comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
ගේය පද රචක, නීතිඥඩබ්ලිව්. ඒ. අබේසිංහමාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයෙන් මට අලුත්ම කටයුත්තක් පැවරුණා.ඒ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ මෙතෙක් පළ වූ හා පළ නොවූ පොත් කිහිපයක් එකතු කර වෙළුම් දාහතරකින් යුතු පොත් පෙළත් සංස්කරණය කිරීමටයි. මේ දවස්වල මගේ සම්පූර්ණ අවධානය යොමු වෙලා තිබෙන්නේ ඒ වෙනුවෙන්.
CREATIVE
ජයසේකර අපොන්සු කලකට පසු නිර්මාණය කළ නවතම වේදිකා නාට්‍යය ‘තරුව විකිණේ’ ලබන 26 වැනිදා ලුම්බිණි රඟහලේ දී වේදිකා ගත කෙරේ.ජයසේකර අපොන්සු සමඟින් ගයාන් මාපලගම, ධර්මසේන දෙහිවල, එන්. සූරියබණ්ඩාර, තාරුකා අංජලී, පුෂ්පා ජෙනට්, බී. ඩී. සරත් විජේවර්ධන, ස්ටැනී ද සිල්වා සහ ගාමිණී කොස්තා තරුව විකිණේ හි රංගනයෙන් දායක වෙති. සංගීතය ඩිලාන් ගුණවර්ධනගෙන් වන අතර වේශ නිරූපණය ගාමිණී කොස්තා විසිනි. තරුව විකිණේ රචනය හා නිෂ්පාදනය ජයසේකර අපොන්සු ගෙනි.යතේජා
CREATIVE
ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටයක් වූ ‘සිරිපැරකුම්’ මෙම මස 30 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වේ.දඹදෙණිය යුගයේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජුගේ ළමා විය සම්බන්ධ ජනප්‍රවාද ඇසුරෙන් නිර්මාණය වූ මෙම සිනමා කෘතිය එයට පාදක වූ දඹදෙණියේම රූගත කොට තිබීම විශේෂත්වයකි.බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමාශාලාවේදී පැවැත්වූ රෝයි ද සිල්වාගේ නවතම සිනමා කෘතිය වූ ඉට්ස් ද මැටර් ඔෆ් ලව් හි මංගල දැක්ම ද සේයාරූ කිහිපයකි මේ.ප්‍රසාද්
CREATIVE
1986 දී දිනාගත් අමෙරිකානු රූ රැජන කිරුළටත් වඩා 2001 වසරේදී ස්වෝර්ඩ්ෆිෂ් රංගනයට හොඳම නිළිය ලෙස දිනූ ඔස්කාර් සම්මානයටත් වඩා වටිනා සම්මානයක් හතළිස් හත් හැවිරිදි හෙලී බෙරීට පසුගියදා ලැබිණි. ඒ පුත්‍ර රත්නයකි.බෙරීගේ වැඩිමල් දූ කුමරිය දැන් පස් හැවිරිදිය. දියණියගේ පියාත් පුතුගේත් පියා එක් අයකු නොවෙයි. මුලින්ම ඇය පෙම් බැන්දේ චිකාගෝවේ දන්ත වෛද්‍ය ජෝන් රොනන්ටය. ඊළඟට ඇය බේස්බෝල් ක්‍රිඩකයකු වූ ඩේවිඩ් ජස්ටිස් සමඟ විවාහ විය. බෙරීගේ දෙවැනි සැමියා වූයේ එරික් බෙනට්ය. තෙවැනි වරට ඇයගේ හද දිනා ගත්තේ මෝස්තර නිරූපණ ශිල්පී ගේබ්‍රියල් ඕබ්‍්‍රය. දියණිය ඔහුගේය.ඉන්පසු ප්‍රංශ කැනේඩියානු මෝස්තර නිරූපණ ශිල්පී ඔලීවියර් මාර්ටිනස්ට බෙරී සිය පෙම පිදුවාය. 2013 දී දෙදෙනා විවාහ වූ අතර පුංචි පුතු ඒ ආදරයේ ප්‍රතිඵලයයි. බෙරී සහ මාර්ටිනස් මිතුරු වූයේ දකුණු අප්‍රිකාවේ දී ‘ඩාර්ක් ටයිඩ්’ රූගත කරන අතරතුරේදීයි.බූමරැන්ග්, ද ෆින්ට්ස්ටෝන්ස්, ක්ලවුඩ් ඇට්ලස්, කැට්වුමන් වැනි ඇය රැගූ සිනමාපට අතිශයින්ම සාර්ථක විය.ප්‍රසංග වේදිකාවේදී බොරුවට තොල් සොලවන බවට චෝදනා ලබන තාරකාවන් අතර බ්‍රිට්නි ස්පියර්ස් ද සිටින්නීය. එහෙත් ඇය අවධාරණයෙන්ම කියා සිටින්නේ තමා සජීවී ලෙස ගී ගයන බවයි. මේ බව ඇය ප්‍රකාශකර තිබුණේ ගුවන් විදුලි සම්මුඛ පරීක්ෂණයකදීයි. පසුගිය තිස්වැනිදාට බ්‍රිට්නිගේ මංගල ඇල්බමය ‘බේබි වන් මෝ ටයිම්’ නිකුත් වී පහළොස් වසරක් ගත විය.‘බේබි වන් මෝ ටයිම්’ ගීත ඇල්බමයේ ‘බේබි’ යන වචනය විසිපස් වරක් සඳහන් වී තිබේ.දැන් බ්‍රිට්නි තිස් එක් හැවිරිදිය.තරුවක් ලෙස වැජඹෙද්දී දෑතට ලැබෙන කාසිවල ද දිලිසීම වැඩිවෙයි. ඒ කාසි තමන්ගේ බැබලීමට නොව අන් අයගේ බැබලීමට යොදවන්නේ රුව, රංගනය වගේම හදවතත් යහපත් නම්ය.නිකොල් කිඩ්මන්, ජෙනිෆර් හඩ්සන්, කෙරී වොෂිංටන්, ෂාර්ලිස් තෙරෝන්, ඇමී පෝහීයර් මේ ළෙන්ගතු හදවත් ඇති තාරකාවන් අතර පෙරමුණේම සිටිති.කිඩ්මන් කාන්තාව බලගැන්වීමෙන් ද, හඩ්සන් අඩු ආදායම්ලාභීන්ට අධ්‍යාපනය ලබාදීමට වෙහෙසීම වෙනුවෙන් ද, තෙරෝන් එච් අයි වී / ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම හා පර්යේෂණවලට උපකාරවීම සම්බන්ධයෙන් ලෝක ප්‍රකටය. මේ නිසාම ඔවුහු ළඟදී සම්මානයට පාත්‍ර වූහ. සිනමා සම්මානයකට වඩා ලෝකයට ආදරය කිරිම වෙනුවෙන් ලැබුණු ඒ සම්මානය ඔවුන්ගේ හදවත්වලට වඩාත් සමීප වනු ඇත.පීපල්ස් සඟරාව මඟින් ලොව වඩාත්ම අලංකාර ලෙසට අඳින පළඳීන තාරකාව ලෙස නම් කර ඇත්තේ නිළි කෙරී වොෂිංටන්ය.සුව පහසු ලෙසත්, තැනට ගැළපෙන ලෙසත් ඇඳීම පැළඳීම මෙවන් තෝරා ගැනීමට හේතු වන්නට ඇති බව ඇය පවසන්නීය. තිස්හය හැවිරිදි කෙරී, රේ, ද ලාස්ට් කිං ඔෆ් ස්්කොට්ලන්ඩ්, අවර් සෝන්ග්, ද ඩෙඩ් ගර්ල්, මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත්, ලිට්ල් මෑන් වැනි සිනමා රංගනයන්ගෙන් රසික හද දිනා ගත්තියකි.ඔස්කාර් සම්මානලාභී නළු සෝන් පෙන්ට, එකම දියණිය, ඩිලාන් පෙන් නිසා මේ දිනවල සුව නින්දක්වත් ලබන්නට වරම් නැත. ඒ ඇය රොබට් පැටින්සන් සමඟ පවත්වන හාදකම නිසයි.ඩිලාන් මෝස්තර නිරූපණ ශිල්පිනියකි. සෝන් පෙන් ළඟදී රොබට් පැටින්සන් හමු වූයේ එනිසාමය.රොබ් සහ ඩිලාන් ඉතා ආදරයෙන් කල්ගත කරති. සාර්ථක නළුවකු සහ සොඳුරු තරුණියක අතර පවතින මිත්‍රත්වයට සතුරුකම් කරන්නේ කවුරුන් ද? එහෙත් සෝන් එක් දෙයක් අවධාරණයෙන් කියා සිිටියි. ඒ ‘දුවට දුකක් දෙන්න එපා!’ යන අවවාදයයි.චම්පිකා දීපානි රණසිංහ  
CREATIVE
පුංචි අනතුරකට ලක්වීම නිසා මගේ කලා කටයුතු සියල්ලම නතර කරන්නට මට සිදු වුණා. ඒ නිසා මම නිවාඩුවකටත් එක්ක ඔස්ට්‍රේලියාවට ගියා.
CREATIVE
මෙරට ප්‍රධාන පෙළේ සිනමාහලක්ව පැවැති, පසුකලක රංග ශාලාවක් බවට පරිවර්තනය වූ මරදානේ එල්ෆින්ස්ටන් ශාලාව තව නොබෝ දිනකින් ‘ගාමිණී ෆොන්සේකා සමරු රඟහල’ ලෙස නම් කෙරෙනු ඇත.එල්ෆින්ස්ටන් එනමින් නම් කිරීමට ටවර්හෝල් පදනමේ භාරකාර මණ්ඩලයට යෝජනාකර ඇත්තේ එහි සාමාජිකයකු වන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාය.එයට භාරකාර මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව දෙසැම්බරයේ දී එල්ෆින්ස්ටන් ‘ගාමිණී ෆොන්සේකා සමරු රඟහල’ වී විවෘත කෙරෙනු ඇත. ආසන අටසීයකින් සමන්විතව නවීකරණය කරන මෙහි අලුත් වැඩියාව සඳහා වැය කරන මුදල කෝටි විසි අටකි. මෙසේ ගාමිණී වෙනුවෙන් ශාලාවක් මෙරට නම් කෙරෙනුයේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමී වූ කල්කටාවේ මදාන් චිත්‍රපට සමාගම මඟින් කොළඹ හා කල්කටාවේ එකම ගෘහ නිර්මාණ සැලසුමකට අනුව සිනමාහල් යුගලක් ඉදි කරන ලදී.එම සිනමාහල් යුගලට බෙහෙවින් උපකාර කරන ලද එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාවූ ජෝන් එල්ෆින්ස්ටන් සාමිවරයාගේ නමින් ඒවා නම් කෙරිණ. ගාමිණී ෆොන්සේකා ජීවත්ව සිටියදී එල්ෆින්ස්ටන් ශාලාව රුක්මණී නමින් නම් කරන්න යැයි ඉල්ලීමක් කරන ලදී.- ප්‍රසාද්
CREATIVE
රංගන ශිල්පි අමරසිරි කලංසූරියමගේ මූලිකත්වය දෙන්නෙ දරුවන්ටයි. මගේ උපන් දිනය යෙදෙන නිසා මේ සතිය මට කාර්යබහුල සතියක්. මගේ දරු මුනුපුරු මිනිපිරියන් හැමෝම එන නිසා ලොකු සතුටක් හිතේ තියෙනවා. ඊට අමතරව පාසල් සඳහා ‘දරුවෝ’ නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරමින් සිටිනවා.එය දිවයින පුරා පාසල්වල වේදිකා ගත කරන්න දැනට අවසරය ලැබිලා තියෙනවා. බොහොම උනන්දුවෙන් එය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
CREATIVE
පුත් ඉල්ලියාස් බෙග්බුද්ධං සරණං ගච්ඡාමීධම්මං සරණං ගච්ඡාමීසංඝං සරණං ගච්ඡාමී ඔබෙ රාගී මන කැලඹේදෝක්ලේෂය ඕගේ නෑවේදෝඔබෙ රාගී මන කැලඹේදෝපිවිතුරු හදවත පෑරේදෝ එමවිට පවසනු මුවින් ඔබේබුද්ධං සරණං ගච්ඡාමී . . .අල්හාජ් මොහිදීන් බෙග් ගායනා කළ මෙම ගීතය ඔබ අප කොයි කවුරු අතරත් අදටත් ජනප්‍රියයි. බෙග් මාස්ටර් අද අප අතර නැතත් මේ ගීතය ඒ අයුරින්ම අප සවනට ළං වෙනවා. ඒ එතුමාගේ පුතුන් දෙදෙනා වන ඉල්ලියාස් බෙග් සහ ඉෂාක් බෙග් ගේ හඬින්. මේ ගීතය බෞද්ධ ගීයක් වුණාට ගායනා කළ බෙග් මාස්ටර් ඉස්ලාම් භක්තිකයෙක්.ඔහු විසින් ගායනා කළ ගීත බොහොමයක්ම බෞද්ධ ගීත. ඒ නිසාම මේ ගීය අනෙකුත් ගීත අතර සුවිශේෂ වීමට හේතු වෙන්නත් ඇති. බෙග් මාස්ටර් අප අතරින් සමු අරගෙන බොහෝ කල් ගත වුණත් පසුගිය දිනෙක මේ ගීය ගායනා කිරීම වෙනුවෙන් එතුමාගේ නම සම්මානයට පාත්‍ර වුණා. ඒ කුවේට් රාජ්‍යයේදී.එදා තම ආදරණීය පියාණන් වෙනුවෙන් ඒ සම්මානය පිළිගත්තේ එතුමාගේ වැඩිමල් පුතු වූ ඉල්ලියාස් බෙග් සහ දියණිය මොහීනා බෙග් විසින්. සම්මානය රැගෙන මෙරටට පැමිණි ඉල්ලියාස් බෙග් එම සම්මානනීය අවස්ථාව පිළිබඳ සරසවියට සිය අදහස් දැක් වූවා.‘මේ වසරේ ජනවාරි 26 වැනිදා කුවේට් රාජ්‍යයේ බෝයිස් ස්කවුට් රඟහලේදී තමයි මේ සම්මානය පිරිනැමුණේ. කුවේට්හි වෙසෙන සියලු ආගම් නියෝජනය කරන ශ්‍රී ලාංකික පිරිසකින් සැදි ‘සොමි සඳ එකමුතුව’ විසින් තමයි එය සංවිධානය කරලා තිබුණේ. අපේ තාත්තා විසින් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය ගායනා කිරීම වෙනුවෙන් සම්මානය පිරිනැමීමට මට ආරාධනා ලැබුණා.මමයි නංගියි තමයි ඒ අවස්ථාවට සහභාගි වුණේ. තාත්තා ජීවතුන් අතර සිටියදි මෙවැනි දෙයක් කිරීමට නොහැකි වීම පිළිබඳ ඔවුන් සිය කනගාටුව පළ කළා. එහිදී බෙග් මාස්ටර්ගේ ගීත ඇතුළත් සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.ඇත්තටම මේ අවස්ථාව ගැන ගොඩක්ම සතුටුයි. මමත් හරිම ආසයි බෞද්ධ ගී ගායනයට. අපි අලුත් ගීත නිර්මාණය කළත් රසික ජනතාවගේ වැඩි මනාපය තියෙන්නේ බෙග් මාස්ටර්ගේ ගීතවලට. ඒ තරමටම ඔවුන් ඒ ගීතවලට ලෙංගතුයි.සටහන –යතේජා ඥානරත්න  
CREATIVE
එඩ්වඩ් චන්ද්‍රසිරි කලා ක්ෂේත්‍රයේ දක්ෂ නාට්‍ය සංවිධායකයෙක්. ඒ වගේම තමයි ඔහු විහිළු කතා කියන්නත් හරිම දක්ෂයෙක්. එඩ්වඩ්ගේ සිනා සයුර 2 පොත අද නිකුත් වීමට නියමිතයි. අද එඩ්වඩ්ගේ කතා පුවත්පත් බොහොමයකත් පළ වෙනවා.බොහොම කාලෙකට ඉස්සර හිනා කතා පත්තරයක් පළ වුණා. ඒක බොහොම ඉහළ අලෙවියක් වාර්තා කළ එකක්. එඩ්වඩ් මේ හිනා පත්තරේටත් විහිළු කතා ලිව්වා. ඔහු කෙතරම් හොඳට විහිළු කතා ලිව්වා ද කියනවා නම් පත්තරේ හිමිකරු කිව්වාලු පත්තරේ භාර අරගෙන කරන්න කියලා.ඉතිං එඩ්වඩ් කොච්චර හොඳට පත්තරේ කලා ද කියනවා නම් මාස තුනකින් පත්තරේ අලෙවිය සීඝ්‍රයෙන් අඩු වුණා. පසුව පත්තරේ නවත්වන්න අදාල පිරිස තීරණය කළා.
CREATIVE
සරසවිය පුවත්පතට සමගාමීව අන්තර් ජාලය ඔස්සේ ‘සරසවිය’ නැරඹිය හැක.දිනපතා උණුසුම් පුවත් ක්ෂණයෙන් අන්තර් ජාලයට මුදා හැරීම හා පුවත්පතෙහි අන්තර්ගතව ඇති ප්‍රවෘත්ති හා විශේෂාංග ඔබ සැමට නැරඹීමට හැකි වන සේ සරසන්නේ වෙබ් අංශයෙනි.වෙබ් අංශයේ පිරිස:1. නදීක සෙනරත් පතිරණ2. මංජුල මහින්ද3. බුද්ධික ජයමහ4. විජිත ජයසිංහ5. රේඛාවෝ මාවතගම6. උපේක්ෂා සමරසිංහ7. තනුෂිකා සෙනෙවිරත්න8. එරන්දි වීරකෝන්9. මනේෂ් වෙත්තසිංහ10. ඩිරේෂ් ඇලෙක්සිස්  
CREATIVE
මින් ඉදිරියට මෙගා ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමේදී කොටස් 100 කට සීමාවිය යුතු බවත් දැනට ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා සූදානම් වෙමින් පවතිනතිර පිටපත් රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය බවත් තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා පසුගියදාසරසවියට පැවසීය.මෙගා ටෙලි නාට්‍යවලට පසුගිය කාලයේ කොටස් 250 යැයි සීමා කරන්නට අණ කළ ද එහි පවතින්නේ යැයි කියනු ලබන මාෆියාව බිඳ දැමීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් රූපවාහිනියේදී පමණක් ටෙලි නාට්‍ය 86 ක් පමණ, විකාශය වීමට නියමිතව ඇතත් ඒවා විකාශය කිරීමට කාලයක් නොමැතිව බලා සිටින බව ගනේගල මහතා පැවසීය. එමෙන්ම මෙගා නොවනා ටෙලි නාට්‍යය ද කොටස් 50 කට හෝ අඩු ගණනකට නිර්මාණය කළ යුතු බව ද ඒ මහතා අනාවරණය කළේය.මෙරට වර්තමානයේ විකාශය වන ටෙලි නාට්‍ය කිසිම ප්‍රමිතියකින් තොරව විකාශය වනවා පමණක් නොව ඉන් අනාගත පරපුරට සිදුවන හානි සලකා බලා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ටෙලි නාට්‍ය ප්‍රමිති ගත කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ මෙම තීරණය වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් මේ වන විටත් සියලු රූපවාහිනී ආයතන වෙත චක්‍ර ලේඛයක් මඟින් දැනුම් දී ඇතැයි වාර්තාවෙයි..නව ප්‍රමිතිය යටතේ කිසියම් රූපවාහිනී නාලිකාවක කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු විසින් නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍ය විකාශය කරන්නේ නම් ඒවා සතියකට විකාශන වාර දෙකකට සීමා කළ යුතු බව පැවසූ ඩබ්. බී. ගනේගල මහතා එවැනි එක් ටෙලි නාට්‍යයක් විකාශය හමාර වූ පසුව එම නිෂ්පාදකවරයාට හෝ අධ්‍යක්ෂවරයාට මාස හයක් ගත වනතුරු නැවත ටෙලි නාට්‍යයක් විකාශයට අවසර නොලැබෙන බව ද කීය.ටෙලි නාට්‍ය පිළිබඳ නව නීතිය නීතිගත වනතුරු සිය නිර්මාණයෙහි තිර පිටපත රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර අවසර ගත යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.රන්මිහිතැන්න ටෙලි - සිනමා ගම්මානයේ රූප ගතවන නිර්මාණ සඳහා ප්‍රමුඛත්වය ලැබෙන බවත්, මේ සියලු කටයුතු කරනු ලබන්නේ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය යටතේ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.සුප්‍රකට නිළි මෙරිල් ස්ට්‍රිප් තුන් වන වරටත් හොඳම නිළිය ලෙස සම්මාන දිනූ දි අයන් ලේඩි චිත්‍රපටය හෙට (04) දා සිට කොළඹ මැජස්ටික් සිනමා සංකීර්ණයේ ගෝල්ඩ් සිනමාහලේ තිරගතවෙයි.80 දශකයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය දැරූ යකඩ ගැහැනිය ලෙස අන්වර්ථ නාමයකින් හඳුන්වන ලද මාග්‍රට් තැචර්ගේ ජීවිතය පාදක කොට ගෙන තැනුණ මෙම චිත්‍රපටයේ මෙරිල් ස්ටි‍්‍රප් තැචර් මහත්මියගේ චරිතය නිරූපණය කළාය. මෙම රංගනය ලොව මුල් පෙළේ සිනමා උත්සව රැසකින් සම්මානයට පාත්‍ර විය.පිලිච් ලොයිඩ් අධ්‍යක්ෂණය කළ ‘දි අයන් ලේඩි’ චිත්‍රපටයේ තිර නාටකය අබි මෝගන්ගෙනි. ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් හා ද වෙයිනිස්ටයින් කම්පැණි සමඟ ප්‍රංශයේ පැතේ සමාගම මෙම චිත්‍රපටය නිපදවා ඇත.
CREATIVE
පනහ දශකයේ බොම්බාය නගරය මේ දිනවල හම්බන්තොට රන්මිහිතැන්න සෙරන්ඩිබ් චිත්‍රාගාරයේ ඉදිවෙමින් පවතියි. ඒ දැවැන්ත ඉන්දීය චිත්‍රපටයක් වන බොම්බෙ වෙල්වට් වෙනුවෙනි. ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී දේව් ඩී. බ්ලැක් ෆ‍්‍රයිඩේ, මෝ ස්මෝක්, දැට් ගර්ල් ඉන් යෙලෝ බූට්, ගැන්ග්ස් ඔෆ් වසීපූර් වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ අනුරාග් කාශ්‍යප් මෙය අධ්‍යක්ෂණය කරනු ලබයි.බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ කරන් ජොහාර් ද බොම්බෙ වෙල්වට් හි රංගනනයේ යෙදීම තවත් විශේෂත්වයකි.කරන් සමඟ රන්බීර් කපූර්, අනුෂ්කා ෂර්මා, කේ. වී. මෙනන් මෙම සිනමා කෘතියෙහි චරිත මැවීමට නියමිතය.බොම්බෙ වෙල්වට් හි මෙරට නිෂ්පාදන මෙහෙයුම පසුතල දර්ශන මෙහයවීම සහ රන්මිහිතැන්නේ පහසුකම් සැපයීම රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රමුඛ ද ෆිල්ම් ටීම් සමාගමෙනි. චිත්‍රපටය සඳහා අතිරේක නළු නිළියන් 3500 ක් පමණ සහභාගි වෙති.බොම්බෙ වෙල්වට් වෙනුවෙන් රන්මිහිතැන්නෙහි පහසුකම් සැපයීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කිරීම බොම්බායේ පැන්ටමි ෆිල්ම්ස් සමාගමේ විධායක නිෂ්පාදක විවේක් අග්‍රවාල් සහ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් යන මහත්වරුන් අතර පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුවිණ. මේ එම මොහොතේ අවස්ථාවන් කිහිපයකි.- ප්‍රසාද්සේයාරූ - මාලන් කරුණාරත්න
CREATIVE
අමීර් ඛාන් පිවිසෙන්නේ කුමන ක්ෂේත්‍රයට ද ඒ ක්ෂේත්‍රය හිරුගෙන් තරු බැබළෙන්නාක් මෙන් අලෝකවත් වන්නේය. අමීර් ඊළඟට බැබළවීමට යන ක්ෂේත්‍රය කුමක් ද? ඒ බොහෝදුරට දේශපාලනය විය හැකියි.මෑතකදී රාජ්‍ය සභාවට නිර්දේශ වුණොත් එහි යාමට අදහසක් නැත්දැයි මාධ්‍යවේදියකු ඔහුගෙන් විමසූ විට අමීර් පවසා ඇත්තේ ආරාධනාවක් ලැබුණොත් ඒ ගැන සලකා බලන බවයි. ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, නිළි රේඛා රාජ්‍ය සභාවට තේරුණේ ද මහජන ඡන්දයෙන් නොවෙයි.‘සචිනුයි, රේඛායි මගේ යාළුවෝ. ඒ අය කරන දේ ගැන විවේචනය කිරීමට මං අකැමැතියි. ඒත් ඔවුන්ට වගේ මටත් අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව සමාජයට යහපතක් කිරීමට යොදා ගත හැකිවේදැයි සිතා බලනවා. මා රාජ්‍ය සභාවට තේරුණොත් හැමදාමත් එහි සිටීවි.’අගමැති නරේන්ද්‍ර මෝදිගේ බලය විමධ්‍යගත කිරීම ගැන ද මෙහිදී අදහස් විමසුවේය. මෝදිගේ බලය විමධ්‍යගත කිරීම ගැන තමන්ට කිසිදු අදහසක් නැති බව පැවසූ ඔහු ඒ ගැන තමන්ට වඩා මාධ්‍යවේදියා දන්නවා ඇති බව කිව්වේ දේශපාලනයට තිබිය යුතු උපක්‍රමශීලීභාවය දැන් සිටම පෙන්වමිනි.මෙහිදී හින්දි සිනමාවේ කාන්තාවන්ට ගරුත්වයක් නැතිකම ගැන ද කතාබහ විය. ‘මොහ්රා සිනමාපටයේ ‘තූ චීස් බඩී හෛ මස්ත් මස්ත්’, දිල් සිනමාපටයේ ‘ජෙයිසි ඛාදි භෛ’ වැනි ගීතවලින් වැරැදි පණිවුඩයක් සමාජයට ලැබෙන බව කියූ ඔහු යළි තමන් කාන්තාවන් ගැන වැරැදි පණිවුඩ සමාජගත වන නිර්මාණවලට දායක නොවන බව පැවසුවේය.දෙසැම්බර් 19 වැනි දිනට තිරගත කිරීමට නියමිත ‘පී.කේ’ සිනමාපටයට පසු වෙනත් කිසිදු සිනමාපටයකට අමීර් ඛාන් අත්සන් කර නැත. රංගනයට සුදුසු චරිතයක් ලැබෙන තුරු අමීර් බලා සිටින්නේය.
CREATIVE
සරත් විජේසිංහගේ ‘දරු සෙනෙහස’ වේදිකා නාට්‍යය මෙම මස 21 වැනිදා සවස කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ. අතුලසෝම ආටිගල, රෝසි ප්‍රනාන්දු, සුනෙත් මැල්සිරිපුර, නීලා ධම්මිකා, ගුණරත්න කොන්දසිංහ, සුදත් විජේසේකර සහ සුනිල් අලහකෝන් රංගනයෙන් මේ සඳහා දායක වෙති.දරු සෙනෙහස අනිල් කුමාරගේ ඉදිරිපත් කිරීමකි.රෝහණ දන්දෙණිය රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘රාස්ස සහ පරාස්ස’ වේදිකා නාට්‍යය හෙට (22) කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිතය.ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, රිචඩ් මානමුදලි, මාදනී මල්වත්තගේ, ජයනාත් බණ්ඩාර, දිමුතු චින්තක, ජයන්ත ප්‍රේමදාස, ප්‍රදීප් ඇරෑගම, සමන්ත පරණලියනගේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. - යතේජාදිලීපා නිර්මාලි වික්‍රමනායකගේ චිත්‍ර ප්‍රදර්ශනය ලබන 23 වැනිදා රාජගිරිය රෝයල් පාර්ක් ආලින්දයේදී පැවැත්වේ. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට නියමිතය.යොවුන් පරපුරේ කිවියෙකු වන තිස්ස විමලධීර විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය ‘හාංකවිසියක්’ පෙබරවාරි 28 වැනිදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දොරට වඩියි.සම්මානලාභී ගත්කතුවර පූජ්‍ය බටුවන්දර රාහුල හිමි, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහ ඇතුළු ගිහි පැවිදි විද්වතුන් මෙහිදී දේශන පැවැත්වීමට නියමිතය.- යතේජාමාධ්‍යවේදියකු හා නිර්මාණශීලී ඡායාරූප ශිල්පියකු වන ජයලත් සේනානායක කතාව ලියා, ඔහුම අධ්‍යක්‍ෂණය කරන පළමු වේදිකා නාට්‍ය නිර්මාණය ‘අකලට පරවුන මලක්’ හි පුහුණුවීම් මේ දිනවල සිදුකෙරේ.මත්ද්‍රව්‍ය භාවිතයෙන් අකාලයේ විනාශවන තරුණ ජීවිතවල ඛේදවාචකය පිළිබඳ කියැවෙන මෙහි ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයට එක්වන අතර රඟපාන්නට කැමැති නව පරපුරේ කිහිප දෙනකුට අවස්ථාවක් ලබා දීමට ද ඔහු බලාපොරොත්තුවෙන් සිටී.සහාය අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරගේ පළමුවරට අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘පුංචි අපිත් බය නැහැ දැන්’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා නිම විය. ළමා චිත්‍රපටයක් වන මෙය ගමකට පැමිණෙන ග්‍රීස් යකකු සහ ළමුන් පස් දෙනෙකු වටා ගෙතුණු කතා පුවතකි.සන්දීප් සන්රාජ් සහ රෝසි මැනුවෙල් නිෂ්පාදනය කරනු ලබන පුංචි අපිත් බය නැහැ දැන් සඳහා ගිරිරාජ් කෞශල්‍ය, මහින්ද පතිරගේ, රජිත හිරාන් චාමිකර (පිං පොං), සුසන්තා චන්ද්‍රමාලි, මිලින්ද පෙරේරා, නිල්මිණි බුවනෙක, වසන්ත කුමාරසිරි, තිස්ස බණ්ඩාරනායක, කැලුම් නිරෝෂන්, රන්ජන් ගලගෙදර, සන්දීප් සන්රාජ්, ප්‍රියංකර ජනක කුමාර, රසංගිකා අබේරත්න, සුනෙත් මැල්සිරිපුර, රෝසි ප්‍රනාන්දු, ප්‍රියන්ති මංගලිකා, සිසිර රණසිංහ, ලලිත් නවරත්න, ගාමිණී සිසිල්, නදී හර්ෂණී, දිනූෂා ලක්මාලි සමඟ ළමා නළුවන් වන සචින් චතුරංග, දිල්කි නෙත්මිණි, සන්තුෂ් දිල්හාර, ඉෂානි විදුරංගනා, නිමිදු චමල්, නිමේන් වික්‍රමරත්න, චන්දිප වාසල යන පිරිස රංගනයේ යෙදෙති.රන්ජන් ගලගෙදර සහ අයි ඩී ඕ මව්ලානා සහාය නිෂ්පාදකවරුන්ය. එස්. සුබසිංහගේ නිෂ්පාදන විධායකයකි. ගාමිණී චමින්ද කැමරා අධ්‍යක්ෂවරයාය. රන්දික විජේමාන්න සංස්කරණයෙන් ද, විජයසිරි මල්ලිකාරච්චි තිර රචනයෙන් ද, ඩබ්ලිව්. රවීන්ද්‍ර සහාය අධ්‍යක්ෂණයෙන් ද, සුමති කුඩලිගම කලා අධ්‍යක්ෂණයෙන් ද, ලස්සන ජයසේකර සංගීත අධ්‍යක්ෂණයෙන් ද සහාය ලබා දී ඇත. හෙන්රි ප්‍රේමරත්නගේ අංග රචනයකි. පුබුදු රණසිංහ නිෂ්පාදන කළමනාකරුය.
