comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
ජනපි‍්‍රය ගායක අනුර පළිහවඩන ට ජිප්සීස් නායක සුනිල් පෙරේරා තමන්ගේ ජනපි‍්‍රය ගීත දොළහක අයිතිය පසුගිය දා පැවරුවා. අනුර සුනිල්ගේ හොඳ රසිකයෙක් වගේම ඔහුට ගරු කරන කෙනෙක්. ඒ වගේම මේ දෙන්නාගේ රූපයත් කටහඬත් ටිකක් සමානයි. අනුරට ඩුප්ලිකේට් සුනිල් කියා නමක් පටබැඳුණෙත් ඒ හින්දා. මේ ළඟදි දවසක අනුර සුනිල්ව හමුවෙන්න සුනිල්ගේ ගෙදරට ගියා. සුහද කතාබහ අවසානයේ දී සුනිල් තමන් සතුව තිබූ වටිනා තොප්පි තුනක් එදා අනුරට තෑගි විදියට දුන්නා. අනුරට ඒ ගැන හරිම සතුටුයි.ඔහු මේ ගැන මාධ්‍ය හිතවතකුටත් පැවසුවා. ‘ආ.... උඹ අනුන්ට තොප්පි දැම්මා හොඳටම ඇති. දැන් ඉතිං මේ තොප්පි උඹට දාගන්න පුළුවන් නේ.’ කියලා මාධ්‍ය මිතුරා පුංචි විහිළුවකුත් කළා. අනුර දැන් ප්‍රසංගවලට විතරක් නෙවෙයි කඩපිලට යන්නෙත් මේ තොප්පි මාරුවෙන් මාරුවට දාගෙනලු. ඒ විතරක් නෙවෙයි අනුර මේ තොප්පි ගලවන්නේම නැහැලු. රෑට නිදා ගන්නෙත් තොප්පි දාගෙනම කියලා තමයි ආරංචිය. 
CREATIVE
කලා හැකියාවන් බොහෝ දෙනාට උරුමව තිබුණත් තරු ලෙස කලා ලොවට පායන්න වරම් ලැබෙන්නේ ඒ අතුරින් ටික දෙනකුට විතරයි. විවිධ ක්ෂේත්‍රවල රැකියාවන්හි නිරත වුවත් ඔවුන්ගේ කලා හැකියාවන් නම් යටපත් වෙන්නේ නැහැ. මෙවැනි හැකියාවන්ගෙන් යුතු වූ සැමට අද වේදිකා රැසක් විවෘත වෙලා තියෙනවා. ඒ අතර ‘රට විරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාවත් සුවිශේෂී වෙනවා. අපේ රටේ ආර්ථිකය තව තවත් සවිමත් කිරීමේ භාරදූර කටයුත්ත සමඟින් විදෙස් රැකියාවන්හි නියුතු සොයුරු සොයුරියන්ගේ ගායන, නර්තන හැකියා දැක්වීමට ‘රට විරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාව දැන් විවෘත වෙලා තියෙන්නේ කටාර් හි සේවයේ නියුතු වුවන්ටයි. ඒ අනුව ලබන 28 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ඔබ හමුවට පැමිණෙන්නේ මේ පිරිසයි.2008 වසරේ සිට කටාර් හි වායුසමීකරණ කාර්මික ශිල්පියකු ලෙස සේවයේ නිරත මීගමුවේ සාගර නදීපති පෙරේරා සිය ගායන හැකියාවන් දක්වන්න නියමිතයි. කුඩා වියේ සිට ගායනයට ලැදි සාගර මීට ඉහත දී සිරස සුපර් ස්ටාර් හි දෙවන වටය දක්වා පැමිණි තරගකරුවෙක්. ගායනයට අමතරව ඔහු ඩ්‍රම්ස් වාදනයටත් දක්ෂතා දක්වන්නෙක්.මීළඟට රට විරුවෝ වේදිකාව ගීතවත් කරන්නේ මහනුවර ක්‍රිෂාන්ත නයනජිත් වීරසිංහ. සිය ගායන හැකියාවන් එළි දැක්වීමට බලාපොරොත්තු වන ක්‍රිෂාන්ත පාසැල් කාලයේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති අතර තරඟ සඳහා සහභාගි වී ජයග්‍රහණ ද හිමි කරගෙන තිබේ. 2009 වසරේදී කටාර්හි සේවයට එක් වූ ඔහු භෝජනාගාර සේවකයෙකුª ලෙස රැකියාවේ යෙදී සිටියි.උදිත මේනක කටාර්හි රට විරුවෝ වේදිකාවේ සිය නර්තන හැකියාවන් දක්වන්නට බලාපොරොත්තු වන තවත් තරුවක්. මර්සිඩිස් බෙන්ස් ආයතනයේ ණය පාලක ලෙස සේවය කරන උඩුගම්පළ උදිත, එහි සේවයට එක්වන්නේ 2008 වසරේදීයි. පාසල් අධ්‍යාපනය හමාරවන තෙක්ම විෂයක් ලෙස නර්තනය හදාරා ඇති ඔහු උඩරට නර්තන ශිල්පියකුª ලෙස වෙස් බැඳීම ද සිදු කර ඇත.කටාර්හි ප්‍රමාණ සමීක්ෂකවරයකු ලෙස සේවය කරන සම්පත් ප්‍රියදර්ශන ජයසේකර ගායන හැකියාවන් උරුම කරගත් තරුණයෙක්. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු කටාර් හි මීට ඉහත දී පැවැති සුපර් ස්ටාර් ගායන තරගයකින් සත්වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. වරකාපොල පදිංචි සම්පත් විදේශ සේවයට එක් වී ඇත්තේ 2010 වසරේදීය.හසිත් චන්දීර කටාර් හි ‘රට විරුවෝ’ වේදිකාව සරසන නර්තන තරුවක්. උසස් පෙළ දක්වාම නර්තනය විෂයක් ලෙස හදාරා ඇති හසිත් උඩරට වෙස් බැඳී නර්තන ශිල්පියෙක්. පාසල් කාලයේදී නර්තන තරග සඳහා සහභාගී වී ඇති ගනේමුල්ලේ පදිංචි හසිත් ගායනයට ද දස්කම් දක්වන්නෙක්. 2011 වසරේදී විදේශ සේවයට එක් වූ ඔහු කාර්මික ශිල්පිියෙකු ලෙස සේවයේ යෙදී සිටියි.රජීව නිර්මාල් මෙවර ‘රට විරුවෝ’ වේදිකාවට පැමිණෙන්නේ සිය ගායන හැකියාවන් ඔබට පෙන්වන්නයි. මීට පෙර තානාපති කාර්යාලය විසින් පවත්වන ලද සුපර් ස්ටාර් තරගයේ දෙවන ස්ථානය දිනාගත් ගායන තරුවකි. කටාර් හි අලෙවි ප්‍රවර්ධක නිලධාරිවරයකු ලෙස සේවයේ නිරත රජීව නිර්මාල් විදේශ සේවයට එක් වී ඇත්තේ 2007 වසරේදීය.යතේජා ඥානරත්න
CREATIVE
‘ඩූම් 3’ සිනමාපටයේ කත්‍රිනා කායිෆ් සහ අමීර් ඛාන් ‘අඟුටුමිට්ටයි සුරංගනාවයි’ නොවුණේ උසම උස බූට් යුවළක් නිසා බව බොහෝ දෙනෙක් නොදනිති. ‘තූ හි ජූනූන්’ ගීතයේදී කත්‍රිනා සමඟ අමීර් බූට් යුගල පලඳාගෙන ප්‍රේමණීය රංගනයක යෙදී ඇත්තේ ඉතා අසීරුවෙනි. අමීර්ගේ උස අඩි පහයි අඟල් හයක් පමණි. එහෙත් කත්‍රිනා අඩි පහයි අඟල් අටහමාරක් උසය.ඇතැම් දේපලවලට හානි සිදු වී ඇත. සුරතල් සතුන් කාරයේත්, දූවරුන් මිතුරියන් සමඟත් තැබූ ඇයත් බොනිත් එදින රාත්‍රිය ගත කර ඇත්තේ හෝටලයකයි. කාමරය ගිනි ගන්නා විට බොනි කපූර් බැහැරකට ගොස් සිටියේය. මීට පෙර ෂාරුක්ගේ නිිවෙසේ ද සුළු ගින්නක් ඇති විය.
CREATIVE
සරත් ධර්ම සිරිගේ ‘සත්පත්තිනි’ වගේම සංජය ගුණවර්ධනගේ ‘රන්සේරු’ ටෙලි නාට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වන ගමන්ම, මගේ රඟපෑම ප්‍රේක්ෂකයන්ට ‘සූරියභානු’ ටෙලි නාට්‍යය ඔස්සේ ඉදිරියේ දී දැකගත හැකි වේවි.ඊට අමතරව ලයිසියම් පෙර පාසලේ හා නුගේගොඩ පෞද්ගලික ආයතනයක නාට්‍ය හා රංගකලාව උගන්වන ගුරුවරයකු ලෙස කටයුතු කරනවා.නුගේගොඩ ආයතනයේ ඉගැන්වීම් කටයුතුවලට සම්බන්ධ වුණේ උපුල් සන්නස්ගල මහතාගේ ආරාධනයෙන්.
CREATIVE
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.‘ද වුමන් ඉන් බ්ලැක්’ ත්‍රාසජනක කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. සුසැන් හිල්ගේ ‘ද වුමන් ඉන් බ්ලැක්’ නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ මෙය මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතුªවේ. ජේම්ස් වොට්කින්ස් අධ්‍යක්ෂණය කළ මෙහි ඩැනියෙල් රැඩ්ක්ලිෆ්, සිරන් හින්ඩ්ස්, ජැනට් බැක්ටීයර්, ලීස් වයිට් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.ආදරය හාස්‍ය රැගත් ‘දිස් මීන්ස් වෝර්’ හොලිවුඩ් චිත්‍රපටය ත්‍රිකෝණ ප්‍රේම කතාවක් පදනම් කරගත් චිත්‍රපටයක්. ජෝෂප් මැක්ගිනිටි අධ්‍යක්ෂණය කළ මෙහි රීස් විතස්පුන්, ක්‍රිස් පයින්, ටොම් හාර්ඩ්ලි, විල් සැච්විගර් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘දිස් මින්ස් වෝර්’ මිනිත්තු 97 ක ධාවන කාලයකින් යුතු වේ.මයික් මැක්කෝ සහ ස්කොට් වොග් විසින් අධ්‍යක්ෂණය කළ ‘ඇක්ට් ඔෆ් වැලෝර්’ ක්‍රියාදාම චිත්‍රපටයක්. රොස්ලෙන් සැන්සෙච්, නෙස්ටර් සෙරානෝ, එමිලිඕ රි වේරා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය මිනිත්තු එකසිය දහයක කාලයකින් යුතු වේ. 70 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී මේ සඳහා හොඳම ගීතයට හිමි සම්මානය හිමි විය.ටේලර් පෙරී විසින් අධ්‍යක්ෂණය කළ ‘ගුඩ් ඩීඩ්ස්’ ප්‍රේමණීය කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ටැන්ඩි නිව්ටන්, ටේලර් පෙරී, බ්‍රඩන් ජේ. වයිට්, රෙබෙකා රොමිජන්, ජැමී කෙනඩි, පෙසීලා රෂාඩ්, ගෙබ්‍රියෙල් යුනියන් මෙහි රංගනයෙන් දායක වෙති. ‘ගුඩ් ඩීඩ්ස්’ මිනිත්තු එකසිය එකොළහක ධාවන කාලයකින් යුතු වේ.‘අ තවුසන්ඩ් වර්ඩ්ස්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. බ්‍රයන් රොබින්ස් අධ්‍යක්ෂණය කළ මෙහි එඩී මර්ෆි, කෙරී වොෂින්ටන්, ක්ලිෆ් කර්ට්ස්, ක්ලාර්ක් ඩනුක්, ඇලිසන් ජෙනී ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘අ තවුසන්ඩ් වර්ඩ්ස්’ මිනිත්තු අනූ එකක කාලයකින් යුතු වේ.රාජට් කපූර් අධ්‍යක්ෂණය කළ ‘ෆැට්සෝ’ හාස්‍යමය සිදුවීම් රැගත් හින්දි චිත්‍රපටයක්. රන්වීර් ෂෝරේ, ගුල් පානග්, පුරබ් කෝහිල්, නේල් භූපාලම් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.රාජන් කෝෂා අධ්‍යක්ෂණය කළ ‘ගට්ටු’ කුඩා පිරිමි ළමයෙකු වටා ගෙතුන කතා පුවතක් රැගත් ළමා චිත්‍රපටයක්. මොහොමඩ් සමාඩ්, නරේෂ් කුමාර්, ජයන්තා ඩයස්, සොයිසා අර්ෂාඩ්, රිෂිට් කෞෂික්, සරවාසා සින්ග්, මොහිටි පාන්චේ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කළ ‘ගැන්ග්ස් ඔෆ් වෙස්පූර්’ අපරාධයක කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. පවුල් තුනක් අතර බලය, දේශපාලනය නිසා ඇති වන අරගල හා පළිගැනීම් ගැන කියවෙන මෙහි මනෝජ් බජ්පායි, රිචා චඩ්ඩා, තිග්මාෂු ධුලිකා ප්‍රධාන චරිත පණ පොවති.- යතේජා ඥානරත්න
CREATIVE
විකට රංගන ශිලපියකු ලෙස ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් මහින්ද පතිරගේ මේ දිනවල ඔබේ මුවගට හිනාවක් රැගෙන එන්නේ ‘කෝරලේ මහත්තයා’ ටෙලි නාට්‍යයේ පිනාගේ චරිතයෙන්. ඕනෑම තැනක විහිළුවක් කරලා ඔහු ඉන්නේ හරිම සැහැල්ලුවෙන්.ඔහු මේ දවස්වල චිත්‍රපට දෙක තුනකමත් රංගන කටයුතුවල නියැළෙනවා. එක චිත්‍රපටයක රූගත කිරීම් කරලා ටිකක් විවේකයෙන් සිටින වෙලාවකදි ඔහු දැක්කා බිම වැටිලා තිබුණු තරමක් දිග රිටක්. වැඩකුත් නැති එකේ මේ රිට අතට ගත්ත මහින්ද එය ලතාවකට එහෙට මෙහෙට කරකවන්න පටන් ගත්තා. නිකමට පටන් ගත්තත් මහින්දටත් නොදැනිම වැඩේ අල්ලලා ගියා.මේ විදියට ටික වෙලාවක් ගතවුණා. මහින්ද තවමත් පොල්ල කරකවනවා. එතන හිටිය හැමෝම ඇවිල්ලා දැන් මහින්දව වට කරගත්තා මේ අපූරු සෙල්ලම මොකක්ද කියලා බලන්න. නමුත් මහින්දට වගේ වගක් නෑ තවමත් පොල්ල කරකවනවා. ‘මොකක්ද ඔය නටන නැටුම’ කියලා බලාගෙන හිටිය අය ඇහුවේ බලාගෙන ඉන්න බැරිම තැන.ඒ වෙලාවෙ තමයි මහින්දට තේරුණේ තමන් කර කර හිටිය වැඩේ බලන්න නාට්‍යයේ වැඩත් නවත්තලා කට්ටියම බලාගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවේ මහින්දගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වුණත් ‘මේක තමයි පොලු නැටුම’ කියලා මහින්ද තමන්ට නෙමෙයි වගේ අර රිට වීසි කළා. 
CREATIVE
නමින් ඔහු කේවල්රාම් කිශන්චංද් හෙවත් කේ. කේ. ජග්තියානිය. 1928 නොවැම්බර් 02 දා දැනට පාකිස්ථානයට අයිති පළාතක උපත ලද හෙතෙම පසුගිය ඔක්තෝබර් 04 දා මූම්බායි හිදී අභාවප්‍රාප්ත විය. භාරතය මවුබිම කොට ගත් කේ. කේ. 1945 සිට 1971 දක්වා වැඩිපුර කාලය ගත කළේ තමා දෙවන මවුබිම ලෙස සැලකූ ලංකාවේය. ඉන් පසුව ද ඔහු නිතර මෙහි ආවේය. ගියේය. හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය මෙන්ම කැසිනෝ ක්‍රීඩාවට දැක් වූ අසීමිත ඇල්මද ඊට හේතු වූවාට සැක නැත. මීට වසර හතකට පමණ පෙර හරියටම දිනය කීවොත් 2006 ජනවාරි 12 දා චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී ඔහු හමු වූ අවස්ථාවේදී මා හා සම්මුඛ සාකච්ඡාවකට එකඟ වූ ඔහු මේ ලිපිය ඔහු ජීවතුන් අතර නැති දිනෙක පමණක් ප්‍රසිද්ධියට පත් කරන ලෙස උදක්ම ඉල්ලා සිටියේය.“මං උපන්නේ දැනට පාකිස්ථානයට අයිති පළාතක. අපේ පවුලේ සහෝදරයෝ හතරයි. සහෝදරියෝ හතරයි. මං දෙවෙනියා. එයින් දැනට ජීවත් වෙන්නේ මායි නංගි කෙනෙකුයි විතරයි. මගේ පියා ගුරුවරයෙක්. ගාන්ධිතුමාගේ නිදහස් සටනට තාත්තයි, අයියයි දෙන්නම ක්‍රියාකාරීව සම්බන්ධ වුණා. හිරේ විලංගුවේ වැටුණා. 1947 රට නිදහස් වුණාට පස්සේ ඒ වෙනුවෙන් අයියාට විශ්‍රාම වැටුපක් පවා ලැබුණා. ඒක තවම එයාගේ බිරිඳට ලැබෙනවා. මාත් පාසැල් වියේම නිදහස් සටනට එකතු වුණා. මං ලාබාල නිසා මාව හිරේ දැම්මෙ නෑ. මාව ගිහිං දැම්මා ගෙදරින් හැතැප්ම හතළිහක් විතර දුර කැලේකට. මං පයින්ම ආපහු ගෙදර ආවා.ඉන්දියාව බෙදෙන කොට අපි හිටියේ පාකිස්ථානයට අයිති කොටසේ. තාත්තා අපිව හංගගෙන කරච්චියට යනවා. එතනින් නැවෙන් ආවා බොම්බායට.මං මුලින්ම ලංකාවට ආවේ 1945 තලෙයිමන්නාර් හරහා. ඒ නිර්මල සිල්ක් ස්ටෝරස් හි සෙල්ස්මන් හැටියට. එතකොට මගේ වයස 17 යි.මං නිතර ජින්තුපිටියේ මයිලන් තියටර් එකේ හින්දි චිත්‍රපට බලන්න යනවා. එහි අයිතිකරු මට යෝජනා කළා හින්දි චිත්‍රපට ගෙන්වලා කොමිෂන් අනුව පෙන්වීමට. 1948 මම කේ. කේ. ෆිල්ම්ස් නමින් චිත්‍රපට බෙදා හැරීමේ ආයතනයක් පටන් ගත්තා. මුලින්ම පෙන්නුවේ ‘ලේඛ්’ චිත්‍රපටය. ඉන් පස්සේ ‘බාබුල්’ ‘අනෝඛා ජ්යාර්. ඒ තමයි ආරම්භය. ඒක හුඟාක් සාර්ථක වුණා. ‘දුලාරි’ එහෙ හරිම අසාර්ථකයි. ලංකාවේ එක දිගට මාස හයකට වැඩි කාලයක් පෙන්නුවා. ඒකේ රඟපාපු ගීතා බාලිත් ලංකාවේ හිටපු කෙනෙක්.මගෙ දෙවන මවුබිම තමා ලංකාව. 1958 දී මං විවාහ වුනා. මගේ බිරිඳ උපන්නේ මෙහේ. මගේ ළමයි තුන්දෙනාම උපන්නේ මෙහේ. මං ලංකාවටත් ලංකාවේ මිනිස්සුන්ටත් හරිම ආදරෙයි. දැන් වුණත් වැඩි කාලයක් මං ජීවත් වෙන්නේ මෙහේ. විලියම් ගොපල්ලව හිටපු ජනාධිපතිතුමා මං කළ සමාජ සේවය ගැන මට සහතිකයකුත් දීලා තියෙනවා.1957 දී මම ක්‍රවුන් සිනමාහල සිලෝන් තියටර්ස්ලගෙන් බදු ගත්තා. 1971 වනතුරු ඒක කරගෙන ගියා.මං සිංහල චිත්‍රපට 3 ක් හැදුවා. මුලින්ම ‘කළ කළ දේ පල පල දේ’. මට ඕනෑ වෙලා තිබුණා ගාමිණී ෆොන්සේකාව ප්‍රධාන චරිතෙට ගන්න. නමුත් අධ්‍යක්ෂ ශාන්ති කුමාර්ට ඕනෑ වුණා ආනන්ද ජයරත්නව. මං ඒ දවස්වල ගාමිණීව ඒ තරම් දන්නේ නෑ. පස්සේ ගාමිණී මගේ හොඳ මිතුරෙක් වුණා. සමහර වෙලාවට මං ලංකාවේ ඉඳලා බොම්බායට යනදාට ඔහුගේ ජාඇල ගෙදර ගිහිං කෑම කාලයි යන්නේ. මං ඔහුගේ අවම¼ගුලට පවා සහභාගි වුණා.ඊට පස්සේ මං ‘සිඟිති සුරතල්’ හා ‘කලණ මිතුරෝ’ නිෂ්පාදනය කළා. තවත් හින්දි / සිංහල චිත්‍රපටයක් කිරීමට අදහස තවම මගේ හිතේ තියෙනවා. මං ඒ ගැන අපර්නා සෙන් එක්ක කතා කරලා තියෙනවා.හින්දි චිත්‍රපට නළු නිළියෝ හුඟ දෙනෙක් මගේ පුද්ගලික යාළුවෝ. 1961 දිලිප් කුමාර්ව ‘කොහිනූර්’ චිත්‍රපටය වෙනුවෙන් මං ලංකාවට ගෙනාවා. ළඟදී ලංකාවට ආපු සල්මන් ඛාන්, කරිශ්මා කපූර්, ජුහි චව්ලා, උදිත් නාරායන් වැනි අයව ලංකාවට ගෙන්වා ගැනීමට සම්බන්ධීකරණය කළේ මමයි.අපේ තාත්තා චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරලා තිබෙනවා. ‘භාරත් කී බේටි’ (භාරත දියණිය) ඉන් එකක්. මගේ දෙවැනි පුතා මමෝජ් ‘සිඟිති සුරතල්’වල රඟපෑවා. බාල පුතා දැනට ඉන්දුනීසියාවේ හින්දි චිත්‍රපට බෙදා හැරීමේ නිරතව සිටිනවා. ජීවරාණිව මට නිතර මුණ ගැහෙනවා. ඇගේ දුව බඳීන වෙලාවේ මං ඕස්ට්‍රේලියාවටත් ගියා.කොටි සංවිධානයේ රට බෙදීමට මං තදින්ම විරුද්ධයි. ඉන්දියාව බෙදිච්ච එක ගැන මං තවම කම්පා වෙනවා. ඉන්දියාවයි, පාකිස්ථානෙයි, බංග්ලා දේශයයි එක රටක්ව තිබුණා නම් කොයි තරම් විශාල බලවේගයක් වෙන්න තිබුණාද?මං නිදහස් ජීවිතයකට කැමැතියි. ඒ දවස්වල ශාන්ති කුමාර් යෝජනා කළා මට චිත්‍රපටයක රඟපාන්න. මං කැමැති වුනේ නෑ. මං ප්‍රචාරයට කැමැති නෑ. මට ඕනෑ නිහඬව ජීවත් වෙන්න.- සිරි කහවල
CREATIVE
පුංචි තිරයෙන් ප්‍රේක්‍ෂකයන්ගේ අවධානය දිනාගත් භාග්‍යා ගුරුසිංහ පසුගිය සඳුදා (15 වැනිදා) කොළඹ හිල්ටන් හෝටලයේදී විවාහ දිවියට පත් විය. ඇගේ අත ගත් මනාලයා වූයේ පියුෂාන් රත්නායකයි. අද (18 වැනිදා) ඇගේ දෙවැනි ගමනයි. එය පැවැත්වෙන්නේ ලේක් සයිඩ් හෝටලයේදීය. ඇගේ නැවුම් දිවියත්, සිය ආදරවන්තයා හමු වූ අයුරුත් ඈ ‘සරසවිය’ට කියා පෑවේ මේ අයුරෙනි.පියුෂාන්ව මුණ ගැහෙන්නේ කොහොමද?ඒ මියුසික් වීඩියෝ එකකින්.ඒ කියන්නේ?ඔහු ගැයූ ‘ඔබේ නීල නෙත් මානයේ’ ගීතයට රූප රචනාවක් කරන්න ගිහින්.ඊට පස්සෙ මොකද වුණේ?‘ඔයා නිසා හඬලා කියන ගීතයේ රූප රාමුවෙන් තමයි ඔහු මාව දැකලා තිබුණේ. ඒ අනුවයි ඔහුගේ ගීතයට මා තෝරා ගෙන තිබුණේ.ගෙදරින් අවසරය ලැබුණාද?මේ ගැන අහන්න මුලින්ම කතා කරලා තිබුණේ අම්මටයි. මුලින් නම් ඒකට අම්මා අකැමැති වුණේ ඔහුව නොදන්න නිසයි. ඒත් කොහොම හරි පසුව අම්මගෙන් ඒකට කැමැත්ත ලැබුණා.රූප රචනාවක් ගිය දුර නේද?ඒත් රූප රචනාව කාලෙදි නෙමෙයි ආදරයක් ඇති වුණේ.එහෙනම් කොහොමද?රූප රචනාවෙන් පස්සෙ ඔහු නිතරම අපේ අම්මත් සමඟ කතා කළා. ඒ විතරක් නෙවෙයි. අම්මගෙ හිත ගන්න තරම් එයා සමත් වුණා. ඒ අතර ඉඳලා හිටලා මටත් කතා කළා.ඊළඟට ආදරෙයි කිව්වද?මුලින්ම එයා මට එහෙම කිව්වේ නැහැ. මගේ ගමන් බිමන් ගැන හොයන්න ගත්තා. මට පැටියෝ කියලා කතා කළා. ඒත් මම පැටියෝ කියනවට කැමැති නැති නිසා, එහෙම කියන්නෙ ඇයි කියලා ඇහුවා.ඔහු මොකද කිව්වේ?එදා මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සෙ දවසකත් මා ගැන හෙව්ව නිසා මා ගැන මුකුත් අදහසක් තියාගෙනද හොයන්නේ කියලා මම ඇහුවා. ඊට පස්සේ ඔහු ඔව් කිව්වා. මම කිව්වේ අම්මගෙන් අහන්න කියල. ’ඔහු අම්මගෙන් ඇහුවද?දවසක් අම්මත් සමඟ කතා කරමින් ඉන්න අතරතුර ඒ ගැන අහලා තිබුණා. ඒ වන විටත් ඔහු අම්මාගේ හිත දිනාගෙනයි සිටියේ. ඒ වුණත් ගෙදර අයත් එක්ක කතා කරලා ඉන්න කියලා අම්මා පියුෂාන්ට කියලා තිබුණා.පියුෂාන් එහෙම කළාද?ඔව්, ඔහු අම්මගේ, තාත්තගේ කැමැත්ත අරගෙන ඒ අයත් එක්කම දවසක් අපේ ගෙදර ආවා.දෙන්නගේ ආදරයට අවසරය හිමි වුණා?දෙපැත්තෙම වැඩිහිටියන් කිව්වේ ආශ්‍රය කරලා ගැළපෙනවා නම් විවාහය දක්වා ගියාට ඔවුන්ගේ විරුද්ධත්වයක් නැති බවයි.කාලයක් ගියාට පස්සෙ ගැළපෙන බව වැටහුණාද?ඇත්තටම ඔහු මට බොහොම ආදරෙයි. මමත් පියුෂාන්ට ආදරෙයි. අපි දෙන්නගේ අදහස් වුණත් එක වගේමයි. ඒ විදියට අපි අවුරුදු දෙකක් ආදරය කළා.ඊළඟට විවාහය තීරණය වුණාද?දෙපැත්තෙන්ම ආශිර්වාදය හිමි වෙලා තිබුණ නිසා කේන්දර බලලා දින තීරණය කළාවිවාහයෙන් පස්සෙ රඟපානවද?රඟපෑමෙන් ඈත්වෙලයි මා ඉන්නේ.පියුෂාන් ඔබ රඟපානවට කැමැතිද?ඔහු වැඩිපුරම කැමැති මම රඟනොපානවාටයි. මොකද ඔහු කතරගම දේවාලයේ තමයි සේවය කරන්නේ.ඒ කියන්නේ භාග්‍යා සම්පූර්ණයෙන්ම රඟපෑමෙන් සමුගන්නවා?ඒක කියන්න බැහැ. ඉදිරි කාලයේ ඒක වෙනස් වෙන්නත් පුළුවන්.විවාහයෙන් පස්සෙ කතරගමද පදිංචි වෙන්නෙ?අපෝ නැහැ. අපේ පදිංචියට අලුත්ම ගෙයක් හදලයි තියෙන්නේ. විවාහයෙන් පස්සෙ අපි ඒකෙ පදිංචියට යනවා.ඔබව මනාලියක් ලෙස හැඩවැඩ කළේ කවුද?පළමු දවසේ මාව හැඩ කළේ චම්පි සිරිවර්ධනයි. එදා මා සැරසුණේ උඩරට මනමාලියක් ලෙසයි. අද මා සැරසෙන්නේ ලස්සන ගවුමකින්. අද මාව හැඩ කරන්නේ රුචිරා ජයරත්නයි.මල් කුමර, කුමරියෝ වගේම යහළු යෙහෙළියෝ කවුද?දෙපැත්තටම සිව්දෙනා ගණනේ අට දෙනෙක් සිටියා. මගේ නංගී ඇතුළු යෙහෙළියන් කිහිපදෙනෙකුත්, පියුෂාන්ගේ නෑදෑයෝ කිහිප දෙනෙකුත් ඊට සහභාගි වුණා.දෙවැනි දවසේ මංගල උත්සවය පැවැත්වෙන්නේ කොහෙද?පියුෂාන් ගේ පැත්තේ මංගල උත්සවය පැවැත්වෙන්නේ ලේක් සයිඩ් හෝටලයෙදි.පියුෂාන්ගේ අම්මා, තාත්තා මොකද කරන්නේ?කතරගම දේවාලයේ තමයි සේවය කරන්නේ.ඔහුගේ පවුලේ තව කවුද ඉන්නේ?මල්ලි විතරයි.මෙලෙස යුග දිවි ගමන් ඇරඹූ භාග්‍යා ගුරුසිංහට ‘සරසවිය’ වෙතින් සුබ මංගලම්.තිලානි ශානිකා විතානාච්චි 
CREATIVE
නිමල් එස්.ගුණරත්නමිලානි පෙරේරාකරුණාමුනි මර්වින් සිල්වාආශා ක්ලැරන්ස්හන්සනී චමෝදිකාහේමාල් රත්නායකවිදෙස් සේවයේ නියුතු අපේ රටේ සොයුරු සොයුරියන්ගේ ගායන, නර්තන දක්ෂතා දක්වන්නට ඉදි වූ ‘රටවිරුවෝ රියල් ස්ටාර්’ වේදිකාවේ මෙවර සිය කලා කුසලතා එළිදක්වන රටවිරුවන් හඳුන්වා දෙන්නයි මේ සූදානම. ලෙබනනයේ සිට ඔවුන් දැක් වූ ඒ හැකියාවන් ලබන 26 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ඔබට දැකබලා ගැනීමට ලැබෙනු ඇත.කුඩා අවදියේ සිටම ගායනයට තිබූ දස්කම් දක්වන්න ලෙබනනයේදී වාසනාව හිමි වූ සමරවීර ආරච්චිගේ සමන්ත රටවිරු තරුවක්. ලෙබනනයේ ගබඩා පාලකවරයකු ලෙස සේවයේ නිරත සමන්ත විචිත්‍රවත් නර්තනයකින් මෙවර රටවිරුවෝ වේදිකාව විචිත්‍රවත් කිරීමට සූදානම් ය. නාරාහේන්පිට පදිංචි සමන්ත විදේශ සේවයට එක් වී ඇත්තේ 1977 වසරේදී.මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වෙන්නේ ආශා ක්ලැරන්ස් සිල්වා. කුඩා කාලයේ පටන් ගායනයට උනන්දු වූ ඇය පැසල් කාලයේදී ගායන තරග සඳහා ද ඉදිරිපත් වී ඇත. පසුගිය වසරේදී ලෙබනනයේ පැවැති සුපර් ස්ටාර් තරගාවලිියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ද ආශා ක්ලැරන්ස් සමත් වී ඇත. රාගම ප්‍රදේශයේ පදිංචි ඇය විදෙස් සේවයට එක්ව ඇත්තේ 2007 වසරේදීය.නිකවැරටියේ හංසනි චමෝදිතා කුරුකුලසූරිය විදේශ සේවයට එක් වෙන්නේ සිය මව්පියන් ලෙබනනයේ සේවයේ නියුතු නිසාවෙනි. ඇය සතු නර්තන හැකියාවෙන් දස්කම් දක්වන්න අද රටවිරුවෝ රියල් ස්ටාර් තරගය සමඟ එක්වන්නීය.වත්තල මිලානි පෙරේරා මෙවර රටවිරුවෝ වේදිකාවට එක්වන්නේ සිය ගායන හැකියාවන් දැක්වීමටයි. පාසල් කාලයේදී සංගීත ක්ෂේත්‍රයට යොමු වූ ඇය තරග ජයග්‍රහණ පවා දිනා ගත් අයෙක්. ඉන් පසුව ඇයට තම ගායන හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්නේ ලෙබනන්හි රටවිරුවෝ වේදිකාවෙනි.කරුණාමුණි මර්වින් සිල්වා රටවිරුවෝ රියල් ස්ටාර් වේදිකාවට පැමිණෙන්නේ ගායන තරුවක් ලෙසයි. සහජයෙන් ලද ගායන හැකියාව හිමි ඔහු ශ්‍රී ලංකාවේදී සංගීත කණ්ඩායම් සමඟින් ගීත ගායනයට යොමු වී ඇත. සිය පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහු විදෙස් සේවයට එක් වී ඇත්තේ 1992 වසරේදීය.මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කිරීමට පැමිණෙන්නේ නිමල් එස්. ගුණතුංගය. පාසල් අවදියේ සිටම සංගීත ක්ෂේත්‍රයට යොමු වූ නිමල් වාදනයට ද දස්කම් දක්වන්නෙකි. ගාල්ලේ පදිංචි නිමල් ගුණතුංග ලෙබනනයේ විදෙස් සේවයට එක්වෙන්නේ 1988 වසරේ සිට ය.  යතේජා ඥානරත්න
CREATIVE
දශක හතරක් මුළුල්ලේ මූර්ති කලාවේ නියැළෙන ජයන්ත කෝලියවංශ මෑතකදී අප අතරින් වියෝ වූ රෙබෙකා නිර්මලී ගේ රුවක් තැනීමට සූදානම් වෙයි. ඒ ඇය ජීවත්ව සිටියදී ජයන්තගෙන් කළ ඉල්ලීමකට අනුවය.රෙබෙකාගේ තෙමස් ගුණ සමරුව සිදුකෙරන දින එය ඇගේ නිවසේ තැන්පත් කිරීමට ඔහු බලාපොරොත්තු වේ. අපට සිටින දක්‍ෂතම මූර්ති ශිල්පියකු වන ජයන්ත අතින් නිමවූ ප්‍රතිමා රැසකි.හසලක ගාමිණී, ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි විරුවන් ද ඒ අතර වේ. ඔහු නිර්මාණය කරන සෑම පිළිරුවකටම යටින් විශේෂිත සමරු සටහනක් ද තැබීම විශේෂත්වයකි.ප්‍රසාද්
CREATIVE
අද ලොව ජනූප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්ූවැූලක් වෙන්නයි මේ වෑයමOfficer Down ‘ඔෆිසර් ඩෝව්න්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. බ්‍රයන් ඒ. මිලර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ස්ටෙෆන් ඩොර්ෆ්, ඩොමිනික් පර්සෙල්, ඩේවිඩ් බොරෙනාස්, ඇගලයිනී මැක්ක්‍රොඩ්, ස්ටෙෆන් ලන්ග්, ජේම්ස් වුඩ්ස් සහ වෝල්ටන් ගොගින්ස් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.Jhon Dies at the Endඩොන් කාස්කෙයාර්ලි විසින් අධ්‍යක්ෂණය කළ ‘ජෝන් ඩයිස් ඇට් දි එන්ඩ්’ ත්‍රාසජනක සිදුවීම් ඇතුළත් හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්.චේස් විලියම්, රොබ් මේයිස්, පාවුල් ගයිමැටී, ග්ලින් ටෲමන්, බග් ජෝන්ස්, ඩැනියෙල් රොයි බුක් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ‘ජෝන් ඩයිස් ඇට් දි එන්ඩ්’ මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ.21 & Over‘ට්වෙන්ටි වන් ඇන්ඩ් ඕවර්’ හොලිවුඩ් හාස්‍යමය චිත්‍රපටයක්. ජෝන් ලූකස් සහ ස්කොට් මුරේ අධ්‍යක්ෂණය කළ මෙහි ජස්ටින් චාන්, මයිල්ස් ශලර්, ස්කයිලර් ඇස්ටින්, සාරා රයිට් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘ට්වෙන්ටි වන් ඇන්ඩ් ඕවර්’ මිනිත්තු 93 ක ධාවන කාලයකින් යුතු වේ.Welcome to the Punch‘වෙල්කම් ටු ද පන්ච්’ ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. එරාන් ක්‍රෙවි අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ.ජේම්ස් මැක්වෝයි, මාර්ක් ස්ට්‍රෝන්ග්, ඇන්ඩ්‍රියා රයිස්බර්ග්, එලයින් ගැබෙල්, පීටර් මුලාන්, ඩේවිඩ් මොරිසේ සහ ඩැනියෙල් මේයිස් ‘වෙල්කම් ටු ද පන්ච්’ හි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.Trance‘ට්‍රාන්ස්’ ත්‍රාසජනක සිදුවීම රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. මිනිත්තු එකසිය එකක ධාවන කාලයකින් යුතු මෙහි අධ්‍යක්ෂණය ඩැනි බොයිලි විසිනි.ජේම්ස් මැක්වෝයි, රොසයිරෝ ඩෝසන්, වින්සන්ට් කැසෙල්, ඩැනි ස්පැනී, මැටි ක්‍රොස්, වහබ් ෂීක්, ලී නිකොලස් හැරිස් ‘ට්‍රාන්ස්’ හි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.Now You See Meලොයිස් ලෙමීරියර් විසින් අධ්‍යක්ෂණය කළ ‘නව් යූ සී මී’ අපරාධයක කතා පුවතක් රැගත් ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්.ජේස් එසෙන්බර්ග්, මාර්ක් රුෆලෝ, වූඩි හැරෙල්සන්, ඉසෙලා ෆිෂර්, ඩේවි ෆැන්කෝ, මෙලයිනි ලෝරන්ට්, මොර්ගන් ෆ‍්‍රීමෑන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.Aurangzeb‘ඕරන්ග්සෙබ්’ හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. අතුල් සබ්හර්වාල් අධ්‍යක්ෂණය කළ මෙහි අර්ජුන් කපූර්, ප්‍රිතිවිරාජ් සුකුමාරන්, සාෂා අග්හා, රිෂි කපූර්, ජැකි ෂරොෆ්, දීප්ති නාවල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.‘ඕරන්ග්සෙබ්’ මිනිත්තු 115 ක ධාවන කාලයකින් යුතු වේ.Hum Hai Raahi Car Ke‘හම් හේ රාහී කාර් කී’ හාස්‍යමය හින්දි චිත්‍රපටයක්.ඡ්‍යොතින් ගෝල් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි සන්ජේ දත්, අනුපම් කේරි, ජුහි චවුලා, චන්කි පාන්ඩේ, රාති අග්නිහෝර්ති, දේව් ගෝල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.යතේජා ඥානූරත්න
CREATIVE
උදයකාන්ත වර්ණසූරියගේ අතිශ්‍ය ජනප්‍රිය ටෙලි සිතුවම් තුනක් ඩී. වී. ඩී. මාධ්‍යයෙන් පසුගියදා එළි දැක්විණ. ඒ දිය සුළිය, එකගෙයි කුරුල්ලෝ සහ සාගරය පරදායි. විජේරත්න වරකාගොඩ, මානෙල් වානගුරු, ප්‍රියන්ත විජේකෝන්, චන්න පෙරේරා ඇතුළු පිරිස එකගෙයි කරුල්ලෝ ටෙලි සිතුවම හැඩ කළ අතර, රත්නාවලී කැකුණවෙල, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිල්මිණි තෙන්නකෝන් දිය සුළිය සඳහා රංගනයෙන් එකතු විය. අචලා අලස්, නිල්මිණි තෙන්නකෝන් සාගරය පරදා ටෙලි සිතුවමේ ප්‍රධාන චරිත මවන ලදී. මේ කුමාර කොතලාවල වෙනුවෙන් ටොරානා වීඩියෝ මූවිස් නිෂ්පාදනයකි.- ප්‍රසාද්
CREATIVE
ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ අලුත්ම නිර්මාණ කටයුත්තක් ආරම්භ කරලා. එය නම් ඓතිහාසික කතා පුවතක් පදනනම් කරගත් ගීත නාටකයක්. වනය සහ තම වර්ගයා රැක ගැනීම වෙනුවෙන් අභීතව සටන් කළ පනාමුර ඇත් රාජයා සම්බන්ධ කතා පුවත තේමා කරගත් මෙම සංගීත රංගය නම් කර තිබෙන්නේ ‘පනාමුර කුංචනාදය’ නමින්.වසර 1952 දී සිදු වූ මෙම සිදුවීම ගැන තමා අවුරුදු දෙකක විතර පර්යේෂණයක යෙදුණ බවයි නවරත්න ගමගේ අපට කිව්වේ. ඊට පසුව මෙහි රංග කාර්යය නිර්මාණය කරන්න ඔහුට තවත් වසරක පමණ කාලයක් ගත වෙලා.පරිසරය හා සතුන් පිළිබඳව සංගීතය ඇසුරෙන් නිර්මාණය කෙරෙන මෙම නාද නාට්‍යය ජන සංගීතය, ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතයත් මුසු කර වෙනස්ම ආකාරයෙන් වේදිකා ගත කරන්නයි ඔහුගේ සූදානම.මේ දිනවල පුහුණුවීම් කටයුතු සිදු කෙරෙන මෙම සංගීත රංගය මේ වසර අගදී වේදිකාගත කරන්න නවරත්න ගමගේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රවීණ කලා ශිල්පීන් රැසකුත් මේ සුවිශේෂ නිර්මාණයේ කොටස්කරුවන් වෙලා සිටිනවා.ජනප්‍රිය ගීත රැසක් සමඟින් වේදිකා ගත වූ ‘සඳ එළියෙන් දෝතක්’ ඔහුගේ ප්‍රථම ප්‍රසංගයයි. මේ දිනවල වැඩිපුර නාට්‍ය සමඟ කටයුතු කිරීම නිසා කාලයක් තිස්සේ වැඩෙමින් පැවැති බලාපොරොත්තුවක් ලෙස මෙම සංගීත රංගය ගෙන එන බවයි නවරත්න ගමගේ සරසවියට කියා සිටියේ.
