comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
ජයතිස්ස අතුලසිරි. මේ නම ඔබට හුරු පුරුදු නොමැති වුවත් ‘සමනළ සංධ්වනි’ චිත්‍රපටයේ බෝඩිමේ අයියා නම් අමතක වන්නට විදියක් නොමැත. ‘දළදාගමනය’ චිත්‍රපටයේ මහ ඇමැති ලෙසත් ‘රණා’ ටෙලි නාට්‍යයේ වෙද හාමුදුරුවන් ලෙසත් ‘සූරිය භානු ‘ ටෙලි නාට්‍යයේ හේරත් හාමි ලෙසත් ඔබ හමුවට පැමිණි ජයතිස්ස අතුලසිරි සිය ජීවිතය කැප කළේ කලාව වෙනුවෙනි. අනුරාධපුරයේ පොතානේගම තම දිවිය ගෙනි යන ඔහු වේදිකාව, රිදී තිරය, පුංචි තිරය ජයගත්තෙකි. මේ ඔහු තම කලා දිවියේ ආරම්භයත්, මෙතෙක් කුමන නිර්මාණවලට දායක වූයේදැයි ඔහු මෙසේ සිය අදහස් දැක් වූයේය.‘නුවරඑළියේ ඉපැදුණු මම කලාවට ආදරය කරන්න පටන් ගත්තේ පාසල් යන කාලයේදීමයි. පාසල් වේදිකාවේ රඟපෑ ‘රෙදි හෝදන මහත්වරු’ මගේ මතකයෙන් නොගිලිහෙන වේදිකා නාට්‍යයක්. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරත් සමඟ මට දැනුණු සතුට කියලා නිම කරන්නට බැරි තරම්. ඉන් පස්සේ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසීමට මට වරම් ලැබෙන්නේ ජයසේකර අපොන්සුගේ ‘මඟුල් සක්වල’ වේදිකා නාට්‍යයෙන්. එතැනින් ඇරැඹුණු මගේ රංගන ගමන ‘නීතිය’, ‘වරිග සංගය’, ‘පෙම්වතියක් ඇවිල්ලා’ ආදී වේදිකා නාට්‍ය (දිගු හා කෙටි) දක්වා දිව යනවා.ඒ වගේම ‘භවාන්තරය’, ‘දියවරට මෙහෙවර’ කියන මුද්‍රා නාට්‍ය දෙකකට ද මා සහභාගි වුණා. මේ අතර පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ දයානන්ද ජයවර්ධනගේ ‘හිමගිරි අරණ’ කියන ටෙලි නාට්‍යයෙන්. ‘ස්වයංජාත’, ‘රිදී ඉට්ටංකරය’, ‘ගඟ අද්දර’, ‘චක්‍රාංගි’, ‘සතර දෙනෙක් සෙන්පතියෝ’, ‘රැජන’, ‘පවර මෙනුවර’ ආදී ටෙලි නාට්‍ය හැටපහක පමණ මේ වන විට රංගනයෙන් දායකවීමට මට හැකි වන්නේ මගේ තිබුණු යම් දක්ෂතා නිසයි. ඒ වගේම කලාවට පිවිසීමේදී යමෙකුට ඉවසිම වගේම කැප කිරීමක් තිබිය යුතු අත්‍යවශ්‍ය අංග වෙනවා. මේ දවස්වල මම රඟපාන ‘උඩු සුළඟ’, ‘ගිරිකුල’, ‘සුළඟ මත මොහොතක්’, ‘සඳපානාගල’, ‘සූරිය භානු’ ටෙලි නාට්‍යවල චරිත ටෙලි නාට්‍ය නරඹන්නන් අතර ජනප්‍රියයි. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර මා වඩාත් දිරිමත් කරනවා.මේ සියලු කටයුතු අතර රිදී තිරයට රඟපෑමෙන් සම්බන්ධවීමට ද මට අවස්ථාවක් හිමි වෙනවා. ඒ විජය ධර්ම ශ්‍රී ගේ ‘සූරිය භානු’ චිත්‍රපටයෙන්. එතැනින් ඇරැඹුණු රිදී තිරයේ පිවිසීම ‘ඉර මැදියම’, ‘අළු යට ගිනි’, ‘සුදු සහ කළු අළු’, ‘බහුභූතයෝ’, ‘ගරිල්ලා මාර්කටින්’, ‘මහින්දාගමනය’, ‘කුස පබා’, ‘චැලේන්ජස්’, ‘සිරි දළදාගමනය’ ආදී චිත්‍රපට රැසක් දක්වා පැමිණීමට මට හැකියාව ලැබීම මා සලකන්නේ මගේ වාසනාවක් ලෙසයි. ඒ වගේම ඉදිරියේදී මා රඟපෑ ‘අජාසත්ත’, ‘මහරජ ගැමුණු’, ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’, ‘ආලෝකෝ උදපාදි’ ඇතුළු චිත්‍රපට රැසක් තිරගත වීමටත් නියමිතයි.එමෙන්ම මේ දවස්වල තිරගත වන ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ මා රඟපෑවේ භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චරිතයක්. මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වන්නේ විදේශ ටෙලි චිත්‍රපටයකට ද සහභාගි වීමට ලැබීමයි. ඒ අපේ රටේ රූගත කළ ‘දාවාරියා’ චිත්‍රපටයයි. මම කළ මේ සියලු රඟපෑමට තුති පුද කිරීමක් ලෙස ලැබුණු කලා කීර්ති සම්මානය ද මම මතක් කළ යුතුයි. එය මට මහ මෙරක් වගේ. එය මට ලබාදීමට මුල්වුණු පල්ලේගම හේමරතන හිමියන්ට වගේම අනුරාධපුර දිසාපතිතුමා ඇතුළු පිරිසට ද ස්තුති කළ යුතුයි.මගේ කලා ගමනට කිසිදු කන්කෙඳිරිගෑමක් නොමැතිව මගේ සෙවනැල්ල වගේ සිටින බිරිය නන්දා මාංපිටියගෙන් ලැබෙන සහයෝගය නොවන්න මේ තරම් දුරක් මට එන්නට නොහැකි වන බවත් සත්‍යයක්. ඒ වගේම මගේ නිර්මාණ රස විඳිමින් ඒවායේ හොඳ නරක කියමින් මා දිරිමත් කරන දරුවන් දෙදෙනාත් මගේ කලා ගමනට ආලෝකයක්.මේ තරමක් දුර රංගනයෙන් පැමිණීමට මට හැකි වන්නේ කලා නිර්මාණකරුවන් මට ලබාදුන් නිර්මාණ නිසයි. ඒ නිසා මට උදව් කළ සියලු දෙනාටම ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මට ලියන්න කැමැති කෙනෙක් වේ නම් නො. 11, පාසල් මාවත, පොතානේගම, අනුරාධපුරය යන ලිපිනයට මට ලිපි එවිය හැකියි. නැතිනම් 0715788889 දුරකථන අංකයට මා ඇමැතිය හැකියි.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව -මාලන් කරුණාරත්න
|
CREATIVE
|
විදෙස් ගත වූ ලාංකිකයන් වෙනුවෙන් වෙන් වූ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් රියලිටි වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙන්නේ ඕමානයේදියි. මේ වන විට එහි අදියර දෙකක් ඔබ හමුවට පැමිණ අවසන්. ලබන 04 වැනි ඉරුදින රාත්‍රි 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන්න නියමිත එහි තෙවැනි අදියරෙහි කලා හැකියා පෙන්වන්න සූදානම් වන රටවිරුවන් පිරිස ගැනයි මේ කෙටි සටහන.නිලන්ත සිල්වා ඕමානයේ රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ ගායන අංශයෙන්. කුඩා කල සිටම සංගීතයට වූ ලැදියාව නිසාම පාසලේදී විෂයක් ලෙස සංගීතය හැදෑරු ඔහු අද ඒ හැකියාව දක්වන්නේ ඕමානයේදීය. කුරුණෑගල පදිංචි නිලන්ත විදෙස් සේවයට එක් වෙන්නේ 2005 වසරේ සිටයි.කුඩා කාලයේදී ගුවන් විදුලි ළමා ගායකයකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි සමන් පද්ම හර්ෂ මාහිංගොඩ මෙවර රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කරන්න සූදානම්. ළමා වියේදී සංගීත අධ්‍යක්ෂවරු රැසක් යටතේ ගීත ගායනා කර ඇති හර්ෂ චිත්‍රපට පසුබිම් ගායනටත් එක් වෙලා. අද ඕමානයේ ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණ ශිල්පිියෙකු වශයෙන් කටයුතු කරන ඔහු විදෙස් සේවයට එක්වෙන්නේ 2005 වසරේදියි.කත්‍රිආරච්චිගේ රේණුකා රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වැඩසටහනට එක්වෙන්නේ ගායන අංශයෙන්. කුඩා කාලයේදීම ගීත ගායනයට යොමු වූ ඇය, පාසලේදී විෂයයක් ලෙසත් සංගීතය හදාරා තියෙනවා. පිළියන්දල පදිංචි රේණුකා විදෙස් සේවයට එක් වෙන්නේ 1999 වසරේ සිටයි.රන්ජිත් කර්තේලිස් රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ සිය ගායන කුසලතාව එළි දක්වන්නයි. සංගීතයට ඇති ලැදියාවෙන් ඒ පිළිබඳ හැදෑරූ රන්ජිත් භාත්ඛණ්ඩේ ප්‍රථම පරීක්ෂණයෙන් පළමු පෙළ සාමාර්ථයක් සමඟින් සමත්. පිළියන්දල පදිංචි ඔහු විදෙස් සේවයට එක් වෙන්නේ 1982 වසරේ සිටයි.සීදූවේ පදිංචි විනෝඩ් ගිහාන් ඇන්ටන් කුඩා කාලයේ පටන් ගායනයට විශේෂ උනන්දුවක් දැක් වූ රටවිරුවෙක්. ඔහු අද තම ගායන හැකියාව එළිදක්වන්න අවස්ථාව උදා කර ගත්තේ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවෙන්. විනෝඩ් ඕමානයේ සේවයට එක් වෙන්නේ 2002 වසරේ සිටයි.හිලරි නිර්මලත් රොඩ්නි ප්‍රනාන්දු රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ ගායන අංශයෙන්. සහජයෙන් ලද ගායන හැකියාවත් සංගීතයට වූ ලැදියාවත් නිසාම පාසල් කාලයේ සිට ගායනයට උනන්දු වූ ඔහු අද තම හැකියාව රටවිරුවෝ වේදිකාවෙන් එළිදක්වන්න සූදානම්. මීගමුවේ පදිංචි නිර්මලත් ඕමානයේ අලෙවි විධායකවරයකු ලෙස සේවයේ නිරත අතර ඔහු විදෙස් සේවයට එක් වෙන්නේ 1990 වසරේ සිටයි.- යතේජා ඥානරත්න
|
CREATIVE
|
බන්ද්‍රා ආපන ශාලාවේ රිතික් සහ ඔහුගේ මාපියන් විශේෂ අමුත්තකු මුණ ගැසුණහ. අමුත්තා කීර්තිමත් අධ්‍යක්ෂවරයකු වූ රොබට් කෝහේන්ය. ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් (2001), එක්ස් එක්ස් එක්ස් (2002) වැනි සිනමාපටවල අධ්‍යක්ෂවරයා ඔහුය. පසුගිය මාස කිහිපයේම ඔහු රිතික් මුණ ගැසුණු අතර, මේ හමුවීමේ රහස රිතික් ඔහු සමඟ එක් වී ක්‍රියාදාම සිනමාපටයක් නිර්මාණය කිරීමට යාම බව කියවෙයි.රිතික්, සුසේන්ගේ වෙන්වීම නිසා ජීවිතය බිඳ දමා ගන්නා නළුවෙක් නොවෙයි. පසුගියදා ඔහු, දරුවන් සමඟ ඩිස්නිලන්තයට ගොස් විනෝද විය. ඒ වාගේම ඔහු සුසේන්ගේ මාපියන් සමඟ ද සුපුරුදු පරිදි වරින් වර ගොස් කාලය ගත කරයි. එහෙත් ඒ කිසිදු අවස්ථාවක සුසේන් නම් ළඟ පාතකින්වත් සිටින්නේ නැත.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ටේලර් ස්විෆ්ට් ගායන ලොව දිග් විජය කරමින් සිටින සුරූපිනියකි. තවමත් විසිතුන් හැවිරිදි වුවත් ගායනයෙන් වගේම අදහස් අතරින් ද ඇය පරිපූර්ණය. ආදරවන්තයන් ගැන ඇයට ඇති අත්දැකීම් ද කිසිසේත්ම අඩු නැත.මුලින්ම ඇය මිතුරු වී සිටියේ ගායක ජෝ ජෝනස් සමඟය. එය 2008 ජූලි සිට ඔක්තෝබර් දක්වා පමණක් පැවැත්වුණු සබඳතාවක් විය. ඊළඟට ඇයගේ සිත ගත්තේ නළු ටේලර් ලෝට්නර්ය.ඒ ඇසුර ද පැවතුණේ මාස දෙක තුනකි. ගායක ජෝන් මේයර් සමඟ පැවැති ප්‍රේමයට ද වැඩි ආයුෂ නොතිබුණි. ජේක් ජිලන්හාල් නළුවා සමඟ සබඳතාව 2010 ඔක්තෝබර් මාසයේ ඇරැඹී දෙසැම්බර් මාසයේ නිම විණි.දේශපාලනඥයකු වූ හෙයාර් කෝනර් කෙනඩි හා පැවැති ආදර අන්දරය 2012 ජූලි සිට සැප්තැම්බර් මාසවලට සීමා විය.2012 ඔක්තෝබරයේ සිට 2013 ජනවාරි දක්වා ටේලර්ගේ පෙම්වතා වූයේ ගායක හැරී ස්ටයිල්ස්ය. ඇයට පෙම් බැඳි ජොනාස්, මේයර් දෙදෙනාම ඇය වෙනුවෙන් ගීත ලියා තිබේ.මෙතරම් පෙම්වතුන් ගණනකට හිමිකම් කියන ටේලර් ස්විෆ්ට් ප්‍රේමය ගැන කියන්නේ මෙබඳු කතාවකි.‘සබඳතාවක් අවසන් කරන්න ඕන කුමන වෙලාවක ද කියලා මට ඉවෙන් වගේ තේරෙනවා. හරි පුද්ගලයා මුණ ගැසුණු විට ඒ බව දැනෙනවා. ඔහු හරිම විශේෂයි.’ටේලර්ට ඇය පතන මේ වෙනස තවම අත්දකින්නට ලැබී නැත.ෆෝබ්ස් සඟරාවට අනුව ටේලර් 2009 සිට මේ වසර වෙනතුරුම වැඩිම ආදායමක් ලබන සියය අතර සිටින්නීය. ඇය 2013 වසරේ ලැබූ ආදායම ඩෙලර් මිලියන 55 කි. ඒ වාගේම ඇය වැඩිම නිදන කාමර ගණනකට හිමිකම් කියන ගීත තාරකාවක ද වන්නීය.ඇයට ටෙනෙසි හි නිවෙසේ නිදන කාමර 3 ක්ද, කැලිෆෝනියාවේ බෙවර්ලිහිල්ස්් නිවෙසේ නිදන කාමර 3 ක් ද, රෝඩ් දූපතේ වෙරළබඩ නිවෙසේ නිදන කාමර 8 ක් ද තිබේ. මෙතරම් ධනයකට සහ නිදන කාමර ගණනකට හිමිකම් කියන ටේලර් ස්විෆ්ට තවමත් විශේෂ පුද්ගලයා මුණ නොගැසීම පුදුමයකි. දහනව හැවිරිදි කොලු ගැටයකු වූ ජස්ටින් බීබර්, තිස්තුන් හැවිරිදි ගීත රචකයාගේ සිතෙහි ඇඳුණු රූපයයි. ලොස් ඇන්ජලීස්හි ඹ්වත්වෙන ටොබී ෂෙල්ඩන් ගීත රචකයා පස් වසරක්ම මේ පොප් තරුව වීමට උත්සාහ ගත්තේය. ඒ ඔහුගේ හඬ අනුකරණය කරමින් නොව රුව අනුකරණය කරමිනි. ජස්ටින්ගේ රුවට සමාන රුවක් ප්‍රතිනිර්මාණය කිරීමට මොහු පස් වසරක් පුරා ඩොලර් ලක්ෂයකට වැඩි මුදලක් වැයකර තිබේ.තමන්ට වියපත් පෙනුමක් ඒවියි යන බිය නිසා මෙසේ කළ බව ෂෙල්ඩන් පවසන්නේය. ජස්ටින්ගේ මූණ තාරුණ්‍යයෙන් පිරී ඇත්තේ ඔහුගේ සිනහව නිසයි පවසන ඔහු සිනාව වෙනුවෙන් සැත්කමට වැය කළ මුදල ඩොලර් 15,000 කි. සිනහ සැත්කමෙන් සුවවීමට මාසයකට වැඩි කාලයක් ගත වී තිබේ.ජර්මනියේ ජීවත්වන ෂෙල්ඩන්ගේ පවුලේ අය මේ කිසිවක් නොදනිති.තිරයේදී දකින සටන බිහිසුණුයි වාගේම දර්ශන තලයේදී දකින සටනත් දරුණුය. ඒ ඔවුන් සැබෑවටම තුවාල ලබන නිසයි. චාලිස් තෙරෝන් ඉයෝන් ෆ්ලක්ස් ක්‍රියාදාම සිනමාපටය රූගත කරද්දී වසර 2005 දී තුවාල වූවාය.පසුගිය වසරේදී ද දර්ශන තලයකදී ඇයගේ උගුර දණ්ඩ තුවාල විය. එය ද සැත්කමකින් සුවකර ගැනීමට හැකි විය. බෙල්ලේ සිදු කළ සැත්කම නිසා ගෙල පෙදෙස ලේන්සුවකින් වසාගෙන කැලිෆෝනියාවේ බලවන්ත කාන්තාවන් වෙනුවෙන් පැවැති වාර්ෂික උත්සවයට සහභාගිවීමට ඇයට සිදු වූවාය.තිස් අට හැවිරිදි චාලීස් තෙරෝන් මොන්ස්ටර් (2003) සිනමා රංගනයට ඇකඩමි, සිල්වර් බෙයාර්, ගෝල්ඩන් ග්ලෝබ්, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන දිනූ අප්‍රිකානු අමෙරිකානු තාරකාවකි. ඇය රැඟූ නෝත් කන්ට්‍රි, යංග් ඇඩල්ට්, ද රෝඩ් වැනි සිනමාපට ද අති සාර්ථක විය.ලක්ෂමීත්, සරස්වතීත් එත තැන නොරැෙඳන බවට ඇති මතය අපට පසක් කරන්නේ කිසිවකු සියල්ලෙන්ම සම්පූර්ණ නොවන බවයි. එහෙත් හියු ජැක්මන්ට ඒ මතය බොරු කිරීමට හැකි වෙලා ද?මෑතකදී කළ සමික්ෂණයකින් හෙළි වී ඇත්තේ හියු ජැක්මන් සියල්ලන්ගෙන් සම්පූර්ණ පරමාදර්ශී පිරිමි චරිතය බවයි. වෘත්තිය, විවාහය, සාර්ථකත්වය, පිරිමිකම මේ කිසිිවකින් ඔහුට අඩුවක් නැති බව බොහෝ දෙනාගේ අදහසයි.එක්ස් - මෙන් සිනමාපට මාලාවේ වීරයා, වොල්වරින්, මෙසේ ලොව ජය ගැනීම ඔහුගේ රසිකයන්ට ප්‍රීතිමත් ආරංචියක් වූවා නිසැකයි.ලෙස් මිසරාබ්ලේ රංගනයට ඔහු ඔස්කා සම්මානයට පවා හොඳම නළුවා ;ලසින් නිර්දේශ විය. 2008 දී ඔහු පීපල්ස් සඟරාව මඟින් ලොව සරාගීම පුද්ගලයා ලෙසින් ද නම් කෙරුණි.හතළිස් පස් හැවිරිදි හියු ජැක්මන් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට දේශපාලනය නම් අමුතු විෂයක් නොවේ. අමාත්‍යවරයකු දක්වා ඔහු පැමිණි ගමන් මග ඊට සාක්ෂි සපයනවා. පසුගිය දිනෙක අමාත්‍යවරයාට මෙතෙක් නොකළ කාර්යයකට කතා කළා. ඒ ටෙලි නාට්‍යයක රංගනයට. දෙවතාවක් නොසිතා ඔහු මේ අභියෝගය භාර ගත්තේ නිරූපණයට ලද චරිතය ද එසේ මෙසේ එකක් නොවන නිසා.සියඹලාපිටිය අමාත්‍යවරයාට ලැබුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ චරිතය. ඒ වත්රිකා ඕදිනි අධ්‍යක්ෂණය කරන ‘මුල්’ නම් වූ අර්ධ වෘතාන්තමය නාට්‍ය මාලවේ. දීර්ඝකාලීන අධ්‍යනයකින් පසුව අමාත්‍යවරයා මේ චරිතයට පණ පොවල තියෙන්නේ කිසිදු චකිතයකින් තොරවයි.සෑම ඉරු දිනකම ජාතික නාලිකාවෙන් විකාශය වන ‘මුල්’ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සංකල්පයට නිර්මාණය වූවකි.- ප්‍රසාද්
|
CREATIVE
|
මේල්ෆිෂන්ට් කැළෑබද රාජධානියක ඉතාමත් සතුටින් කාලය ගත කරන සුන්දර තරුණියකි. එක් දිනකදී සතුරු හමුදාවක් විසින් රාජධානියේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරයි. මෙම අවස්ථාවේදී රාජධානියේ ආරක්ෂකයා ලෙසින් කටයුතු කරන්නට සිදුවන්නේ මේල්ෆිෂන්හටය. ඇය ඒ වගකීම ගෙන කටයුතු කරන්නීය. එවිට ඇය දරුණු පාවාදීමකට හසු වන්නීය. මේ නිසා ඇයගේ හදවත ගලක් බවට පත්වේ. පළිගැනීමේ අරමුණැතිව ඇය සතුරු රජුගේ අනුප්‍රාප්තිකයා සමග සටනකට එළඹේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇය ඔහුගේ අලුත උපන් බිළිඳා වන අවුරෝරා දරුණු ශාපයකට ලක් කරන්නීය. රාජධානියේ සාමය සඳහා අවුරෝරා වැදගත් බව ඇය අවබෝධ කර ගන්නීය.Maleficent ක්‍රියාදාම ජවනිකා රැගත් නවතම පවුලේ චිත්‍රපටය යි. ඇන්ජලීනා ජොලී මේල්ෆිෂන්ට් ලෙසින් චරිත නිරූපණය කරන අතර එලී ෆැනින්ග්, ෂාල්ටෝ කොප්ලේ, ලෙස්ලි මැන්විල්, සෑම් රයිලි ඇතුළු පිරිසක් සෙසු රංගන දායකත්වය ලබා දෙති. රොබට් ස්ට්‍රෝම්බර්ග් අධ්‍යක්ෂණය කළ Maleficent වෝල්ට් ඩිස්නි සමාගමේ බෙදාහැරීමකි. පසුගිය මැයි 30 වැනිදා සිට අමෙරිකා එක්සත් ජනපදයේ තිරගතවීම ආරම්භ කළ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ පෙරමුණට පැමිණීමට සමත්ව ඇත. මිනිත්තු 97ක කාලයක් පුරා දිවෙන මෙය ඩොලර් මිලියන 180ක පිරිවැයක් යොදා නිර්මාණය කර තිබේ. ජුනි 13 වැනිදා සිට වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලෙන් ලාංකේය ඔබටත් Maleficent නැරඹීමට දැන් අවස්ථාව උදාවී ඇත.යතේජා
|
CREATIVE
|
ප්‍රේම් ජයන්ත් - ෆ්ලොරීඩා ජයලත් ප්‍රේමවන්තයින් ලෙස රඟපෑ චිත්‍රපට මොනවාද? ජයම්පති නවරත්න – මාතලේසුජාතා, සැඩ සුළං, අවිශ්වාසය යන චිත්‍රපටවල ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස රඟපෑවා.*පැරැණි ජනප්‍රිය චිත්‍රපට ගායිකා කලාශූරී ජී. එස්. බී. රාණී පෙරේරා ප්‍රථමයෙන් ගීත ගායනය කළ චිත්‍රපටය කුමක්ද? හිලරි සිරිලාල් ද අල්මේදා, බ්‍රිජට් සිල්වා - මොරටුවැල්ලසුරංගනී.*එච්. ආර්. ජෝතිපාල වෙනත් ගායකයන්ගේ ගීත ගායනා කර තිබේද? වික්ටර් පල්ලිමුල්ල - හැඳලවිවිධ අවස්ථාවලදී ජෝතිපාලයන් එසේ ගායනා කර තිබෙනවා. වරදට දඬුවම් චිත්‍රපටයේ ‘ඉරණමට සැවොම’ ගීතය එවන් අවස්ථාවක්.*හෙළ ගී අඹරේ කිරුළ පලන් ගීත කෝකිලාවිය ලතා වල්පොල ගායන ශිල්පිනිය මුල් වරට ගීත ගායනා කළ චිත්‍රපටය හා ඇය ලැබූ සරසවිය සම්මාන මොනවාද? චතුරංග සම්පත් – තුන්තානඇය ප්‍රථමයෙන් ගීත ගායනා කළේ එදා රෑ චිත්‍රපටයට.ගැටවරයෝ, චිට්ටි චිත්‍රපට සඳහා ගීත ගායනය වෙනුවෙන් ඕ සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම රණ තිසර සම්මානයෙනුත් ඈ පිදුම් ලැබුවා.*විජය ධර්ම ශ්‍රී මහතාගේ ‘ක්ෂේම භූමි’ චිත්‍රපටයේ එක පිටපතක් පමණක් තිරගත කළේ ඇයි? එහි වත්මන් හිමිකරු කවුරුන්ද? කරූ මන්දාවල – නාත්තන්ඩියඑහි වත්මන් හිමිකරු තිස්ස නාගොඩවිතාන මහතායි. එම චිත්‍රපටය රූගත කර බොහෝ කලක් ගත වූ නිසා එහි නෙගටිව් විනාශ වුණා. එහි එක් පිටපතක් පමණක් ඉතිරි වුණා. එය තමයි ඔය තිරගත කළේ.*ආනන්ද ජයරත්න රඟපෑමට අමතරව පාසල් ගුරුවරයකු ලෙස සේවය කළාද? විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්ඔව්.*‘ඔය බැල්ම ඔය කැල්ම’ ගීතය පී. එල්. ඒ. සෝමපාලයන්ගේ තනුවක් බව ඔබ පිළිතුරු දී තිබුණා. එය මුත්තුසාමි මාස්ටර්ගේ තනුවක් නේද? ආනන්ද ප්‍රනාන්දු - පොකුණුවිටඔබ හරි ආනන්ද. එය එසේ නිවැරැදි විය යුතුයි.*ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ‘දුෂ්කර ක්‍රියා’ නමින් කෙටි චිත්‍රපටයක් නිපද වූවාද? තිලකරත්න විල්වල – කෑගල්ලඔහු මුලින්ම නිර්මාණය කළේ දුෂ්කර ක්‍රියා සහ සරාගී නමැති කෙටි චිත්‍රපට යුගලයයි.පසුගිය කාලයේ ඔහු නිර්මාණය කළ සතර පෙර නිමිති චිත්‍රපටයට පාදක වුණේ මෙම කෙටි චිත්‍රපට දෙකයි.*දෙරණ නාලිකාවේ දුරකථන අංකය සහ කීර්ති පැස්කුවල් මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න. අයි. ආරියවංශ - රත්මලානදෙරණ - 0112589444කීර්ති පැස්කුවල් - 0112804744*සිංහල චිත්‍රපටයක් තිරගත කළ මුල්ම සිනමාහල කුමක්ද? යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙණියමුල්ම සිංහල චිත්‍රපටය, නිහඬ චිත්‍රපටයක් වූ පළිගැනීම ලෙස නම් කළහොත් කොටහේනේ එවකට පැවැති ගෙයිටි සිනමාහලයි.මුල්ම කතානාද චිත්‍රපටය කඩවුණ පොරොන්දුව ලෙස නම් කළහොත් එය තිරගත වූයේ කොටහේනේ පිහිටි කිංස්ලි සිනමාහලේයි.*අපේ සිංහල සිනමාවට ඇත්ත වශයෙන්ම ස්වර්ණමය යුගයක් උදා කළේ දමිල අධ්‍යක්ෂවරු සහ සංගීත අධ්‍යක්ෂවරු බව මම කීවහොත් ඔබ පිළිගන්නවාද? සරත් රණසිංහ – මාලිඳනැහැ. ඔවුන් විශාල සේවාවක් කළා. එමෙන්ම ඔවුන් කළ කැප කිරිම කිසිසේත්ම අවතක්සේරු කරන්නට අවශ්‍ය නැහැ.එසේ වීමට හේතුව වුයේ මුල් කාලයේ චිත්‍රපට බොහෝමයක් ඉන්දියාවේදී නිෂ්පාදනය වූ නිසයි. එමෙන්ම මෙරට දෙමළ සිනමාකරුවන් ද සිංහල සිනමාව ජනප්‍රිය කරවීමට විශාල මෙහෙයක් කළා. ඒවා ජනප්‍රිය වූ බවත් ඇත්ත.නමුත් ඒවා නිෂ්පාදනයේදී එයට දායක වූ විශාල සිංහල පිරිස අමතක කරන්නට බැහැ.*සරසවිය පුවත්පතෙහි මෙයට වසරකට පමණ පෙර පළ වූ චිත්‍රපට නළුවන් හෝ නිළියන්ගේ විස්තර ඇතුළත් ලිපි පෙළ දැන් පල නොවන්නේ ඇයි? ජී. සෝමදාස - මාකේවිටඇයි මේ නළු නිළියන්ගේ ලිපි පල වෙන්නේ.(අර්ජුන්)- සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
සමන්මලී මල්කාන්ති ඔබ හමුවට එන්නේ සනත් අබේසේකරගේ සිරිදළදා ගමනය සිනමාපටයේ සේවිකාවක ලෙසිනි.ඇය ඊට වරම් හිමි කර ගත්තේ සුන්දරම, බුද්ධිමත් අම්මයි දුවයි තේරීමේ තරගාවලියට සහභාගි වී ලංකාවෙන්ම තුන්වැනි ස්ථානය හිමි කර ගැනීමෙන් අනතුරුවය.සමන්මලී සමඟින් එයට ඉදිරිපත් වූයේ ඇගේ වැඩිමහල් දියණි දිවන්ති භාග්‍යාය.දිවන්ති ද සිරි දළදාගමනයෙහි රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. සමන්මලී එහි සේවිකාව වෙද්දී දිවන්ති මල් ගෙනෙන්නියක වූවාය.සමන්මලී සහ දිවන්ති අනුරාධපුරෙහි පදිංචිකාරියෝය. ඔවුන් දෙදෙනාම අධ්‍යාපනය හදාරා තිබෙන්නේ ද අනුරාධපුර ස්වර්ණපාළි විද්‍යාලයෙනි.මේ වන විට සමන්මලිත්, දිවන්තිත්, රුවන් චම්පික යටතේ මෝස්තර නිරූපණය සහ රූපලාවණ්‍යකරණය පිළිබඳ හදාරමින් සිටියි.මගේ වයස අවුරුදු හතළිහක්. ගොඩක් අය අහනවා එවන් වූ වයසක පසු වෙද්දිත් මෙච්චර ලස්සනට කොහොමද ඉන්නේ කියලා. ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය හිතේ තබා නොගෙන, තම ආගමට ළැදිව ක්‍රියා කළාම පින් ලැබෙනවා.ඒ පින හේතුවෙන් වයසට යන්නේ නැහැ. ඒ වගේම රුව හොඳින් තබා ගැනීමටත් එය ප්‍රයෝජනවත්.මට තව දියණියක් සිටිනවා. ඇය තවම අධ්‍යාපනය හදාරනවා.මමත් දිවන්ති දුවත් රංගනයෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. හොඳ අධ්‍යක්ෂවරයකු යටතේ නිර්මාණවලට දායකවීමට ආසාවෙන් පසුවනවා.ඡායාරූප සහ සටහන හිදෝගම සමූහ
|
CREATIVE
|
1814 වසරේ දී කන්ද උඩරට ලෙයින් සහ කඳුළින් තෙත් කළ ශෝකාන්ත වීර කතාව ‘ඇහැළේපොළ කුමාරිහාමි’ මේ වනවිට චිත්‍රපටයක් ලෙස ප්‍රතිනිර්මාණය වී තිබේ. සුගත් සමරකෝන් ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්‍ෂණයෙන් හැඩවන ඇහැළේපොළ කුමාරිහාමි ගයාන් රණධීර ගේ නිෂ්පාදනයකි.අගෝස්තු මාසයේදී දිවයින පුරා තිරගත වීමට නියමිත ඇහැළේපොළ කුමාරිහාමි හි පූර්ව ප්‍රචාරක පටය මේ දිනවල සිනමාහල්වල ප්‍රචාරය කෙරේ. එම පූර්ව ප්‍රචාරක පටය සඳහා මේ වනවිට ඉහළ රසික පැසසුම් ලැබෙමින් පවතී.දුලානි අනුරාධා ඇහැළේපොළ කුමාරිහාමි ලෙස රඟන මේ දැවැන්ත නිර්මාණයේ ජැක්සන් ඇන්තනි, ලකී ඩයස්, ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරුණාරත්න, විශාඛා සිරිවර්ධන, නදීකා ගුණසේකර, අනුර ධර්ම සිරිවර්ධන, ගිරිරාජ් කෞෂල්‍ය ඇතුළු ලංකාවේ මෙන්ම විදේශීය සුපිරි නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙති.යතේජා
|
CREATIVE
|
ඉයෑස් සර් ගෙනෙන ආරියසේන ගමගේආරියසේන ගමගේ ගේ නාට්‍ය දිවිය ඇරැඹෙන්නේ මීට දශක හතරකට පෙරය.එදා මෙදාතුර චරිත අනූ නමයක් වේදිකාවෙහි රැඟූ ඔහුගේ සියවැන්න ලබන පහළොස් වැනිදා හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී ‘ ඉයෑස් සර්’ හරහා නිරූපණය කිරීමට නියමිතය.විශේෂය වනුයේ ‘ ඉයෑස් සර්’ නම් වූ එය ඔහුගේම නිර්මාණයක් වීමය. මේ ඔහු සමඟ කළ සංවාදයකි.මොකක්ද මේ ඉයෑස් සර්?මේක හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍යයක්. තානායමක සිදුවන සොරකමක් හා බැඳෙන කතාවකුයි මෙයට ඇතුළත් වන්නේ. වගකීමෙන් කියන්න ඕනේ මෙය විකට එකක් වුණාට මේකේ දෙපිට කැපෙන වචන නැහැ. ඩිරෙක්ට් කියන්න තියෙන දේ කියනවා. ප්‍රේක්ෂකයන්ට හොඳට විනෝද වන්න පුළුවන් ‘ඉයෑස් සර්’ නරඹලා.මේ හරහා ඔබ කුමන අන්දමේ පණිවුඩයක් ද සමාජගත කරන්න උත්සාහ කරන්නේ?මගේ මතයට අනුව වේදිකා නාට්‍ය තියන්නේ පණිවුඩ දීලා සමාජය හදන්න නෙවෙයි. ඒකට තමයි ඉස්කෝල, දහම් පාසල් තියෙන්නේ. අනික වේදිකා නාට්‍යයක් බලන්න මිනිස්සු එන්නේ ශිල්ප හදාරන්න නෙවෙයි කියන එක මං අත්දැකීමෙන් දන්නවා. ඒක නිසා ‘ඉයෑස් සර්’ හි කිසිම පණිවුඩයක් නැහැ. ‘එන්න, නරඹන්න, සතුටු වෙන්න’ මේක තමයි මගේ තේමා පාඨය.ඔබේ ප්‍රකාශය අහලා කවුරුන් හෝ හිතයි ද දන්නේ නැහැ ‘ඉයෑස් සර්’ පුහු නාට්‍යයක් කියලා?නාට්‍ය හැදීම පමණයි මා සතු කාර්යය. අදහස් දැක්වීම ප්‍රේක්ෂකයන්ට භාරයි. අනික මේක සරල විනෝදාත්මකයි. එබැවින් එවැනි නාට්‍යකට එන්න පුළුවන් විවේචන වැඩියි. ඒවාට ලැහැස්ති පිටයි මං ඉන්නේ.මේ දවස්වල වේදිකා නාට්‍යයක් කරන එක පහසු කටයුත්තක් නෙවෙයි?නාට්‍යයක දර්ශන දෙකක් සඳහා රුපියල් අසු දාහක්, ලක්ෂයක මුදලත් වැය වෙනවා. ඒක නිෂ්පාදකට හොයලා දෙන්නත් ඕනේ. හොඳට රිහසල් කළ යුතුමයි. වේදිකාවේ සිටි බොහෝ දෙනෙක් රූපවාහිනියට කැප වෙලා. රිහසල්වලට දින යොදා ගැනීමට දැඩි වෙහෙසක් දරන්න වෙනවා. ඔවුන්ගෙන් මෙවැනි තත්ත්වයන් මත හරිම අමාරුයි වේදිකා නාට්‍යයක් කරන්න. ඒ වුණත් වේදිකාවට ඇති ඇල්ම නිසාම ‘ඉයෑස් සර්’ හැදුවා.කවුද ඔබත් සමඟ ‘ඉයෑස් සර්’ වේදිකා ගත කරන්නට එකතුවන පිරිස?සඳුන් විජේසිරි, සනෝජා බිබිලේ, රාජා ගනේෂන්, උදය කුමාරි රණසිංහ, යූ ධනවංශ, නයන වීරමන්, ප්‍රේමලාල් වීරසිංහ වැනි මගේම සහෘදයන්.වේදිකාවේ චරිත සියයක් රඟන්නට හිමිවීම රංගන ශිල්පියකුට ලැබෙන විරල අවස්ථාවක්?මගේ ශතකාහී ගමන ගැන මං බෙහෙවින් සතුටුවනවා. කතරගම රූමතිය, ස්පාටකස්, නෙයිනගෙ සූදුව, මනාපේ, උතුරේ රාහුල හිමි, කොමාන්ඩෝ දියසේන, සයිබු නානා වැනි උසස් මට්ටමෙහි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වන්නට ලැබීම සැබවින්ම භාග්‍යයක්. වේදිකාවේ ඉදිද්දීම පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට්, මිලා, පිටගම්කාරයෝ වැනි නිර්මාණවලටත් දායක වුණා. මං ඒත් වේදිකාව නම් අතහැරලා ගියේ නැහැ. ඒ තරම්ම මං වේදිකාවට ප්‍රිය කළා. මගේ සිය වැනි චරිතය මගේම නාට්‍යයකින් ඉදිරිපත් කිරිමේ හීනයක් මට තිබුණා. ඒ හීනය පහළොස් වැනිදා සැබෑ වනවා. එදාට මගේ රසික රසිකයන්ට ලුම්බිණි රඟහලට ඇවිත් ‘ඉයෑස් සර්’ නරඹලා මගේ අඩුපාඩු පෙන්වා දෙනවට මං කැමැතියි.අවසන් පැනය ලෙස කලාවට තරමක් පරිබාහිර යමක් ඔබෙන් අහන්නට හිතුණා. ඔබ කතාබහ කරන විලාශයෙන් හිතෙන්නේ සිංහල ජාතිකයකු නොවන බවක්?ඒක වුණේ මෙහෙමයි. අසූව දශකයේ වේදිකා ගත වූ නෙයිනගෙ සූදුව නාට්‍යයේ මං කළේ ටැමිල් සාජන්ට් කෙනෙකුගේ චරිතයක්. ඒකෙ කතා කරන්න තිබුණේ කැඩුණුු සිංහල භාෂාවෙන්. මං ටැමිල් කෙනෙකු විදිහටම සිංහල කතා කළා. සෑහෙන දර්ශන වාර ගණනක් එය වේදිකා ගත වුණානේ. කොහොම හරි මගේ කතා කරන ශෛලිය ඒකම වුණා. මං කොච්චර වෙනස් කරගන්න හැදුවත් මගේ වචන පිටවුණේම අර විදිහට. හැබැයි නෙයිනගෙ සුදුව කරන්න කලින් මං හොඳට නියම විදිහට සිංහල කතා කළ අයෙක්.සටහන සහ ඡායාරූප – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
ප්‍රංශ රංගන ශිල්පිනි ලී සේඩොක් මීළඟ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ බොන්ඩ්ගේ පෙම්වතිය ලෙසින් නම් කර තියෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම එය පසුගියදා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළා. ලී සේඩොක් Mission Impossible Ghost Protocol, Blue is the Warmest Colour, Beauty and the Beast, The Grand Budapest Hotel ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ මේ අලුත්ම චිත්‍රපටයට තවම නමක් නම් යෝජනා වෙලා නැහැ.
