comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් එළඹෙන ඔක්තෝබරයේ අගදී කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය.ඒ ඇයගේ සිනමා දිවියට අඩ සියවසක් සපිරීම නිමිත්තෙනි. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය මගින් සංවිධානය කළ මෙයට සමගාමීව මාලිනිියගේ රංගන කෞෂල්‍යයන් ඔප් නැංවූ සිනමාපට ඇතුළත් ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් ද පැවැත්වෙනු ඇත.ප්‍රසාද්
|
CREATIVE
|
ඒක බොරුවක්, මම ගෙදර.මම බොරුනම් සී. අයි. ඩී. එකට කතාකරලා බලාගන්නමම කාටවත් වරදක් කරලා නැහැඅනිවාර්යයෙන්ම හොඳින්. මේ දැනුත් මං මේ ෂූටිං ඇවිල්ලා ඉන්නේ.ගෙදර, දවල් ටී.වී ප්‍රෝගෑම් එකකට ගියා.ඔව්, ඇයි?ඒ මොනවද?තව..මෙහෙමයි අයියේ, මටත් ඔය ආරංචි ටිකම ආවා. ගොසිප් වෙබ් සයිට් කිහිපයකම මේ දූෂමාන පුවත පළකරලා තිබුණා. මගේ යාළුවො මට කතා කරකර කිව්වා. එක එක වෙබ් සයිට්වල විවිධාකාර විදියටයි ඒක පළවෙලා තියෙන්නේ.මොන බොරුද අයියේ. බලන්න කොච්චර වැරදිද කියලා. එහෙම දෙයක් සිද්ධ වුණෙත් නැහැ.අන්න එතන තමයි අයියේ ගැටලුව තියෙන්නේ. මං ගැන දන්න ගොඩක් දෙනෙක් ඒවා දැකලා බයවෙලා තිබුණෙ. මට හිතා ගන්න බැරි ඇයි එහෙම මට මඩ ගහන්නේ කියලා. මං කාටවත් වරදක් කරලා නැහැ. අනික සී. අයි. ඩී. එක කියන්නේ සෙල්ලම් ආයතනයක් නෙවෙයි. ඒ නම් පාවිච්චි කරලා පුවත් පළ කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා.ඒ ගැන නම් මං කියන්න දන්නේ නැහැ. ඒක අධ්‍යක්‍ෂණය කළේ මගේ තාත්තනේ. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒ අය විසඳ ගනීවි නේද? මෙතන තියන ප්‍රශ්නය ‘ඩබල් ට්‍රබල්’ හි එක් නිෂ්පාදකවරයකු වශයෙන් මගෙ නම යන එක. චිත්‍රපටය මොකක් හරි අවුලක නම් මගේ නමත් සඳහන් වෙනවනේ. අර පුවත ඒක හින්දද දන්නේ නැහැ.ඇත්තම කිව්වොත් මට ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ. හැබැයි මගේ අම්මයි තාත්තයි නම් නිකම් ඉන්න එකක් නැහැ. ඔවුන් මොනවා හරි කරාවි.මාව දන්න, මාව විශ්වාස කරන කිසිම කෙනෙක් මේ ආරංචිය තැකුවේ නැහැ. ඔවුන් දන්නවා මුදල් වංචාකරන්න තරම් මට අහේනියක් නැහැ කියලා.මං සාමාන්‍යයෙන් උත්සව අරගෙන උපන් දිනය සමරන කෙනෙක් නෙවෙයි. ඒත් මෙදාපාර රෑ දොළහට මගේ යාළුවො මට නොකියම ගෙදරට ආවනේ. මාවත් ඇහැරවලා කේක් එකක් කපලා උපන් දිනය සැමරුවා. උදේ ටී. වී. ප්‍රොගෑම් එකකට ගිහිල්ලා හවස ගෙදර ආවා. ඔන්න ඔහොමයි එදා දවස ගෙවුණේ. මං කියන දේවල් බොරුනම් ඕන කෙනෙකුට පුළුවන් සී. අයි. ඩී. එකෙන් චෙක් කරලා බලන්න මම එදා එහෙ ආවද නැද්ද කියලා.සටහන – ප්‍රසාද් සමරතුංග ඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ශ්‍රී දේවිකාලයාගේ ඇවෑමෙන් ගසක් බවට පත් වූ පැළය අමතක වී යාම ස්වාභාවිකයි. බොලිවුඩයේ මහා වෘක්ෂ බවට පත් වී තිබෙන්නේ මේ පැළ කියා ඔබට මොහොතකටවත් සිතුණාද? ‘යාදොන් කි භාරත්’ සිනමාපටයේ පුංචි අමීර් ඛාන්, ‘ජෝ ජීතා වෝහි සිකන්දර්’ හි කුඩා ඉම්රාන් ඛාන්, උර්මිලා මතොන්දකාර් දැරියගේ ‘මාසූම්’, ‘ජූනියර්’, කුනාල් කෙමූ සහ අෆ්ටාබ් ශිව්දසනි ළමා නළුවන් ‘හම් හෛ රාහි ප්‍යාර් කී, මිස්ටර් ඉන්ඩියා’ සිනමාපටවලින් දුටු බව ඔබට සිහිනෙන් වාගේ හෝ මතකද? එපමණක් නොවෙයි බොලිවුඩයේ හපන්කම් පාන තවත් බොහෝ තරු හා තාරකාවන් තිරයට පායා ඇත්තේ බෙහෙවින් ලපටි වයසේදීයි.ශ්‍රී දේවි පළමු ප්‍රධාන චරිතය කමල් හසන් සමඟ මුන්දා මුදිච්චි (1975) හි රඟද්දී දහතුන් හැවිරිදි දැරියකි. එහෙත් ඇය තිරයේ පෑයුවේ සිවු හැවිරිදි දැරියක ලෙස සිටියදීය. දමිළ පමණක් නොව තෙලිඟු සහ මලයාලම් සිනමාපටවල ද ඇය ළමා නිළියක ලෙස හද දිනා ගත්තාය. හොඳම ළමා රංගනයට හිමි සම්මානය, කේරල සම්මාන උළෙලකදී දිනා ගැනීමම ඇය හැදෙන ගහක් බවට ලැබුණු ඉඟියකි. ශ්‍රී දේවි බොලිවුඩයට එක් වූයේ ‘ජූලී’ (1975) සිනමාපටයේ බාල සොයුරියට රැඟීමෙනි. ඒ වන විට ඇය දොළොස් හැවිරිදියි.රේඛා ‘බේබි භානුරේඛා’ ලෙස තිරයට පිවිසුණේ ‘පන්ගුලා රත්නම්’ (1966) නම් තෙලිඟු සිනමාපටයෙනි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු දොළහකි. රේඛා දකුණු ඉන්දීය සිනමාවෙන් බොලිවුඩයට පිවිසුණේ ‘සාවන් භාදන්’ සිනමාපටයෙනි.ශෂි කපූර්රිෂි කපූර්ගේ බිරිය, රන්බීර් කපූර්ගේ මව, නීතු හැටේ දශකයේ අග භාගයේ ළමා නිළියකි. දෝ කාලියන්, වාරිස්, දස් ලක්, පවිත්‍රා පාපි වැනි සිනමාපටවල රැඟූ දඟකාරිය ‘යාදොන් කි බාරත්’ (1973) සිනමාපටයෙන් හද දිනූ යොවුන් තාරකාවක් වූවාය.රිතික් රෝෂන්ගේ සීයා ජේ. ඕම් ප්‍රකාශ් ඔහුට මුල්ම රංගන වරම ලබා දුන්නේ වයස අවුරුදු හයේදීය. ඉන් පසු ඔහු සිනමාපට ගණනක සුළු සුළු චරිත නිරූපණය කළේය. ඔහුගේ කැපී පෙනෙන රංගනයක් ඇතුළත් වුණේ ‘භගවන් දදා’ (1986) සිනමාපටයේයි. මේ ඔහු පියා රාකේශ් රෝෂන්, රජිනිකාන්ත් සහ ශ්‍රී දේවි සමග රැඟූ අවස්ථාවකි. ඒ වන විට රිතික් දොළොස් හැවිරිදි කොලු ගැටයෙකි.පුංචි රාජ් කපූර්ගේ චරිතය සැම විටම තිරයේ නියෝජනය කළේ ශෂි කපූර්ය. සැබෑවටම ඔහු රාජ්ගේ සොයුරකු වූ නිසා එය අසීරු නොවීය. වයස අවුරුදු දහයේදී ඔහු මුලින්ම රඟපෑවේය. ‘ආග්’ (1948), ‘ආවාරා’ (1951) වැනි සිනමාපටවලත් ‘සන්ගම්’ සහ ‘දානා පානි’ බඳු සිනමාවලත් ඔහු ළමා චරිත රඟපෑවේය.පද්මිණී කොල්හාපූරේ, ‘සත්‍යම් ශිවම් සුන්දර්’ (1978) සිනමාපටයේ සීනත් ආමන්ගේ ළමා විය රඟපාන විට දහතුන් හැවිරිදිය. ඉන් පසු සාජන් බිනා සුහාගන්, ඒක් ඛිලාඩි බාවන් බඳු සිනමාපටවල දක්නට ලැබුණු දැරිය පසුව රාජේශ් ඛන්න වැනි සුපිරි තරු සමඟ රඟන තාරකාවක වූවාය.චම්පිකා දීපානි රණසිංහනිතූ සිංරේඛාරිතික් වයස දොළහේදීපද්මිණී
|
CREATIVE
|
විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගය මෙම මස 08 වැනිදා එනම් හෙට ක්වේට් හවාලි බෝයිස් ස්කවුට් හෝල් හිදී පැවැත්වේ. මෙම ප්‍රසංගය එරටින් සංවිධානය කරන්නේ ශ්‍රී ලාංකේය හැට පස්වැනි නිදහස් දිනය නිමිති කර ගනිමිනි.මාරම්බරී හි එඩ්ව්ඩ් සමඟ චරිතා ප්‍රියදර්ශනී සහ ශාරණ්‍යා ජයකොඩි ගී ගයනු ඇත. සුසිල් අමරසිංහ, චතුර ප්‍රසාද්, චන්දීප ජයකොඩි වාද්‍ය වෘන්දය මෙහෙයවනු ලබයි.ප්‍රසංගය ක්වේට් ශ්‍රීී ලංකා තානාපති කාර්යාලය සහ ක්වේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ සංවිධානයකි.වසර 28 ක් තිස්සේ ඉතාලියේ රැකියාවක් කරන ඔහු නමින් රුවන් රෝහණයි. ඔහු මෙරට කලාවට මහත් සේ ආදරය කරන්නෙකි. එකී ආදරය නිසාම හෙතෙම ඉතාලියත්, ලංකාවත් සම්බන්ධ කරමින් ටෙලි නාට්‍ය 2 ක් නිර්මාණය කළේය. ‘මුතු මැණිික්’ ඔහුගේ නවතම ටෙලි නාට්‍යයයි. එහි මෙරට රූගැන්වීම් පසුගියදා නිමාවට පත් වුණා. මුතු මැණික් ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත පිළිබඳව කියවෙන කතාන්දරයකි. මෙහි කතා තේමාව අනෝමා ගම්ලත්ගෙනි. නදීෂා නිලුක්ෂිකා, ඡායා නිවන්ති, ප්‍රවීණ රංගන ශිල්පිණී මියුරි සමරසිංහ මෙරටදී රංගනයෙන් දායක වුවන්ය. පියොරි හිරුෂණී, රන්ජන් කුමාර, ශ්‍යාමන් කෲස් ඉතාලිියෙන් ‘මුතු මැණික්’ හි රංගනයට දායක වූහ. කැමරාකරණය රොහාන් සුරේෂ් (ඉතාලිය) හා සුජීව හේමන්ත (ශ්‍රී ලංකා) යන අයගෙනි.මෙම ටෙලි නාට්‍ය ජනප්‍රිය හිරු ටී. වී. නාලිකාව ඔස්සේ විකාශය කිරීමට අපේක්ෂා කරන බව රුවන් රෝහණ කියා සිටියා. රුවන් රෝහණගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ‘මනදොළ’. ශ්‍රී ඊඍ නාලිකාව ඔස්සේ විකාශය වූ ‘මධු’ ටෙලි නාට්‍යය ඔහුගේ දෙවැනි නිර්මාණයයි. අවසන් වශයෙන් ශ්‍රී ඊඍ නාලිකාවේ සභාපති තුෂාර කුරේ හට සිය විශේෂ ස්තුතිය පුද කරන්නට රුවන් රෝහණ අමතක නොකළේය.ඉවැඩ්නි චන්දන වන්නිආරච්චි විසින් රචිත ‘සමකාලීන සිනමාවේ ජනප්‍රිය නළුවා’ යන ග්‍රන්ථය හි පළමු පිටපත රන්ජන් රාමනායක හට ඔහු ලබා දුන් මොහොතයි මේ. මෙම කෘතියෙහි සඳහන් වනුයේ රන්ජන් පිළිබඳ වීම විශේෂත්වයකි.රංගන ශිල්පිනියක වූ ශ්‍රීමාලි කරුණාරත්නගේ කුලුඳුල් නවකතාව ‘ඉඩෝරයේ පිපි කුසුම’ දැන් එළි දක්වා තිබේ. ජීවිතය දිනන්නට උත්සාහ කරන සඳලි යන තරුණියකගේ ජීවන අන්දරය මෙම කෘතිය ඔස්සේ විද්‍යාමාන කෙරේ. ශ්‍රීමාලි ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය වන මෙය ධනාත්මක චින්තනය ඇතිකරවන ග්‍රන්ථයක් බව රචිකාව පවසයි.කුරුණෑගල උපන් ශ්‍රීමාලි කුරුණෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍යාවකි. වැස්ස නුඹ වාගේ, වැහිලිහිණි, අරුන්දතී ආදී ටෙලි සිතුවම් රැසක චරිත මවා ඇත.මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘ඇහි පියන් ඇහැරිලා’ නමින් දැන් නිකුත් වී තිබේ.ඔහුගේ කුලුඳුල් කෘතිය වූ’හිරුත් හිම පියල්ලක’ කෘතියේදී සේම මානවවාදී සියුම් කාව්‍ය ලක්ෂණයන්ගෙන් යුතු නිර්මාණ මෙහිද අන්තර්ගත වේ.එය ද ඉතා කෙටි කාලයක් තුළදී සිව්වන මුද්‍රණය දක්වා ගමන් කළ අතර නොබෝ දිනකින් එහි පස්වන මුද්‍රණය ද නිකුත් කිරීමට නියමිතය. එය 2012 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශය මඟින් පැවැත්වෙන ඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාවේ සිව්වැනි කණ්ඩායම විසින් පැවැත්වෙන ‘විලෝකන – 2012’ ඡායාරූප ප්‍රදර්ශනය පෙබරවාරී 9 සහ 10 යන දෙදින තුළ කොළඹ, ජාතික කලා භවනේදී පැවැත්වේ.කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සහභාගිවීමට නියමිතය. මහාචාර්ය පැට්‍රික් රත්නායක, ආචාර්ය උදිත ගයාන් ගුණසේකර, ප්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.ඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාවේ සිව්වන කණ්ඩායමේ විද්‍යාර්ථින්ගේ ඡායාරූප සියයකට අධික ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් වේ.
|
CREATIVE
|
ප්‍රවීණ ඡායාරූප ශිල්පී චන්ද්‍රසේන පෙරේරා ලෝක ඡායාරූප කලා ශිල්ප සංවිධානයේ පැරිස් මූලස්ථානයෙන් (F T A P) EFIAP ගෞරව සම්මානය පුද කර තිබේ. ඡායාරූප ශිල්පියකුට ලැබිය හැකි ඉහළම සම්මාන අතර වන මෙම සම්මානයෙන් ඔහු පිදුම් ලැබූයේ ඡායාරූප ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර සහ විදේශීය ඡායාරූප තරගයන්හි දී දක්වන ලද දස්කම් ද අගය කරමිනි.දවස පුවත්පතෙහි නිදහස් මාධ්‍යවේදියකු ලෙසින් රැකියාව ආරම්භ කළ ඔහු නවකතා සහ කෙටි කතා රචනා කරමින් චිත්‍රපට තිර රචනයට ද පවිසි අතර ‘බිත්ති හතර’ හා ‘තුත්තිරි මල්’ චිත්‍රපටවල තිර රචනා ද ඔහු අතින් ලියවුණු ඒවාය. 1982 වසරේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස පිදුම් ලද ‘දයාබර දරැවෙක්’ චන්ද්‍රසේන පෙරේරා ගේ නිර්මාණයකි. එමෙන්ම ඔහු මෙරට පාසල් රැසක දරුවන් අතරේ ඡායාරූප ශිල්පය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කැප වී සිටියි.යතේජා
|
CREATIVE
|
“අදහසක් ” කෙතරම් ප්‍රබල ද ? මෙකී අදහස, ප්‍රචාරක දැන්වීමක් හරහා, රූපවාහිනියෙන් විකාශය වීම, ඕපාදූපයකට තටු ලැබීමක් වැනිය. අද ලොව පුරා මිලියන ගණනක් මුමුනන “හනී බනී “(Honey Bunny) ද තටු ලැබුණු, ප්‍රබල අදහසකි.ඉන්දියාවේ මුල් පෙළේ ජංගම දුරකථන ජාල සමාගමක් වන “ආදිත්‍ය බිර්ලා සමාගම “ (Idea) නව ප්‍රචාරක දැන්වීම ලෙස, “හනී බනී ” එළි දුටුවා. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා. රට පුරා, විවිධ ප්‍රාන්තයන් හි තම ජංගම දුරකථන සේවා ජාලය ව්‍යාප්ත කිරීම, “හනී බනී” දැන්වීම පසුපස සැඟවුණු අරමුණයි.Lowe Lintas දැන්වීම් ප්‍රචාරක ආයතනයට මෙම දැන්වීම නිර්මාණය කිරීම පැවරිණි. ගීතය සංගීතවත් කළේ, අමිත් ත්‍රිවේදි. “වේක් අප් සිඩ් “, “දේව් ඩී “, “ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්” චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ ඔහුයි. ගී පද සංකල්පනාව අමිතාබ් භටාචාර්යා විසිනි. සංගීතවේදියා හා පද රචකයා, යන දෙදෙනාම ගායනයෙන් එක්වෙති.ප්‍රචාරක දැන්වීමට ප්‍රසිද්ධිය ලැබුණු මුල් දින 9 දීම, සාර්ථක ප්‍රතිඵල හිමිවිය. මුල් දින කිහිපයේ, ආදිත්‍ය බිර්ලා සමාගම් වෙබ් පිටුවට මිලියනයකට අධික පිරිසක් පිවිසුණහ. “යූ ටියුබ්” හි ඒ සඳහා නැරඹුම් ලක්ෂයකට අධිකව ලැබිණ. වත්පොතේ ඒ සඳහා මනාප දෙදහසකට වැඩිය හිමිව තිබේ.ජනප්‍රියත්වයෙන්, මෙන්ම සාර්ථකත්වයෙන් කිරළු පළන් “හනී බනී” සුන්දර ආදර ගීතයක් ලෙසින් රූප රචනය කෙරෙන්නේද ඉන් අනතුරුවයි.Honey Bunny Song You’re my pumpkin pumpkin, hello honey bunny I’m your dumpling dumpling, hello honey bunny feeling something something, hello honey bunny, honey bunny, Toko toko.... you’re my pumpkin pumpkin, hello honey bunny I’m you’re dumpling dumpling, hello honey bunny feeling something something, hello honey bunny, honey bunny Toko toko.... How many times lady love had given me missed call, what to tell you lazy, left no battery at all... Idhar Udhar heart bouncing like a ping pong ball, ball ball ball ball ball ball, Tring tring tring tring tring tring, hello honey bunny, feeling something something, hello honey bunny, honey bunny, feeling something something hello honey bunny, honey bunny Toko toko.... La, la la la la la la..la la la la la la la la la la la.... Cupid such a stupid fellow, that is what i thought, making people fall in love, no other work or what? want to know him when you enter in the plot plot plot plot plot plot Thanks to his idea, you’re my honey bunny, I’m you’re pumpkin piya, you’re my honey bunny, Bole tring tring jiya, I’m you’re honey bunny, honey bunny, Toko toko..... Tring tring tring tring tring tring, hello honey bunny,hello Feeling something something, hello honey bunny, hello you’re my pumpkin pumpkin, hello honey bunny Toko toko...ඉවැඩ්නි පණ්ඩිතරත්නපෙබරවාරි 19 වෙනි දින වන විට පසුගිය සතියේ හොලිවුඩ් චිත්‍රපට ලැබූ ආදායම1. “අ ගුඩ් ඩේ ටු ඩයි හාර්ඩ් ” – ඇ.ඩො.මි. 33.0642. “ අයිඩෙන්ටිටි තීෆ් ” – ඇ.ඩො.මි. 70.9623. “ සේෆ් හෙවන් ” – ඇ.ඩො.මි. 30.2794. “ එස්කේප් ෆ්‍රොම් ප්ලැනට් අර්ත් ” –ඇ.ඩො.මි. 15.9075. “ වොර්ම් බොඩීස් ” – ඇ.ඩො.මි. 50.0516. “ බියුටිෆුල් ක්‍රීචර්ස් “ – ඇ.ඩො.මි. 10.1227. “ සයිඩ් ඉෆෙක්ට්ස් ” – ඇ.ඩො.මි. 19.0758. “ සිල්වර් ලයිනින්ස් ප්ලේබුක් ”- ඇ.ඩො.මි. 6.0249. “ හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල් : විච් හන්ටර්ස් – ඇ.ඩො.මි. 49.73910. “ සීරෝ ඩාර්ක් තර්ටි” – ඇ.ඩො.මි. 87.929ඉවැඩ්නි පණ්ඩිතරත්න
|
CREATIVE
|
ළමා වියේදීම රංගනයට අවතීර්ණ වූ මේ පුංචි දඟකාරයා දරුවනේ චිත්‍රපටයේ දිලුකගේ චරිතයෙන් අපි වඩාත් හඳුනා ගත්තෙමු. නිර්මාණ කිහිපයකම ප්‍රධාන නළුවාගේ ළමා කාලය නිරූපණයට අවස්ථාව ලද හෙතෙම වෙළෙඳ දැන්වීම් ගණනාවක් ඔස්සේ සිය නිසඟ හැකියාව විදහාලීමට සමත් විය.යොහාන් පෙරේරා.ඒ මේ කතාව ලියවෙන තැනැත්තායි.යොහාන්ගේ රුව නෙත ගැටෙද්දී ඔහු රංගනයෙන් කළ තවත් බොහෝ දේ ඔබට මතක් වේවි. ඉතින් අපි දැන් ඔහුගේ සුරතල් සිත කියවමු.යොහාන්, ඉස්සර තරම් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්නේ නැහැ නේද?දැන් මං ලොකුයිනේ. ගිය අවුරුද්දෙයි අ.පො.ස සාමාන්‍ය පෙළ ලිව්වේ. ඇඩ්වල රඟපාද්දි මං බොහොම පුංචියි. ඒ කාලේ මං බෝලයක් වගෙයි. හරිම හුරතල් පාටයි. ඒක නිසා වෙළෙඳ දැන්වීම් බහුලව ලැබුණා.වර්තමානයේ නම් වැඩිපුර ටෙලි නාට්‍යවලටයි චිත්‍රපටවලටයි දායක වුණේ.ඊළඟට මං අහන්නේ ඔබව වඩාත් ජනප්‍රිය කළ දරුවනේ චිත්‍රපටය ගැන?දරුවනේහි දිලුකගේ චරිතයයි මං කළේ. එහි නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු, අධ්‍යක්ෂ වී. සිවදාසන් සහ සුනිල් ටී.චිත්‍රපට සමාගමේ සුනිල් ධර්මසිරි මාමලා තමයි මාව ඊට ගත්තේ. අදටත් නැන්දලා මාමලා මාව දන්නේ දිලුක යන නමින්. දිලුක චිත්‍රපටය ඇතුළේ හරිම සැරයි. ඒත් මම නම් සැබෑ ජීවිතයේ එහෙම නැහැ.දරුවනේ රූගත කරද්දී ඔබ ඇතුළු දරුවන් පිරිස බොහොමත් දඟ වැඩ කළාලු?ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මගේ වයසේ ගොඩක් අය හිටියා. හොරෙන් කෑම කෑවා. නැවතිලා හිටිය ලොජ් එකේ බාත්රූම්වල දොරවල් ගැලෙව්වා. මහ රෑත් හයියෙන් සිංදු කිවවා. හරිම ජොලි ඉතින්.ඔබ රඟපෑ අනෙකුත් නිර්මාණ මතක් කළොත්?ටෙලි නාට්‍ය කිව්වොත් ටිකිරි හපන්නු, අහස සේ නුඹ අනන්තයි, උපුලි. චිත්‍රපට ටික මෙහෙමයි. ආසයි මං පියාඹන්න, රෝස කැලේ, මහින්දාගමනය, තැන්ක්‍යු බර්ටි.යොහාන්ගේ පාසල මොකක්ද? ගම කොහෙද?මගේ ගම මිගමුව. ඉගෙන ගන්නේ මීගමුව මාරෙස්ටලා විදුහලේ එකොළහ වසරේ.දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ.ඔව්. ඒ අතරතුරදී ඉගෙනුම් කටයුතු කරනවා. නළුවෙක් වෙන්නයි හිතාගෙන ඉන්නේ.ගෙදර අය ඔබ රඟපානවට ආසද?මෙකද නැත්තේ. අම්මා තමයි මාව හැම වැඩකටම එක්කගෙන යන්නේ. ගෙදර අය මට උපරිම සහයෝගය දෙනවා.ඔබේ ගමනට උදව් කළ අය කවුද?රාජසිංහ ලෝලුවාගොඩ, රෝහිත බී. පෙරේරා, සුනිල් ටී. ප්‍රනාන්දු, නුවන් ද අල්විස්, කපිල, උදයකාන්ත වර්ණසූරිය, ඩොනල්ඩ් ජයන්ත, සංජය නිර්මාල්, සුනිල් ධර්මසිරි, වී. සිවදාසන්, තිස්ස ලියනසූරිය, චන්න පෙරේරා, මංජුලා කුමාරි, සනත් අබේසේකර, සම්පත් ශ්‍රී රෝෂණ් සමඟ මගේ පාසලේ විදුහල්පති සුනන්ද අල්විස් සොහොයුරුතුමා ඇතුළු ගුරුවර ගුරවරියන්.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
කලා අධ්‍යක්ෂසරත් සමරවික්‍රමපසුගිය දවස්වල තිරගත වුණු ‘රන්ජා’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළා.ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්නගේ ‘රශ්මි’ කියන ටෙලි චිත්‍රපටයටත් කලා අධ්‍යක්ෂණයෙන් සහභාගි වුණා. මේ දවස්වල නිවෙසට වෙලා විවේකීව කාලය ගත කරනවා.
|
CREATIVE
|
දොළොස් වසරකට පසු දේව්දාස් පෙම් යුවළ යළි මුණ ගස්සවන්නට යන්නේ අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටිය. සිංහම් රිටර්න්ස් අධ්‍යක්ෂවරයා දැනටමත් ඊළඟ සිනමාපටයේ ප්‍රධාන චරිතයට ෂාරුක් ඛාන්ගෙන් වචනයක් ගෙන අවසන්ය. එහෙත් අයිශ්වර්යා රායිගෙන් දින ලබා ගැනීමට නම් ඔහුට හැකි වී නැත.දේව්දාස් සිනමාපටයට පෙර ෂාරුක් හා අයිශ්වර්යා සොයුරු සොයුරියන් ලෙස ජෝෂ් (2000) සිනමාපටයේ රඟපා තිබේ. ඉන් පසු ඇය ෂාරුක්ගේ ‘මොහබතීන්’ සහ ‘ශක්ති’ සිනමාපටවල කෙටි ජවනිකාවලට පෙනී සිට ඇත.ෂාරුක් සහ දීපිකා පදුකෝන් රැඟූ අතිශයින් ජනප්‍රිය වූ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වූයේ ද රෝහිත් ෂෙට්ටිය.
