comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
රංගන ශිල්පිනීඋමාලි තිලකරත්නජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ එළාර ගේ දුව වන ශාරදාට මම රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව මම ලියලා, තනුවක් දාලා, ගැයූ ගීතයක් ජනතාව අතරට රැගෙන යන්න ප්රචාරක කටයුතුවල නියැළෙනවා. ඒ සඳහා සංගීතය නිර්මාණය කළේ උදාර දන්දෙනිය.ගීතයේ රූප රචනාව රූ ගත කළේ ජපානයේ. මේ සියලු කටයුතු අවසාන නිසා ගීතවලට පි‍්‍රය කරන බොහෝ දෙනා මගේ ගීතය අසාවි කියලා මා සිතනවා. ඒ වගේම මමත් සාරංගත් යුග ගීතයක් ගායනා කළා. ඒ ගීතය එළිදැක්වෙන තුරු ඉන්නෙත් මම නොඉවසිල්ලෙන්. මේ අතර මගේ අධ්‍යාපන කටයුතුවල ඉතිරි කොටස කරන්නට මට ජපානයට යන්න වෙනවා.ඒ කටයුතු සඳහාත්, එහි ව්ඩ්ම් කියන ජාතික රූපවාහිනියේ කරන ටෙලි නාට්‍යයක් සඳහා මම රංගනයෙන් සහභාගි වන නිසා එහි රූ ගත කිරීම් ආරම්භ කිරීමටත් නියමිත බව මට දන්වලා තිබෙනවා.
|
CREATIVE
|
රිතික්, සුසේන් දාහතර වසරක් උපන් දින සැමරුවේ රන් රස සේ එකිනෙකාට පෑහෙමිනි. එහෙත් දැන් දෙදෙනා උපන් දින සමරන්නේ වෙන් වෙන්වය. ඔක්තෝබර් 26 වැනි දිනට යෙදී තිබුණු සිය උපන් දිනය සුසේන් සැමරුවේ තනිවමය. පසුගිය වසරේ දෙදෙනාගේ දික්කසාදවීමේ ආරංචිය පැතිර ගියේ ද සුසේන්ගේ උපන් දිනය යෙදී තිබුණු මේ කාලයේදීමය.කෙසේ වුවත් සුසේන් පසුගිය වසරේ උපන් දිනය සුබ උපන් දිනයක් නොවන බව නම් පවසා තිබිණි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
අනේ ඔය දරුවො ආපු එක කොච්චර දෙයක්ද? මං ලෙඩවෙලා අන්ත අසරණයි. පේනවා නේද? මට කතා කරගන්නත් අමාරුයි. කටහඬත් වෙනස්වෙලා.චිත්‍රා වාකිෂ්ඨ බැගෑපත්ව අපට කියාපෑවාය. වෘත්තීමය රංගන ශිල්පිණියකවූ ඇය මේවනවිට නිවෙසටම කොටුවී සිටියි.කිසිම කෙනෙක් දන්නෙ නැහැ මට අසනීප වෙලා කියලා. අන්තිමට මම රඟපෑවෙ කෝපිකඩේ නාට්‍යයේ. ඔවුන් ඇතුළු ස්වාධීන රූපවාහිනී සේවය තමයි මගෙ ලෙඩවලට බෙහෙතක් හේතක් ගන්න ආධාරයක් දුන්නේ.කවද්ද චිත්‍ර අක්කා අසනීපවුණේ?පහුගිය ඔක්තේබර් මාසයේ ඉඳලා තමයි මට දැනුනේ මේ අසනීපය. ගිය සතිය වෙනකම් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ගත්තා. කොහොමහරි සැරින් සැරේ ගිහින් මහරගමින් බෙහෙත් ගන්න ඕන.මං ඉන්නෙ බොරැල්ලෙනේ. මේ තත්ත්වය මත බස් එකේ යන්න බැහැ. ත්‍රීවීල් එකක මහරගමට යන්න විතරක් රුපියල් 700 ක් යනවා. රඟපෑමෙන් ජීවත්වූ මට දැන් රඟපාන්නත් බැහැ.දැන් මේ කාගෙ ගෙදරද ඉන්නෙ?විමල් වීරවංශ මහත්තයට පිංසිද්ධවෙන්න මට ගෙයක් ලැබුණා. ඒත් ඒ ගෙදරට මාසිකව පන්දහසක් දෙන්න ඕන. මගෙ දුව ආබාධිතයි. එයාවත් බලාගත්තෙ මං. පොඩිපුතාට හරිහමං රස්සාවක් නැහැ. මං ඒ කාටත් අතපාන්නේ නැතිව රඟපාලා ජීවත් වුණේ ඒත් අද...චිත්‍රා සුසුමක් සලන්නීය. ඇගේ තත්ත්වය සියැසින්ම දුටු අපට හට ඇතිවූ සංතාපය ගැන කියන්නට වචන නැත. ගුවන් විදුලිය, සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය යන සිව්මාධ්යයන්ගෙන් චිත්‍රා දස්කම් දැක්විය.ගුවන් විදුලියේ එකල ඉතාම ප්‍රසිද්ධ නාට්‍ය දෙකක් වූ මුවන්පැළැස්සහි කිරිඅම්මා සහ වජිරා හි වජිරාගේ මවට හඬකැව්වේද ඇයයි. එමෙන්ම ස්වාධීන රූපවාහිනියෙ වජිරා නාටකය ඇසුරෙන් පළමුවරට කළ වජිරා ටෙලි සිතුවමේද ඇය වජිරාගෙ මව වූවාය.චිත්‍රාගේ රංගන දිවිය මෙයින් වසර හැටකට පමණ එපිටට දිවයයි. සිරිසේන විමලවීරගේ පොඩිපුතා, සිරකරුවා, නාරිලතා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ ගොළු හදවත, යුගාන්තය ඇතුළු සීතල වතුර, රෑනගිරව්, සුහදපැතුම, මීමැස්සෝ, ගැහැනු ළමයි, පරසතුමල්, හිතහොඳ චණ්ඩියා, චිත්‍රා රංගනයෙන් දායක වූ සිනමාපට කිහිපයකි. එපමණක්ද නොව මෙරට පළමු ටෙලිසිතුවම වන දිමුතු මුතු සිට මේ දක්වා ටෙලිනාට්‍ය සිය ගණනකට ඇය රංගන දායකත්වය ලබාදී ඇත.දිමුතු මුතු කියද්දී මතක්වුණේ ළමයො පහුගිය දවසක පැවැත්වුණු රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී දිමුතුමුතු නාට්‍යයට සම්බන්ධ වූ කාර්මික ශිල්පීන්ට පවා කතා කරල ඇගයීමට ලක් කළා.ඒත් ලංකාවෙ පළමු නිළියවන දේවිකා මිහිරානිගෙ අම්මට රඟපාපු මට කිසිම ආරාධනාවක් නැහැ. ඇයි මේ ලෙඩ මාව අමතක කළේ. මට හරිම දුකයි ඒකට.චිත්‍රා මේවන විට තවත් අසාධාරණයකට ලක්ව ඇත. එයද ඇය කීවේ හැඬූ කඳුළිනි.මේ ළඟදී පැරැණි නළු නිළියන් කිහිපදෙනෙකු අගයා උපහාර උළෙලක් ටවර් හෝල් එකේදී තිබුණා. අපට දන්වලා තිබුණා සම්මානයක් සමඟ රුපියල් 25000 ක මුදලක් දෙනවා කියලා.ඔන්න එදා සම්මාන යයි ලියුම් කවරයකුයි ලැබුණා. මහත් බලාපොරොත්තු ඇතුව ගෙදර ඇවිත් ඒක දිගහැරලා බලපුවම ලොකු හෝටලයකින් කෑම වේලක් කන්න වවුචරයකුයි තියෙන්නේ.අනේ අපිට මොන කෑමද පුතා. සල්ලි කීයක් හරි ලැබුණානම් මේ ලෙඩකට බෙහෙතක්වත් ගන්න තිබුණා.චිත්‍රා නැවත නැවතත්ත වික්ෂෝපවෙයි. ඇය ජීවිත කාලයම කැප කළේ කලාව වෙනුවෙනි. වයස අවුරුදු හැත්තෑ අටක්වන ඇය ඔබේ පිහිට යදින්නේ ඉතාම කාරුණිකවය. චිත්‍රාගේ බෙහෙත් සඳහා මාසික වියදම පමණක් රුපියල් හතළිස් දහසක් පමණ වේ. 0723833926 මේ ඇගේ දුරකතන අංකයයි. කතා කරන්න ඇයට. උපකාරයක් කරන්නට ඔබට නොහැකිනම් ඇගේ සුවදුක් හෝ විමසන්න. එය පවා මේ මොහොතේ චිත්‍රාට මහත්වූ අස්වැසිල්ලක් වේවි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - අමිත් එස්. සේනාරත්න
|
CREATIVE
|
අම්බලන්තොටින් ගායන ක්ෂේත්රයට පිවිසි නව පරපුරේ ගායන ශිල්පී සුදත් විජේනායක ස්වතන්ත්‍ර ගීත තුනක් ඔස්සේ ළඟදීම රසික හමුවට පැමිණීමට නියමිතය.ලලිත් වසන්ත ගී පද රචනය කළ විජය බණ්ඩාර වැලිතුඩුව සංගීතවත් කළ හදවතේ දුක කියා ගන්නට . . . හා රවී ගමගේ ගී පද රචනා කොට සංගීතවත් කළ මියුරු පෙමක නටබුන් මැද දැවෙන වේදනා . . . මට සමාවෙන්න චාන්දිමා රත්තරං නගේ . . . මේ ගිත ත්‍රිත්වය රසිකයන්ට තිළිණ කිරීමට නියමිතය.98’ දී ගීත ගායනයට පිවිසි සුදත් ගොල්ඩන් එකෝෆ්, ප්රොමිනස් වාදක මණ්ඩලයේ නිත්‍ය ගායකයකු ලෙසින් ද කටයුතු කරනු ලැබිණි. අම්බලන්තොට ඥාණෝදය විද්‍යාලයෙන් හා ථෙරපුත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ සුදත් පාසල් කාලයේ පටන් ගායනයට උපන් හපන්කම් දැක්වීය. ගායන ශිල්පී සතිස් පෙරේරාගේ හා චන්දන ලියනආරච්චිගේ ගීත ඒ අයුරින් ගායනා කිරීමේ සහජ හැකියාවකින් පිරි ඔහු තමන්ගේම ස්වතන්ත්‍ර නිර්මාණයන් තුළින් රසික හමුවට එනුයේ අලුත් ගී නිර්මාණ ත්‍රිත්වය ඔස්සේය.වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන සුදත් විනෝදාංශයක් ලෙස තම උපන් හැකියාව ඔස්සේ ගීත ගායනා කරනුයේ කිසිදු ගුරු උපදේශයක්වත් නැතිවය. එළැඹෙන දෙසැම්බර් මාසයේ කුළුඳුල් ගීත ඇල්බමය රසිකයන්ට තිළිණ කිරීමට බලාපොරොත්තුªව සිටින සුදත්ට අපි ද සුබ පතමු.10/1, පොල්වත්ත, පන්නිපිටිය සුදත් විජේනායකගේ ලිපිනයයි.- චන්දනනව පරපුරේ රංගන ශිල්පිණී ශෂිරංග වික්‍රමසේකර අධ්යක්ෂවරයකු වශයෙන් කළඑළියට එන මංගල ඇවනිව් ටෙලිසිතුවමේ මුහුරත් උළෙල පසුගියදා බෙල්ලන්විල රජමහ විහාරයේදී පැවැත්විණ.මඟුල් කපුවෙකු වටා ගෙතී ඇති හාස්‍යෝත්පාදක ටෙලි සිතුවමක් වන මෙහි එම චරිතය බන්දුල විජේවීර විසින් නිරූපණය කරනු ලබයි.මහින්ද පතිරගේ, ගීතා කාන්ති ජයකොඩි, දෙනුවන් සේනාධි, දිලිනි ලක්මාලි, සෝමසිරි කොළඹගේ, පබසරා කාරියවසම් මෙහි අනිකුත් නළු නිළි පිරිවරයි.මංගල ඇවනිව්හි පිරිවර මුහුරත් උළෙලදා එහි කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.චන්දන එදිරිසිංහගේ නවතම ටෙලි සිතුවම ‘වසන්තයට පෙර’ හි මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ සංහිඳ හොටල් පරිශ්‍රයේදී පැවැත්විණ. අකිල සඳකැළුම්ගේ තිර රචනයට නිර්මාණය වන මෙහි ජනක කුඹුකගේ, සම්පත් තෙන්නකෝන්, වීණා ජයකොඩි, ගාමිණී අම්බලන්ගොඩ, අකිල සඳකැළුම්, අරවින්ද දොඹගහවත්ත, ශාලිකා එදිරිසිංහ,, මේනකා මධුවන්ති, ගයාත්‍රී රාජපක්ෂ, නීතා සමරනායක, රංජිත් රූබන්, වසන්ත කුමාර විතානගේ, සඳරු රදළියගොඩ, රෝහිත ඩයස්, ෂර්ලි ජයසිංහ, චතුර පෙරේරා, සමන්ති ලැනරෝල්, ධනංජය රාජපක්ෂ, රාජි මෙන්ඩිස්, සඳරේඛා වීරසිංහ, චන්ද්‍ර සූරියබණ්ඩාර ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.වසන්තයට පෙර, අජිත් වර්ණකුලසූරියගේ නිෂ්පාදනයකි. සංජය ජයසිංහ නිෂ්පාදන කළමනාකරුය. චන්දන විජේකෝන් සහ ඉෂානි අත්තනායක සහාය අධ්‍යක්ෂවරුන්ය. ආනන්ද පොල්ගහවෙළගේ කලා අධ්‍යක්ෂණයකි. සුරේෂ් ඉන්දික අංග රචනයෙන් ද, චමින්ද දීපාල් කැමරාකරණයෙන් ද, බණ්ඩාර අබේසේකර නිර්මාණ උපදේශනයෙන් ද මේ සඳහා එක්වෙති.
|
CREATIVE
|
ඈව මට මුණ ගැසුණේ මීට වසර පහකට පමණ පෙර එක්දවසකය. එදා පටන් අද වනතුරුත් ඇගේ කතාවේත්,සිනහවේත් වෙනසක් මම නුදුටීමි. ළඟන්නා සුළු ඒ සිනහවේ නැවුම් කතාවක් හැංගී ඇතැයි මට නිකට මෙන් සිතේ.දිනූෂා රාජපතිරණ.යෙහෙළියක් ලෙස කලකට පෙර ඔබගේ දුක් හිසින් ගෙන දුක් ගන්නියක වූ ඕ වත්මනෙහි ඔබ හමුවට එන්නේ ස්වර්ණවාහිනියේ සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 10.00 ට විකාශය වන ‘හත්දින්නත් තරු’ වැඩසටහනේ නිවේදිකාවක් ලෙසිනි.* ස්වර්ණවාහිනියේ සක්‍රීය නිවේදිකාවක ලෙස කටයුතු කරන ඔබගේ සිනාවේ හැංගුණු කතාව අපට කියනවද?‘යුවතියකගේ ජීවිතයේ සුන්දරම දවසක් පිළිබඳයි මම මුලින්ම සරසවියට කියන්න යන්නේ. ඒ මේ මාසයේ අන්තිමට සුබ මොහොතෙන් මම මනාලියක් වන බවයි. නුවර ගැටඹේ දිය කපන තොටමුණ අසල තිබෙනා සුන්දර ස්ථානයකදී මගේ සහකාරයා වීමට සිටින ධම්මික සමඟ මා අතිනත ගන්නවා. මේ සොඳුරු පණිවුඩයෙන් මට ආදරය කරන රසික – රසිකාවන්ගේ සිත සතුටින් පිරී ඉතිරී යාවි කියලා මා සිතනවා.’* ඔබගේ සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා ඔබට මුණ ගැසුණේ කොහොමද?අපි දෙන්නට දෙන්නා කලින් දන්නා නමුත් ඔහු පිළිබඳ යෝජනාව මට ඉදිරිපත් කළේ අපේ අයියා. අයියා සහෝදරියගේ සැමියා වුණත් මගේම සහෝදරයෙක් වගෙයි. එවන් කෙනෙකු මට යෝජනාවක් කරන්නේ බොහොම යහපත් සිතින් බව මා දන්නවා. අයියාගේ යාළුවෙක් වුණු ඔහු පිළිබඳ කළ යෝජනාවට මා ඉතසිතින් කැමැති වුණා. ඒ හඳුනා ගැනීමෙන් පස්සේ අපි පෙම්වතුන් වුණා. මේ වෙනකොට අපේ ආදරයට අවුරුදු දෙකක් ගත වෙලා. ධම්මික බොහොම සරල, සාමාන්‍ය කෙනෙක්. මිත්‍රශිලීයි. නිතරම මිනිසුන්ගේ හොඳ දකින කෙනෙක්. ඔහුගේ මව්පියන්ට වගේම මගේ මව්පියන්ටත් ආදරෙයි. මම හිතන්නේ මට සුදුසුම කෙනා මුණ ගැසුණා කියලයි.’* විවාහයෙන් පස්සේ නිවේදිකාවක් විදියට ඔබ ක්ෂේත්රයේ රැෙඳනවාට ඔහු දක්වන්නේ මොන වගේ ප්රතිචාරයක්ද?‘ධම්මික මේ ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් නම් නෙමෙයි. නමුත් මම නිවේදිකාවක් විදියට කරනා වැඩසටහන් ඔහු නරඹනවා. ඒ ඔස්සේ මගේ අතින් සිදුවන වැරැදි වගේම අඩුපාඩුත්, නිවේදිකාවක් විදියට වෙනස් කර ගත යුතු බොහෝ දේත් පිළිබඳ ඔහු මා දැනුවත් කරනවා. ඒ වගේම හොඳ දෙයක් ඉදිරිපත් කළොත් එය අගය කරන්නත් ඔහු පැකිලෙන්නේ නැහැ. මගේ නිවේදන ජීවිතයේ හොඳම විවේචකයා ඔහුයි.’* නුවර ප්‍රදේශයේ උපන් ඔබ මනාලියක් විදියට සැරැසෙන්නේ ඔබගේ ප්‍රදේශයටම ආවේනික වූ මංගල ඇඳුමින්ද?‘අපේ ප්‍රදේශයටම ආවේනික වූ උඩරට ඔසරිය කියන්නේ අපේකම ගැනයි. අපේකමට මුල් තැන දෙන්න මම බොහොම කැමැති කෙනෙක්. උඩරට සම්ප්‍රදායානුකූලව උඩරට මනාලියක් ලෙස මාව සරසන්නේ විජිත පෙරේරා. වේෂ නිරූපණයෙන් නයන උජිත් සහාය වෙනකොට මගේ සුන්දරත්වය ඡායාරූපයට නඟන්නේ දේවා ජයවර්ධන හා චාමරයි. මගේ මංගල උත්සවයේ අප දෙදෙනාත් සමඟ සිටින්නේ මල් කුමර – කුමරියන් පමණයි. මගේ හිතවත් කලාකරුවන් සමඟ ප්‍රභූන් පිරිවරා පැවැත්වෙන ඒ දිනය සුන්දර දවසක් වේවි.’* ඒ දිනය පැමිණෙන තුරු ඇඟිලි ගැන ගැන ඉන්න ඔබගේ නිවේදනයෙන් හැඩවෙන ‘හද්දින්නත් තරු’ වැඩසටහන සඳහා ලැබෙන ප්‍රතිචාර ගැන යමක් කිව්වොත්?‘කාලෙන් කාලෙට විවිධ වූ වැඩසටහන් කිරීමට මට අවස්ථාව උදා වුණා. ‘හත්දින්නත් තරු’ කියන්නෙත් ඒ වගේ වැඩසටහනක්. දවසේම වෙහෙස මහන්සි වී පැමිණෙන ඔවුන්ගේ සිතට සතුටක් ගෙනෙන්න, සිත සැහැල්ලු කරන්න අපි මේ වැඩසටහන ඔස්සේ මහන්සි ගන්නවා. ඒ මේ වැඩ සටහනෙහි තිබෙනා විශේෂත්වයයි. මෙය කොයි තරම් ප්‍රේක්ෂකයන්ගේ හිතට අල්ලලා ද කිව්වොත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අපව ධෛර්යමත් කරනවා.’* ඔබ වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ යෙහෙළි වැඩසටහන ඔස්සේ. කාන්තාවන්ගේ දුක්ඛ දෝමනස්සයන් වෙනුවෙන් කතා කරන මෙවන් වැඩසටහනක් යළිත් අපට දකින්නට නොලැබේවිද?‘යෙහෙළි වැඩසටහන සඳහා තිබුණු ප්‍රතිචාරත් සමඟ එහි අදියර දෙකකින් වැඩසටහන අවසාන වුණා. තෙවැනි අදියර ආරම්භ කරන්න යැයි විධායක නිෂ්පාදකතුමා මට කිව්වා. මේ වැඩසටහන පර්යේෂණ මට්ටමේ වැඩසටහනක්. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු මා ළඟදීම ආරම්භ කරනවා. ළඟදීම නැති වුණත් ටික කාලයකදී යෙහෙළි තෙවන අදියරෙන් ඔබ හමුවට පැමිණෙන්න අප සූදානම්. ඒත් සමඟම මගේ ගමන එන්න උදව් කළ මගේ ගුරුතුමා ජැක්සන් ඇන්තනී මහත්මයා, ස්වර්ණවාහිනියේ සභාපතිතුමිය ඇතුළු හැම දෙනාම සිහිපත් කිරීම මගේ යුතුකමක්. මේ හැම කාරණයකටම උදව් වෙන්න දැන් අපූරු පුද්ගලයෙක් මගේ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඔහු හා අතිනත ගන්නා තුරු මා බලා සිටින්නේ ඇඟිලි ගනිමින්.දිනූෂා ඔබට සුබ මංගලම්!සේයාරුවටෙනිසන් එදිරිසිංහතිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
විශ්ව කීර්තියට පත්Water චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ දීපා මෙහෙතාගේ නවතම සිනමා නිර්මාණය Mid Nights Children කැනඩාවේ 37 වැනි ටොරොන්ටෝ චිත්‍රපට උළෙලේ ආරම්භක චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා තෝරා ගෙන තිබේ.ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ රාජකීය ගොල්ෆ් පිටිය, කතානායක නිල නිවස, මරදාන දුම්රියපොළ ඇතුළු ශ්‍රී ලංකාවේ දර්ශන තල හැට පහකදී මෙම චිත්‍රපටය රූගන්වා ඇත.ජාත්‍යන්තර චිත්‍රපට සඳහා පහසුකම් සපයන The Film Team සමාගම මගින් මෙහි ශ්‍රී ලංකා නිෂ්පාදන කටයුතු සිදු කරන ලද අතර එම ආයතනයේ සභාපති ධූරය දරනුයේ ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියයි.විධායක අධීක්ෂණය, නිෂ්පාදන සැලසුම්, උපදේශනය, දර්ශන තල ඉදි කිරීම සහ අයවැය සැළසුම්කරණය සිදු කරනු ලැබුවේ එම සමාගමේ අධ්යක්ෂවරුන් වන එරල් කෙලී, ඒන්ස්ලි ද සිල්වා, ගෝපී ධර්මරත්නම් විසිනි.Mid Nights Children චිත්‍රපටයේ නිෂ්පාදක ඩේවිඩ් හැමිල්ටන් එම උත්කර්ෂවත් මංගල දර්ශනයට සහභාගි වන ලෙසට Film Team ආයතනයට ආරාධනා කර තිබේ.මෙම චිත්‍රපටයට පදනම්ව ඇත්තේ බුකර් සම්මානයෙන් පිදුම් ලද සල්මන් රුෂ්ඩිගේ ලෝ ප්‍රකට නවකතාවයි. සොනාලි ඛාන්, ශබානා ආස්මී, ශ්‍රියා සරන්, සීමා බිස්වානි, රාහුල් බෝස්, සභානා ගෝස්වාමී සහ අනුපම් කේර් මෙහි චරිත නිරූපණය කර තිබේ.දිනුෂ ප්‍රදීප් කුමාර අධ්යක්ෂණයටරොකට් රජා පොකට් රජා නම් වූ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් තවත් නවක අධ්යක්ෂවරයකුහෙළ සිනමාවට එක් වෙයි.ඔහු දිනුෂ ප්‍රදීප් කුමාරයි. මොහාන් නියාස්ගේ මායාවි සිනමාපටය ඇතුළු චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්ෂණයෙන් හැඩ කළ දිනූෂගේ කුලුඳුල් සිනමා පටයෙන් දිග හැරෙනුයේ රොකට්, පොකට් නමැති රැකියා විරහිත තරුණයන් දෙපොළකගේ කතාවකි.සුරස ෆිල්මස් වෙනුවෙන් සජිත රුක්මන්තගේ නිෂ්පාදනයක් වන මෙහි රංගන දායකත්වය රොනී ලීච්, සනෝජා බිබිලේ, විශාකා සිරිවර්ධන, උදයන්ති කුලතුංග,සජිත් රුක්මන්ත, නිලාන් සඳරුවන්, උපාලි කීර්තිසේන, ප්‍රේමදාස විතානගේ, අනූෂා රාජපක්ෂ, ප්‍රියනාත් රත්නායක, භාග්‍යා ගුරුසිංහ, මල්කි නිමල්කා ඇතුළු පිරිසගෙනි.අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය ද දිනූෂගෙන්ය. නිරෝෂි දිසානායක සහ සුපුන් දිනූෂ සෙනෙවිරත්නගේ සහාය අධ්‍යක්ෂණයකි. ස්ටැනී ද සිල්වා කලා අධ්‍යක්ෂවරයාවේ. කැමරාකරණයෙන් නිෂාන් හසිත එක්වෙයි. රොඩ්නි වෙන්ට්‍රවෙස්ට් අංග රචනා ශිල්පියාය. ප්‍රියනාත් රත්නායක සත්සර මුසු කෙරෙනු ඇත. ශාන් අල්විස් සංස්කරණයට සූදානම් වන මෙහි නිෂ්පාදන කළමනාකරු වශයෙන් බන්දුල රූපසිංහ කටයුතු කරයි.නුගේගොඩ සංහිඳ හෝටල් පරිශ්‍රයේ පැවති රොකට් රජා පොකට් රජා හි මුහුරත්උළෙල දා එහි පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි මේ.
|
CREATIVE
|
මට මේ දවස්වල පාරාවළලු, රෑන සහ ස්නේහා ටෙලි නාට්‍ය තුනේ රූගත කිරීම් යෙදිලා තියෙනවා. ඊට අමතරට ජැක්සන් ඇන්තනීගේ අලුත් ටෙලි නාට්‍ය දස්කොන්හි රූගත කිරීම්වලටත් දායක වෙන්න නියමිතයි.ටෙලි නාට්‍ය කටයුතු හැරුණාම මිනිස්ටාර්, ගුරුතරුව, තලමල පිපිලා, මායා දේවී වේදිකා නාට්‍ය සඳහා දායක වෙන්නත් කාලය වෙන් කරලා තියෙනවා. ඒ වගේම දිවැස් හෙළනු මැන වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ පුහුණුවීම් කටයුතුත් මේ සතියේ ආරම්භ කරනවා.
|
CREATIVE
|
සුජීවාගැ - නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ නොවිඳපු රසයකි උතුරන්නේ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ වෙනදා කවදාවත් නොවුණේ පි - ඔබෙ නුවන් රන්කූඩුවේ කවුද යුවළක් ජෝඩුවේ ගැ - ඉන්නෙ කවුදෝ හැංගිලා බලනු මැනවී ළංවෙලා පි - ඔහු වගේ මා ඔබ වගේ ඈ සතුටු වේ සපුරා ගැ - අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා පි - පිපී හැලෙනා ලිය ගොමු හැපී නඟනා ගුමු ගුමු ගැ - සුළගෙ එතිලා මුසුවෙලා ඈත විහිදෙයි පාවෙලා පි - අපගෙ හඬ ඒ අතර සැතපේ මියුරු සර වපුරා පි - ගලා හැලෙනා දිය ඇලී රිදී නද දී සිලි සිලී ගැ - බලා අපගේ රූසිරි පතයි නොපැතූ ආසිරි පි - මල්සරා ආ විටදී එන්නේ හී පහම විසුරා . . .පද රචනය - කරුණාරත්න අබේසේකර සංගීතය - ගලගෙදර එම්. එම්. හක් ගායනය - එච්. ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක අධ්‍යක්ෂණය - ජෝ දේව් ආනන්දසුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
යුවළකගේ තිරයට ඇති ගැළපීම හෝ නොගැළපීම ඒ තිරපටය ගිලටීනයට හෝ රජ ගමනට යවන ප්‍රධාන සාධකයකි. තිස් දෙහැවිරිදි ෂාහිඩ් කපූර් සහ විසිහය හැවිරිදි සෝනක්ෂි සිංහ තිරයට යුවළක් ලෙස ඔබින්නේ නැති බව බොහෝ දෙනාගේ අදහස විය. නැටුම් අධ්යක්ෂ ප්‍රභූ දේවා ද එසේ සිතූ අයෙකි.එහෙත් ‘රාජ්කුමාර්’ සිනමා නිර්මාණයේ නැටුම් අධ්‍යක්ෂණය කරද්දී ඒ අදහස කෙතරම් වැරැදිදැයි කියා මුලින්ම තේරුම් ගත් තැනැත්තා ප්‍රභූ දේවායි. දෑස් අදහා ගත නොහැකි අපූරු ගැළපීමක් දෙදෙනා අතර ඇති බව පෙන්වා දෙන මුල්ම සිනමාපටය බවට ‘රාජ්කුමාර්’ පත්වනු ඇත.තායිලන්තයේ සිනමාපටය රූගත කරද්දී දෙදෙනා දරුණු අනතුරකට ද මුහුණ පෑහ. තායිලන්තයේ වෙරළ තීරයේ ඇති වූ දැවැන්ත සුළි කුණාටුවෙන් ෂාහිඩ් සහ සෝනක්ෂි බේරාගෙන ඇත්තේ හෙලිකොප්ටරයක් මඟිනි.මේ අතර සල්මන් ඛාන් සහ සෝනක්ෂි අතර නොමනාපයක් දලුලමින් පවතින බවට ද රාවයක් පැතිර යමින් පවතී. සෝනක්ෂි පවසන අන්දමට එය මුසාවකි. කටකතාව ඇරැඹුණේ ‘කික්’ සිනමාපටයේ රඟපෑම ඇය ප්‍රතික්ෂේප කළ පසුවය. එයට සෝනක්ෂි වෙනුවට ජැකලින් ෆර්නැන්ඩස් තෝරා ගෙන ඇත. සෝනක්ෂි ‘කික්’ රංගනය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ කාර්ය බහුලකම නිසයි.‘සල්මනුත් මාත් හරිම කාර්යය බහුලයි. ඒ නිසා කවරදා එකට සිනමාපටයක රඟපාන්නට ලැබේවිදැයි කියන්න බැහැ’ ඇය පැවසුවාය. සෝනක්ෂි මුලින්ම රඟපෑවේ සල්මන් ඛාන් සමඟ ‘දාබන්ග්’ සිනමාපටයේයි. එය අති සාර්ථක විය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ෂාරුක් ඛාන් නොපැමිණෙයිඑය සුන්දර රාත්‍රියකි. භාරතයේ ගීත කෝකිලාව ඒ රාත්‍රිය කන්කලු කළාය. උත්සව සභාව ඒකාලෝක කිරීමට පොල් තෙල් පහන දැල්වුණේ ඇයගේත්, මධුරි ඩික්සිත්ගේ දෑත්වලිනි. නිවේදකයා කරන් ජොහාර්ය. මෙගා තරුව අමිතාබ් බච්චන් සහ පරිපූර්ණ රංගධර අමීර් ඛාන් එක් වී වස්තූන් සහ සෙවණැලි (සබ්ස්ටන්ස් ඇන්ඩ් ද ෂැඩෝ) කෘතිය මුල් වරට රසික ප්‍රජාවට එළි දැක්වූහ. ඒ ‘වස්තූන් සහ සෙවණැලි’ අන් කිසිවකුගේ නොව යුග යුග හද බැඳී විශිෂ්ට රංගධර දිලිප් කුමාර්ගේය. සිය වසරක් සපිරි බොලිවුඩයේ ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම රංගධරයා දිලිප් කුමාර්ය. මේ ඔහුගේ චරිතාපදානයයි. උදය තාරා නායර්, දිලිප්ගේ ජීවන චරිතයේ කතුවරයාය.අමිතාබ් පොතේ ඡේදයක් කියවද්දී, අමීර් එහි කවියක් ගැයුවේය. ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නළුවාගේ ජීවිත කථාවෙන් පේලි කිහිපයක් කීමට එක් විය. තිරයේ පෙම්වතිය වූ වෛජයන්තිමාලා ආදරණීය නළුවා ගැන ගෞරවයෙන් වචන කිහිපයකින් සභාව ඇමතුවාය. බිරිය සයිරාබානු මේ සියල්ල සිදුවන අතරේ ඔහු අසලින්ම සිට ඔහුට සවියක් වූවාය. උත්සවය පැවැත්වුණේ තරු පහේ හෝටලයකය.ජීවන චරිත කථාව දොරට වැඩීම තව තවත් මිහිරි වුයේ දිලිප්ගේ ජනප්‍රියම ගීත ජාවඩ් අලි සහ ෂාන් ගැයීමෙනි. සල්මන් ඛාන්, හේමා මාලිනී, ටීනා, අනිල් අම්බානි, කමල් හසන්, පි‍්‍රයංකා චොප්රා, පරිනීති චොප්රා, විද්‍යා බාලන් ඇතුළු තරු රැසක් පිරිවරාගෙන පැවැති දොරට වැඩීමේ උළෙල සම්මාන රාත්රියකටත් වඩා සොඳුරු විය. දිලිප් සහ සයිරා පුතකු ලෙසට සලකන ෂාරුක් ඛාන්ට මේ සුබ අවස්ථාවට සහභාගිවීමට නොලැබුණි.ජ්‍යෙෂ්ඨ නළුවාගේ කෘතිය දොරට වැඩීමට නියමිතව තිබුණේ අනූ එක් වැනි උපන් දිනය යෙදී තිබුණු පසුගිය දෙසැම්බර් 11 වැනි දිනටයි. තමන් ගැන වැරැදි තොරතුරු පළ වීම චරිතාපදානය ලිවීමට ප්‍රධාන හේතුව බව පොත දොරට වැඩීමේදී ඔහු පැවසුවේය. සිය රංගනයේ සාර්ථකත්වයට මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ද හේතු වූ බව දිලිප් නොපැකිළව කියා සිටියේය. ශෝකාන්ත වීරයා වී සිටි ඔහු, විකට සිනමාපට රංගනයට පිවිසියේ බ්‍රිතාන්‍ය මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස්වලට අනුවයි. මේලා, දේව්දාස්, අන්දාස්, ඩීඩාර්, දාග් වැනි සිනමාපටවලින් පසුව අසාද්, කොහිනූර්, නයාදෝර් වැනි සිනමාපටවල ඔහු දකින්න ලැබුණේ ඒ නිසයි.කාමිනී කෞෂාල් සහ මධුබාලා සමඟ බැඳී පෙම ගැන වියපත් විශිෂ්ටයා නොබියව කථා කරයි. මෝගල්-ඊ-අසාම් රූගත කරද්දී මධුබාලාත් ඔහුත් අතර වචනයකුදු හුවමාරු වී නැත. දිලිප්ට වඩාත් ආදරය කළ මධුබාලාගෙන් ඈත්වීමට සිදු වූයේ මධුබාලාගේ පියා නිසාය. සියලු පෙම් බන්ධන බිඳී ගිය පසු ඔහු තමන්ට වඩා වසර විසි දෙකක් බාල සයිරා බානුගෙන් විවාහවීමට කැමැතිදැයි විමසා තිබේ. ඇය කෙළින්ම විමසා ඇත්තේ ‘තරුණියන් කී දෙනකුගෙන් ඔබ මෙසේ අසා තිබෙනවාදැයි’ කියායි. දිලිප්ගේ මේ පෙම් පටලැවිලි ගැන සේම ඔහුගේ සිනමා ජීවිතයේ රසමුසු සිදුවීම් ගැන ද ‘දිලිප් කුමාර් : වස්තූන් සහ සෙවණැලි’ චරිතාපදානය බොහෝ රසවත් තොරතුරු ගෙන එයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
අප අතරින් වියෝ වූ ගායක සතිෂ් පෙරේරාගේ 44 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෙම මස 29 දා එනම් අද උදෑසන 9.30 ට පංචිකාවත්ත අභයසිංහාරාම විහාරස්ථානයේදී (ටවර් රඟහල ඉදිරිපිට) ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කොට තිබේ. එදිනම සවස 6 ට පහන් දහසක ආලේක පූජාවක්, අටවිසි බුද්ධ පූජාවක් සහ ධර්ම දේශනාවක් ද පැවැත්වෙනු ඇත. මේ අවස්ථාවන් සඳහා සහභාගිවීමට සතිෂ්ට ළැදි ඔබ සැමට සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි.- ප්‍රසාද්
|
CREATIVE
|
අධ්යක්ෂ රෝයි ද සිල්වා මහතා වඩාත් දක්ෂතාවක් පෙන්වා ඇත්තේ රංගනයෙන් ද, නැතහොත් අධ්‍යක්ෂණයෙන් ද?ගිල්බට් පෙරේරා - හෝකන්දර.මේ කාරණා දෙකෙන්ම ගිල්බට්. ඒ වගේම මේ කාරණා දෙකෙන්ම තවත් දක්ෂතා පළකරන්නට ඉඩ තිබුණා.වේවා ඔබ මගෙ සුදු අයියා, හැම දිනකම යන ගීතය ගායනා කරන ලද්දේ කවුද?රංජනී රණසිංහ – උතුරු හෝකන්දර.ඩී. ඩී. ඩැනී සමඟ චන්ද්‍රා කබ්රාල් ද සිල්වා.සුනිල් අරණ වීරසිරි ගේ ‘වීර්යා’ චිත්‍රපටයේ වැඩ අතරමග නතර වූවාද? එහි ඇන්ටන් ජූඩ් කලාකරුවා වෙනුවට වෙනත් කෙනෙක් ආදේශ කළා ද?සුදත් නිශාන්ත – මීගමුව.වීර්යා චිත්‍රපටයේ වැඩ නිමයි. ඇන්ටන් ජූඩ් කලාකරුවා වෙනුවට කවුරුත්ම ආදේශ කළේ නැහැ.ලෝක සිනමා ඉතිහාසයේ වැඩිම වියදම් සහ වැඩිම ආදායම් යන වාර්තා දෙකම පිහිට වූ චිත්‍රපටය කුමක්ද? එහි අධ්යක්ෂවරයා කවුද?එම්. ෆේරඩී ප්‍රනාන්දු – කල්දෙමුල්ල.වැඩිම වියදම් සහ ආදායම් දරා නිපද වූ චිත්‍රපටය වන්නේ අවතාර් චිත්‍රපටයයි. එය ඩොලර් මිලියන 23 ක් වියදම් කොට ඩොලර් බිලියන 27 ක් උපයා තිබෙනවා. එහි අධ්යක්ෂවරයා වන්නේ ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ ජේම්ස් කැමරොන්ය.ලංකාවේ සිනමා ශාලාවක ප්‍රදර්ශනය කළ මුල්ම කතානාද විදේශ චිත්‍රපටය කුමක්ද?රෝහිණී දයාරත්න - හොරගස්මුල්ල, දිවුලපිටිය.’බිල්වා මංගල් ’ නම් හින්දි චිත්‍රපටය.චායා මායා සිංහල චිත්‍රපටය, හින්දි චිත්‍රපටයක කොපියක් ද?යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙණිය.ඔව්, එය ‘චාල් බාස් ’ නම් හින්දි චිත්‍රපටයේ අනුකරණයක්.කඳුළු සලන්නේ නැති සිංහල චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය තිබේද?ඒ. කරුණාදාස - යාලගම, ඉඳුරුව.එහෙම ඒවා නැහැ. ඒවායේ කඳුළු සලන්නේ නැතිනම් අපිට හරි ඇඬෙනවා.මල් දෙණියේ සිමියොන් චිත්‍රපටය නැවත නැරඹිය නොහැකි ද?ලක්ෂමන් ලියනගේ – මතුගම.පුළුවන්. මේ ළඟදිත් රූපවාහිනියේ පෙන්නුවා.ජනප්‍රිය හින්දි ගායිකා අල්කා යාග්නික් ගේ ලිපිනය සඳහන් කරන්න.අංජලී වික්‍රමසිංහ – මහනුවර.ALKA YAGNIK, 34, AKANANDA, APARTMENT, 10, GULMOHAR, CROSS RD, JVPD SKIM, MUMBAI – 40049.ඔබ පසුගිය කලාපයක සඳහන්කර තිබුණා ‘අඩුක්ක වීටු පෙන් ’ නම් ද්‍රවිඩ සිතුවම් පටය ඇසුරෙන් නිපද වූ ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටය ද්‍රවිඩ සිතුවම් පටය අහළකින්වත් තබන්න බැරි බව. ඔබ ඉන් අදහස් කළේ කුමක්ද?කරු මන්දාවල – නාත්තන්ඩිය.අල්ලපු ගෙදර එහි ආභාෂය ලැබූ අනෙකුත් නිර්මාණවලට වඩා ආකර්ෂණීය හා නිර්මාණාත්මක අතින් ඉහළ බව.මර්වින් ජයතුංග, බී. එස්. පෙරේරා, ඇන්තනී සී, දොන් සිරිසේන වැනි කලා කරුවන්ගෙන් අද ජීවමානව සිටින්නේ කවුද?චතුරංග - තුන්තාන.අද ඒ කවුරුත් නැහැ චතුරංග.අප රටේ ඇතිවන මත්ද්‍රව්‍ය ප්රශ්නවල දී නිළියන්ගේ නම් පමණක් ගෑවෙන්නේ ඇයි.චන්ද්‍රසිරි මානවඩු - අම්බලන්ගොඩ.නළුවන්ගේ නම්වලට ඩෝප් වෙන්නේ නැති නිසා.ඔබ ලෝකයේ දීර්ඝතම චිත්‍රපටය වූ හයිමාට් ගැන පසුගිය සතියක විස්තරයක් පළ කර තිබුණා. ඒ පිළිිබඳ මට ඇති වූ පැනය නම් මෙම ජර්මන් චිත්‍රපටයේ පැය ගණන එක දිගටම තිරගත වුණා ද යන්නයි.අජිත් ලක්මාල් - මීගමුවඑය සිනමාශාලාවල තිරගත වූයේ පැය 16 ක සංස්කරණයකින්.ටෙලිවිෂන්වල නම් පැය 54 ම විකාශය වූවා.පූජා උමාශංකර්ගේ අලුත් විස්තර දැනගන්න ප්‍රළුවන් ද? ඇයගේ කලා කටයුතුවලට සුබ පතමි.නිලූ ප්රියාද් රගීන් – හම්බන්තොට.ඇය මේ දිනවල ‘මිරේජ්’ ඉංගී්රසි කෙටි චිත්‍රපටයේ රඟපාන බව ආරංචියි. පසුගිය දා ඇගේ මිත්තනිය ද මිය ගියා.ගොපලු චිත්‍රපටවල රඟපෑ බර්ටි ලැන්කැස්ටර් දැන් කෝ?ඩී. ඩී. කුලතුංග - පූගොඩ.ඔහු 1994 ඔක්තෝබර් 20 දින ජීවිතයෙන් සමුගත්තා.අපේ අල්හාජ් මොහිදීන් බෙග් ගායන ශිල්පියා ඉන්දියානු ගායිකා ලතා මංගේෂ්කාර් සමඟ ගැයූ ගීතය කුමක්ද?එඩ්වඩ් –’ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමී’ ගීතය. ඔහු එය සැඩ සුළං චිත්‍රපටයට ගැයුවේ.අර්ජුන්සැකසුම - සංජීව සම්පත් බාලසූරිය.