CREATIVE
‘යංසයක්’ එහා මෙහා වීමෙන් අපේ ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි පසුගිය සතියේ මහත් අකරතැබ්බයකට මුහුණ දුන්නා.අමිල තේනුවරගේ අලුත්ම කවි පොත ‘හෝඩි පොතේ මනමාලි’ එළි දුටු දවසේ ජයන්ත කවිය අව්‍යාජයි යනුවෙන් පැවසුවා.එහෙත් එය පසුගිය සතියේ ප්‍රමාද දෝෂයක් නිසා සරසවිය පුවත්පතේ පළ වූයේ ‘කවිය අවජාතකයි’ යනුවෙන්. කවිය අවජාතකයි යනුවෙන් ජයන්තගේ ප්‍රකාශය නිසා හිතවතුන්ගෙන් දිගට හරහට දුරකථන ඇමතුම් ගලා ආවා. දවස පුරාම ලැබූ ඇමතුම්වලින් ජයන්තට දිගටම දෝස් මුරයක් තමයි අහන්න වුණේ.යංසයක් එහා මෙහා වීමෙන් ඇති වූ වෙනස නිසා ජයන්ත පැවසූ අදහස උඩු යටිකුරු වුණා. ජයන්ත එහිදී පවසා තිබුණේ කවිය අව්‍යාජයි යනුවෙන් නිසා ජයන්තට මේ සිද්ධිය හැමෝටම නිවැරැදි කරන්න සිද්ධ වුණාලු. ඔන්න යංසයක ඇති බලය.- සංජීව සම්පත්
CREATIVE
සරසවිය සමඟ රිදම් ගුවන් විදුලිය එකමුතුවෙන් ඇරැඹි කටකතා වැඩසටහන සඳහා සහභාගී වනුයේ අමිලා නදීෂානියි. එය ලබන සෙනසුරාදා උදෑසන 7 – 10 දක්වා එම නාලිකාවේ ප්‍රචාරය වේ.අමිලා ගැන නොදත් විස්තර බොහොමයක් මෙන්ම ඇයගේ කටකතා පිළිබඳව එහිදී ඇය සමඟ සෘජුවම කතා කරනු ඇත. කටකතා 95.6, 95.8 සංඛ්‍යානවලින් හෝwww.rhythmfm.me යන වෙබ් පිටුවෙන් ශ්‍රවණය කළ හැකිය. කටකතා මෙහෙයවීම ජානක ප්‍රභාත් ගෙනි.සරසවිය පුවත්පතත් සිංහ ගුවන් විදුලියත් අත්වැල් බැඳ ඇරැඹි සිංහල සිනමාවේ තොරතුරු රැගත් ‘සිනෙ රූ ගී’ වැඩසටහනෙහි මෙවර කතාබහට ලක්වනුයේ කේ. ගුණරත්නම් පළමුවරට නිෂ්පාදනය කළ, 1953 වසරේ තැනුණ ‘සුජාතා’ චිත්‍රපටයයි.ටී. අචාර්. සුන්දරම් ගේ අධ්‍යක්‍ෂණයක්වන මෙහි ප්‍රෙම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත්, ඩේවිඩ් ධර්මකීර්ති, ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූහ.මෙරට ජනපි‍්‍රය සිනමා සංස්කෘතියේ ආරම්භය සිදුවූයේ සුජාතා සිනමාපටය සමඟිනි. සුජාතා යළි බුද්ධි කීර්තිසේන ගේ නිෂ්පාදනයක්, දයා විමලවීර ගේ අධ්‍යක්‍ෂණයක් ලෙස ද එළි දුටු අතර, පසුව එය ටෙලි නාට්‍යයක් ලෙස ද විකාශය විය.
CREATIVE
මේ දවස්වල කීර්ති බණ්ඩාරගේ ‘සමනලියෝ’ චිත්‍රපටයේ වැඩ කටයුතු සමඟින් කාලය ගත කරන්නේ. එහි රූගත කිරීම් කොළඹ, යක්කල සහ කඩවත ප්‍රදේශ ආශ්‍රිතව යොදාගෙන තියෙනවා. ඒ හැරුණාම උදයකාන්ත වර්ණසූරියගේ අලුත් චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා ලබන මාසයේදී කාලය වෙන් කරලා තියෙනවා.
CREATIVE
මෙන්න Angelsඅද බෑන්ඩ් ලෑන්ඩ් තුළින් ඔබ හමුවට එන්නේ කටුනේරිය ඒන්ජල්ස් සංගීත කණ්ඩායම. වසර දහයකටත් එහා ඉතිහාසයක් ඇති ඒන්ජල්ස් ලා මේවන විට ප්‍රසංග වේදිකාවේ පෙරළිකාර සංගීත කණ්ඩායමක් යැයි පැවසීම වැරැද්දක් නෙවෙයි.ඒන්ජල්ස් සංගීත කණ්ඩායමට නායකත්වය දෙන්නේ දිනේෂ් අමිල. එපමණක් නොව ඔහු කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයාද වනවා.ඒන්ජල්ස් ආරම්භ කරද්දී ඔවුනට පුහුණුවන්නට තැනක් තිබිලා නැහැ. තේ කොළ පෙට්ටියක්, ලී පෑඩ් එකක්, අඩි එකහමාරක් විතර පොඩි ඕගන් එකකුත් තියාගෙන පටන්ගත්තු එහි පුහුණුවීම් මධ්‍යස්ථානය ලෙස තබාගෙන තියෙන්නේ කටුනේරියේ ඇත්හැරදාපු පාළු ගෙවල් සහ කුකුළු කොටුයි.ඒ අතීතය ගැන අමිල කතා කළේ පුදුම සතුටකින්.එදා එහෙම ප්‍රැක්ටිස් කරපු අපි අද ඉන්න තැන ගැන ගොඩක් තෘප්තිමත් වෙනවා. ඒ අතීතය ගැන මතක් වෙද්දී ඇස්වලට කඳුළුත් එනවා.අපේ බෑන්ඩ් එකේ ඉසුරු සම්පත් ගෙනාපු නම් ගොඩෙන් ඒන්ජල්ස් කියන නම අපි තෝරගෙන බෑන්ඩ් එකට දැම්මා.මේ අතරවාරයේ ඒන්ජල්ස්ලා පවත්වන්නට හිතාගෙන හිටිය පළමු ප්‍රසංගයේ සිදුවූ අපූරු සිදුවීමක් අමිල මතක්කළා.ඒක සංවිධානය කළේ කටුනේරිය ඉහළගම තරුණ කැල විසිනුයි. අපි නිදිමරාගෙන ෂෝ එකට ප්‍රැක්ටිස් කළා. බලාපොරොත්තු රැසක් තියාගෙන හිටියේ ඒක ගැන. ඔන්න ෂෝ එක පටන් ගන්න හැදුවා විතරයි අපේ ගමේ ෆාදර් ඇක්සිඩන්ට් වෙලා සවර්ගස්ථ වුණා කියලා ආරංචි වුණා. දැන් අපිට දුක් දෙකයි. එකක් ෂෝ එක ගහන්න බැරි වුණ එක. අනික ෆාදර්ගේ අහිමි වීම.කොහොමහරි ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ආපු ඔවුන් අයි. ටී. එන්. රන්තරු, හිරු සිංදු කාමරේ, සිරස ස්ටේජ් ෂෝ, රෝඩ් ෂෝ, රිදම් නයිට් වැනි වැඩසටහන් වලින් ප්‍රේක්‍ෂකයන් අතරට ගිය ඒන්ජල්ස් අදවන විට විදෙස් සංචාරවලින්ද අඩුවක් නැහැ. එමෙන්ම නතර නොවන (නන්ස්ටොප්) ගී එකතු කිහිපයක් ද ගීතිකා සංයුක්ත තැටියක් ද ඔවුන් නිකුත් කළා.ලසන්ත, නිරෝෂ්, ෂන්, සසීන්, යුගන්, අමිල, චරිත්, අකිල, ඉසුරු ඒන්ජල්ස්ලගේ සමාජිකයන් අතර ඉන්නවා. ඒ අතර ලසන්ත ගැනනම් වචනයක් කතා කළ යුතුමයි. ඒ ඔහුට හඬවල් දහසයකින් ගායනා කරන්න පුළුවන් හින්දා. ඇන්ටන් ජෝන්ස්, දීපාල් සිල්වා, ජොලිසීයා වැනි ගායකයන්ගේ ගීත ඒ ශෛලියෙන්ම කියන්න ලසන්ත සමත්. ඔහු සැබැවින්ම කණ්ඩායමට ආලෝකයක් බව අමිල කියනවා.මේ වෙලාවේ දිනේෂ් අමිල ගැනත් ඔහු නොකී තොරතුරක් කියන්නට ඕනේ. ඒ ඔහු රොෂාන් ප්‍රනාන්දුගෙ ඥාති සොහොයුරෙක් වීම.රොෂාන් අයියගෙ තාත්තයි මගේ තාත්තයි අයියයි මල්ලියි. ඒත් මං රොෂාන්ගේ මල්ලී කියලා බැබළෙන්න හරිම අකමැතියි. ඒක නිසා මං ප්‍රනාන්දු කියන වාසගමත් පාවිච්චි කරන්නේ නැහැ. රොෂාන් ප්‍රනාන්දුලා ඉන්නේ එක්කෙනයි. ඒ වගේම දිනේෂ් අමිලලත් ඉන්නේ එක්කෙනයි.ඒන්ජල්ස් ලා අලුතින් බේස් ගිටාර් එකක් ගෙනත්. එමඟින් තවත් ප්‍රේක්‍ෂකයන්ව පිනවන්නත් ඔවුන් සූදානමින්. ඒ වගේම මේ විසේකාර කොල්ලො ටික ‘නුඹේ මතක සුවඳ’ නමින් සංයුක්ත තැටියක් එළිදැක්වීමට ද නියමිතයි. ඒ වෙනුවෙන් නිර්මාණය වූ ආදරේ මං ඔබටමයි, හඬන සිත, සමුගෙන යන්න වැනි ගීත ද මාධ්‍යයට නිකුත් කරලා. ළඟදීම ඔවුන් ගයපු ‘දුම්මල වරම අරන් යකුනේ නැගිටපියව් යන දේශාභිමානී ගීතය විශේෂිත වූ දෘශ්‍ය ප්‍රයෝග භාවිත කරමින් නිර්මාණය වූ වීඩියෝව සමඟින් රසවිඳිය හැකියි.සංගීතයේ නවමු මංමාවත් ඔස්සේ ස්වකීය ගමන්මග විවරකර ගනිමින් අලුත් දෑ සොයා යන කටුනේරිය ඒන්ජල්ස් සංගීත කණ්ඩායමට ‘සරසවිය’ අපේ ද සුබපැතුම් මෙලෙස එක්කරමු.සටහන - ප්‍රසාද් සමරතුංග  
CREATIVE
මම නම් මේ දවස් ගත කරන්නේ මගේ අලුත්ම චිත්‍රපටයේ ෂුටින් සමඟයි. සුන්දර කතා පුවතක් ගෙන එන එය ගුවන් පාලම ලෙසින් නම් කරලා තියෙන්නේ. ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටි ආසන්නයේ මේ දිවනවල එහි රූගත කිරීම් කරනවා.
CREATIVE
සැබෑ පෙමක සුන්දර බව විඳීන්නට හොලිවුඩයේ ඇති ඉඩකඩ බොහොම අඩුය. ඇන්ජලිනා සහ බ්‍රෑඩ් පිට් ඔවුනට සිටින හොඳම උදාහරණයයි.ඇන්ජලිනා පියයුරු පිළිකාවකට ගොදුරු වූවත් බ්‍රෑඩ් දක්වන පෙමෙහි අංශු මාත්‍රයක්වත් අඩු වූයේ නැත. ඇන්ජලිනා දරුවන් සමඟ සිය ‘අන්බ්‍රෝකන්’ සිනමාපටයට ඔස්ට්‍රේලියාවේ දර්ශන තල සොයද්දී, බ්‍රෑඩ් සිනමා සම්මාන උළෙලකට සහභාගිවීම සඳහා කැනඩාවට ගියේය.සිනමා උළෙලේදී ඔහුගේ ‘ට්වෙල්ව් ඉයර්ස් අ ස්ලේව්’ සිනමාපටය ප්‍රවර්ධනය කරන ලදී.හොංකොංහිදී ජොලී – බ්‍රෑඩ් හමු වූ අතර දෙදෙනා සාප්පු සවාරියක යෙදීමට ද අමතක නොකළහ. බ්‍රෑඩ් මෙහිදී ඇන්ජලිනාට අමතක නොවන තිළිණයක් පිරිනැමුවේය. ඒ ඩොලර් තුන් ලක්ෂයක දියමන්ති මාලයක් සහ ඔරලෝසු තුනකි.නිළි ලින්ඩ්සේ ලොහාන්ගේ අඩ සොයුරිය ඈෂ්ලේ හෝන් ලින්ඩ්සේ රුවට තම රුව සමාන කරගැනීමට ඩොලර් 25,000 ක් වැයකර ප්ලාස්ටික් සැත්කමක් කරගෙන තිබේ.අතිශය ජනප්‍රිය තාරකාවක වන ලින්ඩ්සේ හා තම රුව සමාන කරගැනීමට ඇය සිහින මවන්නේ කලක සිටය.දහ අට හැවිරිදි ඈෂ්ලි ද හොලිවුඩයට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින්නීය.‘ලින්ඩ්සේට වඩා මගේ පෙනුම සරාගි’යි ඇය දැනටමත් පුරසාරම් දොඩන්නීය.රහස් සබඳතාවකින් බිහි වූ දියණියක වන ඈෂ්ලිගේ ප්ලාස්ටික් සැත්කමට පියා නම් මනාප නැත. විසි හත් හැවිරිදි ලින්ඩ්සේ, ලීස් ඇන්ඩ් ඩික් (2012) රූපවාහිනී සිනමාපටයේ එළිසබත් ටේලර්ට රඟපා අතිශයින් ජනප්‍රිය වූවාය. ද කැනියොන්ස්, ද පේරන්ට් ට්‍රැප්, ෆ්‍රේකි ෆ‍්‍රයිඩේ, මීන් ගර්ල්ස් වැනි සිනමාපට රැසක රඟපා ඇති ලින්ඩ්සේ සම්මානනීය නිළියකි.නිළියක, මෝස්තර නිරූපිකාවක හා පුංචි තිරයේ ජනප්‍රිය ශිල්පිනියක වූ කිම් කාඩෂියන්, ක්‍රිස් හම්ෆ‍්‍රීස් සමඟ සිදු වූ අසාර්ථක විවාහයෙන් පසු සාර්ථක විවාහයක සතුට විඳීන්නේ දැන්ය. රැප් ගායකයකු වූ කන්යේ වෙස්ට් සමඟ යුග දිවිය ගත කරන කිම් සිඟිති දියණිය ‘නෝත් වෙස්ට්’ ගේ සුරතල් බලමින් කල් ගෙවන්නීය.කන්යේ වෙස්ට් කියන්නේ කිම් නිසා තමන්ට සියල්ල ලැබී ඇති බවයි. කලකදී ඇය කන්යේ සමලිංගිකයකු කියා බියෙන් පසු වුව ද දැන් සියලු බියසංකා දුරු වී අවසන්ය.නිළි ගායිකා මිලේ සයිරස් තවමත් දඟකාර හිරිමල් වයසේ පසුවන්නීය. එනිසාමදෝ ඇය පසුගිය දිනක පැරෂුටයකින් අඩි 12,500 ක ඉහළ සිට බිමට පැන්නාය. අහසේ කිරිල්ලියක මෙන් යාමට කැමැති බව මිලේ නිතරම පවසන්නීය.ඇය මෙවැනි පිම්මක් ගුවනේ සිට පැන්නේ රෝලිං ස්ටෝන් සඟරාව වෙනුවෙනි. මිලේ යටි පතුල්වල ‘රෝලිං ස්ටෝන්’ ලෙස පච්චා කොටා ගෙන ද ඇත.මිලේ සයිරස් පුංචි තිරයේ, රිදී තිරයේ වාගේම ගායන ලෝකයේ ද දැවැන්ත චරිතයක් ලෙසින් ගොඩ නැෙඟන්නීය. වයස අවුරුදු දාහතේදී මිලේ, සර්වකාලීන ධනවත් ගැටවර වියේ ගායිකාවන් විසි දෙනා අතර දහනව වැනියා වූවාය. බිල්බෝඩ් උණුසුම් ගීීීත දර්ශකයේ ඇයගේ ගීත අට වරක්ම අංක එකට පැමිණ තිබේ.ඇය අට හැවිරිදි වියේ සිටම රංගනයට සම්බන්ධය. බිග්ෆිෂ් (2003) මිලේ රැඟූ පළමු සිනමාපටයයි. ද ලාස්ට් සෝන්ග් (2010), සෝ අන්ඩර්කවර් වැනි සිනමාපටවල ප්‍ර‍්‍රධාන තාරකාව වූයේත් ඇයයි.මිලේ ‘ද ලාස්ට් සෝන්ග්’ රඟද්දී සහාය නළු ලයම් හෙම්ස්වර්ත් සමඟ පෙමින් බැඳුණාහ. 2012 දී විවාහ ගිවිස ගැනීමෙන් පසු ලොස් ඇන්ජලීස් හි දෙදෙනා එකට කල් ගත කළත් සැප්තැම්බරයේදී වෙන් වූහ.ටයිටැනික් සුරූපිනිය, කේට් වින්ස්ලට් දැන් තිස් හත් හැවිරිදි මැදි වයසට පිවිසෙමින් සිටින තාරකාවකි. පසුගිය වසරේදී නෙඩ් රොක්න්රෝල් සමඟ විවාහ වූ ඇය දෙදෙනාගේ කුලුඳුල් දරුවා බලාපොරොත්තුවෙන් සිටින්නීය.කලින් සබඳතාවලින් ඇය දියණියක හා පුතකුගේ මවකි.මේ දිනවල ඇය ‘ලේබර් ඩේ’ නව සිනමාපටය ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රවර්ධනය කරමින් සිටින්නීය.තම තෙවැනි දරු ගැබ නිසා වැඩිපුර කායික අසීරුතාවන්ගෙන් පීඩා විඳීන්නට සිදු වී ඇති බව ඇය පවසන්නීය. දෙපා ඉදිමීම නිසා අඩි උස පාවහන් පලඳා රතු පලස් මැදින් ඇය ඇවිද ගොස් ඇත්තේ ඉතා දුෂ්කරවයි.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
දිගු කලක් අසන්නන්ගේ හදවත් වැළඳ ගත් ගුවන් විදුලි වැඩසටහනක් ලෙස ප්‍රචලිත වූ ‘ආරාධනා ස්වර දැහැන’ නම් ගුවන් විදුලි වැඩසටහන නැවුම් පියවරක් ඉදිරියට තබමින් ‘ආරාධනා ලයිව් ස්ටේජ්’ නමින් අද දින පස්වරු 7.00 ට පේරාදෙණිය සරසවි ක්‍රීඩාගාරයේදී ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමට නියමිතය.සුනිල් එදිරිසිංහ සහ නිරෝෂා විරාජිනී යන ගායක ගායිකා දෙපළගේ සුසංයෝගයෙන් එදින රසවත් වන මේ ගී සැඳෑව සැකැසෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ සංකල්පයක් අනුවය.- තිලානි ශානිකාප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය පොල්තෙල් පහන දල්වමින්. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ ද පසෙකින් වේ.සිනමා සංස්කෘතිය පෝෂණය, නව සිනමා සාක්ෂරතාවය වර්ධනය කිරීම අරමුණුු කොට ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ආරම්භ කළ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.මෙහි පාඨමාලා අධ්‍යක්ෂවරයා වශයෙන් ටියුඩර් වීරසිංහ කටයුතු කරනු ලබයි.මෙම අවස්ථාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී බී. කේ. එස්. රවීන්ද්‍ර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී වත්සලා වික්‍රමආරච්චි, තිස්ස ලියනසූරිය, සංජය නිර්මාල් ආදීහු සහභාගි වූහ.ප්‍රසාද්  
CREATIVE
මේ දවස්වල රූපවාහිනි සංස්ථාවේ නව වැඩසටහන් පෙළක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඒ හැරුණාම ‘රිදම් ටු රිදම්’, ‘ඉරැස්මි’ වැනි වැඩසටහන් සුපුරුදු පරිදි ඉදිරිපත් කරගෙන යනවා.ඊට අමතරව මගේත්, මගේ පොඩි පුතාගෙත් උපන් දින මේ සතියට යෙදිලා තියෙනවා. ජූනි 05 මගේ උපන් දිනය යෙදුණත් ජූනි 06 වැනිදා යෙදෙන පුංචි පුතාගේ උපන් දිනය තමයි විශේෂ වෙන්නේ. එදාට නම් ගෙදරට වෙලා පවුලේ හැමෝම සමඟින් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා.
CREATIVE
ක්ලැරන්ස් විජේවර්ධනයන්ට උපහාර පිණිස පරම්පරා තුනක සංගීත සංයෝජනයෙන් හැඩ වූ ගීත අනුවාදන සංයුක්ත තැටියක් දැන් නිකුත් වී ඇත. ‘මෑණියනි’ ලෙස නම්කර ඇති මෙය නව පරපුරේ සංගීත අධ්‍යක්ෂ සහ චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස් සංගීත කණ්ඩායමේ නායක රුක්ෂාන් කරුණානායකගේ සංකල්පයක් මත නිර්මාණය වූවකි. ‘මෑණියනි’ විශේෂත්වය වනුයේ ක්ලැරන්ස් විසින් පිහිටුවන ලද මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස් සහ මදාරා යන සංගීත කණ්ඩායම්වල සාමාජිකයන් කිහිප දෙනෙකු වාදනයෙන් දායක වීමයි.මෑණියනි, සිහින ලොවක්, ගමෙන් ලියුමක් ඇවිල්ලා, සුදු මැණිකේ, සැන්දෑ වලාවන් ඇතුළු ක්ලැරන්ස්ගේ අතිශය ජනප්‍රිය ගීත 12 ක අනුවාදන මෙම සංයුක්ත තැටියේ අඩංගුය. ප්‍රවීණතම ඉංග්‍රීසි ගුවන් විදුලි නිවේදක විජය කොරයාගේ හඬමුසු වූ මෑණියනි සඳහා චානක පෙරේරා (මූන්ස්ටෝන්ස් / ගෝල්ඩන් චයිම්ස්, කොන්රඩ් ගුණරත්න, චන්ද්‍රලාල් ෆොන්සේකා, නිමල් පුංචිහේවා (සුපර් ගෝල්ඩන් චයිම්ස්) කෙනෙත් ද සිල්වා (මදාරා) සහ රුක්ෂාන්, සුගත් අසංක, ඩිල්ෂාන් විජේසේකර, චමින්ද පුෂ්පකුමාර, උදේශ කරුණානායක (චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස්) ප්‍රේමනාත් කොඩිතුවක්කු, මොහාන් ගුණරත්න යන සංගීතඥයින් වාදනයෙන් එක්ව ඇත. මෙහි සියලු පටිගත කිරීම් සිදුකර ඇත්තේ ගම්පහ උදේශාන් ශබ්දාගාරයේය.රුක්ෂාන්ගේ සොයුරු උදේශ් මෙරට සිටින ලාබාලතම ඩ්‍රම්ස් වාකයකු වන අතර මෑණියනි හි ගීත හයකට ඔහු ඩ්‍රම්ස් වයා ඇත.අවුරුදු 11 දී ලීඩ් ගිටාර් වාදකයකු ලෙස තම සංගීත දිවිය ඇරැඹූ රුක්ෂාන්, ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් හඳුන්වා දුන් සිංහල පොප් සංගීත ශෛලිය මතු පරපුර වෙත රැගෙන යාමේ පරමාර්ථයෙන් 2009 දී චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස් සංගීත කණ්ඩායම පිහිටුවා ගන්නා ලදී. එතැන් පටන් ඔහු ගීත රචකයකු, තනු නිර්මාපකයකු, සංගීත අධ්‍යක්ෂවරයකු සහ ශබ්ද පරිපාලකයකු ආදී භූමිකා නිරූපණය කරමින් නිර්මාණ චාරිකාවේ නියැළි සිටියි. තම සංගීත කණ්ඩායම තුළින් සිංහල පොප් ශෛලිය මුසු වූ නව ගීත රැසක් නිර්මාණය කර ඇති ඔහු වර්නන් පෙරේරා,භද්‍රජි මහින්ද ජයතිලක, රොනී ලීච්, නෙලු අධිකාරි, රූපා ඉන්දුමතී, නලීන් ජයවර්ධන, සුනිල් ශාන් ප්‍රනාන්දු, තිළිණි අතුකෝරාල, විමානි කපුරු බණ්ඩාර, චුලානි සුරවීර, සඳුනි රශ්මිකා යන ගායක ගායිකාවන්ට ද නව ගීත නිර්මාණය කොට ඇත. මෑණියනි, චයිම්ස් ඔෆ් සෙවන්ටීස් හි තෙවැනි සංගත තැටිය වේ. පියාණනි සහ ගමෙන් ආ කෙල්ලේ (භද්‍රජි මහින්ද ජයතිලක) ඔවුන් මීට ප්‍රථම නිකුත් කොට ඇත. රුක්ෂාන් ප්‍රමුඛ චයිම්ස් ඔෆ් සෙවන්ටීස් හැත්තෑව දශකයේ ගී අඩංගු ප්‍රසංග රැසක් ද මේ වන කොට ඉදිරිපත් කොට ඇත.සටහන – ප්‍රසාද් සමරතුංගඡායාරූපය –ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
රංගන ශිල්පිනී උදුලා දාබරේදැන් මම කාලය ගත කරන්නේ ආගමික කටයුතු සමඟින්. මේ සතියට මගේ උපන් දිනය යෙදී තිබෙන නිසා ඒ වෙනුවෙන් පසුගිය පොහොය දින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දානයක් පිරිනමා සවස අටවිසි බුදුන් වහන්සේලාට සහ බෝධීන් වහන්සේට අෂ්ඨපාන සහිත වූ ගිලන්පස බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සිදු කළා.පසුගිය දා පැවති සුවඳ පත්ම සම්මාන උළෙලෙදි මටත් සම්මානයක් පිරිනැමුණා. ඒ ගැනත් ලොකු සතුටක් හිතේ තියෙනවා.
CREATIVE
මෙරට සියලු දෙනාගේ උපන්දින සැමරුම් ආදී සියලු කරුණු විනෝදාංශයක් ලෙස එක් රැස් කර තබන ආණ්ඩුවේ කන්තෝරුවක්වත් නැත. එහෙත් ඒ අඩුව පිරිමසන්නේ සිරි කහවලයි. එපමණක් නොව ඕනෑම කලාකරුවකුගේ උපන් දිනයදාට ඔහුට හෝ ඇයට උදෑසනින්ම සුබ පතන්නට සිරි කහවල අමතක කරන්නේ නැත.ලංකාවේ කලාකරුවන්, විද්වතුන් ඇතුළු ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන්ගේ උපන් දින, ලිපින හා දුරකථන ඇමතුම් අවශ්‍ය ඕනෑම අයෙක් කතා කරන්නේ ඔහුටය. එසේම ඔහුගෙන් උපන් දින සුබ පැතුමක් නොලද කලාකරුවෙක්, විද්වතෙක් හෝ ජනපි‍්‍රය පුද්ගලයෙක් මෙරට නැති තරම්ය. ලංකාවේ සියලුම ජන මාධ්‍යයන් මෙන්ම රාජ්‍ය ආයතන පවා උපන් දින, ලිපින හෝ දුරකථන අංක අවශ්‍ය වූ විට අමතන්නේ ඔහුටය.හොරණ මිල්ලනිය බෞද්ධ මිශ්‍ර පාසලෙන්, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන්, පානදුර ශාන්ත ජෝන් විදුහලෙන් හා පානදුර සිරිල් ජෑන්ස් විදුහලෙන් අධ්‍යාපනය ලද ඔහු සිය පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ කොළඹ ආනන්ද විදුහලෙනි.ආනන්ද විදුහලේ සමකාලීනයන් වූ ආනන්ද ගුණතිලක සමඟ සංස්කරණය කළ සිසු පෙරමුණ පුවත්පත ඔහුගේ පුවත්පත් කලා දිවියේ එක් සන්ධිස්ථානයකි. ඒ වකවානුව ඔහුගේ සහෘදයන් වූ තිලක් කරුණාරත්න, සුනිල් මාධව ප්‍රේමතිලක, වික්‍රමබාහු කරුණාරත්න, ආනන්ද අබේසිංහ, ආනන්ද එරත්න, දයා රණවීර, අතුල මංචනායක ආදී විවිධ අදහස් ඇති සමකාලීනයන්ගෙන් ආනන්දය ආලෝකමත් වූ යුගයකි.මේ කාලයේ සුදේශ් ගුණරත්න විසින් ජේ. සෙල්වනායගම් මහතාට ඔහු හඳුන්වාදීමත් සමඟම හතර ග්‍රහයෝ නම් තිර රචනය ඔහු අතින් බිහි විය. මේ වකවානුවේ කවියෙක්, විචාරකයෙක්, හින්දි ගීත පරිවර්තකයෙක් වශයෙන් ඔහු සරසවිය ඇතුළු පුවත්පත් රාශියක කටයුතු කළේය. උපාධිධාරියෙක් වශයෙන් විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් පිට වූ සිරි ඉන් පසු පොහොර සංස්ථාවේ ගබඩා පාලකයෙක් වශයෙන් දිවයිනේ නන් දෙස සේවය කළේය. දේශපාලනයේදී සැමදාමත් ප්‍රගතිශීලී අදහස් දැරූ ඔහුට ඒ නිසාම බදුල්ල, හම්බන්තොට, අම්පාර, පොලොන්නරුව ආදී අති දුෂ්කර පළාත්වල සේවය කරන්නට සිදු විය.අවුරුදු කිහිපයක් පොහොර සංස්ථාවෙන් මිදී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙක් වශයෙන් එක් වූ ඔහු දේශීය වෛද්‍ය ආයතනයේත්, චිත්‍රසේන වජිරා කලායතනයේත් හින්දි භාෂා කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කළේය.1973 වසරේදී ප්‍රකාශයට පත් වූ ඔබේ ගීත මගේ කඳුළු කවි පොත ඔහුගේ කාව්‍යමය කුසලතාවය පෙන්නුම් කළ කෘතියකි.1982 වන විට දේශපාලනයට පිවිසි සිරි කහවල හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී කලාකරුවන් එක්රැස් කරන්නට විශාල මෙහෙවරක් කරන ලදී. මේ වන විට ඔහු ට්භඪඤඥ නම් කෘතිය හින්දි භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ ද එය පාඨකයා අතට පත් නොවීය. පසුකාලීනව යසපාලිත නානායක්කාර සමඟ එක් වූ ඔහු නැවත හමුවෙමු, රෝසි, සුරනිමල යන චිත්‍රපටවල තිර රචනා කළේය. ඔහු ආදරයේ රන් දම්වැල් තිර රචනය කළේ ඇලරික් ලයනල් ප්‍රනාන්දු වෙනුවෙනි.හින්දි චිත්‍රපට සිංහලෙන් උපසිරැසි ගැන්වීමේ පුරෝගාමී මෙහෙවරක් කළේ ඔහුය. ස්වාධීන රූපවාහිනී සේවය විසින් විකාශය කළ හින්දි චිත්‍රපට ඔහු විසින් සිංහලයට නගන ලද අතර මෙය වසර 10 කට ආසන්න කාලයක් පුරා අඛණ්ඩව කෙරිණි. දිගු කලකට පසු ඔහු යළි සරසවියට එක් විය. විශ්ව ලේඛා ආයතනයේ ප්‍රකාශනයක් වූ විශ්ව තරංග සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක වශයෙන් කටයුතු කල සිරි කහවල ඉන් පසුව දිනකර පුවත්පතට ද සම්බන්ධව සේවය කළේය. සිය ජීවිතයෙන් වැඩි කාලයක් ප්‍රගතිශීලී දේශපාලනයක් දිනවීමට සෘජුවම මැදිහත් වූ සිරි කහවල මේ වන විට ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කරයි.ක්ෂේත්‍ර ගණනාවක සිය කුසලතාවන් මැනවින් විදහා දැක් වූ චිත්‍රපට තිර රචකයෙක්, ගුරුවරයෙක්, ලේඛකයෙක් මෙන්ම මානව හිතවාදී දේශපාලනයක් වෙනුවෙන් අවංකවම කැප වූ පුද්ගලයෙක් වශයෙන් ඔහු කළ සේවය අපි ඉතසිතින් සිහිපත් කරමු. මේ වනවිට සිය ආරණීය බිරිඳ මල්ලිකා වික්‍රමආරච්චි මහත්මිය සමඟ රත්මලාන සිරිමල් උයනේ වෙසෙන සිරි කහවල චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට මෙලෙස උපන් දින සුබපැතුම් එක් කරමු. සිරි කහවල සුබ උපන්දිනයක්
CREATIVE
ජනවාරි 21 වැනිදාට යෙදෙන සිංහල සිනමාවේ 67 වැනි උපන් දිනය වෙනුවෙන් මුද්දර කාර්යාංශය විසින් මේ වන විට සිනමාවේ සිටි දුෂ්ට චරිත රඟපෑමෙන් කීර්තියට පත් ෂේන් ගුණරත්න, එච්. ඩී. කුලතුංග, පියදාස ගුණසේකර, ඩොමී ජයවර්ධන යන ශිල්පින්ගේ මුද්දර හතරක් නිකුත් කිරීමට නියමිතය.මේ නළුවන්ගෙන් ෂේන් ගුණරත්න හා එච්. ඩී. කුලතුංග යන ශිල්පීන්ගේ නෑ - හිත මිත්‍රාදියකු මුද්දර කාර්යාංශයට අවශ්‍යව ඇති බැවින්, එවන් කෙනෙකු වෙත් නම් සරසවිය පුවත්පතට 011-2429586 අංකය යටතේ ප්‍රධාන කර්තෘවරයා අමතන ලෙස ඉල්ලා සිටී.තිලානි ශානිකා
CREATIVE
වේදිකාව තම ආත්මය කරගත් අතිශය නිර්මාණශීලී නාට්‍යකරුවකු පසුගියදා අපෙන් සමු ගත්තා. ඒ 2013 වසරේ හොඳම නාට්‍යකරුවා ලෙස රාජ්‍ය සම්මාන 6 කින් පිදුම් ලැබූ සුනිල් චන්ද්‍රසිරි.සුනිල් 80 දශකයේ මැද භාගයේදී වේදිකාවට අවතීරණය වුණේ වේදිකාව පිළිබඳව හසරක් නොදැන, එහෙත් තදබල ඇල්මක් ඇතුවය. නාට්‍යයක් නිෂ්පාදනය කිරිම සඳහා අර්ථපතීත්වයෙන් දායක වුණු සුනිල්ට ඒ සඳහා ලැබුණු ප්‍රතිලාභ වුණේ, නින්දා – අපහාස - උපහාස වගේ කටුක අත්දැකීම්. වේදිකාවේදී ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ කුඩුකේඩුකම්වලින්, කුහකකම්වලින් සහ පලවා හැරීම්වලින් පසුබැස්සෙ සුනිල් නෙවෙයි.ඔහු පත පොත ඇසුරෙන් නාට්‍ය කලාව තනිවම හැදෑරුවා. බ්‍රිටිෂ් කවුන්සිල් පුස්තකාලය වගේ තැන්වලින් තම දැනුම පෝෂණය කර ගත්තා. නිර්ාණශීලී නාට්‍යකරුවෙක්, දෙන්නෙක් දැන හඳුනාගෙන ඔවුන් සමීපයේ ඔවුන්ගේ සාර්ථක නිර්මාණ ඇසුරේ නිබඳ ආභාසය ලැබුවා. ඒ විදියට දැනුමෙන් සන්නද්ධ වෙලා සුනිල් 1998 දී නැවත වේදිකාවට එන්නෙ. නාට්‍ය නිර්මාපකයකු විදියට යෝධ පියවරක් ඉදිරියට තබමින් ඒ ‘ගිනි දඬු හෙවණ’ නම් වූ පරිවර්තනය තුළින් ඩබ්ලිව්. ජයසිරි හොඳම සහාය නළුවාට හිමි රාජ්‍ය සම්මානය ලබන්නෙත් එම නාට්‍යයෙන්.සුනිල්ගේ ඊළඟ පියවර තවත් දැවැන්ත නාට්‍යයක්. ඒ ඉන්දියානු ජාතික ගිරිෂ් කර්නාඩ්ගේ ‘තුග්ලක්’ ඇසුරෙන් කළ ‘භීමභූමි’. එම නාට්‍යය සිංහල වේදිකාවට ගෙන එන්නට සැන්ටින් ගුණවර්ධනත්, නිහාල් ප්‍රනාන්දුත් සිහින දකිමින් සිටි බව අප පෞද්ගලිකව දන්නවා. ඒත් ඒ සිහිනය වේදිකාවේදී සාර්ථකව මල්ඵල ගැන්වුණේ සුනිල් අතින්. ජනක කුඹුකගේ මුල් වරට රාජ්‍ය නාට්‍ය උළෙලකදී සම්මානනීය හොඳම නළුවා වුණේ ‘භීමභූමි’ ප්‍රධාන භූමිකාව තුළින්.සෑම වසරකම නාට්‍ය උළෙල අරමුණු කරගෙන නාට්‍ය තනන්නෙකැයි සුනිල් නාට්‍ය ක්ෂේත්‍රයේම ඇතැම් කුහකයන් ගේ ගර්හාවට ලක්වුණත් එසේ සුනිල් බොහෝ විට වසරක් පාසා කළ නාට්‍ය නිර්මාණ අතරින් එකක් දෙකක් හැරුණු කොට අනෙක් සියල්ලම සාර්ථක නිර්මාණවීමයි වැදගත්.2005 දී සුනිල්, කේ. බී. හේරත්ගේ ‘දොන් ජුවන්’ නාට්‍යයේ ප්‍රතිනිෂ්පාදනයක් වේදිකාවට ගෙනාවා. එහි ප්‍රධාන භූමිකාව රඟපෑ ජගත් චමිල එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නළුවා වුණා. ඉන් වසර 8 කට පසු මෑතකදී ජගත් චමිල ‘දොන් ජුවන්’ චරිතයට එක ආකාරයකින් දක්වන චරිතයකින් ජගත් සම්මානයක් ලබද්දී සුනිල් ඉතා නිහතමානීව හුදෙකලාව ඒ සතුට භුක්ති වින්ඳා. ජගත් චමිල විශිෂ්ට නළුවකු ලෙස තනන්නට සුනිල් චන්ද්‍රසිරිගෙන් ලද දායකත්වය, ජගත්ගේ ජයග්‍රහණයේදී හෝ ඉන් පසුව හෝ කිසිදු තැනක කිසිවකු අතින් සඳහන් වුණේ නැහැ.2007 හෙන්රික් ඉබ්සන් ශත සංවත්සරය වෙනුවෙන් මෝර්වේ මූල්‍යාධාර මඟින් ඉබ්සන් නාට්‍ය හත අටක් සිංහල වේදිකාවට ආවා. ඉන් විශිෂ්ටම නිර්මාණය කළේ සුනිල්. ඒ ඉබ්සන්ගේ ‘පබ්ලික් එනමි’ ඇසුරෙන් සුනිල් කළ ‘ජන මිතුරා’. සුනිල් විවිධ බාධා කිරීම්, කකුලෙන් ඇදීම් මැද්දේ නළුවන් තැනූ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්. ජනක කුඹුකගේ, ජගත් චමිල, සාරංග දිසාසේකර, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර ඔහුගේ නිර්මාණ තුළින් සම්මානනීය වූ නළුවන්. ගොඩනැ¼ගුණු රංගධරයන්. සුනිල් චන්ද්‍රසිරිගේ නාට්‍ය නිර්රමාණ ජනතාව අතරට ගෙන යෑම ඔහුට කළ හැකි ලොකුම උපහාරයයි!- එඩ්වඩ් චන්ද්‍රසිරි
CREATIVE
ශ්‍රීමාල් වෙඩිසිංහ කියන උස මහත නළුවාගෙන් එකදිගට කම්මුල් පාරවල් හයක් වැදුනොත් ඒ කෙනාට කොහොම දැනේවිද? හරියට වට දහසක් කරකවලා අතහැරියා වගේ තියේවි. හැබැයි ප්‍රේමදාස විතානගේට නම් ඒ තත්ත්වය එච්චර ගානක් වුණේ නැහැ. රන්ජන් රාමනායක ගේ ‘රන්ජා’ චිත්‍රපටය රූ ගත කරද්දී ශ්‍රීමාල්ගෙන් එකපිට එක හය වාතාවක් කම්මුල්පාරවල් කාගෙන ජයග්‍රාහී හත්වැනි වතාවටත් ප්‍රේම් කන හරහා පහරක් වද්දගත්තෙ රංගනයේදී එවැනි දේවල් නිරන්තරයෙන් සිදුවන නිසා.කෙසේ නමුත් ප්‍රේම් මීට ප්‍රථම ද අවස්ථා ගණනාවක දී විවිධ නළුවන්ගෙන් කම්මුල් පාරවල් කාලා තියෙනවලු. ඔහු නම් කියන්නේ මේ විදිහට අනුන්ගෙන් කම්මුල් පාරවල් වැඩිපුරම අනුභව කළ එකම නළුවා තමන් බවයි. ප්‍රේම් මේ වනවිට කලා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතළිස් දෙකක්. ඔහු වයස අහන හැමෝටම කියන්නේ ඉපදිච්ච ගමන්ම කලාවට ආපු නිසා වයසත් හරියටම හතළිස් දෙකක් කියලා. ඒත් වදෙන් පොරෙන් අපි ඔහු ගේ වයස දැනගත්තා.ඇත්තම කිව්වොත් මට අවුරුදු හැටයි. පේන්නේ කොල්ලෙක් වගේ නේද?ප්‍රේම් කතාව ඇරැඹියේ එතැනින්. ඔහු කලා ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ වෙසක් නාට්‍යවලින්.මගේ ගම නාවල. හැත්තෑව දශකයේ මුල් භාගයේ ගමේ වේදිකා ගතකළ විදුර, රොඩී කෙල්ල ආදී නාට්‍යවල රඟපෑවා. රංගනයට ඇති නොනිමි ආසාව නිසාම මං අවස්ථා හොයමින් කාලය ගතවෙද්දී ‘දිනුම් කණුව‘ චිත්‍රපටයේ පුංචිම පුංචි දර්ශනයකට පෙනී සිටින්න හම්බවුණා.ඔබව එහි හොයා ගන්න දෙපාරක්ම ෆිල්මි එක බැලුවා නේද?අනේ ඔව්, දෙපාරක්ම බැලුවා තමයි. ඒත් හොයාගන්න බැරි වුණා.ඊට පස්සේ?ජය අපටයි, චාන්දනී, හිඟන කොල්ලා, යුද ගිනි මැද, රජ හොරු, රන්ජා, ඇද්දා ලනුව දැම්මා කොඩිය වැනි චිත්‍රපටවල රඟපෑවා. ‘සිංදු බිංදු’ තමයි පළමු ටෙලි නාට්‍යය වුණේ. සැනසිලි සුවඳ, කිරි කඳුළක්, කෝපි කඩේ, දෙපත් නයි, සරා, අනෙක් ටෙලි නාට්‍ය කිහිපයක්. ඒ අතරින් කෝපි කඩේ මිනී පෙට්ටි සාප්පුවේ මුදලාලිගේ චරිතය ගොඩක් ප්‍රේක්‍ෂකයන් අතරට ගියා. මං කෝපි කඩේ සියවැනි කථාංගයේ සිට අද දක්වාම ඉන්නවා.ප්‍රේම් වේදිකාවේ සක්‍රීයබව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ ගැනත් කියමු?ආයෙත් අහලා. වේදිකාව මගේ මූලාරම්භය නිසා වර්තමානය දක්වාම මං එහි රැඳී ඉන්නවා. සිවම්මා ධනපාල, අයෑම් ශ්‍රී ලංකා, සූටි ගමරාල වගේ නාට්‍ය කරකර රට වටේම යනවා.ප්‍රේම් ගැන ජනපි‍්‍රය කතාවක් තියෙනවා.?මං දන්නවා ඔය අහන්න හදන එක. මට පීනන්න බැරි කතාව නේද?හරියටම හරි...ඉස්සර නම් මං කාටවත් ඒ ගැන කිව්වේ නැහැ. මට චරිතයක් ලැබුණා පීනන දර්ශනයක් තියෙන. ඉතින් ලැජ්ජාවට මං කාටවත් කිව්වේ නැහැ මට පීනන්න බැහැ කියලා. මං වතුරට බැස්සා. මෙන්න දැන් ටික ටික මාව ගිලෙනවා. පුදුම විදිහට බය හිතුණා. ප්‍රඩක්‍ෂන් එකේ කට්ටියක් පැනලා බේරගත්තේ. එදා ඉඳලා මට චරිතයක් ලැබෙද්දී නොවැරදීම අහනවා පීනන්න, වතුරට බහින දර්ශන තියෙනවද කියලා.ඔබ රංගනයට එන කාලෙ සමපැහැපත් අය තමයි නළුවන් වුණේ. ඒ අතරේ ඔබට සෑහෙන්න කට්ටක් කන්න ඇති නේද චරිත ලබාගන්න?ඔය නොකියා කියන්නේ මම කළුයි කියලනේ. ඉතින් කළු කොච්චර හොඳද. ඔබ කිව්ව තත්ත්වය මත මං කළු නිසා ගොඩක් අය මාව මුලදි රංගනයට ගත්තේ නැහැ. ඒත් මූණ හුරු වෙද්දි ටික ටික කට්ටිය මට චරිත දුන්නා.සුදු වෙන්න රූපලාවණ්‍ය ක්‍රමෝපායන් පාවිච්චි කරන්න තිබුණානේ?අනේ මොකටද. උපන් කළුව මට හොඳයි.නාට්‍ය කරන්න ගිහින් රෑ දෙක වෙනකම් කනත්තක හිටියා කියන කතාව මොකක්ද?ඒක වුණේ ‘මිණිපුර හටන’ නාට්‍යය කරද්දි. දවස් කිහිපයක්ම බොරලැස්ගමුව පැත්තේ කනත්තක රෑ දෙක පහුවෙනකම්ම හිටියා. කිසිම බයක් දැනුණේ නැහැ. මමත් ඉතින් හොල්මනක් වගේනේ.පවුලේ විස්තරත් සඳහන් කරමු?මගෙ බිරිය ඥානා මීපගමගේ. මට ළමයි පස්දෙනෙක් ඉන්නවා. රූපිකා, රසිකා, නිලුකා, සමීර සහ ලක්‍ෂාන්. ඒ අයගෙන් බාලයා ලක්‍ෂාන් හැර අනෙක් හතර දෙනා බැඳලා. ඒ අයටත් ළමයි ඉන්නවා. එහෙම බලනකොට මං සීයා කෙනෙක්.සටහන -ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
නව පරපුරේ රංගන ශිල්පිනී ලෝචනා ඉමාශි පසුගිය පහළොස් වැනිදා යෙදී තිබුණු තමන්ගේ උපන් දිනය සැමරුවේ කිරුළපන පුෂ්පාරාමයේදී කාටත් ආදර්ශවත් අයුරිනි.එහිදී ඇය සංඝගත දානමය පින්කමක් සහ මඤ්ඤාක්කා දන්සලක් සංවිධානය කොට තිබිණ. ලෝචනා සිය උපන්දින කේක් ගෙඩිය කැපුවේද විහාරස්ථානයේදීය. එහිදී ඇය කේක් කැබලි හිතමිත්‍රාදීන්ට කැව්වේ මුහුණ කටපුරාම තවරමිනි.ඒ අවස්ථාව ලෝචනාගේ අතින් කේක් කවනලද හැමෝටම මහත් වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. මේ එම අවස්ථාවේ සේයාරූ කිහිපයකි. ප්‍රසාද්
CREATIVE
නන්පේරියල් වතු වදුල සිප හමන සීත මද නළ ඇඟ හිරිගඬු පුබුදුවන සුන්දර උදෑසනයි මේ. බලංගොඩ තුහින වට බිම් පළස මැද අප මන්දගාමී ගමනේය. අප මෙ ප්‍රවේශම් සහගත ගමනක යෙදෙන්නේ ලන්තෑරුම අත ගත් අද්භූත මිනිසා සොයාය. කළු පැහැ හිම කබායකින් හා කිලිටි වූ කොටු සරම ඇඟලාගත් මේ අද්භූත එකැස් මිනිසා දැන් කුමන මොහොතක හෝ කුමන තැනෙකින් හෝ අප භීතියට පත් කරමින් මතුවනු නියතය.ශක්තිමත් ප්‍රතාපවත් මෙන්ම ඉපැරැණි වලව් ද්වාරයේ දකුණත පඩි පෙළ කෙළවරෙහි බෝලිද්දා ගස යට මේ මොහොතේ අද්භූත මිනිසා ගිමන් හරින බව අපට කීවේ මඟ හරි හැටි දන්නා ගැමියෙකි. ඒ මඟ නිවැරැදි විය යුතුය. බෑවුම් සහිත කඳුකර දුෂ්කර මාවතේ වමත් බෑවුමෙහි පිහිටි ඉපරැණි වලව් ද්වාරයෙහි කෙළවර ඔහු ගිමන් හරිමින් සිටියි.බෑවුමේ වලව්වේ බොහෝ පිරිසක් එකාවන්ව වැඩ කටයුතුවලය. මේ අදිසි එකැස් මිනිසා අපට හමුවන්නේ හිරු ටී. වී හි අදිසි 10 පනස් වැනි වැඩසටහන හරහාය. අද අප පැමිණියේ අදිසි 10 පනස් වන කොටස රූගත වන අපූරුව දැක බලා ගනු රිසියෙනි.සැබෑවටම බිය උපදවන පරිදි වේශ නිරූපණය කළ එකැස් මිනිසා සමඟ අදිසි අදියුරැ පරාක්‍රම ඒකනායක හරබර කතාබහකය. කතාබහ නිමවන තුරු අප බලා උන්නේ දර්ශන තලයට ගොඩවීමට අවසර ලැබෙන තෙක්ය. පරාක්‍රම නැතහොත් අප හිතවත් පරාගේ ආරාධනයෙන් අප දැන් ක්‍රමයෙන් පහළ බෑවුම වෙත පිවිසෙන්නේ ප්‍රතාපවත් වලව්ව වෙතටය. එදවස ඒ ප්‍රදේශය පාලනය කළ රටේ මහත්තයාට අයත් මේ පැරැණි වලව්ව 1918 දී ඉදි කරන ලද්දකි. අද අදිසි දර්ශන තලය මේ සුන්දර නිස්කලංක වලව්වයි. ඒ අවට පරිසරයයි.නවක නළු නිළියන් පිරිවරකගේ දායකත්වයෙන් රූ ගතවන අදිසි මෙවර හැඩ වන්නේ පළමුවැනි කොටස සඳහා දායක වූ කණ්ඩායමයි. ඉතාමත් සමීප සබඳතා ඇති මෙම නිර්මාණශීලී කණ්ඩායම අලුත් අදහස් දරන්නන්ගේ තෝතැන්නකි. සැබැවින්ම අපට පෙනෙන ලෙසට අදිසි නිර්මාණශීලී බලාපොරොත්තු දල්වාගත් කණ්ඩායමක එකතුවකින් සැදුණු ඵලයකි.ක්‍රමයෙන් පතිත වන ශීතල නැත්තටම නැතිව ගියේ දර්ශන කලයේදී ලද උණුසුම් කෝපි වීදුරුවෙනි. ළහි ළහියේ තමන්ගේ කටයුතුවල යෙදෙන පිරිස උද්යෝගශීලීව තම තමන්ගේ කටයුතුවලය. කලක සිට මිත්‍රයන් වන මෙම නිර්මාණ කණ්ඩායම සමඟ කාලය ගෙවීම විනෝදජනකය. අදිසි දහය අංග රචනා ශිල්පී ජනක බණ්ඩාර අත නිරතුරුවම රැඳි තුත්තිරි මල් කෙමිය ඉඳ හිට කෙනෙකුගේ කනට ළං වෙයි. හෝ හපුටුවකු මැස්සකු හෝ කුරැමිණියකු යයි සිතා ඒ පුද්ගලයා කණට සැරෙන් පාරක් එල්ල කරයි. නමුදු කරදරය නිමවන පාටක් නැත. ඒ නිසාම ඒ පුද්ගලයා හැරී බැලූ විට පිටුපස සිටින්නේ ජනකය.මසුරන් කියුම් මෙන්ම නිර්මාණය ද සාර්ථකව ඉදිරියට කරගෙන යන මෙම කණ්ඩායමේ නායකයා පරාය. කලබලයෙන් තොරව නිදහසේ නිර්මාණය බිහි කරනු ලබන හෙතෙම පිරිසට ක්ෂේත්‍රය පිළිබඳ ලබා දෙන්නේ කදිම අවබෝධයකි.ආධුනිකයන් හා ප්‍රවීණයන් එක්ව නිමවන අදිසි 10 පස් වැනි කොටස දැන් ක්‍රමයෙන් නිමාවෙමින් පවතියි. දිනයේ අවසන සටහන් කරමින් වියපත් හිරු මඬල ගිරිහිස අගින් නික්ම යන්නට ළඟය. සහාය අධ්‍යක්ෂ ලසිත ගුණසේකරගෙන් පිරිසට තදින් කැඳවීමකි. සියල්ලෝම රැස්ව බලා උන්න ද කිසිවක් නොදත් පරා දුරකතන ඇමතුමකය. දුරකතනය විසන්ධි කොට පරා පැමිණිමේදී කිසිවකුªත් පෙනෙන්නට නැත. සියල්ලෝ වලව්වේ මැද සාලයේ මේසයක් වටකොට ගනිමිනි.මේසයේ අලංකාර කේක් ගෙඩියකි. එය අදිසි 50 ලෙස සටහන්ව ඇත. එය දුටු පරාක්‍රමට නැඟුණේ මුවට සුවදායක හිනා රැල්ලකි. සැවොම එක්ව සහෝදරත්වයෙන් කේක් කපා සතුටට පත්ව රාත්‍රී දර්ශන ඇරඹිමේ සූදානමිනි.ලන්තෑරුම අත ගත් මිනිසා තමාට රිසි ලෙස වතු පිටි වටා සැරිසරයි. ජීනා ඒ මිනිසාට සැබෑවටම බය වී ඇති සෙයකි. කණ්ඩායමේ කාන්තා පාර්ශවය නිරතුරැවම පසු වන්නේ දැඩි අවධානයකිනි. කවර හෝ මොහොතක අනපේක්ෂිත බිය වැද්දීමක් ඔවුන් බලාපොරොත්තු වන්නේ කණ්ඩායමේ සාමාජිකයකුගෙනි.නළු නිළියන් සියල්ල ආධුනික වුව ද ඔවුන්ගේ රඟපෑම දියුණු තත්ත්වයකට ගත හැකි මට්ටමක තිබීම අනාගතයට සුබදායි බලාපොරොත්තුවකි.නන්පේරියල් වතුයායේ සීතල නැවත නැවතත් සිරුර වෙත එබෙන සීතල රාත්‍රියයි මේ. තවමත් අදිසි 10 නිම නැත. ලන්තෑරුම අත ගත් මිනිසා කවුරුන්දැයි තවමත් කිසිවකු දන්නේ නැත.චතුර ගීතනාත් බණ්ඩාරඡායා - තුසිත කුමාර
CREATIVE
මාස ගණනකට පෙර පටන් මම ඇමෙරිකාවේ ඉන්න මගේ පුතා ළඟට ආවා. ‘යශෝරාවය’ , ‘රන් ගල්තලාවට’ වගේ ටෙලි නාට්‍ය කළාට පස්සේ මම නිර්මාණයකට දායක වුණේ නැහැ.මොකක් හෝ හොඳ නිර්මාණයකට දායක වීමට ඒ කාලයේ මම හිටියේ බෙහොම කැමැත්තෙන්. ඒත් කිසිම කෙනෙක්ගෙන් ආරාධනාවක් නම් ලැබුණේ නැහැ.
CREATIVE
සිසිර රේගුවේ තමයි අවුරුදු තිහක් හතළිහක්ම සේවය කළේ. ඒ කළ සේවයත් සිහි කරමින් ඔහුට උපහාර උළෙලක් සමඟ සංගීත සංදර්ශනයක් පැවැත්වීමට ඒ අයගේ සංගමය තීරණය කරලා.ඉදිරි මාසයකදී පැවැත්වෙන මේ උළෙල සඳහා සූදානම් වන අතරම අපේ පැත්තෙන් කළ යුතු දේ් ඉටු කළ යුතුයි. ඒ සඳහායි මමත් සිසිරත් මේ දවස්වල වෙහෙසෙන්නේ.
CREATIVE
ක්‍රීඩාවයි කලාවයි අංශ දෙකක් වුවත්, කලාවෙන් බැබළෙන්නේ නැති ක්ෂේත්‍රයක් නොමැති තරම්ය. 2012 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලට, මෙගා තරුව අමිතාබ් බච්චන්ට ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමට ඉඩ ලැබුණේ එනිසාය.ඔලිම්පික් සංවිධාන කමිටුවෙන් මේ ආරාධනාව ලැබුණු පසු අමිතාබ් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය. ‘මෙය මටත්, රටටත් අභිමානයක්’ ඔහු ට්වීටර් වෙබ් අඩවියේ සටහන් කළේය.2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ වන එකම ඉන්දියානු කලාකාරයා අමිතාබ් නොවෙයි. ඒ. ආර්. රහ්මන්ගේ තනුවක් ද සමාරම්භක උත්සවයේදී වාදනය විය. ඉලෙයි රාජාගේ ගීතයකින් ද එම උළෙල වර්ණවත් කෙරිණි.වෛවර්ණ ජල බිඳුතාරකාවන්ගේ සිරුරේ දැවටෙන විට මොන තරම් සුන්දර ද? එහෙත් එය ඔවුන්ටනම් කටුක අත්දැකීමක් වන අවස්ථා එමටයි.ළඟදී එවන් අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නේ සෝනක්ෂි සිංහය. ඒ ‘දාබන්ග් 2’ ගීතයක් රූගත කරද්දීය. ‘ගෝ ගෝ ගෝවින්දා’ ගීතය දින තුනකදී රූගත කර අවසන් විය යුතු නමුත් සෝනක්ෂිගේ ඇසට වර්ණවත් දියර ඉසී තුවාල වීම නිසා රූගත කිරීම තාවකාලිකව නතර කර තිබේ.ආදරය, මුදල්වලින් පෙන්වීම බොලිවුඩ් තිරයේ පෙම්වතුන් තිරයේදී මෙන්ම තිරයෙන් මෙපිටදී ද ඉතා කැමැත්තෙන් කරන්නකි. ආදිත්‍ය චොප්රා ඉන්දියානු රුපියල් කෝටි 1.25 කින් රාණිට ‘ආදරය’ පෙන්වන්නට සිතුවේ එනිසාය.ඔහු ඇයට අවුඩි 8 ඩබ් 12 මෝටර් රථය මිලදී ගෙන රාණිගේ ඔහුට ඇති ආදරය තවත් වැඩි කර ගත්තේය.රාණි වාහනය දැක සතුටින් ඉපිළ ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ඇය අවුඩි රථවලට දක්වන්නේ පුදුමාකාර ඇල්මකි.ආදිත්‍යගේ දික්කසාද නඩුව අවසන් වීමෙන් පසු රාණි ඔහුගේ ‘දුල්හනියා’ (මනාලිය) වනු ඇත.පෙම් දම නිසා වගේම මිතු දම නිසා ද බොලිවුඩ් තරු, මෝටර් රථ තෑගි ලෙසින් හුවමාරුකර ගනිති. සල්මන්, කරීනාට බීඑම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් තිළිණ කළේ මෑතකදීය.‘ෂර්ලින් චොප්රා’ සරාගී සුරූපිනියට ඉල්ලුමක් ඇත්තේ බොලිවුඩයෙන් පමණක් නොවෙයි. ඇයට දැන් සිය ලාලිත්‍යයෙන් ලොවම වසඟ කරන්නට අවස්ථාව ලැබී තිබේ.විනෝද් පාන්ඩේගේ ‘රෙඩ් ස්වස්තික්’ සිනමා පටයෙන් රසික නෙත්වලට රසඳුනක් වූ ඇය ‘ප්ලේබෝයි’ සඟරා කවරය සරසන්නට සූදානමින් සිටින්නීය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
දකුණු පළාතේ බෙලිඅත්ත ප්‍රදේශයේ විකට වැඩ සටහන් දෙකකට එක දවසක් මටත් ඇනස්ලිටත් සැමුවෙල්ටත් ආරාධනා ලැබුණා. අපේ කණ්ඩායම ඒ දවස්වල රටේ හිනි පෙත්තේම වැජඹෙන කාලයක්. රට වටේම ඉන්න සංවිධායකයෝ අපිව ගෙන්වා ගන්න පොරකන කාලයක්. රසිකයන්ගේ ඉල්ලුමත් අඩුවක් නැති කාලයක්. එදා බෙලිඅත්ත නගරයේ පැවති මේ විනෝද වැඩ සටහන බලන්න ප්‍රදේශයේ බොහෝ පිරිසක් ඇවිත් හිටියා.එදා දවස මගේ ජීවිතයේ කිසිදා අමතක නොවන දිනයක්. ඉතිං ඔන්න අපි තුන් දෙනා පළමු වැඩ සටහන ඉතා හොඳට ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ සාර්ථකව නිමා කළා. සාමාන්‍යයෙන් සිරිතක් විදියට නාට්‍ය සංවිධායකයන් කරන්නේ පළමු වැඩ සටහන ඉවර වුණ පසු ඊට අදාල ගෙවීම් කිරීම. ඒත් එදා එහෙම වෙන පාටක් පෙනෙන්නට තිබුණේ නැහැ. සංවිධායකයන්ගේ ක්‍රියා කලාපය අපිට සැක සිතුණා. අපේ මුදල නොදී වංචා කිරීමට ඔවුන් සැරැසෙනවා කියලා අපට තේරුම් ගියා. ඒ හින්දම අපි ඔවුන්ගෙන් මුලින් ඉදිරිපත් කළ වැඩ සටහනට අපිට ගෙවිය යුතු මුදල් ඉල්ලා තර්ක කරන්න පටන් ගත්තා.අපි දෙගොල්ල අතර දැන් කතාව දුරදිග යන කොට ඊළඟ වැඩ සටහනට නියමිත කාලයත් ළං වුණා. එත් මේ ප්‍රශ්නයට විසදුමක් නැති තරම්. වැඩ සටහනට නියමිත කාලය ඉක්මවලා යන කොට ප්‍රේක්ෂකයන්ගේ කුතුහලයත් එන්න එන්නම වැඩි වුණා. ඔවුන්ගේ සීමාව ඉක්මවලා ගිය ප්‍රේක්ෂකයෝ එක රොත්තට වේදිකාවට කඩාගෙන වැදුණා. දැන් එතන එකම ගාලගෝට්ටියක්. අපෙන් සල්ලි අරන් කෝ පෙන්වනවා කිව්ව නාට්‍යය කිය කිය එක එක අය සංවිධායකයන්ගෙන් ප්‍රශ්න කරනවා. ඔහොම ටිකෙන් ටික තත්ත්වය බරපතල වුණා. ඔන්න දැන් ඉතිං එකාට එකා ගහ ගන්නත් පටන් ගත්තා. නරඹන්නන් සී සී කඩ දුවන්න වුණා.අපිත් ප්‍රදේශයට ආගන්තුක වුණ නිසාම ඇනස්ලිත් සැමුවෙලුත් මමත් මේ ජරමර අස්සේ ඔළුව හැරුණ අතේ දුවන්න පටන් ගත්තා. ඔය වෙන කොට බිම් කරුවලත් වැටිලා. මමත් ඉතිං දැන් මහ කළුවරේ ගල් මුල් උඩින් හිස හැරුණු අතේ දුවනවා. කොහෙද ඉතිං පාරක් තොටක් දන්න එකක්යැ. මෙහෙම ඉතිං දුවගෙන යන කොට මා පස්සේ බල්ලො රංචුවක් එලවන්නට වුණේ නැතෑ. දැන් මම උන්ගෙන් බේරෙන්න තවත් වේගය වැඩි කරලා දුවන්න වුණා. ඔහොම දුවගෙන යන කොට මාව ඇදගෙන වැටුණේ නැතෑ මහ කළුවරේ පාරක් අයිනේ තිබුණ ලොකු වලකට. දැන් ඉතිං මොනව කරන්නද, ගුටිකන එකෙන් බේරෙන්න පණ එපා කියලා දුවපු මම නන්නාඳුනන පළාතක කට්ට කළුවරේ මහ වලකට ඇද වැටුණාම හිතාගන්නකො තරම. අනේ ඉතිං මට දුවල මහන්සියයි වලට වැටුණ අමාරුවයි දෙකම අස්සේ මම ටික වෙලාවක් හති ඇරියා. වලෙන් ගොඩට එන්න ටික වෙලාවක ඉඳලා උත්සාහ කළත් මට තනිවම වලෙන් උඩට එන්න බැහැ. ආයේ ඉවුර කඩාගෙන ඇදගෙන වැටෙනවා.බැරිම තැන මම මහ කළුවරේ වල ඇතුළේ ඉඳලා මහ හයිියෙන් කෑගැහුවා මාව බේර ගන්න කියලා. මගේ කෑගැහිල්ල ඇහිලා මම පස්සෙන් එලවන් ආ බල්ලොත් වල ඇතුළට හොම්බ දාගෙන මට බුරනවා. කොහොම හරි නාට්‍ය පෙන්වපු තැන ගාලගෝට්ටියක් කියලා ආරංචි වෙච්ච පොලීසිය එතනට ඇවිත් කොළඹින් ආපු කට්ටියට වුණේ මොකක්ද හොයන්න පටන් ගත්තා. ඒ අයට කළුවරේ දිව්ව ඇනස්ලියි, සැමුවෙලුයි හමු වෙලා. ඊළඟට මට මොකද වුණේ කියලා පොලීසියත් එක්ක හොයන්න පටන් අරන්. මොකද ඉතිං දැන් කාලේ වගේ ඒ කාලේ සෙල්ෆෝන් තිබුණැයැ. එහෙම වුණා නම් මචං ඇනස්ලි, මචං සැමුවෙල් මම වලක වැටිලා. ඇවිත් බේර ගනින් කියන්න තිබුණනේ. ඒ කාලේ මොන සෙල්ෆෝන් ද. ඔහොම කට්ටිය මාව හොයන කොට මම කෑගහන ශබ්දය ඇහිලා පොලීසිය සැමුවෙල්, ඇනස්ලි එක්ක වල ළඟට ආවා. ඒ කට්ටියම එකතු වෙලා මහ කරුවලේම මාව වලෙන් උඩට ගත්තේ ලොකු ජරමරයක් කරලා. මම වලෙන් ගොඩට එන්න හැම සෙල්ලමක්ම දැම්මා. ඒත් වැඩක් වුණේ නැති වෙලාවේ මම කල්පනා කළා අපි වේදිකාවට නැගලා කියන බොරුවලට පණ පිටින්ම මාව අපායට ගෙනි යන්න හදනවද කියලත්.චන්දන දයාසිරිවර්ධන ඡායාරූපය - ශාන් රඹුක්වැල්ල  
