comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
සමදරා ආරියවංශ කලා ලොවේ ඔබට හිතවත් රංගන ශිල්පිනියක්. මේ දවස්වල ‘ස්වර්ණපාලි’ ටෙලි නාට්‍යයේ ලෙන්දොර මැණිකේ ලෙසත් ‘පබසරා’ හි මැගිලින් ලෙසත් ‘මකුළු දැල්’ හි සුරාජ්ගේ අම්මාගේ චරිතයෙනුත් ඔබ හමුවට එන ඇය නෝනාවරුනි මහත්වරුනි ටෙලි නාට්‍යයේ කරුණා අක්කා ලෙස කළ චරිතය හැමෝගෙම හිත තුළ නොමැකෙන චරිතයක්.සමදරා දැන් රංගන ශිල්පිනියක් විදියට විතරක් නෙවෙයි. ගායනයටත් යොමු වෙලා කියලා අපට ආරංචියි. ඒ වගේම පසුගියදා ඇය රුක්මණී දේවිය සැමරුම් උළෙලකදී යුග ගීතයකුත් ගායනා කළා. එදා ඇය ‘අන්න සුදෝ අර පාට වළා’ ගීතය ගායනා කළේ කොණ්ඩා මොස්තර නිර්මාණ ශිල්පී සෑම් පෙරේරා සමඟින්. සමදරා ඉදිරියේදී රංගනයට වගේම ගායනය පිළිබඳත් අවධානය යොමු කරන්න සූදානම් වන බව තමයි පේන්නේ. ඒ වගේම අලුත් සිංදුවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලත් ආරංචියි.
|
CREATIVE
|
2012 වසර ගෙවී ගියේ තරුවල බලපරාක්‍රමය තවදුරටත් තහවුරු කරමිණි. අමීර්, ෂාරුක්, සල්මන්, රන්බීර් තරුවල කාන්තියෙන් තාරකා වැසී ගියේ එතරම් විශේෂ මතකයක් ඉතිරි නොකරය. එහෙත් උදා වූ නව වසර බොලිවුඩයේ ජය පිට ජය නංවමින් සිටින නිළි නාම ලේඛනයේ සියලු දෙනාම පෙරට ඇවිත් සිටින්නේ සුපිරි සිනමාපට ලැයිස්තුවක් සමඟයි. 2013 තාරකා රජයන වසරක් වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ ඒ නිසයි.දීපිකා පදුකෝන් රඟන ‘රේස් 2’, ‘යේ ජවානි හෛ දීවානි’, ‘කොච්චාඩියන් සහ චෙනායි එක්ස්ප්‍රස්’ මේ වසරේදී තිරගතවීමට නියමිතය. ‘ගුන්ඩේ’, ක්‍රිෂ් 3’, ‘මේරි කොම්’ සහ ‘සන්ජීර්’ ප්‍රියංකා චොප්රා රඟන සිනමාපටයි.මේ වසරේදී දැනට තිරගතවීමට ඇත්තේ කත්‍රිනා කායිෆ් රඟන එකම එක සිනමාපටයකි. ඒ ‘ඩූම් 3’ ය. සෝනම් කපූර්ගේ ද සිනමාපට ත්‍රිත්වයක් පෝලිමේ තිබේ. ඒ ‘භාග් මිඛා භාග්’, ‘රාජ්නා’ සහ ‘කූබ්සූරත්’ය. ‘කූබ්සූරත්’ 1980 දී රේඛා රැගූ සිනමාපටයේ ප්‍රතිනිර්මාණයකි. සෝනම් මෙහි රඟපෑමට පෙර රේඛාගෙන් උපදෙස් ලබාගෙන ද තිබේ.කරීනා කපූර්ගේ ‘සත්‍යග්‍රහ්’ සහ සෝනක්ෂිගේ ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් මූම්බායි 2’ සහ ‘ලුටෙරා’ ද තරගයට පෙළ ගැසී සිටී. විද්‍යා බාලන්ගේ ‘සන්චක්කර්’ සහ අනුෂ්කා ෂර්මාගේ ‘මතෘ කි බිජ්ලී කා මන්දෝලා’ ද 2013 සිනමාපට අතර සුවිශේෂීය. අතිශය සාර්ථක වූ විද්‍යාගේ ‘කහානි’ දෙවැන්නක් ද බොහෝ විට මේ වසරේදී බලාපොරොත්තු විය හැකියි.ඓශ්වර්යා සහ සල්මන් ඛාන් යනු මෑත ඉතිහාසයේ විරහවෙන් අවසන් වූ බොලිවුඩයේ සුපිරි පෙම් පුවතක ප්‍රධාන චරිත දෙකයි. ඒ වෙන්වීමෙන් පසු දෙදෙනා එකිනෙකා මුණ නොගැසී සිටීමට වගබලා ගත්හ. එහෙත් මෙවර නත්තල් සාදයකදී දෙදෙනා මුණ ගැසී ඇත්තේ නොසිතූ විරූ ආකාරයටයි.සල්මන් නත්තල් සාදයට පැමිණ තිබෙන්නේ පාන්දර දෙකටය. අභිෂේක් සහ ඈෂ් පාන්දර තුනට පමණ පැමිණ තිබේ. සල්මන් දෙදෙනා උණුසුම් සෙනෙහසින් පිළිගෙන ඇති අතර අභිෂේක් සමඟ ඔහු දිගු වේලාවක් සුහද කතාබහක යෙදී ඇත. ඓශ්වර්යා කතාවට ඉඩදී අභිෂේක් සොයුරිය ස්වේතා සමඟ පසෙකට වී සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.බච්චන් පවුල සහ සල්මන් ඛාන් පවුල අතර ඇත්තේ දිගුකාලීන මිතුදමකි. එහෙත් ඈෂ් බච්චන් පවුලට සම්බන්ධ වීම නිසා මේ සබඳතාව දෙදරා ගියේය. උදා වූ නව වසර දෙපාර්ශ්වයම සුපුරුදු හිතවත්කමින් පිළිගැනීමට සූදානම් බවට මේ සුහද කතාබහම ඉඟියකි.සල්මන් ඛාන් සිය හතළිස් හත් වැනි උපන් දිනය සැමරුවේ දෙසැම්බර් 27 වැනිදායි. ජීවිතයේ පනස් වැනි සැතපුම් කණුවට තව වසර තුනක් පමණක් ඉතිරි වී ඇතත් තවමත් බොලිවුඩයේ වැඩිම ඉල්ලුමක් තිබෙන තනිකඩයා ඔහුයි. එනිසා සල්මන්ගේ විවාහය ජාතික මට්ටමින් කතාබහට ලක්වන්නක් වී අවසානය.දැනට සල්මන්ට විරුද්ධව ජෝද්පූර් සහ මූම්බායි උසාවිවල නඩු දෙකක් ඇසෙමින් පවතී. මෑතකදී සල්මන් රූපවාහිනී වැඩ සටහනකට සහභාගි වෙමින් කියා සිටියේ නඩුවලින් නිදහස් වූ පසු පමණක් තමන් විවාහයක් ගැන සිතන බවයි. ‘බිරියට දරුවාත් සමඟ තමාව බැලීමට සිරගෙයට ඒමට සිදු වුණොත් මොන අපරාධයක් ද?’ සල්මන් වැඩසටහනේදී සිනාසෙමින් එසේ පැවසීමට ද අමතක නොකළේය.මේ දිනවල වෛද්‍යවරු සල්මන්ට ක්‍රියාදාම සිනමාපටවල රැඟීමට ද තහනම් කර තිබේ. ඒ ඔහුගේ මොළයේ රුධිර නාලයක රුධිර කැටියක් ඇති නිසයි. ‘සැත්කමකින් රුධිර කැටිය ඉවත් කළොත් පෙනීම, ශරීර සමබරතාව නැති වෙනවා. ඒ නිසා වෛද්‍යවරුන් ක්‍රියාදාම සිනමාපටවල රඟ නොපා, කෝපයට පත් නොවී, රුධිර පීඩනය පරීක්ෂා කරමින් සිටින ලෙස උපදෙස් දී තිබේ.කොහොම වුණත් ක්‍රියාදාම දර්ශනවල රඟ නොපා සිටින්න නම් බැහැ. ප්‍රේක්ෂකයන් මගේ සටන් ජවනිකා බැලීමට මුදල් ගෙවනවා නම් මං ඒ දේ කළ යුතුයි.’ රසිකයන්ට ඇති දැඩි ඇල්ම නිසා සල්මන් එසේ පැවසුවත් එය රසිකයන්ගේ මොළයේ රුධිර කැටි වැඩි කරන පිළිතුරක් වූ බව නම් නොඅනුමානයි.නළුවෝ ගී ගැයුවේ අදක ඊයෙක නොවේ. භාරත සිනමා වංශ කතාවේ ආරම්භයේ සිට අද දක්වාම ඊට නිදසුන් ඕනෑතරම්ය. අමිතාබ් බච්චන්, අමීර් ඛාන්, සංජේ දත්, ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් මෑතක ගී ගැයූ නළුවන්ට හොඳම උදාහරණයි.ඔවුන් ගිය අඩි පාරේ යාමට අලුතින්ම සූදානම් වන්නේ අනිල් කපූර් සහ ජෝන් ඒබ්‍රහම්ය. සන්ජේ ගුප්තාගේ ‘ෂූට් අවුට් ඇට් වාදලා’ සිනමාපටයෙන් දෙදෙනාම ගායකයෝ බවට පත් වී සිටිති. සිනමාපටය තිරගතවීමට නියමිතව ඇත්තේ මැයි පළමුවැනි දිනටයි.ඔවුන්ගේ ඇසට ප්‍රිය රංගනය කනට මිහිරි හඬක් ගෙන ඒවිද?චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
රොජර් සෙනෙවිරත්න නමින් රසික හවුලක් පසුගියදා ආරම්භ කෙරිණ. දිනෙන් දින හීන වී යන ළමුන්ගේ රස වින්දනය ඉහළ දැමීම, ඔවුන්ගේ ඉදිරි අනාගතය වඩාත් සුරක්ෂිත කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදී අරමුණු ඇතිව ඇරැඹි මෙම සංසදයේ නිලධාරි මණ්ඩලය මෙසේ තේරී පත් විය.සභාපති - රොජර් සෙනෙවිරත්න, උප සභාපති – ඊ. ඩී. ශ්‍රියාපාල, ලේකම් - හේමසිරි අමරසිංහ, උප ලේකම් – වික්‍රමසිරි ජයවික්‍රම, භාණ්ඩාගාරික – පද්මා ගුණසේකර, ජාතික සංවිධායක - සමන් මලිදූව, සංවිධායක මණ්ඩලය – රත්නපාල පෝරගේ, රංජිත් විත්‍රමසිංහ, එස්. ජයවර්ධන- ප්‍රසාද්
|
CREATIVE
|
මිලිනා සුමතිපාල නිෂ්පාදනයක්හොඳම අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ‘සරසවිය’ සම්මාන දිනූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කරනු ලබන නවතම වෘත්තාන්ත චිත්‍රපටය ‘පත්තිනි’ හි වැඩ කටයුතු අද පෙරවරුවේ සුබ මොහොතින් ඇරඹේ. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ හොඳම නිෂ්පාදනය වෙනුවෙන් ‘සරසවිය’ සම්මානය දිනාගත් මිලිනා සුමතිපාල යි. මීට පෙර ‘උත්පලවණ්ණා’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ මහාචාර්ය ආරියරත්නයන් සහ මිලිනා සුමතිපාල එකතුවෙනි. මෙය මහාචාර්යවරයාගේ විසිවැනි චිත්‍රපටයවන අතර සුමති චිත්‍රපට සමාගමේ හයවැනි නිෂ්පාදනයයි.රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ලකී ඩයස්, පූජා උමාශංකර්, උද්දික ප්‍රේමරත්න, අරුණි රාජපක්‍ෂ, වීණා ජයකොඩි, ජයලත් මනෝරත්න එහි ප්‍රධාන චරිත සඳහා තෝරාගෙන තිබේ.දක්‍ෂිණ භාරතයේ සුප්‍රකට පුරාවෘත්තයක් වන පත්තිනි උපත මෙම සිනමා කෘතියට පාදකවේ. මෙහි දෙබස් සහ තිරරචනය මහාචාර්ය සුනිල් ආරියරත්න ගෙනි. මෙහි කන්නගී හෙවත් පත්තිනි චරිතයට තෝරාගෙන ඇත්තේ පූජා උමාශංකර්ය.සමීරමධු කිඳෙල්පිටිය වෙස් ගැන්වීමෙන් ද, චමත් පරණවිධාන දෘෂ්ටි ප්‍රයෝගයෙන් ද, වෙනුක වික්‍රමආරච්චි ඇඳුම් නිර්මාණයෙන් ද, චන්දන වික්‍රමසිංහ නර්තන වින්‍යාසයෙන් ද, බිමල් දුෂ්මන්ත කලා අධ්‍යක්‍ෂණයෙන් ද, රුචිල දිනෙෂ්ක කහඳව කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් ද පත්තිනි සඳහා දායක වෙති. විමල් දේශපි‍්‍රය සහාය අධ්‍යක්‍ෂණය කරන මෙහි නිෂ්පාදන කළමනාකාරීත්වය මනෝහාරී හේවාවසම් ගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ. ඩී. රංජිත් කුමාර ගෙනි. පත්තිනි සංගීතවත් කරනුයේ ආචාර්ය රෝහණ වීරසිංහයි. එහි කැමරාව මෙහෙයවනුයේ චන්න දේශපි‍්‍රයයි. -ප්‍රසාද්
|
CREATIVE
|
ගිවන්ත අර්ථසාද්‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ සුරම්‍යයි’ සුනිල් ආරියරත්නයන් ගේ පන්හිඳෙන් ලියැවුණු ඒ ගීතය පිළිබඳ විවිධ කතිකා බිහිවී ඇති නමුදු, විටෙක ප්‍රේමය සඳ එළිය සේ සුරම්‍යයැයි ඔබට සිතුණොත් එය අරුමයක් නොවේ. ප්‍රේමය ඒ තරමටම සොඳුරු කවක් මෙනි. ලෝකයේම අසිරිමත් දේ අතරට ගැනෙන ප්‍රථම ප්‍රේමය ද බොහෝ සේ සොඳුරු බව අපි දනිමු. ඔබ හදවත සැරිසරන තරු සිය ප්‍රථම ප්‍රේමය පිළිබඳ හෙළි කරන මේ පත් ඉරුවට අද සහභාගි වන්නේ ගිවන්ථ අර්ථසාද්ය.* ඔබ තවමත් ප්‍රේම කරනවද?ඔව්.* කවුද ඈ?ඈ මගේ බිරිඳයි.* ඒ කියන්නේ ඔබ විවාහකයි?ඔව්, මම විවාහ වෙලා අවුරුදු 6 ක පුතෙක් අපට ඉන්නවා.* ඔබ විවාහ වුණේ ප්‍රථමයෙන් ආදරය කළ පෙම්වතිය සමඟද?නෑ.* එහෙනම්?ඈ මගේ දෙවැනි පෙම්වතියයි.* ප්‍රථමයෙන්ම ඔබගේ ආදරය දිනාගත් ඈ කවුද?ඇගේ නම කියන්න බෑ.* ඒ ආදරයට මොකද වුණේ?අපි කාලයක් ආදරය කළා. ප්‍රශ්න නිසා ඈ මාව අතහැරියා.* ඈ ඔබට බූට් එක්ක තිබ්බා?ඇත්තටම ඒක එහෙම තමයි.* බූට් එකක් තියන්න හේතුව මොකක්ද?මම හිතන්නේ මම එයාලගේ සමාජ පෙළැන්තියට නොගැළපෙන්න ඇති.* ඒ කියන්නේ ඇය සල්ලි කාරියක්?ඔව්.* ඒකද ප්‍රශ්නය, වෙන එකක්ද?මම හිතන්නේ එහෙමයි. මොකද මට ඒ දවස්වල හරි හමන් රැකියාවක් තිබුණේ නෑ.* ඔබ කළ රස්සාව මොකක්ද?මම පාසල් ගිහින් අවසාන් වුණ ගමන් කේ. එෆ්. සී. එකේ රස්සාවක් කළා.* ඒ අතරෙදියි ඔබ ඇය හා හාද වුණේ?ඔව්, ඒ කාලයේ ඈ පාසල් යන ශිෂ්‍යාවක්.* කොහොමද ඈ මුණ ගැසෙන්නේ?ඈ අපේ අසල් වැසියෙක්.* අසල්වැසි ප්‍රේමයක්?පුංචි කාලෙ ඉඳලා අපි දැකලා තියෙනවා.* ඒ කාලෙදියි ප්‍රේමය ඇති වුණේ?ඇත්තම කිව්වොත් ඒ කාලෙ ඉඳලා ඈ ගැන මගේ සිතේ විශේෂත්වයක් තිබුණා.* වැලි කෙළියේ ප්‍රේමයක්?ඒ වගේම ඇගේ සිතේ මා පිළිබඳ විශේෂ-ත්වයක් තිබුණු බව මා දැන ගත්තේ පස්සෙයි.* කොහොමද ඇයම ඔබේ ප්‍රේමවන්තිය වුණේ?ඒක දිග කතාවක්.* ඇයට ආදරෙයි කිව්වේ කොහොමද?මුලින්ම මම හිතවත් වුණේ ඇගේ නෑදෑවෙන නංගි කෙනෙක් එක්කයි.* ඔබ ඇයට මුලින්ම ආදරය කළා?ඒක ආදරයකට වඩා එක්තරා හිතවත් කමක්. ඒත් මම ඇයට කිව්වා හරියටම මම ආදරය කරන්නේ කාටද කියලා.* ඈ ගිහින් ඔබගේ හිතගිය පෙම්වතියට කිව්වා?ඔව්, එහෙමයි ඇයයි මමයි ආදරය කළේ.* ඔබ ඇයට ආදරෙයි කියලා කිව්වා?ඔව්, මම මුලින්ම ආදරෙයි කියලා කිව්වත්, ඈ ආදරෙයි කියලා මුලින්ම කිව්වේ නෑ.* මුල් කාලෙදි ඈ ගණන් ඉස්සුවා?ඇත්තටම ඉතින් ගැහැනු ළමයි කොහොමත් මුල් කාලෙදි ගණන් උස්සනවනේ.* ඇයව ඔබට නිතරම මුණ ගැසෙනවා?ඇයව මුණ ගැසෙන්න මම යන්නේ පංතියට.* රස්සාව ඒකට බාධාවක් වුණේ නැද්ද?බොරුවක් කියලා එතැනින් කොහොම හරි පැන ගන්නවා.* එහෙම කළ ආදරය ගෙදරට අසු වුණාද?අපේ ගෙදරින් නම් දන්නෙවත් නෑ. ඇගේ ගෙදරින් තමයි මුලින්ම දැන ගත්තේ.* ඒ කොහෙමද?ඈ මට ලියන ලියුමක් අම්මට අහුවුණා.* ඉතින් මොකද වුණේ?ඈ ඒක ලියන්නේ යාළුවට කියලා කිව්වත් හරි ගියේ නෑ. යාළුව හරි විස්තරය කියලා තිබුණා. ගෙදරට ගෙනල්ලා අවවාද කළත් අපි දිගටම ආදරය කළා.* එහෙනම් කොහොමද ඒක නතර වුණේ?හේතුවක් කියන්නේ නැතුවයි ඈ ප්‍රේමය නතර කළේ.* ඊට පස්සෙ ඔබ මොකද කළේ?ඇයට ඇත්තටම ආදරය කළ නිසා මම පුදුම දුකක් අත්වින්ඳා. රස්සාවෙන් පවා අස්වෙලා ටික කාලයක් නිකම්ම හිටියා.* ඊට පස්සේ ඇයව ඔබට මුණ ගැසුණද?එතනින් යන එන කොටනම් ඇයව දැක්කා. ඇය දැන් විවාහකයි.* හදිසියෙම ඔබට ඇයව මුණ ගැසුණොත් ඒ ගැන අහනවද?මගේ පළමු ප්‍රශ්නය වෙන්නේ මාව දාලා යන්න හේතුව දැන ගන්න එකයි.* ඔබ මේ කියන දේ බලලා බිරිඳ ඔබට චෝදනා කරයිද ?අපෝ නෑ. ඇයට මම ඔක්කොම කියලයි තියෙන්නේ.* පෙම්වතියව තවමත් අමතක කරන්න බැහැ වගෙයි නේද?එහෙම එකක් නෑ. මා වඩාත් ආදරය කළ තැනැත්තිය ඇයයි.* මතක හිටින තෑගි එහෙමත් දීලා තිබුණද?මම ඇයට මුද්දක් දුන්නා. ඇය මට දුන්න මුල්ම තෑග්ග රත්තරන් මාලයක්.* ඒක තවමත් ඔබ ළඟ තියෙනවා?ඔව්, ඒක මාළඟ සුරැකිව පැත්තකින් අරගෙන තියලා තියෙනවා.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
මේ සතියේ රේඛාවසිංහල සිනමාවේ තොරතුරු රැගත් සුවිශේෂ වැඩසටහනක් ‘සිනෙ රූ ගී’ නමින් ලබන 13 වැනි දා සිට සෑම සෙනසුරාදාවකම දහවල් 12.30 සිට සවස 4.00 දක්වා සිංහ එෆ්. එම්. නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.සරසවිය පුවත්පත සම්බන්ධව ඉදිරිපත් කෙරෙන මෙම වැඩසටහන ඔස්සේ සිංහල සිනමාව ආරම්භයේ සිට තිරගත වූ චිත්‍රපට ඇතුළුව ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට පිළිබඳ තොරතුරු අසන්නන්හට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන සෙනසුරාදා එහි ආරම්භක වැඩසටහන ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ රේඛාව චිත්‍රපටය පිළිබඳ සුවිශේෂ තොරතුරු, ගීත ඔබ වෙත ගෙන එන්නට කටයුතු සූදානම් කර ඇත. ‘සිනෙ රූ ගී’ ඉදිරිපත් කිරීම වැඩසටහන් නිෂ්පාදිකා අනුෂා රණසිංහ විසිනි. මේ අනුෂා සමඟ කළ සංවාදයකි.ඇයි මෙවැනි වැඩසටහනක් ආරම්භ කළේ?සිංහ එෆ්.එම් කියන්නේ ශ්‍රාවකයන්ට හරවත් දෙයක් දෙන්න ඕන කියන තැනක ඉන්න ගුවන් විදුලියක්. සිනෙ රූ ගී වැඩසටහන ආරම්භ කරන්නෙත් ඒ බලාපොරොත්තුවත් එක්කමයි. අපේ වැඩසටහන් නිර්මාණය වෙද්දී සාමාන්‍යාධිකාරී කුල ශ්‍රී කාරියවසම් මහතාට වුවමනාවක් තිබුණා සිනමාව සම්බන්ධයෙන් වැඩසටහනක් එයට ඇතුළත් කරන්න. සිනෙ රූ ගී වැඩසටහනට අඩිතාලම වැටෙන්නේ ඒ විදිහට.සිනෙ රූ ගී වැඩසටහන කියන්නේ මොනවගේ එකක්ද?අපිට මේ වැඩසටහනේ දී වුවමනා වී තිබෙන්නේ ශ්‍රාවකයා අතර සිනමාව පිළිබඳ රසිකත්වය වර්ධනය කරන්න. එහි දී සිනමා ගීත ඉතිහාසය, රංගන ශිල්පීන් පිළිබඳ තොරතුරු, සිනෙ රූ ගී වැඩසටහන තුළින් අපි ඒ අයට ලබා දෙනවා. දැනටමත් සිංහ එෆ්. එම්. ශ්‍රාවකයා අතර මේ සඳහා ලොකු කැමැත්තක් තියෙනවා. ඒ අයගෙන් මේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාරය දැක්කම අපේ උත්සාහය සාර්ථක වෙලා කියන එක හිතෙනවා.මෙම වැඩසටහන කොහොමද අනෙකුත් නාලිකා එක්ක තරග කරන්නේ?අපි විශ්වාස කරනවා සිනමාව කියන්නේ ලෝකේ දියුණු කර්මාන්තයක්. අපේ සිනමාවත් මේ වෙන කොට ලෝකයත් එක්ක තරග කරන්නට පුළුවන් මට්ටමකට ඇවිත් තියෙනවා. ඇත්තටම මේවන විට අපේ තරගකාරී ගුවන් විදුලි නාලිකා සිනමාව වැනි කලාත්මක පැති අමතක කරලා තියෙනවා. සිනමාව සංගීතය සාහිත්‍ය කියලා කියන්නේ මිනිසුන්ගෙ ජීවිතවලට අවශ්‍ය දේවල්. මෙවැනි අවශ්‍යතා ඇතුලේ සමහරක් අය මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන කොට සිංහ එෆ්. එම්. නාලිකාව ඒ අයට විඳවන්නැතිව විඳින්න කියලා දෙන්න උත්සාහ ගන්නවා. ඒ නිසා අපිට අනෙක් අයත් එක්ක තරගයක් නෑ.සිනෙ රූ ගී වැඩසටහන පවත්වාගෙන යන්න කළමනාකාරීත්වය ඉඩ ලබා දෙයිද?සිංහ එෆ්. එම්. සාමාන්‍යාධිකාරී කුල ශ්‍රී කාරියවසම් මහතාගේ සිට ඉහළ කළමනාකාරීත්වය හරවත් දේවල් කරන්න අපිට නිදහසක් ලබා දීලා තියෙනවා. මේ වැඩේ ශ්‍රාවකයාට හරවත් කියලා කළමනාකාරීත්වයට දැනෙන්න වැඩකරන එක අපට පැවරිලා තියෙන වගකීමක්. සිනෙ රූ ගී වැඩසටහනේ නිෂ්පාදිකාව හැටියට දවසින් දවස ඒ බැඳීම ඒ දැනීම වැඩි කරන්න මම උත්සාහ ගන්නවා. ඒක තමයි මට තියෙන අභියෝගය.වැඩසටහනින් ඉදිරිපත් කරන්න ඉලාපොරොත්තුවන අලුත් දේවල්?මේ වෙනකොට සරසවිය පුවත්පත සිනෙ රූ ගී වැඩසටහන සඳහා මාධ්‍ය අත්වැල සපයන එක අපට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ අනුව අපේ වැඩසටහනේ අන්තර්ගතය ඉදිරියේදී වෙනසකට ලක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සිනමාව සම්බන්ධයෙන් ශ්‍රාවකයා මෙතෙක් නොඇසූ තොරතුරු, අසා නොමැති ගීත නිර්මාණකරුවන් මුහුණ දුන් අත්දැකීම් මේ වගේ දේවල් සිනෙ රූ ගී වැඩසටහනට එකතු වෙනවා.- යතේජානිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙන්’සංඛාරා’, ‘කර්ම’, ‘ගාමනී’, ‘සිරිපැරකුම්’ ආදී චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ‘කරුමක්කාරයෝ’, ‘අහසින් පොළවට’ චිත්‍රපටවල සහාය සංස්කාරකවරයෙකු ලෙසද කටයුතු කළ අශෝක අතාවුදහෙට්ටි සිය කුළුඳුල් චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.සුමිත්‍රා රාහුබද්ධ ලියූ තිරපිටපතක් ඔස්සේ නිර්මාණය වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය හා සෙසු චරිත සඳහා නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ට ඉදිරිපත්වීමට අවස්ථාව උදාවේ. ඔබත් වයස අවුරුදු 6 – 8ත් අතර හෝ අවුරුදු 15 – 16ත් අතර හෝ දියණියක නම් හෝ වයස අවුරුදු 18 – 20ත් අතර පුතණුවෙකු, ඊට වඩා වැඩි වයසක සිටින අයට ද මෙම මස 21 වැනිදා ඉරිදා පෙරවරු 9.00 – 5.00 දක්වා නාරාහේන්පිට දුම්රියපොළ අසල පිහිටි පරාක්‍රමබාහු විද්‍යාලයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි විය හැකියි. මෙම චිත්‍රපටය සඳහා රේණුකා බාලසූරිය නිෂ්පාදනයෙන් දායක වේ.
|
CREATIVE
|
ලේඛක පරාක්‍රම කොඩිතුවක්කුමා ලියූ සංගීතමය නව කතාවක් වන “ක්ලැරා” කෘතිය පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කෘතියක් බවට පත් වුණා.ඒ සියල්ල විසඳා ගනිමින් “ක්ලැරා” කෘතිය මෙවර පොත් ප්‍රදර්ශනයේදී පාඨකයන්ට මිලදී ගත හැකියි. ඊට පාදක වී ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධන පිළිබඳය.
|
CREATIVE
|
හසෝදන ප්‍රභාෂ්වර කොටුගොඩ කලා ක්ෂේත්‍රයට වසර විසි පහක පමණ කාලයක් පුරාවට දායකත්වය ලබා දෙන කලා ශිල්පියෙක්. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට ක්ෂේත්‍රය තුළ වගේම නිදහස් ලේඛකයෙක් ලෙසත් කලා ලොව සිය හැකියාවෙන් ඔප කරන හසෝදන ප්‍රභාෂ්වර නිවේදකයෙක් ලෙසත් කා අතරත් ජනප්‍රියයි.හසෝදන ඒ වෙනුවෙන් පසුගිය දවසක ඇගැයීමටත් ලක් වුණා නේද?ඒ ගැන හරිම සතුටුයි. පොඩි කාලේ ඉඳලාම මම නිවේදන කටයුතුවලට දායකත්වය ලබා දෙනවා. හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මම නිවේදන කටයුතු කරනවා. මගේ ඒ හැකියාව තමයි පසුගියදා ඇගැයීමට ලක් වුණේ. 2013 වසරේ ‘දහදිය සිත්තම’ වැඩ කරන ජනතා කලා උළෙලේ දී නිවේදන අංශයේ ප්‍රථම ස්ථානය මට හිමි වුණා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව තමයි එය සංවිධානය කළේ.ඔබ කලා අංශයේ අංශ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා?වේදිකා නාට්‍ය සඳහා මම සම්බන්ධ වුණේ වසර විසි පහකට පමණ ඉහතදීයි. පරාක්‍රම නිරිඇල්ලගේ ‘උත්තමාවී’, ජයලාල් රෝහණගේ ‘ ලෝකා’, උදිත ගුණරත්නගේ ‘අවමානව’, අරුණ ගම්මුණිගේ ‘සුරපුර’ වැනි නාට්‍ය ගණනාවකටම දායකත්වය ලබා දුන්නා. ටෙලි නාට්‍ය හා චිත්‍රපට ක්ෂේත්‍ර සඳහා දායක වුණේ කලා අධ්‍යක්ෂණයෙන්. ‘රණ හංසි’, ‘සීතල ගිනි කඳු’ චිත්‍රපට සඳහා දෙවන සහාය අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළා.ඒ වගේම දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් ලේඛකයෙක් විදියට කටයුතු කරනවා.ඔබ වෘත්තිමය කලාකරුවෙක් විදියට ද කටයුතු කරන්නේ?කලා කටයුතුවලට මම ගොඩක් ළැදියි. ඒ වුණත් මම දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. මගේ බිරිඳ දිල්හානි සුරංජි. ඇය නිසා තමයි මට රාජකාරි කටයුතුª වගේම කලා කටයුතුත් සාර්ථකව කරගෙන යන්න ශක්තියක් වෙන්නේ.ඉදිරිය කොහොමද සැලසුම් කරලා තියෙන්නේ?නිවේදන අංශයෙන් තවදුරටත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවස්ථාවක් ලැබුණොත් රංගන ක්ෂේත්‍රයේත් ඉදිරියට යන්න කැමැතියි. 0775291699 මගේ දුරකථන අංකයයි. ඊට අමතරව මම දහම් පාසල් මට්ටමෙන් ළමුන්ට නිවේදන පුහුණුවීමත් කරගෙන යනවා. ඒ තුළින් තවත් දක්ෂයන් රැසක් බිහි කරන්නට මම බලාපොරොත්තු වෙනවා.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
‘සිහින පියාපත්’ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාටතරුණියකගෙන් පැමිණිල්ලක්මේ වංචාවට ඔබත් හසු වී ඇත්නම් සඳුන්ගේ 0726674660 දුරකතන අංකයට දැනුම් දෙන්න.පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි සිතුවම වූ ‘සිහින පියාපත්’ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාගේ ජංගම දුරකතනය ගිය බදාදා සැන්දෑවේ නාද වූයේ නාඳුනන අංකයකින්.තරමක කුතුහලයකින් යුතුව ඊට ආමන්ත්‍රණය කළ ඔහුට එහා කොනින් යෞවනියකගේ නුහුරු කට හඬක් ඇසුණා.මහත්තයා සඳුන් රාජකරුණා නේද?ඔව්.සඳුන් මහත්තයෝ මම . . . කියලා කෙනෙක්.ඔව් කතා කරන්න, මොකක්ද වෙන්න ඕනේ?සඳුන් කාරුණිකව විමසුවා.මහත්තයා සිහින පියාපත් නාට්‍යයේ දෙවැනි කොටස පටන් ගන්නවද? ඒකට අලුත් නිළියො රඟපාන්න හොයනවද?අයියෝ නැහැ කවුද මේ බොරුව කිව්වේ?සඳුන් තරමක් තුෂ්නනිම්භූත වුණා.එහෙනම් මම හිතුව හරි. උන් බොරුකාරයෝ වගයක්.කවුද ‘උන්’ කියන්නේ?මේ කිසිවක් සිතා ගන්න බැරි තැන සඳුන් ඇහැව්වේ විමතියෙන්.මහත්තයෝ ගිය ඉරිදා පත්තරයක දැන්වීම් අතර ඇඩ් එකක් තිබුණා. අලුත් නාට්‍යයකට කට්ටිය බඳවා ගන්නවා කියලා. මං රඟපාන්න ආස කෙනෙක්. ඉතින් ඒක දැකලා මං කතා කළා. මං එයාලා කරන්න හදන නාට්‍ය මොකක්ද ඇහැව්වාම කිව්වේ ‘සිහින පියාපත-02 ්’ කියලා. මේ කතා කරන්නේ සඳුන් රාජකරුණා කියලත් කිව්වා. මගේ ළඟ එතකොටත් මහත්තයාගේ නොම්මරය තිබුණා. ඒත් මේ අංකයයි පත්තරේ අංකයයි වෙනස්. ඒ හින්දා මට ටිකක් සැක හිතුණා. ඒ සැකය හරියට හරි. බලන්නකෝ මහත්තයෝ මේ මිනිස්සු කරන වැඩ. තව පොඩ්ඩෙන් මාත් අහුවෙනවා. මහත්තයා මේ ගැන හොඳට හොයලා බැලුවොත් හොඳයි.එහෙම කියලා ඇය දුරකතනය විසන්ධි කළා. මේ විස්තරය අහලා සඳුන්ට හීන් දාඩිය දැම්මා. කඩිනමින් පත්තර ලෑල්ලක් සොය ගිය ඔහු අර කාන්තාව කී ඉරිදා පත්තරය අතට ගෙන ලුහුඬු දැන්වීම් අතර කෙළවරක තිබූ එම දැන්වීම සොයා ගත්තා. වහාම ජංගම දුරකතනය ගෙන එම දැන්වීමේ දුරකතන අංකයට ඇමතුමක් ගත්තේ මේකේ ඇත්ත නැත්ත සොයා ගන්න. අපි තමයි සිහින පියාපත් නාට්‍ය කරන්නේ. ඒකේ දෙවැනි කොටසටයි නිළියො වුවමනා කරලා තියෙන්නේ. ඇඩ් එකේ තියෙන එඩ්ස් එකට එයාව එවන්නකෝ. සඳුන් තම නැගණිය රංගනයට කැමැති බව පවසා අවස්ථාවක් ඉල්ලා දුන් ඇමතුමට පිළිතුරු ලැබුණේ එලෙසින්. ඉන් පසු සඳුන් වෙනත් සහෝදර ශිල්පිණියන් දෙදෙනකු යොදා ගෙන ඔවුනට කතා කළ ද ලැබුණේ එම පිළිතුරමයි. නාඳුන්නිය කිව්වේ පූර්ණ සත්‍යයක් බව පසක් වූ සඳුන්ට දෙලෝ රත් වුණා. ඔහු වහාම මිරිහාන පොලීසියට පැමිණිල්ලක් කළා. එය මේ වන විටත් විභාග වෙමින් පවතිනවා.සඳුන් රාජකරුණා කියන්නේ උත්තරා චිත්‍රපටයත්, ඉතිං අපි කතා කරමු, ආදරණීය චංචලා වැනි ටෙලි නිර්මාණ තනා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් යොවුන් අධ්‍යක්ෂවරයෙක්. ඔහු ගොඩ නගා ගත් කීර්ති නාමයට හානියක් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් කරන මෙවන් අකටයුතුකම් නිසා සිදු වන අවසාන ප්‍රතිඵලය වන්නේ කලා ලෝකය පිළිබඳ ජනතාව තුළ අප්‍රසාදයයක්, අවිශ්වාසයක් ඇතිවීමයි. පූජනීය වූ කලාව අතකොලුවක් කර ගනිමින් මෙවැනි දේ කරනා පුද්ගලයින් නීතියේ රැහැනට හසු කොට සුදුසු දඬුවමක් ලබා දෙන මෙන් සඳුන් කාරුණිකව වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් බොහෝ විට සංවිධානය කරනු ලබන්නේ කලා කටයුතුයි. නමුත් මෙවර පොසොන් පොහොය නිමිති කර ගනිමින් පුණ්‍ය කටයුත්තක් සංවිධානය කිරීමට සංස්ථාව සූදානම්. ඒ බිස්කට් හා කෝපි දන්සැලක්. ජූනි මස පස් වැනිදා එනම් පොසොන් පොහොයට පසුදින අනුරාධපුර රුවන්වැලි සෑය අභියසයි මෙම දන්සැල පැවැත්වෙන්නේ. අටමස්ථානය වඳින්න එන ගමන් මේ දන්සලට ඇවිත් යන්න කියලා සංස්ථාවේ බෞද්ධ සංගමය විවෘත ආරාධනාවක් කරනවා.- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
ගායන ශිල්පිනී විශාරදසධානා අබේසේකරමම මේ දවස්වල ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ලබන වෙසක් උත්සවයට බොදු ගී ඇතුළත් සංයුක්ත තැටියක් එළි දක්වන්න සූදානම් වෙනවා. එහි මගේ ආච්චි අම්මා සහ අම්මා ගැයූ ගීත තමයි ඇතුළත් වෙන්නේ. ඒ වගේම රාජකීය විද්‍යාලයේ දරුවන්ට සංගීත දැනුම ලබා දෙන අතරම සංගීත් නිපුන් විභාගයටත් සූදානම් වෙනවා. මේ වසර අග භාගයේදී ඒ වෙනුවෙන් ඉන්දියාවට යන්නත් නියමිතයි.