CREATIVE
ගැ - හදේ ප්‍රේම ආශා ඔයාටයි පිදෙන්නේ සඳේ මාළිගාවෙන් කුමාරයා වඩින්නේ පි - හැගුම් තාරකා මල් පිපීලා දිලෙන්නේ නුරා දෑස ආලේ කතාවයි කියන්නේ ගැ - සරාගී සමීරේ සෙනේහෙන් බැඳිලා ඔබෙන් පෙම් සුසුම් රැල් ගෙනේ මා සොයාලා පි - රැයේ සීත යාමේ ඔබේ පෙම් කුරුල්ලා පියඹා ඇවිල්ලා බැඳී ආදරේ ගැ - අමාවයි ලැබෙන්නේ ඔයාගේ තුරුල්ලේ හදේ දේවතාවා ඔබයි පෙම් සඳැල්ලේ පි - සෙනේහේ පිපාසේ ඔබෙන් සන් සිඳීයේ විලාසී විලාසේ බැඳී ආදරේරචනය ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සංගීතය වික්ටර් දළුගම ගායනය එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක අධ්‍යක්ෂණය රෝයි ද සිල්වා ස්ටැන්ලි පෙරේරාසුලෝචන වික්‍රමසිංහ
CREATIVE
සංගීතවේදීශාන්ත ජයලත් තිසේරාමා සංගීත අධ්‍යක්ෂණය කළ ‘ආදර දෑසක්’ හා ‘උතුම් පැතුම්’ කියන ටෙලි නාට්‍ය දෙක මේ දවස්වල විකාශය වෙනවා.ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘පිණි මුතු වැස්ස’ ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් මා සංගීත අධ්‍යක්ෂණය කටයුතු කළා. මේ සියල්ලටම අමතරව මගේ රැකියාවත් කරගෙන යනවා. ඒ සංගීත විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විදියට කටුගස්තොට ප්‍රදේශයේයි.
CREATIVE
අපේ රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන විශාකා සිරිවර්ධන පසුගිය දා සම්මානනීය වුණා. මෙරට කලා ක්ෂේත්‍රයට කළ සේවය අගැයීම වගේම සහජ දක්‍ෂතාව සහ ප්‍රවීණත්වය වෙනුවෙන් ඇය දේශ මාමක, දේශ ශක්ති ගෞරව කීර්ති, ජාතික ගෞරව නාම උපාධි සම්මානයෙන් පිදුම් ලැබුවා. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සම්මාන උලෙළේ දී විශාකාට මෙම ගෞරව සම්මානය පුද කළේ සමස්ත ලංකා සංස්කෘතික පදනම විසින්.
CREATIVE
මල්ලි, දැන් මට දැනෙන්නේ මගේ අත් දෙකම කඩලා දාලා වගේ.දිගු සුසුමක් පිට කරමින් රෝයි ද සිල්වා ඉවත බලාගෙනම කීය. ඔහු මෙතරම් දුකින් සිටි දිනයක් මා මතකයේ නැත. නිතරම සිනහමුසු මුහුණින් කොයි කා සමඟත් කුලුපග වන රෝයි අයියා අද සිටින්නේ මහත් වූ කම්පනයෙනි.* සුමනා අක්කට දැන් කොහොමද?ගෙනාවට වඩා දැන් ගුණයක් තියෙනවා.* ගහක් ගලක් වගේ හිටිය සුමනා අක්කට මොකද වුණේ රෝයි අයියා?ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් මල්ලි. කාටවත් තේරුම් ගන්න බැහැ. එදා දවස මතක් කරන්නවත් කැමැති නැහැ. ඒත් මං කෙටියෙන් සිද්ධ වුණ දේ කියන්නම්කො. අපේ අලුත් චිත්‍රපටය තමයි සිහින ලොවක් සොයා. එහි රූගත කිරීම්වල වැඩි හරියක් කළේ අමෙරිකාවේ. ඉතිං එහි මංගල දර්ශනය සැප්තැම්බර් මස 26 වැනිදා අමෙරිකාවේ පවත්වන්න අපි ප්ලෑන් කළා. අපි දෙන්නා මේ වගේ විශේෂ වැඩක් පටන් ගන්න කලින් අපේ ආගමට අදාළ වැඩ කටයුතු බාර හාර වගේ දේවල් සාමාන්‍යයෙන් කරනවා. ඉන්දියාවේ තියෙන වේලක්කත්නි පල්ලිය අපි දෙන්නට විශේෂයි. ඒ හින්දා අපි මෙවරත් එහෙ යන්න හිතුවා. පසුගිය දහ නව වැනිදා අපි ඉන්දියාවට පිටත් වුණා. දිනයක් දෙකක් බොහොම සාමාන්‍ය අන්දමින් ගෙවුණා. අප අනතුරුව චෙන්නායිවලට ආවා. එහි කෑම බීම නම් අන්තිමයි. ඒත් නෙකා නොබී ඉන්න බැහැනෙ. සුමනා බීම වර්ගයක් දැකලා අරගෙන බිව්වා. එවලේ ඉඳලා සුමනගේ බඩ රිදෙන්න ගත්තා. එන්න එන්න වැඩි වුණා මිසක අඩුවක් නම් වුණේ නැහැ.* ඇයව එහෙ රෝහලකට ගෙනිච්චෙ නැද්ද?මට එහෙ ගැන තිබුණ විශ්වාසය බිඳුනා මේ සිද්ධිය සමඟින්. කෑම බීමවත් හරි හැටි නැති තැනක බෙහෙතක් හේතක් හරියට තියේවි කියලා කොහොමද තිරණය කරන්නේ. සුමනව හැකිතාක් ඉක්මනින් ලංකාවට ගෙනාවා.* එතකොට ඇයට සිහිය තිබුණද?සිහිමඳ ගතියක් තමයි පෙන්නුම් කළේ. කටුනායකදී ඇයට සිහිය එහෙම පිටින්ම නැති වුණා. කෙලින්ම සෙන්ට්‍රල් රෝහලට ගෙනාවේ.* වෛද්‍යවරු මොකද කිව්වේ?ඇය පානය කළ බීමත් සමඟ විෂ බීජයක් ශරීර ගත වෙලාලු. එය ඇගේ අක්මාවට මෙන්ම හෘදයටත් බලපෑම් එල්ල කරලා. එක්තරා අවස්ථාවක ඇගේ හදවත පවා නතර වුණා. අන්තිමේ වෛද්‍යවරු මට පැත්තකට කතා කරලා කිව්වා සුමනගෙ ජීවිතය ගැන තියෙන අදහස අතහැර ගන්න කියලා.* ඔබට මොනවද එවලේ හිතුණේ?කවුරු කොහොම කිව්වත් මං දන්නවා සුමනා මෙච්චර ඉක්මනින් මාව දාලා යන්නේ නැහැ කියලා. මං පුළුවන් තරම් දෙවියන් වහන්සේට යාච්ඥා කළා. වෛද්‍යවරුන්ගෙන් ඉල්ලුව සුමනට පුළුවන් තරම් බෙහෙත් කරන්න කියලා. ඔවුන් ඇයට ඉන්ජෙක්ෂන් එකක් දුන්නා. ඊට පස්සේ ආයෙත් ටිකක් පණ ආවා.තවම දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර මගින් තමයි හුස්ම එහෙම ගන්නේ. නමුත් ගෙනාවට වඩා ඇයට දැන් ගොඩක් සුවයි.* සුමනට කතාබහ කරන්න පුළුවන් ද දැන්?බැහැ. නමුත් මං ළඟට ගිහින් සුමනා කියලා කතා කරද්දි ඇයට දැනෙනවා. මං දවසක් එහෙම අමතද්දී සුමනගෙ ඇස්වලින් කඳුලු බිංදු දෙකක් වැටුණා. මට හරියට දුකයි. වෙලාවට මේ විෂබීජය ඇයගේ මොළයට ගිහින් නැහැ. එහෙම වුණා නම් සුමනගෙ ජීවිතයට මීට වඩා බලපෑමක් වෙන්න තිබුණා.* රෝයි - සුමනා කියන්නේ ගහට පොත්ත වගේ හිටපු දෙන්නෙක්. ඇයට හදිසියේ සිදු වූ මේ කරදරය හේතුවෙන් ඔබ සෑහෙන්න අපහසුතාවයට පත් වෙලා ඇති නේද?ඒ ගැන නම් කියලා වැඩක් නැහැ මල්ලි. අපි දෙන්නා බැඳලා දැනට අවුරුදු හතළිහක්. ඇය මුලින්ම මගේ මිතුරියක්, පසුව සහෝදරියක්, අනතුරුව බිරිය, දැන් මගේ අම්මා. මේ ලෙඩ වෙලා ඉන්නේ මගේ අම්මා.රෝයිගේ දෑසින් කඳුළක් වැටෙනු මට පෙනිණ. ඔහු නැවත කතා කළේ මඳ වේලාවකිනි.අපි එදා රට යද්දි අරන් ගිය සූට්කේස් එහෙම් පිටින්ම ගෙදර. ඒවා අස් කළේවත් නැහැ. සුමනා නම් එහෙම තියන්නේ නැතුව ඒවා අස්පස් කරනවා. මගේ සෑම වැඩකදීම පෙරමුණේ හිටියේ ඇයයි. බොහොම අමාරුවෙන් මේ ටිකත් කතා කළේ.රෝයිගේ සංවේදිතාවය මුවින් ගලා ආ වචන නතර කරලීය. ඉතාමත් නිරෝගී දිවියක් ගත කළ සුමනා අක්කාට සිදු වූ දෙය ගැන අපට ද සිතා ගත නොහැකිය. ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා අන්දම මම සියැසින් දුටුවෙමි. සුනේත්‍රා, සූකිරි කෙල්ල, ලොකුම හිනාව ඇතුළු චිත්‍රපට ගණනාවකින් අප මුවට සිනහව නැං වූ ඇය අද නිසොල්මනේ ඇඳට කොටු වී සිටියි.සුමනට ඉක්මනින් සනීප වෙන්න කියලා හැමෝම තම තමන්ගේ ආගම් අනුව ප්‍රාර්ථනා කරන්න. ඒ රෝයිගේ ඉල්ලීමයි. අපි ද සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලන්නේ ද තමන්ට හැකි පමණින් සුමනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලෙසය.සටහන – ප්‍රසාද් සමරතුංග
CREATIVE
‘අහංකාර නගරේ’ ගීතයෙන් ශ්‍රී ලාංකේය රසිකයන් අතර ජනප්‍රිය වූ රනිඳු ලංකාගේ ‘Evolution Ranidu Live in Concert ප්‍රසංගය මේ මස 20 වැනිදා පස්වරු 6.00 ට මියුසියයස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.වසර 2 කට පසු රනිඳු ලංකාගේ ශ්‍රී ලංකාවේ පවත්වන පළමු ප්‍රසංගය මෙය වන අතර එහිදී නතාෂා රත්නායක, දුෂ්‍යන්ත වීරමන්, ක්‍රිෂාන් මහේසන් ආරාධිත ශිල්පීහු ලෙස මීට සහභාගි වෙති. මේ ප්‍රසංගය ‘බයිලා ට්‍රොනික්’ නමින් ඔහු නිර්මාණය කරන ලද නවතම සංගීත ශෛලිය ලංකාවට හඳුන්වා දෙන පළමු අවස්ථාව වෙයි. ශ්‍රී ලාංකිකයන්ගේ රිද්මය දැනෙන ශ්‍රී ලාංකේය රිද්මවලට අනුව යන අපට ආවේණික ගීත ඇතුළත් වේග රිද්ම සංගීත ශෛලියක් වන මෙය ජාත්‍යන්තර සංගීතයේ ප්‍රධානතම ප්‍රසංගය වන ‘Vltra Music Festival’  ඉදිරිපත් කිරීමට ද රනිඳු සමත් විය.ලංකාවේ R & B  හා හිප්පොප් සංගීත ශෛලිවල පුරෝගාමී සංගීතඥයෙක් වන රනිඳු ලංකාගේ ජාත්‍යන්තර සංගීතයේ ඉහළ නමක් දිනා ගැනීමට සමත් වී ඇත. අශාන්ති ඩී අල්විස් සමඟ ‘ඔබ මගෙමයි’ ගීතය එළි දක්වමින් තම සංගීත දිවිය ආරම්භ කළ හේ වයස අවුරුදු 19 දී අන්තර් ජාතික සංගීත ලේබලයක් සමඟ ගිවිසුම් අත්සන් කළ ප්‍රථම හා ළාබාලම ශ්‍රී ලාංකේය සංගීතඥයා විය. ‘සෝනි මියුසික් ඉන්දියා’ සංගීත ලේබලය යටතේ ඔහු ගීත රචනයෙන්, සංගීත සම්පාදනයෙන් හා ගායනයෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායක වී ඇත. කොළඹ රාජකීය විද්‍යෘලයෙන් තම පාසල් අධ්‍යාපනය ලැබූ රනිඳු ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවේය.2014 වසරේදී ඔහුගේ පළමු සංගීත ඇල්බමය වන ‘දිවිය පුරා’ එළි දැක් වූ අතර එහි ඇතුළත් ‘අහංකාර නගරේ’ ගීතය BBC ආසියානු ගීත වැඩසටහනට එක්කිරීමට සමත් වුණු පළමු ගීතය ද වෙයි. එතැන් සිට ඔහු ඉරාජ් වීරරත්න, රංග දසනායක වැනි දේශීය සංගීතඥයන් මෙන්ම Delon , ඇන්සන් ඔෆ් ද Din Crew, Holee Smokez  වැනි ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සංගීතඥයන් සමඟ ද එක්ව සංගීතය නිර්මාණය කළේය.- තිලානිසිනමාව කලාවක් සේම කර්මාන්තයක් ලෙස ද දියුණු තත්ත්වයකට ගෙන යාම සඳහා අපරිමිත මෙහෙයක් ඉටු කළ, මේ වන විට ජීවිතයේ සැඳැසමය ගෙවන කලාකරුවන් දෙපොළක් වන සුනිල්සෝම පීරිස් සහ තිලක් වේහැල්ල යන ශිල්පීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කෙරිණ.මෙම කාර්යය සිදු කරන ලද්දේ ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා ක්ෂේත්‍රයේ නිරත වූ ප්‍රවීණ ශිල්පීන් උදෙසා ආරම්භ කළ සුභසාධන කටයුතු ගණනාවක එක් අංගයක් ලෙසිනි . - ප්‍රසාද්
CREATIVE
මේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල ඇන්ජලින් ගුණතිලක සමඟින් ‘එදත් සූරයා අදත් සූරයා’ චිත්‍රපටයේ ‘සුදු පාට මීදුම් ගලාලා’ ගීතය ගායනා කළ අයුරු. හැඳල විජය ස්ටුඩියෝහි මේ ගීතය පටිගත කිරීමේ අවස්ථාවට එදා ඇන්ටන් ග්‍රෙගරි, සරත් රූපසිංහ, ලෙනින් මොරායස්, කරුණාරත්න අබේසේකර සහභාගි වුණා. එදා වගේම අදත් කා අතරත් මේ ගීය ජනප්‍රිය වුවත් එදා මේ අවස්ථාවට එක් වූ අය අතරින් අද අප අතර සිටින්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි සහ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක පමණයි. ඒ විතරක් නෙවෙයි විජය ස්ටුඩියෝ එකවත් අද නැහැ.සිංහල සිනමාවේ එදා මෙදාතුර කෙතරම් විකට චිත්‍රපට බිහි වුණා ද? ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටය ඒ අතර හොඳම විකට චිත්‍රපටයක්ය. මේ අල්ලපු ගෙදර චිත්‍රපටයේ මුහුරත් උළෙලේ අවස්ථාවක්. මේ ඡායාරූපයේ පෙනී සිටන අය අතුරින් අද අප අතර සිටින්නේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ක්ලැරිස් ද සිල්වා, වී. වාමදේවන් පමණයි. මේ අතර සිටින ජෝ අබේවික්‍රම, බී. එස්. පෙරේරා, හර්බට් අමරවික්‍රම, සන්ධ්‍යා කුමාරි, රූබි ද මෙල්, එම්. මස්තාන්, ඒ. වී. එම්. වාසගම්, ඇන්තනි සී. පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු ඇතුළු පිරිස අද අප අතර නැතුවා සේම විජය චිත්‍රාගාරය සහ අල්ලපු ගෙදර චිත්‍රපටයේ හොඳ පිටපතක්වත් අපට ඉතිරි වෙලා නැහැ.- යතේජා ඥානරත්න
CREATIVE
පළමුවරට පැවැත් වූ ලංකා ලයිව් සිනමා සම්මාන උළෙලේ ප්‍රතිඵල සටහනයි මේ. එහිදී සාරංග දිසාසේකර සහ සෙනාලි ෆොන්සේකා ජනප්‍රිය නළු නිළි යුවළ වූහ. සෙසු සම්මානයන් මෙසේය.ප්‍රසන්න විතානගේගෙන් අරුණ ජයවර්ධනට සම්මානයක්හොඳම චිත්‍රපටය - නිකිණි වැස්සහොඳම අධ්‍යක්ෂ - අරුණ ජයවර්ධනහොඳම තිර රචනය - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)හොඳම නළුවා - ජගත් මනුවර්ණ (නිකිණි වැස්ස)හොඳම නිළිය - චාන්දනී සෙනෙවිරත්න (නිකිණි වැස්ස)හොඳම සහාය නළුවා - බිමල් ජයකොඩි (බෝම්බ සහ රෝස)හොඳම සහාය නිළිය - සුලෝචනා වීරසිංහ (නිකිණි වැස්ස)හොඳම නැඟී එන නළුවා සහ නිළිය - සමනළ සංධ්වනිය සිනමාපටයේ සූර්යාලෝක සඳරුවන් සහ පූර්ණිමා කස්තුරිආරච්චිහොඳම ශබ්ද පරිපාලක - අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සමනළ සංධ්වනිය)හොඳම සංගීත අධ්‍යක්ෂ - දර්ශන රුවන් දිසානායක (සමනළ සංධ්වනිය)සුවිනීතා වීරසිංහගෙන් චාන්දනී සෙනෙවිරත්නට සම්මානයක්හොඳම ගීත රචකයා - අමිල තේනුවර (සමනළ සංධ්වනිය)හොඳම අංග රචනය - ජයන්තා රණවක (සමනළ සංධ්වනිය)හොඳම කලා අධ්‍යක්ෂ - උදේනි සුබෝධි කුමාර (නිකිණි වැස්ස)හොඳම ගායනය - අමරසිරි පීරිස් (සමනළ සංධ්වනිය)හොඳම සංස්කරණය - ජීවන්ත දේවප්‍රිය (නිකිණි වැස්ස)හොඳම කැමරාකරණය - චන්න දේශප්‍රිය (නිකිණි වැස්ස)හොඳම කෙටි චිත්‍රපටය - රවීන් වෙත්තසිංහගේ - අන්ටයිටල්හොඳම සිනමා සාහිත්‍ය කෘතිය - ජීවන්ත දයානන්දගේ ‘සුගත්’ නව පරපුරක පුරෝගාමියා  
CREATIVE
සිනමා කර්මාන්තයට දායක වූ පලියට එහි සිටින සියල්ලන් ගැන අප දැන ගතයුතු නැත.නළු නිළියන් නිෂ්පදකවරුන් අධ්‍යක්ෂවරුන් හැරුණ විට චිත්‍රපටයක් අප හමුවට ගෙන එන මිනිසුන් පිළිබඳ අප දන්නේ කලාතුරකිනි.සිනමාහලක දහඩිය වගුරවමින් සිනමා කෘතිය ප්‍රේක්ෂකයාට ගෙන එන අය අතරින් අප දකින්නේ කී දෙනාද?පසුගිය වසර තිස් පහකටත් වඩා කාලයක් චිත්‍රපට කර්මාන්තයත් මාධ්‍ය සගයනුත් අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නැගූ හිතවතකු පසුගියදා සිය වෘත්තිය ජීවිතයෙන් විශ්‍රාම ලද්දේය.ඔහු නමින් තුසිත ද අල්විස්ය.තුසිත මෙරට සිනමා ඉතිහාසයේ පුරෝගාමි සමාගමක් වන සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රචාරක සහ ප්‍රවර්ධන කළමනාකාරවරයා හැටියට වසර තිහක් රාජකාරියේ නියැළුණි.ඔහු සිනමා පුවත්පත් කලාවේදින්ගේ සමීප මිතුරකු විය.පසුගිය වකවානුවේ මෙරට තිරගත වූ විදේශීය සිනමා කෘති සම්බන්ධව ද සී.ඊ.එල් ප්‍රදර්ශක මණ්ඩලයේ තිර ගත කරන ලද චිත්‍රපට සම්බන්ධයෙන් ද ඔහු මෙරට පාඨකයන් දැනුවත් කිරීමට මහත් මෙහෙයක් කළේය.ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේ කැපී පෙනෙන ආදි සිසුවකු වූ තුසිත සිනමාවට ආදරය කරන්නට පටන් ගන්නේ ඔහුගේ පාසල් අවදියේ පටන්ය.චිත්‍රපට පිළිබද අධික ඇමතුවකින් පෙලුණ තුසිත සිය ජිවන වෘත්තිය උදෙසා ද සිනමාව තෝරා ගත්තේය. එහෙත් ඒ සිනමා කරුවකු ලෙසින් නොව සිනමා ප්‍රචාරක නිලධාරියකු ලෙසය.ඔහු වෘත්තිය ජිවිතයට පිවිසෙනුයේ ඉම්පීරියල් ටෝකිස් සේවයට පිවිසෙමිනි.එහි වසර කිහිපයක සේවයේ නිරතව සිටිය මේ උද්යෝගීමත් තරුණයා එවකට සිලෝන් තියටර්ස් බලධාරින්ගේ ඇසට හසුවිය. ඒ අනුව ඔහු එහි සේවයට එක් විය.ඉතා ඉක්මනින් තම වෘත්තිය ජීවිතය අනුව පත්තර මිතුරන් සමග සුහද සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නා තුසිත සිය සේවයෙන් විශ්‍රාම යනතුරුම ඒ සම්බන්ධතාවය පවත්වා ගෙන යෑමට සමත් විය.ඔහු සිනමාවට සම්බන්ධ වන විට නැවතත් ඉහළ ගනයේ හොලිවුඩ් චිත්‍රපට මෙරටට පැමිණෙමින් තිබුණ යුගය විය.ඒ චිත්‍රපට සම්බන්ධව ඔහුගේ දැනුම බොහෝ පුවත්පත් කලාවේදිනට උපකාරයක් විය. එමෙන්ම ඇතැම් සිනමා ශාලවක ඇති අවම පහසුකම් පිළිබද අප මැසිවිලි නගමින් ලිපියක් ලියන විට ඒ පිළිබද උරණ නොවන ඔහු අදාළ ලිපිය සිනමා බලධාරින් වෙත යොමු කරවන්නට වග බල ගනියි.අනතුරුව එහි යහපත දැක "අන්න මචං උඹලගේ ලිපියට අපි ඇක්ෂන් ගත්තා " යනුවෙන් දැනුවත් කරන්නට වග බලා ගත්තේය.තිර ගත වන සිංහල චිත්‍රපට පිළිබද ඇත්ත තත්වය අප දැන ගන්නේ ද තුසිතගෙනි. චිත්‍රපට කර්මාන්තයේ අර්බුද පිළිබද අපට කාටත් කලින් තොරතුරු පවසන්නේ තුසිතය.මෙරට සිනමාහල් ඇත්තේ කොතැනදැයි කට පාඩමින් පවසන ඔහු එහි සිනමාහලේ වත්මන් තත්වය ගැන ද වහා තොරතුරු සපයන්නේ මතකයෙනි.සමහරවිට ඇතැම් බලධාරින් අහවල් තැන්වල චිත්‍රපට ශාලා පවතින බවට කැට තබා කියද්දී එහි සිනමාහලක් තවමත් පවත් වන්නේ ද නැත්ද පිළිබඳ අප ඉඳුරාම පවසන්නේ තුසිතගේ දැනුමට පින්සිදුවන්නටය.එමෙන්ම විදේශිය චිත්‍රපට වලට අමතරව ඔහු කුලගෙය,ප්‍රතිඥා,ස්ත්‍රී, සක්මන් මළුව,දිය යට ගින්දර චිත්‍රපටයන් හි ප්‍රචාරක කටයුතු බාරව උන්නේය.පසුගිය වකවානුවේ බොහෝ සිනමා හල් ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මාධ්‍යවේදින්ට නිකුත් කළ අවසර පත්‍රය ගණනකට නොගත්තේය.එහෙත් තුසිත සෑම අවස්ථාවකම මාධ්‍ය හිතවතුන් වෙනුවෙන් පෙනී සිටියේය. එබැවින්ම ඒ සිනමාහල්වල මාධ්‍ය හිතවතුන් ට කිසිදු බලපෑමක් නොවීය.පසුගිය වකවානුවේ සරසවිය පාඨකයන් වෙනුවෙන් මැජස්ටික් සිනමාහලේ ප්‍රවේශපත්‍ර සදහා තරගයක් ඇරඹිණ.එය තුසිත ගේ ඉල්ලිමක් පරිදි ඇති කළ තරගයක් විය. එපමණක් නොව එහි දිනුම් ඇඳීම සිදුවන දාට පසු දිනම එහි ප්‍රවේශ පත්‍ර අදාල ජයග්‍රාහකයන්ට යැවීමට ද ඔහු පියවර ගෙන තිබිණි.තුසිත සිය කාර්ය බහුල වෘත්තිය ජීවිතය අතර සිය පාසලේ ආදි ක්‍රිඩකයන්ගේ සංගමයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරමින් ඒ සදහා අනගි මෙහයක් කළ බැව් අප දනිමු.පසුගිය වකවානුවේ සිනමා කර්මාන්තයේ චිත්‍රපට ප්‍රදර්ශණයේ දි මැදිහත්විම් ආදියේ දි තුසිත සිය ආයතනය වෙනුවෙන් වෙහෙස විය.ඔහු හැමවිටම තම ආයතනය වෙනුවෙන් පෙනී සිටීමේ දුර්ලභ ගුණාංගයෙන් යුක්ත විය.වෘත්තියෙන් විශ්‍රාම ගිය ද සිනමාවෙන් විශ්‍රාම යන්නට බොහෝ දෙනෙකුට නොහැකිය.සරසවිය හා හිතවත් තුසිත ට ඒපිළිබඳ අපමතක් කර දීමට කැමැත්තෙමු.අර්ජුන්
CREATIVE
මේ දවස්වල නම් මම කලා කටයුතුවලට වැඩිය දායක වුණේ නැහැ. ඒ වුණත් මම රංගනයෙන් දායක වුණු ගිරිකුළ සහ ඉසිවරණ ටෙලි වෘත්තාන්ත විකාශය වෙනවා. ඒ හැරුණාම මම වෙනත් විශේෂ වැඩ කටයුත්තක් ආරම්භ කරමින් මේ දවස්වල සිටින්නේ. මම හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධව කටයතු කරන නිසා ඒ අංශයෙන් තමයි මෙය සිදු කෙරෙන්නේ.වස විස නැතිව කාබනික පොහොර පමණක් යොදා වගා කෙරෙන එළවළු යොදා ආහාර සැකසීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙරට ජනප්‍රිය සුපවේදීන් සහභාගි කරවාගෙන සිදු කරන්නට නියමිත මේ කටයුත්තෙන් ජනතාවට ඉතාමත් සුරක්ෂිත පෝෂණීය ආහාර ලබා ගන්න අවස්ථාව ඉදිරියේදී උදාවේවි. ඊට අමතරව ලබන මැයි මාසයේදී අලුත් ෆිල්ම් එකත් ෂූටින් තියෙනවා.
