comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
‘රන් තුවක්කුව අත දරන්නා’තායිලන්තයේ මනරම් දූපත් සංකීර්ණයක් වූ ‘කෝ මාපු’ ප්‍රදේශයේ හුදෙකලා කුඩා දූපතක වෙරළේ වැතිරී හිරු රැස් තපින රූබරයුවතියකි. ඇගේ රන්වන් සිරුර යන්තමින් ආවරණය වී ඇත්තේ කෙටි දුහුල් නාන ඇඳුමකිනි.ඇගේ නෙත් යොමු වී තිිබෙන්නේ මුහුදේ සිට ඈ වෙත පිය නගන පාංශු දේහධාරි පුද්ගලයකු වෙතයි. ගත පුරා දිය බේරෙමින් ඈ අබියස සිටගත් ඔහුගේ නෙත් පුරා ඇත්තේ ප්‍රේමාන්විත බැල්මකි. ඔහුගේ නිරුවත් උඩුකය දෙස විශ්මයෙන් බලා සිටි ඇය අත තිබූ තුවායෙන් දිය තෙත මාත්තු කරයි.කරමින් සිටි කටයුත්ත මඳකට නවතා ඈ බලා සිටින්නේ ඔහුගේ පපුව මත වූ ඒ අපූරු සලකුණ දෙසයි. ෆ‍්‍රැන්සිස්කෝ ස්කැරමංගා නම් වූ මොහුගේ සුවිශේෂත්වය වන්නේ පපුව මත තන පුඩු තුනක් සහිත ලොව සිටින එකම පුද්ගලයා ඔහු වන බැවිනි.රන් තුවක්කුවක් අත දරන්නා යන විරුදාවලියෙන් අපරාධ ලෝකයේ නමක් දිනා සිටින ඔහු ලොවින් හුදෙකලා වූ දූපතක අප්‍රකට ජීවිතයක් ගත කරමින් බලශක්ති අර්බුදයට විකල්ප විසඳුමක් වූ න්‍යෂ්ටික බලාගාරයක්නිපදවීමේ කටයුත්තක යෙදී සිටී. එහි මූලික ක්‍රියාකාරී මෙවලම වන ‘සොලෙක්ස් ඇජිටේටර්’ නම් ඉලෙක්ට්‍රොනික පරිපථය එහි නිෂ්පාදකවරුන්ගෙන් සොරා ගෙන ලෝක ප්‍රජාව අභියෝගයට ලක් කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණ වෙයි.එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ අංක 002 දරන රහස් ඒජන්තවරයා රන් මූනිස්සමකින් වෙඩි තබා ඝාතනය කෙරෙන්නේ හොංකොං හි මෙහෙයුම්වල යෙදී සිටියදීය. ඉන් අනතුරුව 007 කැටයම් කරන ලද රන් මූනිස්සමක් බ්‍රිතාන්‍ය රහස් ඔත්තුª සේවා ප්‍රධානී ‘එම්’ වෙත ලැබෙයි.එම අනතුරු ඇඟවීමේ අරුත වන්නේ ස්කැරමංගා ගේ ඊළඟ ඉලක්කය ජේම්ස් බොන්ඩ් බවයි. සැඟ වී අප්‍රකට ජීවිතයක් ගත කරන ස්කැරමංගා සොයා ගොස් ඔහුගේ සැලසුම් සහ ව්‍යාපෘතිය විනාශ කොට දිවි ගලවාගෙන ආපසු පැමිණීම මෙවර බොන්ඩ් හට පැවරෙන රාජකාරියයි.‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපටයෙන් පසු ‘මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ නිපදවීම ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගමේ අභිප්‍රාය වුව ද එවකට 1969 දී කාම්බෝජයේ උද්ගතව තිබූ දේශපාලන අර්බුද හේතුවෙන් එය කල් දමා ඔන් හර් මැජෙස්ටීස් සීක්‍රට් සර්විස්’ චිත්‍රපටය නිපදවීමට ඔවුන්ට සිදු වුණා.එහෙත් එම චිත්‍රපටයෙන් බලාපොරොත්තු ඉලක්ක සපුරාගත නොහැකි වූ බැවින් ඊළඟ වතාවේ යළිත් වරක් ෂෝන් කොනරි බොන්ඩ් ලෙස නැවත කරළියට ගෙන එමින් ‘ඩයමන්ඩ්ස් අ ෆො එවර්’ නිෂ්පාදනය කෙරුණු අතර වසර 3 ක ඇවෑමෙන් කල් දැමූ’මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ චිත්‍රපටය යළි නිෂ්පාදනයට ගැනුණේ රොජර් මුවර් ජේම්ස් බොන්ඩ් චරිතයට යොදා ගනිමිනුයි.මෙය මුවර් ගේ දෙවෙනි බොන්ඩ් චරිතය වන අතර අධ්‍යක්ෂක ගයි හැමිල්ටන්ගේ සිව්වැනි සහ අවසාන චිත්‍රපටය ද වෙයි. තිර රචනය සඳහා යළිත් රිචඩ් මේ බෝම් කැඳවනු ලැබූ අතර සහාය තිර රචකයා ලෙස කටයුතු කළේ ටොම් මැන්කිවික්ස්. කැමරාකරණය පැවරුණේ සුපුරුදු කැමරා ශිල්පි ටෙඩ් මුවර්ටයි.බොන්ඩ් කතා නිර්මාතෘ ඉයන් ෆ්ලෙමින් ගේ ඥාති සොහොයුරා වන ප්‍රවීණ නළු ක්‍රිස්ටෝපර් ලී ප්‍රධාන ප්‍රතිවාදියාගේ චරිතය සඳහා තෝරා ගැනුණා. ඔහුගේ පතල ඩ්‍රැකියුලාගේ චරිතය රඟපාමින් විශාල ප්‍රසිද්ධියක් දිනා සිටි අතර ෆ්ලෙමින් විසින් ප්‍රථම බොන්ඩ් චිත්‍රපටයේ ප්‍රතිවාදියා වන ඩොක්ටර් නෝ ගේ චරිතය සඳහා නිර්දේශ කළේ ද ඔහුවයි. නමුත් අවසානයේ එම චරිතය නිරූපණය කළේ ජෝශප් වයිස්මන් විසිනුයි.ආනන්ද දිසානායකලබන සතියේදී හමුවෙමු.
CREATIVE
ගුවන් විදුලි ගායන ශිල්පී තරංග විජයසිරිගේ කුළුඳුල් ගීී එකතුව ‘නිශා යාමේ’ සංයුක්ත තැටිය දොරට වැඩුම ලබන 15 වැනිදා මොරටු බෞද්ධ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.හේමසිරි හල්පිට, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, වර්නන් පෙරේරා, වසන්ත රංජන් පීරිස්, එම්. අමරපාල ප්‍රනාන්දු, බන්දුල ජාගොඩ, ප්‍රණීත් අබේසුන්දර, දයාරත්න පෙරේරා, එම්. අමරපාල ප්‍රනාන්දු, කුසුම් පීරිස්, උපාලි කලාප්‍රියගේ පද රචනයන්ගෙන් යුතු ගීත 16 ක් ‘නිශා යාමේ’ හි ඇතුළත්.මේ ගීත සියල්ලම ගීතවත් වන්නේ ස්ටැන්ලි පීරිස්, උපාලි කලාප්‍රිය, නන්දන ලියනගේ, සරත් ද අල්විස්, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, ශ්‍රී ලාල් ප්‍රනාන්දු, සංජය උදය කුමාර, දයාරත්න පෙරේරා සහ තරංග විජයසිරිගේ තනු සහ සංගීතයෙන්.යතේජා ඡායාරූපය – මාලන් කරුණාරත්නමොරටුව, ඉඳිබැද්ද ‘පැරණි ගීත රසික හවුල’ 11 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ‘විවිධ ගී’ පැරණි ගීත ප්‍රසංගය මෙම 16 වැනි දා සවස 6.00 ට ඉඳිබැද්ද ‘කිතු සෙවණ’ ශාලාවේදී පැවැත්වේ.ප්‍රවීණ ගායිකා අයිරින් ලියනගේ, ලලිත් කළුබෝවිල, චන්දු ඉඹුලාන, රංජනී සල්ගාදු, ජනාදරී සල්ගාදු, වරුණි චතුරිකා, ප්‍රේමසිරි ප්‍රනාන්දු සමඟ රසික හවුලේ සාමාජිකයන් ගායනයෙන් එක්වන මෙය සංගීතවේදී සුලලිත පි‍්‍රයංකර ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන් රස ගැන්වෙයි. කථනයෙන් පියල් ප්‍රනාන්දු සහ ශි‍්‍රයාණි ප්‍රනාන්දු එක්වන මෙය මල්ලිකා පීරිස් ගේ ඉදිරිපත් කිරීමකි.සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ශමීර රංගන නාඔටුන්න පළමුවරට අධ්‍යක්ෂණය කරන මෝටර් බයිසිකල් සිනමාපටයෙහි රූගත කිරීම් කොළඹ කොටුව, තලවතුගොඩ අවට ප්‍රදේශයන්හි මේ දිනවල සිදු වෙමින් පවතියි.මෝටර් බයිසිකලයක නැගී ගමන් ගන්නා යුවළක් මුහුණ දෙන සිදුවීම් කිහිපයක් වටා නිර්මාණය වන මෙහි වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, නෙතලි නානායක්කාර, කලණ ගුණසේකර, දයාදේව එදිරිසිංහ ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති.මෝටර් බයිසිකල් සුරංග ජයසූරියගේ නිෂ්පාදනයකි.කැමරාව විශ්වජිත් කරුණාරත්න මෙහෙය වන මෙහි දමින්ද ඩී. මඩවල සහාය අධ්‍යක්ෂවරයාය. චාමර චින්තක දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා වේ. අජිත් කුමාරසිරි සංගීත අධ්‍යක්ෂණයෙන් එක්වෙයි. තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයකි. දීපාල් ගුණරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වෙයි. ජනක් මායාදුන්න කලා අධ්‍යක්ෂවරයාය. රන්ජන් ප්‍රසන්න නිෂ්පාදන සම්බන්ධිකාරකවරයාය.- ප්‍රසාද්
CREATIVE
මේ දිනවල විකාශය වූ ‘සිරීගෙ ඉරණම’ ටෙලි නාට්‍යයේ අප්පුගේ චරිතයට පණ පොවන රංජිත් රූබන් සිය කලා දිවියේ තොරතුරු සරසවියට පැවසූ මොහොතක්.* මේ දවස්වල ලැබන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද?මම රඟපාපු සිරිගෙ ඉරණම ටෙලි නාට්‍යයේ අප්පුගේ චරිතයට හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඒ වගේම ගිරිකුල ටෙලි නාට්‍යයේත්, සිහින අරන් යන්න ටෙලි නාට්‍යයේත් මගේ චරිතවලට ප්‍රතිචාර ලැබෙනවා.* ඔබ හදිසියේම අසනීප වුණා නේද?ඔව්. මම 2007 දී රිය අනතුරකට පත්වෙලා මගේ කකුල බිඳුණා. ඒ කකුල සුව වෙලා තිබියදීම සිරීගෙ ඉරණම ටෙලි නාට්‍ය කරන අතරෙදි යළිත් මම ලිස්සා වැටීම නිසා කකුල යළිත් අසනීප වුණා. ඒ නිසාම මේ නාට්‍යයේ කොටස් කිහිපයක් වෙනස් කරන්න වුණා.* දැනට ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවාද?කල්පාන්තයක්, දිය සෙවනැලි, හිරු සොයා, රත්තරන් නෙත්, ඔබ මගේ, මං හින්දා, බොරළු පාර, පොර මඬල යන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා.* ඔබ දායක වූ සිනමා නිර්මාණ මොනවාද?ආගන්තුකයා, අඟර දඟර, අසිනි වැසි චිත්‍රපටවලට දායක වුණා.* ඉදිරියේදී විකාශය වීමට නියමිත නාට්‍ය මොනවාද?වසන්තයට පෙර, වීනාවී, ඉතිං ඊළඟට, සොඳුරු රුවැත්තී යන ටෙලි නාට්‍ය.* ඔබේ රැකියාව මොකක්ද?මගේ රැකියාවත් කලාවට සම්බන්ධයි. මම රඟපෑමට අමතරව දර්ශන තල සම්බන්ධීකරණය සහ නිෂ්පාදන කළමනාකරණය රැකියාව ලෙස කරනවා.* මොනවද ඔබේ ඉදිරි නිර්මාණ?ජනක මහල්පත් අධ්‍යක්ෂවරයා සිංහල අවුරුද්ද තේමා කරගෙන වාර්තා වැඩසටහනක් නිර්මාණය කරනවා. එහි දර්ශන තලවලින් සහභාගී වීමට මට ආරාධනා ලැබිල තිබෙනවා. ඊට අමතරව තිස්ස විජේකෝන් අධ්‍යක්ෂණය කරන අඳුරට එළියක් නාට්‍යයේ වැඩ කටයුතු දැන් කරගෙන යනවා.* ඔහුගේ කලා දිවියට සුබපැතුම් එක් කරමින් ඔහුගේ ලිපිනය මෙසේ සඳහන් කරමු.විල්බාව පාර, වඳුරාගල, කුරුණෑගල.සටහන – දීපිකා ජයලත්ඡායාරූපය – මාලන් කරුණාරත්න
CREATIVE
සුප්‍රකට ගගනගාමී ‘ස්කෝච් සුපනෝවා’ හට වෙනත් ග්‍රහ ලෝකයකින් විශේෂ පණිවුඩයක් ලැබේ. එය බේරා ගැනීමේ පණිවුඩයකි. මෙම පණිවුඩය පිටුපස භයානක කුමන්ත්‍රණයක් පවතී. සුපමෝවා එයට හසුවේ. ‘එස්කේප් ෆ්රොම් ප්ලැනට් අර්ත්’ චිත්‍රපටයට වස්තු විෂය වන්නේ මෙම කතා පුවතයි.පෙබරවාරි මස 15 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය ඇරැඹි මෙම චිත්‍රපටය පරිගණක සජීවිකරණ ත්‍රිමාණ නිර්මාණයකි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කාල් බෘන්කර්. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හා එක්ව බොබ් බාර්ලන් කතාව රචනා කර ඇත.බ්‍රෙන්ඩන් ෆ්රේසර්, රොබ් කොඩ්රි, රිකී ජර්වෙස්, ජොනතන් මෝගන්, ජෙසිකා ඇල්බා, සේරා පාකර්, ජේසන් බෙන්සන්, ඩග් ඒබ්‍රැහැම්ස් යන ශිල්පීන් ශිල්පිනියන්ගේ හඬ දායකත්වය හිමිව තිබේ.ත්‍රිමාන නිර්මාණයක් ලෙසින් එළිදක්වා ඇති චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ රේන්මේකර් එන්ටටේන්මන්ට් ආයතනයයි. චිත්‍රපටය සඳහා දරා ඇති බර පැන අමෙරිකානු ඩොලර් මිලියන 40 කි. කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය යන රටවල දායකත්වය මෙම නිර්මාණයට හිමිව තිබේ.සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය නිරූපණය කරන නවතම ක්‍රියාදාම සිනමාපටයයි. චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කෙරුණේ පසුගිය වසරේ නොවැම්බර් 14 වැනිදා පැවති රෝම සිනමා සැණකෙලියේදී. ප්‍රංශ නවකතාවක් වන ‘DU PLOMB DANS LA TETE’  ඇසුරින් චිත්‍රපටය නිර්මාණය කර ඇත. සුප්‍රකට සිනමාකරු වෝල්ටර් හිල්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සුං කැන්ග්, සේරා ෂාහි, ක්‍රිස්ටින් ස්ලේටර්, ජේසන් මොමෝආ චරිත නිරූපණය කරති. චිත්‍රපටය ලොව පුරා බෙදා හරින්නේ ‘වෝනර් බ්‍රදර්ස්’ සමාගමයි. අමෙරිකානු ඩොලර් මිලියන 55 ක වියදමක් චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදනය සඳහා වැය කර ඇත.ඉවැඩ්නි පණ්ඩිතරත්නවසර විසි පහක් තිස්සේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් වෙනුවෙන් උපහාර ප්‍රසංග පැවැත් වූ අනුර ගාමිණී කුමාරසිංහ සැක්සෆෝන් වාදනයෙන්ද දස්කම් පාන්නෙක්.ජෝති උපහාර ප්‍රසංග හතළිස් නවයක් පවත්වා ඇති අනුරගේ ප්‍රසංගයන් හි සංගීතය සපයනු ලැබුවේ ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන් හා සන්ෆ්ලවර් යන සංගීත කණ්ඩායම්ය.පසුගිය වසර දෙකක කාලයක සිට ‘ජෝතිමත් පැදුර’ නමින් නිර්මාණාත්මක ජෝති උපහාර ප්‍රසංග 6 ක් ඉදිරිපත් කළ අනුර ‘කලාකරුවෝ අපි’ වැඩසටහනින් අතිගරු ජනාධිපතිතුමන්ගේ ජය තහවුරු කිරීමට ද දායක වූවෙකි. පසුගියදා අතිගරු ජනාධිපතිතුමන්ට හා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය වෙනුවෙන් ඔහු ‘මුදාගෙන උතුර’ නමින් සංයුක්ත ගී තැටියක් ද නිකුත් කළා.වෘත්තියෙන් බන්ධනාගාර නිලධාරියෙක් වන අනුර එළිමහන් සංගීත ප්‍රසංගවල ද ගී ගයන්නෙකි.ඔබ ඔහුට අමතනවා නම් 0774176148 දුරකතන අංකය ඔස්්සේ ඇමතිය හැකියි.- සංජීව සම්පත්රසික ජනාදරය දිනාගත් ගායක ගායිකාවන් සහභාගි වන ගීතමය පිළිසඳර ශනිදා කතාබහ මෙම මස 09 වෙනිදා සවස 4.30ට ගුවන්විදුලියේ වෙළඳ සේවයේ විකාශය වේ. වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ ගේ උපදේශකත්වයෙන් හා විජයසිරි බෝපගේ ගේ සම්බන්ධීකරණයෙන් ආරම්භ වන මෙම වැඩසටහනේ මුල් පියවර සඳහා එදින ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන එක්වෙයි. කලාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන, කලාකරුවන්ගේ ජීවිතයේ සැදෑ සමය, වඩාත් සුරක්ෂිත කිරීමේ අරමුණින්, “ සුබසාධන වැඩසටහනක් ” ක්‍රියාත්මක කිරීමට, සංගීතවේදී, සුනිල් ධර්මසේන අදහස් කරයි. මේ පිළිබඳ අදහස් පැහැදිලි කිරීමක් මෙම මස 8 වෙනිදා, එනම් හෙට සවස 6.30ට මහරගම දෙහිවල පාරේ පිහිටි, බුදවත්ත කලායතනයේ දී සිදුවනු ඇත.දැනට කලාවේ නියැලෙන සියලුම කලාකරුවන්ට මෙයට සහභාගි වන ලෙස ඔහු විවෘතව ආරාධනා කරයි.1. “ ජැක් ද ජයන්ට් ස්ලෙයර් ” – ඇ.ඩො.මි. 27.2022. “ අයිඩෙන්ටිටි තීෆ් ” – ඇ.ඩො.මි. 9.7063. “ ට්වෙන්ටි වන් ඇන්ඩ් ඕව ” – ඇ.ඩො.මි. 8.7544. “ ස්නිච් ” – ඇ.ඩො.මි. 7.7685. “ ද ලිස්ට් එක්සෝසිසම් පාට් 2 ”- ඇ.ඩො.මි. 7.7286. “ එස්කේප් ප්‍රොරෝම් ප්ලානට් අර්ත් ” – ඇ.ඩො.මි. 6.6197. “ සේෆ් හේවන් ” – ඇ.ඩො.මි. 6.2788. “ සිල්ව ලයිනිංග්ස් ප්ලේබුක් ” – ඇ.ඩො.මි. 5.7239. “ අ ගුඩ් ඩේ ටු ඩයි හාඩ් ” – ඇ.ඩො.මි. 4.57210. “ ඩාක් ස්කයිස් ” – ඇ.ඩො.මි. 3.468ඉවැඩ්නි
CREATIVE
සූරසේන චිත්‍රපටය නිර්මාණය කිරීමට පාදක වූයේ කුමක්ද?රංජිත් සොයිසා - මොරටුවසූරසේන චිත්‍රපටයට පාදක වූයේ මලෙයි කල්ලන් නමැති ජනප්‍රිය දෙමළ චිත්‍රපටය බවයි ප්‍රසිද්ධ මතය. කෙසේ වුවත් එම්. ජී. ආර්. හා වී. බානුමතී රඟපෑ මලෙයි කල්ලන් චිත්‍රපටය අතිශය ජනප්‍රියවීමත් සමඟ එය භාෂා පහකින් නිර්මාණය වූවා. එම්. ටී. රාමරාඕ, පී. බානුමතී යොදාගෙන ‘අග්නි රාම 3’ නමින් තෙළිගු චිත්‍රපටයකුත්, දිලිප් කුමාර් හා මීනා කුමාරි යොදා හින්දි භාෂාවෙන් අසාදි නමිනුත්, මලයාලම් බසින් ‘තස්කර විරාත්’ නමිනුත්, කණ්නඩ බසින් ‘බේනාද කල්ලා’ නමිනුත් චිත්‍රපට නිර්මාණය වූවා.මෙම චිත්‍රපට සියල්ලම නළු නිළියන් පමණක් වෙනස්වන එකම පසුතලවල එකවර රූගත කෙරුණු ඒවායි. මේ සියල්ලට පාදක වූයේ වා රාමලිංගම් පිල්ලේ විසින් රචනා කරන ලද ‘මලෙයි කල්ලන්’ නමැති නවකතාවයි.සිනමාවට සම්බන්ධ රංජිත් පෙරේරලා කී දෙනෙක් සිටියෝද?ආනන්ද ප්‍රනාන්දු – නිට්ටඹුවදිනුම් කණුව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රංජිත් පෙරේරා, තහනම් ගහ, සඳමඬල නිෂ්පාදනය කළ රංජිත් පෙරේරා හා සිනමා නළු රංජිත් පෙරේරායි.සමහර චිත්‍රපට පිළිබඳ ආචාර්ය, මහාචාර්යවරු කැඳවා සාකච්ඡා පැවැත්වීම ඔබ දකින්නේ කිනම් අයුරකින්ද?ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූවඕනෑම ක්ෂේත්‍රයකදී ඒ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණික දැනුමක් තිබෙන බහුතරය එහෙම සාකච්ඡාවලට සහභාගී වීම අදාල ක්ෂේත්‍රයේ අයට මහෝපකාරී වන දෙයක් හැටියටයි.බොහෝ එෆ්. එම්. නාලිකාවල ගායකයාගේ නමත්, රචකයාගේ නමත් සඳහන් කරනවා අඩුයි. එයට හේතුව කුමක්ද?සරත් වික්‍රමසිංහ – අතුරුගිරියඒ ඒ නාලිකාවලට නිර්මාණය විනා අනෙක් කරුණු වැදගත් නැතිව ඇති.වසර 66 ක් සපිරුණු අපේ සිනමාව ඔබට හිතෙන විදියට දැන් පසුවෙන්නේ තරුණ වියේද, මහලු වියේද? එහෙමත් නැත්නම් මරණාසන්න අවදියේද?කරු මන්දාවල – නාත්තන්ඩියසිනමාවේ පැරැණි දේවල් කාලානුරූපව මහළු වී නැති වෙනවා. හැබැයි අලුත් පරම්පරාවක් එනවා. මා හිතන්නේ සිනමාව යාවත්කාලීන වෙනවා. යාවත්කාලීන නොවන සිනමාවේ හැම දෙයක්ම මහලුව විනාශ වී යනවා.ද්‍රවිඩ සිනමාවේ ‘ඥාණ සුන්දරී’ නමින් චිත්‍රපට දෙකක් තිබුණාද?වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩසන් – වෙන්නප්පුවඔව්. ඥාණ සුන්දරී නමින් චිත්‍රපට කිහිපයක් තිබුණා. එකක් 1929 කළ නිහඬ චිත්‍රපටයක්. දෙවැන්න 1961 නිපදවූවක්.ජනප්‍රිය නිළියක්ව සිටි සුරේනි සෙනරත් රඟපා ඇති චිත්‍රපට මොනවාද? ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට මොනවාද?කමල් ප්‍රියන්ත – නාක්කාවත්තඇය, ලොකු තාත්තා, අමරණීය ආදරය, ඩොක්ටර් සුසන්තා, රස රහසක් ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑවා. ඇය රඟපෑ ‘ස්වාමි භක්තිය’ චිත්‍රපටය තිරගතවීමට නියමිතයි.‘අහසින් පොළොවට’ චිත්‍රපටය කුමන හෝ සම්මානයක් ලබා ගත්තෙහිද?මණිකේ විල්වල – කෑගල්ලඅහසින් පොළොවට චිත්‍රපටයට කයිරෝ අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේදී තුන්වැනි ලෝකයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා. 1984 දී පළමු ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය වූයේද එයයි.සමහර නවක රංගන ශිල්පිනියන්ගේ රඟපෑම් දැක්කම ලයිට් කණුවලට පණ ඇවිත් කියලා හිතෙනවා නේද?සුජාතා ගුණවර්ධන – කඩවතමොන නවකද සමහර ප්‍රවීණ අය දැක්කාමත් මට එහෙම හිතෙනවා.කේයස්ගේ ‘සුදෝ සුදු’ කවි කතා සංග්‍රහය විදෙස් කෘතියක අනුකරණයක්ද?රනිල් වීරසිරි – මල්වානඅනුකරණයක් කියා සෘජුවම කියන්න මට බැහැ. සුප්‍රකට කිවි ටෙනිසස්ගේ අතිශය ජනප්‍රිය ‘ඉනොක් ආර්ඩින්’ කාව්‍ය සංග්‍රහයට යම් සමානකමක් තියෙනවා. සංගම්, පර්ල් හාබර්, මනුෂ්‍යත්වය, විජයබා කොල්ලය වගේ කතාත් මෙයට සමානයි.ප්‍රවීණ සංගීත ශිල්පී ‘සිහශක්ති’ සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා පසුගියදා අසනීප තත්ත්වයෙන් පසු වූ බව දැන ගන්නට ලැබුණා. ඔහුට දැන් සුවයිද?අචිනි විලෝකා - හොරණඔහු දැන් හොඳින් තමන්ගේ නිර්මාණ කටයුතුවල නියැලෙනවා.අර්ජුන්සැකසුම - සංජීව සම්පත්
CREATIVE
නිලුෆ පෙරේරා‘සිත මා සොරා ගෙන ගියේ ඇයි ද ඩැෆඩිල් මලේ’ගායන ශිල්පී දයාන් විතාරණ ගයන මේ ගීතයේ තනු නිර්මාණය නිලුෆ පෙරේරාගේය. ඒ නිර්මාණ මතකයත් සමඟම ඇයගේ නවතම ගීත නිර්මාණ කිහිපයක් යළිත් රසිකයන්ට තිළිණ කිරීමට පැමිණ තිබේ.ගොඩක් කාලෙකට පස්සේ නේද?ඔව්, අවුරුදු දහයකට පස්සේ.එච්චර කාලයක් මොකද කළේ?මම වෘත්තියෙන් ව්‍යාපෘති කළමනාකරණ අංශයේ රැකියාව කළා. ඒ නිසා අවුරුදු දහයක්ම විදෙස්ගතව හිටියා. ඒත් මම සංගීතය අමතක කළේ නෑ.කොහොමද ක්ෂේත්‍රයට එන්න පසුබිම හැදුණේ?පාසල් යන කාලේ ඉඳලම ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් කවි, ගීත ලිව්වා. ඔබ පාසල් ගියේ?යහපත් එඬේරා කන්‍යාරාමය, කොටහේන.ඔබ ගුවන් විදුලියට සම්බන්ධව ගීත ලිව්වා නේද?ඔව්, ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ ගීත ලිව්වා. ඒ වගේම ‘නැවුම් මිහිර’ නමින් තිබූ ගුවන් විදුලි වැඩ සටහනටත් ගීත ලිව්වා.ඔබ වැඩියෙන් කැමති ගීත ලියන්නද?ඔව්. මගේ ගොඩක් හැකියාව තියෙන්නේ ලියන්න. ඒ වගේම තනු නිර්මාණය සහ ගායනයටත් හැකියාව තියෙනවා.ඔබගේ අලුත්ම ගීතයේ ගායනය ඔබේම නේද?ඔව්. ‘නිදියන්න පුතුනි’ ගීතයේ පද රචනය, ගායනය සහ තනු නිර්මාණයත් මගේ.මේ ගීතයේ තේමාව මොන වගේද?මම මුලින්ම මේ ගීතය ලිව්වේ මායිම් ගම්මානයක ජීවත්වන අම්ම කෙනෙක්ගේ සහ දරුවකුගේ සිතිවිලි කැටි කරලා. ඒ අපේ රටේ යුද්දෙ තියෙන කාලේ. ඒ කාලේ ඇතුළත මට මේ ගීතය රසිකයින් අතරට ගෙන යන්න බැරි වුණා. ඒ නිසා මම යළිත් මේ ගීතයම වෙනසක් කළා. යුද්ධය නිමා වූ නිදහස් රටට ගැළපෙන විදිහට මෙය නිර්මාණය කළා.මේ ගීතය දැනට අසන්නන්ට රස විඳින්න පුළුවන්ද?ඔව්. ඩයලොග් දුරකතන ජාලයේ 87564158 සහ මොබිටෙල් දුරකතන ජාලයේ 74713936 අංක වලින් රිංග් ටෝන් ලෙසින් රස විඳින්න පුළුවන්.ඊට අමතරව ඔබ කරපු නිර්මාණ මොනවාද?දැනට සිංහල ගීත තුනක් සහ ඉංග්‍රීසි ගීත හතරක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම මේ ගීත විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා.මෑත කාලයේ කරපු තනු නිර්මාණ මොනවාද?ශශිනි ඉද්දමල්ගොඩ, ජූඩ් තෝමස් යන නවකයින්ට තනු නිර්මාණයෙන් දායක වුණා.ඉදිරියේදී මොනවද තියෙන සැලසුම්?මම ආසයි ඉදිරියේදී ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා ගී පද රචනයෙන් දායක වෙන්න.වර්තමාන සංගීතය පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?මේ වන විට ගීත කලාව වෙනමම පැත්තකට යොමු වෙලා තියෙන්නේ. ඒක කාලයත් සමඟ වෙනස් වූවක්. මගේ බලාපොරොත්තුව වෙන්නේ ජනතාවගේ හිතට දැනෙන ගීත ලියන්න. ඩැෆඩිල් මල මගේ පළමු තනු නිර්මාණය ගැන මට තියෙන්නෙ පුදුමාකාර සතුටක්.මේ ගමන් මෙඟ්දී ඔබට මතක් කළ යුතුම අයත් ඇති?ඔව්. මට මේ වෙලාවෙදි මගේ සැමියා මතක් කරන්නම ඕනෑ. ඔහු සරෝජන් පෙරේරා. ඔහුගේ සහාය නොලැබෙන්න මම අද ගීත ලියන්නේ නැහැ. ඒ වගේම මහේන්ද්‍ර පැස්කුවල්, කසුන් සඳරංග, අසංග මිහිජය, බිලී ප්‍රනාන්දු, දිලුප් ගබඩාමුදලිගේ විශේෂයෙන් මතක් කරන්න ඕනෑ.ඔබව සම්බන්ධ කර ගන්න පුළුවන් කොහොමද?විද්‍යුත් තැපෑල හරහා පුළුවන්.nilouferp@gamil.comසටහන – දීපිකා ජයලත්සේයාරුව – නිරෝෂ් පි‍්‍රයංක
CREATIVE
තිරයේදී විඳින විරහ වේදනාව තාවකාලිකය. එහෙත් බොලිවුඩ් සිනමා සිත්තමක මෙන් සැබෑ ජීවිතයේ සුඛාන්තයම පතන තාරකාවකට විරහව පමණක් උරුම වන්නේ නම් එය කෙතරම් ඛේදජනකද?කරිෂ්මා කපූර්, කපූර් පවුලේ දියණියන්ට රංගනයට තිබූ තහංචි බිඳ දැමූ පළමුවැන්නියයි. පවුලේ නීති බිඳ දැමීම ඇයට පාරා වළල්ලක් වී ඇත්දැයි කියා සිතෙන්නේ ඇයගේ විවාහ ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් ගැන ඇසෙන පුවත් නිසයි.ඇය මුලින්ම විවාහ ගිවිස ගත්තේ අභිෂේක් බච්චන් සමඟයි. එහෙත් ඒ ගිවිසුම ඉතා කෙටිකාලීන ගිවිසුමක් වුණේ වැඩිකල් නොයා දෙදෙනා වෙන් වූ නිසයි. ඉන් පසු හදිසියේම කරිෂ්මා සිය ළමා වියේ සිටම මිතුරකු වූ දිල්ලි ව්‍යාපාරික සංජේ කපූර් සමඟ උත්කර්ෂවත් මංගල්‍යයකින් යුග ජීවිතය ඇරැඹුවේ දහසක් බලාපොරොත්තු ඇතිවයි. 2003 වසරේ බොලිවුඩයේ සුපිරි මංගල්‍යයක් ලෙසින් තවමත් මේ මංගල්‍යය බොහෝ දෙනකුගේ මතකයේ පවතී.ප්‍රසිද්ධියේ කරිෂ්මා කිසිවක් හෙළි නොකළත් තතු දන්නෝ පැවසුවේ විවාහ වූ දිනයේ පටන්ම කරිෂ්මා සතුටින් ජීවත් නොවූ බවයි. 2005 දී සමෙයිරා දියණිය ඉපදීම බිෙඳමින් පැවැතුණු විවාහයට බැඳීමක් ඇති කළත්, එය ද ටික කාලයකට විය. පසුව කරිෂ්මා, කරීනා සොයුරිය සහ සායිෆ්ගේ නිවෙසේ පදිංචියට ගියාය. තමන් යළිත් ගැබ්ගෙන ඇති බව කරිෂ්මා දැන ගත්තේ දෙතැනකට වූ පසුවයි.කරිෂ්මා - සංජේ පවුලට එක් වූ පුතු කියාන් ද දෙදෙනාගේ විවාහය සවිමත් කිරීමට හේතු වූයේ නැත. මෑතකදී වැඩි දෙනකු කරිෂ්මාව දුටුවේ කරීනා සහ සායිෆ් සමඟය.මේ අතර ස්ත්‍රී ලෝලියකු වූ සංජේ කපූර්, ප්‍රියා සච්දේව් සමඟ හාදකමක් පවත්වන බව ක්ෂේත්‍රය පුරා සුළි කුණාටුවක් මෙන් හමා ගියේය. සියලු ආරංචි සත්‍ය බව ලෝකයාට ඔප්පු වූයේ කරීනාගේ මංගල්‍යයේදී සංජේ කපූර් දක්නට නොලැබුණු නිසයි. දින පහක් පුරා පැවැති සායිෆ් – කරීනා මංගල්‍යයට එක් දිනයක්වත් සංජේ සහභාගි වූයේ නැත.කපූර් පවුලේ හිතවත් පවුලක් වුව ද සංජේ, කරීනාගේ විවාහයට සහභාගි වී නැත්තේ සිය පෙම්වතිය ප්‍රියා සච්දේව්ට ඊට සහභාගිවීමට කරිෂ්මා අවසර නොදුන් නිසා බව කියවේ. කෙසේ වුණත් සැමියා, සංජේ සමඟ කිසිදු ඇඟෑලුම්කමක් නොපෑවත් කරිෂ්මා සැමියාගේ පාර්ශ්වය සමඟ දිගින් දිගටම හිතවත්ය. ඔවුන් සියල්ලන්ම කරිෂ්මාගේ පැත්තේය. ප්‍රියා සමඟ සංජේ පවත්වන සම්බන්ධය බිඳ දැමීමට ඔවුන් නොකළ දෙයක් නැත.දික්කසාදයෙන් නව වසරක යුග දිවිය අවසන් වීමට ඇත්තේ තවත් කෙටි කාලයකි. දික්කසාදයට පෙර දෙදෙනා දරුවන්ගේ අයිතිය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිති. දරුවන් දෙදෙනා තමන් සතුකර ගැනීමට කරිෂ්මා වෙර දරන බව නම් ඒකාන්තය.තිස් අට හැවිරිදි කරිෂ්මා ජාතික සිනමා සම්මානයෙන් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරකින් පිදුම් ලැබූ තාරකාවකි. ඇය විවාහයෙන් පසු සිනමාවේ දෙවැනි ගමන මේ වසරේදී ‘ඩේන්ජරස් ඉෂ්ක්’ සිනමාපටයෙන් ඇරැඹුවාය. එය ද එතරම් ආදායම් වාර්තා පිහිට වූ සිනමාපටයක් නොවීය.‘ජබ් තක් හෛ ජාන්’ හොලිවුඩ් පුරවරයේ ද ඉහළම ආදායම් වාර්තා ලබමින් තිරගත වෙද්දී සුපිරි නළු ෂාරුක් ඛාන්ට හොලිවුඩය සමඟ නෑකමක් ගොඩ නැෙඟ්වි ද? ෂාරුක් පවසන අන්දමට හොලිවුඩය සහ දේශපාලනය තමන්ගේ ජීවිතයට කිසි දිනක නෑකම් නොකියන විෂයයන් දෙකකි.‘හොලිවුඩයේ රඟපාන්න ආරාධනා ලැබිලා නෑ. ලැබුණත් මං කැමැති බොලිවුඩ් රංගනයටයි. දේශපාලනයත් මගේ විෂයයක් නොවෙයි. මා ඉපදුණේ සිනමාපට නිපදවා මිනිසුන් සතුටු කිරීමටයි.දේශපාලනයට අකැමැති වුණත් තිරයේ දේශපාලන චරිත රඟපාන්න නම් කැමැතියි. රාශ්ත්‍රිය ජනතා පක්ෂයේ ප්‍රධානියා ලාලු ප්‍රසාද්ගේ චරිතය රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා’ ෂාරුක් පවසන්නේය.ෂාරුක් - සල්මන් කෝන්තරය නිම වූ බවට මෑතකදී රාවයක් පැතුරිණි. එහෙත් ෂාරුක් පවසන්නේ එය නිම නොවන කෝන්තරයක් බවයි. ‘ජබ් තක් හෛ ජාන්’ සල්්මන්ගේ හිටපු පෙම්වතිය කත්‍රිනා ෂාරුක් සමඟ රඟපෑ පළමු සිනමාපටයයි. සිනමාපටය තිරගතවීමේ ප්‍රීතිය බෙදා ගැනීමට ෂාරුක්, සල්මන්, අමීර් යන ඛාන් ත්‍රිත්වයම සහභාගි වූහ. අමීර් ෂාරුක් හා සල්මන් සමඟ සුහද ලෙස හැසිරුණත් ෂාරුක් හා සල්මන් නම් එකිනෙකා සමඟ එසේ හැසිරී නැත.අන්තර් ජාලයෙනි- චම්පිකා දීපානී රණසිංහ
CREATIVE
ජයකොඩි සෙනෙවිරත්න ලියූ ‘නොමැරෙන මිනිස්සු’ නවකතාවේ නවතම මුද්‍රණය ජනවාරි 15 වැනිදා දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.‘නොමැරෙන මිනිස්සු’ කෘතිය තුළින් මානුෂික සම්බන්ධතා මෙන්ම පුළුල් ක්ෂේත්‍රයක විහිදී පවතින සමාජ පරිසරය පිළිබඳ ගවේෂණය කෙරේ. රාජ්‍ය සම්මාන දිනූ ‘කුමාරිහාමි’ සහ ‘කිරි ගෙදර’, ‘වජිරපාණී’, ‘උරචක්‍රමාලය’, ‘පංච කල්‍යාණි’, ‘ස්වර්ණ වර්ණ’, ‘රූබර දෝණී’, ‘හිතුවක්කාරි’, ‘රිදී සේල’ වැනි ජනප්‍රිය නවකතා රැසක් ජයකොඩි සෙනෙවිරත්න ලියූ කෘති අතර වේ.ලේක්හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පී ගීත් ද මැල් ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පත්වීම් ලබයි. මහරගම නාවින්න ආයුර්වේද පර්යේෂණ ශ්‍රවණාගාරයේ පැවති දේශීය වෛද්‍යවරුන්ට පත්වීම් ලියාපදිංචි කිරීමේ සහතිකයන් බෙදාදීමේ උත්සවයේදී ඔහු එම පත්වීම ලබා ගන්නා ලදී.වසර විසිපහක් මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති හෙතෙම ගුවන් විදුලි සංස්ථාවෙහි සරල ගී ගායන ශිල්පියකු ද වෙයි.ඡායාරූපයෙන් දැක්වනුයේ දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා අතින් ගීත් වෛද්‍ය සහතිකය ලබාගත් මොහොතයි.කවියකු හා ගීත රචකයකු වන ජයන්ත ග. ජෝතියරත්නගේ නවතම ගේය පද සරණිය වන ‘සිල් මල් පිපිලා’ ග්‍රන්ථයෙහි මුල් පිටපත ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ට පිරිනැමූ අවස්ථාවයි මේ.