|
CREATIVE
|
ආදරියේ, වන්දනා, රන් සෙවණැලි, අවසරයි පියඹන්න, සඳ නුඹනම් වැනි ජනපි‍්‍රය ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කළ සම්මානනීය අධ්යක්ෂ තිසුල දීප තඹවිට ගේ නවතම ටෙලි නිර්මාණය ‘වෑ දිය රැල්ල’ නමින් නම් කර ඇත. කේ. බී. හේරත් ගේ කතාවකට අනුව නිර්මාණය කෙරෙන මෙය ‘මුහුදු මනාලි, අවසරයි පියඹන්න, බාලොලි මල්’ වැනි ටෙලි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළ නිවුටන් විදානපතිරණ ගේ නිෂ්පාදනයකි. එහි මුහුරත් උළෙල පසුගිය දා රයිගම, බණ්ඩාරගම ‘ග්ලොරියා’ හෝටලයේදී සිදු කෙරිණ.සම්පත් රෝෂණ ප්‍රධාන චරිතය මවන මෙහි උදයන්ති කුලතුංග, තිසුරි යුවනිකා, කිංස්ලි ලෝස්, රෙබෙකා නිර්මලී, ශ්‍රීමාල් වෙඩිසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, රූපා ගෝමස්, අජිත් ලොකුගේ, සංජු දිවාරත්න, නිව්ටන් විදානපතිරණ, උදය ශාන්ත ලියනගේ, ගුණවර්ධන හෙට්ටිආරච්චි, බියංකා ෆොන්සේකා, කවීෂා පෙරේරා, උමංග නිර්මාල්, මධුශාන් හත්ලහවත්ත, දිලින් මනෝහර, චන්දු ඉඹුලාන ලියනආරච්චි සහ ළමා නිළි මිනදි සහත්මා ප්‍රනාන්දු සෙසු චරිත නිරූපණය කරති.චන්දන ප්‍රියංකර කලා අධ්‍යක්ෂණයෙන් ද, පි‍්‍රයංක රත්නායක වේශ නිරූපණයෙන් ද, රිහාන් රවීන්ද්‍ර සහාය අධ්‍යක්ෂණයෙන් ද, ලලිත් පුෂ්ප කුමාර නිශ්චල ඡායාරූපකරණයෙන් ද, උදය ශාන්ත ලියනගේ නිෂ්පාදන කළමනාකරණයෙන්ද එක්වන මෙහි ආලෝකකරණය, කැමරව සහ අධ්‍යක්ෂණය දිසුල දීප තඹවිට ගෙනි.සේයාරූ - ලලිත් පුෂ්ප කුමාර
|
CREATIVE
|
පසුගිය කාලය සංගීත සංදර්ශන නිසා ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. ඉදිරි සතියත් සංදර්ශන කටයුතුවලට තමයි වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන්නේ. මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. එදාටත් ලොකු විශේෂයක් නම් නැහැ. පවුලේ අයත් සමඟ එදාට පල්ලියට යන්න බලාපොරොත්තු වෙනවා.මැයි මාසයේදී මම අලුත් ගීත දෙකක් මගේ ආදරණීය රසික රසිකාවන්ට තිළිණ කරන්න සූදානම්. මේ දවස්වල මේ ගීත දෙකේ වැඩ කටයුතු නිම කරමින් සිටින්නේ. මේ ප්‍රේමණීය ගීත දෙකට ඉදිරියේදී රූප රචනා කරන්නත් බලාපොරොත්තු වෙනවා.
|
CREATIVE
|
කැළුම් පාලිත මහීරත්න අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන නවතම ටෙලි සිතුවම ස්නේහා මුහුරත් උළෙල කොට්ටාව පිහිටි එම නාට්‍යයේ දර්ශන තලයේදී පැවැත්විණ. ස්නේහා නම් වූ තරුණියක වටා නිර්මාණය වන මෙහි එම චරිතය උපේක්ෂා ස්වර්ණමාලි රඟනු ලබයි. සෙසු චරිතයන් රඟමින් රොජර් සෙනෙවිරත්න, ශ්‍රීමාල් සත්‍යජිත් වෙඩිසිංහ, උද්දික ප්‍රේමරත්න, සම්පත් තෙන්නකෝන්, ගීතා කාන්ති ජයකොඩි, වීණා ජයකොඩි, ශිරෝෂි රොමේෂිකා, අංජුලා රාජපක්ෂ, අංජලී බුදවත්ත, ඉෂාන් මෙන්ඩිස්, ලක්ෂිකා ෆොන්සේකා, නිපුනිකා හේවාගමගේ ඇතුළු පිරිස ස්නේහා හැඩ කරති.පිටපත අසංක සායක්කාරගෙනි. සුරේෂ් මාලියද්ද සංගීතය මෙහෙයවයි. අමල් පෙරේරා ගායනයෙන් එක් වී ඇත. රුවන් කොස්තා සහ බුද්ධික ඉන්ද්‍රජිත් කැමරාව මෙහෙයවයි. දීපාල් අපොන්සුගේ සහාය අධ්‍යක්ෂණයකි. මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද, ඩොරික් සමරවික්‍රම කලා අධ්‍යක්ෂණයෙන් ද, සනත් නීලමුණි නිෂ්පාදන කළමනාකරණයෙන් ද මේ සඳහා එක්ව ඇත.ප්‍රසාද්සේයාරුව - සීතාන් ගුණවර්ධන
|
CREATIVE
|
‘කාරණාව බුදු වෙනවා ලකුණු දැනේනෑර කැටුව ආවා මම සරණ ගෙනේභාවනාව තොර නොකරමි සිතින් අනේමාලිගාව අද අඳුරුයි ස්වාමිණි . . .’මේ යසෝදරා වත ඔබ පසුගිය කාලයේ අසන්නට ලැබුණේ සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයෙන්. ඉතාමත් මිහිරි හඬින් එය ගායනා කළත් ඒ හඬ නම් අපට තරමක් නුහුරුයි. ඇය සුරලි ඇන්ජලා ප්‍රනාන්දු.* සුරලි දැන් අපට ආගන්තුක නොවුණත් ඔබේ වැඩි විස්තර දැනගගන්න රසික රසිකාවන් ආසාවෙන් ඇති?ශ්රීී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය තමයි මගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනය. මම දැනට පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. වයස අවුරුදු දහසය වෙනකල් ලංකාවේ පදිංචි වෙලා හිටියේ. බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලේ සංගීත තරගවලට ඉදිරිපත් වුණා වගේම පාසලේදී නාට්‍ය ගීත පවා ගායනා කළා.* ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ පසුබිම් ගායනයට අවස්ථාව ලැබුණේ?මම මීට පෙර මගේම ගීත තුනක් නිර්මාණය කරලා තිබුණා. ලොස් ඇන්ජලිස්හි පැවැති සංගීත සංදර්ශනයකට සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙකු වූ ජෙෆ් ගුණවර්ධන ඇවිත් තිබුණා. ඔහු ඇමරිකාවේ කොන්සල් ජෙනරල්වරයෙක්. ඔහු මං ගීත ගායනා කරනවා දැකලා තමයි මේ සඳහා ආරධනා කළේ.* ලැබුණු ප්‍රතිචාර ගැනත් කියමු?යසෝදරාවත දැනගෙන හිටියත් මේ විදියට අහල නැති නිසා ඒ ගැන ගොඩක් දෙනා ස්තුති කළා. හිත් ගොඩක් සංවේදී වුණා කියලා බොහෝ දෙනෙක් මගේ ෆේස් බුක් පිටුවේ සඳහන් කරලත් තිබුණා. විෂුවල් එකත් එක්ක ගීතයක් ලෙස අසන්නට ලැබීම ගැන සතුටුයි කියල ගොඩක් අය සුබපැතුවා.* සුරලි සංගීත ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න ද බලාපොරොත්තුව?ඔව්. මගේ බලාපොරොත්තුව සංගීත ක්ෂේත්රයෙන් සාර්ථකව ඉදිරියට යන්න තමයි. මම ඇමරිකාවේ යූ. සි. බර්කලි විශ්ව විද්‍යාලයෙන් දර්ශන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තා. පසුව ව්‍යපාර සංවර්ධන නිලධාරිනියක ලෙස අවුරුදු පහක් සේවය කළා. සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට ආරාධනා ලැබුණාම මම රැකියාවෙන් පවා ඉවත් වුණේ සංගීත ක්ෂේත්රයට තියෙන ඇල්ම නිසාමයි. මේ වන විට තවත් චිත්‍රපටයක පසුබිම් ගායනයට ආරාධනා ලැබිලා තියෙනවා.* පවුලේ විස්තරත් කියමු?තාත්තා සුනිල් ප්‍රනාන්දු. අම්මා රොහිණී ප්‍රනාන්දු. පවුලේ එකම ළමයා මම. සංගීත ක්ෂේත්රයට යොමුවිම ගැන ගෙදරින් කිසිම බලපෑමක් කළේ නැහැ. මගේ දක්ෂතා ඔස්සේ ඉදිරියට යන නිදහස මට හැමදාම තිබුණා. ඒ නිදහස වගකීමක් කරගෙන මම මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන ගියා. නෙට්බෝල්, බාස්කට්බෝල්, මලල ක්‍රීඩාවලටත් සහභාගි වුණා. නමුත් කුඩා කාලයේ පටන්ම සංගීතයට ලොකු ලැදියාවක් තිබුණා. ඒ නිසාම වෙන්න ඇති මේ ගමනට ගෙදරින් මට පූර්ණ සහයෝගය ලැබුණේ.* ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් සටහනක් තියමු නේද?සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ‘ඈත සසර’ ගීතය රචනා කළේ රඹුකන සිද්ධාර්ථ හමුදුරුවෝ. උන්වහන්සේගේ රචනා ශෛලිය මම ප්‍රිය කරනවා. ඒ නිසා උන්වහන්සේ රචනා කළ ගීතයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුª වෙනවා. ඒ සඳහා කටයුතු දැන් සම්පාදනය වෙමිනුයි තිියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනෑ බොළඳ ආදර ගී වලට නම් මම කැමැති නැහැ. වසර ගණනාවක් පුරා රසික හිත් තුළ රැෙඳන ගීතයක් කරන්න තමයි මට ඕනෑ.මීට අමතරව මේ වන විටත් මගේ ඉංග්‍රීසි ගීත දෙකක් නිර්මාණය කරලා අවසන්. බොලිවුඩයේ ජනප්‍රිය සංගීත අධ්යක්ෂවරයෙක් වන ක්‍රිෂ්ණා තමයි එහි සංගීත අධ්‍යක්ෂණය කළේ. පසුගිය දිනවල ලංකාවේදී ඒ සඳහා විෂුවල් කළා. පළමු ගීතය ‘ආයුබෝවන් නමස්තේ’ ලබන දෙසැම්බර් මාසයේදීත් දෙවැනි ගීතය ධ්බ’ඵ දධබ ඹ්ධමඥ ගීතය ලබන වසර ආරම්භයේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.යතේජා ඥානරත්න
|
CREATIVE
|
2014 රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් ද පැවැත්විණි.හොඳම නළුවා ( දිගු නාට්‍යය) -ශ්‍යාම් ප්‍රනාන්දු - ආදර වස්තුවහොඳම නිළිය (දිගු නාට්‍යය) - ගයනි ගිසන්තිකා - චේ ගුවේරාසහය නළුවා (දිගු නාට්‍යය) – සරත් කරුණාරත්න - මකරටසහය නිළිය (දිගු නාට්‍යය) – රොනිකා චාමලී – හුණුවටයේ කතාවඅධ්යක්ෂණය සහ නිෂ්පාදනය - අධ්යක්ෂ පරාක්‍රම නිරිඇල්ල - හුණුවටයේ කතාවරංගාලෝකය - චන්දන අලුත්ගමගේ – මකරටරංග වස්ත්‍ර නිර්මාණය - සුවිනීතා පෙරේරා – මකරටපසුතල නිර්මාණය - ප්‍රදීප් චන්ද්‍රසිරි – මකරටස්වීය රචනය –රාජිත දිසානායක - ආදර වස්තුවඅංග රචනය - ප්‍රේම ජයන්ත කපුගේ– මකරටවේදිකා පරිපාලනය – අඛිල, අරෝෂා, යශෝ - හුණුවටයේ කතාවසංගීත නිර්මාණය - ළහිරු මාඩිවිල – මකරටරංග වින්‍යාසය - රොනිකා චාමලී – හුණුවටයේ කතාවනළුවා (කෙටි නාට්‍යය) - තුසිත ලක්නාත් – අජරාමරනිළිය (කෙටි නාට්‍යය) - ලංකා බණ්ඩාරනායක – අතිකාලකෙටි නාට්‍ය නිෂ්පාදනය - කෝරළගේ සමන් – අජරාමරරංගාලෝකය - රංග සමරකෝන් – අජරාමරරංග වස්ත්‍ර නිර්මාණය - තිලක්ෂනී රත්නායක – අජරාමරපසුතල නිර්මාණය -මහේෂ් තාබෲ – අජරාමරඅංග රචනය - ප්‍රේම ජයන්ත කපුගේ - සුදම්මාවතීවේදිකා පරිපාලනය - ඒ. එම්. ආර්. එම්. ගුණවර්ධන – මං බහින් නෑරංග වින්‍යාශය - ආලෝක සම්පත් සහ සමන් චන්දන – සේසතයි කුමරියයිජූරියේ විශේෂ සම්මානය (දිගු නාට්‍යය) – මකරට නාට්‍යය අධ්‍යක්ෂණය කළ චාමික හත්ලහවත්ත යන නාට්‍යකරුවෝ මෙවර රාජ්‍ය නාට්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.- තිලානි
|
CREATIVE
|
මෙරට දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන මීගමු දූවේ පාස්කු නාට්‍ය මෙවරත් උත්කර්ශවත් අයුරින් හෙට (18) මධ්‍යහ්න 12.30ට මීගමු දූවේ දී නොමිලයේ රඟදැක්වීමට කටයුතු යොදා ඇත. අද අපි සමගින් මේ ගැන කතා කරන්නට සම්බන්ධ වෙන්නේ මෙවර පාස්කු නාට්‍යයේ සම අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන සෞන්දර්ය හා කැළණිය විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ක්ලෙමන්ට් ප්‍රනාන්දු සමගින් රාජ් ලිවේරා.ප්‍රථමයෙන් දූවේ පාස්කු ඉතිහාසය ගැන කතා කරන්න එක් වූයේ නාට්‍ය සම අධ්යක්ෂ ක්ලෙමන්ට් ප්‍රනාන්දු.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පැවසූ පරිදි මීගමු දූවේ පාස්කු නාට්‍ය ඉතිහාසය වසර හාරසියයකටත් වඩා පැරැණි යි. මුලින්ම පාස්කු නාට්‍ය රඟ දැක්වූයේ සුරුවම් මඟින්. 1930 ගණන්වල සිට ජීවමාන චරිත යොදා ගනිමින් පාස්කු නාට්‍ය ඉදිරිපත් කිරීම ආරම්භ කළේ. එසේ වුවත් ක්‍රිස්තු චරිතයට රංගන ශිල්පියෙක් යොදා ගත්තේ හැටේ දශකයේදී යි.මෙරට පාස්කු නාට්‍යයේ පියා ලෙස සැළකෙන්නේ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා යි. එතුමා ගෝවේ සිට දූවට පැමිණ දූවේ ජනතාවට පාස්කු නාට්‍ය පුරුදු පුහුණු කළා. දූව කියන්නේ මුහුදෙන් වටවූ අලංකාර දූපතක්. වර්තමානයේ පාස්කු නාට්‍ය පිටපත ගෙන ආවේ ගරු මර්සලීනු ජයකොඩි පියතුමා විසිනි.මම දූවේ පාස්කුවට සම්බන්ධ වූණේ වයස අවුරුදු නවයේදී යි. 1975 වසරේ සිට නාට්‍යයේ අධ්යක්ෂ විදියට කටයුතු කරනවා. ඒ අනුව යම් යම් වෙනස්කම් කරමින් එය තවත් අලංකාර කිරීමටත් මම එහිදී කටයුතු කළා. 1975 වසරේදී මම විසින් රංග භූමි ගීතය දූවේ පාස්කු නාට්‍යයට අලුතින් එකතු කළා. පසුගිය වසර ගණනාවක සිට මට මෙහිදී රාජ්ගෙන් ලැබෙන සහායත් සඳහන් කළ යුතුයි. ඒ වගේම දූවේ පාස්කු නාට්‍ය රැක ගනිමින් වර්තමානය දක්වා ගෙන එන්නට කැප වූ සියලුම දෙනාමත් මේ අවස්ථාවේ කෘතඥ පූර්වකව සිහිපත් කර සිටිනවා.මෙවර මීගමු දූවේ පාස්කු නාට්‍යයේ සම අධ්‍යක්ෂවරයෙකු ලෙසින් කටයුතු කරන රාජ් ප්‍රනාන්දු සිය අදහස් දැක්වූයේ මේ අයුරින්.ලෝකයේ කිතුණු ඇදහිල්ලේ වැදගත්ම අවස්ථාව පාස්කුවයි. ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය ගැන කියවෙන පාස්කු නාට්‍ය කිතුණු බැතිමතුන්ට සුවිශේෂ වෙන්නේ ඒ නිසයි. මම 1967 වසරේ සිට දූවේ පාස්කු නාට්‍ය සමග සම්බන්ධ වෙනවා.මුලින්ම ක්ලෝඩියා නම් කාන්තා චරිතය රඟදැක්වූවේ. 1958 වසරේදී ක්‍රිස්තු චරිතය රඟ දැක්වූවා. ඊට පසුව තවත් වරෙක ක්‍රිස්තු චරිතයට පණ පෙවීමේ අවස්ථාව මට හිමි වුණා. අනතුරුව දූවේ පාස්කු නාට්‍යයට සහාය අධ්‍යෂණයෙන් දායක වෙන්නත් මට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක්. 2001 වසරේ සිට මම සම අධ්‍යක්ෂණයෙන් දායකත්වය සපයනවා.දූවේ පාස්කු නාට්‍ය රඟ දැක්වෙන්නේ දැවැන්ත රංග මණ්ඩපයකයි. මෙහි ප්‍රේක්ෂකයන් ගොඩබිම වගේම මුහුදේ බෝට්ටුවල සිට පවා නරඹනවා. එයත් ඉතාම අලංකාර දර්ශනයක්. මෙවර මීගමු දූවේ පාස්කු නාට්‍යයට රංගන ශිල්පීන් ශිල්පිනියන් තුන්සියයකට අධික පිරිසක් දායක වෙන්න නියමිතයි.එහිදී දුලාජ් පිංතු ක්‍රිස්තු චරිතයත් සමන්ත පෙරේරා පිලාත්ගේ චරිතයත් මිල්රෝයි ප්‍රනාන්දු පේදුරුගේ චරිතයත් තේජාන් ප්‍රනාන්දු ජුදාස්ගේ චරිතයත් ජෝෂප් මාර්ටින් ප්‍රනාන්දු කයිපාස්ගේ චරිතයත් දිලුක්ෂ ප්‍රනාන්දු අන්නාස්ගේ චරිතයක් නිරූපණයට සූදානම්. ඉතාමත් දර්ශනීය අයුරින් රඟ දැක්වෙන මෙවර දූවේ පාස්කු නාට්‍ය නරඹන්නට සරසවිය පාඨක ඔබටත් අපි ආරාධනා කර සිටිනවා.යතේජා ඥානරත්නඡායාරූප – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ජෙනිෆර් ලෝපේස්හට පසුගියදා අනතුරකට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ ඇය සිය හොඳම මිතුරිය වූ ලියා රේමින් සහ සිය දරු දෙදෙනා සමග ගමන් ගනිමින් සිටියදයි මේ අනතුරට මුහුණ දී තියෙන්නේ.වේගයෙන් පැමිණි පික්අප් රථයක් ජෙනිෆර් ගමන් ගත් වාහනයේ වැදි නොනවත්වා ධාවනය කර ඇති අතර මේ අනතුරෙන් ජෙනිෆර් ඇතුළු වාහනයේ ගමන් ගත් කිසිවෙකුහටත් තුවාල සිදු වෙලා නැහැ.ඇය ඒ අවස්ථාවේදීම ආරක්ෂක අංශ දැනුවත් කර ඇතත් පික්අප් රථය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නම් හැකි වෙලා නැහැ.
|
CREATIVE
|
අනගාරික ධර්මපාලතුමන්ගේ එකසිය පණස් වැනි ජන්ම සංවත්සරය නිමිති කර ගනිමින් සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමා සිතුවම සැප්තැම්බර් මස 12 වැනිදා සිට එම්පීඅයි සහ එල්එෆ්ඩී මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිතය.එහි පාසල් දර්ශන පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇති අතර ආරම්භක දිනයේ සිටම පාසල් දර්ශන පැවැත්වීමට අදහස් කරගෙන සිටින බව එහි අධ්යක්ෂවරයා ‘සරසවිය’ට දන්වා සිටියි.-ප්‍රසාද්
|
CREATIVE
|
ඒ කාලයේ ගුවන් විදුලියේ නිවේදන කටයුතු කිරීමේදී සාමාන්‍ය සම්ප්රදාය වුණේ ටයිප් කර තිබෙන වචන පමණක් නිවේදනය කිරීමයි.දවසක් මා ඔබ කැමැති ගී වැඩසටහන මෙහෙයවමින් සිටියා. ගීතයේ නම, ගායනා කරන පුද්ගලයාගේ නම ගීතයට අදාළව කිව යුතු දේ සියල්ලම ටයිප් කළ කොලයක සටහන් කොට මගේ අතට පත් වුණා. ඒ සියලු දේ නිවේදනය කරලා ගීතය වාදනය කළා. මා . . .ලා, මා . . .ලා කියලා ගීතය අවසන් වෙනකං වාදනය වුණා. කීප සැරයක් තැටිය දැම්මත් මා . . .ලා කියනවා විතරයි. ගීතය නවතිනවා. තනියම මටත් හිනා ගියා. කළ යුතුª දෙයක් නැති තැන මම මගේ භාෂාවෙන් ශ්‍රාවකයන් අමතමින් ගී තැටියේ අනෙක් පැත්ත මාරු කිරීමට කාර්මික ශිල්පියාට උපදෙස් දුන්නා. එහෙම තැටිය මාරු කළාට පස්සේ හරි අපූරුවට මුල සිටම ගීතය වාදනය වුණා.මේ වැඩ සටහන නිමා වෙනවාත් සමඟම මට එච්. එම්. ගුණසේකර මහතාගෙන් පණිවිඩයක් ලැබුණා. මා ඔහු හමුවට ගියා. මා හිතුවේ බැනුම් අහන්නට වෙයි කියලයි. අවස්ථාව අනුව වචන හැසිරවීම ගැන එතුමන් මට ප්‍රශංසා කළා. ඊට පස්සේ අනෙක් නිවේදකයන්ටත් අවස්ථාව අනුව වචන හැසිරවීමට අවසර ලැබුණා.ඔන්න මට තවත් දවසක ප්රවෘත්ති කියමින් ඉන්න කොට හදිසියේම ගුවන් විදුලියේ ප්රවෘත්ති මැදිරියේ කාර්මික දෝෂයක් ඇති වුණා. පසුව මා හනික ප්රවෘත්ති කීම සඳහා සාමාන්‍ය මැදිරියකට ගියා. එතන ප්රවෘත්ති කියන තැනකුත් නෙමේ. කාටවත් එතැන ප්රවෘත්ති කියනවද කියලවත් හිතන්න බෑ. ඔහොම සජීවීව ප්රවෘත්ති ඉදිරිපත් කරමින් සිටින විට එවක ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඇග්නස් තිසේරා එතැනට කොහේ දෝ සිට දුවගෙන ආවා.ඊළඟට කිසිම ඇහිල්ලකින් තොරව ‘අනේ ඇල්ෆ්‍රඩ් මම ඔයාව හැම තැනම හොය හොයා හිටියේ. ඔයා ඔතන මුල්ලේ මොනවද අනේ කරන්නේ’ කියලා මහ හයියෙන් මගෙන් ඇහැව්වා. මොන දෙයියන්ට කියන්නද? ඇග්නස්ගේ වචන සෙට් එකත් විකාශය වුණා. මට ප්රවෘත්ති කියනවට වඩා දෙලෝ රත් වුණේ ඇග්නස්ගේ කතාව මුළු රටටම ඇහුන නිසා. ඒ දවස්වල මම විවාහ වෙලා හිටියේ නැති නිසා ප්‍රශ්නයක් වුණේ නැතත් මම විවාහ වෙලා හිටිය නම් මට විඳින්න වෙන ප්‍රශ්න වැල කොච්චර ද කියලා මට හිතුණා. කෙසේ හෝ මම මේ සිදුවීම පිළිබඳ ශ්රාවකයාව දැනුවත් කර ඒ සැමගෙන් සමාව ඉල්ලා සිටියා.විනෝද සමය නිවේදනය කරමින්ගුවන් විදුලියේ ප්රවෘත්ති නිවේදන තනතුරේ වැඩ කරන කාලයේ බොහෝ විට කරුණාරත්න අබේසේකරත් මමත් රාත්‍රී ප්රවෘත්ති නිවේදන කටයුතු සිදු කළා. නතර වීමට අපට වෙනම කාමරයක් ද තිබුණා. එක දවසක් මම මගේ කාමරයේ තිබුණ කොට්ටයක් බඩේ බැඳගෙන ඇඳේ තිබුණ ඇතිරිලි ටික හොඳට පොරව ගත්තා. දැන් මම බබෙක් ලැබෙන්න ඉන්න ගැහැනියක් වගේ හෙමින් හෙමින් අමාරුවෙන් අපේ කට්ටිය ඉන්න තැනට ගිහින් ‘මහත්තයෝ කාසල් එක කොහෙද තියෙන්නේ’ කියලා ගැහැනු කට හඬකින් ඇහුවා.ඇන්ඩ් කොම්පැණි ටෙලි නාට්‍යයේ ජෝතිරත්නට රඟන ඇල්ෆ්රඩ්එක පාරට කට්ටියට හඳුන ගන්න බැරි වුණත් පසුව කොහොම හරි මාව හඳුනාගෙන යකෝ මේ ඇල්පියානේ (එදා කවුරුත් මගේ හිතවතුන් මට කතා කලේ ඔය නමින්) කියලා මගේ ඇඳුම් සියල්ලම බලෙන්ම ගැලෙව්වා. දැන් මට කරගන්න දෙයක් නෑ. හෙමිහිට මගේ කාමරයට පැන ගත්තා. පහුවදා උදේ ප්රවෘත්ති කියන්නත් තිබුණේ මට. දැන් ඉතිං මට ප්රවෘත්ති මැදිරියට යන්න විදියක් නෑ. ඇඳුම් නැතුව කොහොම හරි එදා රෑ එළිවෙනකන් මම ඇඳ රෙදිත් නැතිව මදුරුවො තල තලා නිදා ගත්තා. හරි හමන් නින්දකුත් නෑ. කොහොම හරි මම අසරණ වෙලා ඉන්න කොට පහුවෙනිදා උදේ යාළුවෝ ටික එදා උදේ ප්රවෘත්ති කියන්න තියනවා කියලා දැනගෙන ඇදුම් ටික එව්වේ ගෑනු ළමයෙක් අතේ.චන්දන දයාසිරිවර්ධනඡායාරූප - ශාන් රඹුක්වැල්ල
|
CREATIVE
|
අද ප්‍රශ්න පත්තරේට පිළිතුරු සැපයුවේ යොවුන් පරපුර නියෝජනය කරන දක්ෂ රංගන තරු යුවළක්.සාරංග දිසාසේකර සහ සුබුද්ධි ලක්මාලි.
|
CREATIVE
|
ජනක චමින්දගේ ‘නෙතු අද්දර’ කියන ටෙලි නාට්‍යයේ අත්තම්මගේ චරිතය මම රඟපානවා. ගිරිරාජ්ගේ ‘එතුමා’ චිත්‍රපටයෙත් වැඩ කටයතු අවසන් වුණා. ‘සඳගල ගාව’ රූගත කිරීම් මේ දවස්වල නතර කළත් ඉදිරියේ යළි ආරම්භ වේවි. සුපුරුදු විදියට ‘කෝපි කඩේ’ දිගටම රඟපානවා.
|
CREATIVE
|
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දෙටු පුත් අඛිල ධනුද්ධර දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් චිත්‍රපටයෙන් අතිශය ජනාදරයට පත් ඔහු දැන් නිවේදන කටයුතු සඳහාත් දායකත්වය ලබා දෙනවා.ඒ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනෙන්. කවදාවත් නිවේදකයෙක් වෙන්න නොහිතපු තමා දවසින් දවස අලුත් වන ජීවිතයේ අලුත් දේ ඉගෙන ගනිමින් ඉදිරියට යන පියවරක් විදියට මේ නිවේදන කටයුත්ත භාර ගත්තා කියලයි අඛිල සරසවියට කිව්වේ.අඛිල ගැන තියෙන අලුත්ම ආරංචිය තමයි ඔහු සිය දෙවැනි සිනමා නිර්මාණය සඳහා සූදානම් වෙන එක. චිත්‍රපටයේ නම ‘ඇඩ්රස් නෑ’. අධ්‍යක්ෂණය කරන්නේ ජැක්සන් ඇන්තනී. වෙනස්ම තාලෙක චිත්‍රපටයක් වන මෙහි අඛිල තරුණයෙකුගේ චරිතයක් තමයි නිරූපණය කරන්න නියමිත.ලබන නොවැම්බර් මාසයේදී එහි රූගත කිරීම් ආරම්භ කෙරෙන බවත් අඛිල සඳහන් කළා. ඊට අමතරව තවත් චිත්‍රපට රාශියක් සඳහාත් ආරාධනා ලැබුණත් ඒ හැම එකක්ම භාර ගන්න නම් අඛිල තීරණය කරලා නැහැ.කොහොම උනත් අනාගතයේ සාර්ථක ව්‍යාපාරිකයකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණැතිව අධ්‍යයන කටයුතුවලත් නිරත වන අතර තමයි මේ හැම දේම සිදු කෙරෙන්නේ කියලා අඛිල සරසවියට කිව්වේ බොහොම නිහතමානි ලෙසයි.
|
CREATIVE
|
රන් කෙවිට 1 සහ රන් කෙවිට 2 (ගොපළුගේ වික්‍රම) යන චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූ හෙයින් රන් කෙවිට චිත්‍රපටයේ තුන්වැනි කොටස නිර්මාණය කිරීමට මිලේනියම් එන්ටර්ටේන්මන්ට් චිත්‍රපට සමාගම බලාපොරොත්තු වේ. මෙම චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරනු ලබන්නේ උදයකාන්ත වර්ණසූරිය විසිනි.රන් කෙවිට තෙවැන්න නිර්මාණය කිරීම සඳහා ඊට සුදුසු කතාවක් රචනා කිරීමට රන් කෙවිට ප්‍රේක්ෂකයකුටම අවස්ථාව ලබා දීමට නිෂ්පාදන ආයතනය බලාපොරොත්තු වේ.තෝරා ගත් විස්මිත ආකර්ශනීය හොඳම කතාවට රුපියල් ලක්ෂයක මුදලක් නිෂ්පාදන සමාගමෙන් පිරිනැමේ. මෙම පිටපත් මිලේනියම් එන්ටර්ටේන්මන්ට් චිත්‍රපට සමාගම අංක 160/29, පූර්වාරාම පාර, කිරුළපන, කොළඹ 05 යන ලිපිනයට එවිය යුතුය.- ප්‍රසාද්
|
CREATIVE
|
පාඨක ඔබට සැම විටම අලුත් අත්දැකීමක් ගෙන එන සරසවිය මෙවර අලුත්ම තරගය හඳුන්වා දෙයි. මෙවර විශේෂත්වය නම් එයට පුවත්පත් මෙන්ම අන්තර් ජාලය ඔස්සේ ද එයට හවුල් වන්නට ඇති හැකියාවයි. ඔබ කළ යුත්තේ මේ සමඟ පල කරන ඡායාරූපයට රසවත් දෙබසක් ලියා අපට එවීමයි. නැතහොත් www.sarasaviya.lk වෙබ් අඩවියට එක් කිරීමයි.තැපැල්පත් මඟින් හෝ වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ඔබේ දෙබස ඊළඟ සතියේ බදාදා එනම් ජූනි 12 වැනිදාට පෙර ‘කියන්නේ මොනවාද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.හොඳම දෙබසට ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන ආදරණීය කතාවක් චිත්‍රපටයේ අනුග්‍රහයෙන් සතිපතා රු: පන්සියයක තෑගි වව්චරයකි.මෙවර ඡායාරූපයේ අනුව රවීන්ද්‍ර රන්දෙනිය දීපිකා පි‍්‍රයදර්ශනීට කියන්නේ මොනවාද ?