CREATIVE
චන්ද්‍රරත්න මාපිටිගමගේ ටෙලි නාට්‍යයක මා රඟපානවා. ඊට අමතරව නිලන්ත කුමාරසිරිගේ ‘හිම කඳු’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් ආරම්භ කළා. ජනිත් වික්‍රමගේ ‘මිනිස්ටාර්’ වේදිකා නාට්‍යයත් සමඟ මම රට වටා යනවා. රාජකපුරු, මීහරක් කියන වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් සම්බන්ධ නිසා මම තරමක් කාර්යබහුලයි.මා රඟපෑ සුමිත් මාලිංගගේ ‘ආකර්ෂා’ රන්ජන් රාමනායකගේ ‘ඩොක්ටර් නව රියන්’, ගිරිරාජ්ගේ ‘සුහද කොකා’ ඉදිරියේදී පැමිණීමට නියමිත චිත්‍රපටයි.
CREATIVE
ප්‍රසන්න ජයකොඩි තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමාපටය වූ ‘28’ නෙදර්ලන්තයේ නෙට්පැක් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම ආසියාතික චිත්‍රපටය වශයෙන් සම්මානයට පාත්‍ර වෙයි. පසුගිය ජනවාරි 30 වැනිදා පැවැත්වුණු මෙම උළෙලෙහි ජූරි සභිකයන් ලෙස ඉන්දුනීසියාවේ චිත්‍රපට නිෂ්්පාදක පොල් අගොස්ටා සහ ඩිකායන් ගුර්සෝයි සහ මූම්බායි උළෙලේ අධ්‍යක්ෂවරයකු වන අනු රන්ගාචාර් කටයුතු කළහ.‘28’ සිනමාපටයේ මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර ඇතුළු පිරිස රංගනයෙන් දායක වී ඇත.
CREATIVE
සුපිරි වුණත් හිසට සෙවණක් නැති පිරිස අතරට අමීර් ඛාන්, රිතික් රොෂාන්, සනී ලියෝන් වැන්නෝ සිටින බව කෙසේ නම් විශ්වාස කරන්නද? සෙලීනා වෙසෙන්නේ නිළි සෙලීනා ජෙට්ලිගේ තට්ටු නිවාසයේ කොටසකයි. හෝටල් කාමර නිවෙස ලෙස භාවිතකර විඩාපත් වූ පසු සනී සහ සැමියා ඩැනියල් වෙබර් මෙසේ් පදිංචිවීමට තීරණයකර තිබේ.රිතික්ගේ වාසය සහෝදර නළු අක්ෂේ කුමාර්ගේ ජූහු හි තට්ටු නිවාසයකය. අක්ෂේ තට්ටු නිවාස රැසක හිමිකරුවකි. අමීර් ඛාන්, බච්චන් පරපුරේ නිවෙසක දිවි ගෙවයි. මෙසේ කරන්නේ අනුන්ගේ කැදැල්ලේ කූඩු සෑදීම වඩා සුන්දර නිසා ද? නැත්නම් බදු උකුස්සන්ගෙන් ගැළවීමටටද කිසිවෙක් නොදනිති.චම්පිකා දීපානි
CREATIVE
තමාට මරණ තර්ජනය කළේ යැයි චෝදනා නඟමින් සුරූපී නිළි ප්‍රීති සින්තා පසුගියදා සිය දීර්ඝකාලීන පෙම්වතා වන කෝටිපති ව්‍යාපාරික නේස් වාඩියාට එරෙහිව පැමිණිලි කරඇත.නේස් වාඩියා පසුගිය මැයි 30 වැනිදා වන්කේඩේ ක්‍රීඩාංගනයේ පැවැත් වූ අයිපීඑල් තරඟයේදී නේස් ප්‍රීතිට තර්ජනය කිරීම මීට හේතුවයි.‘මට උඹව අතුරුදන් කරන්න පුළුවන්. උඹ නිළියක් විතරයි. වෙන කවුරුවත් නොවෙයි. මං බලගතු කෙනෙක්’ තමන්ගේ ජීවිතයට බියක් ඇති කරමින් ඔහු එසේ පැවසූ බව ඇය පවසා තිබේ.නඩුව ගොනු කිරීමෙන් පසු පැතිර ගියේ ප්‍රීතිට ඔහු අතවර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇය නඩු පවරා ඇති බවයි. එහෙත් ප්‍රීතිගේ නීතිඥයා හිතේෂ් ජෙයින් පවසන පරිදි නඩුවේ කොතැනකවත් අපචාර ගැන සඳහන් කර නොමැත.මේ අතර වාඩියා පැවසුවේ, පදනමක් නැති, මුළුමනින්ම අසත්‍ය වූ ප්‍රීතිගේ කථාව අසා තමන් කම්පාවට පත් වූ බවයි.පොලීසිය දෙදෙනා අතර හුවමාරු වූ විද්‍යුත් පණිවුඩ ගැන අවධානය යොමුකර ඇත. විද්‍යුත් පණිවුඩවලින් පවා දෙදෙනා දබර කරගනිති.නේස් වාඩියා පාකිස්තානයේ නිර්මාතෘ මොහමඩ් අලි ජින්නාගේ මුනුබුරකු වෙයි. 2004 වසරේ සුනාමි මොහොතේ තායිලන්තයේ නිවාඩුවක් ගතකරමින් සිටි නේස් සහ ප්‍රීති දිවි ගලවා ගත්තේ අසීරුවෙනි.
CREATIVE
මේ වසර ආරම්භයේ සිට මට ගොඩක් විදෙස් සංචාර සඳහා සහභාගි වෙන්න අවස්ථාව උදා වුණා. දකුණු කොරියාව, සිංගප්පූරුව, ඩුබායි රටවල ප්‍රදේශ රාශියක සංචාරය කරන්නත් ලැබුණා.ඒ දවස් හරිම සතුටෙන් සුන්දරව ගත කළත් පසුගිය සතිය නම් මට පුදුමාකාර වේදනාකාරී සතියක් වුණා. ඒ මගේ අම්මා අසනීප වූ නිසා. ඇය රෝහල් ගත කළ කාලය මම ගත කළේ හරීම වේදනාවෙන්. හැමදම මගේ ශක්තිය වුණේ අම්මා. මේ දවස් මම ගත කරන්නේ අම්මාගේ නිරෝගි සුවය ප්‍රර්ථනා කරමින්.ඊට අමතරව මට බීබීසී ශිෂ්‍යත්වයක් ලැබුණා. ඉදිරියේදී එයත් සාර්ථකවකරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශී‍්‍ර එෆ් එම් නාළිකාවේ භාෂි එක්ක ටොප් චාර්ට් වැඩසටහනට අමතරව තරුවක් සමග වරුවක් නමින් අලුත්ම වැඩසටහනක් සෑම ඉරිදාවකම ඉදිරිපත් කරනවා.
CREATIVE
ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස පසුගිය දින වැඩ බාර ගත්තේය. චිත්‍රපට නිෂ්පාදකවරයකු වශයෙන් අනිත්‍යා ඇතුළු චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ ඔහු ඉදිරියේදී තමා ලද තනතුර සමඟ නව සැලසුම් කිහිිපයක් දියත් කරන බව අප සමඟ පැවසීය. පසුගියදා නිමාව දුටු සූරියභානු ටෙලි සිතුවම ද ඔහුගේ නිෂ්පාදනයකි. ආචාර්ය අරෝෂ ලද මේ නව තනතුරට අපි මෙසේ සුබපැතුම් එක් කරමු.- ප්‍රසාද්
CREATIVE
* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ කළුතර නගර ශාලාවේ* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘සිංහබාහු’ මීරිගම යොවුන් නිකේතනයේ* යශෝධරා සරච්චන්ද්‍රගේ සහ කුසුම්සිරි ලියනආරච්චිගේ ‘දඟයා සහ පුංචි අන්දරේ’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ වෙන්නප්පුව සකරියස් ශාලාවේලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’ හොරණ ශ්‍රීපාලි රඟහලේ* එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘සිංහබාහු’ ගම්පහ සුමේධ විද්‍යාලයීය රංග ශාලාවේ* සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ සඳලංකාව සඳලංකා සිනමා ශාලාවේ* ගුණදාස මධුරසිංහගේ ‘රාජ සභාව’ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේරෝහණ පී. ප්‍රනාන්දුගේ ‘උන්මාද චිත්‍රා’ නම් නවතම සංගීත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මෙම මස 12 වැනිදා හැව්ලොක්ටවුන්හි ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.මෙම වේදිකා නාට්‍යයෙහි ඉසුරු උදයංග, හංසිනී අනුරුද්ධිකා, කීර්ති ;කාඩිතුවක්කු, ඩීමන් හෙට්ටිආරච්චි, මිල්ටන් පෙරේරා, ලක්මිණි රුවන්තිකා, ජානක ප්‍රනාන්දු ඇතුළු ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායකවේ.අසංක රනිල් කුලතුංග හා කේමා වීරසිංහ සංගීතය මෙහෙයවන මෙම වේදිකා නාට්‍යයෙහි නර්තන පුහුණුව නිශාන්ති රණසිංහයි. රනිල් කුලතුංග සහාය අධ්‍යක්ෂණයෙන් සහාය වන ‘උන්මාද චිත්‍රා’ ඉසුරු උදයංගගේ නිෂ්පාදනයකි.- තිලානිදොම්පේ සියනෑ විද්‍යාලයීය ක්‍රීඩා පිටි සංවර්ධනය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘සියනෑ මියැසි රාත්‍රිය’ මහා සංගීත සංදර්ශනය මේ මස 11 (සෙනසුරාදා) රාත්‍රී 7.30 ට දොම්පේ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.- නදීරා
CREATIVE
නීතිඥ නීල් විජේරත්න කියන නීතිඥයා වගේම තීරු ලිපි රචකයා කරන අලුත්ම කටයුත්තකට මගේ සම්පූර්ණ සහය ලබා දෙමින් මා ඉන්නේ. ඔහු, පොත්වලට පසුවදනක් ලියන කටයුත්ත ආරම්භ වුණේ කොහොමද කියන ලෝක හා ලංකාවේ ඉතිහාසය ගැනත් හැදෑරීමක් කරන්නේ පොතක් ලියන්නයි.ඊට ඔහු මා පොත් හැත්තෑපහකට පමණ ලියූ පසුවදන් තෝරාගෙන තිබෙන්නේ පසුවදනක තිබෙන නිර්මාණශීලී බව පිළිබඳ විමසීම සඳහායි.
CREATIVE
මහා කවි විලියම් ශේක්ෂ්පියර්ගේ හැම්ලට් කෘතිය පාදක කර ගනිමින් තැනෙන සිංහල චිත්‍රපටයක වැඩ කටයුතු අද කොළඹ සුදර්ශි ශාලාවේදී ඇරැඹිණි.ජීවන් කුමාරතුංග ක්ලෝඩියස් ලෙසත් රෙක්ස් කොඩිප්පිලි පිලොනියස් ලෙසත් වීණා ජයකොඩි ගර්ටිරූඩ් ලෙසත් චරිත මවන මෙහි ශ්‍රී ලංකාවේ ශේක්ෂ්පියර් කේන්ද්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට දායාද කළ සරත් දික්කුඹුර, බුද්ධික අබේරත්න, නිශාන්ත ජයතිලක, විජිත් මැදිවල, ලාලි තිලකරත්න, නයනා කුමාරි, උමයංගනා වික්‍රමසිංහ රඟපෑම සඳහා යෝජිතය.ගායක සංගීත විජේසූරිය රඟමින් මුල්වරට සිනමාවට එක් වන්නේද මේ චිත්‍රපටයෙනි.නිමල් නාකල්දල කැමරාව මෙහෙය වන අතර සහාය අජිත් තෙල්දෙනියගෙනි.ප්‍රදීප් ජයතිලක සංගීත අධ්‍යක්ෂණයෙන් ද ඩෙස්මන්ඩ් ද සිල්වා සහ නීලා වික්‍රමසිංහ ගායනයෙන් ද, චන්න විජේවර්ධන නැටුම් නිර්මාණයෙන් ද ඉමල් ශානක පීරිස් අංග රචනයෙන් ද හර්ෂනාථ පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක්ව සිටිති.වසන්ත උපුල් ඇඳුම් නිර්මාණය කරයි. සෝමපාල ලීලානන්ද නිෂ්පාදන උපදේහකවරයාය.කුමාරි පෙරේරා දව්සලා ලේකම්වසම්, කිත්සිරි හේවාගමගේ සහාය අධ්‍යක්ෂවරුන් වේ.නිමල් චන්ද්‍රසිරි, ඔබිනාමුණි ධම්මික ද සිල්වා, රුෂාන් පුනාන්දුපුල්ලේ, කේ. වී. ඩී. ඩබ්ලිව්. විජේගුණරත්න, ප්‍රදීප් ජයතිලක, කේ. ඒ. සිරිවර්ධන, රාහුල් පෙරේරා, සනත් රත්නායක, ඉන්ද්‍රජිත් සරණසේකර, ඔබිනාමුණි ගාමිණී ද සිල්වා ශේක්ෂ්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා වෙනුවෙන් හැම්ලට් චිත්‍රපටය නිෂ්පාදනය කරති. රොහාන් වැලිවිට තාක්ෂණික සේවා සපයයි.චිත්‍රපටයේ හැම්ලට් සහ ඔෆිලියා චරිත සඳහා තවමත් නළු නිළියන් තෝරා නැත.ඒ සඳහා නවකයන් දෙදෙනකු තෝරා ගන්නා බව අධ්‍යක්ෂවරයා දන්වා සිටියි.හැම්ලට් සිනමා කෘතිය මෙරට ශේක්ෂ්පියර් කේන්ද්‍රයේ සභාපති ඔබිනාමුණි ගාමිණී ද සිල්වා අධ්‍යක්ෂණය කරයි. හැම්ලට් නාට්‍යය ලෝකයේ විවිධ භාෂාවලින් තිරයට නැගුණ පුවතකි.
CREATIVE
මම මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් නිසා කාර්යබහුල වෙලා. බ්‍රහ්ම මූර්තිය, ආදර සංධ්වනිය, සුසමට පවා රහසින්, මුතු, කුටු කුටු මාමා, දිල් නේත්‍ර, සඳ දියවර ටෙලි නාට්‍යවල රූගත කිරීම් සමඟිනුයි දැන් කාලය ගත කරන්නෙ.
CREATIVE
ජගත් චමිල සිය පුත් පන්සිළු පවන්ද සමඟින් මුල්වරට හඳුන්වා දෙමින් රංගනයට පිවිසෙන ‘අල්තාරය පාමුල’ නම් නත්තල් නාට්‍යය මේ මස 25 වැනිදා පෙරවරු 11.00 ට හිරු ටී. වී. නාළිකාවෙන් විකාශය වේ.මේ ටෙලි නාට්‍යය සඳහා බිමල් ජයකොඩි, නීතා සමරනායක ඇතුළු රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම රංගනයෙන් සහභාගි වේ. අල්තාරය පාමුල චාමර ජයවීරගේ අධ්‍යක්ෂණයකි. කැමරා අධ්‍යක්ෂණයෙන් මනීෂ ලෝචන ද, සහාය අධ්‍යක්ෂණයෙන් හා පිටපත් රචනයෙන් නිමන්ත ප්‍රසාර ද, වේශ නිරූපණයෙන් ප්‍රදීප් උදාකර ද කලා අධ්‍යක්ෂණයෙන් ශාන්ත මාතරආරච්චි ද, සංස්කරණයෙන් තිළිණ උදය කුමාර ද මේ නිර්මාණය සඳහා සහභාගී වේ. හිරු ටී. වී. නිෂ්පාදනයකි.- තිලානි
CREATIVE
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය අමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට උළෙල තුනක තිරගත කිරීම සඳහා ආරාධනා ලැබී ඇත.ඒ අනුව ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය අපේ‍්‍රල් 18 වැනිදා කැලිෆෝනියාවේ අන්තර් ජාතික ටිබුරෝන් චිත්‍රපට උළෙල, අප්‍රේල් 25 වැනිදා සිට මැයි 02 වැනිදා දක්වා පෙන්සිල්්වේනියාවේ පැවැත්වෙන පිට්ස්බර්ග් සිල්ක්ස්ක්‍රීන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සහ මැයි 05 වැනිදා සිට 10 වැනිදා තෙක් පැවැත්වෙන නිව්යෝර්ක් ඉන්දීය චිත්‍රපට උළෙලත් නියෝජනය කිරීමට නියමිතය.ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම නිළිය සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනූ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය මොන්ට්‍රියල්, වැන්කුවර්, සැන්ෆ‍්‍රැන්සිස්කෝ, චිකාගෝ ඇතුළු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල රැසක් නියෝජනය කර තිබේ.- යතේජා
CREATIVE
ස්කොට්ලන්ත ජාතික රොක් ගායක ජැක් බෲස් පසුගියදා එංගලන්තයේදී ජිවිතයෙන් සමු ගත්තා. ඒ වන විට ඔහු ගත කළේ සිය ජීවන ගමනේ 71 වැනි කඩඉමයි. බ්‍රිතාන්‍යයේ රොක් සංගීත කණ්ඩායමක් වූ ක්‍රීම් හි ප්‍රධාන ගායන ශිල්පියා සහ බේස් ගිටාර් වාදකයා ලෙසින් කටයුතු කළ ජැක් මිය ගියේ අක්මාව හා සම්බන්ධ රෝගයකින්. ඒ වන විටත් ජැක්හට අක්මා බද්ධ කිරීමක් ද සිදුකර තිබුණා.ඔහු සිය ප්‍රථම ගිත ඇල්බමය එළි දැක්වූයේ 1969 වසරේදීයි. එය For A Tailor නම් වුණා. Thing We Like, Harmony Row, Jet Set Jewel, Shadows in The Air ඔහුගේ ගීත අතරේ ජනප්‍රිය වූ අතර Silver Rails 2014 වසරේදී ඔහු අවසන් වරට එළිදැක්වූ නිර්මාණයයි. ප්‍රීතිමත් ජිවිතයකට හිමිකම් කී ජැක් බෲස් දෙදරු පියෙක්.යතේජා
CREATIVE
ජනපි‍්‍රය චිත්‍රපට අධ්‍යක්‍ෂ සුනිල් සෝම පීරිස් මහතාට ‘ඕ පොසිටිව්’ හෝ ‘ඕ නෙගෙටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. 077-4921942 / 077- 5506002 හෝ 011-2843000 යන දුරකථන අංකවලට මේ සම්බන්ධ තොරතුරු දැනුම්දිය හැකිවේ.දීර්ඝ කාලයක් සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතුකර ‘මමයි රජා, ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, ඔබටයි පි‍්‍රයේ ආදරේ’ වැනි අතිශය ජනපි‍්‍රය චිත්‍රපට ඇතුළු මෙරට වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්‍ෂණය කළ සුනිල් සෝම පීරිස් ටික කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියි.බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට තැනූ ඔහු චිත්‍රපට කිහිපයක චරිත නිරූපණයේද යෙදිණ. ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර හිත හොඳ මිනිසකු ලෙස පතල සුනිල් සෝමට ඉක්මන් සුවය ලැබේවා යැයි ‘සරසවිය’ ප්‍රාර්ථනා කරයි.- යතේජා
CREATIVE
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.Holy Motorsලියස් කැරැක්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘හෝලි මෝටර්ස්’ ප්‍රංශ විනෝදාත්මක චිත්‍රපටයකි. 65 වන කාන් චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළ මෙම චිත්‍රපටය එකිනෙකට වෙනස් සමාන්තර ජීවිත දෙකක් අතර ගමන් කරන මිනිසෙක් පිළිබඳ සඳහන් කතා පුවතකින් සමන්විත වේ. ඩෙනිස් ලැවැන්ටි, එඩිත් ස්කොබ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.TheOrangesආදරය, හාස්‍ය ඇතුළත් ‘ද ඔරේන්ජස්’ චිත්‍රපටය ජුලියන් ෆරෙයිනෝ ගේ අධ්‍යක්ෂණයකි. හග් ලවුරින්, ලෙයිතන් මිස්ට්‍රර්, කැතරින් කීනර්, ඇඩම් බ්‍රෝඩි, ආලියා ෂෝකට්, ඔලිවර් ප්ලැට්, ඇලිසන් ජෙනි මෙහි චරිත නිරූපණය කරති.ResidentEvil . Retribution‘රෙට්රිබ්යුෂන්’ රෙසිඩන්ට් එවිල් චිත්‍රපට මාලවේ පස් වැනි කොටසයි. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය සඳහා මිලා ජෝවි, මයිකල් රොඩ්ඩ්‍රිකියුස්, කෙවින් ඩුරැන්ඩ්, සීනා ගිලරි, ෂෝන් රොබට්ස් ඇතුළු පිරිසක් දායකත්වය ලබා දෙති.Looper‘ලූපර්’ තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි. රේන් ජොන්සන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ බෲස් විලීස්, ජෝෂප් ජෝඩ්න්, එමිලි බ්ලන්ට් ප්‍රධාන චරිත නිරූපණය කරති. ලූපර් මේ වසරේ ටොරෙන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ආරම්භක චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කරන ලදී.MoonriseKingdomහාස්‍ය ආදරය රැගත් ‘මූන්රයිස් කිංග්ඩම්’ ගිම්හාන කඳවුරක සිටින ළමුන් පිරිසක් වටා ගෙතුන කතා පුවතකින් සමන්විත වෙයි. වෙස් ඇන්ඩර්සන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ජෙරඩ් ගිල්මන්, කාරා හෙවාර්ඩ්, බෲස් විලිස්, එඩ්වර්ඩ් නොර්ට්න්, බිල් මරී ඇතුළු පිරිසක් දායකත්වය ලබා දෙති.PitchPerfectවිනෝදාස්වාදය රැගත් සංගීතමය චිත්‍රපටයක් වන ‘පිච් පර්ෆෙක්ට්’ ජේසන් මෝරේගේ අධ්‍යක්ෂණයකි. මිකි රැජකින්ගේ ‘පිච් පර්ෆෙක්ට්’ කෘතිය ඇසුරින් මෙය නිර්මාණය වී ඇත. ඇනා කෙන්ඩ්‍රික්, රැබෙල් විල්සන්, බ්‍රිට්නි ස්නෝ, ඇනා කැම්ප්, ස්කයිලර් ඇස්ටින්, ෆ‍්‍රිඩ්ල් ස්ට්‍රෝමා මෙහි චරිත නිරූපණය කරති.Argo‘ආගෝ’ ඇමෙරිකානු ත්‍රාසජනක චිත්‍රපටයකි. බෙන් ඇෆ්ලෙක්ගේ අධ්‍යක්ෂණයක් වන ආගෝ හි බෙන් ඇෆ්ලෙක් ඇතුළු බර්ගන් ක්‍රාන්ස්ටන්, ඇලන් ආකින්, ජෝන් ගුඩ්මැන් චරිත නිරූපණය කරති.Chittagong‘චිතගොන්’ බොලිවුඩ් චිත්‍රපටය ජුන්කු නමැති අවුරුදු 14 ක ලැජ්ජාශීලී පිරිමි ළමයෙක් වටා ගෙතුන කතාවකින් සමන්විත වේ. බෙඩාබ්‍රාටා ජෙන්ගේ අධ්‍යක්ෂණයක් වන චිතගොන් හි මනෝජ් බජ්පායි, වේගා තමෝතියා, ජායිදීප් අල්වට් රංගන දායකත්වය ලබා දෙති.යතේජා ඥානරත්න
CREATIVE
‘ආන්ධි’ වියෝවූ ප්‍රතිභාපූර්ණ නිළි සුචිත්‍රා සෙන්ගේ අමරණීය රංගනයන්ගෙන් එකකි. එය හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ චරිතය අලලා නිර්මාණය වූවකි. මෙහි ෆෙරොස් ගාන්ධිගේ චරිතය රැඟුවේ සංජීව් කුමාර්ය. ගුල්සාර්, ‘ආන්ධි’ නම් වූ සිනමා නිර්මාණය ඉන්දිරා බලයෙන් පහවනතුරුම තිරගත කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.වාරණ මණ්ඩලයේ තහංචි ඊට හේතුවයි. 1977 වසරේදී අගමැතිනිය බලයෙන් පහවූ පසු දූර්දර්ශන් මඟින් එහි පූර්ව දර්ශනයක් විකාශනය කරන ලදී. මොස්කව් සිනමා උළෙලේදී ද මේ සිනමා පටයට තහංචි පැනවුණු අතර එයටද හේතු වූයේ ඉන්දිරාගේ චරිතය වටා එය ගෙතී තිබීමයි. ඒ වනවිට ඉන්දිරා ගාන්ධි මැතිණියට සිනමා පටය නරඹන්නට ලැබී නැත. එහෙත් ඇය කතාව ගැන හා සුචිත්‍රාගේ රංගනය ගැන විමසා තිබේ. සිනමා පටය ඉන්දිරා ගැන අසුබවාදී ප්‍රතිරූපයක් ගොඩ නඟන්නේ නැති බව හිටපු දිල්ලි ප්‍රධාන ඇමැති ශීලා ඩික්සිත් ද ගාන්ධි මැතිණියට පවසා තිබිණි.පසුව එතුමිය වීඩියෝවක් මඟින් සිනමා පටය නරඹා ඇති අතර සුචිත්‍රාගේ රංගනය බෙහෙවින් අගය කර ඇත.වෛජයන්තිමාලා පවසන අන්දමට මුලින්ම ‘ආරතී දේවි’ නම් වූ ඉන්දිරාට සමාන චරිතය ‘ආන්ධි’ හි රඟපෑමට ආරාධනා කර තිබුණේ ඇයටය. එහෙත් ගාන්ධි මැතිනියට ඇති අසීමිත ගෞරවාදරය නිසා එය ඇය ප්‍රතික්ෂේප කළාය. දැන් ඇය ඒ ගැන කනගාටු වන්නීය. “මං කරුණු තුනක් ගැන පසුතැවිලි වෙනවා. එකක් ආන්ධි චරිතයට ප්‍රතික්ෂේප කිරීම, බිමල් රෝයිගෙ බන්ධිනිහි රඟපෑමට නොහැකි වීම, ගුරු දත් සමඟ වැඩ කිරීමට නොලැබීම අනෙක් කාරණායි.”සිනමා පටය තිරගත වූ පසු සුචිත්‍රා තමන් මෙහෙයවූ ආකාරය ගැන අධ්‍යක්ෂ ගුල්සාර්ට ප්‍රශංසා කර තිබේ.
CREATIVE
නිශාන්ත අමරසිංහ හඳුනාගනිමුමේ ඉන්නේ තරුමලි නාට්‍යයේ සිරිසේන. ගමේ ඉන්න තරුමලීව පැහැරගෙන යන චණ්ඩියා. කැමරාව ඉදිරියේ නපුරුකම් පෑවාට සැබෑ ජීවිතයේ නම් ඔහු තැන්පත් තරුණයෙක්.නිශාන්ත අමරසිංහමේ කෙටි සටහන ඔහු ගැන.නිශාන්ත උපන්නෙ බොරැල්ලේ. වයස අවුරුදු දොළහෙ විතර ඉඳන් ඔහු ගමේ කළ නාට්‍යවලට දායක වුණා. ඒ නිසා වේදිකාව නිශාන්තට නුහුරු තැනක් වූයේ නැහැ.ගමේ වේදිකා නාට්‍ය කරකර හිටපු මාව මුලින්ම රූපවාහිනියක වැඩසටහනකට එක්කගෙන ගියේ අනුර ජයසේකර. එතැන හිටියා ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්තයා. ඔහු මාව දැකලා සරා සහ සුබා නාට්‍යයට මාව ගත්තා. ඒක තමයි මගෙ පළමු රංගනය.නිශාන්තට ඊළඟට නාට්‍ය රැසකට රඟපාන්න ආරාධනා ලැබෙනවා. ගෞතමී, කාව්‍යා, සුදුහාමිනේ, පතිනි, හිරු දහසක් යට, අහස සේ නුඹ අනන්තයි ඉන් කිහිපයක්. ඒ විතරක් නෙවෙයි ඉරාජ් වීරරත්නගේ චිත්ති මරීනා ගීතයේ වීඩියෝවෙත් නිශාන්ත ප්‍රධාන චරිතයක් මවනවා.මේ ඔක්කොම නිර්මාණවල දුෂ්ට චරිතයි මං කළේ. ඇත්තටම කිව්වොත් මං හරිම ආසයි දුෂ්ට චරිත කරන්න. මට ඕනෙ හොඳ දුෂ්ටයෙකු වෙන්නයි. ඒ වෙනුවෙන් මං දමිළ චිත්‍රපට නරඹනවා.නළුවකු වුණු මුල් කාලයේ නිශාන්ත අපමණ දුකක් විඳලා තියනවා ඉදිරියට යන්න. ඔහු ඒ ගැන කිවවේ මෙහෙමයි.පුදුම කට්ටක් මං ඒ දවස්වල කෑවේ. දවසක් බස් නැතුව කිලෝමීටර් පහළොවක් විතර පයින් ආවා. අනන්තවත් හැරිලා ඇවිත් තියනවා ලොකේෂන් වලට ගිහින්. සමහර අය එන්න කියනවා චරිතයක් තියනව කියලා. ගියට පස්සෙ කියනවා පසුව දන්වන්නම්ලු. එහෙම සිද්ධීන් ගොඩක් වුණා. ඒවා සේරම මං සුන්දරව විඳගත්තා. මේ ගිය සතියේ දවසක මගෙ ගුරුවරයා වන ලක්ෂ්මන් පුෂ්පකුමාර සර් මට පැත්තකට කතා කරලා කිව්වා “උඹ දැන් හොඳයි කියලා” ඔහු ලෙහෙසියෙන් කෙනෙකුට හොඳයි කියන්නේ නැහැ. අර මං කාපු කට්ටෙ ප්‍රතිඵලය තමයි ඒ මට ලැබුණෙ.නිශාන්ත ඉන්න තවත් නිර්මාණයක් මේ දවස්වල විකාශය වනවා. ඒ තිමිරි ගිර. එහි ඔහු රත්නෙ.ලැබෙන චරිතයන්ට මං උපරිම සාධාරණයක් ඉටු කරනවා. ඒක මගෙ වගකීමක්. මට කවදාහරි මං කරන දුෂ්ට චරිතයක් දැකලා රසිකයෙන් මට බැන්නොත් ඒක මට සතුටක්.නිශාන්ත මේ වනතෙක් උදව් කළ ලක්ෂ්මන් පුෂ්පකුමාර, ධනුෂ්ක එන්. පෙරේරා, තරංග නිරිඇල්ල, මහේන්ද්‍ර කුලසේකර, රාජසිංහ ලෝලුවාගොඩ ඇතුළු පිරිසව මතක් කළේ බොහොම ආදරයෙන්.මේ නිශාන්තගේ දුරකථන අංකයයි. 0715564786සටහන – ප්‍රසාද්සේයාරුව - මාලන්
CREATIVE
සියල්ලෙන් පරිපූර්ණ වූ අයට අසම්පූර්ණ අයගෙන් ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර නොවෙයි. බොලිවුඩයේ ‘පූර්ණවන්තයා’ අමීර් ඛාන්ට අත් වී ඇත්තේ එවන් ඉරණමකි. ඒ සිනමා රංගනය නිසා නම් නොවෙයි. ඔහු මෙහෙය වන ‘සත්‍යමේ ජායතී’ වැඩසටහන නිසයි. සමාජයේ වැරැදිකරුවන්ට හොඳම දුෂ්ටයා වී සිටින ඔහුට සතුරන් ගණනාවකි. ඔවුන්ගෙන් එල්ල වෙන පහර සිනමාවේදී මෙන් අහිංසක පහරවල් නොවෙයි. ඒවා කෙළින්ම මරණ තර්ජනය. එනිසා ආත්ම ආරක්ෂාවට ඔහු කෝටි 10 ක් වටිනා බෝම්බවලට පවා ඔරොත්තු දෙන වාහනයක් මිල දී ගෙන තිබේ. දැන් ඔහු සෑම තැනකටම යන්නේ එන්නේ මේ වාහනයෙනි. මෙවන් වාහන ඇති අනෙක් ඉන්දියානුවන් වන්නේ මුඛේෂ් අම්බානි සහ අගමැති මන්මෝහන් සිංය. අමීර් විශේෂ ආරක්ෂිත මර්සිඩීස් බෙන්ස් වාහනයක් හිමි තෙවැන්නායි.තමාට එල්ලවන තර්ජන ගැන අමීර් පොලීසියට දැනුම් දුන්න ද පවුලේ අයගේ දැඩි ඉල්ලීම නිසා වාහනය මිල දී ගෙන ඇත. විශේෂයෙන්ම අමීර්ගේ මවට පුතු වාහනය ගන්නා තුරුම සිතට සැනසීමක් ලැබී නැත. පෞද්ගලිකව මරණ තර්ජන ලැබෙන බව, කට කතාවක් බව අමීර් පවසයි. ලැබෙන ඇමැතුම් ආදරණීය ඇමතුම් පමණක් වීම ගැන අමීර් සිටින්නේ සතුටිනි.