CREATIVE
ලාදුරු රෝගය අද සුව කළ හැකි රෝගයක් වුවත්, කලකට ඉහත එහෙම වූයේ නැහැ. එය සමාජයෙන් කොන් කරන රෝගයක්. එදා මේ රෝගය වැළඳී එලෙස අසරණ වූ පිරිසට තිබුණා එක් රෝහලක්.හැඳල හේකිත්තේ තිබෙන මෙම ස්ථානයේ ඉන්නේ ලාදුරු රෝගීන් හතළිස් තුන් දෙනෙක්.පුංචි භූමි භාගයක හිරවෙලා ඉන්න මේ පිරිස ගැන චන්දික නානායක්කාරට හෝඩුවාවක් ලැබුණේ හිතවතෙකුගේ මාර්ගයෙන්. ඔහු මෙතැන ගැන තවත් විස්තර හොයලා බැලුවා. නිළි රැජන මාලිනිය, කංචන කොඩිතුවක්කු, ගිහාන් ප්‍රනාන්දු, මධුමාධව අරවින්ද, දමයන්ත පෙරේරා වැනි ක්ෂේත්‍රයේ සහෘදයින්ට මේ ගැන කිව්වා.සියල්ලෝම එක සිතින් මෙතැන බලන්නත් ඔවුන්ට උදවු පදවු කොට කෙටි කාලයකට හෝ ඔවුන්ට විනෝදාස්වාදය සපයන්නත් පසුගිය දිනෙක එතැනට ගියා. තෑගි බෝග හුවමාරු කර ගත්තා. ගී සිංදු කිව්වා රෑ වෙනකම්ම.එදින තමයිලු මෙතැන සිටින රෝගීන් බොහොම දෙනෙක් සමහරක් කෑම ජාති මුල් වරට රස බැලුවේ. පිරිස අප කලාකරුවන්ට නොසෑහෙන්න පින් දුන්නාලු. මේ ප්‍රජා සත්කාරය නිසා මෙම රෝහල ගැන නොදත් බොහෝ දෙනෙක් දැනගෙන. චන්දිකලාටත් වුවමනා වෙලා තියෙන්නේ ඒක.‘ලාදුරු රෝහලක්’ කිව්වම ටිකක් බය හිතෙනවා. ඒත් මේ රෝගය දැන් සදහටම තුරන් වූවක් නිසා එතැනට යන්න බයවෙන්න ඕන නැහැ කියලා චන්දික අවසන් වශයෙන් කිව්වා.සේයාරූ – අමිත් එස්. සේනාරත්න  
CREATIVE
නව වසර සිනමාවට වසන්තයකි. ඒ වසන්තයේ අසිරිය විඳින්නට ඔබ බලා සිටින්නේ නොඉවසිල්ලෙන් නේද? හොලිවුඩයේ තිරගත වීමට නියමිත නොබලා නොසිටීමට නොසිතෙන සිනමා නාමාවලියයි මේ.* රයිඩ් අලෝංග් – ජනවාරි 17 වැනි දින තිරගත වීමට නියමිත අමෙරිකානු ක්‍රියාදාම විකට සිනමාපටයකි. ටිම් ස්ටෝරිගේ අධ්‍යක්ෂණයක් වූ මෙහි ප්‍රධාන චරිත රඟන්නේ අයිස් කියුබ් (රහස් පරීක්ෂක ජේම්ස් ලෙස) සහ කෙවින් හාට් (බෙන් බාබර්)ය.අති වේගයෙන් කතා කරන ආරක්ෂක නිලධාරී බෙන් ඔහුගේ ඥාති සොහොයුරා සමඟ ඇට්ලන්ටාවේ ඉන්ධන අලෙවි සලක පැය 24 ක් පුරා සේවය කිරීමට පෙලඹෙන්නේ තමන් ජේම්ස්ගේ සොයුරිය ඇන්ජෙලා සමඟ විවාහ වීමට තරම් සුදුස්සකු බව පෙන්වීමටයි.* අයි, ෆ‍්‍රෑන්කන්ස්ටයින් – ජනවාරි 24 වැනි දින යුවෝන් ස්ට්‍රාහොව්ස්කි, බිල් හයි රඟන ස්ටුවට් බීට් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක ‘අයි, ෆ‍්‍රෑන්කන්ස්ටීන්’ තිරගත වීමට නියමිතයි. සියවස් ගණනක් පැරැණි යුද්ධයකට මැදිහත් වන ෆ‍්‍රෑන්කන්ස්ටීන් නම් අද්භූත චරිතය වටා ගෙතුණු කතාවකි.* ‘ද මොනියුමන්ට්ස් මෙන් – අමෙරිකානු හාස්‍යෝත්පාදක සිනමාපටයකි. ජෝර්ජ් ක්ලූනිගේ අධ්‍යක්ෂණයෙන්, මැට් ඩර්මන්, ක්ලූනි, බිල් මුරේ ප්‍රධාන චරිත රංගනයෙන් සිනමාපටය රස උල්පතක් වෙයි. සිනමාපටය නිර්මාණය වී ඇත්තේ ‘ද මොනියුමන්ට්ස් මෙන් අලයිඩ් හීරෝස්, නාසි තීව්ස් ඇන්ඩ් ද ග්‍රේටස්ට් ට්‍රෙෂර් හන්ට් ඉන් හිස්ට්‍රි’ නවකතාව ඇසුරිනි.සිනමාපටය තිරගත වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 7 වැනි දිනයි. කෞතුකාගාර අධ්‍යක්ෂවරු, ඉතිහාසඥයන්, දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී ගොස් එහි කලා නිර්මාණ අයිතිකරුවන් ලබාදීමට ගන්නා උත්සාහයක් ගැන මෙයින් කියවෙයි.* ද ලීගෝ - අමෙරිකානු - ඔස්ට්‍රේලියානු පරිගණක සජීවිකරණ නිර්මාණයකි. වීරත්වය, හාස්‍ය කැටි කළ සිනමාපටය ෆිල් ලෝඩ් සහ ක්‍රිස් මිලර්ගේ අධ්‍යක්ෂණයකි. එය ලීගෝ ක්‍රීඩා භාණ්ඩ එකතුව ඇසුරින් නිර්මාණය වී තිබේ. පෙබරවාරි හත් වැනි දින සිනමාපටය තිරගත වෙයි.* රොබෝකොප් - වසර 2028 කරා ප්‍රේක්ෂකයා රැගෙන යන සිනමා සිත්තමකි. 1987 දී මෙහි පළමු නිර්මාණය බිහි විය. අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධයක් සහ ක්‍රියාදාම සිනමාපටයක් වන මෙය 1987 වර්ෂයේදී කළ ඬර්මාණයේ ප්‍රති නිර්මාණයකි. ජෝයි කිනමන්, ගැරී ඕල්ඩ්මන් මෙහි ප්‍රධාන චරිත රඟති. සිනමාපටය තිරගත වෙන්නේ පෙබරවාරි 12 වැනි දිනයි.* පොම්පෙයි – වහලෙක් සත්‍ය ප්‍රේමය ජය ගැනීමට ගන්නා උත්සාහය විග්‍රහ කෙරෙන්නෙකි. පෝල් ඩබ්. එස්. ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ කිව් හැරිංටන්, එමිලි බ්‍රව්නිං ප්‍රධාන චරිත රඟපාන සිනමාපටය තිරගත වෙන්නේ පෙබරවාරි 21 වැනි දිනයි.* ත්‍රී ඩේස් ටු කිල් - ජෝශප් මැක්ගින්ට්ගේ ත්‍රාසජනක ක්‍රියාදාම සිනමාපටයකි. කෙවින් කොස්නර්, ඇම්බර් හාඩ් ප්‍රධාන භූමිකා නිරූපණය කරන ‘ත්‍රී ඩේස් ටු කිල්’ තිරගත වන්නේ ද පෙබරවාරි 21 වැනි දිනයි. විශ්‍රාම ගැනීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රහස් සේවාවක නිලධාරියකුගේ අවසාන රාජකාරිය ඉටු කිරීමටත්, දියණිය සමඟ සම්බන්ධ වීමටත් ගන්නා උත්සාහය පිළිබඳව ගෙතුණු කතා පුවතකි.* නන් - ස්ටොප් - පෙබරවාරි 28 තිරගත කෙරෙන අමෙරිකානු ක්‍රියාදාම සිනමාපටයකි. ජෝම් කොලට් - සේරාගේ අධ්‍යක්ෂණයකි. ලියම් නීසන්, ජුලියෑන් මූරේ ප්‍රධාන චරිත රංගනයෙහි යෙදෙති. නිව්යෝර්ක් සිට ලන්ඩන් බලා යන අන්තර් ජාතික ගුවන් යානයක සිදුවන භයානක සිදුවීම් මාලාවක් ප්‍රේක්ෂකයන්ට සිනමාපටයෙන් දැකගත හැකි වෙයි.* 300 : රයිස් ඔෆ් ඇන් එම්පයර් - මේ අමෙරිකානු - ඊශ්‍රාලයීය ක්‍රියාදාම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ නයෝම් මුරෝය. 2007 වසරේ තිරගත වූ 300 සිනමාපටයේ දෙවැන්න මෙයයි. සලිවන් ස්ටැප්ලිටන්, ඊවා ග්‍රීන් ප්‍රධාන නළු නිළියෝයි. පෙබරවාරි 28 සිනමාපටය තිරගත වන දිනයයි.* නීඩ් ෆෝ ස්පීඩ් – තවත් අමෙරිකානු ක්‍රියාදාම සිනමාපටයකි. තිරගත කෙරෙන්නේ මාර්තු 14 වැනි දිනයි. ස්කොට් වෝ අධ්‍යක්ෂණයක් වන මෙයින් සිරෙන් නිදහස් වුූ ටෝබේ මාෂල් මාවත් ධාවකයකුª වී මිතුරාගේ මරණයේ පලිය ගැනීමට ගන්නා උත්සාහය නැරැඹිය හැකියි. ආරෝන් පෝල්, ඉමෝජන් පූට්ස් ප්‍රධාන නළු නිළි යුවළයි.- චම්පිකා දීපානි රණසිංහසිනමාව, ශිෂ්ට, අශිෂ්ට වචන මාලාවන්ට අපූරු තෝතැන්නකි. ජන ජීවිතයට සිනමාපට නිසා මොන තරම් වචන අලුතින් එක් වෙනවාද? මේ හොලිවුඩයේ සර්වකාලීන ජනප්‍රිය කියුම් කෙරුම්ය. ජනතා ඡන්ද විමසීමකදී වැඩිම මනාපය හිමි වී තිබුණේ මෙම වාක්‍ය ඛණ්ඩවලටයි.
CREATIVE
පණ්ඩිත් අමරදේවයන් හට සමරු තිළිණය පිළිගැන්වූ අවස්ථාවයුද පිටියේ සටන් වැදි රණවිරුවන් මාතෘ භූමිය ඉදිරියේ තම පණ දෙවැනි කොට සළකන්නේය. එවැනි අභීත රණවිරුවන් කුමන බාධක ඉදිරියේ වුවද නොසැළෙන්නාක් සේම කිසිවෙකු හමුවේ හිස නොනමන්නෝ ද වෙති. එසේම ජීවිතයේ අවසන් ලේ බිඳුව තෙක් සටන් වදින ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ද මාතෘ භූමියේ නිදහසයි.“මාණික්‍ය සේ පොළො ගැබේ නිදාන වී ඇත්තේ අතීත දූ පුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි....රට වෙනුවෙන් දිවි පරදුවට තබනා එවැනි අභීත රණවිරුවන් පිළිබඳ මෙලෙස ගැයුවේ හෙළයේ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසිනි. මේ අපූරු පදවැල එදා මෙදා තුර මවුබිම වෙනුවෙන් සටන්වැදි ඒ රණවිරුවන්ගේ හදපත්වලට තවත් ශක්තියක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.මානුෂික මෙහෙයුමේදී දායකත්වය සපයන ලද ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මියගිය, ආබාධිත තත්ත්වයට පත්වූ හා දැනට සේවයේ යෙදී සිටින මෙන්ම විශ්‍රාම ගොස් සිටින නිලධාරීන්ට හා සෙසු නිළයන්ට රණශූර පදක්කම් පිරිනැමීමේ උළෙලේදී එය යළිත් ඉස්මතු විය.මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා පණ්ඩිත් අමරදේවයන්ට වැඳ නමස්කාර කළ අයුරුපසුගිය 04 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා විසින් පණ්ඩිත් අමරදේවයන් හට සමරු තිළිණයක් පුද කළේ වැඳ නමස්කර කිරීමෙන් අනතුරුවය. රට වෙනුවෙන් සටන් කළ අභීත රණවිරුවෙකු සිය නිල තේජස ද සමඟින් මෙලෙස ආචාර දැක්වූයේ සටන්බිමේ ඉදිරියට යාමට මෙම ගාන්ධර්වයාගේ ඒ ගැයුම තව තවත් ශක්තියක් වූ බැවිනි. මේ අපූරු සිදුවීම ඒ සඳහා වූ හොඳම සාක්ෂියයි.යතේජාඡායාරූප – යුද හමුදා මාධ්‍ය ඒකකය  
CREATIVE
ප්‍රේමයේ විරහ වේදනාව යුගයෙන් යුගයට භාරත සිනමාවට ගෙනෙන පෙම්වතිය, දේව්දාස් හි පාර්වතී හෙවත් පාරෝයි. ඇයගේ චරිතය අයිශ්වර්යා රායිට පෙර නිරූපණය කළ දක්ෂ රංගන ශිල්පිනිය ඔබට මතක ද? ශෝකාන්තයේ රජු දිලිප් කුමාර් සමඟ පාර්වතීට පණ පෙවූ ඇය සුචිත්‍රා සෙන්ය. බෙංගාලි රංගන ශිල්පිනියක වූ ඇය හා හා පුරා කියා භාරත රිදී තිරයේ පායන්නට ගත්තේ ද ‘දෙව්දාස්’ සමඟිනි.දැන් අසූ දෙහැවිරිදි වියේ පසුවන සුචිත්‍රා දැඩි ලෙස ගිලන් වී රෝහල් ගතකර ඇත. හුස්ම ගැනීමේ අපහසුතාවකින් සහ හදවත් රෝගයකින් පීඩා විඳීන ඇයගේ තත්ත්වය තරමක් බරපතළ බව කියවෙයි.බොම්බෙයි කා බාබු, මම්තා වැනි හින්දි සිනමාපටවල සුචිත්‍රා රඟපා තිබේ. ඇය ‘සාත් ෂාකී බන්ධා’ සිනමා රංගනයට 1963 වසරේදී මොස්කව් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසින් ද සම්මානයට පාත්‍ර වූවාය. ඇයගේ දියණිය මූන් මූන් සෙන් ද කලක් බොලිවුඩ් තාරකාවකි. දැන් සුචිත්‍රාගේ අඩිපාරේ යන්නේ ඇයගේ රෙයිමා සෙන් සහ රියා සෙන් මිනිබිරියන්ය.
CREATIVE
කුඩා කල අප අසා ඇති සුරංගනා කතා, කිසිදා අප මනසින් ගිලිහී නොයයි. ඒවායේ චමත්කාරය සිහි කරන හැම විට අපමණ සතුටක් දැනේ. ඒ සුරංගනා කතා, සැබෑ ලෝකයේ මැවේ නම් කෙතරම් අපූරුද?ලොව ප්‍රකට ‘හැන්සල් ඇන්ඩ් ග්‍රේටල්’ සුරංගනා කතාව සැබෑ ලොවට පැමිණ තිබේ. අමෙරිකානු රිදී තිරය හැඩ කරන නවතම සිනමාපටය එයයි.පියා විසින් කැලයට අතහැර දමනු ලබන හැන්සල් හා ග්‍රේට්ල් අයියා නගෝ දෙපළකි. දෙදෙනා කැලය මැද පිහිටි අපූරු නිවසක් වෙතට පැමිණෙති. එය ඉඟුරු විස්කෝතුª නිවසකි.නපුරු මෙන්ම මහලු මන්ත්‍රකාරියක් මේ නිවසේ හිමිකාරියයි. දරු දෙදෙනා ඇයගේ මෙහෙකරුවන් බවට පත් වෙති. මන්ත්‍රකාරියගේ තාඩන පීඩන නොඉවසිය හැකි තැන දරුවෝ තීරණයක් ගත්හ.දිනක් මුළුතැන්ගෙයි උඳුන සකස් කරන මොහොතක ඒ සඳහා අවස්ථාව උදා විය. දෙදෙනාම එක්ව මන්ත්‍රකාරිය උඳුනට තල්ලු කර දැමූහ.මෙතැන් සිට ‘හැන්සල් හා ග්‍රේට්ල්’ මන්ත්‍රකාරියන් නසන්නට සමත් සූරයන් ලෙස ප්‍රසිද්ධියට පත් වෙති. මන්ත්‍ර බන්ධන හා ශාපයන්ට ගොදුරු නොවීම අයියා - නගෝ දෙදෙනාගේ දඩයම් කාර්යය පහසු වීමට හේතුවයි.ඒ අතර, අමාවක රාත්‍රියක මියුරියෙල් නම් දුෂ්ට මන්ත්‍රකාරියක් සිදු කරන්නට යන විශාල ලේ සෙලවීමක් ගැන තතු සැළවෙයි. බලගතු මන්ත්‍රයක් නිරිමාණය කිරීම මියුරියෙල්ගේ අරමුණ වී ඇත.ඒ වෙනුවෙන් කුඩා ගැහැනු දරුවන් හා පිරිමි දරුවන් කිහිප දෙනෙකුගේ රුධිරය සෙලවිය යුතුයි. මේ කාර්යය වැලැක්වීම හැන්සල් හා ග්‍රේට්ල් හමුවේ ඇති ප්‍රබලම අභියෝගයයි. මේ කාර්යය අතරතුර, දෙදෙනාට ඔවුන් කාලයක් තිස්සේ සෙවූ පැනයකට පිළිතුරු ද ලැබේ. එම පැනය කුමක්ද? පිළිතුර ඇත්තේ ‘හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල් : විට්ච් හන්ටර්ස්’ තුළයි.අමෙරිකාවේ මෙම චිත්‍රපටය නිල වශයෙන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ වූයේ පසුගිය 25 වැනිදායි. ‘පැරමවුන්ට්’ නිෂ්පාදන සමාගමට චිත්‍රපටයේ බෙදා හැරීමේ අයිතිය සතුයි. ප්‍රකට ජර්මානු ළමා සුරංගනා කතාව ‘හැන්සල් හා ග්‍රේට්ල්’ පාදක කර ගනිමින් කතාව ගොඩනැංවී ඇත.ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වා ඇතත්, මෙහි තිර පිටපත ඇතැම් විචාරකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල් නෝර්වීජියානු චිත්‍රපට කතා රචක අධ්‍යක්ෂ ටොමී වර්කෝලාගේ පළමු හා දැවැන්තම අමෙරිකානු නිෂ්පාදනයයි. 2009 තිරගත වූ ‘ඩෙඩ් ස්නෝ’ ත්‍රාසජනක සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ ද ටොමී වර්කෝලාය. ‘ළමා කාලයේ මා ඇසූ මේ කතාව ගැන මට විශාල කුතුහලයක් තිබුණා.මන්ත්‍රකාරියගෙන් දැඩි ලෙස බැට කෑ දරුවන් දෙදෙනා ඇත්තටම මොන තරම් අභියෝගයන්ට මුහුණ දෙන්නට ඇත්දැයි මම නිතරම කල්පනා කළා. මගේ යටි හිතට තදින්ම කා වැදුණු මෙම සිදුවීමයි එය සිනමාවට නගන්න මා පෙළඹ වූයේ’ ටොමී වර්කෝලා එලෙස කියා සිටියා.චිත්‍රපටයේ දර්ශන මුලුමනින්ම පාහේ රූගත කර ඇත්තේ ජර්මනියේයි. බේබල්ස්බර්ග් ස්ටුඩියෝ, බර්ලින් අගනුවර ආසන්නයේ පිහිටි කෑලෑවක් බ්‍රවුන්ෂ්වෙයිග් නගරය දර්ශන තල ලෙස යොදා ගැනුණා. ත්‍රිමාණ සිනමාපටයක් ලෙසින් එළිදැක්වුණු ‘හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල්’ රුසියාව තුළ මහත් ජනප්‍රියත්වයක් ලබා ඇති බවට වාර්තා පළ වේ.ජෙරමි රෙනර් හැන්සල් ලෙසත් ජෙමා ආර්ටටන් ග්‍රේට්ල් ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරති. ෆැමිකි ජැන්සන් ‘මියුරියල්’ නම් මන්ත්‍රකාරියගේ චරිතය නිරූපණය කරයි.ඊට අමතරව පීලා විල්ටාලා, පීටර් ස්ටෝර්මෙයාර්, තෝමස් මැන් චරිත නිරූපණයෙන් එක් වෙති. කතා රචනය, ටොමී වර්කෝලා සහ ඩාන්ටේ හාපර් ගෙනි. විලී ෆෙරල්, ඇඩම් මැක්කේ, කෙවින් මෙසික්, බියු ෆ්ලින්, ක්‍රිස් හෙන්චි, ක්‍රිස්ටොත් ෆිසර් නිෂ්පාදනයෙන් දායක වන්නන්ය. සංස්කරණයෙන් ජිමි පේජ්. ‘හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල්’ සඳහා කැමරාකරණයෙන් දායක වන්නේ මයිකල් බොන්චිලියන්.- ඉවැඩ්නි පණ්ඩිතරත්න
CREATIVE
සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ රජ හොරු සිනමා සිතුවම අද සිට රිත්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹෙනු ඇත. රන්ජන් රාමනායක, අර්ජුන කමලනාත් සහ බුද්ධික ජයරත්න පළමු වරට තිරයේදී එකට රඟන මෙහි ශ්‍රියාණි අමරසේන, සඳුන් විජේසිරි, රොනී ලීච්, හිමාලි සිරිවර්ධන, හේමන්ත ඊරියගම, ඩී. බී. ගංගොඩතැන්න, ප්‍රේමදාස විතානගේ, අර්ඩ්ලි වෙදමුණි, නිශානි ගමගේ සෙසු චරිත මවනු ලබති.රජ හොරු ඉවෝක් සමාගමේ නිෂ්පාදනයකි.සරත් ද අල්විස්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. සජිත වීරප්පෙරුම කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් එක්වන මෙහි කලා අධ්‍යක්ෂණය සමන් පද්මකුමාරගෙනි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රසාද් අමරසේකර සහ නිශාන්ත වීරසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද රජ හොරු සඳහා දායක වී තිබේ.- ප්‍රසාද්
CREATIVE
ජැක්සන් ඇන්තනීගේ ‘එඩ්ඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු අවසානයි. දේවින්ද කෝන්ගහගේගේ ‘භවතරණ’ චිත්‍රපටය සඳහා අලුත්ම තාක්ෂණයක් වුණු 5:1 වර්ගයේ සවුන්ඩ් සිස්ටම් එක යොදා ගත්තා.ප්‍රියන්ත කොළඹගේ චිත්‍රපටයටත් ඒ වගේම සුරංගගේ චිත්‍රපටයටත් අවශ්‍ය කැමරා උපකරණ ලබා දුන්නා. අපේ ටෙලි ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් කටයුතුත් සමඟ මා තරමක් කාර්යබහුලයි.
