comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
31 දා කටුබැද්දේ ජනසෙවණ කලා කේන්ද්‍රයේ දී60 – 80 දශක තුළ දී සිංහල සිනමාව ඔපවත් කළ තරුවක් වූ සිනමා නළු බී. ඇස්. පෙරේරා ගේ 89 වැනි ජන්ම දිනය මාර්තු 31 වැනිදාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් ඔහුගේ පුත් සුනිල් වෙස්ලි පෙරේරා තම කලා හැකියාවෙන් උපහාර පුද කිරීමට සැරසේ.මේ නිමිත්තෙන් ‘සරගුරු ගී උපහාර’ නමින් සිතුවම් දැක්මක් හා ගී පැදුරක් 31 වැනි දා කටුබැද්ද ජනසෙත කලා කේන්ද්‍රයේ දී පැවැත්වේ.රොඩී කෙල්ල, සැනසුම කොතැනද, අල්ලපු ගෙදර, සතපනහ, ඔන්න බබෝ බිල්ලො එනවා ඇතුළුව චිත්‍රපට තුන්සියයක පමණ රංගනයෙන් දායක වූ බී. එස්. පෙරේරා ‘මගේ අම්මා’, ‘ඇමැතිකම’ චිත්‍රපට සඳහා තම ගීතවත් හඬ දායකත්වය ද ලබා දුන්නේය. පියා සමඟ රන්මුතු දූව නැරඹීමට ගොස් ප්‍රදර්ශන පුවරු දැක ඇති වූ ආසාවෙන් සිත්තරකු බවට පත් වූ සුනිල් වෙස්ලි පෙරේරා සංගීතය හදාරා ගීත ගායනයට ද එක් වී ඇත.යතේජාඅනාගත පරපුරට දේශීය නාද රටා සහ ඒ හා සබැඳි සංකල්ප දායාද කිරීමට වෙහෙසෙන රන්වල පදනමෙහි අවුරුදු ගීත ඇතුළත් නවතම සංයුක්ත තැටිය ‘අපේ අවුරුද්දට අපේ ගායනා’ මෙම මස 30 වැනිදා එනම් එන සෙනසුරාදා සවස 5.30 ට එම පදනම මාසිකව බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ ‘කමත’ හි පවත්වනු ලබන ‘ගයමු’ ගී ප්‍රසංගය අතරතුරදී එළි දැක්වෙයි.මෙයට සමගාමීව මහින්ද කුමාර දළුපොත විසින් රචිත ‘අවුරුදු සිරිත්’ කෘතිය ද එදින පාඨකයන් අතට පත් කිරීමට ද නියමිතය- ප්‍රසාද්ලක්ෂ්මන් ආරච්චිගේ ආදර ලීසා මෙම මස 30 වැනිදා සවස මොරටුව බෞද්ධ මන්දිරයේදී වේදිකා ගත වේ.සඳුන් විජේසිර, සංජුල දිවාරත්න, ප්‍රේමදාස විතානගේ, ඩේමියන් ජයලත් සමඟ සුරංගා නිලූෂිනී මේ සඳහා රංගන දායකත්වය සපයති.- ප්‍රසාද්නාට්‍යවේදී එස්. විජයසිරිගේ ‘නෙත් අඳ බිසව්’ සංගීතමය, ප්‍රහසන නාට්‍යය මාර්තු 31 වැනි දා වැලිගම නගර ශාලාවේදී වේදිකා ගත කෙරේ.ආරියසේන ගමගේ, ගංගු රොෂානා, රෙක්ස් හැමිල්ටන්, ශි‍්‍රයානි සුබා වික්‍රමාරච්චි සහ මාලි ලියනගේ ගේ රංගනයෙන් මෙය හැඩගැන්වේ.රූ. පෙ. විජේසිංහ ගේ අලුත්ම පරිවර්තන කෘතිය ‘මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා’ ලබන අප්‍රේල් මස 02 වැනි දා කොළඹ, මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ‘පෙම් වියරුව‘ පරිවර්තන කෘතිය ඇතුළුව ‘පෙරළිකාර පාසල’, ‘හෙළිදරව්ව‘, ‘වීනස් සහ අදෝනිස්’, ‘නාගරාජ්ගේ ලෝකය’, ‘දෛව මහිමය’, ‘දිමූර්’ පාඨක ප්‍රසාදය දිනූ ඔහුගේ කෘති අතර වේ.යතේජාකණ්ඩායම් ගීතය ගැන විමර්ශනයක්ෂෙල්ටන් වීරරත්න විසින් රචිත ‘බටහිර කණ්ඩායම් ගීතයේ විකාශය – එය දේශානුගත කළ නෙවිල් සහ නොයෙල්’ කෘතිය දොරට වැඩීම අප්‍රේල් 03 වැනි දා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.මෙම කෘතියෙන් කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීන් වූ නෙවිල් ප්‍රනාන්දු සහ නොයෙල් බ්‍රයන් රණසිංහ යන සංගීතවේදීන් ගැඹුරු විමර්ශනයක යෙදී ඇත.යතේජාමීට දශක කිහිපයකට පෙර ලාංකික පේ‍්‍රක්‍ෂක ප්‍රසාදය දිනාගත් කලා නිර්මාණ පෙළක් දැන් ටොරානා වීඩියෝ මූවීස් වෙතින් ඔබ වෙනුවෙන් ඩී. වී. ඩී. ලෙසින් නිකුත් වී ඇත.ජී. ඩී. එල්. පෙරේරා ගේ වේදිකා නාට්‍ය නිර්මාණයක් වූ ‘තොටුපළ’, ප්‍රේමකුමාර ජයවර්ධන ගේ ‘සෙදෝනා’ ටෙලි නාට්‍ය මාලාව, චන්ද්‍රරත්න මාපිටිගම ගේ ‘ඉරපායා’ ටෙලි නාට්‍යය සහ මෙරට නිෂ්පාදිත ප්‍රථම රූපවාහිනී විකට වැඩසටහන වූ ඇනස්ලි, බර්ටි, සහ සැමුවෙල් දායක වූ ‘විනෝද රංග‘ මෙලෙස ඩී. වී. ඩී. ලෙස එළි දක්වා ඇත.සම්මානලාභි ලේඛකයකු ලෙස සාහිත්‍ය නිර්මාණයේ යෙදෙන ගුණරත්න ඒකනායක විසින් රචිත යොවුන් නවකතාව ‘කන්දේ මාලිගාව’ මේ වන විට වෙළෙද පොළ වෙත නිකුත්කර ඇත.නවකතා, යොවුන් නවකතා, කෙටි කතා කෘති හතළිහක් පමණ රචනා කර ඇති ගුණරත්න ඒකනායක 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ පළමු ස්ථානය හා 2003 වසරේ ඩී. ආර්. විජේවර්ධන නවකතා තරගයේ තෙවන ස්ථානය ද දිනාගෙන තිබේ.- යතේජා
CREATIVE
ජාත්‍යන්තර සිනමා උළෙලක් ලබන වසරේදී ශ්‍රීී ලංකාවේ පැවැත්වීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.කොළඹ සිනමා උළෙල ලෙස පවත්වන මෙය පැවැත්වීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පැවැත් වූ බව චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා ප්‍රකාශ කළේය.ජාත්‍යන්තර සිනමා උළෙලක් ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම විශාල අඩුපාඩුවක් බව පෙන්වා දෙන අශෝක සේරසිංහ මහතා සාර්ක් කලාපීය චිත්‍රපට කේන්ද්‍ර කර ගනිමින් සාක් චිත්‍රපට උළෙල වාර්ෂිකව පැවැත්වීම අගය කළ යුතු බව කීවේය.ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රය තරගකාරී මට්ටමක පවත්වන බවත් විදෙස් සිනමා උළෙලවලදී ලාංකික චිත්‍රපට මහත් අගැයීමකට ලක්වන බවත් කී සභාපතිවරයා විශාල පිරිවැයක් වැය වුණත් ජාත්‍යන්තර සිනමා උළෙලක් පැවැත්වීම කෙරෙහි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බවත් කීවේය.කේරළ සිනමා උළෙල ජාතික උත්සවයක ස්වරූපයක් ගන්නා බව කී අශෝක සේරසිංහයන් ශ්‍රී ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා මාර්ග රැසක් ගැනීමට නියමිත බව ද කීවේය. ඔහු මෙලෙස ප්‍රකාශ කළේ සාර්ක් සිනමා උළෙලේ මාධ්‍ය හමුව අමතමිනි.මෙරට ජාත්‍යන්තර සිනමා උළෙලක් පැවැත්වීමේ අවස්ථාව සරසවිය කිහිප වරක්ම පෙන්වා දුන් කරුණකි.- ප්‍රසාද්
CREATIVE
රංගන ශිල්පිනී අංජලී ලියනගේමේ සතිය මට සුවිශේෂ සතියක්. ඒ මගේ උපන් දිනය යෙදිලා තියෙන නිසා. ඒත් ඉතින් වයසට යන නිසා උත්සව තියලා ඒක සමරන්න නම් බලාපොරොත්තුවක් නැහැ. ළමා නිවාසයකට තේ පැන් සංග්‍රහයක් කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල ‘සිහින සක්මන’ සහ ‘චායා’ ටෙලි නාට්‍ය දෙකේම ෂූටිං යෙදිලා තියෙනවා. තව අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනාවක් ලැබුණා. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයටත් මම දායක වුණා. ඉදිරියේ දී ඒ රංගනය ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට දැකගන්න පුළුවන් වේවි. 
CREATIVE
අප නිළි රැජන මාලිනිය මෙතෙක් ලබා ඇති ගෞරව සම්මාන මෙතෙකැයි කියන්නට බැහැ. සිය රංගන හැකියාවේ විශිෂ්ටත්වය කියාපාමින් මෙරටදී මෙන්ම විදේශයන්හි ද ඇය ඇගයීමට පත් වූයේ හෙළසිනමාව ද අභිමානයට පත් කරමින්.ඒ මාලිනිය නැවතත් හොඳම නිළිය ලෙස අභිෂේක ලැබුවා. ඒ පසුගිය ඉරු දින සවස ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවති සාක් සංවිධානය දෙවන වරට සංවිධානය කළ සාක් සිනමා උළෙලේදී. ඇයට මෙම සම්මානය හිමි වූයේ ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. එමෙන්ම ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ එම චිත්‍රපටයම උළෙලේ හොඳම චිත්‍රපටය වීම තවත් විශේෂත්වයක්.මෙම සම්මානයට අමතරව අශෝක හඳගමගේ විදු චිත්‍රපටය ජූරියේ විශේෂ සහතික පත්‍රයක් හිමි කර ගත්තා.එහිදී මයුරි වානගුරුගේ ද ග්‍රේඩ් ස්කූල් ටීචර් වාර්තා චිත්‍රපටය ගෞරව සම්මායකින්ද පිදුම් ලැබුවා.එහි සෙසු සම්මානනීය පිරිස මෙසේය.හොඳම චිත්‍රපටය:දෙවන ස්ථානය රාම්චන්ද් පකිස්ථානි (මහ්රින් ජබ්බාර්)තෙවන ස්ථානය – බයාරි (කේ. පී. සුචිරන්)හොඳම වර්තා චිත්‍රපටය -පළමු ස්ථානය - සේවිංෆේස් (ඩැනියල් ජන්ග් - ෂමීර් ඔබෙයිඩ්)හොඳම නළුවා -මන් ෂාර් සෙබායි (බෝල්)රෂීඩ් තරුකි (රාම් චන්ද්පකිස්ථානී)කුසලතා සහතික (අධ්‍යක්ෂණය)මොර්ෂෙඩුල් ස්ලාම් (කෙලාගෝර්)ප්‍රකට මාධ්‍යවේදියකු සරසවිය පුවත්පතෙහි හිටපුකතුවරයකු ද වනමෙන්ම ජනප්‍රිය, සම්මානනීය රංගන ශිල්පියකු වන අනුර බණ්ඩාර රාජගුරු ඔබට නුහුරු නුපුරුදු චරිතයක් නෙවෙයි. පසුගියදා පැවැති අටවැනි රයිගම් සම්මාන උළෙලේදී ස්වයංජාත, කෝරළේ මහත්තයා සහ මරණයක් යන ටෙලි සිතුවම් හි රංගනය වෙනුවෙන් ඔහු ජූරියේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවා.මේ දිනවල කලාවේ අංශ කිහිපයකට නොඅඩු දායකත්වය ලබා දෙමින් කාර්යබහුල වී සිටින රාජගුරු , පසුගිය දිනෙක මුහුණ පෑවේ හරිම අකරතැබ්බයකටයි. ඒ සිදුවීම වුණේ ඔහුගේ උපන් දිනය දාමයි. රාජගුරු ගේ උපන් දිනය යෙදී තිබෙන්නේ මැයි දහනවය දිනටයි. එහෙත් පසුගිය මැයි දහනවය දා නම් ඔහුට තම උපන් දිනය රිසිසේ ගත කරන්න ලැබිලා නැහැ.හේතුව ඔහු එදින පුරාම සිටියේ වැලිකඩ බන්ධනාගාරයේවීම. රාජගුරු මහත්තයාට සුබපතන්න බොහෝ දෙනෙකු කතා කළත් ඔහුගේ දුරකතනයට පිළිතුරු දීලා තියෙන්නෙත් ඔහු නෙවෙයිලු. මේ නිසා හිතවතුන් සෑහෙන්න බය වෙලා, රාජගුරු හදිසියේම හිරේ විලංගුවෙ වැටුණෙ ඇයි කියලා. එත් සැබෑවටම සිද්ධ වුණේ මොකක්ද යන්න දැනගත් පසු හැමෝම සැනසුම් සුසුමක් හෙලුවලු.රාජගුරු වැලිකඩ බන්ධනාගාරයේ ඉඳලා තියෙන්නේ වාසිත සමරනායකගේ කුලුඳුල් චිත්‍රපටයේ දර්ශනයක් වෙනුවෙන්. චිත්‍රපටයේ නම වස්දඬුරාවය. රාජගුරු රඟපාන්නේ සිරිපාල නම් පරිණත සිරකරුවකුගේ චරිතයක්. කෙසේ නමුත් ඔහු නම් කියන්නේ ගෙදර බතට වඩා කල්දේරමේ උයපු බතේ රහ තමන්ගේ දිවට හොඳින් දැනුණු බවයි.- ප්‍රසාද් සමරතුංග
CREATIVE
රොහාන් වැලිවිටපසුගිය දින කීපය තුළ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මිය විසින් ක්ලැරන්ස් ගේ ගීතවල අයිතිය පිළිිබඳව මාධ්‍ය තුළින් කරුණු ඉදිරිපත් කර තිබෙනු මා දුටුවේය.1987 මා විසින් අධ්‍යක්ෂණය කළ ‘සුසීමා’ ටෙලි නාට්‍යයට සංගීතය සැපයීමට මම ක්ලැරන්ස්ට ආරාධනා කළෙමි. මට මතක විදියට ඒ වනවිට ක්ලැරන්ස් වසර 8 පමණ කාලයක් ගීතයක් නිර්මාණය කර තිබුණේ නැත. 80 දශකයේ ‘සුසීමා’ ටෙලි නාට්‍යයක් බටට පත්වුණේ ජනක රත්නායකගේ චිත්‍ර කථාවයි. එම චිත්‍ර කතාව ටෙලි නාට්‍යයක් ලෙස රචනා කරන ලද්දේ මා විසිනුයි. එසේම මෙම ටෙලි නාට්‍යයට ගීත නිර්මාණ කළේ පිටපතට අනුවයි. ක්ලැරන්ස් විසින් ලියන ලද ගීත සියල්ලම මට අවශ්‍ය කළ වචනයි. එසේ නොමැතිව එම පද ඔහු විසින් පෙර රචනා කොට තීන්දු ගත් පද නොවේ.තවද මෙම ටෙලි නාට්‍යයේ නාමාවලිය අඩංගු ගීතය වන ‘දේවතාවන්’ ගීතයේ 50% පද රචනය ජැක්සන් ඇන්තනීගේය. ක්ලැරන්ස් රචනා කළ ‘දේවතාවන්’ ගීතය පටිගත කිරීමේ මැදිරියේදී මාගේ අවසරය මත ජැක්සන් විසින් රචනා කරන ලදී.ඒ පිළිබඳව මෙම ගීත පටිගත කළ ‘සව්සිරිපාය’ ශබ්දාගාරයේ එවකට පටිගත කිරීම් ශිල්පී ලෙස කටයුතු කළ ක්‍රිස්ටි පෙරේරා මහතා සාක්ෂි දරුණු ඇත. ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ජැක්සන් ගායනා කරන ‘රෑ තාරකාවෝ’ ගීතය මා විසින් ලොව ප්‍රකට ‘රෙගේ’ ගීතවල ආයාසයෙන් ක්ලැරන්ස් ලවා සාදාගත් ගීතයකි. මෙම ගීතයේ සංගීත නිර්මාණයට ජෝර්ජ් සේනානායක ද දායක වුණි.මෙම ටෙලි නාට්‍යයේ අඩංගු ගීත හය ක්ලැරන්ස්ගේ හැරුණු විට ගායනා කරන ලද්දේ මා විසින් ටෙලි නාට්‍යය සඳහා තෝරාගත් ජැක්සන් ඇන්තනී, මැණික් කුරුකුලසූරිය සහ ජෝර්ජ් සේනානායක විසිනි. ඔවුන් තිදෙනා ඒ වකවානුව වන විට ගායන ක්ෂේත්‍රයට පිවිස සිටියේ නැත. මෙම ගීත ඔවුන් විසින් ගායනා කළ යුතු බව තීරණය කොට ක්ලැරන්ස්ට දන්වා සිටියේ මා විසිනි. එසේ නොමැතිව මොවුන් ගායකයන් ලෙස තෝරා ගන්නා ලද්දේ ක්ලැරන්ස් විසින් නොවේ.මෙම ටෙලි නාට්‍යයේ අඩංගු මැණික් කුරුකුලසූරිය විසින් ගායනා කරන ‘තටු සලා යන්නෙමි’ ගීත 05 මාගේ අනුදැනීමකින් තොරව ක්ලැරන්ස් විසින් ධම්මිකා වල්පොල ලවා ගායනා කරවන ලදී. ධම්මිකා විසින් ගායනා කරන ලද ගීතය ටෙලි නාට්‍යයට භාවිත නොකිරීමටත් එම ගීතය ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ මැණික් කුරුකුලසූරිය ලවා ගායනා කිරීමටත් තීරණය කරන ලද්දේ මා විසිනි.මෙම ගීත සඳහා වාදනයෙන් සහාය වූ සියලුම වාදක ශිල්පීන්ට සව්සිරිපාය ශබ්ද පටිගත කිරීමේ මැදිරියට ගෙවීම් කරන ලද්දේ ‘සුසීමා’ ටෙලි නාට්‍යයයේ නිෂ්පාදක ඒ. එස්. පී. ලියනගේ මහතා විසිනි. විශේෂයෙන්ම කිව යුත්තේ ක්ලැරන්ස් මෙම ටෙලි නාට්‍යයේ ගීත සඳහා පමණක් සංගීතය සැපයූ බවයි. පසුබිම් සංගීතය නිර්මාණය කරන ලද්දේ රංජිත් පීරිස් සහ ජෝර්ජ් සේනානායක විසිනි.ඔවුන් දෙදෙනාගේ නම් මා ටෙලි නාට්‍යයේ නාමාවලියට ඇතුළත් නොකළේ කැලැරන්ස් විජේවර්ධන නමැති ශ්‍රේෂ්ඨ සංගීතවේදියාට කරන ගෞරවයක් ලෙසය. ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ගීත විශාල මුදලකට ශීලා විජේවර්ධන විසින් නොයෙකුත් ආයතනවලට සහ පුද්ගලයන්ට අලෙවි කර තිබේ. ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ගීත මාගේ බුද්ධිය භාවිත කරමින් නිෂ්පාදන ඒ. එස්. පී. ලියනගේ මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් ක්ලැරන්ස් විජේවර්ධන ලවා නිපද වූ ගීතය. එම ගීතවල අයිතිය ශීලා විජේවර්ධනට අයිතිය කියා ඒවා විකුණා අයථා ලෙස මුදල් ඉපැයීමට ශීලා විජේවර්ධනට කිසිිම අයිතියක් නැත.මෙසේ ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ගීත අලෙවි කිරීම වහාම නතර කළ යුතු අතර මෙතෙක් එම ගීතවලින් උපයන ලද මුදල මෙරට කලාකරුවන්ගේ සුභසිද්ධිය සඳහා භාවිත කිරීමට ජනාධිපති අරමුදලට ලබා දිය යුතුª බවත් මම මෙයින් දන්වා සිටිමි.එසේම මෙම ගීත මුදල් ගෙවා ගායනය කිරීමට අවසරය ලබාගත් අය සිටී නම් මා වෙත දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටිමි. එසේම ක්ලැරන්ස් විජේවර්ධන නැමැති ශ්‍රේෂ්ඨ සංගීතවේදියා මෙරට බිහි නොවූයේ නම් දේශීය සංගීතය තවමත් ඉන්දීය ආභාසය ලබන බව නොරහසකි. එවන් උතුම් පුද්ගලයකුගේ නිර්මාණ අනාගත පරපුරට රස විඳීමට සහ පරිහරණය කිරීමට ඉඩ නොදීම මහ දවල් අමු අමුවේ අනුන්ගේ බුද්ධිමය දේපළ මංකොල්ල කෑමකි.මෙම ලිපිය මා මාධ්‍යය වෙත ඉදිරිපත් කරන්නේ ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ගීතවල අයිතිය ලබාගෙන මුදල් උපයීමට නොව ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිළිබඳව කටයුතු කරන බලධාරීන්ගේ සහ කලාවට ලැදි ජනතාවගේ දැනගැනීම සඳහා පමණි.අනිල් භාරතී, ඇනස්ලි මාලේවන, ලාංකිකා පෙරේරා, ඉන්ද්‍රාණි පෙරේරා, මරියසෙල් ගුණතිලක වැනි ශ්‍රේෂ්ඨ ගායක ගායිකාවන්ට සිදු වී තිබෙන අසාධාරණය දකින විට ශ්‍රීී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය වෙනස් විය යුතු වේ යයි මා සිතමි.
CREATIVE
අප නිළි රැජන මාලිනී ෆොන්සේකා යළිත් වරක් දේශීය සිනමාවට ජාත්‍යන්තර කීර්තිය අත් පත්කර දෙමින් ප්‍රංශයේ ඩොවිලි ඒෂියා සිනමා උළෙලේදී බුහුමනට පත් වුූවාය. වසර පනහකට ආසන්න ඇයගේ සිනමා රංගනය ජාත්‍යන්තරයේ පවා ඇගැයීමකට ලක් වනුයේ වරක් දෙවරක් නොවේ.දහසය වැනි ඩොවිලි ඒෂියා සම්මාන උළෙලේදී මාලිනී වෙනුවෙන් යාවජීව සිනමා සම්මානය පිරිනැමුණු අතර එහිදී ඇයගේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් ද පැවැත්විණ. එහිදී ඇය සම්මානය දෝතට ගත්තේ ඩෙවිලි නගරයේ නගරාධිපතිගේ සුරතිනි.මාලිනී මේ ලද සම්මානය වෙනුවෙන් සරසවිය අප ද ඉත සිතින් සුබපැතුම් එක් කරමු. 
CREATIVE
රංගන ශිල්පීචන්දික නානායක්කාර‘මැද ගෙදර’, ‘වාසුලි කන්ද’, ‘ස්නේහා’ කියන ටෙලි නාට්‍ය ත්‍රිත්වයෙන්ම මම මගේ රසිකයන් අතර සැරිසරනවා. ඒ චරිත සඳහා මට ලැබෙන ප්‍රතිචාරත් එමටයි. අවුරුද්දත් ළඟ නිසා බොහෝ චැනල්වලින් කල් ඇතුව කරන වැඩසටහන් සඳහාත් ආරාධනා කිහිපයක් ලැබුණා. ඒ කටයුතුවලටත් සහභාගි වන ගමන්ම මම වාසිත සමරනායකගේ අලුත්ම ටෙලි නාටයයේ රූගත කිරීම් සඳහාත් සහභාගිවීමට නියමිතයි. හැමෝටම වගේම ජීවිතයේ විශේෂිත දිනයක් වන උපන් දිනය දවසේ ගිය වසරේ වගේ මේ වසරේත් මම ඉන්නේ නුවරයි. ඒ වාසිතගේ ‘කුරුලු පිහාටු’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගිවීමට ඇති නිසයි. මෙවරත් මගේ උපන් දිනයට මම ගෙදර නැති වුණත්, අම්මා ඇතුළු පවුලේ හැමෝම එකතු වෙලා වැඩිහිටි නිවාසයට දානයක් දෙනවා. මම ප්‍රතිපාදන සපයනවා.
CREATIVE
රංගන ශිල්පිනීනයනා හෙට්ටිආරච්චිමම පසුගිය දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකට සහභාගී වුණා. “වරිගපොජ්ජ” හා “සක්කාරං” චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන “හිමකඳු” නාට්‍යයටත් එකතු වුණා. ඊට අමතරව මඟුල් ප්‍රස්ථාව, “එළොව ගිහින් මෙලොව ආව“, “පබාවති” යන වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් එක් වෙනවා.
CREATIVE
කලකට පසුමහේෂ් ජයසිංහ හමු වීහොඳට දැකල පුරුදු මුහුණක්.කවුද මේ? කඩියා නේද? ඔව්. අපේ සිනමා ලෝකයේ විකට නළු හා ගායන ශිල්පී මහේෂ් ජයසිංහ කාලෙකට පසුව සරසවියට ඇවිත්.ඉතිං කොහොමද? මොනවද අලුත් විස්තර?ගොඩක් හොඳින් ඉන්නවා. රිය අනතුර නිසා කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියා. පසුව මම ව්‍යාපාර අංශයට යොමු වුණා. ඒ අතරතුරේදි තමයි සුනිල් සෝම පීරිස්ගේ වැඩ බැරි ටාසන් 2 හි චරිතයකින් නැවතත් ක්ෂේත්‍රයට ආවේ.ව්‍යාපාර නිසා කලාවෙන් ඈත් වන්නට සිදු වෙයි ද?ඇත්තටම මගේ ජීවිතයේ දියුණුවක් ලබා ගත්තේ ව්‍යාපාරයෙන්. ඒ නිසා තමයි මම ගෙවල් දොරවල්, යාන වාහන සියලු දේ ලබා ගත්තේ. ඉඩම් ගනුදෙනු තමයි මම කරන්නේ. රඟපාන්නත් ආරාධනා ලැබුණොත් ඒ ගැන සලකලා බලනවා.ඔබ ක්ෂේත්‍රයට පැමිණි දා සිට මේවන තෙක් රඟපෑවේ විකට චරිත. මේ ඒකාකාරී බවෙන් මිදෙන්න කැමැති ද?මේ වන තෙක් මට ලැබුණෙම විකට චරිත. මම ජෝසප් සෙනෙවිරත්න, හියුගෝ ප්‍රනාන්දු සිට බන්දු සමරසිංහ දක්වාම බිහි වූ විකට නළුවන් සමඟ රඟපාලා තියෙනවා. වෙනස් චරිතයක් කරන්න ආසයි. ඒත් ලැබුණේ නැහැ. කවදා හරි මමම චිත්‍රපටයක් නිෂ්පාදනය කරල ඒකේ ප්‍රධාන චරිතය රඟපානවා. ඒ චිත්‍රපටය එක දවසක් චිත්‍රපට ශාලාවල පෙන්නුවත් කමක් නැහැ.විකට නළුවෙක් වුණ ඔබ සැබෑ ජීවිතයේදීත් විකටයෙක් ද?සැබෑ ජීවිතයේදී විකටයෙක් නම් නෙවෙයි. ව්‍යාපාරිකයෙක් විදියට මිනිසුන් සමඟ ගනුදෙනු කරන්න ඕනෑ. එවිට විකටයෙක් වෙන්න බෑනේ.ඔබ ඉතාම ආසවෙන් රඟපෑ චිත්‍රපට?නැව ගිලුනත් බෑන්චූන්, නොම්බර 17, කම් ඕ ගෝ චිකාගෝ, නරලොව හොල්මන්, හොඳ හොඳ සෙල්ලම්.ගායකයෙක් විදියටත් ප්‍රසංගවලට එහෙම සහභාගි වෙනවාද?එතෙර ප්‍රසංගවලටත් ආරාධනා ලැබුණා. එහි සංවිධායකයන් විසින් මගේ පාස්පෝර්ට් එකේ කොපියකුත් අරගෙන ගියා. මාස 2 කට පස්සේ මම ඒ ගැන හොයලා බැලුවමයි දැනගන්නට ලැබුණේ, මගේ පාස්පෝර්ට් එක විදේශ ගත වෙලා කියලා. මට නම් යන්න අවස්ථාව ලැබුණේ නැහැ. මගේ පාස්පෝර්ට් එකෙන් වෙන කෙනෙක් එම ප්‍රසංගයට ගිහින්. ඒ තරමට ක්ෂේත්‍රයේ කැපිලි තියෙනවා.ඔබ කෂේත්‍රයට පැමිණි කාලය සහ වර්තමානය අතර කාලයේදී සිනමාවේ තත්ත්වය මොන වගේ ද?ඉස්සර කාලේ වගේ නෙවෙයි. දැන් කාලේ වෙනස්. ඒ කාලේ චිත්‍රපටයක් දින 100 ක් විතර පෙන්වනවා නේ. ඒ කාලේ චිත්‍රපටයක රඟපාන්නත් ආසයි. අධ්‍යක්ෂවරුන් සමඟ වුණත් වැඩ කළේ හරිම සතුටින්. අද තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.පවුලේ තොරතුරුත් කියමු?බිරිය ඉරේෂිකා ප්‍රනාන්දු. දරුවෝ තුන් දෙනයි. පුතා ඉරේෂ් ජයසිංහ සංගීත අධ්‍යක්ෂවරයෙක්. එක දුවක් ඩිඑෆ්සිසි බැංකුවේ සේවය කරනවා.අනෙක් දුව උසස් පෙළ අධ්‍යාපනය හදාරනවා. අපි හැමෝම සමඟියෙන් විනෝදයෙන් ඉන්නවා.අනාගත බලාපොරොත්තු ගැනත් කිව්වොත්?දුවටයි, පුතාටයි ගායන හැකියාව තියෙනවා. ඔවුන්ගේ ගීත ඇතුළත් සී. ඩී. තැටියක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි කවදා හරි චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. ලංකාවේ ඉන්න විකට නළුවන් සියලුම දෙනා ඒ සඳහා සහභාගි කරගන්න බලාපොරොත්තු වෙනවා.යතේජා ඥානරත්න
CREATIVE
ඔහු අනගි සිතුවම් මවන පරිගණක සිත්තරෙකි. ඔහුගේ නිර්මාණශීලී හැකියාවෙන් බිහි වූ බොහෝ නිර්මාණ අපට අතිශය සමීප වුවත් මේ චරිතය අපේ ඇස ගැටුණේ නැති තරම්ය. පරිගණකයත්, නිර්මාණශීලී හිතත්, ඒ හා බැඳුණු පරිණත බුද්ධියත් එක්කාසු කරගත් හෙතෙම විය නොහැකියයි සිතෙන ඇතැම් දෑ සජීවිකරණය කරන්නට උපන් කෙනෙකි.ඒ නිසාම පසුගිය දා පැවැති රූපවාහිනී සම්මාන උළෙලේ දී මේ තරුණ ශිල්පියා හොඳම පරිගණක සජීවිකරණ ශිල්පියාට හිමි තැන තමාගේ කරගත්තේ නිතරගයෙනි. අප දිනපතා දකින පරිගණක සජීවිකරණ අත්දැකීම් ඉතාමත් සූක්‍ෂමව නිමවන හෙතෙම ඩන්ස්ටන් මන්ජුන නම් වන්නේය.මේ ඩන්ස්ටන් හා සරසවිය හමු වූ මොහොතකි.අපි මේ කතාබහ මුල සිටම කතා කරමු.කුඩා කාලයේ ඉඳළම පරිගණකය ආශි‍්‍රත නිර්මාණවලට මගේ තිබුණේ පුදුම කැමැත්තක්. ඒ නිසාම උසස් පෙළ විභාගයෙන් පසුව මම පරිගණක සජීවිකරණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. ඉන් පස්සේ සසින්ද කාරියප්පෙරුම ගුරුවරයා සමඟ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණා ඉන්පසුව සිසිල් රත්නායක මහතාගේ මඟ පෙන්වීමෙන් 2003 වසරේ දී සිරසT.Vසමඟ සම්බන්ධ වුණා.මේ කාලයේ දී මට නිර්මාණකරන්නට උපන් ආශාව දිනෙන් දින දලුලා වැඩෙමින් තිබුණා. ඒ නිසාම නව නිර්මාණ වෙනුවෙන් කාලය කැප කළේ ඉතාමත් ආශාවෙන්.මේ කාලයේ දී මා අතින් නිර්මාණය වූ News 1st සජීවිකරණ ලාංඡනය සඳහා රාජ්‍ය සම්මාන උළෙලේ දී හොඳම සජීවිකරණ ශිල්පියාට හිමි සම්මානය හිමිවුණා. ඒ 2006 වසරේ දී. ඒ වගේම සිරස Weekend Tv වෙනුවෙන් නිර්මාණය කළ තේමාව හොඳම පරිගණක සජීවිකරණය වෙනුවෙන් නිර්දේශ වුණා. ඒ වගේම Yes Fm හි Urban challenge වැඩ සටහන ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කළ ප්‍රචාරක පටය සම්මාන සඳහා නිර්දේශ වුණා.මේ කටයුතු අතරතුර සිරස සුපර් ස්ටාර්, සිරස කුමරිය, සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහන් සඳහා සජීවිකරණ කටයුතු වලින් සම්බන්ධ වුණා. සිරස රූපවාහිනියේ කටයුතු කරන කාලයේ දී කාව්‍යා, සිහින වසන්තය වැනි ටෙලි නාට්‍යවල නාමාවලි සජීවිකරණය කරන්නට හැකි වුණා.ඉන් කලකට පසුව මම සියත T.V සමඟ සම්බන්ධ වුණා. ඉදිරිපත් කිරීමේ අංශයේ කළමනාකාරවරයා විදිහට සියතට සම්බන්ධව නිර්මාණ කටයුතු රැසක් කළා. සියත නිල ලාංඡනය නිර්මාණය කළේත් මේ අතරතුර.ඉන් පසුව සම්බන්ධ වුණේ ස්වාධීන රූපවාහිනී සේවයට. රන් සමනලයෝ, මුතු පිහාටු වැනි ටෙලි නාට්‍යවල නාමාවලි සජීවිකරණ කටයුතුවලට අවස්ථාව උදාවුණා. නුවර පෙරහැර පූර්ව ප්‍රචාරක පටයත් මා අතින් නිර්මාණය වූවක්.මෙවැනි අවස්ථා හරහා කෙටි සාර්ථක දුරක් එන්නට මට හැකිවීම සතුටක්. සම්මානය ලැබීම වගේම හැකියාවන් අගැයීම මට ලොකු ශක්තියක්.පරිගණක තාක්‍ෂණික හැකියාවට අමතරව මෙම විෂයට නිර්මාණශීලී භාවිතය වගේම චිත්‍ර පිළිබඳ හැකියාවත් තිබිය යුතුයි නේද?ඔව්, මම ඉගෙන ගත්තේ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ. ඒ කාලයේ චිත්‍ර කලාවට මං තදින්ම ඇලුම් කළා. ඒ වගේම චිත්‍ර ඇඳීමට මට හොඳ හැකියාවක් ද තිබුණා. දිය සායම්, තෙල් සායම් වැනි මාධ්‍ය ඔස්සේ මං චිත්‍ර නිර්මාණය කළා. ඒ චිත්‍ර සඳහා හොඳ අගැයීමක් ද ලැබුණා. සිතිවිලි ශ්‍රී ලංකා වැනි තරගවලින් මට සහතික හිමිවුණා. ඒ වගේම බුද්ධශාසන අමාත්‍යාංසය මඟින් 1992 වසරේ පැවැත් වූ චිත්‍ර තරගයෙන් මට දෙවැනි තැන හිමිවුණා.මේ වර්ධනය කරගත් හැකියාවන් එදාට වඩා අදට මට ඉතාමත් වටිනවා. හොඳ පරිණත නිර්මාණ ශිල්පියකුට චිත්‍ර පිළිබඳ අවබෝධය තිබිය යුතුයි.ඔබ කලා පවුලක පුරුකක්?මගේ තාත්තා කලා භූෂණ ගෝමස් හේවා. එතුමා ටවර් හෝල් යුගයේ නාට්‍ය ශිල්පියෙක්. මගේ අම්මා චිත්‍ර කලා ගුරුවරියක්. නිර්මාණශීලී පරිසරය මට හිමි වුණේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. ඒ ලැබූ ආභාෂය තුළ මම අදටත් ජීවත් වෙනවා.මොකක්ද ඇනිමේෂන් කියන්නේ කියලා කෙටියෙන් කියමුද?මේක ඇත්තටම ප්‍රායෝගිකව විය නොයුතු දෙයක්. හුදු මවා පෑමක්. නිර්මාණශීලිත්වය හා තාක්‍ෂණය එක්වූ දැවැන්ත නිර්මාණයක්.මේ වෘත්තිය ගැන ඔබ තෘප්තිමත් ද?වෘත්තියකට වඩා මේ නිර්මාණ ඇතුළේ මම ජීවත් වෙනවා. මම කරන නිර්මාණයක් නැවත නැවත බලලා විඳින සතුට අපමණයි. වෙන වෘත්තීන් වගේ නෙවෙයි කලාව තුළ ජීවත්වීම කියන්නේ හරිම වාසනාවක්.ඉදිරිය මොනවගේ වේවිද?දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්‍ෂවරයෙක් වීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මං ඉන්න ක්‍ෂේත්‍රයෙ උපරිම තැනක කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.නවකයන්ට මොනවද කියන්න තියෙන්නේ?ඇත්තටම මේ කටයුත්ත භාවනාවක් වගෙයි. එක මොහොතින් නිර්මාණයක් කරනවා වෙනුවට තමන්ගේ අදහස් ගොනු කරමින් ක්‍රමාණුකූලව නිර්මාණ කිරීම සාර්ථකත්වයට මඟ කියාවි.චතුර ගීතනාත් බණඩාර
CREATIVE
රංගන ශිල්පිනීචම්පා ශි‍්‍රයානිපසුගිය කාලයේ මම කලා කටයුතු වෙනුවෙන් ලොකු කාලයක් වැය කළේ නැහැ. දියණියන් දෙදෙනාගේ කටයුතු බලාගෙන බොහොම සතුටින් කාලය ගත කරන්නේ. මගේ ලොකු දුව පසුගිය දා පළමු පන්තියේ සාමාර්ථයකින් උපාධිය ලැබුවා. ඒ වගේම ඇය බැච් ටොප් වුණා.ඒක මගේ ජීවිතයේ ලැබූ ලොකුම ජයග්‍රහණයක්. ගෙදර සහ දරුවන්ගේ කටයුතු නිසා මම ලොකු කාලයක් වැඩ කළේ නැහැ. සමහරු නම් කිව්වේ ඒක අපරාදෙ කියලා. ඒක එහෙම නැහැ. මගේ දරුවො වෙනුවෙන් මම ඔවුන් ළඟම හිටියා. පොඩි දුවට දැන් අවුරුදු දහතුනයි. ඔවුන්ගේ ජයග්‍රහණය තමයි මගේ සතුට.මේ දවස්වල පි‍්‍රයාල් වීරසිංහගේ අලුත් ටෙලි නාට්‍යයකට සහ සුනෙත් මාලිංග ගේ මිල්ලෑවේ වලව්ව කියන ටෙලි නාට්‍ය දෙකට දායක වුණා. පිටපතක් සහිත මට හොඳයි කියලා හිතෙන චරිතයක් ලැබුණොත් ඉදිරියේ දී තවත් නිර්මාණ කටයුතුවලට දායක වෙන්න කැමැතියි.
