comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
සෙනෙහසක් ලොව තිබේ නම්02 දා එළි දකීකුමා අත්තනායක ගායකයකු ලෙසට ප්‍රචලිත වන්නේ ‘කඳු අතරින් උදේ හවා’ ගීතය ජනප්‍රියවීමත් සමඟය. ඉන් අනතුරුව නයගාරා සංගීත කණ්ඩායමෙහි නිත්‍ය ගායන ශිල්පියකු ලෙස කටයුතු කළ කුමා තමන්ගේ ගමන අරඹන්නේ 1994 වසරේදීය.දුටුවැව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු කැකිරාව මහා විද්‍යාලයේදී රජරට සේවය සමඟ සම්බන්ධ වී කටයුතු කළ අයෙකි. 1995 සහ 1996 වසරවලදී මින්දද හීසර නමින් ප්‍රසංගයක් පැවැත් වූ කුමා 1997 වසරේදී රජරට සේවය මඟින් පැවැත් වූ ආධුනික ගී තරගාවලියේ දක්ෂතම ගායකයාට හිමි සම්මානය ද තමාගේ කර ගත්තේ තම ගමන ද වෙනත් මාවතකට පෙරලා ගනිමිනි. එතැන්දී මුණ ගැසුනු රඹුකන සිද්ධාර්ථ හිමියන් සමඟ කොළඹට පැමිණි කුමා අද රටක් හඳුණන ගායකයෙකි.විවිධ දක්ෂතා ප්‍රකට කළ ඔහු වසර දහයකට පසුව තම ගීත එකතුව එළි දක්වන්නේ නව මුහුණුවරකිනි. ‘සෙනෙහසක් ලොව තිබේ නම්’ ලෙස නම් කළ ඒ සුභාවිත ගීතාවලියෙහි සියලුම ගී පද තලාවේ සංඝරතන හිමියන්ගේ වීම විශේෂත්වයකි. අශෝක කෝවිලගේ, රන්ජන් තිලක් පීරිස් සංගීතවත් කළ මෙම ගී තැටිය නොවැම්බර් 02 දින සවස 2.30 ට බෙන්තොට ගාමිණී ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.කළුතර දිස්ත්‍රික් උප ප්‍රධාන සංඝ නායක ඕවිටිගල සුමේධ හිමියන් මුලසුන හොබවන මෙම උළෙලෙහි රත්න ශ්‍රී විජේසිංහ සහ තිඹිරියාගම බණ්ඩාර යන විද්වත්හු දේශන පැවැත්වීමට නියමිතය.ඉතාමත් වෙනස් මාතෘකා රැසක් ගත් මෙම ගී තැටිය සංගීතය මෙන්ම ගායන ක්‍රමවේදයෙහි ද වෙනස්ම ආරක් ගත් එකකි. මීට පෙර අපට හමු වූ කුමා මේ තුළ අපට හමු නොවෙයි. රජරට සේවයේ දී සුභාවිත ගීත මාවතට යොමු වූ කුමා නැවතත් සෙනෙහසක් ලොව තිබේ නම් හරහා අපට දැක ගත හැකිය. එමෙන්ම සුභාවිත ගීත වල දමා වාණිජ පරමාර්ථ පදනම් කොට ගත් යුගයක කුමාගේ මෙම උඩුගම් බලා පිහිනන ගමන ඉතාමත් සුවදුන් වූ එකකි. යහපත් බලාපොරොත්තු පොදි බැඳගත් ස්ථිර ගමනකි.- චතුරඡායා - ටෙනී
CREATIVE
චිත්‍රපට නිළි කුමාරි මානෙල්රංගන කටයුතුවලින් ඈත් වී සිටින නිසා වැඩිපුරම මගේ සිත පිනක් දහමක් කර ගැනීමට යොමු වෙලා. මෙවර උපන් දිනයට සුපුරුදු විදියට මල්ලිකා මහලු නිවාසයට දානයක් දීමත් සිදු කරනවා.ඒ අතර ලොකු දුව ඉන්නේ එංගලන්තයේ නිසා ටික කාලයක් එහි ගිහින් නිවාඩුව ගත කරනවා. අනිත් කාලයේ ගෙදරට වෙලා සිටිනවා. ඒ අතර පොඩි දුව නිතරම වගේ මාව බලන්න එන නිසා මම ඉන්නේ සතුටෙන්.
CREATIVE
ප්‍රියංකා චොප්රා සහ මේරි කොම් භාරත දේශයේ රන් දියණිවරුන්ය. ප්‍රියංකා රුවින් ද, මේරි කොම් ක්‍රීඩාවෙන් ද සිය දේශය රනින් සැරසූහ. මේ අපූරු රන් දියණිවරුන් දැන් සූදානම් වන්නේ රිදී තිරයට ස්වර්ණමය මතක සටහන් එක් කිරීමටයි. ඒ සංජේ ලීලා බන්සාලිගේ නවතම සිනමාපටයෙනි.පසුගිය ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනූ මේරි කොම් දිරිය දියණියගේ ජීවිත කතාව බන්සාලි තිරයේ ගෙන එන්නේය. තිරයේදී මේරි කොම් වීමට වරම් ලබා ඇත්තේ ප්‍රියංකා චොප්රායි. ප්‍රියංකා තමන් වීම ගැන මේරි සිටින්නේ ඉහවහා ගිය සතුටිනි. ප්‍රියංකා දක්ෂතා පිරි නිළියක් වීම ඊට හේතුවයි. තමන් ක්‍රීඩාවට සමත්කම් පෑවත් කැමරාව ඉදිරියේ ලජ්ජාකාරියක් බව මේරි කියා සිටින්නීය.ප්‍රියංකා දැන් මේරිගෙන් බොක්සිං ක්‍රීඩාව පුහුණු වන්නීය. එපමණක් නොව නිවුන් පුතුන් දෙදෙනකුගේ මවක් ලෙසින් මේරි ජීවිතය ජය ගන්නා හැටි ද ඇයට තිරයේදී නිරූපණය කිරීමට සිදුවේ. ප්‍රියංකා, මේරි ජීවත්වන මනිපූර් පළාතට ගොස් මේරිගේත්, ඇයගේ පවුලේ අයගේත් ජීවිත ගැන හදාරන්නීය.සිනමාපටයේ විශේෂ දර්ශනයකට මේරි ද පෙනී සිටින්නීය. මීට පෙර මේ දිරිය දියණියගේ චරිතයට තෝරා ගන්නේ ප්‍රියංකා චොප්රා ද දීපිකා පදුකෝන් ද කියා අධ්‍යක්ෂ බන්සාලිට ගැටලුවක් මතු වී තිබුණි. එහෙත් එම තෝරා ගැනීමේ බොක්සිං තරගයෙන් ජය ලැබුවේ ප්‍රියංකා චොප්රාය.සාමාන්‍යයෙන් ක්‍රීඩාව මාතෘකා කරගත් සිනමාපටවලට ප්‍රේක්ෂක මනාපය එතරම් හොඳින් නොලැබෙයි. එහෙත් 2002 දී ඔස්කාර් සම්මාන උළෙල ද නියෝජනය කළ ‘ලගන්’ ඒ නියමය කණපිට පෙරුළුවේය. ‘චක් දේ ඉන්දියා’ ද වාණිජ වශයෙන් සාර්ථක වූ ක්‍රීඩාව අළලා සැකසූ සිනමාපටයකි.ප්‍රියංකා චොප්රාට මේරි කොම් ලෙසින් ඊට වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත හැකි වේවි ද?මේ අතර ප්‍රියංකාගේ සැබෑ ජීවිතයට තවත් සුපිරි ඛාන් චරිතයක් වඩාත් ළෙන්ගතු වෙමින් සිටින බවට රාවයක් පැතිර යමින් පවතී. ඔහු සල්මන් ඛාන්ය. දෙදෙනා අතර දලුලමින් වැඩෙන මිත්‍රත්වය ආදරය යන අකුරු හතරෙන් වර්ණවත් වනු ඇත්දැයි කියා කොයි කවුරුත් බලා සිටිති. එහෙත් දැනට නම් ප්‍රියංකා මේ කටකතාව ප්‍රතික්ෂේප කරන්නීය. ආසියාවේ සරාගීම නිළිය ලෙසින් මෑතකදී නම් ලද ප්‍රියංකාගේ හද දිනා ගැනීමට සල්මන් ඛාන් වුව ද අකැමැති නොවනු ඇත. ඒසියන් වීක්ලි ඊස්ටන් අයි සඟරාව මඟින් කළ අන්තර් ජාල සමීක්ෂණයකින් සරාගීම නිළිය ලෙසින් ජනතා මනාපය දිනා ඇත්තේ ප්‍රියංකාය. දෙවැනි තැන කරීනා කපූර්ට ද, තෙවැනි තැන කත්‍රිනා කායිෆ්ට ද හිමි වී තිබේ. මේ අතර පි‍්‍රයංකාගේ නම 2013 ජාත්‍යන්තර සංගීත සම්මාන සඳහාද අංශ තුනකටම නිර්දේශ වී ඇත.රසික ජනතාව අන්තර් ජාලයෙන් වැඩිපුරම සොයා බලන තාරකාවන් වී සිටින්නේ ද කත්‍රිනා කායිෆ් සහ ප්‍රියංකාය.2012 වසර ගෙවී යන්නේ ප්‍රියංකාගේ ජීවිතයට සොදුරු මතක රාශියක් එක් කරමිනි. ඇය රැඟූ අග්නීපාත්, බර්ෆි අති සාර්ථක ලෙස තිරගත විය. ඇය පොප් ගායිකාවක් ලෙසින් දොරට වැඩියේ ද මේ වසරේදීයි.
CREATIVE
රංගන ශිල්පී ආනන්ද අතුකෝරළජාතික රූපවාහිනියේ ‘ඔබ එනතුරු’ත්, ස්වාධීන රූපවාහිනියේ ‘පොඩි මාමා’ත් හිරු රූපවාහිනියේ ‘හිරු තනිවෙලා’ත්, ස්වර්ණවාහිනියේ ‘ලොක්කි’ ත් කියන ටෙලි නාට්‍යවල රඟපෑමෙන් දායකවීමි හරහා ලැබෙන ප්‍රතිචාර නිසා මට දැනෙන්නේ සතුටක්.උදයකාන්තගේ ‘බහු භූතයෝ - 2’ චිත්‍රපටයෙත් මගේ රූගත කිරීම් ආරම්භ වන්නේ හෙට දිනයේයි. මම කරන ‘හොරු හොඳයි’ වේදිකා නාට්‍ය අරගෙන දිගටම රට වටා යනවා. අලුත්ව වේදිකා නාට්‍යයක පුහුණුවිම් කරනවා. කාවිංග පෙරේරාත් එහිදී මුල්්වරට වේදිකාවට හඳුන්වා දෙනවා.
CREATIVE
ගායිකා ශෂිකා නිසංසලාදැන් නම් වැඩි කාලයක් ගත කරන්නේ මගේ පුතාලා දෙන්නාගේ වැඩ කටයුතු සමඟිනුයි. සති අන්තයේදී ප්‍රසංග කිහිපයක්ම යෙදිලා තියනවා.මේ දවස්වල මා ගැයූ ‘අප හමු වූ තැන’, ‘සඳ රේණු ඇති රෑක’, ‘කවුරුන්ද කවුළුව වැහුවේ’ ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම තවත් අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න සූදානම් වෙමින් සිටින්නේ.
CREATIVE
ශ්‍රීමති අයිරානිට යේල් සරසවියේ උපාධියක් ඇති බව පවසා කට වරද්දවා ගැනීමෙන් පසුගිය දිනක මුහුණපෑවේ විශාල අකරතැබ්බයකටය. බොලිවුඩයේ බොහෝ සුපිරි තරුවලට විවිධ සරසවි මඟින් ගෞරවයෙන් පිරිනැමුණු ආචාර්ය උපාධි ද ඕනෑ තරම්ය. දේශපාලනයට පිවිසි නිසා ශ්‍රීමති අයිරානිට අධ්‍යාපන මට්ටම ගැන කථා කිරීමට සිදු වුණත් රංගන ශිල්පීන්ට, රංගන ශිල්පිනියන්ට නම් එවැනි අවශ්‍යතාවක් පැන නොගනී. රසිකයන්ගේ අධ්‍යාපන සහතිකය ඔවුනට හිමි වන්නේ තිරයේ පෙන්වන රංගන කුසලතාව මතයි. ඒ ඔවුන් මළ පොතේ අකුරක් දැන නොසිටියත් රංගනයට විශිෂ්ටයකු නම් අවශ්‍ය එපමණය. එහෙත් වියතුන් වූ නළුවන් ද සිටින බව අප අමතක නොකළ යුතුය.මෙගා තරුව, අමිතාබ් බච්චන් නළුවන් අතර සිටින උගතෙකි. විද්‍යා හා කලා උපාධිධාරියකු වන ඔහු ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සරසවියෙන් ගෞරව ආචාර්ය උපාධියක් ලැබුවේ රංගන කුසලතාවටය.ෂර්වුඩ්, නෙයින්තාල් සහ දිල්ලි හි කිරෝරි මාල් කොලීජියෙන් අමිතාබ් උසස් අධ්‍යාපනය ලබා තිබේ.ෂාරුක් ඛාන් දිල්ලි සරසවියේ හන්සරාජ් කොලීජියෙන් ආර්ථික විද්‍යා උපාධිය ලබාගෙන ඇති අතර දිල්ලිවලම ජාමියා මිලා ඉස්ලාමියා සරසවියෙන් ජනසන්නිවේදන උපාධිය හැදෑරුවේය. එහෙත් ඔහුට එම උපාධිය සම්පූර්ණ කිරීමට ලැබුණේ නැත.ජෝන් ඒබ්‍රහම් ජායි හින්දු කොලීජියේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙකි. නාසී මොන්ජී ආයතනයෙන් ඔහු කළමනාකරණ උපාධියක් ද ලබාගෙන ඇත.සල්මන් ඛාන් විවාහයේදී අනුගමනය කරන කඩාකප්පල්කාරී ක්‍රියා පිළිවෙළ අධ්‍යාපනයට ද පොදු බවට පත් කර ගත්තෙකි. ඔහු බන්ද්‍රාවල ජාතික කොලීජියට පිවිසුණත් අධ්‍යාපනය අතරමඟ නතර කෙරිණි.සිනමාවේ පූර්ණවන්තයකු වුවත් අමීර් ඛාන් පන්තියේදී සාමාන්‍ය ශිෂ්‍යයකු දක්ෂයකු විය. මූම්බායි නාසී මොන්ජී කොලීජියට ඇතුළු වුව ද පන්තිවලින් කට්ටි පැන්නේ නාට්‍ය රඟපෑමටයි.බොලිවුඩයේ අලුත්ම සුපිරි ප්‍රේමවන්තයා රන්බීර් කපූර් මූම්බායි හි බොම්බේ ස්කොට්ෂ් පාසලින් මූලික අධ්‍යාපනය හැදෑරුවේය. ඊළඟට ඔහු ගියේ මූම්බායි එච් ආර් කොලීජියටයි. වසර දෙකක් සිනමා නිර්මාණකරණය ගැන හා රංගන කලාව පිළිබඳ අධ්‍යාපනය ලැබූ රන්බීර්, ලී ස්ට්‍රැස්බර්ග් වේදිකා සහ සිනමා ආයතනයෙන් දෘශ්‍ය කලාව හැදෑරුවේය.බොලිවුඩයේ සිටින උගත්ම නිළිය ප්‍රීති සින්තාය. ඇයට සිම්ලාහ සාන්ත බීඩේස් කොලීජියෙන් ඉංග්‍රීසි ගෞරව උපාධියක් තිබේ. ප්‍රීති මනෝ විද්‍යා උපාධිධාරිණියකි. එපමණක් නොව අපරාධ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ඇත.විද්‍යා බාලන් මූම්බායි සාන්ත සේවියර් කොලීජියේ සමාජ විද්‍යා උපාධිධාරිණියෙකි. ෆාරන් අක්තාර් මූම්බායි එච් ආර් කොලීජියේ වාණිජ විද්‍යා උපාධිධාරියෙකි.රිතික් රොෂාන් වාණිජ විෂයයන් උපාධිය සඳහා හැදෑරුවත් දිගටම අධ්‍යාපනයට සිත යෙද වූයේ නැත.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
වසර දොළහකට කලින් තැපෑලෙන් පින්තූර දෙකක් ආවා සරසවියට. ඒ අපේ රඟපාමු පිටුවට. අද ඔහු මගේ ඉදිරියේ.ඉන්දික මධුරගේ. අද ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළුවෙක්. මේ දක්වා පැමිණි ඔහුගේ ගමන් මඟට සැබෑම සවියක් වුණෙත් සරසවිය අපි. ඒ අතීතෙන්ම කතාව පටන් ගමුද?අඩ සිය වසක් පුරාට සරසවිය ආව වගේම තව බොහෝ දුරු යන්න වාසනාව ලැබේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. සරසවිය අපිට ළෙංගතුයි. ඒ නිසාම සරසවිය අපි ගොඩාක් විශ්වාස කරනවා. ඒ විශ්වාසේ මත තමා මගේ ඡායාරූප දෙකක් සරසවියේ රඟපාමු පිටුවට එව්වේ. ඒ තුළින් තමා පොඩි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණ හීනේ සැබෑවක් කර ගන්න පුළුවන් වුණේ. මට අත දුන්නට සරසවියට ගොඩාක් පින්.රංගනයට මේ දවස්වල ඔබේ දායකත්වය ලබා දෙන්නේ කොහොමද?ස්වර්ණවාහිනියේ ආදරියේ, හිරු ටී. වී. වල විසුල අහස යට ටෙලි නාට්‍යවලට දායක වෙලා ඉන්නවා. ඒ වගේම දළදාගමනය චිත්‍රපටය මේ දවස්වල අනුරාධපුර ප්‍රදේශයේ රූගත වෙනවා. ඊට අමතරව ශාන්ත සිරිවර්ධනයන්ගේ ‘මම යාම’ වේදිකා නාට්‍ය ජූනි 16 වෙනිදා නිට්ටඹුවේදී වේදිකා ගත වෙන්න නියමිතයි. සංජුල දිවාරත්නගේ කල්පාලොව විනාශය වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. කිරට හඬන දරුවෝ, හාමු මැරුණේ නෑ, රොනා සහ රෝමය කියන කෙටි නාට්‍ය දෙක තුන හරහා රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල නියෝජනය කරන්න ලීලානන්ද ගජනායකයන් ඇතුළු අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සඳහා මේ දවස්වල පුහුණුවීම් සිදු කරගෙන යනවා.මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනෑ හඬ පාලනය හා රංගනය පිළිබඳ පාඨමාලාවක් මේ කෙටි නාට්‍ය මුල් කරගෙන පුහුණු කරගෙන යනවා. එතනටත් අපිව යොමු කරේ සරසවියම තමා.ඉදිරියේදී මේ වගේ චරිතයක් ලැබුණොත් හොඳයි කියලා හිතනවද?එහෙම කියලා නෑ. මම උත්සාහ කරන්නේ මට ලැබෙන චරිතයට මට පුළුවන් උපරිමය කරන්න.මොනවද ඔබට කියන්න තියෙන්නේ?හැමදාමත් මගේ ජීවිතේ ලොකුම ශක්තිය වුණේ අම්මයි තාත්තයි. ඒ දෙන්නගෙන් ලැබෙන ආශිර්වාදය මට හුඟක් වටිනවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයෙන් දීර්ඝ ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සරසවියෙන් මගේ තොරතුරු දුන්නට පස්සේ මට ගොඩාක් දේවල් ලැබුණා. මම හිතනවා ඉදිරියටත් සරසවිය අපට උදව් කරයි කියලා. ඒ වගේම මේ ගමන් මගේ මට ශක්තියක් වුණ සියලු දෙනාම ඔහු අදත් සිහිපත් කරන්නේ හද පිරි ගෞරවයෙනි.දේශයේ කලා පුවත්පත විදිහට අඩසිය වසක් පුරාවට අපි ඔබට වගේම සෑම කලාකරුවෙක්ටම ශක්තියක් වුණා. ඉදිරියට ද ඔබට ශක්තියක් වීම අපේ අරමුණයි.සටහන -මධුශානි රත්නායකසේයාරුව- මාලන් කරුණාරත්න  
CREATIVE
ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි  
CREATIVE
හද රැඳි ගීත රැසක් ලාංකේය රසික ජනයාට තිළිණ කළ ප්‍රවීණ ගායිකා වසන්තා සන්දනායක මියගොස් මෙම 24 වැනි දිනට වසර 12 ක් සපිරේ. ඒ නිමිත්තෙන් 23 වැනි දින රාත්‍රී සුමධුර ධර්ම දේශනයක් සහ පසු දින සංඝගත දක්‍ෂිණාවක්, වසන්තා සන්දනායක ගේ බාල පුතු ගාමිණී සන්දනායක ගේ නිවසේ දී පැවැත්වේ.එදිනම ඇයට උපහාර වශයෙන් ‘සිහින විමනක්’ නමින් සී. ඩී. තැටියක් එළි දැක්වීමට ද ගාමිණී බලාපොරොත්තුවේ. ගීත 14 ක් ඇතුළත් මෙහි පළමු ගීතය හැර අනෙකුත් ගීත සියල්ලම තනු නිර්මාණය, රචනය සහ සංගීත නිර්මාණය ඔහු ගෙනි. කුමාරි මුණසිංහ, සුපි‍්‍රයා අබේසේකර සහ ගාමිණී ගේ පුතු සුනෙත් සමීර සන්දනායක මෙහි සහාය ගායන ශිල්පීන් වෙති.එච්. ඩී. එස්. ජයසේකර මහතා යටතේ සංගීතය හදාරා ඇති ඔහු ලයනල් අල්ගමයන් සහ විමල් ජේ. ශි‍්‍රයාරත්න වෙතින් තබ්ලා වාදනය හැදෑරීය.බාහිර සංගීත ගුරුවරයකු ලෙස පාසල් කිහිපයකම සේවය කළ ගාමිණී දැනට ‘මියුසික් ප්ලේස්’ නමින් ඔහුගේ නිවසේ කලායතනයක් පවත්වාගෙන යති. එහි සංගීතය හදාරණ ළමුන් යොදා ගනිමින් මෙදින වසන්තා ගැයූ ගීත ඇය වාසය කළ මෙම මාලිගාවත්ත නිවසේදීම ගායනා කරවීම විශේෂත්වයකි.මේ අවස්ථාවට වසන්තා සන්දනායක ගේ අනෙකුත් දරුවන් වන සරත් සන්දනායක, ශ්‍රීමතී වසන්තා සන්දනායක, දයා හේමන්තා අබේසේකර, සිසිර සන්දනායක සහ සුජාතා සන්දනායක ද සහභාගි වෙති.චන්දු ඉඹුලානසිය මිනිබිරියට ලියූ ගීතයක් රැගෙන රන්ජන් ජයතිලක ළඟදීම ඔබ හමුවට පැමිණෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ ඔහුගේ ගීත රැගත් දෙවැනි සංයුක්ත තැටිය වන තිනුලිත් සමඟයි. මේ මාසයේ 25 වැනිදා සවස 5.00 ට මත්තේගොඩ බෞද්ධ මන්දිර ශාලාවේදී ‘තිනුලි’ දොරට වඩින්නේ වසර 8 කට පස්සේ.ගීත දහ අටක් ඇතුළත් ‘තිනුලි’ සංයුක්ත තැටියේ තිබෙන විශේෂත්වය වෙන්නේ රන්ජන් ජයතිලකගේ පවුලට එක්වුණු අලුත් මිනිබිරිය ‘තිනුලි’ ට තිබෙන ආදරය ප්‍රකාශ කිරීමට කළ කටයුත්තක් වීමයි.මේ සංයුක්ත තැටියේ තිනුලි ගීතය ඇතුළු අලුත් ගීත කිහිපයක් වගේම පැරැණි ගීත කිහිපයක් ද දමිළ ගීත ද්විත්වයක් ද ඇතුළත්. රසිකයන්ගේ ආරාධනාවෙන් මේ සංයුක්ත තැටියට එක් වුණු පොල් කට්ටට වතුර අරන්, අරලිය මල්, වෙලේ මඩේ ආදී ගීත වගේම අතිගරු ජනාධිපතිතුමාට පිරිනමන ලද ද්‍රවිඩ ආශිර්වාද ගීතයක් ඇතුළත් වීමත් මෙහි සුවිශේෂියි.කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේදී ඔහුගේ හතළිස් පස් වැනි කලා දිවිය අළලා තිළිණ ප්‍රදානයක් ද සිදු වෙනවා. කුඩා දරු - දැරියන් ඉදිරිපත් කරනා නර්තන ප්‍රසංගයක් නිසා එදා දවස වඩාත් සුන්දර වේවි. මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ මත්තේගොඩ ග්‍රාම නිලධාරිනි අනෝමා දමයන්ති ප්‍රධාන ප්‍රජා සංගමයයි.‘25 වැනිදාට මත්තේගොඩට එන්න’රන්ජන් ජයතිලකට ආදරය කරන රසික රසිකාවන්ට ඔහු විවෘත ආරාධනයක් කරනවා.මේ සංයුක්ත තැටිය දොරට වැඩීමේ උළෙලට ආවොත් ඔබට කාලයකට පස්සේ පැරැණි ගීත කිහිපයක් රස විඳින්නටත් ලැබේවි.තිලානි ශානිකාසේයාරුව - මාලන්කළුතර දිස්ත්‍රික්කයේ යෞවන යෞවනියන්ගේ ගායන හා නිවේදන කුසලතාවයන් ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණැතිව ලංකාවේ ප්‍රථමවරට අන්තර් ජාලය හරහා ජනප්‍රිය ගායන හා නිවේදන තරු තේරීමේ තරගාවලියේ අවසන් මහා තරගය ‘මියැසි තරු අභිෂේක රාත්‍රිය’ හෙට (23) පස්වරු 6.00 ට බේරුවල බඳනගොඩ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.ඵනඥඥඤ.තඬ වෙබ් අඩවියේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙහි ගායන අංශයේ අවසන් 13 සහ නිවේදන අංශයේ අවසන් වටයට සුදුසුකම් ලැබූ 8 දෙනෙකු තම දක්ෂතා එළි දැක්වීමට නියමිතය.මෙම තරඟාවලිය දිවයින පුරා අනෙකුත් දිස්ත්‍රික්කවල ද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කළුතර දිස්ත්‍රික් තරඟයෙන් අනතුරුව ගාල්ල දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට නියමිතය.
CREATIVE
සිරස පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනෙහි අවසන් මහා තරගය පසුගියදා එම ආයතනයේ ස්ටයින් මැදිරියේදී පැවැත්විණ.මාතර සරිත් සහ සුරිත් දෙසොහොයුරෝ මෙහි කිරුළ දිනා ගන්නා ලදී. ගායන සහ වාදන අංශයන්ගෙන් ඔවුන් තරග වැදින. හුලා හුප් හෙවත් වළලු කරකැවීමේ අංශයෙන් තරග වැදි පුත්තලමේ ආමිනා රහ්මත් මෙහි අනු සූරතාවයට ද පත් විය.මේ එම අවස්ථාවෙහි සේයාරූ කිහිපයකි.සේයාරූ - අමිත් එස්. සේනාරත්න
CREATIVE
සිරස ආරම්භක කාලයේ පටන් එහි නිවේදකයකු ලෙස කටයුතු කරන මා මේ දවස්වල නිරත වෙන්නේ ‘පොඩ්ඩන්ට පුළුවන්’ සීසන් – 2 වැඩසටහනේ නිවේදන කටයුතු සිදු කරමින්.අලුත් අත්දැකීම් ලබමින් කරන මේ කටයුත්ත ඇත්තටම මට පැවරුණු අභියෝගයක් ලෙසයි මා දකින්නේ.