CREATIVE
අද රිදම් ගුවන් විදුලිය තවත් ඓතිහාසික වාර්තාවක ආරම්භය සනිටුහන් කරන දිනයයි. ඔවුන් මීට ප්‍රථම 2009 වසරේ නාළිකාවේ පළමු සංවත්සරය වෙනුවෙන් සංගීත කණ්ඩායම් පණහක් සහ ගායක ගායිකාවන් එකසිය පණස් දෙනකු සමඟ නොනවත්වා පැය පණහක සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරමින් ගුවන් විදුලි ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් තබන ලදී. මෙවර ඔවුන් අර අඳින්නේ එවැනිම වූ අංගයකටය. තව දුරටත් කිව්වහොත් එම වාර්තාව ඔවුන් විසින්ම අලුත් කරනු ඇත.මේ එය පිළිබඳ හා රිදම් නාලිකාවෙහි වත්මන් තත්ත්වය ගැන තතු විත්ති දැන ගැනීමේ අටියෙන් රිදම් නාළිකාවෙහි සහකාර වැඩසටහන් අධ්‍යක්‍ෂ චමිල ලොකුනාරංගොඩ සමඟ කළ සාකච්චාවකි.චමිල, අද රිදම් නාලිකාවට සුවිශේෂී වූ රාත්‍රියක් නේද උදාවන්නේ?රිදම් F.M. පටන් අරන් අවුරුදු හතරයි.අඩු කාලයක් තුළ දී වැඩිම අසන්නන් ප්‍රමාණයක් අපි එකතුකර ගත්තා. ඔවුන් අපෙන් වැඩිපුරම ඉල්ලන්නේ බෑන්ඩ්වල ලයිව් ප්ලේ කරපු සිංදු. ඒ වගේම අපේ බෑන්ඩ් ෂෝ එකටත් පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. ඒක නිසා අපි හිතුව ඔබ සඳහන් කළ පරිදි ෂෝ එකක් නැවතත් කරන්න. එදාට වඩා කාලය දික් කළා. පැය හැත්තෑ පහක් හෝ ඊට වඩා වැඩි කාලයක් මෙය පැවැත්වෙනවා. අද රාත්‍රී අටට ෂෝ එක පටන් ගත්තට පසුව හමාරවන්නේ 9 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රියත් පහුවුණාම. අද රෑ ඉඳන් එක දිගට ඉරිදා වෙනකම් අපේ ශ්‍රාවකයන්ට රිදම් නයිට් අහන්න පුළුවන්.ඔබලා කරන්න හදන්නේ හරිම අභියෝගාත්මක වැඩක්?ඒක ඇත්ත. අපට පෙර අත්දැකීම් තියනවා. නමුත් මෙවර කාලය දිගු නිසා වගකීමත් වැඩියිනේ. අප ප්ලෑන් කරලා තියනවා අපේ නිවේදක නිවේදිකාවො හැමෝම වැඩසටහන මෙහෙය වන්න. මෙහිදී තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ අපේ ෂෝ එකට එන ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් ගැන. ඔවුන් දිවා රෑ බලන්නේ නැතුව අපි බෙදා වෙන් කරලා දුන්නු වෙලාවට එන්නම් කිව්වා. ඒක අපට මේවගේ අවස්ථාවන්ට මහත් ශක්තියක්.රිදම් ජ්.ර් හි සැමවිටම මෙවන් වූ සංගීත සංදර්ශනවලින් වෙන්කරගත් ගීත ප්‍රචාරය වන්නේ ඇයි?රිදම් අහන්නේ වැඩ කරන ජනතාව. අප ඒක විශ්වාස කරනවා. ඒක නිසයි ටිකක් පන්ච් එකක් ඇති සිංදු ප්‍රචාරය කරන්නේ.ඒ කියන්නේ ස්ලෝ සිංදුවලට රිදම් එකේ ඉඩක් නැහැ?එහෙම කියන්න අමාරුයි. මොකද ඕනෑතරම් ස්ලෝ සිංදු රිදම් හි ප්‍රචාරය වෙනවා. සමහරක් ඒවායේ අපි අලුත් බීට් එක්ක ගහලා ප්ලේ කරනවා. රිදම් නාලිකාව හැමෝටම විවෘතයි.කියනවා වගේ රිදම් නාලිකාවෙන් දවසට සිංදු තුන්සීයක් ප්‍රචාරය වෙනවාද?ඔව්, ඒක තමයි රිදම් නාලිකාවෙ අනන්‍යතාවය. වෙනත් නාලිකා කොච්චර සිංදු දෙනවා කිව්වත් අපේ තරම් සිංදු දෙන්නෙ නැහැ. මං ඒක ඉතාම වගකීමෙන් කියන්නේ.රිදම් වාර්තාගත ප්‍රසංගයේ ගායන ශිල්පියො විතරද ගයන්නේ?නහැ, නළු නිළියොත් එනවා. හැබැයි සිංදු කියන්න පුළුවන් අය විතරයි.ශ්‍රාවකයන්ට රිදම් අහනවා වගේම මේ දවස් පුරා රිදම් නරඹන්නත් හැකියි නේද?95.6, 95.8 මේක තමයි රිදම් හි සංඛ්‍යානය.www.rhythem.me මෙම වෙබ් පිටුව ඔස්සේ මුළු ෂෝ එකම බලන්න පුළුවන්.රිදම් කණ්ඩායමේ පිරිස ගැනත් මතක් කරමු?ධාරක අබේවික්‍රම අධ්‍යක්‍ෂ අලෙවි, සුදත් වන්නිආරච්චි සමස්ත පරිපාලන කළමනාකරු, නිවේදක නිවේදිකාවෝ, ගනේෂ්, අජේ, සිතූ, ජානක, ලහිරු, ස්නේහා, නිෂි, මීෂා, අනූ, ටාෂි, ප්‍රවර්ධන කළමනාකරු සංජීව මනුරංග, නවීන්, පසන්, උදයංග ඒ අංශයේ. නිෂ්පාදන අංශයේ කළමනාකරු තාරක තරංග, තාරක අධිකාරි එම අංශයේ සහාය.සටහන - ප්‍රසාද් සමරතුංග
CREATIVE
මව්බිම පුවත්පතේ ඉරිදා පුවත්පතේ පළ වන ‘හායි මෙයාලා’ කියන තීරු ලිපිය මේ මාසයේ කෘතියක් ලෙස එළි දැක්වීමට සියල්ල සූදානම්. අලුත් පරපුරේ යෞවන යෞවනියන්ගේ ආදරය හා ලිංගිකත්වය පිළිබඳ කතා කරන මේ තීරු ලිපියට ලැබෙන ප්‍රතිචාර නම් වඩාත් හොඳයි. අද තරුණ පරපුර අතර ආන්දෝලනාත්මක ලිපියක් වී ඇති ‘හායි මෙයාලා’ ලිපියට විවේචනය කරන පිරිසක් වගේම හොඳ කියන පිරිසකුත් නිර්මාණය වෙලා.
CREATIVE
සතියක් තුළදී වැඩිම ආදායමක් ලැබූ ‘දි ඇවෙන්ජර්ස්’ චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තාවක් පිහිටුවයි. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 103 ක් සතියක් තුළදී උපයා දෙමිනි. ලොව පුරා සිනමා ශාලා 4349 ක එකවර ප්‍රදර්ශනය වන ඇවෙන්ජර්ස් තිරගත වූ සති දෙක තුළදී ලැබූ ආදායම ඇමරිකානුඩොලර් මිලියන 373 කි.පසුගිය සඳුදා වන විට ලැබූ මේ ආදායම මෙතෙක් චිත්‍රපටයක් සතියක් තුළදී ලැබූ වැඩිම ආදායම ලෙස වාර්තා පොතට එක්වේ.මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ සතියක් තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 73 ක ආදායමක් ලැබූ අවතාර් චිත්‍රපටයයි. මේ ආකාරයට බලන කළ හොලිවුඩ් ඉතිහාසයේ වැඩිම ආදායම ලබන චිත්‍රපටය බවට දි ඇවෙන්ජර්ස් පත්වීමේ ඉඩකඩ වැඩි බව විචාරකයන් මත පළ කරයි.ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ත්‍රිමාන පිටපත මැජස්ටික් සිනමාහලේත්, ද්විමාන පිටපත් සැවෝයි සිනමා හලේත් තිරගත වෙයි.-සංජීවහොලිවුඩ් ප්‍රකට නළු ජෝන් ට්‍රැවල්ටාට එරෙහිව ෆාසියන් සැන්ඩි නැමැත්තෙකු අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමුව තිබෙනවා.ඒ 2009 වසරේදී චීලියන් ටී. වී. වැඩසටහන අතරතුරදී ඩොලර් දොළොස් දහසක අල්ලසක් දී ලිංගික අතවර කිරීමේ සිද්ධියකට.මේ ලිංගික අතවරය වන අවස්ථාවේදී අයහපත් කාලගුණයක් පැවතුණ හෙයින් සාක්ෂි සොයා ගැනීමට වසර තුනක් ගත වූ බව සැන්ඩි පවසනවා. ට්‍රැවල්ටාගේ නීතිඥවරු පැවසුවේ වෙනත් කතාවක්. මෙම ලිංගික සිද්ධිය වන අවස්ථාවේදී ට්‍රැවල්ටා සිටියේ නිව්යෝර්ක්වල බවයි. ඒ අවුරුදු විස්සක් වයසැති කෙලී පීටර්සන් හා විවාහ ගිවිස ගැනීමේ උත්සවයේයි. එම වෙලාවේ කැලිෆෝනියාවේදී මෙම සිද්ධිය සිදු වන්නේ කෙසේ ද යන්න ඔවුන්ගේ තර්කයයි.තවද කිසිදු ප්‍රසිද්ධියක් නැති ෆාසියන් සැන්ඩි වැන්නෙකු මේ සිද්ධිය හරහා ප්‍රසිද්ධ වන්නටත් උත්සාහ ගන්නවාලු. හොලිවුඩයේ ජනප්‍රිය සැටර්ඩේ නයිට් ෆීවර්, ග්‍රීස් සහ පල්ස් ෆික්ෂන් ආදිය නිසා ට්‍රැවල්ටා වඩාත් ජනතා ආකර්ෂණය දිනා ගත්තා.-සංජීව
CREATIVE
‘රඟපාමු’ සරසවිය හැමදාමත් ඔබට ලෙංගතුයි. ඒ ලෙංගතුකම නිසාම ගොඩක් දෙනකුට තමාගේ ප්‍රාර්ථනා, බලාපොරොත්තු ඉටු කර ගන්න අවස්ථාව ලැබුණා.ඉදිරියටත් ඒ වගේමයි.මේ එවැනි වූ ලෙංගතුකමින් ලැබුණු අත්වැලින් රඟපෑමේ සිහිනය සැබෑ කර ගැනීමට සමත් වුණු තරුණියක්. නමින් ඇය ගයානි ක්‍රිෂාන්ති කුමාරි.පිළියන්දල ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයේ පාසල් වේදිකාව ගයානිගේ රංගන නර්තන දිවියට ආලෝකයක් වුණා. රඟපෑමේ සිහිනය පුංචි කාලේ ඉඳලම ඇයගේ සිතේ තිබුණා. අද ඒ සිහිනය සැබෑ වෙමින් රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි, නර්තන ශිල්පිනියක් වෙන්නත් ඇයට වාසනාව උදා වෙලා තියෙනවා.ඉතින් ගයානි අපි ඒ ගැන කියමුනේද?ඔව් ඇත්තටම මම කියන්න ඕනෙ මට අද මේ ගමන එන්න ශක්තියක් වුණේ පාසල් වේදිකාව. ඒ ගමන යන්න සරසවිය මට තවත් ශක්තියක් වුණා. ඒ නිසා මට සුමිත් සුරංගගේ හත්වෙනි කාමරේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම විලියම් ඔල්ස්ගේ ‘සුදු අක්කා’ චිත්‍රපටයටත් ආරාධනාවක් ලැබුණා. මේ දිනවල ඒවාට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ගයානි රංගනයට විතරක් නෙමෙයි, නර්තනයටද හැකියාවක් තියෙන කෙනෙක්.මම පාසල් යන කාලෙ ඉඳලම රංගනයට වගේම නැටුම්වලටත් ගොඩක් කැමැත්තෙන් හිටියේ. දැන් මට ඒ අවස්ථාවන් ලැබිලා තියෙනවා. ප්‍රදීපා ආරියවංශගේ නර්තන කණ්ඩායමට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මේ දිනවල දුෂ්‍යන්ත වීරමන්ගේ නර්තන ප්‍රසංගයකටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. රංගනය වගේම මට නර්තනයෙනුත් මගේ දක්ෂතා පෙන්වන්න දැන් මට පුළුවන්. ගම ගොඩක් සුන්දරයි. ගමට ආදරය කරන කෙනකුට ගැමිකම අමතක කරන්න බැහැ.ගයානිගේ හිතේ තියෙන ආසාව තමයි ගැමි චරිතයක් රඟපාන්න. ඇය ඒ අවස්ථාව ලැබෙනකම් බලා සිටිනවා. ඒ වගේම හොඳ ලැබෙන ඕනෑම චරිතයකින්ම තමාගේ රංගන හැකියාව ඔබට පෙන්වන්න ඇය සූදානම්. රංගනයට නර්තනයද එක් කරපු කලාවෙන් දිග ගමනක් යන්න ගයානි බලාපොරොත්තු වෙනවා. මේ වදන් සරසවියට කීව ගයානි තම ආදරණීය මෑණියන්ටත්, පියාණන්ටත්, සුමිත් සුරංගටත් විශේෂයෙන්ම ඇයට රඟපෑමේ අවස්ථාව ලබා දුන් සරසවියටත් හදපිරි ස්තුතිය පුද කරලා අද සරසවියෙන් නික්ම ගියත් නොබෝ දිනකින් ඔබ අතරට තරුවක් වී පායනු ඇති.චන්ද්‍රකාන්ති රත්නායකසේයාරුව - මාලන් කරුණාරත්නසරත් වීරසිංහ යනු සුභාවිත ගීතයේ රුව ප්‍රභාව රක්ෂා කිරීම සඳහා පුරා දශක තුනක් අප්‍රමාණ කැප කිරීම් කළ කලාකරුවෙකි. පුද්ගලයෙක් ලෙස මතු නොවූව ද ඔහුගේ හඬ පෞරුෂය සහෘද හදවත් තුළ බොහෝ කාලයක් සැඟව තිබිණි. දශක තුනක් පුරාවට මියුරු භාවපූර්ණ ගීතාවලියක් හරහා සංගීත රසකාමීන්ට තිළිණ කළ මේ අත් භවයේ . . ., ඔබයි ඔබේ සිනා පොදයි . . ., හිච්චි නගේ . . . , රිදී හවඩි . . . වැනි ගීත අදත් සහෘද රසිකයන් අතර රැව් පිළිරැව් දේ.පුරා දශක තුනක් සුභාවිත ගීතයේ රුව ගුණ ප්‍රභාව ආරක්ෂා කිරීම සඳහා කැප වූ සරත් වීරසිංහ දශක තුනක් පුරා ගැයූ ගී අතරින් තෝරා ගත් විශිෂ්ට ගී දාසයක් ඇතුළත් ගී සමුච්ඡයක් ‘කණා මැදිරි එළි’ නමින් එළි දක්වා ඇත.ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් ඇසුණු ඔහුගේ ජනප්‍රිය ගී දාසයක් මෙම කණා මැදිරි එළි නමින් මෙහි එළි දක්වා තිබීම විශේෂත්වයකි. ඔබයි ඔබේ සිනා පොදයි, සිහින මල් අරණේ, කණා මැදිරි, සඳමන්දහාස, මේ අත් භවයේ, ලැව් ගින්නක් සේ, රිදී හවඩි, සීත රෑ යාමේ, ලංකා මගේ, පායා සීත රාත්‍රියේ, හිච්චි නගේ, සිතන්න සිතන්න, රන් කුරහන් යායේ, මුමුණමින් කියූ කතා අමතක කරන්න නම්, නෙතට කඳුළ දී ආදී ජනප්‍රිය ගීත මෙහි ඇතුළත්ය.සුදත් දේවප්‍රිය, හේම නලින් කරුණාරත්න, සෝමදාස සූරියආරච්චි, ස්වර්ණ ගුණවර්ධන, සුසිල් ප්‍රේමරත්න, නෝබට් තලම්මැහැර, සෝමරත්න මිල්ලතේ, සුජීවා එම්. හේරත්, චින්තන සේනාරත්න, කුමාරසිරි පතිරණ මේ ගී සමුච්ඡය සඳහා ගී පද රචනා කොට ඇත.ආනන්ද ගමගේ, රෝහණ ධර්මකීර්ති, නාලක අංජන කුමාර, ජයන්ත සී. ගුණතිලක, නිමල් ගුණසේකර, සුසන්ත මදුරප්පෙරුම, හෙක්ටර් සුරවීර, බන්දු එස්. කන්නංගර, කුමාරසිරි පතිරණ, අරුන් ශ්‍රී ප්‍රසාද් ගී තනු නිර්මාණය කොට ඇත. එස්. ඒ. ඥාණසිරිගේ නව සංස්කරණයෙන් සංගීත රසකාමී රසිකයන්ට තිළිණ කෙරෙන සරත් වීරසිංහයන්ගේ ‘කණා මැදිරි එළි’ සඳහා රිද්මා ස්වරාංගී වීරසිංහ සහාය ගායනයෙන් එක් වෙන්නේය.‘දිරිය’, කොට්ටල, වේයන්ගොඩ සරත් වීරසිංහගේ ලිපිනයයි.- චන්දන  
CREATIVE
පුනරෝපකථන හා පුනරාගමන කියන මගේ කෘති දෙකේ බෙදා හැරීම් කටයුතු සමඟ මම මේ දවස්වල සැරිසරනවා. ඒ වගේම මේ මාසයේ දහ වැනිදා ලුම්බිනියේ මංගල දර්ශනය පැවැත්වීමට නියමිත ධර්මජිත් පුනර්ජීවගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ‘රැගෙන අවි මම ද එමි’ වේදිකා නාට්‍යයේ තෙරේසා කරාර්ගේ චරිතයට පණ පොවනවා.ඒ වේදිකා නාට්‍යය බර්ටෝල් බෙෂ්ට්ගේ නිර්මාණයක පරිවර්තනයක්. එය පරිවර්තනය කළේ මයිකල් ප්‍රනාන්දුයි. එහි පුහුණුවීම් සමඟ දවස ගතවෙන නිසා මම තරමක් කාර්යබහුලයි.
CREATIVE
රඟපෑමේදී වුවත් අමානුෂික ලෙස පෙම්වතියට කරදර කරන නළුවකුට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දිගින් දිගටම සිනමාපටයක් අසාර්ථක වීමටත් වඩා දරුණුය. එවැනි තත්ත්වයක් තිබියදීත් සැබෑ ජීවිතයේදීත් මෘගයකු ලෙස හැසුරුණු නළු පෙම්වතකු ගැන බොලිවුඩ් පුරවරයෙන් ආරංචි වෙයි. ඔහු ඉන්ද කුමාර්ය.හතළිස් හැවිරිදි ඉන්ද කුමාර් සිය ළාබාල පෙම්වතිය දෙදිනක් තම කුටියේ තබා ගනිමින් ඇයට අතවර කර ඇත්තේ සිවුපා සතකුටවත් තරම් නොවන පරිදිය. ඔහු ඇයගේ සිරුර සිගරට් කොටවලින් පුළුස්සා ඇත. බියර් බෝතලයකින් පහර දී තිබේ. මෙසේ කර ඇත්තේ සිනමාපටයක චරිතයකට පෙර පුහුණුවක් ලබා දෙන බව පවසමිනි. කෙසේ හෝ ඇය අන්දෙරිවල පිහිටි ඔහුගේ නිවෙසින් පලා ගොස් පොලිසියට පැමිණිලි කර තිබේ.ඉන්ද කුමාර් විවාහකයකු වුව ද, ඔහු සමඟ ජීවත්වීම අසීරු නිසා බිරිය ජීවත් වන්නේ වෙනමය. එහෙත් මේ ප්‍රශ්නයේදී ඇය ගෙන ඇත්තේ සැමියාගේ පැත්තයි. සැමියා නිර්දෝෂී බවත්, මෙය උගුලක් බවත් පොලිසියට ඇය පවසා ඇත්තේ ඉන්ද කුමාර් සමඟම ගොසිනි. ඉන්ද කුමාර්ගේ නීතිඥයා පවසා ඇත්තේ දෙදෙනා අතර කිසිදු අඬ දබරයක් නොමැති බවයි. කවුරුන් කුමන දේ පැවසුව ද ඉන්ද කුමාර් දැන් සිටින්නේ පොලිස් අත් අඩංගුවේය.මේ සැබෑ දුෂ්ටයා අවසන් වරට තිරයෙන් දක්නට ලැබී තිබෙන්නේ සල්මන් ඛාන්ගේ ‘වෝන්ටඩ්’ සිනමාපටයෙනි. විසි තුන් හැවිරිදි තරුණියට තිරයේ ප්‍රධාන චරිතයක් ලබා දෙන බව පවසමින් ඔහු කළ අපරාධයට දුෂ්ටම නළුවාගෙන් පවා සමාවක් නම් නොලැබෙනු ඇත.‘මා තුජේ සලාම්’, ‘බාගී’, ‘කිලෝඩියන් කා කිලාඩි’, ‘මාසූම්’, ‘හත්යාර්’ ඉන්ද කුමාර් රඟපා ඇති සිනමාපට කිහිපයකි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
අමිතාබ්ගේ ගැඹුරු කටහඬ අවසන් වරට ගීතවත් වූයේ 2009 වසරේ ‘පා’ සිනමාපටයේයි. මෙගා තරුව මීළඟට සිය හඬ මුසු කරන්නේ ආර්. බල්කිගේ ඉදිරියට තිරගතවීමට නියමිත ‘ෂාම්තාබ්’ සිනමාපටයටයි. තවමත් ඔහු ගයන ගීතය කුමක්දැයි අනාවරණය වී නැත.‘ෂාම්තාබ්’ හි රඟන්නේ දකුණු ඉන්දීය සුපිරි තරුව ධනුෂ් (රජිනි කාන්ත්ගේ බෑණා) සහ කමල් හසන්ගේ බාල දියණිය අක්ෂාරාය. ගායනය මෙගා තරුවට නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවෙයි. සිල්සිලා (රංග් බර්සේ), බග්භන් (මේයින් හායන් තූ වහාන්), ලවාරිස් (මෙරේ අංග්නේ මේයින්), බෝල් බච්චන් ඇන් කහානි (ඒක්ලා චලෝ රේ) සිනමාපටවල ද ඔහු ගී ගයා තිබේ.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ක්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ ‘රතු අහස’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙන අතර මම මගේ සැමියාගේ ‘කැලණි පාලම’ හා ‘අහසින් වැටුණු මිනිස්සු’ වේදිකා නාට්‍ය ද්විත්වය පවරා ගත්තා.නව නිෂ්පාදනයක් විදියට දිගින් දිගටම ඒවා වේදිකා ගත වන නිසා මම තරමක් කාර්යබහුලයි.
CREATIVE
‘ආදරේ කරන්න වයස බාධාවක් නැහැ’ යන්න තේමාව කර ගනිමින් එරංග සේනාරත්න තම නවතම සිනමාපටයෙහි වැඩ කටයුතු අරඹයි. ‘නෝනෙ මගෙ සුදු නෝනේ’ යනුවෙන් නම තබා ඇති මෙහි නව පරපුරේ රංගන ශිල්පීන් සමඟ ප්‍රවීණයින් ද එක්වන අතර නවක නිළියක ද සිනමාවට දායක කිරීමට අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වෙයි.ලස්සන ජයසේකර සංගීතවත් කරන නෝනෙ මගෙ සුදු නෝනේ හි ගීත එච්. එස්. පෙරේරා සහ තිස්ස ඩයස් රචනා කොට ඇත. ගාමිණී සුසිරිවර්ධන සමඟ මාලා භාරතී ගීත ගයනු ලබයි.සිනෙ ගැලරි මූවිස් නිෂ්පාදනය කරන නෝනෙ මගෙ සුදු නෝනේ හි එච්. සතාර් සම නිෂ්පාදකවරයාය. මෙය එරංග සේනාරත්නගේ හත්වන සිනමා නිර්මාණයයි. ඔහුගේ ඇතුවත් බෑ නැතුවත් බෑ ලබන වසරේදී ප්‍රදර්ශනය වනු ඇත.- ප්‍රසාද්
CREATIVE
ප්‍රවීණ රංගන ශිල්පියෙක් වුණු නිහාල් ප්‍රනාන්දු කාලයකටපස්සේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට පිවිසිලා. ඒ ‘බොරදිය කඳුර’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරමින්. පසුගිය 8 වෙනිදා සිට සතියේ සෑම දිනකම අඟහරුවාදා රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ‘බොරදිය කඳුර’ විකාශය වෙනවා.‘බොරදිය කඳුර’ ගැන නිහාල් කිව්වේ මෙහෙම කතාවක්. නිහඬව සිටි කාලයේ කළ අපූරු වැඩක් තමයි බොරදිය කඳුර. මේ කතාව ඔස්සේ මා කතාබහ කරන්නේ අපේකම පිළිබඳයි. ගමත්, පන්සලත් සමඟ තිබුණු සබැඳීයාව, මිනිසුන්ගේ සිතුවිලි, මනුෂ්‍යත්වය ගැන කතා කරන ‘බොරදිය කඳුර’ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙනේවි.‘බොරදිය කඳුර’ සඳහා රංගනයෙන් දායක වුණේ හයිසින්ත් විජේරත්න, ප්‍රියා රණසිංහ, අවන්ති අපොන්සු, කුසුම් රේණු, මොරින් චාරුණි, විමෝජා නිලන්ති, නිශාදි රත්නාවලී, ජනක් ප්‍රේමලාල් රෙක්ස් හැමිල්ටන්, තිලක් කුමාර රත්නායක, ගාමිණී ජයලත්, තිස්ස බණ්ඩාරනායක, කමල් ජයතුංග, අසේල ජයකොඩි, කුමුදු නිශාන්ත, සෝමවීර ගමගේ, බුද්ධික ලොකුකැටිය, මිහිරි සිරිතිලික, සඳලි නෙත්මිණි ඇතුළු නළු නිළියන් රැසක්.කැමරාව භාර දුන්නේ බුද්ධික ඉන්ද්‍රජිත්ට. අංග රචනයෙන් වසන්ත විට්ටච්චි, උපුල් මහානාම සහාය වෙද්දී කලා අධ්‍යක්ෂණයෙන් උදව් වුණේ ඇහැළියගොඩ සෝමතිලකයි. සංස්කරණයෙන් ජගත් විරතුංග. සංගීතය සමන්ත පෙරේරාගේ. අඟහරුවාදා රාත්‍රියට ජාතික රූපවාහිනිය වටා පෙළ ගැසෙන්න මා ඔබට ආරාධනා කරනවා.’
CREATIVE
දයාන් විතාරණ මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම සරසවියේ හිතවත් පාඨකයෙක්. පසුගිය දවසක සරසවිය පත්තරය බලපු දයාන් අපිට කෝල් එකක් දුන්නා. සුරූපී හොලිවුඩ් රංගන ශිල්පිනියක වන එලිසබෙත් ටේලර් ලංකාවට ආවේ නැහැ කියලා පත්තරේ පළ වුණත් එලිසබෙත් ටේලර් ලංකාවට ඇවිත් තියෙනවා කියලා දයාන් කිව්වා.‘දයාන් කොහොමද හරියටම දන්නේ ඇය ලංකාවට ආවා කියලා’. අපිත් දයාන්ගෙන් ඇහුවා. ‘ඇත්තටම එලිසබෙත් ටේලර් ලංකාවට ඇවිත් තියෙනවා. පොළොන්නරුවේදී ඇය ඡායාරූප පවා අරගෙන තියෙනවා. මම පුංචි කාලයේ පටන්ම ඇයගේ රසිකයෙක්. ඇයගේ විස්තර සඳහන් කෘති ඇතුළු බොහෝ සටහන් වගේම ඡායාරූපත් මම එකතුª කරලා තියෙනවා’ දයාන් අපට කිව්වා. 
CREATIVE
දැන් නම් මම නිර්මාණකරණයේ යෙදෙන්නේ නැහැ. මේ දවස්වල කාලය කැප කරලා තියෙන්නේ ක්ෂේත්‍රයේ වසර 48ක සේවා කාලය තුළ ලද අත්දැකීම් සමගින් රූපවාහිනි ඉතිහාසය පිළිබඳ නිවැරදි තොරතුරුවලින් කෘතියක් සම්පාදනය කිරීමටයි.මීට පෙර මම ටවර් නාට්‍ය පාසලේ සහ සෞන්දර්ය විශ්වවිද්‍යලයේ ඉගැන්වීම් කටයුතු කළා. ඒ වගේම කවුරුන් හෝ සංවිධානය වෙලා නාට්‍ය හා රංග කලාව පිළිබඳ වගේම ටෙලි නාට්‍ය කලාව ගැනත් දැනුම ලබා දෙන්න මම කැමැත්තෙන් සිටිනවා.