|
CREATIVE
|
හෙට දිනයේ සවස බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදි මෙලනි අශෝකා රචනා කොට අධ්‍යක්ෂණය කරන නවතම වේදිකා නාට්‍ය ‘ඒකම තමයි මේක’ හි මංගල දැක්ම පැවැත්වේ. දක්ෂ හඬ කැවීම් ශිල්පිණියක ද ලෙසින් අප හමුවන ඇය මේ දිනවල ජනප්‍රිය වැඩසටහන් රැසකම ප්‍රධාන චරිතයන්ට සිය හඬ දායකත්වය ලබා දෙමින් සිටියි.එමෙන්ම මෙලනි වේදිකාවේ ද තම දස්කම් විදහාලූ අයකු ද වෙයි. ඇය තකහනියක් අප සරසවියට ගොඩ වැදුණේ ඒකම තමයි මේක ගැන වගේම තමන්ගේ කලා ජීවිතයේ නවතම තතු ඔබ වෙත පවසන්නටයි.ඒකම තමයි මේක වගේ නාට්‍යයක් මේ යුගයේ ගෙන එන්න හිතුවේ ඇයි?මේ නාට්‍යයේ ප්‍රස්තුථය මගේ ඔළුවට ආවාම මට හිතුණා පිටපතක් ලියන්න. මේ වන විට හොඳ ප්‍රේක්ෂක පිරිසක් හිටියට හොඳ නාට්‍ය අඩුයි. එබැවින් මෙය කාලීන අවශ්‍යතාවයක් මත නිර්මාණය කළ නාට්‍යයක් යනුවෙන් හැඳින්නුවොත් මා නිවැරැදියි.මෙහි අන්තර්ගතය ගැන කතා කළොත්?මෙය සම්පූර්ණ හාස්‍යෝත්පාදක නාට්‍යයක්. කතා වස්තුව ද වෙනස්ම එකක්. මෙහි එක්තරා මල මිනිසකු ඉන්නවා. ඔහුට ජීවත්ව සිටියදී පවුලේ උදවිය විසින් නොසලකා හරිනවා. නමුත් මියගිය අවස්ථාවේදී ඔහුව ඉතාමත් ලස්සනට සරසලා ලෝකෙට පෙන්නල මහ ඉහළින් අවමංගල්‍යය පවත්වන්න උත්සාහ ගන්නවා. මේ වගේ පවුල් ඕනෑ තරම් ඉන්නවා. අපි මිනිසෙකුට සලකන්න ඕනෑ ජීවත් වෙලා ඉන්න ටිකේනේ. ඒ සිද්ධි මාලාව තමයි මේ නාට්‍ය හරහා සමාජයට කතා කරන්නේ.වේදිකා නාට්‍ය හරහා සමාජයක් නිසි මගට ගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද?මෙහෙමයි. සමස්ථ සමාජයක්ම අපට හදන්න අමාරුයි. නමුත් එකෙකු දෙන්නෙකු හෝ හැදේවිනෙ. මට ඒ ඇති.කොහොමද මේ දවස්වල ඔබේ හඬ කැවීම කටයුතු?ඒ ගැන නම් කතා කළ යුතුමයි. මාව හමු වෙලා නැති බොහෝ දෙනෙකු මාව හඩින් හඳුනනවා. තැනකට ගිගින් කතාබහ කරද්දී ඇතැම් අය ආපසු හැරි හැරි බලනවා. ඒ කියන්නේ හඬින් මං ජනප්‍රියයි. මේ දවස්වල ජෝ(ර්)දා අක්බාර් හි බිසවගේ චරිතයටත්, යහපත් මහරජ හි කැං පාලිකාවටත් මං හඬ කවනවා. ඊට අමතරව තවත් කිහිපයකටම ඇරැයුම් ලැබී තිබෙනවා.වරාමලී විකාශය වන කාලේ සෙදෝ හරිම ජනප්‍රියයි. ඒ ගැනත් නොකියම බැහැ නේද?ඒක නම් ඇත්ත. මට කාලෙකට පස්සේ ලැබුණු හොඳම චරිතයක් තමයි ඒක. කවදාවත් අමතක වෙන එකක් නැහැ ප්‍රේක්ෂකයන්ට සෙදෝව. මේ වෙලාවේ වරාමලී නාට්‍යයේ අධ්‍යක්ෂ ඇතුළු සියළු දෙනාව මතක් කරන්න ඕනෑ. එයාලගේ සහායෙන් තමයි ඒ චරිතය වඩාත් හොඳින් නිරූපණය කළේ. අනික මගේ කොණ්ඩා මොස්තරය කතා කරන ශෛලිය පවා වෙනස් කළා සෙදෝ වෙනුවෙන්.මේ දවස්වල මෙලනි තවත් නාට්‍යයක ඉන්නවා නේද?ඔව්. ඒ චන්ද්‍රරත්න මාපිටිගමගේ සබඳ බබානිස්. ඒකේ මම එන්සිනා.ඔබ ටයිටස් තොටවත්තයන්ගේ ගෝලයෙක්. මං අහලා තියෙනවා ඔහුත් එක්ක වැඩ කිරීම හරිම අමාරුයි කියලා?මට අතුල රන්සිරිලාල්ගේ මාර්ගයෙන් තමයි ටයි මහත්තයාව හමු වුණේ. එතුමා සමග වැඩ කටයුතු කිරීම මා ලැබූ භාග්‍යයක් ලෙසයි මා සලකන්නේ. ටයි මහත්තයා ඉස්සරහට ගිහින් මුහුණ බලාගෙන කතා කරන්නත් බයයි. බිම බලාගෙනගයි අදහස් හුවමාරු කර ගත්තේ. ටයි මහත්තයා විදෙස් රටවල නිර්මාණ අප රටට ගෙනත් හඬ කවලා පෙන්නුවා. ඒවායින් ළමා මනස දියුණු වුණා පමණක් නොව වැඩිහිටියන් පවා උස් රස වින්දනතාවයකට ඔසවා තැබුවා. එම නිර්මාණ මඟිනුයි අප වෙනත් රටවල සංස්කෘතිය, සාරධර්ම දැක්කේ.අදත් එවැනිම වූ වැඩසටහන් අනන්තවත් විකාශය වෙනවා නේද?ඔව්. නමුත් ටයි මහත්තයාගේ පිළිවෙත් ඒ අයුරින්ම ඉදිරියට ගෙන යන කෙනෙක්ට ඉන්නේ අතුල රන්සිරිලාල් වගේ අය. පිටරටින් මොන දේ ගෙනාවත් ඒවා ළමුන්ට ගෝචර විය යුතුයි. ටයි මහත්තයා වින්දනය ලබාදෙන ගමන් ළමයින්ට පණිවුඩයක් ද ලබා දුන්නා.මෙලනි මේ කටයුතුවලට අමතරව ග්‍රන්ථකරණයට ද දක්ෂතාතාවයක් දක්වන අයෙක්. අලුතින් පොතක් දෙකක් ලිව්වේ නැතිද?මේ වන විට පොතක් ලියනවා. ඒකේ නම ‘ඕ’. එයත් සමඟම කෙටි කතා සංග්‍රහයකුයි, ළමා පොත් හතරකුයි ලියාගෙන යනවා.කොහොමද මෙච්චර කාර්යබහුලතාවයක් එක්ක පොත් ලියන්නේ?ඒකට තමයි කියන්නේ කාලය කළමනාකරණය කර ගැනිම කියලා. කොච්චර වැඩ තිබුණත් තමන්ට ඕනෑ කටයුතුවලට වෙලාව වෙන් කරගත යුතුයි. එතකොටයි ජීවිතය දිනන්න පුළුවන්.හරි අපි දැන් අයේ එමු ඒකම තමයි මේක ගාවට. කවුද මෙහි නළු නිළියන් පිරිවර?චරිත් සේනානායක ධනුෂ්ක ජයරත්න, කේ. ඩී. සිරිපාල, යූ ධනවංශ, ප්‍රියන්ත කහපළආරච්චි, රොෂාන් දොඩංගොඩ, සිසිල් බොතේජු, නිශාදි ගමගේ, නිලංග කාංචනා සමඟ මමත් රංගනයෙන් එක් වෙලා ඉන්නවා.හෙට මෙහි මංගල දැක්ම නේද?එන්න හැමෝම, ඇවිත් නරඹලා ගුණදොස් කියන්න. බොහොම ආදරයෛන් මං බලාගෙන ඉන්නවා මට ළැදි ප්‍රේක්ෂකයෝ මෙය නරඹා අවසානයේ මා හමු වී ගුණ දොස් කියනතුරු.සටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
අපට සිටින විශිෂ්ට රංගන ශිල්පියකුවන ක්ලීටස් මෙන්ඩිස් පළමුවරට අධ්‍යක්ෂණය කරනු ලැබු සිනමා සිතුවම ‘පරපුර’ මේ දිනවල අති සාර්ථකව තිරගතවන කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා පටයෙන් පසු රීගල්, ලීඩෝ ඇතුළු සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය.රිසිල ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන පරපුර හී සම නිෂ්පාදකවරයා වනුයේද ක්ලීටස්ය.රන්ජන් රාමනායක, කාන්චනා මෙන්ඩිස් ප්‍රධාන චරිත මවන මෙහි රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජීවන් කුමාරණතුංග, දිල්හානි ඒකනායක, නීටා ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, තිලංග විදූෂ පතිරණ (චිලී) පාලිත සිල්වා සමඟ හඳුන්වා දෙන ඩිලංග මෙන්ඩිස්, මල්ෂා කුමාරණතුංග ඇතුළු නළු නිළියන් සෙසු චරිත මවති.කැමරාව ලලිත් තෝමස් ගෙනි. ලාල් පි‍්‍රයදේවගේ තිර රචනයකි. කතාව සහ දෙබස් රාජසිංහ ලෝලුවාගොඩගෙනි. දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. නිහාල් සංජය ගේ ප්‍රචාරක සැලසුම්කරණයකි.
|
CREATIVE
|
සෙත්ති සිහින බේබිට ගොඩක් ආදරෙයි. ඒ ආදරය නිසාම සෙත්ති සිහිනබේබිගෙන් බැණුම් අහන වාර ගණන කොයි තරම් ද කියලාඔහුම දන්නේ නෑ.‘ඉතිං සෙත්ති’මේ දවස්වල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘රන් සමනලයෝ’ ටෙලි නාට්‍යයේ සෙත්තිත් සමඟ අප කතාබහ ආරම්භ කළා. ඒ දෙමළ ජාතිකයෙක් කැඩිච්ච සිංහලෙන් කතා කරයි කියන සිතිවිල්ලත් පෙරදැරිවයි. මෙන්න සෙත්ති හොඳට සිංහල කතා කරනවා.‘මම මේ ක්ෂේත්‍රයට ඇවිත් මේ ගත වෙන්නේ විසි අට වැනි අවුරුද්ද. ඒ කාලය ඇතුළත මට පුංචි තිරයේදී වැඩිපුරම රඟපාන්න ලැබුණේ දෙමළ සහ මුස්ලිම් චරිතයි. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට මා එන්නේ මේ චරිත ඔස්සේ නිසා ඔවුන් සිතාගෙන ඉන්නේ මම දමිළ ජාතිකයෙක් කියලා. සමහර වෙලාවට මා මුණ ගැසුණොත් ඔවුන් කතා කරන්නේ කැඩිච්ච සිංහලෙන්. මම වචනයක් දෙකක් කතාබහ කළාට පස්සේ තමයි ඔවුන් ඇත්ත දැන ගන්නේ. මගේ ජීවිතයේදී ඒ වගේ අකරතැබ්බයන්ට මුහුණ දුන් අවස්ථාවන් නම් අතේ ඇඟිලි ගණනටත් වැඩියි.’සෙත්ති හෙවත් සජීව මල්මාල ආරච්චි කිව්වා.‘ඒ විතරක් නෙමෙයි, දෙමළ චරිතවලට යම් සාධාරණයක් ඉෂ්ට කරන්නටත් මට පුළුවන් වුණු හේතුවක් තිබෙනවා. පුංචි කාලයේ ඉඳලා මට ඇසුරු කරන්නට ලැබුණේ දෙමළ ජාතික ළමයින්. දෙහිවල ප්‍රදේශයේ ඉපදිලා හැදුණු වැඩුණු මම පාසල් ගියේ දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයටයි. මේ අතර කාලයකදී මට යාපනයට යන්න සිදු වුණ නිසා මගේ ඇසුරට වැටුණේ දෙමළ ළමයින්. ඕලෙවල් කාලයේදී මගේ හොඳම යහළුවා වුණේ පිල්ලේ. මේ නිසා දමිළ භාෂාව මට නුපුරුදු භාෂාවක් නම් නොවෙයි. කුඩා කාලයේ පටන්ම රගංනයට ආරාධනා කළ නිසාම සිනමාව, වේදිකාව, පුංචි තිරයට මම බොහොම ආදරය කළා. මේ වෙනකොට චිත්‍රපට විස්සක පමණ රඟපාලා තිබෙනවා. එක් කාලයකදී වේදිකාව කියන්නේ මගේ ජීවිතය වගේ වුණු මාධ්‍යයක්. ඒනිසාමදෝ 1996 වසරේදී මා අධ්‍යක්ෂණය කළ ‘මායා දොරටුව’ වේදිකා නාට්‍යයට යෞවන සම්මාන උළෙලේදී හොඳම නිළිය, හොඳම පිටපත් රචනය - දෙවන ඇතුළු ජූරියේ කුසලතා සම්මාන පහක් දිනා ගැනීමට හැකි වුණා.’සජීව මල්මාල ආරච්චිට වේදිකාව කොයි තරම් අමතක කළ නොහැකි ද කිව්වොත් පුංචි තිරයේ රඟපෑම අතරතුරදීම අලුත් වේදිකා නාට්‍යයක් කරළියට රැගෙන එන්නට මේ දවස්වල සූදානම් වෙනවා.‘රොම්බ තෑන්ක්ස්’ නමින් යුත් මේ වේදිකා නාට්‍යයේ රොඩ්නි, අදීෂ, නිලංගනී ආදී නළු නිළියන් රැසක් රඟපෑමට නියමිතයි. මේ වෙනකොට සංගීතය, පසුතල ආදී සියලු කටයුතු සම්පූර්ණ කිරීම කරගෙන යනවා. ඊට පසුවයි පුහුණුවීම ආරම්භ කරන්නේ.’2000 වසරේදී ඔහු අධ්‍යක්ෂණය කළ රතු රුවල් නම් පරිවර්තන වේදිකා නාට්‍යයේ රඟපෑ වෙහිබ් නම් අබ්බගාත චරිතය සඳහා ඔහුට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. එහෙත් තවමත් තම දක්ෂතා ඉදිරිපත් කිරීමට සුදුසු චරිතයක් ඇති නිර්මාණයක් නොලැබුණු බවයි ඔහු තවදුරටත් පැවසුවේ. මේ නිසා අපූරු සිහිනයක් ඔහුගේ සිත පතුළේ සැඟවිලා.‘මොකක්ද මේ සිහිනය?’‘මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් චරිතයක් රැගත් සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ අධ්‍යක්ෂණයට තිබෙන්නා වූ ආශාව නිසා නම් නෙමෙයි. රඟපෑමට වගේම මගේ රංගන දක්ෂතාව පෙන්වීමට ඇති ආශාව නිසයි.’සහය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදන කළමනාකාරවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් කියන භූමිකාවන් අතර සැරිසැරූ සජීවගේ හද රැඳුණු අලුත්ම සිහිනය මල්ඵල ගැන්වීමට කාලය ඉක්මනින් උදාවේවා.සරසවියේ අපි ඔහුට සුබ පැතුවා.සේයාරූ - ටෙනිසන් එදිරිසිංහතිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
දිමුතු චින්තකදිමුතු චින්තක. නම කිව්වම දන්න පිරිසට වඩා දිමුතුව රූපයෙන් හඳුනන පිරිස ඉතා ඉහළයි. විසි පස් වසරක් කලා ජීවිතයේ විවිධ චරිත මවපු මේ සහෘදයා, වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයටත් ආගන්තුක චරිතයක් නෙවෙයි. නිරතුරුවම කලාවේ රැඳෙමින්, කලාව වෙනුවෙන්ම ජීවිතය කැප කරන දිමුතුගේ කලා දිවියට අගෝස්තු 29 වැනිදා ඒ කියන්නේ අද විසිපස් විය එළඹෙනවා.ඒ වෙනුවෙන් දිමුතු උපන් රජරට අව්‍යාජ ගැමි හිතවතුන් හා රසාරා රංගන පාසල එකව දිමුතු වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වීමට සූදානම්. දිමුතු මුතු අහුරක් ලෙස නම් කොට ඇති මෙම උපහාර උළෙල පිළිබඳත් දිමුතුගේ කලා දිවිය ගැනත් සරසවිය කළ කතාබහක් මේ.ගෙවී ගිය අතීතයට ප්‍රථමව වර්තමානය සහ අනාගතය ගැන කතා කරමු.ඉදිරියට විකාශයවීමට නියමිත ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කටයුතු සඳහා දායක වුණා. ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. සමනල සංධවනිය තිරගත වීමට කටයුතු සූදානම්. මේ වගේ කටයුතු අතරේ කාලය ගෙවී යනවා.ගෙවී ගිය කාලය ගැන තෘප්තියෙන් ද ඉන්නේ?ඇත්තෙන්ම ඔව්. මං ආවේ ඉබි ගමනක්. ඒ ගමනේදි මල් වගේම මං මුලා වැලුත් හම්බ වුණා. කලා ජීවිතේ දිහා ආයෙත් හැරිලා බලද්දී දැනෙන්නේ සතුටක්.මේ දවස්වල වැඩිපුර ඉන්නේ බස් එකක් ඇතුළේ කියලා ආරංචියි?ගෙවිච්ච වසර 25 ඇතුළෙ වැඩිපුරම කාලේ ගෙවුණේ බස්වල කෝච්චිවල. මේ දවස්වල බස් එකක් ඇතුළට වෙලා ඉස්සරහට යන්න රූගත කිරීම් එක්ක කාලය ගත කරනවා.ඒ අත්දැකීම ඉතා වෙනස් නේද?ඔව්. උදේම බස් එකට නැග්ගම ආයෙ බහින්නේ හැන්දෑවේ පහට හයට. බස් එකේම තමයි ෂූටින් කරන්නේ. ඒ බස් එකට පිට සෙනඟ නඟින්න එනවා. මේක ටෙලි නාට්‍යයක බස් එකක් කිව්වම සෙනඟ තරහ වෙලා බහිනවා. පිට බස්වල ඩ්‍රයිවර්ස්ලා අපේ බස් එකට බනිනවා. ගහන්න යනවා. ඒ වගේමයි අපේ බස් එක පොලීසියෙනුත් අල්ලනවා. මේ වගේ සුන්දර අත්දැකීම් එක්ක තමයි කාලෙ ගෙවෙන්නේ.අද දවස ඔබට වැදගත්?ඔව්. මගේ කලා ජීවිතේට වසර 25 ක්. විසි පහක් හිටිය කියන්නේ කොච්චර දෙයක්ද? අද මගේ සහෘදයෝ උපහාර උළෙලක් පවත්වනවා.ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්?ඔව්. වසර 23 ක් මං ගුරු සේවයේ යෙදෙමින් දරුවන් වෙනුවෙන් කැපවීම් කළා. බොහෝ කාලයක් හිටියේ දුෂ්කර සේවයේ. දරුවන් නාට්‍ය සඳහා ගීත සඳහා වගේම කලා කටයුතු සඳහා මගේ මඟ පෙන්වීමෙන් යොමුවෙලා තියෙනවා. ඒක මට සතුටක්.කලා ලොකයේ ඔබට ලැබිය යුතු තැන ලැබුණ කියලා කියන්න පුළුවන් වාතාවරණයක් තියෙනවාද?ලැබෙන්න ඕන තැන ලැබුණ කියලා මං හිතන්නේ නැහැ. ඉස්සෙල්ලා කිව්ව වගේ මගේ ගමන ඉතාමත් මන්දගාමී ගමනක්. ඒ ගමනේදී බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. මට ඒ ඇති.බොහෝ දෙනෙක් චරිත දුන්නේ ඔබේ ඇඟපත බලලා නේද?ඔව්. ඇතැම් චරිත ලැබුණෙ මගේ ශරීර ස්වභාවය අනුව. ඒත් ඉසුරු භවනෙ රාජ මහත්තයා, මල් දෙවැටෙ ඩොල්කි බර්ටි වගේ චරිත මෑත කාලයේ මාව වෙනම මාවතකට ගෙන ගිය චරිත කියලා බොහෝ දෙනකු කියනවා.ඔබ සමාජ සද්කාරයන්ට උර දෙන චරිතයක් නේද?මේ දිනවල ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වේදිකා නාට්‍යයක් පුහුණු කරමින් ඉන්නවා. ජීවත්වෙන කාලේ සමාජය වෙනුවෙන් යමක් කිරිම මගේ අරමුණ. දුෂ්කර පළාතක ඉඳලා ඇවිත් කලාව ස්පර්ශ කරලා සමාජයට යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව.මෙතෙක් කල් නොලැබුණු රඟපාන්න කැමතිම චරිතයක් තියෙනවාද?මතුපිටින් ඉතාමත් සුන්දර නමුත් ඇතුළාන්තයෙන් දුෂ්ඨ, නපුරු චරිතයක් රඟපාන්න ආසයි. ඒ වගේ චරිතයක් තවමත් මට ලැබී නැහැ.ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?ඉතාමත් සුන්දරයි.ඔබේ ආරම්භය වේදිකාව?ඔව්. කවදාකවත් මං වේදකාවෙන් ඉවත් වෙලා නැහැ. ඉදිරියේදී වේදිකා ගතවීමට නියමිත වෙලාවකට පිස්සු වගේ නාටයෙන් ජනතාව අතරට යන්න සුදානම්.මේ උපහාර උළෙල ඔබේ ජීවිතේට ශක්තියක් නේද?ඔව්. ගමේ ඉපදිලා ගමේ හැදෙන මං වගේ කෙනෙකු ගමෙන් ලැබෙන දේ තරම් තව කිසිම දෙයක් වටින්නේ නැහැ.චතුර ගීතනාත් බණ්ඩාරඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
බුද්ධිමා මධුශානි ගේ කුළුඳුල් ගීතයබුද්ධිමාගේ ගීතය: * සිත මාගේ හඬවලා ඔබ ඈත දුර ගියාමුළු ලොවම දන්නවා මං වැරදි නෑ කියාපෙරදාක කී කතා මගෙ ළඟට වී ඔයාඔබෙ සුවඳ දැනෙනවා ළඟ නැතත් අද ඔයා * ඒ කී කතා පිළිගන්න වුණ නිසාඔබ මා හැර ගියාඔබට මා කී කතා පිළිගන්න බැරි නිසාඔබ මා හැර ගියා * පෙරදාක සීත රෑ මට තුරුළු වී ඔයාදුන් හාදු නෑ මෙදා පාළුවේ තනි වෙලාමගෙ හිතට දැනෙනවා ඔබ එන්නේ නෑ කියාඔබ එන්නෙ නැති නිසා මගෙ හුස්ම නැවතුනාඒ කී කතා . . .‘සිත මාගෙ හඬවලා ඔබ ඈත දුර ගියා මුළු ලොවම දන්නවා මං වැරදි නෑ කියා’වර්තමානයේ ගුවන් විදුලි නාළිකාවන්හී ප්‍රචාරය වන මෙම ගීතය ඔබ අසා ඇති. යොවුන් සිතට වඩාත් සමීප අර්ථයක් මුසුව ලියැවුණු ඒ පදමාලාවට හඬින් ජීවය ලබා දී තිබෙන්නේ බුද්ධිමා මධුශානි. ඇය සිරස සුපර් ස්ටාර් හතරවැනි අදියරෙන් එකොළොස් වෙනි තැනට පත් වූ තැනැත්තියයි.මේ එළිදක්වා ඇත්තේ බුද්ධිමාගේ කුලුඳුල් ගීතයයි.කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?මේක විරහ ගීතයක්. ඒ වගේ ගීතයක් වැඩිපුර දැනෙන්නේ තරුණ තරුණියන්ට. ඒ අයගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. සමහරු කතා කරලම මට ඒක කියලා තියනවා.ඇයි පළමු ගීතය විරහවට නිර්මාණය කළේ?විශේෂයක් නැහැ. මේක මගේ අත්දැකීමක් එහෙම නෙවෙයි. මෙහි පද රචනය සහ සංගීත නිර්මාණය කළේ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියෙන් කලඑළියට ආ මා මිත්‍ර කසුන් මධුසංක. මෙහි වචන දුටු සැනින් මගේ හිතට තදින් දැනුණා. මෙම ගීතය සුපර් ස්ටාර් සහ ඩ්‍රීම් ස්ටාර් එකමුතුවෙන් නිර්මාණය වූ ගීතයක් කිව්වොත් නිවැරදියි.බුද්ධිමාගේ සංගීත චාරිකාව ඇරැඹෙන්නේ සුපර් ස්ටාර් සමඟින්ද?මෙහෙමයි, මං එයට කලින් තුරුණු ශක්ති,, හෙට පිපෙන මල් වැනි තරගවලට සහභාගි වුණා. රියැලටි තරගයක් කියලා පළමුව සහභාගී වූයේ සුපර් ස්ටාර්. ඒකෙනුයි මං වඩාත්ම ජනප්‍රිය වුණේ.කාගේ ගීත ද එහිදී ගැයුවේ?ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි මහත්මීන්ගේ පැරැණි ගීත තමයි වැඩිපුර ගැයුවේ.බුද්ධිමාගේ පෞද්ගලික විස්තර ටිකක් කියමු?මං පාසල් ගියේ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට. ගම මීගොඩ. පවුලේ මමයි නංගියි, අම්මයි, තාත්තයි. පුංචි කාලෙ ඉඳලම සංගීතයටයි වැඩිපුරම ආස කළේ.ජීවිතයේ ඉදිරියත් ගෙවෙන්නේ සංගීතයත් එක්කද?අනිවාර්යයෙන්ම මගේ වෘත්තීය සංගීතය. විශාරද උපාධියත් ලබන්නත් ලැහැස්තියි.සටහන - ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
- ජීවන් හඳුන්නෙත්තිජීවන් හඳුන්නෙත්ති . . .හැමදාමත් කලාව සමඟ ජීවත් වෙන්නෙක්. විටෙක ඔහු අපට සිනාසෙන්නට කියා දෙයි. දක්ෂ නළුවෙක් වගේම ගායකයෙක් වන ඔහු පද රචකයෙක්. අංග රචනාශිල්පියෙක් විදිහටත් අපේ ජීවිතවලට සමීපයි.සුපුරුදු හිනාවෙන්ම ඔහු අපිත් එක්ක කතාබහට එක් වුණා.ඉතින් ජීවන් අයියේ කොහොමද? මොනවද මේ දවස්වල කරන්නේ?හොඳින් ඉන්නවා. මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට තුනක් එන්න තියෙනවා. හෙක්ටර් කුමාරසිංහයන්ගේ අබිිනික්මන. ඒකේ මට තියෙන්නේ සීරියස් චරිතයක්.මං එහෙම කිව්වේ මට ලැබුණ ගොඩාක් චරිත හාස්‍යට බරයි. එත් මේකේ එහෙම නෑ. ගමක ජීවත්වෙන දඟකාර, දඩබ්බර කොල්ලෙක්ගේ චරිතයක් මං නිරූපණය කරන්නේ.ජයසේකර අපොන්සුගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වුණා. ඒක වෙනස්ම චරිතයක්. ඒ වගේම දිනේෂ් ප්‍රියසාද්ගේ ‘ඇද්දා ලණුව දැම්මා කොඩිය’. මේ නිර්මාණ තුනෙන්ම මගේ රසිකයන්ට මාව ඉදිරියේදී බලා ගන්න පුළුවන්.ඔබට ලැබුණු බොහෝ චරිත දිහා ආපසු හැරිලා බැලුවොත් බොහොමයක් හාස්‍ය ය චරිත නේද?ඔව්, මං රඟපාපු ගොඩාක් චරිත හාස්‍යයට බර ඒවා. හැමෝටම හිනා වෙන්න පුළුවන් වුණාට තවත් කෙනෙක්ව හිනස්සවන්න බෑ නේද? ඉතිං මං ඒක කරනවා. එත් විකට චරිතවලට වගේම සීරියස් චරිතවලටත් කැමැතියි. ඒත් අධ්‍යක්ෂවරු ගොඩාක් මාව ගන්නේ විකට චරිතවලට. ඒත් මගේ ගැන දන්න කෙනෙක් ඒකෙන් මිදෙන්න චරිත දෙනවා.ඔබේ රංගන දිවියට දශක තිහක්. කොහොමද ක්ෂේත්‍රයෙන් ලැබුණ අත්දැකීම්?මම ආවේ හෙමින් ගමනක්. මට කඩාගෙන බිඳගෙන යන්න ඕන වුණේ නෑ. ලැබුණ හැම චරිතයකින්ම මගේ රංගන ජීවිතයට වගේම සැබෑ ජීවිතේටත් මොනව හරි දෙයක් ඉගෙන ගත්තා. මම විතරක් නෙමේ, ඒ කාලේ ක්ෂේත්‍රයට ආපු ගොඩාක් අය එහෙමයි.ඉක්මනට ඇවිල්ලා ජනප්‍රිය වෙලා යනවට වැඩියෙන්, හෙමින් ගමනක් ඇවිල්ලා ජනතාවගේ හදවතේ හැමදාම ඉන්න එක හොඳයි.ලැබුණ චරිත ගැන ඔබ තෘප්තිමත්ද?මේ දශක තුන ඇතුළේ මං කරපු හැම චරිතයක් ගැනම මම තෘප්තිමත්.ඔබ ආදරය කරන්නේ සිනමාවට. කොහොමද සිනමාවට අවතීර්ණය වෙන්නේ?ඉර හඳ ඉල්ලා තමයි පළමු රංගනය. රන් කෙවිට, වැඩ බැරි ටාසන් I සහ II , වන් ෂොට් වන්, ලීඩර්, නුඹ නාඬන් අපට පිස්සු, දිය යට ගින්දර වාගේ චිත්‍රපට 25 කට විතර මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.බොහෝ වෙලාවට රංගන ශිල්පීන් අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ලෙස අපට හමු වෙනවා. ඔබේත් එහෙම බලාපොරොත්තුවක් නැද්ද?බලාපොරොත්තුවක් නම් තියෙනවා. එත් මම කැමැති මගේ හැකියාවන්, දක්ෂතාවන් වැඩි දියුණු කරගෙන රංගනයෙන් ගමනක් යන්න.දිගු ගමනක් එන්න කොහොමද ඔබේ පවුලෙන් ලැබුණු සහයෝගය?මගේ බිරිඳ නිරෝෂණී හඳුන්නෙත්ති. ඇගේ ශක්තිය නැතිනම් කවදාවත් මට මෙතනට එන්න බෑ.මගේ පුතා ශනිඳු හඳුන්නෙත්ති. එයා ඩ්‍රම්ස් ගහන්න ගොඩක් ආසයි. ඉදිරියේ කුමන හෝ කලා ක්ෂේත්‍රයකින් ඔහු ඉදිරියට ඒවි.ඉතින් ආදරණීය කලාකරුවාණෙනි, ඔබේ මුවඟ රැඳි සිනා රැල්ල සදා එලෙසම රැඳේවා. සරසවිය අපේ ප්‍රාර්ථනය එයයි.සේයාරුව - ටෙනිසන් එදිරිසිංහමධුශානි රත්නායක
|
CREATIVE
|
* සුනිල් කොස්තාගේ අධ්‍යක්ෂණයක්ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කරනු ලබන ‘සුදුයි උසයි’ රූපවාහිනි මාලා නාටකයේ මුහුරත් උළෙල පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි.ධනවත් පවුලක දියණියක් වූ රුවිනිට රජයේ රෝහලකදී පිරිමි දරුවෙකු ලැබෙයි. ඒ දරුවාගේ පියා සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන දේවේන්ද්‍රය. එහෙත් රුවිනි සහ දේවේන්ද්‍ර විරසකව සිටිනි අතර විවාහ වී නොමැත.පියෙක් නැති දරුවෙකු ලැබෙන්නට සිටින ඇයව ඇගේ පියා නිවසින් එලවා දමයි. අසරණ වූ රුවිනිට නිර්මලා පිහිටට එන්නේ වෙනත් අරමුණකිනි. හොඳ මිලකට දරුවා විදේශිකයෙකුට විකිණීමේ නිර්මලාගේ යෝජනාවට රුවිනි එකඟ වන්නේ ඇගේ අසරණකම නිසාය. එහෙත් දරුවා ලැබීමට ආසන්නයේදී ඇය නිවසින් කාටත් හොරා පැන යයි.මේ සමඟින් ඇතිවන අගක් මුලක් නැති ඒ ගමනේ කතාව සුදුයි උසයි.ජගත් චමිල, නිරෝෂන් විජේසිංහ, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, බුද්ධදාස විතානආරච්චි, ග්‍රේස් තෙන්නකෝන්, චමිලා පීරිස්, අංජුලා රාජපක්ෂ, සෝමවීර ගමගේ, ලියෝනි කොතලාවල, රංජිත් රූබසිංහ, අර්ඩ්ලි වෙදමුණි, උදේනි අල්විස්, ඉෂාන් ගම්මුදලි, මහේන්ද්‍ර වීරරත්න ඇතුළු නළු නිළි පිරිසක් මෙහි චරිත නිරූපණයට එක්වීමට නියමිතය.මෙහි නිෂ්පාදනය සමීර වන්නිආරච්චි, කැමරා අධ්‍යක්ෂණය බ්‍රයන් රත්නසේකර, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණය අජන්ත ගිහාන් නිෂාන්ගෙනි. සුදුයි උසයි ටෙලි නාට්‍ය මාලාව ඉනොවැටික්ස් ආයතනය සහ සැක් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.- යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් සම්පාදිත ‘අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය’ග්‍රන්ථය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්විණි.එහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාට පිළිගැන් වූ එම ග්‍රන්ථයේ අමරදේවයන් විසින් සමරු සටහනක් තැබූ අයුරුයි මේ. -එරංග සේනාරත්නගේ නවතම සිනමාපටය වන ඇතුවත් බෑ නැතුවත් බෑ ප්‍රදර්ශනය සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය පසුගියදා ලැබිණි.රංගන ප්‍රේමරත්න, සුරේශ් ගමගේ, ශෙහාරා ජයවීර, මිහිර සිරිතිලක, මධු නිත්‍යානි, සුසාන් ප්‍රනාන්දු, සරත් සිල්වා ඇතුළු පිරිසගේ රංගනයෙන් සමන්විත මෙය එරංගගේ හයවැනි සිනමාපට අධ්‍යක්ෂණයයි.කලා කීර්ති සුනිල් විමලවීර, උපාලි බණ්ඩාර වීරසේකර, මැණික් ජයසිංහ, ඩිනලි සේනාරත්න මෙහි ගී පද රචනා කොට තිබේ.ලස්සන ජයසේකර සමඟ ප්‍රබුද්ධ ගීතරුචි සංගීතය මවන ඇතුවත් බෑ නැතුවත් බෑ උරේෂා රවිහාරි, විශාරද කුෂානි සඳරේඛා, මාරියො ආනන්ද, සුරේශ් ගමගේ, විශාරද අභිශේකා විමලවීර සහ ගයනි මධුරා විසින් ගැයුමෙන් ඔපවත් කරති.එරංගගේ තිර රචනයක් වන මෙය ශ්‍රී ජය සිනෙරූ ඉදිරිපත් කිරීමකි.බන්දු සමරසිංහගේ පීටර් වන් හාස්‍යෝත්පාදක සිනමා සිතුවම ආරම්භක සිනමා ශාලාවන්හී විජයග්‍රාහි දින පනහ පසු කරයි.බන්දු සමරසිංහ, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, රොඩ්නි වර්ණකුල, නිලන්ති ඩයස්, මානෙල් වානගුරු, සරත් කුලාංග, ටිරෝන් මයිකල්, රංජිත් සිල්වා, සුනිල් පෙරේරා (ජිප්සීස්) සමඟ රිදී තිරයට හඳුන්වා දෙන බන්දුගේ පුත් කුමර සහ දියණි රසෝඝා මෙහි රංගනයෙන් දායක්තවය සපයති.තිර රචනය සහ සහාය අධ්‍යක්ෂණය ගයාන් මහගලගේ ගෙනි.ස්වර්ණ ෆිල්ම්ස් සහ අක්මල් වික්‍රමනායක පීටර් වන් නිෂ්පාදනය කොට තිබේ.- ප්‍රසාද්සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික සංගීතය හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ තෙවන වසර සිසුවෙකු වන එච් එම්. මංජුල අරුණ බණ්ඩාරගේ ‘Sense’ ශබ්දාගාරය සංගීත ශිල්පී රංග දසනායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බොරලැස්ගමුවේදී විවෘත කෙරිණි.සෞන්දර්ය කලා විශ්වවිද්‍යලයේ කථිකාචාරිණී ශ්‍රියා කාරියවසම්, බේස් ගිටාර් වාදක තිලක් ඩයස් පටිගත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අයුරු.- යතේජා
|
CREATIVE
|
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ශ්‍රී ලංකා යූත් සිනමා අස්වැන්න 2012 - කෙටි හා වාර්තා චිත්‍රපට තරගාවලියේ පුහුණු වැඩමුළුව අගෝස්තු 24, 25 සහ 26 යන තෙදින තුළ ශ්‍රී ලංකා යූත් ශ්‍රවණාගාරයේදී චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.දෙවන වරට සංවිධානය කෙරන මෙවර තරගාවලිය සඳහා ඉල්ලුම්කරුවන් 400 ට වැඩි පිරිසක් අයදුම්පත් යොමුකර තිබේ. දේශීය සිනමා කලා කෙත අස්වද්දන මේ සඳහා නවක නිර්මාණකරුවන් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණ තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ද ඇතුළත් වේ. මෙම තෙදින වැඩමුළුවේ කෙටි හා වාර්තා චිත්‍රපට පිළිබඳ දේශන වෙනුවෙන් අරුණ ලොකුලියන, ගාමිණී වේරගම, සනත් අබේසුන්දර, පාලිත පෙරේරා, සුගත් හේවාවිතාරණ, එම්. ඩී. මහින්දපාල යන ප්‍රවීණ දේශන මඩුල්ල සහභාගි වෙති. එහිදී කෙටි හා වාර්තා චිත්‍රපට සඳහා අදාළ සියලු විෂයන් ආවරණය වන පරිදි දේශන පැවැත්වීමට නියමිතය.වැඩමුළුව අවසානයේ මසක් ඇතුළතදී ඕනෑම මාතෘකාවක් යටතේ නිර්මාණ කළ හැකි අතර නවීන මෙවලම් භාවිත කළ හැකි අතර එය ඩී වී ඩී පටයක් මඟින් ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයට භාර දිය හැක. සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය ඔස්සේ අයදුම්කරුවන්ට කෙටි හා වාර්තා දෙඅංශයෙන්ම නිර්මාණ ඉදිරිපත් කළ හැක.ජයග්‍රාහකයන්ට මුදලින් රුපියල් 100,000, 75,000, 50,000 බැගින් සහ 10 වැනි ස්ථානය දක්වා රු, 20,000 බැගින් සහ සම්මාන සහතික පත්‍ර පිරිනැමේ. මේ සඳහා මුදල් අය නොකෙරෙන අතර නොමිලයේ ආහාරපාන ලබා දේ.- යතේජා ඥානරත්නමහින්ද විමිලසේන ලියූ’අකාල පරිණත’ ලබන 28 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ, මරදානේ පූජ්‍ය එස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.චිත්‍ර ශිල්පී කොලොන්නාවේ විජේසිරිගේ කලා ජීවිතයට තිස් වසරක් සපිරීම නිමිත්තෙන් විකට කාටුන් චිත්‍ර ප්‍රදර්ශනයක් මෙම මස 25 – 26 යන දෙදින තුළ ගම්පහ 205, වතුරුගම බස් මාර්ගයේ ජම්බුහවුල, අමුණුකුඹුර පියරත්න ප්‍රජා ශාලාවේදී පැවැත්වෙයි. මෙය උදෑසන 10.30 සිට සවස 5.00 දක්වා නොමිලයේ විවෘතව පවතී.ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සිනමාපටයක් ඇසුරෙන් නිර්මාණය කළ වේදිකා නාට්‍ය වන ‘අල්ලපු ගෙදර’ නාට්‍යයට ලබන 25 වැනිදාට වසර විසි හතක් සපිරේ. එම විසිහත් වර්ෂ පූර්ණය සමරමින් හා එම නාට්‍යයේ නිර්මාණකරු වන ස්ටැන්ලි ලියනගේ අනුස්මරණය කරමින් ‘අල්ලපු ගෙදර’ ශිල්පීන් පිරිවරා අගෝස්තු 25 වැනිදා සවස 6.30 ට කොළඹ හුනුපිටිය ගංගාරාමයේදී කේශධාතු පූජාවක් සහ පහන් පූජාවක් පැවැත්වේ.දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවයෙන් යුතුව ලබාගත් ජීවිත අද්දැකීම් එකතු කොට එඩ්වඩ් රූපසිංහ විසින් රචිත ‘ඇවිද ගිය දුර’ කෘතිය මෙම මස 23 වැනිදා එනම් අද සවස කොළඹ 07 හෝර්ටන් පෙදෙසෙහි ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර ක්‍රමෝපාය අධ්‍යයන ආයතනයේ ශ්‍රවණාගාරයේදී එළිදැක් වෙයි.මෙහි ප්‍රධාන ආරාධිත දෙසුම මහාචාර්ය දේශමාන්‍ය ජේ. බී. දිසානායකගෙන් වන අතර ජයන්ත ධනපාල සහ මහින්ද බන්දුසේන යන මහත්වරුන් විසින් පවත්වනු ලබයි. ග්‍රන්ථය පිළිබඳ හඳුන්වා දීම අනුල ද සිල්වා විසින් සිදු කෙරෙනු ඇත.