CREATIVE
යංග් ටැලන්ට් තීරුවෙන් අද ඔබට හදුන්වා දෙනු ලබන්නේ ජාතික යෞවන සම්මාන 2012 ප්‍රදානෝත්සවයේදී නිපුණ යෞවන සමාජය , කළුතර දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත නියෝජනය කරමින් පහතරට නැටුම් ඒකල කාන්තා අංශයේ දී සම්ප්‍රදායික නර්තන අංගයක් වන, ශ්‍රද්ධ මාත්ත්‍රා නර්තන අංගය ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත් කළුතර පදිංචි එස්.රුවනි තක්ෂිලා පිළිබඳවයි.වයස අවුරුදු 10 දී රුවනි නර්තනයේ මුල් අත්පොත් තබන්නීය . නෘත්‍ය ප්‍රදීප කලායතනයේ ටයිටස් පෙරේරා ගුරුවරයා යටතේ උඩරට, පහතරට, කථක් නර්තනයන් ප්‍රගුණ කර, 2002 වසරේදී ශ්‍රී සංඛ ප්‍රදීප කලායතනයට බැඳි යු. ඩී. මහේෂ් ප්‍රියංක ගුරුවරයා යටතේ නර්තනය හදාරා 2003 අගෝස්තු 02 වන දින කලඑළි මංගල්‍යයක් පවත්වා පාහිම්පත් තබා ඇත.කළුතර අගමැති බාලිකා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයන් සඳහා නර්තනය විෂයයක් ලෙස හදාරා ඉහළ ප්‍රතිඵල ලබමින් 2008 වසරේ දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උඩරට ,පහතරට ,සබරගමු ,කථක් ,මණිපූරි සහ වෙනත් විෂයන් කිහිපයක් හදාරාප්‍රාසංගික කලා විශේෂවේදී උපාධියක් සහිතව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ.රංග කලා කේන්ද්‍රය සහ එහි අධ්‍යක්ෂ මහාචාර්ය එන්.එම්.සවරි පියතුමා ඇයට තවත් විශේෂිත ගුරුවරයකු වූයේ නර්තනය, ගායනය,නාට්‍ය යන කලා හැකියාවන් වර්ධනය කර ගැනීමටත් ලංකාව පුරා විසිර තිබෙන්නා වූ රංග කලා කේන්ද්‍ර මඟින් පවත්වනු ලැබූ නාට්‍ය වැඩමුළු, නර්තන ප්‍රසංග, තරගාවලි සඳහා ඉදිරිපත් වී බොහෝ අත්දැකීම් සහ හැකියාවන් වර්ධනය කර ගැනිමටත් අවස්ථාව වුදා වුණු හෙයිනි.පානදුර රංග කලා කේන්ද්‍රයේ 2007 වසරේ දක්ෂතම නර්තන ශිල්පිනිය වූ රුවනි අද එම ආයතනයේ පානදුර ශාඛාවේ නර්තන ගුරුවරියක ලෙස වසර 4ක් පුරාවට කටයුතු කරයි.2006 වසරේදී ජර්මන්, ඕස්ට්‍රියාව, පැරිස්, ඉතාලිය වැනි යුරෝපීය රටවල් කිහිපයකටත්, 2008,2011 , වර්ෂ වලදී ඉන්දියානු සංචාර කිහිපයකටත් සහභාගි වී දේශීය සංස්කෘතිකාංග ලොවට පෙන්වීමට ද ඉඩ හසර උදා කරගෙන ඇත. .2008 වසරේදී ජාතික තරුණ සේවා සභාවේ නර්තන පුහුණු පාඨමාලාව සම්පුර්ණ කළ රුවනි ට මහරගම තරුණ සේවා සභාවේ විශේෂ නර්තන කණ්ඩායමටඇතුළත් වීමේ වරම් ලැබිණි.දැනට ඉන්දියානු කථක් නර්තනය ප්‍රගුණ කරමින් දෙවන අදියරෙහි නියැළී සිටින රුවනි Latin,Jive,Cha-Cha,BaLL Room, Free Style,බටහිර නර්තන ශෛලීන් ද හදාරා ඇත.හයිඩි , සාමයේ විල්තෙර , භවාන්තරණ , අශ්ව පැටියගේ නුවණ , බිදුම , අශෝකා , දර්ශනා යන වේදිකා නාට්‍ය හා සිංහල,දෙමළ එකතුවෙන් කළ මුද්‍ර නාට්‍ය,හුරුළු වහල , විල් බැදි දනව්ව යන ටෙලි නාට්‍ය මෙන්ම මහින්දාගමනය සිනමා පටයේද රුවනි රංගනයෙන් දායක වී ඇත.ජාතික යෞවන සම්මාන 2012, පහතරට නැටුම් ඒකල කාන්තා තරග අංශයෙන් ප්‍රථම ස්ථානය , එම තරගයේ ම උඩරට නර්තන ඒකල කාන්තා අංශයෙන් පස්වන ස්ථානය ,2011- රාජ්‍ය නර්තන තරගාවලිය (සමුහ) ප්‍රථම හා දෙවන ස්ථානය , 2005- පාසල් සමස්ත ලංකා නැටුම් හා මුද්‍ර නාට්‍ය තරග දෙවන ස්ථානය , 2002 දී ප්‍රථම ස්ථානය ,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පැවැත් වූ 2006-2007 ප්‍රවේනි නර්තන තරගාවලියේදී ( විවෘත හා සමුහ ) ප්‍රථම ස්ථානය , දෙරණ ඛ්ඪබර ධට ච්චදජඥ තරගයේ ඉඥචඵධද-1 තරග වටයේ 5වන ස්ථානය , ඇතුළුව ජයග්‍රහණ රැසක් දිනා ගෙන තිබේ .තමන් ඉගෙන ගත් දෑ සහ ලද අත්දැකීම් තුළින් ගොඩනගාගත් දක්ෂතා එක්තැන්කොට අපගේ සංස්කෘතිය රැකෙන අයුරින් නව නිර්මාණයේ යෙදෙමින් ඊළග පරම්පරාවටනර්තනය කියා දීම රුවනිගේ බලාපොරොත්තුවයි.තමන් ආ මේ ගමන් මග සාර්ථක කරලන්නට උපකාර වූ පාසලේ දී නර්තනය කියාදුන් චන්ද්‍රානි , නාමලී , දේවිකා යන ගුරු මෑණිවරුන්ටත් , කලායතනවල ගුරු පියවරුන්ටත්අම්මා එස්. රනසිංහ , තාත්තා එන්.ප්‍රදීප් , තරගයන් සදහා ඉදිරිපත් වීමට උදව් කළ සැමටත් , විශ්වවිද්‍යාලයේ සියලු ගුරුවරුන් ටත් ඇය ස්තූති කළාය.තිස්ස ධම්මික
CREATIVE
බ්‍රිට්නි ස්පියර්ස් තමන්ගේ ජීවිත කතාව සිනමාපටයකට නැගෙනවාට දැන් සිටම කැමැත්තෙන් පසුවන්නීය. ඇය සිය චරිතය නටාලි පෝට්මන් විසින් රඟනු දකින්නට කැමැතිය. තිස් එක් හැවිරිදි බ්‍රිට්නි තමන්ගේම වයසේ පසුවන නටාලි චරිතය රඟනු දැකීමට කැමැති වීම පුදුමයක් නොවෙයි.දෙදෙනාම ඉපදී ඇත්තේ 1981 වසරේදීයි. බ්‍රිට්නි පොප් ගී ලොවේ කුමරියයි. සංගීත ලොවේ සරාගීම තාරකාව වන ඇය පසුගිය වසරේ වැඩිම මිලක් අය කළ ගායිකාව ලෙස ෆෝබ්ස් සඟරාව මඟින් නම්කර තිබිණි. ඇයගේ ආදායම ඩොලර් මිලියන පනස් අටක් විය. දෙදරු මවක් වන බ්‍රිට්නි දැන් ජීවත් වෙන්නේ තෙවැනි සැමියා සමඟයි.ග්‍රැමී සම්මාන, එම්ටීවී වීඩියෝ සංගීත සම්මාන, බිල්බෝඩ් සංගීත සම්මාන ගණනක්ම බ්‍රිට්නිගේ හැකියාවට පිරිනැමී තිබේ. නටාලි පෝට්මන් ද සම්මානනීය නිළියකි. 2011 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිළිය ඇයයි. ඇය එක් දරු මවකි. බෙන්ජමින් මිලේපීඩ් ඇයගේ සැමියායි.නටාලිගේ අලුත්ම සිනමා රංගනය ‘තෝර් : ද ඩාර්ක් වර්ල්ඩ්’ සිනමා පටයේ ජේන් ෆොස්ටර් ලෙස නුදුරු අනාගතයේදී දකින්නට ලැබෙනු ඇත. ඇය වර්තමානයේ වැඩිම ඉල්ලුමක් ඇති තාරකාවකි.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
සායිෆීනා රාජධානිය ගොඩ නැගෙන්න ඇත්තේ තව දින කිහිපයක් පමණයි. ෂර්මිලා තාගෝර්, කරීනාගේ නැන්දණිය පවසන අන්දමට ඔක්තෝබර් 16 වැනි දිනට ඒ සුබ දිනය යෙදී තිබේ.දෙදෙනා තෝරා ගෙන ඇත්තේ උසාවියේ ලියා පදිංචි කරන විවාහයකි. (සාම්ප්‍රදායික විවාහයක් නොවෙයි). සැප්තැම්බර් 12 වැනිදා බන්ද්‍රාහී විවාහ ලියා පදිංචි කිරීමේ කාර්යාලයට ගිය සායිෆ් විවාහ අයදුම්පත ගොනුකර තිබේ. ඉන් පසුව එළැඹෙන දින තිහේදී දෙදෙනා නීතියෙන් විවාහ විය යුතුමය.කරීනා නම් පවසන්නේ දැනටමත් ඇය සායිෆ් සමඟ විවාහ වී අවසන් බවය. එහෙත් ඒ ඇයගේ සිතින්ය.කරීනාගේ විවාහයෙන් පසු තිරගත වන පළමු සිනමාපටය වනු ඇත්තේ අමීර් ඛාන්ගේ ‘තලාෂ්’ය. එහි තරු නාම ලේඛනයේ කරීනා කපූර් ඛාන් ලෙස ඇයගේ නම සඳහන් වීමට බොහෝ දුරට ඉඩ ඇත.විවාහය නිසා කරීනාගේ (බෙබෝගේ) ජීවිතයේ කිසිදු වෙනසක් සිදු නොවෙයි. ඇයගේ වාසගම, ආගම මේ කිසිවක් වෙනස් නොකිරීමට තරම් සායිෆ්ගේ ආදරය ප්‍රබලය. එහෙත් විවාහයෙන් පසු තම උපන් වාසගම ළඟට ඛාන් වාසගම එක්කර ගැනීමට කරීනා බලාපොරොත්තු වන්නීය.ඇයගේ නම කරීනා කපූර් ඛාන් වන්නේ ඒ අනුවය. ත්‍රිත්ව ‘කේ’ (ට්‍රිබල් කේ) සිනමාවේදී ඇයගේ නම වඩාත් බබළවයි.කපූර් වාසගම භාරත සිනමාවේ බලසම්පන්න කපූර් පරපුරෙන් ඇයට උරුම වූවකි. ඛාන් වාසගමත් සුළුකොට තැකිය නොහැක්කේ සායිෆ් යනු ෂර්මිලා තාගෝර් නම් ජනකාන්ත නිළියගේ එකම පුතු නිසාය.එමෙන්ම ඛාන් පතාවුදි අල් නවුබ් නම් වංශවත් පෙළපත් උරුමය ද ඒ පරපුරට හිමිය.කරීනා පවසන අන්දමට ඔවුන්ගේ විවාහය ඉන්දියානු රාජ්‍ය සභාවේ පවා වාද විවාද ඇති කරන මාතෘකාවකි. සායිෆ් කරීනාට වඩා දස වසරකින් වැඩිමල්ය. දෙදෙනා ආගම් දෙකකය.වසරේ මහා මංගල්‍යයය ‘සායිෆීනා’ මංගල්‍යයයි. එනිසා දෙපාර්ශවයම කාර්යබහුලය. සායිෆ් සියලු සිනමා කටයුතු අතරේ එංගලන්තයට ගියේ මංගල ඇඳුම මිල දී ගැනීමටයි.කරීනා සිය තිස් දෙවැනි උපන් දිනය සැමරුවේ සැප්තැම්බර් 21 වැනි දිනය. උපන් දින තිළිණයක් ලෙස එදින ඇය ඉතා කැමැත්තෙන් රඟපෑ, බලාපොරොත්තු අහස උසට නැංවූ ‘හෙරොයින්’ සිනමාපටය ද එදිනම තිරගත විය.එහෙත් කරීනාගේ ‘හෙරොයින්’ ඇයගේ ඥාති සොයුරා රන්බීර් කපූර් රඟපෑ ‘බර්ෆි’ තරමට ආදරයෙන් ප්‍රේක්ෂකයන් පිළිගෙන නැත.රන්බීර් ගොළු, බිහිරි චරිතයක් නිරූපණය කරන ‘බර්ෆි’ 2013 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදෙස් සිනමාපටය යන අංශය සඳහා ද තරග වදින්නට නියමිතය.‘හෙරොයින්’ යාන්තමට වියදම් වූ මුදල පියවා ගනිද්දී ‘බර්ෆි’ පිනුම් ගහන සාර්ථකත්වයක් ලබා ඇත.කරීනා ‘හෙරොයින්’ මාධ්‍ය සාකච්ඡාවලදී විවාහය ගැන මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන්නීය.සිනමාපටය ගැන පමණක් අසන්න යැයි පවසන ඇය විවාහය ගැන පිළිතුරු දීම පවරා ඇත්තේ මව, බබීතාටය. බබීතා ද හැත්තෑව දශකයේ ජනප්‍රිය තාරකාවකි.සියලු කටයුතු මැද කරීනාගේ උපන් දිනය එංගලන්තයේ, දෙදෙනාගේම සුපුරුදු ආදරණීය හෝටලයකදී සැමරීමට සායිෆ් අමතක නොකළේය.කරීනා, තමන් හා සායිෆ් අතර පමණක් පැවැතිය යුතු අතිශයින්ම රහස්‍ය කරුණු පවා නොබියව ප්‍රකාශ කරන්නීය.ඇය පවසන්නේ දෙදෙනා පස් වසරක සිට එක වහලක් යට දිවි ගෙවන බවයි. නීතියෙන් විවාහ වීමෙන් පසු එළැඹෙන උඳුවප් මාසයේදී නව යුවළ ගත කිරීමට බලාපොරොත්තු වන්නේ 250 වැනි මධුසමය බව ද ඇය පවසා ඇත්තේ කවුරුත් පුදුමයට පත් කරමිනි.කෙසේ වුවත් සාම්ප්‍රදායට අභියෝග නොකර උසාවි විවාහයෙන් පසු මූම්බායිහී, ටාජ් හෝටලයේ, මුස්ලිම් චාරිත්‍රයට අනුව විවාහ උත්සවයක් ද පැවැත්වෙනු ඇත. ඉන්පසු බෝපාල්හී මහ ගෙදරට දෙදෙනා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් සිටිති.අන්තර් ජාලයෙනිචම්පිකා දීපානි රණසිංහ
CREATIVE
එක් සමාජ ස්ථරයක සිට සම්පූර්ණයෙන්ම වෙනස් සමාජ ස්ථරයක් ස්පර්ශ කරමින් ද එකිනෙකට වෙනස් ප්‍රේක්‍ෂක පිරිස් කිහිපයක් ග්‍රහණය කරමින් විකාශය වන ‘පියවි’ ටෙලි වෘත්තාන්තය මේ වන විට LMRB දර්ශකයේ ඉහළම දර්ශකයක් රඳවා ගනිමින් වාර්තා ගතවී ඇත.ශ්‍රී ලංකේය ටෙලි නාට්‍ය කලාවේ මග වෙනස් කරමින් ‘පියවි’ සෑම ඉරිදාවකම රාත්‍රී 9.00 ට ස්වර්ණවාහිනියෙන් විකාශය කෙරේ. කොළඹ ඉහළ මධ්‍යම පාන්තික සමාජය නියොජනය කරමින් ඇරඹි ගමනේ මේ වන විට 1989 වසරේ කතරගම ඈත පිටිසර ගමකට ප්‍රේක්‍ෂකයා රැගෙන යාමට මෙම ටෙලි වෘත්තාන්තය සමත් වීඇත. ‘පියවි’ අධ්‍යක්‍ෂණය චාමර ජනරාජ් පීරිස් විසිනි.2010 වසරේ විකාශය වූ ‘අයාල් ’ ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂණය කරමින් ටෙලි නාට්‍ය නිර්මාණයට පිවිසි හෙතම තම ප්‍රථම අධ්‍යක්‍ෂණය සඳහාම එම වසරේ පැවැති සුමති සම්මාන උළෙලේ දී ප්‍රශස්ත විශේෂ අගැයීම් සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය.තවද එම වසරේ දී පැවැති රයිගම් සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම ටෙලි පිටපත සහ හොඳම ටෙලි නාට්‍යය සඳහා වන සම්මාන ත්‍රිත්වයට ඔහුගේ නම නිර්දේශ විය. ‘පියවි’ ටෙලි නාට්‍යයෙන් පසු චාමර ජනරාජ් පීරිස් තවත් වෙනස්ම මගක් ගත් ටෙලි නාට්‍යයක් පුංචි තිරයේ දිග හැරීමට නියමිතය.
CREATIVE
මගේ කාලය වැඩිපුරම ගත වෙන්නේ ‘චක්‍ර’ කියන මගේ ටෙලි නාට්‍යයේ කටයුතු සඳහායි.අගෝස්තු මාසයේ පමණ ස්වාධීන රූපවාහිනියේ විකාශය වීමට නියමිත මේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කොටසක් අවසාන වුණත් අනෙක් කොටසේ වැඩ නැවත ආරම්භ කළ යුතුයි.ඒ සඳහා කටයුතු සංවිධානය කරමින් තමයි මම මේ දවස්වල කාලය ගත කරන්නේ.
CREATIVE
රටේ නායකයාගේ චරිතය රඟන්නට ලැබීම නළුවෙකුට එක අතකින් සුපිරි වරප්‍රසාදයකි. තවත් අතකින් හිස ගසා දමනවාක් වැනි කටයුත්තකි.නළුවාගේ රඟපෑමට නායකයාගේ සිත ගියොත් ඔහුට වාසිය. එහෙත් විරුද්ධ පක්ෂවලින් නම් අවාසිය. මේ අභියෝගය බාර ගැනීමට සූදානමින් සිටින්නේ ප්‍රවීණ නළු පරේෂ් රාවල්ය. ඔහු අගමැති නරේන්ද්‍ර මෝදිගේ චරිතය රඟන්නට සූදානමින් සිටින්නේය.ඒ තමන් හැර අන් කිසිදු නළුවකු ඊට නොගැළපෙන බව ද පවසමිනි. ඉතා ඉක්මනින්ම සිනමාපටයේ රූගත කිරීම් ඇරැඹීමට නියමිතයි.පරේෂ් දැනටමත් මෝදිගේ කැබිනෙට්ටුවේ මන්ත්‍රීවරයෙකි.
CREATIVE
ප්‍රතිචාර වෙත ලියන්නට ඇති අදහස් ‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවන්න.එස්. එම්. එස්. මගින් නම් 0757413731 යන දුරකතන අංකය භාවිත කළ හැකිය.  අප්‍රේල් 30 ට යෙදෙන මාලිනී ෆොන්සේකා නිළි රැජනගේ උපන් දිනය වෙනුවෙනුයි මේ පැදි පෙළ.රැජනිය වෙලා හෙළ සිනමා රජ දහනේ ජනතා ආදරය නොඅඩුව හිමි වූයේ සතුටින් සමරනා මේ සුබ උපන් දිනේ නිදුකින් දිනේවා ආසිරි පැතුම් ගෙනේමාලිනී ජයසිංහ සහ ජයසිංහ පවුලේ සැමජයසිංහ විලා ගැටහැත්ත.නෙත් එෆ්. එම්. නාලිකාවෙන් ප්‍රචාරය වන බැලුන්ගල වැඩසටහන ඉතාම කාලෝචිතය. මාධ්‍ය තුළ අතරමං වන මිනිසුන් වංචාකාරයින්ට හසුවන අයුරුත්, ඉන් බේරා ගැනීමට දැනුවත් කරන මෙය මුලු රටේම ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය යුත්තකි.මල්ලිකා රූපසිංහ - ගනේමුල්ල.පමා වී හෝ ටෙලි නාට්‍යවල ප්‍රමිතිය මැන බැලීමට අදාල බලධාරීන් තීරණය කිරීම සතුටට කරුණකි. සිනමාහලක නැරැඹිය යුතු දේ, නිවසේ ආලින්දයට ගෙන එමින් පවුලේ කාටත් එකට නැරැඹිය නොහැකි ටෙලි නාට්‍ය ගණනාවක් පසුගිය කාලයේ විකාශනය විය.මුල් චරිත අකාමකා දමමින් දිගින් දිගටම විකාශය වන මෙගා නාට්‍ය කෙරෙහිද බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි සිතමි.ඉන්ද්‍රනාත් පී. ගමගේ - ගිනිගල, තල්පේ.රේඛා, ගංගා සහ නිශ්ශංක ඇතුළු ටෙලි සිතුවම් රැසක රඟපාමින් දත් කැකුළු පාලා, දඟයින්ට පමණයි වැනි නාට්‍ය අධ්‍යක්ෂණය කළ හැත්තෑව, අසූව දශකයේ ජනප්‍රිය ගීත රැසක් සිත් ගන්නා සුළු ලයාන්විත හඬින් ගැයූ විරල ගණයේ ගායකයෙක් සහ සංගීත නිර්මාන ශිල්පියකු වූ ලක්ෂ්මන් විජේසේකර නම් වූ ඔබ සඳ කිණිති නැමී, දෑත දෙපාලන, ඇයි තරහින් යන ගීතවල අති සුන්දර මතකයන් ආවර්ජනය කරමින් ලක් හඬ ප්‍රේම තටාකය තුළින් ගයනා අතරේ මා ලැබූ වින්දය කියා නිම කළ නොහැකිය.දූනගහ බටහිර අධිකාරිමුල්ලේඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දුසදා මතකයේ රැඳෙන චරිතවලට ජීවය දුන් අසේල ජයකොඩි කලාකරුවාණෙනි, ඉතා අඩු වයසින් අපව හැර දමා ගියේ ඇයි? මියගිය පසුයි අපි ඔබගේ වටිනාකම දැක්කේ.ශාන්ති බංදුනාථමහනුවර.ගීත කෝකිලා ලතා වල්පොල චිත්‍රපට ක්ෂේත්‍රයේ අදටත් ජනප්‍රිය ගායිකාවකි. ඔබ එදා ධර්මදාස වල්පොල සමඟ ගැයූ ගීත අපගේ හදවත්වල නොමැකී පවතියි. එම ගීත සංරක්ෂණය කළහොත් හොඳයි.  එච්. එල්. තිලකසිරි ද සිල්වාමීටියාගොඩ.නිරෝෂන් විජේසිංහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන අමා ටෙලි නාට්‍යයේ දූලගේ අප්පච්චිගේ චරිතය අපූරුවට රඟපානවා.නන්දසේන ගුනියන්ගොඩමොරවක.සිංහල සිනමාවේ දැවැන්ත යුග පුරුෂයකු වූ හියුගෝ ප්‍රනාන්දු යහපත් ගුණවත් මිනිසෙකු වූ බවත්, ඔහු වියෝ වී මේ වසරට අවුරුදු දහ තුනකි. මෙම හිතවත් මිනිසාව සිහිපත් කිරීම යුතුකමක් වන්නේය.මොරටුව - හිලරි සිරිලාල් ද අල්මේදා/ බ්‍රිජට් සිල්වා  හෙන්රි කල්දේරාගේ ගීත සියල්ලම ඉතා ජනප්‍රිය රසවත් ඒවාය. ‘සන්ෆ්ලවර්’ සමඟ එකල ඔහු ගැයු කැසට් පටය ද ඉතා ජනප්‍රිය විය. ඔහුගේ ගීත දැන් ඇසෙන්නේ ඉතා අඩුවෙනි. වත්මනෙහි ඇසෙන බොළඳ අසාර්ථක ගීත රැල්ල යටපත් කරන්නට නම් මෙවැනි ගීත වගකිවයුත්තන් වැඩි වැඩියෙන් ප්‍රචාරය කළ යුතුය.කපිල ජයවිලාල් හේරත් - කුලියාපිටිය.සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ ඔබගේ කුලුඳුල් සිනමාපටය පරපුර අති සාර්ථක වේවා. ජීවන් දියණි, කමල් පුතු එකතු කොට නිර්මාණය කරන ලද හොඳම චිත්‍රපටය එය වේවා. ක්ලීටස්ගේ පරපුරට ජය.ජාඇල කලඑළිය පාතිමා මාවතේසරත් සේනාධීරප්‍රතිචාර සැකසුම – ප්‍රසාද් සමරතුංගමේ කෙටි පණිවුඩ මඟින් අපට එවූ ප්‍රතිචාරයි.ශ්‍රී ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම පර්පල් රේන්ජ් වේ. ඔවුන්ගේ ඉදිරි ගමන පැහැදිලිය.  රත්නපුරේ - ලක්ෂානිශලනි තාරකා අක්කේ, ඔබ හොඳට නාට්‍යවල රඟපානවා.ඈන්රාගම.අපේ පැරැණි ගායක ගායිතාවන්ගේ ගීත නව පරපුරේ අය විකෘති කිිරීම තරයේ හෙළා දකිමි.සුවිනීතා හෙට්ටිආරච්චි මීගොඩ.‘සිහින පියාපත්’ ටෙලි නාට්‍යය උදාරි නැතිව පාළුයි.සජිත් වසන්තඋඩවල.අලුත් ගෙදර ටෙලි නාට්‍යයේ බින්දුගේ චරිතය රඟපාන ඇල්ෆ‍්‍රඩ් පෙරේරාගේ රඟපෑම විශිෂ්ටයි.දයාරත්න ගනේගොඩකැලණිය.ඓතිහාසික කතාවක් ප්‍රති නිිර්මාණය කිරීම 100% ක් සාර්ථක බවයි මගේ හැඟීම.ලෙස්ලි ජයවර්ධන
CREATIVE
සුමිත් ගෝමස්ගේ ‘දෙයියන්පා මං වයිමා’ කියන වේදිකා නාට්‍යයත් සමඟ රට වටා යනවා බෙන් ටෙන් කාටුන් වැඩසටහනට මගේ හඬ දුන්නා. ඒ අතර ගුවන් විදුලි රූපවාහිනි නාට්‍යවල හඬ කැවීම් කටයුතුවලටත් සහභාගි වෙනවා.
CREATIVE
* ධනංජය සිරිවර්ධන?ඔව් කියන්න.* අපි මේ අහන්න හදන්නේ?මං දන්නවා ඔයාලා අහන්න හදන්නේ මොකක්ද කියලා.* එහෙමනම් කියන්නකෝ බලන්න?මං විවාහ ගිවිස ගත්තා.* හදිසියෙම?හදිස්සියක් නැහැ. මේවා බොහොම කාලාන්තතරයක් තිස්සේ ප්ලෑන් කරපුවා.* කවුද ඇය?ශෂිනි ෆර්ඩිනැන්ඩස්.* කොහොද වැඩ කරන්නේ?ඇය ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක්.* එතකොට පදිංචිය?ශෂිනි විදෙස් ගතවෙලයි ඉන්නේ.* මොන රටේද?ඒවා දැන්ම අවශ්‍ය වෙන්නේ නැහැ.ඇය ලංකාවට ආපු වෙලාවක වැඩි විස්තර ඇයගෙන්ම දැනගන්න.* කොහොමද ශෂිනිව මුණ ගැහුණේ?ඉන්දික මල්ලවආරච්චිගේ ෆොටෝ ෂූට් එකකදියි අපි හමුවුණේ. පළමුව ශෂිනි ඉන්දිකගේ පවුලේ මිතුරියක්.* කොයි කාලේ විතරද?මීට අවුරුදු අටකට විතර කලින්.* ඔබ එතකොට ජනප්‍රිය නළුවෙක් නෙවෙයි?ඔව්. මම කෂේත්‍රයට ආපු කාලෙම වගෙයි ඇය හමුවුණේ.එදා ඉඳලා අද වෙනකම් ඇයත් මමත් හිතවත්කම් පැවැත්වූවා.* පළමු හමුවීමෙන් පසු ඇය ඔබේ මිතුරියක් පමණ වෙන්න ඇති?එහෙම තමයි. අපි ගොඩක් කල් මිත්‍ර සමාගම පැවැත්වූවා.* ඒ මිත්‍රත්වය ආදරයකට පෙරලුණේ?එහෙම දින වකවානු හරියටම කියන්න බැහැ. කොහොම හරි ආදරයකට පෙරලිලා අපේ හිතවත්කම.* ඔබ පසුගිය කාලේ සෑම පුවත්පත් සාකච්ඡාවකදීම කියලා තිබුණේ පෙම්වතියක් නැහැ කියලා. කොහොමද මේ තරම් දක්ෂ අන්දමින් ඔබේ පෙම සැඟ වූයේ?ඇය ඉන්නේ විදෙස් ගතවෙලා. අනික අපි දෙන්නා ඉන්න ෆොටෝස් වැඩිපුර අරගෙනත් නැහැ.අනික පුවත්පත්වලින් පෙම්වතිය ගැන අහන සෑම අවස්ථාවකදීම ඇය මගෙන් තරමක් දුරස් වෙලයි හිටියේ.* හරිම කපටි උත්තරයක් ඔබ දුන්නේ?මං කිව්වේ ඇත්ත. ඒක කපටි උත්තරයක් කියලා මම නම් හිතන්නේ නැහැ.* ඇය මේ දින කිහිපයේ ඔබත් එක්කද ඉන්නේ?නැහැ. ඇය විදෙස් ගත වුණා.කෙටි නිවාඩුවකට ලංකාවට ආපු වෙලාවක තමයි අපි විවාහ ගිවිස ගත්තේ.* ඔබ ඇගෙන් දුටුව විශේෂත්වය මොකක්ද?ගැහැණු ළමයකුට අවශ්‍ය පෞරුෂය ඇයට තිබීම.* ඇයට ඔබව හොඳට විශ්වාසද?මං හිතනවා. නැතිනම් මෙච්චර කල් මගෙත් එක්ක ඉන්නේ නැහැනෙ.* ඔබත් රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුම අතර ප්‍රේම සබඳතා තිබූ බවට පසුගිය කාලේ සෑහෙන්න කටකතා පැතිරුණා.ඇයට ඒවා අදාළ නැහැ.* ඒ කියන්නේ එහෙම සබඳතා තිබුණද ?මං කිව්වේ කටකතා අදාළ නැහැ කියලා.* එහෙනම් කටකතා හැදුණේ?මං බොහෝ වෙලාවට රඟපෑවේ ප්‍රේමවන්තයාගේ චරිතය. ඒ කාලයේදී කැමරාව ඉදිරියේ මං තාත්ත්විකව රඟපානවා. එවා දැකපු ඇතැම් අඥණයින්ට හිතෙන්නට පුළුවන් ධනංජය අහවල් නිළියත් එක්ක යාළුයි කියලා.* සාමාන්‍යයෙන් ඔබට නිළියක් පිළිබඳ ඇත්තටම ආදරයක් පහළ වෙලා නැතිද?තියනවා. හැබැයි ඒ ආදරය සහෝදරත්වය වෙනුවෙන් පමණයි.* හරි, කවද්ද ඔබෙයි ශෂිනිගෙයි විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ?ලබන අවුරුද්දේ විතර.* ඉන් පසු ඇය දිගටම ලංකාවේ ඉඳීවිද?මම ලංකාවේ ඉන්නවද, එයා ලංකාවේ ඉන්නවද කියලා තවම තිරණයක් නැහැ.* සුපුරුදු දඟකාර ධනංජය සිරිවර්ධනමද මින් ඉදිරියටත් සිටින්නේ?නැහැ. ක්‍රම ක්‍රමයෙන් මා තුළ සිටින දඟකාරයා නිද්‍රාශීලී තත්ත්වයට පත්වේවි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - ඉන්දික මල්ලවාරච්චි
CREATIVE
අපේ ගෙදරට අලුත් අමුත්තා ළඟ ළඟම එන ලකුණු මට දැනිණ. මා ඇඳෙහි වැතිරුණේ අසීරුවෙනි. සේනක ද නිවසේ නොමැත. ඉන්නේ හය හතර නොදන්නා පොඩි එවුන් පමණි. මට බියක් දැනිණ. නිදන කාමරයේ විවර වූ දොරෙන් සාලයෙහි වූ බුදු පහන පෙනෙයි. මම සිතින් බුදුන් වැන්දෙමි. වහාම රෝහලට යා යුතුව ඇත. මම සේනකගේ ජංගම දුරකථනයට කතා කළ ද ප්‍රතිචාරයක් නොමැති යැයි ඉන් කියවිණ. ප්‍රමාද නොවිය යුතු බව මගේ සිත මොර ගාන්නට විය. පුතණුවන්ටත්, දියණියන්ටත් මගේ වෙනස තේරුණා වැනිය. කිසිත් කරගත නොහැකි දියණිය කඳුළු පිරි දෙනෙතින් මා දෙස බලා සිටියාය. ඇයව මම තුරුලු කර ගතිමි.‘පුතේ මට වතුර ටිකක්’මම විමසීමි. වචනය පිට වෙන්නටත් කලිින් ගෙට දුව ගිය රුවන් පුතු වතුර වීදුරුව රැගෙන සැනෙන් දුව ආවාය. පොඩි එකා ගැන මහත් ආඩම්බරයක් මගේ සිතට දැනිණ. මම වතුර වීදුරුව ඉක්මනින් බී හමාර කළෙමි. සිඟිතිගේ මුහුණ වහින්නට ළං වූ අහසක් මෙනි.‘අම්මට අමාරු නම් තාත්තාට කියමු’රුවන් පුතු පැවසූයේ පැහිච්ච එකකු සේය.පුතු ගෙනැත් දුන් වතුර වීදුරුව මට මහත් ප්‍රාණයක් රැගෙන ආවේය.‘තාත්තගේ ෆෝන් එක වැඩ කරනනේ නෑ පුතේ’මම නැවතත් දුරකථන ඇමතුමක් ගන්නට උත්සාහ කරමින් කීවෙමි. ‘සම්බන්ධ කළ නොහැක - ප්‍රතිචාරයක් නොමැත – පසුව අමතන්න’ සුපුරුදු නාඳුනන යුවතිය දිගින් දිගට පිළිතුරු දුන්නාය. මට කෝපයක් ඇති වේ.‘පුතේ රීටා ඇන්ටිට කතා කරනවාද’මගේ අසල්වැසි යෙහෙළිය රීටාය.පොඩි එකා වහා දුව ගියේය. මම ඇඳෙන් බැස අල්මාරිය දෙසට ගියේ ඉක්මනින් සූදානම්වීමටය.‘අම්මේ’ සිඟිති හීන් හඬින් මුමුනනු මට ඇසිණි.‘අම්මට රිදෙනවා නම් අපි දෙයියන්ට කියමු බබාව ආපහු ගන්න කියලා’මම අල්මාරිය අරින ගමන් අනෙක් අතින් දියණියගේ අත අල්ලා ගතිමි.‘අනේ මගේ රත්තරනේ අම්මට රිදෙන්නේ නෑනේ’කොයි මොහොතක හෝ හදිසියක් වෙතැයි සිතා මා සියල්ල සැලසුම් කළේ මීට ටික දිනකට පෙරය. රෝහල් ගතවීමට අවශ්‍ය බඩු බාහිරාදිය සියල්ල මා අල්මාරියේ එක් තැනක තැන්පත් කළේ එබැවිනි. මම අඩි සද්දයක් ඇසී හැරී බල්දදී රීටා කාමරයට පැමිණ සිටියාය.‘ඇයි මට කලින් කතා නොකළේ, කිව්ව නම් මම එනවනේ’ඇය කතා කළේ දොස් පවරන ආකාරයෙනි.‘නෑ නෑ රීටා තව ඩේට්ස් තියෙනවා, ඒත් අද ටිකක් අමාරුයි’ඇය මගේ ඇඳුම් බෑගය ඇඳ මත තැබුවාය.‘ සේනකට කිව්වද?’ඇය ඇසුවේ මට උපකාර කරන ගමන් ය.‘ෆෝන් එක් වැඩ කරන්නේ නෑ’‘අමාරුවක් තිබ්බ නම් නවත්ත ගන්න තිබුණනේ’‘ඒ වෙලාවේ අමාරුවක් තිබුණේ නෑ. අනේ රීටා අපි ඉස්පිරිතාලෙට යමුද? මට හරි අමුත්තක් දැනෙනවා’‘ඉන්ඩ ඉන්ඩ මම අපේ එක්කෙනාට කියන්නම් වාහනයක් ගේන්න කියලා’ඇය කාමරයෙන් එළියට එන්නට හැදුවත් රුවන් ඊට කලින් එළියට පැන ගත්තේය.‘ඇන්ටි ඔහොම ඉන්න. මම ටක් ගාලා අංකල්ට කියන්නම්’පුතුª එළියට දිවූ බැවින් මම ඇඳ මත වාඩි වූයෙමි. රීටා මගේ ගමන් මල්ල පිරික්සා බැලුවේ කිසිවක් අඩු නැතිව ඇත්දැයි හරියට දැනගන්නටය. අනතුරුව ඇය ගමන් මල්ල වසා මා ළඟින් තැබුවාය. රීටාගේ සැමියා ඇල්බට් මගේ පුතුගේ වදන් ඇසූ සැනින්ම ඇඳ සිට සරම පිටින්ම පාරට පැන්නේ රථයක් නවත්වා ගන්නටය. එහෙත් කිසිවකුª හෝ ඔහුට රථයක් නොනැවැත් වූයේය. බැරිම තැන ඇල්බට් කර ඇත්තේ ත්‍රීවිලරයක් ඉදිරියට පැනීමය.‘ඇයි ඕයි තමුසෙ ගෙදරට කියලා ආවේ සුදු කොඩි එල්ලන්න කියලද?’ ත්‍රීවිල් රියැදුරු පස් පඩංගුවේ බනින්නට විය.‘අමාරු ලෙඩෙක් ඉන්නවා මල්ලි’‘තමුසෙට පිස්සුද’ත්‍රීවිල් රියැදුරා යන්නට කැමැති වූයේම නැත. අමාරු නම් පැරසිටමෝල් එකක් බීල නිදා ගන්න කියනවා. ඒ මදිවාට රියැදුරු පවසා තිබුණේ උජාරුවටය.‘එහෙනම් තමුසේ ඒ එස් පී මහත්තයාගේ නෝනට පැරසිටිමෝල් බොන්න කිව්වා. මට මතකයි නොම්මරේ’ඇල්බට් අයියා ද රඟපාන්නට පටන් ගත්තේය. එය ඇසුණු සැනින් රියැදුරු රථය නතර කළේය.‘ඒ එස් පී කිව්වේ පොලිසියේද’‘පොලිසියෙ නැතිව ලෑන්ඩ් සේල් කරනවයැ. මම වෙන වාහනයක් හොයා ගන්නම්’ත්‍රීවිල් රියැදුරු ඇල්බට් අයියාටත් කලින් අපේ ගෙදරට රථය හරවා ගත්තේය. මම රීටා සමඟ ඇඳෙන් බැස එළියට ආවෙමි. සිඟිති මගේ අතින් අල්ලා ගත්තාය. ඇගේ අතේ තිබුණේ පුංචි වළලු තුනකි.‘අම්මා මේක නංගි බබාට දෙන්න’‘නංගි බබා එක්ක ගෙන ආවම ඔයාම දෙන්න’ මම ඒ වළලු ඈ අත මිට මෙලවීය.‘එයා කොහොමද නංගි බබෙක් වෙන්නේ, එයා මල්ලි බබෙක් නේද අම්මේ . . .’රුවන් පුතා පැවසූයෙන් මට සිනහ ගියාය. මෙතුවක් වෙලා මහදැනමුත්තකුª ලෙස එහාට මෙහාට දිව ගියේ මේ දරු පැටියාය.‘මට ඕන මල්ලියෙක්’ සිඟිති ද අයියා ඉදිරියේ පසුබසින්නේ නැත.‘නෑ නංගියෙක්. එයාගේ නම නිලේෂා’‘හරි, හරි අපි දෙන්නෙක්ම ගේන්නම්කෝ’ බැරිම තැන රීටා පැවසුවාය.මතු සම්බන්ධයිසටහන - තිලානි ශානිකා විතානාච්චි  
CREATIVE
අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ මෙම සතියේ පෙරමුණ ගෙන සිටින්නේ ලුක් බෙසන් අධ්‍යක්ෂණය කළ Lucy චිත්‍රපටය යි. පසුගිය ජුලි 25 වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Lucy සිය පළමු සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 43.9ක්. ස්කාර්ලට් ජොන්සන්, මෝර්ගන් ෆ්‍රීමන්, මින් සික් චෝයි, ආමර් වෝක්ඩ් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. දෙවැනි ස්ථානය හිමි වන්නේ බර්ට් රේට්නර් අධ්‍යක්ෂණය කළ Hercules  චිත්‍රපටය යි. පසුගිය ජුලි 25 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ එය සිය පළමු සති අන්තයේදී උපයාගත් ආදායම ඩොලර් මිලියන 29.8ක්. ඩේව්යන් ජොන්සන්, ජෝන් හර්ට්, ඉයන් මැක්ෂේන් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Dawn of the Planet of the Apes චිත්‍රපටයට සිටින්නේ තෙවැනි ස්ථානයේය. අමෙරිකානු ප්‍රදර්ශනයේ තෙවැනි සතිය ගත කරන එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 16.8ක් වාර්තා කළේය. පසුගිය ජුලි 18 වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ඊඩඥ ර්‍ථභපඨඥ : ඒදචපජඩර චිත්‍රපටය ඩොලර් මිලියන 10.5ක සති අන්ත ආදායමක් ලබා සිව්වැනි ස්ථානයට පැමිණ සිටියි. ජේම්ස් ඩිමොනාකෝ අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන එහි ෆ්‍රෑන්ක් ග්‍රිලෝ, කාමෙන් එජොගෝ, සැච් ගිල්ෆෝර්ඩ් ප්‍රධාන චරිත මවති.රොබර්ට් ගැනවේ අධ්‍යක්ෂණය කළ  The Purge : Anarchy  චිත්‍රපටය ඩොලර් මිලියන 9.5ක් ලබා පස්වැනි ස්ථානයේ සිටින අතර හාස්‍යමය චිත්‍රපටයක් වන And So It Goes  ඩොලර් මිලියන 6.1ක සති අන්ත ආදායමක් ලබා හයවැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. අමෙරිකානු ප්‍රදර්ශනයේ පස්වැනි සතිය ගත කරන විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Planes : Fire & Rescue චිත්‍රපටයට මෙම සතියේ හිමි වී ඇත්තේ හත්වැනි ස්ථානය යි. පසුගිය ජුලි 25 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ  Sex Tape චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි අටවැනි ස්ථානයට පැමිණ ඇත. හාස්‍ය මුසු වූ ප්‍රේමණීය කතා පුවතක් ගෙන එන මෙහි මයිකල් ඩග්ලස්, ඩයන් කීටන්, ස්ටාර්ලින් ජෙරින්ස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. And So It Goes රෝබ් රේනර්ගේ අධ්‍යක්ෂණයකි. නමවැනි ස්ථානය Tammy චිත්‍රපටයට සහ දසවැනි ස්ථානය ඒ  A Most Wanted Man  චිත්‍රපටයට හිමි වී ඇත. ත්‍රාසජනක කතා පුවතක් ගෙන එන චිත්‍රපටයක් වන ඒ A Most Wanted Man පසුගිය ජුලි 25 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළේය. ඇන්ටන් කෝබ්ජන් අධ්‍යක්ෂණය කළ මෙහි ග්‍රෙගරි ඩොබ්රිජන්, පිලිප් සෙමෝර් හොෆ්මන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
CREATIVE
ෆසීනා මන්සූර් කලාවට ළෙංගතු වුණේ කුඩා වියේ පටන්මයි. සංගීතයට විශේෂ ඇල්මක් දැක් වූ ඇයට එය තව තවත් දියුණු කරගන්න උදව් වුණේ ඇයගේ පවුලේ සාමාජිකයන්. විශේෂයෙන් තාත්තා.  කඳුලැලි සළන්න දිවියේසිතුවේ මා නොවේසිතුවා නොවේසිතුවා නොවේ . . .නෙතු මගෙ තෙමන්න කඳුළින්පැතුවේ නෑ මෙසේපැතුවා නොවේපැතුවා නොවේ . . .ගීතය ෆසීනා රචනා කළේ පාසල් වියේදීයි. ලතා මංගේෂ්කාර් ගායනා කරන තෙරෙබිනා සින්ද ගී ගීතයේ තනුවට ෆසීනා රචනා කළ මේ ගීතය අද ඇයගේ හඬින් ඔබට රස විඳින්න පුළුවන්. ඒ ගැන තොරතුරු විමසද්දී ෆසීනා සිය සංගීත දිවියේ ආරම්භය සිහිපත් කළේ මේ අයුරින්.‘පුංචි කාලයේ පටන්ම මම සංගීතයට විශේෂ වූ ලැදියාවක් දැක් වූවා. මට මුලින්ම සංගීතය පිළිබඳ ගුරුහරුකම් ලබා දුන්නේ මගේ තාත්තා. හුණුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේදී සාමාන්‍ය පෙළ දක්වා සංගීතය විෂයක් ලෙසින් හැදෑරුවා. සංගීතයට තිබූ දැඩි ආශාවත් මිතුරු මිතුරියන්ගේ උනන්දු කිරීමත් අනුව දෙරණ ඩ්‍රීම් ස්ටාර් පස් වැනි අදියරට සහභාගි වෙලා එහි අවසන් 48 දෙනා දක්වා පැමිණියා. විශාල තරගකරුවන් පිරිසක් අතරින් මේ දක්වා එන්න ලැබීම ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්.* සංගීතයට ඇති වූ ලැදියාව සමඟ අද ඔබ සිටින තැන ගැන මොද හිතෙන්නේ?අත්තටම ඒ ගැන නම් ලොකු සතුටක් හිතේ තියනවා. ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ අනූ තුන් දහසක් පමණ දෙනා අතරින් හතළිස් අට අතරට එන්න ලැබීම ගැනත් ගොඩක් සතුටුයි. සංගීත කෂේත්‍රයට එන්න පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මගේ ගම වත්තල හුණුපිටිය. ඩ්‍රීම් ස්ටාර් තරඟයට එන්න පෙර සිටම මම එළිමහන් ප්‍රසංගවලට සහභාගි වුණා. අපේ ගම අවට හැමෝම මගේ ගායන හැකියාව හඳුනාගෙන තිබුණා. මුළු ලංකාවම හඳුනා නොගත්තත් අපේ ගමේ සුපර් ස්ටාර් මං තමයි.* නවකයෙක් විදියට කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?ඩ්‍රීම් ස්ටාර් විනිශ්චය මණ්ඩලය මට ගොඩක් ගුරුහරුකම් ලබා දුන්නා. ඒ පිළිබඳව මම ඔවුන්ට හද පිරි ස්තුතිය පිරිනමනවා. මේ වන විට මම ගීත දෙකක් එළි දක්වලා තියෙන්නේ. ‘කඳුලැලි සලා’, ‘රහසින්’ යන මේ ගීත දෙකම රධභබභඡඥ සහ ටචලඥඥදච ථචදඵධධප නම් මගේ ෆේස්බුක් පිටුවෙන් රස විඳින්න පුළුවන්. ගීත නිර්මාණය කළාට ඒ වෙනුවෙන් රූප රචනයක් කරන්නයි අපහසු. මගේ අලුත් ගීතයට මේ දවස්වල අනුග්‍රාහකයෙක් සොයමිිනුයි සිටින්නේ. මේ දක්වා ගමන සාර්ථක ලෙසින් පැමිණියා. තවමත් මම සංගීතය හදාරනවා. දැනට මම එළි දැක් වූ ගීත දෙකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝගෙන්ම ඒ සඳහා ලැබෙන සහයෝගය මට ගොඩක් වටිනවා.* ෆසීනාගේ පවුලේ තොරතුරුත් කියමු?අපේ පවුලේ තාත්තයි අම්මයි අයියයි ඉන්නේ.* සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ද බලාපොරොත්තුව?මම දැනටත් පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඒ සමඟින් තමයි සංගීත කටයුතු කරගෙන යන්නේ. එම ආයතනයෙන් ඒ සඳහා විශාල සහයෝගයක් ලැබෙනවා. අලුත් ගීත එළි දක්වමින් සංගීත ක්ෂේත්‍රයේත් දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.යතේජාඡායාරූපය – මාලන්
CREATIVE
නිමල් රත්නායක අධ්‍යක්ෂණය කළ සිහින ටවුම ටෙලි සිතුවම මෙම මස 09 වැනි සඳුදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වේ. රුවන් මදනායක පිටපත රචනා කළ මෙය විනෝජා නිලන්තිගේ නිෂ්පාදනයකි.කුමාර තිරිමාදුර, ආනන්ද වික්‍රමගේ, දුලීකා මාරපන, ප්‍රියන්ත සෙනෙවිරත්න, චතුර පෙරේරා, උදයන්ති කුලතුංග, මහේෂ් උයන්වත්ත, ශෂී විජේසිංහ, විනෝජා නිලන්ති, නන්දන හෙට්ටිආරච්චි සමඟ සජීව මල්මාල ආරච්චි මෙහි රංගන දායකත්වය සපයති. සිහින ටවුම නවරත්න ගමගේ ගේ සංගීත අධ්‍යක්ෂණයකි.- ප්‍රසාද්
CREATIVE
ජනප්‍රිය පොප් ගායිකා ලේඩි ගාගා ගැන මේ දිනවල කතා වෙන්නේ ඇයගේ අලුත්ම ගීතයක් ගැන නම් නෙවෙයි. කවදත් කා අතරත් කතා බහට ලක්වෙන දේ කරනා ලේඩි ගාගා ඇගේ සිරුරේ කොටන ලද අලුත්ම පච්චය ගැනයි කාගේත් කතාබහ.ඇය කවදත් මායාකාරී දේ පිළිබඳ ඇලුම් කළ බව හැමෝම දන්නා දෙයක්. ඇයගේ සිරුරේ පච්ච මෝස්තර එයට කදිම නිදසුන්. ලේඩි ගාගාගේ අලුත්ම පච්ච මෝස්තරයත් ඒ වගේම එකක්. මෙවර ඇය මායාකාරී කාන්තා අතක රූපයක් තමයි ඇයගේ පිටේ ඇඳ තිබෙන්නේ.එරික් ගොන්සාල්වේස් නම් නිර්මාණ ශිල්පියා විසිනුයි මේ පච්චය ලේඩ් ගාගාගේ පිටේ කොටලා තියෙන්නේ. එහි ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින්නත් ගාගා අමතක කරලා නැහැ.