CREATIVE
ඔහු ජූඩ් සීමන් ෆ‍්‍රැන්සිස්. දැන් බොහෝ දෙනෙක් ඔහු අමතන්නේ ඇමතිතුමා කියලයි. ඒ වුණත් ඔහු ඇමතිවරයෙක් නම් නොවෙයි. ජූඩ් සීමන් වෘත්තියෙන් ගුරුවරයෙක්. ඒ වගේම රංගන ශිල්පියෙක්. ඔහුට දැන් හැමෝම ඇමතිතුමා කියලා හඳුන්වන්නේ ඇන්ඩ් කොම්පැනි රූපවාහිනි නාට්‍යයේ බී. එස්. අධ්‍යක්ෂතුමාගේ චරිතය නිසා. ප්‍රේක්ෂක උණුසුම් ප්‍රතිචාර මැද ජූඩ් සරසවිය හමුවෙන්නත් අමතක කළේ නැහැ.දැන් ඔබ කාර්යබහුල රංගන ශිල්පිියෙක්?මම රංගන කටයුතුවලට දායක වෙන්නේ ගුරු වෘත්තියේ නියැළෙන අතරතුරේදියි. ඒ නිසා යම් යම් අවස්ථාවල කාලය වෙන්කර ගැනීම පිළිබඳ ප්‍රශ්න නම් ඇති වෙනවා. ඒ වුණත් ක්ෂේත්‍ර දෙකටම අපහසුවක් ඇති නොවන්නට වග බලාගෙන කටයුතු කරන්න තමයි හැම තිස්සෙම උත්සාහ කරන්නේ.බී. එස්. ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ පිළිබඳ ලොකුª සතුටක් හිතේ තියෙනවා. මම උගන්වන පාසලේ ළමයි, ගුරුවරුන් වගේම මග තොටේදී හමුවන අයත් බී. එස්. චරිතය ගැන අදහස් දක්වනවා. ඒ වගේම බී. එස්. චරිතය අපේ රටේ ජනප්‍රිය පුද්ගලයෙකුගේ චරිතයක්නේ. පර්සි කියලා මහත්තයෙක් මාව එතුමාට හඳුන්වලා දුන්නා. එතුමා මගේ රංගනයට සුබපැතුවා.ඔබ දායක වූ අනෙනකුත් නිර්මාණ ගැනත් සඳහන් කළොත්?දූවරු, මලී, සිහින පියාපත්, මට ආසයි පියාඹන්න ටෙලිල නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා. ඊට අමතරව සූරබාහු, මල්මි, වීදිය බණ්ඩාර නාට්‍ය ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. මම කිතුණු බැතිමතෙක්. මං ආසයි පියාඹන්න ටෙලි නාට්‍යයේ මම භික්ෂුවකගේ චරිතයක් නිරූපණය කළේ. ඒ චරිතය මගේ රංගන ජීවිතයේ ආසාවෙන් කළ චරිතයක්. ඒ වගේම මම රංගනයෙන් දායක වුණු චිත්‍රපටය තමයි ‘ප්‍රවේගය’ එයත් මගේ රංගන ජීවිතයේ සුවිශේෂ ස්ථානයක්.ජූඩ්ගේ පවුලේ විස්තරත් කියමු?මගේ පවුලේ මමයි පුතාලා දෙන්නයි විතරයි ඉන්නේ. බිරිඳ ජීවතුන් අතර නැහැ. ලොකු පුතා රනිත, උසස් පෙළ හදාරනවා. පොඩි පුතා රසිඳු 8 වසරේ ඉගෙනුම ලබනවා. ලොකු පුතා නම් ඉදිරියේදී රංගනයට එන්න ආසාවෙන් ඉන්නේ.රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න ලැබීම ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?ඇත්තටම ගොඩක් ලොකු සතුටක් හිතේ තියෙනවා. පොඩි කාලේ් රංගනයට ලොකු ආසාවක් තිබුණා. පාසැලේ කලා උළෙලවල් සඳහා සහභාගි වුණා. අම්මාගේ හීීීනය සැබෑ කරමින් අනූව දශකකයේදී මට ගුරු පත්වීමක් ලැබුණා. ඒ නිසා සෑහෙන කාලයක් ගතවන තුරු රංගනය ගැන හිතන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වුණත් මට දැන් ඒ සඳහා අවස්ථාව ලැබී තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දිමෙන් මම විශාල සතුටක් ලබනවා. එයට බාධාවක් නොවන්න රංගන කටයුතුවලත් දිගටම නියැළීමට බලාපොරොත්තු වෙනවා. 0775854466 දුරකථන අංකයට මගේ රංගනයන් පිළිබඳ අදහස් දක්වන්න රසික ඔබට ආරාධනා කර සිටිනවා.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න  
CREATIVE
රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ලබතිපසුගියදා නිමාව දුටු හතළිස් එක් වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රතිඵල සටහනයි මේ. දිගු නාට්‍ය සඳහා 2012 සහ 2013 වසර සඳහා සම්මාන ලබාදෙන ලදී.හොඳම නාට්‍යයසුනිල් චන්ද්‍රසිරිගේ ආදරණීය සංවාදයක්- 2013ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය - 2012හොඳම කෙටි නාට්‍යසිංහල – යසන්ත කරුණාරත්නගේ හරි අපූරු දවසක් හෙවත් අන්තෝ ජටාදමිළ - එස්. ඒ. අලගේෂන්ගේ අවන් පෝට්ට කනක්කුප්‍රශස්ත අධ්‍යක්ෂණයසුනිල් චන්ද්‍රසිරි - 2013ප්‍රියන්ත සිරිකුමාර - 2012හොඳම පිටපතපළමු ස්ථානයසුනිල් චන්ද්‍රසිරි ආදරණීය සංවාදයක් - 2013දෙවන ස්ථානයකේ. බී. හේරත්, කළු කුමාරිහොඳම ස්විය නොවන පිටපත (2012)සුනිල් චන්ද්‍රසිරිසිංදු කිරිල්ලි - 2012හොඳම කෙටි නාට්‍ය රචනයදමිත් වැලිකල, ඩොලී - සිංහලෆාතිමා රුසානා, අවන් පෝට්ට කනක්කු – දමිළහොඳම නළුවාදිගු නාට්‍යජනක කුඹුකගේ, ආදරණීය සංවාදයක් - 2013චන්ද්‍රසෝම බිංදුහේවා, සිංදු කිරිල්ලී - 2012කෙටි නාට්‍ය හොඳම නළුවා - සිංහලසුධීපවන් පෙරේරා, ශ්‍රීමත් සුමනදමිළඑල්. එස්. මෝහන් රාජ්අවන් පෝට්ට කනක්කුහොඳම නිළියමාධනී මල්වත්ත, කළු කුමාරි - 2013තෙරුණි අශංසා පීරිස්, සිංදු කිරිල්ලි - 2012කෙටි නාට්‍ය හොඳම නිළියසිංහලසුලෝචනා වීරසිංහ, බබාට නමක්දමිළඑන්. එස්. රංජනී, අවන් පෝට්ට කනක්කුහොඳම සහාය නළුවාදිගු නාට්‍යපෞඩ බුවනෙක, හොරුත් එක්ක බොරු - 2013අසංක කෝදාගොඩ, වාදකයා වහල උඩ - 2012හොඳම සහාය නිළියනදීශානි පේළිආරච්චි, හොරුත් එක්ක බොරු - 2013දුලීකා මාරපන, බර්නාඩාගේ සිපිරිගෙය - 2012හොඳම රංග වින්‍යාසයදිගු නාට්‍යමහේෂ් උමගලිය සහ මංගල සේනානායක,ජුලියස් සීසර් – 2013රණසිංහ අධිකාරි, ඉයුමනයිඩිස් - 2012කෙටි නාට්‍ය හොඳම රංග වින්‍යාසයසිංහල නාමල් ජයසිංහ, ඩොලීදමිලඑම්. කාලිදාස්, පංච සමුරායිහොඳම සංගීත නිර්මාණයලහිරු මාඩිවිල, වාදකයා වහළ උඩකෙටි නාට්‍යදමිළපවර නටමිණ, අවන්පෝට්ට කනක්කුසිංහලශාන්ත පීරිස්, රොමැන්ටික් ෂෝ ඉන් ද ලාස්ට් බස්හොඳම වේදිකා පරිපාලනයදිගු නාට්‍යහිමාෂි තක්ෂිලා, ගයාන් විතාන සහ දර්ශනඔබේසේකර, ජුලියස් සීසර් - 2013අරුණ ජයසේන, ඉසරු කාශ්‍යප, රචිතප්‍රමෝද්‍ය, බර්නාඩාගේ සිපිරි ගෙය - 2012කෙටි නාට්‍යදමිළශ්‍යාම්ඩීන්, අවන් පෝට්ට කනක්කුසිංහලකේ. ඒ. ජී. ඒ. චන්ද්‍රකුමාර, ඩොලීහොඳම අංග රචනයදිගු නාට්‍යවසන්ත විට්ටච්චි, ආදරණීය සංවාදයක් - 2013ඉමායා හෂිනි, නදීශා සංජීවනී සහ ශෂිකලාසුභාෂිනී, වාදකයා වහල උඩ - 2012කෙටි නාට්‍යසිංහලචාමර අනුදත් රාජපක්ෂ, ඩොලීදමිළවසන්ත විට්ටච්චි, අවන් පෝට්ට කනක්කුහොඳම පසුතල නිර්මාණයදිගු නාට්‍යප්‍රදීප් චන්ද්‍රසිරි, කළු කුමාරි - 2013නුවන් තනුරංක, බර්නාඩාගේ සිපිරි ගෙය - 2012කෙටි නාට්‍යසිංහලතිළිණ ෆොන්සේකා, ජයන්ත විජේසිංහ, මං සියඹලා ගෙනාවෙ නැහැදමිළඑස්. සාතියාන්, අවන්පොට්ටු කනක්කුහොඳම රංග වස්ත්‍ර නිර්මාණයදිගු නාට්‍යසුවිනීතා පෙරේරා, ජුලියස් සීසර් - 2013තක්ෂිලා මෙන්ඩිස්, චන්ද්‍රිකා ලක්මිණි, වාදකයා වහළ උඩ - 2012කෙටි නාට්‍යසිංහලකේ. ඒ. ජී. ඒ. චන්ද්‍රකුමාර, ඩොලීදමිළඑස්. තවර්රයියා, නිනවුසින්නාහොඳම රංගාලෝකයදිගු නාට්‍යසමන් මලලසේකර, ආදරණීය සංවාදයක් - 2013රංග සමරකෝන් සහ සංජය හෙට්ටිආරච්චි, බර්නාඩාගේ සිපිරි ගෙය - 2012කෙටි නාට්‍යසිංහලරංග සමරකෝන්, පස් මහ බැලුම්දමිලඑස්. ඒ. අලගේෂන්, අවන් පෝට්ට කනක්කුසැකසුම – ප්‍රසාද් සමරතුංගසේයා රූ - ඉන්දික ප්‍රභාත් වීරසිංහ
CREATIVE
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය රඟන සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ පණස් හතර වැනි සිනමා නිර්මාණය රන්ජා ඊයේ සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹිණ. කලක් විදේශගතව සිටි සුමනා ගෝමස් නැවතත් රංගනයට එකතුª වන රන්ජා හි කතාව, දෙබස්, තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්ගෙනි.ටෙනිසන් කුරේ, රොජර් සෙනෙවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, පියුමි ශානිකා, හිමාලි සිරිවර්ධන, වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසිංහ, දෙනුවන සේනාධි, නිපුනි විල්සන්, නිල්මිණි කෝට්ටෙගොඩ, ප්‍රේමදාස විතානගේ, සඳුන් විජේසිරි, කීර්ති රංජිත් පීරිස්, ශාන් බන්දු වීරසිංහ, නිශාන්ත සඳබරණ, දොන් ලීලාරත්න ආදී පිරිස රන්ජා හි චරිත මවන ලදී. ගාමිණී මොරගොල්ලාගම කැමරා අධ්‍යක්ෂවරයාය. කුමාරසිරි ද සිල්වා සහය අධ්‍යක්ෂවරයා මෙන්ම සංස්කරණ ශිල්පියා ද වේ. කේෂාන් සුදන්ත පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයකි. සරත් සමරවික්‍රම කලා අධ්‍යක්ෂණයෙන්ද, වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද, සංඛ අබේසිංහ නැටුම් අධ්‍යක්ෂණයෙන් ද මේ සදහා දායක වෙති. සරත් රණවීරගේ අංග රචනයකි. දොන් ලීලාරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් එක් වෙති. සුනිල් ධර්මසිරි ප්‍රචාරක කළමනාකරුය.
CREATIVE
සම්මුඛ පරීක්ෂණය තෙදිනක්සම්මානනීය අධ්‍යක්ෂ සුදත් රෝහණගේ දෙවැනි සිනමා සිතුවම සෙංකඩගල රාජසිංහ හී රූගත කිරීම් එළඹෙන අගෝස්තුවේදී ඇරැඹීමට නියමිතය. අති විශාල නළු නිළියන් ප්‍රමාණයක් රංගනයේ යෙදෙන සෙංකඩගල රාජසිංහ සමඟින් නවකයන් රැසක් තිරයට හඳුන්වා දීමට ද අධ්‍යක්ෂවරයා අපේක්ෂා කරයි.ඔවුන් තෝරා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 17, 18, 24 යන දිනයන්හී අංත 275/74, ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 07 ලිපිනයෙහි ඇති බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත් වෙයි.ප්‍රසාද්
CREATIVE
සංගීතවේදීසරත් වික්‍රමගේළඟදීම තිරගතවීමට නියමිත ‘සුපිරි අන්දරේ’ චිත්‍රපටයට මා සංගීතය නිර්මාණය කළා. ඒ වගේම මේ දවස්වල ‘කරදිය’ ඇතුළු චිත්‍රපට කීපයකටම සංගීතය නිර්මාණය කරන කටයුතුවල නියැළෙන නිසා තරමක් මම කාර්යබහුලයි. ළඟදීම මගේ උපන් දිනය යෙදෙන නිසා එදිනට අලුත්ම වැඩක ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. ඒ මගේ නිර්මාණ රැගත් අලුත්ම විදියේ සී. ඩී. එකක් නිර්මාණය කරන්නයි. අද බිහිව තිබෙන නව තාක්ෂණයේ, නව සංගීතයත් යොදාගෙන මෙතෙක් නොකළ වැඩක් කරන්නයි ඉන් මා අදහස් කරන්නේ. 
CREATIVE
අප සිනමාවේ ජනප්‍රියතම සිනමා සිතුවමක් වන චණ්ඩි පුතා නැවතත් නිර්මාණය කරන්නට යන බව සරසවියට වාර්තා වෙයි. එහි නව නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඉන්ස්පෙක්ටර් ගීතා ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කුසුම්චන්ද්‍ර ගමගේ විසිනි.චණ්ඩි පුතා යන නම වෙනුවට ‘සල්ලි නැතේ මට විස්කි නැතේ’ යනුවෙන් නව නිෂ්පාදනය නම් කොට තිබේ. චණ්ඩි පුතා තිර රචනා කළ සෝමපාල ලීලානන්දම වසර ගණානාවකට පසු නැවතත් එම කතාවම රචනා කිරීම විශේෂත්වයකි. ප්‍රසාද්
CREATIVE
හිකප් සම්ප්‍රදායෙන් බැහැරව නව අදහස් සිතුම් පැතුම් වලින් යුතු වූ දරුවෙක්. ඔහු වයිකින්වරුන්ගේ ළාබාලතම පරම්පරාවේ සාමාජිකයෙක්. තම වර්ගයා බිහිසුණු මකරුන් සමඟින් සටනට එළැඹෙන විටදී හිකප් එම මකරුන් සමඟ සමගියෙන් සමාදානවීමට උත්සාහ දරයි. සැම විටම ඔහුට අවශ්‍ය වන්නේ මකරුන් මිනිසුන්ගේ මිතුරන් කිරීමටය. එම අභියෝගය ජය ගනිමින් ඔහු මිතුරු කර ගන්නා ටුත්ලස් නම් මකරා සමඟින් දරුණු මකරුන් වෙසෙනා ප්‍රදේශයක් සොයා ගනී. එහි වෙසෙමින් අනෙකුත් මකරුන් ගෙන් දරුණු ආකාරයෙන් වැඩ ගන්නා මකරා විනාශ කරමින් මිනිසුන් හා මකරුන් අතර සමගියක් ඇති කිරිමට කුඩා හිකප් හට හැකියාව ලැබෙන්නේ ටූත්ලස් නම් මකරා හා හිකප්ගේ මිතුරු මිතුරියන්ගෙන් ලද විශාල සහයෝගය ද සමඟිනි. ඒ මීට වසර පහක පමණ කාලයකට පෙරදීය.දැන් හිකප් සහ ඔහුගේ මිතුරු මිතුරියන් ගත කරන්නේ යෞවනයයි. මිතුරු මකරා වූ ටූත්ලස් සමඟින් ගවේෂණයේ යෙදීම ඔහුගේ විමෝදාංශයයි. නව ප්‍රදේශ සොයා හිකප් යන ගමන වරෙක බිහිසුණුය. තවත් වරක සුන්දරය. එහිදී හමුවන විවිධ පුද්ගලයන් අතරේ සුවිශේෂී අයෙක් හිකප් හට මුණ ගැසෙයි. යළිත් බිහිසුණු යුද්ධයකට මැදි වන ඔහුගේ අනාගතය ගැන කියන්නේ ‘How to Train Your Dragon -2’ චිත්‍රපටයයි.මේ දිනවල ලොව පුරා අති සාර්ථක අයුරින් තිරගත කෙරෙන ‘How to Train Your Dragon -2’ චිත්‍රපටය How to Train Your Dragon චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය ලෙස එළිදක්වා තිබේ. මෙම චිත්‍රපටය තිරගත වෙන්නේ පළමු චිත්‍රපටයෙන් වසර පහකට පසුවය. පසුගිය ජූනි 13 වැනිදා සිට තිරගත වීම ආරම්භ කළ එය මේ වන විට උපයා ඇති ආදායම ඩොලර් මිලියන 171 කි.How to Train Your Dragon -2 අධ්‍යක්ෂණය සහ තිර රචනය ඩීන් ඩිබ්ලොයිස් විසිනි. එයට පාදක කරගෙන තිබෙන්නේ ක්‍රොසිකා කොවෙල් විසින් රචිත How to Train Your Dragon කෘතියයි. ජේ. බර්චෙල්, ජෙරාඩ් බට්ලර්, ක්‍රෙග් ෆර්ගියුසන්, අමෙරිකා ෆෙරේරා, ජොනා හිල්, ක්‍රිස්ටින් විග්, කිට් හැරින්ග්ටන් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දෙති. මිනිත්තු 102 ක කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 145 ක පිරිවැයක් දරා ඇත.ඩ්‍රීම් ඇනිමේෂන් විසින් මෙම චිත්‍රපටය විචිත්‍රවත් අයුරින් නිමවා තිබේ. මෙම චිත්‍රපටය රූ ගැන්වෙන විටදී අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා 2013 වසරේ ඩ්‍රීම් වර්ක් ඇනිමේෂන් හි කළ සංචාරයකදී කාටුන් චරිතයක් වෙනුවෙන් සජීව රංගනයක අංග චලනය ලබා ගැනීමේ අවස්ථාවක් අත්හදා බලන්නට එක් වී තිබේ.යතේජා
CREATIVE
වෙසෙක් කාලයත් සමඟ විවිධ වූ සාකච්ඡාවලට සහභාගි වීම මේ වෙසක් සමයේදී සිදු වූ විශේෂ කටයුත්තයි. ගිහියන් මේ සති කිහිපය වෙසක් අසිරියෙන් උදම් වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙන අතරම භික්ෂූන් වහන්සේලා විදියට ඔවුන්ගේ කටයුතුවලට සහයෝගය දැක්වීම අපගේ යුතුකමක්.ඒ කටයුතුවලට අමතරව උපන් දිනයත් යෙදෙන අද වගේ දවසක කිසිවකුගේ ඇස නොගැටුණු වැඩිහිටි නිවාසයකට ගොසින් දානමාන කටයුත්තක නියැළෙන්නයි මා අදහස් කරගෙන සිටින්නේ.
CREATIVE
තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්‍රදාමෝත්සවය පසුගියදා නිමා විය.ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි. අපේ වෑයම ඒ සොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හඳුන්වා දෙන්නයි.මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ බියන්විල ‘නැගෙන හිරු’ යෞවන සමාජයෙන් බස්නාහිර පළාත නියෝජනය කරමින් ජාතික යෞවන සම්මාන 2012 ප්‍රදාමෝත්සවයේදී ගැටබෙර වාදනය ඒකල පිරිමි අංශයේදී උඩරට මගුල් බෙර වාදනය ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථානය හිමිකරගත් මිතිල ප්‍රියංකර පිළිබඳව හඳුන්වාදීමට අද යංග් ටැලන්ට තීරුව වෙන් කෙරේ.කැලණිය ජනාධිපති විද්‍යාලයේ 12 වැනි වසරේ කලා අංශයේ (නැටුම් හා බෙර වාදනය) අධ්‍යාපනය හදාරන මිතිල අවුරුදු 12 දී නර්තනයට සහ බෙර වාදනයට යොමු වී ජාතික මට්ටමේ තරග රැසකින් ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබේ.උඩරට මඟුල් බෙර වාදනයට වැඩි නැඹුරක් දැක් වුව ද නැටුම්, මුද්‍රා නාට්‍ය, චිත්‍ර අංශයෙන් ඉදිරිපත් වී බොහෝ ජයග්‍රහණ ලබා ඇති මිතිල උසස් අධ්‍යාපන කටයුතු කලා අංශයෙන් ඉදිරියට කරගෙන යාමත්, තමන් ලද දැනුම ඊළඟ පරම්පරාවට කියාදීමටත් බලාපොරොත්තු වේ.මිතිලට මේසා දුරක් යන්නට සුභාෂිනී, සමින්ද, සරත්, නලීන්, රවිබන්දු විද්‍යාපති, සමන්ති විද්‍යාපති, ජිනෙන්ද්‍ර විද්‍යාපති, රුවන් යන ගුරුවරුන්ගෙන් ලැබුණු දැනුම උපකාරී වී තිබේ.සටහන – තිස්ස ධම්මිකඡායා - මාලන්ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ අන්තර් ජාතිත සම්මානයට පාත්‍ර වූ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමාපටයේ අමෙරිකානු මංගල දැක්ම මෙම මස 10 එනම් අද සිට 24 දක්වා ඇමෙරිකවේ චිකාගෝ නගරයේ පැවැත්වෙන 49 වැනි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී පැවැත්වීමට නියමිතය.එහිදී එම සිනමාපටය ලෝක සිනමා අංශයේදී තිරගත වන අතර මෙවර චිකාගෝ චිත්‍රපට උළෙලට මහද්වීප පහෙන් රටවල් තිස් දෙකක චිත්‍රපට තිරගත වනු ඇත.ඉන්දු - ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වන ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ අංජලී පාටිල් සමඟ ශ්‍යාම් ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම් ප්‍රධාන චරිත මවති.ඔබ නැතුව ඔබ එක්ක ළඟදී සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ඇරැඹේ.ප්‍රසාද්
CREATIVE
පුංචි තිරය රිදී තිරයට පාලමකි. මේ පාලමින් අලුතින් බොලිවුඩ් යන තාරකාව සාරා ඛාන්ය. විසි හතර හැවිරිදි සාරා, සප්නා බාබුල් කා . . . බිදායි, රාම් මිලායි, ජනූන් . . . එයිසි නෆ්රත් තෝ කෙයිසා ඉෂ්ක් වැනි පුංචි තිරයේ නාට්‍යවලින් ජනතා තාරකාව වී අවසන්ය.දැන් ඇයට තිරයේ ආකර්ෂණය වීමට ද අවස්ථාව උදා වී තිබේ. ඇයට එක්වරම සිනමාපට ත්‍රිත්වයකටම ඇරැයුම් ලැබී ඇත. මිඩ්නයිට් මූම්බායි, අ කැප්සියුල් ඔෆ් ලව් සහ තවම නමක් යොදා නැති සිනමාපටයක් ඒ අතර වෙයි. ඇය රැගූ ඩාක් රේන්බෝ, අමන් කි ආශා 2014 දී තිරගතවීමට නියමිතය.සාරාට මේ සිනමාපට තුන විශේෂ වන්නේ එහි ඇයගේ පෙම්වතා පාරාස් චබ්‍රා සමඟ රඟපාන්නට ලැබෙන නිසයි. සාරාට වඩා පාරාස් තෙවසරකින් බාලය. දෙදෙනාගෙන් කලා ලොවේ වඩාත් ප්‍රබල චරිතය වන සාරා නිසා පෙම්වතාට මේ අවස්ථාව උදා වූ බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් සාරා නම් කියන්නේ සිනමාපටය නිපදවන්නන්ට නවක මුහුණක් අවශ්‍ය වූ බවයි.ෆාරා බිග් බොස් 5 රියැලිටි වැඩ සටහනේදී සජීවීව අලි මර්චන්ට් සමඟ විවාහ වූහ. එහෙත් ඒ විවාහය දික්කසාදයෙන් කෙළවර විය. අලි හා සාරා ද විවාහ වී තිබුණේ පෙම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසයි.ප්‍රියංකා චොප්රා නම් තාරකාවේ කාන්තිමත් උණුසුම තවමත් පවතී. එසේ වුවත් අද වෙන විට වඩාත් බැබලෙන තාරකාවේ දීප්තියට එම උණුසුම සිසිල් වීම වළක්වා ගත නොහැකිය. 2008 වසරේ තිරගත වූ, සම්මානවලින් මෙන්ම ආදායමින් ද අඩුවක් නොවූ ‘ෆැෂන්’ සිනමාපටය වරක් බැලු කෙනකුගේ මතකයෙන් කිසිදා බැහැර නොවන්නකි.මෙහි දෙවැන්නට ද අධ්‍යක්ෂ මධූර් බන්දර්කර් දැන් සූදානම් වෙමින් සිටියි. එහි රංගනයට හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සහ ජාතික සම්මානයෙන් පිදුම් ලද ප්‍රියංකා චොප්රාට දෙවැන්න සඳහා ආරාධනා නොකිරීමට මධූර් තීරණය කර තිබේ. ප්‍රියංකා වෙනුවට දීපිකා පදුකෝන් ප්‍රධාන චරිතය වෙනුවෙන් ඔහු තෝරාගෙන අවසන්ය.මෙය ප්‍රියංකාගේ සිත රිදවන කරුණක් වුවත්, තිරගත වූ සෑම සිනමාපටයක්ම රුපියල් කෝටි 100 ඉක්මවීම හේතුවෙන් දීපිකාට ඇති ඉල්ලුම ඇයට නතර කළ නොහැකිය. වර්තමාන බොලිවුඩයේ උන්මාදය දීපිකායි. එහෙත් ප්‍රියංකා චොප්රා කෙතරම් දක්ෂ වුවත්, රුවෙන් ලොවක් දිනුවත්, මෑතකදී ඇය රැගූ සිනමාපටවලින් එතරම් හොඳ ආදායමක් ලැබී නැත. ප්‍රියංකාගේ ඥාති සොයුරිය පරිනීති රැඟූ සිනමාපට ඉතා ඉහළ ආදායම් ලබමින් තිරගත වී තිබේ.කූනාල් කපූර් ගැන බොලිවුඩයේ ඕපාදූප මැවෙන්නෙ අඩුවෙනි. ‘රන්ග් දෙ බසන්ති’ (2006) සිනමා රංගනයට ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳම සහාය නළුවාට නිර්දේශ වූයේ ඔහුයි. ඉන් පසු ඔහු රැගූ ආජා නිච්ලේ, හැට්‍රික්, වෙල්කම් ටු සජන්පූර් වැනි කිසිදු සිනමාපටයක් ආදායම් වාර්තා පිහිටුවීම අතින් සාර්ථක වූයේ නැත.කුනාල් රැගූ එක ද සිනමාපටයක්වත් 2013 වසරේදී තිරගත නොවෙයි. මේ වසරේදී රූගත කෙරුණු චම්කිලා සහ දෝගා ද තිරගත වෙන්නේ ලබන වසරේදීය. එහෙත් ඔහු දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති මවන්නකු වී අවසානය. ඒ නෙයිනා බච්චන් සමග පවත්වන සබඳතාව නිසයි. නෙයිනා අන් කවුරුවත් නොව අමිතාබ් බච්චන්ගේ ඥාති දියණියයි. එනම් අමිතාබ්ගේ බාල සොයුරු අජිතාබ් බච්චන්ගේ දියණියයි.සුපිරි බච්චන් පවුලේ ඉපදුණත් නෙයිනා ද එතරම් මාධ්‍යයේ උකුසු ඇසට ලක්වන්නියක නොවෙයි. එංගලන්තයේ බැංකු ආයෝජිකාවක වූ ඇය ළඟදී ඉන් ඉවත් වී මූම්බායි පැමිණියේ රංගනයට ඇති කැමැත්ත නිසයි. එහෙත් ඇය පැමිණි පසු රංගනයට වඩා උනන්දුවක් දක්වා ඇත්තේ කුනාල් කපූර් සමඟ පවත්වන සබඳතාවටයි.අනුරාග් කාශ්‍යප්ගේ ‘ලව් ෂව් ති කිචන් කුරානා’ සිනමාපටය ලන්ඩනයේ රූගත කෙරෙද්දී නෙයිනා ඔහු නැවතී සිටි හෝටලයට ගණන් කළ නොහැකි තරම් වාර ගණනක් පැමිණ තිබේ. ලන්ඩනයේ වීදිවල ද නිතර දකින යුවළක් බවට නෙයිනා සහ කූනාල් පත්ව ඇත. දැන් බච්චන්ලාගේ සාදවල ද කූනාල් නිත්‍ය සාමාජිකයෙකි.ප්‍රසිද්ධියේ මේ දෙදෙනා ප්‍රේම සම්බන්ධතාව ගැන කතා නොකළත් දෙදෙනා කිරියි පැණියි මෙන් ආදරයෙන් බැඳී සිටින බව ලොවටම රහසක් නොවේ. කුනාල් මෑතකදී ඉක්මනින් විවාහවීමේ අදහසක් නැති බව පමණක් මාධ්‍යයට පවසා ඇත.කුනාල් දැන් තිස්පස් හැවිරිදිය. කපූර් වාසගම තිබුණත් ඔහු බොලිවුඩයේ කිසිදු කපූර් පරපුරකට නෑකම් කියන්නෙක් නොවෙයි.නෑකමක් නැතත් බච්චන් පවුල සහ කපූර් වාසගම අතර ඇත්තේ දෛවෝපගත සම්බන්ධයකි. අමිතාබ් බච්චන්ගේ දියණිය ස්වේතා විවාහ වී සිටින්නේ රාජ් කපූර්ගේ දියණිය, රිතූගේ පුතු සමඟයි.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
සම්මානලාභී ලේඛකයකු වන ගුණරත්න ඒකනායක විසින් රචිත ‘කන්දෙ මාළිගාව’ යොවුන් නවකතාව ලබන 21 වැනි දා මොරටුව, සොයිසා පුර නිපුන් පොත් මැදුරේ දී දොරට වැඩීමට නියමිතය.පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සේවා සම්මානිත මහාචාර්ය ඩබ්ලිව්. අයි. සිරිවීර මහතා ලියූ ‘History of Sri Lanka’  ග්‍රන්ථයේ තෙවැනි මුද්‍රණය ලබන 22 වැනි දා මරදානේ පූජ්‍ය එස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.සියවසකට එපිට මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වූ නාට්‍ය දෙකක ගීත මතු පරපුරට දායාද කිරීමේ අදහසින් යුතුව එහි ගීත පටිගත කිරීමේ අවස්ථාවක් පසුගිය දා ටවර් හෝල් රගහල පදනමේ දී සිදුවිණ.ඒ චාල්ස් ඩයස් ශූරීන්ගේ පද්මාවතී සහ නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ ශ්‍රී වික්‍රම යන නාට්‍යයන් ද්විත්වයෙහි ගීත පටිගත කිරීමයි. අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ සහ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැතුවූයේ පසුගිය දෙවැනිදාය.මේ පැරණි නිර්මාණ නව පරපුරට දායාද කිරීමට ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන කරන උත්සාහයේ තවත් අවස්ථාවක්.සඳසිරි අධිකාරි ගේ සඳසිරි ගී සිරි ගී ප්‍රසංගය සහ සීතා මා නූර්ති ගී සංයුක්ත තැටිය දොරට වැඩීමේ උළෙල මේ මස 18 වැනි දින කොළඹ ලුම්බිණි රඟහලේ දී පැවැත්වෙයි.සෝමලතා සුබසිංහගේ විකෘති මේ විසි වැනි දින කොටිකාවත්ත රාජසිංහ විදුහලේ දී වේදිකා ගත වෙයි.
CREATIVE
මම මේ දවස් ගත කරන්නේ සුවිශේෂ කටයුත්තක් සමඟින්. පසුගියදා නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ උපන් දිනය වෙනුවෙන් සිනෙ රූ තරු රූපවාහිනි නිර්මාණයේ මුද්‍රණ ග්‍රන්ථය පිරිනමමින් සිනමා සක්විති ගාමිණී – නිළි රැජන මාලිනී රසික හවුල ආරම්භ කළා.එය මගේ ජීවිතයේ සුවිශේෂ කටයුත්තක්. ඉතින් මේ සතියට යෙදෙන මගේ උපන් දිනය වෙනුවෙන් එහි තවත් කටයුත්තක් සිදු කරන්නට නියමිතයි.ගාමිණී – මාලිනී රසික හවුලේ සාමාජිකත්වය ලබන අය අතරෙන් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා 15 දෙනෙකුට සිනේ රූ තරු නිර්මාණයේ ඩී. වී. ඩී. පහක් සහ මුද්‍රිත ග්‍රන්ථ පිටපත් 10 ක් ත්‍යාග ලෙසින් පිරිනමන්න මම බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් ඔබේ තොරතුරු අංක 63, මාදිවෙල පාර, උඩහමුල්ල, නුගේගොඩ ලිපිනයට තොරතුරු යොමු කරන්න පුළුවන්. වැඩිදුර තොරතුරු 0776530241 දුරකතන අංකයෙන් ලබා ගන්නත් පුළුවන් අතරම මේ රසික හවුලේ කිසිම සාමාජික මුදලක් අය කරන්නේ නැති බවත් විශේෂයෙන් කියන්න ඕනෑ.