|
CREATIVE
|
සිනමාව සම්බන්ධයෙන් උපාධියක් ලත් ජූලියන් උපත ලබා ඇත්තේ ප්‍රංශයේය. කෙටි චිත්‍රපට තැනීමේ රුචිකත්වයක් දැක්වූ ජූලියන් රූපවාහිනී මාලා නාටක අධ්‍යක්ෂකවරයෙකුද වෙයි. ත්‍රිමාණ සජීවීකරණ ඇසුරින් තැනූ කාටුන් කතාමාලා හි පිටපත් රචනයටද ඔහු සහභාගී වී ඇත.'ද ගාෆීල්ඩ් ෂෝ' හි ප්‍රධාන කතා රචකයාද ඔහුය. ප්‍රංශයේ සිනමා සඟරා ආදියට ලිපි සපයන හෙතෙම 2011 වසරේ නිපදවූ 'ෆේසස් ඉන් ද ක්‍රවුඩ්' ඔහු ගේ සාර්ථකම සිනමාපටය ලෙස සැලකිය හැකිය.
|
CREATIVE
|
ගැමි සංස්කෘතිය වටා රොද බැඳුණු අංගයන් අතර ‘සොකරි’ නාට්‍යාංගයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.කමත මූලික කොටගත් සොකරි නාටකය ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආවේ මීට කලකට පෙර ජාලිය රාජපක්ෂ විසිනි.කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ නාට්‍ය හා රංග කලා ආචාර්යවරයා වන ජාලිය සමස්ත ලංකා මට්ටමින් නාට්‍ය නිර්මාණය කර ස්ථාන ලබා ගත් නාට්‍ය නිර්මාණකරුවෙකි. කුරුණෑගල පුරවරයෙන්ම සොකරි සඳහා සියලුම සම්පත් සපයා ගත් ජාලිය මේ සූදානම් වන්නේ සොකරි හි 200 වැනි දර්ශනයටයි.සාම්ප්‍රදායික සොකරිවලින් මේ වේදිකාගත වන ‘සොකරි’ වෙන් කොට ගත් අන්දම ජාලිය රාජපක්ෂ අපට පැහැදිලි කළා. ඔහුට අනුව කාලය මෙන්ම වේදිකා සැකැස්ම සම්පූර්ණයෙන්ම පාහේ වේදිකාවට ගැළපෙන ලෙස සකස් කොට තිබෙනවා. එමෙන්ම සොකරි සතු එකම දේ පුන පුනා කියන ස්වභාවය මෙන්ම ලිංගිකත්වයට ප්‍රමුඛත්වය නොදී කතාවේ හරය වැඩි කර ගැනීමට ද සොකරි කණ්ඩායම උත්සුක වී තිබෙනවා.මේ වන විටත් කොළඹ ඇතුළු දකුණු පළාතේ සාර්ථක වේදිකාගත කිරීම්වලින් අනතුරුව ඔවුන් 200 වැනි දැක්මට සූදානම් වෙනවා. ඒ මැයි 20 වැනිදා ඉරිදා පස්වරු 3.30 ට හා 6.45 ට මරදාන ටවර් රඟහලේදී. පුරා පැය 2 කට පමණක් සීමා වන සොකරි ජූඩ් ශ්‍රීමාල්ගේ සංවිධානයෙන් සවිමත්වේ.ෂෙනාල් ජයසේකර
|
CREATIVE
|
මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ සහ නන්දා මාලනියගේ ප්‍රධානත්වයෙන් මෙම මස 06 වැනිදා රාජගිරිය සවරින් හෝටල් පරිශ්‍රයේ දී සිනමා කෘතියක මුහුරත් උළෙලක් පැවැත්වීමට නියමිතය. ඒ පි‍්‍රයන්ත කොළඹගේ ගේ අරුමෝසම් වැහි සිනමාපටයෙන් අනතුරුව වසර දහහතරකට පසු අධ්‍යක්‍ෂණය කරන ‘ආදරණීය කතාවක්’ නම් වූ චිත්‍රපටයේය. සංගීතමය ආදර කතා පුවතක් වන මෙය චරිත හතරක් වටා දිවයන්නකි. හේමාල් රණසිංහ සහ බිමල් ජයකොඩි ‘ආදරණීය කතාවක්’ සඳහා මේවන විට තෝරාගෙන තිබේ.නැසීගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ගේ පුතු චමින්ද ගමගේ මෙමඟින් නිෂ්පාදකවරයකු වශයෙන් කලඑළියට පැමිණෙයි. ජනපි‍්‍රය ගීත රැසක් නිර්මාණය කළ උදාර සමරවීර සිනමා සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ ‘ආදරණීය කතාවක්’ සමඟිනි.පී. එල්. ඒ. සෝමපාල, චිත්‍රා සෝමපාල පුතු චිත්‍රාල් සෝමපාල (චිටි) පළමු වරට සිනමා ගායනයට එක්වන මෙහි ඔහු සමඟ කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි හඬ මුසු කරයි. පි‍්‍රයන්ත කොළඹගේ ගේ කතා සංකල්පයට ඔහු සහ රුවනි චාමිකා තිර රචනයට දායක වෙයි.ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්‍ෂවරයාය, නලීන් ප්‍රේමතිලකගේ අංග රචනයකි. මංජුල අයගම කලා අධ්‍යක්‍ෂවරයාය. පුෂ්ප කුමාර රාජගුරු කැමරාව මෙහෙයවනු ලබයි. නිලාර් එන්. කාසිම්, උපුල් ශාන්ත සන්නස්ගල, පි‍්‍රයන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ මෙහි ගීත රචකයෝය.ආදරණීය කතාවක් චමින්ද සමඟ පි‍්‍රයන්ත කොළඹගේ ද නිෂ්පාදනයෙන් එක්වෙයි.- ප්‍රසාද්
|
CREATIVE
|
රූපවාහිනියේ නවතම තාක්ෂණය වූ ඩිජිටල් තාක්ෂණය සමඟින් ABC මාධ්‍ය ජාලය හඳුන්වා දෙන රූපවාහිනිය ඔස්සේ නැවුම් ආලෝකයක් රැගෙන එන ‘හිරු TV’ මෙම මස 23 වැනිදා සිට සිය විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.රූපවාහිනි විකාශන ක්ෂේත්‍රයට නවතම වෙනසක් එක් කිරීමට නියමිත ‘හිරුTV’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ උළෙල පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.වසරකට අධික කාලයක් පුරා කරන ලද අත්හදා බැලීම් තුළින් සාර්ථක වූ ප්‍රතිඵලත් රැගෙන පැය දහ අටක විකාශන කාලයක් ද සමඟින් ප්‍රේක්ෂකයින් හමුවට එන ‘හිරු TV’ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනම ආවරණය වන පරිදි විකාශය කෙරෙන බව පැවසූයේ ABC මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතායි.මෙම අවස්ථාවට සහභාගි වූ ‘හිරු TV’ හි වැඩසටහන් කළමනාකරු නිමල් ලක්ෂපති ආරච්චි මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ විකාශන කාලය සමඟින් විවිධ වැඩසටහන් මෙන්ම ස්ටීරියෝ හඬ තාක්ෂණය ඔස්සේ සංගීත නාලිකාවක හැඩයත් මීට සමීප කොට ඇති බවයි. සතියේ දිනවල සඳුදා සිට සිකුරාදා විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය මාලාවන් ආරම්භ වන්නේ රාත්‍රී හතට පමණය. රාත්‍රී 7.00 ආරම්භ වන කැලුම් පාලිත මහීරත්නගේ ‘විසුල අහස යට’ රාත්‍රී 7.30 – 8.00 අතර වැහිළිහිණි, රාත්‍රී 8.00 – 8.30 අතර තිස්ස විජේකෝන්ගේ ‘සිහිනයක් ජීවිතේ’ විකාශය වන විට සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි රාත්‍රී 7.30 – 8.00 දක්වා අනුරුද්ධ ජයසිංහගේ’යකඩ පහන් තිර’ විකාශය වීමට නියමිතය.මෑතකදී තිරගත වූ හින්දි චිත්‍රපට හා හොලිවුඩ් චිත්‍රපට ප්‍රථම වරට නැරැඹීමේ අවස්ථාවක් ද හිරු ටී. වී සමඟ උදාවේ. සඳුදා සිට සිකුරාදා උදෑසන 6.00 ට ආරම්භ වන ‘වින්දනීය උදෑසන’ වෙන් වී ඇත්තේ සෞඛ්‍යය, රූපලාවන්‍ය, ඉවුම් – පිහුම්, විලාසිතා ප්‍රිය කරන ඔබ වෙනුවෙනි.දහවල් කෑම පැයේ දවසේ විඩාව සංසිඳුවන සංගීතමය හා වින්දනීය අත්දැකීමක් ලබා දෙන ‘ටොප් ලයිට්, මූණට නොකියන ඇත්ත - අන් මාක්ස්, ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ‘කවුන්ට් ඩවුන්’ තරු දිලෙන හැන්දෑව, දිවයිනේ ජනප්‍රියම තරුවක් සමඟ ප්‍රථම ප්‍රේම අත්දැකීමක් සාකච්ඡා කෙරෙන ‘ආයෙමත් ආදරෙන්’ නම් සංවේදී පැය, ලාංකේය පත්‍ර කලාව උඩි යටිකුරු කරන ‘කහ ඉර’, අලුත් තාක්ෂණය පිළිබඳ කියන ගැජට් ෂෝ සතියේ දිනයන්හිදී ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ගෙනෙනු ඇත. සති අන්තයේ දිනවල විකාශය වන ‘ස රූප’, ජනප්‍රිය පුද්ගලයින් සමඟ ගෙවනා වින්දනාත්මක හෝරාව ‘දාන්න පහක්’ අරුණි සමඟ ලංකාව පුරාම සිදු කෙරෙන ‘ට්‍රැවල් ඇන්ඩ් ලීවින්’, ‘කල්ට් එක’, ‘ඕං ආටක නාටක’, බොලිවුඩයේ තරු පිළිබඳ කෙරෙන ‘බොහොත් සූන්දර්’, ‘මංගලම්’, ‘උත්තරීතර’, ‘කොපි කැට්’, ‘හිරු ටොප් 20’, ‘හතර වරං’ ලංකාවේ වඩාත් සුන්දර මිනිසුන් හමුවන ‘එස් වී ආර් ලංකාස්’ ආදී වැඩසටහන් රාශියකින් ‘හිරු TV’ ඔබගේ නිවසට පිවිසේ.- තිලානි ශානිකා විතානාච්චි සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
තවමත් මම කුමන ප්‍රසංගයකට ගියත්, වැඩ සටහනකට ගියත් ගයන්නේ මගේ පැරැණි ගීතයි. ඒ නිසා අලුත් ගීත කීපයක් කරන්නත් පුංචි අදහසක් තිබෙනවා. මේ වන විටත් ගීත දෙකක් පමණ පටිගත කරලත් අවසානයි. තවත් ගීත කිහිපයකට පද රචනා අවශ්‍ය නිසා විරහ ගීත ලියන අයට පද රචනා එවිය හැකියි.
|
CREATIVE
|
අනගාරික ධර්මපාලතුමන්ගේ සැබෑ තොරතුරු ඇසුරෙන් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මහාබෝධි සමාගම තීරණයකට එළඹ තිබේ.මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය සුමිත් ගල්හේන විසින් සිදු කරන අතර විධායක අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර සම්බන්ධිකාරකවරයා වශයෙන් සමන් විරමන් කටයුතු කරයි. ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂවරයාය. සංස්කරණය සහ ඩිජිටල් පරිඝණක කටයතු රවීන්ද්‍ර ගුරුගේගෙනි.සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය වික්ටර් රත්නායක සිදු කරයි. වසන්ත විට්ටච්චි අංග රචනයෙන් ද, රංජිත් සිල්වා කලා අධ්‍යක්ෂණයෙන් ද, සිසිර හෙට්ටිආරච්චි සහ ෂෙහාන් ඉද්දමල්ගොඩ සහාය අධ්‍යක්ෂණයෙන් ද රුවන් නෙරංජන නිෂ්පාදන කළමනාකරණයෙන් ද මෙයට දායක වෙති.මහාබෝධි සමාගම වෙනුවෙන් එහි සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමිපාණෝ ප්‍රමුඛ නිෂ්පාදක මඬුල්ලක් මෙය නිෂ්පාදනය කරයි. මෙය මෙරට සහ ඉන්දියාවේ රූ ගැන්වීමට නියමිතය.ඇතැම් පුද්ගලයින් සාවද්‍ය තොරතුරු මත පදනම්ව අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ආශ්‍රයෙන් චිත්‍රපට කිරීමට උත්සාහ කිරීම නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාව, අමෙරිකාව, ජපානය, තායිලන්තය, ලාඕසය, සියම, චීනය ඇතුළු රටවල් ගණනාවක බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ එතුමාණන් හට සිදු වන අගෞරවය වලක්වා ගැනිමේ අරමුණින් ධර්මපාල තුමාගේ නිවැරැදි තොරතුරු ඇතුළත් කොට මෙම චිත්‍රපටය නිපදවීමට මහාබෝධි සමාගම තීරණය කොට ඇති වග මේ පිළිබඳ අධ්‍යක්ෂ සුමිත් ගල්හේන විසින් දන්වන ලද ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්ව ඇත.
|
CREATIVE
|
මගේ පාසල් කාලය හරිම සුන්දරයි. අනෙක් ළමයින්ට වගේම මටත් සුන්දර ළමා කාලයක් තිබුණා. හැමදාම වගේ මම පන්තියේ පළමුවැනියා. දළුගම රෝමානු කතෝලික විද්‍යාලයේ තුන වසර තෙක් ඉගෙන ගත්තා. මම පහ වසර දක්වා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ අනු ශාඛාවක් විදියට තිබුණ වරාගොඩ ශාන්ත පාවුළු මිශ්‍ර පාඨශාලාවේ ඉගෙන ගත්තා. පහ වසරෙන් පස්සේ මම මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයට ඇතුළත් වුණා. වැඩිදුර අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාරයට ඇතුළත් වුණා මගේ පාසල් කාලයේදීම තමයි ඇනස්ලි, බර්ටි, සැමුවෙල් මට හම්බ වුණේ. එදා ඉඳලා මේ අය මගේ හොඳම යාළුවෝ. අපි හතර දෙනා එකට තමයි විද්‍යාලංකාරයේ ඉගෙන ගත්තෙත්.ඔය කාලයේ මම විද්‍යාලංකාරයට එන්නේ බයිසිකලයෙන්. ඒ එන අතරේ මගේ බයිසිකලයේ තව යාළුවෝ දෙන්නෙකුත් නොඑන දවසක් නැති තරම්. වැඩියෙන්ම මගේ බයිසිකලයේ එදා පාසල් ආවේ ඇනස්ලි ඩයස් වගේම තව ලංසි යාළුවෙක්. අපිට ඉතිං ඔය කාලේ විසේ තියෙන කාලෙනේ මේ සිද්ධිය වුණේ. අපි ඉස්කෝලේ යන මාර්ගයේම පාසල් ළමයින් රැගෙන යන බේබි ඔස්ටින් වාහනයක් තිබුණා. මේ වාහනය එලවපු ඩ්‍රයිවර් ගොඩක් වයසක කෙනෙක්. ඉතිං සමහරදාට අපි ඉස්කෝලෙට එන කොට මේ වාහනය බොහොම හෙමින් තමයි පාරේ එන්නේ. අපිට ඉතිං ඉක්මනින් යන්න බැරි නිසා හරිම කේන්තියෙන් තමයි වාහනේ පස්සෙන් එන්නේ. ඔන්න දවසක් ඉස්කෝලේ එන කොට මේ වාහනය අපිට හම්බ වුණා. එදා බයිසිකලය පැද්දෙ මම. ඉස්සරහින් ඉඳ ගත්තේ ඇනස්ලි ඩයස්. පිටි පස්සේ ලගේජ් එකේ මගේ ලංසි යාළුවා.ඇනස්ලි ඉස්සරහ ඉඳන් කිව්වා ඇල්පියෝ ඔන්න අදත් දරසෑය ඉස්සරහින් යනවා. බලපන් පුළුවන් නම් වෙට්ටුවක් දාලා යන් කියලා. මාත් ඉතිං කොලුකම ඇඟට අරන් පාපැදිය පදිනවා. ඇනස්ලි ඉස්සරහ ඉඳන් කමෝන් ඇල්පියෝ කමෝන් තව ටිකයි, බේබි ඔස්ටින් කැලේ, පැදපන් ඇල්පියෝ කිව්වා. මම හතිදාගෙන බයිසිකලේ පදිනවා. මම ෆුල් ඩම් එක දාලා සීට් එකෙනුත් නැගිටලා බයිසිකලේ පැද්දා. වාහනයත් ඉස්සර කරගෙන අපේ බයිසිකලය ඉදිරියටම ඇදුණා. ටික දුරක් ගිහින් බලන කොට පිටි පස්සේ හිටිය ලංසි යාළුවා නැහැ. දැන් මොනව කරන්නද අපි දෙන්න ආයෙත් බයිිකලය හරවගෙන යාළුවට මොකද වුණේ කියලා බලන්න ආපහු ආවා.එනකොට පාරේ එයාව වට කරගෙන මිනිස්සු ටිකක් හිටියා. ලංසි යාළුවාට සිහියක් නෑ පාරේ වැටිලා. එතන හිටිය මිනිස්සුන්ගේ උදව්වෙන් යාළුවාට වතුර ගහල කොහොම හරි සිහිය ගත්තා. කොහොම හරි වෙලා තියෙන්නේ වාහනයට ඉස්සර කරන්න මම සීට් එකෙනුත් නැගිටලා බයිසිකලේ පාගන කොට ලැගේජ් එකේ හිටිය ලංසි යාළුවා පාරට ඇදගෙන වැටිලා. කොහොම හරි මිනිස්සුන්ගෙන් ගුටි නොකා අපි ලංසි යාළුවත් අරන් ඉස්කෝලෙට එනකොට ඉස්කොලෙත් පටන් අරන්.චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - මාලන් කරුණාරත්නපසුගිය සතියෙන්...
|
CREATIVE
|
1. “ඔස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල් “ – ඇ.ඩො.මි. 79.1102. “ ජැක් ද ජයන්ට් ස්ලෙයර් “ – ඇ.ඩො.මි. 9.8393. “ අයිඩෙන්ටිටි තීෆ් “ – ඇ.ඩො.මි 6.3344. “ ඩෙඩ් මෑන් ඩවුන් “ – ඇ.ඩො.මි. 5.3455. “ ස්නිච් “ – ඇ.ඩො.මි 5.0986. “ ට්වෙන්ටි වන් ඇන්ඩ් ඕව “ – ඇ.ඩො.මි. 5.0917. “ සේෆ් හේවන් “ – ඇ.ඩො.මි. 3.7538. “ සිල්ව ලියිනිංග්ස් ප්ලේබුක් “ – ඇ.ඩො.මි. 3.6189. “ එස්කේප් ෆ්රොම් ප්ලැනට් අර්ත් “ – ඇ.ඩො.මි. 3.21810. “ ද ලාස්ට් එක්සෝසිසම් පාට් 2 “ – ඇ.ඩො.මි. 3.167ඉවැඩ්නි
|
CREATIVE
|
ක්ලින්ට් ඊස්ට්වුඩ්යළිත් දික්කසාද වෙයිවයස අසූ තුනක් සපිරෙද්දී ඕනෑම කෙනකු සිතන්නේ පැමිණි දුක් පැණි රසයි කියා සිතා අමිහිරි යුග දිවියක් ගැන වුවත් හිත හදා ගැනීමටයි. එහෙත් හොලිවුඩ් පුරයේ ඇත්තන් නම් එසේ නොසිතන අයයි.අසූ තුන් හැවිරිදි ක්ලින්ට් ඊස්ට්වුඩ් සහ හතළිස් අට හැවිරිදි ඩිනා වෙන්වීමට සිතුවේ එනිසාය. අමෙරිකානු වර්තාකාරිනියක වූ ඩිනා පසුගිය මාස ගණනාව පුරාම ජීවත් වී ඇත්තේ කිසිදු පයිරු පයිසානමක් නැති අයවලුන් ලෙසයි.පසුගිය අප්‍රේල් මාසයේදී සබඳතාව නිසා ඇති වූ විශාදය හා කාංසා තත්ත්වයන් නිසා ඇය පුනරුත්ථාපන ආයතනයකට ද ඇතුළත් වී තිබේ.එහෙත් ඩිනා පනස් හැවිරිදි ස්කොට් ෆිෂර් සමඟ පවත්වන සම්බන්ධය මේ විශාදයට හේතුª වූ බව බොහෝ දෙනාගේ අදහසයි. ස්කොට් ඇයගේ පාසල් මිතුරෙකි.ඊස්ට්වුඩ් ඩිනාගේ අත ගත්තේ 1996 දීය. ඔවුනට සිටින්නේ එක් දියණියකි. ඇය සොළොස් හැවිරිදියි. ක්ලින්ට් මුලින්ම විවාහ වී සිටියේ මැගී ජොන්සන් සමඟයි.කලින් සබඳතාවලින් ද ඔහුට දරුවන් සය දෙනකු සිටියි. 1953 දී ඊස්ට්වුඩ් මැගී සමඟ අතගත්තත් ඒ විවාහයට තමන් ඉක්මන් වූවා වැඩි බව ඔහු නිතර පවසා තිබේ. දික්කසාදයෙන් පසු ක්ලින්ට් මේ විවාහයට පමා වූවා වැඩියි කියා පැවසීමට බොහෝ දුරට ඉඩ තිබේ.මයිකල් ඩග්ලස් සහ කැතරීන් සීටා ජෝන් මෑතකදී දික්කසාද වූ අනෙක් තාරකා යුවළයි. ක්ලින්ට් ඊස්ට්වුඩ් හොඳම නළුවා ලෙස දෙවරක් ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණු, හොඳම අධ්‍යක්ෂවරයා ලෙස දෙවරක් ඔස්කා සම්මානය දිනා ඇති විශිෂ්ටයෙකි. ඔහුගේ අන්ෆොගිවන් (1992) සහ මිලියන් ඩොලර් බේබි (2004) හොඳම ඔස්කා සම්මානයෙන් අගය කෙරිණි.ගායිකා ජෙසිකා සිම්ප්සන් සහ ගායක එරික් ජොන්සන් දැන් බලන්නේ දෙවැනි දරුවාගේ හුරතල්ය. ඒස් නූට් ඔවුන්ට ජුනි 30 වැනිදා උපන් පුතුය. දියණිය මැක්ස්වෙල් ඉපදුණේ 2012 වසරේදීයි.අමෙරිකානු සතිපතා සඟරාවක කවරය දරුවන් දෙදෙනා සමඟ ජෙසිකා සිටින ඡායාරූපයකින් හැඩ වී තිබුණි. සඟරාවේ පළ කිරීම සඳහා දුන් පුතුගේ ඡායාරූප සඳහා ජෙසිකා සහ එරික් ඩොලර් 100,000 ක මුදලක් අයකර තිබේ.සුරූපී නිළී ජෙනිෆර් ඇනිස්ටන්, බ්‍රැඩ් පිට්ගේ පළමු බිරියයි. එහෙත් ඇන්ජලිනා ජොලී සමඟ බ්‍රැඩ් ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය නිසා ඒ විවාහය පස් වසරකට සීමා විය.2011 වසරේ සිට ඇය හාදකම් පවත්වන්නේ නළුවකු වූ ජස්ටින් තෙරොක්ස් සමඟයි. හතළිස් දෙහැවිරිදි ජස්ටින් සහ හතළිස් හතර හැවිරිදි ජෙනිෆර් මේ දිනවල ඉතා කාර්යබහුලය. ඒ රූගත කිරීම් නිසාම නොවෙයි. මංගල්‍යයට සූදානම් වෙන නිසයි.ඩැනියල් රෙඩ්ක්ලිෆ්, හැරී පොටර් යනු නම් දෙකක් නොව එක් නමක් කියා සිතෙන තරමට අපට සමීපය. එහෙත් ඩැනියල් දැන් හැරී පොටර්ගෙන් පියමංකර බොහෝ දුර ගොස් ඇත. ‘ද වුමන් ඉන් බ්ලැක්’, ‘කිල් යුවර් ඩාලිංස්’, ‘ටෝකියෝ වයිස්’ වැනි සිනමාපට බොහොමයකින්ම ඔහුගේ රංගනය නැරැඹීමට ඉදිරියේදී ඉඩ ලැබෙනු ඇත.එහෙත් ඔහුට වෙනත් සිනමාපට රූගත කිරීමට සහභාගි වුණත් හැරී පොටර් මතක අවදිවන සිදුවීම්වලට මුහුණ පාන්නට වෙන්නේ දෛවෝපගත ලෙසය.ඩැනියල් සිය නවතම සිනමාපටය ‘හෝන්ස්’ රූගත කිරීමකට සහභාගි වෙමින් සිටියදී ඔහුට නයින් සිය දෙනකු සමඟ ජවනිකාවක් නිරූපණය කිරිමට සිදු විය. මේ වටිනා නාගයන් ගෙනවිත් තිබුණ් කැනඩාවෙනි.නයින් සිය දෙනාගෙන් එක් නයකු අතුරුදන් වී තිබුණු අතර නයින් සිය දෙනාම සොයා ගන්නා තුරු රෙඩ්ක්ලිෆ් ඇතුළු කණ්ඩායමටම පැවරී තිබුණේ විශාල වගකීමකි.රූගතකර අවසන් වී රාත්‍රී කාලය පුරා ඩැනියල් සහ පිරිස නැති වූ නයා සෙවූහ. අවසානයේදී සතා ගිනි ගොඩක් ළඟ උණුසුමට සැඟ වී සිටිනු දැක තිබේ.හැරී පොටර් නළුවා සර්පයන්ට කෙහොමත් කැමැතිය. ඔහුට හෝන් සිනමාපටය අවසානයට ආසන්නව අඩි 6 ක් දිග පිඹුරකු වෙලා ගැනීමට සිදු වී තිබේ.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ක්‍රිෂ්ටි ෂෙල්්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සිටු මැදුර ටෙලි සිතුවමේ මහතුන්ගේ ගෝලයා ලෙස රැඟූ සතිෂ් රණසිංහ වර්තමානය වන විට නිෂ්පාදන කළමනාකරුවකු විදිහට ඉදිරියට එමින් සිටියි. ඉටි මල්, දම්සාරි, සිටු මැදුර ආදී නාට්‍යන් ඔහු වැඩ කළ නාට්‍ය කිහිපයකි. මේ සතිෂ් පිළිබඳ කෙටි සටහනක්.සතිෂ් රණසිංහ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහම්බෙනි. එය මෙසේය. ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කළ තරුණයකි. දිනක් සිය මිත්‍ර පිරිස සමඟ ගල්කිස්සේ මුහුදු වෙරළට විනෝදය පිණිස ගිය සතිෂ්ට එතන නාට්‍යයක් රූගත කෙරෙන අයුරු දක්නට ලැබෙයි. ඔහු ඒ අසලට යන්නේ නිකමට මෙනි. එම ටෙලි සිතුවම බොඳ මීදුම් විය. සතිෂ්ගේ කඩවසම් රූපය දුටු බොඳ මීදුම් අධ්‍යක්ෂ චන්දික විජේසේනගෙන් එහි රඟන්නට ඇරැයුම් ලැබෙයි.මට එවලේ කිසිම චකිතයක් දැනුණේ නැහැ. චන්දික අයියා මට දුන්නු ඩයලොග් ටික මං හොඳින් කිව්වා. ඊට පසුව එම නාට්‍යයේම දිගින් දිගටම රඟපෑවා.කුරුණෑගල ඉපදුණු සතිෂ්ගේ පොඩි කාලේ හීනයක් වෙලා තියෙනවා රංගන ශිල්පියකු වන්න. ඒත් කාලයත් සමඟම එම හීීනය ක්‍රමයෙන් වියැකිලා. නමුත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන රැකියාවෙන් අස් වී ඔහු නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙනවා. සතිෂ්ගේ ගමන් මග වෙනස් වන්නේ චාමර සමරවික්‍රමගේ හමුවත් සමඟ.චාමර තමයි ස්වර්ණවාහිනියේ ටෙලි නාට්‍යවල රේඛීය නිෂ්පාදකවරයා විදිහට ඉන්නේ. ඔහු මාව නිෂ්පාදන කළමනාකරුවකුª කියන තනතුරෙහි පිහිටවූවා. පළමුවෙන්ම බුද්ධික කුලසේකරගේ අධීක්ෂණය යටතේ ඉටිමල් නාට්‍යයෙයි එහෙම වැඩ කළේ. ඒ වන කොටත් සිටු මැදුර, රන් සමනළයෝ, මේ වසන්ත කාලයයි ආදී නාට්‍යය බොහොමයක මං විවිධ චරිත මැව්වා.නිෂ්පාදන කළමනාකරුවකු කියන්නේ නිර්මාණයක සියලු කටයුතු සොයා බලන අයෙක්. විශේෂයෙන්ම මූල්‍යමය කටයුතු බාරවයි ඔහු කටයුතු කරන්නේ.මං හිතනවා මං ඒ වගකීම විශ්වාසවන්තව කරනවා කියලා. මට ඒකයි එක දිගටම ඒ තනතුරේම ඉන්න ලැබුණේ. මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගැනීම මා ලද වාසනාවක්.නාට්‍යයක නළු නිළියන් මාරු වෙද්දී ඒ ගැනත් චෝදනා එල්ල වෙන්නේ නිෂ්පාදන කළමනාකරුට. ඒ පිළිබඳවත් සතිෂ් කතා කළා.නාට්‍යයක නළු නිළියන් අතරමග දාලා යෑමේ ප්‍රවණතාවය දැන් දැන් වැඩියි. මටත් එහෙම අවස්ථාවන්ට මුහුණ දෙන්න වුණා. ඒ වෙලාවේදී කරන්නේ නාට්‍යයේ පිටපත් රචකයා ලවා චරිතය වෙනස් කරන එක හෝ අලුත් අයකු ගේන එක. මේක මම අවස්ථාවක් කර ගන්නවා අලුත් පරපුරේ අයට නිර්මාණයක් මගදී දාලා යන්නේ නැතුව වගකීමෙන් වැඩ කරන්න කියන එක පවසන්න.සතිෂ් නව නිෂ්පාදකවරයකු ක්ෂේත්‍රයට ගෙනත් අපූරු කතා පුවතක් පුංචි තිරයට ගේන්නට සූදානමින් ඉන්නවලු.ඒකේ නම පිං පොඩි ගුරුන්නාන්සේ. නිමල් අබේවර්ධන තමයි එහි නිෂ්පාදක. මම පිං පොඩි ගුරුන්නාන්සේහි නිෂ්පාදන කළමනාකරු විදිහට මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් සිටිනවා. කවදා හරි මගේ බලාපොරොත්තුව නිෂ්පාදකවරයකු වෙන්න. ආයෙත් නළු හීනය මගෙන් ඉවත් වෙලා.සටහන – ප්‍රසාද්
|
CREATIVE
|
ආරොන් මුදලාලි හාන්සි පුටුවේ දිගා වූයේ දවසේ ව්‍යාපාරික කටයුත නිමාවට පත් කරමිනි. නළලත රැල් බුරුල් කරමින් දෙඇස ඒ මේ අත යවමින් ආරොන් මුදලාලි බර කල්පනාවකය. දියණියන් සිවු දෙනා පේන මානයක නැත.‘කාව්‍ය, දිනේත්‍රා, සුබෝධනී, දෙව්මිනි . . .’ මුදලාලි දියණියන් ඇමතුවේ මධ්‍යස්ථ හඬකිනි.කාව්‍යා නිදන කාමරයේ කෙළවරක සිට ප්‍රේම සල්ලාපයකය.‘ඔයා කෙළින්ම ඇවිත් අපේ තාත්තගෙන් අහන්න’කාව්‍යා පෙම්වතාට ඇවටිලි කළේ ජනේලයෙන් ඈත බලාගත්වනමය. ජයසුන්දර සහ සිල්වියා යුවලගේ එකම ප්‍රත්‍රරත්නය විශ්වය.කාව්‍යාගේ පෙම්වතා වන විශ්ව අලංකාර රූ සපුවකට හිමිකම් කියන කඩවසම් තරුණයෙකි. කාව්‍යාගේ ඉල්ලීම මත මෙන්ම ප්‍රේමයෙන් ජය ගැනීමේ අදිටනින් විශ්ව කාව්‍යාගේ පියා හමුවීමට තීරණය කළේය.සෘජුවම පැමිණ ආරොන් මුදාලි හමු වූ විශ්ව තමාත් කාව්‍යාත් අතර ඇති ප්‍රේම සම්බන්ධය හෙළි කොට ඒ කටයුත්ත වෙනුවෙන් ආරොන් මුදලාලිිගෙන් අවසර ඉල්ලුවේය.ඒ මොහොතේ විශ්වගේ හිසේ සිට දෙපා දක්වා බැලූ මුදලාලි ප්‍රේම සබඳතාවයට අවසර ලබා දුන්නේ.ඒ අවසර ලබාදීමත් සමඟම මුදලාලිගේ හිස ගිනිගෙන දැවෙන්නට පටන් ගත්තේය. මුදලාලිගේ කේන්ද්‍රයේ් මාරක අපලයකි. ඉන් ගැළවීමට නම් දියණියන් සිවු දෙනාම එකම දිනෙක එකම වෙලාවක එකම මඟුල් පෝරුවක විවාහ විය යුතුය. එසේ නොකළහොත් නක්ෂත්‍රයට අනුව ආරොන් මුදලාලි අනිවාර්යයෙන්ම මිය යයි.මේ ගිනි කබලේ දැවෙන ආරොන් මුදලාලි අනෙක් දියණියන් තිදෙනාට ද මනාලයන් සොයාගෙන පැමිණෙන ලෙස භාර දෙන්නේ විශ්වටය.මේ වගකීම කරට ගන්නා විශ්ව මනාලයන් සොයන කටයුත්ත අරඹයි. මේ එක් සහෝදරියකට ප්‍රේමවන්තයකු සතුය.අනෙක් තරුණිය පවසන්නේ තමා විවාහ වන තැනැත්තා කොන්දේසි හතරකට යටත් විය යුතු බවය.ඒ කොන්දේසි හතර නම් ආහාර පිසීමට ඇති හැකියාව, තරුණයාගේ මාපියන් මිය ගොස් සිටීම, උපාධිධාරියකු වීම, තමා නිළියක වෙනවාට අකමැති නොවීමයි. සිව්වැනි දියණිය කියා සිටින්නේ තමා කිසි දිනෙක විවාහ නොවන බවයි.මේ කලබැගෑනියෙන් විශ්වගේ සිත අවුලෙන් අවුලට පත් වෙයි. කල්‍යාණ මිත්‍රයකු වූ කල්‍යාණ හමුවන විශ්ව මේ සිද්ධිදාමය ඔහුට පවසයි.ආරොන් මුදලාලිගේ අභියෝගගය ජය ගැනීමට විශ්වට හැකි වේවිද?සුනිල් ටී. ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරන ලද ජීවිතේ ලස්සනයි හරහා නොබෝ දිනකින් ඔබට මේ පැනයට පිළිතුරු සෙවිය හැකිය.නළු නිළි පිරිස:රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ, රොබින් ප්‍රනාන්දු,, ඇන්ටන් ජූඩ්, විල්සන් ගුණරත්න, සහන් විජේසිංහ, ප්‍රේමදාස විතානගේ, වසන්ත කුමාරවිල, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, ටිරෝන් මයිකල්, චතුර පෙරේරා, විනෝජා නිලන්ති, කුසුම් පෙරේරා, කපිල සිගේරා, රුවන්ගි රත්නායක, මහේෂි මධුසංකා, මේනකා මධුවන්ති, නෙතු ප්‍රියංගිකා, ඉමල්ෂා මධුශානිකාර්මික ශිල්පීන්:අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස් නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂණය – ගාමිණී මොරගොල්ලාගම සහය අධ්‍යක්ෂණය සහ සංස්කරණය - කුමාරසිරි ද සිල්වා කලා අධ්‍යක්ෂණය – ලසන්ත ද අල්විස් වේශ නිරූපණය - සරත් රණවීර සටන් අධ්‍යක්ෂණය – ටිරෝන් මයිකල් ඇඳුම් නිර්මාණය - භානු කරුණානායක සංගීත අධ්‍යක්ෂණය – අසේල ඉන්ද්‍රලාල් නැටුම් අධ්‍යක්ෂණය - සංඛ අබේසිංහ- චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
පසුගිය දවස්වල නම් මට ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීමේ කටයුතු යෙදිලා තිබුණා. සත් පත්තිනි, මුතු පලස වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් හඬ මුසු කළා.ඊට අමතරව සිනහා චිකිත්සා නම් වේදිකා නාට්‍යයටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ දවස්වල ගිහාන් රෝහණගේ වෙද මුදියන්සේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා.