CREATIVE
පත්තරවල පළ වන විවිධ ප්‍රහේළිකා පුරවමින් මා කාලය ගත කරනවා. පුවත්පතක ලොකු වචනයෙන් පොඩි වචන හදන්න කියන තරගය අනුව මම ගෙදරට වෙලා ඒ වචන හදනවා. නමුත් ඒ කිසිවක් පත්තරයට තැපැල් කරන්නේ නම් නැහැ. එහෙම වුණත් මා එයින් විශාල සතුටක් ලබනවා. ඒ අතර පුවත්පත් කිහිපයකටම ලියනවා.
CREATIVE
සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජයන් අධ්‍යක්ෂණය කරන නවතම සිනමා කෘතිය සක්කාරං හි මුහුරත් උළෙල අද පැවැත්විණි. චම්මින්ද වෙළගෙදරගේ සක්කාරං නව කතාව ඇසුරෙන් නිර්මාණය වන මෙය පවන රළු විය, බිත්ති හතර, ආකාස කුසුම් යන චිත්‍රපට නිෂ්පාදනය කළ එච්. ඩී. ප්‍රේමසිරිගේ තවත් නිෂ්පාදනයකි.ලක්ෂ්මන් මෙන්ඩිස්, බිමල් ජයකොඩි සහ ගයාන් වික්‍රමතිලක මේ වන විට සක්කාරං සඳහා තෝරාගෙන තිබේ.සක්කාරං හි කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්නගෙනි. නිමල් විජේසිංහ නිෂ්පාදන කළමනාකරුය. ලාල් හවීන්ද්‍රනාත් නිෂ්පාදන නිර්මාණකරණ අධ්‍යක්ෂවරයාය. සුදත් බණ්ඩාර සහාය අධ්‍යක්ෂණයෙන් එක්වෙයි. අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂවරයාය.ඉමල් ශානක පීරිස් අංග රචනයෙන් ද, ලලිත් ධර්මවර්ධන කොණ්ඩා සැකසුමෙන් ද එක් වෙති.සක්කාරං මෙම මස 20 වැනිදා සිට රඹුක්ඔළුව සහ මහනුවර යන ප්‍රදේශයන් අවට රූගැන්වේ.අග්‍රගණ්‍ය සිංහල සිනමා කෘතිය වූ නිධානය චිත්‍රපටයට පාදක වූ කෙටි කතාව මෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ අවරගිර චිත්‍රපටයට පාදක වූ නවකතාව රචනා කළ මහා සාහිත්‍යධර ජී. බී. සේනානායකයන්ගේ ජන්ම ශත සංවත්සරය සමරමින් ප්‍රණාම උළෙලක් මෙම මස 12 වැනිදා එනම් අද සවස 4 ට බොරැල්ල සිංහල සංස්කෘතික ආයතනයේදී (සුදර්ශියේ) පැවැත් වේ.අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා මුලසුන හොබවන මෙහි ජී. බී. සේනානායක සූරීන් පිළිබඳ සමරු දේශනය ලේඛක සෝමවීර සේනානායකයන් විසින් පවත්වනු ලබයි.ප්‍රියන්ත පතිරගේ ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන ‘පුංචි අපිත් බය නෑ දැන්’ ළමා සිනමා සිතුවම විසිහත් වන ඉරාන ළමා චිත්‍රපට උළෙල නියෝජනය කරයි.ගිරිරාජ් කෞශල්‍ය, මහින්ද පතිරගේ, රජිත් හිරාන් චාමිකර, නිල්මිණි බුවනෙක, සුසන්තා චන්ද්‍රමාලි, මිලින්ද පෙරේරා, සමන්ති ලැනරෝල්, තිස්ස බණ්ඩාරනායක, වසන්ත කුමාරසිරි, ජනක ප්‍රියංකර, සංදීප් සන්රාජ්, කැළුම් නිරෝෂන් සමඟ ළමා නළුවන් වන සචින් චතුරංග, ඩිල්කි නෙත්මිණි, සන්තුෂ් දිල්හාර මෙහි චරිත මවති.කැමරා අධ්‍යක්ෂණය ගාමිණී චමින්දගෙනි. රන්දික විජේමාන්න සංස්කරණයෙන්ද, ඩබ්ලිව්. රවීන්ද්‍ර සහාය අධ්‍යක්ෂණයෙන් ද, සුමති කුඩලිගම කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වී ඇත. සංදීප් සන්රාජ් සහ ජනක ප්‍රියංකර කුමාර පුංචි අපිත් බය නැහැ දැන් නිෂ්පාදනයකි.- ප්‍රසාද්
CREATIVE
මගේ අලුත්ම ටෙලි නාට්‍ය වුණු ‘ගුවන් පාලම’ නිර්මාණයේ ස්විට්සර්ලන්තයේ රූගත කිරීම් අවසාන කළා. මේ වනවිට ලංකාවේ රූගත කිරීම් ආරම්භ කරලා තියෙන්නේ. ධනංජය, තිසුරි, රත්නා ලාලනී වගේ නළු නිළියන් රැසක් මෙහි රඟපානවා. මෙම ටෙලි නාට්‍යයේ පිටපත ලිව්වේ සුනන්ද සිල්වා.මීට නිෂ්පාදනයෙන් සහය වන්නේ ශිරෝමි මාතරගේ, විමල් අලහකෝන්, රොෂාන් වීරප්පුලි හා මමයි. මගේ උපන් දිනයත් ළඟම එළැඹෙන නිසා පවුලේ හැමෝම එකතු වෙන්නේ ඒ වගේ දවසකට තමයි. උපන් දිනය විශේෂ කරලා සමරන්න මා කැමැති නෑ.
CREATIVE
සඳ පානේ තුරු සෙවණැලි අතරේ සැඟ වී සුරඟන සවන යොමා වී කිසිවෙකු එය ඇසුවාදෝ කුසගිනි ඇති වුණේ එය ඇසුවාදේ මනමත් කරවන . . .වරුණ දෙවිඳු දේදුන්නේ පැහැයෙන් සිතුවම් ඇඳ බටහිර අහසේ වැහි කළු තිරයෙන් වසා දමයි කිසිවෙකු එය දුටුවාදෝ මන්මත් කරවන . . .දිලිඳුන් හෙලනා කඳුළු නිසාවෙනි සොඳුරු සොබාසිරි බිහිවන්නේ යස ඉසුරින් පිරි දින පමණයි අම රසය නිබඳ විඳ ගන්නේ මන්මත් කරවන . . .අසිරි දකින නෙත් ඇතිවුන් යමෙකුට දිව රෑ කුසගිනි ඇවිලේ නම් දිවි සටනට සිත යොදනු විනා සොඳුරු රස හඳුනාදෝ මනමත් කරවන . . .චිත්‍රපටය – ප්‍රදීපේ මා වේවා අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර සංගීතය – ලයනල් අල්ගම රචනය - ශ්‍රී නිහාල් ගායනය - එච්. ආර්. ජෝතිපාල රංගනය – විජය කුමාරණතුංග
CREATIVE
‘නිළියකට පෙම් කළෙමි’ යන චිත්‍රපටය ගැන කෙටි තොරතුරක් කියා දෙන්නකෝ?  මැණිකේ විල්වලතිලකරත්න විල්වල – කෑගල්ලදයා රාජපක්‍ෂ ගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් සිරි කුලරත්න අධ්‍යක්‍ෂණය කළ ඩී. ජී. ආටිගල නිපද වූ මේ චිත්‍රපටයට පාදක වනුයේ පැරැණි වේදිකා නිළියක් හා ඇයට අවංකව ආදරය කළ රසිකයකු පිළිබඳ කතාවකි. ජෝ අබේවික්‍රම, ශි‍්‍රයානි අමරසේන, සොමී රත්නායක ආදීන් මෙහි චරිත නිරූපණය කළා. කලකට ඉහත දී “බාසු බට්ටාචාර්ය”, රාජ් කපූර් හා වහිඩා රෙහ්මාන් යොදාගෙන නිර්මාණය කළ ‘තීස්රි කසම්’ චිත්‍රපටයට පාදක වුණෙත් මෙබඳුම කතාවක්. නමුත් මෙම චිත්‍රපට දෙක අනුකරණයන් නම් නොවේ. මේ චිත්‍රපටයේ එන ගීත ආචාර්ය අජන්තා රණසිංහ විසින් රචනා කරන ලද ගීතයි.වසන්ත ජයසිංහආරච්චි රංගන ශිල්පියා ගේ දක්‍ෂතාවන් පිළිබඳ ඔබේ අදහස කුමක්ද අර්ජුන්?චන්දන වන්නිආරච්චි - දෙහිඅත්තකණ්ඩිය.ඔහු දක්‍ෂ ලේඛකයෙක්. හොඳ නිවේදකයෙක්. හොඳ මිත්‍රයෙක්. හැබැයි හොඳ නළුවෙක් වෙන්න නම් තව කල් ගතවේවි.දැනට ප්‍රචාරය වන චිත්‍රපට ගීත අතුරෙන් රසික පිරිස වැඩියෙන්ම පි‍්‍රය කරන්නේ පැරැණි චිත්‍රපට ගීතවලටයි. වර්තමානයේ චිත්‍රපට ගීතවලට පි‍්‍රය නොකරන්නේ ඇයි?එල්. එම්. ප්‍රේමසේන පෙරේරාඥානා කුමාරි පෙරේරා - කළුබෝවිලසිනමාව සම්බන්ධයෙන් අපට සිටින රසිකයන්ගෙන් වැඩි හරියක් ප්‍රේමසේන පෙරේරා මහත්මයාණෙනි ඔබ වැනි පිරිසක්. එමෙන්ම අපේ රටේ තරුණ පරම්පරාව සිනමා රසිකයන් ලෙස අද්දවා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා සිනමාවේ ගීත ලෙස ඉල්ලන්නේ මීට වසර විස්සකට තිහකට පෙර නිර්මාණය වුණ ගීත බවයි මගේ පෞද්ගලික හැඟීම. අලුත් පරම්පරාව ඇතුළත සිංහල චිත්‍රපට නරඹන්නට එන බහුතරය සිනමා රසිකයන් ලෙස හඳුන්වා දෙනවාට වඩා ඔවුන් විලාසිතාවට චිත්‍රපට නරඹන අයයි. සිනමා රසිකයෝ යනු චිත්‍රපට නළු නිළියන්ට ආදරය කරන චිත්‍රපට ගීත පි‍්‍රය කරන පිරිසක්. වර්තමානයේ අපේ සිනමාවේ එවැනි ප්‍රේක්‍ෂක පරම්පරාවක් නැති තරම්.‘වැලිකතර’ චිත්‍රපටයේ නළු නිළියන් සහ කාර්මික තොරතුරු දක්වන්න.පාලක සමන් පෙරේරා - හැඳල, මිල්ලගහවත්ත පාරගාමිණී ෆොන්සේකා, සුවිනීතා වීරසිංහ, ජෝ අබේවික්‍රම, දයානන්ද ජයවර්ධන, ජී. ආර්. පෙරේරා, දේවිකා කරුණාරත්න, බුද්ධි වික්‍රම, නවනන්දන විජේසිංහ ආදීන් රංගනයෙන් දායක වූවා. චිත්‍රපටයේ සංගීතය සෝමදාස ඇල්විටිගලයන්ගෙන්, තිර නාටකය තිස්ස අබේසේකරගේ, එහි කැමරාව, සංස්කරණය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ඩී. බී. නිහාල්සිංහගෙන්.කොළඹ නගරයේ තවමත් චිත්‍රපට ප්‍රදර්ශනය වන පැරැණිතම සිනමා ශාලාව මොකක්ද? ඒ වගේම මරදාන එල්ෆින්ස්ටන්හි අවසන් වරට ප්‍රදර්ශනය වූ චිත්‍රපටය කුමක්ද?ඩඩ්ලි ගෝමස් - මොරටුව - කටුබැද්දඔබේ මුල් ප්‍රශ්නයට පිළිතුර නම් මරදාන ඔලිම්පියා සිනමා ශාලාව විය යුතුය. ඊට පසු රීගල් හා කොටහේන කිංස්ලි සිනමා ශාලා පිළිවෙලින් පැරැණිම සිනමා ශාලා ලෙස ගිණිය හැකියි. දෙවැනි පැනයට පිළිතුර යසපාලිත නානායක්කාරගේ යුක්තිය ද ශක්තිය ද චිත්‍රපටය.එදා නළු නිළියන් දැක බලා ගැනිමට රසිකයන් මහ පාරේ පවා පෙළ ගැසුණා. අද එහෙම නැත්තේ ඇයි?සුජාතා ගුණවර්ධන – කඩවතඅනේ සුජාතා ඔයා අහලා නැද්ද නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි කියලා.වෙසතුරු සිරිත චිත්‍රපටයේ අප දන්න නළුවන්, නිළියන් සිිටියේ දෙන්නයි. ඩී. ආර්. නානායක්කාර හා අයිරාංගනී විතරයි. අනෙක් අය ලංකාවේ අයද?සුදත් නිශාන්ත – මීගමුවඒ ඔක්කොම අය ලංකාවේ.ජනකාන්ත නළු ජීවන් කුමාරණතුංගගේ ලිපිනය පළ කරන්න.පී. වයි. අනුලාවතී කුඩගම – අවිස්සාවේල්ලජීවන් කුමාරණතුංග, 26, නන්දිමිත්‍ර පෙදෙස, බලපොකුණ පාර, කොළඹ 05.අතිශයින් ජනප්‍රිය සටන් නළුවෙකු වූ බෲස්ලී ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලැබ තිබේද?සුරවීර නාකන්දල – ධර්ගා නගරයබෲස්ලි අතිශය ජනප්‍රිය සටන් නළුවකු වුවත් ඔහු දක්ෂ නළුවකු වුණේ නැහැ. එම නිසා ඔහු සම්මාන ලබා නැහැ.අඹරේ අද නැත පුන්සඳ- කෑලි කැපෙන ගනඳුර මැද යන ගීතය ගායනා කරනු ලබන්නේ කවුද?මැණිිකේ විල්වල – කෑගල්ලසේන ෆොන්සේකා සමඟින් දයා නෙල්ලම්පිටිය.1963. 4. 10 ආරම්භ කරන ලද සරසවිය පුවත්පතේ පිටපතක් ලබා ගත හැකිද?කේ. පී. රේමන් සිල්වා - බොරගොඩවත්තඑහි පිටපත් එළියට ගත හැක්කේ පරණ පුවත්පත් එකතුª කරන්නෙකු ළඟ තිබුණොත් පමණයි. ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හෝ ලේක්හවුස් ආයතනයේ පුස්තකාලයේ එම පුවත්පත ඔබට දැක ගත හැකියි.කලාශූරී ලතා වල්පොල සමඟ මිල්ටන් පෙරේරා ගී ගයා තිබෙනවාද?රේමන් ලියනගේ – මුදුන්ගොඩදන්නා තරමින් නැහැ.සැකසුම - සංජීව සම්පත් බාලසූරිය  
CREATIVE
ලාංකේය සිනමා ශිල්පීන්ට උපහාර දක්වනු පිණිස සිනමා සම්මාන උළෙලක් පැවැත්වීමට www.lankalivestar.com වෙබ් අඩවිය සහ Endless World Events  ආයතනය සූදානම් වෙයි.මෙම සම්මාන ප්‍රදානෝත්සවය 2014 ජනවාරි 31 වන දින කොළඹදී පැවැත්වෙන අතර ඒ සඳහා 2013 වසරේ තිරගත වූ සියලුම සිංහල චිත්‍රපට සලකා බලනු ලැබේ.මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වනුයේ උළෙල පැවැත්වෙන අවස්ථාවේදීම සම්මාන පිළිබඳ විනිශ්චයන් ගැනීමයි. සම්මාන පිරිනැමීම සඳහා නිර්දේශ වන චිත්‍රපට සහ ශිල්පීන්ගේ නම් කලින් ප්‍රසිද්ධියට පත් කෙරෙන අතර උළෙල පැවැත්වෙන අතරතුරදීම ජූරි සභාව මඟින් අවසාන විනිශ්චයන් ගැනීම සිදු කරන අකාරය ප්‍රේක්ෂකයන්ට සජීවී ලෙස දැක බලා ගැනීමට අවස්ථාව සැලසෙයි.ප්‍රථම වරට සිනමා සාහිත්‍ය කෘතියක් සඳහා සම්මාන පිිරිනැමීම ද මෙම උළෙලේ තවත් විශේෂත්වයකි. එම සම්මාන ප්‍රදානය සඳහා 2013 වසර තුළ පළ කෙරුණු සිනමා සාහිත්‍ය කෘති සලකා බලනු ලැබේ.එකී සම්මානවලට අමතරව කෙටි චිත්‍රපටකරණයෙහි යෙදී සිටින නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා 2013 වසර තුළ නිෂ්පාදික කෙටි චිත්‍රපටවලට සම්මානයක් පිරිනමනු ලැබේ. ඒ සඳහා නිර්මාණ භාර ගැනීම දෙසැම්බර් 31 දින තෙක් සිදු කෙරේ.විනිශ්චය මණ්ඩලයේ නිර්දේශ මත කෙරෙන ප්‍රධාන සම්මානයන්ට අමතරව 2013 වර්ෂයේ තිරගත වූ චිත්‍රපටවලට දායක වූ නළු නිළියන් අතරින් ජනප්‍රියම නළුවා සහ නිළිය සඳහා ද සම්මාන පිරිනැමේ. එම සම්මානයන් පිරිනමනු ලබන්නේ ප්‍රේක්ෂක ඡන්දයෙනි.කෙටි චිත්‍රපට ඉදිරිත් කිරීම සඳහා ද, සාහිත්‍ය කෘති ඉදිරිපත් කිරීම සහ අනෙකුත් සියලුම විමසීම් සඳහා ද නො. 18, ටිකල් පාර, කොළඹ 08 යන ලිපිනයෙන් සහ 0117593922 යන දුරකථනයෙන් ද විමසීම් කළ හැකිය.
CREATIVE
රංගන ශිල්පීඋද්දික ප්‍රේමරත්නළඟදීම තිරගත වීමට නියමිත ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට මා සහභාගි වෙනවා. ඒ කටයුත්ත මූලික කර ගනිමින් ‘කළු අරලිය’, ‘ස්නේහා’ කියන ටෙලි නාට්‍යවල රූගත කිරීම් දිගටම සිදු වෙනවා.ඒ චරිවලට ලැබෙන ප්‍රතිචාරත් බොහොමයි. ඒ අතර ළඟදීම රූගත කිරීමට නියමිත වාණිජ චිත්‍රපටයක චරිතයකටත් මට ආරාධනාවක් ලැබුණා.
CREATIVE
“දහසකුත් දුක් කරදර මැද මේ ගෙවන ජීවිතේ සිනහව උදෙසා ජීවිතය කැප කරමින් මතුපිටින් නොව හදවතින්ම සිනහ වන්නට මගක් කියාදුන් මම බර්ටි සංඝතිස්ස ගුණතිලක වෙමි. අදවන විට අනූවන වියට පා තබා ඇත්තෙමි. මා සමඟ එකට වෙසෙමින් එක බත්පත කාගෙන සිටි ඇනස්ලි, සැමුවෙල් අද මා අතහැර ජීවිතයෙන් ද සමුගෙන ඇත. මිනිසුන්ගේ මුවඟ අර්ථවත් සිනහවක් රැන්ඳූ අපූරු යුග පුරුෂයන් වූ අප තුන් කට්ටුව අතරින් මම තවමත් මේ මිහිපිට හිඳිමින් හුදකලා දිවියක් ගත කරමි.මේ හුදකලා බව මට දැන් තදින් දැනෙන්නට පටන්ගෙන ඇත. ගොඩකවෙල, ඇමටියගොඩ නිවසට වී මාමේ ගෙවන ජීවිතය පිළිබඳ මට දුකක් කනගාටුවක් ඇතිවන අවස්ථා නැතුවාත් නොවේ. අද මම වියපත් භාවයෙන් වගේම ලෙඩ දුක්වලින් ද පොහොසත් වී ඇත්තෙමි. කන ඇසීම ද තරමක් දුර්වල වී ඇත්තෙමි. කොළඹින් දුරබැහැර වීම නිසාම මා හමුවන්නට එන හිත මිත්‍රයෙක්වත් නැති තරම්ය. කලාතුරකින් කවුරුන් හෝ දුරකථන ඇමතුමක් දුන්නොත් හැරෙන්නට වෙන කිසිවකුගෙන් කතාබහක් මට අසන්නට ඇත්තේම නැත.මා මේ ජීවිතයේ සැඳෑ සමය ගෙවන මොහොතේ මා සිත තුළ විශාල ආශාවක් හටගෙන ඇත්තේ කුමක් නිසාද කියා මටවත් හරි හැටි නොවැටහේ. එයට එක හේතුවක්ව ඇත්තේ මේ උත්තමයා මට කිහිපවරක් කතාකර ඇති නිසාද කියා මම නොදනිමි. එතුමන් මාහට අවසන්වරට දුරකථනයෙන් කතාකරනු ලැබුවේ ඉකුත් අගෝස්තු 02 වැනිදා මාගේ උපන් දිනය දවසේය. ඒ අන් කවුරුත් නොව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. එතුමන් ජනපති වූ දා සිටම වාගේ මාගේ උපන් දිනය දාට උදෑසනින්ම මම අමතා සුබපැතීම පුරුද්දක් කොට ඇත්තෙමි. ඒ සුපුරුදු හඬ මට අසන්නට ලැබුණේ ඉකුත් වූ මාගේ උපන් දිනය දවසේය.‘බර්ටි අයියා... කොහොමද සැප සනීප’එතුමන් මගෙන් ඇසුවේ එසේය.බලාපොරොත්තු නොවූ මොහොතේ එතුමන් කතා කිරීම මට එක අතකින් අදහාගත නොහැකි විය. මා වැනි වයෝවෘද්ධ පුද්ගලයකු පිළිබඳ රටේ ජනාධිපතිතුමන් සුවදුක් විචාරා සිටීම ගැන මගේ සිතට ඇති වූයේ වාවාගත නොහැකි තරම් වූ අපමණ සතුටකි. කන ඇසීමද දුර්වල වූ මොහොතක එතුමන් ගේ ඒ වචන ටික මගේ කනට මී පැණි මෙන් විය. මට දහසකුත් දෙයක් එතුමන්ට කීමට තිබුණද ඒබර්ටි එදාකිසිවකුත් ඒ මොහොතේ මගේ සිතට නොපැමිණියේ මා ඒ මොහොතේ ඉහවහා ගිය සතුටින් ඉපිල ගොස් සිටි නිසා විය හැකිය. මීට පෙර අවස්ථාවකදී ද එතුමන් රත්නපුරයට පැමිණි දිනක මාගේ සුවදුක් බැලීමට නිවසට ඒමට පොරොන්දු වී සිටියද ඒ අවස්ථාව එදින කිසියම් හෝ කටයුත්තක් නිසා මගහැරී ගියේ මගේ අවාසනාවටය.අතිගරු ජනාධිපතිතුමනි, එදා මට හයිය හත්තිය තියෙන කාලයේ මම කරපු විකට රංගනයක් දැකලා රටේ අනෙක් ජනතාව වගේම ඔබතුමාත් කොක් හඬලා සිනාසෙන්නට ඇත. ඒත් අද ඒ වික්‍රමයන් එලෙසින් පෙළහර පාන්නට මට කාය ශක්තියක් නැත. මගේ ජීවිතයේ ඉදිරිය ගැන මටවත් විශ්වාසයක් නැහැ. ඒ තීරණාත්මක දිනය අද හෝ හෙට වන්නටත් හැකිය. ඊට කලින් ඔබතුමන් ගේ ඔය දෑත් අල්ලා කතාබස් කොට සමුගන්නට මට අවස්ථාවක් ලබාදෙන්න.මම මුළු රටක් සිනහ ගැන්වූ පුද්ගලයෙක් වෙමි. ඒ කටයුත්ත කළ මාව ඔබතුමන් පැමිණ හෝ මට ඔබ තුමන් ළඟට එන්න සලස්වා හෝ මගේ සිතට සිනහවක් එක්කර ලන්න. මා මිය ගිය පසු මට උපහාර අවශ්‍ය නැත. රැලිපාලම් කොඩි, ධජ පතාක අවශ්‍ය නැත. ගුණකථන අවශ්‍ය නැත. ශෝක ප්‍රකාශ අවශ්‍ය නැත. මගේ නිසල දේහයට ගෞරව බුහුමන් අවශ්‍ය නැත. මා කලා ක්ෂේත්‍රයට කළ අමිල සේවයට මගේ පැතුම ඉටුකර දෙන්න. කලා කරුවන්ට බොහොම ළෙන්ගතු ඔබතුමන් මා අසලට පැමිණ හෝ මට ඔබ තුමන් ළඟට පැමිණෙන්නට හෝ අවස්ථාව සලස්වා සැබෑ ලෙසින්ම මගේ පැතුම ඉටුකර දෙත්වා.දශක පහකට අධික කාලයක් ශ්‍රී ලංකේය කලා ක්ෂේත්‍රය තුළ මා කළ කී දෑ තුළින් අපමණ සතුටක් ලැබූ මා මිත්‍ර රසික රසිකාවනි, මා අද ගොඩකවෙල, ඇමටියගොඩ නිවසට වී හුද කලා වී සිටියත් ඔබ මට නිතර කතා කරන්න. මෙන්න මගේ දුරකථන අංකය 045-3450585. ඔබ එසේ කළොත් හුදකලා වී සිටින මට එය හොඳ ඖෂධයක් වේවි.මීටබර්ටි ගුණතිලකචන්දන
CREATIVE
මෙගා වීමත් සුපිරි වීමත් තමන් රසිකයකු වීමේදී වැදගත් නොවෙයි. 2014 ලෝක පාපන්දු කුසලානය අමිතාබ් වාගේම ෂාරුක් ද අවදියෙන් තබයි. කොතරම් වැඩ තිබුණත් දෙදෙනා රාත්‍රියට රූපවාහිනිය අසලම රැඳී සිටීම ඊට ඇති සාක්ෂියයි. 
CREATIVE
ප්‍රීතිරාජ්ගෙන්අලුත් වැඩක්ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න පළමුවරට ටෙලි සිතුවමක් නිෂ්පාදනය කරන්නට සූදානම් වනවා. ඒකේ නම රශ්මි. එය ඔහුගේ අධ්‍යක්ෂණයක් වීම තවත් විශේෂත්වයක්. රශ්මි හි කතාව, දෙබස්, තිර රචනය ද නිම වී ඇත්තේ ප්‍රීතිරාජ්ගේ අතින්මයි. රශ්මි ටෙලි නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණය බාර දී ඇත්තේ ඔහුගේ පුතු වන ඉරාජ් වීරරත්නට. මේ වන විට එහි තේමා ගීතය ද නිර්මාණය කොට ඇති බව ද ආරංචි වෙනවා.ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, නොම්මර 17, සූරවීර චණ්ඩියෝ, පුදුමයි ඒත් ඇත්තයි, ප්‍රීතිරාජ් නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක්.සිංහල සිනමාවට නව පරපුරේ අලුත් අධ්‍යක්ෂවරයකු හඳුන්වා දෙමින් ඉදිරියේ රූගත කිරීමට නියමිත ‘ZOOM’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පිටකෝට්ටේ ‘සෝලිස්’ උත්සව ශාලාවේදී චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දල්වා වැඩ ඇරැඹීය. ‘ZOOM’ වූ කලී ත්‍රාසය හා භීතිය කැටි කොට ගත් සිනමාපටයකි. මෙහි අධ්‍යක්ෂවරයා සමීර වක්වැල්ලයි. ධම්මික අබේසේන මෙහි නිෂ්පාදකවරයායි.ආත්ම දෙකක් හා ජීවන රටා දෙකක් අතර දෝලනය වන එක් මනුෂ්‍ය ශරීරයක් හා එහි ශරීරය තුළ විටින් විට ඉස්මතු වන ඉහත කී ආත්ම දෙකෙහිම සතු මනෝභාවයන් මෙම සිනමා කෘතියේ ප්‍රධානතම ප්‍රකාශනයයි.මෙහි තිර රචනය ද අධ්‍යක්ෂවරයා සතුය. ඔහුට අධ්‍යක්ෂණයෙන් සහාය වන්නේ චන්දන ඉරුගල් බණ්ඩාරයි. කැමරා අධ්‍යක්ෂණය උපුල් ප්‍රියනාත්ගෙනි. ‘ZOOM’ හි වේෂ නිරූපණය ප්‍රියන්ත තිලක් රත්නායකගෙනි. මෙහි කලා අධ්‍යක්ෂවරයා චමින්ද උඩගෙදරයි. දීපිකා කලුආරච්චිගේ ගීත රචනාවලට සංගීත නාද රටා මුසු කරන්නේ සංගීත අධ්‍යක්ෂ ගයාන් මංජුල පෙරේරායි. ගීත ගායනයෙන් ‘ZOOM’ චිත්‍රපටයට දායක වන්නේ නෙලූ අධිකාරි, සඳුන් විජේවර්ධන සහ සමීර වක්වැල්ලයි. මෙහි නිෂ්පාදන සම්බන්ධිකරණය දීපිකා කලුආරච්චියි. නිෂ්පාදන කළමනාකරු ලෙසින් කටයුතු කරන්නේ නුවන් සමීර විජේසිංහයි. මහීදි අත්තනායක මෙහි නර්තන අධ්‍යක්ෂවරියයි.ජීවන් කුමාරතුංග, හේමාල් රණසිංහ, ශේෂාද්‍රී ප්‍රියසාද්, ජයලත් මනෝරත්න, ඩිනක්ෂී ප්‍රියසාද්, චමිලා පීරිස්, චමින්ද උඩගෙදර, තිලිණි මහේෂිකා ඇතුළු නළු නිළියන් රැසක් ‘ZOOM’ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නෝයි.සටහන / සේයාරූ - ටෙනිසන් එදිරිසිංහප්‍රධාන භූමිකාව ගෙනෙන හේමාල්, ශේෂාද්‍රී සහ ඩිනක්ෂීචිත්‍රපටයට සම්බන්ධ වන නළු නිළි සහ කාර්මික ශිල්පීන්ජීවන්, ශ්‍රියන්ත, වීණා, මොරීන්, රංගනයේ - සියලු ළමා චරිත ඕස්ට්‍රේලියාවෙන්මහින්දාගමනය සහ තිරගතවීමට නියමිත සිරි දළදාගමනය යන සිනමාපටයන් අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකරයන් තවත් දැවැන්ත සිනමා කෘතියක මූලික වැඩ කටයුතු ගරුතර සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ගංගාරාම විහාරස්ථානයේ පැවති චාම් මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ.පුංචි කැංගා ලෙසට නම තබා ඇති එය විනීතා විජයරත්න කුලතුංගගේ කැංගරු හදිය ළමා නවකතාව ඇසුරෙන් නිර්මාණය වන ළමා චිත්‍රපටයකි. පුංචි කැංගා සම්පූර්ණයෙන් රූගත වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේය. වර්තමානයේ එරට ජීවත්වන කපිතාල් අතිල් ගුණසේකර සහ ආචාර්ය තරංගා ගුණසේකර යුවළ පුංචි කැංගා නිෂ්පාදනය කරනු ලබයි.ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, වීණා ජයකොඩි, අනර්කලී ආකර්ශා, මොරීන් චාරුනී මෙම සිනමාපටයෙහි රංගනය සඳහා මෙරටින් තෝරා ගෙන ඇත. ළමා චරිතයන් නිරූපණය කිරීමට ඇති සියලු ළමෝ ඕස්ට්‍රේලියාවේ වෙසෙන්නෝ වෙති.ප්‍රසන්න ඉත්තෑපාන සහාය අධ්‍යක්ෂණයෙන් ද, අනුර ජයසේකර අංග රචනයෙන් ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් එක්වන මෙහි කැමරාව පී. කේ. ලෙනාඩ් මෙහෙයවයි. ආචාර්ය රෝහණ වීරසිංහ පුංචි කැංගා සංගීතයෙන් ඔපවත් කරයි. බන්දුල නානායක්කාරවසම් ගී පද රචනා කරයි. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් දායක වෙයි. මෙහි ග්‍රැෆික් නිර්මාණය නිලාන් කුරේගෙනි.පාර්ලිමේන්තු මන්ත්‍රී, පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් යන මහත්වරුන් ඇතුළු කලා ලොවේ සහෘදයන් සමඟින් පැවැත් වූ පුංචි කැංගා හි මුහුරත් උළෙලේ අවස්ථා කිහිපයකි මේ.සේයාරූ - නිශ්ශංක විජේරත්නජීවන් කුමාරතුංගයන් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වමින්. අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් යන මහත්වරු ද සේයාරුවේ වෙති.සනත් සහ නිෂ්පාදකවරුන් දෙපොල අතර ගිවිසුම හුවමාරු වූ මොහොත. අමාත්‍ය බන්දුල, ජීවන්, සහය අධ්‍යක්ෂ ඉත්තෑපාන පසෙකින් සිටිති.පුංචි කැංගා හි පිරිස.