CREATIVE
හියුමා කුරේෂි තවමත් විසිහත් හැවිරිදි වියේ පසු වුවත් විවාහය ගැන උනන්දුවක් දක්වන්නේ බොහෝ කාලයක සිටයි. මේ උනන්දුව වැඩිකම නිසාම ඇය ෂාහිඩ් කපූර් සහ අනුරාග් කාශ්‍යප් සමඟ කලක් ආදරයෙන් බැඳී සිටියාය. එහෙත් ඒ කිසිවක් මල්පල නොදැරීම නිසා ඇය අත බලා සාස්තර කියන්නකුගේ පිහිට පතා තිබේ. ඔහු පවසා ඇත්තේ හියුමාගේ විවාහය 2018 දී සිදුවන බවයි.සිනමාවට පා තැබූ දිනයේ පටන්ම සාර්ථකත්වය අත් විඳින යොවුන් තාරකාවක් විවාහය ගැන මෙතරම් ඉක්මනට උනන්දු වන්නේ කලාතුරකිනි. දුරකථන දැන්වීමක රංගනය දැක ඇය සිනමාවට කැන්දාගෙන ආවේ අනුරාග් කාශ්‍යප්ය.‘ගෑන්ග් ඔෆ් වාසිපූර්’ රඟපෑමෙන් ඇය නැඟී එන හොඳම නිළිය සහ හොඳම සහාය නිළිය යන සම්මාන දෙකටම නිර්දේශ වූවාය. වේදිකාවෙන් සිනමා රංගනයට පිවිසි කුරේෂි එක්ස්, හයිවේ, බාඩ්ලාපුර් සමඟ මේ දිනවල අතිශයින් කාර්යබහුලය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
එක්ස්පෙන්ඩබල්ස් 2 විනෝදාත්මක, එකිනෙකට නොදෙවෙනි ක්‍රියාදාම තරගවලින් සහ නැවත නැවතත් පට්ට ගසනු ලැබූ සුලභ වැකිවලින් පිරුණු චිත්‍රපටයක්. පසුගිය වසර 30ක රිදී තිරය මත දුටු ක්‍රියාදාම තරු වැඩි හරියක් එක චිත්‍රපටයකට දාගත්තාහම වෙන්නේ ප්‍රේක්ෂක රසාස්වාදය සඳහා මේ එක එක තරුවලට හොඳ හැටි නෙළන්නට අවශ්‍ය දුෂ්ටයෝ ගණනක් අනන්තවත් ලෙස ඉහළ යාමයි.මීට වසර තිහක, විසි පහක කාලයකට පෙර සිටම ක්‍රියාදාමවලට පි‍්‍රය කරන ප්‍රේක්ෂකයන්ට නම් මේ චිත්‍රපටය තම මතක වීදියේ නැවත ඇවිද යාමක් මෙන් විඳිය හැකි නමුදු, නව පරපුරට නම් මේ වීරයන් වැඩි දෙනෙක් කල් ඉකුත් වූ නැතිනම් එක්ස්පයර් වෙච්ච චරිත කියා සිතේවි.මේ සියල්ල මැද්දේ වුවත් චිත්‍රපටය යම් තරමකට විඥාණයට අපහාසයක් සිදු නොකර ගලා යන නමුත්, එයත් ඉවර වෙන්නේ චක් නොරිස් ගේ සම්ප්‍රාප්තියත් සමඟයි.චක් නොරිස් ඔහුගේ ඩයි කළ රැවුලත් සමඟ චිත්‍රපටයට එළඹෙන දර්ශනය දුටු විට සිතෙන්නේ චිත්‍රපටයේ ගොන් පාට්වල ගුණාත්මකභාවය මැනීමට යම් තරමක හෝ මිම්මක් තිබුණා නම්, ඔහු විසින් එය තවත් පහතට ඇද දැමුණු බවයි.සිල්වෙස්ටර් ස්ටැලෝන් සහ ඔහුගේ කුලී හමුදාව නේපාලය, ඇල්බේනියාව සහ තවත් රටවලට ගෙන යන්නේ ඔවුන්ගේ බොස් වූ බෲස් විලිස් හට ඔවුන් විසින් ගෙවිය යුතුව ඇති ණයකට හිලව් වශයෙන් තවත් එක් මෙහෙයුමක් දියත් කිරීමටයි.බෙල්ජියානු උච්චාරණය ඉතා තද ලෙස තම ඉංග්‍රීසි කතාවට මිශ්‍ර කරගත් ජෝන් ක්ලෝඩ් වැන් ඩෑම් මෙහි දුෂ්ටයාගේ චරිතයට යොදාගෙන තිබෙනවා. අව් කන්නාඩි, තඩි පිහි අතින් කටින් ගත් වැන් ඩෑම් දුටු ගමන් ප්‍රේක්ෂකයින්ට මතක් වෙන්නේ ෆ්ලයිං කික් එකක දර්ශනයක් ළඟ ළඟම ඇති බවයි.මේ කුලී හේවායන් වන ස්ටැලෝන්, ජේසන් ස්ටෙතම්, ටෙරි කෲවිස්, රැන්ඩි කෝචර්, ජෙට් ලී සහ ඩොල්ෆ් ලුන්ඩ්‍රන් මෙහි සටන් කරන්නේ තමන්ගේ සගයකුª මියයෑමේ වාඩුව ගන්නටයි. දුෂ්ටයා ගැන ස්ටැලෝන් කියන්නේ කරුණු 3 යි. හොයපං, අල්ලපං, මරපං. මෙයට අළුතින් එක් වූ ලියම් හෙම්ස්වර්ත් ඉලක්කයට වෙඩි තැබීමේ දක්ෂයෙක්. ඊට අමතරව සංකේත තරුණියගේ චරිතයට එකතුªවන මැගී (නැන් යූ) තොරතුරු තාක්ෂණයේ අගතැන්පත් මොළකාරියක්. ඊට අමතරව ඇයට හොඳ හැටි ගුටි නෙළීමේ හැකියාවද තිබෙනවා.එක්ස්පෙන්ඩබල්ස් 1 ට වඩා 2 වෙනසකට තියෙන්නේ මෙයයි.මෙහි ක්‍රියාදාම දර්ශන දිග හැරෙන්නේ හරියට රෝඩ් රනර් කාටුන් එකක වගේ. අධ්‍යක්ෂ සයිමන් වෙස්ට් මීට ප්‍රථම කොන් එයාර්, ජෙනරල්ස් ඩෝටර් වැනි ක්‍රියාදාම චිත්‍රපට යම් සාර්ථකත්වයක් ඇතුව නිම කළත්, මෙහිදී ඔහු මේ චරිත එන්නේ කොහෙන්ද? යන්නේ කොහෙද? බෝට්ටු සහ ගුවන් යාන අරුම පුදුම ලෙස එක පාරටම මතු වන්නේ කෙසේද?යන්න පැහැදිලි කිරීමටවත් උත්සාහයක් ගන්නේ නැහැ. ඊට අමතරව ගුවන් යානයක් කන්දකට කඩා වැටුණු පසු මගීන් දිවි ගලවාගත් ආකාරයත් විශ්වාස කරන්නට අපහසුයි.ඉතින් අර රෝඩ් රනර් කාටුන් එකේ වෘකයා වගේ, බෝම්බ ගැසුවත් නැවතත් දූවිලි ගසා දමා නැගිට පැස්බරා පස්සේ එළවනවා වාගේ මේ නළු කැලත් උස්සා පොළොවේ ගැසුවත්, කිසිවක් නොවූ ලෙස නැවත නැගිට නොනවතින ගුටි කෙළි සංදර්ශනයට සහභාගි වෙනවා.මෙම චිත්‍රපටය කෙසේ වෙතත් මේ නළුවන්ටම ගැළපෙන බුහුමණක් වන්නේ මොවුන් සියලු දෙනාගේම සිනමා ජීවිතය කැරකුණු හැටියට මේ එක්ස්පෙන්ඩබල්ස් ගැළපෙන නිසයි.මේ නළුවන් සියලු දෙනාම මුල් කාලයේ සැලකිය යුතු ක්‍රියාදාම චිත්‍රපට රැසකට දායක වී ජනප්‍රසාදය දිනා ගැනීමට සමත් වුවත් පස්සෙ පස්සේ ඔවුන් ගත් මුග්ද තීරණ හේතුවෙන් කාටුන් බඳු පුස් චරිත ගොඩකට දායක වී අවසානයේ මේ වාගේ අති විශාල මස්ගොඩවලින් පමණක් පිරුණු සිනමා විහිළුවලින් තම සිනමා දිවියේ අවසාන කාලය ගෙවා දමන්නට තරම් ඔවුන් පිරිහී තිබෙනවා.චිත්‍රපටයේ නම එක්ස්පෙන්ඩබල්ස්. ඒ යනු වියැකුණු පුද්ගලයෝයි. ඒ කියන්නේ තවදුරටත් නැති වුණාට කාටවත් පාඩුවක් නොවෙන චරිත කියන එකයි.චිත්‍රපටය මුළුමනින්ම නැරඹීමට තරම් ඉවසීමක් තිබෙන කාට වුණත්, මේ චිත්‍රපටයේ නම එහි අන්තර්ගතයට සියයට සියයක් ගැළපෙන බව නම් තේරුම් යයි.වින්දන ආරියවංශ 
CREATIVE
ටිකක් නපුරු, සරල ටෙක්ලා හෙවත් ටිකී සරසවිය සමඟඑදා නිළියක් වෙන්න පෙරුම් පිරූ ටෙක්ලා කුමුදු කුමාරි අද නම් ආස නිවේදිකාවක විදිහට කටයුතු කරන්න. නමුත් ඉඩ ලැබෙන හැටියට රංගනයේ නියැලෙන්නත් ඇය පසුබට වන්නේ නැහැ. ටෙක්ලාව ගොඩ දෙනෙකු හඳුනන්නේ ටිකී කියන ඇගේ සුරතල් නාමයෙන්. ඒ නම ඇයගේම නිර්මාණයක්ලු.මමත් ටිකී කියලම කතා කරන්නම්කො එහෙනම්?හොඳා හොඳා . . .කොහොමද මේ දවස්වල වැඩ කටයුතු එහෙම?සුපුරුදු විදිහට කරගෙන යනවා. විශේෂයක් නැහැ.සතියේ දින පහේම සවස මියුසික්ස් වැඩසටහන කරලම එපා වෙලා නැද්ද?මෙහෙමයි, සමහර දවස්වල මගෙත් එක්ක ඉන්න දේව් විතරක් වැඩසටහන කරනවා. පහුගිය කාලේ සතියම එක දිගට මමම හිටපු අවස්ථා තිබුණා. මං බොහොම ආසාවෙන් මියුසික්ස් කරන්නේ. කැමැත්තෙන් කරන දෙයක් කවදාවත් එපා වෙන්නේ නැහැනෙ.ඒත් ටිකී මියුසික්ස් බදාගෙන ඉන්නවා කියලා සමහරු කියනවා. වෙන කිසිම නිවේදිකාවකට ඔබ එන්න දෙන්නෙ නැතිලු?ඕවා මඩ. ඉඳහිට තවත් නිවේදිකාවෝ කිහිප දෙනෙක් මෙය ඉදිරිපත් කළා. එබැවින් ඔය චෝදනා කොහොමත් පදනම් විරහිතයි.ටිකී ක්ෂේත්‍රයට එන්නේ නිළියක් වෙන්න?ඔව්.ඒත් ඔබේ රුව අපට මුලින්ම දක්නට ලැබෙන්නේ නිවේදිකාවක විදිහට?සිරස ආයතනයෙන් තමයි මට මුලින්ම ඒ අවස්ථාව ලැබුණේ. ඒ ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහන හරහා.ඊට පසුව ඔබ දිගින් දිගටම නිවේදනයට පෙම් බඳිනවා?මට එහෙම වෙන්න සිද්ධ වෙනවා. නමුත් අරුණ ජයවර්ධන මහත්මයාගේ ඇරයුමින් රජ කඩුව හාස්‍යෝත්පාදක නාට්‍යයට සම්බන්ධ වුණා. එතැනින් මගේ නිළි හීනය හැබෑ කර ගත්තා.රජ කඩුව නාට්‍යයෙන් පසුව ඔබට ආයේ හාසේ‍යීත්පාදක නාට්‍යකට කතා කළේ නැත්තේ ඇයි?ඒක නම් මම දන්නේ නැහැ. නමුත් නාට්‍ය හාස්‍යයෙන් පිරුණට මගේ චරිතය ටිකක් සීරියස්. ඒක නිසා මගෙන් හාස්‍ය රංගනයක් දකින්නට නැතුව ඇති අධ්‍යක්ෂවරුන්.ටිකී කාලයක් තිස්සේ බොහෝ නාට්‍යවල හිටියා. නමුත් වර්තමානයේදී ඔබ තුළ සිටින නිළිය වැඩිය එළියට එන්නේ නැති තරම්?ඒකට හේතුව මගේ වැඩසටහන.මියුසික්ස් නිසා නාට්‍ය කීයක් විතර අත හැරියාද?ගොඩක්.අපරාදෙනෙ?මොනව කරන්නද ඉතින්.එච්චරට වැඩසටහනට ලෝබද?ලෝබකමක් නෙවෙයි. හැබැයි මාව වැඩසටහනට එවීමේ පොරොන්දුව පිට නාට්‍යයකට කතා කළොත් යනවා.මේ දවස්වල ඒවගේ නාට්‍යයක ෂූටිං නේද?ඔව්. ඒකේ නම සඳ විනිවිද. අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු.ටෙක්ලා වැඩිපුරම ඉදිරිපත් කළේ සජීවී වැඩසටහන්. ඒවා කරගෙන යන අතරතුරදී වෙච්ච හොඳ හොඳ අත්දැකීම් ඇති?මගේ යාළුවා දේව් ඉන්නවා නේද. එයාට ලයිව් ප්‍රෝගෑම්වලදී දාන ඉයර් පීස් එක මුලදි ටිකක් නුහුරුයි. ඒක නිසා ප්‍රධාන පාලක මැදිරියේ අය ඒ හරහා කියන දේවල්වලට දේව් ලයිව් එකේදීම ඊට උත්තර දෙනවා. මට ඒවා දැකලා හිනා. පසුව ඔහුට ඉයර් පීස් එක හුරු වුණා.ලැබුණු අවස්ථාවෙන් යාළුවාට ගැහැව්වා නේද මඩක්?ඒක එයත් දන්නවා. දේව් මට මුකුත් කියන එකක් නැහැ මේක කිව්වට. තව මරු වැඩක් වුණා දවසක්.කියන්නකෝ?මං යාළුවකුගෙන් කොණ්ඩ කට්ටක් ඉල්ලගෙන ආවා වැඩ සටහනකදී පාවිච්චි කරන්න. ඒක අපේ අය දැනගෙන වෙන කෝලර් කෙනෙක්ව දම්මලා කතා කරවලා මාව බයිට් කළානේ. පුදුම විදිහට එදා මං අපහසුතාවයට පත් වුණා. ඇඬෙන්න වගේ. ප්‍රෝගෑම් එක ඉවර වෙච්ච ගමන් කාටවත් කියන්නේ නැතුව ගෙදර ආවේ හරිම තරහින්.ටිකීට සිනමාවට ඇරැයුම් ලැබුණේ නැතිද තවම?මං එකම එක චිත්‍රපටයකට දායක වුණා. බූඩි කීර්තිසේනගේ නිම්නයක හුදකලාවි.ටිකීත් එක්ක නිතරම එහෙ මෙහෙ යන කෙනා ගැන කියන්න දැන් වෙලාව?එයා රෝහණ ජයසිංහ. අපි දෙන්නා විවාහ ගිවිස ගෙන ඉන්නේ. රෝහණ ඉස්සර බෑන්ඩ් කිහිපයකම වාදකයකු විදිහට කටයුතු කළා. දැන් පුංචි ව්‍යාපාරයක් කරනවා.මා දන්නා විදිහට ඔබටත් හොඳට සිංදු කියන්න පුළුවන්?ඔව්, ඔව්. රෝහණත් එකක ඉස්සර ප්‍රසංගවලට සහභාගි වුණා.ටිකීගේ ගම කොහේද?කුරුණෑගල.ඉගෙන ගත්තේ?මාවතගම ජාතික පාසලෙන්.උපන් දිනය?මැයි 15.කරපු ලෙකුම මෝඩ වැඩේ මොකක්ද?ගොඩක් අයව විශ්වාස කිරීම.කලාව එපා වෙලා තියෙනවාද?ඔව්.මොන වගේ අවස්ථාවන්වලදීද?කලාව විනාශ වෙනවා කියලා ඇතැම් අවස්ථාවලදී පෙනෙනවා. අන්න ඒ වගේ වෙලාවන්වල බය හිතෙනවා.ටිකී ගැන ටිකී කෙටියෙන් හඳුන්වා දෙන්න?ටිකක් නපුරු, සරල වගේම කොටට ඇඳුම් අඳින්නේ නැති කෙනෙක්.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව – මාලන් කරුණාරත්න
CREATIVE
මේ අලංකාර ගීය සවනට ළං වන සැණින් ඔබට සිහි වන්නේ ඇයයි. ඒ ගී හඬ එදත් අදත් එක සේම මියුරුයි. ඇය ප්‍රතිභාපූර්ණ කලා ශිල්පිනී විශාරද නීලා වික්‍රමසිංහ.‘‘හිරු කිරණ,සඳ එළිය, මුතු පින්න, මඳ සුළඟ කාලයේ මිහිරිතම තනුවෙන් හැඩ කොට ගැයෙන සොබා දහමේ සොඳුරුතම ගීතයයි දරුවා.’’ඇය මෙවර සිය ප්‍රසංගයේ නිමිත්ත හැඳින්වූයේ මෙලෙසින්. එදා මෙදාතුර ඇය දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ ගීත සංඛ්‍යාව තුන්සියයකටත් අධිකයි. දරුවා වැඩිහිටියෙක් නොව දරුවෙකි යන්න සමාජයට කියා දෙන පණිවුඩය සමඟින් ඈ ලබන 28 වැනිදා ‘බෝනික්කෝ’ ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාවට ගෙන එන්න සුදානම්. ඒ පිළිබද නීලා වික්‍රමසිංහ අදහස් දැක්වූයේ මේ අයුරින්.* ‘බෝනික්කෝ’ ප්‍රසංගය දරුවන්ටම සුවිශේෂ වූ ප්‍රසංගයක්?දරුවන් තමයි අනාගතය. මම දකින විදියට අද වැරැදි මාධ්‍ය භාවිතය නිසා දරුවන්ගේ අතිශයින්ම සුන්දර වූ ළමා ලෝකය වැඩිහිටියන් විසින් උදුරාගෙන තියෙනවා. ඇත්තෙන්ම අද අපට අසන්න දකින්න ලැබෙන්නේ ළමා වයසට උචිත වන දේවල් නොවීම කණගාටුවට කාරණයක්. ළමුන්ට ඔවුන්ගේ ළමා ලෝකයේ සුන්දරත්වය විඳීන්න ඉඩ ලබා දිය යුතුයි. ගුරුවරුන්, දෙමාපියන්, වැඩිහිටියන් ලෙස දරුවා නිසි අයුරින් සමාජයට දායාද කිරීම පිළිබඳ වගකීමක් තියෙනවා. එය කියාපෑමට තමයි ළමුන් වෙනුවෙන් ‘බෝනික්කෝ’ ප්‍රසංගය සංවිධානය කෙරෙන්නේ. අවුරුදු විසි තුනක කාලයක් ගුරුවරියක ලෙස දරුවන් සමඟ කටයුතු කර ඇති නිසා ළමා මනස, ක්‍රියාකාරකම් මා හොඳින් වටහාගෙන තියෙනවා.* බෝනික්කෝ ප්‍රසංගය පෙළ ගැසෙන්නේ?ළමා ගී 18 කින්. එහිදී එම ගීත මම දරුවන් සමඟ ගායනා කරනවා. දළදා පෙරහැර ගැන කියැවෙන ප්‍රසංගයේ අවසන් ගීතය කපිලත් මමත් දරුවන් සමඟ ගායනය කරනවා. මෙහි සියලුම ගී තනු නිර්මාණය කළේ මා විසින්. නර්තන නිර්මාණය කෙරෙන්නේ චන්දන වික්‍රමසිංහ විසින්. බෝනික්කෝ ප්‍රසංගයට ගාල්ල, මාතර, නුවර, ගම්පහ, දිවුලපිටය, මීරිගම, කෑගල්ල, කළුතර සහ කොළඹ යන ප්‍රදේශවලින් දරුවන් දෙසිය හැටක් පමණ සහභාගි වෙනවා.* එදිනට තවත් සුවිශේෂ කටයුත්තක් සිදු කෙරෙන්නට නියමිතයි?ප්‍රසංගයට සමගාමීව එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් සමඟ පදමාලා, ස්වර ප්‍රස්තාර, චිත්‍ර ඇතුළත් ‘බොනික්කෝ’ ළමා ගී පොත එළිදක්වන්න කටයුතු සූදානම්.* ‘බෝනික්කෝ’ ප්‍රසංගයේ අරමුණ?මෙම ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍රවලින් ලැබෙන ආදායම අපි යොදවන්නේ දරුවන්ගේම සුබසිද්ධිය සඳහාමයි. ‘The Mother' සංවිධානයට ආධාර පිණිස තමයි එය පැවැත්වෙන්නේ. මල් පොහොට්ටුවක් සෙමෙන් පිපෙන්නා සේම දරුවන්ට තම ළමා ලෝකයේ සුන්දරත්වය විඳගන්න ඉඩ හැරිය යුතුයි. ඒ අනුව බෝනික්කෝ ප්‍රසංගය දරුවන්ට නැවුම් අත්දැකීමක් වේවි. මම ඔබ සියලු දෙනාට ඇරැයුම් කර සිටින්නේ දරුවන්ගේ හැකියාවන් නරඹා ඔවුන් දිරිමත් කරන්න අපිත් සමඟ එක්වෙන ලෙසයි.- යතේජා ඥානරත්න
CREATIVE
මේනක රාජපක්ෂ, හිමාලි සයුරංගි, ධනංජය සිරිවර්ධන, නෙහාරා පීරිස්, පුබුදු ගමගේ, උදයන්ති කුලතුංග යන තාරුණ්‍යය නියෝජනය කරනා නළු නිළි පිරිස රංගනයෙන් පුංචි තිරයේදී එකට එක්වන ‘සංසාර සක්මන’ටෙලි සිත්තමේ මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ සන්හිඳ උත්සව ශාලාවේදී පැවැත්විණ.මෙම ටෙලි සිත්තම අධ්‍යක්ෂණය කරන්නේ ‘ආදරෙයි අහස තරම්’, ‘වසූදා’, ‘සිහින සිතුවම්’ අධ්‍යක්ෂණය කළ මොහොමඩ් සෆ්රාස් වේ. නිෂ්පාදනය ප්ලස් වන් ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් හෙරල්ඩ් විජේසිංහයි.ඡායාරූපයෙන් දැක් වෙන්නේ ‘සංසාර සක්මන’ ටෙලි සිත්තමට සහභාගි වන නළු නිළි පිරිස ඇතුළු කණ්ඩායමයි.තිලානි / යතේජා
CREATIVE
කාවිංග පෙරේරා කියන්නෙත් මේ දවස්වල බොහොම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ටෙලි නාට්‍ය කිහිපයකම විවිධ චරිත ඔස්සේ ඔබ හමුවට එන කාවිංගට තවත් විශේෂ ආරාධනා ලැබෙනවා කියලා ආරංචියි.හැබැයි මේ ආරාධනා රංගනයට නම් නෙවෙයි. කාවිංගට ආරාධනා ලැබිලා තියෙන්නේ දේශපාලන ක්ෂේත්‍රයෙන්. ඒ වගේම කාවිංගත් දේශපාලනය ගැන පොඩි උනන්දුවකින් තමයි ඉන්නේ කියලත් ආරංචියි.කාවිංග කලා ක්ෂේත්‍රයේ ගමන් ආරම්භ කළාට කාවිංගගේ තාත්තා දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නිසා ඔහුගේ පවුලේ දේශපාලන පසුබිමකුත් තියනවානේ. ඒ නිසාම තාත්තාගේ අඩි පාරේ යමින් කාවිංගත් දේශපාලනයට එයි ද දන්නේ නැහැ. ආරංචියේ හැටියට නම් කාවිංග මේ දවස්වල මේ ආරාධනා ගැන සලකා බලමින්ලු ඉන්නේ.
CREATIVE
කපිල සිගේරාඅද වන විට රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් දිනා සිටින ඔහු මේ දින වල විකාශය වන සඳසාවි, ටෙලිනාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් දිනා සිටී.මු. අරුක්ගොඩ අධ්‍යක්ෂණය කළ නීතියයි රූමතියයි චිත්‍රපටයට ආධුනික නළු නිළියන් බඳවා ගැනීම සඳහා 1984 අග භාගයේ සරසවිය පුවත්පතේ පළවු දැන්වීමකින් චිත්‍රපට ක්ෂේත්‍රයේ තම රංගන දිවිය ආරම්භ කළ මාලඹගේ කපිල ප්‍රේමරත්න සිගේරා අද අපේ කථානායකයා වේ.කපිල අපි ඔබේ අතීතාවර්ජණයෙන්ම කතා බහ අරභමු?එම්. ඒ. අදෝනිස් සිගේරා කියන්නේ මගේ තාත්තා ,එයා කලාකරුවෙක් .මාව කලාවට යොමු කළේත් මට මේ ගමන ඒන්න උදව් කළේත් තාත්තා. පාසල් ගියේ තලාහේන මහා විද්‍යාලයට , පාසල් වේදිකාවෙන් තමයි මගේ රංගනය ඇරඹුවේ.ප්‍රසිද්ධ වේදිකාවෙ රඟපාන්නත් මට අවස්ථාව උදා වුණා.ඒ අනුව මයාදුන්න බණ්ඩාරයන් ගෙ අපිත් වගේ මිනිස්සු ,සැන්ඩෝහැරිස්ගෙ සාජන්ගේ නැන්දම්මා , මම ම නිෂ්පාදනය කළ වෙස් මාරුවෙ රඟපෑවා.මේ වකවානුවෙදිම චිත්‍රපට ක්ෂේත්‍රයට එන්නේ සරසවිය පුවත්පතේ පළවු දැන්වීමකින්.මට ඒ චිත්‍රපටයෙ(නීතියයි රූමතියයි) ජූරි සභිකයෙක්ගෙ චරිතය ලැබුණා. ඊට පසුව ලයනල් සිල්වා මහත්තයා මාව හදුන්වලා දුන්නා යසපාලිත නානායක්කාර මහත්තයට එතුමා මට අවස්ථාව ලබා දුන්නා රස රහසක් චිත්‍රපටයෙ උප ප්‍රධාන චරිතයක් රඟපාන්න . ධර්ම ශ්‍රී වික්‍රමසිංහ - සීත රැ ,දයා විමලවීර - බඹසර බිසව්, තිලක් වේහැල්ල, වී. සිවදාසන් - අපි ඔක්කොම රජවරු , සුනිල් සෝමපිරිස් - මට තාම මතකයි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරු මා කෙරෙහි තිබුණු විශ්වාසය නිසා මට ප්‍රධාන චරිත රඟපෑමේ අවස්ථාව ලබා දුන්නා.මීට අමතරව චිත්‍රපට බොහොමයකට රංගනයෙන් දායක වුණා.වේදිකාවෙන් පිවිසෙන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයට,වර්තමානයෙ ටෙලිනාට්‍ය බොහොමයකට රංගනයෙන් දායක වී සිටින ඔබේ අරම්භය සිහිකළොත්?කෝපි කඩේ ටෙලි නාට්‍යයෙන් ඇරැඹි මම විකාශය වුනු නිසල දිය සසල විය, තමර අරණ, බට්ටි,ඉහිරුණ කිරි, නාට්‍යවල රඟපෑව.දැනට ටෙලිකාස් වෙන සඳසාවි,සිරීගෙ ඉරණම, ටෙලි නාට්‍ය සඳහා දායක වුණා.ඉදිරියට විකාශය වෙන්නට ටෙලි නාට්‍ය කිහිපයක් තිබෙනවා.මේ දිනවල කෝරලේ මහත්තයා 3 රඟපෑමේ නිරතව සිටිනවා.එදා ,අද මේ වසර 20 පුරාවට කපිල ඔබ ආ ගමන පිළිබඳව සෑහිමකට පත්වෙනවද?ඇත්තෙන්ම ඔව්.මම ආවෙ බොහෝ දුෂ්කර ගමනක්,මගෙ කැපවීම,නොපසු බස්නා උත්සාහය,ප්‍රවීණයන්ට ගරු කිරීම,මෙතෙක් ආ බාධකයන්ට ධෛර්ය සම්පන්නව නොපැකිළිව මුහුණ දීම,චරිතයන්ට උපරිම සාදාරණයක් කිරීම නිසා එක චරිතයකට කොටුනොවී මෙතෙක් කල් මේ ක්ෂේත්‍රයේ රැදී සිටීමේ හැකියාව තිබුණ කිව්වොත් නිවැරැදියි.මෙතෙක් කළ චරිත අතරින් සිත් ගත් චරිත හා අමතක නොවන සිදුවීම් ගැන කිව්වොත්?හැම චරිතයකටම කැමතියි.ඒ අතරින් තමර අරණෙ සුමේද හාමුදුරුවො,සේපාලිකා එකේ ඇක්මන් මාමා ,කෝරලේ මහත්තයා ටෙලියෙ පබලිස් ට වඩාත් ප්‍රිය කරනවා.තමර අරණ රූ ගත කළේ අලුත්ගම කන්දෙ විහාරය පැත්තෙ තියෙන පුරාණ විහාරයක ,මගේ අවස්ථාව එනකන් පුටුවකට වෙලා ඉන්නකොට වන්දනා නඩයක් ආව. එතන මගේ අම්මලගෙ වයසෙ අයත් හිටිය .මේ හැමෝම මට වදින්න පටන් ගත්ත.මම සිවුර පැත්තකට දාල දුවන්න ගත්තා.ඊට පස්සෙ හොයල බැලින්නම් ටෙලියෙ ප්‍රඩක්ෂන් මැනේජර් සරත් විජේසේකරගෙන් නඩේ කට්ටිය අහල ලොකු හාමුදුරුවො කෝ කියලා, එයා මාව පෙන්නල.අම්මලා වගේ අය වදිනකොට මට දරාගන්න බැරිව ගියා.ඒකයි දිව්වෙ.කපිල උදව් කළ අයත් මතක් කරමු?මට උදව් කළේ මගෙ තාත්තා.යසපාලිත නානයක්කාර, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, දයා විමලවීර, තිලක් වේහැල්ල,සිවදාසන්, සුනිල් සෝමපිරිස් යන මහත්වරු මගෙ ගුරුවරු ලෙස සලකනවා.මේ හැමෝටමත් මෙතෙක් ආ ගමනට නන්අයුරින් උපකාර කළ සැමටත් ස්තූති කරන්නට අවස්ථාවක් කරගන්නවා.අනාගත සැලසුම් ගැන කිව්වොත්?මගේ බිරිඳ රට,ඒ නිසා දරුවන්ගෙ වගකීම් සියල්ල සිදුවන්නෙ මගේ අතින්.ක්ෂේත්‍රය ගැන කිව්වොත්,අපි මේ ක්ෂේත්‍රයට එනකොට වගේ නොවෙයි දැන් ,මොන ක්ෂේත්‍රයකට ගියත් යම් දෙයක් හදාරා තිබීම වැදගත් .ඒනිසා අනුරාධපුරයෙ මමත් තව කිහිප දෙනෙකුත් එකතු වී නවකයන්ට උදව් කිරීමේ අටියෙන් රංගනය හා එයට අවශ්‍ය දෑ නොමිලයේ කියාදෙන රංගන පාසලක් කරගෙන යනවා.සටහන - තිස්ස ධම්මිකඡායාරූපය - මාලන් කරුණාරත්න  
CREATIVE
මගේ ජනප්‍රිය ගිතයක් වුණු ‘සුළං රැල්ල ලෙස හමා එමී’ ගීතය නව තාක්ෂණයෙන් යුක්තව නැවතත් ශ්‍රාවකයන් අතරට රැගෙන එන්නට මා මේ ‘දවස්වල කටයුතු කරගෙන යනවා. මේ ගීතය කරුණාරත්න අබේසේකර තමයි ලිව්වේ. සංගීතය යෙදුවේ මෙල්රෝයි ධර්මරත්නයි. නව පරපුර මේ ගීතය වැඩිය දන්නේ නැති නිසා ඔවුන් අතරට යවන්නත් එක්කයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඒත් ගීතයට කිසිදු හානියක් නොවෙන්නයි මේ කටයුත්ත සිදු වන්නේ.
CREATIVE
ඔබ 80 – 90 දශකයන්හි නව යොවුන් විය ගෙවූයෙක් නම් අපරාධකරුවන්ට කිසිදු සමාවක් නොදුන් කොටසක් මිනිසෙකු කොටසක් රොබෝවකු වූ පොලිස් නිලධාරියෙකු වටා ගෙතුණු රෝබෝකොප් වික්‍රමාන්විත චිත්‍රපට මාලාවත් රූපවාහිනි කාටුන් මාලාවත් ඔබගේ මතකයේ ඇතුවාට සැක නැත.නුදුරු අනාගතය පසුබිම් කරගත් මෙම කතා මාලාව ආරම්භයේදී මරණාසන්නව තුවාල ලබන පොලිස් නිලධාරියාගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වන්නේ ඔහුගේ සිරුරෙන් කොටසක් රොබෝ සිරුරක් හා බද්ධකර රොබෝකොප් නිර්මාණය කිරීමෙන් පමණි.පළමු රොබෝකොප් චිත්‍රපටය 1987 වසරේදී තිරගත වූ අතර දෙවන හා තෙවන චිත්‍රපට පිළිවෙලින් 1990 හා 1993 වසර වලදි තිරගත කෙරිණි.1994 වසරේදී ප්‍රථම රෝබෝකොප් රූපවාහිනි කතා මාලාවද විකාශය වූ අතර ඔබත් මමත් නැරඹූ මෙරට විකාශනය වූ රොබෝකොප් කාටුන් වැඩසටහනද 1980 වසරේ නිර්මාණය වුවකි.දශක දෙකකට ආසන්න කාලයක් නිද්‍රාගතව සිටි මේ රොබෝ මිනිසා ස්වකීය උපන් බිම වූ අමෙරිකා එක්සත් ජනපදය මෙන්ම ශ්‍රී ලංකාවේදී ද යළි පණ ගැන්වෙන්නේ 87 වසරේදී තිරගත වූ පළමු රොබෝ කොප් සිනමා නිර්මාණයේ ප්‍රතිනිර්මාණයක් ලෙසිනි.අතිවිශාල පිරිවැයක් (අමෙරිකානු ඩොලර් මිලියන 130ක් : රුපියල් කෝටි 1700ක්) දරමින් නිර්මාණය කෙරුණු නව රොබෝ කෝප් චිත්‍රපටය විනාඩි 117ක කාලයක් මුළුල්ලේ 3ච් තාක්ෂණයෙන් පුළුල් තිරයේ දිගහැරෙන මෙම සිනමා නිර්මාණය වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේදි දැන් ඔබටත් නැරඹීමේ අවස්ථාව උදාවී ඇත.ප්‍රථම රොබෝකොප් චිත්‍රපටයේ සේම නුදුරු අනාගතය (2028) පසුබිම් කරගත් මෙම නව චිත්‍රපටයේද වික්‍රමාන්විත කතාවක් ඇතුළත් වේ. බෝම්බ පිපිරීමකින් මරණීය තුවාල ලබන ආදරණීය සැමියෙකු, පියෙකු මෙන්ම වගකිව යුතු පොලිස් නිලධාරියෙකු වූ ඇලෙකස් මර්ෆි අපරාධ හා වංචාවන් අවම කිරීමට තමාගේ මුළු ශක්තියම යොදවයි.එහිදි බරපතල තුවාල ලබන ඇලෙක්ස් හට රොබෝ සිරුරකින් කොටසක් එක්කර මිනිස් රොබෝවක් නිර්මාණය කරයි.මිනිසෙකු යොදා ගනිමින් නවීන තාක්ෂණය අත්හදා බැලෙන එහිදි ඇලෙක්ස් නම් මෙම ආදරණීය සැමියා, පියා මෙන්ම පොලිස් නිලධාරියා අර්ධ මිනිසෙකු හා අර්ධ රොබෝවෙකු බවට පත් වේ. යන්ත්‍රයක් තුළින් මිනිසෙකුට යුක්තිය ඉටුකර ගත හැකි වේවි ද ?රොබෝ කොප් එහි නව දිගහැරුමයි. එඩ්වඩ් නියුමියර් සහ මයිකල් මිනර් විසින් නිර්මිත චරිත ඇසුරින් ගොඩ නැංවුණු මෙම කතාපුවතට ජොඑල් කිනමන්, ග්රේ ඕල්ඩ්මන්, මයිකල් කීටන්, සැමුවෙල් ජේ. ජැක්සන්, ඇබී කෝනිෂ්, ජැකී අර්ලී, මයිකල් කේ. විලියම්ස් සහ ජෙනිෆර් හෙලී ඇතුළු පිරිසක් පණ පොවති.ජෝස් පැඩ්ලිහා ගේ අධ්‍යක්ෂණයක් වන රොබෝකොප් කොලොම්බියා පික්චර්ස් බෙදාහැරීමකි. කැනඩාවේ ටොරොන්ටෝ සහ ඔන්ටේරියෝ නගරයන් මෙම අපුරු කතා පුවතට දර්ශනතල සපයා ඇත.රොබොකොප් නව චිත්‍රපටය දිග හැරෙන්නේද පැරණි චිත්‍රපටයට වඩා වෙනස් අයුරිනි. ඒ අනුව වර්තමානය රොබෝ කොප් පළමු දිගහැරුම සිදු වූ 1987 වසර සමඟ ගත්විට තාක්ෂණය හා ජන ජීවිතය අතර සැළකිය යුතු තරම් වෙනස්කම් ඇති හෙයින් නව චිත්‍රපටය මෙම වෙනස්කම් ද සළකමින් නිර්මාණය වී ඇති බව පෙනේ.ක්‍රියාන්විත, විද්‍යා ප්‍රබන්ධ සහ අපරාධ යන අංග ත්‍රිත්වයම අයත්වන පරිද්දෙන් නිර්මාණය වූ නව රොබෝ මිනිසාගේ සිත්පිත් නැති රොබෝ මොළයත් හැඟුම්බර, සංවේදි මිනිස් මනසත් අතර ඇතිවන ගැටුම ද රොබෝකොප් ගැඹුරින් සාකච්ඡා කරයි. එසේම මෙම නව චිත්‍රපටයේ දි පෙරට වඩා මානුෂික ගුණාංගයන් මතුකර ඇති බවත් විචාරක මතයයි.යතේජා ඥානරත්න
CREATIVE
මේ දවස්වල මම ‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ වගේම ‘පාරාවළලු’ ටෙලි නාට්‍යයෙත් රඟපාමින් මගේ රසිකයන් හමුවට එනවා. තිෂූල දීප තඹවිටගේ ‘සඳසේයා’ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා.එය ළඟදීම එය පුංචි තිරයට පැමිණේවි. ඒ වගේම ළඟදීම තිරගත වන ‘ රංජා’ චිත්‍රපටයෙත් මගේ රංගනය ඔබ සැමට දැක ගත හැකියි. ‘ආකර්ෂා’, ‘මායා’ කියන චිත්‍රපටවලට මගේ හඬ මුසු කළා. ඒ නිසා තරමක් මේ දවස්වල මම කාර්යබහුලයි.