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.‘මෙන් ඉන් බ්ලැක් 3’ මෙන් ඉන් බ්ලැක් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයයි. විනෝදාත්මක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය බැරී සෝනිෆීල්ඩ් විසිනි. ලෝවෙල් කනින්ග්හ්ම්ගේ ද මෙන් ඉන් බ්ලැක් හාස්‍යමය කෘති පෙළ ඇසුරින් මෙම චිත්‍රපට නිර්මාණය කර ඇත. විල් ස්මිත්, ටොම් ලී ජොන්ස්, ජෝෂ් බ්රෝලින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.‘ප්රෑන්කන්විනි’ ත්‍රිමාණ කළු - සුදු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි. කුඩා ළමයකු වටා ගෙතුණ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ටිටි බර්ටන් විසිනි. චාර්ලි තාන්, ෆ්රෑන්ක් වේල්කර්, වියෝනා රේඩර් ඇතුළු පිරිසක් මේ සඳහා හඬ දායකත්වය ලබා දෙති.‘හොටෙල් ට්‍රැන්සිල්වේනියා’ ඩ්රැකියුලා පිළිබඳ කතා පුවතක් අඩංගු පරිගණක සජීවිකරණ විනෝදාත්මක චිත්‍රපටයකි. ජෙන්ඩි ටාර්ටාකොව්ස්කිගේ අධ්‍යක්ෂණයක් වන හොටෙල් ට්‍රැන්සිල්වේනියා හි ඇඩම් සැන්ඩ්ලර්, සෙලීනා හෝම්ස්, ඇන්ඩ් සම්බර්ග්, කෙවින් ජේමිස්, ෆ්රාන් ඩ්රෙස්චර්, මෝලි ඇනෝස් සහ ඩේවිඩ් ස්පෙඩ් හඬ දායකත්වය ලබා දෙති.අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයක් වන ‘බාෆි’ විනෝදාත්මක හින්දි චිත්‍රපටයකි. ගොළු - බිහිරි පිරිමි තරුණයකු සහ තරුණියන් දෙදෙනකු වටා ගෙතුන අපූරු කතාවක් බාෆි හි ඇතුළත්වේ. රන්බීර් කපූර්, ප්‍රියන්කා චොප්රා සහ එලිනා ඩිකෲස් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. පසුගිය සැප්තැම්බර් 14 වැනිදා තිරගත වීම ආරම්භ කළ බාෆි 85 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපට නාමාවලිය සඳහා නිර්දේශ වී ඇත.‘ඔහ් මයි ගෝඩ්’බොලිවුඩ් සිනමාවේ බිහිවුණ නවතම උපහාසාත්මක විකට චිත්‍රපටයකි. හින්දු ප්‍රතිමා අලෙවි සලක් පවත්වාගෙන යන වෙළෙන්දකු වටා මෙහි කතාව ගෙතී ඇත. උමේෂ් ෂුක්ලා අධ්‍යක්ෂණය කරන ඔහ් මයි ගෝඩ් හි ආක්ෂේ කුමාර්, පාරේෂ් රාවල්, ලුබ්නා සලීම්, මිථුන් චක්‍රබෝර්ති, පූනම් ජාවර්, මහේෂ් මන්ජේකර් ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබා දෙති. තවද ප්‍රභූ දේවා සහ ශෝනක්ෂි සින්හා මෙහි විශේෂ ගීතමය ජවනිකාවක් සඳහා පෙනී සිටීති‘ටේකන් 2’ සිත් කම්පා කරවන සිදුවීමක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි. මේ දිනවල තිරගත වන ටේකන් 2 අධ්‍යක්ෂණය ඔලිවර් මෙගෑටෝන් විසිනි. ලියමි නීසන්, මැගේ ග්‍රේස්, ෆාමිකේ ජෙන්සන් ඇතුළු පිරිසක් මෙහි චරිත සඳහා පණ පොවති.යතේජා ඥානරත්න
|
CREATIVE
|
පසුගිය දවස් කිහිපයක්ම අසනීප තත්ත්වයෙන් සිටි නිසා කලා කටයුතුවලට ලොකු දායකත්වයක් ලබා දුන්නේ නැහැ. මම රංගනයෙන් දායක වූ චිත්‍රපට හා ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී ඔබට දැකගන්නට ලැබේවි. ඒ වගේම මේ මාසයේ අග භාගයේදී තව අලුත් චිත්‍රපටයකට දායක වෙන්න සූදානම්.
|
CREATIVE
|
මගේ අලුත්ම චිත්‍රපටය වන ‘සිහින ලොවක් සොයා’ නිර්මාණයේ සියලු කටයුතු අවසානයි. එහි පූර්ව ප්රචාරක කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අන්තර්ජාලයට එහි තොරතුරු ඇතුළත් කළා. ‘සිහින ලොවක් සොයා’ කියන්නේ පවුලේ ආදර්ශවත් කතාවක්. ඒත් සමඟම ඊළඟ චිත්‍රපටයටත් අපි සූදානම් වෙනවා.ඒ චිත්‍රපටය නම් විකට චිත්‍රපටයක් වේවි. දෙසැම්බර් මාසයේ එහි මුහුරත් උළෙල පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන අතරතුර මගේ සිනමා ගමනට වසර පනස් එකක්.ඒ අතර මගේ උපන් දිනයත් ඇවිල්ලා. ඒ සඳහා උත්සව ගන්නවා වෙනුවට මා කරන්නේ පන්සලකට ගොස් අටපිරිකර පූජා කරලා දානයක් දීමයි. ඒ වගේම දුප්පත් පවුල් කිහිපයක් තෝරා ගෙන ඒ අයට වියළි ආහාර මල්ලක් ලබා දෙන්නත් මා සූදානම්.
|
CREATIVE
|
මේ යුගයේ අතිශය ජනප්‍රිය ටෙලි සිතුවම් කිහිපයක තේමා ගීතයන්හි පදමාලා අප ඔබට මෙසේ ගෙන එන්නෙමු. අප එලෙස සිතුවේ එම ටෙලි නාට්‍යයන් තරමටම ඇතැම්විට ඒවාටත් වඩා ඒවාහි තේමා ගීය පේ්රක්ෂකයන් ආදරයෙන් වැලඳගෙන ඇති නිසාය.කියවා බලන්න, ඔබ ප්‍රියකරන ටෙලි නාට්‍යයෙහි ගීතය අනිවාර්යයෙන්ම මෙතන සනිටුහන් වී තිබෙන්නට පුළුවන.සැකසුම – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
ලයිලා ඛාන්, වඩාත් මතකයේ රැෙඳන චරිත යක් වුයේ, 2008 වසරේදී ‘වෆා - අ ඩෙඩ්ලි ලව් ස්ටෝරි’ සිනමාපටය තිරගත වීමෙන් පසුවය. ඇය රැඟුවේ හැට පැන්න සුපිරි නළු රාජේශ් ඛන්නාගේ බිරිය ලෙසයි. ඒ වන විට ලයිලා වයස විස්සක සරාගී සුරූපිනියකි.රාජේශ් ඛන්නාගේ සිනමා ජීවිතයේ දිගු නිහැඬියාව බිඳ දැමූ ‘වෆා’ සෑම අතින්ම අසාර්ථක විය. ඒ සමඟම ‘බීනා’ ලෙසින් රැඟූ ලයිලාගේ තරු සිහිනය ද උපන් තැනම මිය ගියේය. එහෙත් සිනමාපටයේ අධ්යක්ෂ රාකේශ් සාවන්ත්, ලයිලාගේ සිතෙහි කලාමැදිරි එළියක තරම් බලාපොරොත්තුවක් දැල්වූයේ තවත් සිනමාපට දෙකකට ඇය සමඟ ගිවිසුමකට අත්සන් තැබූ නිසයි. ලයිලා යනු ඇයට සිනමාවේදී ලැබුණු නමයි. උප්පැන්න සහතිකයේ ඇති නම රෙෂ්මා පටෙල්ය.ලයිලා ඊළඟට ජීවිතයේ ජය පැතුවේ විවාහයෙනි. එහෙත් එය ද වෆා සිනමාපටයේ මෙන්ම මාරාන්තික ආදර කතාවක් වී තිබේ. ඇය විවාහ වූයේ මුනීර් ඛාන් සමඟයි. ඔහු බංග්ලා දේශයේ හර්කත් – අල් - ජිහාඩ් – අල් - ඉස්ලාම් කණ්ඩායමක සාමාජිකයකි. ඔහු නිසා ඇය ද ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකාවක වූවාය.විසෙන් විස නැසෙනවාක් මෙන් ත්‍රස්තවාදය, ත්රස්තවාදයෙන්ම මිය ගොස් ඇති සේය. 2011 ජනවාරි මාසයේ රාත්‍රියකදී ලයිලා මව සෙලීනා, වැඩිමල් සොයුරිය හෂ්මිනා, නිවුන් සොයුරා සහ සොහොයුරිය වන ඉම්රාන්, සාරා සහ ඥාති සොයුරිය වන රෙෂ්මා සමඟ නිවාඩුවක් ගත කිරීමට ඉගත්පූරි නිවෙසට ගොස් තිබේ. මාසයකට පසු ලයිලාගේ මව, සිය සොයුරිය අල්බානාට පවසා තිබෙන්නේ තම තෙවැනි සැමියා පර්විස් ඉක්බාල් සමඟ දියණිය ලයිලා චන්දිගාර්වල සිටින බවයි.මේ කතාබහෙන් පසු ලයිලා ඇතුළු ඉහත නම් සඳහන් කළ මව ඇතුළු සියලු සාමාජික සාමාජිකාවන් අතුරුදන් වී ඇත්තේ කිසිවකු ගැන දූවිල්ලක තරම්වත් සාක්ෂියක් ඉතිරි නොකරමිනි. දියණිය ලයිලා ගැන කිසිදු ආරංචියක් නැති තැන, බාප්පා (මවගේ තෙවැනි සැමියා), ඉක්බාල් මූම්බායි පොලිසියට පැමිණිලිකර තිබේ. ඔහු, ලයිලා පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනකු සමඟ අතුරුදන් වී ඇති බව පොලිසියට කියා තිබේ. එම පැමිණිල්ලම චිත්‍රපට අධ්යක්ෂ රාකේශ් සාවන්ත් විසින් ද කර ඇත. රාකේශ් මේ දිනවල ඔහුගේ දෙවැනි සිනමාපටය ‘ජින්නත්’ රූගත කරමින් සිටින්නේය. ලයිලා එහි ප්‍රධාන නිළියකි. ඔහු නිතර ලයිලාට දුරකතනයෙන් අමතන්න උත්සාහ කළ ද පිළිතුරක් ලැබී නැත.ලයිලාගේ සුළු පියා පර්විස් ඉක්බාල් ද ලෂ්කර් – ජී – කලීබා ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයකි. ඔහු මේ අතුරුදන්වීම පිටුපස සිටිනවා ද යන සැකය දැන් පොලිසියට මතු වී තිබේ. ඒ වාගේම ඇයගේ පියා, නදීර් ෂා පටෙල් ද මේ සිදුවීමට සැක කරන තවත් අයකි. දියණියගේ අතුරුදන් වීම ගැන ඔහු ද පැමිණිලි කළ අතර, තමන්ට එල්ල කරන චෝදනාව ඔහු මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.ලැබෙන වාර්තාවන්ට අනුව මහාරාෂ්ත්රයේ ත්‍රස්ත විරෝධී ඒකකය, ලයිලා හා පකිස්තානු රහස් පරීක්ෂක ඒජන්සිය අතර සබඳතාවක් තිබුණු බවට සැක කරයි. ලයිලා පාකිස්තානයේ උපන්නියකි. ත්‍රස්තවාදී ක්‍රියා ගණනාවක් පිටුපස ලයිලාගේ නම තිබෙන බව දැන් පොලිසියට රහසක් නොවෙයි. එහෙත් මේ සියල්ලම අනාවරණයකර ගැනීමට ලයිලා ඇතුළු ප්‍රබල ජීව සාක්ෂි බොහොමයක් දැන් නැත. ඔවුන් අවසන් ගමන් ගොස් හමාරය. 2011 දී මහාරාෂ්ත්රයේදී මිනිසුන් කණ්ඩායමක් කළ වෙඩි තැබීමකින් ලයිලා ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය වී තිබේ. පර්විස් උත්සාහ දරන්නේ ඔවුන්ගේ මිනී සොයා ගැනීමටයි. තවමත් සමූහ මිනිස් ඝාතනය, පොලිසියට ලිහා ගත නොහැකි පඹ ගාලකි.පොලිසියට ලයිලා හා ඇයගේ පවුලේ අය සතුව තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රන් අබරන, දියමන්ති, මුදල් හමු වී තිබේ. ඇයගේ පියා නදීර් නම් පවසන්නේ දේපළ තණ්හාවට සුළු පියා විසින් ඇය මරා දමන්නට ඇතැයි කියායි. නදීර් මිලියනපතියකි.කෙසේ වුවත් මේ බොලිවුඩයේ මල් අකාලයේ මිලින වන කාලයකි. මුලින්ම මීනක්ෂි තාපාය. දෙවැනුව තාරුණී සච්දේව්ය. දැන් ලයිලා ඛාන්ය.සිනමාවට නැඟීමට සත්‍ය කතා සොයන්නන්ට ලයිලාගේ කතාව රස ගුලාවකි. ඒ ලයිලාගේ ජීවිත කතාව ද සරාගී බව, කුතුහලය, ත්‍රාසය නොඅඩුව දනවන්නක් නිසයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේ දවස කවදාවත් උදා වෙන එකක් නැහැ කියලයි. ඒ දවස පසුගියදා උදා වුණා. ඒ වැනීසියේදි යි. සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනිගේ විවාහය තමයි මේ විදියට හැමෝම පුදුමයට පත් කළේ.මේ වනවිට 53 වැනි වියේ පසුවන මේ සුපිරි තරුවගේ ප්‍රථම විවාහය සිදු වුණේ 1989 වසරේදීයි. ඒ තාගියා බැල්සම් සමගින්. 1993 වසරේදී ඒ විවාහයට සමුදුන් ක්ලූනි යළි විවාහයක් ගැන සිතුවේ එයින් වසර 21ට පසුව වීම කාගේත් පුදුමයට පත් වුණා. හැමෝම හිතාගෙන හිටියේ ඔහු යළිත් විවාහ නොවනු ඇති බවටයි.ඒ වුණත් මේ වසර විසිඑක පුරාවටම ජෝර්ජ් ක්ලූනිගේ නම සමඟ සුපිරි හොලිවුඩ් රංගන ශිල්පිනියන් සහ නිරූපන ශිල්පිනියන් රැසකගේ නම් ඈඳි තිබුණා. ඒ අතර ජින්ජර් ලින්, ලීසා ස්නෝඩන්, සාරා ලාසන් ඉතාලි ජාතින නිළි එළිසබෙටා කානලිස්, ස්ටේසි කීබ්ලර්, රෙනෝ සෙල්වෙගර්, ක්‍රිස්ටා ඇලන් සහ සෙලීන් වැලීට්රන් වැනි අය සමග ක්ලූනිගේ සබඳතා ප්‍රසිද්ධියට පත් වුණා. පළමු විවාහයට පෙර කෙලි ප්‍රෙස්ටන් සමග සබඳතාවයත් ජනප්‍රිය වූ එකක්. මේ සබඳතා නිසාම බොහෝ දෙනා හිතුවේ ක්ලූනි යළිත් විවාහ නොවනු ඇති බවයි.ඒ සියල්ල බොරු කරමින් ඔහු යළිත් විවාහ දිවියට පත් වුණේ ආමල් අලමුදීන් නම් වූ නීතිඥවරියක සමගයි. මේ දෙපළගේ විවාහය වැනිසියේ කැනාල් ග්‍රාන්ඩේ හෝටලයේදී පැවැත්වුණා.
|
CREATIVE
|
සිනමාව කියන්නේ ඕක තමයි.නිලුකා ඔයාට එහෙම කියාපු කෙනාගේ පින්තූරයක් එවන්නකෝ. මානසික රෝහලකින් පැනපු කෙනෙක් ද දන්නේ නැහැ.අංක 224/2,හයිලෙවල් පාර,නාවින්න,මහරගමකපූර් පවුල කියන්නේ ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා පවුලක්. පළමු හින්දි කතා නාද චිත්‍රපටය ‘අලම් අරා’ චිත්‍රපටයේ සිට කපූර් පවුල සිනමාවට සම්බන්ධ වෙනවා. ප්‍රීති විරාජ් කපූර්ගේ පුතුන් තිදෙනා රාජ්, ශම්මි සහ ශෂී. මේ අතරින් වැඩිමලා රාජ්ට ද පුතුන් තිදෙනෙකි. රන්දීර්, රිෂි, රජීව් යන මේ තිදෙනාත් ජනප්‍රිය නළුවන්. රාජ් කපූර් විවාහ වූයේ සුප්‍රකට සිනමා නළු ප්‍රේම්නාත් සහ රාජ්න්ද්රනාත්ගේ සහෝදරිය සමඟිනි. රාජ්ගේ පුතුන් අතරින් රන්දීර් විවාහ වූයේ බබීතා නම් ජනප්‍රිය නිළිය සමඟිනි. ඔවුන්ට ද දියණියන් දෙදෙනෙකි. කරිෂ්මා සහ කරීනා ඒ දියණියන් දෙදෙනායි. රිෂි කපූර් විවාහ වූයේ නිළි නිතු සිං සමඟිනි. ඒ දෙපොළගේ පුත්‍රයා ජනප්‍රිය නළු රන්බීර් කපූර්ය.ශම්මි කපූර්ගේ මුල් විවාහය සිදු වූයේ සුප්‍රකට නිළි ගීතා බාලි සමඟයි. ප්‍රීතිවිරාජ් ගේ බාල පුත්‍රයා ශෂි කපූර් නිළි ජෙනිෆර් කැන්ඩෝල් සමඟ විවාහ වූ අතර කුනාල්, කරන් සහ සංජානා යන ඔවුන්ගේ දරුවන් ද සිනමාවට පිවිසි නළු නිළියන්. රාජ් කපූර්ගේ දියණිියගේ පුතු විවාහ වූයේ අමිතාබ් බච්චන්ගේ දියණිය වූ ස්වේතා සමඟිනි. කපූර් පවුල ගැන සවිස්තර විස්තරයක් ලියන්න සරසවිය පුවත්පත ඉඩ මදි.මේ ගැන මට අදහසක් පළ කරන එක සදාචාරාත්මක නැහැ. මොකද මම චිත්‍රපටයේ විවේක වේලාවේදී නැගිටලා ගියා.එදා චිත්‍රපටවලත් මං රසයක් වින්ඳා. හැබැයි මට අතීතයේ ජීවත් වන්නට බැහැ.මේ නම් දෙකෙන්ම හැඳින් වූයේ එක් අයෙක්. ඔහු ‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’ හා ‘උතුම් ස්ත්‍රිය’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්ගඩසාලම් නමින්. ඔහුගේ සෙසු චිත්‍රපට ‘අද මෙහෙමයි’, ‘ගොපළු හඬ’, ‘දමයන්ති’, ‘නිලූකා’, ‘සිරිපතුල’ හා ‘මගේඅම්මා’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්කට් නමින්.මර්වින් සේනාරත්න.එය රචනා කළේ ශ්‍රේෂ්ඨ නිසා.එම ගීතය අපේක්ෂා චිත්‍රපටයේ ගීතයක්.මේ සඟරාව තවමත් ලංකාවට එනවා. එදා වගේම අදත් ඇතැම් පුවත්පත් විකුණන ස්ථානවල තිබෙනවා මා දැක තිබෙනවා.චිත්‍රපට තාත්වික වුණොත් නම් විසිල් ගහන්නෙම නැහැ. මගේ කල්පනාව අද ප්‍රේක්ෂකයන් බුද්ධිමත් නිසා විසිල් ගහන්නේ නැහැ. ඒ වෙනුවට ගොරවනවා.ලතා මංගේෂ්කාර්.සුරංගනී, සුරතලී, සුන්දර බිරිඳ, සුනීතා, සුජාගේ රහස. ඔහු නිපද වූ හැම චිත්‍රපටයක්ම අධ්‍යක්ෂණය කළේ ඉන්දියානුවන්. ඒ වගේම ඒ හැම චිත්‍රපටයකම නම ‘සු’ අකුරෙන් ඇරැඹීමත් විශේෂයි.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
රන්ජන් රාමනායකට ප්‍රධාන චරිතය භාරදෙමින් සුනිල් ටී. ප්‍රනාන්දු සිය හැටවන සිනමාපටයේ නිෂ්පාදනය අරඹයි. එහි මුහුරත් උළෙල ඊයේ මොරටුමුල්ල පේ‍්‍රම් නිවාසයේදී පැවැත්විණ. ‘සිංහයා’ නම් වූ ඒ චිත්රපටයෙහි රූපගත කිරීම් ලබන අප්‍රේල් මස 02 වැනි දා සිට ඇරැඹෙනු ඇත.වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන තවත් ළමා චිත්‍රපටයක් වන ‘සිංහයා’ සඳහා මහේන්ද්‍ර පෙරේරා, දුලීකා මාරපන, ආනන්ද වික්‍රමගේ, මිහිර සිරිතිලක මේ වනවිට තෝරාගෙන ඇති නළු නිළියන් වේ. ඔවුනට අමතරව ළමා නළු නිළියන් විස්සකට අධික ප්‍රමාණයක් මෙහි චරිත මවනු ඇත.ප්‍රසාද්
|
CREATIVE
|
සමිතා මුදුන්කොටුව ඇයගේ මල්සර මල් ගී නම් අලුත්ම යුග ගීයේ රූප රචනාවෙන් වෙනස්ම මුහුණුවරකින් අප හමුවට පැමිණේ. ‘ඉවසයිද මන්දා’, ‘රෑ සඳ යායේ ගියා’ ආදී ගීී සඳහා ජනප්‍රියත්වයක් දිනා සිටි ඇය මේ විරහ ගීයේ රූප රචනාවේදීත් අමන්දානන්දයෙන් යුතුව රඟනු දැකිය හැකියි.දකුණු ඉන්දීය ආරට හැඩවුණු සමිතා දමයන්ත කුරුප්පු සමඟ මුල් වරට ගයන මේ ගීයේ රූප රචනයේදී සමිතා අමතක නොවන අත්දැකීමකට මුහුණ දෙනලදැයි එහි වීඩියෝකරණ අධ්යක්ෂවරයා වූ ඒන්ජල් ප්රොඩක්ෂන්හි උදයංග තාබ්‍රෙව් පවසයි.ඒ කොළඹ අධිආරක්ෂක කලාපයකදී විවිධ බාධා මධ්‍යයේ කළ මේ රූගත කිරීම් අතරතුරදී දහවලේදී දැඩි අව් රශ්මියෙන් පීඩා විඳී සමිතාට එදිනම සවස් වරුවේදී මොර සූරන වැස්සකට කොටු වී තෙතබරිත වන්නටත් සිදු වූ බවය.ආනන්ද පද්මසිරිගේ පදවැලක් වන මල් සර මල් ගී සඳහා දමයන්ත කුරුප්පුගේ තනුව ඇසුරින් සංගීත නිර්මාණය කොට ඇත්තේ රොෂාන්ද සිල්වා විසිනි.සටහන – නුවන් මහේෂ්
|
CREATIVE
|
නිරෝෂන් ඉලේපෙරුම සහ රොෂාන් කුරුප්පු එකමුතුවෙන් චැනල් 16 නමින් රූපවාහිනි නාලිකාවක් අද ආරම්භ කිරීමට නියමිතය. පියෝ ටී වී හරහා විකාශය වෙන එය එහි දහසය වන නාලිකාව වේ.මෙරට වාසීන්ගේ ජීවන රටාව වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව නිර්මාණය කෙරෙන වැඩ සටහන් සඳහා චැනල් 16 හි වැඩි ඉඩක් වෙන්වනු ඇත.
|
CREATIVE
|
එස්. ඒ. බෙනට්.ටී. එන්. එල්. නාළිකාවේ දීර්ඝ කාලයක් විකාශය වූ සවනට ගී මධු වැඩසටහනේ නිෂ්පාදකවරයා වූ එස්. ඒ. බෙනට් ගේ ජන්ම දිනය සහ තිස්වසරක කලා ජීවිතය සමරමින් උපහාර උත්සවයක් මෙම මස 22 වැනි දා සවස 3.00 ට කොළඹ 07 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ඒ වෙනුවෙන් එස්. ඒ. බෙනට් සමඟ කළ කෙටි කතාබහකි මේ.‘සවනට ගී මධු’ මේ කතාව අරඹන්න සුදුසුම තැන එතැන?ඔව්, සවනට ගී මධු වැඩසටහනින් තමයි මගේ නමත් බොහෝ සෙයින් මිනිසුන් අතරට ගියේ. ඒ වගේම එම වැඩසටහනත් ඉතාම ජනපි‍්‍රය වුණා. වසර පහළොවකට අධික කාලයක් විකාශය වූ එය මෙරට දීර්ඝතම විචිත්රාංග වැඩසටහන කියලා කියන්න පුළුවන්. මගේ තිස්වසරක කලා ජීවිතයේ මා වඩාත් ඔසවා තැබුවේ සවනට ගී මධු. මා වෙනුවෙන් උපහාර තිළිණ ලබාදීමට ඒක ප්‍රධාන හේතුවක් ලෙස මා සලකනවා.කොහොමද ඔබේ කලා ජීවිතය සහ සවනට ගී මධු ඇරැඹෙන්නේ?කරුණාරත්න අබේසේකරයන්ගේ සරස්වතී මණ්ඩපයෙන් තමයි මං මුලින්ම කලඑළියට එන්නේ. ඒ මගේ ගුරුතුමා. මුල් කාලේ මට ඕන වුණේ නිවේදකයකු හෝ ගායකයකු නැත්නම් නළුවකු වෙන්න. ඒ හීන හිතේ තියාගෙන ඉන්නකොට අහම්බෙන් දැන්වීම්කරණයට යොමු වුණා. එතකොටත් ගුවන් විදුලියට ආවා ගියා. රූපවාහිනි නිෂ්පාදනවලටත් යොමු වුණා. ඔහොම කාලය ගෙවී යද්දී ශ්‍රීමත් ඉන්ද්‍රජිත් හමුවුණු වෙලාවක මම ඔහුට සවනට ගී මධු වැඩසටහනේ අදහස කිව්වා. එය මෙහෙයවන්නට මා තෝරා ගත්තේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත්. මම එතකොටත් ස්වාධීන රූපවාහිනියේ ස්වීට් හවුස් විවිධ ගීත තරංඟ නම් වූ වැඩසටහනක් නිෂ්පාදනය කරමිනුයි හිටියේ. ශ්‍රීමත් ගෙනුත් වැඩේට අකැමැත්තක් තිබුණේ නැහැ. මම ඊළඟට ගියේ වැඩසටහනට නමක් හදාගන්න අරිසෙන් අහුබුදු මහත්තයා ළඟට. ඔහුගේ අතිනුයි ‘සවනට ගී මධු’ කියන වචන එකතු වුණේ. 1997 මුල්ම වැඩසටහන පටන් ගත්තා.මොනවගේ ප්රතිචාරයන් ද වැඩසටහන සඳහා ආරම්භයේ දී තිබුණේ?අපරාදෙ කියන්න බැහැ, පටන් ගත්තු දින ඉඳලාම වැඩසටහන ප්‍රේක්ෂකයන් අතරට ගියා. බාල, මහලු කොයි කා අතරත් ජනපි‍්‍රය වුණා. අද දක්වාම එය එහෙමමයි. ඒත් යම් යම් අවස්ථාවන්වලදී අපහසුතාවන්ට පත් වූ අවස්ථා ද නැතුවාම නොවෙයි.ඒ මොනවාද?මං හිතන්නේ සවනට ගී මධු තරම් නීතිමය ප්‍රශ්න ආපු වෙනත් වැඩසටහනක් නැතුව ඇති. අපි බොහෝවිට කලා කරුවන්ගේ පෞද්ගලික ජීවිතයේ රහස්් ගැන අහනවා. සමහර අයට ගැටලුවක් අපි ඒවා දැනගන්නේ කොහොමද කියලා. ඔවුන් අප අහනදේට උත්තර දීලා වැඩසටහන අවසානයේදී ඒක දාන්න එපා කියනවා. මගේ හිතුවක්කාරකමට මං සංස්කරණය නොකර ඒ කතා ටෙලිකාස්ට් කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ නඩුවක් තමයි. එලෙස මට විරුද්ධව කිහිපදෙනෙකුම නඩු මාර්ගයට ගියා. එකපාරක් හතරවෙනි තට්ටුවට පවා යන්න වුණා. ඒත් ඒවා කතාබහකොට විසඳාගෙන මම දිගටම වැඩසටහන කළා.අප සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සවනට ගී මධුවලට එන්න බැහැ කිව්වලු නේද?අනිත් සෑම කලාකරුවකුම අප කතා කරපු තැනට ආවා වැඩසටහන කරන්න. නමුත් ගාමිණී මහත්තයා ආවේ නැහැ. කතාකරන හැම වෙලාවකම කිව්වේ ‘අයිසෙ ෆේරීගෑම් එක කරන්න මං ආසයි. ඒත් ඔහේ බැහැ. අපේ ගෙදර එනවා’ කියලා. දෙතුන්පාරක්ම මම කොළඹ එන්න කතා කළා. ඒත් ඔහු ආවේ නැහැ. අන්තිමේ කැමරා ආම්පන්නත් උස්සගෙන අපි එහේ ගියා.ඔබේ කලා ජීවිතයට වසර තිහයි. මොකද හිතෙන්නේ?දැන් අපි පරණ ඇන්ජින් කියලා තමයි හිතන්නේ. පරණ ඇන්ජින් වුණත් තවමත් හිතින් තරුණයි. මේ දිනවල ‘සවනට ගී මධු’ නවතා තිබුණත් ඉතාම ඉක්මනින් නැවත පටන් ගන්නවා. ඒ හරහා මම කලා ලොවට බොහෝ දෙනෙක් හඳුන්වා දුන්නා. ඒ වගේම අලුත් ගායකයන්ගේ ගීත විෂුවල් කරලා වැඩසටහන අතරෙහි විකාශය කළා. නිහතමානී සතුටක් තියෙනවා මං කළ කී දේ ගැන. ඒ වගේම නීරසව තිබූ වෙළෙඳ දැන්වීම් ක්‍රමය නවමානයකට යොමු වුණා මං ගුවන් විදුලියට කළ ඇඩ්ස්වලින්.22 මොකද වෙන්නේ?තිස්ස ඩයස් රසික හවුල හා කලා සංසදයෙනුයි මෙම සැමරුම් උත්සවය සංවිධානය කළේ. මං ගැන ගොඩක් දේ දන්න ශ්‍රීමත් මේ අවස්ථාව මෙහෙයවනවා. දයාල් බණ්ඩාර ප්රමුඛ රයිම්ස් සංගීත කණ්ඩායමේ සංගීතයෙන් හා විචිත්‍රවත් නර්තන අංගයන්ගෙන් උත්සවය රසවත් වේවි. මාත් එක්ක එකට කට්ට කාපු, මාත් එක්ක දුක, සැප, සතුට බෙදාගත් මාත් එක්ක නිබඳවම සිටි සහෘදයෝ ඔක්කොමලා එදාට ඒවි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
කාව්‍යා, වසූදා, කුල කුමරිය, ආදරණීය සුලෝචනා වැනි ටෙලි නාට්‍ය හරහා අපේ සිත් අහසේ පෑයූ මේ දීප්තිමත් තාරකාව කාලයාගේ ඇවෑමෙන් නොපෙනී ගියාය. පුංචි තිරය ඉදිරියේ හිඳ ඇගේ දස්කම් දුටු බොහෝ දෙනකු ඈ සෙවුව ද ඇගේ ආරංචියක් මුණ ගැසුණේම නැත.ඈ නැවතත් පුංචි තිරයට පායන ආරංචිය අතැතිව දැන් අප සමඟය.මධුෂා රාමසිංහ . . .අපි කතා කරමු ඈ සමඟ.* මධුෂා කාලෙකට පස්සෙ?ඔව්. හරියටම කිව්වොත් හත් වසරකට පස්සේ. මේ දිනවල විකාශය වන මැද ගෙදර ටෙලි නාට්‍යයේත් මම චරිතයක් නිරූපණය කළා. ඒ වගේම ජයලත් මනෝරත්නයන්ගේ නවතම නිර්මාණය ‘ඊළඟට මොකද වෙන්නෙ’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය මට ලැබුණා. ඒ චරිතය තමයි මධුමාලි. මේ අවස්ථාව මගේ ජීවිතයේ සුවිශේෂි සන්ධිස්ථානයක්. මනෝරත්නයන් වගේ ප්‍රවීණ, අත්දැකීම් බහුල, නිහතමානී අය සමඟ කටයුතු කරන්නට ලැබීම පෙර පිනක් කියලයි මට නම් හිතෙන්නේ.* මධුමාලිගෙ චරිතය ජයගන්නට හැකි වේවිද?මට එහෙම හිතෙනවා. ඒ විතරක් නෙවෙයි මං ඒ චරිතය හරියටම අධ්‍යයනය කරනවා. අපේ නාට්‍ය කණ්ඩායමේ සියලුම දෙනා හරිම සහයෝගයෙන් කටයුතු කරන උදවිය. ඔවුන් එකිනෙකාට උදව් කරගන්නේ පුදුමාකාර බැඳීමකින්. මං තමයි එතැන ඉන්න ලාබාලම නිළිය. ඉතිං හැමෝගෙන්ම මට ලැබෙන උපදෙස් මට මුතු වගේ වටිනවා. සියලුම ප්රවීණයන්ගේ උපදෙස් අනුගමනය කරමින් මධුමාලිිගේ චරිතය ජීවමාන කරන්නට මා වෙහෙසෙනවා.* ගායිකාවක ලෙසටත් ඔබ ප්‍රචලිතයි?බොහෝ දෙනකු මම ගීත ගයන බව දන්නවා. මා මගේ හැකියාවන් පෙන්වන්නට බොදු ගුණ ගීතයක් ගායනා කළා. නමුත් ඊට සුදුසු තැන ලැබුණේ නැහැ. විද්‍යුත් මාධ්‍ය ඒ ගීතයට නියම තැන ලබා දුන්නේ නැහැ කියලා මට හිතෙනවා.* බොදු ගුණ ගීතයක් ගයන්නට හිතුවේ ඇයි?ඒ තමයි මගේ හෘද සාක්ෂිය. මම ආගම් හතරක් ඉගෙන ගෙන තියනවා. නමුත් මා තදින්ම විශ්වාස කරන්නේ බුදු දහම.* ඔබ තුළ සිටි ගීත රචකයා අතුරුදන් වුණාද?තවමත් ගීත ලියනවා. මම කියවලා එවා ෆයිල් එකක දාල තියා ගන්නවා. එච්චරයි. ඒ ගැන තියෙන්නේ කලකිරීමක්.* වේදිකාව තෝර ගන්න අදහසක් නැද්ද?හරිම අසාවෙන් ඉන්නේ. හොඳ නිර්මාණයකට කතා කළොත් සහභාගි වෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී හොඳ නිර්මාණ ටිකක් කරන්න බලාපොරොතුවෙනුයි ඉන්නේ.* හත් වසරක් මොකද නිහඬව හිටියේ. කලකිරීමෙන්ද?කලකිරීමක් කියලම කියන්න බැහැ. මට වුවමනා වෙලා තිබුණේ හොඳ නිර්මාණ කරන්න. ඒත් පහුගිය කාලේ හොඳ නිර්මාණ ලැබුණෙම නැති තරම්. ජයලත් මනෝරත්නයන්ගේ හොඳ නිර්මාණයකින් නැවත පැමිණීමට ලැබීම සතුටක්.* මේ අලුත් ඇරැඹුම සමඟ ජීවිතේ වෙනසක් වේවිද?තවම ජීවිතේ වෙනසක් ගැන හිතල නැහැ. විවාහයට නම් තව සෑහෙන කාලයක් තිබෙනවා. ඉදිරියේදී ජීවිතේ පිළිිවෙළේ වෙනසක් ඕනේ.* නිදහසේ ඉන්න වෙලාවට මොකද කරන්නේ?ගීත රචනා කරනවා. පොතපත කියවනවා. ගීත ගයනවා. කලාවට සම්බන්ධ දේවල් එක්ක තමයි නිදහසේ ඉන්න හැම තත්ත්පරේම ගෙවන්නේ.* ඉදිරියේදී රඟපාන්න කැමතිම චරිතයක් හිතේ තියෙනවද?එහෙම නැහැ. ලැබෙන සෑම චරිතයක්ම ඉතා අවබෝධයෙන්, වගකීමෙන් ඉටු කිරීම තමයි මගේ අරමුණ.* චිත්‍රපටවලට සම්බන්ධ වෙන්නේ නැද්ද?ලොකු ආසාවක් තිබෙනවා. ඉදිරියේදී ආරාධනාවක් ලැබිලා තිබෙනවා. හිතට දැනෙන ජනතාවට උසස් රස වින්දනයක් දැනෙන චරිතයක් කරන්න ආසයි.* අනාගතය ගැන කතා කරමු.අනාගතය සුබදායක වේවි කියලා මට හිතෙනවා. ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගනිමින්, දැනමුතුකම් පිළිපදිමින් ඉදිරියේ ස්ථිර ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ ගමනට මගේ රසිකයෝ ආශිර්වාද කරන බව මං දන්නවා.- චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කලාකරුවන් සහ ලේඛකයින් හට සහනදායි මෝටර් රථ ණය යෝජනා ක්රමයේ සමාරම්භය සහ ඔවුන්ට ලැප්ටොප් පරිඝනකයන් ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.එම ක්ෂේත්රයන්හි ප්‍රවීණයන් රැසක් ජනාධිපතිවරයා අතින් ලැප්ටොප් පරිගණක සහ ණය සහන පහසුකම් ලබා ගත්හ.ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආරියරත්න ඇතුගල යන මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