CREATIVE
ඔබට සුපුරුදු ‘රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නේ ජොර්දානයේ. පසුගියදා ජෝර්දානයේදී ආරම්භ වූ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් හි මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වැඩසටහනයි.වෙනත් ක්ෂේත්‍රයන්හි රැකියාවල නියුතු වූවන් තම කලා හැකියාවන් ලොවටම පෙන්වන්න ජෝර්දානයේ තවත් රටවිරුවන් හය දෙනෙක් සූදානම්. ඔවුන්ගේ ඒ කුසලතා ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබට දැක බලා ගන්න අවස්ථාව සැලසී අවසන්.මෙවර රටවිරුවෝ වේදිකාවේ ආරම්භය සනිටුහන් කරන්නේ ගායන තරුවක්. ඇය ලයංකා දිනාදරි ෆොන්සේකා. පාසල් කාලයේ සිටම සංගීතයට වූ ලැදියාවෙන් ඒ පිළිබඳ හදාරා අද සිය හැකියාවන් රටවිරුවෝ වේදිකාවෙන් එළි දක්වන්නත් සූදානම්. මොරටුවේ පදිංචි ලයංකා දිනාදරී විදෙස් සේවයට එක් වී ඇත්තේ 2010 වසරේ සිටයි.එච්. එම්. ගුණතිලක බණඩාර රටවිරුවෝ වේදිකාව ගීතවත් කිරීමට සූදානම්. පාසල් කාලයේ සිටම සංගීතයට වූ ලැදියාවෙන් විෂයක් ලෙස හදාරා පාසල් මට්ටමේ ගායනා තරග ජයග්‍රහණවලට හිමිකම් කියයි. සංගීත කණ්ඩායම් සමඟ ගායකයෙක් ලෙස ද තම දක්ෂතා පෙන්නුම් කර ඇති ගුණතිලක බණ්ඩාර විදෙස් සේවයට එක් වෙන්නේ මීට සිව් වසරකට ඉහතදීය.ජොර්දානයේ සේවයේ නියුතු අවන්ති ලංකා රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ නර්තන අංශයෙන්. කුඩා කාලයේ සිටම නර්තනයට ඇති වූ ඇල්ම නිසාම පාසලේදී විෂයක් ලෙස ද නර්තනය හැදෑරූ ඇය අද රටවිරුවෝ වේදිකාවෙන් ඒ හැකියාව ලොවටම පෙන්වන්න සූදානම්. වේයන්ගොඩ පදිංචි අවන්ති ලංකා විදෙස් සේවයට එක් වෙන්නේ මේ වසර ආරම්භයේදීය.දරළුව පදිංචි පවිත්‍රා මධුවන්තී හේරත් රටවිරුවෝ වේදිකාවට එක් වෙන්නේ ගායන තරුවක් ලෙසයි. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඇය පාසල් මට්ටමේ ගායනා තරග ජයග්‍රහණ පවා දිනා ගන්නට සමත් වූ අයෙක්. පවිත්‍රා ජෝර්දානයේ සේවයට එක් වී ඇත්තේ 2010 වසරේ සිටයි.ශසික නිර්මාල් රටවිරුවෝ වේදිකාව නර්තනයෙන් විචිත්‍රවත් කරන්න එක් වෙන තවත් රටවිරුවෙක්. විවිධ අවස්ථාවන්හිදී තම නර්තන හැකියාවන් එළිදක්වා ඇති ඔහු පාසල් කාලයේදී නර්තනය විෂයක් ලෙස හදාරා ඇති අයෙක්. ජෝර්දානයේ ඇඟලුම් ආයතනයක සේවයේ නිරත ශසික විදෙස් සේවයට එක්වෙන්නේ 2010 වසරේ සිටයි.ධම්මික උදය කුමාර රටවිරුවෝ වේදිකාවට එක් වන්නේ ගායන තරුවක් ලෙසයි. පාසැල් කාලයේදීම ගීත ගායනයට යොමු වූ ඔහු හෙට පිපෙන මල්, නිම් තෙර, තුරුණු ශක්ති වැනි රූපවාහිනි සංගීත වැඩසටහන් ඔස්සේ ද සිය හැකියාවන් එළිදක්වා ඇති අතර තරුණ සේවා සභාවේ යෞවන සම්මාන ජාතික මට්ටමේ ජයග්‍රහණවලට ද හිමිකම් කියන්නේය. රත්නපුර පදිංචි ධම්මික උදය කුමාර ජෝර්දානයේ සේවයට එක්වන්නේ 2005 වසරේ සිටය.යතේජා ඥානරත්නසම්මානනීය අංග රචනා ශිල්පියකු වන භානු ප්‍රසන්න අභාවප්‍රාප්ත විය. මිය යන විට හතළිස් දෙහැවිරිදි වියෙහි පසු වූ ඔහු කලක් ජාතික තරුණ සේවා සභාවේ උපදේශකවරයකු වශයෙන් ද ක්‍රියා කළේය. භානුගේ මේ හදිසි වියෝවට හේතුව හෘදයාබාධයකි.යංග් ඒෂියා ආයතනයේ ප්‍රධන අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකට අංග රචනයෙන් දායකත්වය ලබා දුන්නේය.භානුගේ අවසන් කටයුතු පසුගියදා කොට්ටාවේදී සිදු විය.ප්‍රසාද්සුප්‍රකට බට්ටී චිත්‍ර කතාව ඇඳී පී. වික්‍රමනායක අභාවප්‍රාප්ත විය. බට්ටී චිත්‍රපටය සහ ටෙලි නාට්‍ය නිර්මාණය කළේ ඒ ඇසුරෙනි. කොරටුවේගෙදර, චන්දිරා, වීර ත්‍රිසියස් ඔහු ඇඳි ජනප්‍රිය චිත්‍රකතා අතර වේ. ලේක්හවුසියෙන් තම වෘත්තීය ජීවිතය ඇරැඹි ඔහු පසුකාලීනව විජය ප්‍රකාශන ආයතනයට එක් විය.ඔහුගේ අවසන් කටයුතු ඉකුත් දා බොරැල්ලේදී සිදු විය.ප්‍රසාද්
CREATIVE
සෝමරත්න දිසානායකට උදයකාන්තගෙන් පිළිතුරක්ජුලි මස 18 වැනි දින අපි මේක සුහදව බේරා ගනිමු යන සිරස්තලය යටතේ සරසවිය පත්‍රයේ පළකර තිබූ සෝමරත්න දිසානායක මහතාගේ සංවාද සටහනේ මා නිර්මාණය කළ රන් කෙවිට 02 චිතපටය පිළිබඳව ඔහු කර ඇති ප්‍රකාශයන් ගැන නිවැරදි කිරීමක් හා මාගේ අදහස් කිහිපයක් මෙලෙස ලියා දක්වමි.සෝමරත්න දිසානායක මහතා පවසා සිටින්නේ රන් කෙවිට 02 චිත්‍රපටය හැදුවේ ඉතාමත් මෑතකදි බවත් එය රැගුම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ඇත්තේ 2013 වසරේ බවත්ය. මා රන් කෙවිට 02 චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු 2008 වසරේ මුල් කාලයේ එනම් මීට වසර පහකට පෙර ආරම්භ කළ අතර රූගත කිරීම් ඇරඹුවේ 2008 වසරේ දෙසැම්බර් 17 වැනිදාය.(ඒ පිළිබඳ ලිපි ලේඛණ සරසවිය පුවත්පත වෙත මේ සමඟ ඉදිරිපත් කරමි.) දින හතළිස් පහක පමණ කාලයක් රූපගත කිරීම් සිදුකළ නමුත් එහි බහුල වශයෙන් තිබුණු “ත්‍රිමාණ සජීවකරණ” කටයුතු ද නිම කිරීමට තවත් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත විය.දැනට වසර දෙකකට ආසන්න ඉහත කාලයකදී එහි කාර්මික පිටපත නැරඹු ඊ.ඒ.පී මණ්ඩලයේ විධායක හා අධීක්ෂක නිලධාරින් පිරිස චිත්‍රපටය ගැන අතිශයින් සෑහීමකට පත්ව එම මණ්ඩලයේ ප්‍රදර්ශනය සඳහා අනුමැතිය දී හැකි ඉක්මනින් ප්‍රදර්ශන අවස්ථාවද ලබාදීමට මා හට පොරොන්දු විය.සෝමරත්න දිසානායක මහතා පවසන්නේ, ඊ.ඒ.පී සමාගම හා රන් කෙවිට 02 චිත්‍රපටය අතර කිසිම ගිවිසුමක් නොමැති බවය. එය සත්‍යයකි. සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුව කිසියම් මණ්ඩලයක් විසින් චිත්‍රපටයක් එම මණ්ඩලයේ ප්‍රදර්ශනය සඳහා තෝරා ගත් පසු දැනුම්දීමක් කරනවා හැරෙන්නට නිෂ්පාදකවරුන් සමඟ ගිවිසුම්වලට එළඹෙන්නේ නැත. ප්‍රදර්ශන ගිවිසුම්වලට එළඹෙන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම්වන කාල වකවානුවේදීය.නමුත් සෝමරත්න දිසානායක මහතාගේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය අරභයා වූ ගිවිසුම් කාරණය ඊට වෙනස්ය. ඒ මහතා එම චිත්‍රපටය වෙනුවෙන් ඊ.ඒ.පී සමාගමෙන් ලබාගත් ණය මුදල හේතුවෙන් ගිවිසුමකට එළඹෙන්නට සිදු වූ අතර ඒ සමඟ චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීමේ දින වකවානුද යොදා ගන්නා ලදී. රන් කෙවිට 02 චිත්‍රපටය සඳහා මා එම සමාගමෙන් ණය මුදලක් ලබා නොගත් නිසා ගිවිසුමකට එළැඹීමේ අවශ්‍යතාවයක් මට හෝ ඊ.ඒ.පී සමාගමට නොවීය.2013 වසරේ ජනවාරි 01 වැනිදාට පෙර රැගුම් පාලක මණ්ඩලයෙන් අනුමත වූ අනුපිළිවෙළට චිත්‍රපට පෙන්විය යුතු බවට නීතියක් නොවූ හෙයින් බොහෝවිට සිදු වූයේ චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට ආසන්නයේදි රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි. එහෙයින් මීට දෙවසරකට පෙර සිටම රන් කෙවිට 02 චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කර තිබුණත් රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම 2013 ට පෙර හදිසි කටයුත්තක් නොවීය. (සිරි පැරකුම් චිත්‍රපටය ද රැගුම් පාලක මණ්ඩලයේ ප්‍රදර්ශන අනුමැතිය ලබා ඇත්තේ එහි ප්‍රදර්ශනයට දින කිහිපයකට පෙරය.)චිත්‍රපට මණ්ඩල පුද්ගලීකරණය අනුව චිත්‍රපටයක් තෝරා ගැනීමේ හා ප්‍රදර්ශනය කිරීමේ අයිතිය එම මණ්ඩලවල පවතින්නේ සදාචාරයටත් ඉහළින්ය. එයට අපට අභියෝග කළ නොහැක. රන් කෙවිට 02 චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට භාර ගෙන මට පොරොන්දු ලබාදුන් ප්‍රදර්ශන මණ්ඩලයෙන් ඉවත්කර ගනු ලැබුවේ ඔවුන් විසින් වරින්වර ගනු ලැබූ අවස්ථාවාදී තීරණ හේතුවෙන් මා ලැබූ සිත් වේදනාවෙනි. රන් කෙවිට 02 චිත්‍රපටය වෙනුවෙන් මා ගත කළ කාලය හා දැරූ වෙහෙස අපමණය. ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයෙන් පසුව රන් කෙවිට 02 සී.ඊ.එල් සහ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනයට නියමිතව ඇති බව තවදුරටත් දන්වා සිටිමි.
CREATIVE
නම කියන්නකෝ?රිෂි එන්ජලා.වෘත්තීය?මෝස්තර නිරූපණය. හැබැයි දැන් රංගනයටත් අවා.ඒ ගැනත් කියමු?පළමුව මං රඟපෑවේ වෙළෙඳ දැන්වීමක. ඊට පස්සේ ටෙලි නාට්‍යකට කතා කළා.ඒ මොකක්ද?විමෝජා නිලන්ති නිෂ්පාදනය කරන සඳසේයා. එහි අධ්‍යක්ෂණය තිෂූල දීප තඹවිට අයියා.සඳසේයා හී ඔබ කවුද?මම පවනි.පවනි කියන්නේ?හිතුවක්කාරියක්.ඔබත්?අපෝ මා පවනි තරම්ම හිතුවක්කාර නැහැ.ඒත් ඔබේ පෙනුමෙ තියනවා පොඩි ආඩම්බරකමක්?වෙන්න ඇති. ඕක මට කලින් සමහර අය කියලා තියෙනවා. කොහොම හරි ඒ කියපු අයම පහුකාලීනව කිව්වා මං හරිම නිහතමානියි කියලා.ඇයි මෝස්තර නිරූපණයට යොමු වුණේ?ආසාවට.ඒ වෘත්තියට ලංකවේ කොච්චර දුරට පිළිගැනීමක් තියෙනවාද?ඒක ගැන නම් කියන්න අමාරුයි. ඒත් මට හොඳයි.මෝස්තර නිරූපණය ද නිළිකම ද වඩාත් හොඳ?මගේ ගමන ආරම්භ කළේ මෝස්තර නිරූපණයෙන්. දැන් මම නිළියක්. නිළිකමට ආදරේ හිතෙනවා ඉන් ලැබෙන ජනප්‍රියකම එක්ක.රඟපාන්න ලේසි වුණාද?ඒක ගැන නම් කියන්න ඕනෑ. මට මුලදි ගොඩක් අමාරු වුණා රගපාන්න. සඳසේයා කණ්ඩායමේ හැමෝම වගේ මට උදව් කළා.රංගනය එපා වුණේ නැද්ද?කොහෙත්ම නැහැ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ රඟපෑමට ආදරයක් ඇති වුණා.රංගනයේදී ගොඩක් කැප කිරීම් කරන්න ඕන නේද?රංගනයට විතරක් නෙවෙයි, ඕනෑම ක්ෂේත්‍රයක ඉදිරියට යන්න කැප විය යුතුයි.කටකතා ගැන මොකද කියන්න තියෙන්නේ?අපි කොහොම හිටියත් හැදෙන කතා නම් නවත්වන්න බැහැ. ඒක නිසා කටකතාවලට නම් බය නැහැ.රිෂිගේ උපන් දිනය කවදාද?1988. 03. 18මොකක්ද රිෂිගේ පෙට් නේම් එක?රිෂිම තමයි.එතකොට ඉගෙන ගත්තු පාසල?මං ඉගෙන ගත්තේ මැලේෂියාවේ.ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?සංකීර්ණ කෙනෙක් වගේ පෙනුනට මං අන්තිම සරල කෙනෙක්.සටහන -ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
කලාවට තෝතැන්නක් බඳු වූ ගල්කිස්සේ උසස් බාලිකා විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුපිපි ඉමාෂා කරුණාරත්න කියන්නේ දක්ෂ දැරියකි. පසුගියදා (පසුගිය ජූනි මස 08 වැනිදා) පැවැති අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශය මඟින් පවත්වන්නට යෙදුණු සමස්ත ලංකා නාට්‍ය තරගාවලියේදී ඇය වසරේ හොඳම නිළිය ලෙස ප්‍රථම සම්මානයට පාත්‍ර වූවාය. ඒ ‘රත්තරන් මුට්ටිය’ වේදිකා නාට්‍යයේ රඟපාමිනි.‘රත්තරන් මුට්ටිය’ වේදිකා නාට්‍යයේ මම රඟපෑවේ ට්‍රොබිලස් ගේ චරිතයයි. මේ නාට්‍ය නිර්මාණය වුණේ ග්‍රීක නාට්‍යයක් ඇසුරෙන්. මේ නාට්‍ය වෙනුවෙන් අපේ නාට්‍යයට සම්මාන හතක් හිමි වුණා.මට වගේම මල්කි ෂෙහානි හා අංජනා තරුප්‍රභා කියන මගේ සහෝදරියන් දෙදෙනාටත් හොඳම නිළිය දෙවන, තෙවන ස්ථාන ලැබුණා. ඔසිනි කිත්මාට ලැබුණේ කුසලතා සම්මානයක්. සියලු දෙනා අතරෙන්ම පළමු තැන ලබා ගැනීමට ලැබීම මට සතුටට කරුණක්.මම මුලින්ම රංගන කටයුතුවලට යොමු වන්නේ අවුරුදු පහේදී පමණ වයසේදී. ‘කඳුළක් ඉකි බින්දා’ කියන වේදිකා නාට්‍යයේ පූසෙකුගේ චරිතය රඟපෑමෙන්. ඊට පස්සේ ‘අපි හැමදාම යාළුයි’, ‘ඉතුරුම් දිවිය’ වගේ වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. එතැනින් නොනැවතුණු මා ‘සරා’, ‘දරුවනේ’, ‘මවුස්’, ‘මහින්දාගමනය’ වගේ චිත්‍රපටවලටත් රංගනයෙන් සහභාගි වුණා.මා රඟපෑ මහේෂ් ප්‍රදීප්ගේ ‘නීරෝ හීරෝ’ කියන චිත්‍රපටය ඉදිරියේ තිරගත වේවි. පුංචි තිරයේදී විකාශය වූ ‘රිදී සිත්තම්’ කියන්නේ මගේ රංගන දිවියට සුවිශේෂ වූ ටෙලි නාට්‍යයක්. ඒ එහි ප්‍රධාන චරිතය රඟපෑ වර්ෂාගේ කුඩා කාලයට රඟපෑමයි. ශ්‍රියන්ත මෙන්ඩිස් කියන ප්‍රවීණ රංගන ශිල්පියා සමඟ මට රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ මෙහිදීයි.ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ඒ නාට්‍යයේ මගේ තාත්තා හැටියට රඟපෑවේ ඔහුයි. අනුරාධ රංජිත්ගේ ‘රාවණා අඩවිය’ ටෙලි නාට්‍යයේත් මා රංගනයෙන් සහභාගී වුණේ බොහොම කැමැත්තෙන්.රංගනයට වගේම නර්තනයටත් මම කැමැතියි. ඒ නිසාම ලිට්ල් ස්ටාර් නර්තන වැඩසටහනටත් මා ඉදිරිපත් වුණා. ඒ තරගයේ දොළොස් වැනි වටය දක්වා පැමිණීමට හැකි වීමත් මගේ එක් ජයග්‍රහණයක්. ඉදිරියේදී රංගන කටයුතුවලින් ඉදිරියට යෑමටයි මා වඩාත් කැමැත්තක් දක්වන්නේ.මුල ඉඳලාම මා නාට්‍ය හා රංග කලාව විෂයයක් විදියට තෝරා ගත්තේ ඒ නිසාමයි. මගේ රංගනය වර්ධනය කර ගැනිමට මට බොහොම උදව් කරන්නේ මගේ පාසලේ නාට්‍ය හා රංග කලාව උගන්වන රංජනී ගමගේ ගුරුතුමියයි.මේ ‘රත්තරන් මුට්ටිය’ නාට්‍යයේ මා රඟපාන පුරුෂයකුගේ චරිතය නිවැරැදිව රඟපාන්නට මට උදව් කළේ ඇයයි. ඇයගේ උපදෙස් සියල්ල නිසයි මට හොඳම නිළිය වීමට හැකි වණේ. පුහුණුවීම්වලදී ඒ චරිතය සඳහා හඬ වෙනස් කරලා කතා කිරීම නිසා මගේ උගුරත් බැරැන්ඩි වුණා. මා ඇයව බොහොම ආදරයෙන් සිහිපත් කරනවා.ඒත් සමඟම මගේ රංගන කටයුතුවලට උදව් වන අපේ පාසලේ විදුහල්පතිනිය වන ගයානි ප්‍රින්ස්ලි මහත්මියටත් ස්තුතිවන්ත විය යුතුයි. මගේ ළඟින් ඉඳිමින් සියලු කටයුතුවලට උදව් වන, මාව ආරක්ෂා කරන අම්මාවත්, තාත්තාවත් මෙහිදී මා මතක් කළ යුතුයි. නිර්මාණ රැසකටම මා සහභාගි කර ගනිමින් මගේ රංගන හැකියාවන් ඔප් නංවා ගැනීමට ඉඩ ලබා දුන් අධ්‍යක්ෂ මාමලාට වගේම කලා ක්ෂේත්‍රයේ මට උදව් කළ හැමෝටම ස්තුතිය පුදනවා.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - නිරෝෂ් බටේපොළ  
CREATIVE
එහෙම අහන නේතකී ගේ වගතුග කොහොමද?වෙළෙඳ දැන්වීම්...ඔබ මොනවද හිතන්නෙ වෙළෙඳ දැන්වීම් පිළිබඳඅපෝ.... ඇඩ්ද...කතා කරන්න එපා. ඒවා ගැන...බොහෝ දෙනෙක් පවසන්නෙ එකයි.මේ ඇඩ් නිසා ටෙලි නාට්‍යයක් බලන්න බෑ. අපිට ඕන වැඩසටහනක් බලන්න බෑ. අඩුම ගානෙ ප්‍රවෘත්තිවත් බලන්න බෑනෙ. මේ කෙහෙම්මල් ඇඩ් නිසා. එක අතකින් හිතෙනවා ඇඩ් අස්සෙ ද අපි අනෙක් වැඩසටහන් බලන්නෙ කියලා.මා ඇඩ් ගැන වැඩිපුර ඇහැව්වොත් ඔබ තරමක් කේන්තියෙන් එහෙම කියාවි. මමත් ඒ මතයට ටිකක් එකඟයි. ඒ වුණාට අපි දකින නානාප්‍රකාර වෙළෙඳ දැන්වීම් අතරේ හරිම නිර්මාණශීලී ඒවා තියෙනවා නේද?ඔව්. එහෙම ඇඩ් තියෙනවා. මේ දවස්වලත් නෙත සිත ඇඳ බැඳ තබාගන්නා වෙළෙඳ දැන්වීමක් විකාශය වෙනවා. එය ලංකා බැංකුව වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක්.කිරි අත්තට පෙන්ෂන් එකක්.දැන් මතකද ඒ වෙළෙඳ දැන්වීම. ඒත් සමඟම ඒ වාක්‍ය කණ්ඩය කියන පුංචි සුරතල් කෙලි පැටික්කිව නො අනුමානව ඔබේ සිතට එන්න ඇති. කෙටියෙන්ම කිව්වොත් ඒ දැන්වීම ආලෝකවත් වී තිනේනේ ඒ පුංචිත්තිය නිසා කියලයි මට නම් හිතෙන්නේ. ඇය තව පොඩි වෙලාවකින් සරසවිය පැත්තට එනවලු. මේ වනවිට එම දැන්වීම හරහා රටම ආදරය කරන්න පටන් අරන් තියන මේ සිඟිත්තිය කවුද?අන්න.... කිරි අත්තට පැන්ෂන් දෙනකෙනා එනවා.මගෙ එහා පැත්තෙ ඉන්න තිලානි කිව්වේ හිනාවෙන ගමන්. අම්මයි අප්පච්චිවයි මැදි කරගෙන එද්දි ඇයව මට පෙනුණෙ පුංචි තාරකාවියක් ගාණට.මොකද පරක්කු වුණේ...මං ඇහැව්වේ දූ සිඟිත්තගේ හිස අතගාන ගමං.මෙයා ඉන්න ඇඩ් එක හිටිනිසා හැමෝම නවත්නව නවත්වා කතා කරනවා. සමහරු වඩා ගන්නවා.ඇගේ මව එහෙම කිව්වේ දූ දිහා බල බලා.මොකක්ද ඔයාගෙ නමනේතකී විමුදනා...ඇඹරි ඇඹරි ඇය නමෙහි අකුරු එකතු කළා.රඟපෑවට හරි ලැජ්ජයි වගේමොන පිස්සුද බලන්නකො තව ටිකකින්.නේතකීගේ අප්පච්චි කියලා කටගන්න ලැබුණෙ නැහැ, දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති මේ සිඟිති සුරතලිය දුවලා දුවලා ගිහින් නැංගා අපේ කර්තෘතුමාගෙ මේසෙ උඩට. එතනම හරි බරි ගැහිලා වාඩිවුණා. මාත් ළඟටම කිට්ටුවුණේ නේතකීගෙ තවත් විස්තර ටිකක් අහගන්න.ඔන්න මං අහන ප්‍රශ්නවලට බබා හොඳට උත්තර දෙන්න ඕනහැබැයි අමාරු ප්‍රශ්න දාන්න එපා.නේතකීගේ හුරතල් හඬ දැන් සරසවිය පුරා පැතිර යයි.නේතකීගේ වයස කීයද? මොන්ටිසෝරි නේද යන්නෙ?ඔව්. ඔව්. අවුරුදු හතරයි මාස අටයි. ඕ.කේ.අයි. පෙර පාසලටයි යන්නෙ.රඟපාන්න ආසද?ආසයි. ආසයි. දැන් ඇඩ් ගොඩාරියක් කළා. නූරි කියලා ටෙලි නාට්‍යයකත් රඟපෑවා. භාතිය සන්තුෂ් අංකල්ලගෙ වීඩියෝ එකකත් ඉන්නවා.ගොඩක් මාමලා නැන්දලා ඔයාව දැනගත්තෙ පැන්ෂන් ඇඩ් එකෙන් නේද?නේතකී ඒ ප්‍රශ්නෙට ඔළුව වැනුවා.කවුද ඒකට දූට කතා කළේ?වසන්ත දුක්ගන්නාරාළ. එයා මගෙ ලොකු අප්පච්චි. එයා තමයි මේ ඇඩ් එක කළේ.ඒ ඇඩ් එක ෂූටිං කරන දවසෙ නේතකී සැරින් සැරේ ඇඬුවා කියලා මට දැනගන්නට ලැබුණා...?අනේ එදා මගෙ වයසෙ යාළුවො කවුරුවත් හිටියෙ නැහැ. ඒකයි ඇඬුවෙ.එදා තව පොඩ්ඩෙන් නේතකී බයිසිකලයෙන් වැටෙනවලු නේද?වෙලාවට අප්පච්චි ළඟ හිටියා. ලකී අංකල් තමයි මාවත් තියාගෙන බයිසිකලය පැදගෙන ආවෙ. ෂූට් එක ඉවරවෙද්දි එයා නවත්වලා බයිසිකලෙන් බැස්සා. අංකල් හිතාගෙන ඉඳලා තියෙන්නෙ ඒක කවුරුහරි අල්ලගෙන ඉන්නවා කියලා. ඉතින් ලකී අංකල් බයිසිකලය අතෑරපු ගමන් ඒක පෙරලුනා. අප්පච්චි ටක් ගාලා මාව අල්ලගත්තා. නැත්නම් ඩොග් ගාලා මමත් බිම දොයි.ඇඩ් එක දැකලා මොන්ටිසෝරියෙ යාළුවො මොනවද කියන්නෙ?පෙන්ෂන් ඉල්ලනවා. එයාලා විතරක් නෙවෙයි දකින් දකින හැමෝම පෙන්ෂන් ඉල්ලනවා.මටත් පෙන්ෂන් එකක් දෙනවද?මා ඇසූ ඒ පැනයට නේතකී සිඟිති ඇඟිලි මුවමත තබාගෙන හයියෙන් හිනාවුණා.නේතකී විමුදනා කියන නමේ තේරුම මොකක්ද?අප්පච්චි නම් කියන්නෙ ඒකේ තේරුම නීතිය සහ විමුක්තිය කියලා.නේතකීගේ අම්මයි අප්පච්චියි ගැන කියමුකො...?අම්මා කෞශල්‍යා රණසිංහ, අප්පච්චි අශේන් නිශාන්ත. මං නිතරම ඉන්නෙ අච්චි අම්මත් එක්ක.එතකොට ගෙවල් කොහෙද?මුල්ලේරියාව නව නගරයේ.නේතකී ගෙදර ඉන්න වෙලාවට මොකද කරන්නෙ?මං ආසයි මගෙ ටෙඩි බෙයාර්ලට උගන්වන්න. තව.... සිංදු කියනවා, නටනවා.නේතකී නිතරම ඉල්ලන කෑමක් ගැන අප්පච්චි මට කිව්වා?අපොයි. අප්පච්චි කිව්වද මං ආසම කෑම කොත්තු කියලා. කොත්තු තියනවානම් මට මුකුත් ඕන නැහැ.නේතකී ඒක කියපු විදිහට අපි හැමෝටම බකස් ගාලා හිනා ගියා. මේ සොඳුරු සුරතලිය ඊළඟට අපේ මාලන් අයියාගේ කැමරාව ඉදිරියේ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේ කිසිම බයකින් තොරව.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
1950 දස්කොන් නාට්‍ය රචනා කරමින් හා නිෂ්පාදනය කරමින් කලා ක්ෂේත්‍රයට පැමිණි ප්‍රේමලාල් චන්ද්‍රසිරි නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු හා නළුවකු ලෙසින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණියේය. ටවර්හෝල් නාට්‍යවල මුල්පෙළ නියෝජනය කළ ප්‍රේමලාල් සිංහල වේදිකා නාට්‍ය ගණනාවකට සිය කුසලතාවයන් එක්කර ඇත. සුරා සූදු අන්තුවා, කලාකාරයෝ, පුදුම යක්කු, පංච කල්‍යාණි, පිළිගත් වරද ආදී වේදිකා නාට්‍ය රැසකින් ඔහු පේ‍්‍රක්ෂකයන් අතරට එක්විය. වසන්ත කුමාර සමඟ දේව විමුක්ති නාට්‍ය නිර්මාණය කළ ඔහු රුක්මණී දේවි, එඩී ජයමාන්න සමඟ මතභේදය චිත්‍රපටයේ ද රඟපෑවේය.පනහ දශකයේ පටන් හැත්තෑව දශකය තෙක් කලා ලෝකයේ පතාකයන් සමඟ උරෙන් උර ගැටුණු ප්‍රේමලාල් චන්ද්‍රසිරි විශ්ව කළාලය ළමා පදනම හරහා සිය කලා කටයුතු යළිත් අරඹා ඇත.බොහෝ විට කලාකරුවකු මිනිසුන් තුළ රැඳී සිටිනුයේ තම නිර්මාණත් සමඟය. බොහෝ කලක් නිර්මාණයන් ඔහු අතින් නිර්මාණය නොවීම මත ඒ කලාකරුවා මිනිසුන් තුළින් ඈත් වී යයි. එවන් වූ පසුබිමක් තුළ ප්‍රේමලාල් වැනි කලාකරුවන්ට අද කලා ක්ෂේතත්‍රයේ දොරටු විවර වීමද ගැටලු සහගතය. මෙවන් පසුබිමක් තුළ ළමා පරපුර දැනුවත් කිරීමේ එක් පියවරක් ලෙසින් ඔහු විශ්ව කළාලය ළමා පදනම ආරම්භ කොට ඇත. ඒ තුළින් ඔහු ළමා පරපුර සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් බේරා ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කොට ඇත. කලාවට තිබෙන ආදරය නිසාම යම් යම් ශාරීරික අපහසුතා තිබුණ ද ජීවිතයේ ඉදිරි කාලයත් කලාව වෙනුවෙන් කැප කිරීමට ප්‍රේමලාල් චන්ද්‍රසිරි අධිෂ්ඨාන කොට ඇත.නො. 181, ජයගත් මාවත, දළුපිටිය, කඩවත ඔහුගේ ලිපිනයයි.- චන්දනඡායාරූප – මාලන්
CREATIVE
නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමා සිතුවම තන්හා රතී රඟා ජූලියන් ඩුබියුග් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිල තේරීමේ අංශයට තේරී පත් වී තිබේ. එම උළෙල මෙම මස 23 වැනිදා සිට 27 දක්වා අමෙරිකාවේ ජුලියන් ඩුබියුන් නගරයේදී පැවැත්වෙයි.නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙහි තිර රචනය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ගෙනි. සම අධ්‍යක්ෂණයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් නතාෂා ඩ්‍රීම් එක් වී සිටී. නිලේන්ද්‍ර, සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදකවරුන්ය. ධනුෂ්ක ගුණතිලකගේ කැමරා අධ්‍යක්ෂණයකි. රොබ් නේවිස් නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදකවරියයි. නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, තපස් නායක් ශබ්ද සැලසුමෙන් ද, සහාය අධ්‍යක්ෂණයෙන් වෙරෝනිකා මාරසිංහ ද තන්හා රතී රඟා සඳහා දායකත්වය සපයා ඇත.සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නිමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලී තන්හා රතී රඟා රංගනයෙන් හැඩ කරයි.ප්‍රසාද් 
CREATIVE
මහාචාර්ය රෝහණලක්ෂ්මන් පියදාසමා ලියූ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය හා සේවාව පිළිබඳ කියැවෙන ඡායාරූප ග්‍රන්ථයක් සංස්කරණය කරමින් තමයි කාලය ගත කරන්නේ.ඊට අමතරව එතුමා පිළිබඳ ලියැවුණු සාරවත් ලිපියක් ඉංග්‍රීසි හා සිංහලෙන් ද පළ වෙනවා. මේ ග්‍රන්ථයට අමතරව මේ දවස්වල අනගාරික ධර්මපාලතුමා පිළිබඳ කළ වාර්තා වැඩසටහනේ සංස්කරණ කටයුතුත් සිදු වෙනවා.
CREATIVE
ලබන ඉරු දින එනම් 26 වැනිදා රාත්‍රී 10 ට විකාශය වන තඹරවිල වැඩ සටහන ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් වෙන් වේ.මෙහි සංගීතය මෙහෙයවීම විශාරද මනෝජ් පීරිස්ගෙනි. තඹරවිල උදය තෙන්නකෝන්ගේ නිෂ්පාදනයකි.ප්‍රසාද්
CREATIVE
ගාමිණි ෆොන්සේකා අනුස්මරණ උළෙලේදී රූපයේ දැක්වෙන අයුරෙන් ඔවුන් අතර කතාබහ රසවත් ලෙස ලියා මේ ඔක්තෝබර් 16 වැනිදාට පෙර ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.