CREATIVE
අනුරපුරවරයේ රූගතවන සිරි දළදා ගමනය නම් ඓතිහාසික සිනමා සිතුවමේ දර්ශනවාර අතරතුර දීතෙවන ඇසෙහි සටහන් වූ සේයාරූ කිහිපයක චමත්කාරයයි මේ. සිංහල සිනමාවේ සුරූපිනිය ගීතා, දිගු කලකට පසු රඟන මෙය සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙයි. මෙහි නිෂ්පාදකවරුන් ලෙසඊ. ඒ. පී. සමාගම වෙනුවෙන් ආචාර්ය සෝමා එදිරිසිංහ සමඟ පූජ්‍ය අකරවිට සංසානන්ද හිමියන් එක්ව සිටිති.ඉතා දීර්ඝ කාලයකට පසු රිදී තිරයටසපැමිණි සිංහල සිනමා සුරූපී ලස්සන කෙල්ල, ගීතා කුමාරසිංහ බ්‍රහ්මදත්ත රජ බිසව ලෙසින්.
CREATIVE
 
CREATIVE
පසුගිය අඟහරුවාදා වන විට හොලිවුඩයේ චිත්‍රපට ලැබූ ඉහළම ආදායම පහත පරිදි වේ(1) අයිඩෙන්ටිටි තීෆ් – ඇ.ඩො.මි. 34.6(2) වෝර්ම් බොඩීස් - ඇ.ඩො.මි. 11.4(3) සයිඩ් ඉෆෙක්ට් – ඇ.ඩො.මි. 9.3(4) සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක් – ඇ.ඩො.මි. 6.43(5) හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල් : විච් හන්ටර්ස් - ඇ.ඩො.මි. 5.75(6) මමා - ඇ.ඩො.මි. 4.23(7) සීරෝ ඩාර්ක් තර්ටි – ඇ.ඩො.මි. 4.01(8) ආර්ගෝ - ඇ.ඩො.මි. 2.38(9) ඩිජන්ගෝ අන්චේන්ජ්ඩ් – ඇ.ඩො.මි. 2.3(10) බුලට් ටු ද හෙඩ් – ඇ.ඩො.මි. 2.08සංජීව සම්පත්
CREATIVE
ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තකයකු වූ ජයන්ත විමලසේන අභාවප්‍රාප්ත විය. මිය යන විට වයස අවුරුදු අසූ හයක් වූ ඒ මහතා සිංහල විශ්ව කෝෂයේ සංස්කාරකවරයකු මෙන්ම හිටපු නියෝජ්‍ය කර්තෘවරයෙකි. පරිවර්ථන කෘති වෙනුවෙන් සිව් වරක්ම රාජ්‍ය සම්මානයන් පිදුම් ලැබූ ඔහු ‘හිමගිර උපන්නේ’ ‘නිදැල්ලේ’ ආදී ග්‍රන්ථ රැසක පරිවර්ථකවරයාය. විමලසේන මහතාගේ අවසන් කටයුතු පසුගියදා කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු වූ ඩී. ආර්. පීරිස් මහතා වියෝ වී පසුගිය ජූනි පළමුවැනිදාට දස වසරක් විය. ඒ නිමිත්තෙන් ඩී. ආර්. පීරිස් පදනම මඟින් සංවිධානය කෙරෙන ‘තාල සර’ අනුස්මරණ ප්‍රසංගය ජූලි 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.අල්හාජ් මොහිදින් බෙග් ගැයූ ගීත ඇතුළත් ‘පෙම් මල් මාලා’ ගීත ප්‍රසංගය ජූලි 05 වැනිදා මරදාන ටවර් රගහලේදී පැවැත්වේ. එහිදී මොහිදින් බෙග් විසින් ගායනා කළ සුමියුරු ගීත රැසක් බාල පුතු වූ ඉලියාස් බෙග් විසින් ගායනා කිරීමට නියමිතය.- යතේජාමාධ්‍යවේදී සම්පත් බණ්ඩාරගේ නවතම කෘතිය ‘ආනන්ද කුමාරස්වාමි – විශ්වීය මිනිසකුගේ ජීවිතය සහ නිර්මාණ’ දොරට වැඩුම සහ සංකථනමය සැඳෑව මෙම මස 03 වැනිදා එනම් අද සවස කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.- ප්‍රසාද්පරිවර්තක තිලක කුඩාහෙට්ටිගේ ‘රේවතීගේ සාපය’ කෘතිය මේ මස 08 වැනිදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනයේදී එළි දකී.- තිලානිඅමරසිරි පීරිස්ගේ ‘අමර මියුරැසි’ ඒක පුද්ගල ගී ප්‍රසංගය මේ මස 05 වැනිදා සවස 6.30 ට මරදාන ශාන්ත ජෝසප් විද්‍යලයීය ශාලාවේදී පැවැත්වෙයි. කථනය වසන්ත කුමාරගෙනි.- තිලානිසමස්ත ලංකා බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියේ පළමු වටය ජූලි 05 සහ 06 යන දෙදින තුළ බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව පළාත්වලින් ඉදිරිපත් වූ කෙටි නාට්‍ය අතරෙන් තෝරා ගැනෙන නාට්‍ය ජූලි මස 19, 20 දෙදින මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ කෙටි නාට්‍ය උළෙල සැප්තැම්බර් මස 26, 27 සහ 28 යන දිනයන්හිදී බොරැල්ල තරුණ බෞද්ධ සංගම් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.- යතේජා
CREATIVE
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටයේ අධ්‍යක්ෂ නීතිඥ සමන් වීරමන් තම නවතම සිනමාපටය වන ආලෝක උදපාදි හි නවක නළු නිළියන් රැසකට රංගනයට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරයි. ඊට සුදුසු අය තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 23 වැනිදා එනම් එන ඉරිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.මේ සඳහා සහභාගි වන්නන් ළඟදී ගත් ඡායාරූපයක් ද රැගෙන පැමිණිය යුතු අතර වයස් බේදයක් නොසැලකෙන බව සමන් වැඩිදුරටත් පවසා සිටියි.සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම චිත්‍රපටය වන ආකර්ෂා හී තිර රචකයා මෙන්ම නිෂ්පාදන උපදේශකවරයා ද සමන් වේ.ජාතික රූපවාහිනියේ අංග රචනා ශිල්පියකු වශයෙන් සේවය කළ ලංකා චමින්ද හේවාසිංහ හදිසි අනතුරකින් පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට වයස අවුරුදු 40 ක් වූ ඒ මහතා විශ්වාන්තර, දෑකැති මුවහත, අසනි වැසි, කාහල නාදය, නිර්සත්වයෝ වැනි නාට්‍ය ගණනාවක මෙන්ම ජාතික රූපවාහිනියේ ආලකමන්දාව ඇතුළු වැඩසටහන්වල අංග රචනා ශිල්පියා විය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා සවස අරණායක පොදු සුසාන භූමියේදී සිදු විය.ප්‍රසාද්
CREATIVE
දස්කොන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ කිත්සිරි පෙරේරා ද එහෙම නැතිනම් හෙක්ටර් හේවාවිතාරණද?සරත් රණසිංහ – මාළිඳඇයි මතක නැද්ද සරත්. එයා කිත්සිරි පෙරේරානේ.තෙළිගු සිනමාව ගැන යමක් කියා දෙන්නකෝ?කැමිලස් ප්‍රනාන්දු – හලාවතඉන්දියාවේ තියන විවිධ සිනනමාවන්ගෙන් හින්දි හැරුණාම දැවැන්තම සිනමා කර්මාන්තයයි. අන්ද්‍රා ප්‍රදේශයේ අගනුවර වූ හයිද්‍රාබාද් කේන්ද්‍ර කොටගෙන පමණක් නෙවෙයි. තෙළිගුª චිත්‍රපට චෙන්නායි නගරය කේන්ද්‍ර කොට ගෙනත් තැනෙනවා. චෙන්නායි හි ප්‍රසිද්ධ චිත්‍රාගාර සියල්ලම තෙළිඟු ජාතිකයන් සතුයි.තෙළිඟු සිනමා කර්මාන්තය ආරම්භ වන්නේ 1921 දී පමණ බිහි වූ ‘භිෂ්ම ප්‍රතිඥා’ චිත්‍රපටය සමඟයි.1931 දී ‘භක්ත ප්‍රහ්ලාදා’ චිත්‍රපටය සමඟ තෙළිගු කතානාද සිනමාව ද ආරම්භ වූවා.එහිදී බහුලව නිර්මාණය වූයේ දේව පුරාණ කතා ආශ්‍රිත නිර්මාණයි. ඒවා කෙතරම් බලවත් වූවා ද යත් එම චිත්‍රපටවල රඟපෑ එන්. ටී. රාමරාවෝ ජීවමාන දෙවියකු ලෙස එකල ජනතාව අතර ප්‍රචලිත වූවා. එම නිසා ඔහු ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති ලෙසත් ජනතා ඡන්දයෙන් පත්වූවා.දැනට ආසියාවේ ඇති අති දැවැන්තම චිත්‍රාගාරයක් වූ ‘රමෝජී’ චිත්‍රාගාරය අයත් වන්නේ තෙළි¼ගු සිනමාවටයි. එමෙන්ම එහි ප්‍රකට නිෂ්පාදකයකු වන ඩී. රාමනායිදු ලොව වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයා ලෙස ඉතිහාස ගත වුණා. එමෙන්ම වැඩිම සිනමාපට ගණනක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරිය ලෙස ඉතිහාසයට එක් වූයේ ද තෙළි¼ගු සිනමා අධ්‍යක්ෂවරියක් වන විජය නිර්මලායි. එම චිත්‍රපට ගණන 47 ක්.එමෙන්ම වර්තමාන ඉන්දියානු සිනමාවේ වඩාත්ම ජනප්‍රිය සිනමාකරුවා ලෙස නම් කළ හැකි එන්. එස්. රාජමෞලි තෙළිඟු බසින් චිත්‍රපට නිර්මාණය කරන්නෙක්.පසුගිය වසරේ ජනප්‍රිය වූ සන් ඔෆ් සර්දාර්, රවුඩි රතෝර් වැනි හින්දි චිත්‍රපටවලට පාදක වූයේ රාජ් මෞලි නිර්මාණය කරන ලද තෙළිඟු චිත්‍රපටයි. තෙළිගු සිනමාව ගැන දීර්ඝ විස්තරයක් නුදුරු අනාගතයේදී ඉන්දියානු සිනමා ඉතිහාසය තීරුවේ පළවනු ඇත.චිත්‍රපට සංස්ථාව මඟින් අලුත් චිත්‍රපටයක පිටපත් සංඛ්‍යාව 35 දක්වා සීමා කිරීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?අජිත් ලක්මාල් - මීගමුවචිත්‍රපට සංස්ථාව චිත්‍රපට කොපමණ තිරගත කරනවාද යන්න කියන එක ගැන චිත්‍රපට ප්‍රදර්ශකයන්, නිෂ්පාදකයන් විවිධ මත පළ කරනවා. එහෙත් මේ කිසිම කාරණයකට වඩා වැදගත් කාරණය වන්නේ මොකා හැදුවත්, මොකා ගෙනාවත් බලන්න ප්‍රේක්ෂකයන් පැමිණිය යුතු බවයි. මේ සඳහා දෙන පිළිතුර පෞද්ගලිකව අර්ජුන් ළඟ තිබුණාවේ. මේ ගැන පේ‍්‍රක්ෂකයකු හැටියට ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ දෙන්නට හැකි පිළිතුර නම්හාවුන් වැඩි වුණත් එකයි . . . කිඹුලන් වැඩි වුණත් එකයි . . . මට ඕනෑ කළේ එකයි . . . මෙගොඩට පැන ගන්න එකයි . . .60 දශකයේ භාරත සිනමාවේ සරාගී රංගනයන් ඉදිරිපත් කළ මුම්ටාස් ගැන කෙටියෙන් යමක් කියන්න.ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව1947 දී උපන් මුම්ටාස් ඉන්දියානු සිනමාවට පිවිසෙන්නේ ධාරාසිංග් සමඟ අඩු වියදම් චිත්‍රපටවල රඟපාමින්. ඇය ඉරාන සම්භවයකින් යුත් කාන්තාවක්. ඇයගේ මව වයස අවුරුදු 16 දී මිය යන අතර බාල වියේදීම ඇය හැදෙන්නේ වැඩෙන්නේ තනිවමයි.1957 දී ළමා නිළියක ලෙස ‘සෝ තේ කේ චීදියා’ හා 60 දශකයේදී ඇය ස්ත්‍රී, සේරා වැනි චිත්‍රපටවල රඟපෑවා. ඉන් කලකට පසුව ඇය අතිශය ජනප්‍රිය වූයේ ‘මෙරේ සනම්’ චිත්‍රපටයේ රඟපෑ පසුයි.ඉන් පසු පත්තර් කේ සනම්, රාම් ඕර් ශ්‍යාම්, චෝරේ මචායේ ශෝර්, අප්නා දේශ් වැනි චිත්‍රපටවල රඟපෑම නිසා අතිශය ජනප්‍රිය වූවා.1974 දී ඇය කෝටිපති ව්‍යාපාරිකයකු වූ මයුර් මද්වානි සමඟ විවාහ වූවා.බී. එස්. පෙරේරලා දෙදෙනෙක් කලාවට සම්බන්ධයි නේද? මේ දෙදෙනාම ජීවතුන් අතර නැද්ද?ඩඩ්ලි ගෝමස් - කටුබැද්දඑක බී. එස්. කෙනෙක් විශිෂ්ට සංගිතඥයෙක්. අනෙක් කෙනා අතිශය ජනප්‍රිය විකට නළුවෙක්. විකට නළුවා බාලසූරියගේ ස්ටීවන් පෙරේරා. සංගීතඥයා බඹරැන්දේ ශ්‍රීනාත් පෙරේරා. දෙදෙනාම ජීවතුන් අතර නැහැ.හින්දි සිනමාවේ මුල් වසරවල තිරගත කෙරුණු චිත්‍රපටවල තවමත් හොඳ පිටපත් තිබෙනවා. නමුත් අපේ සිනමාවේ මුල්ම චිත්‍රපටයෙවත් හරිහැටි පිටපතක් නොතිබීම අපට මහත් කණගාටුවක්.ආර්. රණසිංහ – කපුගොඩඅපි හැමදාම ලෝකයේ වෙන රටවල සිනමාව ගැන හීන දකිනවා. ඉන්දියාවේත් පැරැණි චිත්‍රපටවලින් ඉතිරිව ඇත්තේ අතලොස්සයි. නමුත් ඒවා අප මෙන් නොව හොඳින් සංරක්ෂණය කරනවා. මුල් කාලයේ බොහෝ චිත්‍රපට ඉන්දියානුවන් විසින්ම විනාශ කළා. මුල්ම ඉන්දියානු කතානාද චිත්‍රපටය වූ ‘අලම්අරා’ චිත්‍රපටය අද දැකගත හැකි වන්නේ එහි නිශ්චල ඡායාරූපවලින් පමණයි.සැකසුම - සංජීව සම්පත් බාලසූරිය  
CREATIVE
පෙබරවාරි මාසය ආරම්භයේදීම මට අලුත් ටෙලි නාට්‍යයක ෂූටින් යෙදිලා තියෙනවා. මගේ ලොකු පුතා පදිංචි වෙලා ඉන්නේ යක්කල. එහේ යන්නත් හිතාගෙන ඉන්නවා.ඊට අමතරව ලබන 11 වැනිදා මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් පවුලේ අයයි අසල්වැසියොයි එක්ක පුංචි පාටි එකක් පවත්වන්නත් හිතාගෙන ඉන්නවා.
CREATIVE
ඉරිදා උදේ වැහි වැහැලා ගලා ගියා . . .සඳුදා උදේ ගඟ දෙගොඩින් ගලා ගියා . . .පුවක් මලේ ඇට ගානේ කඳුළු ගියා . . .අපේ අම්මා වෙන ගමකට දීග ගියා . . .කිරළා අඬාගෙන එන්නේ කොයිබින් දෝ . . .බැළලී අඬාගෙන එන්නේ පැල ළඟ දෝ . . .බල්ලා බුරාගෙන එන්නේ වැට ළඟ දෝ . . .දොර ඇරුණේ අපේ අම්මා ආවා දෝ . . .මේ කවි දෙක ඉතා මිහිරියට ගායනා කරනු ලැබුවේඅපේ ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදියෙක් හා සිනමාවේදියකු වන ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවායි. ඒ අමිල තේනුනවරගේ අලුත්ම කවි පොත ‘හෝඩි පොතේ මනමාලි’ එළි දැක්වූදා.කවිය තාලයට ගායනා කර අහවර වූ ජයන්ත මෙසේ ද පැවසුවා.‘අපි හුඟ දෙනෙක්ට වඩා කවිය අවජාතකයි. එත් අපිට අද ජීවත්වෙන්න සිදු වෙලා තියෙන්නේ එක එක ඇජේන්ඩාස්වලට අනුව. ඉතින් කතා කරන්න, හිනා වෙන්න, හැසිරෙන්න ඕනැත් කාගේ හරි උවමනාවක් විදියට. සමහර වෙලාවට ආදරේ කරන්න වෙලා තියෙන්නෙත් එහෙමයි.මල ගෙදරකට වුණත් මේ රාමුවෙන් මිදිලා ඇතුළු වෙන්න අපිට බැරි වෙලා. මෙහෙම හිතෙද්දි අපිත් එක්තරා විදියකට ගුවන් සේවිකාවෝ වගේ කියලා හිතනවා. එයාලටත් හැමෝටම හිනා වෙන්න බැරි වුණත්, රැකියාව තුළ හිනාවෙන තැනට ඇවිත්. සුපිරි වෙළෙඳසල්වල සේවිකාවන්ටත් මේකම තමයි. මම අර ඉහතින් කිව්ව කවිය මගේ ජීවිතයේ හද සසල කළ කවියක්. මේ කවිය මට ඇසුණේ මගේ බිරිය ගුරුවරියක් විදියට මාතලේ පැත්තේ පාසලක උගන්වන කාලේදී මා එහි ගිය විටදී. ඒ දරුවන්ට මේ කවිය හොදින් කට පාඩම්ව තිබුණා. මගේ හදවත අදත් සසල වෙනවා මේ කවිය මතක් වුණාම’ යනුවෙන් ජයන්ත හැගුම්බරව කීවේ සභාවම කවි සයුරක සතපවමින්.බුද්ධික ජයරත්න අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.මේ ළඟදී රූගත කිරීමට නියමිත ‘රජ හොරු’ චිත්‍රපටයේ රඟපාන්න සුරංග ද අල්විස්ගෙන් බුද්ධිකට ද ආරාධනාවක් ලැබුණා.මෙහි මුහුරත් උළෙල පැවැතියේ පසුගිය දවසක. එදා මුහුරත් උළෙලට බුද්ධිකට ‘හෙඩ් ටේබල්’ එකට එන්නත් ඇරැයුම් ලැබුණා. හැබැයි බුද්ධිකගේ මූහුණ ඇඹුල් වුණා.ඒ ඇයි කියලා ළඟ හිටපු කෙනෙක් බුද්ධිකගෙන් විමසුවා.‘බලන්නකෝ මම මේ නිකන් ටී ෂර්ට් කෑල්ලක් දාගෙන ආවේ. මේ ඔක්කොම ටයි කෝට් ඇඳලා නළුවෝ වගේ . . .’එහෙම කියපු බුද්ධික හෙට් ටේබල් එකේ වාඩි වුණත් අපහසුවෙන් ඇඹරි ඇඹරී තමයිලු හිටියේ.පසුගියදා උදයකාන්තවර්ණසූරියගේ ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්වුණා.මේ අවස්ථාවට ප්‍රවීණ සිනමා විචාරිකා ජයන්තා රුක්මණී සිරිවර්ධන, කලා ක්ෂේත්‍රයේ උදයගේ හිතවතුන් වගේම මාධ්‍යවේදීන් ද පැමිණ සිටියා. උදයගේ රූමත් බිරිඳ ද මේ අවස්ථාවට පැමිණ සිටියා.හිටි හැටියේම ජයන්තා රුක්මණී ළඟට බිරිඳ කැඳවාගෙන ගිය උදය,‘මේ මගේ බිරිඳ ශාන්ති’‘ඇයි උදය ඔයා මේ ඔයාගේ වයිෆ්ව පස්වෙනි වතාවටනේ මට හඳුන්වා දුන්නෙ . . .’මේ වෙලාවේ කට්ටිය වැඩියි නේ . . . මට චිත්‍රපටයට වඩා මෙයාව හඳුන්වලා දෙන්න වෙලා යනවනේ . . .වැඩිය කට්ටිය ශාන්තිව දන්නෙත් නැහැනේ . . . නිළියක් කියලා හිතයි කියලයි මම එයාව හඳුන්වලා දෙන්නේ’ යැයි හැමොටම ඇසෙන්න එසේ කියමින් උදය එතනින් හෙමිහිට මාරු වුණා.පසුගිය දවසකකොළඹට නුදුරු පළාතක ටෙලි නාට්‍යයක රූගත කිරීමක් තිබුණා.පැමිණ සිටි නළු නිළියන් අතර ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් ද සිටියා. මේ රූගත කිරීම බලන්නත් විශාල පිරිසක් රැස් වුණා. රූගත කිරීම අතරතුරදී ශ්‍රියන්තට පොඩි විවේකයක් ලැබුණා.මේ අල්ල පනල්ලේ අපේ මිතුරෙක් ශ්‍රියන්ත ළඟට කිට්ටු වුණා.‘අයියේ අයියගේ උපන් දිනේ කවද්ද?’‘ඔක්තෝබර් විසිපහ මල්ලී . . .’මේ ප්‍රශ්නෙදී එහෙම කියලා ශ්‍රියන්ත නිහඬව සිටියා. නමුත්, නැවත නැවතත් ශ්‍රියන්තගෙන් අවුරුද්ද විමසා අපේ මිතුරා කරදර කළා.‘අනේ අයියේ මොන අවුරුද්දෙ ද?’ඉවසාගත නොහැකි තැන ශ්‍රියන්ත මෙහෙම කිව්වා.‘මල්ලී හැම අවුරුද්දෙම ඔක්තෝබර් විසිපහ.’සටහන - සංජීව සම්පත් බාලසූරිය නුවන් මහේෂ් සේයා - මාලන් / ටෙනී / ප්‍රසාද්
CREATIVE
* හලෝ උපේක්ෂා?ඔව් කියන්න.* කොහොමද ඉතින් ජීවිතේ?ජීවිතේ මල් තමයි.* අපිටත් ආරංචියි?මොකක්ද?* ගජරාමෙට මල් කඩනවා කියලා?අනේ. අනේ එහෙම කියන්න එපා.මං ඉතින් එයාට කෝල් කරනවා තමයි දවසට දෙතුන් පාරක්. එහෙම මල් කඩන්න එපායැ ආදරවන්තියන් වුණාම.* කවුද එයා? අපිටත් කියන්නකෝ?එයා තමයි මගේ පෙම්වතා.* ඒ කියන්නේ උපේක්ෂා ආයෙත් ආදරවන්තියක් වුණා එහෙනම්?ඔව්, ඔව්.* එයා ගැන වැඩි විස්තර කියමුකො බලන්න.ඔන්න දැන්මම නම කියන්න බැහැ හරිද. නම මම වෙලාවට කියන්නම්. ඔහු දේශපාලන ක්ෂේත්‍රයටවත්, කලාවටවත් සම්බන්ධ නැහැ. එයා ව්‍යාපාරිකයෙක්.* හොඳට සල්ලි එහෙමත් ඇති?මොකද නැත්තේ. මට වඩා සල්ලි තියෙනවා එයාට.* තව?මට වඩා උගත්. මට වඩා ලස්සනයි. කෙටියෙන්ම කිව්වොත් ඔහු මට වඩා හුඟක් දියුණුයි.* කොහොමද ඔබට ඔහුව මුණ ගැහුණේ?උපන්දින සාදයකදී.* ඊට පස්සේ?අපි ගොඩක් ළං වුණා.* කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?ඔහු.* ඔබ එවලේ මොකද කිව්වේ?හොරාට සද්ද නැතුව හිටියා.* ඇයි ඒ?මං දන්නවා ඔහු මට ආදරෙයි කියනවා කියලා. මම ඔහු ආදරෙයි කිව්වට පස්සේ යාළුවෙක් දම්මලා ඔහුට නොදැනෙන්න ඔහු ගැන විස්තර හොයලා බැලුවා.* ඉතින්?මං හිතුවටත් වැඩිය හොඳ කෙනෙක් බව යාළුවගෙන් දැනගන්නට ලැබුණා.* නැවත ආදරවන්තියක් වෙන්න බය හිතුණේ නැතිද?මං දැන් ඉස්සර වගේ කලබලයට තීරණ ගන්නේ නැහැ. ඉස්සර මං බොළඳ තීරණ බොහොමයක් ගත්තා. ඒවා ගැන අද හිතද්දී හිතෙනවා ඇයි මං එච්චර මෝඩ වුණේ කියලා. ඒත් අද වන විට මං වයසින් පරිණතයි. ඒක නිසා මං ඉස්සෙල්ලා කිව්වා වගේ තදියමේ ගත්ත තීරණයක් නෙවෙයි මේක.* විරහව ඔබේ ජීවිතයට හරිම සමීපයි. එහෙම නේද?හ්ම්ම්. විරහව පටන් ගන්නේ ආදරය කියන ලෝකයේ සුන්දරම මාතෘකාවෙන්. මිනීමැරුම්, දුෂණ, අපරාධවලට වඩා විරහව භයානකයි. මං එහෙම කියන්නේ විරහව මං හොඳාකාරවම අත්වින්ද නිසා. විරහවෙන් කාටවත්ම බේරෙන්න බැහැ. මටත් ඒකම සිද්ධ වුණා.* ආයෙත් විරහව ඔබේ ජීවිතයට . . .?නැහැ. නැහැ කවදාවත්ම මගේ ජීවිතයට විරහව එන එකක් නැහැ. මට ඒක විශ්වාසයි.* ඔබේ විරහා අත්දැකීම් ගීතයකට නැගුවා කියලා දැනගන්නට ලැබුණා?ඔව්. ළඟින් ළං වී තමයි එහි පටන් ගැන්ම. කසුන් සත්සර කියලා මල්ලි කෙනෙක් ගීතය ලිව්ව්. ළඟදීම ඒක අහන්න ලැබෙයි.* ඔබ ජීවිතය ගැන කලකිරී කන්‍යා සොහොයුරියක් වන්නට ගිය රහස දැන්වත් හෙළි කරමුද?ඒක ගැන දන්නේ මගේ අම්මා. මට හිතුණා කන්‍යා සොහොයුරියක් වෙන්න. අම්මත් එක්ක කාටත් රහසෙන් කන්‍යාරාමයකට ගියා. එතෙන්දි මට කන්‍යා සොයුරියක් වීමට කළ යුතුª වත් පිළිවෙත් ගැන අයකුª පැහැදිලි කළා. මට හිතුණා කන්‍යා සොයුරියක් වීමට මම සුදුස්සෙක් නෙවෙයි කියලා. ඉතින් ආපහු ආවා.* උපේක්ෂා කේන්දර විශ්වාස කරනවාද?ඉස්සර විශ්වාස කළේ නැහැ. එත් වර්තමානයේ නම් මං කේන්දර විශ්වාස කරනවා.* දෙන්නගේ කේන්දර නොගැලපුණොත් මොකද කරන්නේ?ඒත් මම ඔහුව අත හරින එකක් නැහැ. අම්මාගෙනුත් මට ආශිර්වාදය ලැබිලා තියෙන්නේ. මට ඇයගේ ආශිර්වාදය තිබුණම හොඳටම ඇති.* උපේක්ෂාගේ කලින් සැමියා කෝ?මම හොයන්නේ නැහැ ඔහු කොහේ ඉන්නවද කියලා.* ඔහු ඔබේ අලුත් පෙම්වතා ගැන දන්නවාද?දන්නවා ඇති.* ඔහු දැන් ඔබට කතා කරන්නේ නැද්ද?මම කිව්වා ඔහුට මට කෝල් එකක්වත් දෙන්න එපා කියලා.* ඔබේ පෙර සැමියා ඔබට වඩා වයසින් බාලයි නේද?එයා මට වැඩිය අවුරුදු එකහමාරක් බාලයි.* දැන් එක්කෙනා?එයා මට වැඩිය ටිකක් වයසින් වැඩියි.* ඒක හොඳයි.ඒක තමයි.* මේ දිනවල ඔබේ අලුත්ම නාට්‍ය විකාශය වෙනවා?ඒකේ නම ස්නේහා. මං තමයි ඒකේ ස්නේහා. ඒක කැලුම් පාලිත මහීරත්නගේ අධ්‍යක්ෂණයක්. සතියේ දිනවල රාත්‍රී 7.30 ට හිරු ටී. වී. ඔස්සෙයි විකාශය වන්නේ.* කවදද උපේක්ෂාගේ විවාහය සිද්ධ වන්නේ.තාම දින වකවානු තීරණය කරලා නැහැ. ඉක්මනින් විවාහ වෙනවා. විවාහ වෙලා මේ ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න ආසයි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ඉන්දික මල්ලවාරච්චි
CREATIVE
අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ මේ සතියේ පෙරමුණ ගෙන සිටින්නේ නොඇම් මූරෝ අධ්‍යක්ෂණය කළ 300 :  Rise of an Empireචිත්‍රපටය යි. පසුගිය හත්වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ඇරඹූ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි සුලිවන් ස්ටෙප්ට්න්, ඊවා ග්‍රීන්, ලීනා ටෙල්ඩි සහ හෑන්ස් මැත්සන් ප්‍රධාන චරිත නිරූපණය කරති. ආරම්භක සති අන්තය වන විට 300 :  Rise of an Empire  ඩොලර් මිලියන 45ක ආදායමක් වාර්තා කළේය. ඩොලර් මිලියන 32.5ක ආදායමක් ලබමින් දෙවැනි ස්ථානයේ සිටින්නේ රොබ් මින්කොෆ් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Mr. Peabody & Sherman චිත්‍රපටය යි.ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Non- Stop පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 15.4ක ආදාමක් ලබමින් තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේය. පිල් ලෝර්ඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් අධ්‍යක්ෂණය කළ The Lego Movie  සිව්වැනි ස්ථානයේ පසු වේ. එය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ පසුගිය සති අන්තයේදි එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 11ක්. ජේසුතුමන්ගේ ජීවිත කතාව පදනම් කරගනිමින් ක්‍රිස්ටොපර් ස්පෙන්සර් අධ්‍යක්ෂණය කළ Son of God චිත්‍රපටයට පස්වැනි ස්ථානය හිමිවී තිබේ. ජොර්ජ් ක්ලූනි අධ්‍යක්ෂණය කළ The Monuments Men චිත්‍රපටයට හිමිව තිබෙන්නේ හයවැනි ස්ථානය යි.ක්‍රියාදාම චිත්‍රපටයක් වන 3 Days to Kill හත්වැනි ස්ථානයට පැමිණෙන විටදී අටවැනි ස්ථානය හිමිකර ගන්නේ අමෙරිකානු ප්‍රදර්ශනයේ දහසය වැනි සතිය ගත කරන Frozen  පරිගණක සජීවකරණ චිත්‍රපටය යි. මෙවර ඇකඩමි සම්මානයෙන් පිදුම් ලද ස්ටීව් මැක්වීන් අධ්‍යක්ෂණය කළ 12 Years a Slave අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර නමවැනි ස්ථානයේ පසුවේ. ක්‍රියාදාම චිත්‍රපටයක් වන Ride Along චිත්‍රපටයට හිමි වන්නේ දසවැනි ස්ථානය යි.යතේජා
CREATIVE
කුමන පුරවරයට ගියත් බොලිවුඩයේ මිතුදම් වෙනස් නොවෙයි. ආර්යන් ඛාන්ට, නව්‍යා නවේලිත්, නව්‍යාට ආර්යන්වත් අමුත්තන් නොවන්නේ ඒ නිසයි. දැන් දෙදෙනාම උසස් අධ්‍යාපනය ලබන්නේ ලන්ඩනයේ සෙවනෝක්ස් පාසලේය.ආර්යන්, ෂාරුක්ගේ වැඩිමල් පුතුය. නව්‍යා, අමිතාබ් බච්චන්ගේ මිනිබිරියයි. එනම් අමිතාබ් බච්චන්ගේ එකම දියණිය ශ්වේතාගේ දියණියයි. නව්‍යාගේ බොලිවුඩ් නෑකම වඩාත් ශක්තිමත් වන්නේ ශ්වේතා විවාහ වී සිටින්නේ නැසීගිය විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ සහ රංගධර රාජ් කපූර්ගේ දියණියගේ පුතු, නිඛිල් නන්දා සමඟ වී සිටීම නිසයි. කොටින්ම නව්‍යා අමිතාබ්ගේ මිනිබිරිය මෙන්ම රාජ් කපූර්ගේ මී මිනිබිරිය ද වන්නීය.අමිතාබ් සහ ෂාරුක් හොඳ මිතුරන් සේම ආර්යන් සහ නව්‍යා ද දැන් එකිනෙකාට නැතිවම බැරි මිතුරෝය. ඔවුන්ගේ මිතුදම කැමරා ඇසට අසු වී තිබෙන්නේ විනෝද ගමනක් ගිය විටදීය. මාධ්‍ය නම් මේ මිතුදමට ‘ආදරය’ යන නිර්වචනය ද දී අවසානය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
සනෝජා බිබිලේගේ හිත මේ දවස්වල ටිකක් කැළඹිලා. අනුන්ගේ දුක ඉදිරියේ සංවේදී වන ඇය පසුගියදා වුණු සිදුවීමක් දැකලා මහත් වූ කම්පනයකිනුයි සිටින්නේ. සනෝජා සසල වූ සිතින් අපට ඇමතුමක් දුන්නා.‘පසුගියදා රත්නපුරයේ බස් නැවතුම්පළ අසල කාන්තාවකට පොලිස් නිලධාරියකු පහර දුන්නා. මං ඒ සිද්ධිය සම්පූර්ණයෙන් හෙළා දකිනවා. ඇත්තටම කාන්තාවකට එහෙම පහර දෙන්න පුළුවන් ද? විශේෂයෙන් පොලිස් නිලධාරියකුට. අපි මෙහෙම හිතමු. ඒ කාන්තාව වැරදිකාරියක් වෙන්න ඇති. නමුත් මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවානේ. ඒ මගින් ඇයට දඩුවම් දිය යුතුයි. අනික පොලිස් නිලධාරියෝ නේද නීතිය රකින පුද්ගලයන්.ඉතින් ඔවුන් මෙහෙම වැරැදි කරද්දී අනිත් මිනිස්සු මොනවා නොකර ඉඳියි ද. මං බය නැතුව මේ දේ කියන්නේ සමස්ත කාන්තාවන්ට අයේ අසාධාරණයක් නොවෙන්න නිලධාරි මහත්වරුනි කොන්දක් ඇතුව වැඩ කරන්න. මට එහෙම අර කාන්තාවට ගහපු කෙනාව මුණ ගැහුණොත් හොඳ වැඩක් කරනවා. මගෙන් තමයි ඔහු හොඳ පාඩමක් ඉගෙන ගන්නේ.’ප්‍රසාද්
CREATIVE
ජාතික රූපවාහිනියේ විකාශය වන ‘භවාන්තර’ සමඟ මගේ කාලය ගත වෙනවා. මේ වනවිට එහි සියලු රූගත කිරීම් අවසානයි. එහි සංස්කරණ කටයුතු සිදු වන නිසා ඒ සමඟයි මා කාලය ගත කරන්නේ. නව නිර්මාණයක් කරන්නට අදහසක් තිබුණත් එය සිදු වන්නේ ‘භවාන්තර’වලට පස්සේ තමයි.