|
CREATIVE
|
කිංස්ලි වීරරත්න රංගන ක්ෂේත්‍රයට පා තැබූයේ පාසල් වේදිකාවෙන්. දයානන්ද ජයවීරගේ ‘ගුත්තිල මූසල’, ‘එක අම්මාගේ දරුවෝ’, ආනන්ද පෙරේරාගේ ‘ගල්මල්’, පියසේන ජයවන්ගේ ‘රැල්ලයි වැල්ලයි’, ‘ස්වාධිපත්‍ය’ යන වේදිකා නාට්‍ය සමඟින් ඔහු ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේ සිය රංගන බලාපොරොත්තුව ද ඉෂ්ඨ කර ගනිමින්.වේදිකාවට පෙම් බැඳි කිංස්ලි සිංහල සිනමාවට පිවිසෙන්නේ සුගතපාල සෙනරත් යාපාගේ ‘පෙම්බර මධු’ චිත්‍රපටයෙනි. ගාමිණී හේවාවිතාරණගේ ‘රක්තා’ චිත්‍රපටය ද කිංස්ලිගේ සිනමා දිවියේ සොඳුරු කඩඉමක් ලෙස සනිටුහන් විය. ‘පුංචි කාලයේ පටන්ම මම රංගනයට ගොඩාක් ලැදි වුණා. වේදිකාවට වගේම සිනමාවටත් මම ගොඩක් ආදරය කළා. මගේ සිනමා ගමනේ අඩිතාලම දැම්මේ සුගතපාල සෙනරත් යාපා හා ගාමිණී හේවාවිතාරණ මහත්වරුන්. ඒ වගේම ගාමිණී ෆොන්සේකා, එච්. ආර්. ජෝතිපාල, විජය කුමාරණතුංග වැනි ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් එදා මට දුන් උපදෙස් ගොඩක් වටිනවා. විජය කුමාරණතුංගයන් මට කිව්වේ පුළුවන් තරම් සිනමාවට කිට්ටු වෙන්න කියලයි.’විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරතව සිට විදෙස්ගත වූ කිංස්ලි යළිත් මෙරටට පැමිණ සිනමාවට පමණක් නොව පුංචි තිරයට ද සිය දායකත්වය ලබා දෙමින් සිටින්නේය. මේ දිනවල තිරගත වන සනත් අබේසේකරගේ ‘සිරි දළදා ගමනය’ චිත්‍රපටයේ චරිතයකට පණ පොවන කිංස්ලිගේ රංගනයන් ඉදිරියේදී ‘රංජා’, ‘අනගාරික ධර්මපාල’, ‘මහ රජ අජාසත්’, ‘දොස්තර නවරියන්’ චිත්‍රපට මෙන්ම විෂ්ණු සංක්‍රාන්ති ටෙලි නාට්‍ය ඔස්සේ ද දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. ‘ඇහැලේපොළ කුමාරිහාමි’, ‘මහරජ ගැමුණු’ චිත්‍රපටවල ද රංගනයට ඔහුට අවස්ථා උදා විය.ඉදිරියේදී රංගනයට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබ ඇති කිංස්ලිගේ බලාපොරොත්තුව තවදුරරටත් විවිධ චරිත ඔස්සේ රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නටයි. එසේම එන්. විතානගේ, සුනිල් ධර්ම ශ්‍රී, සනත් අබේසේකර, සුනිල් සෝම පීරිස්, රුවන් චන්ද්‍රසිරි, රන්ජන් රාමනායක, සුගත් සමරකෝන්, ජයන්ත අබේරත්න, ලෙස්ලි සිරිවර්ධන ඇතුළුව සිය රංගන දිවියට සවියක් දුන් සියලු දෙනා කෘතඥතා පූර්වකව සිහිපත් කර සිටියි.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන්
|
CREATIVE
|
ෆ්‍රෝස්න් දාහතර වැනි සතියේඅමෙරිකානු බොක්ස් ඔෆිස් හොඳම චිත්‍රපට දහයේ මෙවරත් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටින්නේ The Lego Movie චිත්‍රපටය යි. බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ තෙවැනි සතිය ගත කරන පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 31.4ක ආදායමක් වාර්තා කළේය. ජෝසප් මැක්ග්‍රිනිටි නිකෝල් අධ්‍යක්ෂණය කළ 3 Days To Kill ඩොලර් මිලියන 12.3ක ආදායමක් ලබමින් දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි කෙවින් කොස්ටර්, අම්බර් හර්ඩ්, හේලී ස්ටේන්ෆ‍්‍රීල්ඩ්, කොනී නෙල්සන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.තෙවැනි ස්ථානයේ සිටින්නේ පාවුල් ඩබ්ලිව්. එස්. ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ Pompeii චිත්‍රපටය යි. එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 10ක ආදායමක් වාර්තා කළේය. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන RoboCopචිත්‍රපටය ඩොලර් මිලියන 9.4ක ආදායමක් ලබමින් සිව්වැනි ස්ථානයේ පසු වේ. ජෝර්ජ් ක්ලූනි අධ්‍යක්ෂණය කළ he Monuments Men ඩොලර් මිලියන 8.1ක ආදායමක් වාර්තා කරමින් පසුගිය සති අන්තයේදී පස්වැනි ස්ථානයට පැමිණියේය. ආදරය හා හාස්‍ය රැගත් About Last Night චිත්‍රපටය හයවැනි ස්ථානයේ පසුවේ. එය පසුගිය සති අන්තය වනවිට ඉපැයූ ආදායම ඩොලර් මිලියන 7.4ක්. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහයේ හයවැනි සතිය ගත කරන Ride Along හත්වැනි ස්ථානය සහ දාහතර වැනි සතිය ගත කරන Frozen අටවැනි ස්ථානයට පැමිණ තිබේ.ෂානා ෆේස්ට් අධ්‍යක්ෂණය කළ Endless Love අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර නමවැනි ස්ථානය දිනා ගන්නා විටදී අකීවා ගෝල්ඩ්මන් අධ්‍යක්ෂණය කළ Winter’s Tale හට දසවැනි ස්ථානය හිමිවී ඇත.යතේජා
|
CREATIVE
|
සිනමාපටයක් ප්‍රවර්ධනය කිරීමේදී තරකාවන්ගේ උපන් ඇඳුම ඉනිමඟක් කර ගත්ත ද, තරුවක උපන් ඇඳුමින් සිටීමෙන් කෙබඳු ආකර්ෂණයක් ඇති වේවිද? ඒ සඳහා සිනමා විචාරකයන්ට දෙසැම්බර් 19 වැනිදා වනතුරු බලා සිටීමට සිදු වෙයි.බොලිවුඩයේ පූර්ණවන්තයා වන අමීර් ඛාන් ‘පී. කේ’ සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු දැන් සිටම අරඹා ඇත. ඒ රසිකයන් ඔහු කිසි දිනෙක දැක නැති ස්වරූපයකිනි. ප්‍රවර්ධන පෝස්ටරවල උපන් ඇඳුමින් අමීර් පෙනී සිටියි. ඔහු දිගටම ‘පී. කේ.’ ප්‍රවර්ධන දර්ශනවල දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙන් බව රාජ් කුමාර් හිරානි පැවසීය.එහෙත් දැනටමත් මේ අපූරු ප්‍රවර්ධන උපක්‍රමය නිසා සිනමාපටය තිරගත කිරීමට පෙර නිෂ්පාදක විධු විනෝද් චොප්රා, අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානිට සහ අමීර් ඛාන්ට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කරුවකු ඉල්ලා සිටියි. ඔහු වැන්නෙක් නිරුවත්ව පෙනී සිටීම තරුණ පරපුරට වැරැදි ආදර්ශයක් ගෙන දෙන්නත් බව පෙත්සම්කරු පවසයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
සහජයෙන් ලද ගායන හැකියාවෙන් සංගීත ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සැරසෙන පුංචි තරුවක් තමයි සචිනි රණවක. නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන සචිනි මෙවර සමස්ත ලංකා ඒකළ ශාස්ත්‍රීය ගායනා අංශයේ පළමු ස්ථානය දිනාගන්නත් සමත් වුණා.ගායනයට අමතරව වාදනයට දස්කම් දක්වන ඇය පියානෝව, තබ්ලාව වැනි වාදන භාණ්ඩ වාදනයටත් යොමු වෙලා තියෙනවා. මේවන විට සචිනි සංගීත විශාරද විභාගයේ දෙවැනි අදියරත් සමත් වෙලා. පාසලේ දේශීය තූර්ය වාදන කණ්ඩායමේ සාමාජිකාවක වන ඇය පාසල් මාධ්‍ය ඒකකයේ ද ක්‍රියාකාරී සාමාජිකාවක්. නිවේදන අංශයේ හැකියාව ඔප්නංවමින් සචිනි, ස්වාධීන රූපවාහිනී සේවයේ ළමා අංශයේ ‘ටිකිරි පැය’ සහ සිරස නාලිකාවේ ‘පුංචි පැටව්’ වැඩසටහන් සඳහා ද සිය දායකත්වය ලබා දී තියෙනවා.පාසල් නාට්‍යවල දී ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද එක්වන සචිනි භරත නාට්‍යම් ඉගෙනීමටත් යොමු වෙලා. ඒ වගේම ඉදිරියේදී චිත්‍රපටයකට රංගනයෙන් එක් වන්නත් ඇය තුළ බලාපොරොත්තුවක් තියෙනවා. විවිධ භාෂා ඉගෙනීමට විශේෂ කැමැත්තක් දක්වන මේ පුංචි කලාකාරිය අනාගතයේ දී කලා අංශයෙන් සරසවි වරම් ලබා සංගීත කථිකාචාර්යවරියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කුඩා කාලයේ සිටම මේ දක්වා කලා අංශයෙන් සාර්ථක ගමනක් එන්න ඇයට උපකාර කළ ගුරුවරුන් ඇතුළුව ආදරණීය අම්මා, තාත්තා සහ අයියා කෘතඥපූර්වකව සිහිපත් කරන්නත් ඇය අමතක කළේ නැහැ.යතේජා ඥානරත්නඡයාරූපය : මාලන් කරුණාරත්නසිරස තරු මංසල තුළින් පැමිණ ස්වර්ණවාහිනියේ ෂැඩෝස්ටාර් වැඩ සටහනේ ජීවන් කුමාරතුංගගේ චරිතය නිරූපණය කරමින් කරළියේ නමක් තබා ගත් ඔහු සංඛ විදුරංග නම් වන්නේය. දක්ෂ නර්ථන ශිල්පියකු මෙන්ම දක්ෂ රංගන ශිල්පියකු ලෙස ද කුසලතා පෙන් වූ සංඛ මේ දිනවල රංජිත් ජයසූරිය මහතාගේ ‘සමනළ සිහිනය’ චිත්‍රපටයේත්, මංජුල ප්‍රදීප් රත්නායකගේ ‘රාස්ස කැලේ’ චිත්‍රපටයේත් සැලකිය යුතු චරිත නිරූපණයක යෙදෙති.සංඛගේ මව ශ්‍රී ලංකාවේ රූගත කළ ප්‍රථම දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟ දක්වා ඇත. සංඛ ගේ ඇඟට ද එන්නට ඇත්තේ මවගේ ආභාෂය වන්නට ඇත. ගම්පහ පුරවරයෙන් කලා ලොවට ආ මොහු ගායන ශිල්පියෙක් ලෙස ද නමක් හදා ගෙන ඇත. මේ කියන්නට හදන්නේ සංඛ විසින් නිර්මාණය කළ ඔහුගේ නවතම ගීත ඇතුළත් සීි. ඩී. තැටිය ‘පායන හිරු’ නමින් එළි දක්වන්නට සූදානම් වීම ගැනයි.සී. ඩී. තැටිය හා ඩාන්සින් ඒන්ජල්ස් ශ්‍රී ලංකා නර්ථන ප්‍රසංගය දොරට වැඩීම 2013 මාර්තු මස 31 වන ඉරු දින සවස 3.30 ට ගම්පහ වයි. එම්. බී. ඒ. රංග ශාලාවේදී සිදු කෙරේ. මෙහි ගීත රචනයෙන් ලක්ෂ්මන් මල්ලවආරච්චි, තිස්ස ඩයස්, ධම්මික පතිරාජ දායක වේ. යුග ගායනය නෙලූ අධිකාරි සහ පුර්නිමා කුලසිරිය. තනු නිර්මාණය ධම්මික පතිරාජ, දේවින්ද පතිරාජ, දිනූෂ දසනායක, හිත්සිළු ධනුජ ය. ශබ්ද - සංගීතය දේවින්ද පතිරාජ ගෙනි. ඔබත් එන්න පායන හිරු සැඳෑවට. දක්ෂතා රැසකින් සමන්විත සංඛ ගේ කලා දිවියට සරසවිය පුවත්පතේ ආශිර්වාදය. මේ සංඛ විදුරංග ගේ දුරකථන අංකයයි. 0777960766.සටහන – මංජුල ප්‍රසාද් වීරසිංහ
|
CREATIVE
|
කොළඹ මහජන පුස්තකාලීයශ්‍රවණාගාරයේදීසරසවි නිර්මාණ රංග පීඨය වාර්ෂිකව පවත්වනු ලබන 29 වැනි සමස්ත ලංකා කෙටි නාට්‍ය හා සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය මාර්තු 09 වැනිදා කොළඹ පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙහිදී අවසන් වටය සඳහා තෝරාගත් නාට්‍ය නිර්මාණ අටක් වේදිකා ගතවීමට නියමිත අතර සම්මාන ප්‍රදානයේදී කලා මාධ්‍යයෙන් දැයට මෙහෙවරක් කළ කලාකරුවන්ට සිය කලා මෙහෙවර උදෙසා සම්මාන පිරිනැමීමට ද නියමිතය. දිවයින පුරා විසිරී සිටින නාට්‍යකරුවන්ට තම නිර්මාණ ඉදිරිපත් කිරීම වෙනුවෙන් සරසවි නිර්මාණ රංග පීඨය ඔස්සේ වේදිකාව තනා දුන් කලා භූෂණ සම්මානලාභී ලීල් ආනන්ද ගජනායක මේ වෙනුවෙන් කැප වී ක්‍රියා කරයි. වසර විසි නවයක් පුරා කිසිදු අනුග්‍රහයක් නොමැතිව සිදු කෙරෙන මෙම නාට්‍ය උළෙල හා සම්මාන උළෙල ගැන ඔහුගෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට සරසවිය ඔහු හමුවුණා.මෙවර නාට්‍ය උළෙල හා සම්මාන උළෙලට අමතරව කලා ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ කලාකරුවන්ට සරසවි නිර්මාණ ප්‍රසාද පූජා සම්මාන පිරිනැමීමට කටයුතු යොදලා තියෙනවා. එහිදී කලා මාධ්‍යයෙන් ජාතික මෙහෙවරක් කොට දැයෙන් සමුගත් මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි ප්‍රවීණ කලාකරුවන් නමින් තමයි මෙම සම්මාන පිරිනැමෙන්නේ.මේ මඟින් මම අපේක්ෂා කළේ ගමේ හැදුන දරුවන්ගේ දක්ෂතා එළි දක්වන්න අවස්ථාවක් හොඳ වේදිකාවක් තනලා දෙන්නයි. ඒ වෙනුවෙන් මම ගම්වලට ගිහින් නාට්‍ය පුහුණුවීම් කරලා ඔවුන්ගේ නිර්මාණ අගැයීම්වලට ලක් කළා. ඒ ගැන මට විශාල තෘප්තියක් දැනෙනවා. මේ කාලය පුරාවට මම මුදල් නෙවෙයි මිනිස්සු තමයි හම්බ කළේ. මම මට හැකි පමණින් තමයි මෙය සංවිධාන කරන්නේ. රට පුරා මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා. සම්මාන සඳහා අනුග්‍රහය වගේම මාධ්‍ය දායකත්වය ඔවුන්ගෙන් මට ලැබෙනවා.මම විසින් මෙය වසර 29 ක් පුරා අඛණ්ඩව සිදු කළා. අපට හැමදාම එකම තැන රැඳිලා ඉන්න බැහැනේ. තරුණ අයට අපි අවස්ථාව ලබා දෙන්න ඕනෑ. මෙවර උළෙල සංවිධානයට සරසවි නිර්මාණ රංග පීඨයේ සභාපති රුක්ෂාන් ලමින්ද මිහිඳුකුල සහ ලේකම් චානක මදුසංක කුමාරතුංග සහයෝගය ලබා දෙනවා. 30 වැනි සම්මාන ප්‍රදානයෙන් අනතුරුව මම මෙයින් සමුගන්න තීරණය කළා. රුක්ෂාන්ට ඒ සියලු කටයුතුª ඉදිරියට කරගෙන යන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වෙනුවෙන් මම උපදෙස් සහ උපරිම සහයෝගය දිගටම ලබා දෙනවා.යතේජා ඥානරත්න ඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමාපටය තන්හා රතී රඟා මෙම මස 17 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹෙනු ඇත. සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ සම්මානනීය චිත්‍රපට නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි සමග නිලේන්ද්‍ර නිෂ්පාදනයෙන් එක් වූ මෙහි ඇති විශේෂත්වය වනුයේ සුනිල් ටී. ප්‍රනාන්දු මෙතෙක් නිෂ්පාදනයෙන් දායක වූ සිනමාපටයන් හා සසඳා බලන කළ තන්හා රති රඟා ඒ සියල්ලටම වඩා නිර්මාණාත්මක හා කලාත්මක අතින් ඉහළ ස්ථානයක් ගැනීමය.සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ සමඟ ස්වර්ණා මල්ලවආරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලී තන්හා රති රඟා රංගනයෙන් හැඩ කරති. මෙහි කැමරාකරණය ධනුෂ්ක ගුණතිලකගෙනි.ජාත්‍යන්තර සිනමා උළෙලයන් කිහිපයකින්ම හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ මෙය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ තිර රචනයකට අනුව තැනුණකි.- ප්‍රසාද්
|
CREATIVE
|
- ශාක්‍යාමං තමයි මලීගේ දුවපාසලේදී මට කතා කරන්නේබබී ආච්චියි, හීන් එකී කියලයිසාරදී?ඔව්, ඒ මං තමයි.කවුද මේ සාරදී?මලීගෙ දුව. එයා ඉන්නෙ අත්තම්මා ටෙලි නාට්‍යයේ.මොකක්ද සාරදීගෙ ඇත්ත නම?ශාක්‍යා තීක්ෂණී ජයතිලක.එතකොට පදිංචිය?අනුරාධපුරයේ. ෂූටිං දවස්වල පිළියන්දල නැන්දා කෙනෙකුගෙ ගෙදර නවතිනවා.පාසල?අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහ විදුහල.කීවැනි වසරෙද ඉගෙනුම ලබන්නේ?අට වසරේ.ශාක්‍යා දුවට ඇයි රඟපාන්න හිතුණේ?නිල්මිණි තෙන්නකෝන් නැන්දා රඟපානවා දැකලා.එතකොට මුලින්ම අවස්ථාව ලැබුණේ?මං දිමුතු චින්තක මහතාගේ රංගන පාසලේ ඉන්නවා. ඔහු තමයි මට මුලින්ම අවස්ථාවක් දුන්නේ. ඒ හැන්දෑව ටෙලි නාට්‍යයේ.‘හැන්දෑවේ’ නිල්මිණි තෙන්නකෝන් ප්‍රධාන චරිතය මැව්වේ?මට පුදුම හිතුණා. ඇයගේ මිනිබිරියගේ චරිතයයි මට ලැබුණේ.කැමරාවට මුලින්ම මුහුණ දුන් දවස මතකද?ඔව්. හොඳට මතකයි. අඬන්න තිබුණේ. මං හොඳටම ඇඬුවා. කඳුළු එනකම්ම ඇඬුවා.හිතේ බයටත් එක්කද ඇඬුවේ?නැහැ, නැහැ. නාට්‍යයේ හැටියට මගේ මවට රඟපාන කෙනාට බබෙක් හම්බුවෙන්න ඉස්පිරිතාලේ ගෙනියද්දි ඒ දුකටයි මං අඬන්නේ. මගේ නැන්දා කෙනෙක් හිටියා. එයාට මං ගොඩක් ආදරෙයි. නැන්දට බබෙක් ලැබෙන්න ඉස්පිරිතාලේ ගෙනි යනකොට මං හොඳටම ඇඬුවා. නාට්‍ය ඒ දර්ශනය කළේ අර ඇත්ත සිද්ධිය හිතේ මවාගෙනයි.කවුරුවත් කියලා නැද්ද ඉස්කෝලෙ යන කාලයේ රඟපාන්න එපා කියලා?එහෙම ප්‍රකාශයක් නොඅසන්න මං වාසනාවන්තයි.රඟපාන්න ආවාම පාසලේ වැඩ ටික කොහොමද කර ගන්නේ?බොහෝවිට ෂූටිං තියෙන්නේ සෙනසුරදා, ඉරිදා දවස්වලනේ. බැරි වෙලාවත් සතියේ දවසක කොළඹ එන්න වුණොත් යාළුවො මගේ වැඩ ටික කරලා දෙනවා.අත්තම්මා රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දකීම් මොනවද තියෙන්නේ?එක පාරක් තිබුණා පල්වෙලා ගඳ ගහන කුඹුරක් මැදින් දුවන දර්ශනයක්. ඒක මං කොහොම හරි අමාරුවෙන් කළා. පස්සේ හොඳට නෑවා. තව දවසකදී ඒදණ්ඩකින් යන දර්ශනයක් තිබුණා. එතන හරියට මදුරුවෝ. එදා මදුරුවන්ට තල තල රූගත කළ අන්දම නම් අමතක වෙන්නේ නැහැ කවදාවත්.ඉස්කෝලෙදි යාළුවො විහිළු කරන්නේ නැද්ද?මොකද නැත්තේ. සමහර අය මට හයියෙන් හීන් එකී කියලා කෑගහලා කොණ්ඩෙන් ඇදලා දුවනවා. සමහරු නාට්‍යයේ බබී නම අරගෙන බබි ආච්චි කිය කියා මගේ කේන්ති අවුස්සනවා. ඒ නම් දෙකෙනුත් මාව හඳුන්වා දෙනවා අත්තම්මා නාට්‍යයේ.දර්ශන තලයේදී ඔබ දුලීකා මාරපනගේ කේන්ති අවුස්සනවාලු නේද?ඒ බොරුවට. මං දුලීකා නැන්දට ‘බතලි’ කියලා විහිළු කරනවා. එතකොට බොරු කේන්තියකින් මට ‘කෙට්ටිච්චි’ කිය කියා මගේ පස්සෙන් එනවා.දුලීකා නැන්දා ගැන තවත් යමක් කියමු. මොකද ඔබ ඇයත් සමඟ නිරන්තරයෙන් රඟපාන නිසා?ඇය මට නිතරම උපදෙස් ලබා දෙනවා. ඊළඟට තියෙන්නේ සංවේදී දර්ශනයක් නම් මං හිනා වෙවී හිටියොත් ඇය ඇවිත් මට දොස් නඟනවා. ඇය කියන්නේ රඟපාන්නට පෙර විනාඩි දෙක තුනකට කලින් ඒ චරිතෙ ජීවත්වෙන්න කියලා. මං දුලීකා නැන්දගේ උපදෙස් හිස් මුදුනින්ම පිළිගත්තා.මහ පොළව අපේ නෙවෙයි, මුතු පිහාටු, දම්සාරි, මිතුරු මිහිර (ඉදිරියේදී විකාශයවීමට නියමිතයි)චිත්‍රපටය:අබාශාක්‍යාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?ඉංජිනේරුවරියක් හෝ නිළියක් වෙනවා.මොනවද ඔබේ අනෙකුත් කලා හැකියාවන්?මට හොඳට සිංදු කියන්න පුළුවන්. චිත්‍ර අඳීන්නත් පුළුවන්. නටන්නත් පුළුවන්.පවුලේ විස්තරත් කියමු?මගේ අම්මා කුමාරි ජයසිංහ. ඇය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා. අම්මා තමයි මගෙත් එක්ක හැම තැනටම එන්නේ. ඒ සඳහා ඇයගේ රැකියා ආයතනයෙන් ලැබෙන්නේ හොඳ සහයක්. තාත්තා අබේරත්න ජයතිලක. ඔහු ව්‍යාපාරිකයෙක්. මට අයියා කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා.කාටද තුති පුදන්න තියන්නේ?අත්තම්මා නාට්‍ය කණ්ඩායමේ හැමෝටමත්, මට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.සටහන සහ සේයාරූ - ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය රන්කෙවිට 2 ගොපලුගේ වික්‍රම මේ දිනවල අති සාර්ථක අන්දමින් සිනමා එන්ටර්ටේන්මන්ට් සහ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවේ.චිත්‍රපටය සඳහා වැඩිපුරම ප්‍රතිචාර ලැබෙනුයේ ළමයින්ගෙන් වීම විශේෂත්වයකි. එමෙන්ම එය පවුල් පිටින් නැරැඹීමේ ප්‍රවණතාවක් ද ඇති බව උදයකාන්ත සරසවියට දන්වා සිටින්නේ ඉමහත් සතුටිනි.රන්කෙවිට 2 ගොපළුගේ වික්‍රම මිලේනියම් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් රංජිත් ජයසූරිය, ප්‍රවීන් ජයරත්න, ජනිත මාරසිංහ සහ උදයකාන්ත වර්ණසූරිය නිෂ්පාදනය කොට ඇත.භාරතයේ මහා සංගීතවේදීන් වන ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් යුගලයෙන් දැනට ජීවත්ව සිටින ප්‍යාරේලාල් සූරින්ගේ හැත්තෑ තුන්වන උපන්දින සැමරුමට සමගාමීව එතුමන් නිර්මාණය කළ ගීී ඇතුළත් විචිත්‍රවත් ප්‍රසංගයක් මෙම මස 06 වැනිදා එනම් හෙට සවස 5.30 ට කොළඹ 07 ග්‍රෙගරිස් පාර අංක 16/2 ලිපිනයෙහි පිහිටි ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි.ප්‍යාරේලාල් සංගීතවේදියාණන් සංගීතය සපයන ලද ගීත අතරින් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබූ ගීත විස්සක් මෙම ප්‍රසංගය සඳහා ඇතුළත්වේ.පාරස්මනී චිත්‍රපටය මගින් සංගීත ලොවට හඳුන්වා දුන් නිර්මාණකරුවකු වූ ප්‍යාරේලාල් ඉන් පසුව දෝස්ති, මිලන්, ජිති කී රහා, අමර් අක්බාර් ඇන්තනි යන නිර්මාණ තුළින් විශිෂ්ට සංගීත නිර්මාණයන් ඉදිරිපත් කිරීමට සමත් වූහ. මේවා අතරින් දෝස්ති චිත්‍රපටය ෆිල්ම් ෆෙයාර් සම්මානය ලබමින් සිනමා ලොවේ විශිෂ්ටතම කිරුළ මෙම සංගීතවේදියාගේ හිස මත තැබීය.මේ විශිෂ්ට සංගීතවේදියාගේ ප්‍රසංගය භාරත කලා පදනම මගින් සංවිධානය කර ඇති අතර මින් අනතුරුව ද තවත් ප්‍යාරේලාල් සංගීතවේදියාණන්ගේ ගීත අඩංගු ප්‍රසංගයක් පැවැත්වෙනු ඇත.- ප්‍රසාද්ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලක මහතා රෝගාතුරව මේ වන විට කොළඹ ජාතික රෝහලේ 74 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඔහුට ඉක්මන් සුව සරසවිය අප ප්‍රාර්ථනා කරමු.ජයසේකර අපොන්සු සමඟ බන්දු සමරසිංහ වසර හතළිහකට පසු එකට රඟන සීතා මං ආවා හාස්‍යෝත්පාදක සිනමා සිත්තම මෙම මස දහතුන් වැනිදා සිට රිට්ස් බොරැල්ල ඇතුළු එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වේ.දිනිත් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් චමින්ද රණසිංහ නිෂ්පාදනය කරන මෙය ජයසේකර අපොන්සුගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණයයි. ඔහු මීට ප්‍රථම නිර්මාණය කළ චිත්‍රපටය රෑ රූ වේ.කතාව දෙබස් තිර රචනය අපොන්සු විසින්ම නිම කොට ඇති ‘සීතා මං ආවා’ හි බන්දුල විජේවීර, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, සනෝජා බිබිලේ, චංචලා වර්ණසූරිය, රංජිත් ද සිල්වා, සරත් කුලාංග, ජීවන් හඳුන්නෙත්ති, දොන් ගයි, අනුරාධා කුරුකුලසූරිය, ගාමිණී කොස්තා, තුසිත වීරසිංහ, සරත් දඹවින්න චරිත නිරූපණය කරනු ලබති.කැමරාව මෙහෙයවීම සහ සංස්කරණය ඩිලාන් ගුණවර්ධනගෙනි. දීප්ති වගීෂා සහාය අධ්‍යක්ෂවරියයි. කලා අධ්‍යක්ෂණයෙන් රන්ජිත් ද සිල්වා එක් වී ඇති අතර නිෂ්පාදන කළමනාකරණය වසන්ත කස්තුරිආරච්චිගෙනි. ගාමිණි කොස්තාගේ අංග රචනයකි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයාය.සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගේය පද රචනා කොට ඇති මෙහි පසුබිම් සංගීතය විශාරද ජගත් වික්‍රමසිංහ නිමවා ඇත. රොඩ්නි වර්ණකුල, උරේෂා රවිහාරි සමඟ මාරියෝ ආනන්ද සීතා මං ආවා ගායනයෙන් හැඩ ගන්වති. ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ, නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය දායකත්වය සැපයූ සිරි පැරකුම් සිනමාපටය තිරගතවීමට පටන් ගෙන දින අනූ එකක් තුළදී සියලුම ආදායම් වාර්තා බිඳ හෙළීමට සමත්ව ඇත. එය එම කාලය තුළදී නැරැඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව විසි ලක්ෂ හත්දහස් නවසිය දොළහකි.සිරි පැරකුම් හෙටට දින සියය සපුරනු ඇත.- ප්‍රසාද්
|
CREATIVE
|
ශ්‍රීමති රසාදරීඇය වැස්ස නුඹ වගේ ටෙලි සිතුවමේ බබීනා. අලිඩොං සමඟ නොයෙක් අකරතැබ්බවලට මුහුණ දෙමින් වලව්වේ මෙහෙකාරිය වූයේ බබීනායි. බබීනාගෙ ඇත්ත නම් ශ්‍රීමතී රසාදරී. ශ්‍රීමතීගේ රංගන ජීවිතය ඇරැඹෙන්නේ අද ඊයක නෙවෙයි. නමුත් රංගනයේ දෙවැනි ගමනට මුල පුරන්නේ බබීනාව නිරූපණය කරමින්.බබීනාගෙන් පසුව ඔබ ආයෙත් නිහඬ වෙලා වගෙයි?මාව ආයේමත් මිනිසුන් අතරට ගියේ බබීනා නිසා තමයි. ඊට පසුව කතා කළේම එවන් වූ චරිතවලට. ඒකාකාරිත්වයට මං කැමැති නැහැ. ඒක නිසා ඒවා ප්‍රතික්ෂේප කළා. එයින් අනතුරුව උත්පලා නාට්‍යයේ පමණයි රඟපෑවේ.මේ දිනවල ඔබේ කලා කටයුතු කෙසේද සිදු වන්නේ?චන්ද්‍රරත්න මාපිටිගම මහත්මාගේ සුළිය නාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙනවා. එය පල්ලියක් වටා ගෙතුණ කතාවක්. මං එහි නිවසක අයුක්තියට විරුද්ධව නැගී සිටින ටිකක් සැරපරුෂ කාන්තාවක්. සුළිය ඉනෝකා කල්පනී සහ චමින්ද ලියනවඩුගේ නිෂ්පාදනයක්.ඔබේ කලා ජීවිතය ඇරැඹෙන්නේ කොතැනින්ද?වේදිකාවෙනුයි මං රංගනයට පිවිසෙන්නේ. පිස්සුබාහු වැනි වේදිකා නාට්‍ය කිහිපයකට දායක වුණා. ‘සල්ලි තිබුණට මදි’ මං ඉතාම ආසාවෙන් රඟපෑ චිත්‍රපටයක්. ඒ වගේම ඉරට හඬන මල් ටෙලි නාට්‍යයේ රඟපෑවා. එවැනි නිර්මාණ ඔස්සේ මං මගේ දස්කම් පෑවා.මේ අතරතුදී ඔබ ඔබේ රංගන ගමන හදිසියේම නවතිනවා?පවුල් ජීවිතයට මුල්තැන දෙන්නයි එහෙම කළේ. ඒ කාලයේ මගේ දුවත් චූටියි.දුවම නේද ආපසු සැරයක් රඟපාන්න උනන්දු කළේ?ඔව්. බබීනාගෙ චරිතෙ ලැබුණම මං මොකද කරන්නේ කියල හිත හිත ඉන්න කොට දුව තමයි කිව්වේ චරිතෙ කරන්න කියලා.සමහරෙක් ඔබේ ඇත්ත නමින් හඳුනන්නේ නැහැනේ දැන්?ඒක නම් ඇත්ත. බබීනා නමින් හැමෝම කතා කරන්නේ.මොනවද ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු?මං රඟ නොපෑ කාලයේ මට මහත් පාඩු වුණා. ගොඩක් හොඳ චරිතවලට ඇරැයුම් ලැබුණා. නමුත් ඒවා මං ප්‍රතික්ෂේප කරලා පවුල් ජීවිතයට කැප වුණා. දැන් ආයෙත් පූර්ණකාලීනව රංගනයේ යෙදෙනවා. මුලු ජීවිත කාලයම එහෙම ඉන්න තමයි බලාපොරොත්තුව.සේයාරුව ටෙනිසන් එදිරිසිංහප්‍රසාද් සමරතුංගරුවන්පුරයේ උපත ලද රුවන් පෙරේරා කොළොම් පුරයට එන්නේ නළුවෙකු වීමේ අභිලාෂයෙනි. රංගන හීනය ඔහුගේ සිතෙහි මැවෙන්නේ එක්තරාඅහඹු අවස්ථාවක් නිසයි. මේ ඔහු කියන කතාවයි.සුරේෂ් අබේසේකර මහත්තයා නාට්‍යයක් කළා අසුරාවේශය කියලා. ඒක ෂූට් කළේ අපේ ගමේ. මාත් ගියා රූගත කිරීම් බලන්න.රඟපාන්න ආසද? චරිතයක් තියනවා කරමුද?සුරේෂ් මහතා එක පාරටම මගෙන් ඇහැව්වා.බොහෝ කාලයක සිට මං ගමේ ප්‍රේමරත්න කියලා මගේ යාළුවකු එක්ක වේදිකා නාට්‍ය කළා. ඒ වුණත් නළුවකුªවීමේ ලොකු හීනයක් තිබුණේ නැහැ. ඒ වුණත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුª නිසා මං ‘හා’ කිව්වා.එදා මට රඟපාන්න සිදු වුණේ චන්න පෙරේරාගේ යාළුවකු හැටියට. එදා ඉඳලා මට මේ ක්ෂේත්‍රය පිළිබඳ මහත් ආසාවක් ඇති වුණා. ඒ ඔස්සේ මගේ ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළා. මේ බලාපොරොත්තු රැගෙන මං කොළඹ එනවා. ඇවිත් නාට්‍යවලට එකතු වනවා.මුල් කාලයේ මට ඉන්න තැනක් තිබුණේ නැහැ. කොළඹ ඉන්න මං ස්ටේෂන්වල පවා නිදාගෙන තිබෙනවා. රංගනයෙන් පමණක් නොව සහය අධ්‍යක්ෂණයෙන් මං බොහෝ නිර්මාණ සඳහා දායක වුණා. විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනී මහතාගේ බොහෝ නිර්මාණවල සහය අධ්‍යක්ෂ මං. මට වැඩි වශයෙන් ලැබුණේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ චරිත. ඒ මගේ ස්වරූපය නිසා වෙන්න ඇති. රෝස කටු, ජීවිතය ලස්සනයි, උතුවන්කන්දේ සරදියෙල්, අමා, කනේරු, වහින්න මුතුª වැස්සක්, දූවරු, මං රඟපෑ නාට්‍ය කිහිපයක්. ජැක්සන් මහතාගේ මහා සංග්‍රාමය, අබා වැනි නිර්මාණයන්හි සහය අධ්‍යක්ෂණයෙන් දායකවන්න ලැබීමෙන් මං බොහෝ දේ ඉගෙන ගත්තා.රඟපාන්න ගිහින් ලැබූ අත්දැකීම් සෑහෙන්න තියනවා. උතුවන්කන්දේ සරදියෙල් හි මං රඟපෑවේ සමට් නම් වූ මුස්ලිම් ජාතිකයකුගේ චරිතයක්. මට විශාල ගල් මතින් පැන පැන දුවන්න තිබුණා සීන් එකක. ඔහොම ගලකින් පනිද්දී මාව ලිස්සලා වැටුණා දෙබොක්කාවකට. මං හිතුවෙ ඉවරයි කියලා. වාසනාවට මං තවමත් ජීවත් වෙනවා. මට සීරීම් තුවාලයක් හැර කිසිම දෙයක් වුණේ නැහැ.දැන් කලාව තමයි මගේ ජීවිතය. මේ ගමනට සහය දුන් ජැක්සන් ඇන්තනී, රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක සහ රන්ජන් ප්‍රසන්න යන මහත්වරුන් මතක් කළ යුතුමයි.ප්‍රසාද් සමරතුංගසේයාරුව ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
අපේ කලා ලොවේ පැරැණි මතක අලුත් කරන මතක පොතේ රූප පෙළට අද එක් වෙන්නේ ගොඩක් වටිනා අවස්ථා දෙකක්.අවුරුදු 56 ක ට පමණ පෙර ගත් මේ ඡායාරූපය අග්‍රගනයේ නාට්‍ය නිර්මාණයක් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ මනමේ නාට්‍යය වේදිකා ගතවූ මුල්ම අවස්ථාවේ දී ගත් එකක්. මෙහි වැද්දාගේ චරිතයට පණ පෙව්වේ එඩ්මන්ඩ් විජේසිංහ. මනමේ කුමරිය ලෙස සිටියේ ට්‍රිලීෂියා අබේකෝන්. පසු කාලීනව ට්‍රිලීෂියා ගුණවර්ධන නම් වූ ඇය ගම්පෙරළියේ අනුලාගේ චරිතයට අමතරව ගැහැනු ළමයි, බැද්දේගම, කලියුගය වැනි චිත්‍රපටවලිනුත් රංඟන කෞෂල්‍ය ගෙන හැර දැක්වූවා. එදා වගේම අදටත් කා අතරත් ජනප්‍රිය වූ ‘සුරතල් නංගියේ අපෙ අම්මා’ ගීතය ගායනා කළෙත් ට්‍රිලීෂියා ගුණවර්ධනයි. එඩ්මන්ඩ් විජේසිංහයන්ගේ බාල සොහොයුරා සම්මානනීය වේශ නිරූපණ ශිල්පි ඊබට් විජේසිංහ එදා මෙම අවස්ථාව කැමරා කාචයෙන් දැක්කේ තරුණ ඡායාරූප ශිපියකුව සිටි ඩී. බී. සුරනිමල. මහා පුවත්පත් කලාවේදී ඩී. බී. ධනපාලයන් ගේ බාල පුතු මෙන්ම සිනමාවේදී ඩී. බී. නිහාල්සිංහයන් ගේ සොහොයුරා වූ ඔහු අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මනමේ කුමරු ලෙස රඟපෑ බෙන් සිරිමාන්න, ට්‍රිලීෂියා ගුණවර්ධන වගේම මේ ඡායාරූපය ගත් සුරනිමලත් අද අප අතර නැහැ. එදා මේ මතක සැමරුම් සනිටුහන් කළ ඡායාරූපය අපට එව්වේ ප්‍රවීණ විචාරක බුද්ධදාස ගලප්පත්ති.මේ ඡායා රූපයත් මීට බොහෝ කලකට පෙර චිත්‍රපටයක සටන් ජවනිකාවක් අතරතුරේ දී ගත් එකක්. මෙහි දකුණු පසින් සිටින්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා.ඒ තමයි ලෙනින් මොරායස්. ඔහු සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක්. සිංහල සිනමාවට අනගි නිර්මාණ රාශියක් දායාද කළ ලෙනින් අද අප අතර නැතත් ඔහුගේ නිර්මාණ ඔහුගේ නාමය අමරණීය කරන්නට සමත්. මේ ඡායාරූපයේ මැද සිටින්නේ ලෙනින්ගේ දකුණු අත බඳු වූ ඇන්ටන් ග්‍රෙගරි. මේ සියලු දෙනා එක්වෙලා සිටින ජවනිකාව ලෙනින්ගේ අධ්‍යක්ෂණය සිහිපත් කරන තවත් එක් අවස්ථාවක්. සරසවිය රසික ඔබ ළඟත් මෙවැනිම වූ වටිනා ඡායාරූප තිබේ නම් ඒ මතක සැමරුම් අපටත් එවන්න. එවිට ඒ මතක ඔබට මෙන්ම සරසවිය පාඨක සියලු දෙනා අතරත් සනිටුහන් වේවි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
හෙළ සිනමා නිළි රැජන මාලිනී ෆොන්සේකා සිය රංගන දිවියේ පනස් වසර සමරමින් ජාත්‍යන්තර උපහාර ලබන්නීය.ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ අප්සා - APSA යන කෙටි නාමයෙන් හඳුන්වනු ලබන ආසියා - ෆැසිපික් සම්මාන උළෙල ජූරි සාමාජිකාවක් වශයෙන් මාලිනීට ඇරැයුම් ලැබී ඇත. එම උළෙල පවත් වනුයේ ආසියා පැසිෆික් කලාපයේ කුසලතා දැක් වූ සිනමා කලාකරුවන් ඇගයීම සඳහායි.එහිදී අප නිළි රැජනගේ පනස් වසරක රංගන ජීවිතයට උපහාර පිණිස දෙසැම්බර් පළමුවැනිදා ආකාස කුසුම් සිනමාපටය එහි තිරගත වනු ඇත. මාලිනී මීට ප්‍රථම දකුණු ආසියාවේ විශිෂ්ටතම සිනමා ශිල්පීන් විසි පස් දෙනා නම් කිරීමේදි ඇය ද ඊට ඇතුළත් වූයේ මෙම සම්මාන උළෙලේදීය.එමෙන්ම ලබන දෙසැම්බරයේ විසිහය වැනිදා ජනවාරි පළමුවැනිදා දක්වා ඉන්දියාවේ බැංග්ලෝර්හිදී පැවැත්වෙන හය වැනි බැංග්ලෝර් අන්තර් ජාතික සිනමා උළෙලේදී මාලිනී ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් පැවැත්වෙනු ඇත. එහිදී බඹරු ඇවිත්, එයා දැන් ලොකුª ළමයෙක්, සොල්දාදු උන්නැහේ, නිධානය සහ ආකාස කුසුම් යන චිත්‍රපට තිරගතවීමට නියමිතය.- ප්‍රසාද්
|
CREATIVE
|
අධ්‍යක්ෂ රවීන්ද්‍ර ආරියරත්නමගේ අලුත්ම වේදිකා නාට්‍යය වුණු ‘චරිතෙ හොරු අරං’ සමඟ රට වටා යනවා. ළඟදීම විදේශ සංචාරයක් සඳහා සහභාගිවීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අනෙක් වේදිකා නාට්‍ය වන ‘බල්ලොත් එක්ක බෑ’ තවමත් වේදිකා ගත වෙන්නේ ඉතා සාර්ථකවයි.ඒ අතරම ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ චිත්‍රපට අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස කරන රැකියාවට මුල්තැන ලබාදීලයි මේ සියලු කටයුතු කරන්නේ.
|
CREATIVE
|
මගේ පැරැණි ගීත අලුත් සංගීතයට අලුත් ගායක ගායිකාවන් රැසකට කියා ගයා සී. ඩී. පටයක් ලෙසින් එළි දැක්වීමට මා අදහස් කරනවා. එහි කටයුතුත් සමඟ ඉදිරියේදී ‘කැලෑහඳ’ චිත්‍රපටයක් ලෙස කිරීමේ අදහසක් ද මා සතුයි.මේ අතරම මගේ උපන් දිනය ළඟදීම එළැඹෙන නිසා පවුලේ හැමෝම එකට එකතු වෙලා එය සමරන්නත් සූදානම්.එහෙම කියන විට මට මතක් වෙන්නේ මගේ 35 වැනි උපන් දිනයේදී අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය දුන්න තෑග්ගයි. එය තවමත් මා ළඟ සුරක්ෂිතව තිබෙනවා. සමහර අවස්ථාවලදි එය බලලා මම බොහොම සතුටට පත් වෙනවා.
|
CREATIVE
|
විචාරකඈෂ්ලි රත්නවිභූෂණආසියානු සිනමාවේ සංවර්ධනය උදෙසා වූ කේන්ද්‍ර ජාලයේ (නෙට්පැක්) ජූරි සභා ස්ථාපිත කිරීම වෙනුවෙන් මේ දිනවල කටයුතු කරනවා.කේරළ, බැංගලෝර්, හවායි, කල්කටා, ඩකා ඇතුළු අන්තර් ජාතික සිනමා උළෙල රාශියක මෙම කටයුත්ත යෙදී තිබෙන නිසා මේ සතිය මට කාර්යබහුල සතියක්.
|
CREATIVE
|
ඇමරිකානු බොක්ස් ඔෆීස් චිත්‍රපට අතර තවදුරටත් පෙරමුණ ගෙන සිටීමට අල්ෆොන්සෝ ක්වරන් අධ්‍යක්ෂණය කළ Gravity චිත්‍රපටය සමත්ව ඇත. පසුගිය සති දෙක තුළම ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටි මෙම චිත්‍රපටය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් 30ක්.පසුගිය සතියේ මෙන්ම මෙම සතිය තුළදීත් දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට Captain Phillips චිත්‍රපටය සමත් වී ඇත. මෙම සතිය අවසානයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් 16.4ක්. මෙම සතිය තුළ තිරගතවීම ආරම්භ කළ Carrie චිත්‍රපටය ඇමරිකානු බොක්ස් ඔෆීස් වාර්තා චිත්‍රපට අතර තෙවැනි ස්ථානයට පැමිණ ඇත. සතිය අවසානයේදී එය වාර්තා කළ ආදායම මිලියන 16.1ක්.ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Escape Plan මෙවර සිව්වැනි ස්ථානයට පත්ව ඇති චිත්‍රපටය යි. මයිකල් හැන්ස්ට්‍රෝම් අධ්‍යක්ෂණය කළ මෙහි සිල්වෙස්ටර් ස්ටැලෝන් සහ ආර්නෝල්ඩ් ස්වාසනේගර් ප්‍රධාන චරිත නිරූපණය කරති.පසුගිය සති දෙන තුළම තෙවැනි ස්ථානයේ රැඳී සිටි Cloudy With a Chance of Meatballs 2 චිත්‍රපටය මෙවර පස්වැනි ස්ථානය දක්වා පැමිණ ඇත. හයවැනි ස්ථානයේ රැඳී සිටින්නේ පසුගිය සතියේදි එම ස්ථානයේම පසු වූ Prisoners චිත්‍රපටය යි.නිකොලේ හොලොන්සෙනර් අධ්‍යක්ෂණය කළ හාස්‍යජනක චිත්‍රපටයක් වන Enough Said චිත්‍රපටය හත්වැනි ස්ථානයේ සිටින අතර අටවැනි ස්ථානයේ සිටින්නේ බිල් කොන්ඩොන් අධ්‍යක්ෂණය කළ The Fifth Estate ත්‍රාසජනක චිත්‍රපටය යි.ඇමරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි නවවැනි ස්ථානයට පැමිණ ඇත්තේ පසුගිය සතියේ පස්වැනි ස්ථානය හිමිකර ගෙන සිටි Runer Runer චිත්‍රපටය යි. පසුගිය සතියේ හත්වැනි ස්ථානයේ පසු වූ Insidious : Chapter 2 චිත්‍රපටය මෙහි දසවැනි ස්ථානයට පැමිණ තිබේ.යතේජා
|
CREATIVE
|
නිලේන්ද්‍ර දේශප්‍රියගේ තන්හා රති රඟා සිනමාපටය එකම සතියක් තුළ ජාත්‍යන්තර සිනමා උළෙලයන් දෙකක හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ වූහ. ඒ කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් සහ එංගලන්තයේ අයි විල් ටෙල් යන සිනමා උළෙලයන්හිය.එමෙන්ම එම සිනමාපටය ලබන සෙනසුරාදා දවල් එකට කොළඹ ජාත්‍යන්තර උළෙල නියෝජනය කරමින් රීගල් සිනමා ශාලාවේදී තිරගත වනු ඇත. තණ්හා රති රඟා මෙම නෙවැම්බරයේ සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී සමස්ථ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රදර්ශනය වනු ඇත.- ප්‍රසාද්
|
CREATIVE
|
රංගන ශිල්පී අජිත් වීරසිංහමේ දවස්වල නම් මම වැඩිපුරම ගත කරන්නේ අනුරාධපුරයේ සහ දඹුල්ලේ තමයි. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ රූගත කිරීම් නිසා. මම තමයි එහි නන්දිමිත්‍ර යෝධයාගේ චරිතයට පණ පොවන්නේ. ඒ හැරුණාම වෙනත් කලා කටයුතු නම් භාර ගත්තේ නැහැ. මගේ උපන් දිනයත් ඉදිරි සතියට යෙදිලා තියෙනවා.හැමදාම වගේ එදාටත් අසරණ අයට උපකාර කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් උපකාරයක් අවැසි අයට අංක 70, ඇරුව්පොල, මහනුවර කියන ලිපිනයට කෙටියෙන් ලියන්න කියලා මම ඉල්ලා සිටිනවා.තිලානි / යතේජාඡායාරූප – ටෙනී / මාලන්
|
CREATIVE
|
හදවත ස්පන්දනය වෙන වේගය වැඩි වෙයි. පෙම්වතාට, පෙම්වතිය හමුවේවි ද? දුෂ්ඨයා පරදී ද? බොලිවුඩ් මසාලා සිනමාපටයක අවසානය ළං වෙන විට රසික හදගැස්ම වේගවත් වෙන්නේ මේ ප්‍රශ්න හදවතෙහි තෙරපෙන නිසයි.එහෙත් රාමෝජි චිත්‍රාගාරයට රූගත කිරීම්වලට යන නළු නිළියන්ගේ හදතවතෙහි තිගැස්ම වැඩි වෙන්නේ ඒ කරුණු නිසානම් නොවෙයි.හයිද්‍රාබාද්හී, රමෝජි චිත්‍රාගාරය භාරත දේශයේ අවතාර ඇති බවට ප්‍රකට ස්ථාන දහයෙන් එකකි. මේ චිත්‍රාගාරය ඉදිකර ඇත්තේ නසීම් සුල්තාන්වරුන්ගේ යුද බිමකය.රමෝජි චිත්‍රාගාරයේ රූගත කිරීම්වලට සහභාගි වන සිනමා ශිල්පීන්ට මිය ගිය සොල්දාදුවන්ගේ කමකට නැති වැඩ නිසා සිත් බියෙන් ත්‍රස්තකර ගැනීමට සිදුවෙයි. හයිද්‍රාබාදයේ රමෝජි චිත්‍රාගාරය සමාන කරන්නේ, යුනිවර්සල් චිත්‍රාගාරයටයි.එය දැනට ලොව විශාලම සංගෘහිත චිත්‍රාගාරය වශයෙන් ද සැලකෙයි. අක්කර 2000 කට වැඩි භූමි භාගයක ඉඳීකර ඇති චිත්‍රාගාරය සංචාරක ආකර්ෂණය ද නොමඳව දිනාගත් තැනකි.රමෝජි රාඕ නම් ඉන්දියානු සිනමා නිෂ්පාදකයා 1996 දී රූගත කිරීම්වලට පහසුකම් ඇති කරන ලදී. දැනට තෙළිඟු, හින්දි, දෙමළ, මලයාලම්, කන්නඩ, මරාති, බෙංගාලි වැනි විවිධ භාෂාවල සිනමාපට 80 කට වැඩි ගණනක් මෙහි රූගතකර තිබේ.එහෙත් රූගත කිරීම්වලට යන බොහෝ අධ්‍යක්ෂවරුන් මෙහිදී ලබන භූත අත්දැකීම් ගැන නම් ප්‍රසිද්ධියේ ලොවට හෙළි කිරීමට අකැමැතිය. ඒ එයින් චිත්‍රාගාරයට කළු ලකුණු එකතු වෙන නිසයි. එහෙත් රූගත කිරීම්වලදී සිවිලිම් කඩා වැටීම, බොහෝ කලා ශිල්පීන් මුහුණ දුන් අත්දැකීමකි.උඩ සිටින ආලෝක ශිල්පීන් අදිසි හස්තයන් මඟින් තල්ලු කිරීම නිසා බිම වැටී තුවාල වුණු අවස්ථා එමටයි. කාමරවල තබා ඇති ආහාර තැන තැන අද්භූත ලෙස විසුරුණු අවස්ථා ද ඕනෑ තරම්ය. කණ්ණාඩිවල සුල්තාන්වරු භාවිත කළ උර්දු අකුරුවලට සමාන අකුරු ලියා තිබෙනු බොහෝ දෙනකු දැක තිබෙන්නෙකි.රූගත කිරීම්වලට යන නළුවන්ට වඩා අකරතැබ්බයන්ට මුහුණ පාන්නේ නිළියන්ය. ඇඳුම් මාරු කරන කාමරවල මිනිස් සෙවණැලි, නාන කාමරවල දොරට තට්ටු කරන අදිසි මිනිසුන් හොඳ රඟපෑමකට අවශ්‍ය අත්දැකීම නිළියන්ට භූත බලවේග ලබා දෙන්නේ ඔවුනගේ සියොළඟම හිරිගඩු පිපෙන්නට සලස්වමිනි. භූතයන්ගේ පැමිණීම වළක්වන්නට විවිධ පියවර ගෙන ඇතත් තවමත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වරින් වර රූගත කිරීම්වලට යන සිනමා කණ්ඩායම්වලට අත්දකින්න ලැබෙයි.ගෝස්ට් ත්‍රිමාන සිනමාපටය රූගත කිරීමේදීත් නීල් නිතින් මුකේෂ් නළුවා කියා සිටියේ තමන් සැබෑවටම අවතාරයක් දුටු බවයි. එහෙත් ඒ සිනමාපටය ප්‍රවර්ධනය කිරීමට කරන උපක්‍රමයක්දැයි කියා පසුව සැකයක් මතු කෙරිණි.මලයාලම් සිනමාපටයක් වන අයිවර් විවනිතරායල් රූගත කිරීමේදී අහම්බෙන් භූතයන් වැනි රූපකායන් කැමරා ඇසට අසු වී තිබේ. අධ්‍යක්ෂ සාජි සුරේන්ද්‍රන් මේ දර්ශන සිනමාපටයේ ගීතයකට ඇතුළත්කර තිබේ.ත්‍රාසජනක සිනමාපට රූගත කිරීමේදී සැබෑ අවතාර ගැන කතා අසන්නට ලැබීම සුලබ අත්දැකීමකි. මෑතකදී රූගත කෙරුණු ‘ආත්මා’ ද එවැන්නකි.එහි නිෂ්පාදක අභිෂේක් පතක් පැවසුවේ ප්‍රධාන නළු නවාසුදීන් සිද්දික්ගේ ජවනිකාවක් රූගත කරද්දී ඔහුට පිටුපසින් බිත්තියේ එල්ලා තිබූ ඡායාරූපයක් සුළං හෝ කිසිදු හේතුවක් නැතිව හිටි හැටියේම කඩා වැටුණු බවයි. ඡායාරූපය බිම වැටීම රූගත කිරීම නතර කිරීමට හේතුවක්කර නොගත් ඔහු දිගටම රූගත කිරීම් කරගෙන ගියේය.පසුව සියල්ලන්ම මවිත වූයේ ඡායාරූප බිම වැටුණ ද බිදුණු කිසිදු කිසිවක් දැකීමට නොලැබුණු නිසයි.එම සිනමාපටයේම තවත් කොටසක් වෂී හී රූගත කිරීමේදී පටිගත කිරීමේ ශිල්පී සුපර්න් හෙඩ්ෆෝනයකින් නළු නිළියන්ගේ දෙබස්වලට සවන් දෙමින් සිට ඇත. ඔහුට ඈතින් කාන්තාවක ගී ගයන හඬ ඇසී තිබේ.පුදුමය නම් හෙඩ්ෆෝනය ඉවත් කළ පසු ඒ හඬ නොඇසීමයි. බිපාෂාට ද කාන්තා ගී හඬ ඇසී තිබේ. එහෙත් පටිගත කළ දෙබස්වලට සවන් දීමේදී ගී හඬක් පටිගත වී නොතිබුණි. බොලිවුඩ් අද්භූත සිනමාපට භූතලන්තයන් බවට පත් කෙරෙන කතා අසන්නට ලැබෙන්නේ සිනමාපටය පිළිබඳ රසික කුතුහලය වැඩි කිරිමේ ප්‍රවර්ධන උපක්‍රමයක් ලෙසින් ද යන්න නම් තවමත් අබිරහසකි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
නර්තන ශිල්පිනී දයා නෙල්ලම්පිටියඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘විශාඛා මේලා’ වැඩසටහනට ළමයි තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලයට පසුගිය දවස්වල මා සහභාගි වුණා. ඒ අතරම බම්බලපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ ජන ගී ගැන දේශනයක් කළා.ඒ වගේම අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වී සිටි මිසිස් අබේරත්නට වසර අසූ නවයක් පිරීම නිමිත්තෙන් ගුරුවරු හා ආදි ශිෂ්‍යාවන් කළ උත්සවයකටත් මා සහභාගි වුණේ බොහොම කැමැත්තෙන්.මේ අතරතුර සාමාන්‍ය පෙළ හා කුඩා ළමයින් වෙනුවෙන් නර්තනය උගන්වනවා.
|
CREATIVE
|
- පණ්ඩුක මහානාමමගෙ හිත තෙමා ඉගිලී ගියත් හැර දමා ඔබ දන්නවා මං වගේ කවුරුවත් නැහැ කියාමේ ගීය ගයන්නේ නව පරපුරේ ගායන ශිල්පියකු වන පණ්ඩුක මහනාමයි. අද වන විට ‘මගෙ හිත තෙමා’ ඉහළ ජනප්‍රියත්වයක් විඳිමින් ගුවන් විදුලි නාලිකාවල නිතර ප්‍රචාරය වන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි රූප රචනාවත් රූපාවාහිනී නාලිකා කිහිපයකම විකාශය වන හින්දා ගීතය තරමටම පණ්ඩුකත් සංගීත ලෝලීන් අතරේ ජනප්‍රිය වෙලා තියෙනවා. මේ හින්දම අප පණ්ඩුකව ඔබට හඳුන්වා දෙන ගමන්ම මේ ගීතය හැදුණු හැටි පිළිබඳත් කතා කරන්න හිතුවා. මගේ හිත තෙමා විරහ ගීතයක් නිසා මේක පණ්ඩුකගේ අත්දැකීමක්දෝ කියලා මටත් හිතුණා. ඒ ගැන පළමුව කියන ගමන්ම පණ්ඩුක මෙන්න මෙහෙම කතාව ආරම්භ කළා.ඇත්තටම අයියේ ඔයා ඇහැව්වා වගේ මගෙන් හැමෝම අහනවා මේක මගේ පුද්ගලික ජීවිතයේ කතාවක් ද කියලා. මොකද වීඩියෝ එකෙත් ඉන්නේ මමනෙ. මම ඒ ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. විරහව අපි හැමෝගෙම ජීවිතවල තියනවානෙ නේද.කවුද මේ ගීය ඔබට නිර්මාණය කරලා දුන්නේ?සචිත් වී. චතුරංග තමයි ගීතය ලිව්වේ. සංගීතය සංගීත් ඉද්දමල්්ගොඩගේ.මෙය ඔබට සිතැඟි පරිදි නිර්මාණය වූවක්ද? ඒ කිව්වේ ඔබගේ සිතෙහි ඇති අදහස කියලා ලියවා ගත්ත එකක් ද?ඔන්න ඉතින් ආයෙත් අයියා පළමු ප්‍රශ්නයෙම කොටසක්නෙ ඇහැව්වේ. හරි මං මෙහෙම කියන්නම්කො. මේ දවස්වල විරහ ගීත රැල්ලක් යනවනෙ. මටත් හිතුණා එවන් ගීතයක් කරන්න. මං අදහස කියලා ලියව ගත්තා.ඒ කියන්නේ ඔබත් රැල්ලට යන ගායකයෙක්?එහෙම කියන්නත් අමාරුයි. ගුවන් විදුලි නාලිකාවල වැඩිපුර ප්ලේ කරන්නේ විරහ ගීතනෙ. විරහ ගීත රැල්ල අද ඊයේ ආපු එකක් නෙවෙයි. ඉස්සර ඉඳලම විරහ ගීත තිබුණා. සංගීත ශෛලිය විතරයි වෙනස්. මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීතවලින් සියයට අනූවක්ම විරහ ගීතනේ.පණ්ඩුකගේ සංගීත ගමන් මඟ ඇරැඹෙන්නේ කොහොමද?මගේ ගම ගාල්ලේ. ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයෙනුයි අධ්‍යාපනය හැදෑරුවේ. පාසල් කාලයේ ඉඳලම මම අමු සංගීත පිස්සෙක්. මං වගේම තව කොල්ලො සෙට් එකක් හිටියා. ඔවුන් එක්ක සුපර් ඇලෝගීෂියස් කියලා වාදක මණ්ඩලයක් ද පිහිටුවා ගෙන ගමේ ෂෝස් ප්ලේ කළා. පාසල් කාලයෙන් පසුව හොටෙල්ස්වල ප්ලේ කරන්න පටන් ගත්තා. ඔහොම ඉන්න කොට තමයි මට මගේම සිංදුවක් කරන්න ඕනෑ කියලා හිතිලා 2007 දී ආදරය නම් වූ ගීතයක් කළා. හැබැයි වැඩිය ඒක ජනප්‍රය වුණේ නැහැ. වසර පහකට විතර පසුයි මගෙ හිත තෙමා ගීතය අවුට් කළේ.ඒක හිතුවට වඩා ජනප්‍රිය වුණා?ඇත්තමයි. මාත් හිතුවේ නැහැ මගෙ හිත තෙමා මෙතරම් ජනප්‍රිය වෙයි කියලා. ගමේ මට තියෙන පිළිගැනීමත් වැඩි වුණා මේ ගීතය නිසා. කෙටියෙන්ම කිව්වොත් බස් එකකවත් නැගලා යන්න බැහැ. ගොඩක් අය සිංදුව ගැන අහනවා. විශේෂයෙන් තරුණ තරුණියෝ.ඔබ දැන් වෘත්තීය සංගීත ශිල්පියෙක්ද?නැහැ. මං රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන කෙනෙක්. ඊට අමතරව මගේම සංගීත කණ්ඩායමක් තියෙනවා.අද බොහෝ දෙනා වානිජ පරමාර්ථයෙන් ගීත කියන්නේ? ඔබ?මට ගීතවලින් සල්ලි හොයන්න වුවමනාවක් නැහැ. මට බෑන්ඩ් එකක් තියෙනවා. රැකියාවක් තියෙනවා. මට ඒවායින් සැලකිය යුතු ආදායමක් ලැබෙනවා. මම නම් කියන්නේ වානිජ පරමාර්ථයෙන් ක්ෂේත්‍රයට එන්න හොඳ නැහැ. පරමාර්ථය වානිජ නම් හොදම වැඩේ සිංදු කියන්නේ නැතුව බිස්නස් එක්ක කරන එක.මෙහි රූප රචනාව ගැනත් බොහෝ දෙනා කතා කරනවා. කවුද එය නිර්මාණය කළේ.ලකී රූප කියලා ආයතනයකින් හැදුවේ. ඔවුන් ගොඩක් මහන්සි වුණා මෙයට හොඳම තත්ත්වයේ රූප රචනාවක් කරන්න. අපි පැය විසි හතරක් එක දිගට ෂූට් කළා. හරිම මහන්සියක් දැනුණේ මට එදා. ගෙදර ඇවිත් කළේ අර පැය විසි හතරට හරි යන්න පැය හතළිස් අටක් නිදාගත්තු එක.ඔබේ ඊළඟ නිර්මාණය ගැන කතා කරමින්ම මේ සංවාදය අවසන් කරමු?තෙවැනි ගීතයත් ආදරය ගැනම තමයි නිර්මාණය වන්නේ. ලබන වසරේ මැද විතර එය මාධ්‍යයට නිකුත් කරනවා.මේ පණ්ඩුකගේ දුරකතන අංකයයි 0777910445පණ්ඩුකගේ මගෙ හිත තෙමා ගීතයේ සම්පූර්ණ පදමාලාව:මගෙ හිත තෙමා ඉගිලී ගියත් හැර දමා ඔබ දන්නවා මං වගේ කවුරුවත් නෑ කියාඒ කාලෙ ආවෙ හමු වන්නේ නෑ අපි අපිට හිමි නැති නිසා දැකගන්න ආසයි ඔය ඇස් ඔබේ සදහටම ඔබ නැති නිසාආදරේ මුසුකරලා ජීවිතේ රස කරවා මා හදේ තනි මකලා ඇයි ගියේ වෙනකෙකු හා අමතක කරන්නට බැහැ මට නම් සත්තයි මගෙ රත්තරංරළු හිතේ දුක පුරවා මුළු රැයේ විඳිනවා නුඹ මගේ දුක නරඹා දුර ඉඳන් හිනැහෙනවා මතක කරන්න බැහැ මට නම් සත්තයි මගෙ රත්තරංසටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
කටකාර සෙලෙස්තිනා ගම් මැද්දෙන් එද්දී කෝරළේ මහත්තයා ඉන්න මුවන් පැලැස්සේ හැමෝම බලාගෙන ඉන්නේ අලුත් කතාවක් අහන්න. මුළු ගමේම ජනප්‍රිය චරිතයක් වූ සෙලෙස්තිනා මේ වන විට ඔබටත් ආගන්තුක නැහැ. මේ සෙලෙස්තිනා අද සරසවියට ඇවිත්. හැබැයි ඇගේ සැබෑ ස්වරූපයට ගැමි බවක් නම් ගෑවිලාවත් නැහැ. කවුද මේ සෙලෙස්තිනා?ස්වර්ණලතා රණසිංහ තමයි ඇගේ ඇත්ත නම.මාත් සෙලෙස්තිනා කියලා කතා කරන්නද?ඒක හොඳයි. කවුරුත්ම මගේ ඇත්ත නම දන්නේ නැහැ. සෙලෙස්තිනා කිව්වොත් තමයි දන්නේ. රසික රසිකාවන් නම් කමක් නැහැ කියමුකො. ෆීල්ඩ් එකේ අයත් මාව දන්නේ එනමින්.* කෝරළේ මහත්තයා තෙවැන්න පටන් ගන්නවලු නේද? සෙලෙස්තිනා ඒකෙත් ඉන්නවද?මොකද නැත්තේ. සෙලෙස්තිනා කෝරළේ මහත්තයට ඕනේ.කටකාර සෙලෙස්තිනා මුවන් පැලැස්සට ආඩම්බරයක්.* මොකද ගැමි චරිතවලට මෑතකාලීනව කොටු වෙලා?මක් කරන්නද, මාව ගොඩක් දෙනා හඳුනා ගත්තේ වසූදා නාට්‍යයේ නැන්දාගේ චරිතයෙන්. ඒක ගොඩක් නපුරු කැරැක්ටර් එකක්. ඉන් පසුව ලැබුණෙම නපුරු චරිත. ඔන්න ඒකෙන් මිදිලා ගැමි චරිතයක් කළා. එතැන ඉඳලා ලැබුණෙම ගැමි චරිත. ඕක මට තියෙන ලෙඩක්. එකක් ලැබුණොත් දිගටම ඒවම ලැබෙනවා. මං ඉතින් වෘත්තීයමය රංගන ශිල්පිනියක් නිසා ලැබෙන චරිත ප්‍රතික්ෂේප කරන්නත් බැහැනෙ.* රඟපාන්න ආස චරිතයක් තියෙනවාද?මං ආසයි බටහිර චරිතයක් කරන්න.* රඟපාලා ලැබෙන මුදල් ප්‍රමාණවත්ද?කොහෙත්ම නැහැ. රඟපාන්න එනවා නම් අනිවාර්යයෙන්ම අමතර ආදායමක් තියෙන්න ඕනේ. මේ වෘත්තිය ස්ථිර නැහැ. එක නාට්‍යයක් ඉවර වෙලා තවත් නාට්‍යයකට කතා කරනකම් කාලයක් නිකම් ඉන්න වෙන්නේ. ඒ අතරතුරදී කිසිම ආදායමක් නැහැ. ලැබෙන බොහෝ නාට්‍යවලිනුත් හොඳ ගණන් ලැබෙන්නෙත් නැහැ. හැබැයි අපට හොඳට සලකන නාට්‍ය නිෂ්පාදකවරුනුත් නැත්තේම නොවේ.* ඔබ රංගනයට යොමු වුණේ මැදි වියත් ඉක්ම වූවායින් පසුව නේද? ඇයි තරුණ කාලයේදීම කලාවට ආවෙ නැත්තේ?ඒක දිග කතාවක්. මං ඒ අතීතයට යන්න කැමැති නැහැ. මං පුදුමාකාර ආසාවකින් හිටියේ නිළියක් වෙන්න. ඒත් ගෙදර කවුරුවත් මං රඟපානවට කැමැති වුණේ නැහැ. ඉතින් මගේ තරුණ කාලෙම පෞද්ගලික ජීවිතයේ කටයුතුවලට වැය වුණා. ඊට පස්සේ බලෙන් වගෙයි මං රඟපාන්න ආවේ* ඒ කාලයේදීම රඟපාන්න ආවා නම් අද හොඳ තැනක?ඔව්. අද එහෙම නම් මං ගොඩක් ජනප්‍රිය වෙලා.* ක්ෂේත්‍රය සුන්දරද?හොඳයි. ඒත් කරදර වෙන වෙලාවලුත් තියෙනවා.* ඒ මොනවද?ඒවා ඉතින් ප්‍රසිද්ධියේ කියන්න බැහැ.* ස්වර්ණාගේ ගම් පළාත එහෙම කොහෙද?හංවැල්ලේ. බාල මහලු කොයි කවුරුත් ගමේ අය මට කියන්නේ නිළි නැන්දා කියලා. එච්චරට මට ගමේ අය ආදරෙයි.* කෝරළේ මහත්තයා දර්ශන තලයේ වෙච්ච රසමුසු අත්දැකීම් එහෙම තියෙයිද?ගොඩක් දේවල් තියෙනවා. ඒත් පත්තරයකට කියන්නේ කොහොමද. ඒත් පද්මසිරි කොඩිකාර ඇතුළු අපේ කණ්ඩායම වැඩ කරන අන්දම සහ ඔවුන් එක්ක දර්ශන තලයේ ගත කරන කාලය හරිම සුන්දරයි.* සෙලෙස්තිනාගෙන් පසුව?නාට්‍ය කිහිපයකටම කතා කළා. බොහෝ ඒවා ගැමි චරිත. ඒවා අතරින් ජනක චමින්ද අත්තනායකගේ අකඩවාරිය විශේෂයි.* රංගනයෙන් ඉදිරියට යාමද ඔබගේ බලාපොරොත්තුව?මට සම්මාන ගන්න බැහැ කියලා දන්නවා. ඒක නිසා හොඳ නිළියක් වෙන්න උත්සාහ ගන්නවා. ඒ අතරතුර නිර්මාණ ගැන අධ්‍යයනයක යෙදෙනවා.* සෙලෙස්තිනාගෙන්ම මේ කතාව අවසන් කරමු?මට සෙලෙස්තිනාට ආරාධනා කලේ පද්මසිරි කොඩිකාර මහත්මයා. ඔහුට බෙහෙවින් තුති පිදිය යුතුයි. එමෙන්ම සෙලෙස්තිනා විතරක් නෙවෙයි මට විවිධ චරිතයන් රඟපාන්න පුළුවන් කියලා කියන්න ඕනේ.සටහන - ප්‍රසාද් සමරතුංගසේයාරූ - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ජනප්‍රිය චිත්‍රපට රැසක් නිපද වූ රාජ් රණසිංහ සිය නවතම චිත්‍රපටය සඳහා රංගන ශිල්පිනියක පුහුණු කිරීමට සූදානම් වේ.පෙරළිකාරයෝ, නොම්මර එකයි, හිත හොඳ පුතෙක්, චාන්දනී වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ රාජ් රණසිංහ මෙවර සිය නවතම චිත්‍රපටය සඳහා අලුත්ම නිළියක ලෙස තෝරා ගන්නේ එම පුහුණුව දුන් තැනැත්තියයි.ඔහු බලාපොරොත්තු වනුයේ උස අඩි 5.3 ට වැඩි පැහැපත් සිරුරකින් හෙබි යෞවනියකි. ඒ සඳහා මෑතක දී ලබා ගත් ඡායාරූප සමඟ රඟපෑමට වරම්, සරසවිය බාරේ, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට මෙම මස 28 වැනිදාට පෙර ලැබෙන ලෙස එවිය යුතුය.එහිදී සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරා ගනු ලබන රංගන ශිල්පිනියට අනෝජා වීරසිංහ වෙතින් පුහුණුව ලැබෙනු ඇත.බුද්ධික දමයන්ත අධ්‍යක්ෂණය කළ ‘අපි තමයි හොඳම’ වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මාර්තු 14 සහ 15 යන දෙදින තුළ කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති කේ. ජී. විමලසේන මහතාගේ සංකල්පයක් මත එම විද්‍යාලයීය නාට්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහය හා ඉදිරිපත් කිරීම අනුව මෙය සිදු කෙරේ.සීමාසහිත ශ්‍රීී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතිය මඟින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ වැඩ කටයුතු පසුගියදා ඇරැඹිණි. වරිග පොජ්ජ නමින් නම් කරන ලද එහි මුහුරත් උළෙල පසුගියදා එම සමිතියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ. එය මෙරට ආදිවාසී ජනතාව පාදක කොට ගෙන නන්දසිරි ගමගේ විසින් රචනා කරන ලද ‘වරිගය’ නම් වූ කෙටි කතාව ඇසුරෙන් නිර්මාණය වන්නකි. මෙරට ආදිවාදී ජනතාව විසිවන සියවසේ දෙවන භාගයේ සිට මුහුණ දෙන ඛේදාන්තය හෙළිදරව් කිරීමේ අරමුණ ඇතිව තැනෙන වරිග පොජ්ජ තුෂාර තෙන්නකෝන් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරයි. දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. විශ්වජිත් කරුණාරත්න කැමරාව මෙහෙයවයි. ජයන්තා රණවක අංග රචනා ශිල්පියාය.වරිග පොජ්ජ සඳහා රංගනයෙන් දායක වන්නේ සමුපකාරයේම පිරිස වේ.සම්මානනීය සිනමා නළු සනත් ගුණතිලක දෙවැනි වරටත් අධ්‍යක්ෂවරයකු වෙමින් සුනිල් ටී. ප්‍රනාන්දුගේ පනස් හය වැනි සිනමාපටයේ රූගත කිිරීම් අද සිට ඇරැඹේ. ‘ සිනහව අතරින්’ යනුවෙන් නම තබා ඇති එය සනත්ගේ පළමු අධ්‍යක්ෂණය වන එකමත් එක රටකට වඩා හාත්පසින්ම වෙනස් එකක් වනු ඇත.සනත් ගුණතිලක, සේමිණි ඉද්දමල්ගොඩ ඇතුළු පිරිස සිනහව අතරින් සඳහා රංගනයෙන් දායක වෙයි.රජිත හිරාන්, උදිත් අබේරත්න, නටාෂා පෙරේරා, වසන්ති රංවල, හිලේරියන් පෙරේරා, සුමිත් ගෝමස් ආදීන්ගේ හඬ මුසුවෙන් රස ගැන්වෙන නවතම ගුවන් විදුලි නාටකය නිම්සරා 18 වැනිදා සිට සතියේ සෑම දිනකම දහවල් එකට ශ්‍රී එෆ්. එම්. ඔස්සේ විකාශය වේ.අංජුල ප්‍රියන්ත මනම්පේරි මේ නාට්‍යයේ රචකයා සහ නිෂ්පාදකවරයාය.ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ විසින් රචිත නවතම නවකතාව ‘සුපුන් සඳ’ ලබන 22 වැනිදා මහරගම පිහිටි ඒ මහතාගේ නිවසේදී එළි දැක්වේ. පියකුගේ නොහොබිනා දිවි පෙවෙතක් නිසා සමාජය තුළ තාඩන පීඩනවලට සහ අපහසුතාවයට පත්වන අහිංසක තරුණයකුගේ කතා පුවතක් ‘සුපුන් සඳ’ තුළින් දිග හැරේ.අර්නස්ට් වඩුගේ විසින් මෑතකදී රචිත ‘මගේ මැණික’, ‘සංකලනි’ නවකතා ද්විත්වයත් ‘යුග දිවිය’ සහ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලගේ ජීවිත කතාව ඇතුළත් ‘හදවත රත්තරං’ කෘති දෙකත් ඉතාමත් ජනප්‍රියත්වයක් ලබා ගත් කෘති අතර වේ.එළඹෙන ඉරිදා උදෑසන (17 දා) විකාශය වන පුංචි පැංචි වැඩසටහන රසවත් කිරීමට කීර්ති පැස්කුවල් සහභාගි වේ. එහිදී ඔහු මෑතකදී නිකුත් කළ නිල් ආකාසේ ළමා ගී තැටියේ ගීත කිහිපයක් පොඩිත්තන් සමඟ ගයනු ඇත. නිල් ආකාසේ හි පද රචනා සහ සංගීත නිමැවුම් උපුල් පෙරේරාගෙනි. ප්‍රදීප් මහේෂ් ලියනගේ පුංචි පැංචි වැඩසටහන නිෂ්පාදනය කරනු ලබයි.ප්‍රසාද් - යතේජා
|
CREATIVE
|
දැනට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචිව සිටින ලේඛක, ගීත රචක, සංගීතඥ සහ ගායක භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් මෙම මස 08 වැනිදා සවස 2.30 ට ගම්පහ නවලෝක තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.මෙයින් ලැබෙන සියලුම ආදායම කෝට්ටේ සුහද පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ලබාදෙන අතර මෙම ගී සැඳෑව භද්‍රජී කළණ මිතුරු සංසදයේ ඉදිරිපත් කිරීමකි.ගම්පහ කාන්ති වික්‍රමනායකගේ සංවිධානයෙන් ඉන්ද්‍රසිරි සුරවීර සහ තිළිණි අතුකෝරාලගේ නිවේදනයෙන් ඔප් නැංවෙන ප්‍රසංගයේ සහය ගායනා චන්න කස්තුරිසිංහ, විමානි කපුරු බණ්ඩාර, සඳුනි රශ්මිකා, ධනුෂ කුලරත්න සහ සජිත් කපුරු බණ්ඩාරගෙනි.රුක්ෂාන් කරුණානායක ප්‍රමුඛ චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස් සංගීත කණ්ඩායමේ සත්සර රටාවෙන් හැඩවන ප්‍රසංගය අතරතුර භද්‍රජීගේ නවතම සංයුක්ත තැටිය වන ගමෙන් ආ කෙල්ලේ එළිදැක්වීමට නියමිතය.ආනන්ද විද්‍යාලයේදීගීත රචක නිරිමාණ කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන ඔස්කා රිද්ම රැයක් විචිත්‍රවත් සංගීත සැඳෑව සැප්තැම්බර් 07 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.සංගීත් නිපුන් සනත් නන්දසිරි විශාරද නන්දා මාලනී, විශාරද අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, විශාරද සමිතා මුදුන්කොටුව සහ විශාරද නෙළු අධිකාරි යන ගායක ගායිකාවන්ගේ ගැයුමින් එදින ප්‍රසංගය වර්ණවත් වනු ඇත.සමන්ත පෙරේරා සංගීතය මෙහෙයවනු ලබයි. නර්ථන වින්‍යාසය ජාතික තරුණ සේවා සභාවේ නර්ථන කණ්ඩායමෙනි.විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගය මේ මස 08 සහ 09 දෙදින තුළ ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.නාවුක හමුදාපති රියර් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා සහ එම මැතිණිය ප්‍රධාන ආරාධිත අමුත්තන් වන මෙම ප්‍රසංගයේ යුග ගායනා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද ශ්‍රියා කාරියවසම් සහ ශාරණ්‍යා ජයකොඩි යන අයගෙනි.වසන්ත රෝහණ ප්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවනු ලබයි.විශේෂ අමුත්තා රවිබන්දු විද්‍යාපතිනර්ථන ශිල්පිනී රෂාන්ති හෙට්ටිආරච්චි කැනඩාවේ පවත්වාගෙන යනු ලබන රන්ගාරා කලා ආයතනයේ සිවු වසරක් බෙර වාදනය සහ නර්තනය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලඑළි මංගල්‍යය ‘රන්ගාරා රංග අභිෂේකය’ මේ මස 08 වැනිදා සවස කැනඩාවේ දොන් බොස්කෝ රංග ශාලාවේදී පැවැත්වේ.ජ්‍යෙෂ්ඨ නර්ථනවේදී රවිබන්දු විද්‍යාපති සහ බෙර වාදන ශිල්පී ප්‍රසන්න රූපතිලක එම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස සහභාගිවීමට නියමිතය. මෙයට සමගාමීව රවිබන්දු විද්‍යාපතිගේ කලා නිර්මාණ ඇතුළත් කෙටි වැඩසටහනක් ද දිග හැරෙනු ඇත.රුවන් හේවගේ අධ්‍යක්ෂණයක්රුවන් හේවගේ අධ්‍යක්ෂණය කරන ‘පුංචි එවුන් සූරයෝ’ සිනමාපටය මීගොඩ පාදුක්ක සහ හෝමාගම යනප්‍රදේශයන්හි මේ දිනවල රූගත වෙමින් පවතියි.මෙය අයුක්තියට විරුද්ධව නැඟී සිටින කුඩා දරුවන් සිවු දෙනෙකු වටා ගෙතී ඇති කතාවකි.රංගන ප්‍රේමරත්න, සඳුන් විජේසිරි, අජිත් ලොකුගේ, ප්‍රසන්න ෆොන්සේකා, සුමිත් මුදන්නායක, රුවන් හේවගේ, චලිනි ප්‍රතිභා, නිහාල් ප්‍රේමචන්ද්‍ර, ගාමිණී කොස්තා, සරත් පීරිස්, කුමාරි එක්නැලිගොඩ, සම්මි හේමචන්ද්‍ර, කුමාරි සංජීව දහනායක, කැළුම් නිරෝශන්, ශානිකා පද්මකාන්ති, දම්මි රත්නාවලී, මධු නිසංසලා, නන්ද පින්නවල, ක්‍රිෂාන්ත ද සිල්වා, සුදේශ් මධුසංඛ, සනත් කුමාර, රිද්මා තරංගනී සෙහානි ප්‍රේෂිකලා, උපුල් රාහුබද්ධ, නුවන් විජේසිරි සහ ළමා නළුවන් වන වෙහාන් ලංකජ, සහන් ගිමන්ත, සජිත් රන්සිරි, තීක්ෂණ සඳරු සසංක, කනිෂ්ක ජයරුවන් සහ ගීත්මා ලියනආරච්චි රඟන පුංචි එවුන් සූරයෝ හි සහය අධ්‍යක්ෂණය නිහාල් ප්‍රේමචන්ද්‍රගෙනි. කැමරාව මංජුල කුමාරගේ මෙහෙයවයි.සරත් රන්වැල්ල කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් පෙරේරා නිශ්චල ඡායාරූපකරණයෙන් සහ අශෝක පීරිස් පසුබිම් සංගීතයෙන් මේ සඳහා එක්වෙති. ගාමිණී කොස්තාගේ අංග රචනාවකි.ඩී. එල්. නිහාල් පුංචි එවුන් සූරයෝ නිෂ්පාදනය කොට තිබේ.ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
ඡන්දය දැමීම පෞද්ගලික කරුණකි. මේ පෞද්ගලික කාරණයේදී මාධ්‍යයට සහ රසිකයන්ට ලොව සුරූපිනියකගේ අතිශය පෞද්ගලික කරුණක් හෙළි කරගත හැකි නම් එය ධන නිධානයක් හා සමානය.අයිශ්වර්යා රායිත්, අභිෂේ්ක් බච්චනුත් පැමිණ සිටියේ ඡන්දය දැමීමටයි. එහෙත් කාට කාටත් පැහැදිලිවම එක් කාරණයක් අවබෝධ විය. ඒ අයිශ්වර්යා දෙවැනි වරටත් මවක වීමට යන බවයි. ඈශ් ඇඳ සිටි අළු පැහැති ටී ෂර්ට් එකට ඇයගේ පිරුණු කුස හොඳින් පෙනිණි. මෙයින් යළිත් දෙදෙනා සාඩම්බර මාපියන් වීමට යන බව වටහා ගැනීම අසීරු නොවීය.ඇය කවදත් මාතෘත්වයට ඇලුම් කරන්නීය. ආරධ්‍යා බලා ගැනීම ඇය තමා වෙතම පවරා ගත්තාය. කොතැනක ගියත් ඈශ්, පුංචි සුරංගනාව, ආරධ්‍යා ද රැගෙන යන්නීය. ඇයගේ සැඳෑ කාලය ගතවන්නේ දියණිය සමඟ සෙල්ලම් කිරීමටයි. රංගනයට කෙතරම් ඇරැයුම් ලැබුණ ද, ඇය තවමත් රංගනයට පිවිසියේ ද නැත. අයිශ්වර්යාගේ මවු ගුණය අභිෂේක් සැම විටම අගයන්නේය.රංගනයට වඩා අයිශ්වර්යා මවු පදවියට වඩාත් කැමැතිය. ඇයට ආරධ්‍යා ලැබුණේ 2011 වසරේදීයි.පසුගිය වසරේදී ඈශ් කියා සිටියේ මවක වීමේ සැලසුමක් නැති බවත්, මවක වීමට ලැබුණොත් එය ආශීර්වාදයක් බවත්ය.
|
CREATIVE
|
විශේෂ දැක්ම අප්‍රේල් 07 දාටවර් හෝල්හි දීප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘රෝමය ගිනි ගනී 2’ වේදිකාගතව දෙවසරක් ගත වෙන්න නියමිතයි. ඒ වෙනුවෙන් නාට්‍යයේ විශේෂ දැක්මක් ලබන 07 වැනිදා ටවර්හෝල් රංග ශාලාවේදී වේදිකාගත කරන්න කටයුතු සූදානම්. බ්‍රිතාන්‍ය ජාතික නාට්‍යකරු රේ කූනිගේ ‘Caught in the Net’ ඇසුරෙන් නිර්මාණය කළ ‘රෝමය ගිනි ගනී 2’ අනුවර්තනය සහ අධ්‍යක්ෂණය බන්දුල විතානගේ විසිනි. ඒ පිළිබඳ ඔහු සමඟ කළ කතාබහයි මේ.මුලින්ම ‘රෝමය ගිනි ගනී 2’ නාට්‍යය පිළිබඳ සඳහන් කරමු?මීට පෙර 1996 වසරේදී මවිසින් ‘රෝමය ගිනි ගනී’ වේදිකා නාට්‍යය වේදිකා ගත කළා. එයට පාදක වුණේ රේ කූනිගේ ‘Run for YourWife’ කෘතියයි. රෝමය ගිනි ගනී 2 නිර්මාණය කළේ පළමු නාට්‍යයේ දිගුවක් ලෙසයි. මුල් කතා පුවතෙන් වසර 17 ට පසු සිදුවන සිදුවීම් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. රෝමය ගිනි ගනී 2 ආරම්භයේ සිට අවසානය දක්වාම අඛණ්ඩව ප්‍රහසනාත්මකයි.රෝමය ගිනි ගනී 2 දෙවසරක් පුරා පැමිණි ගමන මොන වගේද?රෝමය ගිනි ගනී නාට්‍යයේ සාර්ථකත්වය තමයි මෙම නාට්‍යය නිර්මාණයට හේතු පාදක වුණේ. රෝමය ගිනි ගනී 2 නාට්‍යයේ මංගල දර්ශනය පැවැතියේ 2011 වසරේ මාර්තු 23 වැනිදා. එදා සිට මේ දක්වා දිවයින පුරා දර්ශන වාර 50 ඉක්මවා වේදිකා ගත කරල තියෙනවා.දෙවසරක් පුරාවට මෙම නාට්‍යය වෙනුවෙන් දායකත්වය සැපයූ පිරිස ගැනත් කිව්වොත්?මම සමඟින් සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ජයකොඩි, වජිරා කුමාරි, උපාලි බණ්ඩාර, ඉෂාර වික්‍රමසිංහ සහ උමයංගනී ඉඳුරුගොල්ල මේ නිර්මාණයට රංගන දායකත්වය ලබා දෙනවා. රංගාලෝකයෙන් වසන්ත කුමාර, වේශ නිරූපණයෙන් ජගත් පද්මසිරි සහ නිෂ්පාදන කළමනාකරණය එඩ්වඩ් චන්ද්‍රසිරි විසිනි. නිෂ්පාදනය රොජර් සෙනෙවිරත්න සහ විශේෂ දැක්ම ඉදිරිපත් කරන්නේ සිව්මංසල ක්‍රියේෂන්.වසර ගණනාවක් පුරාවට වේදිකාව සමඟ කටයුතු කරන ඔබ වර්තමානයේ බිහිවන වේදිකා නාට්‍ය දකින්නේ කුමන ආකාරයෙන්ද?වර්තමානයේ වේදිකා නාට්‍ය කලාව සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වෙන්නේ විශ්වවිද්‍යාල තුළ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන්. ඒ වගේම සිනහව උපදවන වෙළෙඳ නාට්‍ය රැල්ලක් තමයි අද වේදිකා නාට්‍ය කලාව තුළ තියෙන්නේ. ගැඹුරු නාට්‍යයක් හොද නිර්මාණයක් වුවත් ප්‍රේක්ෂක අවධානය යොමු නොවන අවස්ථාවල ඉතාම දුර්වල වුණත් ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නා අවස්ථා දක්නට ලැබෙනවා.එයට ප්‍රධානතම හේතුව ප්‍රචාරණයයි. නාට්‍ය නොව නාට්‍ය නමින් පවත්වන ප්‍රසංගවලට පවා අද හොඳ ඉල්ලුමක් තියෙනවා. රූපවාහිනිය තුළින් ප්‍රසිද්ධ නළු නිළියන්ට ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය එයට බලපෑමක් ඇති කරනවා. 70 – 80 දශක තුළදී නාට්‍ය කලාවේ පිබිදීමක් දක්නට ලැබුණත් අද වන විට එය ඇල්මැරුණු තත්ත්වයට පත්වෙලා තියෙනවා.ඔබ හිතන පරිදි වේදිකා නාට්‍ය නිර්මාණ බිහි විය යුත්තේ?ප්‍රේක්ෂකයාගේ රසඥතාව ඉහළ නංවන නිර්මාණයි බිහි කළ යුත්තේ. එහිදී උසස් ගණයේ නාට්‍ය නිර්මාණ කිරීම නාට්‍ය නිර්මාණකරුවන්ගේ වගකීමක්. එහිදී නිර්මාණකරුවා ප්‍රේක්ෂකයා ඉල්ලන දෙයටම පමණක් සීමා නොවී උසස් නාට්‍ය නිර්මාණ සඳහා ප්‍රේක්ෂකයා යොමු කිරීමට වෙහෙසිය යුතුයි. එවිට උසස් නාට්‍ය සංස්කෘතියක් නිර්මාණය කළ හැකියි.මෙරට වේදිකා නාට්‍ය කලාව සමඟ තාක්ෂණයේ සම්බන්ධතා ගැන ඔබේ අදහස?අපට නිර්මාණ එළිදක්වන්න මිට වඩා තාක්ෂණික පහසුකම්වලින් යුතු නාට්‍ය ශාලා තියෙනවා නම් හොඳයි. කොළඹදී ඒ පහසුකම් ලැබුණත් ග්‍රාමීය මට්ටමේදී එය දුෂ්කරයි. බොහෝ අවස්ථාවලදී ග්‍රාමීය මට්ටමේ නාට්‍ය දර්ශන පෙන්වන්නේ පාසල් වේදිකාවලදීය. හොඳ දර්ශන ප්‍රේක්ෂකයාට ලබාදීමට අපහසු වෙනවා.ඔබ මීට පෙර නිර්මාණය කළ ‘රෝමය ගිනි ගනී’ නාට්‍යය සම්මාන රැසකටම හිමිකම් තැබුවා. ඒ පිළිබඳත් කෙටි සටහනක් තබමු?1996 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම අනුවර්තනය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සහාය නළුවා යන සම්මාන සියල්ලම රෝමය ගිනි ගනියි සතු වුණා.ඔබ විසින් කරන්න නියමිත අලුත්ම නිර්මාණය ගැනත් සඳහන් කළොත්?මීළඟට විලියම් ශේක්ස්පියර්ගේ හැම්ලට් කෘතිය ඇසුරෙන් නාට්‍යයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල ටෙලි නිර්මාණ සඳහා රංගනයෙන් දායක වෙනවා හැර නාට්‍ය නිර්මාණ කටයුතු සඳහා වැඩිපුර යොමු වෙන්නේ නැහැ. මූල්‍යමය අපහසුතා එයට හේතු වෙලා තියෙනවා. ඊට අමතරව මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට නාට්‍ය පිළිබඳ පුහුණු වැඩමුළු පවත්වනවා.යතේජා ඥානරත්න
|
CREATIVE
|
අපි විවාහයට දින නියම කර ගත්තට පස්සේ සැන්දෑ කාලයක විජේ අයියයි මාලිනී අක්කවයි බලන්න ගියා. ඒ දෙන්නා අපිව සුහදව පිළිඅරගෙන ආ ගිය තොරතුරු කතා කරලා, රවීයි විජේ අයියයි එංගලන්තේ ගිහින් එනකොට ගෙනාපු දේවල් ගැනත් කතා කළා. රවී මට ගෙනාපු හුඟාක් දේවල්වලට සමානම දේවල් තමයි විජේ අයියා මාලිනී අක්කටත් ගෙනැත් දීලා තිබුණේ. දෙන්නම හුඟාක් එකතැනින්ම තමයි අරන් තිබුණේ.මට ගෙනත් තිබුණ මාල වළලු කරාබු ඒ විදියම දේවල් විජේ අයියා මාලිනී අක්කටත් ගෙනත් දීලා තිබුණා. රවී අපි දෙන්නටම බ්‍රේස්ලට් දෙකක් අරන් ඇවිත් තිබුණා. එකක රවීගේ නම කොටල අනිත් එකේ මගේ නම. විජේ අයියත් ඒ විදියම බ්‍රේස්ලට් දෙකක් ගෙනත් තිබුණා විජේ අයියගේ නමයි මාලිනී අක්කගේ නමයි සඳහන් කරලා. රවීයි විජේ අයියයි ඒවා ගත්ත තැන් ගැනයි ඒවා ගන්න කොට වෙච්ච සිදුවීම් ගැනයි මතක් කර කර සතුටු වුණා. මාලිනී අක්කගෙයි මගෙයි ඇඳුම්වල මාරු කරපු අත්සන් දෙක ගැනත් කියලා හිනා වුණා.අපි ඔක්තෝබර් තිස් එක් වෙනිදා බඳිනවා කියලා කියපුවාම විජේ අයියා මාලිනී අක්කගේ පැත්තට හැරිලා කිව්වා මාලිනී එහෙනම් අපත් එදාටම බඳිමුද කියලා. මාලිනී අක්කත් කිව්වා හොඳ අදහසක්. කෝකටත් දිනේ වෙන් කරලා තියාගමු කියලා. ඉන් පස්සේ නම් ඒ යෝජනවට මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ. කාලය ගෙවිලා යනකොට අදහසත් ගෙවිලා යන්න ඇති.මඟුල් ගෙදරට අරින ආරාධනා පත්‍රය හදන්න සුමිත්ත අයියා බාර ගත්තා. සුමිත්ත අයියා වැඩක් බාර ගත්තොත් ඒක ගලේ කෙටුව අකුර වගේ හරියට වෙලාවට, තිතට කිසිම අඩුපාඩුවක් නැතිව කරන බව අපි හොඳාකාරවම දන්නවා. රවී තාමත් කියන්නේ සුමිත්ත අමරසිංහ තරම් තමන් කරන ඕනැම වැඩක් හරිම ක්‍රමානුකූලව කැපවීමෙන් ඉතාම පිළිවෙලට කරන වෙනත් කෙනෙක් තාම ජීවිතේට මුණගැහිලා නැහැ කියලා.ඉතින් සුමිත්ත අයියට ඕනෑ වුණා ඒ කාලේ කවුරුවත්ම නොකරපු විධියට ආරාධනා පත්‍රයට අලුත් යමක් එකතු කරන්න. ඒ හින්දා අපි දෙන්නගේ පින්තූරයක් සහිතව ආරාධනා පත්‍රය හදන්න අයියා වෙහෙස වුණා. සුමිත්ත අයියා දවසම (Dark Room) කලුවර කාමරේට වෙලා පින්තූර බල බල කපල කොටලා ඒක හදන්න ඕනෑ මොන විදියට ද කියලා කල්පනා කළා.අන්තිමේදී අයියගේ හිතෙන්ම මේ විදියට හදනවා කියලා කල්පනා කළා. අන්තිමේදී අයියගේ හිතෙන්ම මේ විධියට හදනවා කියලා සැලසුම් කරගෙන ඒක හදන්න පටන් ගත්තා. හැබැයි අපිට නම් පෙන්නුවේ නැහැ. අපි දන්නවා ඒක හොඳටම හදලා ඉවර කරලා නැතිව අපිට පෙන්වන්නේ නෑ කියලා. ඒක ඉවර කරන තුරු ඉන්නේ නැතිව ඒක මොන විදියේ දෙයක් ද කියලා බලන්න මට ඉස්පාසුවක් නැහැ. මම අක්කට කිව්වා අනේ අක්කේ මට කාඩ් එක කොහොම එකක් ද කියලා පොඩ්ඩක් පෙන්නන්න කියන්නකෝ කියලා.අම්මෝ මට නම් බැහැ වැඩ කරන වෙලාවට ඕවා අහන්න. ඔයා දන්නවනේ අයියගේ භාග වැඩ නැහැ කියලා. ඕක ඉවර කරලා නීට් කරලම තමයි බලන්න වෙන්නේ. අක්කා එහෙම කිව්වත් මම පින්සෙන්ඩු වුණා. මම මෙහෙම දෙතුන් සැරයක්ම අහනකොට අක්කා කිව්වා එහෙනම් සුමිත්ත අයියා කොහේ හරි ගියාම ඩාක් රූම් එකට ගිහින් ටක් ගාලා බලලා එන්න කියලා. මම සුමිත්ත අයියා ගෙදරින් යන වෙලාවක් බල බලා හිටියා.එදා සුමිත්ත අයියා ගෙදරින් ගියේ සුමිත්ත අයිය ගාව වැඩ ඉගෙන ගනිමින් සිටි මනමේන්ද්‍ර අයියට (පසු කලෙක ප්‍රවීණ චිත්‍රපට කැමරා ශිල්පියෙක් වු චන්ද්‍රලාල් මනමේන්ද්‍ර) වැඩේ පවරලා. සුමිත්‍රා අක්කා කිව්වා අනේ මනමේන්ද්‍ර, සුමිත්ත එන්න කලින් ප්‍රීතිට ඔය කාඩ් එක ටිකක් පෙන්වන්න කියලා.පී‍්‍රති රන්දෙණියපසුගිය කොටස්* බොඳ මීදුම් කඳු රැල්ලේ* පවස නිවන දිය පොදක් නොවී ඔබ* අත්තිකාරම්වලින් අල්මාරියක්* පුදුම වාසනාවන්ත කෙල්ලෙක්* එංගලන්තෙන් මඟුල් ඇඳුම්
|
CREATIVE
|
කොළඹ සිනමා උළෙලේ අවසාන දිනයේදී සංගීතා සහ සේමිණි අතර දෙබස කුමක්ද?රූපයේ දැක්වෙන අයුරෙන් ඔවුන්ගේ කතාබහ රසවත් ලෙස ලියා මේ සැප්තැම්බර් 25 වැනිදාට පෙර ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.
|
CREATIVE
|
2000 වර්ෂය කියන්නේ මගේ ජීවිතයේ තවත් අපූර්ව විදේශ සංචාරයක් සිද්ධ වුණ වර්ෂයක්. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සති දෙකක් ගත කර ප්‍රසංග හතරක් පවත්වා මම මේ රටට ආවේ ජීවිතේට අමතක නොවන පාඩම් කිහිපයකුත් ඉගෙන ගෙනයි.මේ සංචාරය සංවිධානය කරනු ලැබුවේ එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයකු විසින්. මේ ගමනට අපේ කට්ටියට අමතරව සුනිල් හෙට්ටිආරච්චි, විජේරත්න වරකාගොඩ එහෙමත් එකතු වුණා.මෙල්බන් නුවර වේදිකා කීපයකම අපේ රංගනයන් ඉදිරිපත් කළා. මේ හැම අවස්ථාවකම අපිට වේදිකාවෙන් බහින්න දෙන්නේ නැති තරමට ජනතාව අපිව ප්‍රිය කරන්න පටන් ගත්තා. තරඟකාරී ඉතා අවිවේක ජීවිතයක් ගත කරන ඒ රටේ මිනිස්සු නිකරුනේ කාලය ගත කරන්නේ නැති තරම්. අපේ රටේ වගේ නිකරුනේ කාලය කා දමන මිනිස්සු හොයා ගන්නත් නෑ. එහෙ අය කෑම කන්නෙත් මොනව හරි වැඩක් කරමින්.ගහ කොළවලින් පිරිච්ච හරිම ලස්සන රටක් වුණු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිරි නරඹන්න අපි කට්ටියම ගියේ බොහොම සතුටින්. අපේ ප්‍ර‍්‍රසංග අතරතුර ලැබුණ විවේකී දිනයක අපි ගියේ මෙල්බන් නුවරට නුදුරින් පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට. එහි සිටින පරවියන්ගේ අති විශාල රංචුව නිසාම ප්‍රසිද්ධයි. එය උන්ට කෑම දෙන ඉතා ප්‍රසිද්ධ පල්ලියක්. අපි ගිය පල්ලිය අවට පරෙවියන් දහස් ගණනක් වසා ඉන්නවා.මේ පරෙවියන්ට ඔවුන් කෑම වර්ග තැටියකට දාලා කන්න දෙනවා. දහස් ගණනක් පරෙවියන් මේ ආහාර බුදින හැටි දැක්කම හරිම ලස්සනයි. තැටියකට දාලා පරෙවියන්ට කන්න දෙනව දැක්කම මටත් පුදුම සත්ව කරුණාවක් පහළ වුණා.මාත් එක්ක ගිය අනෙක් කට්ටිය විවිධ වර්ණයෙන් යුත් පරෙවියන් දිහා බලාගෙන ඉන්න අතරතුර තැටියක් අරගෙන කන කෑම ඒකට දාලා උන්ට කෑම වේලකින් සංග්‍රහ කරන්න මම හිතුවා. බොහොම ශ්‍රද්ධාවෙන් තැටියට කෑම පුරවලා මගේ පණ්ඩිතකමට අත් දෙකෙන්ම තැටිය අල්ලලා පරෙවියන්ට කන්න දුන්නා.දෙයි හාමුදුරුවනේ ඒ වෙලාවේ සිද්ධ වෙච්ච දේ මට හිතා ගන්නත් බෑ. ඒ එක්කම අවට වහල හිටිය සිය දහස් ගානක් පරෙවියන් රැලක් ඇවිත් මාව වහ ගත්තා.මගෙ මූණෙයි, ඇඟෙයි, ඔලුවෙයි හැම තැනම පරෙවියෝ වහලා මගේ අතේ තිබුණ ඇට වර්ග කන්න පටන් ගත්තා. මට කර කියා ගන්න දෙයක් නෑ. මුලු ඇඟ පුරාම පරෙවියෝ වහලා. ඒ අස්සේ පරෙවියන්ගේ නියපොතුවලට මුහුණ සීරිලා.පරෙවියන්ගෙන් බේරෙන්න මම එහෙට මෙහෙට දඟලන්න වුණා. ඔන්න ඉතිං බැරිම තැන පරෙවියෝ ඉගිලිලා යද්දී ඔලුවේ ඉඳලා ඇඟ හැම තැනටම වසුරු හෙළුවා. සිය දහස් ගණනක් පරෙවියන් ඇඟ හැම තැනම ජරා කරලා හරියට නිකන් පාප්ප බාල්දියක් දිය කර වක් කර ගත්තා වගේ ඔලුවේ ඉඳලා පරෙවි වසුරු පෙරෙනවා.මට හරියට තරහ ආවා. හිරිකිතකුත් දැනුණා. පල්ලියට ආපු සියලු දෙනාට මම පරෙවි වසුරු නාගෙන ඉන්නව දැක්ම සිනහ උපදවන දර්ශනයක් වුණා.සිතේ ඇති වුණ සත්ව කරුණාව නිසා අන්තිමේදී මට වුණේ පරෙවි වසුරු නාන්න. අන්තිමේදී පල්ලියෙන් එළියට ඇවිත් නාලා ඇඳුම් මාරු කර ගත්තෙත් අනෙක් අයගේ උදවුවෙන්. අන්තිමට සත්ව කරුණාවක් නිසා මමත් නොසිතූ ලෙස පරෙවි වසුරු නාලා ඕස්ට්‍රේලියාවේදී මිනිස්සු හිනස්සන්නත් මට අහම්බෙන් හැකි වුණා.චන්දන දයාසිරිවර්ධනඡායාරූප - ශාන් රඹුක්වැල්ල
|
CREATIVE
|
මිනිසා පරිණාමය වුයේ වානරයා ගෙන් බව අපි අසා ඇත්තෙමු. කැලයේ ගස් උඩ වාසය කළ වානරයා දෙපයින් සිටගනිමින් මිනිසෙකු බවට පරිමාණාමය වීම ආරම්භ වී ඇත්තේ මීට වසර මිලියන ගණනකටත් ඉහත කාලයක සිටය. එහෙත් ඒ වානරයා අද මිනිසුන්ට එරෙහිව පැමිණ සිටියි.සත්වෝද්‍යානයක වෙසෙන සීසර් නම් වූ වානරයා මිනිසා හා සමාන වූ බුද්ධියකින් යුතු වානරයෙකි. සීසර් තම බුද්ධිය මෙහෙයවමින් වෑයම් කරන්නේ සත්වෝද්‍යානයේ සිටින තම වර්ගයා සමගින් නිදහස්ව වනාන්තරයට පලා යාමටයි. එම උත්සාහය සාර්ථක වූ පසු සීසර් හා අනෙකුත් වානර පිරිස මුයිර් නම් වනාන්තරයට පලා යති. මෙම සිදුවීම සිදුව දැනට දස වසරක් ගත වී හමාරය. එසේම මේ වන විට මානව වර්ගයාද මාරාන්තික වූ වෛරසයකට ගොදුරු වී අවසන්ය.සත්වෝද්‍යානයෙන් පලා ගිය වානරයන් සීසර්ගේ නායකත්වය යටතේ මුයිර් වනාන්තරයේ කාලය ගත කරන අතර සීසර්ගේ පුතු වූ බ්ලූ සහ රොකට් නම් වු වානරයාගේ පුතු ඇෂ්හට මිනිසෙකු මුණගැසෙයි. බ්ලූ සහ ඈෂ් මිනිසා දැක කලබලයට පත් වන අතර ඔහු තබන වෙඩිල්ලකින් ඇෂ් තුවාල ලබයි. මේ අතර මිනිසා ද වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් ඇතිව සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ජීවත් වන තම අනෙකුත් සගයන් කැලයට කැඳවයි. මෙහිදි ඉදිරියට එන සීසර් වානරයන්ගේ ජීවිතයට බාධා නොකර වනාන්තරයෙන් පිටවී යන ලෙසින් මිනිසුන්ට අණ කරයි. යහපාලනයක් ගෙන යන සීසර් සහ මිනිසුන් මෙහිදි සමාදානයක් ඇතිවේ. ඒ සමගින් වානරයන් සහ මිනිසුන් එකිනෙකා අතර හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරති.එහෙත් මෙම තත්ත්වය දරා ගත නොහැකි වූ පිරිස් ද දෙපාර්ශවයම අතර සිටිති. එහිදී කෝබා නම් වූ වානරයාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස කැපී පෙනෙයි. සත්වෝද්‍යානයේදී මිනිසුන් තමන්ට සැලකූ කෲරත්වය සිතෙහි තබා ගෙන ජීවත් වන කෝබා සීසර්ගේ සාමකාමී පාලනය පි‍්‍රය නොකරයි. සීසර් ඉවත් කර වානර කණ්ඩායමේ නායකත්වය ලබා මිනිසුන් විනාශ කර දැමීම කෝබාගේ එකම අරමුණ බවට පත් වෙයි.වානරයන් සහ මිනිසුන් එක්ව නගරයට විදුලි බලය ලබා ගැනීම නිමිතිකර ගනිමින් පැවැත්වෙන උත්සවයකදී ඇති වන කලබලකාරී වාතාවරය හමුවේ කෝබා විසින් සීසර්හට වෙඩි තබා වානරයන් අතර නායකත්වය ලබා ගනියි. එතැන් පටන් සියල්ල නරක අතට හැරෙන්නේ මිනිසුන් සහ වානරයන් අතර බිහිසුණු යුද්ධයක් ඇති කරමිනි. එහි අවසානය කතා කරන්නේ ‘ඩෝන් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දී ඒප්ස්’ (Dawn of the Planet of the Apes) චිත්‍රපටයෙනි.2011 වසරේ තිරගත වූ පටයක්වූ ‘රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස්’ (Rise Of The Planet Of The Apes) චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටය ලෙසින් තිරයට පැමිණි ඩෝන් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් පසුගිය ජූලි 11 වැනිදා සිට සිය අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී. මිනිත්තු 130ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය ප්‍රථම සති අන්තයේ දී ඩොලර් මිලියන 72.6ක ආදායමක් ඉපයීය.විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වූ රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස් සඳහා වූ පිරිවැය ඩොලර් මිලියන 170ක් විය.මැට් රීව්ස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ජේසන් ක්ලාර්ක්, ගැරී ඔල්ඩ්මන්, කෙරී රසල්, කෝඩි ස්මිත් මැක්ෆී හා ජේම්ස් ෆ්‍රැන්කෝ ඇතුළු නළු නිළියන් පිරිසක් රංගන දායකත්වය ලබා දෙති.යතේජා ඥානරත්න
|
CREATIVE
|
බෞද්ධ හා ජන සාහිත්‍යයේ ආභාෂයෙන් විරචිත ප්‍රභාවාත්මක නව සංවාද රූපී ගීත නාටකය ‘හිමගත වරුණ - ශ්‍රී පාද පුරාණය’ ලබන අප්‍රේල් 14 වැනිදා පස්වරු 6.30 සිට 7.00 දක්වා සිටි එෆ් එම් සේවය ඔස්සේ හා එදිනම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා සිංහල ස්වදේශීය සේවය ඔස්සේත් ප්‍රචාරය කිරීමට නියමිතය.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ අනුග්‍රහයෙන් මෙම ගීත නාටකය ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය ශිල්පී සංගමය ඉදිරිපත් කරයි. නිර්මාණශීලී අධ්‍යක්ෂණය රෝහණ සිරිවර්ධන, ගේය නිර්මාණ සහ පිටපත ජයම්පති අල්ගම, සංගීත නිර්මාණය විශාරද උපාලි අමරනායක, නිෂ්පාදනය තුෂාර බැද්දගේ, නාද සටහන නලින් අලුත්ගේ විසිනි.ආචාර්ය දයාරත්න රණතුංග, විජේරත්න වරකාගොඩ, කුසුම් පීරිස්, උරේෂා රවිහාරි, ගීතාකාන්ති ජයකොඩි, සීලරත්න සෙනරත්, ලාල් සරත් කුමාර, සන්ධ්‍යා රඹුක්කනගේ, රත්නා සමරසිංහ, පුණ්‍යා කත්‍රිආරච්චි ඇතුළු ගුවන් විදුලි ශිල්පීන් රැසකගේ හඬින් මෙය අලංකාර කෙරේ.- යතේජානිකුත් කොට මාස තුනක් ඇතුළත පිටපත් සියල්ල විකිණී අවසන් වූ බුද්ධදාස ගලප්පත්තිගේ එදවස සොඳුරුමය කෘතියෙහි දෙවැනි මුද්‍රණය පසුගියදා නිකුත් විය. එය දිනමිණ පුවත්පතට බුද්ධි ලියූ බද්දර මල්ල නම් තීරු ලිපි මාලාවෙන් තෝරා ගත් තීරු ලිපි තිස් හයක එකතුවකි.එදවස සොඳුරුමය සුරස ප්‍රකාශනයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ලියූ නරක දේ වැල්ලේ ලියන්න සහ ඔබ තවත් ප්‍රමාද නැත (11 කොටස) යන කෘතීන් එළිදැක්වීම සහ සුවඳ පද්ම උපහාර සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා කොළඹ ආනන්ද විද්‍යලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණ. මෙහිදී කලා ක්ෂේත්‍රයේ තෝරාගත් දසදෙනෙකුට ජාතික රූපවාහිනියේ සභාපති විමල් රූබසිංහ, හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා සහ කලා කීර්ති එඩ්වින් ආරියදාස ඇතුළු සම්භාව්‍ය අමුත්තන් අතින් උපහාර තිළිණ ලබාදෙන ලදී. මේ එහි අවස්ථා කිහිපයකි.
|
CREATIVE
|
මිස්ටර් පීබොඩි මුල් තැනටඅමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර මේ සතියේ පෙරමුණ ගෙන සිටින්නේ රොබ් මින්කොෆ් අධ්‍යක්ෂණය කළ Mr.Peabody & Sherman චිත්‍රපටය යි. පසුගිය මාර්තු 7 වැනිදා සිට අමෙරිකාව තුළ ප්‍රදර්ශනය ආරම්භ කළ හාස්‍ය මුසු වූ මෙම පරිගණක සජීවකරණ චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 21.1ක්. දෙවැනි ස්ථානය හිමි වන්නේ පසුගිය සතියේ අංක එක හිමි වූ 300: Rise of an Empire චිත්‍රපටයට යි. නොඇම් මුරෝ අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන එය පසුගිය සති අන්තය වන විට ඩොලර් මිලියන 19.1ක ආදායමක් වාර්තා කළේය.තෙවැනි ස්ථානයේ සිටින්නේ ස්කොට් නෝග් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Need for Speed චිත්‍රපටය යි. පසුගිය මාර්තු 14 වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තය වනවිට ඩොලර් 17.8ක ආදායමක් වාර්තා කර තිබුණි. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Non-Stop ඩොලර් මිලියන 10.6ක ආදායමක් ලබමින් සිව්වැනි ස්ථානයට පත්ව සිටියි. පසුගිය 14 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළ හාස්‍යමය කතා පුවතක් රැගත් The Single Moms Club සිටින්නේ පස්වැනි ස්ථානයේය. ටේලර් පෙරී අධ්‍යක්ෂණය කළ The Single Moms Club සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් 8.3කි.අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි හය වැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන The Lego Movie චිත්‍රපටය යි. එය අමෙරිකානු ප්‍රදර්ශනයේ ගත කරන්නේ හයවැනි සතිය යි. Son of God චිත්‍රපටයට හත්වැනි ස්ථානය හිමිව තිබේ. අමෙරිකානු ප්‍රදර්ශනයේ දෙවැනි සතිය ගත කරන වෙස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය කතා පුවතක් ගෙන එන The Grand Budapest Hotel චිත්‍රපටය අටවැනි ස්ථානයේ සහ පරිගණක සජීවකරණ චිත්‍රපයක් වන Frozen නමවැනි ස්ථානයේත් පසුවේ. රොබ් තෝමස් අධ්‍යක්ෂණය කළ Veronica Mars චිත්‍රපටයට හිමිවන්නේ දසවැනි ස්ථානය යි.යතේජා
|
CREATIVE
|
රංගන ශිල්පිනී අයෝමි ශානිකාමගේ උපන් දිනයට මමත්, චින්තකත් අනුරාධපුරයේ සිද්ධස්ථාන වඳින්න යන්නයි හිතාගෙන ඉන්නේ. ඊට අමතරව මගේ මෙවර උපන් දිනයට අපූරු තෑග්ගත් ලැබීමටත් නියමිතයි.ඒ චින්තකගෙන් සිතුවමක්. ඔහු හා මා පෙම්වතුන් වීමට පෙර මගේ චිත්‍රයක් ඇඳලා දෙන්න කළ ඉල්ලීමට ඔහු පැවසුවේ ගැහැනු අයගේ පින්තූරවලින් මම කවද හරි අඳින්නේ මගේ බිරියගේ පින්තූරය විතරයි කියලා. ඒ අදහස මුදුන්පත් කරමින් ඔහු සිතුවමට නැඟූ මගේ චිත්‍රයක් මට මෙවර උපන් දිනයට ලැබෙනවා. ඒක මට සුවිශේෂයි.
|
CREATIVE
|
දිගු කලකට පසු චම්පා ශ්‍රියාණිගේ රංගනයත් සමඟ තැනෙන මිල්ලෑව වලව්ව හි මුහුරත් උළෙල පසුගියදා බොරැල්ල ඕ. සී. අයි. සී ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ.සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම ටෙලි සිතුවම වන එය අසූව දශකයේ අග භාගය කේන්ද්‍ර කර ගනිමින් වලව්වක සිදුවන අද්භූත සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මාණය වන්නකි.ක්ලීටස් මෙන්ඩිස්, නලීන් ප්‍රදීප් උඩවෙල, මොරීන් චාරුනී, ගාමිනී හෙට්ටිආරච්චි, නිමන්ති පෝරගේ, ධනංජය සිරිවර්ධන, සහන් රන්වල, නිරෝෂා හේරත්, ගයේෂා පෙරේරා, ගුවනි චාපා, සත්සර සවන, තාරක අධිකාරි සහ අනුර ජයසේකර මිල්ගෑව වලව්ව තුළ සැරිසරන නළු නිළි කණ්ඩායමයි.මෙය ප්‍රභාත් රෝෂන් සමඟ ඉරෝෂන ගයාන් වීරකෝන් නිෂ්පාදනය කරති. චින්තක පීරිස්ගේ රූපවාහිනී රචනයකි. ප්‍රභාත් රෝෂන් කැමරාව මෙහෙයවයි. සහාය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක ජයවර්ධන එක්වෙයි.සුනිල් තිලකරත්න නිෂ්පාදන කළමනාකරුය. අජිත් හත්වැල්ල කලා අධ්‍යක්ෂවරයා වේ. තාරක අධිකාරි අංග රචනයෙන් දායක වන මෙහි සංස්කරණය භාරදී ඇත්තේ ශාන් අල්විස්ටය.රවිහාන්ස් වැටකෙපොත පසුබිම් සංගීතය නිර්මාණය කරයි. මාධ්‍ය සම්බන්ධීකරණය ඇන්ටන් ජේ. ගෙනි.මිල්ලෑව වලව්ව හි අධ්‍යක්ෂ සුනෙත්, සිංහාවලෝකන සිනමාපටයේ නිර්මාණකරුය.ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු ආයෙමත් ආදරෙන් චංචල රේඛා (චංචල රේඛා සිනමාපටය ඇසුරෙන්) යන ටෙලි සිතුවම් ළඟදීම විකාශයවීමට නියමිතය.- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
මේ වසරේ මම තරමක් වැඩ භාර ගත්තේ අඩුවෙන්. වසරේ මුල් මාස කිහිපයේම ගයාන් කනිෂ්ක රාජපක්ෂගේ ‘අතුරු පසට චැට් එකක්’ කියන වේදිකා නාට්‍යයේ චරිතයකට රංගනයෙන් දායක වුණා.ඒ වේදිකා නාට්‍යය රංග ගතවුණේ ලංකාවේ නොවෙයි, ඔස්ට්‍රේලියාවේයි. ඒ වගේම මා වේදිකා නාට්‍යයකට රංගනයෙන් සහභාගි වූ මුල්ම වතාව වන්නේත් එයයි. ඒ කටයුතුª නිමවීමත් සමඟ මේ දවස්වල මා බොහොම විවේකීව කාලය ගත කරනවා.පසුගිය දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකට කතා කළත් ඒ සියල්ලම ප්‍රතික්ෂේප වුණේ මා තෝරන විදියේ ටෙලි නාට්‍ය ඒ අතර නොවුණ නිසයි. උපන් දිනයත් ළඟදීම උදාවෙන නිසා එය සමරන ආකාරය ගැන සැලසුම් කරන්නේ නම් බිමල් තමයි.
|
CREATIVE
|
රංගන ශිල්පිනීනදීෂා අලහප්පෙරුමපුතු නෙතුම් නික්ලේෂ් වාදසිංහත් සමඟ මම ළදරු පාසල් යනවා. පුතා ටිකක් ලොකු වනතුරු මම කලා කටයුතුවලින් ඈත් වෙලා ඉන්නයි සිතාගෙන සිටින්නේ.ඒ වගේ අපේ පවුලට තුන්වැන්නෙකුත් ඇවිත් බව කියන අලුත් ආරංචියත් මා පවසන්න් බොහොම සතුටෙන්.
|
CREATIVE
|
උමයංගනා වික්‍රමසිංහ විශාඛා සිරිවර්ධන අතර ඇතිවූ කතාබහ කුමක්ද? ඔබ සිතන අන්දමට රසවත් ලෙස ලියා මේ ඔක්තෝබර් 23 වැනිදාට පෙර ලැබෙන ලෙස‘දෙබස කුමක්ද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.
|
CREATIVE
|
මේ සතිය මට බොහොම කාර්යබහුල සතියක්. ඒ මගේ අම්මයි තාත්තයි විදේශ ගතවෙලා නිසා ගෙදර කටයුතු වගේම තාත්තාගේ පන්තිවලත් කටයුතු මට පැවරිලා.මමත් සංගීත පන්ති කිහිපයක් පවත්වන නිසා ඒ කටයුතුත් සිදු කරන්නේ මේ වැඩ කටයුතු අතරමයි. සියලු වැඩ කටයුතු සොයා බලමින් දවස ගත වෙනවා දැනෙන්නේ නැති තරම්.ඒ වගේම ළඟදීම මා ගයන අලුත් ගීත කිහිපයක් වගේම තාත්තගේ අලුත් ගීත කිහිපයක් පටිගත කරන්නත් නියමිතයි.
|
CREATIVE
|
මා නියැළිලා ඉන්න අලුත් කටයුත්ත වන්නේ ළඟදීම මගේ රසිකයන් අතරට අරගෙන පැමිණීමේ අදහසෙන් ගීත රැසක් සී.ඩී. පටයකට නිර්මාණය කරමින්. ඒ සී.ඩී. පටය ලබන අගෝස්තු වනවිට එළි දැක්වීමේ අදහසක් මගේ සිතේ තිබෙනවා.ඒ වගේම මගේ කොන්සට් එකක් සමඟ සී.ඩී. පටය එළි දක්වන්නයි මා සිතාගෙන සිටින්නේ. මා මේ සී.ඩී. පටයේ ගීතවල නිර්මාණය කළේ 70 දශකයේ සංගීතයට හා සමානව යමින්.
|
CREATIVE
|
තනිකඩ ජීවිතයට සමුදෙන ඊළඟ තරුව වී සිටින්නේ කුනාල් කපූර්ය. රන්ග් දේ බසන්ති, මීනාක්ෂි සිනමාපටවලින් රසික, රසිකාවන්ගේ හද දිනාගත් ඔහු මෙතෙක් වඩාත් ආදරය කළේ ගුවන් නියමුවකු ලෙස හා ෆෝමියුලාර් 3 ධාවකයකු සේ ගත කළ ජීවිතයටයි.කුනාල්ගේ මේ දිනවල වඩාත්ම වේගයෙන් ධාවනය වන්නේ ආදරයේ මීටරයයි. එනිසාම ඉක්මනින්ම අමිතාබ් බච්චන්ගේ ලේළිය නෙයිනා බච්චන් සමඟ විවාහවීමට තීරණය කර තිබේ. දෙදෙනා විවාහ ගිවිස ගත්තේ මෑතකදීය. කුනාල් මෙන්ම නෙයිනා ද කාර්යබහුල නිසා ඔවුන්ගේ විවාහයේ සියලු කටයුතු සම්පාදනය කරන්නේ දෙපාර්ශ්වයේ මාපියන්ය.සිනමාපටවල රූගත කිරීම්වල නොයෙදෙන විට කුනාල් ගුවන් යානා පදවමින්, ෆෝමියුලා ධාවන තරඟවලට සහභාගි වෙමින් විනෝදයක් ලබන්නේය.
|
CREATIVE
|
භාරත දේශයේ ඡන්ද උණුසුම අපේ පුංචි රටටත් හොඳීන්ම දැනෙයි. තරු හා තාරකාවන් රැසක්ම ඡන්ද සටනට පිවිස ඇති නිසා ඒ උණුසුම තව තවත් වැඩි වී ඇත. මෙවර ඉන්දියානු මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින තරු අතරට පරණ පුරුදුකාරයන් වන නිළි සෝනක්ෂි සිංහගේ නළු පියා සතෘගන් සිංහ, හේමා මාලිනී වාගේම දේශපාලනයට ආධුනික කිරන් කේර්, මූන් මූන් සෙන් (ප්‍රවීණ නිළි සුචිත්‍රා සෙන්ගේ දියණිය) පවන් කල්‍යාන් වැන්නෝ ද සිටිති.මේ වසරේදී චන්දිගාර් හි බලය පතා ජනප්‍රිය තරු යුවළක් සටන් වදිති. පානග් ආම් ආද්මි පක්ෂයෙන් ද, ප්‍රවීණ නිළි කිරන් භාරතීය ජනතා පක්ෂයෙන් ද තරග කරති.නරේන්ද්‍ර මෝඩි වෙනුවෙන් සටන් වදින්නන් අතර හේමා මාලිනී, සතෘගන් සිංහ වගේම දේශපාලනයට නවකයකුª වූ පරේශ් රාවල් ද, ජෝයි බෙනජි ද වෙති. අබේ ඩියොල් දේශපාලනයට එක්වීමට කැමැත්තෙන් සිටියි. එහෙත් බොලිවුඩ් සිහින පුරවරය තරම් දේශපාලන පොරපිටිය බොහෝ තරුවලට සුබ වන්නේ නැත. තරු ගුණයේ දීප්තියෙන් දේශපාලන ලෝකය ආලෝකවත්කර ගැනීමට බොහෝ තරු වෙර දැරුව ද අවසානයේදී වැඩි දෙනෙක් දේශපාලනය නිසා තරු ලොවෙන් ලද ආලෝකය ද නිවා ගනිති.බොලිවුඩයේ මෙගා තරුව අමිතාබ් බච්චන්, පළමු සුපිරි තරුව රාජේශ් ඛන්නා, ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර, දේශපාලනයත්, සිනමාවත් ‘යා දෙක නොරථ රථ’ යන්නට හොඳම උදාහරණයක් බව අත්දැකීමෙන්ම දැනගත් අයයි.
|
CREATIVE
|
සුගත් – ගයාන් සම්මාන දිනති. ප්‍රදර්ශකයන්ට විශේෂ සම්මාන සුගත් සමරකෝන් නිර්මාණය කළ විජය කුවේණි චිත්‍රපටය අති සාර්ථක ලෙස ආරම්භක සිනමා ශාලා සියල්ලෙහිම දින පනහ ඉක්මවීම නිමිත්තෙන්විශේෂ උත්සවයක් චිත්‍රපට සංස්ථා ශාලාවේදී පැවැත්විණ.චිත්‍රපටයේ නිර්මාතෘවරුන් මෙන්ම එය තිරගත කළ සිනමාහල් අගයමින් සම්මාන ප්‍රදානය කිරීම විශේෂ කරුණකි.චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් සහ නිෂ්පාදක ගයාන් රණධීර මෙහිදී ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පිරිනැමුණු සිංහ සම්මානයෙන් පිදුම් ලදහ. ඊට අමතරව චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වූ ශිල්පීන් කිහිප දෙනකුට රන් පදක්කම් පිරිනැමූ අතර කොළඹ රීගල් ඇතුළු සිනමා ශාලාවන් තිස් හතකට සම්මාන පිරිනැමිණ.මේ එහි සම්මානනීය පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි.සේයාරුව - ලලිත් සී. ගමගේ- ප්‍රසාද්ගයාන්සුගත්
|
CREATIVE
|
මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ 94 වැනි ජන්ම දිනය පසුගියදා උත්සවශ්‍රීයෙන් එතුමාණන්ගේ නිවෙසේදී පැවැත්වුණි. කලා සහෘදයන් රැසක් මේ මොහොතට සහභාගි වී ආචාර්ය ලෙස්ටර් මහතාට දීර්ඝායුෂ පතන්නත් අමතක කළේ නැහැ.මේ එහි විශේෂ අවස්ථා කිහිපයක් කැමරා කාචයේ සටහන් වූ අයුරුයි.සේයාරූ - මහේෂ් නිශාන්ත - ඉන්දික ප්‍රභාත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ බිරිය සුබපැතුම් එක් කරයිරවීන්ද්‍ර, යශෝධා, වසන්ති, ලකී සමඟහිතමිතුරන් පිරිවරා උපන්දින කේක් කපද්දී කොළඹ කුරුණෑගල මාර්ගයේ අලව්ව, වාරියගොඩ නගරයේ සිනෙමාල් තියෙටර් නමින් අලුත් සිනමා ශාලාවක් මෙම මස 17 වැනිදා විවෘත වීමට නියමිතය.ඩී. ටී. එස්. ශබ්ද තාක්ෂණයෙන් යුතු සුවපහසු සිනමා ශාලාවක් වන මෙහි හිමිකාරිත්වය පවතිනුයේ උපාලි විජේකෝන් යටතේය.සිනෙමාල් තියෙටර්ස් හි පළමුව තිරගත වනුයේ වසන්ත මොරගොඩ ගේ මවුස් සිනමා කෘතියයි.
|
CREATIVE
|
පසුගියදා පැවැත් වූ බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී කලාකරුවෝ කිහිප දෙනෙක්ම ජය ලැබූහ.ගීතා කුමාරසිංහ, රොජර් සෙනෙවිරත්න, මල්ෂා කුමාරණතුංග, පියල් නිශාන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද, රොඩ්නි ෆේෂර්, උදාර රත්නායක එක්සත් ජාතික පක්ෂයෙන් ද, නලීන් ප්‍රදීප් උඩවෙල, රවීන්ද්‍ර යසස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ද බස්නාහිර සහ දකුණු පළාත් සභාවට තේරී පත්වුණු කලාකරුවන්ය.
|
CREATIVE
|
දේදුනු පායා පාට වැටෙනවා ජීවන අහස් තලේ ආදර පවනේ සුසුම් කුසුම් වැල් මා යන මඟට හැලේදෑසට දෑසක් හමුවුණු දවසේ නුපුරුදු හැගුමන් කියවේ රහසේ සිතිවිලි දහසක් එක් තැන් වූයේ පැතුම් ලොවට මගෙ ඇයි ඔබ ආවේමා කැඳවන ගොළු ඉඟියක් දැනුණා ආදර විමනේ රන්දොර ඇරුණා පොපියන හදකින් ආශා හිතුණා පිටුපා යන්නට බැරි බව හැඟුණාඋල්පත් හැදුණේ සිලිල උනන්නයි මල් කෙමි මැවුණේ රොන් වෑහෙන්නයි මීවද බැඳුණේ පැණි සුරකින්නයි හද මැවුණේ ආදරය කරන්නයිමල් බර තුරු අතු සෙවණ සදනවා කුරුලු ගීත ආසිරි ගී දෙනවා තනිවම ගිය මග ඔබ හා යනවා පෙමට ඇරුණු හද ඔබට පුදනවාපද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහසංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගායනය – විශාරද නන්දා මාලිනීඅධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා - සුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
තිසුරි යුවනිකා. ඇය පුංචි තිරයේ අහිංසක යුවතියක්. තිසුරි කලා ලොවට පය තැබුවේ වයස අවුරුදු පහක තරම් පුංචි වයසකදී. ඒ කුමාරසිරි අභයකෝන්ගේ ‘ඊශ්වර සති’ ටෙලි නාට්‍යයෙන්. එහිදී ඇයගේ මව වන ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි සමඟින් අම්මයි – දුවයි ලෙස ඇය රංගනයෙන් දායක වුණා.මවගේ අඩි පාරේ යමින් අද වන විට තිසුරිත් සිය රංගන හැකියාව පුංචි තිරයේ වගේම රිදී තිරයේත් එක ලෙස ගෙන හැර දක්වන්නීය. ඇහිපිල්ලමක් යට, සවීනා, වන්දනා, බොරලු පාර, ඉඳුවරී වැනි ටෙලි සිත්තම් රැසකින් ඔබ හමුවට ආ තිසුරි මේ දිනවල තූර්යා ටෙලි නාට්‍යය ඔස්සේ ඔබ හමුවට එන්නීය.සිනමාවට ද පිවිසෙමින් ඇය කුඩා අවධියේදී සුදත් දේවප්‍රියගේ ‘උඩුගං යාමය’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ජනාධිපති කුසලතා සම්මානයක් දිනා ගැනීමට ද සමත් වූවාය.පසුගිය වසරේ තිරගත වූ ‘දරුවනේ’ චිත්‍රපටයේ ද අපූරු මතක සටහන් රැසක් රිදී තිරයේ සනිටුහන් කළ තිසුරි යුවනිකා සාර්ථක රංගන ශිල්පිනියක් ලෙස කලා ලොවේ දිගු ගමනක් යන්න සූදානම්. අද සරසවිය මුල් පිටුව සැරසෙන්නේ තිසුරිගේ අලංකාර සේයා රුවකිනි.යතේජා
|
CREATIVE
|
චිත්‍රපට නිෂ්පාදනය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා සංවර්ධන අරමුදලින් ණය මුදල් ලබාගත් සම්මානනීය කලාකරුවන් රැසකට එම ණය මුදල් ආපසු නොගෙවීම මත චිත්‍රපට සංස්ථාව මඟින් නඩු පැවරීමට යන බවට පසුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.ඒ පිළිබඳ චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ එය තමා ගත් තීරණයක් නොවන බැවින් ඊට පිළිතුරු සැපයීම අනවශ්‍ය බවය. දේශයේ කලා පුවත්පත වන ‘සරසවිය’ ඔහුගෙන් එසේ කරුණු විමසනු ලැබූවේ එම නීත්‍යානුකූල පියවර ගනු ලබන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව හරහා වීමත් සේරසිංහ මහතා එහි නිසි බලධරයා වීමත් යන කරුණු සලකා බලාය.කලාත්මක සහ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවලට ඉදිරිපත් කළ හැකි ආකාරයේ චිත්‍රපට නිර්මාණකරණයට අතහිත දීීමක් ලෙස මේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ එවකට චිත්‍රපට සංස්ථා සභාපතිවරයා වූ ආචාර්ය තිස්ස අබේසේකර විසිනි. එම සංවර්ධන අරමුදලේ ණය ලබාදීම සඳහා තිර නාටක සියයකට අධික ප්‍රමාණයක් තෝරාගෙන තිබිණ.ජාත්‍යන්තර සම්මාන 11 ක් සහ ජාතික සම්මාන 24 ක් හිමි කරගත් ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද අධ්‍යක්ෂණය කළ ‘සුලං කිරිල්ලී’ චිත්‍රපටය ද මේ ණය අරමුදල යටතේ නිෂ්පාදනය කළ චිත්‍රපටයකි.ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘අග්නි දාහය’, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සුදු සෙවනැලි’, සුදත් දේවප්‍රියගේ ‘උඩුගං යාමය’, ධර්මසේන පතිරාජගේ ‘මතුªයම් දවස’, ප්‍රියන්ත කොළඹගේ ගේ ‘අරුමෝසම් වැහි’ හා සත්‍යජිත් මාඉටිපේගේ ‘බොර දිය පොකුණ’ ද එම සංවර්ධන අරමුදලේ ණය ප්‍රතිපාදන මඟින් නිපැයුණු සෙසු චිත්‍රපට අතර වේ.
|
CREATIVE
|
සුපිරි නළුවන් දෙදෙනෙක් එකම සිනමාපටයක රඟපාන්නේ කලාතුරකිනි. ටොම් කෲස් සහ බ්‍රැඩ් පිට් එකට එක් වී රඟන අලුත්ම හොලිවුඩ් සුපිරි තරු යුග්මයයි. ‘ගෝ ලයික් හෙල්’ දෙදෙනා මෙසේ එක් කරන සිනමා සිත්තමයි. මෝටර් රථ ධාවන තරඟයක් වටා සිනමාපටය නිර්මාණය වී තිබේ. බ්‍රැඩ් පිට් තරම් ටොම් උස නැති නිසා (ටොම්ගේ උස අඩි 5 අඟල් 7) බ්‍රැඩ්ගේ අඩි 6 ට සමීප වීමට වැඩි උසක් සහිත බූට් යුවළක් පැළඳීමට ටොම්ට සිදු වෙයි.
|
CREATIVE
|
හැටේ දශකයේ ගුවන් විදුලිය හරහා සරල ගී ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් ගායන ක්ෂේත්‍රයට පිවිසියේය. විවිධ ගායන හැකියාවන් උරුම කරගත් ඔවුන් සරල ගී ශිල්පීන් ලෙසින් ජනප්‍රිය විය. ඒ ශිල්පීන් අතර නන්දා පතිරණගේ කලා ශිල්පිනියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඇයගේ ගී හඬ තවමත් තාරුණ්‍යයේමය. ඇය පසුගිය දිනක අපත් සමඟ පිළිසඳරෙහි යෙදුනි.මගේ උපන් ගම මහනුවර. ඒ කාලේ ගුවන් විදුලි සංස්ථාව මඟින් වැඩ සටහනක් නිර්මාණය කරලා තිබුණා ග්‍රාමීය අසන්නන්ගේ සමාජ වැඩ සටහන නමින්. එය නිර්මාණය වෙලා තිබුණේ ජන ගී ඇසුරින්. 1969 වසරේදී මහනුවර අංකුඹුර ගමටත් මේ වැඩසටහන ආවා. එදා මම ඒ වැඩසටහනට සහභාගි වෙලා ‘අඟනක රඟ බැස පැන අතරායා’ කියන ජන ගී ඇසුරින් නිර්මාණය වූ කවිය ගැයුවා. එදා ඉඳලා මම අද වෙනකල්ම මේ ගමන ආවා.පසු කලෙක මේ කවිය සංගීතය මුසු කරලා ගීතයක් ලෙසින් නිර්මාණය වුණා. 1974 දී මම සංගීත පර්යේෂණ අංශයේ සහ සරල ගී අංශයේ ශිල්පනියක් ලෙස තේරුණා. ඒ වන විටත් සරල ගී ශිල්පිනියක් ලෙසින් මම ජනප්‍රිය වුණා. 1975 දී මා මුලින්ම ගැයූ සරල ගීය ‘මගේ ඔබේ කියා ඔබ පවසනවා’ ගීතයයි. මේ ගීතයත් එක්ක තව ගීත තුනක් ගුවන් විදුලිියේ ජනප්‍රියම ගුවන් විදුලි ගීත වුණා. ඒ ගෝඨයිම්බර විලාපය ඇසුරින් නිර්මාණය වූ මල් වනයේ රෝස කැකුළු ගීතයත්, වෙලේ කමතේ ඉඳ සිනහා නඟන්නේ ගීතයත්, රෑහි රැලේ රෑ ඇඩුවේ සින්දු කියන්නයි යන ගීත තුනයි.සරල ගී ශිල්පිනියක් ලෙසින් ජනප්‍රිය වූ ඇය මෑත කාලයේදී සී. ඩී. පට කිහිපයක් එළි දැක්වූවා. ඒ ගැන පැවසුවොත්.මම 2009 වසරේදී ‘ලන්ද දිගේ’ නමින් ගීත 16 ක් ඇතුළත් කරලා සී. ඩී. පටයක් කළා. 2012 වසරේදී ‘රන් කැටියෝ’ නමින් සී. ඩී. පටයක් කළා. එහි මව් පදවිය ලබන පුණ්‍යවන්තියෝ ගීතය සහ කෝඩුකාර රත්තරන් දුවේ ගීත ඇගයීමට ලක් වුණා.* ගායනයට නවකයින්ගේ පැමිණීම පිළිබඳව ඔබ දකින විදිය?විවිධ හැකියා තිබෙන අළුත් පිිරිස ක්ෂේත්‍රයට පැමිණෙනවා. ඉස්සර අපි නවකයෝ වුණා වගේ දැනුත් ක්ෂේත්‍රයට නවකයෝ එන්න ඕනෑ. මට සමහර වෙලාවලදී නවකයින්ගේ දස්කම් දැකලා අපි අතරේ මෙතරම් දක්ෂයෝ ඉන්නව නේද කියලා හිතුණ වාර තිබුණා. එක් අවස්ථාවකදී මට සංගීත විද්‍යාලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වැඩ සටහනකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මට හිතුණා කවදාක හරි සංගීත විද්‍යාලෙන් බිහිවන ළමයි මේ ක්ෂේත්‍රයේ පෙරළියක් කරයි කියලා.* ඔබට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව කතා කළොත්?මම ඒ ගැන කියන්නම ඕනෑ. දවසක් රංගිරි දඹුලු ගුවන්විදුලි වැඩසටහනකට මට ආරාධනා ලැබිලා මම සහභාගි වුණා. එදා මට දැනුණා මට ආදරේ කරන ජනතාව කොච්චර මේ ලංකාවේ ඉන්නවද කියලා. එදා ඒ වැඩසටහනට පේරාදෙනිය විශ්ව විද්‍යාලේ මනෝ විද්‍යා මහාචාර්ය විරසූරිය කියලා මහාචාර්ය කෙනෙක් කතා කළා. එතුමා කියපු වචනවලට මගේ ඇස්වලට කඳුළු ආවා. මම තාම ඒ මහත්මයාව සොයනවා. ඒ වගේම පසුගිය දවසක සියැස ටී. වී නමින් ඇරැඹූ අලුත් චැනල් එකකට මම සහ එඩ්වඩ් ජයකොඩි දෙදෙනා සහභාගි වුණා. ඒ එහි තේමා ගීතය ගායනා කරන ශිල්පීන් ලෙසින්. ඊට පස්සේ ගීත ඉල්ලීම් වැඩ සටහනේදී කෝල් කරලා අහන්නෙම තේමා ගීතය බව කිව්වා.* ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන නිර්මාණ මොනවාද?70 – 80 දශකයේ මා ගයපු ගීත එකතුවත් සමඟ සී. ඩී. එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ සී. ඩී. එක කරගන්න නිෂ්පාදකවරයෙක් මම සොයනවා. මම එවැනි අයෙක්ට ආරාධනා කරනවා. මගේ ලිපිනය 453/1, නීලම්මහර, ගොඩිගමුව, මහරගම. දුරකථනය – 0772463855 – 0114270678.සටහන – දීපිකා ජයලත්ඡායාරූපය – නිරෝෂ් බටේපොල
|
CREATIVE
|
ස්විට්සර්ලන්තයේ රූගත කිරීමකට සහභාගි වෙලා පසුගිය සතියේ තමයි මම ලංකාවට ආවේ. මේ සතියෙත් තව අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීමකට සහභාගි වෙන්න තියෙනවා. ඒ හැරුණාම මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය දහයක් විතර විකාශය වෙන්නත් නියමිතයි.පෞද්ගලික ජීවිතයත් විවාහයත් වගකීම් සමඟ බොහොම සතුටින් සුන්දරව ගත කරනවා. විවාහයෙන් පසුව රූගත කිරීම සඳහා විදෙස් ගත වූ නිසා මේ සතිය ඉදිරි කටයුතු සඳහා සූදානම්වීමට තමයි යොදා ගැනෙන්නේ.ඒ අතරතුර මම අලුත් කාර් එකක් ගන්නත් අදහස් කරගෙන ඉන්නවා. කලා කටයුතු අතරේ රංගනයට අමතරව වෙනත් නිර්මාණ කටයුත්තක් ආරම්භ කරන්නත් සූදානම් වෙමිනුයි ඉන්නේ.
|
CREATIVE
|
කස්තුරි සුවඳලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා හද සැණකෙළියේ වල්මත් වීලා රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ ජීවන බරකින් පැටලීලා නෑ නෑ වෙන්නෙ මුලා සිතු දේ පැතු දේ කරලා නිම් නැති ගමනක යෙදිලා අරමුණ කොහිදැයි නෑ දන්නේ රහයි ජීවිතේ දුක සැප කිර කිර බල බලා ඇතැමුන් දිවා රෑ තැවේ පල නැත හෙට ගැන සිතලා හිනැහෙනු ලස්සන ළඳේ උපනත් කුමට ද රජ වී හඬ හඬ ඉන්නට සිදු වී විනෝද දහනක අපි ඉන්නේ රහයි ජීවිතේපද රචනය - ජෝරජ් ලෙස්ලි රණසිංහ සංගීතය - සරත් දසනායක ගායනය - එච්. ආර්. ජෝතිපාල අධ්‍යක්ෂණය - සේන සමරසිංහ- සුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
රංගනයෙන් කළමනාකරණයට පිවිසි මංජුලරංගනයට කැමැත්තෙන් කලා ක්ෂේත්‍රයට පිවිස නිෂ්පාදන කළමනාකරුවකු ලෙස තම අනන්‍යතාව ගොඩ නගා ගත් කලා ශිල්පියෙක් මංජුල ගුණවර්ධන. මේ වන විට නාට්‍ය රැසක නිෂ්පාදන කළමනාකරුවකු ලෙස කටයුතු කළත් ඔහු තවත් හැකියාවන් රැසක් උරුම කරගත් කලා ශිල්පියෙක්.මංජුල මුලින්ම නිෂ්පාදන කළමනාකරුවකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි අන්දම ගැන කියමුනේද?මගේ ආසාව වුණේ රංගනයට. ඒ නිසා ලක්ස් තරු වරම වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ සඳහා සහභාගි වූ 7000 ක පිරිසගෙන් අවසන් 50 දෙනා අතරට තේරෙන්නට වරම් ලැබුණා. ඒ පනස් දෙනා කලාවේ විවිධ අංශ සඳහා යොමු කෙරුණා. මිහිර සිරිතිලක, මුතු තරංගා, චලිත් මනුරංග ඒ අතර හිටියා.මම යොමු වුණේ නිෂ්පාදන කළමනාකරණ ක්ෂේත්‍රයට. මුලින් බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට පසුව ප්‍රියන්ත කොළඹගේ සමඟ ස්ථිර නිෂ්පාදන කළමනාකරුවකු ලෙස කටයුතු කළා.ඒ කාලයේදී ඒකාංගික ටෙලි නාට්‍ය 18 ට විතර දායක වුණා. වෙළෙඳ දැන්වීම් දෙසීයකට අධික සංඛ්‍යාවක් කළා. ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වූ ජබෝස් ලේන් වැඩ සටහනේ කොටස් දෙසීයක පමණ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතුª කළා. පී බංකර්, මැංගි වැනි චරිත සමඟින් චරිත හයකට හඬ කැවීමක් සිදු කළා.පාසල් කාලයේදී හීන මැව්වේ?මගේ ගම මහනුවර හුන්නස්ගිරිය. පාසලේ නාට්‍ය කණ්ඩායමේ හිටියා. කලාවට ලැදිකම කුඩා කාලයේ සිටම තිබුණා. සරසවිය පත්තරය පුළුවන් දවස්වලට ගත්තා. දවසක් සරසවිය පාඨකයන් අතරින් ළමා නළුවෙක් ඉල්ලලා බුද්ධි කීර්තිසේන මහතා දැන්වීමක් දාලා තිබුණා. මට ෆොටෝ එකක් අරගෙන අයදුම් පත්‍රයක් යවන්න මාසයක් විතර ගියා. ඒ කාලේ එය ඒතරම් දුෂ්කර කටයුත්තක් වුණා. නමුත් කලා ක්ෂේත්‍රයට යොමු වෙන්න තිබූ බලාපොෙරොත්තුව හැමදාම හිතේ තිබුණා.මහනුවර සිට කොළඹ ආවේ?1987 දී අහම්බෙන් කොළඹට ආවේ රුපියල් හැත්තෑ හතරකුයි ඇඳුම් දෙකකුයි අරගෙන. කොළඹට ඇවිත් කටුනායක ඇවරිවත්ත සුමිත්‍රාරාමයේ නැවතිලා සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ පාඨමාලාවට සම්බන්ධ වුණා. ඒ සමඟ විමල් ගීගනගේ මහතාගේ වේදිකා නාට්‍ය සඳහාත් දායක වෙන්න අවස්ථාව උදා වුණා. පසුව තරු වරම තමයි මේ දක්වා එන්න මාර්ගය හදල දුන්නේ.ටෙලි නාට්‍ය නිෂ්පාදන කළමනාකරු වුණාට රංගනයටත් යොමු වුණා නේද?ඔව්. මගේ මූලික අරමුණ වුණේ රංගනය. ප්‍රේම පාරමී, සඳු තරු ටෙලි නාට්‍යවල රංගනයට අවස්ථාව ලැබුණා. සඳු තරු හි බාලන්ගේ චරිතය ආසවෙන් කළ චරිතයක්. ඒ වගේම ජබෝස් ලේන් හි පී බංකර්ගේ චරිතයට හඬ කැවීම කළෙත් සතුටින්.මේ සියලු දේ සමඟින් ඔබ අනාගතයට සූදානම් වන අන්දම කියමු නේද?මේ වන විට මම ආයතනික මට්ටමෙන් මිදිලා ස්වාධීන නිෂ්පාදන කළමනාකරුවෙක් වගේම රංගනයටත් යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී චිත්‍රපට සඳහා දායක වෙන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.මංජුල ඔබට විශේෂ යමක් කියන්නයි මේ වෙලාව?පුංචි කාලේ හීනය සැබෑවීම පුදුමයක්. සරසවිය පුවත්පත නිසා තමයි කලාවට උනන්දු වුණේ. මම විවාහකයි. මට පුතුන් දෙදෙනෙක් ඉන්නවා. ආර්ථිකය ගැන නොසිතා මට මේ ගමන එන්න අත දුන්නේ මගේ බිරිඳ. ඇයට මම මගේ හද පිරි විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම නාට්‍ය කලාවේ දොරටු විවර කළ විමල් ගීගනගේ, ඩග්ලස් සිරිවර්ධන, බර්මින් ලයිලි ප්‍රනාන්දු, ප්‍රියන්ත කොළඹගේ මහත්වරුන් ඇතුළු මේ දක්වා අත දුන් හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඔබේ අදහස් දැනගන්නත් කැමතියි. මගේ වැරදි නිවැරදි කරගන්න ඔබේ අදහස් බොහෝ වටිනවා. ඒ නිසා 0777676101 මගේ දුරකථනයට කතා කරනවා නම් මම කැමතියි.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
හඬ කැවීම් ශිල්පීපරාක්‍රම පෙරේරාරැකියාවෙන් විශ්‍රාම ගිය නිසා නිවෙසට වී කාලය ගත කළත් හඬ කැවීම් කටයුතුවලට මා සහභාගි වෙනවා. ‘ඉසිවර වෙදැදුරු’ ටෙලි නාට්‍යයේ කොන්යොන් ගේ මාමාට හඬ කවන්නේ මම තමයි. ඊට අමතරව හිරු ටී. වී. එකේ ‘හැඩ වැඩ කෙල්ලෝ’ කාටුන් වැඩසටහනට වගේම ශ්‍රී එෆ්. එම්. එකේ ‘එකොමත් එක රටක’ කියන සුරංගනා කතාවත් ඉදිරිපත් කරනවා. පසුගිය දිනවල ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහා සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණා. එහි විශේෂත්වය වන්නේ මා ඊට සහභාගි වුණේ පිස්සු පූසා සහ දොස්තර හොඳ හිත කියන ළමා හා වැඩිහිටි පරපුර අතර ජනපි‍්‍රය වුණු චරිත ඔස්සේ වීමයි.
|
CREATIVE
|
මගේ ‘කෑම පරක්කුයි’ වේදිකා නාට්‍යය දිගටම වේදිකා ගත වෙනවා. ජාතික රූපවාහිනියේ විකාශය වන ‘මුල්’ කියන වෘත්තාන්ත ටෙලි නාට්‍ය මාලාවේ පිටපත් ලියන අතරම උතුරු මැද පළාතේ ජනතාවට වකුගඩු රෝගය පිළිබඳ දැනුමක් ලබාදීමේ අරමුණෙන් ඉදිරියේදී වීදි නාට්‍ය කරන්නත් අදහසක් තිබෙනවා. ඒ වගේම ‘කෑම ලෑස්තියි’ අරගෙන ජූලි මාසයේදී ඔස්ට්‍රේලියා යන්නත් අපි මේ සූදානම් වෙනවා.
|
CREATIVE
|
පසුගිය දවස්වල පල්ලේගම හේමරතන හාමුදුරුවන් පිළිබඳ ලියැවුණු පොතක් එළි දැක්වුණා. ඒ සඳහා බොහෝ කලාකරැවන් පිරිසක් එයට සහභාගි වුණා.ඔවුන් සියලු දෙනා ඒකරාශි කිරීමත්, උලෙළෙහි සංවිධාන කටයුතුත් නිසා මම තරමක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කළේ. මේ අතර මගේ දුවත් විවාහ වුණ නිසා ඒ කටයුතු සමඟත් මා අවිවේකී වූ බවත් කිව යුතුයි.
|
CREATIVE
|
බොහෝ රාජකාරි හා අනෙකුත් වැඩ කටයුතු අතර තම තමන්ගේ පෞද්ගලික යුතුකම් ඉටු නොවීම යන ශෝකජනක හැඟීම ඇති වනුයේ හිතවතුන්ගේ වියෝව සමඟය. සිනමාකරුවකු, ලේඛකයකු, ගීත රචකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු ලෙස කීර්තියට පත්, එමෙන්ම යහපත් මහත්මයකු ද වූ කඳපොල කුමාරතුංගයන්ගේ අභාවය මා තුළ ඇති කළේ එබඳු හැඟීමකි.මා කඳපොල කුමාරතුංගයන් හඳුනා ගත්තේ ඔහු කම්කරු දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියකුව සිටියදීය. එයට පෙර ඔහු පිළිබඳව දැන සිටියේ දයාබර නිලූ හා වාසිටි කෙල්ල යන චිත්‍රපට නිර්මාණකරුවා හැටියටය. මේ චිත්‍රපට පාසල් යන සමයේ අපගේ නිර්දය විවේචනයට ලක් විය. බදුලු කෝච්චිය, ට්‍රැක්සි ඩ්‍රැයිවර්, සමාවන්න මා රත්තරනේ වැනි චිත්‍රපට රැසක් පසුව ඔහු නිර්මාණය කළේය. ඒ අතරවාරයේම ටෙලි වෘත්තාන්තයට ද පිවිසි කඳපොල කුමාරතුංගයන් හිම රාත්‍රිය, ධවල මන්දිර, සත් රුවන් වරුසා, ගිම්හානයෙන් පසු, උදුම්බරා කුමාරි ඇතුළු ටෙලි වෘතාන්ත රාශියක් ද නිර්මාණය කළේය.ඔහුගේ බෙහෝ කෘතීන් නවකතා ලෙසින් ද බිහි විණ. කොහොමටත් ඔහු පළමුව ප්‍රසිද්ධ වූයේ නව කතාකරුවකු හැටියටය. මේ බොහෝ නවකතා පිටපත් ඔහුගේ අත්සනින් යුතුව මා වෙතට ද පිරිනැමිණ.කඳපොල යනු දස අත විසිරුණු ප්‍රතිභාවෙන් පිරුණු මිනිසෙකි. ගායනයෙන් මෙන්ම, චිත්‍ර ශිල්පියේ ද ඔහුට මනා හැකියාවක් විය. එමෙන්ම ඔහු සරසවියේ හොඳ හිතවතෙකු ද විය. රසවතකු ද විය.එක් වකවානුවක කඳපොල කුමාරතුංගයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිපාල නිලධාරියකුව සිටියේය. මට මතක හැටියට එකල එහි අමාත්‍යධුරය දැරුවේ පෙස්ටස් පෙරේරා මහතාය. ඒ අවදියේ මා සරසවිය පුවත්පතේ ස්ථිර පුවත්පත් කලාවේදියකු නොවිණ. මාසයකට රුපියල් දහසක උපරිමයකට යටත් කොට අපට මුදලක් ලැබුණේ ලියන ලද ලිපි හා පළ කරන ලද ප්‍රවෘත්තිවලටය. එකල පවුල් බරින් තොර මට එය මාසයකට චිත්‍රපට නරඹන්නට ඕනෑවටත් වැඩිය. සෙසු මගේ වියදම් මව්පියෝ විසින් දරනු ලැබිණ. ඒ අවදියේ එවකට සරසවිය කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර මහතාගේ උපදෙස් පරදි මට කඳපොල කුමාරතුංගයන් මුණ ගැසුණෙමි. පරිපාලන අමාත්‍යාංශය වෙනුවෙන් ඔහු සංස්කරණය කිරීමට නියමිත අලුත් සඟරාවකට සාකච්ඡා කිහිපයක් කර දෙන ලෙස ඔහු මගෙන් ඉල්ලීමක් කළේය. මම එයට කැමති වීමි. වර්තමානයේ සිළුමිණ සම කර්තෘ මෙන්ම රසඳුන අතිරේකයේ කර්තෘ සුනිල් මිහිඳුකුල ද මම කඳපොල කුමාරතුංගයන් හමුවට ගෙන ගියෙමි. කුමරතුංගයන් අප දෙදෙනාටම එවකට බලසම්පන්න දේශපාලකයන් කිහිප දෙනෙකු හමු වී සාකච්ඡා කොට ලියන්නට කීවේය.මම එබඳු ලිපි හතරක් ලියා බාර දුනිමි. තවත් දින කිහිපයකට පසු කඳපොල කුමරතුංගයන් අප ඇමතුවේය. ජංගම දුරකතන නොමැති එකල අප සොයන්නට ඔහුට දැල් දමන්නට සිදුව තිබිණි. එවකට ඉතා ඉහළින් ලැබුණු අණකින් සඟරාව නවත්වන්න යැයි නියෝගයක් ලැබී තිබිණ. එබැවින් සඟරාව පළ වූයේ නැත. එහෙත් ඔහු අපට හමුවන්නට යැයි පැවසුවේය. නොපළ සඟරාව වෙනුවෙන් ලියන ලද එක් ලිපියක් සඳහා රුපියල් එක් දහස් පන්සියයක් ලෙස රුපියල් හය දහසක් ලැබිණි. රුපියල් දහසකින් දිවි ගෙවූ මට හය දහස වියදම් කරන්නේ කෙලෙසදැයි ප්‍රශ්නයක් විය.පසු කලෙක මේ කතාන්දරය කඳපොල කුමාරතුංගයන්ට පැවසූ කළ ඔහු එය සිහිපත් කරමින් කිහිප වරක් සිනාසුණේය. පසුගිය වසර කිහිපය ඇතුළත අපි හමු නොවීමු. ඔහු තම විදුහල්පතිනියක වූ භාර්යාවගේ ද, දියණියන් දෙදෙනා හා පුතෙකුගේ ද සෙනෙහසට මැදිව විශ්‍රාම දිවිය ගෙවා දැම්මේය. ඔහු රෝගාතුර වූ වග සැළවිණ. එක් වරක් හෝ පැමිණ යන්නෙමැයි වරක් මම දුරකතනයෙන් පැවසුවෙමි. එහෙත් එය සුළඟේ ගිය පොරොන්දුවක් විය.ඔහු ඉතුරු කළ මතකය නම් අමතක නොවේ. කඳපොල කුමාරතුංගයන්ට නිවන් සැප ලැබේවා යැයි පතමි.අරුණ ගුණරත්න
|
CREATIVE
|
- දීපිකාදීපිකාට යක්ෂයා ආරූඪ කරන පුවතක් පසුගියදා ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක පළ වී තිබිණ. එහි ඇයගේ පියයුරු අතර ඇති රේඛාව පෙන්නුම් කරන අන්දමේ ඡායාරූපයක් පළ කර ‘දීපිකාගේ පියයුරු අතර රේඛාව පෙන්වන ප්‍රදර්ශනය’ ලෙස හැඳින්වීමක් ද කර තිබිණි. මේ පුවතින් දීපිකා කොපමණ කෝපයට පත් වූවා ද කිවහොත් ‘ඔව්. මම ගැහැනියක්. මට පියයුරු තිබෙනවා. ඒ වගේම පියයුරු අතර ඉරක් ද තිබෙනවා. ඒක ඔබට ප්‍රශ්නයක් ද?’ කියා ට්විටර් වෙබ් අඩවියෙන් දැනුම් දී ඇත.කිසි දිනක තාරකාවක් වීමට සිහින මැව්වේ නැති දීපිකා දැන් බොලිවුඩයට නැතිවම බැරි තාරකාවකි. මෑතකදී රංගන ජීවිතය අසාර්ථක වුණොත් කරන්නේ කුමක්දැයි දීපිකාගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ එය කිසිසේත්ම තමන්ට ගැටලුවක් නොවන බවයි. දීපිකා පදුකෝන් රැඟූ ‘ෆයින්ඩිං ෆැනී’ මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වෙමින් පවතී.
|
CREATIVE
|
චරුද් ගුණරත්නඇමරිකාවේ රූගත කළ මුල්ම සිංහල මියුසික් වීඩියෝයවමිස් කෝල් එකක් තරමට මා නොවටින බව දැනුණා හිස් කොළයක් ගෙන එය පිරෙනා තුරු ඔබෙ නම එහි ලිව්වා බාල මහළු කොයි කා අතරත් ජනප්‍රිය නව පරපුරේ ගායකයකු වන චරුද් ගුණරත්නයි. ඔහු මේ දිනවල අමෙරිකානු තරුණියක් සමඟ පෙමින් වෙලිලා ඇති බව අපට දැනගන්නට ලැබුණා. ඒ විතරක් නෙවෙයි චරුද් ඇයව හොයාගෙන අමෙරිකාවටත් ගිහින්. තවමත් පාසල් සිසුවකු වන ඔහුට මොකද වෙලා තියෙන්නේ කියලා අප පොඩ්ඩක් හොයලා බැලුවා.චරුද් මොකක්ද මේ කතාව?ඔව්, මම අමෙරිකාවේ ගියා තමයි.එහේ ගියේ ගැහැනු ළමයකු හොයාගෙන නේද?ඒකත් හරි.මොකක්ද එක පාරටම වුණේ?මට හිතුණා අමෙරිකානු තරුණියක්ව හොයා ගන්න.හදිසියේම? හේතුව?හදිස්සියක් නෙවෙයි. මේක මං ගොඩක් ප්ලෑන් කරලා කරපු වැඩක්.තව ටිකක් පැහැදිලි කළොත්?මට හිතුණා වෙනස්ම වැඩක් කරන්න. මං කලින් කරපු සිංදු දෙකම කළේ ලංකාවේ. මට ඕනෑ වුණා ලංකාවෙන් පිටරටක මියුසික් වීඩියෝවක් කරන්න.ඉතිං?මං මනුරංග විජේසේකර අයියට අදහස කියලා සිංදුවක් ලියා ගත්තා. ප්‍රියන්ත නාවලගේ සංගීත නිර්මාණය කළා. රූගත කිරීම් දාගත්තේ අමෙරිකාවේ නිව්යෝක් නුවර.ඒකටද අමෙරිකානු තරුණියක් හවුල් කර ගත්තේ?නැත්නං.අපි නං හිතුවේ?ඔව්, ඔව්, අයියා වගේම මගේ යාළුවනුත් මට විහිළු කරනවා අමෙරිකන් කෙල්ලක්ව අල්ලගෙන රට පැන්නා නේද කියලා.මොකක්ද සිංදුවේ නම?වීසා. ඒක මේ රටේ ඉඳලා අමෙරිකාවේ සිටින තම ගැහැනු ළමය බලන්න යන්න හදන පිරිමි ළමයකු පිළිබඳ කියවෙන්නක්. ඒකට ඔහුට වීසා ලැබෙන්නේ නැහැ. මේක බයිලා වර්ගයට අයත් වන ගීයක්.කවුද වීඩියෝව කළේ?අමෙරිකාවේ ජුවෙල් ප්‍රඩක්ෂන් එකෙන් කළේ.කවුද ඔබත් සමඟ රඟපෑ නිරූපිකාව?ඩරීන් අර්වින්. ඇය අමෙරිකාවේ වේදිකා නාට්‍ය කරන නිළියක්.වීඩියෝව කරන්න ගිහින් හොඳ හොඳ අත්දැකීම් වෙන්න ඇති නේද?හොඳම අත්දැකීම තමා ආරක්ෂක නිලධාරීන් මැද අපේ රූගත කීරීම් සිද්ධ වීම.ඒ මොකද?ඒ රටේ එහෙම තමයි. රූගත කිරීමක් කරද්දීී ආරක්ෂාවක් ලබා දෙනවා.මිස් කෝල් එකෙන් පස්සේ බයිලා ගීතයක් කළේ ඇයි?මගේ පළමු ගීතයත් බයිලා වර්ගයට අයත්. ඒක කොළඹ ලෙසටයි නම් කෙරුණේ. ඊට පසුව විරහ ගීතයක් වූ මිස් කෝල් කළා. ආයෙත් මට හිතුණා බයිලා ගීතයක් කළොත් හොඳයි කියලා.ගීතය දැන් මාධ්‍යන්ට නිකුත් කළාද?ඔව්.කොහොමද ප්‍රතිචාර?හොඳයි. හැබැයි මිස් කෝල් තරමටම නැහැ.ඔබට ආයෙත් මිස් කොල් එකක් වගේ ගීතයක් කරන්න තිබුණනේ?මිස් කොල් එකක් ගීතය පුදුම විදිහට ජනප්‍රිය වුණා. ඇත්තම කිව්වොත් පාරේ බැහැලා යද්දී මට කතා නොකරන කෙනෙක් නැහැ. මාව දැක්ක ගමන් ගොඩක් අය කියනවා මට ඇහිලා තියෙනවා අන්න මිස් කෝල් යනව කියලා. මාවත් මිනිස්සු හඳුන්වන්න පටන් ගත්තා මිස් කෝල් නමින්. ඒත් බයිලා ගීතයක් වැළඳ ගන්නේ එක්තරා කොට්ඨාශයක් පමණයි. ඒක වෙන්න ඇති එක පාරට නැතුව ක්‍රම ක්‍රමයෙන් ගීතය අහන ප්‍රමාණය වැඩි වෙන්නේ.චරුද් තවමත් පාසල් සිසුවෙක්?ඔව්. මං කොළඹ රාජකීය විදුහලේ උසස් පෙළ හදාරනවා.පාසලෙන් මොන වගේ සහයක් ද ලැබෙන්නේ?ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. පුදුමාකාර සහයක් දෙන්නේ. පාසලේ කොයි කා අතරත් මං හොඳට ජනප්‍රියයි.චරුද් මියුසික් කරන්නෙත් රිඟිං ටෝන් හරහා මුදල් උපයන්නද?අපෝ නැහැ. මං පාසල් සිසුවෙක් තවම. සංගීතයෙන් මුදල් හොයන්න අදහසක් මගේ හිතේ කවදාවත් ඇති නොවේවි.මිස් කෝල් ගීතයේ වීඩියීව ඔබ කදිමට පෙම්වතාගේ චරිතය රඟපානවා. නැති ද රංගනයෙන් ඉදිරියට යන්න හිතක්?සංගීතයෙන් තමයි මං ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ. රංගනයට ලොකු රුචිකත්වයක් ඇති වෙලා නැහැ තවම මට. සටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
24 දා ස්වාධීන රූපවාහිනියේඩබලිව්. ඒ. සිල්වා සූරීන්ගේ ප්‍රථම නවකතාව වූ සිරියලතා ඇසුරෙන් නිර්මාණය කළ සිරියලතා කළු සුදු සිනමාපටයේ ගීත කිහිපයක් ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වර්ණගන්වා ඇත. සිනමා කෞතුකාගාරයේ අධිපති හේමපි‍්‍රය කණ්ඩම්බිගේ අනුග්‍රහයෙන් මෙම වර්ණ ගැන්වීම සිදුකොට ඇත්තේ සේන එදිරිසිංහ විසිනි. රුක්මණී දේවිය අප අතරින් වියෝවී අවුරුදු 35 ක් සපිරීම නිමිතිකර ගනිමින් මෙම ගීත වර්ණ ගැන්වූ බව සේන වැඩිදුරටත් පවසා සිටියි.සිරියලතා සිනමා පටයේ වර්ණ ගැන්වූ ගීත මෙම 24 දා එනම් සිංහල සිනමාවට අවුරුදු හැටහතක් සපිරීම නිමිත්තෙන් දහවල් එකට ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙයි.1957 වර්ෂයේ තිරගත වූ සිරියලතා හි රුක්මණී දේවි, හර්බට් එම්. සෙනෙවිරත්න, එඩී ජයමාන්න, ලැටීෂියා පීරිස්, මාක් සමරනායක, හියුගෝ ප්‍රනාන්දු ඇතුළු පිරිස රංගනයෙන් දායක වූහ.එය එස්. එස්. රාජන්ගේ අධක්ෂණයකි. සිරියලතා රුක්මණී හා එඩී ජයමාන්න ජයරුක් ෆිල්ම්ස් වෙනුවෙන් කළ නිෂ්පාදනයකි.ඉදිරියේදී අජාසත්ත, මාතලන්, සැඟවුණු පිළිතුර, සූරයා සූරයාමයි වැනි සිනමාපට වර්ණ ගැන්වීමට හේමපි‍්‍රය කණ්ඩම්බි අපේක්ෂා කරගෙන සිටියි.ප්‍රසාද්
|
CREATIVE
|
චීනයේ පැවැති 05 වැනි බීජිං බෙනාල් ජාත්‍යන්තර චිත්‍ර කලා ප්‍රදර්ශනයේදී සංස්කෘතික හා කලා කටයුතුª අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් නිර්මාණය ඉදිරිපත් කළ දුමින්ද නිරෝෂන් රටවල් අනූ එකක් අතරින් විශිෂ්ටතම නිර්මාණකරුවා ලෙස සම්මානයට පාත්‍ර විය.ඔහුට හිමි සම්මානය හා සහතිකය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අතින් දුමින්ද නිරෝෂන් ලබාගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්. පී. වී. සී. පියතිලක මහතා ද පසෙකින් සිටියි.- තිලානි ශානිකාකැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලාඅධ්‍යයන අංශයේ අවසන් වසර සිසුන් ඉදිරිපත් කරන උපනෙත ඡායාරූප හා චිත්‍රපට ප්‍රදර්ශන උළෙල ලබන 22 වැනිදා සිට 24 දක්වා ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වේ.මෙය සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර මෙවර පැවැත්වෙන්නේ 15 වැනි ප්‍රදර්ශනයයි.ප්‍රතිබිම්බ කලා අංශයේ අවසන් වසරේ පබසරා රණසිංහ, අරවින්ද චන්ද්‍රපත්ම, නාලක සංජීව, අමන්දා ජයවර්ධන, චානුක සුධීර සහ සම්පත් දර්ශන විසින් ඉදිරිපත් කරන ඡායාරූප සහ පෞඩ බුවනෙක හා ප්‍රසාද් අලුත්වත්ත විසින් ඉදිරිපත් කරන කෙටි චිත්‍රපට මේ සඳහා ඇතුළත් වේ. මෙවර ප්‍රදර්ශනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් බැහැරව පවත්වන පළමු අවස්ථාව වේ.නාමලී කොළඹමුදලි ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘සපත්තු මල සහ ප්‍රේමය’ නාට්‍යය මෙම 22 වැනි දා ලුම්බිණි රඟහලේදී වේදිකා කෙරේ.ඔබ වහලෙක්ද, දොරගුළු අරින්න, පඹයා, වාරකන්, ඉසිදෝර් මුණිතුමා, සම්බුලා ගීත නාටකය වැනි නාට්‍ය ගණනක් රචනා කරමින් නිෂ්පාදනය කළ නාමලී කොළඹමුදලි ජා ඇල සත්සරණී රංගායතනයේ නිර්මාතෘවරිය ද වේ. නාමලී ගේ ‘හැරදා නොගිය නිසඳැස් කාව්‍ය සංග්‍රහය’ කෘතිය ද එදින එළිදැක්වීමට කටයුතු යොදා ඇත.විභවි ලලිත කලා ඇකඩමියේ සිසුන්ගේ අධ්‍යයන කෘති ප්‍රදර්ශනය 16 වැනි දින සිට 18 වැනි දින දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ.මෙම ප්‍රදර්ශනයේ දී මානව රූපණ, නිශ්චල ද්‍රව්‍ය, භූමි දර්ශන, සොබා රූ සිත්තම්, ත්‍රිමාණ වස්තු ඉදිකිරීම, ළමා චිත්‍ර ආදිය ප්‍රදර්ශනය කෙරේ.මෙම 21 වැනි ඉරු දින රාත්‍රී 10.20 ට ජාතික රූපවාහිනිියෙන් විකාශය වන ‘රිදම් චැට්’ සංගීත වැඩසටහන සඳහා සහභාගි වන්නේ ගායන කුසලතා සපිරි පුවත්පත් කලාවේදීන් පිරිසකි.ගාමිණී ජයලත්, අසංක දේවමිත්‍ර පෙරේරා, සිරිමෙවන් කස්තුරිආරච්චි, රමේෂ් උවයිස්, ටෙනිසන් එදිරිසිංහ, සඳුන් ගමගේ, ප්‍රදීප් නිශාන්ත හේරත්, සමන් ප්‍රියංකර නම්මුනිගේ එම මාධ්‍යවේදීන් වේ.මනෝජ් පීරිස් සංගීත අධ්‍යක්ෂණය කරන ‘රිදම් චැට්’ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ප්‍රසන්න හෙට්ටිආරච්චිගෙනි. අසේල බණ්ඩාරනායක කථනයෙන් දායක වේ.නිර්මාණශීලී හැකියාව ඇති යොවුන් පරපුර සිනමාව කෙරෙහි යොමු කිරීම, නවක නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇගයීම, මැන බැලීම සහ දේශීය සිනමා කර්මාන්තය කෙරෙහි ඔවුන් සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංස්ථාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කෙටි චිත්‍රපට නිර්මාණ තරගය මෙම වසරේ ද පැවැත්වීමට නියමිතය.අයැදුම්පත් භාර ගැනීම එළඹෙන නොවැම්බරයේ 17 දිනෙන් අවසන්වේ.දී. ග. සෝමපාලගේ අලුත්ම ටෙලි නාට්‍යයට නවක නළුනිළියන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ මේ දිනවල සිදු කරනවා. දවසක් දීගට මේ සම්මුඛ පරීක්ෂණයක සිටින විටදී හදිසියේ තිබහක් දැනුණා.ළඟ හිටපු ප්‍රවීණ කැමරා ශිල්පීන් දෙදෙනෙකුත් සමඟ අසල ඇති තේ කඩයට දීග ගොඩ වුණේ සම්මුඛ පරික්ෂණයට මඳ විරාමයක් තබමින්.‘ළමයා අපිට තේ තුනක් ඕනේ, තව බනිස් මොනව හරිත් ගෙන්න’ කියූ දීග කඩයෙන් වාඩි වුණා. ‘මහත්තයා තේ ඕනේමද?’ කඩේ කොලුවා ඇසුවා.‘ඇයි?’‘නෑ මහත්තයා සීනි ඉවර වෙලා ඒකයි.’‘එහෙනම් මේකේ තේ කඩේ කියලා ගහලා තියෙන්නේ’ දීගට තරහ ආව නිසාම කියැවුණා. ‘හරි එහෙනම් ඔය බනිස් එක්ක අපිට වතුර තුනක් ගේනවා’ දීග අහක බලාගෙනම පැවසුවා.කඩේ කොලුවා දීග ඇතුළු පිරිසට ගෙනාවේ බෝතල් කළ පානීය ජලයයි. ‘මේ මොනවද ළමයෝ අපිට ඕනේ වීදුරුවලට වතුර, සල්ලිවලට නෙමේ’ කියූ දීග තම සගයන් දෙදෙනා සමඟ සීනි තේ නැති තේ කඩෙන් පිට වූයේ මුදලාලිට ද ඔරවමින් කියලා ආරංචියි.මීගමුව සිනේත්‍රා කලා ආයතනය සහ සිනේත්‍රා ඩාන්ස් ඇකඩමිය ඉදිරිපත් කරන සිනේත්‍රා ඩාන්ස් ඉන් කොන්සර්ට් ‘පවර් ඔෆ් ඩාන්ස්’ ප්‍රසංගය මෙම මස 20 වැනිදා සවස 5 ට මීගමුව පුරහලේදී පැවැත්වෙයි.සිනේත්‍රා කලා ආයතනයේ සාම්ප්‍රදායික සහ නිදහස් අංග යටතේ නර්ථනය හදාරන සිසු සිසුවියන් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි වන මෙහි නර්ථන නිර්මාණය, මෙහෙයවීම නදීශානි පෙරේරාගෙනි.ප්‍රසාද් / යතේජා/තිලානි/ සංජීව
|
CREATIVE
|
සිංහල සිනමාවේ සදානුස්මරණීය නළු විජය කුමාරතුංගයන් ජීවත්ව සිටියා නම් මේ ඔක්තෝබර් 09 වැනි දිනට 67 වසර සපිරෙනු ඇත.විජය උපන්නේ 1945 වසෙර්ය.හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන විජය ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයේ කිරුළ පළඳීන්නට සමත් වූයේය.අහස් ගව්ව,බඹරු ඇවිත්,පාර දිගේ,කැඩපතක ඡායා,ගඟ අද්දර,බැද්දේගම,අහසින් පොළවට වැනි චිත්‍රපට මෙන්ම තුෂාරා,ජය සිකුරුයි,අංජානා,මමයි රජා වැනි සිනමාකෘති වලද එක ලෙස රඟපෑ විජය ඝාතනය කරන ලද්දේ 1988 වසරේ පෙබරවාරි 16 වැනි දිනය.ඒ වන විට ඔහු 43 වැනි විය සපුරමින් සිටියේය. ඔහුගේ ජීවිතය එතරම් කෙටි කලකින් අහිමි වුවද ඇතැම් මිනිසුන් සිය වසරක් ගෙවුවද නොලැබෙන කීර්තියක් ඔහු අත්පත් කර ගෙන තිබිණ.ආදරණිය විජය සිනමාවට පිවිසෙනුයේ සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙනි.සරසවිය සම්මාන උළෙලයන් රැසකම ජනප්‍රිය නළුවා සම්මානය දිනා ගත් විජය හොඳම ගායකයා ලෙසද සම්මානයට පත් විය.විජය කුමාරතුංගයන්ගේ නාමය සරසවිය සදාකාලිකවම සිහිපත් කරයි.විජය කුමාරතුංගයන්ගේ විසිපස් වැනි ගුණ අනුස්මරණයට සමගාමීව දීප ව්‍යාප්තව පවත්වනු ලබන කෙටි නාට්‍ය තරගාවලිය සඳහා අයැදුම්පත් සහ පිටපත් භාර ගැනීම දැන් සිදු කෙරේ.පිටපත් රචනය විය යුත්තේ පාට ගොඩක් – එකම රටක් යන මැයෙන් විය යුතු අතර එය උපරිම විනාඩි 20 කට සීමා විය යුතුය. පිටපත් භාර ගැනීම මෙම මස 25 දිනට අවසන් වන අතර ඒවා සහ අයැදුම්පත් 131/20, මහවෙල පාර, පහළ බියන්විල, කඩවත යන ලිපිනයට එවිය හැකිය.මෙය ජාතික මහජන සංසදයේ සංවිධානයකි.බෙනට් රත්නායකගේ අධ්‍යක්‍ෂණයක්ජාත්‍යන්තර සහ මෙරට සම්මානයන්ට පාත්‍ර වූ බෙනට් රත්නායක ගේ නවතම ටෙලි නාට්‍ය මාලාව ‘රෝමියෝ සහ දාන්තේ’ ඔක්තෝබර් 13 වැනි සෙනසුරාදා සිට රාත්‍රී 8.00 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරේ.සාර්ථක ව්‍යාපාරිකයකු තම ජීවිතයේ දී විවිධ ගැටලු වලට මුහුණ දෙන අයුරුත්, හදිසියේ සැමියාගේ මරණයෙන් සහ තිබූ සැප සම්පත් නැතිවී යාමෙන් කම්පනයට පත් ගැහැනියක්, තම පියාගේ වියෝවෙන් සහ මවගේ හිතුවක්කාර ක්‍රියාවන් නිසා ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම්වලට මුහුණ දී ස්වාධීන ජීවිතයක් ගත කිරීමට තැත් කරන තරුණියක්, පවතින සමාජ අසාධාරණයටත්, අයුක්තියටත්, අවනීතියටත්, එරෙහිව නැගී සිටින විශ්ව විද්‍යාල තරුණයෙක් සහ බිරිඳ තමා අතහැර දැමීම නිසා කම්පනයට පත් අයකු වටා ‘රෝමියෝ සහ දාන්තේ’ කතාව ගෙතී ඇත. පාලිත සිල්වා, කාංචනා මෙන්ඩිස්, ජනක කුඹුකගේ, ඕෂනී ලියනගේ, උදාර රත්නායක, කංචන කොඩිතුවක්කු, බුද්ධික දමයන්ත, බෙනට් රත්නායක, මධු නිත්‍යානි, ගිවන්ත අර්ථසාද්, එස්. විශ්වනාදන්, නිලූකා රාජමන්ත්‍රී, අනුරුද්ධ ගාම්භීරආරච්චි, ගාමිණී ජයලත්, තරංග ජීවන්ත, ශ්‍රීමතී ජයවීර, දයාසිරි හෙට්ටිආරච්චි, සුරේෂ් ඉලංගෝ, රාජ් මෙන්ඩිස්, අයේෂා දිසානායක සහ දයා වයමන් මෙහි රංගනයෙන් දායක වෙති.ගරු රඟපෑම් ක්ලීටස් මෙන්ඩිස් සහ වසන්ත මොරගොඩ විසිනි.නිෂ්පාදනය සමන්මලී හේවාමාන්න, කැමරාකරණය චන්දන ධර්මපි‍්‍රය, විධායක නිෂ්පාදනය භාග්‍යා රත්නායක, කලා අධක්‍ෂණය රුවන් ආර්. අමරසූරිය, ප්‍රදීප් ජයසිංහ සහ එම්. ඒ. ඉන්දික නිරෝෂන්, අංග රචනය ප්‍රියන්ත ඊශ්වර, සංස්කරණය විශ්වරංග වික්‍රම සුරේන්ද්‍ර සහ සහාය අධ්‍යක්‍ෂණය ප්‍රසන්න ඉත්තෑපාන විසිනි.- යතේජාසුගත් සමරකෝන්ගේ විජය කුවේණි සිනමා සිතුවම තිරගත වන්නට පටන්ගෙන මෙම මස 6 වැනිදාට දින 150 ක් සපිරෙයි.එලෙස අති සාර්ථක ගමනක යෙදෙන එය මේ වන විට ලක්ෂ 1500 කට ආසන්න අදායමක් උපයා ඇති බව විජය කුවේනි නිෂ්පාදක ගයාන් රණධීර පවසයි.චිත්‍රපටය මේ දිනවල ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බහරේන් ආදී රටවල ද තිරගත කෙරේ.කලාසූරී අරිසෙන් අහුබුදු වියතාණන්ගේ පළමු ගුණසමරු උළෙලේදී ප්‍රකාශයට පත්කරන ලද අරිසෙන් අහුබුදු හරසරණිය හා අරුත නිරුත, රන්කිරුළ, අහුබුදු වත, මාලය, හෙළ දෙරණ වග යන ග්‍රන්ථ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාට අරිසෙන් අහුබුදු සූරීන්ගේ බිරිය වන සඳා අහුබුදු මහත්මිය විසින් පිළිගන්වනු ලැබූ අයුරුයි මේ.අහුබුදු සූරීන්ගේ දියණි සමන්ති අහුබුදු සහ මිණිබිරිය සඳනි අහුබුදු සේයාරුවෙහි වෙති.ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර වූ ජාතික රූපවාහිනියේ විකාශය වන ‘සුහානි රාත්’ හින්දි ගීත වැඩසටහන අද (15 වැනිදා) සිට රාත්‍රී 10.10 ට විකාශය වේ.‘සුහානි රාත්’ හින්දි ගීත වැඩසටහන විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි. මේ වැඩසටහන මෙහෙය වන්නේ රංගන ශිල්පිනී යශෝධා විමලධර්මයි.වැදි ගෝත්‍රිකයකු අතින් සිය ජන ජීවිතය නිරූපණය කරනා දඹානේ ගුණවර්ධන ලියූ ‘දඩබිමෙන් දඩබිමට’ නවකතාවේ නවතම මුද්‍රණය මෙම මස 20 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.
|
CREATIVE
|
නිරුවත් ලෙස සඟරාවලට පෙනී සිටීමෙන්, නිල් සිනමාපටවල රඟපෑමෙන් ආන්දෝලනයට ලක් වූ චරිතයක් වූ වීනා මලික් දැන් අම්මා කෙනෙකි.පසුගියදා ඇය අමෙරිකාවේදී පුතකු බිහි කළාය. ඇය පුතුට දමා ඇත්තේ ෂාරුක් ඛාන්ගේ පුතුගේ නම වන ‘ඒබ්‍රහම්’ය.
|
CREATIVE
|
පූජා උමාශංකර්ට ආකර්ෂා නම් වූ චරිතයක් භාරදෙමින් සුනෙත්මාලිගෙ ලොකුහේවා අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටය ආකර්ෂා හී මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි. වත්මන් යුද හමුදාපති දයා රත්නායකගේ දෙටු පුත් යසස් රත්නායක සිනමාවට හඳුන්වා දෙමින් නිර්මාණය වන මෙහි පූජාගේ පෙම්වතා ලෙස ඔහු රඟනු ලබයි. මේ දෙදෙනාට අමතරව ඩබ්ලිව්. ජයසිරි, ශි‍්‍රයානි අමරසේන, ජයලාල් රෝහණ, ඩග්ලස් රණසිංහ, දර්ශන් ධර්මරාජ්, මවුලි මතීෂ, දූෂ්යන්ති වීරමන්, ආනන්දිකා කුමාරසිංහ, චරිත් අබේසිංහ, නඩරාජා සිවම්, ශ්‍රීමාල් වෙඩිසිංහ, රමණී සිරිවර්ධන, ශලනි තාරකා, නලීන් ප්‍රදීප් උඩවෙල, සරත් චන්ද්‍රසිරි, ඉෂන් ගම්මුදලි, රාජසිංහ ලෝලුවාගොඩ, මාපලගම විමලරත්න, රින්ස්ලි වීරරත්න, නිමන්ති පෝරගේ, කාවිංග පෙරේරා, මොරින් චාරුනී, නිල්මිණි කෝට්ටෙගොඩ, ටෙඩී විද්‍යාලංකාර, ආකර්ෂා රංගනයෙන් ආකර්ශනීය කරයි. කතාව තිර රචනය මෙන්ම උපදේශන අධ්‍යක්ෂණය නීතිඥ සමන් වීරමන්ගෙනි.ආකර්ෂා ෆිල්ම් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ප්‍රභාත් චමින්ද පෙරේරා, හරිස් උද්දික මහදිවුල්වැව, නලීන් නිශාන්. ධර්මපි‍්‍රය සමඟ ලීල් ප්‍රසන්න දිසානායක ආකර්ෂා නිෂ්පාදනය කරයි. කුමාරසිරි හෙට්ටිගේ සහ අනුරාධ වීරමන් විධායක නිෂ්පාදක වරුන්ය. ප්‍රභාත් රෝෂන්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. ශාන් අල්විස් සංස්කරණ ශිල්පියාය. ධනුෂ්ක ජයවර්ධනගේ සහාය අධ්‍යක්ෂණයකි. දර්ශන රුවන් දිසානායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අජිත් හන්වැල්ල කලා අධ්‍යක්ෂණයෙන් ද, තාරක අධිකාරී අංග රචනයෙන් ද, ඔමේෂ් විජේරත්න ඇඳුම් නිර්මාණයෙන් ද, සුනෙත් මාලිංග සහ ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණයෙන් ද ආකර්ෂා හැඩකරන්නට එක්වෙති.චතු වීරමන් සහ භාරත හෙට්ටිආරච්චි විශේෂ ප්‍රයෝග සජීවිකරණයෙන් දායක වෙයි. රංග පීරිස් සහ හැරල්ඩ් කරුණාතිලකගේ නිෂ්පාදන කළමනාකරණයකි. මෙවන් ලියනගේ නිශ්චල ඡායාරූප ශිල්පියා වේ. මාධ්‍ය සම්බන්ධීකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙනි. බන්ධුල නානායක්කාරවසම්, අමිල තේනුවර සමඟ නන්දන වික්‍රමගේ ගීත රචනයෙන් ද, උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුසලසූරිය සමඟ ශම්මිකා අමානි ගායනයෙන් ද ආකර්ශා රස ගන්වයි. කනිෂ්ක වික්‍රමතිලක නිෂ්පාදන සම්බන්ධකාරක වරයාය.ප්‍රසාද්සේයාරූ මාලන්
|
CREATIVE
|
මේ දවස්වල කලාකරුවන්ට ටිකක් අපලයි. වෙන්නෙම කරදර. නයනා කුමාරිටත් එහෙම නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණපාන්න සිදු වෙලා. ආරංචියේ හැටියට ඇයගේ නිවෙසට හොරු පැනලලු. අප කලාකරුවකුට ඇබැද්දියක් සිද්ධ වුණොත් සරසවිය නිරන්තරයෙන්ම ඔවුන් සමඟ හිටියා. ඒ හින්දාමයි අපි නයනට කතා කරලා මේ පිළිබඳ හොයලා බැලුවේ. ඇය සංවේදීව තමන් මුහුණපෑව ඒ සිදු වීම ගැන කතා කළේ මෙන්න මේ අයුරිනුයි.* නයනා ඇත්තද ඒ කතාව?අපේ ගෙදරට හොරු පැනපු එකද?* ඔව්.කතාව ඇත්ත.* කවදාද?හරියට පසුගිය තුන්වැනි අඟහරුවාදා පාන්දර.* කොහොමද ඔවුන් ඔබේ නිවසට ඇතුළු වෙලා තියෙන්නේ?කුස්සියේ දොරවල් කඩාගෙන.* කවුද ඒ වෙලේ නිවසේ හිටියේ?මමයි, මහත්තයයි, බබයි.* ඒ කාටවත් හොරු එන වග දැනුණේ නැද්ද?එදා පාන්දර මහ වරුසාවක් වැටුණනෙ. වැසසත් එක්ක අපි කාටවත් ඇහැරිලා නැහැ. හොරුත් නිවෙසට ඇතුළු වෙලා තියෙන්නේ මේ සියල්ල ප්ලෑන් කරලා.* මොනවද ඔවුන් ඔබ නිවසෙන් අරගෙන ගිහින් තියන්නේ?මගේ ආභරණ සහ තව පොඩි පොඩි බඩු වගයක්.* ඒවායේ වටිනාකම?ලක්ෂ තුනක් හතරක් විතර.* ඊට වඩා වැඩි යමක් අරගෙන ගිහින් නැද්ද?මගේ ගෙදර මහා ලොකු බඩු භාණ්ඩ නැහැනෙ. තිබුණේ ඒ ටික විතරයි. උන් අරගෙන ගිහිල්ලත් තියෙන්නේ ඒවා.* ඒ අතර ඔබේ මංගල මුදුවත් තිබුණා කියලා ආරංචියි?ඔව්. නැති වූ දේවල් අතර මට වැඩියෙන්ම වටින්නේ ඒක. ඒ විතරක් නෙවෙයි මගේ හස්බන්ඩ් මට මුලින්ම අරන් දීපු තෑගිත් හොරු ගෙන ගිහිල්ලා. මම මෙතුවක් කල් ඒවා ආරක්ෂා කළේ පණ වගේ.* මේ සිද්ධියට සැක කවුරු හරි ඉන්නවද?අනේ නැහැ.* සමහර විට ඔබේ ඊර්ෂි්‍යාකාරයෝ . . .?පිටින් පෙනෙන්න නම් මට එවැනි අය නැත්තටම නැති තරම්. මම මිනිස්සුන්ව ඇසුරු කරන්නේ හරිම පරිස්සමින්. මුහූණට පේන්න හොඳට හිටියට හිත් ඇතුළේ මොනවද තියෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැනේ. ඒත් මම කලින් කිව්වා වගේ මට කිසිම කෙනෙක්ව සැක කරන්නේ නැහැ මේ සිද්ධියට.* ඔබ එවලේම පොලීසියට මේ ගැන දන්වන්න ඇති?ඔව්. මම ඒ මොහොතේම එකසිය දහනවය ගහලා මෙය වාර්තා කළා. පොලීසිය මේ වෙන කොට පරීක්ෂණ පවත්වනවා. ඔවුන් හොරුවන්ව හොයා ගනීවි.* මේ සිදුවිමෙන් පසුව ඔබට යම් ජීවිත අවධානමක් දැනුණේ නැතිද?දැනුණා. හොඳටම දැනුණා. ඒ හින්දම මේ වෙන කොට නිවසට ආරක්ෂක පද්ධතියක් සවි කළා.* තවමත් ඔබේ සිත කම්පා වෙච්ච ගමන්ද?දැන් ටිකක් ෂේප්. මිනිස්සුන්ටනෙ හැම දෙයක්ම වෙන්නේ. අනික මීට වැඩිය කරදර වුණ අය ඕනෑ තරම් ඉන්නවනේ. ඒවා ගැන හිතලා හිත හදාගත්තා. හොරුන්ට රජ මැදරත් එකයි දුගී පැලත් එකයි. තැනක් නොතැනක් නැතුව හොරු පනිනවා. ඒ ගැන හිතලා ආරක්ෂාව ගැන තවත් හොඳින් සැලකිලිමත් වුණොත් හරිනෙ. මේ මොහොතේ හොරුන්ව මට හසු වුණොත් මොනවද දන්නවද කරන්නේ?* නැහැ?මම ඔවුනට අනුකම්පා කරලා මුදා හරිනවා.* ඒ මොකද?මම පුවත්පත්වල දැකලා තියෙන විදිහට හොරු හොරකම් කරන්නේ නැති බැරිකමට. එදා වේල හොයා ගන්න වෙන්න ඇති අපේ ගෙදරටත් හොරු පැනලා තියෙන්නේ. මේ වෙන කොට සමහර විට මගේ ආභරණ විකුණගෙන දරුවන්ට පාන්, පරිප්පු ගෙනිහිල්ලා දීලා ඇති. ඒක හින්දායි මම ඔවුන්ට අනුකම්පා කරනවා කිව්වේ.* ඔබ මෙවර පොසොන් පොහොයට දන්සැලක් සංවිධානය කරන්න හිතාගෙන හිටියා. මේ අලකලංචිය මැද ඒ පුණ්‍ය කටයුත්ත සිද්ධ වෙනවද?අනිවාර්යයෙන්ම කරනවා. මොන දේ වුණත් මම කරන පින් අතේ වැඩ අත අරින්නේ නැහැ. මම කලික් කිව්වා වගේ මගේ රත්තරං බඩුත් දන් දුන්නා කියලා හිතනවා. එහෙම බලද්දී මම දන්සැල් දෙකක් දීලා.* නයනගේ අඹ යාළුවා ගයාත්‍රි ඔබේ නිවසට හොරු පැනලා කියලා දැනගත්තාම මොනවද කිව්වේ?ඇයටත් හරි දුකයි. ගයාත්‍රි දන්නවා මම මුදල් හම්බු කරන්නේ මගේ සැලොන් එකෙන් මගේ මහන්සියෙන් කියලා. වෙනදා වගේම මේ වෙලාවෙත් ඇය මාත් එක්ක හිටියා. මගේ හිත හැදුවා.* මේ සිදුවීමත් එක්ක ඔබ ගැන තවත් සාවද්‍ය තොරතුරු පළවන්නට ඇති?මොකද නැත්තේ. මගෙන් අහන්නේ නැතුව මේ සිද්ධිය ගැන නොයෙකුත් මාධ්‍යවලින් වාර්තා කරලා. එක පුවතක සඳහන් වෙලා තියෙනවා මගේ නිවෙසින් හොරු ලක්ෂ දොළහක් අරගෙන ගිහින්ලු. මේවා දැකලා හොරු මාව හොයාගෙන එයි අපේ ගෙදර ලක්ෂ දොළහක් තිබුණේ කොහෙද කියලා අහගන්න. මම අපේ හිත මිත්‍රයින්ගෙන් ඉල්ලීමක් කරනවා මගෙන් අහන්නේ නැතුව මේ සිද්ධිය ගැන කිසිම විස්තරයක් පළ කරන්න එපා කියලා.සටහන සහ සේයාරුව – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන මුල් මාලා නාටකයේ අධ්‍යක්ෂවරයෙක් වන සුමිත් රෝහණ තිත්වැල්ලගලගේ නවතම ටෙලි නිර්මාණකරණය ‘දඩකෙළි අරණ’ හී මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණ. සැණකෙලියේ දඩකෙළියක් වූ රූපණවේදිනියකගේ හදවිල සක්මන යනුවෙන් තේමාව ලබා දී ඇති මෙහි මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, සරත් දික්කුඹුර, බුද්ධික ජයරත්න, චින්තක කුලතුංග, නයනා කුමාරි, ග්‍රේස් තෙන්නකෝන්, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, ශලනි තාරකා, ගයත්‍රි ඩයස්, උදිත් අබේරත්න, රමේෂ් උවයිස්, ශෙහාන් කොඩිකාර ආදීන් රංගනයෙන් දායකවීමට නියමිතය.දඩකෙළි අරණ අජිත් මෙන්ඩිස්ගේ තිර රචනයකි. රොහාන් ජයන්ත් කොඩිකාර මෙහි නිෂ්පාදකවරයාය. කුමාර ගලහිටියාව අංග රචනයෙන් එක් වෙයි.ප්‍රියන්ත ප්‍රදීප් අංග රචනා ශිල්පියාය. රංජිත් සිල්වා කලා අධ්‍යක්ෂණයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ඩබ්ලිව් රවීන්ද්‍ර සහය අධ්‍යක්ෂණයෙන් දඩකෙළි අරණ හැඩ කරයි. ජගත් වීරතුංග සංස්කරණ ශිල්පියාය. රංජිත් ලක්ෂ්මන් නිෂ්පාදන කළමනාකරු වේ.-ප්‍රසාද්
|
CREATIVE
|
රංගන ශිල්පිනී අනෝමා කුමුදුනිමම මේ දවස්වල ටෙලි නාට්‍යයක හා වේදිකා නාට්‍ය දෙකක කටයුතු සමඟ කාර්යබහුල වෙලා.ඒ හිමකඳු ටෙලි නිර්මාණයේ රූගත කිරීම් සහ අනුර චන්ද්‍රසිරිගේ දෙයියෝ සාක්කි සහ රෝහණ බැද්දගේ ගේ රාළහාමි වේදිකා නාට්‍ය දෙක සමඟයි. ඒ අතරතුර මගේ රූපලාවන්‍යාගාරයේ වැඩ කටයුතු හොයලා බලන්න ඒ කාලය වෙන් කෙරෙනවා.
|
CREATIVE
|
කොළඹ කේරී විද්‍යාලයේ සියවස් සමරුව පසුගියදා එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදි විවිධ ක්ෂේත්‍ර යටතේ රටේ ප්‍රගමනයට දායක වූ ආදි සිසුන්හට සම්මාන ප්‍රදානයද සිදු කෙරිණි.එම අවස්ථාවේදී අමාත්‍ය ජීවන් කුමාරතුංග, ඒ. ඩී. රන්ජිත් කුමාර, අමරනාත් රණතුංග, චන්න විජේවර්ධන, ජනිත් මාරසිංහ, සරත් ද අල්විස්, රම්සි රහමන් සහ ඩබ්ලිව්. එම්. කේ. විජයබණ්ඩාර යන අය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූහ.යතේජා
|
CREATIVE
|
රොබින් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘සුර දූතියෝ’ චිත්‍රපටයෙහි සුර දූතියන් ලෙස රෝසි සේනානායක, විශාකා සිරිවර්ධන සමඟ රඟපෑ අකුෂ්ලා සෙල්ලයියා රඟපා ඇති වෙනත් චිත්‍රපට තිබේද? ඇය ගැන විස්තරයක් කියන්න.කමල් ප්‍රියන්ත රණසිංහ - ගොඩගම ජනපදය – නක්කාවත්තඇය තවලම, රෑ මනමාලි, බඳුරා මල් සහ මවුන්ටන් ඉන් ද ජන්ගල් වැනි චිත්‍රපට කිහිපයක රඟපෑවා. විවාහ වූ පසුව නම් ඇය ගැන ආරංචියක් නැහැ.ගිනි අවි සහ ගිනිකෙළි හි කතා රචක ප්‍රවීණ මාධ්‍යවේදී අනුර හොරේෂස් සහ සරසවිය කර්තෘ මණ්ඩලයේ හිටපු (මියගිය) සුනිල් හොරේෂස් යන අය සහෝදරයන්ද?ඩඩ්ලි ගෝමස් - කටුබැද්දනැහැ. ඔවුන් අතර කිසිම ඥාති සම්බන්ධයක් නැහැ.රූපවාහිනියේ පෙන්වන සිංහල චිත්‍රපට වෙළෙඳ දැන්වීම් නිසා චිත්‍රපටය බැලීමේදී එපා වෙනවා. මෙයට විසඳුමක් නැද්ද?සරත් රණසිංහ – කපුගොඩඉතින් රූපවාහිනිය නොබලා ඉන්නකෝ.දැන් කාලේ ටෙලි නාට්‍යවල රඟපාන නිළියන්ගේ ඇඳුම් නම් අන්තිමයි. පවුලේ අයට එකට ඉඳගෙන ටී. වී. බලන්නත් කැතයි.අනුර ඩිල්ෂාන් – ගලේවෙලමේ පිළිබඳ මට ඇත්තේ කාරණා දෙකයි. එක පවුලේ අය එකට සිට ටී. වී. නොබලන්න. දෙක – මම නම් හිතන්නේ ඔවුන් අඳින ඇඳුම් මට වඩා එය නරඹන කෙනාගේ ඇඟේ සහ සිතේ වරදක් බවයි.ජනක සහ මන්ජු චිත්‍රපටයේ රඟපෑ ජයන්ත දාස් පෙරේරා දැන් කෝ? ඔහු රඟපෑමෙන් ඉවත් වෙලා ද?එන්. කරුණාදාස - ඉඳුරුවජයන්ත මෑතක රඟපෑවේ නම් නැහැ. හැබැයි ඔහු අධ්‍යක්ෂණය කළ එක් චිත්‍රපටයක් තිරගතවීමට නියමිතයි.සිනමාස් සමාගම, සිලෝන් තියටර්ස් සහ සිලෝන් එන්ටර්ටේන්මන්ට් පළමුවරට නිපැයූ චිත්‍රපට මොනවාද?කේ. පී. පියසේන, රේමන් සිල්වා - බොරගොඩවත්තසිලෝන් තියටර්ස් 1947 දී අශෝකමාලා. සිනමාස් සමාගම 1953 දී සුජාතා හා සිලෝන් එන්ටර්ටෙන්ට්මන්ට් 1956 දී සුරතලී.මේ ඇහුනද? ඔන්න අහංකාර ස්ත්‍රී චිත්‍රපටයත් ටෙලි නාට්‍යයක් කරන්න යනවා කියන්නේ, ඔයා කැමති ද?සරත් – මාළිඳඇයි තියෙන වැරැද්ද මොකක් ද?ශුද්ධ වූ බයිබලයේ සඳහන් කතාවක් අනුව නිපදවන ලද ‘ක්වෝ - වාඩිස්’ නැමැති චිත්‍රපටය ගැන විස්තරයක් පළ කරන්න.ඇන්. ඩබ්. පී. පෝල් පෙරේරා - කුලියාපිටියක්වෝ වාඩිස් නමින් අති ජනප්‍රිය චිත්‍රපටයක් නිර්මාණය වූයේ 1951 වසරේදී. එයට පාදක වූයේ 1896 දී ‘හෙන්රික් සියෙන්කි වික්ස්’ විසින් රචනා කරන ලද නවකතාවයි. ක්‍රි. ව. 64 දී පමණ රෝමයේ ක්ලෝඩියස් අධිරාජ්‍යාගේ යුගයේදී කතෝලිකයන් වීම නිසා සිදු වූ ඛේදජනක ඉරණම මේ කතාවට පාදක වුණා. චිත්‍රපටය නිර්මාණය කළේ මර්වින් ලී රෝයි විසින්. ජෝන් ලී මාහින්, එස්. එන්. බෙහෙර්මන් සහ ෂෝන් යා ලෙවියන් මෙහි තිර නාටකය රචනා කළා.සුරූපී ඩෙබෝරා කේයර් මෙහි ලිජියාගේ චරිතය රඟපෑ අයුරු ඒ කාලේ බොහෝ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී පවතිනවා. එමෙන්ම රොබට් ටේලර්, පීටර් උස්තිනොෆ්, ලියෝ ගෙන් මෙහි සෙසු චරිත නිරූපණය කළා. එමෙන්ම ලොව සිනමා සංගීතය ගැන සලකද්දී මික්ලෝස් රොයා පැරැණි ග්‍රීක සාහිත්‍ය ඇසුරින් නිර්මාණය කළ සංගීතය එකල බොහෝ විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වුණා. එමෙන්ම ලොව වැඩිම ඇඳුම් සංඛ්‍යාවක් එනම් ඇඳුම් 32000 ක් (එකල) භාවිත කළ චිත්‍රපටයත් මෙයයි.මේ චිත්‍රපටයේ මුලින් රඟපෑමට සිටියේ එලිසෙබත් ටේලර් හා ග්‍රෙගරි පෙග් වුවත් පසුව ඔවුන් චිත්‍රපටයෙන් ඉවත්වූවා. පුදුමය නම් එලිසෙබත් ටේලර් මෙහි එක් ජවනිකාවක පසුව පෙනී සිටීමයි. එහෙත් ඇයගේ නම එහි සඳහන් වෙන්නේ නැහැ. පසු කලෙක අතිශය විශිෂ්ට නිළියක වූ සොපියා ලොරේන් සහ ජනප්‍රිය චිත්‍රපට නළුවකු වූ බඩි ස්පෙන්සර් මේ චිත්‍රපටයේ අති විශාල සමූහ දර්ශනවල පෙනී සිටිනවා.මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන අටකට නාමයෝජනා වුවත් එකදු සම්මානයක්වත් දිනා ගත්තේ නැහැ. එහි විශේෂත්වය නම් හොඳම සහාය නළුවා සඳහා එහි රඟපෑ ලියෝ ගේත් සහ පීටර් උස්තිතෝ යන දෙදෙනාගේම නාමයෝජනා වී තිබීමය. කෙසේ වෙතත් ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උළෙලේ සම්මාන හිමි වූයේ හොඳම සංස්කාරක ලෙස ක්වෝ වාඩිස් චිත්‍රපටයටයි.ඔබ සඳහන්කර තිබුණා ගාමිණී ෆොන්සේකා සමඟ ස්වර්ණා මල්ලවආරච්චි චංචල රේඛා චිත්‍රපටයේ එකට රඟපෑවා කියලා. එය වැරැදියි නේද? එම චිත්‍රපටයේ රඟපෑවේ නදීකා ගුණසේකර නේද?කරූ මණ්ඩාවල – නාත්තන්ඩියනදීකා එහි ප්‍රධාන චරිතය රඟපෑවත් ස්වර්ණා ගාමිණීගේ පෙම්වතිය හැටියට රඟපෑවා මතක නැද්ද කරූ.නීලා වික්‍රමසිංහ සහ නෙවිල් ප්‍රනාන්දු ගායනා කරන මාස්ටර් සර් ගීතය ඇතුළත් වූ චිත්‍රපටය කුමක් ද?වික්ටර් පල්ලියමුල්ල - හැඳලමෙය ඇතුළත් වූයේ ‘කළු දිය දහර’ චිත්‍රපටයටයි. මෙය පසු කලෙක නීලා ගායනා කළේ නිමල් මෙන්ඩිස්ගේ අලුත් කැසට් පටයකට. චිත්‍රපටයට ගායනා කළේ නෙවිල් ප්‍රනාන්දු.(අර්ජුන්)සැකසුම - සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
‘සිංහම් රිටර්න්ස්’ සමඟ රජ ගමනක යන අජේ දේව්ගන්ට ඉන්දු – ප්‍රංශ සිනමාපටයක රජ චරිතයක් රඟපෑමට වරම් ලැබී තිබේ. ඒ එසේ මෙසේ රජ චරිතයක් නොවෙයි. අශෝක රජුගේ චරිතයයි. හොලිවුඩයේ සුපිරි තාරකාවක් ප්‍රධාන නිළි චරිතයට තෝරා ගැනීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙයි.අන්තර්ජාතික සිනමාපටයක් ලෙසින් නිර්මාණය වන මෙය අජේට අලුත්ම අත්දැකීමක් වනු ඇත.අජේගේ ‘සිංහම් රිටර්න්ස්’ මේ දිනවල අති සාර්ථක ආදායමක් ලබමින් තිරගත වෙයි. සිනමාපටයෙන් දෙදිනකදී ලැබී ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 50 කි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ලොව හොඳම නළුවා ලෙස අභිසෙස් ලද ජගත් චමිලට උපහාර පිදීමේ උත්සවයක් මෙම මස 12 වැනිදා එනම් හෙට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සිනෙස්ටාර් පදනමේ සංවිධානයක් වන මේ සඳහා ජගත් සම්මානයට පාත්‍ර කළ සැමීගේ කතාව සිනමාපටයට සම්බන්ධ ශිල්පීන් විශේෂ ආරාධිතයන් වශයෙන් සම්බන්ධවීමට නියමිතය.
|
CREATIVE
|
ඉලේනා ඩි කෲස් කී සැණින් මතකයට නැඟෙන්නේ ‘බර්ෆි’ සිනමාපටයේ දයාබර, රුවැති පෙම්වතියයි. දැන් ඇය සැබෑ ජීවිතයේ ද ආදරවන්තියකි. ඇයගේ හදවත දිනාගෙන තිබෙන්නේ බොලිවුඩ් තරුවක් නම් නොවෙයි. ඇන්ඩෲ නීබෝන් ඇයගේ පෙම්වතායි. ඔස්ටේ‍්‍රලියානු ජාතික ඇන්ඩෲගෙන්, ඉලේනාට දැන්ම සිට ලැබෙන්නේ හොඳ සහයෝගයකි. ඔහු සෑම දර්ශන තලයකටම ඉලේනාව ගෙනත් ඇරලවන්නේය. මේ දිනවල රූගත කෙරමින් පවතින්නේ ඇය රඟන ‘හැපි එන්ඩිං’ සිනමාපටයයි.නිතර දර්ශන තලයට යනෙන මේ සුදු ජාතික කඩවසම් හාදයා ඇන්ඩෲටත් රංගන වරම් උදාකර දීමට අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ. එනිසා ඉලේනා මේ දිනවල තම රඟපෑම්වලට අමතරව ඔහුට රංගනය කියා දීමටත් කාලය යොදවයි.විසි හය හැවිරිදි ඉලේනා කොලිවුඩයේ ද, බොලිවුඩයේ ද රජ කරන සුන්දර, ජනප්‍රිය තාරකාවකි.
|
CREATIVE
|
බොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම වීරයා වූ අක්ෂේ කුමාර් සටන් ජවනිකා, ත්‍රාසජනක දර්ශන සඳහා ආදේශ නළුවන් යොදා නොගන්නෙකි. ආදේශ නළුවන් යොදා ගත්ත ද ඔහුගේ වසර විසි හතරක සිනමා ජීවිතයේදී ඒ කිසිවකුටත් අනතුරක් සිදු වී නැත. ‘සියල්ලටම පෙර ආරක්ෂාව’යන්න අක්ෂේ අකුරටම පිළිපැදීම ඊට හේතුවයි.මෑතකදී රූපවාහිනි නාළිකාවක ඔහුට සෝනක්ෂි සමඟ වෙඩි තබන දර්ශනයකට පෙනී සිටීමට තිබුණු අතර කිසිවෙක් තුවක්කුවේ උණ්ඩ තිබෙනවාදැයි සොයා බැලුවේ නැත. එහෙත් අක්ෂේ තුවක්කුව පරීක්ෂා කළ විට උණ්ඩයක් තිබී ඇත.කළු පටිධාරී ටයිකොන්ඩෝ (Taekwondo) ශූරයකු වන අක්ෂේ මෑතකදී තායිලන්තයට ගොස් මුවේ තායි ක්‍රීඩාවට ද සහභාගි වූයේය. මේ දිනවල ඔහු රංගනයට අමතරව කාන්තාවන්ට සටන් කලාව ඉගැන්වීමේ සමාජ සද්කාර්යට ද අත ගසා ඇත.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
මේ පුවත නෙළුම් පොකුණ රඟහලේ ප්‍රසංගයක් නරඹා දුක, සතුට එක සේ විඳි අපූරු කලාකරුවෙකු පිළිබඳවයි. ඔහු නරඹා තිබුණේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ සංකලන 07 ප්‍රසංගයයි. ඔහු රංගන ශිල්පි රහල් බුලත්සිංහල.තමා ධර්මපාල විද්‍යාලයීය සිසුවෙකුව සිටියදී නෙළුම් පොකුණ වැනි රඟහලක තියා ටවර් රඟහල වේදිකාවටවත් පා තැබීමට වරම් නොලැබීම ගැන දුක් වුව ද වත්මන් ධර්මපාල සිසු දරුවන්ගේ කලා කුසලතා දැක අතිශය සතුටට පත්ව සිටින්නේය.ඔහු ඒ බව දන්වමින් විදුහල්පතිවරයාට ලිපියක් ලියන්නේ රටේ අනාගතය භාර මේ දරුවන් මව්බිමේ සංස්කෘතිය හා කලාව දායාද කිරීම පිළිබඳ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලයට ස්තුති කරමිනි.තවද සංකලන 07 ප්‍රසංගය තුළින් කලාව හා සැබෑ කලාකරුවන් දැකගත් බව සටහන්කර තිබුණේ ධර්මපාල ආදි සිසුවෙකු ලෙස නිහතමානි සතුටකිනි.ගයාන් චානක විදානපතිරණ ලියූ ‘මිරිසවැටි මහා චෛත්‍ය වර්ණනාව’ බෞද්ධ ග්‍රන්ථය ලබන 25 වැනිදා කොළඹ, මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.ධාතු විස්තරය නම් ග්‍රන්ථය ඇතුළුව අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා ග්‍රන්ථ රැසක් ඔහු රචනා කළ කෘති අතර වේ.
|
CREATIVE
|
දැවැන්ත චිත්‍රපටයකට තිර පිටපතක් ලියමින් තමයි මා කාලය ගත කරන්නේ. ඒ වගේම ‘ශ්‍රී රාවණා වේද තන්ත්‍ර ආශිත හෙළ අංගම් අඟමුණ’ කියන කෘතියේ වෙළුම් හතක් පාඨකයන් අතට පත් කිරීමට සංස්කරණ කටයුතුවල නියැළෙනවා.ඒත් සමඟම මේ සියලු නිර්මාණ කටයුතුවලට අවශ්‍ය මානසික පසුබිම හදා ගන්න භාවනා කටයුතුවල නියැළෙන්නත් මා අමතක කරන්නේ නැහැ.අගෝස්තු මාසයේ 01 වැනිදා උතුම් මහ රාවණා උත්තමාචාර උලෙළේදී උපහාර හිමිවන තිදෙනා අතරෙන් මමත් එක් අයෙක්. කෞතුකාගාර ශ්‍රවණාගාර ශාලාවේදී පැවැත් වන මේ උලෙළට පැමිණෙන්න යැයි මා ඔබට ආරාධනා කරනවා.
|
CREATIVE
|
රාජේශ් ඛන්නාගේ මරණය සමඟහෙළිදරව් වන අබිරහසමාකෝස්ගේ ලේලිය සමඟ ජීවත් වෙලාඔහුගේ ප්‍රේම පත්‍රයෙහි තවදුරටත් එක් ප්‍රේමවන්තියකගේ නමක් ලියන්නට තරම්වත් හිස් තැනක් ඉතිරි වී නැත. පළමු සුපිරි තරුව, රාජේශ් ඛන්නාගේ ජීවිතයේ අවසන් වසර අටේදී, ඔහු සමඟ දුක සැප බෙදා ගත් අවසාන කාන්තාව වී සිටින්නේ පනස් හැවිරිදි අනිතා අද්වානිය.රාජේශ් ඛන්නාගේ මරණය සමඟ උපන් මේ නම අද ක්ෂේත්‍රයේ වැඩිපුරම කතාබහට ලක්වන චරිතයයි. ‘ආශිර්වාද්’ මන්දිරය කෞතුකාගාරයක් කිරීමට යන බව ට්වින්කල් ඛන්නා පැවසූ පසු අනිතා අද්වානි නම් කාන්තාව තමන්ට ඛන්නා පවුලේ සාමාජිකයන් උන්හිටි තැන් අහිමි කරන බව පවසා නඩු මඟට බැස්සාය. මේ නම රට පුරා ලැව් ගින්නක් මෙන් පැතිරුණේ ඉන් පසුවයි.ජූලි 19 වැනිදා පැවැති ආදාහන උත්සවයේදී රාජේශ්ගේ දේහය රැගත් රථයට අනිතා අද්වානි ද නඟින්ට උත්සාහ දරා තිබේ.එය දුටු අක්ෂේ කුමාර්, වාහනයට නඟින්න දෙන්නේ පවුලේ සාමාජිකයන්ට පමණයි කියා පවසා ඇය රථයෙන් බලෙන්ම බස්සවා ඇත.අනිතා, ඛන්නා පවුලේ සාමාජිකයන්ට හිසරදයක් වී සිටින්නේ කලක පටන්ය. අනිතාට ‘ආශිර්වාද්’ හී ගෙවූ අවසන් දින කීපය කටුක අත්දැකීමකි. ‘අන්තිම කාලයේදී රාජේශ් මාව තල්ලු කළා. සමහර දවස්වල ඔහු පවුලේ අය සමඟවත් කතා කළේ නෑ. ඛන්නා පවුල මාව තනි කළා. මට යන්න කිසි තැනක් නැහැ’ ඇය පවසන්නීය.‘කවුරු ද මේ අනීතා?’ දැන් බොහෝ දෙනකුට ඇති ප්‍රශ්නය එයයි. පුදුමය නම් රාජේශ්ගේ නීත්‍යානුකූල බිරිය ඩිම්පල් හා එකට ජීවත් වූ කාන්තාව වූ අනීතා එකම චිත්‍රපටයක කලකට පෙර රඟපා තිබීමයි.ඒ 1988 දී තිරගත වූ ‘සාෂිස්’ සිනමා පටයේයි. මෙහි මිතුන්ගේ පෙම්වතිය වූයේ ඩිම්පල්ය. මිතුන්ගේ සොයුරිය වූයේ අනිතායි (එවකට අනිතා රාජ්). අනිතා අධ්‍යක්ෂ, රාජ් කුමාර් කෝලිගෙන් චරිතය ඉල්ලාගෙන රැඟූ බවට ද රාවයක් පවතී. ‘සාෂිස්’ට පසු ඇයගේ සිනමා දිවිය ද අවසන් වී තිබේ.අනිතා පිලිපීනයේ හිටපු ජනපති, ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ ලේලියයි. ළමා වියේ සිටම ඇය සුපිරි තරුවගේ රසිකාවකි. මිතුරියකි. වසර තිස් දෙකක් පුරා ඇය ඔහු දන්නීය. ඔහු හා තමන් අතර පැවතුණේ ලෝකය දකින ආදරයක් නොව ශුද්ධ වූ ප්‍රේමයක් බව ඇය කියා සිටින්නීය. ජූලි 18 වැනිදා ඔහු අවසන් හුස්ම හෙළූ පසු ඇය මුලු දවස පුරාම නොකා නොබී හඬමින් කාලය ගතකර තිබේ.මේ අතර ජූලි 25 වැනි දින ජීවිතයේ හැත්තෑ පස් වැනි සැතපුම් කණුව පසු කෙරූ ජ්‍යෙෂ්ඨ නළු මනෝජ් කුමාර් (මිස්ටර් භාරත්) කියන්නේ අනිතා ප්‍රසිද්ධියේ තමන්ගේ අපිරිසුදු රෙදි සෝදා නොදැමිය යුතුª බවයි. දෙපාර්ශවයම නිහඬ වීම තම හිත මිතුරු රාජේශ්ට දැක්විය හැකි හොඳම උපහාරය බව ඔහු කියයි.සුපිරි තරුවක් ජීවත්ව සිටියදී මෙන්ම මියගිය පසුවත් පුවත් මවයි. අද ඔහු ජීවත් වූ මන්දිරය ද පුවත් මවන මන්දිරයක් වී ඇත.මනහර මූදු වෙරළක දසුනක් ද නෙතට ගෙනෙන ආශිර්වාද් මන්දිරය නොබෝ දිනකින් කෞතුකාගාරයක් බවට පත්වන්නට ඉඩ තිබේ.මේ ආශිර්වාද් බංගලාවට ද අපූරු ඉතිහාසයක් ඇති අතර එය හොල්මන් මැඳුරක් ලෙස ද ප්‍රකටය. ‘ආශිර්වාද්’ ජනප්‍රිය නළු රාජේන්ද්‍ර කුමාර්ගෙන්, රාජේශ් ඛන්නා මිලදී ගත් මැඳුරකි. ඔහු ලක්ෂ තුනහමාරක් ගෙවා මැඳුර මිල දී ගෙන තිබේ.මැඳුරට ගෙවදීමට පෙර රාජේශ් ඛන්නා පූජාවක් පවත්වා තිබේ. එකල කාටර් වීදියේ තිබී ඇත්තේ සුවිසල් මැඳුරු කිහිපයක් පමණයි. ප්‍රදේශවාසී ජනතාව ආශිර්වාද් හඳුන්වා ඇත්තේ ‘භූත බංගලාව’ නමිනි.රාජේශ් අන්තිම දින කිහිපයේදී හුදකලාව සිටි අතර ඔහුට භූතයන්ගෙන් බලපෑමක් තිබූ බව ද කියවෙයි. එයටත් වැඩි පුදුමය නම් රාජේන්ද්‍ර කුමාර් ‘ආශිර්වාද්’ මැඳුරට දී තිබුණු නම ‘ඩිම්පල්’ වීමය.රාජේශ් ඛන්නා මැඳුරට ප්‍රවේශවන විට තමන් විවාහ වන්නේ ඒ නමම ඇති කාන්තාවක සමඟ බව දැන නොසිටියේය. ඔහුට ‘ඩිම්පල්’ නම දිගටම භාවිත කිරීමට අවශ්‍ය වුණත් රාජේන්ද්‍ර ඊට අකැමැති වූ නිසා (රාජේන්ද්‍ර සිය නව නිවෙසට ද තබා තිබුණේ ‘ඩිම්පල්’ නමයි) අදහස වෙනස් කර ගත්තේය. ‘ආශිර්වාද්’ නම ඔහු ඊට තැබුවේය.‘හොල්මන් මැදුර’ ලෙස ප්‍රකට වුණත් රාජේශ් මෙය මිල දී ගන්නට ඇත්තේ රාජේන්ද්‍ර කුමාර් මෙහි ජීවත්වෙමින් රැඟූ සෑම සිනමා පටයක්ම වාගේ ආදායම් වාර්තා පිහිට වූ නිසා විය හැකියි.කෙසේ වුවත් අද ‘ආශිර්වාද්’ රාජේශ් ඛන්නා නම් පළමු සුපිරි තරුවගේ සියලු මතකයන් රැඳි මන්දිරය ලෙස රසික හදවතෙහි නිදන්ගත වී පවතී.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
මේ දවස්වල ගත වෙන්නෙ වාර්තා වැඩසහන් කිහිපයක්ම සමඟයි. ටෙලිස්ටාර් ආයතනයේ බන්දුල වීරක්කොඩි මහතා නිෂ්පාදනය කරන මෙම වාර්තා වැඩසටහනවල පිටපත් රචනය සහ අධ්‍යක්‍ෂණය සිදු කෙරෙන්නෙ මා අතින්.ඊට අමතරව මම, ඇන්ඩෘ ජයමාන්න මහතා හා එක්ව අධ්‍යක්‍ෂණය කළ ‘දිරිය දියණිය’ ටෙලි නාට්‍යය ඉදිරි සති කිහිපය ඇතුළත දී ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන්නත් නියමිතව තියෙනවා.
|
CREATIVE
|
‘ටූනා අසිපතේ අබිරහස’, ‘අභිරහස් සොහොයුරියෝ’ යන නමින් එඩ්ගාර් වොලස් ලියූ රහස් පරීක්ෂක කතා මුල්වරට සිංහලට පරිවර්තනය කළ කුමාර සිරිවර්ධනගේ නවතම පරිවර්තන කෘතිය ‘යතුරු හගේ අබිරහස’ යන නමින් පසුගියදා එළි දැක්විණ.2009 වසරේදී හොඳම පරිවර්තන නවකතාව සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කර ගත් කුමාර සිරිවර්ධනගේ ‘යතුරු හතේ අබිරහස’ පරිවර්තන කෘතිය එඩ්ගාර් වොලස් ගේ The Door With Seven Lock’s නම් රහස් පරීක්ෂක කෘතිය ඇසුරින් පරිවර්තනය වූවකි.‘යතුරු හතේ අබිරහස’ එඩ්ගාර් වොලස් රහස් පරීක්ෂක කතා පෙළේ තෙවැන්නයි.- තිලානි ශානිකා‘අරුමැසි කටහඬ’ අද මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදීශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගේ ‘කටහඬ’ නිවේදක පාඨමාලාව ආරම්භ කොට වසර පහළොවක් සපිරීම නිමිත්තෙන් ‘අරුමැසි කටහඬ’ නම් විචිත්‍රවත් ප්‍රසංගයක් මෙම මස 08 වැනිදා එනම් අද 3.30 ට කොළඹ මහජන පුස්තකාලයිය ශ්‍රවණාගරයේදී පැවැත්වෙයි.නැටුම්, ගැයුම්, වැයුම් සපිරි මෙහිදි ජනප්‍රිය ගායක ගායිකාවෝ රැසක් ගී ගයන අතර ජනප්‍රිය නර්ථන කණ්ඩායම් අටක මනහර රංගනයෙන් ප්‍රසංගය ඔපවත් වනු ඇත.සංගීතය සීදූවේ සරසි වාදක මණ්ඩලයෙනි.- ප්‍රසාද්යොවුන් පරපුරේ ගායන ශිල්පියෙකු වන අජිත් රන්දුණුගේ විසින් ගායනා කරන ‘පොල් කොළවලින් මුට්ටියෙ බත තැම්බෙනවා’ නම් මව් ගුණ ගීතය ලබන 11 වැනිදා ජාතික රූපවාහිනියේ ‘හද රැඳි ගී’ වැඩසටහනෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රවීණ ගීත රචක ශාන්ත දේශබන්ධු විසින් මෙම ගීය රචනා කර ඇති අතර සංගීත අධ්‍යක්ෂණය අශෝක පීරිස් විසිනි.සෑම ඉරිදා දිනකම සවස 5.30 ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ‘හද රැඳි ගී’ සංගීත වැඩසටහන සිරිතුංග පෙරේරා නිර්මාණයකි.- යතේජා
|
CREATIVE
|
ලෝකයේම ආදරයට පාත්‍ර වූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ අසම්මතය හා සම්මතය නාට්‍යයපරිවර්තන ඇසුරින් ධර්මජිත් පුනර්ජීව අධ්‍යක්ෂණය කරන ‘අසම්මතය හා සම්මතය’ උපදේශ නාට්‍යයේ මංගල දර්ශනය හා විශේෂ වැඩසටහනක්මෙම මස 14 වැනිදා 3.00 ට ජෝන් ද සිල්වා සමරු රඟහේදී පැවැත්වේ.බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ පනස් හත්වැනි අනුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ වැඩසටහනේදී පස්වරු 3.00 ට එම සුප්‍රකට නාට්‍යවේදියාගේ ඡායාරූපයට මල්මාලා පැළඳවීම සිදු කරනු ලබයි. ‘බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් මාක්ස්වාදියෙක් ලෙස’ නම් මාතෘකාව යටතේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි හා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ‘ජාතිවාදයට සහ යුදවාදයට එරෙහිව’ යන මාතෘකාව ඔස්සේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු යන මහත්වරු පවත්වන්නා වූ දේශනයන්ට විශේෂත්වයක් හිමිවේ.‘අසම්මතය හා සම්මතය’ උපදේශ වේදිකා නාට්‍යය රඟ දැක්වෙන්නේ පස්වරු 4.30 ටය.එහි අනෝමා ජනාදරී, ඇන්ඩෘ ජයමාන්න, මධු සංජීව, චතුරංග ජයනාත්, විරාජ් පවුරාන්, රාහුල තිනෙත් යන රංගන ශිල්පිනියන් හා ශිල්පීන් රංගනයෙන් දායක වේ. සංගීතයෙන් අසංග පෙරේරා, පසුතල නිර්මාණයෙන් ලයනල් බෙන්තරගේ, ආලෝකකරණයෙන් නිමල්, අංග රචනයෙන් නිලන්ති අබේසිංහ යන ශිල්පීහු මෙම පරිවර්තන නාට්‍ය සඳහා සහාය වෙති.පරිවර්තනය ආචාර්ය මයිකල් ප්‍රනාන්දු හා ධර්මජිත් පුනර්ජීව විසිනි.2004 වසරෙහි හොඳම ළමා නාට්‍ය ලෙස සම්මාන ලැබූ සුමිත් සමරසිංහගේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිර්මාණ කිහිපයක් සඳහා සම්මුඛ පරීක්ෂණ මේ මස 18 වැනිදා පෙ. ව. 9.00 සිට පස්වරු 3.00 දක්වා අනුරාධපුර රජරට සංස්කෘතික රංග සේනා සංස්කෘතික පදනමේදී පැවැත්වේ. 2004 දී සම්මාන ලැබූ ‘හොරු ඇවිල්ලා’ වේදිකා නාට්‍යයට හා ‘කුවේර වරම’ නම් දිගු නාට්‍ය සඳහාත් ‘රුක්මල් පිපිලා’ නම් ටෙලි චිත්‍රපටය සඳහාත් වයස් සීමාවක් නොමැතිව රංගන ශිල්පීන් හා ශිල්පිනියන් බඳවා ගැනේ. තෝරා ගන්නා සැමට නොමිලේ නාට්‍ය වැඩමුළුවක් ද පැවැත්වේ.වසන්ත නමස්කාරගේ ‘මානව රූපයේ අභ්‍යන්තරය’ නම් එකසිය අට වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය මෙම මස 15 වැනිදා සිට 30 වැනිදා දක්වා මහනුවර අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දෘෂ්‍ය කලාගාරයේදී පැවැත්වේ.පාලිත ජයකොඩිගේ අලුත්ම පරිවර්තන ග්‍රන්ථය ‘බල වියරුව‘ මෙම මස 21 වැනිදා අඟහරුවාදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.තලතා විදානගමගේ ලියූ ‘දියණිය’ නම් අලුත්ම නවකතාව පසුගියදා දොරට වැඩිණ.සමාජ අසාධාරණයන් අභිමුව දිරියෙන් නැඟී සිටින්නා වූ යුවතියකගේ ජයග්‍රහණයේ සලකුණ කතුවරිය ‘දියණිය’ කෘතියෙන් පාඨකයාට ගෙන හැර පායි.තිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
රුවන්ගි රත්නායකමේ දිනවල විකාශය වන නාලන් මෙන්දිස්ගේ අංගනා සහ චන්දන සමරවික්‍රමගේ සිත්තරාවි, තරුමලී ටෙලි වෘතාන්තයන්හි ඔබ හමු වන සුරූපිනිය රුවන්ගි රත්නායකය.ජීවිතය ලස්සනයි චිත්‍රපටය සමඟ සිනමාවට පිවිසි ඇය ඉක්මනින් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ තැනැත්තියක්.මේ දිනවල වයස් බේදයකින් තොරව සැම දෙනා අතරේ ජනප්‍රිය චරිතයක් වන රුවන්ගිට අපි ටිකක් සැර ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ඇය ඒවාට උත්තර දුන්නේ කැත්තට පොල්ල වගේ මෙන්න මෙහෙම.* ලංකාව වගේ රටක නිළියක් වෙලා ඉපදිලා කන කට්ට ගැන මොකද රුවන්ගිට හිතෙන්නේ?කට්ට වුණත් වෙලාවකට රසයි. මොනවා කරන්නද, ඒත් මං ගොඩක් සතුටින් ක්ෂේත්‍රය තුළ ඉන්නේ. මොන රැකියාවක වුණත් ඉදිරියට යන්න කට්ටක් කන්නම ඕනේ.* බොලිවුඩ් හෝ හොලිවුඩවල ඉපදුනා නම් හොඳයි කියලා හිතිලම නැතිද?එහෙම ඉපදුනා නම් මං මීට වඩා ජනප්‍රිය වෙලා. ඒත් මං නිළි වෘත්තිය තෝරා ගත්ත නම් විතරනෙ එහෙම වෙන්නේ. වෙනත් රටක ඉපදිලා වෙනත් ක්ෂේත්‍රයක නියැළුණා නම් ජනප්‍රිය වෙන්නේ නැහැනේ. එහෙම නම් බොලිවුඩයේ හෝ හොලිවුඩයේ නිළියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලම මැරෙන්න ඕනෑ.* වෙනත් රටවල නිළියන් අපේ නිර්මාණ සඳහා යොදා ගන්න එක පිළිබඳ රුවන්ගි මොන වගේ මතයක ද ඉන්නේ?අනේ ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අධ්‍යක්ෂවරුන් තමන්ගේ සිතේ තියෙන චරිතයට ගැළපෙන්නේ වෙනත් රටක නිළියක්ද, එයාව අර ගත්තුදෙන්. මට මොකෝ.* මේ වන විට ඔබේ ඊර්ෂ්‍යාවට ලක්වෙලා තියෙන නිළිය කවුද?කියන්න තරම් ඊෂ්‍යාවක් කා ගැනවත් ඇති වෙලා නැහැ.* ඊර්ෂ්‍යාවක්ඇති වෙලා නැතිනම් රුවන්ගි මනුෂ්‍යයෙක් නෙවෙයිනේ?ඊර්ෂ්‍යාවක් ඇති වන්නේ තමා ගැන තෘප්තිමත් නැති හින්දනේ. මම නම් මං ගැන හොඳට තෘප්තිමත්.* ජනප්‍රිය නිළිය වන්නට කූපන් දමාගන්න රුවන්ගිට දැන්මම අදහසක් නැහැ වගෙයි?දැන්මම නෙවෙයි කොහෙත්ම අදහසක් නැහැ. කූපන් දමලා සම්මාන ගන්න අය ගැන හරිම කනගාටුයි. මට අවංකවම තමාගේ දක්ෂතා පෙන්නලා ගන්න සම්මානයයි වටින්නේ.* ජීවිතයේ වැරැදුණු තැන් මොනවද තියෙන්නේ?මගේ ජීවිතේ වැරදීම් නැත්තටම නැති තරම්.* රුවන්ගි දැනට පාවිච්චි කරන වාහනය මොකක්ද?හොන්ඩා ෆිෆ්ටි එකක්.* ඒක ගන්න කොහෙන්ද සල්ලි?ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. ඕනෙ නැති ප්‍රශ්න අහන්න එපා ඔයා.* හරි, මං වෙන ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔයා ඉස්සරට වඩා කැතවෙලා කියලා මං කිව්වොත්?වෙන්න පුළුවන්. මොකද රූගත කිරීම්වලට අවිවේකව ඉන්නවා. නිදි වරනවා ඉස්සරට වැඩියෙන්. ඉතින් මං ටිකක් කැත වෙලා කියන කතාව හරි. ඒත් පුළු පුළුවන් විදිහට රූපලාවණ්‍ය කටයුතු කරනවා.* ඇතැම් අය කියනවා රුවන්ගි කැතවෙලා තියෙන්නේ නයිට් ක්ලබ් ගිහින් නිදිමරලලු?බුදු අම්මෝ ඒක නම් අමූලික බොරුවක්.* රුවන්ගි නයිට් ක්ලබ් ගහිල්ලම නැතිද?එකම එක දවසක් ගියා.* කාත් එක්කද?මගේ අක්කයි යාළුවො කිහිප දෙනෙකු එක්ක. විශේෂ අවස්ථාවකටයි මට නයිට් ක්ලබ් යන්න සිද්ධ වුණේ. ඒක මට කියන්න බැහැ.* එක දවසින්ම නයිට් ක්ලබ් එපා වුණාද?එපා වුණෙත් නැහැ. ඕනෑ වුණෙත් නැහැ.* හරිම කපටි උත්තරයක් රුවන්ගි දුන්නේ?ඉතිං ඒක තමයි මගේ උත්තරේ.* ශෙරිල් ඩෙකර් දම්සාරි නාට්‍යයෙන් ඉවත්වීම ගැන රුවන්ගි මොකද කියන්නේ?මට කාවවත් විවේචනය කරන්න වුවමනා නැහැ. වෙන දෙයක් අහන්නකෝ.* එහෙනම් කියන්නකෝ තරුණ නිළියන් හිටි හැටියෙම නාට්‍ය මග හැරලා යන්නේ ඇයි කියලා? වගකීමක් නැතිකමද?මෙහෙමයි. ලංකාවේ ප්‍රඩක්ෂන්වල ප්‍රශ්න තියෙනවා. ඒත් අප ඒවා කොහොම හරි විඳ දරා ගන්න ඕනෑ නිර්මාණය වෙනුවෙන්. ඒකට කියන්නේ නිර්මාණයට අවංක වීම කියලා. ඒක අපේ කට්ටිය තේරුම් ගත්තොත් හොඳයි.* රුවන්ගිට එහෙම ප්‍රශ්න ඇති වෙලාම නැතිද?එහෙම නැහැ. මොනවා වුණත් මං නිර්මාණය ඉවර වෙනකම් ඒකේ ඉන්නවා.* රුවන්ගිගේ මුල්ම රස්සාව මතකද?මුල්ම රස්සාව තමයි රංගනය. අවසාන එකත් රංගනයමයි.සටහන – ප්‍රසාද් සමරතුංගඡායාරූපය – ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
දෙදෙනාම ක්ෂේත්‍රයේ සුපිරි තරු වූ පසු සහෝදරකමක් ඇතත්, එසේ නැති ලෙස හැසිරීමට බොහෝ දෙනෙක් පෙලඹෙති. රාණි මුඛර්ජි, කාජල්ගේ ඥාති සොයුරියක වුවත් දෙදෙනා අතර එතරම් සුහද ඇසුරක් පවතින්නේ නැත. ඒ වාගේම කාජල්ගේ එකම නැගණිය තනීෂා නොගැළපෙනවායි කියා සිතෙන විවාහයකට පැටලෙන්නට යාම නිසා කාජල් ඇය සමඟ ද සිටින්නේ නොමනාපයෙනි. එහෙත් වැඩි ඇයි හොඳයිකම් නැතත් ඉතාමත් නුදුරු අනාගතයේදී කාජල්ගේ අසල්වැසියන් වීමට යන්නේ ඔවුන්ය.ළඟදීම රාණි, යාෂ් චොප්රා පවුලේ සාමාජිකාවක වන අතර (ආදිත්‍ය චොප්රා සමඟ විවාහ වී) යාෂ් චොප්රාගේ නිවෙස ඇත්තේ අජේ දේව්ගන්ගේ නිවෙස අසලය. තනීෂා අර්මන් හා විවාහ වී පැමිණෙන්නේ ද රාණිගේ සහ කාජල්ගේ නිවෙස ආසන්නයටමය.කොෆී විත් කරන් වැඩ සටහනේදී කාජල්, රාණිගේ විවාහය සිදුවන කාල වකවානුව ගැන පුන පුනා අසා තිබේ. තනීෂාගේ විවාහයට තදබල ලෙස විරුද්ධ වූ කාජල්, රාණිගේ විවාහයට කැමැත්තක් දක්වනවා ද කියා නම් සැකය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
රංගන ශිල්පී ජනක රණසිංහරංගනය මඳකට නවත්වලා මා කේක් ෂොප් එකක් ආරම්භ කළා. ඒ ‘සෙයරිකප් කැෆේ’ නමින් ගම්පහදී. මේ දවස්වල මා මහන්සි වන්නේ එහි ව්‍යාපාර කටයුතු දියුණු කිරීමටයි.ඊට මගේ බිරිය රූපසාරිත් බොහොම උදව් කරනවා. මගේ අතෙන්ම හදන කේක් තමයි නිතරම මම පාරිභෝගිකයාට ලබා දෙන්නේ.ළඟදී එහෙම කේක් හදන්න ගිහින් හරි වැඩක් වුණා. ඒ මට වැරැදිලා අයිසිං සුගර්වලට බ්‍රේකින් පවුඩර් දමලා කේක් කිලෝ 30 ක්ම අහක දමන්න වුණා.
|
CREATIVE
|
නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමාපටය තන්හා රති රඟා තවත් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට අවස්ථාව උදා වී තිබේ. ඒ රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් සිනමා උළෙලයි. එහි මෙරට මංගල ප්‍රදර්ශනය මෙම මස 17 වැනිදා පැවැත්වෙනු ඇත. ජාත්‍යන්තර සිනමා උළෙලයන් කිහිපයකින්ම හොඳම චිත්‍රපටය ලෙස අභිසෙස් ලැබූ මෙය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ තිර රචනයකි. සම අධ්‍යක්ෂණයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් නතාෂා ඩ්‍රීම් එක් වී සිටියි. නිලේන්ද්‍ර, සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි තන්හා රති රඟා හි නිෂ්පාදකවරුන්ය. ධනුෂ්ක ප්‍රේමතිලකගේ කැමරා අධ්‍යක්ෂණයයි. රොබිනේවිස් නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදකවරියයි. නාරද ධනංජි තොටගමුවගේ අංග රචනයකි. තපස් නායක් ශබ්ද සැලසුමෙන් ද, සහාය අධ්‍යක්ෂණයෙන් වෙරෝනිකා මාරසිංහ ද මේ සඳහා දායකත්වය සපයා තිබේ.සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලි තන්හා රති රඟා රංගනයෙන් හැඩ කරයි.- ප්‍රසාද්
|
CREATIVE
|
ජීවිතයේ බොහෝ කාලයක් ගෙවිලා තිබෙන නිසා හැමෝටම උදව් කිරීම මට සතුටක්. ඒ වගේම පවුලේ සියලු දෙනාටම වගේම කලා ලෙවේ අයටත් වගකීම් ඉටු කරමින් ගෙවන ජීවිතය බොහොම තෘප්තිමත්.මෙවර මගේ උපන් දිනයටත් සුපුරුදු පරිදිම ආගමික කටයුතුවල නියැළෙමින් කාලය ගත කරනවා.
|
CREATIVE
|
සුදු නංගි කිව්වම කවුද ඇයව නොදන්නේ. ඇත්ත නම අයෝමි ශානිකා වුණත් මුළු රටම ඇයව හඳුනන්නේ සුදු නංගි කිව්වම.අයෝමි දැන් ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වෘත්තිය හරි හැටි කරන ගමන් ඇය රංගනය ද හොඳින් කරගෙන යනවා.ඒ කටයුතු එලෙස වෙද්දී අයෝමි ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයකට පසුගියදා එළඹුණා. තවත් පැහැදිලි කළොත් අයෝමි විවාහ ගිවිස ගත්තා.ඒ පිළිබඳ ඇය ඉස්ඉස්සෙල්ලාම හෙළිදරව් කළේ ‘සරසවිය’ට. අයෝමි සිතේ උපන් සොම්නස වචනවලට පෙරළුවේ මෙන්න මෙහෙමයි.* අයෝමි හරිම සතුටින් වගෙයි මේ දවස්වල ඉන්නේ?ඇත්තෙන්ම. විවාහය කියන්නේ ජීවිතයේ අලුත් පිටුවක ආරම්භයයි. මනුෂ්‍යයකුගේ දෙවන උපතයි විවාහය. විවාහ වෙන්න දෙදෙනකුගේ අදහස් හොඳටම ගැළපෙන්න ඕනෑ.මටත් ඒ වගේ කෙනෙක් ලැබුණා. එයාගේ නම චින්තක දොළපිහිල්ල. චින්තකයි මමයි හිතන්නෙම එකම විදිහට.එයා කාලයක් මාධ්‍යයට සම්බන්ධ වෙලා හිටියා. දැන් එයා ඉවෙන්ට් මැනේජ්මන්ට් තමයි කරන්නේ.* කොහොමද චින්තක සහ ඔබ මුණ ගැසෙන්නේ?පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ ආයුර්වේද සම්බන්ධ වැඩසටහනක් තිබුණා.චින්තක තමයි එය රූගත කරන්න බාර අරගෙන තිබිලා තියෙන්නේ. එතෙන්දියි ඔහුට මාව මුලින්ම මුණ ගැසුණේ.* ඒ හමුව මෙච්චර දුර යාවි කියා නිකමටවත් හිතුණේ නැතිද?අනේ නැහැ. අපි දෙන්නට දෙන්නා දුරකථන අංක දෙක ඉල්ල ගත්තා.එදා හවස එයා මට කෝල් කළා.එත් අපි කතාබහ කළේ ආයුර්වේද වැඩසටහන ගැන විතරයි.* ඒ මිතුදම ආදරයකට පෙරළුණේ කොතෙන්දිද?අපි ටිකක් කල් ආශ්‍රය කෙරුවා. ඔන්න එක දවසක් චින්තක අයියා කතා කරද්දී මට දැනුණා අමුත්තක්.එයා එදා දුරකථනය තිබ්බේ මට ආදරෙයි කියලා.* මොකද හිතුණේ එතකොට?ගොඩක් බය හිතුණා. මාව කරකවලා අතැරියා වගේ. මං එක පාටරම උත්තරයක් දුන්නේ නැහැ.මාස තුනක් විතර ඔහු ගැන විස්තර හොයලා බැලුවා.* ඊට පස්සේ?එයා හරි ජෙනුයින්. මගෙන් කෙළින්ම ඇහැව්වා. ඒකට මට මුලින්ම ප්‍රසාදයක් ඇති වුණා ඔහු පිළිබඳව.ඒ වගේම චින්තකගේ පවුලේ උදවියව මට හඳුන්වා දුන්නා. ඇත්තටම ඔහුව මං හොඳින් තේරුම් ගත්තා. මමත් කැමැත්ත ප්‍රකාශ කළා. මේ හමු වුණේ මට ගැළපෙනම කෙනා. සියයට දාහක් ඒක මට ෂුවර්.* ඔබේ ජීවිතේ නොයෙක් ප්‍රශ්න ඇති වුණා ගෙවුණු කාලයේ?ඇත්ත. ගැහැනු ළමයකු විදිහට මං ගොඩක් මානසික කරදරවලට මුහුණ පෑවා. මට දැැනෙන්නේ දැන් මගේ ජීවිතයට වසන්තය එළඹුණා වගේ.මේ සමය හැමදාම පවතීවි. චින්තක අයියා මං ගැන ඒ සිදුවීම් ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. ඔහු මට ලබාදෙන දිරිය අපමණයි.* කවදා විතර ද ඔබලාගේ විවාහ මංගල්‍යය සිදුවන්නේ?ළඟදීම ගන්නවා. මහනුවරින් ගෙයක් අරගෙන පදිංචි වෙන්නයි හිතාගෙන ඉන්නේ. අයියගේ ගම මහනුවර නිසා එහෙ ඉන්නයි මං ආස.* එතකොට ඔබේ රංගන කටයුතු?ඒවා නවත්වන්නේ නැහැ.බැන්දට පසුව ගෘහිණියක විදිහට මගේ වගකීම නොපිරිහෙලා ඉටු කරන අතරම මගේ අනිත් වෘත්තීන් දෙකත් මනාව කළමනාකරණය කර ගනිමින් පවත්වාගෙන යනවා.* ඔබ වෛද්‍යවරියක ලෙස පත්වීම ලැබුවට තවම සේවය කිරීමට රෝහලකට අනුයුක්ත කරලා නැහැ. බැරි වෙලාවත් දුෂ්කර පළාතකට යන්න සිදු වුණොත්?ලංකාවේ ඕනැම තැනක සේවය කිරීම අපේ වගකීමක්. කොහේ ගියත් චින්තකවත් අරගෙනම තමයි යන්නේ.* මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?චින්තකයි මමයි පුද්ගලික මට්ටමේ පුංචි හෝ ආයුර්වේද රෝහලක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නව. බලමු ඒක ගැන හිතමින් තමයි මේ දිනවල ඉන්නේ.* අවසන් කොට පවසන්න යමක්?මට මේ වෙලාවේ මගේ අම්මවයි තාත්තවයි චින්තකගේ අම්මවයි, තාත්තාවයි මතක් කරන්න ඕනෑ. ඔවුන්ගේ ආශිර්වාදය නිසයි අපි මෙතුවක් දුර ආවේ. ජීවිතේ තව ගොඩක් දුර යන්න තියෙනවා. ආදරණීය බලාපොරොත්තු රැසක් සමඟ ඉදිරිය ගෙවන්න හිතාගෙන ඉන්නවා.සටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
වසරේ හොඳම නළුවාට, නිළියට මෙන්ම වසරේ හොඳම හාදුවට ද ඇත්තේ අපූරු වටිනාකමකි.ඉම්රාන් භෂ්මි තිරයේ ‘හාදු රජු’ ලෙස නම් දරා තිබුණ ද ඔහුගේ තැන අහිමි කිරීමට බොහෝ නළුවන් පෙරමුණ ගෙන ඇත. හින්දුස්ථානි ටයිම්ස් මඟින් කළ ඡන්ද විමසුමකදී 2013 වසරේ ජනප්‍රියම හාදුව වී ඇත්තේ රාම්ලීලා සිනමාපටයට රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් හුවමාරු කරගත් හාදුවයි.සුෂාන්ත් සිං රාජ්පුට් සහ පරිනීති චොප්රා ‘සුධ් දේසි රොමැන්ස්’ සඳහා ලබා දුන් හාදුව දෙවැනි තැන ද, නීල් නිතින් මුකේෂ්ගේ හා සොනාල් චෞහාන්ගේ ‘ත්‍රීජී’ සිනමා හාදුව ජනතා මනාපයෙන් තෙවැනි තැන දිනාගෙන තිබේ.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන 34වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා නිමාවිය.ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි.මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි.යංග් ටැලන්ට් තීරුවෙන් අද ඔබට හදුන්වා දෙන්න බලාපොරොත්තු වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, බස්නාහිර පළාතෙන් දෙවොල් නර්තනය ඉදිරිපත් කරමින් පහතරට ඒකළ පිරිමි ඛණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගත් බොරලැස්ගමුව පදිංචි ඩී.එල්.ඉඳුනිල් සඳුන් රන්චාමර පිළිබදවයි.සඳුන් අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලයන් ගෙන් මූලික අධ්‍යාපනය ලබා සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ තාලවාද්‍ය අධ්‍යනාංශයෙ දෙවන වසරේඅධ්‍යාපනය හදාරමින් සිටියි. වයස අවුරුදු 4 දී දේශීය නර්තනයේ අත්පොත් තබන්නේ සන්දෝරිස් ජයන්ත ගුරුතුමා යටතේයී.2003 වර්ෂයේදී උපාලි චන්ද්‍රසිරි ගුරුපියාණන්ගෙන් පහතරට දෙවොල් මඩු මංගල්‍යයන්හී මඩු බැසීමේ චාරිත්‍ර ඉටු කරගත් රන්චාමර, 2006 වර්ෂයේදී අජිත් අමරසිරි ගුරුපියාණන්ගෙන් උඩරට නර්තන කලාවේ හිසවෙස් පැලදයීය.අන්තර් විශ්වවිද්‍යාලයීය කවිතා තරගාවලියේ නිර්මානාත්ම බෙර වාදනයට ද සම්මාන හා සහතික ද , සමස්ත ලංකා පාසල් නැටුම් හා නාට්‍ය තරගවලදී2003 සිට 2007 දක්වා ප්‍රථම ස්ථානද , ජාතික හා ජත්‍යන්තර මට්ටමින් බොහෝ ජයග්‍රහණ දිනා ගැනීමට ඔහු සමත් වී තිබේ.කලා කුසලතාවන්ට මෙන්ම ක්‍රීඩාවෙන්ද දස්කම් පෑ රන්චාමර වොලිබොල් ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යයන්තර තරග සදහා සහභාගි වීවිශිෂ්ට ජයග්‍රහණ රැසක් දිනාගෙන ඇත.උඩරට,පහතරට නර්තනයන්ට මෙන්ම බෙරවාදනයෙන්ද දක්ෂතා පෙන්වන ඔහු සම්ප්‍රදායික ශිල්පියකු වශයෙන් ශාන්තිකර්මයන්ට හා පෙරහර ආදී වූ අවස්ථාවන්ට සම්බන්ධවී ලත් පන්නරය මේ සෑම ජයග්‍රහණයකටම වස්තු විෂය වී තිබේ.ශ්‍රී ලංකා සාම පදනම, BEAT DRUMMERS, බුධවත්ත රංගායතනයන් ගේ නියෝජනයෙන් ජපානය,ස්පාඤ්ඤය,ප්‍රංශය, තායිවානය,චීනය,හොංකොං,මාලදිවයින, ඉන්දියාව,යන රටවල්වල සංචාරය කිරීමෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට විදහා පෑමට අවස්ථාව ඔහුට හිමි වී තිබෙන්නේද මෙකී කලාවට පින්සිදුවන්නටය.ශ්‍රී ලාංකේය වේදිකාව තුළින් ජාත්‍යන්තරයට ගොස් හොද නිර්මාන කරනයේ යෙදී ප්‍රේක්ෂක ජනතාවට උසස් කලා කෘතින් ඉදිරිපත් කිරීම රන්චාමර ගේ මූලික අරමුණයි.කෙතරම් සම්මාන සහතික ලැබුවද 2012 යෞවන තරගාවලියේදී ජාතික සම්මානය ලැබීම නිසා ලැබුණු මෙකී අවස්ථාවමව, පියා ,ආච්චි අම්මාටත්,සුධර්මා ප්‍රියන්ති ,අජිත් අමරසිරි , උපාලි චන්ද්‍රසිරි , දයා පෙරේරා , යන ගුරුවරුන්ටත් , විශ්වවිද්‍යාලයෙ සැමට ස්තූතිය පුද කළ රන්චාමරජාතික තරුණ සේවා සභාවටත්, ලේක් හවුස් ආයතනයේ සරසවිය කතෘ මණ්ඩලයටත් තුති පුදන්නටද අමතක නොකළේ කැලැවේ පිපුණු මල් පරවීමට නොදී ඒවා සුගන්ධවත් කිරීමටදරන මෙකී වෑයම නිසාවෙනි.තිස්ස ධම්මිකඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
දිගු නාට්‍ය 05 යි2013 - කෙටි නාට්‍ය 13 යිසම්මාන ප්‍රදානය මාර්තු 15 දා සංස්කෘතිත කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය නාට්‍ය උළෙල මෙවර පැවැත් වෙන්නේ 41 වැනි වතාවටය. 2013. 03. 15 දින සවස 5.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සංවිධානය කොට ඇති මෙම උළෙලේදී 2012 සහ 2013 වසරවල සම්මාන පිරිනැමීමට නියමිතය.වට තුනකින් සමන්විත රාජ්‍ය නාට්‍ය උළෙලේ පළමු වටය ලෙස පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් සහ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංස්කෘතික නිලධාරීන් හරහා පිටපත් කැඳවීමට අදාළ දැන්වීම් බෙදා හරින ලදී. ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් නාට්‍ය පිටපත් රැගත් අනුමණ්ඩලය වෙත ලැබුණි.2012 වසර සඳහා සිංහල නාට්‍ය 34 ක්ද දමිළ නාට්‍ය 06 ක්ද ලැබුණු අතර 2013 වසර සඳහා සිංහල දිගු නාට්‍ය 19 ක්ද, කෙටි නාට්‍ය 12 ක්ද ලැබී තිබුණි. 2013 සඳහා ලැබුණු දෙමළ නාට්‍ය ගණන 15 කි.ලැබුණු පිටපත් අතරින් නිෂ්පාදනයට සුදුසු යයි විනිශ්චය මණ්ඩලය නිර්දේශ කළ නිර්මාණ නිෂ්පාදනය සඳහා තෝරා ගන්නා ලදී.ඒ අනුව 2012 සඳහා සිංහල දිගු නාට්‍ය 19 ක්ද, දෙමළ දිගු නාට්‍ය 03 ක්ද, 2013 සඳහා සිංහල දිගු නාට්‍ය 19 ක්ද, කෙටි නාට්‍ය 4 ක් සහ දමිළ කෙටි නාට්‍ය 15 ක් ද නිෂ්පාදනය සඳහා තෝරා ගන්නා ලදී. ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවලට ගොස් දෙවන වටයේ විනිශ්චය කටයුතු සිදු කෙරිණි.මෙසේ තෝරා ගත් නාට්‍ය යොදා ගනිමින් රාජ්‍ය නාට්‍ය උළෙල 2013 පෙබරවාරි 14 දින සිට 20 දක්වා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී 14 දින සිට 24 දක්වා 2012 – 13 වර්ෂවලදී රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා සුදුසුකම් ලත් දිගු නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට ඇති අතර 25 සිට 28 දක්වා දිනකට නාට්‍ය 4 බැගින් කෙටි නාට්‍ය ප්‍රදර්ශනය කෙරෙයි.අවසන් වටයේ විනිශ්චය මණ්ඩලය සඳහා දිගු නාට්‍ය වෙනුවෙන් හත් දෙනකු ද කෙටි නාට්‍ය වෙනුවෙන් 9 දෙනකු ද සම්පත් දායකයන් ලෙස සහභාගි වෙයි.මෙසේ තෝරා ගන්නා නාට්‍ය සඳහා සම්මාන ප්‍රදානය සිදුවන්නේ මාර්තු 15 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
ප්‍රියංකර විතානාච්චිගෙන් පිළිතුරක්සැමීගේ කතාවේ ජගත් චමිල හොඳම නළුවා ලෙස නිව්යෝර්ක් සිටි අන්තර්ජාතික සම්මාන උළෙලේදී නිර්දේශ වූ පසු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අසෝක සේරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්වරුන් අපට දැක් වූ අනුග්‍රහයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ජගත්, විමල් දේශපි‍්‍රය, අතුල සුල්තාන්ගොඩ උළෙලට සහභාගි වූහ. ජගත්ගේ ගුවන් ටිකට් පතට අනුග්‍රහය ලබාදීමට චිත්‍රපට සංස්ථා සභාපතිතුමා සහ රවින්ද්‍ර රන්දෙණිය මහතා කටයුතු කළහ.හොඳම නළුවා ලෙසින් සම්මාන ලබාගත් පසු ජගත්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ගැනත් මම ඒ මහතුන්ට ස්තුතිවන්ත වෙමි.වාරණ මණ්ඩලයේ සහතිකය ලැබුණු පසු අප සිනමාපටය බෙදා හරින්නන් දෙපිරිසකට ප්‍රදර්ශනය කරන ලදී. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවට සහ පෞද්ගලික බෙදා හරින්නන්ටය. පෞද්ගලික බෙදා හරින්නෝ සැමීගේ කතාව තිරගත කරන දිනය 2015 දක්වා කල් යැවූහ. ඒ නිසා ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට පෝළිමට සිනමාපටය එක් විය.මම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් මූල්‍ය ආධාර සිනමා පටය මුල් රූගැන්වීමේදී සිටම ඉල්ලා සිටියෙමි. සිනමාපටයේ ප්‍රගති පිටපත සහ එඪතඤ ඊපචජඬ සමඟ ලබා දුන්නෙමි. දින කිහිපයකට පසු චිත්‍රපට සංස්ථාවේ කොඩිප්පිලි මහතාගෙන් මගේ ඉල්ලීමට දක්වන ප්‍රතිචාරය කෙබඳුදැයි කියා විමසුවෙමි. දුරකතනයෙන් තීරණයට හේතුª කාරණා කතාබහ කළ නොහැකි බව පැවසූ ඔහු සියලු විස්තර ලිපියකින් දන්වන බව පැවසුවේය. චිත්‍රපට සංස්ථාවෙන් මට සැමීගේ කතාවට මූල්‍ය ආධාර ලබා නොදෙන බවට පිළිතුරු ලිපියක් ලැබුණි. යළිත් මා මේ තීරණය පිටුපස ඇති කාරණය පැහැදිලි කරන ලෙස ඉල්ලා කොඩිප්පිලි මහතාට ලිපියක් හැරියෙමි.ඔහු කාරණය පැහැදිලි කළ නොහැකි බවත් ඔවුන් කාරණය පැහැදිලි කිරීමට බැඳී නොසිටින බවත් ලියා එවා තිබුණි.සිනමාපටය නිම කිරීමට මූල්‍ය ආධාරකරුවකු සොයා ගැනීමට ගත් අසාර්ථක උත්සාහයට පසු මම යළිත් චිත්‍රපට සංස්ථාවට ඔවුන්ගේ තීරණය ගැන යළි සලකා බලන ලෙස ඉල්ලා ලිපිියක් යොමු කෙරුවෙමි. තවමත් මට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. චිත්‍රපට සංස්ථාවේ කුමුදු මහත්මිය මගේ දෙවැනි ලිපිය අදාළ දෙපාර්තමේන්තුවට යොමු කළ බව දැන්වුවත් අද වෙන තුරුත් ප්‍රතිචාර නැත.වසර 2009 අගෝස්තුවේදී මම ලංකාව අත්හැර කැනඩාවේ ස්ථිර පදිංචියට ගියෙමි. චිත්‍රපට සංස්ථාවෙන් එවූ ලිපියේ සඳහන් කර තිබුණේ 2006 කාල වකවානුවේදී මා රට හැර ගිය බවයි.කෙසේ වුවත් 'සැම්’ස් ස්ටෝරි' / සැමීගේ කතාවට උප සිරැසි යෙදීමේදී සහ හුවමාරු කටයුතුවලදී ජාතික චිත්‍රපට සංස්ථාවෙන් අවශ්‍ය ලියකියැවිලි ලබා දී මනා සහයෝගයක් ලබා දුනි.ජාතික චිත්‍රපට සංස්ථාව හරහා වාරණ සහතිකය ලබා දෙන මෙන් විමල් දේශප්‍රිය මහතාගෙන් මම ඉල්ලා සිටියෙමි. අප චිත්‍රපට සංස්ථාවට වාරණ සහතිකයේ පිටපතක් ලබා දුන් පසු සිදු වූ කාරණා ගැන විමල් මහතා දැනුවත් ද කියා නොදන්නෙමි.ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපති අශෝක සේරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය රාජකාරි පටිපාටියෙන් බැහැර වී පවා 'සැමීගේ කතාව' හැකි ඉක්මනින් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගනී.මම ඉදිරියේදී කුමක් සිදුවේදැයි කියා බලා සිටිමි.රටට කීර්තියක් ගෙනා පුතකු රඟන සැමීගේ කතාවට සහයෝගය ලබා දුන්, ලබා දෙන සියල්ලන්ටම බෙහෙවින් ස්තුතිවන්ත වීමට මෙය අවස්ථාවක ්කර ගන්නෙමි.ප්‍රියංකාර විතානාච්චිසැමීගේ කතාවසිනමාපටයේඅධ්‍යක්ෂ /නිෂ්පාදක1449, කින්ස්ටන් පාර, 201, ටොරොන්ටෝ,ඔන්ටාරියෝMIN IRS, කැනඩා
|
CREATIVE
|
ලාංකේය වේදිකා නාට්‍ය වංශාවලිය තුළ ජයලත් මමෝරත්න සුවිශේෂී පුරුකකි. ගුරු තරුව, තලමල පිපිලා, අන්දරේලා, ලෝකය තනියායක් වැනි නිර්මාණයන් අපේ වේදිකාව මත මවමින්, ලංකාවේ ප්‍රේක්ෂකයාට අර්ථාන්විත දේම රැගෙන පැමිණෙන මනෝරත්නයන් මෙවර අපට හමුවන්නේ සෙල්ලම් නිරිඳු සමඟය. මනෝරත්නයන්ගේ 12 වැනි නාට්‍යය වන සෙල්ලම් නිරිඳු අද (12) වැනිදා 6.30 ට බිෂොප් විද්‍යාලයේදී වේදිකා ගතවීමට නියමිතය. මේ සෙල්ලම් නිරිඳු පිළිබඳ කෙටි කතා බහකි.සෙල්ලම් නිරිඳු මොන වගේ කතාන්දරයක්ද?මෙය ඓතිහාසික කතාන්දරයක් මුල් කර ගත් ස්වතන්ත්‍ර නිර්මාණයක්. 1707 සිට 1739 දක්වා කාල සීමාව තුළ රජ කළ අන්තිම සිංහල රජු ලෙස ප්‍රකට ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා වටා තමා මේ කතාන්දරය ගෙතෙන්නේ. මෙහි ඉතිහාස කතා ප්‍රවෘත්තිය මෙන්ම ජනශ්‍රතිය ද අන්තර්ගත වෙනවා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ඉන්දියාවේ මධුරා පුරයෙන් කාන්තාවන් ගෙන්වා ගෙන සරණ පාවා ගනු ලබනවා. එය අපේ රාජාවලිියේ සංධිස්ථානයක්. ඉතාමත් සෙල්ලක්කාර චරිතයක් වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සෙල්ලම් නිරිඳු කියලත් හැඳින්වූවා. ඔහු සහ ඒ කාලයේ ඇති වූ සිදුවීම් සහ ඒ ආශ්‍රිත ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික වටාපිටාව තමයි මා මෙම නිර්මාණය තුළ කතාබහට ලක් කරන්නේ.මෙම නාට්‍යය සඳහා කුමන රංග රීතියක්ද භාවිත කළේ?සෙල්ලම් නිරිඳු ආකෘතිමය වශයෙන් වෙනසක් ඇති කිරීමට මා උත්සාහ කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගැමි නාට්‍ය ශෛලිය, සරච්චන්ද්‍රයන්ගේ නාඩගම් ශෛලිය මෙන්ම බ්‍රෙෂ්ට්ගේ එපික් රංග රීතිය යන ත්‍රිත්වයම සංයෝජනය කිරීමෙන් වාර්තා රංග රීතියට අනුකූලව මා මෙහි ආකෘතිය තනා ගත්තා.ඒ වගේම නර්තනය හා ගායනය ඊට යොදා ගත්තා. ඒ අනුව අපේ රටේ ප්‍රේක්ෂකයාට ගැළපෙන ශෛලියකට අනුගතව සෙල්ලම් නිරිඳු නිර්මාණය කළා.හාස්‍ය නාට්‍ය රැල්ලේ සැනහෙන නැළවෙන පිරිස මෙවැනි වෙනස්ම ආරක නාට්‍යයක් පිළිගනීවිද?ඒක බරපතළ ප්‍රශ්නයක් තමයි. නමුත් මේ කතාව අදටත් ගැළපෙන බව මට විශ්වාසයි. ඇතැම් ප්‍රේක්ෂකයන් මෙවැනි දේ නොමැතිව කනගාටුවෙන් බලා හිඳිනවා. එවැනි අයට මෙය කදිම අවස්ථාවක් බවට පත් වේවි.නාට්‍යකරුවකු ලෙස මේ කාලයේ විය යුතු දේ මං කළා. ඒක පිළිගැනීම නොපිළිගැනීම ජනතාවට බාරයි.මෙම නිර්මාණය සඳහා බොහෝ පිරිසක් සහභාගී වෙනවා. ගමේ වේදිකාවට මේ නිර්මාණය ගෙනියන්න පුළුවන්ද?ලංකාවේ තියටර් කියලා දෙයක් නැහැ. නමුත් රටේ හැමෝම නාට්‍ය බලන්න ආසයි. හැමෝටම කොළඹට ඇවිත් නාට්‍ය බලල යන්න බැහැ. ඒ වගේ ක්‍රමයක් අපට ඇත්තෙත් නැහැ. ඒ නිසා ගමට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් කුඩා ශාලාවල අපට මේ නාට්‍යය පෙන්වන්න බැහැ. මොකද ඉතාම විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වෙනවා. මා හිතන්නේ නාට්‍යකරුවා කුමන පහසුකම් යටතේ හෝ තමාගේ නිර්මාණය ප්‍රදර්ශනය කළ යුතුයි. අපට නාට්‍ය පෙන්වන්න පුළුවන් තැනක් ලැබුණොත් කොහෙද කියලා නොබලා අපි ඒ කටයුත්ත ඉටු කරනවා.නාට්‍ය කණ්ඩායම ගැනත් කතා කරමු?මම, මාධනි මල්වත්තගේ නලීන් ප්‍රදීප්, ප්‍රසන්න ෆොන්සේකා, නිමල් යටිවැල්ල, සරත් කරුණාරත්න, ගංගා පරණවිතාන, තෙරුණි පීරිස් ඇතුළු විසි පහකට ආසන්න නළු නිළි පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා.සෙල්ලම් නිරිඳු වේදිකාවට එන්නේ පිරිසකගේ අනුග්‍රාහයෙන්?කැලණිය විශ්වවිද්‍යාලයේ 1978 – 82 වාණිජවේදී ආදි විද්‍යාර්ථයින්ගේ සංසදය තමයි මේ කටයුත්තට මට අත දුන්නේ. අද හැම දේටම මුදල් අවශ්‍යයි. කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඔවුන් මේ නාට්‍යය කරළියට ගෙන ඒමට ලබා දුන්න ශක්තිය ඉතා ඉහළයි.මේ නාට්‍යය මිනිස්සු පිළිගනීවි කියලා විශ්වාසද?ඒක දැන්ම කියන්න බැහැ. හොඳ රසඥතාවකින් පිරිපුන් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඉල්ලුමට සැපයීමට වඩා හොඳ දේ දීමයි වැදගත්. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි.- චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
සුදුයි උසයි, පින්සර දොස්තර, ඇස් අරින මල රෝස, සිරි සිරිමල්, රෝද හතරේ මනමාලයා ආදී ටෙලි නාට්‍ය රැසක් පුංචි තිරයට රැගෙන ආ අධ්‍යක්ෂ සුනිල් කොස්තාගේ නවතම ප්‍රාසාංගික ටෙලි සිත්තම ‘පියස’ වෙයි. තවමත් රූපගත කිරීමේ කටයුතු කෙරෙන මෙම ටෙලි සිත්තමේ පිටපත සකස් වී ඇත්තේ Sounds of many waterss නම් කෘතිය ඇසුරෙනි. ඉදිරියේ දී විකාශය වීමට නියමිත‘පියස’ ටෙලි සිත්තමෙහි පිටපත ලියන ලද්දේ කපිතාන් පි‍්‍රයන්ත ද සිල්වායි.මෙහි මේනක රාජපක්ෂ, නිරෝෂන් විජේසිංහ, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, පාලිත සිල්වා, දිමුතු චින්තක යන ප්‍රවීණ ශිල්පීන් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙයි. ඊට අමතරව ආනන්ද කුමාර උන්නැහේ, අරවින්ද දොඹගහවත්ත, අරුණි මෙන්ඩිස්, දසුන් පතිරණ, නිසංසලා එදිරිසිංහ, ත්‍රිශුණ පෙරේරා, ගයානා නිර්මාණි, නෙත්ප්‍රිය මනුභාෂිත, නුති ආර්යා, නිලුක්ෂි ෆොන්සේකා, සමන් අල්මේදා, සඳුන් බණ්ඩාර, ජානක හාල්පන්දෙණිය, ඩිල්ෂාන් මධුවන්ත, නිරුදික හේෂාන් රංගනයෙන් දායක වෙති.සිල්වෙස්ටර් මඩුගල්ල නමැති තරුණයකු වටා ගෙතී ඇති මෙම ටෙලි සිත්තම නිෂ්පාදනය කරන්නේ කපිතාන් ප්‍රියන්ත ද සිල්වායි. චාමර චින්තකගේ සහය අධ්‍යක්ෂණයෙන් ද, ෂමිත් අලහකෝන්ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රියන්ත දිසානායකගේ අංග රචනයෙන් ද, ‘පියස’ හැඩ වෙයි. නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් සුදාහරන් විග්නරාජා, කලා අධ්‍යක්ෂයෙන් අජන්ත අලහකෝන්, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් සෝමදාස මල්දෙණිය, ඇඳුම් නිර්මාණයෙන් ගීතානි සෙනවිරත්නත් මෙම නිර්මාණයට සහය වෙයි.මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ‘පියස’ පිළිබඳ පසුගියදා ග්‍රෑන්ඩ් මොනාෂ් හෝටලයේදී පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවයි.තිලානිසේයාරුව - මාලන්සිංහ ගුවන් විදුලියේ සෙනසුරාදා ප්‍රචාරය වන සිංහ ගුවන් විදුලියේ සිනෙරු ගී වැඩසටහනට මෙවර සහභාගී වනුයේ ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටයේ නිෂ්පාදක ගයාන් රණධීරයි.
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.