CREATIVE
ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි නුවන්ගී ලියනගේ පසුගිය සිකුරාදා යුගදිවියට පිවිසියාය. ඇයගේ සහකරුවා වූයේ ප්‍රවීණ වූෂු සටන් ශිල්පියකු වු ප්‍රසන්න ජයවීරයි. ‘නිදි කුමාරි, තරුපිරි අහස, සේපාලිකා, එක්ටැම් ගේ’ නුවන්ගී රඟ පෑ ටෙලි නාට්‍ය කිහිපයකි. ‘වෑකන්ද වලව්ව’ චිත්‍රපටයේත් ඇය චරිතයක් නිරූපණය කළාය.නුවන්ගී ට ප්‍රසන්න හමුවූයේ ගුටිබැට හුවමාරුවකට ගොස් සිටියදීය. සාමාන්‍යයෙන් නිළියක් වුණාම හැම දෙයක්ම ප්‍රගුණ කරලා තියෙන්න එපායැ. කාර් පදින්න, අශ්වයො පිටේ යන්න, සටන් කරන්න, නටන්න, ගයන්න, පිහිනන්න මේ හැම දෙයක්ම දන්නවනම් රඟපෑමේ චාන්ස් එක වැඩියි.නුවන්ගීටත් ඕනැ වුණා සටන් කලාව හදාරන්න. ඒ සඳහා ඇයට ප්‍රසන්නව මුණ ගැස්සුවේ චිත්‍රපට සටන් අධ්‍යක්‍ෂවරයකු වූ සුමිත් මුදන්නායකයි. ප්‍රසන්නත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඔහු මේ දක්වා චිත්‍රපට 12 ක පමණ සටන් අධ්‍යක්‍ෂවරයකු ලෙසින් කටයුතු කරලා තියෙනවා.ප්‍රසන්න දැනට යුද හමුදාවේ වූෂු සටන් උපදේශකවරයකු ලෙසින් කටයුතු කරනවා. නුවන්ගී ප්‍රසන්නගෙන් වූෂු සටන් කලාව හදාරන කාලයේ ඔවුන් දෙදෙනාටම නොදැනී පෙම්වතුන් බවට පත් වෙලා. ඒක විවාහය දක්වා ගෙනියන්න ‘කපුකම’ කරලා තියෙන්නේ සුමිත් මුදන්නායකයි.නුවන්ගී ගේ විවාහ උත්සවය පැවැත්වූයේ කෝට්ටේ ‘සෝලීස්’ උත්සව ශාලාවේයි. ඇයව ලස්සනට හැඩ ගැන්වූයේ රූපලාවණ්‍ය ශිල්පිනී අරුණි සිල්වායි. මංගල උත්සවය ආවරණය කළේ ඡායාරූප ශිල්පි ශාන්ත හෙට්ටිගේයි. වීඩියෝ කරණය සඳහා අනුග්‍රහය දැක්වූයේ කෝම්මල ගේයි.නුවන්ගී ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියක් ලෙසින් ද නොබෝදා කලා ලොවට එක්වූවාය. ඒ ඉදිරියේ දී විකාශනය වීමට නියමිත ඈ නිෂ්පාදනය කළ ‘වීදුරු මලක්’ ටෙලි වෘතාන්තයෙනි.ටෙලි නාට්‍ය නිළි ලක්‍ෂිකා ෆොන්සේකා සමඟ.ක්ලීටස් මෙන්ඩිස් සමඟ.සංකේත් වික්‍රමගේ, මානෙල් වානගුරු, ආතර් යූ. අමරසේන, ශි‍්‍රයානි අමරසේන, දමිතා අබේරත්න, විශාඛා සිරිවර්ධන සහ රුවන් වික්‍රමසිංහ සමඟ.මධු මාධව අරවින්ද සහ රොජර් සෙනෙවිරත්න නව යුවළ සමඟ.ප්‍රසන්න කහපලආරච්චි, මාලි ජයවීර, සුසිලා කෝට්ටගේ, ලයනල් වික්‍රමගේ, සමදරා ආරියවංශ සහ මනෝහාරී විමලතුංග නව යුවළට සුබ පතන්න ඇවිත්.විවාහයට ‘කපුකම’ කළ චිත්‍රපට සටන් අධ්‍යක්‍ෂ සුමිත් මුදන්නායක සමඟ.සටහන හා සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
ලන්ඩන් නුවර රාජකීය සිනමා දැක්මට විලියම් - කේට් රාජකීය යුවළ පැමිණියේ සුපුරුදු මන්දහාසයෙනි. ‘මැන්ඩෙලා ලෝංග් වෝක් ටු ෆ‍්‍රීඩම්’, නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය නැරැඹීමට දෙසැම්බර් 5 වැනි බ්‍රහස්පතින්දා ඔවුන් පැමිණෙන විට බ්‍රිතාන්‍ය වේලාව පස්වරු 6.50 පමණ විය. සිනමාපටය ඇරැඹීමට මිනිත්තුවකට පෙර රාජකීය ආරක්ෂක නිලධාරියා, කුමරියගේ පෞද්ගලික ලේකම්වරයාට කියා සිටියේ ‘මොහොතකට පෙර මැන්ඩෙලා මහත්තයා මිය ගියා’ යන පුවතයි. කේට් කුමරියගේ නෙත් කඳුළින් තෙත් විය. විලියම් කුමරු කඳුළු දිරියෙන් සඟවා ගත්තේය.සුදු අධිරාජ්‍යයේ රාජකීයයන් තමන්ගේම සුදු ජාතිකයන්ගෙන් උපන් දේශය ගලවාගත් කළු ජාතිකයාගේ වීරත්වය වෙනුවෙන් ඔහු මියගිය මොහොතේම උණු කඳුළින් දෙනෙත් තෙත්කර ගැනීම දෛවෝපගතය.විසි හත් වසරක් සිරබත් කෑ මේ වීරයාගේ ජීවිත කතාව ද මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං වැනි වීරයන්ගේ චරිතාපදාන සේම ඉතිහාසගතය. සිනමාගතය. සෙලියුලොයිඩ් පටියට අභිමානයක් කැන්දන නෙල්සන් මැන්ඩෙලා චරිතය ඔහු ජීවත්ව සිටියදීම සිනමාවට නැගුණි. ජීවත්ව සිටිය දී වැඩිම වාර ගණනක් සිනමාවට නැගුණු චරිතය ද මැන්ඩෙලා විය යුතුය.* මැන්ඩෙලා (1987)හෝම් බොක්ස් ඔෆිස් (එච් බී ඕ) නම් අමෙරිකාවේ පුරෝගාමී කේබල් චන්ද්‍රිකා රූපවාහිනී ජාලය මඟින් විකාශය කළ ‘මැන්ඩෙලා’ ටෙලි සිනමාපටයේ නෙල්සන් මැන්ඩෙලා ලෙස රැඟුවේ ඩැනී ග්ලෝවර්ය. මෙය පිලිප් සැවිල් ගේ අධ්‍යක්ෂණයකි. තිර පිටපත රොනල්ඩ් හාවුඩ්ගේය.* මැන්ඩෙලා ඩි ක්ලාර්ක් (1997)සිඩ්නි පොයිටර් මැන්ඩෙලාට පණ පෙවූ ‘මැන්ඩෙලා ඩි ක්ලාර්ක්’ ටෙලි සිනමාපටයේ 1964 ජූනි 12 වැනිදා මැන්ඩෙලා සිරගත වූ දින සිට දකුණු අප්‍රිකාව නිදහස ලබන දා දක්වා සියලු ඓතිහාසික කරුණු අන්තර්ගතය. මෙය රූගත කර ඇත්තේත් දකුණු අප්‍රිකාවේය. සිදුවීම්වලට අදාළ තැන්වලම සිනමාපටය රූගත කර තිබීම ද සුවිශේෂීය. මේ නිර්මාණය සම්මාන ගණනක් සඳහා නිර්දේශ විය.* ගුඩ් බායි බෆානා (2007)මෙය ‘ද කලර් ඔෆ් ෆ‍්‍රීඩම්’ නමින් අමෙරිකාවේ ඩීවීඩී තැටි මඟින් ද අලෙවි කරන ලදී. බිල් ඕගස්්ට්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි නෙල්සන් මැන්ඩෙලා සහ ජේම්ස් ග්‍රෙගරි අතර ඇති සබඳතාව විග්‍රහ කෙරෙයි. සිනමාපටයේ නෙල්සන් මැන්ඩෙලාට පණ පෙව්වේ ඩෙනිස් හර්බර්ට්ය. මැන්ඩෙලා, ජේම්ස්ගේ නිරීක්ෂණය යටතේ සිටියදී ග්‍රෙගරිගේ පවුල් ජීවිතයේ සිදු වූ වෙනස්කම් ද සිනමාපටයෙන් අපූරුවට විදහා දක්වයි.* මිසිස් මැන්ඩෙලා (2009)බීබීසී චැනලයෙන් විකාශය කළ ටෙලි සිනමා සිත්තමකි. ඩේවිඩ් හෙයාර්වුඩ් මෙහි මැන්ඩෙලා ලෙස රඟපෑවේය. මෙය විනී මැන්ඩෙලා, නෙල්සන් මැන්ඩෙලා යුග දිවිය, දේශපාලනය ගැන කෙරෙන විවරණයකි.* ඉන්වික්ටස් (2009)ජෝන් කාලින්ගේ ‘ප්ලෙයිං ද එනිමි නෙල්සන් මැන්ඩෙලා ඇන්ඩ් ද ගේම් දැට් මේඩ් අ නේෂන්’ කෘතිය ඇසුරින් තිරයට නඟන ලද්දකි. 1995 රග්බි ලෝක කුසලානය කාලයේ හා ඊට පෙර සිදුවීම් මෙහි අන්තර්ගතය.සිනමාපටය 2009 දෙසැම්බර් 11 වැනි දින අමෙරිකාවේ මුල්වරට තිරගත කරන ලදී. ඉන්වික්ටස් යන ලතින් වචනයේ අපරාජිත, පරාජය කළ නොහැකි යන අරුත ගැබ් වී පවතී.සිනමාපටය විචාරක අගැයුමට ලක්වූවකි. ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට මෙහි නෙල්සන් මැන්ඩෙලා ලෙස රැඟූ මෝගන් ෆ‍්‍රීමන් ද, හොඳම සහාය නළුවා ලෙස මැට් ඩේමාන් (ෆ‍්‍රැන්කොයිස් පීනාර්) ද නිර්දේශ විය.* විනී මැන්ඩෙලා (2011)ඈන් මාරි ඩු ප්‍රීස් බෙස්රොබ්ස්ගේ විනී මැන්ඩෙලා ජීවන චරිතය ඇසුරින් ‘විනී මැන්ඩෙලා අ ලයිෆ්’ සිනමාපටය නිර්මාණය වී තිබේ. ඩැරල් රූඩ්ගේ අධ්‍යක්ෂණයේ නෙල්සන් මැන්ඩෙලා චරිතය නිරූපණය කර තිබෙන්නේ ටෙරන්ස් හෝවඩ්ය. සිනමාපටය 2011 සැප්තැම්බර් 26 වැනිදා ටොරොන්ටෝ සිනමා උළෙලේ දී තිරගත කෙරුණු අතර එය අමෙරිකාවේ මුල්වරට තිරගත කෙරුණේ 2013 සැප්තැම්බර් 6 වැනි දිනයි.* මැන්ඩෙලා : ලෝංග් වෝක් ටුෆ‍්‍රීඩම් (2013)1994 වසරේ ප්‍රකාශිත ‘ලෝංග් වෝක් ටු ෆ‍්‍රීඩම්’ කෘතිය පාදක කරගෙන නිර්මාණය වුණු මැන්ඩෙලා ජීවත්ව සිටියදී තිරගත වුණු ඔහු පිළිබඳ අවසන් සිනමාපටයයි. සිනමාපටය මුල්වරට 2013 සැප්තැම්බර් 7 වැනිදා ටොරොන්ටෝ සිනමා උළෙලේදී තිරගත විය. එය ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ නිල වශයෙන් නිම කරමින් තිරගත වූයේ නොවැම්බර් 30 දාය. ඒ මැන්ඩෙලා මිය යාමට සතියකටත් අඩු කාලයකදීයි. අයිඩ්‍රිස් එල්බා සිනමාපටයේ නෙල්සන් මැන්ඩෙලා ලෙස රැඟුවේය.නෙල්සන් මැන්ඩෙලාම තම චරිතයට පණ පෙවූ මැන්ඩෙලා (1996) වාර්තා වැඩසටහන ඔහුගේ පළමු නිල චරිතාපදාන සිනමාපටය වෙයි. මේ වාර්තා වැඩසටහන ඔස්කාර් සම්මාන සඳහා ද නිර්දේශ විය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශ ප්‍රධානි වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වැඩසටහන්වරයා විදියට හිටිය තිලක් ගුණවර්ධනගේ පාඨමාලාවේ ශිෂ්‍යයෝ අලුත් වැඩක් කරලා.ඒ නර්තන නිර්මාණ සංකලනයක් සමඟ කෙටි නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කිරීමයි. චම්මි අසංකාගේ නර්තන නිර්මාණ සංකලනයෙන් වේදිකා ගත වෙන්නේ දිලුක්ෂ මනෝජ්ගේ ‘ඔන්න හොරෝ කවි’ හා ධනුෂ්ක අනුරාධගේ ‘දෛවයේ ගමනාන්තයක්’ කෙටි නාට්‍යය ද්විත්වයයි. ‘ඔන්න හොරෝ කවි’ කෙටි නාට්‍යයේ ෂර්මිලා, දිලුක්ෂ, බන්දු යන අය වගේම ‘දෛවයේ ගමනාන්තයක්’ කෙටි නාට්‍යයේ ක්‍රිෂාණි, විරාජ්, ජාලිය, දුමිඳු, පවිත්‍රා, මල්ක කියන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රඟපානවා. ඊට අමතරව ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යයයේ ජවනිකාවක් ද එදාට වේදිකා ගත වෙනවා.ඒ මේ මාසයේ 22 වැනිදා ඉරිදා පෙරවරු 10.30 ට හැව්ලොක් ටවුන්වල ලුම්බිණි රඟහලේ. එදාට මේ දරු දැරියන්ගේ දස්කම් බලන්න සම්මානනීය ලේඛක සෝමවීර සේනානායකත් එතැනට එන බව ආරංචි වුණා.ඔහුගේ ප්‍රධානත්වයෙන් විශාරද ජයන්ත අරවින්ද, ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරු කේ. එන්. ගුණවර්ධන, සුමින්ද සිරිසේන, ලියෝනි කොතලාවල, එස්. විශ්වනාදන්, දයාරත්න රටගෙදර, එස්. පී. ජයසුන්දර යන විශේෂ ආරාධිත ශිල්පීන් එදාට පැමිණීමට නියමිතයි. බක්මහේදී නොමිලේ පැවැත්වෙන මේ කටයුත්ත බලන්න ඔබටත් ඔවුන් ආරාධනා කරනවා.ඡායාරූප ශිල්පිනියක හා ලේඛිකාවක වන ශ්‍යාමා විතාන ගේ ‘ප්‍රතිභා සංකලන’ ඡායාරූප ප්‍රදර්ශනය සහ චිත්‍ර ප්‍රදර්ශනයත් ‘සෙව්වන්දියක්’ නම් නවකතාව සහ ‘පොරොන්දු දේශය’ චිත්‍ර කතාව දොරට වැඩීමේ උත්සවය පසුගියදා ජාඇල සමීර උත්සව ශාලාවේදී පැවැත්විණ.‘ප්‍රතිභා සංකලන’ ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ශා්‍යාමාගේ විසිපස් වසරක් කලා දිවියේ තෙවැනි ඇසින් දුටු රස මුසු තැන් එළි දැක්වීම විශේෂත්වයකි.ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලේඛිකාව සිය කෘති එම උත්සව අවස්ථාවට සහභාගි වූ ‘ආරෝග්‍යා’ පුවත්පතෙහි කර්තෘ දීප්ති ෆොන්සේකාට පිළිගන්වන අයුරුයි.අප කවුරුත් දන්න හඳුනන ප්‍රවීණ ගායක ශිල්පී අමරසිරි පීරිස්ගේ අනුමැතිය ඇතිව කෙරෙනා ‘ශාස්ත්‍රා භූමි’ කලායතනයේ ශිෂ්‍යාවන් බක් මහේ 25 වැනිදා සවස 6.30 ට හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේ නර්තන ප්‍රසංගයක් පවත්වන්නයි මේ සූදානම් වෙන්නේ.‘ශාස්ත්‍රා’ කියන මේ නර්තන ප්‍රසංගය පැවැත්වෙන්නේ අමාලි දීපිකා දහනායකගේ ඉදිරිපත් කිරීමක් ලෙසින්.නිරෝජිත් මනෝරත්නගේ කුළුඳුල් ගී කළඹ ‘සුන්දරයි ජීවිතේ’ නම් සංයුක්ත තැටියපසුගියදා දොරට වැඩිණ.මෙහි ගීතවල පද රචනා හා තනු නිර්මාණයන් බන්ධුල කේ. ජාගොඩ, ජයන්ත ගමගේ යන ශිල්පීන්ගේයි. සංගීත සංයෝජනය ජයන්ත ගමගේ සිදු කර ඇත. රංජිත් මනෝරත්නගේ නිෂ්පාදනයකි.‘ඕලු ටෙලි නාට්‍ය පාඨක මෙන්මපේ‍්‍රක්ෂකයන්ගේ අවධානයට පාත්‍ර වුණු කුමාර කරුණාරත්නගේ ‘ඕලු’නවකතාවේ කාණ්ඩ පහ නැවතත් ඔබ අතට රැගෙන එන්නට මේ දිනවල සූදානම්.ඒ මේ අවුරුදු මාසයේ 24 වැනිදා පෙරවරු 10.00 ට දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී.අප්‍රේල් 21 සහ 22 වැනිදාබක් මහේ නැඟෙන අසිරියත් අරගෙන සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යය තැන් දෙකක වේදිකා ගත කරන්නයි ඔහු සූදානම් වෙන්නේ.ඒ 21 වැනිදා මීගමුව නගර ශාලාවේත්, 22 වැනිදා මරදාන ටවර් රඟහලේත්.- තිලානි ශානිකා විතානාච්චි
CREATIVE
රඟපෑවත්, රඟ නොපෑවත් ඇය ගැන කෙරෙන කතා බහ නම් නිමක් නැත. ඓශ්වර්යා රායි බච්චන් මීළඟ සිනමාරංගනය ගැන කතා නොකරන්නේ යළිත් මවක වීමේ කැමැත්තෙන් සිටින නිසා කියා පසුගියදා රාවයක් පැතිරුණි.අලුත්ම ආරංචියට අනුව ඈෂ් දූ සිඟිත්තිය, ආරධ්‍යා සමඟ ප්‍රංශයේ කාන් සිනමා උළෙලට යාමට සූදානමින් සිටින්නීය. මේ ආරධ්‍යාගේ දෙවැනි විදෙස් ගමනයි. එහිදී ඇයට ඡායාරූප ශිල්පීන්ගෙන්, කැමරා ශිල්පීන්ගෙන් බේරුමක් ලැබේවිද?ඈෂ්ගේ මුහුණ කෑන්ස් උළෙලේ සුපුරුදු මුහුණකි.ඈෂ් මේ ගත කරන්නේ සතුට උතුරා යන කාලයකි. ඈෂ් - අභි යුවළ අප්‍රේල් 20 වැනිදා සැමරුවේ පස් වැනි විවාහ සංවත්සරයයි. ඇය ආරධ්‍යාට පසුගිය දිනක පෝලියෝ එන්නත ලබා දුන්නාය.‘යේ ජවානි හයි දීවානි’ සිනමා පටයේ රඟන්නට දීපිකා පදුකෝන් සහ රන්බීර් කපූර් හිටපු පෙම්වතුන් යුවළ එක් වූයේ අතීතය, රංගනයට බාධාවක් නොවන බව පවසමිනි.එහෙත් එහි අධ්‍යක්ෂ ආයන් මුඛර්ජි රූගත කිරීම්වලදී පිටපතේ තිබූ සිප වැළැඳ ගැනීමේ දර්ශන කිහිපයක්ම ඉවත් කර තිබේ. එසේ කර ඇත්තේ ඒ දර්ශනවලින් දෙදෙනාම අපහසුතාවට පත් විය හැකි බව ආයන් හොඳටම දන්නා නිසයි.සාම්ප්‍රදායික ගති සිරිත් පිරි භාරතයේසම්මතයෙන් බැහැර වී උඩුගං බලා යාම පහසු කාරණයක් නොවේ. එහෙත් බොහෝ අසම්මත පණිවුඩ අපූරුවට කා වැද්දීමේ හැකියාවක් මායාකාර සිනමා සිත්තමකට තිබේ.ඒ සිනමා සිත්තමක රජ කරන්නේ ඔවුන්ගේ සිත්වල රජ කරන දේවතාවන් සහ දේවතාවියන් නිසයි.‘විකි ඩෝනර්’ විසි එක් වැනි සියවසේ බොලිවුඩ් නිර්මාණ අතර උඩුගං බලා යන එවන් සිනමා පටයකි.ආදරයයි, හාස්‍යයයි එකට කැටි කළ මේ සිනමා පටය ශුක්‍රාණු පරිත්‍යාගය, මඳසරු බව කතා තේමාව කරගත් වෙනස්ම නිර්මාණයකි. සිනමා පටය නිෂ්පාදනය කරන්නේ ජෝන් ඒබ්‍රහම්ය.මෑතක සිට බොලිවුඩය නව විෂය තේමාවන් කතා කිරීමට වැඩි කැමැත්තක් දක්වන පාටය. ‘ඩිස්ලෙක්සියා’නම් ඉගෙනුම් දුෂ්කරතාවෙන් පීඩා විඳින දරුවකු වටා ගෙතුණු ‘තාරේ සමින් පර්’, ‘ඩිල්ලි බෙලි’, ‘අබ් හෝගා ධර්නා අන්ලිමිටඩ්’ වෙනස් මඟක් ගත් කතා තේමාවන්ට හොඳම උදාහරණය.2003 වසරේ තිරගත වූ ‘භූත්’ භයංකර මතකයක් රැඳ වූ සිනමා සිත්තමකි. මෙහි දෙවැන්නට ද දැන් පිඹුරුපත් සැකසී අවසානය. දෙවැන්නෙහි විශේෂත්වය වන්නේ කලකට පසු අති දක්ෂ රංගන ශිල්පිනියකගේ, තවත් අපූරු භූමිකාවක් දකින්න ලැබෙන නිසයි.මේ සුවිශේෂී නිළිය මනිෂා කොයිරාලය.ඇය අවසන් වරට රඟපෑවේ ජාතික සම්මානයට පාත්‍ර වූ ‘අයෑම්’ සිනමා පටයේය.‘භූත්’ දෙවැන්නෙහි නම ‘බූ . . .’ ය. එය හය හැවිරිදි දැරියක වටා ගෙතුණු වෙනස්ම කතාවක් බව සිනමා පටයේ අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා පවසයි.ත්‍රිමාන තාක්ෂණය භාවිත කරමින් අගෝස්තු අවසානයේදී සිනමා පටය රූගත කිරීමට නියමිතයි.ඇය බොලිවුඩයේ අංක එකේ වැජඹෙන්නියයි. එසේ නම් ඇය සින්ඩරෙල්ලාවක් වීම, රතු හැට්ටකාරියක් වීම අරුමයක්ද? සුරූපී කත්‍රිනා මේ චරිත රඟන්නේ සිනමා පටයකට නම් නොවෙයි. චොකලට් දැන්වීමකටයි.කත්‍රිනා බොලිවුඩයේ පළමු බාර්බි බෝනික්කියයි.කත්‍රිනා මේ දැන්වීමේ පෙනී සිටීමට දිනකට රුපියල් කෝටි 1 – 1.25 ක් අය කර තිබේ. කරීනා ද දැන්වීමකට පෙනී සිටීමට දිනකට එවැනි මුදලක් අය කරන්නීය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
පසුගිය දෙසැම්බර් 11 වැනිදා බොලිවුඩය සතුටු කඳුළින් සැමරූ දිනයෙකි. මහා නළු දිලිප් කුමාර් තවත් වසරකින් ජීවන ගමනේ සියවසට ළං වීම ඊට හේතුවයි. ඔහුගේ 91 වැනි උපන් දිනයට ධර්මේන්ද්‍ර, සලීම් ඛාන් (සල්මන් ඛාන්ගේ පියා), ආශා පරේක්, හෙලන්, රාණි මුඛර්ජි වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගි වූහ.‘ශෝකාන්තයේ රජු’ යන විරුදාවලිය ලද දිලිප් භාරත සිනමා රංගනයට පිවිසුණේ ‘ජ්වාර් භාතා’ සිනමාපටයෙනි.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
තමන්ට පෙම්වතෙක් නැහැයි කියන ඇතැම් නිළියන්, එහෙම කියලා සතියක් ගත වෙද්දී විවාහ වෙලා. මේ විදියට මුසාබස් නිළියන් කියන්නේ ඇයි අර්ජුන්?කරු මන්දාවල – නාත්තන්ඩියඑය මුසාවක් වෙන්නේ කොහොමද? කවුද පෙම්වතාව විවාහ කර ගන්නේ කරු.ඉන්දියාවේ ප්‍රථමයෙන් රූගත කළ සිංහල චිත්‍රපටය කුමක්ද?වියානි ගුණවර්ධන - වෙන්නප්පුවදිව්‍ය ප්‍රේමය චිත්‍රපටය.වීණා ජයකොඩි අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ රඟපෑ චරිතය කුමක්ද?චන්ද්‍රසිරි මානවඩු - කෙරමිණිය, අම්බලන්ගොඩඇය එහි කුඩා දැරියකගේ චරිතයක් රඟපෑවා.ඔබට මතකද අර්ජුන් මල්ලි, ‘හතර වංශයේ හතර දෙනෙක්’, ‘මගේ වම් අත’ යන චිත්‍රපට තිරගත කළා ද කියලා?දයානන්ද සිල්වා - සීනිගම‘හතර වංශයෙන් හතර දෙනෙක් තිරගත වුණේ නැහැ. ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කළ ‘මගේ වම් අත’ නම් තිරගත වුණා.හැමදාම එකම අයගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ ඇයි අර්ජුන්?කරුණා වීරබාහු - නිවිතිගලඅහන්නේ එකම කට්ටියක් නිසානේ.කොලිවුඩයේ තැනුණ ‘රාවන්’, ‘සූර්’, ‘දෙයල් තිරුමගල්’ වැනි දමිළ චිත්‍රපටවල රඟපෑ ප්‍රධාන නළුවාගේ නම කුමක්ද?කේසර ආදිත්‍ය - ගම්පහවික්‍රම්.අපේ පැරැණි සිනමාහල් වැසී යන්නේ ඇයි අර්ජුන්?කේ. හේමසිරි – පානදුරසිනමාහල් වැසී යන්නේ අපේ විතරක් නොවේ. ලෝකය පුරාම පැරැණි සිනමාහල් වැසී ගොස් අලුත් අංග සම්පූර්ණ සිනමාහල් හැදෙනවා. ඒ වාගේම චිත්‍රපට ප්‍රදර්ශනය අද පවතින්නේ සිනමාහල්වල පමණක් නොවෙයි.‘මට ආලෝකෙ ගෙන දේවි’ මෙම ගීතය ඇතුළත් චිත්‍රපටය නම් කරන්න.සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ‘අයියයි මල්ලියි’ චිත්‍රපටයට.දිනේෂ් ප්‍රියසාද් මහතාගේ ලිපිනය ලබා දෙනවාද?47/ඒ/1/1, චැපල් ලේන්, නුගේගොඩ.චිත්‍රපට සංස්ථාව ඇති වුණාම අප සිතුවා සිංහල සිනමාවේ සියලු ප්‍රශ්න විසඳේවි කියලා. එහෙම නොවුණේ ඇයි?සරත් රණසිංහ – කපුගොඩමොකටද සරත් එහෙම හිතුවේ. වැරැද්ද තියෙන්නේ සිතිවිල්ලේ. ඕනැම දෙයකදී අලුත් අය මතුවීම ස්වභාවිකයි.අර්ජුන් ඔබට රඟපෑමට අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ?පී. වයි. අනුලාවතී – අවිස්සාවේල්ලරඟපානවා.‘කටේ කිරි සුවඳ යන්නට’ ධර්මදාස වල්පොල ගයන ගීතය අඩංගු චිත්‍රපටය කුමක්ද?පහල යටිගෙදර අනුලා - කුඩගමසංදේශය චිත්‍රපටයේ එම ගීතය අඩංගුයි.සැකසුම - සංජීව සම්පත් බාලසූරිය  
CREATIVE
පසුගිය මා රඟ පෑ ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේ දී විකාශය වීමට නියමිතයි. ඒ අතරම ‘ආත්මා’, ‘සඳසාවි’ කියන මා රඟ පෑ ටෙලි නාට්‍ය කිහිපයත් විකාශය වෙනවා. මේ අතර මා අලුත්ම කටයුත්තකටත් මුල පිරුවා.ඒ පොතක් ලිවීමටයි. මෙතෙක් කල් මගේ හිතේ ගොනුවුණු සිතුවිලිත්, මගේ මහත්තයා වෙනුවෙන් ලියූ කවි ආදියත් ඊට ඇතුළත් වේවි. ‘අල්ලපු ගෙදර’ වේදිකා නාට්‍යයත් නැවත ආරම්භ කරන්නත් මා සූදානම්.
CREATIVE
සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි සිතුවම වන රජවත්ත හි පළමු අදියරේ රූපගත කිරීම් සහ සංස්කරණ කටයුතු අවසන් වී තිබේ.ක්ලීටස් මෙන්ඩිස්, අයිරාංගනී සේරසිංහ, රොෂාන් පිලපිටිය, රෙබෙකා නිර්මලී, චන්දික නානායක්කාර, ගයේෂා පෙරේරා, නිලන්ති විජේසිංහ, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ, චංචලා වර්ණසූරිය, රෙහෙන්සිරි වරාගොඩ, සම්පත් ජයවීර, සංජු රොඩ්රිගෝ, කුමුදුනී අධිකාරී, ලසන්ත උඩුකුඹුර, ඩිලානි නිකහැටිය, ප්‍රේමදාස විතානගේ, අවන්ත පෙරේරා, අදීශ කාංචන, නිරෝෂා මෛත්‍රී, උදාෂිණි රත්නායක, රනිල් කොතලාවල, ජගත් ධීරසිංහ, ෂර්ලි විජේසිංහ, ඉඳුනිල් අබේසිංහ, ධම්මික අබේරත්න, රජවත්ත හි නළු නිළි කණ්ඩායමයි.ෆර්හාන් ෂාන්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. සුමිත් කුඩලිගම කලා අධ්‍යක්ෂවරයාය. ශෙහාන් ඉද්දමල්ගොඩ සහාය අධ්‍යක්ෂණයෙන් ද, නදීප් නිරෝෂන් සහ පීි . කේ. ලෙනාඩ් කැමරාකරණයෙන් ද රුවන් නෙරංජන නිෂ්පාදන කළමනාකරණයෙන් ද, තිසර සමන්ත බණ්ඩාර සංස්කරණයෙන් ද රජවත්ත හා එක්ව සිටියි.ගීත රචනය උපාලි බණ්ඩාර වීරසේකරගෙනි. චම්පා කල්හාරි තේමා ගීතය ගායනා කොට ඇත. රචනය සංජීව සමරවීරගෙන්ය. රජවත්ත ශ්‍රීනාත් චම්පික පෙරේරාගේ නිෂ්පාදනයකි.- ප්‍රසාද්‘අටංපහුර’, ‘අකාල මේඝය’, ‘දුර්ග තරණය’ කෘති ලියූ තිලක කුඩාහෙට්ටිගේ නවතම පරිවර්තන කෘතිය ‘ප්‍රතිපදා’ නමින් මෙම මස 27 වැනිදා සෙනසුරාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී එළිදකී.තිලානියූ. ධනවංශගේ ‘මනප්පු’ වේදිකා නාට්‍යය මෙම මස 20 වැනිදා මීරිගම යොවුන් රඟහලේදී වේදිකා ගතවේ. මෙහි රංගනයෙන් කුසුම් පෙරේරා උදය කුමාරි, අසංග පෙරේරා, කුමුදුනී අධිකාරි සමඟ යූ. ධනවංශ සහභාගි වෙති. වේශ නිරූපණයෙන් ප්‍රේම් ජයන්තද, රංගාලෝකයෙන් තරු සුපර් ලයිට් ද ශබ්ද පරිපාලනයෙන් දයා සවුන්ඩ් ද නිෂ්පාදන කළමනාකරණයෙන් රාජා කේ. සෙනවිරත්න සහ එස්. සමන් වීරකෝන් ද මනප්පු සඳහා දායක වෙති. සංගීතය ශ්‍රී ලාල් ලියනගේගෙනි. පස්යාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සුබසාධක සංගමයට ආධාර පිණිස මනප්පු වේදිකා ගත වේ.තිලානි ශානිකා.බර්නඩින් සිල්වා මහත්මිය සහ ඇය විසින් සාමය , සමාජ සාධාරණත්වය මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් කරන ලද කීර්තිමත් සේවය අනුස්මරණය කරනු පිණිස කාන්තා අධ්‍යාපන සහ පර්යේෂණ කේන්ද්‍රය මගින් කෙටි චිත්‍රපට තරගයක් පවත්වනු ලබයි.මෙම නිර්මාණයන් සඳහා ‘ස්ත්‍රි බලය’ තේමා කරගනිමින් ස්ත්‍රිය විසින් සිය ජීවිතය සහ සමාජය තුළ දක්වමින් සිටින විවිධ භූමිකා අන්තර්ගත විය යුතු බවට සංවිධායක මණ්ඩලය දන්වා සිටයි. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0112595296 හෝ 0112590985 යන අංකවලින් විමසිය හැකි අතර නිර්මාණ මෙම මස 31 වැනිදාට ප්‍රථම කාර්යාල වේලාවන් තුළ දී කොළඹ 06 ධර්මාරාම පාර අංක 58 දරන ලිපිිනයෙහි පිහිටි කාන්තා අධ්‍යාපනික හා පර්යේෂණ කේන්ද්‍රයට ගෙනැවිත් බාර දිය යුතුයි.- ප්‍රසාද්ළමයින්ගේ ඉංග්‍රීසි භාෂා භාවිතය යන අවබෝධය වර්ධනය කිරීම පිණිස කොළඹ පොත් සංගමය මඟින් වාර්ෂිකව පැවැත්වෙන ඉංග්‍රීසි දින තරඟාවලියට නිර්මාණ භාරගැනීම මෙම මස 22 වැනිදා දිනයේ අවසන් වේ.ඉංග්‍රීසි රචනා සහ අත් අකුරු තරගවලට දිවයින පුරා සිටින ළමයින්ට ඉදිරිපත්වීමේ අවස්ථාව ඇති අතර අනෙක් වාචික තරඟ සඳහාද ඉදිරිපත් වන ළමයින් මෙම මස 28 වෙනිදා කොළඹදී පැවැත්වෙන තරඟ සඳහා සහභාගි විය යුතුය. වසය අවුරුදු 18 අඩු සියලුම ළමයින්ට මේ තරඟ සඳහා ඉදිරිපත් විය හැකිය. 0718153788 දුරකතනයට ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට හැකියි.තිලානිසරසවිය පුවත්පතත් සිංහ ගුවන් විදුලි නාලිකාවත් අත්වැල් බැඳ ආරම්භ කළ සිංහල සිනමාවේ තොරතුරු රැගත් ‘සිනෙ රූ ගී’ වැඩසටහනෙහි මෙවර කතා බහට ලක්වනුයේ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්‍ෂණය කළ ‘සැඩ සුළං’ චිත්‍රපටයයි. අතිශය ජනපි‍්‍රය ගීත 19 කින් සමන්විත මෙම විචිත්‍රවත් සිනමාපටය භාරතීය ගීත කෝකිලාව එනම් ලතා මංගේෂ්කාර් ගී ගැයූ එකම සිංහල චිත්‍රපටය වේ.ප්‍රේම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත් ඇතුළු එකල ජනපි‍්‍ර නළු නිළියන් රැසක් රඟන මෙහි සංගීත අධ්‍යක්‍ෂණය දක්‍ෂිණ මූර්ති ගෙනි.සිනෙ රූ ගී නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම අනූෂා රණසිංහ විසිනි. මෙය 20 වැනි සෙනසුරාදා දහවල් 12.30 සිට සවස 4.00 දක්වා සිංහ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය වේ.ප්‍රසාද්
CREATIVE
නාට්‍ය අධ්‍යක්‍ෂමංගල සේනානායකමගේ කලා ජීවිතයේ වැඩකටයුතු අතර රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සහ තරුණ සේවා සභාවේ නාට්‍ය උළෙලේ විනිශ්චය කටයුතු සමඟින් ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. ඒ වගේම ‘ජුලියස් සීසර්’ සහ ‘මඟුල් කෑම’ නාට්‍ය දෙකේ දර්ශන කිහිපයකුත් යෙදිලා තිබුණා.දිවයිනේ දුෂ්කර පාසල්වල නාට්‍ය රසවින්ඳන වැඩසටහන් කිහිපයකුත් පවත්වා ළමුන්ට නාට්‍ය පිළිබඳ දැනුම ලබා දෙන්නත් කටයුතු කළා. ඒ පිළිබඳ හරිම සතුටුයි.ඉදිරියේදී කවි පොත් දෙකක් සහ ශ්‍රී ලංකාවේ විකල්ප නාට්‍ය නම් මගේ පර්යේෂණ ග්‍රන්ථයක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ අලුත්ම නාට්‍යය වන ‘මරා ඉපැද්දවීම’ නාට්‍යයේ නළු නිළියන් තේරීම සහ නිෂ්පාදන කටයුතු මේ දිනවල කරගෙන යනවා. ලබන මාසය තුළ එහි පුහුණුවීම් ආරම්භ කර මේ අවුරුද්ද තුළ වේදිකා ගත කරන්න බලාපොරොත්තු වෙනවා.
CREATIVE
බුදුරජාණන් වහන්සේගේ ගුණය, බලය විදහා දැක්වෙන ‘සිරි දළදාගමනය’ චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල් රැසක තිරගත වෙමින් තිබේ. සනත් අබේසේකර අධ්‍යක්‍ෂණය කළ මෙම ඓතිහාසික සිනමා නිර්මාණයට නිෂ්පාදන දායකත්වය සැපයූවේ ශාස්ත්‍රපති පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමියන් සහ ඊ. ඒ. පී. එදිරිසිංහ සමාගමේ සභාපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මියයි. ‘සිරි දළදාගමනය’ චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදන දායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳ මාලිගාතැන්න සේනාසනාධිපති, ඔස්ටේ‍්‍රලියාවේ ධම්මදීප භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය අකරවිට සංඝානන්ද ස්ථවිරයන් සරසවියට පවසා සිටියේ මෙවැනි අදහසකි.“සිරි දළදාගමනය නිෂ්පාදනය කිරීමේ කාර්යයට දායක වීමට මා අදහස් කළේ බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ශේෂ වූ දළදා වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද ප්‍රාතිහාර්යය දක්වමින් බුදු බලය ප්‍රකට කළ අයුරු අප ජන සමූහයා වෙත සිහිපත් කර දී ඔවුන්ගේ සැදැහැ සිත දියුණු කිරීමේ අදහසින්. ඒ වගේම බෞද්ධ භික්ෂූන් වහන්සේ පමණක් නොව පෙර රජ දරුවන් පවා පරිත්‍යාගයෙන් මේ පූජනීය වස්තුව සුරැකීමට කැප වූ ආකාරය සමාජයට හඳුන්වාදීමේ අභිලාෂයද පෙරදැරිවයි.සනත් අබේසේකර මහතා ලියූ සිරි දළදාගමනය තිරපිටපත මා අතට පත් වූයේ 2011 වසරේදී යි. කතාවේ අන්තර්ගතය දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමේ පුවත වුවද දළදා වහන්සේ තුළින් බුදුන් වහන්සේගේ බුද්ධ ශක්තිය පිළිබිඹු කර තිබීම ඒ තුළ මම දුටුවා. මෙබඳු නිර්මාණයක් කිරීම මූල්‍යමය වශයෙන් හා අනෙකුත් කරුණු කිහිපයක්ම හමුවේ අභියෝගාත්මක වුවද එය කළ යුතු බවත් මට හැඟී ගියා.මා විසින් ත්‍රිපිටවේදි උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධනයේ දාඨාවංශය ඇසුරින් දළදා වහන්සේ පිළිබඳ කරුණු සම්පිණ්ඩණය කළ බැවින් මෙම චිත්‍රපටය නිෂ්පාදනයට එයත් බලපෑමක් කළ බවත් කියන්න පුළුවන්. ඊ. ඒ. පී. සමාගමේ අධ්‍යක්ෂිකා ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය සහ ඊ. ඒ. පී. ෆිල්ම්ස් හා බෝසත් ලංකා පදනම යන පාර්ශවයන්ගේ සම නිෂ්පාදනයක් ලෙස සිරි දළදාගමනය සිනමා නිර්මාණය එළි දැක්වීමට හැකිවීම පිළිබඳ තිබෙන්නේ විශාල සතුටක්.යතේජා
CREATIVE
එන්න එන්නම රූපවාහිනි නාලිකා වැඩි වෙනවා. නමුත් බලන්න තරම් වැදගත් දේවල් ඇත්තේ ජාතික නාලිකාවේ පමණයි.දුමින්දබෙලිහුල්ඔය._මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙවු මැදුරෙම වැනි ගීත ගැයූ ෂෙල්ටන් මුතුනමගේ නිහඬව නොඉනු මැනවි.ශාන්තකිරිවත්තුඩුව._ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාටඔබ හැරෙද්දී පවා අපිට සිනහ පහළ වූයේ ඉබේමය. ගැයූ ගීත ද විකට වුව ද ඒවායේ අර්ථය ගැඹුරුය. විරළ ගණයේ මෙවන් ශිල්පීන් රැක ගැනීම සැමගේ යුතුකමකි.ප්‍රනීත් - ගන්දර._පනස් වසරක කලා දිවිය වෙනුවෙන් උපහාර ලද සැන්ටින් ගුණවර්ධන කලාකරුවාණෙනි, ඔබ රඟපෑ වේදිකා නාට්‍ය අපට මැවී පෙනේ. ඔබට නීරෝගි දිවියක් පතමි.කළුබෝවිලමිහිරි විශාඛා ඇතුළු පිරිස_ගලන ගගුලක් සේ නිරවුල් ඔහුගේ ගී රාවය පිපී පීදුණ මල් පොකුරක් සේම සුවඳැතිය. ඈත ගවු ගණන් දුරින් පැමිණ ආදර නිල් දෑසක් ඇති ඔබට මුලු හදින් අප ආදරය කරමු. නාරද දිසාසේකරයාණෙනි මේ ඔබව සිහිපත් කිරීමකි.වෙන්නප්පුව පල්ලිය පාරේවියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන්ගම්පහ නාරද සිරිගුණරත්න_මතකයේ රැඳුණු චරිත බොහොමයක් සිනමාවෙත්, පුංචි තිරයෙත් නිරූපණය කළ යශෝධා විමලධර්ම හිටි හැටියේම ඉන් අතුරුදන් වීම ගැටලුවකි.කරු මන්දාවලනාත්තන්ඩිය._සියලු කලාකරුවන්, රසිකයන් එකතු වී සුමින්ද සිරිසේන නම් ජ්‍යෙෂ්ඨ රංගනවේදියාට ගෞරව උපහාර පිදිය යුතු කාලයයි මේ. මේ වන විට ඔහු දරුණු රෝගාබාධයකින් පෙළෙන බව ආරංචි වෙයි. දශක ගණනක් මුලුල්ලේ අප හදවත් සැනසූ ඔබ නැවත පුරුදු පරිදි අප නෙත් සිත් පිනවීමට පුංචි තිරය හරහා ආලින්දයට පැමිණිය හැකි වේවා.නිමල් කුලසේකර - මොරටුව.රාජ් දුෂ්මන්ත ප්‍රනාන්දු- හලාවත._බාල මහලු කොයි කා අතරෙත් කලක් ජනප්‍රිය වැඩසටහනක් වූ ඩේන්ට් රස පැන නැවත විකාශය කිරීම පිළිබඳ අපගේ ප්‍රසාදය පිරිනමමි. ඒ වගේම මධු රසාංග, චිත්‍ර ගීත වැනි සංගීතමය වැඩ සටහන් ද නැවත පෙන්වනවා නම් ඉතා අගය කොට සලකමි.ජාඇල, කළඑළිය පාතිමා මාවතේසරත් සේනාධීර_ජෝති ගී සුරේන්ද්‍රගේ හඬින් අහන්න අපි කැමැති නැහැ.අමාකෑගල්ල._කවුරු මොනවා කිව්වත් ශෙහාන් හොඳ ගායකයෙක්. රීමික්ස් කළ ගීත වුව ද ඔහු ඉහළ අන්දමින් ගයා තිබෙනවා. ඒ ගීතවලින් රසිකයන්ගේ සිත් පිනවන බව නොරහසකි.සංජු - ගම්පහ._දවසේ සමබර පුවත් විකාශය ලයිට් @ 8 සමඟින් අප හමුවන්නට යැයි හරේන්ද්‍ර ජයලාල් අයියාට මම ඇරැයුම් කරමි.ප්‍රියා - කලවාන._අමිල අබේසේකර සිහිනය දිගේ එන්න චිත්‍රපටයේ ලස්සනට රඟපානවා.ශෂිකා එරන්දිබොරලැස්ගමුව.
CREATIVE
පසුගිය කාලයේ මම සිටියේ ඇමෙරිකාවේ. ඒ මට ලැබුණු ශිෂ්‍යත්වයක් සඳහා ජනසන්නිවේදනය පිළිබඳ හදාරමින්. ඒ සියලු කටයුතු අවසාන වෙලා මගේ මව්රටට ආවේ ගිය 23 වැනිදා.නැවතත් මගේ ආචාර්ය උපාධිය සඳහා එහි පිවිසෙන්න අදහසක් තිබෙනවා. ඊට අමතරව ‘සිනමා සෞන්දර්යය’ නමින් පොතක් ලිව්වා. එයත් කෘතියක් ලෙස එළි දැක්වේවි.
CREATIVE
ඉයන් වොට්ස්කින්ගේ ගී හඬ දැන් කිසිවකුටත් මිහිරි නැත. ඔහු කෙතරම් විශිෂ්ට ගායකයෙක් වුවත්, සංගීතඥයකු වුවත්, කරන වැඩ ගැන ඇසෙන කතා නම් අමිහිරිය. දරුවන් අපයෝජනය කිරීම නිසා ඔහුට වසර විසි නවයක සිර දඬුවමක් හිමි වී තිබේ. සිද්ධිය ඇසූ ඔහුගේ සංගීත කණ්ඩායමේ මිතුරන් කියා සිටියේ කෝපයක්, පිළිකුලක්, හද රිදීමක් ඔහු නිසා ඇතිවන බවයි. තිස් හය හැවිරිදි ඉයන් බ්‍රිතාන්‍යයේ වෙල්ස් හි ගායකයකි. ලොව පුරා ඔහුගේ ගී තැටි මිලියන ගණනින් අලෙවි වෙයි.
