comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
පසුගිය සතියේ ‘සරසවිය’ පුවත්පතෙහි පළ වූ ඩොනල්ඩ් ජයන්තගේ ඉල්ලීමක් යන ශීර්ෂය යටතේ පළ වූ පුවත වෙනුවෙන් ලිඛිත පිළිතුරක් පුවත්පත නිකුත් වී පැය කිහිපයක් තුළදී ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සරසවියට එවා තිබිණ. එය මෙසේය.ඩොනල්ඩ් ජයන්ත සිනමා ශිල්පීන්ගේ ගෞරවණීය තත්ත්වය ආරක්ෂා වන පරිදි සිනමා ශිල්පින් සඳහා හැඳුනුම්පත් ලබා දෙන ලෙස සංස්ථා සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබිණ. ජාතික චිත්‍රපට සංස්ථා විසින් සිනමා ශිල්පීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම අසූව දශකයේ සිට කටයුතු කර තිබූ නමුත් පසුගිය කාලයේ ඒ වැඩ පිළිවෙල තාවකාලිකව නවතා තිබුණේ උසස් තත්ත්වයන්ගෙන් යුත් ඩිජිටල් මුද්‍රණ හැඳුනුම්පතක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහායි.ඒ අනුව ප්‍රථමයෙන් ඉල්ලීම් කර තිබුණු සිනමා ශිල්පීන්ගෙන් කොටසකට සිනමා ශිල්පී හැඳුනුම්පත නිකුත් කිරීමට පසුගිය සතිය වන විට කටයුතු යොදා තිබූ බව දන්වන සංස්ථාව ඩොනල්ඩ් සමස්ථ සිනමා ශිල්පින් වෙනුවෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ ස්තුතිය පළ කර සිටී.එමෙන්ම වසර ගණනාවක සිට සංස්ථාව සිදු කරන මෙම කාර්යය ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන බව එම ලිපියෙන් දන්වා තිබිණි.  
CREATIVE
අධ්‍යක්ෂදයාරත්න රටගෙදරජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් නිසා පරිපාලන කටයුතුත් එක්ක මම තරමක් කාර්යබහුලයි.ඒ වගේම ‘සිත නිවන කතා’ ටෙලි මාලාව දිගින් දිගටම රූගත කෙරෙන නිසා, ඈත පළාත්වලට ගිහින් ඒ කටයුතුත් සිදු වෙනවා. මේ අතරම අප්‍රේල් මාසයේ ඇමෙරිකාවටත් යෑමට නියමිතයි.ඒ අර්ධ වෘත්තාන්තයක් වුණු ‘නොනිමි චාරිකා’ වැඩසටහනේ කටයුතු සම්බන්ධයෙන්.
CREATIVE
ඒ කඩවසම් තනිකඩ බවේ අසිරිය විඳගන්නට ලැබෙන තරුණියන්ගේ නාම ලේඛනය නම් එන්න එන්නම දිගුවන හැඩය. අයිශ්වර්යා රායි, කත්‍රිනා කායිෆ් ළඟට සල්මන් ඛාන්ගේ ජීවිතයට සමීප වෙන ඊළඟ බොලිවුඩ් තාරකාව කවුරුන් ද? මේ පැනයට පිළිතුර දැනටමත් ලැබී අවසන්ය. ඇය සුරූපී ඩේසි ෂාය. 2011 වසරේදීී ඇයට බොඩිගාඩ් සිනමාපටයේ දෙවැනි ප්‍රධාන චරිතය රඟන්නට ලැබුණත්, අවසානයේ හේසල් කීච් එම චරියට පණ පෙව්වාය.රංගනයට කළ පළමු ආරාධනය ප්‍රතික්ෂේප කළ තරුණියකට සල්මන් ඛාන් ලෙහෙසියෙන් පහසුවෙන් දෙවැනි අවස්්ථාවක් දෙන්නේ නැත. එහෙත් ඩේසිට ඔහු ඒ අවස්ථාව දී තිබේ.නවක තාරකාවන් තිරයට කැන්දාගෙන ඒමට සල්මන් කවදත් ප්‍රසිද්ධිය. ස්නේහා උලාල් (ලකී : නෝ ටයිම් ෆෝ ලව් : 2005) සහ සරීන් ඛාන් (වීර්, 2010) එවැන්නියන්ය. එහෙත් ඔවුන්ගේ රංගන ජීවිතයේ ඉදිරි අනාගතයට නම් ඔහුගෙන් කිසිදු පිටුබලයක් ලැබුණේ නැත. එවැනි වරමක් ලැබූ ප්‍රධානම තාරකාව කත්‍රිනා කායිෆ්ය. කත්‍රිනා කායිෆ් සිනමා ක්ෂේත්‍රයට පිවිසුණු පසු ඔහුගෙන් ඇයට ලැබුණු ගුරුහරුකම් බොහෝය.ජායි හෝ සිනමාපටයේ ප්‍රධාන තාරකාව වශයෙන් ඩේසි ෂා තෝරා ගෙන, ඇයට ක්ෂේ්ත්‍රය ගැන ‘අ’ යන්නේ සිට ‘අඞ’ යන්න දක්වාම සියලු කරුණු කියා දීමෙන් තව කත්‍රිනා කායිෆ් කෙනෙක් සල්මන් ඛාන් සිය ජීවිතයට සමීප කරගෙන ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.ඇයගේ සරල බව දිගටම පවත්වාගෙන යන ලෙසට සල්මන් ඇයට උපදෙස් දී තිබේ. ඇයගේ ‘සරලකම’ නමැති අනන්‍යතාව, ක්ෂේත්‍රයේ බොහෝ දුරට ඇය රැගෙන යනු ඇති බවට ඔහු විශ්වාස කරයි. ඔහු ඇයට සලකන ආකාරය බලා සිටින බොහෝ දෙනා පවසන්නේ කලින් කත්‍රිනා කායිෆ්ට දැක් වූ සැලකිල්ලම ඔහු ඩේසිටත් දක්වන බවයි.මේ ගෙවී යන්නේ සල්මන් ඛාන්ගේ ජීවිතයේ හතළිස් අට වැනි සැතපුම් කණුවයි. මූම්බායිවල බන්ද්‍රා හි ‘ගැලැක්සි’ නිවාස සංකීර්ණයේ නිවෙස, පර්වෙල්වල අක්කර 150, බංගලා තුන (පිහිනුම් තටාක, ජිම් සහිත) යන ඔහුගේ මහා දෑවැද්දට උරුමකම් කියන වාසනාවන්තිය ඩේසි ෂා වේවි ද?ඩේසිට ද මේ වන විට සල්මන් ජීවිතයේ වැදගත්ම කොටස්කරුවකු වී අවසන්ය. ක්ෂේත්‍රයට පැමිණි පසු පැවැත් වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඇය කියා සිටියේ ‘සල්මන් ඛාන් සර්’ තමන්ගේ පියාට බෙහෙවින්ම සමාන බවයි. පවුලේ පිරිමි දරුවා බවට පත් වී සිටින්නේ ද ඩේසිය. තරුණියකට වඩා ඇය සිතන්නේ, ක්‍රියා කරන්නේ තරුණයකු සේය.ඩේසිට සිනමාවට පිවිසීමට මාර්ගය තනා දී ඇත්තේ ඩොම්බිවිල් රූප රාජිනී තරගයයි. ‘මිස් ෆොටෝජෙනික්’ කිරුල පැලඳූ ඇයට මුලින්ම ආරාධනා ලැබී තිබෙන්නේ සිනමාපටවල නර්තන අංගවල කොටස්කාරියක වීමටයි. භාඩ්‍රා කන්නඩ සිනමාපටයේ නම් ඇයට 2010 දී රඟන්නට ලැබී තිබේ.බොඩිගාඩ් සිනමාපටයේ කරීනා කපූර්ගේ මිතුරියට රඟපෑමට සල්මන් ඛාන් ඇය තෝරා ගත්ත ද ඒ චරිතය රැඟීමට තිබූ බිය නිසා ඩේසි එය ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් සල්මන් ඉන් පසු නොබෑවේය. ‘ජායි හෝ’ ප්‍රධාන චරිතය රැඟීමට ඇයට ආරාධනා කළාය.ඩේසිගේ පියා රෙදි සාප්පුවක කළමනාකරුවෙකි. සිනමාවට ඇයගේ පවුලේ සම්බන්ධයක් නැති නිසා පූර්ව දර්ශන සඳහා ඩේසිගේ රුව ඇතුළත් නොකරන ලෙසට සල්මන් උපදෙස් දී තිබේ. එහෙත් සිනමාපටය ප්‍රවර්ධනය කිරීමේදී ඇයත් ඔහුත් එක්වෙති.ගනේෂ් ආචාර්යා යටතේ නර්තන සහායක වශයෙන් ද කටයුතු කර ඇති ඩේසි මේ වසරේදී සපුරන්නේ තිස්වැනි වියයි.
CREATIVE
ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද නන්දා මාලිනී මේ දිනවල කැනඩාවේ සංචාරයක නිරතව සිටියි. එහිදී හෙට (14) කැල්ගරි නගරයෙන් ආරම්භ වන ප්‍රසංග මාලාවකට ඇය සහභාගිවීමට නියමිත අතර ජූනි 15 වැනිදා මැනිටෝබා නගරයේත්, ජූනි16 වැනිදා වැන්කුවර් නගරයේත් ජූනි 22 වැනිදා ටොරොන්ටෝ නගරයේත්, ජූනි 23 වැනිදා මොන්ට්‍රියල් නගරයේත් එම ප්‍රසංග සංවිධානය කර තිබේ.මෙම ප්‍රසංග මාලාවේ සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගේ වන අතර වාද්‍ය ශිල්පීන් ලෙස සුරේෂ් මාලියැද්දේ, මහේන්ද්‍ර පැස්කුවල් සහ ධනංජය සෝමසිරි එක් වේ. මෙහි සංවිධානය ටොරොන්ටෝ හි ‘ඍධඪජඥ ධට ඹ්චදඬච ජ්ර්’ සේවය බාරව සිටින රංජිත් වික්‍රමසිංහ විසිනි.කැනඩාවේ පැවැත්වෙන ප්‍රසංග මාලවෙන් අනතුරුව එංගලන්තය බලා පැමිණෙන නන්දා මාලිනිය ජූනි 30 වැනිදා එංගලන්තයේ ලෝගන් ශාලාවේදී ‘ගී අමා’ නමින් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත වේ. එහි විශේෂත්වය වන්නේ ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක ද ඒ සඳහා සභභාගිවීමයි. නන්දා මාලිනිය වික්ටර් රත්නායක එක්ව මෙලෙස ද්වි පුද්ගල ප්‍රසංගයක් පවත්වන්නේ බොහෝ කලකට පසුවය. මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්දේ විසිනි. ‘ගී අමා’ ප්‍රසංගය සංවිධානය කෙරන්නේ ප්‍රසාද් ඕලැන්ඩෝ, ප්‍රිය විජය ෆොන්සේකා සහ ප්‍රේමා ගනේගොඩ සමඟ ආර්ට් ලංකා සංවිධානයෙනි.-යතේජාවිශිෂ්ට සිනමාවේදියකු වන තිස්ස ලියනසූරිය මෙතෙක් සිනමාවට කරන ලද මෙහෙය අගයා අද ශ්‍රීපාලි ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබයි. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ යුනිවර්සිටි ෆිල්ම් මේකර්ස් සිනමා සංගමය විසින් පළමුවරට සංවිධානය කරනු ලබන ශ්‍රීපාලි ප්‍රණාම උළෙලේදීය. එය අද සවස 3.00 ට හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී පැවැත්වේ.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාණන්ගේ සංදේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් සිනමාවට පිවිසි තිස්ස සූරීන් 1964 වර්ෂයේදී මයික් විල්සන් හා එක්ව ගැටවරයෝ සිනමාපටය නිර්මාණය කරමින් අධ්‍යක්ෂණයට මුල පිරීය. අනතුරුව සාරවිට, පුංචි බබා, නාරිලතා යන සදා අමරණීය චිත්‍රපට ඔහු අතින් නිර්මාණය විය.ඒ අතරින් සාරවිට සහ ගැටවරයෝ යන චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවි සම්මානය දිනා ගත්තේය. එසේම හෙළ සිනමා නිළි රැජන මාලිනී ෆොන්සේකා හෙළ සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ තිස්ස ලියනසූරියන්ටය. ඒ පුංචි බබා චිත්‍රපටයෙනි.මෙම උපහාර උළෙලට සමගාමීව ශ්‍රීපාලි විද්‍යාර්ථීන් විසින් නිර්මාණය කළ ජර්නි විත් ද බටර් ෆ්ලයි. ද ස්ෆින්ක්ස් යන කෙටි චිත්‍රපට ද ප්‍රදර්ශනය වේ.- ප්‍රසාද්සම්මානලාභී වේශ නිරූපණ ශිල්පී රංජිත් මතඟවීර අභාවප්‍රාප්ත විය. මිය යන විට පනස් අටවන වියේ පසු වූ ඔහු මැණික් මාළිගා, රක්තා, ආදර හසුන, මංගල තෑග්ග, දෙවැනි ගමන, පාලම යට, සෙයිලම, වීසි දැල, හංස විලක්, තුන්වැනි යාමය, සුද්දිලාගේ කතාව, කැඩපතක ඡායා, මාරුතය, මී හරකා, කුළගෙය, කුරුළු පිහාටු, ජූලියා ආදී චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවකට වේශ නිරූපණයෙන් සහභාගි වී ඇත.අවසන් වරට ඔහු වේශ නිරූපණය කළේ ධර්මසේන පතිරාජගේ ‘ ස්වරූප’ චිත්‍රපටයේය.හෙතෙම ටෙලිවිෂනයේ පළමු අත්දැකීම වන ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍ය ඇතුළු දොළොස්මගේ ගංගා, වරංගා, කඩුල්ල, පිටගම්කාරයෝ, දුර්ගාන්තය, පිණිබිඳු ආදී ටෙලි නාට්‍ය කිහිපයක ද වේශ නිරූපණයෙන් සහභාගි විය.මිය යන විට ජනාධිපති සම්මාන හතරක්ද, සරසවිය සම්මාන 4 ක්ද, ස්වර්ණ සංඛ සම්මානා 04 ක්ද, ඕ. සී. අයි. සී සම්මානයක්ද, සුමති ටෙලි සම්මාන 02 ක් ද ඇතුළු සම්මාන පහළොවකින් පුදනු ලැබූවෙකි.දෙදර පියෙකු වන රංජිත් මතඟවීරගේ අවසන් කටයුතුª පසුගියදා (8 වැනිදා) බොරැල්ල කනත්තේදී සිදුවිය.-තිලානි
CREATIVE
පසුගිය දවසක කලා ක්ෂේ්ත්‍රයේ කාගෙත් කතාබහට ලක් වූ විශේෂ උත්සව අවස්ථාවක් යෙදිලා තිබුණා. කලා ක්ෂේත්‍රයට සුවිශේෂ වූ සිදුවීමක් මුල් කර ගනිමින් පැවැති මේ අවස්ථාවට කලා ලොවේ බොහොමයක් තරු පායලා තිබුණා. උත්සව ශාලාවට අමුත්තන් පැමිණෙන විටදී සෑම මේසයක් මතම තිබුණේ රසවත් වටලප්පන් පීරිසි. මේ අවස්ථාවට අපේ ගායන ශිල්පී සමන් ද සිල්වාත් සහභාගි වුණා. ඔහුත් තම මිතුරු පිරිස සමඟ සතුටු සාමිචියේ යෙදෙමින් හිටියේ පහුගිය දවස්වල ආගිය තොරතුරු විමසමින්.‘ආ . . . මේ කට්ටිය වටලප්පන් කන්නේ නැද්ද? මම නම් අද ඩයබටික් කට්ටිය හඳුනා ගන්නේ මේ වටලප්පන් කෑමෙන් තමයි’ එතැන හිටිය එක මිතුරෙක් හරි ආඩම්බරයෙන් පවසමින් වටලප්පන් කන්න පටන් ගත්තා. සමනුත් කිසිම සද්දයක් නැතුව වටලප්පන් ටික කාලා ඉවර වෙලා ‘මට නම් සීනි වැක්කෙරෙනවා’ යැයි කිව්වේ මහ හයියෙන් සිනහ වෙමිනුයි.
CREATIVE
නිර්මාණයක් යනු සාමූහික කටයුත්තකි. එහි පිටුපස බොහෝ දෙනෙකුගේ ශක්තිය දහඩිය ගැබ්ව තිබේ . නිර්මාණයකදී ඇතැමුන්ගේ රුව අප දකිනමුත්, ඇතැමුන් කිසිදු දිනක කරළියට පැමිණෙන්නේ නැත.Behind the Scene ඒ නොදකින පංගු කරුවන් සොයායන අපූරු චාරිකාවකි.Behind the Scene තුළින් අද අප හඳුන්වා දෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ ශිල්පියකු ලෙස කටයුතු කරන යූ.ඩී.නිමල් කරුණාතිලකයි.නිමල් ඔබ මේ ක්ෂේත්‍රයට යොමුවුණු අයුරු මතක් කරමින් අපේ කතාබහ අරඹමු ?අපේ ගෙවල් කුරුණෑගල. මම පාසල් ගියේ කුරුණෑගල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහා විද්‍යාලයට. පාසල් කටයුතු අවසන් වෙලා රැකියාවක් සොයා ගැනීමේ අදහසින් බලංගොඩ නැන්දලාගේ ගෙදර ගියා. එහෙ නැවතිලා ජයවීර හෝටලයේ වේටර් කෙනෙක් හැටියට වැඩ කළා. ඒ කාලේ ඉදල පුරුද්දක් හැටියට සරසවිය පත්‍රය බලනවා. මේ පත්‍රයේ පලවෙලා තිබුණා නිශාන්ත අල්විස් මහතා නළු නිළියන් පුහුණු කරන පාඨමාලාවක් ආරම්භ කරනවා , ඒකට කට්ටිය බඳවා ගන්නවා කියලා. ඒ අනුව රංගනය පිළිබඳ හදාරන්න මමත් මෙතනට සම්බන්ධ වුණා. මාස හයක පාඨමාලාව ඉවර වෙලා සුපුරුදු රැකියාව කරගෙන හිටියා. මාස දෙකකට පස්සේ මට ලියුමක් ආවා නිශාන්ත මහත්තයගෙන්, ආදරණීය අම්මා කියන ටෙලියේ රඟපාන්න අවස්ථාවක් තිබෙනවා හැකිනම් සහභාගි වෙන්න කියලා. ඒ අනුව මම සුළු චරිතයක් රඟපාන්න සහභාගි වුණා. මීට අමතරව කාර්මික ශිල්පීන්ටත් මට හැකි උපරිමයෙන් උදව් කළා. මෙන්න මෙහෙම තමයි මම කලාවට යොමු වුණේ.රංගනය පැත්තට යොමු වුණු ඔබ අද වනවිට ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ ශිල්පියකු ලෙස කටයුතු කරනවා. ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ?මේ ටෙලියෙන්ම තමයි කාර්මික ශිල්පියෙකු වශයෙනුත් කටයුතු කළේ. ටෙලියට කාර්මික ශිල්පීන් අරගෙන තිබුණේ කළුබෝවිල ආර්.එස් වීඩියෝ ආයතනයෙන්. රෙකෝඩිස් විදිහට කටයුතු කළේ චන්දන මංචනායක මහත්තයා. මෙතුමා මගෙන් ඇහැව්වා දිගටම අපිත් එක්ක වැඩ කරන්න කැමැතිද කියලා. මමත් කැමැති වුණා. මාව ඒ ආයතනයට බඳවා ගත්තා. වසර හයක් වැඩ කළා. ලයිටින්, බූම් ඔපරේටර් රෙකෝඩිස් වශයෙන් කටයුතු කළා. චන්දන මංචනායක, සුජිත් නිශාන්ත මහත්වරු මගේ ගුරුවරු. අද වෙනකොට මම රෙකෝඩිස් ලෙස වැඩ කරන්නේ සිනේ ලින්ක් ආයතනයේ.ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ ශිල්පියකු ලෙස පළමුවෙන් කටයුතු කළ ටෙලිය කුමක්ද?වසූදා ටෙලියෙන් ආරම්භ කළේ , දැනට ටෙලි 35ක වැඩ කර තිබෙනවා.නිමල් , ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ ශිල්පියකු ලෙස ඔබට පැවරෙන වගකීම කුමක්ද?බාහිර ශබ්ද නොඇසෙන පරිදි ටෙලියට අවශ්‍ය දෙබස් පැහැදිලිව පටිගත කීරීමයි. රූ ගැන්වීමේදී ඒ දර්ශනය කිහිප දෙනෙක් බැලුවත් ශබ්දය අසන්නේ මම විතරයි. ඒ නිසා අවශ්‍ය ලෙස පටිගත කිරීමක් සිදුනොවුණොත් සම්පූර්ණ වගකීම මා සතුයි.ඉදිරි සැලසුම් හා අනාගත බලාපොරොත්තුව කුමක්ද?මට ඉලක්ක දෙකක් සපුරා ගැනීමට තිබෙනවා. ඉන් එකක් වෙන්නේ හොඳ කැමරා ශිල්පියෙකු වෙන්න. අනෙක තමයි ගායකයෙකු ලෙස කරළියට එන්න. මේ දෙකටම අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් ඉන්නේ. දැනට මම අසේල ඉන්ද්‍රලාල් මහතා යටතේ ගායනය පැත්ත හදාරනවා. ගීත තුනක නිර්මාණ කටයුතු අවසන්. තවත් කිහිපයක වැඩ කරමින් ඉන්නේ මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්න මට උදව් කරන්න කෙනෙක් හෝ ආයතනයක් කැමැති නම් මගේ දුරකථන අංක 0776270639 කතා කර මට උපකාර කරන්න.වසර 11ක් මේ ක්ෂේත්‍රයේ නොයෙක් විෂයවලට බද්ධව කටයුතු කරමින් සිටින ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීමක් ගැන කියමු?මල්කැකුළක් ඉකිබින්ඳ ටෙලියෙ මම වැඩ කළේ බූම් ඔපරේටර් වශයෙන්. රෙකෝඩිස් හිටියේ සුජිත් නිශාන්ත. එයාට අවශ්‍ය ලෙස බූම් එක හසුරුවන්න බැරි වුණු නිසා හැමෝම ඉදිරියේ මට බැන්නා. මගෙ හිත රිදිලා ලොකේෂන් එකෙන් යන්න යනකොට ට්‍රැක් ඔපරේටර් වශයෙන් කටයුතු කළ පාලිත ගොඩගේ මහත්තය ඇවිත් කිව්වා ඕව ඔච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි අපි වැඩ කරමු කියලා මගේ හිත හැදුවා. එදා පාලිත මහත්තයා නොහිටින්න අද මම මේ ක්ෂේත්‍රයේ නැහැ. මේ සිදුවීම මට කවදාවත් අමතක වෙන එකක් නැහැ.මේ ගමන්මගේ මේ තාක් එන්නට ඔබට නන් අයුරෙන් උපකාර කළ සැවොම මතක් කරමු?මගේ මව්පියන් ඇතුළු පවුලේ සවොම, බලංගොඩ ශ්‍රියාණී නැන්දා, මාම, නංගිල දෙන්නා, ජයවීර හෝටලේ අයිතිකරු ජයවීර මහත්තය ඇතුළු පවුලේ සැවොම, සිනේලින්ක් ආයතනයේ සැවොම, චන්දන මංචනායක, සුජිත් නිශාන්ත, අසේල ඉන්ද්‍රලාල්, පාලිත ගොඩගේ යන මහත්වරු සැමට ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.තිස්ස ධම්මිකඡායාරූපය - මාලන් කරුණාරත්න  
CREATIVE
ඔහු සුපිරි තරු පොකුරේබැබළෙන තරුවක්. තරු අතර දිළෙමින් මියුරු ගී ඔබට තිළිණකළ ඔහු වරුණ මධුසංඛ. කලක් නිහඬව ගත කළ වරුණගේ ජීවිතය දැන් අලුත් සුන්දරවෙනසකට ලක් වෙලා. කාංචනා මනෝරිසමඟ අතිනත ගත් වරුණ පසුගිය දාජීවිතයේ සොඳුරු ගමනේ පියවර තැබුවා. මේ සරසවිය ඒ ගැන කළ පුංචි කතා බහක්.වරුණගේ ජීවිතයේ සුන්දරතම කඩඉමකට එළැඹුනා නේද ?ඔව්, ඇත්තටම ගොඩක් සතුටුයි. මම පසුගිය 24 වැනි දා විවාහ දිවියට එළැඹුනා. ඇය කාංචනා මනෝරි. එදාම තවත් සුවිශේෂී කටයුත්තක් සිදු වුණා. මගේ දෙවැනි ගීත එකතුවේ පළමු වැනි ගීතයත් එදා එළි දුටුවා. පසුගිය 25 වැනි දා අපි අපේ නව නිවහනටත් පදිංචියට ආවා.සුවිශේෂී සිදුවීම් පෙළක්. මුලින්ම කියමු ඇය ගැන?ඇය කාංචනා මනෝරි. මෙවර වෛද්‍ය විද්‍යාලයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇය ඇත්තටම මා තේරුම් ගත් අයෙක්. මගේ කලා කටයුතුවලට වගේම රාජකාරි කටයුතු වලටත් හොඳ සහයෝගයක් ලබා දෙනවා. එක වහලක් යටට ඇවිත් වැඩි කලක් නැහැ. බොහොම සතුටින් සැහැල්ලුවෙන් සාර්ථකව ජීවත්වෙන එක තමයි එකම බලාපොරොත්තුව.දෙන්නගේ පේ‍්‍රම කතාව ගැනත් කිව්වොත්?අපි හඳුනාගෙන අවුරුදු එක හමාරක් විතර වෙනවා. මගේ නංගිගේ මාර්ගයෙන් තමයි ඇය හඳුනා ගත්තේ. කාංචනා දැක්ක පළමු වතාවේම මට හිතුනා ඇය තමයි මගේ ජීවන සහකාරිය වෙන්න සුදුසුම කෙනා කියලා. මම හැමදේම අමිමාට කියනවා. අපි යාළුවෝ වගේ. ඒ නිසා එදාම මම මගේ අදහස අම්මාට කිව්වා. ඊට පස්සෙ හඳහන් ගලපල නැකත් බලලා හැමදේම සූදානම් කළා. ඇගේ හඳහන තමයි මගේ හඳහනට ගැලපුන පළමු හඳහන. ඇත්තටම විවාහය ජීවිතයේ ලොකු වෙනසක් කළා. ගොඩක් සතුටුයි .අලුත් ගීත ඇල්බමය ගැනත් කියමු නේද?‘පෙම් කිඳුරා’ නම් මෙම ගීතය මම කළේ කාංචනා වෙනුවෙන්. එහි නිරූපණය කරන්නෙත් කාංචනාම තමයි.අලුත් ගීත එකතුව ගැන වගේම එළිදක්වන දවස ගැනත් කිව්වොත්?මේ සඳහා තවම නමක් තීරණය කරලා නැහැ. මෙහි ගීත 12 ක් ඇතුළත්. ගීත පහක සංගීතය නිර්මාණය කළේ මම. අනෙක් ඒවා ප්‍රවීණ අය විසින් සිදු කළේ. මෙම ගීත එකතුවට දේශාභිමානී, ආදර ගීත වගේම මවු ගුණ ගීතත් ඇතුළත්. ඒ වගේම මගේ පළමු ගීත එකතුවේ නොතිබුණ වේග රිද්ම ගීත කිහිපයකුත් මේ සඳහා එක් කළා. ප්‍රසංග වේදිකාව අරමුණු කරගෙන තමයි ඒවා නිර්මාණය කළේ. ළඟදීම මෙම ගීත එකතුව මගේ රසිකයන් අතට පත් කරන්නට සූදානම්.කාලයක් නිහඬව සිටියා නේද. කොහොමද දැන් ලැබෙන ප්‍රතිචාර?මා වටා රොක් වුණ මගේ රසිකයෝ හැමදාමත් මා සමඟ සිටියා. මම ගොඩක් වෙලාවට ප්‍රසංග වේදිකාව සමඟ සම්බන්ධ වුනේ නැහැ. යම් යම් අවස්ථාවලදී සම්බන්ධ වුණා.වරුණ අලුත් ජීවිතයත් සමඟ බලාපොරොත්තුත් ගොඩක් ඇති නේද?මම ජීවිතයේ අරමුණු සමඟ ජීවත් වුණ කෙනෙක්. කවදා හරි විවාහ වෙන්නට පෙර ගෙදරක් හදලා වාහනයක් එහෙම ගන්න ඔනි කියන අරමුණුවල මම හිටියා. ඒ අනුව වෘත්තිය වශයෙන් හොඳ ස්ථාවරයක සිට විවාහයට පෙර ඒ හැම අරමුණකටම ළඟා වෙන්න මට හැකියාව ලැබුණා. ඒ අනුව ජීවිතය සාර්ථකව ගෙවන අයුරින්ම සංගීත ක්‍ෂේත්‍රයේ දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සංගීත අධ්‍යක්‍ෂවරයෙක් විදියට ගොඩක් දේ කරන්නට බලාපොරොත්තුව ඉන්නවා. මේ හැම දේකටම මගේ කාංචනා මට ශක්තියක්.ඡායාරූප - මාලන් කරුණාරත්නයතේජා ඥානරත්න
CREATIVE
යුග තුනක නළු නිළියන් එකට එක්වන අවස්ථා අතිශය විරලය. මේ සේයාරුවින් දැක්වෙනුයේ කලුනික මෙන් එවන් වූ දුර්ලභ මොහොතකි. ශ්‍රියාණි අමරසේනගේ උපන් දිනය දා ඇයට සුබ පතන්නට එකට එක් වූ යුග තුනක සිනමා තරු දයාන් විතාරණගේ කැමරාවට මුහුණ දුන්නේ මෙසේය.වමේ සිට වාඩි වී රවීන්ද්‍ර රන්දෙණිය, දයාන් විතාරණ, මාලිනී ෆොන්සේකා. ශ්‍රියාණි, ජීවන් කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, නදීකා ගුණසේකර, චන්න විජේවර්ධන. පසු පෙළ සංගීතා වීරරත්න, සබීතා පෙරේරා, ෂෙරීන් කුමාරණතුංග, ප්‍රීති රන්දෙණිය, යශෝධා විමලධර්ම, දිල්හානි ඒකනායක, ඇඳුම් නිර්මාණ ශිල්පිනී සන්ධ්‍යා සල්ගාදු.- ප්‍රසාද්
CREATIVE
‘අහන්න ගී රස’ කියන ගී වැඩසටහන දෙරණ එෆ්. එම්. නාලිකාවේ දැන් බොහොම ජනප්‍රියයි. ගීතයක මුල්ම ගීතය වාදනය කරන්නට අපි එහිදී නිතරම උත්සාහ ගන්නවා.ඩ්‍රීම්ස්ටාර්වල ළමයින්ට හින්දි ගී තනුවලට ගීත කිහිපයක්ම ලිව්වා. මගේ ලියූ ගීත රැසක් එකතු කරලා ඉදිරියේදී පොතක් එළි දැක්වීමේ කටයුත්තත් කිරීමට නියමිතයි.ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ චරිතාපදානයක් ලියන්නත් යම් සූදානමක් තිබෙන වගත් කියන්න ඕනෑ. ඒ අතරම ගුවන් විදුලි සන්නිවේදනය පිළිබඳ පොතක් ලිවීමේ අදහසක් මට පහළ වුණේ වර්තමානයෙන් සිටින නිවේදක – නිවේදිකාවන්ට ප්‍රයෝජනවත් වේවි කියලයි.
CREATIVE
මෙයින් වසර දහයකට ඉහතදී ප්‍රදර්ශනය වූ බහුබූතයෝ සිනමාපටයේ දෙවැනි කොටස නිර්මාණය වෙයි. බහුබූතයෝ පළමුවැන්න අධ්‍යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරිය විසින්ම අධ්‍යක්ෂණය කරන මෙය නම් කොට ඇත්තේ ‘ගින්දරී’ ලෙසිනි. බහුබූතයෝ රංගනයෙන් හැඩ කළ මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, රිචඩ් මානමුදලි සහ පබෝදා සංදිපනී ගින්දරී සමඟින් නැවතත් ප්‍රේක්ෂකයන් හමුවීමට නියමිතයි. එයට ලකී ඩයස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, මැණීකේ අත්තනායක, ලෝචනා ඉමාෂි, රත්නා සුමනපාල, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ, ආරියසේන ගමගේ, උදේනි චන්ද්‍රසිරි, අනුර බණ්ඩාර රාජගුරු, ජීවන් හඳුන්නෙත්ති, ලසන්ත උඩුකුඹුර, සරත් පීරිස්, අනුර ශ්‍රීනාත්, ගාමිණී කොස්තා, උපුල් ගුණවර්ධන, චතුර පෙරේරා, සමන් වීරසිරි, සමන් අල්මේදා සහ අසංක දේවමිත්‍ර පෙරේරා, ශිරෝමිකා ප්‍රනාන්දු සෙසු චරිත මැවීමට සූදානමින් සිටියි.අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස් සහ තිර රචනය උදයකාන්තගෙනි. කේ. ඩී. දායානන්දගේ කැමරා අධ්‍යක්ෂණයකි. ප්‍රවීණ් ජයරත්න සංස්කරණයෙන් ද, ආනන්ද පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කැලුම් ශ්‍රීමාල් ගීත රචනයෙන් ද, නලීන් ප්‍රේමතිලක අංග රචනයෙන් ද ගින්දරී හැඩ කරන්නට දායක වේ. අරුණ ඩයස්ගේ කලා අධ්‍යක්ෂණයකි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරුය. ශාන්ති වර්ණසූරිය ඇඳුම් නිර්මාණයෙන් එක්වෙයි. මහේෂ් නිශාන්තගේ නිශ්චල ඡායාරූපකරණයකි. ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික් ආයතනය වෙනුවෙන් තිලංග පෙරේරා විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග සකසයි.ගින්දරී කොළඹ හා අනුරාධපුරය නගර ආශ්‍රිතව රූ ගැන්වෙනු ඇත.ප්‍රසාද්
CREATIVE
දවසක් අපි චිත්‍රපටයක් රූපගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගියා. එහිදී හරි අපූරු සිද්ධියකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් ඉතිං අපට අවශ්‍ය මේකප් එහෙම දාලා ඉවර වුණාට පස්සේ දෙබස් එහෙම හොඳට පාඩම් කරලා තිබුණ නිසා දර්ශනය ගන්න සියල්ල සූදානම් වුණා. කැමරාව ඔන් වුණා. ආලෝක දහරාවක් අපේ දෙසට යොමු කළා. රංගනයට මුල පුරන්න අධ්‍යක්ෂක ඇක්ෂන් කියලා විධානයක් දුන්නා. ඒ සමඟම මගේ ඉදිරියෙන් සිටි සැමුවෙල් රුද්‍රිගූ එයාගේ කොටස ආරම්භ කරමින් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පිටපතේ හැටියට ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනෑ ආකාරයට මම බොහොම ගාම්භීරව ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඉදිරියට පියවර කීපයක් තියලා එක් අතක් එහෙම පිටුපසට තියාගෙන අනෙක් අතින් මගේ රැවුල අතගාන්නට පටන් ගත්තා.රැවුල අතගාලා අත පහළට ගන්න කොටම පොල් මුඩ්ඩක් වගේ දෙයක් මගේ අතේ ගුලි වෙනවා වගේ මට දැනුණා. මම හෙමින්ම අත දිහා බලන කොට තමයි මට තේරුණේ සිද්ධ වෙලා තියෙන වැඩේ මොකක්ද කියලා. පිටතින් අලවලා තිබුණ රැවුල අතගාන කොට ඒ රැවුල ගැලවිලා මගේ අතට ඇවිත්. දැන් ඉතින් මොනවා කරන්නද? අතට ඇවිත් තියෙන රැවුල ආයේ අලව ගන්නද? ලයිට් එහෙමත් දාල කැමරාව ඔන් එකේ. අපේ වැඩ රෙකෝඩ් වෙනවා. ඔන්න ඉතිං මට ගණ දෙවි නුවණ පහළ වෙන්න පටන් ගත්තා. ඕනෑ දෙයක් කියලා මම තීරණයකට ආවා. පිටපතේ නැති දෙබසකට පිටතින් යමක් එකතු කරලා සිදු වෙච්ච දේ වහ ගන්නයි මගේ උත්සාහය.අතට ගැලවිලා ආපු රැවුල එහෙම්මම අතේ ගුලි කරගෙන මට කරදරයක් වුණ ඇඟේ අවයවයක් ගලවා ඉවත් කිරීමට තරම් හැකියාවක් ඇති වීරයෙක් වගේ,මට මේ රැවුල හරි කරදරයක්. මම මේක ගලවලා දැම්මා. කෝ දැන් කියමු බලන්න. අර කියපු දේ ආයෙත් කියලා සැමුවෙල්ට කියමින් පිටපතේ තිබුණ දෙබස ඉදිරියට කරගෙන ගියා. මේ සිදුවීම ප්‍රේක්ෂකයා තුළ මහත් කුතුහලයක් ඇති කළා පමණක් නොවෙයි, හාස්‍යජනක සිදුවීමකුත් නිර්මාණය වුණා. චිත්‍රපටයේ පිටපතේ තිබූ දෙබස්වලට වඩා ඒ වෙලාවේ මම අතින් දාල කිව්ව දෙබස් ඊටත් වඩා සුදුසුයි කියලා අධ්‍යක්ෂවරයාත් පිළිගත්තා.ඒ හින්දම මේ දර්ශනයට පෙර රැවුල දාල රූපගත කිරීම් කරලා තිබුණ දර්ශන වෙනුවට රැවුල නැතුව ආයෙත් රූපගත කරන්න චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම තීරණය කළා. මගෙන් බලාපොරොත්තු වුණු රංගනයටත් වඩා මට වැරැදුණ දෙයින් හොඳ නිර්මාණයක් රසවත්ව ඉදිරිපත් කරන්න ඒ මොහොතේ මම කල්පනා කළ නිසා කවුරුත් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳ රංගනයක් මගෙන් ඉදිරිපත් වී තිබුණා.  චන්දන දයාසිරිවර්ධනඡායාරූප - ශාන් රඹුක්වැල්ල
CREATIVE
ඔහු ළයාන්විතව ගයයි. අර්ථාන්විත පද ගළපයි. සුමිහිරි තනු සකසයි. මේ ත්‍රිත්ව දක්ෂතාවයන් හිමි අප සැම හඳුනන ඔහුලක්ෂ්මන් හිල්මියි.කොහොමද ලක්ෂ්මන් අයියා ජීවිතේ?වැඩිපුරම කාලය ගෙවෙන්නේ සන්දර්ශන වේදිකාවේ.දිනකට ෂෝ තුන හතරක් තියනවා. පහුගිය කාලේ රටවල් කිහිපයක සංචාරයක නියැලුණා.ඔබ තරමක් හිතුවක්කාරයෙක්. ඉක්මනින් කේන්ති යන දඩබ්බරයෙක් කියන්නේ ඇත්තද?පුංචි කාලේ ඉඳලම ඔය දඩබ්බරකම් මාගේ ගාව තිබුණා.ඇත්තටම කිව්වොත්ම නාහෙට අහන්නේ නැති ළමයෙක් පාසල් කාලයේ. අනවශ්‍ය තැන්වලදී පවා මං හිතුවක්කාර වූ අවස්ථා එමටයි.එත් වර්තමානයේ නම් අසාධාරණයක් දැක්කාම මගේ ඇඟ ඇතුළේ ඉන්න දඩබ්බරයා පිටතට පැමිණෙනවා.අපි දැන් කතා කරමු ඔබේ අලුත්ම සංයුක්ත තැටිය ගැන?ඒකේ නම සුළං රැල්ල. එය නොනවතින ගීත එකතුවක්. මගේ පරණ අලුත් සිංදු එකතුවෙන් නිර්මාණය වූවක් කිව්වොත් නිවැරැදියි.පැරැණි සිංදු නවකයින් විසින් නැවත ගැයීම පිළිබඳ මොනවද කියන්න තියෙන්නේ?මං ඒකට විරුද්ධයි. පැරැණි දේ ඒ අයුරින්ම තියෙන්න හරින්න ඕනේ.පැරැණි දේ අලුත් වෙන්න ඕනේ කියලා කවුරු හරි කියනවා නම් සීගිරියත් අලුත් වෙන්න ඕනේ. එහි සිතුවම්වල ඉන්න ලඳුන්ට ඇඳුම් අන්දවන්නත් ඕනේ.ඒත් ඔබේ අලුත්ම සංයුක්ත තැටියෙන් ඔබ පැරැණි ගීත යම් යම් වෙනස් කිරීම්වලට බඳුන් කළා නේද? කලකට ඉහතදී කහ මල් අත්තතක් ගීතය රීමික්ස් කොට ගැයුවා නේද?මං වෙනස් කළේ මගේම ගීත. මගේ දේවල් මට වෙනස් කරන්න අයිතිය තියනවා. මං මේ කියන්නේ අනුන්ගේ ගීත නව පරපුරේ අය තමන්ගේ වගේ රීමික්ස් කොට ගහන එක.පැරැණි ගායික ගායිකාවනුත් තමන්ගේම සිංදු එක එක ආරවල්වලින් ගැයුවා. මං කළේ එහෙම වැඩක්.සාක්කු හිස් සංගීතයට දක්ෂයෙක් ඔබ ළඟට ආවොත් මොකද කරන්නේ?ඒ වගේ දක්ෂයින්ට මං අනන්තවත් උදව් කරලා තියනවා. සල්ලි මට වැදගත් නැහැ. දක්ෂකමයි වටින්නේ.මංගල නැකතේ, පිංවන්තියේ, රන් රන් රන් සේලේ වැනි හොඳ පද රචනා මෑතකදීී ඔබේ අතින් බිහි වුණේ නැහැ. ඇයි ඒ?මේ තියන කාර්යය බහුලකම ඒකට හේතුවක්. සංගීිත අධ්‍යක්ෂණය පැත්තෙන් නම් කැසට පට කිහිපයකටම දායක වුණා.චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට සංගීත අධ්‍යක්ෂණයට හිතක් නැද්ද?වැඩ කිහිපයකටම කතා කළා. ඒවා සාම්ප්‍රදායික වැඩියි කියලා මට හිතුණා. ඒ අය එක්තරා රාමුවක කොටු කරලා මගෙන් වැඩ ගන්න හැදුවේ. මං ඒකට අකැමැතියි.මේ අතුරු කතාවකිඇන්ටන් ජේ. ප්‍රනාන්දු සරසවියට ළෙංගතු මිත්‍රයෙක්. සරසවියේ චිත්‍රපට නාමාවලිය සකසන්නේ ඔහු.ඇන්ටන් ලක්ෂ්මන් හිල්මිගේ ළඟ සමීපතමයෙක්. දිනක් ඔහු ගියා රාගම පිහිටි හිල්මිගේ ශබ්දාගාරයකට, පෞද්ගලික කටයුත්තක් සඳහා.එතැන ඉදිරි දොරටුව අසලට සපැමිණි ඇන්ටන්ට බයිලා ආරට නිම වූ තනුවක් සවනත වැටුණා.එය වාදනය වී අවසන් වන තෙක්ම තමා ආ වග හිල්මිට සැල නොකර හිටියේ වේග රිද්මයේ වුවත් එම තනුව තදින් ඇන්ටන්ගේ සිතට කා වැදුණ හින්දයි. ශබ්දාගාරයෙන් පිටතට පැමිණි හිල්මි, ඇන්ටන්ව දුටුවා.මොකක්ද බං අර දාලා තිබුණු මෙලඩිය? ඒක නම් මාරයි.ඇන්ටන් එහෙම ඇහුවේ හිල්මිගේ දුක සැප අහන්නටත් පෙරයි.ඒක මගේ අලුත් මෙලඩියක් මචං. කාට හරි කියලා වචන ටිකක් දාගන්න ඕනේ.ගනිං කොළයකුයි පෑනකුයි මං මේකට නියම වචන ටිකක් දාල දෙන්නම්.එහෙම කියපු ඇන්ටන් පුටුවකට හරි බරි ගැහුණා. චන්දු සිල්වා (ජොලි සීයා) ගයන බජාර් එකේ ලලක්කා වැනි ගීත ලියූ ඇන්ටන්ට ගීත ලියන එක පුරුදුයි.පැයක් හමාරක් ගත වුණා. අමුතු තනුවට අමුතුª පද වැලක් ඇන්ටන් ගලපලා.ඒක හිල්මි පටිගත කොට ගුවන් විදුලි ආයතනවලට බාර දුන්නා.සිංදුවේ ඇති අපූරුකම නිසා එය නිතර නිතර ඇහෙන්න පටන් ගත්තා.ඊට පස්සේ හිල්මිට ලැබුණු බැනුම්වල නම් අඩුවක් වුණේ නැහැ. ඒ මෙහි තිබුණු නුහුරු නුපුරුදු වචන නිසා.ඒත් හිල්මි නම් කියන්නේ මේක හරියට මිසයිලයක් වගේලු.ඒ ඔහුගේ අනෙක් හැම ගීතයකටම වැඩිය මේ සිංදුව වේගයෙන් ජනප්‍රිය වූ නිසා බොහෝ දෙනා මේ ගීතයට චෝදනා එල්ල කළේ ආදරය ගැන කියන්න මේ වන තෙක් කිසිදු ආදර ගීයකට යොදා නොගත් වචන මේකේ තියෙන බැවින් ආදරය ගැන කියන්න මෙවන් වචන යොදා නොගත යුතු වගත් සමහරෙක් කියනවා.කෙසේ නමුත් හිල්මි කීවා සේම මෙම ගීතය මිනිසුන් අතරට ගියේ මිසයිලයක තරම් වේගයකින් තමයි.මෙතෙක් වේලා මා සටහන් කළේ සෙනෙහසේ මුට්ටියේ ගීතය ගැනයි.සේයාරූ -ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
ශ්‍රී ලංකාව සිය දෙවැනි නිජබිම ලෙස සැලකූ මෙරට ජීවත් වූ ජ්‍යෙෂ්ඨතම නිෂ්පාදකවරයකු වූ කේ. කේ. ජග්තියානි මුම්බායි නගරයේදී පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත විය.කළ කළ දේ පළ පළ දේ, කළණ මිතුරෝ, සිඟිති සුරතල් ඇතුළු චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කළ ජග්තියානි, මරදානේ කලක් පැවැති ක්‍රවුන් සිනමාහල ඉදි කළේය.වසර පනහකට අධික කාලයක් හින්දි චිත්‍රපට ආනයනය කළ ජග්තියානි 1962 වසරේ දී කොහිනූර් චිත්‍රපටය මෙරට තිරගත වද්දී ඔහු එහි ප්‍රධාන නළු දිලිප් කුමාර් ලංකාවට කැඳවා ගෙන ආවේය.එමෙන්ම පසුගිය වකවානුවේ සල්මන් ඛාන්, කරිෂ්මා කපූර්, අක්ෂේ කුමාර් ආදීන් මෙරටට කැඳවා ගෙන පැමිණීමේ සම්බන්ධිකරණය තුළින් ජග්තියානි හින්දි සිනමා කර්මාන්තයට ද දායක වූ අතර එමගින් ඉපැයූ ධනයෙන් මෙරට චිත්‍රපට නිෂ්පාදනය සඳහා සිනමාහලක් ද ඉදි කළ එකම ඉන්දියානු ජාතිකයාය.1928 නොවැම්බර් 02 වැනිදා උපත ලද ජග්තියානි මිය යන විට 85 වැනි උපන් දිනයට ආසන්නයේ සිටියේය.ශේක්ස්පියර් කේන්ද්‍රය මඟින් ඉදිරිපත් කිරීමට සූදානම් වන හැම්ලට් චිත්‍රපටයෙහි ඔෆීලියාගේ චරිතය භාර දෙමින් නවක නිළියක් රිදී තිරයට හඳුන්වා දිීමට එහි අධ්‍යක්ෂ ඔබිනාමුණි ගාමිණී ද සිල්වා අපේක්ෂා කරයි.ඒ සඳහා විශේෂ සම්මුඛ පරික්ෂණයක් මෙම මස 16 වැනිදා එනම් එන බදාදා උදෑසන 10.00 ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතෙහි ඇති සිංහල සංස්කෘති ආයතනයේදී පැවැත්වෙනු ඇත.මේ වන විට හැම්ලට් සිනමා කෘතියෙහි සෙසු චරිතයන් තෝරාගෙන තිබේ. ඒ අනුව ජීවන් කුමාරණතුංග ක්ලෝඩියස් ලෙසත්, හාන්ස් බිලිමෝරියා හැම්ලට් ලෙසත්, රෙක්ස් කොඩිප්පිලි පොලෝනියස් ලෙසත්, අරවින්ද දොඹගහවත්ත හොරෙෂිඩ් ලෙසත්, බුද්ධික ජයරත්න ලෙයාර්ට්ස් ලෙසත්, ක්ලීටස් මෙන්ඩිස් රොසාන් ක්‍රාන්ට්ස් ලෙසත් සරත් දික්කුඹුර ගිල්ඩර්ස්න්ස් ලෙසත්, වීණා ජයකොඩි ග්රූට්රූඩ් ලෙසත් චරිත මවනු ඇත.මෙහි ඔෆීලියා චරිතයට යුවතියක ලැබුණු වහාම රූගත කිරීම් ඇරැඹෙන බව ගාමිණී වැඩිදුරටත් දන්වා සිටියි.- ප්‍රසාද්උදයකාන්ත වර්ණසූරියගේ රන්කෙවිට 2 සිනමාපටය හෙට දිනයට දින පණහ සපිරෙයි.ප්‍රේක්ෂකයන් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් නරඹා ඇති එය මේ වන විට ලක්ෂ පන්සීයකට ආසන්න අදායමක් හිමිකරගෙන අති සාර්ථකව තිරගත වේ.උදයකාන්තගේ මීළග සිනමාපටය කොස්තාපල් ප්‍රඥාසෝම ළඟදීම තිරගතවනු ඇත.ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇතුළු කලා ලොවේ සැරිසැරූ ප්‍රවීණ චරිත විසි හතක් අළලා විජිත් කුමාර් සේනාරත්න පුවත්පතකට ලියූ ලිපි පෙළක් ආශ්‍රයෙන් ‘සඳ මිදුලේ රන් වී පත’ කෘතිය සමන්විත වී ඇත.
