comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
අගනුවර තරුණ කවි සමාජයේ හැත්තෑ හත් වැනි සංවත්සරය නිමිත්තෙන් කෘතහස්ථ කලාකරුවකු, සාහිත්‍යධරයකු, නිබන්ධකයෙකු මෙන්ම එම සමාජයේ හිටපු සභාපතිවරයකු වූ සේසිරි විජේසේකර අභිනන්දන ග්‍රන්ථය ‘ගුවන් විදුලියේ රන් සේසිරි’ මෙම මස තුන් වැනිදා එනම් අද සවස දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී එළිදැක්වේ. කලාකාමී ඔබ සැමට මේ අවස්ථාවට සහභාගිවීමට අ. ත. ක. ස. සභාපති බොරලැස්ගමුවේ ප්‍රණීත් පෙරේරා කිවිඳුන් ආරාධනා කර සිටියි.- ප්‍රසාද්
|
CREATIVE
|
ආචාර්ය මහේෂ් කේ. බණ්ඩාර අධ්‍යක්ෂණය කළ මතක සුළඟ ටෙලි සිතුවම එළඹෙන සෙනසුරාදා එනම් 29 දා සිට සෑම සෙනසුරාදාවකම උදෑසන 11.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වේ.ඔස්ට්‍රේලියාවේ රූගත කළ මෙහි විකාශය ඇරැඹෙන්නේ ජාතික නාලිකාව ටෙලි නාට්‍යයක් වෙනුවෙන් හඳුන්වා දුන් එම විකාශන කාලයේ පළමු ටෙලි සිතුවම වශයෙනි.එස්,එල්.ටී ප්‍රඩක්ෂන් වෙනුවෙන් ඉන්ද්‍රානි පෙරේරා, සාමපි‍්‍රය සුමනසේකර, ලලිත් අමරවීර, නාලිකා පද්මසේන, ජයසිරි ලියනපතිරණ, මහී මහානාම, වෛද්‍ය දයා අමරසේකර, නිශාන්ත ජයකොඩි, රාණි බණ්ඩාර සහ කරූ කටුවන්දෙණිය නිෂ්පාදනය කළ මතක සුළඟ හි ශ්‍රියන්ත මෙන්ඩිස්, ලක්ෂ්මන් විජේසේකර, කුසුම් රේණු, චතුරිකා පීරිස්, කංචන කොඩිතුවක්කු,ගීතා කාන්ති ජයකොඩි, සම්පත් කුමාරතුංග, චන්ද්‍රා කළුආරච්චි, වසන්ත විට්ටච්චි, මමෝහාරී විමලතුංග, තිස්ස බණ්ඩාරනායක, විමලේන්ද්‍ර කුමාරි, මාධවී රවිප්‍රිය, දිනුකි ද සිල්වා, චන්ද්‍රානි බුද්ධිපාල, කරූ කටුවන්දෙණිය, සුනිල් ද සිල්වා චරිත මවති.බන්දුල නානායක්කාරවසම් ගී පද රචනා කළ මෙහි ගායනයෙන් සුනිල් එදිරිසිංහ, ප්‍රදීපා ධර්මදාස, අනුරාධා නන්දසිරි දායක වන අතර අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේ කැමරා අධ්‍යක්ෂණයකි, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහාය අධ්‍යක්ෂවරයාය.- ප්‍රසාද්
|
CREATIVE
|
ගිගිරි ගීත රාවේ මලවි හී සරේ සබඳ අද කිමදෝ බමන ලෝකෙට කෑ ගසා කීවේඋමතු දෑස රෑ තුන්යාමේ ලගින මේ නුරා අම්බලමේ හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේතරිඳු තාම නාඹර වයසේ රඟනු රංග රන් රඟ මඬලේ කුමුදු යාය මල්වර මොහොතේ රොන් ගන්න පෙම් මල් වනපෙතේපද රචනය - මහාචාර්ය සුනිල් ආරියරතනසංගීතය - සංගීත විශාරද ඩී. ආර්. පීරිස්ගායනය - වික්ටර් රත්නායකඅධ්‍යක්ෂණය – වසන්ත ඔබේසේකරසුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
මගේ කුළුඳුල් නවකතාව වන ‘මේඝ වර්ණ විය’ ලබන විසි හය වැනිදා ප්‍රකාශයට පත් කරනවා. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී මම මේ දවස්වල ඒ කටයුත්තට සම්පූර්ණ කාලය යොදවලා තියෙනවා.
|
CREATIVE
|
සෝමරත්න රාමනායක අධ්‍යක්‍ෂණය කළ ‘සතියකට මට රට බාර දෙන්න’ හාස්‍යෝත්පාදක සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතය. විජේරත්න වරකාගොඩ, වසන්ත කුමාරසිරි, රිචාඩ් වීරක්කොඩි, කපිල සිගේරා, විනූ වෙත්තමුනි, ගාමිණී කොස්තා, රිචඩ් අබේවර්ධන, සඳරේඛා වීරසිංහ, රෝහණ සුමනසිරි ඇතුළු නළු නිළියන් මෙහි චරිත නිරූපණය කරති.අධ්‍යක්‍ෂණය මෙන්ම තිර රචනය සහ කැමරාව මෙහෙයවීම සෝමරත්න විසින්ම සිදුකොට ඇත. සන්ෆලවර් නායක නීල් වර්ණකුල සහ කපිල මැද්දෙගොඩ ගේ සංගීත අධ්‍යක්‍ෂණයකි. එම්. එස්. අලිමාන් සතියකට මට රට බාර දෙන්න සංස්කරණය කොට තිබේ.ඇනස්ලි, බර්ටි, සැමුවෙල් යන විකට තුන් කට්ටුවෙන් දැනට ජීවතුන් අතර සිටින බර්ටි ගුණතිලකයන් වෙනුවෙන් ලබන 27 වැනිදා රාත්‍රී 10.00 ට ජාතික නාළිකාවෙන් විකාශය වන ආලකමංදාව වෙන්වේ. ගොඩකවෙල පිහිටි ඔහුගේ නිවසේදී එය රූගත කොට තිබේ.ආලකමංදාව විනීතා කරුණාරත්නගේ නිෂ්පාදනයකි.
|
CREATIVE
|
පසුගිය සතියෙන්...සැමුවෙල් රුදිගූට හොඳට ළමා චරිතත් කරන්න පුළුවන්. එක වැඩ සටහනකදී මම තාත්තා, විදුහල්පති ඇනස්ලි, ළමයා සැමුවෙල්. අපේ වැඩසටහනේ තේමාව ළමයා ඉස්කෝලෙට බාරදීම. එදා වැඩ සටහන පටිගත කරන දවසේ ගුවන් විදුලියේ හය වන මැදිරිය අතුරු සිදුරු නැතුව රසිකයන්ගෙන් පිරිලා. අපි ස්ටේජ් එකට එන්න කලින් ඉඳලම විසිල් පාර. ඔන්න තේමා වාදනය ඇහෙන්න පටන් ගත්තා. වැඩ සටහනේ හඳුන්වා දීම ඉදිරිපත් වුණා. මම සැමුවෙල්ව එක්කගෙන එනවා වේදිකාවට. වේදිකාව මත විදුහල්පති ලෙස ඇනස්ලි ඉන්නවා.විදුහල්පති - මොකද මේ දෙන්නා?තාත්තා (මම) - සර් ළමයාව ඉස්කෝලෙට දාන්ටයි ආවෙ. විදුහල්පති – දුරකථනය නාද වෙයි.ආ හලෝ පස්සෙ කතා කරන්න. මේ ළමයෙක් දාගන්න ඇවිල්ලා දෙන්නෙක්.ආ හරි . . . පියා එන්න මෙතෙන්ට (සැමුවෙල්, ළමයා එයි)විදුහල්පති – පියාටනේ එන්න කිව්වෙ. ළමයා ඉන්න අහරෙන් (සැමුවෙල් - ළමයා යයි)විදුහල්පති – පියා එන්න.නැවත සැමුවෙල් එයි.විදුහල්පති - ළමයා ඉන්න අහරෙන්.ළමයා පොඩි ළමයෙක් මෙන් එන්න කියනවා. යන්න කියනවා.දුහල්පති – පියාටනෙ එන්න කිව්වේ.ළමයා - මම තමයි පියා.විදුහල්පති – මා දෙසට අත දිගු කොට මේ කවුද?ළමයා - ඒ අපේ තාත්තා.විදුහල්පති - කෝපයෙන් හැරී මේක මහ අණ්ඩර දෙමළයක්නෙ. ඔහේ තාත්තා නම් මෙයා කොහොමද පියා වෙන්නේ.පියා - සර් මේකනෙ මෙයාගේ නම පියදාස. කවුරුත් ආදරේට කියන්නේ පියා කියලා.විදුහල්පති – හරි හරි ඉල්ලුම් පත්තරයක් ගෙනාවද?පියා - ගෙනාව සර් පිරෙව්වෙ නෑ.විදුහල්පති – හරි මට කියන්නකො නමපියදාස.විදුහල්පති - ළමයා උපන් ස්ථානය.පියා - ඒව මොකටද සර් චැක් . . .විදුහල්පති – හලෝ මේ අහන්නේ ළමයා ඉපදුණේ ගෙදරදී ද නැත්නම් ඉස්පිරිතාලෙදි ද කියලා දැනගන්නයි.පියා - ගෙදරදි ගෙදරදි සර්. වින්නඹු අම්මා කඹයක් ගෙනාවා. බාල්කෙ බැන්දා. පුවක් ගහෙන් බහිනවා වගේ පිරිමි පුතෙක් ජබෝස් ගාලා.විදුහල්පති – හරි හරි, මේ ළමයා මේ රටේ පුරවැසියෙක්ද?පියා - නෑ නෑ මහත්තයී අපි ගම්වැසියෝ මහත්තයෝ.විදුහල්පති - මේ ළමයා ලංකාවෙද?නෑ නෑ මහත්තයෝ සඳලංකාවේ.විදුහල්පති – හරි . . . මේ පෝර්මයේ ඉතුරු ටිකත් පුරවල (ඊළඟ පිටුව පෙරලමින්) කලින් ආධාර ලබාගෙන තිබේද?පියා - අයියෝ නෑ සර්.විදුහල්පති – ඒකත් හරි.අන්තිමට පෝර දැම්මේ කවදාද? හලෝ මේක මේ පොහොර ආධාර ලබා ගැනීමෙ අයදුම්පතක්නේ පටලවගෙන තියන්නේ. හරි ඒක පුරවන් එනවා.චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - ශාන් රඹුක්වැල්ලපසුගිය සතියෙන්...
|
CREATIVE
|
මම මේ දවස්වල මගේ ගී තැටිය එළි දැක්වීමේ කටයුතු වෙනුවෙන් තමයි වෙහෙසෙන්නේ. විවිධ තේමා යටතේ ගීත 14 ක් ඇතුළත් එය ‘හීන අරන් යන්න’ නමිනුයි එළි දැක්වෙන්නේ.මේ දවස්වල එහි ගීත කිහිපයක් වෙනුවෙන් රූප රචනා කරමිනුයි සිටින්නේ.
|
CREATIVE
|
ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත පනස් වසර සමරන්නේ අභිමානයෙනි. එය ආරම්භක සමයේ සිටම මම එහි පාඨකයකු වීමි. අපේ යොවුන් වියේදී මෙරට සිනමාව හැදෑරීමට අපට තිබූ විශිෂ්ටතම පුවත්පත් වූයේ විසිතුර සහ සරසවියයි.මේ පුවත්පත් යුගලම ඕපාදූප පිරි පත්‍ර කලාවෙන් බැහැරව සිය පාඨකයා වැදගත් මානයකට ගෙන යාමට මහෝපකාරී වූයේය. සිනමාවේ ස්වර්ණමය යුගයේදී මෙන්ම විවිධ කාල විපර්යාසයන් හමුවේ ද සරසවිය නොනැවතී පෙරට ගියේය.සිනමා පුවත්පත් පිළිබඳ අත්දැකීම් ඇති මම කලක් සරසවියට තරගකාරීව සරසි පුවත්පත ආරම්භ කොට එහි කර්තෘ පදවිය හෙබවීමි.සිනමා පුවත්පතක් පවත්වා ගෙන යාමේ දුෂ්කරතාවන් හා එය මුහුණ දෙන අභියෝග පිළිබඳ මම එහිදී හොඳින් අත්වින්දෙමි. එක් අතකින් සිනමා පුවත්පතක් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ හොඳ හිතත් රැකගෙන පවත්වා ගෙන යාම දැළි පිහියෙන් කිරි කන අන්දමේ වැඩකි.සරසවිය වසර පනහක් ඒ කර්තව්‍යයේ යෙදිණ. එය ඉදිරියේදී ද එසේ වනු ඇත. ගැටවර වියේදී අපට යහපත් සිනමාව පෙන්වා දුන් සරසවිය පනස් වැනි විය සපුරද්දී ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස එයට මඟ පෙන්වන්නට ලැබීම මගේ ද වාසනාවකි.බන්දුල පද්මකුමාරසභාපතිඑක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කලා ලෝකයේ ජනප්‍රියතම පුවත්පත ‘සරසවිය’යි. ලාංකීය සිනමාවේ ආරම්භක යුගයේ පාඨකයාට දායාද වූ සරසවිය දේශීයත්වයෙන් සරසන්නට පුරෝගාමී විය.රංගන ශිල්පීන් සිනමාවට කැන්දා ගෙන ආවේත්, සිනමාවේ නියුතු රංගන ශිල්පීන් ප්‍රකට තරු බවට පත් කළේත් ‘සරසවිය’යි.සරසවිය’ චිත්‍රපට උළෙලෙන් සම්මානයක් ලබා ගැනීම සිනමා ශිල්පියකු කලා දිවියේ ලබන විශිෂ්ටතම අගැයීම විය.‘සරසවිය’ නිසාම කලාවට පිවිස සිය ප්‍රතිභාව ප්‍රගුණ කළ ප්‍රවීණයන් වූ පිරිස බොහෝය. ‘සරසවිය’ සැබවින්ම කලා ලෝකයේ සරසවියකි.අඩ සියවසක් අඛණ්ඩව තම ජනප්‍රියතාවය මඳකුදු නොඅඩුව රැක ගැනීමට හැකි වී ඇත්තේ කලා ලොවේ රසමුසු තොරතුරු නව මුහුණුවරකින් ගෙන එන නිසාමය.වසර 50 ක් ගෙවුණ ද ‘සරසවිය’ තොරතුරු අතින් නව යොවුන්ය.පාඨකයාට ඇවැසි දෑ නිවැරැදිව හඳුනා ගෙන ඇති මේ ජනප්‍රිය කලා පුවත්පත කලාකරුවන්ටත්, පාඨකයන්ටත්, දේශිය සිනමාවටත් එකසේ තම මෙහෙවර ඉටු කරමින් තවත් අඩ සියවසක් කලා ලෝකයේ ජනප්‍රිය පුවත්පත ලෙසින් පුවත්පත් ලෝකයේ ඉහළින්ම වැජඹෙනු ඇත.සීලරත්න සෙනරත්කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ
|
CREATIVE
|
වෙස්ගැන්වීම් ශිල්පිනී මංගලාසරසවිය පුවත්පතේ පළවන දැන්වීම් දෙස අවධානයෙන් බලා සිටින ඇය ජීවිතේ බලාපොරොත්තුව තවතවත් දැඩි කර ගත්තාය. වේශ නිරූපන ශිල්පිනියක වීමට මඟ බලා සිටි ඇයට සරසවිය පුවත්පත ආශිර්වාදයක් වූයේ දසවසරකට පෙරය.දසවසරක ඇවැමෙන් ඈ සරසවිය පුවත්පත් කාර්යාලයට ගොඩවන්නේ වේශ නිරූපන ක්ෂේත්‍රයේ නමක් දිණු ශිල්පිනියක ලෙසටයි.ඈ මංගලා පෙරේරා.මේ Behind The Scen සමඟ මංගලා හමු වූ මොහොතයි.මංගලා ඔබේ කතා බහ පාසල් අවධියෙන්ම අරඹමු?රාගම ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලය හා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය ලබා ඉන්පසුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය මගින් පවත්වන ඡායාරූප ශිල්පයත්, මනාලියන් හැඩ ගැන්වීමේ ඩිප්ලොමා පාඨමාලාවකුත් හැදෑරුව.ඊට පස්සේ දෙමටගොඩ සෙන්ට්‍රල් ආයතනයේ මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනියක ලෙස සේවය කළා. විවාහයෙන් පසුව රාගම නගරයේ ඡයාරූප ශාලාවක් ආරම්භ කළා. නිවසේ සෙලුන් එක පවත්වාගෙන යනවා.චිත්‍රපට සඳහා දායක වන්නට අවස්ථාව උදාවුණේ කොහොමද?සරසවිය පුවත්පත නිසයි චිත්‍රපටවලට අවස්ථාව උදාවෙන්නේ.ඒ ගැන පැහැදිලි කළොත්?සරසවිය පත්තරේ දැන්වීමක් පළ වුණා, කුසුම් චන්ද්‍ර ගමගේ මහාතා අධ්‍යක්ෂණය කරණ චිත්‍රපටයකට වේශ නිරූපන ශිල්පිනියක් අවශ්‍ය බව. අන්න ඒ අනුව තමයි මට චිත්‍රපට සඳහා අවස්ථාව ලැබුණේ. පළමු චිත්‍රපටය තමයි ‘මායා රාත්‍රිය‘. ඉන් අනතුරුව ‘ආත්ම වරුසා,අපිත් සූරයෝ,ස්වර්ණපාලි හා ඒකාංගික ටෙලි මාලා සදහා සහභාගි වුණා.වේශ නිරූපනයෙන් හැඩගන්වන්නට පළමුවෙන් අවස්ථාව ලැබුණු නළුවා හෝ නිළිය කවුද?නාලක දළුවත්ත මහාතාව.වේශ නිරූපන ශිල්පය පිළිබද යම් හැදෑරීමක් කර තිබෙනවද?මායා රාත්‍රිය චිත්‍රපටයේ වැඩ ලැබෙණ අවස්ථාවේ නම් ඒ පිළිබද අවබෝධයක් තිබුණේ නැහැ. ක්ෂේත්‍රයට ආ මුල් කාලෙදිම මට අවස්තාවක් ලැබුණ ප්‍රවීන කොන්ඩා සැකසුම් ශිල්පී සෑම් පෙරේරා හා ජනාධිපති සම්මානලාභි ජේ.සුරනිමල යන මහත්වරුන් යටතේ සහය ශිල්පිනියක ලෙස සේවය කරන්නට. මේ දෙදෙනා තමයි මේ ක්ෂේත්‍රයේ මගේ ගුරුවරු.මංගලා ඔබේ වගකීම පැහැදිලි කළොත්?අධ්‍යක්ෂවරයගේ හිතේ මැවුණු චරිතයට ඔබින අයුරින් රංගන ශිල්පීන්ව සකස් කිරීම.අධ්‍යක්ෂවරු කීදෙනකු සමඟ ඔබ වැඩකර තිබෙනවද?කුසුම් චන්ද්‍ර ගමගේ, ත්‍රිශුල දීප තඹවිට, ජනක මහල්පත්, ටිකිරි රත්නායක යන මහත්වරුන් සමග වැඩ කර තිබෙනවා.පවුලෙ විස්තර?ආනන්ද සෝමසිරි මගේ මහත්තයත් ඡයාරූප ශිල්පියෙක්, දරුවන් දෙන්නයි දුව ලහිරුකා රෂ්මිණී, පුතා යසිරු සංකල්ප දෙදෙනාම තවම අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිනවා.අමතක නොවන සිදුවීමක් ගැන කියමු?ජනක මහල්පත් අධ්‍යක්ෂණය කළ 2014 අවුරුදු චාරිත්‍ර වැඩ සටහන තිබුණේ ගල්ගමුවෙ වැවක් ළඟ. මෙහි රූ ගැන්වීම් ටිකක් හැන්දෑවෙනකම් තිබුණා. ගමේ කට්ටිය ඇවිත් කිව්වා මේ වැවට තව ටිකකින් අලි එනවා, ඒනිසා හැකි ඉක්මනින් මෙතනින් යන්න කියලා. අපිත් ඉක්මන් කරලා යන්න පිටත් වුණා, වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ අපේ ඉදිරියට අලි රංචුවක් ආව. අපි ගිය වාහනේ නවත්තල දෙයියො බුදුන් සිහි කරගෙන හිටිය වෙන කරන්න දෙයක් නැති නිසා. අපේ වෙලාවට අපි හිටි තැනට මීටර් පණහකින් විතර අලි රංචුව වැව පැත්තට හැරුන. එදානම් පුදුම බයක් දැනුනේ.ඉදිරි බලාපොරොත්තු?දැනට කරගෙන යන අපේ ව්‍යාපාර කටයුතු වල නිරතවෙන අතරේ වේශ නිරූපනයට හා කොණ්ඩා මෝස්තර නිරූපනය කරමින් සිනමාවේ රැදී සිටින්නටයි.තිස්ස ධම්මිකඡායාරූපය - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
වනමෝහිණි චිත්‍රපටයේ ‘මිණි පහන ඔබයි අමා නිවන ඔබයි පෙම්බර අම්මේ’ ගීතය ගයන්නේ ජමුනා රාණි ද, කේ. රාණි ද?කේ. පී. පියසේනබොරගොඩවත්තජමුනා රාණි.ගීත කෝකිලාවි රුක්මණි දේවිය ගායනා කළ ප්‍රථම චිත්‍රපට ගීතය කුමක්ද? ඒ කුමන චිත්‍රපටයේද?පී. වයි. අනුලාවතීඅවිස්සාවේල්ලකඩවුණු පොරොන්දුව චිත්‍රපටය.රාජ් කපූර් ආග් ලේබලය යටතේ චිත්‍රපට දෙකක රඟපා තිබේද?ජයම්පති නවරත්නමාතලේරාජ් කපූර් ආග් නමින් චිත්‍රපට දෙකක රඟපා නැහැ. එක් චිත්‍රපටයක් ආග්. අනෙක් චිත්‍රපටය ආහ්.යූල් බ්‍රයනර් නැමැති බටහිර නළුවා පිළිබඳ විස්තරයක් දැනගත හැකිද?අයිලින් සෝවිස්රාගමරුසියාවේ ඉපිද අමෙරිකාවේදි දක්ෂ සිනමා සහ වේදිකා නළුවෙකු වූ යූල් බ්‍රයනර් ‘කිං ඇන්ඩ් අයි’ චිත්‍රපටයේ රංගනයෙන් හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානයටත් නිව්යෝක් විචාරක සිනමා සම්මානයටත් පාත්‍ර විය. ටෙන් කමාන්ඩ්මන්ඩ්ස්, ටාරස් බුල්බා, සොලමන් ඇන්ඩ් ශීබා, මැග්නිෆිෂන්වි සෙවන් වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය බොහෝ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන රංගනයක් විය. උත්තුංග දේහධාරි සිරුරත්, එකදු කෙස් ගසක්වත් නොමැති තට්ට හිසත් තේජාන්විත ගමනත් තියුණු දෑසකින් යතු අපූරු මුහුණත් බ්‍රයිනර්ගේ චිත්‍රපට නැරැඹූ කිසිවෙකුට ඔහු අමතක කළ නොහැකි සළකුණුය. 1920 වසරේ ඉපිද 1985 වසරේ මිය ගිය ඔහු සිව් වතාවක් විවාහ වූවෙක්.හින්දි සිනමාවේ හොඳම නළුවා ලෙස වැඩිම වාර ගණනක් ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත් දිලිප් කුමාර් සම්මාන දිනූ චිත්‍රපට මොනවාද? එම චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ නිළියන් කවුද? ඔහු ගැන කෙටි විස්තරයක් කියන්න.ඇල්. එම්. ප්‍රේමසේන පෙරේරාකළුබෝවිලදිලිප් කුමාර් සාග්, දේව්දාස්, අසාද්, නයාදෝර්, කොහිනූර්, ලීඩර්, රාම් ඕර් ශ්‍යාම්, ශක්ති යන චිත්‍රපට සඳහා හොඳම නළුවා ලෙස සම්මාන දිනුවා. මධුමති, අල්ගාම්, ගංගා ජමුනා, දිල් දියා දාර් දියා, ශංගුෂ්, ආද්මි, ගෝපි, සජිනා, බයිරාශ්, මෂාල්, සව්දගල් යන චිත්‍රපට සඳහා හොඳම නළුවාට නාමයෝජනා දිනා ගත්තා. එය සම්පූර්ණ වශයෙන් සම්මාන 19 ක්. එයට අමතරව යාවජීව සම්මානය ද හිමි ලොව වැඩිම සම්මාන ගණනක් රංගනය වෙනුවෙන් දිනා ගිනස් පොතට ඇතුළත්ව ඇත්තේ ද දිලිප් කුමාර්ය.අද කෙතරම් බොදු ගීත ඇසුනත් මාගේ අදහස නම් මූලිකම හා ජනප්‍රියම බෙදු ගීතය වන්නේ අල්හාජ් මොහිදින් බෙග් ගායනා කරන බුද්ධං සරණං ගච්ඡාමි යන ගීතය බවයි. ඔබගේ අදහස කුමක්ද?ලක්ෂ්මන් රණසිංහවත්තලවෙසක් සමයේදී අපට නිරතුරු සිහි වන්නේත්, ඇසෙන්නේත් මොහිදින් බෙග් ගායනා කරන මෙම ගීතයයි.අමිලා නදීශානිගේ නවතම ලිපිනය සඳහන් කරන්න.වසන්ත කේ. ප්‍රනාන්දුකැළණිය.අංක 67, දියවන්නා උද්‍යානය, පැලවත්ත, බත්තරමුල්ල.අභීත දියණිය නාට්‍යයේ ‘දොං යි’ ලෙස රඟපෑ හං හෙංජු ද ‘ෆුල් හවුස්’ චිත්‍රපටයේ ජි එයුන් ගේ චරිතය නිරූපණය කරන්නේ?මධුෂිකා සඳරුවනි රුද්‍රිගුකො/ හෙන්රි ඕල්කට් මහා විද්‍යාලයඔව්.හෙළ සිනමාවේ සක්විති ලෙස හැඳින්වීමට මෙරට තුළ මෙතෙක් පහළ වූ සුවිශේෂ කලාකරුවා නම් ගාමිණී ෆොන්සේකා මහතාය. ඔහුගේ සිනමා දිවිය පුරාම පසුබිම් ගී ගැයීම සඳහා අතිශය ජනප්‍රිය ගායන ශිල්පීන් දෙදෙනෙකුට අවස්ථාව සැලසී තිබුණි. ඒ එච්. ආර්. ජෝතිපාල සහ මිල්ටන් මල්ලවආරච්චි යන දෙදෙනාය. එක් නළුවෙකු වෙනුවෙන් සමාන ලෙසින් ගී හඬ යෙදීමට ගායකයන් දෙදෙනෙකු වරම් ලද එකම අවස්ථාව මෙය බව මගේ අදහසයි. එය විශේෂ කරුණකි. ඒ පිළිබඳ ඔබේ අදහස් කුමක්ද?ඈන් නිලන්ති ප්‍රදීපිකාවයික්කාලමේ දෙදෙනාට අමතරව පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක දෙදෙනාත් ගාමිණී වෙනුවෙන් පසුබිම් ගී ගැයුවා. කොහොම වුණත් ගාමිණීගේ හඬට හොඳීන්ම ගැළපුණේ ජෝතිපාල සහ මිල්ටන්ගේ හඬවල්ය.මෙම වසරේ ඊ ඒ පී හා සී ඊ එල් මණ්ඩලවල තිරගත වන චිත්‍රපට මොනවාද?සුමිත් සුදර්ශනවතුරුගමඊ ඒ පී මණ්ඩලයේ මීළඟට ‘සිරි දළදාගමනය’ සහ සී ඊ එල් මණ්ඩලයේ ‘සැමීගේ කතාව’ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව ඇත.‘කරාටේ කිඩ්’ චිත්‍රපට මාලවේ රඟපෑ නවක ළමා නළුවෙකුව සිටි රැල්ප් මැකියෝ රඟපෑ මෙරට තිරගත වූ වෙනත් චිත්‍රපට මොනවාද?දිනූ ප්‍රසන්නපානදුරකරාටේ කිඩ් චිත්‍රපටයෙන් පසු මිචර්ස්, ක්‍රොස් රෝඩ්ස් සහ මෑත භාගයේදී හිච්කොක් චිත්‍රපටයේත් රඟපෑවා.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
රනිල් නියඳුරුපොළගේ කලා දිවිය ඇරැඹෙන්නේ වේදිකාවෙනි. වේදිකා නාට්‍ය ගණනාවකටම රංගන දායකත්වය සැපයූ ඔහු වර්තමානයේදී තිර පිටපත් රචකයකු වශයෙන් කළ එළියට පැමිණීමට බලාපොරොත්තු වෙයි.මගේ කලා ජීවිතය ඇරැඹෙන්නේ ‘සරසවිය’ පුවත්පත නිසා යැයි කිව්වොත් නිවැරැදියි. පාසල් වියේදී විවිධ ඉසව් ඔස්්සේ කලා කටයුතුª කළ ද මා ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වන්නේ සරසවිය පුවත්පතෙහි පළ වූ ලිපියක් නිසා. ඒ මාර්ගයෙන් මට ජයතිලක ගමගේ නාට්‍යකරුවාව මුණ ගැසුණා.ඔහු මාව ඔහුගේ තිස්මඩ මිනීමරුම වේදිකා නාට්‍යයට සම්බන්ධ කර ගත්තා.එයින් අනතුරුව ස්පාටකස්, සීත දවසක්, අඳුරු ක්ෂිතිජය වැනි වේදිකා නාට්‍ය ගණනාවකට මං රංගනයෙන් දායක වුණා.ඊට පසුව මට කලාවට ඇති ඇල්ම නිසාම මං පිටපත් රචනයෙහි යෙදුණා සුළු වශයෙන්. නමුත් රංගනයටයි වැඩි බරක් දුන්නේ. අද වෙන කොට මං මගේ රැකියාව හේතුවෙන් රංගනයට වඩා පිටපත් රචනයටයි කැමති.මා රචනා කළ අවසානයක පටන් ගැනීම නම් වූ ඒකාංගික නාට්‍ය පිටපතට 1986 වසරේ යෞවන සම්මාන උළෙලේ පිටපත් අංශයේ හොඳම තෙවැනි තැන හිමි වුණා. මේ කාලයේදීමයි මට ලංකා විදුලි බල මණ්ඩලයේ බදුල්ල ශාඛාවේ රැකියාවක් ලැබෙන්නේ. ඒක නිසා මගේ සෑම කලා කටයුත්තකටම විරාමයක් තබන්නට සිදුවනවා. කොහොම හරි හරිම වැර වෑයමෙන් ඉඩකඩ හදාගෙන ජාතික රූපවාහිනියේ ෂර්ලොක් හෝම්ස් ඇතුළු වැඩසටහන් කිහිපයක හඬ කැවීම්වල යෙදී සිටියා. එකත් අත හරින්න වුණා.මා දැන් මේ වන විට ලියමින් පවතින්නේ චිත්‍රපටයක පිටපතක්.මට අවශ්‍ය කොහොම හරි ඒක තිරයට ගේන්න.ප්‍රසාද් සමරතුංගඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මලී ටෙලි සිතුවමේ අචින්ත ලෙස රඟනුයේ ඔහුය. එමෙන්ම දූවරුහි නුවන් වනුයේ ඔහුම බවත් ඔබට දැන් මතකයට නැගෙනු ඇත.එවැනි ජනප්‍රිය ටෙලි සිතුවම් ගණනාවකත්, චිත්‍රපට කිහිපයකත් විවිධ චරිත මැවූ මේ යොවුන් රංගන තරුව නුවන් කළුආරච්චිය. නුවන් මේ දිනවල තිරගතවන සුගත් සමරකෝන්ගේ විජය – කුවේණි සිනමා පටයෙහි පණ්ඩිත සෙනෙවියාය.විජය කුවේණි වගේ ඓතිහාසික චිත්‍රපටයක සැලකිය යුතු චරිතයක් මවන්නට ලැබීම භාග්‍යක් ලෙසයි මං සලකන්නේ. ඒ චරිතයට යෙදූ වෙස් ගැන්වීම නිසා සමහරකුට මාව හඳුන ගන්න බැහැ. හඳුනා ගත්ත අය කියන දේවල් එක්ක මං බොහොම සතුටින් කල්ගත කරන්නේ.නුවන් රංගනයට අවතීර්ණ වූයේ වැටෙන් එහා ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් මවමින්.සුළු චරිතයක් වුවත් මට එය මහ මෙරක් සේ දැනුණා. රඟපාන්නට ආසාවෙන් සිටි මට ඔවුන් ලබා දුන් අවස්ථාවෙන් උපරිම පල නෙලා ගත්තා. ඊට පසුව ක්‍රමයෙන් මට රංගන ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න වාසනාව උදා වුණා.ලාල් ප්‍රියදේවගේ මගෝඩිගොඩයි සිනමාපටයෙන් නුවන් රිදී තිරයට පිවිසෙනවා.මගෝඩිගොඩයි චිත්‍රපටයෙන් පසුව ජූලියා, සුවඳ දැනුණා ජීවිතේ, චැලෙන්ජස්, සුපර් සික්ස්, එතුමයි මෙතුමයි, කෝමාක් නෝමාක්, ප්‍රවේගය වැනි චිත්‍රපටයන්හි රඟපෑවා. ඉන් චැලෙන්ජස් හි රොෂාන් රණවනට ආදේශක නළුවාට හිටියේ මං. ඒක සෑහෙන්න අභියෝගයක්. ඒවා නම් අමතක වෙන්නේ නැහැ.සරා, හිතට වහල්වීමි, මිස්ටර් බීන්, නුවන් සිය හැකියාව සැපයූ නාට්‍ය අතර වනවා. මලිත් පෙරේරාගේ රතු මල් ගවුමේ, ශෙහාන් මිහිරංගගේ හිනැහෙන්න සෙව්වන්දියේ වැනි රූප රචනාවලත් නුවන් පෙනී සිටියා.ඇත්තටම මාව මේකප් කළාට පස්සේ හඳුන ගන්න ටිකක් අපහසුයි. විශේෂයෙන් හිනැහෙන්න සෙව්වන්දියේ ගීතයේ මං ඉන්නවා කියලා ගෙදර අයවත් විශ්වාස කළේ නැහැ. ඒක මට එක අතකින් අවාසියක්.නුවන් රංගනයට අමතරව තම සහෝදරයාට හිමි ප්‍රයිම් මූවී නිෂ්පාදන ආයතනයට සම්බන්ධ වී වැඩ කරනවා. ඒ වගේම මොඩ්ල් බැංකුවක් ද පවත්වාගෙන යනවා. එමඟින් නවකයන්ට අවස්ථාවක් ලබාදීමටත් නුවන් බලාපොරොත්තු වනවා.නුවන්ගේ රංගන ජීවිතය සාර්ථක කර ගැනීමට මඟ හසර විවර කර දුන් නුවන් තරංග වික්‍රමධාර, උදය ධර්මවර්ධන, දුමින්ද පෙරේරා, සුගත් සමරකෝන්, ඩොනල්ඩ් ජයන්ත, ලාල් ප්‍රියදේව ඇතුළු පිරිස මතක් කළේ බොහොම ආදරයෙන්. රංගනයෙන් ඉදිරියටම ගොස් ලංකාවේ හොඳ නළුවකුª වන්නයි නුවන්ගේ අදහස. ඔහුගේ ඒ බලාපොරොත්තුව සඵල වන්නට සරසවිය ද සුබපැතුම් එක් කරනවා.සටහන සහ ඡායාරූපයප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