CREATIVE
හැට පැන්න ද වඳුරෝ බිමින් නොයති. ඒවාගේම තරුවල ආදර කතා ද වයසත් සමඟ නිමා නොවෙයි. ජොනී ඩෙප් පසුගිය ජූනි නව වැනිදා පසු කළේ ජීවිතයේ පනස් වැනි උපන් දිනයයි. පනස් එක් වැනි උපන් දිනය උදාවීමට පෙර ඔහු යළිත් මනාලයකු වෙයි.ජොනී, ඇම්බර් හර්ඩ් පෙම්වතිය විවාහ කර ගන්නා බව පසුගියදා තහවුරු කළේය. ඇම්බර් විසි හත් හැවිරිදිය. මෑතකදී ඇය ද මිතුරියන්ට ළඟදීම පවත්වන්නට යන විවාහ ගිවිස ගැනීම ගැන පවසා තිබේ. ඇය දැනටමත් ඩෙප්ගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනා සමඟ විනෝදයෙන් පසුවන බව ද රහසක් නොවෙයි.විවාහ ගිවිස ගැනීම ගැන මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වූවාට පසු ඇම්බර්, වෙදැඟිල්ලේ විශාල මුද්දක් දමාගෙන සිටින්නීය. ඇය මුලින්ම සබඳතාවක් පැවැත්වූයේ ටාස්යා වෑන් රී නම් ඡායාරූප ශිල්පියා සමඟයි. 2011 වසරේදී ඇය ස්ත්‍රී පුරුෂ සබඳතා ගැන මතභේදාත්මක ප්‍රකාශයක් කළාය. ‘මම පිරිමින් සමඟ වගේම ගැහැනුන් සමඟ ද සබඳතා පවත්වනවා. ආදරය කරන්නේ කවුරුන්ද? ඔහුට / ඇයට මං ආදරෙයි.’ ඇය ජොනී ඩෙප් සමඟ මිතුරු වුණේ ‘ද රම් ඩයරි’ සිනමාපටයේ රඟපාද්දියි.ජොනී 1983 වසරේ සිට 1985 වසර දක්වා විවාහ වී සිටියේ ලෝරි ඇන් ඇලිසන් සමඟයි. ජොනීගේ දුවත්, පුතත් ඇම්බර්ට වඩා වසර ගණනාවක් බාලය.ඔහු තමන්ගේ වටිනාම පුද්ගලයන් ටැටූ ලෙසින් සිරුරේ සනිටුහන් කරගෙන සිටින්නෙකි. ඒ ටැටූ අතරට ඇම්බර් හර්ඩ්ගේ ටැටූව එක්වන්නට තරම් ඇයගේ ආදරය ප්‍රබල වේවිද?චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
බොහෝ වේලාවක් ඇද හැලුනු මල් වැස්ස අනෝරාවක් වුණා.සෙමින් පියවර එස වූ මගේ දෙපා දුවන්න පටන් ගත්තා. ඒ දිවිල්ල නතර වූයේ ඇගේ නිවසේ ඉස්තෝප්පුවෙන්.මා යා යුතුව තිබුණේ එතැනට.මා පැමිණි වග ඉවෙන් මෙන් දැනගත් ඈ දොරටුව විවර කළේහුරු පුරුදු සිනහ ගගුල දෝරේ ගලා හරිමින්.ඇය ටිකක් මහත් වෙලා. හේතුව නම් දැන් රහසක් නෙවෙයි. තව නොබෝ දිනකින් උත්තරීතර මව් පදවිය ලබන්නට ඈ සූදානමින්. වෙනදා දකින දඟකාරිය අද ඇගෙන් පළා ගොසින්.උවන පුරාම ශාන්තකම පිරිලා.උදාරි වර්ණකුලසූරිය. එහෙම කියනවාටත් වඩා ‘සංසලා’ කිව්වොත් ඔබ තවත් හොඳින් ඇයව හඳුනාවි.උදාරි පසුගිය කාලයේ සිටියේ විවේකීව විදේශගතව. සතියකටයි ඇය මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. කතා කරන්නට නම් තොරතුරු බොහොමයි. ඇය ගැන අලුත් තතු දැනගන්නට ඔබත් බොහොම ආසාවෙන් පසු වෙනවා ඇති.ඉතිං උදාරි ජීවිතේ සුන්දරයි නේද?ඇත්තටම ඔව්. ජීවිතේ බොහොම සුන්දරයි, ආදරණීයයි. බලාපොරොත්තු මල්ලක් කර පින්නා ගෙන ජීවත් වෙනවා. බබාට දැන් මාස අටයි. දරුවකු පිළිබඳ පළමු අත්දැකීම මෙය නිසා ආසයි බයයි. දැන් ටිකක් බබා බණ්ඩියේ දඟ කරනවා. එතකොට නම් ඉහිලුම් නැති සතුටක් සිතට දැනෙනවා. සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි. ඒක නිසා ලබන සතියේ මං ආයෙත් රට යන්න ඕනේ.ජීවිතයේ මෙවන් වූ සුවිශේෂී මොහොතකට ඇයි ඔබ සිංගප්පූරුව තෝරා ගත්තේ?මගේ සැමියා සුජිත් සිංගප්පූරුවේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරන එක රහසක් නෙවෙයි. ඒ හින්දා අපට ලැබෙන පහසුකම් වැඩියි. සුජිත් එහෙ ඉන්න නිසා තමයි පසුගිය කාලයේ ඒ රටට ගියේ. මං මෙහෙම කිව්වට මගේ රට අවතක්සේරු කළා කියාල හිතන්න එපා. සුජිත් ළඟ ඉන්න එක මගේ ආරක්ෂාවටත් හොඳයි.තව කොපමණ කලක් විදෙස්ගතව ඉන්න බලාපොරොත්තුවක් තියනවද?බබා ලැබිලා මාස තුනක් විතර යනකම් එහෙ ඉන්නවා.දුවෙකුටද පුතෙකුටද වැඩිපුර කැමැති වුණේ?දරුවා පිළිසිඳ ගත් මුල් කාලයේ මගේ මුහුණ හරියට කැත වුණා. අපේ අනුමානය වුණේ කුසේ ඉන්නේ පිරිමි දරුවෙක් විත්තිය. අපි ප්‍රාර්ථනා කළෙත් පිරිමි දරුවෙක්.ඒ වුණාට දැන් දුවෙක් නේද ලැබෙන්න ඉන්නේ?හ්ම්ම් . . ස්කෑන් එකකින් අපි දැනගත්තා දුවෙක් බව. පුතා වුණාම මොකද, දුවෙක් වුණාම මොකද අනේ. මමත් පවුලක දුවෙක්නේදුවෙක් ඉන්න මවකට වගකීම් වැඩියි නේද?එහෙම එකක් නම් තියනවා තමයි. හරි දේ කියා දෙමින් ඇයට මං විසින් ඉටු කළ යුතු වගකීම් හැම එකක්ම බොහොම හොඳින් ඉටු කරනවා. කොහොම වුණත් අද සමාජය එක්ක බලන කොට දුවෙක් හිටියත් පුතෙක් හිටියත් ඒ ඒ අය වෙනුවෙන් ඉටු කරන්න ඕන වගකීම් සම සමව තියනවා කියලයි මං හිතන්නේ.බබාට නමක් එහෙම තියලද තියෙන්නේ?තවම නැහැ. ‘ස’ අකුරෙන් නමක් යොදනවා. ඒ සැමියගේ නම ‘ස’ යන්නෙන් පටන් ගන්න හින්දා.උදාරි ආයේ රංගනයට එන්නේ කවදද කියලා පේ‍්‍රක්ෂකයෝ අහනවා?හැකිතාක් ඉක්මනට රංගනයට එනවා කියලා කියන්න.නිළියක්, මවක්, ගෘහණියක් වූ පසු ජනප්‍රියත්වය අඩු වෙන බට මතයක් තියනවා?මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මගේ ජීවිතයට හරි ගියේ විවාහයෙන් පස්සේ. මං බැන්ද කියලා මගේ ජනප්‍රියත්වය අඩු වුණේ නැහැ. වැඩි වුණා මිසක. පසුගිය අවුරුද්දේ සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙද්දිත් මට බබා ලැබෙන්න ඉන්නවා. මේ අනුව බලද්දී මං මවක් වුණු පසුත් ජනප්‍රියත්වය අඩු නොවේ කියලා මං විශ්වාස කරනවා.ඔබේ දියණිය කවදා හෝ දිනයක රඟපාන්න යන්න හැදුවොත්?ඇයගේ ආසාවට ඉඩ දෙනවා. හැබැයි තව අවුරුදු විස්සකින් විතර මේ ක්ෂේත්‍රය කොයි වගේ තැනක තියේවිද දන්නේ නැහැනේ. ඒ තත්ත්වය බලලයි රඟපාන්න යවන්නේ.ඔබ සාර්ථක බිරිඳක්, ගෘහණියක් කියලා හිතනවාද?අනිවාර්යෙන්ම. අපේ පුංචි කැදැල්ලට දරුවකුගේ අඩුවයි තිබුණේ. දැන් ඒකත් හරි.උදාරිගේ බලාපොරොත්තුª මල්ලේ තියෙන තවත් බලාපොරොත්තු මොනවද යන්න මං ඇහැව්වේ සමුගන්න මොහොතකටකලින්. ‘හැම අම්මා කෙනෙකුගේ පැතුම වගේ මගේ පැතුමත් මගේ දූ පැටියා සමාජයේ යහපත් පුරවැසියකු කරන්න’ උදාරි එහෙම කිව්වේ සැබෑ වූ මාතෘ ස්නේහයෙන් යුතුව සිය කුස දෑතින් පිිරිමදින ගමන්.සටහන සහ ඡායාරූපය – ප්‍රසාද් සමරතුංග
CREATIVE
නිර්මාණකරණයට මේ නිදහස හරිම වැදගත්රජරට වැව් දිය පිස හමා එන සුළඟ පරිසරය ගීතවත් කරන්නා සේම ඔහුගේ මියුරු හඬ සංගීත ලොව ගීතවත් කරන්නේ හරිම අපූරුවට.‘අපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු ටික දවසක් . . .’ඔහු එලෙසට ගී ගැයුවත් කලාපුර සවාරිය යන ගමනේදී අපිට නම් ඔහු සමඟ කතා නොකර සිටින්න බැහැ. ජානක වික්‍රමසිංහ. කලාපුර සවාරි අද නවතැන වුණේ ඔහුගේ සොඳුරු කැදැල්ල.ඔහු හැදුණේ වැඩුණේ රජරට ගැමි සුවඳ තුරුලු කරගෙන. අද ඔහු ජීවත් වෙන්නේ ඊට හාත්පස වෙනස් නාගරික කොළඹ. වෙනස ඔහුගේ ජීවිතයට බලපෑමක් කළා.මම ඉපදිලා හැදුණේ වැඩුණේ පොළොන්නරුවේ ග්‍රාමීය ප්‍රදේශයක. සංගීත කටයුතු නිසාම තමයි කොළඹ පදිංචියට එන්න සිදු වුණේ. සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රදේශයක ජීවත් වෙන්න සිදු වුණාම තරමක අපහසුතාවයක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. කලා පුරයට එන්නත් කලින්ම වසර පහළොවක් පමණ කොළඹ විවිධ ස්ථානවල නැවතිලා හිටියා. ඒ නිසාම කොළඹ මට අරුමයක් නොවෙයි. කොහොම වුණත් ගමේ තියෙන ඒ සුන්දරත්වය වෙන කොහේවත් නම් ඇත්තේ නැහැ.කලබලකාරී පරිසරයක් තුළ නිස්කලංක ප්‍රදේශයක පිහිටියා වූ කලාපුර ජානකගේ නිවෙසත් හරිම නිස්කලංකයි. ආලින්දයේ පිහිටුවා ඇති බුදු කුටිය එය තව තවත් තීව්‍ර කරන්නක්.ආගම දහම කෙරෙහි මගේ නැඹුරුවක් තියෙනවා. ආගම ඇදහීමත් අපේ ජීවිතයේම කොටසක්. එයින් කෙනෙකුගේ ජීවිතයට විශාල බලපෑමක් කරනවා. ආගමට දහමට ළැදි පුද්ගලයාගේ ජීවිතයත් ඉතාම යහපත්.ජීවිතයක් ලද පමණින් එය සාර්ථකව ගත කරන්නත් වාසනාව හිමි විය යතුයි. ජානකත් එවැනි වාසනාවන්තයෙක්.අපි කලාපුර පදිංචියට ඇවිත් දැන් අවුරුදු දහයක් විතර ගත වෙලා. මේ දවස්වල ගෙදර ඉන්නේ මමයි බිරිඳ දුලානියි විතරයි. දුව අයෝධ්‍යා වික්‍රමසිංහ. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. පුතා දුලංජන වික්‍රමසිංහ. ඔහු මෘදුකාංග ඉංජිනේරුවෙක්. දුවට ගීත ගායනය වගේම වයලින් වාදනයත් පුළුවන්. ඇය විශාරද විභාගය කරලා අවසන්. පුතාටත් ගායන හැකියාව තියෙනවා. ඒ වුණාට ඔවුන් යොමු වෙලා සිටින ක්ෂේත්‍ර සමඟ ඇති කාර්යබහුලත්වය නිසා ඒ දෙන්නම සංගීත ක්ෂේත්‍රයෙන් දුරස් වෙලා.පත් ඉරු මත පන්හිඳ ගෙතූ මියුරු සුමියුරු වදන් කන්කලු නදින් ගීයක්ව උපදින්න . . .ජානක ලද සමරුවක සටහන් වුණේ මෙවැන්නක්. ඔහු ලද සම්මාන සැමරුම් සඳහාම වෙන් වූ සුවිශේෂ ස්ථානයක්. ඒ අසලම බෞද්ධ ග්‍රන්ථ සහ නවකතා පොත් කිහිපයක්.මගේ විමෝදාංශය කියවීම. පොත පත ඇසුර ජීවිතයට ඉතාම ඵලදායි දෙයක් විදියට මම විශ්වාස කරනවා. යමක් නිවැරැදිව දැනගන්න එය හොඳ මාර්ගයක් වෙනවා. මා ළඟ ඉතා වටිනා පොත් එකතුවක් තියෙනවා. අපි හවසට පොත් කියවන්නේ මෙතන ඉඳලා. ඒ වගේම ඉඳලා හිටලා පත්තරයකට ලියන එකෙනුත් මම අසීමිත සතුටක් ලබනවා.මේ හැම දෙයක් සමඟම ඔහු ගෙවන්නේ කාර්යබහුල ජීවිතයක්.කලාකරුවන් විදියට කලාපුරයේ ජීවත් වෙන අපි හැමෝම ගෙවන්නේ කාර්යබහුල ජීවිත. කලාපුරට පැමිණ කලාකරුවන් රැසක් සමඟ ජීවත් වෙන්න ලැබීම සතුටක්. එහිදී ලද අහුබුදු සූරීන්ගේ ඇසුර මම විශාල භාග්‍යයක් කොට සලකනවා. ශ්‍රියන්ත – කුසුම්, විජය නන්දසිරි - දේවිකා යුවළ අපේ අසල්වැසියන් වුණත් මුණ ගැහෙන අවස්ථා අඩුයි.කොයි තරම් කාර්යබහුල වුණත් පෝය වෙනුවෙන් පැවැත්වෙන පින්කම්වලදී අපි හැමෝම මුණ ගැසෙනවා. ඒ හැරුණාම ලද විවේකයේදී අපි හතර දෙනාම පොළොන්නරුවට තමයි යන්නේ. පොළොන්නරුව ඇත්තටම නිස්කලංක ෙඓතිහාසික පුදබිමක්. ගමේ ගෙවෙන ඒ සරල ජීවිතයට මගේ හිතේ තියෙන්නේ ලොකු ආසාවක්. පොළොන්නරුවේ වගේ වැව් තාවුලු, ගහ කොළ නැති වුණාට කලාපුරයෙත් අපිට කලාකරුවන් විදියට සැනසීමෙන් ඉන්න නිදහස් පරිසරයක් තියෙනවා.ඔහු එලෙස පවසමින් බැලුවේ ආදරණිය බිරිඳ දුලානි දෙසයි. ඔහුගේ ජීවිතයේ සෙවණැල්ල මෙන් සිටින්නේ ඇයයි. ජානකගේ ගමනට ශක්තියක් වූ ඇය ඔහු අසලමයි. ඔහුගේ හඩින් මිමිණුනේ අමරදේවයන්ගේ සොඳුරුතම ගීතයක්.‘කොළොම්තොට නැත මහලු වී අවන්හල නැත පැරැණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ . . .’යතේජා ඥානරත්නඡායාරූප – මාලන් කරුණාරත්න
CREATIVE
චාරිත්‍රානුකූලව අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමිපාණන් පොල් තෙල් පහන දැල් වූ මොහොත. අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, බන්දුල ගුණවර්ධන, මෙහි එක් නිෂ්පාදකවරයකු වන සුනිල් ටී. ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ සනත් අබේසේකර යන මහත්වරුන් ද සේයාරුවේ වෙති. සේයාරුව – අමිත්සනත් අබේසේකර අනගාරික ධර්මපාල චරිතය අලළා නිර්මාණය කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරු මේ අවස්ථාවට සහභාගී වූ අතර මේ සිනමාපටය ලබන වසරේ සැප්තැම්බර් 17 වැනිදාට යෙදෙන ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය දින තිරගත වන බව අධ්‍යක්ෂවරයා පවසයි.අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ නිෂ්පාදනය පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණෝ සමඟ සුනිල් ටී. ප්‍රනාන්දුගෙනි.මෙම සිනමාපටයෙහි ධර්මපාල චරිතයට පණ පොවන්නේ පාලිත සිල්වාය.අනෙකුත් චරිතයන් කමල් දේශප්‍රිය, සඳුන් විජේසිරි, ජී. ආර්. පෙරේරා, ඔස්ටින් සමරවික්‍රම, මාධව විජේසිංහ, රුවංගි රත්නායක, දයාසිරි හෙට්ටිආරච්චි, අශෝක නවරත්න කුමාරසිංහ, අමල් පෙරේරා, අජිත් කුමාර, සංජය අමරසිංහ, චිත්‍රානන්ද කුරුවිට ආරච්චි රඟනු ලබති.අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය සනත්ගෙනි. රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. විශාරද නන්දා මාලිනී, රෝහණ වීරසිංහ, මාධවී ජයසේන ගීත ගායනයෙන් එක් වී ඇත. ලකී ආතවුදගේ සහාය අධ්‍යක්ෂණයකි. ගයාන් බුද්ධික සහ ඉන්දික දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය. උපදෙස් සහ තෙරතුරු ලබා දීම ආචාර්ය ගයාන් චානුක විදානපතිරණ සහ සහකාර විදුහල්පතිනි මාධවී ජයසේකරගෙනි. ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනය කොට ඇත.පූජ්‍ය ඇඹිලිපිටියේ විජිත හිමි සම්බන්ධීකරණයෙන් ද, හීනටිගල ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් ද, මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මේ සඳහා දායක විය. සංජය අමරසිංහගේ නිෂ්පාදන කළමනාකරණයකි. ඉෂිනි අබේසේකර නිෂ්පාදන කෘත්‍යාධිකාරී වේ. නන්දි නන්දා ජයකොඩි සංස්කරණයෙන් එක් වී ඇත. - ප්‍රසාද්
CREATIVE
සංජේ දත්ට කළ කම් පළ දෙන්නේ බොහෝ කාලයක සිටය. ඔහුට පමණක් නොව ඔහුගේ ජීවිතයට සමීප වෙන කාන්තාවන්ට ද උදා වෙන්නේ නරක කල දසාවකි. මුලින්ම මව, ප්‍රවීණ නිළි නාගීස් අග්න්‍යාශයික පිළිකාවකින් මිය ගියාය. සංජේගේ පළමු බිරිය රීචා ෂර්මා මිය ගියේ මොළයේ පිළිකාවකිනි. ඔහුගේ දෙවැනි බිරිය රියා පිල්ලෙයි එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවුණත්, දෙවැනි විවාහ ජීවිතය සිව් වසරකට සීමා විය.මන්යාතා සංජේගේ තෙවැනි බිරියයි. 2010 වසරේදී ඔවුන් කිරියි පැණියි මෙන් ගත කරන යුග දිවියට එක් වූ අමිල තිළිණය නිවුන් දරුවන්ය. එහෙත් සංජේට සහරාන් පුතු, ඉක්රා දියණිය සහ මන්යාතා සමඟ වැඩිකල් කැදැල්ලේ සතුට බෙදා ගැනීමට ඉඩ ලැබුණේ නැත.1993 මූම්බායි බෝම්බ පිපුරුමට ඔහු ද වරදකරුවකු වූ නිසා 2013 මාර්තු මාසයේ දී පස් වසරක සිර දඬුවමක් හිමි විය. එහෙත් අසනීප තත්ත්වය හේතුවෙන් ඔහුට දින කිහිපයක නිදහසක් ලැබිණි. පසුගිය මාස තුනේදී සංජේට දෙවරක්ම මෙසේ නිදහස ලැබිණි. දැන් තෙවැනි වරට ද නිදහස ලැබී තිබේ. ඒ මන්යාතාගේ රෝගී තත්ත්වය නිසයි.මන්යාතාගේ අක්මාවේ ගෙඩියක් ඇති බවත්, ඇයගේ හෘද ස්පන්දන වේගය අක්‍රමවත් බවත් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී ඇත. දින 15 – 20 කදී මන්යාතාගේ බර කිලෝ 10 කින් අඩුවීමත්, පපුවේ දැඩි වේදනාවත් නිසා ඇය ප්‍රතිකාර ගැනීමට යොමු වී තිබේ. රෝගීී තත්ත්ය හෙළි වී ඇත්තේ එවිටයි.බිරියගේ සුව දුක් බැලීමට සංජේට මහාරාෂ්ට රජයෙන් අවසර දීම ගැන අන්තවාදීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. පියා, නැසී ගිය ප්‍රවීණ නළු සුනිල් දත් කැබිනට් ඇමැතිවරයකුව සිටිය නිසාත්, බාල සොයුරිය ප්‍රියා දත් ද ලෝක් සභා නියෝජිතවරියක වූ නිසාත් සංජේට මෙවැනි නිදහසක් භුක්ති විඳින්නට ලැබී ඇති බවට මේ අන්තවාදි උද්ඝෝෂණකරුවෝ චෝදනා කළහ.පුවත්පත්වල මන්යාතා ජීන්ස් ඇඳුමකින් සැරසී ‘රම්බෝ රාජ්කුමාර්’ සිනමාපටය නැරැඹීමට පැමිණි ඡායාරූපයක් සහ උපන් දින සාදයකට සහභාගි වූ ඡායාරූපයක් පළ වීම මේ විරෝධතාවට මඟ පෑදීය. එයින් රිපබ්ලිකන් පාක්ෂිකයෝ දේශපාලන වාසි ලබා ගැනීමට සංජේ සිටින පූනේහි යෙරවාදා සිර ගෙදර අබියසදී ඔහුට නිදහස් කාලයක් ලබා දීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළහ. එහෙත් සත්‍ය හෙළිවීම කොයි කවුරුත් නිහඬ කිරීමට හේතු විය. කෙසේ වුවත් මේ සියලු කරදර සංජේ දත්ට නම් ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම හා සමානය. පළමු බිරියගෙන් ලැබුණු අත්දැකීම තෙවැනි බිරියගෙනුත් ඔහුට නොලැබේවායි ඔහුට හිතවත් සැමගේම පැතුමයි.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ලේඛකකපිල කුමාර කාලිංගඉදිරියේදී චරිත අබේසිංහ කරන්නට නියමිත ටෙලි නාට්‍යයක ටෙලි පිටපත ලියමින් තමයි මා කාලය ගත කරන්නේ.මේ දවස්වල එහි අවසාන කොටසයි මා අතින් ලියැවෙන්නේ. එහි නම ‘තිරිංගි තලය’යි. ඊට අමතරව කෙටි කතා පොතක්, නව කතාවක් හා මගේ ගීත රචනා ඇතුළත් කරන ලද පොතක් ද ඉදිරියේදී එළි දැක්වේවි.
CREATIVE
මේ ‘අපි කවදත් සූරයෝ’ චිත්‍රපටය රූගත කෙරෙන අතරතුරදී ගත් ඡායාරූපයක්. මෙහි සිටින්නෙත් හෙළ සිනමාවේ සූරයන් පිරිසක්. මාලනී ෆොන්සේකා අපේ නිළි රැජන, සිනමාවට නොමියෙන මතක එක් කළ නීටා ප්‍රනාන්දු, ස්වර්ණා මල්ලවආරච්චි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ විමලදාස පෙරේරා සහ ටෝනි රණසිංහ අදටත් අපේ සිනමාවට සවියක්. මෙහි සිටින විමලා ජයවර්ධන අද මව් බිමෙන් ඈත්ව දුරු රටක ජීවත් වුණත් හෙළ සිනමාවට එදා මෙන්ම ලෙංගතුයි. විජය කුමාරතුංග සහ පූජිත මෙනඩිස් අපට අද මිහිරි මතකයක් පමණයි.කළු කලිසමක් සුදු පැහැති කමිසයක් හැඳ මේ ඡායාරූපයේ සිටින ගායකයා ඔබට හඳුනා ගන්නට හැකිද? ඒ වෙන කවුරුවත් නොව විශාරද සනත් නන්දසිරි. සනත් මේ නාලිනී රණසිංහ සමඟ ගායනා කරන්නේ විමලදාස පෙරේරා ගේ ‘සමනල කුමරියෝ’ චිත්‍රපටයේ ‘සුමන සමන් දෙවි’ ගීතය යි. හැමදාම සනත් සමඟින් ජීවන ගීතය ගායනා කරන ප්‍රිය බිරිය මල්කාන්ති නන්දසිරි ඇතුළු පිරිස අනෙක් මයික්‍රෆෝනය අසල සිට අත්වැල් ගායනයෙන් එකතු වූවා. රූප පොතේ මතක වෙනුවෙන් මේ ඡායාරූප අපට ලබා දුන්නේ ප්‍රවීණ සිනමාවේදී විමලදාස පෙරේරා.යතේජා ඥානරත්න 
CREATIVE
අද සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නදී චන්ද්‍රසේකර සමඟින් යොවුන් ගායන ශිල්පී චිලී තිවංක.
CREATIVE
වැහි අඳුර පිසලමින් තරු එළිය වැටුණු හැටිසිහින් සිරිපොද මල් වැස්ස අනෝරාවක් බවට පත් වෙමින් තිබිණි. චමත්කාරජනක හැන්දෑව කළුවලාවකින් ගිල ගත්තේ අප බලා සිටියදීමය.මගේ ජීවිතෙත් දැන් මේ අහස වගේ අන්ධකාරයෙන් පිරිලා.ඇගේ වික්ෂෝප වචන ගිගුම් හඬ පරයමින් වාතලයට මුසු විය.එහෙම කියන්න එපා. දැන් ඉතින් අසනීපෙත් හොඳ වෙච්ච එකේ ආයෙත් රඟපාන්න පටන් ගමු.අපි ඇයව සැනසුවෙමු.කෝ පුතේ අර එනවයි කියපු කට්ටිය. තවම පහළද? වැස්සට අහුවෙලා ද දන්නේ නැහැ.මං හිතන්නේ තව කවුරු හරි එනකම් ඉන්නේ. එතකම් අක්කා මෙහෙන් වාඩි වෙමුකො.අසුනෙහි ඈඳි ගත්ත ද ඇගේ දෙනෙත් ඇත්තේ දොරකඩය. එදෙස බලාගෙනම චිත්‍රා වාකිෂ්ඨ නම් වූ මේ රංගවේදිණිය තම අතීතයෙන් බිඳක් මෙනෙහි කිරීමට උත්සාහ කළේය.මං චිත්‍රපට සියයකටත් වඩා රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍යයත් එහෙමයි. ළඟක් වෙනකම්ම කෝපි කඩේ රඟපෑවා. අනේ මට අඩුම ගානේ කෝපි කඩේ රඟපාන්න තියෙනවා නම් මට ඒ ඇති.අන්න අරගොල්ලෝ එනවා ආච්චියේ.චිත්‍රාගේ වැඩිමහල් මිනිපිරිය ගෙට දුව ආවාය.ආ . . . මේ ඉන්නේ අපේ චිත්‍රා අක්කා කොහොමද ඉතින්?මුව පුරා සිනහ පුරවාගෙන චිත්‍රාගේ නිවසට පළමුව ඇතුළු වූයේ අප නිළි රැජන මාලිනී ෆොන්සේකායි.ඔන්න අක්කේ අපි වැස්සත් අරගෙනම ආව..ඊළඟට රවීන්ද්‍ර රන්දෙණිය, සබීතා පෙරේරා, නදීකා ගුණසේකර,සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග ක්‍රමයෙන් ගෙදරට පිවිසුණේ චිත්‍රව පුදුමයට පත් කරවමිනි.මේ හැමෝම ආවේ මාව බලන්නද. මට සතුට වාවන්න බැහැ ළමයෝ.චිත්‍රාගේ නෙතඟින් කඳුළැලි වැගිරෙයි.හා හා අඬන්න එපා. ඔයාව අඬවන්න නෙවෙයි අපි ආවේ.මාලිනී ඇගේ දෑසෙන් වැටෙන කඳුළු පිසදාලන්නට උත්සාහ කෙරුවාය.අපි දෙන්නා කොච්චර නම් අම්මටයි දුවටයි රඟපාලා තියෙනවාද චිත්‍රා අක්කේ.මාලිනී හැඟුම්බරව චිත්‍රා දෙස බලා සිටියේ අප්‍රමාණ සෙනෙහසකිනි.ඔයාගේ විතරක් නෙවෙයි චිත්‍රා අක්කා මගේත් අම්මා හැටියට රඟපාලා තියෙනවා.රවී නෝක්කාඩුවෙන් මෙන් පැවසීය.හරි හරි දැන් ඔය දෙන්නා චිත්‍රා අක්කව බෙදා ගන්න බැරුව රණ්ඩු කරන්න එපා. චිත්‍රා අක්කා අපිව එලවලා දාවි.නදීකා, මාලිනී සහ රවීගේ විහිළුවලට විහිළුවකින්ම පිළිතුරු බැන්දාය.ඉතින් චිත්‍රා අක්කේ ඔයාට දැන් කොහොමද?මෙතෙක් වෙලා නිහඬව සිටි සබීතා හඬ අවදි කළාය.ගොඩක් හොඳයි. දැන් පපුව ඔපරේෂන් කරපු තැන්වල තුවාල තමයි තියෙන්නේ. ඒවා වේලෙන්නේ නැහැ. මට දැන් වයස හැත්තෑ අටක්නෙ. වයසත් එක්ක වෙන්න ඇති.චිත්‍රා අක්කට හොඳට හඬ කවන්න පුළුවන්නෙ?මොකෝ බැරි. ඒත් රඟපාන්න තමයි ආස.අපි ඉතින් චිත්‍රා අක්කගේ කොණ්ඩෙ ටිකක් කළු කරලා රඟපාන්න යවමු.මාලිනීගේ කතාව එතැන සිටි හැමෝම අනුමත කෙරුවාය.ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයෝ?ඒ මොකක්ද?මට දැන් බස්වල යන්න අමාරුයි. කාගෙන් හරි ත්‍රීවිල් එකක් ලැබුණොත් පින්. මගේ පොඩි පුතාට ත්‍රිවිල් එලවන්න පුළුවන්.පේ රටේ පිනට දහමට ළැදි මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඒ අයගෙන් එක් කෙනෙක්වත් චිත්‍රා අක්කා වෙනුවෙන් ත්‍රීවිල් එකක් අරන් දෙනවා නම් ඒක ලොකු පිනක් වේවි.මට සිතුණේ ඉබේටමය.චිත්‍රා අක්කගේ ඉල්ලීමට මං ඉක්මනින් සහනයක් ලබා දෙන්නම්.මාලිනීගේ වදනින් චිත්‍රා සැනසුම් සුසුමක් හෙළීය.ඊළඟට උදා වූයේ තවත් සොඳුරු මොහොතකි. චිත්‍රා වෙනුවෙන් මූල්‍යමය වශයෙන් ත්‍යාග පෞද්ගලිකව සියලු දෙනාම ගෙනත් තිබිණ. එය චිත්‍රාට ලබා දෙද්දී ඇය ලැබූ සොම්නසේ තරම වචනයෙන් විස්තර කරන්නට බැරිය. මාලිනී, රවී, සංගීතා, නදීකා, සබීතා සහ ෂෙරීන් මේ පැමිණි ගමන එක්තරා අයුරකින් තම මවගේ දුක සැප බලන්නට පැමිණි ගමනක් වැනිය. චිත්‍රා අද ලැබූ සතුට ඇයව තව තවත් නිරෝගී කරන්නට සමත් වන්නට ඇතැයි නිසැකය.චිත්‍රා අක්කේ ජීවිතේ අඳුර ටිකක් හරි අඩු වුණා නේද?ඔව් දරුවෝ. මට හිතෙනවා ආයේ මට නැගිටින්න පුළුවන් කියලා. මං වෙනුවෙන් අපේ සහෝදර කලාකරුවන්ගෙන් අතලොස්සක් හරි ඉන්නවා. ඒක අද මට දැනුණා.පිරිස පිටත්ව ගිය පසු ඔවුන්ගේ කළ ගුණ සැලකීම පිළිබඳ චිත්‍රා වාකිෂ්ඨ සෑහෙන වෙලාවක් පවසමින් සිටියේය.මාලිනී, රවී, නදීකා, සබීතා, සංගීතා, ෂෙරීන්.ඔබලා කළ මේ උතුම් කාර්ය ගැන සරසවිය අප අගයන්නේ ඉතාම ඉහළින් බව නොකියාම බැරිය.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - තුසිත කුමාර
CREATIVE
ප්‍රථම වරට ඡායාරූප ඇල්බම්ප්‍රදර්ශනයක් මේ දිනවලකොළඹදී‘ස්ටුඩියෝ 3000’. මෙරට ප්‍රමුඛතම ස්ටුඩියෝ අතුරින් පෙරමුණට පැමිණීම සමඟම එහි බම්බලපිටිය ශාඛාව ප්‍රධාන ශාඛාව ලෙස ඊයේ (14) විවෘත කෙරුණා. මේ සමඟින් ඡායාරූපකරණ කලාවේ නව පිටුවක් පෙරළමින් ප්‍රථම වරට මෙරට ජනතාවට නොමිලයේ ඡායාරූප ඇල්බම් ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් කටයුතු යොදා තියෙනවා. මේ ස්ටුඩියෝ 3000 අධිපති දිනුක ෆොන්සේකා සහ දුලානි ෆොන්සේකා සමඟ ඒ පිළිබඳ කළ පිළිසඳරයි.මෙරට ඡායාරූපකරණ කලාවේ නව වෙනසක් ඇති කරමින් තබන මේ නව පියවර ගැන අපි මුලින්ම ඇහුවේ දිනුකගෙන්.ශාඛා පහකින් යුතු අප ස්ටුඩියෝ 3000 ආයතනයේ ප්‍රධාන කාර්යාලය බම්බලපිටිය අංක 40 දරණ ස්ථානයේදී ඊයේ විවෘත කළා. එය ඡායාරූප ශාලාවකට වඩා එහා ගිය ඡායාරුප විද්‍යාගාරයක් ලෙස මහල් 4 කම ඡායාරූප සහ වීඩියෝ කටයුතු සඳහා වෙන් කරලා තියෙනවා. ලොව දියුණුම අධිතාක්ෂණයෙන් යුතු කැමරා උපකරණ ඇතුළු සියලුම අංගෝපාංග ස්ථාපිත කලාගාරයක් වෙනවා.මේ නිමිත්තෙන් ඊයේ සිට ලබන 06 වැනිදා දක්වා මෙරට ප්‍රථම වරට නොමිලයේ පැවැත්වෙන ඡායාරූප ඇල්බම් ප්‍රදර්ශනයක් ද පැවැත් වෙනවා. මෙම දින 06 දී ඇනවුම් බාර දෙන පාරිභෝගිකයන්ට විශේෂිත වූ මිල අඩු කිරීමක් ලබා දෙන්නටත් සූදානම්. ඒ වගේම ඡායාරූපකරණය ගැන දැනුවත් වෙන්නටත් පුළුවන්.ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ඔබ මෙලෙස සාර්ථක ගමනක් පැමිණි ආකාරය ගැනත් කියමු නේද?මම පාසල් කාලයේ පටන්ම ඡායාරූපකරණය ප්‍රිය කළා. අවුරුදු 13 දී ඒ පිළිබඳ හදාරන්නත් මට අවස්ථාව ලැබුණා. ඊට පසුව 1990 දී එවකට තිබුණ නවීනතම කැමරා උපකරණ සමඟින් පෑලියගොඩ ‘ස්ටුඩියෝ 3000’ ආයතනය ආරම්භ කළා. මම නිතරම උත්සාහ කරන්නේ වෙලාවට නිවැරැදිව වැඩ කරන්න.ඒ නිසා අප වටා හොඳ පාරිභෝගික ජනතාවක් එක් වුණා. විවාහයෙන් පසු දුලානිත් මට විශාල ශක්තියක් වුණා. පසුව අපි ගෝල්ෆේස් සහ මවුන්ට් ලැවේනියා හෝටල්වල ස්ටුඩියෝ 3000 ශාඛා ආරම්භ කළා. අප තමයි පළමුවරට තරු පහේ හෝටල්වල ස්ටුඩියෝ ආරම්භ කළේ. ඊට පසුව මීගමුවේත් ශාඛාවක් ආරම්භ කළා. ඊයේ බම්බලපිටියේ විවෘත කළ ශාඛාව අප ප්‍රධාන කාර්යාලය බවට පත් වෙනවා.දිනුක - දුලානි දෙදෙනාම දක්ෂ ඡායාරූප ශිල්පීන්. ඔබ එකතුව ‘ස්ටුඩියෝ 3000’ හි සාර්ථකත්වයේ රහසයි. දුලානි කියන්නෙකෝ දෙදෙනාගේ ආදරණීය හමුවීම ගැනත්?පුංචි කාලේ ඡායාරූප කලාවට මගේ කැමැත්ත තිබුණත් ඒ සඳහා යොමු වුණේ දිනුක මුණ ගැසුනට පසුවයි. මට දිනුක හමු වුණේ ඡායාරූපයක් ගන්න ගිය අවස්ථාවකදී. මට ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න අවස්ථාවක් ලැබුණා. පාස්පෝට් එකට පිංතූර ගන්න තාත්තා එක්ක පෑලියගොඩ ස්ටුඩියෝ 3000 එකට ගියා. ඒ අවස්ථාවේදී තමයි දිනුක හමු වුණේ. දැන හඳුනා ගැනීම ආදරයක් බවටත් පසුව දෙමාපිය ආශිර්වාද මැද විවාහයක් බවටත් පත් වුණා. ඕස්ට්‍රේලියා ගමන සංචාරයක් පමණක් වුණා.ආදරණීය බිරිදක්, මවක් වගේම කාර්යබහුල ඡායාරූප ශිල්පිනියකගේ සේවා දායකත්වය වගේම ‘ස්ටුඩියෝ 3000’ හි සේවාව ගැනත් කියමු?ඇත්තෙන්ම අපි ඉතා හොඳින් ඉන්න පවුලක්. අපට දුවල දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. හැම දවසකම මමයි දිනුකයි අලුත් දෙයක්, අලුත් මානයක් පිළිබඳව කතා කරනවා. නිතරම වෙනසක් සහිත අලුත් දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. මංගල අවස්ථාවක් නම් අපි මනාල යුවළ කලින් දිනයක ගෙන්වලා ඔවුන්ට කැමැති දර්ශන තලයකදී ඡායාරූප ගන්නවා. මංගල දිනයේදී ඔවුන්ගේ නිදහසට බාධා නොවන අයුරින් අපි ඡායාරූප ගන්නවා. ඒ වගේම ඡයාරූප තෝරා ගැනීමේ නිදහසත් අපි ඔවුන්ට බාරදීලා තියෙනවා.අපි දෙදෙනාම තමයි මංගල ඡායාරූප ගන්නේ. ඒ වගේම අලුත උපන් බිළිඳු දරුවන්ගේ සහ ගර්භනි මාතාවන්ගේ ඡායාරූප ගැනීමේ නව ක්‍රමවේදයක් මම ආරම්භ කරල තියෙනවා. එයට අවශ්‍ය දරුවන් තැබීමේ දියුණු උපකරණ සහ නවීන තාක්ෂණය සහිතව මම විසින්මයි එය සිදු කරන්නේ.ඒ වගේමයි 2009 වසරේ හොඳම ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය සහ 2010 වසරේ හොඳම ඡායාරූප ශාලාවට හිමි සම්මානය ඇතුළු සම්මාන සහතික කුසලතා රැසක් දිනා ගන්නට අපට හැකි වුණා. ඊට අමතරව ‘3000 කාර්’ නම් මංගල රථ සේවාව සහ ‘3000 වෙඩින් පැලෑන’ මඟින් ද මංගල අවශ්‍යතා සඳහා වැදගත් සේවාවක් ඉටුකරදීම අපේ බලාපොරොත්තුවයි.යතේජා ඥානරත්න
CREATIVE
තඹපාට හැන්දෑව, එක්ටැම්ගේ ආදී ටෙලි සිතුවම් පුංචි තිරයට ගෙනා ඉරේෂ් ලොකු බණ්ඩාරගේ නවතම ටෙලි සිතුවම ‘පුංචි වලව්ව’ අද සිට සැම සතියේ දිනකම රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ කතා සංකල්යක් වන මෙහි ලූෂන් බුලත්සිංහල, දුලීකා මාරපන, තිලක් කුමාර රත්නායක, ශලනි තාරකා, කුමාරි මුණසිංහ, දෙනුවන් සේනාධි, භද්‍රා නන්දනී, මානෙල් වානගුරු, ඥාණාංග ගුණවර්ධන, අනුරාධා කුරුකුලසූරිය ඇතුළු පිරිස නළු නිළි කණ්ඩායමයි.ජී. නන්දසේන කැමරාව මෙහෙයවයි. සහාය නන්දසිරි ගනේගොඩයන්ය. හසිත රාජපක්ෂ සහාය අධ්‍යක්ෂවරයාය. තිසර සමන්ත බණ්ඩාරගේ සංස්කරණයකි. සුසාර සම්පත් කුරුවිට කලා අධ්‍යක්ෂණයෙන් ද, සනීර දිනේෂ් අංග රචනයෙන් ද පුංචි වලව්ව හැඩ කරයි.සුසිලා ජයසිංහ මෙය නිෂ්පාදනය කොට ඇත.- ප්‍රසාද්
CREATIVE
ධම්මික තිසේරා අධ්‍යක්ෂණ්‍ය කරනු ලබන මන්මාධවී ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා රාජගිරිය ඔපියුලන්ට් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. උමයංගනා වික්‍රමසිංහ ප්‍රධාන චරිත මවන මෙය ආදර කතාවකි. කුමාරි මුණසිංහ, නිහාල් ප්‍රනාන්දු, දසුන් මධුශාන්, නුවන්ගි ලියනගේ, සුදත් විජේසේකර, සුනෙත් සැල්සිරිපුර, විශාකා සිරිවර්ධන, රෝහිත ඩයස්, දයාසිරි හෙට්ටිආරච්චි, ඩිලානි විජේසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, උපාලි කීර්තිසේන, තුෂාර ජයසූරිය, වොල්ගා කල්පනි මන්මාධවි රංගනයෙන් හැඩ කරති.මෙය කේ. එම්. නිශාම්ඩීන්ගේ නිෂ්පාදනයකි. නුවන් විජේසිංහ නිෂ්පාදන කළමනාකරුය. ලෙස්ලි විමල් වීරසිංහගේ කලා අධ්‍යක්ෂණයකි. පුෂ්ප කුමාර බණ්ඩාරගම අංග රචනා ශිල්පියාය. උඩවත්ත ගාමින්ද ප්‍රදීප්ගේ රූපවාහිනි රචනයකි. නිශාන් හසිත කැමරාව මෙහෙයවයි. අජන්ත අයගමගේ සහාය අධ්‍යක්ෂණයකි.
CREATIVE
මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමාකරුවකු, ටෙලි නාට්‍ය නිර්මාණවේදියකු, සාහිත්‍යධරයකු, ක්ෂේත්‍රයට අදාළ විෂය සම්බන්ධ ගුරුවරයකු මෙන්ම පරිපාලකයකු වන නැසීගිය තිස්ස අබේසේකර සූරීන් කළ මෙහෙවර අගයමින් ක්ෂේත්‍රය තුළ ඔහු කළ නව සොයා ගැනීම් සහ දැනුම අනාගත පරපුරට දායාද කිරීමත් අරමුණු කර ගනිමින් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) ‘සමීප රූප – තිස්ස අබේසේකර අභිනන්දන උළෙල මැයෙන් විශේෂ උත්සවයක් මෙම මස 27 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.මෙයට සමගාමීව අජිත් ගලප්පත්ති විසින් රචිත තිස්ස . . . තිස්ස ග්‍රන්ථය සහ දේශීය විද්වතුන් රාශියකගේ ලිපි ඇතුළත් රෝහණ දන්දෙණිය සංස්කරණය කළ තිස්ස අබේසේකර ලිපිසරණිය ‘නික්ම නොගිය අප්‍රමාණ මිනිසා’ යන ග්‍රන්ථය දොරට වැඩීම ද මෙහිදී සිදුවනු ඇත.එසේම තිස්ස අබේසේකර කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කිරිම ද, සුදත් රෝහණ නිර්මාණය කළ තිස්ස අබේසේකර වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇතුළු ප්‍රාසංගික ක්‍රියාකාරකම් කිහිපයක් ද සිදුවීමට ද නියමිතය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහි මුලසුන හොබවන අතර දේශීය සිනමා රූපවාහිනී සහ සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වනු ඇත.- ප්‍රසාද්
CREATIVE
 තව අවුරුදු 2 ක් මං එහෙ ඉන්නේ.ජපානයේ අපේ හඬ නැංවූ උමාලි තිලකරත්නඋමාලි තිලකරත්න.මීට වසර දෙක තුනකට උඩදී පුංචි තිරයටත් , රිදී තිරයටත් මේ නාමය නෑදෑකම් දැක් වූ අයුරු අපට මතකය. ඒ දිනවල සිරිලක පුරා ජනප්‍රිය චරිතයක් වූ ඇය පිළිබඳ කිසිදු තොරතුරක් කාලෙකින්අප වෙත දැනගන්නට නොලැබිණ.ඒ ඇය සිය අධ්‍යාපන කටයුතු උදෙසා ජපානයට ගිය බැවිනි. ඇගේ වාසනා මහිමය දෙගුණ තෙගුණ වූයේ එහිදීය. සකුරා මල් පිපෙන ජපානයේ තැනූ දැවැන්ත චිත්‍රපටයක රංගනයට ඇයට අවස්ථාව හිමි විණ. ෆයිනල් ජජ්මන්ට් නම් වූ එය එරට ප්‍රමුඛ පෙළෙහි අධ්‍යක්ෂවරයකු වන මසකි හමාමොතෝගේ අධ්‍යක්ෂණයකි.එම සිනමා සිතුවමෙහි ප්‍රධාන චරිතය වූ ලින්ට පණ පෙවීමට තරම් උමාලි භාග්‍යවන්ත වූවාය.මේ වන විට ඇය ජපානයේ ද ජනප්‍රිය තරුවක් වී හමාරය.ඒ ගැන කතාබහ කොට උමාලි ගැන උණුසුම් තොරතුරු රැසක් ඔබ වෙත ගෙන ඒමේ අටියෙන් අපි මුණ ගැසීමට කතිකා කර ගත්තෙමු.ඇය එන්නට කීවේ රාජගිරියේ පිහිටි ඇයගේ පියාගේ කාර්යාලයටය. ඇය ලබා දුන් වේලාවට මම එතැනට ගියෙමි.ඔහයෝ ගෙසයිමසු , කොච්රා ඒ දොසෝ . . .නුපුරුදු ජපන් බසින් ඇය මොනවාදෝ පවසයි.සුබ උදෑසනක්. එන්න ඇතුළට කියලා මං ඒ කිව්වේ.මා තුෂ්නිම්භූත වූ බව දැනගත් ඇය දන්න සිංහලෙන්ම කතාවට වැටුණි.උමාලි දැන් ජපානයේ තරුවක්?ම් ම් ම් . . . මන්දා . . . එහෙමත් කියන්න බැහැ. මාව නොදන්න අයත් ඒ රටේ ඉන්නවා.අධ්‍යාපන කටයුතුවලට නේද විදෙස් ගත වුණේ?ඔව්. නිහෝන් විශ්ව විද්‍යාලයේ රංගනය ගැන හදාරනවා. තව අවුරුදු 2 ක් මං එහෙ ඉන්නේ.එතකොට ‘ෆයිනල් ජජ්මන්ට්’ සමඟ එකතු වන්නේ?ජපානයේ අයි. එම්. ඕ. නමින් නළු නිළියන් බඳවා ගන්නා ආයතනයක් තියනවා. මගේ මිත්‍රයකු මඟින් එහි ප්‍රධානියාව හඳුනා ගන්නට ලැබුණා. ඒ හරහා තමයි මට චිත්‍රපටයේ ලින් චරිතයට නිළියන් තෝරා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්නට ලැබුණේ.මොන වගේ සුදුසුකම් ද ඔවුන් ඔබෙන් බැලුවේ?මූලිකව බැලුවේ රඟපාන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ මගේ හමේ පාට.ඒ මොකද?ලින් කියන්නේ තරමක් කළු ජාතික ගැහැනු ළමයෙක්. ජපානයේ කළු ජාතිකයන් නැහැනෙ. ඒ වන විටත් එම චරිතයට වෙනත් දෙදෙනකුවම තෝරා ගෙන තිබුණා. ඒත් මම දුටුවාම ඒ අයව ඉවත් කරලා මාව ගත්තා. ඒ මගේ පෙනුමට.ඔබේ පළමු දර්ශන පෙළ රූ ගැන් වූ අයුරු දැන් ආවර්ජනය කරමුද?පුදුම චකිතයකින් මං එදා උන්නේ. යහළුවන්ට බීම වගයක් අරන් එන දර්ශනයක් තමයි මට මුලින්ම කරන්න තිබුණේ. අධ්‍යක්ෂවරයා අපි එකිනෙකාව මුලින් හඳුන්වා දුන්නා.ක්‍රමයෙන් දර්ශන තලයේ අය මට මිතුරු වුණා. ඊට පස්සෙයි මං රඟපෑවේ.කවුද ඔබත් සමඟ රඟපෑ ප්‍රධාන නළුවා?මියුරා කෝතා. ඔහු මීට ප්‍රථම චිත්‍රපට කිහිපයකම රඟපාලා තියනවා.චිත්‍රපටයේදී ඔබ වඩාත් සංවේදී වූ මොහොත මා දැනගන්නට ප්‍රියයි?ලින් කුඩා කාලයේ ඇයගේ මවුපියන් අහිමි වෙනවා. ඇයට ඔවුන්ව මතකයට එන අවස්ථාවකදී තදින් ඇඬෙනවා. මම ඒ මොහොතේ ඇත්තටම ඇඬුවා නවත්ව ගන්න බැරි තරමට.චිත්‍රපටය තිරගත වෙද්දී ජපන් රසික රසිකාවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරයන් කෙබඳුද?හිතා ගන්නවත් බැහැ. චිත්‍රපටයේ විශේෂ උත්සවයක් තිබුණා. එහිදී මාව බලන්නට ආව පිරිස අති විශාලයි. ඔවුන් මගේ අතින් අල්ලගෙන බොහෝම හැඟුම්බරව කතා කළා.ලින්ට සම්මානයක් ලැබෙයිද?කියන්න බැහැ.උමාලි දැන් වඩාත් ළෙංගතු ජපානයට වගේ?අනේ නැහැ. ඉගෙන ගන්නට විතරයි ජපානයට ගියේ.දිගටම රංගනයේ යෙදෙමින් ජපානයේ නවතින්න යැයි කවුරුන් හෝ කිව්වොත්?ඒ ඉල්ලීම කුණු කූඩයට දානවා.ඇත්තමද කිව්වේ?අනිවාර්යයෙන්ම.ප්‍රේක්ෂකයකු විදිහට ඔබ ඔබේ රංගනය ගැන සෑහීමකට පත් වෙනවාද?තව ටිකක් දියුණු කරගන්න ඕනේ.ඔබ ලබාගත් විරළ අවස්ථාව ගැන ජනප්‍රිය නළුවකු වූ ඔබේ පෙම්වතා කියුවේ මොනවාද?ඔහු මගේ කටයුතුවලට කවදත් සහාය දෙනවා. මෙවරත් ඔහු මං ගැන සතුටු වුණා. ඉදිරියට යන්න මාව දිරිමත් කරන දේවල් තමා ඔහු කිව්වේ.පෙම්වතාගේ නම කියන්න පුළුවන්ද?බැහැ.ඇයි ඒ?ඒක අපේ පෞද්ගලිකත්වය.ඒත් ඔහු හා ඔබේ සම්බන්ධය දැන් රහසක් නෙවෙයි?මාධ්‍ය අතරෙනේ රහසක් නොවන්නේ.ඔහු අකැමැත්තක් දක්වන්නේම නැද්ද ඔබේ රංගන කටයුතුවලට?කොහෙත්ම නැහැ.උමාලි කලින් ගායනයේද යෙදුනා කියා මට මතකයි.දැන් මං ගායන කටයුතුවලින් තරමක් දුරස් වෙලා.ඒ ඇයි?රංගනයට වැඩිදුර පෙම් බැඳි නිසා.ජපානයේම තවත් මාලා නාට්‍යයක උමාලි රඟනවා නේද?ඔව්. එකේ නම සොකෝවා නන්තෝකා.මොනවද අනාගත බලාපොරොත්තු?කලාවෙන්ම ඉදිරියට යෑම.අපි කතාබහ මෙතැනින් නවත්වමු?හොඳයි, ඔත්සු කරෙසමා දේශ්තා.මොකක්ද ඒ කිව්වේ?සාමාන්‍යයෙන් ජපානයේ වැඩ කටයුත්තක් හමාර කරන්නේ එහෙමයි.ප්‍රසාද් සමරතුංගසේයාරුව – ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
සුපුරුදු විදියට රැකියාවේ කටයුතු කරගෙන යන අතරතුරම මම පසුගිය දිනවල නිර්මාණ කිහිපයකටම දායක වුණා. ඒ ජාතික රූපවාහිනියේ විකාශය වන ‘මුල්’ කියන වැඩසටහනේ තේමා ගීතය ලිවීමයි.ඊට අමතරව නිදහස් දවසේ විකාශය වූ ‘නිදහසේ ගීතය’ වැඩසටහනේ ගීතය ලිව්වෙත් මමයි. මේ මාසය මට වඩාත් විශේෂ වෙන්නෙ මගේ උපන් දිනය යෙදෙන නිසයි. කොහොම වුණත් උපන් දිනය යෙදෙනවා කියන්නේ වසරක් ගෙවී වයසට යන එක ඉක්මන් වෙනවා කියන එකටයි.
CREATIVE
මේ දිනවල ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ජැක්සන් ඇන්තනීගේ ‘දස්කොන්’නාට්‍යයට සම්බන්ධ වෙන්නත් සුදානමින් ඉන්න අතරේ ළමා චිත්‍රපටයකට ආරාධනාවකුත් ලැබිලා තියෙනවා.
CREATIVE
ළඟදී නම් කිසිම නිර්මාණ කටයුත්තකට මා දායක වුණේ නැහැ. මොකද දැන් අපි වයසයිනේ. ඒ නිසා වෙනදා වගේ නිර්මාණවලට අපට කතා කරන්නෙත් නැහැ. ඒත් ඉතිං මම මගේ පෞද්ගලික වැඩ කටයුතුවලට එහා මෙහා ගමන් කරමින් තමයි මේ ඉන්නේ.
CREATIVE
ජයලත් මනෝරත්න අයියාගේ වේදිකා නාට්‍ය සමඟින් මම මේ දවස්වල රට වටා යනවා. අන්දරේලා, ගුරු තරුව සහ සෙල්ලම් නිරිඳු වේදිකා නාට්‍ය වගේම සුබ සහ යස, සකුන්තලා වේදිකා නාට්‍යවලටත් දායක වෙනවා.චන්ද්‍රසෝම බිංදුහේවාගේ අලුත්ම වේදිකා නාට්‍ය එනිමි වේදිකා නාට්‍යයත් පසුගියදා ගාල්ලේදී වේදිකා ගත කළා. ඊට අමතරව රූපවාහිනි හඬ කැවීම් සඳහාත් මම සහභාගි වෙනවා.
CREATIVE
බොලිවුඩයට ලබා ඇත්කේ යහපත් කලදසාවක් නොවෙයි. එක් අතකින් තිරයේ ප්‍රබල තරුවන අක්ෂේ කුමාර් වැන්නන්ට පාතාල ලෝකයෙන් එල්ල වන තර්ජනය. තවත් අතකින් තරු සතු දේපළ මංකොල්ල කෑමයි.ශිල්පා ෂෙට්ටිගේ අයි පෑඩ්, අයි පොඩ් මංකොල්ලය සිදු වී තවමත් වැඩි කාලයක් ගත වී නැත. ඉන්දියානු රුපියල් ලක්ෂ 1.01 ක් පමණ වටිනා මේ භාණ්ඩ නැති වී තිබෙන්නේ ශිල්පාගේ ජුහු නිවාස සංකීර්ණයේදීය.අලුත්ම සොරකම සුපිරි නිළි කාජල්්ගේ රන් වළලු දාහතරක් සොරකම් කිරීමයි. අජේ සහ කාජල් ද පදිංචි වී සිටින්නේ ජූහූවලයි. කාජල් ආගමික උත්සවයකට කාර්යය බහුල වී සිටියදී මේ සොරකම සිදු වී තිබේ. ඇයට අහිමි වූ වළලුවල වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ පහකි.අජේ හා කාජල් සොරකම ගැන කඩිනමින්ම පොලීසියට දැනුම් දී තිබේ. දේව්ගන් පවුලට සොරුන් නිසා පාඩු සිදු වූ දෙවැනි අවස්ථාව මෙයයි. 2008 වසරේදී ද දේව්ගන් නිිවෙසේ සොරකමක් සිදු විය.
CREATIVE
තමන් රැඟූ සිනමාපටය වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැක්කේ කුමක් ද? බොහෝ තාරකාවන් සිය උපන් ඇඳුම පවා සිනමාපටය ජනප්‍රිය කිරීමට පෝස්ටර්වලට යොදාගෙන තිබේ.කුර්බාන් පෝස්ටරයට කරීනා කපූර් සිය පිටුපස පෙදෙස නිරාවරණය කරගෙන සිටියේ තනියම නොවෙයි. එවකට පෙම්වතා වූ සායිෆ් අලි ඛාන් සමඟයි.නේහා දූපියා ‘ජුලී’ පෝස්ටරයේ යාන්තමට වසාගෙන සිටියේ ඉණ පෙදෙස පමණයි.‘හේට් ස්ටෝරි’ සිනමාපටයේ පඕලි දාම් මිනිසකුගේ උකුළ මත ඉඳගෙන සිටින ජවනිකාවක් දැක්වෙන පෝස්ටරය බොලිවුඩයේ බොහෝ කතාබහට ලක්වූවකි.‘රගිනි එම්එම්එස් 2’ සඳහා සනී ලියෝන් සහ ‘නාෂා’ සිනමා පෝස්ටරයට පූනම් පාන්ඩේ පෙනී සිටියේ, උපන් ඇඳුමෙන් පෙනී සිටීමට ඇති සහජ හැකියාව ප්‍රදර්ශනය කරමිනි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ආචාර්ය නිහාල්සිංහ මහතා අතින් ලයනල් උපහාර තිළිණ ලැබූ මොහොත. පසෙකින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා ද සිටී.  පවුලේ පිරිවර සමඟ ලයනල් කේක් කපමින්හතළිස් වසරකට අධික කාලයක් කැලණිය සරසවි චිත්‍රාගාරයේ ප්‍රධාන ශබ්ද පරිපාලකවරයා වශයෙන් සේවය කළ ලයනල් ගුණරත්න විශ්‍රාම ගිය දින ඔහු වෙනුවෙන් සංවිධානය කළ සමු ගැනීමේ උත්සවයක් පසුගියදා දළුගම සරසවි චිත්‍රාගාර පරිශ්‍රයේදී පැවැත්විණ.ඡායාරූප මහේෂ් නිශාන්තරංගන ශිල්පිණී ප්‍රියංකා සමරවීරගේ ආදරණීය මව වූ ඇලන් ජයවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇගේ වයස අවුරුදු 85 කි. ඇයගේ අවසන් කටයුතු පසුගියදා කුරුඳුගස්මානාන බදුරුලිියේදී සිදු කෙරිණි.
CREATIVE
පසුගිය දවස්වල දුම්බර පළාතේ රූගත කිරීමකට ගියා. ඒ නුවන් ජයතිලක කියන අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයකටයි. ඒ වගේම ‘කුටු කුටු මාමා’ ටෙලි නාට්‍යයේත් රූගත කිරීම් කළා. ලෝක පරිසර දිනය වෙනුවෙන් ඉදිරියේදී ගල්කිස්ස ශාන්ත තෝමස් පාසලේ ළමයි එකතු වෙලා පරිසරය ගැන දැනුවත් කරන වැඩ සටහනක් කරන්නත් මේ දවස්වල සූදානම් වෙනවා.
CREATIVE
ඩිල්ෂාන් ගේ ක්‍රිකට් සමුගැනීම ගැනරංගන ශිල්පිනී මංජුලා තිළිණිකතාකරයිරංගන ශිල්පිනී මංජුලා තිළිණි අතිශය හැඟුම්බර වූ අවස්ථාවක් පසුගිය දිනෙක අප මාධ්‍යයන් තුළින් දුටුවා. ඒ තම ආදරණීය සැමියා වූ තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත්කළ දිනය. එදින බොහෝ දෙනාගේ අවධානය ඩිල්ෂාන්ට වගේම මංජුලාට ද යොමු වූයේ කලකට පසු ඇයව දක්නට ලැබුණු හින්දා වන්නට ඇති. ඒ හේතුව නිසාම අප මංජුලාත් එක්ක මෙලෙස සංවාදයක නියැළුණා. ඒ අතරතුර ලෝ පතළ ඩිල්ෂාන් ගැන නොදත් කතා කිහිපයක්ම හෙළිදරව් කරනු ලැබුවා.මංජුලා මං කැමැතියි මුලින්ම ඔබ එදා ඩිල්ෂාන්ව සිප වැලඳගෙන සංවේදී වූ ඒ නිමේෂයට ඔබේ සිත ගෙනියන්න...?ඇත්තටම ඒ මොහොත මට කවදාවත් අමතක වන්නේ නැහැ. ඩිල්ෂාන් ටෙස්ට් තරග ප්ලේ කරන එක නවත්වන්නට කලින් මගෙන් ඇහැව්වා. මේ තීරණය විතරක් නෙවෙයි, අපේ ජීවිතේ හැම වැදගත් වෙලාවකදීම තීරණ ගන්නේ අප කතාබහ කරලා. මේ වෙලාවෙත් ඒක එහෙම්මම වුණා. කලින් දන්නවා වුණත් එදා මාධ්‍ය හමුව දා ඩිල්ෂාන් කතාකරපු විදිහට මට දැණුනේ මුලින්ම මටත් ඒ පණිවුඩය දුන්නා වගේ.එතරම්ම ඒ වචන හරිම අව්‍යාජයි. ඩිල්ෂාන් බොහෝ කැපකිරීම් කරලා මේ තත්ත්වෙට අපු කෙනෙක්. එයාගේ ජීවිතේ හැම දෙයක්ම මං දන්නවා. ඩිල්ෂාන් වගේ කෙනෙකුගේ බිරිය වීමත් මා ලද වාසනාවක්. ඒ වෙලාවේ මං සංවේදී නොවුණා නම් තමයි පුදුමේ.සාමාන්‍යයෙන් මැච් එකකට යන්න කලින් ඩිල්ෂාන් ඔබට කියන්නේ මොනවද?එයා එදින කොච්චර ලකුණු ගානක් ගන්නවද කියලා කියන්න එයාට පුළුවන්. ඩිල්ෂාන් සීයක් ගහපු හැම වෙලාවකම ‘අද මං සෙන්චරියක් ගහනවා’ කියලා මට කිව්වා මට හොඳට මතකයි. මාත් ඔහුට උපරිමයෙන් මගේ ආශීර්වාදය දෙනවා මැච් එකකට යන්න කලින්.ඔබ දෙපොළගෙන් කාටද වැඩිපුරම කේන්ති යන්නේ?ඩිල්ෂාන්ට තමයි. මට එයා තරම්ම කේන්ති යන්නේ නැහැ. කොහොම හරි දෙන්නටම කේන්ති ගිය වෙලාවල්වලදී දෙන්නම සද්ද නැතුව ඉන්නවා. ඒත් පැයකට වඩා වැඩි වෙලාවක් දෙන්නටම එහෙම ඉන්න අමාරුයි.ගෙදර ඉන්න දවස්වලට ඔබේ අතින් ඩිල්ෂාන්ට මොනවද කන්න හදලා දෙන්නේ?එයා හරි ආසයි පොලොස් මැල්ලුම් කන්න. මං ඒක හදලා දෙනවා.කෝ දැන් මංජුලා තිළිණි කියන නිළිය?අනේ ඩිල්ෂානුත් කියනවා ඔහොම හිටියා ඇති රඟපාන්න යන්න කියලා. ඒත් මං තමයි පස්ස ගහන්නේ. හොඳ චරිතයක් ලැබුණොත් සලකලා බලනවා.ඔබ අන්තිමට රඟපෑවේ ‘අවංකා’ ටෙලි නාට්‍යයේ නේද?ඔව්, ඒ මීට වසර හතකට පමණ කලින්. ඒකත් හරියට කරගන්න බැරි වුණා.බොහෝ කාලයක් රඟනොපෑව හින්දා ඔබේ ජනපි‍්‍රයත්වය අඩුවෙලා කියලා හිතෙන්නෙ නැද්ද?මෙහෙමයි, නිළියක හැටියට ප්‍රේක්‍ෂකයන් අතරට නොගියත් ඩිල්ෂාන්ගෙ බිරිය හැටියට සමාජයේ පෙනී සිටියා. එහෙව් තත්ත්වයක් මත ඒපැත්තෙන් මිනිස්සු මාව හඳුනනවා. හැබැයි ඇතැම්දෙනා මං රඟපාපු ‘නිලංජනා, සින්දූර්’ වැනි ටෙලි නාට්‍යවල චරිත ගැන අදටත් මතක් කරනවා.ඩිල්ෂාන් මංජුලා කැදැල්ලේ ඉන්න පුංචි පැටව් ගැනත් මේ වෙලාවේ මතක් කළොත් හොඳයි..?අපේ ලොකු දුව රෙසඳි ලිනමා. එයාට අවුරුදු පහයි. දෙවැනියා ලිසදි දිහසංසා එයාට අවුරුදු තුනහමාරයි. පුතා දිහෙළ දින්හත්.බබලා තුන්දෙනාගේම නම්වල ‘දි’ අකුර ඇතුළත් වුණේ දිල්ෂාන් හින්දද?අනිවාර්යයෙන්ම ඒක තමයි හේතුව. අහුබුදු මහත්තයා තමයි නම් හැදුවේ.කොහොමද ඔබලගේ නිමි ඇඳුම් ව්‍යාපාරයේ කටයුතු?හොඳින් සිදුකෙරෙනවා. රාජගිරියෙයි අපේ ව්‍යාපාරික ස්ථානය තියෙන්නේ.ඔබ ඩිල්සාන් හා විවාහ වී මේ වන විට වසර පහක් ඉක්මවලා. කොහොමද ඒ කාලය ගැන දැනෙන්නේ?අපේ ආදරේ නම් චුට්ටක්වත් අඩුවෙලා නැහැ. ඩිල්ෂාන් රාජකාරි කටයුතු හමාර කරලා ගෙදර දුවගෙන එන්න බලාගෙනයි ඉන්නේ. මං බඳින්න කලින් හිටියා වගේම අදටත් හොඳ සැහැල්ලුවෙන් ඉන්නවා. මං හිතනවා අපි මෙච්චර සතුටින්, සමාදානයෙන් ඉන්නේ පවුල් ජීවිතයට මුල්තැන දෙන නිසා කියලා. ඒ වගේම කොච්චර ජනපි‍්‍රයත්වයක් ලැබුණත් අපි දෙන්නා බොහොම සරලවයි ජීවිතය ගෙවන්නේ. එදා මාධ්‍ය හමුවේ දවසේ ඩිල්ෂාන්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව ඔහු ඇමතුවේ අයියේ, මල්ලීයෙ කියලා. ඒ සහෝදරත්වය අපි ගොඩනගාගෙන ඉන්න අර සරලකම හින්දමයි.මේ වෙලාවේ තව දෙයක් මට කියන්න පුළුවන්ද?ඔව්, කියන්න.ඩිල්ෂාන් ටෙස්ට් දිවියෙන් සමුගත්තේ ජයග්‍රාහී විදිහට. ඒ ඔහු පොළොවේ පය ගහලා හිටපු නිසා. අපි යමක් හම්බ කළාද ඒක හොඳ විදිහටයි කළේ. ඒ ගැන හිතද්දී අපේ ජීවිත පිළිබඳ තෘප්තිමත්වයි මං ඉන්නේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - ශ්‍රීනාත් ප්‍රභාෂ්වර - උපුල් නිශාන්ත
CREATIVE
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරමින් කැමරා අධ්‍යක්ෂ වී. වාමදේවන් සහ ප්‍රවීණ සිනමාකරු තිස්ස ලියනසූරිය යන මහත්වරුන් පත්ව සිටියි.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම පත්කිරීම් සිදු කරන ලදී.ප්‍රසාද්
CREATIVE
රංගන ශිල්පීරොෂාන් පිලපිටියමම නම් ඉදිරි සතිය ෂූටින්වලට තමයි වෙන් කරලා තියෙන්නේ. මේ දිනවල මම රංගනයෙන් දායකවන ස්වර්ණපාලි, පාරාවළල්ල, චෙස්, සඳසාවි විකාශය වෙනවා. මේ හැම ටෙලි නාට්‍යකම ෂූටින් නිසා මම ගොඩක් කාර්යබහුලයි.ඒ හැරුණාම මේ සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදිනත් රාජගිරියේ වික්ටෝරියා නිවාසයට ගිහින් එහි ආබාධිත පුද්ගලයන්ට උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. උපන් දිනයට විතරක් නෙවෙයි මම මට හැකියාව ලැබෙන බොහෝ දවස් ගත කරන්නේ එහි ජීවත් වෙන අය සමඟයි. ඒක මට ලොකු සතුටක්.තිලානි / යතේජාඡායාරූප – ටෙනී / මාලන්  
CREATIVE
මිල්ටන් සෙබස්තියන්මිල්ටන් සෙබස්තියන් මොරටු පුරවරයෙන් කලා ලොවට පිවිසි කලාකරුවෙක්. හැත්තෑව දශකයේදී කලා ලොවේ ගමන් ඇරැඹි මිල්ටන් රංගනයේ මෙන්ම නිවේදනයේත් හඬ ශිල්පයේත් එක ලෙස දස්කම් දක්වන ජනප්‍රිය චරිතයක්.1973 වසරේදී නිවේදනය කරමින් මෙරට ජනප්‍රියම ගායක ගායිකාවන් රැසක් වේදිකාවට කැඳවීමේ භාග්‍ය උදා කරගත් ඔහු 1976 වසර වන විට පසුබිම් හඬ ශිල්පියෙකු ලෙස ද තවත් පියවරක් ඉදිරියට තැබීය.‘ප්‍රගති’, ‘සුජාතා’, ‘එක අහසක් යට’, ‘මහ ගෙදර’, ‘සුභන්්‍යා’, ‘චින්ති’, ‘සුජාත දියණී’, ‘සුසුරන්’, වැනි ටෙලි නාට්‍ය මෙන්ම ‘ස්කුබි ඩු’, ‘අපි රජ ඉබ්බෝ’ කාටුන් වැඩ සටහන්වලට ද ඔහුගේ හඬ මුසු විය.ජාතික රූපවාහිනි සංස්ථාවේ ‘බී’ ශ්‍රේණියේ හඬ කැවීම් ශිල්පියකු ලෙස සමත් මිල්ටන් මේ වන විට රූපවාහිනි නාලිකා කිහිපයකම වැඩසටහන් රැසකට හඬ කැවීමෙන් දායක වී තිබේ.කලා ලොවේ තවත් මාවතකට යොමු වෙමින් ඔහු ටෙලි නාට්‍ය රංගනයට ද පිවිසෙන්නට වරම් ලබා ගත්තේය. රංගන ජීවිතය තුළ ඔහු ‘මුතු කිරිල්ලී’, ‘කාව්‍යා’, ‘පතිනි’, ‘වසූදා’, ‘රෝස කටු’, ‘පිණිබර යාමය’, ‘යශෝදරා’, ‘යර්ස් මැඩම්’ සහ ‘සාරංගනා’ තුළින් සිය රංගන හැකියාව එළි දැක්වීය.මීට අමතරව ‘ඩාන්සින් ස්ටාර්’, ‘ලව් ඉන් මොන්ටිසෝරි’ සහ ‘පීටර් වන්’ චිත්‍රපට හරහා සිනමා රංගනයට ද පිවිසියේය. රත්නසිරි පරණවිතානගේ ‘සිද්ධාර්ථ’ හා ජගත් කරුණාසේනගේ ‘දිසාපාමොක්’ වේදිකා නාට්‍ය රංගනයට ද එක් වූ ඔහු ඉදිරියේදී වේදිකා නාට්‍යය ක්ෂේත්‍රයේ ද දිගුª ගමනක් යන්න සූදානම්ව සිටියි.පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ගමනේදී මේ වසරේ පැවැති කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේදී ‘කොළොම්තොට භූෂණ’ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේය. ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘අහංකාර ස්ත්‍රී’, ‘මහිංසා’, ‘හිරු දරුවෝ’ ටෙලි නිර්මාණ තුළින් ඔබට මිල්ටන්ගේ රංගනය දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 0777512229 ඔහුගේ දුරකථන අංකය ආදරණීය පාඨක ඔබගේ අදහස් වෙනුවෙන් විවෘතව පවතී.- යතේජාඡායාරූපය – මාලන්
CREATIVE
අවුරුදු දාතිරගත වූ දිනය – 1986 දෙසැම්බර් 05 ඉදිරිපත් කිරීම – එස්. එස්. සිනේටැලන්ට් නිෂ්පාදනය – පද්මසිරි රණසිංහ, විමල් සමන් ජයවීර, සරත් කුලතුංග සම අධ්‍යක්ෂණය – නිමල් තෙන්නකෝන්, සමන් ජයවීර කතාව, දෙබස් සහ තිර රචනය – නිමල් තෙන්නකෝන් සහාය අධ්‍යක්ෂණය – ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා සහාය බන්දුල කුරේ සංස්කරණය - නිමල් තෙන්නකෝන්, විමල් සමන් ජයවීර අංග රචනය – රංජිත් මතඟවීර කලා අධ්‍යක්ෂණය – චන්ද්‍රගුප්ත තේනුවර, කිත්සිරි මෙවන් ජයසේන ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න ශබ්ද සහාය – අබේසිංහ අල්විස්, උපාලි අරම්පොල, ආර්. ඒ. ආර්. පෙරේරා රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය – මදුරාසිය නිෂ්පාදන කළමනාකරණය - මහේන්ද්‍ර රංජිත් පීරිස් විදුලි කාර්මික ශිල්පී – එම්. ඇරෆන් කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස් - නාවල ධාවන කාලය – පැය 1 විනාඩි 45 දිග ප්‍රමාණය - අඩි 10,000 ආරම්භක පිටපත් ප්‍රමාණය – 11 (4 වන ප්‍රදර්ශන මණ්ඩලය) නිශ්චල ඡායාරූප – අශෝක පෙරේරා සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය – බණ්ඩාර කේ. විජයතුංග ගීත ගායනය – මාලිනී බුලත්සිංහල ගීත ප්‍රමාණය - 01 (ගීතයේ පදමාලාව සොයා ගැනීමට නොහැකි විය) නාමාවලිය – කිත්සිරි මෙවන් ජයසේන සැකසුම - සරසවි චිත්‍රාගාරය – කැලණියනළු නිළියන් - සනත් ගුණතිලක (ධනුෂ්ක) මාලිනී ෆොන්සේකා (නිරූපමා), සොමී රත්නායක (සෑම්), හෙන්රි ජයසේන (ඩග්ලස්), අයිරාංගනී සේරසිංහ ( නිරූපමාගේ මව), මියුරි සමරසිංහ (නිරූපමාගේ පුංචි අම්මා), පියරත්න එම්. සෙනරත්, ටී. එම්. සංඝදාස, සුගත් ගුණසේකර, රංජිත් මහේන්ද්‍ර පීරිස්ආදර හසුනතිරගත වූ දිනය – 1986 දෙසැම්බර් 05 ඉදිරිපත් කිරීම – රීගල් චිත්‍රපට නිෂ්පාදනය - ටෙරන්ස් රාජපක්ෂ කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න සහාය අධ්‍යක්ෂණය – ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, එල්. එස්. චන්ද්‍රසේන කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ සහාය - සුනිල් ජයවීර සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි අංග රචනය – එරල් කෙලී සහාය සුනිල් විජේරත්න ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, එච්. ඒ. අල්විස්, ඩබ්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය – හොංකොං වර්ණ රසායනාගාරය (නියෝජිත – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් සැකසුම - සරසවිය චිත්‍රාගාරය, කැලණිය ආලෝක සහාය – නිමල් බන්දුසේන, බෙනඩික්ට් ද සිල්වා, එච්. සුනිල් සෝමරත්න ඉඹුලේගම ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය නිෂ්පාදන අංශයේ සහාය – බී. ඒ. සුනිත් නිෂ්පාදන විධායක - හෙක්ටර් හපුගොඩ නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිශ්චල ඡායාරූප - සැම්සන් සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ ගීත - සුදු මුතු රළපෙළ - ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ – පද – කුලරත්න ආරියවංශ රන් දොවොලින් බැස එන දෙවියෝ - සුනිල් එදිරිසිංහ, අයිවෝ ඩෙනිස්, දමයන්ති ජයසූරිය, ලක්ෂ්මන් විජේසේකර – පද – අරිසෙන් අහුබුදු ශූරීන්නළු නිළියෝ - වසන්ති චතුරාණි, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය, නවනන්දන විජේසිංහ, රූබි ද මෙල්, වින්සන්ට් වාස්, මියුරී සමරසිංහ, පාලිත සිල්වා, ජෝ දඹුලුගල, ට්‍රිලීෂියා ගුණවර්ධන, කාන්ති ලංකා, අරුනෝදිකා හේවාවසම්, විමල් බුලේගොඩ, ඩන්ස්ටන් චන්ද්‍රලාල්, ගුණපාල කරුණාපතිරණ, ජස්ටින් ෆොන්සේකා, ඇන්තනි ලෝඩන්, පෝල් ඒකනායක, ඕවන් ද මෙල්, ආතර් කපුරු බණ්ඩාර, සෝමසිරි කොළඹගේ, ශ්‍රීනාත් මල්දෙනිය, කීර්ති රංජිත් පීරිස්මංගල දර්ශනය – ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්විණි.ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
CREATIVE
සල්මන් දැන් ‘ත්‍රී ඉන් වන්’ය. මුලින් ඔහු එක් වූයේ රංගනයටයි. ‘නෝ එන්ට්‍රි’ සිනමාපටයෙන් පියාගේ අඩි පාරේ යමින් ගීත රචකයකු විය. දැන් ඔහු ගායකයෙකි. ‘කික්’ සිනමාපටයේ ප්‍රේම ගීතයට සල්මන් සිය හඬ මුසු කරන්නේ ශ්‍රෙයා ගෝෂාල්ගේ මිහිරි ගී හඬට යුග ගීතයක් වෙමිනි.ඔහුගේ ගී හඬට සම්මානනීය ගායිකා ශ්‍රෙයා පවා වශී වී තිබේ. ‘හරි අපූරු ගායකයෙක් සල්මන් ළඟ හැංගිලා ඉඳලා’ කවුරුත් ගීතයට ප්‍රතිචාර දක්වා ඇත්තේ එලෙසිනුයි. මීට පෙර ඔහු ගීතවල සුළු කොටස් ගයා තිබුණ ද ගායකයකු ලෙස දොරට වඩින ප්‍රථම අවස්ථාව මෙයයි.සල්මන්ගේ කඩවසම් රුවට වශීවුණු රසිකාවන් මෙවර වශීවනු ඇත්තේ හඬටය.සල්මන්ට 1994 තරම් දශක දෙකක අතීතයට යාමට ද දැන් වරම් ලැබී ඇත. සංගීතවත් විකට සිනමාපටයක් වූ ‘අන්දාස් අප්නා අප්නා’ දෙවැන්නක් ගැන මේ දිනවල අධ්‍යක්ෂ රාජ්කුමාර් සන්තෝෂි සිහින දකියි. අමීර් හා සල්මන් මෙහි රංගනයට එක පයින් සූදානම්ය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
විවාහයත් සමඟ බැස නොයන තරුවක වීම දැන් තාරකාවල විවාහ නීතියයි. මුලින් සුපිරි නිළි ශ්‍රී දේවි ඒ නීතිය, ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’ රසික, විචාරක අගැයුමට නොමඳව පාත්‍ර වීම නිසා පහසුවෙන්ම ක්‍රියාත්මක කෙරුවාය. ඊළඟට ඒ මාවතට පිවිසියේ බොලිවුඩයේ පළමු සුපිරි තරුව ශ්‍රී දේවියට, පසුව තිරයේ කිරුළ හිමි කරගත් මධුරි ඩික්සිත්ය. ‘දේද් ඉෂ්කියා’ ජනවාරි 10 වැනිදා තිරගත වූයේ මධුරිගේ නව සිනමා ගමන් අනාගය පිළිබඳ ඉඟි පල කරමිනි.එය පාඩු ලැබූ සිනමාපටයක් නොවුණ ද තවමත් වැඩි සාර්ථකත්වයක් ද ලබා නැත. සිනමාපටය වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 15 ක් වැය වී ඇති අතර, පළමු සතියේදී සිනමාපටයට ලැබුණු ආදායම රුපියල් කෝටි 25 කි. වැඩි ආදායමක් බලාපොරොත්තු වූ උත්තර් ප්‍රදේශයන් පවා සුබදායක ප්‍රතිචාරයක් ලැබී නැත.දැන් මධුරිගේ ලොකුම බලාපොරොත්තුව වී තිබෙන්නේ ‘ගුලාබ් ගෑන්ග්’ය. එහි යුගයක සුපිරි තරු යුවළකගේම රංගනයන් ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ලැබේ.ගුලාබ් ගෑන්ග් හි සුදු චරිතය මධුරී වෙද්දී, කළු චරිතය වන්නේ ජූහිය. මධුරී, ජුහී එක් යුගයක තරඟකාරි සුපිරි තරු යුවළකි. එනිසාම දෙදෙනා තිරයේ බැබළෙන කාලයේදී එකම සිනමාපටයක රඟනු නැරැඹීමට ප්‍රේක්ෂකයන්ට ඉඩක් නොලැබිණි. එහෙත් ඔවුන් පැතූ අවස්ථාව කලකට පසු උදා වී තිබේ.ජූහි මේ සිනමාපටයට එක් වී තිබෙන්නේ මධුරීගේ ඉල්ලීම නිසාමයි. එහෙත් පිටපත කිය වූ පසු එය මායාවක් කළ හැකි සිනමාපටයක් බව ඇයට වැටහී තිබේ.අතීතයේදී ඔවුන් දෙදෙනා එකට රඟපෑවා නම් රසිකයන් ඔවුන් සසඳන බව ජූහි පවසන්නීය. එහෙත් මේ සිනමාපටයේ රඟන්නේ සංසන්දනය කළ හැකි චරිත නොවෙයි. මෙහි ජූහි නර්තනයේ යෙදෙන ජවනිකා ද නැත. ඇය රඟන්නේ දේශපාලනඥයකුගේ චරිතයකි. සියලු නර්තනයන්වල යෙදෙන්නේ මධුරීය. බන්දෙඛණ්ඩ් කලාපයේ කාන්තා ක්‍රියාකාරිනියන්ගේ කතා පුවතක් ‘ගුලාබ් ගෑන්ග්’ ලෙස තිරයට නැඟී ඇත. එය මාර්තු 7 වැනිදාට තිරගතවීමට නියමිතය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
එක් යුගයක් එකලු කළ ජනප්‍රිය රංගන ශිල්පියකු වන තිස්ස විජේසුරේන්ද්‍ර කලාවට පිවිස වසර හතලිස් හයකට පසු සිය ප්‍රථම සම්මානයෙන් පසුගියදා පිදුම් ලබයි.ඔහුට හිමි වූ කුලුඳුල් සම්මානය වනුයේ කොළොම්තොට භූෂණ සම්මානයයි. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය අනුදැනුම යටතේ කොළඹ මහ නගර සභාවේ දිසාපති කාර්යාලය මඟින් මෙම සම්මාන උළෙල සංවිධානය කොට තිබිණ. තිස්ස චිත්‍රපට හැටකට අධික ප්‍රමාණයක සිය රංගන දායකත්වය සපයා තිබේ. ඉන් විසි තුනක්ම බොක්ස් ඔෆිස් වාර්තා තබා ඇත.- ප්‍රසාද්
CREATIVE
පී. යූ. ඩී. පෙරේරාගේ නවතම සිනමාපටය වන ‘යාළු’ හි සියලු වැඩ කටයුතු මේ වන විට නිම වී තිබේ. ළමා චිත්‍රපටයක් වන එය තව නොබෝ දිනකින් තිරගතවීමට සූදානමිනි.ජයතිලක කම්මැල්ලවීරගේ තිරකතා රචනයට අනුව නිර්මාණය වූ ‘යාළු’ සමඟින් දිගු කලකට පසු සොමී රත්නායක රංගනයට ප්‍රවිෂ්ටව සිටී.පාලිත සිල්වා, අමිත්ත වීරසිංහ, මීනා කුමාරි, සුරංගි රුවන්මලී, සුසිලා රත්නායක ඇතුළු සහ උදාන ධනුෂ්ක පෙරේරා, ට්‍රෙනීසා මිෂෙල්, දිනුෂ මිදුවංක, නඳුන් සිතුමිණ, තනුෂ්ක විමලරත්න, මහේල සල්ගාදු , උදයංගනී වසුදා විමලධර්ම යන ළමා නළුවන් රංගනයෙන් දායක වෙති.අධ්‍යක්ෂණය මෙන්ම කතා සංකල්පය, කැමරා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ද පී. යූ. ඩී. ගෙනි.ඩී. කුමාර රාහුබද්දගේ කලා අධ්‍යක්ෂණයකි. වික්‍රමසිරි ජයවික්‍රම සහ රන්ජිත් සේනාරත්න සහාය අධ්‍යක්ෂවරුන්ය. කුමාර ගලහිටියාවගේ අංග රචනයකි. රන්දික නදීශාන් සංස්කරණයෙන් එක් වෙයි.මහාචාර්ය සුනිල් ආරියරත්න, වසන්ත කුමාර කොබවක, නිලාර් එන්. කාසිම් ගී පද රචනා කොට ඇත. ආචාර්ය වික්ටර් රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, මහාචාර්ය මුදියන්සේ දිසානායක නැටුම් අධ්‍යක්ෂණයෙන් ද, ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණයෙන් ද එක්ව ඇත.ගීත ගායනා හංසිකා සඳලි ඩයස්, හරිනි රමාලි ඩයස් සජන සත්සර රත්නායක, සෙජිණි සත්සර රත්නායක, චේතනී වන්දනා ගුණසේකර සහ විනුජ කරුෂ්ක ගුණසේකර ගීත ගායනයෙන් යාළු හැඩ කරති.- ප්‍රසාද්රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණයක්මෙරට නිර්මාණය වූ ඉංග්‍රිසි චිත්‍රපටයක මුල්වරට තැනෙණ දෙවැනි කොටස ඉට්ස් අ මැටර් ඔෆ් ලව් එළඹෙන මැයි මාසයේ 09 වැනි දින සිට බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී තිරගතවේ. රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි සාරංග දිසාසේකර සහ අනර්කලී ආකර්ෂා පෙම්වතුන් ලෙස රඟති.විජය නන්දසිරි, ලකී ඩයස්, අයිරාංගනී සේරසිංහ, රෝසි සේනානායක, රොනී ලීච්, කොරීන් අල්මේදා, කේෂියා ලීච් ඇතුළු පිරිස සෙසු චරිත නිරූපණය කරති. නෙහාරා පීරිස් ද සිනමාවට එක්වන්නේ මෙම චිත‍්‍රපටයෙන්.රෝයි - සුමනාගේ නිෂ්පාදනයක් ලෙස කලඑළියට එන ඉට්ස් අ මැටර් ඔෆ් ලව් හි කතාව, දෙබස්, තිර රචනය ද රෝයි ද සිල්වාගේය.- ප්‍රසාද්අලුත් අවුරුද්ද වෙනුවෙන් කුමාරසිරි අභයකෝන් අධ්‍යක්ෂණය කළ ‘අපිටත් අවුරුදු’ ඒකාංගික ටෙලි සිතුවම මෙම මස 14 වැනිදා එනම් අලුත් අවුරුද්ද දා රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශයවේ.නිමල් පල්ලෙවත්ත, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, ගයාත්‍රි රාජපක්ෂ, සෝමසිරි ගමගේ, ආනන්ද සෝමසිරි සහ චනුරි ලියනගේ මෙහි රංගනයෙන් දායක වෙති.මාධ්‍යවේදී රොෂාන් අහංගමගේ ‘හෘද සාක්ෂිය’ නම් අවුරුදු ඒකාංගික ටෙලි නාට්‍යය මෙම මස 14 වැනිදා දෙරණ නාලිකාවේ විකාශය වේ.ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන දමයන්ති ෆොන්සේකා මෙන්ම නව පරපුරේ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් ‘හෘද සාක්ෂිය’ සඳහා රංගනයෙන් දායක වෙති. එමෙන්ම සුනිමල් රාජ්, බන්දු ඉලේපෙරුම, ලලිතා චන්ද්‍රාණි, දිලුක්ෂ යහපත්, රිවී ජෝර්ජ්, සුදත් මහාධිගේ, ඉමාෂා පේෂානි, චන්ද්‍රසිරි වික්‍රමසූරිය, අයේෂිකා රාජසූරිය, චම්මි අසංකා, සකුරා විමලසේන, දේවිකා අරඹගේ, මදුෂ චාමික යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ද රංගනයෙන් දායක වේ.කතාව, තිර රචනය හා අධ්‍යක්ෂණය රොෂාන් අහංගමගෙනි. කැමරාකෝණ හා ආලෝකකරණයෙන් රුක්ෂාන් අබේවංශත්, අංග රචනයෙන් ප්‍රියන්ත ඊෂ්වරත්, කලා අධ්‍යක්ෂණයෙන් දිලුක්ෂ යහපත් ද සහාය වේ. සහාය අධ්‍යක්ෂණය අයේෂිකා රාජසූරියයි. සංස්කරණය කාවින්ද ධම්මිකයි. සංගීත සංයෝජනය හා නාද ශික්ෂණය මහේෂ් ජයවර්ධනයි.‘හෘද සාක්ෂිය’ ලාංකේය සියලුම ජන වර්ගයාගේ හෘද සාක්ෂිය නව අවුරුද්දේ අලුත් කිරීමේ උත්සාහයක නිරත වේ.- තිලානි ශානිකා විතානාච්චි
CREATIVE
ආදරයේ පළමුවන චමත්කාර අත්දැකීම් ජීවිතය පුරා විහිදෙන්නකි. ඒ ආදරය බොහෝ දෙනා සිත යට රඳවද්දී එය යළි යළිත් සිහිපත් කරන්නන් එමටය. අලුත් පරම්පරාවේ ඔබේ හද දිනූ තරු ජීවිතයේ මුල්ම ප්‍රේම කතාව පිළිබඳ සිහිපත් කරන සුන්දර අත්දැකීම් අද සිට ‘සරසවිය’ පත් ඉරු මත මෙසේ සටහන් වේ.ලෝචනා ඉමාෂි සිය ප්‍රථම ප්‍රේමය පිළිබඳ මතකය අවදි කළේ මෙලෙසිනි.* ඔබ ජීවිතය පිළිබද හිතන්නේ කොහොමද?ජීවිතය ඉතාම හොඳින් සතුටින්, ෆන් එකෙන් ගත කරනවා. ඒ වගේම ජීවිතය පිළිබඳ හිතනකොට තමන්ගේ අනාගතය ගැන වර්තමානය ගැන විශේෂයි. මම ඒ කාල දෙක ගැන වැඩිපුර හිතන, සාමාන්‍ය විදියට ජීවත්වන කෙනෙක්. නමුත් අතීතය අමතක කළ කෙනෙක්.* ඒ විදියට අතීතය අමතක කරන්න පුළුවන්ද?ඔව්.මට පුළුවන්. මොකද සමහර තැන් තිබෙනවා අමතක වෙන්නේ නැති ඒවා. නමුත් මම නිතර උත්සාහ කරන්නේ අතීතය අමතක කරලා ජීවත් වෙන්නයි. මගේ අතින් වැරැද්දක් වුණා නම් ඒක ආයෙත් මතක් කර කර ඉන්න කැමැති නැහැ. අනිත් එක ඒක මගේ හිතට හරි කරදරයක්. ඒ නිසා මම ඔක්කෝම අමතක කරලා එන දෙයකට මුහුණ දෙනවා.* ආදරය අර්ථ දක්වන්නේ කොහොමද?මම ආදරයට ආදරය කරන කෙනෙක්. අපි කිසිම කෙනෙකුට ආදරය නැතිව ජීවත් වෙන්න බෑ. නිවෙසේ සිටින සියලු දෙනාගේ වගේම මගේ ලවර්ගේ ආදරයත් මට අවශ්‍යයි.* ඒ කියන්නේ ඔබ ආදරවන්තියක්?ඔව්. මම ආදරවන්තියක්.* ඔහුගේ නම කියන්න කැමැති ද?ඒක දැන්ම කියන්න බෑ.* ඔබගේ ප්‍රථම ප්‍රේමය ද ඒ?නෑ.* ඔබට ප්‍රථම ප්‍රේමය ගැන මොකද සිතෙන්නේ?ප්‍රථම ප්‍රේමය ඒ කාලයට හොඳයි. දැන් ඒ ගැන මම හිතන්නේවත් නෑ. ඇත්තටම ඒ ප්‍රේමය මට අමතකයි.* කොහොමද එයාව ඔබට මුලින්ම මුණ ගැසුණේ?අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක්ගේ පාටියකදියි ඔහු මට මුණ ගැසෙන්නේ. මාව මුලින්ම ඔහු දකින්නේ එතැනදි.* ආදරෙයි කියලා කිව්වේ කවුද?ඔහු තමයි මට ආදරෙයි කියලා කිව්වේ. නමුත් පාටියේදී මාව දැක්ක දවසෙදි නෙවෙයි. ගොඩක් කාලයකට පස්සෙයි.* එයා ඔයාට ආදරෙයි කියලා කිව්ව දවස මතකද?ඒක හරියටම මතක නෑ. මොකද මම ඒ ගැන නැවත නැවත මතක් කරන්නේ නැති නිසා වගේම ඒ අතීතය මම අමතක කරලා තිබෙන නිසා.* ඔයාට පළමුවෙන්ම දුන්න තෑග්ග මතකද?තෑගි නම් දීලා තිබෙනවා. ඒක මට මතක නෑ. එයා මට ඒ දුන්න තෑගි සියලු දේ ආපහු මම එයාට දුන්නා.* ඔබ ඔය කියන්නේ ඔබගේ ජීවිතයේ පළමු පෙම්වතාගෙන් ලැබුණු තෑග්ග කොහොත්ම මතක නෑ කියන එකද?දුන්න පළමු තෑග්ග මොකක්ද කියලයි මට මතක නැත්තේ. තෑගි දීලා තිබෙනවා. යන්තමට මතක විදියට ටෙඩි බෙයාර් කෙනෙකුයි, බ්‍රේස්ලට් එකක් ද කොහෙද? මට හරියට ඒක මතක නෑ.* ඔයාගේ මොන වගේ දේවල්වලට ද ඔහු ආදරය කළේ?එහෙම විශේෂ දෙයක් ඔහු මට කියලා නෑ. දැන් මම මේ විදියට කටකාර, දඟකාර කෙනෙක් වුණාට ඒ කාලයේ මම අහිංසක කෙනෙක්. ඕනෑම කෙනෙක් එක්ක මම කතාබහ කරනවා. මම හිතන දෙයක් තමයි, අපට කරදර අඩු වෙන්නේ අපි ළඟ සිටින අයත් සමඟ කතාබහ කරලා සුහදව ඉන්න නිසා කියන කාරණය.* ආදරය කරන කොට ඔයාට වයස කීයක් විතර ඇත්ද?ඉස්කෝලෙන් අයින් වෙනවාත් එක්කමයි මම ආදරය කළේ. මම හිතන්නේ මට වයස 19 ක් විතර ඇති ඒ වෙනකොට.* ආදරය කළේ ගෙදරට හොරෙන්ද?අපේ ආදරය ගෙදර දැනගෙන හිටියා.* ඔයා ගැන මොන වගේ අදහසක් ද එයාට තිබුණේ?ඔහු විතරක් නෙමයි, මගේ දැන් පෙම්වතා වුණත් කියන කාරණයක් තිබෙනවා. මම ගොඩක් වෙලාවට බොහොම විවෘත කෙනෙක්. උදේ පටන් හවස දක්වා දවසේ සිද්ධ වෙන හැම දෙයක්ම මම කියවගෙන යන කෙනෙක්. ඒකට ඒ අය බොහොම කැමැතියි.* ඔයාගේ පළමු පෙම්වතාට ආදරේ කළේ මොන වගේ හේතු නිසාද?මම එයාගේ මතක සියල්ල අමතක කරලා තිබෙන්නේ. මට එයාගේ හොඳ වැඩ එකක්වත් මතක නෑ. මොකද මම එයාගේ නරක දැක්කනේ.* ඔයාගේ ප්‍රථම ප්‍රේමයට මොකද වුණේ?අපි දෙන්නා අතරට තුන්වැන්නියෙක් ආවා. අපි දෙන්නාගේ සම්බන්ධය තියෙද්දි එයා වෙන කෙනෙක් සමඟ සම්බන්ධයක් ආරම්භ කරලා තිබුණා. නමුත් ඔහු එහෙම කරලා තිබුණේ මාව ඔහුට නැති කර ගන්න නෙමෙයි. මට ඒ සම්බන්ධය පිළිබඳ ආරංචි වුණාට පස්සේ මගේ සම්බන්ධය නැවැත්තුවා. මට ඒ වගේ කෙනෙක්ගෙන් වැඩක් නැති නිසා. එයා පස්සේ වැරැද්ද තේරුම් ගත්තත් මම එයාට කැමැති වුණේ නැහැ. එයා කියලා තිබුණා මම කරගත්ත ලොකුම මෝඩකමක් කියලා. දෙන්නත් එක්කම කතා කරලා එකඟත්වයට ඇවිත් අපි වෙන් වුණා.* ඔබ දැන් ආදරය කරන කෙනාට මේ සියලු විස්තර කියල ද තියෙන්නේ?ඔව්. මම එයාට ඒ හැම දෙයක්ම කියලා නිරාකරණය කරගෙන තිබෙන්නේ. මොකද මගේ අතේ කිසිම වැරැද්දක් නැති නිසා මම චුට්ටක්වත් බය නැහැ.* ආදරයක් නැතිව ඉන්න බැරිද?මට ආදරය නම් ඕනෑ. කතාබහ කරන්න ඕනෑ. මම කතාබහ කරන්න ආසයි. මට ආදරයෙන් කතා කරන එකට බොහොම ආසයි. ඒ නිසා මට ආදරය ඕනෑ.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
විද්‍යා බාලන් සිනමා රජුන්ටත් නීති පනවන්නට තරම් ප්‍රබල තාරකාවක් වී අවසානය. ෂාරුක් සමඟ රඟපෑමට සෑම තරාතිරමකම තාරකාවන් පොර බදිද්දී විද්‍යා කියා සිටින්නේ කොන්දේසි මත ෂාරුක් සමඟ රඟපාන බවයි. ෂාරුක් ඛාන් සමඟ රඟපෑමට කැමැති වුවත් දෙදෙනාටම සාධාරණයක් සිදුවන පිටපතක් නොලැබුණොත් රඟ නොපාන බව ඇය පවසන්නීය. බොබී ජේ සූස් ඇයගේ නවතම සිනමා පටය දැන් තිරගත වෙයි.තිස් හය හැවිරිදි විද්‍යා දැන් විවාහයෙන් පසු ගන්නේ පරිණත තීන්දුය. ඇය තවදුරටත් අයිටම් අංක සඳහා පෙනී නොසිටින බව ප්‍රකාශ කළේ ද මෑතකදීය. 
CREATIVE
නැවතත් කලින් පරිදි හින්දි චිත්‍රපටවලට සිංහලෙන් දෙබස් කවා ප්‍රදර්ශනය කිරීමට නොහැකිද?සරත් රණසිංහ – මාළිඳසරත් උන්නැහේ, සිංහලෙන් උප සිරසි ගැන්වීමට තාක්ෂණය දියුණු වෙලා තියෙන යුගයක සිංහල දෙබස් කවා එහි රස මරන්න ඕනෑද?තැපැල්පත් හිඟයට පිළිතුරක් ලෙස කිරිපිටි පැකට් එකකට මුද්දරයක් ගසා එව්වොත් පිළිතුරු දෙනවාද?සුජාතා ගුණවර්ධන – කඩවතකිරිපිටිත් එක්ක ද සුජාතා?මියගිය ස්මිතා පටෙල් ගැන කෙටි හැඳීන්වීමක් කරනවද?කැමිලස් ප්‍රනාන්දු - හලාවතඉන්දියානු සිනමාවේ අසූව දශකයේ බිහි වූ විශිෂ්ට චරිතාංග නිළියක් වූ ඈ සිනමාවට අමතරව ඉන්දියානු ටෙලිවිෂනයේ සහ වේදිකාවේත් ජනප්‍රිය නිළියක්. ඊට අමතරව ඉන්දියානු ජාතික සිනමා උළෙලත්, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙත් හොඳම නිළිය ලෙස ඕ සම්මානයට පාත්‍ර වී තිබෙනවා. පුනාවේ චිත්‍රපට සහ ටෙලිවිෂන් අභ්‍යාස ආයතනයේ රංගනය පිළිබඳ උපාධිධාරිණියක වන ස්මිතා ශ්‍යාම් බෙනගල්ගේ ‘චරන්දාස් වේර්’ නැමැති චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රිය නිළියක වූවා.ශ්‍යාම් බෙනගල්, මිර්නාල් සෙන් වැනි විශිෂ්ට සිනමාකරුවන්ගේ චිත්‍රපටවල රංගනයේ යෙදුන ඇය, නිශාන්ත්, මන්නන්, භූමිකා, භවානි භවයි, ආක්‍රොස්, නැක්සලයිට්, චක්‍ර වැනි චිත්‍රපටවල සේම ජනප්‍රිය රැල්ලේ ආ ශක්ති, නමක් හලාල් වැනි චිත්‍රපටවලද ප්‍රධාන චරිතය නිරූපණය කළා. අවාසනාවකට ස්මිතා ජීවත් වූයේ අවුරුදු 31 තරම් කෙටි කාලයක්.බෝධිසත්ව චරිතය මීටත් පෙර සිනමාවට නැගී තිබෙනවාද? එම චරිතයට පණ පෙවූ නළුවන් අකාලයේ මිය ගියාද?නිමංකා සූරියබණ්ඩාර – ගම්පොළපළමු බෝධිසත්ත්ව චරිතය සිනමාවට නිරූපණය කළේ ‘හිමන්සු රායි’. ඒ ‘ලයිට් ඔෆ් ඒෂියා’ චිත්‍රපටයටයි. ඔහු මිය ගියේ වයස අවුරුදු 48 දී. එම මිය යෑම චිත්‍රපටයේ රඟපෑම නිසාද, වෙනයම් හේතුවක් නිසාද කියා මා නම් දන්නේ නැහැ.පසු කලෙකදී බෝධිසත්ත්ව චරිතය ඇතුළත් ‘ලිට්ල් බුද්ධ’ චිත්‍රපටයේ බෝධිසත්ත්ව චරිතය සුප්‍රකට හොලිවුඩ් නළු කීනු රියුස් විසින් නිරූපණය කළත් ඔහු තවමත් ජීවත් වෙනවා. අනික අපේ ජීවිතය තණ අග පිණි බිඳු වගේනෙ. එය වියැකෙන්න කාලේ ද අකාලෙද කියලා බලපාන්නේ නැහැ. ඒක ඉතින් කොයි කාටත් පොදු ධර්මතාවක්.දිනේෂ් ප්‍රියසාද්ගේ යකඩ යකාට මොකද වුණේ?එච්. වී. කේ. පියදාස - මාබෝලඒක යකාට ගියා.‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ගැන ඔබතුමා කුමන අදහසක් දරන්නේද?මැණිකේ විල්වල , තිලකරත්න විල්වල – කෑගල්ලමා හිට්ලර්ට කැමැති නැහැ. හැබැයි ‘ඩවුන්ෆෝල්’ චිත්‍රපටය නරඹද්දී හිට්ලර් පිළිබඳ අලුතින් හිතන්නට මා තුළ පෙළඹවීමක් ඇති වුණා. ඒ වගේම ‘මෝටර් සයිකල් ඩයරීස්’ නරඹද්දී ‘චේගුවේරා’ ගැන අලුතින් හිතන්න මට ආසාවක් ඇති වුණා. එසේම ලංකවේ සිද්ධාර්ථ ගෞතම නරඹද්දී මගේ දහම් පාසලේ හෝඩියේ පන්තිය මට මතක් වුණා.සිසිර කුමාරතුංග ප්‍රථමයෙන් සටන් ජවනිකාවක රඟපෑ චිත්‍රපටය කුමක්ද?වික්ටර් පල්ලිමුල්ල - හැඳලචණ්ඩි පුතා චිත්‍රපටය.මෑතකදී රූපවාහිනියෙන් ‘පරසතු මල්’ චිත්‍රපටය නැරැඹුවෙමි. එය වෙනත් චිත්‍රපටයක් මෙන් සාමාන්‍ය ලෙස මට දැනුන ද විචාරකයින් එය විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නේ එහි ඇති කිනම් ලක්ෂණ නිසා ද?සුරවීර නාකන්දල – ධර්ගා නගරයහරියට විස්සයි විස්ස තරගයක් වගේ විනාඩි විස්සෙන් විස්සට වෙළෙද දැන්වීම් ප්‍රචාරය කරමින් ටෙලිවිෂනයේ පෙන්වන චිත්‍රපටයකින් හොඳ නරක පවසන්න තරම් රස වින්දනයක් ඔබ ලැබෙනවා නම් එයත් විශේෂ සුදුසුකමක්. චිත්‍රපටයක් බුද්ධිමත්ව රස විදින්න නම් එක්කෝ සිනමාහලකින් නරඹන්න, නැතිනම් ඩී. වී. ඩී. එකකින් නරඹන්න.අපේ වත්මන් කලාකරුවන්ට උසාවි යන්න තරම් ප්‍රශ්න ඇතිවන්නේ ඇයි?චන්ද්‍රසිරි මානවඩු - අම්බලංගොඩකලාකරුවන් ඉස්සරත් උසාවි ගියා. හැබැයි එකල අද තරම් මාධ්‍ය දියුණු වී තිබුණේ නැහැ. ඒ නිසා ඒ ගැන අහන්න දැනගන්න විදියක් නැහැ.සිංහල හා හින්දු අළුත් අවුරුද්දට අපේ ගෙදර සංග්‍රහයට එනවද අර්ජුන්?සගායම් - ශ්‍රාවස්තිපුරආරාධනාවට ස්තුතියි. එන අවුරුද්දේ කලින් ආරාධනා කරන්නකෝ.සරසවිය පත්තරේ හැම කලාකරුවෙකුගේම උපන්දින සඳහන් කරනවා. ඇයි සරසවියේ කර්තෘතුමාගේ හා කර්තෘ මණ්ඩලයේ උපන් දින පළ නොකරන්නේ?සරත් සේනාධීර - කලඑලියතමන්ගේ නලා තමන්ම ගහන්න සුදුසු නැති නිසා.‘සැමීගේ කතාව’ වැඩ අවසන්කර තවම ප්‍රදර්ශනය නොවුණේ ඇයි?කරූ මන්දාවල – නාත්තන්ඩියප්‍රදර්ශන වාරය ලැබෙන තුරු බලා සිටිනවා.සැකසුම - සංජීව සම්පත් බාලසූරිය  
CREATIVE
මන්තරකාරියක් ළමුන් වෙනුවෙන් කතන්දර කියන්න සූදානම්. ඒ In to the Woods චිත්‍රපටයෙන්. සුරංගනා චරිත වලට පණ පොවන හැටි ඇය මේ චිත්‍රපටයෙන් කියා දෙනවා. සින්ඩරෙල්ලා, ජැක්, රතු හැට්ටකාරී වැනි ජනප්‍රිය චරිත ඇතුළත් මෙය සංගීතමය චිත්‍රපටයක්.රොබ් මාර්ෂල් අධ්‍යක්ෂණය කරන එහි ජොනි ඩෙප් ඇතුළු ජනප්‍රිය තරු රැසක් රංගන දායකත්වය ලබා දෙනවා. ඩොලර් මිලියන 40ක පිරිවැයක් දරා නිර්මාණය කෙරෙන මෙම අපූරු සුරංගනා චිත්‍රපටය ප්‍රේක්ෂකයන් හමුවෙන්නේ 2015 වසරේදීයි.යතේජා
CREATIVE
හතළිස් තුන් වැනි ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙල පසුගිය 20 වැනිදා සවස ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පුනාජි හිදී ඉන්දීය සිනමා නළු අක්ෂේ කුමාර්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙණි.නිළි රැජන මාලිනී ෆොන්සේකා මෙවර එහි ජූරි සාමාජිකත්වය දරණ අතර එහි සභාපතිත්වය දරන්නේ සුප්‍රකට ඉන්දීය සිනමාකරුවෙකු වන ගෞතම් ගෝෂ් විසිනි.මෙවර ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේ ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයයි.සිනමා නිළි ගීතා කුමාරසිංහ කලකට පසුව සිනමා ක්ෂේත්‍රයේ සුවිශේෂී කටයුත්තක් සිදු කිරීමට සූදානම් වෙලා. ඒ ඇගේ රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් හෙළ සිනමාවට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට පෙළක් D V D ලෙස කළ එලි දැක්වීමයි.මේ අනුව පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගේ අනන්තය යන චිත්‍රපට ඊයේ බොරැල්ල පුංචි තියටර්හිදී D V D ලෙස දොරට වැඩියේය.වෛද්‍ය කපිල සූරියආරච්චි ගේ ප්‍රතිරූ සිනමාපටය හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වීම ඇරැඹේ. අප චිත්‍රපට ඉතිහාසයේ වෛද්‍යවරයකු විසින් පළමුවරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වන මෙය මවුබිම වෙනුවෙන් සටන් වදින යුද සෙබළකු වටා ගෙතී ඇති කතා පුවතකි.ජගත් බෙනරගම එම චරිතයට පණ පොවනු ලබයි. ජෝ අබේවික්‍රම, විජයරත්න වරකාගොඩ, මාලිනී ෆොන්සේකා, වීණා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, කපිල සූරියආරච්චි, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, දමයන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර, දිමුතු චින්තක, කෞශල්‍යා සමරසිංහ සමඟ විහඟ නිමේෂක රංගනයේ යෙදෙති.ප්‍රතිරූ වෛද්‍ය හරිෂ්චන්ද්‍ර යකන්දාවල සහ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නිෂ්පාදනයකි.දෙරණ ස්ටාර් චැලෙන්ජ් දෙවන අදියර පිළිබඳ හඳුන්වාදීමේ විශේෂ උත්සවය සහ මාධ්‍ය හමුවක් නොබෝදා කොළඹ ද ස්ටේබල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.පෙර පරිදිම මෙවර ද තරගය ප්‍රවීණයන්ගේ සහ නව පරපුරේ සම්මිශ්‍රණයකි.ටෝනි හසන්, ෂර්ලි වෛජයන්ත, කොරින් අල්මේදා, රොමේෂ් සුගතපාල, ගයන්ත විජේරත්න සහ බාචි සුසාන් සහ හයදෙනාගේ කණ්ඩායම් හය කරට කර මෙහිදී තරග වදිනු ඇත.ස්ටාර් චැලෙන්ජ් සීසන් II සෑම සිකුරාදාවකම රාත්‍රී 9.45 ට දෙරණ නාලිකාවේ දිග හැරේ.මේ එම විශේෂ උත්සවයේ අවස්ථා කිහිපයකි.ෙස්යාරුව - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
ලක්‍ෂමන් අමරසේකර ඔබ කාගේත් ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්. පසුගිය කාලයේ විකාශය නිමා කළ ‘වැස්ස නුඹ වගේ’ ටෙලි නාට්‍යයේ අලිඩොං ලෙසත් ‘සේපාලිකා’ නාට්‍යයේ කිරා ලෙසත් ඔහු කළ රංගනය කාගේත් කතාබහට ලක් වුණා. ලක්‍ෂමන් ගේ උපන් දිනයත් යෙදිලා තිබුණෙ පසුගිය දවසක. ඒ බව ‘සරසවිය’ පුවත්පතේ උපන් දින පිටුවේ සඳහන් වුණා.එදා සුපුරුදු පරිදි උදෙන්ම නැගිටලා වැඩ පටන් ගත්ත ලක්‍ෂමන් ට වෙනදා වගේ ඒ රාජකාරි කරගන්න ලැබුණේ නැහැ. හැම තිස්සෙම ජංගම දුරකථනය නද දෙනවා ඉවරයක් නැහැ. හැම කෝල් එකක්ම උපන් දිනය වෙනුවෙන් එන සුබ පැතුම්. මේ අතරේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල තනතුරු දරන අයත් සිටියා. එදා ලක්‍ෂමන් ගේ රසික රසිකාවනුත් විශාල පිරිසක් ඔහුට සුබ පැතුවා. මේ නිසා ලක්‍ෂමන් ඉන්නේ හරිම සතුටින්. ඉතින් එදා තමන්ට සුබ පැතූ හැමෝටමත්, සරසවියටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා කියලා විශේෂයෙන්ම කියන්න කියලා අපට බොහොම ළෙංගතුව කිව්වා.
CREATIVE
මම මේ දවස්වල පාරාවළලු ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා සහභාගි වෙමින් සිටින්නේ. මම රංගනයෙන් දායක වුණු ‘ආකර්ශා’ චිත්‍රපටයත් ළඟදීම තිරගත වෙන්න නියමිතයි. තවත් අලුත් ටෙලි නිර්මාණයකටත් ආරාධනා ලැබුණා. ඒ හැරුණාම ගෙදර වැඩ කටයුතු සමඟින් සතුටින් කාලය ගත කරනවා.
CREATIVE
පහුගිය දවස්වල ‘මට ආරාධනාවක් කළාදෝ’ මගේ ගීතය රීමික්ස් කළා. ගොඩක් කාලෙකට පස්සේ කරපු ඒ විශේෂ වැඩකටයුත්ත ගැන බොහොම සතුටින් ඉන්නේ. ඊට අමතරව සුපුරුදු පරිදි ප්‍රසංගවලට සහභාගී වෙනවා.
CREATIVE
ඇය අනුත්තරා. චාම්, අහිංසක,සංවේදී සරල ජීවිතයක් ගත කරන තරුණියක්. අනුත්තරා කෝටිපති ව්‍යාපාරිකයකුගේ එකම දියණිය. මොන තරම් සැප සම්පත්, ධනය තිබුණත් ඇය ජීවත් වෙන්නේ කියාගන්න බැරි තරම් දුකක් හිතේ හිර කරගෙන.මේ අනුත්තරා ඉන්නේ නම් මේ දිනවල තිරගත වන උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය වන සෙනසුරු මාරුව චිත්‍රපටයේ. අනුත්තරාට පණ පොවන්නී ශේෂාද්‍රි . මේ ශේෂද්‍රි සමඟ කළ සුන්දර කතාබහක්.සෙනසුරු මාරුවේ අනුත්තරාගෙ චරිතය ඔබට දැනුණේ මොන වගේද?අනුත්තරා කියන්නේ ධනවත් පවුලක අහිංසක තරුණියක්. ඇය සරල සාමාන්‍ය ජීවිතයක් ගත කළත් ඇත්තටම ඇය ජීවත් වෙන්නේ දැඩි මානසික පීඩනයකින්. ඒකට ගොඩක්ම බලපෑවේ තමන්ගේ තාත්තා. තාත්තාගේ දැඩි ක්‍රියා කලාපය හේතුවෙන් අනුත්තරාට ඇගේ ආදරය පවා අහිමි වී යනවා. ඒත් පසුකාලීනව තාත්තාට ඔහුගේ වැරැදි තේරුම් කරලා දෙන්න අවස්ථාව මේ අනුත්තරාට ලැබෙනවා. මේ දුව මෙම අවස්ථාවේදී හරිම අපූරු විදියට එය තාත්තාට තේරුම් කරල දෙනවා. අද සමාජයේත් අනුත්තරාලා ඇත්තටම ජීවත් වෙනවා.මේ අවස්ථාව ඔබට ලැබුණේ?මුලින්ම මම චිත්‍රපට ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා. උදය අංකල් මුලින්ම මට චැලෙන්ජර්ස් චිත්‍රපටය සඳහා ආරාධනා කළා. ඒ අතරතුර චැලෙන්ජර්ස් තිරගත වෙන්නටත් ප්‍රථම තමයි ඔහු සෙනසුරු මාරුව චිත්‍රපටය සඳහා මට ආරාධනා කළේ. චැලෙන්ජර්ස් සඳහා ප්‍රතිචාර ලැබෙන්නටත් කලින් මට ඔහුගේ මීළඟ චිත්‍රපටයට ආරාධනා කළේ මං ගැන ඇති විශ්වාසය නිසා. ඒ ගැන ගොඩක් සතුටුයි.චැලෙන්ජර්ස් චිත්‍රපටයේ චරිතය සමඟ සසැඳීමේදී මෙම චරිතය නිරූපණය ගැන මොකද හිතෙන්නේ?මේ චිත්‍රපට දෙකේ චරිත දෙක දෙවිදියක්. ඒ අනුව සෙනසුරු මාරුව චිත්‍රපටයේ අනුත්තරා කියන චරිතය ටිකක් සංකීර්ණයි. චැලෙන්ජර්ස් චිත්‍රපටයේ චරිතය නම් මට ගොඩක් සංකීර්ණ වුණේ නැහැ. ඇත්තටම මට ඒක දැනුණේ මගේ සැබෑ ජීවිතය විදියට.මම එහි රංගනයේ යෙදෙනවාට වඩා පෙනී හිටියා වගේ තමයි දැනුණේ. ඒ චරිතය මට බොහෝ සමීප වූ නිසා හරිම සැහැල්ලුවෙන් තමයි නිරූපණය කළේ. නමුත් සෙනසුරු මාරුව චිත්‍රපටයේ අනුත්තරාගේ චරිතය ඊට හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. පිටපත ලැබුණම මම ඒක බලලා ගොඩක් අධ්‍යයනය කළා. ඒ තුළින් අනුත්තරා කියන චරිතය මා ගොඩ නඟා ගත්තා. උදය අංකල් මට ඒ සඳහා ගොඩක් උදව් කළා. ඒ නිසා මට ඒක එතරම් අසීරු කාර්යයක් වුණේ නැහැ. මං හිතනවා එය සාර්ථක වුණා කියලා.අනුත්තරා ගොඩක් ඇඬුවා නේද?අනේ ඔව්. අනුත්තරාට ඇගේ පියාගේ දැඩි ක්‍රියා කලාපය හේතුවෙන් ආදරය අහිමි වී යනවා. මොන තරම් සැප සම්පත් තිබුණත් එදා සිට ඇයට ජීවිතය ගත කරන්න වෙන්නේ ඇඬූ කඳුළින්. ඇය ජීවත් වුණේ ආදරය අහිමිවීමේ වේදනාව හිතේ තියාගෙන. පසුව ඇයට මුහුණ දෙන්නට සිදු වූ දේවල් නිසා අනුත්තරා ගොඩක්ම ඇඬුවා. ඉතිං සමහර අවස්ථාවලදී මට ඇත්තටම ඇඬුණා. චන්න අයියාගේ සමහර දෙබස් ගොඩක් සංවේදීව දැනුණා. ගොඩක් දුක හිතුණා.සෙනසුරු මාරුව චිත්‍රපටයේ රූගත කිරීම් අතරේදී අමතක නොවන සිදුවීම් එහෙමත් සිදුවන්නට ඇති නේද?අපි බොහෝමයක් රූගත කිරීම් කළේ මුලතිව්වලදී. එහි ෆාරා 3 නැවේ කළ රූගත කිරීම්වලදී ටිකක් බය හිතුණා. රූගත කිරීම් අතරතුරේදී නැව කඩා වැටෙයි ද කියලා හරිම බයෙන් තමයි හිටියේ.ඔයාගේ අක්කා දිනක්ෂි නම් මේ වන විට සහාය අධ්‍යක්ෂණයට පිවිසිලා තියෙනවා. ශේෂද්‍රි‍්‍ර ඔයත් ඒ පැත්තට යොමු වෙන්න අදහසක් එහෙම නැද්ද?අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙනවා කියන්නේ ලෙහෙසි පහසු පොඩි දෙයක් නෙවෙයිනේ. මම පොඩි කාලේ ඉඳලම ඇලුම් කළේ රංගනයට. අක්කාට නම් අධ්‍යක්ෂණ කටයුතුª සඳහා යොමු වෙන්න ආසාව තිබුණා. ඒ වගේම එයාට තාක්ෂණික අංශය ගැන හොඳ දැනුමක් තියෙනවා. මොන දේ කරන්න වුණත් ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕන. මම තවම ක්ෂේත්‍රයට ඇවිල්ලත් වැඩි කාලයක් ගත වෙලත් නැහැනේ.ඔයාගේ අදහස චිත්‍රපටවල විතරක්ම රඟපාන්නද?මම ගොඩක්ම ආස චිත්‍රපටවල රඟපාන්න. මම ටෙලි නාට්‍ය එපා කියනවා නෙවෙයි. පොඩි කාලේ ඉඳලම ආසා කලෙත් චිත්‍රපවලට. ඒ වුණාට ටෙලි නාට්‍ය ආසාවෙන් බලනවා. අක්කා නම් ගොඩක්ම කැමැති ටෙලි නාට්‍යවල රංගනයට තමයි.රංගන කටයුතු සඳහා ගෙදරින් ලැබෙන සහායත් කියමු?අම්මා, තාත්තා වගේම අක්කා සහ නංගිගෙනුත් ගොඩක් උදව් ලැබෙනවා. මට වඩා අක්කා ටෙලි නාට්‍ය සමඟ සම්බන්ධ වෙලා කටයුතුª කරනවානේ. මට තිර පිටපතක් ලැබුණම අක්කා එක්ක තමයි සාකච්ඡා කරන්නේ. එයා ඒ ගැන උපදෙස් දෙනවා. ඒක මට ලොකුª ශක්තියක්.යතේජා ඥානරත්නඡායාරූප ශාන් රූපස්සර  
CREATIVE
ඇසිපිය හෙළන සැනින් මේ අඟනාවෝ සුරඟනන් නොවන බව ඒකාන්තය. නමුදු දෙවරක් හෝ තෙවරක් හැරී නොබලා ඒ වග එකවර තීරණය කළ නොහැකි වන්නේ ඒ තරමටම ඔවුන් රූසපුවෙන් වර්ණවත් වන බැවිනි.ඒ අතරිනුත් වඩාත්ම සුරූපිනිය වීම සැබෑම භාග්‍යයක්.2012 ටී. වී. දෙරණ මිස් ශ්‍රී ලංකා ෆෝර් මිස් වර්ල්ඩ් තරගයේ ජයග්‍රහනයන් ලබා ගත් දෙදෙනා අතරින් විනු උදානි සිරිවර්ධන ඒ එක් භාග්‍යවන්තියකි.විනු ඇත්තටම ලස්සනයිද?මම හිතනවා මම ලස්සනයි කියලා. අනිත් එක මම ලස්සන නිසානේ මට මේ ජයග්‍රහණය ලැබුණේ. හැබැයි සුමුදුත් ජයග්‍රාහිකාවක්. එදා තරගය පැවැති අවස්ථාවේදීම දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා ෆොර් මිස් වර්ල්ඩ් ලෙස අභිෂේක ලබන්න තරම් මම වාසනාවන්ත වුණා.රූ රැජිණක් වෙන්න ලස්සන විතරක් තිබුණොත් ඇතිද?නෑ, නෑ. ලස්සන විතරක් නම් මදි. ලස්සනට අමතරව හොඳ පෞරුෂයක් වගේම උගත්කමත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මේ වගේ තරගකාරී තරගයකින් ජයග්‍රහණය ලබන්න.විනුට කවුද මුලින්ම ලස්සනයි කියලා කිව්වෙ?මගේ අම්මායි තාත්තායි වගේම අයියයි නංගිත් කිව්වා. ඉස්කෝලේ මගේ යාළුවොත් මට කියලා තියෙනවා මම ගොඩාක් ලස්සන කෙනෙක් කියලා. මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලය. රුව නිසාම මම පාසලේ ළමයි අතර විතරක් නෙවෙයි, ගුරුවරු අතරත් ගොඩාක් ජනප්‍රිය කෙනෙක්. 2007 වසරේ සිට 2010 වසර දක්වා පැවැති අවුරුදු උත්සවවල මම අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳුවා. ඊට පසුව 2011 දී ‘අනුලා ක්වීන්’ වුණෙත් මමමයි.‘පාසල් අවුරුදු කුමරිය’ තරගයෙන් එහාට තිබ්බ පළමු පියවර ද මේ?මම ගිය පාරත් මේ තරගෙටම ඉදිරිපත් වුණාමට මගේ පාසලේ අවසරය අවශ්‍ය වුණා. නමුත් ඒ අවසරය ලබා ගන්න දීර්ඝ කාලයක් අවශ්‍ය වන නිසා මම තරගෙන් ඉවත් වෙලා ඒ අවස්ථාව වෙන කෙනෙකුට ලබා දුන්නා.ඇයි විනුට හිතුණේ මේ තරගෙට ඉදිරිපත් වෙන්න?මට අවශ්‍ය ජාත්‍යන්තරය ජයග්‍රහණය කරලා මගේ රටට කීර්තියක් ගෙන එන්න. ඒ සඳහා මම තෝර ගත්තේ මේ මාර්ගය. මම හිතනවා මගේ ඒ තෝරා ගැනීම නිවැරැදියි කියලා.විනු රඟපාවිද?බොහෝ දුරට.ඇයි අවිනිශ්චිත පිළිතුරක්?නෑ එහෙම නෑ. මට දැනටමත් දැවැන්ත සිනමාපටයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒක බෞද්ධ කතාවක් ඇතුළත් චිත්‍රපටයක්. කොහොම වුණත් මම රඟපාන්නේ රටට ආදර්ශයක් දිය හැකි චරිතම විතරයි.චිත්‍ර අඳින්නත් පුළුවන් කියලත් ආරංචියි. ඇත්ත ද ඒක?ඔව්. මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ වගේම මට හොඳට නටන්නත් පුළුවන්. නර්තන අංශයෙන් සමස්ත ලංකා දක්වා තරගවලටත් මම සහභාගි වෙලා තියෙනවා.මිස් වර්ල්ඩ් තරගෙට ඉදිරිපත් වෙන්නේ විනු ද?සුමුදු ද?ඒ ගැන නම් හරියටම දන්නේ නෑ. අපි දෙන්නාගෙන් තේරීමක් කරලා ඒ තරගෙට එක් කෙනෙක්ව ඉදිරිපත් කරයි. නමුත් ඒ කාල වකවානුවෙම තවත් ජාත්‍යන්තර තරග හතරක් විතර පැවැත් වෙනවා. අපි දෙන්නා ලැබෙන අවස්ථාවන් අනුව අපේ රට නියෝජනය කරාවි.එක කිරුළක් වෙනුවෙන් තරග කරලා අවසානෙදි කිරුළ බෙදා ගන්න වුණාද?කිරුළ බෙදා ගන්න වුණේ නෑ. ඒ හා සමාන තවත් කිරුළක් තවත් කෙනෙක්ට ලැබුණා. එච්චරයි.- නිශංකා උඩුගම්පලඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
වෙලාව සවස හය පමණ වන්නට ඇත. වාහන තදබදය අතරේ වැහිකළුවක පෙරමඟ සලකුණු ද පහළව තිබේ. ඉක්මනින්ම යා යුතු වුව ද අපට රිසි සේ යාමට වාහන තදබදය ඉඩ නොදෙයි.අප ගමන් ගන්නේ හලාවත බලාය. මාධ්‍ය නඩයේ සිව් දෙනෙකි.විවිධ පුවත්පත්වල පිරිස් මේ ගමන ඇරැඹුවේ හිතවතකුගේ ආරාධනයකට අනුවය.හිතවතා මුළු රටම හඳුනන සුරේන්ද්‍ර පෙරේරාය.අද (2013. 09. 30) ඔහුගේ උපන් දිනයයි. ලද ඇරැයුම අනුව අපි හලාවත බලා ගමනේය.‘එහෙට යද්දි දහයවත් වෙයි’කෙනෙකු පවසන්නේ ඉදිරි අසුනෙන් වාහන තදබදය දෙස බලමිනි. ක්‍රමයෙන් රථය ඇදෙන්නේ හලාවත දෙසටය. නම පුරුදු ගම් පසු කරමින් අප නඩය රැගත් රථය වේගයෙන් ඉදිරියට ඇදෙයි.පුවත්පත් පිළිබඳත්, පෞද්ගලික කරුණු කාරණා ගැනත් කතාබහ ගමන පිළිබඳ විඩාව මඟ හරවයි.රාත්‍රී නවය පසු වී විනාඩි තිහක් පමණ වෙද්දී හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගනය අසලට යාගත හැකි වූයේ ගමනේ අඩක් අවසන් කරමිනි. දැන් අපි බලාපොරොත්තු වූ තැනට පැමිණ සිටියි.‘සුරේන්ද්‍රගේ පාර්ටි එක තියෙන්නේ මෙතනද?’අපේ සගයකු පැනය අසන්නේ කළුවරේ සිටි පිරිසකගෙනි.‘ඔව්, ඔව්’‘මෙතනින් ඇතුළට යන්න . . .’කළුව අතරේ ඒ නඩයේ සිටි අයකු අපට මඟ පැහැදිලි කරයි.රථයෙන් බැස ඉදිරියට යා හැකි වූයේ අඩි දෙක තුනකි.‘හලෝ මගේ යාළුවො ටික ආවද?’අප පිළිගත්තේ කවදත් හිතවත් අව්‍යාජ මිතුරු සුරේන්ද්‍රය.‘පොඩි පාර්ටි එකක් තියෙනවා. අපේ මිත්‍රයෝ ටික තමයි ඔක්කොම ඉන්නේ. වෙන කවුරුවත් නෑ. ගමේ යාළුවො ටික තමයි එකතු වුණේ’සුරේන්ද්‍ර කතා බහ අතරේ අප කැඳවාගෙන යයි. දැන් රාත්‍රී දහයට ළඟය.එක්වරම හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගනයේ ශාලාව අඩ අඳුරෙන් වැසී ගියේ කෙනකුගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.උපන් දින කැමරා අඩ අඳුර මැදින් ශාලාවට පැමිණියේ සිනා සපිරි මුව මඬල සරසා ගත් සුරේන්ද්‍රය.පළාත දෙවනත් කරවන රතිඤ්ඤා හඬ දැන් හරේන්ද්‍ර කොරයා කීඩාංගනයෙන් දසත විසිරෙයි. ඒ සුරේන්ද්‍රගේ මිතුරන්ගේ සැලසුමකි.සුරේන්ද්‍ර ශාලාවට පය තබනවාත් සමඟම මිතුරන් එක්ව රතිඤ්ඤා පෙට්ටි කිහිපයක් දැල් වූයේ තම සහෘදයාගේ උපන් දිනයේ සතුට උපරිමව භුක්ති විඳිමිනි.වෙනස්ම කොන්ඩා විලාසිතාවකින් හැඩවුණු සුරේන්ද්‍ර මිතුරන් පිරිවරා ඊළඟ මොහොතේ පැමිණියේ අතිශය ආකර්ශණීය කේක් ගෙඩිය තැබූ මේසය වෙතටය.දැන් උපන්දින සාදයේ උච්චතම අවස්ථාවයි. සැවොම එක්ව කේක් ගෙඩිය කපන මොහොතේ සිරිය විඳ ගැනීමේ බලාපොරොත්තුවෙනි.විදුලි පහන් නිවා දැමූ ශාලාව එකලු කරමින් ඉටි පහන් දැල් වූ සුරේන්ද්‍ර කේක් ගෙඩිය කපා සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සංග්‍රහ කළේ ජය ඝෝෂා මැදය.හිටි හැටියේම පහත් වූ හිම වැස්ස සුරේන්ද්‍රට අනපේක්ෂිත පුවතකි. සුරේන්ද්‍රගේ කොණ්ඩා විලාසිතාවට තවත් විලාසිතාවක් එක්කරලමින් කෘත්‍රිම හිම ඔහු තෙමා දැමුවේ නිමේශයකිනි.සව්දිය පුරන්නට දැන් වෙලාවයි. ෂැම්පේන් බෝතලය සොලවමින් උන් මිතුරා බලාපොරොත්තු වූයේ සුරේන්ද්‍ර නැහැවීමටය.ඔහු අල්ලන විට ෂැම්පේන් බෝතලය සොලවා සුරේන්ද්‍රගේ දෙසට යොමු කළේය.නමුදු ෂැම්පේන් බෝතලය වතුර සේ ගලා ගියේ සැවොම සිනාවේ ගිල්වමිනි. මිතුරන්ගේ ඒ ආදරණිය උගුලෙන් සුරේන්ද්‍ර බේරුණේය.දැන් සාදයේ ආරම්භයයි. එදා සුරේන්ද්‍ර සමග සිටි මිතුරන් සියල්ල මේ සාදයට පැමිණ සිටියි.මිතුරන්ගේ ආදරය මැද සුරෙන්ද්‍ර සියලු දෙනා සමඟ කතාබහේය. නර්තනය, සතුට මැද හෝරා ගෙවී යයි.‘මේ තමයි චතු මාත් එක්ක හිටපු පිරිස. මේ අය තමයි මාව මෙතන්ට තිබ්බේ. ඒ අය මගේ සතුටේදී ඉන්නම ඕනේ’සුරේන්ද්‍ර පවසන්නේ නිහතමානීවය.ඉතා චාම්, සුන්දර හැන්දෑවක සුරේන්ද්‍ර තවත් පරිණත අයකු බවට පත්වන්නේය. හෙට දවස ඔහු තමාගේ නිර්මාණවලින් ද අප සනසනු නියතය.සුරේන්ද්‍ර,ඔබට සුබම සුබ උපන් දිනයක්!- චතුර
CREATIVE