|
CREATIVE
|
උදයකාන්ත වර්ණසූරිය ගේ ‘කොස්තාපල් පුඤ්ඤසෝම සිනමාපටය ආදායම් වාර්තා අලුත් කරමින් තිරගත වන බව සරසවියට වාර්තා විය. දින පනහා සපුරද්දි එහි සමස්ත ආදායම කෝටි හයක් ඉක්මවා තිබේ.එමෙන්ම රීගල් කොළඹ, ලිඩෝ බොරැල්ල, මහරගම ඇමටි ලයිට්, මෙට්‍රෝ නුගේගොඩ, හිමාලි කිරිබත්ගොඩ යන සිනමා ශාලාවන් හි ආදායම ඉතාම ඉහළ බැව් උදයකාන්ත වැඩිදුරටත් දන්වා සිටියි.- ප්‍රසාද්
|
CREATIVE
|
වානරයන් යළි මුලටඅමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ ගෙවී ගිය සති අන්තයන් දෙක තුළදීම පළමු ස්ථානයට පැමිණීමට Dawn of The Planet of The Apes චිත්‍රපටය සමත් විය. මැට් රීව්ස් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 36ක ආදායමක් වාර්තා කළේය.දෙවැනි ස්ථානයට පැමිණ ඇත්තේ ජේම්ස් ඩිමොනාකෝ අධ්‍යක්ෂණය කළ The Purge: Anarchy චිත්‍රපටය යි. ත්‍රසජනක කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය පසුගිය ජුලි 18 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළේය. එය පළමු සති අන්තයේදී ඉපැයු ආදායම ඩොලර් මිලියන 28.4කි. තරුණ යුවළක් වටා ගෙතුණු කතා පුවතක් රැගත් මෙහි ෆ්රෑන්ක් ග්‍රිලෝ, කාමෙන් එජ්ගෝ, සැච් ගිල්ෆෝර්ඩ් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.ජුලි 18 වැනිදා අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Planes: Fire & Rescueචිත්‍රපටය තෙවැනි ස්ථානයට පැමිණ ඇති අතර සිය පළමු සති අන්තයේදී උපයා ගත් ආදායම ඩොලර් මිලියන 18කි. හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Planes: Fire & Rescue අධ්‍යක්ෂණය රොබට් ගැනවේ විසිනි. Sex Tape චිත්‍රපටය මෙම සතියේ අමෙරිකානු බොක්ස් ඔෆිස් චිතපට මාලාවේ සිව්වැනි ස්ථානයට පැමිණ සිටින්නේ ඩොලර් මිලියන 15ක ආදායමක් ලබමිනි. පසුගිය ජුලි 18 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම හාස්‍යමය චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජේක් කැස්ඩන් විසිනි. ජේසන් සෙගෙල්, කැමරුන් ඩයස්, රොබ් කෝර්ඩ්‍්‍ර මෙහි රංගනයෙන් දායක වෙති.Transformers : Age of Extinction චිත්‍රපටය මෙවර පස්වැනි ස්ථානය හිමි වී ඇති අතර පසුගිය සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 10කි. අමෙරිකානු ප්‍රදර්ශනයේ සිව්වැනි සතිය ගෙවන Transformers : Age of Extinction මේ වන විට උපයා ඇති මුළු ආදායම ඩොලර් මිලියන 227.2ක්. හාස්‍යමය කතා පුවතක් ගෙන එන Tammy චිත්‍රපටය ඩොලර් මිලියන 7.6ක සති අන්ත ආදායමක් ලබා හය වැනි ස්ථානයේ පසු වේ. හත් වැනි ස්ථානය හිමි වන්නේ ඩොලර් මිලියන 4.7ක ආදායමක් වාර්තා කළ 22 බ්භථන ඉබපඥඥබ චිත්‍රපටය යි.අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ අට වැනි ස්ථානය How to Train Your Dragon 2 චිත්‍රපටයට හිමිව තිබේ. Maleficent චිත්‍රපටය පසුගිය සතියේ මෙන්ම මෙවරද අටවැනි ස්ථානයේ රැඳී ඇති අතර බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දහය අතරේ එය දැන් ගත කරන්නේ අට වැනි සතිය යි. රොබර්ට් ස්ටේ‍්‍රාම්බර්ග් අධ්‍යක්ෂණය කළ Maleficent මේ වන විට ඩොලර් මිලියන 228.4ක ආදායමක් ලබා ඇත. ඩේව් ග්රී න් අධ්‍යක්ෂණය කළ Earth to Echo අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ දසවැනි ස්ථානයට පැමිණ ඇති අතර Deliver Us from Evil, Begin Again, Jersey Boys චිත්‍රපට මෙවර දර්ශකයේ ඉවතට ගොස් ඇති චිත්‍රපට වේ.යතේජා
|
CREATIVE
|
ඇය ඔබේ හදවත දිනාගත් අවිහිංසක රංගන ශිල්පිනියක්. යශෝධා විමලධර්ම. වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරය ද එක ලෙස විචිත්‍රවත් කළ දක්ෂ රංගන ශිල්පිනියක්. විටෙක නිවේදිකාවක ලෙස ද ඔබ හමුවට පැමිණි ඇය හින්දි භාෂාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිණියක්.‘අත්ත බිඳෙයි’ ටෙලි නාට්‍යයෙන් ආරම්භ වූ ටෙලි රංගන ජීවිතයේ ‘සඳගිරි පව්ව’, ‘ගිගිරි වළලු’, ‘ගිරිකුල අන්දර’, ‘දූ දරුවෝ’, ‘වාසනා වේවා’, ‘කඩුල්ල’, ‘හිරු කුමරි’, ‘සතර දෙනෙක් සෙන්පතියෝ’, ‘සත්පුර වැසියෝ’, ‘සූරිය දරුවෝ’, ‘දූවරු’ වැනි ටෙලි නාට්‍ය රැසක කළ රංගනයන් ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. එසේම ‘හිරු දහසක්’, ‘ට්‍රෝජන් කාන්තාවෝ’, ‘මකරාක්ෂයා’ නව නිෂ්පාදනය වැනි වේදිකා නාට්‍ය නිර්මාණ තුළත් ඇය නොමැකෙන මතක සනිටුහන් කළා.විජය ධර්ම ශ්‍රී ගේ ‘ගුරු ගෙදර’ චිත්‍රපටයට දායක වෙමින් රිදී තිරයට පිවිසි යශෝධා ‘දුවට මවක මිස’, ‘මාරුතය’, ‘තීර්ථ යාත්‍රා’, ‘අග්නි දාහය’, ‘ගරිල්ලා මාකටින්’ වැනි සිනමා නිර්මාණ තුළින් සිය ප්‍රතිභාපූර්ණ රංගනය තව තවත් ඔපවත් කළා. එසේම සුමිත්‍රා පීරිස්ගේ වෛශ්නාවි සහ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ යන සිනමා නිර්මාණ ඔස්සේ යළිත් ඇය ඔබ හමුවන්නත් නියමිතයි.ඇය සම්මානනීය වන්නේ ඇය රංගනයෙන් දායක වූ පළමු නාට්‍ය වූ ‘හිරු දහසක්’ වේදිකා නාට්‍යය තුළින්. ඒ රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනිමිනි. අනතුරුව ඇය රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය වන ‘ගුරු ගෙදර’ හි රංගනය වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ කුසලතා සම්මානය ද ‘ක්ෂේම භූමි’ චිත්‍රපටයේ රංගනයට විචාරක සම්මානයත්, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් 2000 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවා.‘දුවට මවක මිස’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි ජනාධිපති සම්මානය ද දිනා ගත් යශෝධා ‘අග්නිදාහය’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් 2003 සිග්නිස් උත්තමාචාර සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ද දිනා ගත්තා.යතේජා
|
CREATIVE
|
‘සදානන්දනීය ගී’15 දා ලුම්බිණියේ‘සදානන්දනීය ගී’ නමින් ඒක පුද්ගල ගීප්‍රසංගයක් එළඹෙන 15 වැනිදා (එනම් එන ඉරිදා) උදෑසන 9 සිට දහවල් 1 දක්වා ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.මෙහි ගැයුම් ඉදිරිපත් කරනුයේ අපූරු පුද්ගලයකි. ඒ සුප්‍රසිද්ධ චිත්‍ර කතා ශිල්පියකු වන බලංගොඩ සරත් මධුය.‘සදා නන්දනිය ගී’ උපහාර ගී ප්‍රසගංයකි. ධර්මදාස වල්පොල, මොහිදින් බෙග්, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි වැනි ගායකයින්ගේ අමරණිය ගීත කිහිපයක් සරත් මධුගේ හඬින් එදින ගැයෙනු ඇත. නොමිලයේ පැවැත්වෙන මෙම ප්‍රසංගය රවින්ද්‍ර ශ්‍රී ගනේගොඩ සහ ප්‍රියන්ත ගමගේ ගේ සංවිධානයකි.අසුව දශකයේ මුල භාගයේ අතිශය ජනප්‍රිය වූ ඉතින් ඊට පස්සේ, යුනිකෝ, නිවුරෝ වැනි චිත්‍ර කතා බිහි වූයේ සරත් මධුගේ තෙළිතුඩිනි.ඉතින් ඊට පස්සේ චිත්‍ර කතාව ඇසුරෙන් නිපද වූ එහි ටෙලි සිතුවම 2010 වසරේ සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍ය බවට සම්මානයට පාත්‍ර විය.එඩ්වඩ් ජයකොඩි කලාකරුවාගේ සංගීත දිවියට වසර 41 ක් පිරීම මෙන්ම පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට වසර 41 ක් සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ ඒක පුද්ගල ගී ප්‍රසංගය මෙම මස 13 වැනිදා (හෙට දින) පස්වරු 3.30 සහ පස්වරු 6.30 ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.විශාරද එඩ්වඩ් ජයකොඩි එදා මෙදාතුර ගැයූ අතිශයින් ජනප්‍රිය ප්‍රේම ගීත, චිත්‍රපට ගීත, වේදිකා ගීත, ටෙලි නාට්‍ය ගීත, දේහාභිමානී ගීත, ළමා ගීත රැසක් මෙම ප්‍රසංගයට ඇතුළත්ය. යුග ගායනයෙන් චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ශ්‍රියා කාරියවසම්, ශාරන්‍යා ජයකොඩි සහාය වේ. සත්සර මෙහෙයුම සුසිල් අමරසිංහගෙනි. කථනය වසන්ත රෝහණ ගෙනි.සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා දිනය සහ සිසුවියන් ඉදිරිපත් කළ ‘ටැලන්ට් ෂෝ’ පසුගියදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් සහ නර්තන, ගායන හැකියාවන් මෙහිදී ඉදිරිපත් කෙරිණ.මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත මහාචාර්ය රේෂා උදේනියා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි භාෂා සහ විදේශ භාෂා පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විශාඛා ජයවික්‍රම, සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ප්‍රියන්ති සමරවීර, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.ඡායා - මාලන් කරුණාරත්න17 දා දොරට වඩියිප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්මසිළුමිණ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘවරයා ද වන කරුණාදාස සූරියආරච්චිගේ නවතම නවකතාව ‘මම තවම යමි’ මෙම මස 17 වැනිදා අඟහරුවාදා පස්වරු 3.30 ට කොළඹ 07ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී දොරට වඩී.ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර මුලසුන හොබවන අතර සුධම්මිකා භික්ෂුණී සහ රන්ජන් අමරරත්න, බුද්ධි ගලප්පත්ති, උපුල් ශාන්ත සන්නස්ගල, ධම්ම දිසානායක යන මහත්වරු එදිනට දෙසුම් පවත්වති. එදින උත්සවය මෙහෙය වන්නේ සමන් අතාවුද හෙට්ටියි. මීට පෙර කතුවරයා රචනා කළ ‘කන්ද පාමුල’, ‘අන්ධකාර තාරකාව’, ‘කළු දෝංකාරය’ යන නවකතා 2007, 2009 සහ 2010 වර්ෂයන්හිදී ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත විය.
|
CREATIVE
|
සිනමා ශාලාවල O. D. C යනුවෙන් නම් කරන ලද වචනයේ ඉංග්‍රීසි අදහස කුමක්ද?සුරවීරධර්ගා නගගරයO. D. C කියන වචනය පැරැණි ඔපෙරා රංග ශාලාවලින් බිඳී ආ එකක්. එකල එහි සාමාන්‍ය ජනතාවගේ ආසන වෙනමත් හොඳින් ඇඳ පැළඳ ගත් ඉහළ පැලැන්තියේ අයගේ ආසන වෙනමත් සකස් කෙරුණා. එය හැඳින් වූයේ Outer Dress Circle යන නමින්. පසුකලෙක සිනමා ශාලාවලට පරිවර්තනය වුණේ නෘත්‍ය ශාලා බැවින් ඒ ආසන පංතිය එනමින්ම හැඳින්වූවා.එදා චිත්‍රපටවල බොහොමයක මොහිදින් බෙග් ගායනා කළ පසුබිම් ගීතයක් ඇතුළත් වුණා. අද නැත්තේ ඇයි?සරත් රණසිංහකපුගාඩ මාළිඳදැන් මොහිදින් බෙග්ගේ ගීත ඇතුළත් කරන්නේ කොහොමද? ඔහු අභාවප්‍රාප්ත වෙලා ගොඩක් කල් ගත වෙලානේ.ගීත වැඩිම ප්‍රමාණයක් ඇතුළත් චිත්‍රපටය ‘හිතට හිත’ චිත්‍රපටයද?නීටා මාසලින්කැළණිය, වරාගොඩදේව සුන්දරී චිත්‍රපටයේ.ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ ට සම්බන්ධ වූ සියලුම පිරිස් අතරින් අදට ජීවත් වන්නා වූ වාසනාවන්තයින් කවුරුන් ද?කමලා සෙනෙවිරත්නහෝකන්දර දකුණමේ වන විට කිසිවෙකුත් ජීවතුන් අතර නැහැ.‘විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ’ නම් බොදු ගීතය ගායනා කරන ගායකයා කවුද?මහින්ද වෑකඩබෙලිගලවිජයසුන්දර පොළොන්ඕවිට.විලාස්නී තම්පෝ මහත්මිය ලියූ තම පියා වූ රොබින් තම්පෝගේ චරිතාපදානය පොත ලබා ගත හැක්කේ කෙසේද?විමල් සොයිසාග්‍රෑන්ඩ්පාස්පොත් අලෙවි සැල්වලින් ලබා ගත හැකියි.බයිලා චක්‍රවර්ති එම්. එස්. ප්‍රනාන්දු චිත්‍රපටවල ගීත ගායනය හැර නාට්‍යයක හෝ චිත්‍රපටයක රඟපා තිබේද?එස්. එල්. වික්‍රමසිංහමාවනැල්ලඑම්. එස්. ප්‍රනාන්දු වේදිකා නාට්‍යවල රඟපෑව බව නම් දන්නේ නැහැ. හැබැයි ඔහු ‘දැන් මකතද’, ‘හතර දෙනාම සූරයෝ’, ‘එදත් සූරයා අදත් සූරයා’, ‘සිංගප්පූර් චාලි’ වැනි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුණා.ජනප්‍රිය නළු සජිත අනුත්තර ඇන්තනීගේ ලිපිනය පළ කරන්න.සමන් පෙරේරාහැඳල.90 ඒවනිගසූරිය වත්ත,රාගම පාර,කඩවත.භාරත සිනමාවේ අග්‍රගණ්‍ය විකට නළුවකු වූ භගවාන් සිංහල චිත්‍රපටයක රඟපා ඇත්ද?ජයම්පති නවරත්නමාතලේඔව්. දොස්තර චිත්‍රපටයේ රඟපෑවා.සිනමා නිළි අනෝජා වීරසිංහ පවසා තිබුණා ඇය ‘කෙළි මඬල’ නිෂ්පාදනය කළේ ‘මල්දෙණියේ සිමියොන්’ තුළින් ජාත්‍යන්තර සම්මානයක් අත් කර දුන් අධ්‍යක්ෂවරයාට කෘතගුණ සැළකීමක් හැටියට බවයි. ඒ ගුණය අපේ සමහර නළු නිළියන්ට තිබුණා නම් ධර්ම ශ්‍රී, සුගතපාල සෙනරත් යාපා වැන්නවුන්ගෙන් තව එක සිනමා නිර්මාණයක් හෝ අපට දැක ගන්නට ලැබෙනවා නේද?ජානක ඉලුක්කුඹුරකඩවතඑහෙම වෙන්න ඉඩ තිබුණා.දේශීය සිනමාවේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදිකාව වූ රුක්මණී දේවිය නිපද වූ චිත්‍රපටය කුමක්ද?නිමල් කුලසේකරඅඟුලානදේශීය සිනමාවේ ඇය ‘සිරියලතා’ චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් ගායක වුණා. කොහොම වුණත් තනිව චිත්‍රපටයක් නිපද වූ කාන්තාව වන්නේ චිත්‍රා අබේගුණවර්ධනයි. ඇය ‘පුරුෂ රත්නය’ චිත්‍රපටය නිෂ්පාදනය කළා.රංගන ශිල්පිනී අනෝමා ජනාදරී ගැන යමක් කියන්න.චාමර හේමනාත් විජේසිංහපිළියන්දලඇය රඟපානවානේ.දේශපාලනය ගත්තත් කලා ලෝකය ගත්තත් සාමාන්‍ය සමාජය ගත්තත් දවසින් දවස සාරධර්ම, ගුණධර්ම පිරිහිලා යනවා. ඇත්තටම අද මිනිසුන් තිරිසන් ගනයට ඇවිදින් නේද අර්ජුන්?කරු මන්දාවලනාත්තන්ඩියමට නම් හිතෙන්නේ එදත් අදත් ලෝකයේ එහෙම විශාල වෙනසක් නැහැ. අද තියෙන්නේ ඒ සියල්ල දැන ගැනීමේ හැකියාව පමණයි. දරුවන් වනේ ලා කෙටුවේත්, එක හිසට හිස් දහසක් ගෙන ආවේත් අප දන්නා ඉතිහාසයේ හෙළි වූ කතා කිහිපයක් පමණි. ඒ නිසා මම හිතන්නේ ලෝකයේ එතරම් වෙනසක් වෙලා නැහැ කියලයි.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
අංජු හිමායා බණ්ඩාරසිකුරාදා හැන්දෑවට ස්වර්ණවාහිනී නාලිකාවේ Good Af ternoon Sri Lanka වැඩ සටහනත් රැගෙන එන ඇය අංජු හිමායා බණ්ඩාර. හිම කඳුළු, වන්දනා, සුදු ගින්දර ඇතුළු ටෙලි නාට්‍ය පහළොවක පමණ තමන්ගේ දස්කම් දැක් වූ ඇය මේ දිනවල කතාබහට ලක්වන්නේ නිවේදිකාවකගේ භු®මිකාව හරහායි.මේ අංජු සමඟ කළ කතාබහකි.* මං කැමැතියි නිවේදිකාවක් කියලා ඔබ හඳුන්වන්නට?මම ඒ භූමිකාවට ඉතාමත් කැමැතියි. කලාවට සම්බන්ධ වීමත් සමඟම නිවේදිකාවක වීමේ සිහිනයත් මට තිබුණා. විවිධ අවස්ථාවලදී නිවේදිකාවක ලෙස කටයුතු කළත් ඒ ක්ෂේත්‍රයේ ස්ථාවරවීම මගේ අරමුණක් වෙලා තිබුණේ. සිකුරාදා ස්වර්ණවාහිනි නාලිකාවේ සවස 2 සිට 4.30 දක්වා Good Afternoon Sri Lanka වැඩ සටහන හරහා ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගන්නට මට හැකි වුණා.* නිවේදිකාවක් වන්නට මෙතරම් ඔබේ බලාපොරොත්තුවක් තිබුණේ ඇයි?අපේ සමාජයේ යහපත් බව රඳවා පවත්වා ගැනීමට නිිවේදකයකුට හෝ නිවේදිකාවකට බොහෝ දේ කළ හැකියි. යහපත් වචන, යහපත් ආමන්ත්‍රණ හරහා සමාජයට ආමන්ත්‍රණය කිරීමට ලැබීම වාසනාවක් කියලයි මට හිතෙන්නේ.නිවේදන වෘත්තිය ඉතාමත් පරෙස්සමෙන් හසුරුවා ගත යුතු භාවනාවක් වගේ කියලයි මට හිතෙන්නේ. ඒ් වගේම ඒ සඳහා හොඳ හැදෑරීමක් ද තිබිය යුතුයි. ලෝකය ගැන වගේම අපේ රසිකයන්ගේ හෘද ස්පන්ධනය ගැනත් නිවේදකයාට දැනුමක් තිබිය යුතුමයි. ඒ හැදෑරීම හරහා අප ඉදිරියේ සිටින පුද්ගලයාට උසස් රස වින්දනයක් ලබා දෙන්නට හැකි වේවි.* නිවේදන කටයුතු සමඟ රංගනයෙන් ඉවත් වුණාද?නැහැ. මේ දිනවල සමන් කුමාර ලියනගේ ගේ පෙම් සිත දැහැමියි, නිශාන්ත වීරසිංහගේ චන්ද කින්නරාවී, දීපානි අබේරත්නගේ සංසාර චාරිකා ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ගිහාන් රෝහණගේ මං අවලංගුයි ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශනය වේවි. හිරුට මුවාවෙන් නව නිෂ්පාදනයේ ජයමිණි ගේ චරිතයත් ලැබී තිබෙනවා. නිවේදන කටයුතු අතරේ රංගනයෙන් ඈත්වෙන්න මගේ අදහසක් නැහැ.මං මේ ක්ෂේත්‍ර දෙකටම ඉතාමත් ආදරෙයි. ඒ නිසා නිවේදන කලාව සහ රංගන කලාව යන ක්ෂේත්‍ර දෙකම නියෝජනය කරමින් කලාවේ රැඳී ඉන්නට හිතක් තිබෙනවා.* චිත්‍රපට සඳහා දායක වෙන්න හිතක් නැද්ද?රාස්ස කැලේ, තුෂාරා වගේ චිත්‍රපට සඳහා මම දායක වුණා. ඉන් රාස්ස කැලේ තවමත් තිරගත වුණේ නැහැ.* කලා ජීවිතේ ගැන තෘප්තිමත්ද?ඇත්තටම ඔව්. අපේ රටේ කලාව ඇසුරු කරන්නට ලැබීම වාසනාවක්.* ඔබ පොත්පත් කියවන චරිතයක්ද?ඔව් . . . ඉඩ ලැබෙන හැම වෙලාවකදීම මම පොත පත කියවනවා. වැඩිපුරම කැමති පරිවර්තන පොත පත කියවන්නටයි. ඇත්තම කිව්වොත් පොත් කියවීම මගේ විනෝදාංශයක්.* නිවේදිකාවක් කියන්නේ තරමක් භාරදූර වගකීමක්. ඔබ ඒ වගකීමට සුදුසුය කියල හිතනවද?වගකීමක් දරන්න සුදුසුකමක් තිබිය යුතුමයි. ඒ වගේම ඒ සුදුසුකම සපුරා ගන්නට හැදෑරීමත් අත්‍යවශ්‍යයි.* හිම කඳුළු ටෙලි නාට්‍යයේ කෞෂි, වන්චනා ටෙලි නාට්‍යයේ තාරුකා සාමාන්‍ය සරල චරිත තමයි ඔබට ලැබුණේ. කලාත්මක නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?මෙහෙමයි. මං රඟපෑ චරිත සියල්ලටම එක ලෙස ආදරෙයි. මං වඩාත් කැමති සරල සාමාන්‍ය යථාර්ථවාදී චරිතවලටයි. එදිනෙදා සමාජයේ දකින්නට ලැබෙන චරිත සමඟ ගනුදෙනු කරන්නට මං වඩාත් කැමැත්තක් දක්වනවා.නමුත් ඕනැම චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.* ක්ෂේත්‍රය ගැන මොකකද හිතෙන්නේ?ඉතාමත් අවබෝධයෙන් සිහි බුද්ධියෙන් ඇවිද යා යුතු දිගු දුෂ්කර මාවතක්.* බොහෝ නිවේදිකාවන්ට නැෙඟන චෝදනාවක් තමයි වචන හිඟ බව. ඔබටත් කවුරුන් හෝ එහෙම චෝදනාවක් කළොත්?ඕනෑම කලාවක් ප්‍රගුණ වන්නේ කාලය සමඟයි. මගේ බොහෝ අඩුපාඩු ඇති කියලා මං දන්නවා. ඒවා හදාගන්නට හැමෝගේම අදහස් අවශ්‍යයි. වචන හිඟ බව ඇති වෙන්නේ හරි කියවීමක්, හැදෑරීමක් නැති වුණාම කියාල මං හිතනවා. ඒ නිසා හැකි හැම විටම මං මගේ ශබ්ද කෝෂයට අලුත් දෙයක් එක්කර ගන්නට උත්සාහ කරනවා.මේ කෙටි කතාවේ අවසානය?මේ වෙලාවේ මට උදවු දුන් හැමෝටම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම විශ්වනාත් විජේසූරිය, බුද්ධික කුලසේකර සහ මනෝජ් දිසානායකටත් ස්තුතිය පුද කළ යුතුමයි.චතුරඡායාරූප - මාලන්
|
CREATIVE
|
එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කරන ඇලෙක්සැන්ඩර් කුරේ නිපදවන අපූරුගම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණි.මෙහි සම්බන්ධීකරණය සහ කළමනාකරණය රංජිත් සඳනායකගෙනි. සුනිල් විතානාරච්චි රේඛීය නිෂ්පාදක වරයාය. බුද්ධික අබේරත්න සහාය අධ්‍යක්ෂණයෙන් එක්වෙති. මහේෂ් ඉන්දික දෙවන සහාය අධ්‍යක්ෂවරයාය. රොෂාන් වර්ණකුළසූරිය කලා අධ්‍යක්ෂණයෙන්ද, සංජීව අනුර සෙනෙවිරත්න අංගරචනයෙන්ද, ධනුෂ්ක නිෂාන් ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂණයෙන්ද, ඉන්දික සමීර ද සිල්වා නිෂ්පාදන කළමනාකරණයෙන්ද අපූරු ගම සඳහා දායක වෙති.රෙක්ස් කොඩිප්පිලි, දයා අල්විස්, පී. ආර්. පෙරේරා, දමිතා අබේරත්න, එරංග ජීවන්ත, ගාමිණී අම්බලන්ගොඩ, පවිත්‍රා වික්‍රමසිංහ, නිරෝෂා තලගල, රංග වික්‍රම, සංජු රොඩ්‍රිගෝ, හැරී විමලසේන, සෝමරත්න මාලිම්බඩ, සරත් පීරිස්, රොෂාන් පෙරේරා, භාතිය මදනායක, සුනෙත් මැල්සිරිපුර, මලිඳු ශිවංක ද සිල්වා, ලක්නිඳු සඳුන් සන්දනායක අපූරු ගමහි නළු නිළි පිරිවරයි.ඉහත දැක්වනුයේ අපූරුගම මුහුරත් උළෙලදා එහි පිරිවර සමූහ ඡායාරූපයට පෙනී සිටි අයුරුයි. සේයාරුව - සීතාන් ගුණවර්ධන
|
CREATIVE
|
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (විද්‍යුත්)රන්ජන් ද සිල්වාමම මේ දවස්වල අතිගරු ජනාධිපතිතුමාගේ වැඩ කටයුතුවලට මාධ්‍ය සහයෝගය ලබා දෙමින් රැකියාව කරගෙන සිටිනවා.
|
CREATIVE
|
සිරි දළදාගමනය සමඟ අලුත් තරගයක්ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ මුල් වතාවට සිනමාහල් අතර එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉලක්කගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සපුරන සිනමාහල සඳහා රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයක් පිරිනමන අලුත්ම තරගයක් සිරි දළදාගමනය චිත්‍රපටය තිරගතවීමත් සමග ඇරැඹෙයි. එය ප්‍රදර්ශනය ඇරැඹූ මාර්තු හය වැනිදා සිට ආරම්භක සිනමා ශාලා පණහම මේ සඳහා ඇතුළත් වනු ඇත.මෙම තරගයට අවශ්‍ය සියලු ප්‍රචාරක පහසුකම් චිත්‍රපටය නිෂ්පාදනය කළ ඊ. ඒ. පී. සමාගම මඟින් සිදු කෙරෙන අතර දැවැන්ත ප්‍රචාරක ජාලයක් ඒ සඳහා ක්‍රියාත්මක කොට ඇත. ඉලක්කගත ප්‍රේක්ෂක සංඛ්‍යාව සකස් කොට ඇත්තේ කුස පබා, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සහ සිරි පැරකුම් යන චිත්‍රපට නැරැඹීමට අදාළ සිනමාහලට පැමිණි ප්‍රේක්ෂකයන් සැලකිල්ලට ගනිමිනි. මේ අනුව සිරි පැරකුම් චිත්‍රපටය වැඩිපුරම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නරඹා ඇත්තේ කුරුණෑගල සිනෙක්ස්පෝ සිනමාහලේය.ඒ 121735 කි. තරගය ජයග්‍රහණය කිරීමට නම් එහි සිරි දළදාගමනය අවම ප්‍රේක්ෂකයන් ගණන 131473 ක් විය යුතුය. ඊ. ඒ. පී. ෆිල්ම්ස් හි කළමනාකර අධ්‍යක්ෂ අසංක එදිරිසිංහ මහතා මේ පිළිබඳ සඳහන් කරන්නේ සිරි දළදාගමනය දේශීය සිනමාවේ සහ සිනමා කර්මාන්තතයේ ප්‍රවර්ධනයට මෙන්ම නව සිනමා සංස්කෘතියක් මෙරටට බිහි කොට ලක්ෂ 26 කට ආසන්න පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් සිනමාහලට කැඳවීම බවයි.සිරි දළදාගමනය ආරම්භක වටයේ ප්‍රදර්ශනය අවසන් වී සති දෙකක් ගතවීමට පෙර වැල්ලවත්ත සැෆයාර් හෝටලයේදී අදාළ සිනමාහල් හිමියන් අතරින් ප්‍රේක්ෂක ඉහත කී ඉලක්කය සපුරන සිනමාහල් තෝරා කුසපත් ඇද ජයග්‍රාහී සිනමාහලට හිමි ලක්ෂ 10 සිනමාපටයේ සම නිෂ්පාදිකා ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය අතින් පිරිනැමෙනු ඇත.ප්‍රසාද්
|
CREATIVE
|
සෑම සෙනසුරාදාම රෑ 9.30 ට CSN සංග්‍රාම අඩවියට ගොඩ වෙන්නනෙහාරාට තුවාලලෝචනා ගොම කයිඋමයංගනා පිළිස්සෙයිවන වියළට ඉහළ අහසේ සඳ එබිකම් කරමින් තිබුණී. ලා කහ පැහැති මලානික හිරු කෙඳිති වැව් දියවර සිඹිමිනි. ඉඳහිට ඈතින් ඇසෙන බටගොයකුගේ හෝ බිඟුනරයකුගේ හඬ වන වදුල මවාලූ නිහඬතාව එකවර බිඳ දමයි. ‘චපස්’ ගාමින් වැව් දිය මත වැතිරෙන ගෙඹි නාම්බකුගේ හඬ පවා පැහැදිලිව ඇසෙන සන්ධ්‍යාවයි මේ.ගෙවී යාමට ඇත්තේ තවවත් සුළු වෙලාවකි. මේ ගැඹුරු නිහැඬියාව විඳිමින් ඔවුහු මේ ගල්තලාවට පැමිණීමට නියමිතය. තව මොහොතකින් මේ තැන්නහි ඉදි වන තාවකාලික සුරක්ෂිත විනෝදබර කඳවුරේ මට ද තැනක් හිමිවනු ඇත.මා කුඩා ඔයට පැමිණීයේ Battle Zone සංග්‍රාම අඩියෙහි වගතුග දැන ගැනීම උදෙසාය. අපේ ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ජනප්‍රිය කලාකරුවන් හා ක්‍රීඩකයන් රැසක් දායකත්වය ලබා දෙන වික්‍රමාන්විත ක්‍රීඩාවන්වලින් සුසැදි රියැලිටි වැඩ සටහන Battle Zone ය. CSN නාලිකැවේ නිපැයුමක් වන මෙම නිර්මාණශීලී වැඩසටහන 16 දෙනකු සහභාගි වන බව පවසන්නේ අප හිතාදර සද්ධා මංගල සූරියබණ්ඩාරය. සේමිණි ඉද්දමල්ගොඩ, මේනක රාජපක්ෂ, උමයංගනා වික්‍රමසිංහ, නෙහාරා පීරිස්, නිනෝ අරලිය, දර්ශන් ධර්මරාජ්, නිරෝෂන් විජේසිංහ, මේනකා මධුවන්ති, ගයන්ත විජයරත්න, රිතු ආකර්ෂා, සුදර්ශන බණ්ඩාර, ලෝචනා ඉමාෂි, කිෂානි අලංකි, ටෙඩී විද්‍යාලංකාර, ඩිලන්ත මාලගමුව සහ ලක් රූ රැජන ඉරේෂා අසංකි මෙම රියැලිටි මෙහෙයුමේ තරගකරුවන්ය. සුන්දරත්වය දොරේ ගලා යන එකමුතු බවේ ජවසම්පන්න තරගාවලිය දැන් ඇරැඹී තිබේ.තව නොබෝ වේලාවකින් රාත්‍රිය ද රැගෙන ඔවුන් පැමිණෙන වග පවසන්නේ සද්ධාය.දහදිය පිරි ගත දෙඅතින්ම සන්තතර්පණය කරමින් මුලින්ම ගල් තලාවට පැමිණියේ මේනකයි. ජවසම්පන්න තාරුණ්‍ය සමඟ ගල් කුල නැඟි මේනක විනාඩි කිහිපයක් යන තෙක්ම නිහැඬියාව සමඟය.‘මාර ගමනක් ගියේ. වැව මැදදි එරුණා. සපත්තු ඇතුළේ මඩ, ඒකයි කකුල නෑ වගේ දැනෙන්නේ. එකිනෙකා ගිරිකුල වෙතට පැමිණෙන්නේ සිඳී ගිය ජවයෙන් සහ නොසිඳුණු උත්සාහයෙන් යුතුවය.‘කකුලට මොකක්ද වුණේ?’සුදර්ශන කඳු පාමුල සිටම මැසිවිල්ලකය. නෙහාරාගේ යටි පතුල බොරළු මත හැපී සහමුලින්ම සම ඉවත්ව ගොසිනි. සහෝදරියන් දෙදෙනාගේ වාරුවෙන් නෙහාරා ගිරිකුල මතට පැමිණෙන්නේ වේදනාවෙන් මිරිකෙමිනි. මඳ වශයෙන් රුධිරය වැගිරුණ ද නෙහාරාට එය එතරම් ගණණක් නැති සෙයකි.‘අද නං කුඩාරම තියෙනවා. ඊයේ අපි එද්දී කූඩාරම් දෙකම අලි කඩල තිබ්බා. අපි දන්නේ නැති කූඩාරම් ගහල තිබ්බේ අලිමංකඩක. අපි ඇතුළේ හිටියනං හොඳ නිවුස් එකක් තමයි. හැබැයි ඉතිං දුක්බර නිවුස් එකක්.නිරෝෂන් පවසන්නේ අඬ අඳුර අතරේ වනාන්තරය නෙතින් පීරමිනි.රාත්‍රියේ වරිග සභාව ඇරැඹීමට සියල්ල සූදානම්ය. තැනිතලා ගල් කුල මත හාත්පස අඳුර බිඳලාලන පන්දම් එළිය සීතලට ද කදිම සහනයකි. වරිග සභාවේදී සියලු දේ සාකච්ඡා කිරීම සිදු වෙයි.‘බුදු අම්මෝ . . .’එකවරම පිටුපස බැළුණේ කාන්තා හඩිනි.උමයංගනාගේ ගත මත වැටි ගිනි පන්දම ඇය ගින්නෙන් වසා ගැනීමට තරම් ශක්තිමත්ය. නමුදු පරිසර මෑණියන්ගේ ආනුභාවයෙන් එතරම් කරදරයක් නැත. නමුත් උමයංගනාගේ සැලකිය යුතු කොටසක් ගින්නෙන් පිළිස්සී ගොසිනි.‘හරි දැන් අඩුයි, වැඩේ කරමු’උමයංගනාගේ ශක්තිය පිරි වදනේ ආශිර්වාදයෙන් නැවත වරිග සභාව ඇරැඹිණි. ඉන් අනතුරුව කුඩා විනෝදජනක රාත්‍රියක ඇරැඹුමක්.‘මේ ලෝචනා අද ගොම කාලා ඉන්නේ’ කෙනෙකුගෙන් විහිළුවකි.හැම දෙනාගේම සහෝදරත්වයේ වදන් නිමක් නැත. නමුදු සියල්ලන්ගේ අභිප්‍රාය අභියෝග ජයගෙන ජයග්‍රහණයේ රන් කිරුළ තම හිස මත පැළඳ ගැනීමය.හෙට උදෑසන ඊට තවත් මඟ සාදනු ඇත.දැන් කූඩාරමට අඳුරය.මේ ගෙවෙන්නේ අධිෂ්ඨානයෙත්, ජයග්‍රහණයෙත් බලාපොරොත්තු පොදි බැඳ ගත් රාත්‍රියයි.චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
අවංකභාවය, මනුෂ්‍යත්වය ජීවිත ඉරණම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ විග්‍රහයක් රැගත් තරු අතර මම සිනමාපටයෙහි රූගත කිරීම් පසුගියදා නිමවිණ.එහි වර්ණ සංයෝජනය සහ ශබ්ද මිශ්‍රණය මේ දිනවල ඉන්දියාවේ මුම්බායි හි සිදුවේ.ඒ සඳහා තරු අතර මම හි අධ්‍යක්ෂ බුද්ධි වික්‍රමආරච්චි, කැමරා අධ්‍යක්ෂ ධම්මික රත්නායයක, සංස්කරණ ශිල්පී රංග සිංගාරගේ සහ සහාය අධ්‍යක්ෂ ජනක ආර්. දොම්මිතගේ සහභාගී විය.චරිත කිහිපයකට පමණක් සීමා වූ මෙම සිනමාපටය සඳහා පාලිත සිල්වා, දිල්හානි ඒකනායක, පුබුදු චතුරංග, රොෂාන් රවීන්ද්‍ර සමඟ ශේෂද්‍රි දායක වේ.