නව පරපුරේ රංගන ශිල්පී සංජු සමරසිංහ සිනමා අධ්යක්ෂවරයකු වශයෙන් කලඑළියට පැමිණෙන දෙවලෝ සත් සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා කෝට්ටේ නාග විහාරයේදී පැවැත්විණ.එස්. එස්. ෆිල්ම්ස් හීී නිෂ්පාදනයක් වන මෙය සංජුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වේ. ආදර්ශවත් චිත්රටයක් වන දෙවුලෝ සත් හි විල්සන් කරූ, දුලීකා මාරපන, තිසුරි යුවනිකා, මලින්ද පෙරේරා, ශාලිකා එදිරිසිංහ අශිකා මතසිංහ, නෙතලි නානායක්කාර, හංසක ගනේගොඩ, කැලුම් කුලරත්න රංගනයෙන් දායක වෙති. පිටපත සංජු සමරසිංහගෙනි. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂවරයාය. \ස්ස ලංකා අදිකාරම් කැමරාව මෙහෙයවයි. ප්‍රියන්ත දිසානායකගේ අංග රචනයකි. එස්. එම්. ජේ. බණ්ඩාර නිෂ්පාදන කළමනාකරුය. මහේන්ද්‍ර සජුන සහාය අධ්යක්ෂවරයා වේ. දෙවුලෝ සත් මේ වන විට පානදුර අවට රූ ගැන්වේ. සේයාරුවෙන් දැක්වෙන්නේ සිනමාපටයෙහි පිරිවර මුහුරත් උළෙල දා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ සුන්දර යොවුන් ආදර කතාවක් රැගත් ආදර සංධ්වනිය ටෙලි සිතුවම පසුගිය සෙනසුරාදා සිට සති අන්තයේ සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම රාත්‍රි 7.30ට විකාශය වේ. දයා අල්විස්, ධනුක දිල්ශාන්, භාග්‍යා හෙට්ටිආරච්චි, ජනිත් වික්‍රමගේ, තිසර ප්‍රනාන්දු, අයෝධ්‍යා රත්නසිරි, කුමුදු නිශාන්ත, රෙබෙකා නිර්මාලී, සෝමසිරි අලකොලංග, සංගීතා බස්නායක, ගාමිණි ජයලත්, සුසිලා කෝට්ටගේ, විශ්ව ලංකා, හෂිනිකා කරලියැද්ද, සුදත් විජේසේකර, අදිශ හේවාවසම්, ප්‍රමෝද් සසලංක, සෝමසිරි කොළඹගේ, සෝමවීර සේනානායක මෙහි චරිත මවති.ආදර සංධ්වනිය ප්ලස් වන් ආයතනයේ නිෂ්පාදනයකි.- ප්රසාද්නාට්ය රචකයකු වන නිහාල් බණ්ඩාර පළමුවරට අධ්‍යක්ෂණය කළ ‘සීමා නෑ ආකාසේ’ සිනමාපටයෙහි රූගත කිරීම් පසුගියදා නිම විණ. දැන් එය සංස්කරණයට සූදානමිනි. මාධ්‍යවෙදිනියක් වන අරුනි මල්ලවආරච්චි තිරයට හඳුන්වා දෙන මෙම සිනමාපටය යෞවනය ඉලක්ක කර ගත් කතා පුවතකි. නිහාල්ගේම තිර රචනයක් වන සීමා නෑ අකාසේහි බුද්ධදාස විතානාච්චි, ශ්‍රියානි අමරසේන, පුබුදු චතුරංග, ධනංජි තාරුකා, සංජුල දිවාරත්න ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.ඇක්ටිව් මෝෂන් පික්චර්ස් වෙනුවෙන් තිස්ස බාලසූරියආරච්චි නිෂ්පාදනය කළ සීමා නෑ ආකාසෙහි කැමරාව අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි විසින් මෙහෙයවන ලදී. ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් ද, නලීන් ප්‍රේමතිලක අංග රචනයෙන් ද, දීප්ති මංගලසෝම කලා අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍රීලාල් වික්‍රමගේ ගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂණයෙන්ද දායක වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය සංඛ රුවන්දිතගෙනි.සීමා නෑ ආකාසේ සඳහා ගායනයෙන් කෞෂික ඔලින්ද, ඉමාෂා මුතු කුමාරි, ඩිල්ෂාන් සමරසිංහ සහ චමරි පෙරේරා එක්ව ඇත.- ප්රසාද්සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ‘මීහරක්’ මෙම මස 03 වැනිදා ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේදී වේදිකා ගතවේ. නලීන් ප්‍රදීප් උඩවෙල, සරත් චන්ද්‍රසිරි, සුමිත් රත්නායක සහ අදිත ප්‍රනාන්දු මේ සඳහා රංගනයෙන් දායක වෙති. මීහරක් මධුකා මඩවලගේ නිශ්පාදනයකි.අග්‍රගණ්‍ය සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අප අතරින් වියෝ වී වසර පහක් සපිරීම නිමිති කර ගනිමින් ‘හංසවිල’ නම් ප්‍රාසාංගික උපහාර උළෙලක් මෙම මස පළමුවැනිදා එනම් හෙට සවස 07 ට මහරගම ශ්‍රී ලංකා යූත් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.විශාරද ප්‍රදීපා ධර්මදාසගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන එකී ප්‍රසංගය සඳහා ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ලතා වල්පොල, නන්දා මාලිනී, ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, නීලා වික්‍රමසිංහ, සමන්ත පෙරේරා, සුමිත් වල්පොල, ඉන්දිකා උපමාලි, අමල් පෙරේරා යනාදී ගායක ගායිකාවන් රැසක් ගී ගැයීමට නියමිතය.සුරේෂ් මාලියද්ද ප්රමුඛ වාද්‍ය වෘන්දය මෙම අවස්ථාවෙහි සංගීතය මෙහෙයවනු ඇත.- ප්‍රසාද්සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශිය පිහිටුවා වසර හැටක් ගතවීම කේනන්ද්ර කර ගනිමින් ඒ වෙනුවෙන් විශේෂ නාට්‍ය උළෙලක් ඊයේ මරදාන ටවර් රඟහලේදී ඇරැඹිණ. එය එළඹෙන නොවැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම දිනයන්හී සවස 6.15 ට ටවර් රඟහලේදී නාට්‍යන් රංගගත වේ. එම නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේය.ඔක්තෝබර් 31 එනම් අද නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ සක්කාය දිට්ඨිනොවැම්බර් 01 වැනිදා ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ගැබ්බර මිනිසානොවැම්බර් 02 දා මහානාම ද සිල්වාගේ මාතෘනොවැම්බර් 03 දා ජයලත් මනෝරත්නගේ ගුරු තරුවනොවැම්බර් 04 දා උදයසිරි වික්‍රමආරච්චිගේ රඟපෑම් ඉවරයිනොවැම්බර් 05 වැනිදා රෝහණ දන්දෙණියගේ රාස්ස පරාස්ස- ප්‍රසාද්
|
CREATIVE
|
ජයලලිතාගේ පැරැණි වගතුගඒ පිරිපුන් නාරි දේහයෙන්, සරාගී බැල්මෙන් ගැලවීමට පිරිමියකුට පහසු නැත. ජේ. ජයලලිතා, එසේත් නැත්නම් ජයලලිතා ජයරාම්ගේ තොරතුරු ලේඛනයේ සැමියාගේ නම ඉදිරියේ හිස් තැනක් තිබුණ ද, ඒ තැන නිල නොවන අන්දමින් පිරවීමට ඕනෑ තරම් නම් තිබේ.රිදී තිරයේ සරාගී ගිනි සිළුවක වීම නිසා ලද අසීමිත ජනප්රියභාවය හේතුවෙන් මැතිසබයට තේරුණ ද, තමිල්නාඩුවේ ඇයගේ ප්රතිමල්ලවයන්ට ජයලලිතාගේ අල්මාරිවලින් ඕනෑ තරම් ඇටසැකිලි සොයා ගත හැකියි.හැට හතර හැවිරිදි ජේ ගේ නිමක් නැති පෙම් කතා ඇතැම් විට ඇය රැඟූ සිතුවම් පටයකටත් වඩා ලුණු ඇඹුල් සහිතය.ද්‍රවිඩ බ්රාහ්මී කුලයක ජයලලිතා උපන්න ද ඇයට වයස අවුරුදු දෙකේදී පියා මිය ගියේය. ඇයගේ මව ද ද්‍රවිඩ සිනමාවේ නිළියකි. තිරයේදී සන්ධ්‍යා ලෙසින් ජනප්‍රිය වූ ඇය දියණිය කුඩා වියේ සිටම රංගනයට යොමු කළාය. මූලික අධ්‍යාපනයෙන් පසු ජේ ගේ තෝරා ගැනීම සිනමාව විය.මුල්වරට සායකින්, බිකිනියකින් සැරසී රැඟූ ද්‍රවිඩ තාරකාව ජයලලිතාය. නව යොවුන් සරාගිනිය, රසිකයන් මෙන්ම ඇය සමඟ රඟන නළුවන් ද ගිනි සිළුවකට අසු වූ කලාමැදිරියෝ බවට පත් කළහ.සොළොස් හැවිරිදි වියේදී මේ කාමිනිය පිළිබඳ සිතක් ඇතිකර ගත්තේ එම්. ජී. ආර්. ය. ඇය ඔහුගේ අනියම් බිරියක ලෙස ලොවම දනිතත් ඇය කියා සිටින්නේ ඔහු ඇයගේ නිර්මාපකයා කියායි. ජයලලිතාට එම්. ජී. ආර්. මුණ ගැසෙන විට ඔහුට වයස හතළිස් දෙකකි. ඇයට දාසයකි. අවසානයේදී ජයලලිතාට දේශපාලනයට පිවිසීමට පාර කැපුණේද මේ අනියම් පෙම නිසාය.මුරුතුර් ගෝපාලන් රාමචන්ද්‍රන් (එම්. ජී. ආර්.) මුලින්ම විවාහ වී සිටියේ තංගමනී සමඟයි. ඔහුගේ දෙවැනි බිරිය වූයේ සදානන්දවතීයි.මිය යන තුරුම ඔහුගේ නිල බිරිය වූයේ වී. එන්. ජානකීය. එහෙත් මේ සියල්ලන්ටම වඩා ඔහුට දේශපාලන ලොවේ රැජන කිරීමට අවශ්‍ය වූයේ ජයලලිතාය.ඔහුගේ මරණයෙන් පසු නිල බිරිය හා අනියම් බිරිය ජයලලිතා දේශපාලන පොරපිටියේ ප්‍රතිමල්ලවයෝ වූහ. එම්. ජී. ආර්ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසා(ල)ගම් පක්ෂය දෙකඩ කිරීමට මුල් වූයේ ඒ දෙදෙනාය. එම්. ජී. ආර්ගේ දෙබිඩි ආදරයට මේ හොඳම නිදසුනකි.1965 – 1972 ජයලලිතා සහ එම්. ජී. ආර්. තිරයේ පෙම්වතුන් වූයේ සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් බවට පත් වෙමිනි. දෙදෙනා රැඟූ සිනමාපට ගණන විසිපහකට අධිකය.රාමචන්ද්‍රන්ගේ බිරිය වූ ජානකී ද සිනමාපට විසිපහකට වැඩි ගණනක රඟපෑ සාර්ථක නිළියකි. ඇය ද රාමචන්ද්‍රන් සමඟ විවාහ වූයේ තිරයේදී ඇති වූ හාදකමකිනි.රාමචන්ද්‍රන් ජයලලිතාට කෙතරම් උන්මාදනීය පෙමක් පෑව ද ඇයගේ සෙනෙහස සෝබන් බාබු, රවිචන්ද්‍රන්, ජෙයශන්කර් සහ මුතුරාමන් අතර ද බෙදී ගිය බව දන්නෝ දනිති.හැටේ දශකයේ අවසානයේ සහ හැත්තෑව දශකයේ ආරම්භයේදී ද්‍රවිඩ තිරයේ ප්‍රේමාන්විත වීරයා වූ සෝබන් බාබු සමඟ ජයලලිතාගේ බැඳී හාදකම දෙවැනි වූයේ එම්. ජී. ආර්. පෙමට පමණි.රවිචන්ද්‍රන් ඇයට වඩා බෙහෙවින් වයසින් බාල වූ නළුවෙකි. අධ්යක්ෂවරයෙකි. සංගීත අධ්යක්ෂවරයෙකි. සුබ්‍රමනියම් ජෙයශංකර් දකුණු ඉන්දියාවේ ජේම්ස් බොන්ඩ් යන විරුද නාමය ලැබූ කඩවසම් නළුවායි. ඔහු ජයලලිතාට වඩා දස වසරකින් පමණ වැඩිමල් විය. ආර්. මුතුරාමන් හැට හැත්තෑව දශකයේ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ප්‍රේමවන්තයෙකි.මේ වන විට ජයලලිතාගේ පෙම්වතුන් බොහොමයක් මිය ගොසිනි. අද තමිල්නාඩුවේ මහ ඇමැතිනිය වී සිටින ඇයට දැන් නම් ජීවත්වීමට සිදු වී තිබෙන්නේ පැරැණි පෙම්බර මතකයන් සමඟය.එහෙත් හැට හතර හැවිරිදි ජයලලිතාගේ ජීවිතයට හැට පැන්නත් තවත් පෙම්වතුන්ගේ නම් එක් වුණොත් එය අරුමයක් නොවෙයි. ඒ ඇය සරාගී කතක නිසයි.චම්පිකා දීපානි රණසිංහඅන්තර් ජාලයෙනි
|
CREATIVE
|
පනස් හැවිරිදි බ්‍රෑඩ් පිට් වයස අවුරුදු දහ අටක කොලු ගැටයකු ලෙස සිතන්නට පටන්ගෙන ඇත. ඔහු මේ දිනවල වැඩිපුරම සිටින්නේ ඔස්ට්‍රේලියාවෙයි.එයට හේතුව ඇන්ජලිනා ජොලී යුද සිනමාපටයක් එහිදී අධ්‍යක්ෂණය කිරීමයි. ‘ඩවුන් අන්ඩර්’ නම් එම සිනමාපටය නොවැම්බරයේදී තිරගත කිරීමට නියමිතයි.ඔහු පසුගියදා ලොස් ඇන්ජලීස් පැමිණියේ කොණ්ඩා මෝස්තරය වෙනස් කරගෙන අලුත්ම විලාසිතාවේ සන්ග්ලාස් යුගලක් පැලඳගෙනය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
අපේ සිංහල සිනමා ඉතිහාසයේ සුන්දර මතක නම් අසීමිතය. නමුත් ඒ අසීමිත මතක හැමෝගෙම හිත්වල තිබුණත් තවත් කෙනෙකුට දකින්නට ලැබෙන ඡායාරූප නම් ඉතාම සීමිතයි. ඒ වගේ ඉතාම දුර්ලභ ඡායාරූප කිහිපයක් අදත් මතක පොතට එකතු කරන්නට සරසවිය තීරණය කළා. බලන්න ඒ මතක කෙතරම් නම් සුන්දර ද කියල.රක්තා කියන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක්. දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් අනුව නිෂ්පාදනය වූ රක්තා අධ්‍යක්ෂණය කළේ ගාමිණී හේවාවිතාරණ. මේ එහි එක් දර්ශනයක ඡායාරූපයක්. තාත්තයි පුතයි ලෙස මෙහි චරිත නිරූපණය කරන්නේ මර්වින් ජයතුංග සහ රොබින් ප්‍රනාන්දු. මේ තාත්තා නම් දැන් ජීවතුන් අතර නැහැ. මේ ඡායාරූපයේ වටිනාකම වැඩි වන්නේ ඒ කාලේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් රක්තා හි කැමරාව මෙහෙය වූ පසු කලක චිත්‍රපට අධ්යක්ෂ ඩැනී ඩබ්ලිව්. පතිරණ හා ගාමිණී හේවාවිතාරණත් ඉන්න නිසා.මේ තමයි දුකට සැපට ඉන්න මිත්‍රයෝ. වාඩි වෙලා ඉන්නේ අපේ හෙළ සිනමාවේ හිටපු ප්රවීණතම රංගධරයෙක් වන ජෝ අබේවික්‍රම.ජෝගෙන් දුක සැප අහන්නේ පේනව නේද, කොහොමද වැඩේ, ඔක්කොම හරි චිත්‍රපට නිෂ්පාදක වගේම බිශ්වා ෆිල්ම්ස් සහ විශාකා මහල් අධිපති විජයපාල හෙට්ටිආරච්චි, පසුගියදා ජන්ම ශත සංවත්සරය සපිරුණු හියුගෝ ප්‍රනාන්දු, විකට රජෙක් වූ ඇන්තනි සී. පෙරේරා සහ සිනමා නළු හර්බට් අමරවික්රමයි. ඇත්තටම මේ ජෝ රෝහල්ගත වෙලා ද නැත්නම් රූගත කිරීමක් අතරෙදි ද කියල නම් දන්නෙ නැහැ. ඒ මේ කට්ටියම ඇවිත් තියෙන්නේ ජෝගේ දුක සැප බලන්න තමයි. කොහොම වුණත් ජෝ ඇතුළු මේ යාළුවන් සියලු දෙනාම රස මතක රැසක් අපට ඉතිරි කරල යන්න ගිහින්.යතේජා ඥානරත්න
|
CREATIVE
|
අතීතය සුන්දරයි. සුන්දර අතීතයට ආදරය කරන ඔබත් සමඟ අපේ හෙළ සිනමා අතීත සැමරුම් බෙදා හදා ගන්නටයි රූප පොතේ මතක වෙන් කළේ. රූප පොතේ මතක තුළින් අද දිග හැරෙන මේ ඡායාරූපය මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ ඇන්ටන් වික්‍රමසිංහ සුහද හමුවක්.ඇන්ටන් වික්‍රමසිංහ තමයි එදා ගම්පෙරළිය සිනමා සිත්තම නිෂ්පාදනය කළේ. ඒ වගේම ඔහු කලක් ශ්රීී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළා. මේ අනික් පසින් සිටින්නේ සම්මානනීය රංගධර රවීන්ද්‍ර රන්දෙණිය.මේ සිංහල සිනමාවේ ජනප්‍රිය චිත්‍රපටයක් රූගත කිරීමේදී ගත් ඡායාරූපයක්. නීල් රූපසිංහගේ මුල්ම අධ්‍යක්ෂණය ‘දැන් මතකද’ චිත්‍රපටයයි. ඒ සඳහා රංගනයෙන් දායක වුණේ හෙළ සිනමාවේ හොඳම දුෂ්ට නළු දෙපළ වූ ඩොමී ජයවර්ධන සහ එච්. ඩී. කුලතුංග.දැන් මතකද චිත්‍රපටය රූගත කළ මීගමු පාර හැදල හන්දියේදී තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. ඩොමී ජයවර්ධන, එච්. ඩී. කුලතුංග, නීල් රූපසිංහ වගේම එදා කැමරාව මෙහෙය වූ ලෙනින් මොරායස්, සහාය අධ්යක්ෂ ඇන්ටන් ග්‍රෙගරිත් විහිළු තහළුවෙන් ගත කළ සුන්දර අවස්ථාවක් තමයි මේ. අද අතිශය ජනාකීර්ණ හැඳළ හන්දිය එදා කෙසේද?යතේජා ඥානරත්න
|
CREATIVE
|
“ශ්රීසිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ එක් දර්ශනයක් ඇරෙන්නට, යසෝදරා දේවියගේ හඬ, මගේ හඬ නොවෙයි.” මෙම ප්‍රකාශය සරසවියට කළේ, ජිතේන්ද්‍රිකා ජයකලණි. ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ යසෝදරා දේවියගේ චරිතය නිරූපණය කළ ආන්චල් වෙනුවෙන් මුල් හඬ දී තිබුණේ ඇයයි. ඒ පිළිබඳ ජිතෙන්ද්රිකා සරසවියට කියූ කතාවයි මේ...“ මගේ හිතවතියක් වන, කෞශල්‍යා වික්‍රමසිංහ මට ආරාධනාවක් කළා, චිත්‍රපටයේ යසෝදරාගේ චරිතයට හඬ කවන්න. මම ඍජුව කලා ක්ෂේත්රයට සම්බන්ධ නැහැ. වෘත්තියෙන් මම නර්තන ශිල්පිනියක්. මම හඬකැවීම් ශිල්පිනියකුත් නෙවෙයි. මේ බව මම මිතුරියට පැහැදිලි කළා. එහෙත් අවසානයේ, හිතවත්කම නිසාම මා හඬ පරීක්ෂණයට සහභාගි වුණා. පසුව මගේ මිතුරිය දැනුම් දුන්නා, හඬ පරීක්ෂණ විනිශ්චය මණ්ඩලයේ ඉහළම ලකුණු ලබා ගනිමින් මා පරීක්ෂණයෙන් සමත් වී ඇති බව. මට විශාල සතුටක් දැනුණා.මේ චරිතය සඳහා උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නයි, මට වුවමනා වූයේ. චිත්‍රපටයේ උච්චතම අවස්ථාව වූ අභිනිෂ්ක්රමණයෙ හි හඬ කවා, ශබ්දාගාරයෙන් පැමිණි මෙහොත සුවිශේෂීයි. චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ඇතුථ එහි සිටි කාර්මික ශිල්පීන් සිටියේ හඬමින්. ඒ තරම් එම දර්ශනය අතිසංවේදී නිසා. මට කියාගන්න බැරි සතුටක් වගේම, නිහතමානීව මම ඒ ගැන තෘප්තිමත් වෙනවා. එම අවස්ථාවේ, මා අවට සිටි අයගේ ඒ ප්‍රතිචාරය නිසා.නමුත්, මගේ හද කම්පා කරවන සිදුවීම, මට අත්විඳින්න ලැබුණේ පසුගිය සතියේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මෙම චිත්‍රපටය මම සම්පූර්ණයෙන්ම නැරඹුවා. මුහුරත් උළෙලේ දී, චිත්‍රපටය නැරඹුවත්, විරාම කාලයේ දී, වෙනත් උත්සව අවස්ථාවක් සඳහා පිටත්ව යන්නට සිදුවුණා. ඒ නිසා එදා සම්පූර්ණ චිත්‍රපටය මට බලන්න බැරිවුණා. පසුගිය සතියේ චිත්‍රපටය නරඹද් දී තමයි, මා දුටුවේ නාමාවලියේ හඬකැවීම් සඳහා මගේ නම සමඟ, තවත් ශිල්පිනියකගේ නම සඳහන් කරලා තිබෙන බව.ඒ වෙලාවේ මට ඇතිවුණේ කනගාටුවක්. මගේ හඬ ඉවත් කර, වෙනත් ශිල්පිනියකගේ හඬ යෙදුවාට මගේ කිසිම අමනාපයක් නැහැ. මා ඒ ශිල්පිනියට දොස් නගන්නෙත් නැහැ. ඇයගේ වරදකුත් නැහැ.මා චිත්‍රපටයේ, අධ්යක්ෂවරයාට කතා කළා. මෙහෙම කරන්න හේතුව මොකක්ද කියා ඇසුවා. යසෝදරා චරිතය නිරූපණය කළ රංග ශිල්පිනියගේ තොල් සෙලවීම හා මගේ හඬ ඉඪදඬ නැති බව, බොහෝ දෙනාගේ මතය වූ බවට අධ්යක්ෂවරයා පිළිතුරු දුන්නා. හඬ කැවීම පිළිබඳ අසතුටු නම්, ඒ පිළිබඳ මා දැනුවත් කළා නම්, නැවත හඬකැවීම් කරන්නට මා ඕනෑම අවස්ථාවක සූදානම් බව මම ඔහුට කිව්වා. සදාචාර සම්පන්න ව ඔහුට එය මට කියන්නට තිබුණා.මම නිසා, මෙම චිත්‍රපටය නැරඹූ පිරිසක් ඉන්නවා. මගේ පවුලේ අය, ඥාතීන්, යෙහෙළියන්, මා පෞද්ගලිකව හඳුනන බොහෝ අයට මා වෙත ඍජුවම මේ දේ ප්‍රකාශ කරන්න බැරිව සිටි බව මට වැටහුණා. “අනේ කලණි, ඒ හඬ ගොඩක් වෙනස්, ඔයා නෙවෙයි ” වගේ ප්‍රකාශ මගේ හිතවතියන්ගෙන් අසන්නට ලැබුණා.අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ, ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ මගේ හඬ තියෙන්නෙ, එකම එක දර්ශනයක පමණයි. ඒ අභිනිෂ්ක්‍රමණ දර්ශනයේ. ඒ ඇරෙන්නට, යසෝදරා දේවී චරිතයට කැවූ හඬ, මගේ යැයි ඒත්තු ගැන්වෙන වෙනත් හඬක්.”ඉවැඩ්නි පණ්ඩිතරත්න
|
CREATIVE
|
ආරධ්‍යා බච්චන් අත් පොත් තැබුවාය. ඒ නිළිකමට නම් නොවෙයි. අකුරු ශාස්ත්‍රයටයි. පෙබරවාරි මාසයේ හතර වැනිදා, දෙහැවිරිදි බච්චන් පොඩිත්තී සරස්වතී පූජාවෙන් පසු සුබ මුහුර්තියෙන් බලි කුරුටු ගා අකුරු ලියන්නට මුල පිරූ බව සිය බ්ලොග් අඩවියෙන් ලොවට දන්වා සිටියේ අන් කිසිවකුත් නොව මෙගා තරුව වූ අමිතාබ් බච්චන් සීයායි.
|
CREATIVE
|
රංගන ශිල්පිනීභද්රා නන්දනීමා රඟපෑ ‘පුංචි වලව්ව’ ටෙලි නාට්‍ය මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. තවත් නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී ඒවා විකාශය වේවි. ඊට අමතරව මා නියැළෙන අලුත්ම කටයුත්ත වන්නේ සුසිල්ගේ ‘දෙනුවර දෙන්නෙක්’, ‘සිර කඳවුර’ කියන වේදිකා නාට්‍ය දෙක ඉදිරියේදී වේදිකාගත කිරීමටයි.ඒ සඳහා මේ වන විට නළු නිළියන් තෝරා ගෙන අවසාන වුණත් පුහුණුවීම් ආරම්භ නොකළේ නළු නිළියන්ට තිබෙන දින ප්‍රශ්නයක් නිසයි. ළඟදී එහි පුහුණුවීම් ආරම්භ කිරීමෙන් පස්සේ ඉක්මනින්ම වේදිකා නාට්‍ය දෙක වේදිකාගත කිරීමට මා බලාපොරොත්තු වෙනවා.තිලානි / යතේජාඡායාරූප –ටෙනී / මාලන්
|
CREATIVE
|
රංගන ශිල්පිනී දුලීකා මාරපන ඇයගේ හිතවතෙක් සමඟ සුහද කතාබහක යෙදිලා හිටියා. ඒ කලා කටයුත්තක් අතරතුර ලැබුණු විවේකයකදී. මේ දෙන්නා ආගිය තොරතුරු කතා කරමින් සිටින අතරතුරේදී එතනට ආවේ තවත් හිතවත් කලා කරුවෙක්. ඒ තමයි සංඛ දිනෙත්. කලබලයෙන් වගේ එතනට පැමිණි සංඛ ‘ආ....කොහොමද මචං’ කියලා දුලීකාට අතට අත දුන්නා. ‘මේ මොකද මල්ලියේ මට මචං කියන්නේ’ කියලා තරමක් කලබල වූ දුලීකා සංඛගෙන් ඇහුවා. සංඛටත් හිතා ගන්න බැරි වුණා. ‘කලබලේට වැරදුණා අක්කේ. අනේ සොරි. මෙයා මගෙත් හිතවතෙක්. මෙයා දිහා බලාගෙන ඔයා එක්ක කතා කරන කොට තමයි මචං කියවුණේ. අර හිතවතා පෙන්වමින් සිදුවුණු වැරැද්ද සංඛ වහාම නිවැරදි කළා.
|
CREATIVE
|
සුපර් ස්ටාර් ගායිකාවිරාජනී විශ්ව ලංකාගායන ක්ෂේත්රයට අවතීර්ණවීමට මඟක් සොයමින් සිටි විරාජනී විශ්ව ලංකාට සිරස සුපර් ස්ටාර් පස්වැනි අදියර තම හීනය කරා යාමට කදිම වේදිකාවක් විය. ක්‍රම ක්‍රමයෙන් අවසාන දොළොස් දෙනා අතරට පැමිණ, ජනතා ආකර්ෂණයට පත් වූ ඇය විවිධ ශෛලියේ ගීත ගැයීමට මහත් හපනියක් වූවාය.විරාජනී සුපිරි තරු සොයා යාමේ තරගයෙන් පසුගියදා ඉවත් වූයේ අවසාන සුපිරි තරු දොළොස් දෙනා අතරින් අටවැනියා හැටියටයි.මං කවදා හරි හිතාගෙන හිටියේ අධ්‍යාපන කටයුතුª හමාර කොට ගායනයට පිවිසෙන්න. මීට ප්‍රථම රියැලිටි තරගවලට අයැදුම් නොකළේ ඒකයි. ඔන්න එක්තරා රැයක පාන්දර තුනට විතර මාව ඇහැරුණා. එතකොටත් මං සිහිනයක් දකිමින් හිටියේ. හීනයේ මම සුපර් ස්ටාර් සඳහා ඇප්ලයි කරනවා. ඔය කාලෙ තමයි සුපර් ස්ටාර් පස්වැනි අදියරට අයැදුම්පත් එවන්න කියලා තිබුණේ. මං ඒ සිහියෙන් හිටපු නිසා හීනෙනුත් ඒක දකින්න ඇති. ගැස්සිලා ඇහැරුණුු ගමන් මං එවලේම ඇප්ලිකේෂන් එකක් හදලා එළිවුණ ගමන්ම තැපැල් කළා.අනේ නැහැ.මට එදින අද වගේ මතකයි. මට කිසිදු චකිතයක් තිබුණේ නැහැ. මං හිතා ගත්තා මෙතන චණ්ඩියා මං කියලා. එහෙම හිතාගෙන ගීතය කිව්වා.රොක් ගැයීම මට ලැබුණු අභියෝගයක්. මං ඒක හොඳින් ජය ගත්තා. මමත් පසුවයි දන්නේ මට රොක් ගයන්න පුළුවන් කියලා. ඇත්තටම සුපර් ස්ටාර් නිසයි එවැනි වූ සැඟවිච්ච දක්ෂතාවයක් මං හඳුනා ගත්තේ.මං හරිම සංවේදී කෙනෙක්. හැබැයි ඒ සංවේදීකම හැකියාවෙන් වහගෙනයි මං ඉන්නේ. එතකොට මගේ මුහුණ දකින ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් මං බොහොම සැර කෙනෙක් කියලා. ඒත් එහෙම නැහැ. හිත යටින් මං හරිම සංවේදීයි.අනිවාර්යයෙන්ම.මං යහමින් මුදල් තියෙන කෙනෙක් නෙවෙයි. වර්තමානයේ ගායන ක්ෂේත්රයට එන්න ටිකක් සල්ලි තියෙන්න ඕනේ. මං හිතාගෙන හිටියේ ඩොක්ටර් කෙනෙක් වෙලා සල්ලි හම්බ කරලා ගායිකාවක් වන්න. ඒත් සුපර් ස්ටාර් නිසා ඒ ගමන ඉතාම පහසු වුණා. හරියටම කිව්වොත් සිරස මාව මං යන්න හදපු ගමන ෂෝට් කට් එකකින් එක්කගෙන ගියා වගේ. මං දැනට පෞද්ගලිකව උසස් අධ්‍යාපනය හදාරනවා. දැනටමත් බොහෝ දුරට අධ්‍යාපන කටයුතු හමාරයි. දැන් වෛද්‍යවරියක වෙලාමයි නවතින්නේ. ඒත් ගායනයෙන් ඈත් වන්නේ නැහැ.මගේ අම්මා, මල්ලි සහ සිරස ආයතනයට තුති පුදනවා.සටහන – ප්‍රසාද් සමරතුංග සේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
විදෙස් සේවයේ නිරතව සිටන අපේ රටේ සොයුරු සොයුරියන් වෙනුවෙන් වෙන් වූ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් ගැන ඔබට අමුතුවෙන් සඳහන් කරන්න නම් වුවමනා නැහැ. මීට පෙර මෙහි වැඩසටහන් කීපයක්ම මැද පෙරදිග පවත්වා අවසන්. දැන් රටවිරුවෝ වේදිකාව ඉදිවෙන්නේ සුන්දර මාල දිවයිනේ. එහි සුන්දරත්වය තව තවත් තීව්ර කරන්න එක්වෙන රටවිරුවන් හඳුනා ගන්නයි මේ අවස්ථාව. මොවුන්ගේ කලා හැකියාවන් ලබන 18 වැනිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබට දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.සුනේත්‍රා වීරසිංහ නර්තනය පදිංචිය – වාරියපොළදිලීප් ගයාන් සේනානායක ගායනය පදිංචිය – නිකවැරටියප්රියන්ත ගුණරත්න ගායනය පදිංචිය – කළුතරගයාන් බිංදුහේවා ගායනය පදිංචිය – අම්බලන්ගොඩජානක රංජිත් කුමාර ගායනය පදිංචිය - පොළොන්නරුව විපුල ප්‍රියන්ත ගායනය පදිංචිය - මහනුවර- යතේජා ඥානරත්න
|
CREATIVE
|
ජැක්සන් ඇන්තනී අපූරු චරිතාංග රංගන ශිල්පියෙක්. සුසීමා, ඉරට මුවාවෙන්, ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා,කඩුල්ලවැනි ටෙලි සිතුවම් හි නොමැකෙන රංගන ප්‍රතිභාව ටෙලිවිශනයේ විකසිත කළ ඔහුගේ හැකියාව වැඩි වශයෙන් අප දුටුවේ රිදී තිරයේ බව අමුතුවෙන් කිව යුතු නොවේ.කලකට පසු ජැක්සන් පුංචි තිරයේ රඟන මව අහිමි දියණියන් සිවු දෙනෙකුගේ වගකීම් ඉටු කරන ධම්ම නම් වූ දිරිය පියකු පිළිබඳ ගෙතී ඇති කතා පුවතකි.ලූෂන් බුලත්සිංහල, චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියා රණසිංහ, අතුල පතිරණ, පද්මිණී දිවිතුරුගම, විශ්වජිත් ගුණසේකර, බිම්සරා ප්‍රේමරත්න ආදීහු අප්පච්චී රංගනයෙන් හැඩ ගන්වති.කැමරාව ධම්මික රත්නායකගෙනි. අශෝක අතාවුදහෙට්ටි සහාය අධ්යක්ෂවරයා වේ. කසුන් කල්හාර සංගීතයෙන් එක්ව තිබේ. හර්ෂ අංග රචනා ශිල්පියාය. සෝමදාස මල්දෙණියගේ නිෂ්පාදන කළමනාකරණයකි.සෙරනිට් නිෂ්පාදන ආයතනය වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු සමඟ බණ්ඩාර ඇහැලියගොඩ අප්පච්චි නිෂ්පාදනය කර ඇත.ජීවිතයට ඉඩ දෙන්න, රම්‍ය සුරම්‍ය, තක්සලාව, අහසකින් වැටුණා ආනන්ද අබේනායක මීට ප්‍රථම නිර්මාණය කළ ටෙලි නාට්‍ය අතරින් කිහිපයකි.සටහන සේයා - ප්‍රසාද්
|
CREATIVE
|
මේ සතියේ අලුත් අවුරුද්ද නිසා ගමේ නෑදෑ හිත මිතුරන් සමඟ ගත කරන්නත් කාලය වෙන් කෙරෙනවා. ලබන විසි වෙනිදා අලුත් වේදිකා නාට්‍යය වන ‘මල් වඩම් අ(න)වශ්‍යයි’ වේදිකා නාට්‍යයේ රිහසල් පටන් ගන්න සූදානම් කරලා තියෙනවා.ඊට අමතරව අනෙකුත් නාට්‍ය වන රූකඩ රාජ්ජේ, කොළොම් පුරය, දෙව්ලොව යනකං ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ම වේදිකා ගත කරන්නත් දින නියම කර ගෙන තියෙනවා.මේ සතියේ මගේ උපන් දිනය යෙදිලා තිබුණත් එදිනත් වේදිකා නාට්‍ය රිහසල් සමඟ ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණත් එදාට බෝධි පූජාවක් පවත්වලා පුණ්‍ය කටයුත්තක යෙදෙන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා.