කොළඹ වැල්ලවත්තේ අහස සිඹ ගෙන ?නැගෙන යෝධ ගොඩනැගිලි කොපමණ තිබිය ද සැවෝයි ගොඩනැගිල්ල තරම් ඒ එකක් වත් ජනප්‍රිය නොවේ.එය සිනමාහලක් වී මේ වන විට අවුරුදු පනහක් ඉක්මවා ගොසිනි.එමෙන්ම එය සිනමාවටම හැදුණු භූමියකැයි සිතෙන්නේ මේ ගොඩනැගිල්ල එහි මුල් නිර්මාතෘවරුන්ගෙන් පසු වෙනත් හිමි කරුවන් කිහිප පොළකටම උරුම වුව ද හැමදාම එය සිනමාහලක්ම පැවතීම දෛවයේ උරුමයක් කොට ගත් හෙයිනි.සමහරු මේ ගොඩනැගිල්ලේ සිනමා නමින් වෙනත් ව්‍යාපාර කරන්නට ද සමහරු සිතා ගත්හ.එය වරක් අත්පත් කර ගත් හිමි කරුවකු සිනමාහල වෙනුවට ගොඩනැගිල්ල කඩා වෙනත් ව්‍යාපාරයක් ගොඩ නගන්නට සිතුව ද ඉක්මනින් ම එහි හිමිකම ඔහු වෙතින් විසිවිණ.එය එවර පැවරුණේ මෙරට ප්‍රධාන පෙලේ චිත්‍රපට සමාගමක් වූ ඊ.ඒ.පී.සමාගමටය.එක් කලක දිවයිනේ ඉතා සුඛෝපහෝගී සිනමාහලක් වූ සැවෝයි සිනමාහල ඒ වන විට පැවැතියේ දිගු කලක් මුළුල්ලේ නොසලකා හරිනු ලැබ ගරා වැටෙන තත්වයට පත් වෙමිනි.එහි පැරණි විභූතිය තව දුරටත් නොවිණ.එහෙත් එය ඉතා ඉක්මනින් යළි ලියලවා වැඩෙන්නට පටන් ගත්තේය.එහි තිර ගත කළ බොහෝ සිංහල චිත්‍රපට අතර වූ සූරිය අරණ,අබා,කුස පබා වැනි චිත්‍රපට සිංහල සිනමාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ගොන්නට එක් විය.සැවෝයි සිනමාහල දිවයිනේ හොඳම සිනමාහල් වලින් එකක් විය.තුෂාන් දැක්වූ කරුණු අනුව සැවෝයි සිනමාහල අද නවීකරණය වී ප්‍රේක්ෂක අයිතියට පැවරෙනුයේ රුපියල් මිලියන සියයකට වඩා ආයෝජනය කිරීමෙන් පසුවය.එය අද සිට දිවයිනේ තුන්වැනි ත්‍රිමාණ සිනමාහල ලෙස කළ එළි දකින නමුදු සියයට සියයක්ම රිදී තිරයක් ඇත්තේ සැවෝයි සිනමාහලේ ය.එහි මෙරට මුල් වරට 4ඬ වර්ගයේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර භාවිතා වන්නේය.මෙරට මෙතෙක් භාවිතා වන හොදම ප්‍රක්ෂේපණ යන්ත්‍ර කවරක වුව ද ඒවා 2ඬ වර්ගයේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර වෙයි.එය වර්තමානයේ බහුලව වර්ධනය වන්නා වූ එච්.ඩී.තාක්ෂණය මෙන් අට ගුණයකටත් වඩා ඉහල ගුණයකින් යුක්තය.තව දුරටත් ලොව සුපිරි සිනමාහලක ආශ්වාදය මෙරට ප්‍රේක්ෂකයනට දුරස්ත නොවෙයි.එපමනක් නොව අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිළයට ගැනීම පමනක් නොව එමගින් තමන්ගේ අසුන කොතැනදැයි දැක ගත් හැකි වන්නේය.එමෙන්ම එහි ඇති ශබ්ද ක්‍රමය 16:1 ශබ්ද ක්‍රමය වන අතර එය මෙරට ඇති එකම ශබ්ද ක්‍රමය පාලනය සහිත සිනමා හලයි.මේ වන විට ඊ.ඒ.පී සිනමා ජාලය තමන්ගේම පාලනයෙන් යුත් සිනමා ශාලා 17 කින් සමන් විතය.එහි සමස්ත සිනමා මණ්ඩලයේ ශාලා සංඛ්‍යාව ගණනින් පනහ ඉක්ම වයි.පසුගිය සතියේ එයට අලුතෙන් එක්වූයේ අනුරාධපුර විල්මැක්ස් සිනමාහලයි.විල්මැක්ස් මුළු රජරට ටම ඇති හොඳම සිනමාහලයි.අද සැවෝයි සිනමාහල සමග තවත් අලුත් සිනමාහලක් ද මේ ජාලයට එක් වෙයි.එය මෙරට චිත්‍රපට ප්‍රදර්ශණයට එක්වන අලුත්ම සිනමාහල වන්නේය. ඒ මරදානේ එක්සල් වර්ල්ඩ් සංකීර්ණයේ සිනමාහලයි.අයිස් ඒජ් චිත්‍රපටයේ ත්‍රිමාණ පිටපත සැවෝයි සිනමාහලේ ප්‍රදර්ශණය වද්දී එහි ද්විමාන පිටපත එක්සල් සිනමා හලේ තිර ගත වීම ඇරඹෙයි.මේ හැම කරුණක් සමගම තුෂාන් තවත් කරුණක් අනාවරණය කරයි.එක්සල් සංකීර්ණයේ තව නොබෝ දිනකින් ඇරඹෙන දෙවැනි සිනමාහල මෙරට මුල්ම අයිමැක්ස් වර්ගයේ සිනමාහලයි.එහි අඩි 70 කටත් වඩා උස යෝධ තිරය මත ත්‍රිමාණ රූප එහි මැවෙන්නේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙන එමිනි.අර්ජුන්
|
CREATIVE
|
සම්මාන ලාභී ජර්මන් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන වර්නර් හර්සොග් ගේ ප්‍රථම කෙටි චිත්‍රපටය ‘Herakles (1962 ප්‍රදර්ශනයෙන් ආරම්භවන හර්සොග් වාර්තා චිත්‍රපට සතිය තුළදී ඔහු දශක හතරක කාලයක් තුළ නිර්මාණය කළ වාර්තා චිත්‍රපට 18 ක් ප්‍රදර්ශනය කරනු ඇත.1976 අගෝස්තු මාසයේ පුපුරා යාමට ආසන්න ගිනි කන්දක් අසල වාසය කළ 75,000 ක් පමණ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්කළ අවස්ථාවේ හර්සොග් කැමරා ශිල්පීන් දෙදෙනකු සමඟ එම ගිනි කන්ද රූගත කරන්නට ගියා. ඒ අවස්ථාව මාර්ග සංඥා පමණක් දැල්වෙමින් තිබූ සම්පූර්ණ හිස් වීදිවල දක්නට ලැබුණේ පුපුරා යාමට ආසන්න ගිනි කන්දේ දුමාරය පමණයි. ඒ අතර අපි කොහේ යන්නද කියූ පුද්ගලයින් දෙදෙනෙක් එම ගිනි කන්ද පිහිටි දූපත හැර යාම ප්‍රතික්‍ෂ්ප කළා. ගතවන සෑම තත්ත්පරයක්ම අවසානයක් කරා යන ගමනක පියවරක් වූ ඒ මොහොතේ හර්සොග් උත්සාහ කළේ එම අවස්ථාව වාර්තා කිරීමටයි. පේ‍්‍රක්‍ෂකයන්ට ඒ සෑම රූපයක්ම අවසාන රූපය විය හැකි බව දැනවූ එම චිත්‍රපටය La Soufriere (1977) කාලය හා අවකාශය පිළිබඳ විචාරක අවධානය දිනා ගත්තා.විවිධ අරුත්වලින් බහුල එම රූප පෙළ පිළිබඳව හර්සොග් පසුව පැවසුවේ එහි ‘රූපය’ යන්න අවසානයක් ඉඟි කළ බවයි. මා පමණක් නොවේ අප කැමරාවට හසුවූ පුද්ගලයන් මෙන්ම කැමරා ශිල්පීන් දෙදෙනා ඊළඟ මොහොතේ පුපුරා යාහැකි ගිනි කන්දක් පාමුලයි රූගත කිරීම්වල නියැළුනේ. එවැනි බියකරු භූමියකට අවතීර්ණව චිත්‍රපටයක් නිර්මාණය කිරීම කළ යුත්තක්ද? ඉක්මනින් ආරක්‍ෂිත ස්ථානයක් කරා යාම වඩා සුදුසුද? යන්න ඒ මොහොතේ නැඟුණු ගැටලුවයි. නමුත් මට වඩා වැදගත් වූයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි.ගිනි කන්ද පුපුරා අප ජීවිතක්‍ෂයට පත් වූවානම් කවුරුන් හෝ අපගේ කැමරාව සොයා ගනු ඇත. ඒ අවස්ථාව වාර්තා කිරීම පමණක්වත් අප අතින් ඉටුවනු ඇති. ඔහු පැවසුවා.La Soufriere මෙන්ම හර්සොග් ගේ ගල්ෆ් යුද්ධය සමයේ කුවේට් හි තෙල් ආකර ගිනි ගන්නා රූප රාමු සහිත Lessens of Darkness චිත්‍රපටයද මෙම උළෙලේදී තිරගත වනු ඇත. සතියේ දිනවල පස්වරු 6.00 ටත් සති අන්තයේ පෙරවරු 10.30 ටත් දර්ශන ආරම්භ වෙයි. මෙම උළෙල සඳහා චිත්‍රපට තෝරා ඉදිරිපත් කරන්නේ අමෝමා රාජකරුණා විසිනි.ලෝක ප්‍රකට සිනමාකරුවෙකු වූ ජර්මානු ජාතික වර්නර් හර්සොග්ගේ සියලුම වාර්තා චිත්‍රපට ඇතුලත් සිනමා දැක්මක් ‘ප්‍රමෝදය සහ සත්‍ය’ ලබන 24 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදි තිරගත කෙරේ.70 දශකයේ බිහිවූ හර්සොග් ජර්මානු සිනමාවේ පෙරළිකාර සිනමාකරුවෙකු වේ. රේනර් වර්නර් ෆස්බෙන්ඩර්, මාග්‍රටා ෆොන්ට්‍රොටා, ෆොල්කර් ග්ලොන්ඩොන්, වෙන්ඩර් වැන්නන්ගේ සමකාලීන සිනමාකරුවෙකු වූ හර්සොග් පිළබඳ ප්‍රංශ සිනමාකරු ෆ්‍රාන්සුවා තෲෆෝ වරක් හැඳීන්වූයේ, වඩාත් වැදගත් ජීවමාන සිනමාකරු ලෙසයි.මේවන විට 70 හැවිරිදි හර්සොග් ගේ වෘත්තාන්ත චිත්‍රපට වරින්වර ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් තිරගත කළ ද ඔහුගේ සම්පූර්ණ වාර්තා චිත්‍රපට එකවර දැකගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි..24 -06.00 Herakless Lessons of Derkness 25 06.00 The Unprechedented Defense of the Fortress Deutshkreuz Balla of The Little Soldier 26 06.00 La Soufriere Fata Morgana 27 06.00 Last Words How Much Wood Would a Woodchuck chuck 28 06.00 Wheel of Time 29 10.30 Echoes from a Somber Empire 02.30 Wodaable Herdsmen of The Sun Bells From The Deep 05.15 The White Diamond 30 10.30 Land of Silence and Darkness 02.30 Wings of Dark Glow of The Mountain 05.15 Wheel of Time The Wild Blue Yonder
|
CREATIVE
|
ගයන්න, රඟන්න හැකි තරුවකට ඒ දෙකෙන් වඩාත් වාසනාව ගෙනෙන අංශය තෝරා ගැනීම අපහසු නොවෙයි. සමහරුන්ට මේ අංශ දෙකම කාසි වැස්සකි. අලියා බාත් නව පරපුරේ සුපිරි අනාගතයකට හිමිකම් කියන්නියකි. ඇය ක්ෂේත්‍රයේ තාරකාවක ලෙස ජනප්‍රිය වෙමින් සිටියදීම, ගායිකාවක ලෙස රසිකයන්ගේ ආදරය දිනා ගන්නා දිනය වැඩි ඈතක නැත.අලියා බාත්ට මේ කෝකිල වරම ලැබුණේ ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘හයිවේ’ සිනමාපටයෙනි. මෙතෙක් නිවෙසේත්, නෑ හිත මිතුරන්ගේත්, නාන කාමරයේ කෝකිලාව වී සිටි ඇය ‘හයිවේ’ සිනමාපටයෙන් ගායිකාවක ලෙස දොරට වඩින්නීය.අධ්‍යක්ෂ ඉම්තියාස් අලි සිනමාපටයට ගීයක් ගයන ලෙස ඉල්ලා සිටි විට ඇය සතුටින් ඉපිල ගියාය.‘ඒ. ආර්. රහමන් සර් මා නිසා බොහොම ඉවසුවා. නිළියක් වුණේ නැත්නම් ඇත්තටම ගායිකාවක් වෙනවා.’ සාර්ථකත්වයේ සතුට ඇය වචනවලට පෙරලුවේ එලෙසයි.ඇයගේ කෝකිල ලක්ෂණ අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලයට හඳුනාගන්න ලැබුණේ සිනමා රූගත කිරීම්වලට යන සෑම අතරවාරයකදීම ඇය රහමන් සංගීතඥයාගේ ‘ජියා රේ ජියා’ ගීතය ගැයීම නිසයි.දෑවුරුද්දක් අලියා සංගීතය හැදෑරුවොත් අනිවාර්යයෙන්ම ඇයට ඇයගේම ඇල්බමයක් කළ හැකි බව පවසන්නේ අන් කිසිවකු නොව ශ්‍රේෂ්ඨ සංගීතඥ ඒ. ආර්. රහමන්ය. සැබැවින්ම එය අලියා තැබූ පළමු පියවරට ආශීර්වාදයකි. මල් වෙඩිල්ලකි.චිත්‍රපටයක, දෙකක රඟපෑ විගස ගායිකාවක වීමට ද වරම් ලැබීම වාසනාවක් වුවත්, ආධුනිකයකුට එය ලෙහෙසි පහසු අභියෝගයක් නොවන බව ඇය පවසන්නීය.බාත් සිනමා පරපුරේ ලාබාලම සාමාජිකාව අලියාය. තවමත් විසි හැවිරිදි ඇය රංගනය ඇරැඹුවේ 1999 දී ‘සන්ග්ෂේ’ සිනමාපටයේ ළමා නිළියක ලෙසයි. එහි ප්‍රීත් ඔබරෝයිගේ ළමා කාලය නිරූපණය කළේ ඇයයි. මේ වසරේදී ඇය රැගූ සිනමාපට තුනක්ම තිරගතවීමට නියමිතය. හයිවේ, ටූ ස්ටේට්ස්, හම්ලි ෂර්මා කි දුල්හනියා එම සිනමාපට ත්‍රිත්වයයි. මහේෂ් බාත්, අර්ධ සොයුරිය පූජා, අර්ධ සොයුරා රාහුල් (පියාගේ කලින් විවාහයෙන් දරුවන්) ට අමතරව නළු ඉම්රාන් භෂ්මි, අධ්‍යක්ෂ මෝහිත් සූරි ඇයගේ ඥාති සොයුරන්ය. අධ්‍යක්ෂ මුකේෂ් බාත් ඇයගේ බාප්පා කෙනෙකි. මේ කලා පවුලේ බැබළෙනම තරුව අලියා වේවිද?චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
යුගයෙන් යුගයටතිරගත වූ දිනය – 1987 ජනවාරි 23 නිෂ්පාදනය සහ කතාව - පද්මසිරි කොඩිකාර තිර නාටකය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස් දෙබස් රචනය – ආරියරත්න කහවිට සහාය අධ්‍යකෂණය - ලෝරන්ස් කුරේ කැමරා සහාය – එම්. ඩී. ඇන්ටනි සංස්කරණය - සෙක්ස්ටස් අපෝන්සු සංස්කරණ සහාය – ගාමිණී ජයමාන්න අංග රචනය – ඩී. ඩී. ඇන්ටනි සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය – එස්. සාරංගරාජා ශබ්ද සහාය - මෙන්ඩිස් වීරසිංහ, ආනන්ද අමරසිංහ ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු රසායනාගාර සහාය – වී. සිවදාසන්, එම්. රාමචන්ද්‍රන්, එස්. රාජා, එම්. ඩේවිඩ්සන්, ආර්. ජෝන් විදුල ආලෝකය සැපයීම – එස්. ඒ. හේමපාල, ආර්. එල්මෝ, ජේ. රංජිත්, ප්‍රෑන්සිස් රූප් සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල නාමාවලිය සහ ප්‍රචාරක කටයුතු - සිරිනාථ වික්‍රමසිංහ නිෂ්පාදන කළනාකරු - ධර්මකීර්ති සිසිර කුමාර නිශ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම් සංගීත අධ්‍යක්ෂණය – ටී. එෆ්. ලතීප් ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ආචාර්ය අජන්තා රණසිංහ, ආනන්ද පද්මසිරි (පළමු චිත්‍රපට ගීත ප්‍රබන්ධය)ගීත: මිනිසා වනසන්න උපන් - එච්. ආර්. ජෝතිපාල වනමල් සුවඳ උරා - ලතා වල්පොල (මෙම ගීතය අවස්ථා දෙකකදී ගැයේ) එක බැල්මට හෙලනා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල මගේ නින්දෙදි කවුදෝ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක අපේ ආදරයේ රස ගීතිකා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල (ගී පද රචනය- ආනන්ද පද්මසිරි)රංගනය – විජය කුමාරණතුංග, නදීකා ගුණසේකර, ස්වර්ණා මල්ලවආරච්චි, ශිරාණි නුගේරා, තලතා ගුණසේකර, පර්ල් වාසුදේවි, මියුරි සමරසිංහ, මර්වින් ජයතුංග, සොමී රත්නායක, ෆේරඩී සිල්වා, ජයසේකර අපොන්සු, රංජිත් සුරංග, හර්බට් අමරවික්‍රම, ශාන්ති ලේඛා, උදය කුමාරි, බර්ටි මහින්ද, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්හිත හොඳ චණ්ඩියාතිරගත වූ දිනය – 1987 ජනවාරි 30 ඉදිරිපත් කිරීම – එස්. ජේ. චිත්‍රපට නිෂ්පාදනය – ජීවන් කුමාරතුංග කතාව, දෙබස්, තිර නාටකය සම අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල කැමරා අධ්‍යක්ෂණය - ජේ. ජේ. යෝගරාජා කැමරා සහාය – බන්දුල කුරේ, ජෝර්ජ් ජයකොඩි, ඒ. ඩී. ප්‍රේමදාස, ස්ටැන්ලි, මාටින් කැමරා උපකරණ – වාසනා චිත්‍රපට සංස්කරණය - කාලිංග ද සිල්වා, කුමාරසිරි ද සිල්වා අංග රචනය - බෙනට් ජයතුංග, ඩබ්ලිව්. සෙල්වරාජා කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ඊ. ඒ. අල්විස් රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන රසායනාගර සහාය - කේ. එම්. ජයවර්ධන, සිරිපාල ගමගේ, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය නාමාවලිය - ලක්ෂ්මන් ගුරුසිංහ නිෂ්පාදන කළමනාකරණය - සනී මයිකල් සහාය චන්ද්‍රදාස නිශ්චල ඡායාරූප – නලින් කන්නංගර සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධනය – බණ්ඩාර කේ. විජයතුංග, හර්බට් රංජිත් පීරිස්, සෝමපාල ලීලානන්ද, ආනන්ද එස්. විජේසිරි ගීත - සහෝ මේ පාරම් යාළුකමටයි – එච්. ආර්. ජෝතිපාල, ෆේරඩී සිල්වා නීල අහසේ දිලි තාරකාවෝ - විජය කුමාරණතුංග, ලතා වල්පොල වන බඹරෝ ගුම් දී රඟනා - චන්ද්‍රලේඛා පෙරේරා සබයෙන් මට අවසර දැන් - ෆේරඩී සිල්වාරංගනය – ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, අනෝජා වීරසිංහ, ශ්‍රියානි අමරසේන, මර්වින් ජයතුංග, නීල් අලස්, නිහාල් සිල්වා, ෆේරඩී සිල්වා, ටෙනිසන් කුරේ, ඇන්තනි සී. පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, සමන්ති ලැනරෝල්, පර්ල් වාසදේවි, චිත්‍රා වාකිස්ට, රෙක්ස් කොඩිප්පිලි, ටෙඩී විද්‍යාංලකාර, ටිරෝන් මයිකල්, ප්‍රේමසිරි කල්පගේ, සෙනරත් මාපිටිගම, සෝනියා දිසානායක, සිසිර කුමාරතුංග, ශ්‍රීනාත් මල්දෙනිය, දයානන්ද ජයවර්ධන, ජයලත් මනෝරත්න, පියතිලක අතපත්තු, සුසිලා කූරගම, අර්නස්ට් සොයිසා, ධර්මසේන නානායක්කාරවිශේෂතා - 1988 පැවති 16 වන සරසවිය සම්මාන උළෙලේ පාඨක ඡන්දයෙන් තෝරන ලද ජනප්‍රිය චිත්‍රපට හත අතර ඡන්ද 3410 ක් ලබා ගනිමින් පස්වන ස්ථානයට පත් විය.ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|
CREATIVE
|
මේ සතිය පුරාවටම සංගීත ප්‍රසංග යෙදිලා තියෙනවා. පසුගිය කාලෙයේ දී “මහරජ අජාසත්, ආකර්ශා, ආදරණීය කතාවක්, චමත්කා සහ මයි නේම් ඊස් බන්දු” යන චිත්‍රපටවල ගීත ගායනයට දායක වුණා.ඊට අමතරව මා එළිදැක්වූ අලුත්ම ගීතයේ රූප රචනය නිර්මාණය කිරීමේ කටයුතු මේ දවස්වල කරගෙන යනවා.
|
CREATIVE
|
දැනට පවතින ලොව පැරැණිම චිත්‍රපට සමාගම් මොනවාද?විමල් ශාන්තපරකඩුවපළමුවැන්න ප්‍රංශයේ ගෝමෙන්ට් සමාගම (1895)දෙවැන්න ප්‍රංශයේ පැතේෆෙරර් සමාගම (1896)තෙවැන්න ඩෙන්මාකයේ නෝඩිස්ක් සමාගම (1905)සිව්වැන්න අමෙරිකාවේ පැරමවුන්ට් සමාගම (1912)පස්වැන්න අමෙරිකාව යුනිවර්සල් සමාගම (1912)යුනිවර්සල් සමාගමට වඩා පැරමවුන්ට් සමාගම පැරැණි වන්නේ එක දවසකිනි.සිංහල සිනමාවේ විකට නළුවෙකු ලෙස ජනප්‍රියත්වයක් ලද නැසීගිය රිචඩ් ඇල්බට් ‘ටාසන්’ ලෙසින් හඳුන්වන්නේ ඇයි?කිත්සිරි ගුණසේනකන්දේගෙදරඔහු මුල්වරට රඟපෑවේත්, ජනප්‍රිය වූයෙත් පේ‍්‍රම තරඟය චිත්‍රපටයේ ටාසන් ලෙසින් කළ රංගනයෙනි. ඒ නිසා ඔහු මිය යන තුරුම ටාසන් ලෙසින් හැඳීන් වූවා.‘බකමූණා හ්ම් හ්ම්’ ගීතය ඇතුළත් වෙන්නේ කුමන චිත්‍රපටයේද? එහි ගීතය ගායනා කරන්නේ කවුරුන්ද?පියසේන කූරගමකරාපිටියමෙම ගීතය ‘දරුවා කගේද’ චිත්‍රපටයේ ගීතයකි. කුමුදු කුසුම් ලියනගේ, නාන්දා මාලනී, ජී. එස්. බී. රාණි පෙරේරා ඇතුළු ගායක ගායිකාවන් පිරිසක් මෙම ගීතය ගායනයට දායක වුණා.මේ දක්වා චිත්‍රපට සංස්ථා සභාපති ධුරය දැරූ සභාපතිවරුන් කවුරුන්ද?එච්. ඉන්ද්‍රපාලමුංහේනආචාර්ය සරත් අමුණුගම, එල්. පියසේන, උපසේන මාරසිංහ, එරික් සිල්වා, ඇන්ටන් වික්‍රමසිංහ, ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු, එස්. ජී. සමරසිංහ, සුගීත ගෞතමදාස, සුමිත්ත අමරසිංහ, සිරිල් ගුණපාල, මහාචාර්ය සෝමරත්න බාලසූරිය, ආචාර්ය එස්. ජී. සමරසිංහ, ආචාර්ය තිස්ස අබේසේකර, ජයන්ත ධර්මදාස, සුනිල් එස්. සිරිසේන, සිරිල් ගුණපාල, කුමාර් අබේසිංහ, නීතිඥ අශෝක සේරසිංහ. ජයන්ත ධර්මදාස සහ අශෝක සේරසිංහ දෙවරක් චිත්‍රපට සංස්ථා සභාපති ධුරය හෙබවූවා.සත පනහ චිත්‍රපටයේ ළමා චරිත තුන රඟපෑ දරු තිදෙනා කවුරුන්ද?හේවගේ සිරිල් ප්‍රනාන්දුකඩවතශ්‍රීනාත් බස්නායක, ජයන්තා ද සිල්වා, බර්නාඩ් පතිරණ එම ළමා චරිත නිරූපණය කළා.සතර පෙර නිමිති චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද?එච්. එච්. ජයලත්ගම්පහමහාචාර්ය සුනිල් ආරියරත්න.සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ පෙම්වතියක් ලෙස ස්වර්ණා මල්ලවආරච්චි චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබේද? ඒ කුමන චිත්‍රපටයේද?ආතර් ද සිල්වාමාතලේඔව්. චංචල රේඛා චිත්‍රපටයේ.සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපටයට අදාළ දෙමළ හා හින්දි චිත්‍රපට මොනවාද?ආර්. ඒ. අමරසිංහකැළණියදෙමළ චිත්‍රපටයේ නම ‘නෙන්ජිල් ඔරු ආලයම්’ චිත්‍රපටයයි. හින්දි චිත්‍රපටය ‘දිල් ඒක් මන්දිර්’ චිත්‍රපටයයි. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළේ ශ්‍රීධර් නම් සුප්‍රකට දෙමළ අධ්‍යක්ෂවරයා විසිනි.ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය කෙරෙන ‘භාරත ගී වින්දන’ වැඩසටහන මෙහෙය වන රංජිත් එදිරිසිංහ මහතාගේ ලිපිනය පළ කරන්න.සමන් පෙරේරාහැඳල1572/18, රාජගිරිය පාර, රාජගිරිය.‘හදිසි විවාහය’ චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් දැන් ජීවතුන් අතර සිටීද?විජය ඉලංගකෝන්ගම්පොළසිසිර පියසේන පමණක් සිටිනවා. ඔහුත් දැන් සිටින්නේ විදේශ ගතවෙලා.සිංහල දෙබස් කවා මෙරට ප්‍රදර්ශනය කරන ලද විදෙස් සිනමා නිර්මාණයක් අතරින් ප්‍රේක්ෂක ප්‍රතිචාර වඩාත්ම ලැබූ සහ වැඩිම ආදායමක් ලද සිනමා නිර්මාණය කුමක්ද?ගිල්බට් පෙරේරාහෝකන්දරඅංගුලිමාල චිත්‍රපටය.1982 වසරේ තිරගත කල සිංහල චිත්‍රපට පිළිවෙලින් සඳහන් කරන්න.රත්න කහඳවඅලව්වසඳා, තණ ගිරවි, මහ ගෙදර, බඹර ගිතය, රෑ මනමාලි, සක්විති සුවය, යස ඉසුරු, බයිසිකලේ, අධිෂ්ඨානය, තනි තරුව, ආයාචනා, සුදු අයියා, පෙති ගෝමර, ඒක දිග කතාවක්, සනසන්න මා, අනුරාධා, රහසක් නැති රහසක්, ජීවිතයෙන් ජීවිතයක්, රිදී නිම්නය, ප්‍රදීපා, වතුර කරත්තය, කිරි සුවඳ, සිතාරා, හලෝ ශ්‍යාමා, සිටු දියණිය, තක්කිට තරිකිට, මිහිඳුම් සිහිනය, මේජර් සර්, චතු මධුර, කැලෑ මල්, මලට නොඑන බඹරු, බිත්ති හතර, පාරමිතා, නැවත හමුවෙමු, මිස් මල්ලිකා, රේල් පාර, යහළු යෙහෙළි, කඩවුණු පොරොන්දුව නව නිෂ්පාදනය.සැකසුම -යතේජා ඥානරත්න
|
CREATIVE
|
රංගන ශිල්පී බන්දුල විජේවීරමම මේ දිනවල පාරාවළලු, පට්ටභවන, ද ලොජ් නම් ටෙලි නිර්මාණ තුනට දායක වෙලා සිටිනවා. ඊට අමතරව කපිල සමරකෝන්ගේ අලුත් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ද යොදා ගෙන තියෙනවා.නරි බෑනා හා මධුර ජවනිකා වේදිකා නාට්‍යයත් මේ දිනවල වේදිකා ගතවෙන නිසා ටිකක් කාර්යබහුලයි. අනුර චන්ද්‍රසිරිගේ දෙයියෝ සාක්කි වේදිකා නාට්‍ය සමඟින් ඔස්ට්‍රේලියා සංචාරයකුත් ඉදිරියට යෙදී තියෙනවා.
|
CREATIVE
|
ජැක්සන් අන්තනී රංගනයට වගේම අධ්‍යක්ෂණයට හපනකු බව අවස්ථා ගණනාවකදී ඔප්පු කළා. ඔහුගේ නිර්මාණ වටා තරාතිරමක් නොමැතිව රසිකයන් රොක් වුණේ ඒවාහි ඇති ගුණාත්මකභාවය නිසාමයි. ඒ හැමෝටම මේ ආරංචිය නම් සතුටුදායක එකක් වනු නොඅනුමානයි. දිගු කලකට පසු ජැක්සන් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්නට සූදානම් වෙනවා. එහි නම ‘දස්කොන්’. දස්කොන් ප්‍රමිලා ඓතිහාසික ප්‍රේම වෘතාන්තය ඇසුරෙනුයි ජැක්සන් මෙය නිර්මාණය කරන්නේ.දස්කොන් ටෙලි සිතුවමෙහි ප්‍රමිලාගේ චරිතය රඟමින් සුපිරි සිනමා තාරකාවක් පළමු වතාවට පුංචි තිරයට පැමිණෙනවා. ඒ පූජා උමා ශංකර්. දස්කොන්ගේ චරිතය රඟන්නෙත් නව පරපුරේ රංගන ශිල්පිියෙකු වන රොෂාන් රවීන්ද්‍රයි. නරේන්ද්‍රසිංහගේ චරිතය ජැක්සන්ගේ පුතු වන අකිල ධනුද්දරටයි. ඔවුනට අමතරව බිමල් ජයකොඩි ඇතුළු නළු නිළියන් රැසක් දස්කොන් සඳහා රංගනයෙන් දායකවීමට නියමිතයි. ඒ අය සමඟ අලුත්ම නළු නිළියන් කිහිප දෙනෙකුම දස්කොන් සමඟින් හඳුන්වාදීමට ජැක්සන් අපේක්ෂා කරනවා.ඔවුන් තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණයක් මෙම මස 07, 08 යන දෙදින පුරා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති මිහිලක මැදුරේදී පැවැත්වීමට නියමිතයි. අබා හරහා රිදී තිරයේ මහත් පෙරළියක් කළ ජැක්සන් දස්කොන් පුංචි තිරයට ගෙන එමින් එවන්ම වූ නවමු රැල්ලක් පුබුදුවාලනු ඇතැයි සිතිය හැක.- ප්‍රසාද්
|
CREATIVE
|
ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි
|
CREATIVE
|
‘මගේ ජීවිතයම ඔබ වුණ හින්දා නොදුන් දෙයක් ළඟ නැති හින්දා මගේ ජීවිතේම මම හරි දුක් වින්ඳා’මේ දිනවල විද්්‍යුත් මාධ්‍යයන්හි ප්‍රචාරය වන නවමු ගීතයකි ‘මගේ ජීවිතයම ඔබ’. දිනෙන් දින අලුත් වන ලාංකේය නවක ගී පරපුරට එක් වූ ආධුනික ගායිකාවක් වන සමාධි පතිරණගේ කුළුඳුල් ගීතය වනුයේ මෙයයි. ‘මගේ ජීවිතයම ඔබත්’ සමඟ ඇය පසුගිය දිනෙක සරසවියට ගොඩ වැදුණා. ඇයත් සමඟ කළ සුහද කතාබහකි මේ.සංගීත ක්ෂේත්‍රයට ආධුනිකාවක් වන ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ?මම මීට පෙර සංගීතය විෂයයක් විදියට හදාරලා නෑ. මම පාසල් ගියේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් කාලයේදීවත් මට ඒ පිළිබඳ අත්දැකීමක් නැහැ. නමුත් මට ආසාවක් තිබුණා ගීතයක් කරන්න. මට හැකියාව තියෙනවා කියලත් විශ්වාස කළා. තාත්තා තමයි මාව සිංදුවක් කරන්න කියලා පෙළඹුවේ. සංගීතය ගැන මම මුලදී හදාරලා නොතිබුණත් දැන් මම සංගීතය ගැන ඉගෙන ගන්නවා.ද මේ ගීතය ඔබේ පළවෙනිම ගීතය. ඒ ගැනත් සඳහන් කළොත්?මේ ගීතයේ පද රචනය වසන්ත දුක්ගන්නාරාළ අයියගේ. ගයන්ත වීරමන් අයියා තමයි සංගීතය කළේ. වීඩියෝ එක ප්‍රසාද් රණසිංහගේ. මම ගීතය කළේ වාණිජ බලාපොරොත්තුවකින් නොවේ. විනෝදාංශයක් විදිහටයි මම ගීතයක් කරන්න හිතුවේ. දැනට හිරු ටී. වී, සියත, අයි. ටී. එන් හා දෙරණ යන නාලිකාවල ගීතය ප්‍රචාරය වෙනවා.ද සමාධිගේ පවුලේ තොරතුරු?අම්මයි තාත්තායි, නංගියි, මමයි, අක්කයි. තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ ගම වැලිමඩ. දැනට පදිංචිය රත්මලානේ.ද අනාගත බලාපොරොත්තුව කලාවෙන්ම ඉදිරියටම යන්නද?ඔව්. කලා අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මම තවම ගායක පරපුරට අලුත් කෙනෙක්. ඒ නිසා ඉදිරියට යන්න හැමෝගේම උදව් උපකාර බලාපොරොත්තු වෙනවා.- අමානි ඉරේෂිකාඡායාරූපය - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
නාට්‍යවේදී එම්. සෆීර්පෙබරවාරි මුල් සතියේ මම යුරෝපයට ගියේ යුරෝපීය නාට්‍ය උළෙලට සහභාගිවීමටයි. ඒත් සමඟම දිල්ලියේ පැවැත්වුණු ළමා හා යොවුන් නාට්‍ය උළෙලටත් සහභාගි වූණා. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. ඒ වගේම මමත් නාට්‍යයක් එහි රැගෙන ගියා. මේ දවස්වල මගේ කටයුතු පෙළ ගැසී තිබෙන්නේ තෙවන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලට සූදානම් වීමටයි. මාර්තු 27 සිට අප්‍රේල් 02 වැනිදා දක්වා පැවැත්වෙන මේ නාට්‍ය උළෙලට ජර්මනිය, ඉන්දියාව, මෙක්සිකෝව, නේපාලය ආදී රටවල නාට්‍ය කණ්ඩායම් පැමිණීමටත් නියමිතයි. ඒ නාට්‍ය උළෙලට අපේ රටෙන් ඉදිරිපත් කරන්න් ‘මනමේ’, ‘හුනුවටය’ හා ‘ඔතලෝ’ නෘත්‍ය නාටකය කියන නිර්මාණයි.
|
CREATIVE
|
මියුසික්වලින් ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළත් සුපර් ස්ටාර් වගේ තරගයකින් ජනප්‍රිය වන්නට මං එතරම් කැමැත්තක් දැක් වූයේ නැහැ. එබැවින් එවන් වූ රියැලිටි තරගවලට සහභාගී නොවන ප්‍රතිපත්තියකයි මං හිටියේ.එහෙම කතාව පටන් ගත්තේ සුපර් ස්ටාර් පස් වැනි අදියරෙන් හයවැනියාට පසුගියදා ඉවත් වූ පිළියන්දල නිරෝෂ් චානකයි. ඔහු සුපර් ස්ටාර් සඳහා ඉදිරිපත් නොවුණ ප්‍රතිපත්තියේ හිටියත් නිරෝෂ්ව අප හඳුනා ගත්තේ එම තරගය නිසා.කවුද ඔබේ ප්‍රතිපත්තිය වෙනස් කළේ?ගෙදර අය. අම්මා තමයි ඇප්ලිකේෂන් එක දාලා තියෙන්නේ. පළමු වටයට සහභාගී වෙන්න ගෙදරට ලියුම එනකම් මම දන්නේවත් නැහැ. ඒක දැකලා මං ප්‍රතික්ෂේප කළා ඊට සහභාගි වෙන්න. ගෙදර අය මට බොහෝ වේලාවක් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඊට පසුව මම ප්‍රතිපත්ති වෙනස් කරගෙන තරගයට ඉදිරිපත් වුණා.තරග වැදුණ පළමු දින ප්‍රසාදයකින් නෙවෙයි ද ඔබ සහභාගි වුණේ?නැහැ එහෙම එකක් නැහැ. මට හිතුණා ආපු එකේ හොඳටම මගේ හැකියාව එළියට දාන්න ඕන කියලා. බොහොම සතුටින් එදා සිංදුව කිව්වා.ඔබ අවසන් 12 දෙනා අතරට ආවා. මෙතරම් දුරක් ඇවිත් ආපසු හැරී බලන කොට ඔබට මොනවද දැනුණේ?අම්මා ඇප්ලිකේෂන් දැම්මේ නැතිනම් මම අද මෙතැන නැහැ. අනික ගෙදර අයගේ උනන්දුව ඒ සඳහා බෙහෙවින් බලපෑවා. හැබැයි එදා මං ඒව තැකීමක් නොකළා නම් මෙච්චර දුරක් එන්න නොලැබෙනවා. එදා හිතුවක්කාර නොවීම සතුටක්.ඔබේ ගායනා ගැන ඔබට විශ්වාසද?කොහොමත් පළමුව වේදිකාවකට නගිද්දී අප වැනි අයට කොහොමත් පොඩි තිගැස්මක් තියනවා. පොදුවේ ගත්තොත් මගේ ගායනා ගැන මට හොඳටම විශ්වාසයි.එහෙම හොඳම විශ්වාසයකින් ගැයූ ගීතය මොකක්ද?භාතිය - සන්තුෂ්ලගේ සරා සිහින රහසේ ගීතය.සාමාන්‍යයෙන් රියැලිටි තරගයක එස්. එම්. එස්. භාවිතය ගැන ඔබට ඇති අදහස මොකක්ද?ජනතාවගේ අදහස් තියෙන්න ඕන. ඒත් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ තීරණ මත ක්‍රියා කරන්න හොඳ නැහැ. 50% ක් විනිශ්චය මණ්ඩලයට දිය යුතුයි. මන්ද යත් කෙනෙකුට ජනතාව එස්. එම්. එස්. යවන්නේ ගායන හැකියාවටම පමණක් නොවන නිසා.මෙහි අවසානය තෙක් එස් එම්. එස්. නොතිබුණා නම් ඔබ ඉවත් නොවී තියෙයිද?ඇතැම් විට. මං ඉවත් වුණේ සිංහල අවුරුද්ද දිනවල. ඒ කාලයේ මිනිස්සුන්ට එස්. එම් එස්. යවන්න සිහියක් නැහැ. මං හිතනවා එස්. එම්. එස්. නොතිබුණා නම් මං තවමත් ඇතුළේ.මෙවර තරගාවලියේ සිටි දක්ෂයන් හැටියට ඔබ දකින්නේ කවුද?එක් කෙනෙක් කියන්න බැහැ. දොළොස් දෙනාම දක්ෂයි.මෙවන් වූ තරගවලට එනවා ජනප්‍රිය වන්නට ගායන හැකියාව නොමැති අය. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?මෙහිදීත් එවන් අයව දැක්කා. මං ඇතැම් තරගකරුවන් අවසාන සියයට පවා ආවා. එයින් වෙන්නේ හැබෑ දක්ෂයින්ට ඉඩක් නොලැබෙන එක.ඔබ වැඩිපුරම ප්‍රිය කරන්නේ සිංහල ගීත ගයන්න නෙවෙයි නේද?මට හොඳට බටහිර ගීත ගයන්න පුළුවන්. බ්‍රයන් ඇඩමස් තමයි ප්‍රියතම ගායකයා. මට විශ්වාස තියන ගීත ගයන එක මටත් හොඳයිනෙ.මේ තරගය අතරතුරදී ඔබට සිදු වූ අමතක නොවන අත්දකීම මං ඇහැව්වොත්?එක්තරා සිද්ධියක් තියනවා මාව සංවේගයට පත් කළා. ඒක මං කියන්නම්. අවසාන සියයට තේරුණු පසු අපිට පොඩි වර්ක් ෂොප් එකක් තිබුණා. ඒකට කලින් දවසේ මාව මෝටර් බයික් එකෙන් වැටුණා. අතකුත් බැන්ඩේජ් කරගෙනයි මං වර්ක් ෂොප් එකට ගියේ. එතැන හිටපු සමහර අය කිව්වා මං බොරුවට එහෙම ආවා කියලා. මට හරියට දුක හිතුණා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
සංගීතවේදීනොයෙල් රණසිංහමම මේ වසරේ අප්‍රේල්වලින් පස්සේ කිසිම නිර්මාණ කටයුත්තකට දායක වුණේ නැහැ. ඒ මා අසනීප වීම නිසයි.ඊට බෙහෙත් ගනිමින් බිරියගේ උදව් ලබමින් මා මේ කාලය ගත කරන්නේ ඉක්මනින්ම සනීපවීමට සිතමින්.
|
CREATIVE
|
පසුගිය සතියේ ඉතිරි කොටසචිත්‍රපටයේ මූලික කතාව ගෙතී ඇත්තේ විකෘති මනසක් ඇති කාල් ස්ට්‍රොම්බර්ග් නම් පුද්ගලයකුගේ විනාශකාරී ක්‍රියාදාමයක් වටාය.අමෙරිකාව සහ රුසියාවට අයත් බැලිස්ටික් මිසයිල් සබ්මැරීන 2 ක් සොරාගෙන එයින් විරසක වන දෙරට අතර තුන්වැනි ලෝක මහාසංග්‍රාමයක් අවුළුවා මනුෂ්‍ය ප්‍රජාව සමූලඝාතනය වූ පසු තමා විසින් ගොඩ නැගූ මුහුද යට ජනාවාසයන් හි තමාට අවනත මිනිස් පරපුරක් බිහි කොට එහි පාලකයා වීම ඔහුගේ තිරශ්චීන අරමුණ වෙයි. එම ව්‍යාපෘති කඩාකප්පල් කොට ස්ට්‍රොම්බර්ග්ගේ ඉරණම විසඳීම මෙවර බොන්ඩ් මුහුණ දෙන අභියෝගය වෙයි.චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් ආරම්භ වුණේ 1976 අගෝස්තු මස සාර්ඩීනියාහි දී, බොන්ඩ් ලෝටස් එස්ප්‍රිට් රථය පදවන දර්ශන පෙළක් එයට ඇතුළත් වුණා.සැප්තැම්බරයේ ඊජිප්තුවේ දර්ශන රූගත කිරීම් ඇරඹුන අතර ගීසා හි ස්පින්ක්ස් පිරමිඩ ආශ්‍රිත දර්ශන තල ඒ සඳහා උපයෝගි කර ගැණුනා. ආලෝකය පිළිබඳ යම් යම් ගැටලු පැන නැගුණ අතර ඒවා මග හරවා ගන්නට පිරමිඩ්වල කුඩා ආකෘති යොදා ගන්නට සිදු වුණා. ඊජිප්තුවේ ඉතිරි දර්ශන තල වූයේ ඉබන් ටූ ලුන් මුස්ලිම් පල්ලිය, අබු සිම්බල් සහ ගේයර් ඇන්ඩර්සන් කෞතුකාගාරයයි.මෝල්ටාව, ස්කොට්ලන්තය, ස්විට්සර්ලන්තය, බෆින් දූපතේ අස්ගාඩ් කඳුවැටිය සහ ඉතාලියේ ද එලිමහන් දර්ශන රූගත කෙරුණා. ස්ට්‍රොම්බර්ගේ මෝර තටාකය සහ වැඩිමනත් දිය යට දර්ශන රූගත කෙරුණේ බහමාස්හි දී.ජේම්ස් බොන්ඩ් චිත්‍රපට සඳහාම වෙන් වූ ‘007 වේදිකාව‘ නමින් නව දර්ශන තලයක් කෙන් ඇඩම් ගේ සැලසුම අනුව පයින්වුඩ් චිත්‍රාගාරය තුළ ඉදිකෙරුණේ මේ චිත්‍රපටය සඳහායි.ස්ට්‍රොම්බර්ග් ගේ දිය යට ජනාවාස දර්ශන රූගත කෙරුණේ මෙය තුළයි. 1976 මාර්තුවේ දී ඉදිකිරීම් ඇරඹුන මෙහි ජල තටාකය පමණක් වතුර ගැලුම් 1,200000 ක ධාරිතාවකින් යුක්ත විය.මෙම දර්ශන තලය විවෘත කරන ලද්දේ හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය හැරල්ඩ් විල්සන් විසිනි. පෘතුගාලයේ සහ බිස්කෝ කලපුවේ එළිමහන් දර්ශනවලින් අනතුරුව 1976 දෙසැම්බර් 5 දා සියලු රූගත කිරීම් හමාර විය.බොන්ඩ් චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂක ජෝන් බැරී, ආදායම් බදු ප්‍රශ්නයක් නිසා බ්‍රිතාන්‍යය හැර ගියෙන් චිත්‍රපටයේ සංගීතය සැපයුවේ මර්වින් හැම්ලිෂ් විසිනි. ‘නෝ බොඩි ඩස් ඉට් බෙටර්’ නම් තේමා ගීතය ගායනා කළේ කාලි සිමොන් වන අතර එය කැරොල් බේකර්ගේ රචනයකි.ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර චිත්‍රපටයේ නම සඳහන් නොවන ප්‍රථම බොන්ඩ් තේමා ගීතය වන්නේ ද එය යි. 2004 දී ද එජ් ඔෆ් ද රීසන් සහ 2005 දී මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් යන චිත්‍රපට සඳහා එම ගීතය යොදා ගන්නා ලද්දේ එහි ඇති ජනප්‍රියතාව හේතුකොට ගෙනයි.අමෙරිකාවේ විශිෂ්ටතම චිත්‍රපට ගීත දර්ශකයේ 67 වන ස්ථානය දිනා ගැනීමට ද එම ගීතය සමත් වුණා. සුපුරුදු බොන්ඩ් තේමා වාදනය හැම්ලිෂ් විසින් ඩිස්කෝ ආකෘතියට අනුව නවීකරණය කොට සංගීතවත් කළ අතර එය බොන්ඩ් 77 යනුවෙන් ප්‍රසිද්ධ විය.1977 ජූලි 7 දා ලන්ඩන් ලිසිස්ටර් චතුරශ්‍රයේ ඕඩියන් ශාලාවේ දී ඈන් කුමරියගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම දර්ශනය පැවැත්විණ. චිත්‍රපටය ලෝ පුරා ප්‍රදර්ශනයෙන් ලත් ආදායම ඩොලර් මිලියන 185.4 ක් වූ අතර අමෙරිකාවේ පමණක් එය ඩොලර් මිලියන 46 ක් විය.එහි ප්‍රථම ඩිජිටල් සිනමා ප්‍රදර්ශනය 2008 අප්‍රේල් 20 දා අධ්‍යක්‍ෂක ලුවිස් ගිල්බට් ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ එම්පයර් ලිසිස්ටර් චතුරශ්‍රයේ දී පැවැත්විණ.විචාරකයන්ට අනුව රොජර් මුවර්ගේ හොඳම බොන්ඩ් චිත්‍රපටය ලෙස මෙය සඳහන් වේ. බාබරා බැච් සිත් ගන්නා සුළු, දක්‍ෂ, භයානක මෙන්ම සරාගී බොන්ඩ් කෙල්ල ලෙස ඇතැමෙක් අර්ථකථනය කළා.හැම්ලිෂ් ගේ සංගීතය අගැයීමට ලක් වූ අතර ලෝටස් එස්ප්‍රිට් රථය දෙවැනි වන්නේ ඇස්ටන් මාටින් රථයට පමණක් බව විචාරක මතය වුණා. ස්ට්‍රොම්බර්ග් සහ ජෝස් ගේ චරිත බොන්ඩ් ප්‍රතිවාදීන් අතර හයවෙනි සහ හත්වෙනි තැන් ගන්නා බව ඇතැම් විචාරකයන් පෙන්වා දුන්නා.මර්වින් හැම්ලිෂ් ගේ නම හොඳම ගීත නිර්මාණය වෙනුවෙන් ඇකඩමි සම්මානය සඳහා යෝජනා වූ අතර හොඳම පසුබිම් සංගීතය වෙනුවෙන් පිදෙන ගෝල්ඩන් ග්ලෝබ් සහ ග්‍රැමී සම්මාන සඳහා ද යෝජනා වුණා.වසරේ හොඳම කලා අධ්‍යක්‍ෂණය සඳහා කෙන් ඇඩම්ස්, පීටර් ලැමොන්ට් සහ හියු ස්කයිෆ් යන ශිල්පීන් ඇකඩමි සහ බැෆ්ටා සම්මාන සඳහා යෝජිත නම් අතරට එක්වුණා.චිත්‍රපටයේ අවසන් නාමාවලියේ අග ‘ෆො යුවර් අයිස් ඔන්ලි’ චිත්‍රපටයත් සමඟ බොන්ඩ් ආපසු එයි යනුවෙන් සඳහන් වුවත් ඊළඟට නිෂ්පාදනය වුණේ, ‘මුන්රේකර්’ චිත්‍රපටය යි. ලබන සතියේ බොන්ඩ් ගේ සඳ ගමන හෙවත් ‘මුන්රේකර්’ බලාපොරොත්තු වන්න.ආනන්ද දිසානායක
|
CREATIVE
|
ජගත් බෙනරගමඋදේට දවල්ට රෑට අළුකෙසෙල්වයස හතළිහයිතවම පාසල් යා හැකියිඔහු නළුකම හිසකට නොගත් නළුවෙකි. වෙනත් රංගන ශිල්පීන් මෙන් රුව ගැන පවා ඔහු සැලකිලිමත් වන්නේ නැත. කෙසේ වෙතත් හැකියාව අතින් හෙතෙම සිටින්නේ ඉහළ තැනක යැයි මා කිව්වොත් එය නිවැරැදිය.ජගත් බෙනරගම නැතිනම් පුංචි තිරයේ දඩබ්බරයා මේ දිනවල ප්‍රතිරූ හි වික්‍රම.ගොඩක් දේ තියනවා කතා කරන්න ඔහුත් එක්ක.ජගත් පළමුව පවසන්න වික්‍රම ගැන?වික්‍රම කියන්නේ මව්බිමටත්, මවටත් එක ලෙස ආදරය කරන තැනැත්තෙක්. ඔහු විශ්වවිද්‍යාලයීය ප්‍රවේශය පසෙකලා හමුදාවට යනවා. ඔහු සාහිත්‍යයට හරිම ආසයි. කොහෙ හිටියත් වික්‍රම තුළ සිටින සාහිත්‍යකරුවා මියදුණේ නැහැ. මම හමුදා නිලධාරියකුගේ චරිතය නිරූපණය කරපු දහතුන් වන අවස්ථාවයි මේක.මං ඔය තැනට තමයි එන්න හැදුවේ. ඔබට ඇයි වැඩිපුරම හමුදා නිලධාරීන්ගේ චරිත ලැබෙන්නේ?මගේ ශරීර ප්‍රමාණයට හමුදා චරිත ගැළපෙනවා. අනික මට ලැබෙන්නේ නිකම්ම හමුදා චරිත නෙවෙයි. දැනෙන්න කරන්න යමක් ඒවා තුළ තිබුණා. වැඩි දෙනෙක් නොදන්න කරුණක් කියන්නද, 1996 අවුරුද්දේ එස්. පී. උපුල් සෙනෙවිරත්න මහතා ‘නිදහස’ සම්බන්ධයෙන් කෙටි චිත්‍රපටයක් කළා.ඒකෙත් මං හමුදා නිලධාරියෙක්. හැබැයි එය රූගත කරන්නට පෙරාතුව ඔහු විසින් අපට සති දෙකක පොලිස් විශේෂ බලකායේ විශේෂ පුහුණුවක් ලබා දුන්නා. එතෙන්දි මං හමුදාව පිළිබඳ නොදත් දේ විශේෂයෙන්ම ඔවුන්ගේ විනය ගැන ගොඩක් දේ ඉගෙන ගත්තා. පසුකාලීනව මට ලැබුණු හමුදා චරිතයන්ට මං උගත් දෑ අඩු වැඩි වශයෙන් එකතු කළා. ඒකයි මං හිතින විදිහට මට දිගින් දිගටම එවැනි චරිත ලැබෙන්නේ. ඒ වගේම මගෙත් පුංචි ලෝබකමක් තියනනවා හමුදා චරිත කරන්න.හේතුව?මං නළුකම නොවුණා නම් අනිවාර්යයෙන්ම හමුදා නිලධාරියෙක්. අන්න එක තමයි හේතුව.වික්‍රමගේ චරිතය මීට වඩා ඉස්මතු වුණා නම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැතිද?ම් ම් ම් . . . වික්‍රම සත්‍ය චරිතයක් ඇසුරෙන් නිර්මාණය වූවක්. ඇතැම් විට ඔහුගේ ගතිගුණ සහ ඇවතුම් පැවතුම් මෙයිට එහා නොගියා වෙන්න පුළුවන්. හැබැයි වික්‍රම මනඞකල්පිත කෙනෙකු වූවා නම් මටත් තවත් රංගනයෙන් දෙයක් එකතු කරන්න තිබුණා.ප්‍රතිරූ රූගත කරද්දී දවසක්ම ඝන වනාන්තරයක් මැද ඔබ දිගා වී සිටයා යැයි මට දැනගන්නට ලැබුණා?ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. පොළොන්නරුවේ කැලේක රූගත කිරීම් කළේ. බිම් බෝම්බයක් පිපිරිලා වික්‍රමගේ කකුලට දැඩිසේ හානි වනවා. ඊට අවශ්‍ය අංග රචනා කරලා මාව බිම දිගා කළා. කැමරා ෂොට් එක තිබුණේ හෙලිකොප්ටරයක සිට. එය රැගෙන එන්නේ වෙනත් තැනකින්. ඉතින් කොයි වෙලාවේ හෙලිකොප්ටර් එයිද දන්නේ නැහැනේ. බලාගෙන ඉන්නවා ඉන්නවා ඒක නැහැ. කොහොම හරි දවස ඉවර වෙන කොට පණිවුඩයක් ආවා කැමරාවේ ප්‍රශ්නයක් වෙලා රූගත කිරීම කැන්සල් කියලා. ආයේ සියලු මේකප් ඉවත් කළා. මට ඒවා නිසයි නැගිටින්න බැරි වුණේ. එදා දවල්ට කෑවෙත් නැහැ මං.නළුවකු වෙලත් රුව ගැන නොසිතන්නේ ඇයි?මං ජනප්‍රිය සංස්කෘතියේ නළුවකු නෙවෙයි. මං නාලා කරලා ඉන්නවා හැර වෙනත් කිසිදු රූපලාවන්‍ය කටයුත්තක් කරන්නේ නැහැ. කොණ්ඩෙ වුණත් අතින් හදන්නේ. ඒ හින්දමද මන්දා මං වයසට යන්නේ නැහැ. දැන් මට අවුරුදු හතළිහක්. මේ වයසෙදි වුණත් පාසල් යන චරිතයකට මාව ගන්න අධ්‍යක්ෂවරු ඕන වෙලාවක සූදානම්. ඒක පෙර ආත්මයේදී මං කරපු වාසනාවක්. ප්‍රතිරූ චිත්‍රපටයෙත් පාසල් දර්ශන කිහිපයක්ම මං කළා.ඔබ හරි දඩබ්බර චරිතයක් යැයි ඇතැම් අය පවසනවා?ඔව්, මං දඩබ්බරයි, හිතුවක්කාරයි. ඒ අසාධාරණයකදී විතරයි. එවැනි දේ කරන්නට ගොස් බැනුම් අහපු අය තමයි මං දඩබ්බරයි කියලා කියන්න ඇත්තේ.එතෙකොට අර අළුකෙසෙල් කැන් පොළවෙ ගහපු කතාව? ඒකත් එහෙම එකක් ද?මෙහෙමයි ඒක වුණේ. එක්තරා චිත්‍රපටයක රූගත කරන්න ගිය ප්‍රදේශයේ අළුකෙසෙල් බහුලව තිබුණා. එහි නිෂ්පාදකතුමන් අඩු ගානට කැන් කිහිපයක් එවලේම මිලයට ගත්තා. එදා ඉඳලා අපිට උදේට අළුකෙසෙල් හොඳියි පානුයි.දවල්ට බත් එකෙත් අළුකෙසෙල්. හවසට අළුකෙසෙල් මැල්ලුම්. ඉවරයක් නැහැ කෑමවලට අළුකෙසෙල්. මට හොඳටම කේන්ති ගියා. කුස්සියට ගියාම මෙන්න තවත් අලුකෙසෙල් කැන් දෙක තුනකක්ම තියනවා. මං ඒවා අල්ලලා පොළවෙ ගැහැව්වා. අන්න ඒ මොහොතේ සිට අපිට හොඳ කෑම ලැබුණා.ප්‍රතිරූ චිත්‍රපටයට අමතරව ජගත් බෙනරගම නම් වූ දඩබ්බරයා දායකවන වෙනත් නිර්මාණ මොනවාද?චිත්‍රපට නම් ඒක විතරයි. සංසාර සක්මන, සාරංගනා, පබසරා, පුරකලණි, බෝපළු අරණ වැනි නාට්‍යවල වැඩ මේ දවස්වල. ඊට අමතරව තලමල පිපිලා, අන්දරේලා සහ ගුරු තරුව යන වේදිකා නාට්‍යවලත් රඟපානවා.සටහන -ප්‍රසාද් සමරතුංගසේයාරූ - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ජීවන් කුමාරණතුංග කලාකරුවකු නිහතමානි මිනිසෙකු ලෙස මෙන්ම දේශපාලනඥයකු ලෙස අපේ රට තුළ ප්‍රකට චරිතයකි. නමුත් හෙතෙම සිත්තරෙකු ලෙස අප කිසි දිනෙක හඳුනාගෙන නැත. ටික දිනකට ඉහතදී ජීවන් කමාරණතුංග සිත්තරෙකු වූ පුවත අපට අසන්නට ලැබුණේ කාර්මික ශිල්පියකු මාර්ගයෙනි. ඒ පුවතේ සැබෑතතු සොයා මමත් මාලනුත් හෝකන්දර බලා පිටත්වූයේ පසුගිය බදාදා හැන්දෑවේය.හෝකන්දරට නුදුරු සුවිසාල බංගලාවක ගෙමිදුලට වී ජීවන් චිත්‍රයක් අඳින අයුරු දැකීම පෙරකී කතාව නිවැරදි එකක් බවට පත්කොට තිබුණි. සුවිශාල ගේට්ටු කුළුණට බරදී ඔහු අපූරු සිතුවම නිම කරන තෙක්ම අපි මහා හුඟක් වේලා බලා සිටියෙමු.“මහත්තය හම්බවෙන්නද?”අප දුටු මෙහෙකාරිය පැමිණියේ සිත්තරාගේ දැහැනද බිඳ දමමිනි.“ආ..එන්න... මේ අපේ සරසවියේ කට්ටියනෙ.”ජීවන් කතාබහ කළේ සුපුරුදු ළෙන්ගතු කමිනි.“මං මේ දවස්වල අලුත් ටෙලි එකක වැඩ කටයුතු කරමිනුයි ඉන්නෙ...”කතාව තේරුණේ දැන්ය. ජීවන් ත්‍රිෂුලදීප තඹවිට ගේ නවතම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුය. මෙය වෙනස්ම රිද්මයක් දැවටුනු අපූරු කතාන්දරයකි.ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණෙන පවනි නමැති තරුණී හපුතලේ බලා දුම්රිය ගමන අරඹන්නේ සතුටු පිරි සිතින් සහ පොදිබැඳගත් බලාපොරොත්තු රැසකිනි.දුම්රිය ගමනේදී හමුවන අනපේක්ෂිත තරුණයා ඉදුවර පවනි සමඟ හාද වන්නේ ගමනේ දිගු දුර වෙහෙස නිමා දමමිනි.හපුතලේ දුම්රිය පොළෙන් බසින දෙදෙනා වෙන්ව යන්නේ යළි මුණගැසෙන බලාපොරොත්තුවද ඇතිවය.ඉඳුවර හපුතලේ බලා යන්නේ චිත්‍රයක් මිලට ගැනීමටය. තාත්තාගේ උපදෙස් මත චිත්‍රය මිලට ගන්නා ඉඳුවර නැවත කොළඹ බලා පැමිණෙයි. පවනි පසුදින එම චිත්‍රය මිලට ගැනීමට යනවිට චිත්‍රය කෙනෙකු ගෙනගිය බව සැලවෙයි.චිත්‍රය තැන්පත්කොට තිබූ නිවෙසේ තමා ඉඳුවරට දුන් නවකතා පොත තිබෙනු දැක පවනි මෙම චිත්‍රය ගෙනගිය පුද්ගලයා ඉඳුවර බව වටහා ගනී. ඉඳුවර මෙම චිත්‍රය ලබා ගත්තේ ඇයි. පවනි මෙම චිත්‍රය සොයන්නේ ඇයි. තිෂුල දීප ඇතුළු පිරිස නිර්මාණය කරන්නේ ඒ සුන්දර කතාන්දරයයි.හපුතලේ ඇතුළු සුන්දර දර්ශනතල රැසක රූගත කළ මෙම ටෙලි නාට්‍යය විනෝජා නිලන්තිගේ නිෂ්පාදන කටයුත්තකි.ඉඳුවර චරිතටය පණපොවන්නේ රොෂාන් රණවනය. පවනි ලෙස රිෂි ඒන්ජල් ටෙලි වංශකතාවට එක්වන්නීය. දිල්හානි පෙරේරා, සංඛේත් වික්‍රමගේ, නිශ්ශංක දිද්දෙණිය, ශ්‍රීමාල් වෙඩිසිංහ, හෂිනිකා කරල්ලියද්ද, ජයරත්න රූපසිංහ, දිලිප් මනෝහර, ප්‍රියන්ත සෙනෙවිරත්න, ප්‍රසන්න ෆොන්සේකා මෙන් ප්‍රධාන චරිතවලට පණ දෙති.කුතුහලය ත්‍රාසය මෙන්ම ප්‍රේමය පිරුණු මෙම ටෙලිනාට්‍යය තුළ චිත්‍රයක් තුළ සැගවුණ වස්තුවක් පිළිබඳ කතාබහට ද ලක්වෙයි.අධ්‍යක්ෂණය සහ කැමරාකරණය – ත්‍රිෂූල දීප තඹවිටපිටපත සහ සහය අධ්‍යක්ෂණය – රිහාන් රවීන්ද්‍රකලා අධ්‍යක්ෂණය – චන්දන ප්‍රිංකරවේෂනිරූපණය – ප්‍රියන්ත තිලක්රත්නායකසංගීතය – දිනේෂ් සුබසිංහසංස්කරණය - ශාන් සුදසිංහනිෂ්පාදනය - විනෝජා නිලන්තිචතුර ගීතනාත් බණ්ඩාරඡායා - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ජයනි සේනානායකමේ දවස්වල මම බොහොම විවේක සුවයෙන් තමයි කාලය ගත කරන්නේ. එක දිගටම රඟපෑම් කටයුතුවල නියැළුණ නිසා මම මේ ගෙවන විවේක දිවිය කොයි තරම් සුන්දර ද කියලා හිතෙන්නේ දැන් තමයි. ඒ සුන්දරත්වය වඩාත් අර්ථවත් වෙන්නේ මගේ මහත්තයා මගේ ළඟින්ම ඉන්න නිසයි. ඒ වගේ මේ විවේකය වඩාත් අර්ථවත් දෙයකටත් යොදා ගන්න මා උත්සාහ කරනවා. ඒ නිර්මාණ පිළිබඳ අධ්‍යයනයක යෙදෙන්නටයි. රංගන ශිල්පිනියක් විදියට රඟපෑමට නම් නිර්මාණ අධ්‍යයනය බොහොම වැදගත්. තවත් මාස තුනකින් පසුව මගේ රංගනය ප්‍රේක්ෂකයන්ට නැවතත් දැකගන්න ලැබෙන බවත් මේ සමඟම කියන්න ඕනෑ.
|
CREATIVE
|
ඇහැලේපොළ කුමාරිහාමිරූ ගත වෙන්නේ මෙහෙමයිකැප්පෙටිපොළ නිළමෙතුමා කියන රසබර කතාන්දරය ඇහැලේපොළ කුමාරිහාමි සහ පුස්සැල්ලේ පුංචි කුමාරිහාමි අසා උන්නේ ආශාවෙනි. ඇස් ගෙඩි කරකවමින් ඔහු හඬ උස් පහත් කරමින් කතාව කියන්නේ රස කරමිනි.‘තාත්තේ මගේ මව්බිම’‘ඔව් පුතේ අපි හැමෝගෙම මව්බිම’‘තාත්තා . . . මගේ. . . මව්බිම’‘ඔව් දරුවෝ මේ අපි හැමෝගෙම මව්බිම’‘තාත්තේ අර අපේ අම්ම බිම’ඔහු කියන්නේ බයිසිකලයකින් ගමනක් ගිය පවුලකට වූ ඇබැද්දියකි. කතාව අවසන සියල්ලෝ සිනාසෙන්නේ ශාලාවම දෙවනත් කරමිනි.‘මෙතන හැටි ඔහොම තමයි. හැමෝම වැඩ කරන්නේ හරිම ආසාවෙන්. මේ කටයුත්තට හැම දෙනාගේ උපරිම සහාය හම්බ වුණා මල්ලි’සිනහව අතරේ මා අමතන්නේ හිතවත් සුගත් සමරකෝන්ය. මේ ලිපිය ලියන මොහොත වන විට ඇහැලේපොළ කුමාරිහාමි රූගත කිරීම් නිමා කොට හමාරය. ඉතාමත් දර්ශනීය දර්ශන තලවල ඇහැලේපොළ කුමාරිහාමි රූගත වූ හැටි හරිම අපූරුය.‘හරිම පුදුම සිද්්ධි ටිකක් වුණා. මද්දුම බණ්ඩාරගේ හිස ගසා දමන දර්ශනය තිබුණේ බතලෙගොඩ වැව ළඟ. දර්ශනයට ඔක්කොම සූදානම් කළා. හැමෝම ඉතාම කැපවීමෙන් රූගත කිරීම් ඇරැඹුවා. හිස ගසා දමන දර්ශනය ඉවර වුණා විතරයි මහා වරුසාවක් කඩා පාත්වුණා. දර්ශනය රූගත කරන තැන සේදිලා යනකල්ම අනෝරා වැස්සක් වැටුණා. ඒ වගේම කුමාරිහාමි දියේ ගිල්වන දවසේ කාලෙකට පස්සේ ඒ පළාතට වැස්සා. මේක පුදුම ආශ්චර්යමත් සිද්ධියක්. මට හිතෙනවා මේ නිර්මාණයට ස්වභාව ධර්මයත් ආශිර්වාද කළා කියලා.සුගත් පටන් ගත්තේ නිහතමානී ආඩම්බරයකිනිි. 1700 කට ආසන්න පිරිසක් යොදා ගනිමින් ඉංගිරිය, දඹුල්ල, කුරුණෑගල සහ කොළඹ අවට රූගත කරන ඇහැලේපොළ කුමාරිහාමි අති දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියක්.‘ එක දවසක් තිබුණා රජතුමාගේ ඔටුන්න ගැලවිලා වැටෙන දර්ශනයක්. එක පාරටම රජතුමාගේ ඔටුන්න ගැලවිලා වැටුණා. ඔටුන්න වැටෙන කොටම එතන හිටිය කෙනෙකුගේ සළුවක් බිම වැටිලා ඔටුන්න වැටුණේ ඒකෙ උඩට. අපි රූගත කිරීම් නවත්තලා බොහෝ වෙලා ඒ ගැන කතා කළා. මේ චිත්‍රපටයේ ඇතුළේ පුදුම සහගත සිද්ධි කිහිපයක්ම වුණා.සුගත්ගේ කතාව අතරතුර අප සිටි තැනට පැමිණියේ ගයාන් රණධීරය. ඔහු ඇහැලේපොළ කුමාරිහාමි හි නිෂ්පාදකවරයාය. කැප්පෙටිපොළ චරිතයට පන් පොවන ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රසබර කතා තවමත් නිම නැත. වසන්ත විට්ටච්චි සමඟ එකතුව ඔවුන් කියන රසබර කතා අසන්නට සියළු දෙනා වට වී ඉන්නේ වීදි නාට්‍යයක සිරි මවමින්. මද්දුම බණ්ඩාරගේ චරිතය රඟන ප්‍රමුදිතගේ කටකාර දඟකම මේ දර්ශන තලයට සම්පතකි.‘පුතා දත කෝ’ප්‍රමුදිතගෙන් අසන්නේ කලා අධ්‍යක්ෂ ධම්මික හේවාදූවත්තය. ප්‍රමුදිතගේ ඉදිරි දත ගැල වී ඇති නිසා රංගනය සඳහා දතක් දැමිය යුතුව තිබේ. ඒ කාර්්‍යය නිරතුරුවම සොය බලන්නේ ධම්මිකය.මේකේ තියෙනවානේ ඇහැලේපොළ කුමාරිහාමි වැවට තල්ලු කරන දර්ශනය. ඒක හරිම බිහිසුනු අත්දැකීමක්. බතලෙගොඩ වැවට දුලානි පැන්නා. වැව පතුලට ගියා. ආයෙත් උඩ එන විනාඩි ගාන හරියට දවසක් ගත වුණා වගේ තමයි දැනුණේ.සුගත් මෙනෙහි කරන්නේ බිහිසුණු සුන්දර මතකයකි.ක්ලීටස් අයියටත් මේ චිත්‍රපටය ඇතුළේ අනතුරකට මුහුණපාන්න වුණා. අශ්වයගෙන් වැටුණා. ඒ වෙලාවෙත් දැනුණේ බයක්. ඇත්තටම අපි මේ කටයුත්ත සාර්ථකව නිමා කළා කියලා සතුටු වෙන්න පුළුවන්.අධ්‍යක්ෂවරයා පසු වන්නේ සන්තෝෂයෙනි. සියළු දෙනාගේ සතුටු සිනා මැද ගෙවෙන දවස සුන්දරය. අති සුන්දරය.ජැක්සන් ඇන්තනි රාජාභරණයෙන් සැරසී වැඩ කටයුතුවලය. ලකී ඩයස් හඳුනා ගැනීමට බැරි තරමට වෙනස්ය.‘මාව අඳුනගන්න පුළුවන්ද ඔයාට?’එකවරම මා අසලට පැමිණි පුද්ගලයා කිසිම මොහොතක හඳුනා ගැනීමට නොහැකිය. ඒ අනුර ධර්මසිරිවර්ධනය. ඔහු ඇහැලේපොළ අධිකාරම් ලෙස හැඩ වී සිටින්නේ ගෞරවාන්විත තේජාන්විත අයුරිනි.බොහෝ වේලාවක් ගෙවුණ ද හඳුනා ගැනීමට නොහැකි චරිත බොහොමයකි. රස කතා අතර වැඩ කටයුතු සිදු වන්නේ ඉතාම පිළිවෙලටය. ඒ පිළිිවෙලට තැනෙන චිත්‍රපටය නුදුරේදීම අපට රස විඳීන්නට හැකිවනු නොඅනුමානය.චතුර ඡායා - මාලන්
|
CREATIVE
|
ගීතාගැ - ලාලා ලාලා ල ලා . . . පි - දකින දසුනේ දෙනෙත ඇඳුණේ සොඳුරු ඔබ රුව වේ පවනෙ ඇසුණේ සවනෙ රැඳුනේ ඔබගෙ කට හඬ වේ පි - මහද විමනේ කැකුළු යහනේ ඔබයි සැතපෙන්නේ සිතක සිතුමේ පතන පැතුමේ ඔබයි හිනැහෙන්නේ ගැ - ලලලාලා . . . ලාලා . . . පි - දෙපස ගංගා දෙකක එක් වී එකතැනට ආවේ එකට ඒ ගං ජලය මුසු වී සයුර තුළ පාවේ . . . පි - අඳුරු ගල් මුල් ඉවුරු මායිම් පළිගු අසුවෙනවා සෙනෙහෙ ජය මල් තිරය ඇත රන් විජය දජ ලෙළවාපද රචනය – කරුණාරත්න අබේසේකර සංගීතය – ගලගෙදර එම්. එම්. හක් ගායනය – එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක අධ්‍යක්ෂණය – ජෝ දේව් ආනන්ද්සුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
එක හීනයයි සිත් දෙකට තිබුණේ ඒ හීනයයි අපි නිරතුරුව බැලුවේ නුදුටු ලෝකයක කොහෙදෝ ඉඳන් කවුද එහි ආවේ ඔබවම සොයන් ඇයි ඉඩ දුන්නේ සිත් දොර ඇරන් අපෙ ලෝකයම විසිරී ගිහින්අහසෙ තැන් තැන් පුරා තිබුණු තරුමල් දිහා මං බැලුවේ නෑ සඳ නිසා සඳ යන්න යයි හැංගිලාසිතක විරහව නිසා විඳින රිදවුම් දිහා ඔබ බැලුවේ නෑ නැවතිලා හිටි තැනම මං තනිවෙලාමේ ගීතය ලාංකේය රසික හදවත්වලට විරහ ගීතයෙන් ආමන්ත්‍රණය කළ සෝමසිරි මැදගෙදරගේ නවතම විරහ ගීතයයි. කාලයකට පසුව සෝමසිරි මැදගෙදරගේ හඬින් ගැයෙන මේ ගීතයෙහි විශේෂත්ව කිහිපයක් ද තිබේ.ඒ එනම් ‘එක හීනයයි සිත් දෙනට තිබුණේ’ ගීතයෙහි සංගීතය හා තනු නිර්මාණය වී තිබෙන්නේ රේගේ සංගීතයට වීමයි. අනෙක් විශේෂත්වය නම් සෝමසිරි මැදගෙදරගේ ගීතයක් රූප රචනාවක් මගින් එළි දැක්වුණු ප්‍රථම අවස්ථාව ද වීමයි. මේ ගීතයේ සංගීතය භාෂණ මඩගම්මනයි.ගීතයෙහි පද ලසිත ජයනෙත්ති ආරච්චිගේයි.තිලානි ශානිකා
|
CREATIVE
|
සිය රංගන හැකියාව රජුන් බැහැ දකින්න තරම් වාසනාවක් උදා කරන්නේ නම් ඇය / ඔහු යනු සැබෑවටම රංගනයටම උපන් පුද්ගලයෙකි. ප්‍රියංකා චොප්රා එවන් වරමක් ලද නිළියකි’. ‘මේරි කොම්’ චරිතය නිසා පසුගියදා ඇයට ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි මුණ ගැසීමට වරම ලැබිණි. ප්‍රියංකා රාෂ්ට්‍රපති භවනේදී ජනපතිවරයා මුණ ගැසීමෙන් ලද සතුට ට්විටර් වෙබ් අඩවියට ලියා දැන්වූවාය.‘මේරි කොම්’ ප්‍රවර්ධනය මේ වන විට කෙතරම් සාර්ථකව සිදු වෙනවා ද කිවහොත් ‘මේරි කොම්’ බෝනික්කියක් ද පසුගිය දා දොරට වැඩියාය. මේ අවස්ථාවට ප්‍රියංකා, සහාය නළු දර්ශන් කුමාර් වාගේම මේරි කොම් ද සහභාගි වූහ.
|
CREATIVE
|
සම්මානනිය යොවුන් කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු වන ශමීර රංගන නාඔටුන්න මුල්වරට වෘතාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට සූදානම් වෙයි. මෝටර් බයිසිකල් යනුවෙන් නම තබා ඇති එය තම සිහින යථාර්ථයක් බවට පත්කරගැනීමට උත්සහ ගන්න. තරුණයකු වටා ගෙතී ඇති කතා පුවතකි.වීණා ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සමනලී ෆොන්සේකා, දිමුතු චින්තක, දසුන් පතිරණ, නෙතලි නානායක්කාර, ප්‍රියන්ත ලලිත්, දයාදේව එදිරිසිංහ, ප්‍රියන්ත සිරිකුමාර ආදීහු මෙහි චරිත මවති.රෝයි බ්‍රදර්ස් වෙනුවෙන් සුරංග ජයසූරිය නිෂ්පාදනය කරන මෝටර් බයිසිකල්හි කැමරාකරණය විශ්වජිත් කරුණාරත්නගෙනි. රංගන සේනානායකගේ කලා අධ්‍යක්ෂණයකි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් එක්වෙයි. ප්‍රියන්ත වන්නිනායකගේ අංග රචනයකි. ලසන්ත උඩුකුඹුර ඇඳුම් නිර්මාණය කරයි. ලක්රුවන් විතානගේ සහාය අධ්‍යක්ෂවරයාය. දිපාල් ගුණරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. රන්ජන් ප්‍රසන්න සහ දමින්ද ඩී. මඩවල නිෂ්පාදන සම්බන්ධීකරණනේ දායකවෙති.අධ්‍යක්ෂණය මෙන්ම පිටපත් රචනයද ශමීරගෙනි. ශමීර අධ්‍යක්ෂණය කළ සැතපුම් හය කෙටි චිත්‍රපටය 2012 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත් අතර එය විදෙස් රටවල් කිහිපයකම සිනමා උළෙලයන් නියෝජනය කරන ලදී. - ප්‍රසාද්
|
CREATIVE
|
‘රියෝ’ නිල් පැහැති අපූරු මැකෝ ගිරවෙකු ගැන කියවෙන කතා පුවතයි. නීති විරෝධි අයුරින් කුරුල්ලන් ප්‍රවාහනය කෙරෙනා ට්‍රක් රථයකින් ඉවතට විසි වූ මේ නිල් පැහැති මැකෝ ගිරවා ලින්ඩා නම් පුංචි ගැහැනු ළමයා අතට පත් වේ. වසර පහළොවක් පුරාවට ලින්ඩා සමගින් හැදී වැඩෙන බ්ලූ නැමැති මේ ගිරවා පක්ෂි විද්‍යඥයෙකු වන ටියුලියෝගේ ආරාධනයෙන් රියෝ ද ජෙනයිරෝ වෙත යන්නේ තම වර්ගයා බෝ කිරීමේ අරමුණ වෙනුවෙනි. එහිදි ජෙවෙල් නම් වූ නිල් පැහැති මැකෝ ගිරවිය සමගින් සතුටින් දිවි ගෙවන බ්ලූ හට, කාර්ලා, බියා සහ ටියාගෝ නම් වූ පැටවු තිදෙනෙක් වෙති.මේ අතරතුරේදී බ්ලූගේ පෙර හිමිකාරිය වූ ලින්ඩා සිය සැමියා සමගින් ඇමසන් වනයේ ගවේෂණයක යෙදෙන විටදී හමු වන එක් පිහාටුවක් අහිමි වේගයෙන් පියඹා යා හැකි වූ ස්පික්ස් මැකෝ ගිරවෙකු පිළිබඳ ප්‍රවෘත්තිය දකිනා ජෙවෙල් ඔවුන්හට උදව් වීම පිණිස වනයට යෑමට යෝජනා කරයි. නගරයේ හැදුණු වැඩුණු බ්ලූ වනයට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ජෙවෙල්ගේ සතුට වෙනුවෙන් මේ ගමන යෑමට එකඟ වෙයි. ජෙවෙල් බ්ලූ යුවළ තම දරුවන් සහ රෆායල්, නිකෝ සහ පේඩ්රෝ නම් මිතුරන් තිදෙනා ද සමගින් ඇමර්සන් වනය දක්වා වූ ගමන පිටත් වෙයි. ඔවුන්ගේ මේ ගමන කෙබඳු එකක් වේවිද ?‘රියෝ 2’ ගෙන එන්නේ එම කතා පුවතයි.ඩොලර් මිලියන 103ක පිරිවැයක් දරා නිපදවූ මෙම සංගීතමය පරිගණක සජීවකරණ චිත්‍රපටය මිනිත්තු 101ක් පුරාවට ගෙන එන්නේ බ්ලූ ඇතුළු කණ්ඩායම ඇමසන් වනය දක්වා යන ගමනේ කතා පුවතයි. ජෙසී එසෙන්බර්ග්, ඇනී හෙත්වේ, ලෙස්ලි මාන්, බෲනො මාර්ස්, ජෙමයින් ක්ලෙමෙන්ට්, ජෝර්ජ් ලෝපේස්, ජැමයින් ෆොක්ස් ඇතුළු පිරිසක් මේ වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙති. කාලෝස් සල්ඩානා අධ්‍යක්ෂණය කළ ‘රියෝ 2’ බ්ලූ ස්කයි ස්ටුඩියෝ ඉදිරිපක් කිරීමකි. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්රරපට අතරේ මේ දිනවල ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටින මෙම අපූරු චිත්‍රපටය වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමාහලේදි ලාංකික ඔබටද නැරඹීමේ අවස්ථාව දැන් උදා වී ඇත.යතේජා
|
CREATIVE
|
ජගත් කරුණාසේනගේ දිසාපාමොක් මෙම මස 17 වැනිදා සවස වැලිගම නගර ශාලා රඟහලේදී වේදිකා ගතවේ. මෙය ජගත් කරුණාසේන සහ සුනිල් ධර්මසූරියගේ ඉදිරිපත් කිරීමකි.රවීන්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ මෙම මස 18 වැනිදා පමුණුගම ගොන්සාල්වේස් විදුහල් රංග ශාලාවේදී.කීර්ති කේ. රත්නායකගේ මීයො නැතුව බෑ මෙම මස 18 වැනිදා ඌරුබොක්ක බෙංගමුව මහ විදුහල් රංග ශාලාවේදී.තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කළ නවතම ග්‍රන්ථය ‘ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ජීවිතය’ ලබන 21 වැනිදා මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.‘අටංපහුර’, ‘අකාල මේඝය’ ‘දුර්ග තරණය’, ‘නීල දෑස පුරා’, ‘කුලගෙයි විලංගුව’, ‘වතුර’, ‘පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසින් හා මන්ත්‍රකරුවන් සමඟ’, ‘මහාසෘෂි රාමනා’ යන නවකතා සහ පරිවර්තන රැසක් ඔහු රචිත කෘති අතර වේ.ගායන හා රංගන ශිල්පී නිලන්ත රණසිංහගේ ‘ස්වර්ණ ගී’ ඒක පුද්ගල ගී ප්‍රසංගය සහ ස්ව නිර්මාණ ගී එකතුව ‘කිඳුරංගනා’ නමින් ලබන 19 වැනිදා නව රඟහලේදී දොරට වැඩීමට නියමිතය.‘කිඳුරංගනා’ ගීත සමුච්චියේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදීන් වන සරත් ද අල්විස්, අර්නස්ට් සොයිසා, උපාලි කන්නන්ගර, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, නවරත්න ගමගේ, සමන්ත පෙරේරා, අනුර විජේසිංහගේ වන අතර ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, ලලිත් වසන්ත, අනුර කිත්සිරි, ප්‍රසංගි විජේවර්ධන,, නඳුන් අන්දරවීර, ජයවීර බණ්ඩාර හා නිලන්ත රණසිංහගේ ගී පද රචනයෙන් කිඳුරංගනා ඔපවත් වී ඇත.පුවත්පත් කලාවේදී ජී. ජී. දයානන්ද විසින් රචිත ‘සිංහල වෙස් මුහුණු’ කෘතිය දැන් නිකුත් වී ඇත.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා යටතේ සිනමාකරණය පිළිබඳ අත්පොත් තැබූ ජී. ජී. දයානන්දයන් ගම්පෙරළිය ඇතුළුව වෘත්තාන්ත චිත්‍රපට කීපයකටම සිය දායකත්වය සපයා ඇත. ‘දවස’ පුවත්පතෙන් පත්තර කලා දිවිය ආරම්භ කළ හෙතෙම ‘විසිතුර’, ‘දිවයින’ සහ ‘ලංකාදීප’ පුවත්පත් හි උප කර්තෘ ධූරය හොබවා තිබේ.සුද්දෙක් ඔබ අමතයි වේදිකාවට ගෙන ආ උදයසිරි වික්‍රමරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය ‘ර¼ඟපෑම් ඉවරයි’ ලබන 18 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගත වේ.චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ටයිටස් රණසිංහ අභාවප්‍රාප්ත විය. මියයන විට හැට හතර හැවිරිදි වියෙහි පසු වූ ඒ මහතා කැදැල්ල නැහැ උණුසුම්, මා ද ඇයම විය වැනි නාට්‍ය අධ්‍යක්ෂණය කොට තිබේ. රත්තරං නෙත් සිනමාපටයේ රචකයා ද වූ ටයිටස් ගේ අවසන් කටයුතු පසුගියදා ජාඇල කලඑළියේදී සිදු විය.- යතේජා
|
CREATIVE
|
කවිත්‍රා නයෝදනී රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය වන ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යයෙන්. ඊට පසු ‘මංගල ඇවනියු’, ‘මිරිඟු දිය’, ‘දරුවනේ’, ‘සැලමුතු වෙරළ’, ‘විෂ්ණු ක්‍රාන්ති’ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකින්. පුංචි තිරයේ සිය දස්කම් දැක් වූ ඇය මේ දිනවල ඔබ හමුවට එන්නේ බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍යයෙන්.රංගනයට මෙන්ම නර්තනයට ද දස්කම් දක්වන කවිත්‍රා නර්තන කණ්ඩායමක ද සාමාජිකාවක්. ඉදිරියේදී තමන්ගේම නර්තන කණ්ඩායමක් සමඟින් කළ එළි බැසීම ඇයගේ බලාපොරාත්තුවයි. ගල්කුලිය ලිහිණිගිරි කණිටු විදුහල හා ආඬිගම නවෝද්‍යා මහා විදුහලෙන් අධ්‍යාපනය ලද කවිත්‍රා පාසලේදී නාට්‍ය හා රංග කලාව හදාරන අතරතුරදී කථික තරග හා නිවේදන අංශයෙන් ද සිය දස්කම් දක්වා ඇත.කුඩා කාලයේ පටන්ම කලාවට ලැදි කවිත්‍රා නර්තනයෙන් වගේම රංගනයෙන් ද ඉදිරියට යන්න බලාපොරොත්තු වේ. ඒ වෙනුවෙන් සිය හැකියාවන් ඔප් නංවා ගනිමින් සිටින ඇයගේ රංගනයන් උපාධ්‍යා, සකිසඳ එළියස්, ගිනි කුසුම වැනි ටෙලි සිත්තම් තුළින් දැකගත හැකිවනු ඇත.- යතේජාඡායාරූපය – මාලන්
|
CREATIVE
|
රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණියනව වසර සමඟම මම ටෙලි නාට්‍යයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒ ‘සඳ සේයා’ කියන ටෙලි නාට්‍යයේ. දිද්දෙණිය වලව්වේ දිද්දෙණිය හාමු ලෙස රඟපාන මේ චරිතය මට බොහොම සුවිශේෂයි. ඒ මගේ දියණිය පබසරා මේධාවිනී දිද්දෙණියත් ඒ ටෙලි නාට්‍යයේ මගේ දුව ලෙසම රඟපෑමයි. ‘දුවන මුවන්’ චිත්‍රපටය සඳහාත් මා රංගනයෙන් දායක වුණා.ඒ වගේම මෙවර උදාවන මගේ උපන් දිනය දවසේ මම ඉන්නේ දියතලාවේ. ඒ විශ්වවිද්‍යාලයට පිවිසෙන්න අදහස් කරගෙන සිටින ළමයින් වෙනුවෙන් කෙරෙන නායකත්ව පුහුණුව හා ධනාත්මක ආකල්ප වර්ධනය වැඩසටහනත් සමඟයි.ඒ වැඩසටහනේ කලා රසවින්දන වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය, දියතලාව, ගිරිතලේ, මින්නේරිය කියන හමුදා පුහුණු මධ්‍යස්ථානවලට යෑමට ද නියමිතය. ඒ වගේම උදා වූ මේ වසර වඩාත් වැදගත් වන්නේ ඊයේ මගේ දුවගේ විවාහයද සිදුවීමයි.තිලානි / යතේජාඡායාරූප - ටෙනී / මාලන්
|
CREATIVE
|
මම රඟපාපු ‘පුංචි වළව්ව’ ටෙලි නාට්‍ය සාර්ථකව විකාශය වුණා. ඒ ගැන බොහොම සතුටුයි. ස්වර්ණවාහිනියේ විකාශය වන ‘ෆේස් බුක්’ ටෙලි නාට්‍යයට මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා. අලුත් ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලත් තියෙනවා. ‘මයි නේම් ඊස් බන්දු’ චිත්‍රපටයේ රූගත කිරීමුත් ඉවරයි. ඉදිරියේදී සාරංග මෙන්ඩිස් එක්ක යුරෝපයේ වේදිකා නාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
|
CREATIVE
|
කොල්ලන් සමඟ හොකී ගැහීම නිසා ළමා කාලයේත්, ද්වි ලිංගික ඇසුර නිසා නව යොවුන් කාලයේදීත් ප්‍රසිද්ධ වුණු කැනේඩියානු නිළි සනී ලියෝන් දැන් වඩාත් ප්‍රසිද්ධ තිරයේ සරාගී අංගනාවක ලෙසයි. පසුගිය වසරේ බොලිවුඩයට ‘ජිස්ම් 2’ සිනමාපටයෙන් පා තැබූ ඇයට එය ධන නිධානයක් විණි.බොලිවුඩ් සිනමාවේ සනීගේ වාසනාව සැඟ වී ඇති බව මෑතකදී සිදු වූ දෙයකින් ද හොඳින්ම ඔප්පු වෙයි. ඇය රැඟූ ‘ජැක්පොට්’ පූර්ව දර්ශනය නැරැඹීමට අනාරාධිතවම සුපිරි සුවිශේෂීකමක් ඇති අමුත්තෙක් පැමිණියේය. ඒ අන් කිසිවකු නොව ෂාරුක් ඛාන්ය. ෂාරුක් පැවසූ දෙයින් සනීගේ සිත සම්මානයක් ලැබුණා හා සමාන සතුටකින් පිරී ගියේය. ඔහු කියා සිටියේ අනාගතයේදී සනී ලියෝන් සමඟ රඟපෑමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.ඇය මේ කියමනෙන් කෙතරම් සතුටට පත් වුණා ද කිවහොත් ෂාරුක් හමුවීම සිහිනයක් සැබෑවීමක් බව පැවසුවාය. සනී කවදත් ෂාරුක් රසිකාවකි.සනීගේ මාපියන් පන්ජාබ් ජාතිකයන්ය. වයස අවුරුදු දහනවයේදී වැඩිහිටි සිනමාපටවලින් සිනමා ලෝකයට පිවිසි ඇය සැබෑවටම රංගනය හදාරන්නේ බොලිවුඩයට පැමිණි පසුවයි. හින්දි ඉගෙන ගැනීම, නර්තනය හැදෑරීම නිසා සනීට යළි පාසල් ගිය කාලය සිහි කරන කාලයක් යළි උදා වී තිබේ. නස්රුදීන් ෂා සමඟ රඟපෑම ඇයගේ තවත් සිහිනයකි.වඩාත් හොඳින් රංගනයේ යෙදීම මේ සියලුම සිහිනවල යථාර්ථයයි. කත්‍රිනා කායිෆ් මෙන් සෙමෙන් එහෙත් හොඳින් රංගනය හැදෑරීම තිස් දෙහැවිරිදි සනීගේ අරමුණයි. ඇය රැඟූ රාගිනි එම් එම් එස් 2, ටීනා ඇන්ඩ් ලෝලෝ ලබන වසරේදී තිරගතවීමට නියමිතය.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
මේ දවස්වල මම ගැයූ ‘පෙර වගේ’ ගීතය වාදනය වෙනවා. තවත් ගීතයක් මගේ රසිකයන්ට තිළිණය කිරීමේ අදහසෙන් මේ දිනවල එහි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අතර විවේකය විඳිමින් ගෙදරට වෙල ඉන්නවා.
|
CREATIVE
|
වෑදිය රැල්ල - ආමි සුජිත් තරුමලී – රාජා පාරාවළලු – ප්‍රගීත් වාසුලි කන්ද – රත්තරං සැබෑ ජීවිතයේ - උදයශාන්ත ලියනගේ.* උදයශාන්ත, තරුමලී හැර අනෙක් නාට්‍ය ත්‍රිත්වයම මේ දවස්වල විකාශය වෙනවා. සෑහෙන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ඔබ වටා එක් වෙලා ඇති නේද?තරුමලී පටන් ගත්ත අලුත ‘සරසවිය’ පත්තරේම ආර්ටිකල් එකක් ගියා. එහි මගේ දුරකතන අංකය පළ වුණා. මගේ අම්මෝ ආපු කෝල් තොගේ. එදා එහෙම නම් මේ වෙන කොට කොහොමට තියේවිද කියලා මට හිතාගන්න පුළුවන්.* මම හිතන්නේ ආමි සුජිත් තමයි ගොඩක් ජනප්‍රිය?ඔව්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.* ඒ මොකක්ද?මම ටිකක් ජගත් චමිල වගෙයිනේ. ඇතැම් අය රැවටෙනවා ඒ මං නෙවෙයි රඟපාන්නේ කියලා. අනුරාධපුරයේ ගිය වෙලාවක එක් කෙනෙක් මගේ ළඟට ඇවිත් කතා කළා. ඔහු මට ජගත් මහත්තයා කිය කිය කතා කළේ. මං කිව්වා ඒ මම නෙවෙයි කියලා.* ඒ වගේ වෙලාවන්වලදී ඔබ අපහසුතාවයට පත් වෙනවා ඇති?මම ආස නැහැ මාව ජගත් අයියට සමාන කරනවාට. ඒක ඔහුට කරන අගෞරවයක්. ඔහු මට වඩා අති දක්ෂයෙක්. මට හැබැයි මේ වෙනකම් ජගත්ව මුණ ගැසිලා නැහැ. මම ආසයි ඔහුවයි මාවයි සහෝදරයෝ හැටියට දාලා ටෙලි නාට්‍යයක් කරනවා නම්.* ඔබ මේ වන විට වෙනත් රැකියාවක නිරත වෙන ගමන්ද රඟපාන්නේ?මම ඉස්සර ජොබ් එකක් කළා. දිගින් දිගටම වැඩ ලැබුණ නිසා ජොබ් එකෙන් අයින් වුණා. නළුවකුª වීම පෙර පිනකට සිද්ධ වුණු එකක් කියලයි මගේ විශ්වාසය.* ඔබ කාලයක් ක්ෂේත්‍රයේ හිටියත් ප්‍රධාන චරිතවලින් හමුවන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා ඉඳලා?ඔව්. ඒක ඇත්ත. මේ වෙලාවේ තිෂූල දීප තඹවිට මහත්මයාව මතක් කරන්න ඕනෑ. මම හිතනවා මම මෙතෙක් රංගනයේ යෙදුණ හොඳම චරිතය ආමි සුජිත් කියලා. එම චරිතයට ලංකාවේ ප්‍රමුඛ පෙළේ නළුවන් දෙදෙනෙකුම යෝජනා වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් එපා කියද්දියි තිෂූල අයියා සහ වෑදිය රැල්ල නිෂ්පාදක නිව්ටන් විදානපතිරණ මහත්මයයි මාව ඊට ගත්තේ. මමත් උපරිම ජවයකින් යුතුව එහි රඟපෑවා.* නළු ජීවිතය මොහොතකටවත් එපා වෙලා නැතිද?මොකෝ නැත්තේ. අනන්තවත් එපා වෙලා තියෙනවා. කොච්චර එපා වුණත් ක්ෂේත්‍රය දාලා යන්නේ නම් නැහැ.* ඔබ තරුමලී ටෙලි සිතුවමේ රඟපෑවේ චණ්ඩියකුගේ චරිතයක්. හැබැයි එහි යම් යම් තැන්වල චණ්ඩිකමින් මෙහාට පැමිණි අනුවණ ගති පැවතුම් එමඟින් පෙන්නුම් කළ බව ඇතැමුන් කියනවා?චණ්ඩියෙක් වුණත් ඔහු සාමාන්‍ය මනුස්සයෙක්නේ. ඉතින් ඒ ගතිය යම් යම් තැන්වල මතු වෙන්න පුළුවන්. චණ්ඩියෙක් හැම තිස්සෙම චණ්ඩිකම් දාන්නේ නැහැ. මම අහලා තියෙනවා සැරපුරුෂ ඇතැම් අය තම බිරිඳ, මව ළඟ හරිම අහිංසකයි කියලා.* ඇයි චිත්‍රපටවල වැඩිය පේන්න නැත්තේ?මම චිත්‍රපට දෙකක තුනක විතරයි රඟපාලා තියෙන්නේ. මට වැඩිය චිත්‍රපටවලට කතා කරන්නේ නැහැනේ. මොකක්ද දන්නේ නැහැ හේතුව.* ඒත් ඔබ වේදිකාවේ ද මේ වෙන විට සක්‍රීය චරිතයක්?ඔව්. පුරවර සුන්දරී නාට්‍යයේ රඟපානවා. නමුත් එකවර ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන නිසා වේදිකා නාට්‍ය කරන්න අමාරුයි.* කොහොමද ඔබේ පුද්ගලික ජීවිතය මේ දිනවල ගෙවෙන්නේ?මගේ බිරිය ශීලා. ඇය ජයවර්ධනපුර රෝහලේ සේවය කරනවා. ඇයයි මමයි බොහොම සුන්දර පවුල් ජීවිතයක් ගත කරනවා. මගේ පදිංචිය පිළියන්දල.මේ උදයශාන්තගේ දුරකතන අංකයයි 0715155115ප්‍රසාද් සමරතුංගඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
රෝසිතිරගත වූ දිනය – 1985 ජූලි 26 ඉදිරිපත් කිරීම – චෑම්ප්ස් සිනේආට්ස් නිෂ්පාදනය – තාරා පර්ස්රාම් අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර කතාව, දෙබස් සහ තිර රචනය - සිරි කහවල සහාය අධ්‍යක්ෂණය – උපාලි පියරත්න කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා කැමරා සහාය – බන්දුල කුරේ, නෝබට් රත්නසිරි, රෝහිත බටගොඩ, නිමල් පෙරේරා, එම්. ඇරපන් සංස්කරණය – ටී. භවානන්දන් අංග රචනය – ඩබ්ලිව්. එස්. සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු සහ සුගත් ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – ඒ. සී. එම්. රියාස්, ඒ. ඒබ්‍රහම් රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - නියෝජිත ඩිල් ෆිල්ම්ස් සැකසුම - සරසවි චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය විදුලි කාර්මික – ඒ. සේනාරත්න විදුලි කාර්මික සහාය – නන්දසේන, පියසේන, සේනාරත්න, හෙන්රි පෙරේරා අතිරේක ශබ්ද සහ උපකරණ සැපයීම – වයි. එන්. චිත්‍රපට නිෂ්පාදන කටයුතු සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු, ජෝර්ජ් ජයකොඩි කැමරා සහ විදුලි ජනක උපකරණ සැපයීම - සිනෙක්වීප් සර්විසස්, සමරසිංහ චිත්‍රපට, දිසානායක චිත්‍රපට දෙබස් පටිගත කිරීම – ඊ. ඩී. සෙන්ට් ජෝන්, ලයනල් ගුණරත්න ගීත පටිගත කිරීම – මර්වින් රොඩ්‍රිගෝ කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන නිශ්චල ඡායාරූප – විජිත වික්‍රමරත්නනාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන අධිකාරි – කුමාරදාස ජයසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ, දයාසේන ගුණසිංහ, සුනිල් ගුණවර්ධනගීත - විසුළු මුව ඇති පෙමට – ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද මේ යුග්ම තරුදෝ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක නුවන් ඉමේ ඈත නිම් තෙරේ – ලතා වල්පොල නාඬන් තරු පොකුරේ - සනත් නන්දසිරි පාවී පාවී - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලකනළු නිළියන්: සබීතා පෙරේරා, අජිත් ජිනදාස, රෙක්ස් කොඩිප්පිලි, ෆේරඩී සිල්වා, මාක් සමරනායක, ක්ලැරිස් ද සිල්වා, ලිලියන් එදිරිසිංහ, ජිනදාස පෙරේරා, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, විජේරත්න වරකාගොඩ , එඩ්නා සුගතපාල, නිහාල් සිල්වා, ධර්මසේන නානායක්කාර, රෝහිනී ප්‍රනාන්දු, ගීතා ජානකී, නිලේන්ද්‍ර ද සිල්වා, යසපාලිත නානායක්කාරසුදු මාමාතිරගත වූ දිනය – 1985 ජූලි 26 ඉදිරිපත් කිරීම - රෝසා මූවීස් නිෂ්පාදනය – මන්සූර් එස්. එම්. අද්වානි අධ්‍යක්ෂණය – ඊ. එම්. පී. බණ්ඩාර, මන්සූර් එස්. එම්. අද්වානි කතාව - ඩබ්ලිව්. ඩබ්ලිව්. පීරිස් දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය – කාරියවසම් ජී. ජී. දසනායක තිර නාටකය – එඩ්වඩ් එම්. විතානආරච්චි කැමරා අධ්‍යක්ෂණය – ඇස්. තේවේන්ද්‍ර සංස්කරණය - සෙක්ස්ටර් අපොන්සු අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජා කලා අධ්‍යක්ෂණය – එස්. රාජේන්ද්‍ර සටන් අධ්‍යක්ෂණය -සරණපාල සූරියආරච්චි ගීත පටිගත කිරීම, දෙබස් පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග රසායනාගාර කටයුතු පාලක – එස්. තිරුනාවුකරසු (බි. ඇස්. සී.) රසායනාගාර සේවා - වී. සිවදාසන්, ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන්, පීටර් රේමන් සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය ශබ්ද උපකරණ – දිසානායක චිත්‍රපට සමාගම කැමරා ආම්පන්න උපකරණ - සිනෙක්විප් සර්විසස් - නාවල අතිරේක කැමරා - බන්දුල කුරේ ප්‍රචාරක කටයුතු - සාති ඇඩ්ස් ප්‍රචාරක කළමනාකරු - ෂර්ලි දන්දෙනිය නිෂ්පාදන කළමනාකරු - ඊ. එම්. පී. බණ්ඩාර නිශ්චල ඡායාරූප - රෝහිත බටගොඩ සංගීත අධ්‍යක්ෂණය - මොහොමඩ් සාලි ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්ගීත - ජීවනයේ ගීත ගැයේ - එච්. ආර්. ජෝතිපාල මුළු ජීවිතේම වැසිලා - ලතා වල්පොල සුබ මංගලම් සුබ මංගලම් – වික්ටර් රත්නායක විනෝද සයුරකි මේ ලෝකේ – මිල්ටන් මල්ලවආරච්චි ආදරයේ රන් මල් සේල – මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල තරු මුතු මාලා - ජී. දයාරත්නනළු නිළියන් - ටෝනි රණසිංහ, විමල් කුමාර් ද කොස්තා, විජය නන්දසිරි, සුමනා අමරසිංහ, මානෙල් වානගුරු, රෝහිණී ජයකොඩි, ඉන්ද්‍රාණි අබේවර්ධන, ශ්‍රී කාන්ත ගමගේ, සරණපාල සූරියආරච්චි, ඊ. එම්. පී. බණ්ඩාර, මංජුල පියසේන, එම්. ඒ. විජේතිලක, වින්සන්ට් පෙරේරා, සුමිත් බණ්ඩාර, මන්සූර් එස්. එම්. අද්වානි, මොහොමඩ් අක්තීර්, ගංගා රණවීර, ප්‍රියන්ත රෝයි (ළමා), ලාල් පීරිස්, විජේතිලක හල්ලොලුආරච්චි, නිහාල් ගමගේ, රන්ජන් වන්නිආරච්චි- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|
CREATIVE
|
මොනරු මුව ගෝණ රඟන වන බැද්දයිකුරහන් හේනෙ වෙල් යායෙත් හරි සද්දයිමේ ගම් පෙතේ අය කවුරුත් හරි දක්ෂයිසුන්දර ගම්මානෙ අසිරිය පරසිද්දයි පද්මසිරි කොඩිකාර අධ්‍යක්ෂණය කළ කෝරළේ මහත්තයා හි තේමා ගීතය වන එය පසුගිය දිනවල ලැබුවේ ඉහළ ජනප්‍රියත්වයක්. එය ගායනා කරනු ලබන්නේ බන්දුල විජේවීර සමඟ එක්තරා තරුණියක්.සුන්දර හඬ පෞරුෂයකින් හෙබි ඇය කවුද කියලා අප ටිකක් හොයලා බැලුවා. ඒ කටහඬ හිමි තැනැත්තිය සුරංජි ශ්‍යාමලී. කෝරළේ මහත්තයා හි විතරක් නෙවෙයි දෝනි සිනමාපටය අතරතුරදී ඇගේ හඬ අපට අහන්න පුළුවන්.සුරංජි වෘත්තියෙන් ගුරුවරයක්. එමෙන්ම ගායනයත් ඇයගේ අනෙක් වෘත්තීයක් කියලයි ඇය කියන්නේ. ඔබට මතකද ජීවිතය ලස්සනයි ටෙලි සිතුවම? එහි හිරු ළඟ සීතල සොයනා ගීතය රන්ජන් සාලිය එක්ක ගැයුවේද සුරංජි. එමඟින් තමයි ඇයව ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ.අනතුරුව ටෙලි නාට්‍ය කිහිපයකටම ගායනයෙන් සම්බන්ධ වූ ඇය ඒ අතරතුරදි සංගීතය හදාරන්නේ පරපුරකට දැනුම බෙදා දෙන්න තියෙන ආසාව නිසයි.ඇය මේ දිනවල සිටින්නේ විදෙස් ගත වෙලා. සුරංජි ඉන්දියාවේ බරනැස කාෂි හින්දු විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව සහ සංගීතය හදාරනවා. එහිදිත් ඇය සංගීත කටයුතුවල නියැලෙනවලු. විශේෂයෙන් විශ්වවිද්‍යාලයේ තේමා ගීතය ගයද්දී අනිවාර්යයෙන්ම ඇයට කතා කරනවාලු. සමනල්ලු නෙක ආරේනිදහස සොයා පාරේ දෝණි සිනමාපටයේ ඇය ගයන ගීිතයේ පද පේලියක් ඒ. එයට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි කියලා සුරංජි අපිත් එක්ක කිව්වා. සුරංජි වරදකාරී මං නම් වූ ගීතයක් එළිදැක්වූවා. එය ද මේ දිනවල ගුවන් විදුලි නාලිකා කිහිපයකම ප්‍රචාරය වෙනවා.දැන් තියෙන්නේ කොත්තු ගහනවා වගේ සිංදු. මේ තත්ත්වය මත අප වගේ අයට උඩුගං බලා පීනන්න අමාරුයි. ඒත් මං රැල්ලට ගීත කරන්නේ නැහැ කවදාවත්. සල්ලි තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ගායකයෙක් වෙන්න පුළුවන්. සල්ලිවලින්ම ඒ ගීත ප්‍රචාරව කර ගන්නත් හැකියි. ඒත් පැවැත්මක් නැහැ.සුරංජි පවසාගෙන යන්නීය. ඇය ක්ෂේත්‍රයට ගොඩක් ළෙංගතුව සිටින බව ඒ වදන්වලින් පැහැදිලිය. ඉදිරියේදී තිරගතවීමට නියමිත මනෝනෙ මගෙ සුදු නෝනේ, රන්ජා, සුපර් මෑන් ශ්‍රී ලංකා වැනි චිත්‍රපටවලද, අපූරුගම, මන්දාකිණි වැනි ටෙලි සිතුවම් හරහා ද සුරංජිගේ හඬ අපට විඳගන්න පුළුවන්.සුරංජි වඩාත් ප්‍රිය කරන්නේ ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවල ගීත ගයන්නලු. අනාගතයේදී දක්ෂ පසුබිම් ගායිකාවක් වන බවට ද ඇය පෙර මග සලකුණු පෙන්නලා හමාරයි. එමෙන්ම නුදුරු දිනයකකදී ඇය තම කුලුඳුල් ගීත ඇල්බමය ද නිකුත් කරාවි. ඒ සඳහා මේ දිනවල ලකලැහැස්ති වෙනවා කියලා වැඩිදුරටත් කිව්වා. අනාගතයේදී තමන්ගේ ගෝල බාලයන් ද ක්ෂේත්‍රයට හඳුන්වා දී ඔවුන්ගේ නම හදා ගැනීමට උදව් කරන බව සුරංජි අවසන් කොට පැවසුවා.සටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
ප්‍රේමචන්ද්‍ර ලංකා තිලකගේ සංගීත නිර්මාණයෙන් හැඩ වූ ‘බොදු ගී ගඟුල’ සංයුක්ත තැටිය හා බැති ගී ප්‍රසංගය රුවැන්වැලි චෛත්‍යාරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ලබන 11 වැනිදා රුවන්වැලි සෑය අබියස දී දොරට වඩී.පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන් ප්‍රමුඛ ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් මේ සඳහා ගායනයෙන් දායක වී ඇත. සංගීතය මෙහෙය වීම පි‍්‍රයන්ත ගමගේ ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන් වන අතර කථනය වසන්ත රෝහණ සමඟින් කෞෂල්‍යා රණසිංහ ගෙනි. ශ්‍රී රන්මුතු විහාර සංවර්ධන පදනම මඟින් කටුකැලියාව නවෝදාගම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන බුද්ධ මන්දිරයට ආධාර පිණිස ‘බොදු ගී ගඟුල’ බැති ගීතාවලිය එළි දකී.ඇන්ටන් මිහිඳුකුලගේ ‘මෝචරිය’ හා ‘රකුස් දමනය’ වේදිකා නාට්‍ය නිර්මාණ සඳහා ආධුනික නළු – නිළියන්, ළමා නළු – නිළියන් බඳවා ගැනේ. එහිදි තෝරා ගන්නා අය වෙනුවෙන් නොමිලේ රංග කලා පාඨමාලාවක් ද පැවැත්වීමට නියමිතය. මීට අයැදුම් කරන යම් අයෙක් වේ නම් තම අයැදුම් පත් නිර්මාණ අධ්‍යක්ෂ, 4/2, විජය පාර, 3 කුරණ, මීගමුව යන ලිපිනයට එවන්න. නැතිනම් 072 – 4273226 යන දුරකථන අංකයෙන් විමසන්න.
|
CREATIVE
|
මිතුරු දම් හිඟ බොලිවුඩ් පුරයෙන් කලාතුරකින් කල්‍යාණ මිතුරු, මිතුරියන් ගැන ද අහන්නට ලැබේ. ප්‍රියංකා චොප්රා සහ අනුෂ්කා ෂර්මා හොඳ මිතුරියන්ය. එහෙත් ‘දිල් ධදක්නේ දෝ’ රූගත කිිරීම් අවසන්වීමත් සමඟ මිතුදම ද අවසන් වී තිබේ. එයට හේතුව ප්‍රියංකා, ෆාරන් අක්තාර් සමඟ සමීප සබඳතාවක් පවත්වන බවට අනුෂ්කා ෂර්මා කට කතාවක් ප්‍රචාරය කිරීම බව පැවසෙයි. දැන් ප්‍රියංකා, අනුෂ්කාව ඇසුරු කරන්නේ අතේ දුරිනි.අනුෂ්කා ෂර්මා මෑතකදී කට කථාවක් ප්‍රතික්ෂේප කළාය. ඒ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමඟ තමන් විවාහවීමට යන ආරංචියයි.
|
CREATIVE
|
මවුපියන් – මාතර එච්.ආර්.ජේමිස් හා ඇහැලියගොඩ එච්.කේ.පොඩිනෝනා පෙරේරාඋපන් දිනය – 1936 පෙබරවාරි 12 ( කොළඹ කැටවලමුල්ල )සම්පූර්ණ නම -හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාලසහෝදර සහෝදරියන් – පස් ( 5 ) දෙනයිඅධ්‍යාපනය ලැබූ පාසල – මරදානේ ලෝරන්ස් විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයමුල්ම රැකියාව - ෂෝවොලස් හෙජස් සහ ගුණසේන සමාගමබිරිඳ – වින්ටර් බ්ලොසම්දියණියන් සිව් දෙනෙකි – වරුණි විලෝචනී, සුජී, එස්තර් ෂාමලින්, ක්‍රිෂ්ණිමුලින්ම ගායනයට එක් වූයේ 1952 දී වසන්තා සන්දනායක ගැයූ “මහවැලි නදියේ” ගීතයට අත්වැල් ගායනයෙන්1956 දී සිරිල් පී. අබේරත්නයන්ගේ සුරතලී චිත්‍රපටයේ පසුබිම් ගායනය ‘සිරියමෙ සාරා’ ගීතයචිත්‍රපට පන්සියයක ( 500 ) ගීත ගායනා කර ඇතසුදු සඳේ කළු වලා’ චිත්‍රපටයේ රඟපාමින් නළුවකු වී පසුව චිත්‍රපට විසි පහක පමණ රඟපෑම. ( ඇතුල්වීම තහනම් චිතුපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑම )සුමිතුරෝ ‘ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ( 1983 )1971 ජෝති මිතුරු සමාජය පිහිටුවා ගැනීම1980 ‘ජෝති රාත්‍රිය’ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වීම. (ආරම්භය රත්නපුර නගර ශාලාව ) මෙය ප්‍රසංග 242 ක් පැවැත්විය.ලැබූ සම්මාන – 1972 – දීපශිඛා සම්මාන උළෙලේ දී ජනපි‍්‍රය ගායක.1976 – ජනපි‍්‍රය සිනමා කරුවන් තේරීම - හොඳම ගායනය ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටය.1983 දී මිහිදුම් සිහින චිත්‍රපටයේ සරා සඳේ ගීතයට සරසවිය සම්මානය හිමිවීම.1986 ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ ‘පාළු සුසානේ ප්‍රේම පුරානේ ‘ ගීතයට සරසවිය සම්මානය හිමිවීම.ජෝති ලැබූ ජනතා සම්මාන රැසකි.1987 ජූලි 07 වැනි දා අභාවය.එච්. ආර්. ජෝතිපාල ගී ලොව තැබූ වාර්තා1. වැඩිම චිත්‍රපට ගණනාවක ගීී ගැයූ ගායකයායි.2. වැඩිම ගුවන් විදුලියේ ගී ගැයූ ගායකයායි.3. ජනප්‍රියත්වය ලැබූදා සිට මිය යන තුරුම ලංකාවේ අඛණ්ඩව ජනප්‍රියම ගායකයා ලෙස කිරුළු පළන් එකම ගායකයායි.4. වැඩිම කැසට් පට ප්‍රමාණයක ගී ගැයූ ගායකයායි.5. ලංකාවේ වැඩිම සංගීත සංදර්ශන ගණනාවක ගී ගැයූ ගායකයායි.6. වැඩිම නළුවන් පිිරිසකට ගී ගැයූ ගායකයායි7. වැඩිම ගායිකාවන් පිරිසක් සමඟ යුග ගී ගැයූ ගායකයායි.8. වැඩිම මුදලක් චිත්‍රපටවල ගී ගැයීමට අය කළ ගායකයායි.මත්තේගොඩ, පොල්ගස්ඕවිට -අජිත් ජෝතිය කරසිංහ
|
CREATIVE
|
පළමුවරට හිරු නාලිකාවේ ඉදිරියේදී ඇරැඹීමට නියමිත ඓතිහාසික ටෙලි නාට්‍යය වන සුගලා දේවියගේ චරිතය ආශ්‍රය කර ගනිමින් නිමවන ‘දේවිය සුගලා’ ටෙලි නාට්‍යයෙහි වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ කැලුම් පාලිත මහීරත්නයි.හිරු රූපවාහිනියේ ආරම්භයේම විකාශය වූ පළමු ටෙලි නාට්‍යය වන ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යයේ මෙන්ම මේ දිනවල රූපවහිනි නරඹන්නන් අතර වඩාත් ජනප්‍රිය ‘ස්නේහා’ ටෙලි සිත්තමේ අධ්‍යක්ෂවරයා වන්නේ ද කැලුම් පාලිත මහීරත්නය.තිලානි
|
CREATIVE
|
ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි ඕමාර් විසින් මෙහෙයවන ලද නවක ශිල්පීන් ශිල්පිනියන් ගේ හඬින් ගැයුණු ‘ස්වර මන්ධාර’ සංයුක්ත තැටිය මෙම මස 23 වැනිදා ඉරිදා පස්වරු 5.00 ට ශ්‍රීී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී දොරට වඩියි.එදින පැවැත්වෙන සංගීත සැදෑවේදී සත්සර මුසු කරන්නේ ප්‍රවීණ සංගීතවේදී කලාශූරී ස්ටැන්ලි ඕමාර් විසිනි. නිෂ්පාදක ගායන ශිල්පි ටෝනි මන්තාරායි.ප්‍රවීණ ජීව විද්‍යා දේශකවරයකු වන මහින්ද බණ්ඩාරනායක විසින් රචිත ගීත ඇතුළත් ‘නෞචලී’ සංයුක්ත තැටිය එළිදැක්වීම ලබන 21 වැනි දා පස්වරු 7.00 ට දෙහිවල එස්. ද. එස්. ජයසිංහ ශාලාවේදී සිදුකිරීමට නියමිතය රෝහණ වීරසිංහ, වික්ටර් රත්නායක, සෝමපාල රත්නායක, ජයන්ත රත්නායක, මිල්රෝයි ධර්මරත්න, සුරේශ් මාලියැද්ද, වැනි ප්‍රවීණ සංගීත වේදීන් මෙහි සංගීත නිර්මාණය සඳහා දායක වී ඇති අතර වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, ජයන්ත රත්නායක, නෙලූ අධිකාරී, සමන්ත පෙරේරා, ගයත්‍රී ඒකනායක යන ප්‍රවීණ හා නවක ගායක ගායිකාවන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර ගායනා කරන ගීතයක් ද මෙහි ඇතුළත් වේ. වසර 30 ක පමණ කාලයක් පුරා ජීව විද්‍යා දේශකවරයකු ලෙස කටයුතු කරන මහින්ද බණ්ඩාරනායක විද්‍යා විෂයයන් පිළිබඳ කෘති මෙන්ම සොබාදහම පිළිබඳ වූ කෘතීන් ගණනාවක් ද එළි දක්වා ඇති අතර ‘මායා මන්ත්‍රී’ නමින් නිෂ්පාදනය කළ ටෙලි වෘත්තාන්තය ඉදිරියේ දී පුංචි තිරයෙන් දිග හැරීමට නියමිතය.කලා කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘නෞචලී (ඕලු මල)’ සංයුක්ත තැටිය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගිවන ලෙස ඒ මහතා ඔබ සැමට ආරාධනා කර සිටියි. මහින්ද බණ්ඩාරනායක – 0771081440.
|
CREATIVE
|
කමල් චිත්‍රසේන ආයෙමත් ඇවිත්කෙලෙසද කිවමැන සිපගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ එදා මගේ පෙම්වතියේ අද ඔබ මනමාලිය වී මගේම මිතුරාගේ කෙලෙසද මම මල් කළඹ අරන් එන්නේ.....අනූව දශකයේ මැද භාගයේ දී ඔහු මෙසේ ගැයුවේය. ප්‍රේක්‍ෂක ආදරය නොමඳව දිනාගත් මේ ගීතය එකල අතිශය ජනපි‍්‍රය ගීතයක් වූ බව ඔබට අමුතුවෙන් සිහිපත් කරන්නට වුවමනා වෙන්නේ නැහැ. එසේම ඔහු මෙලෙසද ඔබ ඇමතුවා මතක ඇති.ඔබ සිත ළඟ මා බවුන් වඩන සඳ ඔබ නැත අද මා අසල රැඳී.....ඔහු කමල් චිත්‍රසේන. එදා ඔහු මෙලෙස ඔබ අමතන විට ගුවන් හමුදා නිලධාරියෙක්. ගුවන් හමුදා උපදේශකයකු ලෙස සේවය කරමින් සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඊගල් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයකු බවට පත්ව ඒ ඔස්සේ සංගීත ලොවේ දිගු ගමනක් ගිය ශිල්පියෙක්. මෙලෙස කාලයක් අතිශය ජනපි‍්‍රය ගායන ශිල්පියකු ලෙස කිරුළ දරාසිටි ඔහු ටික කාලයක් පසු වූයේ ක්ෂේත්‍රයෙන් මඳක් ඈත්වෙලා. නමුත් ප්‍රසංග වේදිකාවේ අඩුව පුරවාලමින් දැන් කමල් යළිත් ක්ෂේත්‍රයට පවිසිලා. ඔබ වෙනුවෙන් යළිත් ගීතයෙන් ආමන්ත්‍රණය කරන්න සූදානම්. පසුගිය කාලයේ ඇයි ඔහු දුරස් වුණේ? මොකක්ද සිදු වුණේ. අපි අහල බලමු කමල්ගෙන්ම.බොහොම කාලයකට පසුව තමයි මේ හමුවෙන්නේ?ඔව්, ඇත්තටම. ටික කාලයක් ක්ෂේත්‍රයෙන් දුරස්වෙලා සිටින්න සිදු වුණානේ.ඇත්තටම කමල් මොකද වුණේ?ගුවන් හමුදාවේ සේවය කරන අවධියේ දි තමයි මම ගායකයෙක් විදියට ක්ෂේත්‍රයට පිවිසුණේ. ‘කෙලෙසද කිවමැන’ ගීතය සමඟ ලැබුණු ජනපි‍්‍රයත්වය නිසා මට ප්‍රසංග වේදිකාවට විශාල ඉල්ලුමක් තිබුණා. ඒ සමඟින් මම ගුවන් හමුදා සේවයෙන් ඉවත් වෙලා පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වුණා. ඒ අතරතුර කාලයේදී මගේ බිරිඳ ශිරාණි රණසිංහ අසනීප වෙලා අපි අතරින් සදහටම සමුගත්තා. මගේ අම්මයි, තාත්තත් මේ කාලයේම නැති වුණා. මේ නිසා තමයි මට කලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා සිටින්න හේතු වුණේ. මට පුංචි දියණියක් ඉන්නවා. අයේෂා කුෂාණි චිත්‍රසේන. ඇයට දැන් වයස අවුරුදු අටක්. ඇයවත් බලාගෙන ඉන්න ගමන්ම මම යළිත් මගේ කලා කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.කාලයක් දුරස් වෙලා යළිත් පැමිණිවිට ලැබුණු ප්‍රතිචාර කොහොමද?ඇත්තටම ඒ කාලේ ‘කෙලෙසද කිවමැන’ ගීතය නිසා මට යන්න බැරි තරමටම සංදර්ශන ලැබුණා. දුර ඈත පළාත්වලින් පවා මාව කැඳවාගෙන යන්න කට්ටිය ආවා. එදා මගේ ගීතවලට ලැබුණු ඒ ප්‍රතිචාර අදටත් එලෙසමයි. ඉතාම ඉහළයි. ඒ වගේම රූපවාහිනී නාළිකා, ගුවන් විදුලි නාළිකා රැසක වැඩසටහන් වලටත් ආරාධනා ලැබුණා. ටික කලකට වේදිකාවෙන් දුරස් වුණත් ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය නම් ටිකක්වත් වෙනස් වෙලා නැහැ.‘ඔබෙ සිත ළඟ මා’, ‘කෙලෙසද කිව මැන’ වගේ ගීත ඉහළ ජනපි‍්‍රයත්වයක් ලද ගීත. මේ ගීත නව තාලයෙන් රිගිං ටෝන් සඳහා එකතු කරන්න අදහසක් නැද්ද?මගේ පැරැණි ගීත නව සංගීතයෙන් යුතුව යළිත් නිර්මාණය කළා. ඒ ගීත මගේ නවතම ගීත එකතුව ‘කෙලෙසද කිව මැන සිපගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ - ජනපි‍්‍රය ගී 18’ ගී තැටියේ අඩංගුයි. ඒ වගේම රිගිං ටෝන් සඳහා එක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.අලුත්ම ගීත එකතුවේ අලුත්ම ගීතත් ඇති?‘මගෙ පෙම්වතියට’, ‘සමුගත් මොහොතේ’, ‘මල් පිපෙන පැයේ’ යන නවතම ගීත තුනක් එහි ඇතුළත් වෙනවා. මල් පිපෙන පැයේ, මෝදිරම්ලා, සිතේ තිබෙන, උතුර දකුණ වැනි ගීත ඇතුළු තවත් ගීත එහි ඇතුළත්. නව තාලයෙන් මේ ගීත සියල්ලම ආදරණීය රසික ඔබට දැන් අහන්න පුළුවන්.ගත වූ කාලය තුළදී ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?කාලයකට පසුව යළිත් ප්‍රසංග වේදිකාවට නැංඟාම ලද ප්‍රතිචාරවලින් මම තවත් ධෛර්යවත් වුණා. ඇත්තටම සංගීත ක්ෂේත්‍රයේ මේ දක්වා දුරක් එන්න අවස්ථාව ලැබුණේ මගේ ගුරු පියාණන් වූ සනත් නන්දසිරි මහතා නිසා. ඒ වගේම මල්කාන්ති නන්දසිරි, පි‍්‍රයානන්ද විජේසුන්දර, විජේරත්න රණතුංග, මනෝජ් පීරිස්, මර්වින් බෙන්ස්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොහාන් ගුණතිලක, ගුවන් හමුදාපති එයාර්මාර්ෂල් හර්ෂ අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු උපකාර කළ හැමෝටම මේ අවස්ථාවේදී මම මගේ ගෞවරව පූර්වක ස්තුතිය පිරිනමනවා.ඉදිරි නිර්මාණ ගැනත් සටහනක් තබමු?ඉදිරියේ දී ශාස්ත්‍රීය ගීත ඇතුළත් ගී තැටියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අලුත්ම ගීත දැන් නිර්මාණය කරගෙන යනවා. ඒ තුළින් අලංකාර ගීත එකතුවක් ආදරණීය රසික ඔබට ළඟදීම තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.කමල්ගේ ආගමනයට 0772012310 දුරකථන අංකයෙන් ඔබට සුබ පතන්න පුළුවන්.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
වැහිබර සීතල නත්තල් මාසය උදා වූවා පමණි. ඒ දෙසැම්බරයේ හතර වැනිදාය. හිරිගඩු පිපෙන සීතල සමඟින් උදා වූ දවස අන්ධකාර වැහිබර පාළු බවකින් වැසී ගිහින්ය. මේ පාළු බව අතරින් උදෑසනම කාර්යාලයෙන් අසන්නට ලැබුණේ ශෝකජනක පුවතක්ය. ඒ සිංහල සිනමාවට සිටි දක්ෂ සංස්කරණ ශිල්පියකුගේ අභාවය පිළිබඳ පුවතය. ඒ ඩෙන්සිල් ජයවීරය. මේ අති දක්ෂ නිර්මාණශීලී සංස්කරණ ශිල්පියා 1948 ඔක්තෝබර් විසිහත් වැනිදා උපත ලැබුවේ කලා පසුබිමක් ඇති පවුලක පිරිමි දරුවකු ලෙසින්ය. හැටේ දශකයේ සිටි රංගන ශිල්පිනියක වූ ලලිතා අල්මේදා ඔහුගේ සිනමා ගමනට අඩිතාලම දැමුවේ හැඳල විජය චිත්‍රාගාරයට ඔහුව කැටුව යාමත් සමඟිනි. ඒ 1969 ජුනි 29 දිනයි. ඒ වන විට විසි එක් හැවිරිදි වියෙහි පසු වූ ඩෙන්සිල්ගේ මුල්ම රැකියාව වූයේ රජයේ මුද්‍රණ ආයතනයෙහි පොත් බඳින්නකු ලෙසය.තම වැඩිමහල් සොයුරියගේ මඟ පෙන්වීමෙන් හැඳල විජය චිත්‍රාගාරයට නිතර ආ ගිය ඩෙන්සිල් තරුණයා දෙස විමසිල්ලෙන් සිටි එවකට දක්ෂ සංස්කරණ ශිල්පියකුව සිටි ජයතිස්ස දිල්ලිමුණිගේ මඟ පෙන්වීමෙන් රජයේ මුද්‍රණාලයට ආයුබෝවන් කී ඩෙන්සිල් සහාය සංස්කරණ ශිල්පියකු ලෙස චිත්‍රපට කර්මාන්තයට අත්පොත් තැබුවේය. ඒ ජයතිස්ස දිල්ලිමුණිගේ සහායකයා ලෙසිනි. සැලකිය යුතු කාලයක් චිත්‍රපට තිහකට වැඩි ප්‍රමාණයක සහාය සංස්කරණ ශිල්පියා වූ ඩෙන්සිල්, මද කලක් සංස්කරණ කාර්යයෙන් මිදී නිවෙසේ ගත කළේ කාර්යබහුල ජිවිතයෙන් මිදෙන්නට සිතාගෙනය.1973 දී නැවත සහාය සංස්කරණ ශිල්පියා වෙනුවට කඳපොළ කුමාරතුංග ගේ ‘දයාබර නිලු’ චිත්‍රපටයේ ප්‍රධාන සංස්කරණ ශිල්පියා වෙමින් තම සුපුරුදු රැකියාවට එක් විය. සත්කුළු පව්ව, පාරමිතා, මැණික් මාළිගා, දූ දරුවෝ, චෙරියෝ කැප්ටන්, චෙරියෝ සාජන්ට්, ලව් 94, සැලමුතු පින්න, පාර්ලිමන්ට් ජෝක්ස්, ඉට්ස් මැටර් ඔෆ් ලව් ඇතුළු චිත්‍රපට 50 කට වැඩි ගණනක සංස්කරණ ශිල්පියා වෙමින් ලාංකේය සිනමාවට අනුපමේය සේවයක් ඉටු කළේය.මේ සියලු කටයුතු කෙරෙන අතරතුරදී රෙදිපිළි සම්බන්ධයෙන් ව්‍යාපාර ආයතනයක් ආරම්භ කරන ලද්දේ ඔහුගේ සෙනෙහෙබර බිරිඳ දයා ජයවීරගේ නොමඳ සහාය ලබා ගනිමිනි.සංස්කරණ ශිල්පයට මඳ ඉසිඹුවක් ලබා දුන් ඩෙන්සිල් පසුගිය වසරේ මාර්තු 9 වැනිදා ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටය පාදක කර ගනිමින් ‘අහංකාර ස්ත්‍රී’ නමින් ටෙලි වෘත්තාන්තයක් ද අධ්‍යක්ෂණය කළේය. වසර ගණනක් සිනමාවේ ලද අත්දැකීම් එම ටෙලි නාට්‍යයට මුසු කිරීමට ඩෙන්සිල් අමතක නොකළේය.සිනමාවේ හා පුංචි තිරයේ කලා කටයුතුවල නිරත වුව ද ඩෙන්සිල්ගේ ආදරණීය දියණියන් වූ දිල්ෂානි සහ ෂර්මිලා දෙදෙනාට පිය සෙනෙහස නොඅඩුව ලබා දෙමින් සෙනෙහෙබර පියකුගේ වගකීම ද මැනවින් ඉටු කළේය.පසුගිය ඔක්තෝබර් මස 27 වැනිදා ජීවන මගේ 65 වැනි උපන් දිනය සැමරූ ඩෙන්සිල් තම සෙනෙහෙබර බිරිඳ, දියණියන් හැර දමා නිවන් සුව සොයා ගොසින්ය. විටෙක දයාබර කලාකරුවකු ද, විටෙක සෙනෙහෙබර සැමියකු ද, විටෙක තම දියණියන්ට ආදරබර පියකු ද වූ ඩෙන්සිල් කලා ලොවේ කාටත් හිත හොඳ මිනිසකු විය.වසර ගණනාවක් තුළ තම ජීවිතයෙන් උසස් මානුෂීය හැඟීම් පළ කළ මේ අපූරු කලාකරුවා විටෙක සරසවියට ද ගොඩ වූයේ ඔහුගේ ටෙලි වෘත්තාන්තයේ තතු කියන්නටය.ඩෙන්සිල් ජයවීර නම් වූ ඔහුගේ එකම අධ්‍යක්ෂණය වූ අහංකාර ස්ත්‍රී ටෙලි නාට්‍යය තවම විකාශය නොවුව ද ඔහුගේ ගුණ සුවඳ ඒ තුළ රැඳී ඇතිවාට සැක නැතිය.මල් පූදින්නේ පරවන්නටය. නමුත් පිපුණු මල සුවඳ විහිඳුවා පර වී යන විට දැනෙන හැඟීම අප කාටත් අමතක කළ නොහැකිය. එසේම සිනමා ක්ෂේත්‍රයේ සුවඳ විහිදුවා පරව යන ඩෙන්සිල් ජයවීර නම් වූ මල සිනමාලෝලී අප කාටත් මතක ඉතිරි කරන සුවඳක් වේවි.අංක 79/12, 14 වැනි පටුමග, නියඳගල, පන්නිපිටිය පිහිටි නිවෙසින් පසුගිය සෙනසුරාදා මුළු ලොව තනිකර ගිය ඩෙන්සිල් ජයවීර සහෘදයාණෙනි, සොඳුරු කලාකරුවාණෙනි, ඔබට සරසවිය නිවන් සුව පතමු.සටහන - සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
සුරේශ් ‘සිහින මනමාලී’ ගෙනාවේ නැද්ද? රසිකාවියන්ගෙන් පැනයක්මුතුකැට වන් පිනි කැට, දිලිසෙන හිමිදිරි උදෑසන, අනුරාධපුර සිට කොළඹ බලා එන රජරට රැජිනි දුම්රියේ ආ සුන්දර තරුණිය සරසවිය ඡායාරූපගාරයට පිවිසුණා. ඇය නමින් වර්ෂා. ඊට ටික මොහොතකට පසු කුරුවිට සිට තම පියා සමඟ පැමිණි රසිකා ද, ගම්පහ සිට පැමිණි ශිරන්ති ද සරසවිය ඡායාරූපාගාරයට පැමිණියේ මහත් උද්යෝගයෙන්. මේ තිදෙනා ආගිය තොරතුරු විමසමින් දෑස් දල්වාගෙන බලා සිටින්නේ තමන් ආදරය කරන කෙනකු පැමිණෙන තුරුයි. මේ අතරවාරයේ තවත් අමුත්තෙක් සහ අමුත්තියක් ද සරසවිය ඡායාරූපාගාරයට පැමිණියා. ඒ සරසවිය පැරණි රසික හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ සහ පිළියන්දල මනෝරියි.මේ පිරිස ආසාවෙන්, බලාපොරාත්තු සහගත බැල්මෙන් බලා සිටින්නේ තමන්ගේ හද දිනාගත් කලා තරුව පැමිණෙන තුරුයි.තරු මිහිර,රසවත් කරමින්, ගයන්නට, නටන්නට හා රඟන්නට උපන් හපන්කම් දක්වන රංගන ශිල්පී ගායන ශිල්පී හා නර්තන ශිල්පී සුරේශ් ගම්ගේ එකවරම සරසවිය ඡායාරූපාගාරයට ඇතුළු වූවා.මනෝරිගේ උණුසුම් පිළිගැනීමෙන් පසු අන් සියල්ලෝම අතට අත දී ඔවුනොවුන් හඳුනා ගත්තා.සුරේශ් අනේ ‘සිහින මනමාලී’ තවම කැන්දන් ආවේ නැද්ද? සුරේශ් ආ විගසම පැනය මනෝරිගෙන්.තවම හිතට ගැළැපෙන කෙනක් හමුවුණේ නෑනේ.එහෙනම් අර පහුගිය දවස්වල ඔයා මැරි කළා කියලා නිව්ස් ගියේ? දඟකාර විදියට ප්‍රශ්න කළේ ශිරන්තියි.අනේ නැහැ. ඒ මේ ළඟදී ෂූට් කරපු ෆිල්ම් එකක සීන් එකක්. ඒකේ හැටියට මම කසාද බඳිනවා. ඉතින් ඒක තමයි ඔය වැරැදි විදියට ප්‍රචාරය වෙලා තියෙන්නේ. ඒක එරංග සේනාරත්න අලුතින් නිර්මාණය කරපු චිත්‍රපටයක්.හරි දැන් ඔයාට ප්‍රේමවන්තියක්වත් නැද්ද?වර්ෂාගේ හිතේ මෙතෙක් වේලා පැවැති ප්‍රශ්නය සුරේශ්ට යොමු කළා.මෙහෙමයි විවිධ කාලවල පෙම්වතියන් නම් හිටියා. නමුත් මේ කාලේ නම් නැහැ කියලා තමයි උත්තර දෙන්න වෙන්නේ.ඔයාලට මේ සුරේශ් ගැන ඔච්චරම දැනගන්න ඕනෑ වෙලා තියෙන්නේ තවමත් මෙයාලා තරුණ වයසේ නිසා නේද? ඒ ප්‍රකාශය ලක්ෂ්මන් රණසිංහගෙන්.අද අපට නටන්න, ගයන්න, රඟන්න පුළුවන්නේ, අනේ සුරේශ් ඔයාගේ ‘සිහින මනමාලී’ ගැන කියන ගීතය කියමුකෝ? ඒ ඇරයුම මනෝරිගෙන් සහ රසිකාගෙන්.සිහින මනමාලි ඔබ ගාව ඉන්නේ . . . කියමින් ඉතාම හැගුම්බරව සහ රසවත්ව සුරේශ්් මිහිරි හඬින් ගීතය ගයද්දී සියල්ලෝම තාලයට අනුව අත්පොළසන් දෙන්න අමතක කළේ නැහැ.ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ? ඒ ඉල්ලීම රසිකාගෙන්.මගේ පවුලේ අක්කලා දෙන්නයි මමයි, අම්මයි ඉන්නේ. තාත්තා සහ මගේ එක් අක්ක කෙනෙක් ජීවතුන් අතර නැහැ. සුරේශ් එසේ පවසන විට නම් හැඟීම්බර කඳුලක් නෙත් අගට උනනවා හැමෝම දුටුවා.කතාව වෙනතකට යොමු කරමින් මනෝරි හා ලක්ෂ්මන් ශිරන්තිට ගීතයක් ගයන්න ආරාධනා කළා.ආරාධනාව ඉහළින් පිළිගත් ශිරන්ති ‘සඳ සිසිලේ මේ රෑ’ ගීතය සුරේශ් වෙනුවෙන් රසවත්ව ගායනය කළා.මේ සියල්ල දෙස නිහඬව බලා සිටි වර්ෂා සුරේෂ්ට නර්තනයකට ආරාධනා කළා.‘එහෙනම් අපි ඔක්කොම නටමු’ නැවත ආරාධනය සුරේශ්ගෙන්.එතකොට සිංදුව කියන්නේ කවුද?‘මම සිංදුව කියමින් නටන්නම්’ කියූ සුරේශ් හැමෝම සමඟ හිම රේණු වැටෙනා ගීතය ගයමින් නැටුවේ සියල්ලන්ගේම ඉල්ලීම් ඉටු කරමින්.සුරේශ් මේ දිනවල මොනවද කරන්නේ? ලක්ෂ්මන්ගෙන් තවත් පැනයක්.මේ දවස්වල නම් නුවරඑළිය පැත්තේ අලුත් ටෙලි නාට්‍යයක් ෂූටිං කරනවා. තව ඉතින් සංගීත සංදර්ශනවලට සහභාගී වෙනවා.මෙගා නාට්‍ය ගැන ඔයා මොකද හිතන්නේ? වර්ෂාගෙන් නැවතත් පැනයක්.මෙහෙමයි, මට ටෙලි නාට්‍ය දිගු ද කෙටි ද කියන එකට වඩා එහි නිර්මාණශීලී, ගුණාත්මකභාවය තමයි වැදගත්. එය ගුණාත්මකභාවයෙන් ඉහළ නම්, අපිට යම්කිසි නිර්මාණාත්මක දායකවීමක් ඒ සඳහා දරන්න හැකි නම් ඒක තමයි ඒ නිර්මාණයේ හොඳකම.ඔයාගේ උපන් දිනය කවදද?අප්‍රේල් 4. මේ සතියේනේ.හානේ මේ කේක් ගෙනත් කවුරු ගානේද? කේක් මගේ ගානේ - සුරේශ් හැමෝටම කේක් කැවුවා.ලක්ෂ්මන් සහ රසිකා ගෙනා තෑගි සුරේශ් වෙත ලබා දුන්නා.පෙරලා සුරේශ් ඔහුගේ සිහින මනමාලි සංයුක්ත තැටිය ද හැමෝටම ලබා දුන්නේ තමන්ගේ සමරු අත්සනින්ද යුතුවයි.හැමදාමත් තරු මිහිරේ වාසනාවන්ත ත්‍යාග අනුග්‍රාහකයා වන ලක් සළුසල වෙතින් ලබා දෙන ත්‍යාග ද සුරේශ්ගේ සුරතින් තම ආදරණීය රසික පිරිස වෙත ලබා දුන්නේ උතුරා යන සෙනෙහසක්ද පිරිනමමින්.නියමිත වෙලාවට පැමිණ සතුටු සිනා මැද ගලා ගිය සුන්දර හෝරා දෙකක නිමාව ක්‍රම ක්‍රමයෙන් ළං වුණා. සියල්ලන්ම සිප වැළඳ ගැනීමෙන් පසු ඔවුනොවුන් යළිත් හමුවන පැතුමෙන් යුතුව සුරේශ්ගේ ආගමනයෙන් හැඩ වූ තරු මිහිරක මතක පත්ඉරු මත සඟවමින් සමු දුන්නා.සටහන - සංජීව සම්පත් බාලසූරියසේයා - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
කලා හැකියාවන් තිබුණත් ඒ හැමෝටම කලා අංශයට යොමු වෙන්න වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ නිසාම විවිධ අංශ කරා ඔවුන් යොමු වෙන්නේ රාජකාරි මට්ටමෙන්. නමුත් අද වන විට කලා අංශයේ හැකියාවන් පෙන්වන්න හැමෝටම දොරටු විවර වෙලා තියෙනවා. විදෙස් ගතවෙලා ඉන්න අපේ රටේ සොයුරු සොයුරියන්ගේ කලා හැකියාවන් පෙන්වන්න ඉදි කළ වේදිකාව ‘රටවිරු රියල් ස්ටාර්’ වැඩසටහනයි. මේ එහිදී තම දක්ෂතා පෙන් වූ රටවිරුවන් කිහිප දෙනෙක්.සීනි මෝදර වාදරම්ගේ නීල් උපතින්ම ගායන හැකියාව උරුම කර ගත් රට විරුවෙක්. සහෝදරියන් දෙදෙනකු සහ එක් සහෝදරයකුගෙන් යුතුª පවුලේ දෙවැනියා වූ නීල් විදෙස් සේවයට යොමු වෙලා තියෙන්නේ 2011 වසරේදී.මීළඟට රටවිරු වේදිකාව ගීතවත් කළේ නයනී චන්ද්‍රිකා. පාසල් වියේ සිටම ගායනයට යොමු වු නයනී තම පවුලේ ආර්ථිකය යහපත් කරන්න කුවේට් හි විදෙස් සේවයට එක් වෙලා තියෙන්නේ 2011 වසරේදී.පුංචි කාලේ සිටම හීනයක් වෙලා තිබුණ ගායන හැකියාව පෙන්වන සිහිනය සැබෑ කර ගන්න රටවිරු රියල් ස්ටාර් වේදිකාවෙන් පුෂ්පා අයිරාංගනීටත් අවස්ථාවක් ලැබිලා. සහෝදරයන් හතර දෙනකු සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුතු පවුලක සාමාජිකාවක වන අයිරාංගනී දියණියන් දෙදෙනකුගේ මවක්.ලක්සා මැදගොඩගේ රටවිරු රියල් ස්ටාර් වේදිකාව ගීතවත් කළ තවත් තාරුකාවක්. වසර 14 ක පමණ සිට විදෙස් සේවයේ යෙදෙන ඇයට ගායන හැකියාවන් ඔප් නංවාගෙන තියෙන්නේ පාසල් අවදියේමයි.රටවිරු රියල් ස්ටාර් වේදිකාවට මීළඟට වරම් ලැබුණේ මනෝජ් සාරංග නානායක්කාරට. මවත්, පියාත් කුවේට් හි සේවයේ නිරතව සිටීම නිසා මනෝජ් ඉපදිලා හැදුණේ වැඩුණෙත් කුවේට්හිදීමයි. සංගීත අංශයට යොමුවෙලා තියෙන්නේ ගීත ශ්‍රවණය කර ඒ තුළින් ඇති වූ ආශාව නිසාමය.කුවේට් හි කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන තුවන් සගලහන් රටවිරු රියල් ස්ටාර් වේදිකාව ගිතවත් කළ තවත් තරුවක්. පුතුන් දෙදෙනකු සහ දියණියකගේ පියකු වන තුවාන් ගායනයට යොමු වෙලා තියෙන්නේ පාසල් අවදියේදීමයි. යතේජා ඥානරත්න
|
CREATIVE
|
විසැක් කමලාව රස පහස නොවිඳ මා දසිස් දම් පොරණ ඇස දුට පමණවමා වෙසෙස් නුඹේ අමයුරු පහසලත් තෙමා මහිස් එකක් ගියේ නම් නුඹේ නමට කිමාදස්කොන්- ප්‍රමිලා කියන්නේ අමරණීය පෙම් යුවළක්. දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා දේවියගේ රහසිගත ප්‍රේමය ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට සැලවීමෙන් පසු හිස ගසා දමන්නට ගෙන යන විට දස්කොන් කියූ කවිය තමයි මේ. මේ ඉතිහාසගත ප්‍රේම කතාව අපේ හෙළ සිනමා සිත්තමක් ලෙස ද නිර්මාණය කෙරුණා. මේ එහි දස්කොන් අදිකාරම්ගේ හිස ගසා දමන්නට සැරසෙන මොහොත කැමරා කාචයට හසු වූ ආකාරයයි. 1962 වසරේදී තිරගත වූ දස්කොන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ උපාලි වනසිංහ. දස්කොන්ට රඟපෑවේ කිත්සිරි පෙරේරා.මේ විවාහය චාම් විදියට සිදු කෙරුණ එකක්. මනාල යුවළ හරිම සරල විදියට තමයි සැරසිලා හිටියේ. මේ කවුද කියලා ඔබට හඳුනා ගන්නට පුළුවන්ද? මෙහි පෙනී සිටින්නේ ටෝනි රණසිංහ සමඟින් නීටා ප්‍රනාන්දු. මේ දෙන්නා මේ අයුරින් විවාහ දිවියට පිවිසියේ ටී. අර්ජුන් අධ්‍යක්ෂණය කළ ‘කලියුග කාලේ’ චිත්‍රපටයේදී. 1975 වසරේදී තමයි එය තිරගත වුණේ. මීට පෙර 1974 වසරේදී මෙහි දෙමළ පිටපත ‘කලියුග කාලම්’ නමින් තිරගත කෙරුණා.පාඨක ඔබ ළඟත් මෙවැනි වූ සොදුරු මතක සටහන් තිබේ නම් ඒවා තවත් අමරණීය මතකයන් බවට පත් කිරීමට සරසවියට එවන්න. එවිට ඒ මතක ඔබ අප කා අතරත් සුන්දර මතකයන් ලෙස රැඳෙනු ඇත.
|
CREATIVE
|
රංගන ශිල්පීජයරත්න ගලගෙදරසවර්ණවාහිනියේ “පරා වළලු” ටෙලි නාට්‍යයේ ලොකු සර්ගේ චරිතයට පණ පොවනවා. ඒක මේ දවස්වල කතාබහට ලක්වෙන චරිතයක්.ඊට අමතරව හඬ කැවීම් කිහිපයකට සම්බන්ධ වුණා. චිත්‍රපටි දෙකකටත් සහභාගී වුණා. රැකියාවක් කරන ගමන් කලා කටයුතු කරන නිසා බොහෝ ඉල්ලීම් තිබුණත් මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.
|
CREATIVE
|
සංගීතඥමොහන්රාජ් මුත්තුසාමිමේ සතියේදී මට චිත්‍රපටයක සංගීත කටයුත්තක් වෙනුවෙන් ඉන්දියාවට යන්න යෙදිලා තියෙනවා. මේ මාසයම මට සුවිශේෂ මාසයක්.පසුගිය සතියේ අපේ විවාහ සංවත්සරය යෙදිලා තිබුණා. එදින හිත මිතුරන් හැමෝගෙන්ම සුබපැතුම් ලැබුණා. මේ සතියේ මගේ උපන් දිනය යෙදිලා තියෙනවා. එදාටත් මගේ පුතයි දුවයි මාව පුදුමයට පත් කරාවි.
|
CREATIVE
|
අපේ රටේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් ප්‍රථම වතාවට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියලා ආරංචියි. ඒ සඳහා රංගනයෙන් දායක වෙන්නෙත් තවත් විශිෂ්ට රංගධරයෙක්. සම්මානනීය වන්නට නිර්දේශිත විශේෂ වූ නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කෙරෙන්නෙත් කියලා ආරංචි වුණාම කොහොම හරි අපිත් මේ තොරතුරු හොයා ගත්තත් අධ්‍යක්ෂවරයා නම් කිව්වේ දැන්මම මේ ආරංචිය ප්‍රසිද්ධ කරන්න එපා කියලා. ඒ නිසා අපි ඔහුට තව විස්තර හෙළි නොකරන්න පොරොන්දු වුණා. කොහොම වුණත් ඉදිරියේදී මේ චිත්‍රපටය ඔබට නරඹන්න අවස්ථාව ලැබේවි.
|
CREATIVE
|
සුනිල් ටී. ප්‍රනාන්දු සහ සනත් අබේසේකර පළමුවරට එක් වී නිර්මාණය කෙරෙන දැවැන්ත ඓතිහාසික සිනමාපටයක වැඩ කටයුතුª අද ගංගාරාම විහාරයේ පැවැත් වූ මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ විය.මහරජ අජාසත්ත නම් වූ එය සුනිල් ටී. ප්‍රනාන්දුගේ පණස් හත්වන සිනමා නිෂ්පාදනය වන අතර මද්දුම බණ්ඩාරගෙන් අනතුරුව ඔහු නිෂ්පාදනය කරන දෙවැනි ඓතිහාසික සිනමා නිර්මාණය වේ.මහින්දාගමනය, සිරි දළදාගමනය, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර මහරජ අජාසත්ත අධ්‍යක්ෂණය කරනු ලබයි. මෙය ඔහුගේ සිව්වැනි අධ්‍යක්ෂණය වේ.මහරජ අජාසත්ත හී චරිතයන්හී නළු නිළියන් මෙසේය. බිම්බිසාර රජ ලෙස ජීවන් කුමාරණතුංග, කේමා දේවිය ලෙස සබීතා පෙරේරා, අජාසත්ත කුමරු ලෙස ගයාන් වික්‍රමතිලක, උදායිභද්‍රා කුමරිය ලෙස හෂිනි ගෝනගල, දේවදත්ත ලෙස කමල් දේශප්‍රිය.සෙසු චරිත රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, රොබින් ප්‍රනාන්දු, ජී. ආර්. පෙරෙරා, ඥාාණාංග ගුණවර්ධන, ජයනි සේනානායක, සංජය අමරසිංහ රඟනු ලබයි.මහරජ අජාසත්ත හි ලකී ආතවුදගේ සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරයි. ඇඳුම් සහ පසුතල නිර්මාණය හීනටිගල ප්‍රේමදාසගෙනි. සමීර මධු කිඳෙල්පිටියගේ අංග රචනයකි. තිලක් කුමාර කැමරාව මෙහෙයවයි. නිෂ්පාදන කෘත්‍යාධිකාරී ලෙස සුනිල් ධර්මසිරි සිටියි. සංගීතය සෝමපාල රත්නායකගෙන්. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂවරයාය.මහරජ අජාසත්ත හි රූගත කිරීම ළඟදීම ඇරැඹෙනු ඇත.- ප්‍රසාද්
|
CREATIVE
|
නාරම්මල ප්‍රාදේශීය ලේකම් රේණුකා සුදර්ශනී මල්ලිකාරච්චි විසින් රචිත සිහිනයක දොරකඩ කාව්‍ය සංග්‍රහය මෙම මස 03 වැනි දින සවස 2.00 ට කුරුණෑගල නගර ශාලාවේදී එළි දැක්වේ.වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බළල්ල මහතා මෙහි මුලසුන හොබවන අතර ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ සහ මහින්ද චන්ද්‍රසේකර ප්‍රධාන දෙසුම් පැවැත්වීමට නියමිතය.මෙම අවස්ථාව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ කුරුණෑගල ශාඛාවේ සංවිධානයකි.සමන් පුෂ්පා ගුණසේකර විසින් රචිත ‘ආදරී’ නවකතාව දැන් නිකුත් වී ඇත.අලුත් බලාපොරොත්තුවක්, කුණාටුවේ අනාථයෝ, යුද්ධයෙන් දවාලූ ස්ත්‍රිය, යසෝමා සහ මීනා, සඳුන් රුක, අභිරහස් අශ්වයා, හේඩී, බෙනාසීර් භූතෝ සහ රවීන්ද්‍රනාත් තාගෝර් චරිත කතාව ඇතුළු කෘති රැසක් ඇය විසින් රචනාකර තිබේ.ලේක්හවුස් මාධ්‍යවේදී චන්ද්‍ර ශ්‍රී විසින් ගීතවත් කරන ‘ශ්‍රී ගීත්’ තලාත් මෙහෙමුද් අනුස්මරණ ගීත ප්‍රසංගය මැයි 09 වැනිදා කොළඹ 07, ඉන්දියානු සංස්කෘතික ආයතනයේදී පැවැත්වේ.පැරැණි ගීත රසික සංසදය ඉදිරිපත් කරන මෙම ප්‍රසංගයේ සංගීතය ප්‍රවීණ සංගීතවේදී ගාමිණී පෙරේරා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය විසිනි. උත්තර භාරතීය සංගීතයෙන් රසික හදවත් දිනාගත් ගායක තලාත් මෙහෙමුද් අනුස්මරණය කරමින් මෙම ප්‍රසංගය පැවැත්වේ.චන්ද්‍ර ශ්‍රී ලේක්හවුස් ආයතනයේ සිළුමිණ රසඳුන කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරයි.– යතේජා
|
CREATIVE
|
වේදිකාවෙන් සිය රංගන ගමන අරඹන ධම්මිකා දමයන්ති රඟපෑමට බෙහෙවින් ආදරය කරන්නියකි. 1986 වසරෙහි අතුල ජයවර්ධනගේ ‘පරිත්‍යාගය’ වේදිකා නාට්‍යයෙහි කළ රඟපෑම ඇයට රංගනයට පිවිසීමට පාර කිව්වද, රංගන වෘත්තියට සිය මවගේ හා පියාගේ තිබූ අකැමැත්ත ඈව රංගනයෙන් ඈත් කළාය. රංගනයට පිවිසීමේ සොඳුරු කැමැත්ත යටි සිතෙහි රෝපණය කරමින් සිටි ඇය නැවතත් රංනයට පිවිසෙන්නේ විවාහයෙන් පසුවය.ඒ ‘විදර්ශනා’ නම් පෝය ටෙලි නාට්‍ය මාලාවෙනි. එතැන් පටන් සිය රංගන ගමන අරඹන ඕ දයාරත්න රටගෙදරගේ ‘සිත නිවන කතා’ නම් පෝය ටෙලි නාට්‍ය මාලාවට සම්බන්ධ වන්නීය. ඊට පසුව ආටක නාටක, කෝපි කඩේ, මුතු පිහාටු, බාඳුරා දේශය ආදී නිර්මාණ ඔස්සේ සිය රංගන දක්ෂතා විදහා දක්වන ධම්මිකා දමයන්ති, කුසුම් චන්ද්‍ර ගමගේ අධ්‍යක්ෂණය කළ ‘මායා රාත්‍රිය’ චිත්‍රපටයේ රඟමින් රිදී තිරයට ද පිවිසෙයි.මේ දිනවල විකාශය වන ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යයෙහි ද රඟපෑ ධම්මිකා දමයන්තිගේ අදහස රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ දිගින් දිගටම රැඳී සිටිමින් රංගනයෙහි නිරතවීමයි. රංගනයට අමතරව ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස ද කටයුතුª කරන්නීය.- තිලානි ශානිකා
|
CREATIVE
|
නිලේන්ද්‍ර දේශපි‍්‍රය ගේ කුලුඳුල් සිනමා නිර්මාණය තන්හා රතී රඟා නවදිල්ලියේ දාදා සහාබ් පාල්කේ සම්මාන උළෙලේදී හොඳම සිනමා කෘතියට හිමි සම්මානය දිනා ගනියි. එය සම්මානයට පාත්‍ර වුයේ ඉන්දියාව, ඉතාලිය, වියට්නාමය, පෝලන්තය, ආදී රටවල් ගණනාවක සිනමාපට අබිබවා යමිනි. එම උළෙලේ සෙසු සම්මානයන් මෙසේය.හොඳම අධ්‍යක්‍ෂ – ආනන්ද් එල්. රායි (ඉන්දියාව) චිත්‍රපටය රන්ජනා.හොඳම අධ්‍යක්‍ෂ ජූරියේ විශේෂ සම්මාන - සිද්ධාර්ථ සිවා (මැලේසියාව) චිත්‍රපටය සහීර්.හොඳම කැමරාකරණය – ඒ වසන්ත් (කාෆ්රෝ කීනමාස් ඉන්දියාව)හොඳම සංස්කරණය –ඉන්නොමින් සැටාන් (ඉතාලි)හොඳම තිර රචනය - සුභාෂ් කපූර් (ජොලි එල්. එල්.බී. ඉන්දියාව)හොඳම දෘෂ්‍ය ප්‍රයෝග – රාජ්නිදි මෞරු ක්‍රිෂ්ණා(ගෝ ගෝවා ගෝල් - ඉන්දියාව)හොඳම සංගීතය - සංජය ලීලාබන්සාලි (රාම්ලීලා, ඉන්දියාව)හොඳම නළුවා - ආලෝක් චතුර්වෙදී (කාෆිරොන් කී නමාස්,ඉන්දියාව)හොඳම නිළිය –බර්තා මදන් (සර්කාබ් , ඉන්දියාව)හොඳම සහාය නළුවා - මොහාමිඩ් සිෂාන්(රාන්ජ්නා, ඉන්දියාව)හොඳම සහාය නිළිය -සුප්‍රියා පතාකි (රාම්ලීලා, ඉන්දියාව)උළෙලේ ඇගයීම් සම්මාන :ග්‍රේබියෙල් (පෝලන්තය) අධ්‍යක්ෂණය මිකොලාජ් හරිරව්ස්කිකියෝන්ඔන් ස්ප්‍රිංග් (වියට්නාමය) අධ්‍යක්ෂණය, ලෝ මා ගෝ
|
CREATIVE
|
සඳරුවන් ජයවික්‍රමගේ රන් සමනළයෝ ටෙලි සිතුවමට ඇතුළත් වුණා ‘හිරිමල් හිනාවක’ නම් වූ ගීතයක්. නාට්‍ය විකාශය වන වකවානුව අතරතුරදී මෙන්ම වර්තමානයේද එම ගීතය හරිම ජනප්‍රියයි. ‘හිරිමල් හිනාවක’ සඳහා හඬ මුසු කොට ඇත්තේ නිමේෂා ගමගේ. ඇය ගායිකාවක ලෙස කලඑළියට ආවේ එය සමඟින්. මේ වන විට නිමේෂා තවත් ගීත කිහිපයක්ම දෝත දරා ගනිමින් ක්ෂේත්‍රයේ තවත් දුර ඇවිත්. ඉතිං ඇයත් එක්ක දැන් ටිකක් කතා කර බලමු.නිමේෂා ‘හිරිමල් හිනාවක’ රන් සමනළයෝ වෙනුවෙන්ම නිර්මාණය වූ ගීයක් නෙවෙයි නේද? ඔබව කෙටියෙන් හඳුන්වා දෙන ගමන්ම මං කැමැතියි ඒ ගැන දැනගන්න.සංගීතයට මාව යොමු කළේ මගේ පියා. ඔහු මුතුහර, උදාර වැනි වැඩසටහන්වලට ගායනයෙන් සහ වාදනයෙන් දායක වීමට පාසල් අවධියේ සිටම මා යොමු කළා. ඔය කාල වකවානුවලදීම විවිධ වූ සංගීත වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මේ අතර වාරයේදී මා දැඩිව කම්පනයට පත්කළ සිද්ධියක් වුණා. ඒ මගේ පියාගේ මිය යෑම.ඊට පසු ඉස්සර තරම් නැතත් මං සංගීත කටයුතුවල නියැලුණා. ඒ සෑම අවස්ථාවකදීම ගැයුවේ අනුන්ගේ ගීත.විවාහයෙන් අනතුරුව මං සැමියා සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. වර්තමානයේ පදිංචිය එහේ. පසුගිය දෙසැම්බරයේ නිවාඩුවකට ලංකාවට ආවා. එතකොට තමයි හිතුණේ මගේම කියලා සිංදුවක් කළොත් හොඳයි කියලා. එහෙම හිතාගෙන නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේ හමු වුණා. ඔහු මට රචිතා වාකිෂ්ඨ ලියූ ගීතයකට සංගීතය යොදලා මට දුන්නා. ඒක තමයි හිරිමල් හිනාවක’.මගේ මහත්තයා නීල් ගමගේ ගේ යාළුවෙක් සඳරුවන් ජයවික්‍රම. ඔහුට අපි මේ ගීතය අහන්න දුන්නා. සඳරුවන් බොහොම ඕනෑකමින් රන් සමනළයෝ නාට්‍යයට ඉල්ලා ගත්තා. මේ ගීතය කොච්චර ජනප්‍රිය වුණාදැයි කිව්වොත් අයි. ටී. එන්. එකේ ‘හීන හතක්’ වැඩ සටහනෙන් පළමු ස්ථානය දිනා ගන්නටත් හැකියාව ලැබුණා.රන් සමනළයෝ නැතිනම් හිරිමල් හිනාවක මෙතරම් ජනප්‍රිය නොවන්නට ඉඩ තිබුණා?ඔව්, මමත් විශ්වාස කරනවා රන් සමනළයෝ නිසා ‘හිරිමල් හිනාවක’ ගොඩක් ජනප්‍රිය වුණයි කියලා.ඔබ සංගීතය හදාරා තිබෙනවාද?මගේ පළමු ගුරුවරයා වුණේ මගේ පියා. පසුව ගුරුවරු කිහිප දෙනෙකුගෙන්ම සංගීතය හැදෑරුවා. සුජාතා අත්තනායක, විශාරද නන්දා මාලිනී, බී. වික්ටර් පෙරේරා යන මහත්ම මහත්මීන් ඒ අතර වනවා.අනතුරුව කේමදාස මාස්ටර් ගාවට ගියා. ඔහුගේ මානසවිල ඔපෙරාවට සම්බන්ධ වුණා. මගේ මහත්තයත් හමුවුණේ එතෙන්දි.මේ වන විට සංගීතය පැත්තෙන් ඔබේ හීන සැබෑ වෙලාද?මටත් වඩා මාව ගායිකාවක් වීමේ සිහිනය තිබුණේ මගේ පියා ගාව. ඔහු අප අතර නැති වුණත් බොහෝ දුරට ඒ හීනය මං යථාර්ථයක් බවට පත් කළා. මගේ අම්මා හුඟක් සතුටු වෙනවා මං ආ ගමන් මඟට.ඔබේ අලුත් නිර්මාණ ගැන කතා කළොත්?‘කුමුදු මලට’ නමින් ගීතයක් අවුට් කළා. මං ඒක ගැයුවේ මගේ හස්බන් වෙනුවෙන්. ඒ වගේම ටෙලි නාට්‍ය දෙකකට ගී ගයන්න ඇරැයුම් ලැබුණා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව – ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
අද කලාපුර සවාරියෙන් අපි පැමිණියේ තවත් සුවිශේෂ කලාකාරිනියකගේ නිවහනකට. ඇය වසර ගණනාවක් මෙරට චිත්‍රපට, ටෙලි නාට්‍ය සේම වේදිකාව ද එක සේ ඒකාලෝක කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.කලාවට සේම කලාපුර නිවැසි පදනමේ සභාපතිත්වය ද හොබවමින් මේ සොඳුරු එකමුතුවට අනුපමේය මෙහෙයක් ඉටු කරන ඇය රංගන ශිල්පිනී නෙළුම් පෙරේරා. ඇය ප්‍රවීණ සංගීතඥයකු වූ කේ. ලයනල් පෙරේරාගේ දියණියක්. අද කලාපුර සවාරියේ නවාතැන ඇයගේ ආදරණීය කැදැල්ලයි. කලාපුරට පැමිණි ගමනේ අතීත මතකය ඇය සිහිපත් කළේ මේ අයුරින්.‘අපි කලාපුර පදිංචියට ආවේ අසූව දශකයේ මුල් භාගයේදීයි. අපේ තාත්තාගේ සංගීත පංතිය මාළිගාකන්ද සංගීතෝදයට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් තමයි මේ ඉඩම එදා අපේ තාත්තාට ලැබුණේ. ඊට කලින් අපි පංචිකාවත්ත ප්‍රදේශයේ තමයි පදිංචි වෙලා හිටියේ. මුලින්ම අපි මෙහෙට එනකොට දැන් වගේ ගෙවල් තිබුණේ නැහැ. මේ හරියටම තිබුණේ අපේ ගෙදර විතරයි. හරිම පාළුවක් දැනුණේ.මට මතකයි අපේ ගෙදර ආරිය සිංහල නාට්‍ය සභාව එහෙම තිබුණා. ලක්ෂ්මී භායි එහෙමත් ඒ දවස්වලට අපේ ගෙදර ආවා. මම ඒ දේවල් දිහා ආසාවෙන් බලාගෙන හිටියේ. අරිසෙන් අහුබුදු සූරීන්, ධර්මදාස වල්පොල, හියුගෝ ප්‍රනාන්දු එහෙමත් ඒ දවස්වල අපේ ගෙදර නිතරම ආවා.ධර්මදාස වල්පොල, හියුගෝ ප්‍රනාන්දු, අපේ තාත්තාගේ හොඳ ගෝලයෝ. එහෙම පැමිණි දවස්වලට ධර්මදාස වල්පොල මහත්තයා මට සිංදු කියන්න කියනවා. මම හැමදාම කියන්නේ ‘ගීත දේවි ශ්‍රී සරස්වතී’ කියන ගීතය. හැබැයි ඒ ගීතය අවසාන කරන්නේ ‘නීල අහසේ මිහිරියාව’ නම් ගීතයෙන්. හැමෝම හිනා වෙනවා. ධර්මදාස මහත්තයා මට කියනවා මේ ළමයා අනාගතයේදී හොඳ සංගීතඥයෙක් වේවි කියලා. එත් ඉතිං මම වැඩිපුරම ආසා කළේ රංගනයටනේ. පසුකාලීනව මගේ කලා ගමන ආරම්භ වුණේ ටවර් හෝල් නාට්‍යවලින්.අපේ ගෙදර කෙල්ලොම හයක්. හැමෝම සංගීතයට ළැදියි. ඒ වුණාට අක්කලා දෙන්නෙක් විතරයි තාත්තාගේ සංගීත ක්ෂේත්‍රයට ගොඩක්ම සමීප වුණේ.දැන් මේ ගෙදර පදිංචි වෙලා ඉන්නේ මමයි මගේ මහත්තයා ප්‍රදීප් විතරයි. අපේ දුවයි පුතයි විවාහ වෙලා වෙනමම ජීවත් වෙන්නේ. දුව දිලූෂා රූපලාවණ්‍ය ශිල්පිනියක්. දුවට හොඳට වයලින් වාදනය පුළුවන්. පුතා පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක නිරත වෙලා සිටිනවා. එයත් හොඳ ගිටාර් වාදකයෙක්. කලාපුර උත්සව අවස්ථාවලදී මේ අයගේ සහයෝගය නොඅඩුව ලැබෙනවා. අපේ විතරක් නෙවෙයි හැමෝගෙම දූවරු පුතුන් එකට එකතු වෙලා සංගීතය ලබා දෙනවා. හැමෝම හරිම එකමුතුයි.ඒ වගේම මට කලාපුර නිවැසි පදනමේ සභාපති ධූරය ලැබිමත් මට පුදුමයි. කලාපුර හැමෝගෙම සහාය මට මේ සඳහා ලැබෙනවා. ඉදිරියටත් කලාපුරට යහපතක් වෙන විදියට කටයුතු කරන්න මම හැම වෙලාවෙම සූදානම්. ඒ වගේම මේ හැම කටයුත්තටම මට මගේ සැමියා ප්‍රදීප්ගෙන් ලැබෙන සහාය කියලා නිම කරන්න බැහැ. ඔහු නැත්නම් මට අද මේ තැනට එන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කලාකාරිනියක් විදියට කලාපුරයේ ජීවත් වෙන්න ලැබීම ලොකු පිනක් කියලා මම විශ්වාස කරනවා.’ඇය කලාකාරියක් ලෙස රංගනයට සේම කලාපුරයට ද විශේෂ වූ මෙහෙවරක් කරන්නට කැප වී සිටින්නීය. ඒ වගේම ආදරණීය බිරිඳක, මවක ලෙස ද ඇය මේ සුන්දර නිවස ආලෝකවත් කරන්නීය. අද කලාපුර සවාරිය අවසන් කරන්නට වේලාව පැමිණ ඇත්තේය. යළිත් දිනයක හමුවීමේ බලාපොරොත්තුව පෙරදැරිව මම ඇයට සමු දුනිමි. ‘බුදුසරණයි’ ඇය ද මට හදවතින්ම සුබපැතුවාය.යතේජා ඥානරත්නඡායාරූපය - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
බන්දුල නානායක්කාරවසම්මේ දවස්වල මම අලුත්ම කටයුත්තක සූදානම් වෙමින් තමයි ඉන්නේ. මම කළ ‘රෑ ඉරපාන’ වැඩසටහන මේ වනවිට නතර කරලා. ඒත් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර නම් කිසිම අඩුවක් වෙලා නැහැ. දුරකතන ඇමතුම් වගේම ලියුම්වලින් වැඩසටහනට ආදරය කළ අය තම ප්‍රතිචාර දක්වන්නට අමතක කර නැහැ. ඔවුන්ගේ ඉල්ලීම වෙන්නේ ‘රෑ ඉරපාන’ නැවතත් ආරම්භ කරන්න කියලයි. ඒ අදහස නැවතත් ක්‍රියාවට නඟන්න යම් සූදානමක් තිබෙන බවත් ආදරණීය රසිකයන්ට කියන්නේ සරසවිය පත්තරය හරහායි. මොකද ‘රෑ ඉරපාන’ ගැන මුලින් සඳහන් කළෙත් සරසවිය පත්තරයයි.ඒ කටයුත්තේ මූලික අදියර විදියට ‘රෑ ඉරපාන’ කෘතියක් ලෙස රසිකයන් අතට පත් කරන්නත් මේ දවස්වල සූදානම් වෙන්නේ ඔවුන්ගේම අදහසක් අනුවයි. එහි බොහෝ කටයුතු ඉටු කිරීමට භාර ගෙන තිබෙන්නේ රෑ ඉරපානට ආදරය කළ රසිකයන්මයි. ඉදිරියේදී ‘රෑ ඉරපාන’ ඇසිදිසි තෛ‍්‍රමාධ්‍ය මගින් ඔබ අතරට පැමිණේවි. ඒ අද වන විට ගීතය ගැන විනාශ වී යන කලා රුචිය නැවතත් ජීවිතයට සම්බන්ධ කරන්නට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්.
|
CREATIVE
|
ඇය පියසීලී හේමලතා සුරවීරය. ඇයගේ මතකය දිව යන්නේ 1976 වසර දක්වාය. ඒ සයිිමන් නවගත්තේගම ශූරීන්ගේ ස්ත්‍රී වේදිකා නාට්‍යයේ මැහැල්ලකගේ චරිතය නිරූපනය කරමින් සිය කලා දිවිය ඇරැඹීමය. මේ ඇය සමඟ වූ පිළිසඳරකි.* ඔබ දැන් රංගනනෙයන් සමුගෙනද?නැහැ. මට ආරාධනා ලැබෙන්නේ නෑ. මේකට හේතුව තමයි මම ඈත ප්‍රදේශයක ජීවත්වීම. ඒ නිසා කලා කටයුත්තකටවත් එන්න කාලයක් නැහැ.* ගෙදරට වෙලා පාළුවේ කාලේ ගෙවනවා නේද?මම නිවසට වෙලා ඉන්න එක පාළුයි. ඒත් මම ඒ තනිකම මකා ගන්නේ කවි ලියලා. දැන් මගේ කාලෙන් වැඩි හරියක්ම වැය කරන්නේ කවි ලියන්න.* ඔබ මොනවද ලියපු කවි පොත්?කවිය ඔබ මගේ තනියට නමින් කවි පොතක් කළා. ඒකේ දෙවැනි මුද්‍රණයත් මම කළා. කුරුළු පැටව්, අපේ සතුරෝ නමින් ළමා පොත් ලිව්වා. මම ගුවන් විදුලියට හැට ගණන්වල ඉඳලම කවි ලියනවා.* මේ කවි ඇගයීමට ලක් වුණාද?ඔව්. 2013 කලා භූෂණ සම්මානය මම ලැබුවා. 2007 රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් මට හිමි වුණා.* දිගටම ලේඛන කටයුතුවල නිරත වෙන්න ද බලාපොරොත්තුව?නැහැ. කලා නිර්මාණවලට ආරාධනා ලැබුණොත් සහභාගි වෙනවා. ඒ ඇරුනම ලිවීමට කාලය වැය කරනවා. මට කවි සින්දු ලියන්න හොඳ පරිසරයක් නැහැ. ඒ නිසාම මම කලකිරිල ඉන්නේ. මම ජීවත් වෙන පරිසරය ලියන්න සුදුසු පරිසරයක් නොවේ. නිර්මාණ කරන්න නිදහස් මනසක් තියෙන්න ඕනෑ. ඒත් මට ඒ නිදහස නැති නිසා ඇත්තටම මම කලකිරිලා ඉන්නේ.* ඔබ නර්ථන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරනවා නේද?ඔව්. මම ඉන්ටලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වෙලා ආබාධිත දරුවන් සතුටු කරවන්න සහභාගි වෙනවා. මම මේ හැම කටයුත්තකටම සහභාගි වෙන්නේ මුදල් බලාගෙන නෙමෙයි. ආත්ම තෘප්තිය උදොස තමයි මම මේ දේවල් කරන්නේ.* මොනවද ඉදිරියේදී ලේඛන පැත්තෙන් කරන්න තිබෙන වැඩ?මම කවි පන්දහසක් පමණ ලියලා තිබෙනවා. ඒ ඔක්කොම එකතු කරලා කවි පොතක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට කලින් මට නිදහසේ නිර්මාණ කරන්න තැනක් ලැබෙනවා නම් ලොකු පිනක්. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න කියලා ඉල්ලනවා.* ඔබගේ ලිපිනය?ගිමන, සපුගහවත්ත, දොඩංගොඩ, කළුතර දකුණ.සටහන - දීපිකා ජයලත්ඡායාරූපය - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මම මේ දවස්වල සූරිය භානු ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සමඟ තමයි කාලය ගත කරන්නේ. ලබන මැයි මාසයේදී මගේ කුළුඳුල් සිනමා නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.මේ දවස්වල එහි පූර්ව නිෂ්පාදන කටයුතුවලටත් කාලය වෙන් කරලා තියෙනවා. ඒ වගේම වර්තමාන ටෙලි නාට්‍ය ගමන් මඟ පිළිබඳ කෘතියකුත් රචනා කරමින් සිටිනවා. එය ලබන ජූලි මාසයේදි විතර එළි දක්වන්න සූදානම් වෙනවා. ඒ හැරුණාම එදිනෙදා ජීවිතය සුපුරුදු විදියට ගත කරනවා. මේ සතියේ මගේ උපන් දිනය යෙදී තියෙනවානේ. එදාට බෞද්ධ සම්මේලනයේ වැඩිහිටි නිවාසයට දානයක් පිරිනමන්නත් කටයුතු සූදානම් කරලා තියෙන්නේ.
|
CREATIVE
|
ලෝක සිනමාවේ අධ්‍යක්ෂ සොයුරන් යුගල ගැන අප මතක් කළොත් ඔස්කාර් සම්මානලාභී කොඑන් සොහොයුරන්, මේට්‍රික්ස් සිනමා කෘති ත්‍රිත්වය රසික අපට තිළිණ කළ වචොවිස්කි සොයුරන්, විකට චිත්‍රපටවලට නම් දැරූ ෆෙරලි සොයුරන් සහ වයිට්ස් සොයුරන් ගේ නම් සිහියට නැගෙයි. තවත් අපට අමතක කළ නොහැකි දක්ෂ සොයුරු ද්විත්වයක් බ්‍රිතාන්‍යයෙන් බිහි වුණා.එයින් වැඩිමහල්ලා තමයි රිඩ්ලි ස්කොට් (ඒලියන්, ග්ලැඩියේටර්). අද මේ කුඩා ලිපිය තුළින් කතාබහට ලක් කෙරෙන්නේ ඔහුගේ බාල සොහොයුරා. ඔහු තම අයියාටත් වඩා ජනප්‍රිය සංස්කෘතිය තුළ බැබළෙන නමක් ඇති කරගන්නට සමත් වුණේ අතිශය ජනප්‍රිය සාර්ථක හොලිවුඩ් චිත්‍රපට ගොන්නක්ම නිර්මාණය කිරීමට දායක වීමෙන්. ඔහු තමා ටෝනි ස්කොට්. ටෝනි ස්කොට් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුනු චිත්‍රපට එකතුව ගැන කෙටි මතක් කිරීමක් කළොත්, ඒවා නම්,* ද හන්ගර් (1983)* ටොප් ගන් (1986)* බෙවර්ලි හිල්ස් කෝප් ධ්ධ් (1987)* රිවේන්ජ් (1990)* ඩේස් ඔෆ් තන්ඩර් (1990)* ද ලාස්ට් බෝයි ස්කවුට් (1991)* තෲ රොමැන්ස් (1993)* ක්‍රිමිසන් ටයිඩ් (1995)* ද ෆෑන් (1996)* එනමි ඔෆ් ද ස්ටේට් (1998)* ස්පයි ගේම් (2001)* මෑන් ඔන් ෆයර් (2004)* ඩොමිනෝ (2005)* ඩේජා වූ (2006)* ද ටේකිං ඔෆ් පෙල්හැම් 123 (2009)* අන්ස්ටොපබල් (2010)මේ චිත්‍රපට එකතුව ලොව පුරා ඇ. ඩොලර් බිලියන 2 කට වැඩි ආදායමක් උපයා ගැනීමට සමත් වූයේ ටෝනි ස්කෝට් හොලිවුඩ් හි සාර්ථක, ජනප්‍රිය අධ්‍යක්ෂවරයකු බවට ස්ථාපිත කරමින්. නමුත් අවාසනාවන්ත ලෙස අද දිනයේ අපට ඔහු මතකයට නැගෙන්නේ මේ සිනමා නිර්මාණ පමණක් නිසාම නොවෙයි.පසුගිය ඉරිදා ඇමරිකාවේ කැලිෆෝර්නියා ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරට යාබද සැන් පෙඩ්රෝ නම් වරාය අසල වින්සන්ට් තෝමස් නම් පාලම උඩින් පැසිෆික් සාගරයට පැන්න ටෝනි ස්කොට් තමදිවි නසා ගත්තා. ඔහුගේ ටෝයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථය පාලම අසල නවත්වා තිබූ අතර, එහි ඔහුගේ පවුලේ අයට ඇමතීමේ තොරතුරු සහ ඔවුන්ට ලියා තිබූ අවසන් ලියුම් සොයා ගැනීමට ලොස් ඇන්ජලීස් පොලීසියට හැකි වුණා.ටෝනි ස්කොට් ගේ හදිසි මරණයත් සමඟ එයට හේතු වූ කරුණු එකිනෙක නොයෙක් මාධ්‍ය අතරින් මතු වුණා.එයින් වඩාත්ම සලිත කරවන කරුණ වුූයේ ඔහු සුව කළ නොහැකි මොළයේ පිළිකාවකින් පීඩා විඳි බවයි. නමුත් ටෝනිගේ පවුලේ අයට අනුව නම් ඔහුට මොනම පිලිකාවක්වත් වැලඳී තිබුණේ නැහැ.ඔහුගේ වැන්දඹු බිරිද ඩෝනා රහස් පරීක්ෂකයින්ට පැවසූයේ එය අමූලික බොරුවක් බවයි.එංගලන්තයේ නෝර්ත් ෂීල්ඩ්ස් හි උපත ලැබූ ටෝනි ඔහුගේ වැඩිමහලු සොයුරා රිඩ්ලි ස්කොට් ගේ අඩි පාරේ යමින් කලාව පිළිබඳ උපාධියක් ලබාගත් නමුදු ඔහුට අවශ්‍ය වූයේ චිත්‍ර ශිල්පියකු වීමටයි. ඒ වන විට රිඩ්ලි ඉතාමත් සාර්ථක වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්නකු ලෙස තමන්ගේම ආයතනයක් පවත්වාගෙන යමින් සිටියා.ඔහුගේ ආරාධනාව මත එයට එකතු වීමෙන් තමයි ටෝනි ස්කොට් සිනමාව දෙසට යෙමු වුණේ. රිඩ්ලි ස්කොට් තම සොයුරාගේ ඒ අතීතය ගැන මෙසේ කීවා.ටෝනිට ඕන වුණේ වාර්තා චිත්‍රපට කරන්න. නමුත් මං කිව්වා බීබීසී එකට යන්න එපා, මුලින් මං ළඟට එන්න කියලා.ඔහු එහි රැකියාවට යන්න සූදානම් වුණේ වසරකින් රථයක් මිලදී ගන්න. මං දැනගෙන හිටියා ඔහු කාර්වලට ආස බව.මං කිව්වා ඇවිත් මාත් එක්ක වැඩ කරන්න, අවුරුද්දක් ඇතුළත ඔබට ෆෙරාරි රථයක් මිලදී ගන්නට පුළුවන් වෙයි කියලා. ඇත්තටම අවුරුද්දකින් ඔහු ෆෙරාරි රථයක් මිලදී ගත්තා.ඊළඟ දශක දෙකේදී ටෝනි ස්කොට් රූපවාහිනී වෙළඳ දැන්වීම් දහස් ගණනක් නිර්මාණය කළා. තම සමකාලීන බ්‍රිතාන්‍ය වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන් වූ හියු හඩ්සන්, ඇලන් පාකර්, ඒඩ්‍රියන් ලින් සහ තමාගේම සොයුරු රිඩ්ලි පසුව සිනමාවට යොමු වී එහි වෘතාන්ත චිත්‍රපට හරහා හොලිවුඩ් හි සාර්ථකත්වයට පත්වෙනු දුටු ටෝනි 1980 දී චිත්‍රපට නිර්මාණය කිරීමේ අදහසින් හොලිවුඩ් වෙත ආවා.එදා ඒ හොලිවුඩ් පුරයට ආ ගමන අවුරුදු 32 කට පසු තමාට වාසනාව ගෙන ආ එම පුරයෙන්ම නිමාවේ යයි ටෝනි සිහිනෙකින්වත් සිතන්නට නැහැ.තම මරණයත් තමාගේ අබිරහස් ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපට කතාවල දර්ශනයක් පරිද්දෙන්ම වැලඳගත් ටෝනි නැති අඩුව ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන රසිකයින්ට තවත් සෑහෙන කාලයක් තුළට දැනේවි.සිව් වතාවක් විවාහ වී සිටි ටෝනි දෙදරු පියෙකි. සිය බාල සොහොයුරාගේ මරණයෙන් කම්පාවට පත් වැඩිමහල් සොහොයුරු රිඩ්ලි වහාම විශේෂ ගුවන් යානයකින් බ්‍රිතාන්‍යයේ සිට අමෙරිකාවට පැමිණියේය.වින්දන ආරියවංශ
|
CREATIVE
|
නර්තන ශිල්පීනීඋපුලි පණීභාරතමගේ මුළු ජීවිතයම නර්තනය සමඟ ගෙවිලා යනවා. හැමදාම වගේ මේ දවස්වලත් නව නර්තනාංග නිර්මාණය කරනවා.චන්න උපුලි රංගායතනයේ ළමුන්ව පුහුණු කරන අතරම නැටුම්වලට අවශ්‍ය රංග වස්ත්‍රාභරණ හදමින් කාලය ගත වෙනවා.
|
CREATIVE
|
සරසවිය ප්‍රධාන ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ ඡායාරූපදැක්මක් ‘සිහින සේයා’ නමින් ලබන 27 වැනිදා එළි දකිනු ඇත.එදින සිට තෙදිනක් පුරා කොළඹ ජාතික කලා භවනේදී දිග හැරෙන ‘සිහින සේයා’ ටෙනීගේ උපනෙතට හසු වූ මනරම් සේයා රූ බොහොමයකින් සමන්විතය.පළමු දින එනම් 27 වැනිදා ප්‍රදර්ශනයේ සමාරම්භය සිදු වන්නේ ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා, හෙළ නිළි රැජන මාලිනිය ප්‍රමුඛ කොට ගත් සහෘද කැළගේ ප්‍රධානත්වයෙනි.මේ මොහොතට සහභාගී වන ලෙස සරසවිය සිය පාඨක හිතවතුනට ආරාධනා කරසිටියි.
|
CREATIVE
|
හෙරිටේජ් රූපවාහිනි නාලිකාවේ පස්වන සංවත්සර උළෙල ‘උරුමයේ ආශ්චර්යය - ශ්‍රී ලංකා’ පසුගියදා අර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ලේක්හවුස් ආයතනයේ සභාපති, ප්‍රවීණ ජනමාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න, නාවුක හමුදාපති ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන් ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ. එහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පහන දල්වමින්.යතේජා
|
CREATIVE
|
රංගන ශිල්පීසාරංග දිසාසේකරමේ උදා වූ නව වසරෙහි මගේ කටයුතු සුපුරුදු ලෙසම කරගෙන යනවා. මගේ රංගනයෙන් හැඩවන ‘පබසර’ වගේම ‘මුතු පලස’ ටෙලි නාට්‍යත් මේ දවස්වල විකාශය වෙනවා. ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි.ඒ වගේම මගේ උපන් දිනය යෙදී තිබෙන්නේ හෙට දවසේ වුණත්, ඒ සඳහා අපූරු උපන් දින තෑග්ගක් මට ලැබුණා. ඒ ජයන්ත චන්ද්‍රසිරි කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ ‘මහ රජ දුටුගැමුණු’ චිත්‍රපටයෙහි සද්ධාතිස්සගේ චරිතයයි. එවැනි චරිතයක් රඟපෑමට ලැබීමත්, ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රවීණ, දක්ෂ අධ්‍යක්ෂවරයකු යටතේ රඟපෑමට ලැබීමත් මගේ පරපුරේ අයෙකුට හිමි නොවන අපූරු අවස්ථාවක් විදියටයි මම දකින්නේ.
|
CREATIVE
|
පසුගියදා නිමාව දුටු කොයින්ස් කෙටි චිත්‍රපට උළෙලේ ප්‍රතිපල සටහනයි මේ.හොඳම චිත්‍රපටය – රන් සම්මානය මනෝජ් ලයනල් ජොන්සන්ගේ ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාවහොඳම චිත්‍රපටය – ජූරි සම්මානය – නයනි චන්ද්‍රසිංහගේ ඩීම්ස් වේවර්ස් ඇන්ඩ් වීවර්ස් - ශ්‍රී ලංකාවවෘතාන්ත නොවන අංශයහොඳම අධ්‍යක්ෂ - සුජිත් රාජපක්ෂ – බියාන් ද රියැලිටි - ශ්‍රී ලංකාවහොඳම කැමරාකරණය – අබේසිංහ ආරච්චිගේ මහින්ද - ෆෝන් ක්‍රොස්ස්ට්‍රීට්- ශ්‍රී ලංකාවහොඳම සංස්කරණය – අප්පු භට්ටත්‍රිරි - රේඩියෝ වුමන් ඔෆ් පටාරා - ඉන්දියාවහොඳම ශබ්ද සංයෝජනය - සංඛ මල්වත්ත – බියෝන්ද රියැලිටි - ශ්‍රී ලංකාවපර්යේෂණ අංශයහොඳම අධ්‍යක්ෂ - මනෝජ් ලයනල් ජොන්සන් - ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාවහොඳම කැමරාකරණය - කර්තික් මුතුකුමාර් - ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාවහොඳම සංස්කරණය – විනායක් ගුහනාරායක් - ස්කයි ලැබ් ඉන් ෆේලින්ග් – ඉන්දියාවහොඳම ශබ්ද පරිපාලනය - ජෝර්ජ් වර්ගීස් - ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාවවෘතාන්ත අංශයහොඳම අධ්‍යක්ෂ - විරාජ් ලියනාරච්චි - වෙන් ටර්කොවිස්කි මිට්ස් ගොඩ්ස් - ශ්‍රී ලංකාවහොඳම කැමරාකරණය - ෙරෝන්ග් හේක් කියොන්ග් – ඉන් ද නේම් ඉන් ලව් - හොංකොංහොඳම අධ්‍යක්ෂණය – ශාරත්්‍යා ඒ – බියේවියර් ඩෝග්ස් - ඉන්දියාවහොඳම ශබ්ද පරිපාලනය - සචිත්‍ර විජේසුන්දර - වොකින්ග් ඉන් ටු ද ස්පේස් - ශ්‍රීී ලංකාවහොඳම ප්‍රේක්ෂක සම්මානය හිමි සිනමාපටය – මුටාන්ට් - ශ්‍රී ලංකාවයාවජීව සම්මානය - ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරලේඛනය සැකසුම – ප්‍රසාද්
|
CREATIVE
|
ජනප්‍රිය නිළි, නිවේදිකා නදීශා හේමමාලි අන්තර් ජාලයට එක් වුණා. www.nadeeshahemamali.com වන ඇයගේ වෙබ් අඩවිය අන්තර් ජාලයට මුදා හරිනු ලැබුවේ කොළඹ රමාඩා හෝටලයේ ඉකුත් සිකුරාදාවේ පැවැති නදීශාගේ උපන් දින සාදයේදී.රන්ජන්, ලකී, සේමිණී, චිලී ඇතුළු තරු පිරි රැසක් අන්තර් ජාලයට බැඳුණු නදීශාගේ සියලුම තොරතුරු මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට දැකබලා ගන්න පුළුවන්.උපන් දින සාදයේ උණුසුමත් වෙබ් අඩවිය දියත් කෙරූ සොම්නසත් මධ්‍යයේ මැවුණු අපූරු සේයා රූ කිහිපයකි මේ.* නදීශාගෙන් ලකී ඩයස්ට කේක් කැබැල්ලක්. රන්ජන් රාමනායක ද පසෙකින් වෙති.ඡායාරූප – අමිත් එස්. සේනාරත්න
|
CREATIVE
|
ඉන්දීය සිනමාවට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් මෙරට කලාකරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද සාදයක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මෙරට කලාකරුවන් රැසක් සහභාගි වී සිටියහ.ඡායා - ටෙනිසන් එදිරිසිංහයතේජා ඥානරත්න හෙළයේ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, දමිතා අබේරත්න ගීයක රස විඳිමින්ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් පී. කුමරන්, සනත් ගුණතිලක, නිළි රැජන මාලිනී ෆොන්සේකා, චිත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුන සුහද කතා බහකආතර් යූ. අමරසේන, අමරනාත් ජයතිලක සහ නවරත්න අත්තනායක ආ ගිය තොරතුරු විමසමින්.නිළි රැජන මාලිනී ෆොන්සේකා සමඟ චන්ද්‍රන් රත්නම්සුමනා අමරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, සේමිනි ඉද්දමල්ගොඩ සරසවිය කැමරා ඇසට හසු වූ මොහොත.ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් ඒ. චන්ද්‍ර මහතා ඩග්ලස් රණසිංහ සහ එඩ්වින් ආරියදාස ශූරීන් මේ විමසන්නේ ඉන්දීය සිනමාවේ අලුත් තොරතුරු ගැන ද?ඩී. බී. නිහාල්සිංහ, නිලේන්ද්‍ර දේශප්‍රියගේ මේ කතාබහ අලුත් නිර්මාණයක් ගැන ද?ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මාලා ගමගේ, අර්ජුන කමලනාත්, රොෂාන් රණවන, සනත් ගුණතිලක, විජී ගුරුනාදන්ගේ මේ කතා බහ ඉන්දීය සිනමාව ගැන ද?නිත්‍යවානි කන්දසාමි, රංජනී රාජ්මෝහන් එකට එක් වී.නිලාන් මලිගස්පේ, චන්දන වික්‍රමසිංහ සැරසෙන්නේ අලුත් නැටුමකට ද?රියර් අද්මිරාල් සරත් වීරසේකර, ඩී. බී. නිහාල්සිංහ, නිළි රැජන මාලිනී ෆොන්සේකා, චන්න විජේවර්ධන, ටී. අර්ජුන, බුද්ධි කීර්තිසේන, රන්සිරි කීර්තිසේන, මීනා කුමාරිගේ මේ කතාබහ ගාමනී ගැන ද? මාතා ගැන ද?කාංචනා මෙන්ඩිස්, ටී. අර්ජුන, සනත් ගුණතිලක, ලකී ඩයස්, නදීශා හේමමාලි, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ලේකම් බිරේන්ද්‍ර සිං, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ඕෂධී හේවාමද්දුම සුහද කතාබහක.
|
CREATIVE
|
‘සුරූපී නාරි දේහය ඇත්තේ ලොවට හොරා සඟවා ගන්නට නොවෙයි. සැමට පෙන්වන්නයි’ මෙසේ පවසමින් හා හා පුරා කියා බොලිවුඩයට එක් වන්නේ ප්‍රියංකා චොප්රාගේ ඥාති සොයුරිය බාබී හැන්ඩාය.‘බාබී’ නම බෝනික්කියකට මිස නිළියකට නුසුදුසු නිසා ඇය මනාරා ලෙස නම වෙනස් කරගෙන තිබේ. ‘බාබී’ යනු ඇය බොහෝ දෙනා හඳුන්වන සුරතල් නාමයයි. මනාරා යන ග්‍රීක වචනයේ තේරුම සැවොම ආකර්ෂණය කරගන්නා දිළිසෙන ද්‍රව්‍යයක් යන්නයි.ප්‍රියංකාගෙන් මනාරාට ලැබෙන්නේ අනගි සහයකි. ‘ඇය සිනමා කර්මාන්තයේ සිටින ඇසුරු කළ යුත්තන් මට හඳුන්වා දෙනවා. මගේ මංගල බොලිවුඩ් සිනමාපටය ‘සිඩ්’ පෝස්ටරය සඳහා මුළුමනින්ම පෙනී සිටින්නේ නිරුවත්වයි. කලාත්මකව පෙනී සිටී නම් එහි වරදක් නැති බව ප්‍රියංකා පැවසුවා’ මනාරා පවසන්නීය.බාබී හෙවත් මනාරා සිනමාවට පිවිසියේ ‘ප්‍රේමා ගීමා ජන්තා නහි’ සිනමාපටයෙනි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ගයාන් රණධීරගෙන් චෝදනාසුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන ලද අහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ පිටපත් අපේක්ෂිත ප්‍රමාණය මුදා හැරීමට චිත්‍රපට සංස්ථාව මඟින් ඉඩ දී නැතැයි එහි නිෂ්පාදක ගයාන් රණධීර මහතා පසුගියදා නිපෝන් හෝටලයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.ඒ පිළිබඳය ප්‍රවෘත්ති නිවේදනයක් පළ කරන ඔහු එයට පෙර නිෂ්පාදනය කළ විජය කුවේණි චිත්‍රපටය පිටපත් 46 ක් මුදාහල වග දන්වා සිටියේය.එහෙත් 2013 ජනවාරි 01 දා සිට සියලුම චිත්‍රපට පිටපත් 35 කට සීමා විය යුතු යැයි චිත්‍රපට සංස්ථා සභාපතිතුමා නියෝග කර ඇතත් එයින් පසුවද එම සීමාව ඉක්මවා චිත්‍රපට ගණනාවක් තිරගත වූ බව ද ඔහු චෝදනා කර සිටී. එබැවින් අදාල චිත්‍රපටවල 35 සීමාව ඉක්මවීමට අවසර දුන්නේ නම් ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයට එම අවසරය නොදෙන්නේ කුමන හේතුවක් නිසාදැයි ඔහු තවදුරටත් දන්වන ලදී.එමෙන්ම විශාල වියදමක් දරා නිපදවන ප්‍රේක්ෂක ආකර්ශණයට ලක්වන සිනමා ශාලාවලට රසිකයින් කැඳවන චිත්‍රපටවලට පිටපත් වැඩිපුර මුදා හැරීමට ඉඩ සැලසීමෙන් සිදු වන්නේ සිනමා කලාවට හා කර්මාන්තයට පොදු යහපතක් බවත් එසේ කිරීම ආකර්ශණීය චිත්‍රපට නිපදවන අයට ද වාසියක් මිස අවාසියක් නොවන බවත් ඔහු අවධාරණය කරයි. මේ අනුව ඔහුගේ පළමු ඉල්ලීම වන්නේ සමස්ත දේශීය සිනමාවටම වී ඇති මෙම 35 සීමාව ඉවත් කරන ලෙසය. තවද එම නීතිය තාමත් පවතින්නේ නම් අනෙකුත් චිත්‍රපටවලට අවසර දුන් අයුරින් 2013 ට පෙර නිෂ්පාදන කටයුතු ඇරැඹූ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයට ද පිටපත් 55 ක් මුදා හැරීමේ අවසරය ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.මේ නීතිය දිගටම නොවෙනස්ව පවතින්නේ නම් අනාගතයේදී තමාට ද සිනමා කර්මාන්තයෙන් ඉවත් වීමට සිදු වන බව ද කණගාටුවෙන් වුව ප්‍රකාශ කරන බවද පැවසීය.මේ අවස්ථාවට චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, සුගත් සමරකෝන්, ගයාන් රණධීර, සුනිල් ටී. ප්‍රනාන්දු යන මහත්වරුන්ද අදහස් දැක් වීය. ඇහැළේපොළ කුමාරිහාමි අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදක ගයාන් රණධීර මාධ්‍ය හමුවේදී
|
CREATIVE
|
සංගීත අධ්‍යක්ෂසුරේෂ් මාලියද්දමේ සතියෙත් මට විශේෂ වැඩ කටයුතු කිහිපයක් යෙදිලා තියෙනවා. අශෝක ආතාවුද ගේ අලුත්ම ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු වගේම අලුත් අවුරුදු වැඩසටහනක පටිගත කිරීම් සහ තව අලුත් ගීත ඇල්බම් එකක පටිගත කිරීමේ කටයුතුත් යොදා ගෙන තියෙනවා. පසුගිය දින කිහිපයේ තවත් ෆිල්ම් එකක සංගීත අධ්‍යක්ෂණ කටයුතුª අවසන් කළා. ඒ හැරුණාම මේ සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියනවා. එදාට ආරණ්‍යකට දානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
|
CREATIVE
|
රංගන ශිල්පිනීපියුමි බොතේජුමේ දවස්වල මම ටිකක් කාර්යබහුලයි. මොකද අපේ ගෙදර බලු පැටව් අට දෙනෙක් බලා කියාගන්න වෙලා තියෙන්නේ මට.එයාලව බලාගන්න අතරේ කලා කටයුතුවලටත් සහභාගී වුණා. පි‍්‍රයන්ත ප්‍රනාන්දු මහත්මයාගේ “සඳව්නිවිද” ටෙලිනාට්‍යයේ රූගතකිරීම්වලට සහභාගී වුණා. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ “දස්කොන්” නාට්‍යයට දින දිලා තියෙනවා. අලුත් නාට්‍ය දෙකකට ආරාධනාවක් ලැබුණා.
|
CREATIVE
|
සංජේ දත් තාවකාලික නිදහස් වීමෙන් සමුගෙන පසුගිය ශනිදා යළිත් සිරගෙට ගියේය. 1993 සිදු වූ මූම්බායි පිපිරුමේදී වරදකරුවකු වූ සංජේ වසර පහක, බරපතළ වැඩ සහිතව සිරගෙට නියම වූයේ පසුගිය මැයි මාසයේදීයි. බිරිය මන්යාතාගේ අසනීපය නිසා ඔහුට තාවකාලික නිදහසක් ලැබිණි.මුලදී මන්යාතාගේ වකුගඩුවල ගෙඩියක් නිසා හා හදවත් ආබාධයක් නිසා ඇය රෝගී වූ බවට ආරංචියක් පැතිර ගිය ද අලුත්ම ආරංචිවලට අනුව ඇයගේ රෝගය පෙනහලුවල හටගත් එකකි. වකුගඩුවල ඇති ගෙඩිය හානිකර නොවන බව ද හෙළි වී ඇත. වෛද්‍යවරුන් ඇයගේ පෙනහලුවල වැඩි තරල ඉවත්කර තිබේ. දැන් ඇය සුවය ලබා සිටින අතර තවමත් රෝගයට නිවෙසේ සිට ප්‍රතිකාර ලබයි.සංජේ මෙවර තාවකාලික නිදහස් කාලය දිගු කර ගැනීමට සිතුවේ නැත. දෙවරක්ම එසේ කාලය දිගු කරගත් නිසා ඔහුට එල්ල වුණු චෝදනා, දෝෂාරෝපණ කෙළවරක් නැත. මාර්තු 22 වැනි දින සංජේ පූනේ, යෙරවාදා සිරගෙදරට පිටව යද්දී ඉක්රා සහ ෂාරාන් නිවුන් දූ පුතුන් හා මන්යාතා කඳුළු පිරි දෑසින් බලා සිටියහ.විශේෂ හේතුවකට දවස් 90 ක තාවකාලික නිදහස් කාලයක් සිරකරුවකුට ලබා දෙන අතර සංජේ ගත කළේ අවසන් නිදහස් කාලයයි.සංජේගේ තාවකාලික නිදහස නිසා සිතින් සිරගත වූ පිරිස අතර බොලිවුඩ් තරු වන නානා පතේකාර් සහ අමීර් ඛාන් ද වෙති. අමීර් කියන්නේ නීතිය කාටත් පොදු බවයි. එහෙත් නානා තරම් කෝපයෙන් නම් අමීර් සහෝදර නළුවාට දොස් පවරන්නේ නැත. නානාගේ වසර විසි දෙකක වෘත්තීය ජීවිතයේදී ඔහු සංජේ සමඟ එක් සිතුවම්පටයක හෝ රඟපා නැත. ඉදිරියටත් ඔහු සංජේ සමඟ රඟපාන්නට සිතන්නේවත් නැත.
|
CREATIVE
|
ගායන ශිල්පී චාමර වීරසිංහසිංහල අලුත් අවුරුදු සතිය මට ගොඩක් ප්‍රීතිමත් සතියක්. අවුරුදු දවසට පවුලේ හැමෝම එක්ක විවෙකීව ගත කරන්න ලැබීම ගොඩක් සතුටුයි.අප්‍රේල් මාසය පුරාවටම සංගීත සංදර්ශන සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා නම් ගොඩක් කාර්යබහුල ජීවිතයක් මේ දවස්වල ගත කරන්නේ.
|
CREATIVE
|
ජාතික රූපවාහිනිය සවස 5.30 ට විකාශය වන ‘හද රැඳි ගී’ වැඩ සටහනේ අධ්‍යක්ෂණ කටයුතුත් සමඟ මා කාලය ගත කරනවා. මීට වසර විස්සකට පෙර ජාතික රූපවාහිනියේ විකාශය වුණු ජනප්‍රිය වැඩසටහනක් වූ ‘හද රැඳි ගී’ එවරත් අධ්‍යක්ෂණය කළේ මමයි. ඒ ඔස්සේ ජන හද දිනා කරළියට පැමිණි නිරෝෂා, අතුල, ජානක, නාමල්, ප්‍රිනස් ඇතුළු බොහෝ ශිල්පීන් අද තරු බවට පත් වෙලා. මෙවර හද රැඳි ගී වැඩ සටහනේදී වැඩිපුර අසන්නට නොලැබෙන මල්ලිකා කහවිට, සිරිල් හියුමන්, චන්ද්‍රිකා සිරිවර්ධන, සුජාතා අත්තනායක වැනි පැරැණි ශිල්පීන්ගේ ගීත ප්‍රේක්ෂකයන්ට අහන්න වගේම නරඹන්නත් අවස්ථාව ලබා දෙන්නට මා වඩාත් මහන්සි වෙනවා. ඒ ගීතවල සැබෑ අයිතිකරුම ලවා ගීත ගයවා ඉදිරිපත් කිරීමට මම බොහොම මහන්සි ගන්නවා.ඒ ගීත නව පරිසරයක රූගත කිරීම් කරමින් නරඹන්නන් වෙත ඉදිරිපත් වීමත් එහිදී සිදුවන විශේෂ කටයුත්තක්. ජාතික රූපවාහිනියේ විකාශය වන ‘පුරවරුණ’ නම් වැඩසටහනේ දිවෙන්නේ අපේ ගම්, නගරවල සංස්කෘතික, ආගමික වටිනාකමයි. ඒත් සමඟම ඉදිරියේදී යුද කාලය පිළිබඳ චිත්‍රපටයක් කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඒ චිත්‍රපටය විදේශ රටවල් කරන චෝදනාවලට අපූරු පිළිතුරක් වේවි.
|
CREATIVE
|
කැමරා කාචය මේ පුංචි සුර කුමාරිය ඉදිරියේ මල් පෙත්තක් මෙන් සියුමැලි වෙමින් ඇයගේ රුව සටහන්කර ගනී. මාධ්‍යවේදීන්ගේ පෑන් තුඩ ඇය ගැන ලියද්දී කුරුලු පිහාටුවකටත් වඩා සෞම්‍ය වෙයි. බොලිවුඩයේ ආදරණීයම තරු දියණිය ඇයයි. ඇය ආරධ්‍යා බච්චන්ය. බච්චන් පවුලේ සුවිශේෂීම සාමාජිකාව ද ඇයයි.නොවැම්බර් 16 වැනිදා බච්චන් පවුලට වගේම තරු පුරවරයට ද වැදගත් දිනයක් වූයේ ඒ දෝණිගේ උපන් දිනය නිසයි. අයිශ්වර්යා සහ අභිෂේක් මාපියන් කුලුඳුල් දරු පැටියාගේ පළමුවැනි උපන් දිනය අමිතාබ් මුත්තණුවන් සහ ජයා මිත්තණිය සමඟ සැමරුවේ අති උත්කර්ෂවත් ලෙසිනි. එහෙත් සැමදා සුරැකෙන බච්චන් පවුලේ පෞද්ගලිකත්වය ඒ අයුරින්ම රැක ගන්නට ඔවුන් අමතක කළේ නැත.අම්මා කෙනෙකුට කුලුඳුල් දරුවාගේ උපන් දිනය හරිම විශේෂයි. ආරධ්‍යා අපේ පළමු දරුවා. දූගේ උපන් දිනයට අභිෂේක්ගේ පවුලේ අයත්, මගේ මාපියනුත් පමණක් සහභාගි වුණා.’ අයිශ්වර්යා ආරධ්‍යාගේ උපන් දිනය සැමරූ අයුරු මාධ්‍යවේදීන්ට හෙළි කළේ එලෙසයි.ලෝකයට මුලින්ම ආරධ්‍යාගේ රුව දැක ගන්නට ලැබුණේ අමිතාබ් බච්චන්ගේ හැත්තෑ වැනි උපන් දිනයදායි. එය අමිතාබ්ගෙන් රසිකයන්ට ලැබුණු වටිනාම උපන් දින තිළිණයයි.දෝණිගේ පළමුවැනි දීවාලි උත්සවය ජයටම පවත්වන්නත් අමිතාබ් මුත්තණුවන් අමතක නොකළේය. මූම්බායි හී ජල්සා නිවෙසේ පැවැති මහා දීවාලි සැනකෙළිය ආරධ්‍යා වෙනුවෙන්ම පැවැත්වූවකි. ඒ සඳහා ෂාරුක් ඛාන්, අක්ෂේ කුමාර්, ට්වින්කල් ඛන්නා, දීපිකා පදුකෝන්, රවීනා තන්ඩන්, ෆාරන් අක්තාර්, කරන් ජොහාර්, නීල් නිතින් මුකේෂ්, බිපාෂා බාසු, තුෂාර් කපූර්, මනෝජ් බජ්පායි, සුනිල් ෂෙට්ටි, අසීන්, ජෝන් ඒබ්‍රහම්, තාබු, අම්රිතා වැනි සුපිරි තරු ආරාධනා ලැබූහ.ලෝක ළමා දිනය ද ආරධ්‍යාට අමතක නොවන දිනයක් කිරීමට බච්චන් පවුල වග බලා ගත්හ. ඒ අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවන් නිවෙසට ගෙන්වා සෙල්ලම් කරමින් විනෝද වන්නට සැලැස්වීමෙනි.රිතික් රොෂාන් යනු ග්‍රීක ප්‍රතිමාවක් බඳු කඩවසම් රුවක් හිමි තිරයේ ප්‍රේමවන්තයෙකි. එහෙත් ඒ රුව ක්‍රියාදාම වීරයකුට ද ගැළපෙන බව ඔහු ඔප්පු කළේ වරක් දෙවරක් නොවෙයි. ඒ සෑම අවස්ථාවකම කිසියම් තුවාලවීමකින් වීරත්වය වඩාත් ඉස්මතු වුණි.මේ දිනවල රිතික් ‘ක්‍රිෂ් 3’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නේය. ඔහු එහි විවේක් ඔබරෝයි සමඟ දකුණු මූම්බායිහී රූගත කිරීමක යෙදී සිටියදී දරුණු ලෙස තුවාල ලැබුවේය. තමන් සැබෑ වෘත්තීය නළුවකු බව ඔප්පු කරමින් ඔහු තුවාලය නොතකා දිගටම රූගත කිරීම්වල යෙදී තිබේ.වැරැදි කාල නිර්ණයක් නිසා සටන් ජවනිකාවේදී රිතික්ගේ අතෙහි ඇති වූ විශාල කැපුමට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. ඒ වන විටත් අධික ලෙස රුධිරය වහනය වෙමින් පැවති බව කියවෙයි. වෙළුම් පටි යෙදූ අතත් සමඟ ඔහු රූගත කිරීම් දිගටම කළේ තමන් සැබෑ සටන් නළුවකු බව පෙන්වමිනි.තුවාලවීම් පිළිබඳ හොඳ ඉතිහාසයක් රිතික්ට තිබේ. පසුගිය වසරේ කරන් ජොහාර්ගේ ‘අග්නීපාත්’ රූගත කරද්දී ඔහුගේ පිට කොන්දට දරුණු ලෙස තුවාල විය. පසුව දණහිස් ආබාධයක් නිසා ද ඔහු මාස ගණනක් වේදනා වින්දේය.‘ක්‍රිස්’ සිනමාපට මාලවේ තුන්වැන්න වන ‘ක්‍රිස් 3’ නිපදවන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ ඔහුගේ පියා රාකේෂ් රොෂාන්ය.2013 දීවාලි සමයේදී ‘ක්‍රිෂ් 3’ තිරගතවීමට නියමිතයි.රූගත කිරීම්වලදී සිදු වූ අනතුරු නිසා සදාකාලික රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ අමිතාබ්, ෂාරුක් නාමාවලියට රිතික්ගේ නම එක් නොවේවා කියා රසිකයන් පතන බව නම් නිසැකයි.අන්තර් ජාලයෙනි- චම්පිකා දීපානී රණසිංහ
|
CREATIVE
|
පසුගිය සතියෙන්...දැන් ඔන්න විස්කි ග්ලාස් කීපයක් හිස් කරල ටික වෙලාවක් යන කොට මගේ ඇස් දෙකෙන් ගින්දර පිටවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. වටපිට බලපුවහම කැරකෙනවා. ගුවන් සේවිකාවන් එක්නෙකා දෙන්න වෙලා පේන්න පටන් ගත්තා. යානය ඇතුළේ ඉන්න අනික් මඟීන් මට ඩබල් ට්‍රිබල් වෙලා පේන්න ගත්තා. යානයේ ජනෙල් කවුලුවෙන් එබිල බැලුවහම වලාකුළු අතරින් ඉගිලිලා යනවා වගේ මට දැනෙන්න වුණා. හරියට රූබර ලලනාවන් ගොඩක් සමඟ ඇලී ගැලී ඉගිල්ලිලා යනවා වගේ මට දැනෙන්නට වුණා. දැන් මට ඉන්න තැනුත් අමතක වෙලා. කියන්නේ මොනවද, කරන්නේ මොනවද කියලවත් මට දැන් නිච්චියක් නැති තරම්.ඔය අතරේ හිතට ආපු ජොලියට හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියලා මම කෑගැහුවා. මෙහෙම කියලා බලන කොට ප්ලේන් එකේ හැමෝම මගේ දිහා බලාගෙන ඉන්නවා මට පේනවා. මේ අයගේ මුහුණු මට දෙක වෙලා පේනවා. ගුවන් යානයට ගොඩ වෙන වෙලාවේ මගේ හිතේ තිබුණ ලැජ්ජා භය චකිතය දැන්නම් මගේ හිතේ කොනකවත් ගෑවිලා නෑ.දැන් මට මේ විදියට කෑගහල තියෙන්නේ සැබෑ සිහියෙන් නොවන බව මට තේරුණේ මේ කවුරුත් මම දිහා බලා ඉන්න විදියෙන්. මගේ මේ වෙනස් හැසිරීම නිසාම මගේ අසලින් ගුවන් යානයේ වාඩි වෙලා හිටිය අයත් පුදුම විනෝදයක් ලබනවා කියලා මට දැනුණා. ඒ හින්දම මමත් ඒ අයට තව තවත් විනෝදයක් ලැබෙන විදියට හැසිරෙන්න පටන් ගත්තා. රූබර ගුවන් සේවිකාවන්ටත් මගෙ හැසිරීම හරිම විනෝදජනක වුණා.එක පාරක් සීතලටත්, තවත පාරක් උෂ්ණත්වයටත්, තවත් පාරක් සෙම් කෝපයටත් එක එක වර්ගයේ සැර බීම වර්ග තරම ඉක්මවා බීම නිසාම මගේ හැසිරීම වෙනස්ම මුහුණුවරක් අරගෙන තිබුණා. ඔය අතරේ ගුවන් යානයේ පාලක මැදිරියෙන් නිවේදනයක් නිකුත් වෙන්න පටන් ගත්තා. දැන් අපේ ගුවන් යානය ඩුබායි රටට ළං වෙනවා කියලා. මම ටක් ගාලා ජනෙල් කවුළුවෙන් බිම බැලුවා.මොන ගොඩබිමක් ද වලාකුළු ගොඩක් ඇරෙන්න වෙන කිසිම දෙයක් පේන්න නෑ. ටික වෙලාවක් යන කොට වලාකුළු අතරින් චුටි කලා මැදිරි එළි ගොඩක් දිස්වෙන්න පටන් ගත්තා. ඒ තමයි ඩුබායි නගරය. ක්‍රමක් ක්‍රමයෙන් ගුවන්යානය රට ඇතුළට ළං වෙන කොට ආයෙත් ගුවන් යානයේ පාලක මැදිරියෙන් නිවේදයක් නිකුත් වුණා.ගුවන් යානය ගොඩ බසින්න සූදානම්. ආසන පටි තද කර ගන්න කියලා. ඒ වෙන කොටත් මම පටිරෝල් කරගෙන තිබුණ නිසා තව මොන පටි ද තද කර ගන්න තියෙන්නෙ කියලා හිතලා මම වටපිට බලමින් හනික වෙරි හින්දම පටිය උපරිමයෙන් තදකර ගත්තා.මෙතෙක් වෙලාවක් මුහුද උඩින් ආපු අපිට ක්‍රමයෙන් ගොඩ බිමත්, එහි අලංකාරයත් දිස් වෙන්නට පටන් ගත්තම යානයේ හිටිය හැමෝම සතුටින් ඉන්න බව මට පේන්න පටන් ගත්තා. ඒත් මට නම් හිතට දුකක් ඇති වෙන්න පටන් ගත්තේ හරියට දිව්‍ය ලෝකේ ඉඳලා ආයෙත් මනුෂ්‍ය ලෝකයට ගොඩ බහින්න වුණානේ කියලා හිතුණ නිසා. සිහින ලෝකයක අතරමං වෙලා හිටිය මට ගොඩබිමට ළං වෙන කොටම මතක් වුණේ අරාබි රටවල පවතින දැඩි නීති රීති. ඒ රටවල තියෙන දඬුවම්වල භයානකකම. මේවා මගේ හිතට මතක්වෙන කොට මගේ වෙරි ඉබේටම බැස්සා. වෙරි මරගාතේ යානයෙන් බහින්නේ කොහොමද?අපේ රටේ පොලීසි වගේ බීල ඉන්න අයව අල්ලයිද? ඩුබායි පොලීසිය දෙකක් ඇනලා මාව කූඩුවට දමයිද? දඩ ගහයිද? මට ඇප තියන්න වෙයි ද? එහෙම වුණොත් මට වෙන වස ලැජ්ජාව. දැන් මම ප්‍රශ්න රාශියකට මැදි වෙලා. ඔන්න ඔය අතරේ පාන්දර හතරට විතර ගුවන් යානය ඩුබායි ගුවන්තොටුපළට ගොඩ බැස්සා. මගේ හිතේ බය තවත් වැඩි වුණා.අපේ රටේ පොලීසියේ අය නම් මේ වෙලාවට හොඳට නිදියන වෙලාව. ඩුබායි රටේ පොලීසියේ අයත් එහෙම වුණොත් මට චාන්ස් එකක් තමයි කියලත් මට හිතුණා. දැන් ඉතිං මොනව කරන්නද. මම කරගත්ත දේවල්වලට මමම විඳවන්න එපායැ. ඕනෑ දේකට මුහුණ දෙන්න කියලා හිතලා හිතට ධෛර්ය ගත්තා. කවුරු නැතත් මට ඇනස්ලි, සැමුවෙල් ඉන්නවා. මම හිත ආයෙත් හදාගෙන බැරි බැරි ගාතේ වෙරිමර ගාතේ ගුවන් යානයෙන් හෙමින් සැරේ බැහැ ගත්තේ මගේ හැසිරීමෙන් විමෝදයක් ලබපු පිරිසගේ මුවඟ රැදුණ සිනාවන් අතරින්.චන්දන දයාසිරිවර්ධනඡායාරූප - ශාන් රඹුක්වැල්ල
|
CREATIVE
|
ඉන්දියාවේ පළමුවැනි වෛද්‍යවරිය ‘රක්මාබායි’ගේ ජීවිත කථාව සිනමාවට නැෙඟන අලුත්ම ජීවන අන්දරයයි. ඊට පණ පෙවීම සඳහා තෝරා ගෙන ඇත්තේ අභියෝගයට ද අභියෝගයක් වූ විද්‍යා බාලන්ය. වයස අවුරුදු එකොළහේදී දහ අට හැවිරිදි දාදාජී භිකාජි සමඟ විවාහ වී දහසක් දුක් කම්කටොලුවලට මුහුණ දුන් රක්මාබායි පඹ ගාලක පැටලුණේ දස වසරකට පසු ඇයට විරුද්ධව සැමියා විවාහ අයිතිවාසිකම් ගැන නඩු පැවරීම නිසයි.උසාවිය ඇයට මාර්ග දෙකක් තෝරා ගැනීමට ඉඩ ලබා දුනි. සැමියාගේ නිවෙස හෝ සිරගෙය ඇයට තෝරා ගැනීමට තිබූ විකල්ප දෙකයි. 1888 දී දෙදෙනා එකඟත්වයකට පැමිණි නිසා රක්මාබායිට සිරබත් කෑමට සිදු නොවිණි.ඇය එංගලන්තයට ගොස් වෛද්‍ය විද්‍යාව හැදෑරුවාය. 1894 දී ඉන්දියාවට රක්මාබායි පැමිණියේ ඉන්දියාවේ පළමුවැනි වෛද්‍යවරිය ලෙස ඉතිහාසයට එක් වෙමිනි. ඇයගේ නමින් බොලිවුඩයේ තැනෙන චිත්‍රපටය ‘රක්මාබායි : දි ඔඩිසි’ය. විද්‍යා, රක්මාබායිට සැබැවින්ම සාධාරණත්වයක් ඉටු කරනු ඇත. එය සම්මානනීය සාධාරණත්වයක් වනු නොඅනුමානය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
වීනා මලික්, සරාගී වචනයට තවත් අරුතක් වැනිය. මුළු ලොවම ඇය ගැන එසේ සිතා සිටියත් වීනා කියන අන්දමට නම් ඇයට හාදුවක් දීම පවා පහසු කටයුත්තක් නොවෙයි.‘සෑම සබඳතාවකටම තේරුමක් තිබෙනවා. මං කා හා සමඟ සබඳතාවක් පවත්වද්දිී ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ලබන්න සෑහෙන කාලයක් ගත කරනවා.කිසිම කායික සබඳතාවකට පළමු වසරේදී ඉඩ ලැබෙන්නේ නැහැ. මං හාදුවක් දෙන්නවත් අවසර දෙන්නේ ඇසුරට මාස හයක්වත් ගිය පසුවයි. පෙම්වතුන් රැසක් ඇසුරු කළ බව සැබෑවක්. ඒත් ඒ හැම කෙනෙක් සමඟම යහන්ගත වෙලා නැහැ.’පෙම් සබඳතා ගැන එසේ පවසන වීනා මලික් තමන් සබඳතාවකදී වඩාත්ම බලාපොරොත්තු වෙන දේ අවංකකම බව පවසන්නීය. ජීවිතය පාලනය කරන, රහස් පරීක්ෂකයන් සේ ක්‍රියාකරන අයට ඇය කොහෙත්ම අකැමැතිය.‘මං හරිම සරල කෙල්ලෙක්.’ ලොවම ඇය හඳුනාගෙන සිටින්නේ වෙනස් අයුරින් වුවත්, ඇය තමන් දකින්නේ එලෙසයි.පාකිස්තානු ජාතික වීනා මේ වන විට හින්දි සිනමාපට නවයක රඟපා තිබේ.වීනා, ඇන්ජලිනා ජොලී, මෙගන් ෆොක්ස්, පැරිස් හිල්ටන්, කිම් කාඩෂියන්, ශිල්පා ෂෙට්ටි, සෝනම් කපූර් වැනි සරාගී තාරකාවන් අතර සිටින්නියකි.උපන් දිනය දා මිනිත්තුවකට වැඩිම හාදු ගණනක් දී ඇය ගිනස් වාර්තා පොතට ද එක් වී තිබේ. වීනා පරාජය කළේ සල්මන් ඛාන් තබා තිබූ වාර්තාවයි. 2013 ආරම්භයේදී ඇය මෝර්වේහි පදිංචි පාකිස්තානු ව්‍යාපාරික උමර් ෆාරුක් සහූර් සමඟ සබඳතාවක් පවත්වන බවට රාවයක් පැතිරුණි.
|
CREATIVE
|
රජකුට වාගේම සුපිරි ගායකයකුටත් සැනසිලිදායක නින්දකට ඉඩක් නැත. සුපිරි පොප් තරුව ජස්ටින් බීබර් ද දැන් පමණට වැඩි ජනප්‍රියකම නිසා වැටී ඇත්තේ විශාල අමාරුවකය. මේ දහනව හැවිරිදි ගායකයාට නිදා ගැනීම පවා කෙතරම් හිසරදයක් වී ඇත්දැයි කිවහොත් ඔහුගේ නිදා ගැනීම මුර කිරීමට ආරක්ෂක නිලධාරීන් යොදවා තිබේ.රසිකයන් කාමරය කඩාගෙන තමන් සිටින තැනට ඒවියි යන බියජනක සිතිවිල්ලෙන් ඔහු නිරතුරු පිඩා විඳීයි. දිගටම නිදන කාමරයේ මුර සෙබළුන් තබා ගැනීමට ඔහු බලාපොරොත්තු වෙයි.දැන් ඇන්ජලිනා ජොලී, ජූලියා රොබට්ස්, විල් ස්මිත් වැන්නන් එක් සිනමා චරිතයකට ඩොලර් මිලියන 20 ක් පමණ අය කරති. එහෙත් ඔවුන් සිනමා ගමන ආරම්භයේදී උපයාගෙන ඇත්තේ කෙතරම් සුළු මුදලක් ද? ‘තෙල්මා ඇන්ඩ් ලුවිස්’ රංගනයට බ්‍රෑඩ් පිට්ට ගෙවා ඇත්තේ ඩොලර් හය දහසකි. එහෙත් ඕෂන්ස් ලෙවන් රංගනයට ඩොලර් මිලියන 30 ක් අය කරගෙන තිබේ. ලින්ඩ්සේ ලොහාන් ‘ද කැනියන්ස්’ රංගනයට උපයාගෙන ඇත්තේ ඩොලර් 6,480 ක මුදලකි.ජිම් කැරිට ඉයස් මෙන් රංගනයට එක් ඩොලරයක්වත් ලැබී නැත. ‘ද පර්ජ්’ රංගනයට එතන් හෝවික්ට ද කිසිම ගෙවීමක් නොකළේය.‘දි ඇවෙන්ජර්ස්’ වෙනුවෙන් ක්‍රිස් එවන්ස්ට ලැබුණේ ඩොලර් 2 – 3 කි. එහෙත් සිනමාපටය සර්වකාලීනව වැඩිම ආදායම ලැබූ සිනමාපටය වෙයි.චම්පිකාපරිගණක සජීවකරණ සංගීතමය ත්‍රිමාණ චිත්‍රපටයක් වන Frozen හෙට (20) සිට වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේදී තිරගත කිරීමට නියමිතය.ක්‍රිස් බක් හා ජෙනිෆර් ලී අධ්‍යක්ෂණය කළ මෙහි ක්‍රිස්ටන් බෙල්, ඉඩ්නා මෙන්සෙල්, ජොනතන් ග්‍රොෂ්, ජොෂ් ගැඩ් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දෙති.යතේජා
|
CREATIVE
|
කන්දක් සේ මා මුහුරත් උළෙලේදී සුමිත්‍රා පීරිස් සහ සෝමරත්න දිසානායක අතර ඇති වූ දෙබස කුමක්ද?රූපයේ දැක්වෙන අයුරෙන් ඔවුන්ගේ කතාබහ රසවත් ලෙස ලියා මේ සැප්තැම්බර් 04 වැනිදාට පෙර ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.
|
CREATIVE
|
තම කීර්ති නාමයට හානි කළා යැයි මිලියන පන්සීයක වන්දියක් ඉල්ලමින් නිළි සේමිණී ඉද්දමල්ගොඩ දමිතා අබේරත්නට විරුද්ධව ගොනුකොට තිබුණු නඩුව හේතුවෙන් තම කීර්ති නාමයට අපහාසයක් වුණා යැයි පවසමින් දමිතා විසින් සේමිණීට විරුද්ධව මිලියන දහසක් ඉල්ලා කොළඹ මහා අධිකරණයේ නඩුවක් ගොනු කළ බව දමිතා සරසවියට කීය.එමෙන්ම වෙබ් අඩවිවලට තොරතුරු ලබා දුන් බවට සේමිණී නඟන චෝදනාව ඔප්පු කොට පෙන්වන්නට යැයි දමිතා එමඟින් පවසන්නීය.මම මනුස්සකමට සේමිණීට කිව්වා කතාකරලා මේ ප්‍රශ්නය විසඳගමු කියලා. ඒක එහෙම නොකර ඇය නඩු දැම්මා. මාත් නඩුවක් දැම්මේ ඒකයි. මේ වන විට පළමු නඩුව විභාග වන නිසා මට වැඩි විස්තර කියන්න බැහැ. මේවා විසඳලා තීන්දු තීරණ ආවම වැඩි විස්තර කියන්නම්, දමිතා පැවසුවාය.ප්‍රසාද්
|
CREATIVE
|
අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි මෙවර අංක එක දිනා සිටින්නේ මැට් රීව්ස් අධ්‍යක්ෂණය කළ Dawn of The Planet of The Apes චිත්‍රපටය යි. විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ගැරී ඕල්ඩ්මෑන්, කේරී රසෙල්, ඇන්ඩි සෙරකිස්, ටොබ්ලි කේබ්ල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ඩොලර් මිලියන 170ක පිරිවැයක් දරා නිපද වූ මෙම චිත්‍රපටය පසුගිය ජුලි 11 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ අතර පළමු සති අන්තය වන විට ඩොලර් මිලියන 73ක ආදායමක් උපයා තිබුණි.අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට ලැයිස්තුවේ සති දෙකක් පුරා ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටි Transformers චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය වන Transformers : Age of Extinction චිත්‍රපටය මෙවර දෙවැනි ස්ථානය හිමි වී තිබේ. මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සති අන්තයේදී 16.5ක ආදායමක් වාර්තා කළේය. පසුගිය ජූලි 2 වැනිදා අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Tammy බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ මෙම සතියේ තෙවැනි ස්ථානය හිමිවී ඇත. හාස්‍යමය කතා තේමාවක් රැගත් මෙය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 12.9ක ආදායමක් වාර්තා කළේය. Tammy අධ්‍යක්ෂණය බෙන් ෆැල්කෝන් විසිනි.පසුගිය සතියේ මෙන්ම මෙම සතියේත් සිව්වැනි ස්ථානය රැක ගැනීමට 22 Jump Streetසමත් විය. පිල්ලෝර්ඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 6.7කි. අමෙරිකානු ප්‍රදර්ශනයේ පස්වැනි සතියේ පසුවන පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වූ How to Train Your Dragon 2 චිත්‍රපටයට පස්වැනි ස්ථානය හිමිව තිබේ. පසුගිය සතියේ එය ලද ආදායම වූයේ ඩොලර් මිලියන 5.9කි. ඩේව් ග්‍රීන් අධ්‍යක්ෂණය කළ Earth to Echo අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ හයවැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ සති අන්තයේදී ඩොලර් මිලියන 5.5ක ආදායමක් වාර්තා කරමිනි. පසුගිය සතියේ තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි Deliver Us from Evil චිත්‍රපටයට හත්වැනි ස්ථානය හිමි වි තිබේ. ස්කොට් ඩෙරික්සන් අධ්‍යක්ෂණය කළ Deliver Us from Evilපසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 4.7ක ආදායමක් උපයා තිබුණි. සුරංගනා කතා පුවතක් ගෙන එන ක්‍රියාදාම චිත්‍රපටයක් වන Maleficent චිත්‍රපටයට හිමි වී තිබෙන්නේ අටවැනි ස්ථානය යි. හාස්‍යමය කතා තේමාවක් ගෙන එන සංගීතමය චිත්‍රපටයක් වන Begin Again මෙවර දර්ශකයේ නමවැනි ස්ථානය දක්වා පැමිණ ඇති අතර පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 2.9ක ආදායමක් වාර්තා කළේය. දසවැනි ස්ථානය ක්ලින්ට් ඊස්ට්වුඩ් අධ්‍යක්ෂණය කළ Jersey Boys චිත්‍රපටයට හිමිවී ඇත.යතේජා
|
CREATIVE
|
නර්තන කිරුළ සජිත අනුත්තර ඇන්තනි ටදෙරණ සිටි. ඔෆ්. ඩාන්ස් තවත් උද්වේග කර තරගාවලියක් පසුගිය දා මහරගම යොවුන් රඟහලේ දී නිමාවට පත්වූයේ සජිත අනුත්තර ඇන්තනි තම නිසඟ හැකියාව ලෝකයාට පෙන්වමින් දෙරණ සිටි. ඔෆ්. ඩාන්ස් කිරුළ තමාගේ කරගනිමින්. සජිත සහ සශිකා ජෝන්ස් කිරුළ තම හිස මත පලඳවා ගනිද්දී, හෂිනි ගෝනගල සහ උදාර අකලංක දෙවැනි තැන දිනා ගනු ලැබුවේ සුරාජ් මාපා සහ ඉමල්ෂා මධුෂානි තෙවැනි තැනට පත්වද්දීය.රැඟුම්වලින් අලංකාර වූ මේ සුන්දර අමරණීය සිහිවටන තැබූ රැයෙහි සිවුවැනි තැන දිනා ගනු ලැබුවේ අචිනි ගුණරත්න සහ ළහිරු රෝෂණ විසිනි. මේ ඒ අති සුන්දර ඉමිහිරි රැයෙහි මතක රූ කිහිපයකි.චතුරඡායාරූප – අරුණ ශාන්තසජිත තරගයේ ජයග්‍රාහකයා වුණේ හැමෝගෙම හිත්වල අලුත් බලාපොරොත්තු රැසක් ඉතිරි කරමිනි. මේ තරගාවලියේ දී සජිත ගේ අවසන් ජයග්‍රාහී රංගනයේ සුවිසල් ශක්තියක් වන්නට සජිතගේ අයියා අඛිල ද නර්තන කණ්ඩායමට එක් වුණා. සජිත තමන්ගේ විස්මිත නර්තන පෙළහැර පෑම සඳහා තමාගේ අයියාගේ පුළුල් පිට කොන්ද මත නැඟී රංගනයක යෙදුණා. මල්ලීගේ ජයග්‍රහණය වෙනුවෙන් අයියා පිට දී සිටියේ හරිම අපූරුවටයි.තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව සජිතගේ සංවේදී අපූරු කතාව මුළු මහත් රසිකයන්ගේම සිත් මෙන්ම නෙත් ද සතුටින් පුරවාලන්නට සමත්වුණා.‘මේ ලෝකේ ඉන්න හොඳම අයියා ඉන්නේ මට. අර ඉන්නේ එයා. එයා මට පුදුම ශක්තියක් වුණා. මේ ජයග්‍රහණය කරා මාව ගෙනාවේ ඔයා. මං කවදාවත් අයියට ආදරෙයි කියලා නැහැ. ආදරේ වුණාට පෙන්නලත් නැහැ. අයියේ, මම ඔයාට ගොඩක් ආදරෙයි’.සජිත ජයග්‍රාහී වේදිකාවේ ඉඳන් එහෙම කියන කොට ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි ගේ සහ කුමාරි මුණසිංහගේ වගේම බලන් හිටිය හැමෝගෙම නෙත මත පිබිදුණේ සතුටේ සහ සහෝදරත්වයේ සුන්දර කඳුළක්.
|
CREATIVE
|
වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නේ අවුරුද්දෙන් පස්සේ කවදද නාට්‍යයක් වේදිකා ගත වෙන්නේ කියලයි. ඒ අනුව මුලින්ම මේ මාසයේ,* 27 වැනිදාරත්නසිරි පරණවිතාන රචනා කර අධ්‍යක්ෂණය කළ‘සිද්ධාර්ථ,’ වේදිකා ගත වෙන්නේ අම්බලන්ගොඩධර්මාශෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී.* 28 වැනිදාකාලයකට පස්සේ වේදිකාවට ගොඩවෙන ජය ශ්‍රී චන්ද්‍රජිත්අධ්‍යක්ෂණය කරන ‘උමතුසං වරුසාව’ නරඹන්න ඔබ මරදාන ටවර් රඟහලට යා යුතුයි.ඒ වගේම එදාටම රවීන්ද්‍ර ආරියරත්නත් ‘බල්ලොත් එක්ක බෑ’ අරගෙන හැව්ලොක්හි පිහිටි ලුම්බිණි රඟහලට ගොඩ වෙනවා.* 30 වැනිදාප්‍රේමකුමාර කරුණාරත්නගේ නාට්‍ය නිර්මාණයක් වුණු ‘බ්‍රහ්මාලෝකේ’ මෙවර වේදිකා ගත වෙන්නේ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී.නාට්‍යය උළෙල 26 දාමහව දීඅලුත් අවුරුද්දෙන් පස්සේ මහව සයිමන් නවගත්තේගම අනුස්මරණ රංග ශාලාවේ නාට්‍ය උළෙලක් පවත්වන්නයි මේ සූදානම් වෙන්නේ. මේ මාසයේ 26 වැනිදා ‘ගුරු තරුව‘ වේදිකා නාට්‍යයෙන් ආරම්භ වන මේ නාට්‍ය උළෙලේ,27 වැනිදා - සුභ සහ යස28 වැනිදා – නරිබෑණා29 වැනිදා - සක්කාය දිට්ඨි30 වැනිදා – හුණුවටයේ කතාව02 වැනිදා – ජනේලයෙන් පනින්නද3 වැනිදා - දෙයියොත් දන්නේ නෑනාට්‍යයෙන් අවසන් වෙනවා.තිලානි - ප්‍රසාද්
|
CREATIVE
|
චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු මෙන්ම දක්ෂ තිර කතා රචකයකු වූ සෝමපාල ලීලානන්ද ගේ පුතු විරාජිත ලංකාගේ යුග දිවි පිවිසුම පසුගියදා පිළියන්දල සොනෙන් බ්ලුම් හෝටලයේදී සිදු විය. ඔහුගේ අත ගත් මනාලිය වූයේ නදීෂා නුවන්තිය. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය මෙන්ම ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් මේ සුබ මොහොතට සහභාගි විය.ජනාධිපති ආර්යාව මනාල යුවළ සමඟ දෙපස මවුපියන් පිරිවරා සේයාරුවකට පෙනී සිටි අයුරු.සෝමපාලගේ රචනා වැඩි ගණනකට සංගීතයෙන් පණ දුන් සරත් දසනායක සංගීතවේදියාගේ බිරිය ප්‍රීති සහ පුතු රංග මංගල උත්සවයට ඇවිත්.චන්ද්‍රිකා සිරිවර්ධන, නදීකා ගුණසේකර හමුවී. චන්ද්‍රිකාගේ සැමියා, ඇන්ටන් අල්විස් පසෙකින් වෙති සේයාරූ - අමිත් එස්. සේනාරත්න
|
CREATIVE
|
එච්. කේ. ධනුලි වත්මාලි කියන්නේ සංගීතයට ළැදි හොඳ ගායන හැකියාවක් ඇති පුංචි දැරියක්. කොතරම් දක්‍ෂතා තිබුණත් ඇයට එම හැකියාව තවත් ඔප්නංවා ගන්න අවශ්‍ය සංගීත භාණ්ඩයක් ළඟ තිබුණේ නැහැ.මේ බව දුටු අප අතරින් වියෝ වූ ගායනවේදී නාරද දිසාසේකරයන්ගේ පි‍්‍රය බිරිය වන නිලංගනී දිසාසේකර, නාරද පරිහරණය කළ සර්පිනාව ධනුලිට තෑගි දෙන්න තීරණය කළා. හරියටම නාරද අප අතරින් වියෝ වී සිව් වසරක් ගත වූ දිනයි නිලංගනී මේ පරිත්‍යාගය සිදු කළේ. මේ එම අවස්ථාව සේයාරූ ගතවූ අයුරුයි.ප්‍රසාද්
|
CREATIVE
|
සෑම් විට්රිකි හට පාසැල් වියේදීම පියාගෙන් ලැබෙන වටිනා ත්‍යාගයක් වෙන්නේ සුපිරි මෝටර් රථයකි. එය කාර් එකක් වුව ද එයටත් වඩා නිර්මාණශීලී වූ රොබෝ කෙනෙකු බවට පත්වීමට හැකියාවක් ඇති බව පසුව සෑම් දැනගනියි. බබ්ල්බී නම් වූ මේ රොබෝ පිටසක්වලින් පැමිණි රොබෝවෙකි.මේ රොබෝවට අමතරව තවත් එවැනිම වූ රොබෝවරුන් විශාල පිරිසක් පෘථිවිය වෙත පැමිණ සිටින්නේ ඕල්ස්ට්‍රාක් නම් වූ ඔවුන්ගේ ආත්මයන් ඇතුළත් වූ උපකරණය අයිති කර ගැනීමටය. මෙහිදී යහපත් වූ රොබෝවරුන් සහ නපුරු වූ ක්‍රියාවන්ට යොමු වූ රොබෝවරුන් අතර අරගලයක් සිදු වන විටදී සෑම් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද මේ අතරට මැදි වෙන්න සිදු වේ.ඉන් අනතුරුව සෑම් උසස් අධ්‍යාපනය හදාරණ විටදී ඩිසෙස්ටිකොන්ස් නම් වූ දරුණු රොබෝ යළි පැමිණෙන්නේ ඊජිප්තු පිරමිඩයක් තුළ සඟවා තිබෙන පිටසක්වල ජීවීන් හට අයිති වූ යමක් රැගෙන යාමටය. ඔවුන් ඒ වෙනුවෙන් සෑම්ගේ බුද්ධිය අයුතු අන්දමින් යොදා ගැනීමට තැත් දරයි. පිටසක්වල ජීවින්ට අයත් වූ එම උපකරණයෙන් සූර්යයා පවා විනාශ කළ හැකි බව ඔවුන් වටහා ගනියි. මේ නිසා සෑම් ගේ පවුලේ සාමාජිකයන් යළිත් භීතියට පත් වේ.මෙම සිදුවීම්වලින් නොනැවතෙන දරුණු රොබෝවන්ගේ මීළඟ අරමුණ බවට පත් වෙන්නේ සඳමත දී සැඟවුණු රොබොවරුන්ට අයත් අභ්‍යවකාශ යානාවක් සොයා ගැනීමයි. එහිදී ද ඇතිවන රොබෝවරුන්ගේ ගැටුමට සෑම් හට මැදිවන්නට සිදු වේ. මේ සෑම අවස්ථාවකදීම තම මෝටර් රථය වූ බබ්ල්බී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේය.මෙම ත්‍රාසජනක සිදුවීම් මාලාව ගෙන එන්නේ මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කළ Transformers (2007) Transformers : Revenge of the Fallen Transformers : Dark of the Moon (2011) යන චිත්‍රපට ත්‍රිත්වයෙන් එය රූ ගන්වා ජනතාව හමුවට ඉදිරිපත් කළේය. Transformers : Dark of the Moon තිරගත කර වසර තුනකට පසු මේ රොබෝවන් යළිත් මිනිසුන් අතරට පැමිණේ. එහෙත් මේ වන විට වාහන නිර්මාණ ශිල්පියෙක් තම දියණිය සමඟින් රොබෝවන් විනාශ කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කරමින් සිටියි. ඒ සමඟින් මෙහි ඉදිරිය කෙලෙස සැකසේවිද?ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය වන Transformers : Age of Extinction ගෙන එන්නේ එම කතා පුවතයි. මේ වන විට එය ලොව පුරා අති සාර්ථක අයුරින් තිරගත වෙමින් පවතී. පසුගිය ජූනි 27 වැනිදා සිට තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ ඉහළින්ම රැඳී සිටින්නේය.මාර්කි වෝබර්ග්, නිකොලා පෙල්ට්ස්, ජැක් රේනොර්, කෙල්සෙ ග්‍රැමර්, ටයිටස් වෙලිවර්, සොෆියා මයිල්ස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙති. Transformers : Age of Extinction මිනිත්තු 165 ක ධාවන කාලයකින් යුතු වේ.අමෙරිකා එක්සත් ජනපදයේ 4 D තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවල ආරම්භය සනිටුහන් කළේ ද Transformers 4 චිත්‍රපටයයි. පසුගිය ජූනි 19 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී එය සිදු කෙරිණි. තවද මෙම චිත්‍රපටය හරහා චීනයේ නිෂ්පාදිත සුපිරි ක්‍රීඩා වාහන එකතුවක් ද ලොව පුරා ප්‍රචාරයට සූදානමින් සිටියි. Trumpchi E-Jet නම් වූ සුපිරි මෝටර් රථය මේ වන විට ඉහළ ආකර්ශනයක් දිනාගෙන ඇති බවත් වාර්තා වේ. මිට අමතරව චීනයේ නිෂ්පාදිත රූපවාහිනි, පරිගණක අදී බොහොමයක් දේවල ප්‍රචාරණය මේ දිනවල Transformers 4 හරහා සිදු කෙරෙන බව නොරහසක්.- යතේජා
|
CREATIVE
|
අජේ දේව්ගන්, කාජල් නම් විශිෂ්ට රංගවේදිනිය රිදී තිරයෙන් උදුරාගෙන පහළොස් වසරක් ගත වී තිබේ. විවාහයෙන් පසු කාජල්ගේ රංගනයක් දැක ගත හැකි වූයේ සීමා සහිතවයි. එහෙත් අජේ දේව්ගන්ගේ සිනමා ගමනට නම් විවාහය කිසිසේත්ම බාධාවක් වූයේ නැත. පසුගියදා ඔවුන් සැමරුවේ පහළොස් වන විවාහ සංවත්සරයයි. 1999 වසරේ දී විවාහ පත් ඔවුන්ට නිසා සහ යුග් නමින් දූ පුතුන් දෙදෙනෙකි.පහළොස් වැනි විවාහ සංවත්සරයේදී කවුරුත් විමසුවේ දෙදෙනාගේ විවාහයේ සාර්ථකත්වයේ රහසයි.‘රහසක් කියන්න නම් දන්නේ නැහැ. ඒත් බොලිවුඩය කියන්නේ විවාහ ජීවිතය පවත්වාගෙන යාමට අසීරු තැනක් නොවෙයි. විවාහය පවත්වාගෙන යාමට එකිනෙකා කරන දේ අනුවයි පැවැත්ම ඇත්තේ. අනෙක් තැනැත්තාව සතුටු කිරීමට, වැදගත් හා ගෞරවනීය තැනක් දීමට උත්සාහ කළ යුතුයි.’ මේ සුබ අවස්ථාවේදී ඔහු මාධ්‍යයට පවසා තිබේ.‘ඇක්ෂන් ජැක්සන්’ සහ ‘සිංහම් 2’ සිනමාපටවලින් ඉදිරියේදී අජේගේ රංගනයන් නැරැඹීමට ලැබෙනු ඇත.
|
CREATIVE
|
අධ්‍යක්‍ෂ සිරි කුලරත්නපසුගිය ජූලි මාසයේ මගේ බිරිඳ අප අතරින් වියෝ වුණා. ඒ පිළිබඳ සංතාපයෙන් සිටියත් මගේ තෙවැනි පුතාගේ විවාහ කටයුතු සූදානම් කරලා තිබුණේ.ඒ නිසා මේ සතියේ දී එය ඉතාම චාම් අනිදමින් පවත්වන්නට සූදානම් වෙනවා. ඊට අමතරව මම අධ්‍යක්‍ෂණය කළ ‘රාස්ස කැලේ’ චිත්‍රපටය හිතුවාටත් වඩා සාර්ථක අයුරින් තිරගත වෙනවා. ඒ ගැනත් පුංචි සතුටක් හිතට දැනෙනවා.
|
CREATIVE
|
ආර්. කේ. අලුත් වීදිය අධ්‍යක්ණය කරන නවතම ටෙලි සිතුවම දූවිලි මල් හි මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ ඩෙවෝන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.ලලිත් ස්වර්ණනායක නිෂ්පාදනය කරන මෙහි සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, නදීකා ගුණසේකර, විශාකා සිරිවර්ධන, සරත් කොතලාවල, නිරෝෂන් විජේසිංහ, ශලනි තාරකා, අකිල සඳකැළුම්, තිසුරි යුවනිකා, ශාලිකා එදිරිසිංහ, අරවින්ද දොඹගහවත්ත, ෂර්ලි ජයසිංහ, රනිල් කුලසිංහ, පුබ්‍රද්ධ සම්පත් ෆර්ඩිනැන්ඩස්, කවීෂා අයේෂානි, සමන්ත කුමාර ගමගේ, සෝමවීර ගමගේ, සහන් හේවාදේව, තිලකා රණසිංහ, නිමාෂා රුවන්මලී, චන්ද්‍රා අරුමාවඩු, සුජීව උඩවත්ත, රවිඳු දසනායක, කෝකිල සෙනෙවිරත්න, ඉන්දික ධර්මතිලක, ධනංජය රාජපක්ෂ, ශානිකා නිරෝෂනී ඇතුළු පිරිස චරිත මවති.චමින්ද උඩවෙල සහාය අධ්‍යක්ෂවරයාය. තුසිත අනුරාධගේ කැමරා අධ්‍යක්ෂණයකි. නලින් ප්‍රේමතිලක අංග රචනයෙන්ද, සමීර ප්‍රසාද් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණයෙන් ද, නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, විරංග කැටපෙආරච්චි සංස්කරණයෙන් ද දූවිලි මල් සඳහා දායක වෙති. කාර්මික උපකරණ සැපයීම ආර්. එස්. වීඩියෝ වෙනුවෙන් රුවිර ලියනආරච්චිගෙනි.- ප්‍රසාද්
|
CREATIVE
|
ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය තේමා කරගනිමින් එදින දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිනමාශාලා ආසන්න පාසල්වල දරු දැරියන් සඳහා උදෑසන 8.00 ළමා චිත්‍රපටයක් නොමිලයේ ප්‍රදර්ශනය කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා තිබේ. මේ සඳහා ආරක්ෂක ලේකම්තුමා, උතුරු ප්‍රදේශ ආණ්ඩුකාර, පළාත් ප්‍රධාන අමාත්‍යවරු සහ පළාත් අධ්‍යාපනික අධ්‍යක්ෂ, විදුහල්පතිවරු, යාපනය හමුදා නිලධාරීන් සහයෝගය ලබා දෙනු ඇත.ඒ අයට අමතරව චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩල, සිනමා ශාලා සහ චිත්‍රපට නිෂ්පාපදකවරු ද දර්ශන වාරයට සිය දායකත්වය සැපයීමට ඉදිරිපත් වී ඇති බව චිත්‍රපට සංස්ථාව වැඩිදුරටත් දන්වා සිටියි.සම්මානනීය ඉරාන ළමා චිත්‍රපටයක් වූ චිල්ඩ්රන් ඔෆ් හෙවන් ලෝක ළමා දිනයට සමගාමීව එදින සවස හයට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.මෙය මජිඩ් මජීඩ්ගේ අධ්‍යක්ෂණයකි.මෙම වසරේ දැයට කිරුළ අධ්‍යාපනික ප්‍රදර්ශනයට පූර්වගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන්ගේ සිනමා රස වින්දනය වර්ධනය කිරීමේ අරමුණින් පාසල් සිනමා රචනා තරගයක් පවත්වන ලදී. එහි ජයග්‍රාහකයන්ගේ සහතික සහ තිළිණපත් ප්‍රදානය ඔක්තෝබර් පළමුවැනිදා එනම් ලෝක ළමා දිනය දා සවස 2.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වනු ඇත.
|
CREATIVE
|
ඇය රංගනයෙන් දායක වුණේ චිත්‍රපට දෙකකට පමණි. එහෙත් හෙළ සිනමාවට ලැදි අප කොයි කාටත් එදා රිදී තිරය හැඩ කළ ඒ හැඩකාරිය සිනමාවෙන් සමුගත්ත ද අමතක නොවිණ. ඒ පූර්විකාව මා ලියාගෙන ආවේ අශෝකා සිනමාපටයේ අශෝකා ලෙස රඟපෑ පුෂ්පා ජෙනට් ගැනය. ඇයට බෙහෙවින් ආදරය කළ හැමෝම පාහේ ඇය ඉතා කෙටි කලකින් සිනමාවෙන් සමු ගැනීම ගැන කනස්සල්ලෙන් සිටියහ.පුෂ්පා ඉතා දීර්ඝ කාලයකට පසු සිනමාපටයක රංගනයේ යෙදෙන බව අපට වාර්තා විය. ඒ උදයකාන්ත වර්ණසූරියගේ බහුබූතයෝ 2 ගින්දරී සිනමාපටය සමඟිනි. අඩ සිය වසකට වඩා වැඩි කාලයක් රංගනයෙන් ඈත් වී සිටි ඇය ගින්දරී හැඩ කරමින් නැවතත් රිදී තිරයට එකතු වනු ඇත. මේ දිනවල රූගත කෙරෙන ගින්දරීහී පබෝදා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල සහ රිචඩ් මානමුදලි ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙයි.- ප්‍රසාද්
|
CREATIVE
|
උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය කොස්තාපල් පුඤ්ඤසෝම හෙට සිට රීගල්, රිද්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය. හාස්‍යෝත්පාදක නමුත් ආදර්ශවත් කතා පුවතක් රැගත් එය පුඤ්ඤසෝම නම් පොලිස් නිලධාරියකු වටා ගෙතී ඇත. එම චරිතයට මහේන්ද්‍ර පෙරේරා පණ පොවනු ලබයි.ශ්‍රීයන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන, ශ්‍රීනාත් මද්දුමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, රවීන්ද්‍ර යසස්, ජනක රණසිංහ, මැණික් විජේවර්ධන, ලහිරු මුදලිගේ, ආර්. ජී. සිරිවර්ධන, ආනන්ද අතුකෝරාල, මානෙල් වීරමුණි, නිල්මිණි කෝට්ටෙගොඩ, ශිරෝමිකා ප්‍රනාන්දු, විරාජ් ජයසිරි, උදේනි චන්ද්‍රසිරි ඇතුළු පිරිස සෙසු චරිතයන් මවනු ලබයි. - ප්‍රසාද්
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.