CREATIVE
අතිශය ජනප්‍රසාදය ලබමින් තිරගත වූ විජය කුවේනි සිනමාපටය අධ්‍යක්ෂණය කළ සුගත් සමරකෝන් තම ඊළඟ ඓතිහාසික සිනමාපටයෙහි මූලික වැඩ කටයුතු ආරම්භ කොට තිබෙනවා. විජය කුවේණි නිෂ්පාදනය කළ ගයාන් රණධීර විසින්ම එය නිෂ්පාදනය කරනු ලබයි. චිත්‍රපටයේ නම ඇහැළේපොළ කුමාරිහාමි. ඇහැළේපොළ කුමාරිහාමිගේ චරිත කතාව ඇසුරෙන් තිරයට නැගෙන එහි එම චරිතය මවනු ලබන්නේ දුලානි අනුරාධායි.ජැක්සන් ඇන්තනී, ලකී ඩයස්, මාලිනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, අනුර ධර්මසිරිවර්ධන, විනු සිරිවර්ධන, සාරංග දිසාසේකර, සරත් දික්කුඹුර, ප්‍රමුදිත උදය කුමාර, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, ලලිත් රාජපක්ෂ, ක්‍රිස් හැරිස්, සුසිල් පෙරේරා, සුගත් විජේසේකර ඇහැළේපොළ කුමාරිහාමි රංගනයෙන් හැඩගන්වති.කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂවරයාය. ශ්‍රී ලාල් වික්‍රමගේ ගේ නිෂ්පාදන කළමනාකරණයකි. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියා වේ. ධමමික හේවාදූවගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, සනත් රණවීර කොණ්ඩා සැකසුමෙන් ද ඇහැළේපොළ කුමාරිහාමි සඳහා දායක වී ඇත.2014 ජනවාරි මුල සතියේ සිට ඇහැළේපොළ කුමාරිහාමි හි රූගත කිරීම් ඇරැඹීමට නියමිත බව දැනගන්නට ලැබෙයි.ප්‍රසාද්
CREATIVE
අර්බුදයකට ලක්ව ඊ. ඒ. පී. මණ්ඩලයෙන් ඉවත් කරගත් උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට ධ්ධ් සිනමා සිතුවම සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කෙරෙන බව අධ්‍යක්ෂ උදයකාන්ත සරසවියට දන්වා සිටියි. එය මේ දිනවල එම මණ්ඩලයේ තිරගත වන නිකිණි වැස්ස සහ ඊළඟට තිරගතවීමට නියමිත ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ යන සිනමාපටවලින් අනතුරුව තිරගත වනු ඇත.ආනන්ද වික්‍රමගේ, සුසන්තා චන්ද්‍රමාලි, බෙනට් රත්නායක, කුමාර තිරිමාදුර, ඉෂාම් සම්සුදීන්, හරිත් සමරසිංහ, දමිතා සළුවඩන, මධුශානි ජනත්‍රීන්, අසේල ජයකොඩි, දොන් ගයි, සමන් හේමරත්න, ආනන්ද අතුකෝරාල, ජනේශ් සිල්වා, චතුර පෙරේරා රන් කෙවිට ධ්ධ් රංගනයෙන් හැඩ කරයි.රන් කෙවිට I මෙන්ම ත්‍රිමාණ ගොපළු යකාගේ වික්‍රමයන් අඩංගු මෙය මිලේනියම් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් රංජිත් ජයසුරිය, ප්‍රවීන් ජයරත්න, ජනිත මාරසිංහ සහ උදයකාන්ත වරණසූරියගේ නිෂ්පාදනයකි.කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ ශබ්ද පරිපාලනය ප්‍රවීන් ජයරත්නගෙනි.ත්‍රිමාණ සජීවිකරණයෙන් තිලංක පෙරේරා, අනලි පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද එක් වී ඇත.- ප්‍රසාද්සියත ටීවී ආයතනයේ මාධ්‍යවේදිනියක සහ රූපවාහිනි වැඩසටහන් හඬකැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කරන ලක්ෂිකා තේනුවර සමින්ද්‍ර වින්ධ්‍යාන් ගනේවත්ත සමඟින් අතිනත ගත්තාය. ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය පසුගියදා ගාල්ල ආරාධනා උත්සව ශාලාවේදී පැවැත්විණි.- යතේජායුනිවර්සල් සෝල්ජර් චිත්‍රපට මාලාවේ සිව්වැන්න යුනිවර්සල් සෝල්ජර් ඩේ ඔෆ් කෝනිං හෙට සිට මැජෙස්ටික් සිටි සිනමා සංකීර්ණයේ ගෝල්ඩි සිනමා ශාලාවේදී මෙරට තිරගත වීම ඇරැඹේ.ජෝන් හයිමිස්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි වෑන්ඩෑම් ප්‍රධාන චරිතය මවනු ලබයි.ඩොල්ෆ් ලුන්ග්‍රන්, ස්කොට් ඇඩිකින්ස්, ඇන්ඩ්‍රෙ ආලොව්ස්කි, මාරියා බොනර් එහි සෙසු චරිත රංගනයේ යෙදෙති.මාධ්‍යවේදී ආරියවංශ කුලතිලක ලියූ ‘මේ මගේ කැදැල්ලයි’ නම් අලුත්ම නවකතාව මෙම මස 09 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.- තිලානි
CREATIVE
උදාර පල්ලියගුරුගේ කුලුඳුල්සිනමාපටය වූ සුපර් සික්ස් පිළිබඳ බොහෝ දෙනෙකු කතාබහ කරන්නට පටන් ගත්තේ එහි ඇති විශේෂතා කිහිපයක් නිසයි. රටවල්ත්‍රිත්වයක දැකුම්කලු දර්ශන තල රැසක් භාවිත කොට තිබීමත් ලංකාවේ මෙතෙක් වැඩිම වියදමක් (රුපියල් ලක්ෂ නවසිය අනූවක්)දරා නිෂ්පාදනය කළ චිත්‍රපටය වීමත් සුපර් සික්ස් හි ජනප්‍රියත්වය වැඩි කරන්නට හේතු වුණා.ඒ සුපර් සික්ස් චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත් වුණේ තවත් විශේෂතාවයක් එක් කරමින්. ඒ දිගු කලකට පසු ලිබර්ටි සිනමා ශාලාවේ සිංහල චිත්‍රපටයක මංගල දර්ශනයක් පැවැත්වීමයි. එදින චිත්‍රපටයේ සුපිරි හය එසේත් නැතිනම් සාරංග - පබෝදා - රොෂාන් – අරුණි - හේමාල් - මලීක ඉතා අලංකාර විලාසිතාවන්ගෙන් හැඩව උළෙල නියෝජනය කරනු ලැබුවා. මේ සුපර් සික්ස් මංගල දර්ශනයේ කාච සිත්තම් පෙළක්.නිෂ්පාදක සදේශ් කූමාර් යුවළ සහ උදාර පල්ලියගුරුගේ චාරිත්‍රනුකූලව පොල්තෙල් පහන දල්වමින්රන්ජන් රාමනායකත් මංගල දර්ශනයට ඇවිත්- ප්‍රසාද්
CREATIVE
අප නිළි රැජන මාලිනී ෆොන්සේකා නමින් බාඳුරා මලක් නම් කෙරේ. බොර්නියෝ එක්සෝටික්ස් ආයතනය මඟින් එසේ නම් කරන ලද බාඳුරා මල නෙපෙන්තස් මාලිනී නම් වෙයි. මෙම විශේෂ කාර්යය සිදු කරන ලද්දේ මාලිනී හෙළ සිනමාවට කරන ලද අනුපමේය මෙහෙවර සහ ඇගේ සිනමා දිවියට පණස් වසරක් සපිරීම නිමිති කර ගනිමින් ජන කලා කේන්ද්‍රයේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සමගාමීව පැවති වෙළෙද ප්‍රදර්ශනයේදීය.නෙපන්තස් මාලිනී ලොවට හඳුන්වා දුන් නවතම බාඳුරා විශේෂය වන අතර එය මින් ඉදිරියට ලෝකයේ කොහේ හෝ අභිජනනය කළ ද එනමින් නම් කළ යුතුª බව බොර්නියෝ එක්සොටික්ස් ආයතනයේ නිර්මාතෘ රොබට් කැන්ටිලේ පැවසීය.- ප්‍රසාද්
CREATIVE
දුලානි අනුරාධාට තවත් ඓතිහාසික චරිතයක් ලබාදෙමින් සුගත් සමරකෝන් ‘අපේ කාලයේ පටාචාරා’ සිනමාවට නැඟීම ආරම්භ කරයි. බෞද්ධ සාහිත්‍යයේ ‘පටාචාරා’ ස්ත්‍රී ඛේදවාචකය සමඟ වර්තමාන ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය පාදක කරගනිමින් මෙහි තිර රචනය සකස් වී ඇත. දුලානි අනුරාධා මෙහි පටාචාරාට පණ පොවනු ලබයි. ඇය සිනමාවේ ඓතිහාසික චරිතයක් නිරූපණය කරනුයේ තෙවැනි වතාවටය.රවීන්ද්‍ර රන්දෙණිය, සාරංග දිසාසේකර, අනුර ධර්මසිරිවර්ධන, සරත් දික්කුඹුර ඇතුළු රංගන ශිල්පීන් පන්සියයකට අධික පිරිසක් ‘පටාචාරා’ හැඩකිරීමට නියමිතය.‘අපේ කාලයේ පටාචාරා’ විශ්ව කුමාර වතියගේ ගේ නිෂ්පාදනයකි. ඇඳුම්, ආභරණ නිර්මාණයෙන් පි‍්‍රයාන් අනුර ශ්‍රී එක්වෙයි. හර්ෂණ වික්‍රමසිංහගේ සහාය අධ්‍යක්‍ෂණයකි. ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්‍ෂවරයාය. අනුරාධපුර රාජාංගනයේදී සුබ මොහොතින් ඇරැඹි ‘අපේ කාලයේ පටාචාරා’ හි දර්ශනයක් මෙසේ කැමරාවේ සටහන් විය.ප්‍රසාද්
CREATIVE
මධූරී ඩික්සිත් සහ ජූහි චවුලා එකවර තිරයෙන් දක්නට වරම උදාකර දුන් සිනමාපටය ‘ගුලාබ් ගෑන්ග්’ට ආරම්භයේදී ලැබී ඇත්තේ එතරම් හොඳ ප්‍රතිචාර නොවෙයි. සිනමාපටයට ලැබී ඇත්තේ ඇල්මැරුණු ප්‍රතිචාරයි.‘ගුලාබ් ගෑන්ග්’ සමඟ තිරගත වූ ටෝටල් සියප්පා, ක්වීන් ද එතරම් ආදරයෙන් ප්‍රේක්ෂකයන් වැළඳ ගෙන නැත. සිනමාපට ත්‍රිත්වයෙන් යම් තරමක හෝ සාර්ථකත්වයක් ලබා ඇත්තේ රංගනා රනවුත් රැඟූ ‘ක්වීන්’ය.ජූහි චවුලාට මේ අසුබ පුවත ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම හා සමානය. ඇයගේ සොයුරා බොබී චව්ලා මාර්තු නව වැනිදා අලුයම දරුණු හදවත් රෝගයකින් මිය ගියේය. බොබී ෂාරුක් ඛාන්ගේ සහ ජූහිගේ රෙඩ් විලීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කලක් සේවය කළේය. 2010 වසරේ සිටම බොබී කෝමා තත්ත්වයෙන් පීඩා වින්ෙඳ්ය.ෂාරුක් ඛාන්, ෆාරා ඛාන් ඇතුළු කලා ලොවේ විශාල පිරිසක් ඔහුගේ මරණය ගැන ශෝකය සමාජ වෙබ් අඩවිවලට එක්කර තිබිණි.ජූහිගේ ජීවිතයේ සමීපතමයන් තිදෙනාම දැන් සදහටම සමුගෙන අවසන්ය. මව, පියා හා සොයුරු බොබී ඒ තිදෙනායි.‘බොබී මට වඩා අවුරුදු අටක් වැඩිමල්. කුඩා වියේදී අපි දෙන්නා බල්ලයි පූසයි වගේ රණ්ඩු වුණා. ඒත් පසුකාලීනව ඔහු මගේ ජීවිතයට දැවැන්ත ශක්තියක් වුණා. මවගේ මරණයෙන් පස්සේ වෘත්තීය ජීවිතයේ රැකවලා වුණේ ඔහුයි. දැන් මට සිටින්නේ සැමියා ජායි විතරයි’ ජූහි මාධ්‍යයට සිය කඳුළු එක් කළාය.ඉරිදා සැඳෑවේදීම බොබීගේ අවසන් කටයුතු සිදු කරන ලදී.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
වසර සියයක් පැරැණි නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ සිවම්මා ධනපාල නාට්‍යය නැවත වේදිකා ගත වෙනවා. එහි ඇරැඹුම සටහන් කරමින් වර්ණවත් මුහුරත් උළෙලක් පසුගියදා කොළඹ සිටි හෝටලයේදී පැවැත්වුණා.මේ උත්සවය අතරමැදදී රැවුල වවාගත් ආරෝහ පරිණාහ දේහයෙන් යුතු පුද්ගලයකු පැමිණියා. හැමෝම සිතුවේ මේ තරුණ කඩවසම් පුරුෂයා නවක ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු කියායි.නමුත් ඔහුගේ ආගන්තුක හැසිරීම වෙනුවට දිස් වූයේ හරිම හුරු පුරුදු හැසිරීමක්. හැබැයි සමහරුන්ට නම් දැකලා හුරුපුරුදු බවකුත් ඇති නොවුනාම නොවේ.ටික වේලාවක් ගත වුණාට පසුවයි හැමෝටම තේරුම් ගියේ මේ රැවුල, කොණ්ඩේ වවාගත් කඩවසම් නළුවා කවුද කියලා. ඒ වෙන කවුරුවත් නොවේ, ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී අමාත්‍ය ජීවන් කුමාරතුංගයි.ජීවන්ගේ මේ තරුණ පෙනුම ගැන නම් හැමෝම කතා කළා. ජීවන් මේ කොණ්ඩය සහ රැවුළ වවාගෙන සිටින්නේ ‘වීදිය බණ්ඩාර’ ටෙලි නාට්‍යයේ රඟපාන නිසාලු.‘පුරහඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා’ ගීතය ගයමින් ජනප්‍රිය ගීත තාරකාවක් වූ මංගලිකාගේ සිහිනයක් සැබෑ වෙලා. ඒ සිංදුවේ කඳුළු බිංදුව සතුටු කඳුළු බිංදුවක් බවට පත්වීමයි.වෙන විදියකට කියනවා නම් දස මසක් පුරා කුසෙහි දරාගෙන සිටි මංගලිකාගේ පුතනුවන් මෙලොව එළිය දුටුවේ පසුගියදා. ඇය දැන් අම්මා කෙනෙක්.පසුගිය දවස්වල ප්‍රසංග වේදිකවේ වැඩිපුර පේන්න නොසිටියෙත් ඒ නිසයි.මංගලිකාගේ සහ අශෝකගේ කැදැල්ලට පුංචි පුතනුවන් පැමිණීම නිසා සතුටින් පිරිලා ඉතිරිලාලු. මංගලිකාට හිතවත් කලාකරුවන්ගෙන් දැන් නිතරම මංගලිකාගේ නිවෙස පිරිලා .හැබැයි තවම පුංචි පුතාට නමක් නම් තියලා නැහැලු.සංජීව සම්පත්සේයා - මාලන් / ටෙනී
CREATIVE
ප්‍රියංකා චොප්රා රංගනයෙන් ඉදිරියට යන්නේ පෙම් සබඳතා ගැන ද පුවත් මවමිනි. කිසිදු නිළියක සමඟ සබඳකම් පවත්වා නම කළුකර නොගත් ෂාරුක්ගේ නම ද ඇය හා සම්බන්ධ කෙරී වැඩිකල් නැත.කෙසේ වුවත් මේ වසරේ ජූලි 18 වැනිදා තිස් එක් විය සපුරන ප්‍රියංකාට විවාහයක්කර දීමේ සිතිවිල්ල ඇයගේ මාපියන්ට නම් තදබල ලෙසින් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.අලුත්ම ආරංචිවලට අනුව ප්‍රියංකාගේ නැන්දණිය ඇයට මනමාලයකු තෝරා ගෙන අවසන්ය. ඒ මහාදේවි රූපවාහිනී නාටකයේ ශිව දෙවිඳුන්ගේ චරිතය නිරූපණය කළ අකා මෝහිත් රෙයිනාය.ප්‍රියංකා සැම විටම පැවසුවේ තම තනිකඩ දිවිය නිමා කිරීමට කෙනකු අවශ්‍ය බවයි. මේ වචනය හොඳින් සිතට ගත් නැන්දණිය කලක සිට දියණියගේ තනිය නැති කිරීමට කෙනකු සොයමින් සිට ඇත. ඒ අනුව අවංක සහ මනා හැසිරීමකින් යුතු මෝහිත්ට ඇයගේ සිත ගොස් තිබේ.මේ ගැන මාධ්‍යවේදීන් මෝහිත්ගෙන් විමසූ විට ඔහු නිරුත්තර වී ඇත. එහෙත් තමන්ව ප්‍රියංකාට යෝජනා කිරීම ගැන ස්තුතිවන්ත වන බව නම් ප්‍රකාශ කළේය.ජනප්‍රියභාවය සීමාව ඉක්මවා යනු දැකීම සෑම බොලිවුඩ් තරුවකගේම සිහිනයයි. ජනප්‍රියකමේ තරමටම අතමිට සරු වුණත් එය නම් ලෝකයාගේ උකුසු ඇසෙන් සඟවන්නට ඔවුන් කැමැතියි.එහෙත් ආදායම් බදු නිලධාරීන්ගෙන් බේරී සිටීමට ඔවුන්ට ජනප්‍රිය බව නිසාම ඉඩක් ලැබෙන්නේ ද නැත. වසර අවසානයේ සෑම තරුවකගේම අතේ මිටේ ඇති මුදලේ ගණන් සියලුම මාධ්‍යයන්ගෙන් කලඑළියට එන්නේ ඒ නිසයි.ලැබෙන අලුත්ම ආරංචිවලට අනුව ආදායම් බදු නිලධාරීන්ගෙන් ගැලවීමක් නැතිම නළුවා බවට පත් වනු ඇත්තේ අක්ෂේ කුමාර්ය. ඔහු ඉන්දියාවේ එදා මෙදාතුර කිසිදු නළුවකු උපයා නැති තරමේ ආදායමක් ලැබීම ඊට හේතුවයි.ඛාන් රජවරු ත්‍රිත්වයම පරදා අක්ෂේ කුමාර් පවුම් කෝටි 2000 ක් ඉපයූ ප්‍රථම ඉන්දියානු නළුවා බවට පත් වී තිබේ.අක්ෂේ, බොලිවුඩයේ අධ්‍යක්ෂවරුන්ට ධන උල්පතකි. හවුස් ෆුල් 2, රව්ඩි රතෝර්, ඛිලාඩි 786 සේම මේ වසරේ තිරගත වූ ස්පෙෂල් 26 ද ඉහළ ආදායම් වාර්තාවක් තබමින් තිරගතවේ.ජනප්‍රියභාවය සීමාව ඉක්මවා යනු දැකීම සෑම බොලිවුඩ් තරුවකගේම සිහිනයයි. ජනප්‍රියකමේ තරමටම අතමිට සරු වුණත් එය නම් ලෝකයාගේ උකුසු ඇසෙන් සඟවන්නට ඔවුන් කැමැතියි.එහෙත් ආදායම් බදු නිලධාරීන්ගෙන් බේරී සිටීමට ඔවුන්ට ජනප්‍රිය බව නිසාම ඉඩක් ලැබෙන්නේ ද නැත. වසර අවසානයේ සෑම තරුවකගේම අතේ මිටේ ඇති මුදලේ ගණන් සියලුම මාධ්‍යයන්ගෙන් කලඑළියට එන්නේ ඒ නිසයි.ලැබෙන අලුත්ම ආරංචිවලට අනුව ආදායම් බදු නිලධාරීන්ගෙන් ගැලවීමක් නැතිම නළුවා බවට පත් වනු ඇත්තේ අක්ෂේ කුමාර්ය. ඔහු ඉන්දියාවේ එදා මෙදාතුර කිසිදු නළුවකු උපයා නැති තරමේ ආදායමක් ලැබීම ඊට හේතුවයි.ඛාන් රජවරු ත්‍රිත්වයම පරදා අක්ෂේ කුමාර් පවුම් කෝටි 2000 ක් ඉපයූ ප්‍රථම ඉන්දියානු නළුවා බවට පත් වී තිබේ.අක්ෂේ, බොලිවුඩයේ අධ්‍යක්ෂවරුන්ට ධන උල්පතකි. හවුස් ෆුල් 2, රව්ඩි රතෝර්, ඛිලාඩි 786 සේම මේ වසරේ තිරගත වූ ස්පෙෂල් 26 ද ඉහළ ආදායම් වාර්තාවක් තබමින් තිරගතවේ.මාධ්‍යවේදීන් ඉදිරියේ පිළිතුරු දීමේදී දෙවරක් සිතා බැලුවත් තරුවල හදවත රසිකයන් ඉදිරියේදී නම් ළෙන්ගතු ලෙස පොතක් මෙන් දිග හැරෙයි.භාරත සිනමා රාජධානියේ වැඩිම ඉල්ලුමක් ඇති තනිකඩයා වන සල්මන් ඛාන්, ගූගල් වෙබ් අඩවිය හරහා රසිකයන් වඩාත්ම සොයා බලන තරුව ද වෙයි.මේ නිසාමදෝ පසුගියදා ඔහු රසිකයන් සමඟ එක් වී රසික සංගමයක් ද පිහිටුවා ගත්හ. එහිදී ඔහු විවාහය හා දරුවන් ගැන මෙසේ අදහස් දක්වා තිබේ.‘විවාහ නොවී දරුවන්ට පමණක් හිමිකම් කීමෙන් මගේ දීගය වඩාත් හොඳින් රැකෙනවා කියා සිතෙනවා. දරුවන්ට මං හරි ආදරෙයි.’රංගනයේ සාර්ථකත්වය ගැන විමසූ විට ඔහු කියා සිටියේ එකම දේ යළි යළි කිරීම එහි රහස බවයි.ලෝක රූප රාජිනී තරග ඉන්දියානු රූමතියන්ට රංගනයට දොරටු විවරකර දෙන්නේ අදක ඊයෙක සිට නොවෙයි.ඓයිශ්වර්යා රායි, ප්‍රියංකා චොප්රා, සුෂ්මිතා සෙන්, ලාරා දත්තා රංගනයට පෙර ජය ලැබුවේ රූ රැජන වේදිකාවේයි.2010 වසරේ ලෝක මිහිතල රැජන වූ නිකොලි ෆාරියා බොලිවුඩයට අලුතින්ම එක්වන රූ රැජනයි. ඇය දිව්‍ය කෝස්ලාගේ සිනමාපටයේ නවතම තාරකාවයි. සිනමාපටය දකුණු අප්‍රිකාවේදී රූගත කිරීමට නියමිතයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
සංගීතඥ නදීක ගුරුගේමම මේ දවස්වල ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරමිනුයි සිටින්නේ. එය ඉතා සාර්ථකව කෙරීගෙන යනවා. ලබන සතියේදී මගේ ගුරු ගෙදර වැඩමුළු මාලාවේ දෙවැනි කණ්ඩායම තෝරා ගැනීමේ වැඩසටහන දියත් කරනවා.ඒ වගේම ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සමඟ වැඩ කටයුත්තකුත් යෙදිලා තියෙනවා. ඊට අමතරව මේ වසර තුළ සංගීත ප්‍රසංගයක් සමඟින් මගේ සංයුක්ත තැටියක් සහ නිල වෙබ් අඩවිය එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.
CREATIVE
බොලිවුඩයේ යසට කැපෙන ජෝඩුව ලෙසින් ප්‍රේක්ෂකයන්ගේ හද දිනා සිටින ෂාරුක් – කාජල් යළි තිරයට ගෙන එන්නේ අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි ය. දැනටමත් මෙහි පූර්ව කටයුතු අරඹා අවසන්ය. ලබන වසරේ මුල මේ හද බැඳි යුවළ තිරයෙන් රසිකයන් හමුවට පැමිණීමට නියමිතය.රෝහිත්, අජේගේ සමීප මිතුරකි. එනිසා ඔහුට අජේ සහ ෂාරුක් අතර සාම පාලමක් ගොඩ නැඟීම අසීරු වී නැත.මෑතකදී ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වන ‘සිංහම් රිටර්න්ස්’ ද ඔහුගේය. කාජල් සහ ෂාරුක් සමඟ එක් වී ඔහු තවත් වාර්තාවක් තබනවා නිසැකයි.
CREATIVE
හොලිවුඩ් නිළි ඇමෙන්ඩා බයින්ස් මීට ටික කාලයකට පෙර දරුණු ප්‍රකාශයක් කළා. ඒ ඇයගේ පියා විසින් ඇය කුඩා කාලයේදී අපහරණයට ලක් කළ බවයි. ඒ වුණත් එයින් පසු දිනකදී ඇය ප්‍රකාශ කළේ එය වැරදි කතාවක් බවත් තමන්ගේ මොළයේ දත්ත කිසිවෙකු විසින් වෙනස් කර ඇති නිසා එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බවයි.“මගේ මොළයට සවි කළ මයික්‍රෝ චිප් එකක් නිසායි එහෙම වුණේ. මගේ තාත්තා තමයි ඒ මයික්‍රෝ චිප් එක සවි කළේ” ඇමෙන්ඩා පවසනවා. මේ නිසා ඇයගේ පවුලේ අය හිතන්නේ ඇය මානසික රෝගයකින් පෙළෙන බවයි.
CREATIVE
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.Warth of the Titansසුරංගනා කතා තේමාවක් රැගත් ‘වෝර්ත් ඔෆ් ද ටයිටන්ස්’ ජොනතන් ලෙබ්ස්මන්ගේ අධ්‍යක්ෂණයක්. 2010 වසරේ තිරගත වූ ‘ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වූ මෙය මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ. සෑම් වෝතිංග්ටන්, රොස්මන්ඩ් පීක්, බිල් නිගී, එඩ්ගා රමීර්ස්, ටොබී කිබෙල්, ඩැනි හියුස්ටන්, රැල්ප් ෆයින්ස් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘වෝර්ත් ඔෆ් ද ටයිටන්ස්’ ත්‍රිමාණ සජීවකරණ චිත්‍රපටයකි.Lockout‘ලොක්අවුට්’ ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ජේම්ස් මැතිව් සහ ස්ටෙෆන් ලේගර් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතු වේ. ගයි ප්රේස්, මැගී ග්‍රේස්, වින්සන්ට් රේගන්, ජෝෂප් ගිල්ගන්, ලෙනී ජේම්ස්, පීටර් ස්ටෝමාරේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.The Three Stooges‘ද ත්‍රී ස්ටූජස්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. පීටර් ෆෙරෙලි සහ බොබී ෆෙරෙලි අධ්‍යක්ෂණය කළ මෙහි සේන් හේයිස්, විල් සැසෝ, සොෆියා වර්ගාරා, ක්‍රෙග් බීර්කො, ලැරී ඩේවිඩ්, ජේන් ලින්ච් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘ද ත්‍රී ස්ටූජස්’ මිනිත්තු 92 ක ධාවන කාලයකින් යුතු වේ.American Reunion‘ඇමරිකන් රියුනියන්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ජෝන් හර්විට්ස් සහ හේඩ්න් ස්කොල්ස්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ජේසන් බිග්ස්, ක්‍රිස් ක්ලේන්, තෝමස් ලැන් නිකොලස්, සේන් විලියම් ස්තොට්, ටාරා රෙයිඩ්, මෙනා සුවාරි, එඩී කායේ, ඩානියා රමිර්ස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.Headhunters‘හෙඩ්හන්ටර්ස්’ ත්‍රාසජනක සිදුවීම් රැගත් නොර්වේජියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. මෝර්ටන් ටෙල්ඩ්‍යුමි අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු සියයක ධාවන කාලයකින් යුතු වේ. අක්සෙල් හැනී, නිකොලජ් කොස්ටර්, සෙනෝව් මැකොඩි, ජුලයින් ඔල්ගාර්ඩ්, එවින්ඩ් සැන්ඩර් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.Beyond the Black Rainbow‘බියොන්ඩ් ද බ්ලැක් රේන්බෝ’ විද්‍යා ප්‍රබන්ධ හොලිවුඩ් චිත්‍රපටයක්. පනෝස් කොස්මැටොස් අධ්‍යක්ෂණය කළ මෙහි මයිකල් රොජර්ස්, ඊවා ඇලන්, ස්කොට් හේලන්ඩ්ස්, මර්ලින් නෝරි, රොන්ඩෙල් රෙනෝල්ඩ්සන් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘බියොන්ඩ් ද බ්ලැක් රේන්බෝ’ මිනිත්තු 110 ක ධාවන කාලයකින් යුතු වේ.David‘ඩේවිඩ්’ ත්‍රාසජනක සිදුවීම් රැගත් හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. රටවල් තුනක ඩේවිඩ් නමින් ජීවත් වෙන පුද්ගලයන් දෙදෙනෙකු වටා ගෙතුන කතාවක් මෙහි ඇතුළත්වේ. බෙජෝයි නම්බියාර් අධ්‍යක්ෂණය කළ මෙහි වික්‍රම්, නීල් නිතින් මුකේෂ්, විනේ විර්මානි, තාබු, ලාරා දත්තා, ඉෂා ෂර්වානි ප්‍රධාන චරිත නිරූපණය කරති.Special 26‘ස්පෙෂල් 26’ හින්දි හාස්‍යමය චිත්‍රපටයක්. නීරජ් පාන්ඩේ අධ්‍යක්ෂණය කළ මෙහි අක්ෂේ කුමාර්, කජාල් අගර්වාල්, ජිම් ෂෙගිල්, මනෝජ් බජ්පායි, අනුපම් කේර්, දිව්‍යා දත්ත ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.- යතේජා ඥානරත්න
CREATIVE
සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක්අනුරහොරේෂස්ගේ ගිනි අවි සහ ගිනි කෙළි කෘති මාලාව ඇසුරෙන් සාරංග මෙන්ඩිස් නිර්මාණය කරනු ලබන ගිනිඅවි සහ ගිනි කෙළි ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා බොරැල්ල පුංචි තියටර්හිදී පැවැත්විණි.ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, ලකී ඩයස්, රෙක්ස් කොඩිප්පිලි, බුද්ධදාස විතානාරච්චි, සරත් කොතලාවල, නිරෝෂන් විජේසිංහ, කපිල සිගේරා, සහන් රන්වල, කුමාර තිරිමාදුර, ගාමිණී ජයලත්, වින්සන්ට් කරු, සෝමසිරි අලකොලංග, සෝමවීර ගමගේ, හේමන්ත ඊරියගම, මිහිර සිරිතිලක, බුද්ධික ලොකුකැටිය, අජිත් නානායක්කාර, නිමන්ති පෝරගේ, ශිරෝමිකා ප්‍රනාන්දු, ඉන්දිකා සුබසිංහ, අශිකා මතසිංහ සහ සුරංගි රුවන්මලී මෙහි චරිත නිරූපණය කරති.අයිවන් මහේන්ද්‍ර ද සිල්වා සහ චාමිකා මෙන්ඩිස් නිෂ්පාදනය කරන මෙම ටෙලි සිතුවමෙහි සහාය අධ්‍යක්ෂණය ඩබ්ලිව්. රවීන්ද්‍ර, සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, ආලෝකකරණය හා කැමරාකරණය සුරේෂ් ධම්මික, සංස්කරණය සමන් සමරවික්‍රම සහ සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ෂණය බනුර ජයමාල් මානගේ, වේශ නිරූපණය ඊබට් විජේසිංහ සහ සටන් අධ්‍යක්ෂණය අජන්ත මහන්තආරච්චි විසිනි.මෙම අවස්ථාව සඳහා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මහින්ද ඉලේපෙරුම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ නළු නිළියන් රැසක් සහභාගි වූහ.අනුර හොරේෂස් විසින් රචිත පුවත්පත් ලිපි පෙළක් ඇසුරින් ගිනි අවි සහ ගිනි කෙළි කෘති පෙළ බිහි විය.පසුව මේ ආශ්‍රයෙන් උදයකාන්ත වර්ණකුලසූරිය විසින් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් ද නිර්මාණය කරන ලදී. පසුව අනුර සොඳුරු දඩබිම චිත්‍රපටයට පාදක කර ගත්තේ ගිනි අවි සහ ගිනි කෙළි කතාවේ කොටසකි.යතේජා ඥානරත්න
CREATIVE
මෙරට නර්තන කලාවට සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වූ පියදාස නානායක්කාර (තුම්බෝවිල පියදාස) පසුගිය 18 වැනි දින දැයෙන් සමුගත්තේය.ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ වසර විසි දෙකක් සේවයකර විශ්‍රාම සුවයෙන් සිටි ඔහු විදේශ සංචාර පනහකට අධික සංඛ්‍යාවකට සහභාගී වෙමින් දේශීය සංස්කෘතිය, නර්තන කලාව ලොවට හඳුන්වාදීමට පෙරමුණ ගත්තෙකි.පහතරට නර්තන කලාවේ සුවිශේෂී කලාකරුවකු ලෙස ප්‍රකටව සිටි හඳපාන්ගොඩ සේදරමන් ගුරුන්නාන්සේ (සුදුමාමා) ගේ සහෝදරයකු වන ගිරිගෝරිස් ගුරුන්නාන්සේගේ බාල පුතනුවන් වන ඔහු මිය යනවිට 56 වැනි වියේ පසු විය. ඔහුට දරුවන් දෙදෙනෙකි.‘ඇරෝව්ස්ටාර්’ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වදන ශිල්පියා ලෙස කටයුතු කරන සම්පත් ඉරෝෂන් ඔහුගේ පුත්‍රයා වන අතර ‘මුතුපලස’ ටෙලි නාට්‍යයේ ‘පැණියා’ ගේ චරිතයෙන් රසික හදවත් දිනා සිටින මහේන්ද්‍ර විජේරත්න ගේ බාප්පා ද වේ. ඒ මහතාගේ අවසන් කටයුතු 21 වැනි සඳුදා තුම්බෝවිල සුසාන භූමියේ දී සිදුකෙරිණි.චන්දු
CREATIVE
‘භව අරණ ඔස්සේ නිමල් ජයවීර ප්‍රමුඛ කණ්ඩායම ‘අපේ උරුමය’ ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා.බිමල් ජයකොඩි, දුලානි අනුරාධා, මල්ෂානි පෙරේරා, උද්ධික ප්‍රේමරත්න, ලොයිඩ් ගුණවර්ධන, ඇන්ටන් කුරේ, නෙතලි නානායක්කාර, ප්‍රභාත් වීරසිංහ, නිලමිණි බුවනෙක, රොහාන් රණතුංග, සුගත් අප්පුහාමි, බර්ටි නිහාල් සුසිරිපාල, සෙනවිරත්න කුමාරසිංහ, කුසුම් මල්දෙනිය, හෙලානි ශිරන්ති, රූපා පතිරණ සහ සුරංග රණසිංහ රංගනයෙන් දායක වෙන භව අරණ ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරන්නේ එහි තිර රචනය ලියූ නිමල් ජයවීර. මෙහි මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.නිමල් ජයවීරට සහය අධ්‍යක්ෂණයෙන් අමිල සමරකෝන්. කැමරාකරණයෙන් අමිල දසනායක, කලා අධ්‍යක්ෂණයෙන් සුරංග රණසිංහ, ඇඳුම් නිර්මාණයෙන් සඳමාලි මද්දුම බංඩාර, අංග රචනයෙන් ගයනි සතරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් හේෂාන් ගමගේ, සංස්කරණයෙන් චාරක බටුවත්ත සහ නිෂ්පාදන කළමනාකරණයෙන් සුසන්ත ගමගේ සහය වෙනවා.හිරාන් සපරමාදුගේ විධායක මෙහෙයුමක් වන භව අරණ එම්. ජී. එච්. ඇසෝසිඒට්ස් (පුද්) සමාගම වෙනුවෙන් එම්. ජී. එච්. ප්‍රඩක්ෂන් නිෂ්පාදනයක්. ‘භව අරණ’ ටෙලි සිතුවමේ පුරා විද්‍යා සම්බන්ධීකරණය කරන්නේ අමිල දිසානායක.කාටත් එක සේ දැනෙන මව් සෙනෙහස කාගේත් හදවතට හෘදයාංගම වන අයුරින් ගී පද ගොතන්නට නම් හැමෝටම හැකියාවක් නෑ. නමුත් එය අභියෝගයක් නොවූ තිස්ස ඩයස් ‘මේ නොනිමෙන දිවි ගමනේ’ විතරක් නෙවෙයි ‘පුංචි දෝණි තරහා වෙලා’ ආදී අමරණීය ගීතයන් මෙරට රසික රසිකාවන්ට දායාද කළා. මෙරට කලා කෙත අස්වද්දන්න තිස්ස ඩයස් කලාකරුවාගෙන් ලැබූ ූනිර්මාණශීලී දායකත්වය අගය කරමින් පසුගියදා පී. ඒ. කරුණාපාල අනුස්මරණ කලා පදනම මඟින් ‘ශ්‍රී අභිමානී’ සම්මානයනේ පිදුම් ලැබුවා.මග තොටේදී අපිට නම් කවුරු හරි බැන්නොත් කේන්ති නොයනවා නම් එය හරිම පුදුමයක්. හැබැයි මේ දිනවල නොඅඩුව ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් අසන උපාලි කීර්තිසේන නම් ඉන්නේ පස්වනක් ප්‍රිතියෙන්.උපාලිට මෙවැනි අත්දැකීම් ලබන්නට සිදු වෙලා තියෙන්නේ වසර විසි දෙකකට පසුව විකට චරිත රංගනයෙන් අත්මිදී ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘හිරු දහසක් යට’ ටෙලි සිතුවමේ තමන් ජීවය ලබා දෙන දුෂ්ට චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන නිසයි.නාට්‍ය නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂවරයකු හා පිටපත් රචකයකු වන චන්ද්‍ර කීර්ති කුලරත්න මහතා පසුගිය 14 වැනිදා මිය ගියේය. මිය යන විට හැට පස් වන වියෙහි පසු වූ එතුමන්ගේ අවසන් කටයුතු පසුගිය 16 වන සඳුදා තේවත්ත පල්ලිය සුසාන භූමියේදී සිදු කෙරුණි.වේදිකා නාට්‍ය කලාවේ නියැලෙන අංකුර කලාකරුවන් දිරි ගැන්වීම සහ ප්‍රවීණයන්ට ප්‍රසාද ප්‍රණාම පිදීමේ අරමුණින් නාට්‍යවේදී ලීල් ආනන්ද ගජනායක ප්‍රමුඛ සරසවි නිර්මාණ පීඨය මගින් ඉදිරිපත් කරන සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය විසි අට වැනිවරටත් පසුගියදා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්විණ.මෙහි මාධ්‍ය සම්බන්ධීකරණය සහ සහාය සිත්සෙත් කලා සංගමයේ සභාපති ඊ. ඩී. ශ්‍රියාපාලගෙනි.මේ එම සම්මාන උළෙලේ නාම ලේඛනයයි.හොඳම නිෂ්පාදනය:කස කෙල්ල - සමීර නිශ්ශංක ලයිට් හවුස් පොඩ්ඩෝ - ජනක උදාර පාරිස් තු මං හන්දිය – එච්. පී. එරන්දහොඳම නළුවා:සුජිත් මදුරාවෙල (ලයිට් හවුස් පොඩ්ඩෝ)හොඳම නිළිය:ඕෂධී සේනානායක (සොයා ගන්නම වෙනවා)හොදම සහය නළුවා:ලහිරු විජේසුන්දර (සහෘදයෝ)හොඳම සහය නිළිය:යුලාජි සංජානා ප්‍රනාන්දු (කස කෙල්ල)හොඳම රචනය:අමිතා රම්බඩිගල (විකසිත පෙම)හොඳම සංගීතය:රණවි අතුකෝරල (සොයා ගන්නම වෙනවා)හොඳම වේදිකා පසුතල නිර්මාණය:ජනක උදාර පාරිස් (ලයිට් හවුස් පොඩ්ඩෝ)හොඳම අංග රචනය:දිලිනි උත්සලා (කස කෙල්ල)හොඳම ඇඳුම් නිර්මාණය:රිද්මා මදෝරා ප්‍රනාන්දු (කස කෙල්ල)සරසවි නිර්මාණ ප්‍රසාද පූජා සම්මාන:බන්දුල විතානගේ සෝමලතා සුබසිංහ සේනානායක වේරලියද්ද රවිබන්දු විද්‍යාපති මීනා කුමාරි නදී චන්ද්‍රසේකරවිශේෂ දායකත්ව සම්මාන:චන්ද්‍රිකා ද සොයිසාමාධ්‍ය ඇගයීම් සම්මාන:අර්නස්ට් වඩුගේ ගාමිණී සුමනසේකර කරුණාරත්න අමරසිංහසටහන සහ ඡායාරූප –ප්‍රසාද් සමරතුංග  
CREATIVE
සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටය 3 වරක් 3 සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. දරුවන් තිදෙනෙකු, රොබෝවරු තිදෙනෙකු සහ මංකොල්ලකරුවන් තිදෙනෙකු වටා ගෙතුන කතා පුවතකින් සමන්විත මෙය හාස්‍යෝත්පාදක සිනමාපටයකි.ආනන්ද වික්‍රමගේ, සරත් චන්ද්‍රසිරි, නිරෝෂන් විජේසිංහ, රුවන්ති මංගලා, නිල්මිණි කෝට්ටෙගොඩ, ශාලිකා එදිරිසිංහ, නන්දන හෙට්ටිආරච්චි, ජනක රණසිංහ, ලෝචනා ඉමාෂි, ඇතුළු ආක්ෂ් විහඟ ගුණතිලක, විමංශා යාපා සහ විරාජ් මධුශාන් යන ළමා නළු නිළියන් රඟන 3 වරක් 3 ජගත් එම්. යාපාගේ නිෂ්පපාදනයකි. රජන්ත ජයසිංහ ඉරෝෂන ගයාන් වීරකෝන් සම නිෂ්පාදකවරු වශයෙන් කටයුතු කරයි. නීතිඥ සමන් වීරමන් උපදේශනයෙන් දායක වන මෙහි කැමරා අධ්‍යක්ෂණය සුරේෂ් ධම්මිකගෙනි. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. ධනුෂ්ක ජයවර්ධන සහාය අධ්‍යක්ෂවරයාය. කසුන් නාමල් නිෂ්පාදන කළමනාකරු වේ. කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය අජිත් හත්වැල්ලගෙනි. තාරක අධිකාරි අංග රචනයෙන් ද, බන්දුල නානායක්කාරවසම් ගී පද රචනයෙන් ද, ආනන්ද ගමගේ පසුබිම් සංගීතයෙන් ද, මෙවන් ලියනගේ නිශ්චල ඡායාරූපකරණයෙන් ද මෙයට එක් ෙවි. ඇන්ටන් ජේ. ප්‍රනාන්දු මාධ්‍ය සම්බන්ධිකරණයෙන් සහභාගි වෙයි. ශබ්ද පරිපාලනය ඩේමියන් පෙරේරා ගෙනි. කතාව දෙබස් තිර රචනය සහ විධායක නිෂ්පාදනය සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි.ප්‍රසාද් - සේයාරුව - අමිත් එස්. සේනාරත්න
CREATIVE
ශ්‍රී ලංකාවේ නම බොලිවුඩයේ ගෞරවනීය ලෙස රැන්දූ ජැකලින් ෆර්නැන්ඩස් දැන් සූදානම් වන්නේ ‘ඩෙෆිනිෂන් ඔෆ් ෆියර්’ සිනමාපටයේ රඟපෑමටයි. මෙය වාර්තා සිනමාපට නිපදවන්නකු වූ ජේම්ස් සිම්සන්ගේ නිර්මාණයකි.අල් පැසිනෝ, පෙනිලෝප් කෲස් වැනි විශිෂ්ට නළුවන් සමග වැඩකර ඇති මෙවන් අධ්‍යක්ෂවරයකු යටතේ වැඩ කිරීමට ලැබීම සැබවින්ම ජැකලින්ගේ රංගනයේ පෙර පින් පලඳීමකි.දැනට ඇය මලයාසියාවේ ‘රෝයි’ බොලිවුඩ් සිනමාපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නීය. එහි රූගත කිරීම් නිම වූ සැණින් ඇය කැනඩාව බලා යන්නේ එම හොලිවුඩ් සිනමාපටයේ රූගත කිරීම් සඳහායි. මාසයකට වැඩි කාලයක් ජැකලින් රූගත කිරීම්වලට සහභාගි වනු ඇත.රෝයි සිනමාපටයේ ඇය රඟන්නේ ද්විත්ව චරිතයකි. ‘කික්’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටි නිසා ‘රෝයි’ හි රංගනයට වෙනත් නිළියක් යොදා ගැනීමට මුලින් අදහසක් තිබුණ ද පසුව ප්‍රධාන නළුවා ලෙස රඟන රන්බීර් කපූර් ඇයට විවේකයක් ලැබෙන තුරු බලා සිට ඇත. ශ්‍රී ලංකික රූමතියක වන ජැකී සැබැවින්ම අපට ආඩම්බරයකි.