CREATIVE
නදීකා ගුණසේකර කියන්නේ අප රටේ සිටින දක්ෂතම නිළියක්. මෙරට විශ්වවිද්‍යාලයකින් උපාධියක් දිනූ ප්‍රථම නිළිය වන්නේ ද ඇයයි. කාංචනා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නදීකා පසු කලෙක බැද්දේගම, යහළු යෙහෙළි, චංචල රේඛා වැනි චිත්‍රපට හරහා දක්ෂ නිළියක් මෙන්ම ජනප්‍රිය නිළියක බව ද පසක්කර සිටියා.නදීකාගේ සිනමා ගමනේ අත්වැල වූයේ ඇගේ මව වූ තලතා ගුණසේකරයි. පහුගිය දවසක සාදයක් අතරතුර නදීකා එකවරම හඬා වැටුණා. ඇය පත්තර සගයකුටත් තදින් දෝෂාරෝපණය කළා. හේතුව ඇයගේ මවගේ අනුස්මරණ දිනය අමතක කිරීම සම්බන්ධවයි.නදීකා මවුගේ ගුණ කියමින් හඬන්නට පටන් ගත්තා. සොයා බලාගෙන යනකොට පුවත්පතේ තලතා ගුණසේකර අනුස්මරණය ගැන නොලිව්වා යැයි ඇය හඬා වැටුණත් ඒ දිනය යෙදී තිබෙන්නේ සැප්තැම්බර් මාසයටයි. මාසයක් කල් තියා නදීකා හඬා වැටීම ගැන කවුරුත් ඇයගේ මවු සෙනෙහස පිළිබඳ කම්පා වුණා. මෙවර තලතාගේ අනුස්මරණය හේතුවෙන් නදීකා දානයකුත් දෙනවාලු.
CREATIVE
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල මෙවරත් පැවැත්වේ.ඒ සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදුවන අතර විස්තර පත්‍රිකාව හා අයදුම්පත ‘අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල’ යන ලිපිනයට පැමිණ හෝ මුද්දර කවරයක් එවීමෙන් තැපෑලෙන් හෝ ලබා ගත හැක.රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2011 හා 2012 සඳහා ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා මඟින් 2010 / 2011 වසරවල දෙසැම්බර් 31 වන දින වන විට විකාශය වී අවසන් වූ රූපවාහිනී නිර්මාණ පමණක් මෙම සම්මාන ප්‍රදානයේදී සලකා බැලෙයි.සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමෙන අතර රූපවාහිනී මාලා නාට්‍ය, ඒකාංගික නාට්‍ය, වාර්තා වැඩසටහන්, වාර්තා චිත්‍රපට, සඟරාමය වැඩසටහන්, ළමා වැඩසටහන්, සංගීත වැඩසටහන්, රුපවාහිනී සම්ප්‍රවේශක, රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදක, අධ්‍යාපනික / සංස්කෘතික වටිනාකමකින් යුත් රූපවාහිනී වැඩසටහන්, රූපවාහිනී පූරණ පට, පූර්ව ප්‍රචාරක පට (දේ්ශීය නිර්මාණ) රූපවාහිනී නවෝත්පාදක වැඩසටහන්, රූපවාහිනී හඬකැවීම් වැඩසටහන්, රූපවාහිනී සාකච්ඡාමය වැඩසටහන්, රූපවාහිනී දෘශ්‍ය ගීත නිර්මාණ, රූපවාහිනී පසුතල නිිර්මාණ (ටෙලි නාට්‍ය නොවන) රූපවාහිනී ග්‍රාෆිික / සජීවිකරණ නිර්මාණ, ආලෝකරණ අධ්‍යක්ෂණය (බහු කැමරා නිෂ්පාදන) හා ප්‍රචාරක දැන්වීම් හා රූපවාහිනී කෙටි චිත්‍රපට (විකාශය නොවූ ආධුනික නිර්මාණ) යන අංශ ඔස්සේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.ඔබේ නිර්මාණ ඩී. වී. ඩී තැටිගත කොට 2012 මැයි 15 වන දින ප. ව. 4.00 ට පෙර භාර දිය යුතුයි. වැඩි විස්තර පහත දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.01128720310112872035දිගු කලකට පසු ස්වර්ණා සිනමාවටනිලේන්ද්‍ර දේශප්‍රියගේ කුළුඳුල් චිත්‍රපටය‘තණ්හා රතී රඟා’ලෙස නම් කොට ඇත.මැයි මාසයේ රූගත කිරීම් අරඹන මේ චිත්‍රපටය සමඟ ස්වර්ණා මල්ලවආරච්චි දිගු කලකට පසුයළි තිරයට එක් වෙයි.ඇය සමඟ සනත් ගුණතිලක, සොමී රත්නායක, අනෝජා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නාමල් ජයසිංහ ඇතුළු පිිරිස රැඟීමට නියමිතය.කුමාර තිරිමාදුර, සරත් කොතලාවල සහ නිලේන්ද්‍ර මෙහි තිර රචකයන්ය. දිනේෂ් ගුණතිලකගේ කැමරාකරණයෙන් ද, රොබ් නේවිස් කලා අධ්‍යක්ෂණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද මෙයට දායක වෙති.නාරද ධනංජි තොටගමුවගේ අංග රචනයක් වන මෙහි විධායක නිෂ්පාදකවරිය වනුයේ රේණුකා බාලසූරියයි.තණ්හා රතී රඟා සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.සහය අධ්‍යක්ෂණය දමින්ද මඩවලගෙනි.ඔහු තිර පිටපත් රචකයෙක්, ගී පද රචකයෙක්. රෝහණ දන්දෙණිය නම් වන ඔහු එක්තරාකාලයකදී ආදරය කළ වේදිකාවට නැවතත් පය ගහන්නයි මේ සූදානම් වෙන්නේ.ඒ ඔහු ලියූ නවතම පිටපතක් වුණු ‘පරාස්ස හා රාස්ස’ වේදිකා නාට්‍යයෙන්. ඒ නාට්‍යයේ මුහුරත් උළෙල අද දින පෙරවරු 9.30 ට පැපිලියාන සුනේත්‍රා දේවී විහාර පරිශ්‍රයේදී පැවැත් වෙන්නේ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන්.ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, රෝහණ බැද්දගේ, මාධනී මල්වත්තගේ, සෝමපාල පතිරගේ, ජයන්ත ප්‍රේමදාස, දිමුතු චින්තක, සහන් චන්ද්‍රසේකර ඇතුළු ශිල්පීන් රැසක් ‘පරාස්ස සහ රාස්ස’ට දායක වෙයි.
CREATIVE
පරාවළලු ටෙලි සිතුවමේ දේවිකාව ඔබ හඳුනනවාද? මේ ඉන්නේ ඇය. අසන්තිකා රණසිංහ තමයි ඇගේ ඇත්ත නම. ඊයේ පෙරේදා ඉඳලා ටෙලි සිතුවම් රැසකින් ඔබ හමුවට එනවා. ඇය රංගනයට පිවිසෙන්නේ 1998 අවුරුද්දේ. ඒ කඳපොළ කුමාරතුංගගේ නොහඬන් අම්මේ චිත්‍රපටයෙන්. එහි ප්‍රධාන චරිතය වූ ගැමි දැරියට පණ පෙව්වේ අසන්තිකා.මං ඉතින් පළමුව ඇයගේ ඒ ඉතිහාසය විමසා සිටියා.ස්වර්ණවාහිනිය පටන් ගත්තු කාලේ මං එහෙට යනවා එනවා විවිධ වැඩසටහන්වලට සහභාගී වෙන්න. එහිදී මාව දැකලා චිත්‍රපටයකට කතා කළා. එතකොට මං පාසල් යනවා.* රංගනයට පළමු ඇරැයුම ඒකද?නැහැ. ඊට කලින් අධ්‍යක්ෂවරු මාව දැකලා රංගනයට ඇරැයුම් කරලා තිබුණා. ඉන්දියාවේ නිර්මාණයකට පවා කතා කළා. ඒත් මං ගියේ නැහැ ඉගෙනුම් කටයුතු නිසා. මාව දැකපු බොහෝ දෙනෙකුගෙන් රංගනයට පැමිණි ආරාධනා අනන්තයි. මං දන්නේ නැහැ මොකක් ද ඊට හේතුව කියලා. මං හිතන්නේ මගේ රූපය නිසා වෙන්න ඇති.* නොහඬන් අම්මේ චිත්‍රපටයෙන් පසුව?චෙරියෝ හොල්මන් චිත්‍රපටයට දායක වුණා. මගේ පළමු නාට්‍ය වුණේ නිහාල් ප්‍රනාන්දුගේ දෙහදක් අතර. හිත ගොඩක් කලකිරුණා ඒ නාට්‍යයෙන් පස්සේ.* ඒ මොකෝ?දෙහදක් අතර නාට්‍යය අපි කළේ හරිම කැපවීමෙන්. එයට වෙච්ච මහන්සිය ගැන දන්නේ අපි විතරයි. එච්චර අමාරුවෙන් කරපු නාට්‍යය වාරණ මණ්ඩලයට හසුවෙලා පෙන්න්න බැහැ කියලා තීරණය වුණා. මට ඒක හින්දා සමස්ථ නාට්‍ය කලාවම එපා වුණා.* ඔබ කාලයක් නිහඬ වන්නේ ඒ හේතුව නිසාද?ඔව්.* නැවතත් ඔබ රඟපාන්න එන්නේ?චාමර ජයවීරගේ සිහින කුමරියක් නාට්‍යයෙන්. ඊට පසුව දූවරු, තරු අහසට ආදරෙයි, මුතු පලස සහ පාරාවළලු.* ඔබ නිර්මාණ ගණනාවකටම සම්බන්ධ වී හිටියත් ඔබේ පුවත්පත් සාකච්ඡාවක් කිසිදු පත්තරේක මං දැකලා නැහැ?පුංචි ලිපි දෙක තුනක් නම් ගිහිල්ලා තියෙනවා. ‘සරසවිය’ට කරන මගේ පළමු ලිපියත් මේකයි.* එහෙම හමුවන රසික රසිකාවන් ඔබව මනින්නේ ඔබව දකින චරිතයකින්. නමුත් පුවත්පත් ලිපියකින් ඔබ කවුද කියලා හරියටම දැනගන්නවා නොවේද?මං හිතන්නේ ඔබ ඔහොම කිව්වට මට කවුරුවත් බනින්නේ නැහැ. පාරාවළලු මගේ චරිතය කතාවට අනුව මුලදි නපුරුයි. ඉතින් එහෙම නම් මට මිනිස්සු දොස් කියන්න එපායැ. නමුත් මේවනකම් එහෙම වෙලා නැහැ.* මා දන්නා විදිහට ඔබ රැකියාවක් කළා?ඔව්. පෞද්ගලික ආයතනයක තාක්ෂණික උපදේශකවරියක් ලෙස සේවය කළා. නමුත් ඒ රැකියාවට අනුව නිතර විදෙස්ගත වෙන්න සිදු වෙනවා. ඒ හින්දා මා ඉන් අයින් වුණා.* මං ඔබේ පෞද්ගලික විස්තර ටිකක් ඇහැව්වොත්?අහන්න හැබැයි මම මගේ සීමාවේ ඉඳලා උත්තර දෙන්නම්.* ආදරය ගැන මොකද හිතෙන්නේ?හොඳයි, සුන්දරයි.* ආදරයෙන් පැරදිලා තියෙනවාද?ඒකට ඔව් කියන්නත් බැහැ, නැහැ කියන්නත් බැහැ.* ඒ කිව්වේ?මට ආදරවන්තයෙක් හිටියා.* ක්ෂේත්‍රයේ කෙනෙක්ද?මට හමුවෙන කොට නම් එයා ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. නමුත් අද වන විට ඔහු නළුවෙක්.* මොකද ඒ ආදරයට වුණේ?නවත්වන්න සිද්ධ වුණා.* ගෙදරින් අකැමැති වුණාද?නැහැ. වයසෙ ප්‍රශ්නයක්.* ඔහු ඔබට වැඩිය ගොඩක් වැඩිමහල්ද?එහෙම නම් කමක් නැහැ. ඒත් එයා මට වැඩිය බාලයි.* ඔබ සහ ඔහු එකට රඟපාලා තියෙනවාද?තවම නැහැ. ඒ අවස්ථාව උදාවෙන්නත් එපා.* අසන්තිකා සාමාන්‍යයෙන් චිත්‍රපට නරඹනවාද?ලංකාවේ ඒවට වඩා මං විදෙස් චිත්‍රපටයි නරඹන්නේ.* ලංකාවේ චිත්‍රපටවලට ආස නැතිද?මම හිතන්නේ ලංකාවේ චිත්‍රපටවලට වැඩිය විදෙස් චිත්‍රපටයකින් ඉගෙන ගන්න පුළුවන් අවස්ථා වැඩියි.* අසන්තිකා ක්ෂේත්‍රයේ වැඩිපුරම ළඟින් ඇසුරු කරන්නේ කාවද?රෙබෙකා නිර්මලී අක්කව මං දිගු කාලයක් තිස්සේ අතිශය ළඟින් ඇසුරු කළා. අද ඇය නැහැ කියලා දැනෙද්දී තවමත් හිත වාවන්නේ නැහැ.* ඔබ රංගනයට මෙන්ම නිවේදනයට ද ඇරැයුම් ලැබුණා කියලා ආරංචියි?ලැබුණා, ලැබුණා. ඒත් මං ස්ටුඩියෝ එකෙන් පැනලා ගෙදර ආවා.* කාටවත් කියන්නේ නැතුව?ඔව්. මට ස්ක්‍රිප්ට් එකක් දීලා එයාලා මට එනවුසිං කරන්න කිව්වා. දෙපාරක් තුන් පාරක් ට්‍රයි කළා. බැරි වුණා. අන්තිමේ කාටවත්ම බායිවත් නොකියා හොරෙන් පැනලා ගෙදර ගියා. මට ස්ක්‍රිප්ට්වලට එනවුසිං කරන්න බැහැ.* ඒත් රඟපාන කොට පිටපතකට අනුව නේද රඟපාන්න වෙන්නේ?ඒ රඟපාන කොටනෙ. මට එතකොට නම් දෙබස් මතක තියා ගන්න පුළුවන්.* අසන්තිකාගේ ගෙවල් කොහෙද?මම අතුරුගිරියෙ.* පාසල?කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය.* උපන් දිනය?ජනවාරි විසි එක.* පවුලේ තොරතුරු?අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි මල්ලියි. තාත්තා ව්‍යාපාරිකයෙක්.* ඔබ ගැන කෙටියෙන් හඳුන්වමු?මම මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.PARENTAL GUIDANCE‘පේරන්ට්යල් ගයිඩ්න්ස්’ මිනිත්තු 105 ක ධාවන කාලයකින් යුතු හාස්‍යමය පවුලේ චිත්‍රපටයක්. ඇන්ඩි නික්මන් අධ්‍යක්ෂණය කළ මෙහි බිලි ක්‍රිස්ටල්, බේට් මිඩ්ලර්, මාරිසා ටෝමි, ටොම් එවර්ට්, බෙලිස් මෙඩ්සන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.THE SON OF NO ONE‘ද සන් ඔෆ් මෝ වන්’ ඩිටෝ මොන්ටිල් විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක සිදුවීම් පෙළක් ඇතුළත් චිත්‍රපටයක්. අල් පැසිනෝ, ජුලයිට් බිනොෂේ, රේ ලියෝටා, ක්‍රැති හෝම්ස්, ට්‍රැසි මෝර්ගන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ද සන් ඔෆ් නෝ වන්’ මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතු වේ.GAME CHANGEමාර්ක් හල්පරින් සහ ජෝන් හෙලිමාන් රචනා කළ ගේම් චේන්ජ් කෘතිය ඇසුරින් නිර්මාණය වූ ‘ගේම් චේන්ජ්’ චිත්‍රපටය ජේ. රෝච්ගේ අධ්‍යක්ෂණයක්.2008 වසරේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු පදනම් කරගත් මෙහි ජූලියන් මෝරේ, වුඩි හැරෙල්සන්, ඉඩ් හැරිස් ප්‍රධාන චරිත නිරූපණය කරති. ගේම් චේන්ජ් මිනිත්තු 118 ක ධාවන කාලයකින් යුතු වේ.SECRET OF THE WINGS‘සීක්‍රට් ඔෆ් ද වින්ග්ස්’ පරිගණක සජීවිකරණ පවුලේ චිත්‍රපටයක්. සුරංගනා කතාවක් තේමා කර ගත් මෙහි අධ්‍යක්ෂණය බොබ්ස් ගැන්වේ සහ පෙගී හෝම්ස් විසිනි.මේ විට්මන්, ලකී හැලේ, ලකී ලියූ, ඇන්ජෙලා බර්ට්ස්, රාවෙන් ෂෙයොම්, මෙගාන් හිල්ටි, තිමොති ඩෝල්ටන් මේ සඳහා හඬ දායකත්වය ලබා දෙති. සීක්‍රට් ඔෆ් ද වින්ග්ස් මිනිත්තු 75 ක ධාවන කාලයකින් යුක්ත වේ.GREYSTONE PARK‘ග්‍රේස්ටෝන් පාර්ක්” ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. මිනිත්තු 79 ක ධාවන කාලයක් පුරා දිවෙන මෙය සීන් ස්ටෝන්ගේ අධ්‍යක්ෂණයක්. ඇලෙක්සැන්ඩර් වරිත්, සීන් ස්ටෝන්, ඇටොනෙලා ලෙන්ටිනි, ඔලිවර් ස්ටෝන්, බෲස් පේන් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.A CAT IN PARIS‘අ කැට් ඉන් පැරිස්’ ප්‍රංශ පරිගණක සජීවිකරණ චිත්‍රපටයක්. ජීන් ලොප් ෆෙලිසියොලි සහ ඇලන් ගැග්නොල් අධ්‍යක්ෂණය කළ මෙය ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවලින් යුතු වේ.මිනිත්තු 70 ක කාලයක් පුරා දිවෙන ‘අ කැට් ඉන් පැරිස්’ හි හඬ දායකත්වය ඩොමිනික් බැලන්ස්, බෲනො සැලොටොන්, ජීන් බෙන්ගුයි, බර්නදෙත් ලැෆොන්ට්, ඔරුයින් සානි, බර්නාඩ් බොවුලිඔන් විසිනි.MAXIMUM CONVICTION‘මැක්සිමම් කොන්වික්ෂන්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක්. කෙඕනි වැක්ස්මන් අධ්‍යක්ෂණය කළ මෙහි ස්ටීවන් සෙගාල්, ස්ටිව් ඔස්ටින්, මයිකල් පාරේ, ආලියා ඕබ්‍රයන්, බ්‍රෙන් ෆොස්ටර්, කිර්බි මොරොව්, ස්ටෙප් සෝන්ග්, සැක් සැන්ටියාගෝ ප්‍රධාන චරිත සඳහා දායක වෙති.DEKHA JO PEHLI BAAR‘දේඛා ජෝ පෙහිලී බාර්’ ෂම්මි ඛාන් විසින් අධ්‍යක්ෂනය කළ ආදර කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. අහන්වාස් ඛාන්, මුස්තාක් ඛාන්, ෂාන්බාස් ඛාන්, අශිෂ් මිෂ්රා, චාරු අසෝපා, සුදේශ් ඛේරි, හිමානි ශිව්පූරි මෙහි ප්‍රධාන චරිත නිරපණය කරති.- යතේජා ඥානරත්න
CREATIVE
චිත්‍රපට අධ්‍යක්‍ෂප්‍රසන්න විතානගේමම මේ සතිය ආරම්භ කරන්නේ මගේ මීළඟ චිත්‍රපටය සමඟිනුයි. ඒක වෘත්තාන්ත චිත්‍රපටයක්. මෙරට සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන මෙහි නළු නිළියන් ගේ රංගනයන් සමඟ මෙම සිදුවීමට මුහුණ දුන් චරිත ද මුසු වීම විශේෂයක්.ඒ අනුව මේ සතියේ දී මම මේ චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ මෙරට ප්‍රදර්ශන කටයුතු වෙනුවෙන් ද සූදානම් වෙනවා.
CREATIVE
මොහාන් නියාස් අධ්‍යක්ෂණය කරන ගජමුතු යාය ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ සංහිඳ හෝටලයේදී පැවැත්විණ. අලි මිනිස් ගැටුම පාදක කරගනිමින් නිර්මාණය වන මෙහි ක්ලීටස් මෙන්ඩිස්, ඩග්ලස් රණසිංහ, ජී. ආර්. පෙරේරා, දුලානි අනුරාධා, ජගත් මනුවර්ණ, සනත් විමලසිරි, මිහිර සිරිතිලක, චමින්ද වික්‍රමසිංහ, රෝහිත මාන්නගේ ඇතුළු නළු නිළියන් චරිත මවති.නිශ්ශංක ගුණසුමනගේ සහය අධ්‍යක්ෂණයකි. රොෂාන් ජයසුන්දර නිෂ්පාදන කළමනාකරුය. රොෂාන් පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන් එක්වෙති. චමින්ද වික්‍රමසිංහ නිෂ්පාදන සම්බන්ධීකාරක වරයාය.ගජමුතු යාය පවිත්‍රා ජයසේකරගේ නිෂ්පාදනයකි. ජගමුතු යායේ පිරිවර මුහුරන් උළෙලදා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.- ප්‍රසාද්
CREATIVE
රැකියා සඳහා විදෙස්ගත වූවන් වෙනුවෙන් පැවැත්වෙන රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාව දැන් විවෘත වෙලා තියෙන්නේ කටාර් රාජ්‍යයේයි. මේ එහි තෙවැනි අදියර යටතේ ලබන 05 වැනිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ සිය කලා හැකියාවන් එළි දක්වන රටවිරුවන්.ප්‍රමාණ සමීක්ෂකවරයකු ලෙස සේවයේ නිරත එරන්ද ප්‍රසාද් වීරසිංහ රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ සිය ගායන කුසලතා දැක්වීමටයි. කුඩා කාලයේ සිටම සංගීතයට ලැදි ඔහු පාසලේදී විෂයක් ලෙස ද සංගීතය හදාරා ඇත. නාත්තන්ඩියේ පදිංචි එරන්ද ප්‍රසාද් විදෙස් සේවයට එක් වී තිබෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේදීයි.මග්ගොන පදිංචි ක්‍රිෂන් කුමාර් මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කිරීමට සූදානම්. පාසල් කාලයේ සිට ගායන තරග සඳහා ඉදිරිපත් වී ඇති ඔහු සංගීත කණ්ඩායමක ගිටාර් වාදක ශිල්පියෙකු ලෙස ද කටයුතු කර ඇත. කිමිදුම්කරුවකු ලෙස කටාර්හි සේවය කරන ක්‍රිෂන් විදේශ සේවයට එක් වී ඇත්තේ 2010 වසරේදීයි.ගයාන් රංගන සිල්වා රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සැරසෙන තවත් ගායන තරුවක්. කුඩා කාලයේ සිටම සංගීතයට ලැදියාවක් දැක් වූ ඔහු විශාරද මාලිනී බුලත්සිංහල යටතේ සංගීතය හදාරා ඇත. හෝටල් සේවකයකු ලෙස කටයුතුª කරන පාදුක්ක පදිංචි ගායන් රංගන විදෙස් සේවයට එක්ව ඇත්තේ 2012 වසරේදීයි.පූගොඩ පදිංචි ප්‍රදීප් සංජීව සේනාරත්න කටාර්හි රටවිරුවෝ වේදිකාවේ සිය ගායන කුසලතා දැක්වීමට සූදානම්. පාසැල් අවදියේ සිටම ගායනයට ලැදියාවක් දක්වන ඔහු සංගීත කණ්ඩායමක ගායකයකු ලෙස ද කටයුතු කර ඇත. ගායනයට වගේම ඩ්‍රම්ස් වාදනයටත් දස්කම් දක්වන ප්‍රදීප් සංජීව වායු සමීකරණ කාර්මිකයකු ලෙස කටාර් හි විදෙස්් සේවයට එක් වී ඇත්තේ 2012 වසරේදීය.ගායනයට මෙන්ම නර්තනයටද එක ලෙස දස්කම් දක්වන ඉන්දික ප්‍රසාද් රත්නසිරි මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වෙන ගායන තරුවයි. සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති ඉන්දික වාදනයට ද දස්කම් දක්වයි. ඊට අමතරව උසස් පෙළ විෂයක් ලෙස ඔහු නර්තනය ද හදාරා ඇත. කුරුණෑගල පදිංචි ඉන්දික ප්‍රසාද් සුපවේදියකු ලෙස විදෙස් සේවයට එක් වී ඇත්තෙ 2012 වසරේදීය.කළුතර පදිංචි තිසර පද්මකුමාර රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් තෙවන අදියර ගීතවත් කරන්න සැරසෙන අවසන් තරුවයි. පාසැල් අවධියේ සිටම ගායනයට ලැදියාවක් ඒ සඳහා උනන්දු වූ ඔහු මෙරට විවිධ සංගීත ප්‍රසංගවලදී සිය ගායන හැකියාවන් එළි දක්වා ඇත. වීදුරු පෑස්සුම්කරුවකු ලෙස තිසර පද්මකුමාර කටාර් හි සේවයට එක් වී ඇත්තේ 2012 වසරේදීයි.යතේජා ඥාණරත්න
CREATIVE
නලිංක කාවින්ද මහර ජනාධිපති විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන පුංචි පුතෙක්. ඒ වගේම නලිංක ඉස්කෝලේ කා අතරත් හරිම ජනප්‍රියයි. තවම අට වසරේ ඉගෙන ගත්තත් හරිම අපූරුවට තබ්ලාව වාදනය කරන නිසා තමයි නලිංක මේ තරමට ජනප්‍රිය. ඒ විතරක් නෙවෙයි නලිංක තමන්ගේ දක්ෂතාව පසුගිය දවසක හැමෝටම පෙන්නුවා. ඒ 2013 සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරඟාවලියේ කණිෂ්ඨ අංශයේ ඒකල තබ්ලා වදන (පිරිමි) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින්.* නලිංක පුතාට ගොඩක් සතුටු ඇති නේද පළමුවැනියා වුණ නිසා?ඔව් ගොඩක් සතුටුයි. සමස්ත ලංකා තරඟයකින් පළමුවැනියා වුණේ පළමු වතාවට. 2012 වසරේ මේ අංශයේම පළාත් දෙවැනි ස්ථානය ලැබුණා.* ඔයා පුංචි කාලේ ඉඳලාම සංගීතයට කැමැතියිද?මගේ තාත්තා ප්‍රියන්ත චන්ද්‍රදීප්ත. දක්ෂ තබ්ලා වාදකයෙක්. මම පුංචි කාලෙත් ගෙදර තිබුණ තාත්තාගේ තබ්ලාව වාදනය කරන්න හදනවාලු. ඒ නිසා මොන්ටිසෝරි යන කාලෙදිම තාත්තා මට තබ්ලා වාදනය පුරුදු කළා. මොන්ටිසෝරියේ කොන්සට් එකේ ගීත දෙකකටමත් මම තබ්ලා වාදනය කළා.ඊට පස්සේ දෙක වසරේ සිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිල්ටස් දයාවංශ ගුරුතුමාගෙන් තබ්ලා වාදනය ඉගෙන ගන්නවා. ඉස්කෝලෙදි සුමිත්‍රා ගුරුතුමියගෙන් සංගීතය ඉගෙන ගන්නවා. ඊට අමතරව ගායනය වගේම වයලින් වාදනයත් ඉගෙන ගන්නවා.* ඉස්කෝලෙදි සංගීතය හැර කැමැතිම විෂයන් මොනවාද?හැම විෂයකටම ගොඩක් කැමැතියි. බුද්ධ ධර්මය ඉගෙන ගන්න ගොඩක් ආසයි. මම දහම් පාසලුත් යනවා.* නලිංක ලොකු වුණාම කවුරු වෙන්න ද කැමැති?අනාගතයේදී සංගීතය ගැන කථිකාචාර්යවරයෙක් වෙන්න කැමැතියි.* ඔයාගේ පවුලේ විස්තරත් කියන්නකෝ?මගේ පවුලේ අම්මයි තාත්තායි මමයි අක්කයි ඉන්නේ. අම්මා චන්ද්‍රා රෝහිණී. පෞද්ගලික ආයතනයක සේවය කරනවා. අක්කා සුපිපි කාවින්දි. මහර මහමායා බාලිකාවේ ඉගෙනුම ලබනවා. අක්කත් සංගීතය හදාරනවා.මගේ අම්මා, තාත්තා, අක්කා වගේම ඉස්කෝලේ හැමෝමත් මට ගොඩක් උදව් කරනවා. ඒ හැමෝටම වගේම මට සහාය වාදනයෙන් උදව් කළ තරුෂ අයියාටත් මම ගොඩක් ස්තූති කරනවා.නලිංක පුංචි පුතාට සංගීත ක්ෂේත්‍රයේ වගේම අධ්‍යාපනයෙනුත් ඉහළටම යන්න සරසවිය සුබ පතනවා. ඒ වගේම 0716298436 අංකයට රසික ඔබටත් සුබ පතන්න පුළුවන්.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
CREATIVE
සුදර්ශන ධර්මකීර්ති මෙරටින් ඉතාලියට ගොස් එහිදී දේශීය නර්තනය වගේම ඉන්දීය නර්තන සම්ප්‍රදායන් ද පිළිබඳ එරට සිසුන්ට ගුරුහරුකම් ලබාදෙන නර්තන ගුරුවරයෙක්.ඉතාලියේ මිලානෝ හි සුදර්ශන ශ්‍රීී රංගායතනය ආරම්භ කළ සුදර්ශන විසින් වසරක් පාසා නර්තන උළෙලවල් සංවිධානය කරන අතරම, ඒවා තවත් විවිධ රටවල් කරා ද ගෙන යමින් එහිදී ද නර්තනයේ අගය, විචිත්‍රත්වය ගෙනහැර දක්වන්නේය. ඒ අතරතුරේදී සුදර්ශන ලංකාවට පැමිණි අවස්ථාෙවේදී සරසවියට ගොඩ වැදුණු විටදී නර්තනය පිළිබඳ තම සිහිනය සැබෑ කරගත් අයුරු පැවැසුවේ මේ විදියට.මම අධ්‍යාපනය ලැබුවේ දෙමටගොඩ වේළුවන විද්‍යාලයේ. පාසල් කාලයේදී යෞවන සමාජ නර්තන තරඟවලට සහභාගි වෙලා ජයග්‍රහන ලබාගෙන තියෙනවා. රැජිනි සෙල්වනායගම් ගුරුතුමියගේ නර්තනය දැකලා තමයි මට නැටුම් විෂය හදාරන්න දැඩි කැමැත්තක් ඇති වුණේ. 1987 වසරේදී මම එතුමියගේ කලායතනයට ඇතුළත් වෙලා නර්තනය පිළිබඳ හැදෑරුවා.පසුව කුමාරි ධම්මගේ යටතේ කථක් නර්තනයත්, චලනි ප්‍රියංකා යටතේ භරත නැටුම් කලාවත් ප්‍රගුණ කළා. 1991 වසරේදීී මම නාවික හමුදා සංස්කෘතික අංශයට බැඳුණා. එහි වසර 10 ක් නර්තන උපදේශකවරයෙක් ලෙස සිටීමෙන් පසු 2001 වසරේදී ඉතාලියට යන්න අවස්ථාව ලැබුණා. මේ වන විට මා යටතේ ඉතාලියේ වෙසෙන සිංහල සිසුන් වගේම ඉතාලි ජාතික දරුවන් පවා නර්තනය හදාරනවා. ඒ අය අතර මා ගොඩක් ජනප්‍රිය භරත නාට්‍ය ආචාර්යවරයෙක් විදියටයි.ඔබ මූලිකත්වය දෙන්නේ භරත නර්තන සම්ප්‍රදායටද?නැහැ. දේශීය නර්තන සම්ප්‍රදායන් ඇතුළුව භරත, කථක්, ස්කොටිෂ්, ලතින් ඇමරිකන් සහ බෝල්රූම් වැනි නර්තන පිළිබඳත් දැනුම සිසුන්ට ලබා දෙනවා. පසුගියදා දේශීය නර්තන සම්ප්‍රදායන් හැදෑරූ සිසුන්ගේ වෙස් බැඳීම සහ කලඑළි මංගල්‍යය සම්පූර්ණ චාරිත්‍රානුකූලව සිදු කළා. ලබන වසරේදීත් තවත් සිසුන් පිරිසකට වෙස් බැඳීම සහ කලඑළි මංගල්‍ය පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා.සුදර්ශන ඉදිරියේදී පවත්වන්නට නියමිත නර්තන උළෙල පිළිබඳත් සඳහන් කරමුද?සුදර්ශන ශ්‍රී රංගායතනයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කෙරෙන නර්තන ප්‍රසංගය ලබන නොවැම්බර් මාසයේදී මිලානෝහිදී පවත්වන්නට සූදානම් කරලා තියෙනවා. 2001 වසරේදී මම මේ කලායතනය ආරම්භ කිරීමේදී මගේ මුල්ම ශිෂ්‍යාව වූ ඉෂංකා හේරත් තමයි මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ. මීට අමතරව ලබන වසරේදී ගුරුපූජා උපහාර උළෙලක් පවත්වන්නටත් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා ප්‍රවීණ නර්තන ආචාර්යවරුන් වන රැජිනි සෙල්වනායගම්, රවිබන්දු විද්‍යාපති සහභාගි වන්නටත් නියමිතයි. මා ලද නර්තන දැනුම ඉදිරි පරම්පරාවලටත් බෙදා දෙමින් රැක ගැනීම තමයි මගේ අරමුණ.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න  
CREATIVE
‘මිස්ටර් ඉන්ඩියා’ 1987 වසරේ ලොවකගේ හද දිනූ සිනමාපටයකි. එහි දෙවැන්නක් පිළිබඳ අධ්‍යක්ෂ බොනි කපූර් සිහින මවන්නේ පසුගිය වසරේ සිටයි. ඒ සිහිනය සැබෑ වන සිහිනයක් බව වැටහෙන්නේ ශ්‍රී දේවි මිස්ටර් ඉන්ඩියා දෙවැන්නෙහි රඟපෑමට එකඟ වී ඇති නිසයි.පහළොස් වසරකට පසුව ද ශ්‍රී දේවියගේ සුරූපී ස්වරූපය වෙනස් වී නැත. එනිසාම මිස්ටර් ඉන්ඩියා දෙවැන්න බැබළවීමට ද ඇයට හැකි වනු ඒකාන්තය. අනිල් කපූර් ද සිනමාපටයේ රඟපෑමට එකඟ වී තිබේ. එහෙත් ශ්‍රී දේවි රඟපෑමට එකඟ වීම නිසා අනිල් කපූර්ගේ මනාපයට කුමක් වේවිදැයි යන්න නිශ්චිතව කිව නොහැකිය.ශ්‍රී, වැඩිමල් සොයුරු බොනිගේ අතගත් පසු අනිල් කපූර් පැවසුවේ යළි පෙම්වතුන් ලෙස තිරයේ රඟ නොපාන බවයි.ශ්‍රී දේවි සහ අනිල් කපූර් අවසන් වරට තිරයේ පෙම්වතුන් වූයේ 1997 දී ‘ජුඩායි’ සිනමාපටයේයි.කෙසේ වුවත් මිස්ටර් ඉන්ඩියා දෙවැන්න ගැන බොනි කපූර් සිතන්නේ ‘නෝ එන්ට්‍රි, මේන් එන්ට්‍රි’ සිනමාපටයේ දෙවැන්න කළ පසුයි.රන්බීර්ගේ නම කියවෙන්නට ඒ සිනමාපටය තිරගත විය යුතු නැත. සිනමාපටය රූගත කරද්දීත් ඔහුගේ නම පුවත් මවයි. මෑතකදී ඔහුගේ නම කියවුණේ සිනමා සද්කාර්යයකටයි. ඉදිරියට තිරගත වීමට නියමිත ‘යේ ජවානී හයි දීවානි’ සිනමාපටය රූගත කරද්දී ඔහුගේ වේශ නිරූපණ ශිල්පී හේමන්ත් නායික්, රිෆ්ලෙක්ටරය වැදී තුවාල වූයේය.හේමන්ත්ට රුධිරය ගලන තරමේ තුවාලයක් සිදු විය.සිය සිනමා කණ්ඩායමේ සාමාජිකයන් සමඟ රන්බීර් කඩිනමින් ඔහු රෝහලට රැගෙන ගියහ. රෝහලේදී ඔහුට මැහුම් දැමූ අතර හේමන්ත් සුවය ලබා පිටවෙන තුරුම රන්බීර් ඔහු ළඟම සිටියේය.ලේ උරුමයෙන් නිළියක වූ කරීනාගේ ලෝකය සිනමාව වීම අරුමයක් නොවෙයි. කරීනාගේ සීයා රාජ් කපූර්ය. පියා රන්ධීර්, මව බබිතා මෙන්ම අක්කණ්ඩිය කරිෂ්මා ද තිර තරුය. එසේ නම් කරීනා කපූර් අවසන් හුස්මත් දර්ශන තලයකදී හෙළන බව පැවසීම අරුමයක් නොවෙයි.ලාරා දත්තා, දියා මිර්සා, ප්‍රීති සින්තා වැන්නියන් මේ වන විට සිනමා නිෂ්පාදනයටත් අතගසා අවසන්ය. එහෙත් කරීනාට නම් අවශ්‍ය මිය යන තුරුම රංගනයේ යෙදීමයි.මේ දිනවල කරීනා ප්‍රකාශ් ජාගේ ‘සත්‍යග්‍රහ’ සහ කරන් ජොහාර්ගේ ‘ගෝරි තෙරේ ප්‍යාර් මේන්’ සිනමාපටයේ රූගත කිරීම් නිසා කාර්යබහුලය.‘සත්‍යග්‍රහ’ සිනමාපටයේ අජේගේ සමඟ සරාගී දසුනක රඟපෑමට කරීනාට තිබුණ ද ඇය එයට අකැමැත්ත පළ කර ඇති බව එක් ප්‍රධාන පත්‍රයක සඳහන් වූයේය. එහෙත් තිර පිටපතට සාධාරණය ඉටු කරන නිළියක වූ ඇය එසේ නොකරන බවට ද වාර්තා වී තිබේ. අජේ හා කරීනා රඟන සරාගී දසුන ඊළඟ මාසයේදී බෝපාල් හි රූගත කිරීමට නියමිතයි.1913 දී ‘රාජා හරිශ්චන්ද්‍ර’ සිනමාපටය ලෝක සිනමාවට බොලිවුඩය නම් අධිරාජ්‍යය බිහි කළේය. සියවසක් ගත වන්නේ සොඳුරු වෛවර්ණ සිහිනයක ප්‍රේක්ෂකයා ජීවත් කරවමිනි. ඒ සුවිශේෂී සැමරුමට ෆිල්ම් ෆෙයාර් සඟරාව සූදානම් වන්නේ සිනමා සියවසේ වටිනාකම එකට එක් කළ හැකි යුග තුනක රජුන් තිදෙනකුගේ ඡායාරූපයකිනි.ඡායාරූපය ගන්නා ලද්දේ විශිෂ්ට රංගවේදී දිලිප් කුමාර්ගේ මූම්බායි නිවෙසේදීයි.දැනට අනූ හැවිරිදි වියේ පසුවන දිලිප් කුමාර් පනහ, හැට දශකයන්හි බොලිවුඩය දික්විජය කළේ මධුමතී, දේව්දාස් වැනි සිනමා රංගනයන්ගෙනි.අමිතාබ් බච්චන් හැත්තෑව, අසූව දශකයන්හි බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ සංජීර්, ෂෝලේ බඳු සිනමාපට ගණනාවකම සුපිරි තරුවයි.බාසිගර්, ඩර්, දිල්වාලේ දුල්හනියා ලේ ජායන්ගේ වැනි සිනමා සිත්තම්වලින් රජකු බවට පත් වූයේ ෂාරුන් ඛාන්ය. මේ ජීවමාන රජුන් ත්‍රිත්වය එකම රූප රාමුවකට කොටු කළ දුලබ ඡායාරූපය එළි දකින්නේ එරට ප්‍රධානම සිනමා සඟරාව වන ෆිල්ම් ෆෙයාර් සඟරා කවරයෙනි. සිය වසක ප්‍රේක්ෂකයන්ට ඔවුන් දෙන ගෞරවනීය තිළිණය එයයි.චම්පිකා දීපානී රණසිංහ
CREATIVE
ළඟදීම රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත ‘හැම්ලට්’ චිත්‍රපටයේ කටයුතුත් සමඟයි මගේ දවස ගත වෙන්නේ. ඒ සඳහා තෝරා ගත්ත නළු - නිළියන් පුරුදු පුහුණු කරමින් හා ඔවුන් සමඟ පිටපත සාකච්ඡා කිරීමටයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.