|
CREATIVE
|
නිලාන් මලිගැස්පේ විසින් නිර්මාණය කර එළි දක්වන ‘කුවේණි සහ විජය’ බැලේ රංගනය සහ විවිධ නර්තන අංග ඇතුළත් නර්තනයේ විශ්මය (Power of Dance II) මේ මස 08 වැනිදා මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත කෙරේ.නිලාන් මලිගැස්පේ ආර්පෙජියෝ නර්තන ඇකඩමියට විසි වසරක් සපිරීම නිමිතෙන් මෙය සංවිධානය කර ඇත.කුවේණි සහ විජය බැලේ රංගනය මීට පෙර 2012 වසරේ ඉන්දියාවේ දී වේදිකා ගතකර ඇති අතර එය ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයේ පැවැත්වූ මුල්ම දේශීය නැටුම් සංදර්ශනය වීමද සුවිශේෂී වේ. මෙම නර්තන නිර්මාණය, පිටපත සහ ඇඳුම් නිර්මාණය නිලාන් මලිගැස්පෙ විසිනි.සංගීත නිර්මාණය සංජීව පරණමාන ගෙනි. ප්‍රදීප් ගුණරත්න, ඉරෝෂනා පෙරේරා මුද්‍රා නාට්‍ය හා බටහිර නර්තනයෙන් සහාය වෙති.කුවේණි සහ විජය බැලේ රංගනය සඳහා ආර්පෙජියෝ ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැත්තෑවක පමණ පිරිසක් දායක වීමට නියමිතය.නිලාන් මලිගැස්පේ විසින් ආර්පෙජියෝ නර්තන ඇකඩමිය හරහා අඩු ආදායම් ලාභී පවුලවල දරුවන්ට තම කලා කුසලතා එළි දැක්වීමට අවස්ථාව ලබා දී තිබේ.වසරක් පාසා ළමුන් බඳවා ගනිමින් නොමිලයේ ඔවුන් හට නර්තන පුහුණුව ලබාදෙන අතර අධ්‍යාපන කටයුතු සඳහා ද ගෙවීම් සිදු කිරීමට කටයුතු යොදා ඇත.පාසල් සහ සරසවි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ රැකියාවන් හි නියුතු වූවෝද මේ හරහා නර්තනයට දායකත්වය ලබා දෙති. සෑම වසර එකහමාරක් පාසා පැවැත්වෙන නිෂ්පාදන අතරේ මෙවර සිදු කෙරෙන්නේ දසවැනි නිර්මාණයයි.යතේජා
|
CREATIVE
|
සම්මානනීය වේදිකා නාට්‍ය යුගලය ජනාධිපති තාත්තා සහ කොලම්බො කොලම්බො අධ්‍යක්ෂණය කළ ඉන්දික ෆර්ඩිනැන්ඩො සිනමා අධ්යක්ෂවරයකු ලෙස කලඑළියට එන හෝගානා පොකුණ සිනමා සිත්තමහි ජාත්‍යන්තර මංගල දැක්ම මෙම මස 17 වැනිදා චීනයේ ෂැන්ග්හයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී පැවැත්වේ.ඉන්දික විසින්ම කතාව දෙබස් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මෙය ළමා චිත්‍රපටයක් වන අතර ළමුන් දහ අට දෙනෙකු මෙහි ප්‍රධාන භූමිකා නිරූපණය කරනු ලබති.ජයලත් මනෝරත්න,ලූෂන් බුලත්සිංහල, ජගත් චමිල, ගීතා කාන්ති ජයකොඩි, අනුසුයා සුබසිංහ, හයිසින්ත් විජේරත්න,සැනෙට් දික්කුඹුර, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, ඩී. බී. ගංගොඩතැන්න, අමා විජේසේකර, වසන්ත මුහන්දිරම්, ප්‍රියන්ත සිරි කුමාර හෝගානා පොකුණට රංගනයෙන් දායක වෙයි.මෙය කුසුම්සිරි ලියනආරච්චි, යශෝදරා සරච්චන්ද්‍ර, දයානන්ද ලියනආරච්චි, බිමල් ප්‍රනාන්දු, නිරෝෂා ප්‍රනාන්දු, ශ්‍යාමා අතුකෝරාළ සහ ගීතා මුතුමාලගේ නිෂ්පාදනයකි.චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයාය. දුමින්ද ඩී. මඩවලගේ සහාය අධ්‍යක්ෂණයකි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම ද, ලයනල් ගුණරත්න ශබ්ද පරිපාලන උපදේශනයෙන් ද මෙයට එක් වෙති. ප්‍රියන්ත දිසානායකගේ අංග රචනයකි. ශෂික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණ ශිල්පියාය. පාලිත තෙන්නකෝන් නිෂ්පාදන කළමනාකරුය.ආනන්ද ලියනආරච්චි නිෂ්පාදන විධායකවරයා වේ.හොගානා පොකුණ ළඟදීම මෙරටදී තිරගතවීමට නියමිතය.- ප්‍රසාද්
|
CREATIVE
|
රෝයි ද සිල්වාගේ නවතම සිනමා අධ්‍යක්ෂණය සිහින ලොවක් සඳහා නවක නළු නිළියන් කිහිප දෙනෙකු අවශ්‍ය බව ඔහු ‘සරසවිය’ට දන්වා සිටියි.ඔබ අවුරුදු 18 – 25 අතර රංගනයට ප්‍රිය අයකු නම් නො: 104/ඒ, පාගොඩ පාර, පිටකෝට්ටේ යන ලිපිනයෙන් හෝ 0722284675 යන අංකයෙන් මේ සඳහා වැඩි විස්තර ලබා ගත හැකිය.තිස් වසරක සංගීත දිවිය සමරන ගායකයෙකු, වාදකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු වන නාලක ඩී. සොයිසා සමඟ මෙරට සංගීත ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පීන් වන වින්සන් ඩී. පෝල්, ක්‍රිස්ටෝපර් පෝල් සහ පෝල් ප්‍රනාන්දු ගී ගයන ‘3පෝLS’සංගීත ප්‍රසංගය ලබන 13 වැනිදා මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැත්වේ.- යතේජාමේ දිනවල අති සාර්ථක ලෙස තිරගතවන සිරි පැරකුම් සිනමාපටය පසුගියදා සිට ගම් මට්ටමෙන් සිනමා ශාලාවන්හී තිරගතවීම ඇරැඹණ. අසීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරැඹී එය මෙරට සිනමා ඉතිහාසයේ ආදායම් වාර්තා අලුත් කිරීමට ද සමත් විය. ආචාර්ය සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයෙන් යුතු රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සිරි පැරකුම් ඔවුන් දෙපොළ තිරයට ගෙනා පළමු ඓතිහාසික කතා පුවත වේ.රෝහණ බැද්දගේ කලාකරුවන්ගේ සිව්වන වේදිකා නාට්‍ය නිර්මාණය ‘රාලහාමි’ දිගු කලකට පසු මෙම මස 11 වැනිදා සවස කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.ගම්මුලාදෑනියකුගේ චරිතය ඇසුරෙන් තිර නාටකය සැකසුණු රාලහාමි බන්දුල විජේවීර, මහින්ද පතිරගේ, ඉන්දික ජයසිංහ, නිලුඛා රේඛාණි, තුෂාරි ගුණරත්න, අනෝමා කුමුදිනී, තරංගා කුමාරි රංගනයෙන් රසවත් කරති.මෙම වේදිකා නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීත නිර්මාණය සහ නැටුම් අධ්‍යක්ෂණය යන සියලුම අංග රෝහණ බැද්දගේ විසින් නිම කිරීම සුවිශේෂයි. රාලහාමි නාට්‍ය සඳහා බැද්දගේ සූරීන් විසින් අලුත්ම ජන කවි කිහිපයක් ද නිර්මාණ කොට තිබේ.ලුවී වැන්ඩස්ට්‍රාට්න් කලකට ඉහත නිර්මාණය කළ අති සාර්ථක වූ බෝනික්කා චිත්‍රපටය නව නිෂ්පාදනයක් ලෙස ළඟදීම තිරගත වනු ඇත.විල්සන් කරුණාරත්න, මලින්ද පෙරේරා, ගයේෂා පෙරේරා, ශාලිකා එදිරිසිංහ, සුනෙත් මැල්සිරිපුර, සංජු සමරසිංහ, සරත් දික්කුඹුර, කපිල සිගේරා, අමාලි ඉන්දීවරී ඒකනායක ඇතුළු පිරිස රංගනයෙන් හැඩගන්වති. ටිෂාන් පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අශෝක පීරිස් සංගීත නිර්මාණයෙන් ද, රන්දික සංස්කරණයෙන්ද බෝනික්කා සඳහා දායක වී ඇත. ස්ටැනී ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. ලෙයෝන් වැන්ඩස්ට්‍රාට්න් සහාය අධ්‍යක්ෂවරයාය.බෝනික්කා ජානක ලියනගේ ගේ නිෂ්පාදනයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
පසුගිය සරසවිය කලාපය අලුත් පරපුරේ නිළියකවන මේනකා මධුවන්ති තවත් අලුත් පරපුරේ තරුවක්වන මහේෂි මධුසංඛාට බරපතළ චෝදනා කිහිපයක් එල්ල කළා. කොහොම වුණත් මහේෂි, මේනකාට පිළිතුරු සපයන්න නොබියව ඉදිරිපත් වුණා. ඇය මෙහි සඳහන්වන ඍජු අදහස් කිව්වේ සරසවියටම විතරයි. අහලා බලමු මහේෂි මොනවද කියන්නේ කියලා.‘මට ඒ කතාව ඇහුවම හරි දුකක් ඇති වුණා. විශේෂයෙන් කලකිරීමක්’මහේෂි කතාව පටන් ගත්තේ එහෙමයි.* ඒත් ඔබ මේ ගැන වැඩිය කතා කළේ නැහැ?ඒක මම හිතා මතාම කළ දෙයක්. හැබැයි මම ඒ ගැන මුලින්ම කියන්න තීරණය කළා. කොහොම වුණත්, මුලින් ඒ ගැන කවුරු ඇහැව්වත් නොකියා සිටියේ මේනකා ගැන කිසිම දෙයක් මාධ්‍යයකට කියන්න එපා කියලා මට නිර්ණාමික දුරකථන ඇමතුම් දෙක තුනක් ආව නිසයි. මාව මරනවා කියලත් තර්ජනය කළා. ඉතින් මට හරියට බය හිතුණා. මගෙ අම්මටයි තාත්තටයි ඉන්නෙ මං විතරයි. මගෙ ජීවිතයට යම් හානියක් වුණොත් සතියක් දෙකක් කවුරුත් ඒ ගැන කතා කරයි. ඊට පස්සෙ අමතක වෙයි. ඒත් මගෙ අම්මා හැමදාම විඳවයි. මං මගෙ අම්මට හරිම ආදරෙයි.* දැන් ඔබ නොබියව අදහස් පළ කරන්න හිතුවේ ඇයි?ඔව්, මං මෙච්චර කල් කාටවත්ම මේක කියලා නැහැ. මේනකාගේ ආර්ටිකල් එක දැකලා ගොඩක් දෙනා කිව්වා ඇයි සද්ද නැතුව ඉන්නේ කියලා. මං සද්ද නැතුව හිටියෙ බයටයි. ඕනැදෙයක් වෙච්චාවේ ‘සරසවිය’ පත්තරේ හැමෝම කියවනවා. ඒකයි ‘සරසවියට’ මේ ගැන මං මුලින්ම කිව්වේ. හැබැයි මේක පළ වුණාට පසුව මට යම් අතුරු අන්තරාවක් වුණොත් එහෙම ඒකේ සම්පූර්ණ වගකීම භාරගන්න ඕනෙ මේනකා මධුවන්ති.* ඔබට මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ගන්න තිබුණනේ?මගේ අම්මා ඒ ගැන හිතමින් ඉන්නවා. තවදුරටත් මේනකා මාගැන මෙහෙම කතන්දර කිව්වොත් අම්මා නීතිමය ක්‍රියා මාර්ග ගනීවි.* මේනකා පැවසුවා ඔබ ඇය දැක්කම පණ බයේ දුවනවා කියලා?ඇත්ත, මං ඇයට පණ බයයි. මොකද මං මගෙ ජීවිතයට ආදරෙයි. ඒක නිසා ඇයට මුහුණ දෙන්න මට බයයි.* ඔබට කම්මුල් පහරක්වත් ගහන්න කොන්ද පණ නැහැ කියලාත් මේනකා කිව්වා?ඉතින් අයියේ මං කොහොමද අරවගේ තත්ත්වයක් මත එයාගෙ ඉදිරියට යන්නේ. මං මේනකාට හරි බයයි. චායා ලොකේෂන් එකේදි වුණත් මං ඉන්නේ හරිම පරිස්සමින්. මොන විදිහේ අනතුරක් ඇයගෙන් සිදුවෙයිද දන්නේ නැහැනේ.* මොකක්ද ඔබ සහ මේනකා අතර ඇති මේ විරසකය?මේනකා මුලදි මුලදි මගෙත් එක්ක බොහොම හොඳින් කතා බහ කළා. නමුත් ඇයට පසුකාලීනව යම් ඊර්ෂ්‍යාවක් මං කෙරෙහි ඇතිවන්නට ඇති. ඒකට ඇයගෙ වටේ ඉන්න අයත් වග කියන්න ඕනේ. එයාලා එක එක දේවල් කියලා මේනකාව ඇවිස්සුවා. මටත් මේනකාගේ වැරදි කිව්වා එක එක අය. මං ඒවා විශ්වාස කළේ නැහැ. හැබැයි මේනකා කියන තරම් බහින්බස් වීමක් ඇතිවුණේ නැහැ.* චායා හරිම අවිහිංසක ගති පැවතුම් ඇත්තියක්. මේනකා අදහසක් එක්කොට තිබුණා අවිහිංසක චරිත ලැබෙන්නේ ඒ ගතිගුණයන් ගෙන් ප්‍රතිවිරුද්ධ අයටලු?චායා කියන්නේ හරිම පින්වත් චරිතයක්. සාමාන්‍යයෙන් තියෙන පින් පව් අනුව තමයි රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට චරිතයක් ලැබෙන්නේ. මගෙ පිනකටයි චායා මට හිමි වුණේ. චායා චරිතය සඳහා මිස් වර්ල්ඩ් ගිය ගැහැනු ළමයෙක් පවා ඇවිත් හිටියා. ඇයව තේරුණේ නැහැ. තෝරා ගැනීමේ පරීක්ෂණයෙදි මට ලැබුණු සීන් එකේ හැටියට හිනාවෙලා ඉඳලා එකපාරටම අඬන්න ඕනා. මං ඇඬුවෙ ඇහේ ග්ලසරින්වත් දාන්නෙ නැතිව. එහි අධ්යක්ෂ සඳුන් රාජකරුණා අයියත් පුදුම වුණා මං අඬපු තාලෙට. ඉතින් චායා මට හිමි වුණා. නාට්‍යය විකාශය වෙනකොට අතිශය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් චායාව වැලඳ ගත්තා. මේනකාගේ චරිතයවන හර්ෂනීට මිනිස්සු කොහොමත් බනිනවා. මේනකාටත් අවිහිංසක චරිතයක් ලැබුණොත් මිනිස්සු ඇයට ආදරය කරාවි.* චායා හි මේකප් ආර්ටිස් සමීර මධු කිඳෙල්පිටිය මේවන විට ඉන් ඉවත් කරලා තියෙනවා. ලැබෙන ආරංචියෙ හැටියට මේනකා, මහේෂි විරසකය තමයි ඊට හේතුව?මෙහෙමයි, සමීර අයියා හරිම හොඳ මේකප් ආර්ටිස් කෙනෙක්. හොඳට අපිව ලස්සන කරනවා. ඒත් ඔහුව අයින් කිරීම පිළිබඳ අහන්න ඕනෙ චායා ප්‍රඩක්ෂන් එකෙන්. මං ඒක ගැන දන්නේ නැහැ.* අවසන් කොට ඔබට මොනවද කියන්න තියෙන්නේ?මට අද මැරුණත් කමක් නැහැ. ප්රේක්ෂකයන්ගෙ හිතේ මං නොමැකෙන සටහනක් තියලා ඉවරයි. හැමදාමත් මහේෂි මධුසංඛාගේ මතකය ඔවුන් අතර ජීවත්වේවි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
ලක්ෂ්මන් පුෂ්පකුමාර තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ‘තිමිරගිර’ ටෙලි සිත්තම සඳුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම රාත්‍රියේ දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය කෙරේ.ඩබ්ලිව් ජයසිරි, සුදර්ශන බණ්ඩාර, සුනීතා විමලවීර, චිත්‍රා වරකාගොඩ, සුසන්තා චන්ද්‍රමාලි, දයා හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, ශ්‍රියාණි මහවත්ත, මිලින්ද පෙරේරා, මහේන්ද්‍ර වීරරත්න ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. ‘තිමිරගිර’ කැමරාකරණය – නිශාන්ත ප්‍රදීප්, සංස්කරණය - සමීර සම්පත්, කලා අධ්‍යක්ෂණය – හසින්ත වැල්ලවාය සහ අංගරචනය – නලීන් ප්‍රේමරත්න විසිනි.- යතේජා
|
CREATIVE
|
අද ප්‍රශ්න පත්තරේට පිළිතුරු සපයන්නේ යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන තරු දෙකක් වන මංජුල මොරගහ සමඟින් මුතු තරංගාමුතු තරංගා සැකසුම – යතේජා ඥානරත්නඡායා – ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
නිවේදකආරියසිරි විතානගේනිදහස් නිවේදකයෙක් ලෙස කටයුතු කරන ගමන්ම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා.ඒ අපේ සහල් අපේ දේශයට වගේම විදේශ රටවලටත් අපනයන කිරීමයි. ඒ වගේම Tratlanka වෙළෙඳ ප්‍රචාරන කටයුතු ආයතනයත් මගේමයි.
|
CREATIVE
|
චීන ජනපති ෂී ජින් පිම් අප රටට පැමිණීමෙන් පසුව අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැත් වූ භෝජන සංග්‍රහයේදී අපේ සංගීතවේදී මනෝජ් පීරිස්ට ද ආරාධනාවක් ලැබුණි. ඒ එම භෝජන සංග්‍රහය හෙළ සංගීත නර්තනයෙන් සමන්විත වූ අතර එහි සංගීතය මෙහෙයවන ලද්දේ ලලිත කලා වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ය.එහිදී චීන ජාතික කාන්තාවක් වූ olu zheng ‘ඕලු පිපිලා’ ගීතය ගැයූ අතර සඳලි විජේතුංග මෙහිදී චීන ගීතයක් ගායනා කළාය. ඇගේ ගායනයට චීන ජනපතිතුමාගෙන් පැසසුම් හිමි වූ අතර නාවික හමුදා නර්තන කණ්ඩායමේ නර්තනවලින් ද ඒ අවස්ථාව සුන්දර විය.තිලානි
|
CREATIVE
|
විනුජ තරුෂ්කමේවික්ටර් රත්නායකමුණුබුරාගේදොරට වැඩීමයිපැණි මොර මල් 02 වැනිදාළමා ගායන ශිල්පී විනුජ තරුෂ්ක ගුණසේකරගේ ‘පැණි මොර මල්’ ළමා ගී සංයුක්ත තැටිය ලබන සැප්තැම්බර් 02 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා රංග ශාලාවේදී දොරට වඩී. කලා ලොවට පිදෙන මේ ළමා මල් කැකුල ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් දියණිය චාන්දනී රත්නායකගේ පුත්‍රයායි. මේ සුවිශේෂ අවස්ථාවේදී සරසවිය විනුජ පුතා සමඟ කතා කරන්නත් තීරණය කළා.සීයා වගේ සංගීත ක්ෂේත්රයේ ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙන විනුජ සරසවියට ආවේ අම්මා චාන්දනී රත්නායක සහ අප්පච්චි ජගත් ගුණසේකර එක්ක.ඉතිං විනුජ අපට කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක්?මම ඉගෙන ගන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ හත වසර පංතියේ. අපේ පවුලේ අම්මයි තාත්තයි මමයි අක්කයි. අක්කා චේතනි වන්දනා.පුතා කැමතිම විෂය සංගීතය ද?ඔව්. මම සංගීතයට ගොඩක් කැමැතියි. විද්‍යාවටත් ආසයි. ඊට අමතරව මම කැරම් ක්‍රීඩාවට ගොඩක් කැමැතියි. තරඟවලින් ජයග්‍රහණත් ලබා ගෙන තියෙනවා. තව මම නර්තනයත් හදාරනවා.විනුජට පුංචි කාලේදීම සීයා සංගීතය උගන්වන්න ඇති?සීයා සිංදු කියනවා, සර්පිනාව වාදනය කරනවා මම අහලා දැකලා තියෙනවා. සීයා තමයි මට මුලින්ම සංගීතය ඉගැන්නුවේ. ජයන්ත මාමා වගේම ලෙලුම් මාමාත් මට ගොඩක් උදව් කරනවා. සීයා මට සර්පිනාව වාදනය කරන්න ඉගැන්නුවා. මම වාදනය කරන්නෙත් සීයාගෙ සර්පිනාවම තමයි.විනුජ වැඩිපුර කැමැති ගායනයට ද වාදනයට ද?ගායනයට වගේම වාදනයටත් ගොඩක් කැමැතියි. සර්පිනාවට අමතරව ඩ්‍රම් සෙට් එක වගේම බෙර වාදනයත් පුළුවන්. 2005 වසරේ උපන් දිනයට අප්පච්චි මට ඩ්‍රම් සෙට් එකක් ගෙනත් දුන්නා. වීඩියෝ බලලා තමයි ඒක වාදනය කරන්න පුරුදු වුණේ. අප්පච්චිටත් ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන්. චූටි මාමාත් කියලා දුන්නා.එතකොට විනුජගේ විනෝදාංශය?පවුලේ හැමෝම එකතු වුණාම සෙල්ලම් කරනවා. සීයා ගෙදර නැති වෙලාවට ජයන්ත මාමාගේ ලෙලුම් මාමාගේ සහ මංජු පුංචිගෙයි දරුවෝ හැමෝම එකතු වුණාම හරිම ෂෝක්. සීයා නැත්නම් අපි සිංදු කියනවා. සීයා ඉන්නවා නම් සෙල්ලම් කරනවා.‘ඒ වගේම මෙයා කාලෙන් කාලෙට එක එක චරිත රඟ දක්වනවා’. එහෙම කිව්වේ විනුජගේ අප්පච්චි. ‘කාලයක් සුපර් මෑන් වෙලා හිටියා. ඊට පස්සේ බෙන්ටෙන්. මේ දවස්වල ඇරෝ නාට්‍ය බලලා දුන්නක් හදාගෙන සෙල්ලම් කරනවා.’‘පැණි මොර මල්’ ළමා ගී තැටිය ගැනත් විස්තර කියමුද?පැණි මොර මල් ගීත එකතුවේ ගී 12 ක් ඇතුළත් වෙනවා. එයින් ගීත හයකම සංගීතය සීයාගේ. ජයන්ත මාමා, සෝමපාල රත්නායක බාප්පා සීයා, ආචාර්ය රෝහණ වීරසිංහ, මහින්ද බණ්ඩාර සහ ලක්ෂ්මන් විජේසේකර සංගීතඥයන් විසින් අනෙකුත් ගීත සංගීතවත් වුණා. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ඇතුළුව මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ, ආචාර්ය අජන්තා රණසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ, කුලරත්න ආරියවංශ, සෝමරත්න දිසානායක, අද්මිරාල් සෝමතිලක දිසානායක, වසන්ත කුමාර කොබවක, බන්දුල නානායක්කාරවසම් සහ ගීතනාත් කුඩලිගම මහත්වරුන් අතින් මෙහි ගීත රචනා වුණා. ප්‍රසංගයේ සංගීතය මෙහෙය වන්නේ ජයන්ත මාමා විසින්.විනුජ ඔයාගේ අනාගත බලාපොරොත්තු ගැනත් අපට කියන්නකෝ?ඉගෙනීම් කටයුතු සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ලොකු වුණාම සීයා වගේ සංගීතඥයෙක් වෙන්න ආසයි.පුංචි විනුජගේ බලාපොරොත්තු සාර්ථක වේවායි ‘සරසවිය’ අපි සුභ ප්‍රාර්ථනා කරමු!යතේජා ඥානරත්න
|
CREATIVE
|
මෙවර සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු සපයන්නේ, ජනප්‍රිය රංගන ශිල්පී සම්පත් ජයවීර සහ ‘ඉස්සරහට යන්න’, ‘තරුමලී’ ටෙලි සිත්තම් හරහා මේ දිනවල ඔබේ ආලින්දයට පැමිණෙන යෙවුන් නිළි නිලුක්ෂි මධුෂිකා.
|
CREATIVE
|
සිරි පැරකම් සිනමාපටයෙහි සිරිමල් එතනාගේ චරිතය රඟපෑ සෙනාලි ෆොන්සේකා ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙයි. ඒ කළු සෙවණැල්ල ටෙලි සිතුවම හරහායි. පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනියේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වූ අළු බඳුන හි අධ්යක්ෂවරයා මෙන්ම රචකයා ද වන දිලුක ප්‍රසාද් ගුණතිලක කළු සෙවණැල්ල අධ්‍යක්ෂණය කරනු ලබයි. මේ දිනවල නුවරඑළිය අවට ප්‍රදේශයන්හි රූ ගැන්වීම් සිදුවන කළු සෙවණැල්ල ටෙලි සිතුවමේ ජීවන් කුමාරතුංග, රොෂාන් රණවන ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයේ යෙදෙති.
|
CREATIVE
|
සරත් දික්කුඹුරගේ කතා සංකල්පයකට අනුව සුමිත් කුමාර අධ්‍යක්ෂණය කරන අපේ යාළු පුංචි යාළු නම් ළමා ටෙලි චිත්‍රපටයේ රූගත කිරීම් හෙට කුරුණෑගලදී ඇරැඹෙයි. සරත් දික්කුඹුර, නිමල් පල්ලේවත්ත, නිර්මා සුරංජි, මල් කුමාරි ගීතරාණි, ඩී. බී. ගංගොඩතැන්න, සෝමවීර ගමගේ, චමිල අත්තනායක, පබෝධ පබරසර (ළමා) මෙහි රංගන දායකත්වය සපයති.සුරේෂ් ධම්මික කැමරා අධ්‍යක්ෂණයෙන් ද,, ගාමිණී කොස්තා අංග රචනයෙන් ද, මායාදුන්න බණ්ඩාර තිර රචනයෙන් ද අපේ යාළු පුුංචි යාළු සඳහා එක්වෙති.සුනෙත් රසාංගගේ සහාය අධ්‍යක්ෂණයකි. චිරන්ත විශ්වජිත් සංගීතය මෙහෙයවයි. හර්ශන ලාල් කලා අධ්‍යක්ෂවරයාය. සරත් දික්කුඹුරගේ ගීත රචනයකි. චරිත තිලක දික්කුඹුර සහ තෂිනි ෆොන්සේකා ගීත ගයනු ලබයි.අපේ යාළු පුංචි යාළු රුක්මන් සමන්ප්රිය සමඟ බර්මින් ලයිලි ප්‍රනාන්දු නිෂ්පාදනය කරයි.- ප්‍රසාද්
|
CREATIVE
|
රංගන ශිල්පිනී නෙළුම් පෙරේරාමගේ ජීවිතයේ නම් ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය විදියට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. කලා ජීවිතයේ වසර ගණනකට පසු චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහි මට මුඩුක්කු ගහැනියක ගේ චරිතයක් නිරූපණය කරන්න තියෙන්නේ . ඒක මගේ කලා ජීවිතයේ ලොකු වෙනසක්. මේ වෙනතෙක් මට ඒ වගේ චරිතයක් රඟපාන්න ලැබිලා නැහැ. ඒ වගේම අපේ ගෙදර බලු සුරතලුන් ගොඩක් ඉන්නවා. මගේ වැඩි කාලයක් ගතවෙන්නේ උන් රැක බලාගන්න. මහ මඟ සමහර මිනිස්සු දාලා යන සතුන්වයි මම රැක බලාගන්නේ. ඒත් මම හැමෝගෙන්ම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා මේ විදියට සත්තු වුණත් අම්මලාගෙන් කිරිබොන පුංචි පැටව් මහ මඟ දාලා යන්න එපා කියලා.
|
CREATIVE
|
ජීවිතයේ සැඳෑ සමය ගත කරන කලා කටයුතුවල නිරත විය නොහැකි කලාකරුවන් දිරිගැන්වීම උදෙසා ආර්. දුමින්ද සිල්වා පදනම මඟින් ‘කලා සවිය’ නම් වූ වැඩ සටහනක් ආරම්භ කරන ලදී. එහි පළමු අදියර ලෙස දැනට රෝගගාතුරව සිටින සුනිල් හෙට්ටිආරච්චිගේ සුවදුක් විමසා බලා ඔහුට මූල්‍යමය ත්‍යාගයක් පිරිනමමින් ආරම්භ කෙරිණ.කොළඹ දිස්ත්‍රින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේ ක්රියාක්මක වන ‘කලා සවිය’ මඟින් මසකට වරක් මෙසේ අසරණ කලාකරුවන් සොයා බලා ඔවුනගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට අවැසි කටයුතු සම්පාදනය කරනු ඇත.- ප්‍රසාද්
|
CREATIVE
|
අද මඳ පොද වැහි වැටෙන දිනයකි. සීරුවට බිම තෙමන තුහින වන් වැහි බිඳිති ගමනට එල්ල කරන්නේ බාධාවකි. කතා නායකයා මිලට ගත් සුඛෝපබෝගී බස් රථයේ මංගල ගමන නුවර බලාය.අද ඔහුගේ උපන් දිනය සැමරීමට නුවර නාථ දේවාල පරිශ්‍රයේ පින්කමකි. මේ ඔහුගේ 27 වැනි උපන් දිනය යි. එමෙන්ම තවත් සුවිශේෂත්වයකි. විවාහයෙන් පසුව සමරන පළමු උපන් දිනය යි.කතා නායකයා විශ්ව කොඩිකාරය.මාධ්‍ය හිතවතුන් රැගත් බස්රථය ක්‍රමයෙන් ඉදිරියට ඇදෙයි. බස් රථයේ රියැදුරු රුවන් අප ඉතා ප්‍රවේසමෙන් ගමන රැගෙන යාමට වගකීම දරා ඇති සෙයකි.මාධ්‍ය ලෝකයේ කතාන්දර විහිළු තහළු මෙන්ම චරිත කතාද බස්රථයේ නිමක් නැත. ක්‍රමයෙන් රථය ළංවන්නේ නුවරටය. තරමක් ප්‍රමාද වුවද උත්සවයට පැමිණීමට හැකිවීම ගැන අප තුළ ඇත්තේ සතුටකි.ගිය වසරේ මෙන්ම විශ්ව මේ වසරේද උපන් දනය වෙනුවෙන් මහනුවර නාථ දේවාලයේ පන්සල වෙනුවෙන් අක්කරයක ඉඩම් කට්ටියක් පරිත්‍යාග කරනු ලැබුවේ ආශීර්වාද මැදය.හරසුන් සාදවලට වඩා විශ්වගේ මේ උතුම් ක්‍රියාව මෙන්ම ආදර්ශය ගිය වසරේද මාධ්‍යයේ පැසසුමට ලක් වූයේය. සැබවින්ම එය සද්ක්‍රියාවකි. මනුසත් කම පෙරටුකොට ගත් සැබෑම සද්ක්‍රියාවකි.මේ උතුම් කටයුත්තෙන් අනතුරුව විශ්ව කැදැල්ලට අප ගොඩ වූයේ ඔහුට හද පිරි සුබ පැතුම් එක්කරමිනි.මේ පාරත් උපන් දිනයට පින් කමක් කළා. කවද හරි අපට ඉතිරි වෙන්නෙ අපි කරන පින්නෙ. අනික පුංචි කාලෙ ඉඳලම තාත්තා මගේ උපන් දිනයට දාන මාන දුන්නා මට මතකයි.ඒ වගේම ඒ කාලෙ ඉඳලම මම ආගමට දහමට ඉතාමත් ළෙන්ගතුයි. ඒ නිසා මේ පාරත් ඉඩමක් පරිත්‍යාග කරන්න තමයි හිතුණෙ. ඒකට ඉතිං පවුලෙ හැමෝගෙම උදව් නොඅඩුව ලැබුණා.සුන්දරත්වයෙන් පිරිපුන් විශ්වගේ නිවසේ අප වෙනුවෙන්ම පිළියෙල කළ කෑම වේලකි. ඒ අතරතුර කතාබහද නිම නැත. විශ්ව එරන්දි විවාහයෙන් පසුව පදිංචියට ආ නව නිවෙස ඉතාමත් අලංකාර පි‍්‍රයමනාප තැනකි. එමෙන්ම නිදහස්, පරිසර චමත්කාරය නිමක් නැති තෝතැන්නකි. මම විශ්ව සමඟ මඳක් කතා කරමි.‘කොළඹ වැඩ කරලා ආවම මාර මහන්සියි. නිවාඩුවක් ලැබුණු ගමන්ම දුවන්නෙ නුවරට. මේ පරිසරයට මං හරිම ආසයි. ආදරෙයි.ගෙදර ආව දවසට පවුලෙ හැමෝම ඉන්න ඕන. එතකොට තමයි ඉතිං සතුටයි, විමෝදෙයි රැඳෙන්නෙ. මේ තීරණ ගන්නෙ පවුලෙ හැමෝටම කතාකරලා තාත්තා, අම්මා,අක්කා, අයියා වගේම හැමෝම මේ උතුම් කටයුත්තට අත දුන්නා.විශ්වගේ මුවගෙන් තාරුණ්‍යයේ සිනා රැල්ලක් ඇදේ. ‘බස් ව්‍යාපාරයට අත තියන්න වගේ හදන්නෙ. අලුතෙන් බස් එකක් ගත්තෙ ඒකට නේද?’ මම අසමි.‘අනේ නැහැ. මේ දවස්වල කෝරලේ මහත්තයා වේදිකා නාට්‍යය රටවටා යනවා. ඉතිං ඒකට සැප පහසු බස් රථයක් ඕන වුණා. ඒ හින්ද එකතු කර ගත්ත සල්ලිවලින් බස් එකක් ගත්තා. අද තමයි මුලින්ම දිව්වේ. ’ඒ බස් රථයේ පළමු මගීන් වීම ගැන අපට ඇත්තේ සතුටකි. විශ්වගේ පැරණි කාර් රථය පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඇත්තේ නව බෙන්ස් රියකි. ‘විශ්ව මේ දෑවැද්දට ලැබුණු කාර් එකද? මම සුහද පැනයක් යොමු කරමි.’ගොඩක් අය මේ කාර්එක ගත්තම එහෙම කිව්වා. මගෙ ඉස්සර කාර්එක අරන් දුන්නෙ තාත්තා. ඒක කාලයක් පැද්දා. බෙන්ස් එකක් ගන්න මට තිබුණෙ පුදුම ආසාවක්. ඉතිං මං ඒ කාර්එක විකුණලා අලුත් කාර්එකක් ගත්තා. මේක ගත්තේ මගෙ සල්ලිවලින්.විශ්වගෙ අක්කාගේ දියණී සුදුමැණිකේත් පුතනු ලංකේෂුත් වරින් වර විශ්වගේ තුරුලට වැදෙන්නේ ස්නේහයේ සුව විඳිනු පිණිසමය.විශ්වගේ ආදරණීය බිරිය එරන්දි ට උසුළු විසුළු කරන සුදුමැණිකේ ඉඳහිට මටද උසුළු විසුළු කරමින් පැන දුවන්නේ සුරතලයෙනි. ‘ඉතිං කොහොමද නංගී’ මං විශ්වගේ බිරිය එරන්දි කතාවට එක්කර ගතිමි.‘ඉන්නවා අයියේ සතුටින්, ආදරෙන්. විශ්ව ගොඩක් වෙලාවට සතියට දවසක්වත් ගෙදර එනවා.නැත්නං අපි දෙන්නම කොළඹ ගෙදර තමයි ඉන්නෙ. හැම වෙලාවෙම එක තැනකට වෙලා ඉන්න තමයි අපි කැමැති.කොහොමද මෙයාගෙ කෑම බීම?ගෙදර ඉන්න වෙලාවට මමත් උයනවා. මෙයා සුප් බොන්න තමයි ගොඩක්ම කැමැති. ගොටුකොළ සම්බෝලවලටත් හරිම ආසයි. විශ්වගෙ අක්කි, අම්මා මට එකතු වෙලා උයන්න තමයි වැඩිපුරම කැමැති. හරිම ලස්සනට ජීවිතේ ගලාගෙන යන එක සතුටක්.ඒ සතුටට මේ ඡායාරූප පෙළ කදිමට සාක්කි දරාවි.සුබ උපන් දිනයක් විශ්ව.....අපි සමුගත්තෙ ඒ හද රැඳි පැතුමත් එක්කරමින්.චතුරඡායා - නිරෝෂ් පි‍්‍රයංක
|
CREATIVE
|
ඔබේ කඳුළු කතාව අහන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආදරණීය උපේක්ෂා. කවුරුවත් සවන් යොමු නොකරන ඔබේ ගැටලු ලියන්න ඇයට.ආදරණීය උපේක්ෂා, සරසවිය,ලේක්හවුස්, කොළඹ 10.උපේක්ෂා අක්කේ මගේ ගම ඇඹිලිපියේ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත මං කොළඹ ඉස්පිරිතාලෙන් ප්‍රතිකාර ලබනවා. රෝගීන් බැලීමට අවසර දෙන වෙලාවන්වලදී යාබද ඇඳන්වල ඉන්න අයගේ ඥාතීන් ඔවුන්ව බැලීමට එනවා. ඒත් අපේ ගෙවල් දුර නිසා මාව බලන්න කවුරුවත් එන්නේ නැහැ. මං හරිම පාළුවෙන් ඉන්නේ.නිශාන්ති රත්නපාලමට ඇත්තටම ඔබ ගැන දුකයි නගෝ. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඔබ අනම් මනං ගැන හිතන්නේ නැතිව රෝගය සනීප කර ගන්න බලන්න. ඔබේ නෑදෑයෝ ඉන්නේ සමීපව නෙවෙයි. ඒ හින්දා ඒ අය නොඒම පිළිබඳ ඔබ දෙපාරක් හිතන්න. කෙනෙකුගේ දුකේදියි ළඟ ඉන්න ඕනේ.මං කොළඹ රැකියාවකට ආව තරුණයෙක්. කුණු ට්‍රැක්ටරයක සහයකයෙකු ලෙසයි මට වැඩ කරන්න ලැබුණේ.මං මගේ රැකියාව ගමට වසං කළා. ළඟදී කොළඹ ආව මගේ මිත්‍රයෙක් මාව දැකලා ඔහු ගමේ හැම තැනම මගේ රැකියාව පිළිබඳ උපහාසාත්මකව කතා හදලා. මට දැන් ගමට මුහුණ දෙන්න ලැජ්ජයි.අනිල් ජයන්තකුරුණෑගල, කටුපොතදියුණු වන්නට රැකියාවෙහි තත්ත්වය බලපාන්නේ නැහැ.ඔබේ රැකියාව හොඳටම ප්‍රමාණවත් අනාගතයේදී හොඳ තැනකට එන්න. ඔබේ මිත්‍රයා ඔබ ගැන කියන බොරු කතන්දරවල ඇත්ත සිදුවීම් ළඟදීම හෙළිදරව් වේවි. මොන දේ වුණත් ඔබේ වෘත්තීය ගැන ගමේ අයට තතු පහදා දෙන්න.මං ලබන වසරේ අපොස සා/පෙළ ලියන්න සූදානම් වන ශිෂ්‍යයෙක්. අසාමාන්‍ය අන්දමින් පාසලේ ගුරුවරු මාව කොන් කරනවා. අක්කේ, මේක මට මානසික වධයක්.අශේන් චින්තකනුවරඔබව කොන් කරන්නේ හේතුවක් ඇතුව වෙන්න පුළුවන්. ප්‍රථමයෙන් එය සොයා ගන්න. ගුරුවරුන් සමඟ විනයක් ඇතුව ඒ ගැන කතා කරන්න. සමහර විට ඔබේ ඇති අඩුපාඩුවක් නිසා ඔවුන් ඔබව සමච්චලයට භාජනය කරනවා ඇති. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම තිබුණොත් මව්පියන්ව දැනුවත් කරලා විදුහල්පතිතුමා වෙත කැඳවාගෙන ගොස් ඔවුන් හරහා විදුහල්පතිතුමාව දැනුවත් කරන්න.අක්කේ මං බස්රථවල විරිදු කියන ළමයෙක්. මට අනාගතය ගැන බයයි. කොපමණ රැකියාවන් හෙව්වත් මට නොලැබුණු නිසා කරන්නම දෙයක් නැති තැනයි බස්වල සිංදු කියන්න පටන් ගත්තේ.ගයාන් මිතුන්මැණික්හින්නඅනාගතය ගැන බය වෙන්න එපා දරුවෝ. ඔබට ඉක්මනින් රැකියාවක් හම්බ වේවි. නිකරුණේ කාලය ගත කර කර ඉන්නේ නැතුව මේ වගේ වැඩක් හෝ කරන එකට මං සතුටුයි. අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්න බලන්න. එතකොට කවදාවත් ඔබට වරදින එකක් නැහැ.මගේ අතින් සමීපතමයකුට අනතුරක් වුණා. ඔහු දන්නේ නැහැ මගේ අතින් ඒක වුණු විත්තිය. ඒ අත් වැරැදීමෙන් ඔහුට යම් තුවාලයක් සිදු වුණත් දැන් ඔහුට සනීපයි. මට දැන් ඒක ඔහුට කියන්න ඕනේ. ඒක දැනගත්තට පසුව ඔහු මාත් සමඟ අමනාප වේවිදෝ යැයි සැකයි.විදුශාන් ප්රනාන්දුමාවනැල්ලඔහු සන්සුන්ව සිටින මොහොතක ඔබේ අතින් වූ වැරැද්ද ඔහුට පවසන්න. ඔබ හිතලා කරපු දෙයක් නොවන නිසා යාළුවා ඒ බව වැරැදියට තේරුම් නොගනීවි.පිට අයකුගෙන් ඇත්ත දැනගන්නවාට වඩා ඔබම ඇත්ත පවසන එක නුවණට හුරුයි.අක්කේ, මගේ සිතේ කෙනෙකුට ආදරයක් තියනවා. ඇය මගේ ලේ නෑයෙක්. ලේ නෑයන් අතර විවාහයන් හොඳ නැහැ කියා කියනවා නේද?චන්දන හේවාවසම්දඹගොල්ලෑවඔබ කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔහු දෙන අවවාද අනුව ක්‍රියා කරන්න. ඔබේ ගැටලුව අවදානම් බව වෛද්‍යවරයා කිව්වොත් හැකිතාක් ඉක්මනින් සම්බන්ධය නවත්වන්න උත්සාහ කරන්න. දැන දැන අමාරුවේ වැටෙන්න එපා.දුවේ මං වැඩිහිටි නිවාසයක තනි වූ තිදරු මවක්. මේ අවුරුද්දේ මගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකුවත් මාව බලන්න ආවේ නැහැ. මං හරිම කම්පනයෙන් ඉන්නේ.අයිරින් සිල්වාපන්නලඅම්මේ ඔබේ කතාවට මට දුකයි. ලෝක ධර්මතාවය මේ බව සිතා සැනසෙන්න බලන්න. ඔබ හොඳ යාළුවෙක් හොයා ගන්න.යාළුවත් සමඟ දුක සැප බෙදා ගන්න. පුළුවන් කාලයේ කරපු දේවල් ගැන සිතා සැනසෙන්න.සැකසුම – ප්‍රසාද් සමරතුංග නිශංකා උඩුගම්පලසේයාරූ - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
ටෙලි සිනේ යන්ත්‍රයක් කියන්නේ චිත්‍රපටයක්, ටෙලි මාධ්‍යයට පරිවර්තනය කරන යන්ත්‍රය. ඒ යන්ත්‍ර අපේ රටේ තිබෙන්නේ එකක් නැත්නම් දෙකකි. එහි මිලත් අධිකය.එහෙත් පිටරට යන්ත්‍රයට කිසි සේත් දෙවන නොවන එබඳු යන්ත්‍රයක් තැනූ තැනැත්තෙක් අපට හමු වුණා. ඔහු ලලිත් පාලිත සිල්වා.මාස කීපයක් පුරා නිර්මාණය කරනු ලබන චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක් මි. මි. 35 පටයක ඇති රූප පෙළක් ලේසර් කිරණයක් ආධාරයෙන් ප්‍රිස්මයක් හරහා කැමරාවකට කෙළින්ම යොමු කිරීම මඟින් මෙහි ක්‍රියාකාරිත්වය සිදු කරන අතර ඕනෑම පලුදු වූ විකෘති වූ පැරැණි රූප රාමු, චිත්‍රපට මේ හරහා නැරැඹිය හැකිවීමත් අද තිබෙන නවීනතම තාක්ෂණික පටිගත කිරීමකට එය නැවත පටිගත කර ගැනීමටත් මේ උපකරණය හරහා කළ හැකිවීමත් මෙහි ඇති තවත් සුවිශේෂී අංගයන් කිහිපයකි.රාගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී සිනමාව ගැන උනන්දු වූ නිසාම ඉවත දමන දේ එකතු කොට ප්රේක්ෂණ යන්ත්‍රයක් තැනූ ලලිත් පාලිත එහි ක්‍රියාකාරිත්වය අපේ සිනමාවේ පතාක යෝධයන් වූ ඩී. බී. නිහාල්සිංහ, ටයිටස් තොටවත්ත ආදීන්ට පෙන්වා දෙනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට චිත්‍රපට සංස්ථාවේ කාර්මික ශිල්පියෙක් ලෙස රැකියාවක් ලැබුණි.මම වගේ සුළු සේවකයෙක් කොච්චර දක්ෂ වුණත් ඒ අයට වටිනාකමක් දැනුණේ නෑ. එවක චිත්‍රාගාරයේ හිටියා සාරංගරාජා කියලා ඉංජිනේරුවෙක්. මේ මහත්තයා මට මේ උපකරණ අත පත ගාන්න, ඒවා කැඩුනාම හදන්න වගේ දේවල් සඳහා සම්බන්ධ කර ගත්තා. දවසක් චිත්‍රපටවල ශබ්දය පටිගත කරන උපකරණයක සින්ක් මෝටරය පිච්චුණා.මේක හදන එක ලොකු ප්‍රශ්නයක් වුණා. එදා නම් දරා සිටි සන් ඉලෙක්ට්‍රිකල් ආයතනයට ඒ මෝටරය හදන්න නොහැකි වුණා. සාරංගරාජා ඉංජිනේරු මහත්තයා මට ගොඩක් හිතවත් හින්දා මම මේක හදන්න උත්සාහ ගත්තා.අවසානයේ මගේ උත්සාහය හරි ගියා. එදා නම් දරපු ඉංජිනේරුවන්ටවත්, නම් දරපු කොම්පැනිවලටත් බැරි වුණ ඒ අලුත්වැඩියාව මම කරලා උපකරණය නැවත හැදුවා. ඒක අදටත් සරසවි චිත්‍රාගාරයේ ක්‍රියා කරනවා. එදා එහි ශබ්ද පරිපාලක වශයෙන් කටයුතු කළේ ජෝර්ජ් මනතුංග මහත්තයා.ටෙලි සිනේ යන්ත්‍රයක වටිනාකම ලක්ෂ පනහක් පමණ වෙයි. එහෙත් එය නිපදවන්නට කිසිවකු හෝ මුදල් දුන්නේ නැත. රුපියල් විසි පන්දහසක් පොලියට ගත් ඔහු එයින් කටයුත්ත ඇරැඹුවේය.ඒ සඳහා ලක්ෂයකට අධික මුදලක් වැය විය. කෙසේ වෙතත් ඔහුගේ අලුත් ටෙලි සිනෙ යන්ත්‍රය පිළිබඳ වගකිවයුත්තන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. මේ කර්තව්‍යයට ඔහු පසුපසින් සිටින්නේ ඔහුගේ බිරිය මාලා පමණය.මේ ටෙලි සිනේ යන්ත්‍රය පිළිබඳ වගකිවයුත්තන් බොහෝ දෙනාට දැනුම් දුන්න ද කිසිවකුගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. චිත්‍රපට සංරක්ෂණය කරන වැනි වැඩකටවත් මේ උපකරණය ප්‍රයෝජන ගන්නේ නැත්තේ ඇයි දැයි කියන එක මට ප්‍රශ්නයක් යැයි ඔහු ශෝකයෙන් යුතුව පැවසීය.චන්දනඡායාරූප – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ප්‍රේමදාස විතානගේ නම පැවසූ සැනින් සියල්ල හඳුනන්නේ කලා ක්ෂේත්රයේ හිත හොඳ මිනිසෙකු හැටියටය. ටෙලිවිෂනය, සිනමාව, වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයේම කැපී පෙනුණු ඔහු හදිසියේ රෝගාතුර වූ වග පසුගියදා සැළවිණ. අප එහි ගියේ ඔහුගේ දුක සැප විමසා බලන්නටය.අප ප්‍රේම් අයියා සමීපයට ගියේ දිගු කලකින් ඔහු දැකීමේ සතුටත් සමඟිනි. නමුත් සියුම් දුකක් ද අප සිත් හී තිබුණි. ඒ හිතාදර රංගන ශිල්පියා හදිසියේම රෝගාතුර වූවේ සක්‍රීයව රංගන කටයුතුවල යෙදෙන අතරතුරය.* ඉතින් ප්‍රේම් අයියේ කොහොමද ඔයාට දැන්?දැන් ලෙඩේ සියයට පණහක් විතර සුවයි. දිගටම ප්‍රතිකාර කරනවා. ඩොක්ටර් මහේන්ද්‍ර පෙරේරා තමයි ඒ බෙහෙත් හේත් ලබා දෙන්නේ. ඔහුටත් තුති පුදනවා මේ වෙලාවේ.ඔහොම තමයි මල්ලි මිනිස්සුන්ගේ ජිවිත. මේ ඉන්නවා මේ යනවා. මුලින්ම මට ආවේ බඩේ අමාරුවක්. එන්න එන්න ලෙඩේ තද වුණා. සුළු අජීර්ණයක් කියලා මුලදී ගණන් ගත්තේ නැහැ. ඒත් තේරුණා මේක එහෙම දෙයක් නෙවෙයි කියලා. අන්තිමේ වෛද්‍යවරයකු හමුවෙලා පරීක්ෂණ කළා. එහිදී තමයි තීරණය වුණේ මගේ බඩේ රෝගී තත්ත්වයක් ඇති වෙලා කියලා.* ගොඩක් බය හිතෙන්න ඇති?ඕන කෙනෙකුට තමන්ගේ ඇඟේ රෝගයක් කියලා දැනගත්තම විශාල බයක් දැනෙනවා. මටත් එහෙම වුණා. ඉස්පිරිතාලේ නවතින්නට වෛද්‍යවරු කිව්වා. දවස් කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ගත්තා. එහිදී තමයි මගේ හිත හැදුණේ. මම හොඳයි. අවුරුදු හැට එකේදිනෙ මට මෙහෙම දෙයකට මුහුණ දෙන්න වුණේ. ඒත් අවුරුදු විස්සේ තිහේ තරුණ කොල්ලො කෙල්ලෝ මටත් වැඩිය අසාධ්‍යව ඉන්නවා මං සියැසින් දැක්කා. හරිම දුකයි. ඒ අතින් බලද්දී මං වාසනාවන්තයි. මුලදි ලෙඩේ හඳුනගෙන ප්‍රතිකාර කරන්න ලැබුණා. දැනට මට ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරනවා. තුනක් ගැහැව්වා. තව තුනක් ගහන්න තියෙනවා. අනෙක් ඉන්ජෙක්ෂන් තුනත් ගැහැව්වායින් පස්සේ ඉස්සෙල්ලා පරිදිම ඉන්න පුවවන් වේවි. මේ ඉන්ජෙක්ෂන් සඳහා වියදම් වන මුදල් ලබා දුන්නේ ජනාධිපති අරමුදලින්. ඉන් එකකට ලක්ෂ තුනක් වැය වෙනවා. ඒ ප්‍රතිපාදන ලබා දුන් සියලු දෙනාට මං ස්තුති කරනවා.*මේ කාලය අතරතුර ඔබට සෑහෙන්න නිර්මාණ මග හැරුණා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ප්‍රේම් අයියා ඇඳට වැටිලා කියලා. එහෙම කට කතාවකුත් පැතිරුණා.අපොයි ඔව්. මට අන්තිමයි කියලා කතාවක් බොහොම දරුණු අන්දමින් ව්‍යාප්ත වුණා. මගේ ලෙඩේ තද වුණෙත් සූරියභානු නාට්‍යයහි රූගත කිරීම්වලට යද්දිනෙ. මට ඒකට සහභාගි වන්නත් බැරි වෙලා ආපහු ආවා. ඊට පසුව ටෙලි නාට්‍ය පහකට කතා කළත් ඒවාට යන්නත් බැරි වුණා. නමුත් දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෛද්‍යවරු කිව්වා රඟපෑවට කමක් නැහැ කියලා. අනික මානසිකවත් වේදනාවක්නෙ මම මෙහෙම ගෙදරට වෙලා ඉන්න එක. ආයේ නිර්මාණ බාර ගන්නවා මම.මල්ලිලට කියන්න මට බත්, පාන්, ඉදියප්ප වගේ කිසිම කෑමක් කන්න බැරිව හිටියේ. කිසිම පිරියක් නැහැ. ඒ ලෙඩේ හැටිලු. ජෙලි සහ චීස් වර්ග විතරයි කන්න පුළුවන් වුණේ. දැන් ටික ටික කන්න පුළුවන්.මගේ යාළුවො බොහෝ දෙනෙක් මාව බලන්න ආවා. අපේ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහත්තයා ඒ අතරින් විශේෂයි. හැමෝම ඇවිත් මගේ හිත සනසලා ගියා. මට ඔවුන් ආවම තමයි දැනෙන්නේ මා වටා කොපමණ පිරිසක් ඉන්නවද කියලා. ඒ වගේම අපේ ප්‍රදේශවාසීන්, කලාකරුවන් සහ වෙල්ලස්සෙ වෙඩි හඬ සංවිධානයෙන් මං වෙනුවෙන් බෝධි පූජා තුනක් තියලා තිබුණා. ඔවුන්ගේ කැප කිරීම මං බෙහෙවින් අගයනවා.* ඔබ මේ වන විට වේදිකා නිර්මාණ කිහිපයකටම දායක වෙලයි හිටියේ. ආයේ වේදිකාවට එන්න පුළුවන්ද?අනේ ඔව්. කැප්ටන් කූල්, අයෑම් ශ්‍රී ලංකා ඇතුළු වේදිකා නිර්මාණවලට රෝගී වෙනකම්ම හිටියා. වේදිකා නිර්මාණයක රඟපාලා වේදිකාවෙන් බහිද්දී දැනෙන සන්තෝසෙ වචනවලින් නිම කරන්න බැහැ. ඒ හින්දා ළඟදීම වේදිකාවට එකතු වෙනවා. ඒකෙ වචන දෙකක් නැහැ.මට දැන් ඉස්සර වගේ කන්නත් පුළුවන්. මං හිතන්නේ ඉතාම ඉක්මනින් මට පෙර තත්ත්වයට එන්න හැකි වේවි වගේ.* ප්‍රේම් අයියාට දරුවන් පස් දෙනෙකි. දෙදෙනකු නිවසට ගොඩ වැදුණ අතර ඒ පිරිස අපේ කැමරා ඇසට අසු විය.අපි දැන් බැඳලා අවුරුදු තිස් අටක්.ප්‍රේම් අයියා බිරිය දෙස බලා පැවසීය.* ප්‍රේම් අයියා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනෑ.අමිත් අවසන් කොට කීවේ අප නිවසින් එළියට බහින අතරතුරදීයි.මේ ප්‍රේම්ගේ දුරකතන අංකයයි 0777602832.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - අමිත් එස්. සේනාරත්න
|
CREATIVE
|
නෝබට් අයගම විසින් රචිත කාල නදී ගලා බසී නවකතාව රූපවාහිනී මාලා නාටකයක් ලෙස නිර්මාණය කිරීම සඳහා ටෙලි නාට්‍ය අධ්යක්ෂ ආනන්ද අබේනායක මහතාට බාර දුන් මොහොතයි මේ. එම කෘතියේ ප්‍රකාශක ප්‍රේම් දිසානායක සහ සම්බන්ධිකාරක බණ්ඩාර ඇහැලියගොඩ ද සේයාරුවෙහි වෙති. ළඟදීම රූගත කිරීම් ආරම්භ වන එය නිෂ්පාදනය කරනු ලබන්නේ ෆාහීම් මවුජුඩ් විසිනි.