CREATIVE
කලාශූරී ජයසිරි සේමගේ නම් කීර්තිධර චිත්‍ර ශිල්පියාගේ ‘ප්‍රේම පුරාණය’ නම් නවතම චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 04 වැනිදා පෙරවරු 9.00 ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ වෙයි. තම ‘ප්‍රේම පුරාණය’ චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ ඔහු ‘සරසවිය’ හා මෙසේ සඳහනක යෙදෙයි.ඔබගේ මෙවර චිත්‍ර ප්‍රදර්ශනය සඳහා ප්‍රේම ප්‍රරාණය කියන නම තියන්න සිතුවේ ඇයි?මෙවර චිත්‍ර ප්‍රදර්ශනය කරන්නට මා තෝරා ගත් තේමාව වුණේ ඓතිහාසික සිද්ධි හා රජ කුමර කුමරියන්ගේ ප්‍රේම කතායි. ඒ අනුවයි මේ චිත්‍ර ප්‍රදර්ශනයට ‘ප්‍රේම පුරාණය’ කියන නම තබන්නේ. ඒ ඔස්සේ චිත්‍ර පනහක් ප්‍රදර්ශණය සඳහා නිර්මාණය කළා. සාලිය - අශෝකමාලා, චිත්‍රා - ගාමිණී, අමරා දේවි - මහෝෂධ පඩිතුමා ආදී ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රකට ප්‍රේම වෘත්තාන්ත මා චිත්‍රයට නැගුවා. ඓතිහාසික සිද්ධියක් වුණු දුටුගැමුණු කතාවත් ඒ අතරටම ඇතුළත්.ඓතිහාසික හා රජ කතා චිත්‍රයට නැඟීමේදී ඔබ වඩා සැලකිලිමත් වුණේ කුමන කාරණා සම්බන්ධයෙන්ද?මේ චිත්‍ර නිර්මාණය කිරීමේදී ඓතිහාසික කියන කාරණය සැලකිල්ලට ගන්න මට සිදු වුණා. මීට වසර ගණනකට පෙර සිදුවුණු ඒ සිද්ධි, ඒ සිද්ධි සිදු වුණු පරිසරය, ඔවුන් ඇඳ පැළඳ ගෙන සිටිය ආභරණ, වස්ත්‍රාභරණ තොරතුරු සොය ගන්නට මට බොහොම උදව් වුණේ මහාවංශය නම් අපේ ඉතිහාස ග්‍රන්ථයයි. ඒ වගේම ඉතිහාසය, පුරා විද්‍යාව පිළිබඳ ගවේෂණ කරන, ඒ පිළිබඳ මනා දැනුමක් තිබෙන ආචාර්ය – මහාචාර්යවරුන් සමඟ නිතරම මා සාකච්ඡා කළා. ඒ ආශ්‍රයෙන් ගොඩනඟා ගත් කරුණු කාරණා ඔස්සේ මා මගේ සිතේ මැවුණු රූප මගේ ශෛලියෙන් චිත්‍රයට නැගුවා.ජයසිරි සේමගේ කියන චිත්‍ර ශිල්පියාගේ රේඛා චිත්‍ර ශෛලියට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා?චිත්‍ර ශිල්පියෙක් විදියට මගේ කලා ගමන ආරම්භ කරන්නේ අම්බලන්ගොඩ කියන මගේ ගමෙන්. ඒ ගමනේදී මා මටම කියලා ආවේණික ශෛලියක් ගොඩනඟා ගත්තා. ඒ ශෛලියට කොයි තරම් අය ආදරය කරනවා ද කිව්වොත් විදෙස් රටවල තිබෙන විහාරවල පවා මට චිත්‍ර අඳින්නට ආරාධනා ලැබුණා. චීනයේ මෑන් - පැට්ලාම් විහාරයේ කළ චිත්‍ර ඊට එක උදාහරණයක් පමණයි.ඉදිරියේදී අතිගරු ජනාධිපතිතුමා බුදුන් උපන් තැන වූ ලුම්බිණියෙහි නිර්මාණය කරන්න යන ශ්‍රී ලංකා විහාරයේ චිත්‍ර අඳීන්නත් තෝරාගෙන තිබෙන්නේ මාවයි. මේ වන විට මා විදේශ රටවල් බොහොමයක චිත්‍ර ප්‍රදර්ශන තියලා තියෙනවා. මගේ චිත්‍රවලට තිබෙන ඉල්ලුම මාව චිත්‍ර අඳින්නට දිරිමත් කරනවා.‘ප්‍රේම පුරාණය’ චිත්‍ර ප්‍රදර්ශනයේ ඉදිරි කටයුතු පිළිබඳ යමක් කිව්වොත්?චිත්‍ර ප්‍රදර්ශනය උදේ 9.00 ට ආරම්භ කළාට පස්සේ රාත්‍රී 7.00 දක්වා දින තුනක් ප්‍රදර්ශනය කරනවා. ආරම්භක දවස වුණු 04 වැනිදාට මේ ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා විදියට සහභාගි වන්නේ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා වන වි. ජ. මු. ලොකු බණ්ඩාර මහත්මයා. ඔහුත් සමඟම මහාචාර්ය ජී. එල්. පීරිස් අමාත්‍යතුමාත්, ඔහුගේ බිරියත්, ජපන් තානාපතිතුමා ඇතුළු විද්වතුන් රැසක්ද ඒ සඳහා සහභාගිවීමට නියමිතයි.ඒ වගේම චිත්‍රවලට කැමැති සියලු දෙනාටම මා මේ ප්‍රදර්ශනය බලන්න ආරාධනා කරනවා. විශේෂයෙන්ම චිත්‍ර පිළිබඳ අධ්‍යයනය කරන අයට, පාසල් ළමුන්ට මේ ප්‍රදර්ශනය ඉතා වැදගත් වේවි.සාකච්ඡාව හා ඡායා -තිලානි ශානිකා විතානාච්චි  
CREATIVE
ප්‍රේමය ලෙයින්, දහදියෙන් ලියා හෝ ජය ගන්නා සිනමා අන්දර ඇති සිනමා ලොවක තරු, සැබෑ ලොවේදී අතිනත ගත් විට මෙතරම් ඉක්මනින් දෙපැත්තකට වන්නේ ඇයි ද යන්න නම් පිළිතුරු නැති ප්‍රශ්නයකි. එහෙත්මේ පැනය නඟන කතාවලට උදාහරණ බොලිවුඩ් පුරවරයේ ඕනෑ තරම් ඇත.දික්කසාදයේ පිහිට පතන නවතම යුවළ වී සිටින්නේ කොන්කොනා සෙන් ෂර්මා සහ රන්වීර් ෂෝෙර්ය. 2010 දී විවාහ වූ දෙදෙනාට පුතකු ද සිටිති. තිස් දෙහැවිරිදි කොන්කොනා සුප්‍රකට නිළි, අධ්‍යක්ෂිකා අපර්ණා සෙන්ගේ දියණියයි. ඇය හොඳම නිළිය ලෙස ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ නිළියකි.හතළිස් හැවිරිදි නළු රන්වීර් ෂෝරේ මුලින්ම පෙම් කළේ පූජා භාත්ටය. පසුව කොන්කොනා ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූවේය. කවුරුත් සිතුවේ රන්වීර් - කොන්කොනා විවාහය කිරට පැණි එක් වූවාක් වැනි අපූරු එකතුවක් වේවායි කියායි. එහෙත් විවාහ වූ දිනයේ පටන්ම දෙදෙනාගේ නොගැළපීම්, ගැළපීම්වලට වඩා බලවත් වී ඇතිවා වාගෙයි.විරසක වීම ගැන රසිකයන් අතර කසු කුසුවක් පැතිර ගියේ මේ වසරේ මැයි මාසයේ සිටයි. සිනමාපටයක් නැරැඹීමට වෙන වෙනම පැමිණි දෙදෙනා අසුන්ගෙන ඇත්තේ ද වෙන වෙනමය.රන්වීර්ගෙන් මේ ගැන විමසූ විට ඔහු පවසා ඇත්තේ දෙදෙනා බද්ධ වුණු නිවුන්නු නොවන බවයි. වෙන්වීම ගැන ප්‍රසිද්ධියේ කොන්කොනා වචනයක්වත් නොපැවසුවත් ඇය මිතුරියන් සමඟ පවසා ඇත්තේ ඔහුගෙන් දික්කසාද වන බවයි. දැන් ඇය දික්කසාද වීමට නඩු පවරා අවසන්ය.රන්වීර් සමඟ ජීවත්වීම පහසු නැති බව බොහෝ දෙනාගේ අදහසයි.පාසල් ජීවිතයට සමු දුන් පසු නැවත පාසල් නිල ඇඳුමින් සැරසී පාසල් යාමට වරම් ලැබෙන්නේ තරුවලටය.මේ දිනවල පාසල් සිසුන් ලෙස චරිත මවන්නේ සෝනම් කපූර් (වයස විසි හතයි) සහ ධනුෂ් (29)ය. ඒ ආනන්ද් රායිගේ ‘රන්ජනා ෆෙ‍්‍රාම් වරනාසි’ සිනමාපටයේයි.රූගත කිරීම් කිසිදු කරදරයක් නැතිව කරගත හැකි වූ බව ද කියවේ. ඒ පාසල් නිල ඇඳුමින් සැරසුණු පසු දෙදෙනා හඳුනාගත නොහැකි වූ නිසයි.දෙදෙනා පාසල් වියට ගොස් ඇත්තේ නිල ඇඳුමින් පමණක් නොවෙයි. ඔවුන් දැන් දැන් කියවන්නේ ද, දාහත් හැවිරිදි ගැටවරයන් කියවන පොත් බවට ද ආරංචියි.හොලිවුඩයත්, බොලිවුඩයත් අතර ඇත්තේ කෙස් ගසක වෙනසකි. ඒ, සිනමාපටවල කතාව හා ඉදිරිපත් කිරීම් එකිනෙකට වෙනස් වුණත් ඒ පුරවරයෙන් මේ පුරවරයටත් මේ පුරවරයෙන් ඒ පුරවරයටත් සංක්‍රමණය වන තරුවලින් අඩුවක් නැති නිසයි.අලුතින්ම හොලිවුඩ් යන නිළිය සරීන් ඛාන්ය. ඇයට මිදි ගෙඩියක් තරම් රසැති චරිතයක් ලැබී ඇත්තේ ‘කිමෙරා’ නම් ත්‍රාසජනක සිනමාපටයේය. බිලි සේන් සිනමාපටයේ ප්‍රධාන තරුවයි.ඩැනියල් සිල්වා සිය නවකතාව පාදක කරගෙන ‘ද ෆෝලන් ඒන්ජල්’ නමින් නිපදවෙන මේ සිනමාපටයට වචනයක් දෙනවා ද නැද්ද කියා ඇය තවමත් සිතමින් සිටින්නීය. ‘ද ෆෝලන් ඒන්ජල්’ වැඩිම අලෙවියක් ලද නවකතාවකි.සරීන් බොලිවුඩයට පිවිසියේ 2010 දී තිරගත වූ ‘වීර්’ සිනමාපටයෙනි. ඒ සල්මන් ඛාන්ගේ පෙම්වතිය ලෙස රඟමිනි. මේ සුරංගනා කතාවට ඇය එක් කළේත් සල්මන්ය. ඔහු සුභාෂ් ගයිගේ ‘යුව්රාජ්’ දර්ශන තලයේ සිටි සරීන් දුටුවේය.ඇයගෙන් නෙත් ඉවතට නොගත් සල්මන් ‘වීර්’ සම්මුඛ පරීක්ෂණයට එන ලෙසට යෝජනා කළේය. සරීන්ගේ වාසනාව පෑදුණි. ඇය චරිතය සඳහා ඉහළින්ම තේරුණි.සල්මන්, කත්‍රිනා ප්‍රේමය බිඳ වැටී වැඩි කලක් ගත වී නැති නිසා වැඩි දෙනකු සිතුවේ කත්‍රිනාට තරමක් සමාන සරීන්ව ‘වීර්’ සඳහා තෝරා ගත්තා කියායි. (මීට පෙර අයිශ්වර්යා සමඟ පැවැති පෙම බිඳ වැටුණු පසු ඇයට තරමක් සමාන ස්නේහා උලාල් යොදා ඔහු සිනමාපටයක් කළ බව කාටත් මතකය). එහෙත් මේ කතාව ඊට වෙනස්ය. සල්මන් සරීනාව තෝරා ගෙන ඇත්තේ ඇය ඒ චරිතයට හොඳින්ම ගැළපෙන නිසයි.සල්මන්ගේම ‘රෙඩි’ සිනමා පටයේ සුළු ජවනිකාවකට පසුව ඇය පෙනී සිටියාය. සරීනා වඩාත් දිදුලන තරුවක් වූයේ 2012, හවුස්ෆුල් 2 තිරගත වූ පසුවයි. සල්මන්, සරීනා යුවළ 2013 දීීත් රසිකයන්ට නැරැඹීමට ලැබෙන්නේ ‘පාට්නර් 2’ සිනමා පටයෙනි.සිනමාපට වැඩි ගණනක රඟපෑමට වඩා හොඳ රංගනයක් ඉදිරිපත් කළ හැකි සිනමාපටයක රඟන්න කැමැති සරීනා හොලිවුඩයේ කෙබඳු පෙරැළියක් කරාවිද?චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ඉර්ෆාන් ඛාන් යනු ජීවිතයම සංගීතය කරගත් තරුවකි. එනිසා ඔහු සංගීතමය සිනමාපටයක රඟපෑමට දිවි පරදුවට තැබීමට වුවත් කැමැතිය.සංගීතය සමඟ ජීවත්වන්න සිනමාපටයක වුවත් ඉඩක් ලැබෙනවා නම් ඉර්ෆාන්ට එය සැබෑවන සිහිනයකි.ලජ්ජාවෙන් බරිත චරිතයක් වූ ඉර්ෆාන් තමන් කිසිදා නළුවකු වේ යැයි කියා සිතුවේ නැත. කුඩා වියේදී පන්තියේ ගුරුවරියට නම කීමටවත් ධෛර්යයක් ඔහුට නොතිබුණි. හතළිස් පස් හැවිරිදි ඉර්ෆාන් බොලිවුඩය මෙන්ම හොලිවුඩය ද ජය ගනිමින් සිටින්නේය. ද අමේසිං ස්පයිඩර් මෑන්, ස්ලම්ඩෝග් මිලියනයර්, අ මයිට් හාට්, නිව්යෝර්ක්, ද නේමිසේක්, මජ්බූල්, පාන් සිගේ තෝමර් වැනි සිනමාපට රැසක ඔහු රඟපා තිබේ.දරුවන් වෙනුවෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට ද ඉර්ෆාන් කැමැත්තෙන් සිටියි. 
CREATIVE
ලයිව් @ 8 ඔස්සේ ඔබ හමුවන මම නදීක කරුණානායක.ඔහු අප ආලින්දයට ගොඩ වන්නේ එහෙම කියාගෙන.නදීක කොහොමද ඔබ නිවේදකයකු වන්නේ?ඕනෑම නිවේදකයකුගෙන් ඔය ප්‍රශ්නය ඇහැව්වොත් බොහෝ දෙනෙකු දෙන පිළිතුර. මං නිවේදනය පටන් ගත්තේ ගමේ තිබුණු පුංචි පුංචි උත්සවවලදී කියන එක. ඇත්තටම මමත් ඒ සාම්ප්‍රදායට අයත්. පන්නල මගේ ගමේ මං එහෙම එනවුසිං කරනවා දැකලා එවකට ගුවන් විදුලියේ සේවය කළ ඇන්ටන් ජයමහ මහත්තයා මාව කැඳවාගෙන ගියා ගුවන් විදුලියට. එය මට දැනුණේ පාපැදියක යන්න හිටපු ගමනක් එතුමා විදුලි දුම්රියක එක් කරගෙන ගියා වගේ හැඟීමක්.එතකොට මං අ. පො. ස. උසස් පෙළ කළා පමණයි. නිවේදකයකු වන්නට පෙරුම් පිරුවත් කවදා, කොතැනින් පටන් ගන්නවාද යන හැඟීමක් මගේ සිතේ තිබුනේ නැහැ. ගුවන් විදුලියේ ‘විසිර’ සංස්කෘතික විකාශයෙත්, ‘පවන’, ‘වෙළෙඳ සේවය’, ‘ස්වදේශීය සේවයෙත්’ මං බොහෝ කාලයක් සහන නිවේදකයකු විදිහට ඉඳිමින් විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා.එතකොට ඔබ රූපවාහිනී මාධ්‍යයට පිවිසෙන්නේ?මේ කාලයේදීමයි චැනල් අයි නාලිකාවේ සිංහල ප්‍රවෘත්ති පටන් ගත්තේ. මාව ඊට සම්බන්ධ කෙරුවෙ ලාල් හේමන්ත මාවලගේ මහතා. ගුවන් විදුලියේ වගේ නෙවෙයි රූපවාහිනියේ නිවේදනය කරද්දී රූපය ගැනත් පරිස්සම් වෙන්න ඕනේ. මන්දයත් නිවේදකයකුගේ ප්‍රසන්නතාවය රූපවාහිනියේදී ඉතා වැදගත්. ඔන්න ඉතින් හා හා පුරා කියලා රූපවාහිනිය ඉදිරියේ නිවුස් කියන දවස උදා වුණා.එදා මොකද වුණේ?නියම වැඩක් තමා එදා සිද්ධ වුණේ. මට කලින් දවසේ කිව්වේ සජීවීව නැතිව කලින් පටිගත කරලා ප්‍රවෘත්ති වැඩ සටහන විකාශය කරනවාය කියා. ඒත් මම එතනට ගිහින් බොහෝ වෙලාවක් ගත වුණත් පටිගත කිරීම පටන් ගන්නා පාටක් නැහැ. 6.30 ට මට ප්‍රවෘත්ති කියන්න තියෙන්නේ. 6.15 ට විතර මෙන්න නිෂ්පාදකතුමා කියනවා සජීවීවයි මට ප්‍රවෘත්ති කියන්න තියෙන්නේ කියලා. මට දෙලෝ රත් වුණා. ඒත් මං ඒ බවක් නොපෙන්වා බොහොම සාර්ථකව සජීවීව ප්‍රවෘත්ති කිව්වා.ඊට පස්සේ?කාලයක් චැනල් අයි නාලිකාවේ හිටියා. ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති කිව්වා. අනතුරුව විධායක ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් සිරස නාලිකාවේ සේවය කළා. 2005 දී ස්වර්ණවාහිනියට ආවා. එදා ඉඳලා මේ දක්වා මං ස්වර්ණවාහිනියේ.ඔබව වඩාත් ප්‍රේක්ෂකයා අතරට ගියේ ස්වර්ණවාහිනියට ආවට පස්සේ?ඔව්. 2006 දී විතර ප්‍රවෘත්තිවලට පමණක් වෙන් වූ චරිත කිහිපයක් ස්වර්ණවාහිනිය හඳුන්වා දුන්නා. ඒ කණ්ඩායමේ මමත් හිටියා. එතෙක් පැවති ප්‍රවෘත්ති ආර අපි වෙනස් කළා. එහෙයින් ප්‍රවෘත්ති වැඩසටහන වගේම එහි නිවේදක නිවේදිකාවනුත් මිනිසුන් අතරේ ඉක්මනින් ජනප්‍රිය වුණා. මට සම්මාන හිමි වුණෙත් ස්වර්ණවාහිනියට ආවට පස්සේ.ඔබ ලබා ගත් ඒ සම්මාන පිළිබඳ කතා කළොත්?2006, 2011 රාජ්‍ය සම්මාන සහ 2010, 2011 සුමති සම්මාන උළෙලයන්හි හොඳම නිවේදක. 2009 ආසියානු ජනමාධ්‍ය සම්මාන උළෙලේ හොඳම නිවේදකට හිමි රන් පදක්කම.ප්‍රවෘත්ති නිවේදනය කරද්දී බොහොම අපූරු සිදුවීම් එහෙමත් වෙන්න ඇති නේද?ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. සුනාමි දවසේ ප්‍රවෘත්ති කියපු හැටි මතක් වෙද්දී තවමත් ඇඟ හිරි වැටෙනවා. එදා මහත් සංවේගයක් හිතින් දරාගෙනයි කැමරාව ඉදිරියේ හිටියේ. යුද සමයේ සිදු වූ කැබතිගොල්ලෑව බෝම්බ පිපිරීම ගැන කිව්වෙත් මම. ඒ දර්ශන දකිද්දී ඇඬෙන්න තරම් හිතට දුකයි.තව එකක්, ප්‍රභාකරන් මියගිය ප්‍රවෘත්තිය ඉස්සෙල්ලාම කිව්වෙ මමයි. එදා මගේ අතේ කිසිදු සටහනක් තිබ්බේ නැහැ. සියලුම දත්ත ගෙන මං විනාඩි 20 ක් කිසිදු කොපියක් නැතිව මං ඒ පුවත එක දිගට කිව්වා.වෙනත් වැඩසටහනක් මෙහෙයවීමට ඔබට රුචිකත්වයක් නැති හැඩයි?අනිවාර්යයෙන්ම මට වුවමනා වෘත්තීවය මට්ටමේ ප්‍රවෘත්ති නිවේදකයකු වන්න. ස්ථාවර නමක් හදා ගන්න.මොනවද නදීකගේ පුද්ගලික විස්තර?මගේ පියා ජීවතුන් අතර නැහැ. අම්මයි, බාප්පයි, අයියයි, මල්ලිලා දෙන්නයි මගේ පවුලේ ඉන්නේ. මං තාමත් පදිංචි වෙලා ඉන්නේ පන්නල.නදීකගේ හිතට මුවා වූ ආදරවන්තියක් නැතිද තවම?ඉස්සර එහෙම සම්බන්ධයක් තිබුණා. ඒත් දැන් නැහැ.අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?පන්නල ශ්‍රී සීලානන්ද දහම් පාසලේ, මොරගොල්ලේ විජිත පොඩි හාමුදුරුවෝ ඇතුළුමට මේතාක් කල් පැමිණි ගමනට වචනයකින් හෝ උදව් පදව් කළ සැමට තුති පුදනවා.- ප්‍රසාද් සමරතුංග
CREATIVE
කලාකාමී කවුරුනුත් ඔහුට මුළු හදින් පෙම් බැන්ෙඳීය. ඔහුගේ වියෝවේ 25 වැනි සැමරුම අබියස සිටින අප හට ද කිව හැක්කේ, “මු¼ථ හදින්ම ඔබ හට ආදරෙයි” කියායි.“මුළු හදින්ම මම ඔබ හට ආදරෙයි...” මේ... විජය කුමාරණතුංගයන් රචනා කළ පළමු සහ අවසන් ගේය පද සංකල්පනාවයි.විජයගේම වචනයෙන් එකී ගීත රචනය ඔහුගේ පෞද්ගලික ජීවිතයට සමීප අත්දැකීමකි. හැඟීම් මුසු වූ අත්දැකීම්, අකුරු ඔස්සේ ගීතයක් වූ එකී කඩදැහිය තවමත් සුරක්ෂිතය.එහි හිමිකාරිය සන්ධ්‍යා වීරසිංහයි. හෙළ සිනමාවේ, සොඳුරුතම පේ‍්‍රමවන්තයා ලියූ එකම ගීය ලියැවුනේ ඇයගේ හඬටයි.‘කුණ්ඩලකේශී’ චිත්‍රපටයේ රූ ගැන්වීම් සිදුකළ අවධියේයි සන්ධ්‍යා හට විජය කුමාරණතුංගයන් පළමුව මුණගැසුණේ. එම චිත්‍රපටයේ සුළු චරිතයකට ඇයද දායක වූවාය. රසිකාවක් ලෙස මේ අසහාය කලාකරුවා හැඳිනගත්තද පසුකාලීනව විජයගේ දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ වන්නට සන්ධ්‍යාට හැකිවිණ.පානදුරේ සන්ධ්‍යා වීරසිංහ, ගායිකාවක් ලෙස කලඑළි දුටුවේ ද, විජය කුමාරණතුංගයන් ඉදිරියේයි. ඒ 1987 මාර්තු 21 වැනි දා පාණදුර පුරහලේ පැවති ඇයගේ පළමු ප්‍රසංගය දින, “කල්පනා ගී සඳැල්ල” ලෙස එය නම් කළේ ද විජයම වීම, සන්ධ්‍යා තම ජීවිතයේ ලැබූ විජයග්‍රහණයකි.මෙම ගීතය, නව සංගීත සංයෝජනයෙන් 17 වැනි දා ජාතික රූපවාහිනියේ ‘හද රැඳි ගී’ වැඩසටහනින් ඔබට දකින්නට ලැබේ. ඒ වෙනුවෙන් සිරිතුංග පෙරේරා මහතා හට ස්තුතිය පිරිනමන බව සන්ධ්‍යා වීරසිංහ කියා සිටියා. “මුළු හදින්ම මම ඔබ හට ආදරෙයි” නව තනු නිර්මාණය උපාලි කලාපි‍්‍රය. සංගීතය රංජිත් ඩයස්.“විජය අයියා, මුල ඉඳන්ම මගේ හැකියාව අගේ කළා. විජය අයියා මට ගීයක් ලියා දුන්නොත් මම සතුටින් ගයනවා කියලා කිව්වා. හිනා වුණා විතරයි. කොහොම හරි මගේ ඉල්ලීම ඉෂ්ට කළා. ඒ වගේ රත්තරං කෙනෙක් ආයෙ අපට ලැබෙන්නෙ නැහැ.”නෙතඟ රැඳි කඳුළු බිඳුවක් පිසිමින් සන්ධ්‍යා කතාව අවසන් කළේ එලෙසින්.ඉවැඩ්නි පණ්ඩිතරත්නමුළු හදින්ම මම ආදරෙයිමුළු හදින්ම මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ මුළු සිතින්ම මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේසදා දැවෙනා ගිනි කන්දක් වගේ ඔබේ ගත මා හැඳිනුවාගලා බසිනා දිය දහරක් වාගේ ඔබේ සිත මා හැඳුණුවාඔබව පමණි හඳුනා ගත්තේ ඔබව පමණි හඳුනා ගත්තේඉපිද මැරෙන ආත්මයක් ගානේ සසර සැරි සරනා තුරාසුසුම් හෙලනා වාරයක් ගානේ මෙලොව ජීවත් වන තුරාඔබව පමණි සොයලා එන්නේ ඔබව පමණි සොයලා එන්නේමුලු හදින්ම මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ මුලු හිතින් මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ  
CREATIVE
මෙම 29 වැනි දිනට යෙදෙන විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන්ගේ හැත්තෑ පස් වැනි ජන්ම දිනය නිමිති කර ගනිමින් එදින සවස 5.30 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී විශේෂ උත්සයක් පැවැත්වෙනු ඇත. මෙහිදී පළමුව වසන්ත පිළිබඳ මිනිත්තු දහයක වාර්තා වැඩසටහනක් තිරගත වන අතර අනතුරුව චිත්‍රපට සංස්ථාව මඟින් විශේෂ සමරු ඵලකයක් පිරිනැමීමට නියමිතය. මෙහිදී වසන්ත ඔබේසේකරයන් පිළිබඳ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ අශෝක හඳගම විසිනි. වසන්ත ඔබේසේකරයන්ගේ විශිෂ්ටතම සිනමාපටයක් වන දඩයම මෙම උත්සවයේදී ප්‍රදර්ශනය වන අතර උපන් දින කේක් කැපීම සිදු වනුයේ එයින් පසුවය.මෙම අවස්ථාව සංවිධානය කරනුයේ රවීන්ද්‍ර ගුරුගේ, ප්‍රේම් දිසානායක, සමන් ආතවුදහෙට්ටි සහ ආචාර්ය රෝහණ වීරසිංහ ඇතුළු පිරිසයි. වසන්ත වෙනුවෙන් පවත්වන මෙම උපන් දින උත්සවයට පැමිණෙන ලෙස වසන්තට ළැදි ඔබට සංවිධායක කමිටුව ඇරැයුම් කර සිටියි. මෙයට අවශ්‍ය ආරාධනා පත්‍රය සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ දී ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබා ගත හැකිය.- ප්‍රසාද්
CREATIVE
රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල ලබන ජනවාරි 14 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වෙයි.රූපවාහිනි නිර්මාණ ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සහ එම ක්ෂේත්‍රයේ නියැලී සිටින නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් අගය කිරීමේ අරමුණින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ මනරම් මීඩියා සොලියුෂන් ආයතනය එක්ව එය සංවිධානය කරයි.මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් කතානායක චමල් රාජපක්ෂ සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක යන මහත්වරුන් සහභාගී වනු ඇත. රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් ඇගයීමට ලක්කිරීම සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල මෙය වන අතර 2012 වසරේ රූපවාහිනී නාලිකා මඟින් විකාශය කරන ලද නිර්මාණයන් වෙනුවෙන් අංශ 39 ක් යටතේ සම්මාන පිදීමට නියමිතය.ඊට අමතරව රූපවාහිනී ක්ෂේත්‍රය පිළිබඳව ලියැ වී ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථය සහ රූපවාහිනී මඟින් විකාශය නොවූ ආධුනික නිර්මාණකරුවන්ගේ නිර්මාණ අගය කිරීම උදෙසා හොඳම කෙටි චිත්‍රපටය සඳහා ස්වර්ණ, රජත සහ ලෝකඩ පදක්කම් තුනක් පිරිනැමීම ද සිදු කෙරේ.මෙදින රූපවාහිනී ක්ෂේත්‍රයට කරන ලද සේවාව උදෙසා බර්ටි ගුණතිලක, නොයෙලින් හොන්ටර් සහ කමලනී සෙල්වරාජන් තිදෙනාට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය. රූපවාහිනී මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ප්‍රවීණ ලේඛකයන් රැසකගේ ලිපි ඇතුළත් රූපවාහිනී සමීක්ෂා ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයේ හත්වැනි කලාපය ද එදින නිකුත් වනු ඇත. මෙයට සමගාමීව ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වන දිමුතු මුතු ටෙලි නාට්‍ය විකාශය කර වසර 30 ක් සපිරීම වෙනුවෙන් එම ටෙලි නාට්‍යයට දායක වූ ශිල්පීන් සඳහා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් ඉටු කළ ටෙලි නිර්මාණවේදීන් 10 දෙනෙකුට විශේෂ ඇගයීම් සම්මාන ද ප්‍රදානය කෙරෙනු ඇත.- ප්‍රසාද්
CREATIVE
පුරා අඩ සියවසකට ආසන්න කාලයක් කලා ලොවට අනුපමේය සේවාවක් කළ සරසවිය ලබන වසරේ සිට ගම් දනව්වල සැඟ වී සිටින කලා කටයුතුවලට ලැදි තරුණ තරුණියන්ට අතදීමට සූදානම්.ඔබත් සංගීත, නර්තන කණ්ඩායමක සාමාජියෙක්ද? අප අමතන්නේ ඔබටයි. ඔබ කළ යුත්තේ මෙපමණයි. ඔබගේ සංගීත කණ්ඩායමේ නර්තන කණ්ඩායමේ, කණ්ඩායම් ඡායාරූපයක් සමඟ සියලු විස්තර ලියන්න අපට. ඒ සමඟ පහත පළවන කූපන් පත් පහක් ඒ සමඟ අමුණා එවන්නටත් අමතක කරන්නට එපා. ඔබේ අයදුම් පත්‍රය පළමුව අපට ලැබෙන්නට සලස්වා ඡායාරූප විද්‍යුත් තැපැල් මඟින් එවිය හැකි බවත් මතක තබා ගන්න.ඔබ එවන නිවැරැදි, නිරවුල් ඔබේ විස්තර සරසවිය පුවත්පතේ පළවනවා නොඅනුමානයි.අපේ ලිපිනය:BAND LANDසරසවිය, ලේක්හවුස්, කොළඹ.හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් විසින් ආරම්භ කරන ලද රුක්මණී දේවිය වෙනුවෙන් ආරම්භ කෙරුණු වසර 24 ක් පැරැණි, රජයේ ලියා පදිංචි කර ඇති ප්‍රථම සංගමය වන ‘රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ’ 25 වැනි වසර සඳහා පත් කර ගත් නිලධාරි මණ්ඩලය මෙසේය.සභාපති - හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්, සම සභාපති – ගායිකා අයිරින් ලියනගේ, උප සභාපති – චාන්දනී ජයසිංහ, ලේකම් - සිරිමා ඇනස්ටා මර්සලීන්, උප ලේකම් – වින්ධ්‍යා කුමාරි, භණ්ඩාගාරික – ඊ. ජී. ඒ. චිත්‍රා කාන්ති, ගණන් පරීක්ෂක - ශ්‍රීමා ලියනගේ, සංවිධායක - සුසිල් වික්‍රමසූරිය, සහාය සංවිධායක – ඩී. ඒ. දේවප්‍රිය, ආගමික අංශ ප්‍රධානී – ඇන්ටන් වේවැල්දෙනිය.අනුශාසකවරු - සිනමා නළු බොනිපස් ප්‍රනාන්දු මහතා, ග්‍රන්ථ කර්තෘ සේනක ජයතිලක මහතා, බස්නාහිර පළාත් ප්‍රවාහන හා කලා කටයුතු අමාත්‍ය උපාලි කොඩිකාර මහතා, නීතිඥ රන්ජන් නිහාල් යහම්පත් මහතා.ක්‍රියාකාරී කමිටුව - චින්තක පතිරණ, වරුණ ශාන්ත අභයවර්ධන, විනිප්‍රීඩා මල්ලිකා පීරිස්, ආනන්ද තිස්ස අමරසිංහ, මල් රත්ගොඩ, සනී ප්‍රනාන්දු, හැමිල්ටන් අක්මීමන, රෝහණ ද සිල්වා, එල්. මල්ලිකා අයිරාංගනී, ඇල්ප්‍රඩ් මල්ලිකාආරච්චි, එඩ්වින් පෙරේරා, ගාමිණී රුග්ගහවිල යන මහත්ම මහත්මීන්.
CREATIVE
වැඩ කටයුතු රාශියක නියැළිලා ඉන්න නිසා මට කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. පසුගිය දවස්වල කුවේට්වල ප්‍රසංගයකට සහභාගි වුණා. මම ගැයූ ගීතයක් රූප රචනාවක් සමඟ රසිකයන් අතරට පැමිණීමට නියමිතයි.ඊට අමතරව මා ලියා ගැයුූ ගීතයක් ද ඔවුන් අතරට ළඟදීම පැමිණේවි. මගේ නිර්මාණ රැගත් ගීත ඇතුළත් සී. ඩී. පටයක් කිරීමේ අදහසක් ද මා සතුයි. නැටුම් හා හඬ පුහුණුවීම් පංති සමඟ අනෝජා විරසිංහගේ ‘අභින’ සඳහාත් මා දායක වෙනවා.
CREATIVE
කොස්තාපල් පුඤ්ඤසෝම අති සාර්ථකව තිරගත වෙද්දී උදයකාන්ත වර්ණසූරිය සිය දහ නව වැනි සිනමා කෘතිය සඳහා මේ දිනවල සූදානම් වෙයි. එය පුඤ්ඤසෝමට වඩා හාත්පසින්ම වෙනස් සිනමා පටයක් වන බව උදයකාන්ත ‘සරසවිය’ට දන්වා සිටියි. එය නිර්මාණය වනුයේ පටාචාරා කතාවස්තුව ඇසුරෙනි.ඒ අනුව උදයකාන්තගේ පළමු ඓතිහාසික සිනමා පටය මෙය වේ. මෙහි පටාචාරා චරිතය සඳහා තවමත් රංගන ශිල්පිනියක් තෝරාගෙන නොමැති අතර එම චරිතය භාරදෙමින් තවත් අලුත් තාරකාවක් හෙළ සිනමාවට හඳුන්වාදීමට අධ්‍යක්ෂවරයා අපේක්ෂා කරයි.පටාචාරා ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා සම නිෂ්පාදනයකි. රන්දිය ඔසී ශ්‍රී ලංකා ෆිල්ම්ස් ආයතනය වෙනුවෙන් ලතා කුලරත්න මෙය නිෂ්පාදනය කරයි. කැමරාව ජයනාත් ගුණවර්ධන මෙහෙයවයි.ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත රචනා කරයි. විශාරද නන්දා මාලනී සහ සුනිල් එදිරිසිංහ මෙහි ගීත ගැයීමට නියමිතය. ලබන සැප්තැම්බරයේ රූගත කිරීම් ඇරැඹෙන පටාචාරා මෙරට මෙන්ම ඉන්දියාවේ ද රූ ගැන්වෙනු ඇත. ප්‍රසාද්
CREATIVE
‘පා’ සිනමාපටයේ අමිතාබ් බච්චන්ගේ අසාමාන්‍ය ලෙස වෙස් ගැන් වූ මුහුණ කිසිවකුගේ මතකයෙන් බැහැර නොවන්නකි. ඔහු යළිත් එවැනිම අපූරු වෙනසකට සූදානම් වෙයි. උමේෂ් ෂුක්ලාගේ ‘102 නොට් අවුට්’ සිනමාපටයේ ඔහු රඟන්නේ ලොව වයස්ගතම පුද්ගලයා වීමට වෙර දරන එකසිය දෙහැවිරිදි පුද්ගලයකුගේ චරිතයකි.‘පා’ සිනමාපටයේ අමිතාබ් රැඟුවේ දොළොස් හැවිරිදි ජානමය වශයෙන් රෝගී දරුවකුගේ චරිතයකි. හොලිවුඩයෙන් කැඳ වූ විශේෂ වේශ නිරූපණ ශිල්පීන්ගේ සහාය එහිදී ලබාගෙන තිබේ.එම වේශ නිරූපණය සම්පූර්ණ කිරීමට පැය තුන හතරක කාලයක් ගත වී ඇත. මෙවර ද ඔහු එකසිය දෙහැවිරිදි පෙනුම ලබාදීමට හොලිවුඩ් වේශ නිරූපණ ශිල්පීන් කැඳවීමට නියමිතය. බොලිවුඩයේ රංගනයට හොලිවුඩයෙන් ලැබෙන පෙනුම තවත් අපූරු සුසංයෝගයක් වනු නිසැකයි.