CREATIVE
අත්තම්මා හරහා ආලින්දයට එන මහේශ් හමුවෙමුඅත්තම්මා ටෙලි නාට්‍යයේ ප්‍රබල චරිතයක් වූ හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කළ ඔහු නමින් මහේශ් ගම්මැද ලියනගේයි.කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ මහේශ් පාසල් අවධියේ සිටම කලාව හා බැඳී කටයුතු කළ අයෙක්.පවුල් පසුබිමෙන්ම කලාවට උරුමකම් කියන මහේශ් සංගීතය, ගායනය, රංගනය, සංස්කරණය, කැමරාකරණය වැනි මාධ්‍ය පිළිබඳ හැදෑරුවත් ඔහුගේ රැකියාව වූයේ ව්‍යාපාර ආයතනයක ප්‍රාදේශීය වෙළෙඳ කළමනාකරුවකු ලෙස කටයුතු කිරීමයි. තම රැකියාවට බාධාවක් නොමැතිව කලා කටයුතුවල නියැළෙන හෙතෙම රංගනය ඇරැඹියේ මංජුල කරුණාරත්න අධ්‍යක්ෂණය කළ පබළු පාලම ටෙලි නාට්‍යයෙනිි.සත්‍ය ජය ගනී චිත්‍රපටයෙන් චිත්‍රපට ක්ෂේත්‍රයට එක්වන ඔහු රස රහසක්, අපේ යාළු මාළු, අංදුන් කුංදුන්, නවරියන් චිත්‍රපට සඳහා විවිධ චරිත නිරූපණය කර ඇත.පබළු පාලම, සරණ සමනලී, දුටු සතුටු මල ටෙලි නාට්‍යය සඳහා ද දායක වූ මහේශ් මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන අත්තම්මා ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතය මවමින් කාගේත් සිත්ගත් නළුවකු බවට පත්ව තිබේ.කලා ක්ෂේත්‍රයේ නොයෙකුත් කැපිලි කෙටිලි තිබුණත් මහේශ් පවසන්නේ ඔහුට අද වනතෙක් ප්‍රවීණයන්ගෙන් ලැබුණේ පුදුමාකාර සහයෝගයක් බවයි.තබ්ලා විශාරද ජී. එල්. මයිකල් පෙරේරා ඔහුගේ පියා වන අතර සංගීත ගුරවරියක් වූ වයලත් රංදෙණිය ඔහුගේ මව වේ.1990 සිට කලා ක්ෂේත්‍රයේ නොයෙකුත් ඉසව් ඔස්සේ පියමනින මහේශ් චන්ද කින්නර දේවී, අතීතයේ එක් දිනක, දෙවෙලේ දකින කරමල වැනි ගීත ගායනා කරමින් ගායන ක්ෂේත්‍රයේ ද නමක් දිනාගෙන සිටියි.තම පියාගේ ඉල්ලීම නිසා කලා ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු නොවුණු ඔහුගේ බලාපොරොත්තුව වන්නේ තම රැකියාවෙන් විශ්‍රාම ගිය දිනක තම ජීවන ගමන කලාව සමඟ ගෙවා දැමීමයි.රංගනයෙන් දිගු ගමනක් යන්නට වෙර දරන මහේශ්ගේ එකම අභිලාෂය වන්නේ නිළි රැජන මාලිනී ෆොන්සේකා සමඟ රංගනයක යෙදෙන්නටයි.සුජිත් චමින්ද, සම්පත් නානායක්කාර, සොලමන් ෆොන්සේකා, ඇන්ඩෘ ජයමාන්න, ප්‍රියංකර පෙරේරා, එඩ්වඩ් ජයකොඩි, ලාල් ප්‍රියදේව, ප්‍රිංසි ප්‍රනාන්දු, දුලීකා මාරපන, ගිහාන් ප්‍රනාන්දු, සරත් චන්ද්‍රසිරි, නන්දන වීරසිංහ, රම්‍ය ශ්‍රියානි පතිරණ, සුරනිමල ජිනේන්ද්‍රසිංහ, ශිරාන් රත්නායක මේ සියලු දෙනාගෙන් ලැබුණු සහාය ඔහු ආ ගමනට බොහෝ රුකුලක් වුණා යැයි හැඟීම්බරව පැවසුවේ ඔවුන්ට ස්තුති කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමිනි.කලා ක්ෂේත්‍රයේ ඔහු දක්වන දක්ෂතා අඩු පාඩු ඇත්නම් ඒ පිළිබඳව දැනගන්නට, උපදෙස් ලබන්නට මහේශ්ගේ ඇත්තේ ලොකු කැමැත්තකි. ඒ නිසාවෙන් දුරකථන අංක 0777007410 කතා කර ඔබගේ අදහස් කෙළින්ම ඔහුට පවසනවා නම් ඔහුගේ කලා දිවිය තවදුරටත් සාර්ථක කර ලන්නට එය බොහෝ රුකුලක් වනු ඇත.තිස්ස ධම්මිකසේයාරුව – මාලන් කරුණාරත්න
CREATIVE
සේනක විජේසිංහසේනක විජේසිංහ පසුගිය කාලයේ හිටියේ නිහඬව. කිසිදු නිර්මාණයකින් හෝ ඔහුව අප දැක්කේ නැහැ. ඒ වගේ සේනකට විරුද්ධව එක්තරා පාර්ශවයකින් ඔහු මූල්‍යමය වංචාවක් කළා යැයි චෝදනාවකුත් තිබුණා. කෙසේ නමුත් ඔහු යළි කරළියට ඇවිත්. හිස් අතින් නම් නෙවෙයි. පුංචි බෲස්ලීවත් අරගෙන.කාලෙකට පස්සේ හමුවුණු හින්දා සේනකට මෙන්න මෙහෙම ප්‍රශ්න පත්තරයක් යොමු කළා. පළමුව ඇසුවේ මුල්‍ය වංචාව ගැන.* සේනක මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?කියන්න නම් තියෙන්නේ මං එහෙම මූල්‍ය වංචාවක් කළේ නැහැ කියලා.* එහෙනම් ඔබ ටෙලි නාට්‍යයක් කරන්න මුදල් අරන් පැන ගියාය කියන කතාව?ඒක සේරම බොරු.මං කියන්නම් වෙච්ච කතාව. රෙඩි කියලා නාට්‍යයක් අපි පටන් ගත්තා. ඒක අධ්‍යක්ෂණය කළේ ක්ලයිව් මාටෙනිස්. ඔහු මේ වන විට අප අතරේ නැහැ. මම ඒකේ නිෂ්පාදන කළමනාකරු. නිෂ්පාදකයි මමයි අතරෙයි මුදල් හුවමාරු වන ගිවිසුම ගැහැව්වේ.* රෙඩි රූ ගැන්වුණේ නැද්ද?රූගත කළා කොටස් දහයක්. නමුත් සංස්කරණය කරද්දී ඒක කොටස් හතකටයි සංස්කරණය වුණේ. ඉතින් නිෂ්පාදන පාර්ශ්වය කිව්වා අපි කොටස් හතක් රූගත කරලා ඉතිරි කොටස් තුනේ සල්ලි වංචා කළා කියලා.* වැරැද්ද ඔබලා අතේ නේද තියෙන්නේ?ඒක මගේ වැරැද්දක් නෙවෙයි. අධ්‍යක්ෂවරයා අතිනුයි එය සිද්ධ වුණේ. මං හිටියේ නිෂ්පාදන කළමනාකරු විදිහට විතරයි. අධ්‍යක්ෂවරයා ඊට වගකිව යුතුයි.* ඒත් දැන් ඔහු ජීවතුන් අතර නැහැ. කොහොමද ඒ බවක් ඔබ ඔප්පු කර පෙන්වන්නේ?ඒකට මට සාක්ෂි තියෙනවා. මේ වන විට එහි නඩුව යනවා. ළඟදීම තීරණයක් ලැබේවි.* රුපියල්වලින් ගත්තොත් කීයක් ඔබ වංචා කළා කියලද ඔවුන් කියන්නේ?ලක්ෂ තුන හමාරක් විතර.* ඔබගේ නම පිටින් මේ පුවත ගැන පළ වුණා නේද?ඒකනේ. මාධ්‍ය මඟින් ඕනෑවටත් වඩා මේ ගැන ඇවිස්සුවා.* ඔබට තිබුණනේ නිවැරැදි කිරීමක් කරන්න?කමල් අද්දරආරච්චිටත් විරුද්ධව පත්තරවල ඇතැම් අය ලිව්වනේ. ඒත් ඔහුට කිසිම හානියක් වුණේ නැහැනේ. මටත් එහෙමයි. මට ඕවට වඩා වෙන වැඩ තියෙනවා.* ඒ මොනවාද?මට ළමයි හතර දෙනෙක් ඉන්නවා. එයාලට කන්න අඳින්න පළඳීන්න දෙන්න ඕනේ. ඉස්කෝලේ පහසුකම් ගාස්තු දෙන්න සල්ලි හොයන්න ඕනෑ. මේවා තමා මගේ වැඩ. පුද්ගලික ජීවිතේ මං හොඳ පියෙක්. ඒ නිසා ඔවුන් ගැන හිතනවා ඇරෙන්න ඕවා නිවැරැදි කර කර ඉන්න කාලයක් මට නැහැ.* සීයට සීයක් විශ්වාසද ඔබේ කීර්ති නාමයට හානියක් වුණේ නැහැ කියලා?මං රට වෙනුවෙන් මැරෙන්න වුණත් ලැහැස්ති මිනිහෙක්. යුද්දෙ තියෙද්දි මං ප්‍රභාකරන්ට විරුද්ධව නැඟී සිටි කලාකරුවෙක්. මං බය නැතිව ඒක කළා. ඒවා මගේ රසික රසිකාවන්ට මතකයි. ඔවුන් මට දක්වන ඒ ළෙංගතුකම මේ දෙකයි පනහෙ උන් කරන දේවලින් නැති කරන්න බැහැ.* ඔබ අලුත් සිනමාපටයක් ආරම්භ කරන්නට සූදානම් පුංචි බෲස්ලි කියලා?ඔව්.* මේ තත්ත්වය මත නිෂ්පාදකවරයකු ඔබත් එක්ක වැඩ කරන්න කැමැති වෙයිද?ඇයි එහෙම අහන්නේ. මං හොරෙක් නෙවෙයිනේ. නඩු තීන්දුවෙන් ඒක මනාව ඔප්පු වේවි. අනික මේක ළමා චිත්‍රපටයක්. පුංචි බෲස්ලි මගේ බඩ වඩා ගැනීමට කරන වෑයමක් නෙවෙයි. මේක තනිකරම සටන් කලාව හා බැඳුණු චිත්‍රපටයක්.* ඔබ කාලයක් තිස්සේ සටන් කලාව ජාතික මට්ටමෙන් ව්‍යාප්ත කරන්නට වැඩ පිළිවෙළක් සකස් කරන්න තනි උත්සාහයක යෙදෙනවා. නමුත් ඒක එතරම්ම සාර්ථක බවක් පෙනෙන්නට නැහැ?ඔබ ඕක ගැන අහපු එක හොඳයි. ලබන ජනවාරි 04 වැනිදා සුදර්ශියේ මං මගේ ඇකඩමියක් පටන් ගන්නවා. ඒකෙන් මගේ චිත්‍රපටයට මෙන්ම අනෙකුත් චිත්‍රපටවලටත් සටන් ජවනිකාවලට පිරිස යොමු කරනවා. මගේ උත්සාහය නැවතිලා නැහැ.* වසර විස්සකටත් අධික කාලයක් ඔබ සටන් කලාව වෙනුවෙන් වෙහෙස වෙනවා. මොනවද ඔබට ඉන් ලැබුණේ?මං මාර්ග සංවර්ධන අධිකාරියේ ජනාධිපති උපදේශකවරයකු විදිහට වැඩ කරනවා. ඉන් බොහොම සුලු වැටුපක් ලැබෙන්නේ. මගේ මූලිකම ආදායම් මාර්ගය සටන් කලාව. ඒක නිසයි අද මමත් පවුලේ අයත් ජීවත් වෙන්නේ.* තවමත් මෙගා නාට්‍ය නොකරන මතයේද ඔබ ඉන්නේ?මෙගා නාට්‍ය තදින් විවේචනය කරපු කෙනෙක් මම. මොකද රෑ 7 – 9 අතර මෙගා පෙන්නපුවාම මව්පියෝ ඒව බලනවා. ළමයි ෆෝන් එකයි කම්පියුටරයයි අතර තනි වෙනවා. ළමයි නොමඟ යනවා. මේක මහ විනාශයක්.මං ඒ ගැන කතා කළා. ඇතැම් අපේ මිනිස්සු ඒක වැරැදියට තේරුම් ගත්තා. මාව මෙගාවලට ගත්තේ නැහැ. ඒකෙන් වුණේ මට නාට්‍ය කරලා මාසිකව හම්බු වෙච්ච රුපියල් ලක්ෂයක පමණ මගේ ආදායම අහිමි වෙච්ච එක විතරයි.අවුරුදු හයක හතක තිස්සේ එහෙමයි මං කාලය ගෙව්වේ. අදටත් මට ආර්ථික අපහසුකම් තියෙනවා. සමහරු කියනවා ආර්ටිස් කෙනෙක් වෙලා මේ වගේ කතා කියලා පීචං වෙන්න එපා කියලා. ඒත් මං කිව්වේ ඇත්ත. මම මෙගා නාට්‍ය නොකරන මතය අතහැරලයි ඉන්නේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
මාලිනීගේ උපන් දිනය කොළඹින් බැහැරදශක පහක් පුරාවට අප සිනමාව ඒකාලෝක කළ හෙළ නිළි රැජන, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය මාලිනී ෆොන්සේකා පසුගිය අඟහරුවාදා සිය උපන් දිනය සුවිශේෂී අයුරින් සැමරුවාය. මෙවර ඇය උපන් දිනය සැමරීමට තෝරා ගෙන තිබුණේ කොළඹින් දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශයක් වූ තඹුත්තේගම ප්‍රදේශයයි.එහි සුවිශේෂිම කරුණ බවට පත්ව තිබුණේ තඹුත්තේගම රැජන හන්දියේ බිමි කොටසක ඉදි කිරීමට නියමිත සිනමා ශාලාවක් සඳහා මුල්ගල තැබීමයි. චිත්‍රපට නිෂ්පාදක කළමනාකරුවකු හා රංගන ශිල්පියකු වන සමන්ප්‍රිය මාරසිංහගේ සංකල්පයකට අනුව නුදුරු අනාගතයේදී එය ‘රැජන මාලිනී’ නමින් ඉදිවන්නට නියමිතයි. ඒ සඳහා මුල්ගල තැබීම නිළි රැජන මාලිනියගේ උපන් දිනය යෙදී තිබුණු දා හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.සිනමාවට මහඟු මෙහෙවරක් කළ මාලිනිය, සමාජ සේවයට වූ සේවාව වගකීමක් කර ගනිමින් එදින එම ප්‍රදේශය තුළ සමාජ සද්කාර රැසක් ද එතුමිය අතින් සිදු කෙරිණි. ඒ අතර වකුගඩු රෝගීන් සඳහා වතුර පෙරණ ලබා දීම, ස්වයං රැකියා සඳහා උපකරණ කට්ටල බෙදා දීම සහ අක්ෂි සායනයක් ද පැවැත්විණි.මේ එම මොහොත අප ඡායාරූප ශිල්පි ටෙනිසන් එදිරිසිංහ ගේ උපනෙතෙහි ඇඳුණු අයුරුයි. තඹුත්තේගම සිට වාර්තා කළේ චතුර ගීතනාත් බණ්ඩාර අසංක දේවමිත්‍ර පෙරේරා සටහන – යතේජා  
CREATIVE
මේ අවුරුදු කාලයේ සංගීත ප්‍රසංග කිහිපයකටම ගායනයෙන් සහභාගී වීමට මට ආරාධනා ලැබුණා. පසුගිය දවස්වල අමරදේවයන් වෙනුවෙන් කළ ගුරු උපහාර උළෙලට මමත් සහභාගි වුණා. එතුමන් වෙනුවෙන් ඒ උළෙලට සහභාගිවීමට ලැබීම මගේ ජීවිතයේ මා ලැබූ භාග්‍යයක්. ඒත් සමඟම නව පරපුරේ අයගේ ගීත කිහිපයකුත් ගායනා කළා. ඒ ඔවුන්ට අත හිත දීම සඳහායි.මේ කටයුතුත් සමඟ මම මේ මාසයේ තවත් අවුරුද්දකින් වයසට යනවා. ඒ බුදුහාමුදුරුවන් දේශනා කරන ලද ධර්මතාවය අනුව නම් අපි දිනෙන් දිනම මේ ළං වෙන්නේ මරණයට බව අමතක නොකළ යුතු කාරණයක්.
CREATIVE
රාණි මුඛර්ජි ඉක්මනින්ම පිළිවෙළක් වූයේ මවක වීමට පැතුම් පුරවා ගෙන බව නොපැකිළව පුකාශ කරන්නීය. විවාහයේ අනාගත බලාපොරොත්තු ගැන මෙතෙක් පැවැති නිහඬතාව විඳිමින් රාණි මේ බව පැවසුවාය.‘යාෂ් අන්කල් අපට විවාහ වෙන්න කිව්වා. ඒත් එය ඉක්මනින් ක්‍රියාත්මක නොකිරීම ගැන පසු තැවෙනවා. අපට ඔහු ඉදිරියේ විවාහ වෙන්න බැරි වුණා.’‘ජබ් තක් හෛයි ජාන්’ තිරගත කෙරුණු පසු විවාහ වන්න හිටියා. ඒත් එය වැළකුණා. මංගල දිනයේ අපි හරිම සුන්දර අත්දැකීමක් ලැබුවා. ආදිත්‍ය, තාත්තා අපි එක්ක ඉන්නවා නම් මංගල දිනයේ වහින බව ස්ථිරයි කිව්වා. වැසි ලකුණක්වත් නොතිබී එක්වරම එදා වහින්න ගත්තා. අපි දෙන්නා මූණට මූණ බලා ගත්තා. ඔහු අප සමඟ කියා තේරුණා.’රාණි සොඳුරු මතකයන් ද මාධ්‍ය ඉදිරියේ අනාවරණය කළා. 
CREATIVE
මගේ ‘මකරට’ වේදිකා නාට්‍යය අරගෙන මම රට වටේම යනවා. මේ දවස්වල අලුත් වේදිකා නාට්‍යයක් කරන්න පිටපත් ලියමින් ඉන්නවා. පිළියන්දල කලාපේ නාට්‍ය හා රංග කලා ගුරු උපදේශක විදියට මට අලුත් පත්වීමක් ලැබුණා. ඒ කටයුතුත් සමඟ මා බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දරු දැරියන්ට නාට්‍ය කලාවේ දැනුම බෙදා දෙනවා.
CREATIVE
මධූෂා රාමසිංහ දක්ෂතා කිහිපයක්ම දෝත දරාගත් යොවුන් කලාකාරිණියකි. රංගනයෙන් ගායනයෙන් මෙන්ම ගී පද රචනයෙන් තම හැකියාවන් කලඑළිදැක් වූ ඇය රැල්ලෙන් මිදී නිර්මාණකරණයෙහි යෙදෙන්නියක් බව කිව හැකියි.මධුෂා කොහොමද ඔබේ කලා දිවියේ මුලකුරු ලියවෙන්නේ?මං ඉගෙන ගත්තෙ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලෙන්. ඒ කාලයේ ඉඳලා ගීත ලිව්වා. පසුව සැරිසර සංගීත ශාලිකාවේ සංගීතය හදාරන්නට යන්නේ මට ගායන හැකියාවකුත් තියෙන බව දැනගත්තට පස්සේ. මං එහිදී මගේ සංගීත ඥාණය තවත් ප්‍රගුණ කරගත්තා. ඒත් එක්කම මං අනෝජා වීරසිංහ මහත්මිය ගාව රංගනය ද හැදෑරුවා. එතකොට තමයි රඟපාන්න අවස්ථාව ලැබුණේ.මොනවද එහෙම දායක වූ නිර්මාණ?කාව්‍යා, කුල කුමරිය, දේදුනු පාලම, භූත වස්තුව. කාව්‍යහි පූර්ණිමා ලෙස කළ රංගනය ගොඩක් අයට අදටත් මතකයි.රඟපාන්න පටන් ගත්තට පස්සේ ගායනය අත හැරියා. ඒත් මට දුකයි. මං විශ්වාස කරනවා මට ගායනය තමයි වඩාත්ම පුළුවන් කියලා. ඒක නිසා සංගීතය පටන් ගත්තා.ඊට පසුව?‘රතු රෝස යායට’ නම් වූ මගේ පළමු ගීතය නිකුත් කළා. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. එය ලිව්වෙත් මමමයි. දොන් ෂර්මන්ට (ඔබ ඉන්නවා නම්) සහ ඩීටැප් සංගීත කණ්ඩායමට (ඔය අත ගෙන)ගීත ලිව්වා.මේ දවස්වලත් ඔබේ ගීතයක් ප්‍රචාරය වෙනවා නේද?ඔව්. ඒක ‘කෙලෙස් මල දුරු කරන්’ එයින් කියවෙන්නේ ලෞකික සුවයෙන් මිදිලා ලෝකෝත්තර සුවයක් සොයා ගෙන යන්නට සාංඝික ජීවිතයට ඇතුළුවීමට මවගෙන් අවසර ඉල්ලන දියණියකගේ කතාවක්.ඔබ උඩු ගං බලා යන නිර්මාණකාරිණියක් විදිහට මං හැඳීන්නුවා. ඒක නිවැරැදිද?සත්‍ය වශයෙන්ම නිවැරැදියි. මන්ද යත් මටත් තිබුණා වෙනත් නව පරපුරේ ගායකයන් වගේ මාකට් වෙන්න සිංදුවක් හදන්න. මං එහෙම කළේ නැහැ. අනික බහු ජාතික සමාගම්වලට යට වෙන්නෙත් නැහැ මං. ඒක නිසා මෙවැන්නක් හොඳයි. ඉදිරියේදීත් කරන්නේ එවැනිම ගීතම තමයි.ආයේ රඟපාන්නේ නැතිද?ඒ ගැන තීරණය මෙන්න මෙහෙමයි. ආයෙත් රඟපානවා.මධූෂාගේ දුරකතන අංකය - 0772080529සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
‘බොමුද සීතල වතුර වීදුරුවක්’ කියන මා රඟපෑව වෙළෙඳ දැන්වීම ලොකු පොඩි කා අතරත් ජනප්‍රියයි. ඊට අමතරව මුල් කියන වාර්තා ටෙලි නාට්‍ය මාලාවේ මර්සලින් ජයකොඩි පියතුමාගේ චරිතයට පණ පොවන්නට තරම් මට වාසනාව උදා වුණා.