CREATIVE
සරත් කුමාර රංගනය, ලේඛනය, කාව්‍ය හා ගීත රචනය, ළමා කෘති රචනය යන අංශ රැසක්ම සමඟින් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින කලා ශිල්පියෙක්. 1985 වසරේදී ජාතික තරුණ වර්ෂය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරමින් ක්ෂේත්‍රයට පිවිසි ඔහුගේ රංගන ජීවිතය ඇරැඹෙන්නේ ගිල්බට් කඳනාරච්චි අධ්‍යක්ෂණය කළ ‘දුෂ්ඨ රජා සහ පාත්‍ර ධාතුව’ වේදිකා නාට්‍යයේ වළගම්බා රජුගේ චරිතයෙන්.‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙන සරත් කුමාර ‘දූවරු’, ‘සේපාලිකා’, ‘පිණි වැස්සක්’, ‘තාත්තේ අපි ආවා’, ‘මුතු පලස’, ‘පිත්තල කොණ්ඩෑරුම’, ‘ආදර සංධව්නිය’ ඇතුළු ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත. මේ දිනවල තිරගත කෙරෙන ‘දෝණි’ සිනමා නිර්මාණයට ද රංගනයෙන් දායක වූ ඔහු ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට රැසකට රංගනයෙන් එක් වී තිබේ.සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘වෛෂ්ණාවි’, බර්වින් ලයිලි ප්‍රනාන්දුගේ ‘සඳළුතලේ කුමාරිකාවෝ’ ඒ අතර ප්‍රධාන වේ. කලා ක්ෂේත්‍රයේ දස්කම් දැක් වුව ද සරත් කුමාර වෘත්තියෙන් කළුතර අධ්‍යාපන කලාපයේ විෂය සමගාමි හා සෞන්දර්ය විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හා කළුතර අධ්‍යාපන කලාපයේ සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් සේවය කරමින් සිටිති. එමෙන්ම ‘හෙට ඉදි වෙයි අලුත් ලොවක්’ කාව්‍ය ග්‍රන්ථය හා ‘සඳමඬල’ ළමා ගී කැසට් පටය එළි දක්වා ඇති ඔහු ළමුන් වෙනුවෙන් ‘දඬුවම’, ‘දීීපාල් හා මයින් පැටියා’, ‘උපුලි’, ‘තෑග්ග’ සහ ‘සුදු කුකුළා’ යන කෘති ද රචනා කර තිබේ. ඊට අමතරව අධ්‍යාපනික ග්‍රන්ථ ලෙස ‘දැනුම වැඩුමට අත්වැලක්’ සහ ‘සිංහල බස උගනිමු’ කෘති ද ඔහු ුඑළිදැක් වූ කෘති අතර වේ.ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘යකඩ දෝලී’, ‘මං අවුලඤ්ඤං’, ‘දුටු සතුටු මල’, ‘වෙරෝනිකා’ ඇතුªළු ටෙලි නාට්‍ය රැසකම ඔහුගේ රංගන හැකියාව ප්‍රේ්ක්ෂක ඔබට දැකගත හැකි වනු ඇත. රංගන ක්ෂේත්‍රයට දැඩි ලැදියාවක් දක්වන සරත් කුමාර චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සූදානමින් සිටියි. 0776570171 ඔහුගේ දුරකථන අංකයයි.- යතේජා
CREATIVE
යශෝධා විමලධර්ම වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරයක් එක ලෙස ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය චිත්‍රපටයේ අපූරු චරිතයකින් යශෝධා ඔබ හමුවට එනවා.ඒ වගේම යශෝධා ඇයට මුණ ගැසෙන හැමෝටම මේ සිනමා සිත්තම නරඹන ලෙස ආරාධනා කරනවාලු. හැම වෙලේම චිත්‍රපටයේ ප්‍රමෝෂන් කටයුතු කරනවා කියලා සමහරු ඇයට විහිළුත් කරනවා කියලා ආරංචියි.කොහොම වුණත් චිත්‍රපටයකට දායකත්වය ලබා දුන්නාට පස්සේ ඒවායේ ප්‍රචාරණ කටයුතුවලදී නිෂ්පාදකවරුන්ට නවකයන්ගෙන් ඉල්ලීම් කරන්න සිදුවෙන කාලයක යශෝධාගේ මේ ක්‍රියාව අගය කළ යුතුයි.
CREATIVE
මිහිඳු හේරත් නම් නව පරපුරේ ගායන ශිල්පියා ගයන මේ ගීතය අද වන විට ඉතාමත් ජනප්‍රියයි. එය ස්වාධීන රූපවාහිනියේ හීන හතක් වැඩසටහනෙහි සති කිහිපයකම අංක එකට ප්‍රේක්ෂකයන් ඔසවා තැබුවේ එම ගීයේ ඇති සරලකම මෙන්ම එය වෙනුවෙන් නිර්මාණය කළ රූප රචනයේ ඇති සුන්දරත්වය නිසාම විය හැකියි. ‘සරසවිය’ කවදත් අලුත් නිර්මාණකරුවන්ට අත හිත දෙන තෝතැන්නක් හින්දා අපි මිහිඳුට එන්න කිව්වා ඔහු පිළිබඳ විස්තර මුළු රටටම කියන්න.* ඉතින් මිහිඳු පළමුව ඔබ ගැන හඳුන්වා දීමක් කරමු?මං කඩුගන්නාවේ. මං ගමේ හැදුණු වැඩුණු කොල්ලෙක්. පාසල් යන කාලේ ඉඳල එකම හීනය ගායකයකු වන්න. ඒක නිසාම රාගධාරී මියුසික් ඉගෙන ගත්තා. බෑන්ඩ් එකකුත් ආරම්භ කළා. අදටත් එය පවත්වාගෙන යනවා.* එතකොට කොහොමද ‘මං හඬපු හැමදාම’ නිර්මාණය වන්නේ?ඇත්තටම කිව්වොත් මං සෑහෙන්න කාලයක් බෑන්ඩ් එකේ කිය කියා ඉඳලා තියෙන්නේ මට ගැළපෙන ශෛලියක ගීත නෙවෙයි. රාගධාරී සංගීතයට නිර්මාණය වූ ගීතයි මට සුදුසුයි කියලා හිතාගෙන හිටියේ. ඉතිං මට හිතුණා ඒ ශෛලියටම ගීතයක් නිර්මාණය කරගන්න. මේ දවස්වල හරිම ජනප්‍රිය ගීතයක් තියනවා ‘මට ඔයා මගෙ පණ වගේ’ කියලා.ඒක කියන්න දිලුම් සහ සමීර මට ඕනෑ වුණා. මං ආස කළ ශෛලියට ඔවුන් ලවා ගීතයක් නිර්මාණය කරගන්න දිලුම්වයි සමීරවයි හමුවුණා. මට සිංදුවක් කියන්න කිව්වා. ඔවුන් එකවරම කියා සිටියා ඔය විදිහේ ගීයක් නෙවෙයි මෙන්න මේ වගේ ගීතයක් හදමු කියලා. ‘මං හඬපු හැමදාම’ ගීයේ මෙලඩිය කිව්වා.මට ඒ ශෛලිය නුහුරුයි. ඒත් ඒ දෙන්නා කියපු නිසා අත්හදා බලන්නත් එක්ක මං ඒක කිව්වා. මාධ්‍යයන්ටත් බාර දුන්නා. සෑහෙන්න ප්ලේ වුණා. ඒ වගේම රූප රචනාවකුත් කළා. ඒකත් චැනල්වල විකාශය කරන්නට පසුබට වුණේ නැහැ.* මේ දිනවල ගීතයක් ජනප්‍රිය කරන්න සල්ලි විසි කරන්න ඕනෑ?ඔව්. සල්ලි තියෙන බහුතරයක් අද ගායකයෝ වෙලා. ඒත් මට නම් ස්ටුඩියෝ ගාස්තු සහ අනෙකුත් මූලික වියදම සඳහා පමණයි වැය වුණේ. කිසිම කෙනෙකුට සල්ලි දුන්නේ නැහැ ගීතය ප්ලේ කරන්න. ඇත්තටම මේක හරි වාසනාවන්ත ගීතයක්. ඉබේම මිනිස්සු අතරට ගියේ ඒකයි.* කවුද මේ ගීතය රචනා කළේ?දිලුම්. සංගීතයත් ඔවුන්ගේ.* මේ දිනවල විරහ ගීත රැල්ලක් ඇවිත් තිබෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් මේකත් රැල්ලටම නිර්මාණය වූ ගීතයක් කියලා?මෙතෙන්දි මේකයි වෙලා තියෙන්නේ. විරහ ගීත පමණක් නොවේ අනෙක් මාතෘකා යටතේ ගීත නිර්මාණය වෙනවා. ඒත් වැඩිපුරම ඇසෙන්නේ විරහ ගීත.ඒ විරහව මිනිස් ජීවිතයට සමීප නිසා ප්‍රවීණ ගායකයනුත් අලුතින් ගීත කියන්න මැලි වෙලා තියෙන්නේ ඒකයි. චැනල්වලින් ඒකාකාරී ගීත ප්‍රචාරය නොකළා නම් එහෙම වෙන්නේ නැහැ.* ඔබේ ඊළඟ ගීයත් විරහ ගීතයක්ද?ඔව්. හැබැයි වෙනස් ආරක විරහ ගීයක් වේවි ඒක. රැල්ලට කරපු එකක් නෙවෙයි ඒක.* ‘මං හඬපු හැමදාම’ හි රූප රචනාව ගැනත් සඳහනක් කරමු?ඒක ෂූට් කළේ බණ්ඩාරගම. උදිත් අබේරත්න සහ තිසුරි යුවනිකා ප්‍රධාන චරිත මැව්වා. වීඩියෝ එක කරද්දී මට වැඩිපුරම ඉන්න වුණේ පිදුරු ගොඩේ. හැබැයි මට ඒක නුහුරු අත්දැකීමක් වුණේ නැැ. ගමේ ඉන්න කොට ඕනෑ තරම් පිදුරු උඩ මං ඉඳලා තියෙනවා.එහි එක්තරා තැනක උදිතුයි තිසුරියි ඔරුවක යන දර්ශනයක් තියෙනවා. ඒ ඔරුවට කොල්ලෑවක් තිබුණේ නැහැ. කඳත් ටිකක් දිරලා. අපි වීඩියෝ හැදිල්ල තරමකට පමා කරලා ඔරුව අලුත්වැඩියා කළා.* දැන් මිහිඳුගේ හඬයි රුවයි දෙකම රසික රසිකාවන් හඳුනනවා?ගොඩක් සතුටක් දැනෙනවා. මං කැමැතියි මගේ සිංදුව අහලා 0772837592 අංකයෙන් මට අමතලා හොඳ නරක කියනවා නම්.මං හඬපු හැමදාම නුඹ හිටියා සනසන්නදුක දැනෙන මතුදාක සනසන්න නුඹ කොහෙදහිනැහෙන්න හිතුවාම සිහි වන්නෙ ඔය මුහුණවාවන්න බැහැ තවම නිදි නැනෙ මුළු රැයම පපු තුරුළෙ නිදියාපු ඔබ ඉන්නෙ දැන් කොහෙදඅපි දෙන්නා ගොඩ නඟපු පෙම් හීන අද නැද්දවෙන් වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්දහීනෙන් ඇවිත් යන්න ඔබ එන්නෙ කවදාද හිත ඇතුළෙ කියාපු දුක කීවෙ නැහැ තවමබොඳ වෙච්ච පෙම් හීන සිහි වෙන්නෙ ඇයි මෙහෙමළං වෙන්න හැදුවාම හැර යන්න දුක නැද්දආලෙන් වෙලී ඉන්න ඔබ එන්නෙ කවදාද  
CREATIVE
මගේ ‘වෙස්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ඉවර වුණා. ජාතික රූපවාහිනියේ විකාශය වන ‘සංසාරේ පිය සටහන්’ ටෙලි නාට්‍ය මාලාවට වසර විසි එකක් සම්පූර්ණ වෙනවා.මේ පෝයට ඒක සමරන්න බී. එම්. අයි. සී. එච් එකේ සරල උත්සවයක් සංවිධානය කරගෙන යනවා. ඊට අමතරව තව ටෙලි සිතුවමක් කරන්න පොත් වගයක් කියවගෙන යනවා.
CREATIVE
කෙටි සංචාරයකට මෙරටට පැමිණි සුමනා ගෝමස් පසුගියදා නැවතත් අමෙරිකාව බලා පිටත්ව ගියේය. ඊට මත්තෙන් ඇය කලා සහෘදයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට අමතක නොකළාය. සුනිල් ටී. ප්‍රනාන්දුගේ පූර්ණ සංවිධානයෙන් යුතු වූ මෙය පැවැත් වූයේ රාජගිරිය සවරින් හෝටලයේදීයි.මේ එහි අවස්ථා කිහිපයකි.සේයාරූ - ඉන්දික ප්‍රභාත්සේමිණී, නදීශා, ගයනා, සුමනාව කලකට පසු හමු වීසුනිල් ටී, ශ්‍රියානි අමරසේන, සහන් විජේසිංහ, නිශානි ගමගේ, සුමනා සමඟසුමනා සහ ඇගේ සැමියා, ක්ලීටස්, සනත්, සුනිල් ටී., විමානනීතිඥ සහ නීතිඥවරියන්ගේ කලා කුසලතා එළි දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවත්වනු ලබන නීති රඟ ප්‍රසංගය 20 වැනි වරටත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පසුගියදා පැවැත්විණි.නීති රඟ 2012 ප්‍රසංගය සංවිධායක කමිටුවේ සභාපතිනි නීතිඥ ප්‍රියානි පෙරේරා එදින ගීතයක් ගායනා කළ අයුරු. නීතිඥ සිසිර එදිරිසිංහ හාස්‍යජනක නාට්‍ය නිර්මාණය වූ ‘සදහටම ඔබ මගේ’ නාට්‍යයේ අවස්ථාවක්.- යතේජා    විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය මාරම්බරී මෙම මස 23 වැනිදා හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
CREATIVE
රෝහණ දන්දෙණියගේ ‘රාස්ස සහ පරාස්ස’ වේදිකා නාට්‍යයෙහි විශේෂ දර්ශන කිහිපයක් මෙම මස 22 වැනිදා සිට ඔක්තෝබර් 13 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ වේදිකා ගත කිරීමට නියමිතය.සැප්තැම්බර් 22 වැනිදා - සිඩ්නි, 29 වැනිදා – ඇඩිලේඩ්, ඔක්තෝබර් 07 වැනිදා - මෙල්බර්න්, 13 වැනිදා – පර්ත් යන පුරවරයන්හි වේදිකා ගත කෙරේ. ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, රෝහණ බැද්දගේ, මාදනී මල්වත්තගේ යන රංගන ශිල්පීන් භූමිකා නිරූපණය කෙරෙන ‘රාස්ස සහ පරාස්ස’ හි සෙසු චරිත නිරූපණය හා ගායක කණ්ඩායම් සඳහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශිල්පීහු එක්වෙති. ඔස්ට්‍රේලියාවේ කලා සංවිධාන වන සිරි මිතුරු සංගමය, සිංහල කලා සංවිධානය මෙම වේදිකා නාට්‍ය සංවිධානය කරනු ලබයි. මෙම නාට්‍ය වේදිකාගත කොට ලැබෙන අරමුදල් ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් කෙරෙන සුබසාධන කටයුතු සඳහා යෙදවීමට කටයුතු යොදා ඇත.
CREATIVE
මෙම මස 15 වැනිදා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 7.27 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ‘මැඩම් ශෝභා’ විකාශය වනු ඇත. නේවාසික කාන්තා පාසලක සිටින දඟකාර සිසුවියන් කීකරු කොට නිසි මගට ගැනීමට උත්සාහ කරන මැදි විය ඉක්ම වූ ගුරුවරියක කේන්ද්‍ර කොට දිව යන මෙය හාස්‍යෝත්පාදක ටෙලි සිතුවමකි.ජයසේකර අපොන්සු මැඩම් ශෝභා අධ්‍යක්ෂණය කරන අතරම මෙහි මැඩම් ශෝභාගේ චරිතයට පණ පොවයි. බන්දුල විජේවීර, මර්සි එදිරිසිංහ, මියුරි සමරසිංහ, සරත් කුලාංග, හැරී විමලසේන, රශ්මි ස්නේහා, රත්නා සමුනපාල, මහින්ද කරුණාරත්න, නිමල් යටිවැල්ල, ඩී. බී. ගංගොඩතැන්න, චේතනා කැටගොඩ, මනෝජ් දෙනිපිටිය, ගාමිණී කුලසේකර, සිඩ්නි ඉද්දමල්ගොඩ, නදීකා හෙට්ටිආරච්චි සෙසු චරිතයන් රඟනු ලබති.එම්. ඒ. ගෆූර්ගේ කැමරාකරණයකි. ඊබට් විජේසිංහ අංග රචනයෙන් එක් වෙයි. ලලිත් ධර්මවර්ධන කොණ්ඩා මෝස්තරයෙන් ද, තිලකරත්න බණ්ඩාර සහාය අධ්‍යක්ෂණයෙන්ද, නිහාල් පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද මැඩම් ශෝභා හැඩ කරයි. එල්මෝ හැලිඩේගේ සංස්කරණයකි. සිරිල් ගමගේ නිෂ්පාදන කළමනාකරුය. මෙය ජයසේකර අපොන්සුගේ රචනයකි.‘මැඩම් ශෝභා’ පුංචි තිරයට ගෙන ඒමේ බරපැන දරනුයේ රශ්මි ස්නේහා හෙන්දාවිතාන විසිනි.*************************************2012 රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සමගාමීව රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය විසින් සම්පාදිත ‘සාහිත්‍ය විශේෂ කලාපය’ පාඨකයන් අතට පත් කෙරෙන සමර්පණ මංගල්‍යය හා සිරිල් සී. පෙරේරා සාහිත්‍ය සේවා සන්දීපන උළෙල මේ මස 20 වැනිදා පස්වරු 3.00 ට ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලෙහි දේශන කිහිපයක් පැවැත්වීමට ද නියමිතය.ග්‍රන්ථ සමර්පණ සංකථනයේ සංක්ෂිප්ත දේශන මහාචාර්ය රත්න විජේතුංග හා ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස යන විද්වතුන් සිදු කරනු ලැබේ. සිරිල් සී. පෙරේරා සාහිත්‍ය නිර්මාණ ඇගයීමේ සංක්ෂිප්ත දේශනයන්හි ‘සිරිල් සී. පෙරේරා පරිවර්තන කාර්ය සාධනය’ මැයෙන් මහාචාර්ය තිස්ස ජයවර්ධන ද, ‘සිරිල් සී. පෙරේරා විසින් පරිවර්තික නාට්‍ය පිළිබඳ අත්දැකීම්’ මැයෙන් ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක ද දේශන පවත්වති. සම්ප්‍රවේශනය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයි.*************************************වසන්ත නමස්කාරගේ ‘සිතුවිලි’ නම් එකසිය දහතුන් වැනි දෘෂ්‍ය ප්‍රදර්ශනය අද දින (15 වැනිදා) මහනුවර අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දෘෂ්‍ය කලාගාරයේ දී පැවැත්වේ.අද දින ආරම්භ වන මේ චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 30 වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය. වැඩි විස්තර සඳහා antha namaskara නමින් යූ ටියුබ් සොයා බලන්න.*************************************1. ස්කයි ෆෝල් - මිලියන 88.42. රෙක් ඉට් රැල්ෆ් – මිලියන 333. ෆ්ලයිට් - මිලියන 14.84. අගේන් - මිලියන 6.25. ටේකන් 2 – මිලියන 4.016. ක්ලවුඩ් ඇට්ලස් - මිලියන 2.667. ද මෑන් විත් ද අයන් ෆිස්ට් – මිලියන 2.598. පිච් පර්ෆෙක්ට් – මිලියන 2.579. හියර් කම්ස් ද බූම් – මිලියන 2.5210. හොටෙල් ට්‍රාන්සිල්වේනියා - මිලියන 2.4
CREATIVE
මහේන්ද්‍ර පෙරේරාට වෙනස්ම චරිතයක් බාර දෙමින් ජනප්‍රිය රැල්ලේ සිනමාකරුවකු වන උදයකාන්ත වර්ණසූරිය සිය දහඅට වැනි සිනමා නිර්මාණයෙහි වැඩ කටයුතු ඉකුත් දා ඇරැඹීය.කොස්තාපල් පුඤ්ඤසෝම නම් වූ එහි මුහුරත් උළෙල කිරුලපන ඔහුගේ නිවසේදී පවත්වන ලදී.බහුරූ චිත්‍රපට වෙනුවෙන් සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ යොහාන් ප්‍රේමරත්න සම නිෂ්පාදකවරුන් වන මෙය උදයකාන්තගේම නිෂ්පාදනයකි.විදෙස්ගතව සිටින ශ්‍රීනාත් මද්දුමගේ මෙයට දායක වෙමින් කලකට පසු රිදී තිරයට අවතීර්ණ වීම විශේෂත්වයකි. ශ්‍රියන්ත මෙන්ඩිස්, ගාමිණී හෙට්ටිආරච්චි, දුලීකා මාරපන, රවීන්ද්‍ර යසස්, ජනක රණසිංහ, සිසිර කුමාරතුංග, රොනී ලීච්, ආනන්ද අතුකෝරාල, චතුර පෙරේරා, විරාජ් ජයසිරි, මැණික් විජේවර්ධන, ලසන්ත උඩුකුඹුර, ආර්. ජී. සිරිවර්ධන ආදීහු සෙසු චරිත මවති.අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණය කරන මෙහි ශබ්ද සැළසුකරණය සහ සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි.වසන්ත විට්ටච්චි අංග රචනයෙන් දායක වන අතර ඩොනල්ඩ් ජයන්ත අධ්‍යක්ෂණයට සහය වෙයි. නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්නගෙනි. මනෝජ් ප්‍රියන්ත සහාය අධ්‍යක්ෂවරයාය.භාතිය, සන්තුෂ් සහ ලන්ත්‍රා පෙරේරා කොස්තාපල් පුඤ්ඤසෝම හී සංගීත අධ්‍යක්ෂවරුන්ය. නලින් පෙරේරා, ලන්ත්‍රා පෙරේරා, භාතිය ජයකොඩි ගී ගැයුමෙන් එක්වේ. ආරියසිංහ පෙරේරා සමඟ ෂෙහාන් ගලහිටියාව ගී පදවලින් චිත්‍රපටයට දායක වී තිබේ. තම රාජකාරිය හොඳින් ඉටු කිරීමට උත්සාහ දරන අවංක පොලිස් නිලධාරියකු සහ මැර කල්ලියක් අතර ඇතිවන ගැටුමත් ඔස්සේ උදයකාන්ත මෙහි තිර පිටපත සකස් කොට තිබේ.කොස්තාපල් පුඤ්ඥසෝම හි මුහුරත් උළෙලදා එහි පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි මේ.සේයාරුව - මහේෂ් නිශාන්තප්‍රසාද් සමරතුංග
CREATIVE
මම මේ දවස්වල අනුර මාධව ජයසේකරගේ සූරිය භානු ටෙලි නාට්‍යයේ සහ රවීන්ද්‍ර විජේරත්නගේ සුජාතා ටෙලි නාට්‍යයේ ෂූටින් බෙලිහුල්ඔය ප්‍රදේශයේත් සුජාතා ටෙලි නාට්‍යයේ ෂූටින් අතුරුගිරිය ප්‍රදේශයේත් යෙදිලා තියෙනවා.ඊට අමතරව සයුරි ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවා. මේ ටෙලි නාට්‍ය තුනේ චරිත තුනම තුන් විදියක්. මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශය වෙන්නත් නියමිතයි.
CREATIVE
හොඳම නළුවා - දර්ශන්හොඳම නිළිය – චාන්දනීහොඳම චිත්‍රපටය – ඉනි අවන්නිකිණි වැස්සටත් සම්මාන රැසක්ඒ. වී. පී. මාධ්‍ය ජාලය මඟින් සංවිධානය කරන ලද හිරු රන් සම්මාන උළෙල 2014 පසුගියදා නිමාව දුටුවා. ඉතාමත් උත්කර්ෂත් මෙම සම්මාන උළෙලේ සොඳුරු දසුන් පෙළයි මේ.* බලාපොරොත්තු තැබිය හැකි නළුවා - ජගත් මනුවර්ණ (නිකිණි වැස්ස)* බලාපොරොත්තු තැබිය හැකි නිළිය - සුලෝචනා වීරසිංහ (නිකිණි වැස්ස)* බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂ - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)- ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන සම්මානය - ස්වර්ණා මල්ලවාරච්චි* හිරු උත්තමාචාර සම්මානය – ඇන්ඩෲ ජයමාන්න* හිරු - දර්ශන රුවන් දිසානායක (සමනල සංධ්වනිය)* හොඳම අංග රචනය – ජයන්ත රණවක (නිකිණි වැස්ස)* හොඳම නර්තන අධ්‍යක්ෂණය – ගයාන් ශ්‍රීමාල් (සුපර් සික්ස්)* හොඳම දෘශ්‍ය ප්‍රයෝගකරණය සඳහා සම්මානය – බූඩි කීර්තිසේන (මාතා)* හොඳම ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න / ශෂික සඳරුවන් (කර්ම)* හොඳම නිෂ්පාදන සැලසුම්කරණය - සුනිල් විජේරත්න* හොඳම ගී පද රචනය – අමිල තේනුවර (සමනල සංධ්වනිය – ඉකි ගසා හඬන)* හොඳම පසුබිම් ගායිකාව - උරේෂා රවිහාරි (කුසපබා - ජල ධාරාවේ)* හොඳම පසුබිම් ගායකයා - අමරසිරි පීරිස් (සමනල සංධ්වනිය – ඉකිගසා හඬන)* හොදම පසුබිම් සංගීතය – නදීක ගුරුගේ* හොඳම සහය නිළිය – නිරංජනී ශම්මුගරජා (ඉනි අවන්)* හොඳම සහය නළුවා - අශාන් ඩයස් ( සිරි පැරකුම්)* හොඳම තිර රචනය – අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)* හොඳම සංස්කරණ්‍ය - අජිත් රාමනායක (ඉනි අවන්)* හොඳම කැමරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා (කර්ම)* හොඳම නිළිය – චාන්දනී සෙනවිරත්න (නිකිණි වැස්ස)* හොඳම නළුවා - ධර්ෂන් ධර්මරාජ් (ඉනි අවන්)* හොඳම චිත්‍රපටය – ඉනි අවන්* හොඳම අධ්‍යක්ෂක – අශෝක හඳගම* හොඳම කෙටි චිත්‍රපටය – ඉල්හාමි හුසේන් (චාවෝ)* ජූරියේ විශේෂ සම්මාන – තිසර ඉඹුලාන (ලබ්බෙ තොවිලෙ)* ජූරියේ විශේෂ සම්මාන – සූරියා දයාරුවන් (සමනල සංධ්වනිය) – යශෝද රාජකිශ්නන් – මාතා* ජනප්‍රියම නළුවා - අකිල ධනුද්ධර* ජනප්‍රියම නිළිය – යශෝධා විමලධර්ම* ජනප්‍රියම චිත්‍රපටය - සිරි පැරකුම්- ජනප්‍රියම ගීතය – ඉකි ගසා හඬන* ජනප්‍රියම ළමා නළුවා - ප්‍රමුදිත උදය කුමාරඅරුණ ජයවර්ධනය සම්මාන ලබමින්බොලිවුඩ් පරදන අපූරු රැඟුමක මාලිනී සමඟ රවීසිනමාවේ මිත්තණියගෙන් අද පරපුරේ මුණුබුරකුටජනපි‍්‍රය තරු යුවලඅල්කාගෙන් උරේෂාටනදීකා අතින් හෙට තරුවකට  බලාපොරොත්තු පිරි ජගත්නන්දා මාලනියගෙන් අමරසිරි පීරිස්ටඅල්කාගේ මියුරු ස්වරයඅනිල්පූජා සමඟ පැමිණි අමුත්තා කවුද?ඊළඟට මොකද වෙන්නේබොලිවුඩ් ද හෙලවුඩ් ද පුබුදු, අනිල්, මහේන්ද්‍රවිවේක්ගේ සොඳුරු නර්තනයසේයා රූ - ඉන්දික මල්ලවාරච්චි - ශාන් රූපස්සර  
CREATIVE
නුගේගොඩ ‘සැරිසර’ සංගීත ශාලිකාව මේ දවස්වල හරිම කාර්යබහුල තැනක් වෙලා.අපි ඒ ගැන විමසුවේ සැරිසර සංගීත ශාලිකාවේ ලේඛකාධිකාරී විශාරද චරිතා පි‍්‍රයදර්ශනී ගෙන්. මේ කාර්යබහුලත්වයට හේතුව එහි නව වසරට අලුත් සිසුන් බඳවා ගැනීම නිසා කියලා ඇය අපිට කිව්වා.ඉන්දියාවේ ලක්නව් භාත්ඛන්ඩ සංගීත විද්‍යාපීඨය හා සම්බන්ධ ප්‍රවේශිකා, ප්‍රථමා, මධ්‍යම, විශාරද ගායන හා වාදන පංති සඳහා තමයි මේ නවක සිසුන් බඳවා ගන්නේ. ඒ වගේම පෙර පාසල් ළමුන්ට මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් රසවින්ඳන හා කටහඬ පුහුණු කිරීම් පංතිත් පැවැත්වෙනවා. කියලයි චරිතා අපට කිව්වේ.
CREATIVE
ජනප්‍රිය රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා රංගනයේ යෙදෙන ‘ඉටිමල්’ ටෙලි නාට්‍යයෙන් ඇය ඉවත් වී ඇති බවට පසුගියදා ක්ෂේත්‍රයේ කතාවක් පැතිරුණා. ඉන් පැවසුනේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සමඟ ඇති කරගත් ප්‍රශ්නයක් ඊට මුල් වූ බවයි.කෙසේ වෙතත් ඉටිමල් හි අධ්‍යක්ෂ නාලක වෙදමුල්ල පවසන්නේ රන්ජන් සමඟ එසේ ගැටලුවක් ඇතිකර ගත් නමුත් එය නිරාකරණය වී අනර්කලී ‘ඉටිමල්’ ටෙලි නාට්‍යයෙන් ඉවත් නොවුණ බවයි.ඉටිමල් හී රන්ජන් හා අනර්කලී සුපෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙයි.- සංජීව සම්පත්
CREATIVE
නිවේදිකා නිල්මිණි සිගේරාමම දායක වූ ‘ඉඩමේදී විකිණේ’ සහ ‘දඟමල්ල’ වේදිකා නාට්‍ය දර්ශන මේ සතියට යෙදිලා තියෙනවා. ඒ හැරුණාම පාසලේ ඉගැන්වීමේ කටයුතු සමඟිනුයි කාලය ගත වෙන්නෙ. මෑතකදී ටෙලි නාට්‍ය කිහිපයකට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා.ඒ අනුව ‘දස්කොන්, මුතු’ සහ ‘තීර්ථ යාත්‍රා’ ටෙලි නාට්‍යවල රංගනයට දායක වුණා. මේ හැමදේම සමඟ තියෙන කාර්යබහුලත්වය නිසා දැන් නිවේදන කටයුතුවලට දායක වෙන්න ලැබෙන කාලය නම් අඩු වෙලා.
CREATIVE