අලුත් වැඩකට අතගසා ඇතිවගයි ආරංචිය. ඔහු මිනිත්තු විස්සක ධාවන කාලයකින් යුතු කෙටි චිත්‍රපටයක් කරන්න ලැහැස්ති වෙනවා. එය මුද්‍රණාලයක් සහ ඒ හා සබැඳී පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳ කියවෙන්නක්. මේ දෙබස් නොමැතිව පුද්ගල හැඟීම් සහ චලන ආශ්රයෙන් නිර්මාණය වන මෙහි එක් දර්ශනයක් සඳහා ලෙටර් ප්‍රේස් මැෂින් එකක් මෙත්තසේනට ඕනෙලු. ඒ පිළිබඳ දන්න කියන කෙනෙක් වෙතොත් 0777716357 අංකයෙන් තමාට දන්වන්න කියලා මෙත්තසේන කියනවා. ඒ විතරක් නෙවෙයි කෙටි චිත්‍රපටය සඳහා වයස අවුරුදු 25 – 30 අතර නවක නිළියක, නළුවකු සහ වයස අවුරුදු 40 – 50 අතර මැදි වියෙහි කෙනෙකු ද අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් දන්වා සිටිනවා.මෙම කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලවල් ඉලක්ක කොට නිර්මාණය වන්නක් බව ද වැඩිදුර තොරතුරු සොයා යාමේදී දැනගන්නට ලැබුණා.- ප්රසාද්ඉතා දිගු කලකට පසු නිල්මිණි තෙන්නකෝන් වේදිකාවට පිවිසෙන පුවතක් පසුගිය අඟහරුවාදා වාර්තා විය. ඒ ප්‍රවීණ නාට්‍යවේදී ඊ. ඩී ශ්‍රියාපාලගේ ජෝගි හමාරයි නාට්‍යය සමඟය.එහි වැඩ ඇරැඹුණේ පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර්හිදීය. නිල්මිණි සමඟ හේමන්ත ඊරියගම, හෂිනි කරළියැද්ද, සමන් හේමරත්න, මිහිර සිරිතිලක රංගන දායකත්වය සපයති.හාස්‍යෝත්පාදක නාට්‍යක් වන ජෝගි හමාරයි පිටපත ඊ. ඩී. ශ්රියාපාලගෙනි.ප්රසාද්ජේම්ස් මැන්ගෝලීන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම හොලිිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටය වුල්වරින් ත්‍රීඩී මෙම මස පළමුවැනිදා එනම් අද සිට වැල්ලවත්ත සැවෝයි ත්‍රීඩි සිනමාහලේදී තරගත වේ.ඉතාමත් ජනප්‍රිය එක්ස්මෑන් චිත්‍රපට මාලවේ ඊළඟ කොටස වන මෙහි ප්‍රධාන චරිතය හියු ජැක්මන් විසින් නිරූපණය කරනු ලබයි. සෙසු චරිත විල් යුන් ලී, ජේම්ස් පෙෂර්, ලුක් වෙබ් සහ ඉයන් මැක්ලින් ඇතුළු පිරිසගෙනි.- ප්‍රසාද්
|
CREATIVE
|
අනාගතයේදී නර්තනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වුණත් ඇයට රංගන ක්ෂේත්රයේ දොරගුළු විවර වන්නේ ඇය නොසිතූ අයුරින්. නර්තනයට සේම රංගනයට එක ලෙස හද බැඳී ඇය දැන් මේ ක්ෂේත්‍ර දෙකෙහිම එක සේ දස්කම් දක්වන්නීය. අංගනා ටෙලි වෘත්තාන්තයෙන් ඔබ හමුවට පැමිණි ඇය නිලූකා තිලකරත්න.කුරුණෑගල, පොතුහැර දුටුගැමුණු මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවදියේ පටන් කලා කටයුතු සඳහා දායකත්වය ලබා දුන් ඇය සමස්ත ලංකා තරග සඳහා ඉදිරිපත් වෙමින් සිය දක්ෂතා පෙන්වන්නත් සමත් තරුණියක්. ඇය දැන් රංගන ක්ෂේත්රයේ දිගු ගමනක් යාමට සූදානම්.රංගනයට වගේම නර්තනයටත් එක ලෙස දස්කම් දක්වන ඔබ රංගනය පමණක් තෝරා ගන්නට තීරණය කළා?කුඩා කාලයේ සිටම බලාපොරොත්තු වුණේ නර්තන අංශයෙන් ඉදිරියට යන්න තමයි. ඒ වගේම රංගනය ගැන ආසාවකුත් තිබුණා. ඒ වුණාට ක්ෂේත්රයට පිවිසෙන්න අවස්ථාව ලැබෙයි කියලා හිතුවේ නැහැ. මගේ මිතුරෙක් වන අමිත් එස්.සේනාරත්න මාර්ගයෙන් රංගනයට අවස්ථාවක් ලැබුණා. ඒ අනුව තමයි අංගනා හි රශ්මිගේ චරිතය ලැබුණේ.මුල්ම රංගනයේදී නිලූකාට මොන වගේ හැඟීමක් ද දැනුණේ?මුලින්ම කැමරාවක් ඉදිරියේ මුහුණ දෙන කොට තරමක තිගැස්මක් ඇති වුණා. දර්ශන තලයේ හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ සහාය මට ලොකුª ශක්තියක් වුණා.නිලූකාගේ රංගනයන් ඉදිරියේදී දකින්නට ලැබෙන්නේ?සදේශ් කුමාර්ගේ ප්‍රවේගය චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී එය තිරගතවීමට නියමිතයි. නාලන් මෙන්ඩිස් මහතාගේ අලුත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. රංගනයට යොමු වුණත් මම නර්තනය අමතක කරන්නෙත් නැහැ. දැනටමත් මම නර්තන කණ්ඩායමක කටයුතුª කරනවා.උඩරට, පහත රට, බටහිර නර්තනයන් ඒ මඟින් ඉදිරිපත් කරනවා.යතේජා ඥානරත්නඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
ගුවන්විදුලි නිවේදකජයන්ත පීරිස්ඉදිරි වැඩකටයුතු කිහිපයක්ම නිසා මේ දවස් ටිකක් කාර්යබහුල වෙලා තියෙන්නේ. එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් යාපනයේ බක්මහ උළෙලක් සහ සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන්න නියමිතව තියෙනවා.ඊට අමතරව වසර ගණනාවක් පුරා ගුවන්විදුලියෙන් මම ඉදිරිපත් කළ මතකයේ රැඳුන ගී වැඩසටහනේ රසික සංසදයෙන් වෙසක් උත්සවය වෙනුවෙන් බොදු ගී ප්‍රසංගයක් සහ පොසොන් උත්සවය වෙනුවෙන් බැති ගී ප්‍රසංගයකුත් ඉදිරිපත් කරන්නත් නියමිතයි. මගේ දෙමව්පියන් වෙනුවෙන් දානමය පුණ්‍ය කටයුත්තකුත් කරන්න සූදානම් වෙනවා.ඒ වගේම පැරණි හින්දි ගී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ගුවන්විදුලි සංස්ථාවෙන් මට ආරාධනාවක් ලැබුණා. දැනට මා සතුව පැරණි හින්දි ගීත පන්දහසක් පමණ තියෙනවා. ඉතා සාර්ථකව මේ වැඩසටහන ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
|
CREATIVE
|
දර්ශන තලය අනතුරුදායක භූමියකි. එහිදී දුෂ්ටයා මෙන්ම වීරයා ද අනතුරට ලක්වෙයි. වසරින් වසර අනතුරට ලක්වෙන තරු හා තාරකාවන් ගේ ගණනෙහි අඩුවක් දක්නට නැත.‘හේඩර්’ දර්ශන තලයේදී තාබුට අධික සීතලක් දැනී දැඩි සේ වෙවුලන්නට පටන් ගෙන ඇත. හුස්ම ගැනීමට ද අපහසුව නිසා ඇය වහාම රෝහල් ගතකර තිබේ. හේඩර් දර්ශන තලයේ දුම් සහිත පරිසරයේ දී තාබුට හුස්ම ගැනීමට අසිරු විය. ඇය දිනක් හොඳින් නිරීක්ෂණය කළ වෛද්‍යවරු පසුව නිවෙසට යාමට අවසර දී ඇත. තාබු ආපසු කෙළින්ම ගොස් ඇත්තේ දර්ශන තලයටයි. ඇයගේ ඉතිරි රූගත කිරීම් එදින සම්පූර්ණ කර තිබේ.මෙහි තාබු සමඟ ෂාහිඩ් කපූර්, ශ්‍රද්ධා කපූර්, ඉර්ෆාන් ද රඟති. ෂේක්ස්පියර්ගේ ‘හැම්ලට්’ ඇසුරින් නිර්මාණය වූ ‘හේඩර්’ හි වැඩි කොටසක් රූගත කර ඇත්තේ කාශ්මීරයේයි. තාබු මේ අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ ද කාශ්මීර දර්ශන තලයේදීය.හේඩර් දර්ශන තලය නළු නිළියන්ට එතරම සුබ දර්ශන තලයක් නොවේ. එහි තරුණ කණ්ඩායම් ෂහීඩ් කපූර්ට සහ ඉර්ෆාන්ට ගිනි පන්දම් විසිකර තිබේ. පොලීසිය සියල්ලෝ කඩිනමින් සන්සුන්කර රූගත කිරීම් නිදහසේ කරගෙන යාමට ඉඩ ලබා දී ඇත. ඔවුන් මේ අනතුරට මුහුණ පා ඇත්තේ පැහැර ගෙන යන දසුනක් රූගත කිරීමේදීය.කත්රිනා කායිෆ් ද ‘ඩූම් 3’ දර්ශන තලයේ දී අනතුරට ලක්වූවාය. එහිදී ඇයගේ දකුණු අතේ අස්ථි බන්ධනයක් ඉරී රෝහල් ගත කළාය. ඇය පියයුරු හා ගැබ්ගෙල පිළිකා මර්දන වැඩ සටහනකට පෙනී සිට ඇත්තේද වෙළුම් පටි යෙදූ අතත් සමඟිනි.තාරකාවන් අතර ඇවිළෙන ගිනි පුපුරු බවට පත් වී සිටින කත්රිනා හා දීපිකා දෙදෙනාම රූගත කිරීම්වල දී තුවාල වීම පුදුමාකාරය. රාම්ලීලා රූගත කිරීමේදී දීපිකා ගේ කොන්දට හානි වී තිබේ. එහ ිඑක් ගීතයක් දස දිනක් රූගතකර ඇති අතර ඇය අනතුරකට මුහුණ පා ඇත්තේ පෙර පුහුණුවීමකදීයි. වේදනා නාශක රැගෙන ඇය රූගත කිරීමට සහභාගි වූවාය. එහි අධ්යක්ෂ සංජේ ලීලා බන්සාලි ද සිනමාපටය රූගත කර තිබෙන්නේ ද දැඩි උණෙන් පෙළෙද්දීය. ‘ඩූම් 3’ සහ ‘රාම්ලීලා’ දෙකම අති සාර්ථක විය.
|
CREATIVE
|
අපේ වාහනේ හැප්පුණා පුංචි තිරේ මල් බෝනික්කි යන ආදරණීය නාමයෙන් පිදුම් ලද ඔබෙත් මගෙත් ආදරණීය ඕෂධී හේවාමද්දුම නම් වූ මේ තාරකාවිය පසුගියදා හදිසි රිය අනතුරකට මුහුණ දුන්නාය. එහිදී ඇගේ ජීවිතය දෙස දෙවියන් බලා මහා නපුරක් සිදු නොකළ ද, එදා පටන් ඇගේ සුව දුක් අසා සරසවියට එන ඇගේ රසික ප්‍රජාවේ දුරකථන ඇමතුම් ප්‍රමාණය අප ද පුදුම කර ඇත. මේ නිසාම අප ඕෂධීව සම්බන්ධ කර ගත්තේ මේ හදිසි රිය අනතුරේ මුල මැද අග ඇගෙන්ම දැනගන්නට අවැසි නිසාය.* ඕෂධී මොකද මේ එකපාරටම සිදු වුණු කරදරය?කරදර එන්නේ කලින් කියලා නෙමේ කියන දේ යළිත් මට පසක් කළා. දෙවෙනි වතාවටත් මම රිය අනතුරකට මුහුණ දුන්නා. මේ ඇක්සිඩන්ට් එක වුණේ පසුගිය පස් වැනිදා. කොළඹ රීගල් එකේ තිබුණු Film Festivel එකට සහභාගි වෙලා යන අතරතුර. අපේ වාහනේ මමත් ප්‍රදීප් හා තව හිතවතෙකුත් සිටියා. මම වාඩි වෙලා හිටියේ පිටුපස සීට් එකේ. බත්තරමුල්ලේදී රෝන් සයිඩ් කාර් එකක් ඇවිත් අපේ වාහනේ හැප්පුණා. මාව එහාට මෙහාට කැරකිලා ගියා. ඔළුව, කකුල්, අතපය වාහනේ ඇතුළේම වැදුණා. මට නැගිට ගන්න බැරි තරම් අමාරුවක් දැනුණා.ඇය මොහොතක් නිහඬ වෙයි. ඒ බිහිසුණු රිය අනතුර ඇගේ දෑස් ඉදිරිපිට මැවෙනවා ඇත.*ඔබව රෝහල් ගත කළා?ඔව්. වේදනාවෙන් ඇඟපත රිදුම් දෙන්න ගත්තා. දෙවියෝ බලලා බාහිර තුවාල නැති වුණත් ඇඟ ඇතුළෙන් තැලිලා වාගේ. වෛද්‍යවරු මම වෙනුවෙන් හුඟක් මහන්සි වුණා. ඉල ඇටවල ප්‍රශ්නයක් තමා දැන් තිබෙන්නේ. පරීක්ෂණ කරගෙන යනවා.* මේ අනතුර සිදු කළ පුද්ගලයා වාහනය පදවලා තිබෙන්නේ බීලා කියලා ආරංචියි?ඒකනේ . . . බීපු රියදුරෙක් මේ අනතුර සිදු කළේ. ඔහුත් තුවාල ලබා සිටියේ. සැකකරු කොස්වත්ත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගොස් තිබුණා. පසුව අත් අඩංගුවට අරගෙන. හැබැයි ඔහු ඇප ලබලා එළියේ ඉන්නවා. මම කියන්නේ එකම දෙයයි. ඒ නීතියෙන් සාධාරණයක් ඉටු කරන්න. බීලා රිය පදවලා අනිත් අයගේ ජීවිත ගැන සිතන්නේ නැති මෙවැනි රියදුරන්ට ලොකු දඬුවමක් දිය යුතුයි.* මේ හදිසි අනතුර නිසා ඔබේ වැඩ කටයුතුත් අතරමඟ නවතින්න ඇති නේද?ඔව්. රූගත කරමින් තිබුණු නාට්‍ය දින නියමයක් නැතිව කල් දමන්න සිදු වුණා. බලන්න එය මට විතරක්ම නෙමේ මුළු නාට්‍ය කණ්ඩායමම අපහසුතාවයකට පත් කිරීමක්නේ. ස්වර්ණවාහිනියේ මම කරන නිවේදන කටයුතුත් නතර වුණා. කාලය – මූල්‍ය මේ හැම දෙයක්ම පාඩුවීමක් ඉන් සිදු වුණේ. මම මුදල් ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒත් ඉතිං මම යළි යථා තත්ත්වයට එනතුරු කරගෙන ආ වැඩ කටයුතු අතරමඟ නතර වීම අපරධයක්. තත්ත්පරය හරි ගෙවන කාලය ආපසු අරගන්න බැහැනේ.* ඔබ රෝහල් ගත වී ඉන්න අතරේ පුතා ඔබ නැතුව ගෙදර ඉන්නවාද?තාම පැටියාට අවුරුදු දෙකයි. එයාට දැන් මම ළඟ ඉන්නම ඕනේ. ෂූටිං ගියත් රෑ වෙන්න කලින් මම ගෙදර එනවා. මට දුක ඒකමයි. ගෙදර අය හොස්පිටල් එකට පුතා අරන් එනවා. එයා එක්ක දඟලන්න මට අමාරුයි.* ඔබේ සැමියා සුමිත් මේ වෙලාවේ ඔබ ළඟම ඇති නේද?ඔව්. සියලුම වැඩ පැත්තකට දාලා එයා මම ළඟින්ම ඉන්නවා. බලන්න මේ නිසා අපි හැමෝගේම වැඩ කටයුතු අතරමඟනේ. බිරියකට තම සැමියා ගැන ඇති ආදරය තව තව වැඩි වෙනවා මෙවැනි කරදර සිදු වුණහම. සුමිත් කියන්නේ මගේ පෙර වාසනාවකට බේරුණේ කියලා.* ඕෂධී මේ වෙලාවේ කලා ලොවේ අය ඔබව බලන්න ආවාද?අනේ ඔව්. මට නම් කියන්න බැරි එක් කෙනෙක් හරි මඟ හැරෙයි කියලා. හැමෝම වාගේ ආවා. අදටත් දුරකථනය ඔස්සේ සුව දුක් විමසනවා හැමෝම. කලා ලොවේ මට ඉන්නේම මිතුරු මිතුරියන්. මොකද මම හැමෝම එක්ක සුහදයි.* ඔබේ රසික රසිකාවියනුත් මේ අතර ඉන්නවා නේද?අප්පේ . . . නැතුව රසික ආදරයට විශේෂයෙන්ම මම ස්තුති කරනවා. හැමදාම ඔවුන් මම ගැන සොයා බලනවා. මේ වෙලාවේ මා අනතුරට පත් වූ මොහොතේ පටන් මා ගැන සොයා බලන මගේ පවුල් අයට, ඥාතීන්ට, මාධ්‍යවේදීන් සැමට, වෛද්‍යවරුන් හා හෙද - හෙදියන්ට ස්තුතියි කියලා කියනවා. දුකේදී බලපු අය තමා ඇත්තටම ජීවිතේ වටින්නේ.* ඕෂධීට අවසාන වශයෙන් කියන්න දෙයක් තිබෙනවාද?ඔව්. මේ රිය අනතුර නිසා දුක් විඳින්න සිදු වුණේ පාඩුවේ සිටි අපට. ඒ නිසා මම නීතියෙන් සාධාරණයක් පතනවා. විශේෂයෙන් දෙයක් කිව යුතුමයි. ඒ කලාකරුවන් වෙනුවෙන් පොදු රක්ෂණයක් තිබිය යුතුයි. මොකද නිතරම කලාකරුවන් මෙවැනි කරදරවලට මුහුණපානවා.එහෙම නම් අපි ඉක්මනින්ම ඔබට නිරෝගී සුව පතනවා. සනීප වෙලා යළිත් තිරයට ඉක්මනින් එන්න ඕෂධී. සියළු දෙවියන් ඔබ රකිත්වා! ඔබට තුණුරුවන් සරණයි.කතාබහ – මංජුල ප්‍රසාද් වීරසිංහ
|
CREATIVE
|
අර්ජුන කමලනාත්, ශේෂද්රි ප්‍රියසාද්, හේමාල් රණසිංහ, රජිත හිරාන් චාමිකර, නිලන්ති ඩයස්, විලී, මිහිර සිරිතිලක, අනර්කලී ආකර්ෂා, මංජුලා කුමාරි ඇතුළු තරු රැසක් සුපිරි නර්ථන ප්‍රසංගයක් වෙනුවෙන් සූදානම් වෙනවා කියලා දැනගන්නට ලැබුණා.එහි පෙර පුහුණුවීම් එහෙමත් ලහි ලහියේ මේ වන විටත් මහරගම යොවුන් රඟහලේදී පැවැත්වෙන බවයි වාර්තා වුණේ. අපි මේ පිළිබඳ වැඩි යමක් සොය බලන්න උනන්දු වූයේ මෙය වෙනස්ම ආරක ප්‍රසංගයක් කියලා ආරංචි වුණ හින්දයි.ප්‍රසංගයේ නම ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්. කලාකරුවනට වෙන් වූ වෙබ් පිටුවක් වන ලංකා ෆේසස් වෙබ් අඩවිය මගිනුයි එය සංවිධානය කර තිබෙන්නේ.කොළඹ නෙළුම් පොකුණේදී එළඹෙන සැප්තැම්බරයේ පළමුවැනිදා දිග හැරීමට නියමිත මෙම දැවැන්ත ප්‍රසංගයට ඉහත සඳහන් කළ පිරිසට අමතරව අමීශා කාවින්දි, ලුඩ්මිලා, නුවන් ගුණසේකර, සංඛ ප්‍රසාද්, ගයේෂා පෙරේරා, දොන් ගයි, අජිත් වීරසිංහ, මේනකා පීරිස්, සමන් ඒකනායක, මංජුල මොරගහ, ශලනි තාරකා, විශාඛා සිරිවර්ධන, ප්‍රේමදාස විතානගේ, කුමාර තිරිමාදුර යන අයත් නර්ථනයෙන් විචිත්‍රණය කරනවාලු. ලංකා ෆේසස් ස්පෙෂල් නයිට් පිළිබඳ වැඩි විස්තර සරසවිය ඉදිරි කලාපවලින් ගෙනෙන්නටත් අපි සූදානම්.විජය කුවේණි සිනමාපටයෙහි අධ්යක්ෂ සුගත් සමරකෝන් ජාතික හෙළ උරුමයේ නවවැනි සංවත්සරයදා සම්මානයට පාත්‍ර විය. එම සම්මානය ප්රදානය කරන ලද්දේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් අතිනි.එහිදී සුගත් ලබා ගත්තේ හෙළ සිනමාව ඓතිහාසික ඉසව්වකට නිර්මාණශීලීව රැගෙන යාමේ අපූර්ව සිනමාවේදියාට හිමි සම්මානයයි. මහරගම යොවුන් රඟහලේ පැවති මෙම චාම් උත්සවය සඳහා අමාත්‍ය පාඨලි චම්පික රණවක, අතුරුලියේ රතන හිමියන්, විජය කුවේණි නිෂ්පාදක ගයාන් රණධීර ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.අති සාර්ථක අන්දමින් තිරගතවන විජය කුවේණි එළඹෙන 16 වැනිදාට දින සියය සපිරෙයි.එක්දාස් නවසිය හැට නවයේ සරසවිය සම්මාන උළෙල හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හයක් දිනාගත් ජී. ඩී. එල්. පෙරේරාගේ දහසක් සිතුවිලි සිනමාපටයහි ඩී. වී. ඩී. තැටිය දැන් නිකුත් වී තිබේ.1968 වර්ෂයේ තිරගත වූ මෙය මිනිත්තු 120 ක ධාවන කාලයකින් යුක්තය.ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, හෙන්රි ජයසේන, දෙනවක හාමිනේ, නිලන්ති විජේසිංහ, චන්ද්‍රා කළුආරච්චි, ධම්ම වන්නිආරච්චි, සුමනා අමරසිංහ, සරෝජනී සුබසිංහ, චම්පා ලියනගේ, ලොනී වීරසිංහ යන නළු නිළි කැළගේ රැඟුමෙන් ඔපවත්වන දහසක් සිතුවිලි කලා පෙළෙහි ඉදිරිපත් කිරීමකි. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ කැමරාව මෙහෙයවා තිබේ.ජයතිස්ස අලහකෝන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් රස ගැන්වෙන මෙය ගායනයෙන් හැඩගන්වා ඇත්තේ දේවානන්ද වෛද්‍යසේකර, නන්දා මාලිනී සමඟ මල්ලිකා පෙරේරායි. ගී පද රචනයෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ නිමල් වික්‍රමසේකර එක් වී ඇත. එස්. එම්. නිසාර්ගේ සංස්කරණයකි.දහසක් සිතුවිලිහි තිර පිටපත සහ නිෂ්පාදනය ජී. ඩී. එල්. විසින්මය.හොඳම නළුවා (හෙන්රි ජයසේන), හොඳම කැමරාකරණය (නිහාල්සිංහ), හොඳම තිර පිටපත (ජී. ඩී. එල්) සහ හොඳම සංස්කරණය (නිසාර්) සරසවිය සම්මාන උළෙලේදී දහසක් සිතුවිලි සිනමාපටය හිමි කරගත් අනෙකුත් සම්මානයන්ය.- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
අධ්යක්ෂ සුරන්ජන් විජයනාමතවත් අලුත් ටෙලි නාට්‍යයක් නිර්මාණයට සූදානම් වෙනවා. මේ දවස්වල එහි පිටපත ලියමින් සිටින්නේ.ඒ හැරුණාම ජාතික රූපවාහිනියේ මුල් වැඩසටහනට දායක වෙනවා. මම අධ්‍යක්ෂණය කළ රුවන් තාරකා ටෙලි නාට්‍ය නුදුරේදී විකාශය වෙන්න නියමිතව තියෙනවා.
|
CREATIVE
|
ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ නවතම ටෙලි සිතුවම හඳපානාගල සතියේ සෑම දිනකම රාත්‍රී නවයට සිරස නාලිකාවේ විකාශය වේ. රොෂාන් රවීන්ද්‍ර සහ ශලනි තාරකා ප්‍රධාන චරිත මවන මෙහි රොෂාන් පිළපිටිය, ජනක් ප්‍රේමලාල්, තරුෂි පෙරේරා, චිත්‍රා වරකාගෙඩ ඇතුළු පිරිස සෙසු චරිත රංගනයේ යෙදෙයි.හඳපානාගල ජී. නන්දසේනගේ නිෂ්පාදනයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
සුනිල් ටී ප්‍රනාන්දු ගේ පනස් පස්වැනි සිනමා නිෂ්පාදනය ‘රන්ජා’ තිරගත වී දින දහසයක් ඇතුළත ලක්ෂ 250 ක ආදායමක් ඉපැයීමට සමත්ව තිබේ. ලිබර්ටි කොල්ලුපිටිය, ඉම්පාලා රාජගිරිය, රිට්ස් බොරැල්ල, කන්ට්‍රාස් දළුගම සහ අනුෂා මහරගම රන්ජා හි වැඩිම ආදායම්ලත් සිනමාහල් අතරින් කිහිපයකි. හාස්‍යය, කුතුහලය මෙන්ම ක්‍රියාදාමයෙන් ද පිරුණු රන්ජා සුදේශ් වසන්ත පීරිස් ගේ අධ්‍යක්ෂණයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
මෙතායස් ප්‍රනාන්දු රඟපෑ සරදියෙල් චිත්‍රපටයේ ගැයෙන ‘බුදුනේ බුදුනේ’ ගීතයත්, කැලෑ හඳ චිත්‍රපටයේ එන ‘මායා - මායා’ ගීතයත් ‘බව්ජි බව්රා’ නම් පැරැණි හින්දි සිතුවම් පටයේ එන ‘භගවා භගවාන්’ නිර්මාණයත් එකම තනුවකට ගැයුන ගීතයන් නේද?ගිල්බට් පෙරේරාහෝකන්දර දකුණඔව්. ඒ ගීත සියල්ල බව්ජි බව්රා චිත්‍රපටයේ නෞෂාඩ්ගේ තනුවට අනුව ගැයුණු ගීත.හිරු, දෙරණ සහ ස්වර්ණවාහිනි නාළිකා පිහිටා තියෙන්නේ කොහිද?ශ්යාමලීහෝකන්දරහිරු ටී. වී,35 වැනි මහල,නැගෙනහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,කොළඹ 01.දෙරණඅංක 05, ස්කෙල්ටන් පාර,කොළඹ 05ස්වර්ණවාහිනීඅංක 676, ගාලු පාර,කොළඹ 03.සිංහල සිනමාවේ 500, 1000 සහ 1500 චිත්‍රපට පිළිවෙලින් මොනවාද?රත්න කහඳවඅලව්ව.සිංහල සිනමාවේ තවම තිරගත වෙලා තියෙන්නේ චිත්‍රපට 1176 යි. ඒ නිසා තෙවැනි ඉල්ලීම ලබාදෙන්න හැකියාවක් නැහැ. 500 වැනි චිත්‍රපටය වන්නේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සක්විති සුවය චිත්‍රපටයයි. 1000 වැනි ස්ථානය හිමි වන්නේ සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ ‘හිත හොඳ පිස්සෝ’ චිත්‍රපටයටයි.ජනප්‍රිය ගායක බී. එස්. පෙරේරා ජෝ අබේවික්‍රමට පසුබිම් ගායනා කළාද?සුගත් කහඳගමහංවැල්ලඔව්. ඇමැතිකම චිත්‍රපටයේ ගීත ගායනා කළා.ජනප්‍රිය සිනමා නිළි නීටා ප්‍රනාන්දු සිනමාවට පිවිසියේ කුමන වසරේද? මුල්ම චිත්‍රපටය කුමක්ද? ඇය හොඳම නිළි සම්මානය දිනා ගත්තා ද? ඇයගේ ලිපිනය පළ කරන්න.රචිතරාජාංගනයඇය ප්‍රධාන චරිතයක් ප්‍රථමයෙන් නිරූපණය කළේ ළඳක මහිම චිත්‍රපටයෙන්. ඒ 1965 වසරේදියි. නමුත් ඇය සිනමාවට පිවිසියේ 1965 වසරේදීම තිරගත වූ සතුටයි කඳුළයි චිත්‍රපටයෙන්. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළේ ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ. නීටා ප්‍රනාන්දු දුහුළු මලක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඕ. සී. අයි. සී. උත්තමාචාර සම්මාන උළෙලේදී හා පවුරු වළලු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිංගප්පූරුවේදී සම්මානයට පාත්‍ර වුණා.ලිපිනය – අංක 04, දියවන්නා උද්‍යානය, බත්තරමුල්ල.අද කාලයේ නළු නිළියන් දික්කසාදය කියන වගන්තිය සෙල්ලමට අරගෙන වැඩ කරන්නේ ඇයි?සමන් පෙරේරාහැඳලඔවුන් එදාට වඩා හිතට එකඟව ජීවත් වෙන හින්දා.වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කළ අධ්යක්ෂවරයා කවුරුන්ද, අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව කොපමණද?ආර්. එස්. වික්රමාරච්චිශ්රීමා පුෂ්පාංජලීමීගොඩසුනිල් සෝම පීරිස්. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව 54 ක්.චායා, මුතුපලස, මුතු ටෙලි නාට්‍යවල සහ ජීවිතේ ලස්සනයි චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ මහේෂි මධුසංඛාගේ ලිපිනය පළ කරන්න.සහබන්දුමත්තුමගලඅංක 74/6,ගල්කිස්ස පාර,මොරටුව.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ‘සංදේශය’ චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ කවුරුන්ද?කිත්සිරි ගුණසේනකන්දෙගෙදරඑහි රඟපෑ ප්‍රධාන නළු නිළියන් අතරින් අයිරාංගනී සේරසිංහ, කාන්ති ගුණතුංග, බන්දු ගුණසේකර අප අතර සිටිනවා.ලෝකයේ ලොකුම සිනමාහල පිහිටි රට කුමක්ද? එහි කොපමණ පිරිසකට චිත්‍රපට නැරැඹීමට හැකියාවක් තිබේද?එච්. ඉන්ද්රපාලමුංහේනඒ කාලයේ අමෙරිකාවේ නිව්යෝක් නගරයේ රේඩියෝ මියුසික් හෝල් හය දහසක පමණ පිරිසකට මෙහි සිට නැරැඹීමේ පහසුකම් තියෙනවා. 1979 පසු මෙහි චිත්‍රපට ප්‍රදර්ශනය කළේ නැහැ. වර්තමානයේ විශාලම සිනමා ශාලාව වන්නේ අමෙරිකාවේ මැන්හැඩන්ට් හි ඒ.එම්.සී එම්පයර් ශාලාවයි.රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාගේ ලිපිනය පළ කරන්න.සේපාලිපන්නිපිටිය.සෙනාලි මේ දිනවල විදේශ ගත වෙලා සිටින්නේ.එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීත ගායනා කරන අය අතරින් ජෝතිපාලයන්ගේ හඬට යන්තම් හෝ සමාන කාගේ කටහඬද? ඔබගේ අදහස දැනගන්න කැමැතියි.සෙව්වන්දි පෙරේරාගෝනවලජෝතිපාලයන්ගේ හඬට කිසිිවෙකුගේ හඬ සමාන නැහැ. අනිත් අය කරන්නේ ඔහුගේ ගීත නැවත ගායනා කිරීම නැතහොත් කීම පමණයි.‘අද මෙහෙමයි’ වෙන්කට්ගේ අධ්‍යක්ෂණයක් යැයි ඔබ සඳහන් කර තිබුණා. නමුත් එය රොබින් තම්පෝගේ අධ්‍යක්ෂණයක් නොවේද?ආනන්ද ප්රනාන්දුනිට්ටඹුවඅද මෙහෙමයි අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්කට් විසින්. රොබින් තම්පෝ එහි නිෂ්පාදකයා පමණයි.2013 වසරේ තිරගත වූ චිත්‍රපට අතුරින් අර්ජුන් නරඹා වඩාත්ම කැමැති චිත්‍රපට තුනක් මම දන්නවානේ. ඔයා නැරැඹූ අනෙක් චිත්‍රපට පහ වන්නේ අනිත්‍යා, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, අභිනික්මන, දෝණි සහ රන් කෙවිට 2 නේද? මම කොතෙක් දුරට නිවැරැදි ද?කරු මන්දාවලනාත්තණ්ඩියදෙකක් විතරක් හරි.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
ජාත්‍යන්තරයේ සිය දස්කම් දක්වමින් ලාංකේය නම රැන්දූ දක්ෂයන් අතර කලා තරු බොහොමයක් සිටිනවා. ඒ අතරට එක්ව අද කාගේත් කතාබහට ලක්වෙන්නේ හුසේන් ජිෆ්රි ය. ශ්‍රී ලංකාවේ උපත ලද බේස් ගිටාර් වාදන ශිල්පියෙකු වන ඔහු පසුගියදා ලොව ප්‍රකට ග්රැමි සම්මානයෙන් පිදුම් ලබමින් ලාංකේය අභිමානය ජාත්‍යන්තරයේ අවධානයට ලක් කළා.හුසේන් ජිෆ්රි ඇතුළු හර්බ් ඇල්පර්ට්ගේ සංගීත කණ්ඩායම මෙම සම්මානය හිමි කර ගත්තේ ‘ස්ටෙපින්ග් අවුට්’ නැමැති වසරේ හොඳම පොප් ගී ඇල්බමය වෙනුවෙනි. හැත්තෑව දශකය ආරම්භයේදී සිය සංගීත දිවිය ආරම්භ කර ඇති හුසේන් ජිෆ්රි මෙරටදී ජොෆ්රි ජයරත්නගේ සංගීත කණ්ඩායම සමඟත් චරදේ, ගැලක්සි සංගීත කණ්ඩායම් මෙන්ම සුප්‍රසිද්ධ ඇමෙසින් ග්‍රේස් සමඟ ද සම්බන්ධව කටයුතු කරන්නත් අවස්ථාව ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔහු ජාත්‍යන්තර සංගීත ක්ෂේත්රයේ සුප්‍රසිද්ධ ශිල්පීන් වන විට්නි හුසේන්, ඩියොන් මර්වික් සහ යානි සමඟ ද සංගීත නිර්මාණ කටයුතුª සිදු කළ ශිල්පියෙක්.දැනට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් හි වෙසෙන මේ ශ්‍රී ලාංකික සංගීත ශිල්පියා කැලිෆෝනියා සංගීත ආයතනයේ උපාධිධරයෙකු වන අතර කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා නර්තන සංගමය සමඟ ද කටයුතු කරමින් සිටින්නේය.- යතේජා
|
CREATIVE
|
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් සිදු කළ 2012 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල පසුගියදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්විණ.ඡායාරූපයෙන් දැක්වෙන්නේ සිත්තරුන් ලෙස ගෞරව සම්මාන ලැබූ මොටාගෙදර වනිගරත්න, සිබිල් වෙත්තසිංහ, නොයෙලීන් ප්‍රනාන්දු යන සිත්තරුන් එදින උළෙලෙහි ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගි වූ නිළි රැජින මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වන මාලිනී ෆොන්සේකා මහත්මිය සුරතින් ගෞරව සම්මාන සහතික පිරිනැමීමෙන් පසුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.සවන රැඳි ගීත රසික සංසදයට එක්වීමට කැමති එතෙර මෙතෙර රසවතුන්ට අවස්ථාව ලබාදීමට සූදානම් බව එම සංසදයේ ප්‍රධාන සම්බන්ධීකාරක ජේ. එච්. නිමල් සොයිසා පවසයි.මේ මඟින් පසුගියදා කොළඹ ලුම්බිණි රඟහලේදී පැවැත් වූ ගීත ප්‍රසංගය ප්රවීණයන්ගේ අගඥයීමට ලක් විය.මේ පිළිබඳ වැඩිදුර විස්තර සවන රැඳි ගීත රසික සංසදය, අංක 200/3, දහම් මාවත, පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයෙන් හෝ 0718191323 අංකය ඔස්සේ ශාලිකා ජිනදාස අමතා ලබා ගත හැකි වේ.ජාතික චිත්‍රපට සංස්ථාවේ රිද්මා මණ්ඩලයේ කළමනාකරු වශයෙන් සේවය කළ පැට්රික් ඇන්තනී මහතා පසුගියදා සංස්ථාවේ පැවැති චාම් උත්සවයකින් අනතුරුව විශ්‍රාම ගත්තේය. ඔහු චිත්‍රපට සංස්ථාවේ තිස් හතර වසරක් සේවය කළේය.ඔහු සංස්ථාවේ ක්‍රිස්තියානි සහ වෛද්‍ය ආධාර සමිති කිහිපයකම ක්‍රියාකාරී සාමාජිකයෙකි. රිත්මා මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට එතුමා අගනා මෙහෙවරක් ඉටු කළේය. පැට්රික්ට සහෘදයන් එදින විශේෂ සමරු ත්‍යාග ගණනාවක් ලබා දෙන ලදී.සේයාරුවින් දැක්වෙනුයේ පැට්රික්ට සාම්ප්‍රදායානුකූලව සංස්ථාවෙන් පිරිනමන රන් පවුම සභාපති අශෝක සේරසිංහ මහතා පිළිගැන් වූ මොහොතයි.සංස්ථාවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ප්‍රදීප් ලංකා ධර්මවික්‍රම ද පසෙකින් වෙයි.වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංග මාලාවේ රුහුණේ අවසන් ප්‍රසංගය ලබන ජූලි මස 08 වැනිදා මාතර ශාන්ත තෝමස් රඟහලේදී පැවැත්වේ.මාතර ‘ස’ සමුගැනීමේ ප්‍රසංගයට ප්‍රවීණ ගී පද රචක බන්දුල නානායක්කාරවසම් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන අතර ප්‍රවීණ සංගීතඥයන් වන රෝහණ වීරසිංහ සහ ලක්ෂ්මන් විජේසේකර ප්රමුඛ ගායක ගායිකාවන් ද සහභාගි වීමට නියමිතය.වේදිකාවේ, ටෙලි නාට්‍යයේ හා සිනමාවේ කලක සිට තම රංගන පෞරුෂයෙන් හැඩ කළ නාට්‍යවේදී විල්මන් සිරිමාන්න නව කටයුත්තකට අත ගසා තිබේ. ඒ කුඩා දරුවන් වෙනුවෙන් ‘නොහික්මුණු වීරයා’ නමින් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමයි.දයා වයමන්ගේ නාට්‍ය පිටපතක් වන මෙහි සැනට් දික්කුඹුර, ඉෂාර වික්‍රමසිංහ, වින්ද්‍යා රාජගුරු, කෝකිල පවන්, මාධව විජේසිංහ, තිලක් වරුණජිත්, ගීත් දිසානායක, සමන්, රවීන්ද්‍ර අරවින්ද, රංගනයෙන් එක්වන අතර මෙය නන්දන මුදලිගේ ගේ නිෂ්පාදනයකි.මෙම මස 6 වැනිදා (හෙට) මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී ‘නොහික්මුණු වීරයා’ වේදිකා ගතවීමට නියමිතයි.ඒ. එම්. කරුණාරත්නගේ අලුත්ම ඓතිහාසික ග්‍රන්ථය ‘වංශ කතාවල නොකියවෙන ශිලා ලිපිවලින් හෙළිවන ලංකා ඉතිහාසය’ සහ ‘නවදල්ල’ නවකතාව මෙම මස 10 වැනිදා අඟහරුවාදා පස්වරු 3.00 ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී දොරට වඩී.එහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචර්ය හරිශ්චන්ද්‍ර අභයරත්න හා මහාචාර්ය සෝමරත්න බාලසූරිය යන මහත්වරු දෙසුම් පවත්වති.මුලසුන හොබවන්නේ දරණාගම කුසලධම්ම හිමි විසිනි. මහානාම වික්‍රමසිංහ, උදයසිරි විදාන පතිරණ යන සංගීතඥයන් ඇතුළු කලකරුවන් රැසක් සංගීතයෙන් හා ගායනයෙන් මෙම උත්සවයට දායක වේ.සිනමාවේදී භාවිත වන ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදයන්හි නව ප්රවණතාවයන් පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මෙම මස 06 වැනිදා සිකුරාදා පස්වරු 2.00 ට කැලණිය දළුගම සරසවිය චිත්‍රාගාරයේදී පැවැත්වේ.මෙම දැනුවත් කිරීමේ සාකච්ඡාව කරනු ලබන්නේ ඉන්දියාවේ බොම්බායේ පිහිටි ‘මූවි කලර් ලැබ්’ හි අධිපති ජයේෂ් චේඩා විසිනි. සිනමාව පිළිබඳ අවධානය යොමු කරන ඔබ සැමට මෙන්ම සිනමාවේ නියැළි සංස්කරණ ශිල්පීන්ට, අධ්‍යක්ෂවරුන්ට මෙම අවස්ථාවට සහභාගි විය හැකිය.රිදී නිම්නය, කෙළි මඬල, චණ්ඩි පුතා, සැණකෙළිය ඇතුළු චිත්‍රපට රැසක කැමරාව මෙහෙය වූ ප්‍රධාන කැමරා ශිල්පි එම්. බී. හේමපාල (තලේ) දැඩි ලෙස රෝගාතුරව මාතර මහ රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.ස්වර්ණාවාහිනී ආයතනයේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස ආරම්භයේ සිට වසර 11 ක් කටයුතු කළ තලේ සිනමාවට එක් වෙන්නේ ඩී. බී. නිහාල්සිංහ කැමරා අධ්‍යක්ෂණය කළ සත් සමුදුර චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා ලෙසිනි.තිලානි - සංජීව - ප්‍රසාද් - යතේජා
|
CREATIVE
|
(1) වෝර්ම් බොඩීස් (2013) – ඉපැයූ ආදායම ඇ.ඩො.මි. 20(2) හැන්සල් ඇන්ඩ් ග්‍රේටල් : විච් හන්ටර්ස් (2013)-ඉපැයූ ආදායම ඇ.ඩො.මි. 34.5(3) සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක් (2012) – ඉපැයූ ආදායම ඇ.ඩො.මි. 80.4(4) මමා (2013) – ඉපැයූ ආදායම ඇ.ඩො.මි. 58.3(5) සීරෝ ඩාර්ක් තර්ටි (2012) – ඉපැයූ ආදායම ඇ.ඩො.මි. 77.8(6) බුලට් ටු ද හෙඩ් (2012) – ඉපැයූ ආදායම ඇ.ඩො.මි. 4.5(7) පාකර් (2013) – ඉපැයූ ආදායම ඇ.ඩො.මි. 151(8) ඩ්ජන්ගෝ අන්චේන්ජ්ඩ් (2012) – ඉපැයූ ආදායම ඇ.ඩො.මි. 151(9) ලේ මිස්රාබ්ලේ (2012) – ඉපැයූ ආදායම ඇ.ඩො.මි. 142(10) ලින්කන් (2012) – ඇ.ඩො.මි. 171
|
CREATIVE
|
අශෝක හඳගම සම්මතයෙන් මිදුණු ආකෘති පරිශීලනය කරමින් චිත්‍රපට තනන්නෙකු ලෙස ප්රකටයි. ඔහු නිර්මාණය කළ චිත්‍රපටයන් පිළිබඳ සමාජයෙහි දැඩි මතවාද ගොඩ නැගුණේ ඒ හින්දයි. හඳගම හරියට පුංචි සුළි සුළඟක් වගේ. එහෙම කියන්නේ කාලයක් නිහඬ වී සිට, සිනමා නිර්මාණයක් රැගෙන කරළියට එන ඔහු ඉන් මුළු රටම කළඹවා යලි නිස්කලංක වන නිසා.හඳගම නැවතත් එවැනිම කතිකාවක් ගොඩ නඟන්නට සූදානම්. ඒ ඉනි අවන් හරහා. ඔහුගේ සය වැනි චිත්‍රපටය වන ‘ඉන් අවන්’ දමිළ මාධ්‍යයෙන් තැනූවක්.අඳගමගේ මේ මගේ සඳයි, අක්ෂරය, තනි තටුවෙන් පියාඹන්න, විදු යන චිත්‍රපටයන් හි බැහැර වූ ආකෘතියකින් නිම වූ ඉනි අවන් යුද්ධයෙන් පසු ඒ ඒ ප්‍රදේශයන් හි වෙසෙන ජනතාව තම තමන්ගේ ජීවිත සොයා යාම පිළිබද කියවෙන චිත්‍රපටයක්.එම ජනතාවන් නියෝජනය කිරීමට පුද්ගලයන් පස් දෙනෙකු හඳගම යොදා ගෙන තිබෙනවා.ඒ සැබෑ වූ මනුෂ්‍යත්වයේ සුවඳ ආග්රාහණය කරමින් ඔවුන් යන ගමනෙහි අරගලය මෙමගින් විචිත්‍රණය වෙනවා.ඉනි අවන් රූප ගත කර ඇත්තේ යාපනය අවට ප්රදේශවලයි.දින දහයක් තුළ අප්‍රමාණව වෙහෙස වී කර්කශ අව්වෙන් පීඩා විඳීමින් තමයි පිරිස යාපනේදී වැඩ කරලා තිබෙන්නේ.‘දින දහයක් ෂූටිං කළත් අපි පැය වලින් බැලුවොත් දවස් විසි පහකට ආසන්න පැය ගණනක් අපි වැඩ කරලා වගේ අපිට දැනුණා. යාපනේදී උදේ හත වෙද්දී කට්ට අව්ව.සුන්දර නිර්මාණයක් කරන්න ඕන හින්දම ඒ ගැන හිතන්නේ නැතිව අපි ෂූට් කළා.’ඉනි අවන් සඳහා වූ මහන්සිය හඳගමගේම වචනවලින් කිව්වොත් එහෙමයි.ඉනි අවන් එක් ප්‍රේක්ෂක පිරිසකට සීමා වූ සිනමාපටයක් නෙවෙයි.බහුතරයකට විඳිය හැක්කක් වන බවයි හඳගමගේ අදහස.ඒ වගේම පෙර නිර්මාණ සේම මේ සඳහාත් දැඩි විචාර ලියවෙනු ඇතැයි ඔහු කියනවා.චිත්‍රපටයේ රඟන පිරිසෙන් දන්න කියන අයට ඉන්නේ දර්ෂන් ධර්මරාජ් සහ මැල්කම් මචාඩෝ පමණයි.අනෙක් සියලුම දෙනාම පාහේ රිිදී තිරයට ආගන්තුකයෝ. නිරංජනී සම්මුඛරාජා, සුබාෂිණී ඇතුළු කිහිප දෙනෙකුගේ පළමු රංගන දායකත්වය ඇත්තේ ඉනි අවන් තුළයි.ඉනි අවන් දෙබස් අඩුවෙන් භාවිත කළ චිත්‍රපටයක්.විශේෂයෙන් රූප මාධ්‍යයට හැඟීම් ප්රකාශනයට වැඩි ඉඩක් බෙදා දී තිබෙනවා. දමිළ මාධ්‍යයෙන් නිර්මාණය වූ නිසා ඉනි අවන් සිංහල උප ශීර්ෂ සහිතව ළඟදීම ඔබට නැරැඹිය හැකියි.ඉනි අවන් සමඟ විත් අශෝක හඳගම යළිත් නොඅනුමානව රටම කළඹාවි.ඉනි අවන් හි නිෂ්පාදන කණ්ඩායම:කැමරාකරණය - චන්න දේශප්‍රිය අංග රචනය – නාරද ධනංජි තොටගමුව සංගීතය – කපිල පූගලආරච්චි සංස්කරණය – අජිත් රාමනායක සහය අධ්‍යක්ෂණය – දමින්ද ඩී. මඩවල සහය – අමල් අල්විස්, ධර්මලිංගම්, වතීෂ වරුණන්- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
‘රඟපාමු’කලා ක්ෂේත්රය ඉතා සුන්දර ලෝකයක්. කලා ලොවට පිවිස දිදුලන තරු බවට පත්වන්නට බොහෝ දෙනෙක් පෙරුම් පුරති. බොහෝ දෙනෙකුගේ ඒ පැතුම ඉටුකර දෙන්නට සරසවිය අත්වැලක් වී ඇත. නර්තනයට, රංගනයට මෙන්ම ගායනයට ද උපන් හපන්කම් දක්වන ඇය අද සරසවිය තුළින් ඒ වාසනාවට උරුමකම් කියා තිබේ.කුඩා කල සිටම කලා ලොව ජය ගන්නට පෙරුම් පුරන ඇය දුලානි කාංචනා පෙරේරා. ගම්පොල ප්‍රදේශයේ උපත ලද දුලානි ගම්පොල ශාන්ත ජෝෂප් විද්‍යාලය හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. මේ වන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඇය සරසවියේ රඟපාන්න ආසයි තුළින් රංගන වරම් හිමිකර ගෙන තිබේ.පාසල් වේදිකාවෙන් රංගන අත්පොත තබන දුලානි, සමස්ත ලංකා නර්ථන, ගායන මෙන්ම භාෂා තරඟවලදී ද ප්‍රථම ස්ථාන රැසකට හිමිකම් කීමට සමත්ව ඇත. පාසල් වේදිකාවේ ප්‍රතිනිර්මාණය වූ නරි බෑණා, ජසයා සහ ලෙන්චිනා වැනි නාට්‍යවල චරිතවලට පණ පෙවූ ඇය රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කෙරෙන නාට්‍යයක ප්‍රධාන චරිතයකට සිය දායකත්වය ලබා දීමට සූදානම් වන්නීය.එසේම මේ වන විට ස්වර්ණවාහිනියේ විකාශය වන ශිවගුරුනාදන්ගේ පිණි වැස්සක්’ ටෙලි වෘත්තාන්තයෙන් ඔබ හමුවට එන දුලානි හට ලීලානන්ද ගජනායකගේ ‘සස දියණි’ ටෙලි වෘත්තාන්තයෙහි ද රංගනය සඳහා ආරාධනා ලැබී ඇත. මීට අමතරව ඇය සිය නර්ථන කුසලතා දක්වමින් දුෂ්යන්ත් වීරමන්ගේ නර්ථන ප්‍රසංගයක් සඳහා එක්වීමට නියමිතය.ලීල් ගජනායක යටතේ වේදිකා නාට්‍ය කලාව හා රංගනය පිළිබඳ වැඩිදුර හදාරමින් සිටින දුලානිගේ බලාපොරොත්තුව අනාගතයේදී කලා අංශයෙන් මෙන්ම වෘත්තීය වශයෙන් ජනමාධ්‍ය ක්ෂේත්රයේ ද ඉහළ ස්ථානයක් ලබා ගැනීමයි. රංගනයේ දොරටු විවර කර දුන් සරසවිය දුලානි කෘතගුණ පූර්වකව සිහිපත් කළාය. දුලානිට කලා ක්ෂේත්රයේ දිගු ගමනක් යාමට සරසවියේ සුභපැතුම්.යතේජා ඥානරත්නසේයාරුව- මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මෙවර සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු සපයන්නේ යොවුන් රංගන ශිල්පීන් යුවලක් වන අනුරුද්ධ ගාම්භීරආරව්වි සහ සමාධි අරුණඡායා විසිනි.සමාධි අරුණඡායාඅනුරුද්ධ ගාම්භීරආරව්චි
|
CREATIVE
|
මගේ අලුත් ගීතය ‘පෙර දිනයේ වාගේ හමු වෙලා අපි ආයේ’ වෙනුවෙන් රූප රචනාවක් කරමිනුයි සිටින්නේ. එය ළඟදීම එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.සැප්තැම්බර් මාසයට මගේ කලා ජීවිතයට වසර 35 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් ‘සෙනෙහසේ ගී - ඔයා නිසා’ නමින් ප්‍රසංගයක් මහරගම යුත් රඟහලේදී පවත්වන්න සූදානම්.සැප්තැම්බර් 20 වැනිදා නොමිලයේ පැවැත්වෙන එයට සහභාගි වන මෙන් ආදරණීය රසික ඔබට ආරාධනා කර සිටිනවා.
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.