CREATIVE
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හා කළ සාකච්ඡා පෙළකින් මව්බිම පුවත්පතේ උප කර්තෘවරයකු වන නන්දන තෙන්නකෝන් විසින් රචිත ‘රාවණ වත’ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය ‘Ravana – The King of Lanka’ කෘතිය පසුගියදා එළි දැක්විණි.ඡායාරූපයෙන් දැක්වෙන්නේ ග්‍රන්ථයන්හි ප්‍රකාශක විජිත යාපා විසින් කෘතිය අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත පිළිගන්වන ලද අයුරුයි. රාවණ වත සිංහල ග්‍රන්ථය ද එහි කර්තෘ නන්දන තෙන්නකෝන් මහතා විසින් ජනාධිපතිතුමන් වෙත එදිනම පිළිගන්වන ලදී.තිලානි 
CREATIVE
අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ හතර වෙනි කොටස අයිස් ඒජ් - කොන්ටිනේන්ටල් ඩ්‍රිෆ්ටි කුඩා දරුවන්ට නම් ඉතා සතුටක් දනවන චිත්‍රපටයක් විය හැකියි.ගිය සති අන්තයේ නැවත ප්‍රතිසංස්කරණය කර ත්‍රිමාන චිත්‍රපට පෙන්වීමටත් සූදානම් කරගත් අගනුවර ප්‍රකට සිනමා ශාලාවකදී මා එය නැරැඹුවා. කුඩා දරුවන්ගෙන්, ඇත්තටම කුඩා දරු පැටවුන්ගේ මිත්‍රශීලි ප්‍රතිචාරයෙන් මා තේරුම් ගත්තේ මෙය ඔවුන්ගේ මන පිනවන චිත්‍රපටයක් වූ බවයි. නමුත් ඔවුන්ගේ දෙමව්පියන් නම් එය එතරම් වින්දාදැයි සිතන්නට අමාරුයි. විශේෂයෙන්ම ත්‍රිමාන චිත්‍රපටවලට වැඩිපුර ගෙවිය යුතු මුදලත් සමඟ සලකන විට ඔවුන්ට මෙම චිත්‍රපටය ගෙවූ මුදලට සරිලන අන්දමේ විනෝදාස්වාදයක් ගෙන දුන්නාදැයි සැක සහිතයි.නමුත් මේ චිත්‍රපටයේ එක් ගුණාංගයක් ගැන විශේෂයෙන්ම කිව යුතුයි. එය නම් මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ත්‍රිමාන චිත්‍රපටයක් බවයි. මෙහි මුල ඉඳන් අගටම ත්‍රිමාන ක්‍රියාදාම දර්ශනවලින් පුරවා තිබුණා.මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සත්ව සුරතලුන්ගේ දඟ වැඩ අපේ මුහුණේ අතුල්ලන තරමට ත්‍රිමාන සජීවිකරණය සමත් වී තිබුණු අතර මේ දර්ශන මැද්දේ නිර්මාණකරුවන් දෙබස් ඇතුළත් කරන්නට සමත් වූයේ කෙසේදැයි විශ්මයක්. භූගර්භ විද්‍යාවට අනුව නම් මෙම චිත්‍රපටයේ කතාව වැරැදියි.නමුත් කවුද මේ වගේ විනෝදාස්වාද චිත්‍රපටයක තාත්විකත්වය ගැන ප්‍රශ්න කරන්නේ? මන්ද ලොව තිබුණු එකම මහද්වීපය කැඩී එකිනෙකාගෙන් වෙන් වී ගියේ, මේ සතුන් ලොව බිහි වෙන්නට බොහෝ කලකට කලින්. එම නිසා ඒ ගැන විමසිලිමත් වන රසවතුන්, මුලදීම මෙහි තාත්විකභාවය අමතක නොකළහොත් එය රස වින්දනයට බාධාවක් වෙන්නත් පුළුවන්.කුඩා දරුවන් නොමග යැවීම වැලැක්වීමට චිත්‍රපටය නැරැඹීමෙන් පසු හෝ ඔවුන්ට සත්‍යය වටහා දීම එක් අතකින් වැදගත්.චිත්‍රපටය ආරම්භයේ නාමාවලියට පෙර ඉදිරිපත් කරන දර්ශන පෙළේ (මීට පෙරත් චිත්‍රපට තුනේම මේ ආකාරයේ දර්ශනයක් තිබුණා) මේ මහද්වීප වෙන්වීමේ ක්‍රියාවලියට වගකිවයුත්තා ලෙස හංවඩු ගසන්නේ ස්කැට් නම් දඬු ලේනාවයි.ඔබට මතක ඇති අර ඕක් ගහේ ගෙඩියක් පස්සෙ නහින්න හදන දඬු ලේනා? ඔව් ඔහු තමයි මේ මහා භූගර්භ විපර්යාසයට මූලිකයා වන්නේ. හිනා යන කාරණය නම් චිත්‍රපට හතරෙම ඒ කියන්නේ දැන් අවුරුදු 10 කට කිට්ටු වෙන්න මේ ලේන් දණ්ඩා පස්සෙන් එලවන්නේ එකම එක ඕක් ගස් ගෙඩියක් පස්සෙයි. නමුත් එදා වගේම අදත් මේ ඕක් ගෙඩිය කිසිදු ආපදාවකින් තොරව හොඳට බැබළි බැබළි තිබෙනවා.ඉතින් මගෙන් අහන්න එපා ඕක් ගස ද ගෙඩිය ද මුලින්ම ආවේ කියලා. ඒක හරියට අර කිකිළි ද බිත්තරය ද මුලින් ආවා වගේ ප්‍රශ්නයක් තමයි. එවැනි ප්‍රශ්නයක් ගොඩ නැෙඟන්නේ චිත්‍රපටයේ ඕක් ගසක් නොපෙන්වන නිසාත්, අයිස් යුගයේ ඕක් ගස් නොතිබූ නිසාත්. නමුත් මේ ලේන් දණ්ඩාට නම් කොහෙන් හෝ එය මුණ ගැහුණු නිසයි.මෙම අයිස් ඒජ් චිත්‍රපටය මීට පෙර චිත්‍රපට තුනෙහිම චරිත නැවතත් එකතු කර තිබෙනවා. ඒ අතර මැනී නම් මැමත් ඇතා, සිඩි නම් අලසයා, දියේගෝ නම් උල් දත් ඇති ව්‍යාඝ්‍රයා ප්‍රධාන වෙනවා. මැනී නම් මැමත් ඇතාට තම පවුලෙන් වෙන්වන්නට සිදු වන්නේ ඔහු කැඩී පාවී යන අයිස් කුට්ටියක් මත හිරවුණු නිසයි. අවසානයේ කෙසේ හෝ නැවත එකතු වන ඔවුන් අපි එකම පවුලක් යන ඉංග්‍රීසි ගීතය ගායනා කරමින් නටන නමුදු මේ මාංශ භක්ෂක සත්තුන්ට අයිස් යුගයේ බඩගින්නට කන්නට කියා ඉතිරි වී තිබුණේ එකිනෙකාවයි. ඉතින් මේ පවුල කොතරම් දුරට තාත්වික ද කියලා හිතන්නට නැවතත් මහන්සි වෙන්න එපා.තවත් මෙහි හාස්‍යයට තුඩු දෙන කාරණයක් වන්නේ, හැම චිත්‍රපටයකම මෙන්ම මේ චිත්‍රපටයටත් දර්ශීය දුෂ්ටයෙක් අවශ්‍ය නිසා, නිර්මාණකරුවන් දුෂ්ටයන් කරන්නට තෝරා ගෙන තිබෙන්නේ මාළුයි. මුහුදේ සිටින මාළු මෙහි දුෂ්ට චරිත රඟපානවා. ඔවුන් අපේ හිත දිනාගත් ආදර ප්‍රධාන නළු නිළි කැලව ආහාරයට ගන්නට බලා සිටිනවා.මට නම් මේ චිත්‍රපටය කම්මැලියි. චරිත එකකෝ උමතුයි නැත්නම් මොළේ නැති ඔලමොට්ටලයොයි. දෙබස්වලත් රසක් නැහැ. ක්‍රියාදාම තනිකරම ත්‍රිමාන තාක්ෂණයට පින් සිදු වන්නට නිර්මාණය කර තිබෙනවා. සින්දු කිහිපයක් පාළුව මකන්නට අතර මැදට ඔබා තිබෙනවා. නමුත් අමතක කරන්න එපා ටෝයි ස්ටෝරි 3 තිරගත වී ඩොලර් බිලියනයක් ලොව පුරා ආදායමක් ලබන්නට කලින් ලොව වැඩිම ආදායම ලැබූ සජීවිකරණ චිත්‍රපටය වුණේ අයිස් ඒජ් 3 යි. එම නිසා මෙම චිත්‍රපටයටත් ලොව පුරා තිරගත කිරීමෙන් මුදල් සම්භාරයක් හම්බ කිරීමට ඉතා විශාල හැකියාවක් ඇති බව නම් නොඅනුමානයි.- වින්දන ආරියවංශ
CREATIVE
චමිත්දේවිකාතුසිතසරත්නිසංසලාමංගලිකාවිදෙස් සේවයේ නියුතු වූවන්ගේ කලා හැකියාවන් සඳහා ඉඩකඩ වෙන් කරමින් නිර්මාණය කළ ‘රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නේ ජෝර්දානයේ. එහි තෙවන වැඩසටහන යටතේ තවත් රටවිරුවන් හය දෙනෙක් තම කලා හැකියාවන් එළිදක්වන්න සූදානම්. ලබන ඉරිදා රාත්‍රී 10.00 සිට ස්වර්ණවාහිනි නාලිකාව ඒ වෙනුවෙන් කාලය වෙන්කර අවසන්.පොළොන්නරුවේ පදිංචි තුසිත සෞම්‍ය කුමාර රටවිරුවෝ වේදිකාවේදී සිය ගායන කුසලතා දක්වන්නට සූදානම්. පාසල් කාලයේදී විෂයක් ලෙස ද සංගීතය හදාරා ඇති සංගීත කණ්ඩායම් සමග ගීත ගායනයෙන් තම හැකියාවන් තව තවත් ඔප් නංවා ගන්නත් පසුබට වුණේ නැහැ. මේ ඔහු එලෙස ලද තවත් අවස්ථාවක්.දේවිකා යාපා අමරසේකර රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ ගායන තරුවක් ලෙසයි. සිය ගායන හැකියාවෙන් ජෝර්දානයේ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්නට සැරසෙන ඇය සහජ හැකියාව වගේම පාසල් කාලයේ සිට සංගීතය විෂයක් ලෙසත් හැදෑරූ අයෙක්. ගායනයට වගේම නර්තනයටත් විශේෂ දස්කම් දක්වන මිද්දෙනියේ පදිංචි ඇය ජෝර්දානයේ විදෙස් සේවයට එක්වෙන්නේ 2011 වසරේ සිටයි.තල්ගස්වෙල පදිංචි චමිත් සම්පත් උදය කුමාර රටවිරුවෝ වේදිකාවට පැමිණෙන මීළඟ තරුවයි. ඔහු සිය නර්තනයෙන් රටවිරුවෝ වේදිකාව විචිත්‍රවත් කරන්න සූදානම්. සහජයෙන් ලද හැකියාව පාසලේදී තව තවත් වර්ධනය කර ගත් සම්පත් උදය කුමාරට තම හැකියාව දක්වන්න අවස්ථාව ලබා දුන්නේ රටවිරුවෝ වේදිකාවයි. විදෙස් සේවයට එක් වෙන්නේ 2009 වසරේදීයි.නිසංසලා නිලුෂිකා මැදවල ගෙදර රටවිරුවෝ වේදිකාවෙන් සිය ගායන කුසලතා දක්වන්නට සූදානම්. අනුරාධපුර කහටගස්දිගිලිය පදිංචි නිසංසලා පාසල් අවදියේ සිටම සංගීතයට වූ ලැදියාවෙන් ඒ පිළිබඳ හැදෑරූ අයෙක්. දැනට ජෝර්දානයේ W N D ඇපරල් ආයතනයේ සේවයේ නිරත ඇය විදෙස් සේවයට එක්වෙන්නේ 2009 වසරේ සිටයි.මංගලිකා ප්‍රියදර්ශනී රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවට පැමිණෙන්නේ නර්තන අංශයෙන්. කුඩා කාලයේ සිටම නර්තනයට වූ ලැදියාවෙන් ඒ පිළිබඳ හදාරා ඇති ඇයට තම හැකියාවන් එළිදක්වන්න අවස්ථාව සැළසුයේ රටවිරුවෝ වේදිකාවයි. මින්නේරියේ පදිංචි මංගලිකා ප්‍රියදර්ශනී ජෝර්දානයේ සේවයට එක්වෙන්නේ මේ වසර ආරම්භයේ සිටයි.මැදිරිගිරියේ පදිංචි සරත් ප්‍රේමචන්ද්‍ර මාරසිංහ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන ගායන තරුවක්. සහජයෙන් ලද ගායන හැකියාව සමඟ පාසල් කාලයේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු මෙරටදී සංගීත කණ්ඩායමක ගායකයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්. සරත් ප්‍රේමචන්ද්‍ර ජෝර්දානයේ සේවයට එක්වන්නේ මීට දෙවසරකට ඉහතදීයි.යතේජා ඥානරත්න
CREATIVE
ඇරැව්වල නාම්පමුණුව පන්සල පාර අද වෙනදාට වඩා කාර්යය බහුලයි. ලොරි, වෑන්, කාර් පිරිච්ච සුවිශාල වත්ත ඉදිරියේ අපිව නැවැත්තුවෙ ආගන්තුක තරුණයෙක්. ටික වෙලාවක් බලා ඉන්න වුණා. ආයෙත් අපි වත්තට ඇතුලු වුණේ අනවසරයෙන්.‘අයිසෙ තමුසෙ වැඩට ඇවිත් කොච්චර කල් ද, මෙතන වැඩ කරන්න බැරිනං කරුණාකරල යනවා . .’ගෙදරට ඇතුළුවෙද්දිම ගෝරනාඩුවක්. ටික වෙලාවකින් සියලු කටයුතු නිමාවෙලා හිනා හඬ ඇහෙන වෙලාවෙ අපි නිවෙසට ගොඩ වැදුණා. අද අපි ඉන්නේ සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නාට්‍යයේ එහෙමත් නැත්නම් රන් තරු දර්ශන තලයේ. රන්තරු මේ දිනවල 8.30 ට ස්වාධීන රූපවාහිනී සේවයෙන් අපේ ආලින්දය සරසන්නේ හරිම අපූරුවට.කේක් නිෂ්පාදන සමාගමක හිමිකරුවකුª වන මුදුන්කොටුව මුදලාලි තමාගේ පුත්‍රයා විදේස් අධ්‍යාපනය නිම කොට ලංකාවට පැමිණෙන තෙක් බලා හිඳිනවා. ඔහුගේ පැමිණීම සමඟ තමාගේ ව්‍යාපාරය පුතු සසංකට භාර දෙන මුදුන්කොටුව මුදලාලි ව්‍යාපාරික කටයුතුවලට සමු දෙනවා.නමුත් ඉතාමත් බුද්ධිමත් සසංක ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ දුර පළාතක සිට පැමිණෙන සේවකයකු ලෙසටයි. දිනෙන් දින පිරිහෙමින් පවතින ව්‍යාපාරය නඟා සිටුවීමට කටයුතුª කරනු ලබන වන්දනා නම් තරුණිය සසංක හඳුනා ගන්නේ ව්‍යාපාරයේ සේවකයකු වූ පසුයි. අනතුරුව සසංක සහ වන්දනා ඉතාමත් හොඳ මිතුරන් බවට පත් වෙන්නේ ව්‍යාපාරය නඟා සිටුවීමට නිරතුරුවම සාකච්ඡා කරමින්. කිසිදු මොහොතක මුදුන්කොටුව මුදලාලි තම පියා බව හඳුනා නොගැනීමට වග බලා ගන්නා සසංක වන්දනා සමඟ එක්ව ව්‍යාපාරයේ දූෂණ අක්‍රමිකතා සොයා ගනු ලබන්නේ ඉතා කෙටි කලකින්.මේ අතුරතුර සසංක තම හොඳම මිතුරා වන රුවන් රන් තරු ආයතනයේ කළමනාකරු ලෙස පත්කර ගනු ලබන්නේ තම පියාගේ අනුදැනුමිනි. රුවන්, සසංක සමඟ එක්ව වන්දනා ඉතාමත් ඉක්මනින් ව්‍යාපාරය දියුණු කිරීමේ කටයුතුවල නියැළෙනවා. මේ අතරතුර රුවන් සහ සංසංකගේ නැඟණිය සසංකා සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩ නඟා ගනු ලබන්නේ සැවොමගේම ආශිර්වාදයෙන්.සුජීව ප්‍රසන්න ආරච්චිගේ රන් තරු නව කතාව ඇසුරින් අරුණ ප්‍රේමරත්න තිර පිටපත ලියූ රන්තරු ටෙලි නාට්‍ය විකාශය වන්නේ එහෙමයි.‘කේක් ටික තියන්න, කෙසෙල් ඇවරියක් තියන්න . . . හරි ෂොට් එක ගනිමු’සඳුන් ඇතුළු සියලු දෙනාම රූගත කිරීමට සූදානම්. සාලයේ මැද ස්ථානගත කළ මේසය මත කේක් හා කෙසෙල් සංග්‍රහයකි. බුද්ධදාස විතානාරච්චි, මාධනි මල්වත්ත, භාග්‍යා හෙට්ටිආරච්චි සහ මානවඩු දර්ශනයට ලක ලැහැස්ති වෙයි.හරි ගනිමු. . .සඳුන්ගේ විධානයෙන් රූගත කිරීම ඇරැඹිණි.කේක් කැබැල්ලක් සහ කෙසෙල් ගෙඩියක් අතට ගත් මානවඩුට දුරකතන ඇමතුමකි. කෙසෙල් ගෙඩිය මේසය මත තබන ඔහු කේක් කැබැල්ල කා ඇමතුම ලබා ගනී. කේක් කැබැල්ල ඉතා ඉක්මනින් ගිල දමනවාත් සමඟම පැමිණි සුළඟ ජනේලයේ රෙදි එහා මෙහා කළේ මානවඩුගේ මුහුණ ද වසා දමමිනි.හරි ආයෙ ගනිමු. . .සඳුන්ගෙන් විධානයකි.නැවතත් මානවඩු කෙක් කැබැල්ල ගිල දමයි. ජංගම දුරකථනයට අත තබද්දීම අනවසරයෙන් පැමිණි වාහනයක ශබ්දයකි.කේක් කැබලි කිහිපයක්ම ඔහුට ගිල දමන්නට සිදු වූයේ පැමිණි බාධා හේතුවෙනි.‘බත් කන්නත් බෑ . . . කේක් ගිලලම බඩ පිරිල’ දර්ශනය අවසන මානවඩු පවසන්නේ ඉස්මුරුත්තාවෙනි.පෙරේදා මාර වැඩක් වුණා. . .දර්ශනය අවසන් කරන සඳුන් අප හා කතාවට එක් වුණේ ළෙන්ගතුª ස්වරයෙනි.අපේ ගෑස් ලිපක් තියෙනවා. කෑම ටික ගෙනැල්ලා පපඩම් බඳින්න තාච්චියක් ලිපේ තිබ්බා. ෂූටින් කලින් ඉවර වෙලයි තිබුණේ. අපි ඔක්කොම පපඩම් බඳීන තැනට ගියා. එක පාරටම තාච්චියයි ලිපයි ගිනි ගත්තා. බලද්දී පොල් තෙල් කියලා දාලා තියෙන්නේ පෙට්‍රල්. කට්ටිය බේරුණේ අනූනවයෙන්.සිද්ධිය මතක් කළත් මුහුණ රතුවෙන තරමට සඳුන් ඒ මොහොතෙ බියට පත්වෙලා කියලා අපට හිතුණා.මේ වගේ සිනහ උපදවන විහිළු තහළු වගේම බියජනක සිද්ධි අතරේ රන්තරු රූගත වෙන්නේ හරිම නිදහසේ. එසේ රූගත වන රන් තරු හෙටත් ඔබේ තිරය සරසනවා. ඔබ සනසාවි.  චතුර ගීතනාත් බණ්ඩාරඡායාරූප – මාලන් කරුණාරත්න
CREATIVE
කුසුම් පෙරේරාකුසුම් සෙලානි පෙරේරාට හා හා පුරා කියා මවගේ චරිතයට කතා කරද්දී ඇය සිටියේ තුරුණු වියේ. කුසුම් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප නොකොට සතුටින් භාර ගත්තේ ඉන් අනතුරුව කෙදිනකවත් පුංචි තිරයේ මව වීමට තමාට හැකි වේ යැයි නොසිතමිනි. නමුත් දිගින් දිගටම ඇයට හිමි වූයේ මවගේ චරිතයමය. තම සමකාලීනයන් කැමරාව ඉදිරියේ පෙම්වතියන් වෙද්දී කුසුම් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ද අම්මා වූවාය. ඇය මේ කතාව ආරම්භ කළේ ද ඊට ඌණ පූර්ණයක් මෙසේ සපයමිනි.අම්මා කියන්නේ මේ ලෝකේ ඉන්න උතුම්ම කාන්තාව. ඉතින් මට ලැබෙන සෑම මව් චරිතයක්ම මං රඟපෑවේ හරිම වගකීමකින්. අම්මා කියන නාමයට කැළලක් ඇතිවන මව් චරිත මට රඟපාන්න කතා කළා. ඒත් මම ගියේ නැහැ. මට ඕනෑ හොඳ අම්මාගේ චරිතය. මොකද මමත් එවන් වූ මව් කෙනෙක් නිසා. ඔබ සඳහන් කළා වගේ පළමු මව් චරිතය කළායින් පසුව කීයටවත් මං හිතුවේ නැහැ ආයෙත් මට නාට්‍යවල මවක් වෙන්න ලැබෙයි කියලා. මේ වන විට ක්ෂේත්‍රයේ නළු නිළියන් හැත්තෑවකට අධික ප්‍රමාණයකට මං කැමරාව ඉදිරියේ මව වෙලා තියනවා. මම හිතන පරිදි ඒක වාර්තාවක්. මා තරම් වෙන කිසිම නිළියක් ටෙලි නාට්‍යවල මව වෙලා නැතුව ඇති.මම ලෙන්දොර, සත්සර රංගන ඇතුළු නාට්‍ය ගණනාවක පෙම්වතිය වුණා. ඔබ කියන හැටියට දිගින් දිගටම පෙම්වතිය වුණා නම් මට වෙනමම රසික පිරිසක් ඉන්න තිබුණා. අනික පෙම්වතියට රඟපාන්න ඕනෑ තරම් නිළියෝ හිටියා. ඒත් අම්මාගේ චරිතය කරන අය අඩුයි. සමහර අය කැමැති නැහැ වයසක චරිත කරන්න. මං ඒ අභියෝගය භාර ගත්තා. මට රසිකයෝ අඩු වේ යැයි කියලා බය වුණේ නැහැ. මට හිතාගන්න බැරි විදිහට රසිකයෝ මට ළං වුණා.ඔව්. ඒ ජීවිතය ලස්සනයි ටෙලි නාට්‍යයේ මවගේ චරිතය. මං එහි ළමයි හත් දෙනෙකුගේ අම්මා කෙනෙක්. ඊට කලින් මව් චරිත කිහිපයක් කරලා තිබුණත් මේ චරිතයට එහි අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න කතා කරද්දී මං බොහොම බය වුණා. ඔහු මට සෑහෙන්න දේවල් කිව්වට පස්සෙයි ඊට කැමැත්ත ප්‍රකාශ කළේ. ඒ මව් චරිතය මං කොතරම් හොඳට කළාද කිව්වොත් ඒ දරුවො හත් දෙනාට රඟපාපු අය අදටත් මට දරුවෝ වගේ.සිනමාවේදී මට විවිධාකාර චරික රඟපාන්න ලැබුණා. මේක ඉන් එකක්. හැබැයි මට මෙම චරිතය ගැන කියද්දී මුලදී අකැමැත්ත ප්‍රකාශ කළා.දන්නවනෙ චිත්‍රපටවල හැටි. රූගත කරපු එක නෙවෙයිනෙ එඩිට් කළාට පස්සේ තියෙන්නේ. සැමීගේ කතාවේ මම නිරූපණය කළේ මෙහෙකාරියකගේ චරිතයක්. පිටපතට අනුව එහි සැමී සමඟ ඇය නොමනා විදිහට හැසිරෙන දර්ශන කිහිපයක් තියෙනවා. මං ආස වුණේ නැහැ මම මෙතෙක් කල් ගොඩ නඟා ගත් ප්‍රතිරූපය වෙනස් කරන්න.මට ජගත් චමිල කතා කරලා චරිතය ගැන විග්‍රහ කළා. මට කිව්වා මේක හැමෝටම බලන්න පුළුවන් විදිහට හදන චිත්‍රපටයක් කියලා. අධ්‍යක්ෂවරයාත් එලෙස පොරොන්දු වුණා. ඔවුන්ව විශ්වාස කරලයි මෙයට දායක වුණේ. කියන්න සතුටුයි ඒ පොරොන්දුව කඩ වුණේ නැහැ.විවිධාකාරයි. සමහරු කැමැති නැහැ මාව එවන් වූ චරිතවලින් දකින්න.අවුරුදු 40 ක්. 1974 චිත්‍රපටයක ළමා නිළියක් හැටියටයි මං මුලින්ම රඟපාන්න ආවේ. එතකොට මං පුංචියි.එකක් නෙවෙයි දෙකක්.පළමුවැන්න ලැබුණේ 2011 දී ‘කීර්ති දේශ ශක්ති ශාසන සේවි’ යනුවෙන්. එය ප්‍රදානය කළේ අමරපුර සිරිධර්ම වංශ මහා නිකායෙන්. අනෙක් නාමය ගිය වසරෙයි ලැබුණේ. තෛ‍්‍රයිනිකායික සංඝ සභාව මඟින් තිළිණ කළ එය ‘මානව හිතවාදී සමාජ සුභසාධන ජනීජන ප්‍රසාදිනී වීර්ය මාතා දේශබන්ධු’ නම් වෙනවා.නැතුව, නැතුව.සමාජ සේවයෙන්. මං අපි ඉන්න ප්‍රදේශය වන මාලිගාවත්ත පැත්තේ විවිධාකාර සුභසාධන කටයුතු කරනවා. ලේ දන්දීීම්, අසරණයින්ට උදව් කිරීම්, හමුදාවේ ආබාධිතයින්ට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන් ආදිය මං නිතරම සිද්ධ කරනවා. මේවා වෙනුවෙන් තමයි මට ගෞරව නාම ලැබුණේ.කොහෙත්ම නැහැ. ඒත් මං දේශපාලනය කරන මගේ හිතවතුන්ට උදව් කරනවා. විශේෂයෙන් අපේ ජනාධිපතිතුමන්ගේ චින්තනය ඉදිරියට ගෙන යාමට මං ඕනෑම සහායක් දෙනවා.හරියට කරනවා නම් හොඳයි.අන්න ඒක තමයි ප්‍රශ්නේ.මම මගේ දුවලා දෙන්නා වන නිලක්ෂි සහ හර්ෂිකා එක්ක එකතු වෙලා රාජගිරියේ බුත්ගමුව පාරේ වැලිකඩ සැලුන් එකක් පටන් ගත්තා. ඒකෙ වැඩ කටයුතුත් කරගෙන යනවා රඟපෑමත් සමඟ.හිතවත්තු සහ සඳඑළිය වැනි නාට්‍යවලින්.සටහන - ප්‍රසාද් සමරතුංග සේයාරුව - නිරෝෂ් ප්‍රියංක බටේපොල  
CREATIVE
රෝහණ – වගීෂාරෝහණ නෙත්සිංහ කලාවට පිවිසියේ පාසල් අවදියේ සිටමයි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මෙරට ජනප්‍රිය බටහිර සංගීත කණ්ඩායම් කිහිපයක් සමඟම සම්බන්ධව කටයුතු කළ ඔහු සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටත් වන්නේ යුක්රේනයටයි. ලොව විවිධ සංගීත ශෛලීන් පිළිබඳ දැනුම සමඟින් ඔහු ඔස්ට්‍රේලියාවේදී සංගීත උපාධි ත්‍රිත්වයක් සහ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ පශ්චාත් උපාධියත් සමඟින් ඔස්ට්‍රේලියාවේදී සිය සංගීත චාරිකාව ආරම්භ කළේය.රෝහණ සමඟ සිය ආදරණිය බිරිඳ වගීෂා රන්සිමාලි ද මේ ගමනට එක්ව සිටින්නීය. රෝහණ - වගීෂා යුවළ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ශ්‍රී ලංකාවේ විවිධ කලා කටයුතු සඳහා දායක වෙමින් සිටියි. ‘සිත අරණක’ මේ යුවළ එක්ව ගැයූ ප්‍රථම ගීතයයි. රෝහණගේ ගීත එකතුව සඳහා එක් වූ නවතම ගීත දෙක වන්නේ ‘යෞවන වසන්තය’ සහ ‘එරබදු කැකුළු’ ගීත දෙකයි. විදේශයක ජීවත් වුවත් සංගීත චාරිකාවේ යෙදෙමින් තම උපන් මව්බිමේ කලාව පෝෂණය කිරීම රෝහණ – වගීෂා යුවළගේ බලාපොරොත්තුවයි.  rohan.nethsinghe@monash.edu  රෝහණගේ විද්‍යුත් ලිපිනයයි.- යතේජා
CREATIVE
නර්තන ශිල්පීචන්දන වික්‍රමසිංහපසුගිය කාලයේ අපේ නර්තන කණ්ඩායමේ දහසය දෙනෙකුට කාටවත් මෙතෙක් උදා නොවුණු අපූරු කර්තව්‍යයකට සහභාගි වීමට අවස්ථාව උදා වුණා.ඒ චීනයේ ලෝක රූප රාජිනිය තෝරන තරගයේදී නර්තනයක් ඉදිරිපත් කිරීමටයි. චීනයේ ෂැංහයි නුවර පැවැත්වුණු මේ තරගයේදී අප ඉදිරිපත් කළේ ‘අභිෂේක්’ නර්තනයයි.
CREATIVE
බොලිවුඩ් තරු වඩා කැමැති වසරින් වසර වඩාත් බැබලෙමින් වැඩිම ආලෝකය තමන්ගේ බව පෙන්වීමටයි. 2013 වසරේ කෙතරම් ජනප්‍රිය වූ සිනමාපට වුවත් දැන් ඒවා අතීතයට එක් වී අවසානයි. උදාවන වසර ඔවුන්ගේ බලාපොරොත්තුවයි.2014 වසරේ එළඹෙන මාස දොළහේදී ස්ථිර වශයෙන්ම සිනමාපට හැත්තෑවක් තිරගතවීමට නියමිතය. එහෙත් ඊට වැඩි සිනමාපට ගණනක් අනිවාර්යයෙන්ම තිරගත වනු ඇත. මේ අතර සල්මන් ඛාන්ගේ ‘ජායි හෝ’, ෂාරුක් – දීපිකාගේ ‘හැපි නිව් ඉයර්’, රිතික් රොෂාන් - කත්‍රිනාගේ ‘බෑන්ග් බෑන්ග්’ සහ අක්ෂේ කුමාර්ගේ ‘තුප්පාක්කි’ ද වෙයි.මසාලා සිනමාපට අතරට එක්වන වෙනස්ම සිනමාපටය වනු ඇත්තේ රාජ්කුමාර් හිරානිගේ පී. කේ. ය.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
පුංචි දවස්වල නින්දට යද්දීපීතු පාදං නමාමහං කියලාවැන්ද දෙපා යළි අදත් වඳින්නම්මංගල ගමනට යන්න අවසරයිපියාණෙනි . . .සුජාතා අත්තනායක ගායන ශිල්පිනිය ගයන මේ ගීිතයේ ස්වරය එදා මගේ හදවතෙහි ඇති කළ හැ¼ගුම්බර බව නුඹ දන්නේ නම්, නුඹට කිව හැකි නම් කොතරම් අගනේ දැයි වරෙක මට සිතේ. ඒ ස්වරයෙන් ඇසෙන ගී පද සේ, තවත් හෝරා කිහිපයකින් පසුව මගෙ දෙපා නමඳිමින් සමුගන්නට අවසර පැතූ අයුරු මගේ සිත්හි මැවේ. ඒ සිහි වනවිටම මගේ නෙතඟට උනන කඳුළු වැල් මම නුඹට නොපෙනෙන්නට සඟවා ගතිමි. මන්ද ඒ, මේ මොහොතෙහිම නුඹගේ දෙනෙත ද කඳුළු සලන්නට අවසර පතනා බැවිනි.කල්පන පුතුගේ සුරතෙහි වෙලී සිටින නුඹ සොඳුරු මනමාලියකි. සොඳුරු රුව ඇත්තියකි. මෙතරම් සොඳුරු දියණියක් සිටින්නේ යැයි ද යම් ආඩම්බරකාරී හැඟීමක් මා සිත පෙළයි. ඒ සොඳුරු බවින් මන්මත් වන මගේ සිත, මා රැගෙන යන්නේ පුංචි ළදැරියකගේ ඒ අතීතය වෙතයි.මමත් නුඹගේ මෑණියන්දෑත් හමු වූ ඒ සොඳුරු පරිසරය අද මෙන් මගේ සිතට රැගෙන එන්නේ චමත්කාරයකි. අප දෙදෙනා මුණ ගැසුණු මහවැලි සී කලාපය ජීවිතයේ සොඳුරු බව තීව්‍ර කරන්නට සමත් වේ යැයි කෙසේ නම් සිතන්නද? මමත් නුඹගේ මෑණියන්දෑත් අතිනත ගෙන ගෙවූ දුෂ්කර ජීවිතය සොඳුරු තෝතැන්නක් බවට පත්වූයේ නුඹ නිසාමය. කාවින්ද්‍යා නිලුපුලී දෝණියේ නුඹ නිසාමය. නුඹගේ සපැමිණීම නිසාමය. පැමිණි දුක් පැණි රස බව පසක් කරමින් අපගේ කැදැල්ලට මිණි පහන වූයේ නුඹමය.ඒ මිණි පහන අද නව කැදැල්ලක් එළිය කරනට ඉගිල ගිය බව මම දනිමි. ඒ සොඳුරු දින මෙතරම් ඉක්මනට පිවිසේ යැයි මා කෙසේ නම් සිතන්නද? කල්පන පුතු පිළිබඳ අදහස මා ඉදිරියේ නුඹ පැවසූ අයුරු අද මෙන් මට මතකය. දියණියක ඇති දැඩි කළ ද යම් දිනෙක ඈ සමුගන්නා බව, නුඹ මට පසක් කළේ පළමුව එදින ය. දැන් එදින එළැඹ ගොසිණි. රූ සිරියෙන් මත්ව, ඇහිපිල්ලමක් නොගසා නුඹ දෙස නෙත් දල්වා සිටි නුඹගේ මෑණියන්ගේ මුවඟ ඇඳී මද සිනහව මගේ නෙත ගැටෙයි. ඒ තරමටම ඈ බොහෝ සතුටින් සිටියේ නුඹ උපත ලද දාය.කිංස්බරි හොටල් පරිශ්‍රයේ ඒ සොඳුරු මතකයට උල්පත වූ නෑදෑ හිත මිතුරු සියල්ලන්ටම මම තුති පුදමි. සොඳුරු මනමාලියක ලෙස ලොකු දෝණි දොරට වැඩුමට, චම්පි සිරිවර්ධන, සම්පත්, ප්‍රදීප්, හසිත, ඉරුණි නුඹලා කළ උපකාර බොහොමයි. එදිනට අප සමඟ දුක හා සතුට බෙදා ගන්නට සපැමිණි නුඹලා සැමට මම ආදර තුති පුදමි.දයාබර ලොකු දෝණියේ, අපගේ හදවතට මිණි පහන වූ නුඹ කල්පන පුතුගේ නිවෙසට ද මිණිපහනක් වනු නොඅනුමානය. අප නිවෙසෙහි වූ සොඳුරු බව ඒ නිවෙසට ද හිමි වග මම දනිමි.ජීවිතය පුරාවට අමතක නොවන සොඳුරු මතකයක් හදවත ඉතුරු කළ ලොකු දෝණියේ නුඹව මම සිප ගනිමි. හදවතින් සිප ගනිමි.සටහන – තිලානි ශානිකා විතානාච්චි  
CREATIVE
කලාභූෂණ විමලදාස හෙට්ටිආරච්චි මහතා පසුගිය දා අභාවප්‍රාප්ත වූවේය.ඔහුගේ අවසන් කටයුතු නාවල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ. මෙරට නාට්‍ය කලාවට විශාල මෙහෙවරක් සිදුකළ විමලදාස මහතා ‘මිනින්දෝරු බෑනා, නවීන ලෝකය, රන් තලියේ වෛරය, කියන්න බෑ ඇවිත් බලන්න, පතිභක්ති ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළ අතර වෙසක් නාට්‍ය රැසක් ද නිර්මාණය කරමින් විවෘත වේදිකාවේ රඟ දැක්වීය. යතේජා
CREATIVE
පිටපත් රචකසුනන්ද සිල්වාමම මේ දවස්වල පිටපත් රාශියක් ලියන නිසා බොහොම කාර්යබහුලයි. ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ අවසන් කොටස් කිහිපය ලියමින් සිටින අතරතුරම ප්‍රවීණ නිළි, අධ්‍යක්ෂ ශ්‍රියාණි අමරසේනගේ නිර්මාණයකටත්, චන්දන ධර්මප්‍රියගේ ටෙලි නිර්මාණයකටත් පිටපත් ලියනවා.ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍යයකට මගේ SI විසල් පිටපත අනුමත වෙලා. ජෝශප් සේරම් අධ්‍යක්ෂණය කරන මේ ටෙලි නාට්‍යයේ පිටපත ඉදිරියේදී ලියන්නත් මා සිතාගෙන සිටිනවා.තිලානි / යතේජාඡායාරූප –ටෙනී / මාලන්  
CREATIVE
වෙලාව දහය හමාරට විතර වෙන්න ඇති.තද අව් රස්නෙන් මුවා වෙමින් අපි ගමන් කරමින් හිටියේ බම්බලපිටිය පැත්තට. පරණ පොත් වෙළෙන්දාගෙන් මිදුණු දෙනෙතෙහි රැඳුණේ පුරුදු පොතක් ළග.අර ‘තේ කොළයා’මට ඉබේම කියැවුණේ ඉදිරියේ යමින් සිටි ප්‍රසාද්ට. ශබ්දය ටිකක් වැඩි වුණාද මන්දා. ඒ නිසාම ‘තේ කොළයා’ හැරිල බැලුවේ මා දිහා.ආ . . . මේ අපේ යාලුවනේ . . .තේ කොළයා නතර වුණේ කහ ඉර ළඟ.ඉතිං . . .ඊළඟට ඔහු කතාවට වැටුණෙ මහන්සිය නිමවමින්.තේ කොළයා දැන් හැමෝම දන්න නිසා මඟ දිගේ ගිය හැමෝගෙම ආචාර, සිනහා සංග්‍රහ.අපි යමු ටිකක් කතා කරන්න. කලෙකින්නෙ හමු වුණේ.තුන් දෙනාම පාර පැනලා මැජෙස්ටික් සිටියට ගියේ ප්‍රසාද්ගේ ආරාධනයෙන්.සරත් කරුණාරත්න . . . එහෙමත් නැත්නම් දූවරු හි තේ කොළයා. මේ කතාවට වැටුණේ එහෙමයි.ඉතිං කොහොමද බිස්නස්?මම ඇහුවේ සිනාසෙමින්.මගේ වැඩ හොඳ නිසා තේ කොළයාටත් සරුයි. ‘තේ කොළයා’ කියන්නේ වෙනස්ම විදිහක කෙනෙක්. ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ‘තේ කොළ’ පැකට් කරලා ලැබෙන මුදලින් තමයි ඔහු අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ.‘තේ කොළයා’ සතුටට කෑ ගහලාවත් දුකට හඬා වැලපිලාවත් විඳ දරා ගන්න කෙනෙක් නෙමෙයි. ඔහු සංවෘත්ත පුද්ගලයෙක්. ‘තේ කොළයා’ වගේම ‘තේ කොළයා’ගේ පෙම්වතියත් වෙනස්. ඒ හැමදේම නිසා’තේ කොළයා’ සැබෑම වෙනස් කෙනෙක්.ටෙලි නාට්‍යයක් තුළ කරන්නට ලැබුණ චරිත ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම මට හොඳ චරිත කරන්න අවස්ථාව ලැබුණා. මම බොහෝම කැමැත්තෙන් කළ එක චරිතයක් තමයි මලී ටෙලි නාට්‍ය්‍යයේ භූතයා ගේ චරිතය.මම ‘මලී’ එකට එනකොටම මැරිලා. පසුවට භූතයෙක් කියලා හැඳින්වූවාට සැබයින්ම ඔහු ඉන්නේ ගන්ධබ්බ අවධියක. අභව්‍ය චරිතයකට තාර්කික ප්‍රවිශ්ඨයක් දෙන්න අමාරුයි. සාමාන්‍ය හැසිරීමක් තුළ ඒ චරිතය ගොඩ නගන්නත් බෑ. සාමාන්‍ය රංගනයෙන් එහාට ගියොත් ඒක අධි රංගනයක් වෙනවා.නිමල් රත්නායක අධ්‍යක්ෂතුමාත්, ජානක සිරිවර්ධන නිෂ්පාදකතුමාගේත් අදහස් මට ඒ චරිතය පිළිබඳ නිරවුල් අවබෝධයක් ගොඩ නගා ගන්න ඉවහල් වුණා. ‘සිහින පුරයෙත්’ ‘ද සීනා’ කියන්නෙ ප්‍රේක්ෂකයන් ගොඩාක් ආදරය කරන චරිතයක්. ‘ද සීනා’ මේ සමාජයේ නැති නමුත් සමාජයට අත්‍යවශ්‍ය චරිතයක්. මිනිසුන් වඩාත් කැමති ළඟා වෙන්න බැරි ඒවාට. ඒ නිසා තමයි ‘ද සීනා’ ට ප්‍රේක්ෂකයෝ ආදරේ.ඊළඟට අපි ඇහුවෙ මේ ගමන් මඟ ගැන.රළුයි. ඒ වගේම හැඩයි. රංගන ගමනේ පළමු පියවර තිබ්බේ මම පාසලේදී. පාසල් වේදිකාවේ මම හොඳම සහාය නළුවා වුණා. ඊට පස්සේ මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ ඉගෙන ගත්තා.ඩග්ලස් සිරිවර්ධනගේ ‘සිහල වංශලා’ වේදිකා නාට්‍යයේ මම කළ චරිතයට 2005 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා.ඊට පස්සේ 2006 යෞවන සම්මාන උළෙලේදී ලසන්ත ෆර්ඩිනැන්ඩිගේ ‘කෝච්චිය එනකන්’ වේදිකා නාට්‍යයේ මගේ රංගනයට හොඳම සහාය නළුවා සම්මානය ලැබුණා.ඊට අමතරව 2011 දී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයත් යෞවන සම්මාන උළෙලකදී හොඳම නළුවා දෙවන ස්ථානය ලබා ගන්න තරම් මම වාසනාවන්ත වුණා. අන්තිමට මම රංගනයෙන් දායක වුණේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘කලම්බු කලම්බු’ වේදිකා නාට්‍යයට. ඒ නාට්‍යයේදී මම අනිවාර්යයෙන්ම රංගනනයට අමතරව ගිටාර් වාදනයත් කරන්න අවශ්‍ය වුණා.නමුත් ඒ වෙන කොට මට ගිටාර් එකක් වාදනය කරනවා තියා ගිටාර් එක හරියට අල්ලන්නවත් බෑ. කොහොම හරි මාස හයක පුහුණුවෙන් පසුව මමත් හොඳ ගිටාර් වාදන ශිල්පියෙක්.සරත්ට රිදී තිරයේ කාලය උදා වෙන්නේ කවදාද?හ්ම් . . . ඒක නම් මම හරියටම දන්නෙ නෑ. දැනට මම රඟපාලා තියෙන්නෙ මචං චිත්‍රපටයේ විතරයි. විදෙස් චිත්‍රපටයක රූප පරික්ෂණයකට සහභාගි වෙන්න ඇරැයුමක් ලැබුණා. නමුත් කාර්ය බහුලත්වය නිසා ඒ අවස්ථාව මට මඟ හැරුණා. නමුත් ඉදිරියේදී ‘වැහිලිහිණි’ සහ ‘හුස්ම සහ ඔක්සිජන්’ යන ටෙලි නාට්‍යවලින් මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් හමුවෙනවා.ජීවන තොරතුරු ටිකකුත් කියමු?කියමු, කියමු. මොනවද දැනගන්න ඕනෑ?පවුලේ විස්තර?විවාහකයි. මගේ බිරිඳ උවනි චාමිකා. ඇය ගුරුවරියක්. ඒ වගේම පිටපත් රචිකාවියක්. උවනිගෙන් මගේ රංගන කටයුතුවලට වගේම වෘත්තියටත් හොඳ සහයෝගයක් ලැබෙනවා.වෘත්තිය, රංගනය ද?රංගනය නම් අද පවතින තත්ත්වය ගැන හිතන කොට වෘත්තියක් විදිහට කරගෙන යන්න අමාරුයි. මම වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. පිළියන්දල ප්‍රදේශයේ ‘වෙඩින් වේ’ කියලා පෞද්ගලික ආයතනනයක් ආරම්භ කළා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මගේ ගම ගැන. ‘තේ කොළයා’ ලෙසින් රටම අඳුරන මම ඉපදුණේ අම්පාර පදියතලාවේ කෙහෙල්උල්ල ග්‍රාමේ කොළඹාන කියන පුංචි ගමේ. දැන් ඔන්න තේ කොළයා වගේම මගේ ගමත් රටම දන්නවා.ඡායාරූප – ප්‍රසාද් සමරතුංග- නිශංකා උඩුගම්පල
CREATIVE
පොළොවේ තරුවක් නමින් ගුවනේ තරුවක් නම් කෙරුමට නම් ඒ තරුව, තරුවකටත් වඩා සුවිශේෂී ය යුතුයි. බොලිවුඩ් පුරයේ එවැනි තරු රැසකි. මධුරී ඩික්සිත් නම් තාරකාව අසූව දශකයේ අග භාගයේ සිට තාරකා ලොව ආධිපත්‍ය සියතට ගත් රාජිනියයි.විවාහයෙන් පසු සිනමාව සමඟ එතරම් පයිරු පාසානමක් නොදැක් වුව ද තවමත් ඇය බැස නොගිය තරුවකි. ඇයට උමතු වූ රසිකයන් තාරකාවක් ඇයගේ නමින් නම් කිරීමට සිතීමම එයට ඇති කදිම සාක්ෂියකි.මධුරී නමින් නම් කර ඇති තරුව පායන්නේ අහසේ ඔරායන් තාරකා රාශියේයි.මධුරී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස වැඩිම වාර ගණනක් සම්මාන සඳහා නිර්දේශ වී ඇති තාරකාවයි. දැන් යළි ඉන්දියාවේ පදිංචියට පැමිණ සිටින ඇය මෑතකදී රසිකයන්ට වඩාත් සමීප වූයේ ‘ජලක් දික්ලා ජා 4’ රියැලිටි නර්තන වැඩ සටහනෙනි.හතළිස් පස් හැවිරිදි මධුරී සිනමා දෙවැනි ගමනට ද මුල පුරා අවසන්ය. විශාල් භාරද්වාජ්ගේ ‘දේ ඉෂ්කියා’ සහ අනුභව් සිංහගේ ‘ගුලාබ් ගෑන්ග්’ සිනමාපටවලට මේ වන විට මධුරී මානපය දී ඇත.සල්මන් ඛාන් හෙවත් රසිකයන්ගේ ආදරණීය සාලු කවදත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කරන්නෙකි.රූගත කිරීම් දහසක් මැද්දේ වුවත් ඔහු ජ්‍යෙෂ්ඨ නළු රාජේශ් ඛන්නාව බැලීමට ලීලාවතී රෝහලට ගියේ එනිසාය. එහෙත් තරු බලයට රෝහලේ නීතිමය බලය හරස් වූයේ සල්මන්ගේ හද පාරවමිනි.අවේලාවේ රෝගීන් බැලීමට ඉඩ නොදීම තදින් ක්‍රියාත්මක කරන ලීලාවතී රෝහල සල්මන්ටත් බෙදුවේ සාමාන්‍ය පුරවැසියකුට බෙදන හැන්දෙන්මය.පළමු සුපිරි නළුවා වූ රාජේශ් ඛන්නා බැලීමේ බලාපොරොත්තුව අත්හැර දමා සල්මන් තම නිවෙසට ගොස් තිබේ.නැන්දම්මා සහ ලේලී අතර සැබෑ ජීවිතයේදී මෙන්මසිනමාවේදීත් අපට දකින්න ලැබෙන්නේ එතරම් සුහද සබඳතාවක් නොවෙයි. එහෙත් සැබෑ ජීවිතයේදී දිගු කාලයක සිට සමාජයේ මුල් බැස ගත් මේ තිත්ත ඇත්ත බොරුවක් කිරීමට හිටපු සුපිරි තාරකාවක් හා දැනට සිටින සුපිරිතාරකාවක් සමත් වී තිබේ.මේ නිළි නැන්දණිය, ෂර්මිලා තාගෝර්ය. ලේලිය කරීනා කපූර්ය. දෙදෙනා අතර කෙතරම් දැඩි ළෙන්ගතුකමක් ගොඩ නැඟී තිබෙනවා ද කිවහොත් වසර හතළිස් තුනකට පෙර ෂර්මිලා ඇන්ද මංගල ඇඳුම, තම මංගල ඇඳුම ලෙසින් තෝරා ගැනීමට කරීනා කැමැත්තෙන් සිටින්නීය.ඔක්තෝබර් 16 වැනිදා කරීනා - සායිෆ් විවාහය පැවැත්වීමට නියමිතයි.මේ වන විට කරීනා ඉන්දියානු රුපියල් ලක්ෂ හතළිහක රන් මාලයක් ඇනවුම් කර ඇත. පුදුමය නම් ෂර්මිලා පුතුගේත්, කරීනාගේත් විවාහය තහවුරු කරද්දී මනාල යුවළ මුනිවත රැකීමයි.සායිෆ් අලි ඛාන්ගෙන්වත් ෂර්මිලාගෙන්වත්, කරීනාගේ රංගන ජීවිතයට නම් කිසිදු බාධාවක් එල්ල වන්නේ නැත. විවාහයෙන් පසු ඇය රඟන්නේ සංජේ ලීලා බන්සාලිගේ ‘රාම් ලීලා’ සිනමා පටයේයි. සිනමා පටයේ ඇයගේ පෙම්වතා වන්නේ රන්වීර් සිංය.රංගනයට පමණක් නොව කරීනා අදහන හින්දු ආගමට ද බලපෑම් නොකිරීමට තරම් සායිෆ්ගේ සිත විවෘතය. ෂර්මිලාට විවාහයෙන් පසු මුස්ලිම් ආගම වැළැඳ ගැනීමට සිදු වුව ද, කරීනාට ඒ දෛවය උරුම නැත. සායිෆ් කියන්නේ ආගම් දෙකක දෙදෙනකු විවාහ වීමේදී එකිනෙකාගේ ආගම් වෙනස් නොකරන ලෙසට නීතියක් රජයෙන් ගෙන ආ යුතුª බවයි.ෂර්මිලා මුස්ලිම් ආගම වැළැඳ ගත් පසු ඇයට අයේෂා බෙගම් ලෙස නම වෙනස් කිරීමට සිදු විය. සායිෆ්ගේ හිටපු බිරිය අම්රිතා සිං ද සායිෆ් නිසා මුස්ලිම් ආගම වැළැඳ ගත් නිළියකි.අලි ඛාන් පවුලට කපූර් පවුල කෙතරම් සමීප ද කිවහොත්, කරීනාගේ අක්කණ්ඩිය, කරිෂ්මා සිය තිස් අට වැනි උපන් දිනය ජූනි 25 වැනි දින සැමරුවේ ද පතාවුදිලාගේ එනම් සායිෆ්ගේ මන්දිරයේයි. ෂර්මිලා, කරීනා, සායිෆ්, සංජේ කපූර්ගෙන් දික්කසාද වූ පසු පෑරුණු සිතින් සිටින කරිෂ්මා හා දරුවන් දෙදෙනා සතුටු කිරීමට ඔවුන් ලන්ඩනයේ උපන් දින සවාරියක් ද රැගෙන ගොස් තිබේ. කරිෂ්මාගේ නවතම සිනමා පටය ‘ඩේන්ජරස් ඉෂ්ක්’ එතරම් සාර්ථක නොවුණත් ඇය සිනමා පට ගණනාවකටම රඟපෑමට අස්සන් තබා අවසන්ය.
CREATIVE
පිටකොටුව කිව්ව සැනින් අපට සිහි වන්නේ බොහොම ඝෝෂාකාරී මෙන්ම කලබලකාරී පරිසරයකි. සීරුවට හඬ දෙන වාහන නාදයත් ඒ අතරින් ඇසෙන වෙළෙන්දන්ගේ හඬත් ඝෝෂාකාරී බවට එක් කරන්නේ තවත් උත්තේජනයකි.මෙවැනි පරිසරයක හිඳ සන්සුන් රංගනයක නියැලී සම්මානනීය වූ ඔහු අද අපේ කතානායකයා වේ.බස්නාහිර පළාත් කෙටි නාට්‍ය උළෙල – 2012 හොඳම නළුවා වීමේ භාග්‍ය උදා කරගත් හේ සමිල විදානගේ.ඉතින් සමිල ඔබේ කතාව පවුල් පසුබිමෙන්ම අරඹමු?මගේ පවුලේ ආච්චියි, අම්මයි, තාත්තයි, අයියල තුන්දෙනයි අක්කයි. මම පවුලේ බාලයා. මා හැදුණේ වැඩුණේ, පාසල් ගියේ පිටකොටුවේ. පාසල් ගියේ ඒ. ඊ. ගුණසිංහ විද්‍යාලයට. අපි පදිංචි වෙලා ඉන්නේ පිටකොටුවේ ඩයස් පෙදෙසේ.මෙවන් පසුබිමක සිට ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ නොවී කලාව පැත්තට යොමු වුණේ ඇයි?මගේ ආච්චි කලාවට බොහොම ලැදියි. ඇයට ගීතිකා, කවි ඕනෑම ගාථාවක්, වාද බයිලා, හිටිවන කවි, ගජමන් නෝනගේ කවි හොඳට ගායනා කරන්න පුළුවන්. ආච්චි නිතර මේවා ගායනා කරනවා මට පොඩි කාලේ ඉඳලා ඇහෙනවා. ගෙදර අයත් මාව මේ පැත්තට නැඹුරු කළා. මොකද මම ජීවත්වන පරිසරය එතරම් හොඳ නැති නිසා වෙන්න ඇති කියලා අද තේරෙනවා. තාත්තා මුද්‍රණාලයක් පවත්වාගෙන යනවා. ඒක අපේ පවුලේ ව්‍යාපාරයක් ලෙස අයියලා තුන්දෙනයි අක්කයි මමයි තාත්තාට සහයෝගය ලබා දෙනවා. තාත්තාගේ මුද්‍රණාලයෙන් පෝස්ටර් ප්‍රින්ට් කර ගන්න එන අයගෙන් තාත්තාට නාට්‍ය බලන්න ආරාධනා පත් ලැබෙනවා. ඒ නිසා මම පොඩි කාලේ සිටම වේදිකා නාට්‍ය නරඹනවා. ඒ නිසා තමයි වේදිකාවට මෙතරම් මම ඇලුම් කළේ.සමිල වේදිකා රංගනයට පිවිසෙන්නේ යම් අධ්‍යයනයක නියැළීමෙන් පසුව නේද?ඔව්. මහේන්ද්‍ර පෙරේරා, අනුර ද සිල්වා, නිශාන්ත ගුණවර්ධන, විමුක්ති ජයසුන්දර, සෞම්‍ය ලියනගේ, ජෙරම් ද සිල්වා යන අය පැවැත් වූ වැඩමුළු සහ පංති කිහිපයකට සහභාගීවීමෙන් ලද අත්දැකීම් තුළින් තමයි මගේ රංගන දිවිය අරඹන්නේ.අද ඔබ වේදිකාවේ සම්මානනීය නළුවෙක්?වේදිකා නාට්‍ය 16 ක පමණ රඟපා තිබෙනවා. ඒ අතරින් නිශාන්ත ගුණවර්ධන මහතාගේ නිර්මාණයක් වූ ලස්සනට දවස් ගෙවෙනවා - රන්හාමි චරිතය, ජෙරම් ද සිල්වා යටතේ ද වර්ඩ් එ හෑන්ස් ෆුල් නේලිස් හි ජුදාස්ගේ චරිතය ද, මෑන් හූ ටන්ඩ් ඉන් ටු එ ඩෝග් – බල්ලාගේ චරිතය මගේ සිත්ගත් චරිතයි. බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මෙහෙය වූ නාට්‍ය උළෙල නියෝජනය කළ සමන් විජේසිංහ අධ්‍යක්ෂණය කළ ධනාත්මක බල්ලෙක් වේදිකා නාට්‍ය රංගනයට තමයි මට සම්මානය හිමි වුණේ. ඒ නාට්‍යයේම වේදිකා පරිපාලනයට හිමි සම්මානයත් ලැබුණේ මටයි.වසර ගණනාවක ලද බොහෝ කටුක අත්දැකිම් හා කළ කැපවීම නිසා ලැබුණු මේ අගැයීම මගේ ජීවිතය තවත් ශක්තිමත් කළා. මා මේ ලැබූ ප්‍රවේශය ඉදිරියටත් ආරක්ෂා කරගෙන හොඳ රංගනයක යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.ඔබ රංගනයට වේදිකාවේම රැඳී සිටින්න ද අදහස?නැහැ, මම රංගනයට පිවිසෙන්නේ 2006 වර්ෂයේදී. වේදිකාවට අමතරව ටෙලි නාට්‍ය 2 ක්, කෙටි චිත්‍රපට බොහොමයක්, සිංදුවල විෂුවල් කිහිපයක් රඟපෑමෙන් සහ අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා. ඉදිරියේදී චිත්‍රපටයකට අවස්ථාවක් ලැබුණොත් රඟපාන්න ආශාවෙන් සිටිනවා.නොපසුබස්නා උත්සාහයත්, ලැබුණු කටුක අත්දැකීම් ජයගෙන පෙරට ආ මේ ගමනේදී ඔබට ස්තුති කළ යුතු අය බොහෝ ඇති?මගේ පවුලේ සියලු දෙනා, මට ගුරුහරුකම් දෙමින් මට රංගනයට අවස්ථාව ලබා දුන් සැවොම, මගේ මිතුරන් ඇතුළු ප්‍රසන්න කුලරත්න, නලින් ජයසිංහ, විශාකා ජයවීර, පි. යේ. සමරසිංහ යන මහත්වරු මට ලබා දුන් ශක්තිය පිළිබඳව ස්තුති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා. මගේ රංගන දිවියට ඔබ සැබෑවට ඇලුම් කරන්නේ නම් මගේ දුරකථන අංක 0777590472 ට කතා කර මා දිරිමත් කරන්න.තිස්ස ධම්මිකඡායාරූපය- ටෙනිසන් එදිරිසිංහනාට්‍යවේදී ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දුගේ උන්මාද චිත්‍රා වේදිකා නාට්‍යය මෙම මස 10 වැනිදා එනම් එන ඉරු දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී වේදිකා ගතවේ.උන්මාද චිත්‍රා පෙම් පුවත රැගත් මෙහි හංසනී අනුරුද්ධිකා, ඉසුරු උදයංග, ඩීමන් හෙට්ටිආරච්චි, කීර්ති කොඩිතුවක්කු, සඳුනි පබසරා, මලිති හේවාවසම්, මිල්ටන් පෙරේරා, ජානක ප්‍රනාන්දු ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.අධ්‍යක්ෂණය මෙන්ම රචනය, ගී පද රචනය, තනු නිර්මාණය රෝහණ විසින්ම සිදු කොට ඇත.විශ්‍රාම ලත් ගුරුවරයකු වන රෝහණ මීට ප්‍රථම නළ දමයන්ති, සකුන්තලා, හාමු, සොකරි වැනි නාට්‍ය නිර්මාණය කොට ඇත. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මග පෙන්වීම යටතේ නාට්‍යකරණයට පිවිසි හෙතෙම සහාය අධ්‍යක්ෂවරයකුª ද වශයෙන් නිර්මාණයන්ට දායකත්වය සපයා ඇත.
CREATIVE
උපාලි නෙත්තසිංහ සංවිධානය කරන විජය උපහාර ගී ප්‍රසංගය ‘ගඟ අද්දර’ මෙම මස 12 වැනිදා එනම් එන ඉරු දින වරකපොළ නගර ශාලාවේදී පැවැත්වේ.සංගීතය සිඩ්නික් වාද්‍ය වෘන්දයෙනි. කමනි සේපාලිකා යුග ගායනයෙන් දායක වන මෙහි නර්තන වින්‍යාසය අනු විත් රුවිරංගා නර්තන කණ්ඩායමෙන්ය. ජීවා කස්තුරිරත්න කථනයෙන් එක් වෙයි.
CREATIVE
දක්ෂ නර්තන ශිල්පියෙකු වන ෂෝන්ගේ එකම බලාපොරොත්තුව සාර්ථක නර්තන ශිල්පියෙකු වීමයි. ඒ වෙනුවෙන් ඔහු තම නර්තන කණ්ඩායමවන ද මොබ් සමගින් ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන්නේ ඒ වෙනුවෙනි. නමුත් ඔවුන්ට එහිදි සාර්ථක වීමට නොහැකි වන අතර ඒ හේතුවෙන් ද මොබ් කණ්ඩායම මයාම් වෙත පිටත්ව යාමට තීරණය කරයි. නමුත් ෂේන් ලොස් ඇන්ජලීස්හි නතර වීමට තීරණය කරයි.එහිදී ඔහුට නර්තන තරගයක් පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙන අතර එහි ජයග්‍රාහකයාට වසර තුනක කොන්ත්‍රාත්තුවක් හිමි වේ. ෂෝන් හට මෙම තරගයයට ඉදිරිපත් වෙන්නට උවමනා වුවත් කණ්ඩායමක අඩුව තිබේ. ඒ වෙනුවෙන් ෂෝන් මූන්ගේ සහය පතයි. මූන් ඔහුහට ඇන්ඩි හඳුන්වා දෙනු ලබයි. ඇන්ඩි වසර ගණනකට පෙර අනතුරකට ලක්ව නැවත නර්තනයට එක් වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින නර්තන ශිල්පිනියකි.මේ අනුව තවත් යහළුවන් කිහිප දෙනෙකු සමගින් නර්තන කණ්ඩායමක් නිර්මාණය කර ගන්නා ෂේන් ලාස් වේගාස් වෙත පිටත් වෙන්නේ එම නර්තන තරගයට සහභාගිවීම වෙනුවෙනි. නමුත් ෂේන් ඇතුළු කණ්ඩායම එහි යන විටදී ද මොබ් කණ්ඩායමද එහි පැමිණෙන්නේ එම තරගයට සහභාගීවීමටය. එය දකිනා ෂෝන්හට දැඩි කේන්තියක් ඇති වේ. අනතුරුව සිදු වෙන්නේ කුමක්ද ? යන්න ගෙන එන්නේ Step Up: All In  චිත්‍රපටය යි.ට්‍රිෂ් සී විසින් අධ්‍යක්ෂණය කරන ලද Step Up: All In  චිත්‍රපටය Step Up චිත්‍රපට මාලාවේ පස්වැනි චිත්‍රපටය යි. එහි ප්‍රථම චිත්‍රපටය 2006 වසරේදී තිරගත කරන ලදී. Step Up: All In  චිත්‍රපටය සඳහා පසුගිය චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ තරු බොහොමයක දායකත්වය ලැබී ඇත. රයන් ගුස්මන්, බ්‍රියානා එවිගන්, ඇඩම් සෙවාම්, මීෂා හැමිල්ටන්, ස්ටීවන් බෘස්, ස්ටීවන් ජෝන්ස් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් Step Up: All In  චිත්‍රපටයෙහි රංගනයෙන් දායක වෙති.මිනිත්තු 112ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය පසුගිය අගෝස්තු 08 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනයට එළික්වන ලදී. මේවන විටත් එය ඩොලර් මිලියන 6.7ක ආදායමක් වාර්තා කර තිබේ. ති‍්‍රමාණ නර්තන චිත්‍රපටයක් වන Step Up: All In  චිත්‍රපටය පසුගිය 29 වැනිදා සිට ලාංකේය රසික රසිකාවන් වෙනුවෙන් වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේ ප්‍රදර්ශනයට විවෘත විය.Step Up චිත්‍රපට මාලාවේ මෙම නවතම චිත්‍රපටය මුල් චිත්‍රපට හතරටම වඩා සාර්ථක ලෙසින් කළ නිර්මාණයක් බව විචාරක මතය වී ඇත. එය Step Up චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපටවලට වඩා මහන්සි වී කළ නිර්මාණයක් ලෙසින් ඔවුන් එය දකිනා බව සඳහන්. බොළඳ ගති ලක්ෂණ ඉස්මතු නොවූ එමෙන්ම හොඳ ලක්ෂණ පෙන්වා දෙමින් සීමාවන් දැන කළාවූ නිර්මාණයක් ලෙසින්ද විචාරකයන් Step Up: All In චිත්‍රපටය හඳුන්වා දී තිබේ. මෙහි අඩංගු වූ විචිත්‍රවත් නර්තන අංගයන්ද ඔවුන්ගේ පැසසුමට ලක් වී ඇති අතර මෙම චිත්‍රපටය Step Up  චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය වනු ඇති බවටත් විචාරකයන් හඳුන්වා දී ඇත.යතේජා ඥානරත්න
CREATIVE
පසුගිය වෙසක් පොහොය දින ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ හර්ෂ උඩකන්දගේ ‘දම්සරණ’ ඒකාංගික පොහොය නාට්‍යහි විශේෂ දැක්මක් මේ මස 12 වැනිදා එනම් ඇසළ පොහෝදා රාත්‍රී 8 ට කළුතර බෝඹුවල විහාරස්ථානයේදී පවත්වනු ලැබේ.මෙම කටයුත්ත සංවිධානය කරනු ලබන්නේ දම්සරණ හි තේමා ගීතය ගැයූ අජිත් රන්දුනු විසිනි.- ප්‍රසාද්
CREATIVE
ප්‍රේක්ෂක ඔබගේ හදවත දිනා සිටින යොවුන් නළුවෙක් වන ජනිත් වික්‍රමගේ මේ දිනවල ඔබගේ නිවෙසට පැමිණෙන්නේ ජාතික රූපවහිනිය ඔස්සේ රාත්‍රී 8.30 ට විකාශය වන ‘දාසි’ ටෙලි නාට්‍යය ඔස්සේයි. මෙවර  MY FIRST LOVE විශේෂාංගයෙන් ඔබව හමුවන්නේ මේ වන විට පුංචි තිරය මෙන්ම රිදී තිරයේ ද සිය දක්ෂතා පෙන්වා ඇති ජනිත් වික්‍රමගේයි.* ඔබ පෙම්වතෙක්ද?මේ වෙනකොට නම් මම පෙම්වතෙක් නොවෙයි.* ඒ කියන්නේ ඔබ මීට කලින් එහෙනම් පෙම්වතෙක්?ඔව්. ඒ බොහොම කාලයකට පෙරයි.* ඒ ආදරයට මොකද වුණේ?ඒක නැති වුණා.* කවුද ඈ?ඇගෙ නම අපි නොකිය ඉමු.* මොකද ඒ?ඒක වඩාත් හොඳයි.* එහෙනම් ඇයි ඈ අහිමි වුණේ?ඈ මට වඩා අවුරුදු දෙකක් පමණ වැඩිමහල් යුවතියක්. වයසත් එක්ක අපේ තිබුණු නොගැළපීම අපි දෙන්න ඈත්වීමට හේතු වුණා.* ඒ විතරමද?ඇත්තටම ඔව්. අපි දෙන්නා ගැන අපි දෙන්නාම හිටියේ බොහොම අවබෝධයෙන්. ඒ නිසා අපි කතාබහ කරලා වෙන් වුණා. අදත් අපි හොඳ යාළුවෝ.* ඒ කියන්නේ ඔයාලා අතර තරහක් නෑ.යාළුවො වගේ තවම අපි කතාබහ කරනවා.* ඒ කාලේ ඔබ ජනප්‍රිය නළුවෙක්ද?නෑ. නමුත් මම මගේ පළමු චිත්‍රපටය වුණු ‘හිරිපොද වැස්ස’ වගේම මගේ පළමු ටෙලි නාට්‍යය ‘මැණික් මාලිගා’ කියන නිර්මාණවලට රංගනයෙන් දායක වී සිටියා.* හරියටම ඒ මොන කාලයේද?මම හිතන්නේ ඒ වෙනකොට මම ඒ ලෙවල් කරනවා.* ඇයත් පාසල් ශිෂ්‍යාවක්ද?අපෝ නෑ.* ඔබට ඇයව මුණ ගැසෙන්නේ කවදාද?ඒක නම් මට අමතකයි.* කොහේදීද?එක දවසක් මම රූගත කිරීමක් බලන්න ගියා. ඒ අවස්ථාවේදී තමයි මම ඈව දැක්කේ.* ඈ එහෙම නම් නිළියක්.ඔව්. ඈ නිළියක්.* එයා තවමත් රඟපානවාද?ගොඩක් නිර්මාණවලට ඈ රඟපෑමෙන් දායක වෙන්නේ නෑ.* මතකද ඇයට ඔබ මුලින්ම අදරෙයි කියූ දවස?දවස නම මතක නෑ. නමුත් මම ඇයට ආදරෙයි කියලා කිව්වේ එස්. එම්. එස්. එකකින්.* ඇයව දුටු ගමන්ම ආදරයක් ඇති වුණා.ඔව්. ඈ ගැන යම් පැහැදීමක්, සුන්දරත්වයක් මගේ සිතේ ඇති වුණා.* ඈ ඔබගේ ආදරය එකවරම පිළිගත්තද?එක්වරම නෙමෙයි. කතාබහ කරලා ටික දවසකින් තමයි ඈ මට ඇගේ අදහස ප්‍රකාශ කළේ.* ඇය ඔබට මුලින්ම දුන්න තෑග්ග කුමක්ද?තෑගි නම් ඕන තරම් දීලා තිබෙනවා. ඒ දෙන තෑගි අතර ඈ විවිධ දේ මට ලියලා දෙනවා. ඒ කවි, නිසදැස්වලට මා කැමැතියි.* ඔබ ඇයට දුන් මුල්ම තෑග්ග මතකද?මට නම් ඇයට ඒ තරම් තෑගි බෝග දෙන්න හැකි වුණේ නෑ. මොකද මම එතකොට පාසල් යන ශිෂ්‍යයෙක්. මගේ ළඟ ඒ තරමටම මුදල් තිබුණේ නෑ.* මුලින්ම හමු වුණේ?ඒක නම් මට හොඳට මතකයි. ලන්ච් එකකදියි අපි මුලින්ම හමු වුණේ.* බොහෝ දෙනා කියන්නේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැහැ කියලයි. ඒක ඇත්තක්ද?පළමු ප්‍රේමය අමතක කරන්න නම් බැහැ තමයි. ඒක අලුත් අත්දැකීමක්. ඒ පළමු අත්දැකීම, නැවුම් ආදරය කිසිම කෙනෙකුට අමතක වෙන්නේ නෑ.* ඔබ දෙපළගේ ආදරය කොයි තරම් කාලයක් තිබුණාද?අවුරුදු එක හමාරක් විතර තිබුණා.* ඒ ආදරය ගැන අම්මගෙන්. තාත්තගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?ඒ අය ඒ ගැන දැනගෙන හිටියා. ඒ වුණාට කිසිම දෙයක් කියලා මට බලපෑම් කළේ නැහැ. අනිත් එක ඔවුන් හිතන්න ඇති ඔය කාලයේ තිබෙන ප්‍රේමය ඒතරම්ම ගණන් ගත යුත දෙයක් නොවේ කියලා.* නැවතත් ආදරය කරන්න අදහසක් නැද්ද?එහෙම දෙයක් ගැන වැඩිපුර හිතන්නේ නෑ. හිතන්න තරම් වෙලාවක් ඇත්තෙත් නෑ. තියෙන වැඩ කටයුතුත් සමඟ දවස ගෙවෙනවා දැනෙන්නේ නෑ.* ඒ කියන්නේ ඔබ මීට පස්සේ ආදරය ගැන හිතන්නේ නෑ කියලද?එහෙම නෑ. ඇයගේ ආදරය නැති වුණාට පස්සේත් මම තවත් යුවතියන් දෙදෙනෙකුට පමණ ආදරය කළා. ඒත් ඒ එකක්වත් හිතට වැදුණේ නෑ.* ආදරය කියලා ඔබ අදහස් කරන්නේ මොකක්ද?ආදරය කියන්නේ සුන්දර හැඟීමක්.* ඔබ සොයන පෙම්වතිය ළඟ තිබිය යුත්තේ මොන වගේ දේවල්ද?ඈ හරියටම මගේ අම්මා වගේ කෙනෙක් විය යුතුයි. ගතිගුණ, සුන්දරත්වය වගේම මාව හසුරුවන්ට පුළුවන් කෙනෙකු විය යුතුයි.- තිලානි ශානිකා විතානාච්චි
CREATIVE
අපේ සිංහල සිනමාව කියන්නේ අමරණීය මතක සැමරුම් ගොන්නක්. සිනමාව කලා ලොවට දායාද කළ තරු දකින්න හැමෝම වාසනාවන්ත නොවුණත් ඒ දුර්ලභ අවස්ථාව සරසවිය කැමරා කාචයට හිමි වුණා. සරසවිය කැමරාව එදා දුටු ඒ අමිල දසුන් කීපයක් දැක ගැනීමේ අවස්ථාව ඔබටත් අද උදා වෙලා.මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ අපේ හෙළ සිනමාවේ පුරෝගාමින්. සුරූපී නිළි රුක්මණී දේවිය අපේ සිංහල සිනමාවෙ සංකේතය වගේ .ඒ වගේම එඩී ජයමාන්නගේ කවටකම් සිනමාවට ගෙන ආවේ අමුතුම මිහිරක්. මේ යුවළ එකට රඟපෑ කඩවුණ පොරොන්දුව සිංහල සිනමා වංශ කතාවේ ආරම්භය සනිටුහන් කළා. මෙහි රුක්මණීට දකුණු පසින් සිටින ධර්ම ශ්‍රීී රණසිංහ වගේම සේනාධීර කුරුප්පු ඒ කාලේ සිටි අසහාය නළුවන් දෙදෙනෙක්. ලිලියන් එදිරිසිංහත් ඇගේ කවටකම්වලින් සිනමාව ඔපවත් කළේ ඒ සිනහව අදටත් ඉතිරි කරමින්. ඉතිං මේ සියලු දෙනා මේ විදියට එක් වෙලා ඉන්නෙ චිත්‍රපටයක මුහුරත් උළෙලකදී. හැබැයි මේ හැමෝම හිනා වෙන්නේ කාගේ විහිළු කතාවකට ද කියල නම් දන්නේ නැහැ. මේ හැම දෙනාම සුන්දර මතක ගොන්නක් ඉතිරි කරල අද අප අතහැර ගිහින්.හැබැයි මේ හැමෝටම පිටුපසින් හිනාවෙලා ඉන්නෙ රසිකයෙක් වෙන්න ඇති. ඔහු අදටත් මේ මතක සිහි කරමින් කොහේ හරි ඉන්නවා ඇති.මේ මෑත ඉතිහාසයේ ජනප්‍රිය චරිත තුනක්. ඒ වගේම එකම කාලේ එකට ආපු තුන් දෙනෙක්. ගෝතමී පතිරාජ, මැණික් කුරුකුලසූරිය, නදීකා ගුණසේකර මැදි කරගෙන මේ එක්වෙලා ඉන්නේ සරසවිය සිනමා සම්මාන උළෙලකදී. කලා ලොවේ සියලු දෙනා එක් රොක් වූ 1982 වසරේ පැවති සරසවිය සම්මාන උළෙලේදී තමයි මේ තරු ත්‍රිත්වය කැමරා ඇස ගැටිල තියෙන්නේ. මේ තුන්දෙනාම රස කරමින් කතා වෙන්නේ රඟපාද්දී සිදු වුණ රසවත් සිදුවීමක් ගැන වෙන්න ඇති.
CREATIVE
බොලිවුඩයේ ඛාන් ත්‍රිත්වයෙන් වැඩිමලා වන අමීර් ඛාන් පසුගිය සිකුරාදා (මාර්තු 14) හතළිස් නව හැවිරිදි වියට පා තැබුවේය. ෂාරුක්ට සහ සල්මන්ට වඩා ඔහු වැඩිමහල් වෙන්නේ මාස ගණනකට පමණි. පනස් වැනි වියේ අබිමුවේ සිටිය ද තවමත් ඔහුගෙන් පිරිපුන් තාරුණ්‍යයක් දැකිය හැකිය. අමීර් උපන් දිනය දා වයස් කල්‍යාණයේ රහස හෙළි කළේය. ජාන සහ ඔහු ගන්නා ආහාරපාන එහි රහසයි. චරිතයට අනුව සිරුරේ බර අඩු වැඩි කර ගැනීම ද ඔහුගේ තාරුණ්‍යයට වෙස්වලාගත් ආශීර්වාදයක් වී ඇති බව ද නිසැකය.ඔහු 2008 වසරේ ‘ගජිනි’ සිනමාපටය සඳහා කිලෝ ග්‍රෑම් අටකින් බර අඩුකර ගත්තේය. පසුගිය වසරේ වාර්තා පිහිටුවමින් සාර්ථක ලෙස තිරගත වූ ‘ඩූම් 3’ සඳහා ද ඔහු එවැනිම කැපවීමක් කළේය. විසි පස් වසරක වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට ද රුව, හැකියාව වාගේම කැපවීම ද බලපායි. මීට වැඩි උපන්දින තිළිණයක් තරුවකට තිබෙනවාද?
CREATIVE
රංගන ශිල්පිනී ලියෝනි කොතලාවලමේ දවස්වල මට ‘ඔබ එනතුරා’ ටෙලි නාට්‍යයේ ෂූටිං යෙදිලා තියෙනවා. ඒ හැරුණාම තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා.කලාව හැරුණාම සාමාන්‍ය ජීවිතයේදි දරු මුනුපුරන් මිනිබිරියන් සමඟින් සතුටින් කාලය ගත කරනවා. මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. එදාට පල්ලියේ පූජාවට සහභාගි වෙලා පවුලේ අය සමඟින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා.
CREATIVE
එහි රූපගත කිරීම් තිබුණේ අනුරාධපුරේ. එකල සිනමාවේ ජනප්‍රියම ප්‍රේමවන්තයා විජය කුමාරණතුංග පළමුවරට මම දැක්කේ එහි රූපගත කිරීම්වලට ගිය අවස්ථාවේදියි. මාත් අම්මත් රැගෙන ගිය පුද්ගලයා අපිව සියලුම නළු නිළියන් නවාතැන්ගෙන සිටි හෝටලයකට පළමුවෙන්ම එක් කරගෙන ගියා. සාලයේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක්ම කතාබහේ යෙදිලා හිටියා. මම දන්න අඳුනන එක මුහුණක්වත් ඒ අතර තිබුණේ නැහැ. මම හොඳීන්ම බැලුවා රවීන්ද්‍ර රන්දෙණියවත් හිටියේ නැහැ. විජය කුමාරණතුංගව දැක නැතත් ඔහු හුඟාක්ම ප්‍රසිද්ධ කෙනෙක් නිසා මාව අඳුරන්නෙත් නැති නිසා මම සාලයටවත් නොගිහින් මිදුලේ තිබුණ අරලිය ගහක් යට තිබුණ බංකුවේ වාඩි වෙලා හිටියේ සුමිත්‍රා ඇන්ටි හරි ලෙස්ටර් සර් හරි මාව අවශ්‍ය වෙලාවට කතා කරාවිනේ කියලා හිතලයි.ටික වෙලාවකින් විජය කුමාරණතුංග කියන සුප්‍රසිද්ධ නළුවා මං ගාවට ආවා.‘ඔයා ප්‍රීති ද?’මං වගේ ආගන්තුක පුංචි නිළියක් ළඟට ඇවිත් නම කියලා කතා කරන කොට මට පුදුම හිතුණා. අනේ පොඩ්ඩක්වත් ආඩම්බර නෑනේ කියලත් හිතුණා.මම කිව්වා ඔව් . . . මගේ නම දන්නේ කොහොමද කියලා.‘මං ඔයා ගැන අහලා තියෙනවා’‘ඔව්, රවී ඔයා ගැන මට හුඟාක් දේවල් කිව්වා.’මට රවීන්ද්‍ර අයියව හම්බ වෙලා තියෙන්නෙත් තාම දවස් දෙකයි’ මම කිව්වා.‘ඔව්, ඔව් දෑස නිසා එකේදී හම්බ වුණා කියලත් කිව්වා. එයා ඔයාට හරි කැමැතියි වගේ නේද?’‘මම . . . දන්නෙ නැහැ . . .‘එයා ඔයා ගැන කියපු විදියට නම් මට හිතෙනවා එයා ඔයාව කසාද බඳීද දන්නෙත් නැහැ කියලා’‘මාව . . . රවීන්ද්‍ර අයියා එහෙම කිව්වද?’මම එහෙමම කිව්වේ නැහැ. ඒ වුණාට මට හිතුණා.ඇත්තටම ඒ වෙලාවේ මට හිතුණේ විජේ අයියා මාව ලැජ්ජාවට පත් කරන්න මේ වගේ විහිලුවක් හදලා කියන්න ඇති කියලා. මම ඉතින් මුකුත්ම නොකියා හිනා වෙලා හිටියා. කියන්න උත්තරයක් තිබුණෙත් නැහැ. ටික වෙලාවකින් සුමිත්‍රා ඇන්ටි මට පණිවිඩයක් එවලා තිබුණා මේකප් දාන කාමරයට එන්න කියලා. මම විජේ අයියා කියපු දේ ගැන හිත හිතා කාමරයට ගියා. මෙහෙම දෙයක් විජේ අයියා එක පාරටම මට කිව්වේ මොකක් නිසාද කියලා මගේ හිත හරියට නොසන්සුන් වෙලා තිබුණේ. සුමිත්‍රා ඇන්ටි ඇහුවා ප්‍රීති සර් ඔයාට එන්න කියලා පණිවිඩේ ඇරිය කොහොමද දන්නවද?‘නෑ . . . ඇන්ටි . . . ඇයි . . .අර . . . රවීන්ද්‍රගේ girl friend  ට එන්න කියන්න කියලා . . .එහෙම කිව්වම නම් මට කරගන්න දෙයක් නැති වුණා. මමවත් දන්නේ නැතුව මේ වගේ දෙයයක් කොහොමද හැමෝම දන්නේ. හරිම පුදුමයි. අද වගේ වෙබ් අඩවි නැති වුණත් ඒ කලෙත් පුංචි සිදුවීම්වලටත් අත්තටු ලැබෙනවා පියාඹන්න.පී‍්‍රති රන්දෙනිය
CREATIVE
මට නම් ඉදිරි සතිය පුරාවටම ටෙලි නාට්‍ය රූගත කිරීම් යෙදිලා තියෙනවා. මේ දිනවල විකාශය ආරම්භ කර තිබෙන කළු අරලිය ටෙලි නාට්‍යයේ වගේම මුතුª පලස ටෙලි නිර්මාණයේ අවසන් අදියරේ රූගත කිරීම් මේ සතියට යොදා ගෙන තියෙනවා.ඒ වගේම ඉදිරියේදී ඉසබෙලා වලව්ව ටෙලි වෘත්තාන්තය විකාශය වෙන්නත් නියමිතව තියෙනවා.
CREATIVE
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතය ආශ්‍රයෙන් ‘සෙංකඩගල රාජසිංහ’ කියන චිත්‍රපටයට සියල්ල සූදානම් කරමින් තමයි මේ දවස්වල මා කාලය ගත කරන්නේ. මේ වනවිට මෙහි පසුතල ඉදි කිරීමේ කටයුතු ආරම්භ වුණා. චිත්‍රපටයේ සියලු රූගත කිරීම් සිදුවන්නේ මැද මහනුවර, නුවර ප්‍රදේශයේ යම් යම් ස්ථාන රැසක් ඇතුථ සබරගමු පළාත ආශ්‍රය කර ගනිමින්.මේ චිත්‍රපටයේ තිරපිටපත රචනා කළේ 1979 වසරේ තිස්ස අබේසේකරයන් විසින්. ඒ නිසා ඒ කාලයේ ලියැවුණු ඉතිහාසය සම්බන්ධ සිද්ධි අද හෙළි වී තිබෙන තොරතුරුත් සමඟ තරමක් වෙනස්.ඒ අනුව මේ සියලු කටයුතු අතර තිර රචනයේ කටයුතුත් ප්‍රවර්ධනය වෙනවා. එදා කන්ද උඩරට ගිවිසුම අත්සන් කරන්නේ 1815 වසරේ මාර්තු මාසයේ දී. ඒ හේතුව නිසාම ලබන වසරේ මාර්තු 02 වැනිදාට චිත්‍රපටය තිරගත කිරීමේ පුංචි බලාපොරොත්වක් හදවත රදවාගෙන තමයි මම මේ සියලු කටයුතු කරන්නේ.එමෙන්ම චිත්‍රපටයේ ඇඳුම් – පැළඳුම්, ආභරණ ආදිය ඇතුථ සියලුදේම සකස් කළ යුත්තේ එකලට අනුවයි. ඒක බොහොම බැරෑරුම් කටයුත්තක්. ඒ බැරෑරුම් කටයුතු අතර කාලය ගත වෙනවා නොදැනෙන තරම්.
CREATIVE
ගීත කෝකිලා, නිළි රැජන රුක්මණී දේවිය ගේ 91 වැනි ජන්ම දිනය නිමිත්තෙන් රුක්මණී දේවි අනුස්මරණ සංගමය විසින් 26 වැනි වරට ඉදිරිපත් කරන “රුක්මණී දේවි සැමරුම් ගී ප්‍රසංගය” හෙට (17 වැනි දා) පෙරවරු 10.00 ට සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.බස්නාහිර පළාත් ප්‍රවාහන හා සංස්කෘතික අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ ප්‍රධාන දේශනය පවත්වන්නේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය විසිනි.ප්‍රවීණ ගායිකා අයිරින් ලියනගේ, සහකාර පොලිස් අධිකාරී වජිර එදිරිමාන්න, අනුර ඇහැලේපොළ, චන්දු ඉඹුලාන ලියනආරච්චි, එඩ්වින් පෙරේරා, ඊ. ජී. ඒ. චිත්‍රා කාන්ති, සිරිමා මර්සිලීන්, ඇන්ටන් වේවැල්දෙණිය, ශ්‍යාමා ඔකඳපොළ, සනී ප්‍රනාන්දු, ස්වර්ණලතා මෙන්ඩිස්, සුසිල් වික්‍රමසූරිය, ශි‍්‍රයාණි සේනානායක, එන්. ජේ. ලාලිත ද සිල්වා, අනෝමා ලාසරස්, ශීලා වර්ණකුලසූරිය, පුෂ්පා මල්දම් ධනපාල, රමණී පනාගොඩ, ජයන්ති කරුණාරත්න, ජානක ඉලුක්කුඹුර, ශිරාණි චන්දිමා, රූපානි ඩයස්, මංගලා පෙරේරා, පි‍්‍රයා මුදලිගේ, වසන්ත බොතේජු, ගී ගයන මෙහි සංගීතය රංජිත් ඩයස් ප්‍රමුඛ වාදක මණ්ඩලයෙනි.මාධ්‍යවේදී හෙන්රි පි‍්‍රයශාන්ත මැන්දිස් ගේ සභාපතිත්වයෙන්, සම සභාපති අයිරින් ලියනගේ, උප සභාපති චාන්දනී ජයසිංහ මෙම සැමරුම් ගී ප්‍රසංගය සංවිධානය කරන අතර අනිල් ශ්‍රී විජයලාල් සමඟ ශ්‍යාමා ඔකඳපොළ නිවේදන කටයුතු කරති.- යතේජා
CREATIVE
ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’ වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය සැප්තැම්බර්මස 01 හා 02 යන දිනයන්හි කොළඹ ලයනල් වෙන්ටඩ් රංග ශාලාවේ වේදිකා ගතවේ.වර්ණතුංග සේනානායක,ජෙහාන් ශ්‍රී කාන්ත, අමිල් ගල්අංග, ඕෂදී ගුණසේකර, ජගත් චන්ද්‍රලාල්, ඉෂාර ප්‍රමුදිත, සුසංග කහඳවලආරච්චි, නයිජල් රේමන්ඩ්, ඩබ්ලිව්. ජයසිරි, අරනෝද් විජේසිංහ, සුනිමල් පෙරේරා, සමිත අමරසිංහ, කෝසල ලංක්ෂිත යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති.ප්‍රංශ නාට්‍ය රචක ෂෝන් පොල් සාත්‍රෙගේ ‘මෙන් විතවුට් ෂැඩෝස්’ නාට්‍යයේ සිංහලයට අනුවර්තනය සිරිල් සී. පෙරේරා විසිනි.සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාසයන් සිදු කරනු ලැබූ අතර වේදිකා සහ ඇඳුම් නිර්මාණය ධර්මසිරි බණ්ඩාරනායකගෙනි.වේශ නිරූපණය වසන්ත විට්ටච්චි ද, පසුතල නිර්මාණ සැකසුම දයාවංශ ජයසිංහ ද, ශබ්ද පරිපාලනය නදික වැලිගොඩපොල සහ තුසර මුතුකුමාරණ ගෙනි.අනුර නානායක්කාර රංග අභ්‍යාස පුහුණුවෙන් ද, සංජය ජයසිංහ හා අනුර නානායක්කාර නිෂ්පාදන කළමනාකරණයෙන් සහාය වෙති.‘ධවල භීෂණ’ 1990 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලේ වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම වේදිකා නිර්මාණය, හොඳම වේදිකා ආලෝක නිර්මාණය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළු සම්මාන නවයක් හිමි කර ගත්තේය.- තිලානි ශානිකා
CREATIVE
ෂයිනි අහූජා, නිවෙසේ සේවිකාවට අතවර කිරීමේ වරදට පසුගිය කාලයේ සිරගතකර තිබිණි. එහෙත් ඔහු රංගනයෙන් සිර කිරීමට එය හේතුවක් නොවන බව බොලිවුඩයේ බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ විශ්වාසයයි. සිරෙන් නිදහස් වී සිටින ෂයිනි ළඟදීම තීරයේ දක්නට ලැබෙන්නේ ඒ නිසයි.අනීස් බස්මීස්ගේ ‘වෙල්කම් බැක්’ සිනමාපටයෙන් යළිත් ෂයිනිගේ දස්කම් දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ ලැබේ. ‘වෙල්කම් බැක්’ 2007 වසරේදී ආදායම් වාර්තා බිඳ හෙලමින් තිරගත වුණු ‘වෙල්කම්’ සිනමාපටයේ දෙවැන්නයි.ෂයිනි සිනමාපටයේ දෙවැනි කොටසේ සිට රංගනයෙන් දායක වෙයි. සැබෑ ජීවිතයේදී දුෂ්ටයකු වී සිරගත වූ ඔහු ‘වෙල්කම් බැක්’ සිනමාපටයේ විකටයකු වන්නේය. ඔහු මීට පෙර විකට චරිත රඟපා නැත.ෂයිනි රැ¼ගූ ‘හසාරන් ක්වයිෂීන් එයිසෙ’ (2005), ‘ගැන්ග්ස්ටර්’, ‘වෝලම්හේ’, ‘ලයිෆ් ඉන් මෙට්‍රෝ’, ‘ගෝස්ට්’ (2012) අතිශයින් සාර්ථකත්වයට පත් සිනමාපටයි.වෙල්කම් බැක් සිනමාපටයේදී ප්‍රේක්ෂකයන්ට ෂයිනි දකින්න ලැබෙන්නේ සිරුර පුරාම ටැටූ ඇති, නවීන පන්නයේ ධනවත් විකටයකුගේ චරිතයකිනි. රූගතවීම්වලට සහභාගිවීම සඳහා ෂයිනි ඉක්මනින්ම ඩුබායි බලා පිටත්වනු ඇත. ඔහු යළිත් රංගනයට එක්වීම ගැන පවුලේ සියල්ලන්ම සිටින්නේ සතුටිනි.නස්රුදීන් ෂා, ඩිම්පල් කපාඩියා, ජෝන් ඒබ්‍රහම්, සෘති හසන්, අනිල් කපූර්, නානා පතේකර්, පරේෂ් රාවල් සෙසු චරිත රඟති.තිස් නව හැවිරිදි ෂයිනි දියණියකගේ පියෙකි. අනූපම් ෂයිනිගේ බිරියයි. මෙහෙකාරියට ඔහුගෙන් අතවරය සිදු වී තිබුණේ බිරියත්, දියණියත් ෂයිනිගේ මාපියන් බැලීමට ගොස් සිටියදීය. ඒ මොහොතේ ෂයිනි මත්පැන් පානය නොකර සිටි බවත්, මෙහෙකාරිය ඔහුගෙන් දූෂ්‍ය වී ඇති බවත් වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි විය. එහෙත් අහූජාගේ පෙනුමට, රංගනයට පෙම් බැඳී ඇය මෙය හිතාමතාම කළ බවට ද රාවයක් පැතිරිණි.මෙහෙකාරිය දූෂ්‍ය කළ බවට සඳහන් කරන වේලාවේ මෙහෙකාරිය පැය භාගයකටත් වඩා වෙනත් මිනිසකු සමඟ කථා කරමින් සිටි බවට අභියාචනයක් ඉල්ලීමේදී සඳහන්කර තිබිණි. කෙසේ වුවත් ඔහු දැන් නිදහස ලබා ඇත. ඒ නිසා රංගනයට ද නිදහස ලැබී තිබේ. රැඟූ පළමු සිනමාපටයෙන්ම (හසරොන් ක්වයිෂීන් එයිසේ - 2006) හොඳම නවක නළුවා ලෙසින් ෆිල්ම්ෆෙයාර් සම්මාන ලැබීමට වාසනාවන්ත වූ නිසා ඔහුගේ රංගන ජීවිතය නම් සිරගත නොවනු නිසැකය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
හිරු සිනමා උළෙල ගැන විරාජ් වැලිවත්ත කරුණු පැහැදිලි කරමින්මෙරට සිනමා සම්මාන උලෙළ ඉතිහාසයට අලුතෙන් එක්වන නවතම සිනමා සම්මාන උලෙළ හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළ ඔක්තෝම්බර් 25 වැනිදා සවස 6.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර ඇත.හිරු ගෝල්ඩන් සම්මාන උලෙළ මූලික වශයෙන් එක් දිනයකින් අවසන් වන සිනමා සම්මාන උලෙළක් නොවන අතර ඒ සඳහා පූර්වාදර්ශයට ගෙන ඇත්තේ ජාත්‍යන්තර සිනමා උලෙළවල් සඳහා යොදාගන්නා ආකෘතිය.ඒ අනුව මෙය ලාංකේය සිනමාව උදෙසා ලාංකේය භූමියේ පැවැත්වෙන අන්තර්ජාතික මට්ටමේ පළමු සිනමා සම්මාන උලෙළ වනු ඇත. මෙම සම්මාන උලෙළට සමගාමීව හිරු රූපවාහිනිය ඔස්සේ සම්මාන උලෙළට සහභාගී වන සිනමාපට පිළිබඳව වැඩසටහනක් ROAD TO FESTIVAL යන නමින් විකාශය වන අතර විනිශ්වයෙන් පසුව සම්මාන සඳහා නිර්දේශිත වන සිනමාපට ආශ්‍රිතව සිනමා කෘතියක් ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරඟය සඳහා 2012 – 2013 වසරවල මෙරට නිර්මාණය කළ චිත්‍රපට ඇතුළත් වේ.තිලානි ශානිකාසේයරුව - මාලන්  
CREATIVE
නව යොවුන් තාරකාවන්ට මැදිවියේ සිටින තරු, තිර පෙම්වතුන් වන්නේ කලක සිටය. එහෙත් එය දැන් නූතන බොලිවුඩ් පුරවරයේ අලුත්ම ප්‍රවණතාවයි. අද බොහෝ තරුවල තිරයේ පෙම්වතියන් වසර දහයක් හෝ විස්සක් බාලය.හතළිස් හය හැවිරිදි අක්ෂේ කුමාර් විසිහත් හැවිරිදි සෝනක්ෂිට කදිමට ගැළපෙන තිරයේ තාරකාවකි. අක්ෂේ ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘සිං ඊස් බ්ලිංග්’ ක්‍රියාදාම විකට සිනමාපටයේ තිිරයේ පෙම්වතිය වන්නේ විසිතුන් හැවිරිදි ක්‍රිති සැනොන්ය. අක්ෂේ, විසි අට හැවිරිදි ශෘති හසන් සමඟ ‘ගබ්බර්’ සිනමාපටයේ රඟපෑවේය. අක්ෂේ සහ ක්‍රිති අතර වයස් පරතරය වසර 23 කි.හතළිස් නව හැවිරිදි සල්මන් ඛාන්ට නව යොවුන් පෙම්වතියන් අලුත් විෂයයක් නොවෙයි. ඔහුත් විසිහත් හැවිරිදි සෝනක්ෂිත් ඉතා ජනප්‍රිය තරු යුවළකි. දැන් සල්මන් ‘කික්’ රූගත කිරීම් කරන්නේ විසි අට හැවිරිදි ජැකලික් ෆර්නැන්ඩස් සමඟය. මීළඟට ඔහුගේ පෙම්වතියන් වන්නේ සෝනම් කපූර් (29) ය. සල්මන්, සෝනම්ට වඩා දහනව වසරක් වැඩිමල්ය.විසි හය හැවිරිදි අනුෂ්කා ෂර්මා හතළිස් නව හැවිරිදි අමීර් ඛාන්ගේ පෙම්වතිය ලෙසින් රාජ් කුමාර් හිරාණිගේ සිනමාපටයක නුදුරු අනාගතයේදීම දක්නට ලැබෙනු ඇත.අමීර්, අනුෂ්කාට වඩා විසිතුන් වසරකින් වැඩිමල්ය.විසි අට හැවිරිදි දීපිකා පදුකෝන් හතළිස් නව හැවිරිදි ෂාරුක් ඛාන්ට ‘ඕම් ශාන්ති ඕම්’ සිනමාපටයේදී හරිම අපූරුවට ගැළපුණාය.චෙන්නායි එක්ස්ප්‍රස් මඟින් ඔවුන්ගේ ගැළපීම තවදුරටත් තහවුරු විණි. ඉදිරියේදී තිරගතවන ‘හැපි නිව් ඉයර්’ සිනමාපටයේ ද දෙදෙනා පෙම්වතුන්ය. දෙදෙනා අතර වයස් පරතරය විසි වසරකි.සායිෆ් අලි ඛාන් සහ පරිනීති චොප්රා ද තිරය සොඳුරු කළ යුවළකි. ඔවුනගේ පරතරය දහ අට වසරකි.තිරයේදී නළුවන් ළාබාල පෙම්වතියන් තෝරා ගත්ත ද, සැබෑ ජීවිතයේදී තමන්ට වඩා වැඩිමල් පෙම්වතියන් විවාහයට තෝරාගත් අවස්ථා තිබේ. අයිශ්වර්යා, අභිෂේක්ට වඩා වසර දෙකක් වැඩිමල්ය. ශිල්පා ෂෙට්ටි, රාජ් කුන්ද්‍රාට වඩා වැඩිමල් මාස තුනකටය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
සරසවිය පුවත්පත හා සිටි එෆ්. එම්. ගුවන් විදුලිය එකමුතුවෙන් ඇරැඹී තරු තොරතුරු වැඩසටහන සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9 ට ප්‍රචාරය වේ.මෙය මෙරට සිනමාවේ රස තොරතුරු ගෙනෙන සුහද කතාබහකි. 89.6/89.8 යන සංඛ්‍යාන ඔස්සේ මෙය ශ්‍රවණය කළ හැකිය. තරු තොරතුරු මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් විසිනි.
CREATIVE
බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ නළු ශෂී කපූර් පසුගිය ඉරිදා රෝහල් ගත කෙරිණි. ඔහුගේ රෝගයට හේතු වී ඇත්තේ පපුවේ ආසාදනයකි. වාසනාවකට මේ වන විට ශෂීගේ තත්ත්වය යහපත්ය.ශෂී, රාජ් කපූර්ගේ බාලම සොයුරාය. භාරත සිනමාවේ සොඳුරු ආදරවන්තයකු ලෙස ඔහු රසික මතකයේ සදා නිදන්ගත වූයේ ආවාරා, දීවාර්, සත්‍යම් ශිවම් සුන්දරම්, කභී කභී වැනි අමරණීය රංගනයන් සමඟිනි.
CREATIVE
ඔවුන් ආහාරයට ගත්තේ රන් රිදී ද කියා සිතෙන තරමට ඒ රාත්‍රී ආහාරය ගිනි ගණන්ය. ගණනින් පැවසුවහොත් එය ලක්ෂ දෙකක් තරම් ඉහළ මුදලකි. මෙවැනි ඉහළ මිලක් ඇති රස මුසු බොජුනක් භුක්ති විඳින්නට අවස්ථාවක් පෙම්වතියට ලබා දුන්නේ රන්වීර් සිං පෙම්වතාය. දීපිකා පදුකෝන්, රන්වීර් සිං එක්ව ඉහළ මිලක් ඇති රාත්‍රී ආහාරයක් ගෙන ඇත්තේ ආදරණීය යුවළගේ ආදරණීය සිනමා සාර්ථකත්වයක් වූ ‘රාම් ලීලා’ වෙනුවෙන්. මේ විශේෂ භෝජන සංග්‍රහයට සිනමාපටයේ අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ද සහභාගි වී තිබේ.දකුණු මූම්බායි හෝටලයක පැවති මේ සාදයේදී නිරන්තරයෙන්ම ආහාරපාන සපයන ලදී. මත්පැන් සැපයුම ද ඒ හා සමාන විය. උතුරා යන හිතේ සතුට නිසා පොකැට්ටුවට කෙතරම් තට්ටු වුණත් රන්වීර්ට එය දැනී නැත.දීපිකා හා රන්වීර් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වීමට මුලින්ම අදහසක් පහළ වී තිබෙන්නේ සංජේ ලීලා බන්සාලිටයි. එහෙත් ඊට පෙර රන්වීර්ගේ ආදර සිත ඉක්මන් වී තිබේ.‘රාම් ලීලා’ ආරම්භක සති අන්තයේදී කෝටි 50 කට වැඩි ආදායමක් උපයා ඇත. මෙගාස්ටාර් අමිතාබ් බච්චන් සිනමාපටය නරඹා කෙතරම් සතුටක් ලැබුවා ද කිවහොත් සිනමාපටයේ කණ්ඩායමට මල් කලඹක් සහ සිය අත් අකුරින් ප්‍රශංසාකර ලිපියක් ඔහු දීපිකා වෙත එවා තිබේ.රාම්, ලීලා පෙම්වතුන්ට සේම රාම් – ලීලා සිනමාපටයටත් දහසක් බාධා එල්ල විය.උත්තරීතර රාම් දෙවියන්ට ඉන් අපහාසයක් සිදුවන බව පැවසූ අන්තවාදීහු සිනමාපටයට එරෙහිව උද්ඝෝෂණ පවා පැවැත් වූහ. අලහබාද් ඉහළ උසාවිය මඟින් සිනමාපටය උත්තර් ප්‍රදේශයේ පෙන්වීම තහනම් කරන ලදී. මේ කිසිවක් එහි සාර්ථකත්වයට බාධාවක් නොවීය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
දිවංගත කලාසූරි අරිසෙන් අහුබුදු සූරීන්ගේ දෙවන වසර සමරුව නිමිති කොට, එතුමන් විසින් රචිත ජනප්‍රියතම ගීත ඇතුළත් ප්‍රසංගයක් ‘අතු අගැ දිලි මල් - අහුබුදු මියැසි මිහිර’ අද කොළඹබණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.මෙහිදී පණ්ඩිත් අමරදේව, අයිවෝ ඩෙනිස්, වික්ටර් රත්නායක, ලතා වල්පොල, නන්දා මාලිනී, අමිත් වල්පොල, ජගත් වික්‍රමසිංහ, ලක්ෂමන් විජේසේකර, නිශ්ශංක දිද්දෙණිය, ජානක වික්‍රමසිංහ, නෙලූ අධිකාරි, නන්දන ලියනගේ, රමණී පෙරේරා, ලලිත් පොන්නම්පෙරුම, වර්නන් පෙරේරා, සඳනි අහුබුදු, රනාරා ඇකඩමියේ සිසු සිසුවියන් ගී ගැයුමෙන් හා බුදවත්ත රංගායතනයේ සිසු සිසුවියෝ රංගනයෙන් එක් වෙති. අහුබුදු සූරීන් විසින් රචිත ගීත ඇතුළත් ග්‍රන්ථයක් සහ දුර්ලභ ඡායාරූප හා තොරතුරු ඇතුළත් සමරු කළඹක්ද එදින එළිදැක්වීමට අහුබුදු පදනම කටයුතු යොදා ඇත.-යතේජානව පරපුරේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර නිර්මාණය කළ චිත්‍රපට ත්‍රිත්වයක් එකම දිනක් තුළ ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය පියවර ගෙන ඇත.ඒ අනුව ලබන 23 වැනි අඟහරුවාදා දින දවස පුරා කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සිදුවේ.එදින චිත්‍රපට ප්‍රදර්ශනය වන පිළිවෙළ මෙසේය.උදෑසන 10.30 ට සුළඟ එනු පිණිසසවස 4.00 ට අහසින් වැටෙයිසවස 7.00 ට චත්‍රක් අද අර්ජුන කමලනාත්ගේ සිනමා දිවියට සුවිශේෂී දිනයකි. ඒ ඔහුගේ කුලුඳුල් සිනමාපට අධ්‍යක්ෂණය ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ හි මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වෙන නිසයි.තාරුණ්‍යයේ කතා තේමාවක් රැගත් ඉගිලෙන්න ඇයි දඟලන්නේ අද සිට රීගල් ලිඩෝ ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වනු ඇත.අර්ජුන කමලනාත් සහ අමීශා කාවින්දි ප්‍රධාන චරිත මවන මෙහි සෙසු චරිත සුදත් විජේසේකර, චාමි සේනානායක, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එලිසබෙත්, නිමේෂා සෙව්වන්දි, සුංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඩ්, සම්පත් දිනූෂ නිරූපණය කරනු ලබති. කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය අර්ජුන කමලනාත් විසින් සිදුකර තිබේ. කැමරාව සජිත වීරප්පෙරුම (ෂැගී) මෙහෙයවා ඇත. කේෂාන් පෙරේරාගේ සංගීිතයට ගැයුම් අයෝමි පෙරේරාගෙනි.චන්ද්‍රදාස ප්‍රනාන්දු ගේ ගී පද රචනයකි.ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ඉසුරු ෆිල්ම්ස් හි ඉදිරිපත් කිරීමකි.- ප්‍රසාද්
CREATIVE
ආදරයෙන් රන් රස සේ බැෙඳන ජෝඩුවලට වඩා වෙන් වෙන ජෝඩු ගැන බොලිවුඩයෙන් වැඩිපුර අසන්නට ලැබෙයි. එවැනි ආරංචි පියඹන්නේ තටු ලැබුණාටත් වැඩි වේගයෙනි. එහෙත් එක්වීමක සුබ පුවතට එම ප්‍රතිචාරයම ලැබේවිදෝයි යන සැකය නිසා රන්වීර් ෂෝරේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය. බිරිය සමඟ ඇති වූ දබරයකින් පසු දෙදෙනා කලක් වෙන් වී ජීවත් වූහ. කොන්කොනා සෙන්, රන්වීර්ගේ දයාබර බිරියයි.කොන්කොනා, රන්වීර් සමඟ විවාහ වූයේ වසර 2010 දීයි. 2007 වසරේ සිට දෙදෙනා එකිනෙකාට ආදරය කළහ. 2011 දී ඔවුහු මාපියෝ වූහ.‘විවාහය සැම විටම සාමකාමී නැහැ. බිරිය සමඟ ඇතිවන සටන් සියල්ලක්ම වාර්තා නොකළ යුතු නමුත් එසේ සිදු වූවා. ඒක සාධාරණ නැහැ. නමුත් දැන් අපේ යළි එක්වීම ගැන වාර්තා කරන්න.’ ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේය.කොන්කොනා සෙන් විශිෂ්ට සිනමා නිළියක වූ අපර්ණා සෙන්ගේ දියණියයි. ඕම්කාරා සන්ග්ලාස්, බ්ලයින්ඩ් නයිට්, ඒක් ති දායන් වැනි බොලිවුඩ් සිනමාපට ගණනකම රග¼පා ඇති ඇය බෙංගාලි සිනමාවෙන් බොලිවුඩයට පෑයූ තාරකාවකි. තිස් හතර හැවිරිදි කොන්කොනා සෙන් ජාතික සම්මානයට පවා නිර්දේශ වී තිබේ. හතළිස් එක් හැවිරිදි රන්වීර්, ෂෝරේ ද ලාක්ෂයා, ජිස්මි, මිතියා වැනි රංගනයන් නිසා ජනප්‍රිය වූ තරුවකි.
CREATIVE
බොලිවුඩයේ ඛාන් රජුන් රජ කළත්, පාකිස්තානයේ නම් රජ කරන්නේ බොලිවුඩයේ හින්දි ජාතික තරුවකි. ඔහු ඉම්රාන් භෂ්මියි. පාකිස්තානු නිළි හුමයිමා මලික් පවසන පරිදි පාකිස්තානු රසිකයන් ඔහුගේ සිනමාපටයක් තිරගත වනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. හුමයිමා බොලිවුඩයට පා තබන්නේ ‘රාජා නටර්වාල්’ සිනමාපටයෙනි. 
CREATIVE
සිරිල් ඒ. සීලවිමල බිරිය සිහිපත් කරයිහිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නැහැ හාමතේ නැතිනම් අතේ සල්ලි ජෝති, මිල්ටන් පෙරේරා සහ බෙග් මාස්ටර් දැන් මතකද සිනමාපටයට ගැයූ මෙම ගීතය අද වන විට ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙනවා. චිත්‍රපටය තිරගත වන සමයේවත් හිස් ටින් එකක් මෙතරම් තුඩතුඩ රැව්දෙන ගීතයක් බවට පත් වුණේ නැහැ. මෙය යළිත් ඇසෙන්නට පටන් ගත්තේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් ලෙස අභිසෙස් ලැබූ එම්. ජී. ධනුෂ්ක නිසායි. ඔහු අති දක්ෂ අයුරින් වේදිකාවේ හිස් ටින් එකක් ගැයුවේ සංගීත ලෝලීන් ආනන්දයෙන් ආනන්දයට පත් කරමිනි. දෙරණෙන් මෙම ගීතය ඇහෙද්දී එක්තරා තැනැත්තියක් ඉතාමත් ඕනෑකමින් එම්. ජී. දිහා බලාගෙන හිටියා. ඇයට සතුටුයි. ඒත් පුංචි දුකක් අළු යට ගිනි මෙන් නිතර මතු වුණා. මේ දොම්නස යටපත් කරගෙන ඇය එම්. ජී. ට හිතින් සුබපැතුවා. මොකද හිස් ටින් එකක් නැවතත් ජනතාව අතරට එම්. ජී. තිළිණ කළ නිසා. ඇය අනුලා සීලවිමල මහත්මියයි. කෘතහස්ථ මාධ්‍යවේදියකු වගේම ගීත රචකයකු වූ සිරිල් ඒ. සීලවිමලයන්ගේ දයාබර බිරිය. හිස් ටින් එකක් වාගේ ගී පද මැවුණේ සීලවිමලයන්ගේ සුරතිනි. ඒ කාලයේ සිරිල් ගුවන් විදුලියේ ඇතැම් නිලධාරීන්ට හිස් ටින් එකක් ප්‍රචාරය කරන්න කිව්වලු. එහෙම ඉල්ලීම් කරලත් එක වතාවක් හෝ දෙවතාවකට වඩා එය ප්‍රචාරය වුණේ නැහැලු. යළිත් හිස් ටින් එකක් ජනතාව අතරට ගෙනාවට ඇය සරසවිය හරහා එම්. ජී. ට සුබපැතුවා. ඒ වගේම එම ගීතය ඉතාමත් හොඳින් ඔහු ගායනා කළ වගත් ඇය පැවසුවා.මටත් වඩා සීලවිමල හිටියා නම් සතුටු වේවි.ඇය අවසන් කොට අදහස් දැක් වූයේ මුලු හදවතින්ම කියලයි අපට දැනුණේ. - ප්‍රසාද්  
CREATIVE
රේඛාගේ රුව සැමටම අබිරහසකි. හැටතුන් හැවිරිදි වියේදීත් මෙතරම් පිරුණු තාරුණ්‍යයකින් ඇය රුව රැකගන්නේ කෙසේද? එහෙත් එයත් හින්දි සිනමාපටයක් සේම හිතේ ඇඳුණු මායාවකි. පසුගිය දා රේඛා ‘හයිවේ’ සිනමාපටයේ විශේෂ දර්ශනයක් නැරැඹීමට ගියේ අංශුමාත්‍රයක තරමටවත් රූපලාවණ්‍ය ක්‍රමවේදයක් භාවිත නොකරමිනි. එහෙත් ඇයට ද සොබා දහමට පිටු පෑමට නොහැකි බව එදින රේඛා දුටු සියල්ලෝම පසක් කරගත්හ. ඇය සිය රුවේ යථාර්ථය ලෝකයාට එළි දැක්වූයේ පළමු වරටයි. 
CREATIVE
නිවාසි පුරට අලුත් දවසක් උදා වුණා. පුංචි පැටව් ටික ඉහිලුම් නැති සතුටින් ඉපිළුණා. ‘අද හරිමලස්සන දවසක්’ හැමෝම එකතු වෙලා ගස් හෙවණේ කතාවට වැටුණා. එහෙ මෙහේ යන සෙනඟ අතරින් සියලුම දෙනාගේ අවධානය යොමු වුණේ මේ පුංචි දරුවො රෑණට. ගැජට්, ඉනසන්, කචල්, නෙගෙටිව්, ඉන්දියන්, ගර්ල් කියන මේ දරුවො නිවාසි පුරට නුහුරු නුපුරුදු දරුවන් නම් නොවෙයි.හැමදාමත් දඟකාරකම්වලින් මුලු නිවාසි පුරයම පුරවන මේ ඉහළ මධ්‍යම පාන්තික දරුවන්ගේ එකතුව ගැන හැමෝම නිතර කතාබහ කළා.‘මේ දන්නවද රවිඳුට අලුත් බයිසිකලයක් හම්බ වෙලා . . .’ක්‍රිකට් පිත්ත වනමින් ගැජට් ගෙනාවෙ අලුත් ආරංචියක්.‘ආ . . . ඒක තමයි මිනිහ අපිත් එක්ක කතා නැත්තෙ . . .’තවත් කෙනෙක් ඊට දුන්නේ පක්ෂපාතී පිළිතුරක්.අද දරුවන්ගේ සාකච්ඡාවේ මාතෘකාව වූයේ රවිඳුගෙ බයිසිකලය. මේ අතරේ බයිසිකලය ගැන කණ්ඩායමේ ඇති වුණේ වෛරයක්. රවිඳුට නොදැනෙන්නට මේ බයිසිකලය විනාශ කරල දාන්න හැමෝම ඒකමතිකව තීරණය කළේ පුංචිත්තන්ගේ මේ මහා සාකච්ඡාවේදීමයි.‘අපි තරහ බයිසිකලෙත් එක්කනෙ . . . ඒ හින්ද අපි බයිසිකලේ විනාශ කරල දාමු’මේ අදහස දිනාගන්න හැමෝම එකතුව කටයුතු කරන්න තීරණය කළා.හොඳ උපාය තාක්ෂණික දැනුමකින් යුතු මේ ළමුන් කණ්ඩායම බයිසිකලය විනාශ කරන්නට අලුත් උපක්‍රමයක් සොයමින් දිගටම පර්යේෂණවල. කුණු ගොඩින්, වටපිටාවෙන් සොයා ගත් උපකරණ තමන්ට රිසි පරිදි හසුරුවල මේ පුංචි දරු පැටව් රවිඳුගෙ බයිසිකලය විනාශ කරන්න අලුත්ම උපකරණයක් නිර්මාණය කළා.විවිධ හැකියාවන්ගෙන් අනූන මේ යහළු හවුල රවිඳුට අනතුරක් නොවන පරිදි බයිසිකලය විනාශ කරන්නට වේලාව පැමිණෙන තෙක් රහසේ බලා උන්නා.දින ගණනක් ගෙවිල ඒ වෙලාව ළඟා වුණා. සිතියමකට අනුව ක්‍රියාත්මක වන නව උපකරණය රවිඳුගේ ලස්සන බයිසිකලය සොයමින් පිට වුණා. හැමෝටම සතුටුයි.‘අද රවිඳුගෙ බයිසිකලේ ඉවරයි . . .’උපකරණය ක්‍රියාත්මක කරමින් උන් දරුවෝ උන්නේ සතුටින්.විනාඩි කිහිපයකින් දරුවන්ගේ බලාපොරොත්තු සුන් වුණේ නීරෝ නිසා. නීරෝ කියන්නේ රවිඳුගෙ සුරතල් බලු පැටියා. තමන් බලාපොරොත්තු වුණු ඉලක්කයට යන්නට බැරි වීම ගැන දරුවෝ දුක් වුණා. ඒ දුක පුංචි මනසේ කේන්තියක් බවට පත්වුණා. රවිඳුගේ බයිසිකලේ එක්ක තිබුණු කේන්තිය නීරෝ පිට පැටවුණේ මේ අතරේ. දැන් පුංචි පැටව් රෑනට නීරෝව පෙන්නන්න බැරි චරිතයක් බවට පත් වුණා. මෙසේ කලක් ගත වුණා. මේ දරුවෝ රෑනෙ විවිධ ක්‍රියාකාරකම් අතරේ නොදැනුවත්වම දින, සති, මාස ගෙවිල ගියා.නිවාසි පුර සභාපතිතුමාගේ පුත් ඩන්ස්ටන්. ඩන්ස්ටත් තමා ගැන හිතාගෙන හිටියේ තරමක් ඉහළින්. ඩන්ස්ටන්ගේ තාත්තාට වගේම ඩන්ස්ටන්ටත් සත්තු පෙන්නන්න බැරි ලෙඩක් තිබුණා. නීරෝ මේ දෙන්නට ඇස ගැටෙන්නේ මේ අතරෙදි.පුංචි යාළුවො රංචුව මේ සියල්ල අතරතුර රවිඳුගෙ මිතුරන් බවට පත් වුණා. දැන් මේ හැමෝගෙම අරමුණ නීරෝ බේරා ගැනීම. ඩන්ස්ටන් සහ සභාපතිතුමා නීරෝව විනාශ කරන්නට පොර බදද්දී මේ පුංචි වීරයෝ නීරෝව බේරා ගන්නට උත්සාහ ගන්නා කාලයයි මේ.ඉන් ඉදිරියට සිදුවන දේ මොනවා වෙයිද කියල දැනගන්න තව ටික කලක් ගත වේවි. මෙහෙම කතාව ගලාගෙන යන්නේ නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ ප්‍රථම වරට නිෂ්පාදනය කරනු ලබන නීරෝ හීරෝ චිත්‍රපටයේ. ප්‍රදීප් මහේෂ් ලියනගේ ප්‍රථම වරට රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය නවක මුහුණු රැසක් තිරයට දායාද කළ තෝතැන්නක්.අලුත් පරම්පරාවේ ළමයින් අට දෙනකු තම ආදරය දිනූ සුනඛ මිතුරෙකු බේරා ගැනීමට කරනු ලබන වික්‍රමයන් මෙම චිත්‍රපටයේ මනාව පිළිබිඹු වෙනවා.රඟපෑම් -සංගීතා වීරරත්න, මහින්ද පතිරගේ,දුලීකා මාරපන, නිල්මිණි තෙන්නකෝන්,අමරසිරි කලංසූරිය,ඔටරා ගුණවර්ධන (ODEL), නිරෝෂන් විජේසිංහ, සුනිල් ප්‍රේමකුමාර, ප්‍රේමදාස විතානගේ, අංජලි ලියනගේ, රාජසිංහ ලෝලුවාගොඩ, ගන්ගොඩතැන්න.ළමයින් -රවිඳු – පවන් හේමචන්ද්‍රගැජට් – මිහිඳු ඔවාල්ඉනසන් - රෙහාන් ආවින්දකචල් - මනෝජ් මදුෂාන්නෙගෙටිව් – තිලින ලක්ෂාන්ඉන්දියන් - සොනාල් ස්ටේෂන්ගර්ල් - පෝෂිනී නදීඩන්ස්ටන් – චානක මදුෂාන්පොඩි සාදු – මලිඳු තිවංකනිෂ්පාදන කණ්ඩායම -රචනය සහ අධ්‍යක්ෂණය –ප්‍රදීප් මහේෂ් ලියනගේනිෂ්පාදනය – නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේකැමරා අධ්‍යක්ෂණය - ශාන්ත රූපස්සර,විචර්ශණ ජයවර්ධනකලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්වේශ නිරූපණය – සෑම් පෙරේරාගී තනු සහ සංගී සැපයුම - ශමිල් බ්නිෂ්පාදන සැලසුම සහ නිෂ්පාදනකළමනාකරණය - සුජීව තලංගමසංස්කරණය – වායිෂ් අමරසේකරගී පද රචනය – කැලුම් ශ්‍රීමාල්නර්ථන අධ්‍යක්ෂණය -සැපොරෝෂ් කණ්ඩායමේ නායකසහය අධ්‍යක්ෂණය –1. මදුරංග 2.දේව් පතිනායක නිෂ්පාදන ආයතනය –ස්ක්‍රින් සර්වර් ටීම්චතුර ගීතනාත් බණ්ඩාර
CREATIVE
සනත් අබේසේකර නිර්මාණයක්ලොවම දහම් සිහිලෙන් සනසවාලූ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ, වෙසක් පෝ සඳ එළිය අවධි වෙමින් තිබියදී ඉන්දියාවේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ පිරිනිවන් පෑ සේක. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ගේ එක් දළදා වහන්සේ නමක් ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ද, තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර දේශවාසීන් ද, තවත් දළදා වහන්සේ නමක් නාග රාජයානන් විසින්ද ලබා ගනු ලැබුවේ පුද පූජා සත්කාර කිරීම සඳහාය.අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ ඛේම නම් රහතන් වහන්සේ ලබාගෙන බරණැස බ්‍රහ්මදත්ත රජතුමා හට බාර දුන්නාය. ඉහළ පුද සත්කාර සිදු කරමින් ගෞරවාදරයෙන් මෙන්ම ඉමහත් භක්තියෙන් බ්‍රහ්මදත්ත රජ පරම්පරාව රැක ගත් දළදා වහන්සේ කාලිංග දේශයේ ජනතාවගේ රජ දරුවන්ගේත් උතුම්ම වස්තුව බවට පත් වූහ.කාලිංග දේශයේ කැරලි කෝලාහල හේතුවෙන් දළදා වහන්සේට රැකවරණය ලබා දිය යුතු යයි එදවස දළදා වහන්සේගේ භාරකාරිත්වය හිමිව තිබූ ගුහජීව රජතුමා තීරණය කළේය. ඒ අනුව ඔහු තම දියණියට සහ බෑනනුවන්ට එම භාරදූර ගෞරවාන්විත වගකීම භාර දුන්නේය. ඒ අනුව හේමමාලා කුමරියගේ කෙස් කළඹ මත සඟවා ගනිමින් දන්ත කුමරුන්ගේ ආරක්ෂාව මැද අප පින්වත් රටට දළදා වහන්සේ වැඩම කරවන ලද්දේ කිත්සිරි මෙවන් රජ සමයේය.11 වැනි සියවසේ පොළොන්නරු රාජධානියේ අග රැජණ වූ ලීලාවතී රාජ්‍ය සමයේදී පූජ්‍ය ධම්මකිත්ති හිමියන් විසින් රචිත දාඨා වංශය නම් ලද ශ්‍රේෂ්ඨ කෘතිය හා ඉන්දීය බෞද්ධ ජන සාහිත්‍ය පරිලශීලනය කරමින් සනත් අබේසේකර තිර රචනයෙන් හැඩ කළ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද ‘සිරි දළදාගමනය’ දැවැන්ත සිනමා කෘතියෙහි අන්තර්ගත වන්නේ අප පින්බර මාතෘ භූමියට දළදා වහන්සේ වැඩම වූ අපූරු කතාන්දරයයි.කන්ද උඩරට දළදා මාලිගාවේ වැඩ හිඳිමින් හැම සත වෙත සෙත සදනා දළදා වහන්සේ පිළිබඳ අප්‍රකට තොරතුරු ඇතුළත් මෙම සිනමා කෘතිය මාර්තු 06 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙයි.සිරි දළදාගමනය නළු නිළි කැළ:ජීවන් කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, මාක් සැම්සන්, කමල් දේශප්‍රිය, උදාර රත්නායක, පියුමි බොතේජු, සුරේනි අයංගිකා, නිලුක්ෂි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, වසන්ත දුක්ගන්නරාල, විශ්ව ලංකා, චින්තක කුලතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සුදර්මන් රදලියගොඩ, අසංග පෙරේරා, ජයන්ත අතපත්තු, දෙනුවන් සේනාධීර, ඥානාංග ගුණවර්ධන, ඔස්ටින් සමරවික්‍රම, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, තිස්ස බණ්ඩාරනායක, සෝමවීර ගමගේ, ගයාන් වික්‍රමතිලක, මධුමාදව අරවින්ද, නිමල් ජයසිංහ, චන්ද්‍රසෝම බිංදුහේවා, සරණපාල ජයසූරිය, නන්ද වික්‍රමගේ, ශානිකා බංඩාරපූජ්‍ය ශාස්ත්‍රපති අකරවිට සංඝානන්ද හිමිපාණෝආචාර්ය සෝමා එදිරිසිංහහඳුන්වා දෙන:ප්‍රසාදි සමරකෝන්, හේෂාන් මනුලගරු රඟපෑම්:අනූෂා දමයන්ති, චන්දන වික්‍රමසිංහ, ලූෂන් බුලත්සිංහල, හයිසින්ත් විජේරත්නළමා චරිත:නිර්මාන් අබේසේකර, තිසල් සංජයනිෂ්පාදන කළමනාකරණය:හැරල්ඩ් කරණාතිලක, තිස්ස ලියනආරච්චි, පාලිත හේරත්සජීවී ත්‍රීමානකරණය:නිලාන් කුරේ, හේමජිත්, ගයාන් ගුණසේකර, ෆිරොස් ෆාරුක්, රවීන් වෙත්තසිංහගිණුම්කරණය:එන්. කේ. ජයවර්ධන, හිරණ්‍යා අක්වත්ත, අනුර කුලසේකර, අසංක කටුවාවල, ලෙනාඩ්පසුතල සැලසුම් සහ ඉදිකිරීම්:වෙලේගෙදර රණසිංහපසුතල නිර්මාණ අලංකරණය:සුනිල් විජේරත්නකලා අධ්‍යක්ෂණය:සුනෙත් නන්දලාල්අංග රචනය:ප්‍රියන්ත ඊශ්වරකේබල් සටන් අධ්‍යක්ෂණය:ටෙඩී විද්‍යාලංකාරසටන් අධ්‍යක්ෂණය:සඳුන් ප්‍රනාන්දු,සුමුදු ප්‍රනාන්දුඇඳුම් සහ ආභරණ නිර්මාණය:කුමාර කරව්දෙනියනැටුම් අධ්‍යක්ෂණය:චන්දන වික්‍රමසිංහගීත රචනය:පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමිගීත ගායනා:නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, උරේෂා රවිහාරි, ඉෂාක් බෙග්, ශානිකා මධුමාලි, ගයනි මධූෂා, මාධනී ජයසේනඅතිරේක කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය:චන්දන ජයසිංහකැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය:කේ. ඩී. දයානන්දශබ්ද පරිපාලනය:අරුණ ප්‍රියන්ත කළුආරච්චිසංස්කරණය:අජිත් රාමනායකසංස්කරණ අධීක්ෂණය:රවීන්ද්‍ර ගුරුගේසහාය අධ්‍යක්ෂණය:ප්‍රසන්න ඉත්තෑපානසංගීත අධ්‍යක්ෂණය:රංග දසනායකවිධායක නිෂ්පාදනය:නිහාල් සංජයප්‍රධාන කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය:සුමින්ද වීරසිංහනිෂ්පාදන කෘත්‍යාධිකාරි:දීපා එදිරිසිංහනිෂ්පාදනය:පූජ්‍ය ශාස්ත්‍රපති අකරවිට සංඝානන්ද හිමිපාණෝ, ආචාර්ය සෝමා එදිරිසිංහකතාව, දෙබස්, තිර රචනය සසහ අධ්‍යක්ෂණය - සනත් අබේසේකර 
CREATIVE
සුනිල් ටී. ප්‍රනාන්දුගේ පණස් දෙවැනි සිනමාපටය වූ දරුවනේ මෙම මස 26 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වීම ඇරැඹේ. ආදර්ශවත් ළමාචිත්‍රපටයක් වූ මෙය වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි.විජයරත්න වරකාගොඩ, ජයලත් මනෝරත්න, ජනක කුඹුකගේ, දුලීකා මාරපන, නදීකා ගුණසේකර, විශ්වනාත් කොඩිකාර, තිසුරි යුවනිකා, පාලිත සිල්වා, ෂයන් පෙරෙයිරා, යොහාන් පෙරේරා, කෝකිල පවන්, ත්‍රිෂුණ පෙරේරා, රචිනි විරංගා, චානක මධුෂාන් දරුවනේ රැඟුමෙන් ඔපවත් කරයි.රන්ජන් රාමනායක,අර්ජුන් කමලනාත්, බුද්ධික ජයරත්න පළමුවරට රිදී තිරයේ මුණගස්වමින් රජ හොරු සමඟ සුරංග ද අල්විස් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙයි. එහි මුහුරත් උළෙල ලබන 26 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට නියමිතය.ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස්ගේ පුත්‍රයා වන සුරංග මීට ප්‍රථම කවුද බුවා, පිස්සු නැත්නම් ෂෝක් බුවා වැනි ඩී. වී. ඩී. චිත්‍රපටයන් නිර්මාණය කොට තිබේ.රජ හොරු ඔහුගේ කුලුඳුල් සිනමා සිතුවමයි.ඉවොක් සිනමා සමාගමේ ඉදිරිපත් කිරීමක් වන මෙහි නිෂ්පාදකවරුන් ලෙස ලහිරු වික්‍රමසිංහ සහ ප්‍රසාද් රොද්‍රිගෝ කටයුතු කරති.මෙය කෝටිපති ව්‍යාපාරිකයකුගේ මුනුපුරකු පැහැර ගැනීමක් ගැන කියවෙන කතාවකි.සඳුන් විජේසිරි, නදීකා ගුණසේකර, රොනී ලීච්, හිමාලි සිරිවර්ධන, හේමන්ත ඊරියගම, ආරියසේන ගමගේ, සමන්ති ලැනරෝල්, ප්‍රේමදාස විතානගේ, ඩී. බී. ගංගොඩතැන්න, නන්දන හෙට්ටිආරච්චි, දමිතා සළුවඩන, සමන් පද්මකුමාර, අර්ඩ්ලි වෙදමුණි ඇතුළු පිරිස රජ හොරු සජීවීකරණ නළු නිළි පිරිවරයි.ප්‍රසාද් අමරසේකර සහ නිශාන්ත වීරසිංහ රජ හොරු හි සහාය අධ්‍යක්ෂවරුන් වේ. සරත් ද අල්විස් සංගීත නිමැවුමෙන් එක් වෙයි. උරේෂා රවිහාරි සමඟ සංඛ දිනෙත් ගායනයෙන් දායක වෙති.සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයායි. සමන් පද්මකුමාර කලා අධ්‍යක්ෂණයෙන් ද, සුජිත් (ෂැගී) කැමරා අධ්‍යක්ෂණයෙන් ද, අනිල් මල්ලවආරච්චි නිශ්චල ඡායාරූපකරණයෙන් ද මේ සඳහා සහභාගි වීමට සූදානමිනි. ප්‍රවීණ් ජයරත්නට රජ හොරු හි සංස්කරණය භාර දී තිබේ. සිනමාපටයෙහි උප ප්‍රධාන චරිතයට නවක රංගන ශිල්පිණියකට අවස්ථාව ඇති බව සුරංග පවසයි. මෙහි මූලික සම්මුඛ පරීක්ෂණය මුහුරත් උළෙලදාම සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත. රජ හොරු එළඹෙන අගෝස්තුවේ සිට කොළඹ අවට රූ ගැන්වීම් ආරම්භ කෙරේ.- ප්‍රසාද් සමරතුංග
CREATIVE
‘වැහිලිහිණි’, ‘සිහින පියාපත්’, ‘වැස්ස නුඹ වාගේ ‘ වැනි ටෙලි නාට්‍යයන් හි රඟපා කලා දිවියට පැමිණි ශ්‍රීමාලි කරුණාරත්න ලේඛිකාවක ලෙස ද දොරට වඩී. ඇගේ පළමු නවකතාව ‘ඉඩෝරයේ පිපි කුසුම්’ වන අතර ‘අසම්ප්‍රයෝගය’ ඇගේ දෙවැනි නවකතාවයි.බෞද්ධ ආගම ගැන පොත්පත් ලිවීමටත්, නවකතා රචනයටත් උත්සුක වන ඇය ලේඛිකාවක් ලෙස තම ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වේ. ශ්‍රීමාලිගේ අලුත්ම නවකතාව වන ‘ප්‍රථම වසන්තය’ නුදුරු දිනකදී රසිකයන් අතට පත් වනු ඇති.අමානි ඉරේෂිකා
CREATIVE
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.Playing For Keeps‘ප්ලෙයින් ෆෝ කීප්ස්’ පාපන්දු ක්‍රීඩකයකු වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් ආදරය, හාස්‍ය මුසු වූ චිත්‍රපටයක්. ගේබ්‍රිල් මියුසිනෝ විසින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 105 ක ධාවන කාලයකින් යුතු වේ. ජෙරාඩ් බට්ලර්, ජෙසිකා බෙල්, උමා තරමන්, කැතරිනා සිටා ජෝන්ස් සහ ඩෙනිස් ක්වෙයිඩ් ප්ලෙයින් ෆෝ කීප්ස්හි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙති.Ghost Rider : Spititof Vengeance‘ස්පිරිට් ඔෆ් වෙන්ශ්න්ස්’ චිත්‍රපටය 2007 වසරේ තිරගත වූ ‘ගොස්ට් රයිඩර්’ චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටයයි. වීර කතාවක් පදනම් වූ ස්පිරිට් ඔෆ් වෙන්ශ්න්ස් 3 ච් චිත්‍රපටය මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතුවේ.නෙව්ඩිනල් ටේලර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි නිකලස් කේජ්, සීරන් හින්ඩිස්, වයොලන්ට් ප්ලෙසිඩෝ, ජොනි විට් වොර්ත්, ක්‍රිස්ටෝපි ලැම්බර්ට්, අයිඩ්‍රිස් එල්බා ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.Journey 2 : The Mysterious Island ‘ද මිස්ටිරියස් අයිලන්ඩ්’, ‘ජර්නි’ චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටයයි. ත්‍රිමාණ සජීවිකරණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය මිනිත්තු 94 ක ධාවන කාලයකින් යුතු වේ. බ්‍රැඩි පේටන් විසින් අධ්‍යක්ෂණය කළ ‘ද මිස්ටීරියස් අයිලන්ඩ්’ ඕවෙන් ජොන්සන්, ජෝෂ් හචර්සන්, මයිකල් කේන්, වැනිසා හඩ්න්ස්, ලුයිස් ගස්මාන්, ක්‍රිස්ටින් ඩේවිස් චරිත නිරූපණය කරති.Chronicle ‘ක්රොනික්ල්’ මිනිත්තු 83 ක ධාවන කාලයකින් යුතු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි.ජෝෂ් ට්‍රැන්ක් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ඩේන් ඩිහැන්, ඇලෙක් රුසෙල්, මයිකල් බී. ජෝර්ඩින්, මයිකල් කෙලී, ඇෂ්ලි හින්ෂෝ චරිත නිරූපණය කරති.NobodyWalks‘නෝබොඩි වොල්ක්ස්’ ඇමරිකානු චිත්‍රපටය රුසෝ යන්ග් ගේ අධ්‍යක්ෂණයකි. ජෝන් ක්‍රසින්කි, ඔලිවියා ත්‍රිලර්බි, රොස්මෙරී ඩිවිට්, ජේන් ලිවී ප්‍රධාන චරිත නිරූපණය කරන මේ සඳහා 2012 වසරේ සන්ඩෙන්ස් චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානයක් හිමි විය.TheCup‘ද කප්’ 2002 වසරේ මෙල්බන් තුරඟ තරඟාවලියේදී ඩේමියන් ඔලිවර්ස්ගේ ජයග්‍රහණය ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක්. සීමොන් වින්සර් අධ්‍යක්ෂණය කළ ‘ද කප්’ පැය එකකුත් මිනිත්තු 46 ක ධාවන කාලයකින් යුතු වේ.බ්‍රයන් මාටින්, ස්ටෙෆන් කරි, ජෝඩි ගෝඩ්න්, ඇලිස් පාකින්සන්, ෂොන් මයිකල්ෆ්, මාටින් සක්ස්, කොලීන් හෙවෙට් ප්‍රධාන චරිත නිරූපණය කරති.AgentVinod‘ඒජන්ට් විනෝද්’ හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. මිනිත්තු 152 ක ධාවන කාලයකින් යුතු ‘ඒජන්ට් විනෝද්’ ශ්‍රීරාම් රාග්හවන්ගේ අධ්‍යක්ෂණයකි.සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර රවී කිෂාම්, ප්‍රේම් චොප්රා, රාඕ කපූර්, ගුල්ෂාන් ග්‍රෝවර්, මාර්යම් ෂකරියා සෙසු චරිත සඳහා දායකත්වය ලබා දෙති.Ekk Deewana Tha‘ඒක් දීවානා තා’ ආදරණීය කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. ගෞතම් මෙනොන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඒ. ආර්. රහ්මන් විසිනි. ප්‍රතීක් බබ්බාර්, ඇමී ජැක්සන්, මනු රිෂි ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.- යතේජා ඥානරත්න
CREATIVE
‘රඟපාන්න ආසයි’ සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.
CREATIVE
හෙළ නිළි රුජනගේ රංගන දිවියට පනස් වසරක් සපිරීම නිමිති කර ගන්මින් විශේෂ කර්තව්‍යයන් කිහිපයක් එළැඹෙන නොවැම්බරයේ සිදු කිරීමට දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටී. ඒ අනුව ඇයට උපහාර පිදීමේ උළෙලක් සහ ඇය රංගනයෙන් දායක වූ සිනමා පට හතක් ඇතුළත් කොට සිනමා සතියක් ද පැවැත්වෙනු ඇත.දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයේ පසුගිය මහ සභාවේ දී මෙම යෝජනාව සම්මත වී තිබේ. එහිදී මෙයට අමතරව දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් තවත් තීරණ කිහිපයක් සම්මත වූ බව සංධානයේ කැඳවුම්කරු එරංග සේනාරත්න වැඩිදුරටත් දන්වා සිටියි.- ප්‍රසාද්
CREATIVE
ඔන්න එක දවසක් රත්නපුරේ ‘විනෝද සමය’ රඟ දක්වන්න සියල්ල සූදානම් කර තිබුණා. මේ නාට්‍යය සංවිධානය කළ අය මෙහි සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කළේ මා සමඟයි. මොකද මමත් රත්නපුර පැත්තෙ පදිංචි කෙනෙක් නිසා. දැන් ඉතින් නාට්‍යය පෙන්වන දවස උදාවුණා. සංවිධායකයන් ගජරාමෙට අපේ පැමිණීම ගැන පෝස්ටර්වලින් විතරක් නෙවෙයි, යකඩ කටකුත් බැඳගෙන මුළු රත්නපුරය පුරාම ප්‍රචාරයක් ලබා දුන්නා.ඉතින් මම ගමේ මිනිහා නිසාම කොළඹින් එන අපේ කට්ටියට තේ සංග්‍රහ කටයුතු බාර වුණෙත් මට. මමත් ඉතින් ඉස්තරම් විදියට හිතලා හොඳ පහේ හෝටලයක් කල්තියාම සූදානම් කළා. ඔන්න ඉතින් කවුරුත් ‘විනෝද සමය’ රැගෙන රත්නපුරයට සේන්දු වුණා, රසිකයන් පිනවන්න. අපිට දීලා තිබුණු ප්‍රසිද්ධිය නිසාම හෝල් එක අතුරු සිදුරු නැතුව සෙනඟ පිරී ඉතිරිලා. ගමේ කමට මටත් හරි ආඩම්බරයි. ඔන්න ඉතින් එදා සවස දර්ශනය ආරම්භ කළා. ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මැද ‘විනෝද සමය’ රඟ දැක්වූවේ ප්‍රේක්‍ෂකයන්ට කිසිදා අමතක නොවන සිනා සාගරයක් සමඟ. නාට්‍ය සංවිධායකයන්ට කොහොම හරි ඕන කළා තවත් දර්ශනයක් අපි ලවා කරගන්න. ඉතින් අපේ කණ්ඩායමේ කට්ටියගේ කැමැත්ත පරිදි ඒ සඳහා අපි සූදානම් වුණා.දැන් ඉතින් පළමු දර්ශනය වගේම ඒ දර්ශනයත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මධ්‍යයේ අරම්භ වුණා. වැඩේ ඉස්තරම් විදියට කෙරුණ නිසා නාට්‍ය සංවිධායකයන්ටත් හරි සතුටුයි. අපේ කට්ටියටත් විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සතුටු කරන්න ලැබුණු නිසාම බොහොම විමෝද ජනක දවසක් වුණා. මම ගමේ මිනිහා නිසාම අපේ කට්ටියට ලැබෙන්න ඕන මුදල් ගනුදෙනු, නාට්‍ය සංවිධායකයන් සමඟ කතාකර ගන්න පවරලා තිබුණේ මට. මේ සියලු මුදල් හදල් අරගෙන මම අපේ කට්ටිය එක්කරගෙන ගියේ කලින්ම මම සූදානම් කරලා තිබුණ හෝටලයට. ගිහින් කෑමට පෙර පොඩි බෝතල් පාටියක් දැම්මා. කාගෙත් විහිළු කතා අතරේ දන්නෙම නැතිව කට්ටියටම වීදුරු එක, දෙක වෙලා දෙක, තුන වෙලා තුන, හතර වෙලා මටත් දැන් හොඳ ගණන්. රෑ බෝවෙන එක වැඩි නිසා අපේ කට්ටියට කොළඹ යන්නත් තියන නිසා කෑම කන්න කවුරුත් සූදානම් වුණා.ඔය අතරේ මට මතක් වුණා කොළඹ ඉඳලා අපේ අයව අරන් ආපු වෑන් එකේ ඩ්‍රැයිවර්. මම ඉතින් කට්ටියට කෑම කන්න සූදානම් කරලා ඩ්‍රැයිවර් හොයාගෙන එන්න හෝටලෙන් එළියට ආවා. මුළු පළාතම කළුවරයි. ලයිට් එළියේ අඬ අඳුරේ මාත් වැනි වැනි ගිහින් වෑන් එක ළඟ හිටිය කෙනෙකුට කතා කළා ‘යං කෑම කන්න’ කියලා. මෙයා මගේ ආරාධනයට එච්චර ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ. දැන් මටත් පදම් වෙලා නිසා කළුවරේ හරිහැටි පේන්නෙත් නෑ. ‘ළමයො ලැජ්ජා වෙන්න එපා අපි විතරක් බඩ කට පුරෝගෙන යනඑක හරි නෑ. අපිත් එක්ක ආවානම් අපිත් එක්කම කාලා බීලා යනවා’. ඒත් මේ පුද්ගලයාගෙන් ඒ ආරාධනයටත් එතරම් මනාපයක් නෑ. දැන් ඉතින් මටත් ටිකක් කේන්ති ගියා. මම සැරෙන් කිව්වා ‘හලෝ මම බර්ටි කියන එක අහලා කෑම ටිකක් කන්න එනවා ඕයි’ කියලා මම මේ පුද්ගලයගෙ අතින් ඇදගෙන හෝටලය ඇතුළට ගෙනාවා.එහෙම ගෙනත් රෝස් කරපු කුකුල් මස් එක්ක අපි ඕඩර් කරලා තිබුණු කෑම වේලෙ හැම දෙයක්ම මෙයාට කැව්වා. ඒ විතරක් නෙමේ, අයිස් ක්‍රීම්, කිරි පැණි එහෙමත් මගේ පෙරැත්තෙන්ම මෙයාට කන්න දුන්නා. දැන් ඉතින් මෙයත් ඔක්කොම කාලා එළියට ගියහම ඇනස්ලි මට කතා කරලා ඇහුවා ‘බර්ටි උඹ අර කාවද බලෙන්ම අරගෙන ඇවිත් බලෙන්ම කන්න දුන්න කෙනා’ කියලා. ඒ පාර මම කිව්වා ‘ඇයි බං ඒ උඹලා කොළඹ ඉඳන් මෙහාට අරන් ආපු ඩ්‍රයිවර් නේ. ඉතින් බං අපි විතරක් බඩ කට පුරවාගෙන හරි නෑනේ. ඌටත් හොඳට සංග්‍රහ කරන්න ඕනනේ’ කියලා. ‘ඒක ඇත්ත’, ඒත් උඹ දැන් කන්න දුන්න කෙනා අපි එක්ක ආපු ඩ්‍රයිවර් ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්’ කියලා ඇනස්ලි කිව්වා.මෙහෙම කිව්වම මමත් ඉතින් වෙරි මරගාතේ ආයෙත් හෝටලයෙන් එළියට බැස්සා. ඒ පාර මම එක්කරගෙන ඇවිත් කන්න දුන්න කෙනා වාහනයට කකුලක් තියාගෙන සිගරැට් එකකුත් ඇද ඇද ඉන්නවා. මම කිට්ටුවට ගිහින් එයාගෙන් ඇහුවා ‘ඔයා නේද අපිත් එක්ක ආව ඩ්‍රයිවර්’ කියලා. ‘අනේ නෑ මහත්තයා මම මේ වෙන කට්ටියක් අරන් ආව කෙනෙක්’ කියලා එයා කිව්වා. එතකොට තමයි මට දෙයියො සිහිවුණේ. ‘කොහෙද ඉතින් මහත්තයට කොච්චර කිව්වත් ඇහුවෙ නෑනේ. මම බෑ කියද්දිත් මාව ඇදගෙනම ගිහින් කන්න දුන්නනේ’ කියලා.එහෙම කිව්වම මට භාගෙට වෙරි හිඳුණා. මම කරලා තියෙන ගොන් තකතීරු වැඩේ ගැන දැන් මටම ලැජ්ජයි. අපේ වාහනේ ඩ්‍රයිවර් කියලා වෙන වාහනයක ඩ්‍රයිවර් කෙනෙක් බලෙන් අරගෙන ඇවිත් හොඳහැටි කන්න දීලා. දැන් ඉතින් මොනවා කරන්නද. ඒ මිනිහා උඩ බලාගෙන හිනාවෙනවා. මම කරපු ගොන් වැඩේට මම ලැජ්ජාවට බිම බලාගෙන හිනාවෙනවා.චන්දන දයාසිරිවර්ධනඡායාරූප - ශාන් රඹුක්වැල්ල  
CREATIVE
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.Olymus Has Fallen‘ඔලිම්පස් හෑස් ෆෝලන්’ හොලිවුඩ් ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක්. ඇන්ටනි ෆි්‍යුකා විසින් අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 120 ක ධාවන කාලයකින් යුක්ත වේ.ජෙරාඩ් බට්ලර්, ආරන් එක්හාර්ට්, මෝගන් ෆී‍්‍රමන්, රික් යුනේ, ඩිලන් මැක්ඩ්‍රෙමෝට්, ෆයිනලේ ජැකොබිසෙන්, ඇන්ජෙලා බැසෙටි, ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.42‘42’ ඇමෙරිකානු බේස් බෝල් ක්‍රීඩක ජැකී රොබින්සන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මානය කළ මෙහි චැඩ්වික් බොස්ටෙන්, හැරිසන් ෆෝර්ඩ්, නිකොලේබිහාරි, ක්‍රිස්ටෝපර් මෙලෝනි, රයන් ටෙරිමෑන්, ලුකාස් බ්ලැක්, ඇන්ඩ්‍රේ හෝලන්ඩ් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘42’ මිනිත්තු 128 ක ධාවන කාලයකින් යුතු වේ.The Incredible Burt Wonderstone‘දි ඉන්ක්‍රෙඩිබල් බර්ට් වොන්ඩර්ස්ටෝන්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්.ඩොන් ස්කාර්ඩිනෝ අධ්‍යක්‍ෂණය කළ මෙහි ස්ටීව් කැරෙල්, ස්ටීව් බසෙක්මි, මේසන් කුක්, ඔලිවියා විල්ඩි, ජිමි කැරේ, ජේම්ස් ගැන්ඩොල්ෆ්නි, ඇලන් ආකින්, ජේ මෝර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.Stokerචාන් වෘක් පාර්ක් අධ්‍යක්‍ෂණය කළ ‘ස්ට්‍රෝකර්’ අද්භූත සිදුවීම් පෙළක් රැගත් ත්‍රාසජනක චිත්‍රපටයක්. මියා වොසිකොස්කා, නිකොලෙ කිඩ්මෑන්, මැතිව් ගුඩ්ස්, ඩේවිඩ් ඇල්ෆඩ්, පෙග් ඇලන්, ලෝරෙන් ඊ රෝමෑන්, ලුකාස් ටිල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ස්ටෙ‍්‍රීකර්’ මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ.KnifeFight‘ක්නයිෆ් ෆයිට්’ දේශපාලනමය කතා පුවතක් රැගත් ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්.බිල් ගුටෙන්බර්ග් අධ්‍යක්‍ෂණය කළ මෙහි රොබ් ලෝවේ, කැරී ඈන් මෝස්, ජැමි චන්ග්, රිචඩ් සැචිෆ්, එරික් මැක්රොමැක්ට්, ජුලියා බොවෙන්, ජෙනිෆර් ටොරිසන්, අමන්ඩා කීව් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.Escape From Planet Earth‘එස්කේප් ෆෙ‍්‍රාම් ප්ලැනට් අර්ත්’ කැනඩාවේ නිෂ්පාදිත ත්‍රිමාණ පරිගණක සජීවීකරණ පවුලේ චිත්‍රපටයක්. කාල් බෘන්කර් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙය මිනිත්තු 89 ක ධාවන කාලයකින් යුක්ත වේ.බ්‍රෙන්ඩන් ෆේසර්, සාරා ජෙසිකා පාකර්, රොබ් කෝඩ්ඩ්‍රි, විලියම් ෂැට්නර්, ක්‍රෙග් රොබින්සන්, ජෙසිකා ඇල්බා, ජෝර්ජ් ලෝජෙස් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දෙති.Nautanki Saala‘නෝටන්කී සාලා’ ආදරය, හාස්‍යය රැගත් හින්දි චිත්‍රපටයක්. රෝගන් සිපී අධ්‍යක්‍ෂණය කළ මෙහි අයුෂ්මාන් කුරානා, පූජා සාල්වි, කුනාල් රෝයි කනූර්, එව්ලින් ෂර්මා, ගේලන් මන්ඩෝකා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන අතර අභිෂේක් බච්චන් විශේෂ දර්ශනයක් සඳහා සහභාගි වේ.Jayantabhai ki luv Story ‘ජයන්තාබායි කි ලව් ස්ටෝරි’ අපරාධයක කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. විවේක් ඔබ්රොයි, නේහා ෂර්මා, නසාර්, රාජ් සිං, අතිෆ් අස්ලම්, රංගනයෙන් දායකවන මෙහි අධ්‍යක්‍ෂණය විනිල් මාකන් විසිනි.යතේජා ඥානරත්න
CREATIVE
කෝපි කඩේ කපිල ලෙසින් රූපවාහිනිය නරඹන්නන්ගේ හදවත දිනූ නිමල් පුෂ්ප කුමාර් ද සිල්වාගේ ‘මියුරු මල් ගී සර’ නම් ප්‍රේමණීය ගී සැඳෑව මේ මස 23 වැනිදා පස්වරු 6.30 ට බිෂොප් රංග ශාලාවේදී පැවැත්වේ.සුප්‍රියා අබේසේකර හා ප්‍රියා සූරියසේන යන ආරාධිත ශිල්පීන් ගී ගයන මේ ගී සැඳෑවේ නර්තනය සංඛ අබේසිංහගෙනි. විශාරද මනෝජ් පීරිස්ගේ සප්ත ස්වරයෙන් හැඩවන මේ සොඳුරු සැඳෑවේ කථනය වසන්ත රෝහණගෙනි.ලේඛක ගුණසිරි ජයවර්ධනගේ අනුවර්තනය කළ ‘හෙණ පහර’ කෘතිය මේ මස 26 වැනිදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.‘හෙණ පහර’ දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.
CREATIVE
ප්‍රවීණ නාට්‍යවේදී ගුණසේන ගලප්පත්ති සූරින්ගේ ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යයේ දර්ශනයක් ලබන 18 වැනිදා බොරැල්ල Y. M. B. A ශාලාවේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. මූදු පුත්තු නව නිෂ්පාදනය වෛද්‍ය දීප්ති සාගරිකා ගලප්පත්තිගේ විසිනි.- යතේජා
CREATIVE
සංජය ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි සිතුවම ඉහිරුණු කිරි සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.ජයලාල් රෝහණ, බිමල් ජයකොඩි, මුතු තරංගා, ජගත් බෙනරගම, ශාලිකා එදිරිසිංහ, මියුරි සමරසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, කීර්ති රංජිත්, ජීවන් හඳුන්නෙත්ති, ශාන්බන්දු වීරසිංහ, නිශානි ගමගේ, රුවන් කණ්ඩලම, නිපුනිකා හේවාගමගේ, ජානක නිශ්ශංක, නීල් එදිරිසිංහ, හංසන දිල්ශාන්, නෙතලි නානායක්කාර, ලියෝනි කොතලාවල, කුමාර වඳුරැස්ස, කපිල සිගේරා, බියංකා ෆොන්සේකා, නිමාෂා ද සිල්වා, අසංක දේවමිත්‍ර පෙරේරා, සමන්ති ගනේගොඩ, වෙනුජ කිසත් ගුණවර්ධන, මේනුක ප්‍රේමරත්න, රංජිත් රූබසිංහ ඇතුළු නළු නිළියන් රැසක් මෙය රංගනයෙන් හැඩ කරති.ඉහිරුණු කිරි සංජය ගුණවර්ධන, කුමාර වඳුරැස්ස සහ පුන්සිසි වන්නිආරච්චිගේ නිෂ්පාදනයකි. ප්‍රියංකා අමරතුංගගේ තිර රචනයකි. පී. කේ. ලෙනාඩ් සහ දිලීප පුස්සැල්ල කැමරා අධ්‍යක්ෂවරුන්ය. සංස්කරණය සිතුම් චාමර ජීවගෙනි. විශාරද රෝහණ ධර්මකීර්තිිගේ සංගීත අධ්‍යක්ෂණයකි. කැළුම් අසේල උඩුවාවලගේ සහාය අධ්‍යක්ෂණයකි. විශාරද නන්දා මාලිනී ගායනයෙන් එක් වෙයි. චමින්ද ඉලුක්වෙලගේ කලා අධ්‍යක්ෂණයක්ය. අරුණ ශාන්ත ජයසූරිය අංග රචනයෙන්ද චන්දන ශ්‍රී සුධාරක නිෂ්පාදන කළමනාකරණයෙන් ද ඉහිරුණු කිරි සඳහා දායක වී ඇත.- ප්‍රසාද්
CREATIVE
ලාංකේය චිත්‍ර කලාවේ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පීන් අතරින් සුවිශේෂ ස්ථානයක් හිමි ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. එච්. සරත්ගේ මහා අධිවේගී සිතුවම් දැක්ම ලබන 11 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී විවෘත වේ.1968 දී රජයේ ලලිත් කලායතනයට බැඳී චිත්‍ර ශිල්පය හැදෑරූ එස්. එච්. සරත් තායිලන්තයේ ශිල්පකොන් විශ්වවිද්‍යාලයෙන් සහ ඔස්ට්‍රේලියාවේ යුනිවසිටි ඔෆ් සවුත් ඔස්ට්‍රේලියාහිදී චිත්‍ර කර්මය ප්‍රගුණ කර තිබේ. තමන්ටම ආවේනික රටා ඔස්සේ රූ රටා මවන ඔහු මේ වන විට සිය සිතුවම් දෙස් විදෙස් ජනතාවගේ රසාස්වාදය උදෙසා ඒක පුද්ගල සිතුවම් දැක්ම විශාල සංඛ්‍යාවක් පවත්වා ඇත. 1974 වසරේදි ඔහු පළමු චිත්‍ර ප්‍රදර්ශනය මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර එදා මෙදාතුර මෙරට පවත්වා ඇති චිත්‍ර ප්‍රදර්ශන සංඛ්‍යාව පණහකටත් අධිකය.කැනඩාව, නෝර්වේ, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ජපානය ඇතුළු රටවල් රැසක ද තම චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇති සම්මානනීය චිත්‍ර ශිල්පි එස්. එච්. සරත් සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය සඳහා ද දායක වෙමින් චිත්‍ර කලාව තුළ තම අනන්‍යතාව තහවුරු කරගත් ශිල්පියෙකි. පෙම්බර මධු, චුඩාමාණික්‍ය, සාරා, ඉන්දුට මල් මිටක් වැනි චිත්‍රපට සඳහා කලා අධ්‍යක්ෂණය සිදු වූයේ ද ඔහු අතිනි. චිත්‍ර කලාව වර්ධනය කිරීම සහ එහි රසාස්වාදය ජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නොමිලයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය වින්දනය වෙනුවෙන් පැමිණෙන ලෙස ඒ මහතා කලාකාමී ඔබ සැමට ආරාධනා කර සිටියි.ස්ටැනී ද සිල්වාගේ ඒක පුද්ගල සිතුවම් දැක්ම ‘තෙලි තුඩක අසිරිය’ මෙම මස 07, 08 සහ 09 යන දිනයන්හි කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ. ඔහු චිත්‍ර ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු, කලා අධ්‍යක්ෂවරයකු සහ පුවත්පත් කලාවේදියකු ලෙස ප්‍රකට චරිතයකි.ස්ටැනී පළමුව අපට හමුවන්නේ රිවිරැස පුවත්පතිනි. එතැන් පටන් දවස, රංකැටි, මී පැණි, කැකුළු, කුමරි, හිතවතා, සඳරැස්, ප්‍රාර්ථනා යනාදී පුවත්පත් රැසක ඔහු සේවය කළේය.අනතුරුව වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව යන මාධ්‍යයන්ට සම්බන්ධ වන හෙතෙම 1989 වර්සයේදී කැඩපතක ඡායා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වශයෙන් ස්වර්ණ සංඛ සම්මානයට ද පාත්‍ර විය.මේ පවත්වනුයේ ස්ටැනීගේ පළමු සිතුවම් දැක්මයි. ප්‍රදර්ශනය තෙදින පුරා උදැසන 10 සිට සවස 7 දක්වා විවෘතව පවතියි.
CREATIVE
ලංකා චාමරගේ ප්‍රධානත්වයෙන් ගෙන එන ‘තාල් නයිට් නිර්මාණ හා සම්මාන රාත්‍රිය’ අද දින (18 වැනිදා) ලුම්බිණිියේදී පැවැත්වීමට නියමිතය. ප්‍රචාරණ ක්ෂේත්‍රයේ වසර දහඅටක් පුරා සිය නිර්මාණකරණයේ අලුත් ඉසව් සොයා ගිය තරුණයකු ලෙසින් ඔබ හමුවට පැමිණෙන ලංකා චාමර කලා කෙතෙහි විවිධ මං පෙත් සොයා සැරිසරන්නෙකි.‘මා මාස්ටර් වයින්ඩිස්’ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම්කරු වුණත් ඒ තිබෙන කාර්යබහුලත්වයත් සමඟ ගෙවන්නේ බොහොම අවිවේකී ජීවිතයක්. ඒ් අවිවේකී ජීවිතය අතර මා බොහොම ආදරය කරන කලා කටයුතුවල නියැලීමට යම් කාලයක් සොයා ගැනීමට මට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් තමයි ‘තාල්’ ඇකඩමිය බිහි වෙන්නේ. ඒ හරහා විවිධ කලා නිර්මාණ වේදිකාවට රැගෙන පැමිණෙමින් කලාවට හා සමාජයට යම් මෙහෙවරක් කිරීමයි මගේ පරමාර්ථය වුණේ. ඒ පරමාර්ථය සැබෑ කරමින් අපි තාල් ඇකඩමිය හරහා කළ මුල්ම නිර්මාණය වුණේ ’ශ්‍රී ලංකන් කැරොකේ’ වේදිකා නාට්‍යයයි.අද ලංකාවේ කලා ක්ෂේත්‍රයේ දිදුලන අසන්ති නාලිකා වගේ ශිල්පිනියක් වේදිකාවට පැමිණියේ මේ වේදිකා නාට්‍යය හරහායි. ඊට පස්සේ ‘තාල භාවනා’ මුද්‍රා නාට්‍යයත්, 2008 වසරේදී ‘ඇඳිරිය’ වේදිකා නාට්‍යයත් සමඟ අපි වේදිකාවේ සැරිසැරුවා. 2010 වසරේදී ගීත 134 ක් අඩංගු ‘දෑල’ ගීතාවලිය මා නිර්මාණය කර එළි දැක්වූවා. ඒක මගේ ජීවිතයේ බොහොම සුවිශේෂී මොහොතක්. ගායනය, සංගීතය, නර්තනය, රංගනය කියන මේ සියලු අංශයන් ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමේ හැකියාව අපි සතුයි.කලාකරුවෙක් විදියට සමාජයට සිදු විය යුතු මෙහෙවරක් තිබේ යැයි මා විශ්වාස කරනවා. මගේ නිර්මාණ හරහා මා කරන්නට බලාපොරොත්තු වන්නේ එවැනි මෙහෙවරක්. ළඟදීම මගේ පළමු සිනමා නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මා අදහස් කරනවා. යුද්ධය නිසා අන්ධ වූ යුවතියකගේ හැඟීම් පිළිබඳ හා ඇයට සමාජයේදී විඳින්නට වූ කරදරකාරී මිනිසුන්ගේ පීඩාව පිළිබඳ කියනා පසුබිම් මුල් කර ගනිමින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මෙතෙක් යුද්ධය පිළිබඳ නිර්මාණ අපේ රටේ බිහි වී තිබුණත් ඔවුන්ගේ හැඟීම් පිළිබඳ කතාබහ කෙරෙන නිර්මාණවල අඩුවක් මා දකිනවා. මේ සිනමා නිර්මාණයෙන් උත්සාහ ගන්නේ ඒ රික්තය පිරවීමයි.තාල් ඇකඩමිය හරහා කෙටි කාල සීමාවකදී විශාල ශිල්පීන් පිරිසක් කලාවට දායාද කරන්නට මට හැකියාව ලැබුණා. ඔවුන්ව දිරි ගන්වන්නට මේ අවුරදු දහය ප්‍රමාණවත් කියලා මට සිතුණා. අවුරුදු දහයේ සංවත්සරය මූලික කර ගනිමින් තාල් නයිට් නිර්මාණ හා සම්මාන රාත්‍රිය සංවිධානය කරන්න හිතුවේ ඒ නිසාමයි. මා මෙවැනි ප්‍රසංගයක් කරන්නේ පළමු වතාවටයි. එය දැවැන්ත ප්‍රසංගයක් වේවි. ඒ වගේම අද අපේ රටේ තරුණ තරුණියන්ට තමන්ගේ දක්ෂතා ඔස්සේ නිර්මාණ සඳහා දායකවීමට අවස්ථාවක් ලබාදීමටත්, නිර්මාණකරුවන්ට තම නිර්මාණ සඳහා සුදුසුම ශිල්පීන් සොයා ගැනීමේ පහසු මඟක් ලෙස ආධුනික හා ප්‍රවීණයන්ගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ජනගත කිරීමත් සිදු කරන්නේ එදිනමයි. මා මෙතෙක් කළ නිර්මාණ කිහිපයක් රැගත් ගීත කිහිපයක් ද එදිනට එළි දැක්වෙනවා. එන්න ඔබටත් මේ ප්‍රසංගය විවෘතයි. මා ඔබට මේ ආරාධනා කරන්නේ’තාල්’ ප්‍රසංගය නරඹන්නයි.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
ඈත කඳුයායේ නීල වළාවේ තාරකාවන් හිනැහෙන දවසේ ඔබ හිනැහේ නම් මාත් හිනා වෙන්නම් රන් පිහාටු දෙන්නට කන්ද උඩින් රන් හංස කුමරු ඒවී නෙත් කඳුළැල් දිය සීරා දෙපා දොවා යාවී මා මිහිලිිය තුරුලේ නිදන දිනේ වනන්තරේ ඔබ තනිවේ නම් මම එහා ලොවේ සිට කතා කරන්නම් තැවුල් නිවාලන්නම් . . .පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීත නිර්මාණය – පණ්ඩිත් අමරදේව ගායනය – විශාරද නන්දා මාලිනී අධ්‍යක්ෂණය – විමල් වෛද්‍යසේකරසුලෝචන වික්‍රමසිංහ
CREATIVE
දිනේෂ් පි‍්‍රයසාද් අපේ සිනමා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘ඩබල් ට්‍රබල්’ චිත්‍රපටය පසුගිය කාලයේ දිවයිනේ සිනමාහල් රැසක තරගත වුණා. අද කාලයේ බොහෝ අධ්‍යක්‍ෂවරුන් තම නිර්මාණ එළිදක්වන්න මාධ්‍ය සහයෝගය විශාල වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් බොහොම සුහදව කතා කළත් නිර්මාණය එළිදැක්වූවාට පස්සේ නම් සමහරු සොයා ගන්නත් අමාරු වෙන අවස්ථා තියෙනවා. සමහර අය තවත් අලුත් නිර්මාණයක් සමඟ තමයි මාධ්‍ය හොයාගෙන එන්නේ.කවදත් මාධ්‍ය සමඟ සුහදව සිටින දිනේෂ්, පසුගිය දවසක තමන්ගේ ෆිල්ම් එකෙන් පසුවත් එයට සහයෝගය දුන් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලන්ටම නැවත තැවතත් සිය ස්තූතිය පළ කළා. අලුත් නිර්මාණයක් කරන කොට විතරක් මාධ්‍ය මතක්වෙන අධ්‍යක්‍ෂවරුන්ට වඩා දිනේෂ් වෙනස් වන්නේ ඒ නිසයි.
CREATIVE
සුවිසල් සිටු මැදුරක, සුව යහනක් මත ප්‍රේමාලිංගනයක යෙදෙන යොවුන් පෙම් යුවළකි. පෙම්වතා පෝල් කාල්සන් නම් වෙයි. හදිසියේම යමක් සිහිපත් වූ ලෙසින් යහනින් බිමට පනින පෝල් වහ වහා සිය ඇඳුම් ඇඳ ගනිමින් පහත මාලයට දුවයද්දී ඔහුගේ ප්‍රියාවිය ඔහු පසු පස හඹා යන්නේ රෙදි කඩක් පමණක් අතැතිව නිරුවතිනි. ඇගේ ඇවිටිල්ල ගණනකටවත් නොගෙන ඇය හැරදමා පළායාමට තරම් ඔහුට වැදගත් වූ සුවිශේෂ කටයුත්ත කුමක්ද? ඒ සාරා ෆ‍්‍රැම්සන් ගේ උපන් දින සාදයයි. සුරූපී සාරා, පෝල් ගේ එකම සොහොයුරාගේ ආදරබර පෙම්වතියයි.ගරා වැටුණු පාළු මන්දිරයේ ආලින්දය මැද වූ ශෛලමය පුවරුව මත විසිරී ඇත්තේ දුර්වර්ණ වී ගිය අළු ගොඩකි. අමිහිරි හඬක් නඟමින් එතැනට පියඹා එන හිරිකිත මා වවුලෙකුගේ මුවඟින් වැගිරෙන ලේ බිඳු කිහිපයක් අළු ගොඩ මතට වැටෙයි. සුදු දුම් වලාවක් නඟමින් අළු ගොඩෙහි ස්වරූපය ඇට සැකිල්ලක් බවට පත්වෙයි. ඒ මතින් නිශාචරයන්ගේ අධිපති ඩ්‍රැකි්‍යුලා ගේ රුව ජීවමාන වන්නට ගත වන්නේ සුළු කාලයකි.තමා හැරගිය පෙම්වතා තමා දූෂණය කොට පළාගිය බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පෝල් පසු පස හඹා එන නිලධාරීන්ගෙන් ගැලවීම සඳහා වන වැදුණු ඔහුගේ ගමන නිමා වන්නේ ඩ්‍රැකි්‍යුලා ගේ මන්දිරයෙනි.ඔහු පිළිගැනීමට මඟ බලා සිටින්නේ ඩ්‍රැකි්‍යුලා ගේ මනමාලියක් වන සුරූපී ටානියායි. දුහුල් නිදන ඇඳුමකින් සැරසුන ඇය එදින රාත්‍රියේ කාටත් හොරා පොල්ගේ යහන් ගැබට පිවිසෙයි.පෝල්ගේ අතුරුදන් වීමත් සමඟ ඔහු සොයා යන සයිමන් සහ සාරා යුවළ ඩ්‍රැකි්‍යුලා ගේ ඊළඟ ගොදුර බවට පත්වෙයිද? බ්‍රිතාන්‍යයේ හැමර් චිත්‍රපට සමාගම විසින් 1970 වසරේ දී නිපැයූ ‘සුකාර්ස් ඔෆ් ඩැකි්‍යුලා’ චිත්‍රපටය තුළින් එම පැනයට පිළිතුරු ලබාගත හැකිය.රෝයි වෝඩ් බේකර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටය හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් අයිඩා යන්ග් ගේ නිෂ්පාදනයකි. බ්‍රෑම් ස්ටෝකර් ගේ ඩ්‍රැකි්‍යුලා නවකතාවේ චරිත යොදා ගනිමින් තිර රචනය කළේ ඇන්තනි හින්ඩ්ස් විසිනි. මෙවරත් ක්‍රිස්ටෝපර් ලී ඩ්‍රැකි්‍යුලා චරිතයට පණ පෙව්වේය. ඩෙනිස් වෝටර්මන් සහ ක්‍රිස්ටෝපර් මැතිව්ස්, සයිමන් සහ පෝල් කාල්සන් දෙසොහොයුරන් ලෙස රඟපෑවෝය. අතිශය සුරූපී නිළියක් වන ජෙනී හෙන්ලි සාරා ෆ‍්‍රැම්සන් ගේ චරිතය නිරූපණය කළාය. අනුස්කා හෙම්පල් ඩ්‍රැකි්‍යුලා ගේ මනාලිය වූ අතර පැට්‍රික් ටෲටන් ඩ්‍රැකි්‍යුලා ගේ කීකරු අතවැසියා ගේ චරිතයට පණ පෙවීය.අමෙරිකන් ඩොලර් 200,000 ක පිරිවැයක් දරා නිපද වූ චිත්‍රපටය වෝනර් සමාගම විසින් බෙදා හැරීමේ කටයුතු සඳහා ප්‍රතික්‍ෂ්ප කරන ලද හෙයින්, ඊ. එම්. අයි. සමාගම හරහා බෙදාහැරීමට සිදුවිය. ප්‍රධාන නළු ක්‍රිස්ටෝපර් ලී විසින් සම්පූර්ණයෙන්ම නැරඹූ චිත්‍රපටය ලෙස මෙය වාර්තාගත වෙයි. 1970 නොවැම්බර් මස චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ විය.ආදායම් වාර්තා අතින් එතරම් සාර්ථකත්වයක් ලබා නොගත් ‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටයේ ච්ඍච් පිටපතක්, ඇන්කර් බේ සමාගම විසින් 2004 වසරේ දී වෙළඳපොළට නිකුත් කළ අතර එහි සීඝ්‍ර අලෙවිය නිසා අද වනවිට එයින් එක් පිටපතක් හෝ මිල දී ගැනීමට නොමැති බව වාර්තාවේ. එම ඩී. වී. ඩී. තැටියට අධ්‍යක්‍ෂ රෝයි වෝඩ් බේකර් සහ ක්‍රිස්ටෝපර් ලී ගේ සම්මුඛ සාකච්ඡාද ඇතුළත් කර තිබුණි.ලන්ඩනයේ විනෝද කාමී කොල්ලන්, කෙල්ලන් ගේ ‘හිපි’ සමාජය වෙතට පැමිණෙන ‘ඩ්‍රැකි්‍යුලා’ ගේ ශාපය, ඩ්‍රැකි්‍යුලා ඒ.ච්. 1972 ලබන සතියේ....
CREATIVE
වීර්-සාරා, ෂාරුක් ඛාන් – ප්‍රීති සින්තා ප්‍රේමය අයි පී එල් කුසලානය ඉදිරියේ දෙදරා ගිය අන්දම කොයි කාටත් සක් සුදක් සේ පැහැදිලිය. අවසාන මොහොතේ ෂාරුක්ගේ කණ්ඩායම නොසිතූ ජයක් ලබද්දී, ප්‍රීතිගේ හද දෙදරා ගිය අන්දම ඇය පෑ ඉඟි බිඟි සාක්ෂිය.ජයග්‍රහණයෙන් පසු පිටියට පැමිණි ෂාරුක් ක්‍රීඩකයන් සමඟ පිනුම් ගසමින් විනෝද විය. ඔහු සිය විජයග්‍රාහී කුසලානය පිරිනැමුවේ බාලපුතු ඒබ්‍රහම්ටය. මේ ෂාරුක්ගේ දෙවැනි විජයග්‍රහණයයි.සුපුරුදු නිහතමානිකම පෙන්වමින් ඔහු ප්‍රීති සින්තාගේ පන්ජාබ් පිල ද අගය කළේය.චම්පිකා 
CREATIVE
මනාලයා ප්‍රසන්න ජයවීරනුවන්ගි ලියනගේ පසුගිය දිනෙක සරසවියට පැමිණියා. ඇගේ අතෙහි ආරාධනා පත්‍රයක් තිබුණා.මං බඳීනවා. සරසවියට ඇරැයුම් කරන්නයි ආවේ.ඇවිත් සිටි කාරණාව ඇය කිව්වේ හදපිරි සතුටින්.ඉතිං කවුද ඔයාගේ මනමාලයා. කියන්නකෝ ඔහු ගැන විස්තර. මං තවත් තොරතරු ටිකක් ඇහැව්වා.එයාගේ නම ප්‍රසන්න ජයවීර. වෘත්තියෙන් ක්‍රීඩා උපදේශකවරයෙක්. ඔහු තමයි ලංකාවට වුෂූ ක්‍රීඩාව ප්‍රචලිත කරන්නට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ.කොහොමද ප්‍රසන්න සහ ඔබේ මුණ ගැසීම සිද්ධ වුණේ?බත්තරමුල්ලේ තිබුණු ඔහුගේ වුෂූ පංතියට මං ගියා. එතන්දියි දැන හඳුනගන්නට ලැබුණේ. හැබැයි මං එතන ඉගෙන ගන්න කාලයේදී ඔහු මට සැලකුවේ ශිෂ්‍යයකු හැටියට පමණයි. එතැනින් එහා ගිය කිසිදු දෙයක් අඩුම තරමේ වෙනස් ආකාරයෙන් මා දිහා බැලුවේවත් නැහැ. එතැනින් මං ඉවත් වූ පසුයි මේ සම්බන්ධය ඇති වුණේ.කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?ප්‍රසන්න අයියාම තමයි. මං හා කියපු ගමන් ඔහු අපේ ගෙදර ඇවිත් අහලා ගෙදර අයගෙත් කැමැත්ත ගත්තා.මොකක්ද ඔහුගෙන් ඔබ දුටු විශේෂත්වය?කෙලින් වැඩ කිරීම, ඔහු හරිම අවංකයි. මගේ තාත්තා වගේම ඔහු මාව ආරක්ෂා කරනවා. ඒ වගේම මට පණ මෙන් ආදරෙයි. මං බලාපොරොත්තු වුණ ආදරය ඔහු ළඟ නොඅඩුව තියනවා.කොහෙද, කවදද විවාහය සිද්ද වෙන්නේ?දහ අට. ඒ කියන්නේ හෙට. රාජගිරිය සෝලිස් උත්සව ශාලාවේදියි විවාහය සිදුවන්නේ. හෙට ඒවි කියලා මගේ යාළුවෝ නෑදෑයෝ ගොඩක් මං බලාපොරොත්තුවෙන් සිටිනවා.විවාහයෙන් පසුව කොහෙද ඔබ දෙපළ පදිංචි වන්නේ?හෝකන්දර අලුත් ගෙයක් හැදුවා. එහෙට යනවා.පසුගිය කාලේ විකාශය වූ තරු පිරි අහස නාට්‍යයේ ඔබ දර්ශන කිහිපයකදී කැමරාව ඉදිරියේ විවාහ වුණා. ඒක ප්‍රසන්න දැක්කද?නැත්තං. එයා මුකුත්ම කිව්වේ නැහැ. ක්ෂේත්‍රය ගැන ඔහුට හොඳ අවබෝධයක් තියනවා. ඒක විතරක් නෙවෙයි මං රඟපාපු නාට්‍ය ගොඩක් ඔහු නරඹලා තියනවා.හෙටින් පසුව ඔබේ ජීවිතයේ වැඩි ඉඩකඩක් පවුල් ජීවිතයට වෙන්වේවි?ඔව්. රංගනය කරනවා. පවුල් ජීවිතයට මූලිකත්වය දෙනවා.කොච්චර ආදරේ කළත් ප්‍රසන්න ඔබට එක් දෙයක් නිසා බනිනවා. ඒක ගැන කියන්න කැමතිද?මං වැඩක ඉන්න කොට හරි එළියට ගියාම හරි ඔහුට කෝල් කරන්න අමතක වෙනවා. අන්න ඒකට තමයි ඔහු බනින්නේ. දැන් දැන් ඒ අතපසුවීම හදාගන්න උත්සාහ කරනවා මං.අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?ප්‍රසන්න මට හොද මහත්මයෙක්. එ වාගේම මගේ අම්මට පුතෙක්. එවන් කෙනෙකු ලබන්න මං පින් කරලා තියනවා. මැරෙනකම්ම අපි දෙන්නා එකට ඉන්නවා.එහෙම පවසමින් නුවන්ගි තවත් කාර්යන් රැසකට යන්න තියෙන හෙයින් සරසවියෙන් නික්ම ගියා. හෙට දිනයේ යුග දිවියකට පා තබන ප්‍රසන්න – නුවන්ගි යුවලට සරසවිය අපි උණුසුම් සුබපැතුම් මෙසේ එක් කරනවා.නුවන්ගි දායක වී ඇති නිර්මාණටෙලි නාට්‍ය :කන්දෙ හන්දියනිල් අහසඅළුපාට හීනරන් කෙණ්ඩියතරුපිරි අහසසේපාලිකා, එක්ටැම්ගේචිත්‍රපට:වෑකන්ද වලව්වමෑතකාලිනව වඩාත්ම ජනප්‍රිය වූචරිත – අළුපාට හීන නාට්‍යයේසුරංගි සේපාලිකා නාට්‍යයේ සරෝජනීතරුපිරි අහස නාට්‍යයේ මයුසටහන – ප්‍රසාද් සමරතුංගඡායාරූපය - අමිත් එස්.සේනාරත්න
CREATIVE
‘අපිත් සූරයෝ’ කියන මගේ ඊළඟ චිත්‍රපටයේ හඬ කැවීම් කටයුතු කරමින් මා ඉන්නේ. මේ චිත්‍රපටයේ පිටපත ලිවවේ මමයි. තිෂූලදීප තඹවිට අධ්‍යක්ෂණය කරන ‘අපිත් සූරයෝ’ නිෂ්පාදනය කරන්නේ සමන්ත මීඇල්ල හා නෙත්සිරි කුමාරයි. ඊට අමතරව ජෝශප් ජෙරම්ගේ ‘අමායා ‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ වුණා. සංජය නිර්මාල්ගේ ‘රනා’ චිත්‍රපටයේ රංගනයටත් මට ආරාධනාවක් ලැබුණා.
CREATIVE
නිළි රැජන මාලිනී ෆොන්සේකා අපට කළ හෙළිදරව්වක්ලලිත් පාලිත සිල්වා පිළිබඳ සරසවිය පුවත්පතෙහි ලිපියක් පල වන්නේ මීට මාස කිහිපයකට පෙරය. ඔහු විසින්ම ලංකාවේ විනාශයට පත් වූ චිත්‍රපට ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්මාණය කරන ලද ටෙලි සිනෙ යන්ත්‍රය පිළිබඳ විස්මිත පුවත පිළිබඳ පුවත ලිවීමට හේතු වී තිබුණේය. එම පුවත පලවීමත් සමඟ ජනාධිපති ලේකම්තුමාගේ පූර්ණ මැදිහත්වීම යටතේ ජනාධිපතිතුමාගේ තොරතුරු හා තාක්ෂණ උපදේශක හර්ෂ විජේවර්ධන මහතාගේ අවධානය සහ ජනාධිපති උපදේශක (සිනමා) රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ ආශිර්වාදයද ලලිත්ට ලැබුණේ දිරියක් ද ගෙන එමිනි.මාලිනී ෆොන්සේකා රඟපෑ නිධානය, බඹරු ඇවිත් සහ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපට ත්‍රිත්වය බැංගලෝර් චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ මේ කාලයේදීය. ඒ සඳහා ආසියානු සිනමා කේන්ද්‍රයේ සභාපති ඈෂ්ලි රත්නවිභූෂණ වෙර දරමින් සිටි කාලයයි මේ.විනාශ වෙමින් පැවතුණ එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් පිළිබඳ ආරංචියක් තිබුණද නිධානය පිළිබඳ නිශ්චිත ආරංචියක්වත් නොවූවේය. නමුත් අවසානයේ ලලිත් මෙම චිත්‍රපට ත්‍රිත්වයම මනා ලෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ සිනමා ලෝලී ජනතාවට බලාපොරොත්තුවක සතුට ඉතිරි කරමිනි.මේ ලලිත් කියන ඒ විස්මිත කතාවයි.නිධානය චිත්‍රපටයේ පිටපතක් අපි සතුව තිබුණේ නැහැ. නමුත් නිධානය මෙම සිනමා උළෙලට යැවිය යුතුව තිබුණා. ඒ නිසා අපි බොහොම වෙහෙස වෙලා නිධානය චිත්‍රපටයේ පිටපතක් අපට ලැබුණා. ඒ චිත්‍රපටය විනාශ වෙමිනුයි තිබුණේ. ඉන් පස්සේ මම ඒ පිටපත හොඳීන් පරීක්ෂා කරලා බැලුවා. අනතුරුව සංරක්ෂණ කටයුතු ආරම්භ කළා. මගේ බිරිය රමනී චිත්‍රාංගනී තමයි මේ කටයුත්තට ලොකුම සවිය වෙලා මගේ ළඟ හිටියේ.නිධානයඑයා දැන් ලොකු ළමයෙක්පැරැණි පිටපත සංරක්ෂණය කරලා නවීන තාක්ෂණයට ගැනීම තමයි වගකීම වුණේ. මාස තුනක් විතර නිදි මරල තමයි මේ කටයුත්ත ඉටු කළේ.චිත්‍රපටය සංරක්ෂණය කරන්නට වැය වූ මුදල මට ලැබුණේ මාලිනියගෙන්. ඇය මේ කටයුත්තට ඉතාමත් සතුටු වුණා. චිත්‍රපටයක් සංරක්ෂණය කරලා ඩිජිටල් කරලා මට ලැබුණ ලොකුම මුදල පිරිනැමුවේ ඇය. එයා දැන් ලොකු ළමයෙක් සහ බඹරු ඇවිත් චිත්‍රපට ද්විත්වයත් ප්‍රතිසංස්කරණය කරන්න මට අවස්ථාව උදා වුණා.පිටරට මෙවැනි කටයුත්තක් කරන්නට ගියොත් විශාල මුදලක් වැය වෙනවා. නමුත් මා නිර්මාණය කළ ටෙලි සිනෙ මැෂිම හරහා ඉතාමත් සාර්ථක, සුපැහැදිලි ප්‍රතිසංස්කරණයක් කොට ඩිජිටල් කරන්නට හැකියාව තිබෙනවා.මා හිතනවා චිත්‍රපට ප්‍රතිසංස්කරණය කියන්නේ බලධාරීන් අවධානය යොමු කළ යුතුම මාතෘකාවක් කියලා. මේ වන විටත් අභාවයට යමින් පවතින චිත්‍රපට 200 – 300 ක් විතර ගබඩාවල තියෙනවා. නමුත් අපට ඒවා රැකගන්නට ක්‍රමවේදයක් නැහැ.බඹරු ඇවිත්1950 ගණන්වලදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සංරක්ෂණාගාරයක වටිනාකම ගැන කිව්වා. නමුත් තවම ඊට නිසි පිළියමක් හමු වෙලා නැහැ. අපට පුළුවන් එකතු වෙලා අභාවයට යන ලංකාවේ චිත්‍රපට උරුමය වෙනුවෙන් කටයුතු කරන්න. මම මේ යන්ත්‍රය නිපද වූයේ ඉතාම මහන්සියෙන්.පොලියට පවා සල්ලි ගත්තා. තවමත් මට රස්සාවක් නැහැ. ජීවත් වෙන්නේ කලාව ඇසුරේ කටයුතු කරලා. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය අත හිත ලැබෙනවා නම් ඉතාම හොඳයි.ඉදිරියේදී අභාවයට යන චිත්‍රපට මෙන්ම වාර්තා වැඩ සටහන් සංරක්සණය කිරීම තමයි මගේ බලාපොරොත්තුව.- චතුරඡායා - මාලන්
CREATIVE
කල් හෝ නා හෝ, මේ හූන් ආ, පියු බෝලේ, කබි අල්විදා නා කෙහ්නා වැනි සම්මානයෙන් මෙන්ම ජනතා සම්මානයෙන් ද ජනහද දිනාගත් හතළිස් හැවිරිදි ගී තරුව සෝනු නිගම්ට දැන් ගීත ගැයීමට ශබ්දාගාරයට යනවාට වඩා යාමට සිදු වී ඇත්තේ පොලීසියටයි. ඒ ගීතයක අයිතිය ඉල්ලා නම් නොවෙයි. ජීවත්වීමේ අයිතිය ඉල්ලායි. චෝටා ශකීල් නම් පාතාල නායකයාගෙන් ඔහුට මරණීය තර්ජන එල්ලව තිබේ.වසර දෙදාහේදී සෝනුගෙන් මුදල් ඉල්ලා තර්ජනය කළ ඔහු දැන් යළිත් කරදර කිරිමට පටන් ගෙන ඇත. පසුගිය මාසයේ ශකීල් කළ තර්ජනය මාධ්‍යයෙන් හෙළි කිරීම නිසා සෝනු මහත් අපහසුතාවකට පත් වී සිටින්නේය. මේ අනවශ්‍ය ප්‍රසිද්ධිය ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය දෙගුණ තෙගුණ වෙයි. ඉන්දියානු පොලීසිය සහ ඉන්දියානු මාධ්‍ය ගැන ඔහු බෙහෙවින් කලකිරී සිටියි.‘මං සල්ලිවලට වැඩ කරන කෙනෙක් නෙවෙයි. මුදල් ඉපයීම ඔයාගේ බලාපොරොත්තුව නොවෙනවා නම් ඇයි මට ඕන අයත් එක්ක වැඩ නොකරන්නේ කියලා ශකීල් අහනවා. මොනවා වුණත් ශකීල් ගැන කිසිදු අමනාපයක් මට නැහැ.’ සෝනු පවසයි.සෝනක්ෂි සිංහ රඟන සිනමාපටයක් කෝටි සියයක ආදායමක් ඉපයීම සාමාන්‍ය දෙයකි. එනිසා සිනමාපටය කරා රසිකයන් ඇද ගැනීමට අඩ නිරුවත කොහෙත්ම කාන්දමක් ලෙස යොදා ගැනීමට අවශ්‍ය නොවෙයි.ඕනෑම සිනමාපටයකට අත්සන් තැබීමට පෙර ඇය අධ්‍යක්ෂවරයාට තහනම් නියෝගයක් දෙන්නීය. ‘බිකිනියක් අඳින්න නම් බැහැ’ ඒ සෝනක්ෂි ලබා දෙන නියෝගයයි. තිරයට සරාගී ලෙස අවශ්‍ය නම් තෙමුණු සාරියකින් සැරසීමට පමණක් ඇය කැමැත්ත පළකර තිබේ.ඉදිරියේදී ඇය රැඟූ ‘රෝජා රාජ් කුමාර්’ සිනමාපටය තිරගතවීමට නියමිතයි. එහි ඇය ජලයේ සිට සිරුරට ඇලුණු තෙත සාරියකින් සැරසී පිටතට පැමිණෙයි.රජ ඛාන්ට කොතැන ගියත් රාජකීය සැලකිලි ලැබීම පුදුමයක් නොවෙයි. මෙවර ෂාරුක් ඛාන් උත්සවශ්‍රීයෙන් පිළිගනු ලැබුටේ නවසීලන්ත අගමැතිවරයාය.නවසීලන්ත අගමැති ජෝන් කේ, ‘ටෙම්ප්ටේෂන් රීලෝඩඩ්’ නර්තන ප්‍රසංගය ඉදිරිපත් කිරීමට පැමිණි ෂාරුක් ඇතුළු නර්තන කණ්ඩායම නවසීලන්තයේ සාම්ප්‍රදායික මයෝරි නර්තනයෙන් පිළිගනු ලැබීය.නවසීලන්ත නිල බ්ලැක් කැප් ක්‍රිකට් කණ්ඩායමේ කමිසයකින් සැරසී ඔහු පැමිණ සිටියේය. තමන් එම කමිසයක් පුතුට තිළිණ කරන බව ෂාරුක් ඒ අවස්ථාවේදී පැවසුවේය.‘චෙන්නායි එක්ස්ප්‍රස් වීරයා’ මේ දිනවල ඕක්ලන්ඩ් හි පුහුණුව ලබමින් සිටින්නේ සිය සුපිරි නර්තන සගයන් වන මධුරි ඩික්සිත්, රාණි මුඛර්ජි, ජැකලින් ෆර්නැන්ඩස් සමඟය. සියයකට වැඩි පිරිසක් නර්තනයෙන් දායක වෙන මේ ප්‍රසංගය ඔස්ට්‍රේලියාව ඇතුළු ආසියාවේ පැවැත්වෙන විශාලම බොලිවුඩ් වීදි සංදර්ශනයයි.නවසීලන්ත අ අගමැතිවරයාට පැවසීය.මෑතකදී ප්ලේයර්ස්, අයි හේට් ලව් ස්ටෝරිස් සිනමාපට රූගත කෙරුණේ නවසීලන්තයේයි.ෂාරුක් වගේම ඕක්ලන්ඩ් හි අත්විඳින සෞන්දර්යය, මධුරී, ජැකලින් සහ රාණි ද ට්වීටර් වෙබ් අඩවියට සොඳුරු කවියක් සේ එක්කර ඇත.ඔහු මේ දිනවල විශ්වයේම සුන්දරත්වය නරඹන්නේය. ඒ අන් කිසිවකුගෙන් නොව විශ්වයේම සොඳුරු රුවැත්තිය ඔලීවියා කල්පෝගෙනි. විශ්ව රූ රැජන අමෙරිකානු ජාතික ඔලීවියා, සිය ගායක, ගීත රචක නික් ජෝනාස් සමඟ ඉන්දියාවට පැමිණියේ සමාජ සත්කාරයකටයි.සල්මන් ඛාන් සොයුරියක වූ සංජනාට සිය ගොවි පොළෙහි උපන් දින සාදයක් සූදානම් කර තිබුණු අතර එයට ඔලීවියා ද සහභාගි වූවාය. මේ ඔලීවියාට සල්මන් මුණ ගැසුණු පළමු අවස්ථාවයි. සාදයේදී මේ දෙදෙනා කෙතරම් සමීප වූවා ද කිවහොත් ඔහු ඇයට රඟපාන්නට ද ආරාධනා කර තිබේ.ඔලීවියා ද ඊට එක පයින්ම මනාපය ලබා දී ඇත. ‘ඇත්තෙන්ම මං රඟපාන්න කැමැතියි. ඉන්දියානු සංස්කෘතියටත් කැමැතියි. බොලිවුඩයේ රඟපාන්න ලැබෙනවා නම් ඒක ලොකු අවස්ථාවක්’ ඇය පැවසුවාය.ඔලීවියා පැමිණියේ දින 10 ක චාරිකාවකටයි. ගැහැනු කලල විනාශ කිරීම සහ කාන්තාවන්ට සිදුවන හිංසනය ගැන ඉන්දියානු සමාජය දැනුවත් කිරීමට පැමිණි ඇය අවසානයේදී බොලිවුඩයේ තාරකාවක් වේවි ද? එසේ වුවහොත් ඇය තිරයට හඳුන්වාදීමේ සාඩම්බර හිමිකරුවන්නේ සල්මන්ය.මොන වරද කළත් තරුවක් සිරකර තබන්නේ කෙසේද? සංජේ දත්ට දින 14 ක නිදහසක් පූනේ, යෙර්වාදා සිපිරි ගෙදරින් ලබාදීමට සිදු වී ඇත්තේ ඒ නිසයි.එහෙත් ඔහුට මෙවැනි නිදහසක් ලබා දී ඇත්තේ සිනමාපටයක රඟපෑමට නම් නොවෙයි. සංජු නීතියෙන් වැටෙන ලෙඩවලට පමණක් නොව ගතේ ලෙඩ නිසා ද රෝගී වූ අයෙකි.පනස් තුන් හැවිරිදි සංජේට නිවාඩුව ලබා දී තිබෙන්නේ පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමටයි. පාදවල රුධිර කැටි සිරවීම නිසා සංජු තදබල ලෙස දෙපා වේදනාවකින් පීඩා විඳින්නේය. ඔහුට අධික රුධිර පීඩනය ද ඇත.ලැබුණු නිවාඩුව දරු පවුල සමඟ ගත කිරීමට ලැබීම මේ සියල්ලටම වඩා ඔහු ලබන හොඳම ප්‍රතිකාරයයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
බෞද්ධයා නාලිකාවේ නිවේදකයෙක් ලෙස කටයුතු කරන නිසා එහි කටයුතුත් සමඟ තරමක් අවිවේකී වුණා. ළඟදි ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායක වෙන්න මට ආරාධනා ලැබුණා.ඒ සරත් ධර්මසිරිගේ ‘කිංචි ගුණේ’ ටෙලි නාට්‍යය සඳහායි. එහි රූගත කිරීම් ළඟදීම ආරම්භ කිරීමටත් නියමිතයි.
CREATIVE
ඇය බුවනි චාපා දියලගොඩයි. තවත් විදිහකින් කිව්වොත් ජනප්‍රිය නිළි වත්සලා දියලගොඩගේ නැගණිය. අක්කණ්ඩියගේ අඩි පාරෙහි පියවර නගමින් ක්ෂේත්‍රයට පිවිස සිටින බුවනි නිර්මාණ ගණනාවකම සිය රංගන කෞශල්‍ය විහිදුවාලමින් සිටියි. මේ සූදානම ඒ බුවනි තවත් හඳුනාගන්න ගමන් කතාබහක යෙදෙන්න.මං හිතනවා මිල්ලෑව වලව්වෙන් පටන් ගත්තොත් හොඳයි කියලා.ඒ නාට්‍යයෙන් තමයි මං රංගනයට පිවිසෙන්නේ.මම අයි. ටී. එන් නාලිකාවේ අවුරුදු කුමරිය වුණා. ඉන් මාව දැකලා සුනෙත් මාලිංග ලොකුහේවා අයියා රංගනයට කතා කළා. ඒ මිල්ලෑව වලව්ව නාට්‍යයට.මං හිතන්නේ නැහැ.සත්තකින්. ඒත් මෙච්චර ඉක්මනට ඒ හීනය සැබෑ වේවි කියලා මං හිතුවෙ නැහැ.මෙහෙමයි, ඉස්සෙල්ලා කිව්වා වාගේ මට ලොකු හීනයක් තිබුණා රඟපාන්න. තවත් හීනයක් තිබුණා ගුවන් සේවිකාවක් වෙන්න. මේ හීන දෙක තුළ තමයි මං ජීවත් වූයේ. මේ බලාපොරොත්තු දෙකෙන් එකක් හරි ගියොත් අනික අත හරින්න වෙනවා කියලත් මං දැනන් හිටියා.ඔව්.ඇතැම් දෙනා ඔය කතාව මට කියනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න එක අතුරෙ යනවා වගේ වැඩක්. ඒත් මං රංගනයට හුඟක් කැමැතියි.සම්පූර්ණ නම –බුවිනි චාපා දියලගොඩඋපන් දිනය – 1993. 05. 10ගම – කඩුවෙලපාසල – නාවල ජනාධිපති විද්‍යාලයලග්නය - කටකවැඩිපුර අඳින්න කැමැති – ගවුම්මෙතෙක් දායක වී ඇති නිර්මාණ:ටෙලි නාට්‍ය - මිල්ලෑව වලව්ව, නුඹට ඉන්නෙ මං විතරද, හිරු තනි වෙලා,පබසරා, මල්මිචිත්‍රපට - ස්පන්ධනලිපිනය -අංක 287/බී, රාජසිංහ මාවත, හේවාගම, කඩුවෙලකටකතා අපිට නවත්වන්න බැහැ අනේ. ඇත්තම කිව්වොත් කටකතාවල තියෙන්නේ ඇත්ත නෙවෙයිනේ. මට ඕනෑ තරම් කටකතා හදපුවාවේ. මං සැලෙන්නේ නැහැ.ගිය අවුරුද්දේ උසස් පෙළ කළා. රංගන කටයුතුවලට හිර වුණ නිසා ඊළඟට කරන්න ඕන අධ්‍යාපන කටයුතු අතපසු වුණා. මේ දිනවල ඒ ගැන හිතමින් ඉන්නවා. රංගනයට ආවේ පාසල් අධ්‍යාපන කටයුතු හමාර කරලා.ඇයි නැත්තේ හොඳටම බය වුණා. සුනෙත් අයියලා මගේ හිත හැදුවා. මිල්ලෑව වලව්වේ නාට්‍යයේ සජනි කියල චරිතයක් මට කරන්න තිබුණේ. ඒක ටිකක් සංකීර්ණයි. මට එය හරියාකාරව නිරූපණය කරන්නට පුළුවන් වේදෝ කියලත් වෙලාවකට හිතුණා. ඒත් මං දැඩි අධිෂ්ඨානයෙන් ඒ අභියෝගයත් ජය ගත්තා.ඇය ගොඩක් සතුටු වුණා. ඒ වගේම මට සුබපැතුවා.අපෝ නැහැ. එයාට දැන් මං ගැන හොය හොයා ඉන්න වෙලාවකුත් නැතුව ඇති.මම නම් කවදාවත් ක්ෂේත්‍රයේ කෙනකුª සමඟ විවාහ වෙන එකක් නැති වේවි. මගේ කැමැත්ත ක්ෂේත්‍රයෙන් පරිබාහිර වෘත්තියක යෙදෙන කෙනකු එක්ක විවාහ වන්න.නැහැ,නැහැ. මං ක්ෂේත්‍රයේ අයට වරදක් කියන්නේ නැහැ. ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වන්නට කැමැති නැහැ කියලයි මං කිව්වේ.තවම තනිකඩයි. තනිකඩ හිත සැහැල්ලුයි.වාසනාවට තවම එහෙම එක යෝජනාවක්වත් ඇවිත් නැහැ.මට හොඳට නටන්න පුළුවන්.ඒක වුණේ සුනෙත් අයියගෙම ‘නුඹට ඉන්නෙ මං විතරද’ නාට්‍යය රූගත කරද්දී. ඒ සීන් එකේ දිග ඩයලොග් තිබ්බේ. අවසානයටයි බීම බොන්න තිබුණේ. කොහොම හරි බොහොම අමාරුවෙන් දෙබස් ටික පාඩම් කරගෙන සීන් එකේදි කියලා බීම වීදුරුවෙන් බාගයක් විතර එක හුස්මට බිව්වා. ඒක කටේ තියන්න බැරි තරමට ලුණු දාලා. මට එක පාරටම කැස්සක් ආවා. කටේ තිබුණු බීම ටිකත් එළියට දැම්මා. සීන් එක නතර කළා. ආයෙත් මුල ඉඳලා අර තඩි දෙබස් ටික කිව්වා. වෙන හොඳ බීම එකක් ගෙනවා. සුනෙත් අයියා මාව බයිට් කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ – මාලන් කරුණාරත්න  
CREATIVE
මා අධ්‍යක්ෂණය කළ ‘වරා මලී’ ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 7.30 ට විකාශය වෙනවා. ඒකට ලැබෙන ප්‍රතිචාරත් බොහොමයි. ඒ වගේම ‘වරාමලී’ කොටස් සියයක් දක්වා විකාශයවීමටත් නියමිතයි. වරාමලී ටෙලි නාට්‍යයෙහි රූගත කිරීම් සිදු වන නිසා ඒ අතර අනෙක් නාට්‍යයක් රූගත කිරීම් සිදු වන්නේ නැහැ.එහෙම කරන්නට මා අකැමැතියි. නමුත් ඊළඟ ටෙලි නාට්‍ය කුමක් විය යුතු ද කියන දළ සැලැස්මක් පිඹුරුපත සකස් කිරීම මේ දවස්වල සිදු කෙරනවා. ළඟදීම මගේ උපන් දිනයත් එළැඹෙන නිසා පන්සලකට ගිහින් ආගමික කටයුතුවල නියැළෙන්නටත් මා අදහස් කරගෙන සිටිනවා.
CREATIVE
රිතික් රෝෂන්ගේ ‘බෑන්ග් බෑන්ග්’ ඔක්තෝබර් දෙවැනිදා තිරගතවීමට නියමිතය. මේ වන විටත් එය සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරළා අවසන්ය.පූර්වපටය අන්තර් ජාලයට මුදාහැර පැය දහතුනකදී සිනමාපටය නැරඹූ සංඛ්‍යාව මිලියනයක් බව වාර්තා වී ඇත. මෙය අලුත් වාර්තාවකි. ඒ වගේම සිනමාපටයට විවිධ සමාජ වෙබ් අඩවි මඟින් රිතික්ට ලැබෙන ප්‍රතිචාර ද ඉහළය.‘බෑන්ග් බෑන්ග්’ ඔහුගේ ජීවිතයේ මිහිරි, අමිහිරි මතකයන් ගොන්නකි. සිනමාපටයේ දර්ශන තලයේදී හිසට වූ දරුණු තුවාලයක් නිසා ඔහුට සැත්කමකට ලක්වීමට සිදු විය. ඔහු මෙවන් අකරතැබ්බයකට මුහුණ පෑවේ සටන් ජවනිකා තමන්ම කිරීමට යාම නිසාය. මෙහි සහායක නළුවන් පුහුණු කර තිබුණේ ‘ස්පයිඩර් මෑන් 2’ හි ඇන්ඩි ආම්ස්ට්‍රෝන්ග්ය.සුසේන් සමඟ ගත කළ දහතුන් වසරක රිතික්ගේ විවාහ ජීවිතය බිඳ වැටුණේ ද කත්‍රිනා කායිෆ් සමඟ රූගත කිරීම්වල යෙදී සිටියදීය. මෙහිදී රිතික්ට සිටි කලණ මිතුරිය වූයේ ඇයයි. එහෙත් ඔවුන් දෙදෙනා සම්බන්ධ කර කට කථා පැතිරෙන්නට ගත් විට කත්‍රිනා, රිතික් අතේ දුරින් ඇසුරු කර රන්බීර් සමග ඇති සබඳතාව රැක ගත්තාය.රිතික්, කත්‍රිනා රැඟූ ඇතැම් කොටස් සිනමාපටයෙන් ඉවත් කිරීම නිසා මේ හිත මිතුරුකම යම් තරමකට පළුදු වී ඇත. දෙදෙනා සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතුවල යෙදෙන්නේ උගුරට හොරා බෙහෙත් කනවාක් මෙන් බව සිද්ධිය දන්නෝ පවසති.
CREATIVE
ගායන ශිල්පි ඉෂාක් බෙග්මේ සතිය මට සුවිශේෂ සතියක්. ඒ මගේ උපන් දිනය යෙදී තියෙන නිසා. ඒ වගේම මට ඔස්ට්‍රේලියාවෙ සංචාරයකුත් යෙදිලා තියෙනවා.එහිදී මගේ ඒක පුද්ගල ප්‍රසංගයකුත් පවත්වන්න කටයුතු යොදා තියෙනවා. මගේ අලුත්ම ගීත එකතුවක් මේ වසර අවසානයට පෙර එළිදක්වන්නත් සූදානම් වෙනවා.
CREATIVE
අද සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු සපයන්නේ රංගන ශිල්පී කුමාර වඳුරැස්ස සමඟින් නිරංජලා ජයසිංහ.සැකසුම – යතේජා ඥානරත්නඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
රාජාංගනය නම් ඈත පිටිසර ගමක ඉඳල නළුවෙක් වෙන්න තිබූ අසීමිත ආශාව නිසාම ඔහු කොළඹට පැමිණියා. එහෙත් ඔහුට සිදු වූයේ නළුවකුවීමේ ප්‍රථම බලාපොරොත්තුවම බොඳ කර ගන්නටයි. එනමුත් ඔහු නොසැලී අභියෝගවලට මුහුණ දුන්නා. මේ වන විට ඔහු කලා ක්ෂේත්‍රයේ තරමක් හඳුනන චරිතයක්. රොෂාන් රාජසිංහ නම් වූ ඔහු ‘සරසවිය’ පුවත්පත සමඟ කළ පිළිසඳරකි මේ.* නළුවෙක් වෙන්න කොළඹ ආපු ඔබට මොකද වුණේ?බොරුකාරයන්ට මම අහුවුණා. මම විතරක් නෙමේ, මම වගේ ගොඩක් දෙනෙක් ඔහුගේ බොරුවට රැවටුණා.* එතකොට නළුකම එපා වුණාද?නෑ. මගේ හිත තවත් ශක්තිමත් වුණා.* එදා සහ අද ගැන මොකද හිතෙන්නේ?එදා මම බොරුකාරයන්ට රැවටුණාට අද මම රැවටෙන්නේ නෑ. අද මම නළුවෙක් විදිහට පොඩි තැනක හරි ඉන්නවා. ඒ ගැන මට සතුටුයි. නමුත් මම ක්ෂේත්‍රයේ තව ගොඩක් දුර යන්න ඕනෑ.* ඔබේ පළමු රංගනය චිත්‍රපටයකින්ම ඇරැඹුණා නේද?ඔව්. විජය කුවේණි චිත්‍රපටය. එහි සෙබලකුගේ චරිතයක් මම කළා.* ඊට පස්සේ?සිරි දළදාගමනය චිත්‍රපටයේ රඟපෑවා. ඒ වගේම සූරියබානු ටෙලි නාට්‍යය, අධි වේගයෙන් ඇවිත් යන්න ඒකාංගික නාට්‍යය, අත්තම්මා පෝය නාට්‍යය, රවුන්ටවුම මෙගා නාට්‍යය යනාදී නාට්‍යවලට රංගනයෙන් දායක වුණා.* ඔබට ලැබුණේ එකම චරිත නේද?ඔව්.* වෙනස් චරිතවලට කැමතිද?ඔව්. මම ආසාවෙන් ඉන්නවා පෙම්වතෙකුගේ චරිතයකට. අඳ ගොළු බිහිරි චරිතයකට. ඒ වගේම ලැබෙන ඕනෑම චරිතයක් ආසාවෙන් කරන්න මම කැමැතියි.* රංගනය ඇරුණාම ඔබ මොකද කරන්නේ?මම නිෂ්පාදකවරයෙක් වශයෙනුත් කලාවට සම්බන්ධ වෙනවා.* නිෂ්පාදකවරයෙකු ලෙස ඔබ දායක වූ නිර්මාණ මොනවාද?අත්තම්මා ඒකාංගික නාට්‍යයේ සහ ඒකාංගික නාට්‍යවලට නිෂ්පාදකවරයකු ලෙස දායක වෙනවා.* මොනවද ඉදිරි කලා කටයුතු?ඩික්ෂන් ෆොන්සේකාගේ සත් හිරු පාය කියන අළුත්ම මෙගා ටෙලි නාට්‍යයට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.* ඔබ ක්ෂේත්‍රය ටිකක් හඳුනනවා. මොකද ඒ ගැන හිතන්නේ?මෙහෙමයි, අද ගොඩක් ඉන්නේ බොරු රැවටිලිකාරයෝ. මුදල් වියදම් කරන්න පුළුවන් අයට විතරක් නළුවෝ නිළියෝ වෙන්න පුළුවන්. සමහර නළුවන්ට බයික් එකක්වත් පදින්න බෑ. ඒ වුණාට රූපවාහිනි තිරය ඉදිරියේ ඔවුන් හොඳ නළුවෝ. ඇත්තටම අද දක්ෂයින්ට වඩා මුදල්වලට මුල් තැන දෙන කලාවක් බිහි වෙමින් තියෙන්නේ. ඒ වුණාට මේ අතරේ හොඳ නිර්මාණත් තියෙනවා.* ඔබ රඟපෑම රැකියාව ලෙස කරගෙන යනවද?නැහැ. මම රඟපාන්නේ ආත්ම තෘප්තිය උදෙසායි. ඒ වගේම රංගනයෙන් ඉදිරියට යන්නටත් බලාපොරොත්තු වෙනවා.* ඔබේ ලිපිනය?රොෂාන් රාජසිංහ ,රාජාංගනය,වම් ඉවුර, යාය තුන,සෝලේපුර.සටහන - දීපිකා ජයලත්ඡායාරූපය - නිරෝෂ් පි‍්‍රයංක
CREATIVE
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක නෙල්සන් වාස් හදිසි අනතුරකට භාජනය වී මේ වන විට මීගමුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.පසුගිය 17 වැනිදා සංගීත ප්‍රසංගයක් සඳහා පිටත්ව යන අතරතුරදී මහවැව ප්‍රදේශයේදී ඔහු ගමන් කළ වාහනය මෙසේ අනතුරට ලක්ව තිබේ. සරසවිය අප නෙල්සන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඔහු පිළිබඳ වැඩි විස්තර ඉක්මනින් ගෙන එන්නෙමු.
CREATIVE
මීට පස්සේ අපේ නෙලිත් අයියට කවුරු හරි පාට් එකක් දාලා තිබුණොත් බලාගත්තැහැකි. මං අහන්නේ කවුද ඊයේ . . . . . ගැහුවේ, කවුද එයාගේ සල්ලි හොරකම් කෙරුවේ, කරුණාකරල සල්ලි ගත්ත එකෙක් සල්ලි දෙනවා හොඳයි. මං නරක ගෑනි කියන්ඩ එපා. ඒක නොදුන්නොත් මං බලා ගන්නං. අපි ඇරිසන් ප්ලේස් එකේ හරිද . . . දන් නැත්නම් දැනගන්නවා . . .දවස් ගාණකට ඉස්සර වෙලා යුරේනි කිව්වේ දැන් තැන්පත් වෙලා කියලා. ඒ වුණාට අපි යද්දී යුරේනි රණ්ඩුවකට පැටලිලා. එහේ යනවා, මෙහේ යනවා. අපි ටිකක් ඈතට වෙලා බලන් හිටියා. රණ්ඩුව නිමා වෙන පාටක් ඇත්තෙම නැහැ.‘අඩෝ අපිත් ඇරිසන් ප්ලේස් එකේ හරිද’මෙහෙම කියාගෙන ඉස්සරහට ආවේ චන්දික විජේසේන. දැන් ඉතිං වැඩේ තවත් නැගලා යයි. අපි තවත් කිට්ටුවට වුණා.‘හරි . . . ගමු . . .බලද්දි යුරේනි මෙහෙම ආවේගශීලී වෙලා තිබුණේ සිහින සින්ඩරෙල්ලා හි අයෝධ්‍යා ආරූඪ කරගෙන. එතකොට තමයි මේ වෙනස්ම චරිතෙ ගැන ඈ කිව්ව බව මතක් වුණේ.බොල්ගොඩ නදී තෙරේ සුන්දර නවාතැනක තමයි සිහින සින්ඩරෙල්ලා අද රූගත කරන්නේ. හරිම නිහඬ, නිසංසල සාමකාමී තැනක්. එක පැත්තකින් නදී කොමලි සිපගෙන එන සිහිල් සුළං රැල්ල. අනෙක් අතින් දැවැන්ත තුරු වදුල අතරින් පෙරෙන පෙරඹර හිරු මඬලේ රැස් දහරාවන්. ඒ වගේ නිස්කලංක වටපිටාවක දවසක් ගෙවන්න තමයි සූදානම අපේ.කාලෙකින් දෙන්නව එකට හමු වුණේ . . .දර්ශනය අවසන් කරලා මටයි ටෙනී අයියවයි පිළිගන්න ආවේ චන්දික විජේසේන. හැමදාටම ළෙන්ගතු චන්දිකගේ පිළිගැනීම එක්ක අපට ලැබුණේ උණුසුම් රසවත් තේ කෝප්පයක්. ඒ අතරතුර සුරාජ්, පුබුදු, නිරංජලා හැමෝම සුහද කතාබහට එකතු වුණා.නංගි ඊළඟට තියෙන්නේ ඔයා මෝටර් බයිසිකලේ ගිහිං හැපිල වැටෙන එක.නිරංජලා දිහා බලපු චන්දික එහෙම කිව්වේ හිනාව හංගගෙන. මෙච්චර වෙලා මෝටර් සයිකල් පැදලා ගැහි ගැහි තිබුණ නිරංජලාගේ හිත ආයෙමත් ගැහෙන්න පටන් ගත්තේ මූණේ තිබුණු හිනාව කොහේදෝ අතරමං කරමින්.පුබුදු මල්ලි නියමෙට අශ්වයා පිටේ යනවා දැක්කා.ටෙනී අයියා කිව්වේ පුබුදුගේ කරේ අත දමා ගනිමින්.ඔව් අයියේ . . . මාර දුක හිතෙන කතාවක් තමයි කියන්න ඉතුරු වෙලා තියෙන්නේ.හැමෝම මොහොතකට සංවේදී වුණේ දර්ශන තලයේ එහා මෙහා යන සුළං රැලිවල කතාබහ ඇහෙන තරමට.‘ඒ අශ්වයා මැරුණ අයියේ . . . අපි හැමෝටම හොඳම යාලුවෙක් නැති වුණා වගේ දුකක් තමයි දැනෙන්නේ.පුබුදු කිව්වේ තමන්ගේ මිත්‍රයාට පින් අනුමෝදන් කරමින්.හැමෝම තම තමන්ගේ වැඩවල. ටෙනී අයියත් පින්තූර ගන්න පිට වුණා. තනි වුණේ මමයි චාමරයි විතරයි.‘ගිය සතියේ පුබුදුට මාර වැඩක් වුණා. ෂූටින් තිබ්බේ නුගේගොඩ. පුබුදුට තිබුණේ පේයුමන්ට එකේ ගිටාර් ගහන්න. පුබුදු ක්ලාස් කරනවනෙ නුගේගොඩ. ක්ලාස් ඇරෙන වෙලාවකට තමයි වැඩේ සෙට් වුණේ. දැන් පේයුමන්ට් එකේ පුබුදු ගිටාර් එක තියාගෙන ගහනවා.වටේ සෙනඟ පිරිලයි හිටියේ. මෙහෙම ටික වෙලාවක් යනකොට පුබුදුගේ ක්ලාස් එකේ නහයට අහන්නේ නැති කොල්ලෙක් කැමරා බඩු පෙරළාගෙන ආවා. මේ කොල්ල රුපියල් පහේ කාසියක් තියාගෙන සර් දාන්නද කියල ඈත ඉඳන් අහනවා. පුබුදුට කර කියා ගන්න දෙයක් නැති වුණා. සර් . . . කොල්ල ආයෙත් අහනවා. අහ අහ කොල්ල ඉස්සරහට ආවා. පුබුදුට ඔන්න මෙන්න කියලා පුබුදු ගිටාර් එකත් අරන් ආපසු නොබලා දිව්වා. කොල්ල ටිකක් වෙලා බලන් ඉඳලා හිනාවෙලා යන්න ගියා.චාමර කතාව කියද්දී එතනට ආවේ යුරේනි.‘අඩෝ . . . . අපි ඇරිසන් ප්ලේස් එකේ හරිද . . . . මඩ කතා කියල අහුවෙන්නේ නෑ . . .අප ආගිය කතා ගොඩකට හිර වුණා. ආවේ මොකටද, ඉන්නේ කොතැනද කියලා නොදැනෙන තරමට කතාව සරු වුණා. පරිසරයේ දැඩි නිහඬ බව සහ සුවදායක බව ඊට ලබා දුන්නේ උත්තේජනයක්.‘මේ මල්ලිලා, නංගිලා, අයියලා, අක්කලගේ කතාවට බාධාවක්ද දන්නේ නෑ නේද අපේ මේ ෂූට් එක. එහෙම නං සමාවෙන්න.චන්දික අපි ළඟට ආවේ හිනාවේගෙන.සිහින සින්ඩරෙල්ලා අමුතුම තාලයේ කතාන්දරයක්. ප්‍රවීණ නළුවන් නිළියන් වගේම නවකයන් ද ඉතාමත් හොඳට තෝරා බේරාගත් මේ නාට්‍යයේ පුබුදුට වගේම යුරේනිට, ගිහාන්ට ලැබිල තිබෙන්නේ වෙනස්ම ආරක චරිත.මේ දර්ශන තලය ඉතාමත් සංතෝෂ එකක්. හැමෝගෙම සතුට, විහිළු තහළු කතාන්දර මැද සිහින සින්ඩරෙල්ලා රූගත වෙන්නේ හරිම අපූරුවට.ගත වෙච්ච කෙටි කාලෙදි එකතු කර ගත් දේවල් ටිකත් අරන් අපි අයේ කන්තෝරුවට එන්නයි සූදානම.‘අඩෝ දන්නවනේ අපි ඇරිසන් ප්ලේස් එකේ හරිද . . .’යුරේනි හැමෝම ගාවට ගිහිල්ලා කියන්නේ අන්න එහෙම.සිහින සින්ඩරෙල්ලා නරඹන හැමෝටම මේ පිරිස සමඟ රැඳී ඉන්න කියලා ආරාධනා කරමින් අපි බොල්ගොඩ ගංතෙරෙන් සමු ගත්තා.චතුර ගීතනාත් බණ්ඩාරඡායා - ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE