comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
ඔබ නිපුණිකා හේවාගමගේව හඳුනනවාද? දෙරණ නාලිකාවේ අද හොඳම දවස සහ ජීවිතයට ෆෙන්ෂුයි යන වැඩසටහන් මෙහෙයවන්නිය ඇයයි. එමෙන්ම දූවරු ටෙලි සිතුවම හරහා රංගනයට පිවිසි ඕ දැන් රංගන ශිල්පිනියක ද වී හමාරයි.ක්ෂේත්‍ර දෙකක් තුළ සෙමින් ගමනක යෙදෙන නිපුණි සරසවිය එක්ක මෙසේ පුංචි කතාබහක නියැළුණා.නිපුණි කොහොමද කලාවට එන්නේ?අපොස උසස් පෙළ අවසන් කළ වහාම යාළුවකුගේ මාර්ගයෙන් ප්‍රයිම් රේඩියෝවට සම්බන්ධ වෙලා ඉංග්‍රිසි ප්රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කළා. ඒ නිවේදනයට තිබුණු ආසාවට වසරක් පමණ එහි වැඩ කරලා 2011 ටී. වී. දෙරණට බැඳෙනවා.එහිදී ඔබ පළමුව ඉදිරිපත් කර තිබෙන සජීවී වැඩසටහනක්? ඒ 'අද හොඳම දවස'?ඔව්, මං කවදාවත් හිතුවේ නැහැ මට දඩාස් ගාලා සජීවී වැඩ සටහනක්ම දේවි කියලා. එෆ්. එම්. එකේ ප්රවෘත්ති කිව්වට මුහුණ පෙනුණෙත් නැහැ. අනික කොළයක් බලාගෙන කියන්න පුළුවන්නේ. ඒත් සජීවී වැඩසටහනකදි එහෙම බැහැනේ. කොහොම හරි වැඩසටහන පටන් ගත්තට පස්සේ මට තිබුණු ටෙන්ෂන් එකත් එක්ක ගිරවි වගේ කියෝගෙන කියෝගෙන ගියා. පසුව මං ඒක රිවයින් කරලා නැරැඹුවා. මටම හිනා මං කියෝපු කියවිල්ලට. ඒත් එදා ඉඳලා අද වෙනකම් ඒ වැඩසටහන මං මෙහෙයවනවා.නිපුණි රංගනයට පිවිසි අයුරුයි ඊළඟට මං අහන්නේ?අපේ නාලිකාවේ විශ්වල අයියයි මට රංගනයට ආරාධනා කළේ. ඔහු මට ඒ ගැන කිව්වට මගේ කම්මැලිකමට මං බෑ කිව්වා. ඔහුගේ උනන්දුවට නාලන් මෙන්ඩිස් හමු වුණා. ඔහු මට ඩයලොග් කිහිපයක් කියන්න දීලා අපූරු චරිතයක් බාර දුන්නා. ඒක තමයි දූවරු නාට්‍යයේ නිම්මි. ඒක කළායින් අනතුරුව නාට්‍යයය ගණනාවකටම කතා කළා. පබසරා, නුඹට ඉන්නෙ මං විතරද, හිරු තනිවෙලා, මිනිමුතු, අටම්පහුර, මන්දෝදරි, පෙම් සිත දැහැමි, ඉසිවරුණ ඉන් කිහිපයක්.ඔබ මේ වන විට ඔබේ හීනවලට ළඟවෙමින්ද සිටින්නේ?මට මහ ලොකු හීන නැහැ. මෙච්චර පොඩි වයසට මෙච්චර දුරක් ක්ෂේත්රය තුළ ආවට පුදුමයි.නිපුණි කළ ලොකුම මෝඩකම මොකක්ද?ඒක මෝඩකමක් කියලා කියන්න බැහැ. මෙහෙමයි. ඇතැම් විට වෙනත් ක්ෂේත්රයක් තෝරා ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. විශේෂයෙන් නීතිය ඉගෙන ගන්න ප්‍රියතාවයක් තිබුණා. ඒත් ඒ පැත්තට යොමු වූයේ නැහැ.ඒ කියන්නේ කලාව තෝර ගත්ත එකට ඔබ කලකිරිලද ඉන්නේ?අපෝ නැහැ. මං ඒකෙන් අදහස් කළේ මෙහෙම දෙයක්. වෙනත් ක්ෂේත්රයක හිටියා නම් මෙතරම් මං ගැන මිනිස්සු හොයන්නේ නැහැනේ ඒකයි.කලාව ඇතුළේ කැපිලි කෙටිලි කාරයෝ බහුලයි නේද?ඒක නම් ඇත්ත. සමහර විට ඔවැනි අය අපි නොකරපු දෙයක් වුණත් මවාපාලා කියනවා. හරිම පරිස්සසමින් තමයි ඉන්නේ.ඒකද ක්ෂේත්රයේ අයව අඩුවෙන් ආශ්‍රය කරන්නේ?සත්තකින්ම.එහෙම ඉද්දි ඔබ ආඩම්බරකාරියක් කියලා ඇතැමෙකුට හිතෙන්න පුළුවන්?ඔව්. ඒත් මගෙත් එක්ක වචනයක් දෙකක් කතා කරලම බලන්නකෝ. එතකොට තේරේවි මං කවුද කියලා.නිපුණිකාට පෙම්වතකු ඉන්නවා කියලා ප්‍රචලිතයි?ඔව්. එයා තවම ඉගෙන ගන්නවා. ඔහු ගැන වැඩි විස්තර පසුව කියන්නම්.නිපුණිට ආදරය කරන හැටි ගැන ද ඉගෙන ගන්නේ?නැහැ, නැහැ. එයා එයාගේ අංශයෙන් ඉදිරියට යන්න ඉගෙන ගන්නෙ.කොයි කාලෙ වගේද විවාහය සිද්ධ වෙන්නේ?තව අවුරුදු පහකින්.නිපුණිකා මේ දවස්වල දිව්‍යා වෙලා ඉන්නවා?දිව්‍යා ඉන්නෙ ඉසිවරුණ නාට්‍යයේ. ඒක මේ දවස්වල විකාශය වනවා. දිව්‍යගේ තාත්තා ටිකක් වංචාකාරි දේශපාලඥයෙක්. ඒත් දිව්‍යා එහෙම නැහැ.මෙතෙක් කළ චරිත අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන චරිතය මොකක්ද?පබසරා නාට්‍යයේ පබසරාට මං ආසයි. ඒත් තවම ඒක විකාශය වුණේ නැහැ.රංගනයටද නිවේදනයට ද වැඩිපුර ආස?ඇත්තම කිව්වොත් නිවේදනයට.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මේ රූප රාමුව ඉතාම සුවිශේෂී එකක්. මෙහි හරි මැදින් සිටින්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නම් නෙවෙයි.මෙරට දේශපාලන ක්ෂේත්රයේ කීර්තිමත් චරිතයක්. මෙරට අග්‍රාමාත්‍ය තනතුර හෙබ වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා.එතුමා ළඟින් සිටින්නේ මීට වසරකට පමණ පෙර අප අතරින් සමුගත් මහා නළු ජෝ අබේවික්‍රම. දකුණු පසින් සිටින්නේ එදා විචාරකයන්ගේ නොයෙක් විවේචනයන්ට හසු වූ අද විශිෂ්ට සිනමාවේදියෙක් ලෙස සැලකෙන ලෙනින් මොරායස් සහ තවත් අග්‍රගණ්‍ය රංගවේදියකු වන ටෝනි රණසිංහ.මේ අය මේ ඡායාරූපයට පෙනී සිටියේ ලෙනින් මොරායස්ගේ ‘ඔන්න මාමේ කෙල්ල පැනපි’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේදි. එදා මේ රූගත කිරීම් සිදු කළේ අද ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය පිහිටා තිබෙන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ කඳවල වත්තේ පිහිටි නිවසේදී.ඩී. ආර්. නානායක්කාර කියන්නේ ලංකාවේ බිහි වූ විශිෂ්ට නළුවෙක්. සරසවිය සම්මාන උළෙලේ ප්‍රථම වරට හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණෙත් ඔහු. ඩී. ආර්. ලොව බිහි වූ විශිෂ්ටම නළුවකු බව ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ අධ්යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් පවා ප්‍රකාශ කරලා තිබුණා.මේ විශිෂ්ට නළුවා විසින් සැමරූ තම එක් උපන් දිනයක්. පාරාමිතා චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුරදී යෙදී තිබූ එම උපන් දිනය දා ඔහුට දිගාසිරි පතන්නේ චිත්‍රපටයේ අධ්යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි, රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, කැමරා ශිල්පී වී. වාමදේවන්, ලීනා ද සිල්වා, රවීන්ද්‍ර රන්දෙණිය සහ විජය කුමාරතුංග ඇතුළු පිරිසයි.අද මේ අය අතරින් ඩී. ආර්. වගේම විජයත් අපි අතර නැහැ. මේ වටිනා ඡායාරූප අපට එව්වේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
චිත්‍රපට නාමාවලියේ 1985 වර්ෂයේ චිත්‍රපට කිහිපයක් පළවී ඇත්තේ චිත්‍රපට කිහිපයක් මග හැරීමෙනි. එබැවින් එම මගහැරුණු චිත්‍රපට මේ සමඟ පළවෙයි. මෙ වරද නිවැරැදි කළේ අපේ පාඨක නාලක වීරමන් මහතාට අපි ස්තුතිවන්න වෙමු.මිහිදුම් සළුතිරගත වූ දිනය – 1985 ජනවාරි 25ඉදිරිපත් කිරීම – කල්පනා චලන චිත්රපටනිෂ්පාදනය – එච්. එම්. එස්. මොහොමඩ්අධ්යක්ෂණය - සුනිල් ආරියරත්න කතාව, දෙබස් සහ තිර රචනය – ජයකාඩි සෙනෙවිරත්න (ඔහුගේ මිහිදුම් සළු යුත් නවකතාව ඇසුරිනි) සහාය අධ්‍යක්ෂණය – නිශාන්ත ද අල්විස් කැමරා අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි කැමරා සහාය – ජී. නන්දසිරි, එස්. එම්. අමීන් කැමරා සහ ආලෝක ඒකකය - සමරසිංහ චිත්‍රපට සමාගම සංස්කරණය - රූබන් වැලිවත්තසංස්කරණ සහාය – ගාමිණී ජයමාන්න අංග රචනය – එස්. පී. කොස්තා කලා අධ්‍යක්ෂණය – හේමපාල ධර්මසේන කලා සහාය – ඇහැලියගොඩ සෝමතිලකශබ්ද පරිපාලනය – කන්දස්වාමි බාලසුබ්රමනියම්ශබ්ද සහාය – ඒ. අයි. අමරසිංහ, පී. සුන්දර්රාජ්, අලෝසියස් රුද්රිගූ, බී. සෝමදාස, ඩබ්. පී. කරුණාරත්න රසායනාගාර කටයුතුª - වී. සිවදාසන් රසායනාගාර සහාය – ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන්, ඩේවිඩ්සන් සිල්වා, රන්දෙනි ජයවර්ධන චිත්රගාරය – විජය, හැඳල නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන අධිකාරි – ලලිත් පටුවත විතාන සංගීත අධ්‍යක්ෂණය - සනත් නන්දසිරි ගීත - මෙම චිත්‍රපටය සඳහා ගීත ඇතුළත් නොවීය නිශ්චල ඡායාරූප - ආනන්ද අමරසිංහ (ගුණසේකර ඡායාරූප ශාලාව - හංවැල්ල)නළු නිළියන් - අනෝජා වීරසිංහ, සොමී රත්නායක (පුංචි මහත්තයා), සබීතා පෙරේරා (සුමේධා), සනත් ගුණතිලක (දොස්තර සේනක), ඉන්ද්‍රජිත් නාවින්න (තිලකවර්ධන), බැසිල් ද සේරම් (පොලිස් පරීක්ෂක), විජේරත්න වරකාගොඩ (ආරච්චි), එස්. ඒ. ජේමිස් (විදුහල්පති), චන්දි රසිකා (විදුහල්පති බිරිඳ), දයා අල්විස්, ටෙඩී විද්‍යාලංකාර, අබේරත්න ජයසූරිය, දීපා හෙට්ටිආරච්චි, රොහාන් වැලිවිට, නිව්ටන් දළුගොඩ, මෝතිලාල් ගුණසේකර, සුනිල් සෝම පීරිස් ප්‍රදර්ශනය වූ සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන්, ග්‍රෑන්ඩ්පාස්, විජිත – රත්මලාන, අනූෂා - මහරගම, ජයන්ත - ගම්පහ, ටාසන් – කෑගල්ල, හිමාලි - කිරිබත්ගොඩ, මොඩර්න් – කුරුණෑගල, ඕඩියන් – මහනුවර, නිව් ඉම්පීරියල් – පානදුර, සරසවි – ගාල්ලආදර කතාවතිරගත වූ දිනය – 1985 ජනවාරි 25 ඉදිරිපත් කිරීම – රත්නම් නිෂ්පාදන කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - චන්ද්‍රන් රත්නම් සහාය අධ්‍යක්ෂණය – ඩී.බී. වරණසිරි, ඩබ්. එච්. කේ. විජය බණ්ඩාර කැමර අධ්‍යක්ෂණය – සෝමපාල ධර්මප්‍රිය සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු සහාය චන්ද්‍රසිරි ගුණරත්නඅංග රචනය - ශේෂා පලිහක්කාර සහාය වසන්ත විට්ටච්චි කලා අධ්‍යක්ෂණය – එරල් කෙලීීනිෂ්පාදන කළමනාකරු - විලී ද සිල්වා නිෂ්පාදන අධිකාරි – අශෝක පෙරේරා ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් අතිරේක ශබ්ද පටිගත කිරීම – එඩ්වඩ් බොපේආරච්චි දෙබස් පටිගත කිරීම - සැන්ට් ජෝන්, ලයනල් ගුණරත්න දළ හඬ පටිගත කිරීම – කේ. ඒ. ධර්මසේන කාර්මික සහාය – කරුණාදාස, විජේරත්න, නිලන්ත, නන්දසේන, මාටින්නිෂ්පාදන ලේඛිකා - තාරකා ඉන්ද්‍රානි, පර්ල් හනාන්‘සැණකෙළියේ’ ගීීත ඛණ්ඩයේ අනුග්‍රහය - සෑම් පෙරේරා ශබ්ද පරිපාලනය – මයිකල් සත්යනාදන්රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්චිත්රාගාරය – ලංකා චිත්‍රාගාරය සංගීත අධ්‍යක්ෂණය - සරත් ප්‍රනාන්දු ගීත ප්‍රබන්ධය – ගාමිණී විජේතුංග ගායනය – නිලා වික්‍රමසිංහ, ටී. එම්. ජයරත්න ගීත - සුනිල්වන් වලාකුළින් පායලා - නීලා වික්‍රමසිංහ, ටී. එම්. ජයරත්නසුනිල්වන් වලාකුළින් පායලා – ටී. එම්. ජයරත්නප්රදර්ශනය – පස්වන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී මුල් නාමය – රෝස සිහින රංගනය – මැණික් කුරුකුලසූරිය (කාන්ති), දිලිප් සෙල්වරාජන් (රාමනාදන්), ටෝනි රණසිංහ (කාන්තිගේ පියා), අයිරාංගනී සේරසිංහ (කාන්තිගේ මව), ෆරිනාලායි, ජයන්ත ජයතිලක, දෙනවක හාමිනේ, අනුර මැදගොඩ, සෙල්වයුර් සෙල්වරාජන්, සධානා දිල්රුක්ෂි, බාස්කරන් සෙල්රාජන්, වින්සන් ගුණරත්න- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|
CREATIVE
|
මම මේ දවස්වල ඩිල්ෂාන් එක්ක බොහොම සතුටින් තමයි කාලය ගත කරන්නේ. මැච් එක දිනපු එකත් ඒකට හේතුවක්. ඒ සතුටට වගේම ඩිල්ෂාන් ගෙදරට වෙලා ඉන්න සතුටත් ඊටම ඇතුළත්. මේ සියලු දේ සතුටු සිතින් සමරන්න අපි රට වටේම ඇවිදින්න යනවා.තව ටික කාලයකින් කලා ලෝකයට නැවත පිය මනින්නත් පුංචි අදහසක් තිබෙනවා. කාලයකට පස්සේ රංගනයට යොමු වෙන නිසා හොඳ චරිතයක් රඟපාමින් රසිකයන් අතරට එන්නයි මම හිතාගෙන ඉන්නේ. ඩිල්ෂාන් වුණත් ඒකට වඩාත් එකඟයි. ඒ නිසා හොඳ ගැමි චරිතයකට රංගනයෙන් දායක වෙන්න මම ඉන්නේ බොහොම කැමැත්තෙන්.
|
CREATIVE
|
සිනමා නිර්මාණයක රැඟුමන් පිළිබඳ නළු නිළියන්ට, අධ්යක්ෂවරයාට වඩා බලයක් හිමි රැඟුම් පාලක මණ්ඩලයේ ලොක්කන්ටයි. ඔහුගෙන් එල්ල වෙන වෙඩි උණ්ඩ තිිරයේ දකින්න ලැබෙන උණ්ඩවලට වඩා නිර්මාණකරුවාට බෙහෙවින් භායනකය.මෑතකදී භාරතයම කැලඹ වූ පුවතක් වූයේ රැඟුම් පාලක මණ්ඩලයට එල්ල වූ අල්ලස් චෝදනාවයි. එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ රාකේෂ් කුමාර් දැනටමත් මේ හේතුව මත අත් අඩංගුවට ගෙන අවසන්ය. ඉන්දියානු රේල්ලු නිලධාරියකු වූ ඔහු රැඟුම් පාලක මණ්ඩලයට බැඳුණේ මේ වසරේ ජනවාරි මාසයේදීය.බොහෝ විට පුවත්පත්වල සිරස්තල මැවෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ කැපිලි පිළිබඳවයි.‘ෆයින්ඩිං ෆැනි’ කපන මණ්ඩලයේ නවතම ගොදුරයි. ඔවුන් අධ්යක්ෂ හොමි අදජේනියාට පවසා ඇත්තේ සිනමාපටයේ දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ට ‘මං නොඉඳුල් තරුණියක්’ (වර්ජින්) යන කොටස ඉවත් කරන ලෙසයි. එහෙත් හෝමිගේ තර්කයට අනුව ‘දිල්සෙ’ (1998) සිනමාපටයේදී නොඉඳුල් (වර්ජින්) යන වචනය භාවිත කර තිබේ.ප්‍රීති සින්තා, ෂාරුක් ඛාන්ගෙන් ඔබ නොඉඳුල් ද කියා අසා ඇත. මෑතකදී තිරගත වූ ‘ටූ ස්ටේට්ස්’ (2014) සිනමාපටයේ ද එවන් අදහසක් පළ කරන වාක්‍යයක් තිබිණි.කෙසේ වුවත් කපන මණ්ඩලය නැවත නැවත හෝමිගෙන් ඉල්ලා සිටින්නේ එම වාක්‍ය කපා දමන ලෙසයි. ඩිම්පල් කපාඩියාගේ දර්ශනයකට ද මණ්ඩලයේ විරෝධතාව එල්ල වී තිබේ. ඩිම්පල් පවසන්නේ නිරුවත් දර්ශන, හාදු දර්ශන අනුමත කරන කපන මණ්ඩලය තමන් හොඳින් ගත ආවරණය කරගෙන කරන රඟපෑම කපා දමන්නේ ඇයිදැයි නොතේරෙන බවය. ‘මේ මිනිස්සුත් එක්ක කතා කරන්න ඕනෑ’යි ඩිම්පල් පවසන්නේ සිරුරේ උෂ්ණත්වය දෙගුණයකින් තෙගුණයකින් ඉහළ නංවාගෙනය. දිල්ලි බෙලි, මිස් ලව්ලි, දේධ් ඉෂ්කියා, ජිස්ම් 2, රාගිනි එම්එම්එස් 2 වැනි සිනමාපට ගණනකටම කපන මණ්ඩලයෙන් සැනසුමක් නොලැබිණි. අවසන කපන මණ්ඩලය ද අල්ලස් චෝදනා මත කැපිල්ලකට අසු වී තිබේ.
|
CREATIVE
|
සඳුන් රාජකරුණාගේ චායා ටෙලි සිතුවම මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. එහි චායාගේ එදිිරිවාදියා, හර්ෂනීයි. චායා සහ හර්ෂනී අතර කොයි වෙලාවේ බැලුවත් ගැටුමක්. නාට්‍යය ඇතුළේ වගේම සැබෑ ජීවිතයේදීත් චායා ලෙස රඟන මහේෂි මධුසංඛා සහ හර්ෂනීට පණ පොවන මේනකා මධුවන්ති තරහකාරියන් වෙලා කියලයි අපිට ආරංචිය. ඒ විතරක් නෙවෙයි දෙන්නා අතර රණ්ඩුවකුත් ඇති වෙලාලු.මේ කතාවේ ඇත්ත නැත්ත අප මෙහි එක වග උත්තරකාරියක වන මේනකාගෙන් ඇහැව්වා. ඇය ඊට පිළිතුරු බැන්දේ මෙන්න මේ අයුරින්.* මේනකා, ඔබ සහ මහේෂි අතර මේ වන විට යම් විරසකයක් ඇති වී තිබෙනවා. මොකක්ද ඊට හේතුව?මං සාමාන්‍යයෙන් බොහොම පාඩුවේ ඉන්න කෙනෙක්. හැබැයි ඕන කෙනෙක් එක්ක මං හරි සුහදයි. චායා දර්ශන තලයේ හැමෝත් එක්කම මං මේ වනකම් හොඳින් ගනුදෙනු කරනවා. මේ තත්ත්වය දරාගන්න බැරි මහේෂි දිනක් මං ලොකේෂන් එකට එන්න කලින් කියලා තියනවා එතන අයට මාව ගණන් ගන්න එපා කියලා. ඒක බොහොම සැර පරුෂ විදිහටයි කියලා තියෙන්නේ. චායා නාට්‍යයේ හිටපු මේකප් ආටිස් සමීර මහේෂි කියපුවා රෙකෝඩ් කරලා මට අහන්න දුන්නා. මේක දැනගත්ත මහේෂිට හරිම ලැජ්ජයි. ඒක වහගන්න මගෙත් එක්ක බහින් බස්වීමක් ඇති වුණා. එතැනින් තමයි ගැටුම ඇති වුණේ.* ඇයි මහේෂි ඔබට එවැනි කෙනෙහිලිකමක් කරන්නට හේතුව?මං ගැන දන්න අය දන්නවා මං මොන වගේ කෙනෙක්ද කියලා. චායා එකේ කට්ටිය වුණත් එහෙමයි. මාව ඔවුන් හොඳට පිළිගන්නවා. ඒ තත්ත්වය සල්ලිවලට ගන්න බැහැ. මහේෂි අන්න එකට කැමැති නැහැ. මාව කපලා දාන්න වෙන්න ඇති අර විදිහෙ කතා කියන්න ඇත්තේ. ඒත් දැන් කොයි කාගෙනුත් කැපිලා තියෙන්නේ එයාමයි.* ඔබට වඩා මහේෂි ජනප්‍රියයි කියලා කවුරුන් හෝ කිව්වොත්?මහේෂි වටා ඉන්නේ එක් රසිකයෝ කණ්ඩායමක්. අනිත් එක ජනප්‍රියත්වය මනින්න මිම්මකුත් නැහැනේ. නාට්‍යයේ මහේෂි රඟපාන්නේ අහිංසක චරිතයක්. එහෙව් එකේ මිනිස්සු එයාට වැඩිපුර ආදරය කරන්න පෙළඹෙනවා ඇති. මේ වෙලාවේ මං රසිකයන්ටත් වැදගත් පණිවුඩයක් දෙන්න තියෙනවා.* ඒ මොකක්ද?ඔය චායා වගේ අහිංසක චරිත තියෙනවා නේද, ඒවා හිමි වෙන්නෙම නපුරු අයට. ඉතින් මිනිස්සු අර චරිතයෙන්ම ඒ නළුවා හෝ නිළියගේ සැබෑ ජීවිතය මනිනවා. මං බුද්ධිමත් රසිකයන්ගෙන් ඉල්ලන්නේ නාට්‍යවලින් දකින චරිත හරහා ඒ පුද්ගලයන්ගේ සැබෑ ජීවිතය මනින්න එපා කියලා.* ඔබ සහ මහේෂි අතර ඇති මේ විරසකය මත චායා හි අංග රචනා ශිල්පී සමීර මධු කිඳෙල්පිටිය නාට්‍යයෙන් අයින් කළා?සමීරව නම් අයින් කළා තමයි. ඒත් මට දැනගන්න ලැබුණු හැටියට ඊට නිෂ්පාදන කණ්ඩායම පැත්තෙන් ලැබෙන්නේ වෙන උත්තරයක්. ඔහුගේ වැඩ හොඳ නැති බවයි ඔවුන් කියන්නේ. කෙසේ නමුත් මගෙයි මහේෂිගෙයි සිදුවීම මත සමීරව අයින් කළා නම් ඒක හරිම අපරාධයක්.* මේ සිද්ධියේදී ඔබ අනුගමනය කරලා තියෙන්නේ නිහඬ පිළිවෙතක්. ඒක ඔබට අවාසිදායක වුණේ නැතිද?මට මීට වඩා ක්‍රියාත්මක වන්න තිබුණා. ඒත් මං හිතුවා මං ජනප්‍රිය කෙනෙක් නේද කියලා. සමාජයේ ජනප්‍රිය අයෙක් අන් අයට ආදර්ශවත් විය යුතුයි. නිහඬව ඉන්න එක තමයි වඩාත් හොඳ.* මහේෂි දැන් ඔබට මුහුණ දෙන්නේ නැතිලු නේද?ඔව් අනේ. මාව දැක්කම එයා පණ බයේ දුවනවා.* ඇය ඉස්සර ඔබේ හොඳ යාළුවෙක්. කතාබහ කරලා ප්‍රශ්න විසඳගෙන නැවතත් ඇය සමඟ මිතුරුවන්න යැයි කවුරුන් හෝ කියලා නැද්ද?එයයි මමයි යාළුවො හින්දා තමයි මහේෂි දැන් බය. ඇයගේ ජීවිතේ ඔක්කොම මං දන්නවා. ඒත් මං ඒවා කවදාවත් එළි කරන්නේ නැහැ. බල්ලෙක් අපිව හපා කෑවට අපි බල්ලව හපා කන්නේ නැහැනෙ.* ඔබට සාපේක්ෂව මහේෂිට පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්න වැඩිපුර අවස්ථාවන් ලැබුණා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?එයාගේ ගමන ෆාස්ෆෝවර්ඩ්නේ. ඒක නිසා ඒ අවස්ථාවන් ලැබුණා. මං වසර ගණනාවක් තිස්සේ හිමින් ගමනක් යන්නේ. ඒ අතරතුරදී මට විවිධාකාර හොඳ චරිත රැසක් ලැබුණා. හිමින් යන ගමන සදාකාලිකයි.* ඔබ මහේෂි ගැන බොහෝ දේවල් කිව්වා. මේ සටහන කියවලා ඇවිත් මහේෂි ඔබට කම්මුල් පාරක් ගැහැව්වොත් ඔබ මොනවද ඒ වෙලාවට කරන්නේ?අපෝ එච්චර දෙයක් එයාට කරන්න බැහැ. එයාට මට කම්මුල් පාරක් ගහන්න තරම් කොන්ද පණ නැහැ. ඇත්තම කිව්වොත් ඇය මට ගැහැව්වොත් මං සතුටු වෙනවා. මොකද එයාගේ හැංගි හොරා වැඩ නැවතිලා කියලා හිතලා. එතකොටවත් ඒ මොහොතේ ඉඳලා තැන් තැන්වල මගේ වැරැදි කියන්නේ නැතුව මූණටම කියයිනේ.මේ ගැන මහේෂි මොකද කියන්නේ කියලාලබන සතියේ බලාපොරොත්තු වන්නසටහන – ප්‍රසාද් සමරතුංගසේයරුව - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
සුනෙත් මාලිංග ලොකුහේවාගේ තෙවැනි සිනමාපටය වන ස්පන්දන හි සියලු රූගත කිරීම් සහ සංස්කරණ කටයුතු පසුගියදා නිමා විය. එම සිනමාපටයෙහි ඇති විශේෂත්වය වනුයේ රූගත කළ මොහොතේම එම දර්ශනයන් සංස්කරණය කිරීමයි.ස්පන්දන සිනමාපටයේ ගීත දෙසැම්බර් 12 වැනි දින සවස 5.30ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී මාධ්‍යයන්ට නිකුත් කරනු ඇත. උදය ශ්‍රී වික්‍රමසිංහගේ සංගීතයට ඔහු, උමාරියා සහ අනුපමා ගුණසේකර ගැයූ එම ගීත නන්දන වික්‍රමගේ ගේ පද රචනයන් වේ.ස්පන්දන හි මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි අශෝකමාලා, රොෂාන් රවීන්ද්‍ර, ශලනි තාරකා, දර්ශන් ධර්මරාජ්, තිසුරි යුවනිකා, ගිහාන් ප්‍රනාන්දු, නිමන්ති පෝරගේ, ගිවන්ත අර්ථසාත් රඟනු ලබති.ප්‍රභාත් රෝෂන් කැමරා අධ්යක්ෂවරයා මෙන්ම සම නිෂ්පාදකවරයාය. අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂවරයාය. ධනුෂ්ක ජයවර්ධනගේ සහාය අධ්‍යක්ෂණයකි. පී. උහාන්ඕවිට අංග රචනා ශිල්පියාය. තාරක අධිකාරි නිෂ්පාදන කළමනාකරණයෙන් ද එක්ව ඇත.ස්පන්දන ජගත් එම්. යාපගේ නිෂ්පාදනයකි.
|
CREATIVE
|
මා රඟපාන ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘තිමිර ගිර’ ටෙලි නාට්‍යය මේ දවස්වල දෙරණ රූපවාහිනියේ විකාශය වෙනවා. ඔහුගේම ‘සිංහාගල’ ටෙලි නාට්‍යය නිර්මාණයේ රූගත කිරීම් තිබුණේ යාපහුවේ දළදාගම කියන ග්‍රාමයේ. දුප්පත් අතු පැලක ජීවත් වන කාන්තාවකගේ චරිතයකටයි මා එහිදී පණ පෙව්වේ.මගේ පුතා වුණේ රොෂාන් රවීන්ද්‍රයි. මටත් මහත්තයටත් පසුගිය වෙසක් පෝය දිනයනට අදාළව අපූරු වැඩකට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. ඒ ශ්‍රී මහා බෝධියේ උඩ මළුවේ හුණු පිරියම් කිරීම වගේම තීන්ත ආලේප කිරීම, ශුද්ධ පවිත්‍ර කිරීම ආදී කටයුතුවලට සහාය වීමයි.51 වැනි වරට සිදු කරන මේ කටයුත්ත සිදු කරන්නේ ආදී ආනන්දයීයෙක්. සෑම වසරකම ඔහු මේ අයුරින් කරගෙන පැමිණි කටයුත්තට ඊළඟ වසරෙත් අපි සහභාගි වන බව ඔහුට පැවසුවා. ඒ එවැනි කාර්යයකට සහභාගි වීමට ලැබෙන සතුට පිළිබඳව සිතමින්.
|
CREATIVE
|
සාක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වැනි වරටත් සංවිධානය කළ සාක් චිත්‍රපට උලෙළ මෙම මස 22 වැනිදා සිට 25 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. දකුණු ආසියානු සංස්කෘතික ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙහිදී ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව නියොජනය කරමින් වෘත්තාන්ත සහ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය වනු ඇත. චිත්‍රපට උලෙළේ සමාරම්භය 20 වැනි දින සිදුවන අතර අවසාන සම්මාන ප්රදානය 25 වැනි දින සන්ධ්‍යාවේදි සිදුවීමට නියමිතය. රුසියාව, ඉරානය සහ සිංගප්පූරුව යන රටවලින් තෝරා ගත් ජාත්‍යන්තර ජුරියක් මගින් උලෙළේ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම අධ්යක්ෂවරයා තෝරා සාක් කලාපීය සම්මාන පිරිනමනු ලැබේ. මීට අමතරව චිත්‍රපට නිෂ්පාදකයන්, අධ්යක්ෂවරුන්, නළු නිළියන් සහ චිත්‍රපට විචාරකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ශාලාවේ මැයි 23 වැනිදා එක්දින වැඩමුළුවක්ද සංවිධානය කෙරේ. ඒ සඳහා චිත්‍රපට කලාව පිළිබඳ සැළකිල්ලක් දක්වන ඕනෑම අයකුට සහභාගි විය හැකිය.පසුගිය වසරේ හොඳම සාක් කලාපීය චිත්‍රපටය ලෙස ටිග්මන්ෂු ධූලියා අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු පාං සිං තෝමාර් සම්මාන ලැබීය. රිදී සම්මානය පාකිස්ථානයේ මන්සූර් මුන්ජහීඩ්ගේ සීඩ්ලිංස් චිත්‍රපටය ද ලෝකඩ සම්මානය වසන්ත මොරගොඩගේ මවුස් චිත්‍රපටය ද හිමිකර ගන්නා ලදී. භූතානය නියෝජනය කළ ටීෂෙරීන් පෙන්පෝර්ගේ කොස්ට් ඔෆ් ක්ලයිමේට් වේන්ජ් හොඳම වාර්තා චිත්‍රපටය විය.මෙම උළෙල සඳහා ඒ ඒ රටවල් නියෝජනය කරමින් චිත්‍රපට අධ්යක්ෂවරුන් සහ නළු නිළියන් සහභාගිවීමට නියමිත අතර මෙය සිනමාවට උනන්දුවක් දක්වන සියලු දෙනාට නොමිලයේ විවෘතය.උළෙලේ පැවැත්වෙන පිළිවෙළ මෙසේය.මැයි 19 වැනිදාඋළෙලේ විනිශ්චය මණ්ඩලයේ හමුව.මැයි 20 වැනිදාසවස 5.00 ට උළෙලේ සමාරම්භය.6.30 ට ඇෆ්ගනිස්ථානයේ කෙටි චිත්‍රපටයක් තිරගත වේ.7.00 ට ‘සැක්ටෙන් මෙටොග්’ වෘත්තාන්ත චිත්‍රපටය (භූතානය)මැයි 21 වැනිදාසවස 3.30 ට පිළිවෙළින් නෝවේ සහ රෙන්ට් ඇන් ග්‍රේන් යන භූතානයේ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය වේ.6.30 ට භාරත් ස්ටෝර්ස් වෘත්තාන්ත චිත්‍රපටය (ඉන්දියාව).මැයි 22 වැනිදා3.30 ට පිළිවෙළින් මකර සහ පහදා යන ඉන්දියානු කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය වේ.6.30 ට ඉන්ග්ලි වෘත්තාන්ත චිත්‍රපටය (මාල දිවයින)මැයි 23 වැනිදාඋදෑසන 10.00 ට වැඩමුළුව.සවස 3.30 ට කෙටි චිත්‍රපට පිළිවෙළින් අවර් ජාකොබ් (පාකිස්ථානය) සයිනිකල් ලෙජසිස් සහ බත්තලන් ගුණ්ඩුව (ශ්‍රී ලංකාව)6.30 ට මේන් හූම් ෂහිඩ් අතරිඩ් වෘත්තාන්ත සිනමාපටය (පාකිස්ථානය)මැයි 24 වැනිදාමෙදින තිරගත වනුයේ වෘත්තාන්ත සිනමාපට පමණි.උදෑසන 11.00 ට සැමීගේ කතාව (ශ්‍රී ලංකාව)දහවල් 1.15 ට මයි ටීචර් මයි වර්ල්ඩ් (භූතානය)සවස 3.15 ට දිලාකානි (මාලදිවයින)6.30 ට කනා්යාකා ටෝකීස් (ඉන්දියාව)මැයි 25 වැනිදාඋදෑසන 10.00 ට සූවිසි විවරණ (ශ්‍රී ලංකාව, වාත්තාන්ත)සම්මාන ප්රදානය එදින සවස 6.00 ට සිදුවේ.ප්‍රසාද්
|
CREATIVE
|
මහින්ද සිල්වා ගේ සිත ගායනයට ලොබ බැඳ තිබුණේ පාසල් අවදියේ සිටය. ජෝතිපාලයන් ගී ගයන අයුරු ඇසිපිය නොහෙලා බලාසිටි හෙතෙම කවදා හෝ එවන් චරිතයක් වීමට සිහින මැව්වේය. මහින්ද ගේ අසල්වැසියාද කලා සහෘදයෙකි. ඔහු නමින් උපාලි කන්නන්ගර විය. උපාලිටත් සංගීත උණ දැඩිව තිබුණ නිසා එවකට මහින්දත් උපාලිත් සංගීතය ඔස්සේ ඉදිරිය දැකීමට පෙරමග සලකුණු සොයමින් සිටියෝය.ඇත්තටම ඒ කාළේ පුදුම සුන්දරත්වයකින් පිරුණු යුගයක්. උපාලිත් මමත් දැඩි සංගීත ලෝලියෝ. අපි එකතුවෙලා පුංචියට වාදක මණ්ඩලයක් හදන්න තීරණය කළා. උපාලිගෙ අම්මා තමයි නිකමට මාව ඩ්‍රම්සෙට් එකේ වාඩි කෙරෙව්වේ. හැබැයි මට කිසිදු නුපුරුදු ගතියක් දැණුනෙ නෑ. ස්ට්‍රික් දෙක අතට අරන් ප්ලේ කළා. රිදම් එක මගේ ඇඟේ තිබුණු නිසා ඕනෑම තාලයක සිංදුවකට ඩුම්ස් ප්ලේ කරන්න මට පුළුවන් වුණා.අන්න එහෙමයි ඔහු ගේ ගමන ඇරඹෙනුයේ. ක්‍රම ක්‍රමයෙන් මහින්ද ලංකාවේ සිටින කීර්තිමත් ඩ්‍රම්ස් වාදකයකු බවට පත් වුණේය. ඔහු ඩ්‍රම්ස් වාදනයට කෙතරම් හපන්කමක් දැක්වීද යත් පසුකාලීනව ඔහුට විරුදාවළියක් ද හිමි විය. ඒ ඩ්‍රම්ස් මහින්ද නමිනි.ඉස්සර මහින්ද සිල්වා කිව්වට සමහර අය දන්නේත් නැහැ. ඩ්‍රම්ස් මහින්ද කිව්වමයි ඕනකෙනෙක් හඳුනන්නේ. මාව ජනපි‍්‍රය සංගීත කණ්ඩායම්වලට හඳුන්වා දෙන්නේ ඉන්ද්‍රාණි පෙරේරාගේ තාත්තා.ඒ ත්‍රී සිස්ටර්ස් ප්රමුඛ සුපර් ස්ටාර්ස් කණ්ඩායම හරහා. ඉන්පසු මධාරා, සියැක්, සන්ෆ්ලවර්ස් වැනි වාදක මණ්ඩලවල හිටියා. මේ තමයි සුදුසුම වෙලාව ක්ලැරන්ස් විජේවර්ධනයන්ව මතක් කරන්න. මධාරා සංගීත කණ්ඩායමේ ඉන්නකොට ඔහු මට ගොඩක් උදව් කළා.මහින්ද වැඩියෙන්ම ආසකරලා තියෙන ඩ්‍රම්ස් වාදන ශිල්පියා සුසිල් පෙරේරායි. ඒ වගේම ශ්‍රී කාන්ත දිසානායක ගෙන් ඔහු ඒ පිළිබඳ වැඩිදුර හදාරා තිබෙනවා.ඔවුන්ගෙන් ලද ශිල්පයත් දැනුමත් එක්ක මම මගේ විදිහක් හදා ගත්තා. මම තමයි මුලින්ම තබ්ලා බීට් එකක් ඩ්‍රම්සෙට් එකක් මාර්ගයෙන් වාදනය කළේ. වේදිකාවේ ද වාදනයන් ඉදිරිපත් කරද්දී දැඩි වෙනසක් කළා. සමහරු මගෙන් අහවල් ගීතයට ඔයා හදාගත්තු අහවල් වාදනය ඕන කියපු අවස්ථා ද එමටයි.ඔහොම ටික කාලයක් ඉඳලා මහින්ද පටන් ගන්නවා ‘සුපර්ස්ටාර්ස්’ සංගීත කණ්ඩායම. ඒ හරහා කැසට් ලෝකය තුළ නැවුම් වූ වෙනසක් ඇති කරන්නට ඔහු සමත් විය.අපි තමයි ලංකාවේ වැඩිම ප්‍රමාණයක ගායක, ගායිකාවන් එකතුකරලා නොනවතින ගී කැසට් එකක් කළේ. ඒ ගායක ගායිකාවන් පනස් පහක් ගැයූ සංගීත වෙනස. ඒක ඒ යුගයේ අලෙවි වුණේ උණු කැවුම් වගේ. තව ගීත කැසට්පට රාශියකුත් අපි කළා.වර්තමානය වනවිට මහින්දගේ සුපර්ස්ටාර්ස් බෑන්ඩ් එක නැහැ කියලයි ඇතැමෙක් හිතාගෙන ඉන්නේ. නමුත් ඔහු මේ වනවිටත් එය ඉතාම සාර්ථකව පවත්වාගෙන යනවා.ඔබ කිව්වා වගේ සුපර්ස්ටාර්ස් ලා නැහැ කියලා හිතාගෙන ඉන්නවා ගොඩදෙනෙක්. මං අදටත් සංගීත කණ්ඩායම කරගෙන යනවා. සංගීත කණ්ඩායම්වල සාමාජිකයන් කැඩීයාම් ඉස්සර ඉඳලාම තිබුණා. ඒක අපිටත් බලපෑවා. අද කලාව ඇතුළේ පිල් බෙදිලා. ඒකයි හේතුව. ඒ බාධක මැද සුපර්්ටාර්ස් අදටත් බැබළෙනවා.මහින්ද ඩ්‍රම්ස් ගැහැව්වට ගායනයටත් යොමු වුණා. ‘එයා එබිලා බලනවා මුකුළු කරනවා නම් සංගීත කණ්ඩායම් නිතර ගයන එම ගීතය ගයලා තියෙන්නේ ඔහු. මහින්ද ගේ තවත් අලුත් ගීත කිහිපයක් ඉදිරියේ දී නිකුත්වීමට නියමිතයි. ඔහු මේ වනවිට කීර්ති පැස්කුවල් විසින් පවත්වාගෙන යනු ලබන ‘සවුන්ඩ් ඔෆ් මියුසික් ආයතනයේ ඩ්‍රම්ස් වාදනය පිළිබඳ උගන්වනවා.මහින්ද ගේ දියණියට දැන් අවුරුදු දහයක්. ඇය ද පුංචි වුණත් දැන්මම මහින්ද වගේම ඩ්‍රම්ස් වාදනයට යොමු වෙලා. දියණියව තමන් ගිය මෙඟහිම යවන්න ඔහු හිතාගෙන ඉන්නවා. සංගීතය වෘත්තිය වුණත් මහින්දගේ විමෝදාංශය තමයි ක්‍රිකට් ගැසීම. ඒත් එක්තරා සිද්ධියක් නිසා ඔහුට ඒ විනෝදාංශය අතහරින්න වෙලා. ඔහු අපේ කතාව අවසන් කළේ සිනහමුසු මුහුණින් ඒ මතකය ආවර්ජනය කරන ගමන්. අර්නස්ට් සොයිසා ගේ සංගීත කණ්ඩායමේ ඉන්දැද්දි තමයි මේක වුණේ.දැන් කාලෙ වගේ නෙවෙයි ඉස්සර හෑන්ඩ් ෆෝන් නැහැනේ. ඒක නිසා ෂෝ එකක් තියෙන දවසට කලින්ම අර්නස්ට් අයියා මාව එක්කගෙන යන්න එනවා. ඔහු එන බොහෝ වෙලාවල්වල මං ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා. ඉතින් මැච් එක ඉවරවෙනකම් ඔහු මට රව රවා එතැන රැඳිලා ඉන්නවා. ඔන්න එක දවසක් අර්නස්ට් අයියාට තදවෙලා මාව දාලා ගියානේ. මට හරිම අවුල්. ඊට පහුවෙනි දා ඔහු මට හොඳටම අවවාද කළා. එදා ඉඳලා මං මගේ වෘත්තියටයි පළමු තැන දුන්නේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මාධ්‍යවේදී රමේෂ් උවයිස්රැකියාවේ කටයුතු සුපුරුදු ලෙස කරගෙන යන අතරතුරම මගේ නිදහස් කාලවේලාව ගත වෙන්නේ පරිවර්තන කටයුතුත් සමඟයි.ඊට අමතරව පසුගිය කාලයේ මා ලියූ විශේෂ ලිපි රාශියක් එකතු කරලා ඒවා සිංහලට පරිවර්තනය කරලා ඉදිරිකාලයේ දී පොතක් මුද්‍රණය කිරීමටත් මා අදහස් කරනවා.සංගීත ප්‍රසංගවලට සහභාගි වුණත්, ඒ නොගිහින්ම බැරි අයකුගේ ප්‍රසංගයකට විතරයි.
|
CREATIVE
|
ආදිත්‍ය රෝයි කපූර් ‘ආශිඛි 2’ සිනමාපටයෙන් යුවතියන්ගේ හදවත් සෙනෙහසින් උමතු කළ තරුවයි. එහෙත් මේ විසි අට හැවිරිදි තරුණයාගේ නම් හදවත ආදරයෙන් උණුසුම් වන්නේ තරුණියන් දුටු විට දී නොවෙයි. යතුරු පැදි දුටු විටයි. අධිවේගී ක්‍රීඩා යතුරු පැදියකට දැනටමත් හිමිකම් කියන ඔහු පසුගිය දිනවල අන්තර් ජාලයෙන් සහ ප්‍රදර්ශන කුටිවල ඊටත් වඩා අධිවේගී යතුරු පැදියක් සෙව්වේය. අවසානයේදී සිත්ගත් යතුරු පැදිය මිල දී ගත්තේය. මේ දිනවල ඔහු බන්ද්‍රා පෙදෙසේ මිටින් හල කුරුල්ලකු සේ අලුත්ම යතුරු පැදියෙන් පියාඹයි. අලුත් යතුරු පැදියට කෙතරම් ආදරය කළත්, පැරැණි යතුරු පැදියට යන්න කියන්න නම් ඔහුට සිතක් නැත. ඊට ඔහු ප්‍රථම ප්‍රේමයට මෙන් ළෙන්ගතුය.‘ආශිඛි 2’ තාරකාව ශ්‍රද්ධා සමඟ මෙන්ම පරිනීති චොප්රා සමඟ ද ආදිත්‍ය පෙමින් වෙලී සිටින බවට රාවයක් පවතී. ළඟදී ආදිත්‍ය, ශ්‍රද්ධා සමඟ අමෙරිකාවේ නිවාඩුවක් ගත කළ පුවත තවදුරටත් බොලිවුඩයට රහසක් නොවෙයි. මේ අතර ‘ඒක් විලයන්’ තරුව, සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ සිත එහි තාරකාව ශ්‍රද්ධා කෙරෙහි ඇදී යමින් පවතින බවට ද රාවයක් පවතී.ආදිත්‍ය රෝයි කපූර්, පරිනීති චොප්රා සමඟ රඟන ‘දවාත් – ඊ – ඉෂ්ක්’ සිනමාපටයෙන් සහ චාල්ස් ඩිකන්ස්ගේ ‘ද ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්’ ඇසුරින් නිපද වූ ‘ෆිතූර්’ සිනමාපටයෙන් කත්රිනා කායිෆ් සමඟ ප්‍රේක්ෂකයන්ට සමීප වනු ඇත.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ජගත් චමිල පසුගියදා පැවැති නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.ඒ වුණාට ජගත් පහුගිය කාලය පුරාවට හරියට නිදා ගත්තේ නැහැලු. දැන් නම් රෑ නවය දහය විතර වෙන කොට ඔහු නින්දට යනවාලු.මෙහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ මොකක් ද කියන එක ප්‍රශ්නයක්. පහුගිය කාලය පුරාම ජගත්ට සුබ පතන්න ගෙදරට කට්ටිය එනවාලු. එහෙම කට්ටිය ආවාම කතාබහ කරල අවසානයේ හැමදාම ජගත්ට නින්දට යන්න වෙන්නේ පාන්දර එකට දෙකට විතරලු.දැන් ඒ තත්ත්වය ටිකක් මග හැරිල නිසා ජගත් විවේකීව ඉඳලා වේලාසනින්ම නින්දට යනවාලු. පසුගිය සතියේ ජගත් ජනාධිපතිතුමන් අතින් තිළිණ ලැබුණ අලුත් නිවහනේ පදිංචි වුණා.
|
CREATIVE
|
රංගන ශිල්පී තරංග දිසානායකමම නිෂ්පාදනය කරන ‘සත් පියවරු’ ටෙලි නාට්‍ය මේ දවස්වල හිරු රූපවාහිනියේ රාත්‍රී 9.00 ට විකාශය වෙනවා. ඒ ටෙලි නාට්‍යයට බොහෝ දෙනාගෙන් ලැබෙන ප්‍රතිචාරත් සමඟ සිතට දැනෙන්නේ සතුටක්. ඒ වගේම තූර්යා ටෙලි නාට්‍යයෙත් මම රඟපාන සෙනරත්ගේ චරිතයත් මේ දවස්වල බොහොම ජනප්‍රිය චරිතයක් වෙලා. ඒ අතර මා නිෂ්පාදනය කරන ඊළඟ ටෙලි නාට්‍ය වුණු ‘කුටු කුටු මාමා’ ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් කටයුතුත් ළඟදීම ආරම්භ කරන්නට නියමිතයි.
|
CREATIVE
|
විමුක්ති ජාතික තරුණ සේවා සභාව හරහා රංගනයට එක්වූ විමුක්ති මධුශංක, විතානමුල්ල විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවෙකි. කෝපි කඩේ ටෙලි නාට්‍යය විජය කුවේණි, ඇහැලේපොළ කුමාරිහාමි, රාස්ස කැලේ ආදී චිත්‍රපට ඔහුගේ සිනමා රංගනයන් හි කඩඉම්ය.තිලක් කුමාර රත්නායක, සුගත් සමරකෝන්, පි‍්‍රයන්ත ලලිත් ආදීන්ගෙන් හෙතෙම රංගනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලද්දෙකි.නො. 18, මඩුගස් ලන්ද, නයිවල, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි විමුක්ති ලේත් මැෂින් ක්‍රියාකරුවකු ලෙස රැකියාවක ද නිරත වෙයි. 071-3563035 අංකයෙන් ඔහුට ඇමතිය හැකිය.සටහන - සංජීවසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ඇමරිකානු බොක්ස් ඔෆීස් චිත්‍රපට අතර මේ දිනවල ප්‍රමුඛස්ථානය දිනාගැනීමට සමත්ව ඇත්තේ අල්ෆොන්සෝ ක්වරන් අධ්‍යක්ෂණය කළ Gravity චිත්‍රපටයයි. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙහි ත්‍රාසජනක අභ්‍යාවකාශ චාරිකාවක් ගැන කියැවෙන කතා පුවතක් ඇතුළත් වේ. සැන්ඩ්‍රා බ්ලොක්, ජෝර්ජ් ක්ලෝනි ප්‍රධාන චරිත මවන මෙම චිත්‍රපටය ඇමරිකානු ප්‍රදර්ශනයෙන් පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 55.8 ක ආදායමක් වාර්තාකර තිබුණි.Cloudy with a chance of meatballs - 2 එම දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති චිත්‍රපටයයි. පසුගිය සති අන්තයේදී එය ඇමරිකාව තුළදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 22 ක්.Runner Runner ඇමරිකානු බොක්ස් ඔෆීස් වර්තා චිත්‍රපට අතර තෙවැනි ස්ථානයට පත් වූ චිත්‍රපටයයි. බ්‍රැඩ් ෆර්මන් අධ්‍යක්ෂණය කළ එය පසුගිය සති අන්තය තුළදී ඩොලර් මිලියන 5.75 ක ආදායමක් වාර්තාකර තිබුණි.ඩෙනිස් විලින්වෙනූව් අධ්‍යක්ෂණය කළ Prisoners චිත්‍රපටය දැනට සිව්වැනි ස්ථානයේ පසුවෙයි. හග් ජැක්මන්, ජෙක් ග්ලෙන්හාල්, වියෝලා ඩේවිස් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.ක්‍රියාදාම චිත්‍රපටයක් වන Rush පසුගිය සතිය තුළදී එක්සත් ජනපද ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 4.48 ක් වාර්තා කරමින් 5 වැනි ස්ථානයට පැමිණ තිබේ.ඩොලර් මිලියන 4.16 ක් ඉපැයූ Don Jon සහ Baggage Claim පිළිවෙළින් 6 වැනි සහ 7 වැනි ස්ථානවලට පැමිණ සිටී.Insidious : Chpter 2 අට වැනි ස්ථානයටත් Pulling Strings නව වැනි ස්ථානයටත් පත්ව ඇති අතර Enough Said ඇමරිකානු බොක්ස් ඔෆීස් චිත්‍රපට අතර දැනට 10 වැනි ස්ථානයේ පසුවෙයි.යතේජා
|
CREATIVE
|
රංගන ශිල්පී ජගත් බෙනරගමටත් රූගත කිරීමක දී ඇබැද්දියක් සිදුවෙලා. ‘පබසරා’ කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීමකදි තමයි ජගත් ට මේ අනතුරට මුහුණපෑමට සිදුවුණේ. රූගත කිරීම් කෙරුණේ කුලියාපිටියේ දී.දර්ශනයේ හැටියට ජගත් බයිසිකලයක් පැදගෙන එන්න ඕන. ඔන්න දැන් ජගත් සෑහෙන දුරක ඉඳලා බයිසිකලය පැදගෙන එනවා.ඒ අතරමග තිබුණු පාලම පහුකරනවාත් සමඟම කකුල ලිස්සලා ජගත් පාලමෙන් පහළ අඩි දොළහක් විතර ගැඹුරු වතුරට වැටිලා.එතන හිටිය කාටවත් මේ මොකද වුණේ කියලවත් හිතා ගන්න බැරි වුණා.කොහොම හරි ජගත්ව ගොඩට ගනිද්දී කකුලකුත් තුවාල වෙලා. වෙලාවට බෙහෙත්ටික කළ නිසා ජගත් ට ඉක්මනටම ආයෙත් බයිසිකලය පදින්න ලැබිලා.
|
CREATIVE
|
සුරංගනී චිත්‍රපටයේ ගීත ගායනා කළ ස්වර්ණා අබේරත්න දැන් කෝ?මිටියාගොඩ මරදාන වත්තේ එච්.එල්.තිලකසිරි ද සිල්වාඇය දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වනවා.සමහර ටෙලි නාට්‍යවල නිළියන් ගෙදර ඉන්නේත් සාරි ඇඳලා,කොණ්ඩ මෝස්තර දාලා අඩි උස පාවහන් දාලා.හරිම අතාත්විකයි නේද ?කඩවත සුජාතා ගුණවර්ධනතාත්වික ටෙලි නාට්‍යයත් තියෙනවාද සුජාතාටිකිරා චිත්‍රපටයේ ප්‍රධාන නළු නිෂ්පාදක බැප්ට්ස්ට් ප්‍රනාන්දු සමග එහි රඟපාන බොනිපස් ප්‍රනාන්දු සහෝදරයන්ද ?මාතලේ රාහුල මාවතේ ජයම්පති සෙනෙවිරත්නනැහැරූපවාහිනිය මෙලොවින් තුරන් වේවා යැයි පැවසූ අපේ විද්වතා කවුද?පිළියන්දල මිරිස්වත්ත චාමර හේමනාත් විජේසිංහමා එබඳු කතාවක් අසා නැහැ.චාමර.හැබැයි ඔහු කවර තරමේ විද්වතෙක් වුවත් එසේ පැවසුවා නම් මගේ මතය ඔහු වෘෂභ රාජයෙක් බවයි.මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ඉස්සරහට යන්න ටෙලි නාට්‍යය රූප ගත කළ ඇල මාර්ගය සහිත ප්‍රදේශය කුමක්ද ?කැටපල සමන් ගාල්ලගේහැඳල හැමිල්ටන් ඇල පළාතේප්රවීණ සිනමා නිළි අභාවප්‍රාප්ත සීතා කුමාරි රංගනය උදෙසා ලබා ඇති සම්මාන කුමක්ද ?නක්කාවත්ත ගොඩගම ජනපදය කමල් ප්‍රියන්ත ජයසිංහඇය සරසවිය හා සුමති සම්මාන උළෙලේ කුසලතා සම්මාන දිනා ගත්තාසරසවිය පුවත්පතේ පළ වන චිත්‍රපට විස්තරයේ දී හිතත්හොඳයි වැඩත් හොඳයි චිත්‍රපටයේ නිෂ්පාදකගේ නම පළවූයේ නැත්තේ ඇයි ? එම චිත්‍රපටයේ නිෂ්පාදක රේමන්ඩ් වාස් යනුවෙන් සඳහන් විය යුතුයි නේද ?උස්වැටකෙය්යාව පුබුදුගම සුසිලා පතිරාජනම පළ නොවුයේ ප්‍රමාද දෝෂයකින්. ඔබ නිවැරැදියිජෝන් ඒබ්‍රහම් රඟපාන මැඩ්රාස් කැෆේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූප ගත කළාද ?කෑගල්ල තටාකය පාරේ තිලකරත්න විල්වලඑය රූප ගත කර ඇත්තේ ඉන්දියාව,මැලේසියාව සහ ලන්ඩනයේ . ලංකාව පසුබිම් වන සියලු දර්ශන රූප ගැන්වූයේ තමිල්නාඩුවේ සහ කේරළයේ.යසපාලිත නානායක්කාර ගේ තුෂාරා චිත්‍රපටයේ ඇතුළත් හොඳම ගීතය කුමක්ද?උඩතලමත්ත සිසිර කුමාරසිංහමා නම් කැමතිම ගීතය එපා වුනත් හෙට ඕනෑ වේවි
|
CREATIVE
|
හැටේ දශකයේ අපි තුන්කට්ටුව විකට රංගනයේ හිනි පෙත්තේම වැජඹෙන කාලයක් විය. මුළු රටම හිනැස්සීමට සමත්කම් පෑ අපි තිදෙනා එවක ප්‍රේක්ෂකයන් අතර විකට රංගනයේ වීර චරිත බවට පත් වී සිටියහ. මුළු රටටම විහිළු කළත් අපි තුන්කට්ටුව එකිනෙකාට ඇතැම් විට කර ගන්නා විහිළු සුළු කොට තැකිය නොහැකි තරම්ය. මේ නිසාම අපි තිදෙනා එනිනෙකා ගැන සිටියේ හරිම සෝදිසියකින්. එක දවසක් අපේ කට්ටිය නැගෙනහිර පළාතේ රූපගත කිරීම් වගයකට සහභාගි වෙමින් සිටියා.එය නියමිත කාලයට පෙර අවසන් වුණ නිසාම අපි කලින්ම කොළඹට එන්න හනික පිටත් වුනා. එකිනෙකාට විහිළු කරමින් සිංදු කියමින් ඔන්න දැන් ඉතිං අපි වෑන් එකකින් කොළඹ එනවා. ඔය අතරේදී අපේ කණ්ඩායමේ එක්කෙනෙක් මහවැලි ගඟ දැකලා නාන්න ඕනෑ කියලා යෝජනාවක් ගෙනාවා. යෝජනාව එයාගේ වුණත් ඒ සඳහා අනික් අයත් කැමැත්ත පල කළා. අන්තිමට වුණේ කාගෙත් කැමැත්ත පරිදි මහවැලි ගඟේ තොටුපළක් ළඟ වාහනය අයින් කරලා නැවැත්තුවා. මේ කාලේ මගේ තරුණ කාලේ. ඔන්න ඉතිං වාහනේ නතර කරන කොටම එකා දෙන්නා වතුරට පනිනන දුවගෙන ගියා. මටත් ඉතිං කට්ටියත් එක්ක ඉන්න කොට කවදත් පොඩි කික් එකක් ඇඟට එනවනේ.මාත් ඉතිං දඩ බඩ ගාලා ඇඳුම් ටිකත් ගලවලා නාන ඇඳුමක් ඇඳගෙන ගං ඉවුරට හනික ගියේ ඒ වෙන කොටත් ගඟට බැහැලා දියබුං ගහන අනෙක් අයගේ ගොඩට එකතු වෙන්න. ඔය වෙන කොට නාන තොටුපලේ ඒ ප්‍රදේශයේ කීප දෙනෙක් නාමින් හිටියා. ඔය වකවානුවේ ඇනස්ලි, සැමුවෙල්, මම රටේ සෑම තැනකම ලොකුª ප්‍රසිද්ධියක් ලබල තිබුණ නිසා බර්ටි, ඇනස්ලි, සැමුවෙල් ගං තොටුපලේ නාන්න බැහැලා ඉන්නවා කියලා තොටුපලේ හිටිය අයගෙන් ගම පුරා පැතිර යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. හරියට නිකන් ආරංචිය පැතිරිලා ගියේ ලැව් ගින්නක් වගේ. විනාඩි කීපයක් ගත වෙනවාත් සමඟ එකා දෙන්නා හතර අතින් ගං ඉවුරට රැස් වෙන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් ගියේ නෑ.බර්ටි මාස තුනේදී මව් තුරුළට වී...ගෙඟ් තොටුපලේ ගං ඉවුරේ දෙපැත්තේ සිය ගාණක් සෙනඟ පිරුණා. පුංචි පහේ කොල්ලො කෙල්ලො අපේ ළඟට ඇවිත් ඇෙඟත් එල්ලෙනවා. මමත් ඉතිං නාන්න ඇදගෙන ඉන්න ඇඳුම පිිටින් නිසා කොල්ලො කුරුට්ටො එහෙන් මෙහෙන් අල්ලන කොට මටත් නිකන් කිචි වගේ. මාත් ඇඹරෙනවා. මම ඇඹරෙන කොට කොල්ලන්ට ජොලි. අපි විකට වැඩසටහන්වලදී කියපු ඒ කාලේ සමාජයේ ප්‍රසිද්ධ දෙබස් එහෙම කියමින් කොල්ලො අපිට විහිළුත් කරනවා. ඒ අපි කරපු විහිළු අපේ සැබෑ ජීවිතයටත් එක් කරමින්. ගං ඉවුරේ රැස් වෙච්ච කට්ටිය හරි අපූරුවට විනෝදයක් ලබනවා. අපිත් ඉතිං කළේ ඒ අයට තවත් සතුටු කරන්න නොයෙක් විහිළු කතා කියන එක.ඒ වෙන කොට ගොඩ හිටිය අපි කීප දෙනෙක් කෝලම් විගඩම් කරමින් ගමේ මිනිස්සු එක්ක හොඳ හැටි විනෝද වෙන කොට අපේ තව කට්ටියක් ගෙඟ් බැහැලා දියබුං ගහගහ හොඳ හැටි නානවා. ඔය අතරේ ගෙඟ් බැහැලා හිටිය අපේ කණ්ඩායමේ ඇල්ෆ්‍රඩ් පෙරේරා ගෙඟ් මැද ඉඳන් අත පය විසි කරන්න පටන් ගත්තා. බොහොම අමාරුවෙන් උඩට අත පය විසි කරමින් දඟලන ඇල්ෆ්‍රඩ් දිහා බලාගෙන හිටය අපටත් හිනා ගියා.අපි හිතුවේ ඇල්ෆ්‍රඩ් මෙහාට ඇවිත් ඉන්න මිනිස්සු සතුටු කරන්න එයා එහෙම කරනවා ඇති කියලා. ඇල්ෆ්රඩ්ගේ මේ වැඩේට ගං ඉවුරේ රැස් වෙලා හිටිය අයත් ගං ඉවුරේ ඉඳලා හූ කිය කිය හිනා වෙනවා. තවත් අය අත්පුඩි ගසමින් ඇල්ෆ්රඩ්ගේ මේ ක්‍රියාවට හිනා වෙනවා. ඒත් බලන් ගියාම එයාගේ විහිළුව නතර වෙන පාටක් නෑ. එන්න එන්නම අත පය ගහන වේගය වැඩි වෙන්න පටන් ගත්තා. මේ වෙන කොට ගඟ මැද්දේ හිටිය ඇල්ෆ්‍රඩ් පෙරේරාව ටිකෙන් ටික ගෙඟ් ඈතට ඇදෙන්න වුණා. අපි හිනාවෙන එක නතර කරලා ටිකක් බලා හිටියා. බලන කෙට මෙයාව වතුරේ ගහගෙන යනවා. එයා අත උස්සල දඟලලා තියෙන්නේ දියේ ගිලෙන්න යන නිසයි. දැන් අපේ කට්ටියත් රැස් වෙලා හිටිය අයටත් තේරුණා වෙන්න යන දේ. ඒ වෙන කොට එතනට රැස් වෙලා හිටිය පීනන්න පුළුවන් කීප දෙනෙක් ගඟට පැනලා පීනලා ගිහින් දැඩි වෙහෙසක් දරලා ඇල්ෆ්‍රඩ් පෙරේරාව ගොඩට අරන් ආවා.ඒ වෙන කොටත් ඇල්ෆ්‍රඩ්ට හොඳ හැටි වතුර පෙවිලා. ජීවිතේ බේර ගන්න වතුර එක්ක දඟලලා වෙහෙසට හොඳටම තෙහෙට්ටු වෙලා. ඇල්ෆ්‍රඩ් කරන්නේ විහිලුවක් කියලා අපි තවත් බලා හිටිය නම් අපිට තව පොඩ්ඩෙන් වෙන්නේ වටිනා ජීවිතයක් නැති වෙලා යන එක. එදා ඉඳලා අපි එකිනෙකාට විහිළු කළත් එකිනෙකා ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නේ මේක විහිළුවක් ද නැත්නම් ඇත්තම දෙයක් ද කියලා සක් සුදක් සේ පැහැදිලි වෙනකම්.චන්දන දයාසිරිවර්ධනඡායාරූප - ශාන් රඹුක්වැල්ල
|
CREATIVE
|
අනූව දශකයේ ආරම්භයේදී බොලිවුඩයට රැජිනියන් තිදෙනෙක් සිටියහ. එකිනෙකා පරයන රුවින්, රංගන හැකියාවෙන් හා නර්තනයෙන් පොහොසත් මේ තිදෙනා එකම තිරයකදී දකින්නට නම් ප්‍රෙක්ෂකයන්ට වරම් නොලැබුණි. ශ්‍රී දේවි, මධුරී, ජූහි චව්ලා මේ තරු ත්‍රිත්වයයි. ශ්‍රී දේවි විවාහයෙන් පසු ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’ සිනමාපටයේ රඟපා තමන් රිදී තිරයේ රැජනක බව යළිත් වරක් ඔප්පු කළාය. දැන් උදා වී ඇත්තේ මධුරීගේ සහ ජූහි චව්ලාගේ වාරයයි.තිරයේ රජ කරද්දී කිසිදු සිනමාපටයක මේ රැජනන් දෙදෙනා එකට දක්නට නොලැබුණි. එහෙත් මෙවර නම් මධුරී ඩික්සිත් හා ජූහි කරළියට එන්නේ එකම සිනමාපටයකිනි.කලකට පසු එවන් අපූරු වෙනසකින් ඔවුන් දකින්නට ප්‍රේක්ෂකයන් වැඩි මනාපයකින් සිටින බව නම් නිසැකයි. ‘ගුලාබ් ගෑන්ග්’ සිනමාපටයෙන් මේ තාරකා යුවළ කරට කර රංගනයේ යෙදෙන ආකාරය නැරැඹීමට ලැබේ. අනුභව් සිංහගේ ‘ගුලාබ් ගෑන්ග්’ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන සිනමාපටයකි.උත්තර් ප්‍රදේශයේ බන්දෙකන්ද් කලාපයේ කාන්තා හිංසනය, ගෘහස්ථ හා සමාජ ගැටලු ගැන කතා කරන, සාධාරණත්වය උදෙසා සටන් කරන ‘ගුලාබ් ගෑන්ග්’ නම් සත්‍ය කාන්තා කණ්ඩායමක් පාදක කරගෙන කතාව ගෙතී තිබේ.මධුරී අවසන් වරට ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබුණේ 2007 දී තිරගත වූ ‘ආජා නච්ලේ’ සිනමාපටයෙනි. ජූහි මේ දීපවාලියේදී තිරගත වූ ‘සන් ඔෆ් සර්දාර්’ හි රැඟුවාය. ජූහි, මධුරී සමඟ ‘ගුලාබ් ගෑන්ග්’ හි රූගත කිරීම්වලට මහත් උනන්දුවකින් සහභාගිවෙන අතර විවේකයක් ලැබුණු සෑම අවස්ථාවකදීම දූ දරුවන් ගැන සෙනෙහෙබර පිළිසඳරකට ඉඩකඩ වෙන්කර ගැනීමට ද දෙදෙනා අමතක නොකරති. මධුරී පුතුන් දෙදෙනකුගේ මවකි. ජූහිට සිටින්නේ දියණියක හා පුතෙකි.දෙදෙනාගේම සැමියන් රංගනයට නම් සම්බන්ධ නැත. මධුරීගේ සැමියා ශ්‍රීරාම් චන්ද්‍රා නේනේ හෘද රෝග ශල්‍ය වෛද්‍යවරයෙකි. ජූහි අන්තර් ජාතික ව්‍යාපාරිකයකු වන ජේ මේතාගේ දෙවැනි බිරියයි. ඔහුගේ පළමු බිරිය ගුවන් අනතුරකින් මිය ගොස් තිබේ.මධුරීත්, ජූහිත් හතළිස් පස් හැවිරිදි වියේ පසුවෙති.නව වසර ෂාරුක් ගත කිරීමට බලාපොරොත්තු වන්නේ ප්‍රියංකා චොප්රා සමඟයි. එහෙත් ඒ සැබෑ ජීවිතයේදී නම් නොවෙයි. සිනමා ජීවිතයේදීයි. ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටයේ ෂාරුක් සමඟ ප්‍රධාන චරිතයට අධ්‍යක්ෂිකා ෆාරා ඛාන් තෝරා ගෙන ඇත්තේ ප්‍රියංකා චොප්රාය.දීපිකා, කත්රිනා, කරීනා ද සිනමාපටය සඳහා තෝරා ගෙන තිබුණ ද ඔවුන් සියලු දෙනාම කාර්යබහුල වීම නිසා ප්‍රියංකා හැර වෙනත් විකල්පයක් තිබී නැත. දීපිකා දැනටමත් ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ හි ෂාරුක් සමඟ රඟන්නීය.ප්‍රියංකා සහ ෂාරුක් අතර ගොඩ නැඟෙන සබඳතාවට, ෂාරුක් බිරිය ගෞරී නම් කොහෙත්ම මනාප නැත. මෑතකදී ප්‍රියංකා, තමන් වඩාත් රඟපෑමට කැමැති සල්මන් ඛාන් සමඟ බව පැවසුවාය. ‘හැපි නිව් ඉයර්’ ලබන අප්‍රේල් මාසයේ තිරගත වීමට නියමිතයි.‘කවුරුන් හෝ හොඳ තිර පිටපතක් දෙනවා නම් බොලිවුඩ් චිත්‍රපටයක රිතික් රොෂාන් සමඟ රඟපෑමට කැමැතියි. ඔහුට පුදුම කඩවසම් පෙනුමක්නෙ තියෙන්නෙ.මට උපදින පිරිමි ළමයා රිතික්ගේ රුව හිමි අයකු විය යුතුයි. හැබැයි ඇස් සැමියා රොබට් පීටර්සන් වගේ වෙන්න ඕන.’ මෙසේ පවසන්නේ අන් කිසිවකු නොව ට්ව්ලයිට් සාගා හී සරාගී සුරූපිනිය, ක්‍රිස්ටීන් ස්ටුවට්ය.හොලිවුඩයේ සරාගී සුරූපිනියක මෙසේ පැවසීම අරුමයක් නොවේ. ඒ ඔහු ආසියාවේ සරාගී කඩවසම් පිරිමියා ලෙස අබිසෙස් ලබා ඇති නිසයි. ලෝකයේ සරාගීම ආසියාතික පිරිමියා ලෙස රිතික් නම්කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ‘ඊස්ටන් අයි’ සඟරාවෙනි.තිස් අට හැවිරිදි රිතික් ජනතා මනාපයෙන් අංක එක වූයේ සල්මන් ඛාන්, ෂාරුක් ඛාන්, ජෝන් ඒබ්‍රහම්, අක්ෂේ කුමාර් සහ රන්බීර් කපූර් පරදවමිනි.‘ඊස්ටන් අයි’ පුවත්පත රිතික් ආකර්ෂණීය වූයේ ‘අග්නීපාත්’ සිනමාපටය නිසා බව පවසයි. ඔහුට ඉන්දියාවෙන් පමණක් නොව, සමස්ත ආසියාවෙන් ද, යුරෝපයෙන් ද රසික මනාපය හිමි වී තිබේ.තමන්ට ලැබුණු නව නාමය ගැන රිතික් නිහතමානීව සතුටු වන්නේය. එහෙත් තමන් සරාගී ලෙස හැඳින්වීම ගැන නම් ලැජ්ජාවක් ඇතිවන බව පවසා තිබේ.පුදුමය නම් මෙවර ලෝකයේ, ආසියාවේ සරාගී පිරිමියා තේරීමේ තරගයේදී ෂාරුක්, සල්මන් පරදවමින් පාකිස්තානු නළු අලි සෆර් පෙරට පැමිණීමයි.රිතික්ට ඇති මේ මනාපය ගැන ලොවම මනාප වුවත්, ක්‍රිස්ටීන් ස්ටුවට්ගේ පෙම්වතා රොබට් කෝපයට පත්වන බව නම් නිසැකයි.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ජෝන් ඒබ්‍රහම් යනු සුවහසක් රසිකයන්ගේ සිහින කුමරෙකි. වයස අවුරුදු හතළිස් එකක් වනතුරුම ඒ සිහිනය දකින්නට ඔහු රසිකයන්ට ඉඩ දුන්නේය. එහෙත් දැන් ඔහු දෙස බලන්නට සිදු වන්නේ ප්‍රියා රන්චල්ගේ සැමියා ලෙසයි. 2014 වසරට ට්වීටර් වෙබ් අඩවියෙන් දෙදෙනාම රසිකයන්ට සුබපතා තිබිණි. ඔහු තම ආදර ජීවිතය ගැන ඉතා අඩුවෙන් කතා කළ කෙනෙකි. එහෙත් සමාජ වෙබ් අඩවියකින් හදිසියේම විවාහක යුවළක ලෙසින් (ජෝන් සහ ප්‍රියා ඒබ්‍රහම් ලෙසින්) මෙසේ සුබපැතීම සියල්ලන්ම පුදුමයට පත්කර තිබේ.ප්‍රියා, ජෝන් හමුවූයේ ජිම් එකකදීය. ඔහු ප්‍රියා ගැන වචනයක් හෝ කතා කළේ 2011 වසරේදීය. ඇය බැංකු ක්ෂේත්රයේ සේවය කරන්නියක බවත්, ඇයගේ පවුලේ අය අමෙරිකාවේ පදිංචි වී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. වසර 2011 දී ජෝන්ගේ දිගුකාලීන පෙම්වතිය බිපාෂා (නව වසරක පෙම්වතිය) විවාහවීමට බලකළත් ඒ සබඳතාව ද අවසන් විය. ඉන් පසු මාධ්‍යවේදියෙක් ජෝන් ගැන බිපාෂාගෙන් විමසූ විට ඇය කියා තිබෙන්නේ තමන් එවැන්නෙක් ගැන නොදන්නා බවයි.ජෝන් සහ ප්‍රියා පවුලේ සමීපතමයන්ට පමණක් ඔවුන්ගේ මංගල උත්සවයට ආරාධනා කර තිබේ.ඔවුන්ගේ හදිසි විවාහයට හේතුව දෙදෙනා පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටීම බවට තොරතුරු ද ලැබෙමින් පවතී.ප්‍රියා හඳුනා ගත් පසු ජෝන් සිටියේ පුදුමාකාර සතුටකිනි. ‘ඇය හරිම සාමාන්‍ය, සුපිරි ගෑනු ළමයෙක්. පරිණත බුද්ධියකින් සබඳතාව පවත්වාගෙන යනවා. ඒ වගේම පුදුමාකාර සහයෝගයක් ලබා දෙනවා’. ප්‍රියා ගැන එසේ උදම් ඇනූ ඔහුට දැන් ඇය අසළින් ජීවිත කාලය පුරාම රැෙඳන්නට නීතියෙන් ද අවසර ලැබී තිබේ.
|
CREATIVE
|
හොඳම චිත්‍රපට – පාන්ග් සින්ග් ටොමාර්හොඳම නළුවා - තිසල් මොරගොඩහොඳම නිළිය ආමිනා ශේක්පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැති සාක් සිනමා උළෙලේ ප්‍රතිඵල සටහනයි මේ.හොඳම චිත්‍රපටය -රන් සම්මානය – පාන්ග් සින්ග් ටොමාර් (ඉන්දියා)අධ්‍යක්ෂණය – ටිග්මන්ෂු දුලියාරිදී සම්මානය - සීඩ්ලින්ග් (පාකිස්ථාන්) අධ්‍යක්ෂණය – මන්සූර් මුන්ජාහිඩිලෝකඩ සම්මානය – මවුස් (ලංකාව) අධ්‍යක්ෂණය – වසන්ත මොරගොඩහොඳම වාර්තා චිත්‍රපටය - කොස්ට් ඔෆ් ක්ලයිමේට් චේන්ජ් (භූතාන්) අධ්‍යක්ෂණය –ටිෂෙරිංග් පෙන්ජර්ෙ හාඳම නළුවා - තිසල් මොරගොඩ (මවුස් චිත්‍රපටය – ලංකාව)හොඳම නිළිය – ආමිනා ශේක් (සීලිං චිත්‍රපටය – පාකිස්ථානය)හොඳම අධ්‍යක්ෂණය – තිග්මන්ෂු දුලියා (පාන්ග් සින්ග් ටොමාර් – ඉන්දියාව)ජූරියේ විශේෂ සම්මාන -කවුෂාල් ඔසියා (අෆ්ටර් ග්ලොව් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන්ප්රසාද්2013 රාජ්‍ය නාට්‍ය උළෙලේ 2012 වසරේ හොඳම නාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ස්විීය නොවන රචනය, හොඳම නළුවා, හොඳම වේශ නිරූපණය සහ හොඳම රංගාලෝකය සඳහා සම්මාන හයකින් පිදුම් ලැබූ සුනිල් චන්ද්‍රසිරිගේ ‘ආදරණීය සංවාදයක්’ ජූනි 09 වැනි ඉරිදා පස්වරුවේ හැව්ලොක්ටවුමේ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.ජනක කුඹුකගේ, සාරංග දිසාසේකර, මධුෂාන් නානායක්කාර රංගනයෙන් ද, සමන් මලලසේකර රංගාලෝකයෙන් ද, වසන්ත විට්ටච්චි අංග රචනයෙන් ද, සුසංග කහදවල ආරච්චි, ප්‍රින්සි ප්‍රනාන්දු, රුවන් ශ්‍රීලාල් වේදිකා පරිපාලනයෙන් ද, ප්‍රභාත් ඒකනායක සංගීිතයෙන් ද දායක වන මෙම නාට්‍යයෙහි නිෂ්පාදන කළමනාකරණය එඩ්වඩ් චන්ද්‍රසිරිගෙනි. ශ්‍රීපාල් සිල්වා මෙම දර්ශනය සංවිධානය කරයි.බලකාමයෙන් මත්වුණු ඒකාධිපති නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ දේශපාලන සිරකරුවකු විඳින කූර වද හිංසා පිළිබඳ භාවමය අත්දැකිමක් ගෙනෙන ‘ආදරණීය සංවාදයක්’ අනුවර්තනය කර අධ්‍යක්ෂණය කරන ලද්දේ සුනිල් චන්ද්‍රසිරි විසිනි.- තිලානිතිස් හත්වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇති 2013 සිග්නීස් සිනමා උත්තමාචාර උළෙලේ නිර්මාණ බාර ගැනීමේ කාලය දීර්ඝ කොට තිබේ. එය වලංගු වනුයේ කෙටි චිත්‍රපට සහ ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය පිදීමේ තරගයට භාරගනු ලබන විචාර ලිපි සඳහා පමණි.කෙටි චිත්‍රපට සංඛ්‍යා දෘශ්‍ය තැටි (ඩී. වී. ඩී.) මගින් පමණක් සහ විචාර ලිපි 2013 ජූනි මස 30 වන දිනට ප්‍රථම, සිග්නීස් ශ්‍රී ලංකා පර්ෂදය, අංක 19, බැල්කම් පෙදෙස, කොටා පාර, බොරැල්ල යන ලිපිනයට කාර්යාලවේලාව තුළ (උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා) ගෙනවිත් බාරදිය හැකිය.කෙටි චිත්‍රපට තරගාවලිය සඳහා ඉදිරිපත් කරන නිර්මාණ ඕනෑම විෂයක් යටතේ නිර්මාණය කිරීමට නිදහස ඇති අතර සලරූ සහ සජීවිකරණ දෙඅංශය සඳහාම විවෘතව ඇති කාලය උපරිමය විනාඩි 15 ටත් අවමය විනාඩි 10 ටත් සීමා විය යුතුය.ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය පිදීම සඳහා පැවැත්වෙන විචාර ලිපි තරගය සඳහා එවන නිර්මාණ වචන 2500 ට නොවැඩි විය යුතු අතර එහි මාතෘකාව සිංහල සිනමාව 66 න් ඔබ්බට යනුවෙන් නම් කොට ඇත.ප්රසාද්සරසවිය සමඟ රිදම් ගුවන් විදුලිය එකමුතුවෙන් ඇරැඹි කටකතා වැඩසටහනේ තෙවැනි අදියර සඳහා සහභාගී වනුයේ මේනක රාජපක්ෂයි. එය ලබන සෙනසුරාදා එනම් 18 වැනිදා උදෑසන 7 – 10 දක්වා එම නාලිකාවේ ප්‍රචාරය වේ. මේනක ගැන නොදත් විස්තර බොහොමයක් මෙන්ම ඔහුගේ කටකතා පිළිබඳව එහිදී ඔහු සමඟ සෘජුවම කතා කරනු ඇත. කටකතා 95.6, 95.8 සංඛ්‍යානවලින් හෝ www.rhythmfm.me යන වෙබ් පිටුවෙන් ශ්‍රවණය කළ හැකිය. පසුගිය සෙනසුරාදාවේ මෙයට සහභාගී වූයේ සේමිණිය.
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.අ ගුඩ් ඩේ ටු ඩයි හාර්ඩ්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. ජෝන් මෝරේ විසින් අධ්‍යක්ෂණය කළ මෙහි බෲස් විලිස්, ජායි කෝටෙන්සි, සිබස්ටෙන් කොච්, යුලියා ස්නිගර්, රැඩිවොජ් බුක්වික්, කොලේ හසර් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘අ ගුඩ් ඩේ ටු ඩයි හාර්ඩ්’ මිනිත්තු 97 ක ධාවන කාලයකින් යුතු වේ.‘චයිනිස් සෝඩියැක්’ හොංකොං - චීන ඒකාබද්ධ චිත්‍රපට නිෂ්පාදනයක්. ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය ජැකී චෑන් විසිනි. ජැකී චෑන්, වොන් සැන්ග් වෝ, ලියෝ ෆෑන්, යෝ සින්ග් ටොන්ග්, සැන්ස් ලැන් සින්, ලෝරා වෙසිබෙකර් මෙහි චරිත නිරූපණය කරති. මෙය මිනිත්තු 123 ක ධාවන කාලයකින් යුතු වේ.ඇඩ්රියන් ග්රුන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ ‘ගෙට් ද ග්රින්ගෝ’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. මෙල් ගිස්බන්, කෙවින් හර්නැන්ඩ්ස්, ඩැනියෙල් ගිමෙන්ස්, ජේස් ඔචොකා, ඩොලොර්ස් හියර්ඩියා, පීටර් ග්රෙටි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ගෙට් ද ග්රින්ගෝ මිනිත්තු 96 ක ධාවන කාලයකින් යුතු වේ.‘ස්නිච්’ හොලිවුඩ් ත්‍රාසජනක, ක්‍රියාදාම චිත්‍රපටයක්. රික් රෝමන් වොග් විසින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු එකසිය දොළහක ධාවන කාලයකින් යුතු වේ. ඩිවාන් ජොන්සන්, සුසැන් සරන්ඩොත්, ජෝන් බ්රෙන්තාල්, බැරි පෙපර්, මයිකල් කිනීත් විලියම්ස් ස්නිච් හි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.‘ද බෙස්ට් එක්සොටික් මැරිගෝල්ඩ් හොටෙල්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ජෝන් මැඩ්ඩෙන් අධ්‍යක්ෂණය කළ මෙහි ජූඩි ඩෙන්ච්, බිල් නයිග්හි, පෙනිලොප් විල්ටන්, මැගි ස්මිත්, ටොම් විල්කින්සන්, රෝනල්ඩ් පික්අප්, ඩිලියා ලිම්රි, දේව් පටේල් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘ද බෙස්ට් එක්සොටික් මැරිගෝල්ඩ් හොටෙල්’ මිනිත්තු 124 ක ධාවන කාලයකින් යුතු වේ.‘ප්‍රොමෙතියස්’ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. රයිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 124 ක ධාවන කාලයකින් යුතු වේ. නෝම් රැජෙස්, මයිකල් ෆැසෙබෙන්ඩර්, ගයි පිරේස්, අයිඩ්‍රිස් එල්බා, ලොගාන් මාර්ෂල්, චාර්ල්ස් තෙරෝන්, ප්‍රොමිතියස් හි ප්‍රධාන චරිත නිරූපණය කරති.‘ලව් යූ ටු ඩෙත්’ හාස්‍යමය කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. රෆීක් එලියාස් අධ්‍යක්ෂණය කළ මෙහි යුකි එලියාස්, චන්දන් රෝයි සන්යාල්, ෂීබා චඩ්ඩා, කලෝල් බනර්ජී ප්‍රධාන චරිත නිරූපණය කරති.‘මැක්සිමම්’ අපරාධයක සිදුවීමක් තේමා කරගත් ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක්. සෝනු සෝඩ්, නසරුඩීන් ෂා, නේහා ධූපියා, විනේ පථාක් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති. මැක්සිමම් අධ්‍යක්ෂණය කබීර් කෞෂික් විසිනි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
මේ දවස්වල අසනීප තත්ත්වය නිසා කලා කටයුතුවලට දායක වුණේ නැහැ. ඉදිරියේදී වෙනස්ම ආකාරයේ අලුත් ගීතයක් ආදරණීය රසික රසිකාවන්ට තිළිණ කරන්න සූදානම් වෙනවා.‘හිතට හොර නුඹ ගැන ආදරය මවානෙතට හොරා නෙතු කඳුළින් තෙමී ගියා . . .’ලෙසින් එහි පද රචනය වුණේ නලින් ද සිල්වා අතින්. සංගීතය සජීව ගුරුසිංහගේ. ලබන සතියේදී මේ ගීතය පටිගත කරන්න බලාපොරොත්තු වෙනවා.
|
CREATIVE
|
ගෝතමී පතිරාජ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ චිත්‍රපට මොනවාද?ඒ. ජී. සුමනසේකර – ගරාගොඩ, යටියන්තොට.ජනක සහ මංජු, තනිතරුව යන චිත්‍රපටවල ඇය ප්‍රධාන චරිත රඟපෑවා.නැසී ගිය විකට නළු එඩී යාපා ගැන යමක් කියන්න.ලකී යාපා, 13 කණුව, මොරටුව.ඔහු දැනට මොරටුව 13 කණුව ජීවත්වන ලකී යාපාගේ දයාබර පියාණන්. මේ තාත්තත් පුතත් දෙදෙනාම එකට චිත්‍රපටයක රඟපෑවා.මෙරට ප්‍රදර්ශනය කළ දෙබස් කවන ලද මුල්ම සිංහල චිත්‍රපටය කුමක්ද?ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද.මන ප්රයත්නය චිත්‍රපටය.මෑතක රූපවාහිනී වැඩසටහනක දී චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි ප්‍රකාශකර සිටියා වර්තමානයේ හැකියාව පැත්තෙන් නිළියන් නළුවන්ට වඩා ඉදිරියෙන් සිටින බව. මම ද එයට එකඟ වන නමුත්, එසේ වීමට හේතුව කාන්තාවකට කුමන හෝ ක්ෂේත්රයක ලැබෙන සහයෝගය පිරිමි පාර්ශවයට නොලැබෙන නිසා සිදුවන්නක් ද?ජනක ඉලුක්කුඹුර – කඩවත.ඒකට එකම හේතුව කැපවීම.අපේ ප්‍රධාන පෙළේ සිනමා පුවත්පත වන ‘සරසවිය’ තුළ සිනමා විචාරයක් අඩංගු නොකරන්නේ මන්ද? ඒ තුළින් නළු නිළියන්, නිෂ්පාදක, අධ්යක්ෂවරුන් සමඟ සරසවියට ගැටෙන්නට සිදුවන නිසාද?ජේ. ඉලුක්කුඹුර - සූරියපාලුව.ගැටෙන්නට සිදුවන නිසා නොවෙයි. සාහිත්‍ය විචාරයෙන් තොර නූතන සිනමා විචාර හා සිනමා සාහිත්‍ය පිළිබඳ විචාරකයන් හමු නොවන නිසා.භාරතයේ ජනප්‍රිය වූ දෝස්ති චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අසිත් සෙන් තවමත් ජීවතුන් අතර සිටිනවාද?මොහොමඩ් අරුෆ් - මහරගම.දෝස්ති චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අසිත් සෙන් නොවේ. එය අධ්‍යක්ෂණය කළේ සත්‍යන් බෝෂ්.එදා සිංහල චිත්‍රපට බොහොමයක මොහිදීන් බෙග් ගේ පසුබිම් ගීතයක් තිබුණා. අද චිත්‍රපටවල නැත්තේ ඇයි?සරත් රණසිංහ – කපුගොඩ.කලාශූරී අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර් මියගොස් දැන් වසර ගණනක් ගත වුණා. කොහොමද ජීවතුන් අතර නැති බෙග් මාස්ටර් අලුත් චිත්‍රපටවල ගී ගයන්නේ සරත්.සැකසුම - සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
ගායක සමන් ද සිල්වාඅපි ජනාධිපතිතුමා දැනුවත් කළා . . .ජනප්‍රිය ගායක සමන් ද සිල්වාට, දකුණු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය බිංදු වීරසිංහ කළ පහරදීමක් සම්බන්ධයෙන් පසුගියදා රටේ මහත් ආන්දෝලනයක් ඇතිව තිබිණ. එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබීම ද විශේෂත්වයකි. මේ පිළිබඳ සමන් ද සිල්වාගෙන් අප කළ විමසුමකදී ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙලෙසිනි.මම සහ මගේ සංගීත කණ්ඩායම පසුගිය 30 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගනයේ තිබුණ ප්‍රසංගයකට සහභාගි වුණා. පාපන්දු තරගාවලියක් අවසානයේ බන්ධනාගාර බුද්ධි ආරක්ෂක අංශය තමයි මේ සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණේ. එතනදි තමයි ඔය කියන සිද්ධිය වුණේ.විවිධ මාධ්‍ය මඟින් විවිධ දේවල් ප්‍රකාශ කර තිබුණා. ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ?ප්‍රසංගය පැවැත්වෙන අතරතුරේ කවුදෝ කෙනෙක් ඇවිත් කිව්වා චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යතුමන් උත්සවයට පැමිණ සිටිනවා කියලා. එතකොට මම කිව්වා ‘ආ . . . මමත් බොහොම ආසයි එතුමා දකින්න’ කියලා. හැබැයි මට පස්සේ දැනගන්න ලැබුණා ඒ වෙන කොට ඇමතිතුමා තෑගි බෙදා දීලා ගිහින් කියලා. ‘අමාත්‍යතුමා මේ ස්ථානයේ හිටියා නම් හොඳයි’ කියලා මම කළ ප්‍රකාශය අල්ලගෙන තමයි ඔවුන් මේ ආරාවුල ඇති කර ගත්තේ.ඇමැතිතුමාට කළ අපහාසයක් කියා ඔබේ ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න කිව්වද?ඔව්. මට පණිවිඩ දෙක තුනක් වේදිකාවට එවලා තිබුණා. ඇත්තටම මම කළ ඒ ප්‍රකාශය අපහාසයක් ද? නැහැනේ. ඒත් මම දෙපාරක් සමාව ඉල්ලුවා ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමාට සිත් තැවුලක් ඇති වුණා නම්.එහෙම කරළත් ඔබට පහර දුන්නා?ඇත්තටම මේක හරිම අවාසනාවන්ත සිදුවීමක්. හිටපු ගමන් වේදිකාවට ආපු දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය බිංදු වීරසිංහ මගේ කම්මුලට පහරවල් දෙකක් ගැසුවා. එතකොටම බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක් මාව වට කර ගත්තා. ඒ මගේ ආරක්ෂාවට.ඊට පස්සේ?බන්ධනාගාර සහකාර පොලිස් අධිකාරී හේමන්ත ප්‍රියංකර මහතා ඒ වෙලාවේ මේ ප්රශ්නය සමථයකට පත් කරන්න හිතාගෙන එතනට ආවා. ඒත් තව කවුද කෙනෙක් ඔහුටත් පහර දුන්නා. පස්සේ දැනගන්න ලැබුණා ඒ ගජධීර ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්වරයා කියලා. සිද්ධිය සම්බන්ධව අපි බොරැල්ල පොලීසියට ගිහින් එදා රෑම පැමිණිලි කළා.දකුණු පළාත් සභා අමාත්‍යවරයාට ඔබ දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කළා කියා ඔහුත් පොලීසියට පැමිණිලි කර තිබෙනවා?මොන බොරුද? ඒ ඔහුගේ වැරැද්ද වහ ගන්න යොදපු උපායක්. මීට ඉස්සරත් ජිප්සීස් නායක සුනිල් පෙරේරාට මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණා එක්තරා දේශපාලනඥයකුගෙන්. කලාකරුවෝ විදිහට අපි කරන්නේ මිනිස්සු පිනවන එක. නැතිව ගෝරි දාගන්න එක නෙවෙයි. ජාතික පත්තරවල ප්‍රධාන සිරස්තලය වුණේ මේ සිද්ධිය. ඒ සමන් ද සිල්වා රටේ ජනප්‍රිය පුද්ගලයෙක් නිසා. ඔය කියන දේශපාලනඥයා ගැන රටේ මිනිස්සු දැනගත්තේ මේ සිදුවීමෙන් පස්සේ. ඇත්තටම කලාකරුවන්ට මේ වගේ දේවල් කරන්නේ ඔවුන්ට ප්‍රසිද්ධිය ලබා ගන්නදෝ කියන සැකයක් දැන් මතු වෙලා තියෙනවා.කොහොමද සමාජයෙන්, ඔබේ හිතවතුන්, රසිකයන්ගෙන් මේ සිදුවීමට ලැබුණු ප්‍රතිචාර?සමන් ද සිල්වාට මේ රටේ මිනිස්සු මේ තරම් ආදරෙයි ද කියලා හිතුණේ ඔය සිද්ධියෙන් පස්සේ. මගේ සහෝදර කලා ශිල්පීන් ශිල්පිනියන් මේ සිදුවීම වුණ වෙලාවේ ඉඳන් මගේ තනියට හිටියා. නොයෙක් උපදෙස් දුන්නා. ඇත්තටම මේක සමන් ද සිල්වා කියන තනි පුද්ගලයාට ගහපු පාරක් නෙවෙයි. සමස්ත සංගීත ක්ෂේත්රයටම ගහපු පාරක්. මේ අවාසනාවන්ත, දාමරික සිද්ධිය හෙළා දකින්න කලාකරුවන් එකට අත්වැල් බැඳ ගත්තේ ඒ නිසයි.මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න වගකිවයුත්තන්ට උපදෙස් දෙන්න කියලයි.අසංක දේවමිත්ර
|
CREATIVE
|
දීපිකා පදුකෝන් සහ සෝනම් කපූර් හොඳම මිතුරියන් වීමට රන්බීර් කපූර්ට ඇති නොකැමැත්තම හේතුවක් විය නොහැකි ද? දෙදෙනා එකම වසරේ හා හා පුරා කියා බොලිවුඩයට දොරට වැඩීම තවත් හේතුවකි. එහෙත් මේ සියල්ල අබිබවා ඔවුන් අතර සීීතල යුද්ධයක් ඇරැඹී ඇත. ඒ ගැන සක්සුදක් සේ දැනගන්න ලැබුණේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනේදී සෝනම් පැවසූ කරුණු නිසයි.සෝනම් කපූර්, දීපිකා පදුකෝන්ට එරෙහිව කතා කරන්නේ හිටපු පෙම්වතා රන්බීර් ‘යේ ජවානි හෛ දීවානි’ සිනමාපටයේ දීපිකා සමඟ රැගූ නිසා සහ රන්බීර්ගේ උපන් දින සාදයට තමන්ට නැතිව දීපිකාට ආරාධනා කළ නිසා ද කියා නම් කිසිවකු නොදනී. කෙසේ වුවත් සෝනම් මෙහි දී දීපිකාගේ ඇඳුම් විලාසිතා විවේචනය කර ඇත. ඒ වාගේම කත්රිනා කායිෆ්ගේ විලාසිතා සහ කිසිවකු අනුගමනය නොකර යන සිනමා ගමන වර්ණනා කර තිබේ. කත්රිනාගේ ගුණ වැනීම ම දීපිකා ගැන සෝනම්ගේ සිතේ ඇති නොකැමැත්තට තිබෙන හොඳම සාක්ෂියකි.
|
CREATIVE
|
මම මේ දවස්වල සුරංග ද අල්විස්ගේ නවතම සිනමා නිර්මාණය ‘මයි නේම් ඊස් බන්ධු’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සහභාගි වෙමින් සිටින්නේ. ඉදිරි දිනත් ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. මේ වනවිට මම රංගනයෙන් දායක වූ චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් නිකුත් වෙන්න නියමිතයි. ඒ හැරුණාම තව වේදිකා නාට්‍ය දෙකකටත් දායකත්වය ලබා දෙනවා.
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.The Hunger Gamesග්‍රේ රෝස් අධ්‍යක්ෂණය කළ ‘ද හන්ගර් ගේම්ස්’ මේ වසරේ ලොව වටා ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි.සුසේන් කොලින්ස්ගේ ‘ද හන්ගර් ගේම්ස්’ කෘතිය ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ජෙනිෆර් ලෝරන්ස්, ජෝෂ් හචර්සන්, ලියැමි හේම්ස්වෝර්ත්, වුඩ් හරෙල්සන්, එලිසබෙත් බෑන්ක්ස් සහ ඩොනල්ඩ් සදර්ලන්ඩ් ඇතුළු තරු රැසක් රංගනයෙන් දායක වෙති.zTheTwilight Saga :Breaking DownPart Iප්‍රේමණීය පාරාදීසයක් ගැන කියැවෙන ‘බ්‍රේකින් ඩවුන් - පාර්ට් 1’ චිත්‍රපටය ‘ද ට්විලයිට් සාගා’ චිත්‍රපට මාලවේ සිව්වැන්නයි. ආදර කතාවක් ගැන කියවෙන මෙය ස්ටෙෆ්නි මේයර් ගේ ‘බ්‍රේකින් ඩවුන්’ නම් නවකතාව තේමා කර ගනිමින් නිර්මාණය වී තිබේ. ක්‍රිස්ටින් ස්ටෙවාර්ට්, රොබට් පැටින්සන්, ටේලර් ලැම්නර් මෙහි ප්‍රධාන චරිත තුනට පණ පොවති. බ්‍රේකින් ඩවුන්- පාර්ට් 1 ඇමරිකානු චිත්‍රපට අධ්යක්ෂ බිල් කොන්ඩාන්ගේ අධ්‍යක්ෂණයකි.The Lorax‘ද ලොරැක්ස්’ සජීවිකරණ ත්‍රිමාණ සංගීතමය විකට චිත්‍රපටයකි. ඇමරිකානු ජාතික ළමා කෘති රචකයෙකු වන ආචාර්ය තියොඩර් සියුස් ගේ ’ද ලොරැක්ස්’ කෘතිය ආශ්රයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ටෙඩි නම් කුඩා පිරිමි ළමයෙකු වටා ගෙතී ඇත.ක්‍රිස් රිනඩි සහ කේල් බල්ඩා විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘ද ලොරැක්ස්’ සජීවිකරණ චිත්‍රපටය සඳහා ඩැනී ඩිවිටෝ, සැක් එ ෆෝර්ස් සහ එඩි හෙල්ම්ස් ඇතුළු පිරිසක් හඬ කවති.Puss in Boots‘පුස් ඉන් බූට්ස්’ චිත්‍රපටය ද ලොව වටා ලොකු කුඩා කාගේත් අවධානයට ලක් වූ ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයකි. මෙහි කතා පුවත බූට් යුගලක් පැළැඳි පූසෙක් වටා ගෙතී ඇත. ටොම් වීලර්, විල් ඩේවිස් සහ බ්‍රේන් ලින්ච් ගේ රචනයක් වන පූස් ඉන් බූට්ස් සජීවිකරණ චිත්‍රපටය 84 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සජීවිකරණ චිත්‍රපටය සඳහා නිර්දේශ විය.Sherlok Holmes : A game of Shadowsලොව වටා විශාල රසික ආදරයක් දිනාගත් ‘ෂර්ලොක් හෝම්ස්’ චිත්‍රපට මාලවේ අලුත්ම චිත්‍රපටය ‘අ ගේම් ඔෆ් ෂැඩෝස්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයට ද ක්රියාදාමවලින් පිරි අද්භූත සිදුවීම් සහිත රහස් පරීක්ෂක කතාවක් ඇතුළත්වේ. ආතර් කොනන් ඩොයිලිගේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත. රොබට් ඩවුනි, ජූඩ් ලෝ, නුමි රැපේ, ජෙරාඩ් හැරිස්, ස්ටීවන් ෆ්‍රයි, කෙලී රේයිලි, රේෂල් මැකලම්ස් මෙහි චරිත නිරූපණය කරති.ENGLISH VINGLISH‘ඉංග්ලිෂ් විංග්ලිෂ්’ බොලිවුඩයට පැමිණි අලුත්ම චිත්‍රපටයකි. බොලිවුඩ් සිනමා ලෝලීන්ට මෙය විශේෂ වන්නේ හින්දි සිනමාවේ සුපිරි තරුවක් වූ ශ්‍රී දේවි වසර 14 ට පසුව යළි සිනමාවට පිවිසීමයි. ගෞරි ශින්දේ ගේ අධ්‍යක්ෂණයක් වන ඉංග්ලිෂ් විංග්ලිෂ් නවතම හින්දි චිත්‍රපටයේ ශ්‍රී දේවි සමඟ ප්‍රංශ ජාතික නළුවෙකු වන මෙහ්දි නේබ්බු සහ ප්‍රියා ආනන්ද්, ආදි හුසේන් ඇතුළු තරු රැසක් රඟති.ඉංග්ලිෂ් විංග්ලිෂ් තෙළිඟු සහ දමිළ භාෂාවෙන් ද නිර්මාණය වී ඇති අතර දමිළ චිත්‍රපටයේ ශ්රීී දේවි අජිත් කුමාර් සමඟ රංගනයෙන් එක්වේ. මේ අනුව ශ්රීීදේවි දෙමළ සිනමාවට එක් වන්නේ වසර 26 කට පසුව වීම විශේෂයකි.යතේජා ඥානරත්නThis Week Hollywood Blockbusterලොව පුරා වැඩිම ආදායම් ලද චිත්‍රපට මෙපරිද්දෙනි.1. හොටෙල් ට්‍රාන්සිල්වේනියා - ඇ. ඩො. මි. – 42.52. ලූපර් – ඇ. ඩො. මි. – 20.83. එන්ඩ් ඔෆ් වොච් – ඇ. ඩො. මි. – 07.814. ට්‍රබල් විත් ද කර්ව් – ඇ. ඩො. මි. – 07.285. හවුස් ඇට් දි එන්ඩ් ඔෆ් ද ස්ට්‍රීට් – ඇ. ඩො. මි. – 07.126. පිච් පර්ෆෙක්ට් – ඇ. ඩො. මි. – 05.177. ෆයින්ඩින්ග් නෙමෝ (3ඩී) – ඇ. ඩො. මි. – 04.048. රෙසිඩන්ට් එවිල් : රිට්රිබියුෂන් – ඇ. ඩො. මි. – 02.999. ද මාස්ටර් – ඇ. ඩො. මි. – 02.6810. වෝන්ට් බැක් ඩවුන් - ඇ. ඩො. මි. – 02.60- සංජීව සම්පත්
|
CREATIVE
|
අපේ වත්මන් කලා ලෝකයේ බොහෝ දෙනා දික්කසාදයට මුල්තැන දීමෙන් රටට දෙන ආදර්ශය කුමක්ද?චන්ද්‍රසිරි මානවඩු - කෙරමිණියඅම්බලන්ගොඩතමන් ජීවත් විය යුත්තේ අනුන්ට කරදරයක් නොවී තමන්ට ඕනෑ හැටියට කියන එකයි. අනිත් අතට එදා දික්කසාදය තිබුණේ නැති ද?‘ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ’ චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කියන්න.පෝල් පෙරේරා - ගයියාල – කුලියාපිටිය‘ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ’ නමින් චිත්‍රපට දෙකක් නිර්මාණය වී තියෙනවා. එකක් 1935 වසරේදී සහ අනෙක 1959 වසරේදී නිර්මාණය වූවා. එඩ්වඩ් ඔල්වර්ලිට්න් රචනා කරන ලද අතිශය ජනප්‍රිය වූ මෙම නවකතාව ඇසුරින් මුල්වරට 1935 දී තැනුණ චිත්‍රපටය මේරියන්ස් ඩී කූපර් විසින් අධ්‍යක්ෂණය කළා. අනෙක් චිත්‍රපටය 1959 සර්ජියෝ ලියෝන් විසින් අධ්‍යක්ෂණය කළා.පොම්පේ නගරයේ අවසන් දින කිහිපය පිළිබඳ තැනුණ මෙම චිත්‍රපට දෙකම නවකතාව තරම් සාර්ථක නිර්මාණයක් වූයේ නැහැ.1947 වසරේ ප්‍රදර්ශනය වූ සිංහල චිත්‍රපට පිළිවෙළින් සඳහන් කරන්න.රත්න කහඳව - අලව්ව - කැකුලාවල1947 ජනවාරි 21 කඩවුණ පොරොන්දුව, අප්‍රේල් 10 දින අශෝකමාලා.2001 වර්ෂයේ විවාහක රූ රැජන ( ශ්‍රී ලංකා) වූ නුෂාරා අතපත්තු ගැන යමක් කියන්න.අචිනි විලේකා - හොරණඇය දක්ෂ නිරූපිකාවක්. ඇයගේ කලා කටයුතු ගැන නම් මම දන්නේ නැහැ.සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමේ ජබීර් ඒ. කාදර් නිපද වූ ‘සුන්දර බිරිඳ’ චිත්‍රපටයේ මුල් පිටපත තිබෙන්නත්, ඔහුගේම ‘සුනීතා’ චිත්‍රපටයේ පිටපත නොතිබෙන්නත් හේතුව කුමක්ද?සරත් රණසිංහ – කපුගොඩ – මාලිඳඑක් චිත්‍රපටයක් සංරක්ෂණය කරන්නට හැකි වෙන්න ඇති. අනෙක බැරි වෙන්න ඇති.ටෙන් කමාන්ඩ්මන්ට් චිත්‍රපටයේ ඩී. වී. ඩී. අපට මිලදී ගත හැකිද?ප්‍රභාත් රාජපක්ෂ – නාවලපිටියඑම චිත්‍රපටයේ ඩී. වී. ඩී. ලංකාවේ මිලදී ගන්න තියෙනවා. ඩී. වී. ඩී. අලෙවි සැලකට ගොස් විමසා බලන්නකෝ.සොපියා ලොරේන්, බ්‍රිජඩ් බාඩෝ, එළිසෙබෙත් ටේලර් යන මේ තිදෙනාගෙන් වඩාත් ජනප්‍රිය නිළිය කවුද?එස්. රණසිංහ – මාලිඳමේ අතරින් එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූයේ බ්‍රිජඩ් බාඩෝයි. නමුත් ඇය අතිශය දක්ෂ නිළියක නොවේ. සොපියා ලොරේන් මේ අතරින් තමන්ට ලැබුණු අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත් විශිෂ්ට නිළිියක්. එළිසෙබෙත් ටේලර් දක්ෂ වගේම තමන්ගේ ජනප්‍රියතාව මිය යනතුරුම රැක ගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්.ප්‍රවීණ ගායක හෙන්රි පෙරේරා ගායනය කරන ‘මං පොඩි කාලේ දැක්කට පස්සේ’ ගීතය කාගේ තනුවක්ද?හිලරි සිරිලාල් ද අල්මේදා - මොරටුව - මොරටුවැල්ලබ්රිජට් සිල්වාතුම්සේ නහිත් දේකා චිත්‍රපටයේ එන ගීතයක තනුවක්.අශොක් කුමාර්, කිශෝර් කුමාර් අයියයි මල්ලියි ලෙස රඟපෑ සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ ‘අයියයි මල්ලයි’ චිත්‍රපටයේ මුල් හින්දි චිත්‍රපටය කුමක්ද?විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්‘බායි බායි’ චිත්‍රපටය.ධර්මදාස වල්පොල ගායකයාණන් මුලින්ම සිංහල චිත්‍රපටයකට ගායනා කළ ගීතය සහ චිත්‍රපටය කුමක්ද?තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ – මරදානවත්තප්රේම තරඟය චිත්‍රපටයට. හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නෑ නොහොඳ නරක දිනුවේ.අපේ රටේ සිනමාවේ පොදුවේ බහුල වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැහැනිය සූරාකෑමට ලක්වන පුවත් රැගත් චිත්‍රපට. ‘විරාගය’, ‘ඇමරිකන් බියුටි’ වැනි පිරිමින්ගේ ඛේදවාචකය ගැන කියැවෙන සිනමා නිර්මාණ නිෂ්පාදනය නොවන්නේ ඇයි?නිරෝධ ඉලුක්කුඹුර – කඩවතපිරිමින්ගේ ඛේදවාචකය ගැන නිපදවන චිත්‍රපටවලට ලොකු ඉල්ලුමක් නැති නිසා. අනෙක ගැහැනිය පිළිබඳ තේමා ඇතුළත් චිත්‍රපට බලන්න යනකොට, පිරිමින්ගේ ඛේදවාචකය එතනම තියෙනවානේ.ප්‍රීති සින්ටා හා බිපාෂා බාසු රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන කීයද?ලිපිනයත් ලබා දෙන්න.එරන්ද ඉන්දික – බත්තරමුල්ලබිපාෂා බාසු චිත්‍රපට 57 ක් ද ප්‍රීති සින්ටා 36 ක්.ප්‍රීති සින්ටාගේ - C-10-A -Ranwar, Waroda Rd, Off Hill Rd, Bandra (West Mumbai – 400050)අර්ජුන්සැකසුම - සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි පෙරමුණ ගැනීමට ජෙෆ් ට්රිමෙයින් අධ්‍යක්ෂණය කළ Bad Grandpa චිත්‍රපටය සමත් වී ඇත. පළමු සතිය අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 32.1ක්. 87 හැවිරිදි මහලු පුද්ගලයකු තම 8 හැවිරිදි කුඩා මුනුපුරා සමඟින් අමෙරිකාව හරහා යෙදෙන ගමනක් සමඟින් ගොඩනැගුණු අපූරු කතා පුවතකින් යුතු හාස්‍යමය චිත්‍රපටයක් වන මෙහි ජොනී නොක්ස්විල්, ජැක්සන් නිකොල් සහ ග්‍රෙග් හැරිස් ප්‍රධාන චරිත නිරූපණය කරති.පසුගිය සති තුනක් පුරාවටම ප්‍රථම ස්ථානයේ පසු වූ Gravity මෙවර දෙවැනි ස්ථානයට පැමිණ තිබේ. එය පසුගිය සති අන්තයේදි වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 20.1ක්. පසුගිය සතියේ දෙවැනි ස්ථානයේ සිටි Captain Phillips චිත්‍රපටය මෙවර තෙවැනි ස්ථානයට පත් වී ඇති අතර එය මෙම සතිඅන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 11.6ක්.මෙම සතියේදි තිරගත වීම ආරම්භ කළ The Counselor චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර සිව්වැනි ස්ථානය හිමි වී තිබේ. රයිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ මෙම ත්‍රාසජනක චිත්‍රපටයේ මයිකල් ෆැසබෙන්ඩර්, පෙනෙලොප් කෲස්, කැමරුන් ඩයස් ප්‍රධාන චරිත නිරූපණය කරති. The Counselor පසුගිය සතිය අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 7.84කි.සති පහක් පුරා අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටින Cloudy With a Chance of Meatballs 2 චිත්‍රපටයට මෙම සතියේදී හිමි වී ඇත්තේ පස්වැනි ස්ථානය යි. පසුගිය සතියේ තිරගතවීම ආරම්භ කරමින් තෙවැනි ස්ථානයේ රැඳී සිටි Carrie චිත්‍රපටය මෙම සතියේදී හයවැනි ස්ථානයට පැමිණ තිබේ.මයිකල් හැන්ස්ට්රෝම් අධ්‍යක්ෂණය කළ Escape Plan චිත්‍රපටය හත්වැනි ස්ථානයට පත්වී ඇති අතර 12 Years a Slave චිත්‍රපටය අටවැනි ස්ථානයට පැමිණ තිබේ. නිකොලේ හොලොන්සෙනර් අධ්‍යක්ෂණය කළ Enough Said නවවැනි ස්ථානයේ පසුවන අතර බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර හයවැනි සතිය ගත කරන Prisoners චිත්‍රපටයට හිමි වී ඇත්තේ දසවැනි ස්ථානය යි.යතේජා
|
CREATIVE
|
සිනමාවේදියකු, ටෙලි නිර්මාණවේදියකු, ලේඛකයකු සහ රංගධරයකු ලෙස මහත් සේවාවක් ඉටු කළ ආචාර්ය තිස්ස අබේසේකර මහතාගේ සේවය අගයමින් ටෙලි නිර්මාණවේදින්ගේ සංසදය සංවිධානය කළ ‘සමීප රූප’ තිස්ස අබේසේකර අභිනන්දන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පසුගියදා පැවැත්විණි.එහිදි තිස්ස අබේසේකර මහතා වෙනුවෙන් නිකුත් කළ තැපැල් මුද්දරය සහ මුල්දින කවරය තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග අතින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අයුරු. ටෙලි නිර්මාණවේදින්ගේ සංසදයේ සභාපති සුරේෂ් අබේසේකර සහ තිස්ස අබේසේකර මහතාගේ බිරිඳ අසංකා මොනරවිල අබේසේකර ද මෙහි වෙති.ඡායාරූපය- සුදත් මලවීර
|
CREATIVE
|
මම රචනා කළ ‘සෞම්‍යවන්තී’ දෙවැනි මුද්‍රණය දැන් නිකුත් වෙලා තියෙනවා. ඉදිරියේදී ‘වැව රවුම’ කෙටි කතා සංග්‍රහය සහ ‘දින පොතක අන්දරය’ යොවුන් කෙටි කතාව එළි දක්වන්න නියමිතයි.ලබන සතියේ සාහිත්‍ය සම්මාන උළෙල සඳහා සහභාගි වෙන්න තියෙනවා. ඒ හැරුණාම අලුත් ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත කිහිපයක් රචනා කරමින් සිටිනවා. මගේ මුළු ලෝකයම කලාව සහ දරුවන්. ලොකු දුව විවාහ වෙලා. මම පොඩි දුව සමඟින් කාලය ගත කරනවා.
|
CREATIVE
|
දේශීය වෙදකම සහ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා සබැඳි පාරම්පරික ජන ජීවිතය අලළා නිර්මාණය වන ‘රන් මිහිතැන්න’ නමින් ටෙලි සිතුවමක් පසුගිය දා හම්බන්තොට රන් මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ.සුරේශ් කුමාරසිංහ ගේ අධ්‍යක්ෂණයෙන් යුතු එහි රූ ගතකිරීම් රන් ඳහිතැන්නේ දී මේ දිනවල සිදුවෙමින් පවතියි.ක්ලීටස් මෙන්ඩිස්, සංකේත් වික්‍රමගේ, දිලිනි ලක්මාලි, ශාලිකා එදිරිසිංහ, චංචලා වර්ණසූරිය, සෝමවීර ගමගේ, මෙලනි අශෝකා, රූපා ගෝමස්, බර්ටි නිහාල් සුසිරිපාල, කුමුදුනී අධිකාරී, සරණපාල ජයසූරිය, සජීව මල්මාලආරච්චි, ලක්ෂමන් අමරසේකර, ලක්ෂමන් මානවඩු, ෂර්ලි ජයසිංහ, ස්වර්ණලතා රණසිංහ, ප්‍රියන්ත මංගලිකා, පබසරා කාරියවසම් ඇතුළු පිරිස සමඟින් සඳරු කුමාරසිංහ, ඉසුරු සහන් සහ නිරෝෂන් මධුසංක යන ළමා නළුවන් රන් මිහිතැන්න රංගනයෙන් හැඩකරන නළු නිළි පිරිවරයි.මෙය ක්රියේටීව් මීඩියා කෝපරේෂන් හි නිෂ්පාදනයකි. සංජීව සමරවීර පිටපත් රචකයාය. රංජිත් ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි.විරාජ් සූරියආරච්චි සංස්කරණයෙන් ද, ප්‍රසාද් අමරසේකර සහාය අධ්‍යක්ෂණයෙන් ද, මනොජ් ලක්සිරි කැමරා අධ්‍යක්ෂණයෙන් ද, රසික තෙන්නකොන් වෙස් ගැන්වීමෙන් සහ කොණ්ඩා සැකසුමෙන් රන් මිහිතැන්න සඳහා එක්වෙති. ජයනාත් වරකාගොඩ සංගීත අධ්‍යක්ෂවරයාය. සේනානායක වේරලියද්ද ගේ මියුරු හඬින් රන් මිහිතැන්න ඔපවත් වේ.සිංහල සංස්කෘති ආයතනයේ නාට්‍ය අනුමණ්ඩලය මෙවර ලෝක නාට්‍ය දිනය ප්‍රවීණ නාට්‍යවේදී සයිමන් නවගත්තේගම වෙනුවෙන් වෙන් කර එතුමාගේ නාට්‍ය කලා නිර්මාණ පිළිබඳ අගයමින් සම්මන්ත්‍රණයක් ලබන 27 වැනිදා පස්වරු 4.00 ට ‘සුදර්ශී’ ශාලාවේදී පැවැත් වේ.‘සයිමන් නවගත්තේගම ප්රණාම උළෙල’ නම් වන මෙහිදී සමරු දේශනය මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු විසින් පැවැත්වීමට නියමිත අතර රංජිත් ධර්මකීර්ති, පරාක්‍රම නිරිඇල්ල, කේ. බී. හේරත්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලාල් රෝහණ යන නාට්‍යකරුවන් ද අදහස් දැක්වීමට නියමිතය.27 සිට 31 දක්වා ඉඩම්පිටියේ දීලෝක නාට්‍ය දිනයට සමගාමීව යටිනුවර කිරිබත්කුඹුර ඉඩම්පිටිය සන්දේශය කලා කේන්ද්‍රය වාර්ෂිකව සංවිධානය කරනු ලබන වේදිකා නාට්‍ය උළෙල මේ මස 27 සිට 31 දක්වා ඉඩම්පිටිය සන්දේශය ශාලාවේදී පැවැත්වේ.එහිදී නාට්‍ය දර්ශනයවන පිළිවෙළ මෙසේය.27 වැනි දා විරාජ් කරුණාමුණිගේ ‘හුටපට කෝලම’ 28 වැනි දා විරාජ් කරුණාමුණිගේ ‘අපි ඔව්වට නැහැ’ 29 වැනි දා බණ්ඩාර කැලේගමගේ ‘නල්ලතම්බි සාජන්’ 30 වැනි දා චමින්ද රාජපක්ෂගේ ‘මට බැරි වුණා’ 31 වැනි දා විරාජ් කරුණාමුණිගේ ‘ඔබේ ද මගේ ද ඈ’ මෙලනි අශෝකා ගේ ‘සුභාවි රඟමඩලක්’ මේ මස 24 වැනි දා සවස බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ දී වේදිකා ගතවේ. එහි මෙලනි අශෝකා සහ වසන්තා ගීතාරච්චි රඟන ජවනිකාවකි මේ.ලෝක කාව්‍ය දිනය වෙනුවෙන් සිංහල සංස්කෘති ආයතනයේ ‘කවි වරුණ’ විශේෂ වැඩසටහනක් මාර්තු 21 වැනිදා පස්වරු 4.00 ට සුදර්ශී ශාලාවේදී පැවැත්වේ.එදින පෙරවරු 10.00 සිට කවි කිවිඳියන් සහ නිර්මාණ පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කෙරේ. මෙදින කවිය පිළිබඳ විශේෂ දේශනය ප්‍රවීණ සාහිත්‍යවේදී ආරියවංශ රණවීර විසින් පවත්වනු ලැබේ.‘කවි වරුණට’ සමගාමීව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිළිබඳ වැඩසටහනක් ආරම්භ කිරීමට සිංහල සංස්කෘති ආයතනය අපේක්ෂා කරයි. මෙම වැඩසටහන හා කවි වරුණ කවි සැඳෑව පිළිබඳ තාරතුරු 011-2687979 දුරකථන අංකයෙන් විමසා දැනගත හැකි බව සංවිධායක ගාමිණී මලවැන්න ගමගේ ප්‍රකාශ කළේය.- යතේජා
|
CREATIVE
|
පසුගිය සතියෙන්...විනෝද සමය රඟදැක්වීමේදී අපි කරන විහිළුවලට අපිට හිනා ගිය අවස්ථා තිබුණා. බොහෝ අවස්ථාවල අපි කළේ ආයාසයෙන් කොහොම හරි අපේ හිනාව වලක්වා ගැනීමයි. ඒත් එක දවසක් අපි හතර දෙනාට අපේම විහිළු දැකල හිනාගිය අවස්ථාවකුත් තිබුණා. එදා අපේ විනෝද සමයේ මාතෘකාව වුණේ උසාවිය. බෝඩිමේ මහත්තයකුට කුස්සි අම්මා බිත්තරයක් තම්බා දෙන සිද්ධියක් පිළිබඳව එදා විනෝදසමය රචනා වී තිබුණා. ඇනස්ලි ඩයස් විනිසුරුටත්, මම පැමිණිල්ලේ නීතිඥ ලෙසත් උසාවියේ තෝල්කයා ලෙස සැමුවෙල් රුද්රිගූත්, කුස්සි අම්මා ලෙස බර්ටි ගුණතිලකත් එදා රංගනයේ නියැලියා. උසාවියේ විභාග වෙන්න තිබුණ නඩුව වුණේ බෝඩිමක එක් බෝඩිංකාරයකුට පමණක් එහි කුස්සි අම්මා බිත්තරයක් තම්බා දීමේ සිද්ධියක්. මෙහිදී පැමිණිල්කරුවෝ වෙලා තිබුණේ බෝඩිමේ අනෙක් බෝඩිංකාරයෝ. විත්තිකාරිය වුණේ කුස්සි අම්මා.සාමාන්‍යයෙන් උසාවියක විනිශ්චයකාරතුමා නඩුවක් අහන කොට සිනා වෙන්නෙත් නෑ. ඒ වගේම තමයි නීතිඥයොත් හිනා වෙන්නෙත් නැහැ. අපිත් රංගනයේදී සැබෑ චරිත හා බද්ධ වෙලා තමයි රංගනයේ නියැලෙන්නේ. ඒත් එදා බර්ටි ගුණතිලක දිග ගවුමක් ඇඳගෙන කාන්තාවකගේ ලෙසින් පපු ප්‍රදේශය ලොකුවට හදාගෙන, දිග කොණ්ඩයක් දමාගෙන පොල් කටු හැන්දකුත් අරන් පස්ස ගස්ස ගස්සා වේදිකාවට ආපු හැටි දැකලා විනෝද සමය බලන්න ආපු අයට විතරක් නෙවෙයි, විනෝද සමය රඟපාපු අපිටත් හිනා ගියා. එදා ඒ සිද්ධිය සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි.තෝල්කයා (සැමුවෙල්) උසාවිය නිශ්ශබ්ද වෙනු.විනිසුරු (ඇනස්ලි) – කුමක් ද මේ සිද්ධිය?පැමිණිිල්ලේ නීතිඥයා (මම) - ස්වාමීනි, එක සමාන ගෙවීම් කරන බෝඩිංකරුවන් සිටින බෝඩිමක කුස්සි අම්මා එක බෝඩිංකරුවෙකුට පමණක් සැමදා බිත්තරයක් තම්බා දීමයි.විනිසුරු - කවුද පැමිණිලිකරු?පැමිණිල්ලේ නීතිඥ - ස්වාමීනි අනිත් බෝඩිංකරුවො.විනිසුරු - එතකොට විත්ති පක්ෂය.පැමිණිල්ලේ නීතිඥ - ස්වාමීනි විත්තිකාරියක්. කුස්සි අම්මා.විනිසුරු – ඇය කැඳවන්න.බර්ටි එහෙම එනව දැක්කම එක පාරටම මට ඉබේම හිනා ගියා. මම විනිසුරු දෙස බලන කොට ඔහුත් හිනා වෙනවා. තොල්කයා ( සැමුවෙල්) දෙස බලන කොට ඔහු මුහුණ වහගෙන හිනා වෙනවා. මුලු ප්‍රේක්ෂකාගාරයම හූ කිය කිය හිනා වෙනවා. දැන් ඉතිං අපිට හිනා ගිය එක ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ නැති වෙන්න පිටපතේ නැති දෙබසක් විදියට මම කිව්වා විනිසුරු දෙසට හැරී ස්වාමීනි මේවට සිනහ යනවා ස්වාමීනි කියලා. ඒ පාර ඇනස්ලි (විනිසුරු) කියනවා මටත් මේවට හිනා යනවා කියලා.ඔය අතරේ මම (පැමිනිලලේ නීතිඥ) යුෂ්මතී එක බෝඩිංකරුවෙකුට පමණක් විශේෂ සැලකිලි කරනවාලු නේද?කුස්සි අම්මා (බර්ටි) යුෂ්මතී කරනවා ඇති. මම නොවෙයි.පැමිණිල්ලේ නීතිඥ – යුෂ්මතී කියන්නේ ඔබටයි.කුස්සි අම්මා - මම ගුණවතී.පැමිණිල්ලේ නීතිඥ – හරි . . . හරි . . . ඔබ හැමදාම බිත්තරයක් දානවයි කියන්නේ ඇත්තද?කුස්සි අම්මා - බිත්තර දාන්න මම කිකිලියක්යැ.දැන් ශාලාව පුරා එකම හිනාවක්.විනිසුරු - නඩුව නිෂ්ප්රභා කරනවා.ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, මම අපි හතර දෙනා එකට රඟපෑවේ චිත්‍රපට දෙකක විතරයි. කුමාර රූපසිංහගේ අබුද්දස්ස කාලේ හා ටයිටස් තොටවත්තගේ මරුවා සමග වාසේ චිත්‍රපටයේ. ටයි මහත්තයාගේ මරුවා සමඟ වාසේ චිත්‍රපටය කරන්න ගිහින් හරි අපූරු සිද්ධියක් වුණා. මම ලංගම බස් එකේ රියදුරෙක්. ඇනස්ලි ඩයස් බස් එකේ කොන්දොස්තර. බස් එකේ මඟින් අතර විජය කුමාරතුංග, විමල් කුමාර ද කොස්තා, බී. එස්. පෙරේරා, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු හිටියා. මෙතනදි පිටපතේ නොතිබුණ දෙයක් මගේ අතින් සිද්ද වුණා. ඇනස්ලි (කොන්දොස්තර) බිම ඉන්දැද්දි මම බස් එක අද්දනවා. ඒ බව දැනගත්ත මම හනික බ්රේක් කරනවා. මගියෙක් ලෙස සිටි සැමුවෙල් කෑගහනවා කවුද ඕයි බ්රේක් ගහන්නේ කියලා. ඒ පාර මම රියදුරු අසුනේම ඉඳගෙන ඕයි බ්රේක් ගැහුවෙ මම ඩ්‍රයිවර්, ඇයි මොකෝ? ඒ පාර සැමුවෙල් කිව්වේ නැතෑ, ආ ඩ්‍රයිවර් උන්නැහෙ නම් කමක් නැහැ, යමු යමු කියලා. වැරැදීමකින් සිද්ධ වුණු මේ දර්ශනය බොහොම හොඳයි කියා ටයිටස් තොටවත්ත ඒ සිීන් එක චිත්‍රපටයට ගත්තා.චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - ශාන් රඹුක්වැල්ලපසුගිය සතියෙන්...
|
CREATIVE
|
සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ සිරි දළදාගමනය සිනමා සිතුවමේ මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ දැක්මක් පසුගියදා සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණ. අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, බන්දුල ගුණවර්ධන, ජීවන් කුමාරණතුංග යන මහත්වරුන් ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි විය.සිරි දළදාගමනය ඊ. ඒ. පී. චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය සෝමා එදිරිසිංහ, පූජ්‍ය ශාස්ත්‍රපති අකරවිට සංඝානන්ද හිමියන්ගේ නිෂ්පාදනයකි. නිහාල් සංජය ගේ නිෂ්පාදන කළමනාකරණයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
නවනැලියේ විජේතුංග ලියූ ‘පොතේ ගමන’ නම් දෙසීය වැනි ග්‍රන්ථය පසුගියදා දොරට වැඩුණා. වසර තිස් දෙකක් වන ඔහුගේ ලේඛක දිවියේ ග්රන්ථ දෙසියයක් රචනා කිරීමට ලැබීම ඔහු සලකන්නේ මහත් භාග්‍යයක් ලෙසයි.ඡායාරූපයෙන් දැක්වෙන්නේ ‘පොතේ ගමන’ ග්රන්ථයෙහි මුල් පිටපත අගමැති නිල නිවසේදී කර්තෘවරයා විසින් අගමැති දි. මු. ජයරත්න මහතාට පිළිගන්වන අයුරුයි.සෝමවීර සේනානායක ලියූ ‘මතු දවස’ නවකතාවේ නවතම මුද්‍රණය මෙම මස 29 වැනිදා අඟහරුවාදා මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමමේ නව පොත් ප්රදර්ශනාගාරයේදී දොරට වඩී.අප අතරින් වියෝ වූ ගායක සතිෂ් පෙරේරාගේ ජන්ම දිනය සිහි කරමින් පින්කම් මාලාවක් පැවැත්වේ.ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි සැටන් අයිලන්ඩ් විහාරස්ථානයේදී මෙම මස 28 වැනිදා ධර්ම දේශනාවකි. 29 වැනිදා සංඝගත දක්ෂිණාවකි.එදිනම මරදාන අභයසිංහාරාම විහාරස්ථානයේදී සවස 7.00 ට ධර්ම දේශනාව පවත් වන්නේ දෙමලුස්සේ මේධංකර හිමිපාණන්ය.මෙම පිංකම සඳහා සහභාගි වන්න යැයි කලාකරුවන් ඇතුළු ඔබ සැමට ආරාධනා කරන්නේ නිළි කුසුම් පෙරේරා හා අනූපමා පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් විසිනි.යොවුන් ගායන ශිල්පී අරවින්ද ජීවන් ලාල්ගේ සංගීත දිවියට දස වසරක්සපිරීම නිමිත්තෙන් ඔහුගේ නව නිර්මාණදහසයක් ඇතුළත් ‘ආදරේ වේදනා’ සංයුක්ත තැටිය මෙම මස 27 වැනිදා එනම් එන ඉරිදා සවස වැලිවේරිය නව නුවර පාරේ අංක 114 දරන විල්ල ගඟ රංග ශාලාවේදී දොරට වඩියි.මෙයට අමතරව වසන්ත රෝහණ, රංජිත් ඩයස් යන ප්‍රවීණ ශිල්පීන්ගේ නව නිර්මාණයන් අඩංගු විචිත්‍රවත් සංගීත සැඳෑවක් ද එදින එම ස්ථානයේදීම පැවැත්වේ.හිත මිතුරෝ පදනම මගින් සංවිධානය කරන ‘තුන්කල් දැක්ම’ සුමියුරු සංගීත ප්‍රසංගය මෙම මසවිසි හය වැනිදා එනම් එන ඉරිදා සවස හොරණ ශ්‍රීපාලි රංග ශාලාවේදී පැවැත්වේ.ටී. එම්. ජයරත්න, සමන් ද සිල්වා, ශෂිකා නිසංසලා, සමන්ත පෙරේරා, අසිත් චනුෂ්ක අතපත්තු ඇතුළු ශිල්ප ශිල්පීන් රැසක මෙදින ප්‍රසංගය ගායනයෙන් රසවත් කරනු ඇත. මෙය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති තරංග සමරවික්‍රමගේ නිර්මාණයකි.ගුවන් විදුලි ගායන ශිල්පිණී ගීතානි චම්පිකා යටිවැල්ලගේගායන දිවියට තිස් වසරක් සපිරීම නිමිත්තෙන් ඇයගේ ‘සංගීතාංජලී’ ඒක පුද්ගල ගී සරණියේ විශේෂ දර්ශනයක්මැයි 27 වැනි ඉරිදා සවස මාතලේ සංචාරක හෝටල් ශ්‍රවණාගාරයේදී ගායන ශිල්පිනී නාලිනී රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.විශාරද බණ්ඩාර ආතාවුද, නාලිනී රණසිංහ, පාලිත මොහොට්ටි සහ සඳුනි මල්ලිකාරච්චි යුග ගායනයෙන් සහය වන සංගීතාංජලී ගී සරණියේ සංගීතය සනත් මල්ලිකාරච්චි ප්රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලයෙනි. රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, රත්න ශ්‍රී විජේසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, වසන්ත කුමාර කොබවක, බන්දුල නානායක්කාරවසම්, බණ්ඩාර ඇහැලියගොඩ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, රංජිත් රූපසිංහ, නාලිනී තෙන්නකෝන්, පූර්ණ සම්පත් සහ ගාමිණී නිශාන්ත කරුණාරත්න ගී පද රචනා කළ මේ සඳහා ගී තනු නිර්මාණයන් රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, තිස්සසිරි පෙරේරා, සනත් මල්ලිකාරච්චි, සරත් බාලසූරිය, නාලිනී රණසිංහ, රංජිත් බාලසූරිය සමඟ ගාමිණී ගුණසේකර දායක වෙති. කථනය ගුවන්විදුලි නිවේදක සිසිල් ජිනදාසගෙනි.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පිනියක, නාට්‍ය ශිල්පිනියක, නිවේදිකාවක සහ හඬ කැවීම් ශිල්පිනියක වන ගීතානි ගායන ලොවට පිවිසියේ 1982 වර්ෂයේ ළමා සංගීත මණ්ඩපයේ ළමා ගායිකාවක වශයෙනි. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී උපාධිධාරිණියක වන ඇය දැනට මාතලේ උකුවෙල ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංගීතාචාරිණිය ලෙස සේවය කරයි.තිලානි ශානිකා විතානාච්චි /ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
කේරළ සිනමාවේ හොඳ චිත්‍රපට එහි අධ්යක්ෂවරුන් සමඟ දැන ගන්න කැමැතියි.කැමිලස් ප්‍රනාන්දු – හලාවත.2011 වසරේ හෝ 2012 වසරේ දී කේරළ සිනමාවේ දිගු කලකට පසු අලුත් වෙනස් නිර්මාණ කිහිපයක් දැක ගන්නට හැකි වුණා. රාකේෂ් පිල්ලේ අධ්‍යක්ෂණය කළ ට්‍රැෆික් චිත්‍රපටය මේ අලුත් සිනමා රැල්ල රැගෙන ආවා. සෝල්ට් ඇන්ඩ් පෙපර්, චප්පා කුරසු, ඉන්දියන් රූපී, සෙකන්ඩ් ෂෝ, මායා මෝහිනී වැනි චිත්‍රපට අතිශයින් සාර්ථක වූවා.කෙසේ වෙතත් මීට දශක එකකට දෙකකට පෙර මලයාලම් සිනමාව කෙරෙහි ලෝකයේ අවධානය දිනූ හොඳ සිනමා කරුවන් වර්තමානයේ දී හොඳ නිර්මාණ කළ බවක් නම් මට හිතෙන්නේ නැහැ. සමස්තයක් වශයෙන් ගත් කල එම යුගයේ බිහි වූ මුළු මහත් ඉන්දියාවේ නව රැල්ලේ සිනමා කරුවන්ගෙන් ශ්‍යාම් බෙනගල් හැරුණු විට හැම සිනමා කරුවකුගේම තත්ත්වය එයයි.සරසවිය පුවත්පතේ මේ පොත ඔබටද? ලබාගන්න මම කූපන් හැමදාම එවනවා. නොලැබෙන්නේ අවාසනාව නිසා වෙන්න ඇති නේද? අර්ජුන්. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි නේද?නන්දවීර ගාල්ලගේ – අනුරාධපුරය.අන්න ඒකම තමයි ඇත්ත කතාව.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතින් බිහි වූ අසාර්ථකම චිත්‍රපටය ‘අවරගිර’ බව මම කීවොත් ඔබ එයට එකඟ ද?ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව.මම එකඟ වන්නේ නැහැ.අති විශිෂ්ට ගායක අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර් චිත්‍රපට කීයක රඟපා තිබේද?ඩබ්ලිව්. පී. එස්. නිලමේ – කටුවන.ඔහු සුජාතා, වරද කාගේද, හාර ලක්ෂය, ජීවන ගීතය ඇතුළු චිත්‍රපට කිහිපයක රඟපෑවා.විශාරද සුනිල් ශාන්තයන් ගායනා කරන බෙංගාලී ගීතය (බොන්දුරේ) පබැඳුම, තනුව, සංගීතය කාගේද?චන්ද්‍රසිරි පීරිස් - බේරුවල.එය බෙංගාලි ජන (පාරු) ගීතයක්.පසුගිය දශක දෙකකට වැඩි කාලයක සිට අමතක නොවන විශිෂ්ට විකට චරිත රඟ පෑ මහේශ් ජයසිංහ කෝ? ඔහු රඟපෑමෙන් ඉවත් වෙලාද?මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකටුව.මහේෂ් ජයසිංහ රඟපෑමෙන් ඉවත් වී නැහැ. දැන් ඔහු ඔහුගේ ව්‍යාපාර කටයුතුවල නියැළෙනවා.දුප්පතාගේ දුක, මනුෂ්‍යත්වය, මගේ පුතා, අහිංසක ප්‍රයෝගය යන චිත්‍රපට ටී. වී. නාලිකා සහ චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය කරනවා. එහි ඩී. වී. ඩී. පිටපත් ලබා ගත හැකිද?කේ. ටී. ඩී. සසුරකොටුව - චිත්‍රපට සංස්ථාව.නැහැනේ සසු.ටෙලි නාට්‍ය නළු සුනිල් හෙට්ටිආරච්චි දැන් කොහිද කියා කියනවද?එච්. එල්. තිලකසිරි ද සිල්වා.ඔහු රෝගාතුරව නිවෙසේ සිටිනවා.නිධානය හා රන්මුතු දූව චිත්‍රපටවල පිටපත් වෙනත් රටක තිබෙන බව සරසවිය පුවත්පත අනාවරණය කළා. එය ළඟදී ප්‍රදර්ශනය වේවිද?බන්දුල නාරංගොඩ – පානදුර.ඒවායේ හිමිකරුවන් හෝ යම්කිසි පුද්ගලයකුට එයින් ලාභ ලැබිය හැකියැයි සිතන්නේ නම් ගෙන්වාවි.චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු තමාගේ ඇතැම් චිත්‍රපට නම් වෙනස්කර ඒ ඒ කොටස් එකට බද්ධ කොට වෙනත් නම් යොදා ප්‍රදර්ශනය කරන බව ප්‍රේක්ෂකයන් කියනවා. මෙහි සත්‍යතාවක් තියෙනවද?අමිල ඩී. නාරංගොඩ – පානදුර.ඒ ගැන දන්නේ නැහැ. ඒ ගැන රැඟුම් පාලක මණ්ඩලයෙන් හෝ චිත්‍රපට සංස්ථාවෙන් අහන්න.වැඩිම නිළියන් ගණනක් සමඟ පෙම් චරිත රඟ පෑ නළුවා ගාමිණී ෆොන්සේකා ද?සුදත් නිශාන්ත – මීගමුව.එසේ විය හැකියි.‘ආඕ ප්යාර් කරේන්’ හින්දි චිත්‍රපටයේ තොරතුරු ටිකක් කියා දෙන්නකෝ...?තිලකරත්න විල්වල – කෑගල්ල.ආඕ ප්යාර් කරේන්, මේ නමින් චිත්‍රපට දෙකක් තියෙනවා. මේ චිත්‍රපට දෙක 1964 හා 1994 වසරේ තිරගත වූවා. පළමු චිත්‍රපටයේ රඟපෑවේ ජෝයි මුකර්ජි සහ සයිරා භානු. දෙවැනි චිත්‍රපටයේ රඟපෑවේ සයිෆ් අලිඛාන් සමඟ ශිල්පා ෂෙට්ටි යි. පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ආර්. කේ. නයියර්, දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රවීන්ද්‍ර පිපාත් විසින්.සැකසුම - සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
තිස් අට හැවිරිදි නමුත් ඊවා ලොන්ගෝරියා තවමත් සඟරා කවරයකට උපන් ඇඳුමින් පෙනී සිටීමට තරම් හැඩකාර සිරුරකට උරුමකම් කියන්නීය. එහෙත් එලේ ස්පාඤ්ඤ කවරයකට මෑතකදී ඊවා පෙනී සිටියේ තරමක බියකින් බව ඡායාරූප ශිල්පීන් පවසා තිබේ.අමෙරිකානු නිළි ඊවා ‘ඩෙස්පරේට් හවුස්වයිව්ස්’ ටෙලි නාට්‍යයෙන් ලෝ පුරා ජනප්‍රිය වූවාය. ඇය රැඟූ සිනමාපට අතර හාෂ් ටයිම්ස්, ද සෙන්ටිනල්, ඕවර් හර් ඩෙඩ් බොඩි වැනි සිනමාපට ද ලෝ ප්රකටය.දෙවරක් විවාහ ජීවිතයට ඇතුළත් වූ ඇය දැන් තෙවැනි විවාහයකට ද සූදානමින් සිටින්නීය. මෙවර ඇයගේ තෝරා ගැනීම වී සිටින්නේ ධනවත් මෙක්සිකානු ව්‍යාපාරිකයෙකි. ඔහු ඇයට උමතු වී සිටින බව පැවසේ.අමෙරිකාවේ උපන්න ද ඇයට යුරෝපීය ජාන 70% ක් ද, ආසියානු ජාන 27% ක් ද, අප්‍රිකානු ජාන 3% ක් ද තිබෙන බව ඩී එන් ඒ වාර්තාවකින් හෙළි වී ඇත. ඇය මෙතරම් හැඩකාර මේ ජාන මිශ්‍රණය නිසයි.
|
CREATIVE
|
සනත් අබේසේකරගේ සිරි දළදාගමනය සිනමාපටයේ තිර රචනය ග්රන්ථයක් ලෙස පසුගියදා එළි දැක්විණ. එහි පළමු පිටපත සනත් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී පිළිගන්වන ලදී. මේ එම අවස්ථාව සේයාරූ ගත වූ අයුරුයි. සිරි දළදාගමනය තිර රචනය මෙරට සියලුම පාසල්වල පුස්ථකාලයන්ට නෙමිලේ බෙදා දෙන බව සනත් වැඩිදුරටත් දන්වා සිටියි.- ප්‍රසාද්
|
CREATIVE
|
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීමෙහිලා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සරත් සිල්වා විසින් රචනා කළ සිංහල සිනමාවයි මමයි, චිත්‍රපට සංස්ථාවයි ග්‍රන්ථය තව නොබෝ දිනකින් එළිදැක්වේ.1966 දී දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය පිහිටුවීමට මූලික වූ කරුණු ද 1969 දී සිනමා කලාකරුවන් සමඟ එක්ව ගෙන ගිය සටන සංවිධානය කළ අයුරු සවිස්තරාත්මකව සඳහන්කර ඇති මෙම ග්‍රන්ථයේ ඊට අදාළ ලිපි ලේඛන, ඡායාරූප, පෝස්ටර්, දැන්වීම් සහ පුවත්පත් වාර්තා රැසක් ද මෙම ග්රන්ථයට ඇතුළත් කොට ඇත.- ප්‍රසාද්
|
CREATIVE
|
වාදන අංශයේ කිරුළ මනෝජ්ට අනු ශූරතාව කෝලිතටහයිඩ්රාමනී සමූහ ව්‍යාපාරය ඇරැඹෙන්නේ 1870 වර්ෂයේදීය. පසු කලෙක ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත ශාලා 18 ක් ආරම්භ කරමින් තරුණ තරුණියන් 30,000 කට පමණ රැකියා අවස්ථා ලබා දී තිබේ.අද හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලා ඉන්දියාව, බංග්ලා දේශය, වියට්නාමය, චීනය, ඉන්දුනීසියාව, හොංකොං ආදී රටවලටද ව්‍යාප්ත වී ඇත. එදා සිට අද දක්වා සිය සේවක සේවිකාවන් වෙනුවෙන් ඉටු කරනු ලැබූ සුබසාධන ක්‍රියාදාම වැඩ පිළිවෙළෙ හි එක් අලංකාර සෞන්දර්යාත්මක සංධිස්ථානයක් නොබෝදා කලඑළි දුටුවේය. එනම් ‘සන්නාලි සිහිනයයි’.සන්නාලි සිහිනය තුළින් අද ඔබ අතරට ගෙන එන්නේ වාදන අංශයෙන් සිහිනය සැබෑ කරගත් දෙදෙනෙකි.සේද කිරුළේ වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය මනෝජ් මධුසංඛ හිමි කර ගත්තේ ජනප්‍රිය ගායක ජගත් වික්‍රමසිංහ ගායනා කළ සාගර තරංගා ගීතයේ අනුවාදනය සැක්සෆෝනය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට සවන්දීමට සලස්වමිනි. ඔහු සී. කේ. ටී. ඇහැලියගොඩ ආයතනයේ තත්ත්වපාලන අංශයේ තත්ත්ව පාලන නිලධාරී ලෙස මාස තුනක කාලයක් සේවය කරයි. ගැටහැත්තේ අනුර මහා විද්‍යාලයෙන් හා රත්නපුර සීවලී විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මනෝජ් පාසල් කාලයේ සිටම සංගීතය හැදැරූ අයෙකි.පාසල් අවදියේදීම රූපවාහිනී වැඩසටහන්වලට පෙනී සිටින්නට වරම් ලැබූ මනෝජ් බටනළා, ගිටාර් වැනි සංගීත භාණ්ඩ වාදනය කර සමස්ත ලංකා ජයග්රහන රැසක් හිමි කර ගැනීම ද විශේෂත්වයකි.මවුපිය සෙනෙහස නොලැබුණ මනෝජ් අද සමාජයේ අනෙක් තරුණයන්ට හොඳ ආදර්ශවත් දිවියක් ගෙවයි. ඒ සඳහා ඔහු මෙහෙයුවේ ඔහුගේ බාප්පා සහ පුංචි අම්මා දෙදෙනායි. පාසල් යන සහෝදරියක් සහ සහෝදරයෙක් සිටින මනෝජ්ගේ ඉදිරි බලාපොරොත්තුව ඔහුගේ ජයග්රහණයෙන් ලැබුණු රුපියල් 70,000 ක මුදල ඉදිරි අධ්‍යාපන කටයුතුවලට යොදවමින් සංගීත ක්ෂේත්රයෙන් ඉදිරියට යෑමයි.සංගීත ක්ෂේත්රයට පිවිසෙන්නට අත දුන් විශ්ව පරණයාපා, චන්දි දසනායක ගුරුවරුන්ට ද, තමන්ගේ හැකියාවන් සමාජගත කරන්නට අවස්ථාව දුන් හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වයට හා සමස්ත සේවක මණ්ඩලයට ද, තමන්ගේ ජයග්‍රහණය භුක්ති විදින මේ අවස්ථාවේදී තමන්ට නොයෙක් අයුරින් සහාය දුන් මිතුරු මිතුරියන්ට ද තම පෙම්වතියටද ස්තුති කරන්නට මනෝජ් අමතක නොකළේය.සියලු බාධක ජයගෙන උඩුගම් බලා යන මනෝජ්ගේ ඉදිරි බලාපොරොත්තු දිනෙන් දින සඵල වේවායි සරසවිය අපගේ පැතුමයි!සේද කිරුළේ වාදන අංශයේ අනු ශුරතාව දිනා ගත්තේ කෝලිත ක්‍රිෂාන්ත ගුණතිලකයි. සී. කේ. ටී. අගලවත්ත ආයතනයේ තත්ත්වපාලන අංශයේ නිලධාරියෙක් ලෙස වසර දෙකක කාලයක් සේවය කරන කෝලිත කළුතර ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ අයෙකි.පාසල් අවදියේම සංගීත ක්ෂේත්රයට අත් පොත් තැබූ කෝලිත, ඩ්‍රම්ස් වාදනයෙන් හා තබ්ලා වාදනයෙන් සමස්ත ලංකා තරග ජයග්‍රහණ රැසකටම හිමිකම් කිව්වෙකි.තවමත් මවුපිය සෙනෙහසේ වැඩෙන කෝලිතට වැඩිමල් සහෝදරයෙක් සිටී. අයැදුම්පතක් යොමු කිරීමෙන් රැකියාව ලබාගත් කෝලිත රැකියාවෙන් ඉදිරියට යන අතරේ තමන්ගේ කලා කටයුතු වැඩි දියුණු කර ගැනීමට තමන් ලද ජයග්රහණයෙන් ලැබුණු රුපියල් 35,000 ක මුදල යොදවන්නට බලාපොරොත්තුවෙන් සිටී.ඇඟලුම් ක්ෂේත්රයට මෙවන් වැඩ සටහනක් හඳුන්වා දෙමින් සැඟවුණු දක්ෂතා ලොවට පෙන්වන්නට සැලැස් වූ හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරිත්වයට, තම මවුපියන්ට මෙන්ම සමස්ත සේවකයන්ගෙන් ලැබුණු සහායට ස්තුති කරන්නට කෝලිත මෙය අවස්ථාවක් කර ගත්තේ තමන්ගේ ජයග්‍රහණය ආයතනයේ ජයග්‍රහණයක් බව පවසමිනි.සටහන – තිස්ස ධම්මික ඡායාරූප – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
පසුගිය දවසක රංගන ශිල්පී මිහිර සිරිතිලක කොළඹින් පිට පළාතක රූගත කිරීමකට ගියා. රූගත කිරීම අතරතුර පිංපොං හෙවත් රජිත චාමිකරවත් හමුවුණා. රූගත කිරීම් අතරතුර සුළු විවේකයක් ලද සැනින් මේ දෙදෙනා ගමේ සිරි නරඹන්න ෂූටිං කරන තැනින් ඉවත් වුණා.දෙදෙනා අතරමග කඩයකටත් ගොඩ වුණා. මේ කඩේ හිටිය අය සමඟත් මිහිරයි, රජිතයි කතාබහට වැටුණා. එක පාරටම ටිකක් තලතුනා පුද්ගලයෙක් මිහිර ළඟට ආවා. ඇවිත් මෙහෙම ඇහුවා.මිහිර මහත්තයා නැගිටින්නකෝ . . .උස කීයද?අඩි පහයි.පිංපොංගේ උස. එයත් අඩි පහයි.ඈ මහත්තයෝ මම අහන්නමයි හිටියේ, ඇයි මේ ලංකාවේ විකට නළුවෝ හැමෝම අඩි පහට වඩා උස යන්නේ නැත්තේ. දැන් බලන්නකෝ ෆේරඩී සිල්වා, ජනෙෂ්, ටෙනිසන්, ගිරාරාජ්, රොඩ්නි, බන්දු, ප්‍රියන්ත, ඇන්ටන් ජූඩ් මේ හැමෝම උස නැහැනේ . . .ඔයත් එහෙමමනේ . . .මේ කතාවට මිහිරට කට උත්තර නැති වුණා. මිහිරයි, පිංපොනුයි තවම අර උස නැති පැනයට උත්තර හොයනවලු. උත්තර දන්න කෙනෙක් ඉන්නවා නම් මිහිරට කිව්වත් කමක් නැහැ. පිංපොංට කීවත් කමක් නැහැ.
|
CREATIVE
|
මෙවර මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලේ හොඳම නළුවා සහ නිළිය. පසුගිය දවසක මේ දෙදෙනාම සරසවියට පැමිණියා. මාතලේ සිට පැමිණි හේෂාන් - සුමුදු සරසවිය සමඟ කළ ඒ කෙටි පිළිසඳරයි මේ.මුලින්ම මේ ලැබූ සම්මාන ගැන කියමු නේද?හේෂාන් - මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙල වෙනුවෙන් මා අධ්‍යක්ෂණය කළ ‘අන්තිම සාක්ෂිය’ නම් නාට්‍යයේ ජනනාත් මනරංජන නම් චරිතය වෙනුවෙන් තමයි මට මේ සම්මානය හිමි වුණේ. මේ වෙනුවෙන් මා ගොඩක් කැප වෙලා කටයුතු කළා. ඒ වෙනුවෙන් ලද මේ සම්මානය ගැන ගොඩක් සතුටුයි.සුමුදු - සිසිර කොඩිකාර අධ්‍යක්ෂණය කළ ‘තරු තිබුණු තැන නැත’ නාට්‍යයේ සමන්ති මැණිකේ චරිතය වෙනුවෙන් තමයි මට මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලේ හොඳම නිළියට හිමි මේ සම්මානය ලැබුණේ. විවිධ දුෂ්කරතා තිබුණත් දැන් මට ඉදිරියට එන්න අවස්ථාව ලැබුණා. මේ ලද ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. එය තවත් දියුණු කර ගනිමින් ඉදිරියට යන්න ආසාවෙන් ඉන්නවා.පාසල් කාලයේ පටන්ම වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණද?සුමුදු - මම අධ්‍යාපනය ලැබුවේ මාතලේ බණ්ඩාරපොළ මහා විද්‍යාලය සහ සංඝමිත්තා ජාතික පාසලෙන්. පාසල් කාලයේදී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව ප්‍රතිභා නාට්‍ය උළෙල, රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා සහභාගි වුණා. මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලට සම්බන්ධ වුණේ ප්‍රථම වතාවටයි. කමල් පී. අලහකෝන් මහතා යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. දැන් මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය හදාරනවා.හේෂාන් - මම අධ්‍යාපනය ලැබුවේ මාතලේ විජය විද්‍යාලයෙන්. පාසලේදී දර්ශි පණ්ඩිතරත්න ගුරුතමිය යටතේත් ඊට පසු කමල් පී. අලහකෝන් මහතා යටතේත් නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. පාසලේදී වේදිකා නාට්‍ය සඳහා සහභාගි වුණා. ප්‍රතිභා කෙටි නාට්‍ය උළෙල, රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා සහභාගි වෙන්නත් අවස්ථාව ලැබුණා. 2009 වසරේදී මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලේදී කුසලතා සහතිකයක් හිමි වුණා. දැනට මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව බාහිර ඩිප්ලෝමාව හදාරමින් සිටිනවා.දෙදෙනාගේම ඉදිරි ගමන ගැනත් කියමු නේද?හේෂාන් - වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ ඉදිරියට යන්න තමයි එකම බලාපොරොත්තුව. රංගනය වගේම අධ්‍යක්ෂණය ගැනත් හොඳින් හදාරනවා. දෙඅංශයෙන්ම මගේ හැකියාවන් වැඩි දියුණු කර ගන්න උපරිම උත්සාහයෙන් කටයුතු කරනවා. ක්ෂේත්රයේ බොහෝ ප්‍රවීණයන්ගෙන් අපට හොඳ උපදෙස් ලැබෙනවා. කුඩා කාලේ පටන් ඇඟට දැනුනේ වේදිකාව තමයි. එකම අරමුණ අනාගතයේදී වේදිකාවේ විශේෂ යමක් කිරීමයි.සුමුදු - කලා ක්ෂේත්රයේ ඉදිරියට යන්න තමයි මමත් බලාපොරොත්තු වෙන්නේ. මේ දිනවල ඒ පිළිබඳ වැඩිදුරටත් හදාරනවා. රංගනයෙන් ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටවලටත් දායක වෙන්න කැමැත්තක් තියෙනවා. නමුත් වේදිකාවට තමයි මුල්තැන දෙන්නේ.යතේජා ඥානරත්නඡායාරූප – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
වරදක් කළොත් තරුවකට කියා නීතියෙන් සමාවක් නැත. වරද කර දඬුවම් ලබන තරු ඕනෑ තරම්ය. සායිෆ් අලි ඛාන්, කරීනා කපූර් සමඟ විවාහ වීමට පෙර ආපන ශාලාවකදී ඇති කරගත් දබරය සුළුපටු දබරයක් නොවෙයි. මීට දෙවසරකට පෙර, 2012 පෙබරවාරියේදී ඇතිකර ගත් දබරයට පසුගියදා සායිෆ්ට වන්දි ගෙවීමට සිදු විය.ටජ්මහල් හෝටලයේ ආපන ශාලාවේදී කරීනා, අම්රිතා ආරෝරා සමඟ සායිෆ් කෑ ගසමින් සිටියදී ඔවුන්ගේ ශබ්දය වැඩි බව පැවසුවායි ව්‍යාපාරික ඉක්බාල් ෂර්මාට සායිෆ් අසැබි වචනවලින් බැණ වැදුණේය. ෂර්මා පවසන පරිදි ඔහුව එසේ කෑගසන ලෙස පොලඹවා ඇත්තේ එහි සිටි කාන්තාවන් (එනම් තාරකාවන්) පිරිසයි. සායිෆ් සිරභාරයට ගත්ත ද දඩයක් පනවා නිදහස් කරන ලදී.
|
CREATIVE
|
සිංහල සංස්කෘතික ආයතනය (සුදර්ශිය) මඟින් එළඹෙන සිංහල දමිල අලුත් අවුරුද්ද නිමිති කර ගනිමින් සුදර්ශියේ අවුරුදු කුමාරි තේරීමේ තරගයක් පැවැත්වීමට කටයුතුª සූදානම් කොට ඇත.සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති ජීවන් කුමාරණතුංග සහ මහ ලේකම් මහාචාර්ය මුදියන්සේ දිසානායක යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මේ සඳහා වයස අවුරුදු 18 – 25 ත් අතර අවිවාහක ඕනෑම තරුණියකට අයැදුම් කළ හැක.සුදර්ශී අවුරුදු කුමරි තරගයට සහභාගී වීමට අපේක්ෂා කරන අය මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක් සමඟ පුද්ගලික තොරතුරු සඳහන් කළ අයැදුම්පතක් අප්‍රේල් මස 10 දිනට ප්‍රථම ‘සුදර්ශී’ 375, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට එවිය යුතුය. - ප්‍රසාද්
|
CREATIVE
|
බ්‍රිට්නි මර්ෆි හොරු අරන් ගියා වගේ අතුරුදන් වූ තවත් තාරකාවකි. 2009 දී ඇය මිය ගියේ නියුමෝනියාවෙන් සහ රක්තහීනතාවෙන් බව හෙළි කෙරිණි. එහෙත් ඇයගේ පියා එය පිළිනොගත්තේය. ස්වාභාවික සිද්ධියකින් දියණිය මිය නොගිය බව, පියා ඇන්ජෙලෝ බර්ටලොට් ප්‍රකාශ කළේය.පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇයගේ සිරුරේ බර ලෝහ 10 ක් තිබූ බවයි. එය කෙනකුගේ සිරුරේ නොතිබිය යුතු තරම් අති විශාල ලෝහ ප්රමාණයකි.බ්‍රිට්නිගේ සිරුරේ තිබූ ලෝහ මීයන් වැනි සතුන් මරා දැමීමට දෙන විෂවල ද අඩංගුය. මේ අනුව ඔවුන්ගේ පවුලේ අයගේ තීරණය වූයේ කිසිවකු හෝ ඇයට මී වස දී ඇති බවයි. වසර ගණනක් පියා, දියණියට සාධාරණය ඉටු කිරීමට සටන් කළේය. ඇයගේ කෙස්, රුධිරය, පටක මඟින් අවසානයේදී සත්‍ය ලොවට හෙළිවිණි. බ්‍රිට්නිගේ මරණය මිනීමැරුමකි.බ්‍රිට්නි ජීවත් වූයේ වසර 32 කි. ඇය සිනමා, වේදිකා නිළියක පමණක් නොව ගායිකාවක ද වන්නීය. ක්ලූලස්, ෆ්රීවේ, බොන්ග්වෝටර්, අ වීව් ෆේරාම් ද බ්‍රිජ්, ගර්ල්, ඉන්ටරප්ටඩ්, සින් සිටි, අප් ටවුන් ගර්ල්, හැපි ෆීට් වැනි සිනමාපටවල ඇය රැඟුවාය. ඇය අවසන් වරට චරිත නිරූපණය කර ඇත්තේ ‘සම්තිං විකඩ්’ සිනමාපටයේයි.
|
CREATIVE
|
ඔහු සුපවේදියෙක්. ඒ වගේම ගායකයෙක්. මේ දෙඅංශයටම ඔහු දක්වන්නේ නොවෙනස් වූ ඇල්මක්. සංගීත ක්ෂේත්රයේ කර්යබහුලත්වය මධ්‍යයේ ඔහුට සුපවේදී ක්ෂේත්රයෙන් තරමක් දුරස් වෙන්නට සිදු වෙලා. නමුත් ඒ දැනුම නවකයන්ට ලබා දෙමින් චන්දන සමරසිංහ නම් වූ ඔහු සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් යන්නටයි දැන් සූදානම. ඔහු දැන් මීගමුව සිටි ක්‍රික් සංගීත කණ්ඩායමේ ගායකයකු සහ නිවේදකයකු ලෙස කටයුතු කරනවා.චන්දන මේ වන විටත් ගීත ඇල්බම් එකක් එළි දක්වලා නේද තියෙන්නේ. ඒ ගැන කියමුද මුලින්ම?මගේ පළමු ගීත ඇල්බම් එක ‘ආදරේ ඇස් දෙකෙන්’. එහි ගීත රැසක්ම දැන් ජනප්‍රිය වෙලා තියෙනවා. එහි ගීත බොහොමයක් රචනා කළෙත් මම. ඒ වගේම සමහර ගීත සංගීතවත් කළෙත් මම. ඒ වගේම දෙවන ගීත ඇල්බම් එක ‘ආශාවෝ’ ලබන අවුරුද්දේ නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ වන විටත් එහි ගීත සියල්ල නිර්මාණය කර අවසන් කරලා තියෙන්නේ. එහි ‘ආශාවෝ’ ගීතයේ වීඩියෝ එක මේ දිනවල රූපවාහිනී නාලිකාවල විකාශය කෙරෙනවා.සුපවේදියෙක් වූ ඔබ සංගීත ක්ෂේත්රයට පැමිණි ගමන ගැනත් කියමු?මම කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. පාසලේදී සංගීත කටයුතු වගේම නාට්‍යවලටත් දායක වුණා. ඊට පසුව හෝටල් පාසලේ පාඨමාලාවක් හැදෑරුවා. ඒ සමඟ සුපවේදියෙක් ලෙස රැකියාවේ යෙදෙන ගමන් කැලිප්සෝ සංගීත කණ්ඩායම්වල ගීත ගායනා කළා. ඒ අතරේදී ජනප්‍රිය සංගීත කණ්ඩායම්වලින් මට ආරාධනා ලැබුණා. මුලින්ම සන්ෂයින් සංගීත කණ්ඩායමේ ලාල් විතානගේ ගේ ආරාධනයට අනුව මම ඒ සමඟ සම්බන්ධ වුණා. එහිදී මම මගේ හැකියාවන් තව දියුණු කර ගත්තා. පසුව තවත් සංගීත කණ්ඩායම් කිහිපයක් සමඟම එක්ව කටයුතු කිරීමෙන් පසු ගැලැක්සිස් සංගීත කණ්ඩායම සමඟ එක් වුණා. ඒ සමඟ මට ගොඩක් විදෙස් රටවල සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. රැකියාව සමඟ මේ කටයුත්ත තරමක් අපහසු වූ නිසා මම සුපවේදී රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කළා.සංගීතයේ රස දැනිල සුපවේදය එපා වුණාද?කොහෙත්ම නැහැ. මම ප්‍රංශය, ඩුබායි ඇතුළු රටවල් ගණනාවක සුපවේදියෙක් ලෙස කටයුතු කරල තියෙනවා. සුප ශාස්ත්‍රයට මම හැමදාම ආදරෙයි. ඒක කවදාවත් අත හරින්නේ නැහැ. සුපවේදී සංගමය විසින් පැවැත් වූ තරගවලින් පවා මම ජයග්‍රහණය කරල තියෙනවා. රැකියාව ලෙස මම දැන් ඒ සඳහා යොමු නොවුණත් අලුත් අයට ඒ පිළිබඳ දැනුම ලබා දෙනවා.ගීත ලියන්නත් උනන්දුයි නේද? ඒ ගැනත් විස්තර කළොත්?ගීත ලිවීම මගේ විනෝදාංශය. පුන්සිරි සොයිසා ගයන ‘පිණි බිංදුවක්’ ගීතය වගේම අපේ සංගීත කණ්ඩායම වෙනුවෙන් මම ගීත ලියල තියෙනවා. මගේ ගීත ඇල්බම් එකේ නුඹට බැන්ද පෙම, මගේ හිතේ උපන් ආදරේ, සඳුට රහසින් වැනි ගීත කිහිපයක්ම රචනා කළා.සංගීත කණ්ඩායම ගැනත් කියමු නේද?අපේ සිටි ක්‍රික් සංගීත කණ්ඩායම ඩුබායිවලදී තමයි පටන් ගත්තේ. ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල කීප දෙනෙක්ම අප සමඟ එකතු වුණා. විවිධ රටවල සංචාරය කරන අතරෙදි ලංකාවට පැමිණි අවස්ථාවකදී ලැබුණ ආරාධනා අනුව අපේ කණ්ඩායමේ ප්‍රධානි ප්‍රේම් ජයසිංහ මෙහෙ නවතින්න තීරණය කළා. මෙරට ගුවන් විදුලි නාලිකා රැසකින්ම අපට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ලංකාවේ සංගීත කණ්ඩායම්වලින් අමෙරිකානු තාක්ෂණය සහිත අති නවීන ශබ්දවාහිනී උපකරණ අපේ සිටි ක්‍රික් සංගීත කණ්ඩායම සතුව තියෙන්නේ. අපි එළිමහන් ප්‍රසංග වගේම තෝරා බේරා ගත් උත්සව අවස්ථාවලට සහභාගි වෙනවා.චන්දන ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් සඳහන් කළොත්?සංගීතය තමයි මගේ ජීවිතේ. සංගීත කණ්ඩායමක ගායකයෙක් විදියට එතනින් එහාට මගේම අනන්‍යතාවක් ගොඩ නගා ගන්න තමයි එකම බලාපොරොත්තුව.ඔබට යමක් කියන්නයි මේ අවස්ථාව?අපේ සංගීත කණ්ඩායමේ ප්‍රධානී ප්‍රේම් ජයසිංහ ඇතුළු නන් අයුරින් සහයෝගය දුන් හැමෝටම ස්තුති කරන අතරම අලුත් ගීත නිර්මාණ මට එවන්න කියල ආදරණිය රසික ඔබට කියන්න කැමැතියි. - චන්දන සමරසිංහ - 0776618421යතේජා ඥානරත්නඡායාරූපය –මාලන් කරුණාරත්න
|
CREATIVE
|
සත්සියක් සක්වල සොයා ගිය සත් දෙසින් සක් රජුන් ගෙන එන ඔබයි අපගේ වීර රජුනේ මහ රජාණෙනි . . .මෙම අර්ථ සම්පන්න ගීතය මේ දිනවල ගුවන් විදුලි නාලිකා ඔස්සේ නිතර අපට ඇසෙයි. නව පරපුරේ ගායකයකු වන සඳුන් ඉන්දික මේ ගීතයේ හිමිකරුවාය. තමන් විසින්ම ලියා පද රචනා කරන ලද ගීතය දේශාභිමානය අප හදවත් තුළ ජනිත කරලීමට සමත්, රැල්ලෙන් ඔබ්බට ගිය නිර්මාණයකි. හැකියාවන් රැසකට උපන් හපන්කම් පාන සඳුන් සංගීතයට අමතරව ලේඛනයට සහ වෙළෙඳ දැන්වීම්වල රංගනයට ද එක් වී සිටින දක්ෂ තරුණයෙකි. ඔහුගේ දක්ෂතාවයට ඉඩහසර සකසා දෙමින් සරසවියේ අපි ඔහුත් සමඟ සිදු කළ කෙටි පිළිසඳරකි මේ.ඔබ ගැන විස්තර රටටම පැවසුවොත් . . .මගේ ගම පාණදුර. මම පාසල් ගියේ අළුබෝමුල්ල මහා විද්‍යාලයට සහ පාණදුර ශාන්ත ජෝන්ස් විද්‍යාලයන්ට. ඒ කාලයේ ඉඳලම මම ගීත ගායනය කළා. සංගීතය විෂයයක් හැටියටත් ඉගෙන ගත්තා. රැල්ලේ ගායකයකු නොවී දිගු ගමනක් යාමේ බලාපොරොත්තුවෙන් තමයි මම මේ ක්ෂේත්රයට එක් වුණේ.ගායනයට අමතරව ඔබ සතු හැකියාවන් මොනවාද?මම කුඩා අවධියේ ඉඳන්ම ලේඛනයට දක්ෂයි. ඒ වගේම කාටුන් චිත්‍ර ඇදීමත් මගේ විනෝදාංශයක්. 1800 ගණන්වල ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය සහ වත්මන් තත්ත්වය පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයක් මම ග්රන්ථයක් ලෙස රචනා කරලා තිබෙනවා. වෙළෙද දැන්වීම් කිහිපයකත්, සිත නිවන කතා, ඇඟිලි සලකුණ කියන නාට්‍යවලත් රංගනයට දායක වුණා. ඇත්තටම අද වෙද්දී මම පූර්ණකාලීනව කලාව වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. කලාව මගේ ජීවිතය වගෙයි.සංගීත දිවියේ ඉදිරි වැඩ කටයුතු කොහොමද සැලසුම් කර තිබෙන්නේ?මා ගැයූ සත් සියක් ගීතය ශ්රාවකයින් අතර ජනප්‍රිය දේශාභිමානී ගීයක් බවට පත්වෙමින් තිබෙනවා. ළඟදීම විවිධ තේමා යටතේ ලියැවුණු ගීත 16 ක් ඇතුළත් සංයුක්ත තැටියක් එළි දැක්වීමට සූදානමින් ඉන්නවා. ඒ සඳහා නවක ගී පද රචක, රචිකාවන්ගේ පද රචනා කිහිපයක් වගේම නවක සංගීත නිර්මාණකරුවෙකු තෝරා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. 0777-934543 යන අංකයෙන් ඔබට මා ඇමතිය හැකියි.සටහන – ඉසුරි හෙට්ටිආරච්චිඡායාරූපය – නිරෝෂ් ප්‍රියංක බටේපොල
|
CREATIVE
|
ඥාති සොයුරු රන්බීර් කපූර් ඇඳුම් මාරු කරනවාක් මෙන් තරුණියන් මාරු කළ ද, අර්මාන් ජේන් නම් වයස අවුරුදු විසි තුනක් වෙන තුරුත් තරුණියකට ‘ආදරෙයි’ කියා නැත. ඔහුට මුල්වරට පෙම්වතියකට සමීප වීමට ලැබෙන්නේ තිරයේදීය.මේ අවාසනාවන්ත ඉරණමට හේතුව තරබාරු පෙනුම බවට ඔහු අනුමාන කරයි. කිලෝ 95 ක් බරැති අර්මාන් දෙස ගැහැනු ළමයි කිසිවකු නෙත් කොණකින්වත් බලා නැත. ඒ වෙනුවට ඔවුන් සහෝදරත්වයේ නාමයෙන් රාඛි බැඳ තිබේ.තිරයේදී දැකීමට ලැබෙන්නේ තරබාරු අර්මාන් කෙනකු නොවෙයි. කපූර් පවුලේ තවත් කඩවසම් හාදයෙකි.ඔහුගේ ‘ලේකර් හම් දිවානා දිල්’ ජූලි 4 තිරගත වූ පසු තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අහස, පොළොව මෙන් වෙනස් වෙනවා නිසැකය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
06 කොටසඉදිරියේදී තිරගතවීමට නියමිත සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ඔහුගේ 53 වැනි චිත්‍රපටය වන ‘දෝණි’ චිත්රපටයෙහි තිර පිටපත ඇසුරින් සරසවිය පාඨකයන් වෙනුවෙන් විශේෂයෙන් ලියැවෙන්නකි.රුවන් පුතු සහ සිඟිති දියණිය නිවෙසට ඇතුළු වූයේ කිසිවක් සිදු නොවූ ගානටය. මම ඔවුන් දෙස විමසිල්ලෙන් බැලීමි. කිසිවක් කතා කිරීමට ඉඩ නොතබාම සේනක පැමිණියේය. දරුවන් අතර වුණු රණ්ඩුව කිවයුතු ද නොකිවයුතු ද යන දෙගිඩියාවෙන් මම සේනක ගේ මුහුණ දෙස බැලිමි. වැඩකටයුතු අධික වීම නිසා ඇතිවන කෙඩෙත්තුවෙහි ලකුණු සේනකගේ මුහුණේ විය. ඔහුගේ සිතෙහි නැති කරදර ඇති කරන්නට නොසිතූ මම කෑම මේසය සූදානම් කළෙමි. සේනකත්, රුවන් හා සිඟිතිත් කෑම මේසයට වාඩිවූයේ එකවිට ය.‘බඩගිනියි අම්මේ....’රුවන් පුතු කෑ ගසයි.‘හොඳ වුණත්, නැතත් අඩුපාඩු කියන්නේ නැතිව කන එකයි ඇත්තේ’තවම මුළුතැන්ගෙය නිසි පිළිවෙළකට සූදානම් කරගත නොහැකි වූ බැවින් මම පැවසීමි. රුවන් පුතු කෑම කන බව හඟවන්නට මෙන් කට සෙලෙව්වේ මාව රවටන්නටය. මම පුතුට පහරක් ගැසීමි. දෙදෙනාම හඬ නඟා සිනාසුණේ එක්වරමය. කිසිම කතාබහකට සහයෝගය නොදැක්වූ සිඟිති සිටින්නේ දිගු කල්පනාවකට මැදිවය.‘ඔන්න ඔක්කොම හරි’මම ඈ දෙස විමසිලිමත් බැල්මක් හෙළීමි. කල්පනාවට බාධා කළ මා සිඟිතිගේ පිඟානට බත් හැන්දක් බෙදීමි. සිඟිති මදෙස බලා සිනාසුණේ ඇගේ ආදරය පවසන්නට මෙන්ය. රුවන් පුතුටත්, සේනකටත් බත් බෙදූ මම මුළුතැන්ගෙයට පිවිසියේ අමතක වූ යමක් රැගෙන එන්නටය. මා ගිය විගස රුවන් පුතු සේනකට රහසින් යමක් කියනු මම දිටිමි.‘මොකද තාත්තයි පුතයි කුටු කුටු ගාන්නේ’තාත්තාගෙත්, පුතාගේත් සතරකන් මන්ත්රණයට බාධා කරමින් මම පැවසීමි.‘අම්මේ.... තාත්තා අහනවා......’රුවන් පුතු අතරමඟ කතාව නතරකර සේනක දෙස බැලීය. සේනක රුවන් පුතුට රැව්වේය.‘අම්මේ තාත්තා අහනවා කුස්සිය අලුත් වුණාම ලුණු දාන්නත් අමතක වෙනවද කියලා’රුවන් පුතු පැවසුවේ සේනක ගේ රැවීම ගණනකට නොගෙනය.‘ලුණු දාලා නැද්ද ? කෝ බලන්න...’මා හැන්ද අතට ගත්තේ ලුණු බලන්නටය.‘මාලතී... ඔය කතාව කිව්වේ....’සේනක පැවසුවේ මා තරහා ගනී යැයි කියන සිතුවිල්ලෙනි. එහෙත් ඔහුට වචන පෙළ අවසාන කළ නොහැකි වූයේ කටට ගත් කෑම පිට උගුරෙහි හිර වූ බැවිනි.මා සේනක අසලට පැමිණියේ, පිටට තට්ටු කිරීමටය.‘හා හා ඔහොම ඉන්නකෝ තාත්තයි, පුතයි. හෙට මම දෙන්නන්කෝ එකට දෙකක්ම ලුණු දාලා’සේනකටත්, රුවන් පුතුටත් තරවටු කරන ස්වරයෙන් පැවසූ මාගේ නෙත නතර වූයේ කිසි කතාබහක් නැතිව සිටින සිඟිති දියණිය අසලය. සිඟිති ගේ කල්පනාව නොනවතින හැඩකි.‘ඇයි ඔයා විතරක් කට වහගෙන ඉන්නේ’මම සිඟිති ගේ කල්පනාවට බාධා කළෙමි. තමා බලා සිටින දෙසම බලාගෙන සිටි සිඟිති එක්වරම සිය අත දිගු කළේ අප කියූ කිසිවක් නෑසුණු අයුරිනි. සිඟිති අත දිතු කළ දෙසට නෙත් යොමු කළ අපට දැක ගත හැකි වූයේ කැලැන්ඩරයකි.‘ඇයි දුව?’සිඟිති ගේ හැසිරීම දෙස කුතුහලයෙන් බැලූ අපට මේ හතරපද ප්රහේළිකාව විසඳා ගත නොහැකි ගැටලුවක් විය. අපි තිදෙනා මුහුණෙන් මුහුණ බැලීමු. සිඟිති අත දිතු කර ගත්වනම සිටියාය.‘අද ජුනි 14 වැනි දා’සිඟිති එක්වරම පැවසුවාය.‘ඉතිං’මම තවදුරටත් පැවසුවේ සිඟිතිව කතා කරවන අදහසිනි.‘නිලේෂා නංගි නැති වුණේ අද නේ’සිඟිති පැවසුවේ අප කිසිවකු අපේක්ෂා කළ දෙයක් නොවේ. මම කැලැන්ඩරය දෙසම බලා සිටියෙමි. ඒ මගේ ජීවිතයේ අමතක නොවන අතීතයේ දවසකි. නෙතඟ නැඟුණු කඳුළු කැට කිහිපයක් රූ රා වැටුණේ ඉබේටමය. මම කාමරය සොයා දිව්වෙමි. ඒ සිත ඉහිලුම් නොදෙන ඒ ශෝකී පුවත මට වද දෙන්නට වූ නිසාය. ඇඳ විට්ටමට හිස ගසා ගත් මම ඉකිබිඳ හැඬීමි.‘මාලතී’සේනක මා අමතයි. ඔහුගේ ස්වරය මාගේ ශෝකය දෙගුණ, තෙගුණ කළාය. මම මහ හඬින් ඉකිබිඳ හැඬීමි.‘අංකල් අද සමිතියට එන්නේ නැද්ද?’නිවෙසට එබුණු සුරංග පුතුගේ හඬ අප මතකයට නැගුවේ ඊළඟ කටයුත්තයි.‘අපට දැන් යන්න වෙනවා මාලතී’සේනක කිව්වේ තට්ටු නිවාස සංකීර්ණයෙහි පවත්වන රැස්වීමට සහභාගි විය යුතුම වූ නිසාවෙනි. මම මද වේලාවක් එහිම රැඳී සිටියෙමි.නිවාස සංකීර්ණයේ රැස්වීම්ශාලාවට රැස්වූ පිරිසගේ ස්වරය එන්න එන්නම උස් හඬක් බවට පත්වෙයි. සභාපති මේ පිරිස නිශ්ශබ්ද කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. උස් හඬින් හඬ නඟා කතා කළ ඔහු නිවාස සංකීර්ණයට අමුත්තන් වූ අප පළමුව පිළි ගත්තේය.‘සේනක ගුණවර්ධන මහත්මයාවත්, එයාගේ නෝනා මාලතීවත් හඳුනා ගන්න එක අප කාටත් හොඳයි’. ඔහු කිව්වේය. සියල්ලන්ම අප දෙදෙනා දෙස බලා සිනාසුණේ සිය හිතවත් කම පෑමටය. ඊළඟට ඔවුන්ගේ අවධානය යොමු වුණේ නිවාස සංකීර්ණයෙහි උන් අසනීප වූ ළමයකුගේ ගැටලුවක් කෙරෙහිය.මතුසම්බන්ධයිසටහන – තිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
අග්‍රගණ්‍ය ගී පද රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ජන්ම ශත සංවත්සර (1913 – 2013) සැමරුම එළඹෙන ජූනි මාසයේදී කොළඹ ශ්රීී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ මූලාසනයෙන් පැවැත්වෙන මෙම සමරු උත්සවයේදී කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ද, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර යන විද්වත්හු මානවසිංහ සේවාවේ විවිධ අංශ පිළිබඳ දේශන පවත්වති. මෙම දේශන අතර මානවසිංහ ගීත නිර්මාණ කිහිපයක්ද ප්‍රවීණ සහ නවක ගායක ගායිකාවන් විසින් ඉදිරිපත් කෙරේ.ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පදනමේ සංවිධානයක් වන මෙම සැමරුමේදී මානවසිංහ නව ග්රන්ථ කිහිපයක් ද මුල් ග්රන්ථ කිහිපයක අලුත් මුද්‍රණ ද නිකුත් කිරීමට නියමිතය.ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය මඟින් පවත්වනු ලබන ආචාර්ය තිස්ස අබේසේකර අභිනන්දන උළෙලට සමගාමීව කෙටි චිත්‍රපට තරගයක් නව නිර්මාණකරුවන් සඳහා පැවැත්වීමට එම සංසදය තීරණය කොට ඇත. මේ සඳහා මානව හිතවාදී තේමාවක් යටතේ නව නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර මීට පෙර කිසිදු චිත්‍රපට උළෙලකට තරගයකට ඉදිරිපත් නොකළ නවතම කෙටි චිත්‍රපට පමණක් තරගයට වලංගු වනු ඇත.මේ පිළිබඳ වැඩි විස්තර සහ අයැදුම්පත් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වෙබ් අඩවියෙන් මෙන්ම අංක 21/2, එස්. ද එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයෙහි ඇති එහි ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය.අයැදුම් පත්‍ර සම්පූර්ණ කොට ඉහත ලිපිනය ඉදිරියෙන් ආචාර්ය තිස්ස අබේසේකර කෙටි චිත්‍රපට උළෙල සභාපති, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය යන්න ඇතුළත් කොට මැයි මස 15 වැනිදාට ප්‍රථම එවිය යුතුය.මෙහි ජයග්‍රාහකයින්ගේ සම්මාන මුදල් සහ සහතිත පත් තිස්ස අබේසේකර සමීප රූප අභිනන්දන උළෙල පවත්වන අගොස්තුවේදී පිරිනැමීමට නියමිතය.තරගාවලියේ තොරතුරු දැනගැනීම සඳහා පහත දුරකථන අංකයන්ගෙන් විමසන්න.0714004404 - සුරේෂ් අබේසේකර0777425078 - සුදත් රෝහණ0773580451 - අනුරුද්ධ ජයසිංහදේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ පළමු මහ සභා රැස්වීම සහ නිලවරණය මෙම මස 26 එනම් හෙට සවස 2.30 ට බොරැල්ල සුදර්ශී ආයතනයේදී හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ සඳහා සහභාගී වන ලෙස සිනමා ක්ෂේත්රයේ දැනට සක්‍රියව සිටින නළු නිළියන් සහ කාර්මික ශිල්පින්ට එම සන්ධානයේ කැඳවුම්කරු එරංග සේනාරත්න ඇරැයුම් කර සිටී.
|
CREATIVE
|
ඩොනල්ඩ් ජයන්ත චිත්‍රපට රැසකට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණු අද ලංකාවේ සිටින ඉහළ පෙළේ සහාය අධ්යක්ෂවරයෙක්. ඒ වගේම කාටත් හිතවත් මිත්‍රයෙක්. ඔහු සහාය අධ්‍යක්ෂණයෙන් දායක වු ප්‍රවේගය වගේම කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපට ළඟදී තිරගත වෙන්නත් නියමිතයි. පසුගිය දවසක චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක් පැවැත්වුණා. මේ අවස්ථාවට ඩොනල්ඩ් ඇතුළුව කලා ලොවේ හිත මිතුරන් රැසක්ම සහභාගී වුණා. ඒ අතර වූ ඩොනල්ඩ්ගේ ළඟම මිත්රයෙකුට ඔහු කිව්වේ ෆිල්ම් එක ඉවර වෙලා පුංචි පාටි එකකුත් තියෙනවා. ඒකටත් ඉඳලාම යන්න ඕනි කියල යි.මේ යාළුවා ඩොනල්ඩ්ගේ ඒ ආරාධනාවට නම් එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ‘අපෝ බෑ මචං. මං රෑ අට වෙනකොට ගෙදර යනවා. ඒ නිසා පාටි එකට නම් ඉන්න විදියක් නැහැ’ මේ යාළුවා කිව්වා. ඇත්තම ද ? මම නම් කවදාවත් රෑ අටට ගෙදර යන්නේ නෑ. ෆිල්ම් එකේ වැඩ ඉවර කරලා මාස එක හමාරකට විතර පස්සේ වේලාසනින් ගෙදරට ගිය ගමන් නෝනා පිටි ඉවරයි කියලා කිව්වා.කලින් ගියොත් සූදුරු ඉවරයි, මාදුරු ඉවරයි නැත්නම් වෙන මොනවා හරි ඉවරයි කියනවා. ඒ නිසා මම නම් ගෙදර යන්නේ රෑ දහය හමාරවත් පහු වෙලා තමයි. මොකද එතකොට කඩවල් වහලා නේ. අනික ඒ වෙලාවට ගෙදර අයත් නිදි නේ කියලා ඩොනල්ඩ් හරි ආඩම්බරයෙන් කිව්වා.
|
CREATIVE
|
චන්දික විජේසේන දැන් කාර්යබහුල ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයෙක්. ‘බොඳ මීඳුම්, ඉතින් ඊට පස්සේ’ වැනි ටෙලි නාට්‍ය කිහිපයක්ම ඔහු රසිකයන්ට තිළිණ කළා. මේවා සියල්ලක්ම ඉහළ ජනපි‍්‍රයත්වයක් ලැබූ නාට්‍ය වීමත් විශේෂත්වයක්. ඔහුගේ අලුත්ම ටෙලි නාට්‍යය ‘සිහින සින්ඩරෙල්ලා මේ දිනවල ඔබේ ආලින්දයේ සරසනවා.ඒ අතරෙ අපට ආරංචි වුණා චන්දික මේ දවස්වල කැම්පස් එකක් ළඟ නිතර නිතර ගැවසෙනවා කියලා. මේ ගැන අපි ටිකක් හොයලා බැලුවම තමයි තේරුණේ මොකක්ද කාරණය කියලා.මේ විදියට එයා ඉඳලා තියෙන්නේ ලොකේෂන් එකක් හොයන්න. ඒ සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යයේ ඉතිරි රූගත කිරීම් සඳහා. ඒ වෙනුවෙන් ඔහු තෝරා ගෙන තියෙන්නේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපය. දැන් ජයටම එහි ‘සිහින සින්නඩරෙල්ලා’ රූගත කිරීම් සිදුවෙනවා.
|
CREATIVE
|
2012 වසරේදී ඩිම්බ කෝෂ මාරයා සමග සටන් කර ජය ලැබූ මනීෂා සිනමා ජීවිතයෙන් ද යළි ජය ලබන්නට යන්නීය. ඇය රාජ්කුමාර් සන්තෝෂිගේ නවතම සිනමාපටයේ රඟන්නට බලාපොරොත්තු වේ. සිනමාපටයේ රූගත කිරීම් 2015 ජනවාරි මාසයේදී ඇරඹීමට නියමිතය.මනීෂා 2001 දී රාජ්කුමාර් සන්තෝෂිගේ ‘ලජ්ජා’ සිනමාපටයේ ද රඟපෑවාය.
|
CREATIVE
|
මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ගීත අතරින් ඔහු විසින් තනු නිර්මාණය කෙරූ ගීතයන් ඇතුළු ඔහු සතු සියලු බුද්ධිමය දේපොළවල පූර්ණ භාරකාරත්වය සහිත ඇටෝර්නි බලකරු වශයෙන් ෂෙල්ටන් වීරරත්න පත් කළ බව විශේෂ ලිපියකින් ඔහු ‘සරසවියට’ දන්වා ඇත.එසේ කොට ඇත්තේ මිල්ටන්ගේ ගීත වෙනත් ගායකයින් ඔවුන්ගේ හඬ යොදා වෙනස් කරමින් මාධ්‍යයන්ට නිකුත් කිරීම වලක්වනු පිණිසය. එමෙන්ම මින් පසු අවසර නොගෙන මිල්ටන් හා සබැඳි කිසිදු සංගීතමය කටයුත්තක් සිදු කිරීම නොහැකි බව ෂෙල්ටන් වැඩිදුරටත් කීය.එමෙන්ම මිල්ටන් මල්ලවආරච්චි නාමයත් ඔහුගේ සේයාරුවත් යොදා ගනිමින් දිවයිනේ කිනම් හෝ නගරයක සංගීත ප්‍රසංගයක් සංවිධානය කෙරේ නම් වහා එම තොරතුරු 0774939833 අංකයට ලබා දෙන මෙන් මිල්ටන්ට ළැදි දයාබර සංගීත ලෝලීන්ගෙන් ෂෙල්ටන් ඉල්ලා සිටියි.දසක තුනකට ආසන්න කාලයක් ගීයෙන් රටක් සැනහූ මිල්ටන් විසින් තනු නිර්මාණය කළ ගීත අතර මධුමල ලෙස, පායා ආ සඳ, පියාපත් සලා, ගමනේ ගිම් නිවූ, පැරදීලා පලා ගියේ නෑ, සුළගේ පාවී, පෙම් රජදහනේ වැනි ගීත තිබේ.ප්‍රසාද්
|
CREATIVE
|
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ලියූ “පරිකල්පනය, තර්කණය සහ නිර්මාණය” නම් කෘතිය පසුගිය දා එළි දැක්විණ. මෙම කෘතිය ඔස්සේ නාට්‍ය, චිත්‍රපට හා ටෙලිනාට්‍ය පිටපත් රචනයට අත්වැලක් සපයන අතර නාට්‍ය පිටපත / තිර රචනය යනු කුමක්ද, තිරරචනය හා තිර රචකයා, චරිත ගැටලුව සහ ගැටුම, චරිත නිර්මාණය, දෙබස් / සංවාද, තිර රචනය ආකෘතිය සහ ශෛලිය, තිර රචකයා අධ්යක්ෂවරයකු ලෙස ආදී මාතෘකා රැසක් ඔස්සේ තිර පිටපත පිළිබඳ මනා දැනුමක් ඒ පිළිබඳ කැමැත්තක් දක්වන්නන්ට සපයයි. මෙම කෘතිය සුරස පොතකි.- තිලානි ශානිකා
|
CREATIVE
|
මේ මාසයේ උදාවුණු සතිය මට ගොඩක් සුවිශේෂ සතියක්. මගේ උපන් දිනය යෙදිලා තියන්නේ අද දවසටනේ. වෙසක් පුන් පොහොය යෙදීම නිසා මට ගොඩක් සතුටුයි. ඒ වෙනුවෙන් පිංකම්වල යෙදෙන්න තමයි සූදානම් වුණේ. කිරුලපන පන්සලේ පිංකමක් සහ දන්සලකුත් සූදානම් කළා. ලබන දාහත් වෙනිදා කිරි අම්මාවරුන් වෙනුවෙන් දානයකුත් පිරිනමන්න කටයුතුª සූදානම් කරලා තියෙන්නේ.කලා ජීවිතයේ සුපුරුදු පරිදි ෂූටින් යොදගෙන තියෙනවා. මේ දවස්වල නම් වැඩි කාලයක් ටීවී ප්‍රෝගෑම් වෙනුවෙන් වෙන් කළා. පසුගියදා දෙරණ ටීවී එකේ තව අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. ඒ හැරුණාම තව අලුත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. දැැනට දායක වෙන ටෙලි නාට්‍යවල වැඩ කටයුතු අවසන් කරලා ඒ ගැන අවධානය යොමු කරන්නයි හිතාගෙන ඉන්නේ.
|
CREATIVE
|
රංගන ශිල්පිනීනිල්මිණි තෙන්නකෝන්මේ දවස්වල අලුත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට දායක වෙලා ඉන්නවා.ඒ වගේම මේ දවස් බොහොමයක්ම නැකැත් දිනයන් නිසා සැලෝන් එකෙත් කාර්යබහුල වෙලා තමයි මම ඉන්නේ. ඒ වගේම අද මට සුවිශේෂ දිනයක්. ඒ වෙනුවෙන් පුණ්‍ය කටයුත්තක නිරත වෙනවා. පවුලේ ඥාතීන් සමඟ තමයි අද දවස මම ගත කරන්නේ.තිලානි / යතේජාඡායාරූප - ටෙනී / මාලන්
|
CREATIVE
|
මාරාන්තික ඩෙංගු රෝගයෙන් වන ප්‍රතිවිපාක පිළිබඳ කියවෙන ‘ගම්මානයට ගිම්හානය’ නම් වූ ටෙලි චිත්‍රපටයක රූ ගැන්වීම් පසුගියදා නිම විණ.අරුණ රාජපක්ෂ තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ එය ආදර්ශවත් කතා පුවතකි.සුමින්ද සිරිසේන, ජනක් ප්‍රේමලාල්, රොඩ්නි වර්ණකුල, රෙබෙකා නිර්මලී, නිරෝෂන් විජේසිංහ, අනුරුද්ධිකා පාදුක්කගේ, අසේල ජයකොඩි, ලියෝනි කොතලාවල, විජිත් වික්‍රමරත්න, දිලිනි ලක්මාලි, සුසිලා කෝට්ටගේ, රවීන්ද්‍ර යසස්, විශාකා ගුණතිලක, ඩීමන් හෙට්ටිආරච්චි, හිමාෂා ද සිල්වා, ජයන්ත ෆොන්සේකා, අනුර මාපිටිගම, අජිත් ධර්මප්‍රිය, අනුර ශ්‍රීනාත්, මෝමන් පළිහවඩන, තිස්ස පෙරේරා, ධම්මික සල්ලපුර, පත්මා පෙරේරා, ලලිතා ජයරත්න, කෝකිල රාජපක්ෂ ආදීහු ගම්මානේ ගිම්හානය සඳහා රංගන දායකත්වය ලබාදේ.බන්දුල වීරසේකරගේ කලා අධ්‍යක්ෂණයකි. තිස්සසිරි පෙරේරා කලා අධ්‍යක්ෂවරයාය. කැමරා අධ්‍යක්ෂණය චන්දන ධර්මප්රියගෙනි. විජිත් වික්‍රමරත්න සමඟ අරුණ රාජපක්ෂ ගම්මානේ ගිම්හානය නිෂ්පාදනය කොට ඇත.
|
CREATIVE
|
පසුගිය සතියෙන්...අපි දෙන්නා බොහොම ආදරණිය පෙම්වතුන් යුවළක් බවට පත්වෙද්දී තමයි ‘දුහුලු මලක්’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වුණේ. ඒත් ඒ චිත්‍රපටයේ රවී පෙම් කළේ නීටා ප්‍රනාන්දුටයි මට ෂූටිං නැති දවස්වලටත් සුමිත්‍රා අක්කා (සුමිත්‍රා අමරසිංහ) ඇවිත් අම්මගෙන් අහලා මාව ෂූටිං බලන්න එක්කරගෙන යනවා. සමහර දවස්වලට නීටා අක්කගෙයි රවීගෙයි ප්‍රේම ජවනිකා බලලා මම අඬ අඬා ගෙදර ගියා. රවී කොයි තරම් තේරුම් කළත් ඒ රඟපෑම බොරුවක් කියලා තේරුම් ගන්න මම අපොහොසත් වුණා. මං ගත්තෙ වැරදි තීරණයක්ද? මට හැමදාම මෙහෙම අඩ අඬා ඉන්න වෙයිද කියලා මම හුඟාක් දුක් වුණා. එහෙම අවස්ථාවලදී රවී මාව සැනසුවේ ලොකුම බොරුවක් කියලා.රවී කිව්වා මම මේක දිගටම කරගෙන යන රස්සාවක් නෙමෙයි පී‍්‍රති. මගෙ අම්මා තාත්තා කැමැතිත් නැහැ පවුලේ ව්‍යාපාරවලින් අයින්වෙලා දිගටම චිත්‍රපටවල රඟපාන්න යනවට. මගේ ආසාවට චිත්‍රපට දෙක තුනක රඟපාලා මමත් අයින් වෙනවා. ඔයත් ෆිල්ම්ස්වල රඟපාන්න ඕනෙ නැහැ. මමත් අයින්වෙන නිසා ඔයත් අයින් වෙන්න. නැත්නම් අපිට හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න හම්බවෙන එකකුත් නැහැනේ.රවී කියපු දේ මම ඉහ මුදුනින්ම පිළිගත්තා. මම විවාහ වෙනතුරුවත් නොඉඳ ඒ මෙහොතෙ ඉඳන්ම ඒ පොරොන්දුව පොරොන්දුවක් විදියටම රැකගත්තා. ඉන් පස්සේ සුප්‍රසිද්ධ අධ්යක්ෂවරු ප්‍රධාන චරිතයට කතා කරපු හැම චිත්‍රපටයක්ම ප්‍රතික්ෂේප කළේ හිතේ කොනකවත් පුංචි දුකක්වත් ඉතුරු නොකර මා බොහොම සතුටෙන්. ඒ රවීගේ ආදරෙන් මගේ හිත පිරිලා ඉතිරිලා තිබුණ නිසා. ඒත් රවී නම් එහෙම පොරොන්දුවක් නොවුණ ගානට ඒක දවසින් දවස කල් ඇරලා පොරොන්දුව දිය වෙලා යන්න ඉඩ හැරියා.දුහුලු මලක් චිත්‍රපටයේ රවී නීටා අක්කට ආදරේ කරන්නේ බොරුවට කියලා කොච්චර හිතුවත් ඒ ගැන මං හිටියේ ඊරිසියාවෙන්. චිත්‍රපටයේ එක ජවනිකාවක මට තිබුණා නීටා අක්කට බනින්න. මම ඒ ජවනිකාව කරලා ඉවර වුණාම සුමිත්ත අයියා, නීටා අක්කා, විජය ධර්ම ශ්‍රී අයියා හොඳටම හිනා වුණා. මම හිතුව ඒ කොටස මම හරියට කළේ නැතිව ඇති කියලා. මම ඒ අය දිහා බලලා ඇස් දෙකට කඳුළු පුරව ගත්තා.නීටා අක්කා මගේ ළඟට ඇවිත් කිව්වා අනේ කෙල්ලේ දුක් වෙන්න එපා, අයියෝ ප්‍රීති ඔයා මාත් එක්ක කොච්චර තරහක් තියෙනවද කියලා ඒ බැනපු විධියට අපිට තේරුම් ගියා. ඒකයි අපි හිනා වුණේ. ඒ සීන් එක ඔයා හොඳටම කළා ළමයෝ. ඇත්තටම ඒ වෙලාවේ මගේ හිතේ තරහ ඒ විධියට පිට වෙන්න ඇති. නීටා අක්කා නම් මාව තේරුම් අරන් මං ගැන අනුකම්පාවෙන් මට ඉතාම කරුණාවෙන් සැලකුව බව සඳහන් නොකරම බැහැ. ඒ නිසාම නීටා අක්කා එදා වගේම අදත් හොඳ හිතවතියක්.‘බොඳ මීදුම් කඳුරැල්ලේ’ ගීතය රූපගත කිරීමට නුවරඑළියේ ගත කළ කාලසීමාව මගේ හිතේ ඉතාම සුන්දරව තාමත් නොමැකී තියෙනවා. මට රූගත කිරීම් නැති වුණත් ඒ ගමනට සුමිත්ත අයියත් සුමිත්‍රා අක්කත් ඒ දෙන්නගෙ වාහනයෙන්ම මාවත් නුවරඑළියට එක්කරගෙන ගිය නිසා ඒ දෙන්නගේ රැකවරණය මැද මම අලුතෙන් අත්තටු ලැබුණ කිරිල්ලියක් වගේ රවීගේ උපරිම ආදරය සෙනෙහස ලබමින් අපිටම වෙන් වෙච්ච අපේම ලෝකෙක පියාඹන්න අවස්ථාවක් ලැබුණා.පී‍්‍රති රන්දෙණියපසුගිය කොටස්* පවස නිවන දිය පොදක් නොවී ඔබ*අත්තිකාරම්වලින් අල්මාරියක්
|
CREATIVE
|
කටුනේරිය ගම්පියස උරුම කොට උපත ලැබූ නදීෂා සඳමාලි කලාවට අත්පොත තැබුවේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකව සිටින අවධියේය. පාසලේ රැ¼ගුම්, ගැයුම් පාමින් සිටි නදීෂාට රංගන වරම් හිමි වූයේ ද අහම්බෙනි. තම පියාණන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු විය. දිනක් චන්ද්‍රරත්න මාපිටිගම පියාගේ වෙළෙඳ සැලට පැමිණියේ කිසිවක් මිල දී ගැනීමටය. ඒ එන අවස්ථාවේ පියා අසලට වී වෙළෙඳ ව්‍යාපාරයේ කටයුතුවලට දායක වන නදීෂා දුටු චන්ද්‍රරත්න මාපිටිගම පියාණන්ට යෝජනාවක් ගෙන ආවේ තමන් කවුද කියා හඳුන්වා දෙමිනි. එහිදී චන්ද්‍රරත්නයන් නදීෂාට රඟපෑමට ආරාධනය කළේ ඇය තුළ රංගන හැකියාවන් එක්ව තිබෙනු දුටු හෙයින් විය හැක.2006 වසරේ උසස් පෙළ ශිෂ්‍යාවකව සිටින අවධියේ චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ මනාප ප්‍රේම ටෙලි නාට්‍යයේ හාපුරා කියා ගුරුවරියකගේ චරිතයක් රඟපෑ නදීෂා ටෙලි නාට්‍ය රංගනයේ දොරටු විවර කර ගත්තාය. ඉන් පසු මාපිටිගම අධ්‍යක්ෂණය කළ සුන්දරයි ප්‍රේමය මෙගා ටෙලි නාට්‍යයට නිශානි නැමැති දඟකාර තරුණියකගේ චරිතයක් රඟමින් ප්‍රේක්ෂකයන් අතරට එක් වූවාය.විමලරත්න අධිකාරිගේ ඉසිවර රණකෙලි, අනුර මාධව ගේ වීදිය බණ්ඩාර ආදි ටෙලි නාට්‍ය කිහිපයකටම පසුව ඇය දායක වූවාය. බර්නාඩ් ෂෝ ප්‍රේමසුන්දර, මහේෂ් නිශාන්ත, පවර සුජිත් මාරඹගේ ගේ නිශ්චල කැමරා කාචයේ සටහන් වූ නදීෂාගේ රුවෙන් පුවත්පත් මුල් කවර සැකසෙන අතරේ නදීෂාට චිත්‍රපට රංගනයට දොරටු විවර වූයේ ඩොනල්ඩ් ජයන්ත හා ඉන්දියානු අධ්යක්ෂ සරෝ සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ප්‍රවේගය හා ඩොනල්ඩ් ජයන්ත හා ඉන්දියානු අධ්යක්ෂ අරුමෝගන් සම අධ්‍යක්ෂණය කළ මායා චිත්‍රපට සඳහා හාපුරා රංගනයෙන් දායක වන ඇය චිත්‍රපට රංගනයේ ද කැපී පෙනෙන රංගනයක නියැලේ.මුල්ම චිත්‍රපට රංගනය ඇතුළත් ප්‍රවේගය චිත්‍රපටය තිරගත වීමටත් කලින් වෙනත් චිත්‍රපට සඳහා ද ඇයට ආරාධනා ගලා එන්නේ මේ අතරය. ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණය කළ අන්දුන් කුන්දුන් චිත්‍රපටය සඳහා ද ඇය රංගනයෙන් මේ වන විට දායක වී සිටින්නීය.තම පියාණන් වූ සුනිල් පයාගල නිෂ්පාදනය කළ සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කළ ආගන්තුකයාගේ ප්‍රේමය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් එක්වන නදීෂා ගැමි චරිත නිරූපණයට වඩාත් කැමැත්තක් දක්වයි.මගේ රංගන දිවියේ ගුරුවරයා වුණේ චන්ද්‍රරත්න මාපිටිගම මහත්තයා. එතුමා තමයි මගේ සැඟවුණු දක්ෂතා ඔප මට්ටම් කරලා එළියට ගත්තේ. මුලින්ම කැමරාවක් ඉස්සරහා රඟපාන එක මට නුහුරු අත්දැකීමක් වුණා. මගේ මුල්ම රංගනයේ ඉඳලා මට රඟපාන්න ලැබුණේ රංගනයේ නියැලි ප්‍රවීණයන් සමඟ. ඒ අයගෙන් ලැබුණු ගුරුහරුකම් මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අදටත් මම ප්‍රසිද්ධ වේදිකා නිර්මාණයන්ට දායක වෙලා නැහැ. තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට දායක වන අතරේ වෘත්තීයම වශයෙන් රංගනයට නොයා විනෝදාංශයක් ලෙස රංගනයේ නියැලෙන්න තමයි මගේ ආශාව.මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා. ඒ සඳහා උපරිම කැප කිරීමක් කළ යුතු වෙනවා. ඒ කැප කිරීම හරියට කළොත් අපිටත් හොඳ අනාගතයක් තියේවි. අම්මා, තාත්තා, මල්ලි, මාමා මේ හැමෝම නිදිමරාගෙන වෙහෙස නොබලා මා වටා දිරිය පවුරක් වී සිටින්නේ මගේ හැකියාවන් ඉදිරියට ගෙනි යන්න. ඒ අය වගේම මට මෙතනට එන්න උදවු කළ හැමෝමත් මේ වෙලාවේ ස්තුති පූර්වකව සිහිපත් කරනවා.- චන්දනඡායාරූපය – මහේෂ් නිශාන්ත
|
CREATIVE
|
අපේ ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු හැම වසරකම ශ්‍රී දළදා මාලිගාවේදී විශේෂ පූජාවක් හාදානමය පින්කමක් සිද්ධ කරනවා. මේ අවස්ථාවට විශාල වශයෙන් කලාකරුවන් එක් රැස් වෙනවා.මේ ආකාරයට මේ පින්කම නොකඩවා වසර විසි පහක් සිදු කළා. මේ විසි පස් වන වසර ලබන්නේ හරියටම එළෙඹෙන වෙසක් පුන් පොහෝ දිනට. ඔහුගේ වාසනාවට මේ වෙසක් පුන් පොහෝ දිනයේදීම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පූජාවක් තියන්න ලැබීම සුවිශේෂයි.මේ පුණ්‍යකර්මය ගැන රොබින් ප්‍රනාන්දු සිතන්නේ මහත් ඵල මහානිසංස ලැබෙන පිනක් ලෙසයි. සරසවිය අපටත් මේ ගැන ලියන්න ලැබීම ගැන හරිම වාසනාවන්තයි. රොබින් ප්‍රනාන්දු කලාකරුවාට දීර්ඝායුෂ පතන්නත් අප අමතක කරන්නේ නැහැ.අපේ ජනප්‍රිය ඡායාරූප ශිල්පී, ගායක දයාන් විතාරණට පසුගිය දිනවල අවුරුදු උත්සවවලට නිමක් නැතිව ආරාධනා ලැබුණා. ඔහුත් එක දිගට කාර්යබහුලත්වය නොතකා ඒවාට සහභාගි වුණා.ඒ දිනවල ඔහුගේ නිවෙසේ කිසිවකු සිටියෙත් නැහැ. දයාන්ගේ උපන් දිනේ දවසේත් දයාන්ට ගෙදර ඉන්න ලැබිලා නැහැ. එදාත් ඔහු අවුරුදු උත්සවයක ඉඳලා තියෙන්නේ.බක් මහ අකුණුත් සැර මේ කාලේ දයාන්ගේ ගෙදරටත් අකුණක් වැදිලා ගිනි අරන්. මේ බව දයාන්ට ආරංචි වුණාම ඔහුට සිහි වෙලා තියෙන්නේ ඔහුගේ ඡායාරූප හා වටිනා නෙගෙටිව් ගැනයි. ඔහු සිතින් දෙවියන් බුදුන්ගෙන් ඉල්ලා ඇත්තේ ඒවාට නම් හානියක් වෙන්න එපා කියලා.කොහොම හරි වට පිටාවේ කට්ටිය එකතු වෙලා දයාන්ගේ නිවෙසේ ගින්න නිව්වලු. වාසනාවට අර නෙගටිව් හා ෆොටෝවලටත් මොනවත් වෙලාත් නැහැ.ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා දිගට හරහට කොට්ටම්බා තලනවා කියා ආරංචියි. ඒ ‘අලුත් ගෙදර’ දර්ශන තලයේදීයි. සිද්ධිය මෙහෙමයි.අලුත් ගෙදර දර්ශන තලයේදී විවේකයක් ලද හැම විටම කොට්ටම්බා ගොඩක් රැගෙන අසල තියෙන ගලක් ළඟට යනවලු.නැවත රූගත කිරීම ආරම්භ වනතුරුම ඔහුගේ වැඩේ කොට්ටම්බා තලන එකලු. මෙහෙම කොට්ටම්බා කාලා ජී. ආර්. පෙරේරා මත් වුණා කියලත් ආරංචියි.සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
මම මේ දවස්වල මගේ අලුත්ම චිත්‍රපටය ‘ආදරණීය කතාවක්’ හි රූගත කිරීම් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක යොදා ගෙන තියෙනවා. බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, අරුණි රාජපක්ෂ ප්‍රධාන රංගනයෙන් දායකවන මෙහි අවසන් අදියරේ රූගත කිරීම් දැන් කරගෙන යනවා.ඒ නිසා මේ දවස්වල නම් ඉතින් අවධානය තියෙන්නෙ ආදරණීය කතාවක් ගැන විතරයි. පසුගිය පොසොන් පෝය දවසේ මම අධ්‍යක්ෂණය කළ ‘අරුමෝසම් වැහි’ චිත්‍රපටය ටෙලි විෂනයෙන් විකාශය වුණා. ඒ වෙනුවෙන් ලද ප්‍රතිචාර නිසාත් ලොකු සතුටකින් ඉන්නෙ.
|
CREATIVE
|
වර්තමානය වන විට අපේ රටේ ප්‍රේක්ෂකයන් අතර බ්ලුරේ මෙන්ම ඩී වී ඩී අතිශය ජනප්‍රියයි. අලුතින් වෙළඳපොලට එන ජනප්‍රිය බ්ලුරේ සහ ඩි වී ඩී පිළිබඳ හඳුන්වා දෙන ලිපි මාලාවක් අප පළ කරන්නේ පාඨක ඔබ නිසාමයි. එපමණක් නොවෙයි ලංකාවේ මුල්වරට සෑම සතියකම චිත්‍රපටයක ත්‍රිමාණ බ්ලුරේ පිටපතක් ඔබට තෑගි ලැබෙන බවත් ඔබ දන්නවා.හොලිවුඩ් සිනමාවේ අති ජනප්‍රිය නළුවකු වන සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ද එක්ස්පෙන්ඩබල්ස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ද එක්ස්පෙන්ඩබල්ස් - 3 චිත්‍රපටය දැන් නිිකුත් වී ඇත.හොලිවුඩ් සිනමාවේ දැවැන්තම නළු නිළියන් වන ජේසස් ස්ටාතම් ලි ක්‍රිස්මස් ලෙසත්, හැරිසන් ෆෝඩ් ඩ්‍රමර් ලෙසත්, ආනෝල්ඩ් ස්වසෙන්ගර් ට්රිස්ච් ලෙසත්, මෙල් ගිබ්සන් ස්ටෝස් බෑන්ක් ලෙසත්, වෙස්ලි ස්නීප්ර් ඩොන් ලෙසත්, අන්තෝනියෝ බන්දෙරාස් ඩෙල්සේ ලෙසත්, ජෙට් ලී සිල්ක් ටෑන්ග් ලෙසත් රඟන මෙහි සිල්වෙස්ටර් ස්ටැලෝන් රඟන්නේ බර්නිරෝස් චරිතයයි.බර්නි සහ ක්‍රිස්මස් සහ සෙසු සාමාජිකයන් මිට වසර කිහිපයකට පෙර ආරම්භ කළ එක්ස්පෙන්ඩබල් කණ්ඩායම ස්ටෝන් බෑන්ක් සමඟ මුහුණට මුහුණ ගැටෙති. කලින් එක්ස්පෙන්ඩබල් කණ්ඩායමේ සිටි ස්ටෝන් බෑන්ක් දැන් වෙනස් සතුරු කණ්ඩායමක් හා එක්ව සිටින අතර බර්නි ඝාතනය සඳහා භාර දී ඇත්තේ ස්ටෝන් බෑන්ක්ටය. බර්නිව සහ එක්ස්පෙන්ඩබල් කණ්ඩායම සමූල ඝාතනය කිරීමට ස්ටෝන් බෑන්ක් ක්‍රියාත්මක වුව ද බර්නිගේ වික්‍රමාන්විතයන් ඉදිරියේ එය ව්‍යර්ථ වෙයි.මේ ද එක්ස්පෙන්ඩබල් - 3 චිත්‍රපටයේ කතා තේමාව වන අතර මෙය පැට්රික් හග්ස් ගේ අධ්‍යක්ෂණයකි. පීටර් චෙන්සිස් කැමරා අධ්‍යක්ෂණය කර ඇති මෙහි සංගීත අධ්‍යක්ෂණය බ්‍රයන් ටේලර් ගෙනි.දකුණු ඉන්දීය සුපිරි නළු විජේ රඟපෑ තුප්පාකි චිත්‍රපටයේ හින්දි අනුවර්තනය වන හොලිඩේ හමුදා නිලධාරියකු වටා ගෙතුණු චිත්‍රපටයකි.නිවාඩුවක් ගත කිරීමට මූම්බායි වෙත එන විරාට් (ආක්ෂේ කුමාර්) නීතිගරුක බුද්ධිමත් හමුදා නිලධාරියෙකි. බස් රථයක ගමන් කරද්දී එහි එක් පුද්ගලයකුගේ මුදල් පසුම්බිය නැතිවන අතර එහිදී විරාට්ගේ නිර්භීතභාවය ඉදිරියේ එය විසඳනු ලැබුව ද ඊළඟ තත්පර කිහිපයේදී බෝම්බයක් නිසා බස් රථය විනාශ වෙයි.මෙය විරාට්ට විශාල මෙහෙයුමකට මග පාදන සිදුවීමක් වෙයි. බෝම්බය රැගෙන ආ පුද්ගලයාව අල්ලා ගැනීමටත් ඔහුව පොලිස් භාරයට දීමටත් විරාට් සමත් වන අතර, එතැන් සිට ක්‍රියාත්මක වන විරාට් විවිධ සාක්ෂි සොයා යමින් මුම්බායි නගරයේ ත්රස්තවාදයට එරෙහිව වික්‍රමාන්විතයක් අරඹයි.මෙවන් කතා පුවතක් ගැබ්ව ඇති හොලිඩේ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර්, සොනක්ෂි සිං, සුමිට් රගවාන්, ෂකීර් හුසේන් සමඟ හඳුන්වා දෙන පර්හාඩ් රංගනයෙන් දායක වන අතර ගරු රංගනයෙන් ජනප්‍රිය නළු ගෝවින්ද එක්ව සිටියි.ප්‍රිතම් සංගීත අධ්‍යක්ෂණය කළ හොලිඩේ පසුබිම් සංගීතය ප්‍රසාද් ගස්ටේ විසිනි. අමිතාබ් ශුක්ලා සංස්කරණය කර ඇති හොලිඩේ නටරාජා සුබ්‍රමානියම් කැමරාව මෙහෙයවා ඇත.තුප්පාකි ද්‍රවිඩ චිත්‍රපටය මෙන්ම හොලිඩේ චිත්‍රපටය ද ඒ. ආර්. මුර්ගදාස් විසින් කතා, තිර රචනය සහ අධ්‍යක්ෂණය කර ඇත.හින්දි සිනමාවේ සිටින දක්ෂ චරිතාංග නිළියක සේ සැලකෙන විද්‍යා බාලන් රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටයයි බොබි ජාසස් චිත්‍රපටය.සමර් සෙයික් විසින් කතා රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙහි දෙබස් සහ තිර රචනය සන්සුක්ත චව්ලා ශායික් විසින් ද ශාන්තානු මොයිට්රා සංගීතයෙන් ද, විසල් සිං කැමරා අධ්‍යක්ෂණයෙන් ද දායක වී ඇති බොබි ජාසුස් සම අධ්‍යක්ෂණය හනිල් කාලියා විසිනි.විද්‍යා බාලන් සමඟ අලි පසාල්, සුප්‍රියා පතාන් කපූර්, තස්ටි අස්මි, ශරීනා වහාබ්, රාජේනු ගුප්තා, අර්ජන් බජ්වා සහ කිරන් කුමාර් රංගනයෙන් දායක වී ඇත.බොබි රහස් පරීක්ෂකවරියෙකි. හයිද්‍රබාද් නගරයේ අංක එකේ රහස් පරීක්ෂකවරිය වීම බොබිගේ එකම අභිලාෂයයි.කුඩා දරුවන් අතර ඉමහත් ජනාදරයට පත් ජන්ගල් බුක් කාටුන් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වනන ජන්ගල් පාටි චිත්‍රපටයේ ඩී. වී. ඩී. පට දැන් වෙළෙඳ පොළට නිකුත් වී ඇත.ජංගල් පාටි රචනය සහ අධ්‍යක්ෂණය ජූන් ෆොල්කන්ස්ටින් සහ කෙවින් ජොන්සන් විසිනි.ලිව්වේ - කල්‍යාණ චන්ද්රසේකරබ්ලූ රේ අනුග්‍රහය - මුවි වර්ල්ඩ් එච්. ඩී.ඩී වී ඩී චිත්‍රපට අනුග්‍රහය -නීරෝ සී. ඩී හවුස්. මල්වත්ත පාර, කොළඹ.
|
CREATIVE
|
නිවේදකවසන්ත රෝහණමේ දවස්වල එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරි’, අමරසිරි පීරිස්ගේ ‘හන්තානට පායන සඳ’, ටී. එම්. ජයරත්නගේ ‘සොඳුරු අතිතේ’, බණ්ඩාර ආතාවුදගේ ‘රුවන් තාරකා’ ප්‍රසංගවල නිවේදන කටයුතු සමඟින් රට පුරා යනවා.සති අන්තය ප්‍රසංගවල නිරත වෙද්දී සතියේ දින පහ සිටි එෆ් එම් නිවේදන කටයුතුවලට දායක වෙනවා.
|
CREATIVE
|
රංගන ශිල්පිනීඩිනක්ෂි පි්රයසාද්ඉදිරි සතිය නම් මට ටිකක් කාර්යබහුල සතියක් වේවි. ‘රෑන’ ටෙලි නාට්‍යයේ සහ චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයා ගේ අලුත් ටෙලි නාට්‍යයකත් රූ ගත කිරීම් යෙදිලා තියෙනවා. තව මියුසික් වීඩියෝ එකක රූ ගත කිරීමකුත් තියෙනවා. ඊට අමතරව මේ දිනවල රණවිරු රියල් ස්ටාර් තරගයේ රෙකෝඩිනුත් යෙදිලා තියෙනවා.කලා කටයුතු නිසා සතියම මම කාර්යබහුල වෙලා. මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා නේ. මගේ පොඩි නංගිගෙන් නම් පාර්ටි එකක් ඕනි කියලා හරිම කරදරේ. ඒත් මම නම් පාර්ටි ඕගනයිස් කරන්න ටිකක් කම්මැලියි. උපන් දිනයට පාර්ටි එකක් තියන එක ගැන තවම හිතලා නැහැ. ඒ වුණාට පාර්ටිවලට යන්න නම් මම හරිම කැමැතියි.
|
CREATIVE
|
චරිතාංග නළු ඉර්ෆාන් ඛාන්, දහවැනි ඩුබායි අන්තර් ජාතික සිනමාපට උළෙලේ දී මූර් ආසියා අප්‍රිකා විශේෂාංග අංශයේ හොඳම නළුවා විය. ඒ ‘ලන්ච් බොක්ස්’ රංගනයටයි.ඉර්ෆාන්, බොලිවුඩය මෙන්ම හොලිිවුඩය ද ජය ගනිමින් සිටින නළුවෙකි. 2012 වසරේ තිරගත වූ ‘ද අමේසිං ස්පයිඩර් මෑන්’ අමෙරිකානු සිනමාපටයේ වෛද්‍ය රජිත් රාථා ලෙස රැඟුවේ ඔහුයි. ඔහු ‘ලයිෆ් ඔෆ් ප්‍රයි’ හොලිවුඩ් සිනමාපටයේ ද රැඟුවේය.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
අද ප්‍රශ්න පත්තරේට පිළිතුරු සැපයූවේ යොවුන් රංගන ශිල්පී විශ්ව ලංකා සමඟින් බුවිනි චාපා දියලගොඩ.විශ්ව ලංකාබුවිනි චාපා ඡායාරූපය - මාලන්සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
බොලිවුඩයේ ඇත්තන්ගේ හද බැඳි සිනමා චරිත හොලිවුඩයේ ඕනෑ තරම් ඇත. ඒ අතරින් මකුළු මිනිසා හෙවත් ස්පයිඩර් මෑන්ට හිමි වන්නේ සුවිශේෂී තැනකි. හඬින් හෝ එවැනි ප්‍රිය චරිතයකට සමීප වන්නට කෙනකුට හැකි නම් මොන තරම් සතුටක්ද? ඒ සතුට භුක්ති විඳින්නේ විවේක් ඔබරෝයිය. ‘දි අමෙසිං ස්පයිඩර් – මෑන් 2’ හි වීරයාට දුෂ්ටයකු ලෙසින් හෝ සමීප වීමට අවස්ථාවක් ඔහු උදා කරගෙන සිටියි.සම්මානනීය නළු මැක්ස් විලියම් මෙහි ප්‍රධාන දුෂ්ටයා ලෙස රඟන අතර විවේක්ට සිනමාපටයේ, හින්දි නිෂ්පාදනයේ ඔහුගේ හඬ වීමට වරම් ලැබී තිබේ. ‘හරිම අපූරු සංකීර්ණ චරිතයට හඬ කැවීමට ලැබෙන තුරු මං පුල පුලා බලා සිටිනවා.’ විවේක් එසේ පවසන්නේ ඉතා සතුටිනි.මේ විවේක්ගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලයකි. ‘ක්‍රිෂ් 3’ සහ ‘ග්‍රෑන්ඩ් මස්ති’ සාර්ථකත්වය සමඟ ඔහුගේ වෘත්තීය ජීවිතයට ලබා ඇත්තේ සිකුරු දසාවය. ඒ සියල්ලටම වඩා ඔහු සතුටු වන්නේ පුතු විවාන්ගේ ඩයපර්ස් මාරු කිරීමෙනි. ප්‍රියංකා අල්වාත්, විවේක් ඔබරොයිත් මාපිය පදවි ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි හය වැනි දිනයි.චම්පිකා දීපානි
|
CREATIVE
|
මෑතකදී මිසයිල ප්‍රහාරයකින් යුක්රේන අහසේදී විනාශ වූ ර්ඩ් 17 මැලේසියානු ගුවන් යානයේ මැලේසියානු නිළියක ද සිය සැමියා හා දියණිය සමඟ මරණයට පත් වූ බව වාර්තා වේ.සුභාෂිනි ජෙයරත්නම් නමැති 38 හැවිරිදි ඇය එරට රූපවාහිනි නිවේදිකාවක ලෙසත්, නර්තනවේදිනියක හා නිළියක ලෙසත් ප්රකටව සිටියාය.‘සුබා ජෙයි’ යන නමින් පතළ ඇගේ සැමියා නෙදර්ලන්ත ජාතිකයකු වන අතර ඔවුන්ගේ දියණියට අවුරුද්දයි මාස 9 කි.ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබුණේ පවුලේ අය සමඟ සැමියාගේ නිවසට ගොස් එන අතරතුර මැලේසියාවට පියාසර කරමින් සිටියදීය.-අමානි ඉරේෂිකා සිනෙස්ටාර් පදනම මඟින් දේශිය කලාකරුවන්ගේ සත්කාර සේවා රැසක් වෙනුවෙන් නිල සහතික පත්‍ර සහ කාඩ්පත් භාරදීම මෙම මස 06 වැනිදා සවස නවලෝක රෝහල් පරිශ්‍රයේ පිහිටි දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස ශ්‍රවණාගාරයේදී සිදු වේ. මේ සඳහා සිනෙස්ටාර් පදනම සහ දිවයිනේ සංගීත ක්ෂේත්රයේ නියැලෙන සියලුම කලාකරුවන් ඇතුළත් වනු ඇත. එහිදී එදින ක්‍රියාත්මක කෙරෙන වැඩ කටයුතු මෙසේය.ඒ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකත්වය ලබාදීම,විශේෂ වට්ටම් ක්‍රමය යටතේ ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ ලබා ගැනීමට තරු බුහුමන් කාඩ්පත පිරිනැමීම, පෞද්ගලික සුපර් මාර්කට් ආයතන ජාලයක් මගින් අළෙවි කරන භාණ්ඩ විශේෂ අනුග්‍රාහක මට්ටම් ක්‍රමයක් යටතේ මිල දී ගැනීමට ජ්‍යෙෂ්ඨ පුරවැසි ගරුසරු කාඩ්පත පරිත්‍යාග කිරීම, නවලෝක රෝහල මගින් සලසා ඇති ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණවලදී විශේෂ වට්ටම් ගත හැකි ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමයි.- ප්‍රසාද්
|
CREATIVE
|
සංගීත ප්‍රසංගවලට සහභාගි වන ගමන් අලුත් ගීත දෙකක් පටිගත කරන්නට මගේ අවධානය යොමු කළා. එක් ගීතයක් ලිව්වේ සත්‍යජිත් ලක්මාල්.ඒ ගීතයේ සංගීතය වගේම තනුවත් රොෂාන් ප්‍රනාන්දු තමයි කළේ. පටිගත කිරීම්වල තිබෙන මේ ගීතයේ කටයුතු ඉදිරි දිනයක නිම වේවි. අනෙක් ගීතය තියෙන්නේ තවමත් සාකච්ඡා මට්ටමේයි.
|
CREATIVE
|
චන්දික විජේසේන කියන්නේ මෙරට අතිශය ජනපි‍්‍රය ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයෙක්. චන්දික මේ දවස්වල ජනපි‍්‍රය වෙලා සිටින්නේ සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යය සමඟින්. ඒ වගේම ඔහු මේ දවස්වල අතිශය කාර්යබහලයි. මේ ළඟදි දවසක චන්දික ගේ බාල දියණියගේ උපන් දිනය යෙදිලා තිබුණා. ඒ දවසෙත් චන්දික හිටියේ ෂූට් එකක. බණ්ඩාරගම තමයි ෂූටිං තිබුණේ.උපන් දිනය දවසේ දියණියට තෑග්ගකුත් අරගෙන කලින්ම එන්න පොරොන්දු වෙලා. ඒ වුණාට එදා රූගත කිරීම් නිසා නොසිතූ අන්දමින් රෑ වෙලා. මේ විදියට ටික වෙලාවක් ගත වෙද්දී චන්දික ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ඇවිත්.ඒ ඇමතුම බාල දියණියගෙන්. ‘තාත්තේ ඔයා වැඩ ඉවර කරලා පරිස්සමෙන් එන්න. පුළුවන් වෙලාවක මට තෑග්ගක් ගෙනත් දෙන්නකෝ’ කියලා චන්දිකගේ දියණිය චන්දිකට හරිම ආරෙන් කිව්වාලු. මේ තාත්තාගෙයි දුවගෙයි සෙනෙහසේ තරම එදා එතැන සිටි හැමෝටම හොඳින්ම දැණුනා.
|
CREATIVE
|
රංගන ශිල්පීසජීව මල්මාලආරච්චිගේමම මේ සතියම ටෙලි නාට්‍ය රූගත කිරීම් සමඟ තමයි ගතකරන්න බලාපොරොත්තු වන්නේ. ප්‍රේම කුමාර ජයවර්ධන ගේ ‘මාද ඔබම විය’ චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘එළියස් එළියට’ සහ ‘සබඳ බබානිස්’ ටෙලි නාට්‍ය සහ තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් යෙදිලා තියෙනවා.ඒ අතරේම මගේ ‘සිකුරු හතේ’ වේදිකා නාට්‍යයේ දර්ශන කිහිපයක්ම වේදිකා ගතකරන්නත් යොදා ගෙනයි ඉන්නේ. ඒ වගේම ලබන 28 වැනිදාට මගේ උපන් දිනය යෙදුනත් රූගත කිරීම්වල නිරත වෙන්න තමයි සූදානම.තිලානි / යතේජා ඡායාරූප - ටෙනී / මාලන්
|
CREATIVE
|
හොලිවුඩ් චිත්‍රපට අතර ඇමරිකානු බොක්ස් ඔෆිස් වාර්තා අතර මෙම සතිය තුළ ප්‍රමුඛස්ථානය ගෙන සිටින්නේ අල්ෆොන්සො ක්වරන් අධ්‍යක්ෂණය කළ Gravity චිත්‍රපටයයි. මෙම සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 43.2ක්. ග්‍රැවිටි සති දෙකක් තුළ මුල් ස්ථානයේ රැඳී සිටීම විශේෂයක්.මෙහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මේ සතියේ තිර ගතවීම ඇරඹූ පෝල් ග්රීන්ගාඩ් අධ්‍යක්ෂණය කළ Captain Phillips චිත්‍රපටයයි. කපිතාන් රිචඩ් පිලිප්ගේ නාවික ජීවිතය තුළ මුහුණ දුන් සත්‍ය සිදුවීමක් පාදක කර ගත් සිදුවීමක් මෙහි ඇතුළත් වෙයි. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින තම නෞකාව පැහැර ගන්නා විටදී නෞකාව සහ තම පිරිස බේරා ගැනීමට ඔහු කළ සටන ඒ තුළින් නිරූපනය කෙරේ. ටොම් හෑන්ක්ස් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි. Captain Phillips මෙම සති අන්තය තුළදී ඩොලර් මිලියන 25.7ක ආදායමක් වාර්තා කර තිබුණි.පසුගිය සතියේ දෙවැනි ස්ථානය හිමිකර සිටි Cloudy With a Chance of Meatballs 2 මෙම දර්ශකයේ තෙවැනි ස්ථානයට පත්ව තිබේ. හාස්‍ය රැගත් පරිගණක සජීවකරණ පවුලේ චිත්‍රපටයක් වන මෙය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 13.8ක ආදායමක් වාර්තා කර තිබුණි. සිව්වැනි ස්ථානයට පත්ව ඇත්තේ රොබට් රොඩ්රිග්යුස් අධ්‍යක්ෂණය කළ Machete Kills චිත්‍රපටයයි. එය වාර්තා කළ ආදායම මිලියන 3.84ක්. Runner Runner සහ Prisoners පිළිවෙලින් පස්වැනි සහ හයවැනි ස්ථානයන් හිමිකර ගෙන තිබේ.ඇමරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර හත්වැනි ස්ථානය හිමිව ඇත්තේ Insidious : Chapter2 චිත්‍රපටයටයි. රොන් හොවාඩ් අධ්‍යක්ෂණය කළ Rush චිත්‍රපටයට හිමිව ඇත්තේ අටවැනි ස්ථානයයි. පසුගිය සතියේ හයවැනි ස්ථානයේ පසු වූ DonJon මේ සතියේ නවවැනි ස්ථානයටත් හත්වැනි ස්ථානයේ පසු වූ Baggage Claim දසවැනි ස්ථානයටත් පත් වී තිබේ.යතේජා
|
CREATIVE
|
රංගන ශිල්පිනිසුසන්තා චන්ද්රමාලිවෙනදා වගේම මේ සතියත් සුපුරුදු සාමාන්‍ය විදියට ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ‘මුතු පලස’, ‘තිමිරගිර’, ‘සිහින සින්ඩරෙල්ලා’ ටෙලි නාට්‍යවල රූගත කිරිම් යෙදිලා තියෙනවා.ඒ වගේම මේ සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදාට පන්සලට ගිහින් මල් පහන් පූජා කරන්න හිතාගෙන ඉන්නවා.ඊට අමතරව එදාට දුවට රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙන්න තියෙනවා. ඒ සඳහා දුව එක්කරගෙන යන්නත් තියෙනවා. ඒ හැර වෙනත් විශේෂ වැඩසටහනක් නම් යෙදිලා නැහැ. බොහොම නිදහසෙන් කාලය ගත කරනවා.
|
CREATIVE
|
කෝපි කඩේ ස්වර්ණමාලි චරිතයෙන් සහ ඇගේ දෛවය චිත්‍රපටය ඔස්සේ ජනප්‍රිය වූ ඇය චන්ද්‍රිකා රත්නමාලි කුලසේකරයි. කාලයක් කලා නිර්මාණවලට දායක නොවූ ඇය යළිත් සුපුරුදු පරිදි කලා කටයුතුවල නියැලෙනවා. මේ ඇයගේ නවතම තතු සරසවිය පුවත්පතට පැවසූ මොහොතක්.ඔබ කාලයක් කලා කටයුතුවලින් බැහැරව සිටියා නේද?ඔව්. මම ටික කාලයක් නිහඬව හිටියා. ඒ මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයතු වෙනුවෙන් සහ නව නිවසේ වැඩ කටයුතු අවසන් කරන තුරුයි.ඔබ රංගනයෙන් දායක වූ නාට්‍ය නිර්මාණ මොනවාද?මගේ ප්‍රථම නාට්‍ය රංගනය වුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ මෝරා නාට්‍යයේ. ඉන් පසුව තාප්පෙන් එහා, චාලි චැප්ලින්, සේදවත්තේ චණ්ඩි ජොන්, නූර්දීන්, විජේ සහ යසා, සැනසෙන්න කලාකරුවෝ, ශ්‍රී බස් සටන මගේ නාට්‍ය තමයි.එතකොට ඔබ රඟපෑ ටෙලි නාට්‍ය මොනවාද?මුතු පන්ති, පූර්ණිමා, වාඩිය, පසලොස්වකදා, බට්ටි, පතිනි වගෙ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. පතිනි ටෙලි නාට්‍යයේ මගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා.ඔබ රඟපෑ චිත්‍රපට මොනවාද?චෙරියෝ ඩොක්ටර්, රජ සෙල්ලම්, දෙමෝදර පාලම, ඔබ මට විශ්වාසයි, මාරුතය, අනන්ත රාත්‍රිය, දඬුමොනරු ආදී චිත්‍රපට 25 කට මම රංගනයෙන් දායක වුණා.මෑත කාලයේ සම්බන්ධ වූ නිර්මාණ තියෙනවාද?ඔව්. මම යළිත් රඟපාන්න පටන් ගත්තට පස්සේ සනත් අබේසේකරගේ අනගාරික ධර්මපාල, මහ රජ අජාසත්ත, රංජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන්, ජැක්සන් ඇන්තනීගේ ඇඩ්්රස් නෑ, ලුවී වැන්ඩස්ටාටන්ගේ බෝනික්කා චිත්‍රපට වගේ කිහිපයකට සම්බන්ධ වුණා.වේෂ නිරූපණයටත් ඔබ යොමු වෙනවාද?ඔව්. ඉදිරියේදී ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවලට වේෂ නිරූපන ශිල්පිනියක් ලෙසින් සම්බන්ධ වීමට මම බලාපොරොත්තු වෙනවා.රංගන ශිල්පිනිනයක් ලෙසින් ආ ගමන් මඟ පිළිබඳව මොකද හිතන්නේ?නිළියක් වුණා කියලා මම සතුටුයි. ඒ වගේම මම රඟපාපු සමහර ට්ත්රපට දැකපු සමහර පිරිස් මා ගැන වැරැදියට තේරුම් ගන්න ඇති. ඒ නිසාම විශේෂයෙන් කියන්න ඕනෑ මම චිත්‍රපටයකට සම්බන්ධ වුණා නම් එය රංගනයට පමණක් සීමා වුණා. ඒ වගේම සමහර අය හිතනවා මම වැටිල කියලා. නෑ, මම කවදාවත් බංකොලොත් නිළියක් වුණේ නැහැ. මම හොඳට සල්ලි හම්බ කළා. මම දැන් අලුතින් ඉඩමක් අරගෙන තට්ටු දෙකට ගෙයක් හැදුවා. වාහනයක් ගත්තා. දරවන්ට හොඳට උගන්වනවා. ඒ නිසා චන්ද්‍රිකා කියන නිළිය කවදාවත් වට්ටන්නත් බෑ.ඉදිරියේදී ලැබෙන නිර්මාණවලට දායක වෙනවාද?ඔව්. මම විශේෂයෙන් සුනිල් ටී, රේණුකා බාලසූරිය, ජැක්සන් ඇන්තනී, ජයන්ත චන්ද්‍රසිරි අයගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.රඟපෑමට අමතරව ඔබ බියුටි සැලෝන් එකක් කරගෙන යනවා නේද?ඔව්. මගේ කඩුවෙල නිවසේ මම අලුතින්ම රූපලාවන්‍යාගාරයක් ආරම්භ කළා.ඔබේ ලිපිනය:4/24, මෙල්ප්රඩ් ගාඩ්න්, 8 වන පටුමග, පළවන ගැමුණු පුර, කොතලාවල, කඩුවෙල.සටහන –දීපිකා ජයලත්ඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
‘මා ඉපදී ඇත්තේ ඔබ වෙනුවෙන්මයි. ඔබ ඉපදී ඇත්තේ මා වෙනුවෙන්මයි.’ මෙසේ පවසන්නේ විසිහත් හැවිරිදි යෞවනයෙකි. ඒ තවත් යෞවනියකට නම් නොවෙයි. තිස්හත් හැවිරිදි දික්කසාද වූ ගැහැනියකටයි. මේ යෞවනයා ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පියකු පමණක් නොවෙයි ඉන්දියාවේ කඩවසම් යෞවනයා තේරීමේ රියැලිටි තරගයේ පළමුවැනියාය.ඔහු පළමුවනියා වී යෞවනියන්ගේ සිහින කුමරා වූයේ තරගකරුවන් විසිනව දෙනකු පරදවමිනි. විජේ සිං, මල්ලිකාට කෙතරම් උමතු වී සිටියත් ඔහුගේ පවුලේ අය නම් පවසන්නේ ජීවිතයේ මෙතරම් වැදගත් තීරණයක් ගැනීමට ඔහු තවමත් කුඩා වැඩි බවයි. තිරයේ ජීවිතය සැබෑ ජීවිතය නොවන බව ඔහුගේ වැඩිමල් සොයුරියගේ අදහසයි. එහෙත් ඒ කිසිවක් නොවිමසා ඔහු නොවැම්බර් 8 වැනි දින ඇය හා විවාහ වූහ.මල්ලිකා මේ දිනවල ලොස් ඇන්ජලීස්වල රූගත කිරීම්වල නිරත වී සිටින්නීය. ඇය පැමිණි පසු දෙදෙනාම හිමාචල් පෙදෙසට ගොස් නිවාඩුවක් ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති. ‘මල්ලිකා හිමාචල් පෙදෙසට හරිම කැමැතියි. මූම්බායිවල කරන්නේ මොනවාද? හිමාචල් ගිහින් ඔයාගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඇය මට පැවසුවා. ඇය සතුටින් තැබීම මගේ එකම අරමුණයි’ විජේ මාධ්‍යයට පැවසුවේය. මල්ලිකා සමඟ හිමාචල් පෙදෙසෙහි පුංචි කූඩුවක් තනන්නට විජේ සිහින මවන්නේය.විජේගේ විශ්‍රාමික පියා සෞඛ්‍ය අධ්යක්ෂවරයෙකි. ඔහුට ලන්ඩනයේ ආපන ශාලාවක් ද තිබේ.මල්ලිකාගේ පළමු සැමියා කැප්ටන් කරන් සිං ගිල්ය. 1997 දී විවාහ වූ මල්ලිකා 1998 දී ඔහුගෙන් දික්කසාද වූවාය.ඇය බොලිවුඩ් සිනමාපටවල පමණක් නොව හොලිවුඩ් සිනමාපටවල ද දැන් රඟන්නීය. හිස් (2010), පොලිටික්ස් ඔෆ් ලව් (2011) හොලිවුඩ් සිනමාපටවල ඇය රැඟුවාය.2013 වසරේදී ඇය රැඟූ එකදු බොලිවුඩ් සිනමාපටයක්වත් තිරගත වූයේ නැත. තේස්, කිස්මත් ලව් රියිසා දිල්ලි 2012 වසරේදී තිරගත වූ ඇය රැඟූ සිනමාපට දෙකයි. ජැකී චෑන් හා රැඟූ ‘ද මිත්’ මල්ලිකාගේ පළමු අන්තර්ජාතික සිනමාපටයයි. රීමා ලම්බා මල්ලිකාගේ උපන් නමයි. අධිරාජිනිය යන තේරුම රැගත් මල්ලිකා යන නමත්, මවට විවාහයට පෙර තිබූ ෂෙරාවත් වාසගමත් එක්කර මල්ලිකා ෂෙරාවත් ලෙසින් ඇය තිරයට පෑයුවාය. මල්ලිකාට නිළියකවීමේදී මවගෙන් විශාල සහයෝගයක් ලැබී තිබේ.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
සනත් අබේසේකරගේ දෙවැනි සිනමා කෘතිය සිරි දළදාගමනය හි මංගල දර්ශනය ජාතික චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණ.එහි නිෂ්පාදක පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමි සහ ආචාර්ය සෝමා එදිරිසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ. මේ එහි අවස්ථා කිහිපයකි.
|
CREATIVE
|
අනගාරික ධර්මපාලතුමන් පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කොට එතුමාගේ දර්ශනය සමාජගත කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් එය නිෂ්පාදනය කළ පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන් වහන්සේ, සුනිල් ටී. ප්‍රනාන්දු සහ අධ්යක්ෂ සනත් අබේසේකර මෙන්ම චිත්‍රපටයේ ධර්මපාලතුමාගේ චරිතය රඟපෑ පාලිත සිල්වා උඩුනුවර තෙලඹුගල නිග්‍රෝධකෙත්ත පිරිවෙන් විහාරස්ථානයේදී උපහාර තිළිණ ලැබුහ. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අග්‍ර මහා පණ්ඩිත අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා නායක මහ ස්ථවිර අති පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නා හිමිපාණන් වහන්සේ ප්රමුඛ ශ්‍යාමෝපාලි මහ නිකායේ මහා නායක ස්ථවිර අති පූජ්‍ය අඹේවෙල ප්රඥාසාරවිධාන හිමිපාණන් ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය. තෛ‍්‍රනිකායික මහ නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම ආරම්භ කොට වසර හතළිස් හතරක් සපිරීම සහ ධර්මපාලතුමන්ගේ එකසිය පණස් වැනි ජන්ම සංවත්සරය නිමිති කර ගනිමින් මෙය සංවිධානය කොට තිබිණ.- ප්‍රසාද්
|
CREATIVE
|
අපේ ජැකී දැන් බොලිවුඩයේ උපන් තරු තරමටම එහි ජනකාන්තය. ඇය පසුගිය දා ශ්‍රී ලංකාවේ සිනමාපටයක රඟපෑවාය. ඒ ‘අකෝඩිං ටු මැතිව්’ සිනමාපටයේයි.බොලිවුඩය ජයගත් ඇයගේ ඊළඟ අරමුණ අන්තර් ජාතික තාරකාවක වීමටයි. දැනටමත් ඇය ලංකාවෙන් ලැබෙන තිර පිටපත් කියවන්නීය.ඇයගේ සිනමා ජීවිතයට බලපෑ බොලිවුඩ් තාරකාව වී ඇත්තේ කති‍්‍රනා කායිෆ්ය. හින්දි බස කතා කිරීමට හැකියාවක් නැතිව බ්‍රිතාන්‍යයේ සිට පැමිණි ඇය දැන් සියලු සුපිරි තරු අභිබවා සිටින්නීය.ජැකලයින් නොපැවසුවත් තවත් කරුණු ගණනාවක් නිසාම මේ දෙදෙනා සමාන වෙති. ඛාන් වාසගම දෙදෙනාගේම ජීවිතවලට සමීපය. ජැකලයින් මිතුරු වී සිටින්නේ සජීඩ් ඛාන් සමඟය. කත්රිනා මිතුරු වී සිටියේ සල්මන් ඛාන් සමඟයි. කත්රිනා මෙන්ම ජැකලයින් ද අමීර්, ෂාරුක් සහ සල්මන් යන රජ ඛාන් ත්‍රිත්වයම සමඟම රඟපා තිබේ.
|
CREATIVE
|
මම නම් මේ සතිය එනකල් හරිම ආසාවෙන් බලාගෙන හිටියේ බොහොම විවේකීව කාලය ගත කරන්න. සිංහල අලුත් අවුරුද්ද මගේ පවුලේ අයත් සමඟ බොහොම සතුටින් සමරන්න.ඒ එක්කම කලා කටයුතුත් කිහිපයක් යෙදිලා තියෙනවා. අලුත් සිංදු කිහිපයක වැඩ කටයුතු යොදාගෙන තිබුණත් ප්රමුඛත්වයක් දීලා තියෙන්නේ ‘කැස්සට කොස් ඇට’ ගීතයේ විෂුවල් එකට තමයි.එය මගේ අනෙකුත් ගීත අතර සුවිශේෂ වෙනවා වගේම මම දැනට වැඩිම වියදමක් දරා නිර්මාණය කරන වීඩියෝව වෙන්නෙත් මෙයයි. ඒ වගේම එය මේ අවුරුද්ද ඇතුළත අදරණිය රසික ඔබට තිළිණ කරන්නත් බලාපොරොත්තු වෙනවා.
|
CREATIVE
|
‘අප්පච්චි’ ටෙලි නාට්‍යයේ ‘මේඝනා’ හඳුනා ගනිමුඅප්පච්චි ටෙලි සිතුවමේ මේඝනා . . .?ඔව් ඒ මං තමයි.මේඝනා හරිම හිතුවක්කාරයි මුරණ්ඩුයි නේද?ඒක නම් එහෙම තමයි. නමුත් අප්පච්චිව වැඩිපුරම දැනෙන්නේ ඇයට. එතෙන්දි මේඝනා බොහාම සංවේදියි.මොකක්ද මේඝනාගේ ඇත්ත නම?පරිෂ්ථා නයනිදුලා ස්මිත්.දැන් මට ඊළඟට අහන්න වෙන්නේ නමේ තේරුම මොකක්ද කියලා?අභිමතාර්ථය ඉෂ්ට වූ දෙනෙත් ඇත්තී.පරිෂ්ථා තවමත් ඉගෙන ගන්නවා නේද?නුගේගොඩ ලයිසියම් විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවක්. ඊට කලින් තලවතුගොඩ අයිගේට් කොලේජ් එකේ හිටියේ.පාසලෙන් බලපෑමක් නැතිද ඔබ රංගනයේ යෙදීම පිළිබඳ?තාත්තා මගේ කලා කටයුතුවලට අවසර අරන් දුන්නා.ඔබ ක්ෂේත්රයට සම්බන්ධ වන්නේ නිවේදිකාවක විදිහට බව මට මතකයි?ඔව් ‘පුංචි පැංචි’ වැඩසටහනේ අවුරුදු පහක් නිවේදන කටයුතු කළා.කෝ දැන් ඒ නිවේදිකාව?දැන් මං පුංචි ළමයෙක් නෙවෙයිනේ. ඒක නිසා ‘පුංචි පැංචි’ එකෙන් ඉවත් වුණා. දැන් රඟපානවා විතරයි.කවුද පරිෂ්ථාව නිළියක කළේ?සංජය නිර්මාල් අංකල්. ඔහුගේ ‘රෝස කැලේ’ චිත්‍රපටයෙයි මුලින්ම රඟපෑවේ. ඊට පසුව සිරසෙ විකාශය වූ ඒකාංගික නාට්‍යවල රඟපෑවා. අවසානයේ රඟපෑවේ ‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටයේ. එහි මං ශිරෝෂි රොමේෂිකා අක්කගේ නංගි. ඒ චරිතයයි වඩාත් මිනිසුන් අතරට ගියේ.ඉගෙන ගන්නේ වෛද්‍යවරියක් වෙන්නඒත් රඟපෑමෙන් ඈත් වෙන්නේ නෑඑතකොට ඔබ අප්පච්චි නාට්‍යයට සම්බන්ධ වුණේ?එහි අධ්යක්ෂ ආනන්ද අබේනායක මහත්මා මාව දැකලා තාත්තා හරහා කතා කළා. සම්මුඛ පරීක්ෂණයකට කැඳවලා මගේ දක්ෂතාවන් බැලුවා. එහිදී මට අප්පච්චි පිටපත දීලා රඟපාලා පෙන්වන්න කිව්වා. අවසානයේදී මේඝනා සඳහා මාව තෝරා ගත්තා.පරිෂ්ථා මීට කලින් යතුරු පැදි පැදලා තියනවද?නැහැ.එහෙනම් කොහොමද අප්පච්චි නාට්‍යයේදී මෙතරම් හොඳින් යතුරු පැදි ධාවනයේ යෙදෙන්නේ?තාත්තගේ යාළුවො දෙන්නෙක් ඉන්නවා චමින්ද කළුපහන සහ අනුර දිසානායක කියලා. ඔවුන් මට යතුරු පැදි ධාවනය කියලා දුන්නා සෙට් එකේදී. ලසන්ත අයියයි දිසා අයියයි නාට්‍යයට ගෙනත් තිබුණු යතුරු පැදිය ධාවනය කරන්නට ඉගැන්නුවා. ඒකත් හරි ෂෝක්.මේ අතරවාරයේදී ත්‍රාසජනක අත්දැකීමකට ද මුහුණ පෑවා මතකද ඒක?හප්පේ මොකද අමතක. එක සීන් එකකදී කැමරාව ගාවටම ඇවිත් බයිසිකලය නවත්වන්න තිබුණා. හරියටම ආනන්ද අංකල් හිටපු තැන. නවත්වන්නට ඕන හරියෙදි බයික් එක රේස් වුණානේ. කට්ටිය හොඳටම බය වුණා. ආනන්ද අංකලුත් එහාට පැන්නා. කොහොම හරි බයික් එක නවත්ව ගත්තා. කවුරු බය වුණත් මම නම් බය වුණේ නැහැ ඒ වෙලාවේ.කඩියෝ කද්දීත් රඟපෑවාමේඝනා නිතරම ගහක් ළඟට යනවා. එතැන තිබුණු දර්ශන ඔබ බොහොම අමාරුවෙන් රඟපෑවයි කියලා දැනගන්නට ලැබුණා?ඒ ගහ වටේට ලොකුම ලොකු කඩියෝ ඉන්නවා. කොච්චර එලෙව්වත් යන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී කඩියෙක් දෙන්නෙක් විද්දා. ඒත් මං ඒ වගක් නොපෙන්වා රඟපෑවා. පසුව ඉතින් බාම්වල පිහිට තමයි පැතුවේ.පරිෂ්ථාගේ පදිංචිය කොහෙද?පන්නිපිටියේ.පවුලේ විස්තර මොනවාද?මමයි, මල්ලියි අම්මයි.මෙච්චර උදව් කළ ඔබේ සැබෑ අප්පච්චි ගැන නොකියාම බැහැ?ඔහු සුමිත් ප්රසන්නලාල්. වෘත්තියෙන් සිරස නාලිකාවේ විධායක කැමරා අධ්යක්ෂවරයෙක්. ඔහු නිසයි මට මෙතුවක් අවස්ථා ලැබුණේ.ආස ද දිගටම කලාවේ නියැලෙන්න?මගේ බලාපොරොත්තුව වෛද්‍යවරියක වීම. නමුත් රංගනයෙන් ඈත් වන්නේ නැහැ. විනෝදාංශයක් විදිහට රඟපානවා.රඟපෑම ඉගෙන ගන්නට අදහසක් ඇති?සත්තකින්ම රංගනය හදාරන්න ඕන ළඟදීම.රංගනයට, නිවේදනයට අමතරව පරිෂ්ථාට ඇති වෙනත් හැකියාවන් මොනවාද?ගායනය ඒ වගේම ක්‍රීඩාවට හුඟක් දක්ෂයි. මං එයට ලබා ගත්තු පදක්කම් ගොඩායි.ඔබේ කලා දිවියට උදව් කළ අයව මතක් කරන්නට වෙලාව?ආනන්ද අබේනායක අංකල්, චාන්දනී සෙනෙවිරත්න ඇන්ටි, ජැක්සන් අංකල්, උමයංගන අයියා, චාමින් ඩික්මන් මගේ ඥාති සහෝදරයා ඇතුළු අප්පච්චි ටීම් එක.පරිෂ්ථාව කෙටියෙන් හැඳින්නුවොත්?හරිම හොඳ කෙනෙක්. දුකක් දැනුනොත් අම්මත් එක්ක කියනවා. මේඝනා වගේ හැඟීම් හිතේ හංගගෙන ඉන්නෙ නැහැ මං.ඔබට ආමන්ත්‍රණය කරන්නට කැමැත්තෙන් පසුවන රසික රසිකාවන් ඇති?ලියන්න කියන්න මේ ලිපිනයට.නොම්මර 173/3,වීර මාවත, දෙපානම, පන්නිපිටිය.ඒ වගේම මං අප්පච්චිගේ දුරකථන අංකයත් දෙන්නම්. 0714811193.සටහන - ප්‍රසාද් සමරතුංගසේයාරූ - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
මන්දාරම් අහසේ රැඳුණුවැහිකෝඩය කොයි වේලේ පොළොවට කඩාවැටේදැයි සැක සහිතය.නිවෙසින් එළියට පාතබා මඳ දුරක් පැමිණියා පමණි. මොර ගෙඩි මෙන් වැටෙනාවැහි පොදෙන් මුවා වන්නට මම කඩයෙහි පිලට ගොඩ වීමි. වැහි අඳුර සහිත පරිසරය සිතට බරකි. මොර ගෙඩි මෙන් වැටුණු වැහිපොද මහ වැස්සක් බවටපරිවර්තනය වී ඇත්තේ පරිසරය අමුතු ගුප්ත බවකින් පුරවමිනි.ඉන් මිදෙන්නට මෙන් වට පිට බැලූ මගේ නෙතට හසු වූයේ ඉදිරිපස ඇති ජෑම් ගසය. මහ වැස්සෙන් බේරෙන්නට මෙන් ජෑම් ගසෙහි අත්තකට වී ගුලි වී සිටින පොල් කිච්චාගේ ශෝකී නාදය සිතෙහි ඇති කළේ තිගැස්මකි.සිතෙහි ඇති තිගැස්මත් මුළු පරිසරයත් යම් නිමිත්තක් කියන්නට තතනන සැටියෙකි. දුරකතනය නොනවත්වාම හඬ තලයි.‘අනේ නංගි සතිෂ් . . .’කුසුම් අක්කාට කියා ගත හැකි වූයේ එකී වචන කිහිපය පමණි.සිහින් ඉකිබිඳුම ඇය කියන්නට ගිය දේ කියා හමාර කළාය. තිගැස්සුණු සිත සමඟ මම උන් තැනම ගල් ගැසුනෙමි.‘සෙනසුරාදා තමයි මල්ලිව දැඩි සත්කාර ඒකකයට ගත්තේ. ඉරිදා රෑ අපි එයාට බෝධි පූජාවක් තියලා සෙත් පැතුවා.ඒ කටයුත්ත ඉවර වෙලා මම කෙළින්ම ආවේ හොස්පිටල් එකටමයි.එතකොට රෑ එකොළහ මාරයි. මල්ලිට හොඳටම නින්ද ගියා.ඒ වෙලාවේ අපේ සිතට පුංචි සැනසීමක් දැනුණා.ඒත් අද උදේ පාන්දර හතරයි පහළොවට විතර ආව දුරකථන ඇමතුම කිව්වෙ මල්ලි අපිව දාල යන්නම යන්න ගිය බවයි.’සිය සහෝදරයා මිය ගිය ශෝකයෙන් නැෙඟනා ඇගේ ශෝකී ස්වරය හදවතට රැගෙන එන්නේ රිදුමකි.ඒ රිදුම ඔස්සේ සිත දිව යන්නේ මීට පෙර සතිය දෙසටය. එදත් සඳුදාය.‘දැන් නම් මල්ලිට ගොඩක් හොඳයි.’සිය මවගේ සොහොයුරු වූ ෂෙල්ටන් පෙරේරාගේ පුතු සතිෂ් පෙරේරා එනම් සිය ඥාති සොහොයුරා පිළිබඳ කුසුම් පෙරේරා පැවසුවේ කොපමණ බලාපොරොත්තු සහගතවදැයි සිතේ.‘පිළිකා හොඳ කරන වෙද මහත්තයෙක් ඉන්නවා අම්බලන්තොට පැත්තේ. එතනට යමුද?’මා යෝජනා කළේ තවත් බලාපොරොත්තුවක සහන් එළිය ඇගේ සිතෙහි දල්වමින්.ඒත් ඒ සහන් එළිය දකින්නට මත්තෙන් ඔහු අප අතැර ගියේය.වැස්ස තුරල් වී ඇත. වැහි බීරමත් පරිසරයෙහි වූ ගුප්ත බවත් එලෙසමය.කාලය ගෙවී ගියේය. කලල්ගොඩ නිවෙසට අප පියමං කළේ ඔබ දකිනු රිසියෙනි.වෙනදා අප දුටු විට නැඟෙනා සොඳුරු සිනහව අමතක කර ඔබ තද නින්දේය.ඒ කිසිදා නොඇහැරෙන තද නින්දකට පිවිසි විලසකිනි.‘අවසන් ලියුමයි ඔබට ලියන්නේවිරහ කඳුළු රැඳි පෑනෙන්කියවා හැඬුවටමට නම් කම් නෑමගේ සිත අද තද නින්දේ’නුඹ කවදත් ගයනා ඒ ගීතය මගේ සිතට පිවිසියේ නිතැතිනි.එ ගැයූ අයුරින් අද ඔබගේ සිත මෙන්ම ගත ද තද නින්දකට පිවිසි බවක් නොවේ ද අපට හැඟෙන්නේ.ඔබ හැර ඒ හැඟුම දැඩිව දැනුුණා වූ සියල්ලෝම ඒ ශෝකයේ හැඩි දැඩි ඝන කළු පුවත හදවත හිර කරමින් කදුළකට පෙරළීය. ඒ කඳුළේ අයිතිකාරිය වූ දිනේෂා ඔබගේ දෙණ අසලට වී වැළපුණු වැළපිල්ල මට සිහි කළේ යශෝදරාවතයි.ඔබේම ලේ වලින් ජනිත වූ නව මසැති අක්ෂිත් බිළිඳු පුතු ඇගේ උණුහුමට ගුලි වී නිදයි.දෙවසරක් පුරාවට ඔබ හා දුක සැප බෙදා ගත් ඔවුන් සනසන්නට තුරුළට නොගන්නේ මන්දැයි අසන්නට පැමිණියේ ඔබට කවදත් ආදරය කරනා රසික සහෘදයන්ය. වෙනදා ඔබ ‘මගේ සිත අද තද නින්දේ’ යැයි ගයනා විට විඳීනා ඔවුන් එදා පැමිණියේ ඔබව තද නින්දෙන් ඇහැර වන්නටය.එපමණටම ඔබගේ මියුරු ස්වරය ඔවුන්ගේ හදවත සොරා ගත් බවට සාක්ෂියක් තවත් තිබේදැයි යන්න සැක සහිතය.‘සතිෂ්ගේ හිත හොඳ වැඩියි’සමීපතමයකු ඔබගේ ගුණ ගැයුවේ බොරු ශෝභනයට නම් නොවේ.තවකෙක් කීවේ ඔබට කිසිකුගේ සිත රිද්දන්ට නොහැකි බවකි.සංජය, සුබාෂ්, අනුපමා, අනුරාධා යන සොහොයුරු - සොහොයුරියන් අතර තුන්වැන්නා වූ නුඹගේ හදවත රැඳුණු අවිහිංසක බවින් ඔවුන් පුදුමයට පත් විය.එපමණක් නොව මීට මාසයකට ඉහත දී ‘ඔබට තිබෙන්නේ ලියුකේමියා නම් රෝගයයි’ යැයි දොස්තර සිය දෙනෙත් දල්වා කියූ කළ ඔබ පෙන් වූ සංසුන් බව ඔවුන් හද පාරවයි.ඊටත් වඩා ඔබ නැති සොවින් වැළපෙන මෑණියන්ගේ නිහඬ බව අපට පසක් කරන්නේ ඔබට ඇති ආදරය නොවේද?පුරා හතළිස් දෙවසරක් අප හදවතෙහි ජීවමාන වූ නුඹගේ උපන් දිනයට ඇත්තේ හරියටම මසක කාලයකි.ඒ සියලු මතක මං පෙත් හැරදා ඔබ සදහටම අප හැරදා නින්දට ගොසිනි.මම ඔබ දෙසම බලා සිටියෙමි.‘මගේ සිත අද තද නින්දේ’මම තිගැස්සී වටපිට බලමි. කියූ ලෙසටම ඔබ තද නින්දෙන් අවදි වන මතුª යම් දිනක් වේද?නැවතත් ඔබ අප පුදුම කරමින් අප අතරම නින්දෙන් අවදි වන්න යැයි මම අයැදීමි.ඒ ඔබගෙන් සමුගන්නට මොහොතකට මත්තෙනි.තිලානි ශානිකා විතානාච්චිසේයාරූ - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
සුදු සරමකින් සහ කළු කෝට් බෑයකින් සැරැසුණු මල්සරා ගමන ඇරැඹුවේය. එක් අතකින් කුඩය අල්ලා ගත් ඔහු අනෙක්උරයෙන් එල්ලා ගත් ලැප්ටොප් පරිගණකයදෙස වරින්වර බැලුවේය.මල්සරාගේ ගමනවේගවත්ය. වැඩිපුර නැවතුණේ දීග නොගියතරුණ තරුණියන් සිටින ගෙවල් ළඟය.මල්සරා යනු නව්‍යකරණය වූ කපු මහතෙකි. දැන් ඔහු සිටිනුයේ සුපුරුදු රාජකාරි ගමනෙහි යෙදෙන අතරතුරය.ආ . . . පිලිප් මහත්තයා උදෑහැනක්, බෑරක්ද මේ?මල්සරාට ඊළඟට හමු වනුයේ වෘත්තියෙන් මිනී බෑන්ඩ් ශිල්පියකු වූ දොන් පිලිප්ය. ඔහු මැදි විය ද ඉක්ම වූ පැසුණු මනසක් ඇති අයකි.කොහෙ යන්නද ගෙදර යනවා මිසක්. . .පිලිප් රැල්බුරුල් හැර උත්තර දුන්නේය.ඒක නෙවෙයි මහත්තයෝ, මහත්තයලාගෙ ගෙදර ඉන්න සචිත්‍රා තාම තනිකඩයි නේද? බලමුද මඟුලක්. මගේ ලැප්ටොප් එකේ ලස්සන කොල්ලො ගොඩකගෙ පින්තූර තියනවා.පිලිප්ට මල්සරාගෙන් ගැලවීමක් නැත.මෙතන ඕනේ නැහැ. යමුකො ගෙදරට.පිලිප් මල්සරා ද කැටුව ඒ මාවතේම අංක 99/9 දරණ සිය නිවසට ගොඩ විය.සචිත්‍රා සචිත්‍රා . . . මෙහෙට එමුකො බලන්න. මෙන්න මල්සරා ඇවිල්ලා.ඉවරයි ඉවරයි ඉවරයි . . . මං ලියන්න හදපු කතාව එහෙම් පිටින්ම අමතක වුණා මේ කෑගැහිල්ලට. මල්සරා නෙවෙයි සුදු රෙදි හොරෙක් ආවත් ඔහොම කෑගහන එක අපිට, නෑ නෑ . . . මට හරිම හිරිහැරයක්නේ.පිලිප්ගේ බෙරිහන්දීමට ඒ කේන්ති ගියේ ඇලපාත ලියනවඩුටයි. ඔහු තිරකතා රචකයෙකි. ඔහු මේ දිනවල ‘තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා’ යන ටෙලි නාට්‍ය රචනා කරමින් සිටියි.මං ආවෝ . . . මෙන්න මං ආවෝ . . .සචිත්‍රා වෙනුවට ඒ ආවේ ඇයගේ අක්කණ්ඩිය විචිත්රායි.මෙන්න අනිත් ඝන්ටාරේ ආවා.දඩස් හඬ නංවමින් ඇලපාත කාමරයේ දොර වසා ගත්තේය.ඔයා නෙවෙයි සචිත්‍රාට අනේ එන්න කිව්වේ.පිලිප් අහක බලාගෙන කීය.කවුද දුව මේ ඇවිත් ඉන්නේ?මේ කෑගැහිලි මධ්‍යයේ ඒ ආවේ චිත්රාය. ඇය සචිත්‍රා සහ විචිත්‍රාගේ මව වේ.හප්පේ හරිම මහන්සියි. අද ගොඩක් සේල්ස් තිබුණා.ලේන්සුවකින් මුහුණ පිහ දමමින් පාපිස්ස මත සපත්තු ගසා දමා නිවසට ඇතුළු වූ මේ පුද්ගලයා සම්පත් බටුගෙදරය. 99/9 නිවසේ අයිතිකරුවා වන ඔහු අලවිකරණයේ යෙදෙන තරුණයකි. මල්සරා හැර අනෙක් පස් පුද්ගලයින් නවාතැන් ගෙන සිටින්නේ බටුගෙදරගේ මේ නිවසෙහිය. මල්සරා අතුරු චරිතයක් ලෙස ඔවුන් හමුවට එයි.මේ හය දෙනාගේ චින්තනයන් විවිධාකාරය. සිදුවන අකරතැබ්දයන් ද එමටය. හාස්‍යයෙන් ද නිමක් නැත.පිලිප් ඇලපාත, චිත්‍රා, විචිතා සහ සචිත්‍රා අප නිවසට එන්නේ සෑම ඉරු දිනකම රාත්‍රී 7 ට ස්වර්ණවාහිනී නාලිකාවෙනි. වසන්ත මොරගොඩ මේ පුද්ගලයන් වෙසෙන ඇලපාත පිලිප් බටුගෙදර සිටින අංක 99/9 දරණ නිවස අධ්‍යක්ෂණය කරයි.වසන්ත මිට ප්‍රථම ‘ඇන්ඩ් කම්පනි’ මාලා නාටකය, කළුවර එළිය, සඳ සාක්කි වැනි නාට්‍ය අධ්‍යක්ෂණය කරන ලදී.99/9 ටෙලි සිතුවමෙහි පිලිප් ලෙස ඩබ්ලිව්. ජයසිරි රංගනයේ යෙදෙයි. ජයසිරි දීර්ඝ කාලයකට පසු හාස්‍යොත්පාදක චරිතයක් රඟන්නේ මෙහිය.ලියනවඩු වනුයේ රිචඩ් මානමුදලි වේ. සමන් ඒකනායක බටුගෙදර වෙයි. ප්‍රවීණ රංගන ශිල්පිණී මැණිකේ අත්තනායක චිත්‍රා ලෙසින් ද, පියුමි ශානිකා විචිත්‍රා ලෙසින් ද, නිරෝෂා තලගල සචිත්‍රා ලෙසින්ද 99/9 හැඩ කරයි.ප්‍රවීණ සහ නව පරපුරේ නළු නිළියන්ගේ සුසංයෝගයක් වූ 99/9 දර්ශන තලය ද ඉතා අපූරු එකක් යැයි කිව හැකිය.99/9 නිෂ්පාදන කණ්ඩායම:කලා අධ්‍යක්ෂණය - සහන් බෙල්ලන්ගම, මෙරිල් සුසන්තසහය අධ්‍යක්ෂණය – ධනුෂ්ක එන්. පෙරේරා, චතුර එම්. ප්රනාන්දුසම්බන්ධීකරණය - ජයරත්න ගලගෙදරපරිඝණක කටයුතු - සුසන්ත පුෂ්පකුමාරසංස්කරණය - චන්දන ඩිල්ෂාන්මුල්ය කළමනාකරණය -මේනකා මොරගොඩවසන්තගේ99/9 ගෙදරටගොඩ වෙමු- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සබඳ බබානිස්’ ටෙලි නාට්‍යයේ මම රඟපාන චරිතයට රසිකයන්ගෙන් බොහොම ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන මට බොහොම සතුටුයි. නිලූක ප්‍රසාද්ගේ ‘සයුරි’ ටෙලි නාට්‍යයටත් මා රංගනයෙන් සහභාගි වන නිසා එහි නැවත රූගත කිරීම් ආරම්භ කරන්නේ තව ටික දවසකින්.සරත් ධර්මසිරිගේ ‘කිංචි ගුණේ’ කියන ටෙලි නිර්මාණයෙත් මට රඟපාන්න චරිතයකට ආරාධනා ලැබුණා. උපන් දිනයේදී ආගමික කටයුතුවල නිරත වෙන්නත් සිතාගෙන සිටිනවා.
|
CREATIVE
|
සුපර් සික්ස්, මායා, ප්‍රවේගය, රාවනා ආදී සිනමාපට නිෂ්පාදනය කළ ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්ගේ නවතම සිනමාපටය මේ දිනවල රූගත වේ. පූජා උමාශංකර්, හේමාල් රණසිංහ සහ ශේෂාද්‍රි – උද්දික ප්‍රේමරත්න සුපෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙන මෙහි ජීවන් කුමාරතුංග, මිහිර සිරිතිලක ඇතුළු රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් රංංගනයෙන් දායකවීමට නියමිතය.සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත එක් වෙයි. මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂණයකි. නලීන් ප්රේ්මතිලක අංග රචනා ශිිල්පියාය.මෙම සිනමාපටයට තවමත් නමක් තබා නොමැති අතර රූ ගැන්වීම අතරතරදී ඊට නමක් යොදන බව සහාය අධ්යක්ෂවරයා සරසවියට දන්වා සිටියේය.ප්‍රසාද්
|
CREATIVE
|
සුගත් සමරකෝන් කියන්නේ අධ්යක්ෂවරයකුම පමණක් නොවෙයි, ඔහු නවකයිනට මඟහසර කියා දෙන ගුරුවරයකු ද වෙනවා. සුගත් තම රංගන පාසල පවත්වාගෙන යනු ලබන්නේ සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශියේ.එහි නවක සිසු සිසුවියන් බඳවා ගැනීම එන ඉරිදා සිදුවනවාලු. සුගත් අධ්‍යක්ෂණය කළ ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටය අගෝස්තු පළමුවැනිදා සිට තිරගතවීම ඇරැඹීමට නියමිතයි.- ප්‍රසාද්
|
CREATIVE
|
අනිල් කපූර්ට දූ දරුවන්ට දිය හැකි හොඳම දායාදය රංගනයයි. ඒ දායාදයට මුලින්ම උරුමකම් කීවේ සෝනම් කපූර්ය. දැන් රංගනයට පිවිසෙන්නේ කපූර් පවුලේ බඩපිස්සා සහ එකම පුතු හර්ෂ්වර්ධන්ය. එහෙත් ඔහුගේ රංගන ප්‍රවේශය නිසා වඩාත්ම අසහනයට පත් වී සිටින්නේ අක්කණ්ඩිය, සෝනම්ය. ළදරුවකු වැනි මලණුවන් කෙසේ නම් මේ භාරධූර කර්තව්‍ය ඉටු කරාවිදැයි ඇයට සැකය. ‘මිර්සා සහීබා’ චිත්‍රපටයේ මිර්සා ලෙස රඟන්නේ හර්ෂ්වර්ධන්ය.‘මිර්සා සහීබා’ ශෝකාන්තයක් රැගත් ප්‍රේම වෘතාන්තයකි. සෝනම් බිය වුවත් හර්ෂ්වර්ධන් රංගනය සහ තිර රචනය ගැන අමෙරිකාවෙන් අධ්‍යාපනය ලබා පැමිණියේ මෑතකදීය. ඊට අමතරව ඔහු අනුරාග් කාශ්‍යප්ගේ බොම්බේ වෙල්වට් සිනමාපටයේ සහාය අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබේ. එනිසා විසි එක් හැවිරිදි හර්ෂ්වර්ධන් ගැන සෝනම් අක්කණ්ඩියට බිය විමට හේතුවක් නැත.සෝනම්, රියා දෙසොයුරියන් සහ හර්ෂ්වර්ධන් අතර ඇත්තේ සොයුරු දම පරදන මිතුදමකි. ඔහුට සොහොයුරියන් කෙතරම් ජීවිතයට සවියක් වී ඇත්දැයි පැවසුවොත්, ඊට ළෙන්ගතුකමට එක් උරහිසක සොයුරියන්ගේ නම් පවා කොටා ගෙන ඇත.
|
CREATIVE
|
ජෝන් ඩෙන්වර් හැත්තෑව දශකයේ ජනප්‍රිය අමෙරිකානු ජාතික ගායන ශිල්පියෙක්, පද රචකයෙක් වගේම රංගන ශිල්පියෙක්. ඩෙන්වර් පසුගියදා සම්මානනීය වුණා. ඔහු මෙලෙස සම්මානනීය වුණේ ලොස් ඇන්ජලීස්හි හොලිවුඩ් තරු මාවතේදීයි.එහිදී ජෝන් ඩෙන්වර් නමින් තරුවක් වෙන් කෙරුණා. හොලිවුඩ් තරු මාවතේ තරුවක් හිමිවීම හොලිවුඩ් කලා ශිල්පීන් ශිල්පිනියන් අතිශයෙන් සතුටට පත්වෙන කරුණක්. ඒ වුනත් ඒ සතුට විඳීන්න ජෝන් ඩෙන්වර් අද ජීවතුන් අතර නැහැ.ඔහු මෙලොවින් සමු ගත්තේ මීට වසර දහහතකට පෙරදීයි. ඒ වෙනුවෙන් පසුගියදා මෙම අවස්ථාවට සහභාගි වුණේ ඩෙන්වර්ගේ දියනිය සහ පුත්‍රයා යි. Annie’s Song, Take Me Home, Country Roads, Rocky Mountain High, Sunshine On My Shoulders ඔහුගේ ගීත අතරේ ලොව පුරා ජනප්‍රිය වූ ගීතයන් වේ.යතේජා
|
CREATIVE
|
කිවිසුරු රැපියෙල් තෙන්නකෝන් මහතා ජීවත් වූ නිවෙස ‘රැපියෙල් තෙන්නකෝන් සමරු ශබ්දාගාරය’ (සුසර ශබ්දාගාරය) ලෙස නිමවා තිබේ.දැයේ දූ දරුවන්ගේ රසඥතාවය වර්ධනය වන සුන්දර ළමා ගීත, දේශාභිමාන ගී, දේශීය නැටුම් කලාව සදහා සුන්දර වාදිත නිෂ්පාදනය වන ශබ්දාගාරයක් වන මෙය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ 13 වන සැතපුම් කණුවට නුදුරින් පැරකුම්දෙනිය ගම්මානයේ පිහිටා ඇත.එහි අද ශේෂව පවතින මැද මිදුල කෑම කාමරය හා මුළුතැන්ගෙවල් දෙක අද මෙලෙස ශබ්දාගාරයක් ලෙස නිමකර තිබේ.කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් බිහි වූ සංගීතවේදියෙකු වන කිත්සිළු වික්‍රමසිංහ මෙම ශබ්දාගාරයේ අධිපතීත්වය උසුලන අතර ඔහු රැපියෙල් තෙන්නකෝන් මහතාගේ මුණුපුරෙකි.ලෝකයේ වැඩිම ගණනක් කවි ලියා ගිනස් වාර්තාවකට හිමිකම් දැක්වූ රැපියෙල් තෙන්නකෝන් මහතාට ඒ වෙනුවෙන් මුනිදාස කුමාරතුංගයන් විසින් ‘කිවිසුරු’ යන ගෞරව නාමය ප්‍රධානය කරන ලදී.වවුළුව, ගමායනය, සක්ව පුබුදුව, රුප්පේ අන්දරය එතුමා ලියූ කෘති අතුරින් කිහිපයකි.වැඩි විස්තර www.kithsiludhanaja.com වෙබ් අඩවියෙන්.යතේජා - ඡායා - මාලන්
|
CREATIVE
|
රංගන ශිල්පියකුට උපරිම සතුට ලබා දෙන්නේ ප්රේක්ෂකයායි. රිතික්, ‘ක්රිෂ්් 3’ අති සාර්ථකත්වයත් සමඟ ඒ සතුට දීවාලි සමයේ ජයටම භුක්ති වින්දේය. ඔහු ගේට් සිනමා ශාලාවේ සිට ප්‍රේක්ෂකයන් හා එක්ව සිනමාපටය නැරැඹූහ.ලැබුණු ප්‍රතිචාර කෙතරම් ඉහළදැයි කිවහොත් ඔහු හදවතේ ගැඹුරුම තැනින් රසික ප්‍රජාවට තුති පිරිනැමුවේය. ‘ක්‍රිෂ්’ සිනමාපට මාලාව ඇරැඹුණේ ‘කොයි මිල් ගයා’ සිනමාපටයෙනි. රිතික්ගේ පියා රාකේශ් රොෂාන්ගේ මේ නවතම විද්‍යා ප්‍රබන්ධ සිනමාපටය ඔහුත් සමඟම නැරැඹූ ගී පද රචක ජාවඩ් අක්තාර් මෙය හොලිවුඩයේ මට්ටමටම ඇති බව ප්‍රකාශ කළේ මුව පුරා ඔහුට ප්‍රශංසා කරමිනි.චෙන්නායි එක්ස්ප්‍රස් සිනමාපටය වාගේම ‘ක්‍රිෂ් 3’ ද ඉන්දියාව පුරාම ඇති සිනමාහල්වල තිරගත කෙරිණි. පළමු දිනයේදී සිනමාපටයෙන් ලැබුණු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 25 කි. ‘ක්‍රිෂ් 3’ තිරගත කෙරුණේ නොවැම්බර් 1 වැනි දිනයි.සිකුරාදා වැනි වැඩ කරන දිනයක තිරගතකර මෙතරම් ඉහළ ආදායමක් පළමු දිනයේ ලද වෙනත් සිනමාපටයක් නැත. මීට පෙර ඒ වාර්තාවට හිමිකම් කීවේ ‘දාබන්ග් 2’ ය. ‘ක්‍රිෂ් 3’ සිනමාපටය කෝටි 200 ආදායම් සමාජයට පහසුවෙන්ම එක්වනු ඇතැයි කියා බොහෝ දෙනා විශ්වාස කරති.ක්‍රිෂ් 3 සඳහා ඉන්දියානු රුපියල් කෝටි 100 – 150 ක (අමෙරිකානු ඩොලර් මිලියන විසිතුනක) අති විශාල මුදලක් වැය වී තිබේ. රාකේෂ්ගේ ඕනෑම සිනමාපටයක සුබ පෙර නිමිත්ත දර්ශන තලයේදී සිදුවන අනතුරුය.මේ සිනමාපටයේ ද්විත්ව චරිත නිරූපණයක යෙදෙන කතා නායක රිතික් රෝෂන්ට හා නිළි ෂෞර්යා චෞහාන්ට සිදු වූ අනතුරු නිසා සුබම සුබ ලකුණු පෙන්වීය. කොන්දට සිදු වූ අනතුර නිසා රිතික්ට මුල්ම රූගත කිරීම්වලට සහභාගිවීමට ඉඩ නොලැබිණි.රූගත කිරීමේදී නළු නිළියන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වී තිබේ. හයිද්‍රාබාද්වල සහ මූම්බායිවල දැඩි උණුසුම් දේශගුණයක සිනමාපටය රූගත කෙරිණි. මුහුණුවලට දැමූ ඉටි ආවරණ දියවෙන තරමට උෂ්ණත්වය දැඩි විය.මේ නිසා රිතික්ට දිනකට මුහුණට ඉටි ආවරණ 5 – 6 ක් දැමීමට සිදු වූ අවස්්්ථා තිබී ඇත. ත්‍රිමාන සිනමාපටයක් ලෙසින් තිරගත කිරීමට නියමිත වී තිබුණ ද කාල වේලා නොමැතිකම නිසා ‘ක්‍රිෂ් 3’ ද්විමාන සිනමාපටයක් ලෙසින් ප්‍රේක්ෂකයන්ට දකින්නට වරම් ලැබී තිබේ.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ගායන ශිල්පී කීර්ති පැස්කුවල්මේ සතිය මගේ සංගීත පංති සහ අලුත් ගීතයේ වීඩියෝ එකත් තවත් වැඩසටහන් කිහිපයක්ම සමඟ කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම සති අන්තයේ මගේ ‘කීර්ති එකෝස්ටිකා’ ෂෝ එකේ පුහුණු වීම් යෙදිලා තියෙනවා. මේ සතිය අනෙකුත් සතිවලට වඩා මට ඉතාම විශේෂයි. ලබන 29 වැනිදාට මගේ උපන් දිනය යෙදිලා තියෙනවා.ඒ වෙනුවෙන් කෝට්ටේ ශ්‍රී වජිර ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් සංගීත පංතියක් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් විදියට ආරම්භ කෙරෙන මෙහිදී ළමුන්ට ගායනය, වාදනය වගේම ප්‍රාසංගික කලාව පිළිබඳ දැනුම ලබා දෙන්න කටයුතු කරනවා.තිලානි / යතේජා ඡායාරූප - ටෙනී / මාලන්
|
CREATIVE
|
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සිනමාහලට පැමිණෙමින්විශිෂ්ඨ දකුණු ඉන්දීය සංගිත අධ්යක්ෂ ඉලෙරාජා සංගීත අධ්‍යක්ෂණය කළ සූර්යා සිනමාපටයේ සම්පූර්ණ වැඩ නිමවා විශේෂ දැක්මක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ සාක් කමිටු සභාපති එස්. එල්. ඩබ්ලිව්. සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණ. එය වෛද්‍ය නිරංජන්ගේ අධ්‍යක්ෂණයකි.කාංචනා මෙන්ඩිස්, චතුරිකා පීරිස්, නිලන්ති ඩයස්, ක්ලීටස් මෙන්ඩිස්, රිචාඩ් මානමුදලි, ඇන්ටන් ජූඩ් ඇතුළු නළු නිළියන් රැසක් රඟපෑ මෙහි ගීත රචනා සෝමපාල ලීලානන්දගෙන්ය.සූර්යා වෛද්‍ය නිරන්ජන්ගේම නිෂ්පාදනයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
හුරුබුහුටි දූ සිඟිත්තිය සූරි සමඟ ටොම් කෲස් සහ කේට් හෝම්ස් ගත කළ ප්‍රීතිමක් යුග දිවිය පසුගිය වසරේදී දෙදරා වැටුණේ ආගම නිසා බව ටොම් කෲස් පවසන්නේය.සූරි දියණිය මගේ ආගමෙන් ඈත් කිරීමට ආරක්ෂා කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ටොම් කියයි.සූරි කිසි ලෙසකින් (කායිකව, මානසිකව, ආර්ථිකව, හැඟීම් වශයෙන්) තමන්ගෙන් ඈත් කළ නොහැකි බව ඔහුගේ අදහසයි.දික්කසාද වී දින 110 ක් යනතුර කෲස්ට, සූරි මුණ නොගැස්වීමට ද කේට් වග බලාගෙන තිබේ.කෙටි විද්‍යුත් පණිවුඩ මඟින් ඇය දිගින් දිගටම කෲස් සමඟ සටන් කරන්නීය. ඔවුනගේ දික්කසාද නඩුව ලබන වසරේදී විභාග කිරීමට නියමිතය.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ආනන්ද බස්නායක මිය ගියේය. පුවත මට පැවසුවේ ටොරානා වීඩියෝ මූවිස් අධිපති කුමාර කොතලාවලය. ආනන්ද අය්යා යනුවෙන් කලා ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය උපාලි රංජිත් බස්නායක කලක් අතිශය ජනප්‍රිය වෙළඳ ව්‍යාපාරයක්ව තිබුණ කොල්ලුපිටියේ ඩ්‍රෙස්සෙන්ස් ආයතනයේ හිමිකරු විය. වසර ගණනාවකට පෙර නාට්‍ය ප්‍රෙව්ශ පත්‍ර ආදිය අලෙවිය සඳහා ද අතිශය ජනප්‍රිය වූ ඩ්‍රෙස්සෙන්ස් ආයතනය තවත් අතකින් පතල ව තිබුණේ කලාකරුවන් නිතර ආගිය තැනක් හැටියටය.ආනන්ද නොසිටින්නට මෙරට සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපට දෙකක් දැක ගන්නට නොලැබෙන්නට ඉඩ තිබිණ බැවිනි.ඒ බඹරු ඇවිත් සහ පාර දිගේ යන චිත්‍රපට යුගලයයි.කොළඹ ආනන්දයේ ඉගෙනුම ලබන සමයේ ආනන්ද සිනමා ලෝලියක් නොවුවත් ඔහුගේ බාල සොහොයුරා සිනමා සහ ගුවන් විදුලි නළුවකු වූයේය. හැටේ දශකයේ ජනප්‍රිය ළමා නළුවකු ව සිට අකල් මරණයකට ගොදුරු වූ ශ්‍රීනාත් බස්නායක ආනන්ද අය්යාගේ බාල සොහෙයුරා විය.එහෙත් ආනන්ද අය්යා සිනමාවට එක් වනුයේ බඹරු ඇවිත් සමගය.කලක් සළුසල මහනුවර කාර්යාලයේ සේවයේ නියුතුව සිට එයින් ඉවත්ව තමන්ගේම ව්‍යාපාරයට අත ගසා සිටි ආනන්ද සිය මස්සිනා වූ තිලක් ගොඩමාන්න චිත්‍රපට නිෂ්පාදනයෙහිලා පොළඹවා ගැන්මෙහි සමත් ව සිටි හෙයිනි.එයින් නොනැවතුණු ඔහු සිය මාමණ්ඩිය ඇල්බට් ගොඩමාන්න පාර දිගේ නිෂ්පාදනයට ද යොමු කළේය.ධර්මසේන පතිරාජයන්ගේ මේ මාහැඟි චිත්‍රපට යුගලයන් පසුපස සිටි අදිසි හස්තය ආනන්ද අය්යා විය.බඹරු ඇවිත් චිත්‍රපටයට ඇඳුම් නිර්මාණයෙන් ද දායක වූ ඔහු අනතුරුව පාර දිගේ චිත්‍රපටයේ සීසර් කෙනෙකුගේ චරිතය ද නිරුපණය කළේය.එයින් පසු තිර ගත කළ සිංහල චිත්‍රපට දෙසියකට ආසන්න සංඛ්‍යාවක ආනන්ද අය්යා ඇඳුම් නිර්මාණයට දායක වූයේය.එමෙන්ම නොම්මර දාහත ඇතුළු චිත්‍රපට රැසක ම ඔහු සුළු චරිත නිරූපනය කළේය. ඒ නළුවකු වීමේ අභිලාෂයෙන් නොව හිතවත්කමේ ප්‍රතිඵලයක් හැටියටය.එපමනක් නොව කලාකරුවන්ගේ හිතවත් කම නිසාම ආනන්ද අය්යා කිසි විටෙක කාටවත් බැහැයි කියන්නට ගියේ ද නැත. කලක් ස ප්‍රසංගයේ ඇදුම් නිර්මාණය වූයේ ද ආනන්ද අය්යා අතිනි. එයින් නොනැවතී ස ප්‍රසංගය සමග රට වටා ගිය ආනන්ද අය්යාට ඔහුගේ නැන්දනිය ස පිපාසාවයැයි නමක් ද පට බැන්දේය. කෙසේ වෙතත් ආනන්ද අය්යාගේ යාළු මිතුරු කම් නිසාම ඩ්‍රෙස්සෙන්ස් සාප්පුව පැත්තට ගිය විට බොහෝ තොරතුරු සොයැ ගන්නට ද එකල අපට හැකි විය.එපමනක් නොව ඕනෑම කෙනෙකු වෙනුවෙන් උපකාර කළ යුතු තැන එය මග අරින්නට ඔහු තැත් නොකළේය.ඒ සඳහා තමා ගන්නා අවදානම ඔහු නොසැළකුවේය.පසුගිය කාලයේ ආනන්ද අය්යා රෝගාතුර වූයේය.එහි දි කිහිප වරකට වඩා ඔහු දැක ගන්නට යන්නට මට නොහැකි විය.එබැවින් මේ ගුණ යහපත් මිනිසා වෙනුවෙන් අප අතින් පවා යුතුකම් ඉෂ්ට නොවීය යන වරදකාරි හැඟිම මා තුළ ද ඇත්තේය.හෘද සාක්ෂියෙන් ගැලවීමට අප දෙන පිළිතුර නම් අපේ කාර්ය බහුලත්වයයි.එහෙත් පශ්චත්තාප වීම වළක්වා ගත නොහැක්කේය.එයින් පසුව වුව ද තවත් හිතවතෙකුට වුව ඒ වරද අප අතින් සිදු වනු ඇත.එදාට ද අපේ පිළිතුර එයම වන්නේය.එහෙත් එය සෙස්සන්ට මෙන් නොව ආනන්ද අය්යා වෙනුවෙන් වළංගු කළ නොහැක්කේ ඔහු එපමණ දයාබර මිනිසෙකු වූ බැවිනි.ආනන්ද බස්නායක නම් සිනමා ලෝකයේ බොහෝ දෙනාගේ ආදරය දිනූ සොඳුරු මිනිසාට නිවන් සැප ලැබේවායැයි පතන්නට එය කිසිසේත් බාධාවක් නොවේ.අරුණ
|
CREATIVE
|
කීර්තිමත් පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනකාන්ත ගීත රැසක් ලියූ ප්‍රවීණ ගීත රචකයකු වූ සිරිල් ඒ. සීලවිමල මිය ගොස් දෙසැම්බර් 04 වැනි දිනට වසර දෙකක් සපිරේ. මේ නිමිත්තෙන් ලබන දෙසැම්බර් පළමුවැනිදා රාත්‍රී සුමධුර දම් දෙසුමක් සහ පසු දින සංඝගත දක්ෂිණාවක් අනුරාධපුර ඔහුගේ වැඩිමල් පුතුගේ නිවසේදී පැවැත්වේ.නව පරපුරට ආදර්ශමත් පුවත්පත් කලාවේදියකු ලෙස රිවිරැස සහ දවස පුවත්පත්වල කර්තෘත්වය දරමින් ඉතාමත් අනගි සේවයක් ඉටු කළ හෙතෙම මෙරට අතිශය ජනාදරයට පත් ගීත රැසක පද හිමිකරුවා ද වෙයි. වික්ටර් රත්නායක ගැයූ ‘මෝහෙන් මුලා වෙලා’, මොරිස් දහනායක ගායනා කළ ‘මෙත් මල් පිබිදේවා’, සුදෝ පොඩ්ඩක් හඬන්න’, එච්. ආර්. ජෝතිපාල ගැයූ ‘විෂ්ණු දෙවිඳේ’, එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සමඟින් ගැයූ ‘හොඳ සිරියාවයි ආකාසේ’, ‘දෝතින් දෝතයි’, ‘හදවත මාගේ තටු සලා’, ‘හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක සමඟ ගායනා කළ ‘ආනන්ද මේ රෑ’ වැනි ජනප්‍රිය චිත්‍රපට ගී රැසක් ඔහු විසින් රචනා කර තිබේ.ප්‍රසිද්ධිය පසුපස හඹා නොගිය සීලවිමල මහතා ගීත ලොවටත්, පුවත්පත් කලාවටත් අමිල මෙහෙයක් කළ අයෙකි. කලාව මෙන්ම සාර්ථක දිවි පෙවෙතක් ගත කළ සීලවිමල මහතා පුතුන් දෙදෙනකු සහ දියණියන් දෙදෙනකුගේ පියෙක් වශයෙන් සිය යුතුකම් ඉටු කළ දයාබර පීතෘවරයෙකි. සීලවිමල මහතාගේ ජීවිතයට සවියක් වෙමින් ඔහුගේ ළඟින්ම සිටි දයාබර බිරිය අනුලා සීලවිමල මහත්මිය ඔහුගේ ගුණ සුවඳ සමඟ අදටත් හදවතින් බැඳී සිටිමින් එතුමා වෙනුවෙන් මෙම පිංකම සිදු කිරීමට මූලිකත්වය ගෙන සිටින්නීය.- යතේජාමහින්ද චින්තන වැඩ පිළිවෙළ අනුව කලාකරුවන් දිරි ගැන්වීමේ හා අගැයීමේ අරමුණැතිව ආරම්භ කළ ‘සුව ප්‍රතිභා’ කලාකරු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි තෝරා ගත් කලාකරුවන් පිරිසකට පසුගියදා අදාළ රක්ෂණ ඔප්පු පිරිනැමීම සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.මෙහිදී කලාකරුවන් 60 දෙනකු සඳහා අදාළ රක්ෂණ ඔප්පු ප්රදානය කළ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් සංස්කෘතික සංවිධානයේ සභාපති සුනිල් දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. ශ්‍රී ලංකා නිදහස් සංස්කෘතික සංවිධානය මඟින් මෙය සංවිධානය කරන ලදී.- යතේජා
|
CREATIVE
|
පරාක්‍රම ජයසිංහගේ නවතම චිත්රපටයසැදෑ අඳුර සතර වටෙන් ගලා එයි. ඒ අඳුර මදකට හෝ මෑත් වූයේ අඳුර පලවා හරින්නට මෙන් තරගයට දැල්වෙන ගිනිදැල් නිසාය. ඇසිපිය නොසොල්ලා මේ ගිනිදැල් දෙස බලාගෙන සිටියේ යුවතියකි. කළුපැහැති ඇඳුමකින් සැරැසී සිටි ඇය දෙස විමසිල්ලෙන් බලන්නෙකුට මුහුණ නොපෙනේ. ඒ එය බිමට බර වී ඇති හෙයිනි. එහෙත් වරින් වර ගැස්සෙන දෙවුර පැවසූයේ ඈ හඬනා බවකි. ක්ලෙමන්ට් රොබට්ගේ වැඩිමහල් දියණිය වන සේරා පමණක් සිය පියා දමා යනු නොහැකිව එහි ම රැදුණාය.“ඩැඩා අපි තනිවුණා“සේරාගේ ඉකිබිඳුම යළි යළිත් උස්ව නැඟිිණි. කලක් රෝගාතුරව සිටි පියාගේ මුහුණ ගිනිදැල් අතරින් මතු වී තමා දෙස බලා සිටින්නේ යැයි ඇයට හැඟුණි. පියාගේ පවුලෙහි උරුමයෙන් ලැබුණු අවමංගල්‍ය ආයතනයට ඇත්තේ දිගු ඉතිහාසයකි.එහෙත් ඔහු රෝගී වූ පසුව ඇඳ වැටුණු මේ ව්‍යාපාරය නිසා ගිලී සිටින කර වටක් තරම් ණය බර සේරාගේ ඉහමොළ රත් කළාය. ඉන් ඇගේ සිත තව තවත් ශෝකයේ ගිලී ගියා මිස පෙනෙන තෙක් මානයක විසඳුමක් පෙනෙන්නට නොතිබිණි. පියා මිය ගිය ශෝකයත්, සිය පවුල ඇඳ වැටුණු ඛේදවාචකයත් සිහිවීම නිසාදෝ සේරා හෙළු දිගු සුසුම වාතලයට මුසුවූයේ හීන් හඩක් නංවමිනි. ඒ විගසම නැඟී සිටිය ඈ මදක් තවමත් දැල්වෙන චිතකය දෙස බලා සිට සෙමෙන් ගමන් ඇරැඹූයේ තම නිවෙස කරා ගමන් කරනු සඳහා ය.දින කිහිපයක් ගත වී ගියද පියා පිළිබඳ සිතුවිලිවලින් රෝගාතුර වූ සිත තවමත් එසේම යැයි සේරාට සිතිණි. ඈ පියා විසූ කාමරයෙහි දොර පියන විවෘත කර ඊට ඇතුළත් වූයේ ඔහුගේ සුවඳ මෙහි රැදී ඇතැයි යන සිතුවිල්ල පෙරටු කර ගනිමිනි. විවෘත කරන ලද ජනේලයෙන් ඇඳී ආ සූර්යා ලෝකය මුළු කාමරයම අරක් ගත්තේය.“මේ දේපළයි වස්තුවයි විකුණලා ණය ගෙවලා දමනවා“වරක් ඇය තීරණය කළාය. එහෙත් ඇය එකෙණෙහිම ඒ අදහස වෙනස් කළේ ‘ඇයි මට බැරි මේ ව්‍යාපාරය ගොඩගන්න‘ යැයි තමාටම මුමුණමිනි.“බැංකු ණයක් ගත යුතුයි“ඕ සිය අදහස් පෙළ ගැස්වූවාය. එහෙත් සේරාගේ අදහස සඵල නොවූයේ බැංකුව ඇයට ණය ලබාදීම ප්‍රතික්ෂේප කළ බැවිනි. ඇයගේ මතකයට පැමිණියේ බිලීය. මේ වෙලාවෙහි තමාට උදව් කළ හැක්කේ ඔහුට පමණි.“මම හිතන් ඉන්නේ තාත්තාගේ ව්‍යාපාරය අතට ගන්න“බිලී හමු වූ සේරා තම අදහස ඔහු සමඟ කියා පෑවේ තම අවශ්‍යයතාව ද පවසමිනි. බිලී සේරාට උදව් කිරීමට පොරොන්දු වූයේ ඈ කෙරෙහි ඔහුගේ සිතෙහි ඇති වී තිබූ බිය මුසු ගෞරවය නිසාය. ඇගේ සිතැඟි පරිදි සියල්ල සිදු වූයේය.පැරැණි ෆ්‍රෙසර් සහ රොබට්ස් අවමංගල්‍ය ව්‍යාපාරය අතු අතිලා දලු ලා වැඩෙමින් තිබිණි. නොසිතූ ලෙස ලැබුණු ලාභයට හේතුවූයේ වර්තමානයට ගැළපෙන අයුරෙන් ව්‍යාපාරය නිම කිරීම වග සේරා දැන සිටියාය. එහි සේවයට බැඳී සහයෝගය දැක් වූ සේවකයන් තිදෙනාව ද ඇය සිහිපත් කළේ හදවතෙහි නැගුණු බැතියකිනි.කාලය ගෙවී ගියේය. නිම කළ නොහැකි තරමට ලැබෙන වැඩකටයුතු එකින් එක අඩුවන වගක් සේරාට දැනිණි. ඈ පසුවූයේ විමසිල්ලෙනි. ඊට හේතු සාධක සොයමින් සිටි සේරාට මේ කුමක් වන්නේ දැයි නොදැනුණාය. ඇයට වැටහුණේ නැවතත් ඇගේ ව්‍යාපාරය හදිසියේම පහළට ඇඳ වැටෙන්නට පටන් ගෙන බව පමණකි.“මිස් මේක නම් භූත බලපෑමක් ද කොහෙද?“සේවකයෙක් පැමිණ ඇයට පැවසුවේ අමනාපයෙනි. ඇයගේ සිතට ද ඒ අදහස දැනෙමින් පැවතුණේ හදිසියේම ඇතිවූ මේ තත්ත්වය නිසාය.“කුමක් නම් කළ යුතුද?“සේරා දස අතේ කල්පනා කළේ තම හෝන්දු මාන්දු වූ සිතට සහනයක් ගෙන එන කුමක් හෝ කරුණක් පිවිසේ විය යන අදහස පෙරදැරිවය.සේරාගේ ව්‍යාපාරයට සත්‍ය ලෙසම භූත බලපෑමක් නම් ඈ කුමක් කරනු ඇත්ද? ඒ ගැන දැන ගැනීමට නම් ඔබ ‘කේසෙරා‘ සිංහල චිත්‍රපටය නැරැඹිය යුතුය.තිර රචනය සහ අධ්‍යක්ෂණය - පරාක්‍රම ජයසිංහනිෂ්පාදනය - මයාලි ජයසිංහ සහ රිෂිණි ජයසිංහනළු නිළියන් -මිෂෙල් හර්ෆට්, ඔෂිණි පෙරේරා,යොෂිණි අබේසේකර, හාන්ස් බිලිමෝරියා, දිල්හානි ඒකනායක, ඩබ්ලිව් ජයසිරි, ප්‍රියංකර පෙරේරා, සැන්ඩෝ හැරිස්, ඇන්ජලා සෙනෙවිරත්න, මානලේ වානගුරු, සිරිල් වික්‍රමගේ, අමරසිරි කලන්සූරිය, කේ.පියකරු, දමිත් ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු තිලාණි ශානිකා
|
CREATIVE
|
පියෝ ටීවි හරහා විකාශය වන චැනල් 16 ආයතනය මඟින් එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 05 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ දී ‘අවුරුද්දට තරු ඇවිල්ලා’ යනුවෙන් අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයක් පැවැත්වෙනු ඇත. එදිනට කිරුළු පළඳින කුමර - කුමරියන් මෙරට ජනප්‍රිය තරු බවට පත් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. එසේ සිදුවනුයේ නාලන් මෙන්ඩිස්, රොෂාන් කුරුප්පු සහ නිරෝෂන් ඉලේපෙරුම යන අධ්‍යක්ෂවරුන්ගේ ටෙලි නාට්‍යයන් හි රංගනයට අවස්ථාව ලබා දෙමිනි. මෙම තරගයට සහභාගිවීමට කැමැති කඩවසම් තරුණයන් සහ සුන්දර යුවතියන් පහත සඳහන් කූපනය පුරවා අවුරුද්දට තරු ඇවිල්ලා, සරසවිය බාරේ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ළඟදී ගත් පැහැදිලි ඡායාරූපයක් ද අමුණා එවිය යුතුය.මේ සඳහා එවන සෑම ඡායාරූපයක් සමඟම සරසවිය පුවත්පතේ පළවන කූපනය පිරවීම අනිවාර්ය වේ.අවසාන තෝරා ගැනීම විනිශ්චය මණ්ඩලය සතුය.- ප්‍රසාද්
|
CREATIVE
|
අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්රදානෝත්සවය පසුගියදා නිමාවිය.ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි.මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි.හම්බන්තොට දිස්ත්‍රික්කයෙ ,රණමයුර යෞවන සමාජයෙන්,දකුණු පළාත නියෝජනය කරමින් ජාතික යෞවන සම්මාන 2012 ප්‍රදානෝත්සවයේ දී කැටයම් සම්ප්‍රදායික අංශයේ දී ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කිරීම ලී කැටයමක් ලෙස ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථානය හිමිකරගත් හඳුගල පදිංචි ටි.ඩි.කේ.අජිත් කුමාර පිළිබඳව හදුන්වා දීමට අද යංග් ටැලන්ට් තීරුව වෙන් කෙරේ.තම පියාට සහෝදර සහෝදරියන්ට මෙන්ම කුමාරට ද චිත්‍ර කලාව පිළිබඳ සහජ දක්ෂතාවක් ඇත.න/හඳුගල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ දී පත්මිණී, දොන් වීරසිංහ යන ගුරුවරුන්ගෙන් චිත්‍ර කලාව ප්‍රගුණ කළ කුමාර, දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධි තෙවන වසරේ මූර්ති කලා අධ්‍යනාංශයේ ඉගෙණුම ලබයි.තම අයියා වන තුෂාර චමිලසිරි ගෙන් මූර්ති කලාව ඉගෙන ගත් කුමාර ඊට අමතරව උද්‍යාන මූර්ති,මියුරල් ආදී කලාවන් හී නිරතව සිටී.චිත්‍ර , කැටයම් , මූර්ති කලාවෙන් ජයග්‍රහණ බොහොමයක් ලබා ඇති කුමාර මූර්ති කලාව රැක ගැනීම උදෙසා ඊළඟ පරම්පරාවට මේය ඉගැන්වීමට බලාපොරොත්තු වේ.තිස්සඡායා - මාලන්
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.