|
CREATIVE
|
මේ දිනවල පුංචි තිරේ පවිත්‍රාත්, ටානියාත් වනපබසරා කාරියවසම්මිරිඟුදිය ටෙලි සිතුවමේ පවිත්‍රාව ඔබට මේ දිනවල හරිම ළෙංගතුයි. එමෙන්ම තූර්යා හි ටානියා ඊට වෙනස්ම වූ චරිතයකි. මේ සූදානම ඒ චරිත ද්විත්වයට පණ පෙවන රංග ශිල්පිනියව හඳුනා ගන්න. පබසරා කාරියවසම්. පවිත්‍රාත්, ටානියාත් වන්නීය ඇයයි. පබසරා පළමුව ප්‍රධාන චරිතයක් මවමින් ප්‍රේක්ෂකයන් අතරට ආවේ අරුන්දතී ටෙලි සිතුවමෙනි. ඊට පසුව වාසනා වේවා, සිහින තාරකා වැනි නාට්‍යවල විවිධ චරිත ඔස්සේ ටෙලි නාට්‍ය ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඇය අංගනා ටෙලි සිතුවමේ මංගලී වෙමින් ඉමහත් ජනප්‍රියත්වයක් ලද්දීය.අංගනා අධ්‍යක්ෂණය කළේ නාලන් මෙන්ඩිස් මහත්මයා. එය වැඩිම පිරිසක් නරඹපු ටෙලි නාට්‍යයක්. මංගලී කියන්නේ ගෙදර මෙහෙකාරිය. මං මේ මෙහෙකාරිගේ චරිතයක් කළාමයි. සමහරු හිතන්නේ මං ඇත්තම වැඩකාරියක් කියලා. මං ඉතින් හොඳට ඇඳ පැළඳගෙන මඟ තොට යද්දී ඇතැම් අය අහනවා ගෙදර වැඩකාරියක් ඔහොම ඇඳගෙන යනවද කියලා.පබසරා ඉගෙනුම ලැබුවේ කොළඹ අනුලා විද්‍යාලයෙනි. පාසල් අවදියේ සිට නාට්‍ය රංගනයට ඇය තදින් ඇලුම් කළාය. පාසල් අධ්‍යාපනය නිමවෙත්ම පබසරා රංගනයටයි පිවිසුණේ. කලා ලෝකය ගැන වෙනස්ම මතයකිනුයි ඈ ඉන්නේ. කලා ක්ෂේත්‍රය ඇතුළේ ගැහැනු ළමයකුට කටකතා හැදෙනවා වැඩියි. පබසරා නම් කියන්නේ කට කතාවක් හදාගන්න ආසයි කියලයි.මේ ක්ෂේත්‍රයේ කටකතා හැදෙන එක නවත්වන්න බැහැ. අනික බහුතරයක් කතා බොරු ඒවා. අන්න ඒ වගේ බොරු කටකතාවක් මට නම් තවම හැදුණේ නැහැ.පබසරා නාට්‍ය කරන්න ගිහින් හරි හරි අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවලු. දිනක් එක් නාට්‍යකදී ඇය පොල් ගෝනියක් ඔසවාගෙන යන දර්ශනයක් තිබුණලු. පබසරා ඒක ඔසවලා. ගෝනිය හරිම බරයිලු. බලපුවම ඇයව බයිට් කරන්න එතැන සිටි නාට්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙක් ගෝනියට කළුගල් දාලා.පබසාරා මේ සිදුවීම මතක් කළේ හසකැන් පාමින්. මිරිඟුදිය නාට්‍ය කරන්න ගිහිල්ලත් හත් වතාවක් දර්ශනයක් වෙනුවෙන් කන්දක් නගින්න වුණාලු. එක වතාවක් නෙවෙයි හත් වතාවක් කන්ද නැගලා අවසානයේ දනිස්වල බාම් ගා ගෙනයි ඇය ඊළඟ දර්ශනවලට පෙනී ඉඳලා තියෙන්නේ.පබසරා සාමානයෙන් නිහඬ චරිතයක් කියලා ඇය පවසනවා. ඒ වගේම නිසල ජලය ගැඹුරුයි කියන්නා වගේ ඇයට ඉක්මනින් කේන්ති යනවාලු. කේන්ති ගියාම පැත්තකට වෙලා අඬන එකලු ඇය කරන්නේ.පබසරාට උදවු කරපු අයව මෙහෙම නම් වශයෙන් මතක් කළාය. මානෙල් වානගුරු, අනුර ජයසේකර, ටිකිරි රත්නායක, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, නාලන් මෙන්ඩිස්. රංනයෙන් දිගු ගමනක් යාමට පෙරුමන් පුරන බව පබසරා අවසන් වශයෙන් පවසා සිටියාය.සටහන – ප්‍රසාද්සේයාරුව - ටෙනී
|
CREATIVE
|
දකින ටෙලි නාට්‍ය, නරඹන චිත්‍රපට, අසන, ඇහෙනගීත, සිත පිනවන කලාකරුවන් ගැන ඔබට දැනෙන දේ ලියන්න ප්‍රතිචාර පිටුවට.තැපැල් හෝ සටහන් පතකින් ඔබේ ප්‍රතිචාර එවනවා නම් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතව පවතී.ආදරේ අහස තරම් ටෙලි සිතුවමේ කූඹි කැලේ සංජීව නොහොත් පුබුදු ගමගේ නම් වූ ඔබ රසිකයන් වැළඳගෙන අවසානයි.පුබුදු, ඔබේ ගමන් මගේ ජය නියතයි.ප්‍රනාන්දු සිරිල් හේවගේ - දෙල්පෙ, කඩවර.සෑම ඉරිදා දිනකම රාත්‍රියේ ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන මියුරු පෙම් මදිරා, පැරැණි චිත්‍රපට ගීත වැඩසටහන ශ්‍රාවකයන් අමන්දානන්දයට පත් කරන්නකි.හිලරි සිරිලාල් ද අල්මේදා- මොරටුවැල්ල, මොරටුව.තරගයට පමණක් සීමා නොකළ ඔබ දිගින් දිගටම ජෝති ගීත ගයමින් ගජරාමයට මුදල් හම්බ කරන බව පෙනී යයි. ඒ මදිවට ඔබ ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත ගයන්නත් පටන්ගෙන. අනුන්ගේ ගීත තමන්ගේ ගීත වගේ ගැයීම මහා පාපයක්. ඒ සඳහා රුකුල් දෙන ගීත රචකයින්, සංගීත අධ්‍යක්ෂවරුන් ද මේ පාපයේ ගොදුරු බවට පත්ව සිටීම කනගාටුදායකය. අනුන්ගේ ගීත ගයන ගායක ගායිකාවන් ද ගමන් ගන්නේ මෙම බෝට්ටුවේමය. සුරේන්ද්‍ර සොයුර, ඔබ ලස්සන ගීත කිහිපයක් ගයා තිබෙනවා. දෙවියන් විසින් දුන් ලස්සන කට හඬින් ස්වතන්ත්‍ර ගී ගයමින් කලා ලොවේ පෙරටම යන්න.දූනගහ බටහිර අධිකාරීමුල්ලේ - ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දුසුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමාවත් පනස් හතර වැනි නිෂ්පාදනය දරුවනේ නමින් තව නොබෝ දිනකින් රිදී තිරය මත ජීවමානු වනු ඇත.බොහෝ දෙනෙකු ඔහුව හැඳිනගෙන තිබුණේ අවර ගණයේ චිත්‍රපට නිපදවන අයකු ලෙසය. දරුවනේතිරගතවීමත් සමඟ එකී මතවාද තුරන් වනු ඇත.දරුවනේ චිත්‍රපටය ළමා පරපුරේ පැතුම් සඵලවීමකි.චන්දන වන්නිආරච්චි - දෙහිඅත්තකණ්ඩිය.ඔහුව හුඟ දෙනෙකු හඳුන් වන්නේ සෝමදාස ලෙසය. ඒ කෝපි කඩේ ටෙලි නාට්‍යයේ කාලාන්තරයක් ඔහු රඟපෑ නිසාය. කැලණි පාලම තුළින් ඔහු වේදිකාවේ සිටියේ අපට කිසිදා අමතක නොවන චරිතයක් කරමිනි. පුංචි තිරයේ ඔහු කොපමණ චරිත කළත් ඒවා පරයමින් මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන අමා ටෙලි සිතුවමේ ජිනදාස ලෙස බොහොම අපූරු චරිතයක් කරයි.තිලක් කුමාර රත්නායක වන ඔහු ජිනදාස ලෙස රඟද්දී තිලක් කුමාර රත්නායක කෙනෙක් නොමැති තරම්ය. කුඩා මැටි ගුලියකින් වුව උසස් නිර්මාණයක් කරන්නට හැකි බව ඔහු ඔප්පු කොට තිබේ.වත්තල, හේකිත්තේ - ලක්ෂ්මන් රණසිංහ, අයිරාංගනී දයානි, තාරුකා, හිරුණිකා, සංජය, සසී, සඳරුවන්, සවිඳුඑදා සිංහල සිනමාව හැඳීන් වුයේ රිදී තිරය නමිනි. එදා රඟපෑ නළු නිළියන් අපට පෙනුණේ තාරකා මෙනි. එහෙත් අද රිදී තිරයත් නැත. සිනමාවේ තරුත් නැත.කපුගොඩ මාලිඳ - සරසවි නිවසේ සරත් රණසිංහදැයේ පිනට පහළ වුණ ලෙස්ටර් ජේම්ස් පිරිස් නම් අසහාය කලාකරුවාණෙනි, ඔබට දීර්ගායුෂ පතමි.කමල් ප්‍රියන්තගොඩගම – නක්කවත්තරසික සිත්වලට කාවදින ලෙස ගයන අමරසිරි පීරිස් තව තවත් හෙළ ගී කෙත අස්වද්දන්න.මනෝජ් වින්දනකොට්ටාව.සේපාලිකා ටෙලි නාට්‍යයේ මාධනී මල්වත්ත අපූරු චරිතයක් රඟයි. එය විශිෂ්ට බව ප්‍රකාශ කරන අතර තවත් විවිධ චරිත සාර්ථකව නිරූපණයට ඇයට ශක්තිය ධෛර්ය එකතු කරමි.සංජු - ගම්පහ.විජයග්‍රහණයකි, විජය – කුවේණි.උතුරේ රාහුල හිමි කොමාන්ඩෝ දියසේන වැනි අපූර්ව වේදිකා නාට්‍ය තුළින් නැවුම් අරුතක් රසික හදට ළං කළ සුගත් සමරකෝන්ගේ ප්‍රථම සිනමා නිර්මාණය විජය – කුවේණි සිංහල සිනමා වංශ කතාවේ විජයග්‍රහණයක් ලෙස රන් අකුරින් ලියවෙනු ඇත.හර්ෂනාථ බණ්ඩාරනිකවැරටිය.සිරස ලක්ෂපති වැඩසටහන මම හරි ආසාවෙන් නරඹනවා. ඒක හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්. ලොකු පොඩි හැමෝටම දිනුම ලබාගන්න පුළුවන්. එහි තරගකරුවන් දිනන මුදලින් කුමක් කරන්නේද යන්න පෙන්වනවා නම් තවත් හොඳයි.පාතිමා - වැලිගමසැකසුම – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
ටවර් හෝල් රංගන ශිල්පීස්ටැන්ලි මාස්ටර්ස්ටැන්ලි මාස්ටර් වෙනුවට ‘සරසවියට’ කතා කළේ ඔහුගේ දුව සෞම්‍යලතායි. තාත්තා මේ දවස්වල ඉන්නේ දුර්වල තත්ත්වයේ. ඒ තරමක් අසනීප නිසා.ඔහුගේ උපන් දිනයත් ළඟදීම එළැඹෙන නිසා අපි සියලුදෙනාම හිතාගෙන ඉන්නේ, අද දින උදෑසන 6.00 ට ආරම්භ කරන ස්වර්ණවාහිනියේ ‘ඒහි පස්සිකෝ’ බෞද්ධ වැඩසටහනේ බෞද්ධ ධර්ම දේශණය ඔහු වෙනුවෙන් ඔහුගේ නිරෝගී සුවපතා තියන්නටයි.
|
CREATIVE
|
අදින් ඇරැඹෙන මේ විශේෂාංගයේ සටහන් වනුයේ සිරස සුපිරි තරු සොයා යෑමේ පස්වන අදියර හෙවත් ‘ද නෙක්ස්ට් වොයිස්’ තරග බිමෙන් ඉවත්වන තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳ වතගොතයි. පළමුව මෙම තීරය වෙන් වනුයේ අරෝෂා නර්මදාටයි. ඇය අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරින් පසුගිය සෙනසුරාදා දින සැන්දෑවේ ඉවත් විය. මේ අරෝෂාව තවදුරටත් හඳුනාගන්න වෙලාවයි.* සම්පූර්ණ නම?ඒ. ආර්. අරෝෂා නර්මදා.* පදිංචිය?දංකොටුවේ ලිහිරියාගම.* පාසල?කිරිමැටියාන ශ්‍රීී ධර්මාරාම, සීදූව දවි සමර මහ විද්‍යාලය.* පාසල් යන කාලේ සංගිතය ඉගෙන ගත්තද?අපෝ නැහැ. මං ඩාන්සිං කළේ.* එතකොට සුපර් ස්ටාර්වලට ආවේ?මගේ අයියා මීට කලින් රියැලිටි තරගයකට ගියා. ඔහු ගයනවා දැකලා ආස හිතුණා. ඒ කැමැත්තට මමම අයැදුම්පතක් දැම්මා.* මෙච්චර දුර එන්න ලැබෙයි කියලා හිතුවද?කොහෙත්ම නැහැ.* ඉවත්වුණ වෙලාවේ මොකද හිතුණේ?ගොඩක් සතුටු හිතුණා.* ඒ මොකද?අවසන් 12 ට ආපු නිසා.* විනිසුරු අසුනේ සිටි තුන්දනාගෙන් කවුද ඔයාට වැඩිපුර සහයෝගය දුන්නේ?හේෂාන් සර් සහ ශිහාන් අයියා.* නිරෝෂා කැමැති නැද්ද ඔයාට?ඇයත් පුළුවන් විදිහට සහාය දුන්නා. ගොඩක් උදව් කළේ අර දෙන්නා.* ඔබ වැඩිපුර කිව්වේ පිරිමි ගායකයන් ගැයූ ගීත?මං ආසයි එහෙම ගීත ගයන්න. විශේෂයෙන් වෙස්ටන් ස්ටයිල් එක මට ගැළපෙනවා. අවසන් වතාවට මං වේදිකාවේ ගැයූ භාතිය සන්තුෂ්ලගේ සරා සිහින රහසේ ගීතයට ඉහළ ප්‍රතිචාරක් ලැබුණා.* දැන් නර්තනය අතඇරලද?උසස් පෙළ ලිව්ව ගමන් ගියේ සුපර් ස්ටාර්වලට. එදා ඉඳලා මේවෙනකම්ම මියුසික් තමයි ජීවිතේ.* ඉදිරි සංගීතමය කටයුතු මොනවාද?මේ වන විටත් ගීත දෙකක් නිර්මාණය කරමින් සිටිනාවා. ශිහාන් අයියා සහ රොෂාන් ප්‍රනාන්දු තමයි ඒවා හදන්නේ.* ඔබව කාට හරි සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම්?aroshanarmada@yahoo.com යන විද්‍යුත් ලිපිනයෙන් පුළුවන්.සටහන – ප්‍රසාද් සමරතුංග සේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මගේ වැඩ කටයුතු කරගෙන මම සුපුරුදු ලෙසට ඉන්නවා. සමහර විලාසිතා නිරූපණවලට මා යටතේ ඉන්න නිරූපණ ශිල්පිනියන්ව ඉදිරිපත් කරනවා. එවැනි කටයුත්තක් සඳහා මා සහභාගි වන්නේ ඉඳහිටයි.මේ අතර මගේ නිවසේ සුරතල් සතුන් ඇති කරන නිසා ඒ අය අසනීප වුණාට පස්සේ බෙහෙත් ගේන වැඩ කටයුතු කරන්නෙත් මමයි.ඉදිරියේදී ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නටත් ඉන්න නිසා තරමක් මම කාර්යබහුලයි.
|
CREATIVE
|
රංගන ශිල්පී මලින්ත විජේවර්ධනමේ සතියම මම කැම්පස් එකේ දේශන සමඟ කාර්යබහුල වෙලා ඉන්නේ. ෂූටින් යොදාගෙන නැහැ.මීට පෙර කෙටි චිත්‍රපටයකට දායක වුණා. ඒ හැර වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වුණා. දැන් නම් අධ්‍යාපන කටයුතු කෙරෙහි තමයි වැඩි අවධානයක් තියෙන්නේ.
|
CREATIVE
|
පසුගිය වසරේ මම අධ්‍යක්ෂණය කළ ඇතුවත් බෑ නැතුවත් බෑ සහ නෝනේ මගේ සුදු නෝනේ චිත්‍රපට දෙකේ ප්‍රදර්ශනය බලාපොරොත්තුවෙන් තමයි සිටින්නේ. නෝනේ මගේ සුදු නොනේ නිෂ්පාදනයත් මගේ. ඉදිරියේදී එහි ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙනවා.බුද්ධශාසන අමාත්‍යාංශය සමග එක්ව මම නිර්මාණය කළ අපූරු ගම ටෙලි වෘත්තාන්තයේ සංගීත සංයෝජන කටයුතු මේ දිනවල සිදුකෙරෙනවා. මම බොහෝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි දෙයක් තමයි සෝමවීර සේනානායකයන්ගේ පිටපතක් ඇසුරින් නිර්මාණයක් කිරීම.අපූරු ගම ටෙලි නාට්‍යයෙන් මට ඒ බලාපොරොත්තුවත් ඉටු වුණා. ඒ නිසා මේ දවස්වල මම ගොඩක් සතුටින් තමයි කාලය ගත කරන්නේ.
|
CREATIVE
|
ජන සංගීතගීත එකතුවක්මං ආයේ චිත්‍රපට කරන්නෙ නැහැ කොපි තිස්පහේ සීමාව තියනකම්.ආචාර්ය සෝමරත්න දිසානායක කලකිරීමෙන් අප ඇමතීය.දිගටම?ඔව්, හැබැයි තිස්පහේ සීමාව ඉවත් වුණ ගමන් ආයෙ නිර්මාණකරණයේ යෙදෙනවා.එතකම්?කලාකරුවකු ලෙස මට නිකම් ඉන්න බැහැනේ. ඒ හින්දා ටෙලි නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න හිතුවා. මේ වනවිට මා ගාව සිනමා තිරනාටක පහක් තියෙනවා. ඉන් දෙකක් ටෙලි නාට්‍යවලට උචිත අන්දමින් පරිවර්තනය කරමින් ඉන්නවා. බොහෝ විට දෙසැම්බරයේ ටෙලි නාට්‍යය ආරම්භ වේවි. සිරි පැරකුම් චිත්‍රපටයේ ප්‍රමුදිත උදය කුමාර විතරයි දැනට තෝරාගෙන ඉන්නෙ. ඉතුරු නළු නිළියන් කවුද කියලා ඉදිරියේදී කියන්නම්.මෙයට අමතරව සෝමෙ අයියා ලියපු ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදක්වනවා කියලා ආරංචියි?ඔව්, ඒක ජන සංගීත නාදරටා ඇතුළත් සම්භාව්‍ය ගීත එකතුවක් ආචාර්ය වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි, නීලා වික්‍රමසිංහ, දීපිකා පි‍්‍රයදර්ශනී, නිරෝෂා විරාජිනී, චරිතා පි‍්‍රයදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, හර්ෂණ දිසානායක, නෙලූ අධිකාරී එහි ගීත ගයලා තියෙනවා. ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, රෝහණ බැද්දගේ, එඩ්වඩ් ජයකොඩි, සුනිල් දයානන්ද කෝනාර, සමන් පනාපිටිය, සහන් රන්වල එහි සංගීත අධ්‍යක්‍ෂවරුන්.- ප්‍රසාද්
|
CREATIVE
|
පද්මසිරි කොඩිකාරගේ ‘කෝරලේ මහත්තයා’ ටෙලි නාට්‍යය මේ දවස්වල ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා ගත් ටෙලි නාට්‍යයක්. ඒ වගේම කෝරලේ මහත්තයා ගේ මැණිකේ විදියට රංගනයෙන් දායකවන ශි‍්‍රයාණි මහවත්තටත් ලැබෙන්නේ ඒ වගේම ඉහළ ප්‍රතිචාරයක්. ශි‍්‍රයාණි කෝරලේ මහත්තයා සමඟින් ඔබේ ආලින්දයට පැමිණියත් මේ දවස්වල වෙන කිසිම දෙයකට මූලිකත්වය දෙන්නේ නැහැ කියලා ආරංචි වුණා.තවත් මාසයක් විතර යනකල් නිර්මාණ කටයුතුවලටත් දායක වෙන්නේ නැහැ කියලයි අරංචි වුණේ. ශි‍්‍රයාණිට මොකද වුණේ? මේක අපට ප්‍රශ්නයක් වුණා. හොයලා බැලුවාමයි දැන ගත්තේ. ශි‍්‍රයාණිගෙ පුතා ළඟදීම ලංකාවට එනවාලු. රට ඉඳලා එන පුතා වෙනුවෙන් කෑම බීම හදන්නයි, පුතා වෙනුවෙන් කාලය වෙන් කරන්නයි ඕන නිසයි ඇය මේ දවස්වල කිසිම වැඩක් භාර නොගන්නේ.
|
CREATIVE
|
හෙළ නිළි රැජන මාලිනියට උපහාර පිණිස එතුමිය රඟපෑ චිත්‍රපට නාම එකතු කොට තැනූ රූප රචනා සහිත ගීයක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති චාම් උත්සවයකදී එළි දුටුවේය.අර්ජුන බාලසූරිය සහ විනෝජ් බාලසූරිය මේ සඳහා හඬ මුසුකොට තිබේ.රචනය ජනක් අම්බලන්ගොඩගෙනි. මෙය බොස්ටන් ලංකා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයකි.පහත සඳහන් වනුයේ එම ගීතයේ පදමාලාවයි.යෞවනයට ඔබ සොඳුරු යුවතියහද කුල්මත් කරනාවසන්තයට ඔබ මල් පොකුරක් වියනෙත් යුග මන බඳිනාදිලින්දෙකුට ඔබ සෙනෙහෙ ගඟක් වියසිතගත ඔප කරනාකලා ලොවට ඔබ අග රැජිනක්මයපොදු ජන සිත දිනනාඅම්මාවරුන්ගේ සුමනාවතියයිපුරන් අප්පුගේ බණ්ඩාර මැණිකෙයිනිර්මලාය ඔබ සිරි මැදුරේ විසූබික්කුණිය ඔබ උත්පලවණ්ණාගුරුතුමියයි ඔබ සුරංගනාවිගේබඹරු ඇවිත්හි හෙලන්ය ඒ දවසේමරු සිරාගෙ සිත සැනෙන් සසල කළරන් මැණිකේ ඔබ වේ මට පෙම් කළරිදී තිරයෙ නවකයින්දිරිය මව දුටුවෙ ඔබෙන්රිදී තිරයේ පැරැණ්නන්දිරිය දුව දුටුවෙ ඔබෙන්රිදී තිරයේ රසිකයින්දිරිය කත දුටුවෙ ඔබෙන්රිදී තිරයේ සැබෑ ගැහැනියඅග රැජින දුටුවෙ ඔබෙන්සුගත් සමරකෝන්ගේ විජය කුවේණි සිනමාපටය තිරගත වන්නට පටන් ගෙන දින හැත්තෑ පහක් සපිරෙයි. මේ වන විට එය අති සාර්ථක අන්දමින් රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වන බව එහි නිෂ්පාදක ගයාන් රණධීර පවසයි.මේ වන විට චිත්‍රපටයේ සමස්ථ ආදායම කෝටි එකොළහ ඉක්මවා තිබේ. ලක්ෂ නවයකට ආසන්න ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් විජය කුවේණි රසවිඳ ඇත.මුද්‍රා නාට්‍ය ශිල්පියකු මෙන්ම දක්ෂ නර්ථන ශිල්පියකු ද වන වසන්ත කුමාර අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට වයස අවුරුදු 93 ක් වූ ඒ මහතා අටදරු පියෙකි.මනමේ, බෙරහඬ, සිංහබාහු එතුමාණන්ගේ නර්තන අධ්‍යක්ෂණයෙන් ඔපවත් වූ නාට්‍ය කිහිපයක් වන අතර කුඹුරු පණත, හිරෝෂිමා වැනි නාට්‍ය ඔහුගේ නිෂ්පාදනයන් වේ.ඔහුගේ අවසන් කටයුතු ඉකුත්දා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.- ප්‍රසාද් සමරතුංගසේයාරූ - නිශ්ශංක විජේරත්න
|
CREATIVE
|
පුරා විද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කරද්දී 1979/80 කාලයේදී ඔහුගේ පෞද්ගලික සහකරුවා වුණේ මම. දවසක් දා එතුමා කිසියම් රාජකාරියක් සඳහා අනුරාධපුර පුරා විද්‍යා ස්ථාන බලා පිටත් වුණේ මාත් සමඟ. ඒ ගමනට රියැදුරෙක් යොදා ගැනුණේ නැහැ. කොමසාරිස් තුමාම වාහනේ පැදෙව්වා. ඔහු අසල අසුනෙ හිටියෙ මම.එක දිගට නොපෙනෙන තරම් දුරට හරි කෙළින් විහිදුණු දීර්ඝ මාර්ගය දිගේ වාහනය වේගයෙන් යද්දී මම කම්මැලිකමට ගීතයක් ඇසෙන නෑසෙන ගානට මිමිණුවා. තද වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබූ වාහනය තිරිංග තද වෙලා එක පාරටම පාර මැද නතර වුණා. මම කලබලයෙන් ඉදිරිපස බලලා පාරේ කිසිම අමුත්තෙක් නොදැක කොමසාරිස් තුමා දිහා බැලුවා. සද්ධාමංගල මහත්තයා හීන් හිනාවක් නඟාගෙන මා දිහා බලා ඉන්නවා. එහෙම මොහොතක් බලා ඉඳලා ඔළුව වනලා ඔහු නැවතත් රථය පණ ගැන්වූවා. ඔහුගේ ප්‍ර‍්‍රතිචාරය මම තේරුම් ගත්තේ එතකොට.මා ඒ වෙලේ හෙමිහිට මිමිණුවේ කාන්ති වක්වැල්ල ගැයූ පැරැණි ජනප්‍රිය ගීතයක්. ‘සෝබන චන්ද්‍රා නැඟ එනවා - චන්ද්‍රාවෝ ඔබ සිහි වෙනවා’ ඒ ගීතයේ රචකයා වුණෙත් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්නයන්. ඒත් කිසිවකු ඒ බවක් දැනගෙන හිටියේ නැහැ. චන්ද්‍රා කිව්වේ එතුමාගේ බිරිඳ.‘මේ යකා නොදන්න දෙයක් නැහැනෙ’ කියන්නා වගේ හැඟීමක් ඒ වෙලේ එතුමාගේ මුහුණේ ඇඳිලා තිබුණා.- එඩ්වඩ් චන්ද්‍රසිරිමේරියන්ස් එක්සෝටිකා අන්ප්ලග් 2 වන අදියර ප්‍රසංගය සැප්තැම්බර් පළමු ඉරිදා සිට මහරගම තරුණ සේවා රඟහලේදී පැවැත්වේ. නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් කණ්ඩායමේ සංගීත දිවියේ නවමු අත්දැකීම් රැසක් එහිදී ඉදිරිපත් කෙරෙනු ඇත.සෙනසුරාදා දහවල් එකේ සිට සිංහ ගුවන් විදුලියේ ප්‍රචාරය වන සිනෙරූ ගී වැඩ සටහනෙහි මෙවර කතාබහ කෙරෙනුයේ ඒ. එස්. ඒ. සාමි අධ්‍යක්ෂණය කළ ඩිංගිරි මැණිකා චිත්‍රපටයයි. පියදාස සිරිසේන සූරීන්ගේ නවකතාවක් ඇසුරෙන් තැනුණ මෙය මෙරට නිර්මාණය වූ පළමු රහස් පරීක්ෂක චිත්‍රපටයයි.1956 වර්ෂයේ තිරගත වූ ඩිංගිරි මැණිකා එස්. ද එස්. සෝමරත්නගේ නිෂ්පාදනයකි.තේජා සෙනෙවිරත්න, විමලා වැනීෂියා, සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර, සීතා නානායක්කාර, ජෝශප් සෙනෙවිරත්න, අයි. බී. කරුණාතිලක, මල්ලිකා සමරදිවාකර ඇතුළු පිරිස රංගනයෙන් හැඩ ගන්වන ලදී.මෙහි දෙබස් සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර සහ එස්. පියසේනගෙනි.- ප්‍රසාද්සිනමා මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් ප්‍රවීණ ගායන ශිල්පී හරූන් ලන්ත්‍රා වෙනුවෙන් පවැත්වෙන ‘හංසරාණි – ලන්ත්‍රා ගී මාත්‍රා’ උපහාර ගී ප්‍රසංගය ලබන සැප්තැම්බර් 02 වැනිදා මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයා පණ්ඩිත් අමරදේවයන්ය.මර්වින් ප්‍රියන්ත විසින් සංගීතවත් කරන මෙම ප්‍රසංගයේදී හරූන් ලන්ත්‍රාගේ ජනප්‍රිය ගීත ගායන ශිල්පීන් විසින් ගායනා කෙරේ. ආරාධිත දෙසුම විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සිදු කිරීමට නියමිත අතර කථනය කැලුම් ශ්‍රීමාල් විසිනි.ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නවකතා රචක අර්නස්ට් වඩුගේ විසින් මීට විසි වසරකට පෙර යොවුන් පුවත්පතකට රචනා කළ ‘පිනි කදුළු’ නවකතාව කෘතියක් ලෙස සැප්තැම්බර් 03 වැනිදා මහරගම පිහිටි නිිවසේදී දොරට වඩියි. ජයා නම් තරුණියගේ ජීවිතය වටා ගෙතුන මනෝ විද්‍යාත්මක නවකතාවක් වන මෙය ඔහුගේ නවකතා අතර එළිදකින 20 වැනි නවකතාවයි. මීට පෙර ඔහු විසින් හදවත රත්තරන් ජෝති, මගෙ මැණික, සංකලනී වැනි කෘති රැසක් රචනා කර තිබේ.- යතේජා
|
CREATIVE
|
දිවංගත විජය කුමාරණතුංගයන්ගේ 26 වැනි ගුණානුස්මරණ සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව පැවැත් වූ කෙටි නාට්‍ය තරගාවලියේ අවසන් වටය පෙබරවාරි 03 වැනිදා බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශි හිදී පැවැත්වීමට නියමිතය.සුජීව කුමාර සෙනෙවිරත්න ගේ ‘අනුගාමික’, තරුෂි දිව්‍යාංජලී පෙරේරා ගේ ‘විරිය දහිරිය’, චානක දර්ශන පුනාන්දු ගේ ‘එකම කුඩය යට’, සංජීව උපුල් පතිරගේ ගේ ‘මට තනියම පුළුවන්’, කෞෂල්‍යාද සිල්වා ගේ ‘මල් පිපුණු තල් අරණ’ සහ රන්දික විමලසූරිය ගේ ‘ලණුව‘ යන කෙටි නාට්‍ය අවසන් වටය සඳහා තේරී පත්ව ඇත. ජාතික මහජන සහෘද සංසදයේ නාට්‍ය කමිටුව විසින් මෙය සංවිධානය කරන ලදී.යතේජා
|
CREATIVE
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.‘කිලින්ග් දෙම් සොෆ්ට්ලි’ හොලිවුඩ් චිත්‍රපටය ඇන්ඩෘ ඩොමිනික්ගේ අධ්‍යක්ෂණයකි. අපරාධයක් පිළිබඳ කතා පුවතක් රැගත් කිලින්ග් දෙම් සොෆ්ට්ලි හි බ්‍රැඩ් පීට්, ස්කොට් මැක්නයිරි, බෙන් මෙන් ඩෙල්සන්, රිචඩ් ජෙන්කින්ස්, ජේමිස් ගැන්ඩොල්ෆිනි, ලියොටා සහ සැමී ෂෙපර්ඩ් චරිත නිරූපණය කරති. මෙය ජෝර්ස් හිගින්ස්ගේ ‘කේෂන්ස් ට්‍රේඩ් කෘතිය ඇසුරින් නිර්මාණය කර තිබේ.‘ස්මයිලි’ සාහසික අබිරහස් මරණයක් පිළිබඳ කතා පුවතක් ඇතුළත් චිත්‍රපටයකි. මයිකල් ගාල්හර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම මනෝ විද්‍යාත්මක චිත්‍රපටයේ කැත්ලින් ජෙරාඩ්, මෙලනි පපාලියා, ෂේන් ඩෝසන්, ඇන්ඩ්‍රෘ ජේම්ස්, ලීසා වෙයිල්, රොජර් බර්ට් සහ කිත් ඩේවිඩ් චරිත නිරූපණය කරති.‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ කරන් ජොහාර්ගේ නවතම නිර්මාණයයි. ආදරය හාස්‍ය සපිරි මෙම චිත්‍රපටයේ නවක බොලිවුඩ් රංගන තරු ත්‍රිත්වයක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා බට් සමඟ වරුන් ධවන් ප්‍රධාන චරිත නිරූපණය කරති. රිෂි කපූර්, රොනිිට් රෝයි, රාම් කපූර්, ෆරිඩා ජලාල්, සුෂ්මා සෙන් ද සෙසු චරිත සඳහා පණ පොවති.ඩේවිඩ් කෝප් විසින් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රිමියම් රෂ්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. බයිසිකල් පණිවිඩකරුවකු වටා ගෙතුණ මෙම චිත්‍රපටයේ ජෝෂප් ගෝඩ්න්, මයිකල් ෂැනෝන්, ආරෝන් ට්විට්, ඩාහියා රමීර්ස් ප්‍රදාන චරිත නිරූපණය කරති.‘ද කැම්පේන්’ හොලිවුඩ් හාස්‍යමය චිත්‍රපටයකි. එකිනෙකා පිළිබඳ අමනාපයෙන් පසුවන එකම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වටා ගෙතුන කතා පුවතක් මෙහි ඇතුළත්වේ. ජේ. රොච්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි විල් ෆෙරල්, සෑම් ගලිෆිනකිස්, ජේසන් සුඩිකිස්, කැතරින් ලානසා, ඩිලන් මැක්ෙඩ්‍රිමොට්, ජෝන් ලිත්ග්‍රෝ, ඩැන් ආකොයිඩ් සහ බ්‍රයන් කොක්ස් ප්‍රධාන චරිත නිරූපණය කරති.‘ටෝටල් රිකෝල්’ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයකි. 1990 වසරේදී තිරගත වූ ‘ටෝටල් රිකෝල්’ හි නැවත නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කළ මෙය ලෙන් වයිස්මන්ගේ අධ්‍යක්ෂණයකි. කොලින් ෆැරෙල්, කේට් බෙකින් සෙල්, ජෙසිකා බියෙල්, බ්‍රයන් ක්‍රැන්ස්ටන්, ජෝන් වෝ සහ බිල් නයිගි රංගන දායකත්වය ලබා දෙති.2003 වසරේදී තිරගත වූ ‘භුත්’ චිත්‍රපටයේ තවත් කොටසක් ලෙස ‘භූත් රිටර්න්ස්’ නිර්මාණය කර ඇත. ත්‍රාසය, භීතිය රැගත් මෙම චිත්‍රපටය රාම් ගෝපාල් වර්මාගේ අධ්‍යක්ෂණයකි. දිගු කලක් සිනමාවෙන් ඉවත්ව සිටි මනීෂා කොයිරාල භූත් රිටර්න්ස් සමඟ නැවත ක්ෂේත්‍රයට පිවිසි අතර මනීෂා සමග ජේ. ඩී. චක්‍රවර්ති, මධු ෂලිනි, අල්යානා ෂර්මා මෙහි රංගනයෙන් දායක වෙති.නිඛිල් අද්වානි විසින් අධ්‍යක්ෂණය කළ ‘දිල්ලි සෆාරි’ ත්‍රිමාණ සජීවිකරණ පවුලේ චිත්‍රපටයක්. මූම්බායි නගරයේ සිට දිල්ලි නගරය දක්වා ගමනක යෙදෙන සතුන් පිරිසක් වටා ගෙතුණ අපූරු කතා පුවතක් මෙහි ඇතුළත් වේ. ආක්ෂේ ඛන්නා, ගෝවින්දා, සුනිල් ෂෙට්ටි, බෝමන් ඉරානි සහ උර්මිලා මාටොන්ඩිකා විසින් මේ සඳහා හඬ දායකත්වය ලබා දෙති.යතේජා ඥානරත්න
|
CREATIVE
|
අචලාගේ හදගැස්ම එන්න එන්නම වේගවත් වන්නට පටන් ගත්තාය. රෝස කිනිති මෙන් සියුමැලි ඇගේ දෙඅතේ ඇඟිලි තුඩු එකිනෙක පැටලෙන්නට විය. මේ ගෙවෙන්නේ අචලාගේ ජීවිතයේ තීරණාත්මක මොහොතකි. ඇය නිරුත්තරව මොහොතක් බලා උන්නාය.මොකද කරන්නේ?ඇය තමාටම කියා ගත්තීය. මේ වන විට මුළු සිරිලකම තමා දෙස නෙත් පිය නොසලා බලා සිටින වග ද ඇයට දැන් අමතකය.ඔන්න ඔහෙ කමක් නැහැ මං අර උත්තරය කියලා දානවා.කොළඹ කොටුවේ සිට වැඩිම දුරක් ඇති දුම්රිය ස්ථානය වනුයේ ගාල්ල, මහනුවර, කුරුණෑගල සහ පුත්තලම යන ස්ථාන අතරින් කවරකටද? ඇය නුවර යයි පිළිතුරු දුන්නාය.සිරස ස්ටයින් මැදිරියේ දෝංකාර දුන් ඔල්වරසන් හඬ එකවරම නැවතිණි. සියල්ලෝ බලා උන්නේ බලාපොරොත්තු පිරුණු දෑසිනි.චන්දන සූරිය බණ්ඩාර සිය සුපුරුදු වාග් විලාසයෙන් අචලා ඇතුළු සමස්ත ප්‍රේක්ෂක ජනතාවගේ කුතුහලය තව තවත් තීව්‍ර කරන ලද්දේ හද ගැස්ම දෙගුණ තෙගුණ කරමිනි.අහෝ ශෝකාන්තයකි.අචලා ලබා දී තිබුණේ වැරැදි පිළිතුරකි. කොළඹ – පුත්තලම වෙනුවට ඈ ලබා දුන්නේ මහනුවර යන්නයි. ඇය මහත්සේ කම්පනයට පත් විණ. මන්දයත් අචලා ඒ වන විටත් තරගයෙන් ලක්ෂ පහක් දිනා සිටි බැවිනි. මේ වැරැදි පිළිතුර නිසා ඇයගේ ඒ මුදල ලක්ෂ එකහාමාර දක්වා අඩු වන බව තරග කොන්දේසි දන්නා ඇයට පසක් විය.නොලැබිච්ච දේ ගැන හිතන්නේ නැහැ. මං ලැබුණු දෙයින් සතුටු වෙනවා.අවසන අචලා සිරස නාලිකාවට තුති පුදන්නට ද අමතක නොකළාය. ඇය එදින සිරස ස්ටයින් මැදිරියෙන් නික්ම ගියේ මිටින් මුදාහල කිරිල්ලියක විලසිනි.අචලා ගයානි වීරසිංහ.මේ ඒ කුතුහලය පිරුණ කතාවේ කතා නායිකාවගේ සම්පූර්ණ නමය. දෙකටන පරංගොඩ ග්‍රාමයේ උපන් අචලා සැබෑවටම දිරිය දියණියකි. නිවෙසේ වැඩ කටයුතුවල යෙදෙමින් උන් එක් මොහොතක සිරස ලක්ෂපති වැඩසටහන නරඹන ඇය එමඟින් සිය දැනුම් පොතට කරුණු කාරණා එකතු කර ගත්තේ දැඩි උන්නදුවෙනි.මාත් කවදා හරි මේකට යන්න ඕනේ.උණුසුම මෙන්ම රසවත් තරග කිහිපයක් නැරැඹූ ඇයට සිතිණි. තරගය ජයග්‍රහණය කිරීම දැනුමෙන් මෙන්ම මුදලින් ද ජීවිතය සරසන බව ඈ දැනඋන්නාය.දෙකටන පත්මාවතී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අචලා කුඩා කළ සිටම ක්‍රීඩිකාවක ලෙස ප්‍රදේශය පුරාවටම ප්‍රසිද්ධව උන්නාය. කුඩා කළ සිටම වටපිටාව ගැන දැනුම සොයන්නට වෙහසුණු අපේ කතා නායිකාව අධ්‍යාපන කටයුතු අහවර කොට ගොඩ වැදුණේ ඇඟළුම කම්හලකටය. දිනෙන් දින ආර්ථීක අපහසුතා ඉදිරි දොරින් ගෙට වැදුණ ද ඈ අම්මා සහ තාත්තා සමඟ එක්ව ඒවාට මුහුණ දුන්නේ දිරිය සිතිනි.ලක්ෂපති තරගාවලියෙන් යම් මුදලක් ලදහොත් මුලින්ම නිවෙසට වතුර මෝටරයක් මිලට ගැනීමේ සිතිවිල්ල ඇගේ හිත තුළ කා වැදුණේ තමාගේ මවුපියන් වතුර අදිමින් කළ සටන නිමා කරලීමේ අවිහිංසක චේතනාවකිනි. ඒ තරමටම අවිහිංසක පුංචි චේතනාවලින් පිරුණු ඒ පිරිසුදු සිත ඉතාමත් ශක්තිමක් මහා බලාපොරොත්තු පිරුණු එකක් විය.ඈ පඩි පෙළ නැඟීම ඇරැඹුවේ මීට සති තුනකට පෙරය. ක්‍රමයෙන් ඈ ලක්ෂපති පඩි පෙළ නැඟීම ඇරැඹුවාය. මවුපියන්ගේ ආශිර්වාදයෙන් අචලා සිරස ස්ටයින් මැදිරිය බලා පිටත් වූවාය. දෙකටන සිට රත්මලානට එතරම් දුර නොවුණ ද බලාපොරොත්තු ගව් ගණනාවක් දිගුව තිබුණා.පළමු වටයේ තරගයට සාර්ථකව මුහුණ දුන් ඇගේ හිත තුළ බලාපොරොත්තුවේ එළි විහිදමින් තිබුණි. තමාගේ කුඩා නිවස අලංකාර කර ගැනීමේ චේතනාවෙන් අම්මා තාත්තාට උපරිමයෙන් සැලකීමේ පවිත්‍ර චේතනාවන් පෙරදැරි කොට ගනිමින් අචලා නොනැවතී ඉදිරියටම ගියාය.‘මගේ ජීවිතේට තිබුණෙ පුංචි පුංචි බලාපොරොත්තු ටිකක්.’ඈ තවමත් පිළිතුරු දෙන්නේ දිරිය විරිය නොපහව ගිය හිතිනි. ක්‍රමානුකූලව ඉහළට ගිය අපේ කතාවේ නායිකාව ලක්ෂ පහේ පැනය ජය ගත්තේ තම විද්‍යාලයේ එරංග පනාපිටිය ගුරුතුමාගේ උපකාරයෙනි.දැන් ලක්ෂ පහේ ජයග්‍රහණය තම දෑතේය. ඊළඟට යා යුත්තේ ලක්ෂ දහය වෙතටය.තත්පරයෙන් තත්පරය ලියලන ඉගිල්ලෙන්නට වෙර දරන බලාපොරොත්තු.දරිද්‍රතාවයේ වැට අද්දර පිපුණ නැවුම් සිනහ මල්.ජීවිතය ජය ගන්නට වෙර දරන දිරිය දියණියකගේ හද ගැස්ම ක්‍රමයෙන් ලියලමින් තිබුණි. ලක්ෂ දහයේ පැනයට ඇයට පිළිතුරු ලබාදීමට සිදු වුණේ සජීවීව නරඹමින් ඉන්නා මොහොතකය. නමුදු බලාපොරොත්තුව ගිලිහී ගියේ සියලු දෙනාගේ දෑසට කඳුළු උනවමිනි.ඒ අවස්ථාව ඒ තරමටම සංවේදීය.ජයග්‍රාහි දියණියකගේ ලක්ෂපති චාරිකාව එතනින් නිමා වූයේ අචලා ලක්ෂ එකහාමරක හිමිකාරිණිය කරමිනි. වාසනාව හා උත්සාහය එක් කොට ගනිමින් අචලා පැමිණි මඟ ඉතාමත් සුන්දරය. ශක්තිමත්ය.අදත් කොළඹ සිට පුත්තලමට දුම්රිය පිටත් වූයේය. නමුදු ඒ දුම්රිය ගමන තරමටම අචලාගේ ගමන සුන්දර ද නැත. අසුන්දර ද නැත.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ – අමිත් එස්. සේනාරත්න
|
CREATIVE
|
රංගන ශිල්පී, මාධ්‍යවේදී අරවින්ද ඉරුගල් බණ්ඩාරමේ දවස්වල නම් මට රංගන කටයුතු යෙදිලා නැහැ. ඉදිරියේ දී මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. පසුගිය කාලයේ මම ටිකක් අසනීප වුණා. ඒ නිසා මේ දවස් මම ගොඩක් විවේකීව ගත කරන්නේ. ඒ වගේම ඉදිරි සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදාට පවුලේ හැමෝම එක්ක ආගමික කටයුතුවල නිරතවෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.