CREATIVE
මාක් සැම්සන් අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය සාමයේ සිංහයෝ හී රූගත කිරීම් පසුගියදා නිම විය. එය මේ දිනවල සංස්කරණය කෙරෙමින් පවතියි.ශ්‍රී මාක් ෆිල්ම්ස් නිෂ්පාදනයක් වන මෙහි අර්ජුන කමලනාත්, අනූෂා දමයන්ති, වසන්ත කුමාරවිල, මාක් සැම්සන්, සඳුන් විජේසිරි, කීර්ති බණ්ඩාර, මෙලනි අශෝකා, අජිත් කොටුවිල, කපිල සිගේරා, සිසිල් ජනකාන්ත, සුගත් රෝහණ, දයා ප්‍රතාප්සිංහ, නිිමල් වන්නිආරච්චි, දයාසිරි හෙට්ටිආරච්චි, වී. ඩී. කොඩිකාර, වසන්ත ලක්ෂ්මන්, ගාමිණී කුරුප්පු, සබීතා සඳුනි, සුමති රසාරා, කුමුතු නිසල්, දිනේෂ් මධුවන්ත චරිත රඟනු ලබයි.නිමල් නාකන්දල සහ ලලිත් වනිගනෙත්ති කැමරා අධ්‍යක්ෂවරුන්ය. චන්දිමා විතානගේ ගේ අංග රචනයකි. අනූෂ සංජීව ජයවර්ධන අංග රචනයෙන් දායක වී ඇත.මනෝජ් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සුගත් රෝහණ සහ වසන්ත ලක්ෂ්මන් කලා අධ්‍යක්ෂණයෙන් ද, සිසිල් ජනකාන්ත නිෂ්පාදන කළමනාකරණයෙන් ද සාමයේ සිංහයෝ සඳහා දායක වී ඇත.- ප්‍රසාද්
CREATIVE
වන්දනා නඩේ හැමෝම මට වැන්දාරංගන ශිල්පිියකුට කෙතරම් චරිත ලැබුණත් ඉතිහාසගත චරිත හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ වගේ කලාතුරකින් ලැබෙන චරිතයක් නිරූපණය කරන්න වාසනාව ලද රංගන ශිල්පියෙක් ගැනයි මේ කතාබහ. ඔහු නමින් කැලුම් ප්‍රේමසර රාජාභරණ. ඔහුට නිරූපණය කරන්න ලැබුණේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ උද්දකරාමපුත්ත තවුසාගේ චරිතයයි. සිදුහත් කුමරු මාර්ගඵල සොයායන ගමනේදී හමුවන සුවිශේෂ චරිතයක් වූ උද්දකරාමපුත්ත තවුසාණන්ගේ චරිතය නිරූපණය කරන්න ලැබීමත් වාසනාවක්.මෙවැනි ඉතිහාසගත චරිතයක් ලැබීම ගැන මොකද හිතන්නේ?ඇත්තටම ගොඩක් සතුටුයි. මුලින්ම මා තෝරා ගත්තේ සිදුහත් කුමරු දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවටයි. ඒ දවස්වල මම ටිකක් මහතයි. ඒ වෙනුවෙන් ඇඟ කෙට්ටු කරගන්න ඕනෑ වුණා. ඒ වෙනුවෙන් දවස් 22 ක් විතරයි මට තිබුණේ. අධිශක්ති බීමයි, යෝගටුයි කාලා මම කෙට්ටු වුණා. කෑම කෑවේ නෑ කියලා ලොකු හානියක් වුණේ නැහැ. කොහොම හරි මට දුෂ්කර ක්‍රියාව කරන අවස්ථාව නොවෙයි උද්දකරාමපුත්ත තවුසාගේ චරිතය තමයි නිරූපණය කරන්න ලැබුණේ.මිට පෙර ඔබේ දායකත්වය ලද නිර්මාණ ගැනත් දැනගන්න කැමැතියි?නිල් දිය මල්, හැන්දෑව, සාගරය සිනහ විය, ඉරට උඩින්, භවතරණ, පුංචි අපිත් බය නැහැ ටෙලි නාට්‍ය වගේම සිරි පැරකුම් චිත්‍රපටයටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා.මේ හැම නිර්මාණයකම ලද චරිතවලට වඩා උද්දකරාමපුත්ත චරිතය වෙනස්?ඔව්. එය මට විශේෂ චරිතයක් වුණා. මම ඒ චරිතයට පණ පෙව්වේ හරිම ආසාවෙන්. රඟපාන විට බොහොම සුන්දර අත්දැකීම්වලට එහෙමත් මුහුණ දෙන්න සිදු වුණා. සිතුල්පව්වේ තිබුණු රූගත කිරීමේදී බමුණෙක් විදියට වෙස් ගන්වල ඉන්න කොට වන්දනා නඩයක් එතැනට ආවා. කැමරා උපකරණ ළඟ පාතක තිබුණේ නැහැ. මට නිකමට හිතුණා මේ මිනිස්සු දැන් වඳියි කියලා. හිතුව වගේම හරි. ඒ වන්දනා නඩය මට දණගහල වැඳලා උඩට ගියා. උඩට යනකොට මොකද වුණේ කියලා ඔවුන්ට වැටහෙන්න ඇති. ආපහු යනකොට මුණ බලන්නෙවත් නැතුව යන්න ගියා.කැලුම් ඔබ රංගනයට අත්පොත් තබන්නේ?පාසලෙන්. ගම්පොල දැල්පිටිය රෝමානු කතෝලික විද්‍යාලයෙන් තමයි මම මුලින්ම වේදිකාවට පය තැබුවේ. දවසක් විවිධ ප්‍රසංගයට ළමයි පුහුණු කරනවා හොරෙන් බලාගෙන සිටියා. ඒක දැකපු අක්ක කෙනෙක් ඇවිත් ඇහුවා රඟපාන්න පුළුවන්ද කියලා. ‘පිපෙන මල්’ කියන නාට්‍යයේ පෝලියෝ හැදුන ළමයෙක් ඇවිදින විදිය ඒ අක්කා ළමයකුට උගන්වනවා. එයාට ඒක කරන්න අමාරු වුණා.මම කිව්වා මම කරන්නම් කියලා. මම ඒ විදියට ඇවිදල පෙන්නුවම මාව ඒ නාට්‍යයට තෝරා ගත්තා. ඊට පස්සේ එකේ නම ‘කණ කොක් සුද’ කියලා නම් කළා. ඒක තමයි මගේ මුල්ම රංගනය. එතකොට මට වයස අවුරුදු 13 ක් විතර ඇති. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. තාත්තා නම් හොඳටම ඇඬුවාලු.රංගනයට අමතරව ඔබ?විවිධ අත්කම් නිර්මාණ කරනවා. ඊට අමතරව පොත් ලියනවා. කවි නිසදැස් ඇතුළත් කෘතියක් හා සමාජ ගවේෂණය කරල පොතක් ලියනවා. ඉදිරියේදී ඒවා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.ඔබේ ඉදිරි ගමන සැකසෙන්නේ?රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුª වෙනවා. මේ වනවිටත් තවත් චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ඔස්සේ තවත් ඉදිරියට යන්න තමයි අදහස් කරන්නේ. ඒ වගේම මේ දක්වා දුරක් කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න සහාය දුන් සැමටම මගේ හද පිරි ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමැතියි.කැලුම් ප්‍රේමසර රාජාභරණ - 0779473773යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න  
CREATIVE
පසුගියදා පැවති සිසිර සේනාරත්න උපහාර උළෙලේදී විශිෂ්ට රංගධර සිරිල් වික්‍රමගේ අපූරු අතීත කතාවක් හෙළිදරව් කළා.මාව සිනමා නළුවකු කරන්න සිසිරත් හවුල් වුණා.ඒ කොහොමද?ළඟ සිටි අයකු විමසුවා.මං එතකොට මූදු පුත්තු නාට්‍ය රඟපාන යුගය. මම සිනමාවට කැමැත්තක් තිබුණේ නෑ. ඒත් ‘උඹව හරි යන්නේ සිනමාවට’ කියලා මාව බලහත්කාරයෙන් වගේ හර්බට් එම්. සෙනෙවිරත්න ළඟට එක්කගෙන ගියා. මට හඳපාන චිත්‍රපටයේ සුළු චරිතයක් කරන්නට අවස්ථාව ලබා දුන්නා. එයින් මට දිගු ගමනක් යන්නට හැකි වුණා. ඉතින් සිසිරට මං බෙහෙවින් තුති පුදනවා මේ වෙලාවේ. ඒ වගේම ඔහුට දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා.සිරිල් එවදන් පෙළ අවසන් කළේ හරිම ගෞරවයෙන්. සිරිල් වික්‍රමගේ මෙන්ම නිළි රැජන මාලිනී ෆොන්සේකා සිනමාවට හඳුන්වා දීමේදිත් සිසිර සේනාරත්න දායක වුණා.ප්‍රසාද්
CREATIVE
ලංකාවේ ශ්‍රේෂ්ඨතම චරිතයක් වූ අනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය අළලා අධ්‍යක්ෂ සනත් අබේසේකර චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වෙයි.මහින්දාගමනය, සිරි දළදාගමනය ආදී චිත්‍රපට නිර්මාණය කළ සනත් අබේසේකරගේ තෙවැනි නිර්මාණය වන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’ නමිනි. අනගාරික ධර්මපාල නම් ඒ ශ්‍රේෂ්ඨයාගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් ය.සෙසු නළු නිළි පිරිස 500ක් පමණ වේ. ඉන්දියාවේ බරණැස, පැට්නා, බුද්ධගයාව හා කොළඹ ආසන්නයේත් රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතය. 2014 වසරේ සැප්තැම්බර් 17 වැනිදා අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය නිමිති කර ගනිමින් මෙම චිත්‍රපටය තිරගත කරන්නට නියමිතය. එහි නිෂ්පාදනය ශාස්ත්‍රපති පණ්ඩිත කිරම විමලජෝති හිමියන්ය.කතාව, දෙබස්, තිරපිටපත හා අධ්‍යක්ෂණය සනත් අබේසේකර ගෙනි.‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’ චිත්‍රපටයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා වන චරිත ද්විත්වයට අවුරුදු 20ක් පමණ වයසැති තරුණයෙක් හා තරුණියක් ද අධ්‍යක්ෂවරයාට අවශ්‍යව ඇත. -තිලානි ශානිකාටෙනිසන් කුරේ ද්විත්ව චරිත රඟන ‘සුපිරි අන්දරේ’ හාස්‍යෝත්පාදක සිනමාපටයේ මූලික වැඩ කටයුතු පසුගියදා දළුගම සරසවි චිත්‍රගාරයේ පැවැති මුහුරත් උළෙලකින් පසුව ආරම්භ කෙරිණි. ටෙනිසන් සමඟ තිස්ස විජේසුරේන්ද්‍ර, සනෝජා බිබිලේ, රුවන් අමරසේකර, ඩී. බී. ගංගොඩතැන්න ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රඟන මෙය මිචෙල් ෆොන්සේකාගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි.ඔහු මීට ප්‍රථම කිරිකවඩි, නෙතු පිියෙනතුරා, සත්‍ය, සැඩ සුළං ආදි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කොට ඇත.කැමරා අධ්‍යක්ෂණයෙන් අනුර සෝමසිරි එක් වෙයි. සරත් වික්‍රමගේ සංගීත අධ්‍යක්ෂණයකි. කල්‍යාණ චන්ද්‍රසේකර සහාය අධ්‍යක්ෂණයෙන් ද, ගාමිණී කොස්තා අංග රචනයෙන් ද, රංජිත් දේවනාරායන කලා අධ්‍යක්ෂණයෙන් ද සුපිරි අන්දරේ සඳහා දායක වෙති.දුමින්ද ප්‍රේමතිලකගේ සංස්කරණයකි. සෙනරත් පීරිස් සහ සරච්චන්ද්‍ර පත්තඬුවන තිරකතා රචකයෝය. සුදත් කුරුකුලාරච්චි නිෂ්පාදන කළමනාකරුය. ලලින්ද්‍ර බී. ප්‍රනාන්දු දෙවන සහාය අධ්‍යක්ෂවරයා වේ.‘සුපිරි අන්දරේ’ ක්‍රිශාන් පෙරේරාගේ නිෂ්පාදනයකි. සම නිෂ්පාදනයෙන් ලක්ෂ්මන් ප්‍රේමතිලක, ප්ලැසිඩස් අයි. ප්‍රනාන්දු සමඟ බයිස්කෝප් ටීම් වෙනුවෙන් මිචෙල් ෆොන්සේකා, කල්්‍යාණ චන්ද්‍රසේකර, සුදත් කුරුකුලාරච්චි සහ ලලිත් බී. ප්‍රනාන්දු එක් වෙති.- ප්‍රසාද්පසුගිය ‘සරසවිය’ කලාපයේ පළ වූවා සුනිල් අරුණ වීරසිරිගේ නවතම චිත්‍රපටය වූ ‘වීර්යා’ ගැන පුවතක්. එය කියැ වූ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට එය පිළිබඳ වැරැදි මතයක් මනසට ගිහින් කියලා සුනිල් ‘සරසවිය’ට දැන් වූවා.නිවුස් එක දැකලා ගොඩක් අය මට කතා කළා. වැඩි දෙනෙක් ෆීල්ඩ් එකේ අපේම අය. ඔවුන් හිතාගෙන ඉන්නේ මම වීර්යා මණ්ඩල කිහිපයකට පෙන්නුවා කියලා. එහෙම කළේ නැහැ. නව තීතියට අනුව චිත්‍රපට සෙන්සර් කරපු පිළිවෙලටයි තිරගත වන්නේ. ‘වීර්යා’ත් ඒ පෝළිමේ තියෙනවා. නියමිත වේලාවට එය හොඳම මණ්ඩලයක තිරගත වේවි. එතෙක් මං බලාගෙන ඉන්නවා. ඒකයි අර පුවතෙන් අදහස් කළේ.- ප්‍රසාද්ජාතික රූපවාහිනියේ මෙම මස 10 වැනිදා එනම් එන සෙනසුරාදා සිට ‘තීර්ථ’ නම් වූ අලුත් සඟරාමය වැඩසටහනක් ඇරැඹෙයි. තාරුණ්‍යයේ නව නිර්මාණකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ කලඑළියට ගෙන ඒමේ අරමුණින් යුතු මෙය සුනේත්‍රා කුමාරිගේ අධ්‍යක්ෂණයකි. රංග ප්‍රේමරත්න සම අධ්‍යක්ෂණයෙන් ‘තීර්ථ’ සඳහා එක්වෙයි.වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ සෙනේෂ් බණ්ඩාර දිසානායක විසිනි.තීර්ථ ලබන සෙනසුරාදා සිට සෑම මසකම දෙවන සහ හතරවන සෙනසුරාදා උදෑසන 10 ට ජාතික නාලිකාවේ විකාශය වේ.- ප්‍රසාද්පැරැණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය තිස් තුන් වැනි වරටත් ඉදිරිපත් කරන ‘ ගීත් මාධූරි’ නම් පැරැණි හින්දි ගීත ගායන ඇතුළත් ප්‍රසංගය මෙම මස 11 වැනිදා පෙරවරු 9.00 ට කොළඹ 05 හැව්ලොක්ටවුමේ ලුම්බිණි රඟහලේදී පැවැත්වේ.රංගන ශිල්පී සතිශ්චන්ද්‍ර එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේදී ආන්, බාබුල්, මදර් ඉන්දියා, කොහිනූර් වැනි චිත්‍රපටවලින් උපුටා ගත් ගීත රාශියක් පැරැණි සංගීතය අනුව රස විඳීමට ඔබට අවස්ථාව උදාවේ. මේ ප්‍රසංගය නොමිලේ පැවැත්වේ.තිලානි
CREATIVE
මම රඟපෑ ජයලත් මනෝරත්නගේ ‘ඊළඟට මොකද වෙන්නේ’ කියන ටෙලි නාට්‍යය ඉදිරියේදී ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. ඒ වගේම ‘පිටිගල අභියස’, ‘සූරිය භානු’, ‘ගිරිකුළ’ කියන ටෙලි නාට්‍ය සඳහා ලැබෙන ප්‍රතිචාරත් බොහොමයි.ඉදිරියේදී රසිකයන්ට ‘අනගාරික ධර්මපාල’ චිත්‍රපටය ඔස්සේ මගේ රංගනය දැකගත හැකි වේවි.අතුල ඒකනායකගේ ‘චැප්ලින් එක්ක’ වේදිකා නාට්‍යයේ පුහුණුවිම් කටයුතු කෙරෙන අතරම එහි මා රඟපාන්නේ ‘මාකට්’ගේ චරිතයයි. ඒ අතර ‘දස්කොන්’ හා ‘බහු බූතයෝ’ නිර්මාණවල රඟපෑමටත් මට ආරාධනා ලැබුණා.
CREATIVE
මෙයින් ඉදිරියට සරසවිය පුවත්පත සඳහා කිසිදු සාකච්ඡාවක් සංස්ථා සභාපතිවරයා ලෙස තමා ලබා නොදෙන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා සරසවිය කතුවරයාට පැවසුවේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ උපන්දින සාදයේදී සරසවිය කතුවරයා හමු වූ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.පසුගිය සරසවිය පුවත්පතේ සිනමා සංරක්ෂණාගාරය පිළිබඳ පළ වූ ප්‍රවෘත්තියෙහි ඔහු පිළිබඳ කිසිදු වචනයක් හෝ පළ නොවීම එයට හේතුවයි. සභාපති මෙන්ම තමා දේශපාලකයකු හා නීතිඥයකු ලෙස ද ඔහු ඒ මොහොතේ හඳුන්වා ගත්තේය.සරසවිය පුවත්පත පිළිබඳ සභාපතිවරයාගේ එකී තීරණය පිළිබඳ අපට ගැටළුවක් නැත. ඒ සරසවිය පනස් එක් වසරක් මුළුල්ලේ මෙරට සිනමාව හා කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටින හෙයිනි. එමෙන්ම සභාපතිවරයාගෙන් සරසවිය සාකච්ඡාවක් ඉල්ලුවේ ද නැත.
CREATIVE
මේ දවස්වල මම මගේ අලුත්ම ගීතයට රූප රචනාවක් කරන්න සූදානම් වෙනවා. ඒ ගීතය රචනා කළෙත් මම. තවත් අලුත්ම ගිතයක් රචනා කරලා තියෙන්නේ.ඉදිරියේදී එයත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. සංගීත ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. දේවාලයේ වැඩ කටයුතුත් කරගෙන සතුටින් කාලය ගත කරනවා.මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙන නිසා එදාට කිරි අම්මාවරුන් වෙනුවෙන් දානයක් පිරිනමන්න සූදානමින් සිටිනවා.
CREATIVE
ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ චත්ත සෙනෙවිගේ චරිතය රඟපෑවා. එළාර රජුගේ ළඟම සිටින සෙනෙවියෙක් වන ඔහු දුනු හරඹයට වගේම අසුන් පදවන්න පුළුවන් දක්ෂයෙක්.ඒ චරිතය මට සුවිශේෂයි. එහි අසුන් පැදවීමේදී ජයන්තගේ පැසසුම් ලබන්නට තරම් මම වාසනාවන්ත වුණා. ‘ඇඩ්රස් නෑ’ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණා.වාසිත සමරනායකගේ ‘කුරුළු පිහාටු’ ටෙලි නාට්‍යයේ ජෝන්ගේ චරිතයට පණ පෙව්වා. ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයේ ඔස්කාගේ චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
CREATIVE
රංගන ශිල්පිනී රත්නශීලා පෙරේරා පවත්වන ‘සිංදු පැදුර’ මේ මස 26 වැනිදා කොළඹ මහානාම විද්‍යාලයීය ශාලාවේදී පස්වරු 6.30 ට පැවැත්වේ.ප්‍රවීණ වාද්‍ය ශිල්පින්ගේ මියුරු තත්සර නාදයට අනුව ප්‍රේක්ෂක විඩාව සංහිඳියාවට පත් කිරීමට හා පැදුර සාජ්ජ කලාව ප්‍රසංග වේදිකාවට රැගෙන පැමිණීමේ අරමුණෙන් පෙරදැරිව කරන මේ නැවුම් කටයුත්ත සඳහා ගීත ගැයීමට ප්‍රවීණ ශිල්පීන් රාශියක් සහභාගි වෙයි. ඉෂාක් බෙග්, සුනෙත් වල්පොල, සූරිය කුමාර මුත්තලගේ සහය ගායනවලින් සහභාගි වන අතර ආරාධිත ගායක ගායිකාවන් ලෙස නෙලූ අධිකාරි, සන්ධ්‍යා බුලත්සිංහල, ස්වර්ණලතා කවීශ්වර, ඉමාෂ යනාදී අය සහභාගි වෙති. මේ සිංදු පැදුරේදී ඔවුහු ඇසූ පිරූ මතකයේ රැඳුණ පැරැණි ගීත මෙන්ම වේදිකා නාට්‍ය ගීත, හින්දි සහ දමිළ ගීත, ග්‍රැමෆෝන් ගීත ගයති. එමෙන්ම වේග රිද්ම ගීත අසන්නට කැමැත්තක් දක්වන ශ්‍රාවකයන්ටත් සවනට ප්‍රිය උපදන අයුරෙන් ගීත ඇසීමටත් මෙහිදී අවස්ථාව හිමි වෙයි. මෙහි ප්‍රධාන සංවිධායකත්වය දරන රත්නශීලා පෙරේරා වේදිකා නාට්‍යය කලාව ජීවිතය කරගත් ශිල්පිනියකි. මේ දිනවල නරඹන්නන් අතර වඩාත් ජනප්‍රිය ‘ස්වප්නා’ ටෙලි නාට්‍යයේ ස්වප්නාගේ නැන්දම්මා වන සන්තෝෂ්ට හඬ ලබා දෙන්නේද ඇයයි.- තිලානි ශානිකාසී. ටී. ප්‍රනාන්දු ගැයූ ‘මී අඹ වනයේ ගී හඬ පතුරා’ ගීතය ලියමින් ගීත රසිකයන්ගේ හද දිනූ ගේය පද රචක ආනන්ද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසාන කටයුතු කුරුණෑගල සුසාන භූමියේදී සිදු කෙරේ. පෙම් කුරුල්ලෝ, බිඳුනු හදවත්, බඹර කලාපේ ඇතුළු චිත්‍රපට රැසක ඔහු ගී රචනා කළේය.- තිලානි ශානිකාඇන්ටන් මිහිඳුකුල, කුමුදිනි මිහිඳුකුල ප්‍රමුඛ ‘ධාරණ’ නිර්මාණ එකතුවේ 32 වැනි සංවත්සර සැමරුම මේ මස 27 වැනිදා පස්වරු 6.30 ට රුක්මණී දේවි රඟහලේදී පැවැත්වේ.මෙදිනට රසඳුන කර්තෘ සුනිල් මිහිඳුකුල හා කලාවේදී ලක්ෂ්මන් ගජසිංහ යන මහත්වරු දේශනා පවත්වති. මේ සැමරුම වෙනුවෙන් ඇන්ටන් මිහිඳුකුල රචනා කර අධ්‍යක්ෂණය කළ ‘මෝචරිය’ වේදිකා නාට්‍යය ද වේදිකා ගත වෙයි. දෙවර්ෂ පූර්ණය සමරන ‘මෝචරිය’ වේදිකා නාට්‍යයේ රාජසිංහ ලෝලුවාගොඩ, කුමුදුනී මිහිඳුකුල, රියන්ත ප්‍රනාන්දු, සිසිර රණසිංහ, පූජා කුමාරි, දොන් කුමුදුසේන, ශ්‍රීමාලි මාකවිට, ලක්ෂ්මන් බණ්ඩාර, නිරෝෂා, ශ්‍රීනාල්, රුයික්, ජයනා, ජයසිරි මාරසිංහ, අනුර විජේසිංහ රංගනයෙන් දායක වෙති. සංගීතය සුසන්ත කාරියකරවනගෙනි. -තිලානිසිත ගිය තැන, රොඩීගම, බඩුත් එක්ක හොරු, හතර මහ නිධානය, සීතල වතුර, මහව කේච්චිය ආදී චිත්‍රපටවල රඟපෑ මාලා එල්ලාවල මිය ගොස් ජූනි මාසයේ 30 වැනිදා වන විට මාස හයක් ගෙවී අවන්ය. පසුගියදා ඇගේ නිවසෙහි වූයේ සංඝගත දක්ෂිණාවකි. එය පැවැත් වූයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන හර්බට් රූපසිංහ වන මාලා නන්දනීගේ ස්වාමි පුරුෂයයා. ඒ ඈ මිය ගොස් මාස හයක් පිරීම නිමිත්තෙනි. මේ සංඝගත දක්ෂිණාව හර්බට් රූපසිංහ සංවිධානය කළේ මාලා නන්දනීට පින් පිණිසය.කලාවට ආරය කළ රංගන ශිල්පිනියක් ලෙස සිනමා රසිකයන්ගේ හදවත දිනූ ඈ ප්‍රධාන චරිතයක් රඟපෑවේ ‘මහව කෝච්චිය’ චිත්‍රපටයේයි. මාලා නන්දනී විවිධ වූ චරිතවලට පණ පොවමින් සිනමා ක්ෂේත්‍රයෙහි රැඳී සිටියාය. හදිසියේම ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලොවෙන් සමු ගන්නා අවස්ථාව වන විට ද නිර්මාණ කිහිපයකටම සම්බන්ධවීමට ආරාධනා ලැබ සිටි රංගන ශිල්පිනියකි.-තිලානි ශානිකාපොල්ගහවෙල මිතභාණි හිමියන් ලියු ‘සදහම් ශාන්තිය – නිවනට මඟ -3’ බෞද්ධ ග්‍රන්ථය මේ මස 27 වැනිදා පස්වරු 3.00 ට වේවැල්දෙණිය පහළගම වන සෙනසුනේදී එළි දකී.-තිලානිජෝ ඇන්ටන් ප්‍රනාන්දු ලියූ නවතම නවකතාව ‘අවතක්සේරුව’ මේ 29 වැනිදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.-තිලානි  
CREATIVE
රංගන ශිල්පී, ලේඛක මයික් ප්‍රනාන්දුරුවන් හේවගේ ‘පාතාලයේ බහිරවී’ කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා. ළමයින් වෙනුවෙන් ‘හොඳම ළමයි’ නමින් ආදර්ශවත් තිර පිටපතක් ලියමින් සිටිනවා.ඊට අමතරව ‘සිනෙ රූ’ කලා සඟරාවට ලිපි ලියනවා. එදා පටන් මා කරගෙන පැමිණි ජ්‍යෙතිෂය කටයුතුවල හා හස්ත රේඛා බැලීමේ කටයුතුවල තවමත් නියැළෙනවා.
CREATIVE
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා කලා පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නාට්‍යවේදී මංගල සේනානායක පත්වීම් ලබා ඇත. ඔහු මීට ප්‍රථම නාට්‍ය, මුද්‍රා නාට්‍ය සහ නර්තන අධ්‍යාපන අංශයේ අංශාධිපතිවරයා ලෙස කටයුතු කළේය.නාට්‍ය රචකයකු, අධ්‍යක්‍ෂවරයකු, රංගන ශිල්පයකු හැටියට වසර ගණනාවක් ක්ෂේත්‍රයට මහඟු සේවාවක් කළ ඔහු පිදුම් ලැබූ තනතුරට සරසවිය අපි සුබ පැතුම් එක්කරමු.
CREATIVE
රෝහණ සමරදිවාකර අධ්‍යක්ෂණය කරන ඉරුදෙණියාය ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා බෙල්ලන්විල රජ මහා විහාරයේදී පැවැත්විණ. ප්‍රසන්නජිත් අබේසූරිය, මොරීන් චාරුණී, මුතු තරංගා, ධනුෂ්ක රත්නායක, ධනුක දිල්ශාන්, නිලුක්ෂි ප්‍රනාන්දු, ලසන්ත උඩුකුඹුර, අනුර වරාගොඩ ඇතුළු පිරිස මෙහි චරිත නිරූපණය කරනු ලබති.ඉරුදෙණියාය යූ. බී. රත්නායකගේ තිරකතා රචනයකි. ජනක මාපිටිය කැමරාව මෙහෙයවයි. අනුර වරාගොඩ සහාය අධ්‍යක්ෂවරයාය. ලසන්ත උඩුකුඹුරගේ කලා අධ්‍යක්ෂණයකි.ප්‍රියන්ත ජයසිංහ නිෂ්පාදන කළමනාකරුය. ධනුෂ්ක හුලංගමුවගේ අංග රචනයකි. වජිර පෙරේරා සංස්කරණයෙන් එක්වීමට නියමිතය. කෝලිතභානු දිසානායකගේ සංගීත අධ්‍යක්ෂණයකි.ඉරුදෙණියාය රෝහණ සමරදිවාකරගේ සහ ධනුෂ්ක රත්නායකගේ නිෂ්පාදනයකි.- ප්‍රසාද්
CREATIVE
වේදිකා හා සිනමා රංගන දිවියේ පනස් වසරක් සපුරන හෙළ නිළි රැජන පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනි ෆොන්සේකාගේ රංගන දිවියට ඔස්ට්‍රේලියාවේ ආසියා පැසිෆික් සිනමා ඇකඩමිය (අප්සා) සහ ඉන්දියාවේ බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙල විසින් උපහාර පිදීමට නියමිතය.මීළඟ ‘අප්සා - APSA’ ආසියා පැසිෆික් සම්මාන උළෙලේ ජූරි සාමාජිකාවක ලෙසද ඇය ආරාධනා ලැබ ඇති අතර ලාංකේය සිනමා ශිල්පියෙකු එම උළෙලේ ජූරියට සහභාගි වන ප්‍රථම අවස්ථාවද මෙය වේ. මීට අමතරව ලබන දෙසැම්බර් 26 වැනිදා සිට 2014 ජනවාරි 01 වැනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන හයවැනි ‘බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේ’ මාලිනි ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් පැවැත්වීමෙන් ඇයගේ රංගන ජීවිතයට උපහාර පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා බොරැල්ල නාමෙල් - මානෙල් පුංචි තියටර්හිදී පැවැත්විණි. මේ එහි ඡායාරූපයකි.යතේජා ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
මගේ සංගීත ආශ්‍රමයේ කටයුතුත් සමඟ කාලය ගතවන නිසා දවස ගත වෙනවා නොදැනෙන තරම්. ළඟදීම පැවැත්වෙන ඉන්දියානු සංගීත විභාගවලට ළමයි ටික සූදානම් කිරීමත්, සංගීත ආශ්‍රමයට අලුත් කණ්ඩායමක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතුත් සම්පාදනය කරමින් සිටිනවා.
CREATIVE
සංජය ගුණවර්ධනගේ ‘දෙවන වේදිකාව’ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දා කොළඹ Oheraou atje Club හිදි පැවැත්විණ. මීට ප්‍රථම ‘මතක මං පෙත’, ‘අමායා’, ‘ලාබයි ඇපල්’, ‘හිරුට පිපෙන සූරියකාන්ත’, ‘ඉසිර භවය’, ‘ඉහිරුණු කිරි’ වැනි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ සංජයගේ 11 වැනි ටෙලි නිර්මාණය ‘දෙවැනි වේදිකාවය’.උමයංගනා වික්‍රමසිංහ, විශාඛා සිරිවර්ධන, ශ්‍රීමාල් වෙඩිසිංහ, ධර්මප්‍රිය ඩයස්, සුරංගි රුවන්මලී, ලක්ෂිකා ෆොන්සේකා, හර්ෂ තෙන්නකෝන්, රුවන් කණ්ඩලම, රෝහණ අධිකාරි, කීර්ති රංජිත් පීරිස්, ශාලිකා එදිරිසිංහ, කුමාර වදුරැස්ස ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙහි තිර පිටපත හා කතාව ප්‍රියංකා අමරතුංගගෙනි. මාලිකා මල්කුමාරි නිෂපාදනය කරන දෙවැනි වේදිකාව සංගීත අධ්‍යක්ෂණය විශාරද රෝහණ ධර්මකීර්තිගෙනි.මේ මුහුරත් උළෙල හා ඊට සහභාගි වූ කලාකරුවන් පිරිසගේ රුව කැමරා ඇසට හමු වූ මොහොතක්.ඩෝෂන් බාලගේ නිෂ්පාදනය කරන අනුරුද්ධ ගාම්භීරආරච්චි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘පැතුම් මල් වසන්තය’ දීර්ඝ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා බොරැල්ල ශ්‍රී රාහුල නාට්‍ය පාසලේදී පැවැත්විය.සුනන්ද සිල්වාගේ කතා සංකල්පයට නිර්මාණය වන මෙහි බන්දුල විතානගේ, අවන්ති අපොන්සු, තිලක් කුමාර රත්නායක, මනිශා නාමල්ගම, මංජුල මොරගහ, කුමාර ජයකාන්ත, සරත් දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි, මධු නිත්‍යානි, දයාසිරි හෙට්ටිආරච්චි, සෝමවීර ගමගේ, කපිල සිගේරා, රුචී දිසානායක, කුමාර රනේපුර, ජේ. එම්. සී. ජයසේකර, නදුන්මලී ශාක්‍යා, රාධිකා සෙව්වන්දි, ඉඳුනිල් මල්වත්ත, දේශාන් පැතුම් බාලගේ, ගිෂාන් ළහිරු, නලීන් ප්‍රේමජීව, ප්‍රසාද් කරුණාරත්න, ඉන්ද්‍රා පත්මිණී, නිලූ කෝරලගේ ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.තුෂාර රණසිංහගේ කැමරා අධ්‍යක්ෂණයකි. ලක්ෂ්මන් පෙරේරා සහ ඩෙරික් ප්‍රනාන්දු අංග රචනා ශිල්පියෝය. ධනුෂ්ක බණ්ඩාර සහාය අධ්‍යක්ෂවරයාය.- ප්‍රසාද්
CREATIVE
ලංකාවේ විවිධ ප්‍රදේශයන් හි ජීවත් වුණත් මාලදිවයිනේ දී ඔවුන් හමුවන්නේ ‘රටවිරුවෝ’ වේදිකාවේදී යි. රැකියාවන් වෙනුවෙන් විදෙස්ගත වූ අපේ රටේ සොයුරු සොයුරියන් ගේ කලා හැකියාවන් සඳහා වෙන් වූ ‘රටවිරුවෝ’ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නෙ මාලදිවයිනේ. මේ අවස්ථාව මාලදිවයිනේ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්් වැඩසටහන් දෙකක අවසානය සමඟින් තෙවැන්නෙහි ආරම්භය යි. ලබන පළමු වැනි ඉරිදා ස්වර්ණවාහිනියේ විකාශය වීමට නියමිත, එහිදී තම හැකියාවන් දක්වන රටවිරුවන් හය දෙනා ගැන කෙටි සටහනක් මේ.- යතේජා ඥානරත්න     
CREATIVE
රංගන ශිල්පීමහේන්ද්‍ර වීරරත්නතිෂූල දීප තඹවිටගේ ‘යළි හමු වෙනතුරු’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟයි මා කාලය ගත කරන්නේ.ඒ අතරම සමන් කුමාර ලියනගේ ගේ ‘සඳසාවි’, ක්‍රිෂ්ටින් ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘පාරාවළලු’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් කෙරෙනවා. ඒ වගේම බුද්ධික දමයන්තගේ ‘චේ ගුවේරා’ වේදිකා නාට්‍යයත් සමඟ කරළියේ සැරි සරනවා.