CREATIVE
සම්පත් ශ්‍රී සෙනෙවිරත්නගේ තිස් වසරක කලා දිවියේ සැමරුම හා මොරටු පුර සම්ප්‍රාප්තිය වෙනුවෙන් ගැයෙන ‘සම්පත් ගී තරු’ ප්‍රසංගය මේ මස 25 වැනිදා සවස 7.00 ට මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැත්වේ.නුවර තම ගම් ප්‍රදේශයෙන් මොරටු පුරවරයට පැමිණෙන සම්පත් ශ්‍රී සෙනෙවිරත්න සිය කලා ගමන අරඹන්නේ ගායනය හා රංගනයෙනි. ඒ අසූව දශකයේයි. හේමසිරි හල්පිට ලියූ, ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයෙන් හා සම්පත්ගේ මියුරු ස්වරයෙන් ගැයුණු ‘ ස්වර්ණ හංසියේ’ ගීතය එකල රසිකයන් අතර බොහෝ ජනප්‍රිය වුණි. ඔහු මෙවර ද ඔබ හමුවට පැමිණ සිටියි. ඒ ‘සම්පත් ගී තරු’ ප්‍රසංගය ද රැගෙනය.‘මේක මගේ හිතේ කාලයක පටන් තිබුණු හීනයක්. ඒ හීනය 27 වැනිදා සැබෑ වෙනවා. මේ ප්‍රසංගයේදී ගැයෙන ගීත අතරට මවු පිය උපහාර ගී, කිරි අම්මා ගැන ගැයූ ගී වගේම පැරැණි හින්දි ගීත කිහිපයකුත් අයත් වෙනවා. මේ වෙනකොට රසිකයන්ට නෑසෙන ප්‍රවීණ ගායකයන්ගේ ගීත කිහිපයකුත් එදිනට ගැයෙනවා. ඒ විතරක්ම නෙමෙයි මීට නවකයන් කිහිප දෙනෙකුගේ ස්වරයෙන් ගැයෙන ගීත කිහිපයකුත් ඇතුළත්.සහන්, නිරෝෂා, හිරාණි, සුනිල්, ජානකී කියන ඔවුන් එදිනයි ගායන ශිල්පීන් හා ශිල්පිනියන් ලෙස කල එළි බසින්නේ. ඒ ඔවුන්ට අතදීමක් වශයෙන්. ඒ වගේම සංගීත කණ්ඩයමක් ලෙස දිගටම ඉදිරියට යෑමේ යම් බලාපොරොත්තුවක් ද අප සතුයි. ප්‍රසංගය දවසේ සංගීතයෙන් සහාය වෙන්නේ සරත් වික්‍රමයි. කථනයෙන් ප්‍රදීප් නිශාන්ත සහාය වෙනවා. ආරාධිත ශිල්පීන් ලෙස සහභාගි වෙන්නේ නිහාල් නෙල්සන්, නාමල් උඩුගම හා ආරියරත්න යාපා කියන ශිල්පීන්. මේ සියලු දෙනාගේම එකමුතුවෙන් හැඩවන සම්පත් ගී තරු, ප්‍රසංගයට ඔබටත් පැමිණිය හැකියි.සම්පත් ශ්‍රී සෙනෙවිරත්න මොරටුව පුරවරයේ ජනතාවට ආරාධනා කරයි. ඔහුගේ ප්‍රසංගයේදී නවක ගායක ගායිකාවන් කිහිප දෙනෙකුගේ දොරට වැඩීමද සිදු වෙයි. ඒ වෙනස්ම සිතුවිල්ලකි. සම්පත් ඒ පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළේ මෙසේය.‘අපෙන් පස්සේ අපේ තැන භාර ගන්නත් පිරිස සිටිය යුතුයි. ඒ පසුබිමයි මා මේ නිර්මාණය කරන්නේ. දක්ෂකම් තියෙන දරුවන්ව ඉදිරියට රැගෙන ආ යුතුයි. එවිටයි අපෙන් පසුව පරම්පරාවක් නිර්මාණය වන්නේ.’කන්ද උඩරටින් බිහිවුණු මේ ගායකයා ගයන්න වගේම රංගනයටත් දක්වන්නේ බොහොම කැමැත්තකි. මේ නිසාම ඔහු ගායනයත් සමඟ රංගගනයට ද යොමු වූයේය. මේ වන විට ඔහු රංගනයෙන් නිර්මාණ හැත්තෑවකටත් වඩා වැඩි සංඛ්‍යාවකට දායකත්වය දක්වා ඇත. පහන් තරුව, වෙද හාමිනේ, නියං උකුසු, ගොළු යහන, කතරක සෙවණැලි, සිහින ඉසව්ව, යක්දෙහි ගෙදර ඒ අතරින් කිහිපයකි. මේ දිනවල ඔහු ඔබගේ නිවෙසට පැමිණෙන්නේ දෙරණ රූපවාහිනියෙහි විකාශය වන ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයෙනි.‘මලී 2 – අත්තම්මා ටෙලි නාට්‍යයෙහි ග්‍රාම සේවකගේ චරිතය රඟපාන්නේ මමයි. ඒ සමඟින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙන අතරම ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක්ම විකාශය වීමට නියමිතයි. සුදත් රෝහණගේ ‘සඳ දරුවෝ’ ටෙලි නිර්මාණයත් කඳපල කුමාරතුංගගේ ‘ගිනිගත් රාත්‍රියත්’ හා නිරෝෂන්ගේ සිහින අරන් එන්න කියන චිත්‍රපටවලයි.මේ වන විට ‘සංගීත්සාගර්’ නම් හින්දි ගීත රැගත් කැසට් පටය හා ‘ස්වර්ණ හංසි’ කැසට් පටයත්, ‘සංගීත සාගර් – 2’ යන සංගත තැටියත් එළි දක්වා ඇති සම්පත් ශ්‍රී සෙනෙවිරත්න පසුගිය කාලයෙහි විදේශ ගත වූයේ ගී ගැයීම සඳහායි.‘සුපර් කැන්ඩියන් වාදක මණ්ඩලයත් සමඟ මම ඩුබායි රටට ගියා. ඒ රටේදී ලැබුණු ප්‍රතිචාර බොහොමයි. ජයන්ත වීරසූරියගේ ‘වර්ණ’ කියන වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ ප්‍රධාන චරිතයට මට ආරධනා ලැබුණා. අලුත්ම ගීත ඇතුළත් සී. ඩී. එකක් කිරීමේ පුංචි බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ ගීත එකතුවේදී ගීත ලියන අලුත් අයට ඉඩක් ලබාදීමටයි මා සිතාගෙන සිටින්නේ. ලියන්න කැමැති අයෙක් සිටී නම් 110/1, කල්දෙමුල්ල, පාර, මොරටුව යන ලිපිනයට ඒ ගීත රචනා එවිය හැකියි.96 වසරෙහි කලා භූෂණ සම්මානයෙන් පුද ලද සම්පත් ශ්‍රීී සෙනෙවිරත්නට ඔබත් කතා කරන්න කැමැති නම් 0713002039, 0758468342 යන දුරකථන අංකවලට අමතන්න.තිලානි ශානිකා විතානාච්චිඡායාරූපය – මාලන් කරුණාරත්න  
CREATIVE
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ එසේ මෙසේ රංගන ශිල්පියකු නෙවෙයි. ඔහු මෑත කාලයේ නිරූපණය කළ සෑම චරිතයක්ම පාහේ ඇගයීමට ලක් වුණේ ඔහුගේ ඇති විශිෂ්ටත්වය නිසාමයි. ඔහුගේ රංගනයෙන් වසඟ වුණු අලුත් සිනමා තරුව සුපිරි ඉන්දීය නළු අනිල් කපූර්ය.පසුගියදා පැවැති හිරු ගෝල්ඩන් සම්මාන උළෙලේදි මහේන්ද්‍රට අනිල්ගෙන් ආරාධනාවක් ලැබුණා. ඒ මහේන්ද්‍රගේ රංගනය දුටු අනිල් ඔහුට තමාගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා කළ ආරාධනයයි. කෙසේ නමුත් අප රටේ මහේන්ද්‍ර වැනි රංගන ශිල්පියෙක් බොලිවුඩය නියෝජනය කරන්නට ලැබෙනවා කියලා කියන්නේ එය අප රටට මහත් වූ ආඩම්බරයක්. එම චිත්‍රපටයට රංගනයෙන් දායක වී එම වසරේ පැවැත්වෙන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී සම්මානයක් හිමි වෙන්නත් කියලා සරසවිය ප්‍රාර්ථනා කරනවා.ප්‍රසාද්
CREATIVE
දසුන් පතිරණ මේ දිනවල පුංචි තිරයේ ජනපි‍්‍රය යොවුන් රංගන ශිල්පියෙක්. ඒ වගේම මේ දිනවල විකාශය වන ‘මෙගා’ ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කරන සහාය අධ්‍යක්‍ෂවරයාගේ චරිතය නිසා මේ ජනපි‍්‍රයත්වය තවත් වැඩි කරලා, හැබැයි ‘මෙගා’ නරඹන රසික ඔබ දසුන්ගේ වෙනසක් මේවන විටත් දැකලා ඇති. නාට්‍යය ආරම්භයේ දී මේ සහාය අධ්‍යක්‍ෂවරයා හිටියේ රැවුල වවාගෙන. දැන් එකපාරටම ඔහු රැවුල කපලා.‘මෙගා’ කියන්නේ මෙගා ටෙලි නාට්‍ය ගැන කියැවෙන කතාවක්නේ. මෙහි තියෙන්නේ ඒ තුළ සිදුවන සිදුවීම් තමයි. රැවුල සම්බන්ධයෙනුත් දසුන්ට සිදුවෙලා තියෙන්නේ මෙගා සිදුවීමක්. දසුන් දැන් රංගන ක්ෂේත්‍රයේ කාර්යබහුල රංගන ශිල්පියෙක්. ඔහුට ලැබෙන ආරාධනා අතර චිත්‍රපටයකුත් තිබිලා. එහි චරිතයට දසුන්ට රැවුල කපන්න සිදු වෙලා. දැන් ‘මෙගා’ නාට්‍යයේ දසුන්ට රැවුල නැතුව තමයි රඟපාන්න සිදුවෙලා තියෙන්නේ. ඉතින් මොකද කළේ. මෙගා නාට්‍යයේ එක දෙබසකින් හැමදේම වෙනස් කළා. ‘අද නිවාඩු නිසා රැවුල කැපුවා’ අන්න එහෙම දෙබසක් කියලා දසුන් රැවුලයි කැඳයි දෙකම බේරගත්තා
CREATIVE
ඇහැළේපොළ කුමාරිහාමි වෙබ් අඩවිය සයිබර් අවකාශයට මුදාහැරීම පසුගියදා බත්තරමුල්ල ඇඩ්ලක් ඇඩ්වර්ටයිසින් ආයතනයේදී පැවැත්විණි. ජැක්සන් ඇන්තනි, දුලානි අනුරාධා, බද්ධදාස විතානාරච්චි, ප්‍රමුදිත උදය කුමාර, අනුර ධර්මසිරිවර්ධන, චංචලා වර්ණසූරිය ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූ අතර චිත්‍රපටයෙහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් සහ නිෂ්පාදක ගයාන් රණධීර ද මේ සඳහා සහභාගි විය.www.ahelepolakumarihami.com   ලිපිනයෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැක' 
CREATIVE
ෂාරුක්ට, දීපිකාට, අභිෂේක්ට, බෝමන් අයිරානිට සුබ නව වසරක් උදාකර දෙමින් ‘හැපි නිව් ඉයර්’ දීවාලි උළෙල ආලෝකවත් කළේ භාරත සිනමා වංශ කථාවට වාර්තාවක් ද එක් කරමිනි. මෙතෙක් ප්‍රථම දිනයේ වැඩිම ආදායමක් ලබා තිබුණේ ‘ඩූම් 3’ සිනමාපටයයි. එපමණක් නොව එය වේගවත්ම කෝටි සියයේ ආදායම ලෙස ද සැලකෙයි.ඔක්තෝබර් 24 වැනි සිකුරාදා තිරගත වුණු සිනමාපටය පළමු දිනයේ ලැබූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 45 කි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
එරංග සේනාරත්නගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි.ලුවී වැන්ඩර්ස්ටාන්ගේ ‘බෝනික්කා’ චිත්‍රපටයෙන් මගේ රසිකයන්ට ළඟදී මාව දැක ගත හැකි වේවි.ඒ වගේම වේදිකා නාට්‍යයක් කරන්නත් මා අදහස් කරගෙන සිටිනවා. ඒ නාට්‍යයට අලුත් නළු නිළියන් රඟපෑමෙන් දායක කර ගැනීමට සිතාගෙන සිටිනවා.
CREATIVE
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් එච්. ඒ. රණසිංහ මහතා පත් කොට ඇත. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් මෙම පත් කිරීම සිදු විය.එච්. ඒ. රණසිංහ මහතා නාවලපිටිය ආසනය නියෝජනය කරමින් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණයන් උදෙසා ක්‍රියාකාරීව කටයුතු කරන ලද ප්‍රබල පාක්ෂිකයකු වෙයි.හෙතෙම 1980 වර්ෂයේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා දුම්රිය සේවක සංගමයේ නියෝජ්‍ය සභාපති වශයෙන් කටයුතු කරන ලදී. 1991 වර්ෂයේදී නාවලපිටිය නගර සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ඒ මහතා ඉන් ජයග්‍රහණය කර නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් ද, 1999 වර්ෂයේදී මධ්‍යම පළාත් සභාවට තරග කර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් වසර 15 ක් කටයුතු කළ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කොට ඇත.- ප්‍රසාද්
CREATIVE
අධ්‍යක්ෂණය රන්ජන් ප්‍රසන්නගෙන්  ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කරමින් රන්ජන් ප්‍රසන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වෙයි.මේ දිනවල සිරස නාලිකාවේ තිරගත වන සිහින පුරය ටෙලි සිතුවමේ අධ්‍යක්ෂවරයා වන හෙතෙම ජුලියා, ඉර හඳ යට, එකමත් එක රටක, සිංහාවලෝකනය වැනි චිත්‍රපටයන්හි සහය අධ්‍යක්ෂවරයා වේ.අනගාරික ධර්මපාල චරිතාපදාන සිනමා කෘතිය සඳහා රන්ජන්ට නිෂ්පාදනයෙන් එකතු වන්නේ තිස්ස අතලේය. විධායක නිෂ්පාදනයෙන් සිසිර හෙට්ටිආරච්චි එක් වෙති. නීතිඥ සමන් වීරමන් මෙහි තිර රචනයෙන් එක්වෙයි.තිලානි / යතේජා
CREATIVE
ගීත කෝකිලා, කලාසූරී ලතා වල්පොල පසුගිය දා සියරට පැමිණියේ කැනඩාවේ පැවති, ඇයගේ අති සාර්ථක ප්‍රසංග කිහිපයකටම සහභාගි වෙමින්. කැනඩාවේ, ටොරොන්ටෝ, මොන්ට්‍රියල්, කැල්ගරි යන ප්‍රධාන නගර කිහිපයක්ම සිසාරා ඇයගේ මේ ගීත රාවය පැතිරී ගියා. මේ සංචාරය සඳහා සංගීතවේදී සරත් ද අල්විස් සහ අමිත් වල්පොලත් ලතා සමඟ සහභාගී වුණා. මේ තුන් දෙනා කැනඩාවට යනකොට එහෙ හරි ජරමරයක්. ‘ලතා වල්පොලට සින්දු කියන්න බැහැ, රෝද පුටුවේ යන්නේ.සරත් ද අල්විස්ට දැන් ප්ලේ කරන්න බැහැ’ කියලා එකම ප්‍රචාරයක් ගිහිල්ලා. මේ නිසා සංවිධායකයොත් බයවෙලා. එක සංවිධායකයෙක් මේ නිසා තමුන්ගෙ ප්‍රසංගය කැන්සල් කරලා. බලනකොට කතාව ඇත්ත. මේ අය කැනඩාවට ආවේ ලතාව රෝද පුටුවක තියලා තල්ලුකරගෙන. හැමෝම මේ නිසා හොඳටම බය වුණා.ටික වෙලාවකින් රෝද පුටුවෙන් බැහැලා ලතා හරි අපූරුවට පයින් ගමන් කළා. මේකට හේතුව වුණේ ලතාගේ කකුලක තිබුණ පොඩි ආබාධයක්. පයින් ගියානම් ඒක වැඩිවෙන්නත් තිබුණා. ඒ නිසයි මේ රෝද පුටුව පාවිච්චි කළේ. මොකද කැනඩාවට යන්න ගුවන් යානා හතරකින් යන්න වුණා. මේවා අතර පයින් යන්න තියෙන දුරත් ගොඩක් දුරයි. අවුරුදු අසූවකට ඔන්න මෙන්න තියෙන ලතාට පයින් මේ දුර ගියොත් ටිකක් හෙමින් තමයි යන්න වෙන්නේ. ඒ නිසා මේ අය රෝද පුටුව පාවිච්චි කළා. ඒක නිසා පෝලිම්වල ඉන්නෙ නැතුව මුලින්ම යන්නත් පහසු වුණා මේ නිසා.නැතුව වෙන අකරතැබ්බක් තිබුණෙ නැහැ දෙයියනේ කියලා ලතාට. ‘නමෝ මරියනේ’ කියලා පළමු ප්‍රසංගයේ පළමු ගීතය කියන්න ගත්තා විතරයි ලතාට සින්දු කියන්න බැහැ කියලා බොරු ආරංචි පැතිර වූ සියලු දෙනාගේ කටවල් එකවරම වැහිලා ගියා. වෙන ප්‍රසංගවලට වාදකයෝ පිරිවරාගෙන ගියත් මේකට ගියේ සරත් ද අල්විස් විතරයි. ඔහු එහෙ ඉන්න පොඩි ගැටවු ටිකක් තමයි අනිකුත් වාදකයො විදියට යොදා ගත්තේ. සරත් ආවා කිවුවම ඔවුන්ටත් හරි සතුටුයි.ඒවගේ කෙනෙක් එක්ක සංගීතය සපයන්න ලැබෙන එකට. කොහොම හරි ප්‍රසංග කිහිපය ඉතාම සාර්ථකව පැවැත්වුණා. ‘රැජින මමයි’ ගීතයට සරත් ද අල්විස් කී බෝඩ් එකෙන් එහි සියලු සංගීත නාද ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කළාට පස්සෙ අර ‘සරත්ට ගහන්න බැහැ’ කිවුව අයට කට උත්තර නැතුව ගියා. මේ දෙන්නගෙම තත්ත්වය එහෙ ඉන්න රසික රසිකාවන්ට ඇස් පනාපිටම දැක ගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි ලතාගේ උපන් දිනයත් යෙදිලා තිබුණෙ මේ දිනයක. මේ උපන් දිනය ඉතාම උත්කර්ෂවත් ලෙස තැන් දෙපළකම පැවැත්වූයේ ලතාව පුදුම කරවන්නත් එක්කයි. හැබැයි අර ප්‍රසංගය කැන්සල් කරගත්ත සංවිධායකයා නම් තවමත් දුක් වෙනවාලු කරගත්ත මෝඩකම හින්දා.
CREATIVE
අටවැනි මාස් ලංකා සම්මාන උළෙල පසුගියදා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙරට විවිධ ක්ෂේත්‍ර හරහා දායකවන ව්‍යාපාරිකයන් සහ වෘත්තීයවේදින්ගේ සේවය ඇගැයීම වෙනුවෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදි කලා ක්ෂේත්‍රයද නියෝජනය කරමින් කලාකරුවන්ද ඇගැයීමට ලක් කෙරිණි.එහිදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් ශ්‍රියන්ත මෙන්ඩිස් සහ හොඳම නිළියට හිමි සම්මානයෙන් දුලීකා මාරපන පිදුම් ලද අතර නැගී එන රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගත්තේ ලක්ෂ්මන් මානවඩු විසිනි. මෙහිදි සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යුවළ හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයෙන් පිදුම් ලද අතර සනත් අබේසේකර හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. සංගීත ක්ෂේත්‍රයට කළ සේවාව වෙනුවෙන් ගායන ශිල්පී නිහාල් නෙල්සන් පිදුම් ලැබුවේය.මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.යතේජා
CREATIVE
රවීන්ද්‍ර හා රොබින්  අතර කතාබහ කුමක්ද ?රූපයේ දැක්වෙන අයුරෙන් ඔවුන්ගේ කතාබහ රසවත් ලෙස ලියා මේ ඔක්තෝබර් 02 වැනිදාට  පෙර ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.
CREATIVE
‘අභීත දියණිය’ ශනිදා උදෑසන යළිත් ආලින්දයේ මිතුරිය බවට පත්වෙද්දී අභීත දියණිය, දොං යී ට පණ පොවන හන් හියෝ ජූ ගැන නම් අසන්නට ලැබෙන්නේ හොඳ පුවතක් නොවෙයි.හන් ඇයගේ හිටපු පෙම්වතා සමඟ ගත් ආන්දෝලනාත්මක ඡායාරූප එකතුවක් ඇයගේ හිටපු කළමනාකරු විසින් ප්‍රසිද්ධියට පත් කරන බවට තර්ජනය කර ඇයගෙන් මුදල් ඉල්ලා තිබේ. අවසානයේදී හන්ගේ පියා වොන් (වොන් කොරියානු මුදල්ය) මිලියන 10 ක් ගෙවා ප්‍රශ්නය නිරාකරණය කරගෙන තිබේ. ඔවුන් හන්ගෙන් ඉල්ලා සිටියේ වොන් මිලියන හාරසියයක මුදලකි. මෙවැනි ‘බ්ලැක්මේල්’ කිරීම්වලට හන් කොහෙත්ම එකඟ නැත.වෘත්තීය පැත්තෙන් නම් හන් හියෝ - ජූ අතිශය සාර්ථකත්වයට පත් වෙමින් සිටින්නීය. ඇය 2013 බ්ලූ ඩ්‍රැගන් සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය වූවාය. ඒ ‘කෝල්ඩ් අයි’ රංගනයටයි. 
CREATIVE
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට පහළ වූ දින මහා මන්දිරයේත්, දුගී පැල්පතේත් අඳුර එක ලෙසම දුරු වූයේය. මේ ආලෝකයෙන් සිනමාව ද ඒකාලෝක වූයේ අදක ඊයෙක නොවෙයි. විසි වැනි සියවසේ අරම්භය තරම් ඈත අතීතයේ සිටය.සිනමාව අලුත් අත්දැකීමක් වී තිබූ 1902 තරම් ඈත අතීතයේදී ‘ද ලයිෆ් ඇන්ඩ් පැෂන් ඔෆ් ජීසස්’ මුලින්ම ජේසු තුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය වූයේය. 1902 වසරට පසු පුරා වසර තුනක් මේ සිනමාපටය වැඩි දියුණු කරන ලදී. 1905 වසරේදී නැවත තිරගත වූයේ ඒ සිනමාපටයයි. එය එකල බිහි වූ දිගම සිනමාපට අතරින් එකකි. ‘ද ලයිෆ් ඇන්ඩ් පැෂන් ඔෆ් ජීසස් ක්‍රයිස්ට්’ ප්‍රංශ සිනමා නිෂ්පාදනයකි.‘ද කිංග් ඔෆ් කිංග්ස්’ (1927) සිසිල් බී. ඩිමිලේගේ විශිෂ්ටම සහ අවසාන නිහඬ සිනමාපටයයි. හැටේ දශකය වන තුරු ජේසු තුමාගේ චරිතය ඇසුරින් බිහි වූ සාර්ථකම සිනමාපටය වී තිබුණේ මෙයයි.‘ද ගොස්පල් අකෝඩිං ටු සෙන්ට් මතෙව්’ ඉතාලියානු සිනමාපටය නිර්මාණය වූයේ 1964 වසරේදීයි. එයට ගෝල්ඩන් ලයන් සහ ඕ සී අයි සී සම්මාන උළෙලේදී විශේෂ ජූරි සම්මාන හිමි විය. 1966 වසරේදී අමෙරිකාවේ සිනමාපටය තිරගත වූ අතර ඇකඩමි සම්මාන තුනකට ද නිර්දේශ විය.1965 වසරේදී තිරගත වූ ‘ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ්’ විචාරක, ප්‍රේක්ෂක අගැයුමට ලක් නොවූ සිනමාපටයකි.ජේසු තුමා ගැන ගෙතුණු සංගීතමය සිනමපට තුනෙන් එකක් වනුයේ ‘ගෝඩ්ස්පෙල්’ (1973) සිනමාපටයයි. 1973 දී ‘ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්’ සංගීතමය සිනමාපටය බ්‍රිතාන්‍ය නිර්මාණයකි.‘ද මෙසියා’ (1975) කිතුනු විශ්වාසයට වඩා සහෝදරත්වය විෂයය කරගත් සිනමාපටයකි. 2007 වසරේදී ද මේ නමින්ම කිතුනු සිනමාපටයක් තිරගත විය.ජේසු චරිතය වටා ගෙතුණු විශිෂ්ටම සිනමාපටය කියා බොහෝ දෙනකු සලකන්නේ ‘ජීසස් නසරත්’ (1977) ය. සිනමාපටය පැය හයාමාරක් දිගුය. ‘ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට්’ 1988 දී එම නම ඇති කෘතිය ඇසුරින් නිර්මාණය වූ සිනමා සිත්තමකි. මෙය ඇකඩමි සම්මාන සඳහා ද නිර්දේශ විය. වසර 1999 දී තිරගත වූ ‘ජීසස්’ මිනිස්කමේ අගය ලොවට ඉතා ප්‍රබල ලෙස පෙන්නූ සිනමාපටයකි.‘ද මිරැකල් මේකර්’ (2000) සජීවිකරණ තාක්ෂණය මිශ්‍ර කළ කිතුනු සිනමාපටයකි. ‘ද ගොස්පල් ඔෆ් ජෝන්’ (2003) නිර්මාණය ද ඇගැයුමට ලක් විය. 2004 වර්ෂයේදී තිරගත වූ මතභේදයට ලක් වූ ක්‍රිස්තු චරිතය ඇසුරින් ගෙතුණු සිනමාපටය මෙල් ගිබ්සන්ගේ ‘ද පැසන් ඔෆ් ද ක්‍රයිස්ට්’ය.ජේසු තුමාගේ චරිතයට පණ පෙවූ රංගනවේදියෝ:* ‘ද කිංග් ඔෆ් කිංග්ස්’ – එච්. බී. වෝනර්ජේසු තුමාගේ චරිතයට පණ පෙවූ නළුවන්ට ඇත්තේ අඩු ආයු කාලයක් කියා මතයක් තිබුණ ද එච්. බී. වෝනර් වසර 83 ක ආයු කාලයක් භුක්ති විඳ තිබේ.* ‘ද ගොස්පල් අකෝඩිං ටු සෙන්ට් මතෙව්’ – එන්රික් ඉරසොකුයිස්පාඤ්ඤ නළුවකු වූ ඔහු දැන් හැට නව හැවිරිදිය.* ‘ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ් – මැක්ස් වොන් සිඩෝස්වීඩන් ජාතික රංගවේදියකි. අසූ හතර හැවිරිදි ඔහු ‘එක්ස්ට්‍රීමිලි ලවුඩ් ඇන්ඩ් ඉන්කෙඩිබ්ලි ක්ලෝස්’ (2012) රංගනයට ඇකඩමි සම්මාන සඳහා ද නිර්දේශ විය.* ‘ගෝඩ්ස් පෙල්’ – වික්ටර් ගාබර්කැනේඩියානු රංගවේදී වික්ටර් ගාබර්ගේ පළමු රංගනය ගෝඩ්ස්පෙල්ය. ඔහු හැට හතර හැවිරිදි වියේ පසු වෙයි. ටයිටැනික්, ආගෝ වැනි සිනමාපටවල ද වික්ටර්ගේ රංගනයන් දැක ගත හැකි විය.* ‘ද මෙසායා’ (1975) – පියර් මාරියා රෝසිඔහුගේ කුලුඳුල් රංගනය ඇතුළත් වූයේ මේ සිනමාපටයටයි.* ‘ද මෙසායා’ (2007) – ඉරාන නළු අහමඩ් සුලේමානි නියා.* ‘ජීසස් ඔෆ් නසරත්’ - රොබට් පවල්දැන් හැට නව හැවිරිදිය. ඉංග්‍රීසි ජාතික නළුවෙකි.* ‘ජීසස්’ - ජෙරම් සිස්ටෝඅමෙරිකානු නළුවෙකි. තිස් නව හැවිරිදිය. ඔහු 1999 දී ක්‍රිස්තුª චරිතය රඟපෑමට පෙර 1995 දී ‘හයිඩ්අවේ’ සිනමාපටයේ මිනීමරුවකු ලෙස හාත්පසින්ම වෙනස් චරිතයක් රඟපා තිබිණි.* ‘ද මිරැකල් මේකර්’ - රැල්ෆ් ෆීනස්බ්‍රිතාන්‍ය නළුවකු වූ රැල්ෆ් ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වූ නළුවෙකි. පනස් එක් හැවිරිදි ඔහු නවතම බොන්ඩ් සිනමාපටය වූ ‘ස්කයිෆෝල්’, ‘මැග් විච්’, ‘ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්’ රංගනයන්වලින් ද මෑතකදී ජනප්‍රිය විය.* ‘ද පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට්’ – ජිම් කැවීසල්හතළිස් පස් හැවිරිදි අමෙරිකානු නළුවා වඩාත් ජනප්‍රිය වූයේ ‘ද පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට්’ රංගනයෙනි.* ‘ද ගොස්පල් ඔෆ් ජෝන්’ - හෙන්රි ඉයන් කුසික්හතළිස් හය හැවිරිදිය.* ‘ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්’ – අමෙරිකානු නළු ගායක ටෙඩ් නීලේදැන් 70 හැවිරිදිය. අදටත් ඔහු වඩාත් ප්‍රසිද්ධ ක්‍රිස්තු චරිතය නිසයි.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පරාවළලු’ ටෙලි නාට්‍යයේ දිගටම රඟපානවා. ජනක චමින්දගේ ‘නෙතු අද්දර’ රූගත කිරීම් අවසාන වුණා.සරත් ධර්මසිරිගේ වගේම මොහාන් නියාස්ගේ ටෙලි නිර්මාණ කිහිපයකටම රංගනයෙන් සහභාගිවීමට මට ආරාධනා කරලා තිබෙනවා.
CREATIVE
ලොව පැරැණිතම හා සම්භාවනීය සිනමා උළෙල ලෙස සැලකෙන වැනිස් සිනමා උළෙලේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කෙරුණු නිධානය උත්කර්ෂවත් අන්දමින් පසුගියදා වැනිස් නගරයේදී තිරගත විය. නිධානය නවීන තාක්ෂණය යටතේ සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කෙරුණේ අමෙරිකාවේ ලෝක සිනමා පදනම ආධාරයෙනි.මෙම චිත්‍රපටය සංරක්ෂණය කිරීම උදෙසා ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනිය හා ඔහුගේ පුත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පදනමේ අධ්‍යක්ෂ සමීර මානභරණ රන්දෙනිය බෙහෙවින් වෙහෙස වී කටයුතු කළහ. නිධානය පසුගියදා වැනිස් සිනමා උළෙලේදි දෙවරක්ම ප්‍රදර්ශනය කළ අතර ඒ සඳහා සිනමාවේදිනි සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟ රවීන්ද්‍ර හා සමීර ද එයට සහභාගි විය.නිධානය චිත්‍රපටය එලෙස තිරගත වීම සම්බන්ධව පසුගියදා ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් නිවහනේ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී මේ චිත්‍රපටය සංරක්ෂණය කිරීම පිළිබඳ නිදාන කතාව ආචාර්ය ලෙස්ටර් සහ රවින්ද්‍ර රන්දෙනිය විසින් හෙළිදරව් කරන ලදී.ගත වූ කාලය ඇතුළත මෙරට සිනමවේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස තෝරා ගැනුණු නිධානය ලෝක සිනමාවේ හොඳ චිත්‍රපට ගොන්නෙහි ලා ද සැලකුණි. ලෝක උරුමයක් ලෙස සලකා එය සංරක්ෂණය කළ ලෝක සිනමා පදනම ලෝ පසිඳු සිනමාකරු මාටින් ස්කොසිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නක් අතර ඒ සඳහා නිධානය යොමු කළේ ඉන්දීය සිනමාකරු ශිවේන්ද්‍ර සිං විසිනි. ලෝක සිනමා පදනමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩග්ලස් ලයිබල් ද මේ සඳහා දායක වූයේය.නිධානය චිත්‍රපටය මෙරටට අහිමි වූයේ සංරක්ෂණාගාරයක් නැතිවීමේ හේතුවෙනි.චිත්‍රපට සංරක්ෂණයේ අවශ්‍යතාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හෙළිදරව් කරන ලද්දේ 1957 වසරේ වන අතර එය තවමත් ඔහුගේ බිඳුණු සිහිනයක් බැව් මේ සාකච්ඡාවේදී කියා සිටියේය.ඕනෑම චිත්‍රයක්, මූර්තියක් විනාශ වුවහොත් යළි එය ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කළ හැකි වුවත් චිත්‍රපටයක් විනාශ වුවහොත් එය යළි පෙර ආකාරයෙන්ම තනන්නට නොහැකි බැව් මෙහිදී සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ජී. පත්මරාජ් පවසා සිටියේය.ඔහු සීමාසහිත සිනමාස් සමාගමේ වත්මන් සභාපතිවරයා ද වෙයි. නිධානය චිත්‍රපටය සිනමාස් සමාගමට පැවරුණේ එය නිපද වූ සිලෝන් ස්ටුඩියෝ සමාගමේ වත්කම් පවරා ගත් හෙයින් බව ද පත්මරාජ් පැවසීය.ඡායාරූප - සමන්ත වීරසිරිජයසේකර අපොන්සු ජේ. ඒ. චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කරන ‘දිල්කා දේකා’ සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පසුගියදා මෝදර කෝවිලේදී පැවැත්විණි.සනෝජා බිබිලේ, චංචලා වර්ණසූරිය, දිමුතු චින්තක, එඩ්වින් පීරිස්, තරංග දිසානායක, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, තිස්ස ඩයස්, තාරුකා අංජලී, අමා දිල්රුක්, ගාමිණී කුලසේකර, ගයාන් මාපලගම, ගාමිණී කොස්තා මෙහි රංගනයෙන් එක්වෙති.දිල්කා දේකා කතාව, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ජයසේකර අපොන්සු ගෙනි. කැමරාව සහ සංස්කරණය ඩිලාන් ගුණවර්ධන විසිනි. මෙහි රූගත කිරීම් ඔක්තෝබර් 07 වැනිදා සිට නුවරඑළියේදී ආරම්භ කිරීමට නියමිතය.
CREATIVE
චිත්‍රපටයක සහාය අධ්‍යක්ෂවරයා සතු කාර්ය කුමක්ද?රත්න කහඳව - අලව්ව, කැකුලාවලචිත්‍රපටයක් යනු අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය නම් එකී කෘතිය සාර්ථක කර ගැනීම සඳහා අතිශයින්ම වගකිව යුතුª පුද්ගලයා වන්නේ සහාය අධ්‍යක්ෂවරයායි. සහාය අධ්‍යක්ෂවරයා යනු අධ්‍යක්ෂවරයාගේ සහායකයා නොවේ. එමෙන්ම ඔහු අනාගතයේ චිත්‍රපට අධ්‍යක්ෂණයට පුහුණු වන්නෙකු ද නොවේ. අධ්‍යක්ෂවරයාට නිර්මාණය කිරීමේ පූර්ණ නිදහස ලබා දී එහි පරිපාලනමය වගකීම සහමුලින්ම පැවැරෙන්නේ සහාය අධ්‍යක්ෂවරයාටයි. මේ නිසා ලෝකයේ සමහර නිිර්මාණයන් හී අධ්‍යක්ෂවරයාටත් වඩා චිත්‍රපට නිෂ්පාදන කාර්යයේ වැඩි වගකීමක් පැවැරෙන්නේ සහාය අධ්‍යක්ෂවරයාටයි.ලෝකයේ ඇතැම් චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරුන් කිසි කලෙකත් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ නැහැ. ඔවුන්ගෙන් සමහරෙකුට චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නත් බැහැ. හැබැයි සහාය අධ්‍යක්ෂණ කාර්යයේදී ඔවුන් තරම් අපූූරුවට එය අන් කිසිවෙකුටත් කරන්නත් බැහැ. චිත්‍රපට සහාය අධ්‍යක්ෂණයේදී පළමුවැනි සහාය අධ්‍යක්ෂ යටතේ නිෂ්පාදන කළමනාකරු ඇතුළු පිරිස කටයුතු කරනවා. දෙවැනි සහාය අධ්‍යක්ෂ යටතේ දිනයට අදාළ කටයුතු සැලසුම් කෙරෙනවා. සමහර චිත්‍රපට රූගත කරද්දී ඔවුන් සමඟ හැමදාම වැඩ කරන්න එක් විශ්වාසවන්ත සහාය අධ්‍යක්ෂවරයෙකු තෝරා ගන්නවා. ඇල්ෆ‍්‍රඩ් හිච්කොක්ට හැමදාම සහාය අධ්‍යක්ෂ වුයේ ජේම්ස් මැක්ටගීයි.මගේ නංගී ශ්‍යාමා, හලෝ ශ්‍යමා, චණ්ඩි ශ්‍යාමා වැනි චිත්‍රපටවල රඟපෑ එම්. එස්. ආනන්දගේ දියණිය ශ්‍යාමා ආනන්ද දැන් කෝ?එම්. කරුණාදාස - ඉඳුරුවදැන් ඇය විවාහ වී කැනඩාවේ පදිංචියි. දැනට වසරකට පමණ පෙර ඇය පිළිබඳ ලිපියක් සරසවියේ පළ වුණානේ කරු.විජය හා මාලිනී රඟපෑ උන්නත් දාහයි මළත් දාහයි, ආදරෙයි මං ආදරෙයි, සැලී, සෙලීනාගේ වලව්ව, බඹරු ඇවිත්, දහකින් එකෙක්, වරදට දඬුවම් යන චිත්‍රපටවල ඩී. වී. ඩී පිටපත් නොමැතිද?චන්න ජයසුන්දර – යක්කල , චන්නගමනැහැනේ , චන්න.වැඩිම ගීත සංඛ්‍යාවක් අඩංගු වූ හින්දි චිත්‍රපටය කුමක්ද? එහි සංගීත අධ්‍යක්ෂවරයා කවුද?කේ. ජී. සෝමදාස - තම්මිටචිත්‍රපටය ඉන්ද්‍රසභා. 1935 දී තිරගත කළ මෙහි ගීත 69 ක් අඩංගු වුණා. ජේ. ජේ. මදාන් අධ්‍යක්ෂණය කළ එහි සංගීතය මෙහෙය වූයේ නගර්දාස් නායක් විසිනි.විජය, මාලිනී රඟපෑ අවසාන චිත්‍රපටය කුමක්ද?වී. ඒ. ශාමිලා නදීමාලි - ගම්පහමධුසමය චිත්‍රපටය.හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා රචනා කළ නවකතා මොනවාද? ඒවායින් චිත්‍රපටවලට නැඟුන කතා මොනවාද?ඩඩ්ලි ගෝමස් – මොරටුවහිතවතිය, ජීවන කඳුළු, පෙම්වතිය, රන්මිණි මුතු, ගොළු මුහුද. මෙයින් හිතවතිය, ජීවන කඳුළු, රන්මිණි මුතු සිනමාවට නැඟුනා.‘කුරුලුබැද්ද ’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එඩ්මන් ජෝන් අමරතුංග මහතාද? පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාද?හේවගේ සිරිල් ප්‍රනාන්දු - දෙල්පකඩවරඑඩ්මන් ජෝන් අමරතුංග මහත්මයා.බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළිය කාජල්ගේ නමේ ඉතුරු ටික මොකක්ද?වී. ඒ. ශෂිකලා සෙව්වන්දි - අස්ගිරියඑයා කාජල් මුකර්ජි. රාණි මුකර්ජිගේ ඥාති සොහොයුරියක්.තරු මිහිරට වරක් සහභාගි වුණ කෙනෙකුට නැවත වරක් සහභාගි විය හැකිද?කරූ මන්දාවල – නාත්තන්ඩියපුළුවන්. ඕනැම වතාවක් ඕනෑම පාඨකයෙකුට සහභාගි වෙන්න පුළුවන්.පද්මසිරි කොඩිකාරගේ සදාදර ජෝති චිත්‍රපටය තිරගත වෙන්නේ කවදාද?සුදත් නිශාන්ත – මීගමුවඒක අහන්න ඕනෑ කොඩිකාර මහත්තයාගෙන්ම තමයි සුදත්.කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි ගීතය මුලින්ම ගැයුවේ කවුද? ජෝති ද, චිත්‍රා සෝමපාලද?ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූවචිත්‍රා සෝමපාල මහත්මිය.තිරයේ සටන් වීරයා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දැන් කෝ? ඔහු සමඟ සරසවිය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේ නැහැ නේද?නිරන්ජන් පෙරේරා - වෙන්නප්පුව, කොට්ටාමුල්ලමීට මාස කිහිපයකට පෙර ඔහුගේ ලිපියක් පළ වුණා. ඔහු හොඳින් ඹ්වත් වෙනවා.ගාමිණී ෆොන්සේකා හා ස්වර්ණා මල්ලවආරච්චි එකට රඟපෑ චිත්‍රපට මොනවාද?කමල් ප්‍රියන්ත – නක්කාවත්තහොඳම වෙලාව, චංචල රේඛා.අශෝකමාලා චිත්‍රපටයේ රඟපෑ එමිලින් දිඹුලාන වෙනත් චිත්‍රපවල රඟපා තිබේද?විල්බට් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්නැහැ, ඇය රඟපෑවේ එහි පමණයි .(අර්ජුන්)සැකසුම - සංජීව බාලසූරිය
CREATIVE
සම්මානීය කැමරා අධ්‍යක්ෂවරයකු වන ජයනාත් ගුණවර්ධන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් කලඑළියට එන පරාවර්ථන සිනමාපටය අද සිට රීගල් ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹේ. විශිෂ්ට රංගධර සොමී රත්නායක, බිමල් ජයකොඩි, නලීන් ප්‍රදීප් උඩවෙල, දුලානි අනුරාධා, පුබුදු චතුරංග, ගීතා කාන්ති ජයකොඩි, මොරින් චාරුනී, සංජය ලීලාරත්න, සරත් කොතලාවල, සමන් අල්මේදා, එරංග ජීවන්ත, සුනෙත් මැල්සිරිපුර, චතුර පෙරේරා, ජයතිස්ස අතුලසිරි, නිල්මිණි කෝට්ටේගොඩ, ජනක රණසිංහ පරාවර්ථන රංගනයෙන් දායක වෙති.