|
CREATIVE
|
මම මේ දවස් බොහොම විවේකයෙන් ඒ වගේම ගොඩක් සතුටින් ගත කරන්නේ. වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වුණා. මේ දවස් මගේ අලුත් ගේ හදන කටයුතු හොයල බලන්න තමයි වෙන් කරලා තියෙන්නේ. විදෙස් ගතව සිට පැමිණි පසු මම පසුගිය කාලයේ එක දිගට නිර්මාණ කිහිපයකටම දායක වුණා.මහරජ අජාසත්, නෝනේ මගේ සුදු නෝනේ, දොස්තර නවරියන් චිත්‍රපට සහ බඹර යාගය සහ නූරි ටෙලි නාට්‍ය දෙකටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව තව අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබුණා.
|
CREATIVE
|
මම මේ දවස්වල මගේ ෂොප් එකේ වැඩ කටයුතු සමඟ තමයි කාලය ගත කරන්නේ. මේ දවස්වල අලුත්ම සාරි නිර්මාණ කටයුතු කරමින් සිටිනවා. ළඟදී නම් රංගන කටයුතු සඳහා දායක වුණේ නැහැ. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවා.
|
CREATIVE
|
ජනපි‍්‍රය ගායක රනිල් මල්ලවාරච්චි දැන් අපේ සංගීත වේදිකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඔහු දැන් ජීවත් වෙන්නේ විදෙස් රටක නිසයි. රනිල් මීට වසර කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඒ තම දරුවන් ගේ අනාගත සුබ සිද්ධිය උදෙසා.මේ කියන්න යන්නේ රනිල්ගේ දයාබර පුතු පවන් මල්ලවාරච්චි පිළිබඳ පුංචි කතාවක්. පවන් මේ දිනවල ඕස්ට්‍රේලියාවෙදි ගුවන් නියමුවෙක් වෙන්න පුහුණු වෙමින් සිටින්නේ.එහි විශේෂත්වය වන්නේ ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ගුවන් නියමුවෙක් විදියට පුහුණුව ලබන ළාබාලම ගුවන් නියමුවා වන්නේ පවන් නිසා. මේ නිසා තම පුතු ගැන රනිල්ට ඇත්තේ ආඩම්බරයක්. නමුත් පවන්ගේ සීයා මිල්ටන් මල්ලවාරච්චි හිටියා නම් ඊටත් වඩා සතුටු වෙයි.තමන්ගේ මුනුපුරාගේ එඩිතරකම ගැන හිතලා. මොකද මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ සිය ජීවිත කාලයෙදි සංගීත ප්‍රසංගයකටවත් විදේස් රටකට නොගිය ගායකයෙක් නිසා. මොන තරම් ආරාධනා ලැබුණත් ඔහු ඒ හැම ආරාධනාවක්ම ප්‍රතික්ෂේප කළා ගුවනින් යන්න තිබුණු බය නිසා. ඒ ගැන අහන හැමෝටම මිල්ටන් කිව්වේ ‘කවුද දන්නේ යන ගමන් කොයි වෙලාවේ කඩා වැටෙයිද කියලා’ කියලයි.
|
CREATIVE
|
මගේ පුතාගේ පුංචි දියණිය වෙනුවෙන් කළ ‘තිනුලි’ සංගීත තැටිය පසුගිය දවස්වල නිකුත් කළා. ඒ විශේෂ වැඩකටයුත්ත ගැන සතුටින් ඉන්න අතරේ ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒ සමඟම මගේ ගම් ප්‍රදේශයේ සමාජ සුභසාධක කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කරනවා.
|
CREATIVE
|
ඡන්ද කාලයේදී අසත්‍ය කථා ඕනෑ තරම් පැතිරෙන සමයකි. එහෙත් ඒ කිසිදු කට කථාවක් මෙතරම් සාහසික නොවිය යුතුය. දික්කසාද පුවතකට අලුතින්ම ලක් වූ යුවළ අයිශ්වර්යා සහ අභිෂේක්ය. එහෙත් අභිෂේක් මෙන්ම ඈෂ්ගේ මාමණ්ඩිය, මෙගා තරුව අමිතාබ් බච්චන් ද එය ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.ජයා බච්චන් නැන්දණිය සහ අයිශ්වර්යා ලේළි අතර ඇති ගැටුම දික්කසාදය දක්වා දුරදිග යැවීමට කටකතාකරුවෝ පෙලඹී සිටිති.කවුරුන් කෙසේ කුමක් කීව ද ඈෂ්ට කම් නැත. ඇය මේ දිනවල හැට හත් වැනි කෑන්ස් සිනමා උළෙල බබළවන්නීය. මෙවර කෑන්ස් උළෙලේදී ඇය ස්ලම්ඩෝග් මිලියනර් තාරකාව ෆී‍්‍රඩා පින්ටො සහ රුසියානු නිරූපිකා නතාෂා පෝලියන් හමුවන්නේ ප්‍රථම වරටය. මේ අතර සංජේ ගුප්තා පවසන්නේ ඈෂ් සිය ‘ජාස්බා’ සිනමාපටයේ ප්‍රධාන තාරකාව බවයි. එය ක්‍රියාදාම සිනමාපටයකි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
වේදිකාවේ එළි දුටු රට විරුවන්ගේ විත්තිවිදෙස් රැකියාවල නියුතු අපේ රටේ සොයුරු සොයුරියන්ගේ ගායන හැකියා දැක්වීම වෙනුවෙන් මේ වන විට ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහි තෙවැනි වැඩසටහන පසුගියදා කුවේට්හිදී පැවැත්වුණා.රූපවාහිනි වැඩසටහන් අතර අද වන විට රියැලිටි වැඩසහන් ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන තියෙනවා.ලොකු පොඩි කාගෙත් ගායන, රංගන කුසලතා උරගා බැලෙන මෙම වැඩසටහන් විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් ද ක්‍රියාත්මකයි.ඒ අතර විදෙස් රැකියාවල නියුතු අපේ රටේ සොයුරු සොයුරියන්ගේ ගායන හැකියා දැක්වීම වෙනුවෙන් මේ වන විට ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහි තෙවැනි වැඩසටහන පසුගියදා කුවේට්හිදී පැවැත්වුණා.එහිදී ප්‍රථමයෙන් සිය ගායන හැකියාවන් දක්වන්න වේදිකාවට පිවිසියේ වසන්ත කුමාර. පාසල් කාලයේ සංගීතය හදාරා ලද අත්දැකීම් ඔහු රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව තෙක් කැඳවාගෙන විත් ඇත.ලක්මාලි සමරකෝන් සමඟ විවාහ දිවියට පිවිසි ඔහු දියණියකගේ පියෙකි. වසන්ත කුමාර විදේශ සේවාවට ගොස් ඇත්තේ 2006 වසරේදීය.ඩබ්ලිව්. ජී. ශානිකා ඉරේෂා ඊවන්ති දෙවනුව රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කළාය. පාසල් අධ්‍යාපනය හදාරන කාලයේදී සහ පවුලේ ආභාසය තුළින් කුඩා වියේ සිටම ඇය කලා කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දී ඇත.විශේෂයෙන් ගායන සහ නර්තනයට දැඩි ඇල්මක් දක්වන ශානිකා විදෙස් සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2006 වසරේදීය.විනීතා සමරරත්න රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කළ මීළඟ තාරකාව වූවාය. මවුපිය ආභාසයෙන් සහ පාසල් අධ්‍යාපනයෙන් ගායන අංශයට යොමු වූ ඇය දහම් පාසල් ගායනා තරගවලදී ජයග්‍රහණ ලබා ගැනීමට ද සමත් වී ඇත.නර්තන අංශයට ද උනන්දුවක් දක්වන විනීතා විදෙස් සේවයට එක් වී මේ වන විට වසර 13 කි.රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාවට මීළඟට එක් වූයේ ඩබ්ලිව්. ඩැනි ප්‍රනාන්දු. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු තබ්ලා වාදනනයට ද දස්කම් දක්වන්නේය.දරුවන් තිදෙනෙකුගේ පියකු වන ඩැනි ප්‍රනාන්දු විදෙස් සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ 1994 වසරේදීය.යමුනා පද්මිණී වික්‍රමනායක රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කළ තවත් තාරකාවක්. සහජයෙන් ලද ගායන හැකියාව නිසාම ඇය පාසල් කාලයේද විෂයක් ලෙස සංගිතය හදාරා ඇත.සංගීත ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් දක්වන යමුනා පද්මිණී විදෙස් සේවයට එක් වී ඇත්තේ 2002 වර්ෂයේදීය.විවේක් ධනංජය ද සිල්වා කුවේට්හිදී රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව විචිත්‍රවත් කරන්න එක් වූ තරුවක්. කුඩා කල සිට සහජයෙන් ඔහුට උරුම වූ කලා හැකියාවෙන් ඔහු යොමුවුණේ නර්තන අංශයට.කලා ක්ෂේත්‍රයෙන් බැහැර රැකියාවක නිරත වුණත් රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ඔහුට සිය දස්කම් දක්වන්න අවස්ථාව උදා කර දී තිබේ.යතේජා
|
CREATIVE
|
සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කරන මහා බ්‍රහ්ම සිනමාපටයෙහි රූගත කිරීම් පසුගියදා අවසන් විය. ඓතිහාසික කතා පුවතක් ඔස්සේ නිර්මාණය වන මහා බ්‍රහ්ම හි විමල් කුමාර ද කොස්තා, ක්ලීටස් මෙන්ඩිස්, අනූෂා දමයන්ති, ජයරත්න ගලගෙදර, සංජු රොඩ්‍රිගෝ, ශාන් කරන්නාගොඩ, නිපුන් ලංකා, සංජුල දිවාරත්න, ශ්‍යාමලී වරුසවිතාන, ෂර්ලි ජයසිංහ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයේ යෙදෙති.ශාන් කරන්නාගොඩ කතාව, දෙබස්, තිර රචනයෙන් දායක වූ මෙහි නිෂ්පාදනයට ශාන් සමඟ ප්‍රදීප් චමින්ද එක්ව ඇත.මහා බ්‍රහ්ම සිනමාපටය සුමිත්ගේ දෙවැනි අධ්‍යක්ෂණය වන අතර සක්විති දඩයම ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.- ප්‍රසාද්
|
CREATIVE
|
නිවේදිකා, නිෂ්පාදිකාරත්නා සමරසිංහමගේ මේ දවස්වල ලොකුම රාජකාරිය වී තිබෙන්නේ දියණිය ගේ අවුරුදු හතරහමාරක් වයසැති පුතුවන සවේන් බලාගැනීමයි.ඔහුගේ සුරතල් මැද ගෙවන ජීවිතයත් සමඟ නිවේදන කටයුතුවලටත් මා සහභාගි වෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය සංගමයේ ලෙකම් නිසා එහි කටයුතුවලත් නිරත වෙන්නට මා අමතක කරන්නේ නෑ.
|
CREATIVE
|
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතාට තරුණ අවධියේ චිතුපට බැලීමේ පුදුම ආශාවක් තිබුණාලු. එතුමාට නොමිලේ චිත්‍රපට බලන්න වගේම රඟපාන්නත් තියෙනවානම් කියන සිතිවිල්ල ඒ කාලයේ තදින්ම දැණුනාලු. ඉන් ටික කලකට පසු ආරියදාස මහතා මාධ්‍යවේදියකු වූ පසු නොමිලේ චිත්‍රපට බලන්නට අවසර පත්‍රයක් ලැබුණ නිසා ඒ ආශාව නම් ඉටු වුණා.හැබැයි දෙවැනි ආශාව නම් නොකියා හිතේ සිරකරගෙන හිටියා. දැන් ඒ ආශාවත් ඉටුවෙලා. ඒ මෙරට රූගත කරන ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේ අසිත තාපසයාගේ චරිතයට එතුමන් තෝරා ගැනීම නිසා.මේ සියලු කටයුතු මෙහෙම සිදුවෙද්දි පසුගිය දවසක ආරිදාස මහතා ඇතුළු පිරිසක් අනුරාධපුරය පැත්තේ වැඩමුළුවකට ගොස් එන අතර මගදි ගිමන් නිවා ගැනීමට පුංචි පහේ අවන්හලක් ළඟ නතර වුණා. තේ පානය කරන අතර තුරදි ඒ අසල සිටි කාන්තාවක් මෙතුමන්ව හඳුනාගෙන ආගිය තොරතුරු විමසන්නට වුණා. ටික වෙලාවකින් එතැනට ළඟා වුණේ පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක්. එම පාසල් සිසුන් සමඟ පැමිණි ගුරු භවතුන් ආරියදාස මහතා සමඟ කතාවට වැටුණා. ළමුන්ගෙන් ආරියදාස මහතා විමසුවේ ‘මාව හඳුනනවාද’ යනුවෙන්. ළමයින් ගත් කටටම කීවේ.ඔව්, යනුවෙන්.‘ඒ කොහොමද?’ ආරියදාස මහතා නැවත විමසුවා. එතැන සිටි කටකාර එක් ළමයකු ‘ඇයි ටෙලි නාට්‍යවල ඉන්නේ’ කියා පැවසුවා.ඒ ප්‍රකාශයට පසු නිහඬ වූ ආරිදාස මහතා ගමන නිමා වෙනතුරු කතා කළේ නැතිලු.ලබන මස තුන්වැනි දිනට වයස අවුරුදු 90 සමරණ ආරියදාස මහතා ගේ රංගන සිහිනය සැබෑ වෙන්නේ අනූවන වියේදී. එතුමන් පාසල් යන කාලයේ මහාචාර්ය සිරිමල් රණවැල්ල සමඟ වේදිකා නාට්‍යවල රැඟුවත් චිත්‍රපටයක රඟපාන ප්‍රථම අවස්ථාව මෙයයි.කෙසේ වෙතත් මෙරට සිටින විශිෂ්ට පඬිරුවනක් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතාට දීර්ඝායුෂ පතන්න සරසවිය අමතක කරන්නේ නැහැ.සංජීවඡායා - මාලන්
|
CREATIVE
|
රංගන ශිල්පිනී මනීෂා ශ්‍යාමලීමගේ කාලය වැඩිපුරම වෙන් කරලා තියෙන්නේ සමාජ සේවා කටයුතු වෙනුවෙන්. ඒ කටයුතු පිළිිවෙළකට කරන්න ඕන නිසා මම පදනමක් නිර්මාණය කළා. ඒ මනීෂා ශ්‍යාමලී සමාජ සත්කාර පදනම කියලයි. මේ පදනම මඟින් කලාකරුවන් වෙනුවෙන් වගේම දුප්පත් අය වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් යමක් කරන්න මා අදහස් කරනවා.මාත් සමඟ තවත් කිහිප දෙනෙක් එකතු වෙලා සිටින නිසා එය වඩාත් පහසු වේ යැයි මා සිතනවා. මේ මඟින් මේ 23 වැනිදා සිදු කෙරෙන ලේ දන්දීමේ සමාජ සත්කාරය සඳහා ඔබ සියලු දෙනාටම සහභාගි විය හැකියි. නාරාහේන්පිට රුධිර මධ්‍යස්ථානයේ පැවැත්වෙන ලේ දන්දීමේ වැඩ පිළිවෙළට කලාකරුවන් රාශියක් ද සහභාගි වීමට නියමිතයි. එමෙන්ම ඊට සහභාගි වෙන්න යැයි ආරාධනා කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.තිලානි / යතේජාඡායාරූප – ටෙනී / මාලන්
|
CREATIVE
|
අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ පළමු ස්ථානයට පත්වීමට ගෙවින් හුඩ් අධ්‍යක්ෂණය කළ Ender’s Game චිත්‍රපටය සමත් වී ඇත. නොවැම්බර් පළමුවැනිදා සිට තිරගතවීම ආරම්භ කළ මෙම චිත්‍රපටය සති අන්තය වනවිට වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 27ක්.විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙහි අනාගත සිදුවීමක් පසුබිම් කරගත් කතා පුවතක් ඇතුළත් වේ. එහිදී පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරයකට එරෙහිව ජාත්‍යන්තර යුද හමුදාවක් මානව සංහතියේ ඉරණම තීරණය කෙරෙන මෙහෙයුමක නිරතවන අපූරු කතා පුවතක් ඇතුළත්.මෙවර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ පසුගිය සතියේ පෙරමුණේ සිටි Bad Grandpa චිත්‍රපටය යි. හාස්‍යමය චිත්‍රපටයක් වන මෙය පසුගිය සති අන්තයේදි වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 20ක්. මේ සතියේ තිරගතවීම ආරම්භ කළ Last Vegas චිත්‍රපයට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානය යි.වයස අවුරුදු හැට ඉක්ම වූ මිතුරන් පිරිසක් අතර සිටින එක් මිතුරෙකුගේ තනිකඩ ජීවිතයේ අවසන් දිනය වෙනුවෙන් පැවැත්වෙන සාදය සමඟින් ගත කරන සුන්දර කාල පරිච්ඡේදයක් ගෙන එන කතා පුවතක් මෙම චිත්‍රපටයේ ඇතුළත් වේ. ජෝන් ටටෙල්ටර්බ් අධ්‍යක්ෂණය කළ මෙහි රොබට් ඩී නීරෝ, මයිකල් ඩග්ලස්, මෝගන් ෆ්‍රීමෑන් ප්‍ර‍්‍රධාන චරිත නිරූපණය කරති. පසුගිය සති අන්තය වනවිට එය ඩොලර් මිලියන 16.3ක ආදායමක් වාර්තා කර තිබුණි.නොවැම්බර් පළමුවැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ඇරඹු Free Birds අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර සිව්වැනි ස්ථානයට පත්ව ඇති චිත්‍රපටය යි. හාස්‍යමය කතා පුවතක් රැගත් පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය ජිමී හේවොඩ් විසිනි. එය සති අන්තය වනවිට ඩොලර් මිලියන 15.8ක ආදායමක් වාර්තාකර තිබුණි.පසුගිය සතියේ දෙවැනි ස්ථානයේ පසු වූ Gravity චිත්‍රපටය මෙම සතියේදී පස්වැනි ස්ථානය දක්වා පැමිණ ඇති අතර සති අන්තය වනවිට ඩොලර් මිලියන 12.8ක ආදායමක්ද වාර්තා කර තිබුණි. පසුගිය සතියේ තෙවැනි ස්ථානයේ පසු වූ Captain Phillips චිත්‍රපටය මෙවර හයවැනි ස්ථානයටත් පසුගිය සතියේ අටවැනි ස්ථානයේ පසු වූ 12 Years a Slave චිත්‍රපටය හත්වැනි ස්ථානයටත් පැමිණ තිබේ. දැනට සති හයක් පුරාවට ඇමරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටින Cloudy With a Chance of Meatballs චිත්‍රපටයට හිමි වී ඇත්තේ අටවැනි ස්ථානය යි. රයිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ The Counselor චිත්‍රපටය නමවැනි ස්ථානයටත් කිම්බර්ලි පීරයිස් අධ්‍යක්ෂණය කළ Carrie චිත්‍රපටය දසවැනි ස්ථානයටත් පැමිණ තිබේ.සති කිහිපයක් පුරාවට අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටි Escape Plan, Enough Said , Prisoners චිත්‍රපට මෙවර ඉවතට ගොස් ඇත.යතේජා
|
CREATIVE
|
මම මේ දවස්වල දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරු කිහිප දෙනෙකුට ගීත නිර්මාණය කරමින් සිටින්නේ. පසුගියදා බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ උපදේකවරියක් ලෙසින් කටයුතු කරන මගේ දුව මෙරට ප්‍රථම වරට භරත හා කථක් කළඑළි මංගල්‍යයක් පැවැත් වූවා. එහි සංගීත කටයුතු සිදු කළේත් ම විසින්. මම දැන් එළිමහන් ප්‍රසංගවලට දායක වෙනවා අඩුයි. ඒ වුණාට මගේ ස්වරංජලී සංගීත කණ්ඩායම සමඟ ගෘහස්ථ ප්‍රසංගවලට දායක වෙනවා.
|
CREATIVE
|
සිංහල වේදිකාවත්, ටෙලි නාට්‍යයත් ප්‍රභාවත් කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක් දේවිකා මිහිරාණී. එදා වගේම අදටත් පුංචි තිරයේ වගේම වේදිකාවේත් ඇයගේ ඒ රංගනයන් ඔබ අප කාටත් නරඹන්නට ලැබීම සතුටක්. පසුගිය දවසක දේවිකාට උත්සව අවස්ථාවකට ආරාධනා ලැබුණා. දේවිකා ඒ අවස්ථාවට සහභාගි වුණේ තනියම.ඒ වගේම එදා එතැනට ඇවිත් හිටිය අනෙක් අය දේවිකා මීට කලින් දැන හඳුනාගෙන සිටි අය නොවෙයි. ඒ අතරේ නව පරපුරේ රංගන ශිල්පීන් එහෙමත් එතන ඉඳලා තියෙනවා.තනිවම මෙහි කාලය ගතකරන අතරතුර ඇයට හමුවුණේ පැරැණි යහළුවෙක්. පාළුවෙන් සිටි දේවිකාට එය විශාල සතුටක් වුණා. දැන් ඉතිං මේ යහළුවා අනිත් අයට දේවිකාව හඳුන්වලා දෙන්න පටන් ගත්තා. ඒ හැමෝටම අතට අත දෙන ගමන් ඇය කිව්වේ ‘හඳුනා ගන්න ලැබීම සතුටක්. මම දේවිකා මිහිරාණි’ කියලයි.දේවිකාව ඒ අයට හඳුන්වලා දුන්නට ඒ අය දේවිකා හඳුුනා නොගන්න හේතුවක් නැහැ නේ. ඉතිං දේවිකා මේ විදියට මම දේවිකා මිහිරාණි කියනකොට ඒ අය ඇයට කිව්වේ ‘අපි නම් ඔයා හඳුනනවා අක්කේ.ඔයානේ ලංකාවේ පළමු ටෙලි නාට්‍ය නිළිය කියලා යි. ඒ කතාව ඇත්ත තමයි. ඒ වුණාට අද එක රැයකින් ජනපි‍්‍රය වෙලා තමන් නළුවෙක්, නිළියක් කියලා ආඩම්බරයෙන් ඉන්න අයට නම් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය කියලා දුන්නේ නිහතමානීකමේ අපූරු පාඩමක්.
|
CREATIVE
|
මොහාන් නියාස්ගේ ‘ගජමුතු යාය’ ටෙලි නාට්‍යයේ රඟපෑමට ආරාධනා ලැබුණා. එහි මා රඟපාන්නේ නයිඳු කියන මුස්ලිම් චරිතයක්. මා රඟපාන ‘සිත්තරාවී’ ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවා.රබින් චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන පටිභාන කියන චිත්‍රපටයේ රඟපෑවා. නාලක තලගලගේ ටෙලි නාට්‍යයකටත් දායක වීමටත් ආරාධනා ලැබුණ නිසා මම ඉන්නේ සතුටෙන්.
|
CREATIVE
|
මට දුකක් දුන්න අයට හරි යන්නේ නැහැනොදැක ඉන්න බෑ ගීතයෙන් අතිශය ජනාදරයට පත් වූ රුවන් හෙට්ටිආරච්චි පහුගිය දවසක නොසිතු විරූ කරදරයකට මුහුණපාන්න වුණා. ඔහුගේ ශබ්දාගාරයට කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ සියලුම උපකරණ හොරකම් කරලා. ළඟදී දිනයක විවෘත කෙරුණු එය නිම කොට තිබුණේ රුවන් සංගීතයෙන් උපයා ගත් මුදල්වලින්. ඒ උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ දොළහමාරක්. මේ වන විට රුවන් පසු වන්නේ දැඩි කනස්සල්ලකින්. ඒ සංවේගය මඳක් හෝ යටපත් කරගෙන ඔහු අප හා මෙලෙස අදහස් බෙදාහදා ගත්තා.රුවන් කවදාද ඒ සිද්ධිය වුණේ?හරියටම ගිය තුන්වැනි අඟහරුවාදා පාන්දර. ඊට කලින් දවසෙයි මගේ බිරිය වන ශෙරිල්ගේ සැලුන් එක ඕපන් කළේ. ඒක නිසා එහිදී අපි දෙන්නම ටිකක් කාර්යබහුල වුණා. ඇයව සැලුන් එකේ තියලා ස්ටුඩියෝ එකට ආවා එතන වැඩ කරන මල්ලිත් නුවර. ඔහුත් ගමේ ගිහිල්ලා. ඉතින් මං එතැන පොඩ්ඩක් ඉඳලා දොරවල් එහෙම හොඳට ලොක් කරලයි එළියට බැස්සේ.කොහොමද එහෙනම් හොරු ඇතුළු වෙලා තියෙන්නේ?ඒක තමයි. ආරංචිය ආවාම මමත් හිතුවෙ හොරු ඇවිත් තියෙන්නේ ඇතුළේ තියෙන ජනේලයෙන් පැනලා කියලා. ඒත් වෙලා තියෙන්නේ සවිශක්තිමත් ආයුධවලින් දොරේ අගුළු සේරම කඩලා.ඉතින් අවට කාටවත් ඇහිලා නැද්ද?ඒක මං කුලියට ගත්තු තැනක්. නිවසක නෙවෙයි ස්ටුඩියෝ එක තිබුණේ. අනික පාර අයිනේ නිසා කාටවත් ඇහෙන්න නැතුව ඇති.ස්ටුඩියෝ එකේ සියලු දේවල් අරන් ගිහින් නේද?ඔව්. ඒකේ තිබුණු මොනිටර් සවුන්ඩ් කාඩ්, මයික් කී බෝඩ් එක මේ සේරම ගෙනිහින්. ඒවායේ වටිනාකම ලක්ෂ දොළහමාරක් පමණ වෙනවා. අනික මං හදපු සිංදුවල සේරම ප්‍රොජක්ට් ඒකේ. ඒවා ආයේ මුල ඉඳලම හදන්න වෙනවා.සාමාන්‍ය සොරෙකුට මෙවන් වූ උපකරණ වැඩක් තියෙනවද?අන්න ඒක තමා ගැටළුව. මේ වැඩේ කරලා තියෙන්නේ අපි ගැන හොඳට දන්න කෙනෙක්. මේක තරහට කරපු දෙයක් කියලා තේරෙන්නේ මං නම් කියන්නේ මගේ මේ දේවල් හොරකම් කරගෙන ගිහින් වෙනත් තැනක සෙට් කරලා. වැඩක් පටන් ගත්තොත් යාදෙන එකක් නැහැ. මොකද මං මේ සල්ලි හම්බ කෙරුවේ බල්ලො මරලා නෙවෙයි. කට්ට කාලා අමාරුවෙනුයි මේ නම හදා ගත්තේ. ඇත්තම මේ කරලා තියෙන්නේ පව්කාර වැඩක්.මේ වන විට ඔබ නීතිමය ක්‍රිය මාර්ග අරගෙන ද තියෙන්නේ?මං මිරිහාන පොලීසියේ පැමිණිල්ල්ක් දැම්මා. පරීක්ෂණත් පැවැත්වූවා. ඇඟිලි සලකුණක්වත් හොයා ගන්න බැහැ. දොර කඩලා තියෙන්නේ රබර් ග්ලවුස් දාගෙන.ක්ෂේත්‍රයේ ඔබට තරහ කාරයෝ ඉන්නවාද?මූණට හැමෝම හිනා වෛලා ඉන්නේ. ඒත් මේ සිද්ධියෙන් පසු අපි තේරුම් ගත්තා අපට එදිරිවාදිකම් කරන්න ගොඩක් අය ඉන්නවා කියලා. මාත් ශෙරිලුත් දැන් බොහොමත් ප්‍රවේසම් වෙනවා.ශබ්දාගාරය නැවත පටන් ගන්න අදහසක් තියෙනවද?දැන්ම නැහැ. එවන් වූ විශාල මුදලක් ඉතිරි කරන්න තව බොහෝ කාලයක් ගත වේවි. මං මගේ ක්ලාස් කළෙත් එතැන. දැනට තාවකාලිකව ස්ටුඩියෝ එක තිබුණු තැන අස්පස් කරලා අයිති අයට බාර දුන්නා.ශෙරිල් මොකද කියන්නේ?එයා තමා මගේ ශක්තිය. ඇය මාව දිරිමත් කරනවා. ජීවිතය වැටෙන්නේ නැතුව ඉන්න ගොඩක් දේ කියනවා. ඇය නොමැති වුණා නම් මාව හුඟාක් මානසිකව වැටෙනවා.මොනවද ඔබේ අලුත්ම සංගීත කටයුතු?පුරුදු විදිහට ප්‍රසංගවලට සහභාගී වෙනවා. මගේ නවතම ගීතය වන හිතද්දී හිත ගීතය මේ වන විට ඉතාම ජනප්‍රිය වෙලා. ඒ වගේම රැවටුණු තරම් ගීතයටත් හොඳ ඉල්ලුමක් ප්‍රසංග වේදිකාවේ තියෙනවා.රුවන් ඇත්තටම ඔබට මොකද හිතෙන්නේ?හිතට දුකයි. ඒත් බිරිය ඇතුළු පවුලේ අයගේ සහයෙන් නොවැටී ඉන්නවා. මොන දේ හොරකම් කළත් රුවන් හෙට්ටිආරච්චිගේ ටැලන්ට් එක කාටවත්ම ගන්න බෑ. වෙඩි තියලා මැරුවොත් හැර මගේ ගමන මේ වගේ දේවල්වලින් නවත්වන්නේ නැහැ.සටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සබඳ බබානිස්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතර කාලය ගෙවනවා. ස්වාධීන රූපවාහිනියේ ‘වරාමල්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසාන වුණත් තවමත් ටෙලි නාට්‍යය විකාශය වෙනවා.මගේ පුත් ජනිත් කරන ‘මිනිස්ටාර්’ වේදිකා නාට්‍යය සමඟ රටවටාම යන්න මට අවස්ථාව ලැබිලා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් බොහොම හොඳයි.
|
CREATIVE
|
සදානන්දය’ ගී ප්‍රසංගය 28 දා . . .‘1981 ට පෙර කොළඹ ආනන්දයෙන් බිහි වී ආනන්දයට කීර්තියක් අත්කර දුන්, ගී පද රචකයන් සය දෙනෙකුට උපහාර පුදමින් ‘සදානන්දය’ ගී ප්‍රසංගය ලබන 28 වැනි සෙනසුරාදා සවස 6.00 ට ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.ඩෝල්ටන් අල්විස්, ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, කුලරත්න ආරියවංශ, ප්‍රණීත් අබේසුන්දර, ධම්මික බණ්ඩාර යන සුගේය පද රචකයන් සය දෙනා මෙහිදී උපහාර සම්භාවනාවට ප්‍රාප්ත වේ. ආනන්ද විද්‍යාලයීය 81 කණ්ඩායම විසින් මෙය සංවිධානය කෙරේ.වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ටී. එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ, රෝහණ සිිරිවර්ධන, අමරසිරි පීරිස්, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගී ගයන මෙම ප්‍රසංගයේ සංගීතය රෝහණ වීරසිංහ විසිනි.කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රමුඛ පෙලේ ගේය පද රචකයන් රැසක් දැයට දායාද කර ඇති අතර විමල් අබේසුන්දර, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, දයානන්ද ගුණවර්ධන, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මෛත්‍රි පනාගොඩ, සිසිර දිසානායක, දිලීප අබේසේකර, ආනන්ද පද්මසිරි සහ නුවන් කුමාර කටුගම්පල ඔවුන් අතරින් කීප දෙනෙකි.- යතේජා ඥානරත්නජීවන ගමන් මගෙහි හැත්තෑ හය වන ජන්ම සංවත්සරය සමරන ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහයන්ට සුබම සුබ උපන් දිනක් වේවා යැයි සරසවිය’ ප්‍රාර්ථනා කරයි.!- ප්‍රසාද් සමරතුංගප්‍රථම වරට මෙරටදී පත්වනු ලබන සිනමාපටයකට යොදාගත් ඇඳුම් ආයිත්තම් සහ අභරණ ප්‍රදර්ශනයක් ඉකුත් දා පැලවත්ත සාම සෙන්ටර් හිදී විවෘත විණ.මෙලෙස ප්‍රදර්ශනය වූයේ සිදුහත් චරිතය ඇසුරෙන් තැනුණු සිද්ධාර්ථ චිත්‍රපටයේ ඇඳුම් ආයිත්තම් සහ ආභරණය.සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වූ සිද්ධාර්ථ හි දඹදිව දර්ශන තල ලෙස යොදා ගත්තේ එම ස්ථානයම වේ.මේ එහි ප්‍රදර්ශිත භාණ්ඩ අතරින් කිහිපයකි.සේයා රූ - අමිත් එස්. සේනාරත්නශ්‍රී ලංකා පදනමෙහි ප්‍රධාන අධ්‍යාපනික අංශයක් වන ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය තම නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා තරගයක් දියත් කොට ඇත.නිර්මාණ හැකියාව ඇති ශිෂ්‍යයන් මාධ්‍ය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් මෙන්ම සිනමා ක්ෂේත්‍රය පිළිබඳ ලැදියාවක් ඇති ඕනෑම අයකුට මෙය විවෘත බව ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය පවසයි.එක් අයැදුම්කරුවකුට ඕනෑම ප්‍රමාණයක නිර්මාණ එවිය හැකිය.තරගයේ ජයග්‍රාහකයාට රු: 25000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි තැන ගනු ලබන තැනැත්තාට ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ඕනෑම පාඨමාලාවක් හැදෑරීම සඳහා 10% වට්ටමක් ලබා දෙනු ඇත. තෙවැන්නාට 5% ක වට්ටමකට හිමිකම් කියනු ලබයි.ඔබගේ නිර්මාණ එළඹෙන අගෝස්තු 20 දිනට ප්‍රථම info.dfa@slf.lk විද්්‍යුත් ලිපිනයට හෝ ශ්‍රී ලංකා පදනම ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය, 100 ශ්‍රී ලංකා පදනම මාවත, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07 යන ලිපිනයට යොමු කරන්න.
|
CREATIVE
|
මම මේ දවස්වල වෙළෙඳ දැන්වීම් නිසා කාර්යබහුල වෙලා. ඒ වෙනුවෙන් නුවර, නුවරඑළිය, කුරුණෑගල ප්‍රදේශවල රූගත කිරීම් ආරම්භ කරන්න යොදාගෙන තියෙනවා.ඊට අමතරව සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ කෙරෙන ජාත්‍යන්තර සිනමා උළෙලේ කටයුතු යොදාගෙන තියෙනවා. මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙන නිසා එදාට සිනමා උළෙලේ චිත්‍රපට රස විඳින්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
|
CREATIVE
|
ශ්‍රියන්ත මෙන්ඩිස් බොහොම කාලෙකට ඉහත සිය කුඩා අවදියේදී තාත්තා එක්ක චිත්‍රපටයක් බලන්න ගියාලු.ශ්‍රියන්තගේ තාත්තා කොහොමත් චිත්‍රපට බලන්න ගොඩක් ප්‍රිය කරන පුද්ගලයෙක්. මේ චිත්‍රපටයත් තාත්තට හොඳට හිතට අල්ලලා ගිහින්. ඉතිං මේ අතරතුර ශ්‍රියන්තට යම් අවශ්‍යතාවක් ඇති වෙලා. ඒක තාත්තට කිව්වම චිත්‍රපටයේ සිහියෙන් ඉන්න තාත්තා කිව්වලු පොඩ්ඩක් හිටපන් කියලා.දෙවැනි තෙවැනි වරටත් කිව්වත් පිළිතුර ඒකම වුණාලු. අවසාන වරට ඉවසගෙන ඉන්න බැරිම තැන ඇහුවම තාත්තත් කරදරේ ඉවසන්න බැරිව කිව්වලු කොහෙවත් යන්න ඕනෑ නැහැ ඔන්න ඔහොම කරපං කියලා.ටික වෙලාවක් යන කොට ඉදරි පෙළ අසුනේ සිටි ප්‍රෙක්ෂකයෙක් කෑගැහුවලු මොකද මේ වතුර එන්නේ කියලා. ශ්‍රියන්තගේ තාත්තාත් කිව්වාලු මේ සෝඩා බෝතලයක් පෙරළිලා කියලා. එතකොට අර පුද්ගලයා කෑගහලා ඇහුවාලු සෝඩා කෙහෙද රස්නේ කියලා.
|
CREATIVE
|
මෙරට රංගන කලාවේ ප්‍රගමණයට ජාත්‍යන්තර දායකත්වය ලබා ගනිමින් නූතන තරුණ තරුණියන්ගේ සංවෘත දැනුම විවෘත දැනුමකට පරිවර්තනය කිරීම හා නූතන ප්‍රේක්ෂකාගාරයක් ඇති කිරීමේ අරමුණ ඇතිව දෙවන වරටත් සංවිධානය කෙරෙන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල ලබන මාර්තුª 28 වැනිදා සිට අප්‍රේල් 4 වැනිදා දක්වා කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ.මාර්තු 27 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් අනතුරුව, 28 වැනිදා සිට ඉන්දියාව, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, සෞදි අරාබිය, ඊජිප්තුව, නේපාලය, ශ්‍රීී ලංකාව නියෝජනය කරමින් නාට්‍ය වේදිකා ගතවීමට නියමිතය. මෙම නාට්‍ය උළෙල නූතන නාට්‍ය නිෂ්පාදනවලින් සමන්විත වේ.මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් 21 වැනිදා ජර්මන් සංස්තෘතික මධ්‍යස්ථානයේදී පැවැත් විය. එහිදී එහි අධ්‍යක්ෂ එම්. සෆීර් පවසා සිටියේ, නාට්‍ය දර්ශනවලට අමතරව වැඩමුළු සහ දේශීය රංග කලාවට ප්‍රාදේශීය මට්ටමේ සිට අප්‍රමාණ දායකත්වයක් ලබා දීම හා දේශීය රංග කලාවට විද්‍යාර්ථීන් බිහි කිිරීම උදෙසා කැප වූ නාට්‍ය කරුවන්ට සම්මාන ප්‍රදානයක් ද සිදු කරන බවයි.මෙවර නාට්‍ය උළෙල සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘කවීතා’ වැඩසටහනේ තෝරාගත් විශ්ව විද්‍යාල හතරක නාට්‍ය හා වැඩමුළු පැවැත්වීමට නියමිතය.යතේජා- ඡායා - මාලන්පැරැණි හින්දි චිත්‍රපට සහ ගීත රසික සමාජය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන පැරැණි හින්දි ගීත ඇතුළත් සංගීතමය ප්‍රසංගයක් මෙම මස 03 වැනිදා එනම් එන ඉරිදා සවස 2.00 ට කොළඹ 05 හැව්ලොක්ටවුම ලුම්බිණි රඟහලේදී නොමිලයේ පැවැත්වේ.සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වේ.එදා ශ්‍රීී ලාංකික රසික හදවත් අමන්දානන්දයට පත්කළ ආන්, අනෝකි, ආදා, බූට් පොලිෂ්, අල්බේලා, ආරාධනා, ගීත් වැනි ජනප්‍රිය හින්දි චිත්‍රපටවලට ඇතුළත් වූ සුමියුරු ගීත රාශියක් සජීවීව මෙහිදී ගායනා කරනු ලැබේ. සංගීතය සරත් ද අල්විස්ගෙනි. පැරැණි සුමියුරු ගීත රසික රසිකාවන්ට මේ සඳහා සංවිධායක කමිටුව ඇරැයුම් කර සිටියි.
|
CREATIVE
|
මේරියන්ස් නායක නලින් පෙරේරා ගයන අලුත්ම ගිතය ‘අහක බලාගෙන ඔබ තවමත්’ නලින්ගේ වෙනස්ම ආරකින් අප හමුවීමකි. ඒ සමඟම ජන ගී ආරේ සංගීතයට නමක් දිනූ ’අවාරේ පැණි මොර මල්’ ගීයෙන් රටම හඳුනාගත් සමන් ලෙනින් වෙනස්ම මඟකික් දැන් ‘සඳ පිබිදී නෑ තිබුණේ’ නම් ඔහුගේ නවතම ගීියෙන් ශ්‍රාවකයන් අතරට එක්වේ.මේ දිනවල විද්‍යුත් මාධ්‍ය තුළ ජනප්‍රිය ඒ ගීත දෙකෙහිම රචකයා ජනප්‍රිය රසායන විද්‍යා දේශකවරයකු වන චරිත දිසානායකයි. චරිතගේ පද රචනාවන් සංගීතවත් කළේ සංගීත් විජේසුරියට ‘මී මට බෑ’, කසුන් කල්හාරට මල් මිටක් ආදී ජනප්‍රිය ගීත රැසකට ද වේදිකා හා ටෙලි නාට්‍ය ගණනාවක ද සංගීත අධ්‍යක්ෂවරයා වූ හර්ෂ ආරියසිංහයි.මේ අලුත්ම ගීත සමඟ අප හඳුනාගත් නවක ගීත රචක චරිත දිසානායක අපට මෙසේ පැවසීය.‘අහක බලාගෙන ඔබ තවමත්’ ගීතය ලියැවුණේ මීට අවුරුදු හත අටකට කලින්. ‘සඳ පිබිදී’ පදවැල රචනා කළේ නම් මෑතකදී. ඇත්තටම මේ පවතින සංගීත රැල්ලට මගේ එතරම් කැමැත්තක් නැහැ.-නුවන්
|
CREATIVE
|
පූජා කටකතාවලට පිළිතුරු දෙයිඒ දරුවන් එක්ක ගත කළ කාලය මට වටිනවාපූජා උමාශංකර් සිංහල සිනමා පවුලේ ළබැඳි සාමාජිකාවක්. ඇය අපට සමීප වෙන්නේ චන්න පෙරේරාගේ ‘අංජලිකා’ චිත්‍රපටයෙන්. පසුගියදා පැවැති දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදී පූජා ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ලාංකේය සිනමා නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දී ඇති පූජා සිය අලුත්ම තොරතුරු සරසවිය පාඨක ඔබටත් ලබා දෙන්න අමතක කළේ නැහැ.පූජා ඔබ ලංකාවේදී ජනප්‍රියම නිළිය ලෙස සම්මානනීය වීම ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම මගේ සතුට කියලා නිම කරන්න බැහැ. මගේ අම්මාගේ රට ශ්‍රී ලංකාව. මම ඉපදුණෙත් ලංකාවේදී. මම මේ රටට ගොඩක් ආදරෙයි. ඒ නිසා ලංකාවේදී ලැබුණු මේ සම්මානය මට ගොඩක් වටිනවා. ලංකාවේ ප්‍රේක්ෂකයෝ මට ගොඩක් ආදරේ බව දැනුණා. ඒ ගැන මම ගොඩාක් සතුටුයි. ඒ වගේම ගොඩක් වාසනාවන්තයි.මේ නිසාම ඉදිරියේදී රංගනයෙන් වැඩි කොටසක් ලාංකේය සිනමාවට හිමි වෙයිද?එහෙම තීරණයක් අරගෙන නැහැ. ලැබෙන හොඳ චිත්‍රපට සදහා දායක වෙන්න තමයි කැමැති. ඒකේ විශේෂයක් නැහැ. සිංහල, දෙමළ, කණ්නඩ, තෙළිඟු වැනි ඕනෑම චිත්‍රපටයක රඟපාන්න කැමැතියි. හැබැයි ඒ චිත්‍රපටය හොඳ එකක් වෙන්න ඕනෑ.මේ දවස්වල කලා කටයුතු ගැන සඳහන් කළොත්?මේ දවස්වල මට ලැබුණු ස්ක්‍රිප්ට් බලමින් තමයි ඉන්නේ. දැනට ස්ක්‍රිප්ට් ගොඩක් ලැබිල තියෙනවා. භාර ගන්නේ මොකක් ද කියලා නම් තවම තීරණය කරලා නැහැ. ඊට අමතරව ඉන්දියාවේ කළ චිත්‍රපටයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වෙනුවෙන් යළිත් මම ඉන්දියාවට යනවා. ඒ චිත්‍රපටයේ නම ‘විඩියුමි මූන්’. ලාංකික ප්‍රේක්ෂකයන්ටත් ඉදිරියේදී එය නරඹන්න අවස්ථාව ලැබේවි කියලා හිතනවා.පසුගිය දවසක මම ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව ළමා නිවාස වෙනුවෙන් වූ වැඩසටහනකට සම්බන්ධ වුණා. එහිදී ඒ පුංචි දරුවන් එක්ක ගත කළ කාලය මට ගොඩාක් වටිනවා. ඒ දරුවන් හරිම සතුටෙන් හිටියේ. පොඩි අය අතේ එල්ලිලා ඉඳලා ගෙදර එනකොට අත් දෙකම හොඳටම රතු වෙලා තිබුණේ. ඇත්තටම ඒ පුංචි දරුවන් සමග ගත කරන්න කාලය ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.පූජා දැන් විවාහයටත් සූදානම් ඇති නේද?මම තවම කවුරුවත් හොයා ගෙන නැහැ. මගේ අම්මයි තාත්තයි මට ගැළපෙන කෙනෙක් හොයනවා. දෙවියන්ගේ කැමැත්තට අනුව හැම දෙයක්ම හොඳීන් සිදු වේවි.ඔබ සහකරු කරගන්න කැමැති මොන වගේ කෙනෙක්ද?අපි හොඳ නම් අපේ සිතුවිලි හොඳ නම් අපට හොඳ කෙනෙක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. දෙවියෝ තමයි එයා අපට මුණගස්වන්නේ. පූජා හොඳ දුවක් නම් දෙවියෝ එයාට හොඳ සහකරුවෙක් තෝරා දේවි.ඔහු ලංකාවේ කෙනෙක් වෙනවාට ද ඉන්දියාවේ කෙනෙක් වෙනවාට ද පූජා වැඩියෙන් කැමැති?එහෙම තීරණයක් නම් නැහැ. ඔහු ලංකාවේ කෙනෙක් විය යුතු ද, ඉන්දියාවේ කෙනෙක් විය යුතු ද කියලා මම තීරණය කරලා නැහැ. කොහොම වුණත් මට සුදුසුම කෙනා දෙවියන් මට සොයලා දෙනවා කියලා මම දන්නවා. එයා මුණ ගැසුණු ගමන් මුලින්ම සරසවිය පාඨක ඔයාලට විස්තර කියන්නම්.විවාහයෙන් පසු රංගන ජීවිතයෙන් ඉවත් වේවිද?විවාහයෙන් පසු ඕනෑම කාන්තාවක් පවුල් ජීවිතයට මුල් තැන දිය යුතුයි. දැනට වුණත් මම රංගන ජීවිතයේ අනවශ්‍ය විදියට වැඩ කටයුතු යොදා ගෙන කාර්යබහුල වෙලා නැහැ. මම අවුරුද්දකට භාර ගන්නේ චිත්‍රපට සීමිත ප්‍රමාණයක්. බොහෝ විට එය එකක් නැත්නම් දෙකක්.සරසවිය පාඨකයන්ට කියන්න විශේෂ යමක් පූජාට ඇති නේද?ලංකාවට මම ගොඩක් ආදරෙයි. ආදරණීය රසික රසිකාවන් වන ඔයාලා හැමෝටමත් මම ගොඩාක් ආදරෙයි. ඉන්දියාවට ගියත් ඉක්මනින්ම මම ලංකාවට එනවා.ඡායාරූපය -ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
සුන්දරත්වයෙන් මෙන්ම අව්‍යාජ ගැමි සුවඳින් පිරී ගිය ගම හැරදා ක්‍රමයෙන් නගරයට ළඟ වෙද්දී සුලක්ෂණාට දැනුණේ හිත පහුරු ගා බුර බුරා දැවෙන සියුම් වේදනාවකි. නීල සේල වලා වසා ගත් සුන්දර පියකරු, කඳු මුදුන් වෙනුවට ප්‍රචණ්ඩ හිරු කෙඳීති මත එතී පීඩා විඳීන ගොඩනැගිලි දෙස ඈ බැලුවේ තිගැස්සුණු නෙතිනි.තමා කලක් පෙම් කළ රුවන් ද ගමට සින්න කර තබා මේ විසල් නගර බිමට පැමිණියේ නිළියක වීමේ සිහිනය දෝත දරා ගනිමිනි. තමාගෙන් වෙන් වු දුකෙන් තෙත බරිත වූ රුවන්ගේ නෙත සිහිවන හැම විටෙකම සුලක්ෂණාට දැනුණේ මඟහැර යා නොහැකි වේදනාවකි.නිළියක වීමේ සිහිනය දෝත දරා කොළඹට පැමිණි ඈ උදෑසන හිරු දුටු මොහොතේ සිිටම කලාකරුවන් හමුවෙයි. මෙසේ තමාගේ සිහිනය හඹා යන සුලක්ෂණාට නවීන් නම් අධ්‍යක්ෂවරයා හමුවන්නේ ප්‍රථම රංගන ගුරුහරුකම ලබමිනි.ඉතාමත් යහපත් ගති පැවතුම් ඇති නවීන් සමඟ කටයුතුª කරන සුලක්ෂණා කෙටි කලකින් ජනප්‍රිය නිළියක බවට පත්වෙයි. ගමේ සිට ගෙන ආ සුවඳ මෙන්ම විනීත බව වගේම ගමේ ප්‍රේමය ද ඉතාමත් සුරක්ෂිතව රකිනා සුලක්ෂණා තමාගේ ගමන දිරියෙන් ඉදිරියටම යයි.ජනප්‍රියත්වය සමඟ ඇති වන මඩ ප්‍රහාර හමුවේ නොසැලෙන සුලක්ෂණා දිනෙන් දින ජනප්‍රියතම නිළියක් වෙයි.මේ අතර තමාගේ ගුරුවරයා වන නවීන්ගේ හිදිසි අභාවයෙන් සුලක්ෂණා තනි වෙයි.ඉන් පසුව කොළොම්පුර තනි වූ සුලක්ෂණාට කුමකින් කුමක් සිදු වේවිද?මේ සියල්ල දිග හැරෙන්නේ දිය මත ලියමි ටෙලි සිතුවම හරහාය. පරමාදර්ශී නිළියකගේ භූමිකාව තිරය මතට ගෙනෙන දිය මත ලියමි හේමන්ත ප්‍රසාද්ගේ රූපවාහිනී රචනයකි. පුංචි තිරයට අර්ථවත් ටෙලි සිත්තම් රැසක් දායාද කළ සුධර්මා නෙත්තිකුමාර දිය මත ලියමි නිෂ්පාදනයෙන් සවිබල ගන්වයි. චන්දන ධර්මප්‍රිය සහ නාලක තලගලගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන දිය මත ලියමි මේ දිනවල ස්වාධීන රූපවානියෙන් විකාශය වෙයි.නිර්මාණශීලී දායකත්වයනිෂ්පාදනය - සුධර්මා නෙත්තිකුමාරරූපවාහිනී රචනය - හේමන්ත ප්‍රසාද්අධ්‍යක්ෂණය - චන්දන ධර්මප්‍රිය / නාලක තලගලකැමරාකරණය - චන්දන ධර්මප්‍රියසහාය අධ්‍යක්ෂණය - චන්දන ඉරුගල් බණ්ඩාරසංස්කරණය - පුබුදු වනිගසේකරකලා අධ්‍යක්ෂණය – වජිර ප්‍රියශාන්තඅංග රචනය – ප්‍රියංක රත්නායක / පුෂ්පකුමාර බණ්ඩාරගමනිෂ්පාදන කළමනාකාරණය - ගයාන් දේශප්‍රිය / සමින්ද කාරියවසම්සංගීත අධ්‍යක්ෂණය - ජානක ෆොන්සේකාගීත ගායනා - අයෝමි පෙරේරා (රණවිරු ස්ටාර් 2012), සමන්ත පෙරේරාතේමා ගී සංගීතය - සමන්ත පෙරේරාගී රචනය - සුධර්මා නෙත්තිකුමාරරංගන දායකත්වය -රොජර් සෙනවිරත්න, ශලනි තාරකා, නීටා ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, පියුමි බොතේජු, හේමන්ත ඊරියගම, රූපා ගෝමස්, චමිලා පීරිස්, නිල්මිණි කෝට්ටගොඩ, සමන් අල්මේදා, ප්‍රියන්ත ප්‍රනාන්දු, සහන් රන්වල, ගිවන්ත අර්ථසාද්, සුදර්ශන බණ්ඩාර, අමායා ද සොයිසා, ප්‍රියන්ත විජේකෝන්, ක්‍රිස්ටින් ගුණවර්ධන, සෝමවීර ගමගේ, ජනක රණසිංහ, රූපා පතිරණ, ඉෂාන් මෙන්ඩිස්, නදී චංචලා, මල්ෂානි පෙරේරා, තිරාශා ප්‍රනාන්දු, ශිරෝමිකා ප්‍රනාන්දු, ප්‍රින්සි ප්‍රනාන්දු, තරුෂ ලක්මාල්, ප්‍රිති විජේසිංහ, පවිත්‍රා මධුභාණි, නට්ලි තක්ෂි, රුක්මන් තිලකරත්න, සාලිය රණවීර, විලාසිනී දේවනාරායනචතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
අලුත් ගීත කිහිපයක්ම මේවනවිට මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අතරින් එකක් මේ සතියට යෙදෙන මගේ උපන්දිනය වෙනුවෙන් එළිදක්වන්න සූදානම්වෙලා ඉන්නවා.ඒක අලුත්ම තාලයකට ගැයෙන පැරැණි ගීතයක්. මගේ හැම උපන්දිනයකම වගේම මෙවර උපන්දිනයටත් පන්සලටත් වැඩිහිටි නිවාසයකටත් දානයක් පිරිමන්න සූදානමිනුත් සිටිනවා.
|
CREATIVE
|
පසුගිය දවස්වල ‘රූ සඳ රූ’ ප්‍රසංගයේ පුහුණුවීම් වෙනුවෙන් කාලය ගත කළා. 30 වැනිදා මීගමුවේදී එය සාර්ථකව පැවැත් වූවා. අනතුරුව විදෙස්ගත වෙන්නයි බලාපොරොත්තුව.
|
CREATIVE
|
* කීර්ති රත්නායකගේ පළමුවන අධ්‍යක්ෂණය* ශ්‍රී වික්‍රම රාජසිංහ රජ යුගයේ කතාවක්එළඹෙන ජූලි මස සිට තවත් රසවත් ජනප්‍රවාදයක් ටෙලි සිතුවමකට නැගෙයි.ඒය බිම්බානාගමයි. ශ්‍රී වික්‍රමසිංහ රාජ්‍ය සමයේ සැඟ වූ මැණිකක් පිළිබඳ මෙම කතාව නිර්මාණය වේ.එහි කතා පුවත දැනගත් අයකු මැණික සොයා චාරිකාවක් අරඹයි. සිදු වන්නේ නොසිතූ සිදුවීම්ය. සෝමවීර ගමගේ ගේ තිර නාටකයක් ඇසුරෙන් තැනෙන මෙම අපූරු ටෙලි නිමැවුම කීර්ති රත්නායකගේ අධ්‍යක්ෂණයකි. සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කලක් ක්ෂේත්‍රයේ සැරිසැරූ ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන්නේ බිම්බානාගමයි.බුද්ධදාස විතානච්චි, ඩග්ලස් රණසිංහ, නිහාල් ප්‍රනාන්දු, වීණා ජයකොඩි, වසන්ති චතුරාණි, බිමල් ජයකොඩි, විශාකා සිරිවර්ධන, මංගල මඩුගල්ල, ගාමිණී අම්බලන්ගොඩ, සෝමවීර ගමගේ, සංජුල දිවාරත්න, බණ්ඩාර මඩුගල්ල, කුමාරි සේනාරත්න, පූජා පතිරණ, ලලනි රේණුකා බිම්බානාගම හි නළු නිළි කණ්ඩායමයි. චන්ද්‍රලාල් මනමේන්ද්‍ර කැමරා අධ්‍යක්ෂවරයාය. බුවනෙක රණවකගේ අංග රචනයකි. සමන්ත පෙරේරා සංගීත අධ්‍යක්ෂවරයාය. කලා අධ්‍යක්ෂණයෙන් බන්දුල වීරසේකර, හර්ෂණ ලාල් කුමාර, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත මල්හාමිආරච්චි, රන්ජන් ප්‍රේමතිලක යන අය එක් වෙති. නිෂ්පාදන සම්බන්ධීකරණය රංජිත් ලියනගේගෙනි.නාලන් මෙන්ඩිස්ගේ නවතම ටෙලි සිතුවම සතුරු මිතුරු හි මුහුරත් උළෙල පසුගියදා කොට්ටාවේ පිහිටි එහි ප්‍රධාන දර්ශන තලයේදී පැවැත්විණ.විරසක වූ පවුල් දෙකක් අතර ඇතිවන සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මාණය වූ එය නාලන්ගේ විසිහය වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයයි.සතුරු මිතුරු, ශාන් රත්නායකගේ නිෂ්පාදනයක් වේ. මේ එහි පිරිවර මුහුරත් උළෙල දා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.සේයාරුව - අමිත් එස්. සේනාරත්න- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
මේ දවස්වල දිවා රෑ නොබලා මා දේශපාලන කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්නේ. බෙන්තර ඇල්පිටිය ජනතාවට මෙතෙක් කාලයක් හීනයක් වෙලා තිබුණු ධීවර වරාය පසුගියදා එය වෙනුවෙන් අනුමැතිය ලබා ගන්න පුළුවන් වුණා.ඉදිරියේදී ඒ වෙනුවෙන් ඉදිරි කටයුතු සූදානම් කරන්නත් සූදානම් වෙනවා. උත්සව අවස්ථාවන්හිදී කලා ලොවේ මිතුරු මිතුරියන් මුණ ගැහෙනවා. ඒ වෙලාවට නම් කලාවෙන් ඈත් වෙලා ඉන්න එක ගැන දුකක් දැනෙනවා.
|
CREATIVE
|
එක් ශ්‍රේෂ්ඨ නායකයෙක් හෝ කිහිපදෙනෙක් මුල් කර ගනිමින් මානුෂිකත්වය ඉක්මවූ හැසිරීම් සමුදායකින් ගැටලුවකට පිළියම් සෙවීම සුපර් හීරෝ චිත්‍රපටවලටම (Superhero movie) ආවේණික වූ ලක්ෂණයි.එවැනි චිත්‍රපට අතර සුපර් මෑන් (Super Man) ස්පයිඩර් මෑන් (Spiderman) බැට් මෑන්(Batman) අයන් මෑන් (Iron Man) ඇවෙන්ජර්ස් (Avengers) යන චිත්‍රපට කිසිදු වයස් භේදයකින් තොරව ක්‍රියාදාම චිත්‍රපට රසවිඳීමට කැමැත්තක් දක්වන ප්‍රේක්ෂක කා අතරත් එක සේ ජනප්‍රිය ය. අයන් මෑන් ද මේ චරිත අතරඉතාම ජනප්‍රිය චරිතයකි. මේ නිසාම අයන් මෑන් චරිතය මුල් කොට ගත් චිත්‍රපට තුනක් මේ වන විට නිෂ්පාදනය වී තිබේ. ඒවා ආදායම් අතින් ද ඉතා සාර්ථක ය. මේ දිනවල ලෝකය පුරා තිර ගත වන්නේ අයන් මෑන් 3 චිත්‍රපටයයි.2008 වර්ෂයේ දී තිරගත වූ අයන් මෑන් චිත්‍රපටය Jon Favreau ගේ අධ්‍යක්ෂණයක් වන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 140 ක් වැය කොට ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 585,174,222 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීමට සමත් වී ඇත.2010 වර්ෂයේ දී තිරගත වූ අයන් මෑන් 2 චිත්‍රපටය Jon Favreau ගේ අධ්‍යක්ෂණයක්වන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 170-200 ක් අතර මුදලක් වැය කොට ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 623,933,331 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීමට සමත් වී ඇත.2013 දී නිෂ්පාදනය වූ අයන් මෑන් 3 චිත්‍රපටය Shane Black අධ්‍යක්ෂණයකි. ඔහු ඉතා දක්ෂ තිර රචකයෙකි, නිෂ්පාදකයෙකි, අධ්‍යක්ෂවරයෙකි. අයන් මෑන් චිත්‍රපටයේ ද තිරපිටපත Drew pearce සමඟ Shane Black විසින් රචනා කරන ලදි. නවීන තාක්ෂණය සිනමාවට උපරිම අයුරින් යොදා ගනිමින් ඉතා ආකර්ෂණීය චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මොහුගේ අධ්‍යක්ෂණය මෙන්ම තිරරචනයද බෙහෙවින් බලපා තිබේ.අයන් මෑන් 3 චිත්‍රපටය ඉතා රසවත් කතාවකින් යුක්ත වේ. අයන් මෑන් විසින් ඉහළ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද යුද ඇඳුම් කට්ටලය උපයෝගී කරගනිමින් සතුරා පරාජයට පත් කරමින් ජනාධිපති බේරා ගන්නා අන්දම ඉතාම සිත් ඇදගන්නා සුළුය. මුළු චිත්‍රපටය පුරාවටම කුතුහලය ප්‍රේක්ෂකයා තුළ රදවමින් ප්‍රේක්ෂකයාට ත්‍රාසජනක අත්දැකීමක් මොහොතකට තනි වීමට ඉඩලබා දී තිබේ.අයන් මෑන් චිත්‍රපටයේ අති දක්ෂ රංගනයක නිරත වන Robert Downey, Gwyneth Paltrow, Don Cheadle, Guy pearce රංගනයෙන් චිත්‍රපටයට ආලෝකයක් එක්කර තිබේ.අයන් මෑන් 3 සඳහා පෙර චිත්‍රපට දෙකට වඩා වැඩි වියදමක් දරා ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 200 කි. මේ වන විට ලෝකය පුරා ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් වැලඳගෙන ඇති මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 1,073,273,000 ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තබා ඇත. ඇමරිකාවේ ඉහළ ආදායම් වාර්තාවක් උපයමින් වීකෙන්ඩ් ටොප් ටෙන් අතර දෙවන තැන හිමි කරගෙන තිබේ.මෙම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය සඳහා Golden Trailer Awards සම්මානය ලැබිණි. එහිදි අංශ කිහිපයක් යටතේ අයන් මෑන් 3 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට තෝරා ගැනිණ. Summer 2013 Blockbuster Trailer යටතේ සම්මානය හිමි වුණ ද අංශ කිහිපයක් යටතේ සම්මාන සඳහා නිර්දේශ විය.මිනිත්තු 130 ක් පුරා ප්‍රේක්ෂක හදවත් ත්‍රාසයෙන් කුළුගන්වමින් ඉතාම ආකර්ෂණීය අයන් මෑන් 3 ර්චපමඥත ඉබභඤඪධඵ හි නිෂ්පාදනය වූ අතර වෝල්ටර් ඩිස්නි බෙදාහැරීමකි. සුපර් හීරෝ චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ Marvel Studiosඅයන් මෑන් 3 චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ය.ඩබ්.ඩී.පී. විජේරත්න
|
CREATIVE
|
සඳසීලි ප්‍රනාන්දු ඔබට හමුවන්නේ ඉරේෂ් ලොකු බණ්ඩාරගේ තඹ පාට හැන්දෑවෙහි වලව්වේ චරිතයෙනි. තම කුලුඳුල් රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වන්නට සමත් වූ ඇය සරසවිය හා එක්ව අදහස් බෙදා ගත්තේ මේ අයුරිනි.ටෙලි නාට්‍යයක චරිතයක් කරන එක කාලාන්තරයක් තිස්සේ පැවති බලාපොරොත්තුවක්. රැකියාව නිසා ඒ බලාපොරොත්තුව මගේ ජීවිතයේ තරුණ විය ඉක්මවා යනකම් බැරි වුණා.* කොහොමද තඹ පාට හැන්දෑව සමඟ ඔබ එකතු වන්නේ?මගේ යාළුවකුග් මාර්ගයෙන් මට ඉරේෂ්ව අඳුනගන්න ලැබුණා. මගේ ගැන දැනගත් ඔහු ආයෙ දෙවතාවක් හිතන්නේ නැතුව ඒ නාට්‍යයේ හමු ගේ චරිතය දුන්නා. මටත් පුදුමයි. හාමු හරිම සැරයි මං ඉතින් බලෙන් ඒ නපුරුකම ආරූඪ කරගෙන රඟපෑවා.* මුලින්ම කැමරාව ඉදිරියට එද්දී බයක් හිතුණේ නැතිද?මොකද නැත්තේ. ටිකක් නෙවෙයි, හොඳටම බය හිතුණා. ඉරේෂ් ඇතුළු කණ්ඩායමේ අයගෙන් මට ලොකු සහායක් ලැබුණා. ඒක නිසා ක්‍රම ක්‍රමයෙන් මගේ බය දුරු වුණා.* තරුණ කාලයේදී රංගනයට පිවිසුණා නම් අද වන විට ඔබ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන්නට තිබුණා?ඕක මටත් නිතරම හිතෙන අදහසක්. ඒත් පවුලේ වැඩ කටයුතුවලටයි මූලිකත්වය දුන්නේ. රංගන හීනය කෙදිනක හෝ සැබෑ කර ගන්නවා කියලා හිතාගෙන හිටියා.* පාසල් වේදිකාවේවත් රඟපාලා නැද්ද?මෙකද නැත්තේ පාසලේදී මනමේ වේදිකා ගත කළා. එහි හැම වාරයකම මනමේ කුමාරි හැටියට රඟපෑවේ මම.* කොහොමද රංගන ක්ෂේත්‍රය?ගොඩක් හොඳයි. මා හිතුවාටත් වඩා සුහදශීලීයි. දැන් ඉතින් දිගටම රඟපානවා.* තඹ පාට හැන්දෑවේ රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?මට සමහර තැන්වලදී කේන්තියෙන් ඩයලොග් කියන්න තිබුණා. ඒ වගේ වෙලාවල්වලදී මං මාවම අතින් කොනිත්ත ගත්තා. එතකොට මට අමුතුවෙන් කේන්තියක් මවාගන්න වුවමනා වුණේ නැහැ. එහෙම රඟපාපු හැම වෙලාවක්ම මට අමතක වන්නේ නැහැ. මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?තවත් නාට්‍ය දෙකකට විතර කතා කළා. ඉන් එකක් මේ වගේම නපුරු චරිතයක්. මගේ පෙනුමට එවන් වූ චරිත ලැබෙන්නේ.* ඔබේ පෞද්ගලික විස්තරත් කතා කරමු?මගේ පදිංචිය මහරගම. මං දැන් අත්තම්මා කෙනෙක්. මගේ දරුවන්ගේ බබාලා සමඟ විවේක වේලාවන් ගත කරනවා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව -මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මේ වසරේ සියවස සමරන ඉන්දියානු සිනමාවේ කතාන්තරයේ තවත් රසබර කොටසක්.ඉන්දියානු සිනමාවේ බිහි කරන ලද සිනමාකරුවන් අතර මෙහෙබ්බු ඛාන්ට අයත් වන්නේ ඉහලම තැනකි.සාගර් මුවිටෝන් හරහා අල් හිලාල් චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන මෙහෙබුබ් සාගර සහ එහි අනුප්‍රාප්තික නැෂනල් ස්ටුඩියෝවෙන් පසු 1942 වසරේ දී තමාගේම මෙහෙබුබ් නිෂ්පාදන සමාගම ආරම්භ කළේය. ඔහුගේ චිත්‍රපට පුරා විහිදුන වීර කාව්‍යය සම්ප්‍රදාය හේතුවෙන් මෙහෙබුබ් හින්දි සිනමාවේ සිසිල් බී ඩිමෙල් ලෙස හඳුන්වා දෙන ලදී.සාගර් නම නැෂනල් ස්ටුඩියෝ වශයෙන් වෙනස් කළ පසු ඔහු ඒ වෙනුවෙන් චිත්‍රපට තුනක් නිර්මාණය කළේය. ඒ අවුරත් (1940),බහේන් (1941) සහ රොටී (1942) එම චිත්‍රපට ත්‍රිත්වයයි.පසු කලක ඉන්දියානු සිනමාවේ සදාකාලික විශිෂ්ට චිත්‍රපටයක් ලෙස සිනමාවට නැගුණ මදර් ඉන්ඩියා යනු අවුරත් චිත්‍රපටයේ ම ප්‍රති නිර්මාණයකි.අවුරත් චිත්‍රපටය සඳහා මුල් අදහස ලබා ගෙන ඇත්තේ පර්ල් එස්.බක් ගේ ද ගුඩ් අර්ත් නවකතාවෙනි.වූයේය.මේ චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වූවා පමනක් නොව ඒ සමග අති විශාල විචාරක ප්‍රසාදයක් ද මෙහෙබුබ් ට ළඟා කර දුන්නේය.අවුරත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ සර්දාර් අක්තාර් ගේ රංගනය ද ඉතා විශිෂ්ට එකකි.සමාජ සිද්ධීන් හරහා ඉන්දියානු ජන ජීවිතයේ නිළ ඇල්ලීමට මේ මුල් චිත්‍රපට ත්‍රිත්වයේ දී ම මෙහෙබුබ් වග බලා ගත්තේය.මේ චිත්‍රපට සියල්ල සමාජ විග්‍රහයන් වූයේය.එමෙන්ම විලාසයෙන් සම්ප්‍රදායික ඉන්දියානු සිනමා ගති ලක්ෂණ එහි ගැබ් වූව ද ගැඹුරු සිනමා ප්‍රවේශයක් එයට ලබා දීමට මෙහෙබුබ් සමත් විය.එහෙත් මේ වනවිට නැෂනල් පික්චර්ස් පාලනාධිකාරිය සහ මෙහබුබ් අතර මත ගැටුම් බහුල විය.එහි ප්‍රතිඵලය වූයේ තමන්ගේම චිත්‍රපට සමාගමක් ඇරඹීමට මෙහෙබුබ් එයින් ඉවත් ව යෑමයි.ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් හෝ ඉන්දියානු මහජන නාට්‍ය සංවිධානයේ (.ඪ.න.බ.ච) සාමාජිකයකු නොවුව ද මෙහෙබුබ් සිය සමාගමේ සළකුණ ලෙස භාවිතා කළේ දෑකෑත්ත සහ මිටිය යි.මෙහෙබුබ් සමාගමේ චිත්‍රාගාරය 1952 වසරේ ඉදිවුණ අතර හියුමාන්,අන්මොල් ගාධි,එලන්,අනෝකි ආදා,අන්දාස්,ආන්,අමර්,මදර් ඉන්ඩියා සන් ඔෆ් ඉන්ඩියා යන චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ එමගිනි.මෙහෙබුබ් විසින් නිර්මාණය කරන ලද මදර් ඉන්ඩියා තරම් ජනප්‍රිය චිත්‍රපටයක් හින්දි සිනමා ඉතිහාසයේ බිහි වූයේ නැත.වර්තමානයේ කොපමණ චිත්‍රපට මුදල් ඉපැයීම අතින් ඉහල අගයක් ගත්ත ද එදා ප්‍රවේශ පත්‍ර මිළ හා ඉන්දියානු සිනමා වෙළඳ පොල හා සසඳද්දී මදර් ඉන්ඩියා ලැබූ ආදායම ඒ එකක් හෝ සමග සැසඳීම යුක්ති සහගත නොවේ. එය 1957 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොදම විදේශ භාෂා චිත්‍රපටය ලෙස නාමයෝජනා දිනා ගැන්මට ද සමත් විය.ඉන්දියානු සිනමා ඉතිහාසයේ එම සම්මානය සඳහා නිර්දේශිත මුල්ම චිත්‍රපටය වූයේ මදර් ඉන්ඩියා වන අතර යළිත් ඒ සඳහා නිර්දේශිතවන්නට ඉන්දියාවට තවත් දශක ගණනාවක් ගත විය.කෙසේ වෙතත් මදර් ඉන්ඩියා අදාළ සම්මානය නොලැබීම මෙහෙබුබ් ට කෙතරම් බලපෑමක් කළා ද කිවහොත් ඇකඩමි සම්මාන උළෙලට සහභාගිවූ මෙහෙබුබ් ආපසු ආවේ අංශ භාග රෝගියකු හැටියටය.ඔහු අවසන් වරට නිර්මාණය කරන ලද සන් ඔෆ් ඉන්ඩියා මදර් ඉන්ඩියා චිත්‍රපටයේම කොටසක් ලෙස හැඳීන්වුව ද එය ඔහුගේ මුල් චිත්‍රපට සමග කිසිසේත් සැසඳීය නොහැකිව තිබිණ.1906 වසරේ දී ගුජරාටයේ දී මෙහෙබුබ් උපත ලද්දේ රම්ජන් ඛාන් යනුවෙනි.1964 වසරේ ඔහු මිය ගියේ ජූලි 28 වැනි දිනය. ඒ ජවහර්ලාල් නේරු තුමන් මිය ගිය දිනට පසුදිනය.ඒ වන විට ඔහුගේ මෙහෙබුබ් චිත්‍රාගාරය වස්තු භංගත්වය ළඟා වෙමින් තිබිණ.වසර ගණනාවක් එහි ශබ්දාගාරය පවත්වා ගෙන ගිය නමුත් පසුගිය වසරේ මේ භූමිය ද නිවාස සංකීර්ණයක් ඉදි කරනු වස් ඉවත් කෙරිණ.එහෙත් මදර් ඉන්ඩියා චිත්‍රපටය අද පවා බොහො සිනමා විචාරකයන්ගේ ද සිනමා විද්‍යාර්තින්ගේ ද අවධානයට පාත්‍ර වන චිත්‍රපටයක්ව ඇත්තේය. ඒ ඉන්දියානු සිනමාව හැදෑරීමේදී එය ඉන්දියානු නාට්‍ය කලා සම්ප්‍රදායත් අතීතයේ සිට උරුම කම් පෑ කතා කීමේ ඉන්දියානු ශෛලියත් සාමාන්‍ය ජන ජීවිතය ඇතුළතට එය කිඳා බසින අයරුත් විග්‍රහ කරන්නට එතරම් හොඳ නිදර්ශණයක් තවත් නැති තරම් හෙයිනි.ප්‍රවීණ සිනමා විචාරිකාවක් වන ගයාත්‍රි චැටර්ජි මදර් ඉන්ඩියා පිළිබද විශිෂ්ට ග්‍රන්ථයක් ද රචනා කරන ලද්දීය.එපමනක් නොව මදර් ඉන්ඩියා අපේ කලාපයේ ගැහැනුන්ගේ චිත්ත ශක්තිය පිළිබඳ කදිම ප්‍රශස්තියක් ද වන්නේය.මතු සම්බන්ධයිඅරුණ
|
CREATIVE
|
පළමු සිංහල කතානාද චිත්‍රපටය තිරගත වී මෙම වසරේ මෙම මස 21 වැනිදාට වසර හැට හතක් සපිරීම නිමිති කර ගනිමින් මෙරට පුරෝගාමී සිනමාකරුවකු, නළුවකු හා රචකයකු ද වන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් සමරා ඔහු විසින් රචනා කළ චිත්‍රපට ත්‍රිත්වයක් සිංහල සිනමාවේ ජන්ම දිනදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය වේ.ඒ අනුව එදින උදෑසන 10 ට ජේ. සිංහ අධ්‍යක්ෂණය කළ කපටි ආරක්ෂකයා ප්‍රදර්ශනය වේ.සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් සමඟ රොබට් පරාක්‍රම සේනානායක සිලෝන් තියටර්ස් නිෂ්පාදනය කළ එහි රුක්මණී දේවි, බී. ඒ ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, ජෙමිනි කාන්තා, හර්බි සෙනෙවිරත්න, මාක් සමරනායක ආදී පිරිස චරිත නිරූපණයේ යෙදෙති.දහවල් 12.30 බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ සැඟවුණු පිළිතුර තිරගත වනු ඇත. සිලෝන් තියෙටර්ස් ආයතනයේ නිෂ්පාදනයක් වන එහි රුක්මණී දේවි, එඩී. ජයමාන්න, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, බෙනඩික්ට් ප්‍රනාන්දු, මේබල් බ්ලයිත්, ස්ටැන්ලි මල්ලවආරච්චි මෙහි නළු නිළි පිරිවරයි.එදින තිරගත වන අවසන් චිත්‍රපටය වනුයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ හදිසි විවාහයයි. එය සවස 6 ට ප්‍රදර්ශනය වේ. සිලෝන් ස්ටුඩියෝහි නිෂ්පාදනයක් වන එහි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ධර්ම ශ්‍රී රණතුංග, ෂර්ලි බ්ලයිත්, රූබි ද මැල්, ඩඩ්ලි වානගුරු ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවා ඇත. මේ දරශනයන් නැරැඹීම සඳහා කලින් ආසන වෙන්කර ගත යුතුය. ඒ සඳහා 0112593429 ට කතා කොට ආසන වෙන් කර ගත හැකිය.එමෙන්ම එදා සවස 4 ට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සමරමින් විශේෂ උත්සවයක් පවත්වනු ලැබේ. ඔහුගේ සිනමා භාවිතය පිළිබඳ ග්‍රන්ථයක් ද එහිදීී එළි දැක්වේ. එපමණක් ද නොව රංගනවේදී බොනිපස් ප්‍රනාන්දු හට උපහාර තිළිණයක් ද ප්‍රදානය කෙරෙනු ඇත. මෙම චිත්‍රපට සංරක්ෂණය තිස්ස නාගොඩවිතානයන්ගෙන්ය.- ප්‍රසාද්
|
CREATIVE
|
සමන් පත්මකුමාරකලාවට යොමු වුණේ පාසල් වේදිකාවෙන්. මේ ක්ෂේත්‍රයෙන් දුර ගමනක් යන්න හීන මැව්වත්, දුර බැහැර ගමක ඉපදුනු නිසාම එයට බාධාවක් වුණා. මම පළමුව කළේ බස් එකේ කොළඹ එන්න පුරුදු වුණු එකයි.මේ කතාව පටන්ගන්නේ එතැනින්. කථානායකයා සමන් පත්මකුමාරයි. අංශ තුනක දස්කම් පාන මේ අපූරු තරුණයා Behind The Scene වෙත ඇස ගැටුනේ මයි නේම් ඉස් බන්දු චිත්‍රපටයේ රංගනයෙන් හා කලා අධ්‍යක්ෂණයෙන් දායක වී සිටියදී.මේ සමන් සහ Behind The Scene හමු වූ මොහොතයි.ඉතින් සමන් අපි කතාව කියමු?මම හැදුනෙ වැඩුනෙ කෑගල්ල දිස්ත්‍රික්කයෙ බුලත්කොහුපිටිය, යක්කැල්ල ගමේ. අධ්‍යාපනය ලැබුවේ යක්කැල්ල සීලානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන්. කොළඹ එන්න පුරුදු වී සිටි මම පුවත්පතක පළ වූ දැන්වීමක් අනුව1998 වර්ෂයේදී රත්නා පුෂ්පකුමාරි මහත්මිය සුදර්ශියේ පැවැත්වූ නාට්‍ය හා රංග කලාව කටහඬ වැඩමුළුවට සහභාගි වුණා. ඇය නිර්මාණය කළ ඒකාංගික ටෙලි නාට්‍ය බොහොමයකට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම එඩ්වින් ආරියදාස, සිරිතුංග පෙරේරා වැනි ප්‍රවීණයන්ගේ දැනුම ලබා ගන්නත් අවකාශය ලැබුණා. මේ ක්ෂේත්‍රයට එකපාරට ආව නොවෙයි. අවුරුදු ගානක් තිස්සේ ටිකෙන් ටික දැනුම ලබාගෙන තමයි දැන් ඉන්න තත්ත්වයට ආවේ.රංගන ශිල්පියෙක් වෙන්නයි මට ඕන වුණේ. වේදිකාව, ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රංගනයේ යෙදෙන අතර තමා කලා අධ්‍යක්ෂණය කියන කටයුත්ත කරන්නේ. ලෝක ජල දිනය වෙනුවෙන් පැවැත්වූ 2001 නාට්‍ය තරගයේදී අලුත් දවසක් වේදිකා නාට්‍යයයේ රංගනය සඳහා කුසලතා සම්මානයත්, පසුතල නිර්මාණය සඳහා විශිෂ්ට කුසලතා සම්මානයත් ලැබුණා. 2002 වර්ෂයේ කරීටා ශ්‍රී ලංකා සෙඩෙක් එක්ව පැවැත්වූ නාට්‍ය උළෙලේදී උඩුයටිකුරු වේදිකා නාට්‍යයේ පසුතල නිර්මාණය සඳහාත් 2011 කෙටි නාට්‍ය උළෙලේදී තොන්ඩුවක් සහ මිනිසෙක් නට්‍යයේ රංගනය සඳහා රංගන කුසලතා සම්මානයත් ලැබුණා.මේ දිනවල මොකද කරන්නේ?මේ දවස්වල නම් නාට්ටාමි වැඩේ කරන්නේ.ඒ මොකද ?මයි නේම් ඉස් බන්දු චිත්‍රපටයේ නාට්ටාමි කෙනෙකුගෙ චරිතයක් කරන්නේ. ඒකයි මම එහෙම කිව්වේ.රංගන ශිල්පිකු ලෙස මුදලක් ලැබුණු දවස මතකද?රත්නා පුෂ්පකුමාරි මහත්මිය නිෂ්පාදනය කළ අලි බබාලාගේ මොන්ටිසෝරිය නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් තමයි මට පළමුව මුදලක් ලැබෙන්නේ. එතුමිය මට ලියුම් කවරයක දමා රුපියල් 300ක් දුන්නා. මේ ලියුම් කවරයෙ සටහනක් තියෙනවා මෙන්න මේ විදිහේ. මේ මුදල දෙන්නේ ඔබගේ හැකියාව මුදලින් මනින්නට නොවෙයි. හැකියාව අගේ කිරීමක් විදිහටයි. ඒ ලියුම් කවරේ තාමත් මගේ ළඟ තියෙනවා.චිත්‍රපට සඳහා දායක වෙන්න අවස්ථාව උදාවුණේ කොහොමද?යමලොව වේදිකා නාට්‍යය හරහා 2002 දී සුරංග අල්විස් මහතාව මුණගැහෙනවා . එතුමාගෙ පළමු ච්ඍච් චිත්‍රපටයවන පිස්සු නැත්නම් ෂෝක් බුවා චිත්‍රපටයට රංගනයෙන් සහ සහාය අධ්‍යක්ෂණයෙන් සහභාගි වුණා . ඊට පසු එතුමා කළ සෑම චිත්‍රපටයකටම දායක වුණා .එතුමා තමයි රංගනයට අමතරව කලා අධ්‍යක්ෂණය පැත්තට මාව යොමු කළේ.සමන්ගේ අනාගත බලාපොරොත්තුව?හොඳ රංඟන ශිල්පියෙක් වෙන්න.පවුලෙ විස්තර කිව්වොත්?මම තාම අවිවාහකයි. ඒනිසා මමයි, අම්මයි, තාත්තයි විතරයි.අපේ කතාබහ අවසන් කරන්නට මත්තෙන් ඔබට මේ ගමන එන්නට සහාය වූවෝ මතක්කරමු?රංගනයේ අයනු ආයනු කියාදුන් මගේ ගුරුතුමිය රත්නා පුෂ්පකුමාරි මහත්මියට, නිශාන්ත වීරසිංහ, සුරංග අල්විස්, මොහාන් ආරිය රත්න, සමන්ත මායාදුන්න මහත්වරුන්ට හා මගේ මවු පියන්ට ස්තූති කරන්නට මෙය අවස්ථාව කරගන්නවා.තිස්ස ධම්මිකඡායරූපය - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ගායන ශිල්පිනීචරිතා ප්‍රියදර්ශනී පීරිස්විභාග කටයුතුවල නියැළීමට අමතරව අපේ සැරිසර ශිල්ප ශාලිකාවේ දරු දැරියන්ගේ ඉන්දීය විභාගයක් වන භාත්ඛණ්ඩේ විභාග සඳහා ළමයින්ව පුරුදු පුහුණු කරනවා. ඉදිරියේදී තවත් ළමයින් ශිල්ප ශාලිකාවට බඳවා ගැනීමටත් නියමිතයි.ඒ සඳහා අවශ්‍ය අයට ඇතුළත්වීමට ඉදිරි කාලයේදී ඉඩහසර විවෘත වේවි. ඒ වගේම නව ගීත කිහිපයක් පටිගත කිරීම්වල නියැළෙන බවත් සිහිපත් කළ යුතුයි. ‘මාරම්බරී’ ප්‍රසංගය රට වටේම අරගෙන යන ගමනේදී එහි සංවිධායකවරිය ලෙස කටයුතු කරන්නේ මමයි. ඒ නිසා මම තරමක් වැඩ කටයුතුත් සමඟ කාර්යබහුලයි.
|
CREATIVE
|
මෙවර සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු සැපයුවේ රංගන ශිල්පිනී සුරංගි රුවන්මලී සමඟින් රංගන ශිල්පී කපිල සිගේරා.
|
CREATIVE
|
අන්‍යයන් සිනහ ගන්වන රංගධරයන් බොහෝ විට හදවතින් දුක්වන්නන්ය. ලොවක් හිනැස්සූ, සංවේදී කළ රොබින්ස් විලියම්ස් අයත් වන්නේ ඒ කාණ්ඩයටය. ‘මිසිස් ඩවුට්ෆයර්’ අමෙරිකානු ප්‍රහසන සිනමාපටයේ මිසිස් ඩවුට්ෆයර් ලෙස රැඟීමෙන් අතිශය ජනාදරයට පත් වු රොබින්ස් විලියම්ස් අගෝස්තු 11 වැනි දින මිය ගියේ හැටතුන් වැනි වියේ පසුවෙද්දීය. ඔහුගේ මරණයට හේතුව විෂාදය නිසා ඇති වූ සිය දිවි නසා ගැනීමක් ලෙසට සැක කෙරෙයි.හැත්තෑව දශකයේදී ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටියදී රොබින්ස් කොකේන් සහ මත් වතුරට තදින් ඇබ්බැහි වූයේය. 1983 වසරේදී ඔහු ඒ නරක පුරුද්දට සමු දුන්නත් අධික ලෙස මත් වතුරට ඇබ්බැහි වීමෙන් පසු ඇතිවිය හැකි විෂාදයේ ගොදුරක් වීම වැළැක්වීමට නොහැකි විය. අවසානයේදී ඔහු ඊට ජීවිතයෙන් වන්දි ගෙව්වේය.රොබින්ස් ජනප්‍රිය මෙන්ම විශිෂ්ට සිනමාපට රැසක රඟපෑවේය. ‘ගුඩ් මෝනිං වියට්නාම්’ (1987) ‘ඩෙඩ් පොයට්ස් සොසයිටි’ (1989), ‘අවේක්නිංග්ස්’ (1990), ‘ද ෆිෂර් කිංග්’ (1991), ගුඩ් විල් හන්ටිං (1997), ඇලඩින් (1992), ‘නයිට් ඇට් ද මියුසියම්’ (2006) ඒ අතරින් ප්‍රධානය. ‘ගුඩ් විල් හන්ටිං’ රංගනයට ඔහු හොඳම සහාය නළුවා ඔස්කාර් සම්මානයට පාත්‍ර විය. රොබින්ස් තෙවරක්ම ඔස්කාර් සම්මානයට නිර්දේශ වී තිබේ.ඔහු එමී සම්මාන ද්විත්වයකට ද, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරකට ද, ග්‍රැමී සම්මාන පහකට ද, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් අවෝඩ්ස් දෙකකට ද හිමිකම් කියන්නෙකි.තෙවරක් විවාහ ජීවිතයට ඇතුළත් වූ රොබින්ස් මිය යන විට ජීවත් වූයේ තෙවැනි බිරිය, ග්‍රැෆික් මෝස්තර ශිල්පිනී, සුසෑන් ස්කනීඩර් සමඟයි. කලින් විවාහයන්ගෙන් ඔහුට දරුවන් තිදෙනකු සිටියි.චම්පිකා
|
CREATIVE
|
රංගන ශිල්පීකමල් අද්දරආරච්චිමේ දවස්වල ඉතිං මම කරන්නේ ‘දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන’ ඉන්න එකයි. ඒත් එක්කම ජයන්ත චන්ද්‍රසිරි කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයෙහි රඟපෑමත් මට ගිලිහිලා ගියා. ඒ දින ප්‍රශ්නයක් නිසයි. කොහොම වුණත් ‘රඟපෑම් ඉවරයි’ වේදිකා නාට්‍යයත් සමඟ මම ලංකාව පුරාම යනවා. ඒකට නම් සතුටුයි. ඒත් ළඟදීම තවත් වසරක් ගෙවිලා වයසට යන්න වෙන එක ගැන නම් මගේ සිතේ තිබෙන්නේ පුංචි දුකක්.
|
CREATIVE
|
ස්වයංජාතට සම්මාන පිට සම්මානබිමල් – දමිතාහොඳම නළු නිළි යුවලසාරංග නෙහාරාට ජනප්‍රිය සම්මානහොඳම නිළිය වූ සතුට සමඟින් දමිතා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අතින් හොඳම නළුවාට හිමි සම්මානය බිමල් ජයකොඩි ලබා ගනිමින්. අට වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල අතිශය උත්කර්ෂවත් අන්දමින් පසුගිය සිකුරාදා සවස බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.පසුගිය වසරේ විකාශය වූ ටෙලි නිර්මාණ ඇගයීමේ අරමුණින් රයිගම් ආයතනය මඟින් පවත්වනු ලබන එය මෙවර නිමාව දුටුවේ ස්වාධීන රූපවාහිනි සම්මාන දහ අටකින් පිදුම් ලබා 2011 වසරේ විශිෂ්ටතම නාලිකාව බවට පත් වෙමිනි.සැනකෙලියයි මායා ටෙලි සිතුවමේ ආමන්ත ලෙස රඟපෑ බිමල් ජයකොඩි වසරේ හොඳම නළුවා වූ අතර ස්වයංජාත හි එමළියා වූ දමිතා අබේරත්න වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන් දෝත දරා ගත්තීය.සාරංග දිසාසේකර ජනප්‍රියම නළුවාට හිමි තැන ගනිද්දී නෙහාරා පීරිස් ජනප්‍රියම නිළිය විලස කිරුළු පැළැඳීය. සිහින පියාපත් ජනප්‍රියම නාට්‍ය බවට පත් විය.ඒ ආනන්දජනක රාත්‍රියේ සෙසු සම්මානයන් දිනා ගත්තෝ මෙසේය.හොඳම ටෙලි නාට්‍ය - ඇත්කඳ ලිහිනියා - සරත් ධර්මසිරිඒකාංගික -සුළඟට එන්න කියන්න - සිරස නාලිකාවහොඳම අධ්‍යක්ෂ - සරත් ධර්මසිරි – ඇත්කඳ ලිහිනියාහොඳම තිර රචනය - සරත් ධර්මසිරි – ඇත්කඳ ලිහිනියානැගී එන නළුවා - රයන් වැන්රෝයන් – කඩදොරඅතුල පතිරණ - ස්වයංජාතනැගී එන නිළිය – ප්‍රතිභා හෙට්ටිආරච්චි - සැනකෙළියයි මායාරශ්මි යාලගල – සුළගට එන්න කියන්නහොඳම ගායිකාව - නන්දා මාලිනී - ස්වයංජාතහොඳම ගායකයා - සුනිල් එදිරිසිංහ - ස්වයංජාතහොඳම ගීත රචනය – බණ්ඩාර ඇහැලියගොඩ - ස්වයංජාත නාට්‍යයේ ‘පාරමී දම් පුරා’හොඳම සංගීත අධ්‍යක්ෂණය – නවරත්න ගමගේ - ස්වයංජාතහොඳම සංස්කරණය – හිමාල් ධර්මරත්න – ඇත්කඳ ලිහිනියාහොඳම කැමරාකරණය – චින්තක සෝමකීර්ති – කඩදොරහොඳම කලා අධ්‍යක්ෂණය – දීප්ති මංගලසෝම - ස්වයංජාතහොඳම අංග රචනය – නලීන් ප්‍රේමතිලක / පූජිත සන්දාදුර - ස්වයංජාතහොදම රියැලිටි වැඩසටහන –රණවිරු රියල් ස්ටාර්හොඳම වැඩසටහන් ඉදිරිපත් කරන්නා -සමිත ප්‍රසන්න ආරච්චි - සිංහලෂැරෝන් මස්ක්‍රෙන්හෑස් - ඉංග්‍රීසිසී. කිරුභාකරන් – දමිළහොඳම ප්‍රවෘත්ති නිවේදක -චේතනා ලියනගේ - සිංහලඉෆ්රාන් මොහොමඩ් – දමිළමහීනා බොන්සෝ - ඉංග්‍රීසිහොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය -විමර්ශන – මහව නාගොල්ලාගම ගස්ලබු වගා විනාශය - සිරසදොම්පෙ පොලීසියට පහරදීම - දෙරණහොඳම ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන – ඔබද ලක්ෂපති මම ද ලක්ෂපතිහොඳම සංගීත වැඩ සටහන - සාධු නාදහොඳම කාලීන වැඩසටහන – සියඹලාණ්ඩුවේ ඇතාගේ නික්ම යාම - සමන් කුමාර රාමවිත්‍රමහොඳම වාර්තාමය වැඩ සටහන – අපූරු ඉස්කෝලේ මහත්තයා - මයුරි වානගුරුහොඳම දේශපාලන සාකච්ඡාමය වැඩ සටහන – රතු ඉර – බුද්ධික කුලසේකරහොඳම අධ්‍යාපනික වැඩසටහන - පටිභා - කරණීය මෙත්ත සුත්‍රය – රන්ජීවනී බැද්දෙවිතානහොඳම ක්‍රීඩා වැඩසටහන - ස්ටෝරි ඔෆ් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් – අමන්ත විජේසූරියහොඳම ළමා වැඩසටහන – හුරුබුහුටි – අකුර – නාලනී ධර්මරත්නජූරියේ විශේෂ සම්මානරංගනය -හිමාලි සිරිවර්ධන - සඳගිරි පව්වප්‍රියංකර රත්නායක - සුළඟට එන්න කියන්න, කඩදොරශ්‍රියන්ත මෙන්ඩිස් – ඇත්කඳ ලිහිනියාවැඩසටහන්:360ලෝක සිතියමජූරියේ කුසලතා සම්මානරංගනය:චමිල අත්තනායක – සැනකෙළියයි මායාඋද්දික ප්‍රේමරත්න – කප්සුවහස් කල්, ස්වයංජාත, බොඳ මීදුම්අනුර බණ්ඩාර රාජගුරු - ස්වයංජාත, කෝරලේ මහත්තයා, මරණයක්ජූරිය මගින් පිරිනමනු ලබන සහතික පත්‍ර (රංගනය)ප්‍රන්සි ටෙහාරා - අවුරුදු දියණියතිෂූණ පෙරේරා - ස්වයංජාත2010 වසරේ සම්මානනීය නාලිකාව:ස්වර්ණාවාහිනියවිශේෂ ප්‍රණාම සම්මානයතිලක් ගුණවර්ධනරොස්මන්ඩ් සේනාරත්නප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයටෝනි රණසිංහප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
හොබිට් පෙරටමෙවර අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහයේ පෙරමුණ ගෙන තිබෙන්නේ පීටර් ජැක්සන් අධ්‍යක්ෂණය කළ The Hobbit : The Desolation of Smaung චිත්‍රපටය යි. ත්‍රාසජනක කතා තේමාවක් රැගත් එය The Hobbit චිත්‍රපට මාලාවේ දෙවැන්නයි. ඉයන් මැක්ලෙන්, මාර්ටින් ෆ්‍රීමන්, රිචඩ් ආමිටේජ් රංගනයෙන් දායකවන මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී අමෙරිකාවේ ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 73.6ක් උපයා තිබුණි.දෙවැනි ස්ථානය හිමිවී තිබෙන්නේ හාස්‍යමය චිත්‍රපටයක් වන Frozen චිත්‍රපටයටයි. පසුගිය නොවැම්බර් 27 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ Frozen සිව්වැනි සති අන්තයේදී ඩොලර් මිලියන 22.6ක ආදායමක් වාර්තා කළේය. මෙම දර්ශකයේ තෙවැනි ස්ථානයට පැමිණ තිබෙන්නේ පසුගිය දෙසැම්බර් 13 වැනිදා අමෙරිකාවේදී තිරගතවීම ආරම්භ කළ ඒMadea Christmas චිත්‍රපටයයි. හාස්‍යමය කතා තේමාවක් රැගත් මෙහි අධ්‍යක්ෂණය ටේලර් පෙරී විසිනි. පළමු සති අන්තයේදී එය ඩොලර් මිලියන 16ක ආදායමක් වාර්තා කළේය.The Hunger Games : Catching Fire චිත්‍රපටය සිව්වැනි ස්ථානයේ රැඳී සිටින අතර සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 13.7ක්. දැනට සති හයක් පුරා බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටින Thor : The Dark World චිත්‍රපටය පස්වැනි ස්ථානයේ සිටියි. පසුගිය දෙසැම්බර් 06 වැනිදා අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ Out of The Furnace චිත්‍රපටයට හිමිව ඇත්තේ හයවැනි ස්ථානය යි. කේන් ස්කොට් අධ්‍යක්ෂණය කළ Delivery Man සහ ස්ටෙෆන් ෆේරයර්ස් අධ්යක්ෂණය කළ Philomena චිත්‍රපට පිළිවෙලින් හත්වැනි සහ අටවැනි ස්ථානයන්හි රැඳී සිටියි.අමෙරිකානු බොක්ස් ඔෆිස් පළමු චිත්‍රපට දහය අතරේ නමවැනි ස්ථානය The Book Thief චිත්‍රපටය හිමිකර ගන්නාවිට මෙම සති අන්තයේ දසවැනි ස්ථානය හිමි වූයේ ග්‍රේ ෆ්ලෙඩර් අධ්‍යක්ෂණය කළ Homefront චිත්‍රපටය යි. The Best Man Holiday සහ Dallas Buyers Club මෙවර පළමු චිත්‍රපට දහයෙන් ඉවතට ගිය චිත්‍රපට වේ.යතේජා
|
CREATIVE
|
රජ වැඩකාරයෝතිරගත වූ දිනය – 1987 සැප්තැම්බර් 11 නිෂ්පාදනය – නිහාල් චන්ද්‍රසිරි, ඉන්ද්‍රාණි චන්ද්‍රසිරි දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස් සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල කැමරාකරණය - එම්. ඒ. ගෆූර් සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, රංජිත් පෙරේරා රසායනාගාර සහාය - සුනිල් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න, ජයරත්න පෙරේරා, වසන්ත ජයතිස්ස, රංජිත් රණසිංහ සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නිෂ්පාදන විධායක – බර්ටි තලගල සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත - පෙර ජාති ජාති මා සංසාරේ – එච්. ආර්. ජෝතිපාල, අමිත් වල්පොල මල්බර වසන්තේ – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල පෙර ජාති ජාති මා - එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද සීතාදෝ මේ කැකුළීමා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක රෑ බෝ වූ මේ පැයේ - මායා දමයන්ති පෙරේරා රාගේ මා ගයනා මේ ගීතේ - ෆ්‍රෙඩී සිල්වා පෙර ජාති ජාති මා සංසාරේ – එච්. ආර්. ජෝතිපාල රංගනය – විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, සෝනියා දිසානායක, සමන්ති ලැනරෝල්, චන්දි රසිකා, ෆ්‍රෙඩී සිල්වා, අරුණ ශාන්ති, විල්සන් කරුණාරත්න, මැණික් කුරුකුලසූරිය, සුමනා ගෝමස්, ලිලියන් එදිරිසිංහ, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, පියතිලක අතපත්තු, සරත් ද සිල්වා, ගාමිණි කුමාර්, ලාල් කුමාර්, විනී සිගේරා, හේමසිරි හල්පිට, ජයලත් ප්‍රනාන්දු, උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු, සිසිර කුමාරතුංග, සුනිල් සෝම පීරිස්, නිහාල් ප්‍රේමචන්ද්‍ර, ශ්‍රීමතී රසාදරීරන් දම්වැල්තිරගත වූ දිනය – 1987 ඔක්තෝම්බර් 02 නිෂ්පාදනය - ඩොරින් ශ්‍රියානි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය – ඇලරික් ලයනල් ප්‍රනාන්දු කතාව, දෙබස් - සිරි කහවල සහාය අධ්‍යක්ෂණය – ගාමිණී ජයමාන්න කැමරාකරණය - ජෝන් ජේ. යෝගරාජා කැමරා සහාය – මාෂල් ස්ටැන්ලි සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු අංග රචනය – රංජිත් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනානදු ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, එස්. එස්. කේ. අල්විස් කාර්මික සහාය – ඒ. ඩී. ප්‍රේමරත්න, අනිල් පෙරේරා, ලලිත් තෝමස්, ෆ්‍රැන්ක්ලින් රූප් රසායනාගාර කටයුතු – රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය රසායනාගාර සහාය – ජයරත්න පෙරේරා, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය – කැලණිය නිෂ්පාදන කළමනාකරණය - ඩොරින් ශ්‍රියානි ප්‍රනාන්දු කැමරා උපකරණ – වාසනා චිත්‍රපට කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන, හේමසිරි හල්පිට, දයාසේන ගුණසිංහ ගීත - ළං වෙන්නවදෝ වෙන් වූයේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල වෙන් වෙන්නවාදෝ ළං වූයේ - වික්ටර් රත්නායක ඔබ කවුද කිමද – ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද ස්කොට්ලන්තේ - ෆ්‍රෙඩී සිල්වා නිම් නැති ආශා සිත් පුරා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල නෙත උදාවේ මල් විමන් – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල රංගනය – විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, රෝසි සේනානායක, මැණික් කුරුකුලසූරිය, දයානන්ද ජයවර්ධන, වින්සන්ට් කරුණාරත්න, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, සුමිත් මුදන්නායක, ආතර් ගුණවර්ධන, මුනිදාස පීරිස්, විශාකා සිරිවර්ධන, දිල්හාරා ජයවර්ධන, සිසිර කුමාරතුංග, නිමල් පල්ලේවත්ත, රංජිත් වික්‍රමසිංහ, ලක්ෂ්මන් මල්ලවආරච්චි, සුනීතා විමලවීරඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|
CREATIVE
|
චරිතාංග නළුවකු වන ආනන්ද වික්‍රමගේ පසුගියදා සුදර්ශිය පැත්තට ගොඩ වැදුණා. දැඩි අව් රශ්මිය නිසා ඔහු අව් කණ්නාඩියකුත්පැළැඳගෙනයි සිටියේ.නුග ගහ පැත්තේ වටයක් කැරකුණු ඔහු එතන තිබුණ බංකුවේ ඉඳගත්තා. ඔහුගේ හැසිරීම හරියට ඇස් අන්ධ කෙනෙක්ගේ වාගේ යැයි බොහෝ දෙනෙක් කතා වුණා. මෙහෙම ටික වේලාවක් බංකුවේ ඉඳගෙන සිටි ආනන්ද එකවරම නැගිට තම රථය වෙත ගියා. කාර් එක පණ ගැන් වූ ඔහු සුදර්ශියේ මිදුල වටේ හත් අට වතාවක්ම කැරකුණා. මේ දෙස බලාන සිටි හැමෝටම පුදුමයි.‘ඔය සුදර්ශියේ ෂූටින් තියනවා කියලා ආනන්දට කවුද ලණුවක් දීලා. ඒ තරහට තමයි කාර් එක හත් අට වතාවක් කරකවලා යන්න ගියේ’ කියලා කවුදෝ කියනවා ඇහුණා. මේ ගැන ආනන්ද වික්‍රමගේ නම් මොනවත් කියන් නැහැ.මේ කතාව නම් රුවන් මාලිගා හි පංචාලි ගැනයි. එහෙම නැත්නම් ජීවිතේ ලස්සනයි හී ගයනා. මේ කොහොම කිව්වත් ඇය රටම හඳුනන නදීෂාඅලහප්පෙරුම. ඇය පසුගිය දිනවල රන් සමනළයෝ ටෙලි නාට්‍යයේත් රඟපෑවා.හිටපු ගමන් ඇය නාට්‍යයෙන් ඉවත් වෙලා කියලා ක්ෂේත්‍රයේ කතාබහක් ඇති වුණා. කාරණේ ඇත්තයි. ඇය රන් සමනළයෝ පමණක් නොවෙයි, කිසිම ටෙලි නාට්‍යයක මාස දහයක් පුරාවට රඟපාන්න ගිහින් නැහැ.ඒ ගැන හොයලා බැලූ විටයි දැනගන්න ලැබුණේ ඇය මවු පදවිය ලබලා බව. දැන් නදීෂාට මාසයක් වයසැති සුරතල් පුතෙක් සිටිනවා. ඔහුගේ නම නිතුම් නික්ලේෂ්. නිතුම් කියන නම සමන්ති අහුබුදුගේ. නික්ලේෂ් කියන නම කැළුම් ශ්‍රීමාල් යෝජනා කළ බවයි නදීෂා කිව්වේ.ජයසේකර අපොන්සු මේ දිනවල ‘තූර්යා’ ටෙලි නාට්‍යයේ කැපී පෙනෙන චරිතයක් රඟපානවා.මේ චරිතයේ හැටියට ඔහුගේ කටේ නිතරම රැෙඳන වචනයක් වන්නේ ‘ඕම් ශාන්ති’ කියන වචනයයි.ජයසේකර අපොන්සු දැන් නිතරම මේ වචනය කියනවලු.මේ අතර වාරයේ ඔහු හා තවත් සගයෙක් බයිසිකලයක් පදිමින් සිටියා. බයිසිකලයේ බ්‍රේක් කවුද බුරුල් කරලා. ටිකක් වේගය වැඩි වුණ ගමන් අපොන්සුට බයිසිකලය පාලනය කර ගන්න බැරි වෙලා. ජයසේකර අපොන්සුයි ඔහුගේ සගයයි දෙන්නම කටු අකුලකට පෙරළිලා. ඒ වෙලාවේ වටේ පිටේ හැමෝටම ඇහෙන්න ‘ඕම් ශාන්ති’ කියලා කෑගැහුවා කියලා ආරංචියි. දැන් ඔහු පාරේ යන්නෙත් ඕම් ශාන්ති කිය කියාලු.කමල් අද්දරආරච්චි අපට සිටින ප්‍රතිභාපූර්ණ නළුවන් අතර කෙනෙක්. ඔහු පසුගිය වකවානුවේදී රංගනයට සමු දී ඉංග්‍රිසි ටියුෂන් පන්ති පවත්වාගෙන ගියා.ඔහු ටියුෂන් පන්තිවලටත් ආයුබෝවන් කියූ බව ආරංචියි.පසුගිය දවසක කමල් නුගේගොඩ සංහිඳ ශාලාවේ කෙළවරක හති හරිමින් සිටියා. එතනට සේන්දු වුණ අපේ මාධ්‍ය මිත්‍රයෙක් ඔහුගෙන් ඇසුවේ ‘ඇයි අයියේ මේ හති දාන්නේ’ කියලයි. එතකොට කමල් කීවේ,‘නෑ මල්ලි මම රඟපෑමයි, ටියුෂන් දීමයි නවත්තලා දැන් ටේබල් ටෙනිස් ගහනවා. ඒකයි මේ හති’ යනුවෙනුයි.සතියේ දිනවල හවස් යාමයේ සංහිඳ පැත්තේ ගියෝත් ඕනෑ කෙනෙකුට කමල්ව දැකගත හැකියි.
|
CREATIVE
|
රෙක්ස් කොඩිප්පිලි නම් චරිතාංග රංගනවේදියා ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැ. චිත්‍රපට ගණනාවක ප්‍රධාන දුෂ්ට චරිතය මැවූ ඔහු මේ දිනවල සිහින විලක් නාට්‍යය ඔස්සේ ඔබ හමුවට එනවා. රංගන කටයුතුත් සමඟ රෙක්ස් තවත් සුවිශේෂී කාර්යයක් වෙනුවෙන් මහන්සි වෙනවා කියලයි දැනගන්නට ලැබෙන්නේ.මේ 06 වැනිදා රෙක්ස්ගේ උපන් දිනය යෙදෙනවා. එය ඔහු සමරන්නට හිතාගෙන ඉන්නේ මඩපාත අති ගරු මාකස් ෆර්ඩිනැන්ඩස් පියනමට හිමි වැඩිහිටි නිවාසෙක එහි සිටින පිරිසට දහවල් දානය ලබා දෙන්නත් රෙක්ස් බලාපොරොත්තු වෙනවා. රෙක්ස්ට ‘සරසවිය’ අප සුබම සුබ උපන් දිනයක් යැයි පවසන ගමන් මේ කරන කටයුත්ත සාර්ථක වේවා යැයි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.ගුවන් විදුලි ගායන ශිල්පි, නළු ලූෂන් වර්ණකුලගේ පුතු පබසර ලක්ෂාන් ප්‍රනාන්දු හදවතෙහි ඇති සිදුරක් හේතුවෙන් අසනීප තත්ත්වයේ පසු වෙයි. ඔහුව සුව කිරීමට හාර ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරු පවසති.මේ වන විට ඉන් ලක්ෂ එකහමාරක් ජනාධිපති අරමුදලින් ලබා දී ඇත. ඉතිරි මුදල සොයා ගැනීම සඳහා ලූෂන් ඔබේ ආධාර පතයි. ඒවා 024200172170547 මහජන බැංකුව හලාවත ශාඛාවේ ඇති ගිනුමට ලූෂන්ගේ නමට බැර කළ හැකිය.මේ ලූෂන්ගේ දුරකථන අංකයයි 0776845015.සේයා - මාලන්
|
CREATIVE
|
පසුගිය කාලයේදී සබඳ බබානිස් සහ ස්නේහා ටෙලි නාට්‍යවල රූගත කිරීම් යොදා ගෙන තිබුණේ. මේ සතියේදී ඉතාලියේ ප්‍රසංග කිහිපයකටම සහභාගි වෙන්න නියමිතව තියෙනවා.අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල මහත්මාගේ අනුස්මරණ උළෙලත් යෙදිලා තියෙන නිසා ජෝති සැමරුම් උත්සවත් ඒ අතර වෙනවා. මා කැමැතිම ගායකයෙක් වන එතුමාගේ ගීත ගයන්න ලැබීමත් මට ලොකු සතුටක්.
|
CREATIVE
|
ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ පසුගිය දින කිහිපයේ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාවන් රැසක් සමඟ කටයුතු කරනු අපට පෙනිණ.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලි සේවක සේවිකාවන්ගේ කලා කුසලතා වැඩි දියුණු කිරීමේ අභිලාෂයෙන් නවතම ආකාරයේ රියැලිටි වැඩ සටහනක් මෙහෙයවනු පිණිය.මෙම 22 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා දිවයිනේ පැරැණිතම ඇඟලුම් කර්මාන්ත සමූහයක් වන හයිඩ්‍රාමණි ආයතනයේ ශාඛා 23 ක සේවක සේවිකාවන් විසි දහසකගෙන් පමණ තෝරා ගත් ගායන ශිල්පීන්, නර්තන ශිල්පීන්, නිවේදන, නාට්‍ය, කෙටි කතා, කවි සංකල්පනා ආදියෙන් සමන්විතය. සන්නාලි සිහිනය නමින් නම් කොට ඇති මෙහි සංගීතය මෙහෙය වනුයේ නවරත්න ගමගේ විසිනි.මෙම සේවක සේවිකාවන් අරබයා දිවයිනේ විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ සහයෝගයෙන් වැඩමුළු ද පවත්වා ඇති අතර, සංගීත අංශයේ විනිශ්චය මණ්ඩලය වනුයේ රෝහණ බෝගොඩ, විශාරද සමිතා මුදුන්කොටුව සහ රාජු බණ්ඩාරය.සෝමලතා සුබසිංහගේ ලංකා ළමා හා යොවුන් රඟහල පදනම ඉදිරිපත් කරන ‘ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකරකම් වැඩසටහනේ මීළඟ වාරය ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.මේ සඳහා වයස අවුරුදු 04 සිට 15 දක්වා වන ළමුන්ට සහභාගි විය හැකි අතර සෙනසුරාදා දිනවල වයස් කාණ්ඩ දෙකක් යටතේ කෝට්ටේ පාර්ලිමේන්තුව අසල පිහිටි ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම වැඩසටහන ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ සෝමලතා සුබසිංහ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ආචාර්ය චන්දන අලුත්ගේ සහ මයුර පෙරේරා විසින් මෙහෙයවනු ලබයි. සෞන්දර්යාත්මක අත්දැකීම් මඟින් ළමුන්ට තුලනාත්මක කායික හා මානසික වර්ධනය ලබාදීම සහ ළමුන්ගේ ක්‍රියාශීලිත්වය, ප්‍රබෝධමත්භාවය හා මූලික කලා ශිල්ප පිළිබඳ රසඥතාව වර්ධනය කිරීම මෙහි ප්‍රධාන පරමාර්ථය වේ.ජපාන චිත්‍රපට උළෙලට සමගාමීව නිර්මාණය කෙරෙන කෙටි චිත්‍රපටය සඳහා වෘත්තිකයෙක් ලෙස රමින්ද සනාතන තෝරා ගෙන ඇත.ජපාන චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සමුළුව මඟින් සිදු කෙරෙන මේ සඳහා ජපානය නියෝජනය කරමින් 08 දෙනෙකු සහ අනෙකුත් රටවල් නියෝජනය කරමින් 12 දෙනෙකු තෝරා ගෙන තිබේ. මෙවර අවසන් වටයේදී රටවල් 58 ක 150 දෙනෙකු අතරින් මෙම අවස්ථාව හිමිකර ගැනීමට රමින්ද සමත් වී ඇති අතර මෙවැනි අවස්ථාවක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුයි.රටවල් 25 ක් සමඟින් චිත්‍රපට ක්ෂේත්‍රයේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර ඇති ඔහු මෙරට පළමු සහාය අධ්‍යක්ෂවරයකු ලෙස වසර 12 ක අත්දැකීම් ලද අයෙකි. කෙටි චිත්‍රපට ශිල්පියෙක් ලෙස ද කටයුතු කරන රමින්ද 2000 වසරේ සිට 2006 වසර දක්වා සරසවිය සම්මාන උළෙලේ වේදිකා පරිපාලන ශිල්පියකු ලෙස කටයුතු කර ඇත.ඉන්දියාවේ පුනේහි ‘ද නැෂනල් ෆිල්ම් ආකයිව්’ හිදී සහ ‘ප්‍රසාද් ෆිල්ම් ලැබොරටරිස්’ හිදී සිනමාකරණය පිළිබඳ හදාරා ඇත. රූපවාහිනී අභ්‍යාස ආයතනයේ කැමරාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති රමින්ද ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සිසුවෙක් ද වෙයි.ප්‍රවීණ නාට්‍ය රචකයකු හා නිෂ්පාදකයකු වන අසෝක සෙනරත් මුදලිගේ නව නාට්‍ය නිර්මාණය වන ‘සිංහ දියණිය’ 15 දින හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ. මෙහි නිෂ්පාදනය කරු අතුකෝරලය.මෙහි සඳුන් විජේසිරි, ප්‍රසන්න ෆොන්සේකා, සරත් පීරිස් කරු අතුකෝරල, සුදත් විජේසේකර, මයෝමි කාංචනා, නන්දන විජය ශාන්ත, රොෂාන් ජයසුන්දර, සුනිල් සමරකෝන්, අජිත් ඉන්ද්‍රපාල, අනුර ආටිගල රඟපාති. සංගීතය සුමිත් අල්විස්, අංග රචනය කේ. ඒ. පියකරු, වේදිකා පරිපාලනය නිෂාන්ත රමේෂ්, සමන්ත වීරකෝන්, නිෂ්පාදන කළමනාකරු ජේ. ඒ. කරුණාරත්නගෙනි.මෙලනි අසෝකා විසින් රචනා කර නිර්මාණය කරන ලද ‘සුභාවි රඟමඩලක්’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දෙසැම්බර් 16 වනදා ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.මෙහි කේ. ඩී. සිරිපාල, මෙලනි අසෝකා, වසන්ත ගීතාරච්චි, යූ. ධනවංශ, ශානිකා දිල්රුක්ෂි, ඉන්දිකා සුබසිංහ, රොෂාන් දොඩංගොඩ, අර්ජුන සේනානායක, අනුරාධි තෙන්නකෝන්, ධම්මික නිරෝෂන්, නිරෝෂා අලහකෝන්, මනෝජ් විජේරත්න ආදීහු චරිත මවති. චමිල සංගීත් සංගීතයෙනි. ප්‍රේම්ජයන්ත කපුගේ අංග රචනයෙන් ද මෙයට දායක වේ.යුද හමුදා ඉංජිනේරු සේවා බළකා සේවා වනිතා ශාඛාව විසින් යුද හමුදා රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු නංවාලීම හා අභිමංසල ව්‍යාපෘතියට ආධාර ලබාදීමේ අරමුණෙන් නාට්‍යවේදී ඩී. කුමාරගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රූකඩ රාජ්ජේ’ වේදිකා නාට්‍ය මේ මස 19 වන දින මහරගම යොවුන් රඟහලේදී වේදිකා ගතවේ..ප්‍රසාද් - තිලානි - යතේජා
|
CREATIVE
|
එක හා සමාන දක්ෂ, එක හා සමාන කඩවසම් දෙදෙනකු සිටියදී එක් අයකු තෝරා ගැනීම අධ්‍යක්ෂවරුන්ට බොහෝ විට අභියෝගයකි. මෙවර ඒ දුෂ්කරතාවට අධ්‍යක්ෂවරුන් පත් කරන සොයුරන් වී සිටින්නේ බෙන් අෆ්ලෙක් සහ කැසේ අෆ්ලෙක්ය. මාක් රොමැනෙක් අධ්‍යක්ෂවරයා මේ උභතෝකෝටික ප්‍රශ්නයට පිළිතුර කෙසේ හෝ සොයා ගත්තේය. ඔහු කැසේ අෆ්ලෙක් අවසානයේදී ‘බොස්ටන් ස්ට්‍රෑන්ග්ලර්’ සිනමාපටයට බෙන් අෆ්ලෙක් වෙනුවට තෝරාගෙන තිබේ.බෙන් හතළිස් එක් හැවිරිදි ඔස්කාර් සම්මානලාභී නළුවෙකි.කැසේ අෆ්ලෙක් තිස් අට හැවිරිදි ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ නළුවෙකි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
හින්දි සිනමාවේ පළමුවැනි සුපිරි තරුවේ ආලෝකයෙන් බැබලුණු ‘වර්ධන් ආශිර්වාද්’ රුපියල් කෝටි 90 – 95 අතර ගණනකට විකුණු රහසිගත පුවත තවදුරටත් රහසක් නොවෙයි. රාජේශ් ඛන්නා ජීවිතයේ අවසන් දින කිහිපය ගත කළේ මේ නිවෙසෙයි. ඔහු මිය ගොස් දෑවුරුද්දක් සපිරෙන්නට දිනක් දෙකක් තිබියදී නිවෙස අලෙවි විය.කලා පුරයක් බඳු කාටර් වීදියේ පළමු සුපිරි තරුවකගේ උණුසුම ලැබූ සුවිසල් මන්දිරයක් මෙතරම් අඩු මුදලකට විකිණීම වැඩි දෙනකු මවිත කළ කරුණකි. එහෙත් ඊට සාධාරණ හේතු ගණනාවක්ම බලපා තිබේ. නිවෙස පිහිටි භූමියේ කුඩා බව සේම භූත බංගලාවක් ලෙස ‘වර්ධන් ආශිර්වාද්’ ගැන කථා පැතිරීම ඉන් ප්‍රධානය.නිවෙස විකිණී අවසන් වෙනතුරුම දෙපාර්ශ්වයම මුණිවත රකින ලදී. නිවෙස මිලදී ගෙන ඇත්තේ ශෂී ෂෙට්ටි නම් ව්‍යාපාරිකයෙකි.‘වර්ධන් ආශිර්වාද්’ ගොඩ නගා ඇත්තේ තවදුරටත් වර්ධනය කළ නොහැකි ලෙසනි. හතරැස් සැතැප්ම 603 ක ගොඩනැගිල්ල ඉදි වී තිබේ.දැන් සංගීත් සම්රත් නෞෂාද් අලි මාවත ලෙසින් හඳුන්වන කාටර් වීදියේ පළමු නිවෙස රාජේශ් ඛන්නාගේ නිවහනයි. සංගීත අධ්‍යක්ෂ නෞෂාද් ද මේ පෙදෙසේ පදිංචිකරුවකු වූ නිසා ඔහුගේ නමින් මාවත නම් කර තිබේ.මුලින්ම, එනම් රාජේන්ද්‍ර කුමාර් නම් ජනප්‍රිය නළුවාට මේ නිවෙස හිමිව තිබූ කාලයේ නිවෙස හඳුන්වා ඇත්තේ ‘ආශිර්වාද්’ කියායි. රාජේශ් ඛන්නාට ද ඒ නමම දිගට පවත්වාගෙන යාමට අවශ්‍ය විය. එහෙත් රාජේන්ද්‍ර කුමාර්ට ඒ නමින්ම තවත් බංගලාවක් තිබූ නිසා ඊට එරෙහි වී තිබේ. පසුව රාජේශ් බිරිය, නිළි ඩිම්පල් කපාඩියා නිවහනට ‘වර්ධන් ආශිර්වාද්’ නම තබා ඇත. රාජේශ් ඛන්නා, රාජේන්ද්‍ර කුමාර්ගෙන් නිවහන මිලදී ගෙන ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 3.5 කටය.2012 ජූලි 18 රාජේශ් ඛන්නා ජීවිතයෙන් සමු ගැනීමත් සමඟ නිවෙසේ උරුමය පැවරුණේ ට්වින්කල්, රින්කි දියණිවරුන්ටයි. එහෙත් රාජේශ් ඛන්නාගේ අවසාන පෙම්වතිය වූ අනිතා අද්වානි ද දේපළ උරුමය ඉල්ලා හඬ නැඟුවාය. තවමත් ඇය සටන අත්හැර නැත.ට්වින්කල් ඛන්නා සහ ඇයගේ නළු සැමියා අක්ෂේ කුමාර් මේ ගැන කිසිවක් නොපවසති. සුපිරි නළුවා මිය ගිය අලුත ‘වර්ධන් ආශිර්වාද්්’ ‘රාජෙශ් ඛන්නා කෞතුකාගාරය’ බවට පත් කරන බව ට්වින්කල්, රින්කි දියණිවරුන් පැවසුවත් පසුව ඒ අදහස මල්පල දැරුවේ නැත.
|
CREATIVE
|
විවාහක මවක ලෙස සිනමාවට පා තබන සමයේ පවා ඇය අතිශයින් සුරූපීය. ඇයට රිදී තිරයේ සම්මානනීය ලෙසින් රඟන්නට ලැබුණේ සුරූපීභාවය නිසා වගේම සහජයෙන්ම ලැබුණු අසමසම කුසලතාව ද නිසයි. සුචිත්‍රා සෙන් මේ ගුණාංග දෙකත් සමඟ රිදී තිරයේ සැබෑ වෘත්තීය නිළියක වූවාය. ‘වෘත්තීය නිළිය’ යන වචනයට ඇය කෙතරම් ගෞරව කළා ද කිවහොත් 1978 වසරේදී ‘ප්‍රොනෝයි පාශා’ සිනමාපටයේ රඟපෑමෙන් පසු සමු ගත්තේ රංගනයෙන් පමණක් නොවෙයි. මහජන දැක්මෙන් ද ඇය ඈත් වූවාය. සුරූපී සුචිත්‍රා ලෙසින් සැමදා ජනතා හදවත්හි ජීවත්වීමට ඇයට අවශ්‍ය විය. වියපත් පෙනුම දැකීමෙන් වෘත්තීය නිළියක ලෙස, නිළිකමට තමන් කරන්නේ අපහාසයක් කියා ඇය සිතුවාය.සුචිත්‍රාගේ ළමා කාලය ගැන කරුණු ද රහසිගතය. ඇය ශාන්ති නිකේතනයේ ශිල්ප හැදෑරූ බව සමහරු පවසති. බංග්ලාදේශයේ කරුණමෝයි දාස් ගුප්තා සහ ඉන්දිරාගේ දූ දරුවන් අතරින් හයවැනියා වූයේ ක්‍රිෂ්ණාය. (ඒ සිනමාවට පිවිසීමට පෙර සුචිත්‍රාගේ නමයි). ඇයට සොයුරන් තුන් දෙනෙක් සහ සොයුරියන් පස් දෙනෙක් සිටියහ. අතිශය රූමත් නිසා ලාබාල වයසෙන් ක්‍රිෂ්ණාට විවාහවීමට සිදු විය.පවුලම කල්කටාවට පැමිණීම ක්‍රිෂ්ණාගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂ්‍යයකි. ඇය මවක හා විවාහක ඉන්දීය කාන්තාවක ලෙස සිනමා ගමන ඇරැඹුවාය. එසේ භාරත සිනමාවට පෑයූ පළමු බෙංගාල තාරකාව ඇය විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. ක්‍රිෂ්ණා සිනමාවේ සුචිත්‍රා විය. ඇය බෙංගාල සිනමාවේ සුවිශේෂී සලකුණයි. ඒ වාගේම ඇය අපූරුම චරිතයක් ද වූවාය. ඇය ඉහළම සම්මානයක් වන ‘දාදා සහබ් පල්කේ’ සම්මානය ප්‍රතික්ෂේප කළාය.වරක් රාජ් කපූර් මල් පොකුරක් රැගෙන විත් ඇයට වැඳ ඔහුගේ සිනමාපටයක රඟන ලෙස ඉල්ලා සිටියේය. ඇය එය ප්‍රතික්ෂේප කළේ රාජ් කපූර් තමන් ඉදිරියේ වැඳ වැටීම නිසාය. 1963 වසරේදී මොස්කව් සිනමා උළෙලේ සාල් පාකේ බන්ධා රංගනයට ඇය හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. අන්තර් ජාතික සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය නිළිය ඇයයි. පත්ම ශ්‍රී සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවාය. සුචිත්‍රා නිතරම සමාන කළේ ස්වීඩනයේ ග්‍රේටා ගාබෝ නිළියටයි.ඇය ජනවාරි 17 වැනි දින අවසන් ගමන් ගියේ ද කිසිවකුට වියපත් මුහුණ නොපෙන්වායි. අඳුරු කළ වීදුරුවකින් ඇයගේ සිරුර ආවරණය කර තිබිණි.යුගයක ජනප්‍රියම තාරකාවක වූ වෛජයන්ති මාලාගේ ප්‍රියතම නිළියක වූයේ සුචිත්‍රා සෙන්ය.බිමල් රෝයිගේ ‘දේව්දාස්’ සිනමාපටයේ සුචිත්‍රා පාරෝ ලෙස රඟද්දී වෛජයන්ති මාලා චන්ද්‍රමුඛී ලෙස රැගුවාය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
රංජිත් යායින්නඅතීතාවර්ජනයකකාලෙකින් කිසිදු තොරතුරක් පළ නොවුණ ද, කාලයක් ඔහු සිංහල සිනමාවේ ජනප්‍රිය චරිතයකි. මෙරට අද්විතීය ළමා චිත්‍රපටය වන හඳයා හි සර්පීනු අයියාට පණ පෙවූ හෙතෙම පසුකාලීනව සිනමාපට රාශියක චරිත මවන ලදී.රංජිත් යායින්න. ඒ සොඳුරු මිනිසා අද බොරලැස්ගමුවේ පිහිටි ඔහුගේ නිවසෙහි විවේකයෙන් පසු විය. පසුගිය දිනෙක අපි ඔහු සොයා ගියෙමු.වෙලාව උදෑසන නවයට ආසන්නය. බොරලැස්ගමුවේ රූබන් පෙරේරා මාවතේ ටික දුරක් ගමන් කොට වැඩි වෙහෙසක් නොගෙන මමත් අප ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්නත් අංක 33 දරන ස්ථානයේ පිහිටි රංජිත්ගේ නිවස සොයා ගත්තෙමු.රංජිත් ටිකක් කුකුල් කේන්තිකාරයා. මොනවා හරි වැරැදි දෙයක් කියවුණොත් සැරට වචන දායි.රංජිත් යායින්න ගැන එලෙස හිතවතකු කිව්වේ පෙර දිනයකය. එහෙයින් අප සිත් ද දෙගිඩියාවකින් පිරී ඇත්තේ නිරායාසයෙනි. නිවසට ආගන්තුකයන් ඇවිත් යන්න ඉවෙන් දැනගත් නිවසේ සුරතලා කලබල විය. උගේ කෑ ගැසීමට අප ඇමතීමටත් ප්‍රථමයෙන් රංජිත්ගේ නිවසෙන් පිටතට පැමිණියේ ඔහුගේ ප්‍රිය බිරියයි.අපි සරසවිය පත්තරෙන්.රංජිත් මහත්තයා ඉන්නවාද?ඔව්. හැබැයි එයාට ටිකක් සනීප නැහැ ඇවිත් වාඩි වෙන්න. එයා පහළට ඒවි.ස්වල්ප මොහොතක් ගිය තැන ඒ ප්‍රතාපවත් මිනිසා තරප්පු පෙළ බසිනා හඬ ඇසිණ. ඒ අත් වාරුවක උදව්වෙනි.මං ටිකක් අසනීප වුණා. විවේකීව හිටියේ. සෑහෙන්න කාලෙකට පස්සේ මේ පත්තරේකින් ආවාමයි.රංජිත් හරිබරි ගැසී වාඩි වුණේ ඔහුටම කියා නිවසේ සාදා ඇති අසුනකයි. මගේ මතකය ගමන් කළේ හඳයා චිත්‍රපටයේ එන සර්පීනු චරිතයට. එය නපුරු චරිතයක්. ඒ හින්දාම ඔහුට චිත්‍රපටය නැරැඹූ ළමුන්ගෙන් ආවේ දැඩි විරෝධයකි.ඒ කාලේ වෙච්ච සිද්ධියක් මං ආවර්ජනය කරන්න කැමැතියි. සර්පීනු චරිතයට ගොඩක් අය වෛර කළා. ඇතැමුන්ට මාව පෙන්නන්න බැරි වුණා. මං පිටකොටුවේ ඇවිගෙන යද්දී පොඩි කොල්ලො රැලක් ගැහැව්වනේ බොරළු අහුරකින්, මේකව තියන්න හොඳ නෑ කියලා කෙනෙක් කිව්වා. මම දෑතින් ඔළුව වහගෙන හයියෙන් දිව්වා සෑහෙන දුරක්. ඔවුන් මට දුවනකනුත් බෙරළුවලින් ගැහැව්වා.ඔහු ඒ රසවත් මතක පෙත විවර කොට දබර ඇඟිල්ලෙන් නිකට පිරිමදියි. ඊළඟට ඔහු මේ කතා කිරීමට සූදානම් වනුයේ රංගනයට පිවිසි අයුරු බව මට දැනුණේ ඉබේටමය.ඉස්කෝලේ අධ්‍යාපන කටයුතුª හමාර කරලා මං ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ගත්තා. ඊට පසු ලංකාවට ඇවිත් සතොස ආයතනයෙයි වැඩ කළේ. ඔය අතරතුරදි ආර්. ආර්. සමරකෝන් නාට්‍යවේදියාණන් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ ලෙඩෙක් නැති ලෙඩෙක් නාට්‍යයට ආරාධනා ලැබුණා. ඒත් පළමුවරට වේදිකා ගත වුණේ අයලින් සරච්චන්ද්‍රගේ බිලි පූජාව වේදිකා නාට්‍යය. ඊට පසුව මෝදර මෝල, කබායේ හබේ සහ ඉංග්‍රිසි නාට්‍යය ගණනාවකම රංගන දායකත්වය සැපයුවා.එතකොට ඔහු චිත්‍රපටවලට එන්නේ කොහොමද යළිත්? මට නොඅසා ඉන්නට බැරි විණි.හෙක්ටර් ජයසිංහ තමයි මාව චිත්‍රපටවලට ගත්තේ. ඒ සඳ නැග එද්දී චිත්‍රපටයට. ආශා, පළඟැටියෝ, හඳයා චිත්‍රපටවල රඟපෑවා. ඒ අතරින් වැඩිපුරම ජනප්‍රිය වුණේ හඳයා.හඳයා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටයිටස් තොටවත්තයන්. ඔහු සමඟ වැඩ කිරීම හරිම අමාරුයි කියලා මං අහලා තිබුණා.ඇත්තම ඇත්ත. ටයි මහත්තයා හරිම අමාරුකාරයා. ක්ෂණිකව කේන්ති යනවා. ඒත් ඔහුව හඳුණ ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ටයි මහත්තයා සෙට් එකේ හැමෝටම දොස් කිව්වා. ඒත් මට බැන්නේ නැහැ. ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම මා ලද උතුම් අවස්ථාවක් ලෙස සලකනවා.හඳයා හින්දයි මං ගොඩක් ජනප්‍රිය වුණේ. අදටත් හඳයා චිත්‍රපටයේ සර්පීනු කියලා කිව්වොත් ගොඩක් අයට මතකයි.හැබැයි පසුකාලීනව රංජිත් රංගනයෙන් ඉවත් විණි.මං ටෙලි නාට්‍යය කිහිපයකත් රඟපෑවා. ඒත් මොනවද කියලා මතකයක් නැහැ. මම ශිෂ්‍යත්වයක් ලැබිලා ජර්මනියටත් ගියා රංගනය පිළිබඳ හදාරන්න. ඊට පස්සේ ලංකාවේ යළි රැකියාවකට යොමු වුණා. මම ටිකක් අසාධාරණයට එරෙහි වෙනවා. වෘත්තීය සමිතිවලට බැඳිලා ක්‍රියාකාරීව හිටියා. ඔන්න එතකොට මගේ වැඩ තහනම් කළා. මොන රඟපෑම් ද හිතුවෙත් නැති විදිහට රංගනයෙන් ඉවත් වුණා.අද නිවෙසට වී ගත කරන ජීවිතය ගැන රංජිත් කලකිරෙන්නේ නැති බව ඔහුගේ වාග් රටාවෙන් මට හැඟෙයි. එමෙන්ම ක්ෂේත්‍රයේ වැඩි දෙනෙක් ඔහු සිටින්නේ කොහේද යන්න නොදන්නා නිසා වැඩිපුර සබඳතා නැත. අපේ කතාබහ අවසන් කරන මොහොතේ ඔහු අපට පැවසුවේ එදා හිටි මිතුරන් අද ඇවිත් යනවා නම් තමන් සතුටුවන බවයි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
යන්තම් යොවුන් විය පසුකළ තාරුණ්‍යයේ සිහින කුමරාජස්ටින් බීබර් තමන්ගේ සිහින මාළිගයට ගෙවදී තිබෙනවා.මීට පෙර මසකට ඩොලර් 50,000 ක මාසික කුළියකට හොලිවුඩයේ වාසය කළ මේ හිරිමල් තරුණයා මෙවර ගෙවදී තිබෙන්නේ ඩොලර් මිලියන 10.8 ක් වටිනා තමන්ගේම මාළිගයකටයි.ඔහුගේ ආදායම 2011 දී ඩොලර් මිලියන 53 ක් බවයි පැවසෙන්නේ.වර්ග අඩි 9000 කටත් වඩා විශාල බව කියන ඔහුගේ නව නිවසට ඔහුගේ පෙම්වතිය වන සෙලීනා ගෝමස් ද පැමිණෙන බවයි හොළිවුඩය පවසන්නේ.ලොස් ඇන්ජලිස් නුවර හොළිවුඩය අසළ ‘කැලබෙසස්’ නම් නගරයේ පිහිටා ඇති ඔහුගේ සිහින නිවහනට රසිකයන්ගේ බාධා එල්ල වේ යැයි ද මාධ්‍ය සැක පළ කරනවා.ඒ කෙසේ වෙතත් ‘කැල බෙසස්’ නගරාධිපති පවසන්නේ බීබර්ගේ නිදහසට මෙන්ම පෞද්ගලිකත්වයට කැල බෙසස් වැසියන් ගරු කරන බවයි.බ්‍රැඩ් පිට් මේ වන විට වඩාත් ජනප්‍රිය වී සිටින්නේ ‘මනිබෝල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ඒ කෙසේ වෙතත් ඔහුගේ හිටපු බිරිය වී සිටි ජෙනිෆර් ඇනිස්ටන් හිටි හැටියේම කළ කී දෑ නිසා බ්‍රැඩ් පිට් තවත් ජනප්‍රිය වුණා.සඟරාවකට අදහස් දැක් වූ බ්‍රැඩ් කියා සිටින්නේ තමාගේ කලින් විවාහයේ දරුවන්ට තමන් විසින් කළ හොඳම දේ නම් ඇන්ජලිනා ජොලී ඔවුන්ගේ මව ලෙස තෝරා ගැනීම බවයි.‘මගේ දරුවන්ට දැන් හොඳ මවක් සිටිනවා.ඒ දේ ගැන මගේ අතීතයට අදාලත්වයක් නැහැ. ඒ කෙසේ වෙතත් ජෙනිෆර්ගෙන් තොරව ඇන්ජලිනා ගැන විශේෂ යමක් කිව නොහැකියි.’බ්‍රැඩ් බොහොම සැහැල්ලුවෙන් මාධ්‍යයකට අදහස් දැක් වූවා.කෙසේ වෙතත් ජෙනිෆර් ඇනිස්ටන් මෑතකදී කී දෑ බ්‍රැඩ්, ඇන්ජලිනා සහ ජෙනිෆර් අතර තවත් තුන්කොන් පෙමක් ඇති වේදැයි ඕදූප මාධ්‍යය සැක පළ කරනවා. මන්ද ජෙනිෆර් ඇනිස්ටන් තවමත් බ්‍රැඩ්ගේ මිතුරියක් වන නිසා.42 හැවිරිදි ජෙනිෆර් ලොපේස් අද හොළිවුඩයේ සිටිනා ජනප්‍රිය ගායිකාවක් මෙන්ම නිළියක්. ඇය පසුගිය කාල සීමාවේදී වඩාත් ජනප්‍රිය වුණේ දිගු කලක් තිස්සේ ජනප්‍රිය ගායක මාක් ඇන්තනි සමඟ තිබූ යුග දිවිය අත්හැරීම නිසයි.මාක් ඇන්තනි වෙනුවට ඇය ආදේශ කර ගත්තේ ඇගේ ළඟින්ම සිටි නර්තන සහකරු ‘කැස්පර් ස්මාට්’වයි. පසුගිය දිනක කැස්පර් සිය 25 වැනි උපන් දිනය සැමරුවා. තම ලාබාල සහකරුගේ ඒ දිනය සැමරීමට ජෙනිෆර් විශේෂ උනන්දුවක් දැක් වූවා.කැස්පර්ව පුදුම කිරීමට ඇය විශේෂ ත්‍යාගයක් පවා සූදානම් කළා. ඒ මනා ලෙස සකසන ලද ට්‍රක් රථයක්. ඔහු කලක් තිස්සේ ආශාවෙන් සිටි දෙයක් එසේ ලැබීම පිළිබඳ සතුටු වන බවයි ජෙනිෆර් පවසන්නේ.බොහෝ දෙනා කාර් රථවලට ආශා කරනවා මෙන්ම කැස්පර් ට්‍රක් රථවලට ආශා කිරීම එතරම් පුදුමයක් නොවන බවයි බොහී දෙනා කියන්නේ.- ෂෙනාල් ජයසේකර
|
CREATIVE
|
සරසවිය පනස් වැනි වසරට පා තැබුවේ පසුගිය දහ වැනිදායි. ලේක්හවුස් ආයතනයේ සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟ පෙන්වීමෙන් සරසවිය කර්තෘ මණ්ඩලය සංවිධානය කළ සෙත් පිරිත් සජ්ජායනයක් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ.ලේක්හවුස් සභාපතිතුමා , අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහ සරසවිය කර්තෘ මණ්ඩලය සෙත් පිරිත් සජ්ජායනයේ ආශිර්වාදය ලබමින්.ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසරහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය.සභාපතිතුමන් ඇතුළු කර්තෘ මණ්ඩලයට මහා සංඝරත්නයේ ආශිර්වාදය.සභාපතිතුමන්, මෙහෙයුම් අධ්‍යක්ෂතුමන් හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂතුමන් සරසවියකර්තෘ මණ්ඩලය සමඟින්.සටහන -සංජීව සම්පත්සේයා -ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක යැයි කියූ පමණින් ඔහු ආරක්ෂක අංශයට පමණක් සීමා වූ කෙනෙකු නොවන බව ඔබ හොඳින්ම දන්නා කරුණක්. රණවිරුවෙකු ලෙසින් රණබිමේ සිටියත් එතුමා අතින් අපූරු පදවැල් ලියවුණා ඔබට මතක ඇති. චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ සූරිය අරණ සිනමා නිර්මාණයට පාදක වුණෙත් සෝමතිලක දිසානායක අතින් ඥාති පුත්‍රයකු වන හර්ෂණ දිසානායකට ලියූ පොඩි හාමුදුරුවෝ ගීතයයි.දැන් කාලය ගත වෙලා ගිහින් සෝමතිලක දිසානායක සිටින්නේ විශ්‍රාම සුවයෙන්. ඒ අතරතුරේ පසුගියදා තවත් ඥාති පුත්‍රයකුගේ විවාහ මංගල උත්සවයකුත් පැවැත් වුණා. ඒ තමයි චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරියගේ පුතු වන විශ්වා බාලසූරියගේ විවාහ මංගල උත්සවය. එහිදී සෝමතිලක දිසානායකටත් ඉහළ නිලධාරීන් හා විශේෂ අමුත්තන් වෙනුවෙන් වූ ස්ථානයේ ආසනයක් වෙන් කරන්නත් රේණුකා අමතක කරලා නැහැ.හැබැයි මේක දැක්ක ගමන් හිටපු නාවික හමුදාපතිතුමා නම් සතුටු වුණේ නැහැ. එතුමා කෙළින්ම ගියේ රේණුකා ළඟට. ගිහින් ඇහුවේ ‘ඇයි නෑනෝ මට අතනින් ආසනයක් වෙන් කළේ’ කියලයි. ‘මං පවුලේ කෙනෙක් නේද?’ කියලත් එතුමා කිව්වේ බොහොම නිහතමානීව. ‘ඒක තමයි විශේෂ අමුත්තන් අතරේ පවුලේ කෙනෙක් විදියට ප්‍රොටෝකෝල් සලකලා තමයි ඒ ආසනය වෙන් කළේ’ රේණුකා කාරණාව පහදලා දුන්නා.
|
CREATIVE
|
මම මේ දවස්වල අගෝස්තු මාසයේදී පවත්වන්න නියමිත ප්‍රසංගයකට සූදානම් වෙමින් සිටින්නේ.මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්තගේ දෙඇස් සුව කිරීම වෙනුවෙන් වූ ඒ ප්‍රසංගය මොරටුව තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පවත්වන්න සූදානම්.මගේ උපන් දිනයත් මේ සතියේ යෙදිලා තියෙනවා. එදාට දරුවෝ හැමෝම ගෙදර එනකල් බලාගෙන සිටිනවා.
|
CREATIVE
|
අවසානයේදී පුස්වැල්ල කුමාරිහාමිගේ දියණිය ද ඇහැළේපොළ කුමාරිහාමි සමඟ දියේ ගිල්වා මරා දැමීමට තීන්දුව ලැබිණ. සුරුපී බවින් අග තැන්පත් ඈ විවාහ වන්නට සිටියේ මාම්පිටිය කුමාරයා සමඟිනි. මෙරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම මිනිස් ඝාතනයේ කොටස්කාරියක වන්නට ඇයට සිදු විය.ඇහැළේපොළ කුමාරිහාමි සිනමා සිතුවම නැරැඹූ ඔබට පුස්වැල්ල කුමාරිහාමිගේ දියණියව හොඳ හැටි මතක ඇත. ඒ කවුරුන්දැයි මම ඔබෙන් විමසමි.ආ . . . ඒ තරුමලීනේ. එයා තමයි පුස්වැල්ල කුමාරිහාමිගේ දුව විදිහට රඟපාන්නේ.ඒ ඔබ ඇයව හඳුනන ආකාරයයි. තරුමලී විලස ජනප්‍රියත්වය හිමි කර ගත් මේ තාරකාව විනු සිරිවර්ධන නම් වන්නීය. ඇහැළේපොළ කුමාරිහාමි ඇගේ රිදී තිරයට පිවිසීමේ මුවදොර විය.* විනූ මම කියු දේ හරි නේද?ඔව්. ඇහැළේපොළ කුමාරිහාමි තමයි මගේ පළමු චිත්‍රපට රංගනය.* හා හාපුරා කියා සිනමාවට පිවිසියේ ඓතිහාසික චිත්‍රපටයකින්. මොකද හිතෙන්නේ?මම හිතන්නේ මේක රංගන ශිල්පිනියකට ලැබෙන ඉතාම විරල අවස්ථාවක්. මට එවන් චරිතයක් රඟපාන්න ලැබුණ නේද කියලා හිතත්දිත් පුදුමාකාර සතුටක් දැණෙනවා. අනික එයා ලංකාවේ ඇත්තටම ජීවත් වූ තැනැත්තියක්නේ. ඒක හින්දා ඒ කාලේ විදිහට දෙබස් උච්ඡාරණය කරන්න සිදු වුණා. මේ මොහොතේ මම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතාට ස්තුති වෙනවා මෙවන් වූ චරිතයකට මට ආරාධනා කිරීම පිළිබඳ.* මෙහි විනූගේ රංගනය හරිම දුර්වලයි කියලා චිත්‍රපටය නරඹපු කිහිප දෙනෙක් මා සමඟ කිව්වා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?ඇත්තටම මිනිස්සු එහෙම කිව්වද?* ඔව්.ඒත් මගේත් එක්ක කවුරුවත් ඔය විදිහෙ කතාවක් කියලා නැහැනේ.* සමහර විට විනූ තරහා වෙයි කියලා ඔබේ හොඳ විතරක් ඇතැම් අය මූණට කියනවා ඇති?හරි. මම අර කතාවට මෙහෙම උත්තරයක් දෙන්නම්කො. මේ චරිතය මට සුදුසු නිසානේ අධ්‍යක්ෂවරයා මට කතා කළේ. මම ඊට හැකි අයුරින් උපරිමයෙන් සාධාරණය ඉෂ්ට කළා. මගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මෙය මගේ පළමු චිත්‍රපට රංගයනේ. ඊළඟ චිත්‍රපටයේ මම මීට වඩා හොඳින් රඟපාවි.* ඇහැළේපොල කුමාරිහාමිහි මාම්පිටිය කුමාරයා ලෙස රඟපෑ අරවින්ද දොඹගහවත්ත සහ ඔබ අතර ඇත්තටම ආදර සම්බන්ධයක් තියෙනවා කියලා කට කතාවක් තියෙනවා?මොනවා . . . කවුද අප්පේ ඔය වගේ කතා හදන්නේ. මට නම් හරි හිනා.* සතුටට ද හිනා වෙන්නේ?අපෝ නැහැ. ඒ වගේ විහිළු කතාවකට හිනා නොවී කොහොමද?* අරවින්ද ඔබේ පෞද්ගලික මිත්‍රයෙක්ද?නැහැ. අපි හඳුනගත්තේ ඇහැළේපොළ චිත්‍රපටයෙහි දර්ශන තලයට ආවට පස්සේ.* ඔබ වරෙක මාධ්‍යයන්ට පවසලා තිබුණා බඳින්න ඉන්න කෙනා විදෙස් ගත වෙලා ඉන්නවා කියලා. අරවින්දත් කාලයක් විදෙස් ගත වෙල හිටියා?ඔහු එහෙම රට හිටියද කියන්න මම දන්නේ නැහැ. විදෙස් ගත වෙලා ඉන්න කෙනෙකුගෙන් මට විවාහ යෝජනාවක් ආවා තමයි. හැබැයි තවම ඒක ස්ථිර නැහැ.* ඒත් ඔබ පුන පුනා කියා සිටියා නේද ඔබේ පෙම්වතා විදෙස් ගත වෙලා ඉන්න කෙනෙක් කියලා?දැනට ඒක ස්ථිර නැහැ. ඒ ගැන වැඩිදුර විස්තර දැනට කියන්න අපහසුයි.* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත් මොනවද කරන්නේ?ඒ කතාව ගැන හොයලා බලනවා.* ඔබ පිළිබඳ මට ලැබුණු නරක ආරංචියක් කියන්නද බලන්න?හා.* විනූට හරියට මුල අමතක වෙනවලු?මම ආසයි ඒ වගේ දේවල් මගේ මුහුණට අහනවා නම්.* ඒ කිව්වේ?මට මුල අමතක නැහැ කියලා මම දන්නවා. ඒ හින්දා ඔය වගේ කතා හදන අයටයි මම මේ කියන්නේ. තැන් තැන්වල ඔය වගේ කතා පතුරන්නේ නැතුව කෙළින්ම මගෙන් අහන්න. මම ඒවාට නියමෙට පිළිතුරු දෙන්නම්.* ඔබ මේ දවස්වල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඉගෙන ගන්නවා. ඒ ගැනත් කියමු?මම ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා.* එහි අවසාන අරමුණ මාධ්‍ය ආයතනයක් හා සම්බන්ධ වීමද?ඔව්.* එතකොට රංගනය?ජනමාධ්‍ය කියන්නේ කලාවේම කොටසක්නේ. ඒක කරන ගමන් මේකත් කරනවා.* තරුමලී නිසා ඔබේ ඇත්ත නම දැන් බෙහෙවින් යටපත් වෙලා?කමක් නැහැ. අමතක වෙලා ගියාදෙන්. තරුමලී කියන නම හොඳයි. අපේ පන්තියේ දේශන සඳහා එඩ්වින් ආරියදාස මහත්මයා ආව පළමු දවසේ මාව දැකලා ‘ආ . . . මේ අපේ තරුමලිත් පන්තියේ ඉන්නවනේ’ කියලයි දේශනය ආරම්භ කළේ.* විනූගේ ඉදිරි නිර්මාණ මොනවද තියෙන්නේ?නාට්‍ය තුනක් විකාශය වෙන්නට නියමිතයි. ඒවා එනකම් මමත් බලාගෙන ඉන්නවා.* විනූ, අපි ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ ඔබ අසීරුවෙන්ම රඟපෑ දර්ශනය ගැන කතා කරමින් මේ සංවාදය අවසන් කරමු?දියේ ගිල්වා මරණ දර්ශනයට මම හරිම බයෙන් මුහුණ දුන්නේ. දඹුල්ල පැත්තේ වැවක තමයි ෂූටිං තිබුණේ. අධ්‍යක්ෂවරයා දහයේ ඉඳලා එකට ගැන්නා. එක කියද්දී වධකයා මාව වැවට දැම්මා. අත් දෙකම ගැට ගහලයි තිබුණේ. ඇත්තටම එදා මට මරණ බය දැනුණා.සටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු යෙදිලා තියෙනවා. ඒ අතරෙන් කිහිපයක් දැනට විකාශය වෙනවා. ඒ වගේම මම අධ්‍යක්ෂණය කළ ‘පරපුර’ චිත්‍රපටය දැන් ප්‍රදර්ශනයට නියම වෙලා තියෙන්නේ.එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙනුයි දැන් වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ. එය මගේ හිතේ තිබූ ලොකු බලාපොරොත්තුවක්. ඒ නිසා එම කටයුතු සාර්ථක කර ගන්නයි මම මේ දවස්වල කැප වෙන්නේ.
|
CREATIVE
|
දසවැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල එළඹෙන ජූනි මස හයවැනි දා සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.වසරේ ජනපි‍්‍රයතම ටෙලි නාට්‍ය, නළුවා සහ නිළිය ඇතුළු සම්මාන පනස් හතකින් උළෙල සමන්විත වන අතර මෙවර එහි විනිශ්චය මණ්ඩලය ලෙස මහාචාර්ය පැට්‍රික් රත්නායක ප්‍රමුඛ මහාචාර්ය අජන්තා හපුආරච්චි, මහාචාර්ය එස්. ජේ. යෝගරාජ්, ගුණසිරි සිල්වා, බුද්ධදාස ගලප්පත්ති, ජයන්තා රුක්මනී සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, ආචාර්ය ආර්, බී. දසනායක යන අය කටයුතු කරනු ලබයි. - ප්‍රසාද්
|
CREATIVE
|
එදා දකුණු ආසියානු ක්‍රීඩාඋළෙලේ උණුසුමින් මුළු මහත් ක්‍රීඩාලෝලී ජනතාවගේම හදවත් උණුසුම් වූ දිනකි.එකිනෙකා අභිබවමින් නොයෙකුත් තරග ඉසව් ඔස්සේ ඉදිරියට ඇදෙන ක්‍රීඩකයන්ගේ දස්කම් ලාංකික ප්‍රේක්ෂකයන්ට සමීප කළ ජාතිකරූපවාහිනියේ එම නිෂ්පාදක කණ්ඩායමේ හදවත් අනෙක්සියල්ලන්ටම වඩා වේගයෙන් ගැහෙන්නට විය.ඒ තරග උණුසුම නිසා නම් නොවෙයි. ඒ වන විට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සම්බන්ධ මැදිරියේ වැඩසටහන ඉදිරිපත් කරන්නට කෙනකු නොසිටි බැවිනි. ඒ වන විට ක්‍රීඩා අංශයේ ජ්‍යෙෂ්ඨයන් කත්මන්ඩු නුවර ගොස්ය. එවෙලෙහි කුමක් කළ යුතු ද යන්න සිතා ගන්නට නොහැකිව සිටි නිෂ්පාදිකා ජයමිණි ඉලේපෙරුමගේ නෙත ගැටුණේ තමන්ගේ වෘත්තීය සහායකයායි.‘මල්ලි, උඹ වාඩි වෙයං’එදා ඇය ගත් අවධානමත් ඔහු ගත් අභියෝගයත් අවසන් වූයේ ජාතික රූපවාහිනියට නිෂ්පාදන සහකාර (පුහුණු) ලෙස එක් වූ යෞවනයකු සාර්ථක වැඩසටහන් ඉදිරිපත් කරන්නකු බවට පත් වෙමිනි. ඒ තරුණයා අද කා අතරත් ජනප්‍රිය නිවේදක ආමන්ත විජේසූරියයි.ඉතිං ආමන්ත ඒ දවසට ආයෙමත් යමින් කතාව අරඹමු.ඒ දවස නම් ඇත්තටම හරිම පුදුමයි. එදා හරියට වුණේ ප්යිලට් අයින් වෙලා ප්ලේන් එක ගෙනි යන්න මට භාර දුන්නා වගේ වැඩක්. හැබැයි මමත් වැඩේ අත ඇරියේ නෑ. ගාණට සියලු දෙනාවම සුරක්ෂිතව ගමනේ අවසානය දක්වා ගෙනාවා.ඒ කිව්වෙ?එදා ඉඳන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අවසන් වෙනකන්ම රූපවාහිනී මැදිරියේ ඉදිරිපත් කිරීම් සියල්ල කළේ මං. ඒ විදිහට අහම්බෙන් වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වුණු මම ඊට පස්සේ නුග සෙවන, සංගීත වැඩ සටහන්, ක්‍රීඩා වැඩසටහන් වගේ නොයෙකුත් වැඩසටහන් ඉදිරිපත් කළා.හැම දේම වෙන්නේ හොඳට. එදා සිදු වුණු දේ නිසා අද මම නිෂ්පාදකවරයෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වගේම ක්‍රීඩා පුවත් වාර්තාකරුවෙක්. ක්ෂේත්‍රය තුළ මේ අංශ තුනේ එකකින් හෝ දෙකකින් ඉදිරියට ගිය බොහෝ අය ඉන්න පුළුවන්. නමුත්ඒ ත්‍රිත්වය ඔස්සේම තමන්ගේ භූමිකාව සාර්ථකව ගොඩ නගා ගත් පිරිස අතිශය සීමිතයි. මට ඒ සීමිත පිරිසට ඉක්මනටම එක්වෙන්න වාසනාව උදා කළේ අහම්බෙන් එදා සිදු වුණු ඒ වෙනස.ආමන්තගේ අනාගතය ලියවෙන්න වැඩිදුර අවස්ථාව තියෙන්නේ නිවේදකයෙක් විදිහටද?නිවේදකයකු විදිහට වඩා මම කැමතියි මාව ඒ වෘත්තියේදී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස හඳුන්වනවාට. ඇත්තටම වැඩසටහන් ඉදිරිපත් කිරීම මම කරන්නේ විනෝදාංශයක් විදිහට. හැබැයි එය වගකීමකින් සහ සූදානමක් සහිතව සිදු කරන විනෝදාංශයක්. විශේෂයෙන් මියුසික් ෆෝග්‍රෑම් වගේ නෙවෙයි ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කිරීම. අපිට කිසිම දෙයක් හිතලා හදලා කියන්න බෑ. අපි ක්‍රීඩා තොරතුරු පිළිබඳ නිවැරැදි දත්ත සහිතව දැනුවත් විය යුතුයි. මේ දවස්වල ඩයලොග් ස්පෝට්ස් කවරේජ්, ක්‍රීඩා විසිතුරු වගේම මෝර්නින්ග් ෂෝ එකකුත් කරනවා. ඒ අතර නුග සෙවන යටටත් මං එනවා. නමුත් ඉදිරියට යන්න නම් බලාපොරොත්තු වෙන්නේ බහු කැමරා සජීවීව තරග ආවරණය කරන නිෂ්පාදකවරයෙක් විදිහට.වෘත්තීය ජීවිතයේදී නොමැකෙන මතකයක් එහෙමත් ඇති?මොකද නැත්තෙ? මෙහෙම හිටියට එක දවසක් මරුවා ළඟටම ගිහිං ආවෙ. ‘ක්ලික්’ කියලා වැඩසටහනක් මම ඉදිරිපත් කළා. ඒක කළේ එදා හික්කඩුව මුහුදෙ. මම ප්‍රසන්ට් කළෙත් මුහුදෙ ඉඳන්මයි. අනිත් කට්ටිය එයාලගේ වැඩ කරන අතරවාරයෙත් මම හිටියේ වතුරෙමයි. එක පාරටම මාව ගිලුණා. මට වතුර පෙවිලා නිසා කෑ ගහන්නත් බෑ. ඇස් දෙකත් මගේ උඩ ගිහින්. එදා අපේ කණ්ඩායමේ හිටපු ප්‍රියන්ත මායාදුන්න තමයි ගිලෙනවා දැකලා මාව අතින් ඇදල ඇදලා ගත්තේ.තවත් දවසක් මම ‘හෝරාවේ සුසංයෝගය’ ඉදිරිපත් කරද්දී හරියටම රූපවාහිනියේ මාව ළං කරලා පෙන්නන කොටම කකුලෙ කෙණ්ඩ පෙරලුණා. මොනවා කරන්නද වේදනාව තද කරගෙන පුරුදු විදියටම වැඩේ කරගෙන ගියා.වර්තමාන ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාව ගැන යමක් කිව්වොත්?අපේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න හුඟාක් කැප කිරීම් කරන්න ඕන. සංගීත වැඩසටහනක් කළොත් කෙනෙක් සති තුනක් යනකොට ජනප්‍රියයි. නමුත් තවමත් අපේ රටේ ක්‍රීඩා වැඩසටහන් වටා එවැනි ප්‍රේක්ෂක සමූහයක් ගොඩ නැඟිලා නෑ. ඒ නිසා අනන්‍යතාවක් ඇතිව දිගු ගමනක් ක්‍රීඩා වැඩසටහන් තුළින් එන එක ඇත්තටම අභියෝගයක්. ඒ අභියෝගය ජය ගත් අය ඉන්නෙ කිහිප දෙනයි. මට හිතෙන විදිහට මම ඒ අභියෝගයට අභියෝගයක් වෙලා ඒ අභියෝගය ජය ගත්තා.ආමන්තගේ කාර්යබහුල ජීවිතයේ හිත නවතින තැන ගැනත් කියමු?මගේ හිත නවතින්නේ මගේ ආදරණීය බිරිඳ ජීවනී ළඟත් පුංචි දෝණිත් ළඟ තමයි. ඉඩක් ලැබෙන හැම වෙලාවෙදිම මම කරන්නේ දෝණිත් එක්ක සෙල්ලම් කරන එක හුරතලීට තවම වයස අවුරුදු පහයි. ඇය තමයි අපේ අනාගතය.නිශංකා උඩුගම්පලඡායාරූප – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් අමරදේවයන් දිගු කලකට පසු ගැයූ නවතම ගීත ‘නිකිණ්නේ සඳ පායලා’ රූප රචනාවක්ද සහිතව ලබන ඉරු දින සවස 5.30 ට ජාතික රූපවාහිනියේ හද රැඳි පැය වැඩ සටහන ඔස්සේ ප්‍රේක්ෂක ඔබට රස විඳීය හැකිය. එමෙන්ම එම වැඩ සටහනේ තවත් විශේෂත්වයකි. ඒ එය කාංචනා මෙන්ඩිස් විදෙස් ගතවීමට මත්තෙන් මෙහෙය වූ අවසන් වැඩ සටහන වීමයි. හද රැඳි පැය බී. සිරිතුංග පෙරේරාගේ නිෂ්පාදනයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
* කොහාමද ශාලිකා?හොඳින් ඉන්නවා.* කෝ ඔබේ රසික රසිකාවන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්නේ නැද්ද?මොකද නැත්තේ. මං මේ කියන හැදුවා විතරයි. ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද මගේ රසික රසිකාවන්ට කිරියෙන් පැනියෙන් ඉතිරෙන නව අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.* ඉතින්?ඉතින් තමයි. මගේ ඩ්‍රාමා එක හොඳට නැගලා ගියා නේද?* සංජය ගුණවර්ධනගේ ඉහිරුණු කිරි?ඔව් එකේ පොඩ්ඩි මං.* ඒ නමින් වෙන්න ඇති දැන් අමතන්නේ?නැත්නං කොහේ ගියත් පොඩ්ඩි කියලා ඕන කෙනෙක් කටපුරා කියනවා. නාට්‍ය විකාශය වෙලා ඉවර වුණත් පුදුම විදිහට ප්‍රතිචාර තියෙනවා.* සතුටුද?ගොඩක් සතුටුයි. මොකද පොඩ්ඩි කියන්නේ සංකීර්ණ චරිතයක්. මං මගෙ දක්ෂතා හොඳටම ඉදිරිපත් කළා.* ඇයි අනෙක් නාට්‍යවලට ඔබ බාගෙටද දස්කම් ඉදිරිපත් කරන්නේ?එහෙම නෙවෙයි මේක හොඳ චරිතයක්නේ.* ඒ කියන්නේ නරක චරිතවලටත් ශාලිකාට කතා කරනවා?නිළියක් වුණාම රඟපාන්න ඇරැයුම් ගොඩක් ලැබෙනවා. ඒ හැම චරිතයකටම මං හා කියන්නේ නැහැ.* වෘත්තීය රංගනය වෙද්දී එහෙම කරන්න පුළුවන්ද?බැහැ තමයි. ඒ බැරිම අවස්ථාවකදි මුදල් ලැබෙන නිසා කරන්නටම දෙයක් නැති චරිත රඟපාලා තියෙනවා. මොකද මං ජීවත් වෙන්නේ කලාවෙන් නිසා.* ඔබට සැලුන් එකක් තියෙනවානේ?නැහැ. ඒක වැහැව්වා.* ඒ මොකද?ප්‍රධානම හේතුව මගේ කාර්යබහුලකම. ව්‍යාපාරයක් කරනවා නම් මමම එතන ඉන්න ඕනෑ.* රංගනයට නෑවිත් වෙනත් වෘත්තියක් කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?මං ඒලෙවල් කරද්දී හිතාගෙන හිටියේ ගුරුවරියක් වන්න. ඒත් අහම්බෙන් රංගනයට යොමුවුණා. හැබැයි දැන් හිතෙනවා රංගනයයි ගුරු වෘත්තියයි සමබරව කරගෙන ගියා නම් හොඳයි කියලා.* දැන් ප්‍රමාද වැඩියි?ඔව්. දැන් ප්‍රමාද වැඩියි.* ශාලිකා එදිරිසිංහ හරි සැරයි වගේ මූණෙන් පෙනෙන්නේ?මගේ මුහුණෙන් එහෙම පෙනුණට හිත හරිම සුන්දරයි.* ඒකද නපුරු චරිත වැඩිපුර ලැබෙන්නේ?වෙන්න ඇති.* මුහුණේ ස්වරූපය නිසා කනගාටුවට පත්වෙලා නැතිද?නැහැ. මම ලද දෙයින් සතුටුවන කෙනෙක්.* නාට්‍ය ක්ෂේත්‍රය එන්න එන්න පිරිහෙනවා නේද?මෙහෙමයි. හැම දේකම හොඳ සහ නරක පැත්තක් තියෙනවා.* ඒක හරි. හැම දේකම හොඳ සහ නරක පැත්තක් තියෙනවා කියලා ශාලිකා කියන්න ඕනෑ නැහැ. ඒක අපි හැමෝම දන්නවනේ. මං ඇහැව්වේ වර්තමාන නාට්‍ය කලාව ගමන් කරන පෙදෙස ගැන. මේ හේතුව නිසා ඔබේ වටිනාකමත් අඩු වෙලා ද කියලයි මං ඇහැව්වේ?ම් ම් ම් . . . මාර අමාරුවකනේ ඔයා මාව දැම්මේ. මෙහෙමයි හම්බු කරන් කන තැන ගැන වැරැදි සොයන්නේ නැහැ මං. අඩුපාඩු තියෙනවා තමයි. ඒත් මං දකින්නේ හැම දෙයකම හොඳ පැත්ත විතරයි.* ආඳා වගේ ලිස්සුවා නේද?හරි හරි. මං කොහොම හරි ගැළපෙන උත්තරයක් දුන්නානේ.* ඔබ රඟපාපු තුෂාරා චිත්‍රපටය ඒතරම් සාර්ථක වුණේ නැහැ?සමහර අය පැරැණි තුෂාරාට කැමැතියි. සමහර අය අලුත් තුෂාරාට කැමැතියි. ඔන්න ඕකයි සිද්ධ වුණේ.* ඒත් ඉන් පසුව චිත්‍රපට රංගනයට ඔබට ඇරැයුම් ලැබුණේ හරිම අඩුවෙන්?ඇරැයුම් ලැබුණා. ඒත් මගේ කාර්යබහුලත්වය නිසා ගොඩක් අතහැරියා.* හරිම සාම්ප්‍රදායික කාටත් පොදු උත්තරයක්නේ ශාලිකා දුන්නේ?ඒක මගේ උත්තරය. එහෙම බලන කොට ඔයාත් අහලා තියෙන්නේ සාම්ප්‍රදායික ප්‍රශ්නයක්නේ. මං රඟපාපු චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒක තමයි ලුවී වැන්ඩස්ට්‍රාටන් මහත්මයාගේ බෝනික්කා.* අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු එහෙමත් හිතේ මවාගෙන ඇති?මේ අවුරුද්දෙත් මගේ ප්‍රාර්ථනාව පොඩ්ඩි වගේ චරිත ලැබෙන්න කියලා.* එතකොට විවාහය?අන්න අන්න වැරැදි ප්‍රශ්නයක් ඇහැව්වා.* ඒක කොහොමද වැරැදි ප්‍රශ්නයක් වෙන්නේ?කලාවට අදාළ නැති නිසා.* හරි, කලාවට අදාළ නැති වුණත් කියන්නකෝ මේ අවුරුද්දේවත් බඳින්නේ නැතිද කියලා?මේ අවුරුද්දේ බඳීන්න ඕනෑ. ඊට කලින් පෙම්වතෙක් හොයා ගන්න වෙනවා.* ශාලිකාගේ වයස කීයද දැන්?මං බඳින වයසෙ කෙනෙක්?* මං ඇහැව්වේ අවුරුදු වලින්?මගෙ වයස අහන අයට දෙන්නේ මං අර උත්තරය තමයි.* කොහොමද මෙතරම් හොඳින් ප්‍රශ්නවලින් පැනලා යන්න පුරුදු වුණේ?නැහැ නැහැ. මං ප්‍රශ්නවලින් පැනලා ගියේ නැහැ. ඔක්කොටම උත්තර දුන්නා.* මොනවද ශාලිකාගේ ඉදිරි නිර්මාණ?සංජය අයියගෙම සැලමුතු වෙරළ, වීණාවි, වසන්තයට පෙර, සත්ගුණවත්ලා වගේ නාට්‍ය ගොඩක් එන්න තියෙනවා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ – ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ආදරය දිනාගත් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘පබා’ ටෙලි නාට්‍යයෙන් තම කලා ගමන ඇරඹූ මේරි නිර්මලා රංගනය තම වෘත්තීය කරගත් ආධුනික රංගන ශිල්පිනියකිි. පාසල් කාලයේදී වේදිකාව හා නර්තනය පිළිබඳ අත්දැකීම් ඇති ඇය ගැහැණු ළමයි, තරු පිරි අහස, ඉස්සරහට යන්න, පබසරා යන ටෙලි නාට්‍යවලට රංගනයෙන් සහභාගි වී ඇත. ටෙලි නාට්‍යවලට පමණක් නොව සිනමාවට ද එක් වී ඇති ඇය මායාදේවි, නවරියන් හා පාට වළලු යන චිත්‍රපටවල රඟපා ඇත.උපාලි කීර්තිසේනගේ ‘සල්ලි’ මේරි නිර්මලා රඟපෑ පළමු වේදිකා නාට්‍යයයි.ඇය රංගනයෙන් දායක වූ ‘අකඩවාය’ ටෙලි නාට්‍ය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස තම අනාගතය ජය ගැනීමට බලාපොරොත්තු වන ඇයට තම මවගේත්, පවුලේ සැමගේත් උදව් උපකාර ලැබේ. එමෙන්ම ඇගේ කලා ගමනට උපකාර කළ උපාලි කීර්තිසේන හා තිස්ස ධම්මික යන මහත්වරුන්ට ද අනිකුත් අයට ද ඇය විශේෂ ස්තූතිය පුද කරයි.172/ඒ, සියඹලාගහවත්ත, පැපිලියාවල යන ලිපිනයෙහි පදිංචි මේරි නිර්මලාගේ දුරකථන අංක 0774580248 හා 0718825231 වේ.අමානි ඉරේෂිකා රූපසිංහඡායාරූපය – මාලන්
|
CREATIVE
|
31 වසරකට පසු හෙළිවන අබිරහසක්නතාලි වුඩ් 60 දශකයේදී හොලිවුඩ් රිදී තිරය ඔපවත් කළ සුපිරි තාරකාවක්. කුඩා අවධියේ සිටම රංගනය ජයගත් වුඩ්ට අංක එකේ තරුවක් බවට පත්වන්නට වැඩි කාලයක් ගත නොවූයේ ඇගේ රංගන හැකියාවේ විශිෂ්ටත්වය නිසාමයි. වයස අවුරුදු 43 ක් සපිරෙද්දී මේ සුරූපී හොලිවුඩ් තරුවට අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්න සිදු වුණත් එයින් වසර 31 කට පසුව නැවතත් ඇගේ මරණය සම්බන්ධයෙන් සැක මතු වෙලා.1981 නොවැම්බර් 29 වැනිදා කැලිෆෝනියාවේ කැට්ලානා දූපතේ බෝට්ටුවක පැවති සාදයක් අවසානයේදී ඇය අතුරුදන් වූ අතර පසුදින එම යාත්‍රාවට සැතපුමක් පමණ දුරින් තිබී ආරක්ෂක අංශ විසින් ඇගේ සිරුර සොයා ගැනුණා. වුඩ් දියේ ගිලී මිය ගිය බවට එම මරණ පරීක්ෂණයෙන් තහවුරු වුණා.1938 ජූලි 20 වැනිදා උපත ලද නතාලි වුඩ් රංගනයට පිවිසෙන්නේ ළමා වියේදීමයි.1947 දී ‘මිරිකල් ඔන් 34 ස්ට්‍රීට්’ චිත්‍රපටය වුඩ්ට ළමා නිළියන් අතර ප්‍රසිද්ධියක් ගෙන දීමට සමත් විය.නතාලි වුඩ් ළමා නිළියක් ලෙසින් චිත්‍රපට 20 කට පමණ රංගනයෙන් දායක වූ අතර වයස අවුරුදු 9 දී වසරේ ළමා නිළිය බවට පත්වීමට පවා වරම් ලැබීය. ජෝන් ෆෝඩ්ගේ ‘ද ස’චර්ස්’ චිත්‍රපටයේදී නැවත ප්‍රේක්ෂක අවධානය යොමු වන්නේ තරුණ වුඩ් කෙරෙහිය.‘ඕල් ද ෆයින් යන්ග් කැනිබල්ස්’ (1960), ‘ස්ප්ලෙන්ඩර් ඉන් ද ග්‍රාස්’ (1961), ‘වොරේන් බියට්’ තරුණ වියට පා තැබූ සුරූපී වුඩ්ගේ රංගනය ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා ද යෝජනා විය.එවැනි සුවිශේෂී ජයග්‍රහණ ලබා ගන්නා විට වුඩ් වයස අවුරුදු 25 ක් වත් සපුරා නොතිබීම සුවිශේෂී කාරණාවක්.1961 දී බොක්ස් ඔෆිස් වාර්තා තැබූ රොබට් වයිස් හා ජෙරම් රොබින්සන්ගේ ‘වෙස්ට් සයිඩ් ස්ට්‍රොරි’ නම් ගීතමය චිත්‍රපටයේ මාරියා ලෙස ඇය කළ රංගනය ඉතා විශිෂ්ට එකක් විය.එහි වූ වුඩ්ගේ ප්‍රේමණීය රංගනය ප්‍රේක්ෂක ආකර්ශනය නොඅඩුව දිනා ගැනීමට සමත් විය. එමෙන්ම එම චිත්‍රපටය ඇයගේ රංගනය ලද හොඳම චිත්‍රපට අතුරින් එකකි.1962 දී තිරගත වූ ‘ගිප්ස්’ චිත්‍රපටය රංගනයට අමතරව සිය ගායනයෙන් ද ඔපවත් කිරීමට නතාලි වුඩ් සමත් විය. 1979 දී ‘ෆේරාම් හියර් ටූ එටර්නිටි’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය ගොල්ඩන් ග්ලෝබ් සම්මානයට ද පාත්‍ර වූවාය.විශිෂ්ට රංගන ප්‍රතිභාවක් පෙන්නුම් කළ නතාලි වුඩ්ගේ රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපට රැසක් වාණිජ්‍යමය ලාභ ලැබූ චිත්‍රපට බවට පත් විය.මිය යන විටත් මේ අසහාය නිළිය චිත්‍රපට 56 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබිණි.කෙසේ නමුත් වසර 31 ට පෙර සිදු වූ මෙම සුපිරි හොලිවුඩ් නිළියගේ මරණය අහම්බෙන් සිදු වූවක් නොවන බවට කරුණු මේ වන විට අනාවරණය කරගෙන ඇති බවට හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.මීට මාස අටකට පෙර වුඩ්ගේ මරණය සම්බන්ධව පරීක්ෂණ නැවත ආරම්භ කළත් ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට තවමත් පැමිණ නොමැති බවයි ලොස් ඇන්ජලීස් නුවර වාර්තා දන්වා සිටින්නේ. වුඩ්ගේ මරණය සම්බන්ධ සියලු සාක්ෂි හා වාර්තා ලොස් ඇන්ජලිස් නුවර ආරක්ෂක අංශ සතුව ඇති බවත්, වුඩ්ගේ මරණය මිනීමැරුමක් බවට ඔප්පු කිරීමට ද අවශ්‍ය තරම් සාක්ෂි ද ලැබී ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් මේ සුරූපී හොලිවුඩ් තරුව ගැන අද නැවතත් අවධානය යොමු වී තිබේ. ඇය තම ජීවිතයෙන් සමුගත්තා ද නොඑසේ නම් කවුරුන් හෝ ඇයට සිය ජීවිතය අහිමි කළා ද යන්න ගැටළුව අද මතු වෙලා.60 දශකයේදී රසික හදවත් පින වූ මේ සුපිරි තාරකාවගේ මරණය සම්බන්ධ තීරණය අද කෙලෙස විසඳෙනු ඇතිදැයි සියලු දෙනාගේම අවධානය යොමු වී තිබේ.යතේජා ඥානරත්න
|
CREATIVE
|
කොටස් සියයකින් යුත් විනූ සිරිවර්ධන තරුමලී ලෙස රඟන තරුමලී දැන් සෑම දිනකම රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙයි.බුද්ධදාස විතානාරච්චි, ජනක කුඹුකගේ, මීනා කුමාරි, අජිත් ලොකුගේ, කංචන කොඩිතුවක්කු, රිචාඩ් වීරක්කොඩි, සුරාජ් මාපා, කාවිංග පෙරේරා, උදයන්ති කුලතුංග, චමුපා ගොඩගේ, කුමාරි මුණසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, නිරෝෂා හේරත්, නිමල් ඇන්තනි, සුසිලා කෝට්ටගේ, ලක්ෂ්මන් අමරසේකර තරුමලී හැඩ කරන සෙසු රංගන ශිල්පීන් වේ.තරුමලී මහේන්ද්‍ර කුලසිංහගේ අධ්‍යක්ෂණයකි. සනත් සමරනායකගේ තිර රචනයකි. දිලීප පුස්සැල්ලගේ කැමරාකරණයකි. සමන් ආරියරත්න සංස්කරණ ශිල්පියාය. ජයන්ත සමරවික්‍රම සහ සමීර වීරසිංහ කලා අධ්‍යක්ෂවරුන්ය. අමිල ගයාන්ගේ අංග රචනයකි. තරංග සම්පත් නිරිඇල්ල සහාය අධ්‍යක්ෂවරයාය. කසුන් ද සිල්වා නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වන අතර චාමර සමරවික්‍රමගේ රේඛීය නිෂ්පාදනයකි.තරුමලී ස්වර්ණවාහිනී ආයතනයේ නිෂ්පාදනයක් ලෙස එළි දකියි.කඳුරට සංස්කෘතික සහ කලා සංගමය මගින් සංවිධානය කළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ ඉන්දීය රංගන ශිල්පී එම්. ජී. රාමචන්ද්‍රන් යන මහත්වරුන්ගේ ගුණ සැමරුම් උළෙලක් මහනුවර කැප්පෙටිපොල ශාලාවේදී පැවැත්විණ.එහිදී කලාව වෙනුවෙන් කළ සේවය උදෙසා අංග රචනා ශිල්පී, කලා භූෂණ සුනිල් ජයවර්ධන මහතා එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ඉන්දීය උප තානාපති ඒ.නඩරාජා අතින් සම්මාන සහතික පත්‍රයක් ලබාගත් මොහොතයි මේ.වලගම්බා රජ සමයේ සෝමා දේවියගේ කතාව රැගත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂ කීර්ති බණ්ඩාර සූදානම් වෙයි.එහි පෙර නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතියි.ඡායාරූපයෙන් දැක්වනුයේ චිත්‍රපටයේ පිටපත එහි රචක සුමනසිරි දිසානායක අතින් කීර්තිට, එකල වලගම්බා රජු සැඟ වී සිටි ගිරිඋල්ල මැද්දපොළ රජ මහා විහාරස්ථානයේදී එම විහාරාධිපති මිරිහානේ ධර්මපාල ස්වාමීන් වහන්සේ ඉදිරිපිට දී බාර දුන් මොහොතයි.අද සිට සෑම මාසයක් පාසාම හරවත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට කොළඹ 7, නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයෙහි ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය සූදානම් වේ.ඒ අනුව මෙම මාසයේ චිත්‍රපට දැක්ම අද සවස එම ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.‘එක්සිට් තෲ ගිෆ්ට් ෂොප්’ අද තිරගත වන චිත්‍රපටයයි. වීදි සිත්තරකුගේ ජීවන අන්දරය විචිත්‍රණය කෙරෙන මෙම සිනමා කෘතිය බන්ක්සිගේ අධ්‍යක්ෂණයකි.
|
CREATIVE
|
අපේ සිනමාවේ දැවන්ත සිනමාකරුවකු වූ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරාගේ මුනුපුරු බිනුර යසස්වින් පෙරේරා සිංහල සිනමාව පිළිබඳ වෙබ් අඩවියක් පසුගියදා අන්තර්ජාලයට මුදා හැරිණි.www.cineshoplank.com නමින් නම් කොට ඇත. බිනර යනු කේ.ඒ.ඩබ්ලිව් විසින් ‘ජනක හා මංජු’ චිත්‍රපටයේ දී සිනමාවට හඳුන්වා දුන් ඔහුගේ පුත් ජයන්ත දාස් ගේ පුත්‍රයෙකි.
|
CREATIVE
|
ගැ - ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි විෂ්ණු බ‍්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට ලබන්නයි පවිල් නදින් සවන් පිරෙන්නයි කොකු මඟරා නළල දිලෙන්නයි පි - කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්නයි තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්නයි පෝරුව තුළ හිඳුවා කර මාල බඳින්නයි ගැ - කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි පිච්ච මලින් යහන සැදෙන්නයි රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි පි - අතපැන් වත්කොට සුළැඟිලි එකට බඳින්නයි තැලි පිළි අන්දා පෙර කුල සිරිතරකින්නයි බුලත් හුරුළු දී නෑයන් අවසරගන්නයි සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්නයිපද රචනය - තිලකරත්න කුරුවිට බණ්ඩාර සංගීතය – වික්ටර් රත්නායක ගායනය - අබේවර්ධන බාලසූරිය සමඟ නිරංජලා සරෝජිනි අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්නසුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
කසුන් මධුසංඛ කියූ කතාවමංජුලා කුමාරි නොහොත් ඕලු සහ ටෙක්ලා කුමුදු කුමාරි යන ජනප්‍රිය තාරකාවන් දෙපොළ රංගනයෙන් දායක වූ මියුසික් වීඩියෝවක් මේ දිනවල ටෙලිවිෂනයේ දිග හැරෙනවා. එම ගීතය ආරම්භ වන්නේ ‘නෙතු සලා පෑ හසරැල් ගගුලක්’ යන වදන් පේළියෙනි.දෙරණ ඩ්‍රීම් ස්ටාර් තෙවන අදියරෙහි අවසන් තරගකරුවන් විසි හතරට ආ කසුන් මධුසංඛයි ඊට හඬ මුසු කොට ඇත්තේ. ගීතයේ අර්ථයත් එයට නිර්මාණය වූ අපූරු රූප රචනයත් නිසා ප්‍රේක්ෂක අවධානයට ලක් වූ එය අලළා සටහනක් තබන්න අප කල්පනා කළා. ඒ ගැන හැම විස්තරයක්ම දන්නේ කසුන්. මෙතැන් සිට ඔහු ‘නෙතු සලා පෑ හසරැල් ගඟුලක’ ගීතය පිළිබඳව කතා කරාවි.පළමුව මං මේ වගේ අදහසක් දක්වන්නට කැමැතියි. අලුත් පරපුරේ ඇතැම් අය ගීතයක් නිිර්මාණය කොට මාධ්‍යයට කියනවා ‘මගේ අලුත් ගීතය රැල්ලෙන් මිදුන එකක්, ඒ වගේම වෙනස් අදහසක් ඇති ගීයක්’ කියලා. මං නම් ඒ වගේ පවසන්නේ නැහැ. ‘නෙතු සලා’ රැල්ලට නිර්මාණය වූ ගීයක්. අමුතු වචන නෙවෙයි මේකේ අපිට හුරු වූ සාමාන්‍ය වචන තියෙන්නේ. ඒ නිසා මේ වන විට ගීතය ඉහළ ප්‍රතිචාර ලබමින් තිබෙනවා.මේක හරිම සංවේදීජනක අදහසක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ ගීයක්. එහි රූප රචනය ගලා යන්නේ මෙපරිද්දෙන්. දෙදෙනකු විවාහ වෙනවා. ඔවුන් මධුසමය දා සොරෙකුගෙන් පහර කා මනමාලිය මිය යනවා. මනමාලයාට කල්පනා වන්නේ විවාහයෙහි සුන්දරත්වය. ඒත් ඒ සියල්ල දැන් ගිලිහිලා වග වැටහෙනවා.නන්දන වික්‍රමගේ මහත්මයා ඒ අදහසින් හැඟුම්බර පද මාලාව ලියා දුන්නා. එය මගේ අතට දීලා ඔහු මට කිව්වා ‘කසුන් මං ලියූ අනෙක් ගීත වගේම මෙයත් ජනප්‍රිය වේවි’ කියලා. ඇත්තටම ඔහු කියූ අනාවැකිය හරියටම හරි. ගෙදර ආ ගමන් මේ සඳහා තනුවක් යොදන්න පටන් ගත්තා. පදමාලාව අතටගෙන කිහිපවරක් කල්පනා කළමුත් කිසිම මෙලඩියක් ඔළුවට ආවේ නැහැ. ඊට පසුව මං ඇත්තටම මෙහි අදහස ගැන කල්පනා කෙරුවා. ‘මට මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුණා නම් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද’ එහෙම හිතුණා. ඒ හැඟීම හිතේ තියාගෙන ගීතය නිකම් යළිත් වතාවක් මිමිණුවා. එක පාරටම පදමාලාව තනුවකින් පණ ලැබුවා. එය වහා වහා මං රෙකෝඩරයකට පටිගතකර ගත්තා. ගීයේ රෙකෝඩිං ටික ඉවර කරගත් පසු රූප රචනාව කරන්නට බාර දුන්නේ ප්‍රසාද් රණසිංහට. ජගත් විජේනායක මහත්මායි ඒ සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දුන්නේ.මංජුලාව වීඩියෝව සඳහා යොදා ගත්තේ ආරාධිත රංගන ශිල්පිනියක් විදිහට. මං හිතුවා ඇය බැහැ කියයි කියලා. ඒත් මගේ ඉල්ලීම ඇය අහක දැමුවේ නැහැ. ඊළඟට මෙහි ප්‍රධාන නිළියට ටෙක්ලව යොදා ගත්තා. ඔක්කොම හරි. ඒත් නළුවකු නැහැ.ඉතිං උඹ කොල්ලා වෙයංකෝ.ප්‍රසාද් මට එහෙම කිව්වා.ඔහුගේ ඉල්ලීමට චකිතයෙන් යුතුව මං හා කිව්වා.බත්තරමුල්ල වෝටර්ස් ඒජ් අවට සහ නුගේගොඩ මිරිහානේ මෙය ෂූට් කළා. හොඳම දේ තමයි මට අඬන්න නොහැකිවීම නිසා සිදු වූ සිදුවීම. ඇත්තම කිව්වොත් මං ජීවිතයේ දුක්වෙනවට වඩා හිනා වෙලා ඉන්න කෙනෙක්. මං ආයෙත් අර හැඟීම හිතේ මවා ගත්තා. ඒ මේ සිදුවීම මට වුණා නම් කියන එක. ඉන් පසුව සජීවීව රඟපාන්න ලැබුණා.සංස්කරණ කටයුතුවලින් අනතුරුව මාධ්‍යයන්ට වීඩියෝව බාර දුන්නා. මේ වන විට එය නිතර දෙවේලේ විකාශය වෙනවා. ගොඩක් අය රංගන ශිල්පියකු විදිහටත් මෙයින් මා හඳුනාගත්තා. මේක මගේ පස්වැනි ගීතය. ඒ වගේම මාව වඩාත්ම ජනප්‍රිය කළෙත් මේක. දැන් පාරක තොටක යද්දී මියගිය පෙම්වතිය ගැනමයි අහන්නේ. ඒ ගැන කියලාම ඇති වෙලා. කොහොම නමුත් ඒකෙන් දැනෙන්නේ ‘නෙතුªසලා පෑ හසරැල් ගඟුලක’ බොහොම ජනප්‍රියයි කියලා.සටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
මෙරට ජීවත්වන ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු වන කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය සූරී උපාධියෙන් පිදුම් ලබයි. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව් පැවති විශේෂ උත්සවයකදී ඔහුට මෙම සම්මානය පිරිනමන ලදී.කලක් ලේක්හවුස් ආයතනයේ නවයුගය සඟරාවේ කතු පදවිය හෙබ වූ ආරියදාස මහතා මාධ්‍ය ජීවිතයට එක් වූයේ 1947 වසරේදී ලේක්හවුස් ආයතනයේ ඔබ්සර්වර් පුවත්පතිනි. සමාජ මෙහෙවරක නියැලි ආරියදාසයන් ලද මෙම සම්මානයට සරසවිය අපි සුබපැතුම් මෙසේ ගෙන එන්නෙමු.
|
CREATIVE
|
ජනක කන්දෙමුල්ල කියයිජනක කන්දෙමුල්ල රංගන ශිල්පියකු වශයෙන් ඉදිරිය දකින්නට බලාපොරොත්තුවෙන් සිටින යෞවනයෙකි. වැඩිපුරම කළු චරිත පුංචි තිරයේදී මැවූ හෙතෙම මේ දිනවල අප හමුවට එන්නේ ‘සඳ පිනිබිඳක’ ටෙලි සිතුවමෙනි.‘රුවන් මාලිගා’ හරහා තමයි මම රංගනයට අත්පොත තැබුවේ. හා හා පුරා කියලා රඟපෑවෙත් මැර චරිතයක්. ඊට පසුව ‘තූර්යා, තඹපාට හැන්දෑව, සුන්දර චන්දරේ’ වැනි ටෙලි නිර්මාණයන් හි රඟපෑවෙද ටිකක් රණ්ඩුවට බර චරිත. මං හිතනවා මගේ ස්වරූපයට වෙන්න ඇති එවන් වූ චරිත ලැබෙන්නේ.තඹපාට හැන්දෑවෙ රඟපෑ බොඩිගාඩ් ගේ චරිතයෙන් මාව වැඩිදෙනකු හඳුනා ගත්තා කිව්වොත් නිවැරදියි. සමහරු හිතාගෙන ඉන්නේ මං ඇත්ත බොඩිගාඩ් කෙනෙක් කියලා. මගෙ ගම හොරණ. ඉස්කෝලෙ ගියේ ලබුගම විජිත මහා විද්‍යාලයට. ඉස්කෝලෙ යන කාලෙ මං හරිම ලැජ්ජා කරයා. වැඩිය එළියට ආවේ නැහැ. පාසලෙන් අයින් වුවායින් පසුව රැකියාවක් නොකළ මට ඉබේටම ආසාවක් ආවා රඟපාන්න. ඉතිං මං ඒක කලාවට සම්බන්ධ මගෙ යාළුවෙකුට කිව්වා. ඔහු මාව රැගෙන ගොස් රඟපාන්න ලබාදුන් පළමු නාට්‍යය තමයි ‘රුවන් මාලිගා’ ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් මට වැඩ ලැබුණා.මං දැනට හොරණ මගේම කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. මොකද කලාවෙන් පමණක් ජීවත් වෙන්න බැරිනිසා.මං තවම ආධුනිකයෙක්. ප්‍රවීණයන් ගෙන් පුළුවන් තරම් ඉගෙන ගන්නවා. ඇතැම් ප්‍රවීණයන් අප වගේ අයට තක්සලාවක් බඳුයි. මං හරිම ආසයි ගැමි චරිතයක් කරන්න. ගමක හැදුනු වැඩුනු කොල්ලෙක් නිසා සරමක් බැනියමක් ඇඳගෙන බුලත්විටක් කාලා ඉන්න ගැමි තරුණයකුගේ චරිතයක් කරන්න ඇත්නම් හොඳයි. මට ඒක ස්වභාවිකවම කරන්න පුළුවන් වේවි.උදයකාන්ත වර්ණසූරිය ගේ ‘කොස්තාපල් පුඥ්ඥසෝම’ චිත්‍රපටයෙන් මං සිනමාවට එන්නේ. ඒකෙත් මං මැර කණ්ඩායමක සාමාජිකයෙක්.මගේ මේ ගමනට උදව්කළ ඉරේෂ් ලොකුබණ්ඩාර, කුමා අත්තනායක, මාපිටිගම, රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක යන අයව ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා.මේ ජනකගේ දුරකථන අංකය 0717240894සටහන – ප්‍රසාද්සේයාරුව - මාලන්
|
CREATIVE
|
සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනූ ප්‍රසන්න විතානගේ ගේ නිර්මාණය කළ ඉර මැදියම චිත්‍රපටයේ තිර රචනය මුදණාද්වාරයෙන් 08 වැනිදා කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළි දැක්විනි. ඉර මැදියම චිත්‍රපටයේ තිර රචනය ප්‍රියත් ලියනගේ විසින් රචනා කරන ලද්දකි.මෙ ග්‍රන්ථය සඳහා මෙරට ජීවත්ව සිටි විශිෂ්ටතම සිනමා විචරකයකු හා ලේඛකයකු වූ චන්දන සිල්වා විසින් ලියන ලද විශ්ලේෂණාත්මක වින්දනීය අර්ථ විවරණයක් ද ඇතුළත්ය. ඉර මැදියම තිර රචනය සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දකින්නකි.නිම්මි හරස්ගම, පීටර් ඩී. අල්මේදා, එච්. ඩී. මහින්දපාල, ලක්ෂ්මන් ජෝශප් ද සේරම්, දමින්ද ඩී. මඩවල ඇතුළු චිත්‍රපටයට දායක වූ පිරිස චිත්‍රපටයට සම්බන්ධව මෙහි දී අත්දැකීම් හෙළි කරති.එහි අවස්ථා කිපයකි.ඡායාරුප - මාලන්
|
CREATIVE
|
මම මේ දවස්වල වැඩිපුරම නියැළෙන්නේ වෙළෙඳ දැන්වීම් රූගත කිරීමටයි. නිර්මාණ කටයුතු සඳහා දායක නොවන තරම්. ඒත් ඉදිරියේදී චිත්‍රපටයක් සඳහා ආරාධනාවක් නම් ලැබුණා.ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්. අනෙක් දවස්වල බාහිර කථිකාචාර්යවරයෙක් විදියට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගැන්වීම් කටයුතුවලත් නිරත වෙනවා.
|
CREATIVE
|
සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රංගධරයකු වන ජෝ අබේවික්‍රමයන් අභාවප්‍රාප්ත වී මෙම මස 21 වැනිදාට දෙවසරක් සපිරේ. දේව සුන්දරී චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසෙන ජෝ අබේවික්‍රමයන් රන්මුතු දූව, වැලිකතර, අල්ලපු ගෙදර, සිරිබෝ අයියා, බැද්දේගම, පුරහඳ කළුවර වැනි චිත්‍රපටයන්හි රංගනයෙන් මෙරට ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කළේය. ජීවිතය පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති තක්සලාවක් වූ ජෝ අබේවික්‍රමයන් සිංගප්පූරු අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ පුරහඳ කළුවර වෙනුවෙනි. එය මෙරට නළුවකු විදේශයකදී දිනාගත් ප්‍රථම ජාත්‍යන්තර සම්මානයයි. ජෝ අබේවික්‍රමයන්ට නිවන්සුව අත්වේවා යැයි ‘සරසවිය’ අපි පතමු.පීටර් වෙදමුණි අධ්‍යක්ෂණය කරන නඩය දඬු කඳේ වේදිකා නාට්‍යහි මංගල දර්ශනය මෙම මස 22 වැනිදා එනම් එන ඉරු දින සවස බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර්හිදී වේදිකා ගතවේ.ක්ලීටස් මෙන්ඩිස්, රාජසිංංහ ලෝලුවාගොඩ, රත්නශීලා පෙරේරා, සැනට් දික්කුඹුර, ආරියසේන ගමගේ, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, රෝහිත බී. පෙරේරා, රින්ස්ලි වීරරත්න, වසන්ත සතුරුසිංහ ආදීහු රංගනයෙන් දායක වෙති.සංගීතය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමාර ලියනවත්තගෙනි.සිරිනාථ වික්‍රමසිංහ අංග රචනා ශිල්පියාය.- ප්‍රසාද්මොරටුව මහ නගර සභාව මඟින්’පද්ම ශ්‍රී මොරටු පුත්‍ර’ සම්මානයෙන් පිදුම් ලද නිහාල් නෙල්සන් වෙනුවෙන් මොරටුව නගරාධිපති දේශමාන්‍ය සමන්ලාල් ප්‍රනාන්දු සහ මනරම් ගුණතිලක එක්ව ‘රිඟින්ටෝන්’ නමින් මහා සංගීත රාත්‍රියක් 2013 සැප්. 21 දින මොරටුව ද සොයිසා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.නීල් වර්ණකුල ප්‍රමුඛ සන්ෆලවර්ස් සංගීතයට නිහාල් නෙල්සන් සමඟ ජනප්‍රිය ගී තරු වන අසංක ප්‍රියමන්ත, ධනපාල උඩවත්ත, උරේෂා රවිහාරි, සමන් ද සිල්වා, දමිතා අබේරත්න, මනරම් ගුණතිලක, රොමේෂ් සුගතපාල, වරුණි චතුරිකා, රොඩ්නි වර්ණකුල, මැණික් චන්ද්‍රිකා, මේරිශාන් පෙරේරා, ජනිත් තිසේරා ගී ගයන අතර නිමාලි විත් සුපර් ඩාන්ස් නර්ථනයෙන් ද, තිලක් කුමාර රත්නායක කථනයෙන් ද රෝ එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් රෝහණ හෙට්ටිආරච්චි ප්‍රසංග සම්බන්ධීකරණයෙන් ද දායක වෙති.වසර ගණනකට පසු දින සියය ඉක්මවා තිරගත වූ චිත්‍රපටය ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ නිෂ්පාදනයෙන් රේණුකා බාලසුරිය එක් වූ සිරි පැරකුම් මෙරට සිනමා ඉතිහාසයේ නව වාර්තාවක් තබයි. මේ වන විට එය නැරැඹූ සංඛ්‍යාව විසි දෙලක්ෂය ඉක්මවා ඇත. සිරි පැරකුම් මෙම කාලය තුළදී සියලුම ආදායම් වාර්තා බිඳ හෙළීමට සමත් වීම ද විශේෂත්වයකි. සිරි පැරකුම් තිරගත වනුයේ ඔක්තෝබර් 03 දක්වා පමණි. මේ කාලය තුළදී චිත්‍රපටය නැරැඹීමට වැඩිහිටියකු සමඟ පැමිණෙන ළමයකුට භාග ටිකට්පත නොමිලේ බව ද එහි නිෂ්පාදක රේණුකා ‘සරසවිය’ට දන්වා සිටියි. - ප්‍රසාද්සක්විති දඩයමෙන් පසු සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කරන නවතම සිනමා කෘතිය ‘මහ බ‍්‍රහ්ම’ හි මූලික වැඩ කටයුතු කැලණි විහාරයේ පැවැති චාම් මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණි.ඓතිහාසික කතා පුවතක් ඔස්සේ නිර්මාණය වන මෙය ශාන් කරන්නාගොඩ සහ ප්‍රදීප් චමින්දගේ නිෂ්පාදනයක් ලෙසින් එළි දකියි.විමල් කුමාර ද කොස්තා, ගයේෂා පෙරේරා, මොහාන් හෙට්ටිආරච්චි, ජයරත්න ගලගෙදර, සංජු රොඩ්‍රිගෝ, ශාන් කරන්නාගොඩ, නිපුන් ලංකා, සංජුල දිවාරත්න, උපුල් වීරසිංහ, ශ්‍යමලී වරුසවිතාන, ෂර්ලි ජයසිංහ, චාමි සේනානායක, මහින්ද ඉහළගම, වසන්ත අඹගහලන්ද, ප්‍රියන්ත බෙල්ලන, රියන්ත ප්‍රනාන්දු, ජයන්ත ඒකනායක, ජෝයි රණසිංහ, රෝෂිණි අබේබණ්ඩාර, මහේෂ් වීරතුංග, ආනන්ද පතිරණ, ජගත් ධීරසිංහ, චමින්ද මංගල ඩයස්, ප්‍රදීප් කුමාර පෙරේරා, දිලිප් වික්‍රමරත්න, ගනිදු පළිිහේන, ගයාන් නිරෝමාල්, ශාරංගා ද සිල්වා, සිසිර සතරසිංහ, ශ්‍රීනාත් රවීන්ද්‍ර, දිලෙන්ද පෙරේරා, පද්මිණී පෙරේරා, කේෂානි කෙන්දික, නිකිණි විජේසේකර, අජන්ත පුෂ්පකුමාර, ස්විණීතා අයිරාංගනී, ලයනල් සම්පත්, ප්‍රියන්ති ජානකී, ඉඳුනිල් අබේරත්න සමඟ ශෙහාන්, ගිම්හාන, තරුෂි, පවන් බවන්ත සහ නඳුනිකා යන ළමා නළු නිළියන් මහා බ්‍රහ්ම රංගනයෙන් හැඩකරයි.නිමල් කරුණාතිලකගේ කැමරා අධ්‍යක්ෂණයකි. ප්‍රේම් ජයන්ත කපුගේ අංග රචනයෙන් එක්වෙයි. ඇඳුම් නිර්මාණය සහ කතාව දෙබස් තිර රචනය ශාන් කරන්නාගොඩගෙන්ය. පළමු සහාය අධ්‍යක්ෂණයෙන් පවිත්‍රා මධුභාෂිණි සහ දෙවන සහාය අධ්‍යක්ෂණයෙන් සුසිල් වීරසේකර දායක වෙති. සුමිත් වන්නිනායක කලා අධ්‍යක්ෂවරයාය. ශබ්ද පරිපාලනයෙන් රංජිත් පෙරේරා ද, සංගීතය, සංස්කරණය සහ පරිගණක සජීවිකරණය අසේල ඉන්ද්‍රලාල්ගෙනි.- ප්‍රසාද්ඡායාරූපය - ලයනල් පී පෙරේරා
|
CREATIVE
|
ඇතැම් සිනමාපට මායාවන්ය. සමහර සිනමාපට සත්‍යයට කලාත්මකභාවය ආරූඪ කරයි. ස්වභාවය කුමක් වුවත් රසිකයා ඒ මායාවේ අතරමං වෙන්නේ උන්හිටි තැන් ද අමතක කරමිනි.‘ආගෝ’ සිනමා ක්ෂේත්‍රයේ ඉහළම පෙළේ සම්මාන රැසකටම හිමිකම් කී සිනමාපටයකි. ගිල්ඩ්, ගෝල්ඩන් ග්ලෝබ්ස් පමණක් නොව අසූපස් වැනි ඔස්කාර් සම්මාන උළෙලේත් සම්මානලාභියා වූයේ ‘ආගෝ’ය. 2012 වසරේදී ඓතිහාසික ත්‍රාසජනක සිනමාපටයක් ලෙසින් සිනමා වංශ කතාවට එක් වූ මේ සිනමාපටයේ මධ්‍යම බුද්ධි අංශයේ මහ මොළකරු වූ ටෝනි මෙන්ඩස්ගේ චරිතය නිරූපණය කළේ බෙන් ඇෆ්ලෙක්ය. 1979 ඉරාන විප්ලවයේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ මේ සිනමාපටයේ සැබෑවට වඩා තිබුණේ මුසාවය.බුද්ධි අංශයේ නියෝජිත මෙන්ඩස්ට සිය මෙහෙයුම පුරාම ජුලියෝ නමින් සහායක නිලධාරියකු විය. එහෙත් සිනමාපටයේ සියලු මෙහෙයුම් සිදු කළේ ඇෆ්ලෙක්ය.සරණාගතයන් කැනේඩියානු තානාපතිවරයාගේ නිවෙසේ නවාතැන් ගත් බව සිනමාපටයෙන් දැක්වුණත්, ඔවුන් සැබෑවටම සැඟ වී සිට ඇත්තේ ඔහුගේ කාර්යාලය තිබූ ගොඩනැගිලි සංකීර්ණයේ ජනශූන්‍ය නිවෙසකය. එහි ගෘහභාණ්ඩ තිබුණු නමුත් ඡායාරූප හෝ වෙනත් ගෘහ උපකරණ නොතිබිණි.සිනමාපටයේ බ්‍රිතාන්‍ය හා නවසීලන්ත තානාපති කාර්යාල මඟින් අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් හය දෙනා බේරාගන්නා බව පෙන්නුව ද සිදු වූයේ එය නොවෙයි. ඉරාන ගුවන් හමුදා තොටුපළ නිලධාරීන් ගුවන් යානය පසුපස පැන්නීමයි.සරණාගත මාර්ක් ලිජෙක් චරිතය නිරූපණය කළ ක්‍රිස්ටෝපර් ඩෙන්හැම් සැබෑ ජීවිතයේදී දුම්පානය කරන්නෙකි. ඔහු බරපතළ ලෙසින් ළඟ නොපෙනීමේ අක්ෂි දුර්වලතාවෙන් ද පීඩා විඳින්නෙකි. කණ්ණාඩිය කමිසයේ සවි කළ විට ඔහුට කිසිවක් කියවීමට නොහැකිය.සරණාගතයන් අතරේ හුවමාරු වන්නේ එක් පිටපතකි. එහෙත් තොරතුරු රැසක් අඩංගු කොළ රැසක් හුවමාරු වෙනවාක් සේ පෙනෙයි.ආගෝ සිනමාපටයේ සැබෑව මෙන්ම මුසාව තිබුණ ද එය ඉතා හොඳ කතන්දරයකි. සිනමාපටය ප්‍රේක්ෂක හද බැඳ ගත්තේ ඒ නිසයි.සම්මානනීය ස්ටීවන් ස්පිල්බර්ග් ගේ වික්‍රමාන්විත නිර්මාණයක් වූ ‘ලින්කන්’ නිසා අමෙරිකා එක්සත් ජනපදයේ සොළොස් වැනි ජනපති ඒබ්‍රහම් ලින්කන් යළි ජීවමාන කෙරුණි. ලන්ඩනයේ උපන් අයර්ලන්තයේ ජිවත් වන ඩැනියල් ඩේ – ලුවිස්ට මේ චරිතය ජීවත් කළ හැකි වේවිදැයි කියා බොහෝ දෙනකුට සැක සිතුණි. එහෙත් සිනමාපටය සියලු සැක දුරු කළේය. කෙසේ වුව ද ‘ලින්කන්’ ද ලොවට සැඟ වූ කාරණා රැසක් තිබේ.ලින්කන්ගේ සැබෑ කැබිනට් කාමරයේ තිබුණේ ඡායාරූප දෙකකි. එක් ඡායාරූපයක් ලින්කන්ගේ පූර්ව ප්‍රාප්තිකයා වූ ඇන්ඩෲ ජැක්සන්ය. අනෙක් ඡායාරූපය බ්‍රිතාන්‍ය වහල් විරෝධී නායක ජෝන් බ්‍රයිට්ගේය. එහෙත් සිනමාපටයේ එම සිතුවම් නිර්මාණ දක්නට නොලැබුණි.ජනාධිපති ලින්කන්ට තිබී ඇත්තේ ඉන්දියානා සහ කෙන්ටකි ඌරුව ගත් ගැඹුරු උස් පිරිමි හඬකි. සිනමාපටයේ ඩේ - ලුවිස් උස්, තියුණු එහෙත් තුනී හඬකින් දෙබස් උච්චාරණය කළේය.ලින්කන් ජනපතිවරයා සිතියම් අධ්‍යයනය කළේ යුදමය කටයුතු සඳහා පමණක් නොවෙයි. 1860 දී ජනගහන සිතියමෙන් පෙන්නුම් කෙරුණේ සෑම රටකම ජීවත් වූ වහලුන්ගේ ප්‍රතිශතයයි.දාසය වැනි ජනපතිවරයා තීරණ ක්‍රියාත්මක කිරීමට හා කරුණු සාකච්ඡා කිරීමට රැස්වීම් පැවැත් වූ අයෙකි. රැස්වීම් පැවැත්වීම අනිවාර්ය අංගයක් වූ අතර ඒ සඳහා ස්ථිරවම සහභාගිවූවන් අතර රාජ්‍ය ලේකම් විලියම් එච්. සෙවෝඩ්, යුද ලේකම් එඩ්වින් ස්ටැන්ටන්, භාණ්ඩාගාර ලේකම් සොල්මන් පී. චේස් වූහ. ධවල මන්දිරයේ දොරටු සාමාන්‍ය ජනතාවට විවෘත වූයේ පුද්ගලිකවම ඔහු හමුවීමට අවස්ථාව උදාකරමිනි.සිනමාපටයේ බොත්තමක් සහිත පිටුපසක් ඇති පුටුව 2004 දී අලුත්වැඩියා කිරීමට පෙරගත් පුටුවේ ඡායාරූපය බඳුමය.ලින්කන්ගේ කැබිනට් මේසය මීට දශක ගණනාවකට පෙර අතුරුදන් වූවකි. සිනමාපටයේ මේසය මුල් මේසයට වඩා 50% ක් විශාලය. 1864 සිතුවමක මේසයේ ඡායාරූපයක් සඳහන් වී තිබේ.ජනපතිවරයාට තිබුණේ පැතැලි පාදයකි. ලිපි සහ රාජ්‍ය ලියකියවිලි තොප්පිය යට සඟවා ගැනීමේ පුරුද්දක් ඔහුට තිබුණි.ලින්කන් බිරිය කේන්තිකාරියකි. ඒ කෝපය ජනපතිවරයාගේ ජීවිතයට ද බලපෑවේය. ස්පිල්බර්ග් ඒ බව කදිමට පෙන්වයි.2012 වසරේ තිරගත වූ ප්‍රේමණීය, ගීතමය, විකට සිනමා වෘතාන්තයකි. 1987 කතාවක් 2012 දී තිරයෙන් එළි දකින්නේ අපූරු සිදුවීම් මාලාවක් ද සමඟය. සිනමා ශාලාවේ අයිතිකරු අනෙක් අයට වඩා ඉහළ ආර්ථික තත්ත්වයක් ඇති අයකු ලෙස පෙන්නුම් කළත්, රූප රාමුවල ඔහු ඇඳ සිටින දිවි සමක මෝස්තරය ඇති කමිසය ඉතා ලාභය.රීඩර්ස් ඩයිජෙස්ට් ඇසුරිනිචම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ඉන්ද්‍රනාථගේආලෝක පින්තාරු හෙට සිට 16 දක්වාඉන්ද්‍රනාථ තේනුවර ලංකාවේ ඡායාරූප කලාවේ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ නිර්මාණකරුවකු යයි කීම වරදක් නොවෙයි. දිනෙන් දින දියුණු වන ඡායාරූපකරණයේ තාක්ෂණය සහ ඒ ඒ තාක්ෂණික භාවිතාව පිළිබඳ ගවේශණශීලී බුද්ධියකින් පරිණත වූ ඉන්ද්‍රනාථ වෙනස්ම ආකාරවල ප්‍රදර්ශන සමඟින් නිබඳවම අප හමුවෙයි.මෙවර ඉන්ද්‍රනාථ අපට ලබා දෙන්නේ ආලෝක පින්තාරුය. සියළුම ස්ථාන ගෘහස්ථ විදුලි පන්දම්වලින් ආලෝකමත් කළ ලොව ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය වන ආලෝක පින්තාරු ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු ලංකාව තුළ පවත්වන ප්‍රථම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය ද වෙයි.මීට පෙර සොබා රූ, මංගල්‍ය උත්සව ඡායාරූප, පැනොරාමා වැනි ප්‍රකට ප්‍රදර්ශන අපට ගෙන ආ ඉන්ද්‍රනාථ මෙවර ගෙනෙන ආලෝක පින්තාරු සුවිශේෂ වූ ඡායාරූප ප්‍රදර්ශනයකි.ලංකාවේ ප්‍රකට ඓතිහාසික ස්ථාන කිහිපයක් සහ අප්‍රකට පෞරාණික ස්ථාන කිහිපයක් ගෘහස්ථ විදුලි පන්දමින් ආලෝකමත් කර ලබා ගත් අලංකාර ඡායාරූප ආලෝක පින්තාරු හි ඇතුළත් වෙයි.ගණිත ගුරුවරයකු, ඡයාරූප ශිල්පය පිළිබඳ ගුරුවරයකු, ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියකු මෙන්ම ග්‍රන්ථ රචකයකු ද වන ඉන්ද්‍රනාථ තේනුවර මේ පවත්වනු ලබන්නේ තමාගේ සිව්වන ඒක පුද්ගල ප්‍රදර්ශනයයි. ජූනි 13, 14, 15 සහ 16 යන දිනයන්හි ජේ. ඒ. ඩී. පෙරේරා කලාගාරයේදී ප්‍රදර්ශනය පැවැත්වෙයි.- චතුර
|
CREATIVE
|
බොහෝ දෙනෙක් ඔහුව හඳුන්වන්නේ විකට රංගන ශිල්පියෙක් ලෙසයි. ‘හොටෙල් ඩී කලබල’ හාස්‍ය ටෙලි නාට්‍යය තුළින් රංගනයට පැමිණි ඔහු වැඩිපුරම රඟ දක්වා තිබෙන්නේ ප්‍රේක්‍ෂකයන්සිනා සයුරේ ගිල්වන ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලය.නමුත් මෑත කාලයේ දී හාස්‍ය රංගනයෙන් බැහැර වූ ටෙලි නිර්මාණ කිහිපයකම අපි ඔහුව දුටුවෙමු. උපාලි කීර්තිසේන නම් වූ මේ දක්‍ෂ රංගන ශිල්පියා සරසවිය පුවත්පතට පැමිණියේ ඔහුගේ රංගන ජීවිතයේ සුවිශේෂී කටයුත්තක් පිළිබඳ කියන්නටය. උපාලි කවදත් මාධ්‍යයට ලෙන්ගතු මිතුරෙකි. කා සමගත් සුහදව කලා කටයුතුවල නිරත වන ඔහු කලාව දෙවියන් දුන් දෙයක් ලෙස සලකයි.උපාලි මේ දිනවල අපි ඔබේ රංගන ජීවිතයේ වෙනසක් දකිනවා?ඔව්, මම කාලයක්ම රඟපෑවේ විකට රංගන ශිල්පියෙක් ලෙසනේ. මට වැඩිපුර ලැබුණෙත් එවැනි නිර්මාණ. ‘හිරු දහසක් යට’ ටෙලි නාට්‍යය තුළින් මම කොමඩි ලේබල් එකෙන් මිදුණා. බොහෝ දෙනෙක් දැනගත්තා උපාලිට විකට චරිත විතරක්ම නෙමේ තව වෙනස්, වෙනස් විවිධ වූ චරිත පවා කළ හැකියි කියලා. පසුගිය දා විකාශය වූ ‘හඳපාන’ ටෙලි නාට්‍යයේ පීටර් අයියාගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. කාලයක් ගතවෙලා හරි එකම රාමුවේ චරිත වලින් මිදෙන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.ඔබේ රැකියාවත් රංගනය ද?ඔව්, රඟපාන එක තමා මගේ රැකියාව. හැකියාව මත මම මේ ගමන ආවේ. බොහොම ගරුත්වයෙන් මම මේ රැකියාව කරන්නේ. මම මාව හඳුනාගෙන තිබෙන නිසා යමක් කරන්න පුළුවන් සුදුසු චරිත පමණයි භාර ගන්නේ. මට යම් නිර්මාණයකට කතා කරනකොට චරිතය මොකක්ද කියලා විතරයි මම අහන්නේ. කවදාවත් කොච්චර ගෙවනවද? කියලා මම අහන්නේ නැහැ. වෙලාවට සෙට් එකට යනවා. හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්නවා. මම හිතන්නේ මේ හින්දාමයි මට මෙච්චර දුරක් එන්න ලැබුණේ.ඔව්, එහෙනම් ඔබේ මේ සුවිශේෂී කටයුත්ත ගැනත් කතා කරමු නේද?1996 වර්ෂයේ ඉඳන් අවුරුදු 17 ක් මම ‘සොල්දර ගෙදර’ වේදිකා නාට්‍යය රඟ දක්වනවා. යුද ගිනි දැල් ඇවිලිලා තිබුණ කාලේ පවා උතුරට ගිහින් අපේ වීර රණ විරුවන් වෙනුවෙන් මේ නාට්‍යය රඟ දක්වලා තියෙනවා. රණ විරුවෝ ලබන සතුට දැකලා මගේ ඇස් වලට කඳුළු ආවා. ඒත් කියන්න කනගාටුයි මේ වෙනකම් කිසිම අගැයීමකට ලක් වෙලා නැහැ. සියලුම අභියෝග ජයගෙන ‘සොල්දර ගෙදර’ 1000 වැනි දැක්ම මේ 31 වැනි දා සවස 3 ට සහ 6 ට බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ දී වේදිකා ගත කරනවා. සරසවි ක්‍රීඩා සමාජය යි මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ. එදාට මම හැමෝටම ආරාධනා කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ මේ නාට්‍යයේ එදා ප්‍රවීණ ශිල්පී, ශිල්පිනියන් රඟපෑවා. දැන් රංගනයෙන් නව පරපුරක් එකතු වී ඉන්නවා. ඔවුන් දක්‍ෂ අය.ඔබ ප්‍රසංග වේදිකාවෙත් ගී ගයනවා නේද?ඔව්, සංගීතය මම හුඟාක් ප්‍රිය කරන විෂයයක්. ටී. එම්. ජයරත්න මගේ සංගීත ගුරුවරයා. මම ගායනා කරන්නේ මිය ගිය ගායකයන්ගේ ගීත පමණයි. එයත් පවුලේ අයගෙන් අවසරය ඇතුව. අපි කලාවෙන් ජීවත් වෙන මිනිස්සු. එහි වටිනාකම රකින්න ඕනේ.මේ දිනවල ඔබේ කලා කටයුතු ගැනත් කියන්න?චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යයේ ‘ජෝකින්’ කියලා හද්දා පිටිසර ගැමි චරිතයක් කරනවා. ‘සිහින සිත්තරාවී’ දෙරණ නාලිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයේ ‘නදීප්’ කියලා හොඳ චරිතයකුත් කරනවා. ඩෙන්සිල් ජයවීර මහතාගේ ‘අහංකාර ස්ත්‍රී’, ප්‍රසන්න ඉත්තෑපාන ගේ ‘පුරකලනි’ මොහාන් නියාස් ගේ ‘ඉසුරු විමන’ යන ටෙලි නාට්‍ය කිහිපයකත් දිනේෂ් කුමාර ගේ ‘රොකට් රජා පොකට් රජා’ චිත්‍රපටයෙත් ‘අපි මැරෙන්නේ නෑ’ චිත්‍රපටයෙත් මියුරි සමරසිංහ මහත්මිය ගේ ‘විශ්ව ශක්ති’ නිර්මාණයේත් වැඩ කටයුතු කරගෙන යනවා. චන්ද්‍රරත්න මාපිටිගම තමයි ගැමි නාට්‍යවලට මාව අරගත්තේ. ‘සුරපුර සර’ තුළින් ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා.ඔබේ මේ ගමන් මගට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කෙබඳු ද?අම්මයි, අයියයි, අක්කගෙනුයි ලැබෙන සහයෝගය මිල කරන්න බෑ. මම ගත කරන්නේ තනිකඩ ජීවිතයක්. මේ හුදෙකලාව තුළ මට හුඟාක් කලා නිර්මාණවලට දායක වෙන්න ඇති ඉඩ වැඩියි. මම ජීවිතේ හුඟාක් ඉවසන..බෙදා හදාගෙන ජීවත් වෙන කෙනෙක්. කලාවට ඇවිත් වසර විසි දෙකක් වුණා. ලැබුණු එකම සම්මානය ජනතා සම්මානය විතරයි. ඒ ගැන දුක් වෙන්නේ නැහැ. රෝයි සුමනා යුවළ, සෝමා එදිරිසිංහ මහත්මිය, මම ආදරයෙන් සිහිපත් කරනවා.එන්න 31 වැනිදාට මගේ සොල්දර ගෙදරට. අපි එහිදී ආදරයෙන් හමුවෙමු කියලා මම කියනවා. මගේ දුරකථන අංකය 071 – 4802452 න් අමතන්න මට. මම හැමදාමත් ඔබේමයි.කතාබහ – මංජුල ප්‍රසාද් වීරසිංහඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
තිරයේ තරු ගැන ප්‍රේක්ෂකයන්ට කලින් අනාවැකි කියන්නේ ඔවුන් උපදින විට ගෙන ආ දෛව අංකයි. වසරක් ගෙවී වසරක් උදාවෙන විට ඉන්දියානු ඡ්‍යොතිෂ්‍යවේදීන් වැඩි අවධානයක් දක්වන්නේ සුපිරි තරු හා තාරකාවල අනාගතය ගැනයි.සුප්‍රසිද්ධ ඡ්‍යොතිශාස්ත්‍රඥ බෙජන් දරුවාලා පවසන පරිදි රිතික් රෝෂාන්ට 2015 වසරේදී යළි මංගල යෝග උදා වෙයි. මේ අතරේ සුසේන් දරුවන්ගේ සහ තමන්ගේ නඩත්තුවට රුපියල් කෝටි සියයක් ඉල්ලන බවට රාවයක් පතී. ‘ක්‍රිෂ් 3’ අති සාර්ථක වීම නිසා ඔහුට රුපියල් කෝටි සියයක් යනු සිතට දැනෙන ගණනක් නොවන බව සුසේන් පවසා තිබේ. එහෙත් මේ සියල්ල මාධ්‍යවලින් හෙළි කිරීමෙන් පසු සුසේන් කියා ඇත්තේ මෙවැනි බොරු මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම වැරැදි බවයි.දරුවාලාගේ අනාවැකිවලට අනුව ප්‍රියංකා චොප්රාට උදාවන වසර පෞද්ගලික වශයෙන් තරමක් කරදරකාරී වසරකි. එහෙත් වෘත්තීය ජීවිතයේ නම් නැග්මක් ඇති වනු ඇත.රන්බීර් කපූර්ට ඉදිරි පස් වසරම අති සාර්ථක ලෙසින් සැමරිය හැකියි. ගන දෙවියන්ගේ බැල්ම ලැබූ දීපිකා පදුකෝන් සහ ප්‍රේමණීය සල්මන් ඛාන් ඉදිරි වර්ෂයේදිී වඩාත් බැබලෙනු ඇත.2014 වසර සුබම සුබ වසර වන සුපිරි තාරකාවන් ලෙස ඔහු නම් කරන්නේ දීපිකා පදුකෝන්, සල්මන් ඛාන් සහ රන්බීර් කපූර්ය.මේ අතර සෑම වර්ෂයකම තරුවල ඉදිරි වර්ෂය ගැන අකුරටම නිවැරැදි අනාවැකි කියන්නකු සේ ජනප්‍රිය භවික් සංග්වි තරුවල හෙට ගැන මෙසේ පවසති.අමීර් ඛාන් - ඉන්දියානු රුපියල් කෝටි හාර සියයකට මේ වන විට ‘ඩූම් 3’ ආදායම ආසන්න වෙමින් පවතී. ඒ දැවන්ත විජයග්‍රාහී අත්දැකීමත් සමඟ 2014 ට පා තබන අමීර් ඛාන්ට ‘පී. කේ.’ ලබන වසරේදී වාසනාව රැගෙන එයි. ඔහුගේ රූපවාහිනී වැඩ සටහන වැඩිම ප්‍රේක්ෂක මනාපයක් දිනනු ඇත. සුවදායක මනසකින් 2014 වසරම ඔහුට ගත කිරීමට වාසනාව ලැබේ.සල්මන් ඛාන් - ‘ජායි හෝ’ අති සාර්ථක වේ. ලබන වසරේදී සල්මන් ඛාන්ගේ සිත තවත් සුරූපිනියක වෙත ඇදී යනු ඇත. සුපුරුදු පරිදි 2014 දීී ද ඔහු තනිකඩ ජීවිතයකට උරුමකම් කියයි.ෂාරුක් ඛාන් – ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සිනමාපටයට සම්මාන රැසක් හිමි වනු ඇත. ‘හැපි නිව් ඉයර්’ ඔහුගේම සිනමා වාර්තා බිඳ හෙලයි. අයි පී එල් ‘කොල්කටා නයිට් රයිඩර්’ සාර්ථක තරඟාවලියක අත්දැකීම් එක් කරයි.රිතික් රොෂාන් – රිතික්ට හොඳම කල දසාවක් ලබන්නේ ඉදිරි වසරවලදීයි. ‘ක්‍රිෂ් 3’ මෙන්ම ‘බෑන්ග් බෑන්ග්’ සිනමාපටය ද අති සාර්ථක වේ.රන්බීර් කපූර් – පෞද්ගලික ජීවිතයත්, වෘත්තීය ජීවිතයත් අති සාර්ථකය. කති‍්‍රනාට යසට කැපෙන රන්බීර් ලබන වසරේ අවසන් කාර්තුවේදී හෝ විවාහ ගිවිස ගැනීමේ සුබ පණිවුඩය රසිකයන්ට දැනුම් දෙනු ඇත. ඔහු රැගූ ‘රෝයි සහ ජග්ගා’ සාර්ථක සිනමාපටයක් වේ. එහෙත් වැඩි වාසනාවක් ගෙනෙන්නේ ලංකාවේදී රූගත කෙරුණු ‘බොම්බේ වෙල්වට්’ සිනමාපටයයි. රන්බීර් කපූර් වෙනුවට රන්බීර් ආර් කපූර් ලෙස නම වෙනස් කිරීමෙන් ඔහුගේ වාසනාව දෙගුණ තෙගුණ වේ.දීපිකා පදුකෝන් - කොචාඩයියන්, ෆයින්ඩිං ෆැනි ෆර්නැන්ඩස්, හැපි නිව් ඉයර් සිනමා රංගනයන්ගෙන් ඇය 2014 තමන්ගේම වසර කර ගන්නීය. දීපිකාට ගැළපෙන පෙම්වතකු නම් මේ වසරේදීත් මුණ නොගැසෙනු ඇත.අමිතාබ් බච්චන් - මෙගා තරුව අමිතාබ් බච්චන්ගේ සෞඛ්‍ය තත්ත්වය නව වසරේදී එතරම් යහපත් නොවෙයි. ආතතිය අමිතාබ් රෝගී කරන ප්‍රධාන හේතුවයි. ‘භූත් නාත් රිටර්න්ස්’ එතරම් සාර්ථක සිනමාපටයක් නොවනු ඇත.අයිශ්වර්යා රායි – 2014 වසරේ අවසානයට පෙර ඈෂ් රැගූ සිනමාපටයක් නැරැඹීමට ප්‍රේක්ෂකයන්ට වරම් ලැබෙනු ඇත.අක්ෂේ කුමාර් – පවුල ජීවිතය කරගත් ඔහුට පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ ලැබේ. ඔහුගේ ‘ඉට්ස් එන්ටර්ටෙයින්මන්ට්’ සහ ‘ගබ්බර්’ රසිකයන් මවිත කරන සිනමාපට වනු ඇත.ප්‍රියංකා චොප්රා - ‘ගුන්ඩේ’ සාර්ථකත්වය සමඟ වසර ඇරැඹෙයි. එහෙත් ඇයට වැඩි වාසනාවක් ගෙනෙන්නේ ‘මේරි කොම්’ චරිතයයි. වසර අවසන් වීමට පෙර කෙනකුª ගැන ඇයට සිතක් ඇති වෙයි.කරීනා කපූර් - ‘බෙබෝ’ සුද්ධි සමඟ යළි අති සාර්ථක නිළියන්ගේ නාම ලේඛනයේ ඉදිරියට පැමිණෙනු ඇත.
|
CREATIVE
|
පොත් ප්‍රකාශක, ලේඛකසමුද්‍ර වෙත්තසිංහමම මීට වසර කිහිපයකට කලින් ලියූ සම්මාන ලැබූ අනගාරික ධර්මපාලතුමා ගැන ලියූ ‘දැදුරු කළ සියපත’ කියන කෘතිය නව මුදුණයක් ලෙසින් ළඟදීම එළි දැක්වීමට කටයුතු කරනවා. මේ දවස්වල තිරගත වන ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’ චිත්‍රපටයේ තේමා ගීතය රචනා කළේ මමයි.ඊට අමතරව පසුගිය දවස්වල මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් පිළිබඳත් මා ලියූ ගීයක් උන්වහන්සේ වෙනුවෙන් කළ උළෙලකදී ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ හෙඬන් ගැයුණා. ඒක මට සතුටක්.
|
CREATIVE
|
තමන්ට ලැබෙන තත්පර කිහිපයක සුළු චරිතයක් වුව ද ප්‍රේක්ෂක හදවත් හි නොමැකෙන මතක සටහන් තැබිය හැකි නම් එය රංගන ශිල්පියකු සතු අපූර්වතම කුසලතාවකි.සෝමසිරි දෙහිපිටිය එවන් අපූර්ව කුසලතාවකින් හෙබි රංගන ශිල්පියකු වූයේය. ඔහුගේ කුසලතාවයන් කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවල විසිරී තිබුණ ද ඔහු වඩාත් ප්‍රකට වූයේ සිනමා රංගන ශිල්පියකු වශයෙනි.ආචාර්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර චිත්‍රපටයෙන් හෙළ සිනමාවට බිහි වූ සෝමසිරි දෙහිපිටිය වසන්ත ඔබේසේකරයන්ගේ වෙස්ගත්තෝ හි සෝමේ ගේ චරිතය තුළින් ප්‍රකට සිනමා විචාරකයින්ගේ පැසසුමට ලක් වී මුළු රටේම සිනමා ප්‍රේක්ෂකයින් දිනා ගත්තේය.ඉන් පසු ඔහු චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබිණි. 1970 දශකයේ හෙළ සිනමාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රධාන පෙළේ සියලුම නළු නිළියන් සමඟ කරට කර රඟපෑමට තරම් සෝමසිරි දෙහිපිටිය වාසනාවන්තයකු විය.හාර ලක්ෂෂය - වල්මත් වූවෝ - අහස් ගව්ව - දියමන්තිය - තුංමං හන්දිය - සිහසුන - සරුංගලය – චණ්ඩි පුතා - බඹරු ඇවිත් - සාගරයක් මැද – උතුමාණෙනි - සක්විති සුවය - දෙවියනි ඔබ කොහිද – රිදී නිම්නය – පරිත්‍යාගය - සිරිබෝ අයියා - කස්තුරි සුවඳ - පෙම්බර මදූ - සදහටම ඔබ මගේ – කරුමක්කාරයෝ - යහළු යෙහෙළි - බට්ටි ආදී චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කොට දක්ෂ චරිතාංග නළුවකු ලෙස ප්‍රචලිත විය.1980 වසරේ තිරගත වූ සිරිබෝ අයියා චිත්‍රපටයේ බන්දුල හාමිගේ චරිතය නිරූපණය කළ ඔහු එම ප්‍රතිභා රංගනය වෙනුවෙන් එම වසරේ පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී සහාය නළුවාට පිරිනැමෙන ජනාධිපති සම්මානය හිමි කර ගත්තේය.සෝමසිරි දෙහිපිටිය වේදිකා - සිනමා රංගන ශිල්පියකු පමණක් නොව චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයකු හා ගායන ශිල්පිියකු වශයෙන් ද දස්කම් ප්‍රකට කර තිබිණි.කරුණාවන්ත ගති පැවතුම්, ගුණ යහපත්කම ඔහුගේ ජීවිතය පුරාම තිබිණි. එනිසාම ඔහු වටා එක්රැස් වී සිටි හිත මිතුරු කලාකාමී පිරිස බොහෝය. ඔහු මුදල්වලට වඩා මිනිස්කම අගය කළේය. නොමිනිසුන් වසන ලෝකයක මිනිස්කම අර්ථවත් කළ ඒ හිත හොඳ මිනිසා 1982 අප්‍රේල් මස 27 වැනිදා අපගේ නෙතට කඳුළක් එක් කරමින් අපෙන් සදහටම වෙන් වූයේය.එහෙත් තවමත් සෝමසිරි දෙහිපිටිය නැතහොත් හිත මිතුරු බොහෝ දෙනකු හඳුනන සෝමේ කලා ලොව තුළින් සිනමා ප්‍රෙක්ෂකයන්ගේ මතකය තුළින් එදා මෙන් අදත් නොමැකී පවතී. ඒ හිතවත්කම පිරි මිනිසත්කම නැවත අපට හමුවේවා!ධර්මසිරි සුරවීර
|
CREATIVE
|
වසර 39 ක් පුරා ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් සනහාලූ වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයේ සමාප්ති උළෙලේ පළාත්බදව පවත්වන අවසන් ප්‍රසංගය ලබන 15 වැනිදා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.- යතේජා ඥානරත්නසිංහල සංගීත කරළියේ වික්ටර් රත්නායකගේ භූමිකාව වනාහි බෙහෙවින් ආකර්ෂණීය වූ ද රමණීය වූ ද ප්‍රබල වූ ද එකකි.1960 දශකයේ මුල් භාගයෙහි සංගීත කේෂ්ත්‍රයට ප්‍රවිෂ්ටව ඉතා කෙටි කලක් තුළදී සිය මියුරු හඬින්ද මියුරු ස්වර සංරචනයෙන් සහ සංගීත සංයෝජනයෙන්ද රසික සිත් ආලෝලනය කරන්නට ඔහු සමත් වූයේය. සැබැවින්ම ඔහු වටා රොද බැඳුනේ රසික පිරිස් පමණක් නොවේ. සකල විධ ගායන ශිල්පීහුද ඔහු වටා එක් රොක් වූහ.අද දවසේ ඔහුගේ තනුවක් නොගැයූ එකම ගායන ශිල්පියකු හෝ ශිල්පිනියක සොයා ගැනීමට බැරි තරම්ය.වික්ටර් රත්නායක සංගීත කේෂ්ත්‍රයට පිවිසෙන විට උසස් රසඥතාවක් ඇත්තාවු සුළුතරයක් නිර්මාණාත්මක සංගීතයෙහි රස විඳීමින් උන්හ.අප්‍රබුද්ධයෝ අනුකාරක සංගීතයෙහි නිමග්නව සිටියහ. වික්ටර් රත්නායක දෙපිරිස අතර පාළමක් ඉදි කළේය.ඒ පාළම මතින් දෙනෝදාහක් රසිකයෝ ප්‍රබුද්ධ ලෝකයට සංක්‍රමණය වූහ. සිංහල සංගීත ඉතිහාසය විමර්ශනය කරන්නකුට ඔහු විසින් කරන ලද්දා වූ මේ ඓතිහාසික කාර්යභාරය මැනවින් දැක ගත හැකි වන්නේය.- මහාචාර්ය සුනිල් ආරියරත්න
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.