|
CREATIVE
|
අයථා ලෙස වත්කම් ඉපයූ බවට චෝදනා එල්ල වූ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් අධිකරණය මගින් වරදකරු බවට වූ තීන්දුව බැංගලෝර් අධිකරණයක් විසින්පසුගියදා ප්‍රකාශයට පත් කළා. මෙම නඩුව ගොනු කෙරුණේ මීට වසර දහඅටකට පෙරදීයි. ඒ 1991 වසරේ මහ ඇමති ධුරයට පත්වී වසර 5 ක් ඇතුළත ජයලලිතාගේ වත්කම් ඉන්දීය රුපියල් කෝටි 3 සිට කෝටි 66 දක්වා ඉහළ යාම පිළිබඳවයි. ඒ වෙනුවෙන් ඇයහට වසර 4ක සිරදඬුවමක් සහ ඉන්දීය රුපියල් කෝටි 100ක දඩයක් නියම වූ අතර මහ ඇමැති ධුරය මෙන්ම අපේක්ෂකත්වයද දස වසරකට අත්හිටුවමිනි.ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් බවට පත් වු ජයලලිතා දක්ෂ නර්තන ශිල්පිනියක, රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසින්ද ඉන්දිය සිනමාවේ සළකුණු තබමින් සිනමා නිර්මාණ සියයකට වැඩි ප්‍රමාණයකට දායක වුණා. ජයලලිතා සිනමාවට පැමිණෙන්නේ 1961 වසරේදීයි. ඒ ඉංග්‍රීසි භෂාවෙන් නිපදවූ Epistle නම් චිත්‍රපටයෙන්. ඇය ජනප්‍රියත්වය දිනා ගන්නේ 1964 වසරේදී තිරගත වූ ShrishailaMahatme නම් වූ කන්නඩ චිත්‍රපටයෙන්. ඇය සිනමාවට ගෙන එන්නේ දමිල සිනමාවේ සුපිරි තරුවක වූ එම්.ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්ජීආර් විසින්. දේශපාලනයේදී පමණක් නොව සිනමාවේද ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුයේ දමිල සිනමාවේ ප්‍රථමවරට නාන ඇඳුමකින් සැරසී රංගනයේ යෙදීමෙන්.ඒවගේම දෙමළ සහ තෙළිගු චිත්‍රපට වල රංගනයෙන් ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලවලදී හොඳම නිළියට හිමි සම්මානයට පවා හිමිකම් කීවාය. ශිවාජි ගනේෂන් සමග රංගනයේ යෙදුණු ShrishailaMahatme චිත්‍රපටයේ සහ Shri Krishna Satya, Suryakanthi චිත්‍රපටවල රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ගත්තාය. එමෙන්ම චිත්‍රපට ගීත රැසක්ම ඇයගෙ හඬින් ගීතවත් වීය. Adimai Penn,Suriyakaanthi, VandhaaleMaharaasi, Thirumangalyam ඒ අතුරින් කිහිපයකි.ජයලලිතා ජයරාම් උපත ලබන්නේ 1948 පෙබරවාරී 24 වැනිදා ඉන්දියාවේ කර්ණාටක ප්රාන්තයේදීයි. ඇයට වයස අවුරුදු දෙක සපිරෙනවිටදී ඇයගේ පියා ජීවතුන් අතරින් සමුගැනීම සමග මව බැංගලෝරයට පැමිණ රංගන ශිල්පිනියක ලෙසින් සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළාය. ඒ සන්ධ්‍යා යන නමිනි. බැංගලෝරයේ සහ චෙන්නායි හිදි අධ්‍යාපන කටයුතුවල නිරත වූ ජයලලිතා ඉංග්‍රීසි භාෂාව ඇතුළුව භාෂා කිහිපයක්ම හැසිරවීමේ දක්ෂයෙක් බවට පත් වූවාය. ඒ සමගම භරත නාට්‍යම්, කථක්, කර්ණාටක සංගීතය වැනි විෂය ක්ෂේත්රයන්ද හදාරමින් එම අංශවලින්ද දක්ෂතා පෙන්වූ ඇය සිනමාවේදී ඒ සියල්ල අපූරුවට ගෙන හැර දැක්වූවාය.ඇයගේ සිනමා ගමනය සේම දේශපාලන ගමනේ ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ එම්ජීආර්ගේ සහායෙන්. සිනමාවේදී එම්ජීආර්ගේ පෙම්වතිය ලෙසින් රංඟනයේ නිරත වන විට ජයලලිතාගේ වයස අවුරුදු 16ක්. එවිට එම්ජීආර්ගේ වයස අවුරුදු 42ක්. චිත්‍රපට තිහකට ආසන්න ප්‍රමාණයක පෙම්වතුන් ලෙස රංගනයේ යෙදුනු ඔවුන් වසර කිහිපයකදීම ජනප්‍රියම පෙම්වතුන් යුවළ බවටද පත් වීය. රංගන ජීවිතයේ සේම සැබැ ජීවිතයේදීත් එම්ජීආර් ඇයගේ පෙම්වතා බව රහසක් නොවූ රහසක්.1977 වර්ෂයේ සිට එම්ජීආර්ගේ දේශපාලන වැඩ වලට සහාය දෙන ජයලලිතා 1981 දී ඔහුගේ AIADMK පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය. 1984 වසරේ පැවැති මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස පත්වීම් ලබන ඇය එම්ජීආර්ගේ වියෝව සමගින් දෙකඩ වන පක්ෂයේ එක් කණ්ඩයමක් මෙහෙයවීමෙන් 1989 වසරේදී තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් විපක්ෂ නායක ධුරයට පත්වූවාය.ඒ විපක්ෂ නායක ධුරයට පත් පළමු කාන්තාව ලෙසයි. 1991 දී ඇය මහ ඇමැතිනිය වෙන්නෙත් එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසින් වීම විශේෂයි.1996 දී පරාජයට පත් වුවද නැවතත් 2001, 2006 සහ 2011වසර වලදී මහ ඇමැතිවරිය ලෙස ඇය ජයග්‍රහණය කළා. ඇගේ දේශපාලන චරිතය අලලා 1997 වසරේදී මනිරත්නම් අධ්‍යක්ෂණය කළ iruvar නම් චිත්‍රපටයේ ඇයගේ චරිතයට පණ පෙව්වේ අයිෂ්වර්යා රායි විසින්.මීට පෙර අවස්ථාවන්හිදී ද ඇයගේ පාලනයට එරෙහිව දූෂණ චෝදනා රැසක්ම එල්ල වී තිබුණා.යතේජා ඥානරත්න
|
CREATIVE
|
සමාධි අරුණි ඡායා හෙවත් මලී මේ දවස්වල එතරම්ම දක්නට නැහැ. වටින් පිටින් ලැබෙන ආරංචිවලට අනුව ඇයව වැඩිය නිර්මාණ සඳහා ගන්න ඇතැම් අය බයයිලු. එහෙම වෙලා තියෙන්නේ ඇයි. මේ ගැන අපි සමාධිගෙන් ඇහැව්වා. ඇය ඒවාට පිළිතුරු බැන්දේ මෙන්න මේ විදියට.* සමාධි ඇයි ඔයාව දැන් ඩ්‍රාමාවලට ගන්නේ නැත්තේ?ගන්නේ නැහැ නෙවෙයි මං යන්නේ නැහැ.* ඒ මොකද?මට පහුගිය කාලේ ආරාධනා බොහොමයක් ලැබුණා. ඒත් ඒ චරිතවල රඟපාන්න දෙයක් නැති තරම්.* රංගනයේ යෙදෙන්නෙකුට එහෙම ඉන්න පුළුවන්ද? එතකොට ඔබව අමතක වෙලා යාවිනේ?එහෙම වෙන්නෙ කොහොමද? මලීව හැමදාම මිනිස්සුන්ට මතක තියේවි.* මං ඇහැව්වේ නිතර පේන්න නොසිටියාම ජනප්‍රියත්වය අඩු වෙයි ද කියලා?බලමුකො. මලී ඒකෙන් පසුව නිහඬව ඉඳලා බැරිම තැන මහ මෙරකි නුඹ සහ දුවන බාබර් කියලා නාට්‍ය දෙකක රඟපෑවා. ඒවා ළඟදීම විකාශය වේවි.* ඒත් ක්ෂේත්රයේ පැත්තෙන් ඇසෙන්නේ ඔබව නාට්‍යයකට ගත්තොත් ඔබ ඕනෑවට වඩා ඉල්ලීම් කරන කතාවක්?මේ මම? පිස්සු.* ඔව්, ඔබ තමා?මං එහෙම අනවශ්‍ය ඉල්ලීම් කරලා නැහැ. රංගනය වෙනුවෙන් කැපවීම් කළ යුතුයි. අනික දර්ශන තලය මගේ ගෙදර නෙවෙයිනේ. ඒක දැනගෙන මං ඉන්නේ.* මලී 2 අත්තම්මාහි මලී නැත්තේ ඇයි?ඒ පිටපත් රචකයා සහ නිෂ්පාදකවරයා අතර ඇති වූ ගනුදෙනුවක්. ඔවුන් තමයි තීරණය කරලා තියෙන්නේ මලී 2 මඟින් අත්තම්මා සහ මිනිබිරියක අතර ඇති සෙනෙහස ගැන කතා කරන්න. මලීව එතනට අවශ්‍ය නැහැනේ.* ඔබට මලී සඳහා ගෙවන ගණන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉන් ඉවත් වුණා කියලයි දැනගන්නට ලැබෙන්නේ?සල්ලි හින්දා චරිතයක් නැතිකර ගන්න කෙනෙක් නෙවෙයි මම. ඒක අමූලික බොරුවක්.* ඉස්සරට වඩා සමාධිගෙ ඔළුව ඉඳීමිලා කියලා ඇතැම් අය කියනවා?ඕවා කට කතා. ඉස්සරට වඩා මේ වන විට ඉතාම නිහතමානී සතුටකින් තමයි මං ඉන්නේ.* ඔබ ගැන මෙහෙම කතා වෙන්නේ වැඩිය පෙනෙන්න නැති නිසා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?ඇත්තටම පුදුම වෙන්න දෙයක් නැහැ. මගේ නොපෙනීම තමයි කටකතා හැදෙන්නට හේතුව.* ඔබේ පෙම්වතාගේ හමුව ඔබේ රංගන විරාමයට එක් හේතුවක් නොවේද?එයා සංජය මොරගොල්ල. අපේ හමුවීම වුණේ මහමෙරකි නුඹ මට දර්ශන තලයේදී. ඔහු රඟපාන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. මං හමු වුණාට පස්සේ එයයි රඟපෑම නැවැත්තුවෙ. මට දිගටම රඟපාන්නත් කිව්වා.* ඔබ දෙපොළගේ විවාහය සිදු කිරීමට තිබුණේ මේ අවුරුද්ද අගදි නේද?ඔව්. ඒත් කේන්දර බැලුවට පසුව ලබන වසරලු විවාහයට සුදුසු. ඉතින් ඒකයි කල් ගියේ.* සමාධි කේන්දර විශ්වාස කරනවාද?ගොඩක් විශ්වාස කරනවා.* කේන්දරයට අනුව ඔබේ ඉදිරිය කොහොමද?අනේ එහෙම නම් බලලා නැහැ. සංජයගෙයි මගෙයි පොරොන්දම් විතරයි ගැළපුවේ.* නව පරපුරේ නිළියන්ගේ ප්‍රේම සබඳතා ඉක්මනින් බිඳී යන්නේ ඇයි?මං හිතන්නේ ක්ෂේත්රය ගැන අවබෝධයක් නැතිකම.* ඒත් එකම ක්ෂේත්රයේ ඉඳලත් චතුරිකා - රොෂාන්ගෙ ප්‍රේමයට කණකොකා හැඬුවනෙ?මං අනිත් අය ගැන කියන්න දන්නේ නැහැ. ඒක නිසා මං ඔය ප්‍රශ්නයට උත්තරදීමෙන් වැළකී ඉන්නවා. හැබැයි රංගන ශිල්පිනියක් වුණාම රංගනයටම විතරක් මුල්තැන දෙන්න හොඳ නැහැ. තමන්ගේ ආදරවන්තයා ගැන නිතර සොයා බලන්න ඕනේ. කසාදයෙන් පසුව මම නම් මුල්තැන දෙන්නේ මගේ පුද්ගලික ජීවිතයට. ඒක අනිවාර්යයි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
රංගන ශිල්පිනී කුසුම් රේණුදුක්බර වසරක් වූ ගිය වසරට වඩා මෙවර උදා වූ වසර සුබ වසරක්ය යන අදහසෙන් මා පසු වෙනවා. එහෙම වෙන්න ප්‍රධාන හේතුව මා වසර ආරම්භයේම මිත්තණියකගේ භූමිකාවට උරුමකම් කීමයි. ඒ මගේ දියණිය ජනවාරි 07 වැනිදා ඇයගේ පළමු දරුවා බිහි කිරීමයි. ඇයත් දියණියක්. ඇගේ ‘ඔහෑ - ඔහෑ’ හඬෙන් මුළු නිවෙසම පිරිලා. ඊට අමතරව ශ්‍රියන්තට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. ඒ රූපවාහිනි සම්මාන උළෙලේදී ඔහුගේ දක්ෂතාවයට උපරිම ලෙස සාධාරණය ඉෂ්ට වූ බවක් මට දැනෙනවා. ඒත් සමඟම ජයන්ත චන්ද්‍රසිරි වගේ ප්‍රවීණ අධ්යක්ෂවරයෙක් යටතේ රඟපෑමට ලැබීමත් මගේ රංගන ජීවිතය්දී මා ලැබූ භාග්‍යයක්. ඒ දුටුගැමුණු රජුගේ මව වූ විහාර මහා දේවිය විදිහටයි. මුළු රටක් ආදරය කළ, කරන එවැනි ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ චරිතයට පණ පෙවීමට ලැබීම මට හිමි වූ අපූරු අවස්ථාවක්. එපමණක් නොවෙයි, ‘මහ රජ ගැමුණු’ චිත්රපටයෙහි රූගත කිරීම් ආරම්භ කරන්නේ අද දිනයේයි. ඒ කියන්නේ මගේ උපන් දිනය යෙදුණු අද දිනයෙහිම එවැනි අපූරු කටයුත්තකට මුල පිරීමට ලැබීම මට කිසිම දිනක අමතක නොවේවි. මෙවර උපන් දිනයට මට ලැබුණු මේ දායාද කිහිපය ගැන මගේ සිතේ තියෙන්නේ අප්‍රමාණ සතුටක්.
|
CREATIVE
|
‘මාරම්බරී’ ඒක පුද්ගල ගී ප්‍රසංගය දෙසැම්බර් 03 වැනිදා නාරම්මල ප්‍රජා ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රසංගයේ යුග ගායනා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද ශ්‍රියා කාරියවසම් සහ ශාරන්‍යා ජයකොඩි ගෙනි. සුසිල් අමරසිංහ සංගීතය අධ්‍යක්ෂණය කරන අතර වසන්ත රෝහණ කථනයෙන් දායක වෙති.නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයීය ගුරු සුබසාධක සංගමය හා ආදි ශිෂ්‍ය සංගමය මෙය සංවිධානය කරයි.රෝහණ පී. ප්‍රනාන්දුගේ උන්මාද චිත්‍රා මේ මස 02 වැනිදා සවස අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයීය ශාලාවේදී වේදිකා ගතවේ.ඉසුරු උදයංග, හසිනි අනුරුද්ධිකා, කීර්ති කොඩිතුවක්කු, ඩීමන් හෙට්ටිආරච්චි, මලිති හේවාවසම්, ජනක ප්‍රනාන්දු, සඳනි පබසරා මෙහි රංගන දායකත්වය සපයති.මේ මස 29 දා එනම් අද රාත්‍රී 10.10 ට ජාතික නාළිකාවෙන් දිග හැරෙන සුහානි රාත් වැඩසටහන වෙන් වෙනුයේ භාරත සිනමාවේ අග්‍රගණ්‍ය ගායක මුකේෂ් ගායනවේදියාණන්ටයි.මෙය විනීතා කරුණරත්නගේ අධ්‍යක්ෂණයකි. යශෝධා විමලධර්ම ඉදිරිපත් කරන සුහානි රාත් හි පිටපත චම්පිකා දීපානි රණසිංහගෙනි.
|
CREATIVE
|
සමීර එදිරිසිංහඅමනාප නෑ නුඹ මගෙ ආදරී පිටුපාලා හැරදාලා සිත් යායේ පා වුණා මා තනි වුණා . . . මා තනි වුණා . . . නුඹ ආයෙ නේනා ටජ් මහලෙ දොර වැසුණා නොදැනීම වාගේ මා තනි වුණා සඳ වාගේ පායලා මට පේන ආකාසේ රාත්‍රිය පුරා ඉන්නකෝ ඔයා සංතාපෙ පාලා මල් පාර සලිත වුණා පැරදීලා වාගේ මා මැල වුණා වෙන කාගේ හෝ වීලා ඉනූ ප්‍රේම සල්ලාපේ ජීවිතේ පුරා ආදරී ඔයා . . . අමනාප නෑ ආදරී මේ දවස්වල බොහෝ දෙනා ප්‍රිය කරන අලුත්ම ගීතයක්. ගුවන් විදුලි නාලිකාවල වගේම රූපවාහිනි නාලිකාවලිනුත් නිතරම අසන්න ලැබෙන මේ ගීතය ගයන්නේ සමීර එදිරිසිංහ.සමීර තමන්ගේ අලුත්ම ගීතයට ලැබෙන උණුසුම් ප්‍රතිචාර සමඟින් මේ දවස්වල ඉන්නේ හරිම සතුටින් නේද?ඔව්. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අමනාප නෑ ආදරී ගීතයේ පද රචනය රිතාෂ් මොහොමඩ් ගේ. සංගීතය රොමේෂ් සුගතපාල විසින් කළේ. ගීතය නිිර්මාණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකල්ම මේ වෙනුවෙන් රොමේෂ් අයියාගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම වයිඩ් ඈන්ගල් සහ දර්ශන ක්‍රිෂාන් අයියාගෙනුත් ලැබුණු සහාය විශේෂයි. රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල චාර්ට් ෂෝවල වගේම අන්තර්ජාලය හරහාත් ගීතයට ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා.මේ වන විට ඔබ ගීත කිහිපයක්ම රසිකයන්ට තිළිණ කර අවසන්. කලා ක්ෂේත්රයට පිවිස මේ දක්වා පැමිණි ගමන ගැන මොකක්ද හිතෙන්නේ?ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ ගම කොටපොල. කොටපොල මධ්‍ය මහා විද්‍යාලය හා දෙනියාය මධ්‍ය මහා විද්‍යාලවලින් මම අධ්‍යාපනය ලැබුවේ. පාසල් යන කාලයේදීම සංගීත ක්ෂේත්රයට ලැදියාවක් දැක් වූයේ. එහිදී ඔස්කාර් ගුණරත්න හා බියුටිස් තිලකරත්න ගුරුවරුන් යටතේ මම සංගීතය හැදෑරුවා. ඒ හරහා පැමිණි ගමන තමයි මේ.2007 වසරේදී ස්වාධීන රූපවාහිනි සේවය පැවැත් වූ ITN රන්තරු සංගීත කණ්ඩායම් තරගයේ දක්ෂතම ගායකයා වෙන්නත් මට වරම් ලැබුණා. එහිදී මාතර ‘සී’ සංගීත කණ්ඩායම නියෝජනය කරමින් තමයි මට ඒ ජයග්‍රහණය ලැබුණේ. මම ජනතාව අතරට ගෙන ගියේ ‘ආඩම්බර සඳවතී’. 2011 වසරේදී එළි දැක් වූ එය මගේ ප්‍රථම ගීතය. ඊට පසුව වාවන්න බැරි වේදනා ගීතය එළි දැක්වූවා. මේ ගීත දෙකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.පූර්ණකාලීනව ගායනයෙන් ඉදිරියට යන්න ද සමීරගේ බලාපොරොත්තුව?කලාවට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම මම දැනට ස්ටුඩියෝ එකක ග්‍රැෆික් නිර්මාණ ශිල්පිියෙක් විදියට සේවය කරනවා. ඒකත් මගේ හැකියාවක්. එය තවදුරටත් වැඩි දියුණු කරගන්න මට ආසයි. රැකියාවේ නිරත වෙමින් සංගීත කටයුතු කරන්න මට අවස්ථාව තියෙනවා. ඒ ආයතනයේ රොෂාන් ජයතිලක, පියල් මද්දුමගේ මහත්වරු ඇතුළු හැම දෙනාගෙන්ම මට ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා පූර්ණකාලීනව සංගීත ක්ෂේත්රයට දායක නොවුණත් මේ ක්ෂේත්‍ර දෙකේම කටයුතු සමබරව කරගෙන යන්න මම කැමැතියි.ඉදිරියේදී එළි දකින්නට නියමිත තව අලුත් නිර්මාණත් ඔබ සතුව ඇති?ඔව්. ගීත කිහිපයක්ම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඒ ගීතවල නිර්මාණ කටයුතු සිදු කරගෙන යනවා. කලින් ගීත වගේම මේ ගීතත් රූප රචනා සමඟින් එළි දක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ටෙලි නාට්‍ය සහය අධ්යක්ෂවරයෙක් වන පුෂ්ප රුවන් ලියනගේ පසුගියදා දිනෝකා කුමාරි සමඟ විවාහ දිවියට ඇතුළත් විය. මහරගම කැන්විල් උත්සව ශාලාවේ පැවැත්වුණු මෙම මංගල උලෙළට කලාකරුවන් රැසක් සහභාගි වූ අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඒ අවස්ථාවට සහභාගි වූ නළු මේනක රාජපක්ෂ හා ඉෂාන් මෙන්ඩිස් සමඟ මනාළ යුවළයි.- තිලානි ශානිකා
|
CREATIVE
|
ඒ. පී. විජේරත්න සිංහල සිනමාවේ මතක සුරකින සංරක්ෂකයෙක්. පැරණි සිනමා සඟරා, ඡායාරූප, ග්රැමෆෝන් තැටි සහ ගීත කලාකරුවන් පිළිබඳ තොරතුරු රැසක් ඔහුගේ මේ මතක එකතුවට ඇතුළත්.මේ සියල්ලෙහි වටිනාකම කලාවට ලැදි සැමදෙනා සමඟින් බෙදා හදා ගන්න ප්‍රදර්ශනයක් පැවැත්වීම ඔහු සිදු කරන්නේ වගකීමෙන්. මේ වසරේත් ඒ අපූරු සිනමා ප්‍රදර්ශනයට දින වකවානු වෙන් කරලා. ඒ ගැන අපි ඔහුගෙන් විමසමු.* මෙවර ප්‍රදර්ශනයේ විස්තර පළමුවෙන් සඳහන් කරමු?‘සොඳුරු අතීතයේ මතක සුවඳ’ මෙවර ප්‍රදර්ශනය සුවිශේෂ එකක්. එහිදී මම වසර පනහක් පුරා මාධ්‍ය ක්ෂේත්රයට විශාල මෙහෙවරක් ඉටු කළ මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇගයීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ නිර්මාණ මේ ප්‍රදර්ශනයට ඇතුළත් කරලා තියෙනවා.ඒ අනුව හර්බට් එම්. සෙනෙවිරත්න, චිත්‍රානන්ද අබේසේකර, ආරියරත්න කහවිට, කරුණාරත්න අබේසේකර සහ සිරිල් ඒ. සීලවිමල යන මේ දැවැන්තයන්ගේ නිර්මාණ හා ජීවන තොරතුරු එයට ඇතුළත් වෙනවා.ඊට අමතරව බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ජාතිය අවදි කළ නාට්‍යකරුවෝ, නූර්ති ගී ගායකයෝ, කලා සඟරා, පැරැණි ගී, ග්රැමෆෝන් තැටි හා යන්ත්‍ර, 50, 60, 70 දශකවල නිර්මාණය වූ චිත්‍රපටවල ඡායාරූප, එකල කොළඹ අවට පැරැණි ඡායාරූප, කොළඹ අවට සිනමා ශාලාවල ඡායාරූප, පටිගත කිරීමේ යන්ත්‍ර හා පැරැණි රේඩියෝ ආදිය ඇතුළුව පැරැණි මතක සටහන් රාශියක් එයට ඇතුළත්. මෙවර ප්‍රදර්ශනයේ විජය කුමාරණතුංගයන් වෙනුවෙන් විශේෂ ස්ථානයක් වෙන් කෙරෙනවා.* මෙතරම් වටිනා මතක සටහන් එකතු කිරිම ආරම්භ කළ ඒ අවදිය පිළිබඳ සිහිපත් කළොත්?පොත්, පත්තර බැලීම වගේම ඒවා පරිස්සමට එකතු කිරීමත් කුඩා කාලයේ පටන්ම මගේ විනෝදාංශයක් වෙලා තිබුණේ. සිනමාව කලාව පිළිබඳ මේ සොඳුරු මතක රැස් කිරීම ආරම්භ කළේ 1968 වසරේදී කොළඹ රැකියාවට පැමිණි පසුවයි. ඒ කාලයේ නිවාඩු ලැබෙන හැම වෙලාවකම මම චිත්‍රපට නරඹන්නත් සඟරා බලන්නත් පුරුදු වුණා. ඒ වගේම ඒවා පරෙස්සමට තියා ගන්නත් මට හිතුණා.ඔය කාල වකවානුවේදී කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මට ව්‍යාපාරික ස්ථානයක් ලබා දුන්නා. ඒ අනුවයි මට එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ අලෙවි නියෝජිතයෙක් ලෙසින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ.ඒ අනුව මට මාධ්‍ය ක්ෂේත්රයේ බොහෝ චරිත හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ නිර්මාණ එක් රැස් කළා. එදා පළ වූ චිත්රවාහිනි, දීපශිඛා, ආරාධනා, කලා, සිත්සර, චින්තාමණි, සිනමාදීප, විජය ජෝති, විසිතුර, සුරතුර, සත්සර, නව රිදී තිරය වැනි බොහෝ සඟරා මම ඒ කාලයේදි එක් රැස් කළා. සරසවිය පුවත්පතේ 1963 මුල් යුගයේ මුල් පිටු තවමත් මා ළඟ සුරැකිව තියෙනවා. මේ කාලය පුරාවට ඡායාරූප විස්තර 1500 ටත් අධික ප්‍රමාණයක් මා සතුයි. මේ හැම දේම මා එක් රැස් කළේ ආසාවෙන්. ඒ ගැන තියෙන්නේ ලොකු තෘප්තියක්.* ඔබ තනිවමයි මෙවැනි දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවන්නේ?ලබන 26, 27 දෙදින ඇල්විටිගල නිවාස සංකීර්ණයේ එච් 2 හි පිහිටි මගේ ව්‍යාපාරික ස්ථානයේදියි මෙම ප්‍රදර්ශනය පැවැත් වෙන්නේ.ඒ වෙනුවෙන් දින දෙකක් පුරා මම මගේ පොත්හල වසා තබනවා. එතරම් කැප කිරීමක් මම කරන්නේ මේ සඳහා තියෙන දැඩි කැමැත්ත නිසයි. ඒක මට ලොකු සතුටක්.මේ සියලුම දේ මම බොහොම පරිස්සමට තියාගෙන ඉන්නේ. ඒත් හැමෝම සමඟින් ඒ දැනුම මම බෙදා ගන්න කැමැතියි. ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ඒ වෙනුවෙන්.මේ වෙනුවෙන් මතකයේ රැඳුන ගී සම නිෂ්පාදක තිලක් චන්ද්‍රසේන වැලිකල විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔහුත් සංරක්ෂකයෙක්. ඊට අමතරව රත්මලානේ නිහාල් විජේවර්ධන, එම්. ඒ. රවීන්ද්‍ර, චන්ද්‍රකාන්ති ධර්මවර්ධන, අජිත් ජෝතිය කරසිංහ, ගීත රචක බන්දුල ජයසිංහ, රොහාන් සෙනෙවිරත්න, කුමාරි හේවගේ මට උදව් උපකාර කළා.කලා කිර්ති එඩ්වින් ආරියදාස, ගුවන් විදුලි නිවේදක ආරියදාස පීරිස්, ප්‍රවීණ ගායිකා මල්ලිකා කහවිට, අනුලා සීලවිමල යන මහත්ම මහත්මීන්ද මේ කාර්යය වෙනුවෙන් කළ උපකාරයත් මේ අවස්ථාවේ විශේෂයෙන් සිහිපත් කරනවා.* මෙවැනි වූ කටයුත්තක් සිදු කිරීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ?ඇත්තටම මෙය අධ්‍යාපනික ප්‍රදර්ශනයක්. සිංහල සිනමාව පැරැණි වූ දේ. දැනුම සියළුම දෙනා සමඟින් බෙදා හදා ගැනීමයි මගේ අරමුණ. අනෙකුත් හැම වර්ගයේම ප්‍රදර්ශන මෙරට පුරා පැවැත්වෙනවා. එහෙත් සිනමාව පිළිබඳ එවැනි වූ ප්‍රදර්ශන නැහැනේ. මම මේ ඉටු කරන්නේ එහි වගකීමයි.සමාජය වෙනුවෙන් වූ යුතුකමයි. මම මේ කාර්යයට කැප වී සිටින්නේ බොහොම සතුටින්. ඉදිරියටත් එය සාර්ථකව කරගෙන යාම මගේ අරමුණයි. 0774803047 දුරකථන අංකයෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකියි.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ක්‍රි. පූ. හයවැනි සියවසේ මෙරට රජ කළ මණිඅක්ඛිත සහ මහෝදර චූලෝදර නා රජවරුන්ගේ ජීවිත කතාවන් ඇසුරෙන් දැවැන්ත ඓතිහාසික සිනමා පටයක වැඩකටයුතු ළඟදීම ඇරැඹෙනු ඇත.සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැටඑක්වැනි සිනමා නිෂ්පාදනය වන මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සනත් අබේසේකර විසිනි. සුනිල් ටී. සමඟ රවීන්ද්‍ර ගුරගේ සහ සනත් අබේසේකර මෙහි සම නිෂ්පාදකවරුන්ය.මහෝදර චූලෝදර හී පිටපත කැලණි විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද බුද්ධරක්ඛිත, පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද සහ ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකාරක පූජ්‍ය ගලගම ධම්මරංසි යන හිමිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිමවන අතර උන්වහන්සේලාගේ ආශිර්වාදය මත මෙම සිනමා කෘතිය නිර්මාණය වනු ඇත.- ප්‍රසාද්
|
CREATIVE
|
රංගන ශිල්පිනී මුතු තරංගාමම මේ දවස්වල වැඩිපුරම කරන්නේ සංගීත ප්‍රදර්ශනවලට සහභාගි වෙන එකයි. රඟපෑම් කටයුතු අවසාන නිසා ප්‍රසංග කටයුතුත් සමඟ දවස ගත වෙනවා නොදැනෙන තරම්.ඒ වගේම මම රඟපෑ ‘මැද ගෙදර’, ‘සුන්දර චන්දරේ’ ටෙලි නාට්‍ය මගේ රසිකයන් අතරට යන නිසා ලැබෙන ප්‍රතිචාරවලත් නිමක් නැහැ.ඉදිරියේදී මම රඟපෑ ටෙලි නාට්‍ය දහයක් විතර විකාශයවීමටත් නියමිතයි.
|
CREATIVE
|
ඩිස්නි චිත්‍රාගාරය එදා මෙදා තුර තමඉතිහාසය තුළ වැඩිම මුදලක් වියදම් කරමින් තැනූ චිත්‍රපටය ලෙස ජෝන් කාටර්තැනුවේ විශාල බලාපොරොත්තු රැසක් පෙරදැරි කරගෙනයි. විශාල බජට් චිත්‍රපටයකට අවශ්‍ය අංගෝපාංග සියල්ලම වාගේ ජෝන් කාටර්ට තිබුණා.විද්‍යා ප්‍රබන්ධ කතාවක්, හොඳ අධ්යක්ෂවරයෙක්, ලොමු ඩැහැ ගන්වන දෘෂ්‍ය ප්‍රයෝග සහ සාර්ථකත්වයෙන් අග තැන්පත් චිත්රාගාරයක් යන මේ සියල්ලෙන්ම සපිරි වූ ජෝන් කාටර්ට මේ ඉරණම අත් වුණේ කෙසේද? ඩොලර් මිලියන 300 ක්, රුපියල් නම් කෝටි 3750 ක්. දශක 6 කට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික සිනමාවේ මෙතෙක් කල් බිහිවුණු සියලුම චිත්‍රපටවල වියදම ගත්තත් මේ තනි චිත්‍රපටය ඊටත් වඩා කීප ගුණයකින් වැඩියි.මේ චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්ෂක ඔබට නැගෙන ප්‍රශ්නයක් වනුයේ, මෙතරම් දියුණු තාක්ෂණයකින් හෙබි ලෝකයක වීරයා තාම කඩුවෙන් අතින් පයින් සටන් කරන්නේ ඇයි කියාදැයි.පෘතුවියේ සිට අඟහරු ලෝකයට ඇසිපිය හෙලන සැනින් සැපත් වන්නට පුළුවන් ලෝකයක සටන් කිරීම සඳහා කොතරම් ගැජට් ඇද්දැයි ඔබට සිතෙන්නට පුළුවන්.ඉතින් එම හේතුවෙන්ම මෙම දැවැන්ත චිත්‍රපටයේ විශ්වාසනීයත්වය බිඳී යාමත්, කටින් කට එය පැතිර යාමත් මෙම දැවැන්ත බොක්ස් ඔෆිස් පසුබෑමට බලපෑ හේතු වෙන්නට පුළුවන.එඩ්ගාර් රයිස් බරෝස් විසින් පල්ප් සඟරාවලට ලියූ කතා පෙළක් ඇසුරෙන් නිමවා ඇති මෙම චිත්‍රපටයේ කතාව ඔහුගේම වඩාත්ම ලොව පුරා ප්‍රචලිත වූ වානරයන්ගේ ටාසන් ගේ කතා තරම් රසවත් නැහැ.ටාසන් නිසා චිත්‍රපට අසූ ගණනක් බිහි වුණත් ජෝන් කාටර් නම් මෙම දැවැන්ත පසුබෑමෙන් පසු තවත් චිත්‍රපට බිහි කරයි ද යන්න සැක සහිතයි.මෙහි අධ්යක්ෂවරයා ගැන යමක් පැවසිය යුතුමයි. පික්සාර් චිත්‍රාගාරය ගෙන ආ අති සාර්ථක සජීවිකරණ චිත්‍රපට තුනක් වූ අ බග්ස් ලයිෆ්, ෆයින්ඩින් නීමෝ සහ වොලී යන ත්‍රිත්වයම පසුපස සිටි නිර්මාණශීලී හස්තය ඔහුගේයි.නමුත් එම කතාවල ඇති ඉතා පිරිපුන් හොඳින් ව්‍යුහගත කළ කතාවක් මෙම චිත්‍රපටයටත් ඇතුළත් වුණා නම් එහි ඉරණම මිට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා.මෙම කතාවේ වීරයා ඇමරිකානු සිවිල් යුද්ධයේ සටන් කළ සොල්දාදුවෙක්.ඔහු ඌටාහ් ජනපදයේ මොනියුමෙන්ට් නිම්නයේ සිටියදී හදිසියේම ඇතිවන ගැටුමකින් අඟහරු ලෝකයට සංක්‍රමණය වෙනවා. නමුත් මතක තියාගන්න මේ විසි එක් වෙනි සියවසේ නාසා ඔබට මවන අඟහරු ලෝකය නම් නොවෙයි.එය දහනව සියවසේ එඩ්ගාර් රයිස් බරෝස් විසින් පරිකල්පනය කරන ලද අඟහරු ලෝකයක්. එහි ජීවීන් සිටී ද? ජෝන් කාටර්ට ඔවුන් සමඟ කුමන අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වේද? නැවත පෘතුවියට පැමිණීමට ඔහුට හැකි වේද? එය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරැඹිය යුතු වෙනවා.මෙය ක්‍රියාදාමයන් ප්‍රිය කරන සති අන්ත ප්‍රේක්ෂක සමූහයක් පින විය හැකි චිත්‍රපටයක් ද? ඇත්තෙන්ම ඔව්. ඉතින් ක්‍රියාදාම චිත්‍රපට ලෝලීන්ට මෙය නරඹා (සුපුරුදු පරිදි යථාර්තය අමතක කොට) උපරිම වින්දනයක් ලැබිය හැකියි.වින්දන ආරියවංශ
|
CREATIVE
|
පොළොව ගිනි ගන්නා රංගනයක කවදත් යෙදුණු නන්දිතා දාස් දැන් සූදානම් වෙන්නේ අලුත්ම රංගනයකටයි. දාහත් හැවිරිදි වෘත්තීය ජීවිතයේ ඇය නර්තනයක යෙදෙන්නේ පළමු වරටය. සරෝජ් ඛාන් යටතේ නර්තනයේ යෙදීමට නන්දිතාට සිදු වී ඇත්තේ මූම්බායි හි රූගත කරන ස්පාඤ්ඤ සිනමාපටයකටයි.
|
CREATIVE
|
‘අපි අපි වගේ’, ‘අමන්දා’ වැනි ජනපි‍්‍රය කතන්දර ලියූ චාමර ප්‍රසන්න කොඩිතුවක්කු ගැමිකම දෝත දරා කොළඹ ජීවත්වන තරුණයෙක්. මේ ළඟදි දවසක චාමරගේ අම්මා කොහුවල ඔහුගේ බෝඩිමට ආවා.ඇය එනවිට ලුණු දෙහි බෝතල දෙකකුත් අරගෙන ආවේ. එයින් එකක් චාමර අරගෙන අනෙක් බෝතලේ මිතුරෙකුට දුන්නා. ඒ ලුණු දෙහි බෝතලයේ රසවත් බව ඒ මිතුරා චාමරගේ අනෙකුත් මිතුරන්ටත් පවසලා.දැන් චාමරගේ මිතුරන් ඔහුට දුරකථන ඇමතුම් දීලා ලුණු දෙහි ඉල්ලනවාලු. අම්මට කියලා එයාලටත් ලුණු දෙහි හදවලා දෙන්න කියලා තමයි ඔවුන් කියන්නේ. කටට රසට ලුණු දෙහි හදලා දුන්න ඒ ආදරණීය අම්මාට ගොඩක් පින්.
|
CREATIVE
|
සම්මානය කේක් ගෙඩියක තවරන ලද අයිසිං තට්ටුවක් සේ සුන්දරව දකින්නන් සිටින බොලිවුඩ් තරු පුරවරයේම, දූවිල්ලක් තරමටවත් සම්මාන නොවටින තරු ද සිටිති. මෙතෙක් සම්මාන උළෙලවල් ප්‍රතික්ෂේප කිරීමට නම් දරා සිටියේ අමීර් ඛාන්ය. අලුතින්ම සම්මාන ප්‍රතික්ෂේප කරන තරු අතරට එක් වී සිටින්නිය, කන්ගනා රනවුත්ය. කන්ගනා මේ ගැන පැවසූ විට කවුරුත් ඇයගෙන් විමසා සිටියේ ඇය අමීර්ගේ අඩිපාරේ යනවා ද කියායි. විසි හත් හැවිරිදි කන්ගනා ගත් කටටම පවසා ඇත්තේ තමන් ජ්‍යෙෂ්ඨ නළුවාගේ අඩිපාරේ නොයන බවයි. ඔහු සමඟ එකට වැඩ කිරීමට කැමැති වුවත්, එය ජීවිතයේ අරමුණක් නොවන බව ද වැඩිදුරටත් ඇය පැවසුවාය.‘මං හිතන්නේ අපි දෙන්නගෙම අරමුණ රංගනයේ අලුත් ඉසව් සොයා යාමයි. අපට එකට රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා නම් විශිෂ්ටයි. එහෙත් එය මගේ ආසන්නතම ඉලක්කය නම් නොවෙයි. අමීර් ඛාන් මං කැමැතිම නළුවෙක් වුණත්, ඔහු වගේ වෙන්න එය හේතුවක් නොවෙයි. සම්මාන උත්සව ගැන පැවසුවේ මගේම අදහසයි. කාගේවත් අඩිපාරේ යාමක් නොවෙයි.’ ‘ක්වීන්’ තාරකාව මේ සියල්ල ප්‍රකාශ කළේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදනයක් දියත් කරන උත්සවයකදීය.‘ක්වීන්’ තාරකාව කන්ගනා මෙවර සිය උපන් දිනය සැමරුවේ අමීර් ඛාන් යුවළ, අමිතාබ් බච්චන් යුවළ, අධ්යක්ෂ රාකේෂ් රොෂාන් යුවළ, ජෙනේලියා, රිතීෂ් දේශ්මුක් යුවළ වැනි ජනකාන්ත තරු යුවළ් සමඟයි.ක්වීන් සිනමාපටය අති සාර්ථක ලෙස තිරගතවීමත් සමඟ කන්ගනාගේ සිතට පුංචි ආඩම්බරයක් දැනීම අරුමයක් නොවෙයි. රංගනයෙන් පමණක් නොව දෙබස් ලිවීමෙන් පවා ඇය සිනමාපටයට දායක වී තිබේ. ඉදිරියේදී සිනමාපට රැසකින්ම විවිධ චරිතවලින් කන්ගනා දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට වරම් ලැබෙනු ඇත. ඒ අතර තිස් පස් හැවිරිදි මවක හා එක්තැන් වුණු නව යෞවනියකගේ චරිතයෙන් ද ඇයගේ දස්කම් දක්නට ලැබෙන්නේ ‘දුර්ගා රානි සිං’ ත්‍රාසජනක සිනමාපටයෙනි.පවුලේ අයට නම් කන්ගනාගේ දඩබ්බරකම් නුහුරු නුපුරුදු දෙයක් නොවේ. කුඩා වියේදී සොයුරාට සෙල්ලම් තුවක්කුවක් ගෙන දී තමන්ට බෝනික්කකු ගෙන ආ විට ඇය එය ප්‍රතික්ෂේප කළාය. වෛද්‍ය විද්‍යාලයට පිවිසීමේ පරීක්ෂණය පසෙක තබා රංගනය තෝරා ගත් විට සීයා ඇයට වාසගම පවා ඉවත් කරන ලෙස පැවසුවේය. දැන් පවුලේ අයට ඇයගෙන් ලැබෙන්නේ සුළුපටු සහායක් නොවෙයි. ක්ෂේත්රයට පැමිණි අලුත හරිහැටි සාර්ථකව ඉංගී්රසි බස හැසිරවීමට නොහැකි වූ නිසාත්, නවකයකු වූ නිසාත් ක්ෂේත්රයේ අය තමාට සැලකුවේ සුනඛ පෝතකයකුට ලෙස බව කන්ගනා කලකට ඉහත ප්‍රකාශ කළාය. එහෙත් අද ඇය ජාතික සම්මානලාභී, ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ඉදිරි පෙළේ සුපිරි තාරකාවකි.
|
CREATIVE
|
ලොව පුරා ජනප්‍රිය වූ Mr. Bean චරිතය ඔබට මතක ඇතුවා නිසැකය. එමෙන්ම Mr. Bean ගේ චරිතය ස්වර්ණවාහිනියේ Shadow Starහරහා කරලියට ගෙන ආ Sri Lankan Mr. Bean චරිතය ද ඔබේ මතකයේ රැඳී තිබෙනු නොඅනුමානය.වසර දෙකක නිහැඬියාවකින් පසු Sri Lankan Mr. Bean මෙවර ‘Mr. Bean With Child’ නමින් ඔහුට ආදරය කරන ළමුන් වෙනුවෙන් දැනුම, අවබෝධය හා රසය පිරුණු දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇත. විනෝදය ඔස්සේ දැනුම බෙදා දෙන මෙය විද්වතුන්ගේ සහභාගිත්වයෙන් සමාජ ප්‍රශ්නවලට කාලීන විසඳුම් සොයා යන ප්‍රජා සත්කාරක වැඩසටහනකි.මෙම වැඩසටහනේ මංගල පියවර ලෝක ළමා දිනය යෙදෙන ඔක්තෝම්බර් පළමුවැනිදා තලවකැලේ ළිදුල නගර සභාවේ ආරාධනයෙන් ශ්‍රී කදිරේෂන් ශාලාවේදී පෙරවරු 9.00 ට පැවැත්වේ.- අමානි
|
CREATIVE
|
අතුරුගියේ ඉඳන් මාලඹේ පැත්තට චුට්ට දුරක් එන කොට බක්මීගහ පාර ඇහුවම කවුරුත් දන්නවා. එදා ඉඳලම ඒ පාර අතුරුගිරිය පැත්තේ ජනප්‍රියයි, ප්‍රසිද්ධයි. මෑත කාලේ ඒ පාර ජනප්‍රිය වුණේ නොයෙල්ගේ ගෙදර නිසා.බක්මී ගහ පාරේ හැරිලා පේන දුර ගිය තැන කාගෙන් හරි නොයෙල්ලාගේ ගෙදර ඇහුවොත් නොකිය නොපෙන්වා ඉන්නේ නැහැ. ඒ තරමටම නොයෙල් ජනපි‍්‍රය චරිතයක්. වත්තක් මැද ඉදිවුණු සුන්දර නිහඬ නිසසල, ශාන්ත බව තවරා ගත්තු නොයෙල්ගේ ගෙදරට ගොඩ වෙද්දී උදේ දහය හමාරට විතර ඇති. ගහ කොළවලින් පෙරීගෙන බිමට වැටෙන හිරු කිරණ දැන් ප්රචණ්ඩ වෙන්නත් ළඟයි.තේ එකක් බීලම පටන් ගනිමු නේද?ගෙට ගොඩ වුණු ගමන්ම නොයෙල් මහත්තයගෙන් ආරාධනාවක්. අරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා නොවෙයි ගමන් මහන්සිය නිසාම අපි තැන තැන තිබුණු පුටුවලට බර දීලා ඉඳ ගත්තා.‘නොයෙල් මහත්තයා මාර ජනප්‍රියයිනේ . . .කතාව පටන් ගත්තේ මං. මේ නොයෙල් මහත්තයා මං වගේම හැම දෙනාම දන්නවා. තූර්යා ටෙලි නාට්‍යයේ තමයි මේ නොයෙල් ඉන්නේ. මං අද ආවේ තූර්යා දර්ශන තලයට.‘ඔව්, ඔව් නොයෙල් කිව්වම ජනක කිව්වට වඩා දන්න තත්ත්වෙට පත් වෙලයි තියෙන්නේ.’ජනක කුඹුකගේගේ සුන්දර හිනාව ඇවිස්සුණේ මේ කටයුත්තට සුබ මං ලකුණු පහළ කරමින්.තේ වෙලාවට එකතු වුණු හැමෝම විවිධ කතාන්දරවල. ගිහාන් ප්‍රනාන්දු ආවේ ටිකක් පරක්කු වෙලා තේ පෝලිමට.‘අපි ඉතිං සත් ගුණවත්ව හැදෙන කොල්ලොනෙ. ප්ලේන්ටියත් සීනි නැතුවයි බොන්නෙ’ගිහාන් පිරිසට එකතු වුණේ හැමෝටම සිනහවේ පෙර මඟ ලකුණු පහළ කරමින්. ගිහාන්, අපෝන්සු වගේ අය ඉන්න තැනක කොහෙද හිනා නැත්තේ. හැමෝටම කරන කියන හැමදේටම හිනා.‘තරංගයක් ලෙසින් ඇදී . . .’ගිහාන් ගීතයක් පටන් ගත්තේ තරංග කියන කෑල්ලට හඬ මුසු කරමින්. ඒ හඬට තරංග ‘ඇයි’ කියලා ඇහුවේ හැමෝම ආයෙත් හිනාවේ ගිල්වමින්.මේ වගේ පුංචි පුංචි විහිළුවලින් පිරිච්ච තූර්යා තේ පැන් සාදය නිමා වේගෙන එන වෙලාවේ තමයි අධ්යක්ෂ රවීන්ද්‍ර විජේරත්න එතනට පැමිණියේ.කට්ටිය කතා ටික ඔක්කොම කිව්වද? අර ඇණ ඇනිච්ච කතාව කිව්වද එරන්ද රවී ඇහුවේ සහාය අධ්‍යක්ෂවරුන්ගෙන්.‘මේ නාට්‍යයේ තියෙනවා අපෝන්සු අයියට මිනී පෙට්ටියක ඇලවෙලා ඉන්න. අපේ කට්ටිය ඔක්කොම දේවල් හදල පෙට්ටිය ගාණට තියලා ඔන්න ෂූට් එකට රෙඩි වුණා. අපෝන්සු අයියත් ඇවිත් පෙට්ටියේ නියමෙට දිගා වුණා.මේ ෂූට් එක බලන්න ගමේ පිරිසකුත් ඇවිත් හිටියා. දැන් ඉතිං වැඩේ පටන් ගත්තා.කැමරා ඔක්කොම රෙඩි කරලා ෂූට් කරන්න ගත්ත විතරයි අපෝන්සු අයියා දඟලන්න පටන් ගත්තා. මිනිය දඟලන කොට බලන් හිටිය මිනිස්සුත් බය වුණා. බලද්දී අපෝන්සු අයියගේ පිටිපස්ස පැත්තේ ඇණයක් ඇනිලා.එරන්ද කතාව නිමා කළේ රවීට කතාවකට ඉඩ සදමින්.‘ඇයි දවසක් අපෝන්සු අයියා මිනී පෙට්ටි කඩේ ගාව උදේම ඉඳන් ඉඳලා. ගමේ ගෑනු බැන බැන යනවලු මිනී පෙට්ටි දැකලා. පස්සේ තමයි ඒ අය දැනගෙන තියෙන්නේ මේක ටෙලි නාට්‍යයකට හැදුව පෙට්ටි කඩයක් කියලා.මෙ වගේ වැඩ අතරේ තූර්යා ගලාගෙන යන්නේ හරිම ලස්සනට. දර්ශශන තලේ හැමෝගෙන්ම තරංගට නං මඩ ප්‍රහාර එමටයි.රම්‍යා වනිගසේකර, ජයසේකර අපෝන්සු, සුනීතා විමලවීර, හෂිනිකා කරලියද්ද, ගිහාන් ප්‍රනාන්දු, ජනක කුඹුකගේ, දීපානි සිල්වා, තරංග දිසානායක, චලනි බාලසූරිය, ජී. ආර්. පෙරේරා, නාමෙල් වීරමුණි, තිසුරි යුවනිකා, ඉරේෂා රණසිංහ වගේම මාධව විජේරත්නත් මේ පිරිස අතරේ ඉන්නේ හරිම සතුටෙන්.කතාවෙන් කතාවෙන් තරංග පිරිසටම පහර දුන්නේ කාටවත් නොපෙනෙන්න.තූර්යා කියන්නේ වෙනස්ම තේමාවකට පෙළ ගැහෙන ලස්සන නාට්‍යක්. මේ නාට්‍ය ඇතුළත තියෙන කණ්ඩායම් හැඟී¼ම වචනවලට පෙරලන්න බැහැ.රවීන්ද්‍ර විජේරත්න හැමෝටම ස්තුති කළේ මමත් එක්ක.ලියන්න පුළුවන් කතාන්දරවලට වඩා ලියන්න බැරි කතාන්දර එමටයි. ‘ගිහාන්ගේ කතා’ කියල පෙතක් ලියන්න කියලා රවීන්ද්‍ර මට කිව්වේ එන්න සූදානම් වෙද්දි. ඒ තරමටම මිහිරි කතා පෙට්ටියක් තමයි ගිහාන්.හැමෝගෙම කැපවීමෙන්, දහදිය මහන්සියෙන් තූර්යා හැදෙන හැටි හරිම අපුූරුයි. මේ ඡායාරූපෙ ඊට සැමට සාක්ෂි සපයාවි.- චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
ඉන්දික ජයසූරියවසන්ත කුමාරසිරිඅජිත් පි්රයන්තරුක්මන්තසෑම ඉරුදිනකම රාත්‍රි 10. 00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ඔබ හමුවට රට විරුවෝ ටැලන්ට් ස්ටාර් වැඩසටහන පැමිණෙන්නේ විදෙස්ගත වූ සහෝදර සහෝදරියන් ගේ කලා හැකියාවන් ගොන්නක් සමඟිනුයි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශය සහ විදෙස් රැකියා නියුක්ති කාර්යාංශය එක්ව ක්‍රියාවට නැංවූ මෙම සුවිශේෂ රියැලිටි වැඩසටහන ඔස්සේ මේවන විටත් විශාල පිරිසක් තම කලා කුසලතා දක්වා අවසන්.මේවන විට එය ක්‍රියාත්මක වෙන්නේ කටාර් රාජ්‍යයේ ය. මේ පිටුව වෙන් කෙරෙන්නේ එහි සිව්වන අදියරට එක්වන රට විරුවන් ඔබට හඳුන්වා දෙන්නයි. මොවුන් ගේ ගායන කුසලතා ලබන 12, වැනි දා රට විරුවෝ ටැලන්ට් ස්ටාර් ඔස්සේ ඔබට දැක ගැනීමට ලැබෙනු ඇත.ඉන්දික ජයසූරිය රට විරු වේදිකාවේ සිය ගායන කුසලතා දැක්වීමට වාසනාව ලද රට විරුවෙක්. පාසල් කාලයේ සිටම ගායන ක්ෂේත්රයට දැඩි උනන්දුවක් දැක් වූ අතර පාසල් කාලයෙන් පසුව සංගීත කණ්ඩායමකට සම්බන්ධව ගායකයකු ලෙසද කටයුතු කළ තරුණයෙක්. කටාර් හි රියැදුරකු ලෙස සේවයේ නිරත රත්නපුර පදිංචි ඉන්දික ජයසූරිය විදෙස් සේවයට එක් වී ඇත්තේ 2012 වසරේදී ය.හලාවත පදිංචි වසන්ත කුමාරසිරි සංගීත හැකියාවන් ගෙන් යුතු තවත් රට විරුවෙක්. කටාර් හි රියැදුරකු ලෙස සේවයේ නිරත ඔහු විදෙස් සේවයට එක්වී ඇත්තේ පසුගිය 2012 වසරේදී ය. කුඩා කාලයේ සිටම ගායනයට ලැදියාවක් දැක් වූ වසන්ත සිය වාදන හැකියාවන් දක්වමින් සංගීත කණ්ඩායමක ගිටාර් වාදන ශිල්පියකු ලෙසද කටයුතු කර තිබේ.මීළඟට කටාර් හි රට විරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වන්නේ මිනුවන්ගොඩ පදිංචි අජිත් පි‍්‍රයන්ත. පාසල් අවදියේ සිටම ගායනයට උන්නදුවක් දැක් වූ ඔහු විවිධ අවස්ථාවන්හි දී තම ගායන කුසලතා එළි දක්වා තිබේ . කටාර් හි විදුලි කාර්මික ශිල්පියකු ලෙස ඔහු විදෙස් සේවයට එක් වී ඇත්තේ පසුගිය වසරේ අගභාගයේදී ය.හලාවත පදිංචි රුක්මන්ත වර්ණකුලසූරිය රට විරුවෝ වේදිකාව ගීතවත් කිරීමට සූදානම්. කටාර් හි ආරක්ෂක කළමනාකරුවකු ලෙස කටයුතු කරන ඔහු විදෙස් සේවයට එක්වී ඇත්තේ 2009 වසරේදී ය. පාසලේදී සංගීතය විෂයයක් ලෙස හැදෑරූ රුක්මන්ත පාසල් තරගවලට පවා සහභාගි වී සිය දස්කම් දක්වා තිබේ. ඊට අමතරව සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති ඔහු ඩුබායි හි ‘පවන’ රූපවාහිනී සේවයේ නිවේදකයකු ලෙස ද කටයුතු කර තිබේ.නිෂාන් උදය කුමාරනුවන් සම්පත්කෑගල්ලේ නිෂාන් උදය කුමාර කටාර් හි රට විරුවෝ වේදිකාවේ ගායන තරුවක්. කුඩා කාලයේ සිටම ගායනයට දැක් වූ ලැදියාව නිසාම ඔහු පාසල් විෂයයක් ලෙසද සංගීතය හදාරා ඇත.‘සුපර් ස්ටාර්’ දෝහා කටාර් හි පැවැති තරගයෙන් අවසන් දොළෙස් දෙනා අතරට තේරී පත්වීමට ද නිෂාන් සුදුසුකම් ලැබුවේය. ඔහු 2010 වසරේ දී තත්ත්ව පරිපාලකයකු ලෙස කටාර් හි සේවයට එක්වී ඇත.නුවන් සම්පත් පෙරේරා රට විරු වේදිකාවට එක් වෙන්නේ ගායන තරුවක් ලෙසයි. කටාර් හි රියැදුරකු ලෙස සේවය කරන පිළියන්දල නුවන් සම්පත් විදෙස් සේවයට එක් වී ඇත්තේ 2008 වසරේදී ය. කුඩා කාලයේ සිට සංගීත ක්ෂේත්රයට වූ ලැදියාව සමඟින් ගායනය විනෝදාංශය බවට පත්කරගත් ඔහු අද රට විරුවෝ වේදිකාව ගීතවත් කරන්න සැරසේ.යතේජා ඥානරත්න
|
CREATIVE
|
මට නම් පෙබරවාරි මාසය ඉතාම වාසනාවන්ත මාසයක්. මේ සතියේදී මම අපේ පවුලේ සියලු දෙනා සමඟින් සිරීපාදය කරුණා කරන්න බලාපොරොත්තුවෙන් සිටින්නේ.ඒ වගේම ලබන එකොළොස් වැනිදාට මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් නම් මොනවද කරන්නේ කියලා තවම තීරණය කරලා නැහැ.පුණ්‍ය කටයුත්තක් සිදු කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. ඊට පසුව අලුත්ම ටෙලි නාට්‍යයක කටයුතුª සූදානම් කරන්නත් කාලය වෙන් කෙරෙනවා. ඒ වගේම ‘සඳ සාවි’ රූගත කිරීම්වලටත් දායක වෙන්න තියෙනවා. තවත් සංගීත ප්‍රසංග සහ නර්තන ප්රසංගත් කිහිපයක්ම යෙදිලා තියෙනවා.
|
CREATIVE
|
චෙන්නායි එක්ස්ප්රස්හෙට පීල්ලටපවුම් මිලියන 900 ක් (අමෙරිකානු ඩොලර් මිලියන 15 ක් වැයකර නිපද වූ) චෙන්නායි එක්ස්ප්‍රස් අගෝස්තු 9 වැනිදා ලොව පුරා තිරගත වෙන්නේ වාර්තා පිට වාර්තා තබමිනි. බොලිවුඩයේ එදා මෙදාතුර උපමහද්වීපයෙන් පිටත වැඩිම තිර පිටපත් ගණනක් ප්‍රදර්ශනය කෙරෙන්නේ එදිනය. චෙන්නායි එක්ස්ප්‍රස් පිටපත් 700 ක් රටවල් 50 කට වැඩි ගණනක ප්‍රදර්ශනය කෙරේ.ෂාරුක්ම ප්‍රධාන චරිතය රැඟූ ‘ජබ් තක් හෛයි ජාන්’ පිටපත් 600 ක් ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණි. වසරේ මැද එළඹෙන නිවාඩුව නිසා සිනමාපටයට ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතී. මෙය ද ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ට විශේෂ වරප්රසාදයකි.පේරු, මොරොක්කෝව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව, ප්‍රංශය, ඊශ්‍රායලය වැනි ඉන්දියානු සිනමාපටවලට එතරම් වෙළෙඳ පොළක් නැති රටවල ද සිනමාපටය ප්‍රදර්ශනය කෙරේ.සිනමාපටයේ අවසන් ගීතමය ජවනිකාව (ලුංගි ගීතය) පසුගියදා රූගත කෙරුණු අතර අධ්යක්ෂ රෝහිත් ෂෙට්ටි ගීතය නිමාවත් සමඟ කේක් ගෙඩි දෙකක් කපා සතුට සමරා තිබේ.මේ ප්‍රීතිමත් අවස්ථාවට ප්‍රධාන නිළිය, දීපිකා පදුකෝන්ගේ වර්තමාන පෙම්වතා රන්වීර් සිං ද පැමිණියේය.ඔප්රා වින්ෆේර් මේ දිනවල සිටින්නේ කිව නොහැකි තරම් සතුටකිනි. ඒ ඇය කැමැතිම ඇයගේ ඡායාරූපය ඇයගේම සඟරාවක පළවීම නිසයි. තිස් වසරක වෘත්තීය ජීවිතයේ ඇය වඩාත් සතුටු කළ සඟරා කවරය දකින්න ලැබෙන්නේ සැප්තැම්බර් මාසයේ ‘ඕ, දි ඔප්රා’ සඟරාවේය.පනස් නව හැවිරිදි ඔප්රා නව යෞවනියක සේ සිරුරට කිටි කිටියේ සිරවෙන තැඹිලි පැහැති කොට ගවුමකින් දැවැන්ත බොරු කොණ්ඩයක් දමා සිටින මේ ඡායාරූපය රසික රසිකාවන් අතර මහත් සේ ජනප්‍රියය. අප්‍රිකානු - අමෙරිකානු කාන්තාවන් අතරින් වඩාත්ම ධනවත් කාන්තාව වන ඇය ලෝකයේ එකම කළු ජාතික බිලියනපතිනියයි. ඒ වාගේම ලෝකයට වඩාත්ම බලපෑමක් කළ කතුන් අතරින් ද ඇය අංක එකය. ඇය රැඟූ ‘ද බට්ලර්’ සිනමාපටය අගෝස්තු 16 වැනිදා තිරගතවීමට නියමිතයි. එහි ඇය ග්ලෝරියා ගෙයිනස් නම් ප්‍රධාන චරිතය රඟන්නීය. ඇය ඉදිරිපත් කළ ‘ද ඔප්රා වින්ෆ්‍රේ ෂෝ’ එදා මෙදාතුර පුංචි තිරයේ වඩාත් ජනප්‍රිය කතිකාමය වැඩසටහනයි.ඇන්ජලිනා ජොලී තිරයේ කෙතරම් ක්‍රියාදාම වීරවරියක වුණත් ඇයට ද මෑතකදී පිළිකා මාරයා හා සටන් වැදීමට සිදු වූවාය. එහෙත් ඇය සිතින් පරාජය වූයේ නැත. මීට පස් මාසයකට පෙර ඇයගේ පියයුරු දෙකම සැත්කමකින් ඉවත් කෙරුණේ පියයුරු පිළිකා මාරයා ඇය වෙලා ගනිමින් සිටි නිසයි. දැන් ඇය යළිත් සුපුරුදු පරිදි පිරිපුන් පියයුරු යුවළකට හිමිකම් කියන්නීය. වෛද්‍ය විද්‍යාවේ හාස්කම් නිසා කලින් තිබූ සොඳුරු පෙනුමම ඇයට ලැබී තිබේ.ඇන්ජලිනා මේ දිනවල දෙවැනි සිනමා අධ්යක්ෂණයට සූදානම් වෙමින් සිටින්නීය. දෙවැනි ලෝක යුද සමයේදී සිරකරුවකු බවට පත් වූ ඔලිම්පික් ශූර ලුවිස් සැම්පර්නිගේ කතාව ඇන්ජලිනා තිරයට ගෙන එන්නීය. ‘අන්බ්රෝකන්’ ඒ සිනමාපටයයි.තිස්අට හැවිරිදි ඇන්ජලිනා නවතම සිනමාපටයේ වැඩි කොටසක් රූගත කිරීමට බලාපොරොත්තු වන්නේ හවායි දූපත්වලදීයි.දර්ශන තල සොයා ඇන්ජලිනා සිය සිනමා කණ්ඩායම සමඟ සැරිසරා තිබේ. එහිදී ඇය උඩු කය නිරාවරණය වෙන ඇඳුමකින් සැරසී සිටිනු මාධ්‍යයේ උකුසු ඇසට ලක් වී තිබේ.එංගලන්තයේ රෝස කුසුමට රිදී තිරයේදී ජීවය ලබාදීමේ වරම උදා වී ඇත්තේ නයෝමි වොට්ස්ටයි. ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා නිර්දේශිත රංගන ශිල්පිනියක වූ නයෝමිට ඩයනා කුමරියගේ චරිතය රඟන්නට ලැබීම සුවිශේෂී අවස්ථාවක් කියා සිතීම පුදුමයක් නොවේ. එය ඕනෑම සුපිරි සුරූපිනියකගේ රංගන සිහිනයක් බව නම් ස්ථිරය. එහෙත් නයෝමිට නම් එය දැවැන්ත අභියෝගයක් වී ඇත. ඇය කිහිපවරක්ම එය ප්‍රතික්ෂේප කිරීමට සිතා ඇතත් චරිතයට ඇති ඇල්ම නිසා එසේ නොකළාය.ඇයට රඟපෑමට ඇත්තේ චාල්ස් කුමරුගෙන් වෙන් වූ පසු ඩයනා කුමරිය ගත කළ ප්‍රේමණීය ජීවිතයයි.තමන් මෙතරම් පොහොසත් කළේ දරු පවුල බව බ්‍රෑඩ් පිට් ලොවටම කියයි. හතළිස් නව හැවිරිදි බ්‍රෑඩ් දූ දරුවන් සය දෙනකුගේ පියෙකි. ඇන්ජලිනා ජොලී සහ බ්‍රෑඩ් සිව් හැවිරිදි නොක්ස් සහ විවීන් නිවුන් දරුවන්ගේ මාපියවරුන්ය. මැඩොක්ස් (11), පැක්ස් (9), සහරා (8), ෂිලෝ (6) ඔවුන් හදාගත් දරුවන්ය. ‘පියකු වීමෙන් ජීවිතේ හැම දෙයක්ම ධනවාදී ලෙස වෙනස් වෙනවා’ ඔහු පවසයි. මවුපියන් තමන් හදා වඩා ගත් ආකාරය දරුවන් හදා වඩා ගැනීමේදීත් ආදර්ශයක් වූ බව ඔහුගේ අදහසයි. ඉදිරියේදී තිරගත කිරීමට නියමිත බ්‍රෑඩ් රැඟූ ‘වර්ල්ඩ් වෝඛ’ සිනමාපටයෙන් ද පවුල රැක ගැනීමේ පණිවුඩය සමාජයට ලබා දෙයි.- චම්පිකා දීපානි
|
CREATIVE
|
අමෙරිකානු නළු එඩී කීබ්රෙන් සිය දරුවන් දෙදෙනා සමගින් සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැරලා. ඒ ඔහුගේ බිරිඳ ලියෑන් රයිස් විසිනි. මේ ඡායාරූපයේ කීබ්රෙන් සහ දරුවන් දෙදෙනා සමගින් ලිඇන් ද සිටිනවා. එහෙත් මේ ඡායාරූපය සංස්කරණය කළ ඡායාරූපයක් බවයි කියවෙන්නේ.එය තවත් අයෙකුගේ ඊර්ෂ්‍යාවට ලක්වීම පිණිස ලිඈන් සිය ට්විටර් වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා. ඒ එඩී කීබ්රෙන්ගේ කලින් විවාහයේ බිරිඳ වන බ්‍රැන්ඩි ග්ලැන්විලි.ඇයගේ සහ එඩීගේ දරුවන් දෙදෙනා සමගින් තමා සතුටින් සිටින බව පෙන්නුම් කරන්නට ලියෑන් මෙලෙස එඩී සිය පුතුන් දෙදෙනා සමග සිටින ඡායාරූපයට තමාගේ රුවත් එකතු කර නිර්මාණය කරලා තියෙනවා.
|
CREATIVE
|
රංගනයෙන් පුංචි තිරයට එක්ව අධ්යක්ෂණයට සැරසෙන ශ්‍රීලාල් වික්රමගේදකුණු ලක මිද්දෙණිය පුරවරයේ උපන් ශ්‍රීලාල් වික්‍රමගේ ගේ එකම හීනය වුණේ නළුවකු වන්න. ඔහු ඒ හීනය සාක්සාත්කර ගැනීමේ අටියෙන් කොළඹ එනවා. ‘ආත බූත’, ‘නෝනාවරුනි මහත්වරුනි’ වැනි නාට්‍යවල චරිත මවමින් නළුවකු වී තම සිහිනය ද ඔහු සැබෑ කර ගන්නවා. කෙසේ නමුත් අද වන විට ශ්‍රීලාල් ඔබ හමුවට එන්නේ නිෂ්පාදන කළමනාකරුවකු විදිහට. ඔහු තුළ සිිටි නළුවා නම් වර්තමානයේදී විවේකයක් අරගෙන. තව නොබෝ දිනකින් අධ්යක්ෂවරයකු ද වන්නට ශ්‍රීලාල් සූදානම්. ක්ෂේත්රයේ භූමිකා කිහිපයක්ම අපූරුවට නිරූපණය කරන ඔහු තම කලා ජීවිතය ගැන තවත් අදහස් රැසක් මෙසේ අප සමඟ බෙදා ගත්තා.කොළඹ ඇවිත් මං දවසින් වැඩි හරියක් හිටියේ සුදර්ශියේ. එය නාට්‍යවේදීන් රැසක් ගැවසෙන තැනක්. ඇත්තටම මං ඔවුන්ගෙන් උගත් දේ බොහොමයි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා තමයි ආත බූත නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. එහි විජය නන්දසිරිගේ පුතා හැටියටයි මං රඟපෑවේ. ඒ දෙදහස් එක අවුරුද්දේ විතර. ඒක නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක්. කලින් නාට්‍ය කරලා තිබුණාට එම නාට්‍යයෙන් පසුව මා ඒ දවස්වල මිනිසුන් අතරේ ජනප්‍රිය වුණා.එතකොට ඔබ නිෂ්පාදන කළමනාකරුවකු වන්නේ?සිවගුරුනාදන් අයියා තමයි මාව ඒ පැත්තට යොමු කළේ. එහෙම වැඩ කරන්න පටන් ගත්තාම මට වැඩිපුරම ආරාධනා ලැබුණේ ඒ කාර්යයට. රංගනය අමතක වුණා. රඟපාන්න මට හිතුණෙත් නැහැ.නිෂ්පාදන කළමනාකරුවකුට ලොකු වගකීමක් තියෙනවා නේද නිිර්මාණයක් ඇතුළේ?ඇත්තටම ඔව්. නිෂ්පාදන කළමනාකරුවකු කියන්නේ නිර්මාණයට දායක වන හැමෝගෙම දුක්ගන්නාරාල. ඒ වගේම හැම දේටම වග කියන්නත් ඕනෑ. අධ්යක්ෂවරයාට දර්ශනය කැමරාවේ සටහන් කරගන්නකම් අවැසි හැමදේම සූදානම් ද කියලා බලන්න ඕනෑ. දවසේ අන්තිමයට නිදා ගන්නෙත් දවසේ උදෙන්ම වැඩ කටයුතු අරඹන්නෙත් නිෂ්පාදන කළමනාකරු.නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් ඔබ දායක වූ නිර්මාණ ගැන මතක් කළොත්?එතුමා, මහතලා හටන, චරිතයකට පාට දෙන්න, හත් වැනි කණ්ඩායම, මා වැඩ කළ ටෙලි නාට්‍ය කිහිපයක්. චිත්‍රපටවලින් ගත්තොත් සිකුරු හතේ, කිං හන්තර්, විජය කුවේනි, සීමා නෑ ආකාසේ.මේ ලද අත්දැකීම ඔස්සේ අධ්යක්ෂණයට පිවිසෙන්නත් ඔබ අදහස් කරගෙන සිටිනවාද?තිරයෙන් පිටුපස වැඩ කරන්න පටන් ගත් දින සිට මං හිතාගෙන හිටියා කවදා හරි අධ්යක්ෂවරයකු වෙනවා කියලා. මේක තමයි හොඳම කාලේ. අංගනා අමුතු මිනිස්සු යන නාට්‍ය හි පිටපත් රචනා කළ උදය ශාන්ත කුමාරසිංහ ලියන්නේ. ඒක පාසල් ගුරුවරියක සහ බස් කොන්දොස්තරවරයකුª අතර ඇතිවන සිද්ධිදාමයක් ඔස්සේ නිර්මාණය වන්නක්. එහි ළඟදීම රූගත කිරීම් අරඹන්නට හිතාගෙන ඉන්නවා. මේ දිනවල නාට්‍යයේ පෙර නිෂ්පාදන කටයුතු සිදු වෙනවා.අපි දැන් ඔබේ පෞද්ගලික ජීවිතය දෙසට හැරෙමු?ඇත්තම කිව්වොත් පෞද්ගලික ජීවිතයක් නැති තරම්. කලාවත් සමඟමයි ජීවිතය ගෙවෙන්නේ. මට පෙම්වතියක් හිටියා. ඒක මගේ නොවන මගේම ආදරයක් කිව්වොත් නිවැරැදියි. මගේ වත්මන් පදිංචිය පිළියන්දල.නිෂ්පාදන කළමනාකරුවන්ට දැඩි චෝදනාවක් තිබුණා පහුගිය කාලේ?ඒ මොකක්ද?නිෂ්පාදකවරුන්ගෙන් අනිසි විදිහට මුදල් ගසා කාලා ඔවුන්ට ක්ෂේත්රය එපා කරවනවා කියලා?ඔබ හොඳ පැනයක් ඇහැව්වේ. ඇත්තටම එවන් දේ සිදු වෙනවා. නිෂ්පාදකවරුන් නිසා තමයි නිර්මාණ බිහි වෙලා ක්ෂේත්රය රැකෙන්නේ. ඔවුන්ට ක්ෂේත්රය එපා කළොත් සිදු වන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. නිෂ්පාදකවරුන්ගේ මුදල් නිසියාකාරව වියදම් කරන්න දැනගන්න ඕනෑ නිෂ්පාදන කළමනාකරු. එවන් දේ නොදැන මේ ෆීල්ඩ් එකට එන අය ගැන කනගාටුයි. දැනට ක්ෂේත්රයේ පන්දාහක් විතර වැඩ කරනවා. ඔවුන්ගේ පවුලේ අයත් එක්ක ගත්තොත් පහළොස් දාහක් විතර ක්ෂේත්රයෙන් යැපෙනවා. මං ෆීල්ඩ් එකේ ඉන්න හැමෝගෙන්ම ඉල්ලන්නේ නිෂ්පාදකවරුන්ට ක්ෂේත්රය එපා කරවන්න එපා කියලා.මේ දිනවල ඔබ නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වන නිර්මාණ මොනවාද?විජය කුවේණි අධ්යක්ෂ සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වන අති දැවැන්ත සිනමා නිර්මාණය වන ඇහැළෙපොළ කුමාරිහාමි සිනමාපටයේ මූලික වැඩ කටයුතු මේ දවස්වල සිදුවෙනවා. එය නිෂ්පාදනය කරන්නෙත් ගයාන් රණධීර මහත්මයා. ඔහු ගැනත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔහු කිව්වා මේ නිර්මාණයටත් මාවම නිෂ්පාදන කළමනාකරණයෙන් දායක කර ගන්න වුවමනාය කියලා. ඔවුන් දෙපොළ හා එක් වී ඇහැළෙපොළ කුමාරිහාමි සාර්ථක කර ගැනීමට උදව් වෙමිනුයි සිටින්නේ.0718338532 මේ ශ්රීලාල්ගේ දුරකථන අංකයයි.සටහන - ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
රංගන ශිල්පී කීර්ති රංජිත් පීරිස් ගේ දෙටු දියණිය චන්දි ඉරේෂා පීරිස්ගේ විවාහ මංගල්‍ය චාම් අයුරින් පසුගියදා ගම්පහ ලංකේෂ් ශාලාවේදී පැවැත්විණ. චන්දි ඉරේෂාගේ අතගත් මනමාලයා වූයේ මාකේවිට පදිංචි පොලිස් රථවාහන අංශයේ සේවයේ නියුතු රංගන ප්‍රභාත්ය. චන්දි - රංගන සොඳුරු එකමුතුව සඳහා නිළි රැජන මාලිනී ෆොන්සේකා, විශාරද සුදත් සමරසිංහ, අමිලා නදීශානි ආදී කලාකරුවන් රැසක්ද සහභාගි විය.- තිලානි ශානිකා
|
CREATIVE
|
අපේ සමහර නිළියන් රූපවාහිනී නාලිකාවල නිවේදිකාවන් වීම ගැන අර්ජුන්ට මොකද හිතෙන්නේ?උදයන්ත සිරිසේනරුවන්වැල්ලනිවේදිකාවන් නිළියන් වන විට ඇතිවන හැඟීමමයි.දෝනි චිත්‍රපටයේ දෝනිගේ චරිතය රඟපාන මෙනුලි දියණියගේ උපන් දිනය සහ ලිපිනය ලබා දෙන්න.කංචක කරුණානායකපෝද්දලඋපන් දිනය – ඔක්තෝබර් 18148/16, බේස්ලයින් පාර, කොළඹ 09.සක්විති සුවය චිත්‍රපටය අධ්‍යක්ෂණය, එහි ගීත ගායනය සහ සහාය අධ්‍යක්ෂණය කළේ කවුරුන් විසින්ද?ච්. එච්. ජයලත්ගම්පහඅධ්යක්ෂණය – ගාමිණී ෆොන්සේකාසහාය අධ්යක්සණය – ඇන්ටන් ග්රෙගරිගායනය – එම්. එස්. ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, මිල්ටන් මල්ලවාරච්චි සහ සුජාතා අත්තනායකසමහර නිළියන් විවාහ වූ අලුතම කියනවා පවුල් ජීවිතයට මුල් තැන දිය යුතු නිසා රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා. ඒත් පසුව හීන් සීරුවේම ආයෙමත් රඟපෑමට එනවා නේද අර්ජුන්?කරු මන්දාවලනාත්තණ්ඩියහැමදාම එකම තැනකින් කෑම කනකොට එපා වෙනවානේ.සිංහලෙන් දෙබස් කැවූ චිත්‍රපට වන ‘මනුෂ්‍යත්වය’, ‘පතිවත’, ‘මගේ පුතා’, ‘සුදු නංගි’, ‘සල්ලි එපා’, ‘අංගුලිමාල’, ‘මිස් මේරි’ චිත්‍රපටවල පිටපත් සංරක්ෂණය කර තිබේද?ජයම්පති නවරත්නමාතලේමනුෂ්යත්වය, මගේ පුතා, සුදු නංගි, මිස් මේරි හෙවත් අහිංසක ප්‍රයෝගය චිත්‍රපටවල පිටපත් තිබෙන බව ආරංචියි.ඓතිහාසික හා බෞද්ධ තේමාවන් රැගත් දෛවයෝගය, පටාචාරා, කුණ්ඩලකේෂි, සීගිරි කාශ්‍යප, දස්කොන් වැනි චිත්‍රපටවලින් නිෂ්පාදන වියදම පවා පියවා ගැනීමට නොහැකි වුවත් එවැනි තේමාවන් රැගත් අබා, සිරි පැරකුම්, මහින්දාගමනය, කුස පබා, උත්පලවණ්ණා වැනි චිත්‍රපට අතිශය සාර්ථකව ප්‍රදර්ශනය වී ඉහළම ආදායම් ලැබීමට හේතුව කුමක්ද?කල්‍යාණ ජයනෙත්තිමැටරඹ, උණවටුණකලකදී වහලු කලකදි රස වෙනවාලු.හිටපු ජනාධිපති දිවංගත ආර්. ප්‍රේමදාස මහතා විසින් ලියන ලද නවකතාවක් චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කර තිබේද?ආර්. ඒ. අමරසිංහකැලණියඑතුමා රචනා කල නවකතා අතර ජීවන කඳුළු, හිතවතිය, රන් මිණි මුතු නවකතා චිත්‍රපට බවට පත්වුණා.දිලිප් කුමාර් සහ නාර්ගිස් අවසන් වරරට එකට රඟපෑ චිත්‍රපටය කුමක්ද?දිදාර්. ‘බොම්බේ ටු ගෝ ආ’ හින්දි චිත්‍රපටය ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න කැමැතියි.ඩබ්ලිව්. ලෙනාඩ් ප්රනාන්දුදූනගහමේ නමින් චිත්‍රපට දෙකක් තිරගත කර තිබේ. එයින් අතිශය ජනප්‍රිය චිත්‍රපටය වන්නේ අමිතාබ් බච්චන් සුපිරි නළුවෙක් බවට පත් කරන්නට හේතුව එස්. රාමනාදන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයයි. 1972 තිරගත වූ එහි අමිතාබ් සමඟින්, සතෘගන් සිං, අරුණා ඉරාණි, මෙහෙමුද්, නසීර් හුසේන්, අගා, ලලිතා පවර්, කිෂෝර් කුමාර්, මෙහෙමුද් ජූනියර් ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වුණා. අමිතාබ් බච්චන් මීට පෙර රංගනයට අවතීර්ණව සිටිය ද ප්‍රධාන නළුවා ලෙසින් නම් සඳහන් වූයේ මෙම චිත්‍රපටයේයි.අපේ සිංහල චිත්‍රපටවල බොහොමයක් දුෂ්ඨ චරිත රඟපෑවේ ශේන් ගුණරත්න ද, ලයනල් දැරණියගල ද?සරත් රණසිංහකපුගොඩ, මාළිඳමට හිතන්නේ ලයනල් දැරණියගල.බොහෝ කලකට ඉහත දී ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ප්‍රචාරය වූ ‘සුමුදු රටා එපා ළදේ’ ගීතය ගැයූ ගායකයා කවුද? ඔහු ගැයුූ වෙනත් ගීත මොනවාද?ඈන් නිලන්ති ප්රදීපිකාවයික්කාලතිලකසිරි රත්නායකතුන්මංසල ළඟ, අප දෙදෙනා දිහා බල බලා ඔහු ගැයූ වෙනත් ගීත වේ.රංගන ශිල්පීන් චිත්‍රපට අධ්යක්ෂණයට අවතීර්ණ වූ අවස්ථා බොහෝමයි. ඒ අතුරින් සිනමා සක්විති හා රෝයි ද සිල්වා, ඩොමී ජයවර්ධන, ෆ්ලොරිඩා ජයලත් හා ජැක්සන් ඇන්තනි යන අය කැපී පෙනෙන යමක් කළා. ඒ අතරිනුත් ඔබේ හැඟීමේ හැටියට වඩාම දක්ෂ අධ්යක්ෂවරයා ලෙස ඔබ නම් කරන්නේ කවුරුන්ද?ගිල්බට් පෙරේරාහෝකන්දර දකුණසිනමා සක්විති ගාමිණී ෆොන්සේකා.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
හිත මිතුරන්ට පැදුරු සාජ්ජයක්ජීවන් හඳුන්නෙත්ති කියන්නේ ප්‍රේක්ෂකයන් බොහොම ආදරය කරන කෙනෙක්. ඔහු පසුගිය දවස්වල ඔබ ඉදිරියට ආවේ ‘කෝරලේ මහත්තයා’ ටෙලි නාට්‍යයේ උක්කුවා විදියට. එදා ඒ උක්කුවට බොහෝ දෙනෙක් ආදරය කළා. ඒ විතරක් නෙවෙයි අදත් ජීවන්ව මුණ ගැසෙන ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් ඔහුව ආමන්ත්‍රණය කරන්නේ උක්කුවා නමින්. මේ උක්කුවා කලාවට පිවිසිලා වසර තිහක්. ඒ වගේම ඔහුටත් අවුරුදු පනහක් ලබලා. මේ සියල්ල සමරන්න ඔහු සූදානම් වෙන්නේ පැදුරු සාජ්ජයකට මුල පුරමින්. ඒ අද රාත්‍රී 7.00 ට ජීවන්ගේ නිවසේදී.“කලා කරුවෙක් විදියට වසර තිහක් ගත වෙනවා. කියන්නේ ලොකු කාලයක්. මම අදටත් ජීවත් වෙන්නේ කලාවෙන්. ඒ වගේම මට වසර පනහක් ලබලා. ඒ කාරණයත් මගේ ජීවිතයේ බොහෝම සුවිශේෂයි. මේ කාරණා දෙක මූලික කරගනිමින් මගේ නිවසේ පැදුරු සාජ්ජයක් තියන්න මම තීරණය කළා. පැදුරු සාජ්ජයට කලාකරුවන් වගේම නෑ හිත මිත්‍රාදීන් ද පැමිණීමට නියමිතයි. මේ සියලු කටයුතු පිළිබඳ මාව නිතරම උනන්දු කරන, සහයෝගය දෙන මගේ බිරිඳත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා.”ජීවන් හඳුන්නෙත්තිගේ උපන් ගම බලපිටිය. බලපිටියේ සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්ත ජීවන් පාසල් වේදිකාවේ දක්ෂ රංඟන ශිල්පියෙක්. ඔහු පාසලේ දී කළ ‘යන එනමං’ වේදිකා නාට්‍යය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ගන්නවා විතරක් නෙවෙයි ඔහු එහි හොඳම නළුවාත් වෙනවා. ඔහු කොයිතරම් ගමේ ජනපි‍්‍රයද කිව්වොත් ගුණපාල සිල්වාගේ ‘ඈත බලන් පුතුනේ’ නාට්‍යයෙත් රඟපානවා. ජීවන් ප්‍රසිද්ධ වේදිකාවට පිය නඟන්නේ ෂම්මි රෝහිත කියන යාළුවා නිසා. ඔහු මාර්ගයෙන් බන්දුල විතානගේ මුණ ගැසෙන ජීවන්ට ‘වැනිසියේ වෙළෙන්ඳා’ වේදිකා නාට්‍යයේ ස්ටීවනෝ වෙන්නට වාසනාව හිමි වෙන්නේ මේ අතරයි.“ඊට පස්සෙ පසු කාලයේදි මට ලාස්ලට් ගේ චරිතය කරන්නත් ඉඩ ලැබෙනවා. ඒ වගේම එදිරිවීර සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධන, රත්නසිරි පරණවිතාන, සොමී රත්නායක, පුණ්‍යසේන ගුණසිංහ, පරාක්‍රම නිරිඇල්ල, රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ්, වේහැල්ලේ පියතිලක වගේ වේදිකා නාට්‍ය කලාවට ජීවයක් දුන්න බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ නාට්‍යවලට මම රංගනයෙන් දායක වෙනවා.”‘අත්ත බිඳෙයි’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය කලාවට පිවිසෙන ජීවන් වඩාත් ජනපි‍්‍රය වන්නේ ‘පුංචි වීරයෙක්’ ටෙලි නාට්‍යයේ හනිෆා කියන මුස්ලිම් චරිතය සඳහා කළ රඟපෑමෙන්. ඉන් පස්සෙ ‘පින්කඳ සිමෝනා’, ‘සිටු මැදුර’, ‘පිංගල දනව්ව‘, ‘ඉහිරුණු කිරි’ ඇතුළු ටෙලි නාට්‍ය රාශියකට රංඟනයෙන් දායකවන අතරම සිනමාවටත් ඔහුගේ රංඟනය රැගෙන යනවා. සුනිල් සෝම පීරිස් ගේ ‘ඉරහඳ ඉල්ලා, වැඩ බැරි ටාසන් මැතිසබයට, අලි සුරතල්, ජයපිට ජය’ වගේ චිත්‍රපටවලට වගේම ‘රන් කෙවිට’, ‘දියයට ගින්දර’, ‘වන්ෂොට්’, ‘ලීඩර්’, ‘අභිනික්මන’, ‘ඇද්දා කොඩිය දැම්මා ලණුව’ කියන චිත්‍රපටවලත් රඟපානවා.‘මගේ යාළු මාළු’ වගේම ‘රන් දහ බිඳු’, ‘සිසිල වගේ’ චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් ඉදිරියේදී ප්‍රේක්ෂක හමුවට පැමිණෙන්නට නියමිතයි.ජීවන් අද කලා ලොවේ යම් තැනක සිටිනවා නම් ඒ තැන හිමි වූයේ ඔහුගේ බිරිඳ වන නිරෝෂනී හඳුන්නෙත්ති නිසා. නර්තන උපදේශිකාවක් විදියට කටයුතු කරන ඈ ජීවන්ට ආලෝකයක්. පුතා ශනිදු හඳුන්නේත්ති. ඔවුන් තිදෙනාගේ එකමුතුවෙන් ජීවන්ගේ කැදැල්ල සුන්දර වෙලා. ඒ සුන්දරත්වය තවත් දියුණු තියුණු වෙන්නේ අද යෙදෙන පැදුරු සාජ්ජයෙන්.සටහන – තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
භාරත පුංචි තිරයේ ‘දියා ඕර් බාති හම්’ අපේ රටේ ජනප්‍රිය ‘ස්වප්නා’ ලෙසයි. සප්නාට පණ පොවන සිහින කුමාරිය, දීපිකා සිං සැබෑවට පසුගියදා පතිනියක, ලේළියක බවට පත් වූවාය. ඒ නාට්‍යයේ අධ්යක්ෂ රෝහිත් රාජ් ගෝයල් සමඟයි. දෙදෙනාගේ ආදරණීය සිතුවිලි ඉපදී ඇත්තේ නාට්‍යයේ දර්ශන තලයේදීයි. එහෙත් එය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව නොවුණු බව නම් ඒකාන්තය. සූරජ් වෙනුවට දීපිකාගේ සිත පැහරගෙන ඇත්තේ රෝහිත්ය. රෝහිත් නිසා වඩාත් සාර්ථක නිළියක වීමට ලැබෙනු ඇති බව දීපිකාගේ මංගල දින මංගල ප්‍රාර්ථනයයි.‘සර්’ කියා රෝහිත්ට දර්ශන තලයේදී ඇමතූ ඇය ඉදිරියේදීත් එසේ ඇමතීමට කැමැත්තෙන් සිටින්නීය. එහෙත් රෝහිත් නම් කැමැති ඇය තම නමින් අමතනවාටයි. දීපිකා මෙන්ම රෝහිත් ද දිල්ලියේ එකම පැලැන්තියකට අයත්ය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.ටේලර් හැක්ෆොර්ඩ් විසින් අධ්‍යක්ෂණය කළ ‘පාකර්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්.පාකර් කෘති මාලවේ 19 වැනි කෘතිය වන ෆ්ලෑෂ්ෆයර් ඇසුරින් නිර්මාණය වූ මෙය මිනිත්තු 118 ක ධාවන කාලයකින් යුතු වේ.ජේසන් ස්ටැතම්, ජෙනිෆර් ලෝපේස්, නික් නොල්ට්, මයිකල් චික්ලිස්, වෙන්ඩෙල් පිරිස්, එමා බූත් ඇතුළු පිරිසක් මෙහි චරිත නිරූපණය කරති.‘ජෝන් ඩයිස් ඇට් දි එන්ඩ්’ හාස්‍යමුසු වූ ත්‍රාසජනක සිදුවීම් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ඩොන් කොසැක්රිලි අධ්‍යක්ෂණය කළ මෙය ඩේවිඩ් වොන්ග් ගේ ජෝන් ඩයස් ඇට් දි එන්ඩ් කෘතිය ඇසුරින් නිර්මාණය කර ඇත.චේස් විලියම්සන්, ග්ලෙග් ටෲමන්, ඩැනියෙල් රොබුක්, ජිමි වොන්ග්, ඩග් ජෝන්ස් ඇතුළු පිරිසක් දායක වන ජෝන් ඩයිස් ඇට් දි එන්ඩ් මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ.‘බ්‍රෝකන් සිටි’ අපරාධයක කතා පුවතක් ගෙන එන හොලිවුඩ් චිත්‍රපටයක්. ඇලන් හග්ස් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි මාර්ක් වොහ්බර්ග්, රුසෙල් ක්‍රෝව්, නටාලි මාටින්ස්, ජෙෆ්රි රයිට්, ඇලෝනා ටාල්්, කයිල් චැන්ඩ්ලර්, බැරී පෙපර්, ජස්ටින් කැම්බර්ස් ප්‍රධාන චරිත සඳහා දායක වෙති.ඇන්ඩ්‍රේ මුෂිටි විසින් අධ්‍යක්ෂණය කළ ‘මමා’ ත්‍රාසජනක සිදුවීමක් රැගත් චිත්‍රපටයක්.ඔහු විසින් ස්පාඤ්ඤ භාෂාවෙන් නිපද වූ කෙටි චිත්‍රපටයක් පසුබිම් කරගෙන නිර්මාණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු සියයක ධාවන කාලයකින් යුක්ත වේ.ජෙසිකා කැස්ටෙයින්, නිකොලා කෝස්ටර්, මෙගාන් කාපෙන්ටියර්, ඉසබෙලා නෙලිස්, ඩැනියෙල් කාෂ් මෙහි ප්‍රධාන භූමිකා නිරූපණය කරති.ඩේවිඩ් වේන් විසින් අධ්‍යක්ෂණය කළ ‘වොන්ඩර්ලස්ට්’ හාස්‍යමය සිදුවීම් පෙළක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්.පාවුල් රුඩ්, ජෙනිෆර් ඇනිස්ටන්, ඇලන් ආල්ඩා, මාලින් ආකර්මන් ඇතුළු පිරිසක් මේ සඳහා චරිත නිරූපණයෙන් දායක වෙති.‘වොන්ඩර්ලස්ට්’ මිනිත්තු 98 ක ධාවන කාලයක් රැගත් චිත්‍රපටයකි.අපරාධයක් පිළිබඳ කතා පුවතක් ගෙන එන ‘මුම්බායි මිරර්’ හින්දි චිත්‍රපටය අන්කුෂ් භට්ගේ අධ්‍යක්ෂණයකි.සචින් ජෝෂි, ප්‍රකාශ් රාජ්, විමලා රාමන්, ගිහානා ඛාන්, ප්‍රශාන්ත් නාරායනන්, ආදිත්‍ය පන්චෝලි, මහේෂ් මන්ජේකර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.‘ලිස්න් අමායා’ හිතවත්කම්, බැඳීම් ගැන කියන හින්දි චිත්‍රපටයක්.අවිනාශ් කුමාර් සින්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ෆාරුක් ශීක්, දීප්ති නාවල්, ස්වාරා භෂ්කාව්, සිද්ධාන්ත් කාර්නික්, විජය භූෂාන්, ෂදාබ් ඛාන් ප්‍රධාන චරිත සඳහා පණ පොවති.‘ආකාශ් වානි’ ආදර කතා පුවතක් රැගත් නවතම හින්දි චිත්‍රපටයක්.ල්යුව් රාජන් අධ්‍යක්ෂණය කළ ආකාශ් වානි හි නුෂාරක් තරුෂා සමඟින් කාර්තික් තිවාරි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.- යතේජා ඥානරත්න
|
CREATIVE
|
අද The Gallary සමඟ එක් වන්නේ රශ්මි පුෂ්පිකා. දාහත් වසරක් කලා ලොවේ කටයුතු අතරේ නියැළී හිඳින ඈ මේ දිනවල තිරගත වන ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ මාරි නිසා කා අතරත් කතාබහට ලක්වෙනවා. අහම්බෙන් රංගනයට එක් වූ රශ්මි රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසටත් ජනප්‍රියයි.සහාය අධ්‍යක්ෂිකාවක්, අධ්‍යක්ෂිකාවක් ලෙසටත් ක්ෂේත්රයේ නමක් දිනාගත් රශ්මි ගැහැනු ළමයි හි සෝමා, පාං බට්ටා – නන්දාවතී, සිහින සිතුවම් - නෙත්මි, වන්දනා - චතු, හිතට වහල්වීමි - රවිනා ලෙස අපේ නිවෙසට ගොඩ වැදුණේ හරිම අපුරුවට.අපි ඒ ආදරණීය හිත හමු වෙමු.රශ්මි දැන් ජනප්‍රිය චරිතයක්?මේ දවස්වල ටිකක් කතාබහට ලක්වෙනවා ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ මාරි චරිතය නිසා. ඒ චරිතය කටකාර දඟකාර චරිතයක්.සාමානන්‍ය ජීවිතයේ රශ්මි මාරි වගේද?නැහැ. මං ඊට හාත්පස වෙනස් චරිතයක්.කොහොමද මේ ගමන ඇරැඹුණේ?පෙර පාසල් සහ පාසල් වේදිකාව තමයි මගේ රංගන ගමනේ ආරම්භය. කුඩා කාලයේ සිටම රඟපාන්න ආශාවක් ඇත්තටම තිබුණා. හැකියාවකුත් තිබුණා. ඒත් මෙච්චර දුර එන හිතක් තිබුණේ නැහැ.කොහොමද මේ දුර ගමන ඇරැඹුණේ?මගේ අම්මගේ මහ ගෙදර මීට ටික කලකට ඉහතදී ටෙලි නාට්‍යයක් රූගත කළා. ඒ එරංග සේනාරත්න මහත්මයාගේ ටෙලි නාට්‍යයක්. ඒ රූගත කිරීම් අතරතුරදී මට සේනක විජේසිංහ හඳුනා ගත්තා. කලකට පසු එතුමාගේ නිර්මාණයකට මා දායක කර ගත්තේ මේ අලුත් ගමනට පාර තනමින්.අධ්යක්ෂණයට පිවිසුණේ කොයි කාලෙද?2011 දෙසැම්බර් 25 වැනිදා දවල් දොළහට මගේ ටෙලි නාට්‍යයක් විකාශනය වුණා. ඒකෙ නම සිහින පිරුණ නත්තලක්. එදා තමයි මගේ නිර්මාණයක් මුලින්ම ජනතාව දුටුවේ.ඔබ දමිළ චිත්‍රපටවලට දායක වෙලා තිබෙනවාද?ඔව්. 2002 වසරේදී මම ඉන්දියානු චිත්‍රපටයක උප ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. ඉන් පසුව දමිළ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණා. පසුව මම චිත්‍රපට හයක විතර චරිත නිරූපණය කළා.රශ්මි වෘත්තිමය නිළියක්ද?නැහැ. රූපලාවණ්‍ය කටයුතුවලට අමතරව මම ව්‍යාපාරයක් කරනවා.මොනවද ව්‍යාපාර?නිමි ඇඳුම් සහ පාවහන්. මගේ අලුත්ම ව්‍යාපාරික ස්ථානය අද කොට්ටාවේදී විවෘත වෙනවා.වේදිකාව ඔබට නුහුරු තැනක් නෙවෙයි?1997 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා මා දායක වුණා. ඒ වගේම මේ දිනවල වේදිකා ගත වන සිවම්මා ධනපාල, අයි ඈම් ශ්‍රී ලංකා වැනි නාට්‍යවල මේ චරිත නිරූපණය කරනවා. සිවම්මා ධනපාල හි ගුණපාලි සහ අයි ඈම් ශ්‍රී ලංකා පලස්තීනි මේ දිනවල රට පුරා දකින්නට පුළුවන්. ඒ වගේම ඔබතුමා වේදිකා නාට්‍යයේ නයගරා චරිතයට පණ පොවන්නේ මං.කොහොමද ප්‍රතිචාර?ඉතාමත් හොඳයි. ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය ඉතාමත් සාර්ථකව තිරගත වෙනවා. මේ චිත්‍රපටය ඉතාමත් අලංකාර නිර්මාණයක්. ඒ චිත්‍රපටය සඳහා හොද ප්‍රතිචාර විඳීමිනුයි ඉන්නේ.නිරූපිකාවක් නිවේදිකාවක් වෙන්න අදහසක් නැද්ද?නිවේදිකාවක් වීම තමයි මගේ කුඩා කාලෙ හීනෙ වුණේ. වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල සමඟ එහි වැඩසටහනක් ඉදිරිපත් කළා. තවමත් මගේ හිතේ ඒ හීනය ජීවත් වෙනවා. නිරූපිකාවක් ලෙසටත් මා කටයුතු කරනවා. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සහභාගි වුණා.ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?ක්ෂේත්රය හොඳයි. ඇතැම් වෙලාවට කලකිරීමක් ඇති නොවෙනවාත් නොවෙයි. හොඳින් අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කරනවා.ඔයා තවම තනිකඩයි.ඔව්. ජීවිතයේ ඉදිරිය කොහොම තීරණය වේවි ද කියලා අපට කියන්න බැහැ. තවම තනිකඩයි.ජීවිතේ ගැන මොකද හිතන්නේ?ජීවිතය කියන්නේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් විඳීය යුතු දෙයක්.ඉදිරියේදී කොහොමද ඔබව හමු වෙන්නේ?රන් කිරුළ සහ බෝනික්කා චිත්‍රපට ඉදිරියේදී තිරගත වේවි.විද්‍යුත් ලිපිනය කියමුද?rashmi.puspika@yahoo.com- චතුර
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයමNo One Lives‘නෝ වන් ලයිව්ස්’ ත්‍රාසය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ර්යුහි කිටාමුරා අධ්‍යක්ෂණය කළ මෙහි ලුක් එවැන්ස්, ඇඩෙලි ක්ලෙමන්ස්, ඩිරෙක් මැග්යර්, බේයු ක්නැප්, අමෙනිකා ඔලීවෝ, ඩෝල්ටන් ඊ ග්‍රේ, ලින්ඩ්සෙ ෂෝ ප්‍රධාන චරිත සඳහා පණ පොවති. නෝ වන් ලයිව්ස් මිනිත්තු 86 ක ධාවන කාලයකින් යුතු වේ.Black Rock‘බ්ලැක් රොක්’ ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. කැති ඇසෙල්ටන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 80 ක ධාවන කාලයකින් යුතු වේ. කැති ඇසෙල්ටන්, ලේක් බෙල්, කේට් බොස්වෝර්ත්, විල් බෝවියර්, ජේ. පවුල්සන්, ඇන්ස්ලිම් රිචඩ්සන් බ්ලැක් රොක් හි රංගනයෙන් දායක වෙති.Fast & Furious 6‘ෆාස්ට් ඇන්ඩ් ෆ්යුරියස් 6’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. ජස්ටින් ලීන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ වින් ඩයිසෙල්, පාවුල් වෝල්කර්, ඩ්වයේ ජොන්සන්, මයිකල් රොඩ්රිග්යුස්, ජෝර්ඩානා බ්රිවුස්ටර්, ක්‍රිස් බ්රිඩිජස් ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වෙති. ෆාස්ට් ඇන්ඩ් ෆ්යුරියස් 6 මිනිත්තු 160 ක ධාවන කාලයකින් යුතු වේ.The English Teacherක්‍රෙග් සිස්ක් විසින් අධ්‍යක්ෂණය කළ ‘දි ඉන්ග්ලිෂ් ටීචර්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ජුලියන් මෝරේ, ග්‍රෙග් කීනියර්, මයිකල් ඇන්ගරානෝ, නාතන් ලේන්, ලයිලි කොලින්ස්, ජෙසිකා හෙච්ට් ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වෙති. ‘දි ඉන්ග්ලිෂ් ටීචර්’ චිත්‍රපටය මිනිත්තුª 93 ක ධාවන කාලයකින් යුතු වේ.The Kings of Summer‘ද කිංග්ස් ඔෆ් සමර්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ජෝර්ඩාන් වොග්ට් - රොබර්ට්ස් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 94 ක ධාවන කාලයකින් යුතු වේ. නික් රොබින්සන්, මොරියස් ඒරියස්, ගේබ්‍රියල් බැසෝ, ඇලිසන් බ්‍රී, නික් ඔෆර්මෑන්, මෙගැන් මුලාලි මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.The Purge‘ද පෲජ්’ ත්‍රාසජනක සිදුවීම් පෙළතක් රැගත් විද්‍යා ප්‍රබන්ධ හොලිවුඩ් චිත්‍රපටයක්. ඊතන් හව්ක්, ලිනා හෙඩේ, මැක්ස් බෲක් හෝල්ඩර්, ඇඩෙලෙයිඩ් කේන්, එඩ්වින් හොඩ්ජ්, එයි වේක්ෆීල්ඩ්, ටෝනි ඕලියර් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ජේම්ස් ඩිමොනාකෝ අධ්‍යක්ෂණය කළ ද පෲජ් මිනිත්තු 85 ක ධාවන කාලයකින් යුතු වේ.Enemmyරන්ජන් බාරික් අධ්‍යක්ෂණය කළ ‘එනිමි’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. මිථුන් චක්‍රබෝර්ති, සුනිල් ෂෙට්ටි, මහාක්ෂේ චක්‍රබෝර්ති සකීර් හුසේන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය මිනිත්තු 140 ක ධාවන කාලයකින් යුතු වේ.Shortcut Romeo‘ෂෝර්ට්කට් රෝමියෝ’ ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක්. සුසි ගනේෂන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 146 ක ධාවන කාලයකින් යුතු වේ. නීල් නිතින් මුකේෂ්, අමිෂා පටේල්, පූජා ගුප්තා ෂෝර්ට්කට් රෝමියෝ හි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.යතේජා ඥානරත්න
|
CREATIVE
|
අද ප්‍රශ්න පත්තරේට පිළිතුරු සැපයූයේ නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වනරුවන් හෙට්ටිආරච්චි සමඟින් රංගන ශිල්පිනී තරුෂි පෙරේරා.
|
CREATIVE
|
දශක තුනකට පෙර දැයෙන් සමුගත් හෙළ නිළි රැජන ගීත කෝකිලාවිය ලෙස ගෞරවාදරයට පත් රුක්මණී දේවියගේ 35 වැනි ගුණ සමරුව පසුගිය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ‘රුක්මණී සැමරුම් ගී’ නමින් ප්‍රසංගයක් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා කොළඹ 07 සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එය සංවිධානය කෙරුණේ රුක්මණී සැමරුම් පදනම විසින්. එහිදී රුක්මණී නැඟණිය හෙලන් ඩැනියල් ශිල්පිනියයට විශේෂ පරිත්‍යාගයක් ද සිදු කෙරුණ.එදින මේ සියලු කටයුතු සිදු කෙරුණේ සුවිශේෂ අමුත්තියකගේ ප්‍රධානත්වයෙන්. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී, නිළි රැජන මාලිනී ෆොන්සේකා. මෙම පදනමේ ප්‍රධාන අනුශාසත්වය දරන්නේ ද ඇයයි. ප්‍රසංගයේ සියලු කටයුතු අතරේ රුක්මණී නැඟණිය හෙලන් නිලන්ති ශිල්පිනිය විසින් එදා රුක්මණිය ගැයූ ‘මැවිලා පෙනේවි රූපේ’ ගීතය අපූරු ආකාරයෙන් ගායනා කළා. දැනට ඔත්පළව සිටිය ද ඇය එම ගීතය ගායනා කළ ආකාරය හැමෝගෙම ප්‍රශංසාවට ලක්වුණා.එහි දී හෙළ නිළි රැජන මාලිනියගේ දැසේ කඳුළු පිරී තිබෙනු දැකීම කාගේත් හිත් සංවේදී කර වූ දසුනක් වුණා. නිළි රැජනක් වෙනුවෙන් නිළි රැජනක් සංවේදී වීම කාගේත් කතාබහට ලක්වුණා. ඒ වගේම තමයි තවත් සුවිශේෂ කතාවක් තියෙනවා. මාලිනිය රංගනයට පැමිණි අවධියේදීම රුක්මණී දේවිය මාලිනියගේ මවගෙන් ‘අනේ මෙයා මට දෙන්නකෝ දරුකමට හදාගන්න’ කියලා හැමදාම කියනවා කියලත් නිළි රැජන මාලිනී ෆොන්සේකා නිතරම සිහිපත් කරනවා.
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.