CREATIVE
උදය තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන් හැඩවන ‘තඹරවිල’ සංගීත වැඩසටහන සෑම ඉරිදාවකම රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය වෙයි. මේ මස 24 වැනිදා පැවැත්වෙන ‘තඹරවිල’ සංගීත වැඩසටහන සඳහා සහභාගි වන්නේ මහාචාර්ය සනත් නන්දසිරිය.ඔහු ගැයූ ගීත හා සංගීතය නිර්මාණය කරනු ලැබූ ගීත පිළිබඳ කතාබහට ලක්වෙන මේ සංගීත වැඩසටහනේදී ගායන ශිල්පියෝ හා ශිල්පිනියෝ රැසක් ගායනා ද ඉදිරිපත් කරති. මෙහි සංගීතය මෙහෙයවීම හා අධ්‍යක්ෂණය ලලිත කලා විශාරද මනෝජ් පීරිස්ගෙනි.
CREATIVE
ඒ බාලගිරි දෝෂයත් නිමවන හැඩයි. දින තබා කාලනියමයක්වත් නැතිව තිබූ කරීනා - සායිෆ් මංගල්‍යය ඔක්තෝබර් මාසයේ සිදුවන බව ස්ථිරවම කියා සිටින්නේ කරීනාගේ නැන්දණිය, ප්‍රවීණ නිළි ෂර්මිලා තාගෝර්ය.විවාහය කරීනාගේ සිතට මහා මෙරකටත් වැඩි බරක් වී තිබූ බව කාටත් වැටහුණේ, ‘මං විවාහ වීමට තිබුණේ මීට වසර තුනකට පෙරයි’ කියා ඇයගේ මුවින්ම මාධ්‍යයට ප්‍රකාශ වුණු පසුවයි. අද වන විට ඇය ඒ සිතේ බර බිමට තබා අවසන්ය.මේ බොලිවුඩයේ තවත් සුපිරිතම ‘මංගල්‍යයක්’ වන බව නම් ඒකාන්තයි. මංගල්‍යය පැවැත්වෙන්නේ දිල්ලි නුවරදී, දෙපාර්ශ්වයේම නෑයන්ගේ එකතුවෙනි. බොලිවුඩ් නගරයේ හිත මිතුරන් වෙනුවෙන් සාදයක් පසුව මූම්බායිහිදී පැවැත්වේ.කරීනා පෙළවහට ගැනීමට සායිෆ් ලහි ලහියේ සූදානම් වෙද්දී කපූර් පවුලේ තවත් නවමු සාමාජිකයෙක් විවාහය වගේම සුබම සුබ පෙරැළියකට සූදානමින් සිටියි. ඔහු කරීනාගේ ඥාති සොයුරා වන විසි හැවිරිදි අර්මන් ජේන්ය.සායිෆ්, කපූර් පවුල සමඟ නෑකමක් කරීනා සමඟ ගොඩ නඟා ගනිද්දී, ඒ නෑකම වැඩි නෑමක්, තවදුරටත් පැවසුවොත් ඕනෑකමක් බවට පත්කර ගැනීමට දෝ සිය නිෂ්පාදන සමාගමෙන්ම අර්මන් දොරට වඩවයි.ප්‍රීති විරාජ් කපූර්, රාජ් කපූර් පරපුරේ ලේ උරුමය ගෙන යන අලුත්ම පුරුකවන්නේ අර්මන්ය. ඔහු රාජ් කපූර්ගේ බාල දියණිය රීමාගේ පුත්‍රයායි. කරීනා හා කරිෂ්්මා රාජ් කපූර්ගේ වැඩිමල් පුතු රන්ධීර්ගේ දියණිවරුන්ය.නව පරපුරේ සුපිරි තරුව රන්බීර්, රාජ්ගේ බාල පුතු රිෂි කපූර්ගේ පුතණුවන්ය. පරපුරේ උරුමය නිසාදෝ අර්මන් ද බාල වියේ සිට සිනමා උමතුවෙන් පෙළෙන්නෙකි. ඔහු කරීනා, කරිෂ්මා නෑනාවරුන්ගේ සුරතල් පොඩි මස්සිනායි.ළමා වියේ සිටම ඔහුගේ ජීවිතයට වඩාත් සමීපතම කාන්තාවන් වී ඇත්තේ ඔවුන්ය. තවමත් විසි හැවිරිදි වියේ පසු වුණත් ඔහු දැනටමත් සිනමාවේ ‘අ’ යන්න කියා අවසන්ය. ෂකූන් බාත්‍රාගේ ‘ඒක් මේන් ඔර් එක් තූ’ සහාය අධ්‍යක්ෂවරයා වූයේ ඔහුය.එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ කරීනායි. ඔහු කරන් ජොහාර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ හී සහාය අධ්‍යක්ෂවරයා ද වෙයි. අර්මන්ට බාල සොයුරකු ද සිටියි. ඔහු ඩ්‍රම්ස් වාදකයෙකි.චිත්‍රපටයේ අර්මන්ගේ පෙම්වතිය වන්නේ ද නවක තාරකාවකි. ඇයට ද සිනමාව ආගන්තුක නැත. ඇය සුනිල් ෂෙට්ටිගේ දියණිය අතියා ෂෙට්ටියි. අතියා දැනටමත් අමෙරිකාවේ සිනමා පාසලක අධ්‍යාපනය ලබන්නීය.මෙහි දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කරන්නේ ද තවත් සිනමාවට නෑකම් කියන්නෙකි. ඔහු ජැකී ෂෙරෝෆ්ගේ ආදරණීය පුතු, ටයිගර් ෂෙරෝෆ්ය.විවාහ මංගල්‍යයක්, නවක තරු මංගල්‍යයක් උදාවෙද්දී කරීනාගේ සිතෙහි සතුට දෙගුණ තෙගුණ කරන තවත් කරුණකි. ඇය රැඟූ ආන්දෝලනාත්මක සිනමාපටය ‘හෙරොයින්’ සැප්තැම්බර් 21 වැනි දින තිරගත වීමට නියමිතයි.පුරුෂාධිපත්‍ය රජ කරන බොලිවුඩ් සිනමාවේ ‘ඩර්ටි පික්චර්’ මෙන් කාන්තාවක වටා ගෙතුණු ‘හෙරොයින්’ ද විජයග්‍රාහී මතක සටහනක් වනු ඇති බව කරීනාගේ අදහසයි.ඇය එදා මෙදාතුර රැඟූ සිනමාපට අතරින් හොඳම රඟපෑම ඇත්තේ ‘හෙරොයින්’හී බව ඇය නිතර පවසන්නීය.සිනමාපටය තිරගත කරන සැප්තැම්බර් 21 වැනි දිනට කරීනාගේ තිස් දෙවැනි උපන් දිනය යෙදී තිබේ.මවු පදවිය ලැබූ පසු සුපිරි තාරකාවන් පවා රංගනයට දෙන්නේ දෙවැනි තැනයි. නැත්නම් කොහෙත්ම ඉඩක් දෙන්නේ නැත. ශ්‍රී දේවි යුගයක බොලිවුඩයේ අංක එකේ තාරකාවයි.දාහතර වසරක්ම ඇය සිනමාවෙන් ඈත් වී සිටියේ දියණියන් දෙදෙනා නිසයි. එහෙත් දැන් ඇය යළිත් සිනමාවේ දෙවැනි ගමන අරඹා තිබේ.ඇය රැඟූ ‘ඉන්ග්ලිෂ් - වින්ග්ලිෂ්’ සිනමාපටය ඔක්තෝබර් 5 වැනිදා තිරගත වීමට නියමිතයි. සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් දූවරුන්ගෙන් ඈත් වී සිටීමට සිදු වූ නිසා ශ්‍රී දේවියට වරදක් කළ බවක් සිතට දැනී තිබේ.ඇය දූවරුන් හමුවීමට යන විට කුඩා බලු පැටවුන් දෙදෙනකු රැගෙන ගොස් ඇත්තේ ඒ වරද යම් තරමකට හෝ අඩුකර ගැනීමට විය හැකියි කියා බොහෝ දෙනා පවසති.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
පසුගිය කාලයේ චිත්‍රපට ගීතයකට දායක වුණා. ඒ වගේම දැනට ටික කාලයකට ඉහත දී නිකුත් කළ සී.ඩී. එකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එම ගීත වෙනුවෙන් විෂුවල් කරලා යළිත් ඩී. වී. ඩී. එකක් ඉදිරියේදී එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල සංගීත සංදර්ශනත් අඩුයි. ඉදිරියේදී දෙමළ ගී සහ ආගමික ගීත කිහිපයක් එළි දක්වන්න සුදානම් වෙනවා.
CREATIVE
ඡායාරූපයෙන් දැක්වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංජනනී හරසර සම්මාන උළෙලේ දී ජ්‍යෙෂ්ඨ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපාට සංජනනී හරසර සම්මානය පුදන ලබන අයුරුයි. මේ සම්මානය පිරිනමන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මඟින් අධ්‍යයන අංශයේ සංජනනී මාධ්‍ය කලා මංගල්‍යයට සහගාමීව හා එහි ආචාර්ය මණ්ඩලයේ ඒකමතික තීරණයකට අනුව කලාව විෂයෙහි සුවිශේෂී සේවයක් සිදු කළ විශිෂ්්ට නිර්මාණකරුවෙක් විෂයෙහි ජීවිතයෙහි එක් වරක් පමණක් පිරිනමන උත්තම සම්මානයෙනි.1965 වසරේ නිෂ්පාදනය කරන ලද ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානය දිනාගත් සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව‘, ‘පෙම්බර මධු’, ‘ඉන්දුට මල් මිටක්’ ආදී චිත්‍රපට රැසක් දේශීය සිනමාවට දායක කළේය. ඔහු ‘පස්වැන්න’, ‘ගරුඩගල’, ‘උඩවැඩියා මල් දෙකක්’, ‘අනාගතය උපන් දවස’, ‘ඉසුරු සයුර’, ‘දළදා සිරිත’, ‘ආචාර්ය කොල්වින්’, ‘රන්දිය දහර’, ‘අපට හෙටක් ඇත’ සහ ‘පියා සහ දරුවෝ’ වැනි වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කළ අතර එයින් ‘ගරුඩගල’ වාර්තා චිත්‍රපටය සඳහා 15 වැනි ඉරාන අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ශ්‍රීී ලංකාවට රජත සම්මානය හිමිකර දුන්නේය. සිනමාවට නිර්මාණකරුවන් රැසක් හඳුන්වා දෙමින් විශ්වවිද්‍යාල සිනමා පාඨමාලා හි බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ සුගතපාල සෙනරත් යාපා කලක් ජාතික රූපවාහිනියෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුව සිටියේය.මේ සම්මාන පිදීමේ උළෙලට කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය ඒ. එච්. එම්. එම්. අබේරත්න, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ යන විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. ආරාධිත දේශනය සිදු කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයි.- තිලානි ශානිකා
CREATIVE
පියවි, යාය 4, අයාල් වැනි නාට්‍ය පුංචි තිරයට ගෙනා චාමර ජනරාජ් පීරිස් පිටපත රචනා කරමින් අධ්‍යක්‍ෂණය කළ ඇන්ඩ්‍රොමිඩා ටෙලි චිත්‍රපටයේ ෂකාශන අයිතිය පියෝ ටී. වී. හි වී. ඕ. ඩී. නාළිකාවට ලබාදෙයි. ඒ අනුව ඒ ඔස්සේ ඕනෑම ප්‍රේක්‍ෂකයකුට නිතර වෙනස් නිර්මාණයන් පුංචි තිරයෙන් ඔබට දායාද කළ චාමරගේ ‘ඇන්ඩ්‍රොමිඩා’ නැරැඹිය හැකිය.බිමල් ජයකොඩි, ඩිනක්‍ෂි පි‍්‍රයසාද්, සුජානි මේනකා, කාවිංග පෙරේරා, එරංග ජීවන්ත, පවිත්‍රා වික්‍රමසිංහ, නෙතු ඉරෝෂිකා, චලින්දු මධුරසිංහ ඇතුළු පිරිස මෙහි චරිත මවා ඇත.කපිල සුගත් විජේරත්ත ගේ කැමරා අධ්‍යක්‍ෂණයකි. ලක්රුවන් ද සේරම් සංස්කාරකවරයාය. ඇන්ඩ්‍රොමිඩා රාජිත මනරම් හෙන්නායක ගේ නිෂ්පාදනයකි.
CREATIVE
ලක්ෂ්මන් මංචනායකඔහු නමින් ලක්ෂ්මන් මංචනායක. කොළඹවිශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ශිෂ්‍යයෙක්. දේශීය නර්තනය විදෙස් වේදිකාවල පවා රඟ දක්වා රටටකීර්තියක් අත්කර දෙන්නට සමත් වී ඇති ඔහුව ඔබ තවම නොහඳුනනවා ඇති. මේ ඔහුගේකතාවයි.කුඩා කාලයේ සිටම මම කලාවට ගොඩක් ලැදියි. පාසල් කාලයේදී යෞවන සම්මාන, රාජ්‍ය නර්තන, රාජ්‍ය සාහිත්‍ය උළෙලවල් නියෝජනය කරලා ඒවායෙන් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළින් පසු මම උසස් පෙළ සඳහා ඉදිරිපත් වුණේ ගණිත අංශයෙන්.නමුත් සරසවි වරම් ලබන්න මට නොහැකි වුණා. ඒ අතරෙදි ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහයෙන් විදෙස් නර්තන තරගාවලියක් සඳහා විදේශ ගත වූ අවස්ථාවේ නර්තනය පිළිබඳ ඇල්ම දැඩි වුණා. ඒ අනුව වසර 10 ට පසුව යළිත් මම කලා අංශයෙන් උසස් පෙළ හදාරා ශ්‍රීපාලි මණ්ඩපයට තේරී පත් වුණා. දැනට මගේ වයසත් එක්ක ශ්‍රීපාලියේ මගේ ගෝලයන් සමඟ එකට ඉගෙන ගන්නවා. සමහර ආචාර්යවරුන් මට වඩා බාලයි. මම තමයි මේ වන විට විශ්වවිද්‍යාලයේ ඉන්න වයස්ගතම ශිෂ්‍යයා.නර්තන කලාව වෙනුවෙන් ඔබගේ කැප වීම ගැන සඳහන් කළොත්?වසර 10 ක් පුරා මම ලක්ෂ්මන් මංචනායක රංගායතනය ඔස්සේ දරු දැරියන්ට නර්තනය පිළිබඳ දැනුම ලබා දෙනවා. මේ සඳහා මම මුදල් අය කරන්නේ නැහැ. ඒ වගේම විදේශ සංචාර සඳහා මගේ කලායතනගය මඟින් නර්තන කණ්ඩායම් සහභාගි කරවනවා.ඒ අවස්ථා ගැනත් ටිකක් කියමුද?සාම්ප්‍රදායික නර්තන දැනුම දරුවන්ට ලබා දීම වගේම ලෝකයට අපේ වටිනා දේ පෙන්වන්න ලැබීමත් වාසනාවක්. 2001 වසරේ බෲනායි හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කලා උළෙල, 2003 වසරේ චීන කලා උළෙල, 2004 වසරේදී පෝලන්තයේ පැවති ලෝක ළමා ජන නැටුම් උළෙල වගේම සෑම වසරකම තායිලන්තයේ රජතුමාගේ සහ රැජිනගේ උපන් දින උත්සවය සඳහා අපේ දේශීය නර්තන අංග සමඟින් සහභාගි වෙනවා.ඉන්දියාවේ බැංගලෝර් කලා උළෙල වගේම බුද්ධගයාව, සැවැත් නුවර, බරණැස කඨින පූජෝත්සව සඳහා වසර 05 ක සිට හේවිසි කණ්ඩායම් සහ නර්තන කණ්ඩායම් සහභාගි කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. මීට අමතරව ස්විට්සර්ලන්තය, දෝහා කටාර්, නේපාලය වැනි රටවල ද මගේ රංගායතනයේ නර්තන කණ්ඩායම් දස්කම් දක්වල තියෙනවා. ඒ වගේම ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ කලා උළෙල, මැලේසියාවේ ජාත්‍යන්තර නර්තන හා බෙර වාදන ප්‍රසංගය සහ සිංගප්පූරුවේ නර්තන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නියමිතයි.ඔබේ කලා කටයුතුවලට හැම දෙනාගෙන්ම ලැබෙන සහාය කොහොමද?ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ තාත්තා පාරම්පරික පහත රට නැටුම් ශිල්පියෙක්. ඒ ආභාෂය තමයි මට ලැබුණේ. පාසල් අවධියේ සහ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් මෙන්ම පාදුක්ක, අවිස්සාවේල්ල, ප්‍රදේශවාසීන් ඇතුළු අනුග්‍රහය දක්වන සියලු දෙනාගෙන් ද ලැබෙන්නේ විශාල සහයෝගයක්. එසේම රවිබන්දු විද්‍යාපති ගුරුතුමන් මට නිරන්තරයෙන් මඟ පෙන්වනවා.කලායනයේ ඉදිරි කටයුතු පෙළ ගැසෙන්නේ කොහොමද?කලායතනයට මේ වන විට වසර 10 ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් ලබන සැප්තැම්බර් මාසයේදී කොහොඹ කංකාරිය ශාන්ති කර්මය සිදු කිරීමට කටයුතු යොදලා තියෙනවා. වසර 20 කට පසුව තමයි ප්‍රදේශයේ මෙම ශාන්ති කර්මය සිදු කෙරෙන්නේ. අධ්‍යාපනික සත්කාරයක් විදියට සිදු කෙරෙන මේ සඳහා අලුදෙණියේ ගුරුතුමන්ගේ ශිල්පීන් සහ මගේ කලායතනයේ ශිල්පීන් සිය දෙනෙකු පමණ සහභාගි වෙන්නට නියමිතයි. ඊට අමතරව එදින කලායතනයේ ශිල්පීන් 14 දෙනෙකුට හිස වෙස් පැළඳවීම ද කටයුතු යොදලා තියෙනවා.යතේජා ඥානරත්න
CREATIVE
දුම්රිය පාලකවරයකු ලෙස සේවය කරන වික්‍රමරත්න කරුණානායක කෙටි කතාව මෙන්ම නවකතා ඔස්සේ සිය දක්ෂතාව හා හැකියාව විදහාපායි. ඔහු ගායනය, ගීත රචනය, කෙටි කතාව හා නවකතාව යන සියලු මාධ්‍යවලින් ගායනය හා කෙටි කතාවට බෙහෙවින් ප්‍රියතාවයක් දක්වයි. ‘රතු අහස ලස්සනයි’ යනු ඔහුගේ නවතම තෙවැනි කෙටි කතා සංග්‍රහයයි. ළඟදීම ගීත කිහිපයක් ඇතුළත් ගීත තැටියක් එළි දැක්වීමට සිතා සිටින ඔහු නිර්මාණකරණයේ නියැළෙන්නේ යොවුන් කල පටන්මය.සිය මෑණියන් කියනා රසවත් කතා හා සිය පියාණන් කියනා කවි ගායනා හමුවේ ඒවා රස විඳිමින් හැදී වැඩෙන වික්‍රමරත්නගේ කෙටිකතා හීනය සැබෑවෙයි.ඒ ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ගුවන් විදුලිියෙහි කළ කෙටිකතා වැඩසටහනකට කෙටි කතා ලියන්න යැයි කරන ආරාධනයෙනි. කාලයකදී රත්න බී. ඒකනායක ගුරු පියාණන්ගේ මඟ පෙන්වීම යටතේ සිය පළමු කෙටිකතා සංග්‍රහය වන ‘රතු කුකුළාගේ මරණය’ එළි දක්වයි.එතැනින් නොනවතින වික්‍රමරත්න ‘වී මිදුලට සඳ ඇවිදින්’ නවකතාවත්, ‘නාඹිරිත්තා මල්’ හා අලුත්ම කෙටි කතා සංග්‍රහය වූ ‘රතු අහස ලස්සනයි’ නිර්මාණ මඟින් පාඨකයන් අතරට පැමිණෙයි.මේ වන විට ඔහු ස්වාධීන සාහිත්‍ය උළෙලේදී ඉදිරිපත් කළ ‘රතු කුකුළාගේ මරණය’ කෙටිකතාව සඳහාත්, මහගමසේකර පදනමෙන් පැවැත් වූ සාහිත්‍ය උළෙලේදී ‘කලලයක් කතා කරයි’ කෙටිකතාව වෙනුවෙන් පළමු ස්ථානයත් හිමිකර ගෙන තිබේ.‘මේ අහස වගේ’ හා ‘පිපුණා රතු ගිනිදැල්’ යන ගීත සඳහා අසන්නන්ගේ යහපත් ප්‍රතිචාර හිමි වූ ඔහු ගුවන් විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ ගායකයකු වෙයි. කාලයක් ඒ දක්ෂතාවය මඟහැර සිටි ඔහු නැවතත් ඒ සඳහා ආරම්භයක් තබා තිබේ. ඒ මේ වනවිට ඔහු පද රචනා කළ ගීත ත්‍රිත්වයකට හඬ මුසු කර අවසන් වීමය. සංගීතය රචනා කර ඇත්තේ ඔහුගේම පුතු ජීවන් හර්ෂනාත්ය. මේ ගීත ත්‍රිත්වය ළඟදීම දිනක ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය කිිරීමට නියමිත අතර ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ගීත රැසක් ඇතුළත් සී. ඩී. තැටියක් එළිදැක්වීමය.- තිලානි ශානිකා
CREATIVE
රෝමියෝ සහ දාන්තේ ටෙලි සිතුවමේ ඔහු රාජිත. නිර්සත්වයෝහි නාලක.මීට කලකට ඉහත දී විකාශය වූ ‘ඉතින් අපි කතා කරමු’ ටෙලි නිර්මාණයේ ප්‍රධාන දුෂ්ඨ චරිතය මැව්වේ ද ඔහුයි.අනුරුද්ධ ගාම්භීරආරච්චි.මේ වන විට ඔහු අධ්‍යක්ෂණයට ද පිවිසිලා.ඉතින් අපි කතා කරමු ඒ යොවුන් කලාකරුවා එක්ක.* කොහොමද රාජිතට සහ නාලකට ලැබෙන ප්‍රතිචාර?ඇත්තටම ගොඩක් හොඳයි. රාජිත අවංක සේවකයෙක්. නාලක බැංකු නිලධාරියෙක්. වෘත්තීන් දෙකක චරිත දෙකක්. බොහොම සතුටිනුයි ඒ චරිත දෙක නිරූපණය කළේ.* චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ බෙනට් රත්නායක ඔබේ ඥාතිවරයෙක් නේද?ඔව්. ඔහු මගේ බාප්පා. ඔහු තමයි මට මේ ගමන එන්න බෙහෙවින් දිරිමත් කරන්නේ. මං බෙනට් බාප්පාගෙන් ගොඩක් උපදෙස් ගන්නවා. මේ වෘත්තිය තුළ ඔහු මට කියා දුන් දේ බොහොමයි.* සාමාන්‍යයෙන් රංගනයට එන්න දැනහැඳුනුම්කම් අත්‍යවශ්‍යමද?නැහැ, නැහැ. ඥාති සබඳකම් තිබුණත් රඟපාන්න බැරි නම් වැඩක් නැහැනේ. බෙනට් බාප්පා හිටියත් මං ඔහුගේ නිර්මාණයකින් නෙවෙයි රංගනයට එන්නේ.* එහෙනම්?රංගනයට කැමැත්තක් තිබුණු කාලේ ඉඳලා මං ඒක හදාරන්න තැනක් හෙව්වා. එතකොට මහේන්ද්‍ර පෙරේරා අයියව මුණ ගැසුණා. එහෙම කාලයක් ඉගෙන ගන්න කොට මාව දැකල මෑතකදී වියෝවුණු නාට්‍යවේදී සුනිල් චන්ද්‍රසිරි මහත්මයා ඔහුගේ දොන් ජුවන් නාට්‍යයට කතා කළා. එහි කඩුපුල්ලේ චරිතයයි මට ලැබුණේ. ඔන්න ඔහොමයි මගේ රංගන ජීවිතය ඇරැඹෙන්නේ.*ඊට පස්සේ?චන්දන හේවාපතිරණ මහත්මයාගේ හිට් විකට් නාට්‍යහි ශාරුක්ගේ චරිතය රඟපාමිනුයි මං පුංචි තිරයට එන්නේ. ඊට පසුව බාප්පගේ සුධීරා නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් ලැබුණා. දී. ග. සෝමපාල මහත්මයාගේ ’සුවඳ හමන මනමාලි’ත් එක්කයි මං ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ. අනතුරුව ඉතින් අපි කතා කරමු, ජීවිතය හොරු අරන්, දියමත රුව, සිහිනය වගේ, ධවල හොරු, නවවැනි කඩුල්ල, බොඳ මීදුම ආදී නාට්‍ය ගණනාවක රඟපෑවා.* මේ නාට්‍ය අතරතුර වෙච්ච අමතකම නොවන අත්දැකීම මොකක්ද කියලා මං ඇහැව්වොත්?හිට් විකට් නාට්‍යයහි එක සීන් එකකදී මටයි පියුමි ශානිකාටයි බස් එකකට නගින්න තිබුණා. අපි ඒකට කලින් සූදානම් කර තිබූ බසයකුත් යොදා ගත්තේ. මමයි පියුමියි දැන් හෝල්ට් එකට වෙලා ඉන්නවා ඒ බස් එක එනකම්. ටික වේලාවකින් බස් එක ආවා. අපි ඒකට නැග්ගා. හරිම නුහුරුයි. කැමර ආම්පන්න මුකුත් ඒකේ නැහැ. අපි දෙන්නා මේකප් දාලා නිසා වාඩි වෙලා ඉන්න මිනිස්සුත් හිනාවෙනවා. ඒ අස්සේ කොන්දොස්තර ඇවිත් සල්ලිත් ඉල්ලනවා. අපි දෙන්නා ළඟම පර්ස් එකත් නැහැ. බැලින්නම් අපි ඇත්තම බස් එකකයි නැගල තියෙන්නේ. ඇත්ත තත්ත්වෙ කියලා යාන්තම් ජාමේ බේර ගත්තා.* මේ වන විට ඔබ අධ්‍යක්ෂණයට ද පිවිසිලා. ඒ ගැන වැඩි විස්තර කිව්වොත්?කලාවේ හරිම සුන්දර මනුස්සයෝ ඉන්නවා. එහෙම කෙනෙක් තමයි ඩෝෂන් බාලගේ. ඔහු මට අභියෝගයක් දුන්නා ඒ ඔහු නිෂ්පාදනය කරන නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න කියලා. ඒකේ නම පැතුම් මල් වසන්තය. එය පුරා විද්‍යාව, බිඳ වැටුණු වලව් පැලැන්තිය ගැන කතාබහ කෙරෙන කතාවක්. මේ දිනවල එහි රූගත කිරීම් පැවැත්වෙනවා. මෙහිදී බන්දුල විතානගේ මහත්මාවත් මතක් කළ යුතුයි.* ඔබ වෘත්තීමය කලාකරුවෙක් නේද?ඔව්.* වෘත්තීමය කලාකරුවකු විදිහට වර්තමානයහි ජීවත්විය හැකිද?අනිවාර්යයෙන්ම පුළුවන්. ලැබෙන දේ හරියට කළමනාකරණය කළොත් හොඳට ජීවත්වෙන්න පුළුවන් කාටවත් කරදරයක් නැතුව.* ඔබේ කලා දිවිය තුළදී මතක් කළ යුතු චරිත මොනවාද?පළමුව මගේ අම්මා, මගේ බාප්පා බෙනට් රත්නායක, පේ‍්‍රමකුමාර ජයවර්ධන, චන්දන හේවාපතිරණ සහ දිලේන්ද්‍රා, සිරිබද්දන.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් හැටවන නිෂ්පාදනය ‘සිංහයා’ සිනමාපටයේ රූගත කිරීම් මේ දිනවලදී කොළඹ මොරොන්තුඩුව, බණ්ඩාරගම ආදී ප්‍රදේශයන්හී රූ ගැන්වෙයි. රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මවන මෙහි සනත් ගුණතිලක, පාලිත සිල්වා, දුලීකා මාරපන, ආනන්ද වික්‍රමගේ, මහේෂි මධුසංඛා, ගයාත්‍රි ඩයස්, කපිල සිගේරා, උදේණි අල්විස්, අනුර වරාගොඩ , හේමන්ත ඊරියගම සෙසු පිරිවරය. එමෙන්ම ළමා නළු නිළියන් රැසක් සිංහයා රංගනයෙන් හැඩ ගන්වති.සිංහයා වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි. කීර්ති රුවන් ලාල්සන් සම අධ්‍යක්ෂවරයාය. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණනේ ද, මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද, සෝමපාල ලීලානන්ද සංගීත අධ්‍යක්ෂණයෙන් ද සිංහයා සඳහා එක් වෙයි. චාමින්ද වාස් කලා අධ්‍යක්ෂවරයාය. සුනිල් ධර්මසිරිගේ රේඛීය නිෂ්පාදනයකි. බර්නාඩ් ජයතුංග කතා රචකයාය. සේන ලියනගේ සහ සුනිල් ධර්මසිරි ගීත රචකයෝය.- ප්‍රසාද්
CREATIVE
හාස්‍ය රංගනයට සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වූ චාර්ලි ෂීන්හට ලිංගික අතවර කළ බවට චෝදනාවක් එල්ල වෙලා. ඔහු දන්ත වෛද්‍යවරයකු හමුවීමට ගිය අවස්ථාවේදී ඇති වූ සිදුවීමක් හෙතුවෙන් ඔහුට මේ චෝදනා එල්ල වෙලා තියෙන්නේ.චාර්ලි ෂීන්හට අවශ්‍ය ප්‍රතිකාර කරන අවස්ථාවේදී ඔහු එහි සිටි දන්ත තාක්ෂණ ශිල්පිනියකට අතවර කරන්න තැත්කර තිබෙන බවට චෝදනා එල්ල වෙලා. ඔහුට මුඛ ආවරණයක් පලඳවන්න තැත් කිරීමේදී දන්ත තාක්ෂණ ශිල්පිනියට අසභ්‍ය වචනයෙන් බැන වැදුනු ඔහු අයට අතවර කරන්න උත්සාහ දරා ඇති බවට එහි සඳහන්. ඉන් නොනැවතුණු චාර්ලි දන්ත වෛද්‍යවරයා අසලට ගොස් පිහියක් පෙන්වා තර්ජනය කර ඩොලර් පන්සියයක දඩයකුත් ඉල්ලා ඇති බව වාර්තා වෙයි. ඒ වුණත් චාර්ලි නම් කියන්නේ මෙය තමාට එල්ල කළ අභූත චෝදනාවක් බවයි.චාර්ලි ෂීන් Two and Half Man, Anger Management රූපවාහිනි කතාමාලා සහ Scary Movie චිත්‍රපට මාලාවේ ප්‍රේක්ෂකයන්හට කිසිදා අමතක නොවන ආකාරයේ රංගනයක නිරතවීය.
CREATIVE
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.Texas Chainsaw 3D‘ටෙක්සාස් චේන්සෝ 3D’ හොලිවුඩ් චිත්‍රපටය ටෙක්සාස් චේන්සෝ චිත්‍රපට මාලාවේ හත් වැනි චිත්‍රපටයයි. ජෝන් ලූසෙන්හොප් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩ්‍රා ඩැඩ්රියෝ, ඩැන් යේගර්, ට්‍්‍රමැයින් නෙවර්සන්, ටානියා රේමොන්ඩ්, තොල බැරී, පාවුල් රේ, බිල් මොසෙලි ප්‍රධාන චරිත නිරූපණය කරති. ටෙක්සාස් චේන්සෝ මිනිත්තු 92 ක ධාවන කාලයකින් යුතු වේ.The Odd Life of Timothy Dreen‘දි ඔඩ් ලයිෆ් ඔෆ් තිමොති ග්‍රීන්’ හාස්‍යමය පවුලේ චිත්‍රපටයක්. පීටර් හෙප්ස් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 104 ක ධාවන කාලයකින් යුතු වේ. ජෙනිෆර් ග්‍රානර්, ජොඑල් එඩ්ගර්ටන්, සි ජේ ඇඩම්ස්, ඔඩෙයා රෂ්, ඩ්ඇනී විසක්ට්, රොස්මෙරි ඩිවීට්, රොන් ලිවින්ස්ටන්, ඩේවිඩ් මෝර්ස් මෙහි චරිත නිරූපණය කරති.Haywire‘හේවියර්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක්. මිනිත්තු 93 ක ධාවන කාලයක් රැගත් මෙහි ජිනා කරානෝ, මයිකල් ෆැසෙබෙන්ඩර්, ඊවන් මැක්ග්‍රෙගෝර්, බිල් පැක්ස්ටොන්, ෂෙනින්ග් ටැටුම්, ඇන්ටෝනියෝ බැන්ඩෙරාස්, මයිකල් ඩග්ලස් චරිත සඳහා පණ පෙවති.Quartetවිශිෂ්ට සිනගමාකරුවකු වන ඩස්ටින් හොෆ්මන් අධ්‍යක්ෂණය කළ ‘ක්වාර්ටෙට්’ හාස්‍යමය සිදුවීම් ඇතුළත් හොලිවුඩ් චිත්‍රපටයක්. මිනිත්තු 98 ක ධාවන කාලයක් රැගත් මෙහි මැගී ස්මිත්, ටොම් කෝර්ටෙනේ, බිලී මොනෝලි, පවුලින් කොලින්ස්, මයිකල් ගැමිබොන්, ෂෙරිඩන් ස්මිත්, ඇන්ඩෲ සැච් ප්‍රධාන චරිත නිරූපණය කරති.One For The Moneyජැනෙටි ඉවැනොවිචිගේ වන් ෆෝ ද මනී නවකතාව ඇසුරින් නිර්මාණය කළ ‘වන් ෆෝ ද මනි’ හාස්‍යමය චිත්‍රපටයක්.ජුලි ඈන් රොබින්සන් අධ්‍යක්ෂණය කළ මෙහි කැතරින් හිග්ල්, ජේසන් ඔමාරා, ඩැනියෙල් සුන්ජාතා, ජෝන් ලෙගියුසමෝ, ෂෙරි ෂෙපර්ඩ්,සි බී රෙනෝල්ඩ්ස් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. වන් ෆෝ ද මනී මිනිත්තු 91 ක ධාවන කාලයකින් යුතු වේ.The Loneliest Planet‘ද ලෝන්ලිස්ට් ප්ලැනට්’ ත්‍රාසජනක කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. සංචාරයේ යෙදෙන තරුණ යුවළක් මුහුණ දෙන සිදුවීම් ඇතුළත් මෙය මිනිත්තු 113 ක ධාවන කාලයකින් යුක්ත වේ.ජූලියා ලොක්ට්ව් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ගේල් ග්‍රාසියා, හැනි ෆර්ස්හෝබර්ග්, බිඩ්සිනා ගුඩ්ජාබිඩ්ස ප්‍රධාන චරිත නිරූපණය කරති.Thunderstruck‘තන්ඩර්ස්ට්‍රක්’ බාස්කට් බෝල් ක්‍රීඩාවට ප්‍රිය කරන පිරිමි ළමයකු වටා ගෙතුන කතා පුවතක් රැගත් පවුලේ චිත්‍රපටයක්. ජෝන් විටිසෙල් විසින් අධ්‍යක්ෂණය කළ මේ සඳහා ටේලර් ග්‍රේ, ජිම් බෙලුෂ, බ්‍රැන්ඩන් ටී. ජැක්සන්, ඩොත් ෂෝ, කෙවින් ඩුරාන්ට් රංගන දායකත්වය ලබා දෙති. තන්ඩර්ස්ට්‍රක් මිනිත්තු 94 ක ධාවන කාලයකින් යුතු වේ.Kyaa Super Kool Hain Hum‘ක්යා සුපර් කෝල් හේන් හම්’ හාස්‍යමය හින්දි චිත්‍රපටයක්. සචි යාර්ඩි විසින් අධ්‍යක්ෂණය කළ මේ සඳහා තුෂාර් කපූර්, රිතේෂ් දේස්මුක්, ඇන්ජෙලා ජොන්සන්, නේහා ෂර්මා, සාරා ජේන්, චන්කි පාන්ඩේ, රෝහිත් ෂෙට්ටි, මහ්රු ෂේකි සහ කෙවින් ඩේවි ප්‍රදාන චරිත සඳහා පණ පොවති.- යතේජා ඥානරත්න
CREATIVE
ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මේ දවස්වල ඉන්නේ හරිම සතුටින්. මේ සතුටට හේතුව පසුගියදා ඔහු ඉදිරිපත් කළ කීර්ති එකොස්ටිකා අන්ප්ලග් ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය. පසුගිය වසරේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති ප්‍රසංගයෙන් පසු කොළඹින් පිට පළාත්වලත් මේ ප්‍රසංගයට විශාල ආරාධනා ප්‍රමාණයක් ඇවිත්.ඒක තමයි කීර්තිගේ මේ සතුටට හේතුව වෙලා තියෙන්නේ. ඒ වගේම කීර්ති මෙහෙයවන නුගේගොඩ සවුන්ඩ් ඔෆ් මියුසික් ආයතනයේ සහ නාරාහේන්පිට ට්‍රිනිටි ඇකඩමි ඔෆ් මියුසික් ආයතනයේත් නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කරලා තියෙන්නේ. එහිදී ගායනය, වාදනය, කටහඬ පුහුණුව සහ ට්‍රිනිටි කොලේජ් ඔෆ් ලන්ඩන් විභාගය සඳහා සංගීත පුහුණුව ලබා දෙන්න සූදානම්.මේ විදියට සංගීත පුහුණු ආයතනයන්හි කාර්යබහුලත්වය සමඟ දින වෙන් කරන්න ටිකක් අපහසු වුනත් ලැබෙන ආරාධනා ගොන්නනෙන් තෝරාගත් ප්‍රදේශ කිහිපයක කීර්ති එකොස්ටිකා ප්‍රසංගය පවත්වන්න කීර්ති තීරණය කරලා. ඒ අනුව ලබන පෙබරවාරි 2 වැනිදා මීගමුව ආවේ මරියා විද්‍යාලයීය රංග ශාලාවේත් පෙබරවාරි 07 වැනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය රංග ශාලාවේදීත් මෙම ප්‍රසංගය පවත්වන්න කටයුතු දැනටමත් සූදානම් කරලා අවසන්.
CREATIVE
බිඳක් රැඳී අසන් ළෙඳ් මියුරු ගායනා යුග නුවන් කොනේ රැහැන් ලිහා නොයන් මා දමා හද පැතුම් පුරේ නිරන්තරේ මැවෙයි ඔබේ ඡායා ඉඳුනිල් නෙත් කැල්මෙන් වෙළා මිහිලොල් රසේ දෙතොලේ තියා දහසක් නඟා රැඳෙන් ළඳේ දෑස මායිමේ අද සදා වාසනා හසරැල් විලේ සිහිලෙන් දොවා දිවි මං තලේ ගිම් හිම් නිවා රන් සළුව සලා පවන් සලන් ගායනා අසා සාරදා වාසනාපද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීතය - සරත් දසනායක ගායනය – එච්. ආර්. ජෝතිපාල අධ්‍යක්ෂණය – දයා විමලවීරසුලෝචන වික්‍රමසිංහ
CREATIVE
උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය කොස්තාපල් පුඤ්ඤසෝම එළඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව රිද්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය. හාස්‍යෝත්පාදක නමුත් ආදර්ශවත් කතා පුවතක් රැගත් එය පුඤ්ඤසෝම නම් පොලිස් නිලධාරියකු වටා ගෙතී ඇත. එම චරිතයට මහේන්ද්‍ර පෙරේරා පණ පොවනු ලබයි.ශ්‍රීයන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන, ශ්‍රීනාත් මද්දුමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, රවීන්ද්‍ර යසස්, ජනක රණසිංහ, මැණික් විජේවර්ධන, ලහිරු මුදලිගේ, ආර්. ජී. සිරිවර්ධන, ආනන්ද අතුකෝරාල, මානෙල් වීරමුණි, නිල්මිණි කෝට්ටෙගොඩ, ශිරෝමිකා ප්‍රනාන්දු, විරාජ් ජයසිරි, උදේනි චන්ද්‍රසිරි ඇතුළු පිරිස සෙසු චරිතයන් මවනු ලබයි.කොස්තාපල් පුඤ්ඤසෝම බහුරූ ෆිල්ම්ස් නෙුවෙන් සී. විජේසුරිය, දීපා ප්‍රනාන්දු, සුනිල් සෝම පීරිස්, යොහාන් ප්‍රේමරත්න සහ සුමිත් කුලරත්නගේ නිෂ්පාදනයකි.අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරාව මෙහෙයවා ඇත. මහේෂ් දෙණිපිටියගේ සංගීත අධ්‍යක්ෂණයකි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරු වේ. නලීන් පෙරේරා, භාතිය ජයකොඩි, මීනා ප්‍රසාදිනී, ලන්ත්‍රා පෙරේරා ගීත ගයා තිබේ. නිලාර් එන්. කාසිම් සහ ශෙහාන් ගලහිටියාව ගී පද රචනා කොට ඇත.ශාන්ති වර්ණසූරියගේ ඇඳුම් නිර්මාණයකි.ප්‍රසාද්
CREATIVE
අද සිට ආරම්භවන අලුත්ම විශේෂාංගයයි ප්‍රශ්න පත්තරේ. මේ යටතේ අප කලා ක්‍ෂේත්‍රයේ තෝරා ගත් චරිත දෙකකට ප්‍රශ්න දහයක් යොමු කරන්න සූදානම්. එම ප්‍රශ්න සියල්ල සැකසෙන්නෙත් කලා ක්‍ෂේත්‍රය ඇසුරෙන්. මෙම පිළිතුරුවලින් අප දැනගමු දෙදෙනාගෙන් කවුද වඩා නිවැරදි පිළිතුරු සපයා ඇත්තේ කියා. පළමු තරගය සඳහා අප තෝරා ගත්තේ ජනපි‍්‍රය තරු දෙකක්. ඔවුන් නම් සුදර්ශන බණ්ඩාර සහ අශිකා මතසිංහ.සුදර්ශන බණ්ඩාර   
CREATIVE
මම නම් මේ දවස්වල වැඩකටයුතු කිහිපයක් නිසා ටිකක් කාර්යබහුලයි. මගේ ‘වයිට්ලීෆ්’ නම් ළමුන්ගේ ප්‍රසංග කලා ඇකඩමිය නුගේගොඩ අලුත් තැනකට අරගෙන ආවා. ‘දඟමල්ල’, ‘මං වෙනම මලක්’ නාට්‍යවලට සම්බන්ධ ළමුන් එකතුව රත්මලානේ දී අවුරුදු උත්සවයක් පවත්වන්නත් කටයුතු සූදානම්. ඊට අමතරව අරිසෙන් අහුබුදු සූරීන් ගේ ළමා ගීත එකතුවක් ඉදිරියේ දී එළි දක්වන්නත් එතුමාගේ දියණිය සමන්ති අහුබුදු මහත්මිය සැලසුම් කරනවා. එහි පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්නත් නියමිතයි.මගේ පෞද්ගලික ජීවිතයේත් අපේ පවුලට අලුත් අමුත්තෙක් ඇවිත්නේ. අපේ පුංචි පුතා යෙනුල්ට දැන් මාස නවයක්. දැන් ජීවිතයේ ලොකු වෙලාවක් එයා වෙනුවෙන් තමයි වෙන් වෙන්නේ.
CREATIVE
- ජානකී හිල්අරකවිල ඉපදුණු කුඩා දැරියට තිබුණේ අපූරු ආශාවල්. ඈ තමන්ගේ ගම අවට කෙල්ලෝ කොල්ලෝ ටිකත් එකතු කරගෙන ගල උඩ සමිතිය පටන් ගත්තා. ඒකේ හිටිය අයට තිබුණේ එක එක දක්ෂතා. ඒ දක්ෂතා එක්තැන් කරපු මේ දැරිවි කාලගෝල නාඩගම පුරුදු පුහුණු වුණා. කොට්ටං කොළේ ආරාධනා පත්‍ර ලියලා ඒක නරඹන්න හැමෝටම ආරාධනා කළා.‘කවද හරි මම නර්තන ගම්මානයක් හදනවා’මේ අපූරු දැරිවිගේ හිතේ තිබුණේ අපූරු හීනයක්. ඈ ඒක අද වන විට හැබෑ කරගෙන. ජානකී හිල් මේ අපුරු දැරියයි. ඒ විතරක් නෙවෙයි ඇගේ අධ්‍යක්ෂණයෙන් වගේම පිටපතෙන් හැඩවුණු ‘පටාචාරා’ නෘත්‍ය නාටකය මේ මාසයේ 10, 11 දවස්වල නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ වේදිකා ගත වෙනවා. මේ සාකච්ඡාව සැකසෙන්නේ ඒ නෘත්‍ය නාටකය ඇසුරෙන්.අරකවිල නර්තන පදනම ඔබගේ සිහිනය සැබෑවීමක්?ඔව්. මම මගේ හීනය සැබෑ කර ගත්තා. අද වන විට මේ ගම්මානයේ ඇති නර්තන පදනමේ ළමයි දෙසිය පනහක් විතර ඉන්නවා. ඔවුන්ට අපූරු ශික්ෂණයක් සමඟ නර්තනය ඉගෙන ගැනීමේ අපූරු ඉඩකඩක් මා මෙහි නිර්මාණය කළා. ළමයෙක් මොන දේ ඉගෙන ගෙන ඉස්සරහට ගියත් රොබෝවරයෙක් වගේ වුණොත් කිසිම වැඩක් නැහැ. මනුස්සකම හඳුනන හිත හොඳ මනුස්සයෙක් වෙන එකයි වඩාත් වැදගත් වෙන්නේ. එවැනි කෙනෙකුª කලාව ඔස්සේ නිර්මාණය කිරීමයි මගේ අරමුණ වුණේ.‘පටාචාරා’ වගේ නෘත්‍ය නාටකයක් බිහිවීමේ පසුබිම නිර්මාණය වෙන්නේ කොහොමද?අද බොහෝ ළමයි රියැලිටි වැඩ සටහන් පස්සේ තමයි දුවන්නේ. ඒත් අරකවිල නර්තන පදනමේ ඉන්න ළමයි ඒ අය අතරෙන් තරමක් වෙනස් අයයි. ඔවුන් එහි යථාර්ථය හොඳින් හඳුනා ගත්ත පිරිසක් නිසා, ඒ පසුපස දුවන්නේ නැහැ. ඒ අයට යමක් කළ යුතුයි කියලා මා හිතුවා. ඒ අනුවයි ‘පටාචාරා’ කරළියට නැඟෙන්නේ. ඒ වගේම ‘පටාචාරා’ නෘත්‍ය නාටකය බිහි වෙන්න තවත් හේතුවක් තිබෙනවා. මම නාට්‍ය වැඩමුළුවලට විවිධ ප්‍රදේශවල සංචාරය කළා. ඒ අවස්ථාවලදී මම දැක්ක දෙයක් වුණේ අවුරුදු දොළහේ, දහතුනේ, දාහතරේ ළමයි ඉක්මනින්ම විවාහ වූ බවයි. නැත්නම් කිසිම කෙනෙකුට දන්වන්නේ නැතුව හොරෙන් විවාහ වුණා.සමහර අය ඒ අතර අතරමං වෙන අයුරුත් මා දුටුවා. මේ විදියට විවිධ තැන්වල දුටු මේ දසුන මගේ සිත සසල කළා. ඒ අය ජීවිතය පිළිබඳ නොදැන මේ වැටෙන අපහසුව ගැන යමක් කිව යුතුයි කියලා මට සිතුණා. එවිටම වගේ මගේ මතකයට ආවේ පාටාචාරා කතා වස්තුවයි. එය මම නර්තන රැසක් රැගත් නාටකයක් වගේ වේදිකාවට රැගෙන ආවා. මෙහි නළු - නිළියන් එකසිය පනහක් පමණ රංගනයෙහි හා නර්තනයෙහි යෙදෙනවා. ඒ සියල්ලන් සමඟින් සමාජයට හොඳ දෙයක් දෙන්නයි මට උවමනා වූයේ. එය සාර්ථකයි කියලා මට හිතෙනවා.මේ නෘත්‍ය නාටකයේ පුංචි ළමයින් පවා නර්තනයේ යෙදෙනවා. ඔවුන්ව හැසිරවීම පහසු කටයුත්තක්ද?ළමයකු නිර්මාණය කිරීමේදී එය කළ යුත්තේ කුඩා කාලයේම බවයි මගේ හැඟීම වන්නේ. මොකද ඒ අයගේ ඔළුවේ ලොකු අයගේ වගේ අනං මනං නැති නිසා හැසිරවීමට පහසුයි. මගේ නර්තන පදනමේදී මේ අය නිර්මාණය වුණේ මනා සංයමයකින්. ඒ සංයමය නිර්මාණ කටයුත්තකදී බොහොම ප්‍රයෝජනවත් වුණා. ඔවුන් නිර්මාණයට ආවේණික විදියට ඒ කටයුත්ත සංයමයෙන් සිදු කළ නිසා මට ඔවුන් හැසිරවීමට වැඩි මහන්සියක් ගන්න වුණේ නැහැ.‘පටාචාරා’ නෘත්‍ය නාටකයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?මට තවම ඒ ගැන හිතා ගන්නවත් බෑ. මේ නෘත්‍ය නාටකය සඳහා ලක්ෂ 90 ගණනක් වියදම් වුණා. ඒ තරම් වියදමක් ගියත් මට උවමනා වුණේ සමාජයට වඩා ගුණාත්මක දෙයක් දෙන්නයි. ඒ නිසා ගිය වියදම අපතේ නොගිය බව දැනෙන්නේ ‘පටාචාරා’ සඳහා ලැබුණු ප්‍රතිචාර නිසයි. මහාචාර්ය, ආචාර්යවරු වගේම රවිබන්ධු විද්‍යාපති, අනෝජා වීරසිංහ ආදී බොහෝ දෙනෙක් මේක බලලා මට ප්‍රශංසා කළා. ඔවුන් ඔක්කොම ඇහුවේ ජානකී, මේ තරම් නළු - නිළියන් රැසක් එකතු කරගෙන ඔයා මේ තරම් හොඳ වැඩක් කළේ කොහොමද කියලයි.ඒ අයගේ අදහස් මට සතුටක්. මේ හැම වික්‍රමයක්ම කරන්නට මට හැකි වුණේ මගේ මහත්තයා පීටර් නිසයි. ඔහුත් මේ අවස්ථාවේ මා සිහිපත් කරනවා. ඒ වගේම මීටත් වඩා තවත් හොඳ නිර්මාණයකින් ඔබ අතරට එන්නත් පුංචි අදහසක් තියෙනවා. ඒක කුමන මාධ්‍යයකින් වේදැයි දැන්ම කියන්න බැහැ.(පසුපිටෙහි දැක්වෙන්නේ ‘පටාචාරා’ නෘත්‍ය නාටකයෙහි ජවනිකාවකි.)තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - ප්‍රසාද් සමරතුංග  
CREATIVE
සුනිල් විමලවීරයන්ගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මාසයේ 23 වැනිදාටය. එදින සුනිල්ව පුදුමයට පත් කරමින් ඔහුගේ දියණිය අභිෂේකා විමලවීර ඔහු අත තැබුවේ ඔහුගේ නම සහිත පොතකි. ඒ ‘විකසිත සුවඳින් බිඳක් - හුදකලා විරාමයක්’ නම් ඔහු ලියූ ගීත හා කවි රැසක් රැගත් කෘතියකි. කලක පටන් ඔහු ලියූ ගීත හැත්තෑ හතරක් හා කවි හැට අටක් මේ කෘතියට ඇතුළත් විණි.රණාලේ සුනිල් විමලවීර නමින් පුවත්පත්වලට කවි රචනා කරන සුනිල් විමලවීර රසිකයන්ගේ සිත් අතර රැඳෙන්නට පටන් ගත්තේ ‘හරිම බඩු තුනක්’ චිත්‍රපටයට ඔහු රචනා කළ ‘ඔබගේ රුව මාගේමයි’ ගීතයත් සමඟය. එතැන් පටන් දශක ගණනාවක් ඇතුළත දක්ෂ ගීත රචකයෙක් වන සුනිල් තම ගේය පද සඳහා සරසවිය හා රාජ්‍ය සම්මාන ද ලබා ගත්තේය. සමනල් හැඟුමන් අතරේ, හිරිපොද වැස්ස, ඔය ඇස් පියාන වැනි ගීත රැසක් වර්තමාන ගීත අසන ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය.තිලානි
CREATIVE
ලෝක ළමා දිනයට සමගාමීව කොළඹ ගාලු මුවදොර ක්‍රිස්තුරාජ දේවස්ථාන ශ්‍රවණාගාරයේදී පැවති ළමා දින අන්තර් වාර්ගික ළමා ප්‍රසංගයේදී නීටා ප්‍රනාන්දු සහ ගයේෂා පෙරේරා ළමුන්ට ත්‍යාග ප්‍රධානය කළ අයුරුයි මේ.
CREATIVE
රැය තවම තරුණයි මැයෙන් නිර්මිත ඉන්දික උඩුගම්පොළගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයේ මංගල ලෝක දැක්ම මූම්බායි අන්තර් ජාතික සිනමා උළෙලේදී තිරගත වීමට නියමිතය. ඉන්දිකගේ මෙම චිත්‍රපටය ප්‍රංශය නියෝජනය කරමින් තිරගතවීම විශේෂත්වයකි.මෙම මස 14 වැනිදා සිට 21 දක්වා ඉන්දියාවේ පැවැත්වෙන මූම්බායි අන්තර් ජාතික සිනමා උළෙල සඳහා රටවල් හැටපහක් නියෝජනය කරමින් චිිත්‍රපට එකසිය අසූපහක් තිරගත වනු ඇත. මෙහි පැස්කලින් බෙල්ග්‍රාඩ්, ඇන් ලෙමොනාකි සහ ලක්ෂාන් අබේනායක රංගන දායකත්වය සපයති. චන්ද දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන් ද, පියර් එම්මෑනුවෙල් ශ්‍රව්‍ය සංකලනයෙන් ද, ෂයිලේශ් මැක්වැන්ගේ සංස්කරණයෙන් ද, නදීක ගුරුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් වී ඇත. දිලීකා සෙව්වන්දි ගායනයෙන් දායක විය.- ප්‍රසාද්
CREATIVE
සුනිල් සිරිවර්ධනදෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ විභාගවලට ළමයින්ව පුරුදු පුහුණු කරන කටයුතු සමඟයි මගේ කාලය ගත වෙන්නේ.ඊට අමරතව විවේක සුවයෙන් මගේ බිරියත් එක්ක ආගිය තොරතුරු කතා කරමින් දරුවන් පිළිබඳ සතුටු වෙමින් කාලය ගත කීරීම සුපුරුදු දෙයක් බවට පත් වෙලා.
CREATIVE
අඩසිය වසකටත් වැඩි කාලයක් සිනමාව පුංචිතිරය වේදිකාව පෝෂණය කළ ප්‍රවීණ නළුවකු වූ සැන්ටින් ගුණවර්ධන 16 වැනිදා අභාවප්‍රාප්ත විය. 1962 හෙන්රි ජයසේනයන්ගේ ජනේලය වේදිකා නාට්‍ය තුළින් සිය රංගන ජීවිතය ඇරඹු සැන්ටින් ගුණවර්ධන වෘත්තියෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියෙක් ලෙස කටයුතු කරනු ලැබිණි. කුවේණී, තවත් උදෑසනක්, මනරංජන වැඩවර්ජන, අහස් මාලිගා, හුණුවටයේ කතාව, අපට පුතේ මගක් නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, සුබ සහ යස, ජුලියස් සීසර් ආදී බොහොමයක් වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක විය. වේදිකාවෙන් රංගනයට අත්පොත තැබූ සැන්ටින් ගුණවර්ධන සිය රංගනයෙන් අඩු ප්‍රමාණයක් සිනමාවට දායක විය. බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ සිව්රඟ සේනා ප්‍රියන්ත කොළඹගේ ඇරුමෝසම් වැහි චිත්‍රපට දෙක සඳහා පමණක් රංගනයෙන් දායක විය.පුංචිතිරයේ ජනප්‍රිය චරිතයක්වු සැන්ටින් සඳක කතාවක්, අත්ත බිදෙයි, ගිරය, ගැහැනු ළමයි, දූදරුවෝ, සෙනෙහෙවන්තයෝ ආදී ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක විය.හුණුවටයේ සයිමන් සෂාවා, සුබ සහ යස නාට්‍යයේ සුබ මෙන්ම සෙනෙහෙවන්තයෝ නාට්‍යයේ කළ පියාගේ චරිතය තුළින් සැන්ටින් ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක්විය.වටුවත, අහිංසා, කණකොක් හඬ, වෙර පුඤ්ඤ, නිග්රෝධ මිග, පැණි වළලු ආදී කෙටි නාට්‍ය හතක් සැන්ටින් විසින් නිෂ්පාදනය කළ අතර මෙම සියලු නාට්‍ය සඳහා සංගීත නිර්මාණය කරනු ලැබුවේ ඔස්ටින් මුණසිංහයන් විසිනි.හෙන්රි ජයසේනයන්ගේ ජනේලය නාට්‍යයේ පුටුපාල ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එක්වූ සැන්ටින් වයස අවුරුදු විසි හතරේදී රංගනයට එක්විය. දියණියකගේ පියකු වන සැන්ටින් ගුණවර්ධන මිය යන විට හැත්තෑ හයවන වියේ පසුවිය. අවසන් කටයුතු ඔහුගේ ඉල්ලීම පරිදි පසුදාම සිදු කෙරිණි. චන්දන
CREATIVE
මුවන්පැලැස්ස 1 සහ 2 ආදී වශයෙන් චිත්‍රපට නිෂ්පාදනය වී ඇත. ඒ අයුරින් කොටස් වශයෙන් නිෂ්පාදනය කරන ලද අනෙක් චිත්‍රපට මොනවාද?රත්න කහඳව - කුකුලාවල – අලව්වජොලි හලෝ 1, 2, මොනරතැන්න 1, 2, චණ්ඩියා 1, 2, ඇගේ වෛරය 1, 2, චෙරියෝ ඩොක්ටර්, රෑ දනියෙල් දවල් මිගෙල්.සිකුරුලියා චිත්‍රපටයේ රඟපෑ බන්දුල ගලගෙදර හා ඊ. ඒ. පී. සමාගමේ ජයරත්න ගලගෙදර ඥාතීන් ද?වික්ටර් පල්ලිමුල්ල – හැඳලමුලින් නම් මම හිතුවෙත් එහෙමයි. එහෙත් ජයරත්න ගලගෙදර ගෙන් ඇහැව්වාම එහෙම කිසිම සම්බන්ධයක් නැහැ යනුවෙන් පැවසුවා.නාරද දිසාසේකර ගයන ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ ගීතයේ පද රචනය කාගේද?විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකුව සිටි එඩ්මන් ජයසූරිය මහතාගේ.නැඟීගෙන ආ දක්ෂතම නිළියක වූ ජූඩි ද සිල්වා දැන් කෝ?මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකටුවඇය දැන් රඟපාන්නේ නැහැ. කලක් ඇය විදේශගතව හිටියා.‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටය කාගේ අධ්‍යක්ෂණයක් ද? එහි රඟපෑ නළු නිළියන් කවුද?එච්. එච්. ජයලත් - පෙතියාගොඩ – ගම්පහඑය එම්. මස්තාන්ගේ අධ්‍යක්ෂණයක්. ආනන්ද ජයරත්න, ජීවරාණී කුරුකුලසූරිය, ගාමිණී ෆොන්සේකා, විජිත මල්ලිකා, හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනී සී. පෙරේරා ආදීන් එහි රඟපෑවා.චිත්‍රපටයකට පවා නැඟුණු ‘සාරංගා’ චිත්‍ර කතාවේ රචකයා හා චිත්‍ර ශිල්පියා කවුරුන්ද?දයාරත්න ගනේගොඩ -කැලණියඑය ඇන්දෙ ජනක රත්නායක, තිර රචනය සුගත් වටගෙදර.අද චිත්‍රපට විචාරකයාගේ කාර්යභාරය නිසි ලෙස ඉටු වෙනවාද අර්ජුන්?ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූවචිත්‍රපට විචාර කාර්ය හරිහැටි ඉටු වෙන්න, හරියට චිත්‍රපට හැදෙන්නත් ඕනෑ. මා දන්නා තරමින් හොඳ සිනමා විචාරකයන් කිහිප දෛනෙක් අපට සිටිනවා. ඔවුන් කිසි විටෙකත් දෙන්නම් බැටේ කියලා හිතාගෙන විචාරයේ යෙදෙන්නේ නැහැ. පිට කසන්න විචාර ලියන්නෙත් නැහැ.නමුත් කවුරුන් හෝ විචාරකයෙක් කාගේ හරි නොහොඳ ලිව්වොත් ඔහු සිනමාව නොදන්නා කෙනෙක් කියලා බනිනවා. ඒ වගේම කාගේ හරි හොඳ ලිව්වොත් ඔහු තරම් හොඳ විචාරකයෙක් නැහැ.විචාරකයන්ට සිනමාව උගන්වන්න කලින් බහුතර සිනමාකරුවන් සිනමාව ඉගෙන ගත්තොත් හොඳයි. එහි වඩාත්ම අවශ්‍ය වන්නේ තමන් කරන සිනමා කෘතිය මොන මට්ටමේ වුණත් එකී කෘතියට අවංක වීමයි.අපේ අම්මලා, තාත්තලා කියනවා ඒ කාලේ අපිට දැවැන්ත සිනමා යුගයක් තිබුණා කියලා. නමුත් අද වන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලානේ. එහෙම වෙන්න හේතුª මොනවාද?ඈෂ් ඩොනර් – ගම්පහඔබ පරක්කු වෙලා ඉපදීම තමයි හේතුව. කලින් ඉපදුනා නම් ඒ සිනමාව දැකගන්න තිබුණා. එයට හේතුව ලෝකය වෙනස් වෙනවා. හැමදාම එකම දෙයක් එකම විධියට තියෙන්නේ නෑ.ඒ කාලයේ බිහි වූ ගාමිණී – මාලිනී, විජය, ගීතා, සනත් සබීතා, වැනි නළු නිළියන් මේ කාලයේ සිංහල සිනමාවේ බිහි නොවන්නේ ඇයි අර්ජුන්?ආනන්ද පෙරේරා - ශ්‍රාවස්තිපුරතරු සංකල්පය මැවූ සිනමාකරුවනුත්, චිත්‍රපටත් දැන් නැති නිසානේ.වර්තමානයේ බොහෝ ටෙලි නාට්‍යවල නිවාසවල මෙහෙකරුවන්, ජෝකර්ලා බවට පත්වෙලා නේද?ලක්ෂ්මන් රණසිංහ - හේකිත්ත – වත්තලමෙහෙකරුවන්, ජෝකර්ලා වෙන එක ටෙලි නාට්‍යයට පැමිණෙන්නේ සිනමාවෙන්නේ. මතකද මනප්පු – ජොසි බබා.මෙම පැන විසඳුම් තීරය සමහර දිනවල පල නොවන්නේ ඇයි?සුරවීර නාකන්දල – ධර්ගා නගරයඅසා එවන ප්‍රශ්න ඒකාකාරී නිසා. ඒවායේ නැවුම් ගතියක් නැති නිසා. එයට පිළිතුරු දෙන්න අර්ජුනට කම්මැලි නිසා.‘තරු මිහිර’ විශේෂාංගයට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා රැගෙන එන්නේ කුමන මාසයේද?චම්පිකා නෙරංජනී ගලප්පත්ති – පටන්විල – ගාල්ලනුදුරු අනාගතයේදී පැමිණේවි.ආර්. මුත්තුසාමි පසුබිම් ගී ගැයූ සිංහල චිත්‍රපට මොනවාද?සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩමට මතක විදියට සිතක මහිම, රන් රස, ඇතුළු කිහිපයක්.(අර්ජුන්)සැකසුම - සංජීව සම්පත් බාලසූරිය  
CREATIVE
මම පසුගිය කාලය ගත කළේ තාත්තාගේ අසනීප තත්ත්වයත් සමඟයි. ශල්‍යකර්මය සිදු කිරීම නිසා මේ වනවිට තාත්තාට තරමක සුවයක් ලැබෙමින් තියන්නේ. ඒ නිසා දැන් තමයි මට චිත්‍රපට වෙනුවෙන් කාලය වෙන් කරන්න අවස්ථාවක් ලැබුණේ.දැන් මම චිත්‍රපට දෙකක් නිිර්මාණයට සුදානම් වෙනවා. එයින් එකක් හාස්‍යමය චිත්‍රපටයක්. අනිත් එක අපේ රටේ සිදු වූ සත්‍ය කතාවක් පසුබිම් කරගෙන කෙරෙන චිත්‍රපටයක්.
CREATIVE
මැයි 10 වැනිදා‘රූකඩ රාජ්ජේ’ ලුම්බිණියට. අධ්‍යක්ෂ ඩී. කුමාරගේ.11 වැනිදාරෝහණ බැද්දගේ ගේ ‘රාළහාමි’ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයීය රංග ශාලාවේ.12 වැනිදා‘මධුර ජවනිකා’ අධ්‍යක්ෂණය දයානන්ද ගුණවර්ධන.ගිරිඋල්ල නගර ශාලාව.ශ්‍රියන්ත මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන ගැබ්බර මිනිසා ජාඇල රඟහලේදී.14 වැනිදා‘රාළහාමි’ මාතර දෙයියන්දර ජාතික පාසල් ශාලාවේ.15 වැනිදාසුනිල් එදිරිසිංහගේ ‘සඳකඩ පහන’ ගී ප්‍රසංගය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීලලිතා සරච්චන්ද්‍රගේ ‘රත්නාවලී’ නාට්‍යය මොනරාගල මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ.16 වැනිදාහෙන්රි ජයසේනගේ ‘කුවේණි’ නාට්‍යය සමුද්‍ර ජීවනී කරුණානන්ද අධ්‍යක්ෂණය. කුරුණෑගල නගර ශාලාවේදී.
CREATIVE
රවී එවපු හැම ලිපියකම තිබුණෙ එයා ඉන්නෙ හරිම දුකෙන් පාලුවෙන් කියලා. එහෙම ලියලා එව්වත් රවී ලංකාවට ආවේ එංගලන්තේ මාස හයක් පමණ ගත කරලා.දැන් තමයි තේරෙන්නේ රවීන්ද්‍ර රන්දෙණිය, විජය කුමාරණතුංග මේ දෙන්නගේ ලස්සනම මල්බර අවධිය. ජෝ අයියා වැඩිමල් වුණත් මේ සමාගමේම හිටියා. මේ තුන්දෙනාම ලන්ඩන් නුවර ගත කරපු ඒ නිදහස් ජීවිතය මොන තරම් සතුටුදායක කාල සීමාවක් වෙන්න ඇද්ද කියලා. ඒ මාස හය ඇතුළත රවී මට එවපු ලිපිත් මම රවීට යවපු ලිපිත් මං ගාව තාමත් තියෙනවා. මේ ලිපි පෙළ ලියන ගමන් මම ඒවා එකක් දෙකක් කියවලා බැලුවා. මේවා ලියලා තියෙන්නේ අපිම ද කියලා ලැජ්ජා හිතෙනවා. හරිම බොළඳයි. ඒ නිසාම මම තීරණය කළා කවුරුවත් මේවා දකින්න කලින් ළඟදීම ඒවා ගිනි දෙවියන්ට පූජා කරන්න ඕනෑ කියලා.විජය කුමාරතුංගයි, රවීන්ද්‍ර රන්දණියයි එකම කාමරයක අවුරුද්දෙන් භාගයක් පමණ ලන්ඩන් නුවර ගත කරපු ආදරණීය මතක සටහන්, සුන්දර අත්දැකීම් විශාල ප්‍රමාණයක් එකතු කරපු ඉතාම ලස්සන පින්තූර එකතුවක් මම අල්මාරියේ සුරැකිව තැන්පත් කරලා තිබුණත් විජය කුමාරණතුංගගේ හදිසි වියෝව වගේම ඒ සියලු දේම අනිත්‍යයයි කියලා වටහලා දෙන්න වගේ ඒ ඇල්බමය වේයන් විසින් විනාශ කර තිබීම හරිම කණගාටුවක්. ඒත් රවී ඇඳ උඩ නිදාගෙන ඉන්න කොට විජේ විසින් ගන්නා ලද එකම එක පින්තූරයක් පමණක් තාම ඉතුරු වෙලා තියෙනවා.විජේයි, රවීයි ලංකාවට එන්න කලින් ජෝ අබේවික්‍රම මහත්තයා ලංකාවට පැමිණියා. රවී ජෝ මහත්තයාගේ අතේ මට තෑගි පාර්සලයක් එවලා තිබුණා. මට විතරක් නෙමෙයි, දිලිනිට දුක හිතෙයි කියලා එයාටත් පොඩි දෙයක් එවන්න අමතක කරලා තිබුණේ නැහැ. ජෝ අයියා පාර්සලේ අරගෙන ආවේ සුමිත්ත අමරසිංහ මහත්තයාගේ ගෙදරට. ජෝ අයියා තෑගි පාර්සලේ මගේ අතට දීලා කිව්වා,‘උඹ නම් පුදුම වාසනාවන්ත කෙල්ලෙක් බං . . .’ කියලා.මම ඇහුවා ඇයි කියලා.‘ඇයි කියන්නේ උඹ බොනියව එහෙම් පිටින්ම වෙනස් කරලා. දැන් ඉන්නේ ඉස්සර හිටිය බොනිය නෙමෙයි’‘ඇයි ඉස්සර හිටියෙ කොහොමද?’‘ඉස්සර හිටියේ බොනියනේ. මම දන්නේ ඒකවනේ . . . උඹ දන්නේ රවියවනේ . . . ඒ ඇති . . . මොනවා උනත් උඹ හිතාගනින් උඹ බොහොම පින් කරලා තියෙන වාසනාවන්ත එකියක්’ කියලා.මට ඒ සිදුවීම හොඳින්ම මතකයි. ඉන් පස්සේ මම රවීට ලියපු ලියුමක ඒ සිදුවීම ගැන කියලා ජෝ අයියා කියපු දේට මට හරිම සන්තෝසයි කියලත් ලියලා ඇරියා. රවීව දකින්නවත් නැතිව ඒ මාස හයක කාලය ගෙවලා දැම්මේ ඉතාම දුකෙන්, කණගාටුවෙන්. සුමිත්‍රා අක්කලාගේ ගෙදරින් අපේ ගෙදරටත්, අපේ ගෙදරින් සුමිත්‍රා අක්කලාගේ ගෙදරටත් වරින් වර මාරු වෙවී කාලය දිය කරලා ඇරියා. ඒ මාස හය ඇතුළත මට චිත්‍රපට කීපයකටම රඟපාන්න ආරාධනා ලැබුණත් මම ඒවා ප්‍රතික්ෂේප කළේ පෙම්වතාගේ වචනයට පිටින් නොයන සුවච කීකරු පෙම්වතියගේ චරිතය සැබෑ ජීවිතයේ රඟ දක්වමින්.පී‍්‍රති රන්දෙණියපසුගිය කොටස්* බොඳ මීදුම් කඳු රැල්ලේ* පවස නිවන දිය පොදක් නොවී ඔබ* අත්තිකාරම්වලින් අල්මාරියක්
CREATIVE
විජය කුමාරණතුංගයන්ගේ 69 වැනි ජන්ම සැමරුම වෙනුවෙන් ‘විජය - ජෝති ගී සැඳෑව’ මෙම 09 වැනිදා සවස 5.30 ට ටවර් රඟහලේදී පැවැත්වේ.ඩබ්ලිව්. ප්‍රේමරත්න, රන්ජන් රාමනායක, ක්ලීටස් මෙන්ඩිස්, කීර්ති පැස්කුවෙල්, රොජර් සෙනෙවිරත්න, රජිත හිරාන් (පිංපොන්), පුන්සිරි සොයිසා, මංජුල වර්ණකුලසූරිය, නිමල් ඇන්තනි, ජෝර්ජ් සේනානායක, සුරේෂ් ගමගේ, දිනේෂ් පි‍්‍රයසාද්, තිස්ස ඩයස්, ඉන්දුල ඩයස්, උපාලි චමින්ද, කුඩ්සි අහමඩ්, එස්. මාන්නප්පෙරුම ගී ගයන මෙහි සංගීතය යුද හමුදා වාදක මණ්ඩලයෙනි. යුග ගායනයෙන් ශි‍්‍රයානි දිසානායක, මේධා ධනංජනී, දිව්‍යා සොනාලි එක්වන අතර කථනය ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගෙනි. සත්සර කලා පදනම හා ඒ. කරුණාපාල අනුස්මරණ පදනම ඉදිරිපත් කිරීමක් වන මෙය තිස්ස ඩයස්, සුනිල් කුමාර්, මනෝජ් ආරච්චිගේ සංවිධානයකි.
CREATIVE
මනොෂිකා විජේසූරිය හා කාංචනාවිජේසූරියගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කරන ‘කරළියේ කෝලම්’ ප්‍රසංගය ඔක්තෝම්බර් මස 07 පස්වරු 6.30 ට ටවර් හෝල්රඟහලේදී පැවැත්වීමට නියමිතය.කෝලම් නාට්‍ය කලාවෙන් හා වෙස් මුහුණු කර්මාන්තය හා තොවිල් ශාන්ති කර්ම මගින් ලාංකේය ජනතාවගේ හදවතට සමීප වූ බන්දු විජේසූරිය ප්‍රගුණ කළ පරම්පරාගත සාම්ප්‍රදායික කලාව ඉදිරියට ගෙන යන ඔහුගේ දියණියන් වන මනොෂිකා හා කාංචනා මේ ප්‍රසංගය ඉදිරිපත් කරති.ඕනෑම අයෙකුට නොමිලේ නැරැඹිය හැකි අයුරින් පැවැත්වෙන ‘කරළියේ කෝලම්’ ප්‍රසංගය සකස්කර ඇත්තේ කෝලම් හි සාම්ප්‍රදායික මුහුණුවර වර්තමානයට ගැළපෙන ලෙස වෙනස් කිරීමෙනි.එහිදී ගායනය, වාදනය, ඇඳුම් පැළඳුම් නූතන කරළියට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇත.මෙහි සංගීත නිර්මාණයෙන් නීල් රංජිත් ද, ඇඳුම් නිර්මාණයෙන් ජයසිංහ සේමගේ ද කටයුතු කරති.ජගත් කරුණාසේනගේ ‘දිසාපාමොක්’ වේදිකා නාට්‍යය මේ මස 07 වැනිදා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගතවේ.මේ නාට්‍යයෙහි මංගල රාජකරුණා, මිලින්ද පෙරේරා, මෙලනි අශෝකා, සැනට් දික්කුඹුර, සඳුන් කුඹුරුතැන්න, ඩීමන් හෙට්ටිආරච්චි, විමල් ජයකොඩි ආරච්චි, අමිල සඳරුවන්, සුනේත්‍රා ලක්මාලි, බුද්ධික බෝධිනායක, අනුලා දේදුනු, මිල්ටන් සෙබස්තියන්, පද්ම වර්ණ, ඇන්ටන් වේවැල්දෙණිය, සමන් පුෂ්පකුමාර, විශ්ව චතුර, සුපුන් විජේවර්ධන යන ශිල්පීහු රඟති. සංගීතය ජීවන් හඳුන්නෙත්ති ද, අංග රචනය ප්‍රේම් ජයන්ත කපුගේ ද, රංගාලෝකය කරූ සුපර් ලයිට්ස් ද වෙති. 
CREATIVE
ඒ. සී. එස්. වසන්ත කුමාර ගේ ‘සෙන් සහ ෂේන්’ වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දා කොළඹ ජේතවනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ පැවැත්විණ.ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුබ මොහොතින් පොල්තෙල් පහන දල්වන අයුරුයි. රංගන ශිල්පි උදිත ශ්‍රී ලාල්, ඒ. ඩී. වසන්ත කුමාර, රංගන ශිල්පි අජිත් ශ්‍රී, සිරස මාධ්‍ය ජාලයේ ක්‍රිෂාන්ත කුරේ, කොළඹ පුරපති ටයිටස් පෙරේරා, ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය, මාධ්‍යවේදී එ. ඩී. රංජිත් කුමාර, කොළඹ නාගරික මන්ත්‍රී අනුරාධ විමලරත්න, කොළඹ නාගරික ලේකම් එච්. ඩී. සී. ජානකී, නගරාධිපති බිරිය ෆෙරුසා මුසම්මිල්, වෙළෙඳ ව්‍යාපාරික සඳමාලි යන ආරාධිත අමුත්තෝ පසෙක වෙති.අහස් පව්ව අධ්‍යක්ෂණය කළ අනුර වරාගොඩගේ නවතම ටෙලි සිතුවම මේ වන විට කුරුණෑගල සහ තිස්සමහාරාමය අවට රූගත කෙරෙයි. දෙරණගමන ලෙස නම් කොට ඇති එය යුද්ධයේ ආදීනව කැටු වූ කතා සාරයක් රැගත් ටෙලි සිතුවමකි.සිරිමතී පුෂ්පා පරණගම නිෂ්පාදනය කරන දෙරණගමන හී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ජනක් ප්‍රේමලාල්, ජනක කුඹුකගේ, ජයනි සේනානායක, ලාල් කුලරත්න, ඥානාංග ගුණවර්ධන, ජගත් බෙනරගම, චමිලා පීරිස්, අයෝමි ශානිකා, සම්පත් ජයවීර, ආනන්ද අතුකෝරාල, උදේණි අල්විස්, ගීතා කාන්ති ජයකොඩි, රොෂාන් විමලසේන, ලලිත් රාජපක්ෂ, පවිත්‍රා වික්‍රමසිංහ, ප්‍රේමදාස විතානගේ, මල්කාන්ති ජයසිංහ, කුසුම් පෙරේරා, සිරිමතී පුෂ්පා පරණගම, කුලසිරි මල්ලිකාරච්චි, හේමචන්ද්‍ර පියදාස, ලලිත් ප්‍රියන්ත, ප්‍රියන්ත රණසිංහ, බණ්ඩාර ලංකානායක, ඇන්ටන් කුරේ,නදීෂා මධුශානි, රංජිත් සිල්වා, සීතා කුමාරි, රූපා පතිරණ, නිමල් වීරසේකර,අජිත් කොටුවිල, කුමුදුනී අධිකාරි, හේමසිරි කොළඹගේ, පුෂ්පිකා සුමනසේකර, අතුල ජයසූරිය, නිලන්ත රණසිංහ, අජිත් රූපසිංහ ඇතුළු දෙසීයකට අධික නළු නිළියන් ප්‍රමාණයක් රඟපාති. දෙරණගමන හි සහාය නිෂ්පාදනය ප්‍රදීප් කාරියවසම්ගෙනි.බෙස්ට් ෆ්‍රෙන්ඩිඩ් එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ගීතිකා පිළිපානගෙ නවතම ටෙලි සිතුවම වන ‘මිතුරු මිහිර’ සඳහා මාතලේ අවට ප්‍රදේශයන්ගෙන් ළමුන් බඳවා ගැනීමට එහි අධ්‍යක්ෂවරිය බලාපොරොත්තුවේ.මාතලේ අවට රූ ගැන්වීමට නියමිත එහි ළමුන් බඳවා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 13 වැනිදා මාතලේ විහාර පාරේ පිහිටි මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු කෙර්. වයස අවුරුදු 8 – 14 අතර රංගනයට කැමැති දුවා දරුවන්ට මේ සඳහා සහභාගි විය හැකිය.වික්ටර් බණ්ඩාර සේනාරත්න ගේ ‘ගිනිගත් ගැහැනිය’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මෙම මස 13 වැනි දා ලුම්බිණි රඟහලේ වේදිකා ගතවේ.මෙම වේදිකා නාට්‍යයෙහි අසංක පෙරේරා, ජීවනී කුමාරි, සඳුන් විජේසිරි, ප්‍රේමදාස විතානගේ, කේ. ඒ. පියකරු, සුනිමල් දාබරේ යන රංගන ශිල්පීහු රංගනයෙන් දායක වෙති. සංගීතය ලයනල් ගුණතිලක ගෙනි, පොඩි නිලමේ සේනානායක ගේ නිෂ්පාදනයකි.බෙස්ට් ෆ්‍රෙන්ඩිඩ් එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ගීතිකා පිළිපානගෙ නවතම ටෙලි සිතුවම වන ‘මිතුරු මිහිර’ සඳහා මාතලේ අවට ප්‍රදේශයන්ගෙන් ළමුන් බඳවා ගැනීමට එහි අධ්‍යක්ෂවරිය බලාපොරොත්තුවේ.මාතලේ අවට රූ ගැන්වීමට නියමිත එහි ළමුන් බඳවා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 13 වැනිදා මාතලේ විහාර පාරේ පිහිටි මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු කෙර්.වයස අවුරුදු 8 – 14 අතර රංගනයට කැමැති දුවා දරුවන්ට මේ සඳහා සහභාගි විය හැකිය.- තිලානි ශානිකා/ප්‍රසාද් සමරතුංග
CREATIVE
මම මේ දවස්වල ඉන්නේ බොහොම කාර්යබහුල චරිතයක් වෙලා. පසුගිය දවස්වල ඇහැලේපොල චිත්‍රපටයේ පුස්වැල්ලේ කුමාරිහාමිගේ චරිතයට පණ පෙව්වා.ඒ වගේම ‘අජාසත්’ චිත්‍රපටයේ කාකවල්ලිගේ චරිතයට පණ පෙව්වා. ‘දේදුන්නක් පායලා’ චිත්‍රපටයේ ප්‍රථම වරට මම දමිළ කාන්තාවකගේ චරිතයකට රංගනයෙන් දායක වෙනවා. සුනිල් . ටී. ගේ අලුත්ම චිත්‍රපටයේ මම විද්‍යාඥවරියක්.මේ වසරේ රංගනයෙන් සහභාගි වෙන්න අවස්ථා නම් ගොඩයි. ඒ අතරම විසි වසරකට පස්සේ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්නේ රංජිත් අලුත්වීදියගේ ‘දූවිලි මල්’ ටෙලි නාට්‍යය සඳහායි. ඒ චූටි අක්කා කියන මුඩුක්කු පෙළක ඉන්න චරිතයකටයි.ඒ නාට්‍යයේ තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ සිරිල් වික්‍රමගේ සමඟ පළමුවරට රංගනයෙන් දායක වීමයි.මේ කුමන කටයුතු තිබුණත් දුවගේ කටයුතු කරන්නත් මම අමතක කරන්නේ නැහැ.
CREATIVE
එළඹෙන දෙසැම්බර් 26 සිට ජනවාරි පළමුවැනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන හයවැනි බැංගලෝර් ජාත්‍යන්තර සිනමා උළෙලේ ජූරි සභාවේ සභාපති ලෙස අපේ විශිෂ්ටතම සිනමාකරුවකු වන ආචාර්ය ධර්මසේන පතිරාජ තෝරාගෙන ඇත.මෙරට සිනමාව නවමානයට හැරවූ ධර්මසේන පතිරාජ නිර්මාණය කළ ස්වරූප ළඟදීම තිරගත වේ.- ප්‍රසාද්
CREATIVE
දිනෙන්, දින නවක ගායක, ගායිකාවන් ගීත ක්ෂේත්‍රයට පියමං කිරීම වර්තමානයේ දකින්නට ලැබෙන සුළබ ප්‍රවණතාවකි.එහෙත් ඉන් බහුතරයකගේ අපේක්ෂාව ඉක්මන් ජනප්‍රියත්වයයි. ඒ ඉලක්කය පසුපස හඹායාමේදී සාර්ථක ගී නිර්මාණවලට ඉඩ ඇහිරී බාල, හරසුන් ගීත සමාජ ගතවීම නොවැලැක්විය හැකි කරුණකි.චතුරිකා ගීතාලි, මේ රැල්ලේ උඩු ගං බලා පිහිනන්නට තැත් කරන නවක, ප්‍රතිභා සම්පන්න ගායිකාවක් සේ හැඳින්වීම යුක්ති යුක්ත යැයි සිතමි. ඇය සිය කුලුඳුල් ගීත එකතුව ‘සුපෙම් ගීතාව’ එළි දක්වන්නේ ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ නිර්මාණ දායකත්වය ලබා ගනිමිනි.මේ චතුරිකා අප සමඟ කළ කෙටි පිළිසඳරකි.ඔබ සංගීතය විෂයක් ලෙස හදාරා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්නට උත්සාහ දරන ශිල්පිනියක්. මුලින්ම ඒ පිළිබඳ කතා කරමු?මගේ ගම රත්නපුරය. පාසල් වියේදී පටන්ම සංගීතයට මගේ ලොකු කැමැත්තක් වගේම යම් දක්ෂතාවයකුත් තිබුණා. මගේ මව සංගීත ගුරුවරියක්. තාත්තා හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. ගෙදර සංගීතකාමී පරිසරයක් තිබුණා. මොකද මව සංගීත ගුරුවරියක් නිසා.රත්නපුර සුමන බාලිකා විදුහලින් සහ පැල්මඩුල්ල ගන්කන්ද විදුහලෙන් සිප් සතර හැදෑරූ චතුරිකා සිය පාසල් වියේදීම සංගීත විෂය සම්බන්ධ ජයග්‍රහණයන් රැසකට උරුමකම් කීවාය. 1992 පාසල් සංගීත හා නාට්‍යය තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් ඈ 1997 වසරේදී සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍යය තරගයේ රාගධාරි ගායනා ප්‍රථම ස්ථානය දිනා ගත්තාය. සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍යය තරගයේ සිතාර් වාදනයෙන් දෙවැනි ස්ථානය ඈ හිමිකර ගත්තේ 1999 වසෙර්ය. 2000 වසරේදී ඈ භාත්ඛණ්ඩ සංගීත විද්‍යා පීඨයෙන් විශාරද උපාධිය ලැබීය.කොහොම හරි කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්න ගියාට පස්සේ මම සංගීත විෂයෙන් ටිකක් විතර ඈත් වුණා. ඒත් විශ්ව විද්‍යාල කලා උළෙල, සාදවලදී මම ගීත ගායනා කළා.එතකොට කොහොමද මේ අලුත් ගී නිර්මාණත් එක්ක ආයෙත් සංගීතය පැත්තට නැඹුරු වුණේ?ඇත්තෙන්ම ගායිකාවක් විදිහට යළිත් මගේ ගමන මේ විදිහට ආරම්භ වුණේ මගේ විවාහයෙන් පස්සේ. මම විවාහ වුණේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න මහතා සමඟයි. ඔහු වෛද්‍ය වෘත්තියේ නියැළුණාට ඇත්තෙන්ම කලාවට, සංගීතයට ප්‍රිය කරන හොඳ රසවතෙක්.නමුත් විවාහ වූ අලුත ඔහු මගේ ගායන හැකියාව දැනගෙන සිටියේ නෑ. දවසක් අපේ නිවසේ තිබුණ සාදයකදී මම ගීත කිහිපයක් ගායනා කළා. ඔහු ගොඩක් කැමැති වුණා ඒ ගීතවලට. පස්සේ ඔහු කළ ඉල්ලීමකට අනුව තමයි මේ ගීත පටිගත කිරීම් සිදු කළේ.ප්‍රවීන ශිල්පීන් රැසක්ම ඔබේ ගී නිර්මාණ එකතුවට දායක වුණා?ඔව්. ඇත්තෙන්ම ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්. සංගීත රචනයෙන් ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද නන්දසේන කටුවාවල, එච්. එම්. ජයවර්ධන, නවරත්න ගමගේ, නදීක ගුරුගේ, කසුන් කල්හාර, මහින්ද බණ්ඩාර, විශාරද උපුල් පෙරේරා, දර්ශන රුවන් දිසානායක ‘සුපෙම් ගීතාව’ට දායක වුණා. මෙහි ගීත රචනා කළේ කුමාරදාස සපුතන්ත්‍රි, රත්න ශ්‍රීී විජේසිංහ, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, නිලාර් එම්. කාසිම්, කැළුම් ශ්‍රීමාල්, ලූෂන් බුලත්සිංහල, රංජිත් රූපසිංහ, චාමින්ද රත්නසූරිය, අසංක රුවන් සාගර සේන ලියනගේ වැනි ගේය පද රචකයන්. ගීත ගායනයෙන් ආචාර්ය වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, කසුන් කල්හාර, නදීක ගුරුගේ, දයාසිරි ජයසේකර, ඉන්දිකා උපමාලි මට සහාය වුණා.අද බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ ජනප්‍රිය රැල්ලට නතු වී ගීත ගයන්න. නමුත් ඔබ එතනින් වෙනස්?අද වෙන කොට සංගීතය කර්මාන්තයක් බවට පත් වෙලානේ ලංකාවේ. එක සිංදුවක් කරලා ඒකෙන් ලොකු මුදලක් උපය ගන්න තමයි ගොඩක් අය බලන්නේ. නමුත් නාළිකාවල යන සිංදු අහන කොට, දකින කොට ඒවායේ ලොකු වෙනසක් මම දකින්නේ නෑ. ඒවා මතක හිටින්නෙත් නෑ. නමුත් බොහෝ රසිකයන් අදටත් කැමැති 70 දසකයේ නිර්මාණය වූ ගීවලට. අපි වුණත් රස විඳින්නේ තාමත් ඒ ගීත. මම කරන දේට මිනිස්සු කැමැති වුණොත් මම ජනප්‍රිය වෙයි. එහෙම නැතිව රැල්ලට ගිහින් බලෙන් ගීත ජනප්‍රිය කරවා ගන්න මට වුවමනාවක් නෑ.ඔබේ ගීතවලට රසිකයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියා සිතනවාද?දැනට මේ ගීත ශ්‍රවණය කළ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගීත කිහිපයකුත් රූප රචනය කළා. මේ 27 වැනි සෙනසුරාදා සවස 6.30 ට ඒ C. D. සහ D. V. D දොරට වඩිනවා. එදිනම ‘සුපෙම් ගීතාව’ ගීත ප්‍රසංගයත් පැවැත්වෙනවා. මම හිතන්නේ එදාට මා වටා යම් රසික පිරිසක් එකතු වේවි. ඒක මගේ ඉදිරි ගමනට ශක්තියක්, ධෛර්යයක්. ඒ වගේම ඕනෑම කෙනෙකුට මේ ගී ප්‍රසංගය නරඹන්නට විවෘතව ආරාධනා කරනවා.ඇගේ ගී මග ආලෝකමත් වේවායි අපිදු පතමු!අසංක දේවමිත්‍ර
CREATIVE
තිරගත වූ දිනය – 1984 අපි‍්‍රයෙල් 06ඉදිරිපත් කිරීම – එස්. එස්. යුනයිටඩ් ඉමිග්‍රන්ට් චිත්‍රපටනිෂ්පාදනය - රෝහණ සේනාරත්නඅධ්‍යක්‍ෂණය හා කැමරාකරණය - සෝමවීර බෝපිටියකතාව, දෙබස් තිරනාටකය සහ කලාඅධ්‍යක්‍ෂණය – දයා රාජපක්‍ෂසහාය අධ්‍යක්‍ෂණය – රංජිත් යාපා ද අල්විස්, විමල් ජයවීරසංස්කරණය – ලාල් දිසානායක, නිමල් තෙන්නකෝන්අංග රචනය – රංජිත් මතඟවීරසටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංගරසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්, ජෙරල්ඩ් ජයවර්ධනසැකසුම – ලංකා චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරයනාමාවලිය – දයා රාජපක්‍ෂනිෂ්පාදන කළමනාකරණය – කරුණාදාස අතුරුගිරියනිෂ්පාදන කෘත්‍යාධිකාරී – යූ. ජී. ආරියරත්න, කුමාරසිරි වීරක්කොඩිනිශ්චල ඡායාරූප - සිරිවර්ධන ලියනගේසංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායකගීත - නෙතඟ දිලුනු මදහසයි – මිල්ටන් මල්ලවආරච්චි (කරුණාරත්න ඩී. පිලිප්)ඔබ අතින් මැව් සිය දහස් වූ - ටී. එම්. ජයරත්න (කරුණාරත්න ඩී. පිලිප්)...... - නීලා වික්‍රමසිංහ (කරුණාරත්න අමරසිංහ)නළු නිළියන් – ඩග්ලස් රණසිංහ, මර්වින් ජයතුංග, සෝමසිරි දෙහිපිටිය, පී. දේවසිරි පෙරේරා, රත්නාවලී කැකුණවෙල, ශිරානි නුගේරා, අනොජා වීරසිංහ, අනුලා කුමාරි, නිමල් පල්ලෙවත්ත, නිව්ටන් දලුගොඩ, වොලී නානායක්කාර, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු.************************************************************************තිරගත වූ දිනය – 1984 මාර්තු 23ඉදිරිපත් කිරීම – මැස්කන් චිත්‍රපටනිෂ්පාදනය – නිමල් අමරසිංහඅධ්‍යක්‍ෂණය – එස්. ඒ. ප්‍රේමරත්නකතාව - ජයසේන ජයකොඩිගේ නවකතාව ඇසුරිනිදෙබස් සහ තිරනාටකය – තිස්ස අබේසේකරසහාය අධ්‍යක්‍ෂණය – රංජිත් සිරිවර්ධන, පි‍්‍රයානන්ද විජේසුන්දරකැමරාකරණය – දයා විමලවීරකැමරා සහාය – ජයනාත් ගුණවර්ධනසංස්කරණය – උපසේන විමලවීර සහාය රංජිත් සිරිවර්ධන (සමරසිංහ චිත්‍රපට සංස්කරණ මැදිරිය)අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු සහාය -කේ. ඩි. සිරිපාලකලා අධ්‍යක්‍ෂණය - සරත් සූරසේන, රංජිත් සිරිවර්ධනනැටුම් අධ්‍යක්‍ෂණය - ශ්‍රී ලංකා යුද හමුදා නැටුම් කණ්ඩායමශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු (බී.ඇස්. සී.) සහාය එස්. සිවදාසන්ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරයසැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල, වත්තලකාර්මික සහාය - කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාර කාර්මික සේවය)පිටපත් මුද්‍රණය - සරසවි චිත්‍රාගාරයනිෂ්පාදන කළමනාකරණය - ජෝර්ජ් වීරකෝන්, විනී වික්‍රම කළුතොටනිශ්චල ඡායාරූප – ලලිත් ගුණවර්ධන, ක්‍රිස්ටි පෙරේරාකොණ්ඩා සැරසිලි - ඩෙරික් ප්‍රනාන්දුධාවන කාලය – පැය 02 විනාඩි 10 දිග අඩි 11.500, පිටපත් ප්‍රමාණය 13සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායකගීත ප්‍රබන්ධය - සුනිල් සරත් පෙරේරාගීත ගායනය – ටී. එම්. ජයරත්න, අතුල සෝමසිරි සහ පිරිසගීත 01 - තෙන තෙදිනානේ (වැදි ගීතය)පුපුරණ ද්‍රව්‍ය - කරුණාදාස අතුරුගිරියනළු නිළියන් – උපාලි අත්තනායක(බූටෑවේ රාල), සෝමලතා සුබසිංහ (රන් එතනා), සිරිල් වික්‍රමගේ (ඉහළගම), තිස්ස අබේසේකර (කැප්පෙටිපොළ), මර්වින් ජයතුංග (අරුමා), ලයනල් ප්‍රනාන්දු (පුසුධා), ඩේවිඩ් ධර්මකීර්ති (සීයා), සරත් ධර්මකීර්ති (ලොකු බණ්ඩා), මහේෂ් මාන්නප්පෙරුම (පුංචි බණ්ඩා), ශිරානි නුගේරා (පුංචි මැණිකා), කරු නානායක්කාර (කිවුලෙ ගෙදර), ජෝන් පියර් ඕතන් (විල්සන්), ක්‍රිස් ගී‍්‍රට් (ඩෙයිලි), ක්‍රිස්ටි පෙරේරා (හජ්ජි), ජෝර්ජ් වීරකෝන් (විල්බාවේ), රංජිත් ධර්මකීර්ති, ඊශා ඉන්දුමතී, ගුණපාල වීරසේකරප්‍රදර්ශනය – 4 වන ප්‍රදර්ශන මණ්ඩලය.
CREATIVE
කාල්ටන් ක්‍රීඩා සමාජයේ සුබසාධන සංගමයට ආධාර පිණිස ඛ් ඉ ව් රූපවාහිනි නාලිකාව ඉදිරිපත් කරන ‘සහෘද යාමය’ සංගීත ප්‍රසංගය ඔක්තෝබර් 15 වැනිදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.අමරසිරි පීරිස්, විශාරද දීපිකා ප්‍රියදර්ශනි පීරිස්, කසුන් කල්හාර ගී ගයන මෙම ප්‍රසංගයේ සංගීතය විශාරද මනෝජ් පීරිස් විසිනි. කථනය වජිර ජයවර්ධනගෙන්.- යතේජාලෝක සිනමා ශබ්ද තාක්‍ෂණයේ මහා පෙරළියක් කළ ඩොල්බි තාක්‍ෂණය හඳුන්වා දුන් රේ මිල්ටන් ඩොල්බි පසුගිය දා අමෙරිකාවේදී අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 80 හැවරිදි වියෙහි පසු විය.ලෝකයේ මුල් කෝටිපතියන් 400 දෙනාට අයත්ව සිටි ඩොල්බි ඉංජිනේරුවරයකු විය. 1965 දී ඔහු ඩොල්බි රසායනාගාරය ආරම්භ කළේ 4 දෙනෙකුගෙන් යුතු සේවකයන් පිරිසක් සමඟිනි.ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන නවතම හාස්‍යෝත්පාදක චිත්‍රපටය වූ අන්දුන් කුන්දුන් හී සියලු රූගත කිරීම් පසුගියදා අවසන් විය. ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, ඩී. බී. ගංගොඩතැන්න, මානෙල් චන්ද්‍රලතා, සුදත් අප්පුහාමි, චතුර පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, අජිත් වීරසිංහ, රජීව් නානායක්කාර, අනුර ධර්මසිරිවර්ධන ඇතුළු පිරිස මෙය රංගනයෙන් හැඩ ගන්වති.සංගීතය කපිල පූගලආරච්චිගෙනි. ජනිත් ගුණසේකර කැමරා අධ්‍යක්ෂවරයාය.අන්දුන් කුන්දුන් සදෙව් ෆිල්ම්ස් වෙනුවෙන් රංජිත් කරුණාතිලකගේ නිෂ්පාදනයකි.ප්‍රසාද්
CREATIVE
මේ දවස්වල විශේෂ වැඩ කටයතු යොදාගෙන නැහැ. ටෙලි නාට්‍ය ආරාධනා නම් භාර ගන්නේ නැහැ. රංගනය ගැන තවදුරටත් හදාරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණාම මේ දවස්වල ලොක්කි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා කාලය වෙන් කරලා තියෙනවා.
CREATIVE
ලෝ ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන ස්ලීම් නිල්සන් මඟින් වසරක් පාසා පවත්වනු ලබන ජනතා සම්මාන (2014) උළෙල පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා. මේ එහි දී කලා ලොව නියෝජනය කරමින් ලද සම්මාන නාමාවලියයි.ජනතා ගායකයා - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගායිකාව - විශාරද නන්දා මාලනීජනතා නළුවා - රන්ජන් රාමනායක සහ සාරංග දිසාසේකරනිළිය – ආචාර්ය මාලිනී ෆොන්සේකාජනතා චිත්‍රපටය – ආචාර්ය සෝමරත්ත දිසානායක ගේ සිරි පැරකුම්ජනතා ගීතය – අම්මාවරුනේ (නන්දා මාලනී)තාරුණ්‍ය නියෝජනය කළ ජනතා නළුවා - රන්ජන් රාමනායක සහ සාරංග දිසාසේකරනිළිය - නෙහාරා පීරිස්ජනතා නාට්‍යය – පද්මසිරි කොඩිකාර ගේ කෝරලේ මහත්තයාජනතා වැඩසටහන - අටපට්ටමජනතා රූපවාහිනී නාළිකාව - ස්වාධීන රූපවාහිනියජනතා ගුවන් විදුලි නාළිකාව - හිරු- ප්‍රසාද්
CREATIVE
මේ දිනවල රිතික් සහ සුසේන් ගැන විවිධ කථා පැතිරෙන්නේ ලැව් ගින්නකටත් වඩා ඉක්මනිනි. පසුගිය සතියේ රුපියල් කෝටි හාරසියයක වන්දි මුදලක් ගැන රාවයක් පැවතුණි. එහෙත් එය මුසාවකි. මේ ආරංචිය නම් රාවයක් නොවෙයි.රිතික්, සුසේන් දෙදෙනා වෙන් වුවත් දෙදෙනාගේම ඇතැම් දේට ඇති මනාපයන් නම් අමනාප නොවන සේය. යුවළ වෙන් වෙන් වශයෙන් පූනේවල නිවාස සංකීර්ණයක් බැලීමට ගොස් තිබේ. සුසේන් දැනටමත් සුඛෝපභෝගී නිවෙසක් මිල දී ගෙන ඇති අතර, රිතික් ද නිවෙසක් මිල දී ගැනීමට නියමිතය. එකට වාසේ නැති වුව ද, ළඟම වාසේ සුදුසුයි කියා රිතික්ට සිතුණා ද?චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ලකී ඩයස්ගෙන් පන්නල ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේදී රේසිං කාර් පදින විදිහ පිළිබඳ ගුරුහරුකම් ලබා ගත්තේ විශ්ව ලංකා සහ හර්ෂ තෙන්නකෝන්.ලකීගේ මේ ශිල්ප බෙදා දීම ඊට පරිබාහිරින් අයකු සිය කැමරා කාචයෙහි සටහන් කර ගත්තා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රවීණ අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්.ලකී, විශ්ව සහ හර්ෂ මේ රේසිං කාර් ශිල්ප හරඹයක යෙදුණේ නාලන්ගේ අලුත් ටෙලි සිතුවම උදෙසා. ඒකේ නම සතුරු මිතුරු. ලකී එහි රඟන්නේ විශ්‍රාම ලත් ජනප්‍රිය රේසිං ධාවකයකුගේ චරිතයක්. විශ්ව ඔහුගේ පුතු ලෙසත්, හර්ෂ යාබද නිිවසෙහි කෙනෙකු ලෙසත් චරිත නිරූපණයෙහි යෙදෙනවා. කෙසේ නමුත් මෙම රූ ගැන්වීම හැමෝටම මහත් ආශ්වාදජනක එකක් වූ බවයි දැනගන්නට ලැබුණේ.සේයාරූ - අමිත් එස්. සේනාරත්න- ප්‍රසාද් සමරතුංග
CREATIVE
ඇහැළේපොළ කුමාරිහාමි හි ගොවි නායක ඩිංගිරාලසරසවියට කතා කරයිඔහු, මෙතෙක් පැමිණි ගමන සුන්දර එකක් නොවන වග මේ සංවාදය අරඹන්නට මත්තෙන් කී කතාවලින් මට පැහැදිලි විය. සුදර්ශියේ නුග ගස් සෙවණේ ජීවිතයෙන් වැඩි හරියක් ගෙවා දැමූ මේ රංගන ශිල්පියා ක්ෂේත්‍රයට පිවිස වසර තිහකට ආසන්නය. එහෙත් පුදුමය නම් එකී කාල පරාසය තුළදී එක් අවස්ථාවක හෝ පෙම්වතාගේ චරිතය නිරූපණය කරන්නට අවස්ථාව නොලැබීමය.මාව කිසිම අධ්‍යක්ෂවරයකු කැමරාව ඉදිරියේ පෙම්වතා කරලා නැහැ. බය ඇති මං වගේ අයකුට එහෙම චරිතයක් දෙන්න.සුගත් විජේසේකර නම් ඔහු එය කීවේ ද සිනා සෙමින්ය. කෙසේ වෙතත් පෙම්වතා නොවුණ ද වෙනත් ප්‍රබල චරිත ගණනාවක් තුළින් ඔහු අපට හමු වුණේය. මේ දිනවලදී නම් ඇහැළේපොළ කුමාරිහාමි සිනමා සිතුවම සුගත්ගේ රංගන හැකියාව දැක බලා ගත හැකිය.සුගත්, නැවතත් ආවේගශීලී චරිතයකින්මයි අපට ඔබව හමු වුණේ?මක්කරන්නද. මගේ මුහණේ හැටියට එවන් චරිත තමයි ගැළපෙනවා ඇත්තේ. ඔබ ඔය කිව්වේ ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටයේ චරිතය ගැන වෙන්න ඇති. ඔව්.ඒකෙ මම සබරගමුවෙ ගොවි නායකයෙක්. ටිකක් ආවේගශීලියි. නමුත් රැඩිකල් ගතියක් තියෙනවා. අනෙක් ගොවි නායකයන්ගේ අදහස්වලට ඔහු එගඟ වන්නේ නැහැ. තමන්ගේ මතයමයි නිවැරැදි කියලා හිතන්නේ. ඒ නිසා අවසානයේදී සිය දිවි නසා ගන්නවා.මෙය ඔබේ රංගන ජීවිතයේ සුවිශේෂී චරිතයක්?අනිවාර්යයෙන්ම. විජය කුවේණි සිනමාපටයේ මං කළ චරිතෙන් පස්සේ මට ලැබුණු හොඳම චරිතය මේක.සුගත්, සුගත්ට හොඳ අවස්ථා දෙනවා වගේ?සුගත් සමරකෝන් කියන්නේ මහත්මා ගතිගුණ තියෙන අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඇහැළේපොළ කුමාරිහාමි නිර්මාණය කරන්න කලින් මගෙන් ඇහැව්වා මේ චරිතයට ආසද කියලා. ඔහු කෙලින්ම චරිතය බාර නොදී එහෙම අහන්න ඇත්තේ මෙහි ඇති විප්ලවවාදීකම නිසයි. මාත් ඒ චරිතය කරන්න පෙළඹුණේ ඒ හින්දාමයි.ඔබ කරන මෙවන් වූ චරිත නිසා ඔබෙන් රසික රසිකාවන් ඈත්වෙනවා නොවේද?ඒක තරමක් දුරට සත්‍යයක්. මිනිස්සු හිතාගෙන ඉන්නේ මං නපුරු කෙනෙක් කියලා. ළඟට ඇවිත් කතා කරන්නෙම නැති තරම්.සුගත්ට ජනකාන්ත නළුවකු වෙන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා?විවිධ චරිත කරන පිපාසාව තිබුණත් මට ලැබෙන්නේම කචල් අදින සැර පරුෂ චරිත. මාත් ආසයි පෙම්වතාගේ චරිතය එහෙම කරලා මිනිසුන් අතරට යන්න. ඒත් මොකක්දෝ රාමුවක මං හිර වෙලා.ඔබට පෙම්වතාගේ චරිතය දෙන්න අධ්‍යක්ෂවරු බය ඇයි?මන්දා, දෙන්නකෝ පෙම්වතා මං මරුවට කරලා පෙන්නන්නම්.රංගන ජීවිතය කට්ටක්ද?එක්තරා අතකින් ඔව්. මං කට්ට කාපු තරම් කියලා වැඩක් නැහැ. තවමත් කට්ට කනවා. ඒත් රංගනයට ඇති ඇල්ම දරුණුයි. ලද දෙයින් සතුටු වෙලා දිගු ගමනක් යන්නයි අපේක්ෂාව.මේ කතාවේදී සුදර්ශිය මතක් නොකළොත් සෑහෙන්න අඩුවක් වේවි?සුදර්ශිය හරියට මගේ දෙවැනි ගෙදර වගේ. එතැනින් මං උගත් පාඩම් බොහොමයි. සුගත් සමරකෝන් මහත්මයවත් මුණ ගැසෙන්නේ සුදර්ශියේදී. විවේක අවස්ථාවලදී මම නිතැතින්ම එතනට එන්නේ හරිම ආසාවෙන්.සුදර්ශියේ නාට්‍ය අනු මණ්ඩලයේ ඔබට තනතුරක් ද තියෙනවා නේද?ඔව්. මං තමයි එහි ලේකම්.එම සංසදය මඟින් නව වැඩ පිළිවෙළක් ඔබ විසින් හඳුන්වා දෙන්න හදනවා කියලා ආරංචියි.ඒක මම විතරක් නෙවෙයි. අපි හැමෝගෙම තීරණයක්. කලාවේ නියැලෙන්නන්ට ක්‍රමවත් උපාධියක් සුදර්ශිය මඟින් ලබා ගත හැකි ක්‍රමෝපායක් සකසමින් යනවා. ඒක කාට කාටත් හොඳයි නේද.හරි යයි ද වැඩේ?උපරිම උත්සාහ ගන්නවා එම තීරණය මල්ඵළ ගන්වන්න.දශක් තුනක අත්දැකීම් එක්ක ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්න මේ කාලය හොඳ නැතිද?පිටපතක් තියෙනවා. ඒත් අධ්‍යක්ෂණයට පිවිසෙන්න බයයි. තව ඉගෙන ගන්න ඕනෑ.මොනවද ඔබේ අනෙකුත් නිර්මාණ?සුජීව ගුණරත්නගේ කාල නාට්‍යයේ රඟපෑවා. ගිනි අවි සහ ගිනි කෙළි මං සම්බන්ධ වෙලා ඉන්න අනෙක් නාට්‍යය. එය සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක්.ඔබේ පෞද්ගලික විස්තර සඳහන් කළොත්?මමයි බිරියයි. මගේ පදිංචිය ගොඩගම. ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී වැරදුණා. නමුත් ඒවා මං ආශිර්වාදයක් කරගෙන මං මගේ ගමන යනවා.ඇහැළෙපොළ කුමාරිහාමි සිනමාපටයේ ඔබ මැරෙන දර්ශනයක් තියෙනවා. ඇත්තටම ඒක හරිම තාත්ත්විකයි.බොහොම ස්තූතියි එහෙම කිව්වට. පිටපත කියවපු දවසේ ඉඳලා මං ඒ දර්ශනය සිදු කරන ආකාරය ගැන සිතින් හිතා ගත්තා. නමුත් දර්ශන තලයේදී මට රඟපාන්න වුණේ වෙනස්ම පසුබිමක. මං හිතා ගත්තු ශිල්ප ඒකක්වත් දාන්න බැරි වුණා. මං එවලේ ක්ෂණිකව රංගනයක් නිර්මාණය කරගෙනයි ඒ දර්ශනය කළේ. මං එදායින් පසුව හිතාගත්තා කිසිම දිනෙක ප්ලෑන් කරගෙන රඟපාන්න යන්නේ නැහැ කියලා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
ඇය ඉනෝමි අලුත්වල. මේ දිනවල මුතුපලස, හේඩි නරඹන ඔබට නම් ඇය හඳුනා ගන්න අපහසු නැහැ. මේ දිනවල තිරගත වන සිරිපැරකුම් චිත්‍රපටයෙනුත් ඔබ හමුවට එන ඉනෝමි සරසවිය හමු වූ මොහොතයි මේ.* මේ දිනවල නිර්මාණ කිහිපයකම ඔබ දකින්න ලැබෙනවා?ඔව්. මුතුපලසේ අමාගේ යෙහෙළිය වගේම හේඩි ටෙලි නාට්‍යයේ නිල්මිණිිගේ චරිතයටත් පණ පොවනවා. ඒ වගේම සිිරි පැරකුම් චිත්‍රපටයේ අන්ත:පුර පාලිකාව ලෙසත් මේ දිනවල රිදී තිරයේ රංගනයෙන් එක් වෙනවා.* ඉනෝමි ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද?මම මීගමුවේ පාසලක ගණිත ගුරුවරියක් ලෙස සේවය කරනවා. ඒ අතර ලැබෙන අවස්ථා අනුව තමයි රංගන කටයුතුවල නිරත වෙන්නේ. ඊට අමතරව බ්‍රයිඩල් මොඩ්ලින් වගේම රූපලාවණ්‍ය කටයුතුත් කරනවා.* රංගනයට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?මුලින්ම විසුල අහස ටෙලි නාට්‍යයෙන් තමයි රංගනයට එක් වුණේ. සංජීවනී වීරසිංහ අක්කා තමයි මාව එක් කරගෙන ගියේ.* මුලින්ම කැමරාවට මුහුණ දෙන කොට මොකද හිතුණේ?ඇත්තටම මට රඟපාන්න ලොකු ආසාවක් තිබුණට රඟපාන්න පුළුවන්ද කියල පුංචි බයකුත් තිබුණා. සංජීවනී අක්කා ඔයාට පුළුවන් කියලා මාව ධෛර්යමත් කළා. සම්මුඛ පරීක්ෂණයේදී මුලින් දෙබස් කියා ගන්න බැරුව විනාඩි පහක් විතර හිටියා. ටික වෙලාවකින් ඒක හරි ගියා. ඊට පස්සේ බය නැතුව ගියා.* ඔබ දැන් රංගන ශිල්පිනියක් වගේම ගුරුවරියක්. ඒ නිසා රංගනයේදී ඔබ සීමා පනවාගෙන තියෙනවද?රංගනයට සීමා පනවලා නම් නැහැ. ඒ වුණාට ඇඳුම් පැලඳුම්වලදී නම් ටිකක් වැඩිපුර හිතනවා. ගුරුවරියක් නිසා විශේෂයෙන් ඒ ගැන නම් සැලකිලිමත් වෙනවා.* ඉනෝමි වැඩිපුර කැමැති ටෙලි නාට්‍යවලට දායක වෙන්නද? නැත්නම් චිත්‍රපටවලට දායක වෙන්නද?ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපටවල රංගනයටත් මම කැමැතියි. ටෙලි නාට්‍ය තුළින් තමයි බොහෝ දෙනා අපිව හඳුනා ගන්නේ. ඒ වගේම වේදිකා නාට්‍යයක් සඳහාත් දායක වෙන්න කැමැතියි.* පෞද්ගලික විස්තරත් කියමුද?මගේ ගම වැලිගම. දැනට පදිංචි වෙලා ඉන්නේ මීගමුවේ. මගේ මවුපියන් දැනට ජීවතුන් අතර නැහැ. මගේ මාමයි නැන්දයි, පුංචි සහ බාප්පා මාව ආදරෙන් බලා ගන්නවා. රංගන කටයුතු සඳහාත් මේ සියලු දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.* ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන ඔබේ මීළඟ නිර්මාණ?ඉන්ද්‍රා වීරසේකර අධ්‍යක්ෂණය කරන ‘දුවන මුවන්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. එහි මම නිරූපණය කරන්නේ කාන්ති කියලා ගුරුවරියකගේ චරිතයක්. ඊට අමතරව මේ දිනවල මුතුපලස නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. මීට අමතරව තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිල තියෙනවා. එහි රූගත කිරීම් ලබන මාසයේ ආරම්භ කරන්න නියමිතයි.* ඉදිරිය ගැනත් කෙටි සටහනක් තියමු?ගුරු වෘත්තියේ නියැළෙන ගමන්ම රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාව රංගන ක්ෂේත්‍රයට කැඳවාගෙන ආ සංජීවනි අක්කාට වගේම මට උපකාර කළ හැමෝටම මේ වෙලාවේ මම ස්තුති කරනවා.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න  
CREATIVE
නලින් ප්‍රේමජීවඉස්සරහට යන්න ටෙලි සිතුවමේ කොන්දොස්තරවරයකු ලෙස රඟන නලින් ප්‍රේමජීව ක්ෂේත්‍රයට පැමිණි තවත් නවක රංගන ශිල්පියකි. සඳසාවිහි පියන් කොළුවාට පණ පොවන හෙතෙම නිර්මාණ කිහිපයකින්ම ඉදිරියේදී ඔබ හමුවට පැමිණීමට නියමිතය. හාස්‍යෝත්පාදක චරිත රංගනයට මහත් රුචියක් දක්වන ඒ නලීන් ගැන පුංචි සටහනක් මෙසේ දිග හැරෙනු ඇත.නලීන් රංගනයට පිවිසෙනුයේ ජනක් ප්‍රේමලාල්ගේ මඟ පෙන්වීමෙනි. ඔහුගේ මාර්ගයෙන් නලීන් මාපිටිය සහ සමන් කුමාර ලියනගේ හඳුනා ගන්නා නලීන් හා හා පුරා කියා රංගනයට පිවිසෙන්නේ නලීන් මාපිටියගේ ඉස්සරහට යන්න ටෙලි සිතුවමෙනි. එහි කොන්දෙස්තරවරයකු වශයෙන් ජගත් චමිල හා රංගනයේ යෙදෙන ඔහු පළමු රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතරට යාමට තරම් වාසනාවන්ත විය.හොරණ තමයි මගේ ගම. මට ගමේදී අමතන්නේ කොන්දා කියලා. දැන් මගේ නමත් අමතකයි සමහරුන්ට.නලීන් දෙවනුව සමන්කුමාර ලියනගේ ගේ සඳසාවි හි පියන් කොළුවා චරිතයට පණ පෙවීය. එය තරමක් හාසස්‍යයට බර චරිතයකි.මං ගොඩක් ආස ඒ වගේ චරිත කරන්න. මගේ ශරීර ස්වරූපයත් හාස්‍ය චරිතවලට ගැළපෙනවා. අනිත වර්තමානය වන විට හාස්‍ය චරිත කරන්න මං වගේ මිටි බඩ මහත නළු නිළියෝ අඩුයිනේ.නලීන් තමන් රඟපෑ පළමු නාට්‍ය ද්විත්වයෙන්ම ක්ෂේත්‍රයේ හොඳ නමක් හදා ගත්තේය. මේ වන විට ඔහුට නිර්මාණ ගණනාවකටම ඇරැයුම් ලැබී ඇත්තේ එහෙයිනි.මට රන්ජන් රාමනායකගේ නවරියන් සහ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ අලුත් චිත්‍රපටයෙත් රඟපාන්න ලැබුණා. ටෙලි නාට්‍ය කිහිපයකටමත් කතා කළා. සතුටුයි ඉතින්.නලීන් රැකියාව කරන්නේ පානදුරේ පුද්ගලික ආයතනයක. එහි ඔහුගේ ප්‍රධානීන් හැටියට සිටින අසේල චන්ද්‍රරත්න සහ තාරක චන්ද්‍රරත්න යන අයවත් මතක් කළා.ඔවුන් මගේ රංගන කටයුතුවලට ගොඩක් ලොකු සහයක් දෙනවා. ඒ වගේම පවුලේ අය, ඩෝෂන් බාලගේ, අනුරුද්ධ ගාම්භීරආරච්චි ඇතුළු මාව ක්ෂේත්‍රයට හඳුන්වා දුන් සියලුම දෙනාට තුති පුදනවා.නලීන් රඟපාන්න ගිහින් එක සැරයක් ඇත්තටම ගුටි කාලා. ඒ සඳසාවි ටෙලි නාට්‍යයේදී.නෙතලි නානායක්කාර මට ගැහැව්වා අත මිටි කරලා ඒක මගේ හක්කට ඇත්තටම වැදුණේ. මං හිතුවේ දත් සෙට් එක බඩේ කියලා.පැතුම් මල් වසන්තය ටෙලි සිතුවම සමඟින් නලින් තවත් වෙනස්ම වූ චරිතයකින් ප්‍රේක්ෂකයන් පිනවීමට ළඟදීම සූදානමින්. ඒ වගේම හිමින් දිගු ගමනක් යන්නටයි ඔහුගේ මේ වෑයම.මේ නලීන්ගේ දුරකතන අංකයයි 0770035425.සටහන - ප්‍රසාද්සේයාරුව - මාලන්
CREATIVE
දැස්, දෑතින් වසාගෙන හෝ සිත බියෙන් ත්‍රස්ත කරන සිනමාපට නැරැඹීමට කොයි කවුරුත් කැමැතියි. තිරයේ සුදු චරිත නොවුණත් මේ චරිත ද මතකයට අමතක නොවෙයි.මෑතක දී කළ රසික මත විමසුමකදී බ්‍රිතාන්‍ය රසික කැල අංක එකේ භයානක සිනමා චරිතය ලෙස තෝරා ගෙන ඇත්තේ තෝමස් හැරිස්ගේ නවකතා මාලාවේ ආ හනිබල් ලෙක්ටර් චරිතයයි.මෑන්හැටන් නමින් මේ නවකතා මාලාව මුලින්ම සිනමාපටයට නැඟිණි. එම කතා මාලාවේ ‘ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බීස්’ සිනමාපටයේ හනිබල් ලෙක්ටර් ලෙස රැඟූ ඇන්තනි හොප්කින්ස් 1991 දී ඔස්කාර් සම්මානයට ද පාත්‍ර විය.වසර 2010 දී එන්ටර්ටෙයින්මන්ට් වීක්ලි මඟින් පසුගිය විසි වසරේ විශිෂ්ටම චරිත සියයෙන් එකක් ලෙස ද මෙය නම්කර තිබේ. රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ද ඇන්තනි හොප්කින්ස් රැගූ චරිතයයි.අති භයානක සිනමා චරිතය හනිබල් ලෙක්ටර් බවට පත්වෙද්දී, නයිට්මෙයා ඔන් එල්ම් ස්ට්‍රීට් හි ෆෙ‍්‍රඩි කෘගර් දෙවැනියා බවටත්, මිනීමරු උන්මන්තකයකු වූ නෝමන් බේට්ස් තෙවැනි භයානක සිනමා චරිතය බවටත් පත් විය.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
විහාර මහ දේවියගේ චරිතය ඇසුරෙන් නිර්මාණය වන සිනමාපටයක මුහුරත් උළෙල පසුගියදා බොරැල්ල සුදර්ශී ශාලාවේදී පැවැත්විණ. මේ යුගයේ ජනප්‍රිය නිළි ඉෂරා සඳමිණි එහි විහාර මහ දේවියගේ චරිතය නිරූපණය කරනු ලබයි. විහාර මහ දේවී යනුවෙන් නම තබා ඇති එහි අනෙකුත් චරිතයන් ශ්‍රියානි අමරසේන, සඳුන් විජේසිරි, ඩී. බී. ගංගොඩතැන්න ඇතුළු පිරිස රඟති.මෙය වී. උපුල් සුදත් පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. ගාමිණී කොස්තා අංග රචනයෙන් එක්වෙයි. හිමාල් සජීව පෙරේරා සහ උපුල් සුදත් පෙරේරා විහාර මහ දේවි සිනමාපටය නිෂ්පාදනය කරනු ලබයි.- ප්‍රසාද්
CREATIVE
කරීනාගේ තිස් පස් හැවිරිදි නෑනා මනාළියක වන දිනය වැඩි ඈතක නැත. සෝහා අලිඛාන් ජනප්‍රිය නිළි ෂර්මිලා තාගෝර්ගේ වැඩිමල් දියණියයි. නළු සායිෆ් අලිඛාන්ගේ වැඩිමල් සොයුරියයි. ඒ වාගේම කරීනා කපූර්ගේ ලොකු නෑනාය.වර්ෂ 2004 දී බොලිවුඩ් රංගනයට පිවිසි ඇය සිනමා ජීවිතයේ දාහතර වැනි වර්ෂ පූර්ණය සමරන්නේ කූනාල් කෙමු සමඟ විවාහ වෙමිනි. ‘කූනාල් ළඟ සිටින විට සෝහාගේ මුහුණ සිනාවෙන් පිරී යනවා. හොඳ ආදරයක් ඇති බවට ඊට වැඩි සාක්ෂියක් නැහැ’ කරීනා නෑනා ගැන පවසන්නේ සතුටිනි. කූනාල් - සෝහා විවාහය පැවැත්වෙන්නේ සායිෆ්ගේ මහ ගෙදර නම් නොවෙයි. මූම්බායිහිදී ඉතා චාම් උත්සවයකින් මංගල්‍යය පවත්වන්නට දෙදෙනා බලාපොරොචත්තු වෙති.කූනාල් මුලින්ම සෝහාට ආදරය ප්‍රකාශ කළේ පැරීසියේදීය. මේ ගැන තාගෝර් පවුල ද ඒකමතික අවසරය ලබා දුන්හ. ෂර්මිලා සතුට ප්‍රකාශ කළේ රුපියල් කෝටි නවයක නිවෙසක් දෙදෙනාට තෑගි දෙමිනි. 2012 වසරේ සිට දෙදෙනා එහි එකට වාසය කරති.සිව් වසරක ප්‍රේම පුරාණයකට හිමිකම් කියන සෝහා, කූනාල් යුවළ මුලින්ම ආදරයෙන් බැඳී ඇත්තේ ‘බූන්තේ ජබ්ගේ’ දර්ශන තලයේදීය. ආදරය ඔවුන් මාධ්‍යයට කිසි දිනක රහසක් කර ගත්තේ නැත. සෝහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිණියකි. කූනාල්, සෝහා ඔක්ස්ෆර්ඩ් සරසවි සඟරාවට ලියන ලද ලිපි ද කියවා ඇත.ඇයගේ මේ දස්කම් කෙරෙහි ද කූනාල්ගේ සිත ඇදී ගියේය. ඔහු ඇයට කෙතරම් ආදරය කරනවා ද කිවහොත් කෑම පවා පිසින්නේය. 1993 දී ළමා නළුවකු ලෙස රංගනයට පිවිසි කූනාල් 2005 වසරේදී ‘කල්යුග්’ සිනමාපටයෙන් වැඩිහිටි නළුවකු ලෙස දොරට වැඩියේය.කූනාල්ගේවත් සෝහාගේවත් නම් ඉදිරියෙන් හිටපු පෙම්වතියන්ගේ, පෙම්වතුන්ගේ නම් නොතිබීම ද බොලිවුඩ් ප්‍රේම පරාදීසයේ දුලබ කරුණකි.
CREATIVE
19, 20, 24 පිංකම් රැසක්ඇන්ටන් ජූඩ් කලාකරුවාණන් අප අතරින් සමුගෙන මෙම මස 20 වැනිදාට වසරක් සපිරේ. ඒ හේතුවෙන් ඔහුට පින් පැමිණවීම පිණිස පුණ්‍ය කටයුතු කිහිපයක්ම සිදු කෙරෙන බව ඔහුගේ ආදරණීය බිරිය මානෙල් ජූඩ් සරසවියට දන්වා සිටියි. ඒ අනුව මෙම මස 19 වැනිදා සවස 6.00 ට ගල්කිස්ස ශාන්ත අන්තෝනි දෙව් මැදුරේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වේ. එමෙන්ම 20 වැනිදා ගල්කිස්සේ ජූඩ්ගේ නිවෙසේදී වියළි ආහාර බෙදාදීමක් ද සිදුවනු ඇත. ලබන බ්‍රහස්පතින්දා එනම් 24 වැනිදා කිතුලාගම බෝතලේ ආරාමයෙහි වැඩ වාසය කරන සංඝයා වහන්සේලා විසිපස් දෙනකුට දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමට නියමිතය.ආදරණිය ජූඩ් මාමා,සැමට අත වනා සැම සිත් පුබුදන්නේ තමා වෙහෙස වී අන් අය සනසන්නේ උඩඟු නොවී සැම දෙන සමඟ දොඬමළු වන්නේ නැත අප හට ඔබ අමතක වන්නේ පියාණෙනි, ඔබගේ සිනාරැලි නැවත දකින්නට, ඔබත් සමඟ යළි කථා කරන්නට, වරම් නොලැබුණත් මතු ආත්මයකදීවත් ඔබව හමුවන්නට අප හට වරම් ලැබේවා, මාමේ ඔබ අප අතර සදා අමරණීයයි.  මෙයටඔබට කවදත් ආදරේ,ලක්ෂාන්, ලක්ෂිකා, මලිෂා, චතුරි, අසංක, චිරාත්, ඔනෙත්මා චෙනුත්මිමගේ දයාබර හිමියනි,නිල් මානෙල් මලක් වගේ නුඹ හැන්දෑවට කියා පැවසූ නුඹ හැමදාමත් ආදරේද මට කියා නුඹ අද නැත එහෙත් උපදින උපදින හැම භවයකදීම හැමදාමත් ආදරෙයි මම නුඹට මතු සංසාරයේදිත් ඔබ මගේම වී ඉපදේවා!  මීට ප්‍රිය බිරිඳ මානෙල්ඡායා - ටෙනීරංගන ශිල්පිණී ශ්‍රියාණි මහවත්තගේ දයාබර සැමියා වන එච්. කේ. සිරිසේනගේ 70 වැනි උපන් දිනය පසුගියදා සමරනු ලැබුවා. ඒ රන්මුතුගල වැඩිහිටි නිවාසයේදී. එදින එහි සිටි සියලුම සාමාජිකයින්ට උදෑසන ආහාර වේල ඔහුගේ වියදමෙනුයි ලබා දුන්නේ. මේ ආදර්ශවත් උපන් දින සැමරුම ගැන බොහෝ දෙනා කතා කළේ ප්‍රශංසා මුඛයෙන්.මේ එම මොහොතේ ගත් සේයාරුවකි.ඡායාරූපය – විජය ශ්‍රී ගම්මන, කඩවත විශේෂ
CREATIVE
නිවේදක කැළුම් විජේසූරියරැකියාව සමඟ කාර්යබහුල නිසා මේ දවස්වල කලා කටයුතුවලට ලැබෙන කාලය නම් අඩු වෙලා.ලොතරැයි වැඩසටහන සහ ප්‍රවෘත්ති නිවේදන කටයුතු කරගෙන යනවා. ඉදිරි සතියේදී විදෙස්ගත වෙන්නත් බලාපොරොත්තුවෙන් සිටින්නේ.
CREATIVE
හැකියාවෙන් පිරිපුන් යොවුන් කලාකරුවන් පිරිසකගේ එකමුතුවෙන් බිහි වූ අපූරු ගීතයක් මේ දිනවල ඔබට අසන්නට ලැබිලා ඇති.‘සිව් මහ පිරිවර රැගෙන එක්කර බළ මුළු ගන්වා උතුම් බිමක් උතුම් රටක් ආයුබෝ වේවා . . .’‘සිව් මහ පිරිවර’ ලෙස නම් කර ඇති මේ අපූරු ගීතය නිර්මාණය වී තිබෙන්නේ මෙරට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන්. යොවුන් කලාකරුවන් පිරිසකගේ එකතුවෙන් බිහි වූ Mandra Productions ඉදිරිපත් කරන මෙම ගීතයේ හඬ දායකත්වය ලබා දෙන්නේ නැසීගිය ප්‍රවීණ සංගීතවේදී ග්‍රේෂන් ආනන්දයන්ගේ පුත් මාරියෝ ආනන්ද සමඟින් පූර්ණ සචින්ත, හිරුෂි හිමාෂා ජයසේකර සහ සිතාරා මධුෂානි විසිනි .මෙහි පද රචනය සහ රූප රචනය වසන්ත සිරිවර්ධනගේ වන අතර මාරියෝ ආනන්ද සංගීත අධ්‍යක්ෂණයෙන් සහාය වී ඇත. ඔහු විසින් සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දෙන මන්ද්‍රා සංගීත කණ්ඩායම විසින් මෙම ගීතයට සංගීතය සැපයේ.- යතේජා
CREATIVE
අමෙරිකානු නිළි, ගායිකා මිලේ සයිරස්ට විසි එක් වෙනි උපන් දිනය සුබ උපන් දිනයක් වූයේ නැත. ඒ උපන් දිනයට පෙර දිනයේදී ඇයගේ නිවෙස මංකොල්ල කෑම නිසයි. සොරු ඇයට පෞද්ගලිකව වටිනා බොහෝ දේ පැහැර ගෙන ගොස් තිබේ. පොලිසිය මේ ගැන පරීක්ෂණ පවත්වයි.සිතේ දුක තද කරගෙන ඇය උපන් දිනය සතුටින් සමරා ඇත. මාපියන් තිළිණ කළ ඩොලර් 24,000 ක් වටිනා වාහනය ඇයගේ දුක යම් තරමකට හෝ තුනී කිරීමට හේතු වී තිබේ.ඩිස්නි සමාගම විසින් හඳුන්වා දුන් සාර්ථකම තරු අතර ළාබාල මිලේ ද සිටින්නීය. 2010 වසරේ වැඩිම ආදායම් ලැබූ තරු හා තාරකාවන් සියය අතර ඇය දහතුන් වැනියා වූවාය. 2011 වසරේදී ඇය ගිනස් වාර්තා පොතට එක් වූයේ වැඩිපුරම ගීත දර්ශකවල වැජඹුණු ගැටවරිය ලෙසයි. ‘සෝ අන්ඩර්කවර්’ මිලේ අවසන් වරට රැඟූ සිනමාපටයයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ලොව ඉතා ඉක්මනින් තිර නාටකය ලියමින් රූ ගැන්වා තිරගත කළ වෘතාන්ත චිත්‍රපටය නිපදවීමේ ගිනස් වාර්තාව පසුගියදා නන්දන හේවාපන්න අධ්‍යක්ෂණය කළ මංගල ගමන නම් වූ චිත්‍රපටය දිනා ගත්තේය. එය තිර රචනයේ සිට තිරගත කිරීම දක්වා ගත වූ කාලය පැය 72 මිනිත්තු 19 සහ තත්පර 21 කි. ඒ අනුව ලොව අඩුම වේගයෙන් තැනූ චිත්‍රපටය වශයෙන් ගිනස් වාර්තාවට හිමිකම් කියනුයේ මංගල ගමනයි.මෙහි තිර රචනයට ගත වී ඇති කාලය පැය 1 විනාඩි 35 කි. කොළඹ, වත්තල ඇතුළු දර්ශන තල අටක රූ ගැන්වුණ මංගල ගමන හි කැමරවට නඟාගත් දර්ශන එම මොහොතෙන්ම සංස්කරණය කොට තිබේ. චාමි සේනානායක, ශෙනාලි පෙරේරා, රෝහිත සමරවීර, ගාමිණී කොස්තා, නිශ්ශංක උදය කුමාර්, ගයාන් මාපලගම, ආශ්චර්යා සමරවීර, තුෂාරි වරාවැව, ශාන්ති පෙරේරා, ජේ. ඒ. අයි. එච්. පෙරේරා, එන්. පී. දයානන්ද, කුමාර නිරෝෂන් අපොන්සු, එම්. එස්. එම්. සෆ්රාස් මෙහි චරිත නිරූපණය කරයි. එස්. උදයසූරියන්ගේ සංස්කරණයකි.මේෂාන් හේවාපන්න අංග රචනා ශිල්පියාය. කලා අධ්‍යක්ෂණයෙන් ලක්ෂාන් හේවාපන්න දායක වී ඇත. කතාව, දෙබස්, තිර රචනය, කැමරාකරණය, නිෂ්පාදනය නන්දන හේවාපන්නගෙනි. නන්දන කලාවට පිවිසෙන්නේ වේදිකා නාට්‍යවලින්. අවසාන නොවේ, 71 කැරැල්ල, මතුගම සමන් කුමාර ඔහුගේ වේදිකා නිර්මාණ අතර වේ. මංගල ගමන නන්දනගේ මංගල චිත්‍රපටයයි.ප්‍රසාද්  
CREATIVE