|
CREATIVE
|
කුමාරි පෙරේරා කලා ලෝකයට පිවිසෙන්නේ වයස අවුරුදු හතේදී. ඒ ටවර් හෝල් නූර්තියක් වුණ නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ වෙස්සන්තර නූර්තියේ ක්‍රිෂ්ණජිනාගේ චරිතයෙන්.අනතුරුව විදුර, සිවම්මා ධනපාල, සිරිසඟබෝ, රාමායනය, පද්මාවතී, මනමේ, සිංහබාහු වැනි නාට්‍ය රැසකින් ඈ සිය රංගන ප්‍රතිභාව දැක් වූවා. රංගනය විතරක්ම නෙවෙයි, නර්තනය වගේම හඬ කැවීම්, නිවේදනය සහ ගායන අංශවලත් ඇය දැක්වූවේ එක හා සමාන දක්ෂතාවක්.දැන් ඇය සිය කලා දිවියේ ගත කරන්නේ අඩ සියවසක කඩඉමයි. මේ වෙනුවෙන් ඇය පසුගියදා සම්මානයට පාත්‍ර වුණා. මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා රංගනය, නර්තනය, හඬකැවීම, නිවේදනය සහ ගායන අංශවලින් ඉටු කරන්නා වූ අති විශිෂ්ට සේවය වෙනුවෙන් කුමාරි පෙරේරා සම්මාන ලැබූයේ පසුගියදා පැවැති කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේදීයි. අඩ සියවසක කාලයක් පුරා කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය මෙලෙස ඇගැයීම පිළිබඳ ස්තුති කරන්නත් කුමාරි අමතක කළේ නැහැ.
|
CREATIVE
|
කලාවට හිතැති ඔබේ ආදරය දිනාගත් මිහිර සිරිතිලක මීට මාස කිහිපයකට පෙර අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නා ඔබට මතක ඇති. ඒ දවස්වල ඔහු සිටියේ තරමක් කලකිරීමෙන්. කාලයත් සමඟ ඒ සිත් රිදුම අමතක වේගන එනවිට මිහිර දැන් ආයෙමත් අවුලකින් ඉන්නේ. හැබැයි ඒ ඔහුට සිදුවුණ අසාධාරණයක් හින්දා නම් නොවෙයි.මුතුපලස ටෙලි නාට්‍යයට එල්ල වූ විරෝධය නිසා තමයි මිහිරගෙ මේ තැවුල. එදා තමා දණ ගැස්සූ වෙලාවේ මාධ්‍ය හිතවතුන් විතරයි ඔහු සමඟ සිටියේ, ඒ ගැන කතා කළේ. අද ‘මුතුපලස’ ට විරෝධය දක්වන අය එදා තමාට වූ අමිහිරි සිදුවීම ගැන කිසිවක් කතා කළේ නැහැ කියලයි මිහිර කියන්නේ.
|
CREATIVE
|
ඔක්තෝබර් 20 වැනිදා* ජයලත් මනෝරත්නගේ ‘පුත්‍ර සමාගම’ කටුගස්තොට ශාන්ත අන්තෝනි රඟහලේ21 වැනිදා* උදයසිරි වික්‍රමනායකගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ ටවර් රඟහලේ23 වැනිදා* සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ ත්‍රිකුණාමලය චීන වරාය ශාරීරික පුහුණු මධ්‍යස්ථානයේ24 වැනිදා* සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’ තංගල්ල නගර ශාලාවේවීදි නාට්‍ය ප්‍රවර්ධනය සඳහා රට පුරා විසිරී සිටින වීදි නාට්‍ය කණ්ඩායම් සහ වීදි නාට්‍ය ළැදි පිරිස් එකමුතු කොට ජාතික වීදි නාට්‍ය සංසදයක් පිහිටුවීමට අදහස් කරයි.මෙම වීදි නාට්‍ය සංසදය පිහිටුවීම පිළිබඳ කතිකාවක් මේ මස 20 වැනිදා සෙනසුරාදා පෙරවරු 10.00 ට බෞද්ධාලෝක මාවතෙහි පිහිටි සුදර්ශී ශාලාවේදී පැවැත්වේ. මෙහිදී සියලු නාට්‍ය කණ්ඩායම්වල සහභාගිත්වය අපේක්ෂා කරයි. විමසීම් සඳහා පරාක්‍රම නිරිඇල්ල, හේමසිරි අබේවර්ධන යන අය අමතන්න.මායදේවි, නාග ගුරුළා, දෝන කතරිනා, දෙවැනි මහින්ද, ජගන්මා වැනි රාජ්‍ය සම්මාන දිනූ ස්වතන්ත්‍ර නාට්‍ය වේදිකාවට රැගෙන ආ සම්මානලාභී කේ. බී. හේරත්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘කළු කුමාරී’ මේ මස 24 වැනිදා බදාදා බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගත වේ.නලීන් ප්‍රදීප් උඩුවෙල, මාධනී මල්වත්තගේ, සුමිත් රත්නායක, ෆර්නි රෝෂිණී, චන්ද්‍රසෝම බින්දුහේවා, යන රංගන ශිල්පීහු මෙහි රංගනයෙන් දායක වෙති. දුලංජලී විජේසේන, පින්සර සමරසේකර, නිහාන් දේශප්‍රිය, උදිත සමීර, කැලුම් කල්හාරි යන ශිල්පීන් ගායනයෙන් ද, ශාන්ත පීරිස් ගේ සංගීතයෙන් ද ‘කළු කුමාරි’ හැඩ වෙති. වෙස් නිර්මාණයෙන් සුවිනීතා පෙරේරා සහ කමල් කාන්ති බෝගොඩ ද, රංග වින්‍යාසයෙන් මහේෂ් උමගිලිය ද, රංග භූමි අලංකරණයෙන් ප්‍රදීප් චන්ද්‍රසිරි ද, අංග රචනයෙන් බුද්ධදාස ගලප්පත්ති සහ ප්‍රකාශ් ගලේවෙල ද, වේදිකා පරිපාලනයෙන් හා සහාය අධ්‍යක්ෂණයෙන් කීර්ති කේ. රත්නායක ද සහභාගි වෙති. විධායක නිෂ්පාදනය බණ්ඩාර ඇහැලියගොඩ ගෙනි.
|
CREATIVE
|
නව පරපුරේ රංගන ශිල්පී හේමාල් රණසිංහ කාටත් රහසේම විවාහ ගිවිස ගන්නට සූදානම් වන බව මට ආරංචි වුණා. හැබැයි ඒක නිල නොලත් පුවතක්. කොහොමද ඒකෙ ඇත්ත විස්තර සොයා බලන්නේ? එහෙම සිතූ මං හේමාල් මේ දිනවල වැඩිපුරම ඇසුරක් පවත්වන කිහිප දෙනෙකුටම කතා කළා.ඉතාම සමීපතම තොරතුරක් දුන්නේ ජයලත් මනෝරත්න.ලබන සිකුරාදා ඉංගිරියේ කරන්දන ඇල්ල ගාව ගෙදර ආවොත් වැඩි යමක් ඔයාලට දැනගන්න පුළුවන්.හොඳ ඔත්තුවක් දුන්නා.මනෝ කියූ දිනට මමත් අප ඡායාරූප ශිල්පි ටෙනිසන් එදිරිසිංහත් වහ වහා පිටත්ව ගියේ හේමාල් හැමෝගෙන්ම වහං වෙලා කරන මේ කටයුත්ත දැක බලා ගන්න.කවුද දන්නේ නැහැ හේමාල්ගේ මනමාලි? පුදුමයි, එයා දැන්ම බඳින අදහසකින් නෙවෙයි හිටියේ.ටෙනි අයියා අතරමගදී කුතුහලයෙන් යුතුව කතා කළා.උදෑසන දහයේ හෝරාව පහු වුණා. ඉංගිරියේ කරන්දන් ඇල්ල ගාව නිවසේ ඉදිරියෙහි අපි දැන් ඉන්නේ.මනෝ අයියා, අපි ආවා. ඔයාලා කොහෙද ඉන්නේ?ටෙනී, මනෝට කෝල් එකක් දුන්නා.මං මෙහෙ, සද්ද කරන්නේ නැතුව ඇතුළට එන්නකෝ’මනෝ අපව කැටිව ගියේ නිවසේ ඉදිරි කාමරයට. එතකොටත් ටෙනී අයියා සිය කැමරාව මානාගෙන සිටියේ අලුත් ජෝඩුවගේ අලුත්ම අලුත් සේයාරූ කිහිපයක් ගන්න.මනෝ එක සැරයටම දොර විවෘත කළා. හේමාල් සහ ඔහුගේ මනාලිය ඉන්නවා. ඒත් එක්කම නාට්‍ය කණ්ඩායමකුත් පසෙකින්. මට එය නම් මහත් ප්‍රහේළිකාවක් වුණා.මෙන්න මේක තමයි මගේ අලුත්ම නාට්‍යයේ දර්ශන තලය. හේමාල් විවාහ වෙන්නේ ඒ නාට්‍යයට. ‘ඊළඟට මොකද වෙන්නේ’ ඔන්න ඕක තමයි නාට්‍යයේ නම.මනෝ දිගු හෑල්ලක් කියාගෙන ගියා. ඔහු අපිට වැඩි විස්තර නොකියාම එක් කරගෙන ඇවිත් තිබුණේ රස ගුලාවකට කියලයි මට හිතුණේ. මොකද මනෝ නාට්‍ය කරන අන්දම හරිම විනෝදජනකයි කියා මං අසා ඇති නිසා.මධුෂා රාමසිංහ . . .මනෝගේ අලුත්ම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව මවන්නිය ඇයයි. හේමාල්ගේ මනාලිය ද ඇයයි. මධුශා ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් මවන්නේ ‘ඊළඟට මොකද වෙන්නේ’ ටෙලි නාට්‍යයේ.මේ අතරවාරයේ පොලිස් ජීප් රථයක් ඇවිත් නිවසේ මිදුලෙහි නතර වුණා.අන්න අපේ ඕ අයි සී මහත්තයා එනවා . . .කවුදෝ එසේ කියනු ඇසී අපි සැවොම ඒ දෙස බැලුවා. ඇඳුමින් පොලිස් ස්ථානාධිපතිවරයකු සේ සැරැසී සිටින්නේ අන් කවරෙකුවත් නොව ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණියයි.ළඟට ආවම මිසක දුර තියා නම් රවී අයියාව අඳුන ගන්න බැහැ.මම කිව්වා.ඒක නම් ඇත්ත මඟ හිටපු රාළහාමිලා කිහිප දෙනෙකුත් මාව අඳුර නොගෙන සැලියුට් ගැහැව්වා.මනෝරත්නගේ නව වැනි නාට්‍ය අධ්‍යක්ෂණය වන ‘ඊළඟට මොකද වෙන්නේ’ රහස් පරික්ෂක කතාවක්. මනෝ එහි සීලංක්කු නම් අවමංගල අධ්‍යක්ෂවරයකුගේ චරිතය රඟපානවා.මේ දවස්වල ඉතිං මං වැඩිපුරම ඉන්නේ මිනී පෙට්ටි අස්සේ.මනෝ එහෙම කියමින් හයියෙන් සිනාසුණා.මනෝරත්න නාට්‍ය අධ්‍යක්ෂණය කරන අන්දම සිත් ගන්නා සුළුය. යම් හෙයකින් දර්ශනයක දෙබසක් වැරැදුණොත් ඔහුට කේන්ති යන්නේ නැහැ.‘ඒ සීන් එක හොඳට ආවා. ඒත් තව එකක් කෝකටත් ගමු’කුමන හෝ වැරැද්දක් වුවහොත් ඔහු පවසන්නේ ඒ වචන පේළිය.රොෂාන් රවීන්ද්‍ර සහ ජෙහාන් ශ්‍රිකාන්ත් යන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් දෙපොළ දැන් මෙතැනට පැමිණ සිටිනවා. ඔවුන්ට දැන් ඇත්තේ මධුෂා පැහැරගෙන යන්නට.මමෝ ඇක්ෂන් කිව්වා.රොෂාන් සහ ජෙහාන් මංකොල්ලකාරයින්ගේ වෙස්ගෙන මධුෂාව පැහැර ගැනීමට උත්සාහ කළා. ඇයගේ කෑ ගැසීමෙන් පළාත දෙවනත් වුණා.කට් . . කට් . . කට් . .කවුද කිව්වේ ඔච්චර හයියෙන් කෑගහන්න කියලා. අහල පහළ මිනිස්සු බය වෙයි.මනෝ කියාගෙන කියාගෙන ගියා.ඉතිං රොෂාන් අයියලානේ කිව්වේ හයියෙන් කෑගහන්න කියලා.මධුෂා වටපිට බලා එසේ කියද්දී අවටවුන් සිනහ වූයේ එය ලණුවක් බව ඇයට එත්තු ගන්නට.මෙවන් වූ තව ලණුවක් ඇයට සහ හේමාල්ට ලබා දුන්නා. ඒ සඳහා පෙරමුණ ගත්තේ ඊළඟට මොකද වෙන්නෙහි කැමරා අධ්‍යක්ෂ චන්දන ධර්මප්‍රිය. හේමාල් සහ මධුෂා මෝටර් බයිසිකලයකට නැඟී යන දර්ශනයක් තිබුණා.මමෝ අයියා ඇක්ෂන් කිව්වාම ඔයාලා දෙන්නා දිගටම යන්න.චන්දන උපදෙස් ලබා දුන්නා.මනෝගේ විධානයට දෙදෙනා බයිසිකලයේ නැග යන්නට පටන් ගත්තා. එවිටත් චන්දන සිය කැමරාව හිතාමතාම ක්‍රියාත්මක කොට තිබුණේ නැහැ. ඒ බව නොදත් හේමාල් සහ මධුෂා දර්ශනයට සහභාගි වුණා. ඔවුන් දෙපොළ යළි දර්ශන තලයට එද්දී අපි සැවොම දිවා ආහාරය ගනිමින් සිටියා. හොඳ ලණුවකට අහුවුණ බව දැන ගත් දෙදෙනා බොහෝ වේලාවක් යනතුරු අපිත් සමඟ කතා කළේ නම් නැහැ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයරූ – ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
මිස්ටර් හුඹස්වෙල හෙවත් ආර්. ජී. සිරිවර්ධනහොදි ඇදලා වැටුණු කඳුළු කවදා හරි සතුටු කඳුළු කරගන්නවාමගෙ වයස අවුරුදුවලින් කිව්වොත් හැත්තෑවක්. ඉන් අඩකටත් වැඩි කාලයක් රංගනය වෙනුවෙන් මම කැප කළා. බොහෝ දෙනා නොයෙකුත් වැඩ ගන්න මාව දර්ශන තලයේ තියාගෙන හිටියා මිසක් කවදාවත් කැපී පෙනෙන චරිතයක් රඟපාන්න දුන්නෙ නැහැ. ඉතින් මම ලැබෙන සුළු අවස්ථාව මහමෙරක් ලෙස සලකලා රඟපාලා ඔහේ හිටියා. අද වෙනකොට ඒ කැපවීම්වලට ප්‍රතිඵලයක් මට ලැබිලා තියෙනවා.චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් මට ලැබුණා. කොස්තාපල් පුඤ්ඤසෝම තමයි ඒ චිත්‍රපටය. එහි මම හුඹස්වෙල නැමැති පුද්ගලයාගේ චරිතය රඟපානවා. අවුරුදු හැත්තෑවෙදි ඒ ලද තෑග්ග ගැන මම ඉන්නෙ බොහොම සතුටින් උදයකාන්ත වර්ණසූරිය මහත්තයට හදවතින්ම මම තුති පුදනවා මට මේ අවස්ථාව දුන්නාට.* ඔහුගේ සිතෙහි ඇති සොම්නස කතාකරන වචනවලින් මට හොඳාකාරවම දැණුනා. කොස්තාපල් පුඤ්ඤසෝම හි හුඹස්වෙල චරිතය රඟන ඔහු ආර්. ජී. සිරිවර්ධනයි.මගෙ වෘත්තිය වුණේ ලී කැටයම් හා මූර්ති කලාව. මට ලස්සනට ලීයෙන් මිනිස් රුවක් වුණත් හදන්න පුළුවන්. ඒත් හිත තියෙන්නෙ කලා ලෝකේ. සිංදු කියන්න, රඟපාන්නමයි ආසා. මගෙ ගම නුවර කටුගස්තොට එහෙ ඉන්නකොට කඳුරට සේවයට එහෙම බැඳිලා විවිධ කලා කටයුතුවලට දායක වුණා. නුවර කලා සංගම් රැසකම හිටියා. මම කොළඹ ආපුවාම නැවතිලා හිටියේ බුරුම පන්සලේ. එහි නායක හාමුදුරුවො මට හිතවත්. දවසක් එතනට දානෙ අරගෙන සිලෝන් තියටර්ස් එකේ ඊලියන් එස්. පෙරේරා මහත්තයා ඇවිත් හිටියා.හාමුදුරුවො මම කලාවට ළැදියි කියලා දන්න නිසා මා ගැන එතුමාට පවසලා මාව හඳුන්වා දුන්නා. මට ඔහු සිලෝන් තියටර්ස් එකට එන්න කිව්වා. එහිදී මට ශාන්ති අබේසේකරයන්ව හමුවුණා. ඔවුන් මට සිදාදියෙන් හයක් චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් දුන්නා. දර්ශන තලයේදී මට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මුණ ගැසුණා. ඔහු මාව මාතර ආච්චි චිත්‍රපටයට ගත්තා. අනතුරුව ලොකුම හිනාව ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑවා. මේ කොයි චිත්‍රපටයෙන්වත් මට ශත පහක්වත් රංගනය වෙනුවෙන් ලැබුණෙ නැහැ.* එතකොටත් ඔබ ලී කැටයම් කලාව කරගෙන ගියාද?ඔව්, ඔව්, එයින් තමයි මම ජීවත් වුණේ. කියන්න කනගාටුයි කිහිපදෙනෙක් හැර ගොඩක් අය මාව වැඩකාරයෙක් වගේ දර්ශන තලවල තියාගත්තෙ. රංගනයට ඇති ආසාව නිසාම කට්ට කාගෙන හිටියා. එක දවසක් නියම සිද්ධියක් වුණා. මෙයට සම්බන්ධ චිත්‍රපටය හෝ අධ්‍යක්‍ෂවරයා කවුදැයි මම කියන්නෙ නැහැ. සිදුවීම විතරක් කියන්නම්. ඒ චිත්‍රපටයේ දර්ශන තලය සහ කෑම පිළියෙල කරන ස්ථානයේ ඉන්නකොට කෑම උයන තැන තියෙන හොදි ඇතිළියක් ගේන්න මට විධානයක් ලැබුණා. මම එය උස්සගෙන කරේ තියා ගත්තා. හොද්ද හොඳටම රස්නෙයි. බිම තියන්නත් බැහැ බනීවි කියලා. මම හරිම අපහසුවෙන් පිච්චි පිච්චි දර්ශන තලයට දුවගෙන එනකොට ඇස්වලින් සට සට ගාලා කඳුළු වැටෙනවා. මම හිතා ගත්තා කවදා හරි මේ කඳුළු සතුටු කඳුළු කරගන්නවා කියලා.* ඒ හීනය දැන් හැබෑවෙලා?උදයකාන්ත මහත්තයට පින් සිද්ධ වෙන්නයි එහෙම වුණේ. දිනක් ඔහු මට කතාකරලා ගෙදර එන්න කිව්වා. මම ටක්ගාලා එහෙට දිව්වෙ හිතේ තියෙන ගෞරවය නිසා. මට පුඤ්ඤසෝම පිටපත දීලා හුඹස්වෙල චරිතය බලාගන්න යැයි පැවසුවා. මගෙ ඇඟ හිරිවැටුණා ලොකු දෙබස් දැකලා. මම හොඳටම බය වුණා. මගෙ තත්ත්වය තේරුම් ගත් උදයකාන්ත මහත්තයා මගෙ බය නැති කළා.මට රඟපාන්න තිබුණේ මහේන්ද්‍ර පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, ආනන්ද අතුකෝරල, මානෙල් වීරමුනි වැනි ප්‍රවීණයන් එක්ක. ඔවුන් මට සහාය නොදුන්නා නම් හුඹස්වෙල චරිතය කරන්න ලැබෙන්නෙ නැහැ. මට දැන් පුඤ්ඤසෝමගෙන් පස්සෙ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා රඟපාන්න. දෙනවක හාමිනෙත් රඟපාන්න පටන් ගත්තෙ අවුරුදු හැටේදි විතරනේ. මම රඟපාපු තවත් චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒකෙ නම සදාදර ජෝති. පද්මසිරි කොඩිකාර මහත්තයයි එය අධ්‍යක්‍ෂණය කළේ.මගෙ පවුලෙ විස්තර මෙහෙමයි. මට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. බිරිය රැකියාවක් කළේ නැහැ. අපි හතරදෙනා කටුගස්තොට ගෙදරට වෙලා බොහොම සමඟියෙන් ඉන්නවා.කොස්තාපල් පුඤ්ඤසෝම මංගල දර්ශනය දවසේ චිත්‍රපටය බලලා මට ෂොක් වුණා. මටම පුදුමයි මම රඟපාපු දර්ශන දැකලා. එදා මම උදයකාන්ත මහත්තයව බදාගෙන ඇඬුවා. චිත්‍රපටය වෙනුවෙන් මට කළගුණ සලකන්න ඕනෙ කියලා හිතුණ හින්දා ගෙයින් ගෙට ගිහින් එය පිළිබඳ දැනුවත් කරන වැඩසටහනක් පටන් ගත්තා. අදටත් මම ඒ කාර්යය කරගෙන යන්නෙ අප්‍රමාණ භක්තියෙන්. මම මේ වගේ දේවල් කරන්නෙ අවුරුදු හැත්තෑවෙදි මට වාසනාව ගෙන ආ කොස්තාපල් පුඤ්ඤසෝම නිසා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ලිංගික අල්ලස් චෝදනා සොඳුරු බොලිවුඩ් පුරවරයට ආගන්තුක නැත. මෑතකදීම චෝදනාවේ ගොදුරක් වී ඇත්තේ නිල් චිත්‍රපටවල රඟන තාරකාවකි. ඇය සනී ලියෝන්ය.සනී ලියෝන් බොලිවුඩ් පුරයට පා තැබුවේ නිල් චිත්‍රපටවල රඟපෑමට නොව දේදුණු වර්ණයේ සිතුවම්පටයක ප්‍රධාන තාරකාව වීමටයි. එහෙත් එක්තරා සිනමා නිෂ්පාදකයෙක් ඇයට සිනමාපටයක් ලබා දී ඇත්තේ ලෝකයාට නැරැඹීමට සිනමාපටයක් ලබාදීමට නොව, තමන්ට පමණක් රඟපෑමට සහ තමන්ට පමණක් නැරැඹීමටය. එහෙත් ඔහුගේ උත්සාහය අසාර්ථක වී ඇත.ඇයගේ සැමියා සහ කළමනාකරු ඩැනියල් වෙබර් නිෂ්පාදකයාට පවසා ඇත්තේ අදහස වෙනස් කර ගන්නා ලෙසය. නිෂ්පාදකයාගේ පෞද්ගලික සිනමා එකතුවට බිරියගේ සරාගී රංගන එකතුවීම ඔහු කෙසේ හෝ වළක්වන ලදී. මෙවැනි කූට උපායකට අසු වූ පළමු තාරකාව සනී නොවෙයි.ශක්ති කපූර් සහ රූපවාහිනී නළු අවන් වර්මා මෙලෙස නිළියන් රවටා ලිංගික අල්ලස් ගැනීමට උත්සාහ කළවුන්ය. ඔවුන්ගේ වෑයම 2005 දී හෙළි විය.රාණි මුඛර්ජි නම් ජනප්‍රිය, ප්‍රවීණ තාරකාවගේ සොයුරු රාජා මුඛර්ජි රූපවාහිනී නිළි ප්‍රියා මිෂ්රාට අයුතු යෝජනා, බලපෑම් කිරීමට උත්සාහ කළේ පිටපතක් ද සමඟ ඇය හමුවට ගොසිනි.අධ්‍යක්ෂවරයකු වූ මධූර් භන්දර්කර් වසර ගණනක් නිළි ප්‍රීති ජේන්ට බලහත්කාරකම් සිදුකර තිබෙන්නේ සිනමාපටයක චරිතයක් දෙන බව පවසමිනි. මෙය 2004 වසරේදී ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් විය.සිනමාපටයක චරිතයක් දෙන බව පවසා අතවරයට ලක් වූ තවත් තාරකාවක් වන්නේ නිළි පායල් රොහාග්තිය. අධ්‍යක්ෂ දිබකර් බැනර්ජි සිද්ධියේ චූදිතයා විය. කෙසේ වුවත් බැනර්ජි ඒ චෝදනාවෙන් නිදහස් කිරීමට වග බලා ගත්තේ ඔහුගේ හොඳම මිතුරකු වූ චිත්‍රපට නිෂ්පාදක අනුරාග් කාශ්‍යපය. පායල්ගේ මානසිකත්වය ව්‍යාකූල බව පවසා ඔහු මිතුරා චෝදනාවෙන් ගලවා ගත්තේය.ලිංගික අල්ලස්වලට ගොදුරු කර ගැනීමට උත්සාහ කරන්නේ නිළියන්ව පමණක් නොවෙයි. ජනප්‍රිය ගායක සෝනු නිගම්, සිනමා විචාරක සහ මාධ්‍යවේදියකු වූ සුබාෂ් කේ ජාට අතවරයක් කිරීමට උත්සාහ කර තිබේ. ජායි දිගින් දිගටම ලිපි මඟින් සෝනු විවේචනය කළ අතර පසුව ඔහු නිහඬ කර වූයේය. නළු ප්‍රියාන්ෂු චැටර්ජි ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයන් ආදරවන්තයකු සේ තෝරා ගත් අයෙකි. ඔහුට චරිත ලබා දෙන බවට පොරොන්දු වී එසේ කළ ද, කිසි දිනක පොරොන්දුව ඉටු කර නැත.බොබී වැට්ස් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට ආයුබෝවන් කියා ඇත්තේ ද මේ හේතුව නිසාමය.
|
CREATIVE
|
කොළඹ ජාතික රෝහලට වසර 150 ක් පිරීම නිමිත්තෙන් හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් අමරදේවයන්ට ‘අමර සුව හරසර’ නමින් උපහාර තිළිණයක් පසුගියදා පිරිනමනු ලැබීය. මේ අවස්ථාව සඳහා ජාතික රෝහලේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිහු සහභාගි වූහ.කලා ක්ෂේත්‍රය තුළ ඇති අර්බුදකාරී තත්ත්වයන් මගහැරී සෙත් ශාන්තිය පතා ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ සංගමය මගින් සංවිධානය කළ අධිෂ්ඨාන පූජාවක් පසුගියදා අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදී පැවැත්විණ. මේ සඳහා අති විශාල කලාකරුවන් රැසක් සහභාගි වී සිටියහ. ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස සමන් දිසානායක කටයුතු කරන අතර වසන්ති චතුරානි ලේකම් ධූරය හොබවයි.
|
CREATIVE
|
නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ “තන්හා රතී රඟා”(Between Yesterday & Tomorrow)චිත්‍රපටය කේරළ සිනමා උළෙලේ World Cinema Official Selection සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී පත්ව ඇත. මෙවර 18 වැනි කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල හෙට (06) සිට 13 වැනිදා දක්වා කේරළයේ ත්‍රිවාන්ද්‍රම්හිදී පැවැත්වීමට නියමිතය.තන්හා රතී රඟා, තිස් වසරක් පුරා පැවැති යුදමය වාතාවරණය නිමාවීමත් සමඟ ඇති වූ සාමකාමී වාතාවරණය තුළ චලෙයි ප්‍රදේශයේ සංචාරයක් සඳහා යන තරුණයන් තිදෙනෙකු වටා ගෙතුන අපුරු කතා පුවතක් රැගෙන එන චිත්‍රපටයකි.මෙහි පිටපත සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ වන අතර සංගීතය ගයත්‍රි කේමදාස සහ අනූපා කේමදාස විසිනි. සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, දයාදේව එදිරිසිංහ ඇතුළු පිරිසක් තන්හා රතී රඟාහි චරිත මවති.උබර්තො පැසොලිනි අධ්‍යක්ෂණය කළ ‘ස්ටිල් ලයිෆ්’, අස්ගාර් ෆර්හාදි අධ්‍යක්ෂණය කළ ‘ද ෆාස්ට්’, පාව්ලෝ සොරන්තිනෝ අධ්‍යක්ෂණය කළ ‘ග්‍රේට් බියුටි’, පෝල් ෂ්රාඩර් අධ්‍යක්ෂණය කළ ‘ද සයිනස්’, ජෆාර් පනාහි අධ්‍යක්ෂණය කළ ‘ක්ලෝස්ඩ් කර්ටන්’, අමෝස් ගිටායි අධ්‍යක්ෂණය කළ ‘කම්බුසියා පාර්ටොව්’, ‘ඇනා අරබියා’ සහ කිම් කී ඩුක් අධ්‍යක්ෂණය කළ ‘මේබියස්’ මෙවර කේරළ ජාත්‍යන්තර සිනමා උළෙලේ World Cinema Official Selection සඳහා තේරී තිබෙන අනෙකුත් චිත්‍රපට වේ.යතේජා
|
CREATIVE
|
අපි සියලු දෙනාම එකතු වෙලා අලුත් වැඩකට ආරම්භයක් දුන්නා. සති කිහිපයක්ම වගේ කලාවැව ආසන්නයේ පිහිටලා තිබෙන ගල්කිරියාගම කියන ගමේ කැලයට වෙලා අපි අලි බැලුවා.දවස් කිහිපයක්ම එක දිගට කැලයේ තමයි අපි හිටියේ. ඒක අපට අපූරු අත්දැකීමක් වුණා. මේ විදියට අපි අලි බලන්න ගියේ අලුත්ම වෙනස්ම වැඩසටහනක් අරගෙන අපේ රසිකයන් අතරට එන්නයි.
|
CREATIVE
|
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ ජයන්ත සිරිසේන පියාගේ අඩිපාරේ යමින් ප්‍රණීත් සාරංග දක්ෂ වයලීන වාදකයකු වන ලකුණු පෙන්වූයේ පාසල් අවධියේ සිටයි. පාසල් සිසුවකුව සිටියදී ම සමස්ත ලංකා වයලීන තරගවලින් ජය ගැනීමට ඔහු සමත් විය. යෞවන සම්මාන උළෙලේ දී ඒකල වයලීන ඉසව්වෙන් හොඳම වාදකයා බවට ද පත් වූ ප්‍රණීත් 1994 වසරේ දී වයලීන වාදකයෙක් ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයට බැඳුණේය.වාදකයකු ලෙස සේවය කරන අතරේ ම ඔහු දැයේ දූ දරුවනට තම සංගීත දැනුම අඩුවක් නැතිව ම බෙදා දෙන ගුරු පියකු ද විය. ගී තනු නිර්මාණ ශිල්පියකු වන ප්‍රණීත්ගේ නිර්මාණ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව නිෂ්පාදනය කළ ජාතික තොටිල්ල හා ගී මියැසිය වැඩසටහන් විචිත්‍රවත් කළ අවස්ථා බොහෝ විය.එපමණකුදු නොව මෙරට රූප මාධ්‍යයන් බොහොමයකින් පැවැත් වූ සංගීත වැඩසටහන්වලින් ඔහු ඔබේ ආලින්දයට පැමිණ ඇත. ඒ, සිරස ටී.වී හි සංගීත සාජ්ජේ, ජාතික රූපවාහිනියේ රිදම් චැට්, ශනිදා ආයුබෝවන්, නුග සෙවණ, ඉරෂ්මි හා ටී.වී. ලංකා තුළිනි. රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ද ආරම්භයේ සිට ම වයලීන වාදකයකු ලෙසින් තම දායකත්වය සපයන ප්‍රණීත් ඔබ අප සියලු දෙනාට සංගීත රසය බෙදා දීමට සමත් වූ ශිල්පියෙකි. වයලීනයෙන් සුවහසක් සිත් සතන් අමන්දානන්දයට පත් කළ ඔහුගේ මියුරු සත්සර තුළ ගැබ් වූ නොඇසෙන ශෝකී රාවයක් ද විය.මේ වන විට වකුගඩු දෙකම අක්‍රීය වීම නිසා ප්‍රණීත් සිටින්නේ ජීවිත අවදානමකයි. මේ ඔහුට අපගේ උදවු උපකාර හා කරුණාව ලැබිය යුතුම මොහොතකි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ අදහසයි. අනුන්ට කරදරයක් වීමට අකැමැති මේ සොඳුරු වාදකයා වසර කිහිපයක් තිස්සේ තමා උපයන මුදල් ශල්‍යකර්මය සඳහා යෙදවීමට සිතුවත් දෙදරු පියකු ද වන ඔහුට එය අසීරු කටයුත්තකි.ප්‍රණීත් වෙනුවෙන් ඔබටත් යමක් කළ හැකි නම් මේ එයට හොඳම අවස්ථාවයි. 071-8012848 හා 0777565505 දුරකතන අංකවලින් ඔබට ඔහු ඇමතිය හැකිය.පෑන් ඒෂියා බැංකුවේ (ගාල්ල ශාඛාවේ) 254934410213 හෝ සෙලාන් බැංකුවේ 061002211540101 යන ගිණුම් අංකවලට ඔබගේ පරිත්‍යාගය බැර කළ හැකියි.සටහන – අයන්තිඡායාරූපය – නලින් උඩුගම්පල
|
CREATIVE
|
පනස් නම වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ අති උත්කර්ශවත් අයුරින් පසුගිය දා මුම්බායි හි පිහිටි යාෂ් රාජ්ගේ චිත්‍රාගාරයේ දී පැවැත්විණි. සුපිරි බොලිවුඩ් තරු රැසක ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරු අභිෂේක මංගල්‍යය රන්බීර් කපූර් සහ පි‍්‍රයංකා චෝප්රා ගේ ඉදිරිපත් කිරීමෙන් රස ගැන්විණ. මෙවර සම්මාන උලෙළේ වැඩිම සම්මාන ගණනක් සඳහා නාම නිර්දේශ වුණු චිත්‍රපටය වූයේ ‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපටයයි. එය සම්මාන නාම 9 ක් වෙනුවෙන් නිර්දේශ වී තිබුණ ද වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් චිත්‍රපටය වූයේ ‘භාග් මිල්කා භාග්’ චිත්‍රපටයයි. එය සම්මාන 6 ක් දිනා ගැනීමට සමත් විය.එහෙත් කාගේත් ආදරයට පාත්‍ර වූ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් ගේ නොපැමිණීම මෙවර සම්මාන උලෙළේ අඩුවක්ව පැවතිණි. ඇඳ විවේකයෙන් සිටින ලෙසට ලද වෛද්‍ය උපදෙස් අනුව ෂාරුක්ට මෙම අවස්ථාවට සහභාගි වන්නට අවස්ථාව නොලැබුණි.හොඳම සිනමා නිර්මාණය – භාග් මිල්කා භාග්හොඳම නළුවා - ෆර්හාන් අක්තාර් (භාග් මිල්කා භාග්)හොඳම නිළිය – දීපිකා පදුකෝන් (රාම් ලීලා)හොඳම අධ්‍යක්‍ෂ – රාකේශ් ඕම් ප්‍රකාශ් මේරා (භාග් මිල්කා භාග්)හොඳම සහාය නළුවා - නස්රුදීන් සිදිකි (ද ලන්ච් බොක්ස්)හොඳම සහාය නිළිය - සුපී‍්‍රයා පතක් කපූර් (රාම් ලීලා)හොඳම ගායකයා - අරිජිත් සිංහ් (තුම්හි හෝ - ආශික් 2)හොඳම ගායිකාව - මොනාලි තාකූර් (සාවර් ලූන් – ලුටෙරා)හොඳම සංගීත අධ්‍යක්‍ෂ – අන්කිට් තිවාරි,මිථුන් සග ජීත් ගංගුලි (ආශික් – 2)හොඳම පද රචනය – ප්‍රසෝන් ජෝෂි (‘සින්දා’ – භාග් මිල්කා භාග්)හොඳම නවක නළුවා - ධනුෂ් (රන්ජානා)හොඳම නවක නිළිය – බානි කපූර් (ශුද් දේසී රොමෑන්ස්)හොඳම නවක අධ්‍යක්‍ෂ – රතේෂ් බාත්‍රා (ද ලන්ච් බොක්ස්)විචාරක අගැයුමට පාත්‍ර වූ චිත්‍රපටය –ද ලන්ච් බොක්ස්යාවජීව සම්මානය – තනුජාආර්. ඩී. බර්මන් සම්මානය - සිද්ධාර්ත් මාධවන්සෝනි ට්‍රෙන්ඩ් සම්මානය - චෙන්නායි එක්ස්ප්‍රස් යතේජා ඥානරත්න
|
CREATIVE
|
චිත්‍රපට ප්‍රදර්ශනයේ තුන්වැනි යුගයට අවතීර්ණය වෙමින් මෙරට චිත්‍රපට ප්‍රදර්ශක සමාගම් යුගලක් ලහි ලහියේ තම සිනමා ශාලා ඩිජිටල්කරණයේ නියැලෙයි. ඒ ඊ. ඒ. පී. ප්‍රදර්ශක මණ්ඩලය සහ සී. ඊ. එල්. සිනමා මණ්ඩලයයි. ඊ. ඒ. පී. මණ්ඩලයට අයත් සැවෝයි සිනමාහල මෙ වන විටත් 4ම් ත්‍රිමාන සිනමා ශාලාවක් බවට පරිවර්ථනය කොට ඇති අතර ඔවුන්ගේ සිනමා ශාලා දහතුනක් ඉතා නුදුරේදීම ඩිජිටල්කරණය කරනු ඇත. මේ සිනමා ශාලා ත්‍රිමාන චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකි ලෙස සැකසීම විශේෂයකි.එමෙන්ම මේ සියළුම ශාලා නාලිකා හයකින් යුත් ශබ්ද පහසුකම් ද ඇති කරනු ඇත. සුඛෝපභෝගි ආසන පහසුකම් සැපයීම හරහා නාගරික මෙන්ම ගම්බද ප්‍රේක්ෂකයින්ට ද නවමු අත්දැකීමක් ගෙන ඒම මෙම ක්‍රියාවලියේ අරමුණයි.මේ වන විටත් සී. ඊ. එල්. මණ්ඩලයට අයත් කොළඹ රීගල්, මැජස්ටික් ශාලා යුගලත්, එම්පයර්,ලිබර්ටි ලයිට්, යාපනයේ මැජස්ටික් ශාලා ත්‍රිත්වය සහ සෙල්වම්, කළුතර ඩොන්ස් ප්ලාසා, කෑගල්ල මිලානෝ යන සිනමාශාලා ඩිජිටල් ශාලා ලෙස පරිවර්තනය කොට ඇත. මෙයට අමතරව එම මණ්ඩලයට අයත් තවත් සිනමා ශාලා රැසක් මේ වසර අවසන්වීමට මත්තෙන් ඩිජිටල්කරණය වනු ඇතැයි සී. ඊ. එල්. සමාගම සරසවියට දන්වා එවා ඇත.එමෙන්ම මේ සමඟ චිත්‍රපට පිටපත් ඩී. සී. පී. ක්‍රමයට පරිවර්තනය වන බැවින් මෙතෙක් ඒ සඳහා වැයවුණු අති විශල මුදල අඩු වන බැවින් නිෂ්පාදකවරුන්ට වාසියක් බැව් ඊ. ඒ. පී. නිවේදනයේ දැක්වේ.- ප්‍රසාද්
|
CREATIVE
|
පසුගිය දිනවල මගේ ජීවිතයට උදා වූයේ බොහොම සතුටු දින කිහිපයක්. ඒ මගේ අක්කගේ දුව වුණත් මා ළඟම මගේ දරුවකු ලෙස හැදුණු වැඩුණු ඇගේ මංගල උළෙල කේරළයේ පැවැත්වීමයි. ඒ සඳහා සති කිහිපයක් එහි ගත කළා. ඊට අමතරව පසුගිය සතියෙහි මම නිවේදනය කරන ‘සල්මල් යාය’ වැඩසටහනට අපූරු ලේඛිකාවක් කැඳවා ගෙන ආවා. ඈ බර්නි දසනායකයි.දිරිය මවක් වූ ඈ වැනි අයෙක් සමඟ කතාබහ කිරීමට ලැබීම ඇත්තටම සතුටක්. දරුවන් සය දෙනකුගේ මවක වූ ඈ සයවෙනි දරුවා සිය කුසෙහි සිටියදී මිය යන සැමියාගේ බර කරට ගන්නේ තනිවමයි. මේ වන විට 74 වැනි වියේ පසුවන ඇයගේ දරුවන් ඉංජිනේරුවන් හා වෛද්‍යවරුන්. ලේඛන දිවියට පිවිස සිටින එවැනි දිරිය කතක් හඳුනා ගැනීමට ලැබීම මගේ ජීවිතයේදී ලැබූ භාග්‍යයක් ලෙසයි මා සලකන්නේ.
|
CREATIVE
|
ධනංජය සිරිවර්ධන එහෙමත් නැත්නම් ආදරණීය ධනා අපි හැමෝගෙම ආදරණීය හිතවතෙක්. පුංචි තිරයේ හැමදාමත් සුන්දර පෙම්වතා බවට පත් වුණු ධනාගෙ විවාහ මංගල උත්සවය පසුගියදා පැවැත් වුණේ කිංග්ස්බරි හෝටලයේ. හැමෝමත් එක්ක හිතවත් ධනාගේ මංගල උත්සවයට ආශිර්වාද කරන්න එදා බොහෝ දීප්තිමත් තාරකා හෝටලයට රැස් වෙලා හිටියා. හරියට තරු වැස්සක් වගෙයි.මේ තරු එළි අතරේ දීප්තිමත්ම තාරකා යුග්මය වුණේ ධනංජය සහ ශෂිනි. මේ මංගල උළෙලේ දෙවැනි මනාලයන් යුවල ගැන නම් බොහෝ දෙනා කතා කළා. ඇතැම් වෙලාවට මංගල යුවලටත් වඩා කතාබහට ලක්වුණේ ඔවුන් දෙදෙනා. දෙවැනි මනාලයන් ලෙස පෙනී සිටි පුබුදු චතුරංග සහ සුරාජ් මාපා ගැන කදිම කතා කිව්වේ සනත් විමලසිරි. ‘ධනාට පිස්සුවක් තියෙනවා කියලා අපි දැනගෙන උන්නා. ඒත් මුං දෙන්න දෙවැනි මනාලයෝ කියල දැක්කම ධනාට හොඳටම පිස්සු කියලා අපිට හොඳටම තේරුණා.’තමන්ගේ සහෘදයන් ගැන හැමෝම කතා කළේ සතුට පිරි හාස්‍යයෙන්. ඒ වගේම සුරාජ්, පුබුදු එක්ව කළ රංගනයටත් මංගල සභාවේ කදිම ප්‍රතිචාර ලැබුණා. ගිහාන්ගේ නව සංගීතයටත් එහෙමමයි.ප්‍රවීණයන්, සමකාලීනයන්, නවකයන්, මාධ්‍ය සගයන් මෙන්ම මිතුරු මිතුරියන් එක්ව සැමරූ ධනාගේ මංගල උත්සවය හැමෝටම එකතුව රස විඳීන්න හැකි සහෘද සාදයක්ම වුණා. හැමදාම විනෝදයට බර ධනා මේ සාදය හරිම අපූරුවට සංවිධානය කොට තිබුණා.නිදහසේ සාදයේ මිහිර රස විඳි හැමෝම ධනාට සහ ශෂිනිට සුබ මංගලම් කියමින් තාවකාලිකව සමු ගත්තා.එහෙම නම් අපි හැමෝම එකතු වෙලා ධනාට සහ ශෂිනිට සුබ පතමු . . .චතුර ඡායා - ඉන්දික ප්‍රභාත්
|
CREATIVE
|
අංගංගල සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ සී. ඩී. පටයට ප්‍රවීණ ගායන ශිල්පීන් - ශිල්පිනියන් රැසක් සමඟ මමත් ගීතයක් ගැයුවා. මහේෂ් හේවාවසම්ගේ චිත්‍රපටයේ මම සංගීතය අධ්‍යක්ෂණය කළා.එහි රූගත කිරීම් ළඟදීම ආරම්භ කරාවි. සංගීත ප්‍රසංග සඳහා ලැබෙන ආරාධනාවලටත් මම බොහොම කැමැත්තෙන් සහභාගි වෙනවා.
|
CREATIVE
|
ගායන ශිල්පිනීචාන්දනී හෙට්ටිආරච්චිමගේ C AND C සංගීත කණ්ඩායමත් සමඟ මම ප්‍රසංගවලට සහභාගි වන නිසා තරමක් කාර්ය බහුලයි. ඒ අතර අමතර ප්‍රසංගවලට ලැබෙන ආරාධනාවලට මම දැන් සහභාගි වෙන්නේ බෙහොම අඩුවෙන්. ඒත් සමඟම මගේ අයියගේ පුතාව මගේම දරුවෙක් වගේ හැදෙන්නේ මා ළඟමයි. සත් හැවිරිදි වියේ සිටින ඔහුගේ සුරතලයත් සමඟ ගෙවන ජීවිතය බොහොම සුන්දරයි.
|
CREATIVE
|
අධ්‍යක්ෂසමන් වීරමන්‘ආකර්ෂා’ වගේම ‘ආලෝක උදපාදි’ කියන චිත්‍රපට දෙකම රූගත කිරීම් අවසන්. සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ ආකර්ෂා’ ප්‍රදර්ශනයට සූදානම්ව ඇතත් ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය තිබෙන්නේ තවමත් පසු නිෂ්පාදන කටයුතුවලයි. මේ නිර්මාණ දෙකේම උපදේශක අධ්‍යක්ෂ හා තිර පිටපත ලිව්වේ මමයි.‘ආලෝකේ උදපාදි’ චිත්‍රපටය පිළිබඳ විශේෂ සඳහනක යෙදිය යුතුයි. ඒ චිත්‍රපටය සඳහා පාදක වුණේ වළගම්බා රාජ්‍ය සමයේ යුද ගිනි මැද නියං සායෙන් නොනැසී ශ්‍රී සම්බුද්ධ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ මහා යතිවරයන්ගේ කතාවයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මගේ පුතා චත්‍ර වීරමන් විසින්.ඔහු මැලේසියාවේදී සිනමා හා සජීවිකරණය පිළිබඳ කළ හැදෑරීමෙන් පසුවයි මේ නිර්මාණයට දායක වුණේ.
|
CREATIVE
|
පසුගිය සතියක ‘සරසවිය’ පත්තරේ ලිපියක් පළ වුණා. එහි මාර්තෘකාව වුණේ ‘ලෝකේ ඉන්න හොඳම අම්මා නිල්මිණි’ නමින්.නිල්මිණි ගේ මවු සෙනෙහස ගැන අපි හැමදාම අහලා තියෙනවා. පසුගිය සතියක ඉරිදා දවසක උදේ 8.30 ට වැල්ලවත්ත හින්දු විද්‍යාලයේ දී දරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ඉංගී‍්‍රසි අධ්‍යාපන ආයතනයක් පවත්වන පරීක්‍ෂණයක් පැවැත්වුණා.නිල්මිණිත් ඇයගේ දියණිය ශ්වේතාත් මේ සඳහා කැඳවාගෙන ඇවිත් තිබුණා. රංගන ශිල්පිනියක් කියන්නේ තම රූපය ගැන ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක්නේ. නිල්මිණිත් රංගන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්.ඒ වුණාට එදා ශ්වේතාව ගේට්ටුවෙන් ඇතුළට යවලා ඒ විභාගය ඉවර වෙනකල් නිල්මිණි ගිනි ගහන අව්වේ හිටගෙන බලාගෙන ඉන්නවා අපි ඇස් දෙකෙන්ම දැක්කා. එදා අපි දැක්කේ නිල්මිණි තම පණ වැනි දියණිය වෙනුවෙන් වූ අපරිමිත වූ මවු සෙනෙහසයි.
|
CREATIVE
|
අප මෙලොව උපන්නේ කුමකටද? ජීවිතය විඳින්න ද? විඳවන්නද ? ඒ දෙකටම නොවේ.තායිලන්තයේ අජාන් චා හිමිපාණන් පවසන්නේ අප මෙලොව උපන්නේ මේ දිගු සසර මඟ කෙටි කරගනු පිණිසම බවය.එහෙත් එසේ සසර මඟ කෙටි කරගන්නා ක්‍රමවේද පිළිබඳ හොඳ දැනුමක් අප සතු ද? ඒ දැනුම අත්පත් කරගන්නා වුවමනාව ඇත්තේ අප අතරින් කීයෙක් කී දෙනකුට ද?‘සඳ කැන් අරණ’ බුදු දහම ඉතා සරලව ලොවට පහදා දුන් තායිලන්ත ජාතික අජාන් චා හිමිපාණන් ගේ දේශනා ඇසුරින් සැකසී ‘තරුණී’ පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ ලිපි පෙළකි.එම ලිපි පෙළ එක් කොට කුමාර සිරිවර්ධන රචනා කළ ‘සඳ කැන් අරණ’ කෘතිය දැන් සහෘද පාඨක හිතවතුන් වෙත තිළිණ වී තිබේ.‘සඳ කැන් අරණ’ කිංකිණි ප්‍රකාශනයකි.
|
CREATIVE
|
මාධ්‍යවේදියකු මෙන්ම ග්‍රන්ථ කතුවරයකු ද වන ධනුජය සේනානායක අභාවප්‍රාප්ත වෙයි. ඔහු ඈ සඟරාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කරන ලදී.දක්ෂ පිටපත් රචකයකු නිෂ්පාදන කළමනාකරුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන ක්ලයිව් මාර්ටිනස් අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට හතලිස් අට හැවිරිදි වියෙහි පසු වූ ඔහු කලක් රෝගාතුරව නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියේය.සාජන්ට් නල්ලතම්බි චිත්‍රපටයේ තිර රචනය මාටිනස්ගේය. එමෙන්ම ලොක්කයියා ඇතුළු නාට්‍ය රැසක ඔහු පිටපත සකස් කර ඇත. රෙඩි ක්ලයිව් අවසන් වරට අධ්‍යක්ෂණය කළ ටෙලි සිතුවම වේ.චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු වන තිලක් කරුණාතිලක පසුගියදා (05 වැනිදා) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදි සිදු කෙරිණි.තිලානි ශානිකා
|
CREATIVE
|
‘සිංහම් රිටර්න්ස්’ අති සාර්ථකවීමේ සතුටට අජේ දේව්ගන් නිවෙසේ සාදයක් පවත්වා තිබේ. එහෙත් මේ සාදයේදී අජේ දැඩි අපහසුතාවකට පත් වී තිබේ. ඒ කාජල් අමුත්තන් ඉදිරියේ අජේට පමණට වඩා ළං වී හැසිරීම නිසයි.පමණ ඉක්ම වූ කාජල්ගේ ආදරණීය හැසිරීමට හේතු වී ඇත්තේ මධුවිතයි. කාජල් මධුවිතෙන් මත් වී මෙලෙස අවසිහියෙන් හැසිරී තිබේ.
|
CREATIVE
|
සුරංග ද අල්විස්ගේ දෙවන සිනමා කෘතිය අපිත් සූරයෝ නමින් නම් කොට ඇති අතර එහි මුහුරත් උළෙල පසුගියදා දළුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්විණි.ජීවන් කුමාරණතුංග, බුද්ධික ජයරත්න, ක්ලීටස් මෙන්ඩිස්, දුලීකා මාරපන, ශ්‍රීමාල් වෙඩිසිංහ, හිමාලි සිරිවර්ධන, ධර්මප්‍රිය ඩයස්, නිහාල් ප්‍රනාන්දු, මැණික් විජේවර්ධන අපිත් සූරයෝ හි චරිත මවනු ලබයි. මෙහි නිල්මිණි තෙන්නකෝන් සමඟ සුරාජ් මාපා ආරාධිත රංගනයක යෙදෙති.යුනිවර්සල් ලංකා පික්චර්ස් වෙනුවෙන් සමන්ත මීඇල්ල සහ මෙත්සිරි කුමාරසිංහ අපිත් සූරයේ නිෂ්පාදනය කරති. සරත් ද අල්විස් සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රවින් ජයරත්න සංස්කරණ ශිල්පියාය. තිසුල දීපතඹවිට කැමරාව මෙහෙයවන අතර රිහාන් රවීන්ද්‍රගේ සහාය අධ්‍යක්ෂණයකි. කතාව, දෙබස්, තිර රචනය බුද්ධික ජයරත්නගෙනි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයාය. ප්‍රියංක රත්නායක අංග රචනයෙන් ද, දිනේෂ් ජයශාන්ත කලා අධ්‍යක්ෂණයෙන් ද අපිත් සූරයෝ සඳහා දායක වෙති.සුරංග අධ්‍යක්ෂණය කළ ඔහුගේ පළමු සිනමාපටය වන රජ හොරු ළඟදීීම තිරගතවීමට නියමිතය.ප්‍රසාද්ඡායා - ටෙනී
|
CREATIVE
|
හිරු රූපවාහිනියේ විකාශය වන ‘සඳසාවි’ ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා. ඒ කටයුතුත් සමඟ වගේම මගේ වේදිකා නාට්‍යය වුණු ‘රාජ සභාවත්’ සමඟම මම ලංකාව පුරාම ඇවිදිනවා.ඒ වගේම ඉදිරියේදී රූපගත කිරීම් කෙරෙන ‘සිදම්බරං’ ටෙලි නාට්‍යයේ රඟපෑමටත් මට ආරාධනාවක් තිබෙනවා. මේ කටයුතුත් සමඟ මා නියැලෙන අලුත්ම කටයුත්ත වන්නේ අලුතින් වේදිකා නාට්‍යයක් කරන්නට පිටපතක් ලියමින් සිටීමයි.
|
CREATIVE
|
වැස්ස අධික කාලයක් නිසා නිතරම වගේ වැස්ස දෙසම බලාගෙන ඉන්න මම බොහොම කැමැතියි. ඒක මගේ පුංචි කාලයේ පටන්ම මට තිබුණු අපූරු පුරුද්දක්. මගේ කාමරයට රුක්මලේ විහාරයේ බෝධීන් වහන්සේ පෙනෙනවා. ඒ දෙසම බලාගෙන ඉන්න විට මට දැනෙන්නේ පුදුම සතුටක්. නිස්කලංක බවක්.උදෙන්ම නැඟිටින මම වේගයෙන් ඇවිදින ව්‍යායාම සඳහා එළියට ගිහින් ආවට පස්සේ කරන්නේ භාවනාවක් කරන එකයි. ඊට පස්සේ ගේ ඇතුළට ඇවිත් පරිගණකය ළඟ වාඩි වෙලා පුවත්පත් ටික කියවන එක රාජකාරිය වෙලා. ඊට අමතරව පොත් කිහිපයක් කියවන්නත්, පොතක් ලියන කටයුතුත් කරන නිසා කාර්යබහුල ජීවිතයක් ගත කරනවා කිව්වොත් නිවැරැදියි. ඒ අතර නිදහසේ ටික වේලාවක් ඉන්නත් අමතක කරන්නේ නැහැ.
|
CREATIVE
|
ලේක්හවුස් ආයතනයේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියෙකු වශයෙන් සේවයේ නිරත මහින්ද විතානාච්චි විසින් පවත්වන ඡායාරූප ප්‍රදර්ශනය හෙට සිට ලබන 25 වැනිදා දක්වා කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වේ.මෙරට ප්‍රථමවරට වන සතුන් සහ පරිසරය හා මනුෂ්‍ය ක්‍රියාකාරකම් ලෙසින් අංශ දෙකක් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය Montage On Life ලෙසින් නම් කර ඇති අතර හෙට (23) වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරේ.තිස්දෙවසරක සේවා කාලය තුළදී මහින්ද විතානාච්චි උපාලි පුවත්පත් ආයතනය, විජය පුවත්පත් සමාගම සහ ලක්මිණ පුවත් පතෙහි ද සේවය කර තිබේ. 1989 වසරේදී ඔහු සිය ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය ජාතික කලාභවනේදි පවත්වා ඇති අතර මෙවර පැවැත්වෙන්නේ හයවැනි ප්‍රදර්ශනය යි.යතේජා
|
CREATIVE
|
විසි දෙවැනි වරටත් ලේක්හවුස් බෞද්ධ සංගමය සමඟ බුදුසරණ පුවත්පත එකමුතුවෙන් සංවිධානය කළ අමා දහර වෙසක් කළාපය තෙදිනක් පුරා ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ.එහිදී සරසවිය පුවත්පතේ ආරාධනයෙන් පැමිණි කලාකරුවන්ගේ බොදු බැති ගී හඬින් අමා දහර බුද්ධාලම්භන ප්‍රීතියෙන් ප්‍රබෝධමත් වූහ.ප්‍රසංගයේ සම්බන්ධීකරණය සරසවිය පුවත්පතෙහි මාධ්‍යවේදී අසංක දේවමිත්‍ර පෙරේරා ගෙනි.මෙහි සංගීතය මෙහෙයවීම රෝහණ ධර්මකීර්ති ගෙනි.සටහන - සංජීව සම්පත් /සේයා - ප්‍රසාද් සමරතුංගලේක්හවුස් ගායන වෘන්දය
|
CREATIVE
|
කලා අධ්‍යක්ෂ ධම්මික හේවාදුවත්තධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂවරයෙකි. විජය කුවේණි ඇතුළු නිර්මාණ ගණනාවකටම සිය දායකත්වය සැපයූ ඔහු සිහින දුටුවේ රංගන ශිල්පියකුවන්නටය. එයින් තරමක් දුරස්ථ වුණත් කලා අධ්‍යක්ෂවරයකු ලෙස යුහුසුලුව වැඩ කරන ධම්මික සිය තතු විත්ති හෙළි කළ අන්දමයි මේ.එදා නම් රඟපාන්නයි කැමැත්ත තිබුණේ. ඒත් අද වන විට මගේ වෘත්තිය කලා අධ්‍යක්ෂණය බවට පත් වෙලා. මං දැන් ඒකට ප්‍රියයි.ගෞතමී ටෙලි සිතුවම තමයි මාව නළුවෙක් කරන්නේ. හැබැයි මං සිටි දර්ශනයේ මාව හරියාකාරව පෙනුණෙත් නැහැ. රඟපාන්න තිබුණත් නැතත් මං ගෞතමී ලොකේෂන් එකට වෙලා හිටියා. එහෙම ඉන්න කොට නාට්‍ය සඳහා මට ඇති උනන්දුව පිළිබඳ එක් අයකු දැක්කා. ඔහු තමා ගෞතමීහි සහය අධ්‍යක්ෂ ජෝසප් ජෙරම් පෙරේරා. අද නම් ඔහු අධ්‍යක්ෂවරයෙක්. ජෙරම් අයියා මාව නාට්‍යයෙහි ආර්ට් ඩිපාර්ට්මන්ට් එකට වැඩට ගත්තා. ක්‍රමයෙන් මා එහි සහාය කලා අධ්‍යක්ෂ බවට පත්වුණා. මට ඒ පිළිබඳ ඇල්මක් ද හට ගත්තා.ටික කලකින් ජෙරම් අයියා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා තරුවක් පොළවට නමින්. මං එහිත් සහාය කලා අධ්‍යක්ෂ.මේ වගේ වැඩ කළත් යම් කිසි දැනුමක් ලබා ගන්න මට හිතුණා කලා අධ්‍යක්ෂණය පිළිබඳ හදාරන්න. මොරටුවේ සුමිත් හිරාන් කියලා කලා අධ්‍යක්ෂවරයකු හිටියා. ඔහු මට මේ ගැන කියලා දෙන්න පොරොන්දු වුණා. ඔහුත් සමඟ මං අවුරුදු තුනක් හිටියා. බොහෝ දේ දැනගත්තා.සුමිත් කුමාර මහත්මා සුපිරි වාසනා නාට්‍ය පටන් ගත්තේ මේ කාලේ. ඔහු සුමිත් හිරාන් අයියාට කතා කළා කලා අධ්‍යක්ෂණය කරන්න එහි. නමුත් ඔහු එම නාට්‍යයහි කලා අධ්‍යක්ෂණය කරන්නැයි මට කීවා. මං හොඳටම බය වුණා. සුමිත් හිරාන් මහතා මගේ බිය සැක දුරු කරලා සුමිත් කුමාරට හඳුන්වා දුන්නා. සුපිරි වාසනා තමයි මං පළමුවරට තනිව කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණු ටෙලි නාට්‍යවලත්. පසුව දියතක සෙනෙහස, මායා මන්ත්‍රී, වීදුරු මල්, දූවරු, පියවි වැනි ටෙලි නාට්‍යවලින් විජය කුවේණි, අඟර දඟර වැනි චිත්‍රපටවලටත් මං කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා.මෙහිදී විජය කුවේණි ගැන කතා නොකරම බැහැ. එය අති දැවැන්ත චිත්‍රපටයක්. මං ඒවගේ එකක කලින් වැඩ කරලා නැහැ. අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේ මාර්ගයෙනුයි මට සුගත් සමරකෝන් මහතාව මුණ ගැහෙන්නේ. ඔහු සහ එහි නිෂ්පාදක ගයාන් රණධීර මට නොබියව මේ වැඩේ කරගෙන යන්න බාර දුන්නා කිසිදු බලපෑමකින් තොරව. හොඳින් කාලය ගෙන බොහෝම සූක්ෂමව මට භාර දුන් වගකීම ඉටු කළා. මේ වන විට ඔවුන්ගේම තවත් නිෂ්පාදන කිහිපයකටම දායක වී සිටිනවා.රඟපෑමේ හීනය දැන් මගේ ගාව නැහැ. නමුත් කවුරුන් හෝ හිතවතෙකු මට කතා කළොත් රඟපාන්නට පැකිලෙන්නෙත් නැහැ.මං වැඩක් භාර ගැනීමට මත්තෙන් පිටපත හොඳට කියවනවා. සෑම රූප රාමුවක්ම හොඳින් නිරීක්ෂණය කරනවා. අනතුරුවයි වැඩේට බහින්නේ. මේ දිනවල තුෂාරි අබේසේකරගේ ‘හෝ පළ අරණ’, චාමර පීරිස්ගේ ‘යාය හතර’, දී. ග. සෝමපාලගේ ‘අහස අහිමි කුරුල්ලෝ’ වැනි ටෙලි සිතුවම්වල වැඩ.මං ඉගෙන ගත්තේ අතුරුගිරිය මහ මාත්‍ය විදුහලෙන්. මේ වෙලාවේ මගේ ගමනට දිරිය ශක්තිය ලබා දුන් මගේ අම්මා ඩී. සීලවතී, තාත්තා සරත් අබේපාල, මල්ලි නලින් ජීවන්ත, රාහුබද්ධ, සේන උදය, අනුරාධපුරයේ අජිත්, සෝබා අක්කා, ප්‍රියාන් අනුර ශ්‍රී, වසන්ත විට්ටච්චි, ශ්‍රීලාල්, දිමුතු, චම්පි ඇතුළු පිරිසට මා තුති පුදනවා.දැනට මං ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු නවයයි. මට ඕනේ කවදා හරි ලංකාවේ හොඳම කලා අධ්‍යක්ෂ හැටියට නමක් දිනාගන්න. ඒක තමයි මගේ එකම පැතුම.ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන්එදිරිසිංහ
|
CREATIVE
|
ආදරයයි කරුණාවයි ගලන දොළේ පෙණ බුබුළයි ආදරේ මිලින මලේ පැණි කඳුළයි ආදරේ මහ ගල් කුළු ඉහළ බලා සුළං රොඳීන් සුසුම් හෙළා ඈත සිහින් වලාකුළින් රහස අසයි ආදරේ නිල් කඳු වැටි පීරා - පායන සඳ රේඛා එබී බලා නිහඬ රැයෙක රහස කියයි ආදරේ මහ ගස් අතු ඉහළ නගා - කුරුලු හඬින් ගීත ගයා වෙළෙන වැලේ පිපෙන මලෙන් රහස අසයි ආදරේපද රචනය - මහගම සේකර සංගීතය – පණඩිත් ඩබ්. ඩී. අමරදේව ගායනය - අමිතා වැදිසිංහ අධ්‍යක්ෂණය - ආනන්ද ජයරත්න- සුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
‘සිකුරහතේ’ දෙවර්ෂ පූර්ණය 11 වැනිදාමෙරට නාට්‍ය ඉතිහාසයේ පළමු වතාවට ඇල්බීරියානු වේදිකා නාට්‍යයක් වේදිකාවට ගෙන ආවේ සජීව මල්මාලආරච්චිගේයි. ඒ ‘රතු රුවල්’ වේදිකා නාට්‍යයයි. එය 2000 වර්ෂයේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානයට ද පාත්‍ර වුණි. ඔහු 1996 දී නිර්මාණය කළ ‘මායා දොරටුව’ නාට්‍යය ද යෞවන සම්මාන නාට්‍ය උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ඇතුලු කුසලතා සම්මාන පහක් ලබා ගැනීමට සමත් වුණි. චරිත දෙකක්, වාලුකාවක් වූ පරාදීසයක්, ඔස්තාර්, වළාලය ආදී නාට්‍යය ද සජීව මල්මාලආරච්චිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය විය.වැඩි වශයෙන් වේදිකා නාට්‍ය රංග ශිල්පියකු ලෙස අප හමුවට එන ඔහු මේ දිනවල සබඳ බබානිස්, එළියස් එළියට් සහ සිහින ටවුම යන ටෙලි නාට්‍යවලද රඟ දක්වයි. තම තිස් වසරක කලා දිවිය තුළ වේදිකා නාට්‍ය හැට පහකට වැඩි සංඛ්‍යාවක ද, ටෙලි නාට්‍ය පනහකට වැඩි සංඛ්‍යාවක හා චිත්‍රපට විසි හතක පමණ ඔහු රඟපා ඇත. සජීවගේ තිස් වසරක රූපවාහිනිය, සිනමාව සහ වේදිකාව සඳහා කළ මෙහෙවර අගයමින් පසුගියදා කළුතර දිස්්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2014 සාහිත්‍ය උත්සවයේදී උපහාර සම්මානයක් ධර්මසිරි බණ්ඩාරනායක ශූරීන් අතින් පිරිනැමිණි.වේදිකා නාට්‍ය හතක අධ්‍යක්ෂවරයකු වන ඔහු අවසන්වරට නිර්මාණය කළේ සිකුරහතේ හාස්‍ය වේදිකා නාට්‍යයයි. එයට තව නොබෝ දිනකින් වසර දෙකක් සපිරේ. සජීව සරසවිය අපත් සමඟ එකතු වුණේ සිකුරහතේ දෙවර්ෂ පූර්ණ දැක්ම ගැන කතා කරන්නටය.සිකුරහතේ වේදිකා නාට්‍යයේ දෙවර්ෂ පූර්ණ දැක්ම කොහොමද සමරන්නේ?ඇහෙන්නේ නැතිව, පේන්නේ නැතිව කතා නොකර ඉන්නතාක් ජීවිතේ ෂුවර් වන සිකුරහතේ වේදිකා නාට්‍යයේ දෙවර්ෂ වූර්ණ දැක්ම නිමිත්තෙන් මේ මස 11 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් රඟහලේදී සිකුරහතේ වේදිකා ගත කරන්නයි අපි සූදානම්ව ඉන්නේ.සිකුරහතේ නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ඔබ නාට්‍ය ගැන මොකද හිතන්නේ?පළවෙනි දේ තමයි සිකුරහතේ නාට්‍ය හාසේයීත්පාදක වීම. ආරම්භයේ සිට අවසානය දක්වාම සිනහවෙන් පිරි මේ නාට්‍ය පවුලේ සැමටම එකට සිට නැරඹිය හැකි නාට්‍යයක්. ප්‍රේක්ෂකයාට පුළුල් උපරිම රසවින්දනයක් ලබාදෙන නැටුම් ගැයුම්වලින් සපිරි නාට්‍යයක්. ඒ නිසා එහි අධ්‍යක්ෂවරයා ලෙස නාට්‍ය ගැන මට නිහතමානී තෘප්තියක් දැනෙනවා.වේදිකාවේ ප්‍රේක්ෂකයාට පෙනෙන දේට වඩා එහි පිටුපස දැවැන්ත ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ ගැන පැවසුවොත්?නාට්‍යයක් කියන්නේ සාමුහික ප්‍රයත්නයක්. සිකුරහතේ නාට්‍ය කණ්ඩායම එකාවගේ මේ වෙනුවෙන් කැප වෙනවා. මේ වසර දෙක තුළ කොළඹින් බැහැරව අපි පෙන්වපු දර්ශන වාරවලදීත්, පුහුණුවීම්වලදීත් මම ඒක කණ්ඩායම තුළ හොඳින් දුටුවා. රංගාවලෝකය, තාක්ෂණික ශබ්ද තරංග අවශ්‍ය වේලාවට ලබා දීම, රංග වස්ත්‍රාභරණ නිර්මාණය, වේදිකා පරිපාලනය, වේදිකා අලංකරණය හා පසුතල නිර්මාණ ආදී සියල්ලම බොහෝම අපූරුවට ‘සිකුරහතේ’ අපේ කණ්ඩායම කැපවීමෙන් ඉටු කරනවා. ඒ ගැන මම ඔවුනට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.සිකුරු හතේ නාට්‍යයයේ රංගන දායකත්වය ගැන මතක් කළොත්?මෙහි ප්‍රධාන චරිත නවයක් තියෙනවා. ‘පිල්ලේ’ගේ චරිතය තමා ප්‍රමුඛ. එය රඟදක්වන්නේ මම. ජුලියාගේ චරිතයට සනෝජා බිබිලේ හා අනූෂා දිසානායක පණ පොවනවා. මුරකරුගේ චරිතයට අජිත් ලොකුගේ හා දමයන්ත පෙරේරා රංගනයෙන් එක් වෙනවා. මීට අමතරව ‘ස්ටේෂන් මාස්ටර්, පියා, තරුණිය, මහල්ලා, තරුණයා ඩොබී’ යන චරිත ද අඩංගු වෙනවා.සිකුරහතේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් මගේමයි. නිෂ්පාදනය ප්‍රියන්ත රංජන් විසින් සිදු කෙරෙනවා. ගීත රචනය හා සංගිතය ප්‍රදීප් ජයතිලකගෙන්. අංග රචනය ප්‍රේම් ජයන්ත කපුගේ අතින් සිදු වෙනවා.වසර ගණනක නිහැඩියාවකින් පසුව ඔබ 2012 වසරේදි නැවත වේදිකාවට පැමිණෙනවා. ඒ පැමිණීම සිද්ධ වුණේ සිකුරහතේ නාට්‍යයෙන්?ඔව්. 2000 වසරේදී මා අතින් රතු රුවල් වේදිකා නාට්‍ය නිර්මාණය වුණාට පස්සේ මම අවුරුදු දොළහකට පසුවයි ‘සිකුරහතේ’ නිර්මාණය කළේ. එය මගේ හත් වැනි නාට්‍යය. මා සිකුරහතේ ලිව්වේ මීට වසර දහතුනකට කලින්. එය පළමුවරට වේදිකා ගත වුණේ 2012 දී. බොහෝ විට කොළඹින් බැහැරවයි අපි ඒක ප්‍රදර්ශනය කළේ. මේ වසරට හාස්‍ය පිරි සිකුරහතේ නාට්‍යයට අවුරුදු දෙකක් සපිරෙනවා. ඒ වෙනුවෙන් තමයි ‘සිකුරහතේ’ දෙවර්ෂ පූර්ණ දැක්මක් අපි සූදානම් කළේ.අමානි ඉරේෂිකාසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
හුස්ම සිඹින්නම් – පෙම් පවනැල්ලේආදරෙන් වෙලා . . .ඔබ ළඟ ඉන්නම් – ඔය ඇස් අස්සේහීනයෙන් පවා . . .ඈත දුරු රටක සිටින තම පෙම්වතිය ගැන දුරස්වීමේ ශෝකය දරා ගත නොහැකි පෙම්වතෙක් ගයන ගීයක්. මේ හිත ගත්ත රූ හීන චායානෙතු ගාව නැවතිලා පායා . . .පෙම්වතාට දුරු රට සිටින පෙම්වතිය එසේ ගයන්නේ දුරස් වීම ළඟදීම හමුවීමක් වන බවකි.මේ දවස්වල නිතර ඇහෙන ජනප්‍රිය ගීතයේ හිමිකරුවන් වෙන්නේ රංගන ශිල්පී සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නයි. මේ ගීතය ගැන සාරංග පැවසුවේ මෙවන් කතාවක්.‘මමයි උමාලියි ‘සඳවතක සේයා’ ටෙලි නාට්‍යයේ මීට වසර හතකට පමණ පෙර එකට රඟපෑවා. ඉන් පසු අප පෙම්වතුන් වුණා. කාලයත් එක්ක උමාලි අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ගියා. මම රංගන ශිල්පියෙක් වුණත් පෙම්වතිය දුරස් වීමේ දුක කියන්නේ මොකක්ද කියලා මට දැනුණා. ඒ නිසා සචිත උදයංග කියන නව පරපුරේ ගීත රචකයාට මගෙයි උමාලිගෙයි පෙම් කතාව පාදක කරගෙන ගීතයක් ලියන්න ආරාධනා කළා. ඊට සංගීතය මුසු කළේ සංජුල හිමාල. පසුගියදා මේ සඳ විෂුවල් එකතුවත් නිර්මාණය කළා. ඒක නිෂ්පාදනය කළේ චරිත් අබේසිංහ. චරිත් විජේසේකර, මරීනා පෙරේරා හැඩ ගැන්වීමෙන් එක් වුණා. ඒ වගේම අනුක් මෙන්ඩිස් වගේම ලස්සන ෆ්ලෝරාත් මේ වීඩියෝ එක ලස්සනට නිම කරන්න දායක වුණා.සාරංගගේ කතාවට නිහඬව සවන් දී සිටි උමාලිත් සිය හඬ අවදි කළා.‘මේ මාසේ 14 වැනිදා අපි විවාහ වෙනවා. මේ වීඩියෝ එකයි, ගීතයයි නිර්මාණය කළේ අපේ විවාහයත්, ආදරයත් සිහි ගන්වන්නයි. වසර හතක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ අපි දෙන්නාගේ විවාහය වෙනුවෙන් මේ ගීතය එළි දක්වන්න ලැබීමත් හරිම සතුටුයි.භද්‍ර යෞවනයේ පසු වූ සාරංග සහ උමාලි යුවතිපතීන් ලෙස ජීවිතයේ නවමු ඉසව්වකට පා තබන්නට සූදානම් මොහොතේ. ජාතික කලා පුවත්පත ලෙස හෙට දිනයේ යුග දිවියට පා තබන මේ යුවළට ඉත සිතින් ආසිරි පතයි.සටහන - සම්පත් බාලසූරියසේයාරුව - ශනිල් පෙරේරා
|
CREATIVE
|
ගීත රචකයකු හා ලේඛකයකු වූ කෝකිල රණසිංහ අභාවප්‍රාප්ත විය. ඔහු ගීත රචකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ නැසීගිය ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ගේ දෙටු පුත්‍රයා වේ. මිය යනවිට වයස අවුරුදු පනස්දෙකක් වූ ඒ මහතා ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරීවරයාය.ඔහු මියයන විට මහනුවර අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සැලසුම් ඉංජිනේරුවරයා වශයෙන් කටයුතු කළේය.එමෙන්ම ඔහු ප්‍රවීණ නාට්‍යකරු තිලක් ගුණවර්ධනගේ මස්සිනා ද වේ. කෝකිලගේ අවසන් කටයුතු අද (14) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. ඔහුගේ දේහය දැනට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කොට ඇත.කෝකිල සිය පියා පිළිබඳ ලියන ලද ලිපියක් පසුගිය සරසවිය පුවත්පතක පළ විය.
|
CREATIVE
|
මෙවර ප්‍රශ්න පත්තරේට පිළිතුරු සැපයූවේ යොවුන් පරපුරේ නළු නිළි යුවළක් වන ලෝචනා ඉමාෂි සහ සුගත් ජානක විසිනි. සැකසුම – යතේජා ඥානරත්න ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ ඡායාරූපය - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
* උපත – 1942 පෙබරවාරි 18 දා කඩුගන්නාවේදී (මහනුවරදී)* පියා - දොන් ජේම්ස් රත්නායක* මව - අබේකෝන් මායාදුන්නේලාගේ සුමනාවතී* පාසල – කඩුගන්නාව කනිෂ්ඨ විද්‍යාලය සහ කඩුගන්නාව මහා විද්‍යාලය (වත්මන් කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යාලය)* ප්‍රථම සංගීත ගුරුතුමා – කේ. ඇම්. සුගතපාල මහතා* මධ්‍යම පළාත් ඒකළ ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානය ලැබීම 1958 දී* සංගීතය ශාස්ත්‍රානුකූලව හැදෑරීමට මහනුවර එම්. ජී. පී. කලායතනයේ සිරිල් පෙරේරා ගුරුතුමන් වෙත පැමිණීම (1950 ගණන්වල අගභාගයේදී)* සිරිල් පෙරේරා ගුරුතුමන් වෙතින් සංගීතය හදාරද්දීම මහනුවර ලේක් සමාජ ශාලාවේ සංගීත ප්‍රසංග සංවිධානය කළ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේනයන් සමඟ සම්බන්ධ වී වාද්‍ය ශිල්පියකු හා ගායන ශිල්පියකු වශයෙන් ශිල්පිීය ප්‍රාගුණ්‍ය ලැබීම* ගුවන් විදුලියෙන් ආධුනිකයකු හැටියට ප්‍රථමයෙන් ගීතයක් ගැයුවේ එයාෂිප් නම් වූ වෙළෙඳ වැඩසටහනක ආධුනික ගීත තරගයකටය. එය වික්ටර් රත්නායකයන්ගේම තනුවකට ගැයූ ‘යන්නට සිදුවේ මරණය ආදා – මරුවා හට නෑ කිසිවිට බාධා’ නම් වූ ගීතයයි. ගුවනින් ගැයූ ප්‍රථම ගීතයේ රචකයා වූයේ උදයරත්න බ‍්‍රාහ්මණනායක නම් වූ කඩුගන්නාවේම පදිංචිව සිටි අසල්වැසි හිතවතෙකි.* වික්ටර්ගේ පටිගත කළ ප්‍රථම ගුවන් විදුලි ගීතය වූයේ ප්‍රවීණ ගීත රචක පියසේන කොස්තා සූරීන්ගේ ‘මණිචෝර’ නම් ගුවන් විදුලි ගීත නාටකයට ඔහු විසින්ම රචනා කළ ‘දෙවඟන පරදන කොමළ ලියා’ නම් ගීතයයි. එහි සංගීතය සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේනයන් ගෙනි.* වික්ටර්ගේ ප්‍රථම ගුවන් විදුලි තැටිය වූයේ සංගීතඥ ඩී. ආර්. පීරිස් විසින් තනු නිර්මාණය කළ ඩෝල්ටන් අල්විස් සූරීන්ගේ පද මාලාවක් වූ ‘හදේ සුසුමක් පතිත වීමෙන් බකිණි මල් පෙති පර නොවේවා’ යන ගීතයයි. එය මඩවල එස්. රත්නායකයන් නිෂ්පාදනය කළ ‘පංච මධුර’ ප්‍රණීතාංගයට ගැයූ ගීතයක් විය.* 1963 වසරේදී රජයේ සංගීත විද්‍යාලයට (හේවුඩ් ආයතනයට) ඇතුළු වීම – රජයේ කලායතනයේසමකාලීනයින් – මර්වින් පෙරේරා, සේන වීරසේකර, සරත් දසනායක, සුජාතා පෙරේරා (අත්තනායක), අමරසිරි පීරිස්, පුණ්‍යසිරි මහවත්ත, බර්ටි රණසිංහ (චෙලෝ බර්ටි), අමිතා වැදිසිංහ ආදීහු වෙති.* රජයේ ලිලිත කලායතනයේ එවකට සිටි ඔහුගේ ගුරුවරුන් විශාරද කේ. ඒ. දයාරත්න සිල්වා, විශාරද එස්. ඩී. එස්. ජයසේකර, විශාරද ගුණපාල පෙරේරා, විශාරද ධර්මසිරි පෙරේරා, විශාරද ගුණසේන ද සිල්වා ආදීහු වෙති.* එම වසරේම ගුවන් විදුලියේ සිය ප්‍රථම සරල ගී වැඩසටහනට ආරාධනා ලැබීම. ප්‍රථම ගීතය අරිසෙන් අහුබුදුවන් විරචිත ‘සිඳ බිඳ මොහඳුරු පාප’ සහ ‘ගොළු මුහුදේ මුතු ඇටේ’ සහ පුණ්‍යසිරි මහවත්ත රචිත ‘ඈත පෙනෙනා හිම වු කඳු මත’එම ගීතය.* ඉන්පසු වෙළෙද සේවයේ ප්‍රථම සරල ගී වැඩසටහන වෙනුවෙන් හේම ශ්‍රීී ද අල්විස් රචනා කළ ‘ඔබේ සෙවණැල්ල වාගේ එමී’ (සුජාතා පෙරේරා සමඟ), ‘මයුරාසන’ මෙන්ම මර්වින් පෙරේරා සංගීතවත් කළ මීගොඩ විල්සන් රචිත ‘සෝක සැනසුම්’ හා ‘පාවේ වලා’ යන ගීත ද ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ජනප්‍රිය ගීත බවට පත් විය.* ප්‍රථම ගුරු පත්වීම 1966 – 1968 බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලය* මේ අවධියේ අතිශය ජනප්‍රිය වූ ගීත - සිහිල් සුළං රැල්ලේ - මයුරාසන – පාවේ වලා - සෝක සැනසුම්* සේවය කළ පාසල් -කුලියාපිටිය නක්කාවත්ත මහා විද්‍යාලය (1968 - 1970)නාවල දියවන්නා මහා විද්‍යාලය (1970 - 1974)කොළඹ තර්ස්ටන් විද්‍යාලය (1976 - 1976)‘ස’ ප්‍රසංගයේ ආරම්භය1973 ජූලි 20ලුම්බිණි රඟහල . . .සමාප්ති ප්‍රසංග ත්‍රිත්වයජූ 18 - නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ කලා රඟහලජූලි 19 – මහරගම යොවුන් රඟහලජූලි 20 - කොළඹ ලුම්බිණි රඟහල
|
CREATIVE
|
මම මේ දවස්වල වැඩි කාලයක් ගත කරන්නේ මගේ දරුවන් සමඟින්. අවුරුදු නිවාඩුව නිසා හරිම සතුටින් ඉන්නේ. ඒ වගේම කොළඹින් පිට ඇවිදින්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මගේ උපන් දිනයත් මේ සතියට යෙදී තිබීම විශේෂයි. ඒ දිනයත් කොළඹින් පිට බොහොම පුංචියට සමරන්නත් බලාපාරොත්තු වෙනවා.පසුගිය දවස්වල අලුත් ටෙලි ඩ්‍රාමා දෙකක ෂූටින් පටන් ගත්තා. ඒ වැඩ කටයුතු සමඟින් බොහොම සුන්දරව කාලය ගත කරනවා.
|
CREATIVE
|
පසුගිය කාලය චෙස් ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සමඟින් ගත වුණේ. මම දායකත්වය ලබා දුන් කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ හැරුණාම තවත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්න සූදානම්.ඒ වගේම මේ දවස්වල මම තවත් අලුත් වැඩකට සූදානම් වෙනවා.
|
CREATIVE
|
රංගන ශිල්පීබර්නාඩ් ෂෝ ප්‍රේමසුන්දරමේ දවස්වල නම් ඡායාරූප අංශයේ කටයුතුවලට තමයි වැඩි දායකත්වයක් ලබා දෙන්නේ. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර විස්සක් විතර ගත වෙලා. මේ දක්වා රංගන ක්ෂේත්‍රයේ පැමිණි ගමන හෙමින් එකක් වුණත් ඒ පිළිබඳ හදාරමින් නිර්මාණ සඳහා දායක වෙන්න ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්. ඉනෝකා සත්‍යාංගනී ගේ ‘සින්ඩරෙල්ලා’ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී තිරගත වෙන්න නියමිත එය මගේ සිනමා ගමනට ලොකු අත්වැලක් වේවි කියලා මම හිතනවා. ඒ වගේම ඉදිරියේදී අධ්‍යක්ෂණයට යොමුවෙන්න වගේම රංගනය පිළිබඳ හරවත් වැඩමුළු පවත්වන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
|
CREATIVE
|
අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි මෙම සතියේ ඉදිරියට පැමිණීමට සමත්වී ඇත්තේ රොබට් ස්ට්‍රෝම්බර්ග් අධ්‍යක්ෂණය කළ Maleficent චිත්‍රපටය යි. ක්‍රියාදාම ජවනිකා රැගත් පවුලේ චිත්‍රපටයක් වන Maleficent අමෙරිකානු ප්‍රදර්ශනය පසුගිය මැයි 30 වැනිදා සිට ආරම්භ කරන ලදී. ඇන්ජලීනා ජොලී, එලී ෆැනින්ග්, ෂාර්ල්ටෝ කොප්ලේ, ලෙස්ලි මැන්විල් රංගනයෙන් දායක වන මෙය පසුගිය සති අන්තය වන විටදී ඩොලර් මිලියන 70ක ආදායමක් උපයා තිබුණි. X – Men : Days of Future Past චිත්‍රපටය 32.6ක ආදායමක් ලබමින් බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ දෙවැනි ස්ථානයට පත් විය. හාස්‍යමය කතා තේමාවක් රැගත් ඒ Million Ways to Die in the West චිත්‍රපටය සිටින්නේ තෙවැනි ස්ථානයට යි. පසුගිය සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 17.1කි. සීත් මැක්ෆාලන් අධ්‍යක්ෂණය කළ මෙහි සීත් මැක්ෆාලන් සමගින් චාල්ස් ටෙරෝන්, ලියන් නීසන්, අමන්ඩා සෙෆීල්ඩ් ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබා දෙති. විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Godzilla චිත්‍රපටය මෙම සතියේ සිව්වැනි ස්ථානය හිමිකරගෙන සිටින චිත්‍රපටය යි. එය සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 12.2කි. ෆ‍්‍රෑන්ක් කොරාසි අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන Blended සති අන්තයේදී ඩොලර් මිලියන 8.4ක ආදායමක් ලබමින් පස්වැනි ස්ථානයට පත් විය.අමෙරිකානු ප්‍රදර්ශනයේ සිව්වැනි සතිය ගත කරන Neighbors චිත්‍රපටයට හිමි වී ඇත්තේ හයවැනි ස්ථානය යි. හාස්‍යමය කතා පුවතක් ගෙන එන එය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 7.7කි. මාර්ක් වෙබ් අධ්‍යක්ෂණය කළ The Amazing Spider – Man 2 චිත්‍රපටයට හිම වන්නේ හත්වැනි ස්ථානය යි. ඉන්දීය බේස්බෝල් ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ ජීවිත කතා ඇසුරින් නිර්මාණය වූ Million Dollar Armචිත්‍රපටයට හිමි වන්නේ අටවැනි ස්ථානය යි. ජෝන් ෆෙව්රෝ අධ්‍යක්ෂණය කළ Chef චිත්‍රපටය නමවැනි ස්ථානයටත් නික් කැසවේට්ස් අධ්‍යක්ෂණය කළ The Other Woman දසවැනි ස්ථානයටත් පැමිණ සිටියි.යතේජා
|
CREATIVE
|
කෙවින් පට්ට සෙල්ලක්කාරයෙක් කළ හංසකමේ ඉන්නේ තූර්යා ටෙලි සිතුවමේ කෙවින්. කෙවින් මේ වන කොට බොහොම ජනප්‍රියයි.හංසක ගනේගොඩ.කෙවින්ට පණ පොවන්නේ ඔහුයි.කෙවින් හරිම සෙල්ලක්කාරයි නේද?ඇත්තටම කෙවින් එහෙම තමයි. නමුත් කෙවින් තරම් මම නම් සෙල්ලක්කාර නැහැ. තූර්යා හි අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න මට කෙවින් ගැන මෙහෙම කිව්වා.හංසක, කෙවින් පට්ට සෙල්ලක්කාරයෙක්. උඹ තමයි හරි යන්නේ, හොඳට කරපං කියලා.ඔහු මට දුන් ඒ වගකීම හොඳින් කළා කියලා හිතෙනවා මග තොට යද්දී.හංසක මීට ප්‍රථම රඟපාලා තිබෙන නිර්මාණ මොනවාද?මං ක්ෂේත්‍රයට එන්නේ මෝස්තර නිරූපණ ශිල්පියකු වෙන්න. එහෙම ඇවිත් ටික කලකින්ම මට වෙළෙඳ දැන්වීම් කිහිපයක් ලැබෙනවා රඟපාන්න. ඒ කාලයේදීම රවීන්ද්‍ර විජේරත්න මහතාව මට හමු වුණා. ඔහු මට හා හා පුරා කියලා ටෙලි නාට්‍යය රඟපාන්න අවස්ථාවක් දෙනවා. ඒ තමයි ඔහු අධ්‍යක්ෂණය කළ ජීවිතය ලස්සනයි. මං එහි රැඟුවේ ගයාන් වික්‍රමතිලකගේ යහළුවකු හැටියට. ඊට පසුව වසූදා, පවනි, ඉසුරුභවන, අපි අපි වගේ නාට්‍යවල රඟපෑවා. ක්ෂේත්‍රය ගොඩක් හුරු වුණා. දිගු ගමනක් යන්න හිතුවා. ඒත් නොසිතූ දෙයක් වුණා.ඒ මොකක්ද?මම අතිශය දරුණු යතුරු පැදි අනතුරකට මුහුණ දුන්නා. ලොකු ඔපරේෂන් එකකුත් කළා. කාලාන්තරයක් එක්තැන් වෙලයි හිටියේ. හරියටම වසර දෙකක් කිසිදු කටයුත්තක් කළේ නැහැ.ඔබේ ඒ අඳුරු කාලය දැන් ඉවරයි නේද?සත්තකින්ම. රවී අයියාගේ ඇරැයුමින් තමයි ආයෙත් රංගන කටයුතුවලට ආවේ. සමහර අයට මාව ටිකක් මතකයි. තූර්යාට අමතරව රවී අයියාගේම අලුත් ගෙදර නාට්‍යයෙත් වැඩ කළා.නව පරපුරේ අයට ලොකු චෝදනාවක් තියනවා. විනයක් නෑ, වගකීමක් නෑ කියලා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?ඔය කතාව මං ප්‍රතිත්ෂේප කරන්නේ නැහැ. ඔවැනි වැරැද්දක් මගේ අතිනුත් වුණා. ඒක ඇත්තටම තාරුණ්‍යත් එක්ක තිියෙන සැහැල්ලුවත් එක්ක වෙන දෙයක්. ඉසුරුභවන කරන කාලේ මාව එක් කරගෙන යන්න ගෙදරට වාහනයක් ආවා. ඒක ආවට පස්සෙයි මං ලැහැස්ති වෙන්න පටන් ගත්තේ.වාහනයේ හිටපු ප්‍රවීණයන් දෙන්නෙක් මට හොඳටම බැන්නා. ඊට පස්සේ මමම කල්පනා කළා වෙච්ච වැරැද්ද. මගේ පරක්කුව නිසා ගොඩක් අය පාඩු ලබනවා. ඊට පස්සේ නම් මං කවදාවත් එවැනි වැඩක් කළේ නැහැ. ඒක උදාහරණයට ගනිමින් මං කියන්නේ අපේ අතින් වැරැදි වෙනවා. ඒවා පෙන්නලා දීම ප්‍රවීණයන්ගේ යුතුකමක්.හංසකට අත හිත දුන්නෝ කවුරුන්ද?රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක, නාලන් මෙන්ඩිස්, උදයකාන්ත වර්ණසූරිය.අනාගතයේ දක්ෂ නළුවකු වන්න ද හිතාගෙන ඉන්නේ?ආයේ වචන දෙකක් නැහැ. ඒත තමයි මගේ හීනය.මේ හංසකගේ ලිපිනයයි.119/3, බෝරුක්ගමුව, පල්ලේවෙල.සටහන සහ ඡායාරූපය ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
කුමුදු ජයසිංහ සහ කීර්ති පැස්කුවල් ගී ගයන ‘සඳ මඬල මැද’ ප්‍රසංගය මෙම මස 01 වැනිදා පස්වරු 6.30 ට ඕමානයේ මස්කට් හොලිඩේ හෝටයේදී පැවැත්වේ.මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම රජිත ගාමිණී විජේසේකර ගෙනි. පිටපත සහ කථනය වජිර ජයවර්ධනගෙනි.‘සඳ මඬල මැද’ ප්‍රසංගය පැවැත්වෙන්නේ කුමුදුගේ ප්‍රථම ගී එකතුව එළි දැක්වීම නිමිත්තෙනි.- තිලානි ශානිකා
|
CREATIVE
|
රටවිරුවෝ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නේ සුන්දර මාලදිවයිනේ. මැද පෙරදිග රටවල් කිහිපයක සංචාරයෙන් අනතුරුව රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වැඩසටහන මාලදිවයිනට පැමිණි මේ අවස්ථාවේදී එහි රට විරුවන් හය දෙනෙකු සිය ගායන නර්තන කුසලතා දක්වා අවසන්.මීළඟට එහි දෙවැනි වැඩසටහන යටතේ තවත් රටවිරුවන් හය දෙනෙකු තම ගායන කුසලතා දක්වන්නට සූදානම්. ඔවුන්ගේ එම හැකියාවන් ලබන 25 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබට දැක බලා ගැනීමට අවස්ථාව උදාවෙනවා. මේ එම රටවිරුවන් ගැන කෙටි සටහනකි.යතේජා ඥානරත්නනිලුෂන් මැණික් පතිරණ ගායනය පදිංචිය – බණ්ඩාරවෙලනිහාල් සෙන්ට් මේරියන් චන්ද්‍රසේකර ගායනය පදිංචිය - කෝට්ටේසුමේධ හෙට්ටිආරච්චි ගායනය පදිංචිය – පන්නිපිටියඅසංක සම්පත් කුමාර ගායනය පදිංචිය – කෑගල්ලජූඩ් පැට්‍රික් ගායනය පදිංචිය – මීගමුවරජිත බණ්ඩාර හේරත් ගායනය පදිංචිය – කුරුණෑගල
|
CREATIVE
|
මම නම් මේ දවස් සුපුරුදු පරිදි සාමාන්‍ය විදියට ගත කරනවා. ඒ වුනත් ඉදිරියට සංගීත සංදර්ශන කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හැරුණාම කෝරළේ මහත්තයා 3 හි වැඩකටයුතු වලටත් දායක වෙන්න තියෙනවා.ඒ නිසා ඉදිරි කාලය නම් ටිකක් කාර්ය බහුල වේවි. මේ සතියට මගේ උපන්දිනයක් යෙදිලා තියෙවා. එදාට පාටි දාන්න නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ වෙනුවෙන් අහිංසක පවුලකට උපකාරයක් කරන්න සූදානමින් ඉන්නේ.
|
CREATIVE
|
ඔබේ අදහස්, යෝජනා, චෝදනා, සංකල්පනා, විවේචන, අගය කිරීම් වෙනුවෙනි ප්‍රතිචාර පෙදෙස නිබඳව වෙන්වනුයේ. පුවත්පත කියවමින් සිටින අතරතුර ඔබට කලාව පිළිබඳ අදහසක් ඇති වුවහොත් නොපමාව 0757413731 යන දුරකතන අංකයට ක්ෂණිකව එස්. එම්. එස්. කළ හැකියි. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය සුපුරුදු පරිදි තැපැල්පත් වෙනුවෙන් විවෘතව පවතියි.හෙළ නිළි රැජන මාලිනිය වෙනුවෙන් හබරාදූව ගාමා ගාමිණී සුබසිංහ ලියා එවූ පැදි පෙළකි මේ.මාලිනියේ අපගේ සෙනෙහෙලතාවියේ සිංහල රිදී තිරයේ අප අග රාජිණියේ ඉමිහිරි පෙම්බර මධුබඳුණ ඔබයි රසික අපේ මේ මුළු හද සන්තානේරුවින් ගුණයෙන් අගතැම්පත් ලලනාවියේ රැඟුම් ගැයුම් නැටුමින් නිති පෝෂණියේ දිදුළන රන් ආකාස කුසුම ඔබයි රසික අපේ සිනමා ජීවිතයේරිදී තිරයේ පුංචි තිරයේ දේශපාලනයේ අවිහිංසක හසරැල් සමඟින් ජීවිතයේ දීර්ඝායු වී දිගුකල් වැජඹී පතනා පැතුමන් ඔබටයි හෙළ නිළි රාජිණියේහරූන් කුමාර් ලන්ත්‍රා එදා සිට මේ දක්වා ගයා ඇති සෑම ගීතයක්ම සවනට හරිම රසවත්. මධුරතම කටහඬින් චිත්‍රපට රැසකටම ගී ගැයූ හෙතෙම තබා ඇති මතක සටහන් සැබවින්ම අමරණීයයි. නිරහංකාර ඉතාම චාම් මිනිසකු, නිහඬ කලා ශිල්පියකු ලෙස ඔහු ඉතිහාසයට එක් වී හාමරය.මිල්ටන් ප්‍රනාන්දුඋතුරු මූදුකටුව.සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය අවසානයේ සිනමාවට පැමිණ චංචල රේඛා, අධිෂ්ඨාන, බැද්දේගම, රිදී නිම්නය, යහළු යෙහෙළි, වජිරා, අහිංසා, ඡායා, හොදින් නැතිනම් නරකින්, යසෝමා වැනි සිනමාපටයන්හි රංගනයෙන් ඔබ සිනමා තුළ තැබූ මතක සටහන් රසික අප මතකයේ සදා රැඳී තිබේ. නිළියක ලෙස එදා විශිෂ්ට භූමිකාවක් රැඟූ ඔබට කලා ක්ෂේත්‍රය තුළ ඔබ සතු විපුල දැනුමෙන් මෙහෙවරක් කිරීමට අවකාශ ලැබේවායි රසික මම පතමි.රොහාන් සෙනෙවිරත්න - නවලෝක රෝහලකලාකරුවන් හඳුනන - කලාවටම හිතැතිකලාවටම සේවය කළ කලා ලංකා පදනමේ හිටපු සභාපති, ටී. එම්. සංඝදාසයන් අපෙන් වෙන් වී මෙම මස 19 දිනට දෙවසර කි. එතුමාණන්ගේ ගුණ අනුස්මරණය මෙසේ සමරමු.ඩඩ්ලි ගෝමස්- මොරටුව,බිමල් ජයකොඩි, නියම නළුවෙකි. ඔහුට මෙතරම් සම්මාන ලැබෙන්නෙත් ඒවාට නිර්දේශ වන්නේ එහෙයිනි.පාලක සමන් පෙරේරා හැඳල.සොහොයුරෝ සිනමාපටයෙන් ගී අඹරේ පෑයු පහන් තරුව ඔබයි.දයාබර ඇන්ජලීන්, ඔබේ ගී නදින් අපි අද ද මුසපත් වෙමුරත්නසිරි අමරසේකර- පානදුර.නෙළුම් පෙරේරාටයි මේ.කිඳුරාංගනා හි පුංචි අම්මා සහ භාර්යාවෝ හී නැන්දම්මාගේ චරිතයන් ඔබ රඟපෑ අයුරු ඉතා අනර්ඝයි.මොරීන් අශෝකා සහ මල්කි ඉමාෂාපානදුරරොෂාන් ප්‍රනාන්දුගේ ගීතවලට අපි හුඟක් කැමැතියි. ඔහුගේ මේ දිනවල ප්‍රචාරය වන ‘ඔයා නිසා හඬලා’ ගීය ඉතාම රසවත්.හර්ෂප්‍රේමය නම් සඳ එළිය සේ අචින්ත වූත්, රාගයෙන් තොර වූත් ආදරයේ විරහවත්, සිතක් හැඬ වූ වේදනාවත් අපිට ගීයෙන් ගැයූ නන්දා මාලිනිය සැබවින්ම මෙරටට සම්පතකි.කෞෂිකා - නුගේගොඩ.දෙරණ ඩ්‍්‍රම් ස්ටාර් දෙවැනි අදියරෙහි කිරුළ දැරූ උපේකා නිර්මාණි සංගීත ලොවට මැණිකක් වගෙයි. විසිල් හඬින් ගී වාදනය කළ හැකි හැකියාව මම අගය කරමි.පවිත්‍රා - බෙලිඅත්ත.ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වැඩසටහන මෙහෙය වූ සාලිය සත්‍යජිත් දැන් කිසිදු නිර්මාණයක දකින්නට නොමැති වීම කනගාටුවකි.පාතිමා - වැලිගම.අර්ජුන කමලනාත්ව ටෙලි සිතුවමකින් දක්නට ලැබෙනවා නම් සතුටුයි. සිනමාවේම පමණක් සිර වී සිටිනවාට නම් මා අකැමැතියි.සිසිර කුමාරසාරංග දිසාසේකර කවදා හෝ දිනෙක පුංචි තිරයට නැතිවම බැරි අයකු වේවි.නිර්මාණි - ආඬිඅම්බලම.බොරළු පාර ටෙලි නාට්‍යයෙහි අයෙෂ් ලෙස රඟන ජගත් මනුවර්ණගේ රංගනය පරිපූර්ණයි. කිසිදු අඩු පාඩුවක් නොමැත.සිසිර විජේසූරිය - වත්තල.පබළු ටෙලි සිතුවමේ සයුරි වූ අයෝධ්‍යා මිහිරාවි විවාහයෙන් පසුව රංගනයට ආවෙ නැත්තේ කිමද?ඉරේෂා - කෑගල්ල.දුෂ්යන්ත් වීරමන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා මම සුබපතනවා.තරුෂි රාගම.උදාරිත් ලස්නනයි. ඇයගේ බබාත් ලස්සනයි.නදීරාගම්පහ.මෙවර සිග්නිස් සම්මාන උළෙලේ උත්තමාචාර සම්මානයෙන් පිදුම් ලැබූ චන්ද්‍රිකා සිරිවර්ධන මැතිනියට ආසිරි පතමි.මංජුල පෙරේරාපහළ කටුනේරිය.කුස පබා මෙරට බිහි වූ විශිෂ්ටතම නිර්මාණයකි. එවන් නිර්මාණයක් කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාණෙනි, නැවතත් පූජා යොදා චිත්‍රපටයක් කරන්න.අසංක සුරාජ්දෙමටගොඩ.සංගීතාගේ රුව නැති සිනමාව පාළුයි.සේනකෝට්ටේ.අමරණීය ජෝති නැති අඩුව අපට තවත් දැනේ.තුෂාරදිවුලපිටිය.හේමාල් රණසිංහගේ නර්ථනය බොලිවුඩ් තරු පරාද කරයි.රසංගිකළුතර.නොදැක ඉන්න බෑ ඔබේ ආදරේ ගීය ගැයූ රුවන් හෙට්ටිආරච්චිගේ කටහඬ නොඅසා ඉන්න බෑ.මිතුන් - කුලියාපිටිය.ප්‍රතිචාර සැකසුම ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
ලොවපුරා සිනමා ලෝලීන් ගේ අවධානය දිනාගත් බොලිවුඩ් සිනමාවෙන් පසුගිය වසරේ ද චිත්‍රපට රැසක් ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කෙරිණි.ඒ අතර හොලිවුඩ් නිර්මාණයන්ට පවා අභියෝගක් වෙමින් තිරයේ පෙරළිකාර චිත්‍රපටයක් බවට පත්වීමට ‘ඩූම් – 3’ චිත්‍රපටය සමත් වී තිබේ. ආදායම් වාර්තා අතර පෙරමුණේ සිටින විජේ ක්‍රිෂ්ණාචාර්ය අධ්‍යක්‍ෂණය කළ ඩූම් – 3 චිත්‍රපටය යෂ්රාජ් ෆිල්ම්ස් වෙනුවෙන් ආදිත්‍ය චොප්රා ගේ නිෂ්පාදනයකි.එය ඉන්දියාව තුළ ප්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් කෝටි 360 ක් වාර්තා කළේය. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය ඩූම් චිත්‍රපට මාලාවේ තෙවැන්නයි.පසුගිය දෙසැම්බර් 20 වැනි දා තිරගත වීම ආරම්භ කළ ඩූම් – 3 මේ වනවිටත් ඉතා සාර්ථක ලෙස ලොවපුරා ප්‍රදර්ශනය කෙරේ. අමීර් ඛාන්, අභිෂේක් බච්චන්, කත්‍රිනා කායිෆ්, උදය චොප්රා, ජැකී ශ්රොෆ් මෙහි රංගනයෙන් දායක වෙති.බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් රංගනයෙන් දායකවන ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ චිත්‍රපටයද බොලිවුඩයේ ඉහළ ආදායම් චිත්‍රපට ගොන්නෙහි දෙවැනි ස්ථානයේ පසුවේ.පසුගිය වසරේ අගෝස්තු සිට තිරගත වීම ආරම්භ කළ එය ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 301 ක් වේ. රෝහිත් ෂෙට්ටි අධ්‍යක්‍ෂණය කළ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉහළම ආදායම් ලද හින්දි චිත්‍රපට අතර දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත්ව ඇත.කොයි මිල් ගයා, ක්‍රිෂ් චිත්‍රපට පෙළෙහි අලුත්ම චිත්‍රපටය ලෙසින් රිදී තිරයට පැමිණි ‘ක්‍රිෂ් -3’ ඉන්දීය රුපියල් කෝටි 300 ක ආදායම් වාර්තාකර තිබේ.රාකේෂ් රෝෂන් අධ්‍යක්‍ෂණය කළ සුපිරි වීරයකුගේ කතාවක් රැගත් ක්‍රිෂ් -3 චිත්‍රපටයේ රිතික් රෝෂන්, විවේක් ඔබ්රෝයි, පි‍්‍රයංකා චොප්රා රංගනයෙන් දායකවේ. එමෙන්ම ලොව ඉහළම ආදායම් වාර්තා කළ හින්දි චිත්‍රපට ලැයිතුවේ ක්‍රිෂ් -3 චිත්‍රපටයට හිමි වන්නේ සිව්වැනි ස්ථානයියි.අයාන් මුඛර්ජි අධ්‍යක්‍ෂණය කළ ‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපටය පසුගිය වසරේ ඉහළ ආදායම් වාර්තා කළ බොලිවුඩ් චිත්‍රපට අතර සිව්වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත. රන්බීර් කපූර්, දීපිකා පදුකෝන්, ආදිත්‍ය රෝයි කපූර් රංගනයෙන් දායකවන ආදරය සහ හාස්‍යය රැගත් අපූරු කතා පුවතක් රැගෙන එන යේ ජවානි හේ දිවානි ඉන්දීය රුපියල් කෝටි 253 ක ආදායමක් වාර්තා කළේය.තවද ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉහළම ආදායම් වාර්තා කළ හින්දි චිත්‍රපට අතර හයවැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත් විය.සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්‍ෂණය කළ නවතම චිත්‍රපටය ‘රාම් ලීලා’ සිනමා සිත්තම ද ඉහළ ආදායම් වාර්තා කළ චිත්‍රපටයක්. රෝමියෝ- ජුලියට් පෙම් කතාව පාදකකර ගනිමින් නිර්මාණය වූ රාම් ලීලා හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රන්වීර් සිං සමඟින් දීපිකා පදුකෝන් විසිනි.රාම් ලීලා ඉන්දීය රුපියල් කෝටි 110 ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. පසුගිය වසරේ ජූලි මස තිරගත වීම ආරම්භ කළ භාග් මිල්කා භාග් එම වසරේ ඉහළ ආදායම් වාර්තා අතර සිටින්නේ හයවැනි ස්ථානයේ ය.සුප්‍රසිද්ධ ඉන්දීය ජාතික මලල ක්‍රීඩකයකු ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු එය ඉන්දීය රුපියල් කෝටි 103 ක ආදායමක් වාර්තාකර තිබුණි. රාකේෂ් මෙහෙරාගේ අධ්‍යක්‍ෂණයක් වන මෙහි ෆර්හාන් අක්තාර්, සෝනම් කපූර්, දිව්‍යා දත්තා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.ඉන්ද්‍ර කුමාර් අධ්‍යක්‍ෂණය කළ ‘ග්‍රෑන්ඩ් මස්ති’ ඉන්දීය රුපියල් කෝටි 102 ක් වාර්තා කරමින් ඉහළම ආදායම් ලද බොලිවුඩ් සිනමාපට අතර හත්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත.අනිල් කපූර්, සයිෆ් අලි ඛාන්, දීපිකා පදුකෝන්, ජෝන් ඒබ්‍රහම්, ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් රංගනයෙන් දායකවන ‘රේස් -2’ චිත්‍රපටය ට හිමි වන්නේ අටවැනි ස්ථානයයි.ප්‍රේමණීය කතා පුවතක් ගෙනෙන ආශික් –2 චිත්‍රපටයට හිමි වී ඇත්තේ නම වැනි ස්ථානයයි.එය ඉන්දීය රුපියල් කෝටි 85 ක ආදායම් වාර්තා කළේය. පසුගිය වසරේ ආදරවන්තයන් ගේ දිනය නිමිතිකර ගෙන තිරගත කිරීමට බලාපොරොත්තු වුවත් එය තිරගත කිරීම අප්‍රේල් මාසයේ දී සිදු කෙරිණි. මොහිට් සුරී අධ්‍යක්‍ෂණය කළ ආශිඛි –2 හි ආදිත්‍ය රෝයි කපූර් සමඟින් ශර්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරති.ඉහළ ආදායම් ලද බොලිවුඩ් චිත්‍රපට පෙළෙහි දසවැනි ස්ථානය හිමිවන්නේ අක්ෂේ කුමාර් රංගනයෙන් දායකවන ‘ස්පෙෂල් චබ්බීස් (26)’ චිත්‍රපටයට යි. නීරජ් පාණ්ඩේ අධ්‍යක්‍ෂණය කළ එය ඉන්දීය රුපියල් කෝටි 70 ක ආදායමක් වාර්තා කළේය.යතේජා ඥනරත්න
|
CREATIVE
|
මෙවර ලන්ඩන් සිනමා උළෙල ඇරැඹියේ දීපා මෙහ්තාගේ මිඩ්නයිට් චිල්ඩ්රන් චිත්‍රපටය තිරගතවීමත් සමඟිනි. එහි විශේෂ ආරාධිතයකු වශයෙන් රවීන්ද්‍ර රන්දෙණිය සහ ගෝපි ධර්මරත්න සහභාගි විය.මිඩ්නයිට් චිල්ඩ්රන් මෙරටදී රූගත කළ චිත්‍රපටයකි. එම චිත්‍රපටයෙහි මෙරට සියලු සම්බන්ධීකරණ කටයුතු කරන ලද්දේ රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රමුඛ ද ෆිල්ම් ටීම් කණ්ඩායම මඟිනි.බෞද්ධ ථෙරී ගාථාවන්හි එන පටාචාරා පුවත ඇසුරෙන් එනමින්ම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උදයකාන්ත වර්ණසූරිය සැරැසෙයි.මේ දිනවල තිරගතවන සෙනසුරු මාරුවෙන් පසු තිරගත වන රන් කෙටිව 2 චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කළ උදයකාන්ත ඓතිහාසික පුවතක් චිත්‍රපටයට නගන්නේ මුල් වතාවටය.පටාචාරා පුවත මෙයට පෙර ද විමලනාත් දිසානායක විසින් සිනමාවට නංවා ඇත්තේය. මෙය උදයකාන්තගේ දහනව වැනි චිත්‍රපටයයි.ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ සහ ඉන්දීය සරෝඩ් වාදන ශිල්පී සුගතෝ රෝයි චෞද්‍රි ඉදිරිපත් කරන කන්‍යා නර්තන ප්‍රසංගය හා ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය අද දින පස්වරු 6.30 ට මියුසියස් විද්‍යාලයීය රඟහලේදී පැවැත්වේ.නිර්මාණාත්මක නැටුම්, ශාස්ත්‍රීය නැටුම්, සංගීතය ඇතුළත් ප්‍රසංගයක් ලෙස එළිදැක්වෙන මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මියයි. - තිලානිතෙදිනක් සිනෙසිටි සිනමා ශාලාවේඉතාලි තානාපති කාර්යාලය මෙරට සහ ඉතාලිසිනමා සහයෝගීත්වය අරමුණු කර ගනිමින් පළමුවරට සංවිධානය කරනු ලබන ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල මෙම මස 19, 20, 21 යන තෙදින තුළ මරදාන සිනෙසිටිසිනමා ශාලාවේදී පැවැත්වේ.එයට සමගාමීව චිත්‍රපටකරණය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වෙනු ඇත.උළෙලෙහි තෙදින වැඩසටහන් දිගහැරුම මෙසේය. 19 වැනිදා උදෑසන මයිකල් අන්ජලෝ අන්තෝනිගේ බිලෝව් අප් චිත්‍රපටය තිරගත වේ. සන්ධ්‍යාවේ ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ පෝලා රැන්ඩිවිඩින් මෙහෙය වන වැඩමුළුව පැවැත්වේ. 20 වැනිදා උදෑසන බූඩි කීර්තිසේනගේ මිල්ලෙ සොයා චිත්‍රපටය සහ එය පිළිබඳ හඳුන්වා දීම.සවස ඉතාලි ජාතික කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ කුරාටෝ ස්ටෙෆානෝ මාටිනාගේ ඉෆ්ටෝ පැරඩිස්කෝ කෙටි චිත්‍රපටය තිරගත වේ.21 වැනිදා උදෑසන ඉහත ඉතාලි අධ්‍යක්ෂවරුන් දෙදෙනා මෙහෙයවන වැඩමුළුව. එදින සවස කොළඹ කොටියාඩ් හෝටලයේදී උළෙලෙහි සම්මාන ප්‍රදානය සිදු කෙරේ.විශාරද එඩ්වඩ් ජයකාඩිගේ මාරම්බරී මෙම මස 19 වැනිදා එනම් හෙට කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසලේදී සවස 6.30 ට සහ 20 වැනිදා එනම් අනිද්දා ජාඇල ගුරුගේ නේචර්පාක් ප්‍රසංග ශාලාවේ සවස 2.30 ට සහ 6.30 ට වේදිකා ගතවේ.ඇල්පිටියේ උදේනි නෙත්මිණි මෙවර ශිෂ්‍යත්ව විභභාගයට මුහුණ දුන් දැරියකි. ඇය සිතුවටත් වඩා එයට හොඳින් මුහුණ දීමට හැකි විය. උද්දාමයට පත් ඇය විභාගය ගැන නිවැසියන්ට දැන්වීය.සිදු වූයේ අභාග්‍යයකි. එය අසා ඇගේ පියාට සතුට දරාගත නොහැකි විය. දැඩි කම්පනයට පත් වූ හෙතෙම මෙලොවින් සමු ගත්තේ උදේනි ඇතුළු බොහෝ දෙනෙකුව හඬවමිනි. ඇගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අසන්නටවත් ඔහු සිටියේ නැත. ශිෂ්‍යත්වයෙන් සමත් වුවහොත් පරිඝණකයක් ලබාදෙන බව උදේනිගේ පියා පෙර දවසක ඇයට පොරොන්දු වී තිබිණ. පියා මෙන්ම එය ද උදේනිට අහිමි වී ගියේය.මේ පුවත සිරස නිවුස් ෆස්ට් හී විකාශය විය. එය නැරැඹූ දහස් ගණන් වූ ජනතාව අතර සබීතා පෙරේරා සහ ඇගේ සැමියා වූ උපාලි ජයසිංහ සිටියේය. දයාබර හදවත් ඇත්තන් වූ ඔවුන් දෙපොළ උදේනිට පරිඝණකයක් ලබාදීමට තීරණය කළෝය. එපමණක් ද නොව මාසයෙන් මාසයට ඇගේ අධ්‍යාපන වියදමට මුදලක් වෙන් කිරීමට ද ඔවුන් ඉටා ගත්තෝය.ඇයට පමණක් නොව ලංකාවේ වැඩිම ලකුණු ලැබ ශිෂ්‍යත්වයෙන් සමත් වූ මහනුවර තලාතුඔය අංජලී උපේක්ෂා දියණියට ද එලෙසම ත්‍යාගයක් සබීතා සහ උපාලි පිරිනැමීය.මේ සියලු පරිත්‍යාගයන් සිදු වූයේ සිරස නිවුස් ෆස්ට් මැදිරියේදීය. මේ ඒ අවස්ථාවන් සේයාරූ ගත වූ අයුරුයි.විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විදෙස් රටකදී පවත්වනු ලබන පළමු ඒක පුද්ගල ප්‍රසංගය මේ මස 19 වැනිදා සවස බංග්ලා දේශයේ බංග්ලාදේශ් ශිල්ප කලා ඇකඩමියේ පැවැත්වේ.සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. සුරේෂ් මාලියැද්ද, කලණි පෙරේරා, ධනංජය සෝමසිරි, මහේන්ද්‍ර පැස්කුවල් සමඟ ජානක බෝගොඩ මේ සඳහා වාදනයෙන් සහය වේ.මෙම ප්‍රසංගය ශ්‍රී ලාංකේය සේවා වනිතා ඒකකය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සංවිධානය කරනු ලබයි.දීපිකා, මාතොටින් එන උතුරු සුළඟේ (සරෝජා) ගීතය ගැයීම වෙනුවෙන් ගුසී සාම ත්‍යාගයෙන් පසුගියදා පිදුම් ලබන ලදී.ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
‘සඳ මැදියමේ’ හිච්චි මහත්තයාගයාන් චතුරංග කියයිඔහු පුංචි කාලේ පටන්ම කලාවට ලැදි වුණත් පාසල් අධ්‍යාපනයෙන් පසුව යොමු වුණේ බැංකු ක්ෂේත්‍රයට. වෘත්තීය මට්ටමෙන් ඒ හා බැඳුණත් ඔහුගේ කලා හැකියාවන් යටපත් කරන්න කාලය ඔහුට ඉඩ දුන්නේ නැහැ. කලා ලොවේ විවිධ අංශවලින් දස්කම් දැක්වූවත් අප වඩා හොඳින් ඔහු හඳුනන්නේ නළුවෙක් විදියට. ‘සඳ මැදියමේ’ හිච්චි මහත්තයා, ගයාන් චතුරංග. මේ සරසවිය ගයාන් සමඟ කළ කෙටි පිළිසඳරක්.කලා ක්ෂේත්‍රයට පැමිණි ගමනේ ආරම්භය ගැන මුලින්ම කියමු නේද?මම ඉසුර එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ නිවේදකයෙක් විදියට තමයි මුලින්ම කටයුතු කළේ. ඊට පසුව ජාතික රූපවාහිනියේ මාස හයක පුහුණු නිවේදකයෙක් විදියට කටයුතුª කළා. ඒ කාලය අතරතුරේදී තමයි මට ටෙලි නාට්‍ය සඳහා දායක වෙන්නට අවස්ථාව ලැබුණේ. ඒ අනුව මට ‘සක්විත්තෝ, බිනරි, සඳ මැදියම’ ටෙලි වෘතාන්ත සඳහා රංගනයෙන් දායක වෙන්න හැකි වුණා.පාසල් කාලයේත් කලා කටයුතු සමඟ සම්බන්ධ වුණාද?මම අධ්‍යාපනය ලැබුවේ ගාල්ල නාගොඩ රාජකීය ජාතික පාසලේ. කලාවට ගොඩක්ම සමීපව කටයුතු කළේ සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලබන කාලයේදී. ඒ කාලෙදිත් මම හිතුවා රංගනයට යොමු වුණොත් හොඳයි කියලා. නර්තනය හදාරණ අතරම පාසලේදී නිවේදන කටයුතු සඳහාත් දායක වුණා. නර්තන අංශයෙන් උඩරට නර්තන ශිල්පියෙක් ලෙස වෙස් පැලඳුවා.පාසල් නර්තන තරගවලදී දකුණු පළාත් හොඳම උඩරට බෙර වාදකයා ලෙසත්, දකුණු පළාත් හොඳම පාසල් නර්තන ශිල්පියා ලෙසත් සම්මාන ලැබුවා. ඒ අතරතුරේදී පාසල් වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. පාසලේ අධ්‍යාපනයෙන් පසුව බැලේ නර්තනය සහ මුද්‍රා නාට්‍ය පිළිබඳ හැදෑරුවා.ඔබ පෞද්ගලික බැංකුවක නිලධාරියෙක්. රැකියාව රංගනයට බාධාවක් වෙලා නැද්ද?දැනට නම් එහෙම වෙලා නැහැ. මේ දෙඅංශයේම කටයුතු සමබරව කරගෙන යනවා.අනාගතයේදී ඔබ මේ අංශ දෙකෙන් එකක් තෝරා ගනියිද?රංගනයෙන් මට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා හිතෙනවා. තාම එය ආරම්භ කළා විතරයිනේ. ඒ වගේම නිවේදන කටයුතුªවලටත් හැකි උපරිමයෙන් දායක වෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.කලා අංශයෙන් පැමිණි මේ ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ?කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නට ලැබීම ගැන ගොඩක් සතුටුයි. මුලින්ම ඒ ගැන මම මගේ අම්මාටයි තාත්තාටයි ස්තුතිවන්ත වෙනවා. ඔවුන් තමයි මට මේ ගමන එන්න ශක්තියක් වුණේ. ඒ වගේම නයනා මල්කාන්ති සහ අනෝමා ශ්‍යාමලී නම් පාසල් ගුරුතුමියන් දෙදෙනාත් ආදරයෙන් මතක් කරනවා. මගේ බැලේ නර්තන ගුරුවරයා වන නිලාන් මලිගස්පේ සහ මම සේවය කරන බැංකුවේ හිටපු වෙළෙඳ අලෙවි කළමනාකාර දසුන් සිරිවර්ධන සහ දැනට වෙළෙඳ අලෙවි කළමනාකරු ලෙස කටයුතු කරන අෂේන් කර්තේලිස්ගෙන් ලද සහායත් අමතක කරන්න බැහැ.කලා ක්ෂේත්‍රයේ මේ දේවල් කරන්න මට අවස්ථාව ලැබුණේ මේ හැමෝගෙන්ම ලද සහාය නිසා. එය තවදුරටත් සාර්ථක කර ගන්න උපරිමයෙන් කැප වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
‘ජීවන් කුමාරණතුංග’ පදනම මඟින් සංවිධානය කරනු ලැබූ ‘උත්තම පූජා’ නම් ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පසුගියදා මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්විණි.තැපැල් හා විදුලි සන්දේශ සේවා ඇමති ජීවන් කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන පැවැත්වුණු අතර මොරටු පුරවරයේ ගැබිනි කාන්තාවන් පන්සියයකට අත්‍යවශ්‍ය උපකරණ කට්ට්ල බෙදාදෙන ලදී.උත්සවය අවසානයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක් පවත්වනු ලැබිණි. මේ සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ පියසේන සේනරත්න මහතා විසිනි. - තිලානි ඡායා - දුෂ්මන්ත මායාදුන්න
|
CREATIVE
|
රජීව් ආනන්දගේ බී ඕ සී කියන මා රඟපෑ ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. මෙගා ටෙලි නාට්‍ය කිහිපයකට රඟපෑමෙන් සහභාගිවීමට ආරාධනා ලැබුණත් ඒ සඳහා සහභාගිවීමට අවස්ථාව නොලැබෙන්නේ මන්ත්‍රීවරයෙක් ලෙස මා බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසයි.මේ වන විට මා මුල් තැන ලබා දී තිබෙන්නේ මහජන සේවයටයි.