CREATIVE
ලොකු කුඩා කාගේත් රස වින්දනයට පාත්‍ර වූ බැට් මෑන් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය පසුගියදා ලොව වටා තිරගත කිරීම ආරම්භ කෙරිණි.ඒ අතර ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේඅවුරෝරා හි සිනමා ශාලාවක බැට් මෑන් නවතම චිත්‍රපටය වන ‘ද ඩාර්ක් නයිට් රයිසස්’ චිත්‍රපටයේ මධ්‍යම රාත්‍රී දර්ශනය අතරතුරේදී වෙඩි තැබීමක් සිදු විය.පසුගිය 20 වැනිදා රාත්‍රී මෙම බිහිසුනු සිදුවීම සිදුව තිබුණේ අවිරෝරා හි සෙන්චුරි සිනමා ශාලාවේදීය. එම රාත්‍රිය බිහිසුණු වූයේ ගෑස් ආවරණයකින් මුහුණ වසා ගත් අයෙකු විසින් සිදු කරන ලද මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මරණයට පත්ව තවත් 58 දෙනෙකු තුවාල ලැබීම හේතුවෙනි. මෙම සිදුවීමට මුහුණ දී මියගිය අය අතර වූ ලාබාලම තැනැත්තිය වූයේ වයස අවුරුදු 06 ක් පමණ වූ සිඟිති දැරියකි. මෙම සිදුවීමෙන් 10 දෙනෙකු අදාල ස්ථානයේදීම මරණයට පත් වූ අතර තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෑත කාලයේදී ඇමරිකාවේ සිදු වූ විශාලම සමූහ ඝාතනයක් ලෙස හඳුන්වන මෙම සාහසික අපරාධය සිදු කළ පුද්ගලයා මේ වන විට අත් අඩංගුවට ගැනීමට කොලරාඩෝ ආරක්ෂක අංශ සමත් වී ඇත.ඒ අනුව මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 24 ක් වූ ජේම්ස් හෝම්ස් නම් තැනැත්තෙක් විසිනි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ උපාධිධරයෙක් වන ඔහු 2010 වසරේදී උපාධිය ලබා විශ්ව විද්‍යාලයෙන් පිටව ගොස් තිබේ. එහි තොරතුරුවලට අනුව නම් ජේම්ස් හෝම්ස් දීප්තිමත් සිසුවෙක් බවට කරුණු අනාවරණය වී ඇත.ආරක්ෂක අංශ සොයා ගෙන ඇති තොරතුරුවලට අනුව ඔහු පසුගිය මාස කිහිපය තුළදී උණ්ඩ සහ තුවක්කු 4 ක් මිල දී ගෙන ඇති බවට තෙරතුරු හෙළි වී තිබේ.ඒ අනුව හෝම්ස් විසින් මෙම ප්‍රහාරය කලින් සැළසුම් කර සිදු කරන ලද්දක් බවට පොලීසිය සැක පළ කරයි. කළු පැහැති කොණ්ඩයක් හිමි හෝම්ස් සිය කොණ්ඩය රතු පැහැයෙන් වර්ණ ගන්වා සිනමා ශාලාවට ගොස් ඇති බවත් ආරක්ෂක අංශවල සැකය එල්ල නොවනු පිණිස ඔහු මෙම පියවර ගන්නට ඇති බවත් කොලරාඩෝ පොලීසිය සඳහන් කරයි.කෙසේ නමුත් හෝම්ස් කුමන අරමුණකින් මෙම අපරාධය සිදු කරන්නට ඇතිදැයි ආරක්ෂක අංශ තවමත් කරුණු අනාවරණය කරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ. කාර්යබහුල ජීවිතයෙන් මිදී විනෝදය පිණිස චිත්‍රපටයක් නැරැඹීමට පැමිණ සිටි පිරිසක් ඉලක්ක කර සිදු කරන ලද මෙම සාහසික අපරාධය පිළිබඳ නීතිය අකුරට ඉටු කරන ලෙස ඇමරිකානු ජනපති බැරක් ඔබාමා අදාල නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.එමෙන්ම මරණයට පත්වූවන්ගේ ඥාතීන් හා තුවාල ලැබූවන් හමුවීමට ද ජනපති ඔබාමා අමතක නොකළ බවත් එහි සඳහන්.බැට් මෑන් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය වන ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘ද ඩාර්ක් නයිට් රයිසස්’ චිත්‍රපටය පසුගිය 16 වැනිදා නිව්යෝක් නගරයේ තිරගත කිරීම ආරම්භ කරන ලදී.ජූලි 19 වැනිදා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ද, 20 වැනිදා උතුරු ඇමරිකාව සහ එක්සත් රාජධානියේ ද තිරගත කිරීම ආරම්භ කෙරිණි. ක්‍රිස්ටීන් බේල්, මයිකල් කේනි, ග්‍රේ ඕල්ඩ්මෑන්, ඈන් හාත්වේ, ටොම් හාඩි ඇතුළු හොලිවුඩ් තරු රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයට ඇමරිකානු ඩොලර් මිලියන 250 කට අධික මුදලක් වැය කර තිබේ.බැට් මෑන් 3 තිරගත වීම ආරම්භ කළා පමණි. ප්‍රේක්ෂකයන් 12 ක් මරණයට පත් කර තවත් 58 දෙනෙකුට තුවාල සිදු කරන්නට ජේම්ස් හෝම්ස් තරුණයා තීරණය කළේ ඇයි? ඔහු යම්කිසි මානසික රෝගයකින් පෙළුනේද? නොඑසේ නම් මෙම සිදුවීම පිටුපස යම් කිසි සංවිධානයක් සිටිත්ද? යන ප්‍රශ්නවලට පිළිතුරු කොලරාඩෝ ආරක්ෂක අංශ විසින් නුදුරේදීම සොයා ගනු ඇත.කෙසේ නමුත් මෙම ප්‍රහාරය බැට් මෑන් චිත්‍රපටයේ ඉදිරි ගමනට කුමන ආකාරයේ බලපෑමක් සිදු කරයි ද යන්න පිළිබඳව නම් කිසිවකුට තීරණය කළ නොහැකි වනු ඇත.යතේජා ඥානරත්න
CREATIVE
ගායන අංශයේ කිරුළ චනුකටඅනු සූරතාව ගයාන්ටරට පුරා විසිරී ඇති හයිඩ්‍රාමණි කර්මාන්ත ජාලයේ සේවය කරන තරුණ තරුණියන් 30,000 ක පමණ පිරිසකගේ සෞන්දර්යය හා සාහිත්‍ය කලා හැකියාවන් ඇති තරුණ පිරිසක් වෙනම හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළේ පළමු අදියර ‘සන්නාලි සිහිනය’ රියැලිටි තරග මාලාව කළ එළි දුටු දා ජයග්‍රහණ ලබාගත් අපේ සහෝදර සහෝදරියන් පිළිබඳ කෙටි පිළිසඳරකි මේ.ඇඟලුම් ක්ෂේත්‍රයට රියැලිටි වැඩසටහන ගෙන එමින් නර්තන, වාදන, ගායන හැකියාවන්ට අමතරව තරුණ තරුණියන් තුළ සැඟව ඇති කවි, ගී, කෙටි කතා ලිවීමේ සාහිත්‍යමය හැකියාවන් ද, චිත්‍ර ඇඳීමට හා නිවේදන කටයුතුª කිරීමට ඇති හැකියාවන් ද ලොවට පෙන්වීමට ගත් පළමු උත්සාහයයි මේ.සේද කිරුළ තරග මාලාවේ ගායන අංශයෙන් ප්‍රථම ස්ථානය චනුක රිද්මාල් හිමිකර ගත්තේ ජනප්‍රිය ගායක සේනානායක වේරලියද්ද ගායනා කළ මීන නුවන් යුග ගීතය ගායනා කරමිනි. සී. කේ. ටී. ඇහැලියගොඩ ආයතනයේ කාර්ය අධ්‍යයන නිලධාරී ලෙස කටයුතු කරයි.යටියන්තොට ජාතික පාසලෙන් සහ එලගල්ල කනංගමුව රාජසිංහ විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ චනුක ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳ හදාරා ඇත්තෙකි. පාසල් අවදියේ සිට වාදනයට, ගායනයට මෙන්ම ක්‍රීඩාවට ද යොමු වී සමස්ත ලංකා තරඟ රැසකින් ජයග්‍රහණ ලැබූවෙකි. වැඩිමල් සහෝදරයාගේ මඟ පෙන්වීම ඔස්සේ මෙම ආයතනයට බැඳුණු ඔහු දැනට වසර 1 1/2 ක පමණ කාලයක සිට එහි සේවය කරයි.පවුලේ වැඩිමලා වූ චනුකට පාසල් යන සහෝදරියක් සහ සහෝදරයෙක් සිටී. මවුපිය සෙනෙහසේ වැඩෙන චනුකගේ ඉදිරි බලාපොරොත්තුව වනුයේ තම ආයතනයේ යෙදී සිටියදීම ගායන හැකියාව තුළින් ඉදිරියට යෑමයි. තරගයේ ජයග්‍රහණයෙන් ලැබුණු රුපියල් ලක්ෂ තුනක මුදල උසස් අධ්‍යාපනය සඳහා යොදවන්නට බලාපොරොත්තුවෙන් සිටී.සේද කිරුළට හිමිකම් කියූ චනුක තම ආයතනයේ කළමණාකාරීත්වයටත්, තරග මාලාව සංවිධානය කළ සැමටත්, තම සහෝදර සේවක සේවිකාවන්ටත්, තරගයේදී පුහුණු අවස්ථා ලබාදුන් සැමටත්, පාසල් අවදියේ සිට අත්වැල් බැඳගත් යහළු යෙහෙළියන්ට සහ ඔහුගේ ආදරවන්තියට ස්තුති කරන්නට ද අමතක නොකළේය. චනුකගේ ඉදිරි බලාපොරොත්තුව දිනෙන් දින සඵල වේවායි සරසවිය අපගේත් පැතුමයි!සේද කිරුලේ ගායන අංශයේ අනුශූරතාව ඔහු දිනා ගත්තේ සුනිල් එදිරිසිංහයන්ගේ සදාකාලික නොවූ ලෝකයේ ගීතය ගායනා කරමිනි. සී. කේ. ටී. කිරිඳිවෙල ආයතනයේ නිෂ්පාදන පුහුණු සුපරීක්ෂක ලෙස ගයාන් සේවය කරයි. මහරගම ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගයාන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත. පාසල් අවදියේ සිට සංගීතයට මෙන්ම ක්‍රීඩාවට යොමු වී සමස්ත ලංකා තරග රැසකින් ජයග්‍රහණ ලැබූවෙකි. තවමත් මවුපිය සෙනෙහසේ වැඩෙන ගයාන්ට පාසල් යන සහෝදරියක් සිටී.සේවයට බැඳී මාස පහක වැනි කෙටි කලක් තුළ තම දක්ෂතා පෙන්වමින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක ත්‍යාග මුදලක් හිමි කරගත් ගයාන්ගේ බලාපොරොත්තුව වන්නේ තම ආයතනයේ නම රැක ගනිමින් තම රැකියාවෙන් සහ ගායන අංශයෙන් ඉදිරියට යෑමයි.අධ්‍යාපනය ලැබූ පාසලේ ගුරුවරුන්ටත්, තම පවුලේ ඥාතීන්ටත්, ආයතනයේ කළමනාකාරීත්වය ඇතුළු සමස්ත සේවක සේවිකාවන්ටත්, ඔහුට මෙම දක්ෂතාව ලොවට පෙන්වීමට ඇඟලුම් ක්ෂේත්‍රයට රියැලැටි වැඩ සටහන හඳුන්වා දුන් සැමටත් තම ආදරවන්තිය වන හිරුටත් ස්තුති කළේ ජයග්‍රහණයේ සතුට බෙදාහදා ගනිමිනි.සටහන – තිස්ස ධම්මික ඡායාරූප – ප්‍රසාද් සමරතුංග  
CREATIVE
ජාතික රූපවාහිනියේ නව සභාපතිවරයා වශයෙන් විමල් රූබසිංහ මහතා පසුගියදා පත්කරනු ලැබිණ.ඔහු මීට ප්‍රථම පරිසර අධිකරියේ සභාපතිවරයා වශවෙන් කටයුතු කරන ලදී. වසර ගණනාවක් පරිපාලන නිලධාරිවරයකු ලෙස ඉමහත් සේවයක් කළ ඒ මහතා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් තනතුර ද හොබවා ඇත.අභිනවයෙන් පත්වූ රූපවාහිනියේ නව සභාපතිවරයාට ‘සරසවිය’ මෙසේ සුබ පැතුම් එක් කරමු.- ප්‍රසාද්ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරගේ මෑණියන් වන ඩේසි ග්ර්ට්රූඩ් විජේසේකර පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූනව වන වියේ පසු වූ ඇයගේ අවසාන කටයුතු බැද්දේගාන සුසාන භූමියේදී පැවැත්විණි.-තිලානි
CREATIVE
සඳ රැජිනියනේ වැජඹෙන ගුවන අරා දුටුවද මාගේ හද දිනු සුපෙම්බරා තරු පායා දිලි දිලි මෝරා එනවාද මඟ තෝරාසුළඟ හමා එන දසතින්නේ ඔහුගේ සුවඳ ද ගෙන එන්නේ ළා දළු පොපියා නැළවෙන්නේ ඒ කට හඬ මට පවසන්නේරන් විමනේ නිල් අඹරෝරේ ඔබ රූපය එවනා බව තේරේ පා ඔසවා පෙම් ගං තීරේ එනු මා වෙත දී ශෘංගාරේගී පද – කරුණාරත්න අබේසේකරසංගීතය – එම්. කේ. රොක්සාමිගායනය - සුජාතා අත්තනායකඅධ්‍යක්ෂණය - ඊ. රත්නම්- සුලෝචන වික්‍රමසිංහ
CREATIVE
අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා නිමාවිය.ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒ සොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි.මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි.ගම්පහ දිස්ත්‍රික්කයෙන්, සමිතුරු යෞවන සමාජය, බස්නාහිර පළාත නියෝජනය කරමින් ජාතික යෞවන සම්මාන 2012 ප්‍රදානෝත්සවයේදී සාම්ප්‍රදායික සිතුවම් අංශයෙන්, සූවිසි විවරණ සිතුවම ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත් කඳානෙ පදිංචි ඊ.ඒ.චාමර එදිරිසූරිය පිළිබඳව හදුන්වා දීමට අද යංග් ටැලන්ට් තීරුව වෙන් කෙරේ.පාසල් අවදියේ සිටම චිත්‍ර ඇදීම ප්‍රගුණ කළ චාමර කැලණිය විශ්වවිද්‍යාලයේ කලා අංශයෙ බාහිර උපාධියක් හදාරමින් සිටී.චිත්‍ර කලාව වැඩිදියුණු කරගැනීම සදහා පත්සිළු භවන් කලා නිකේතනයට බැදුනු චාමර අද එම කලා නිකේතනයේ ගුරුවරයෙක් ලෙසද කටයුතු කරයි.පාසල් අවධියේ සිටම සිතුවම් තරගවලට සහභාගි වී කලාපීය, දිස්ත්‍රික්,පළාත්,ජාතික මට්ටමෙන් පැවැති බොහෝ තරගවලදී පළමු,දෙවැනි,තෙවැනිස්ථාන හිමිකරගත් චාමර ජාතික තරුණසේවා සභාව පැවැත්තු යෞවන සම්මාන උළෙලේදී සාම්ප්‍රදායික සිතුවම් අංශයෙන් 2010,2011,2012 යන වර්ෂතුනේදීම ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.සාම්ප්‍රදායික සිතුවම් පිටපත්,නව නර්මාණ,ප්‍රකාශන,කැටයම්,මූර්ති,යන සෑම අංශයකින්ම දස්කම් දක්වන චාමර වැලිසර මූලගන්ධ කුටි විහාරයේ වාහල්කඩ නිර්මණය කිරීමටද දායක වී තිබේ.බප/මිග ධර්මාශෝක මහා විද්‍යාලය,බප/මිග ක්‍රිස්තුරාජ ජාතික පාසල, අධ්‍යාපනය හදාරන අවධියේදී චිත්‍ර ඇදීමට කියාදුන් සිරියාවතී,වික්‍රමරත්න,මාලිකා සෙනෙවිරත්න ගුරුවරුන්ටත්, තමන්ගෙ කලා හැකියාවන් හදුනාගෙන එය වැඩි දියුණු කර චිත්‍ර කලාවට තමන්ව නැඹුරු කළ කේ.එම්.පසිදු ගීත් නිමන්ත ගුරුතුමාටත්, ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය රත්නපාල ද සිල්වා ගුරුතුමාටත්,තමන් ගේ කලා කටයුතු රිසිසේ කරාගන යාමට නිරන්තරයෙන් සහය දෙන මව්පියන්ටත් ස්තූති කළේය. චිත්‍ර , කැටයම්,මූර්ති,කලාව රැකගනිමින් ඊළඟ පරම්පරාවට මෙය කියාදීම චාමරගේ බලාපොරොත්තුවයි.තිස්සඡායා - ටෙනි
CREATIVE
රිදම් ගුවන් විදුලිය මෙම මස 08 වැනිදා එනම් එන ඉරු දින සිය පස් වැනි සංවත්සරය සමරනු ලබයි. සිංදු වැඩ කෝටියයි යන තේමාව යටතේ ශ්‍රාවකයන්ට අලුත් යමක් දායාද කරමින් සිටින එය නව පරපුරේ නිර්මාණකරුවන්ට ද ලබා දෙන්නේ නොමඳ අත්වැලකි.වසර පහක් මුළුල්ලේ රිදම් නාළිකාව පැමිණි ගමන් මඟ එදින සමරනු ලබන්නේ විශේෂිත වූ සංගීත ප්‍රසංගයක් සමඟිනි.අපේ වර්තමාන තේමාවට අමතරව අපිට වසර පහක් නිසා පංකාදු පහයි යනුවෙන් තවත් තේමාවක් එකතු කළා. ඒත් එක්කම මේ අවුරුදු පහේ සතුට සමරන්නේ බෑන්ඩ් පහක් එකම වේදිකාවකට නංවලා.සීදූවේ සකුරා, සන්ෂයින්, සහරා, ෆීඩ්බැක් සහ සකුරා රේන්ජ් තමයි ඒ බෑන්ඩ් පහ. ඔවුන් සමඟ ආර්ටිස්ලා විසි පහක් ගෙන්නලා මුළු රටේම රිදම් එදාට රිද්මය පතුරවනවා. උදෑසන 8 ට ආරම්භ වන ෂෝ එක එදින රෑ වෙනකම්ම තියෙනවා. ශ්‍රාවකයන්ට රස වින්දනයක් ලබාදීමයි අපේ එකම අරමුණ.එලෙස අදහස් දැක් වූයේ රිදම් ගුවන් විදුලියේ වර්තමාන වැඩසටහන් කළමනාකරු චමිල ලොකුනාරංගොඩයි.ප්‍රසාද්
CREATIVE
කැනඩාවේ 38 වැනි මොන්ටියෙල ලෝක සිනමා උළෙල නියෝජනය කිරීමට නිලෙන්ද්‍ර දේශපි‍්‍රයගේ තන්හා රති රඟා සහ මලිත් හෑගොඩගේ දැකලා පුරුදු කෙනෙක් යන චිත්‍රපට වරම් ලබා ඇත. එම උළෙල මෙම මස 21 සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා නුවරදී පැවැත්වෙනු ඇත. දැකලා පුරුදු කෙනෙක් සිනමා පටයේ ලෝක මංගල දැක්ම වන්නේ මෙයයි. මීට ප්‍රථම ප්‍රසන්න විතානගේගේ ඉර මැදියම මෙම උළෙලේ ප්‍රධාන තරගකාරි අංශය නියෝජනය කළේය. ඔහුගේම ඔබ නැතුව ඔබ එක්කහි ලෝක මංගල දැක්ම ද පැවැත්වුයේද මොන්ට්‍රියෙල් උළෙලේදී වේ.- ප්‍රසාද්
CREATIVE
මා උගන්වන සිංහල පන්තිවලට නිවාඩුයි. ඒ ළමයි විභාගය ලියන නිසයි. නැවතත් පන්ති ආරම්භ කරන්නේ සැප්තැම්බර් මාසයෙයි. ඒ ලැබුණු විවේකයේ මා සූදානම් වන්නේ මගේ කෙටි කතා සංග්‍රහය සම්පූර්ණ කරන්නයි. ඒ සඳහා කෙටි කතා කිහිපයක් ලියා තිබෙන මුත් තවත් කිහිපයක් පමණ අඩු නිසා මා මේ දවස්වල කෙටි කතා ලියමින් තමයි ඉන්නේ.
CREATIVE
රංගන ශිල්පිනීසංජීවනී වීරසිංහමේ සතියේ දී මම නම් තවත් අවුරුද්දකින් වයසට යන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ව්‍යාපාරික කටයුතු වගේම ‘චායා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් දායක වෙමින් කාලය ගත කරන්නේ. ඊට අමතරව පසුගිය දා මට ඔරිෆ්ලේම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ රන් අධ්‍යක්‍ෂිකාවක් විදියට සම්මානයක් හිමි වුණා.ඉදිරියේදී එහි විදෙස් සංචාර සහ සෙලින්කෝ ලයිෆ් වෙළෙඳ නාම තානාපති විදියටත් විදෙස් සංචාර කිහිපයක්ම යෙදිලා තියෙනවා. මේ හැම වැඩ කටයුත්තක්ම අතරේ නිවසේ වැඩ කටයුතුවලටත් කාලය වෙන් කරලා තියෙනවා.තිලානි / යතේජාඡායාරූප - ටෙනී / මාලන්
CREATIVE
රංගන ශිල්පීරොෂාන් රණවනමේ දවස්වල මම වැඩිපුර ටෙලි නාට්‍ය කිහිපයකම රංගන කටයුතුවල නියැළෙනවා. මගේ රංගනය රැගත් ‘පාරාවළලු’ වගේම ‘රනා’ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට පිවිසෙන නිසා ඉදිරියේදී ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබේ යැයි මා සිතනවා. මම මේ දැන් ඉන්නෙත් හපුතලේ. ඒ ‘සඳ සේයා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරයි. අප්‍රේල් මාසයේ ආරම්භ කිරීමට නියමිත චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා.තිලානි / යතේජාඡායාරූප – ටෙනී / මාලන්  
CREATIVE
මේ දවස් නම් ටිකක් විවේකීව ඉන්නේ. ලබන සතියේ පුතාලාට ඉස්කෝලෙ පටන් ගන්න නිසා ටිකක් වැඩ වැඩි වෙයි.මම හිරු ටී. වී. ආයතනයත් සමඟ එක්ව කටයුතු කරන නිසා වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරෙන වැඩ සටහන් රැසකුත් යොදාගෙන තියෙනවා. මම කැමරා අධ්‍යක්ෂණය කළ අලුත් ෆිල්ම් එකකුත් තිරගත වෙන්න නියමිතයි.ඒ වගේම ඉදිරියේදී තව අලුත් චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරන්නත් යොදාගෙන තියෙනවා. ඒ වගේම මේ සතියේදී මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ජීවිතයේ අලුත්ම බලාපොරොත්තු රැසක් සමඟින් මෙවර උපන් දිනය යළි ඉපදීමක් ලෙසින් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
CREATIVE
රූපාන්තරණ හරහා රිදී තිරයට ආඅලුත්ම කතා නායිකාව ෂෙලා හමුවෙමුනාලක විතානගේ අධ්‍යක්ෂණය කළ රූපාන්තරණ චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව හොබවන ඇය ෂෙලා නතානියෙල්. තම පළමු රංගනයේදීම පෑ දස්කම් නිසාත්, ඇගේ ආගන්තුක රුව නිසාත් මේ දිනවල ෂෙලා ජනප්‍රිය තාරකාවක් බවට පත් කරන්නට සමත් වෙලා. මේ ෂෙලා සරසවිය සමඟ එකතු වූ අපූරු මොහොත.‘ෂෙලා’ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට වෙනස් නමක්?ඔව්. පළමු චිත්‍රපටයෙන්ම හොඳ ප්‍රතිචාර ලැබීම ගැන මගේ හිතේ තිබෙන්නේ උතුරා පිටාර ගලන නිහතමානී සතුටක්. මම ඉපදුණේ මැද පෙරදිග. මගේ අම්මා ලංකාවේ. තාත්තා පන්ජාබ්. මම ඉගෙන ගත්තේ පිටරටවල. මගේ තාත්තා ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙක්. ඒ නිසා විවිධ රටවල අධ්‍යාපනය ලබන්නට හැකි වුණා. ‘ෂෙලා’ කියන නම ලංකාවෙ හැමෝටම ආගන්තුකයි. ඒත් මං ලංකාවට ආගන්තුක නැහැ.ඔබ ලංකාව සමඟ සබඳතාවයක් තිබුණාද කලක සිට?ඔව්. මගේ අම්මා නුවර කාන්තාවක්. ඒ නිසාම ලෝකේ කොහේ හිටියත් අපි චූටි කාලේ ඉඳලා නුවර පෙරහැර බලන්න එනවා. ඒක හරි ආනන්දනීය අත්දැකීමක්. පෙරහැර බලන්න ආවම අපි නෑදෑයෝ හැමෝගෙම ගෙවල්වල යනවා. මට ඒ කාලේ ඉඳලම සිංහල කතා කරන්න පුළුවන්. ඒත් ලියන්න කියවන්න බැහැ.පිටරට දී කලාවත් එක්ක සම්බන්ධ වෙලා හිටියද?ඇත්තටම ඉස්කෝලේ කාලෙදි ගායනයට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම විවාද තරග, නාට්‍යවලටත් සම්බන්ධ වුණා. ඒත් පූර්ණකාලීන කලාවේ හිත යොමුවෙලා තිබුණේ නැහැ.ඔබ කරළියට පැමිණෙන්නේ නිවේදිකාවක් විදියට?ඔව්. සී. ටී. වී නාලිකාවේ මම චාර්ට් ෂෝ එකක් කළා. හොඳ ෆීඩ් බැක් එකක් හම්බ වුණා. මං ඒකෙන් උපරිම සතුටට පත් වුණා.මේ වැඩසටහන හරහා ඔබේ ජීවිතය වෙනස් වෙනවා නේද ෂෙලා?ඔව්. මේ වැඩසටහනේ සියළුම නිර්මාණ කටයුතු සිදු කළේ ඒෂාන් මොටාගෙදර. ඔහු මමත් එක්ක දැඩි ලෙස හිතවත් වුණා. ඒ හිතවත්කම අපි එක වහලක් යටට ගෙනෙන තරමට ප්‍රබල වුණා.රූපාන්තරණ ඔබට හමු වන්නේ කොහොමද?නාලක විතානගේ අයියා ඒෂාන් ගේ හිතවතෙක්. ඔවුන් දෙන්නම ඉගෙන ගෙන තිබුණේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. ඒ කාලේ ඉඳලම නාලක අයියා අපේ ගෙදර නිතර පැමිණියා. අනිත්‍යා චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කළේ ඒෂාන්. ඒ දිනවල අපි මුණ ගැසුණා. නමුත් නාලක අයියා එක්ක කතා කරන්න මං බයෙන් හිටියේ.දවසක් නාලක අයියා මං ගැන ඒෂාන්ගෙන් අහලා තිබුණා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කැමැති ද කියලා. ඒෂාන් මගෙන් ඇහුවම පුදුමත් හිතුණා. බයත් හිතුණා. කොහොම හරි අවසානයේ චිත්‍රපටයට සම්බන්ධ වුණා.ඔබ ක්ෂේත්‍රයට ආධුනිකයි. මේ චිත්‍රපටයේ ඔබට බොහෝ ප්‍රවීණයන් හමුවෙනවා?ඔව්. නාලක අයියා අපට මේ චිත්‍රපටයට පෙර හොඳ පෙර පුහුණුවක් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි තාක්ෂණික දැනුම පවා ඔහු අපට දුන්නා. ඒ හරහා මං රඟපාන ඇන්ඩ්‍රියා කියන චරිතය මගේ හොඳ මිතුරියක් වුණා. නාලක අයියා අපට හොද යාළුවෙක් වුණා. ඇත්තටම අපි චිත්‍රපටය රූගත කළේ හරිම සැහැල්ලුවෙන්.ඒ වගේම ප්‍රවීණයන්ගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් අපට ලැබුණා. ඔවුන් අපට ජීවිතේට ලොකු පාඩම් කියා දුන්නා.අමිල, මිලින්ද මේ දෙදෙනා සමඟ ඔබට බොහෝ ලෙස ගනුදෙනු කරන්න සිදු වෙනවා?ඔව්’ අමිල වගේම මිලින්ද හොඳ හැකියාවන් වලින් පිරුණු තරුණයන් දෙදෙනෙක්. ඒ වගේම ඔවුන් දෙදෙනා ඒෂාන්ගේ මිතුරන්. ඒෂාන්, නාලක, මිලින්ද වගේම අමිලත් නාලන්ද විද්‍යාලයේ. මේ නිසා අපට ආගන්තුක බවක් දැනුණේ නැහැ. ඔවුන් දෙදෙනා මට දෙබස් පාඩම් කර ගන්නට ලොකු සහයෝගයක් දුන්නා. මං පිටපත සිංග්ලිෂ් ක්‍රමයට හරවා ගත්තා. ඔවුන් තමයි මේ චරිත ගොඩ නඟන්න මට උදව් කළේ.කොහොමද ඉදිරිය?හොඳ නිර්මාණවලට දායකවෙන්න මං කැමැතියි. ඒත් වෘත්තීමය නිළියක් වෙන්න මං කැමැති නැහැ.ගැමි චරිතයක් ලැබුණොත් බාර ගන්නවාද?ඔව්. මං විවිධ චරිත ලැබෙනවට ආසයි. ඕනෑම අභියෝගයක් භාර ගන්න මා සූදානම්.පවුලේ තොරතුරු කියමු?මමයි. ඒෂානුයි, පුංචි පුතා ජේඩ්න්. අපි හරිම සතුටින් ඉන්නවා. පුතාගේ නම ජේඩ්න් ආර්යන්. ජේඩ්න් කියලා නම තිබ්බේ මම. ආර්යන් කියලා තිබ්බේ ඒෂාන්. බලද්දී ජේඩ්න් කියන්නේ විල් ස්මිත්ගේ පුතා. ආර්යන් කියන්නේ ෂාරුක්ගේ පුතා.කොහොමද ලැබෙන ප්‍රතිචාර?ඉතා හොඳයි. නමුත් ඒ ප්‍රතිචාරවලින් මං ගොඩාක් දේවල් හදාගන්න උත්සාහ කරනවා.ඊමෙල් ලිපිනය කියමුද?shailanathaniel@gmal.comචතුර ගීතනාත් බණ්ඩාරඡායාරූපය - ශාන් රූපස්සර
CREATIVE
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය සඳහා විශිෂ්ට සේවයක් කළ ප්‍රවීණ නාට්‍යවේදී දිවංගත බන්දුල ජයවර්ධනයන්ගේ 10 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ‘ටවර් නාට්‍ය හා රංග කලා’ පාසලේ විද්‍යාර්ථීන්ගේ උපහාරාත්මක රංග කාර්යයක් ලෙස හැටේ දශකයේදී ඔහු විසින් නිෂ්පාදනය කළ ‘බෙරහඬ’ නාට්‍යය නව නිර්මාණයක් ලෙසින් මෙම 12, 13, 14 දිනයන් හි පස්වරු 6.30 ට මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත වේ.සම්භාව්‍ය ගී‍්‍රක නාට්‍ය රචක සොෆොක්ලීස් ගේ ඉක්නෙවුතායි නමැති නාට්‍යය ඇසුරෙන් නිර්මාණය කර ඇති ‘බෙරහඬ’ නාට්‍යයෙහි නව නිෂ්පාදනය ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන ගෙනි.මෙහි ගී තනු එච්. එස්. බණ්ඩාර සහ ඔස්ටින් මුනසිංහ ගෙන් වන අතර මෙහි සියලුම චරිත රගපානු ලබනුයේ රංග කලා පාසලේ විද්‍යාර්ථීන් විසිනි.මෙහි මංගල දර්ශනය 12 වැනි දා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවේ.
CREATIVE
ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නිර්මාණයේ රංගන කටයුතු වෙනුවෙන් දායක වෙලා ඉන්නවා. පසුගිය කාලයේ චීනයේ නිවාඩුවක් ගත කළා. ඒ ගැන හරිම සතුටුයි.එහෙත් මම මගේ වියදමින් ගිහින් රංගන දායකත්වය ලබා දුන් දැවැන්ත ටෙලි නිර්මාණයකින් තවම මුදල් නොගෙවීම ගැන නම් පොඩි දුකක් වගේම කලකිරීමක් ඇති වෙලා තියෙනවා.
CREATIVE
නර්තන ආචාරිණීපද්මිණී දහනායකමම නම් සුපුරදු පරිදි මගේ නර්තන පංති කරගෙන යනවා. මේ පංතිවල මම විසින්මයි ඉගැන්වීම් කටයුතුª කරගෙන යන්නේ. ඒක ඒ දරුවන්ගේ දෙමවුපියන්ගේ බලාපොරොත්තුවක්. නර්තනය ඉගැන්විම මගේ වෘත්තිය. මම ඉගෙන ගත් ඒ දැනුම දරුවන්ට හොඳින් ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ වගේම දැනට ඉගෙනුම ලබන ළමුන් කළඑළි මංගල්‍යයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ දවස්වල ඔවුන් ඒ වෙනුවෙන් පුහුණුවීම්වල යෙදෙනවා.ඒ වගේම ඉදිරි සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ලෝක කාන්තා දිනයේදීම මගේ උපන් දිනයත් යෙදී තිබීම මට ලොකු සතුටක්. මම හැමදාම බුදුන් සරණ යන කෙනෙක්. උපන් දිනයටත් නිවෙසේ සෙත් පිරිත් සක්‍ජායනයක් පවත්වා ළමා නිවාසයකට දානයක් දෙන්න සූදානම් වෙනවා. 
CREATIVE
මම නම් මේ දවස්වල රූගත කිරීම් සමගින් කාර්ය බහුල වෙලා ඉන්නේ. හිරු නාලිකාවේ විකාශය කෙරෙන සබඳ බබානිස් ටෙලි නාට්‍යයේ සහ ටෙලිවීව් ආයතනයට කරන අලුත්ම ටෙලි නාට්‍ය යේත් රූගත කිරීම් මේ සතිය පුරාවටම යොදා ගෙන තියෙනවා. ඒ හැරුණාම මවිසින් අධ්‍යයක්ෂණය කළ තවත් ටෙලි නාට්‍ය දෙකක් ඉදිරියේදී විකාශය වෙන්නත් නියමිතව තියෙනවා.
CREATIVE
පි‍්‍රයංකර විතානාච්චි අධ්‍යක්‍ෂණය කළ ‘සැමීගේ කතාව’ සිනමා සිත්තම පසුගිය දා මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය අවසන් කෙරුණා. රංගන ශිල්පී ජගත් චමිල අමෙරිකාවේ නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිද්දී ‘සැමීගේ කතාව’ චිත්‍රපටයට මෙරට ප්‍රේක්‍ෂකයන්ගෙන් ද ඊට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. චිත්‍රපට අධ්‍යක්‍ෂ පි‍්‍රයංකර විතානාච්චි විදෙස්ගත වුණෙත් මේ පී‍්‍රතිදායක ප්‍රතිචාරයන් ද සමඟින්.කෙසේ වෙතත් ‘සැමීගේ කතාව’ චිත්‍රපටය තිරගත කිරීමට ලබාදී තිබූ කාලය අවසන් වුණත් චිත්‍රපටය නැරඹීමට පැමිණෙන ප්‍රේක්‍ෂකයන්ගේ අඩුවක් නම් දකින්නට ලැබුණේ නැහැ. මේ ගැන අවධානය යොමු කළේත් තවත් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ‘සැමීගේ කතාව’ චිත්‍රපටයෙන් අනතුරුව එම සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිත වුණෙත් ඔහුගේ චිත්‍රපටයක්.ඔහු උදයකාන්ත වර්ණසූරිය යි. ‘සැමීගේ කතාව’ ලබන මේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර දෙස සුබවාදීව බැලූ උදයකාන්ත පි‍්‍රයංකර අමතා පැවසුවේ සැමීගේ කතාව චිත්‍රපටයෙන් පසුව තමා අධ්‍යක්‍ෂණය කළ ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටය තිරගත වන්නට නියමිත වුණත් ලබන ප්‍රතිචාර අනුව සැමීගේ කතාවට තව ඉදිරියට දින ලබා දී කොස්තාපල් පුඤ්ඤසෝම තිරගත කරන්නට කැමැති බවයි.කලා ක්ෂේත්‍රය කෙතරම් සුන්දර වුණත් තිබෙනා තරගකාරීත්වය සමඟින් එකිනෙකා පරදවන්නට උත්සාහ දරන අසුන්දර දේ සිදුවන අවදියක මෙම සිදුවීම කාගේත් අවධානයට ලක්විය යුතු ආදර්ශවත් ක්‍රියාවක් නොවේද? දැන් කොස්තාපල් පුඤ්ඤසෝම තිරගත වේ.
CREATIVE
වසර දහයක් පුරා රංගනයෙන්, නිවේදනයෙන් රසික රසිකාවන් වසඟයට ගත් ‘ධනා’ ජනප්‍රිය නළුවා ලෙස අභිසෙස් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. ජනප්‍රියත්වය ලද සැණින් හිස උදුම්මවා නොගත් ඔහු සම්මානනීය වූ සැනින් පෙර සේම සුපුරුදු ළෙංගතුකමින් ‘සරසවිය’ සමඟ කතාබහක නියැලුණු අයුරුයි මේ.ධනා, බලාපොරොත්තු නොවූ මොහොතක බලාපොරොත්තු වූ සම්මානයක් නේද මේ ලැබුණේ?සත්තකින්ම. පසුගිය වසරේ මං රංගනයෙන් දායක වූ නාට්‍ය දොළහක් විකාශය වූවා. නම් වශයෙන් කියනවා නම් ආදරියේ, සඳට අහස ආදරෙයි, සුදු ගින්දර, සුබා, සුලෝචනා, ඉන් කිහිපයක්. පිපෙන මල් සහ සංසාර සක්මන නාට්‍ය දෙක මේ දිනවල විකාශය වෙනවා. මේවා විකාශය වෙද්දී මට හිතුණා මොන මොනව හරි වෙයි කියලා. ඒක හුදු අවිහිංසක බලාපොරොත්තුවක් පමණයි. මගේ රසික රසිකාවන්ට ගොඩක් ස්තුතියි මාව සම්මානිත කළාට.මෑතකාලීනව ඔබට ලැබුණු චරිත බොහොමයක් හරිම අවිහිංසක ගති පැවතුම් ඇති ඒවා. ඒ හින්දා මේ සම්මානය ලැබුණා යැයි කිව්වොත්?ඒක නිවැරදියි. ඇතැම් විට එකක් දෙකක් දුෂ්ඨ චරිත වූවා නම් ජනප්‍රිය නළුවා මං නෙවෙයි.මේ තත්ත්වය මත කළු චරිතයකට කතා කළොත්?අනිවාර්යයෙන්ම රඟපානව. ජනප්‍රිය නළුකම මට අහිමි වුණත් කමක් නැහැ. මං ඒක කරන එක කරනවා.සම්මානයක් ලැබුණ සැනින් වැඩි දෙනෙකු වෙනස් වෙනවා. ඔබ?මං ක්ෂේත්‍රයට එන්නෙම වෙනස් වෙලා. එහෙම කියන්නේ මං ප්‍රධාන චරිතයක් මැවූ පළමු ටෙලි නාට්‍යය අශෝක හඳගම මහත්තයාගේ මේ පාරෙන් එන්න සඳහා 2004 වසරේ රයිගම් සම්මාන උළෙලේ හොඳම නළුවාට සම්මාන ලැබුණු හින්දා. එතන ඉඳලා මං ක්‍රියාත්මක වුණේ වෘත්තීය රංගන ශිල්පියකු විදිහට. කවදාවත් නාට්‍යයක් මැද ගියේ නැහැ. කාර්යබහුල නොවන අවස්ථාවකදී නොදන්න අංකයකින් ඇමතුමක් ලැබුණහොත් පිළිතුරු නොදී ඉඳලා නැහැ. එවන් වූ වගකීමක් ඇතුව මං ඉන්නේ. ඒක අදටත් හෙටටත් මතුවටත් එහෙමයි.පසුගිය ඉරිදා සවස ඉඳලා ධනංජය සිරිවර්ධනගේ මිල ඉහළ ගියේවත් නැතිද?නැහැ නැහැ, කොහෙත්ම නැහැ.කොහොමද ධනාගේ මිල තීරණය වන්නේ?මට ලැබෙන චරිතයේ සොභාවය සහ කැප කරන්න පුළුවන් කාලය මත.සම්මානනීය වූ සතුට සැමරුවේ?මං සම්මානය ලබා ගත්තු මොහොතේ මගේ අයියා මධුමාධව සමඟ අම්මා හිටියා. ඇයත් එක්ක වචනවලින් සතුට සැමරුවා. එච්චරයි.මේ වෙලාවේ ආදරවන්තයෙක් වෙලා හිටිය නම් හොඳයි කියලා හිතුණෙ නැද්ද?බොරු කියන්නෙ මොකටද ඇත්තටම එහෙම හිතුණා. ඒ වුණාට ජීවිතයේ රඳවාගන්න බැරි දේවල් මගෙන් ඈත් වුණා. ජීවිතයේ ගොඩක් දේවල් අහිමි වෙච්ච කෙනෙකු හැටියට මේ ලද සම්මානය සතුටක්. ආදරවන්තියකුත් හිටියා නම් අගෙයි තමා.ඉතින් ඇයි පමා?මට ආදරේ කරන කෙනෙකු මාව සොයගෙන ඒවි. එතකම් මං දෑස් දල්වා බලාගෙන ඉන්නවා.ඔයාව හොයාගෙන ඇවිත් ඇති ගෑනු ළමයි ඕන තරම්?එත් ඒ අය හැමෝම ගාව තිබුණේ ධනංජය සිරිවර්ධන කියන නළුවා කෙරෙහි ආදරයක් මිසක මා තුළ ජීවත්වන සැබෑම පුද්ගලයාට ආදරයක් නෙවෙයි. මට ඕන මං රංගනයෙන් ඈත්වුණත් මගේ ළඟින් ඉන්න ඕන කෙනෙක්.එහෙම කෙනෙකු ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවසන් කොට මට කියන්නකෝ ඔබේ ඉදිරි වැඩ කටයුතුª ගැන?මං මගේ තොරතුරු අළලා වෙබ් පිටුවක් පටන් ගන්නවා. ඊට මගේ නම හදන්න තල්ලුවක් දුන් අධ්‍යක්ෂවරු හැමෝම ගැනත් සඳහන් කරනවා. මේ ක්ෂේත්‍රය තුළින් තමයි මං සල්ලි හම්බු කෙරුවේ. ඒවා මේ ක්ෂේත්‍රයටම යට කරමින් මගේම නිෂ්පාදනයක් කරන්නත් හිතාගෙන ඉන්නවා. මේ සියල්ල කරන්නේ මගේ කලා දිවියට දස වසරක් පිරීම නිමිත්තෙන්.ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට 2 ගොපළුගේ වික්‍රම සිනමාපටය මේ දිනවල අති සාර්ථකව තිරගත වෙනවා. එහි ජනිත් ලෙස රඟන ඉෂාම් සම්සුඩීන් චිත්‍රපටයත් සමඟම නැවතත් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා. දායක වූ නිර්මාණ ප්‍රමාණය අතළොස්සක් වුව ද ඉන් සෑම එකකින්ම පාහේ තම හැකියාව මනාව ප්‍රකට කළ ඔහු අද වන විට නම් හිරිමල් වයසේ පසුවන යෞවනයක්. ළමා නළුවකු විදිහට ක්ෂේත්‍රයට පැමිණි ඉෂාම් ගැන අලුත් විස්තර ටිකක් දැනගන්න අප සරසවියට කැඳ වූවා.ඉෂාම් දැන් ගජ ඉලන්දාරියෙක් නේද?දැන්නම් වයස විස්සයි. රන්කෙවිට දෙවැන්න කරද්දී නම් අවුරුදු පහළොවයි. පළමුවැන්න කරද්දී ඊටත් වඩා පොඩියි. බැරි වෙලාවත් රන්කෙවිට දෙවැන්න තිරගත නොවුණා නම් පරේ බැහැලා යද්දී කවුරුවත් අඳුනන එකක්වත් නැහැ.අපි ජනිත් ගැන කතා කරමු?ජනිත් මට මහත් වු අභියෝගයක් වුණා. රන්කෙවිට එකට වඩා දෙකෙහි ග්‍රැෆික් සීන් වැඩියි. ඒක නිසා ගොඩක් තැන්වලදී ගොපලු යකා ඉන්නවා කියලා හිතින් මවාගෙන රඟපාන්න වුණා.ඇත්තද රන්කෙවිට 2 රූගත කරද්දී මදි නොකියන්න කෑම කන්න වුණා කියන්නේ?ඔව්, ඔව්. ගොපළුගෙ රන්කෙවිට භාවිත කරමින් කෑම ජාති මවන දර්ශන කිහිපයක්ම තියෙනවනෙ. ඉතින් උදය අංකල් එක එක වර්ගයේ කෑම ගෙනාවා. රූගත කිරීම් ඉවර වුණායින් පස්සේ එවා මගේ බඩේ.කෑම වැඩි වෙලාද ඊට පහුවෙනිදා උණ ගැනුණේ?කොහොමද ඒ කතාව දැනගන්නට ලැබුණේ. උණ ගැනුණා තමයි. හැබැයි කෑම වැඩිපුර කෑව හින්දා නම් නෙවෙයි. එතකොටත් චිත්‍රපටය රූගත කරනවා. මට ගෙදර ඉන්නත් බැහැනේ. උණ පිටින්ම දර්ශන තලයට ගියා. මගේ සීන් නැති වෙලාවේ නිදා ගත්තා. බෙහෙත් අහුරක් විතර බිව්වා. ඒ මං හින්දා චිත්‍රපට කණ්ඩායමේ අනිත් අය අමාරුවේ වැටෙනවා බලාගෙන ඉන්න බැරි නිසා.කොහොම හරි උණ තිබුණත් මං ඒ බව නොදැනෙන්න රඟපෑවා.මොකද කාලෙකින් රඟපෑවෙ නැත්තේ?මං කලිනුත් කිව්වනෙ රන්කෙවිට 2 කළේ අවුරුදු පහකට කළින් කියලා. ඉන් පස්සේ මට ආරාධනා ලැබුණේ නිර්මාණ එකකට දෙකකට විතර. ඒත් මං හරිම ආසයි දිගටම රඟපාන්න.ඔබේ පළමු චිත්‍රපටය වුණේ ‘අක්ෂරය’ නේද? ඒකෙ රඟපෑවට පස්සේ ගොඩක් විවේචන ආවා. තවමත් ඒ තත්ත්වය තියෙනවා?අදටත් මට ඒ ගැන කියලා බනින අවස්ථා එමටයි. ඒත් මම සහ ඒ රඟපාපු ආන්ටි ඉන්න දර්ශන ගත්තේ වෙන වෙනම කට්ස් විදිහට. ඉතින් ඒක මිනිස්සු දන්නේ නැහැනෙ. එක්තරා පත්තරයකින් මට හොඳටම මඩ ගැහැව්වා. ළමයි හා සබැඳී කාර්යාංශයකින් මට නඩුවකුත් ගොනු කළා. මොන දේ වුණත් මං සැලුනේ නැහැ.රඟපාන්න බොහොම ආසයි වගේ?අනිවාර්යයෙන්ම.ඔබ දැන් ළමා චරිතවලින් මිදුණොත් හොඳයි කියලා කවුරුන් හෝ පවසලා නැද්ද?තවම එහෙම කියලා නැහැ. අපෝ මං තවම ළමා චරිත කරන්නයි ආස. ඒත් පෙම්වතාට ඇරැයුම් ලැබුණොත් භාර නොගෙන ඉන්නෙත් නැහැ.ඔබේ අරමුණ හොඳ රංගන ශිල්පියෙක් වෙන්නද?දිගටම රඟපානවා. ඒත් එක්කම වෙනත් ක්ෂේත්‍රයක රැකියාවකුත් කරනවා. දෙකම සමබරව පවත්වාගෙන යන්නයි කල්පනාව.ඉෂාම් කොහොමද රංගනයට එන්නේ?අපේ ඉස්සරහ ගෙදර ඉන්න ආන්ටිලා කලාවට සම්බන්ධයි. මගෙත් පොඩි ආසාවත් තිබුණා රඟපාන්න. මං ඒක කිව්වම ඔවුන් මට අවස්ථාවක් ලබා දුන්නා වෙළෙඳ දැන්වීමකට. ඉන් පටන් ගත්තු ගමන තමයි මේ.ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ද දක්ෂයකු බව මං අහලා තියෙනවා?ක්‍රිකට් ගහන්න පුදුම ආසාවක් තිබුණා. නළු නිළියෝ ක්‍රිකට තරග පවත්වද්දී මට නොවැරැදීම කතා කරනවා.රඟපාන්න ගිහිල්ලා අනන්තවත් අමතක නොවන අත්දැකීම් වෙලා ඇති?මොකද නැත්තේ. සිරි සිරි මල් නාට්‍යය කරද්දී ක්ලීටස් මෙන්ඩිස් අංකල්ට කළයකින් ගහන්න තිබුණා. ඔහු කිව්වා එයාට කළේ කුඩු වෙන්න ගහන්න කියලා. මං බයට බෑ කිව්වා. ඔහු මාව බය කළා. මං ඇඬුවා. ඊට පස්සේ අධ්‍යක්ෂ සුනිල් කොස්තා අංකල් තමයි මාව සැනසුවේ. බලාගෙන ගියාම ක්ලීටස් අංකල් ඒ දර්ශනය හරියටම ගන්නයි එහෙම කියලා තියෙන්නේ. පස්සේ ඔහුටත් හරිම දුක හිතුණා. රන්කෙවිට 2 හි දර්ශනයක් තියෙනවා මමයි මගේ යාළුවයි ස්විමිං පූල් එකක් මැදින් දුවන. පූල් එක මැදින් නොපෙනෙන්න පාලමක් හදලයි තිබුණේ. ඒ දර්ශනයට බොහොම කල්පනාවෙන් පෙනී සිටියේ. මොකද බැරි වෙලාවත් පාලමෙන් වැටුණා නම් ආයෙ දර්ශනය ගන්න ඇඳුම් වේල ගන්න එපායැ.ඔබට දැනෙන විදිහට ඔබට වැඩිපුර ඉන්නේ මොන ජාතියක රසිකයින්ද?මං මුස්ලිම් වුණාට මං හිතනවා හැම ජාතියකම රසිකයො මගෙත් එක්ක ඉන්නවා කියලා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව -මාලන් කරුණාරත්න  
CREATIVE
අශේන් සකුන්ත හෙට්ටිආරච්චිඅශේන් සකුන්ත හෙට්ටිආරච්චි නම් පුංචි කලාකරුවාව ඔබට හමු වන්නේ සිරස කිඩ්ස් ෆස්ට් වැඩසටහන ඔස්සේ. 2009 සිට මේ දක්වා ඔහු එහි නිවේදන කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි. අශේන් රංගනයට ද පිවිසිලා. ඔහුගේ දඟකාර රුවින් ඔපවත් වූ වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම දකින්නට හැකියි.අශේන් කොළඹ රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසලේ හයවැනි වසරේ ශිෂ්‍යයෙක්. පාසලේදිත් නිවේදන කටයුතු කරන්නමළු ආස. ඒ හින්දයි සිරස ආයතනයට සම්බන්ධ වෙලා තියෙන්නේ. වසර ගණනාවක් කිඩ්ස්් ෆස්ට් වැඩ සටහනේ විවිධ අංගයන් කිසිදු පැකිළීමකින් තොරව මෙහෙයවන ඔහුට රංගනයටද ආරාධනා ලැබිලා.අශේන්ගේ මුල්ම රංගන දායකත්වය සැපයූ නිර්මාණය වන්නේ දෝණි චිත්‍රපටයයි. දඟකාර කොලු රෑනේ අශේනුත් එක් සාමාජිකයෙක්. ඉන් පසුව ළඟදීම විකාශය වීමට නියමිත ‘මලි 2’ අත්තම්මා ටෙලි සිතුවමේ ප්‍රධාන චරිතයකින්.අත්තම්මා නාට්‍යයේ ඔහු බයිසිකලයක හැප්පෙන දර්ශනයක් තියෙනවලු. ඒක රූගත කරද්දී අශේන් හරියට බය වුණා කියලා අපි සමඟ කිව්වා. ඒ වගේම තියෙන දාංගලය නිසා නිෂ්පාදන කණ්ඩායමේ හැමෝගෙන්ම බැනුම් අහන බවත් පැවසුවේ හිනා වෙවී.අශේන්ගේ අනාගත බලාපොරොත්තු දෙකක් තියනවා. එකක් තමයි පයිලට් කෙනකු වීම. අනික කලාවෙන්ම ඉදිරියට යෑම. මේ අංශ දෙකෙන් එකකින් ඔහු ජීවිතයේ ඉදිරිය දකින්න ලැහැස්තියි.අශේන්ගේ පිය, ප්‍රදීප් හෙට්ටිආරච්චි. ඔහු සිනමන්ලේක්සයිඩ් හෝටලයේ සේවය කරනවා. මව චමිලා ගාලේ ආරච්චි. අශේන්ට අයියා කෙනකුයි මල්ලි කෙනකුයි ඉන්නවා. මේ අයගේ ආදරය මැද අශේන් කල් ගෙවන්නේ හරිම සතුටින්. ඒ වගේම නිරන්තරයෙන් උදව් පදව් කරන ආච්චියි සීයාවයි මතක් කරන්න ඔහු අමතක කළේ නැහැ.16/1, කාක දූපත, මට්ටක්කුලිය කොළඹ 15 මේ ලිපිනය ඔස්සේ හා 0777634300 දුරකථන අංකයෙන් අශේන් හා සම්බන්ධවීමට පුළුවන.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහසිරිතුංග පෙරේරාගේ කලා දිවියට වසර හතළිස් අටක් සපිරීම නිමිතේතෙන් ඔහු විසින් වේදිකාව සිනමාව රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වය අරඹයා කළ අප්‍රමාණ සේවය අගයමින් කොළඹ කලා කවය, සිරිතුංග පෙරේරා රසික කැල සංවිධානය කරනු ලබන සිරි අසිරිය 48, සිරිතුංග පෙරේරා හතළිස් අට වසරක කලා පෙළහර අභිනන්දන උළෙල ඔහුගේ ජන්ම දිනයදා එනම් පෙබරවාරි 16 දින සවස 4.00 ට කොළඹ 07 නිදහස් චතුරස්‍රයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.එදින ඔහු විසින් රචිත ස්වයං චරිතාපදානය දොරට වැඩීම, නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ අභිනවයෙන් අධ්‍යක්ෂණය කරනු ලබන සිරිතුංගගේ දෙවන සිනමා නිර්මාණයේ සමාරම්භය සිදුවූ අතර දශක පහකට ආසන්න කාලයක කලා දිවිය තුළ ඔහු කළ අප්‍රමාණ කැපවීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරිදාස, චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ, කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය යන අයගේ විද්වත් දෙසුම්වලින් උළෙල විචිත්‍රවත් විය.ඡායාරූපය - අමිත් එස්.සේනාරත්න
CREATIVE
මධුමාධව අරවින්ද කොළඹ නගර සභා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙලා . . . කියන ආරංචිය ක්ෂේත්‍රය පුරාම පැතිරිලා. ඇත්තටම ඇයි මධුමාධව ඉල්ලා අස් වුණේ? ක්ෂේත්‍රය ගැන කළකිරිලාවත්ද? ඒ අතරේ ප්‍රශ්නත් ගොඩක්. මේ විදියේ කිදිම ප්‍රශ්නයක් නිසා නෙවෙයි මධු මන්ත්‍රී ධූරයෙන් අයින් වෙලා තියෙන්නේ. ලබන වසරේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්නයි. ඒත් ඉතිං ඒකට ඉන්න තැනින් අයින් වෙන්න ඕනෑ නෑනේ? ‘මම මහජන නියෝජිතයෙක්. මම මේ තැනට ආවේ මහජනතාව නිසා. යළිත් ඉදිරිපත් වෙන්න මට ඒ හයිය පාවිච්චි කරන්න උවමනා නැහැ. ඒ වගේම මගේ දේශපාලනය පිරිසුදුයි. ආදර්ශවත් විදියට එය කරන්නයි මට අවශ්‍ය. මමම දීලා රතිඤ්ඤා පත්තු කරගන්නවත්, මල් මාලා දමා ගන්නවත් මට ඕනෑ නැහැ. ඒ වගේම තාප්ප පුරා පෝස්ටර් ගහගෙන, පොලිතින් සැරසිලිවලින් පරිසරය දූෂණය කරලා, කොල්ලන්ට මත් වතුර දීලා දිනන්න මට අවශ්‍ය නැහැ.එත් මේ කිසි දෙයක් නැතුව මම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම්. බුද්ධිමත් ජනතාව මා තෝරා ගනීවි.’ මධුමාධව සරසවියට පිළිතුරු දුන්නා. ඒ වගේම මධුමාධව කියන්නේ කලා හැකියාවන් රැසක් උරුම කරගත් කලාකරුවක්. දේශපාලනය නිසා කලාවෙන් තරමක් ඈත්වෙලා හිටියත් ලබන වසර ආරම්භයත් සමඟ ‘අරවින්ද යාය’ නමින් තීරු ලිපි එකතුවකින් සැදි කෘතියක් එළි දක්වන්නත් ඔහු සූදානම්.
CREATIVE
රණවිරු සෙවණින් අයෝමා රාජපක්‍ෂ මැතිනියට දුන් සිහිවටනය, ඇය විසින් එය කංචන කොඩිතුවක්කුට පිරිනමන ලද අයුරුපසුගිය සතියේ ජනප්‍රිය නළු කංචන කොඩිතුවක්කුගේ ජංගම දුරකථනයෙන් මගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණා. එහි සඳහන් වූයේ මේ විදිහටයි. ‘මගේ උපන් දිනේ පෙබරවාරි 18 වැනි දා. රාගම රණවිරු සෙවණේ පොඩි වැඩක් කරනවා. පුළුවන්කමක් තියෙනවානම් එදා උදේ 10 ට රණවිරු සෙවණට පැමිණෙන්න කියලා ආරධනා කරනවා.’කංචන ගේ ආරාධනාව මත මම 18 වැනි දා උදේ රණවිරු සෙවණට ගොඩවැදුණා. කංචන ‘පොඩි වැඩක්’ කියලා කිව්වට ඒ වැඩේ පොඩි එකක් නම් නෙවෙයි.පසුගිය යුද්ධයෙන් පාද අහිමි වූ රණවිරුවන් පනස් දෙනකුට කංචන තම පෞද්ගලික ධනයෙන් කෘතිම පාද පනහක් පරිත්‍යාග කිරීමට තීරණය කරලා. මේ කර්තව්‍යය ගැන මට කනට වැටුණේ කංචනගේ විවාහ මංගල්‍ය ය දවසේ යි.පසුගිය දෙසැම්බර් මාසේ විවාහ දිවියට පා තැබූ කංචනත් ඔහුගේ සහකාරිය ශානිකාත් මේ තීරණය ගත්තේ විවාහ උත්සවයට මාස කිහිපයකට කලින්. ඔවුන්ගේ මංගල උත්සවයේ මත්පැන්, කේක්, දුසිම් ගණන් දෙවෙනි මනාල මනාලියෝ මල් කුමර කුමරියන් ඇතුළත් කර තිබුණේ නැහැ.ඒ නිසරු වියදම් කපා හැර ඔවුන් දෙදෙනා නිවෙසේදීම අරමුදලක් පිහිටුවා ගත්තා. මංගල දිනයේ නෑදෑ හිතවතුන්ගෙන් ලැබුණු මුදලුත් අරමුදලට බැර කළා. මේ සියලු මුදල් එකතුකරගෙන තමයි කංචනයි, ශානිකායි දෙමවුපියනුත් හවුල් කරගෙන මේ මහඟු පුණ්‍ය කර්මයට දායක වෙලා තියෙන්නේ.ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි අයෝමා රාජපක්‍ෂ මැතිනිය, හිටපු යුද හමුදාපතිවරයකු වූ ජෙනරාල් රොහාන් දළුවත්ත ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් මේ පින්කමට රණවිරු සෙවණට රැස්ව සිටියා.කංචනගේ මෑණියන් රණවිරුවන්ට සංග්‍රහ පිරිනමමින්ඒ වනතෙක් කිහිලි කරුවලින් ඇවිදගෙන ගිය මේ රණවිරුවන් කංචන පරිත්‍යාග කළ කෘතිම පාද එවෙලේම පැලඳ ගන්නා අයුරු දුටු කාගේත් නෙත්වලට කඳුළු උණන දසුනක් වූවා. උත්සව සභාව මෙහෙය වූයේ කපිතාන් නොයෙල් රාජපක්‍ෂ යි.කෘතිම පාද පැලඳ ගත්තාට පසු කංචනට ඔහුගේ උපන් දිනයට සුබ පතන්නැයි කපිතාන්වරයා රණවිරු කැලගෙන් ඉල්ලා සිටියා.ඔවුන් යුහුසුළුව නැඟී සිට අත්වාරු පසෙකට දමා කංචන වෙත පැමිණ ඔහුගේ දෑත් අල්ලා මහත් වූ සෙනෙහසින් ඔහුට සුබ පතද්දී කංචනගේ දෑසින් කඳුළු රූරා වැටෙන අයුරු දැක කාගේත් දෙනෙත් තෙත් වූවා. ඒ හැඟීම්බර මොහොත වඩාත් තිවෘ කරමින් කපිතාන් නොයෙල් රාජපක්‍ෂ මෙසේ පැවසුවා.‘මේ සද්කාර්යයට දායක වූ කංචන කොඩිතුවක්කු මහතා කෙරෙහි මේ පරිත්‍යාගයන් ලැබූ රණවිරුවන් ගේ සිත්තුළ ඇත්තේ අසීමිත භක්ත්‍යාදරයක්. ඔවුන්ගේ මුවින් එය නොකීවාට, ඔවුන්ගේ හද පත්ලෙන් ඔවුන් මේ විදියට මුමුනනවා ඇති.’“දයාබර කංචන අත්වාරුවල ආධාරයෙන් සක්මන් කළ අපිට නිදහසේ ඇවිදින්න ඔබ ලබා දුන් මේ වටිනා තෑග්ගට ඔබට ගොඩක් පින්. නැවත එන්න මේ විරු සෙවණට අපිව බලන්න තවත් දවසක. තෑගි එපා බලලා යන්න විතරක් එන්න. මේ දුන්න තෑග්ගට වඩා වෙන තෑග්ගක් අපිට කොයින්ද?”සටහන සහ ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
අප්‍රසිද්ධියේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය ගායිකාවක වූ ඈ කවදත් සිනහවෙන් මුව සරසාගෙන සිටි තැනැත්තියක් වූවාය.තමන් මෙන්ම අන් අයද ලස්සනට ඇඳ පැළඳ සිටිනවා දැකීමට වඩාත් කැමැත්තක් දැක් වූ ඈ ජීවත්ව සිටියදී කර තිබූ අවසන් ඉල්ලිම ද අපූරු ආකාරයේ එකක් විය.ඈ මියගිය පසු දේහයට රතු මිශ්‍ර ලස්සන සාරියක් අන්දවන ලෙස ඈ කර තිබූ අවසන් ඉල්ලීම විය.එය ඒ අයුරින්ම ඇගේ සැමියාත් දරුවනුත් ඉටු කරනු ලැබීය. මීට තෙමසකට පෙර අප අතරින් විවයෝ වූ ඈ වේදිකා නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගායිකාවක වූ ඩොරින් පෙරේරාය.කුඩා කල පටන්ම කලාවට පෙම් බැඳි ඈ කොළඹ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. ඩොරින් කුඩා කළ පටන් විද්‍යාලයේ නාට්‍ය හා සංගීත ප්‍රසංග සඳහා ඉදිරිපත් වූවාය.ප්‍රසිද්ධ නර්තන ශිල්පියෙකු වූ ශාන්ති විරාජ්ගෙන් නැටුම් විෂය ප්‍රගුණ කළ ඩොරින් ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ගී ගායනයට ද එක් වූවාය.එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, මොරිස් දහනායක ආදීන් සමඟ ද ගුවන් විදුලියේ ගී ගැයූ ඈ කාලගෝල ආදී වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වූවාය.ප්‍රසිද්ධ වයලීන් වාදකයකු මෙන්ම ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය වූ ‘පලිගැනීම’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ඩොන් එඩ්වඩ් ඩොරින්ගේ පියාණන් විය. බණ්ඩා නගරයට පැමිණීම, ආශෝකමාලා ආදී චිත්‍රපටවලද ඇගේ පියා රංගනයෙන් දායක විය.වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු, අධ්‍යක්ෂවරයකු මෙන්ම දක්ෂ කැමරා ශිල්පියෙකු වන ජිනදාස පෙරේරා සමඟ විවාහ වූ ඩොරින් දූ දරුවන් සත් දෙනෙකුගේ මවක් වීමට වාසනාවන්ත වූවාය.විවාහයත් සමඟ ගීත ගායනයෙන් ඈත් වූ ඈ විටෙක පංච කළ්‍යාණි රූප සුන්දරී තරගයට ද තරඟ කළාය.
CREATIVE
පසුගිය දවස්වල රූගත කළ ‘පෝටා වැටිය’ කියන මගේ අලුත්ම ටෙලි නාට්‍යය රූපවාහිනි සේවාවලට බාර දුන්නා. ඉන් පිළිතුරක් ලැබෙනතුරු මා බලාගෙන ඉන්නවා.ඒ අතර වාර්තා වැඩසටහන් කිහිපයක්ම කරගෙන යනවා. මේ අතර ඉදිරියේදී චිත්‍රපටයක් කිරීමේ බලාපොරොත්තුව ඇතුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තමයි කාලය ගත වෙන්නේ.
CREATIVE
සංගීතවේදී නවනරත්න ගමගේ මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ඒ කාරණා දෙකක් හින්දා. නවාගේ නිර්මාණ සහ ජීවන තොරතුරු ඇතුළත් වූ වෙබ් පිටුවක් සකස් කිරීම තමයි පළමුවැන්න.එය අද සවස බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති කමත නම් වූ එළිමහන් රංග භූමියේදී පණ්ඩිත් අමරදේවයන්ගේ සුරතින් අන්තර් ජාලයට මුදා හැරෙනවා.ඒ කටයුත්ත එහෙම සිද්ධ වෙද්දී නවා තවත් වැඩකට අත ගහලා. තම වරිගයා වෙනුවෙන් හඬ නැගූ පනාමුරේ හස්තිරාජයාගේ ජීවන සන්ධිස්ථාන අළලා සකස් වූ පනාමුර කුංචනාද සංධ්වනි රංගය නම් වූ ප්‍රංසගය වෙනුවෙනුයි.ඔහු ඊළඟට මහන්සි වෙන්නේ එම හස්තියා පිළිබඳ තොරතුරු ද නවාගේ වෙබ් පිටුවේ සඳහන්. පනාමුරේ හස්තිරාජයාගේ සංස්කෘතික පාරිසරික විශ්වකාරණා ගැන ද මෙහිදී ආචාර්ය සුනිල් විජේසිවර්ධන සහ ආචාර්ය ජයලත් මනෝරත්න විසින් පවත්වනු ලබනවා.මෙම අවස්ථාව සංවිධානය කරනුයේ පනාමුර කුංචනාද නිර්මාණ කණ්ඩායම, ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනම සහ මනරම් මීඩියා සොලියුෂන් ආයතනය මඟිනුයි.ප්‍රසාද්
CREATIVE
හෙළ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා නම් ඇය පිළිබඳව හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පනි අවැසි නැත. හෙළ සිනමාවට ඇගෙන් තරම් මෙහෙවරක් කළ නිළියක් සොයා ගැනීම උගහටය. එතරම්ම ඇය අප සිනමාව හා සබැඳි චරිතයක් වන්නේය. ඒ රංගන ප්‍රතිභාව හෙළ සිනමාවට ඇවිදින් එළඹෙන වසරට අර්ධ ශත වසරකි. ඒ සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට පිරිසක් සූදානම් වන අයුරු ‘සරසවිය’ට දැනගන්නට ලැබිණි. එම පුවත සවිස්තරාත්මකව මෙසේය.මෙම විශේෂ අවස්ථාව සංවිධානය කෙරෙනුයේ දේශීය සිනමා ශිල්පීන්ගේ සංවිධානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙනි. ලබන වසරේ ජනවාරි මස 21 සිට මාලිනී සිනමා සතියක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනු ඇත. එහිදී ඇය රංගනයෙන් දායක වූ විශිෂ්ට සිනමා කෘති කිහිපයක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එය අවසානයේදී එනම් 28 දා මාලිනියට උපහාර පිදීමේ උළෙලක් පැවැත්වේ. එම මොහොතේදී මාලිනිය පිළිබඳ මෙතෙක් රචනා වූ ග්‍රන්ථ රැසක නව පිටපත් සහ ‘මාලිනිය දුටු’ නම් ධම්මික දිසානායක සංස්කරණය කළ ග්‍රන්ථයක් එළි දැක්වෙනු ඇත.මෙම කර්තව්‍ය සඳහා මාලිනී උපහාර කමිටුවක් ද පත්කොට ඇත. අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු එහි පද්මසිරි කොඩිකාර, ධම්මික දිසානායක, අරුණ ගුණරත්න, එරංග සේනාරත්න, ලලිත් පන්නිපිටිය, ඩෙන්සිල් ජයවීර, කීර්ති බණ්ඩාර, සමන්ප්‍රිය මාරසිංහ ඇතුළු ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු සාමාජිකයන් වශයෙන් කටයුතුª කරනු ලබති.මෙම උළෙලට සමගාමීව සිංහල සිනමාවේ එදා මෙදාතුර භාවිත කරන ලද තාක්ෂණික උපකරණ රැගත් ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.- ප්‍රසාද් ඡායා - සරත් පෙරේරා
CREATIVE
රංගන ශිල්පීසැනට් දික්කුඹුරසෝමපාල මහත්මයාගේ “කන්දොස්කිරියාව“ වේදිකා නාට්‍යයට සම්බන්ධ වන අතරේ ධර්මසේන පතිරාජගේ “සක්කාරං” චිත්‍රපටයට රංගනයෙන් එක් වුණා. ළමයින්ට රංගනය ඉගෙන ගන්න අඟුණකොළ පැලැස්සේ රංගායතනයක වැඩමුළු පවත්වනවා. මම එකේ වැඩවලට එහේ යනවා.මේ දවස්වල ටෙලිනාට්‍යවලට ආරාධනා නැති තරම්. රංගනය ගැන බොහෝ අත්දැකීම් තිබුණත් අද අපිට උදා වෙලා තියෙන තත්ත්වය ගැන මම බොහෝම කලකිරීමෙන් ඉන්නෙ.
CREATIVE
රංගන ශිල්පී උදය තල්පාවිල අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට පනස් එක් හැවිරිදි වියෙහි පසු වූ ඔහු තිදරු පයෙකි. වැලිගම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා රංගනයට පිවිසියේ වේදිකාව හරහායි. උතුරේ රාහුල හිමි, කමාන්ඩෝ දියසේන, දේශපාලුවා යන වේදිකා නාට්‍යයන්ට දායක වූ හෙතෙම දෙපැති දහර, පුංචි වීරයෝ යන ටෙලි සිතුවම්වල සහ වන් ෂොට් වන් චිත්‍රපටයෙහි කැපී පෙනෙන චරිතයන් රැඟුවේය. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ල පොදු සුසාන භූමයේදී සිදු කෙරිණ.ලාංකික ප්‍රාසංගික වේදිකාවේ රසික හදවත් සැනසූ වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංග මාලාවේ 1444 වැනි ප්‍රසංගය ජූනි 30 වැනිදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.
CREATIVE
අපේ හෙළ සිනමා ලෝකයට අමරණීය මතක සටහන් එක් කළ තරු රැසක් ඉන්නවා. කලා ලොවේ කිරුළු පළන් ඒ තරු හැබෑවට දකින්නට ලැබීමත් ලොකු වාසනාවක්. ඒ වාසනාව හිමි වන්නේ කීයෙන් කී දෙනාටද? ඒ අතරේ ඉන්න සරසවිය සිනමා කාචයත් ගොඩක් වාසනාවන්තයි. සරසවිය සිනමා උළෙලේදී ඒ මතක සටහන් අමරණිය කරන්නට එයට හැකි වුණා. සරසවිය ලද ඒ වාසනාවන්ත වූ අමරණීය මතක සටහන් පෙළක් අදත් ඔබ වෙත දිග හැරේ.පළමුවරට රඟපෑව චිත්‍රපටයට සම්මානයක් ගත්තම මොකද හිතෙන්නේ? ඒ විතරක් නෙවෙයි රටම ආදරය කරන චරිතයක් වෙන විටත් ලැබෙන සතුට මොන වගේද? ස්වර්ණා කහවිට බිනරමලී චිත්‍රපටයේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුව මේ වෙලාවේ එහෙම හිතෙන්න ඇති.බිනරමලී කියන්නේ ප්‍රසිද්ධ මුවන් පැලැස්ස නාට්‍යය මුල් වතාවේ සිනමාවට නැගුණ මොහොත. එතකොට බිනරමලීට සුබ පතන්න එක් වෙලා ඉන්න ජනප්‍රිය නිළි ජීවරාණි කුරුකුලසූරියත්, බිනරමලීගේ අම්මා ලෙස රඟපෑ ප්‍රතිභාපූර්ණ නිළි ශාන්ති ලේඛාත් සම්මාන දිනුවෙ බිනරමලී වෙනුවෙන්මයි.මැණික් තුනක් එක ගීයක්ගායන ලෝකයේ අපූරුරූප රාමුවක් තමයි මේ.ධර්මදාස - ලතා වල්පොල කියන්නේ අපේ සංගීත ලෝකයේ යුග යුග බැඳි ආදරයට පත් වූ ගායක යුවළක්.මොහිදීන් බෙග්, ලතා සමඟ ගායනා කළ ගීතයනුත් රසිකයන් අතර බොහෝ ප්‍රසිද්ධයි. අවුරුදු හතලිහකට – පණහකට ඉස්සර මොහිදින් බෙග්, ධර්මදාස, ලතා මේ ගයන්නට ඇත්තේ මොන ගීතය ද කියල නම් කියන්න දන්නේ නෑ.හැබැයි මේ මැද ඉන්න ඩඩ්ලි වානගුරු නිසා, එය ඩඩ්ලි අධ්‍යක්ෂණය කළ සැඟවුණ මැණික චිත්‍රපටයේ විය හැකියි.ඒ කාලයේ ජනප්‍රිය නළුවකුව සිටි ඩඩ්ලි අද ජනප්‍රිය නිළි මානෙල් වානගුරුගේ පියා.ඒ වගේම ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ නම් මතු පරපුරේ ජනප්‍රිය නළු සොහොයුරන්ගේ සීයා.කුසුමසිරි විජයවර්ධනගේ ‘සිරිලක දළදා මාළිගා’ කෘතිය ජූලි මස 04 වැනිදා බදාදා උදේ 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.රංජිත් ද අල්විස්ගේ ‘දුම්මල වරම’ නාට්‍යයෙහි දස වැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දැක්මක් ජූලි මස 01 වැනිදා මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවේ.මෙහි ගාමිණී හෙට්ටිආරච්චි, සනත් විමලසිරි, මනෝහරී විමලතුංග, ගිවන්ත අර්ථසාද්, අනුර ශ්‍රීනාත්, රොෂානා ඔන්ඩච්චි, උපුල් වීරසිංහ, අනුර මාපිටිගම, තාරක අධිකාරී යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති. විශාරද එඩ්වඩ් ජයකොඩිගේ සංගීත නිර්මාණයෙන් හැඩ වන මෙම නාට්‍යයෙහි රංගාලෝකය මෙහෙය වන්නේ උපාලි වීරසිංහයි.ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධන් සිහි කරමින් කෙරෙන ‘දයානන්ද ගුණවර්ධන ප්‍රණාම උළෙල’ මෙම මස 30 වැනිදා සෙනසුරාදා ප. ව. 4.00 ට සිංහල සංස්කෘතික ආයතනයේදී පැවැත්වේ.එදිනට සමරු දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය තිස්ස කාරියවසම් විසිනි. මහාචාර්ය මුදියන්සේ දිසානායක, ජැක්සන් ඇන්තනී, ජයලත් මනෝරත්න, රෝහණ බැද්දගේ, නිශ්ශංක දිද්දෙණිය, බන්දුල විජේවීර, සුගත් සමරකෝන් යන විදත්වතුන් දයානන්ද ගුණවර්ධනයන්ගේ කලා දිවිය විමර්ශනයට ලක් කරමින් දේශන පැවැත්වීමට නියමිතය. මෙම උළෙලට සහභාගි වන ලෙසට ඔබ සැමට ආරාධනා කරන්නේ ලේකම් සුගත් සමරකෝන් වේ.මතුගම සී. ඩබ්ලිව්. කන්නන්ගර ජාතික පාසලේ ‘දිසි කවක අසිරිය’ රංග කලා උළෙල මෙම මස 29 වැනිදාපෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා විද්‍යාලයීය පියසේන කොඩිතුවක්කු රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.විදුහලේ රංගන කලාව හදාරන සිසු සිසුවියන්ගේ විෂය දැනුම හා සංකලනය වූ රංගන කුසලතා එළි දැක්වීමට ‘දිසි කවක අසිරිය’ නමින් ප්‍රථම වරට විද්‍යාලයේදී නාට්‍ය හා රංග කලා දිනයක් පැවැත්වේ. රංග කලාව විෂය භාර ප්‍රධාන ආචාර්යවරිය ලෙස ප්‍රියන්ති අබේසිංහ මහත්මිය කටයුතු කරයි.යතේජා ඥානරත්න
CREATIVE
මම මේ දවස්වල සිරස ටීම් එකේ සුපර් ෆයිටර් වැඩ සටහනේ අලුත් තේමා ගීතයක් නිිර්මාණය කරමින් සිටින්නේ. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ මගේ හිතවතෙක් වන නලීන් ජයවර්ධනගේ ගීත 16 ඇතුළත් සංයුක්ත තැටියක ගී තනු නිර්මාණය කරනවා.එහි ගීත රචනය සියල්ලම අමෙරිකාවේ වෙසෙන මහාචාර්ය විකුම්ප්‍රිය පෙරේරා විසින්. ගී තනු සියල්ල ලංකාවේ සිට මම නිර්මාණය කරනවා. ගායකයා ඕස්ට්‍රේිලියාවේ ජීවත් වෙන්නේ. මෙහි විශේෂත්වය අපි තිදෙනාම හමු නොවී අන්තර්ජාලය හරහායි මේ නිර්මාණ කටයුත්ත සිදු කරන්නේ.  
CREATIVE
ඔක්තෝබර් 24 වැනි දිනට ‘සුබ නව වසරක්’ (හැපි නිව් ඉයර්) උදා වෙයි. එය තවත් සුබ වන්නේ සිනමාපටයේ ප්‍රධාන නළු ෂාරුක් ඛාන්ගේ මෙතෙක් දක්නට නොලැබුණු බාලම පුතු ඒබ්‍රහම්, මව (ෂාරුක් බිරිය) ගෞරී ඛාන් සමඟ කෙටි රංගනයකට ඉදිරිපත්වීමයි. මුලදී මෙවැනි කෙටි රංගනයක් යොදා ගැනීමට අදහසක් තිබී නැත. ගෞරීට ආරාධනාව ලැබී ඇත්තේ අධ්‍යක්ෂිකා ෆාරා ඛාන්ගෙන් සහ ෂාරුක්ගෙනි.ෂාරුක්ගේ වැඩිමල් පුතු ආර්යන් ද වයස අවුරුදු දෙකහමාරේදී මෙලෙසින්ම සිනමාපටයක කෙටි රංගනයකට පෙනී සිට ඇත.හැපි නිව් ඉයර් ප්‍රධාන තාරකාව කවදත් ෂාරුක්ට වාසනාව ගෙනෙන දීපිකා පදුකෝන්ය.ඒබ්‍රහම් සිනමාපටයට වාසනාව රැගෙන එන බව නම් නිසැකය.තම පුංචි පුතු මාධ්‍යයෙන් කලක් සඟවා ගෙන සිටියත් පසුගිය හජ්ජි දිනයේදී ඔහු පුතුගේ ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවියට මුදා හැරියේය.
CREATIVE
පසුගිය අවුරුද්දේ ඉදිරිපත් කළ ‘ඔයා ළඟින් ඈත් වෙලා’ ගීතයට ලැබෙන ප්‍රතිචාර සමඟ තවත් අලුත් ගීතයක් එළි දක්වන්න සූදානම් වෙමිනුයි සිටින්නේ. ‘ඔබ රැවටූ හිත පතුලේ’ නම් මේ ගීතය ළඟදීම එළි දක්වන්න ලෑස්ති වෙනවා.මේ දවස්වල ඒ නිසා ටිකක් කාර්යබහුලව සිටින්නේ. ඊට අමතරව සංගීත ප්‍රසංගයක් යෙදිලා තියෙනවා. මගේ උපන් දිනයත් මේ සතියටම යෙදිලා තියෙනවානේ. ඒ වෙනුවෙන් මම කවදාවත් උත්සව පවත්වලා නම් නැහැ. සාමාන්‍ය සුපුරුදු විදියට ඒ දවසත් ගත කරනවා. සිංහල අලුත් අවුරුද්දත් ඉවර වෙලා දැන් වෙසක් උත්සවය එනකල් මඟ බලාගෙන ඉන්නවා.
CREATIVE
රංගන ශිල්පීගිහාන් ප්‍රනාන්දුසරත් ධර්මසිරිගේ ‘සත් පත්තිනි’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කළා. ඒ රඟපෑම් කටයුතු අතර ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයත් සමඟ මා ගමෙන් ගමට යනවා. ඒ වගේම මං රංගනයෙන් සම්බන්ධ වුණු ‘සත් පියවරු’ ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත රාජිත දිසානායකගේ වේදිකා නාට්‍ය උළෙලේ නාට්‍යවලත් පුහුණුවීම් ආරම්භ කරලා. මේ මාසයේ අවසාන සතියේ විතර මමත් තිරිමාදුරත් අමෙරිකාවට යන්න සූදානම් වෙන්නේ ගිහාන් – කුමා Stard Up Comidial  කිය ප්‍රාසාංගික ප්‍රසංගය සඳහායි. 
CREATIVE
හොඳම නිෂ්පාදක ලෙස ‘සරසවිය’ සම්මානය දෙවරක්ම දිනාගත් බන්දුල ගුණවර්ධන සිය සිව්වැනි චිත්‍රපටයේ වැඩකටයුතු මෙම මස 30 වැනිදා අරඹනු ඇත. එම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරනුයේ තිරගත වීමට නියමිත ‘තන්හා රතී රඟා’ ට්ත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන ලද නිලේන්ද්‍ර දේශපි‍්‍රය විසිනි. සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි දිගු කලකට පසු මෙහි ප්‍රධාන චරිතයකින් නැවතත් සිනමාවට පිවිසෙයි.පසුගිය අසූව දශකය අවසානයේ මෙරට සිදු වූ ජාත්‍යන්තර වශයෙන් පවා අවධානයට ලක් වූ සිදුවීමක් කේන්ද්‍ර කොටගත් මෙම චිත්‍රපටයේ තිර පිටපත නිලේන්ද්‍ර රචනා කරන ලද්දේ මෙයට වසර ගණනාවකට පෙරාතුවය. එහෙත් එයට පෙර තන්හා රතී රඟා චිත්‍රපටයේ වැඩ නිමකර ගැනීමට නිලේන්ද්‍ර සමත් විය.සුද්දිලාගේ කතාව සහ සිරිමැදුර යන චිත්‍රපට නිෂ්පාදනය කරමින් සරසවිය සම්මාන දිනූ බන්දුල ගුනවර්ධන අවසන්වරට නිෂ්පාදනය කළේ බෙහෙවින් විචාරක අවධානයට පාත්‍ර වූ ‘අයෝමා’ චිත්‍රපටයයි. සුද්දිලාගේ කතාව ධර්මසිරි බණ්ඩාරනායක විසින් ද, සිරි මැදුර පරාක්‍රම නිරිඇල්ල විසින් ද නිර්මාණය කරන ලදී. බන්දුල ගුණවර්ධන චිත්‍රපටයක් නිෂ්පාදනය කරනුයේ වසර 19 කට පසුය. සුද්දිලාගේ කතාව සහ අයෝමා චිත්‍රපටවල සුද්දි සහ අයෝමා ලෙසින් ප්‍රධාන චරිත නිරූපණය කළේ ස්වර්ණා මල්ලවාරච්චිය. බන්දුල ගුණවර්ධන වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයා වෙයි.
CREATIVE
දීපාල් ලියනආරච්චිඉස්කෝලෙ යන කාලේ මං හරිම දක්ෂයි අභිරූපණ රංගනයට. ඇත්තටම ඒක මට උපතින් ලැබුණු දක්ෂතාවයක් කිව්වොත් නිවැරැදියි. අගලවත්ත මිහිඳු මහ විද්‍යාලයෙනුයි මං ඉගෙන ගත්තේ. එහි මං ඒක පුද්ගල අභිරූපණ රංග ප්‍රසංග කිහිපයක්ම පැවැත්වූවා. පාසල් මිතුරන්ගෙන් මට ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්.භ එහෙම කතාව ආරම්භ කළේ නව පරපුරේ රංගන ශිල්පියකු වන දීපාල් ලියනආරච්චි. මේ වන විට නාට්‍ය හතළිස් අටක රඟපා ඇති හෙතෙම ඉන් සිරිවාසල, සඳමැදියම හා විසුළ අහස යට වැනි ටෙලි සිතුවම් හි කැපී පෙනෙන රංගනයක යෙදුණා. දීපාල් ඊළඟට කතා කළේ අභිරූපණ රංගනයෙන් කැමරාව ඉදිරියට පැමිණි අයුරු.මට අභිරූපණ ෂෝස් කරන්න උදව් වුණේ සංජය බ්‍රාහ්මණ කියන මගේ යාළුවා. ඔහුව මේ වෙලාවෙ මතක් කරන්න ඕනෑ. අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව මට නාලන් මෙන්ඩිස් මහත්මයාගේ පස්සෙ ගෙනා මනමාලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා.ඒක තමයි මං කැමරාවක් ඉදිරියේ කළ පළමු රංගනය. ඒත් එක්කම ලයනල් දැරණියගල මගේ පින්තූරයක් දැකලා එයාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මට කතා කළා. අවාසනාවකට එතුමාගේ හදිසි වියෝවෙන් චිත්‍රපටය අතරමඟ නැවතුණා. ඉන් ලද කම්පනයෙන් මම ටිකක් රංගනයෙන් ඈත් වුණා.* එතකොට ඔබ යළිත් රංගනයට එන්නේ?සුදත්ත තිලක්සිරි අලේ ගමට නාට්‍යයක් කරන්න ඇවිත් හිටියා. ඔහුත් එක්ක මං ටිකක් හිතවත්වෙලා විස්තර කතා කළා. ඒවා අහගෙන හිටිය ඔහු එම නාට්‍යයේම චරිතයකට කතා කළා. අන්න එතනිනුයි මගේ රංගන ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹෙන්නේ.* ඒ රංගන ගමනෙහි නොමැකෙන මතක සටහන් මොනවද තියෙන්නේ?ඇත්තටම සඳ මැදියම, සිරිවාසල, විසුළ අහස යට යන නාට්‍යවල මැවූ චරිත මගේ රංගන ගමනෙහි අමරණීයයි. සිරිවාසල හි මං පුංචි බණ්ඩා. එය තරුණ වයසේ සිට මහලු විය දක්වා දිවයන්නක්. එහි එක් අවස්ථාවක පුංචි බණ්ඩාගේ පාදයක් නැති වෙනවා. එතැන් පටන් කිහිලිකරු පාවිච්චි කරමිනුයි රඟපෑවේ. ඒක පුදුමාකාර අත්දැකීමක්.* එම නාට්‍ය තුනට අමතරව ඔබ රංගනනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක් මතක් කළොත්?සරා, පිනි වැස්සක්, අමන්දා, අහස සේ නුඹ අනන්තයි. බොරලු පාර, පරණ ටවුම, මන්දාරම් කළුවර, සඳා, අපේක්ෂා.* රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?ඔය පුුංචි බණ්ඩා චරිතෙ කරද්දී මගේ ස්වරූපය සෑහෙන්න වෙනස් කළා. හිතවතුන්ට කිව්වත් ඒ ඉන්නේ මම කියලා කවුරුවත් විශ්වාස කළේ නැහැ. අදටත් කට්ටිය විහිළු කරනවා ඒ හිටියේ මම නෙවෙයි කියලා. තව හොඳ අත්දැකීමක් තමයි ඒ චරිතය වෙනුවෙන් බුලත් කන්න සිද්ධ වීම. මත් වෙනකම් බුලත් කෑවා.* ඔබේ පුද්ගලික විස්තරත් කතා කරමු?මගේ බිරිය දමිතා රණසිංහ. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.* අවසන් කොට තවත් වචනයක් කියමු?ක්ෂේත්‍රයේ සිටින ගොඩක් දෙනෙක් මට උදවු කළා. විශේෂයෙන් මගේ මවුපියන්, තව ලකී ආතවුද, ප්‍රියන්ත රණසිංහ, රවී ලියනගේ නම් මගේ මිත්‍රයන් නිබඳව මට මහත් ධෛර්යයක් දෙනවා. මම යම් තැනකට ආව ද ඒ ජයග්‍රහණයේ වැදගත් තැනක ඔවුන් ඉන්නවා. මට නාට්‍ය කිහිපයකටම මේ වන විට ආරාධනා ලැබිලා තියෙනවා. රංගනයේ යෙදෙමින් ජීවිතයේ ඉදිරිය ගෙවනවා.මේ දීපාල්ගේ දුරකථන අංකයයි 0773925392සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව -මාලන් කරුණාරත්න
CREATIVE
ප්‍රවීණ කැමරා ශිල්පී නෝබට් රත්නසිරි අභාවප්‍රාපත් විය. කලක් රෝගාතුරව සිටි ඔහු අවසන් වරට දායක වූයේ දරුවනේ චිත්‍රපටයටය.සංජය ලීලාරත්නගේ මව වූ ඩී. එස්. ලීලාවතී මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට හැත්තෑ තුන් වැනි වියෙහි පසු වූ ඇය තිදරු මවකි. විශ්‍රාමික හෙද නිලධාරිණියක වූ ඇගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු විණ.සුනිල් ටී. ප්‍රනාන්දුගේ වැඩිමල් සොයුරු චිත්‍රපට නිෂ්පාදක ප්‍රකට ව්‍යාපාරික නිහාල් වැලන්ටයින් අභාවප්‍රාප්ත විය. වැඩ බැරි ටාසන්, කෝ හතුරෝ ඔහු නිපද වූ චිත්‍රපට අතර වේ. ඔහුගේ අවසන් කටයුතු ඉකුත් දා මොරටුවේදී සිදුවිණ.එච්. ආර්. ජෝතිපාලගේ විසි පස් වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් එච්. ආර්. ජෝතිපාලරසික පදනම සංවිධානය කරන ගුණසමරු පිංකමක් මෙම මස 22 වැනිදා එනම් එන ඉරිදා කැලණිය රජ මහ විහාරස්ථානයේ පැවැත්වේ.එදින සවස 4 – 5 දක්වා ආලෝක පූජා පිංකමක්ද 5 – 6 දක්වා අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රවීණ ධර්ම කථික ආචාර්ය පූජ්‍යපාද පාතේගම ඥාණිස්සර ස්වාමීන් වහන්සේ පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාව ද පැවැත්වේ.මතක මං පෙත, අමායා, ලාභයි ඇපල්, සත් රළ පෙළ, භාහෙට නෑයෝ, ඉහිරුණ කිරි වැනි අතිශය ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නාට්‍යය රැසක් අධ්‍යක්ෂණය කළසංජය ගුණවර්ධන සිය කුලුඳුල් සිනමා සිත්තම එළි දැක්වීමට මේ දිනවල මූලික සැලසුම් කරගෙන යයි.යොවුන් ආදරය තේමා කර ගනිමින් වෙනස්ම මාදිලියක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම සංජයගේ බලාපොරොත්තුවයි. මේ සඳහා ප්‍රවීණ හා නව පරපුරේ ජනප්‍රිය නළු, නිළියන් රැසක් යොදා ගැනීමට ඔහු අදහස් කරයි.අලුත් තේමාවක් යටතේ තිර කතාවක් රචනා කළ හැකි අයකුට අවස්ථාවක් උදා කර දීමට සංජය තීරණය කර තිබේ. ඊට හැකියාවක් ඇත්නම් ඔබේ තිර පිටපතත් සංජය වෙත යොමු කරන්න. 128/2, මාලිගාතැන්න, වේයන්ගොඩ.වසර ගණනාවකට පසුව ජනප්‍රිය ගායක රෝහණ සිරිවර්ධන සරල ගී වැඩසටහනක් ඉදිරිපත් කරයි.මෙම 24 දා ( අඟහරුවාදා ) රාත්‍රි 7.45 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙය ප්‍රචාරයවේ.‘ ඔබේ අතගෙන, ලොවේ කොයි කාටත් හොරෙන්, සීත කඳු රැල්ලේ, මටත් හොරෙන් රෝහණ ගැයූ ගී අතර ජනප්‍රිය ගීත කිහිපයකි.
CREATIVE
කළගුණ සැලකිම, වැඩිහිටියන්ට ගරු කිරීම උතුම් මානුෂිය ගුණාංගයක්. පසුගිය දා මේ මානුෂීය ගුණාංගය මනාව පිළිබිඹු කළේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණියගේ පුත් සමීර රන්දෙණියයි.අපිට සිටින ප්‍රවීණතම සහ ජ්‍යෙෂ්ඨතම සිනමාවේදියා වන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්. එතුමන්ගේ ජීවිතයේ නවවැනි දශකයටත් එළැඹිලා. නමුත් ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් මෙරට අලුතින් නිර්මාණය වන තරුණ දක්ෂ සිනමාකරුවන්ගේ සිනමාපට නරඹන්න දක්වන්නේ පුදුමකාර කැමැත්තක්.මෑතකදී තිරගතවීම ඇරැඹූ ප්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත්‍රපටය නරඹන්නත් ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ට ආශාවක් ඇතිවෙලා කියා හඳුනා ගත්තේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනිය. පසුගියදා රීගල් සිනමාහලට හිටි හැටියේම ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ව අතින් අල්ලා ගෙන ඇතුල් වුණේ රවීන්ද්‍රගේ පුත් සමීර. සංවේදී මිනිසකු වන ලෙස්ටර් ශූරීන්, සමීරගේ අතේ එල්ලී සිනමා ශාලාවට පැමිණෙන අයුරු දුටු කාටත් කියැවුණේ මෙහෙම.‘රවීන්ද්‍රව ‘දෑස නිසා’ චිත්‍රපටයට එක්කර ගනිමින් අතින් රැගෙන ආ ලෙස්ටර් මහත්තයාව අද රවීන්ද්‍රයි පුතයි එක්වෙලා තරුණ කලාකරුවෙකුගේ චිත්‍රපටයක් බලන්න එක්කන් එනවා.’මේ සංවේදී සිදුවීම දිහා බලා සිටි මට සිතුණේ ලෝකයේ දැනට ජීවත්වන ජ්‍යෙෂ්ඨතම සිනමාකරුවා වූ මැනුවෙල් ඩි ඔලිවෙරාට වයස අවු: 103 යි. නමුත් මෑතකදීත් ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එසේ නම් අනූ විය සපුරන අපේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ටත් එවැනිම වැඩක් කළ හැකියි කියායි.කළ ගුණ සලකන රවීන්ද්‍ර වැනි රංගධරයන්ටත් අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න අමතක කරන්නේ නැහැ.හෙළ සිනමාවට වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනයෙන් දායක කළ සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් පණස් හය වැනි සිනමා කෘතිය අධ්‍යක්ෂණයට පවරා ඇත්තේ විශිෂ්ට රංගධරයකු වූ සනත් ගුණතිලක හට බව සුනිල් ටී. පවසයි.සුනිල් ටී. සහ සනත් සුසංයෝගය එකමුතුවෙන් තැනෙන එම චිත්‍රපටය නම් කොට ඇැත්තේ සිනහව අතරින් යනුවෙන්.එකමත් එක රටක චිත්‍රපටයෙන් අනතුරුව සනත්ගේ දෙවැනි අධ්‍යක්ෂණය වන මෙය ඊට හාත්පසින්ම වෙනස් වූ සිනමා කෘතියක් වනු ඇත. සනත් සිය රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද මෙරට බොහෝ විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වූයේය.සිනහව අතරින් හි නළු නිළියන් තේරීම මේ දිනවල සිදුවන අතර තව නොබෝ දිනකින් එය රූගත වනු ඇත. එහි අලුත්ම තොරතුරු ඉදිරි ‘සරසවිය’ කළාපයන්හි බලාපොරොත්තු වන්න.
CREATIVE
මල්රාජ් කිරිඇල්ල විසින් පද රචිත ‘මහමෙවුනා උයනේ’ ගීතය පසුගියදා එළිදැක්විණි. බෞද්ධ සංකල්පනාවක් මත පදනම්ව ලියවී ඇති මෙම ගීතය ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් විසින් ගායනය කරනු ලබන අතර එහි පදමාලාව හා සංගීතය කලණ පෙරේරා විසිනි.ශ්‍රීී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිගරු අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤණිස්සර හිමිපාණන් වෙත මෙහි මුල් ගී තැටිය පිළිගන්වන ලදී.2011 දයාවංශ ජයකොඩි නවකතා අත්පිටපත් තරඟයේ හොඳම නවකතාව ලෙස සම්මාන දිනූ අම්පාර, පියදාස උඩවත්ත රචනා කළ ‘බැද්දට හඳ පායා විත්’ කෘතිය ලබන 08 වැනිදා මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.දිගාමඬුල්ලේ අව්‍යාජ ගැමියාගේ ජීවන පුවත, සිතුම් පැතුම් ගෙත්තමක් ලෙස මෙම නවකතාවෙන් ගෙන හැරපායි.මාරාන්තිත ඩෙංගු වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධ ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් පටිගත කළ ගීත හයක් ඇතුළත් කර ගුණපාල කරුණාපතිරණ විසින් නිර්්මාණය කළ ‘ඇල්බොපික්ටස්’ නම් නවතම කෙටි නාට්‍ය පාසල්, දහම් පාසල්, විශේෂ අවස්ථා සහ ප්‍රසිද්ධ ස්ථානවල නොමිලයේ රඟ දැක්වීමට කටයුතු යොදා ඇත.‘මැද පෙරදිග‘, පුරන් කෙතේ පඹයා’ වැනි වේදිකා නාට්‍ය ද ‘ඉර හඳ යට’, ‘නිමක් නැති සසර මඟ’, ‘අවුරුදු උදානය’ වැනි ඒකාංගික ටෙලි නාට්‍යවල නිෂ්පාදක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ගුණපාල කරුණාපතිරණ 2009 වසරේදී ඩෙංගු උවදුරෙන් වැළකී සිටීමට ජනතාව දැනුවත් කිරීම සඳහා කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කලා සංගමය සමඟ ‘සතියකට වරක්’ නමින් වීදි නාට්‍යයක් ආරම්භ කළේය.පරිසරය, ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම, ඩෙංගු රෝගී ලක්ෂණ මෙන්ම ප්‍රතිකාර පිළිබඳ පණිවිඩයක් ජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් නිර්මාණය කළ ‘ඇල්බොපික්ටස්’ නාට්‍යය පිළිබඳ වැඩිදුර තොරතුරු 0722905915 / 0114900234 දුරකථන අංකයෙන් ලබා ගත හැකි වේ.ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විශ්ව රංගායතනය පවත්වාගෙන යනු ලබන නර්ථනාචාරිණී රශිකා කුලසිංහගේ විජය කුවේණි ඉඟිනළුව මෙම මස 05 වැනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී රංග ගතවේ. ඕස්ට්‍රේලියාවේ වෙසෙන එම ආයතනයේ නර්ථනය හදාරන දරු දැරියන් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙයට සහභාගී වේ.විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ ඒක පුද්ගල ගී ප්‍රසංගයෙහි නව වසරේ පළමු දිගහැරුම මෙම මස 05 වැනිදා සවස මහරගම තරුණ සේවා සභාවේ රඟහලේදී පැවැත්වෙයි.
CREATIVE
සරත් සිල්වා, ටිරෝන් මයිකල් සහ ටෙඩී විද්‍යාලංකාර කියන්නේ මෙරට ජනපි‍්‍රය සටන් නළුවන් තිදෙනෙක්. සටන් නළුවෙක් කියන්නේ තිරයේදි ප්‍රධාන නළුවාගෙන් අනිවාර්යයෙන් ගුටි කන්න සිදුවෙන චරිතයක්. සටන් නළුවන් ගුටිකාලා තමයි ප්‍රධාන නළුවා වීරයෙක් බවට පත් කරන්නේ. ඒ නිසාම ඔවුන්ට අනිවාර්යයෙන්ම වීරයාගෙන් ගුටි කන්න සිදු වෙනවා.දවසක් සරත් සිල්වා සිටි තැනක පුද්ගලයෙක් ඔහු දෙසම බලාගෙන ඉන්නවාලු. ‘ඇයි මොකද බලන් ඉන්නේ’ බැරිම තැන සරත් ඔහුගෙන් ඇසුවාලු. ‘ඔයාට තියෙන්නේ හොඳ ගුටිකන මූණක්’ අර පුද්ගලයා දෙවරක් නොසිතාම සරත්ට කියලා. මේ දෙන්නගේ දෙබස අතරේ ඊට පිටුපසින් තවත් දෙදෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තමයි ටිරෝනුයි ටෙඩියි. මේ කතාව අහගෙන සිටි මේ දෙන්නා, ‘ඇයි අපිත් ඒ වගේ පේන්නේ නැද්ද’? කියලා අර පුදුගලයාගෙන් විමසලා. ඊට පස්සෙ මොනවා වුණාද කවුරුත් කිව්වේ නැහැ.
CREATIVE
සිටු මැඳුරේ ක්‍රිෂානි සමඟ පිළිසඳරක්මේනකා මධුවන්තිඇය සිය කලා ජීවිතය ආරම්භ කළේ නර්තන අංශයෙන්. කාලයත් සමඟ ඇයට දැන් රංගන ක්ෂේත්‍රයටත් පිවිසෙන්නට වරම් ලැබිලා. මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන සිටු මැදුර ටෙලි සිත්තමෙන් ක්‍රිෂාණි ලෙස ඔබ හමුවට එන ඇය මේනකා මධුවන්ති. මේ ඇයගේ කලා ජීවිතයේ ගමන් මඟ ගැන සරසවිය සමඟ කළ පිළිසඳරක්.මේනකා ඔබේ කලා ජීවිතයේ ආරම්භය ගැන මුලින්ම කියමුද?මගේ කලා ජීවිතයේ ආරම්භය නර්තනයයි. ශාන් පෙරේරා යටතේ මම නර්තනය හැදෑරුවා. ඒ අතරතුරේදී සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ සමඟ රංගනයටත් ආරාධනා ලැබුණා. මුලින්ම රංගනයෙන් එක් වුණේ රවීන්ද්‍ර විජේරත්නගේ රුවන් මාලිගා ටෙලි වෘත්තාන්තයේ චරිතයකින්.කැමරාව ඉදිරියේ පළමු අත්දැකීම මොන වගේද?නුහුරු නුපුරුදු බවක් නම් දැනුණේ නැහැ. සැහැල්ලුවෙන් ඒ අවස්ථාවට මුහුණ දුන්නා. කැමරාව ඉදිරියේ එම පළමු අත්දැකීමේදී හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ අත්දැකීම මේ දක්වා ඉදිරියට එන්න ශක්තියක් වුණා. ඒ ගැන හරිම සතුටුයි.මේ දක්වා ඔබේ දායකත්වය ලද නිර්මාණ ගැනත් සඳහන් කරමු?අනුර පත්තිනිගේ ගේ ‘ද හෝප්’ චිත්‍රපටය සහ සුදේශ් වසන්ත පීරිස්ගේ ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපට සඳහා එක් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතර ජීවිතය ලස්සනයි ළඟදීම තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම සුනෙත් මාලිංග ලොකුහේවාගේ චංචල රේඛා, තුන්වැනි ඇස ටෙලි නාට්‍ය සඳහාත් දායක වෙන්න අවස්ථා ලැබුණා. ඊට අමතරව තවත් ටෙලි නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. මේ දිනවල සිටු මැදුර ටෙලි වෘත්තාන්තය විකාශය වෙනවා.රංගනයට පිවිසිමෙන් නර්තනයට තිත තැබුවාද?නර්තනය තමයි මගේ ජිීවිතේ. නමුත් රංගනයට පිවිසීම සමඟ ඇති වූ කාර්යබහුලත්වය නර්තනයට තිබූ මඟ ඇහිරිලා ගියා. ඒ වුණාට නර්තනයට මම හැමදාම ආදරෙයි. පොඩි කාලේ පටන් නර්තනය හැදෑරුවා. ඒ වගේම රූපවාහිනී නාලිකාවල නර්තන වැඩසටහන් සඳහා ඉදිරිපත් වුණා. හිපොප්, ලතින් නර්තන අංශවලින් දකුණු ආසියානු තරඟවලදී ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.මේ දක්වා ඔබට ලැබුණු චරිත වගේම ඉදිරියේදී ඔබ භාර ගන්නට කැමැති විශේෂ චරිත තියෙනවාද?මගේ ප්‍රථම චිත්‍රපටය ද හෝප් හි ත්‍රස්තවාදී ද්‍රවිඩ තරුණියකගේ චරිතයක් නිරූපණය කළේ. ඒ මඟින් මට රංගනය පිළිබඳ ලොකු අත්දැකීමක් ලැබුණා. දෙවැනි චිත්‍රපටය ජීවිතය ලස්සනයි. දියණියන් සිව් දෙනෙක් සිටින පවුලක වැඩිමල් දුවගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඇය ආදරය වෙනුවෙන් පවුලේ අයගේ කැමැත්තට විරුද්ධව සිටින තරුණියක්. ඒ වගේමයි සිටු මැදුරේ ක්‍රිෂාණිටත් මේ දිනවල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විවිධ චරිත නිරූපණය කරමින් චරිතාංග නිළියක් වෙන්න මම කැමැතියි. ඒ මඟින් මට මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන්.පුංචි කාලේ හීනය වුණෙත් රංගන ශිල්පිනියක් වෙන්නද?මම වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලැබුවේ. බැංකු නිලධාරිණියක් වීමේ අරමුණ තිබුණා. නමුත් නර්තනයට තිබූ ආසාව මා කලාවට යොමු කළා. ඒ තුළින් රංගන ක්ෂේත්‍රයට එන්නට වරම් ලැබුණා. මේ ලැබීම ගැන මා ඉතාමත් තෘප්තිමත්.රංගන ක්ෂේත්‍රයට පා තබද්දී ඔබ අනුකරණය කළ විශේෂ චරිතයක් හිතේ තිබුණද?එහෙම විශේෂ චරිතයකට ඇලුම් කළේ නැහැ. ජ්‍යෙෂ්ඨයන්ට මම හැමදාමත් ගරු කරනවා. නමුත් අනුකරණය කරන්නේ නම් නැහැ. ප්‍රවීණයන්ගේ රංගනය දෙස බලමින් ඒවා අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය තුළින් මම මගේ රංගන හැකියාවන් තව දියුණු කරගන්න උත්සාහ කරනවා.මේනකාගේ පාසල් කාලය ගැනත් කියමු?මගේ ගම මත්තේගොඩ. මම පහ වසර වෙනකල් මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයෙන් පසු කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ දක්වා එහි අධ්‍යාපන කටයුතු හැදෑරුවා. ඒ කාලයේදීත් නර්තනයට විශේෂ උනන්දුවක් දැක්වූවා.පවුලේ තොරතුරු?මගේ පවුලේ තාත්තායි, අම්මායි, මමයි, නංගියි, මල්ලියි ඉන්නේ. තාත්තා නම් මුලින්ම මම රංගනයට යොමු වෙනවාට එතරම් කැමැත්තක් දැක් වූවේ නැහැ. දැන් පවුලේ හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඔවුන් සියලු දෙනා මා දිරිමත් කරනවා.අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?මට යම් දෙයක් කරන්න පුළුවන් තෙක් රංගන ක්ෂේත්‍රයේ රැඳිලා සිටින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට මම ඇඟලුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. එය තවත් දියුණු කරගන්න කටයුතු කරනවා. ඊට අමතරව කලා ක්ෂේත්‍රය තුළත් මගේම දෙයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.ඒ කිව්වේ?අනාගතයේදී ටෙලි නාට්‍යයක් හෝ චිත‍්‍රටයක් නිෂ්පාදනය කරන්න ආසාවක් තියෙනවා.යතේජා ඥානරත්නඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE