comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
ඇගේ නම චතුරිකා. නර්තනය, රංගනය වගේම නිරූපණ ක්ෂේත්රයටත් ඈ උපන් හපනියක්. ගම්පහබණ්ඩාරනායක පරාක්‍රම විද්‍යාලයෙන් බිහි කළ මේ රුවැත්තිය සැබෑම වාසනාවන්තියක්.පිල් විදහා රඟන මොනරියකගේ මනරම් නැටුම් පාන ඈ රංගනයට දක්වන ලැදියාව වචනයට පෙරළන්නට අමාරුයි.පුංචිම කාලේ ඉඳන් ඇයට උවමනා වෙලා තිබුණේ නර්තන ශිල්පිනියක් වෙන්න. කණ්ණාඩිය ඉදිරිපස කාටත් නොතේරෙන සේ පෑ රැගුම් ඈ ප්‍රසිද්ධියට පත් කරන්නේ සිරස නාලිකාවේ නේත්‍රා, දෙරණ නාලිකාවේ සිටි ඔෆ් ඩාන්ස්, ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර් හරහා.මේ දවස්වල ඈ රිදී තිරයේත් අපට හමු වෙනවා. ඒ සුපර් සික්ස් චිත්‍රපටයේ නර්තන ශිල්පිනියක් විදියට. නර්තනයෙන් එහාට ගියාම චතුරිකා දේදුන්නෙන් එහා, අළුපාට හීන වැහි පබළු සේල වගේ ටෙලි නාට්‍යවලත් අපට හුරුයි. පුරුදුයි. ටෙලි නාට්‍ය චිත්‍රපටය පමණක් නොවෙයි වේදිකාවේදී ඈ අප හමු වන්නේ ටෙනිසන් කුරේගේ ධ් චථ ඉපඪ ඹ්චදඬච හරහා.විදේශීය නර්තන ප්‍රසංග නිසාම කාර්යබහුල චතුරිකා, අලුත්ම රංග ක්‍රම පිළිබඳ ගවේශණය කරන්නියක ලෙසටත් ප්රකටයි.රංගනයෙන්, නර්තනයෙන් වගේම නිරූපණ ක්ෂේත්රයේ දිගුª ගමනක් අරඹන්නට සිහින දකින ඇගේ හිත ලොකු බලාපොරොත්තු ගොන්නකින් පිරිල.කලාවේ ඕනෑම අතකින් ඉදිරියට යමින් ප්‍රේක්ෂක සිත් සනසන්නට පෙරුම් පුරන ඈට ඒ ගමන යන්නට ලැබේවා කියල අපිත් ප්‍රාර්ථනා කරන්නේ ඈ සැබෑ දක්ෂියෙක් නිසාමයි.- චන්ද්‍රකාන්ති රත්නායකලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත. අපිට හුරු පුරුදු මේ කියමන වෙනස් කළ ඇය වේදිකාව තිඹිරි ගෙය කර ගනිමින් සිනමාව, පුංචි තිරය තුළ තම හැකියාව විදහා දැක්වූවා පමණක් නොව ලියන්න, කියන්න, නටන්නට, ගයන්නට ද උපන් හපන්කම්වලින් හෙබි අපූරු ශිල්පිනියක්.ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් දිනාගත් පියසීලි හේමලතා සුරවීරයි.බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා. එක බලාපොරොත්තුවක් නැති වෙලා යනකොට තවත් එකක් එතනට එනවා. මටත් හීනයක් තිබුණා. ඒ හීනේ හැබෑවක් කර ගන්න ගොඩාක් දුක් වින්දා.කවදාවත් මම ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගත්තේ නෑ. මේ ඇය ඇගේ ගමන පැමිණි අයුරුයි. සැබවින්ම ඇගේ ධෛර්ය, ආත්ම විශ්වාසය ඇගේ ගමනට ආශිර්වාදයක් වූවාය.වෙලගෙදර මහ විදුහල් වේදිකාව ඇගේ ආරම්භයයි. එතනින් පටන් ගත් ඈ වේදිකාව, සුබ සහ යස, ස්ත්‍රී, හැංගි මුත්තෝ හැංගියෝ, පැංචා, වීදුරු බිත්ති, මැක්බත්, ගිමන් හල, කඳුළු දියේ මල් පිපිලා යන වේදිකා නාට්‍යවලටද, දෙවෙනි අම්මා, ලක් කුටුම්බය, සසර දුටිමි, වියපත් අඩවිය, ගිරි දෙරණ, තට්ටු ගෙවල්, සංසාරේ පිය සටහන් යන ටෙලි නාට්‍යවලට ද, භව දුක, භව තරණය, ක්ෂේම භූමි යන සිනමා නිර්මාණවලට ද රංගනයෙන් දායක විය.මේ සියලු දෙයින් ලත් අත්දැකීම් මත ඇය 2011 ඔක්තෝබර් මස ‘රඟ සොබා’ නමින් නාරාහේන්පිට චිත්‍රාලේන් පාසලේ ප්‍රසංගයක් පැවැත් වූවාය. අද ඇය තම තනිකම, හුදෙකලාව මකා ගන්නේ කවි නිර්මාණයන්, සුදු පිරියම් කළ බිත්තියේ අදින සිතුවම්වලිනි.කලා ලොව ඇගේ මුළු ජීවිතයමය. ආදරණීය මවගේ චරිතයට ඇය තාමත් ආදරය කරයි. ඉතින් පියසීලි හේමලතා සුරවීර තම ජීවිතයේ ඉදිරිය කැප කරන්නෙත් රංගනයටමයි.- මධුශානි රත්නායක- චන්ද්රකාන්තිරත්නායකඇය රෝසි ප්රනාන්දුයි.ජය අපටයි සිනමානිර්මාණයට නළු නිළියන් අවශ්‍යයි යනුවෙන් සරසවිය පුවත්පතේ පළ වූ දැන්වීමකට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය සිනමාවට එක් වූවාය.බම්බලපිටියේ ඉපිද බම්බලපිටිය ශාන්ත මරියා විදුහලෙන් සිප් සතර හැදෑරූ ඇයට පාසල් වේදිකාව නම් නුහුරු නුපුරුදු තැනක් නොවීය.එයින් ලත් අත්දැකීම්, ආභාෂය මත මවගේ විරෝධය මැදම චිත්‍රපට නළු සේන ප්‍රේමබන්දු (ගායක සමන් පුෂ්පවර්ණගේ පියා) බිරිය රාණි ප්‍රේමබන්දු, කඳපොල කුමාරතුංග මහතාට හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙසින් එතුමන්ගේ හිම රාත්‍රිය ටෙලි නාට්‍යයට දායක විය.පසුව පිංකඳ සිමෝනා, ඉක්බිති, දූ දරුවෝ, මනාප ප්‍රේමය, සඳුන්ගිර ඇතුළු ටෙලි නාට්‍ය 25 කට පමණ රංගනයෙන් දායක වී ඇත. දැනට කෝපි කඩේ ටෙලි නාට්‍යයට තම රංගනය මුසු කරයි.චෙරියෝ ඩොක්ටර්, ජය කොතැනද, සොමි බෝයි, සිහින දෙව්දුව, ටාසන් 2, අංගුලිමාල, ගුඩ් බායි ටෝකියෝ, මවුබිමේ වීරයෝ, කිව්වද නහී නොකීවද නහී යන සිනමා නිර්මාණයන්ගෙන් ද, සොල්දර ගෙදර, ඇමතිකම, ඉසුරු සොයා ඇතුළු වේදිකා නාට්‍ය 15 ක පමණ ඇය රඟපෑවාය.වසර 30 ක් පුරාවට ඇගේ ගමනට ශක්තියක් වූ ඇගේ ආදරණීය දෙමාපියන්, සුනිල් සෝම පීරිස්, සුරේෂ් කුමාරසිංහයන්, එරංග සේනාරත්නයන් අද ද ඇය සිහිපත් කරන්නේ සැබෑම කෘතවේදිත්වයකිනි.අපේ වැඩ වෙඩි වගේ, සිනමා නිර්මාණ තුළින් ඉදිරියේදී ඇය ඔබ හමුවට ඒමට නියමිතය.සේයාරූ - ප්‍රසාද් සමරතුංගසටහන –මධුශානි / චන්ද්රකාන්තිසේයාරූ - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
සනිධප විදෙස් සංචාර රැසක....ප්‍රසංග වේදිකාවේ පෙරළි කරන ස්වර හතරේ නමක් ඇති සංගීත කණ්ඩායම කුමක්දැයි මා ඇසුවොත් ඔබේ නිසැක පිළිතුර වනුයේ සනිධප යි. සංගීත් ඉවත්වීමෙන් අනතුරුව යම්කිසි පසුබෑමකට ලක්වුවද මේ වනවිට ඔවුන් යළිත් ප්‍රාණවත් වෙමින් සිටියි.එපමණක් ද නොව මෙම මස අගදී රටවල් ගණනාවක පැවැත්වෙන ප්‍රසංග මාලාවක් සඳහා සහභාගී වීමට ද සනිධප සූදානම්. එය සංගීත් නොමැතිව යන කණ්ඩායමේ පළමු විදේශ සංචාරයයි.එහි විස්තර සහ සනිධප සංගීත කණ්ඩායමේ අලුත් වැඩ කටයුතු ගැන කියන්න කණ්ඩායමේ නිත්‍ය ගායක නොයෙල් රාජ් සරසවියට පැමිණියා. ඔහු පැවසූ අදහස්වලින් කිහිපයක එකතුවකි මේ.මේ දවස්වල සංගීත කණ්ඩායම හරිම කාර්යබහුලයි. ප්රසංගවලින් කිසිම අඩුවක් නැහැ. රසික රසිකාවන් ආයෙත් අප හා එක්වෙලා කියලා දැනෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ සංචාරය. ජුලි 07 වැනිදා වෙනකම් ඕස්ට්‍රියාව, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය ආදී රටවල් රැසක සනිධප ප්‍රසංග පවත්වනවා. ආත්මා ලියනගේ විතරයි ගායකයකු විදියට සහභාගී වන්නේ. මේක තමයි සංගීත් අයින් වෙලා ගියාට පස්සේ අපේ පළමු විදෙස් සංචාරය.දැන් කවුද සනිධප හි නායකයා ?එහෙම කෙනෙක් නැහැ. දැන් අපි ඔක්කොමලා නායකයො වගෙයි කටයුතු කරන්නේ. තම තමන්ගේ රාජකාරිය හරියට කරනවා. ඉදිරියටත් එහෙමම සිද්ධ වේවි.සංගීත කණ්ඩායමකට නායකයකු අත්‍යවශ්‍යය කියලා කිව්වොත් ?ඒක බොරුවක්. සංගීත කණ්ඩායමකට අවශ්‍ය හොඳ කළමනාකරුවෙක් පමණයි.සංගීතයේ දි නායකයො නැහැ.සනිධපලගෙ නැවත පිබිදීමක් සිදුවී ඇති බවක් පෙනෙනවා. කොහොමද එහෙම වුණේ ?අප පුථවන් තරම් ස්ව නිර්මාණ කළා. මමත්, අපේ කණ්ඩායමේ අනෙක් ගායකයින් වන නිලංග, ප්‍රසංග තිසේරා, සංජු ගැයූ ගීත ඉතාම ජනප්‍රිය වුණා. මගෙ ‘ දුක වැඩි තරමට, ළං වෙලා සිතින්’ ප්‍රසංගගේ ‘ මගෙ නොවන ආදරය’ නිලංගගේ ‘සඳ කින්නරාවි’ වගේ ඉන් කිහිපයක් සජීවී ප්‍රසංගවලදී මිනිස්සු ඉල්ලනවා. ඇත්තටම කිව්වොත් ඒ ගීත සංගීත කණ්ඩායමේ ගීත හැටියටයි අප පිළි ගන්නේ. ඒවාවලින් සනිධප ඉදිරියටම ආවා.ඔබලාගේ අලුත්ම ගීතය වන මිහිලිය ගැන කතා කළොත් ?ඇත්තටම ඒක පරිසරය ගැන නිර්මාණය වුණු එකක්. අමුතුම වෙනසකුත් එක්ක යම් පණිවුඩයක් දෙන්නයි අපට ඕනෑ වුණේ. ජගත් පෙරේරා ගීතය ලිව්වා. සංගීතය අපේ. එහි වීඩියෝව මේ දිනවල ප්ලේ වෙනවා. අපේ කොස්ටියුම් එහෙම පරිසරයේ ස්වාභාවික දෑ වලින් නිර්මාණය කළේ. ලක්ෂ හතරක් විතර වැඩේට වියදම් වුණා. අපේ ප්‍රසංගයක් ආරම්භ කරන්නේ එම ගීතයෙන්.මිහිලිය හි වීඩියෝව කරද්දි ඔබ ඇතුළු සැවොම හරිම බයෙන්ලු හිටියේ නේද?ඉංගිරියේ අත හැරදා තිබූ රබර් කර්මාන්ත ශාලාවකයි මෙය රූගත කළේ. අප එතනට ගියාට පසුවයි දන්නේ ඒ හරියේ සෑහෙන්න සර්පයෝ ඉන්නවා කියලා. අවට කිහිපදෙනෙකුත් ඒක අපට දැන්වුවා. වාසනාවට රූගත කිරීම අවසන් වනතුරු ගැරඩි පැටියෙක්වත් ඇහැට දැක්කේ නැහැ. ඒත් අපි එනකම්ම බය වෙලා උන්නේ.සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හඳුන්වා දෙන්නටයි ඇරැයුම?මම සහ නිලංග නිත්‍ය ගායකයන්. බේස් ගිටාර් - අජිත් ගමගේ. රිදම් - ගිටාර් සංජු පෙරේරා. ලීඩ් ගිටාර් - ශාන් ඩයස්. ඔක්ටර් පෑඩ් - අජිත් ගමගේ. ඩම්ස් - ප්‍රසංග තිසේරා. කීබෝඩ් - චන්දන ජයතිලක.කණ්ඩායමේ හැමෝටම ඉක්මනින් කේන්ති යනවා කියලා දැන ගන්නට ලැබුණා?අපේ සෙට් එකේ හැමෝම කුකුල් කේන්ති කාරයෝ තමා. ඒත් ඉතාම ඉක්මනින් කේන්තිය නිවෙනවා.කොහොමෙද ඔබගේ සංගීත කටයුතු?කණ්ඩායමේ වැඩ තමයි.ඔබ ඉස්සර තරම් වේග රිද්ම ගීත ගයනවා අඩුයි නේද?එහෙම එකක් නැහැ. මං හිතන්නේ පසුගිය කාලයේ මම කිව්වේ විරහා ගීත හින්දා වෙන්න ඇති ඔය ප්රශ්නය අහන්න ඇත්තේ. හැබයි ප්‍රසංග වේදිකාවේ පෙර වගේම බයිලා කියනවා. සමහරු හිතාගෙන හිටියා නොයෙල් රාජ්ට කියන්න පුළුවන් වේග රිද්ම සහ හින්දි ගීත විතරයි කියලා. මට හැම වර්ගයකම ගීත කියන්න පු¼ථවන්. ඒකයි ඔප්පු කරලා පෙන්නුවේ.සංගීත් සහ ඔබලා අතර යම් ගැටුමක් එහෙම ඇතිවී නැතිද?අනේ නැහැ. අප අදටත් හොඳ යාළුවෝ. පුරුදු පරිදි මිත්‍ර සමාගම පවත්වනවා. කණ්ඩායමෙන් අයින් වුණාට ඔහු අපේ මිතුරෙක්. අනික අප නිතර දෙවේලේ හමුවන මනුෂ්්යයෝ.සනිධප ලා සම්බන්ධ කර ගන්න කාට හෝ වුවමනා වුණොත්?0777745754 කියන මේ අංකය අපේ ශාන්ගේ. ඔහු හරහා කණ්ඩායමේ ඕන අයකුව සම්බන්ධ කර ගන්න පුළුවන්.සටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
ඛාන් පුරුකක් නොවුණ ද කුමාර් නාමය බොක්ස් ඔෆිස් තරු ගොන්නට පායන්නේ අක්ෂේ කුමාර් නිසාය. මීට පෙර රජේන්ද්‍ර කුමාර්, ජුබිලි කුමාරයා වූ අතර වත්මන් යුගයේ බොක්ස් ඔෆිස් කුමාරයා වී සිටින්නේ අක්ෂේ කුමාර්ය. බොස්, සිනමාපටය තිරගත වී දිගු කාලයක් යන තුරුත් ඔහු දිගු නිහැඩියාවක් පැවතීම රසිකයන්ට ඉවසා සිටින්නට බැරි කරුණක් වී තිබේ. නිරන්තරයෙන්ම ඔහු ඔවුනට පවසන්නේ ‘හොලිඩේ’ නවතම සිනමාපටය තිරගත වන්නේ ජූනි 6 වැනිදා නිසා එහි පූර්ව දර්ශන හෝ විස්තර පැවසීමට තවමත් වේලාසන වැඩි බවයි. එහෙත් රසිකයන්ගේ උනන්දුව ගැන නම් ඔහු සතුටු වෙයි. අක්ෂේගේ ‘හොලිඩේ’ සිනමා නිර්මාණය අති සාර්ථක වුවහොත් එය පිට පිටම සාර්ථක වන තෙවැනි සිනමාපටය (හැට්- ට්‍රික්) බවට පත්වනු ඇත.
|
CREATIVE
|
හැරී විමලසේනයන්ගේ ‘මත දූ’ ඒකාංගික අවුරුදු ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසෙන ඔහු නන්දික දීපාල්. රංගනය පිළිබඳ න්‍යායාත්මකව ඉගෙන කලා ක්ෂේත්රයට පැමිණි නන්දික ටෙලි නාට්‍ය හා වෙළඳ දැන්වීම් ඔස්සේ තම කලා හැකියාවන් විදහා පා ඇත. කලාවේ විවිධ දස්කම් පෑමට ඔබින සේම ඔහුට අඩි 6 අඟල් 2 ක අපූරු උසක් ද හිමි වී ඇත.මගේ කලා ගමන ඇරඹෙන්නේ හැරී මහත්මයාගේ මත දූ නාට්‍යයෙන්. එතනින් ඇරඹුණු ඒ ගමනින් අද මම යම් දුරක් පැමිණ තිබෙනවා. සිරස TV විකාශය වූ ‘කාව්‍යා’ නාට්‍යයෙත්, සිහින සක්මන හා පබළු ටෙලි නාට්‍යවලත් ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘ඇන් කොම්පැණි’ හි ‘රංජා’ කියන ප්‍රධාන චරිතය රඟපෑමටත් මට අවස්ථාව උදා වුණා.මේ දිනවල ජනප්‍රිය රොෂාන් සුගතපාලගේ ‘බලා ඉන්නම්’ ගීතයේ විෂුවල් එකටත් ඩෙමියන් ප්‍රනාන්දුගේ ‘සිහින සිත්තරාවී’ ගීතයේ විෂුවල් එකටත් සම්බන්ධ වෙන්න මට හැකි වුණා.ආධුනික රංගන ශිල්පියෙකු වන නන්දික තම හැකියාවන් සිනමාව හරහා ද ඉදිරියට ගෙන ගොස් ඇත. සිරස ඩාන්සින් ස්ටාර්ස්, හදවත මල් යායයි, බෝම්බ සහ රෝස, පොලිටිකල් ජෝක්ස් ඔහු රඟපෑ චිත්‍රපට වේ.වෙළෙඳ දැන්වීම්, සිනමාව, ටෙලි නාට්‍ය පමණක් නොව වේදිකා නාට්‍යය හරහා ද නන්දික තම කලා මඟ එළි පෙහෙළි කරගෙන ඇත. සරා, ලොකු අයියා, ටෝල් මෑන් ඇන්ඩ් ෆැට් මෑන්, නිර්වස්ත්‍ර, රෝස කටු හා දැනමුතු, අන්දරේ ඔහු රංගනයෙන් දායක වු වේදිකා නාට්‍යයි.දැනට මම වෘත්තියෙන් මොස්තර නිරූපණ ශිල්පියෙක් ලෙස රොෂෑන් ඩයස් මහත්මිය යටතේ කටයුතු කරනවා. කලක් මම වේදිකා පරිපාලන ශිල්පියෙකු ලෙස ද සේවය කළා. ප්රවීණයන්ගේ ගුරු හරුකම් ලබාගෙන කලා ක්ෂේත්රයෙන් ඉදිරි ගමනක් යන්නයි මං බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව ‘MANAZZ’ ප්‍රඩක්ෂන් හවුස් යනුවෙන් මගේම ව්‍යාපාරයක් මම කරගෙන යනවා.මගේ කලා කටයුතුවලට අම්මා, තාත්තා, මල්ලි ඇතුලු පවුලේ සැමත් උදව් කරනවා. SKY ආයතනයේ මහේෂ් මුණසිංහ, රොෂෑන් ඩයස්, හැරී විමලසේන හා අරුණ ප්‍රියන්ත යන මහත්ම මහත්මීන්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මට උපකාර කරනවාට. 0776727916 මගේ දුරකථන අංකයයි.අමානි ඉරේෂිකා රූපසිංහඡයාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මචං චිත්‍රපටයට හොඳම නළුවාට හිමි සරසවිය සම්මානය දිනූ ධර්මප්‍රිය ඩයස්ගේ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යය මෙම මස 17 හා 18 යන දිනයන්හි සවස 6.45 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හි වේදිකා ගත වේ. ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, ගිරිරාජ් කෞෂල්‍ය, රුවිනි අනුරාධා හා දයාදේව එදිරිසිංහ වැනි නළු නිළියෝ රඟන මෙම වේදිකා නාට්‍යයේ නිෂ්පාදනය ප්‍රියංකර ද සිල්වාගෙනි.අමානි ඉරේෂිකා
|
CREATIVE
|
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයෙනුත් අපේ කලාවට සුවිශේෂ දායකත්වයක් ලබා දුන්, ලබා දෙන රංගන ශිල්පියෙක්. ඒ වගේම මධුවිතත් සමඟ කිට්ටු සම්බන්ධයක් තිබූ රංගන ශිල්පියෙක් ලෙසත් මහේන්ද්‍ර ක්ෂේත්රයේ ප්රකටයි. මේ වනවිට මහේන්ද්‍ර මත්පැන් පානය නතර කරලාලු. ඔහු නම් කියන්නේ ‘දැන් බිව්වා ඇති. ලබන ආත්මෙටත් එක්ක බීලා තියෙන්නේ. ඒ නිසා මත්පැන් පානය නතර කරන්න තීරණය කළා’ කියලයි.මත්පැන් පානය නතර කළා කිව්වට පි‍්‍රය සම්භාෂණයකට එහෙම සහභාගිවන අවස්ථාවට මහේන්ද්‍ර වයින් චුට්ටක් නම් පානය කරනවා. දැන් මහේන්ද්‍ර ගේ පි‍්‍රයතම පානය බවට පත්වෙලා තියෙන්නෙත් රතු වයින්. දවසක් කලා හිතවතුන් පිරිසක් සමඟ පි‍්‍රය සම්භාෂණයකදි මහේන්ද්‍ර රතු වයින් ටිකක් තොල ගාන විට මිතුරෙක් ඔහුට යමක් සිහි කළා. ‘වයින් බොනකොටත් මත් වෙනවා මචං’ මිතුරා මහේන්ද්‍රට පැවසුවා. ‘ඒ වුණාට වයින් බිව්වාම මාර චූන් එකක් තියෙනවා’ මහේන්ද්‍ර ඇඟට පතට නොදැනී මිතුරාට පැවසුවා. කොහොම හරි දැන් උත්සව අවස්ථාවන් හිදී මහේන්ද්‍රට ආරාධනා කරන සමහර හිතවතුන් ඔහු වෙනුවෙන් වයින් බෝතලයක් තියන්නත් පුරුදු වෙලා කියලා ආරංචියි.
|
CREATIVE
|
අද ප්‍රශ්න පත්තරේට පිළිතුරු සැපයූයේ යොවුන් පරපුරේ ජනප්‍රිය තරු යුවළක් වන අකිල සඳකැළුම් සහ ඩිනක්ෂි ප්රියසාද්ඩිනක්ෂි පි‍්‍රයසාද් අකිල සඳකැළුම් සැකසුම – යතේජා ඥානරත්නඡායා – ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
සුනෙත් මාලිංග ලොකුහේවාගේ ස්පන්දන සිනමාපටයෙහි ගීත පසුගියදා එළි දැක්විණි. උදය ශ්‍රී වික්‍රමසිංහගේ සංගීතයට අනුපමා ගුණසේකර, උමාරියා සිංහවංශ සහ උදය මේ සඳහා හඬ මුසු කොට ඇත. නන්දන වික්‍රමගේ මෙහි ගී රචනා කළේය.ළඟදීම තිරගතවීමට නියමිත ස්පන්දන හී මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, රොෂාන් රණවන, ශලනි තාරකා, දර්ශන් ධර්මරාජ්, නිමන්ති පෝරගේ, තිසුරි යුවනිකා, නිල්මිණි කෝට්ටේගොඩ, ගිවන්ත අර්ථසාත්, සඳුන් ලක්ෂිත් රංගනයෙන් දායක වේ.මෙය ජගත් එම්. යාපාගේ නිෂ්පාදනයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
පාරිශුද්ධත්වයෙන් සුපෝෂිත වූ පින්බර මහනුවර මධ්‍යයෙහි පිහිටි ජනපති නිල නිවස අද වෙනදාටත් වඩා ප්රතාපවත්ය. රජ කල සිරි අසිරිය මවමින් හේවායන් සමූහය ජනපති මැදුර වටා පෙළ ගැසෙමින්ය. බැලූ බැල්මටම පෙනෙන්නේ එදා මහනුවර රාජධානියේ තේජාන්විතයයි.කවදත් කලාවට මෙන්ම කලාකරුවනට අත හිත දෙන රාජ්‍ය නායකයාණන්ගේ නිල නිවස මේ සූදානම් වන්නේ කලා කටයුත්තක සුබ ආරම්භයක් වෙනුවෙනි. එදා සෙංකඩගල රාජධානිය රජ කළ රාජසිංහ රජුගේ කතාන්දරය මෙවර තිරයට නඟන්නේ සුදත් රෝහණ විසිනි. මහනුවර රජ මැදුර මේ සැරැසී ඇත්තේ සෙංකඩගල රාජසිංහ නම් වූ ඒ සිනමා කෘතියේ මුහුරත් උළෙල සඳහායි. කෘතහස්ථ සිනමාවේදී තිස්ස අබේසේකරයන් විසින් තිර රචනා කළ මෙය සුදත්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි. මෙහි රාජසිංහ රජුගේ චරිතයට බිමල් ජයකොඩි සහ පිළිමතලාවේ නිළමෙගේ චරිතයට සනත් ගුණතිලකව මේ වන විට තෝරා ගෙන තිබේ.ළඟදීම රූගත කිරීම් ඇරැඹෙන සෙංකඩගල රාජසිංහ හි කැමරාව චන්න දේශප්‍රිය මෙහෙයවයි. වෙලේගෙදර රණසිංහගේ කලා අධ්‍යක්ෂණයකි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතය මෙහෙයවයි. නිමල් විජේසිංහ සහ රාජා රණසිංහ නිෂ්පාදන කළමනාකරුවන්ය. අශෝක ආතවුදහෙට්ටි සහාය අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රසන්න වීරක්කොඩි ඇඳුම් නිර්මාණයෙන් ද මෙයට එක්වෙති.සෙංකඩගල රාජසිංහ සෙරනිටි වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි ඇතුළු පිරිසගේ නිෂ්පාදනයකි. තිස්ස අබේසේකරයන් රචනා කළ සෙංකඩගල රාජසිංහ පිටපත නිලවශයෙන් ජනාධිපතිතුමන් අධ්යක්ෂවරයාට භාරදුන් මොහොත. නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි මෙන්ම අසංකා අබේසේකර මහත්මිය ද ඡායාරූපයේ වෙති.මහා සංඝරත්නයේ ආශිර්වාදය රාජසිංහ රජුට පණපොවන බිමල් ජයකොඩි ආචාර්ය ඇටිපොළ මංගල හිමිපාණන් ගේ අනුශාසනය. සෙංකඩගල රාජසිංහ ඇරැඹි බවට සන්නස කියවයි. මහාචාර්ය මුදියන්සේ දිසානායක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සෝමවීර සේනානායක, මහාචාර්ය ජේ. බී. දිසානායක. සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක, ටවර් හෝල් පදනමේ අධ්යක්ෂ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන උත්සව මැදුරට පැමිණෙමින්. සුදත් රෝහණ සභාව අමතයි. බණ්ඩාර ඇහැළියගොඩ එදා සිරිසර මැවූ අයුරු ආචාර්ය රෝහණ වීරසිංහ සහ එම මහත්මිය. රවීන්ද්‍ර රන්දෙණිය, රොබින් ප්‍රනාන්දු නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි සහ මහත්මිය මුහුරත් උළෙලට පැමිණෙමින්. සුදත් රෝහණ පවුලේ සැම සනත් ගුණතිලක සමඟ බන්දුල ඒකනායක අසංකා අබේසේකර සහ පුතුණුවන් සෝමවීර සේනානායක, බන්දුල වීරක්කොඩි, රොස්මන්ඩ් සේනාරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ ජැක්සන් ඇන්තනි ප්‍රසාද් සමරතුංගඡායා - ජනාධිපති මාධ්‍ය ඒකකය සහ සංඛ සම්මාන
|
CREATIVE
|
අංජලී ලියනගේ කියන්නෙත් පුංචි තිරය හැඩ කරන රංගන ශිල්පිනියක් වගේම කාටත් උදව් කරන බොහොම හිත හොඳ කෙනෙක් කියන එක කවුරුත් දන්න දෙයක්. පසුගිය දවසක දෙන්නෙකුට උදව් කරන්න ගිහින් අංජලී දැන් ඉන්නේ හරිම කණගාටුවෙන්.අංජලී දවසක් ෆේස් බුක් එකේ මිතුරියන් දෙදෙනෙක් සමඟ චැට් කරන වෙලාවෙදි අර මිතුරියන් දෙන්නම අංජලීට කියලා තියෙන්නේ ඒ දෙන්නටත් ටෙලි නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ඉල්ලලා දෙන්න කියලා. ඔන්න ඉතිං අංජලීත් මේ දෙන්නට උදව් කරන්න කියලා හිතාගෙන තමන් දන්නා තරමට ඒ දෙන්නගේ විස්තර හඳුනන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට කියලා.මේ විදියට ටික දවසක් ගත වෙද්දී එක නාට්‍යයක චරිතයකට තරුණියක් ඕනෑ වෙලා. සහාය අධ්යක්ෂ කෙනෙක් අර අංජලී කියූ මිතුරියන් දෙන්නාගෙන් කෙනෙකුට කෝල් කරලා. චරිතය ගැන එහෙම විස්තර කළාට පස්සේ අර මිතුරිය ලොකේෂන් එකට එන පාර අහලා. ඉතිං අර සහාය අධ්යක්ෂ බස් එකේ නැගලා එන විදියට පාර කියලා. අන්තිමට ලොකේෂන් එක තියෙන තැන කිව්වට පස්සේ අර තරුණිය ඔහුට හොඳටම බැනලා. ‘ඔයා හිතුවද මම බස් එකේ යන කෙනෙක් කියලා. මට හයිබ්්රඩ් එකක් තියෙනවා’ කියලා තමයි බැනලා තියෙන්නේ. ඊට පස්සේ කෝල් එක කට් කලා. ෂූටිං එකට ඇවිල්ලත් නැහැ.මේ අතරෙදි තවත් නාට්‍යයක දර්ශනයකට තවත් චරිතයකට අර අනිත් මිතුරියට කෝල් කරලා. ඇයට තියෙන චරිතය ගර්භනී කාන්තාවකගේ චරිතයක්. සහාය අධ්යක්ෂ චරිතය විස්තර කළාට පස්සේ ඇය ටිකක් ලැජ්ජාවෙන් වගේ ‘අයියේ මම තාත්තගෙන් අහලා කියන්නම්’ කියලා කෝල් එක කට් කළාමයි අද වෙනතුරු ඒ චරිතය රඟපාන්න කැමැති ද අකමැති ද කියලවත් දැනුම් දීලා නැහැ. ඉතිං මේ දේවල් නිසා දැන් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ අනුන්ට උදව් කරන්න ගිය අංජලී.- යතේජා
|
CREATIVE
|
මේ වන විට රෝගාතුරව සිටින සුසිලා කූරගමට (එන්සිනා) මුල්‍යමය ආධාරයක් ප්‍රධානය කිරීමේ අරමුණින් එස්. කුමාරිගේ ‘ඔබට පුතේ හෙටක් ඇතේ’ වේදිකා නාට්‍ය මෙම මස 23 වැනිදා සවස පිළියන්දල නගර සභා ශාලාවේදී රංග ගත වේ.ඒ පිළිබඳව එහි අධ්‍යක්ෂිකාව දැක් වූ කෙටි අදහස් කිහිපයකි මේ.මේක මගේ දෙවැනි වේදිකා නාට්‍යය. පළමුවැන්න තමයි ගුරුගරු. මං කවදා හරි හිතාගෙන හිටියා මගේ වේදිකා නාට්‍යයකින් උපයන මුදල්වලින් උදව් අවශ්‍ය කලාකරුවකුට ආධාරයක් දෙන්න. ඒකට දැන් හොඳම කාලේ. මං තෝර ගත්තා සුසිලා අක්කව. ඇය මගේ කලින් නාට්‍යයේ රඟපෑවා.සුසිලා අක්කා ඉන්න තැන පාලු නැහැ. එවන් අයකු නිවසට කොටු වී සිටීම දුකක්. එදාට සුසිලා අක්කා පැමිණෙනවා. අපි ඇයව අගයනවා. මං හිතනවා මේ අවස්ථාව ඇයට ඉතාමත් සතුටුදායක එකක් වේවි.මේ වේදිකා නාට්‍ය වීරසූරිය ක්‍රියේෂන් හි නිෂ්පාදනයක්. වර්තමානයේ වේදිකා නාට්‍යයක් කරන්න ලේසි නැහැ. ලොකු කැපවීමකින් කාර්යය කරන්න ඕනෑ.සුසිලා අක්කාට ආධාර පිණිස මෙවන් වැඩක් කරනවා කිව්වම ඇතැම් අය හිනා වුණා. පොඩ්ඩක්වත් උදව් කළේ නැහැ. අපි නාට්‍යයේ ටිකට් විකුණන්න ගියාම වපර ඇසින් බැලුවේ. ඒත් උදව් කරපු අය බොහොමයි.මං මේ වෙලාවෙ සුසිලා අක්කට ළැදි ප්‍රේක්ෂකයින්ට කියනවා එදාට එන්න කියලා. ඒ වගේම අපේ නාට්‍යයේ ගුණ දොස් කියනනත් එදාට පුළුවන්.සටහන - ප්රසාද්සේයාරූ - මාලන්
|
CREATIVE
|
චිත්‍රාල් සිටි සෝමපාල ශ්‍රී ලංකාවේදී පළමුවරට සිය කුළුඳුල් ගීත ඇල්බමය පසුගිය 23 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේදී එළිදක්වනු ලැබීය. කලාකරුවන් හා මාධ්‍යවේදීන් රැසක් සහභාගි වූ එම අවස්ථාවේදී චිත්‍රාල් ‘සිංහභූමි’ නම් වූ එම ගීත ඇල්බමය පිළිගන්වනු ලැබුවේ සිය වැඩිමල් සොයුරු ප්‍රසන්න සෝමපාල, ප්‍රියන්ත කොළඹගේ සහ කැළුම් ශ්‍රීමාල් වෙතය.ප්‍රවීණ සිනමාකරුවන් වන චන්ද්‍රන් රත්නම්, අශෝක හඳගම සහ බූඩි කීර්තිසේන විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ.සේයා රූ - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
විනෝද සමයටත්, මුවන් පැලැස්සටත් පිට පළාත්වලින් පුදුමාකාර පිළිගැනීමක් තිබූ වැඩසටහන් දෙකක්. පිට පළාත්වල ආරාධනා ලැබූ අපි ගිය හැම ප්රසංගයකදීම ඒවාට පැමිණ සිටි සංගීත කණ්ඩායම අපේ තේමා වාදනය හොඳින් දැන සිටියා. ගුවන් විදුලියේ විනෝද සමය රැගෙන එන තේමා වාදනය ඇසෙන සැනින් එදා ගුවන් විදුලි ශ්‍රාවකයන් ගුවන් විදුලිය වටා රොක් වුණා. ඒ තරමට ඒ තේමා වාදනය මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තිබුණා. පිට පළාත්ල මහජන සංදර්ශන සඳහා අපි පිටපත් සකස් කලේ ගුවන් විදුලියේ සීමාවලින් බැහැරවයි. එක පිටපතක මම සිංහල චිත්‍රපටයක් කරන්න යන දෙමළ අධ්යක්ෂවරයෙක්. තවත් එකක සුද්දෙක්. එහෙම නැතිනම් ඇනස්ලි දේශපාලඥයෙක්. මුදලාලි කෙනෙක්. බර්ටි මෝඩ පහේ තරුණයෙක්. එහෙමත් නැතිනම් ඉලන්දාරි ඔපිසරගේ සිරිසේන හෙවත් අයි. ඕ. සිරිසේන (අයියෝ සිරිසේන) සැමුවෙල් කපු මහත්තයෙක් එහෙමත් නැත්නම් කුඩා දරුවෙක්. ඔය වගේ වෙනස්ම චරිතවලින් තමයි එදා අපි මහජන දර්ශනවලට එක් වුණේ.එදා ගුවන් විදුලියේ අපේ කටහඬ අහල සිනාසුණ අය පිට පළාත්වල ප්‍රසංග වේදිකාවේදී අපිව සැබවින් දැකලා සතුටු වුණා. එහෙම ගිහිල්ලා ලේසියෙන් අපේ රසිකයන්ගෙන් බේරිලා එන්න බෑ. අපිට නොයෙක් අයගෙන් සුහද සංග්‍රහ තිබුණා. ඒ සංග්‍රහ කොහොමද කියනවා නම් හරියට ජාතික ගුවන් විදුලිය පෞද්ගලිකව ගෙවල්වලට ගියා වගේ. අපි සිනමාවටත් රූපවාහිනියටත් පන්නරයක් ලබා දෙන්නත් අමතක කළේ නැහැ. හැබැයි අපේ පළපුරුද්ද අපි ලැබුවා නම් ඒ ගුවන් විදුලියෙන්. මා අවුරුදු විස්සක් ජාතික ගුවන් විදුලියෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ විනෝද සමය නිසා තමයි ඇනස්ලි, බර්ටි, සැමුවෙල් යන නම් තුන රට තුළ ප්‍රසිද්ධියක් ලැබුවේ. ඒ විතරක් නොවෙයි, මේ තුන් කට්ටුව හාස්‍ය රසය ඇඟට ගත්තෙත් මගේ මේ අවුරුදු විස්සේ විනෝද සමය නිසා. එදා විනෝද සමයේදී අපි ඉතාමත් සීරියස් චරිත ඉදිරිපත් කළා මිසක් දැඟලුවේ නැහැ. මුහුණ විකෘති කළේ නැහැ.මේ කතාවට එදා චරිතවලින් දායක වූණේ ඇනස්ලි ඩයස් (හාමු මහත්තයා) බර්ටි ගුණතිලක (සේතන්) සැමුවෙල් රුද්රිගූ (අමාරිස්) විදියට. මෙතනදි වෙන්නේ අමාරිස් අයියා සේතන්ව කැඳවගෙන හාමු මහත්තා ළඟට පැමිණනවා. හාමු මහත්තයා සූදානම් වෙනවා සේතන්ව සුද්දෙක් ළඟ වැඩකාරකමට යවන්න. මෙන්න මේ සිද්ධි මේ ආකාරයට එදා විනෝද සමය රසවත් කළා.අමාරිස් - ඔන්න හාමු මහත්තයා අර මං කියාපු හාදයාව එක්කං ආවා.හාමු මහත්තයා - අර සුද්දා ගාව වැඩටද?අමාරිස් - අන්න හරි.හාමු මහත්තයා - අපොයි ඒක ආප්ප සුද්දෙක් (සේතන් දෙසට හැරී) ආප්ප හදන්න දන්නවාද?සේතන් – පුළුවන්, පුළුවන්. සුදු ආප්පද? බිත්තර ආප්පද? වන්ඩු ආප්පද?හාමු මහත්තයා - අපි කියමු සුදු ආප්ප.සේතන් – වාටි ඇතුවද? නැතුවද?හාමු මහත්තයා - ආප්පවලට වාටි ඕනේ.සේතන් – වාටි කර කරලද, ලාවටද?හාමු මහත්තයා - ඕයි වාටි කර කරලනෙ.සේතන් – මැද ඇතුවද? නැතුවද?හාමු මහත්තයා - එහෙනම් තව ටික වෙලාවකින් සුද්දා තමුසෙගෙන් ප්‍රශ්න තුනක් අහයි.සේතන් - සිංහලෙන්ද?හාමු - සුද්දෝ කොහෙද ඕයි සිංහල දන්නේ?විනෝද සමය කරන කාලේ බර්ටි ගුණතිලකත් හරි අපූරුවට ළමා චරිත කළා. ළමා චරිත කරන්නත් බර්ටි හරිම දක්ෂයා. ඔන්න දවසක් විනෝද සමයට දඟකාර කොල්ලෙක් වුණ බර්ටිව කොලු ගැටයෙක් වගේ කොට කලිසමක් එහෙම අන්දවාගෙන සැමුවෙල් ඉංග්‍රීසි ටිකක් උගන්වා ගන්න ටියුෂන් මාස්ටර් කෙනෙක් ළඟට එක්කන් එනවා. මම තමයි ටියුෂන් මාස්ටර්.බර්ටි - සර් ද(The) කියන්නෙ මොකක්ද?මාස්ටර් – ද (the ) කියන්නෙ ද (The)බර්ටි - තේරුමක් එහෙම නැද්ද?මාස්ටර් – මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව ඉගෙන ගන්නවා. කියන්ඩ බලන්ඩ p u t සද්ද කරන හැටි.බර්ටි – දන්නේ නැහැ.මාස්ටර් - put පුට්. හරි එතකොට b u t?බර්ටි – දන්නේ නැහැ.මාස්ටර් - b u t බට්.බර්ටි - p u t පුට් නම් b u t බූට් වෙන්ඩ එපායැ.උඹ දන්න ඉංග්‍රීසියක් නැහැ. වරෙන් තාත්තෙ යන්ඩ.ඉතිරි කොටස ලබන සතියේ...චන්දන දයාසිරිවර්ධනඡායාරූප - ශාන් රඹුක්වැල්ල පසුගිය සතියෙන්...
|
CREATIVE
|
ලක්ෂිකා ජයවර්ධන කලා ලොවට පායන අලුත්ම තරුවකි. පී‍්‍රතිරාජ් වීරරත්න අධ්‍යක්ෂණය කළ ‘රශ්මි’ ටෙලි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟමින් කලා ලොවට අවතීර්ණ වූ ලක්ෂිකා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පාසල් අවදියේදී කලා කටයුතු රැසකටත් දායක වූ ඇය නිදහස් නිවේදිකාවක් ලෙසටද කටයුතු කරමින් සිටී.ඉදිරියේදී විකාශය වීමට සහ තිරගත වීමට නියමිත ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක ප්‍රධාන භූමිකා රඟමින් ඔබ හමුවට පැමිණීමට නියමිත ලක්ෂිකාගේ රුවින් ඇද ද ගැලරි සැරසේ.විවිධ චරිත රඟපෑමට බලාපොරොත්තුවෙන් සිටින ලක්ෂිකා වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වීමට ඇත්තේ දැඩි කැමැත්තකි.නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් කලා ලොව ජයගැනීම ඇගේ අරමුණයි.ldjayawardhana@gmal.com විද්‍යුත් ලිපිනය ඔස්සේ ඔබට ලක්ෂිකාට සුබපැතිය හැකියි.
|
CREATIVE
|
මගේ සිහිනය සමඟ නැවතකරළියට පැමිණි උදය ශ්රීඔහු කලක් අපට හමු වූයේ සංගීතකණ්ඩායමක සාමාජිකයකු ලෙසිනි. එහි ගායන ශිල්පියකු ලෙස සිටි උදය ශ්‍රී ඉන් ඉවත් වු පුවත දැන් උණුසුම් පුවතක් නොවේ.ස්වාධීන ගමනක් යන්නට අලුත් මගක් එළි පෙහෙළි කරගත් උදය තමා තනිව කළ කුලුදුල් නිර්මාණය මේ වනවිට ගීත ලෝලීන් වෙනුවෙන් එළි දක්වා තිබේ. ‘මගේ සිහිනය’ නම් වන මේ ගීතය අන්තර් ජාලයට මුදාහල දිනයේම අති මහත් ප්‍රතිචාර ලැබී තිබේ.මේ තරුණ ගායකයාගේ ගමන ගැනත් ඔහුගේ නිර්මාණ කටයුතු පිළිබඳත් ඔහු පළමුව කතාබහ කරන්නේ සරසවියට වීම සුවිශේෂත්වයකි. අපි අලුත් ගමනක් සමඟ යන උදය ශ්රීී හමුවෙමු.ගීපද – කසුන් ප්‍රිමාල් සංගීතය - සඳරුවන් ජයසිංහ වීඩියෝ - ලහිරු මුදලිගේ සහ හරී ක්‍රියේෂන්ස්* උදය කාලෙකට පස්සේ . . .?ඔව් . . . පසුගිය කාලේ නිර්මාණ කටයුතු නිසා තරමක් කාර්යය බහුල වුණා. ජූලි මාසේ මැද වෙද්දී ගීත කිහිපයක් නිම කරන්නට හැකි වුණා. ඒ අතරින් මුලින්ම මගේ රසිකයන් වෙනුවෙන් එළිදැක්වූයේ මගේ හීනයේ කියන ගීතය. ඉතාමත් සාර්ථකව මෙම ගීතයට උණුසුම් ප්‍රතිචාර ලැබුණා.මේ ගීතය සංගීතවත් කළේ සඳරුවන් ජයසිංහ. පද කසුන් ප්‍රිමාල්. මෙහි රූප රචනා කළේ හරි ක්‍රියේෂන් ආයතනයේ ළහිරු මුදලිගේ. අපිඔක්කොම එකතු වෙලා නිර්මාණය කළ මේ ගීතය ඉතාමත් ඉක්මනින් රසිකයෝ අතරට ගියා.* උදය කොහොමද තනියෙන් යන ගමන?ඉතාමත් හොඳයි. මම නිතරම රසිකයන් පිනවන්ට අලුත් දෙයක් කරන්න වෙහෙසෙන කෙනෙක්. ඉතිං මේ ගමන තුළ මට හොඳ වටපිටාවක් සැකසී තියෙනවා.* කලක් සංදර්ශන වේදිකාවේ දකින්න ලැබුණෙ නැහැ.ඔව් . . . විවේකීව නිර්මාණ සඳහා කැප වූ නිසා සංදර්ශන සඳහා සහභාගි වුණේම නැහැ. නමුත් දැන් සුපුරුදු පරිදි තනිවම සංදර්ශන සඳහා සහභාගි වෙනවා.* ගීත කිහිපය හදන්න බොහෝ කලක් ගත වුණා නේද?ඔව් . . . නිර්මාණ අතරේ අපි ස්ටුඩියෝ එකක් හැදුවා. ඒ වගේම තවත් ව්‍යාපාර කිහිපයකට යොමු වුණා. තනි ගමනක් යද්දී තරමක් වෙනස් වැඩත් කළ යුතු නිසා ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සහගතව තමයි කටයුතු සූදානම් කළේ.* අද වන විට බිහිවන බොහෝ ගායකයන් මෙන්ම ගායිකාවන් ප්‍රසංගවල සජීවීව ගී ගයන්නේ නැහැ නේද?ඔව් . . . නමුත් මා හැකි සැම විටදීම සජීවම ගායනයට උත්සාහ දරනවා.* උදය අද බිහිවෙන බොහෝ ගීත ඒකාකාරියි?එහෙම තත්ත්වයක් දකින්න ලැබෙනවා. නමුත් මා උත්සාහ දරන්නේ ඊට බැහැර මාවතක යන්නටයි.* ගීතයක් ජනප්‍රිය කරන්න මියුසික් වීඩියෝ අවශ්‍යමද?හොඳ ගීතයක් ජනපි‍්‍රය වෙන්නට කිසිවක් බාහිර කාරණා අවශ්‍ය නැහැ. ඉස්සර අපේ ගීත ජනප්රියවීමට බලපෑවේ ඒ ගීතයේ ඇති අන්තර්ගතය. ඒත් අද තරගකාරිත්වය නිසා ක්‍රමය වෙනස්. ඒ ක්‍රමයට අනුව තමයි ගමන යා යුත්තේ.* ඒ වගේම උදය අද හොඳ ගීතයක් නිර්මාණය කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ.ඔව් . . . අද ගීතයක් නිර්මාණය කරලා ඒක මාර්කට් කර ගන්නත් දැනගන්න ඕනෑ. හරියට ඒ මාර්ගය ගැන අවබෝධයක් තිබිය යුතුයි.* ගායනයට අමතරව මොනවද කරන්නේ උදය මේ දවස්වල.‘වීඩියෝ හෙවන්’ තමයි අපේ ආයතනයේ නම.වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ වගේම ගීත නිර්මාණ කටයුතුත් අපේ ආයතනයෙන් සිදු වෙනවා.* ‘අපි’ කිව්වේ තවත් පිරිසක් සමඟ ඔබ මේ කටයුත්ත කරන්නේ?අපි කියලා සඳහන් කළේ මගේ බිරිය වින්ද්‍යා. ඊට අමතරව තවත් දක්ෂයන් බොහෝ දෙනෙක් අපේ ආයතනය වටා ඉන්නවා.* පවුල් ජීවිතේ ගලාගෙන යෑම?ගඟක් වගේ ලස්සනට ගලාගෙන යනවා. ඇය තමයි මගේ ගමනේ මඟ පෙන්වන්නිය කිව්වොත් වරදක් නැහැ. බොහොම ආදරයෙන් සාමකාමීව අවබෝධයෙන් ජීවිතය ගත කරනවා.* උදය ආයේ කණ්ඩායමකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?නැහැ . . . දැන් මං පටන් ගත්ත අලුත් ගමන ස්ථාවරයි. ඒ නිසා මේ යන විදිය හොඳයි කියලා හිතෙනවා.* දැන් අඳින පළඳින විදිහත් වෙනස් . . .?ඔව්, ගමන වෙනස් වුණාම සියල්ල වෙනස් විය යුතුයි. ඒ නිසා ඇඳුම පැළඳුම පවා තරමක් වෙනස් කළා.* ගීත තැටියක් කවද විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?තවම ඒ ගැන හරියට කියන්න බැහැ. හදිසියේ දුවන්න මට උවමනා නැහැ. ඉතාමත් හෙමින් හොඳ දුර ගමනක් යනවා.* උදයට කතා කරන්න බොහෝ දෙනා මග බලාගෙන ඉන්නවා.ඔව්. මට මෙතරම් සවියක් වුණේ මගේ රසිකයෝ. ඔවුන්ට මම ස්තුති කළ යුතුයි. udayavindysheaven@amail.com විද්‍යුත් ලිපිනයෙන් වගේම 0771998117 අංකයෙනුත් මාව අමතන්න පුළුවන්.ඡායා - ටෙනිසන් එදිරිසිංහචතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
මම ආවේ හෙමින් ගමනක්පාසල් වේදිකාවෙන් රංගන ජීවිතයට අවැසි පන්නරය ලබා ගත් ඇය නදීරා ගයන්ති ප්‍රේමසිරියි. දිවුලපිටිය ප්‍රදේශයෙන් බිහිව ගලපිටමඩ වළගම්බා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නදීරා පුංචි අවධියේ සිටම රංගන ශිල්පිනියක් වීමේ සිහිනය සිතෙහි තබාගෙන සිටි තැනැත්තියකි. නදීරා මේ වන විට ඇගේ ඒ සිහිනය එළි පෙහෙළි කර ගැනීමට සමත් වී සිටී. වසරක් වැනි කෙටි කාලයක් තුළ සිනමාව, ටෙලි නාට්‍ය හා වේදිකාව යන තුන් ක්ෂේත්රයන්හි දස්කම් පාන ඇය මේ වන විට ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියකි.පබසරා,පැතුම් මල්, මුතු, රජ දරුවෝ හා දැනෙයි සිත් පොහොය නාට්‍ය ආදී නාට්‍යවලට රංගනයෙන් දායක වී ඇති නදීරා වෙළෙඳ දැන්වීම්වලදී ද ඇගේ රංගන හැකියාවන් ප්‍රදර්ශනය කරයි. බමණ මදු වේදිකා නාට්‍යයේ රඟපෑ ඇය දිවි නැගුම ව්‍යාපෘතියේ වෙළඳ දැන්වීමෙහි ගැමි කතගේ චරිතයට ද රංගනයෙන් එක් වී ඇත.“පාසලේදී මට වෙස්සන්තර නාට්‍යයේ ක්රිෂ්ණජිනාගේ චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබුණා. එදා තමයි රංගනය ගැන මම පළමු අත්දැකීම ලැබුවේ. උසස් පෙළින් පසුව මම ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටය සඳහා පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වුණා. එහිදී වෛද්‍යවරියකගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා තමා මම ආධුනික රංගන ශිල්පිනියක් ලෙස සිනමාවට පැමිණියේ.”රංගනය පිළිබඳ සුගත් සමරකෝන් හා අනුරුද්ධ ගාම්භීරආරච්චි යටතේ හදාරා ඇති නදීරාට මේ දිනවල සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන ‘පටාචාරා’ චිත්‍රපටයේ චරිතයකට හා අජිත් ජයවර්ධනගේ ‘සියපත් අරම’ ටෙලි නාට්‍යයේ චරිතයකට ද ඇරයුම් ලැබී තිබේ.“මම මෙතෙක් ආවේ රංගන ජීවිතයේ බොහොම සෙමින් ගමනක්. ඒ ගැන මට සතුටුයි. රූගත කිරීම්වලදී මම අත්විඳපු අමතක නොවන සිදුවිමක් තියෙනවා. ඒ ඩොක්ටර් නවරියන් චිත්‍රපටයේ වෛද්‍යවරියකගේ චරිතය. එහි රූගත කිරීම් තිබුණේ නවලෝක රෝහලේ. මම වෛද්‍යවරියක් ලෙස වෙස්වලාගෙන කාමරයටම වෙලා හිටියා දෙබස පටන් ගන්නකම්. එතකොට රෝගියෙක් කාමරයට ආවා. මම චිත්‍රපටයේ කොටසක් කියලා හිතලා ලෙඩා එක්ක වෛද්‍යවරියක් වගේ කතාබහ කරලා පරීක්ෂා කළා. ඒත් පසුව තමයි දැනගත්තේ ඒ ඇවිත් තියෙන්නේ ඇත්තම රෝගියෙක් කියලා. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ.”අනාගතයේ දක්ෂ රංගන ශිල්පිනියක වීමට බලාපොරොත්තු වන නදීරා ඇයට උදව් උපකාර කළ රන්ජන් රාමනායක, සුගත් සමරකෝන්, අනුරුද්ධ ගාම්භීරආරච්චි හා ප්‍රභාෂ් සේනානායකටත්, පවුලේ සැමට හා නන් අයුරින් උදව් කළ අයටත් ස්තුතිය පුද කරයි.“මම මෙතෙක් රඟපෑ චරිතවල අඩුපාඩු තියෙන්න පුළුවන්. එවායේ හොඳ ලක්ෂණ තියෙන්නත් පුළුවන්. ”රසික සැමගෙන් ඒ ගැන මට ප්‍රතිචාර ලැබෙනවා නම් මම කැමතියි.0774312777 නදීරාගේ දුරකථන අංකයයි.අමානි ඉරේෂිකා රූපසිංහඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මේ දිනවල නිතර එෆ්. එම්. නාලිකා සහ රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වන ‘අසුබ ලකුණ’ ගීතයේ හිමිකරුවා පසුගියදා සරසවියට පැමිණියා. ඔහු නව පරපුරේ දක්ෂ සංගීත ශිල්පියක් වන මධූන් දිසානායකයි.මධූන් මේ ඔයාගේ ප්‍රථම ගීත නිර්මාණයද?නැහැ. පසුගිය වසරේ පැවැත් වූ දෙරණ මියුසික් අවෝඩ් තරගාවලියේදී විශේෂ සම්මාන කිහිපයක්ම ගත් නිර්මාණයක් කළා. මීට පෙර ගීත කිහිපයක්ම නිර්මාණය කළා. ඒත් ‘අසුබ ලකුණ’ තරම් නිර්මාණශීලී වුණේ නැහැ. ඒ වගේම ජනප්‍රිය වුණෙත් නැහැ.මොකක්ද ‘අසුබ ලකුණ’ ගීතයේ තියෙන විශේෂත්වය?අපි ප්‍රථමයෙන්ම රුසිරු පන්නිලගේ කියන නිර්මාණකරුවත් සමඟ එක්වෙලා රූප රචනයක් කළා. ඒ රූප රචනයට ගැළපෙන ආකාරයට පද රචනය කලන ගිහන්ත අතින් නිමැ වුණා. මේ දෙකටම ගැළපෙන විදියට අර්ථය වඩාත් තීව්ර වන විදියට සංගීතය නිර්මාණය කරලා හැඩ මුසුව මම කළා.මෙහි සංගීතය ගැන යමක් පවසන්න?මෙහි සිම්පනී රොක් ස්ටයිල් එක තමයි මම භාවිතා කළේ. ඒ වගේම රටේ නමගිය දක්ෂ වාදන ශිල්පීන් සමූහයක් මේ සඳහා සහභාගී කර ගත්තා.මේ ගීතය තුළින් යම් අර්ථයක් ගම්‍ය වෙනවාද?මෙහි මතුපිට අර්ථය හරිම සරලයි. නමුත් ලෝකයේ ඉපදීම, ජීවිතය, මරණය, දරුවන් ඒ වගේම බැඳීම් මේ හැම දෙයක් ගැනම ඉතා ගැඹුරින් මේ තුළ කියවෙනවා.මෙහි රූප රචනය ගැන යමක් කිව්වොත්?රුසිරු පන්නිලගේ, කුමාර කත්‍රී ඇතුළු අපේ පිරිවර මෙය නිර්මාණය කළේ හරියට කෙටි චිත්‍රපටයක් හා සමානව. ඒ වගේම ‘අර්ත්’ ප්‍රඩක්ෂන් එකක් විදියට තමයි මෙය එළි දකින්නේ. ඒ වගේම මෙය රූගත කළේ දුම්රියක. ඒ නිසා ලොකුª වෙහෙසක් දරලා හොඳ නිර්මාණයක් බිහි කරන්න අපේ පිරිවරට හැකි වුණා. අනෙක් කරුණ තමයි බොහෝ අය පද රචනයට සංගීතය යොදලා ඊට පසු වීඩියෝ එක හදනවා. අපි කළේ වීඩියෝ එක හදලා ඊට පස්සේ සංගීතය යෙදුවා. එය හරියටම හරි ගියා.පද රචනය ගැන යමක්?අපි හැමෝටම දැනෙන දුක සතුට, ආදරය හැඟීම මේ හැම දේම තියෙනවා. මේ හැඟීම් ගැන ගැඹුරින් ලියැවුණු සරල පද රචනයක් තමයි ‘අසුබ ලකුණ’.මේ දිනවල ඔබේ ජීවිතය කොහොමද ගෙවෙන්නේ?ටෙලි නාට්‍යක හා චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරනවා. ඊට අමතරව පෙර පරිදි සංගීත නිර්මාණ කටයුතුවල නියැලෙනවා.අරුත් සුන් සමාජයක ගීතයට නව අරුතක් ලබා දෙන්නට වෙර දරන මේ තරුණ සංගීතවේදියාගේ ජීවිතය යහපත් වේවායි අපේ පැතුමයි.සටහන - සංජීව සම්පත් බාලසූරියසේයාරුව - හිරන්ත ගුණතිලක
|
CREATIVE
|
ශ්‍රීපාලි රඟහලේදීසංගීත ආචාර්ය පුෂ්පික අරවින්දගේ ‘ගී අරවින්දය’ ප්‍රසංගය ලබන 10 වැනිදා පස්වරු 4.30 ට ශ්‍රීපාලි රඟහලේදී පැවැත්වීමට නියමිතයි. ශාස්ත්‍රීය සංගීතය පසුබිම් කරගත් මෙම සුවිශේෂි ප්‍රසංගය පිළිබඳ සරසවිය අරවින්දගෙන් විමසුවා.මෙවර ‘ගී අරවින්දය’ ප්‍රසංගය 6 වැනි ප්‍රසංගයයි. මුල්ම ප්‍රසංගය පැවැත් වූයේ 2009 වසරේදී. එවිට මා සරසවි සිසුවෙක්. මීට පෙර ප්‍රසංගවලට වඩා මෙවර ප්රසංගයේදී ශාස්ත්‍රීය සංගීතයට මුල්තැන දෙන්න මම තීරණය කළා. මෙහි මූලිකත්වය ලබා දෙන්නේ වාදනයට.ඒ සඳහා බටනළාව සහ ගිටාරය යොදා ගැනෙනවා. කථිකාචාර්ය පේෂල මනෝජ් සහාය වාදනයෙන් එක්වන අතර මා සේවය කරන හොරණ ශ්‍රිපාලි විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ගායනා ද ඇතුළත් වෙනවා. පාසල් විෂය නිර්දේශයේ එන රාග මේ සඳහා ඇතුළත්. ඒ වගේම පාසල් සිසුන් ශාස්ත්‍රීය සංගීතය කෙරෙහි උනන්දු කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. මෙම අවස්ථාවට එක්වන ලෙස සැමට මා ආරාධනා කර සිටිනවා.ඔබේ සංගීත ක්ෂේත්රයේ ගමන් මග ගැන සඳහන් කළොත්?මම අධ්‍යාපනය ලැබුවේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන්. කුඩා කාලයේ සිටම සංගීතයට විශේෂ ලැදියාවක් තිබුණා. මගේ අම්මා ප්‍රාථමික අංශයේ ගුරුවරියක්. ඇය තමයි සංගීතයේ මගේ මුල් ගුරුවරිය. පාසලේදී විෂයක් ලෙස සංගීතය හැදෑරුවා. උසස් පෙළ කලා අංශයෙන් සමත් වී ජයවර්ධනපුර සරසවියෙන් උපාධිය ලබා දැනට හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ සංගීත ආචාර්යවරයකු ලෙස සේවය කරනවා. ඒ සමඟ මේ දිනවල ජයවර්ධනපුර සරසවියේ සංගීතය පිළිබඳ දර්ශනපති උපාධිය හදාරනවා.ඔබේ ඉදිරි ගමන ගැනත් කෙටියෙන් කියමු?ඉදිරියේදී ‘ගී අරවින්දය’ දිවයින පුරා ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනයෙන් පසු මානව හිතවාදී සංගීතයෙන් මිනිසුන්ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම තමයි මගේ අරමුණ.ඡායාරූපයමාලන් කරුණාරත්නයතේජා ඥානරත්න
|
CREATIVE
|
ඩුබායි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික අභිමානය සංකේතවත් කරමින් ‘වසන්ත උදානය 2014’ මහා බක්මහ උළෙල සහ සුමියුරු සංගීත සැඳෑව මෙවර ද අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන බක්මහේ අසිරිය හැම හදවතකම මෝදු කරමින් මෙම අවුරුදු උළෙල පැවැත්වෙන්නේ අපේ ඉපැරැණි ජන ක්‍රීඩාවලට ප්‍රමුඛත්වය ලබා දෙමිනි.අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා සවස 6.00 ට අබුඩාබි සිටි ගොල්ෆ් ක්ලබ් ක්‍රීඩාංගනයේදී හා අප්‍රේල් 11 වැනි සිකුරාදා සවස 1.00 සිට ඩුබායි හි ‘වොන්ඩර්ලෑන්ඩ්’ උද්‍යානයේදී පසුදා පහන්වනතුරු මෙම සංගීත ප්‍රසංග පැවැත්වේ.ප්‍රියා සූරියසේන, චාන්දනී හෙට්ටිආරච්චි, අමිලා නදීෂානි, රුවන් හෙට්ටිආරච්චි, රොමේෂ් සුගතපාල, සුපුන් රශ්මිකා, අසංක දේවමිත්ර, ෆර්නි රෝෂිනි, දෝනි ඉමාෂා, කුමාර වඳුරැස්ස, මුතුපුර සීයා, ශාන්ත ජයසිංහ, එස්. එම්. එස්. ප්‍රනාන්දු, නිමාෂා ද සිල්වා ඇතුළු දිවයිනේ ජනප්‍රිය ගායක, ගායිකාවන් ගී ගයන මෙම සංගීත ප්‍රසංගයන් හි සංගීතය සපයනු ලබන්නේ අජිත් විතානගේ ප්රමුඛ සීදූව සකුරා සංගීත කණ්ඩායමයි. මේ ප්‍රසංගය ආරම්භයේ සිට සජීවීව ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියේ සිටි එෆ්. එම්. සේවයෙන් විකාශය වේ.
|
CREATIVE
|
ජනප්‍රිය ගායක, සංගීතඥ රොමේෂ් සුගතපාලගේ රොමේෂ් විත් ටියුන්ස් සංගීත කණ්ඩායමේ කුලුඳුල් ප්‍රසංගය මෙම මස 26 වැනිදා එනම් ලබන සෙනසුරාදා සවස ජාඇල නගර සභා පරිශ්‍රයේදී පැවැත්වේ. තීක්ෂණ අනුරාධ, ලක්ෂ්මන් හිල්මි, ලහිරු පෙරේරා, ශානිකා වනිගසේකර, ශෂිකා නිසංසලා, සුප්‍රියා අබේසේකර සහ හඳුන්වා දෙන ගායක ප්‍රමෝද් හේරත් මෙහිදී රොමේෂ් විත් ටියුන්ස් සමඟ ප්‍රසංගය රස ගන්වනු ඇත. කථනය ඩෙන්සිල් නුගේගොඩගෙනි. තමරි දර්ෂි ප්රමුඛ රංගනාවෝ මෙම විචිත්‍රවත් ප්‍රසංගය නර්ථනයෙන් හැඩ ගන්වති.මේ දිනවල ජනප්‍රිය ගීත රැසක හිමිකරුවා වන රොමේෂ් ගැයූ දිගු දෑස දුටුවාම, බලා ඉන්නම්, සිනාසෙන්න බැහැනේ නිතර ඇසෙන ගීත බවට පත්ව ඇත.- ප්‍රසාද්
|
CREATIVE
|
ලාල් හවින්ද්‍රනාත් කියන්නේ අපේ රටේ සිටින දක්ෂ කලා අධ්යක්ෂවරයෙක්. වලා පටල චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහු සරසවිය සම්මාන පවා දිනා ගත්තා.පසුගිය දවසක ඔහුට ජාත්‍යන්තර චිත්‍රපටයක් වෙනුවෙන් මාලදිවයිනට යන්න සිදු වුණා. මාලදිවයින කියන්නේ උම්බලකඩවලට ප්‍රසිද්ධ රටක්. ඉතිං ලාල්ගේ ආදරණීය බිරීඳ ඔහුට කිව්වේ එනකොට හොද උම්බලකඩ ටිකක් අරගෙන එන්න කියලා. ඒ විතරක් නෙවෙයි අවශ්‍ය තැන්වල ලිපිනයන් පවා ඇය අන්තර්ජාලයෙන් හොයලා දුන්නා.ලාල් කියන්නේ ඉතිං වැඩක් කළොත් ඒක ඉතාම උනන්දුවෙන් කරන කෙනෙක්නේ. ඔහු වැඩේට කොච්චර උනන්දු වුණාද කියනවා නම් ගෙදරට උම්බලකඩ ගේන්න ඕනෑ කියන එක අමතකම වෙලා ගියා. කොහොම හරි කොළඹට ආවාට පස්සේ තමයි ලාල්ට ඒක මතකයට නැගුණේ. එහෙම කියලා ඔහු නිකං හිටියේ නැහැ. ගෙදරට උම්බලකඩ ටිකකුත් අරගෙන තමයි ගියේ.දවස් දෙකකට විතර පස්සේ බිරිඳ ලාල්ගෙන් ඇහුවලු මාලදිවයිනෙත් සිංහල පත්තර තියෙනවාද කියලා. හැබැයි ඉතිං මේ අවස්ථාවට ඒක මෙහෙම වුණාට කමක් නැහැ. චිත්‍රපටයකදි මෙහෙම දෙයක් වුණොත් ඒක කොයි තරම් විශාල වරදක් වේවිද?
|
CREATIVE
|
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකේය ගීත රචකයකු වන සමන් කුලරත්නගේ ගේය පද රචනා ඇතුළත් ‘වසන්තයයි ඔබයි මමයි’ සංයුක්ත තැටිය දොරට වැඩුම සහ සංගීත ප්‍රසංගය ආචාර්ය වික්ටර් රත්නායන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 14 දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ කෙල්වොට්සන් ශාලාවේදී පැවැත්වෙයි. මේ ගී තැටියෙහි සියලුම ගීතයන්හී සංගීත අධ්‍යක්ෂණය ඉන්ද්‍රජිත් මිරිහානගෙන්ය. ආචාර්ය වික්ටර් රත්නායක, සංගීත නිපුන් සනත් නන්දසිරි, විශාරද නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, ආචාර්ය දයාරත්න රණතුංග සහ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, නිරෝෂා විරාජිනී, මරියසෙල් ගුණතිලක, දයාන් විතාරණ ඇතුළු ගායක ගායිකාවන් මේ ගී තැටිය සඳහා හඬ මුසු කර ඇත.
|
CREATIVE
|
රංගන ශිල්පී සේනක විජේසිංහමේ දවස්වල මම සිනමා රංගනය හා සිනමා සටන් කලාව පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කළා. ඒ වගේම අවිස්සාවේල්ල, රත්නපුර, මහනුවර, ගම්පහ, පානදුර, නිට්ටඹුව සහ නුගේගොඩ අලුත් සටන් කලා පංති ආරම්භ කළා. මම ඉදිරියේදී අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන පුංචි බෲස්ලි ළමා සටන් චිත්‍රපටය සහ කළු මකරා සටන් චිත්‍රපටය වෙනුවෙන් සටන් කලාව උගත් දරුවන් දෙසීයක් විතර දායක කර ගන්න බලාපොරොත්තුවෙන් තමයි මේ කටයුතු ආරම්භ කළේ. මේ දවස් ඒ නිසා හරිම කාර්යබහුල වෙලා තියෙන්නේ.
|
CREATIVE
|
ජයලත් මනෝරත්නගේ ‘ලෝකය තනියායක්’ වේදිකා නාට්‍යය නැවතත් වේදිකාවට අරගෙන එන නිසා මේ දවස්වල පුහුණුවීම් කරනවා. ඒ පුහුණුවීම් කටයුතුත් සමඟ මගේ දවස ගත වෙනවා. ඒ වගේම මේ මාසයේ 08 වැනිදා ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදියට අප අතර සිටිය එච්. ඒ. පෙරේරාගේ අනුස්මරණය වෙනුවෙන් නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ උත්සවයක් පැවැත්වෙනවා. ඒ උත්සවයේ සංවිධාන කටයුතුවලට සහභාගි වෙන්නේ වේදිකා නාට්‍යයේ පුහුණුවීම් අතරතුරයි.මේ සියලු කටයුතු අතර මගේ උපන් දිනයත් ළඟා වෙනවා. ඒ උපන් දිනය මට වඩාත් වැදගත් වෙන්නේ එදාට මගේ සහෝදර සහෝදරියන්ගේ වගේම, ඔවුන්ගේ ළමයින්ගේ එකමුතුව සිදුවෙන නිසා. ඔවුන්ගේ ළමයින් වන මිල්කි, ශයිනි, මල්, හිරු, තරු, සඳ කියන හයදෙනා කාලයක ඉඳන් මා වෙනුවෙන් නිර්මාණය කළ උපන් දින පත් දෙන්න බලාගෙන ඉන්නෙත් එදාටයි. ඒක මගේ ජීවිිතේ පුදුම විදියට සතුට ගෙනෙන දවසක් වෙන්නේ ඔවුන්ගේ ආදරය මට කිසිම දවසක වෙනසක් නැතුව ලැබෙන නිසයි.
|
CREATIVE
|
- අරුණි මෙන්ඩිස්‘නැත ලොවේ අන් රසඳුනා - ආදරය සේ සුව දෙනා’මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ආදරය පිළිබඳ කියූ ඒ කියුම ප්‍රේමය පිළිබඳ කතාබහක නිරත වන අපගේ මතකයට නැෙඟන්නේ ඉබේමය. ආදරය තරම් ලොව ඇති අන් සෑම දෙයකටම වඩා රසඳුනෙන් පිරුණු සුවදෙන අන් යමක් තවත් නොවේ.එහි අසිරිය ඔබත් විඳි බවට සාක්ෂි ඔබ ළඟ තවමත් ඉතිරිව ඇතිවාට සැක නැත. එමෙන්ම ප්‍රථම ප්‍රේමය ද එසේමය. ඔබ හදවත සැරිසරන තරු ප්‍රථම ප්‍රේමය පිළිබඳ හෙළි කරන මේ පත් ඉරුවට අද සහභාගි වන්නේ අරුණි මෙන්ඩිස්ය.ඔබ ප්‍රේමය පිළිබඳ මොකද සිතන්නේ?ප්‍රේමය සුන්දරයි.ඒ කියන්නේ මේ වනවිට ඔබ පෙම් සුව විඳීනවා?ඔව්. මේ වන විට මම ප්‍රේමවන්තියක්.ඔබගේ ප්‍රථම ප්‍රේමයම පල දැරුවා?අපෝ නැහැ.එහෙනම්?මගේ දෙවැනි ප්‍රේමය තමයි පල දැරුවේ.ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමයට බූට් එක තිබ්බා?අනේ නැහැ. අපි කතා කරලා වෙන්වුණා.ඒ ප්‍රේමවන්තයා කවුරුද?එයාගෙ නම නොකියා ඉමු.දෙන්නම එකම ගමේද?ඔව්. එයා අපේ ගෙවල්වලට ටිකක් ඈතින් හිටියේ.ඊට පස්සේ?මුළින්ම අපි හොඳම යහළුවෝ.කොයි තරම කාලයක්ද?9 වසරේ ඇති වුණු යාළුකම ගොඩක් කාලයක් තිබුණා.ඒ යාළුකම ගැන ගෙදරත් දන්නවාද?ඔව්. අපි හොදම යාළුවෝ කියලා ගෙදර අයත් දන්නවා.ගෙවල්වලට ආව ගියා?ඔව්. සමහර වෙලාවට ඔහු මගේ අනිත් යාළුවන් එක්ක අපේ ගෙදර ඇවිත් තිබෙනවා. කෑම කාලත් තිබෙනවා.ගෙදර අය ඔය දෙන්නව සැක කළේ නැද්ද?නෑ. ඒ අය අපි දෙන්නව විශ්වාස කළා. මුලදි ඒ අයගේ විශ්වාසය බිඳීන්න උවමනාවක් අපට තිබුණේ නැහැ.නමුත් ඊට පස්සේ එහෙම දෙයක් ඇති වුණා.ඒක සිද්ධ වුණේ අපි දෙන්නටත් නොදැනිමයි.නොදැනීම ඔබ දෙපළ ආදරය කළා?මගේ සිතේ එයා ගැන යම් විශේෂත්වයක් තිබුණා. නමුත් ඒක මම එයාට කියන්න ගියේ නෑ.ඇයි ඒ?මම හිතුවේ එයා මාව වැරැදියට තේරුම් ගනී කියලා.නමුත් පස්සේ?ඔහුගේ සිතේ මං ගැන තිබුණ ආදරය පිළිබඳ ඔහු මට කිව්වා.කවදාද? කොහොමද?කවදාද කියල නම් මතක නෑ. නමුත් ඔහු ඒ ගැන කිව්වේ දුරකථනයෙන්.මොකද එදා ඔබට සිතුණේ?මගෙ සිතේ ඇතිවුණු ආදරය මල්පල ගැනීම පිළිබඳ සතුටක් ඇති වුණා.ඔබ එතකොට පාසල් යුවතියක්?ඔව්. මම ඉගෙන ගත්තේ බාලිකා පාසලකයි.කොහොමද ආදරය ගලාගෙන ගියේ?සෙනසුරාදා පංතිවලට යන නිසා අපේ මුණ ගැසීමට බාධාවක් තිබුණේ නෑ.ගෙදර මේ ගැන දැනගත්තේ නැද්ද?කාලයක් අපේ ආදරය ගෙදරට රහසක්.ආදරයයි කැස්සයි හංගන්න බැරි වුණාද?ඔව්නේ. දවසක් මම මගේ අම්මා නිදාගන්නකම් ඉඳලා ඔහුට කෝල් එකක් ගත්තා. අපේ කතාවට අම්මාට ඇහැරිලා. අම්මා ඔක්කොම දැනගත්තේ එහෙමයි.බොරුවක් කරා කියලා බැන්නද?අම්මා කිව්වෙ ඉගෙන ගන්න කාලයේ ඔය වගේ දේවල් නැති වුණාට කමක් නැහැ කියලයි. ඒවා ගැන හිතන්න කලින් ඉගෙන ගෙන ඉන්න කිව්වා.නීති දැම්මද?එහෙම කිව්ව මිසක් පංති නොයවා නීති දමලා මාව කොටු කරලා ගෙදර තියා ගත්තේ නැහැ.පෙම්වතාගේ ගෙදරත් දැනගත්තා?එයා එයාගේ අම්මට කියලා තිබුණා.ඒ අම්මා බැනලා තිබුණේ නැද්ද?එයාගේ අම්මා කියලා තිබුණේ අපේ අම්මා කියලා තියෙන්නේ ඇත්තක් කියලයි. දුවෙක් ඉන්නා අම්මලා එහෙම තීරණ ගන්න එක හොඳ දෙයක් කියලත් කියලා තිබුණා.ආදරය නැවතුණා?නෑ. දිගටම ගලාගෙන ගියා.ලියුම් ලිව්වා?ඔව්. ඒත් එකකට දෙකකට වඩා ලියලා නෑ. නමුත් ඒ ආදර ලියුම් නම් නෙවෙයි.එහෙනම්?පංති එන්න බැරිවෙන හේතුව කියලා ලියන පුංචි වගන්ති කිහිපයක්.ඒලෙවල් ඉවර වෙන තුරුම ඒ ආදරය ගලාගෙන ගියා?ඒලෙවල් ඉවර වෙලා ටික කාලයක් අපි ආදරෙන් හිටියා.හිටි ගමන්ම ඒ ආදරයට මොකද වුණේ?අපි දෙන්නගේ අදහස් බොහොම පරස්පර විරෝධියි. මම ආදරය කළේ කලාවට. ඔහු තෝරා ගත්තේ කම්පියුටර් පැත්තෙන් ඉදිරියට යන්න.ඔබ කලාවට යනවට ඔහු අකැමැති වුණා?නැහැ. මුලදි නම් මට ඔහු උදව් කළා. ඔහු වැඩිපුර කැමැති වුණේ මම ගුරවරියක් වෙනවටයි. පස්සේ මගේ තිබුණු කාර්යබහුලත්වයත් එක්ක අපි දෙන්නට හමුවෙන්න පවා දවස් සොයා ගන්න බැරි වුණා. අවසානයේදී අපි කතාබහ කරලා වෙන් වුණා.මුලින්ම දෙදෙනා අතර ගැළපීමක් නැහැ කියලා හිතුණේ කාටද?මට.ඊට පස්සේ එයාව මුණ ගැහුණද?අවුරුදු හතරකට පස්සේ ඔහුව මුණ ගැහුණා. ඒ මමයි මගේ දැන් පෙම්වතාත් සමඟ ඔහුගේ කාර්යාලයට වැඩක් කරව ගන්න ගිය වෙලාවකයි.කතබහ කළා?ඔහු පළමුවෙන්ම දැක්කම හිතුණේ කාලයකට පස්සේ හමුවුණු නෑදෑයෙක්, යාළුවෙක් මුණ ගැහුණා වගේ හැඟීමක්.ඔබට දුකක් හිතුණේ නැද්ද?නෑ, ඔහු විවාහ වෙන්න ඉන්න පෙම්වතිය වගේම මගේ පෙම්වතාවත් හඳුන්වලා දුන්නා. හැමෝම සතුටින් කතා කළා.එතැනින් කතාව ඉවරද?ඉඳලා හිටලා මම රඟපාන ටෙලි නාට්‍යයක් රූපවාහිනියේ දැක්කොත් මට ඔහු ඉ ර් ඉ එකක් එවනවා.ඒ ගැන දැන් පෙම්වතා මොකද කියන්නේ?ඔහු ඒ සියල්ල දන්නවා.- තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
භාරත ගී වින්දන වැඩසටහන සමඟ අතිශය ජනප්‍රිය වූ ජනාධිපති සම්මානලාභී රංජිත් එදිරිසිංහගේ ආදරණීය පුතු හර්ෂ එදිරිසිංහගේ විවාහ මංගල්ලය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදු විණ.ඔහුගේ අතගත් වාසනාවන්තිය වූයේ කෝකිලා විජේසූරියයි. කෝකිලා ජනප්‍රිය නළු, නිවේදක කැළුම් විජේසූරියගේ වැඩිමහල් සොයුරු නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ආනන්ද විජේසූරිය මහතාගේ දියණියයි.මෙම විවාහයට අත්සන් තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනි. මනාල යුවළ , මව් පියන් සමඟ ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය ජීවන් කුමාරතුංග , යන මහත්වරුන් හා සේයාරුවකට පෙනී සිටි අන්දමයි මේ. ඡාය ා - සමන් ශ්‍රී වෙදගේඅශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘ඉනිඅවන්’ මෙවර කාන්ස් සිනමා උළෙල සඳහා ස්වාධීන සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය (ACID) විසින් ඉදිරිපත් කරන චිත්‍රපට නවය සඳහා තෝරා ගෙන ඇත.මැයි මස 16 – 26 දක්වා පැවැත්වෙන කාන්ස් සිනමා උළෙලෙහි ප්‍රදර්ශනයෙන් අනතුරුව මෙම තෝරා ගත් චිත්‍රපට ප්රංශයෙත් ලොව පුරා චිත්‍රපට උළෙල හතළිහකත්, එක්සත් ජනපදයේ මියාමි නගරයේත් ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඊට අමතරව 2012 සරත් සමයේ පැරිසිය සහ අවට සිනමාහල් තිහක මෙම චිත්‍රපට එකතුව ප්‍රදර්ශනය කෙරෙයි. ප්‍රංශයේ හෙලියෝටොෆ් චිත්‍රපට විසින් ඉනිඅවන් ප්‍රංශයේ බෙදා හැරීමට නියමිතයි.ඉනිඅවන් හි ප්‍රධාන භූමිකා දර්ශන් ධර්මරාජ්, සුභාෂිණී බාලසුබ්රමනියම්, නිරාණි ශන්මුගරාජා, රාජා ගනේෂන්, මැල්කම් මචාඩෝ සහ කිංග් රත්නම් විසින් නිරූපණය කරයි. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිිය, සංගීතය කපිල පූගලආරච්චි, සංස්කරණය අජිත් රාමනායක, හඬ පරිපාලනය කලුආරච්චි සහ කලා අධ්‍යක්ෂණය සුනිල් විජේරත්න හැඩගැන් වූ ඉනිඅවන් ඊ. කල්චර් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ජගත් වැල්ලවත්ත සහ අනුර ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.ඉනිඅවන් පසුගියදා කොරියාවේ ජොන්සු උළෙල ද නියෝජනය කළේය.ලංකාවේ නිර්මාණය කළ චිත්‍රපටයක පූර්ව ප්රචාරක පටයක් කොළඹ ඉංග්‍රීසි චිත්‍රපට සඳහාම වෙන් වූ මැජස්ටික් සිනගමාහල් සංකීර්ණ ශාලාවේදී ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙන බව වාර්තා වෙයි. චිත්‍රපටය තිරගත වනුයේ කවදාදැයි දැන ගැනීමට ප්‍රෙක්ෂකයන් නිතරම විමසුම් කරන බව ද වාර්තා වෙයි.ඒ රෝයි ද සිල්වා ඉංග්‍රීසි බසින් නිර්මාණය කළ ‘ ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයයි. එය මේ දිනවල මැජෙස්ටික් සිටි සිනමා සංකීර්ණයේ සෑම සිනමා ශාලාවක ප්‍රදර්ශනය වෙයි.ළඟදීම තිරගතවීමට ඇති ඉට්ස් අ මැටර් ඔෆ් ලව් සුමනා අමරසිංහගේ නිෂ්පාදනයකි. ලංකාවේ මුල් වරට ඉංග්‍රීසි චිත්‍රපටයක දෙවන කොටස නිර්මාණය කරමින් රෝයි තවත් වාර්තාවක් තබනුයේ මේ චිත්‍රපටය සමඟිනි. මෙහි මුල් චිත්‍රපටය ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් නමින් ඉහතදී තිරගත විණ.ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
සම්මානීය කැමරා ශිල්පියකු වන ජයනාත් ගුණවර්ධන පළමුවරට අධ්‍යක්ෂණය කරනු ලැබූ පරාවර්ථන සිනමාපටය ලබන වසරේ ජනවාරි නව වැනිදා සිට රීගල් ඇතුළු සී.ඊ.එල්. මණ්ලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වේ.පරාවර්ථන හී විශේෂත්වය වනුයේ විශිෂ්ට රංගධර සොමී රත්නායක කලකට පසු සිනමා රංගනයට පිවිසීමයි.බිමල් ජයකොඩි, පුබුදු චතුරංග, දුලානි අනුරාධා, අමිලා නදීශානි මෙහි සෙසු චරිතයන් රංගනයේ යෙදෙති.
|
CREATIVE
|
රූප පොතේ මතක කියන්නේ අපේ හෙළ සිනමාවේ සුන්දර මතක සැමරුම් එකතුවක්. ඒ අතීතයට තියෙන ඔබේ කැමැත්ත නිසාමයි සරසවිය මතක පොතට රූප පෙළක් එක් කරන්නටත් තීරණය කළේ. අදත් අපේ මතක පොතට හෙළ සිනමාවේ සොඳුරු මතක සැමරුම් රූප පෙළකට පෙළ ගැසුණේ මේ ලෙසයි.මේ පිරිස සැරසෙන්නේ සරසවිය සම්මාන කීයක් දිනා ගන්නට ද කියාල නම් දන්නේ නැහැ. නමුත් මේ ඉන්න පිරිස දැක්කම අති විශිෂ්ට සිනමා සිත්තමක් නිර්මාණය කරන්නට යන වග නම් හොඳටම පැහැදිලියි.හෙළ සිනමාවේ විශිෂ්ට රංගධරයකු වන රවීන්ද්‍ර රන්දෙණිය එදා මේ සැරසුණේ තම රංගන ජීවිතයේ සුවිශේෂී චරිතයක් වූ ජයනාත්ගේ චරිතය නිරූපණයටය. ඒ වගේම ප්‍රවීණ කැමරා ශිල්පි ඩොනල්ඩ් කරුණාරත්න, දකුණ පසින් ඉන්න විශිෂ්ට සිනමාවේදී වසන්ත ඔබේසේකර සහ මේ මැද ඉන්න එවකට සහාය අධ්යක්ෂවරයෙක් වගේම සම තිරනාටක රචකයෙක් වූ ක්‍රිස්ටි ෂෙල්ටන් ආදීන් අතින් එදා නිර්මාණය වූයේ දඩයම චිත්‍රපටයයි. කා අතරත් කතාබහට මෙන්ම සම්මානයට පාත්‍ර වීමට දඩයම සුදුසුකම් ලැබීය. එදා දඩයම වැනි විශිෂ්ට නිර්මාණ බිහි කිරීමට දායක වූ ක්‍රිෂ්ටි ෂෙල්ටන් අද පුංචි තිරයේ ටෙලි නාට්‍ය නිර්මාණයටත් දායක වෙලා.මේ ඡායාරූපයේ ඉන්නේ අපේ හෙළ සිනමාව රංගනයෙන් ඔපවත් කළ යුගල දෙකක්.හෙළ සිනමාවේ පළමු නිළි රැජන වගේම ගීත කෝකිලාවිය රුක්මණී දේවි, විකට රජු එඩී ජයමාන්න සමඟ රෝයි සුමනා යුවල තමයි මේ ඉන්නේ.මේ චිත්‍රපටයේ රෝයි තරුණ පොලිස් නිලධාරියෙක්ගේ චරිතය නිරූපණය කරද්දී සුමනාට නම් මහළු චරිතයක් තමයි නිරූපණය කරන්න සිදු වුණේ. අපේ හෙළ සිනමාව ඔපවත් කළ මේ සුපිරි තරු එදා මේ ලෙස එක්වූයේ සමන්මලී චිත්රපටයේදීය. එඩී, රුක්මණී අපගෙන් සමුගෙන ගියද මේ මතක සමගින් රෝයි, සුමනා යුවල අදත් සිනමාව බබළවන්නේ යොවුන් තරු යුගලක් ලෙසිනි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
ටෝනි රණසිංහ කියන්නේ අපේ සිංහල සිනමාව බැබළ වූ සුපිරි රංගන තරුවක්. සිනමාවේ තම අණසක පැතිර වූ මේ ජ්‍යෙෂ්ඨ රංගවේදියා වේදිකාවේත් තම අනන්‍යතාව සලකුණු කළ නළුවෙක්. මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ මෙතෙක් විලියම් ශේක්ස්පියර් ගේ ‘දොළොස්වැනි රාත්‍රිය’ පරිවර්තනය කර වේදිකා ගත කළේ ටෝනි රණසිංහයන් පමණයි.එතුමා නිර්මාණය කළ ‘හැම්ලට්’ නාට්‍යයත් සුවිශේෂ වෙනවා. ඒ වගේම මෙරට සිනමා නළුවන් අතර විලියම් ශේක්ස්පියර් ගැන කතා කරන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ටෝනි රණසිංහම තමයි.ඒ ගැන කතා කරන්න පටන්ගත්තාම රෑ වෙනවා, එළිවෙනවා තේරෙන්නේ නැහැ. ඉතිං ටෝනි රණසිංහ විසින් පරිවර්තනය කළ ශේක්ස්පියර් ගේ ‘දොළොස්වැනි රාත්‍රිය’ කෘතිය දැන් එළිදක්වා තියෙන්නේ. බොහොම රසවත්ව දොළොස් වැනි රාත්‍රිය ගැන ලියූ මේ කෘතියත් හරියට නිමා නොවන රාත්‍රියක් වගෙයි.
|
CREATIVE
|
විජය නන්දසිරි සහ දේවිකා මිහිරාණි යුවල අපේ රටේ පුංචි දරුවකු පවා දන්නා නම් දෙකක්. මෑත කාලයේ පුංචි තිරයේ ප්‍රහසනය රැගත් ටෙලි නාට්‍යවලට අලුත් ජීවයක් ලබා දුන් මේ කලාකරුවාගේ සහ අපේ රටේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ මුල්ම ටෙලි නාට්‍යය වන ‘දිමුතු මුතු’ ටෙලි වෘතාන්තයේ ප්‍රධාන නිළිය ලෙසින් ප්‍රේක්ෂක සිත්වල සදා මතකයක් රැන්දූ දේවිකා මිහිරාණිගේත් එකම දියණිය නවංජනා මිහිරාණි නන්දසිරි පසුගිය 28 වැනිදා පතිකුලයට පිවිසියාය.නවංජනාගේ සහකරුවා වූයේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ තමන්ගේම ව්‍යාපාර කටයුත්තක නියැළී සිටින චමින්ද ගුණරත්න තරුණයායි.චමින්දගේත් නවංජනාගෙත් විවාහ ගිවිස ගැනීම මීට මාස කිහිපයකට පෙර අරලියගහ මන්දිරයේදී සිදු වුණි.නවංජනා වෙනුවෙන් ඇගේ විවාහයේ සාක්කියට අත්සන් තැබුවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.පෝරුවේ චාරිත්‍ර ඉතාමත් ගාම්භීර අන්දමින් පැවැතියේ කොළඹ හිල්ටන් හෝටලයේ බෝල්රූම් උත්සව ශාලාවේදීයි. නවංජනා පෙර පාසල් ගුරුවරියක් වූවාට ඇයගේ ගායන කුසලතාවන් ඇයට සහජයෙන් ලැබී ඇත්තීය. විවාහයෙන් පසුව ඈ චමින්ද වෙසෙන ඕස්ට්‍රේලියාව බලා පියාසර කිරීමට සූදානමින් සිටින බැව් පැවසීය.කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් ඔවුනගේ විවාහ මංගල්‍යය උත්සවයට ආරාධනා ලැබ සිටියහ.නවංජනාගේ රූපලාවන්‍ය කටයුතු බාරගෙන තිබුණේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම්ය. ඇගේ මල් කලඹ නිර්මාණය කර දුන්නේ ප්‍රවීණ ශිල්පී නිමල් අබේසිරිවර්ධනයි.චමින්දගේ ඇඳුම් ඉමිතියාස් විසින් නිර්මාණය කර තිබූ අතර මංගල කේක් ආකෘතිය නිම කොට තිබුණේ නියෝමාලි විසිනි.මංගල ඇල්බමයේ ඡායාරූපකරණය බාරගෙන තිබුණේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී උපුල් නිශාන්තයි.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මැතිතුමා සමඟනවංජනා සහ චමින්දනීතිඥඩග්ලස් සිරිවර්ධන, සබරගමු පලාත් මහ ඇමැති මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මැතිතුමන්විජේරත්න වරකාගොඩ යුවල සහ ජනනාත් වරකාගොඩ සමඟදියණියගේ මංගල උත්සවය යයි නොසිකා රොඩ්නි සමඟින් ප්‍රහසනයෙන් පැමිණ සිටි අමුත්තන් රස ආකරයකට නොපැකිලව ගෙනගිය විජය නන්දසිරිනවංජනාගේ ගීයට විජයත් - දේවිකාත් කාලෙකට පස්සේ නර්තනයකගිහාන් ප්‍රනාන්දු යුවල සහ රොෂාන් පිලපිටිය සමඟින්විශාරද එඩ්වඩ් ජයකොඩි ගීතයකින් ආරාධිතයන් පිනවමින්ඇන්ජලින් ගුණතිලක යුවල සමඟප්රවීණ ගායිකා ප්‍රදීපා ධර්මදාසතිරිමාදුර, ජානක වික්‍රමසිංහ යුවල, කුසුම් රේණු, ශ්‍රියන්ත සහ ‘මාතා’ චිත්‍රපට නිෂ්පාදක රුවන් ජයසිංහ සහ බිරිඳ සමඟලහිරු පෙරේරාගෙන් ‘රම්බරි කියපං නුඹ නොම්බරේ ...’දමිතා අබේරත්න සහ අනූෂා දමයන්ති එක්වසටහන සහ සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
සම්මතවලින් බැඳුණු භාරතයේ බොලිවුඩයට නම් කිසිදු තහංචියක් නැත. හාදුවෙන්, බිකිනියෙන් ඔවුන් සියලු සාම්ප්රදායයන් බිඳ දැමුවේ කලකට පෙරය. එය එසේ වුවත් තවමත් බිකිනියක් ඇඳීම යම් තරමක අභියෝගයකි. නව පරපුරේ සෝනක්ෂි සිංහ වැනි නිළියන් තමන් කිසි කලෙක බිකිනි අඳින්නේ නැති බව පවසන්නේ එනිසාය. කළු සුදු සිනමාව රජයන කාලයේ ‘ආවාරා’ සිනමාපටයේ නාර්ගිස් බිකිනියකින් සැරසී සිටි රූප රාමුව කෙතරම් සුන්දර වුවත් එයින් ඇතිවුණු කම්පනය සුන්දරත්වයට යටපත් කළ නොහැකි විය.වසර ගණනක් ගත වෙද්දී ප්‍රංශයේ දකුණු සහ ඉතාලි වෙරළ ගැහැනුන් සහ පිරිමින් බිකිනි ඇඳගෙන විවේකය ලබන නිදහස් භූමියක් විය. තිහේ දශකයේ නාන ඇඳුම ජනප්‍රිය වීමට පෙර ජනප්‍රිය වූයේ කබානායි. ලෝක යුද්ධ කාලයේදී ගැහැනු, පිරිමි අතර එකම මෝස්තරයේ නාන ඇඳුම ජනප්‍රිය විය. අප දැන් දකින නාන ඇඳුම් නිර්මාණය වූයේ පනහ දශකයේදීය.නූතන තාරකාවන් ක්ෂේත්රයේ ඉණි මඟ බවට බිකිනිය පත්කර ගෙන තිබුණ ද ජනප්‍රියත්වයේ හිනි පෙත්තේම සිටි අතීත තාරකාවෝ ද බිකිනියෙන් සැරසුණාහ. සයිරාබානු, මුම්ටාස් පමණක් නොව කරීනාගේ නැන්දණිය ෂර්මිලා තාගෝර් ද බිකිනියකින් සැරසී රඟපෑහ. ඔවුනගේ බිකිනි ඇඳි රුව රැගත් කවර සහිත සඟරා උණු කැවුම් මෙන් අලෙවි විය.ෂර්මිලා තාගෝර් බිකිනියකින් සැරසී පෙනී සිටිි සඟරාව ඉන්දීය පාර්ලිමේන්තුවේ පැය ගණනක් කතාබහට ලක් වූ මාතෘකාවකි. සත්‍යජිත් රායිගේ සිනමාපටවලින් සාම්ප්‍රදායික ඉන්දීය කාන්තාවකගේ ප්‍රතිරූපය ගොඩ නඟා ගත්, රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මී මිනිබිරියක් වූ ඇය ‘ඇන් ඊවිනිං ඉන් පැරිස්’ වර්ණ සිනමාපටයේ බිකිනියක් ඇඳ රඟපෑම මතවාදීන්ගේ මතභේදයට තුඩු දුන්නත්, රසිකයන් නම් එය වැළඳ ගත්තේ උමතුවෙනි.නිළි කාජල්ගේ ලොකු අම්මා, නූටාන් භාරත සිනමාවේ තවත් සාම්ප්‍රදායික චරිතයකි. එහෙත් ඇය ‘දිල්ලි කා තග්’ සිනමාපටයේ නාන ඇඳුකින් සැරසී රඟපා ඇත. භාරතයේ කඳු්රළු බිඳුව, මීනා කුමාරි ‘ෆුට්පාත්’ සිනමාපටයේ බිකිනියක් ඇඳ රඟපෑවේ ‘සුදෝ සුදු’ චරිතයක් ලෙස නම් දරා තිබියදීය.බිකිනිය ‘සරාගී බෝම්බය’ (සෙක්ස් බෝම්බ්) ලෙසින් නම් කෙරුණේ හැටේ දශකයේදීය. අමෙරිකානුවන් මුහුදේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් සමඟම මේ නව මෝස්තර ලෝකයේ ආකර්ෂණය දිනා ගත්තේය. සීනත් ආමන් ‘සරාගී බෝම්බය’ යන වචනයට පූර්ණ සාධාරණත්වයක් ඉටු කළාය. ඇය තිරයේ සරාගී දේව දූතිකාවක වූවාය. අයිශ්වර්යා රායිගේ ආකර්ෂණීයම බිකිනි දර්ශනය ඇතුළත් වූයේ ‘ඩූම් ‘ සිනමාපටයේයි. සමහර තාරකාවන්ගේ ගත සැකසී ඇත්තේම බිකිනි අඳින්නට සුදුසු පරිදිය.එව්ලින් ෂර්මා, ප්‍රියංකා චොප්රා ඒ අතරින් සුවිශේෂීය. අනුෂ්කා ෂර්මා, ඊශා ඩියෝල්, සෝනම් කපූර්ගේ බිකිනි දර්ශන නරඹන්නනගේ දෙනෙත්වලට රසඳුනක්ම විය. යට ඇඳුම් කර්මාන්තයේ දියුණුවට ද තරු සහ තාරකාවන් ස්තුතිවන්ත විය යුතුය. ගැහැනු පිරිමි දෙපිරිසේම පපු පෙදෙස පිරී, එසවෙන ලෙස තබන්නට මෙවැනි උපක්‍රම උපකාරී වෙයි. ‘ස්පෑන්ක්ස්’ පිරිමියකුගේ මාංසපේශී සහ කාන්තාවකගේ පිරුණු ළැම පෙදෙස සහ පපු පෙදෙස මොනවට පෙන්වන ඇඟට කිටි කිටියේ සිරවෙන යට ඇඳුම් විශේෂය අද තරු අතර ඉතා ජනප්‍රියය.ජෝන් ඒබ්‍රහම් වැනි කඩවසම් නළුවන්ට කිසිදු ගැටලුවක් නැතිව කඩවසම් බව තිරයේ ප්‍රදර්ශනය කළ හැකිය. හොලිවුඩ් නළුවන් පවා සිය කඩවසම් පුරුෂ දේහය ප්‍රදර්ශනය කිරීමට නොගන්නා උත්සාහයක් නැත. බොන්ඩ් තරුව, ඩැනියල් ක්‍රේග් සයුරේ ගිලෙන ජවනිකාවක් නිරූපනය කිරීමට සතියක් ඉතා තදින්ම පෝෂණ උපදේශකයකුගේ උපදෙස් අනුව ආහාර ගෙන තිබේ. මෙතරම් වෙහෙසක් ඔහු දරා ඇත්තේ මිනිත්තුවක ජවනිකාවක පෙනී සිටීමටය.තරුවලටත් වඩා බිකිනි දර්ශනවලට බොලිවුඩ් තාරකාවන් දක්ෂය. ‘බ්ලූ’ සිනමාපටයේ ලාරා දත්තා ද, බිපාෂා බාසු ද සිය සිරුරු මඟින් නාන ඇඳුම කෙතරම් හැඩකාර කර ඇත්දැයි බලන්න.වීනස් දෙවඟන පරදන බොලිවුඩ් තාරකා රතු, කළු, ඇසිඩ් කොළ, දීප්තිමත් කහ වැනි වෙරළට වඩාත් ගැළපෙන දීප්තිමත් වර්ණයන්ගෙන් සැරසී වෙරළේ සුන්දර ජවනිකා මවන විට කෙතරම් අපූරුද?සිනෙබ්ලිට්ස් ඇසුරිනිචම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
තුසිත් අල්විස් නව පරපුරේ ගායන ශිල්පියකි. එමෙන්ම ඔහු රංගනයෙන් ද ඉදිරිය දකින්නට අපේක්ෂාවෙන් පසු වෙයි. පසුගියදා තුසිත් තම දෙවැනි ගීතය වූ සඳරේණු හිනැහුනදා මාධ්‍යයට නිකුත් කරන ලදී.මෙය මගේ දෙවැනි ගීතයයි. එහි පද රචනය මගේ. සංගීත නිර්මාණයණ කළේ විකුම් ශ්‍රී සහ තුෂාර. මේක ඇත්තටම ආදරේ පිළිබඳ කියවුණ ගීතයක්. විරහව මේකේ නැහැ. මට හිතුණා යන රැල්ලට නොගිහින් සදාකාලිකවම පවතින ගීතයක් කරන්න.ඒ අදහස ඇතුවයි මෙහි පද රචනය කළේ. මචං ක්‍රියේෂන් සඳරේණු ගීතයෝ වීඩියෝව කළා. මේ දිනවල නාලිකා කිහිපයකින්ම එය දැකගත හැකියි. එමෙන්ම යූ ටියුබ් හරහා ද සංගීත ලෝලීන්ට ගීතය රස විඳින්න පුළුවන්. මගේ පළමු ගීතය වුණේ කඳුළක පාවි. එම ගීතයෙත් පද රචනය මගේ. මහින්ද බණ්ඩාර මහත්මයා ඊට සංගීත සංයෝජනය කරලා දුන්නා.සංගීත කටයුතු කරන අතරතුර මං රංගනයේද යෙදෙනවා. මේ වන විට මා මහේන්ද්‍ර පෙරේරා සහ සුගත් සමරකෝන් යන මහත්වරුන් යටතේ රංගනය හදාරනවා. ඔවුන්ගේ අනුදැනුම යටතේ නිර්මාණ කිහිපයකටම එකතු වුණා. ඇහැළේපොළ කුමාරිහාමි ඒ අතරින් විශේෂයි. ඒ වගේම මේ දිනවල ෆේස් බුක් නාට්‍යයේ ද රංගනයේ යෙදෙනවා.මේ සියලු කලා කටයුතු කළත් මං වෘත්තියෙන් ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්. නමුත් සංගීතයෙන් සහ රංගනයෙන් හොඳ දුරක් යන්න ඕනෑ. එහෙම හිතාගෙනයි කලා කටයුතුවල යෙදෙන්නේ. මගෙත් එක්ක යාළුවො කිහිප දෙනෙක් එකතු වෙලා මියුසික් වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් පටන් ගත්තා. එමඟින් අලුත් පිරිසට අත දෙන්නත් හිතාගෙන ඉන්නවා. තව නොබෝ දිනකින් මගේ තෙවැනි ගීතයත් රසික රසිකාවන්ට රස විඳිය හැකියි. එය ඔය ඇස් දෙක මගේම වෙලා යනුවෙන් නම් කොට තිබෙනවා.මේ තුසිත්ගේ දුරකතන අංකයයි. 0776382897.සටහන – ප්‍රසාද්
|
CREATIVE
|
මියුසික් ෆෙස්ටිවල් එහෙමත් නැත්නම් සංගීත ප්‍රසංග ලෝකයෙ සුලභව හමුවන දසුනක්.නමුත් මේ ප්‍රසංග සිරිය ලංකාවට ආගන්තුකවූවක්. මැත කාලයේ කලම්බො මියුසික් ෆෙස්ටිවල් ජැෆ්නා මියුසික් ෆෙස්ටිවල් හමුවන්නේ මේ සැණකෙළි සිරිය අපට ලංකරලමින්.ඒ වටා රොක්වූ ජනතාව මේ සංගීත පිපාසාව පිළිබද කදිම නිදසුනක්. ලෝක සංගීතය මෙන්ම දේශීය සංගීතය අපට ගෙනෙන තවත් බහු සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත සංගීත ප්‍රසංගයක් මේ මස 27සහ28 ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.ගැලිඕන් ජාත්‍යන්තර සංගීත ප්‍රසංගය- ලෝක සවාරිය 2013 ලෙස නම් කළ මෙම උළෙල පිළිබද ගැලිඕන් පෞද්ගලික ආයතනයේ උප සභාපති ගිහාන් කණිෂ්ක පෙරේරා මහතා සමග කළ සංවාදයකි මේ.මුලින්ම මේ කටයුත්ත ගැන කතාකරමු.නොමිලයේ නැරඹිය හැකි ප්‍රාසංගික සංගීත ප්‍රසංගය මේමස 27,28 දෙදින ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙනවා.මේ ප්‍රාසංගික සංකල්පය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකික සංගීත ලෝලී ජනතාවට සහ විදේශීකයන් සදහායි. මේ සදහා ශ්‍රී ලංකාවෙ,ඉතාලියෙ,ඉන්දියාවෙ සංගීත කණ්ඩායම් සහ සංස්කෘතික අංගයන් විදහාපාන නර්තන කණ්ඩායම් ද සහභාගි වෙනවා.යුරෝපයේ සහ ශ්‍රී ලංකා වෙ වෙබ් අඩවි ඹස්සේ සජීවීව විකාශය කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙන අතර ගාලුමුවදොර පිටියේ යෝධ තිර සවිකර නැරඹීමේ පහසුවද සලස්වා තිබෙණවා.මේ සදහා ආරක්ෂාව,සෞඛ්‍ය පහසුකම් සලසා තිබෙණවා.එන්න ඇවිත් රස විදින්න සංගීත ලෝලී සැමට ආරාධනා කරනවා.සංගීත රාත්‍රිය වර්ණවත් කිරීම සදහා සහභාගි වන කණ්ඩායම් මොනවද?චන්න උපුලි නර්තන කණ්ඩායම භාතිය සන්තුෂ් ඇතුළු කණ්ඩායම,සරිගම සංගීත කණ්ඩායම , බයිල කණ්ඩායම දෙරණ ඩ්රීම්ස්ටාර්ස් උදේශ් සහ උපේක්ඛා ශ්‍රී ලංකාවෙන් සහභාගි වෙනවා.අවිජිත් සමග බොලිවුඩ් නර්තන ශිල්පීන්,ද ඩුවෝ සංගීත කණ්ඩායම සහ කලාකරුවන් රැසක් ඉන්දියාවෙන් සහභාගි වෙනවා .නියුමක්,ඩුවල් ඩ්රම්මර්ස්,රිප්සෙල්,රයිඩ්ඔන් සංගීත කණ්ඩායම් ඉතාලියෙන් සහභාගි වෙනවා.ශාස්ත්‍රීය,පොප්, හිපොප් ,මෙටල් ෆන්රොක්,හාඩ්රොක්,පෘකෂ්න් ස්ටයිල්,සොෆ්රොක්,ජෑස් ,ක්ලැසික් වැනි සංගීත ශෛලීන් එකම වේදිකාවකදී රසවිදිමට හැකිවීමේ දුර්ලභ අවස්ථාවක් අපේ සංගීත ලෝලිනට ලැබෙනවා.ගැලිඕන් සමාගමෙන් මෙවැන්නක් ලංකාවෙ පැවැත්වීමේ අරමුණ කුමක්ද?ප්‍රධානතම අරමුණ වෙන්නෙ හැමෝටම සතුටු වියහැකි ඉතාමත්ම හොද සංගීත රසාස්වාදයක් ලබාදීමයි.ඉතාලියෙ ව්‍යාපාරික ආයතන කිහිපයක් මේ සදහා අනුග්‍රහය දක්වනවා.මෙයින් ලැබෙන ලාභයෙන් සියයට 10ක් ඉතාලියේ පිහිටි පෝල් නියුමන් අලගයියා පදනමට පවරා දෙනවා.මේ අයගෙ අරමුණ ලෝකයෙ පිළිකා රෝහල්වල සංවර්ධනය හා අනෙකුත් කටයුතු සදහා උදව් කිරීම.තුන්වෙනුව ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු අතර සම්බන්ධතා ගොඩනැගීම සහ විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම.හතර වෙනුව ආධුනික කලාකරුවන්ට,වාදන,ගායනා,නර්තන ශිල්පීන්ට ඒ අයගේ දක්ෂතා ලෝකයට විදහා දැක්වීමට අවස්තාව සලසා දීම අප ආයතනයේ අරමුණු වේ.ඉතාලියනු සමාගමකට අයත් ගැලිඕන් සමාගම ලංකාවේ පිහිටු වීමේ අරමුණ පැහැදිලි කළොත්?ශ්‍රී ලාංකාවේ හා ඉතාලියේ පිහිටුවා ඇති ගැලිඕන් ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයේ සභාපති ධුරය දරණ්නේ ශ්‍රී ලාංකිකයකු වන ජෝජ් නියුමන් අලගයියා මහතායි.අපේ ආයතනයෙන් කෙරෙන්නේ සංගීත ප්‍රසංග සංවිධානය කිරීම.ලංකාවෙ රෝහලකට පිළිකා වාට්ටුවක් ඉදිකරදීම,අපේ රටට ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධිකරණය සදහා මැදිහත් කරුවකු ලෙස කටයුතු කිරීම අපේ අරමුණයී.තිස්ස ධම්මික
|
CREATIVE
|
සාරංග මෙන්ඩිස්ගේ අධ්යක්ෂණයක්චිත්රපටගත වූ නවකතා අතරට එක්වන අලුත්ම නවකතාව සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේ මා’යි.එය සිනමා පටයක් බවට පත් කෙරනුයේ සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙනි.මේ වන විට එහි තිර පිටපත සකස් වෙමින් පවතියි. රංගන ශිල්පීීන් තෝරා ගැනීම ද සිදු වෙයි.මෙහි රූගත කිරීම් තව නොබෝ දිනකින් ඇරැඹීමට නියමිත අතර ඉන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ජපානයේදී සිදු වන බව අධ්යක්ෂ සාරංග වැඩිදුරටත් පවසා සිටියි.අලුත්ම චිත්‍රපටයටත් රංගන වරම්සුනිල් ටී. ප්‍රනාන්දුගේ නවතම සිනමා කෘතිය දරුවනේ අද සිට ඊ. ඒ. පී. මණ්ඩලයේදී තිරගත වීම ඇරැඹේ. එය වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි.ලංකාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිපද වූ සුනිල් ටී. සිය පණස්පස් වැනි සිනමා කෘතියට මේ දිනවල සූදානම් වෙයි.සුදේශ් වසන්ත පීරිස් එම සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතය. තවමත් පෙර නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින මෙහි ප්‍රධාන චරිත රන්ජන් රාමනායක, සනත් ගුණතිලක සහ බන්දු සමරසිංහ දැනට තෝරාගෙන ඇත.සුනිල් ටී. ගේ මෙම නවතම සිනමාපටය ඔස්සේ නවක රංගන ශිල්පිනියන් දෙදෙනෙකුª සිනමාවට හඳුන්වා දීමට ඔහු අදහස් කරයි.ඒ සඳහා අයැදුම්පතක් මෑතකදී ගත් සේයාරුවක් මෙම ප්‍රවෘත්තිය සමඟ රංගනයට වරම සුනිල් ටී. ප්‍රනාන්දු, සරසවිය බාරේ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවීමෙන් මෙහි මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගි විය හැකිය.සාර්ක් චිත්‍රපට දිනය වෙනුවෙන් මාල දිවයින නියෝජනය කරමින් අබ්දුල් ෆතාහ් ගේ ‘ලව් ස්ටෝරි’ චිත්‍රපටය ලබන 27 වැනිදා රාත්‍රී 7.00 ට කොළඹ, ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව්දී තිරගත කිරීමට නියමිතය.ජූලි මාසයේ සාර්ක් චිත්‍රපට දිනය වෙනුවෙන් මෙම චිත්‍රපටය තිරගත කෙරේ.- යතේජා ඥානරත්න
|
CREATIVE
|
වසර තිහක් පුරා දේශීය සිනමාවේ ජෝතිපාල ගැයූ දහස් සංඛ්‍යාත ගීතයන්ට සිය රංගනය මුහු කළ නළුවන් බොහෝය.ඔවුනගේ නම් පහත පළ වන්නේ ජෝතිට උපහාර ලෙසිනි.ආනන්ද ජයරත්න ප්‍රේම් ජයන්ත් එඩී ජයමාන්න ඩොමී ජයවර්ධන අශෝක පොන්නම්පෙරුම රිචඩ් ඇල්බට් (ටාසන්) සම්පත් ශ්‍රී නන්දලෝචන ඇන්තනි සී. පෙරේරා ගාමිණී ෆොන්සේකා ජෝ අබේවික්‍රම ටෝනි රණසිංහ විජය කුමාරතුංග එල්. එම්. පෙරේරා බැප්ටිස් ප්‍රනාන්දු බොනිපස් ප්‍රනාන්දු සේනාධීර රූපසිංහ ඔස්වල්ඩ් ජයසිංහ රෝයි ද සිල්වා රොබින් ප්‍රනාන්දු රවීන්ද්‍ර රන්දෙණිය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු බන්දු මුණසිංහ ෆේරඩී සිල්වා ස්ටැන්ලි පෙරේරා සනත් ගුණතිලක ජීවන් කුමාරතුංග ශෂි විජේන්ද්‍ර අජිත් ජිනදාස තිස්ස විජේසුරේන්ද්‍ර ලයනල් දැරණියගල කිත්සිරි පෙරේරා ජගත් රොහාන් සෙයින් සුහෙර් මර්වින් ජයතුංග විජය නන්දසිරි රෙක්ස් කොඩිප්පිලි වොලී නානායක්කාර දොන් සිිරිසේන ජයන්ත දාස් පෙරේරා නිහාල් සිල්වා විල්සන් කරුණාරත්න විමල් කුමාර ද කොස්තා ක්වින්ටස් වීරකෝන් ශ්‍රීනාත් බස්නායක තිලක් කුමාර රත්නායක සුදේශ් ගුණරත්නසමන් රවින්ද්‍රලාල් හෝමාගම (සරසවිය පාඨක)සුවිශේෂ සහාය - * මාලන් කරුණාරත්න * චන්දු ලියනආරච්චි * ගාමිණී පෙරේරා * සුගත් ප්‍රියන්ත
|
CREATIVE
|
මට මේ දවස්වල පොඩි මාමා ටෙලි නාට්‍යයේ සහ සිහින ටවුම, රිටිගල අභියස ටෙලි නාට්‍යවල ෂූටින් යෙදිලා තියෙනවා. ඊට අමතරව සූටි ගමරාළ සහ රයිගම් බණ්ඩා, හිස ගිනි ගත් ගැහැනියක් වේදිකා නාට්‍යවලටත් දායකත්වය ලබා දෙනවා.මේ දවස්වල තිරගත වෙන ඇහැළේපොල කුමාරිහාමි චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ඒ හැරුණාම අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ, රන් කිරුළ, බුද්ධි චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. කුසුම් චන්ද්‍ර ගමගේ ගේ ආත්ම වර්ෂා චිත්‍රපටය මම ළඟදීම දායකත්වය ලබා දුන් චිත්‍රපටයයි.
|
CREATIVE
|
තවමත් වසන්තය නිමා වී නැත. කුඹුකේ වලව්ව අවට පරිසරය වසත් සිරිය තවරා ගත් ආඩම්බරයෙනි. වලව්ව ඉදිරිපිට සුවිසල් අඹ ගස රාජකාරියක් බාර ගත් අවංක සේවකයකු වැනිය. වලව්ව දෙසට නැවුණු අත්තේ බැඳී ඔංචිල්ලාව මත ළමෝ සෙල්ලමේය. දැඩි නිහැඬියාවකින් වෙළි ගිය පරිසරය සියලු ශබ්දයන් පවා එකවර ඇසෙන තරමට නිස්කලංකය.ලිය කැටයමින් ඔපවත් වූ වලව්වේ ආලින්දයේ ඇය බර කල්පනාවකය. සුදු පැහැති ඇඳුමකින් සැරසුණ මේ තැනැත්තිය අහස දෙස බලමින් සිතුවම් මවන්නීය. තවත් වරෙක උපැස් යුවළ සීරුවට ගලවා කනප්පුව මත තබන ඇය මඳක් නිදහස් වන්නට දිගු සුසුමක් පිටමං කරන්නීය.ඔන්චිල්ලාව මත දඟ කරන දරුවන්ගේ සුන්දර කෑ මොරදීම ඇයට බාධාවක් නැති සැටියකි. මම ඇගේ දැහැන නොබිඳෙන්නට ආලින්දයට ගොඩ වුණෙමි.ඉන්ද්‍රාණි විජේසේකර . . .මේ සිංහල සිනමාවේ අලුත්ම අධ්‍යක්ෂවරියයි. ඈ අධ්යක්ෂවරියක බවට පත් කළේ ‘දුවන මුවන්’ චිත්‍රපටයයි. ගුරු භූමිකාව හෙබ වූ ඈ තමන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය සඳහා තෝරා ගන්නේද ඉංග්‍රීසි අධ්‍යාපනය හා ඒ වටා ගෙතුණ කතාන්දරයකි. ඉංග්‍රීසි අධ්‍යාපනය හැදෑරීම තමාගේ ජීවිතය බවට පත් කර ගත යුත්තේ කෙසේද යන්න මේ චිත්‍රපටය මනාවට සංයමයෙන් කතා බහ කරයි. මෙහි තිර රචනය ද ඉන්ද්රාණිගේමය.ඇය නිස්කලංක අධ්යක්ෂවරියකි. එබැවින් දර්ශන තලය පුරාවට පැතිරී ඇත්තේ නිස්කලංක බවක්.‘ඉතිං . . .’මම නිහඬතාව බිඳ දැමුවෙමි.‘ගොඩක් හොඳයි. සන්තෝෂයි. මම අලුත් කෙනෙක් හැටියට මෙතනට ආධුනිකයි. ඒත් මේ චිත්‍රපටයේ ඉන්න පිරිස මේ කටයුත්තට හොඳ සහායක් දෙනවා. ඉන්ද්‍රාණි පවසන්නේ සැහැල්ලුවෙනි. වෙනස්ම කතා තේමාවක් ගත් චිත්‍රපටයක් වන දුවන මුවන් හි අමර ලෙස සියුම් චරිතයක් බාරව ඇත්තේ උද්දික ප්‍රේමරත්නටය. ඔහු වලව්වේ එක් කොනකට වී බර කල්පනාවකය. වෙනදා උද්දිකගේ පැහැසර කෙළිලොල් බව අද නැත. ඔහු හැඟීම්බරවය. ඔහු චරිතයට ආරෝපණය වූ සෙයකි. උද්දික මෙම චිත්‍රපටයේ මවන්නේ පියකුගේ චරිතයකි. ඒ උද්දික ප්‍රථම වරට තිරයේ පියකු බවට පත්වන්නේ මෙම චිත්‍රපටයෙනි.නැවත වලව්වේ මැද මිදුලට පැමිණෙමින් සිටි අපට මුහුණට මුහුණ හමු වූයේ මොරීන් චාරුණීය. ඉතා අලංකාර ඔසරියකින්සැරැසුණු ඈ තවමත් සෝදිසි ගමනකය.‘කෝ මේ තාත්තයි දුවයි . . .’චිත්‍රපටයේ රඟපෑමක් ලෙසට ඈ විපරම් කරන්නීය.මැද මිදුලට මඳක් ඈතින් තාත්තෙකු සහ දුවක කතාබහකය. තාත්තා නිශ්ශංක දිද්දෙණිය බව හඳුනා ගත්ත ද දෝණි කවුරුන්දැයි නිනව්වක් නැත.‘ඒ ඇත්තටම තාත්තයි දුවයි. නිශ්ශංක අයියගෙ දුව තමයි අර ඉන්නේ. පබසරා. එයා මේ ෆිල්ම් එකේ මේන් රෝල් එකක්. පළමුවැනි රඟපෑම.මොරින් පබසරා හඳුන්වා දෙන්නේ හරිම අපූරුවටය. ඒ හඳුනා ගැනීම අතරතුරදී හිටි හැටියේ අපගේ සාකච්ඡාව අතට පැමිණියේ ඩොනල්ඩ් ජයන්තය. ඩොනල්ඩ් දර්ශන තලයට ප්‍රකට කථාකරුවෙකි. සංවේදී කතා, සත්‍ය කථා මෙන්ම අසභ්‍ය කථා ගොතන්නට ඩොනල්ඩ් නම් දැරූවෙකි. ඩොනල්ඩ්ගේ කථා රස විඳිමින් ඊළඟ මොහොත අප වෙන් කර ගත්තේ මේ නිර්මාණයට දායක වූ පිරිසෙහි සමූහ ඡායාරූපයක් ලබා ගැනීමටය.වලව්වේ කෙළවරේ නවතා තිබූ පැරැණි කාර් රිය දුටු අප තීරණය කරනු ලැබුවේ පිරිස එම කාරය වටා තබා ඡායාරූපයක් ගැනීමටය. නමුදු සියල්ලෝම පිරී ගිය පසු කාර් රිය පෙනෙන්නේ නැත.‘ෆොටෝ එකේ අපි කාර් එකක ඉන්නව කියල නියමෙට පෙනේවි. හරියට මී වදේ වට කර ගත්තුª මී මැස්සො වගේනෙ අපේ කට්ටිය කාර් එක වට කළේ’. ඒ අශෝක ආරියරත්නය.දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ මෙවර ජනප්‍රියතම තරුව වූ කෞෂල්‍ය නිර්මාණ ‘දුවන මුවන්’ හි ප්‍රධාන චරිතයකි. ඒ මේ අත දඟ කරමින් ඔන්චිල්ලාවේ එල්ලෙමින් කෞෂල්‍ය දර්ශන තලයේ නිහැඬියාව බිඳ දමයි. ඒ අතර කෞෂල්‍ය පබසරාට ද ඔන්චිලි පදින්නට ඇවිටිලි කරයි. නමුදු ඒ ඔන්චිල්ලාව පැදීමේ ආනිසංස හොඳ හැටි අවබෝධ කර ගත් පබසරා ඊට කැමැත්තක් නොමැති බව නොපෙන්වා පුංචි දරුවන් සමඟ සෙල්ලමේය.මේ අතරතුර ඇතැම් දර්ශන රූගත වන්නේ කාට හෝ නොදැනෙන ගාණටය. පැය කිහිපයක් ගෙවී ගිය ද අපට ද මහන්සියක් නොමැති ගානය.නමදු දැන් යා යුතුය.මේ දර්ශන තලයෙන් නික්මිය යුතුය.කතාව, දෙබස් සහ තිර රචනය – ඉන්ද්‍රාණි වීරසේකර සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත නිෂ්පාදනය – මමෝ වීරසේකර කැමරා අධ්‍යක්ෂණය – ආයුෂ්මන්ත හෙට්ටිආරච්චි කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක වේශ නිරූපණය - ඉන්දික උදාර ලංකා නිෂ්පාදන කළමනාකරණය - අසෝක ආරියරත්න සංගීතය – ධනේෂා ගයාත්‍රි කේමදාස රංගනය - සනත් ගුණතිලක, නිශ්ශංක දිද්දෙණිය, මොරින් චාරුණී, චාන්දනී සෙනෙවිරත්න, උද්දික ප්‍රේමරත්න, පබසරා දිද්දෙණිය, කෞෂල්‍ය නිර්මාණචතුර ගීතනාත් බණ්ඩාර ඡායාරූප – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ස්ලිට් එකේ කෙරෙන ඉගැන්වීම් කටයුතුත් එක්ක දවස ගත වෙනවා.ඒත් සමඟම රෙජිනෝල්ඩ් ජයමාන්නගේ ටෙලි නාට්‍යයක වගේම සාරංග මෙන්ඩිස්ගේ ටෙලි නාට්‍යයත් රූගත කිරීම් ආරම්භ කරලා තිබෙන නිසා මම තරමක් මේ දවස්වල කාර්යබහුලයි.
|
CREATIVE
|
සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන ඇහැලේපොළ කුමාරිහාමි ඓතිහාසික සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය මෙහිදීී ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූ අතර මාදුලුවාවේ සෝභිත හිමි ප්රමුඛ මහා සංඝරත්නය ද මේ සඳහා ආශිර්වාදය ලබා දීමට වැඩම කොට සිටියේය.ගයාන් රණධීරගේ නිෂ්පාදනයක් වන ඇහැලේපොළ කුමාරිහාමි සඳහා පාදක වනුයේ ඇහැලේපොළ කුමාරිහාමි නම් ඉතිහාසගත චරිතයයි. දුලානි අනුරාධා ඊට පණ පොවනු ඇත.ජැක්සන් ඇන්තනී, ලකී ඩයස්, බුද්ධදාස විතානාච්චි, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, අනුර ධර්මසිරිවර්ධන, විනු සිරිවර්ධන, සාරංග දිසාසේකර, සරත් දික්කුඹුර, ප්‍රමුදිත උදය කුමාර, ස්ටැන්ලි ඛ්2ෂ්ණරත්න, ලලිත් රාජපක්ෂ, ක්‍රිස් හැරිස්, සුසිල් පෙරේරා, සුගත් විජේසේකර ඇහැලේපොළ කුමාරිහාමි හි නළු නිළි පිරිවරයි.කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂවරයාය. ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදන කළමනාකරණයකි. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියාය. ධම්මික හේවාදූවගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, සනත් රණවීර කොණ්ඩා සැකසුමෙන් ද ඇහැලේපොළ කුමාරිහාමි හැඩ කරයි. සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ
|
CREATIVE
|
ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සමනළ සංධ්වනිය සිනමාපටය තිරගත කොට පසුගිය දිනට දින සියය සපිරිණි. ඉහළ ආදායමක් උපයමින් ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් දිනාගත් එහි අඩංගු ගීත ද අතිශය ජනප්‍රියත්වයක් ලැබීය. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ඉන් විශේෂිතය.රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ සමඟ පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ මෙහි උද්දික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම, රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානආරච්චි, පුබුදු චතුරංග, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, විල්සන් ගුණරත්න, රොෂාන් පිලපිටිය, රෙබෙකා නිර්මාලි, චංචලා වර්ණසූරිය, දිමුතු චින්තක, උදිත ගුණරත්න, රාජා ගනේෂන්, ශිරානි කොස්තා ඇතුළුව හඳුන්වා දුන් සූර්යා සඳරුවන් සහ බුද්ධිනී පූර්ණිමා රංගනයේ යෙදෙති.ජැක්සන් ඇන්තනී, අනර්කලී ආකර්ෂා, චන්න විජේවර්ධන, බුද්ධික ජයරත්න විශේෂ ආරාධිත රංගනයෙන් දායක වෙති.
|
CREATIVE
|
අයිශ්වර්යා රායි ‘ජස්බා’ රඟන්නට එකඟ වූයේ ඇයි ද යන්න දැන් රහසක් නොවෙයි. ඒ අභිෂේක් බච්චන් ද එහි කොටස්කරුවකු නිසයි.සංජේ ගුප්තාගේ ක්‍රියාදාම සිනමාපටය වන ‘ජස්බා’ 2015 වසරේ ජනවාරි මාසයේදී තිරගත කිරීමට නියමිතයි. තම පැරැණි මිතුරා වූ අභිෂේක්ට සංජේ පිටපත මුලින්ම පෙන්වා තිබේ. ඔහු එහි රඟපෑමට එකඟ වී නිළි චරිතයට තෝරා ගෙන ඇත්තේ කවුරුන්දැයි විමසා තිබේ. ‘අයිශ්වර්යා’ නම් කදිම බව අධ්යක්ෂවරයා එවිට පවසා ඇත. අභිෂේක් අයිශ්වර්යාට පිටපත පෙන්නූ පසු ඇය ද මනාපය පළ කිරීම නිසා සංජේ සිටින්නේ බලවත් සතුටකිනි. මෙහි ඉර්ෆාන් ඛාන් ද රඟයි. ජෝන් ඒබ්‍රහම් කෙටි දර්ශනයකට පෙනී සිටිනු ඇත.අයිශ්වර්යා නීතිඥවරියක ලෙස රැඟීමට නියමිතයි. සිනමාපටයේ ආදර කථා නැතිමුත්, අවසානයේදී නීතිඥවරිය සහ ඉර්ෆාන්ගේ චරිතය අතර පසුව ආදරයක් ඇති විය හැකි බවට කුකුසක් ප්‍රේක්ෂකයන්ට ඇති වන බව සැකහැර අධ්යක්ෂවරයා පවසයි. මෙය විදෙස් සිනමාපටයක කොපියක් වුව ද, එම මුල් සිනමාපටයේ නම එළි කිරීමට සංජේ අකැමැතිය.
|
CREATIVE
|
සුෂිලා මල්ලිකාආරච්චි ජනප්‍රිය ප්‍රවීණ නර්තන ආචාර්යවරියක්. හඳපාන, සුහද දිවි පිදුම, ධීවරයෝ, දෙයියන්ගේ රටේ, ප්‍රාර්ථනා, චන්ඩාලි වැනි චිත්‍රපට නර්තනයෙන් අලංකාර කළ ඇය මන්දෝදරි වේදිකා නාට්‍යයෙන් හොඳම නිළිය ලෙස ද පිදුම් ලැබුවාය.ඇයගේ සැමියා වන ලයනල් මල්ලකාආරච්චි ද දක්ෂ කලාකරුවෙක් මෙන්ම නවකතාකරුවෙකු ද වේ. සුෂිලා - ලයනල් යුවළ දැනට ප්‍රංශයේ පැරිස් නගරයේ ජීවත් වෙමින් අපේ රටේ කලාව ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් අතරට ගෙන යමින් එහි පැවැත්මට ඇප කැප වී කටයුතුª කරති.සුෂිලා මල්ලිකාආරච්චි මහත්මිය පණීභාරත, හීන්බබා ධර්මසිරි, චිත්‍රසේන, සුකුමාල් නායර් වැනි ප්‍රවීණ නර්තන ගුරුවරුන් යටතේ උඩරට, පහතරට සහ භරත නර්තන කලාවන් ප්‍රගුණ කළාය.අවිස්සාවේල්ල රත්නාවලි බාලිකා පාසලේ නර්තන ආචාර්යවරියක ලෙස කලක් සේවය කිරීමෙන් පසු විවාහයෙන් අනතුරුව විදේශගත වූවාය. දැනට ප්‍රංශයේ පැරිස් නගරයේ ජීවත් වෙමින් මෙම නර්තන ගුරුවරිය ශ්‍රී ලාංකික දරු දැරියනට නර්තන පුහුණුව නොමිලයේ ලබා දෙමින් සිටියි. මෙවැනි කැප කිරීම් හමුවේ ප්‍රංශයේ පැවැති සෙක්සා සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට ද ඇය වාසනාවන්ත වූවාය.ලයනල් මල්ලිකාආරච්චි මහතා ද මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරයි. ඔහු මේ වන විට ප්‍රංශයේදී ජෝති උපහාර ප්‍රසංග රැසක් පවත්වා ඇත.නවකතාකරුවකු ලෙසින් ගම් දෙකක් අතර දෝලනය වන මිනිස් චරිත විකාශයන් ඇතුළත් ‘දෙගම්දොර’ නම් නවකතාව දොරට වැඩීය.තවද එච්. ආර්. ජෝතිපාලයන් හට උපහාර පිණිස ඔහුගේ ගීත 21 ක් තම හඬින් ගයා සංයුක්ත තැටියක් නිර්මාණය කර නොමිලයේ බෙදා හැරීමට ද මල්ලිකාආරච්චි මහතා කටයුතු කළේය. මව්බිමෙන් දුරස් වුව ද මල්ලිකාආරච්චි යුවළ අපේකම රැකෙන පරිදි ප්‍රංශයේ පැරිස් නගරයේ සිට අපේ කලාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරති.
|
CREATIVE
|
‘ආදරය’ නින්ද සොරා ගනියි. එහෙත් විවාහය සුව නින්දකට මඟපාදයි. එවැනි සිතිවිල්ලක් ඇති කරන්නේ අන් කිසිවකු නොව බොලිවුඩ් තාරකාව විද්‍යා බාලන්ය.අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන් මෙන්ම විද්‍යා බාලන් ද නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා වින්දාය. මහ ගෙදර සිටියදී ඇය රාත්‍රී කාලය ගත කළේ තිර රචනා කියවමින්, රූපවාහිනිය නරඹමින් හෝ මිතුරු මිතුරියන්ට එස්. එම්. එස්. යවමිනි. එහෙත් විවාහය සියල්ල වෙනස්කර ඇත.විද්‍යා සැමියා සිද්ධාර්ත් රෝයි කපූර් සමඟ රාත්‍රී දොළහට පමණ නින්දට යති. රාත්‍රියට රූපවාහිනිය නැරැඹීමට, අවදි වී සිටීමට දැන් ඇයට කොහෙත්ම කැමැත්තක් නැත. ‘මගේ ඉන්සොම්නියා (නින්ද නොයාමේ රෝගී තත්ත්වය) සැබැවින්ම විවාහයෙන් සුවපත් වුණා.’ ඇය පවසන්නේ සතුටිනි.මේ අතර විද්‍යා ගැබ්ගෙන ඇති බවට රාවයක් ද ක්ෂේත්රය පුරා පැතිරිණි. කට කතාවට මුල් වී ඇත්තේ ඇය නිතර රෝහලට යාමයි. සමහර ගමන්වලදී විද්‍යාගේ පවුලේ අය ද සහභාගි වී තිබේ. එහෙත් තමන් ගැබ්ගෙන නැති බව විද්‍යා තරයේම පවසන්නීය. සායනවලට සහභාගි වෙනවායි සිතීම සැබෑම විහිළුවක් බව විද්‍යා කියන්නේ ඕපාදූප සොයන්නන් ගැන නොමනාපයෙනි.
|
CREATIVE
|
නරේන්ද්‍ර මෝදිගේ විජයග්‍රහණය සමඟ බොලිවුඩයේ සුපිරි තරු ගණනාවකගේ කාන්තිය තව තවත් වැඩි විය. නව අගමැති මෝදිට බොලිවුඩයෙන් කැබිනෙට්ටුවට සාමාජිකයන් තෝරා ගැනීමට ලැබුණොත් ඔහු තෝරා ගනු ඇත්තේ කවුරුන් ද?මෝදි සිනමාවට ඉතා ළැදිය. සල්මන් ඛාන්, අක්ෂේ කුමාර්, අජේ දේව්ගන් වැන්නෝ හිතවතුන් අතර සිටිති. කොංග්‍රසයේ බල කණුවක් වූ මෙගා තරුව අමිතාබ් බච්චන් මෝදිගේ රජයේ සංචාරක ව්‍යාපාරයේ යෝධ බල කණුවක් වනු ඇත. කැබිනෙට්ටුවේ ඔවුන්ට හිමිවනු ඇත්තේ කුමන ඇමැතිකම් ද?ස්වදේශ කටයුතු ඇමැති ධූරය, කරුණාවන්ත, ඒ වාගේම සැර, කෙළින් කථා කරන, බෙංගාලි ව්යාඝ්ර ධේනුවක සේ ගොරවන, මුරණ්ඩු ජයා බච්චන්ට පිරිනැමෙනු නිසැකය.ආරක්ෂක ඇමැතිට සල්මන් ඛාන්ට වැඩි සුදුස්සෙක් නැත. දක්ෂ නවකයන් හඳුනාගෙන කල එළියට ගෙන එන ඔහු ඔවුන්ගෙන් බල හමුදාවක්ම තනනු ඇත. එක් පහරකින් මිනිසුන් සිය ගණනක් තිරයේදී බිම හෙළන ඔහුට නිල ඇඳුම ද නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. අසල්වැසි රටවල් සමඟ සල්මන්ගේ පවතින සුහදත්වය ද ඔහුට මේ තනතුර ලැබීමට ඇති තවත් සුදුසුකමකි.ෂාරුක් ඛාන් බාහිර කටයුතු ඇමැතිවරයා වීමට අවශ්‍ය බොහෝ සුදුසුකම් සපුරා ඇත්තෙකි. එමිරේට්ස් ඔහුට දෙවැනි නිවෙස බඳුය. යුරෝපයේ ද ෂාරුක්ට රසිකයන්ගෙන් අඩුවක් නැත. කම්මුල් වළ ගැසෙන සිනාවෙන් ඔහුට අවනත කර ගත නොහැක්කේ කුමක් ද? රජ ඛාන් ලෝකයත්, ඉන්දියාවත් අතර සාම පාලම ඉදි කිරීමට සිටින හොඳම පුද්ගලයාය.මුදල් ඇමැති නම් නිවැරැදි සිනමාපට අකුරටම නිවැරැදිව තෝරා ගන්නා අමීර් ඛාන්ය. මහජනතාවට ඔහුගේ වෙළෙඳ නාම ගැන ඇත්තේ පූර්ණ විශ්වාසයකි. ස්ථිරවම ඔහු රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂණය කරනු ඇත.අක්ෂේ කුමාර් බොලිිවුඩයේ ශක්තිවන්තයාය. ක්‍රීඩා ඇමැති ලෙස ඔහුට බොහෝ දේ කළ හැකිය. ක්‍රිකට්වලට අමතරව අනෙක් ක්‍රීඩා ද ඔහු නිසා පණ ලබනු ඇත. නිරෝගී ජාතියක් ගොඩ නගන බව ද ස්ථිරය.දුම්රිය ඇමැති ධූරයට ඉම්තියාස් අලි සුදුසුකම් ලබන්නේ ජබ් වී මෙට්, ලව් ආජ් කල් වැනි සිනමාපටවලින් දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඔහු පවත්වන සබඳතාව පෙන්නූ නිසයි. නිතරම දුම්රියේ ගමන් කරන ඔහුට ඇමැති ධූරය කිසිදු ගැටලුවක් නොවනු ඇත.කරන් ජොහාර් සංචාරක ඇමැති ධූරයට ඔබින්නේ යුරෝපයේ, අමෙරිකාවේ පවා තම සිනමාපට ප්‍රවර්ධනය කරන නිසයි. විදෙස් රටවල රූගත කිරීම්වලට පියා යාෂ් චොප්රා මෙන් නිතර ගුවනින් යනෙන ආදිත්‍ය චොප්රා ගුවන් කටයුතු ඇමැති ධූරය හෙබවීමට සුදුසුකම් ලබා ඇත. සමාජ සාධාරණ ඇමැති ධූරය නිතරම කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නඟන ෂබානා ආස්මිටයි. පරිසරයට ළබැඳි සෝයා, පරිසර ඇමැති ධූරයට හිමිකම් ලබනු ඇත. තාක්ෂණය සහ සම්බන්ධීකරණය උදේ චොප්රාටත්, සංස්කෘතික ඇමැති ධූරය ගුල්සාර්ටත් හිමිවනු ඇත්තේ ඒ අංශවලට ඊට වැඩි සුදුස්සන් නැති නිසාය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
අරුමෝසම් වැහි සිනමාපටය නිර්මාණය කොට වසර දහ හතරකට පසු ප්‍රියන්ත කොළඹගේ සිය නවතම සිනමා කෘතියට මේ දිනවල සූදානම් වෙයි. දැනට ආදරණීය කතාවක් යනුවෙන් නම තබා ඇති මෙය චරිත හතරක් වටා ගෙතෙන සංගීතමය ආදර කතාවකි. හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි මේ වන විට චිත්‍රපටය සඳහා තේරා ගෙන සිටියි.ප්‍රියන්ත කොළඹගේ ගේ කතා සංකල්පය ඔහු සමඟ රුවනි චාමිකා තිර රචනා කොට ඇත. උදාර සමරවීර සංගීතය අධ්‍යක්ෂණය කරයි. කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, චිත්‍රාල් සෝමපාල (චිටී) ගායනයෙන් දායක වෙයි.ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. නලීන් ප්‍රේමතිලකගේ අංග රචනයකි. මංජුල අයගම කලා අධ්‍යක්ෂවරයාය. පුෂ්පකුමාර රාජගුරු කැමරාව මෙහෙයවනු ලබයි. නිලාර් එන්. කාසිම්, උපුල් ශාන්ත සන්නස්ගල, ප්‍රියන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ ගීත රචකයෝය.ආදරණීය කතාවක් චමින්ද ගමගේ සහ ප්‍රියන්ත කොළඹගේ නිෂ්පාදනය කරයි.ප්‍රසාද්
|
CREATIVE
|
දරුවන් ලෝකයට සම්පතක්. මේ දිනවල දරු සිහිනය මවන්නේ ජනප්‍රිය හොලිවුඩ් නිළි නිකොල් කිඩ්මන්. හැම මාසයකදීම ඇය ගර්භණීභාවය පිළිබඳ වූ පරීක්ෂණ සිදුකරනවාලු. “මට තවත් දරුවෙක් ලැබුණොතින් මම සතුටින් උඩ පනිනවා. ඒත් මට දැන් වයස අවුරුදු 47ක්. ඒ නිසා දැන් ඒ බලාපොරොත්තුව ඉටු වෙන එකක් නැහැ කියලත් හිතෙනවා. මගේ සැමියාත් තවත් දරුවෙක් බලාපොරොත්තු වෙනවා. ඒත් එයා සතුටින් උඩ පනින එකක් නම් නැහැ” ඇය අන්තර්ජාලයේ සඳහන් කර තිබුණා. ඇයගේ ආචිචි අම්මා නම් අවසන් දරුවා බිහි කර තිබුණේ වයස අවුරුදු 49දීයි.නිකොල් කිඩ්මන් දැන් දරුවන් සිව්දෙනෙකුගේ මවක්. ඇයට ටොම් කෲස් සමගින් වූ පෙර විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සහ කීත් අර්බන් සමගින් වූ දෙවැනි විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටිනවා.
|
CREATIVE
|
වසර තිහක් පැවති ජනවාර්ගික අර්බුදය නිමාවීමෙන් පසු අලුත් වෙමින් පවතින මෙරටෙහි ආර්ථික සහ සාමාජික ප්රවණතාවන් පිළිබඳ ලොව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව රොහාන් වැලිවිට ‘තිනෙත’ ටී. වී. නමින් රූපවාහිනී නාළිකාවක් ඇරැඹීමට මේවන විට කටයුතු සූදානම්කොට ඇත.ජාතික මට්ටමේ රූපවාහිනී නාළිකාවක විකාශය කෙරෙන වැඩසටහන් සියල්ලම පාහේ මෙමඟින් ප්‍රේක්ෂකයන්ට ලබාදීමට අපේක්ෂිතය. ඒ අනුව පුවත් සහ සංවර්ධන තොරතුරු ඇතුළත් කාලීන වැඩසටහන්, ටෙලි නාට්‍ය, සංගීතමය, ක්‍රීඩා සහ සජීවී වැඩසටහන් මෙහි විකාශය වනු ඇත. ලෝක රූපවාහිනී ප්රඥප්තියට මුළුමනින්ම අනුකූල වෙමින් මාධය ආචාර ධර්ම ආරක්ෂා වන ආකාරයෙන් මෙම වැඩසටහන් නිර්මාණය වීම ද තිනෙත හි විශේෂත්වයකි.තිනෙත ටී. වී. චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාව, යුරෝපය, මැද පෙරදිග සහ අපි‍්‍රකානු රටවල් ගණනාවක ආවරණය කෙරේ. එමෙන්ම මේ ඔස්සේ සිංහල, දෙමළ සහ ඉංගී්රසි යන භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.PROMISEDLAND‘ප්‍රොමිස්ඩ් ලෑන්ඩ්’ ගස් වැන් සන්ට් අධ්‍යක්ෂණය කළ නවතම හොලිවුඩ් චිත්‍රපටයකි. ඩේව් එගර්ස් තිර රචනය කළ මෙම චිත්‍රපටයේ වෙළෙඳ නියෝජිතයන් දෙදෙනෙකු වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් වේ. මැට් ඩමොන්, ජෝන් කරන්ස්කි, ෆාන්ස් මැක්ඩ්රොමාන්ඩ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ප්‍රොමිස් ලෑන්ඩ්’ මිනිත්තු 106 ක ධාවන කාලයකින් යුතු වේ.DJANGOUNCHAINEDඩිජන්ගෝ අන්චේන්ඩ් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. ක්වෙන්ටින් ට්‍රැන්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 165 ක ධාවන කාලයකින් යුතු වේ. ජෙමි ෆොක්ස්, ක්‍රිස්ටෝප් වොල්ට්ස්, ලියනාඩෝ ඩිකැප්රියෝ, කෙරී වොෂින්ටන්, සැමුවෙල් එල් ජැක්සන්, වෝල්ටන් ගොගින්ස්, ඩෙනිස් ක්‍රිස්ටෝපර්, ජේම්ස් රේමර්, මයිකල් පාර්ක්ස්, ඩොන් ජොන්සන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.MYUNCLERAFAEL‘මයි අන්කල් රෆායල්’ මිනිත්තු 102 ක ධාවන කාලයකින් යුතු හාස්‍යමය චිත්‍රපටයක්. මාර්ක් ෆස්කෝ විසින් අධ්‍යක්ෂණය කළ මයි අන්කල් රෆායල් හි ජෝන් මයිකල් හිගින්ස්, මිසි පෙයිල්, රැචෙල් බ්ලැන්වර්ඩ්, චාර්ලි චේකින් ප්‍රධාන චරිත නිරූපණය කරති.ONTHEROAD‘ඔන් ද රෝඩ්’ වොල්ටර් සෙලීස් විසින් අධ්‍යක්ෂණය කළ නවතම හොලිවුඩ් චිත්‍රපටයක්. ජැක් ක්රෙවොක් විසින් 1957 වසරේදී එළි දක්වන ලද ‘ඔන් ද රෝඩ්’ නවකතාව ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මිනිත්තු 137 ක ධාවන කාලයකින් යුතුවේ. සැමී රිලේ, හැරියෙට් හෙඩ්ලවුන්ඩ්, ක්‍රිස්ටීන් ස්ටෙවාර්ට්, ඇමි ඇඩම්ස්, ටොම් ස්ටුරයිඩ් රංගනයෙන් දායක වෙති.MIRRORMIRRORමිනිත්තු 106 ක ධාවන කාලයකින් යුතු ‘මිරර් මිරර්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ස්නෝ වයිට් නම් සුරංගනා චරිතය තේමා කර ගනිමින් නිර්මාණය කළ මිරර් මිරර් හි අධ්‍යක්ෂණය ටර්සෙමි සින්ග් විසිනි. ලිලී ;කාලින්ස්, ජුලියා රොබර්ට්ස්, අර්මි හාමර්, නාදන් ලැරේ, මරේ විනින්ග්හැම්, මයිකල් ලර්නර් මේ සඳහා දායකත්වය ලබා දෙති.BLOODMONEY‘බ්ලඩ් මනි’ ත්රාසකජනක හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. තරුණ යුවලක් වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් ‘බ්ලඩ් මනි’ විෂාල් මහන්ද්කාර් ගේ අධ්‍යක්ෂණයක්. කුනාල් ඛේමු, අම්රිතා පූරි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති.AFTER‘ආෆ්ටර්’ ත්‍රාසජනනක සිදුවීම් ඇතුළත් විද්‍යා ප්‍රබන්ධ හොලිවුඩ් චිත්‍රපටයක්. රයන් ස්මිත් අධ්‍යක්ෂණය කළ ‘ආෆ්ටර්’ චිත්‍රපටයේ ස්ටීවන් ස්ට්‍රෙයිට්, කැරොලිනා වයිඩ්රා, සැන්ඩ්‍රා ලාෆර්ට්, චේස් ප්‍රෙස්ලි, ජැක්සන් වෝල්කර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.JACK REACHER2005 වසරේදී එළිදැක්වුණ ලී චයිල්ඩ්ගේ ‘වන් ෂොට්’ නව කතාව ඇසුරින් නිර්මාණය වූ ‘ජැක් රීචර්’ ත්‍රාසජනක ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටය මිනිත්තු 130 ක ධාවන කාලයකින් යුතු වේ. අපරාධයක් පිළිබඳ කතා තේමාවක් ඇතුළත් වූ ජැක් රීචර් ක්‍රිස්ටෝපර් මාකාරිගේ අධ්‍යක්ෂණයක්. ටොම් කෲස්, රොසැමන්ඩ් පේක්, රිචඩ් ජෙන්කින්ස්, වර්නර් හර්සොග්, ඩේවිඩ් ඔයෙලොවෝ මේ සඳහා රංගනයෙන් දායක වෙති.යතේජා ඥානරත්න
|
CREATIVE
|
රවින්ද්‍ර පැස්කුවල්ළඟදීමගී නිර්මාණ එකතුවක්එළිදක්වනවා‘වෙල් එළියේ සඳ රැස් අතරින්ඔබේ රුව පෙනුණා රෑ යාමේඔබ ළඟ ඉන්නට ඔබ නළවන්නටමං පිං කර නෑ සුදු මැණිකේ’මේ අලුත්ම ගීතය ගායනා කරන්නේ පැස්කුවල් පරපුරේ සාමාජිකයෙක්. පැස්කුවල් කිව්වම මතක් වෙන්නේ පද්මසිරි පැස්කුවල්,කීර්ති පැස්කුවල්, මහේන්ද්‍ර පැස්කුවල්.මේ ගීතය නම් ඒ අය අතරින් කාගෙවත් නම් නෙවෙයි. මේ ගීතය ගායනා කරන්නේ රවින්ද්‍ර පැස්කුවල්. රවින්ද්‍ර මුලින්ම ගීතයකට දායකත්වය ලබා දීලා තියෙන්නේ කීර්ති පැස්කුවල්ගේ ‘රන්තරු පායන’ ගීතයටයි. ඒ කාලේ රවින්ද්‍රට වයස අවුරුදු 12 ක් විතර ඇති. මේ රවින්ද්‍ර පැස්කුවල් තමයි පත්මසිරි පැස්කුවල්ගේ පුතා. මහේන්ද්‍ර පැස්කුවල්ගේ අයියා වගේම කීර්ති පැස්කුවල්ගේ අයියාගේ පුතා. ඔහු කලා ක්ෂේත්රයේ නිහඬව රැඳී සිටියත් ළඟදීම අලුත් ගීත ගොන්නක් සමඟින් රසිකයන් හමුවට ඒමට සූදානම්. අපි ඒ ගැන රවින්ද්‍රගෙන් අහමු.මේ වන විටත් ගීත නිර්මාණ කීපයක්ම නිර්මාණය කර අවසන්. ඒ අතරින් ‘අතීතයේ සිතුවිලි’ ගීතය ‘ලක් එෆ්. එම්.’ ගුවන් විදුලි නාලිකාවේ මේ වන විට විකාශය කෙරෙනවා. ඊට අමතරව අන්තර් ජාලයේරධභබභඡඥ මඟිනුත් මගේ ගීත අසන්නට හැකියාව තිබෙනවා. ඒ සඳහා මේ වන විටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මගේ ගීත තැටියක් ලබන වසරේදී එළි දක්වන්නට බලාපොරොත්තු වෙනවා.ඔබේ කලා ජීවිතයේ ආරම්භය ගැනත් කියමු?මගේ පවුලෙන්ම මට ඒ හුරුව ලැබුණා. මුලින්ම සංගීතය ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන්. තාත්තා දක්ෂ සැක්සෆෝන් වාදකයෙක්. මම ඉගෙන ගත්තේ ඉසිපතන විද්‍යාලයෙන්. ඒ අවදියේදී ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද විජේසිරි මහත්වරුන් මගේ සංගීත ගුරුවරුන් වුණා. සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරණ කාලයේදීම සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න අවස්ථාව උදා වුණා. පැස්කුවල් නම මගේ කලා පසුබිම හදාගන්නට පහසුවක් වුණා. තාත්තායි, මල්ලියි, බාප්පයි ඒ සඳහා හොඳ පසුබිමක් හදලා තිබුණා.එළිදැක්වීමට නියමිත ඔබේ ගීත ඇතුළත් සීඩී තැටිය ගැනත් සඳහන් කළොත්?මෙහි විවිධ තේමා යටතේ ගීත අඩංගු වෙනවා. ඒ අතර මව් ගුණ ගීත විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. ඊට අමතරව වේග රිද්ම ගීත කීපයකුත් අඩංගුª වෙනවා.රවින්ද්‍ර මේ ඔබට අදහස් දක්වන්නට වෙලාව?තාත්තා මගේ සංගීත ජීවිතයට ආලෝකයක් වුණා. ඒ වගේම මගේ අම්මාගේ ධෛර්යය, ආදරය නිසා තමයි මම අද මෙතන ඉන්නේ. කීර්ති පැස්කුවල් බාප්පාගේ සහායත් නොමඳව ලැබුණා. මගේ ආදරණීය රසිකයන්ට කියන්න කැමැතියි ඔබේ ගීත රචනා මා වෙත එවන්න කියලා.රවින්ද්‍ර පැස්කුවල් - 0773397731 -ravindrapasquel@gmail.comයතේජා ඥානරත්න
|
CREATIVE
|
17 දා සිංහල සංස්කෘතික ආයතනයේ‘පණීභාරත ප්රණාම උළෙල’ සිංහල සංස්කෘතිකආයතනනෙය් ගාමිණී ෆොන්සේකා සමරු ශාලාවේදී හෙට (17 දා) දින පස්වරු 4.00 ට පැවත්වේ.‘පණීභාරත ප්රණාම උළෙල’ ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්රායික හා නව නර්ථන කලාවේ පුරෝගාමි මෙහෙවරක් කළ ආචාර්ය එස්. පණීභාරත සමරමින් හා එතුමාගේ කලා දිවියේ සනිටුහන් සිහිගන්වමිනි.මෙම ප්රණාම උළෙලේ ‘පණීභාරත සමරු දේශනය’ පවත්වනු ලබන්නේ මහාචාර්ය මුදියන්ගේ දිසානායකයි. එදිනම මහාචාර්ය තිස්ස කාරියවසම්, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර යන මහත්වරු විශේෂ අදහස් දැක්වීමක් සිදු කරනු ලැබේ.ආචාර්ය පණීභාරත ශූරීන් සමරන මෙම උළෙලේදී එතුමාගේ නර්තන දිවියේ නිර්මාණ කිහිපයක් පණීභාරත ගුරුතුමාණන්ට උපහාර පිණිස ඉදිරිපත් කරන්නේ චන්න – උපුලි රංගායතනයයි.මෙම උළෙල සඳහා කලාවට ළැදි සියලු දෙනාටත්, පණීභාරත නම් අපේ නර්තන ආචාර්යවරයාට ආදරය කරන සියලු දෙනාටත් එදිනට පැමිණෙන ලෙස ආරාධනය කරන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතායි.- තිලානි ශානිකා
|
CREATIVE
|
අලුත් අවුරුදු උදාවත් සමඟ නැවුම් අවුරුදු ගීතයක් සිය රසික රසිකාවන්ට තිළිණ කරමින් හර්මිං බර්ඩ්ස් ගායක කණ්ඩායමේ ගායන ශිල්පී තිලක් ද මෙල් නැවතත් ගායන ක්ෂේත්රයට පිවිස සිටියි.‘වාරම් කියාලා ඔංචිලි පැදලා’ යනුවෙන් ආරම්භවන ඔහුගේ එම ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙන බව තිලක් පවසන්නේ සතුටිනි. හැත්තෑව දශකයේ සංගීත කණ්ඩායම් බිහිවීමත් සමඟම ඩ්‍රම්ස් වාදක සුසිල් පෙරේරා ඇරැඹි හමිං බර්ඩ්ස් සංගීත කණ්ඩායමෙන් කල එළියට ආ තිලක්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙකි. උපතින් බෞද්ධයකු වුවත් ඔහු පසුගිය නත්තල වෙනුවෙන් ‘නත්තල් පිණි කැට’ නමින් නත්තල් ගීත එකතුවක් ද එළිදැක්විය.ගීත ගායනයට අමතරව පද රචනයට ද කුසලතාවය පෙන්නුම් කරන තිලක්, ගුවන් විදුලි නාලිකා කිහිපයකටම තේමා ගීත නිර්මාණය කොට ඇත.පාසල් අවදියේදී මොරටුව වේල්ස් කුමාර විදුහලෙහි ප්‍රවීණ නාට්‍යාචාර්ය තිස්ස ගුණවර්ධනයන්ගේ ‘රන් තෙළි’ සහ ‘කැකිල්ලේ’ වේදිකා නාට්‍යන් හි තිලක් චරිත මැව්වේය. අනතුරුව ටයිටස් තොටවත්තයන්ගේ ‘සිහසුන’ ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ ‘බිඳුණු හදවත්’ සහ එල්. එම්. පෙරේරාගේ ‘හතර වටේ’ යන සිනමාපටයන්හි රංගනයට දායක වන්නට ද අවස්ථාව හිමි විය.ගායක ගායිකා සංගමය, මොරටුව කලා එකමුතුව, ප්‍රාදේශීය සංස්කෘතික මණ්ඩලය වැනි ක්‍රියාකාරී කලා සංවිධාන රැසක් නියෝජනය කරන තිලක් ඔහුගේ සියලු නිර්මාණ කටයුතු සඳහා නොමසුරු දායකත්වයක් ලබා දෙන මොරටුවේ ප්‍රියන්ත පීරිස්, සරත් ගුණවර්ධන, නිහාල් ප්‍රනාන්දු, රන්දුල ලක්ෂිත මිහිරි හෙට්ටිආරච්චි, ලක්රුවනි රොසයිරෝ, ආශා පෙරේරා සහ ශිරානි පෙරේරාව කෘතඥපූර්වකව සිහිපත් කරයි.
|
CREATIVE
|
සැප්තැම්බර් 20 වැනිදා* ජාලිය රාජපක්ෂගේ ‘සොකරි’ කොළඹ 07 නව නගර ශාලාවේ21 වැනිදා* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ කුලියාපිටිය නගර ශාලාවේ* ධනුෂ්කා නයන කුමාරිගේ ‘ජනේලයෙන් පනින්නද’ කොළඹ 07 ලයනල් වෙන්ට්ඩ් රඟහලේ22 වැනිදා* සුනිල් චන්ද්‍රසිරිගේ ‘ආදරණීය සංවාදයක්’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි* ඩී. කුමාරගේ ‘මාෂා සහ වළහා’ හොරණ ශ්‍රීපාලි රංග ශාලාවේ* දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරි බෑනා සමඟ ජසයා සහ ලෙන්චිනා’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ* සරත් කොතලාවලගේ ’නරි බුරති’ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ* ‘රූකඩ රාජ්ජේ’ දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ23 වැනිදා* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ25 වැනිදාසරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ ත්‍රිකුණාමලය විවේකානන්ද විදුහල් රංග ශාලාවේ26 වැනිදා‘දෙයියොත් දන්නේ නෑ’ කන්තලේ අග්‍රබෝධි ජාතික විදුහල් රංග ශාලවේලියෝ තෝල්ස්තෝයි ගේ ‘The Exiled’ ඇසුරින් සුමිත් සුරංග නිර්මාණය කළ ‘හතේ කාමරේ’ වේදිකා නාට්‍යය මෙම මස 22 වැනිදා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගතවේ.ප්‍රියන්ත පෙරේරා, වසන්ත ප්‍රේමකුමාර, මහින්ද ශ්‍රී උපුල්, නයනි සමරවීර, දයාරත්න, සරත් ජයසිංහ, සරත් සිල්වා, වසන්ත බණ්ඩාර, ගයනී ක්‍රිශාන්ති, සතක්ෂා, දර්ශන අබේසිංහ, වජිර, රාජා පෙරේරා, මන්රුචි චතුරංග යන ශිල්පීහු මේ නාට්‍යය සඳහා රංගනයෙන් සහභාගි වෙති. කුමාර ගලහිටියාව වේශ නිරූපණයෙන් ද, උපුල් මදනායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද නිර්මාණය වන ‘හතේ කාමරේ’ සුමෙර කලා සහෘද සංසදයේ ඉදිරිපත් කිරීමකි.කීර්ති විතාරණගේ ‘සියලු සත්වයෝ’ වේදිකා නාට්‍යය මෙම මස 23 වැනිදා මරඳගහමුල සණස ශාලාවේදී වේදිකා ගත වේ.මෙහි නිහාල් විතානගේ, සේන ගුණවර්ධන, ජයරත්න රූපසිංහ, පද්මා පෙරේරා, කීර්ති විතාරණ, උපුල් හේවාවිතාරණ, හෙන්රි ප්‍රේමරත්න, ජසින්තා ද සොයිසා, බුද්ධි සචින්ත, චාමිකර, චමත්කා යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති.- තිලානි ශානිකා
|
CREATIVE
|
‘රෝයිට සහය අධ්යක්ෂවරයෙක් අවශ්‍යයි’ මෙය කලකට පෙර සරසවිය පුවත්පතේ සටහන් වූවකි. මෙය දුටු එක් සිනමාලෝලී තරුණකයකු තමන්ගේ වාසනාව උරගා බලන්නට තැපැල්පතක් යොමු කළේය.වාසනාවත්, දක්ෂතාවයත් නිසාම රෝයි ද සිල්වා අධ්යක්ෂවරයාගේ සහය අධ්යක්ෂවරයකු ලෙස ක්ෂේත්රයට පැමිණි ඔහු සුනෙත් රසාංග.සුනෙත්ගේ කලා ජීවිතයේ මතකය අවදි කරමු.‘සරසවිය පුවත්පත හා රෝයි ද සිල්වා චිත්‍රපට අධ්යක්ෂවරයා නිසා සහය අධ්යක්ෂවරයකු ලෙස ගමන ඇරැඹූ මම දැනට චිත්‍රපට හතක් සහ ටෙලි නාට්‍යය විසි පහක් සඳහා සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. දැනට මම අවසන් වරට සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණේ ‘විජය කුවේණි’ චිත්‍රපටයට. රෝස කටු, අවංකා, ලොක්කයියා, යර්ස් බොස්, නිල් දිය රළ, ටූ ඉන් වන්, දඹුකොළ පටුන, නිලංජනා, වැසිදා ඇතුළු ටෙලි නාට්‍යයන්ට දායක වෙලා තියෙනවා. ඒ අතර සම්මානයට පාත්‍ර වුණු ටෙලි නිර්මාණ සඳහාත් මම සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.කලා ක්ෂේත්රය ගැන රසාංගට තියෙන්නේ මොන වගේ අදහසක්ද?ක්ෂේත්රයේ වරදක් නෑ. හොඳට හිටියොත් හොඳයි. හොඳ නිර්මාණයන් ඇගයීමකට ලක් කරමින් ධෛර්යමත් කළ යුතුයි.සහය අධ්යක්ෂවරයෙක් ලෙස මෙගා ටෙලි නාට්‍යයන් ගැන ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක්ද?ජීවන මාර්ගය රැඳිලා තියෙන්නේ මෙගාවල තමයි.සුනෙත්ගේ වර්තමානය සහ අනාගතය ගැනත් කතා කළොත්?වර්තමානය නම් හොඳයි. ඒ වගේම අනාගතයත් හොඳ වෙවි කියලා මම විශ්වාස කරනවා.මේ දිනවල මගේ කලා කටයුතු ගැන සඳහන් කරනවා නම්, ‘සමනළ සිහිනය’ ටෙලි නාට්‍යයට සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණා. දැන් ඒකේ වැඩ කටයුතු නිමයි. ඊට අමතරව මම ‘සමනළ සිහිනය’ ටෙලි නිිර්මාණයෙන් ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට මගේ රංගන හැකියාවත් දැකගන්න ලැබේවි. ඉදිරියේදී පරාක්‍රම ජයසිංහගේ චිත්‍රපටයක් සඳහාත් සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔහොමයි දැනට මගේ වර්තමානය සහ මම හිතන අනාගතය. වෙනසක් වුණොත් හෝ අලුත් වුණොත් හෝ මම කියන්නම්.- නිශංකා උඩුගම්පලසේයාරූ - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
හෙළයේ මහා රංගධර ජෝ අබේවික්රමයන් අවසන් වරට රංගනයෙන් දායක වූ හෙක්ටර් කුමාරිසිරිගේ අභිනික්මන සිනමා පටය මෙම මස 19 වැනිදා සිට රීගල් ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගත වේ.මව්පියන්ට ඉතා ළැදිවූ භික්ෂුවකගේ අත්දැකීම් සමුදායක් ඇසුරෙන් දිගහැරෙන මෙය හෙක්ටර්ගේ කුලුඳුල් සිනමා කෘතියයි.නවපරපුරේ රංගන ශිල්පීන් දෙපොළක්වන සුදර්ශන බණ්ඩාර සහ ලෝචනා ඉමාෂි සිනමාවට එක්වනුයේ අභිනික්මන සමඟිනි.ඩබ්ලිව්. ජයසිරි, අයිරංගනි සේරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, මල්කාන්ති ජයසිංහ, මනෝහාරි විමලතුංග, නිමල් චන්ද්‍රසිරි, දිනේෂ් රංජන්, ප්‍රේමදාස විතානගේ, රනිල් කුලසිංහ, ජීවන් හඳුන්නෙත්ති, ගාමිණී අම්බලන්ගොඩ, නාලක අධිකාරි, දමයන්ත පෙරේරා, කුමාර අබේවර්ධන, රෝහිත හත්තෙට්ටුව, ලලිත් ප්‍රේමතිලක, වෙරෝනිකා දිසානායක, රන්දිමා ගෝනවල, හංසිකා රත්නායක, නුවනි නාමල්ආරච්චි, අයන්ති හෙරත්, සුසන්ත විජේකුලතිලක, රංජිත් ගාල්ලගේ, ගීති දිසානායක ඇතුළු පිරිස අභිනික්මන රංගනයෙන් හැඩකරති.මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂවරයාය. හෙන්රි ප්‍රේමරත්න අංගරචනයෙන් දායකවෙති. ජයන්ත ගුණතිලක නිෂ්පාදන කළමනාකරුය. එම්. එස්. අලිමාන්ගේ සංස්කරණයකි. තේමාගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නගෙන්ය. කථිකාචාර්ය ශාස්ත්‍රපති නිමන්ත හේෂාන් අභිනික්මනහි සංගීතය අධ්‍යක්ෂණය කරයි. ගැයුම් දහම් පතිරණ, සුබුද්ධි ලක්මාලිගෙනි. ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සැලසුම්කරණය යසලාල් ලියනගේ දෙවන සහාය අධ්‍යක්ෂණයෙන් ශානක නිරංජන්, සහාය ප්‍රසන්න ගුණතිලක සහ නිමල් චන්ද්‍රසිරිගෙනි. කැමරා අධ්‍යක්ෂණය නිමල් නාකන්දල විසින් සිදුකොට ඇත.අභිනික්මන සරත් සුබසිංහ, නිමල් චන්ද්‍රසිරි, සුරංග විජේරත්න සහ දිනේෂ් රන්ජන් යන අයගේ නිෂ්පාදනයකි.අධ්‍යක්ෂණය මෙන්ම කතාව දෙබස් තිරරචනය ද හෙක්ටර්ගෙනි.ප්‍රකට ගීතරචකයකු වූ තිස්ස ඩයස් අබා සහ කොබා නමින් නිර්මාණය කිරීමට පටන්ගත් චිත්‍රපටය බබා සහ කොබා ලෙස නම වෙනස්කොට තිබේ. එය මේදිනවල කොළඹ අවට ප්‍රදේශයන්හි රූගත කෙරෙමින් පවතියි.මෙය මංගල මඬුගල්ලගේ නිෂ්පාදනයකි.ප්‍රසාද්
|
CREATIVE
|
අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ 77 වන ජන්ම දිනය පෙබරවාරි 12 වැනි දිනට යෙදී ඇත.මේ නිමිත්තෙන් එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම මඟින් සුපුරුදු පරිදි පින්කම් රැසක් සිදු කිරීමට මෙවරත් සූදානම් වේ.එදින උදෑසන 10 ට මාලිගාවත්ත ‘එච්. ආර්. ජෝතිපාල මාවතේ’ පිහිටි ජෝති පිළිරුව අබියස දී වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක් සහ අධ්‍යාපනය ලබන කුඩා සාමණේර ස්වාමීන් වහන්සේලා වෙත පොත් පත් බෙදා දීමේ පින්කමක් ද සිදු කෙරෙන අතර ඉන්පසු ‘ජෝති පිළිරුවට’ මල්දම් උපහාර පිදීමට ද සැලසුම් කර ඇත.එම සංගමයේ සාමාජික සාමාජිකාවන් පමණක් ගීත ගායනා කරන “ජෝති ජන්ම දින සැමරුම් ප්‍රසංගය” සවස 6.00ට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.අනුරුද්ධ කරුණානායක ප්රමුඛ ‘සාරංගා’ සංගීත කණ්ඩායම සංගීතයෙන් රස ගන්වන මෙම ප්‍රසංගය නැරඹීමට අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ රසික රසිකාවන් සියලු දෙනාට සහභාගී වන ලෙස ‘ජෝති මිතුරු සමාජය’ ආරාධනා කර සිටී.චන්දු ඉඹුලානපසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ මදුරාසියේ ආර්යපුරම් හි ටී. එන්. රාජරත්නම් රංග ශාලාවේදී පැවැත්වූ ඝාන මුකුඩප්ප්රිය ජාත්‍යන්තර නර්තන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘භාරත නෘත්‍ය රංජන කලා නිකේතනය, ඇකඩමි ඔෆ් ෆයින් ආට්ස් ශ්‍රී ලංකා’ ආයතනයේ ප්‍රවීණ භරත නාට්‍යාචාර්ය රංජන සූරියබණ්ඩාර විශේෂ ගෞරවයෙන් පිදුම් ලැබූ අතර එම ප්‍රසංගයට ඉදිරිපත් වූ ඔහුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්මාන, සහතිකපත් ලබා ගත්හ.මෙය මහාචා්රය ගෝපාල් ක්‍රිෂ්ණන් මැතිතුමාගේ ආරාධනයෙන් පැවැති අතර මේ සඳහා විවිධ රටවලින් නර්තන කණ්ඩායම් රැසක් සහභාගී වූහ. ඒ අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙම නර්තන කණ්ඩායම විශේෂ අගැයීමට ද ලක් වූහ.වාර්ෂිකව ඉන්දියාවේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර නර්තන උළෙලට 2011 – 2012 වසර දෙකෙහිම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම භරත නෘත්‍ය රංජන කලා නිකේතනය, ඇකඩමි ඔෆ් ෆයින් ආට්ස් ශ්‍රී ලංකා ආයතනය ලැබූ විශේෂ අවස්ථාවකි.නර්තනාචාර්ය බැසිල් මිහිරිපැන්නයන්ගේ බැලේ නර්තනයක් දැක නර්තන කලාවට ලොබ බැඳගත් රංජන, මිහිරිපැන්නයන්ගේ ‘ශාරදා කලා නිකේතනයෙන්’ නර්තනයේ අත් පොත් තැබීය. පසුව 1999 වසරේ දී ඉන්දියාවට ගොස් ශ්‍රීමතී වසන්තා කුමාර් ගුරුතුමිය යටතේ භරත නාට්‍යම් තත්ත්ව දක්වා හැදෑරීය.පසුව ලංකාවට නැවත පැමිණි ඔහු ගම්පහ ‘භරත නෘත්‍ය රංජන කලා නිකේතනය’ නමින් නාට්‍ය පාසලක් ආරම්භ කර අද දක්වා දැයේ දරුවන්ට දැනුම බෙදා දෙමින් සිටී. මේවන විට කුරුණෑගල, කොළඹ සහ මාවනැල්ල යන නගරවලත් එහි ශාඛා පැතිරී ඇත.චන්දු ඉඹුලාන ලියනආරච්චි
|
CREATIVE
|
සම්මානනීය සනී ඩියෝල්, ධර්මේන්ද්‍ර නම් සුපිරි නළුවාගේ වැඩිමල් පුතණුවන්ය. බෝඩර්, ගදර් ඒක් ප්‍රේම් කතා, ඛේටාඛ්, අර්ජුන්, සිද්දි වැනි සිනමාපටවලින් ජනහද මෙන්ම විචාරක හද ද දිනාගත් ඔහු දැන් ගත කරන්නේ වෘත්තීය ජීවිතයේ තිස් වැනි වසරයි.වසර තිහෙන් පහක්ම ඔහු ගතකර තිබෙන්නේ ඇඳට වීලායි. ඒ වසර ගණනක සිටම ඔහු පීඩා විඳීන කොන්දේ ආබාධය නිසයි. වරින් වර ඔහු කොන්දේ ආබාධයකින් පීඩා විඳීන්නේ ක්‍රියාදාම චරිත අනෙකකු යොදවන්නේ නැතිව තමන්ම රඟපාන්නට යාමේ විපාක වශයෙනි. රාත්‍රියට අකැමැති, උදෑසනට කැමැති සනී ඇඳට වී සිටීමට ද අකැමැති කෙනෙකි.ධර්මේන්ද්රගේ පළමු විවාහයේ ලොකු පුතු සනී හිත් වේදනාවෙන් පීඩා විඳිද්දී, දෙවැනි විවාහයේ බාල දියණිය අහානා මංගල ගමනට සූදානම් වන්නීය. අහානාගේ විවාහය ලබන වසරේ පෙබරවාරි 2 වැනිදා සිදුවීමට නියමිතයි. ඇය විවාහ ගිවිස ගෙන සිටින්නේ දිල්ලිියේ ව්‍යාපාරිකයකු වන විභව් වෝරා සමඟයි. අහානා බොලිවුඩයේ සිහින දෙව් දුව හේමාමාලිනීගේ බාල දියණියයි.අහානා, හේමාමාලිනී මෙන්ම දක්ෂ ඔඩිසි නර්තන ශිල්පිනියකි. රඟපෑමට වඩා අධ්යක්ෂණයට කැමැත්තෙන් සිටි ඇයට සිනමාවේ කිසිදු අංශයක් වාසනාව ගෙනාවේ නැත. විවාහයෙන් පසුව ද ඇය නර්තනයේ යෙදීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. අහානාගේ විවාහයත් සමඟම හේමාමාලිනී නිදහස් මවක් බවට පත්වන්නීය.
|
CREATIVE
|
දිනේෂ් ප්ර්රියසාද් ලාංකේය සිනමාවට සුවිශේෂ චිත්‍රපට රැසක් දායාද කළ චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. ඒ වගේම ඔහුගේ ආදරණීය දියණියන් තිදෙනාත් සිනමාව, පුංචි තිරය හැඩ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියන්.දිනේෂ්ගේ අලුත් චිත්‍රපටය ඩබල් ට්‍රබල්. එහි සහාය අධ්‍යක්ෂණය කරන්නේ වැඩිමහල් දියණිය වන ඩිනක්ෂි ප්‍රියසාද්.පසුගියදා දිනේෂ්ගේ මේ අලුත් ෆිල්ම් එක ගැන මාධ්‍ය හමුවක් පැවතුණා. එහිදී දිනේෂ් අදහස් දක්වා අවසානයේදී ඩිනක්ෂිටත් වචන කිහිපයක් කතා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ඩිනක්ෂි කිව්වේ මෙහෙම කතාවක්.‘තාත්තා මට මේ චිත්‍රපටයේ සහාය අධ්යක්ෂණ කටයුතු කියල වැඩ ටිකයි දුන්නේ. වැඩිපුරම මට කරන්න වුණේ තේ හදන එකයි, කෑම ලෑස්ති කරන එකයි, ගෙවල් අතුගාන එකයි තමයි. ඩිනක්ෂි කිව්වෙ සභා ගැබම හිනස්සවමින්. එහෙම වුණාට ඩිනක්ෂි දන්නවා ඇති ලෝක ප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂ රාජ් කපූර්ටත් එයාගෙ තාත්තා මුලින්ම දීලා තියෙන්නේ චිත්‍රාගාරය අතු ගාන්න කියලා.මේ චිත්‍රපටය සමඟම සබැඳෙන තවත් කතාවක් තියෙනවා. ඩබල් ට්‍රබල් නිෂ්පාදනය කරන්නේ රාජ් රණසිංහ. මුලින්ම දිනේෂ්ව අධ්යක්ෂවරයෙක් කරමින් තිරගත වූ ව්ධ 1 චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් රාජ්.මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයෙන් ඩිනක්ෂිත් සහභාගි වන නිසා මෙරට චිත්‍රපට ඉතිහාසයේ තාත්තයි දුවයි දෙන්නම අධ්යක්ෂවරුන් කළ නිෂ්පාදකවරයා වන්නේත් රාජ් රණසිංහ.
|
CREATIVE
|
වාර්තා වැඩසටහන්වල නිරත වෙන නිසා කාලය ගතවෙනවා දැනෙන්නේ නැති තරම්.ඒත් එක්කම ළඟදීම ආරම්භ කිරීමට නියමිත ටෙලි නාට්‍යයක් පිළිබඳ එහි නිෂ්පාදකත් සමඟ කතාබහක නියැෙමින් කාලය ගත කිරීමත් සිදු වෙනවා.
|
CREATIVE
|
සුනිල් ටී. - සනත් එකතුවක්අලුත් නළු නිළියන් ඕනෑඅලුත්ම සිංහල චිත්‍රපටයක වැඩ කටයුතු මෙම වස් සමයෙහි ලබන 7 වැනිදා කැලණිය රජ මහා විහාරයේ පවත්වන කප් රුක් පූජාවකින් ආරම්භ වීමට නියමිතය. ඒ සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැට එක්වන නිෂ්පානය වන චූලෝදර මහෝදරය. සනත් අබේසේකර එය අධ්‍යක්ෂණය කරයි.සුනිල් ටී. ෆිල්ම්ස් ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට ඇති සිනමාපට සඳහා නවක නළු නිළියන් රැසකට අවස්ථාව ලබා දීමට ඔවුන් බලපොරොත්තු වේ. කළමනාකරු, සුනිල් ටී. ෆිල්ම්ස්, කොළඹ 10 යන ලිපිනයට මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක් සමඟ අයැදුම්පත් එවීමෙන් සුනිල් ටී. ෆිල්ම්ස් මඟින් කෙරෙන චිත්‍රපට හා සම්බන්ධ විය හැකිය.ප්‍රසාද්
|
CREATIVE
|
සිරිමා ඇනෙස්ටා මර්සලින් චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දැල් වූ මොහොත.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වජිර එදිරිමාන්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස, චාන්දනී ජයසිංහ, චන්දු ඉඹුලාන ලියනආරච්චි, චිත්‍රා කාන්ති ඇතුළු පිරිස ද සේයාරුවේ වෙති.රුක්මණි දේවියගේ අනූ වැනි ජන්ම දිනය සහ රුක්මණී දේවී අනුස්මරණ සංගමයට වසර 25 ක් පිිරීම පසුගියදා බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලන ශාලාවේදී පැවැත්විණ.මෙය හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්, අයිරින් ලියනගේ සහ චාන්දනී ජයසිංහගේ සංවිධානයකි.දැයට කිරුළ 2013 අම්පාර ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේදී අම්පාර සහ අවට ප්‍රදේශවල එනම් දිඟාමඩුල්ල දිස්ත්‍රික්කයේ ආධුනික ගායක ගායිකාවන්ගේ නර්තන කණ්ඩායම් සහ සංගීත කණ්ඩායම්වලට තම කුසලතා ඉදිරිපත් කිරීමට වේදිකා අංක 02 හි ඉඩකඩ වෙන් කෙරේ.මේ සඳහා වයස් බේදයක් නොසැලකේ. ගායන භාෂාව පිළිබඳ ගැටලුක් නැත. මාර්තු 23 දා සිට අවසන් දිනය දක්වා දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ වේදිකා අංක 02 හි ඉදිරිපත් කිරීම් සිදුවේ.මේ සඳහා ඉදිරිපත් වන්නන්ට අයැදුම්පත් පහත ලිපිනයට යොමු කළ හැකිය.ජ්‍යෙෂ්ඨ නිවේදකගාමිණී මෙරින්නගේඅංක 480/4, ගාලු පාර,වැල්ලවත්ත,කොළඹ 06.මේ පිළිබඳ වැඩි විස්තර 0771558515 සහ 0776789475 යන අංකයෙන් දැනගැනීමට පුළුවන.පෙබරවාරි 14 වැනිදාට යෙදෙන පෙම්වතුන්ගේ දිනය නිමිති කර ගනිමින් ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ලියු ‘ආකස්මික ආදරය’ පෙම් කව් සරණිය එදින සවස කොළඹ ගාලු මුවදොර හෝටලයේදී එළිදැක් වේ.මේ ඔහුගේ 26 වැනි කෘතිය වේ.නැසීගිය චන්ද්‍ර අනගිරත්නගේ නිධන් දූපත පරිවර්තන නවකතාවේ තෙවැනි මුද්‍රණය මෙම මස 19 වැනිදා උදෑසන 10.00 ට කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්රදර්ශනාගාරයේදී එළිදැක්වේ.1983 දී මුල්වරට පළ වූ මෙම නිධන් දූපත නවකතාව රොබට් ලුවී ස්ටීවන්සන්ගේ ඉතා සාර්ථක සහ ජනප්‍රිය කෘතියකි. කර්තෘ මීට ප්‍රථම ටොම් සෝයර්, ඩ්‍රැකි්‍යුලා, කෝච්චියේ ළමයි, හයිඩි වැනි කෘති පරිවර්ථනය කොට තිබේ.
|
CREATIVE
|
රක්තා, මැණික් මාලිගා, සාරංගා, හරියන කොට ඔහොම තමයි යන චිත්‍රපට නිර්මාණය කළ ගාමිණී හේවාවිතාරණ දිගු කලකට පසු නිර්මාණය කරන නවතම චිත්‍රපටය වන මනමාලයි කුරුල්ලෝ හි මුහුරත් උළෙල ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ.ඩග්ලස් රණසිංහ, රොඩ්නි වර්ණකුල, ශිරානි නුගේරා, විශාකා සිරිවර්ධන, චින්තක පීරිස්, චංචලා වර්ණසූරිය, පූජා පතිරණ, විරාජ් ජයසිරි, මංගල මඩුගල්ල, අජන්තා ප්‍රනාන්දු, සංජුල දිවාරත්න, ආනන්ද විතාන, නිහාල් ප්‍රේමචන්ද්‍ර, රෙනොල්ඩා හෙලන්, නිලංගනී පෙරේරා, දයානන්ද සමරසිංහ, චානක ප්‍රනාන්දු මෙහි චරිත මවති.ගාමිණී හේවාවිතාරණගේ කතා සංකල්පයට තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න දෙබස් රචනා කොට ඇත. සුජිත් නිශාන්ත කැමරාව මෙහෙයවයි. සම්පත් රණසිංහගේ අංග රචනයකි. නිමල්සිරි ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. කීර්ති රත්නායක නිෂ්පාදන සම්බන්ධිකාරක සහ සහාය අධ්‍යක්ෂවරයාය. සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සංකල්ප ගුණවර්ධන සංස්කරණයෙන් ද, බන්දුල ජයසිංහ, සුනිල් විමලවීර, රොඩ්නි විදානපතිරණ සමඟ ගාමිණී සී. ප්‍රනාන්දු ගීත රචනයෙන් ද රංජිත් ලියනගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද දායක වේ.මනමාලයි කුරුල්ලෝ පූජා පතිරණ, රන්ජිත් ලියනගේ සහ ගාමිණී හේවාවිතාරණ නිෂ්පාදනය කොට ඇත.සේයාරුව - මාලන් - ප්‍රසාද්
|
CREATIVE
|
රසික තෙන්නකෝන්මම ලොකේෂන් එකට ආවේ රංගන ශිල්පියෙක් වෙන්න හිතාගෙන. මට ලැබුණෙ පොඩි චරිතයක් නිසා වැඩි වෙලාවක් ලොකේෂන් එකේ ඉන්න වුණේ නැහැ. මට ඒ වෙලාවේ හිතුනා රංගනය පැත්තෙන් ගියොත් රූ ගැන්වෙන අවස්ථාවෙ සිදුවෙන දේ දකින්න, ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි කියලා. වැඩි වෙලාවක් ලොකේෂන් එකේ ඉඳීමින් මෙතන සිදුවන සිද්ධාන්තමය ක්‍රියාවලිය දිහා බලා ඉන්න ඇති ආශාව නිසාම, එයට වැඩි ඉඩක් ඇති ක්ෂේත්රයක් ගැන හිතුවා. ඒඅනුව මම තෝරා ගත්තේ වේශ නිරූපණය.පාදුක්ක යටවතුර ප්‍රදේශයේ දී රූ ගැන්වෙන සිහින සක්මන දර්ශන තලයේ දී අපට හමුවුණු රසික තෙන්නකෝන් පූර්ණකාලීන වේශ නිරූපණ ශිල්පියකු වුණේ අන්න එහෙමයි.රසික ඒ සුන්දර අතීතයෙන්ම අපේ කතා බහ අරඹමු?මම පාසල් ගියේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයට .පාසල් වේදිකාව හරහා මට අවස්ථාවක් ලැබුණා තවලම චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා මහත්තයත් එක්ක රඟපාන්න.පාසල් අවදියේම රංජිත් සුරංග මහත්තයගෙ සිනේ මුදු කලා පර්ෂදයට සම්බන්ධවෙලා රංගනය හැදෑරුවා. ධම්ම ජාගොඩ මහත්තයගෙ නාට්‍ය වැඩ මුළු සඳහා සහභාගි වුණා. බන්දුල විතානගේ ගෙ ‘වැනීසියේ වෙළෙන්ඳා‘ මගේ පළමු වේදිකා රංගනයයි. ඊට පස්සෙ ‘සකලජන‘ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපෑව. නමුත් මගෙ ආශාව වුණේ හුඟ දවසක් සෙට් එකේ ඉන්න එකයි. අන්න ඒ ආශාව නිසයි රඟපෑමට සමුදීලා මේකප් පැත්තට යොමු වුණේ. වේදිකා නාට්‍යවල රඟපාන අතරේ එස්. පී. කොස්ත මහත්තයගෙන් මේකප් පිළිබඳ දැනුමක් ලබන්නට අවස්ථාවක් ලැබුණා.මේකප් පිළිබඳ යම් හැදැරීමකින් පසුවද මේ ක්ෂේත්රයට පිවිසෙන්නේ?ඔව්. රඟපෑමෙ නියැළෙන අතරෙමයි මේකප් පිළිබඳ පුහුණුවක් ලැබුවෙ. 87,88 කාලෙ වැඩමුළු හරහා මේකප් කරන්න පුහුණු වුණා. මෙහිදි වැඩි හරියක් කළේ තමන් තමන්ටම මේකප් කරගන්න විදි හැදැරීමයි. ඒ ආභාසය හරහා , හෙන්රි ප්‍රේමරත්න මහත්තය යටතේ වසර 10ක් මේකප් සහායක වශයෙන් කටයුතු කළා. ඒ වකවානුවෙ‘දිම රංජිත් මතඟවීර, කුමාර ගලහිටියාව මහත්වරු සමගත් වැඩ කළා. ඉන් අනතුරුවයි මම තනියම වැඩ කරන්න පටන් ගත්තේ. මේ සැමගෙන් මට ලැබුණු පන්නරය නිසා තමයි වසර 32ක් පුරාවට මේ ක්ෂේත්රයෙ රැඳී ඉන්නට හැකිවුණේ. පෝය ටෙලි නට්යයකටයි පළමුව සහභාගි වුණේ, පළමු චිත්‍රපටය අඟර දඟර, දැනට ටෙලි නාට්‍ය 40ක චිත්‍රපට 6ක පමණ වැඩ කර තිබෙනවා. ඉදිරියටත් ටෙලි නට්‍ය කිහිපයක හා චිත්‍රපට දෙකක වැඩ බාරගෙන තිබෙන්නේ.වේශ නිරූපණය ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?අධ්‍යක්ෂකට අවශ්‍ය ආකාරයට රංගන ශිල්පියකුට චරිතයට අවතීර්ණ වෙන්න අවශ්‍ය රූපකාය, නැත්නම් අංග රචනය හරියට සලසා දීමෙන් තමයි රංගන ශිල්පියාට එම චරිතයට අවතීර්ණ විය හැක්කේ. මෙන්න මේ සිද්ධාන්තය තමයි වේශ නිරූපණය හෝ මේකප් කියන්නේ. මේක පුළුල් විෂය ධාරාවක්. මේ ක්ෂේත්රයේ මම දන්නෙ ඉඳීකටු තුඩක ප්‍රමාණයක්, ඒනිසා මම අදටත් ඉගෙන ගන්නවා. කොස්තටික් පැත්තෙන් යම් දෙයක් අහගන්නේ ජයන්ත රණවක මහත්තයගෙන්, මට ඔහු ගුරුවරයෙක් වගේ.පළමුව මේකප් කරන්නට ලැබුණු නළුවා හා නිළිය කවුද? ඒ අයගෙන් ලැබුණු සහාය කොහොමද?නළුවා, විනීවෙත්තසිංහ ඔහුත් මේකප් ආටිස් කෙනෙක්. නිළිය, නිලන්ති විජේසිංහ. මේ දෙන්නගෙන් මට හොඳ සහායක් ලැබුණා විතරක් නොවෙයි, හොඳ මේකප් ආටිස් කෙනෙක් වෙන්න කියන ආශිර්වාදයත් ලැබුණා.රසික අපේ කතාබහ අවසන් කරන්නට මත්තෙන් අමතක නොවන සිද්ධියක් ගැන සිහියට නඟමු?මාලනී ෆොන්සේකා නම් නිළි රැජන මේකප් කරන්න ලැබුණු එක තමයි මගෙ අමතක නොවන සිද්ධිය.ඔබ ආ මේ ගමන් මඟ පිළිබඳ සෑහිමකට පත්වෙනවද?මෙතෙක් ආ ගමන ගැන සතුටුයි,නමුත් අපි ගැන දන්නෙ ක්ෂේත්රයෙ අය පමණයි. මේ වෙලාවේ වසන්ත විට්ටච්චිව මතක් කරන්න ඕන.තිස්ස ධම්මිකඡායාරූප -මාලන් කරුණාරත්න
|
CREATIVE
|
උපතින්ම ආ ගායන හැකියාව කළ එළි දැක්වීම සඳහා දෙරණ ළමා ගායන පිටිය ඔහුට කදිම තෝතැන්නක් විය. මහරගම ජනාධිපති විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන නලින්ද අකලංක ඉද්දමල්ගොඩ මෙවර පැවති දෙරණ ලිටිල් ස්ටාර් තරගයේදී ළමා ගායනා අංශයෙන් තුන්වැනි ස්ථානයට පැමිණියේ අති විශාල තරගයකට මුහුණදීමෙනි.‘හැටපන් දාහක් තරගකරුවන් අතරින් අන්තිම සිය දෙනා - පනස් දෙනා - විසි දෙනා ලෙස අන්තිම පස් දෙනා අතරට ආ ගමන ගැන ලොකු සතුටක් මගේ තිබෙන්නේ . . .’ නලින් ද හඬ අවදි කළේ ජයග්‍රහණයේ සොම්නසින්මයි.‘මගේ වයස දොළහයි. පුංචි කාලේ ඉඳන් සංගීතයට මම කැමතියි. පාසලේ කුමන් ගා ගුරුතුමිය තමා මගේ හැකියාව මුලින්ම හඳුනා ගත්තේ. පසුව නන්දා මාලිනී මහත්මිය ළඟට ගියා. ඇයත් උදවු කළා මේ ගමනට. සිසිර කාලිංග ඒකනායක මහතා යටතේ දිගටම සංගීතය ඉගෙන ගත්තා. සිසිර සර් මට කළ උදව් නම් වචනවලට පෙරළන්න බැරි තරම්. මේ තරගය පුරාවටම සර් මට උදව් කළා.‘ඔබ සීසන් ෆෝ එකටත් ගියා නේද?’ඔව්, අන්තිම සිය දෙනා අතරට ඇවිත් සීසන් ෆෝ එකෙන් ඉවත් වෙන්න සිදු වුණේ අසනීප තත්ත්වය නිසාමයි.‘මෙවර ජය ලැබෙයි කියලා හිතුවාද?’‘විශ්වාසයෙන් හිතට හයිය අරගෙන ඉදිරිපත් වුණා. විනිශ්චය මණ්ඩලයේ නැන්දලා, මාමලා හුඟාක් උදව් කළා. මම වැඩිපුරම ගායනා කළේ අමරදේව මහත්මයාගේ ගී. කසුන් කල්හාර අයියාගේ ගීතත් ගායනා කළා. ශාස්ත්‍රීය සංගීතයට මම ආසයි.‘හෙට දවස කොහොම වෙයිද?’‘මම දැන් භාත්කණ්ඩය ඩිප්ලෝමා එක හදාරනවා. අධ්‍යාපන කටයුතු සමඟ සංගීත කටයුතු කරනවා. අමරදේව සර්ට කියලා ගීතයකට තනුවක් දාලා කියන්න ලොකු ආශාවක් තියෙනවා. මම එළිමහන් ප්‍රසංගවලට යන්න කැමැත්තක් නෑ. හරියට ඉගෙන ගෙන නිවැරැදිව දෙයක් කරන්න තමා මම උත්සාහ කරන්නේ.’නගරාධිපති අනුර ප්‍රියශාන්ත මහතාවත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි. මගේ අම්මා - තාත්තා පවුලේ අය, ගුරුවරුන් හට සැමදාමත් මම ගරු කරනවා. ඒ අයගෙන් ලද ආශිර්වාදය මිල කරන්න බැහැ.කතාබහ – මංජුල ප්‍රසාද් වීරසිංහඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මේ දවස්වල මම රංගනයෙන් දායක වන සබඳ බබානිස්, සිහින සක්මන, රජ දරුවෝ විකාශය වෙනවා. සතිය පුරාවටම මේ ටෙලි නාට්‍ය තුනේම රූගත කිරීම් සහ එරංග සේනාරත්නගේ අපූරුගම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් යෙදිලා තියෙනවා.ඇහැළේපොල කුමාරිහාමි ගොවි නායකයෙකුගේ චරිතයකට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම සදේශ් කුමාර්ගේ මායා චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එයත් ළඟදීම තිරගත වේවි. ඒ හැරුණාම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයටත් ආරාධනා ලැබිලා තියෙනවා.
|
CREATIVE
|
ගාන්ධි චිත්‍රපටයේ රඟපෑමෙන් ඔස්කාර් සම්මාන දිනූ නළු බෙන් කිංස්ලි ශ්‍රී ලාංකික සිනමාකරුවකු වූ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ අ කොමන් මෑන් චිත්‍රපටය උදෙසා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේය. එම සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මාන දිනා ගත් චන්ද්‍රන් රත්නම් මෙරට සිනමා ඉතිහාසයේ වාර්තා තැබුවේ ශ්‍රී ලාංකික ඉංග්‍රිසි චිත්‍රපටයක් මුල් වරට ජාත්‍යන්තර අවධානයට පාත්‍ර කරමිනි.පසුගිය ත්‍රස්තවාදී සමය පාදක කර ගනිමින් තැනුණ අ කොමන් මෑන් චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය මාර්තුවේ හොලිවුඩ් හි පැවැත්විණ.ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් ආචාර්ය මනෝහන් නානායක්කාර, බී. එස්. රාධක්රිෂ්ණං හා චන්ද්‍රන් රත්නම් මෙහි නිෂ්පාදකවරුන්ය.බෙන් කිංස්ලි සමඟ මේ චිත්‍රපටයේ රඟපනා අනෙක් ප්‍රධාන නළුවා චැරියට්ස් ඔෆ් ෆයර් චිත්‍රපටයේ රඟපෑ බෙන් ක්රොස්ය. ජෙරම් ඩි සිල්වා, අශාන් ඩයස්, අමායා සිරිවර්ධන, විල්සන් ගුණරත්න, විල්මන් සිරිමාන්න, සැන්ඩෝ හැරිස්, මොහමඩ් ආදමලි සමඟ දුෂ්‍යන්ත වීරමන් ද මෙහි චරිත නිරූපණය කරති.
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.People Like Us‘පීපල් ලයික් අස්’ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක ඇලෙක්ස් කර්ට්ස්මන් ගේ අධ්‍යක්ෂණයකි. ක්‍රිස් පයින්, එලිසබෙත් බැන්ක්, ඔලිවියා වයිඩ්ල්, ජෝන් ෆව්ෙර්යු, මයිකල් පෆීපර් මෙහි චරිත දායකත්වය ලබා දෙති. පීපල් ලයික් අස් හි සංගීත අධ්‍යක්ෂණය ඒ. ආර්. රහ්මන් විසිනි.වෙළෙඳ ව්‍යාපාරියකු වටා ගෙතුන කතාවක් රැගත් පීපල් ලයික් අස් චිත්‍රපටය හාස්‍ය රැගත් චිත්‍රපටයකි.SnowWhite and the Huntsmanස්නෝ වයිට් නම් සුරංගනා චරිතය වටා ගෙතුන කතාවක් වන ‘ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්’ චිත්‍රපටය බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්යක්ෂ රූපට් සැන්ඩර්ස් ගේ අධ්‍යක්ෂණයකි. ක්‍රිස්ටියන් ස්ටුවර්ට්, චාර්ල්ස් ටෙරෝන්, ක්‍රිස් හෙම්ස්වොත්, සෑම් ක්ලාෆිලින් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.ComingUp Roses (2012)‘කමින්ග් අප් රෝසස් (2012)’ හොලිවුඩ් චිත්‍රපටය ලීසා ඕල්බ්රයිට් ගේ අධ්‍යක්ෂණයකි. බර්නදෙත් පීටර්ස්, රැචෙල් බ්රොස්තාන්, පීටර් ෆීල්ඩ්මන්, රියානා ඩි කර්සි මෙහි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙති.මවක සහ දියණියක වටා ගෙතුන අපූරු කතා පුවතක් මෙහි ඇතුළත් වේ.Magic Mike‘මැජික් මයික්’ හාස්‍ය රැගත් තවත් හොලිවුඩ් චිත්‍රපටයක්. ස්ටීවන් සෝඩර්බ්රග් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ චානින්ග් ටටුම්, ඇලෙක්ස් පෙට්ෆර්, කොඩි හෝර්න්, මැට් බෝමර්, ඔලිවියා මූන්, ජෝ මැන්ගනීලෝ, මැතිව් මැක්කෝග්හේ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.Marvel’s The Avengers‘මාව්ල්ස් ද ඇවෙන්ජර්ස්’ ජොස් වීඩ්න් අධ්‍යක්ෂණය කළ වීර කතාවක් පදනම් වූ හොලිවුඩ් චිත්‍රපටයක්.රොබට් ඩවුනි, ක්‍රිස් එවන්ස්, මාර්ක් රුෆලෝ, ක්‍රිස් හෙමිස්වෝත්, ස්කාලට් ජොන්සන්, ජෙරමි රිනර්, ටොම් හිඩ්ල්ස්ටන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.MurderIn Mumbai‘මර්ඩර් ඉන් මූම්බායි’ දීප් සරස්වත් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක හින්දි චිත්‍රපටයකි. හයි ද්‍ර අලී, තේජස්විතා කපූර්, සම්භාවනා ෂෙත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.Son of Sardaarඅෂ්විනි ධීර් අධ්‍යක්ෂණය කළ ‘සන් ඔෆ් සර්ධාර්’ ආදර කතාවක් ඇතුළත් හින්දි චිත්‍රපටයක්.අජේ දේව්ගන්, සෝනක්ෂි සිං, සන්ජේ දත්, ජුහි චව්ලා, මුකුල් දේව්, වින්දු ධාරා සිං මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙති.Future To Bright Hai Jiසන්ජේ අමර් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෆියුචර් ටු බ්‍රයිට් හායි ජී’ දියුණුවීමට උත්සාහ ගන්නා මධ්‍යම පාන්තික තරුණ යුවලක් වටා ගෙතුන කතාවක් ඇතුළත් හින්දි චිත්‍රපටයක්. අමීර් බෂීර්, සොනාල් සිගාල්, සතිෂ් කෞෂික්, අස්රානි, නීලිමා අසිමි මෙහි චරිත නිරූපණය කරති.යතේජා ඥානරත්නඡයාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
පසුගිය කාලයේ එළි දැක්වුණු මගේ ගීත රැගත් සී. ඩී. පටයට ලැබෙන ප්‍රතිචාර ගැන දැනෙන්නේ සතුටක්. ඒත් සමගම කළ මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයත් දිගින් දිගටම ප්‍රසංගයක් ලෙස කරගෙන යන්නත් මා අදහස් කළා.ගෘහස්ථ ප්‍රසංගවලට සහභාගි වන ගමන්ම මම රැකියාව කරන සිංගර් පිනෑන්ස් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු විදියට එහි කටයුතුවලට පූර්ණ අවධානය යොමු කරලයි ඉන්නේ.
|
CREATIVE
|
යමුනා වීරසේකරපනස් වැනි වියට පා තබන සරසවිය එදා මෙදාතුර කලා ලොවට දායාද කළ පිරිස අපමණය. අද අපේ කතා නායිකාව ද ජනප්‍රිය තරුවක බවට පත් වන්නේ සරසවිය හරහාය.රඟපෑමේ සිහිනය සැබෑ කර ගැනීමේ ආශාවෙන් පසුවන ඇය සරසවිය පුවත්පතෙහි වූ දැන්වීමකට අනුව සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූවාය. ඈගේ තිබුණු සැබෑ දස්කම් දැකගත් රත්නසිරි පරණවිතාන අධ්යක්ෂවරයා සිය ‘රිදී පෝරු’ ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයකට ඇයව තෝරා ගත්තාය. එතැනින් ඇරැඹි නව මඟ ඔස්සේ අද ඉදිරි ගමන ඇරැඹීය. අද වනවිට ඈ දුර ගමනක් පැමිණි බව නම් සැබෑය. වැඩිපුරම ඇයට ලැබුණේ මවකගේ චරිතයට පණ දීමටය.‘යමුනා වීරසේකර’බොහෝ ටෙලි නාට්‍යවලදී ඇයව අපට හමු වනුයේ ඒ මවකගේ චරිතය ඔස්සේයි.‘ඒත් මම මේ දවස්වල ප්‍රියන්ත සිරිකුමාරගේ ‘බර්නාඩාගේ සිපිරි ගෙය’ කියන වේදිකා නාට්‍යයේ රඟපානවා. ඒ බර්නාඩාගේ යෙහෙළියක් විදියටයි. ඒ අත්දැකීම කාලයකට පස්සේ ලැබුණු අලුත් බවක් මගේ ජීවිතයට ගෙනාවා. වේදිකාව කියන්නේ මට ආගන්තුක දෙයක් නොවෙයි. රංගනය සඳහා මුලින්ම මා පා තබන්නේ පාසල් වේදිකාවටයි. කෑගල්ලේ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේත්, මීගමුව බෝලවලාන මහා විද්‍යාලයේත්, ශාන්ත පීතර මධ්‍යම මහා විද්‍යාලයෙත් පාසල් වේදිකාව තුළින් කළ රංගනයන් වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස මා මෙතන තබන්නට හේතුවුණු පසුබිමයි. මා සාමාන්‍ය පෙළ කරන අතරතුර මීගමුව ප්‍රදේශයේ තිබුණු සංකල්ප කලා කවයට බැඳුණේ පාසල ඔස්සේ ඇතිවුණු රංගනය පිළිබඳ පිබිදීමයි.එතැනදි වසන්ත විට්ටච්චි, එච්. ඒ. පෙරේරා, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන කියන ගුරුවරුන්ගෙන් ලැබුණ ගුරුහරුකම් රංගන ජීවිතයට වඩාත් වැදගත් වෙනවා. මේ අතර ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිභාව ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක් උදා වෙන්නේ අහම්බෙන්. නියත විවරණ සහ මනුසත්තු කියන වේදික නාට්‍ය මගේ ජීවිතයේ සංදිස්ථානයක්. මනුසත්තු හි ප්‍රධාන චරිතය රඟපාන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක්. ඊට පස්සේ භරනිය, වොයිසෙක්, කපුටු බෝ, සකුන්තලා, පුන්තිලා වගේ නාට්‍ය රාශියකටම රංගනයෙන් දායක වීමට ලැබීම මට සතුටක්. ඒ වගේම සකුන්තලා නාට්‍යය සඳහා 2004 වසරේදී රයිගම් නාට්‍ය උළෙලේදී කුසලතා සම්මානයකටහිමිකම් කීමටත් මට හැකි වුණා. එය රංගන ජීවිතයේදී මා ලැබූ ඇගයීමක්. මේ වන විට ටෙලි නාට්‍ය 50 කටත් වඩා රංගනයෙන් දායකවීමට ලැබීමත් මට ලොකු සතුටක්. මෑතකදී විකාශය වුණු රන්ගිර වගේම ඉතිං අපි කතා කරමු, සිහිනයකි ඔබ, ඔබ කවුද, සුජාතා, ගල් පිළිමය සහ බොල් පිළිමය, සදිසිතරණය ඇතුළු ටෙලි නාට්‍ය බොහොමයක් ඒ අතරයි. මේ දවස්වල දහවලට විකාශය වන ආදරණීය පූර්ණිමා හා බොරළු වැස්ස කියන ටෙලි නාට්‍යවලත් මගේ රංගනය දැකගන්න ඔබට පුළුවන්. අක්ෂරය, නිසලගිරි, රෝස කැලේ වැනි චිත්‍රපටවලත් මා රඟපෑවා.රංගනයෙන් බාහිර ගායනය ළඟත් මගේ සිත නතර වෙලා. සංගීතය, ගායනය කියන්නේ මට නුහුරු දෙයක් නෙමෙයි. මා කැලිෆ්සෝ කණ්ඩායම්වල ගී කියන්නේ අවුරුදු පහළොවේ ඉඳලයි. මේ වෙන කොට ගීත දෙකක් පටිගත කරලා අවසානයි. මගේ යහළුවන් වූ තියඩෝර් සහ ඈන් කියන යුවළගෙන් ලැබුණු සහයෝගය මත හඳුනා ගැනීමට ලැබුණු රොහාන් සහ බන්දු තමයි මගේ ගීතවල නිෂ්පාදකයෝ වුණේ. තවත් ගීත දෙකක් පමණ පටිගත කිරීමෙන් පස්සේ සී ඩී එකක් කරන්න මා බලාපොරොත්තු වෙනවා. මගේ මේ කටයුතුවලට මගේ දරුවන් තුන්දෙනා වූ ෂෙහානා, ලිලේකා, රොවින් පුතාගෙන් ලැබෙන සහයෝගයත් මේ අවස්ථාවේදී මතකයට නැඟිය යුතුමයි. මේ දවස්වල වසන්ත මොරගොඩ ගේ ටෙලි නාට්‍යයක් සඳහා රඟපෑමෙන් සම්බන්ධයි. ඊට අමතරව ආයුර්වේදය ඔස්සේ රූපලාවන්‍ය හදාරන්නත් මා යොමු වී සිටිනවා. මේ ගමන එන්න මට උදව් කළ ක්ෂේත්රයේ හැමෝටම හිස නමා ආචාර කරන බව මා කියන්නේ සමුගන්න මත්තෙන්.’සේයාරුව -ප්‍රසාද් සමරතුංගතිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
පිටපත නිකුත් වුණේ අධ්‍යාපන අමාත්යාංශයේඅනුමැතියට දුන් පිටපතින් - සුනිල්. ටීපසුගිය දිනයක අප කර්තෘතුමන් ඇමතූ ෆයින් විෂන් ආයතනයේ සභාපති රොහාන් වැලිවිට අපූරු ප්‍රවෘත්තියක් අප හමුවේ තබා දුරකථන සංවාදයට නිමාව තැබුවේය.‘සුනිල්ගෙ දරුවනේ හොර ඩී. වී. ඩී කොපි වගයක් අහු වෙලා’ප්‍රවෘත්තියෙන් කියැවුණේ එබන්දකි. හොර ඩී. වී. ඩී. ජාවාරම පිළිබඳ කිහිප විටක්ම කතාබහ කළ අපට හොර ඩී. වී. ඩී. පටයක් නිකුත්වීම ආගන්තුක ප්‍රවෘත්තියක් නොවුණ ද රොහාන් ගෙනා ප්‍රවෘත්තියේ අතිශය උණුසුම් බවක් රැඳී තිබුණේ දරුවනේ තවමත් අති සාර්ථකව තිරගත වන හෙයිනි. එවැනි චිත්‍රපටයක අතිශය හොඳ තත්ත්වයේ එහෙමත් නැතිනම් කොලිටි ඩී. වී. ඩී. පටයක් රට පුරා අනවසරයෙන් ප්‍රචලිත වූයේ කෙසේද?අප සියලු දෙනාගේ එදින මාතෘකාව බවට පත්වූයේ මේ කතාබහයි. මෙම ඩී. වී. ඩී. තැටිය එක් රැයකින් රට පුරා ව්‍යාප්තව තිබූ බවත් කිසිදු බියක් සැකයකින් තොරව ඩී. වී. ඩී. පටය අළෙවි කරන බවටත් අසන්නට ලැබුණි. මේ පිළිබඳ පැන නැගී ඇති ගැටළුව විසඳා ගැනීමට පසුගියදා අපි සුනිල් ටී. ප්‍රනාන්දුගෙන් තොරතුරු විමසුවෙමි.‘දරුවනේ දින පනහ සපුරන දවසේ තමයි මේ ආරංචිය අපට දැනගන්නට ලැබුණේ. රට වටා කිහිප දෙනෙක් මේ ඔත්තුව ඉතාමත් වගකීමෙන් අපට ලබා දුන්නා. ඉන් පසුව අපි පුවත්පත්වල දැන්වීම් පළ කළා. දරුවනේ හොර ඩී. වී. ඩී. තැටිය පිළිබඳ දත්ත ලබා දෙන්නකුට ලක්ෂයක මුදල් ත්‍යාගයක් පරිත්‍යාග කිරීමට මා පෞද්ගලිකව තීරණය කොට තිබුණා. මෙම දැන්වීමට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව රට වටා නීති විරෝධී ලෙස ඩී. වී. ඩී. පිටපත් ලඟ තබා ගත් බොහෝ දෙනා අත්අඩංගුවට ගන්නට හැකි වුණා. මෙම ඩී. වී. ඩී. පිටපත් සියල්ලම ලබාගෙන තිබෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමැතියට දුන් පිටපතෙන්. ඒ පිටපතෙහි ‘අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශනයට පමණි STF’ ලෙස සඳහන්ව තිබුණා. ඒ පිටපතෙන් තමයි චිත්‍රපටය පිට ගියේ.මේ වෙලාවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු හැම දෙනාම ඉතාම මහන්සියෙන් මේ කටයුත්තට තම දායකත්වය ලබා දුන්නා. ඒ හැමෝටම ස්තුතියි. සුනිල් කතාව නිමා කළ ද මේ කතාව මෙතනින් නිමා නොවෙන බව නොරහසක්. ලක්ෂ ගණන් මුදල් වියදම් කොට නිපදවන ලද චිත්‍රපට රුපියල් සියයට අසූවට විකුණන ජාවාරම්කරුවන්ට මෙය නම් සුළු සිදුවීමක් පමණකි. එබැවින් චිත්‍රපටවලට ආදරය කරන ඔබ මේ මොහොතේ සීරුවෙන් සිටීම ඉතාම වැදගත්ය. හොර චිත්‍රපට මිලදී ගෙන ඒවාට අනුබල දීම අපේ සිනමාවට ආදරය කරන ඔබ නොකළ යුත්තකි.දරුවනේ චිත්‍රපටයේ හොර පිටපත් සොයමින් පොලීසිය මේ දිනවල දැවැන්ත මෙහෙයුමකය. ඒ මෙහෙයුමට ඔබටත් දායක විය හැක්කේ නිවැරැදි තොරතුරු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමෙනි.- චතුර
|
CREATIVE
|
86 වැනි ඇකඩමි සම්මාන උලෙළ පසුගිය 02 වැනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රංග ශාලාවේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.හොළිවුඩ් තරු පිරිවරා පැවැති මෙවර උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ ස්ටීව් මැක්වීන් අධ්‍යක්ෂණය කළ ‘12 ඉයර්ස් අ ස්ලේව්’ චිත්‍රපටය යි.මෙවර ඔස්කාර් සම්මානයන් සඳහා නිර්දේශිත නාමයන් වැඩිම සංඛ්‍යාවකට හිමිකම් ලැබූයේ ග්‍රැවිටි චිත්‍රපටය යි. එය සම්මාන 10ක් සඳහා නිර්දේශ වූ අතර එයින් සම්මාන හතක් දිනා ගත්තේය.හොඳම අධ්යක්ෂණයඅල්ෆොන්සෝ ක්වෝරන් – ග්රැවිට්හොඳම නළුවාමැතිව් මැක්කොනහි – ඩලස් බයර්ස් ක්ලබ්හොඳම නිළියකේට් බ්ලාන්ෂේ – බ්ලූ ජස්මින්හොඳම සහාය නළුවාජෙරෙඩ් ලෙටෝ - ඩලස් බයර්ස් ක්ලබ්හොඳම සහාය නිළියලුපිටා නියෝජිඕ - 12 ඉයර්ස් අ ස්ලේව්පරිගණක සජීවකරණ වෘත්තාන්ත චිත්රපටයෆ්රෝසන්හොඳම කැමරාකරණයග්රැවිට් – එමානුවෙල් ලුබර්ස්කිහොඳම ඇඳුම් නිර්මාණයද ග්‍රේට් ගැස්ට්බි – කැතරින් මාර්ටින්හොඳම වාර්තා චිත්‍රපටය20 ෆීට් ෆ්‍රොම් ස්ටාර්ඩම් - මෝගන් නෙවිලිහොඳම සංස්කරණයග්රැවිටි – අල්ෆොන්්සෝ ක්වෝරන්, මාර්ක් සැන්ගර්හොඳම විදෙස් චිත්‍රපටයද ග්‍රේට් බියුටි – ඉතාලියහොඳම වේෂ නිරූපණයඩලස් බයර්ස් ක්ලබ් – අධුර්තා ලී, රොබින් මැතිව්ස්හොඳම ස්වීය සංගීතයග්රැවිටි - ස්ටීවන් ප්රයිස්හොඳම ගීතය‘‘Let It Go’ - ෆ්රෝසන්සංගීතය සහ පද රචනය – ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් ලෝපේස්, රොබර්ට් ලෝපේස්හොඳම නිෂ්පාදන සැලසුම්කරණයද ග්‍රේට් ගැට්ස්බි – කැතරින් මාර්ටින් (නිෂ්පාදන සැලසුම්කරණය), බෙවර්ලි ඩුන් (පසුතල නිර්මාණය)හොඳම කෙටි චිත්‍රපටය (පරිගණක සජීවකරණ)මිස්ටර් හියුබ්ලොට් - ලෝරන්ට් විට්ස්, ඇලෙක්සැන්ඩර් එසිපිගර්ස්හොඳම කෙටි චිත්රපටයහීලියම් – ඇන්ඩර්ස් වෝල්ටර්, කිම් මැගුන්සම්හොඳම සංගීත සංස්කරණයග්රැවිටි – ග්ලීන් ෆ්රීමන්ට්ල්හොඳම සංගීත සංයෝජනයග්රැවිටි - ස්කිප් ලිවර්සෙ, නිව් ඇඩ්රි, ක්‍රිස්ටෝපර් බෙන්ස්ටෙඩ්, ක්‍රිස් මුන්රෝහොඳම දෘෂ්ටි ප්රයෝගග්රැවිටි – ටිම් වෙබ්බර්, ක්‍රිස් ලෝරන්ස්, ඩේව් ශ්‍රික්, නීල් කෝබොල්ඩ්හොඳම අනුවර්තන තිර රචනය12 ඉයර්ස් අ ස්ලේව් – රූපරචනය - ජෝන් රයිඩ්ලිස්වීය තිර රචනයහ(ර්) – රචනය - ස්පයික් ජෝන්ලෙමෙවර උලෙළේ ජීන් හර්ෂොල්ට් මානුෂික සම්මානය ඇන්ජලීනා ජොලී වෙත පිරිනැමුන අතර ඇන්ජෙලා ලෑන්ස්බරී, ස්ටීව් මාර්ටින් සහ පීරෝ තෝෂි විශේෂ ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූහ.යතේජා ඥානරත්න
|
CREATIVE
|
මේ ඡායාරූපයේ සිටින්නේ අපේ සිනමාවේ යුග දෙකක සුවිශේෂ චරිත දෙකක්. සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම සහාය අධ්යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි සහ මේ දිනවල කාර්යබහුලම සහාය අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්ත. මේ දෙපළ මේ විදිහට හමුවෙලා තියෙන්නේ රුක්මණී දේවි රඟහලේ පැවැති ‘ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදීයි.මේ 1960 දශකයේ අග භාගයේදී මහනුවර පැවැති සංගීත ප්‍රසංගයකට යන අතරතුරේදී ගන්නා ලද ඡායාරූපයක්. ගීත රචක චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ, ජේ. ඒ. රොම්ලස් පෙරේරා, ලක්ෂ්මන් රුද්‍රිගු, මිල්ටන් පෙරේරා ගායන ශිල්පීන් සමඟින් ළමා ගායිකා ශිරෝමාලා ප්‍රනාන්දු සහ ක්ලෝඩ් ද සොයිසා. එදා ඒ සංගීත ප්‍රසංගය සංවිධානය කරලා තිබුණේ ඇ. ලයනල් ද සිල්වා විසින්. මේ ඡායාරූපය රූප පොතේ මතක අතරට එක් කළේ එවකට මල්පියලි සහාය සංස්කාරක ලෙස කටයුතු කළ චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ විසින්.පාඨක ඔබ ළඟත් මෙවැනි වූ සොදුරු මතක සටහන් තිබේ නම් ඒවා තවත් අමරණීය මතකයන් බවට පත් කිරීමට සරසවියට එවන්න. එවිට ඒ මතක ඔබ අප කා අතරත් සුන්දර මතකයන් ලෙස රැඳෙනු ඇත.- යතේජා ඥානරත්න
|
CREATIVE
|
මගේ ගම ඉතා දුර බැහැර සුන්දර ගමක්. ඒ ගැමි පරිසරයේ අපි නිදහසේ සිංදු කිව්වා. නැටුවා. ඒ හැකියාව තමයි මගේ කලා හැකියාවට මූලික අඩිතාලම දැම්මේ. ඒ වගේමයි සරසවිය.සරසවිය අපට අත දුන්නේ නැත්නම් මේ දක්වා දුරක් එන්න ලැබෙන්නේ නැහැ.මට මතක ඇති කාලයේ පටන්ම සරසවිය පත්තරය බලනවා. ඒ වගේම හැම පත්තරයක්ම පරිස්සමට එකතු කරල තියෙනවා. සරසවිය මේ විදියට මගේ ජීවිතයට ළං වේවි කියල කවදාවත් හිතුවේ නැහැ. මේ විදියට සිය අතීතය ආවර්ජනය කළේ ප්‍රමිලා වර්ණසූරිය. ඇය තමයි මෙවර රඟපාන්න ආසයි වරම් ලබා ගත්තේ.ප්‍රමිලා යළිත් ඔබේ කතාව ආරම්භ කරන්න මේ අවස්ථාව.මගේ ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව කියන ගම. මම අධ්‍යාපනය හැදෑරුවේ මිගලෑව ජාතික පාසලෙන් සහ ඇහැටුව බණ්ඩාරනායක මහා විද්‍යාලයෙන්. පාසලේදී වගේම ගමේ තිබුණ හැම කලා කටයුත්තකටම මම සහභාගි වුණා. නාට්‍ය, සංගීතය වගේම පාසලේ විවාද කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළා. 1991 වසරේ මගේ ‘ආවර්ජනා’ නමැති කෙටි කතාව මහවැලි කලාප හතේ හොඳම කෙටි කතාව ලෙස සම්මාන ලැබුවා.පාසල් අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික ආයතනයක අලෙවි ප්‍රවර්ධන නිලධාරිණියක් ලෙස සේවයට බැඳුණත් කලාවට ඇති බැඳීම නම් බිඳක්වත් අඩු වුණේ නැහැ. මේ අතරෙදි අහම්බෙන් දැනගන්න ලැබුණා දූවරු ටෙලි නාට්‍ය පිළිබඳ වැඩමුළුවක් ගැන. ඒ සඳහා සහභාගි වීමෙන් පසුව දූවරු නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාව මගේ ජීවිතේ ඉතා වටිනාම අවස්ථාවක්. මුලින්ම කැමරාවක් ඉදිරියේ පෙනී සිටියේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය සමගයි. එය මගේ ජීවිතයේ මා ලද වාසනාවක්. මට කලා ක්ෂේත්රයේ ඉදිරියට යන්නත් එය ආශිර්වාදයක් වුණා.ප්‍රමිලා ඔබ කලා ක්ෂේත්රයේ ලද අවස්ථා ගැනත් කියමුද?දූවරු, භාර්යාවෝ, මලී, මං ආසයි පියාඹන්න, ආදරේ අහස තරම්, සිහින පියාපත්, හීන් හිනා හා සිත නිවන කතා යන ටෙලි නාට්‍යවල මට රංගනයට වරම් ලැබුණා. ඒ වගේම සැරද බඹගුරු, කෝ මාක් කෝ, චිත්‍රපට සහ ෂෝටස් මෑන් ඩී. වී. ඩී. චිත්‍රපටයේ රංගනයට අවස්ථා ලැබුණා. ඒ වගේම විජය කුවේණි චිත්‍රපට කණ්ඩායමටත් මම සම්බන්ධ වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටින්නත් අවස්ථාව උදා වුණා. ඒ වගේම මම සුගත් සමරකෝන් මහතාගේ රංගන පාසලේ අධ්‍යාපනය හදාරනවා.රංගනයට අමතරව ගායනයටත් යොමු වෙලාද?ඔව්. ගීත ගායනයට ගොඩක් කැමැතියි. අපේ ප්‍රදේශයේ තියෙන සංගීත ප්‍රසංගවලට සහ අනෙකුත් උත්සව අවස්ථාවලදී ගීත ගායනා කරනවා. නමුත් වෘත්තීය මට්ටමෙන් කරන්නේ නැහැ.කලා කටයුතු සඳහා ප්‍රවීණයන්ගෙන් වගේම පවුලේ අයගෙන් ලැබෙන සහාය ගැනත් කියමු?අපේ සිනමා නිළි රැජනගෙන් මට ගොඩක් වටිනා උපදෙස් රැසක් ලැබුණා. ඒ වගේම සුගත් සමරකෝන් මහතා සහ මිගලෑව ජාතිත පාසලේ විදුහල්පතිව සිටි ඩබ්ලිව්. වන්නිනායක මහතා විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. වන්නිනායක මහතා පාසල් කාලයේ කලා කටයුතු සඳහා යොමු වෙන්නට අවසර ලබා දුන්නා. මගේ පවුලේ අය තමයි කුඩා කල පටන් මගේ හැකියාවන් දැක්කේ. ඒ සියලු දෙනාගේම ආශිර්වාදයත් මට නිරතුරුව ලැබෙනවා.ප්‍රමිලාට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ?කෙටි කාලයක් ඇතුළත මට විවිධ චරිත ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මම ගැමි චරිතවලට ගොඩක් කැමැතියි. ඊට අමතරව ක්‍රියාදාම චිත්‍රපටවලටත් කැමැතියි.- යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
අශෝක සෙනරත් මුදලිගේ ගෙන්ගාමිණී ෆොන්සේකාටඋපහාරයක්නාට්යවේදියකු මෙන්ම පිටපත් රචකයකු ද වන අශෝක සෙනරත් මුදලිගේ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රංගවේදියාණන් වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් මෙම මස 15 දින එනම් එන අඟහරුවාදා සවස 3 ට බොරැල්ල සිංහල සංස්කෘතික ආයතනයේදී (සුදර්ශිය) පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ. එදිනම අශෝකගේ හතළිස් වැනි කලා ජීවිත සැමරුම ද සිදු වනු ඇත.මේ සුවිසෙස් කර්තව්‍ය පිළිබඳ ඔහු තවත් පැහැදිලි කළේ මෙසේය.ගාමිණී ෆොන්සේකා කියන්නේ ඇවිදින විශ්ව කෝෂයක් කිව්වොත් වැරැදි නැහැ. මම එතුමාණන්ගෙන් ඉගෙන ගත් දේ බොහෝයි. ගාමිණී සර් අප අතරින් වියෝ වෙලා වසර නවයයි. එහෙයින් මම මේ උත්සවය සංවිධානය කරන්න හිතුවා.මොනවද එදින සිදු වන්නේ?මීට වසර දහයකට ප්‍රථම මං වැඩ සටහනක් කළා සිිනෙරූ තරු නමින්. එයට නිවේදකයකු හිටියේ නැහැ. වැඩ සටහන මෙහෙය වූයේ ද ඊට සහභාගි වූ ගාමිණී මහත්තයා, මාලිනී ෆොන්සේකා අක්කා සහ සුනිල් ආරියරත්න මහාචාර්යවරයා. එම වැඩසටහන ඩී වී. ඩී. ගත කළා. එපමණක්ද නොව එම තැටියට ගාමිණී මහත්තයාගේ ජීවිතයේ ඉතා වැදගත් වන මොහොතවල්හි ඡායාරූප, චිත්‍රපට ගීත ද එකතු කරනු ලැබුවා. අන්න ඒක එදාට එළි දක්වනවා. ඒ වගේම ගාමිණී ගුණ සමරු කතා කිහිපයක් ද පවත්වනවා.සිනෙරූ තරු වැඩසටහන ගැන ගාමිණී මහත්මයා මොන වගේ අදහසක් ද දැරුවේ?දෙමෝදර පාලම සිනමාපටයේ සහාය අධ්යක්ෂවරයා හැටියට වැඩ කළේ මම. එහෙදියි ගාමිණී මහත්මයා හා මගේ හිතවත්කම වැඩි වූයේ. කාලයක් තිස්සේ අප ළඟ මිතුරන් වූවා. ඔන්න සිනෙරූ තරු වැඩ සටහනෙහි අදහස මසිතට ආපු ගමන් මම ඔහුට දුරකතන ඇමතුමක් දුන්නා.මුදලිගේ මේ පාර මොන නාඩගමක් නටන්න ද මේ හදන්නේ?ගත්ත ගමන් ඔහු එහෙම ඇහැව්වා.මම වැඩ සටහනේ විස්තරය කිව්වා.මුදලිගේ එහෙනම් වෙන කාවවත් මේකට පටලවා ගන්නෙ නැතුව ඔයාම පිටපත අරගෙන එන්නකෝ.ඔහු එහෙම කිව්වාම මගේ සිත සතුටින් ඉපිළ ගියා. ලෙහෙසියෙන් ගාමිණී මහත්තයා වැඩකට සැටිස් වෙන්නේ නැහැ. ඔහු වඩාත් ප්‍රිය කලේ වැඩසටහනට නිවේදකයකු නොමැති වීම. එතුමාණන්ගේ වචනවලින්ම කිව්වොත් නිවේදකයකු නිසා ගුවන් කාලයෙන් අඩක්ම ඔහු ගන්නවා කිව්වා. එතකොට ඉඩක් ලැබුණොත්ලු කලාකරුවාට අවස්ථාවක් දෙන්නේ. ඉතින් ගාමිණී මහත්තයා මෙම වැඩ සටහන කළේ ඉතාමත් සතුටින්.සිනෙරූ තරු ඩී. වී. ඩී. තැටිය වත්මන් පරපුරට වැදගත් වන්නේ කොහොමද?ඇත්තටම වසර දහයකට ප්‍රථමයෙන් වැඩසටහන පටිගත කළත් අදටත් මෙහි නැවුම් ගතිය තියෙනවා. මෙමඟින් ගාමිණී මහත්මයා පිළිබඳ නොදත් පරපුරකට ඔහුගේ බොහෝ තතු දැනගත හැකියි. මං ඒකයි විශේෂයෙන්ම මෙය අවුට් කරන්නට හිතුවේ.නිළි රැජන මාලිනී ෆොන්සේකා ඔබේ ළඟම ඥාතිවරියක් නේද? ඒ ගැනත් සඳහන් කරමු?මගේ අක්කා තමයි මාලිනී අක්කගේ එක මල්ලි කෙනකු වන උපාලි ෆොන්සේකා විවාහ වෙලා ඉන්නේ. ඒ දෙන්නගෙ දරුවා තමයි සිරි පැරකුම් චිත්‍රපටයේ රඟපාපු සෙනාලි ෆොන්සේකා. මාලිනී අක්කත් මගේ කලා කටයුතුවලට ලබා දෙන සහාය අපමණයි. 15 වැනිදා ඇය විශේෂ ආරාධිත අමුත්තියක් විදිහට සහභාගීවීමට නියමිතයි.ඔබේ කලා ජීවිතයට හතළිස් වසරයි. මොකද හිතෙන්නේ?හරිම සතුටුයි. 1972 සිට මේ දක්වා නාට්‍යකරණයේ යෙදෙනවා. මං ඒ වගේම සහාය අධ්යක්ෂවරයකු වශයෙනුත් නිර්මාණ කිහිපයක් කළා. මං අවසන් වරට නිර්මාණය කළ ඇන්කොණ්ඩා සහ සිංහ දියණි නාට්‍යවලට හොඳ ප්‍රතිචාර ලැබුණා. තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නයි හිතාගෙන ඉන්නේ. මේ වෙලාවේ මට මුල ඉඳල උදවු කරපු උපාලි අත්තනායක, සරත් දසනායක, ආරියවංශ වීරක්කොඩි යන මහත්වරුන්වත් මගේ පාසල කොළඹ ඉසිපතන විද්‍යාලයත් මතක් කළ යුතුයි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ජනප්‍රිය ගායන සූපවේදී දොන් ෂර්මන් ගේ අලුත්ම සංගීත වීඩියෝව, ‘ඔය ඇස්’ පසුගියදා කොළඹ කින්ස්බරි හෝටලයේදී මාධ්‍යයට මුදා හැරියේය. ‘ඔය ඇස්’ ගීතයේ පද රචනය මහින්ද කේ. ප්‍රේමසිරි ගෙනි. මෙහි සංගීතය සහ අධ්‍යක්ෂණය තරුණ සංගීතවේදී සුනෙත් කැළුම් ගෙනි. ගීතය සම්පූර්ණයෙන්ම වීඩියෝ ගතකර ඇත්තේ මැලේසියාවේ සුන්දර දර්ශන තලයන්හිදී වීම මෙහි ඇති අපූර්වත්වයයි. ගායක දොන් ෂර්මන් සහ සංගීත අධ්යක්ෂ සුනෙත් කැළුම් මාධ්‍ය දිග හැරුමේදී ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.සටහන / සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
රූප පොතේ මතක අද සැරසෙන්නේ සුවිශේෂී ඡායාරූප පෙළකින්. සිනමාවේ පෙළහැර පෑ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක්ම මෙම ඡායාරූපවල දකින්නට ලැබීමත් සුවිශේෂීයි. ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට අධ්යක්ෂවරයෙක් තමයි එම්. මස්තාන්. අධ්යක්ෂවරයෙක් වුණත් ඔහු ඉහළ පෙළේ අති දක්ෂ කැමරා ශිල්පියෙක ලෙසත්.ක්ෂේත්රයේ නමක් දරපු අයෙක්. ඉන්දියාවේ ඉපදුණත් මස්තාන් අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකාවේදී. ඔහු ඉන්දියාවේ ඉපිද ලංකාවට පැමිණ අධ්‍යාපනය ලබා යළිත් ඉන්දියාවට ගොස් චිත්‍රපට ක්ෂේත්රයේ කිරුළු පැළැඳි සිනමාවේදියෙක්. ඔහුගේ ශිෂ්‍ය පරම්පරාව පවා ඉහළ පෙළේ ශිල්පීන් බවට නම් දැරූ අය. අල්ලපු ගෙදර, සූර චෞරයා, ධිවරයෝ, ආත්ම පූජා වැනි විශිෂ්ට නිර්මාණ කළ මස්තාන්, එරට චිත්රාගාරවලින් බැහැරව චිත්‍රපට රූගත කිරීම ආරම්භ කිරීමේ පුරෝගාමියා වීම විශේෂයි.ඉහළ ඡායාරූපයමස්තාන් අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය ආත්ම පූජා. ප්‍රංශයේ මහා ලේඛක ඇලෙක්සැන්ඩර් ඩුමාගේ ‘ද කෝසිකන් බ්‍රදර්ස්’ කතාව තමයි මේ සඳහා පාදක වුණේ. ආත්ම පූජා රූගත කරද්දී ලද විවේකයකදී තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. මස්තාන් ඇතුළුව ගාමිණී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා, සහාය අධ්යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි, වී. වාමදේවන් සහ එඩී ජයමාන්න පෙනී සිටින මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ මන්නාරමේදී.පහළ ඡායාරූපයහියුගෝ ප්‍රනාන්දු, ඇන්තනි සී. පෙරේරා, එඩී ජයමාන්න සහ ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස මේ සුපිරි අධ්යක්ෂවරයා සමඟ මෙම ඡායාරූපයට පෙනී සිටියේ ඔහු මෙරටින් සමුගෙන යළි ඉන්දියාව බලා යෑමට ප්‍රථම රත්මලාන ගුවන් තොටුපොළේදීයි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
ඔවුන් සියල්ලම ඉටි රූප තමයි. එහෙත් මැඩම් ටු සෝඩ්ගේ කෞතුකාගාරයේ මීළඟ ඉටි රූපය වීමට යන්නේ කත්රිනා කායිෆ්ය. ජනතා මනාපයෙන් ලන්ඩනයේ මැඩම් ටූ සෝඩ්ගේ කාමරයට යෑමට කත්රිනා වරම් ලැබුවේ දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රා පරදවමිනි. මේ අනුව අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, රිතික් රෝෂන්, අයිශ්වර්යා රායි, මධුරි ඩික්සිත්, කරීනා කපූර්ගේ ඉටි රූප අතරට එක් වන්නේ කත්රිනා කායිෆ්ය.මේ අතර රන්බීර් සමඟ පැවති සම්බන්ධය කත්රිනා ඊළඟ මට්ටමට ගෙන යාමට තීරණය කර ඇත. දැන් දෙදෙනා ජීවත් වන්නේ එකටය.
|
CREATIVE
|
රංගන ශිල්පිනීතෙසාරා ජයවර්ධනගෙවුණු අවුරුදු කාලය මා ගත කළේ හිරු රූපවාහිනියේ අවුරුදු උළෙලත් සමඟයි. ඒ නිසා අවුරුද්දට මම ගොඩක් කාර්යබහුල වුණා. මේ දවස්වල නම් මම ගෙදරට වෙලා මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට සූදානම් වෙනවා. ඒ අතර ‘ස්නේහා’, ‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යවල රඟපානවා.‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ මම කරන චරිතයට වගේම ‘සැමීගේ කතාව’ චිත්‍රපටයටත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන සතුටුයි.
|
CREATIVE
|
මගේ දැන් වැඩි කාලයක් ගත වෙන්නේ නර්තන පංතියේ කටයුතු වෙනුවෙනුයි. මේ වසරේ අගදී ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒ වෙනුවෙන් පුහුණුවීම් කරගෙන යනවා.
|
CREATIVE
|
ගායන ශිල්පී ජානක වික්‍රමසිංහසිංහල අලුත් අවුරුදු සමයේ ප්‍රසංග කිහිපයක්ම යෙදිලා තියෙනවා. දශක ගණනාවකට පසු මිනිසුන්ට නිදහස ලැබිලා තියෙන නිසා දැන් ජනතාව ප්‍රසංග වේදිකාව වටා රොක්වෙලා සිටිනවා. කලාකරුවෙක් විදියට ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම මේ සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවානේ. ඒ දවස මම වැලිකඩ බන්ධනාගාරයේ ගත කරන්න සූදානම් වෙලා ඉන්නේ. එදිනට එහි සංවිධානය වෙන ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න තියෙනවා. ඊට අමතරව පුණ්‍ය කටයුතු කිහිපයක්ම යොදා ගෙන තියෙනවා.ඒ වගේම මේ වසරේදී අලුත් ගීත කිහිපයක්ම එළි දක්වන්නත් බලාපොරොත්තු වෙනවා. අරිසෙන් අහුබුදු සූරීන් වසර ගණනාවකට පෙර රචනා කළ ගීතයක් සහ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රචනා කළ ගීතයකුත් ඇතුළත් වෙනවා. ගත වූ කාලය පුරාවට කලාකරුවෙක් විදියට දැනුන දෙයක් තමයි ජාතික අභිමානය, බුදු දහම ගැන කියෙවෙන ගීත බිහිවීමේ අඩුව.ඉදිරි කාලය ඒ අඩුව පුරවාලන්න ගීත එළි දක්වන්නත් විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේ දවස්වල වෙහෙසෙන්නේ ඒ කටයුතු වෙනුවෙන්. ඒ වගේම මෙතරම් ජනප්‍රියත්වයක් ලබා දුන් රසික ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
|
CREATIVE
|
සිංහල සිනමාවේ ප්‍රථම නිළි රැජන අසහාය ගීත කෝකිලාව රුක්මණී දේවියගේ 90 වන ජන්ම දිනය ජනවාරි 15 වැනි දාට යෙදේ. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි මෙවරත් ‘රුක්මණී දේවී සැමරුම් ගී ප්‍රසංගය’ මෙම 15 වැනි දා පෙරවරු 9.00 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලන ශාලාවේ දී පැවැත්වේ.අඛණ්ඩව වසර 24 ක් පුරා පැවති මෙම සැමරුම් ප්‍රසංගයේ මේ එළැඹෙන්නේ 25 වැනි සැමරුමටයි. රුක්මණී දේවිය වෙනුවෙන් ආරම්භ කෙරුණු රජයේ ලියාපදිංචි කර ඇති ප්‍රථම අනුස්මරණ සංගමය වන ‘රුක්මණී දේවී අනුස්මරණ සංගමය’ මෙය ඉදිරිපත් කරයි. එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති වන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු මෙන්ම ප්‍රකට නාට්‍ය කරුවකු වන හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්ය.වසර පනස්පහකට අධික කීර්තිමත් මාධ්‍ය දිවියකට හිමිකම් කියන ඔහුගේ පුවත්පත් කලා ජීවිතය ආරම්භ වන්නේ 1956 වසරෙදීය. ඒ කතෝලික පුවත්පතක් වූ ‘ඥානාර්ථ ප්‍රදීපය’ තුළිනි. ඉන්පසු ‘ලංකා චලන චිත්‍ර, ජනතා, සිරිකත, කලා මේලා, සිනමාව, සේයා, දැන් දැන්, ගීතා, සිනෙ ගීතා, සත්දින, සියපත, පෙරළිය, සුරතුර, පියකරු, සිත්සර, කුමරි, දිවයින’ ඇතුළු සිනමා පුවත්පත්, සඟරා රාශියකටම ඔහු සම්බන්ධව සිටියේය.ඒ තුළින් ඔහු දුකට පත් වූ කලා කරුවන් ගැන ලියන්න, ඔවුන්ට හැකි පමණින් පිහිට වන්න වෙසෙසින්ම මහන්සි ගත්තේය. ඒ ඔහුගේ හැටිය. ‘පුවත්පත් කලා ජීවිතය තුළ රැඳෙන්න ආසාවක් මට ඇති වුණේ ඇත්තටම රුක්මණී දේවී නිසා. ඒ මා ගත් රුක්මණී දේවියගේත් එඩී ජයමාන්නගේත් ඡායාරූපයක් ‘චලන චිත්‍ර’ පුවත්පතේ පළ වීම නිසා. ඒ 1958 දී. ඒ සිද්ධිය අදටත් මට මිහිරි මතකයක්. ඒ නිසාම රුක්මණිය මගේ සමීප මිතුරියක් බවටත් පත් වුණා.එයට ගරු කිරීමක් හැටියට තමයි ඇයගේ ඇවෑමෙන් ‘රුක්මණී දේවි අනුස්මරණ සංගමය’ පිහිටුවන්න මූලික වුණේ. 1989 ඔක්තෝබර් 29 වැනි දා මරදාන මාධ්‍ය කේන්ද්‍රයේ දී සහෝදර නිළියක් වන චාන්දනී විජේතුංග සමඟ එක්වී මා එය ආරම්භ කළා. එමඟින් රුක්මණී දේවි මාවත, රුක්මණී දේවි සමරු මුද්දරය, ශිෂ්‍යත්ව ප්‍රධානයක් සහ රුක්මණී දේවී රංග කලා කේන්ද්‍රයක් බිහි කරන්නටත් අපට හැකි වුණා.මෙතෙක් ලංකාවේ වසරකට අඛණ්ඩව උත්සව දෙකක් පවත්වාගෙන යන එකම අනුස්මරණ සංගමය වන්නේ එයයි. රුක්මණී දේවිය හමුවීමෙන් ලේඛකයකු වූ මා ඇය මියයන තුරුම සහෝදරත්වයෙන් ඇසුරු කළ නිසා ඇයගේ නම රැක ගැනීමට මට කළහැකි සෑම දෙයක්ම මගේ පණ තියෙනකම් කරනවා.’ හෙන්රි සංගමයේ ආරම්භය පැහැදිලි කළේ එසේයි. නිහතමානී අවිහිංසක දිවි පෙවතක් ගත කරන ඔහු තම රෝගී බිරියට සියලු ඇප උපස්ථාන කරමින් තමන්ගේම අතින් කවාපොවා ගෙවනා ජීවිතය හරිම අපූරුය . මේ සියලු කලා කටයුතු සිදුවන්නේ ඒ යුතුකම් දවසේ මූලික දේ කරගනිමිනි.- චන්දු ඉඹුලානරුක්මණී දේවියගේ 90 වැනි ජන්ම දිනය නිමිති කර ගනිමින් රුක්මණී දේවි අනුස්මරණ සංගමය සංවිධානය කරනු ලබන රුක්මණී දේවි සැමරුම් ගී ප්‍රසංගයේ රොජර් සෙනෙවිරත්න, ෆීලීක්ස් ඇන්ටන්, සිරිමා ඇනෙස්ටා, මර්සලින් එඩ්වින් පෙරේරා, ඊ. ජී. ඒ. චිත්රකාන්ති, චන්දු ඉඹුලාන ලියනආරච්චි, ඇන්ටන් වේවැල්දෙණිය, සුසිල් වික්‍රමසූරිය, සනි ප්‍රනාන්දු, විනිෆ්රිඩා මල්ලිකා පීරිස්, වරුණ ශාන්ත අභයවර්ධන, ශ්‍රියා සේනානායක, රන්ජන් දහම්පත් ජයසේන, සුනිලා භද්‍රා බමුණුසිංහ, සමන් ක්රිෂාන්තස්, දමිතා නන්දනී, ස්වර්ණලතා මෙන්ඩිස්, පර්ල් රන්ජනී සිල්වා යන පිරිස මෙහිදී ගී ගයන ලබති.සංගීතය සුනෙත් මුතුකුමාරණ මෙහෙයවයි.
|
CREATIVE
|
තරු වන්නේ පොළොවේ පය ගසා සිටින චරිතයි. එනිසා දුක සැප ඔවුන්ට ද පොදුය. සුරතල් දඟකාර වයසේ පසුවන ඉම්රාන් භෂ්මිගේ සිව් හැවිරිදි පුතු පිළිකාවකින් පීඩා විඳින බව දැනගන්නට ලැබුණේ මෑතකදීය.වකුගඩුවේ තිබූ පිළිකාමය ගෙඩිය සාර්ථක ලෙසින් සැත්කමකින් ඉවත් කෙරුණේ පසුගිය පහළොස් වැනිදාය. දැන් ඉම්රාන් පුංචි පුතු සමඟ පිටරට ගොස් කිමෝතෙරපි ප්‍රතිකාර ලබාදීමට බලාපොරොත්තු වන්නේය.මිට පෙර බොලිවුඩය කැලඹුණේ විශිෂ්ට නිළියක වූ මනීෂා කොයිරාල ඩිම්බ කෝෂ පිළිකාවකට ගොදුරු වූ ආරංචිය අසාය. ඒ ඉරණමට මුහුණ පා සිටින අලුත්ම සාමාජිකයා ඉම්රාන්ගේ සිව් හැවිරිදි පුතු අයාන්ය. පිළිකාව පළමු අවස්ථාවේදීම සොයා ගත් නිසා පුතුගේ ජීවිතයට කිසිදු අනතුරක් නැත.වසර හයහමාරක් පර්වීන් ෂහානි සමඟ ආදරයෙන් බැඳී සිටි ඉම්රාන් විවාහ වූයේ වසර 2006 දීයි. ඔවුන්ට අයාන් පුතු ඉපදුණේ 2010 වසරේ පෙබරවාරි 3 වැනිදායි. මේ කටුක අත්දැකීම ලබන විට ඔහු රඟපාමින් සිටියේ කුනාල් දේශ්මුක්ගේ ‘ෂාර්’ සිනමාපටයේයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
මව, බිරිය ද්වන්ධ සටනක යෙදී සිටියදී අසරණ වන්නේ සැමියායි. සිනමාපටයක හුරු පුරුදු සැමියාගේ චරිතය අලුතින්ම රඟන්නේ අභිෂේක් බච්චන්ය. බච්චන් පවුලේ ආරාවුල බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු ආරංචියක් නෙවෙයි. පසුගිය දා අම්බානි ගේ නිවෙසේ පැවැති සාදයේ දී අභිෂේක් සහ අයිශ්වර්යා රායි දබර වීමත් සමඟ කටකතාව වඩාත් ශක්තිමත් වී තිබේ. දබරයට හේතුවී තිබෙන්නේත් අයිශ්වර්යා තම මව ජයා බච්චන්ට සලකන ආකාරය පිළිබඳ හටගත් ගැටලුවකි.අහානා ඩියොල් ගේ විවාහයේ දීත් නැන්දණියගෙන් දුරස් වී සිටීමට ඈෂ් උත්සාහකර තිබේ. අම්බානිගේ සාදයේ දී දෙදෙනා මුහුණට මුහුණ පවා බලා නැත. ඈෂ්, අභිෂේක් සමඟම කාලය ගතකර තිබේ. ජයා, අමිතාබ් අසලින්ම සිටියාය.සැමියාගෙනුත්, මාමණ්ඩියගෙනුත් පෞදිගලික ජීවිතයටත්, වෘත්තීය ජීවිතයටත් කරදරයක් නැතත් ජයා ඇයගේ ජීවිතයට පමණට වඩා ඇඟිලි ගැසීම මේ නොහොඳ නෝක්කාඩුවට හේතුවී තිබේ.
|
CREATIVE
|
මම සුපුරුදු පරිදි සංගීත ප්‍රසංගවල නිවේදන කටයුතුවලට සහභාගී වෙනවා. ඒ පුරුදු ජීවිතයට අරුතක් වෙන්න මම මේ දවස්වල මගේම නවකතා දෙකක් රචනා කරනවා. ‘වරද මා අතමය’ හා ‘සිතිජයෙන් එහා’ තමයි ඒ පොත් දෙක. මීට අමතරව මා රැකියාව කරන ස්ථානයේ ‘ජලය’ නමින් කරන පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරනවා.
|
CREATIVE
|
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ කෘතියක් සිනමාවට නැගුවලු. ඒ කතාව මොකක්ද?ආර්. ඒ. අමරසිංහ – කැලණියඑතුමන් ලියූ ‘මාහේනේ රීරියකා’ කතාව සිනමාවට නැගුවා.අපේ සමහර නළු නිළියන් රසිකයින්ගේ ඇමතුම් නිසාම ජංගම දුරකථන අංක මාරු කරනවාලු. ඔච්චර ආඩම්බර බල බලා මේ අය පස්සෙන් යන්නේ ඇයි?මල්ලිකා රූපසිංහ – ගනේමුල්ලතියෙන මෝඩකම නිසානේ මල්ලිකා.අසීමිත බොදු ගී ප්‍රමාණයක් ගැයූ බෙග් මාස්ටර්ගේ නමින් කොළඹ මාවතක් නම් කළොත් නරකද?චාමර ප්‍රේමනාත් විජේසිංහකොච්චර හොඳද. පාරක් හොයලා බලලා නම් කරන්නකෝ.‘අම්මේ මට සමාවෙන්න’ චිත්‍රපටයේ රඟපෑ අනුෂ්කා මැදිවක දැන් නිහඬ ඇයි? ඇය විදේශගත වෙලාද?කරුණාදාස - යාලගමඇය දැන් සිනමාවෙන් ඉවත් වෙලා කරු. හැබැයි දන්න හැටියට නම් විදේශගත වෙලා නැහැ.චිත්‍රපට අධ්යක්ෂ, නිෂ්පාදක ජෝ දේව් ආනන්ද් තවමත් ජීවතුන් අතරද? නැත්නම් විදේශගත වෙලාද?සුදත් නිශාන්ත – මීගමුවඑතුමන් හොඳින් කැනඩාවේ ජීවත් වෙනවා. එතුමාගේ උපන් දිනෙත් මේ මාසයේනේ සුදත්.සනත් ගුණතිලක හා සනත් විමලසිරි රංගනයෙන් හැඩ කළ ‘හෙල ළඟ තැන්න’ චිත්‍රපටය වැඩ අවසන්ව වසර ගණනක් ගත වුණත් තිරගතනොකරන්නේ මන්ද?කරූ මන්දාවල – නාත්තන්ඩියකාරණය කුමක් ද කියා නම් දන්නේ නැහැ. හැබැයි තවම තිරගත වූයේ නම් නැහැ.මම සතිපතා සරසවිය කියවමි. නමුත් මාගේ ප්‍රශ්නවලට ‘අර්ජුන්’ පිළිතුරු නොදෙන්නේ ඇයි?මනහර මහින්ද – වෑකඩප්රශ්නය පැහැදිලි අත් අකුරින් ලියා අහන්නකෝ. උත්තර දෙන්නම්.පසුගියදා අප අතරින් සමුගත් ඉන්දිය සුපිරි නළු රාජෙෂ් ඛන්නා කලාකරුවාණන් ලංකාවේ සංචාරය කර තිබෙනවාද? තිබේ නම් එහි ඡායාරූපයක් පළ කරන්න.අජිත් ලක්මාල් - මීගමුවඔහු ලංකාවට ඇවිත් නැහැ අජිත්.පරසතුමල් ටෙලි නාට්‍යයකට නැගීම අනුමත කරනවාද?ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූවපරසතු මල් නොවේ, කුමන හෝ නිර්මාණයක් නැවත නිර්මාණය කිරීමට, නිර්මාණකරුවකුට ඇති නිදහසට මම බාධා කරන්නේ නැහැ.හැබැයි මේ අලුත් නිර්මාණකරුවන් අතින් එහි පළමු කෘතියට අසාධාරණයක් නොකිරීමේ වගකීම ඔවුන්ට පෞද්ගලිකව පැවරෙනවා.එමෙන්ම ලාභ ජනප්‍රියත්වය උදෙසා එම කෘති භාවිත කරන්නේ නම් එය බරපතල වැරැද්දක්.නියෝජ්‍ය කර්තෘ, උප කර්තෘ සහ සම කර්තෘ අතරින් ජ්‍යෙෂ්ඨතමයා කවුද?ඩඩ්ලි ගෝමස් - කටුබැද්දසම කර්තෘ.ලාල් වීරසිංහ සහ දිල්හානි අශෝකමාලා රඟපෑ ‘වැඩ බැරි නම් වැඩක් නෑ’ චිත්‍රපටයේ ඩී. වී. ඩී. පටය ලබා ගත හැකිද?පාලිත කුමාරසිංහ – ගඩලාදෙණියමා දන්නා තරමින් නැහැ.‘දොස්තර’ චිත්‍රපටයේ එඩී ජයමාන්න සමඟ රඟන හින්දි සිනමාවේ විකට නළු භගවාන් ජීවතුන් අතර සිටියිද?විමල් රණසිංහ – ග්රෑන්ඩ්පාස්නැහැ. ඔහු මීට වසර කිහිපයකට පෙර මිය ගියා.සිංහල සිනමාවේ අඩුම දින ගණනක් තිරගත වූ චිත්‍රපටය ‘ඇස් ඉදිරිපිට ද?’, ‘අමරණීය ආදරේද’?කරුණාරත්න – නාත්තන්ඩියඅඩුම දින ගණනක් තිරගත වූයේ ‘වැහිලිහිණි’චිත්‍රපටයයි. ඔය එකක්වත් නොවේ.කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියකු වූ ක්ලැරන්ස් විජේවර්ධනගෙන් සිනමා සංගීතයට සිදු වූ මෙහෙය ගැන ඔබට මොනවද හිතෙන්නේ?ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු – දූනගහඔහු මෙරට සංගීත ක්ෂේත්රයේ අතිශයින් විශිෂ්ට සංගීත අධ්යක්ෂවරයකු වුවත්, චිත්‍රපට සංගීතයේදී ඔහුට ඒ සඳහා ලැබුණු ඉඩකඩ අල්ප බවයි මගේ හැඟීම.සිකුරුලියා හා අපේක්ෂා යන චිත්‍රපටවල එන ජනප්‍රිය චිත්‍රපට සංගීතය හැරුණාම චිත්‍රපට සංගීතයේදී ඔහුට වැදගත් කාර්යයක් කරන්නට අවස්ථාව නොලැබුණු තරම්.යම් හෙයකින් ඔහු චිත්‍රපට සංගීතයේ වැඩිදුර යෙදුනා නම් මෙතෙක් බිහි වූ ජනප්‍රිය තනු අභිබවා ගිය චිත්‍රපට පසුබිම් සංගීත අධ්යක්ෂවරයකු වන්නට ඔහුට හැකියාව තිබුණා. අවාසනාවට ඔහු ඊට පෙර ජීවිතයෙන් සමුගත්තා.ජනප්‍රිය නළුවකු වූ ශෂී විජේන්ද්‍ර ගැන අලුත් යමක් කියන්නකෝ. ඔහු දැන් සිනමාවෙන් ඉවත් වෙලාද?තිලකරත්න විල්වල – කෑගල්ලඔව් තිලකේ. ඔහු දැන් සිනමාවෙන් සමු අරගෙන.වර්තමානයේ ඔහු ශෂි විජේන්ද්‍ර නමවත් භාවිත කරන්නේ නැහැ. දැන් ඔහු හඳුන්වනුයේ හනීපා මොහමඩ් නමින්.එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රානි පෙරේරා සමඟ යුග ගී ගයා තිබේද?සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩඔව්. චිත්‍රපට කිහිපයකම යුග ගීත ගායනා කර තිබෙනවා. අනූෂා චිත්‍රපටයේ ‘සරා සිහින රේඛා’ ඉන් එකක්.ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දුරකථන අංකය ලබා දෙනවද?සුජීවා - මාතරප්රින්ස්ගේ දුරකථන අංක – 0777-576128, 0912291830.- අර්ජුන්සටහන -සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
‘මමෝරංග ප්‍රතිභා’ නාට්‍ය උළෙල මෙම මස 12, 13, 14 යන දිනයන්හි වැලිගම නගර සභා ශාලාවේදී රංග ගත වේ.12 වැනිදා - රෝහණ දන්දෙණියගේ ‘රාස්ස සහ පරාස්ස’13 වැනිදා – ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා හා14 වැනිදා – අන්දරේලාවේදිකා ගත වේ. එළඹ ඇති සාහිත්‍ය මාසය සමරමින් ඊට අනුගාමීව මෙම නාට්‍ය උළෙල පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත්තේ වැලිගම තුන්වෙනි පරපුරයි.වසර 26 කට පමණ පසු වැලිගම පැවැත්වෙන ‘මනෝරංග ප්‍රතිභා’ සාහිත්‍ය උළෙල සංවිධානය කරන්නේ වැලිගම නගර සභාව සහ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ අනුග්‍රාහකත්වයෙනි.රාජ්‍ය සම්මානලාභී පරිවර්තක කුමාර සිරිවර්ධන ගේ නවතම පරිවර්තනය කෘතිය ‘ලූතාවේ උමතු රජ’ (The Mad King) )මෙම මස 11 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ටමරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්රදර්ශනාගාරයේදී දොරට වඩී.එඩ්ගර් රයිස් බරෝස් ගේ ‘The Mad King’නවකතාවට පසුබිම් කරගෙන ඇත්තේ පළමුවැනි ලෝක යුද්ධයට ආසන්න කාලයේ යුරෝපයයි. සංචාරයක් සඳහා ලූතාවට පැමිණෙන අමෙරිකානු ජාතික තරුණයකු වූ බාර්නි කස්ටර් උමතුª රජ ලෙස වරදවා හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වෙයි. වරදවා වටහා ගැනීම නිසා මෙම නිර්භීත කඩවසම් තරුණයා සතුරු බලවේග පරදවන්නේ කෙසේද? ලියෝ පෝල්ඩ්ගේ වෛරයෙන් ගැලවෙන්නේ කෙසේද ආදී බොහෝ ගැටලුවලට පිළිතුරු දැනගන්නට නම් ‘ලූතාවේ උමතු රජ’ කෘතිය කියැවිය යුතුමය.එදිනට පරිවර්තන කෘතිය කුමාර සිරිවර්ධනගේ අත්සන සහිතව විශේෂ අඩු මිලකට පාඨකයන්ට ලබා ගැනීමට අවස්ථාව සැලසේ.සුනිල් ඒ. කේ. මඩවල ගේ ‘සිපිරි ගෙදර දොරෙන් එහා’ කෘතිය මෙම මස 09 වැනිදා පෙරවරු 10.00 ට බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ කේන්ද්‍රයේදී දොරට වඩී.පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලෙහි විශේෂ දේශනය පවත්වනු ලබන්නේ නවකතාකරුවකු වන එඩ්වඩ් මල්ලවආරච්චි විසිනි. සුනිල් මඩවලගේ බන්ධනාගාර සේවා කාලයේදී ලද අත්දැකීම්, බන්ධනාගාර ඉතිහාසය, බන්ධනාගාර සාමාන්‍ය තොරතුරු ඇතුළත් කරමින් මෙම කෘතිය රචනා කර ඇත.*******************************ගුණරත්න ඒකනායකගේ අලුත්ම නවකතාව ‘කඳවුරේ සිරකරුවෝ’ නවකතාව මෙම මස 10 වැනිදා පෙරවරු 10.30 ට සොයිසා පුර නිපුන් පොත් මැදුරේදී දොරට වඩී.*******************************මව්බිමෙන් වෙන්ව ප්‍රංශයේ ජීවත්වන ලයනල් මල්ලිකාආරච්චි එහි වඩාත් ජනප්‍රියව සිටින්නේ ජෝතිපාලයන්ගේ සුමියුරු හඬින් ගී ගයන ජෝති උපහාර ගී ප්‍රසංග සංවිධායකවරයා ලෙසිනි.උපාලි ශාන්ත සිරිවර්ධන නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ‘මම - යම’ වේදිකා නාට්‍යය මෙම මස 09 වැනිදා හැව්ලොක්ටවුන් හි ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.මෙහි මානෙල් වානගුරු, ඩොනල්ඩ් මාපලගම, නිලන්ති ගුණවර්ධන, ප්‍රභාත් සේනානායක, ඉන්දික මදුරංග, නයනා සමරසේකර, නිලුපුලී දිල්හාරා ආදී රංගන ශිල්පීහු රඟති. රොෂාන් මාටිනස් සංගීතවත් කරන ‘මම – යම’ හි වේශ නිරූපණය ගාමිණී කොස්තාගෙනි.තිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
වසරක්ම ගත කළෙමි ඔබේ උණුහුම නැතුව දරු පැටවු මා සමඟ ගුලි ගැසෙයි ඔබ නැතුව හිමි සඳුනි අසන්නෙමි යළි යළිත් ඔබ වෙතින කෙලෙස පියමං කළේ අපෙන් තොර ලොවක් වෙත මුරුගසං වරුසාව ඇදහැළුනි නිම නොවී කුණාටුව චණ්ඩ වුණි ගස්වැල් ද මොර දිදී පෙර එවන් මොහොතේදී ඔබ දෙඅතෙ ගුලි වෙවී දරුවන් ද මා සිටියෙ පෙනෙයි මට මැවි මැවී කෙලෙස අප බිය වන්නෙ දැන් එවන් මොහොතෙදී කවුරු අප සනසන්නෙ බිය නොවන ලෙස සැලී බලා ඉමි දෑස් ඇර වෙන දෙයක් වන ලෙසේ කොහොමදෝ ඔය ඉන්නෙ අසරණ වූ අප පෙනී කියන්නට වචන නැත අපේ අසරණකමේ ආදරය විඳීන්නේ කොහොම ඒ උණුහුමේ දරුවන් ද මා ද ලැබූ ඒ සොඳුරු සෙනෙහේ පුදන්නට එන භවෙත් එන්න මාගේ ප්‍රියේ
|
CREATIVE
|
කත්රිනා කායිෆ් නිළියක් ලෙස දොරට වැඩීමේදී පෙම්වත් සල්මන් ඛාන්ගෙන් ලැබුණු පිටිබලය සුළුපටු නැත. කත්රිනාට බැඳි පෙම තවමත් සල්මන්ගේ සිතෙහි ඇඳී පවතිනවා වාගෙයි. ඉසෙබලා කායිෆ්ටත් ඔහු අත දීමට සිතාගෙන සිටින්නේ ඒ නිසයි.ඉසෙබලා කායිෆ්, කත්රිනා කායිෆ්ගේ නැගණියයි. කත්රිනාට වඩා ඇය වසර තුනක් බාලය.විසි අට හැවිරිදි ඉසෙබලා වයස අවුරුදු දාහතරේ සිටම මෝස්තර නිරූපණයෙහි යෙදෙන්නීය. ඇයගේ කුලුඳුල් රංගනය ඇතුළත් වන්නේ කැනේඩියානු අධ්යක්ෂ ජීන් ෆ්රැන්කොයිස් පෝලියට්ස්ගේ ‘ඩොක්ටර් කැබී’ සිනමා පටයටයි. එහි සම නිෂ්පාදනය සල්මන් ඛාන්ගේයි.ඉසෙබලා බොලිවුඩයට පැමිණෙන ඕනෑම වේලාවක කත්රිනා කායිෆ් හැකි සෑම උපකාරයක්ම කිරීමට සූදානමින් සිටින්නීය.‘ඩොක්ටර් කැබී’ මේ වන විට කැනේඩියානු සහ අමෙරිකානු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින් ඇත.
|
CREATIVE
|
වැඩි වශයෙන් අන් අය විකට කතා කියා සිනා ගස්වන්නේ සිත දුකින් පුරවා ගත් අය බවට විශ්වාසයක් පවතී. බොලිවුඩයට සිනහ උල්පතක් ගෙනෙන ජොනී ලිවර් ද එවැන්නෙකි. ඔහුගේ ජීවිතය වෙළා ගත් දුකට හේතුව වූයේ පුතුගේ පිළිකාවයි. එකම පුතු ජෙසීට පිළිකාවක් ඇති බව දැනගත් පසු ඔහු සිනමාපටවල රඟපෑම නතර කළේය. සෑම මොහොතක්ම ගත කළේ පුතුගේ සුවය පතා දෙවියන්ට යාඥා කරමිනි. දින දහයකින් පසු පුතු පරීක්ෂා කළ වෛද්‍යවරු කියා සිටියේ ජෙසී සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි.ජොනී කතෝලික බැතිමතකු වුවත් කිසි දිනක බයිබලයවත් කියවීමට උත්සාහ නොගත්තෙකි. එහෙත් එම සිදුවීමෙන් පසු ඔහු බයිබලය සම්පූර්ණයෙන්ම කියෙව්වේය. ජොනී යනු අතීතයේදී ජාතික ගීයට සහ ජාතික කොඩියට අගෞරව වන ලෙස හැසිරීම නිසා සත් දිනක සිර දඬුවමකට නියම වූවෙකි. එහෙත් දවසක්වත් ඔහුට සිර ගෙදර සිටීමට සිදු වූයේ නැත. පුතුගේ සිදුවීමෙන් පසු ඔහු සිනමාපට තෝරා ගැනීමේ දී පවා සැලකිලිමත් විය. තිරයේ දී දෙපැත්ත කැපෙන, අසැබි වදන් නොපවසා සිටීමට වග බලා ගත්තේය. දැන් ජොනී රෝගීන් සුවපත් කිරීම උදෙසා පැවැත්වෙන යාඥාවලට ද සහභාගි වන්නේය. මූම්බායි, චෙන්නායිවල පමණක් නොව අමෙරිකාවට ද ඔහු ඒ වෙනුවෙන් යයි.ජොනීගේ එකම දියණිය විසිපස් හැවිරිදි ජැමී ද මේ වන විට ජනප්‍රිය විකට තාරකාවක් බවට පත් වෙමින් සිටින්නීය. ‘කොමඩි සර්කස් කි අජූබී’ රියැලිටි වැඩ සටහනින් ඇය තමා පියාගේ අඩි පාරේ ගමන් කරන්නියක බව රසිකයන්ට ඔප්පු කර පෙන්නුවාය. ලන්ඩනයේ සරසවියකින් ‘අලෙවි සන්නිවේදනය’ පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා සිටින ජෙමීගේ බලාපොරොත්තුව කෙදිනක හෝ අපූරු සහ සමාජයට පණිවුඩයක් ගෙන දෙන විකට රියැලැටි වැඩ සටහනක හිමිකාරිය වීමයි.ගී ගැයීමට ද හැකි ජොනී ලිවර් දියණිය සුප්‍රසිද්ධ චරිත අනුකරණයට සහ ගැහැනු සහ පිරිමි චරිත නිරූපණයට ද අති දක්ෂ බව කියවෙයි. පියාගෙන් දායාද වුණු හැකියාවෙන් ඇය මේ සියල්ල කළත්, පියාගේ සහාය නොපතා ස්වාධීනව මෙතෙක් ඇය සිය ගමන පැමිණ ඇත.ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම විකට නළුවා ලෙසින් දහතුන් වරක් නිර්දේශ වුණු, දෙවරක් සම්මානයට පාත්‍ර වූ ජොනීගේ දියණිය මෙවන් හැකියාවක් පෙන්වීම අරුමයක් නොවෙයි.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
රේගුවේ සේවය කරන දයා සෙනරත් කියන ගායන ශිල්පියාගේ සී. ඩී. පටයක් අද එළි දැක්වෙනවා. එහි කවරය නිර්මාණය කළේ මමයි.ජූලි මාසයේදී පැවැත්වෙන කීර්ති පැස්කුවල්ගේ ‘එකොස්ටිකා’ ප්‍රසංගයේ ප්රචාරක කටයුතුවලට අවශ්‍ය පෝස්ටර්, කටවුට් ආදිය නිර්මාණය කරමින් තමයි මේ දවස්වල මා කාලය ගත කරන්නේ.
|
CREATIVE
|
ආශා දෑසින් මුව මදහාසේ සී පද රාවේ නිල් කෙතේ – නිල් කෙතේ මල් වැනි ලස්සන රන්වන් රූසිරු ආලෝකේ මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ මව් බිමේ ජය ලබන්න දැන් එක් වෙයව් – එක් වෙයව්මුහුණේ හසරැළි මුකුළු - දෑතේ දහඩිය පබළූ ආදරයේ මල් කැකුළු - අද රන් කෙත මැද පිදී ඇතිලූආසිරි සුළඟක වැදිලා ආදර සුවඳක් දැනිලා ජීවිතයම රසවත් වීලා සුබ මංගල දවසක සිරි මැවිලාපද රචනය – ධර්මසිරි ගමගේසංගීතය - සරත් දසනායකගායනය – මිල්ටන් මල්ලවාරච්චිඅධ්යක්ෂණය - සේන සමරසිංහසුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
ඕ දුන්නක් මෙන් නැවී සැප පහසු සෝපාවක හිස හොවා ගනිමින් යෝග අභ්‍යාසයක නිරත වෙයි.පසුබිමින් ගලා යන සුකුමාල සංගීතයඇගේ සියලු ලාලිත්‍යවත් ඉරියව්වඩාත් තීව්ර කර පෙන්වන්නාක් මෙනි.ළා දුඹුරු පැහැති ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ ළඟා කර ගත නොහැකි සන්සුන් බවක් ප්‍රාර්ථනා කරන්නාක් මෙනි.මෙහෙකාරියක දොඩම් යුෂ වීදුරුවකට බෙහෙත් පෙත්තක කුඩු කලවම් කරන විට ඇය දුහුල් රෙදි කැබලි කපමින් මැටි අනුරූවල මුහුණු සරසයි. කුඩා විදුලි සෝපානයකින් ආහාර සමඟ පොතක් සහ ගෝනි රෙදි කැබලි රෝලක් ඉහළට ගමන් කරයි.ඈ සිරකාරියක්ද?පළමු පැනය ඔබේ කුතුහලය අවුළුවා දමයි.ප්ලාස්ටික් ශල්‍යය වෛද්‍යවරයකු ප්ලාස්ටික් සැත්කම් ගැන දේශන පවත්වන අතර මහත් රුචියෙන් ඒ සැත්කම ගැන කතාබහ කරනු පෙනෙයි. මහත් ආරක්ෂාවක් සහිතව තැනුණු නිවසක වසන ඔහු විටින් විට සත්ත්ව ලේ ඇතුළු තවත් බොහෝ දෑ නිවසට රැගෙන විත් පරීක්ෂණ පවත්වනු පෙනෙයි. ප්‍රේක්ෂකයා හදිසි අනුමාන කිරීම්වලට එළැඹ කතාවක් නිර්මාණය කර ගැනීමට තැත් කරනු පෙනෙයි.නමුත් පෙද්රෝ අල්මදෝවා ඊට එකඟ නොවෙයි. ඔහු ලියූ තිර නාටකය ඔබ නොදන්නා අන්තයකට ඔබව රැගෙන යයි. ඒ පෙද්රෝ ගේ ගති ස්වභාවයයි. ඔහුගේ අධ්‍යක්ෂණය ද එලෙසමයි.‘ද ස්කින් අයි ලිව් ඉන්’ ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තු දිගේ ගමන් යන්නක් නොවේ. අධ්යක්ෂවරයා ප්‍රේක්ෂක බලාපොරොත්තු කඩා බිඳ දමා සතුටු වන්නෙකි. ඔහු හිතුවක්කාරයෙකි.ස්පාඤ්ඤ සම්භවයක් ඇති පෙද්රෝ අල්මදෝවා යනු අති සාර්ථක සිනමා අධ්යක්ෂවරයෙකි. ඔහුගේ පරම්පරාවට ඔහු යෝධයෙකි. 1999 වසරේ හොඳම විදෙස් සිනමාපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත් ‘ටොඩෝ සොබ්රේ මී මඩ්රේ’ (All About my Mother නම් ස්පාඤ්ඤ සිනමාපටය ඔහුගේ දස්කම එක්වරම ලෝකයට හෙළි කළ සිනමාපටයකි.ඒ වසරේම හොඳම විදෙස් සිනමාපටයට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයත්, කාන් සිනමා උළෙලේ හොඳම අධ්යක්ෂවරයාට හිමි සම්මානයත් පෙද්රෝ හිමි කර ගත්තේ උක්ත සිනමාපටය වෙනුවෙනි.මහත් විවාදාත්මක සිනමාකරුවකු වන අල්මද්රෝවා 1980 දී සිය ප්‍රථම වෘත්තාන්තය “පෙපී ලුසී බොම් ඇන්ඩ් අදර් ගර්ල්ස් ඔෆ් ද හීප් “ චිත්‍රපටය හරහා ස්පාඤ්ඤයේ නවරැල්ලක් නිර්මාණය කළේය.හයිහීීල්ස් කිකා ටයි මී අප් ටයිම් ඩවුන්, ද ෆ්ලවර් ඔන් මයි සී්ක්රිට්, බෑඩ් එඩියුකේෂන් වැනි එකිනෙකට වෙනස් වූද, මහත් ආන්දෝලනාත්මක සිනමා පට රැසක් නිර්මාණය කළේය. ද ස්කින් අයි ලිව් ඉන් ඔහුගේ නවතම චිත්‍රපටය ගෙන එන්නේ ද එවන්ම අමුතුම කතා තේමාවකි. අන්තෝනියෝ බෙන්දරාස්, එලීනා අනායා සහ ජෑන් කෝනෙට් සිනමාපටය පුරා තම ආධිපත්‍ය පතුරුවන ආකාරය මනාව පෙනෙයි.රොබට් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු මුත් අසාර්ථක පවුල් ජීවිතයක් ඇත්තෙකි. සිනමාපටයෙහි පළමු අඩ අපට පෙන්වන්නේ වීදුරුවකින් වෙන් කළ, එහෙත් එකිනෙකාට තමාව නොපෙනෙන කාමරයක සිට ගැහැනියක නරඹන රොබට්ය. ඔහු රහසේ නරඹන ගැහැනිය දිවි තොර කර ගැනීමට මැණික් කටුව අසළින් අත කපාගෙන සිහිසුන්ව සිටින ආකාරයයි. පරීක්ෂණ භාණ්ඩයක්, පරීක්ෂණාගාර සත්ත්වයෙකු මෙන් ගැහැනියක රඳවාගෙන ඇගේ සම කෘත්‍රිමව සකසන රොබට්ය.රොබට් සමඟ යහන්ගත වීමට උත්සාහ දරන වේරාය. එය ප්‍රතික්ෂේප කරන රොබට්ය. කොටියෙකු සේ වෙස් වලාගෙන සර්කසයකින් පැන එන සේකාය.රොබට්ගේ නිවසේ මෙහෙකාරියගේ අවජාතක පුත්‍රයාය. අනුකම්පාව පතා විත් තම මව ශරීර ඇපයට තබාගෙන රොබට් සුරකින ගැහැනිය දූෂණයට ලක් කරන්නාය.තවත් මොහොතකින් අපට හමු වන්නේ සයනයක් මතම රොබට් විසින් මරා දමන සේකාය. තමා මරා දමන්නේ තමාගේම සහෝදරයා බව නොදන්නා රොබට්ය.සිනමාපටයේ තවත් කොටසකින් පෙනී සිටින්නේ ප්‍රේක්ෂකයා අනුමාන කර වැරැදෙන රොබට්ගේ අතීත කතාවයි. සේකා සමඟ පැන ගොස් මෝටර් රථ අනතුරකින් දැඩිව පිළිස්සෙන රොබට්ගේ බිරියගේ ජීවිතයයි.තම දියණියගේ ඇස් ඉදිරිපිටම උඩ තට්ටුවක ජනේලයකින් පැන සිය දිවි නසා ගන්නා රොබට්ගේ බිරියගේ කතාවයි. ඒ දැක ජීවිතයේ සමනල අවධිය මමෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවන ඔවුන්ගේ දියණියගේ කතාවයි. රාත්‍රී සාදයකදී ඇයට අතවර කරන්නට තැත් කරන තරුණයාට අත්වන අවාසනාවන්ත ඉරණමයි.තම දියණියට අතවර කරන්නට තැත් කළ තරුණයාව ලිංග විපර්යාසයකට භාජනය කර සිරකරුවෙකු ලෙස තබා ගන්නා රොබට්ගේ රහසිගත ජීවිතයයි. තරුණියක දූෂණය කරන්නට තැත් කිරීමේ වරදට ගැහැනියක වීමට සිදුවන පිරිමියකුගේ අසාමාන්‍ය ජීවිතයයි. අනුමාන කිරීම් සියල්ල සමඟ ප්‍රේක්ෂකයා විස්මයට පත් කරලීමට ආසා කළ පෙද්රෝ අපට කියන්නේ ස්පාඤ්ඤ සිනමාවේ අරුමැසිභාවයම නොවේද? ‘ද ස්කින් අයි ලිව් ඉන්’ බලා අමතක කර ගත නුහුනු ගණයේ සිනමාපටයක් වන්නේ එහෙයිනි.කාංචනා අමිලානි
|
CREATIVE
|
රංගන ශිල්පිනීරුවන්ති මංගලාමම නම් මේ දවස්වල වැඩි කාලයක් ගත කරන්නේ දේශපාලන කටයුතු සමඟයි. ඒ හැරුණාම සමාජ සේවා කටයුතු රැසකටත් දායක වෙනවා. මේ නිසා දැන් මමයි නාමලුයි දෙන්නම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. දැන් අපේ දරුවෝ ලොකුයි.ඒ වුණත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් නිතරම හොයලා බලන්න ඕනෑ. ඒ හැරුණාම කලා කටයුතුවල ඉදිරියට ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියනවා. මෙ මාසයේ අන්තිමට එහි රූගත කිරීම්වලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.තිලානි / යතේජාඡායාරූප – ටෙනී / මාලන්
|
CREATIVE
|
‘සන්ෆලවර්ස්’ ගයන ‘බින්ලාඩ්න්’ ගීතයේ අයිතිකරුවා අමිර සුනිල්සන්ෆලවර්ස් සංගීත කණ්ඩායම ගායනා කරන ‘බින්ලාඩ්න්’ ගීතය ඔබ අසා ඇති. එය ලියා සංගීතවත් කළේ අමිර සුනිල්. එහෙම කියනවාට වඩා අලුත්ගම සුනිල් කියපුවාමයි වැඩි දෙනෙකු ඔහුව හඳුනන්නේ. මේවන විට සුනිල් වෘත්තියෙන් සංගීත ශිල්පියෙක්, ඔහුගේ දෙවන ගීත එකතුව පසුගිය දා එළි දැක්වුණා. එය නම් කොට ඇත්තේ ‘ඕමාර් කයියාම්’ නමින්.අපි තවත් විස්තර සොයලා බලමු සුනිල් ගැන.මං සෝලෝ ගිටාර් වාදකයෙක්. අලුත්ගම අවට සංචාරක හෝටල්වලයි මං සිං කරන්නෙ. මං තනි ගිටාරය වයමින් පාන දස්කම්වලට ඇතැම් වෙලාවල් වලදී විදෙස් කාන්තාවෝ අඬලා තියෙනවා.මේ ඉන්න අතරතුරදි මං ‘සාමය කෝ’ කියලා මගෙ පළමු සංයුක්ත තැටිය එළිදැක්වූවා. ඒක මා අතින්මයි අලෙවි කළේ. එයින් ලද සාර්ථකත්වය මතයි දෙවැන්න ‘ඕමාර් කයියාම්’ නමින් එළි දැක්වූයේ.සුනිල් එයද නිකුත්කොට ඇත්තේ තමන්ගේම නිෂ්පාදනයක් ලෙසින්.මං මගේ සිංදු ටික අරගෙන දිවයිනේ ප්‍රකට නිෂ්පාදකවරුන් හමුවන්නට ගියා. ඉන් ඇතැමෙක් කිව්වේ පැරැණි ගීත කිහිපයක් මගේ හඬින් ගයා අරගෙන ආවොත් සල්ලිදීලා ගන්නම් කියලා. මට ඕන නැහැ අනිත් ගායකයින්ගේ පහනෙන් එළිය දකින්න. මේ සී. ඩී. එකේ තියෙන්නෙ රට ගැන, සොබා දහම පිළිබඳ මවිසින්ම රචනා කොට තනු හැදූ ආදර්ශවත් ගීත. අපේ ඇතැම් නිෂ්පාදකවරුන්ට තේරෙන්නේ නැහැ ගීතයක වැදගත් කම. කොහොම නමුත් මං සැලුනේ නැහැ. මගේ දෙවැනි සී. ඩී. එකත් මගේම උත්සාහයෙන් එළියට දැම්මා.ඔබ නිර්මාණය කළ ‘බින්ලාඩ්න්’ ගීතය මේ දිනවල ‘සන්ෆලවර්ස්’ ලා නිතරම වේදිකාවේ ගයනවා?ඔව්, ඒක සන්ෆලවර්ස් බෑන්ඩ් එකේ රුවන් බණ්ඩාරයි කියන්නේ. ඒකත් මගෙ අලුත් සී. ඩී. එකට ගන්න හිටපු ගීතයක්. ඒත් ඒකට රුවන් ආස හිතිලා ඉල්ලා ගත්තා. සන්ෆලවර්ස්ලා මගේ නිර්මාණයක වටිනාකම තේරුම් ගත්තා. නැත්නම් ඒක ප්‍රසංග වේදිකාවේ ගයයිද ඔවුන්.සුනිල්ට භාෂා කිහිපයකින්ම ගී ගැයීමේ හැකියාව තියෙනවා. ඒකත් විශේෂත්වයක්?මට සිංහල, දෙමළ, ඉංගී්රසි ඇතුළු රුසියන්, චීන, ජපන්, ස්පාඥ්ඥ, බෙල්ජියම් ආදී භාෂා විස්සකින් විතර ගී ගයන්න පුළුවන්. ඒක නිසයි මට හැම රටකම සංචාරකයො ආදරේ.සුනිල් ගේ දෙවැනි සංයුක්ත තැටියේ ආරම්භක ගීතයේ කොටසකි මේ. එවන් වූ ගීත දහසයකින් එය සමන්විතය.මේ සුනිල් ගේ දුරකථන අංකයයි. 0774987354/ 0779964828සටහන – ප්‍රසාද්සේයාරුව - මාලන්
|
CREATIVE
|
මේ දවස්වල විකාශය වන තරුමලී ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසානයි. ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 7.30 ට ආරම්භ කළ ‘වරා මල්’ ටෙලි නාට්‍යයෙහි වෙනස්ම චරිතයකට මා පණ පොවනවා.ඒ අතර මම රඟපෑ අනුර මාධව ජයසේකරගේ ‘සූරිය භානු’ කියන ටෙලි නාට්‍යයේ පළමු අදියරෙහි රූගත කිරීම් අවසානයි. එහි මා ජීවන් කුමාරතුංගගේ හෙවත් සූරිය භානුගේ බිරිය ලෙස රංගනයෙන් දායක වෙනවා. මේ ටෙලි නාට්‍යයේ ඊළඟ අදියරෙහි රූගත කිරීම් ළඟදීම නැවතත් ආරම්භ කරාවි. මගේ ජීවිතයට විශේෂිත වූ දිනයක් එළැඹෙන මේ මාසයේ දුව ඇතුළු අපි සියලු දෙනාම පුංචි නිවාඩුවකටත් එක්ක අනුරාධපුරයෙත්, කතරගම යන්නත් අදහස් කරගෙන සිටිනවා.
|
CREATIVE
|
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් විරචිත සුප්‍රකට නවකතා ද්විත්වයක් ඇසුරෙන් තැනූ ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ විරාගය සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ මඩොල් දූව සිනමා කෘති යුගල මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ අනුමැතිය යටතේඩී. වී. ඩී. ගත වෙයි.එළඹෙන සිකුරාදාවේ එනම් හෙට (24) සවස කොළඹ හත ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී නිකුත් වනු ඇත.මහාචාර්ය ජේ. බී. දිසානායකයන් මුලසුන හොබවන මෙහි දෙසුම් සනත් ගුණතිලක, නුවන් නයනජිත්කුමාර, ආචාර්ය සඳගෝමි කෝපරහේවා, ටොරානා මූවිස් අධිපති කුමාර් කොතලාවල යන මහත්වරුන් විසින් පවත්වනු ලබනු ඇත.උත්සවයෙහි මෙහෙයෙවීම් කටයුතු කෙරෙනුයේ සඳමලී හේවානායකයි.විරාගය 1989 වසරේ තිරගත වු අතර එය ආචාර්ය තිස්ස අබේසේකරගේ චිත්‍රපටයකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව 1976 වසරේ තිරගත වූවකි.ඉමහත් ප්‍රේක්ෂක, විචාරක ප්‍රතිචාරයන්ට බඳුන් වූ ‘විජය – කුවේණි’ චිත්‍රපටයේ විජයරජුගේ භූමිකාව විශිෂ්ට ලෙස නිරූපණය කළ රොජර් සෙනෙවිරත්න තවත් ප්රබලඓතිහාසික චරිත ද්විත්වයකට රංගනයෙන් දායකවීමට සූදානම් වේ.පොදු ජන හදවතෙහි සදා ජීවමාන මොනරවිල කැප්පෙටිපොලගේ තේජාන්විත චරිතය ඉන් එකකි.එනමින් යුත් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ රොජර්ය. ලබන වසරේ ජනවාරි පළමු දින හෝ පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයේ කොළඹ නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේදී මෙහි මුහුරත් උළෙල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැළසුම් කර ඇත. රොජර් රඟපෑමට නියමිත සෙසු චරිතය වන්නේ 1848 වසරේ ඇති වූ සිංහලේ අවසන් කැරැල්ලට ජීවය දුන් කුඩාපොල හාමුදුරුවන්ගේ භූමිකාවයි.මේ චිත්‍රපට ද්විත්වය සඳහා මෙතෙක් සිංහල චිත්‍රපටයක රඟපෑ විශාලතම නළු නිළි පිරිසකගේ දායකත්වය ලැබෙනු ඇත. එම පිරිස පණස් දහසක් පමණ වෙනු ඇතැයි නිගමනය කර තිබේ. අපේ සිනමා වංශයට නුදුරු අනාගතයේදී එක්වන මෙම දැවැන්ත චිත්‍රපට දෙකෙහිම නිෂ්පාදකවරයා වන්නේ ද රොජර් සෙනෙවිරත්න වීම තවත් විශේෂත්වයකි.- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
නිවේදකසංජීව එදිරිමාන්න‘ඇතුළාන්තය’ කියන වැඩසටහනට අමතරව අලුත් වැඩසටහනක් ආරම්භ කළා. ඒ විස්සයි විස්ස කියලා.සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10.10 ට විකාශය වෙන මේ වැඩසටහනට සම්බන්ධ කර ගන්නේ පළාත් සභා මට්ටමෙන් දේශපාලනයට පිවිසුණු තරුණ දේශපාලනඥයන්වයි. එහිදී කතාබහට ලක් වන්නේ ඔවුන්ගේ අනාගත දැක්ම පිළිබඳයි.
|
CREATIVE
|
මේ සතියේ දී මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වෙන්නට නියමිතව තියෙනවා. මේ දක්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කළ රැකියාවෙන් විශ්‍රාම කාලයට පෙර ඉවත් වෙන්න තීරණය කළා.කෙතරම් කාර්යබහුල වුණත් මම රැකියාවට බොහෝ සෙයින් ආදරය කළ කෙනෙක්. ඒ වුණත් අද එයින් ඉවත් වන්නට හේතු යෙදිලා තියෙනවා. මේ වන විට මම සීගිරියේ දෙළුම් වගාවක් පටන් ගත්තා. මේ දවස්වල වැස්ස නැති නිසා ටිකක් දුකෙන් ඉන්නේ.
|
CREATIVE
|
පහන් දැල්ලක් නිවෙන්නට කිට්ටුව එහි දීප්තිය වැඩිවේ. ඇමී වයින්හවුස් ද වයසට වැඩි ජනප්‍රියභාවයක් පෙන්නුවේ ඉක්මනින් මෙලොව හැර යාමට ඇති නිසාද? ඇයගේ මව ජැනිස් වයින්හවුස් පවසන්නේ වයස අවුරුදු තිහ ලබන තුරු ඇය ජීවත් වේවියි කියා තමන් අපේක්ෂා නොකළ බවයි. ‘ඇමී අවුරුදු තිහ පසුකර පරිණත ගැහැනියක වේවියි කියා මා මොහොතකටවත් සිතුවේ නැහැ. ඇය ලොවට රතිඤ්ඤයක් මෙන් පුපුරා ගියා. එකම ගීතය යළි යළිත් ගැයීමෙන් දූ හෙම්බත්වෙලයි හිටියේ. පිළිතුරු සෙව්වේ මතට සහ මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීමෙන්.ඇයට මියගිය පසු මිත්තණිය මුණ ගැසෙන්න ඇති. මං ඔයාට ජීවිතය උමතුවෙන් ගෙවා දැම්මොත් මේ ප්‍රතිඵල අත්වෙයි කිව්වා නේද? කියා ඇය විමසද්දී ඇමී එහෙම හිතාගෙන මං මොකුත් කළේ නැහැ කියලා කියන්න ඇති.ඇමීගේ මව මල්ටිපල් ස්ක්ලෙරෝසිස් රෝගයෙන් පීඩා විඳීන පනස් අට හැවිරිදි කාන්තාවකි. ඖෂධවේදිනියක වුවත් ඇයට රෝගී තත්ත්වය නිසා ජවසම්පන්න වයසේ පසු වූ දියණියගේ ජීවිතය ගැන, විශේෂයෙන්ම ඇය ගන්නා අහිතකර ආහාර පාන ගැන, වැරැදි පුරුදු ගැන සොයා බලන්නට හැකියාවක් නොලැබුණි.‘ඇමී සුපිරි ආපන ශාලාවලට ගොස් හැකි තරම් අහිතකර කෑම බීම ගත්තා. මේ ගැන ඇසූ විට ඇය කිව්වේ ගන්නා අහිතකර ආහාර පාන සියල්ල වමනය කරන බවයි.’ මව පවසන පරිදි ඇමී ද ඩයනා කුමරිය මෙන්ම සිරුර සිහින් කරගන්නා උමතුවෙන් පෙළී ඇත.2011 වසරේ ජූලි 23 වැනිදා අකාලයේ ජීවිතයෙන් සමුගත් ඇමී ගැන වාර්තා සිනමාපටයක් ද නිර්මාණය කෙරෙමින් පවතී. මේ සංවේදී කටයුත්තට අතගසා සිටින්නේ 1994 අවාසනාවන්ත ලෙස මියගිය අංක එකේ ෆෝමියුලර් ධාවන ශූරී ආටන් සෙනා පිළිබඳ සිනමාපටයක් නිර්මාණය කළ අසීෆ් කපාඩියායි.යුගයේ ගායිකාවක, ගීත රචිකාවක ලෙස රසික සිත් වශී කළ ඇමී මධ්‍යසාර විස වී ලන්ඩනයේ කැම්ඩන් තට්ටු නිවාසයේදී මිය යන විට ඇයගේ දෙවැනි ඇල්බමය ‘බැක් ටු බැක්’ ද ජනතාව ඉතා ආදරයෙන් වැළඳගෙන අවසානය. ඇල්බමයේ පිටපත් මිලියන 12 කට වඩා දැනට අලෙවි වී තිබේ.ඇමීගේ නිවෙස මේ වන විට රසිකයන් වෙනුවෙන්ම වෙන්කර ඇත.- චම්පිකා දීපානි
|
CREATIVE
|
අසුබ ලකුණැති සිතැඟි රූසිරිමසිත වසඟ කළේ කිමද නොහැඟේනටුවෙ කටු ඇනී කටු තියුණු ඇතිමසිත වසඟ කළේ කිමද නොහැඟේකෙනෙකුට තම පළමු ගීතයෙන් සම්මානනීය වන්නට හැකි නම් ඔහු කෙතරම් භාග්‍යවන්තද? අප මේ කතාබහ කිරීමට සූදානම් වනුයේ එවන් වාසනාවන්තයකු සමඟය.මධුන් දිසානායක නම් වන ඔහු අයත් වනුයේ නව පරපුරේ ගායන ශිල්පීන්ගේ කුලකයටය. අසුබ ලකුණැති නමැති ඔහුගේ කුලුඳුල් ගැයුම සම්මානයට පාත්‍ර වූයේ පසුගියදා නිම වූ දෙරණ මියුසික් අවෝර්ඩ්හිදීය. ඒ වසරේ නැගී එන නවක ගායන ශිල්පියා හැටියටය. එමෙන්ම එම ගිතයේ රූප රචනාව මෙහෙය වූ කැමරා ශිල්පී චාර්ලින් නිරෝෂන් හොඳම කැමරා ශිල්පියා ලෙස එහිදී සම්මාන දිනා ගත්තේය.මධුන් පළමු ගීතයට මෙවන් වූ ඇගයීමක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?මේක එක්තරා ආකාරයකින් පර්යේෂණාත්මක ගීතයක්. ඒක අහන ඕනෑම කෙනෙකුට එය පැහැදිලිව තේරෙනවා. පද රචනාවලට වඩා සංගීතයටයි ගැයුමටයි මුල් තැන දීලා තියෙන්නේ. බොහෝ ජනප්‍රිය ගීත සමඟයි ‘අසුබ ලකුණැති’ තරග වැදුනේ. හොඳ විනිශ්ච මණ්ඩලයකුත් හිටියා. මෙවන් වූ කරුණු කාරණා මත මෙම සම්මානය දෙරණ මාව අතින් අල්ලලා තව පඩියක් ඉහළට නැංගුවා වගෙයි.‘අසුබ ලකුණැති’ ගීතයේ සම්පූර්ණ පද පේළි හතරයි. ඉන් එකක් පුන ගැයුමක්. ඒ අනුව හරියට බලද්දී එහි පේළි තුනයි තියෙන්නේ?එකක් පර්යේෂණයේ කොටසක්. මට දෙන්න ඕනෑ පණිවුඩය මං පේළි හතරකින් මෙහිදී මං කියලා තියනවා. ඊට ඒ පේළි ටික හොඳටම ප්‍රමාණවත්. ඒ අදහස එක් පේළියකින් කියන්න පුළුවන් නම් ඒකත් මං කරනවා. නමුත් මෙයට පේළි හතරක් අවශ්‍ය වුණා. මේක සාම්ප්‍රදායික ගීතයක් නෙවෙයි.ඔබ ඇයි ගායකයකු වුණේ?හැකියාවක් තියෙන නිසා. ඕක තමයි මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් හොඳම සහ කෙටි පිළිතුර. ගායකයකුට අමතරව සංගීත අධ්යක්ෂවරයකු වශයෙන් මං වැඩ කරනවා.සංගීතයෙන් මුදල් හොයන පරමාර්ථය ඔබට නැතිද?මියුසික් කරන්නේ මුදල් හම්බ කරන්න තමයි. ඒක මං නැහැ ඛ්යන්නේ නැහැ. ඒත් නිර්මාණ කරන්නේ සල්ලි බලාගෙන නෙවෙයි.ඒ පිළිතුර ටිකක් පැහැදිලි මදි?මෙහෙමයි, සංගීතය මගේ වෘත්තිය. ඉන් මා යැපෙනවා. හැබැයි ගීතයක් හදන්නේ ගයන්නේ රිගිං ටෝන් දාලා මුදල් හොයන්න නෙවෙයි. නිර්මාණයක් වෙනුවෙන් නිර්මාණකරු දෙන මුදල මට ප්‍රමාණවත්.ඒත් ගීතයක් රිඟිං ටෝන් දැම්මොත් යහමින් මුදල් හම්බ කරන්න පුළුවන් නේද?ඔව්. ඒකේ වචන දෙකක් නැහැ. ඔන්න ඔතන තමයි අපේ නව පරපුරේ ඈයොත් ගොඩක් වරද්දගෙන තියෙන්නේ. රිඟිං ටෝන් දාන්නම තමයි ගීතයක් නිර්මාණය කරන්නේ. එතකොට නිර්මාණයේ ගුණාත්මක බව පිරිහෙනවා. ‘අසුබ ලකුණැති’ ඒ තත්ත්වයට වැටුණේ නැහැ. ඒක නිසා රිගිං ටෝන්වලින් හම්බ කළෙත් නැහැ.නව පරපුරේ ඔබේ සමකාලීනයන්ගේ නිර්මාණ ඔබ රස විඳිනවාද?ඒවා අහනවාට වඩා මං කැමැති කේමදාසයන්ගේ නිර්මාණ අහන්න.ඒ කියන්නේ ඔබත් ආස පෙර පරපුරේ නිර්මාණවලට?එහෙම්මම කියන්නත් බැහැ. කසුන් කල්හාර සහ නදීක ගුරුගේ වැනි අයගේ විඳීන්න පුළුවන් ගීතත් අහනවා.‘අසුබ ලකුණැති’ ගීතයේ පද රචනය සංගීතය වගේම වීඩියෝවට සම්බන්ධ වූ අය ගැනත් මතක් කරමු?පසන් කුරුප්පු ආරච්චිගේ පද, සංගීතය මගේ. පුබුදු තරංගා ගායනයෙන් සහාය වුණා. ගීතයේ මිශ්‍රණය නිරෝෂන් තිලකරත්නගෙන්. වීඩියෝව අධ්‍යක්ෂණය කළේ ලක්ෂිත ප්‍රසාද්. කැමරා චාර්ලින් නිරෝෂන්, කලා අධ්‍යක්ෂණය ගයාන් කුරුප්පු ආරච්චි සමඟ ෂැගී යසිත්. රංගනයෙන් දුලංජලි පෙරේරා සහභාගි වුණා. සංස්කරණය ලහිරු රබෙල්ගෙනි. මෙම වීඩියෝව අන්තර් ජාලයේ යූ ටියුබ් ඔස්සේ නරඹන්න පුළුවන්.ඔබේ ඊළඟ නිර්මාණ කටයුත්ත මොකක්ද?දෙවැන්නත් පර්යේෂණාත්මක ගීතයක්. එය විනාඩි අටක් ඔස්සේ දිග හැරෙනවා.විනාඩි 8 ක්?ඔව් මට දෙන්න වුවමනා පණිවුඩය දෙන්න විනාඩි අටක් ඕනේ. එහි අන්තර්ගතය පුංචි ප්‍රේම කතාවක්. හරියට ෂෝට් ෆිල්ම් එකක් වගේ.ඔබේ අලුත් නිර්මාණය ගුවන් විදුලි රූපවාහිනී මාධ්‍ය ඔස්සේ රසිකයන් අතරට යාවිද?මං හිතන්නේ බොහෝ මාධ්‍ය ආයතන ප්‍රචාරය කරන එකක් නැහැ. සමහර විට භාගයක් පෙන්නාවි.එතකොට කොහොමද ඒක රසික රසිකාවන් දැක බලා ගන්නේ?අනිවාර්යයෙන්ම එය අන්තර් ජාලයට දානවා. අවශ්‍ය අය කොහොම හරි හොයාගෙන බලාවි.හැමෝටම අන්තර් ජාල පහසුකම් නැහැනේ?අවශ්‍යතාවය ඇත්නම් කොහොම හරි හොයාගෙන නරඹන කෙනා නරඹනවා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව – ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
සති පූජාතිරගත කළ දිනය – 1984 නොවැම්බර් 16 ඉදිරිපත් කිරීම - ටොප් රෑන්ක් ෆිල්ම්ස් නිෂ්පාදනය - සුදත් ඇලෝසියස්, කීර්ති හේවාවසම් කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය – විමල් රංජිත් ප්‍රනාන්දු තිර නාටකය සහ කැමරාකරණය – ඇන්ඩෲ ජයමාන්න කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර සහාය අධ්‍යක්ෂණය - හෙක්ටර් ජයමාන්න සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු සහාය - සුනිල් අංග රචනය – හිල්ටන් මෙන්ඩිස් කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් සහාය රූපසිංහ කංකානම්ගේ ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්රසායනාගාර කටයුතු - හොකොං කලර් මූවී ලැබ් සම්බන්ධිකරණ කටයුතු - ඩිල් ෆිල්ම්ස් - ෆොටෝ ෆෝකස් සැකසුම – විජය චිත්‍රාගාරය නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ නිශ්චල ඡායාරූප – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර නිෂ්පාදන කළමනාකරණ සහාය - සුමිත් ප්‍රනාන්දු නිෂ්පාදන විධායක – විමල් රංජිත් ප්‍රනාන්දු / ඇන්ඩෲ ජයමාන්න කැමරා උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් / දිසානායක චිත්‍රපටගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (නෙළූ ස්ටුඩියෝ) නිෂ්පාදන සැලසුම – ඇන්ඩෲ ජයමාන්න පිටපත් මුද්‍රණය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය සම්බන්ධීකරණය - හෙක්ටර් ජයමාන්නප්රචාරක කළමනාකරු - විමල් රංජිත් ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ ගායනය – නීලා වික්රමසිංහගීත - මතකයි සැඳෑවක් බොඳ වී ගියා - නීලා වික්‍රමසිංහ රංගනය – චාන්දනී සෙනෙවිරත්න (සුනීතා), සනත් ගුණතිලක (කපිල), සුවිනීතා කෝන්ගහගේ (විජේසේකර මැතිනිය), ජේ. එච්. ජයවර්ධන (මාටින්), ඇලෝසියස් පෙරේරා, සිරිල් ජයසූරිය, ලැරීන් ප්‍රනාන්දු, සුදත් ජයමහ මංගල දර්ශනය අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී.ජය සිකුරුයිතිරගත වූ දිනය – 1984 නොවැම්බර් 30 ඉදිරිපත් කිරීම – වයි. එන්. චිත්‍රපට කතාව - දෙබස් - තිර නාටකය – නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර සහාය අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස් / උපාලි පියරත්න කැමරා අධ්‍යක්ෂණය - ජේ. ජේ. යෝගරාජා සංස්කරණය – කාලිංග ද සිල්වා අංග රචනය - ඩබ්ලිව්. සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එම්. එච්. ජයවර්ධන, සෝමරත්න පෙරේරා සැකසුම - ලංකා චිත්‍රාගාරය /විජය චිත්‍රාගාගරය / රාජ්‍ය චිත්‍රපට සංසථා චිත්‍රාගාරය විශේෂ දෘෂ්ඨි ප්‍රයෝග - දිනේෂ් පි්රියසාද් නාමාවලිය – ජී. තිලක් තොටහගේ නිශ්චල ඡායාරූප – විජිත වික්‍රමරත්න නිෂ්පාදන කළමනාකරණය - කුමාරදාස ජයසිංහ නිෂ්පාදන සහාය – ජෝර්ජ් ජයකොඩි / චන්ද්‍රදාස කොඩිතුවක්කු / සෝමරත්න කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් කැමරා සහාය – බන්දුල කුරේ, නිමල් නාකන්දල, එම්. ඇරෆන් ගීත පටිගත කිරිම – මර්වින් බෙන්ස් (නෙළූ චිත්‍රාගාරය), ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය) නිෂ්පාදන සම්බන්ධීකරණය - එස්. එස්. ධනරත්නම් සංගීතය - සරත් දසනායක ගීත පායා දිනිඳු පායා – ඇන්ජලින් ගුණතිලක – පද – දයාසේන ගුණසිංහ නන්දන උයනේ මියුරස - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක – පද - සුනිල් ගුණවර්ධන මල් සිනහා පෑවේ - ග්‍රේෂන් ආනන්ද – පද – බණ්ඩාර කේ. විජයතුංග අද නැතිවද අවිමානා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක – පද – නිහාල් ජයසිංහ නොගැයූ ගීතේ – එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක – පද – බණ්ඩාර කේ. විජයතුංගරංගනය – විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, ෆේරඩී සිල්වා, සමන්ති ලැනරෝල්, මර්වින් ජයතුංග, අජිත් ජිනදාස, ශිරාණි නුගේරා, සුවිනීතා කෝන්ගහගේ, මාක් සමරනායක, ජීවන් කුමාරතුංග, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ජී. ගුණපාල, සුනිල්සෝම පීරිස්, සුරම්‍යා මාපිටිගම, කුසුමා කොන්දේගම, කුමාරදාස ජයසිංහ, මහේෂ් ජයසිංහ, මානෙල් චන්ද්රලතාඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.