|
CREATIVE
|
නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමා නිර්මාණය තන්හා රතී රඟා පසුගියදා ලන්ඩන් නුවර දී පැවැත් වූ අයි විල් ටෙල් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගන්නා ලදී.මෙවර සම්මාන උළෙලේ ජූරියේ සභාපතිත්වය දැරුවේ හොලිවුඩයේ විශිෂ්ටතම සිනමා තිර රචකයකු වූ බර්ටි ගැමිගන් විසිනි.මෙහිදී රිවන් ග්‍රේගේ ඉට්ස් අ ගර්ල් ඉවිග්නි හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගන්නා ලදී.ළඟදීම ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගතවීමට නියමිත තන්හා රතී රඟා ජාත්‍යන්තර සිනමා උළෙලයන් කිහිපයකින්ම හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.
|
CREATIVE
|
කමල් හසන් - ශ්‍රී දේවි බොලිවුඩ් සිනමාවේ තැනූ ටජ්මහල සද්මායි. එදා මෙදාතුර බිහි වූ විශිෂ්ට සිනමාපටයක් ලෙස එය සැලැකෙයි.දමිළ සිනමාවේ අමරණීය පෙම්වතුන් වූ කමල් හසන්ට සහ ශ්‍රී දේවිට පසුගිය තිස් වසරක් යන තුරුම තිිරයේ පෙම්වතුන් වීමට වරම් ලැබුණේ නැත. ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’ සිනමාපටයෙන් සිනමාවේ දෙවැනි ජයග්‍රාහී ගමන ඇරැඹූ ශ්‍රී දේවිය වෙනුවෙන් කමල් හසන් දැන් පිටපතක් ලියමින් සිටින්නේය.ශ්‍රී සමඟ රැඟීමට කමල් කවදත් කැමැතිය. ඇය යළි සිනමා රංගනයට පිවිසි වහාම ඔහු ඒ කැමැත්ත ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. මේ ආරංචිය අනුව දෙදෙනාගේ තවත් විශිෂ්ට ප්‍රේමණීය රංගනයක් නුදුරු අනාගතයේදීම බොලිවුඩයට හිමිවෙනු නිසැකය.‘හැමෝටම නටන්න පුළුවන්’ මේ කවදත් බොලිවුුඩයට සාධාරණ වූ කියමනකි. නර්තනයට උපන් හපන්කම් ඇත්තන්ගෙන් නොඅඩු සිනමා පුරවරයෙන්, අලුතින්ම බිහි වූ විචිත්‍රවත් සිනමා අන්දරය, ‘එනි බොඩි කැන් ඩාන්ස්’ (ඒබීසීඩී) ය. සියවසක් පිරෙන බොලිවුඩයට ‘එනි බොඩි කැන් ඩාන්ස්’ සුවිශේෂී වන්නේ එය එරට තිරගතවන පළමු ත්‍රිමාන සිනමා සිත්තම නිසයි.පෙබරවාරි 8 වැනිදා තිරගත වූ සිනමාපටය දැන් ලොවටම රසාලිප්ත අත්දැකීමක් වී අවසානයි. ඒ එහි ඇති අපූර්වත්වය නිසාමයි. සිනමාපටයේ රඟන තරු හතරෙන් තුනක්ම නර්තන ලොවේ රජවරුන්ය.නි බොඩි කැන් ඩාන්ස් අධ්‍යක්ෂවරයා රෙමෝ ඩි සූසා නළුවකු වාගේම නර්තන ශිල්පියකු ද වෙයි. ප්‍රධාන තරු යුවළ වන්නේ සිරුරේ සෑම සෛලයක්ම නර්තනයෙන් රිද්මයානුකූල කළ හැකි ප්‍රභූ දේවා (විෂ්ණු සර්) සහ තවත් ජනප්‍රිය නර්තන ශිල්පියකු වූ ගනේෂ් ආචාර්යා (ගෝපි) ය.ගනේෂ් බොඩිගාඩ්, සිංහම්, ඩබල් දමාල් සිනමාපටවල නර්තන අධ්‍යක්ෂවරයායි. මේ ඔහුගේ කුලුඳුල් බොලිවුඩ් රංගනයයි. රියා ලෙස රඟන ප්‍රධාන තාරකාව ලොරේන් ගොට්ලීඛ් අමෙරිකානු නර්තන ශිල්පිනියකි. නිළියකි. ඇය බ්‍රිට්නි ස්පියර්ස්, ෂකිරා වැනි සුපිරි පොප් තාරකාවන්ගේ නර්තන ප්‍රසංගවල කැපී පෙනෙන නර්තන තාරකාවකි.සල්මන් යූසුෆ් ඛාන් ‘රොකී’ චරිතයට පණ පොවයි. විසි හත් හැවිරිදි ඔහු’ඩාන්ස් ඉන්ඩියා ඩාන්ස්’ නම් ජනප්‍රිය රියැලිටි වැඩසටහනේ පළමු පියවරේ ජයග්‍රාහකයායි. චිත්‍රපට දෙසීයකට වැඩි ගණනක ජනප්‍රිය නර්තන අධ්‍යක්ෂවරියක වු හැට හතර හැවිරිදි සරෝජ් ඛාන් ද මෙහි තාරකාවකි. රෙමෝඩි සූසා, ධර්මේෂ් යෙලන්දේ මෙහි රංගනයෙන් එක්වන අනෙක් නර්තන තරුය.‘එනි බොඩි කැන් ඩාන්ස්’ දමිළ භාෂාවෙන් ද හඬ කවා ‘ආදලම් බෝයිස් චින්තානා ඩාන්ස්’ නමින් තිරගතකර තිබේ. 2005 දී ඒබීසීඩී නමින් දමිළ සිනමාපටයක් තිරගත වී ඇතත් ඒ වෙනස්ම කතා පුවතක් රැගත් සිනමාපටයකි.නර්තන නිර්මාණ ශිල්පියකුට පැරැණි මිතුරන් පිරිසක් සිය නර්තන ආයතනයේදී මුණ ගැසි ඉන් පසු නර්තන කණ්ඩායමක් පිහිටුවා ගැනීමේ මේ කතා පුවත හාස්‍යයෙන්, ප්‍රේමයෙන් ප්‍රේක්ෂකයන් මුසපත් කරන්නකි.ඉන්දියානු රුපියල් කෝටි 12 ක් වැයකර නිපද වූ ඒබීසීඩී මේ වන විට වැය කළ මුදල මෙන් දෙගුණයකට වැඩි ආදායමක් ලබා අවසන්ය. මේ නිසාම අධ්‍යක්ෂවරයා දෙවැන්නක් පිළිබඳව ද සිහින දකිමින් සිටියි.තමන් රඟන සිනමාපටය වෙනුවෙන් රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට කළ නොහැකි දෙයක් නැත. ගැහැනුන් පිරිමින් සේ ද, පිරිමින් ගැහැනුන් සේ ද රඟන සිනමාවක හුවමාරු කරගෙන ඇඳුම් ඇඳීම එනිසාම එක අතකින් එහි අරුමයක් ද නැත.චෙන්නයි එක්ස්ප්‍රස් සිනමා පෝස්ටරයේ දීපිකා සැරසී සිටින්නේ කිසිවකු ඇය දැකීමට බලාපොරොත්තු වන අයුරින් නම් නොවෙයි. එහි ඇය ෂාරුක්ගේ කමිසයකින් සහ සරමකින් සැරසී වෙනස්ම ස්වරූපයකින් පෙනී සිට තිබේ. දීපිකාගේ සරාගී බව ෂාරුක්ගේ ඇඳුම් නිසා වඩාත් ඉස්මතු වී ඇති බව කාගේත් හැඟීමයි.මාධ්‍යවේදීන් සහ තරු අතර ඇති සමීප සබඳතාව නිසාදෝ තිරයේ, මාධ්‍යවේදී චරිතවල අඩුවක් නැත. රාණි මුඛර්ජි මාධ්‍යවේදී චරිත නිරූපණයේ හපනියක් බව පෙන් වුයේ ‘නෝ වන් කිල්ඩ් ජෙසිකා’ සිනමාපටයෙනි.යළිත් වරක් ඇය මාධ්‍යවේදිනියක් වීමට සූදානම්ය. ඒ ‘බොම්බේ ටෝකීස්’ නම් සිනමාපට පෙළිනි. මෙය අධ්‍යක්ෂවරු සිවු දෙනකුගේ කතන්දර හතරක් රැගත් සිනමා නිර්මාණයකි.ඉන්දියානු සිනමාවට සියවසක් පිරීම නිමිත්තෙන් නිර්මාණය කළ මේ සිනමා සිත්තමේ රාණි සමඟ රඟන්නේ රන්දීප් ඛ්ඩාය.දෙදෙනා ප්‍රධාන චරිත රඟන්නේ පළමුවරටය. රාණි චරිතයට තෝරාගෙන ඇත්තේ ඇය ‘කුචි කුචි හෝතා හෛ’ සිනමාපටයෙන් සිනමාවට රැගෙන ආ හිතමිතුරු අධ්‍යක්ෂ කරන් ජොහාර්ය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
රෝයි ද සිල්වා මහතා සහ සුමනා අමරසිංහ මහත්මිය ගෞරවණිය නළු නිළි යුවළක් ලෙස මා දකිනවා. ඔබේ අදහස කුමක් ද?සරත් විජයානන්දරඹුක්කනවසර පනහකට ආසන්න කාලයක් රෝයි - සුමනා යුවළ ජීවත් වූයේ සිනමා කර්මාන්තයෙන් පමණයි. ඒ වගේම ඔවුන් දෙපළ ඉතාම ප්‍රියමනාප හිතවතුන්. එය හැම විටම අගය කළ යුතුයි.1976 ශ්‍රී ලංකාවේ පවත්වන ලද නොබැඳි ජාතීන්ගේ සමුළුව ජාත්‍යන්තර රූපවාහිනී ආයතනයක් මඟින් ප්‍රචාරය කළ බව මා අසා තිබෙනවා. එම ජාත්‍යන්තර රූපවාහිනී ආයතනය ගැන විස්තරයක් දැනගන්න කැමැතියි.රාජා සරත් වික්‍රමආරච්චිගම්පහ1976 වන විට ලෝකයේ වෙනත් රටවල ටෙලිවිෂන් නාලිකා ප්‍රවෘත්ති ප්‍රචාරය සඳහා යොදා ගැනීම සාමාන්‍ය දෙයක්. ඒ වන විට ලංකවේ ටෙලිවිෂන් නාලිකා නොමැති වුණත් නොබැඳී සමුළුව වෙනුවෙන් මෙරටට පැමිණි නාලිකා කිහිපයක් මෙරට සිට සිය විකාශන කටයුතු සිදු කළා. ඒ අතර ලොව ප්‍රකට ටෙලිවිෂන් නාලිකා කිහිපයක්ම සහභාගි වුණා.ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් අපේ රටේ චිත්‍රපටවල රඟ නොපාන්නේ ඇයට ගැළපෙන චරිත නැති නිසාද? නැත්නම් බොලිවුඩ්වල වගේ අධික මිලක් නොලැබෙන නිසාද?සුජාතා ගුණවර්ධනකඩවතමේ කාරණා දෙකම හේතු වෙන්න ඇති.එස්. එස්. වාසන් විසින් නිපදවන ලද ‘චන්ද්‍රලේඛා’ චිත්‍රපටය තරම් සාමාන්‍ය ජනතාව ප්‍රිය කළ රාජකීය කතාවක් රැගත් චිත්‍රපටයක් මෙතෙක් දකුණු ඉන්දීය සිනමාවෙන් බිහි වී නොමැති බවයි අපේ අදහස. මේ ගැන ඔබේ අදහස මොකක්ද අර්ජුන්?පෝල් පෙරේරාකුලියාපිටියඅවුරුදු 60 කට පසුව වුණත් දකුණු ඉන්දීය සිනමාවේ අතිශය දැවැන්තම චිත්‍රපටයක් වන චන්ද්‍රලේඛා ගෙන ආ සුප්‍රසිද්ධිය මුළු මහත් ඉන්දියාව පුරාම පැතිරුණා. මෑතකදී එය නැරැඹීමේදී එහි එන ගීත ජවනිකා රූපගත කළ ආකාරය තවමත් හිතා ගන්නටවත් අපහසුයි. ඇත්තටම මම ඔබගේ අදහසට එකඟ වෙනවා.එච්. ආර්. ජෝතිපාල මහතා ගායනා කළ මුල්ම චිත්‍රපට ගීතය කුමක්ද? එම ගීතයට රංගනයෙන් දායක වූ රංගන ශිල්පියා කවුරුන්ද?පී. වයි. අනුලාවතීඅවිස්සාවේල්ලඑච්. ආර්. ජෝතිපාල මුලින්ම ගයනා කළේ ‘සුරතලී’ චිත්‍රපටයේ ‘සිරියාමේ සාරා’ ගීතයයි. ඒ සඳහා පෙනී සිටියේ ආනන්ද ජයරත්න. මේ ගීතයේ රචක විල්ෆ‍්‍රඩ් සිල්වා වගේම සංගීතය මෙහෙය වූ ටී. ආර්. පාපාත් ඇතුළු කිසිවෙකුත් දැනට ජීවතුන් අතර නැහැ.හින්දි සිනමාවේ ජනපි‍්‍රය චිත්‍රපටයක් වූ ‘කොක්ටේල්’ සිතුවම් පටයේ රඟපෑ ප්‍රධාන නළු නිළි යුවළ කවුරුන්ද?එන්. සිරිපාලඋඩුගම්පොලදීපිකා පදුකෝන්, සයිෆ් අලිඛාන් සහ ඩයනා පෙන්ටි එහි ප්‍රධාන චරිත නිරූපණය කළා.‘අල්ලපු ගෙදර’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද? එහි ගීත ගායනා කරන්නේ කවුරුන්ද සහ එහි ඇතුළත් ගීත මොනවාදැයි සඳහන් කරන්න.එච්. එම්. ජයලත්ගම්පහඅල්ලපු ගෙදර චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එම්. මස්තාන්, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, සුජාතා අත්තනායක සහ මල්ලිකා කහවිට එහි ගීත ගායනා කළා. ‘ ‘සාගර රැජනට’, ‘මේ පිපාසිත ලෝ තලේ’, ‘සතෙක් ද ගැහැනියක් ද’, ‘මහ ගන වනන්තරේ’, ‘පියා සලන ඉගිල්ලී’, ‘සොබා අලංකාරේ මූණේ’, ‘ළිද තුළ ඇති වුණ මැඩියා’ . ‘කොකා හොදි බීව ද තැටියේ දමා’ ගීත මෙහි ඇතුළත් වුණා.‘රණ හංසි’, ‘පිටසක්වල කුමාරයයි පැංචො හතයි’, ‘අබා’, ‘ජය පිට ජය’, ‘ධවල පවුර’, ‘මුතු සළඹ’, ‘කිං හන්තර්’, ‘රන්කෙවිට – 2’ චිත්‍රපට තිරගත වු වර්ෂ සහ දිනයන් ලබා දෙන්න.මැල්කම් ප්‍රනාන්දුමොරටුවරණහංසි - 2006 ජූනි 30 පිටසක්වල කුමාරයයි පැංචො හතයි – 2008 ජූලි 20 අබා - 2008 ජූලි 08 ජය පිට ජය – 2010 ජූනි 18 ධවල පවුර – 2011 ජනවාරි 21 මුතු සළඹ – 2011 අප්‍රේල් 28 කිං හන්තර් – 2011 මැයි 27 රන්කෙවිට – 2 – 2013 අගෝස්තු 23‘පාව මන්නිප්පු’ දෙමළ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා හා එහි ගීත ගැයූ ගායකයා කවුද?සෝමා එම්. පතිරණකහවත්තමෙහි සංගීතය වී. රාමමූර්තිගේ. ටී. එම්. සෞන්දර රාජන්. පී. සුසිලා, පී. බී. ශ්‍රිනිවාස්, ජී. කේ. වෙන්කටේශ් එහි ගීත ගායනා කලා.ද්‍රවිඩ චිත්‍රපට මෙරටට ගෙන්වන්නේ නැත්තේ ඇයි?වියානි ගුණවර්ධනවෙන්නප්පුවමේ වැරැදි කතාව කිව්වේ කවුද වියානි. දෙමළ චිත්‍රපට මෙරටට ගෙන්වනවා.දැනට විකාශය වන ටෙලි නාට්‍යයක තේමා ගීතයෙහි එක් වචනයක තියෙනවා ‘රන්තරු පිපිලා - රන් තරු පිපිලා’ කියලා. රන් තරු පිපෙන්නේ කොහොමද අර්ජුන්?සරත් රණසිංහකපුගොඩ, මාළිඳරන් තරු පිපෙන්න බැරි නම් අගාධ සාගරයේ ඈත දියේ බිලි බාන්නේ කොහොමද කියලත් කියා දෙන්නකෝ.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, කලාසූරී ලතා වල්පොල, සුනිල් ලීනස්, හෙලන් සකුන්තලා යන කලාකරුවන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් පසුගියදා උපහාර තිළිණ ලැබූහ. ඒ කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් කරන ලද සේවය අගයමින් අගරදගුරු මැදුරේ පැවති වාර්ෂික කතෝලික සුහද හමුවදාය. රෝයි - සුමනා, ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් රාමනායක, එඩ්වඩ් – චරිතා ඇතුළු කලාකරුවන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.මෙයට සමගාමවීව ඇන්ටන් ජේ. ප්‍රනාන්දු විසින් රචිත නත්තල් ගීතිකා සංයුක්ත තැටිය, සාමයේ අරුණැල්ලහි පළමු පිටපත අගරුගුරුතුමන් වෙත ප්‍රදානය කරන ලදී.ප්‍රසාද් - සේයාරුව - අමිත් එස්. සේනාරත්න
|
CREATIVE
|
‘ඉත්තෑ හාදු’ කියන මගේ අලුත්ම නවකතා පොත මේ මස 28 වැනිදා ගලදාරි හෝටලයේදී එළි දැක්වීම සිදු වෙනවා. එතැනදීම මගේ බිරිය දමයන්ති විමලවීර ලියූ ‘රූ සොබා’ පොතත් එළි දැක්වීමට නියමිතයි.මේ සියලු කටයුතු සිදුවන තෙක් ඇඟිලි ගනිමින් ඉන්න එක මගේ රාජකාරිය වෙලා.
|
CREATIVE
|
ආනන්ද අතුකෝරළගේ “හොරු හොඳා...යි” වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මෙම මස 26 වැනිදා ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.රොඩ්නි වර්ණකුල, දමයන්ත පෙරේරා, සුරංග සතරසිංහ, ඉන්දික ජයසිංහ, අනුෂා දිසානායක, ශිරෝමිකා ප්‍රනාන්දු, රුජිව පි‍්‍රයශාන්ත සමඟ ආතර් අතුකෝරළ යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් “හොරු හොඳා...යි” හි රංගනයෙන් දායක වේ. සංගීතය කපිල ගමගේ ගෙනි.වේෂ නිරූපණය වසන්ත විට්ටච්චිගෙනි. රංගාලෝකය වසන්ත කුමාරගේ වන අතර වේදිකා පරිපාලනය රවී මධුරංග ගෙනි.රංජිත් වර්ණකුලගේ රචනයක් වන ‘හොරු හොඳා...යි’ ඉදිරිපත් කිරීම ‘හවුස් ඔෆ් ඩ්‍රාමා’ ආයතනයෙනි.නුවන් විජය ශ්‍රී ගේ ‘ප්‍රවේශමෙන්’ වේදිකා නාට්‍යයේ සිව්වැනි දර්ශනය අගෝස්තු මස 03 වැනිදා ගාල්ල නගර ශාලාවේදී රංග ගතවේ.සමන්ලතා හෙට්ටිආරච්චි, නිලංගනී පෙරේරා, නුවන් විජය ශ්‍රී, උදය කුමාර ඇල්පිටිය, ඩිලාන් අසංක, ශානක ඔබෙන්. සුමුදු ජයවර්ධන, සුරේඛා පෙරේරා, වෙරෝනිකා ප්‍රසාද්, ධනුෂ්ක යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායක වන ‘ප්‍රවේශමෙන්’ හි ඉදිරිපත් කිරීම ශානක ඔබෙන් ගෙනි.කවින්ද්‍ර පී. මලල්ගොඩ ශූරීන්ගේ ගැදි පැදි සමඟ ජීවන තොරතුරු අලලා ආචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් කෘතියක් සම්පාදනය වෙමින් පවතී.කාව්‍යලෝලින් සහ රසිකයින් සතුව පී. මලල්ගොඩ කිවියා විසින් රචිත අප්‍රකට කවි, රචනා හෝ වෙනත් තොරතුරු ඇත්නම් ජේ. ආර්. මලල්ගොඩ, (කවිය), 225, මොරටුව පාර, පිළියන්දල ලිපිනයට එවන මෙන් හෝ 0777882838 / 0722972818 අංක සඳහා දන්වන මෙන් එතුමාගේ පවුලේ ඥාතීන් දන්වා සිටියි.දීප්ති දහනකගේ ‘බාලසූරිය ආර් ආර්’ කෙටි කතා සංග්‍රහය දොරට වැඩුම හෙට (26) කෑගල්ල තැපැල් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.අනෝමා රාජකරුණා, උපුල් ශාන්ත සන්නස්ගල, අශෝක හඳගම, මැල්කම් මචාඩෝ මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.යතේජානෙළුව පොලිස් ස්ථානාධිපති ජී. එච්. පී. ගයාන් ප්‍රසන්න විසින් සම්පාදිත ‘කරදිය වළල්ලේ සොඳුරු මනාලියෝ - උතුරේ රමණීය දූපත්’ ග්‍රන්ථය එළි දැක්වීම ජූලි 30 වැනිදා කොළඹ, මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගරයේදී සිදු කෙරේ.කයිට්ස් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස සේවයේ යෙදී සිටියදී කරන ලද ගවේෂණයක් ඇසුරින් සොයා ගත් අප්‍රකට තෙරතුරු රැසක් මෙම කෘතියට ඇතුළත් කර ඇත.- යතේජා2012 පංචග්‍රාමාභිමානි සම්මානලාභී ඇන්ටන් මිහිඳුකුල රචනා කර අධ්‍යක්ෂණය කළ මෝචරිය වේදිකා නාට්‍යය ජූලි 27 මාතර සමුපකාර රංග ශාලාවේදී වේදිකා ගත වේ.රාජසිංහ ලෝලුවාගොඩ, රයන්ත ප්‍රනාන්දු, පර්සි කුරුකුලසූරිය, කුමුදිනි මිහිඳුකුල, යමුනා වීරසේකර, මධු පෙරේරා, ශ්‍රීමාල් මාකවිට, නිරෝෂ් අනුරාධ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. සංගීතය සුසන්ත කාරියකරවන විසිනි.
|
CREATIVE
|
නළු නිළියන්, අධ්‍යක්ෂවරුන්ට මුදල් මවන ආකරය. ඒ වාගේම රංගනයෙන් නළු නිළියන්ට ද පෑදෙන ඉල්ලම සුළු පටු නැත.ෂාරුක් ඛාන් පළමුව ලොව ධනවත්ම දෙවැනි නළුවා විය. දැන් ඔහු ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ සිටියි. ඒ පවුම් කෝටි 3,660 ක් ලබමිනි. ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා මුකේෂ් අම්බානිය. ඔහුගේ ආදායම පවුම් කෝටි 5,21,550 කි. ෂාරුක් ධනවත් ඉන්දියානුවන්ගේ ලයිස්තුවට ඇතුළත් වූ පළමුවැනි නළුවායි.
|
CREATIVE
|
නදීශානී ෆොන්සේකාතුෂාර තෙන්නකෝන්ගේ ‘වරිග පොජ්ජ’ සිනමාපටය සමඟින් තවත් අලුත් කතා නායිකාවක් හෙළ සිනමාවට පිවිසියාය. ඇය නදීශානී ෆොන්සේකා වන්නීය. ‘වරිග පොජ්ජ’ හි හඳුනී නම් වූ ප්‍රධාන චරිතය මවමින් ප්‍රේක්‍ෂක ආකර්ෂණයට නතුව සිටින ඈ නිවේදිකාවක් ලෙසින් ද කලක් අප හමුවට ආවාය. එසේනම් තවත් පමා නොකොට ඇයත් සමඟ මොහොතක් කතාකරමු.ඉතින් නදීශා, කොහොමද ජීවිතේ. ‘වරිග පොජ්ජ’ නිසා ඔබ දැන් ජනපි‍්‍රය චරිතයක් වෙලා?ඒක නම් ඇත්ත. ගොඩක් දෙනෙක් මාව දැනගෙන හිටියෙ නෑ. රටපුරාම වරිග පොජ්ජ කටවුට්, පෝස්ටර් ගහලා. චිත්‍රපටයත් හොඳට දුවනවාලු. මාත් ජනපි‍්‍රය වෙලා. මේක මං ලද නොසිතූ ජනපි‍්‍රයත්වයක්. කෙටි කලකින් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් හිමිවීම මගෙ වාසනාවට වෙච්ච දෙයක්.නදීශා නිවේදිකාවක් විදිහට කටයුතු කළා නේද?ඔව්, හිරු නාළිකාවේ තමයි මං සේවය කළේ. මං ‘වින්දනීය උදෑසන සමඟ ජ්‍යෝතිශයට සහ ආහාර පිසීම’ සම්බන්ධ වැඩසටහන් තුනක් මෙහෙය වූවා.ඒත් දැන් ඔබව ඒවායෙන් දකින්නට නැහැනේ?නිවේදිකාවක් විදියට කටයුතු කරද්දියි මට වරිග පොජ්ජ සඳහා ඇරැයුම් ලැබෙන්නේ. මට සිද්ධ වුණා දෙකෙන් එකක් තෝරගන්න. මොකද ‘වරිග පොජ්ජ’ ෂූටිං එක දිගට දවස් කිහිපයක්ම තිබුණා. අනික කොළඹට ළඟ තැනකත් නෙවෙයි ලොකේෂන් තිබුණෙ. මං ඉතින් නිවේදනයට සමුදීලා චිත්‍රපයට ගියා.ඒ කියන්නේ නදීශට කලින් ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වුණා?නැහැ, නැහැ, මං නිවේදනයෙන් සදහටම සමුගත්තෙ නැහැ. මං හිතුවේ මෙන්න මෙහෙම. චිත්‍රපටය ප්‍රධාන චරිතයකට කෙනෙකුට ලෙහෙසියෙන් ඇරැයුම් ලැබෙන්නෙ නැහැ. අනික මං මීට කලින් රඟපාලත් නැහැනේ. ඒත් රූපවාහිනී චැනල් ඕනතරම් තියෙනවා. මට මේ දැන් වුණත් නිවේදිකාවක් වෙන්න පුළුවන්.හඳුනී වෙනුවෙන් ඔබේ සමේ පාට වෙනස් කළා. අකැමැති වුණේ නැද්ද ටිකක් කැත වෙනවට?මං කොහොමත් ආසාවෙන් හිටියේ මගේ සැබෑ ස්වරූපය වෙනස්කරපු චරිතයක් කරන්න. මං බොහොම කැමැත්තෙන් මගේ ශරීරයේ පැහැය වෙනස්කර ගත්තේ.නමුත් ඔබේ කොණ්ඩා මෝස්තරය ඒ චරිතයට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් දෙනෙක් කිව්වා?ඒක මට අදාළ කාරණයක් නෙවෙයි. කොණ්ඩා මෝස්තර ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ ප්‍රඩක්‍ෂන් එකේ අදාළ පාර්ශවයන් අතේ. ඒ අය මට මුකුත්ම කිව්වේ නැහැ. මාත් ඇහැව්වේ නැහැ. මං හිතුවා මේ ස්ටයිල් එක ගැලපෙනවා ඇති කියලා.‘වරිග පොජ්ජ’ කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?වරිග පොජ්ජෙ තියෙන්නේ එකම එක සින්දුවයි. ඒකෙ රූගත කිරීම් තිබුණෙ සිංහරාජයේ ගල්කුළක් උඩ. ඒ ගල අයිනේ ලොකු හෙළක්. උඩට නැග්ගට පස්සෙ පොඩ්ඩක් හරි එහාට වුණොත් වැටෙන්නේ ඒ හෙළට. මං ඒ දර්ශනය ගන්න කලින් දෙවියන්ට යාඥා කළා. මට කිසිම අනතුරක් වෙන්න එපා කියලා. ඊට පස්සේ වැඩිය හිතන්නේ නැතුව ගල උඩට නැගලා රඟපෑවා. රඟපෑවා විතරක් නෙවෙයි නැටුවා. දෙවියන්ගේ පිහිටෙන් මුකුත් වුණේ නැහැ. මම නැටුවේ ජීවිතයත් මරණයත් අතර නැටුමක්.සිංහරාජයේදී ඔබ සෑහෙන්න බයෙන්ලු හිටියෙ. ඇඟේ කූඩැල්ලෝ එල්ලේවි කියලා?අම්මෝ ඔව්, මං ලෝකෙ ඉන්න බයම සතා තමයි කූඩැල්ලා. වෙලාවට කිසිම කූඩැල්ලෙකුට බැරුවුණා මගෙ ලේ උරා බොන්න. මං හිතන්නේ කූඩැල්ලොත් මට බය වෙන්න ඇති.නදීශා වැඩිපුර කොටට අඳින්න පි‍්‍රය කරනවාලු. ඇත්තද ඒක?මගේ වයසත් එක්ක එහෙම ඇන්ඳට කමක් නැහැ. වයසට ගිහිල්ලා කොටට අඳින්න බැහැනේ.ඔබේ පෙම්වතා කැමැතිද ඔබ එහෙම විලාසිතා කරනවට?එයා මාව තේරුම් අරගෙන ඉන්නේ. අනික මමනෙ කොටට අඳින්නේ එයා නෙවෙයිනේ.නදීශා ටිකක් හිතුවක්කාරියක් වගෙයි?ඔව්, මං හිතුවක්කාරයි තමයි. හැබැයි මං හිතුවක්කාරකමින් කරපු වැඩනම් එකක්වත් වැරදිලා නැහැ.නදීශගෙ පැසල කොහේද?පානදුර සෙන්ට් ජෝන්ස් විද්‍යාලය.උපන් දිනය?06 / 12.මොකක්ද නදීශගෙ සුරතල් නම?නිලූ.පවුලේ විස්තරත් කියමු?අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි.නදීශගෙ ඉදිරි නිර්මාණ මොනවද?චිත්‍රපටයකට කතාකළා. ඒ අතරෙදි ජැක්සන් ඇන්තනි මහත්තයගේ අලුත් චිත්‍රපටයවන ‘ඇඩ්‍රස් නෑ’ හි රඟපෑවා.නදීශා රංගනය හදාරා තියෙනවද?නෑ අයියේ, රංගනය තියා, නිවේදනයවත් හදාරා නැහැ. මං කාලෙකට කලින් මෝස්තර නිරූපණය කළා. ඒකවත් හැදෑරුවෙ නැහැ.කිසිම හැදෑරීමක් නැතුව ඉදිරියට යන්න පුළුවන්ද?ඉගෙන ගන්න ඕනෙ තමයි. ඒ ගැන අනිවාර්යයෙන්ම හිතලා බලනවා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
‘ශෘති මිනීමරලා, සිරගත කරලා’. මේ පුවත සමඟ සිහියට නැගෙන්නේ ජ්‍යෙෂ්ඨ නළු කමල් හසන්ගේ තාරකා දියණිය ශෘති හසන්ය. එහෙත් මේ ශෘති ඇය නොවෙයි. දකුණු ඉන්දීය නිළියක වූ විසි දෙහැවිරිදි ශෘති චන්ද්‍රලේඛායි.ශෘති සිරභාරයට ගැනුණේ මීට මාස හයකට පෙර බැංගලෝරයේ මරා දමන ලද ඇයගේ සැමියාගේ මරණයේ චූදිතයා වශයෙනි. තිස් පස් හැවිරිදි එස්. රොලන්ඩ් පීටර් ප්‍රින්සො ඇයගේ සැමියා විය. ව්‍යාපාරික කටයුතුවලින් පාඩු ලබන විට රොලන්ඩ් නිල් චිත්‍රපට නිෂ්පාදනයට අත ගැසීමට තීරණය කර ඇත. ඔහු ඇයව ද නිළියක ලෙසින් යොදා ගැනීමට බලාපොරොත්තු විය. මෙයට ශෘති කෙතරම් ප්‍රතික්ෂේප කළත් සැමියා එකඟ නොවීය. අනතුරුව ඇය රොලන්ඩ්ට වස දී මරණයට පත් කරන ලදී. ඔහු මියගිය පසු වළලා දමන ලද්දේ සැමියාගේ ව්‍යාපාරයටම සම්බන්ධ පස් දෙනකුගේ සහායෙනි.
|
CREATIVE
|
රංගන ශිල්පීඅඛිල ධනුද්ධරමම නම් මේ දවස්වල දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන සහ මගේ අධ්‍යාපන කටයුතුවලට කාලය වෙන් කරලා තියෙන්නේ. චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය බොහොමයකට ආරාධනා ලැබුණත් බාරගත්තේ නැහැ. හැමදාම පේන්න ඉන්න ඕනි නෑ කියලා මම හිතන්නේ.මැණික් වුණත් හැම තැනම තිබුණොත් ඒවායේ අගය අඩු වෙනවා නේ. ඉදිරියේ දී ඇඩ්‍රස් නෑ චිත්‍රපටය සහ බණ්ඩර දෙයියෝ ටෙලි නාට්‍යයෙනුත් මගේ රංගනය දැක බලාගන්න හැකි වේවි.
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.