CREATIVE
ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි
CREATIVE
ඒ වෙනුවට එය ඉදිරිපත් කරන තේමාව නුදුරු අනාගතයක අපට දැකිය හැකි අද දින අප පත්තර ප්‍රවෘත්තිවල දකින හෙඩිම්වලට ඉතා සමාන ඉතා අඳුරු කාලපරිච්ඡේදයක් මවා පෙන්වනවා. නාගරික ත්‍රස්තවාදය, පංති ගැටුම්වලින් ගොනම් නගරයේ යටිතල පහසුකම් සියල්ල බිඳවැටී සමාජ අරාජිකත්වය රජයනවා.බෲස් වේන් (බැට්මෑන්) අවුරුදු ගණනක් තම වේන් මන්දිරයෙන් වහන් වී ජීවත්වීම අතහැර නැවතත් කරළියට පැමිණෙන්නේ තමන් තරම්ම බලසම්පන්න දුෂ්ටයෙක්ට මුහුණ දීමටයි. චිත්‍රපටය සෙමෙන් සෙමෙන් දිග හැරෙන්නේ ඉතාමත් අඳුරු කතා පුවතක් රැගෙන අලුත් අලුත් චරිත චිත්‍රපටයට හඳුන්වා දෙමින්. එහෙත් එය කෙමෙන් කෙමෙන් ගොඩනැගී උද්වේගකරී කූටප්‍රාප්තියකට එළඹෙනවා.ප්‍රතිභාපූර්ණ අධ්‍යක්‍ෂක ක්‍රිස්ටෝපර් නෝලන් ගේ බැට්මෑන් ත්‍රිත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ විස්මයට කාරණා දෙකක් ඉතිරි කරමින් නිමවන සුපිරි වීර චිත්‍රපටයක්. පුදුමයට කාරණා දෙක නම්, එකක් මෙම චිත්‍රපටය ඇවෙන්ජර්ස් ස්පයිඩර්මෑන් වගේ විනෝදාත්මක නම් නැහැ. අනෙක නම් මෙහි බැට්මෑන් වැඩිපුර පෙනී නොසිටීමයි. මීට පෙර චිත්‍රපටවල තිබුණු ක්‍රියාදාම දර්ශන පෙළවල්, හීත් ලෙජර් ගේ ජෝකර් වැනි සිත් සසල කරවන රඟපෑම් මෙහි නැති නමුත් මෙය ඉතා බරපතල නාටකීය චිත්‍රපටයක්.හරියට සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් චිත්‍රපටයේ හැනිබල් ලෙක්ටර් මෙන් මුඛවාඩමක් ලා ගත් මෙහි දුෂ්ටයා නමින් බේන්, අපි චිත්‍රපටය පුරාවටම බෲස් වේන් දකින නමුත් බැට්මෑන් පෙනී සිටින දර්ශන ගණන නම් සීමිතයි. එහෙත් සියලු දේ සුණු විසුණු කරමින් චිත්‍රපටයේ කූටප්ප්‍රාප්තියේ නම් බැට්මෑන් හොඳහැටි තම ශිල්ප දක්වනවා.ටොම් හාඩ් විසින් නිරූපණය කරනු ලබන බේන් (දුෂ්ටයා) මාරාන්තික වෘත්තීය මල්ලවපොර ශූරයෙක්.නමුත් ඔහුව පොළඹවන කාරණය කුමක්ද යන්න එතරම් පැහැදිලි නැහැ. ඔහු එක් වරක් ගොනම් නගරයේ අපරාධකරුවන් දහස් ගණනක් හිරගෙදරින් මුදා හරිනවා.එම අපරාධකරුවන් නගර පොලිස් බළකාය සමඟ වීදිවල සටන් වදින අතරේ බේන් උත්සාහ කරන්නේ පාලක පංතිය පන්නා දැමීමටයි. නමුත් ඔහුගේ අනෙක් සැලසුම වන්නේ මුළු නගරයම න්‍යෂ්ටික සමූල ඝාතනයකින් විනාස කිරීමයි. මේ සැලසුම් දෙක අතර අන්තර් සම්බන්ධතාව නම් මටත් අපහැදිලියි.බේන් විසින් කරන තවත් විනාශකාරී ක්‍රියා දෙකක් වන්නේ නගරයේ . කොටස් වෙළඳ පොළ විනාශ කිරීමත්, අමෙරිකානු පාපන්දු ක්‍රීඩාංගනයක් පුපුරුවා හැරීමත්ය. මෙයින් අධ්‍යක්‍ෂක නෝලන් දෙන පණිවුඩය කුමක් ද?අද බටහිර ලෝකයේ දේවත්වයෙන් සලකන මුදල් සහ වෘත්තීය ක්‍රීඩා නැති කිරීමෙන් සමාජ අසමතුලිතතාවක් ඇතිකළ හැකි බව පෙන්වීමයි. අවසානයේ බැට්මෑන් සහ බේන් අතර ද්වන්ධ සටනක් ගොනම් වීදියක් දිගේ දිග හැරෙනවා. නමුත් එය නම් භාවාවන්තිය සටනක් හැටියටයි මා දකින්නේ.මන්ද බේන් එක පැත්තකින් නගරයේ විසාල පාලම් පුපුරවන අතරේ බැට්මෑන් සමඟ අතින් පයින් සටන් කිරීම කෙතරම් උචිත දැයි චිත්‍රපටය නරඹන අතර මට සිතුන නිසාය.බැට්මෑන් චිත්‍රපට මාලාවේ දුෂ්ටයන් පෙළ ගැස්වූ විට බේන්ට හිමිවන්නේ ඉතාමත් ජනකාන්ත නොවන ස්ථානයක්. නමුත් චිත්‍රපට ධාවන කාලයෙන් නම් බැට්මෑන්හා සමානම කොටසක් හිමි කරගන්නට ඔහු සමත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයට අලුතෙන් හඳුන්වා දෙන වික්‍රමාන්විත තරුණ පොලිස් නිලධාරියෙක් වන ජෝශප් ගෝඩන් ලෙවිට්, බැට්මෑන් ගේ හිතෛෂී බොටලේරුවා ඇල්ෆ‍්‍රඩ්, පොලිස් කොමසාරිස් ගෝඩන් සහ ලූෂස් ෆොක්ස් නම් විද්‍යාඥයාට ද සැලකිය යුතු තිර කාලයක් ලබා දීමට අධ්‍යක්‍ෂකවරයා සමත් වී තිබෙනවා.ඊට අමතරව බැට්මෑන් ගේ සිත් ගැනීමට නැතිනම් ආදර සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට විභවයක් ඇති කාන්තා චරිත දෙකක් ද මෙහි සිටිනවා. ගුප්ත කැට්වුමන් (ඈන් හැතවේ) ඉන් කෙනකු වන අතර අනෙක් තැනැත්තිය මිරැන්ඩා ටේට් (මැරියන් කොට්යාඩ්) නම් කෝටිපතිනියක් වෙනවා. කැට්වුමන් නොබඳි හෙරක් වන අතර මිරැන්ඩා හොඳ දේ පමණක් කරන පරිසර වේදිනියක්.ද ඩාර්ක් නයිට් රයිසස් අඳුරු බර චිත්‍රපටයක්. එය සුපිරිවීර චිත්‍රපටයකට දරා ගත හැකි බර පරීක්‍ෂණයට ලක් කරනවා. අධ්‍යක්‍ෂ නෝලන් සිවිල් අරාජිකත්වය සහ සමස්ත වැනසීම සංයෝජනය කරමින් මේ දුර්ලභ චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.ඔහුට මීටත් වඩා මේ ත්‍රිත්වයට සාධරණයක් කළ හැකිද? ඔහුට මීටත් වඩා තමා තුළ ඇති නිර්මාණශීලිත්වය උද්දීපනය කර ගැනීමට හැකියාවක් නැතිද? ද ඩාර්ක් නයිට් තරම් පරිපූර්ණ නොවූවත් මෙම චිත්‍රපටය බැට්මෑන් ත්‍රිත්වයට ගෞරවනීය අවසානයක්.වින්දන ආරියවංශ
CREATIVE
කුඩා අයට වගේම ලොකු අයටත් ආරම්භ කළ ‘ආට් සවුන්ඩ්ස් ඇකඩමි’ සංගීත පංතියේ වැඩ කටයුතුත් සමඟමයි මම වැඩිපුරම දවස ගෙවන්නේ.ඒ වගේම කථිකාචාර්යවරියක් ලෙසත් වැඩ කටයුතු බොහොමයක් වගේම වගකීම් රාශියක් මගේ කර මත පැටවිලා. ඒත් එක්කම පංතියේ ළමයින් සමඟ මගේ ප්‍රසංගයක් පවත්වන්නත් අදහස් කරගෙන සිටින නිසා ඒ සඳහාත් පුහුණුවීම් ආරම්භ කරලා වැඩි දවසක් ගත වුණේ නැහැ.
CREATIVE
‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යයේ ආලෝක.‘ඉතිං ඊට පස්සේ’ ටෙලි නාට්‍යයේ කැලුම්. ‘සිහිනයකි ජීවිතේ’ හි ඇලෙක්ස්.මෙවැනි විවිධ චරිත ඔස්සේ ඔබ හමුවට පැමිණි සම්පත් කුමාරතුංග පසුගියදා යුග දිවියට පිවිසියේය. සචිත්‍රි සමඟ අතගත් ඔහුගේ විවාහ මංගලෝත්සවය ජූලි 19 වැනිදා මීගමුවේදී පැවැත්විණි.එම උත්කර්ෂවත් අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ආයතනයන්හි හිතවතුන් ඇතුළු පවුලේ ඥාතීන් සහභාගි වූහ.සිංහල සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද සටන් නළුවකු වන කුමාර රණපුරගේ දියණිය ජනිත්‍රි මධූෂා රණපුර හා නාලක තුෂාර විජේවික්‍රම විවාහය පසුගිය ජූලි 25 වැනිදා අරලියගහ මැදුරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය ජීවන් කුමාරතුංග විවාහයට අත්සන් තැබූහ.පසුගිය අගෝස්තු 02 වැනිදා පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී කලාකරුවන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් පැවැත්විණි. එම අවස්ථාවට කලාකරුවන් රැසක් සහභාගි වී සිටියහ.  - යතේජා ඥානරත්න 
CREATIVE
‘අත්තටු නෑ ඒත් එයා ඉඟිලෙයි’ කියන ජපන් ටෙලි නාට්‍යයේ ඉතෙකෝ ගේ අම්මට හඬ කැවීම් කරන්නේ මමයි. මේ මා ජපන් ටෙලි නාට්‍යයකට හඬ කැවීමෙන් සහභාගි වෙන්නේ වසර විස්සකට පසුවයි.වසර විස්සකට පෙර ඔෂින්ට මම හඬ කැවීම් කරන විට ඔෂීන්ගේ අම්මාට හඬ කැවීම් කළේ ග්‍රේස් ආරියවිමල් අක්කයි. වසර විස්සකට පෙර එදා මගේ අම්මාට හඬ කැවීම් කළ ඈ වසර විස්සකට පස්සෙත් මගේ අම්මා විදියට හඬ කැවීම් කරනවා.ඒ සිදුවීම අපි දෙන්නටම විශේෂයි. ළඟදීම මගේ උපන් දිනය යෙදුණත් වෙනදා වගේ උපන් දිනය සමරන්න මම මේ වසරේ සූදානම් නෑ. ඒ මගේ දෙවැනි නංගි මිය ගියේ ජූනි මාසයේ 16 වැනිදා නිසයි. ඈ සිහිපත් කරලා පොසොන් පෝයදා පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි හිමි වඩම්මවලා බණක් කියනවා. 16 වැනිදා දානයක් දෙනවා.
CREATIVE
ශෂී වීරවංශගේ කතා සංකල්පයක් අනුව තැනෙන පුරකලණි මුහුරත් උළෙල පසුගියදා කොළඹ සීනොර් හෝටලයේදී ඇරැඹිණි. ශෂී, අමාත්‍ය විමල් වීරවංශගේ දයාබර බිරියයි.ප්‍රසන්න ඉත්තෑපානගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන පුරකලණි ටෙලි සිතුවම රැකියාවක් උදෙසා නගරයට පැමිණෙන ගැමි යුවතියකගේ අනුවේදනීය කතා පුවතකි. ශෂීගේ කතා සංකල්පය තිර රචනය කරනුයේ මායාදුන්න බණ්ඩාර විසිනි.ජනපති ආර්යාවගේ සහෝදර ශ්‍රීමාල් වික්‍රමසිංහ සහ අගමැති ආර්යාව මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තන් විදිහට සහභාගි වූහ.ජයලත් මනෝරත්න, දුලීකා මාරපන, කාංචනා මෙන්ඩිස්, බිමල් ජයකොඩි, උමයංගනා වික්‍රමසිංහ, උද්දික ප්‍රේමරත්න, සාගරිකා ජයමාන්න, ගිරිරාජ් කෞශල්‍ය, පියුමි බොතේජු, සුජානි මේනකා, මාධනී මල්වත්ත, ධර්මප්‍රිය ඩයස්, ජී. ආර්. පෙරේරා, ලයනල් වික්‍රම, නිල්මිණි බුවනෙක, චාමර ප්‍රියදර්ශන ඇතුළු පිරිස පුරකළණි රැඟුමෙන් ඔපවත් කරති.කතාව මෙන්ම තේමා ගී රචනය ශෂී වීරවංශගෙනි. උපාලි තිලකරත්න සමඟ හිමානි විජේතුංග නිෂ්පාදනය කරන පුරකලණි හි කැමරාකරණය නිශාන්ත ප්‍රදීප්ගෙනි. නදීක ගුරුගේගේ සංගීතයට නන්දා මාලිනී හඬ මුසු වනු ඇත. ලසංක මධුශාන් සහය අධ්‍යක්ෂවරයාය. ගයාන් දේශප්‍රියගේ කලා අධ්‍යක්ෂණයකි. විධායක නිෂ්පාදනයෙන් ප්‍රගීත් ධර්මපාල එක් වෙයි.පුරකලණි ටෙලි සිතුවමේ ප්‍රධාන චරිතයට වයස අවුරුදු 18 – 27 අතර රංගන හැකියාව ඇති නිළියකු අවශ්‍ය බව ශෂී දන්වා සිටියි. මෙම ප්‍රවෘත්තිය කපා අලවා රංගනයට වරම, ශෂී වීරවංශ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට මෑතකදී ගත් සේයාරුවක් සමඟ අයැදුම් පත්‍රයක් එවීමෙන් මෙයට සම්බන්ධ විය හැකිය.සේයාරූ - අමිත් එස්. සේනාරත්න  
CREATIVE
මේ මාසය මට ගොඩක් වාසනාවන්ත මාසයක්. ඒ මගේ උපන් දිනය යෙදිලා තියෙන නිසා. ඒ නිසා ලබන 09 වැනිදා උදෙන්ම පන්සලට යන්න හිතාගෙන ඉන්නවා. කලා කටයුතුත් මේ දවස් අතරතුර යෙදිලා තියනවා.අලුත් ටෙලි නාට්‍ය දෙකක ෂූටින් වගේම ටෙනිසන් කුරේ ගේ සිවම්මා ධනපාල වේදිකා නාට්‍ය සමඟ රට වටේ යන්නත් තියෙනවා. තව අලුත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා.
CREATIVE
1965 වසරේ දී තිරගත වූ ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ සිනමාපටය සුරංගනා කතාවක් මෙන් සොඳුරු වුවත්, එය පොළොවේ පය ගසා ජීවත් වූ සැබෑ චරිත එකතුවකි. ඒ බව ලොවට හෙළි වුණේ මාරියා වෝන් ට්‍රැප් විසින් 1949 දී රචිත ‘ද සවුන්ඩ් ඔෆ් මියුසික්’ කෘතියෙනි. කන්‍යා සොයුරියක වීමට සිහින මැවූ ඇයට බිරිය මියගිය නාවික අණ දෙන නිලධාරී ජෝර්ජ් ජොහැන්නස් වොන් ට්‍රැප්ගේ දූ දරුවන් හත් දෙනා බලා ගැනීමේ භාරධූර වගකීම භාර ගැනීමට සිදුවිය.ඇය කෙතරම් හොඳින් දරුවන් බලා ගත්තා ද කිවහොත් රෞද්‍ර කපිතාන්වරයාගේ හදවත ආදරයෙන් වෙඬරු පිඬක් මෙන් උණු වන්නට ගත්තේය. ඇය ඔහුට ආදරය නොකරම විවාහ වීමට එකඟ වූවාය. එහෙත් ඇය දරුවන්ට ආදරය කළාය. මාරියා, කැප්ටන්ට ආදරය කිරීමට මුල පිරුවේ විවාහයෙන් පසුවයි. මාරියා හා කැප්ටන් ද දරුවන් තිදෙනකුට මාපියෝ වූහ. 1947 දී කපිතාන් පෙනහලු පිළිකාවකින් මිය ගියේය. මාරියා 1987 මාර්තු 28 වැනිදා මිය ගියාය.මේ සොඳුරු සිනමාපටයට පාදක වූ සහෝදර චරිත හත අතරින් ඉතිරි වූ එකම සැබෑ චරිතය ද පසුගිය දා ජීවිතයෙන් සමු ගත්තාය. ඇය පවුලේ දෙවැනි දියණිය වූ මාරියා ෆ‍්‍රැන්සිස්කා වොන් ට්‍රැප්ය. මිය යන විට ඇය අනූ නව හැවිරිදි වියේ පසු වූවාය.ඇයගේ මරණය ස්ථිර කළේ ඇයගේ අඩ සොයුරකු වූ ජොහැන්නස් වොන් ට්‍රැප්ය. එනම් ඔහු මාරියා වොන් ට්‍රැප්ගේ හා පියාගේ දරුවකුය. සිනමාපටයේ දරුවන් හත්දෙනා බලා ගත් මාරියාගේ චරිතය රඟපෑවේ ජූලී ඇන්ඩෲස්ය. දෙවැනි දියණිය මාරියාගේ නම චිත්‍රපටයේදී හැඳින්වුයේ ලුසියා ලෙසය. ලුසියා ලෙස රැ¼ගුවේ හීදර් මොන්සයිස්ය.සිනමාපටයේ පියා රෞද්‍ර දැඩි නීතිධාරියකු ලෙස පෙන් වුව ද, සැබෑ පියා එසේ නොවන බව මිය යාමට කලකට පෙර මාරියා පවසා තිබේ. ඔවුන් ජීවත් වූ ඔස්ට්‍රියා හි, සැල්ස්බර්ග් හි නිවස ප්‍රථම වරට කෞතුකාගාරයක් ලෙසින් 2008 වසරේදීී විවෘත කළේ ද ඇය විසින්මය. නාසිවරුන්ගෙන් බේරීම සඳහා පලා යාමට පෙර ඔවුන් සැම ජීවත් වූයේ ඒ නිවෙසේමයි.මාරියාගේ නික්ම යාමත් සමඟ ඉතිරි වී සිටින්නේ කපිතාන්ගේ දෙවැනි විවාහයේ දූ දරුවන් පමණි.- චම්පිකා
CREATIVE
සරසවිය ප්‍රධාන ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ ඒක පුද්ගල ඡායාරූපදැක්ම ‘සිහින සේයා’ දෙවැනි වරටත් පසුගිය අඟහරුවාදා නළු නිළි සහභාගීත්වයෙන් කිරිබත්ගොඩ උදේශි සිටි ශාලාවේ ෆොටෝ ප්‍රෙන්ඩ්ස් ගැලරියේ දී ආරම්භ විණි.ටෙනිසන්ගේ මෙම ඡායාරූප ප්‍රදර්ශනය ලබන මස 03 වැනි දා දක්වා පුරා දින හතක් උදේ 10 සිට සවස 5 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.මේ සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දක්වන්නේ කිරිබත්ගොඩ ලක්සේයා ඩිජිටල් වර්ණ රසායනාගාරයේ අධිපති නිමල් උඳුගොඩ මහතා සහ ප්‍රවීණ ඡායාරූප ශිල්පි ලලිත් එස්. අබේසුන්දර මහතායි.සිංහල සිනමාවට අනගි මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ සිනමාවේදී රෝයි ද සිල්වා සහෘදයාණෙනි ඔබේ ජන්ම දිනයට සරසවිය මෙසේ ආසිරි එක් කරනු ලබයි. ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා! ‘ද නෙක්ස්ට් වොයිස්’ ඇරැඹේමෙරට රියැලිටි ටෙලිවිෂන් වංශ කතාවේ සමාරම්භය සනිටුහන් කළ සිරස සුපර් ස්ටාර් වැඩසටහන් මාලාවේ පස්වැනි අදියර ‘ද නෙක්ස්ට් වොයිස්’ නමින් මේ වනවිට ආරම්භ වී තිබේ. මෙතෙක් දේශීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයා අත් නොවිඳි ආකෘතියකින් හෙබි මෙහි ජයග්‍රාහකයා රුපියල් කෝටියක මුදලකට හිමිකම් කියනු ලබයි.එය මෙතෙක් රියැලිටි වැඩසටහනකින් ලබාදුන් ඉහළම මුදල් ත්‍යාගයයි.එමෙන්ම කිසියම් රියැලිටි වැඩසටහනක් තුළින්ම බිහි වූ ශිල්පියකු එහිම විනිශ්චයකරුවකුªවීමේ සුවිශේෂි දුර්ලභ අවස්ථාව ද මෙවර සිරස ප්‍රේක්ෂකයන්ට අත් විඳීමට ලැබෙනු ඇත.ඔහු අන් කවරකුවත් නොව ෂෙහාන් මිහිරංගය. ෂෙහාන් සමඟ නිරෝෂා විරාජිනී සහ හේෂාන් ගමගේ පස්වැනි අදියරෙහි විනිසුරුවන් ලෙස කටයුතු කරනු ලබයි.එමෙන්ම නොවැම්බරයේ විකාශය ඇරැඹෙන ‘ද නෙක්ස්ට් වොයිස්’ සති අන්තයේ රාත්‍රී නවයට සිරස නාලිකාවෙන් දිග හැරෙනු ඇත.
CREATIVE
මම මේ දවස්වල නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන් සමඟ මාතර සුජාතා බාලිකාවේදී ළමුන් වෙනුවෙන් නාට්‍ය වැඩමුළුවක් කරගෙන යනවා.පසුගිය කාලයේ නුවන් ජයතිලකගේ ‘සුළඟ අපි රැගෙන යාවි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.ඉදිරියේදී විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතුවල අමතරව වේදිකා නාට්‍ය කිහිපයකම පුහුණුවීම් යෙදිලා තියෙනවා.
CREATIVE
තිරයේ තරු හා තණ නිල්ලේ තරු අතර බැඳි හාදකමට දිගු ඉතිහාසයක් ඇත. මේ සුපිරි ලෝක අතර ගොඩ නැ¼ගුණු මිත්‍රත්වයන් කෙතරම් දුරදිග ගොස් ඇත්දැයි කිවහොත් විවාහයෙන් කෙළවර වූ මිතුදම් ද ඕනෑ තරම්ය. මීට හොඳම උදාහරණය සායිෆ් අලි ඛාන්ගේ මව, කරීනාගේ සහ අම්රිතා සිංගේ නැන්දණිය, ප්‍රවීණ නිළි ෂර්මිලා තාගෝර්ය. ඇය විවාහ වූයේ මන්සූර් අලි ඛාන් නම් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දිලෙන තරුවක සමඟයි.මේ බැඳීම් නිසාම සචින් තෙන්ඩුල්කාර් ක්‍රිකට් ලොවින් සමුගැනීම වඩාත්ම දැනුණේ තිරතරු ලොවටයි. දෙසිය වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් පසු ක්‍රිකට් දිවියෙන් සමුගත් සචින් ගැන දුක හිතෙන කතා, ආඩම්බර දැනෙන කතා වැඩිපුරම පැවසුවේ, සමාජ වෙබ් අඩවිවලට ලියා එව්වෙ සුපිරි සිනමා තරුය. සචින්ගේ හොඳම මිතුරකු වූ අමීර් ඛාන් ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘ඩූම් 3’ සිනමාපටයේ ගීතයක් සචින්ගේ අභිමානවත් ක්‍රිකට් දිවිය වෙනුවෙන්ම පුද කර තිබේ. ගීතය සචින් අවසාන තරඟයට මුහුණ දීමට පෙර දොරට වැඩියේය. අමීර් කෙදිනක හෝ සචින්ගේ චරිතය රඟපාන්නට ද බලාපොරොත්තු වෙයි.අමිතා බච්චන් කියා සිටියේ තමන් භාරත දේශයට කළ දේට වඩා බොහෝ දේ සචින් කර ඇති බවයි. රූපවාහිනී වැඩ සටහනකදී සචින් තමන්ට වඩා යෝධ සලකුණක් බව පැවසූ ඔහු සචින් විශ්‍රාම ගන්නා පුවත ඇසූ පසු හදවත හිස් වූ බව පැවසුවේය.සචින්ගේ අවසන් ටෙස්ට් තරගය නැරැඹීමට වන්කඩේ ක්‍රීඩාංගනයට ෂාරුක් පැමිණ සිටියේ කිසිදු ආලේපයක් නැතිවයි. තමන්ව හඳුනා නොගැනීමට එසේ කළත්, ආරක්ෂක නිලධාරීන් පහසුවෙන්ම ඔහු හඳුනාගෙන තිබේ. ඒ නිසා ඔහුට තරගය නැරැඹීමට ඉඩ නොලැබිණි. ෂාරුක් එතැනින් පිටව ගොස් තිබෙන්නේ කෝපයෙන් බැණ වදිමිනි.ෂාරුක්, සචින්ගේ අංක එකේ ක්‍රීඩා රසිකයෙකි. ඔහුට සචින් ක්‍රීඩා කළ වන්කඩේ ක්‍රීඩාංගනයට ඇතුළුවීම 2012 සිට පස් වසරක් යන තුරුම තහනම්ය.සචින් නැති ක්‍රිකට් තරගයක් ගැන තමන්ට සිතීමට නොහැකි බව සචින් සමුගන්නා බව දැනගත් විගසම ෂාරුක් පවසා තිබේ. කොල්කටා නයිට් රයිඩර්, සචින්ගේ යෝධ පිති ප්‍රහාරවලින් සවිමත් කර ගැනීමට ඔහු බලාපොරොත්තු වෙයි.ෂාරුක්ට අවසන් තරගය නැරැඹීමට ඉඩ නොලැබුණත් අමීර් ඛාන්, ඔහුගේ බිරිය කිරන් රාඕ, රිතික් රෝෂන් වැනි සුපිරි තරු රැසක් තරගය නැරැඹූහ.කත්‍රිනා කායිෆ්ගේ නම් සිත රිදී ඇත්තේ සචින් සමු ගැනීමට වඩා අමීර් ඛාන් තමන්ට වඩා සචින්ට ඇලුම් කිරීම නිසයි.සචින්ගේ සමුගැනීම සුපිරි තාරකා, මධුරී ඩික්සිත්ගේ ද සිත රිද වූ කරුණකි. සචින්ගෙන් තොර ක්‍රිකට් ලොවක් ගැන සිතිය නොහැකි බව ඇය පැවසුවාය. ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් පවසන අන්දමට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සචින් ඉක්මන් වූවා වැඩිය.රාම්-ලීලා සහ රජ්ජෝ තිරගත වූයේ ද සචින් සමුගන්නා තරගය ඇරැඹුණු දිනයේමය. රාම්-ලීලා ආදායමට ක්‍රිකට් තරගය බල නොපෑවේය. රජ්ජෝ නම් අසාර්ථක විය.සචින්ට භාරත රත්න නම් ඉහළම ජනතා සම්මානය පිරිනැමීම වෙනුවෙන් අමිතාබ්, ලතා, මධුරි සුබ පැතීමේ සමාජ වෙබ් අඩවියක් ද අරඹා තිබේ.මේ අතර බොහෝ දෙනෙක් සචින්ගේ නවතම භූමිකාවක් ගැන සිහින මවති. වැඩි දෙනකු සිතන්නේ ඔහු තණ පිටියෙන්, රිදී තිරයට පැමිණේවි කියලායි. එයට එක් හේතුවක් වන්නේ සචින්ගේ සිනමා ලෝලිත්වයයි.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
නව යෞවනයේ ගීත කෝකිලාව, සරාගී තාරකාව ලෙස මෙවර ‘ටීන් චොයිස් අවෝඩ්ස්’ දිනා ගත්තේ විසි එක් හැවිරිදි සෙලිනා ගෝමස්ය. ඇයගේ මිතුරියක සේම ප්‍රධාන අභියෝගයක් වූ මිලේ සයිප්‍රස් ද සම්මාන තුනකටම හිමිකම් කීවාය. සෙලීනා ‘ටීන් චොයිස් අවෝඩ්ස්’ හතක්ම දිනාගෙන ඇත.කොතරම් සම්මාන ලැබුණත් ඇය මේ දිනවල පසුවන්නේ හිත් වේදනාවෙනි. අගෝස්තු 11 වැනි දින ලොස් ඇන්ජලීස්හි පැවැති සම්මාන උළෙලට සෙලීනාගේත් ජස්ටින් බීබර්ගේත් පැමිණීම සියල්ලන්ම බලාපොරොත්තු වුණත් ජස්ටින් බීබර් පැමිණ සිටියේ නැත.සෙලීනා සම්මාන හයකට නිර්දේශ වී සිටි අතර, ජස්ටින් සම්මාන හතරක් සඳහා නිර්දේශ වී සිටියේය. ජස්ටින් මෙතරම් උත්කර්ෂවත් උළෙලකට සහභාගි නොවුණේ සෙලීනා සමඟ පැවැති පෙම බිඳ වැටීම නිසා බව බොහෝ දෙනාගේ අදහසයි. ජස්ටින්ගේ සෙල්ලක්කාරකම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන සෙලීනා වෙන්වීමට සිත හදාගෙන ඇත. ජූලි 22 වැනිදා පැවැති ඇයගේ උපන් දින සාදයට ජස්ටින් එක් රතු රෝස මලක් රැගෙන පැමිණ තිබේ. ඒ දෙදෙනාගේ අවසන් හමුවීමයි.- - - - - - - - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -තවමත් විසි හතර හැවිරිදි ක්‍රිස් බ්‍රවුන් ගායකයකු, නළුවකු වාගේම නර්තන ශිල්පියකු ලෙසින් ද ජීවිතය ජය ගත්තෙකි. ඔහු පසුගිය දා ලොස් ඇන්ජලීස් හි ශබ්දාගාරයකදී කෙසෙල් කඳක් මෙන් ඇද වැටුණේය. ඔහු හිටි හැටියේ මෙසේ අක්‍රිය වූයේ වැඩ වැඩිකම, මානසික ආතතිය සහ අසුබවාදී අත්දැකීම් නිසා බව ක්‍රිස්ගේ වෛද්‍යවරයා පවසා තිබේ. ප්‍රතිකාර පැතීම ක්‍රිස් ප්‍රතික්ෂේප කර ඇත. මාධ්‍ය තමන්ට එරෙහිව කරගෙන යන ප්‍රචාර සමඟ ඔහු යුද වදින්නේ කලක සිටය.ජනප්‍රියතාවය නිසා හෙම්බත් වී සිටින ක්‍රිස් කලක් සුපිරි පොප් ගායිකා රිහානාගේ පෙම්වතා ද විය.- - - - - - - - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -වයස අවුරුදු 54 වුණත් මැඩෝනා කියන්නේ දවසින් දවස ප්ලාස්ටික් සැත්කම්වලින් තරුණ වෙන කාන්තාවකි. ඇය තම වියපත් තාරුණ්‍යය පෙන්වන්න නොකරන දෙයක් නැති තරම්ය. මෑතකදී ඇය මෙන්ටන් සංගීත උළෙලට සහභාගි වුණේ දියමන්ති ආභරණයක් දත්වලට පැලඳ ගෙනයි. මැඩෝනා සමඟ ඇයගේ විසි පස් හැවිරිදි පෙම්වතා බ්‍රහිම් සයිබාත් ද පැමිණ සිටියහ. ලේඩි ගගා මෙන්ම මැඩෝනා ද සංගීත සන්දර්ශන අතර දී සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිති.- - - - - - - - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - - - - - - - -ජොනී ඩෙප් කියන්නේ ලොව වැඩිම ආදායමක් ලබන නළුවන්ගෙන් කෙනෙකි. ඔහු වෙනිස්සා පැරඩිස්ගෙන් වෙන් වූ පසු ගෙවන්නේ හුදෙකලා දිවියකි. ඔහුගේ නවතම රඟපෑම් දකින්නට ලැබෙන්නේ ‘ද ලෝන් රේන්ජර්’ සිනමාපටයේයි. ජොනීට ආදරය ගැන මෙන්ම මේ සිනමාපටය ගැන ද ඇත්තේ අසුබවාදී සිතිවිලිය. 1949 දී පුංචි තිරයේ අතිශයින් ජනප්‍රිය වූ මාලා නාටකයක් 2011 දී සිනමාවට නැඟීමට උත්සාහ කළත් මූල්‍යමය ගැටලු නිසා එය අසාර්ථක විය. දැන් සිනමාපටය බ්‍රිතාන්‍යයේ තිරගත කෙරේ. එහෙත් සිනමාපටය නිෂ්පාදනය කළ ඩිස්නි සමාගමට පවුම් මිලියන 124 ක පාඩුවක් විඳින්නට සිදුවන පාටය. සිනමාපටය පාඩු ලැබීම ගැන ජොනී ඩෙප්ට ද දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. චරිතයට අවශ්‍ය අමෙරිකානු ඉන්දියානු පෙනුම ඔහුට නැති වීම ඊට එක් හේතුවකි.2012 වසරේදී හොලිවුඩ් හි වැඩිම ආදායමක් ලබන නළුවා ලෙසින් ගිනස් පොතේ නම සඳහන් වුවත් ජොනීට ඒ මුදලට සතුට මිල දී ගත නොහැකිය. සිනමාව ගැන නොසතුටෙන් සිටින පනස් හැවිරිදි ජොනී දැන් බලාපොරොත්තු වන්නේ රංගනයෙන් විශ්‍රාම යාමටයි.- චම්පිකා දීපානි
CREATIVE
හොලිවුඩ් මෙන්ම බොලිවුඩ් චිත්‍රපට රැසක් මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ දී රස විඳීමට මේ වසරේදීත් ඔබට අවස්ථාව හිමිවෙනවා. ඒ අතර මුලින්ම තිරගත වීමට නියමිතව ඇත්තේ ඇන්ඩෲ ක්නාවුර් ගේ ‘ද ලාස්ට් ස්ටෑන්ඩ්’ චිත්‍රපටය යි.කලකට පසුව හොලිවුඩ් රිදී තිරයට එක්වන අර්නෝල්ඩ් ස්වාසනේගර්ගේ රංගනයෙන් ඔපවත්වන මෙම ක්‍රියාදාම චිත්‍රපටය ලබන 25 වැනි දා මෙරට සිනමා ලෝලීන් වෙනුවෙන් තිරගත කිරීම ආරම්භ වේ.එදිනම තවත් ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ‘රේස් 2’ නම් ක්‍රියාදාම හින්දි චිත්‍රපටය ද තිරගත කෙරේ. අනිල් කපූර්, සයිෆ් අලිඛාන්, දීපිකා පදුකෝන්, ජෝන් ඒබ්‍රහම්, ජැකලයින් ෆර්ඩිනැන්ඩස් සහ අමිෂා පටෙල් ගේ රංගනයෙන් ඔපවත් වන ‘රේස් 2’ අධ්‍යක්‍ෂණය අබ්බාස් මස්තාන් විසිනි. බිපාෂා බාසුද මෙහි විශේෂ දර්ශනයක් සඳහා පෙනී සිටියි.ඉන්දියාවේ නිපද වූ පළමු සංගීතමය ත්‍රිමාණ චිත්‍රපටය ‘එනිබොඩි කැන් ඩාන්ස්’ ලබන පෙබරවාරි 08 වැනි දා මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ දී තිරගත වීමට නියමිතය. රෙමෝ ඩිසෝසා විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි ප්‍රභූ දේවා, ගනේෂ් අචර්යා, සල්මන් යුසුන් ඛාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.හොලිවුඩ් සුපිරි තරුවක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන් ගේ රංගනයෙන් ඔපවත් වන ‘බුලට් ටු ද හෙඩ්’ ක්‍රියාදාම චිත්‍රපටය පෙබරවාරි 15 වැනිදා සිට තිරගත වීම ආරම්භ කෙරේ. ප්‍රංශ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ ‘බුලට් ටු ද හෙඩ්’ අධ්‍යක්‍ෂණය වෝල්ටර් හිල් විසිනි. සුන්ග් කැන්ග්, ජේසන් මොනො මා, ක්‍රිසිටින් ස්ලේටර්, සරා ෂා හි ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙති.’අ ගුඩ් ඩේ ටූ ඩයි හාර්ඩ්’ ලබන මාර්තු මාසයේ දී තිරගත කිරීමට නියමිතය. බෲස් විලීස්, ජායි කෝර්ට්නි, මරේ එළිසබෙත් වින්ස්ටිඩ් සහ පැට්‍රික් ස්ටෙවාර්ට් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘අ ගුඩ් ඩේ ටූ ඩයි හාර්ඩ්’ ජෝන් මුරේ ගේ අධ්‍යක්‍ෂණයකි.කෘතහස්ත නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ විශිෂ්ට නාට්‍යක් වන ‘ධවල භීෂණ’ ඉන්දියාවේදී වේදිකා ගතවේ.ඒ අනුව මෙම මස 11 වැනිදා නවදිල්ලි හි අයිමාන්ච් තියටර් හි සහ 13 වැනිදා ජ්‍යපූර් හි රබීන්ද්‍ර මාන්ච් තියටර් හි ධවල භීෂණ රංග ගතවීමට නියමිතය.සංගීත් විජේසූරිය ප්‍රමුඛ ‘වායෝ’ සංගීත කණ්ඩායම සංගීතවත් කරන රිදී රැයක් සංගීත ප්‍රසංගය ලබන සෙනසුරාදා (12) රාත්‍රී 7.00 ට යක්කල චන්ද්‍රජෝති මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.සේනානායක වේරලියද්ද, සුප්‍රියා අබේසේකර, පෝල්, ප්‍රියන්ත, ජය ශ්‍රී, ජනා, ශේන් ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගී ගයන මෙහි කථනය ජගත් නාත්තණ්ඩියගේ විසිනි.
CREATIVE
ළඟදීම ඕලෙවල් විභාගයට පෙනී සිටින නිසා මූලිකත්වය දීලා තිබෙන්නේ අධ්‍යාපන කටයුතුවලටයි. රංගනයට යොමු වෙලා සිටින නිසා එහිදී මා නාට්‍ය හා රංග කලාව විෂයයක් ලෙසත් හදාරනවා.මේ දවස්වල මා කරන්නේ ජපානයෙන් පැමිණි පුහුණුකරුවකු සමඟ ෆුට්බෝල් පුහුණුවීම් කටයුතුවල යෙදීමයි. ඒ ශ්‍රී ලංකා ෆුට්බෝල් 16 න් පහළ කණ්ඩායමට මා තේරුණ නිසා.
CREATIVE
දෙවරක්ම හොඳම නිෂ්පාදක ලෙස සරසවිය සම්මාන දින බන්දුල ගුණවර්ධන තමර සිනෙරු වෙනුවෙන් නිෂ්පාදනය කරන නවතම සිනමාපටයේ වැඩ කටයුතු ජූලි 07 වැනිදා රාත්‍රී 07 ට ඇරැඹෙනු ඇත. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ නිලේන්ද්‍ර දේශප්‍රිය විසිනි.බන්දුල ගුණවර්ධන මීට පෙර සුද්දිලාගේ කතාව, සිරිමැදුර, අයෝමා චිත්‍රපට නිෂ්පාදනය කරන ලදී. නිලේන්ද්‍ර තිරගතවීමට නියමිත තන්හා රති රඟා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය.- ප්‍රසාද්
CREATIVE
අමරපුර සසනොදය නිකායේ මහානායක වස්කඩුවේ මහින්දවංස නාහිමි සමඟ සිසිල් ගුණසේකරදකුණේ මොහොට්ටිවත්තේ උපන් මහ පඬිවර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතාපදානය සිනමා කෘතියක් ලෙස ඉදිරිපත් කිරීමට සිසිල් ගුණසේකර සැරැසෙයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැඩිදුර සිනමාව පිළිබඳ හදාරන ඔහු පසුගියදා ලංකාවට පැමිණ මේ පිළිබඳව මහා නා හිමිවරුන් දැනුවත් කරන ලදී.- ප්‍රසාද්
CREATIVE
පයේ මැණික් ගලක් හැපුණොත් අහුලා නොගන්නා අන්ධයන් බොලිවුඩ් සිහින පුරවරයේ ද සිටිති. ඒ අතරින් කරීනා කපූර්ට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ඇය මෑත යුගයේ ප්‍රතික්ෂේ කළ සියලුම චරිත පාහේ අතිශය ජනාදරයට, සම්මානයට, වාර්තාගත ආදායමකට වාසනාව ලැබූ සිනමා චරිතයි.ඉන්දියානු බොක්ස් ඔෆිස් ඉතිහාසයේ වෙනස්ම වාර්තාවක් පිහිටුවමින් සිටින ‘කුවීන්’ මෑතකදීම ඇය ප්‍රතික්ෂේප කළ චරිතයකි. වාසනාවන්තිය වූයේ කන්ගනා රනවුත්ය. ආරම්භක සතියේ එතරම් ආදායම් නොලබා අති සාර්ථක වන අපූරු සිනමාපටයක් බවට ‘කුවීන්’ පත් වී අවසානය. රුපියල් කෝටි එකොළහක නිෂ්පාදන වියදමට සති දෙකකදී ලැබී ඇති ආදායම රුපියල් කෝටි 32 කි.රාම්-ලීලා, කරීනා ප්‍රතික්ෂේප කළේ දීපිකා පදුකෝන්ගේ වාසනාවටය. මේ නිසා දීපිකාට සිය පෙම්වතා රන්වීර් සමඟ ගත කරන කාලය වැඩිකර ගැනීමට ද අවස්ථාව උදා විය. ඉන්දියානු රුපියල් කෝටි 200 කට වැඩි ආදායමක් ලැබූ මේ සිනමාපටයට ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් හිමි වුණේ හොඳම නිළිය සම්මානය ද ඇතුළුවයි. කරීනා ප්‍රතික්ෂේප කළේ තමන් හොඳම නිළිය වීමට තිබූ හොඳම අවස්ථාවකි.චෙනායි එක්ස්ප්‍රස් ඉන්දියානු රුපියල් කෝටි හාරසියයක ආදායමක් ලැබුවේ දීපිකා පදුකෝන් තවදුරටත් තිරයේ අංක එක කරමිනි. නව පරපුරේ තාරකාවගේ ආලෝකයෙන් කරීනා කපූර් නොපෙනී ගියේ ඇය නොසිතූ පරදිය. ‘ෆැෂන්’ ආදායම වගේම ජාතික සම්මාන පවා හිමි කරගත් සාර්ථක සිනමා සිත්තමකි. ෆැෂන් අහිමි කර ගැනීමෙන් කරීනා අහිමිකර ගත්තේ හොඳම නිළිය ලෙසින් ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමට තිබූ අවස්ථාවයි. අවසානයේ එහි හිමිකාරිය වූයේ ප්‍රියංකා චොප්රාය.කල් හෝ නා හෝ, බ්ලැක් ඇය පයින් ගැසූ තවත් වාසනාවන්ත, සම්මානනීය සිනමාපටයි.
CREATIVE
ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනී අයිරාංගනී රොක්සානා මීදෙණිය සේරසිංහ ලාංකේය රංගන ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨතම රංගනවේදිනියයි. එසේම මෙරට රංගනය පිළිබඳ හැදෑරූ ප්‍රථම රංගන ශිල්පිනිය වන්නේ ද ඇයයි. පේරාදෙණිය සරසවිය සහ එංගලන්තයේදී අධ්‍යාපනය හැදෑරූ අයිරාංගනී සේරසිංහගේ සිනමා රංගනයේ ආරම්භය සනිටුහන් කරන්නේ ආචාර්ය ෙලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ඕඥ ඉචබඥ ධප ඡඥ ඉධධපර වාර්තා චිත්‍රපටයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටය ඇය දායක වූ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටයයි.සම්ප්‍රදාය බිඳීමින් ප්‍රභූ පරම්පරාවකින් පැවත එන පවුලකින් රංගන ක්ෂේත්‍රයට පිවිසි කාන්තාව වන්නේ ද ඇයයි. සිනමාව සේම වේදිකාවේ ද සිය රංගන ප්‍රතිභාව ගෙන හැර දැක් වූ ඇයගේ රංගනය ඇන්ටිගනි, ගවර්මන්ට්, ඉන්ස්පෙක්ටර්, ද ත්‍රී සිස්ටර්ස්, හවුස් ඔෆ් බර්නාඩා ඇල්බා, මැක්බත්, ඔතෙලෝ වැනි නාට්‍යවලදී විචාරක අගැයීමට ද ලක් විය.පසුකාලීනව ටෙලි නාට්‍ය රංගනයට පිවිසි මෙම විශිෂ්ට රංගන ශිල්පිනිය ‘යශෝරාවය’, ‘දූ දරුවෝ’ වැනි නාට්‍යවලදී රසික හදවත් තුළ නොමැකෙන මතක සනිටුහන් කළාය. 1967 වසරේ සරසවිය සම්මාන උළෙලේදී ‘ඔබ දුටු දා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මාන දිනූ ඇය ඉන් අනතුරුව සරසවිය සම්මාන උළෙලවලදී ‘පවන රළු විය’, ‘අවරගිර’ චිත්‍රපටවල රංගනයන් වෙනුවෙන් හොඳම නිළිය ලෙසත් ‘සාගරයක් මැද’, ‘ලොකු දුව’, ‘සුදු සෙවණැලි’ චිත්‍රපටවල රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළිය ලෙසත් පිදුම් ලැබුවාය.1982 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ රංගනය සහ 1984 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ‘දඩයම’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කුසලතා පදක්කම් සහ 1986 ජනාධිපති සිනමා සම්මාන උළෙලේ ‘ආදර කතාව’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ද හිමි විය. දේශීය සිනමාවේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් 1997 වසරේ පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී පුරෝගාමී සම්මානයකින් පුද ලද ඇය, සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ‘රණ තිසර’ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. අයිරාංගනී සේරසිංහ නම් වූ මෙම විශිෂ්ට රංගනවේදිනියගේ රුවින් අද සරසවිය මුල් පිටුව සැරසේ.යතේජා
CREATIVE
අද වන විට දේශපාලන ක්ෂේත්‍රයට අවතීරණ වූ කලා තරු බොහොමයක් සිටිනනවා. රංජිත් ජයසේකර කියන්නෙත් එවැනිම කලාකරුවෙක්. 90 දශකයේ අග භාගයේදී කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු රංගනය වගේම ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදනය වැනි අංශ කිහිපයකින්ම දායකත්වය සපයන අතරම සූරියැව ජයසේකර සිනමා ශාලාවේ අධිපතිත්වයත් දරනවා. මේ විදියට කලා ක්ෂේත්‍රයේ කටයුතු අතරදී දේශපාලනයටත් පිවිසීම පිළිබඳ රංජිත් ජයසේකර සමඟ කතා කරන්නත් සරසවිය තීරණය කළා.ප්‍රථමයෙන්ම ඔබේ කලා දිවියේ ආරම්භය ගැන දැනගන්නට කැමැතියි?කුඩා කාලයේ පටන්ම කලාව මගේ ඇඟේ තිබුණා. පාසල් කාලයේදීත් මම විවිධ කලා කටයුතුවලට දායක වෙලා තියෙනවා. මගේ ගම හම්බන්තොට බෙලිඅත්ත. 1978 වසරේදී පුවත්පත් දැන්වීමක් දාලා තිබුණා ශේෂා පළිහක්කාර මහත්මයාගේ ‘ගුරු ගෙදර රංගායතනයට’ සිසුන් බඳවා ගන්නවා කියලා. ඒ අනුව මටත් ඒ සඳහා ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි, චන්න විජේවර්ධනත් එදා ඒ පංතියේ හිටියා.මගේ මුල්ම රංගනය යෙදුණේ ගාමිණී හේවාපතිරණ මහතාගේ ‘මැණික් මාලිගා’ චිත්‍රපටයේ. ඉන් පසුව එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ ‘සප්ත කන්‍යා’ ආරියදාස පීරිස් මහතාගේ ‘සුභා’ ඇතුළු චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය රැසකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ දවස්වල පද්මසිරි කොඩිකාරගේ ‘කොරළේ මහත්තයා’ ටෙලි සිත්තමේ බෙම්පිගේ චරිතයට දායක වෙනවා. ඊට අමතරව මේ වන විට මම ටෙලි නාට්‍ය කිහිපයකුත් නිෂ්පාදනය කරලා තියෙනවා.දැන් ඔබ දේශපාලනයට පිවිසෙන්නත් තීරණය කරලා නේද?දේශපාලනයට පිවිසේ නම් අද ඊයේ නොවෙයි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 1970 වසරේදී මෙරට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වන විටත් මම එදා එතුමාට සහයෝගය ලබා දුන්නා. ඊට පසුව 1989 වසරේ පළමු පළාත් සභා මැතිවරණයේදී මගේ සොයුරු නිමල් රංජිත් ජයසේකර මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වූ විට දී ඔහුගේ ලේකම් ධූරය දරමින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මම ක්‍රියාකාරී විදියට දේශපාලනයට පිවිසියේ 1994 පළාත් සභා මැතිවරණයෙන්. ඒ අනුව මට සෑහෙන වැඩ කටයුතු කොටසක් කරන්න අවස්ථාව ලැබුණා.කලාකරුවෙකුට දේශපාලන ක්ෂේත්‍රයේ සාර්ථක වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?මම දකින විදියට කලාවයි දේශපාලනයයි එක සමානයි. ඒ වුණත් මේ ක්ෂේත්‍ර දෙකම හරියට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනෑ. දේශපාලනයෙන් බඩ වඩා ගන්න ගියොත් තමයි වැඩේ වරදින්නේ. හම්බන්තොට දිස්්ත්‍රික්කයේ කලාවට ලැදි බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ට අත දෙන්න ඉදිරියට යන්න නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ සඳහා කලාව පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත්. ඔවුන් වෙනුවෙන් නොමිලයේ රංග පාඨමාලා පැවැත්වීම වගේම රුහුණු කලා පදනම මඟින් ප්‍රදේශයේ පැරැණි කලාකරුවන්ට සෙතක් සලසන්නත් බලාපොරොත්තු වෙනවා.රංගන ක්ෂේත්‍රයේ ඉදිරි සැළසුම ගැනත් සඳහන් කරමු?ඉදිරියේදී මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම මම නිෂ්පාදනයෙන් දායක වූ ‘කරදිය’ චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වේවි. දේශපාලන කටයුතු වගේම රංගන කටයුතුත් සාර්ථකව ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.යතේජාඡායාරූපය – මාලන්
CREATIVE
තරු සිය බැබළීමේ අනන්තය ලෙස දකින්නේ දේශපාලනය ද? බොහෝ සුපිරි තරුවල අවසන් ඉලක්කය දේශපාලනයයි. එහෙත් ඒ ඉලක්කයම කඩා වැටීමට ද හේතුවක් කර ගත්තෝ ඕනෑ තරම්ය.රාජ්‍ය සභාවට ලක්ෂ 13.3 ක ඡන්ද ලබාගෙන විජයග්‍රහණය කළ සිහින කුමාරිය, හේමා මාලිනී, ලක්ෂ 11.4 ක් ලබා ගත් විනෝද් ඛන්නා, ලක්ෂ 12.7 ක් ලබා ගත් ශස්තෘගන් සිං, කුලුඳුල් අපේක්ෂකත්වයෙන්ම ලක්ෂ 13.3 ක් ගත් පරේශ් රාවල් අයත් වන්නේ ඒ කාණ්ඩයට නොවෙයි. අනූපම් ඛේර්ගේ නිළි බිරිය කිරන් ඛේර් ද ලක්ෂ 169 ක ඡන්ද ලබා ගත්තාය. චන්දිගාර් අසුනේ ජයග්‍රාහිකාව වූයේ ඇයයි. තවදුරටත් ඇය රංගනයේ යෙදෙන බව අනූපම් ඛේර්, බිරියගේ ජයග්‍රහණයෙන් පසුව පැවසුවේය.හේමා මාලිනී ජය ලැබුවේ මතුරා ආසනයයි. ඇය ජල, විදුලි, මාවත් ආදී බොහෝ ප්‍රශ්න විසඳීමට බලාපොරොත්තු වන්නීය. සෑම මාසයකම ඇය මතුරා ගියත්, පදිංචිය මූම්බායිහිය. නර්තන දර්ශන සහ හොඳ සිනමා අවස්ථා තවමත් ඇයගේ බලාපොරොත්තුවයි. විනෝද් ඛන්නා පස්වරක්ම ජය ලැබූවෙකි. ශස්තෘගන් සිං බිහාර් හි ප්‍රධාන ඇමැතිට පසු සිටින බලවන්තයායි. ඔහු සිව්වරක් ජය ලබා ඇත. තිරයේනරේන්ද්‍ර මෝදිගේ චරිතය පණ ගන්වන්නේ පරේශ් රාවල්ය. එපමණක් නොව හා හා පුරා කියා මෝදිගේ පක්ෂයෙන්, භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලන පොර පිටියට පිවිස ඔහු ලැබූ ජය ද සුවිශේෂය.මේ අතර බප්පි ලහිරි, නග්මා, රාජ් බාබර්, ජයප්‍රදා, රාඛි සාවන්ත්, ස්මිරති අයිරානි (මහ ගෙදර තුල්සි) ඡන්ද සටනේ පරාජිතයන්ය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
‘ලොක්කි’ ටෙලි නාට්‍යයේ ලොක්කිගේ කාර්යාලයේ ප්‍රධානියා විදියට රඟපානවා. ‘සඳසාවි’, ‘ගිරිකුළ’, ‘බණ්ඩාර දෙයියෝ’ කියන ටෙලි නාට්‍යවල රඟපාන චරිතවලට ලැබෙන ප්‍රතිචාරත් බොහොම අපූරුයි.ඒ අතර සරත් ධර්මසිරිගේ ‘කිංචි ගුණේ’ නොතාරිස් විදියටත් කරන රඟපෑම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
CREATIVE
අසූව දශකයේ අතිශයින්ම ජනප්‍රිය වූ රන්ජිත් ධර්මකීර්තිගේ ’අංගාරා ගඟ ගලා බසී’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙසින් ආරම්භ කිරීමේ මුහුරත් උළෙල පසුගියදා බත්තරමුල්ලේ දි පැවැත්විණි.අප අතරින් වියෝ වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ මියුරු සංගීතයෙන් ද, ආචාර්ය අජන්තා රණසිංහගේ ගීත රචනයෙන් ද, ප්‍රවීණ නළු නිළියන් හා ගායක ශිල්පීන් ශීල්පිනියන්ගේ දායකත්වයෙන් ‘අංගාරා ගඟ ගලා බසී’ එකල ජනතාව අතර ජනප්‍රිය විය. එහි නව නිෂ්පාදනයේදී සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් පිරිසක් හා කවිතා වැඩසටහනේ තෝරාගත් ගායන ශිල්පීන් ඇතුළු නව පරපුරේ නළු නිළියන් හා ගායන ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් සහභාගි වේ.හෙන්රි ජයසේනයන්ගේ හා ආර්. ආර්. සමරකෝන් යන නාට්‍යකරුවන්ගේ පද රචනාවන්ගෙන් හැඩ වූ ගීත ඇතුළත් ‘අංගාරා ගඟ ගලා බසී’ හි සහාය අධ්‍යක්ෂක ප්‍රසන්නජිත් අබේසූරියයි. රංග වස්ත්‍ර නිර්මාණයෙන් ස්වීනීතා පෙරේරා ද, වේදිකා පසුතල නිර්මාණයෙන් ලලිත් ජයලාල් යන ශිල්පීහු සහභාගි වෙති.ඡායාරූපයෙන් දැක්වෙන්නේ මුහුරත් උළෙලේදී නාට්‍යයෙහි සියලුම ශිල්පීන් හා ශිල්පිනියන් සේයාරුවට මුහුණ දුන් අයුරුයි.
CREATIVE
ක්ලීටස් මෙන්ඩිස් දිගු කලකට පසු වේදිකා රංගනයට පිවිසෙන පීටර් වෙදමුණිගේ හතයි හතයි හතේ හතයි වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා බොරැල්ලේ පුංචි තියෙටර්හිදී පැවැත්විණ.ක්ලීටස් සමඟ රාජසිංහ ලෝලුවාගොඩ , මල්කාන්ති ජයසිංහ, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, රෝහිත බී. පෙරේරා, ආරියසේන ගමගේ, සැනෙට් දික්කුඹුර ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.අධ්‍යක්ෂණය මෙන්ම රචනය ද පීටර්ගෙනි.නාට්‍යවේදියකු මෙන්ම ගායකයකු ද වන පීටර් ගඟබඩ සිටි හේවරාළ යන ජනප්‍රිය ගීතයේ හිමිකරුවාය.- ප්‍රසාද්තරුෂි පෙරේරා මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ඒ කලා කටයුතු හින්දාම නෙවෙයි, වෙනත් කටයුත්තක් හේතුවෙන්.ඇය පුංචි ව්‍යාපාරයක් පටන් අරන්. තවත් සරලව කිව්වොත් සැලොන් එකක්. මහරගමදී ඇරැඹුණු තරුෂිගේ ඒ ව්‍යාපාරික ස්ථානය පසුගියදා විවෘත කෙරුණා.ශ්‍රියාණි අමරසේන, ගයේෂා පෙරේරා, රජිත හිරාන්, සුරේෂ් ගම්ගේ, නයනා කුමාරි, නිරෝෂා තලගල ඇතුළු තරුෂිගේ සමීපතමයන් රැසක් මේ මොහොතට සහභාගි වී සිටියා. මේ ඒ මොහොත සේයාරූගත වූ අයුරුයි.සේයාරූ - ශාන් රඹුක්වැල්ලමහාචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, කලාශූරී ලතා වල්පොල, ජානක වික්‍රමසිංහ, සශිකා නිසංසලා ගී ගයන ‘සියපත් සර’ ගී දැහැන ජූනි 30 ඉරිදා සවස 6.00 ට කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.විශාරද මනෝජ් පීරිස් සත්සර මෙයෙවන මෙම ගී ප්‍රසංගයේ කථනය වසන්ත රෝහණගෙනි. නාවින්න බෝසත් දහම් පාසලේ ගොඩනැගිල්ලට ආධාර පිණිස මේ ප්‍රසංගය පැවැත්වේ.සිංහල සිනමාවේ ජනප්‍රිය හාස්‍යෝත්පාදක නළුවෙකු වූ බී. එස්. පෙරේරාගේ 31 වැනි ගුණ සමරුව ලබන 23 වැනිදාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් එදින සොයිසා පුර නිවාස සංකීර්ණයේ පින්කමක් සිදු කෙරෙන බව ඒ මහතාගේ පුත් චිත්‍ර ශිල්පී සුනිල් වෙස්ලි පෙරේරා සරසවියට දන්වා සිටියි.ධීවරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බී. එස්. පෙරේරා මහතා සැනසුම කොතැනද, අල්ලපු ගෙදර වැනි චිත්‍රපට ඇතුළු චිත්‍රපට 350 ට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත. ‘රොඩී ගම’ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ ඔහු ‘මගේ අම්මා’ චිත්‍රපටයට ගීත ගායනයෙන්ද එක් වී ඇත.- යතේජාචිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සැම්සන් කුමාරගේ ගේ ආදරණීය පියාණන් වූ එඩ්වින් මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු පහළ බියන්විල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.බොදු ගුණ ගීතාවලිය පිළිමතලාවේ දීබොදු මග යළි අවදි කිරිම වෙනුවෙන් ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් පිරිවරාගෙන ‘බුදු හිමියනි බෝමළුවට ආයෙත් කරුණාකරන්න’ යනුවෙන් බොදු ගුණ ගීතාවලියක් මේ පොසොන් පොහෝ දින පිළිමතලාව නගර මධ්‍යයේ දී පැවැත්වේ.දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ටී. එම්. ජයරත්න,දයාන් විතාරණ, ශාන්ත ජයලත් තිසේරා යන ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන මෙය ධම්මික බණ්ඩාර, රාජු බණ්ඩාර, කලනි පෙරේරා ගෙන් සමන්විත වාද්‍ය වෘන්දය සංගීතවත් කරති.මවුපියන් විසින් අතහැර දැමූ දරුවන්, දරුවන් විසින් අතහැර දැමූ මවුපියන්, උසස් අධ්‍යාපනය අතහැරීමට සිදු වූ දරුවන් රැකගැනීම සඳහා වූ අරමුදලක් බිහි කිරීම වෙනුවෙන් පැවැත්වෙන මෙය සංවිධනය කරන්නේ යටිනුවර වෙළෙඳ හා වෘත්තිකයන්ගේ බල මණ්ඩලයයි.
CREATIVE
විනෝදාස්වාදයෙන් පිරුණු රන්ජා චිත්‍රපටය නරඹා කුල්්මත් වූ අප හිතාදර රංගන ශිල්පියකු අපූරු සිදුවීමකට මුහුණපාලා. ඔහු වෙනින් කවුරුවත් නොව රංජිත් රූබසිංහ. පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි ශාලාවේ පැවැත් වූ රන්ජාහි මංගල දර්ශනයට රංජිත්ටත් ඇරැයුම් ලැබිලා. එදින උදේ වරුවේ සිට හවස ඇති මංගල දර්ශනයට ලක ලැහැස්ති වුණ ඔහු වෙලාවටත් කලින් එතැනට ඇවිත් සිටියේ රන්ජා හි පූර්ව ප්‍රචාරක පටය දැකලා සිනමාපටය ගැන චිත්‍රයක්ද මවා ගනිමිනුයි. දර්ශනය ඇරැඹීමට මොහොතකට පෙර රංජිත් ශාලාවට ඇතුළු වී හිත මිතුරෙකු ළඟින් වාඩි වුණා.ෂා . . . මරේ මරු, මාර ෆයිට් එකනෙ මචං. නියම ෆිල්ම් එකක්නෙ මේක’රංජිත් තම මිතුරාට දහස් වතාවත් පමණ පැවසුවේ තමා හිතාගෙන සිටියාටත් වඩා ක්‍රියාදාමයෙන් මෙන්ම හාස්‍යත් පිරුණු නිසා. රන්ජා නරඹා කුල්මත් වූ රංජිත් ලිබර්ටි ශාලාවෙන් පිටතට පැමිණියේ ගෙදර යන්න හිතාගෙන. එතකොටත් ටිකක් රෑ බෝවී තිබුණා. අවේ කොයි පැත්තෙන් ද කියලාවත් මතකයක් නැතුව පාරට බැස ගත් රංජිත් බස් නැවතුමට ආවේ රන්ජා ගැන සිතමිනුයි. එතැනට ආ බස් රථයට නැග ගත් ඔහු හිස්ව ඇති අසුනකට බර වුණේ වටපිටවත් නොබලා.වැලිසරට ටිකට් එකක් දෙන්න . . .රංජිත් රුපියල් පණහක් දික් කරන ගමන් කොන්දොස්තරවරයාට කීවා.වැලිසරට ටිකට් එකක් දෙන්නකෝ . . . ඇහුණේ නැද්ද?තමා දෙස තුෂ්නිම්භූතව බලා සිටි කොන්දොස්තරවරයාට පැවසුවේ ටිකක් සැරෙන් වගේ.මහත්තයෝ මේක ගාල්ලේ බස් එකක්. මහත්තයාව විතරක් බස්සන්න වැලිසරට යන්න බැහැනේ. ගාලු පාරේ ඕනෑ තැනක් කියන්න මහත්තයාව දාලා යන්නම්. ආපහු හරවලා වැලිසර යන්න නම් බැහැ.රන්ජිත්ගේ ඇස් ඇරුණේ එතකොට. ඒ වන විටත් වැල්ලවත්තත් පහුකරගෙන බසය ඇවිත්.මහත්තයා බස් එකට නැග්ග වෙලාවේ ඉඳලා ලොකුª දෙයක් ගැන කල්පනා කර කර ආවේ. මහත්තයට කාගෙන් හරි කරදරයක් වුණාද?බසය නවත්වා රංජිත් බහින්න හදද්දි කොන්දොස්තර විමසුවේ රංජිත් ගැන උපන් අනුකම්පාවෙන්.ඔව්. ඔව්, මට එක් කෙනෙකුගෙන් හරිම කරදරයක් වුණා. මං එයා ගැන හිත හිත ඇවිත් තමයි වැරැදි බස් එකට නැගලා තියෙන්නේ.කවුද මහත්තයෝ ඒ?රන්ජා.එහෙම කියා අඩියට දෙකට බසයෙන් බැහැ ගත් රංජිත් කොළඹ බස් රථයක එල්ලේදී රෑ එකොළහටත් කිට්ටු වී තිබුණා.- ප්‍රසාද්
CREATIVE
තමන් සීනත් ආමන්ට සමාන කිරීම නිසා අපේ ජැකලීන් ෆර්නැන්ඩස් මහත් චිත්ත පීඩාවට පත් වී සිටින්නීය. ඇය සරාගී සුරූපිනිය සීනත්ට සමාන කර තිබෙන්නේ ‘කික්’ සිනමාපටයේ සහෝදර සුපිරි නළු සල්මන් ඛාන්ය.නැවත තමන් සීනත් ආමන් තාරකාවට සමාන නොකරන ලෙසට ඇය ඉල්ලා සිටියාය. එසේ පැවසුව ද එය ක්ෂේත්‍රයේ කෙනකුගෙන් ලැබුණු සුබම ප්‍රතිචාරය බව ජැකලීන් පවසන්නීය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් දිස්ත්‍රික් අධිකරණයට පසුගියදා නඩුවක් පැවරුණා. ඒ සුප්‍රකට නිළි ලින්ඩ්සේ ලොහාන්ට එරෙහිවයි.අදාල පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ සමාජ ශාලාවක කළමණාකරුවෙකු විසින්. තර් කමල් වන මොහු චෝදනා කර තිබුණේ ලින්ඩ්සේ ලොහාන් තමන්ට පහර දී ක්ෂණිකව රථයක නැගී පලා ගිය බවයි.දිස්ත්‍රික් අධිකරණය පවසන්නේ අදාල පැමිණිල්ලට අදාලව කිසිම විශ්වාසවන්ත සාක්ෂියක් තමන් වෙත ලැබී නොමැති බවයි. මේ නිසාම අධිකරණය තඊර් කමල් නම් තැනැන්තාගෙන් දැඩිව ප්‍රශ්න කරන ලද අතර පසුව ඔහුගේ ප්‍රකාශ පරස්පර වූ බවයි හොළිවුඩය වාර්තා කරන්නේ.කෙසේ වෙතත් අධිකරණය අදාල සිදධිය සිදු වූ ස්ථානයේ වීඩියෝ පට පරීක්ෂා කර ඇති අතර එතුළින් ද සාක්ෂි හමු වී නැති හෙයින් ලින්ඩ්සේ ලොහාන්ට සංතෝෂයෙන් ගෙදර යා හැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.පසුගිය සතියේ ජෙසිකා සිම්සන්මවක් වූ බව හොළිවුඩය ඉහළින්ම වාර්තා කළා. ඒ අනුව ජෙසිකාට ලැබුණේ බිළිඳියක්.මේ වෙන විටත් ජෙසිකා ඇගේ සැමියා එරික් ජොන්සන් සමඟ එකතු වී ඒ කුඩා බිළිඳියට නමකුත් තබලා. ඇය එතැන් පටන් ‘මැක්ස්වල් ඩෲ’ ලෙසයි හැඳින් වුණේ.ඒ අනුව ජෙසිකා පවසා තිබෙන්නේ තම අලුත උපන් දරුවා බලා ගැනීමට සැමියා වන එරික් ඉතාම හොඳ සහායක් දෙන බවයි.‘ඇය හඬන විට එරික් කරන්නේ ඇයව දෝතට ගෙන තුරුලු කර ගන්නා එකයි. පුදුමය කියන්නේ ඇය එවිට හඬන එක නවතන නිසයි’. ජෙසිකා සිම්සන් මාධ්‍යයට එසේ පවසා තිබුණා.මීට වසර කිහිපයකට පෙර පොප්ලෝකයෙන් සදහටම සමුගත් මයිකල් ජැක්සන් ගේ රූපය නවතම ආකාරයකට කරළියටගෙන ඒම සඳහා වන වෑයමක් හොළිවුඩයෙන් වාර්තා වෙනවා.මයිකල් ජැක්සන් මෙලෙස භාවිත කරන්නට යන්නේ ලෝ ප්‍රකට සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ‘පෙප්සි’ සමාගමයි. ඔවුන් මේ වන විටත් ජැක්සන්ගේ දේපළ භාරකාරත්වයෙන් ජැක්සන්ගේ රූපය භාවිත කිරීමට අවසර අරන්.ඒ අනුව ‘පෙප්සි’ හි ලෝක ව්‍යාප්ත අලෙවිය වැඩි කර ගැනීමට ජැක්සන්ගේ රූපය භාවිත කරන්නටයි අර අදින්නෙ. කෙසේ වෙතත් පෙප්සි සමාගම ජැක්සන්ව අළෙවි කිරීමේ ක්‍රියාන්විතය තවම පටන් අරගෙන නැහැ.මෙසේ ජැක්සන්ව විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස රූපවාහිනී දන්වීම් මෙන්ම පෙප්සි කෑන් සඳහා ඔහුගේ රුව යොදා ගන්නටත් නියමිතයි. එනිසාම පෙප්සි සඳහා හොඳ ප්‍රතිචාර ලැබේ යයි පෙප්සි සමාගම විශ්වාස කරනවා.මළ ජැක්සන් ඉදිරියටත් කෙසේ විකිණේදැයි කියන්නට තවම කල් වැඩි බවයි අපේ හැඟීම. ෂෙනාල් ජයසේකර
CREATIVE
රංගන ශිල්පී උදේනි අල්විස්මේ දවස්වල මම ‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල නිරත වෙලා තමයි ඉන්නේ. ඒ හැරුණාම ටෙලි නාට්‍යයක සහාය අධ්‍යක්ෂණයට සහ රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ලබන පස් වැනිදා මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. මම අවුරුදු විසි පහක විතර පටන් මගේ උපන් දිනය ගත කරන්නේ කෝට්ටේ සෙවන ළමා නිවාසයේ. ඒ දවස මම ඒ දරුවන් සමඟ හරිම සතුටින් තමයි ගත කරන්නේ. 
CREATIVE
තරු දේශපාලනඥයන් වීමට ගන්නා උත්සාහය අසාර්ථක වුවත්, දේශපාලනඥයන් නම් බැබලීමේ උපක්‍රමයක් ලෙස තරු යොදා ගන්නේ දුරාතීතයේ සිටයි. එයට හොලිවුඩය, බොලිවුඩය කියා වෙනසක් නැත. ලොව දැවැන්තම මැතිවරණ ව්‍යාපාරයට මෙවර ද ආලෝකය කරගෙන ඇත්තේ තරු හා තාරකාවන්ය.ලෝක් දාල් නායක අමර් සිං මෑතකදී මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණේ බොලිවුඩයේ පළමු සුපිරි තාරකාවගේ ආලෝකය ලබමිනි.ඔහු ශ්‍රී දේවි සහ බොනී කපූර් සමඟ ඡන්ද ව්‍යාපාරයේ යෙදෙද්දී ජන ගංගා ගලාගෙන විත් තිබෙන්නේ ශ්‍රී දේවි දකින්නට සහ ඇයගේ කථාවලට සවන් දීමටයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
මේ දවස්වල ටෙලි නාට්‍ය කිසිම එකකට මම සම්බන්ධ වෙලා නෑ. පසුගිය දෙසැම්බර් මාසේ ඉඳලා දැඩි වුවමනාවෙන් මම පොතක් ලියනවා. ඒක නවකතාවක් නොවේ. ජීවිත අත්දැකීම් මුසු වූ වෙනස්ම ආකෘතියක්.මගේ අලුත් පොතත් සමඟ මේ දවස්වල පුරුදු පරිදි කාලය ගෙවිලා යනවා.
CREATIVE
සේමිණි තමා ප්‍රිය කරන චරිත ගැන කතා කරයිඅද සිට ඔබ හමුවන මෙම විශේෂාංගය ඔබේ ආදරය දිනා ගත් තරු ප්‍රිය කරන චරිත ගැන කතා කරන්න වෙන් කරන්නයි සූදානම. ඔවුන්ට නොැලැබුණු චරිත, ඔවුන් තම ජීවිතයේදී ලබන චරිතවලට වඩා ආසාවෙන් නැරඹූ නිර්මාණවලදී හමු වූ චරිත ගැන තම සිතැඟි අදහස් දක්වන්නට ඔබ හමුවන්නට නියමිතයි. මේ එහි පළමු දිගහැරුමයි. එය වෙන් වුණේ ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ වෙනුවෙනි. මේ මොහොත වෙන් වන්නේ ඇය තම ජීවිතයේදී වඩාත් සිත් ගත් චරිත ගැන කතා කරන්නයි.එක්දහස් නවනසිය අසූ ගණන්වල තිරගත වූ දඩයම චිත්‍රපටය මගේ හිත ගත් චිත්‍රපටයක්. ඒ දවස්වල මම ගොඩක් පුංචියි. පාසල් නේවාසිකාගාරයේ සිටියත් ඉරිදට තාත්තා එක්ක එළියට යන්න අවස්ථාව ලැබුණා. තාත්තා කොහෙද එක්කරගෙන යන්න ඕනි කිව්වම එක දවසක් මම කිව්වා දඩයම බලන්න ඕනෑ කියලා. ඒ විදියට කොහොම හරි දහහතර වතාවක් විතර දඩයම චිත්‍රපටය බැලුවා. පුංචි වුණත් ඒ කාලෙදි එහි ස්වර්ණා මල්ලවආරච්චි විසින් කළ චරිතය මගේ හිතට තදින්ම දැනුණා. ඇත්තටම මට ඇගේ චරිතය දෙස බලාගෙන සිටියේ වශී වෙලා. මගේ ජීවිතයේදී දඩයම චිත්‍රපටයේ ඉදිරිපත් කළ විශිෂ්ට චරිතයක් විදියට දකිනවා.ඒ වගේම බ්ලැක් චිත්‍රපටයේ රාණි මුකර්ජි මිචෙල් ලෙස ඉදිරිපත් කළ රංගනයටත් මම ගොඩක් කැමැතියි. ඇත්තටම ඇය ඒ චරිතය අපට දැනෙන ආකාරයෙන් ඉතාමත් සාර්ථක අන්දමෙන් නිරූපණය කළා. එහිදී සංගීතය, කැමරා කෝණ, පසුබිම් දර්ශන සමඟින් පුදුමාකාර විදියට ඉස්මතු වුණා කිව්වොත් මම නිවැරදියි කියලා හිතෙනවා. ඇත්තටම මටත් ඒ වගේ චරිතයක් ලැබෙනවා නම් ගොඩක් සතුටුයි. මම හිතනවා මටත් ඒ වගේ චරිතයක් සාර්ථකව නිරූපණය කරන්න පුළුවන් වේවි කියලා.මගේ හිත ගත් චරිතයක් තමයි බ්ලැක් ස්වෝන් චිත්‍රපටයේ බැලේ නර්තන ශිල්පිනියක් ලෙස නැටලි පෝර්ට්මන් ඉදිරිපත් කළ චරිතය. ඒ චිත්‍රපටයත් මම ගොඩක්ම ආසාවෙන් නැරඹූ එකක්. ඇත්තටම ඒ චරිතයේ තාත්වික බව තමයි ඒ කෙරෙහි මගේ ආශාව වැඩි කරන්නත් හේතු වුණේ. ඇයගේ අලංකාර නර්තනය වගේම එහිදී සිදුවන මරණය ගැන කිසිවක් හිතා ගන්නවත් බැරි වුණා. මේ චරිතයට නම් කෙතරම් ඇලුම් කළත් මට නම් කවදාවත් ඒක කරන්න බැරි වේවි.අපේ ටෙලි නිර්මාණවලදී නම් මම වැඩි වශයෙන් පි‍්‍රය කළේ ගම්පෙරළිය ටෙලි නාට්‍යයේ නන්දාගේ චරිතයට. ඒ වගේම දූ දරුවෝ ටෙලි නාට්‍යයේ නිල්මිණි තෙන්නකෝන් දීප්ති ලෙස කළ චරිතයටත් මම ගොඩක්ම ඇලුම් කළා. මට මතකයි ඒ දස්වල මට තිබුණේ තරමක් දිග කොණ්ඩයක්. මම මගේ කොණ්ඩෙ දෙකට නමලා දීප්තිගේ කොණ්ඩෙ මෝස්තරය වගේ හදාගෙනත් හිටියා.මගේ හිතට දැනුණ තවත් චරිතයක් තමයි අප් ඉන්ද ස්කයි චිත්‍රපටයේ ජෝර්ජ් ක්ලුනී ඉදිරිපත් කළ චරිතය. ඒක බැලූ බැල්මටම එතරම් අමාරු චරතයක් නොවෙයි. ඇත්තටම එය ගොඩක් සරල චරිතයක්. ඔහු එහිදී රංගනයේ යෙදෙන බව දැනුණේම නැහැ. ඇත්තටම සාමාන්‍ය ජීවිතයේ දෙයක් වගේ තමයි ප්‍රේක්ෂකයෙක් ලෙස මට දැනුණේ. ඒ නිසාම එය මා කැමැති අනෙකුත් චරිත අතර විශේෂත්වයක් හිමි කර ගන්න සමත් වුණා. තවත් විශේෂ වන්නේ මම මේ චිත්‍රපටය නැරඹුවේ අමෙරිකාවේදී එය තිරගත කළ පළමු දිනයේදීමයි. එදා ඒ කෙරෙහි ඇති වූ ඇල්ම නිසාම තවත් තුන්වතාවක් මම ඒ චිත්‍රපටය බැලුවා.ක්‍රාන්තිවීර් හින්දි චිත්‍රපටයේ ප්‍රතාප් නාරායන් ලෙස නානා පටේකාර් ඉදිරිපත් කළ චරිතයත් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ලෙස මම දකිනවා. ඔහුගේ හැම රංගනයක්ම විශේෂයි. හැඟීම් ඉදිරිපත් කිරීම අතින් ඔහු හරිම පොහොසත්. ඔහුගේ ඒ භාව නිරූපණයන් චිත්‍රපටයට සජීවි බවක් ලබා දුන් බව මට හැඟෙනවා.මම ගොඩක් චිත්‍රපට නරඹන කෙනෙක්. සිනමා ලෝලිියෙක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් එය වැදගත් වෙනවා. මේ තුළින් මම මගේ පෞද්ගලික ජීවිතයට නම් ආදර්ශ අරගෙන නැහැ. ඒත් රංගන ශිල්පිනියක් විදියට නම් යම් යම් දේ මම ඒ මඟින් ඉගෙන ගන්නවා. ඒත් අනුකරණය කරන්නේ නම් නැහැ. ඒ මඟින් ලබන දැනුම ප්‍රයෝජනවත් වෙන අවස්ථා අපට උදා වෙන්න ඉඩ තියෙනවා.මීළඟට ඔබ කැමති තවත් ජනප්‍රිය තරුවක් තම සිත්ගත් චරිත සමඟින් හමුවේවි.යතේජා ඥානරත්නඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
සැප්තැම්බර් 03 වැනිදාරීගල් සිනමා ශාලාවපෙ.ව. 10.00 Killa (The Fort)  අවිනාශ් අරුන් (ඉන්දියාව)ප.ව. 1.00 La belle et le bete (Beauty and the Beast)  ක්‍රිස්ටෝෆර් ගැන්ස් (ප්‍රංශය)ප.ව. 4.00 Liar’s Dice  ගීතු මොහාන්දාස් (ඉන්දියාව)ප.ව. 7.00 Annayum Rasoolum (Anna and Rasool) රජීව් රවී (ඉන්දියාව)ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවපෙ.ව. 10.00 Working Holiday කොයිච් ඔකමොතෝ (ජපානය)ප.ව. 1.00 Mauvais sang (The Night is Young) ලියොස් කැරැක්ස් (ප්‍රංශය)ප.ව. 4.00 This or that particular person  සුභාෂි ක්‍රිෂානන්Own Night With A shooting Star කැට්සුයා ටොම්ටෙබිප.ව. 7.00 Copie Conforme (Certified copy) අබ්බාස් කියරොස්ථාමි (ප්‍රංශය)ප.ව. 10.00 Japon (Japan) කාලෝස් රෙගෙදාස් (මෙක්සිකෝව)මැජෙස්ටික් සිනමා ශාලාවපෙ.ව. 10.00 La Jaula de Oro (The Golden Dream) දියාගෝ ක්වේමදා ඩයස් (මෙක්සිකෝව)ප.ව. 1.00 Grzeli nateli dgeebi (In Bloom) නාන එක්විට්ග්ලි / සයිමන් ග්‍රොබ් (ජෝර්ජියාව)ප.ව. 4.00 Les Anges de Misere (Miles of a Dream)උදය ධර්මවර්ධන (ශ්‍රී ලංකාව)ප.ව. 7.00 I’m not Angry  රේසා දෙර්මිසියාන් (ඉරානය)එම්පයර් සිනමා ශාලාවප.ව. 1.00 Los Insolitos Peces Gato (The Amazing Catfish)  ක්ලෝඩියා සෙන්ට් ලුස් (මෙක්සිකෝව)ප.ව 7.00 Youth ටොම් සෝවල් (ජර්මනිය – ප්‍රංශය)ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයපෙ.ව. 10.00 අධ්‍යක්ෂ/කැමරා ශිල්පී රජීව් රවී විසින් පවත්වන වැඩමුළුවප.ව. 1.00 Cronaca Di Unamore(Story of a Love Affair) (ඉතාලිය)ප.ව. 4.00 II Deserto Rosso (Red Desert)  මයිකලාආන්ජිලෝ අන්තෝනියෝනි (ඉතාලිය)ප.ව. 7.00 Master of the Universe  මාක් බෙගඩර් (ජර්මනිය)සැප්තැම්බර් 04 වැනිදාරීගල් සිනමා ශාලාවපෙ.ව. 10.00 Fiddlesticks වෙල්ට් හෙල්මර් (ජර්මනිය)ප.ව. 1.00 Qissa අනුප් සිං (ඉන්දියාව - ජර්මනිය – ප්‍රංශය - නෙදර්ලන්තයප.ව. 4.00 Le hussard sur le toit (The Horseman on The Roof) ශාන් පෝල් රැපානෝප.ව. 7.00 O Sol nos Meus Olhos (The Sun Against My Eyes) ෆ්ලෝරා ඩයස් (බ්‍රසීලය)ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවපෙ.ව. 10.00 Comme un lion (Little Lion) සැමුවෙල් කොලඩි (ප්‍රංශය)ප.ව. 1.00 Die Brucke am lbar (My Beautiful Country) මයිකේලා කෙසේල් (ජර්මනිය – සර්බ්යාව)ප.ව. 4.00 Jauja (Land of Plenty) ලිසන්ඩෝ ඇලොන්සේ (ආජන්ටිනාව - ප්‍රංශය)ප.ව. 7.00 Liberta (සිංගප්පූරුව - ඔස්ට්‍රේලියාව)ප.ව. 10.00 Batalla en el cielo (Battle in Heaven) (ප්‍රංශය - මෙක්සිකෝව - ජර්මනිය)මැජෙස්ටික් සිනමා ශාලාවපෙ.ව. 10.00 Apur Panchali කෙගයි ගංගුල් (ඉන්දියාව)ප.ව. 1.00 CR No:89 සුදේවන් (ඉන්දියාව)ප.ව. 4.00 El futuro (The Future) ලුයිස් ලුලෝපස් කාරැස්කෝ (ස්පාඤ්ඤය)ප.ව. 7.00 Titli කනුබේල් (ඉන්දියාව)එම්පයර් සිනමා ශාලාවප.ව. 1.00 Choco ජොනි හෙන්ඩ්‍රිකස් (ඉතාලිය)ප.ව. 4.00 Lal gece (Night of Scilence) රෙයිස් සෙලික් (තුර්කිය)ප.ව. 7.00 Uroki Garmonii ( Harmony Lessons)  එමීර් බයිගසින් (කසකස්ථානය)ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයප.ව. 1.00 Men at Work කීසග ත්සෙන්සාන් (නේපාලය)ප.ව. 4.00 Zinda Bhaag මීනු ගෙනූර් (පාකිස්ථානය)ප.ව. 7.00 Indentificazione di una donna (Indentification of a Woman)  මයිකලාආන්ජිලෝ අන්තෝනියෝනි (ඉතාලිය)ශ්‍රී ලංකා පදනම් ආයතනයපෙ.ව. 10.00 චිත්‍රපට අධ්‍යක්ෂ කාලෝස් රෙගදාස් විසින් පවත්වනසිනමාව පිළිබඳ වැඩමුළුවප.ව. 1.00 Facing the Goliath(ලෝක සිනමාවට මුහුණදීම පිළිබඳ විවෘත සාකච්ඡාව)05,06,07 දිනවල වැඩසටහන් විස්තරය 04 වැනිදා සරසවිය පුවත්පත කියවන්න  
CREATIVE
සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන ඉන්දික ෆර්ඩිනැන්ඩෝ සිනමා අධ්‍යක්‍ෂවරයකු බවට පත්කළ හෝ ගානා පොකුණ සිනමා සිතුවම තිස් එක්වැනි චිකාගෝ ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් හිමිවී තිබේ. ඒ අනුව මෙම මස 28 වැනිදා චිකාගෝ විශ්වවිද්‍යාලයේ කලාගාරයේ දී එය තිරගත වනු ඇත. රටවල් හතළිහක් නියෝජනය කරමින් චිත්‍රපට දහ අටක් මෙම උළෙලට තේරී පත්ව ඇත. ඒ අතරින් ආසියාව නියෝජනය කරන එකම සිනමාපටය හෝ ගානා පොකුණ වීම විශේෂත්වයකි.ඉන්දික ගේ තිර රචනයකට අනුව සැකසුන මෙය ළමා චිත්‍රපටයකි. ළමා නළුවන් දහ අටදෙනකු සමඟ ජයලත් මනෝරත්න, ලූෂන් බුලත්සිංහල, ජගත් චමිල, ගීතා කාන්ති ජයකොඩි, අනුසුයා සුබසිංහ, හයසින්ත් විජේරත්න, සැනෙට් දික්කුඹුර, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, ඩී. බී. ගංගොඩතැන්න, අමා විජේසේකර, වසන්ත මුහන්දිරම්, පි‍්‍රයන්ත සිරිකුමාර, මෙහි රංගන දායකත්වය සපයති. හෝගානා පොකුණ නිෂ්පාදනයෙන් කුසුම්සිරි ලියනාරච්චි, යශෝධරා සරච්චන්ද්‍ර, දයානන්ද ලියනආරච්චි, බිමල් ප්‍රනාන්දු, නිරෝෂා ප්‍රනාන්දු, ශ්‍යාමා අතුකෝරල සහ ගීතා මුතුමාලගේ එක්වී ඇත. චන්න දේශපි‍්‍රය ගේ කැමරා අධ්‍යක්‍ෂණයකි. දමින්ද ඩී. මඩවල සහාය අධ්‍යක්‍ෂවරයාය. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, මංජුල අයගම කලා අධ්‍යක්‍ෂණයෙන් ද මෙයට සහභාගි වී තිබේ. පි‍්‍රයන්ත දිසානායකගේ අංග රචනයකි. ශෂික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණ ශිල්පියාය. පාලිත තෙන්කෝන් ගේ කළමනාකරණයකි. ආනන්ද ලියනාරච්චි නිෂ්පාදන විධායකවරයාය.හෝ ගානා පොකුණ ලබන වසරේ මැදදී ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලාවන් හි තිරගත වීමට නියමිතය.- ප්‍රසාද්
CREATIVE
ප්‍රවීණ ගේය පද රචක සුනිල් සරත් පෙරේරාමේ දවස්වල මම ඉන්නේ බොහොම සිත් තැවුලෙන්. පසුගිය දිනයක (19 වැනිදා) කුරුඳුවත්ත හෝටන් ප්ලේස්වල තිබෙන කදිරගාමර් ශාලාවේ ‘සොඳුරු මිනිසා’ කියන සංයුක්ත තැටිය එළි දැක්වුණා. අමරදේවයන් ගේ ගීත ඇතුළත් මේ සංයුක්ත තැටිය එළි දැක්වුණු මේ උළෙල නම්කර තිබුණේ ‘සොඳුරු මිනිසා’ නමින්. කොහොම නමුත් එහි දී එතුමා මා ලියූ ‘මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්’ කියන ගීතයත් ගැයුවා. ඒ ගීතය ගයන්නට පෙර එහි සිටි නිවේදකයා කිව්ව කතාව නිසයි මගේ මේ සිත් තැවුල ඇති වුණේ. මේ ගීතය පිළිබඳ හඳුන්වා දෙමින් ඔහු පැවසුවේ මේ ගීතය රචනා කර තිබෙන්නේ මහින්ද අල්ගමයන් බවයි.ඒ විතරක් නොවේ පසුගිය දිනෙක ඔහු මිය ගිය නිසා ඔහු වෙනුවෙන් විනාඩියක් පමණ නිශ්ශබ්දතාවකුත් පැවතුණා. මේ බව දන්න බොහෝ දෙනෙක් මුහුණෙන් මුහුණ බලා ගත්තා. මා ඇසූ විදියට මේ ගීත අඩංගු කරමින් එදින එළි දැක්වුණු සංයුක්ත තැටියෙත් තිබෙන්නේ ගී පද රචකයා ලෙස මහින්ද අල්ගමයන්ගේ නමයි. මා ලියූ ගීතයක් මා ඉදිරියේදීම අනෙකකු ගේ නමින් කියැවීම නිසා ඇති වුණු තැවුල කොතරම් ද කියා දන්නේ මා පමණයි.‘මනකල් හදවිල් තලයේ’ ගීතය මා ලිව්වේ ළමා මණ්ඩපයේ කියැවුණු ගීත සඳහායි. පසුව එය ළමා මණ්ඩපයේ තේමා ගීතය බවටත් පත් වුණා. ගුවන් විදුලියෙන් නිකුත් වුණු ‘පෙර දිනයක’ නම් ගී තැටියටත් ඔය ගීතය ඇතුළත්. එහි නම් ගී පද රචකයා විදියට තිබෙන්නේ මගේ නමයි. මේ විදියට වැරැදි ලෙස මේ කාරණාව දිගින් දිගටම ගියොත් වැරැදි කාරණයක් ඉතිහාසගත වේවි.
CREATIVE
ඇමරිකන් මසල් (AMARICAN MUSCLE)වසර දහයක් සිරගතව සිටින්නකුට තම සතුරන්ගෙන් පළිගැනීම සඳහා පැය විසි හතරක් ලැබේ. එම පැය විසි හතර තුළ ඔහුට එය කළ හැකි වෙයිද. ඉන්දීය සම්භවයකින් යුත් අමෙරිකානු සිනමා කැමරා ශිල්පියකු, සංස්කරණ ශිල්පියකු සහ අධ්‍යක්ෂවරයකු වන රවි දාර් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකන් මසල් කතාව ත්‍රාසජනක කතාවකි.රොබින් සිඩ්නි, නික් ප්‍රින්සිප්, ජෝර්ජ් විල්බුර්, ටොඩ් හාමර්, ටෙන්ට් හගා සමඟ ජොන් ෆැල්කෝන් රඟන ඇමරිකන් මසල් ක්‍රියාදාම සහ ශෘංගාරාත්මක චිත්‍රපටයකි.බ්‍රර්මා (BURMA)මුදල් පසුපස දුවන ඉන්දීය සමාජයේ දාමරිකයන් පිරිසකගේ කතාවක් ඇතුළත් බ්‍රර්මා සටන් පිරුණ ක්‍රියාදාම චිත්‍රපටයකි.මයිල් තංගදොරේ, රෙශ්මි මෙනන්, සම්පත් රාජ්, මුතුල් කුර්කානි, මධු රගුරාම්, කාර්තික් සබේට් රඟන බ්‍රර්මා කේ. රාජසේකර් සම අධ්‍යක්ෂණයකි.සුදර්ශන් වෙට්බ්‍රට්ටි නිෂ්පාදනය කළ බ්‍රර්මා ධරන් ෂාරන්ගේ අධ්‍යක්ෂණයකි.ද ෆෝල්ට් ඉන් අවර් ස්ටාර්ස් (THE FAULT IN OUR STARS)නිව්යෝක් ටයිම්ස් හි පළ වූ ප්‍රකට ආදර කතාවක් ඇසුරෙන් තැනූ ද ගෝල්ඩ් ඉන් අවර් ස්ටාර්ස් ප්‍රේක්ෂක සිත් සතන් සනසාලන ආදර පුවතකි.පිළිකා රෝග මර්ධන කණ්ඩායමකදී හසල් සහ ගස් එකිනෙකා හඳුනා ගනියි. ඔවුන්ගේ හමුවීම ඔවුන් දෙදෙනාගේම ජීවිතවලට නව අරුතක් ගෙනදීමට සමත් වෙයි.ජෝන් ග්‍රීන් විසින් රචනා කරන ලද නවකතාවක් ඇසුරෙන් ද ෆෝල්ට් ඉන් අවර් ස්ටාර්ස් ජෝස් බූනි විසින් අධ්‍යක්ෂණය කර ඇත. විටෙක හාස්‍යයෙන් ද, විටෙක ශෝකයෙන් ද පිරි මේ චිත්‍රපටය බොහෝ විචාරකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූවකි.මැඩ්රාස් (MADRAS)පාපන්දු ක්‍රීඩකයකු වූ කාලි හා ඔහුගේ මිතුරන් පිරිසක් පිළිබඳ තැනුණු මේ චිත්‍රපටය දේශපාලනය, ප්‍රේමය කේන්ද්‍ර කෙට ගත්තකි.මේ දිනවල ලාංකීය ප්‍රේක්ෂකයන්ට ද නැරඹිය හැකි ජනප්‍රිය ද්‍රවිඩ චිත්‍රපටයක් වන මැඩ්රාස් චිත්‍රපටයේ ඩී. වී. ඩී. පට දැන් ලබා ගත හැක.කාර්ති කැතරින් ට්‍රෙෂා, ඉච්චාස්, අචි කලෙයිරාසන්, හරික්‍රිෂ්ණන් හැරී සමඟ ආඩි විනෝද් රඟන මැඩ්රාස් පා රන්ජිත්ගේ අධ්‍යක්ෂණයකි.රේස් ගුර්රාම් (RACE GURRAM)තෙලිඟු චිත්‍රපට නැරඹීමට කැමති ප්‍රේක්ෂකයාට නැරඹිය හැකි නවතම තෙලිඟු චිත්‍රපටයයි රේස් ගුර්රාම්.පොලිස් නිලධාරි වග සහෝදරයා සමඟ හැප්පෙන බාල සහෝදරයකු වුව ද තම සහෝදරයාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් අසාධාරණයක් වූ අවස්ථාවකදී එයට අභියෝග කරන නිර්භීත තරුණයකු වටා ගෙතී ඇති රේස් ගුර්රාම් හි තෙලිඟු සිනමාවේ ආකර්ෂණීය නළු මුල්ලු අර්ජුන් සමඟ ද්‍රවිඩ සිනමාවේ ජනප්‍රිය නිළි සෘති හසන් ප්‍රධාන චරිත රඟපාති. සලෝති අස්වානි, ප්‍රකාශ් රාජ්, පතම් ඇතුළු ජනප්‍රිය තරු රැසක් රඟන රේස් ගුර්රාම් සංගීතය ප්‍රකට සංගීතවේදී එස්. තමාන් ගෙනි.වෙන්කටේෂ්වර රාඕ නිෂ්පාදනය කළ රේස් ගුරාම් සුරේන්ද්‍රර් රෙඩ්ඩි අධ්‍යක්ෂණයකි.ඊට්ස් එන්ටර්ටේන්මන්ට් (IT’SENTERTANMENT)සුනඛයකු මිනිසකු ලෙස ජීවත් විය නොහැකි මෙන් මිනිසකුට සුනඛයකු මෙන් ජීවත් විය නොහැක. එහෙත් අකිල් ලෝකන්දේ නම් තරුණයාට සිදු වනුයේ ඒ අත්දැකීමට මුහුණදීමටය. අක්ෂේ කුමාර් මෙහි අකිල් ලෙස චරිත මවයි.අපූරු විමෝදාත්මක හාස්‍ය චිත්‍රපටයක් වූ එන්ටර්ටේන්මන්ට් මේ දිනවල ශ්‍රී ලංකාවේ ද තිරගත වන චිත්‍රපටයකි.සජීඩ් හා තර්හාඩ් සම අධ්‍යක්ෂණය කළ මෙහි නිෂ්පාදනය රමේශ් එස් ටෝරාස්ගෙනි.(THE LEGEND OF THE SAW TOOTH CAVE)කුඩා ළමුන් නරඹීමට කැමති කාටුන් චිත්‍රපටයකි ද ලෙජන්ඩ් ඔෆ් ද සෝ ටූත් කේව්.වෘකයන් නැවත පැමිණීම තේමා කර ගත් මෙම කාටුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය රිචඩ් රිච් ගෙනි.ලිව්වේ – කල්‍යාණ චන්ද්‍රසේකරඩී. වී. ඩී. අනුග්‍රහයනීරෝ සී. ඩී. හවුස්මල්වත්ත පාර
CREATIVE
පසුගිය දිනෙක නිතීඥවරුන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරිවරුන් වැනි ඉහළ පෙළේ වෘත්තීයවේදීන් පිරිසක් සහභාගි වූ අපූරු සාදයක් පැවැත්වුණා. ඉතාම කාර්යබහුල ජීවිත ගෙවන මේ හැමදෙනාම කාලයකින් හමු වූ මේ අවස්ථාව හැමෝටම ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක් වෙලා. ඉතිං මේ සාදයේ ප්‍රීතියත් සමඟ තම තමන්ගේ කැමැත්ත විමසන පුංචි සෙල්ලමකුත් කරන්නට මේ පිරිස සූදානම් වෙලා. තම තමන් කැමැති චිත්‍රපටය, හොඳම නළුවා, නිළිය, ප්‍රේම ගීතය වගේ දේවල් තෝරන්න තමයි එහි තිබුණේ. මේක කලින් සූදානම් කරගෙන තිබූ අවස්ථාවක් නොවුනත් එදා එතැන සිටි 54 දෙනෙකුගෙන් 46 දෙනෙකුගේම හිත ගත් ප්‍රේම ගීතය බවට පත්වුණේ ජනප්‍රිය සිංහල ගීතයක්.“සීත අරණේ සුපුල් නාමල්සුවඳ ගැල්වූ ජීවිතේ..සීත හිමගිර සීත නොදැනේදැනේ උණුසුම ආදරේ...”විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂණය කළ රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලිනි ෆොන්සේකා ප්‍රධාන චරිත රඟපෑ ‘ආරාධනා’ චිත්‍රපටයේ මේ ගීතය තමයි එදා වැඩිම කැමැත්ත බවට පත් වූණේ. පෙර දැනුම්දීමකින් තොරව වුනත් මේ හැමදෙනාගේම කැමැත්ත එකම දෙයක් බවට පත්වීම හරිම පුදුමයක් තමයි.ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සත් මේ සාදයට එදා සහභාගි වෙලා තිබුණා. ඔහු මේ විශේෂ සිදුවීමේ මතකය බෙදා හදා ගත්තේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනිය සමඟින්. ඒ පසුගියදා පැවැති වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ උපන්දින සාදයේදීයි.
CREATIVE
ඔහු ඩංකා. ඩංකා කියන්නෙ විසේකාරයෙක්. මං ඔහු ගැන අහලා තිබ්බේ එහෙමයි.ෂා..... ඩංකා නම් සුපිරියි.දිනේෂ් පි‍්‍රයසාද් ගේ ‘ඩබල් ට්‍රබල්’ චිත්‍රපටය නරඹපු අය ඩංකා ගේ වැඩ කිඩ පිළිබඳ කිව්වේ අන්න එහෙම. ඇත්තටම ඩංකා නියම වැඩකාරයෙක් වෙන්න ඇති. තව පොඩ්ඩකින් ඩංකා මෙතනට එනවනේ. එතකොට සැබැවින්ම ඔහු ගේ හැකියාවන් බලාගන්න පුළුවන් වේවි.ඩංකා එන්නට කලින් මං, මගේ මේසෙ උඩ තියෙන කැඩෙන බිඳෙන දේවල් අයින් කළා. ඔහු ඇවිත් කරණමක් දෙකක් ගැහැව්වොත් සේරම කුඩේ කුඩු. එහෙම හිතලයි මං මේසෙ අස් කෙරුවේ.ඒත් එක්කම ඩංකා එනවා මට පෙනුණා. හරිම සන්සුන්ව ඇවිත් මගේ ළඟ ඒ නිහැඬිව බිඳලා ඔහු පුටුවක වාඩිවුණේ එය කරකවන ගමන් උඩින් පැනලා.හා...හා... වැටෙයි.මට ඉබේටම කියවුණා.පිස්සුද අයියේ, මේ වැඩ මට සිම්පල්.ඩංකා එහෙම කිව්වම මටත් ටිකක් ලැජ්ජ හිතුණා.* ඔයාගේ නම මොකක්ද?ඩංකා.* ඒ නම නෙවෙයි. ඇත්ත නම?ආ...ඒකද. ශිවංක වෙඩික්කාර. මම වගේම මගේ නමත් සැරයි.එහෙම කියූ ඩංකා එකවරම තනි අතින් හිටගත්තා. දැන් මුළු දෙපාර්තමේන්තුවෙම අය ඔහු දිහා බලාගෙන.හා....හා..දරුවෝ. දැන් ඇවිත් වාඩිවෙන්නකෝ.මගේ විධානයෙන් ඩංකා ආයෙමත් පුටුවේ.මං ඉස්කෝලේ රෙස්ලිං කරනවා. ඒ නිසා අත්දෙකෙන් ඇවිදින ඒවා, බල්ටි ගහන ඒවා මට සිම්පල්.* මොකක්ද ඩංකාගේ ඉස්කෝලෙ?මොරටුව වේල්ස් කුමාර විදුහල. චුට්ටියට හිටියට මම දහය වසරේ.* එතකොට ගම?මොරටුව රාවතාවත්ත. මුළු ගමේම අය දැන් මාව දන්නවා.පොඩ්ඩක් ඉන්නකෝ අයියේ, මං ඔයාට නියම වැඩක් පෙන්නන්න.ඩංකා දැන් අත්දෙකෙන් හිටගෙන එහෙ මෙහෙ ඇවිදිනවා. ඒ වනවිට ‘සරසවිය’ දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙක් ඩංකා වටා රොක්වෙලා.* දැන් ඇති. මට කියන්නකෝ කොහොමද ‘ඩබල් ට්‍රබල්’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ කියලා?මගේ ගුරුවරයා තමයි තිස්ස ගුණවර්ධන සර්. එයා තමයි මාව ඩබල් ට්‍රබල් අධ්‍යක්‍ෂණය කළ දිනේෂ් සර්ගෙත් සර්. තිස්ස සර්ගෙන් දිනේෂ් සර් අහලා තිබුණා බල්ටි ගහලා දඟලන කරන ළමයකු ඉනනවද කියලා. තිස්ස සර්ගේ මතකයට ඇවිත් තියෙන්නේ මාව . සර් මාව හොයාගෙන ආවා.* ඊට පස්සේ?චරිතෙ ගැන කියලා ඒක රඟපාන්න කැමතිද කියලා ඇහැව්වා. මං හා කිව්වා. අයියා ඉස්සරහා ඉස්සෙල්ලා කළා වගේ අත් දෙකෙන් ඇවිදලා බල්ටි ගහල, තාප්ප උඩ දුවලා වැඩ ටිකක් පෙන්නුවා.දිනේෂ් සර්, මගේ හැකියාවන් දැකලා සතුටු වුණා.* ඔබ චිත්‍රපටයේ රඟපාන චරිතයත් ඩංකා?මගේ ඇත්ත සුරතල් නාමය තමයි ඩංකා. දිනේෂ් සර් ඒ නමම චිත්‍රපටයට යොදා ගත්තා.* චිත්‍රපටයේ ඩංකා කියන්නේ හරිම දඟ ළමයෙක්?මාත් එහෙම තමයි. හැබැයි චිත්‍රපටයේ ඩංකා තරම් වැඩිහිටියන්ට හිරිහැර කරන්නේ නැහැ.* චිත්‍රපටය කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකිම් මොනවද?අපෝ මං කරන සමහර වැඩවලට දිනේෂ් සර් බය වුණා. එයා අධ්‍යක්‍ෂණය පැත්තකට දාලා මගේ ළඟට දුවගෙන ආවා. මම නට නටා තාප්පයක යන සීන් එකක් තිබුණා. මං කිව්වා මම නට නටා එහෙම ගිහිල්ලා ළඟ තියෙන පොල් ගහකට පැනලා ඒ රිදම් එහකටම මම ගහේ නගින්නම් කියලා. දිනේෂ් සර් එපා කියද්දි මං ගහේ නැග්ගා. එවෙලේ තමයි ඔහු ගොඩක් බය වුණේ.* කොහොමද පාසලෙන් ලැබෙන ප්‍රතිචාර?දැන් මගේ පෙට් නේම් එක පාසලම දන්නවා. සමහර ළමයි පාසල ඇරිලා යද්දී හයියෙන් කෑගහනවා.* අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා නේද?ඔව්, ඔව්. සිංහල විෂයට තමයි වැඩිපුර ආස. ගණන්වලට නම් හරිම අකැමැතියි.* ඩබල් ට්‍රබල් චිත්‍රපටයෙන් පසුව තවත් නිර්මාණ සඳහා ආරාධනා ලැබුණාද?ප්‍රදීප් මහේෂ් සර්ගේ හීරෝ නීරෝ චිත්‍රපටයේ හාමුදුරු නමකගේ චරිතයක් කළා.* කෝ පවුලේ විස්තර කිව්වේ නැහැනේ?මගේ පවුලෙ මමයි, අම්මයි, තාත්තයි, අයියයි ඉන්නේ. තාත්තා මල්සිරි ද සිල්වා. අම්මා ශි‍්‍රයාණි. අයියා ධනුක.අයියේ මට නම් ටිකක් තියෙනවා කියන්න ඕනේ.* කියන්න?තිස්ස සර්, දිනේෂ් සර්, ඩබල් ට්‍රබල් චිත්‍රපටයේ නිෂ්පාදක රාජ් රණසිංහ මහත්මයා ඇතුළු සරත් සිල්වා, අප අතරින් වෙන්වූ ඩබල් ට්‍රබල් චිත්‍රපටයේ තිරකතා රචක ක්ලයිව් මාටෙනස්, අශෝක්, විල්සන් ගුණරත්න, දුලීකා මාරපන, එරංග ජීවන්ත, ඩිෂිනි, ශේෂාද්‍රි, ඩිනක්‍ෂි, දිල්රුක් යන හැමෝම මතක්කරන්න ඕනේ.ඩංකාත් එක්ක කරපු කතාව නම් ඉවරයි. ඒවෙනකොට කාර්යාලයේ බොහෝ දෙනකු ඔහුගේ වටේ රවුමට එකතුවෙලා. ඩංකාත් පුළුපුළුවන් විදියට වැඩපෙන්වනවා.* අතර තුරදී අපේ ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්න ඩංකාගේ රුව සිය කැමරා කාචයේ සටහන් කරගත්තේ මෙන්න මෙහෙම.මං ආයෙමත් කැඩෙන බිඳෙන බඩුටික මේසෙ උඩින් තිබ්බා.සටහන – ප්‍රසාද් සමරතුංගඡයාරූප – මාලන් කරුණාරත්න  
CREATIVE
චරිතයේ බර වැඩිකර ගැනීමට සිරුරේ බර අඩු කරගන්නා තරුවලින් බොලිවුඩයට අඩුවක් නැත. තම්මන්නා භාතියා, හම්ෂේකල්ස් විකට සිනමාපටය සඳහා කිලෝග්‍රෑම් පහකින් බර අඩු කරගෙන තිබේ. ඒ තනිවම නොවෙයි. විශේෂඥ පෝෂණවේදියකුගේ උපදෙස් ලබාගෙනය.මේ අතර නළු ආර්. මාධවන් ‘ලාල්’ සිනමාපටයේ බොක්සිංකරුවකු සේ රඟපෑමට කිලෝ පහළොවකින් බර අඩු කරගෙන තිබේ. උපන් දිනය යෙදී තිබුණු ජූනි 1 වැනිදා මිතුරන් සමඟ ඉතා සරල ආහාරයකින් සප්පායම් වීමට ඔහුට සිදු වී ඇත.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ප්‍රියන්ත කොළඹගේ කරන ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරලා. ඒ අතර ශාන්ත සොයිසාගේ ‘වරාමලී’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් සිදු කෙරෙනවා.මේ සියලු කටයුතු සමඟ ලැබෙන කාලය කළමනාකරණය කර ගනිමින් මා ‘සෙංකඩගල රාජසිංහ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතුවලට සහයෝගය ලබා දෙනවා. රාජසිංහගේ චරිතයටත් සූදානම් වෙනවා.
CREATIVE
අපේ සුබපැතුම්ගායනවේදිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් පිලිපීනයේ ජාත්‍යන්තර කමිටුව මගින් වසරක් පාසා පිරිනමන ගුසි සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි. මේ සඳහා ඇය ඉදිරිපත් කොට තිබුණේ මාතොටින් එන උතුරු සුළෙඟ් (සරෝජා) නම් වූ ගීතයයි. එය මහින්ද චන්ද්‍රසේකරගේ පද රචනයක් වන අතර සංගීත නිර්මාණය රෝහණ වීරසිංහගෙනි.
CREATIVE
සරසවිය පවුලට නෑකම් කියන අපේ හිතවතෙක් වන ප්‍රවීණ ඡායාරූප ශිල්පී පද්මකුමාර මෙත්තසේන ඡායාරූප කලාවේ ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ඡායාරූප ශිල්පියෙක් ලෙස ප්‍රකටයි.මේ වන විට ඔහු ඡායාරූප ප්‍රදර්ශන හතරක් සාර්ථකව නිම කිරීමට සමත් වුණා.පස්වැනි වරට මෙවර පවත්වන ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශනයට පාදක වී ඇත්තේ උතුරු තායිලන්තයේ ජන ජීවිතය හා බැඳුණ ඡායාරූප දැක්මක්. එය මේ මස 19 – 25 දින දක්වා කොළඹ කලා භවනේදී පෙ. ව. 8.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.‘චිඇන්ග් මායි’ ලෙස හඳුන්වා ඇති මෙම ප්‍රදර්ශනය ගැන පද්මකුමාර පවසන්නේ මෙවැනි අදහසකි. ‘මම උතුරු තායිලන්තයේ සංචාරයකින් පසුව ඉදිරිපත් කරන මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප කිසිදු සංස්කරණයකට ලක් නොකරයි ඉදිරිපත් කරන්නේ. තායිලන්තයේ ස්වභාව සෞන්දර්යය, ජන ජීවිතය, විලාසිතා ආදී විවිධ ක්ෂේත්‍ර මෙම ඡායාරූප ප්‍රදර්ශනයට ඇතුළත් වෙනවා.මෙම ප්‍රදර්ශනයට ඡායාරූප ගැනීම සඳහා තායිලන්තයේ සංචාරයට මා හා එකතු වුණේ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතාගේ පුත් දුමින්ද කලංසූරිය හා හිතවත් ප්‍රසංග සිල්වා. මේ ප්‍රදර්ශනය පවත්වන්නේ සම්පූර්ණයෙන් නොමිලේ.F-Stop 2012 – Chiang Mai ඡායාරූප ප්‍රදර්ශනය පවත්වන මෙත්තසේන වර්තමානයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙස ද කටයුතු කරයි.  - සංජීව සම්පත් බාලසූරියචිත්‍රපට නිෂ්පාදක, රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී කලා භූෂණ නීල් බී. පෙරේරා වයඹ කලා පුත්‍ර සම්මානයෙන් පිදුම් ලබයි. රංගනයෙන්, නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන්, අංග රචනයෙන්, කැමරාකරණයෙන්, කලා අධ්‍යක්ෂණයෙන් දෙබස් සහ ගීත රචනයෙන් ඔහු කළ මෙහෙය අගයා මෙම සම්මානය ලබාදෙන ලදී. මෙරට ප්‍රථම සහ එකම සඳැස් නළුව වූ නැකත වේදිකා නාට්‍යයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයා වූ හෙතෙම සාජන්ට් නල්ලතම්බි චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වේ. හෙළ සිනමාව හැඩගැන් වූ ළමා නිළි කුසලා බී. පෙරේරා ඔහුගේ දියණියයි.නීල්, වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුල විජේසිංහ මහතා අතින් සම්මානය ලබාගත් මොහොතයි මේ.කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කාලීන අදහසක් අනුව උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය සහ මූලිකතත්වය යටතේ ජාතික කතෝලික ජනසන්නිවේදන සහ සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝශප් පියතුමාගේ පූර්ණ සංවිධානයෙන් යුතු කිතුනු කලාකරුවන්ගේ වාර්ෂික නත්තල් සුහද හමුව තුන්වන වරටත් පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ කොළඹ අගරදගුරු නිල නිවාස පරිශ්‍රයේදී පැවැත්විණ.මෙහිදී වයෝවෘධ සහ අසරණභාවයට පත් වූ කලාකරුවන් පස් දෙනෙකුට අගරදගුරුතුමන් සුරතින් මූල්‍යමය ආධාර ලබාදෙන ලදී. බොනිපස් ප්‍රනාන්දු, ඇන්ටන් ග්‍රෙගරි, ඇන්ටන් මිහිඳුකුල, සමන්ති ලැනරෝල් සහ ඇන්ටන් සිල්වා එයට හිමිකම් කියූ කලාකරුවන් වේ.සේයාරූ - අමිත් එස්. සේනාරත්න
CREATIVE
ජාතික චිත්‍රපට සංස්ථා සභාපති පවසයිජාතික චිත්‍රපට සංස්ථාව මගින් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වාර්ෂිකව නිකුත්කරන නිදහස් මාධ්‍ය සිනමා ප්‍රවේශ පත්‍රය පසුගිය මාස කිහිපයක සිට ඇතැම් සිනමා ශාලාවන් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ.මෙම අකටයුත්ත සිදු වනුයේ රජය අපසුතාවයට පත් කරමින් චිත්‍රපට සංස්ථාව ද අපකීර්තියට පත් කෙරෙමින් බව සඳහන් කරන ඒ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රදර්ශක මණ්ඩල හෝ සිනමා ශාලා අත්තනෝමතිකව එවැනි තීරණයක් ගනු ලැබුවේ නම් ඒ බැව් සංස්ථාව දැනුවත් කිරීමේ සදාචාරාත්මක යුතුකමක් තිබූ බව ද පවසා සිටියි.එබැවින් 2012 වසර සඳහා නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රවලට අනුකුලතාවය දක්වන ලෙසත් 2013 වසරේදී මේ සම්බන්ධ සියලු පාර්ශව එක් වී පොදු ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගැනීම කළ හැකි බවත් දැනුම් දෙයි.මෙබඳු ක්‍රියා නිසා ජාතික මෙහෙවරක යෙදෙන මාධ්‍යවේදීන් බලවත් අපහසුතාවයට පත්වන බැවින් ඒ සම්බන්ධව සියලුම අංශ නිසිි පරිදි දැනුවත් කිරීමට පියවරක් ගන්නා ලෙස නිතිඥ අශෝක සේරසිංහ මහතා ලිපියක් මගින් චිත්‍රපට ප්‍රදර්ශකයන් වෙත දන්වා යවා ඇත.ඕ. සී. අයි. සී. උළෙල පිළිබඳ අදහස් දැක් වූ ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝසප් පියතුමාදේශීය නිර්මාණකරුවන් අගයමින් තිස් පස් වසරක් අඛණ්ඩව පැවැත් වූ ඕ. සී. අයි. සී. සිග්නීස් උත්තමාචාර උළෙලෙහි තිස් පස් වැනි අදියර අනිද්දා (01 වැනිදා) සවස 6.00 ටබණ්ඩාරනායක අනුස්මරණ රංග පීඨයේදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කොට තිබේ.මෙවර එහි ප්‍රධාන ආරාධිතයාණන් ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සහභාගිවේ. සම්මානයන් පණස් දෙකකින් උළෙල සමන්විත වන අතර මෙමගින් සම්මාන ලබාදීම ඇරැඹූ ඒකාංගික ටෙලි නාට්‍ය, කෙටි චිත්‍රපට, ශ්‍රව්‍ය දෘශ්‍ය වියමන, රූපවාහිනී වෙළෙඳ දැන්වීම්, පූර්ව ප්‍රචාරක පට, විත්ති කතා, ශ්‍රව්‍ය දෘෂ්‍ය වියමන, සජීවිකරණ නිර්මාණ, නිෂ්පාදන කළමනාකරු සහ සහාය අධ්‍යක්ෂ යන අංශ සඳහා මෙවර ද සම්මාන පිරිනැමේ.ඊට අමතරව සෙසු සම්මානයන් හැරුණු කොට ඕ. සී.අයි. සී අන්තර් ජාතික ප්‍රණාමය, ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය සහ සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය සුපුරුදු පරිදි ලබා දෙනු ඇත.ප්‍රථම වරට ඕ. සි. අයි. සී සිග්නීස් උත්තමාචාර උළෙලක් ඇරැඹෙන්නේ 1972 දෙසැම්බර් 21 වැනිදාය. එදින කොළඹ අගරදගුරු මැදුරේ පැවැති ඒ සඳහා සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූ අතර නමුදු එහිදී සම්මාන ප්‍රදානයක් සිදු වූයේ නැත.විඳීමත් අයුරින් උළෙල ඇරැඹෙන්නේ 1973 වසරේදීය. එතැන් පටන් මේ දක්වා සාර්ථකව සංවිධානය වන මෙම උළෙල මෙරට මෙන්ම සෙසු රටවලත් අවධානය සහ පිළිගැනීමට ලක් වූ එකක් යැයි පැවසිය හැකිය.  
CREATIVE
මේ සුපිරි තරු සමඟ අර සුපිරි තරු සසඳමුතරුවක් බැස යනවා ද නැඟ එනවා ද කියා තීරණය කරන්නේ අතට මිටට ලැබෙන කාසි පනම්ය. ෆෝබ්ස් සඟරාව මඟින් වාර්ෂිකව ඒ තක්සේරුව කරයි. මේ වසරේ ද ධනවත්ම තරු හා තාරකාවන්ගේ නම් දැන් ප්‍රසිද්ධියට පත්කර අවසානය. ඒ අනුව ලෝකයටම ලොක්කිය වී සිටින්නී, පනස් පස් හැවිරිදි වියේ පසුවන සුපිරි පොප් තාරකාව, මැඩෝනාය.විශ්‍රාම යන වයසේ පසු වුවත් ‘මිලියන් ඩොලර් බේබි’ වන්නේ ඇයයි. ඇය ඉපයූ ආදායම ඩොලර් මිලියන 125 කි.ඇයගේ ‘මැටීරියල් ගර්ල්ස්’ අලුත්ම ඇල්බමය රසිකයන් වැලඳ ගත්තේ බෝම්බයක් පුපුරණවාටත් වැඩි වේගයෙනි. මැඩෝනා කළ සංචාර ද අති සාර්ථක විය.දෙවැනි තැන ගෙන ඇත්තේ මහා සිනමාවේදියකු වන ස්ටීවන් ස්පිල්බර්ග්ය. ඔහුගේ ආදායම ඩොලර් මිලියන සියයකි. සෑම වසරකම ඔහුගේ නිර්මාණවලට ජාත්‍යන්තර වෙලෙඳ පොළේ ඇත්තේ හොඳ ඉල්ලුමකි. ෂින්ඩ්ලර්ස් ලිස්ට්, සේවිං ප්‍රයිවට් රයන්, ජෝස්, ජුරාසික් පාක් වැනි ඔහුගේ සිනමා නිර්මාණ මිලියන ගණනක ආදායමක් උපයා දෙයි.පුංචි තිරයෙන් ජන හද දිනූ සිමන් කොවෙල් ආදායම්ලාභීන් අතරින් තෙවැනියාය. ඔහුගේ ‘දි එක්ස් ෆැක්ටර්’ සහ ‘ගොට් ටැලන්ට්’ වැඩසටහන් කොවෙල් ඩොලර් මිලියන 95 ක පොහොසතකු කර තිබේ.පනස් හැවිරිදි ඊ. එල්. ජේම්ස් හෙවත් එරිකා ලියොනාඩ් ජේම්ස් ලබා ඇති ආදායම ඩොලර් මිලියන 95 කි. ඇයගේ ‘ෆිෆ්ට් ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ කෘතිය ලොව පුරා අලෙවි වන්නේ ඉහළම ආදායමක් ලබා දෙමිනි. අමෙරිකාවේ පොතේ පිටපත් මිලියන 35 කට වඩා ද, ලෝකයේ පිටපත් මිලියන 70 කට වඩා ද අලෙවි වී තිබේ.හොවාඩ් ස්ටර්න් ද ඇයගේ ආදායමට සමාන ආදායමක් ලබයි. ඔහු ද අමෙරිකානු ගුවන් විදුලියේ සහ පුංචි තිරයේ නිවේදකයෙකි. නළුවෙකි. රචකයෙකි. ඡායාරූප ශිල්පියෙකි. ඔහුටම කියා ජාලයක් ඇත.එහි ආදායම මෙන්ම ‘අමෙරිකාස් හොට් ටැලන්ට්’ විනිශ්චය කිරීමෙන් වාර්ෂිකව ලැබෙන මිලියන 15 ක ආදායම ද ඔහු පෝසතකු කර තිබේ. ලේඛක ජේම්ස් පැටර්සන් ඩොලර් මිලියන 91 ක ආදායමක් ලබා හයවැනියා වී සිටියි. සියලුම ලේඛකයන් අතරින් සර්වකාලීන වැඩිම ආදායමක් ලැබූ ලේඛකයා ඔහු බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි.සැමවිටම වියපත් මැඩෝනාට අභියෝගයක් වූ ලේඩි ගගා මෙවර ලබා ඇති ආදායම ඩොලර් මිලියන 80 කි. උකුළට වූ අනතුරින් ඇයගේ ආදායමට යම් බලපෑමක් වුවත් ධනවත් තරු අතර දහවැනියා වීමට ඇය සමත් වී ඇත. ඇයගේ ‘බෝන් දිස් වේ බෝල්’ ලෝක චාරිකාව අතිශයින් ජනප්‍රිය විය.බ්‍රිතාන්‍ය නිළි, මෝස්තර නිරූපණ ශිල්පිනී එළිසබෙත් හර්ලේ ෂේන් වෝන් සමඟ බැඳී හාදකම ලොවටම රස කතාවක් විය.ඔවුන් ආදරය කළේ ප්‍රසිද්ධියේමය. ඊට තැනක් නොතැනක් ද නොවීය. එහෙත් දැන් ඒ ප්‍රේමයට ද වැඩි ආයුෂක් නැති පාටය. සමාජ වෙබ් අඩවිවලට ඔවුන් සපයන තොරතුරු එසේ සිතීමට හොඳටම ප්‍රමාණවත්ය.ෂේන් වෝන්ගේ සහකාරියන් ලැයිස්තුව සේම එළිසබෙත්ගේ සහකරුවන්ගේ ලැයිස්තුව ද ඉතා දිගය. නළු හියු ග්‍රාන්ට්, ස්ටීව් බින්ග්, අරූන් නායර් ඇයගේ පෙම්වතුන්ගේ සහ සැමියන්ගේ ලැයිස්තුවේ සිටිති.හතළිස් හැවිරිදි ග්වේන් පැල්ට්‍රෝ ‘ශේක්ස්පියර් ඉන් ලව්’ (1998) සිනමාපටයේ රංගනයට ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ්, ස්ක්‍රින් ඇක්ටර්ස් ගිල්ඩ් ආදී සම්මාන රැසකින්ම පිදුම් ලැබූ තාරකාවකි.මෑතකදී ඇය වඩාත් අවධානයට ලක් වූයේ ‘අයන් මෑන් 3’ සිනමාපටයෙනි. මේ ඇය ගත කරන්නේ ජීවිතයේ තෘප්තිමත්ම කාලයකි.තමන්ගේ සිරුර ආදී සියලු දෙයක් ගැනම ඇය තෘප්තිමත්ය. එහෙත් යමක් වෙනස් කළ හැකි නම් ඇය එක් දෙයක් වෙනස්කර ගන්නීය. ඒ ග්වේන් ගේ පියයුරේ ප්‍රමාණයයි.ඇය කැමැති 34 බී ප්‍රමාණයේ බ්‍රෙසියරයක් පැලඳීමට තරම් අවශ්‍ය සුවිශාල පියයුරු යුග්මයකටයි.ක්‍රිස් මාටින් සමඟ විවාහ වී සිටින ඇය හතළිස් හැවිරිදි වියේ සිටියත් තෙවැනි දරුවකු ගැන සිහින මවන්නීය. දැනට ඇය දෙදරු මවකි. තෙවැනි දරුවකු පිළිසිඳුණත් අවාසනාවන්ත ලෙස ඒ දරුවා ගබ්සා වීම නිසා මේ වසරේ මුල දී ඇය සිටියේ දැඩි සිත් වේදනාවෙනි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
දාමිනී වැන්නියන් තිරයේ වීරවරියන් වෙද්දී ඒ වීර චරිතවලට පණදෙන තාරකාවන්ට තිරයෙන් පිටුපසදී බැට වදින අවස්ථා ඕනෑ තරම්ය. ප්‍රසිද්ධියේ කතා නොවුණත් ගෘහස්ථ හිංසනය තාරකාවන්ට ද උරුම කරුමයකි.රුවෙන් ලොවක් දිනූ, රංගනයෙන් රසික හද දිනූ අයිශ්වර්යා රායි ද මේ ගොදුරේ කොටස්කාරියකි. ඇය සල්මන් ඛාන්ගේ පෙම්වතියව සිටියදී අයිශ්වර්යාගේ මවුපියන්ට පොලිස් ස්ථානය නිවෙස මෙන් සුපුරුදු තැනක් විය.ඈෂ් - සල්මන් පෙම බිඳ වැටුණු පසු ඇය සල්මන්ගේ වැඩි සෙනෙහස දබරයටම හේතුª වූ බව හෙළි කළාය. සල්මන් ඛාන් මතින් මත් වී සිටින විට ඈෂ්ට පහර පිට පහර දී තිබේ.‘වාසනාවකට බාහිර ලෝකයට පේන්න තුවාල සිදු වුණේ නැහැ. ඒ නිසා කිසිවක් නොවුණ ලෙස දර්ශන තලයට යාමට හැකි වුණා.’ 2002 දී ඈෂ් පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේම කියා සිටියාය.‘චල්තේ චල්තේ’ රූගත කිරීමේදී දර්ශන තලයට පැමිණි සල්මන් ඇය තල්ලුකර දර්ශන තලය ද සුනු විසුනු කළේය. එහෙත් අද ඈෂ්, කාන්තාවන්ට ගෞරව කරන බච්චන් පවුලේ සාමාජිකාවකි.විසි එක් වැනි සියවසේදී ඈෂ් පෙම්වතාගෙන් බැට කද්දී හැත්තෑව අසූව දශකයන්හි තිරයේ සරාගී තාරකාවක වූ සීනත් ආමන්ට ද ගැලවීමක් නොවීය.නළු සංජේ ඛාන් සමඟ ප්‍රේමයක් ගොඩනගා ගත් ඇය ඔහුගේ බිරිය වූයේ කබලෙන් ළිිපට වැටෙමිනි.සංජේ ඇයට පහර පිට පහර දුන්නේය. වරක් ඇස්වලට දුන් පහරකින් බරපතළ ලෙස තුවාල විය. මුහුණ ඉදිමී, ඇස් කළු වන්නට තරම් පහරදීම් දැඩි විය. ඇස්වල ලේ කැටි තිබුණු බවත්, ඇයගේ දෙතොල් කපා දමා තිබුණු බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.සුව වූ පසු ඒ ආදරයට ආයුබෝවන් කියූ සීනත් ඊළඟට විවාහ වූයේ මෂාර් ඛාන් සමඟය. එහෙත් එය ද ඉ¼ගුරු දී මිරිස් ගැනීමක් හා සමාන විය. ඇය මෂාර්ගෙන් ද පහර පිට පහර කෑවේය.මෑත යුගයේ තාරකාවන්ට ද ගෘහස්ථ හිංසනයෙන් ගැලවීමක් නැත. එක්තා කපූර්ගේ ‘කුසුම්’ සිනමාපටයෙන් දොරට වැඩි රූචා ගුජ්රාති සැමියාගෙන් පමණක් නොව සැමියාගේ නෑයන්ගෙන් ද බැට කෑවාය. රූචා විවාහ වී සිටියේ ව්‍යාපාරිකයකු වූ මිථූල් සංගවී සමඟයි.සංජේ දත් සිර ගෙදරට යාම තරුවලට තරු පිට කරන පුවතක් විය. එහෙත් එක් තරුවක් නීතිය තරමටම සංජේට එරෙහි වී තිබේ. ඔහු සම්මානනීය නළු නානා පතේකාර්ය. තෙවරක්ම ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ නානා තමන් මින් පසු සංජේ සමඟ රඟපාන්නේවත්, ඔහු රැ¼ගූ සිනමාපට බලන්නේවත් නැති බව පවසයි.‘මගේ පැත්තෙන් ඔහුට දෙන දඬුවම එයයි.’ හැට දෙහැවිරිදි නානා මරාති මාධ්‍යයට කියා තිබේ. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි නාන නොකියා කියන්නේ එයයි.ඉන්දීය සිනමාවේ සියවසක් අබියසදී ජීවිතයේ සියවස සැමරීමට වසර හයක් පමණක් තිබියදී ෂම්ෂාඩ් බෙගම් ගීත කෝකිලාව සදහටම සිය හඬ නිහඬ කළාය.හතළිහ, පනහ දශකයේදී බොලිවුඩයේ ගීත කෝකිලාවක ලෙසින් ඇය ඉහළම ජනප්‍රසාදයකට ලක්ව සිටියාය.ලතා මංගේෂ්කාර්ට පෙර ගී ලොවට පිවිසි ඇය හා ලතා අතර සීතල යුද්ධයක් පවතින බවට කටකතා පැතිර ගියත් දෙදෙනා එක්ව ගීත රැසක් ගයා තිබේ. ‘මදර් ඉන්ඩියා’ සිනමාපටයට ඔවුන් ගැයූ ‘හෝලි ආගේ රේ’ ගීයත්, ‘බයිජු බවුරා’ සිනමාපටයට ගැයූ ’දූර් කොයි ගයේ’ වැනි ගීත අදටත් ජනප්‍රියය. නෞෂාද්, ඕ. පී. නයාර් වැනි සංගීතඥයන්ගේ ප්‍රියතම ගායිකාව වූයේ ඇයයි.අන්මෝල් ගාඩි, පතන්ගා, බාබුල්, දීදාර්, බහාර්, ආවාරා, සීඅයිඩී, ආර් ප්‍යාර් වැනි සිනමාපට ගණනාවකම ගීත ඇයගේ හඬින් මිහිරි විය.ෂම්ෂාඩ් බෙගම් තමන් ඡයාරූපගත කරනවාට දැඩිසේ අකැමැති කලා ශිල්පිනියක වූවාය. 1955 සිට වැන්දඹුවක වූ ඇය එක් දියණියකගේ මවකි.මේ රන්බීර්ගේ පැරැණි පෙම තිරයෙන් අලුත් වෙන කාලයයි. මැයි 31 වැනිදා දීපිකා - රන්බීර් දෙදෙනා රැඟූ ‘යේ ජවානී හෛයි දීවානි’ තිරගත වීමට නියමිතයි. සිනමාපටයෙන් අලුත් වූයේ දෙදෙනාගේ මිත්‍රත්වය පමණක් කියා රන්බීර්, දීපිකා යුවළ පැවසුව ද ඉන් කත්‍රිනාට සිත සනසාගත නොහැකි පාටය.එනිසාදෝ කත්‍රිනා ළඟදී රන්බීර්ට විශේෂ රාත්‍රී ආහාර වේලක් ලබා දුන්නාය. ආරංචිවලට අනුව කත්‍රිනා සිය නිවෙසේ පැවැති සාදයට ඔහු කැමැති සියලුම කෑම වර්ග ගෙන්වා ගෙන තිබේ. ඔහු කැමැති කුමකට ද කියා කත්‍රිනාට තවමත් තෝරා ගැනීමට අපහසු පාටය.අන්තර් ජාලයෙනිචම්පිකා දීපානි රණසිංහ
CREATIVE
කලාකරුවන් වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව නිකුත් කරන හැඳුනුම්පත ඇත්තටම කලාකරුවන්ගේ වෘත්තීය තහවුරු කරන්නට තිබෙන හොඳ සාක්ෂියක්. ඒ මඟින් ඔවුනගේ අනන්‍යතාවය ඕනෑම අයකුට ගැටලුවක් නැතිව නිරාකරණය කර ගන්නත් පුළුවන්. යම් කලාකරුවෙක් විදෙස් ගතවන විටත් මේ හැඳුනුම්පත ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.එසේ පවසන්නේ ප්‍රවීණ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයකු වන ඩොනල්ඩ් ජයන්තයි. දැනට වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සහාය අධ්‍යක්ෂණය කර තිබෙන ඩොනල්ඩ් ඉහත කාරණය අපට සිහිපත් කළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට සිය කෘතඥතාවය ද පුද කරමිනි. එහෙත් ඔහු තවත් කරුණක් පිළිබඳ අප හා කතාබස් කළේ නොරිස්සුම් ස්වභාවයකිනි.සංස්කෘතික දෙපාර්තමේන්තුවට තිබෙන වුවමනාව ඇත්තටම ජාතික චිත්‍රපට සංස්ථාවට නෑ. දැන් වසර කිහිපයක පටන් ඔවුන් කලාකරුවන් වෙනුවෙන් නිකුත් කරන විශේෂ හැඳුනුම්පත ලබා දෙන්නේ නෑ.ඒක ඇත්තටම එක පැත්තකින් සිනමා ශිල්පීන්ට කරන අසාධාරණයක්. තව පැත්තකින් ඔවුන්ට කරන මදි පුංචිකමක්. ඒ නිසා නැවත එම හැඳුනුම්පත සිනමා ශිල්පීන්ට ලබා දී ඔවුනට ගෞරවණීය තත්ත්වයක් උදා කර දෙන ලෙස චිත්‍රපට සංස්ථා සභාපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එය සමස්ත සිනමා ශිල්පින් වෙනුවෙන්ම කරන සාධාරණ ඉල්ලීමක්.
CREATIVE
හොඳම නිළිය ලෙසින් ඔස්කාර් සම්මානයක් ලැබීම පවුල් අවුල් කරන කරුණක් බව රහසක් නොවෙයි. සැන්ඩ්‍රා බුලොක්ට සැමියා ජෙසී ජේම්ස්ගෙන් දික්කසාද වීමට සිදු වුණේ ‘ද බ්ලයින්ඩ් සයිඩ්’ සඳහා හොඳම නිළිය වූ පසුවයි. ඔහුගේ චපල ආදරය මේ වෙන්වීමට මුල පිරීය.2005 දී ජෙසී සමඟ විවාහ වූ ඇය 2010 දී ඔහුගෙන් දික්කසාද වූවාය. දික්කසාද වීමට පෙර සැන්ඩ්‍රා අප්‍රිකානු දරුවකු හදා වඩා ගැනීමට ගත්තාය. දැන් ඇය ලුවිස් බාඩෝ බුලොක් නම් ඒ දරුවාගේ එකම මවයි. එකම පියයි.තවමත් සැන්ඩ්‍රාට ජෙසීගේ චපලකමේ වේදනාවෙන් අත් මිදෙන්නට නොහැකිය. හතළිස් නව හැවිරිදි ඇය හුදෙකලාකමට ඉඩ දී බලා සිටින්නේ එනිසායි. ළඟදී ඇය මාධ්‍යයට කියා සිටියේ තමන් අදටත් හදවතින් පීඩා විඳීන බවයි.ග්‍රැවිටි සහ මිනියන්ස් සැන්ඩ්‍රාගේ රංගනයන් ඇතුළත් ඉදිරියේදී තිරගතවීමට නියමිත සිනමාපටය.විරහ වේදනාව ඕනෑම කෙනකුගේ කවි සිත අවිදි කරයි. රොබට් පැටින්සන්ටත් එය පොදුය. ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ චපල ආදරයෙන් පීඩාවට පත් වී සිටින ඔහු රංගනයටත් වඩා අවධානය යොමු කරන්නේ සංගීතයටයි. මේ දිනවල ඔහු මිතුරන් සමඟ විනෝද වෙමින් අතීතය අමතක කිරීමට උත්සාහ ගන්නේය.ඔහු කොහොමටත් හොඳ ගිටාර් සහ පියානෝ වාදකයෙකි. තනු නිර්මාණය කරන්නෙකි. ද රෝවර් සහ මැප්ස් ටු ද ස්ටාර්ස් ඔහු රැඟූ ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමාපට දෙකයි.සැබෑවටම ජීවත් වූ චරිත තිරයේ ජීවත් කිරීම අලුත්ම කලාවකි. අලුතින්ම තිරයේ පණ ලබන චරිතය වුඩ්රෝ විල්සන් 28 වැනි අමෙරිකානු ජනපතිවරයාගේ චරිතයයි. ලෙනාඩෝ ඩිකැප්රියෝ වුඩ්රෝගේ චරිතයට පණ පෙවීමට තේරාගෙන සිටින තරුවයි.අත කැඩුණත් මේ හත් හැවිරිදි මෝස්තර නිරූපිකාවට මෝස්තරයක් නොකර සිටිය හැකි ද? ටොම් කෲස් සහ කෙටී හෝම්ස්ගේ සුරතල් දියණියට දඟකාරකම් කරන විට මෙවන් දඬුවමක් අතට ලැබේවි යැයි කියා නොසිතන්නට ඇත.කෙසේ වුවත් පෙරළුන පිට හොඳ යැයි කියා සිතන පුංචි සූරි එය ද විලාසිතාවක් බවට පත් කරගෙන තිබෙන අන්දම බලන්න. කේට් මේ දිනවල බිඳුණු අතේ වේදනාව ඇයගේ සිතට නොදැනෙන්න ඇය හැකි තරම් සතුටින් තබන්නීය. කේට් මේ සියල්ලක්ම කරන්නේ තනි වූ මවක ලෙසිනි. 2012 දී ඇය හා ටොම් කෲස් දික්කසාද වූහ. ඩේස් ඇන්ඩ් නයිට්ස්, මේනියා ඩේස්, මිස් මෙඩෝස් සිනමාපටවලට ද ඇය රංගනයෙන් දායක වෙන අතරතුරේ සූරිගේ සියලු කටයතු නොපිරිහෙලා ඉටු කරන්නීය.තාරකාවකට වුවත් භීතිකාවෙන් ගැලවීමක් නැත. නටාලී පෝට්මන් සුරූපීී හොලිවුඩ් තාරකාව බිය වී සිටින්නේ වෙනත් තාරකාවන් ඉතා ඉහළින්ම යාමට කැමැති මාවතක යාමටයි. එනම් ඔස්කාර් වැනි මහා සම්මාන උළෙලවල්වලදී රතු පලස් මතින් යාමටයි.ඇය ගැබිනි සමයේදී මේ බිය කෙතරම් දරුණු ලෙස පැවතුණා ද කිවහොත් ඇය ගමන් කර ඇත්තේ ‘අනේ මාව වැටෙන්න එපා’ යන වචනය යළි යළිත් කියමිනි.පුදුමය නම් මේ සම්මානනීය නිළිය මනෝ විද්‍යා උපාධිධාරිණියක වීමයි. ඇය රැගූ තෝර් – ද ඩාක් වර්ල්ඩ් නොවැම්බර් 8 වැනි දින තිරගතවීමට නියමිතය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
මාධ්‍යවේදී පියසේන වික්‍රමගේපසුගිය දවස්වල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ළමයින් වෙනුවෙන් බොහොම අපූරු වැඩක් අපි කළා. ඒ ළමයින් වෙනුවෙන් ළමා ගී ගයනා පෙළක් පැවැත්වීමයි. ඒ කටයුත්තට මම වගේම ඉන්දීවරී අබේවර්ධන, රංජිත් බාලසූරිය, ප්‍රියන්තනී ගමගේත් සහභාගී වුණා. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරත් බොහොම අපූරුයි.ඉදිරියේදී “යෝධයාගේ උයන” කියන මගේ අනුවර්තන ග්‍රන්ථය පස්වන වරටත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කටයුතු මේ දවස්වල සූදානම් වෙනවා. ඒ කෘතියේ මේ මුද්‍රණයත් සමඟ පිටපත් දහදාහක් සම්පූර්ණවීමට නියමිතයි.
CREATIVE
මේ දවස්වල මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදු කෙරෙන කවිතා වැඩසටහනේ විනිශ්චය කටයුතු සඳහා දායක වෙලා ඉන්නවා. ලිට්ල් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේත් කටයුතු කළා. එහි ඉදිරි අදියරත් ළඟදීම ආරම්භ කරන්න නියමිතයි. ඒ හැරුණාම ජීවිතය සාමාන්‍ය විදියට ගත කරනවා. අබේ අපෙන් සමු අරගෙනත් දැන් අවුරුදු හතරක් ගත වෙලා. ඒත් මට ඔහු නැහැ කියලා හිතෙන්නේ නැහැ. ළඟින්ම ඉන්නවා වගෙයි දැනෙන්නේ.මම දැන් ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන සරළව ජීවිතේ ගෙවනවා. මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදා මට විශේෂ දවසක්. දුගී මගී යාචකයන්ට කෑම පාර්සල් එදාට දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම එදාට මාව බලන්න ගෙදරට එන හිත මිතුරන් පිළිගන්නත් මම බලාපොරොත්තු වෙනවා.
CREATIVE
වෙඩි තබා ගත්තේනළලේ දකුණු පසටආශා බෝස්ලේ සමඟ පෙදර් මාවතේ තට්ටු නිවාසයේ ජීවත් වූ වර්ෂා දියණිය සඳුදා හිසට වෙඩි තබාගෙන මිය යාම දැන් ඇවිලෙන ගින්නක් මෙන් පැතිර යන පුවතකි.මියයන විට වර්ෂා පනස් හය හැවිදි වියේ පසුවූවාය. ඇය වෙඩි තබාගෙන තිබුණේ බාල සොයුරාගේ බලපත්‍ර සහිත පිස්තෝලයෙනි. නළලේ දකුණු පසට තබාගත් වෙඩිල්ලෙන් මොළයට දැඩි ලෙස හානි වී ඇත. වර්ෂා වැතිර සිටි සෝෆාව ලෙයින් තෙත් වී තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.තවමත් වර්ෂාගේ මරණය සිය දිවි නසා ගැනීමක් කියා ස්ථිරකර නැතත් මීට පෙර දෙවරක්ම ඇය සිය දිවි නසා ගැනීමට උත්සාහකර තිබේ.දියණිය මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ ආශාත්, පවුලේ අනෙක් සාමාජිකයනුත් සිංගප්පූරුවේ සම්මාන වැඩ සටහනකට සහභාගි වීම සඳහා ගොස් සිටින විටදීය. පුවත දැනගත් වහාම ආශා මවුබිමට පැමිණ තිබේ.වර්ෂාගේ මරණය ගැන අතිරේක පොලිස් කොමසාරිස් ක්‍රිෂ්ණ ප්‍රකාශ් මෙසේ පවසයි.‘වර්ෂා ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවක්. ඇතැම් විට ඇය විෂාදයෙන් (ඩිප්‍රෙෂන්) පීඩා විඳින්නට ඇති.’ඇයගේ සිරුර මුලින්ම දැක තිබෙන්නේ ආශාගේ රියැදුරාය. ‘වර්ෂා වෙඩි තියාගත් පිස්තෝලේ තවත් උණ්ඩ පහක් තිබුණා. ඇය රාත්‍රී ඇඳුමක් ඇඳ සිටියා.’ ප්‍රකාශ් වැඩිදුරටත් කියා සිටියේය. මේ ආරංචිය මුලින්ම ලැබෙන විට වේලාව පස්වරු 12.12 පමණ වූ බව කියවේ.අසල්වැසියන් පවසන්නේ කිසිවකු වෙඩි තබා ගන්නා හඬක් නොඇසුණු බවය. හරියටම වර්ෂා මිය ගිය වේලාව දැනගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. සිද්ධිය වූ දින උදෑසන නිවෙසේ අත් උදව්වට සිටින සේවිකා දීපාලි දිලිප් මේනේ පෙ. ව. 9.15 ට පැමිණ තිබේ. දොරවල් කිහිපයක්ම වසා තිබුණු අතර සේවකයා තට්ටු කළත් වර්ෂාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. වර්ෂා නෝනා නිදි ඇති. ටික වෙලාවකින් එන්න’ මේනේට ආශාගේ රියැදුරා පැවසුවේය. මේනේ යළි 10.30 ට පැමිණියාය. එවිට ද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. රියැදුරු ආශාගේ සංගීත කාමරයට ගොස් තිබේ. ලෙයින් නැහැවුණු වර්ෂාගේ සිරුර දැක ඇත්තේ එවිටයි.ලතා මංගේෂ්කාර් ද පදිංචිව සිටින්නේ එයටම සම්බන්ධ තට්ටු නිවෙසකයි. දියණියගේ මරණය වාර්තා වූ සැනින් ලතා එතැනට පැමිණ තිබේ.ප්‍රශ්න කිරීමෙන් සහ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව වර්ෂාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට ජේ ජේ රෝහලට ප. ව. 4.00 ට ගෙන ගොස් ඇත. සිද්ධියෙන් පසු ඇයත් ආශාත් පදිංචි වී සිටි ගොඩනැගිල්ල අවට අතුරු සිදුරු නැතිව පිරී ගියහ.වර්ෂා මවගේ අඩි පාරේ යමින් පසුබිම් ගායනයට පිවිසියාය. හින්දි හා මරාති සිනමාපටවලට ගී ගැයූ ඇය ආශාගේ සංගීත සන්දර්ශනවලට ද සහභාගි වූවාය. ඇය සිනමා පසුබිම් ගායිකාවක ලෙසින් ක්ෂේත්‍රයේ රැඳී සිටියේ කෙටි කලකි. ඉන් පසු ඇය දේශපාලන තීරු රචනයට පිවිසියාය.ක්‍රීඩා මාධ්‍යවේදියකු වූ හේමන්ත් කෙන්කාරේ සමඟ විවාහ වී සිටි ඇයගේ විවාහ දිවිය ද මව, ආශාගේ විවාහ ජීවිතය මෙන්ම අසාර්ථක විය.මව සමඟ ජීවත්වීමට වර්ෂා ප්‍රභූ කුන්ජ් තට්ටු නිවාසයට පැමිණ තිබෙන්නේ 1998 දීයි. 2008 දී වර්ෂා මුලින්ම සිය දිවි නසා ගැනීමට උත්සාහකර තිබේ. මවගේ හැත්තෑපස්වැනි උපන් දිනයට පසු දින ඇය නිදි පෙති පානයකර සිය දිවි නසා ගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.. සංගීත අධ්‍යක්ෂ අනූ මලික් ඇයගේ හොඳම මිතුරකි. ඔහුට සිය මිතුරියගේ වේදනාකාරී මරණය විශ්වාස කළ නොහැකිය.‘මගේ තනුවට ගීයක් ගයන ලෙස අනන්තවත් ඇයගෙන් ඉල්ලා සිටියා. ඒ සැම විටම මට මිහිරි හඬක් නැහැ කියා ඇය ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. වර්ෂා කා සමඟවත් පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න කැමැති නැති කෙනෙක්.’ අනූ මිතුරියගේ වියෝවෙන් පසු මාධ්‍යයට පැවසුවේය.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ජාතික චිත්‍රපට සංස්ථාවේ, අධ්‍යාපන ප්‍රවර්ධන සංස්කෘතික අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජීවිතයට සිනමාව’ සිනමා රස වින්දන වැඩ සටහනේ ප්‍රථම අදියර මෙම මස 25 වැනිදා උදෑසන පිළිමතලාව ගිරාගම සෞන්දර්ය ගුරු විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මෙහිදී චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සරත් ධර්මසිරි විසින් ප්‍රධාන දෙසුම පවත්වනු ලැබේ.ශාස්ත්‍රපති යූ. ඒ. පාලින්දගේ ශාස්ත්‍රීය ගී සැඳෑව මෙම මස 30 වැනිදා සවස කොළඹ 07, ග්‍රෙගරි පාරේ, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. විශාරද නලීන් ජිනේන්ද්‍ර ද අල්විස් හාමෝනියම් වාදනයෙන් ද, විශාරද පේෂල මනෝජ් තබ්ලා වාදනයෙන් ද, ඉසුරු කොන්දසිංහ වයලීන වාදනයෙන් ද මේ සඳහා දායක වෙති.සංගීත් නිපුන් මහාචාර්ය සනත් නනන්දසිරි වෙනුවෙන් වෙන් වූ ආලකමන්දාව වැඩසටහන මෙම මස 29 වැනිදා රාත්‍රී 10. 10 ට ජාතික නාළිකාවේ විකාශය වේ. මෙය විනීතා කරුණාරත්නගේ අධ්‍යක්‍ෂණයක් වන අතර පිටපත ලාල් ආනන්ද අබේධීර ගෙනි.ආචාර්ය අජන්තා රණසිංහගේ කලා කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරන තඹරවිල වැඩසටහන මෙම මස 27 වැනිදා එනම් එන ඉරිදා රාත්‍රී 10 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ. උදය තෙන්නකෝන් නිෂ්පාදනය කරන මෙය සඳහා මහාචාර්ය සමන්ත හේරත්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ධම්මික බණ්ඩාර ආදීන් ආරාධිතයින් ලෙස සහභාගී වේ.ගීත ගායනා කලාසූරී ලතා වල්පොළ, ටී. එම. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි සහ ජගත් වික්‍රමසිංහගෙනි. වැඩසටහන පියල් වික්‍රමසිංහ විසින් මෙහෙයවනු ලබයි.ප්‍රසාද්  
CREATIVE
ගුවන් විදුලියේ නිවේදන කටයුතු කෙරෙන අතරතුර මගේ වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නේ මහත්තයා බලා ගැනීමේ කටයුතු සඳහායි.වැටීමකින් ඔථව තුවාල වීම නිසා ඔහුගේ මතකය අමතක වෙලා.මේ වනවිට ඔහුට තරමක් සනීප වුණත් බොහොම පරෙස්සමෙන් ඔහුව බලාගත යුතු වෙනවා.
CREATIVE
ගිම්හානේ ගී නාදේතිරගත වූ දිනය – 1986 මැයි 16 ඉදිරිපත් කිරීම – ගාළුපුර දයාබර නිෂ්පාදකයෝ නිෂ්පාදනය – යූ. ඩබ්ලිව්. දයානන්ද කතාව සහ දෙබස් - බී. සී. ද සිල්වා තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී කල්දේරා සහාය අධ්‍යක්ෂණය – ඩී. මයිකල් ප්‍රනාන්දු, කුමාර් ප්‍රභාචන්ද්‍ර කැමරා අධ්‍යක්ෂණය - එම්. වී. හේමපාල (තලේ) සංස්කරණය - එල්මෝ හැලිඩේ අංග රචනය - සනත් සී. විජේවර්ධන, කේ. ඩී. සිරිපාල කලා අධ්‍යක්ෂණය – චන්දන බී. කන්දේවෙල ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන් රසායනාගාර කටයුතු - වී. රූපසිංහ ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙළු ශබ්දාගාරය) දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න (ලංකා චිත්‍රාගාරය) සජීවිකරණය – දයා කරුණාරත්න සහාය සංවිධායක - එස්. එස්. ප්‍රේමරත්න පිටපත් මුද්‍රණය – ජාතික චිත්‍රපට සංස්ථාව සහාය නිෂ්පාදනය – යූ. ඩබ්ලිව්. නන්දසේන, එම්. ඒ. ගර්ලි දයානන්ද ධාවන කාලය – පැය 2 විනාඩි 15 දිග ප්‍රමාණය - අඩි 12500 ආරම්භක පිටපත් ප්‍රමාණය - 10 සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන කළමනාකරණය සහ සේවා කළමනාකරණය - සරත් දහනායක නිෂ්පාදන අධිකාරි – බී. සී. ද සිල්වා සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස නිශ්චල ඡායාරූප - කුමාර් ප්‍රභාචන්ද්‍රගීත - කඳ සුරිදේ විකුමැති – ඩබ්ලිව්. ඩී. අමරදේව - පද රචනය – අරිසෙන් අහුබුදු ඔබ සොයා එන්නම් – එච්. ආර්. ජෝතිපාල – පද රචනය – අජන්තා රණසිංහ ආවා ආවා දුර සිට ලිහිණි – එච්. ආර්. ජෝතිපාල – පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ උතුම් කලාකරුවාණෙනි – නීලා වික්‍රමසිංහ, එච්. ආර්. ජෝතිපාල – පද රචනය – ධර්ම ශ්‍රී කල්දේරා ගංගාවේ ගීතය – ටී. එම්. ජයරත්න - පද රචනය - ධර්මසිරි ගමගේ ඔබ සොයා එන්නම් – ඇන්ජලින් ගුණතිලක- පද රචනය – අජන්තා රණසිංහරංගනය - විජය කුමාරතුංග, ශිරාණි නුගේරා, සොමී රත්නායක, නිහාල් සිල්වා, සුසිලා කූරගම , බී. සී. ද සිල්වා, මියුරු සමරසිංහ, ලක්ෂ්මන් මෙත්තානන්ද, පුෂ්පකාන්ති ජයවර්ධන, නිහාල් ජයවර්ධන, රෝයි ජයවර්ධන, සෝමා ලියනගේ, ඉන්දු ප්‍රසංගි, නීල් ද මොරායස්, ජිජේන්ද්‍ර ප්‍රසාද්, බී. ඇස්. පෙරේරා, ඩේෂන් අමරසිංහ, සිරි පතිරණ, රන්ජන් ද සිල්වා, බී. සී. ලියනගේ, අයිවන් බෝපිටිය, ආනන්ද බුලත්සිංහල, කමල් ඒ. සෝමරත්නමල්දෙණියේ සිමියොන්තිරගත වූ දිනය – 1986 මැයි 22 ඉදිරිපත් කිරීම – තරංගා චිත්‍රපට නිෂ්පාදනය – විජය රාමනායක අධ්‍යක්ෂණය – ඩී. බී. නිහාල්සිංහ කතාව - ඇරැව්වල නන්දිමිත්‍ර දෙබස් - ඇරැව්වල නන්දිමිත්‍ර - ජෝ අබේවික්‍රම තිර රචනය – ඩී. බී. නිහාල්සිංහ - සංජයසිරි සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක කැමරා අධ්‍යක්ෂණය – ඩී. බී. නිහාල්සිංහ සහාය රංජිත් පෙරේරා සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි – චන්ද්‍රසේන රූපසිංහ සහාය  - ටිෂාන් පෙරේරා අංග රචනය – රංජිත් මතඟවීර කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන් - කේ. පී. කේ. බාලසිංහම් ශබ්ද සහාය – විමල් ජයසිංහ – ජී. ඇලෝසියස් - ඒ. අයි. අමරසිංහ – ජී. සුන්දරරාජ් කාර්මික සහාය – එම්. ඩී. සුමතිපාල – නිහාල් පෙරේරා - සරත් සූරියකුමාර කාර්මික සේවය – ඩී. එන්. එප්. සී. සමාගම විදුලි කාර්මික – නන්දන ප්‍රනාන්දු ධාවන කාලය – පැය 2 විනාඩි 39 දිග ප්‍රමාණය - අඩි 14385 ආරම්භක පිටපත් ප්‍රමාණය – 10 (පස්වන ප්‍රදර්ශන මණ්ඩලය) ප්‍රචාරක කළමනාකරු - ප්‍රේම් දිසානායක රසායනාගාර කටයුතු - යුනිවසල් කලර් ලැබ් නිශ්චල ඡායාරූප – රංජිත් පෙරේරා, ටීෂාන් පෙරේරා නිෂ්පාදන කළමනාකරු - ආර්. ඩී. අතපත්තු - ටීෂාන් පෙරේරා සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්නගීත දකිම් දෝ - විශාරද නන්දා මාලිනීරංගන දායකත්වය - ජෝ අබේවික්‍රම (මල්දෙණියේ සිමියොන්), අනෝජා වීරසිංහ (ජේන් / සෝමාවතී), රවීන්ද්‍ර රන්දෙණිය (දයාරත්න), ස්වර්ණා මල්ලවආරච්චි (ගුණවතී), සනත් ගුණතිලක (ජස්ටින්), දයානන්ද ජයවර්ධන (ජා සැරයන්), නවනන්දන විජේසිංහ (දාවිත්), වින්සන්ට් වාස් (ගම්මුලාදෑනි), විල්සන් කරුණාරත්න (විලිසොන්), දයා අල්විස් (චාලි), ජේ. එච්. ජයවර්ධන (තම්බි මුදලාලි), ස්ටැන්ලි පෙරේරා (හාමුදුරුවෝ), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (මැහුම්හලේ මුදලාලි), තලතා ගුණසේකර (රොසලින්), ජයසේකර අපොන්සු, වින්ද්‍යා ද සේරම්, සම්පත් විජේසිංහ, තිස්ස උඩංගමුව, ශ්‍රීනාත් මල්දෙණිය, ප්‍රියා රණසිංහ, අවන්ති අපොන්සු, රමණී ෆොන්සේකාඇන්ටන් ජේ. ප්‍රනාන්දු
CREATIVE
සුපුරුදු විදියට කිවිදා දැක්ම ලියමින් ඉන්නවා. ඒ වගේම නෙල්සන් මැන්ඩෙලා පිළිබඳ කෘතියක් ලිවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටීම මගේ කටයුතුවලින් මුල්තැන ලැබුණු කාරණයක්. ඔහු අපට කොතරම් බලපාන්නේ ද යන කාරණයට මගේ අවධානය යොමු වුණා. රැකියාවේ කටයුතුත් කරන නිසා මට තරමක් වැඩ කටයුතු අධිකයි.
CREATIVE
රංගන ශිල්පිනීමියුරි සමරසිංහමේ දවස්වල මම ඉන්නේ විවේකයෙන්. පසුගිය දවස්වල සංජය ගුණවර්ධන ගේ අලුත් ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් අවසන් වුණා. එහි දෙවැනි සැලසුම ඉදිරියේදී ආරම්භ කරාවි. එරංග සේනාරත්න ගේ ටෙලි නාට්‍යයකට වගේම ජනපි‍්‍රය ජයසිංහ ගේ චිත්‍රපටයකටත් රංගනය සඳහා ආරාධනා ලැබුණා.ඒ නිර්මාණවල රූ ගත කිරීම් ආරම්භ කරන්නේ ඉදිරිකාලයේදී. ඒ මේ 15 වැනිදා ඉඳලා. දවස් කිහිපයක් මම අනුරාධපුරයේ යන්න හිතාගෙන ඉන්නවා. ඒ අටමස්ථානය වඳීන්නයි.
CREATIVE
සුනිල් ලීනස් විසින් රචිත ‘සිංහල සිනමාව 2012, 2013’ යන ග්‍රන්ථය මේ වන විට එළිදක්වා ඇත.එම වර්ෂයන්හි තිරගත වූ චිත්‍රපටයන් පිළිිබඳ සියලු දත්තයන් අඩංගු වන මෙය කර්තෘ ප්‍රකාශනයකි. සිනමා අධ්‍යයනයන්හි නිරත කාටත් ප්‍රයෝජනවත් මේ ග්‍රන්ථය පුරා එම වසරයන්හි තිරගත වූ චිත්‍රපට පිළිබඳ කතා සාරාංශ හා කාර්මික තොරතුරු අන්තර්ගත කොට ඇත.
CREATIVE
මහින්දාගමනයසියවස් ගණාවකට පෙර රජවරුන් විවිධ යුගයන්හිදී රට පාලනය කළ අයුරු ඔබ අසා ඇති. රටේ ශ්‍රී විභූතිය විරාජමාන කරමින් කළ සේවය ඉතිහාසයේ සඳහන් වන්නේ එම දැවැන්ත චරිත කිසිදා කිසිවකුටත් අමතක නොවන අයුරින්.එවැනි වූ ඉතිහාසගත චරිතයක් යළිත් ජීවමාන කරන්නට කෙනෙකුට ලැබේ නම් එය මහත් භාග්‍යයක්. චිත්ත රූපයෙන් පමණක් හැඩතලයන් මවා ගනිමින් එලෙස අමරණීය වූ රාජකීය චරිත රැගත් නිර්මාණ රැසක් පසුගිය කාලයේ නිර්මාණය කෙරුණා. එම නිර්මාණවලදී වගේම ඉදිරියේදී කල එළි බසින්නට නියමිත තවත් නිර්මාණ කීපයකදී ද යළි යළිත් රජ වෙන්නට අපේ කලා තරුවකට වාසනාව ලැබුණා.එවැනි වාසනාවක් ලැබ අද මෙම කතාවට බඳුන්වන තැනැත්තා හෙවත් කතා නායකයා කවුරුන් ද යන වග මේ ඡායාරූප දකින ඔබට හඳුනාගන්න අපහසු වන එකක් නැහැ. කලා ලොවෙත් කිරුළු පැලැඳි ඔහු ජීවන් කුමාරතුංග. ඔහු තරම් මෑතකාලීනව රජ වන්නට ලැබුණු වෙනත් කිසිම කෙනෙක් අපේ කලා ලොවේ නැතුව ඇති. මේ පිටුව දිග හැරෙන්නේ ඒ ඓතිහාසික චරිත වෙනුවෙනි.සනත් අබේසේකරගේ කුලුඳුල් සිනමාපටය ‘මහින්දාගමනය’ ප්‍රේක්ෂක ඔබේ සිත් තුළ අමතක නොවන සිනමාපටයක්. එහි දේවානම්පියතිස්ස රජුගේ චරිතය ජීවන්ගේ රංගන ඉතිහාසය තුළ ද නොමැකෙන රන් සලකුණක්. සනත්ගේ දෙවැනි අධ්‍යක්ෂණය වන ‘සිරි දළදා ගමනයේ’ ද ජීවන් රජ වෙනවා. ඒ බුහසීව රජු ලෙසයි. ඉන්දීය රජ පෙළපතේ අවසන් රජු ලෙස ශ්‍රී දළදා වහන්සේ මෙරටට භාර කරන්නේ බුහසීව රජු විසිනි.වීදිය බණ්ඩාරමේ විදියට ඔහු යළිත් ප්‍රාන්ත රජ කෙනෙක් ලෙස අභිෂේක ලබන්නේ මොහාන් නියාස්ගේ ‘දෙවැනි මව්’ චිත්‍රපටයේදී. සමන් වීරමන්ගේ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ලබන ජනවාරි මාසයේදී තිරගත වන්නට නියමිතයි.ජීවන් එහි රජ වෙන්නේ බිම්බිසාර රජු ලෙසයි. ජීවන්ගේ අලුත්ම ඓතිහාසික චරිතය තමයි ‘වීදිය බණ්ඩාර’. පෘතුගීසින්ට විරුද්ධව සිංහල ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා කැරැල්ලක් මෙහෙය වූ වීදිය බණ්ඩාරගේ චරිතයට ජීවන් පණ පොවන්නේ අනුර මාධව ජයසේකරගේ වීදිය බණ්ඩාර ටෙලි වෘත්තාන්තයේදී. මෙලෙස රජ වෙන්නට හැමෝටම වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රෙ‍්‍රෟඩ ඉතිහාසයක නම රැන්දූ මෙවැනි චරිත ජීවමාන කිරීමත් ලෙහෙසි පහසු නම් නොවන බව කාටත් පැහැදිලියි.ඒත් ඉතිං රජ කෙනෙකුවත් නොලද මෙවැනි ලැබීමක් ලබන්න ජීවන් කුමාරතුංග නම් වාසනාවන්ත වෙලා තියෙනවා. ඒකත් රජ වාසනාවක්.යතේජා ඥානරත්න දළදාගමනයදෙවැනි මවුශ්‍රී සිද්ධාර්ථ ගෞතම
CREATIVE
ඇහැට ඇහැක් විස වීම බොලිවුඩයට අලුත් දෙයක් නොවෙයි. මුහුණට මුහුණ නොබලන අලුත්ම තාරකා යුවළ බවට පත් වී සිටින්නේ අනුෂ්කා ෂර්මා සහ පරිනීතා චාප්රාය.අනුෂ්කා මෙන්ම පරිනීතා ද මේ වන විට සුපිරි තාරකාවක් වෙන බවට පෙරනිමිති පහළ කර අවසන්ය.‘ලේඩිස් වර්සස් රිකී බාල්’ කුලුඳුල් රංගනයට පරිනීතා සම්මාන ගණනාවක්ම නැඟී එන නවක නිළිය ලෙසින් දිනා ගත්තාය. වැඩි දෙනෙක් පවසන්නේ අනුෂ්කා, පරිනීතාට ඊර්ෂ්‍යා කරන බවයි.මේ දෙදෙනා මූණට මුණ ගැසුණත් ඇසට ඇස නොබලන බව ඇසින් දුටුවෝ පවසති.අනුෂ්කාගේ නොමනාපයට පරිනීතාගේ රංගනයට ඊර්ෂ්‍යා කිරීමට වැඩි යමක් පවතී. ඇයගේ පෙම්වතාව සිටි රන්වීර් සිං පරිනීතාට ළං වීම අනුෂ්කාගේ දෙනෙත් රතු පැහැ කරන කරුණක් වී තිබේ.සිනමා පටයක් රූගත කරද්දී සියල්ලෝම එකම පවුලේ සාමාජිකයෝ බවට පත් වෙති. මෙසේ වාසය කිරීමේදී එකිනෙකා ගැන දැනගත යුතු දේ මෙන්ම දැන නොගත යුතු දේ ද දැනගන්නට ලැබේ.සනී ලියෝන් කිසිසේත්ම හෙළි කිරීමට අකැමැති පුවතක් ‘ජිස්මි 2’ රූගත කිරීමේදී හෙළි වී ඇත. එය නම් ඇය ග්‍රස්ථිය (OCD) නම් රෝගයෙන් පීඩා විඳින බවයි.ඇය මේ උමතු රෝගයෙන් පීඩා විඳින බව අනෙක් අයට වැටහී ඇත්තේ නිතර නිතරම පාද සේදීම නිසයි. ඇය මිනිත්තු 15 – 20 කට වරක් ද, සෑම රූගත කිරීමකම අවසානයේදී ද දෙපා සෝදා තිබේ.බන්ද්‍රා පෙදෙසට මූම්බායි රැජන යන අනවර්ථ නාමය ලැබී ඇත්තේ එය සුපිරි තරු යායකට නවාතැන් සපයන පුරවරයක් නිසයි.මෙහි ජීවත්වන ඛාන් රජවරුන් අතර අමීර් ඛාන් ද වෙයි.ඔහු ‘බෙලා විස්ටා’ තට්ටු නිවාසයේ පදිංචිකාරයෙකි. තට්ටු නිවාසයක කොටු වී සිටීමට ඇති අකැමැත්ත නිසාදෝ අමීර් ඛාන් උත්තර ප්‍රදේශයේ, ෂහබාද්වලින් නිවෙස් විසි දෙකක් මිලදී ගෙන තිබේ.ඔහු මිලදී ගෙන ඇත්තේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වී සිටි නසීර් හුසේන් ඇතුළු සිය මාමලාගේ නිවෙස්ය.ඔලිම්පික් උණුසුම බොලිවුඩයට තදින්ම දැනෙන්නේ සමාරම්භක උළෙල බච්චන්, ඒ.ආර්. රහමන් වැනි මෙගා තරුවලින් වර්ණ ගැන්වුණු නිසා පමණක් නොවෙයි. ක්ෂේත්‍රයට සම්බන්ධ අය ද ක්‍රීඩාවට දායක වන නිසයි.ලාරා දත්තා ලන්ඩන් ඔලිම්පික් උළෙලට ගියේ ටෙනිස් ක්‍රීඩකයකු වූ සිය සැමියා මහේෂ් භූපතිට සුබ පැතීමටයි. ලාරා සමඟ සානියාගේ මව ද ගොස් තිබේ.ලාරාගේත්, මහේෂ්ගේත් දියණිය සයිරා තවමත් මාස ගණනක සිඟිත්තියක නිසා මුල දී ලන්ඩන් නොයා සිටීමට ඇය තීරණයකර තිබුණත් පසුව එය වෙනස්කර ගත්තාය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ජපාන චිත්‍රපටයට අලුත් ටේ‍්‍රලර් පටය මෙරටදීජපාන චිත්‍රටයක පූර්ව ප්‍රචාරක පටයක රූපගත කිරීම් ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයකුගේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු විය.උමාලි තිලකරත්න රඟපෑ ජපානයේ අති දැවැන්ත සිනමා පටයක් වූ ෆයිනල් ජජ්මන්ට් චිත්‍රපටයේ ශ්‍රී ලාංකික පූර්ව ප්‍රචාරක පටය රූගැන් වූයේ ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක ලලිත් පන්නිපිටියයි. මෙම පූර්ව ප්‍රචාරක පටය නිර්මාණය කළේ අන්තර් ජාල ස්කයිප් තාක්ෂණය ඔස්සේය.ලංකාවේදී ළඟදීම තිරගතවන මෙම චිත්‍රපටය සඳහා ජපානයේ නිර්මිත ප්‍රචාරක පටයට වඩා දිගු එකක් තැනීමට උවමනා වුණේ එම චිත්‍රපටය මෙරටදී මුදා හැරෙන අල්ටි මීඩියා සොලියුෂන් ආයතනයේ මනුර ඒකනායකගේ සැලසුමකට අනුවය.ඒ අනුව දැනට ජපානයේ සිටින උමාලිව ජපාන තාක්ෂණික ශිල්පීන්ගේ කැමරාවට නතු කර ගත්තේ ලලිත්ගේ මෙහෙයවීමෙනි.ඔවුන් හා මතු වූ භාෂාවේ ප්‍රශ්නය විසඳා ගෙන ඇත්තේ සිනමා රූප භාෂාවක් හරහාය. විනාඩි තුනක අලුත් ප්‍රචාරක පටය රූගත කිරීමට පැය හතරකට ආසන්න කාලයක් ගත වූ බව වාර්තා වන අතර, එය ළඟදීම අන්තර් ජාලයට මුදා හැරීමට නියමිතයි.වසර පහළොවකට පසු චන්න පෙරේරා සහ චතුරිකා පීරිස් එකට රඟන සත්‍ය ටෙලි සිතුවමේ මුහුරත් උළෙල නොබෝදා පැවැත්විණ.ප්‍රියන්ත සමරකෝන් සත්‍ය හි අධ්‍යක්ෂවරයා වන්නේය. සඳ මැදියම, සිරිවාසල ප්‍රියන්ත මීට ප්‍රථම තැනූ ටෙලි සිතුවම් වේ.ලූෂන් බුලත්සිංහල, මොරීන් චාරුනී, චින්තක කුලතුංග, හිමාලි සිරිවර්ධන, සහන් රන්වල, තරුෂි පෙරේරා, රිචාඩ්මානමුදලි, අනූෂා රාජපක්ෂ, නිර්මා සුරංජි, හැරී විමලසේන, නිමල් යටිවැල්ල, නිර්ධා උයන්හේවා, රෝහිත ඩයස්, ශ්‍රීමතී ජයවීර, ලක්මිණි ජයරත්න, චන්ද්‍ර ශ්‍රී වලිමුණි, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි සත්‍ය රංගනයෙන් හැඩ ගන්වති.තිලක් රන්ජන් කැමරා අධ්‍යක්ෂවරයාය. නලින් රණසිංහ සහය අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. සමීර ද සිල්වාගේ නිෂ්පාදන කළමනාකරණයකි. රසික තෙන්නකෝන් අංග රචනා ශිල්පියා වේ. වසන්ත කරුණාරත්නගේ පිටපත් රචනයකි. හරීන් පුෂ්ප කුමාර නිෂ්පාදන සම්බන්ධීකාරකවරයායි. සමන් වන්නිනායක කලා අධ්‍යක්ෂණයෙන් සහභාගි වෙයි.සත්‍ය පැරමවුන්ට් ආයතනය වෙනුවෙන් මිල්රෝයි සල්ගාදු නිෂ්පාදනය කරයි.චන්න සහ චතුරිකා පළමුවරට එකට රැඟුවේ නාලන් මෙන්ඩිස්ගේ සත්පුර වැසියෝ ටෙලි සිතුවමේය.මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුස පබා චිත්‍රපටය දේශීය සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාවට හිමිකම් කියන බව ඊ. ඒ. පී. සිනමා මණ්ඩලය පවසයි.2012 ජනවාරි තිරගත කිරීම ඇරැඹි කුස පබා චිත්‍රපටය මැයි 31 වැනිදා දක්වා රුපියල් 20216402117 ක ආදායම්වාර්තාවක් පිහිටුවා ඇත.එය සිංහල සිනමාවේ හැටපස් වසරක ඉතිහාසය තුළ තිරගත වූ චිත්‍රපට දහස් අතරින් වැඩිම ආදායම් වාර්තාවයි.ඒ අනුව කුස පබා නැරැඹුවන් සංඛ්‍යාව 1587299 කි. ලංකාවේ තිරගත වූ චිත්‍රපටයක වැඩිම එක්දින සහ දෙදින ආදායම් වාර්තාව පිහිට වූ චිත්‍රපටය වන්නේ එකවර සිනමා ශාලා 54 ක මුදා හැරුණ ප්‍රථම චිත්‍රපටය වන්නේත් කුස පබාය.
CREATIVE
අද ඔබ හිටියා නම් හැත්තෑහත් වසරකි. එහෙත් වසර ගණනාවක් පුරා ඔබ නැතැයි සිතන්නට අප මැළිවෙමු. එහෙත් ගතවූ කාලය මුළුල්ලේ ඔබ අපට කතා කළේ නැත.ගැඹුරු හඬින් එහෙත් හිත පුරා ඉතිරී යන ආදරයෙන් ඔබ අපේ දුක සැප විමසූ අයුරු කිසි කලෙක අපට අමතක වන්නේ නැත.අපේ සිනමාවට ස්ව අභිමානයෙන් ගොඩනැඟෙන්නට ඔබ කළ මෙහෙය අමරණීය එකකි. අසමාන පෞරුෂ්‍ය මෙන්ම අභිමානවත් රංග පෞරුෂයද මතු පරම්පරා ගණනාවකට ඉතුරු කළ සදාකාලික සිහිවටනයකි.ඔබ නැතැයි සිතෙන හැම මොහොතකම ඔබ අප අතර ඇතැයි සිතා සැනසෙන්නට අපි අද හැඩ ගැසී සිටිමු. දේශීය සිනමාවට ඔබට සම කළ හැකි අන් කවරකු හෝ මතු දිනක බිහිනොවන බව නම් අපි පසක්කොට සිටිමු.ලාංකික සිනමාවේ මහා කිවිඳිය සිනමා රූපයෙන් කවිගෙතූ ඔබට නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා!  
CREATIVE
ලබන 2 වැනිදා සිට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී මෙරට අංකුර සිනමාකරුවනට සිනමා ලෝලීන්ට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහඟු අවස්ථාවක් උදා කරමින් සිනමා කුසලතා ප්‍රවර්ධන වැඩමුළු තුනක් සංවිධානය කොට තිබේ. මෙහි පළමුවැන්න සැප්තැම්බර් 03 දා පැවැත්වෙන අතර ඉන්දීය සිනමාකරු රාජිව් රවි විසින් මෙය මෙහෙයවනු ලබයි. කැමරාව සමඟ රීති බිඳ දැමීම මෙම වැඩමුළුවේ තේමාවයි. එය සිනමාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩදායි එකක් වනු ඇත.මෙම වැඩමුළු මාලාවේ දෙවැන්න සැප්තැම්බර් 04, 05 යන දෙදින තුළ දී සිනමාවේ “චලනරූප අධ්‍යක්ෂණය” තේමාව යටතේ පැවැත්වේ. එය මෙහෙයවනු ලබන්නේ කාන් සිනමා සම්මානලාභී මෙක්සිකානු සිනමාකරු කාලෝස් රෙගදාස් විසිනි. මෙය ඔහු ආසියානු රටක පවත්වන පළමු වැඩමුළුව වනු ඇත.අවසාන වැඩමුළුව ඉන්දීය සිනමාවේදී විචාරිකා මීනක්ෂි සෙදේ විසින් සැප්තැම්බර් 05 දින පවත්වනු ලැබේ. යහපත් තිරරචනය සහ සිනමා උළෙලේ මුලෝපයන් එහි තේමාවයි. මෙම වැඩමුළු මාලාවේ අයදුම්පත් www.iffcolombo.com යන වෙබ් පිටුවෙන් ලබාගත හැකියි.
CREATIVE
වයස අවුරුදු හතළික් වුවත් ඒ රුව හැඩවන්නේ වියපත් වන තරමටද? හොලිවුඩ් තාරකාවක් නොවුණ ද හොලිවුඩ් ඡන්ද පවා ඇයට හිමිවන්නේ මේ රස රහස නිසයි. ‘හොලිවුඩ් බස්’ සඟරාව මඟින් නොබෝදා පැවැත් වූ අන්තර් ජාල සමීක්ෂණයකදී ලොව සුන්දරම කාන්තාවන් අතරින් සිව්වැනියාට මනාපය දිනාගෙන ඇත්තේ අයිශ්වර්යා රායිය. මොනිකා බෙලක්ට්, කේට් උප්ටෝන් සහ ඇන්ජලිනා ජොලී පමණක් ඇයට පෙරමුණින් සිටිති. මේ මනාප ලැයිස්තුවේ විසි නව වැනි තැනට තේරී සිටින්නේ දීපිකා පදුකෝන්ය. 
CREATIVE
කලාකරුවන් කියන්නේ රසික රසිකාවන්ගේ නොමඳ ආදරය විඳින්නා වූ පිරිසක්. ඔවුන්ගේ ඒ උණුසුම් ප්‍රතිචාර කලාකරුවන්ගේ ජීවිතයේ ඉතාම සුවිශේෂ විදියට රැඳිලා තියෙනවා. දමයන්ති ෆොන්සේකා කියන්නෙත් ඒ විදියට වාසනාවන්ත කලාකාරිණියක්. දුටු නුදුටු මේ රසික රසිකාවන් අතරේ දමයන්තිට ඉන්නවා නිතරම දුක සැප විමසන ආදරණීීය හිතවතියක්. උදා වූ මේ වසර ආරම්භයේදී මේ හිතවතිය දමයන්තිට ඇමතුවේ මේ අයුරින්.එම්. සසදාවතී 417, ගම්මාන අංක 02, හල්මිල්ලකුලම නොච්චියාගම. 2014. 01. 01පෙර එක දවසක ආවේ නුඹ අප පැල්පතට දුටුවෙමි පියකරු වූ නුඹේ සොඳුරු රුව වින්දෙමි හදේ ගැඹුරු නොනිමි ලෙන්ගතු බව සැබැවින් ජීවමානයි නුඹේ ඒ ළෙන්ගතු බව තවමත් අප හදවත් තුළ හඬා වැටෙනා ජීවිතයක් ජීවත් කරවන නොනිමි සෙනෙහස සිහිවන විට ද දැනේ අසීමිත සතුටක් මට මගේ දියණිය වැනිම වූ ළෙන්ගතු බවක් වීඳීමට, දැනීමට මම ද පෙර පින් කළ බව මා සිතන්නේ සැබැවින්ම උත්තරීතර මිනිසත්කම නුඹ තුළ පූජනීය ලෙසින්ම ජනිත වූ නිසාමය ඒ ළෙන්ගතු මිනිසා ජීවත් කරන නිසාමය සෙනෙහෙවන්තියේ . . . නුඹ පතන්නම් සැමදා යළි යළිත් මේ දිවිය පුරාවට පමණක්ම නොව නිවනේ මග දකිනා තුරා ඒ අසීමිත වූ සෙනෙහස අද්දර ජීවත් වන්නට පාරමී දම් පුරමු අප සැමදාමීට සදාදාර අම්මා සසදාවතීමේ ආදරණීය අම්මා දමයන්තිට හමු වෙන්නේ 2004 වසරේදී. ඒ ඇයගේ අපේ ඇත්තෝ වේදිකා නාට්‍යය වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණයේදී. එදා මේ අම්මා ඇයගේ දියණිය සම්මුඛ පරික්ෂණයට කැඳවා ගෙනවිත් තිබුණා. එදා පටන් මේ දක්වා බොහෝම ආදරණීය මේ හිතවත්කම සුන්දරව ගලාගෙන එනවා.‘මේ අම්මා කලා හැකියාවන්ගෙන් පිරිපුන් කාන්තාවක්. දුෂ්කර ගම්මානයක ජීවත් වුණත් ඇයට ඇයගේ හැකියාවන් ලෝකයට පෙන්වන්න බැරි වුණත් පුළුවන් වෙලාවට අකුරු කරලා මට එවනවා. ඇත්තටම ඇයගේ දුවටත් ඒ හැකියාවන් උරුම වෙලා තියෙනවා. මේ අම්මා මට නිතරම ලියනවා. ඇය එවන ලද කවි නිසදැස් රාශියක් මම සතුව තියෙනවා. වෙලාවකට ඒ කවි හිත ගැන මට පුදුමත් හිතෙනවා. ඒ වගේම ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. ඇත්තටම ඇයගෙන් මට පුදුමාකාර සෙනෙහසක් ආදරයක් ලැබෙනවා. පෙර ආත්මයක ඇය මගේම අම්මා වෙලා ඉන්න ඇති කියලා මට හිතෙනවා.’ දමයන්ති මේ ආදරණීය හිතවතිය ගැන සරසවියට කිව්වේ මේ අයුරින්.ඡායා – මාලන්
CREATIVE
මම රැකියාව කරන්නේ ඒ අයි ඒ ඉන්ෂුවරන්ස් ආයතනයේ. එහි කටයුතුවල පූර්ණ වශයෙන් නියැලෙන නිසා මට දැන් කලා කටයුතුවලට සහභාගි වෙන්න අවස්ථාව නොලැබෙන තරම්.ඒත් වේදිකාව අමතක කරන්න මට නොහැකි වුණා. ඒ අනුව ‘හොරු හොඳයි’, ‘වෙලාවකට පිස්සු වගෙයි’, ‘රූකඩ රාජ්ජේ’, ‘සිකුරු හතේ’ කියන වේදිකා නාට්‍යයන් සමඟ මම රට වටේ යනවා.
CREATIVE
‘සුජාත දියණී’ හි පාලිකා මින්ට හඬ දුන්දිනිතිජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘සුජාත දියණී’ නාට්‍ය මාලාව විකාශය අවසන් වුණත් අදටත් එය ලොකු පොඩි කා අතරත් ජනප්‍රියයි. එහි චංගුමිගේ චරිතය වගේම තවත් චරිත රැසක් හැමෝගෙම හිත් තුළ නොමැකෙන මතක සටහන් ඇති කළ බව නම් අමතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ අතර පාලිකා මින්ගේ චරිතයත් ඔබට ළෙංගතුයි නේද? ඒ වගේම පාලිකා මින්ගේ චරිතයට ලබාදුන් සිංහල හඬත් ඔබට ඒ අයුරින්ම ළෙංගතු ඇති. ඒ චරිතයට හඬ දුන්නේ කාටුන්, චිත්‍රපට තුළින් ඔබට සමීප වූ විශේෂ චරිතයක්. ඇය දිනිති නිම්නාවී ජයසේකර. තවමත් සුන්දර පාසල් වියේ පසුවන දිනිති සුජාත දියණී හි ඇය ලැබූ ඒ අවස්ථාව ගැන මුලින්ම සරසවියට කිව්වේ මේ විදියට.‘පාලිකා මින් කියන්නේ තරුණ කාලේ සිට මැදි වයසට යන චරිතයක්. මේ අවස්ථාව ලැබුණාම මගේ හඬ චරිතයට ගැළපෙයිද කියලා හිතුණා. මින් පාලිකාව කියන්නේ නිතරම බයට පත්වෙන, පොඩි දෙයටත් ගොඩක් කලබල වෙන චරිතයක්. පොඩි කාලේ ඉඳලම මම රූපවාහිනියේ හඬ කැවීම් සඳහා දායක වෙලා තියෙනවා. ඒ නිසා මට නම් ඒ ගැන බයක් දැනුණේ නැහැ.’හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. සුජාත දියණී විකාශය වූ කාලයේදී වගේම අදටත් ඒ ප්‍රතිචාර ඒ විදියටම තියෙනවා. දැනුත් ඉස්කෝලේ ළමයි ඇවිත් පංතිය වට කරගෙන ඉන්නවා. එයාලා මට කියනවා නාට්‍යයේ දෙබස් කියන්න කියලා. පුංචි නංගිලා ඇවිත් ‘අනේ අක්කේ පොඩි දෙබසක් කියන්නකෝ’ කියලා ඇවිටිලි කරනවා. එයාලා දැන් මට කතා කරන්නේ මින් අක්කා කියලා. ඇත්තටම මට ගොඩක් සතුටුයි.තුන වසරේදී ළමා පිටියේ නිවේදිකාවක් විදියට තමයි ක්ෂේත්‍රයට ආවේ. මේ වෙන කොට දඟර වලිග කාටුන් එකේ බයිය බබා, සර්කස් මිතුරෝ හි ටිකිරි, මී මැස්සි හි වීදුරු පැංචි වගේම සුසුරන් හි සාවා, මල් ගුඩි දවස වැනි වැඩසටහන් රැසක හඬ දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබුණා. මට ගොඩක්ම ලැබුණේ ටිකක් දඟකාර චරිත.ඔව්. පෝය ඒකාංගික නට්‍යයකට වගේම ස්වර්ණවාහිනියෙන් විකාශය වූ නත්තල් චිත්‍රපටයකටත් දායක වුණා. ඊට අමතරව ‘එකමත් එක රටක’ චිත්‍රපටයේ නිරෝෂා පෙරේරාගේ කුඩා අවධිය නිරූපණය කළේ මම. ඒත් දිගටම රංගනයේ යෙදෙන්න මම කැමැති නැහැ. ඒ වගේම යුනිසෙෆ් ආයතනයෙන් හොඳ පුරුදු ගැන කියන මීනා කියන කාටුන් චරිතයට ලංකාවෙන් තේරුණේ මම. ඒ වගේම දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියේ පළමුවරට නිර්මාණය කළ ත්‍රිමාණ නිවේදිකාවට හඬ කවන්න අවස්ථාව ලැබුණා. ඒක මං ගොඩක් ආසාවෙන් ඉදිරිපත් කළ එකක්.මගේ තාත්තා විපුල් ධර්මප්‍රිය ජයසේකර. මම තාත්තා වගේ නිවේදන කටයුතුවලට යොමුවුණා. නිසඳැස් ලියන්න මම කැමැතියි. පාසල් මට්ටමෙන් චිත්‍ර, රචනා, සංගීත, නිවේදන තරගවලට ඉදිරිපත් වෙලා පළමු, දෙවන ස්ථාන හිමිකර ගෙන තියෙනවා. මගේ මල්ලි නම් තාත්තා වගේ ලියන්න උනන්දුයි.මම නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබනවා.නීතිඥවරියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පුවත්පත් ලිපිවලට ලියන්නත් කැමැතියි. ඒ අතර ගොඩක්ම කැමැති දේශපාලනය ගැන ලියන්න තමයි.මගේ තාත්තා, අම්මා, මල්ලි මට ලොකුª ශක්තියක්. තාත්තයි අම්මයි මට නිවැරැදි මඟ පෙන්වීම කරනවා. ගුවන් විදුලි වැඩසටහන්වලදී මහින්ද අල්ගම මාමාගෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. අතුල රන්සිරිලාල් මාමා, අනුර ධර්මසේන මාමා, පී. කුලරත්න මාමා, චර්චිල් මාමා, වජිර අක්කා, මාලි අක්කා, බුද්ධික අයියා, රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් ඒකකයේ හැමෝමයි, ස්වර්ණවාහිනියේ වික්‍රමසිරි ජයවික්‍රම මාමා, නෙත් එෆ්. එම්, ටී. වී. දෙරණ හැමෝමත් ආදරයෙන් සිහිපත් කරනවා.යතේජා ඥානරත්න ඡායාරූපය – නිරෝෂ් බටේපොල  
CREATIVE
ප්‍රවීණ සිනමාකරුවන් දෙදෙනකු පසුගියදා රාජ්‍ය සාහිත්‍යසම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ඒ මෙහි විශේෂත්වයවන්නේ සිනමාකරුවන් දෙදෙනකු ලියූ නාට්‍ය ග්‍රන්ථ ද්විත්වයක් වෙනුවෙන් සම්මාන හිමිවීමය.එහිදී සම්මානයෙන් පිදුම් ලැබූයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේයි. අශෝක හඳගමගේ ලියූ ‘මාඝාත’ නාට්‍ය කෘතිය හා ප්‍රසන්න විතානගේ පරිවර්තනය කළ ‘පුත්‍ර සමාගම’ පසුගියදා මුද්‍රණද්වාරයෙන් එළිදැක්විණ.‘මාඝාත’ සඳහා හොඳම සිංහල ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය ලෙසත්, ‘පුත්‍ර සමාගම’ සඳහා හොඳම සිංහල පරිවර්තන නාට්‍ය කෘතිය ලෙසත් සම්මාන හිමි විය.අලුත් චිත්‍රපටයක මුහුරත් උළෙලද, තවත් චිත්‍රපටයක දින 75 ක් සපිරීමේ දුර්ලභ අවස්ථාවක් පසුගියදා උදාවිණ. මෙම අවස්ථා දෙකම සමරනු ලැබුවේ පසුගියදා රාජගිරියේ පැවති උත්සවයකදීය.එදින මූලික වැඩ කටයුතු ඇරැඹි චිත්‍රපටය වූයේ රන්ජාය.දරුවනේ දින 75 සපිරූ චිත්‍රපටය විය. එහෙයින් දරුවනේ සියලුම ශිල්පීන්ට සම්මාන පිදීමක් ද සිදු වූහ.දරුවනේ මෙන්ම රන්ජා ද සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.එය සුනිල්ගේ පනස්පස් වැනි සිනමා නිෂ්පාදනයයි. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන එය රන්ජා නම් වූ ගමක ජීවත්වන චණ්ඩි තරුණයකු වටා දිග හැරෙන කතා පුවතකි.එම චරිතයට පණ පොවනුයේ රන්ජන් රාමනායක විසිනි.සෙසු ප්‍රධාන චරිතයන් රෙක්ස් කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, රොජර් සෙනෙවිරත්න, පියුමි ශානිකා, සඳුන් විජේසිරි, වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසිංහ, දෙනුවන් සේනාධි, නිල්මිණි කෝට්ටේගොඩ, ප්‍රේමදාස විතානගේ, විනෝජා නිලන්ති, රොහානි වීරසිංහ, කීර්ති රංජිත් පීරිස්, ශාන්බන්දු වීරසිංහ, නිශාන්ත සඳබරණ, දොන් ලීලාරත්න ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.රන්ජා සමඟින් අලුත් මුහුණු යුවළක් රිදී තිරයට හඳුන්වා දෙයි. ඒ ඒෂියා දිසානායක සහ රිතු ආකර්ෂායි.කතාව දෙබස් තිර රචනය ද සුදේශ්ගේය.කැමරාව ගාමිණී මොරගොල්ලාගම මෙහෙයවයි. සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය කුමාරසිරි ද සිල්වාගෙනි.කේෂාන් සුදන්ත පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයකි.සරත් සමරවික්‍රම කලා අධ්‍යක්ෂවරයායි. සංඛ අබේසිංහ නැටුම් අධ්‍යක්ෂණයෙන්ද, වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වෙති. සරත් රණවීරගේ අංග රචනයකි. නිෂ්පාදන කළමනාකරණය දොන් ලීලාරත්නගෙනි.චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ සජිත් වී. චතුරංග ගී පද රචනා කොට ඇති අතර ගැයුම් භාචි සුසාන්, ශානිකා මධුමාලි, සුරංජි ශ්‍යාමලී සහ සුදේශ් වසන්ත පීරිස්ගෙනි.එහි අවස්ථා කිහිපයක් මෙලෙස කැමරාවෙහි සටහන් වුණි. සේයාරූ - ඉන්දික ප්‍රභාත්සුදේශ් වසන්ත පීරිස් සිය නවතම සිනමා කෘතිය සඳහා මේ දිනවල වෙහෙසෙමින් සිටියි.රන්ජා ලෙස නම් කොට ඇති එය සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.එහි රංගනය සඳහා රන්ජන් රාමනායක සහ ටෙනිසන් කුරේ තෝරා ගෙන ඇත.රන්ජා හි රංගනය සඳහා අතිරේක නළු නිළියන් දෙසිය පණහක් පමණ අවශ්‍ය යැයි සුදේශ් දන්වා සිටියි.එම ශිල්පින් බඳවා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයක් ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිතය.මේ පිළිබඳ වැඩි විස්තර 0773262632 අංකයෙන් විමසිය හැකියි.මෙරට සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන ආයතනයක් වන ෆයින් විෂන් හි තිස්වැනි සංවත්සරය නිමිති කර ගනිමින් ලොව නවීනතම ඩිජිටල් වර්ණ සංයෝජන උපකරණ සහ තාක්ෂණීය ක්‍රමවේද මෙරට සිනමා සහ රූපවාහිනී නිර්මාණකරුවන් වෙත හඳුන්වා දීම පසුගියදා පොල්හේන්ගොඩ පිහිටි එම ආයතනයේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදුවිණ.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආරියරත්න ඇතුගල, ස්වාධීන රූපවාහිනී සභාපති රොස්මන්ඩ් සේනාරත්න, සිනමා කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය, රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපති දේවප්‍රිය අබේසිංහ, ජැක්සන් ඇන්තනී, ධර්මසේන පතිරාජ, සුනිල් ටී. ප්‍රනාන්දු, නීටා ප්‍රනාන්දු, ශ්‍රියාණි අමරසේන යන මහත්ම මහත්මීන් සහභාගීව සිටියහ.සේයා රුවින් දැක්වෙනුයේ වැඩසටහන ආරම්භවීමට මත්තෙන් සාම්ප්‍රදායානුකූලව චරිත හේරත් මහතා පොල්තෙල් පහන දැල් වූ මොහොතයි.ආරියරත්න ඇතුගල සහ ටවර් හෝල් පදනමෙහි සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන යන මහත්වරුන්ද පසෙකින් වෙති.1983 දී ඇරැඹි ෆයින් විෂන් හි සභාපති වශයෙන් රොහාන් වැලිවිට කටයුතු කරයි.ප්‍රසාද් සමරතුංග
CREATIVE
සංගීතවේදීබන්දුල එස්. කන්නන්ගරඅපේ ‘මාරම්බරී’ කණ්ඩායම ඉදිරියේ ප්‍රසංගයක් කරන්න මේ දවස්වල එහි පුහුණුවීම් කටයුතු සිදු වෙනවා.ඒ ප්‍රසංගය පැවැත් වෙන්නේ බටහිර, ජන, රාගධාරී කියන සංගීත ක්‍රම මිශ්‍ර කරගත් නිර්මාණ රැසකින්. සංගීත කණ්ඩායම මඟින් කරන අලුත් ගීත කිහිපයකුත් පුරුදු පුහුණු වෙනවා.
CREATIVE
විශිෂ්ට රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණිය ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සනාථන සභාව මඟින් මෙම ආචාර්ය උපාධිය ඔහුට පිරිනමා තිබේ. සිනමාව වෙනුවෙන් ඔහු විසින් කරන ලද මෙහෙය මෙම ගෞරව උපාධිය පිරිනැමීමේදී සලකා බැලිණ.කළු දිය දහර සිනමාපටයෙන් සිනමා රංගනයට අවතීර්ණ වූ රවීන්ද්‍ර රන්දෙණිය ස්වකීය රංගනය ප්‍රතිරූප ගත කිරීමට සීමා නොවී රංගනය යනු දැවැන්ත කාර්යයක් බව සනාථ කළ නළුවෙකු වුවේය.එපමණක් ද නොව මෙරට සිනමා කර්මාන්තයේ නියැලි සියලු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් සිනමාවේ ගැටළු සඳහා සෘජුව කලාකරුවන් හා නිෂ්පාදකවරු වෙනුවෙන් පෙනී සිටි දැවැන්තයකු ද විය. එබැවින් රවීන්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් පිදුන මෙකී ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීමට තීරණය කළ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සනාථන සභාවට සරසවිය සිය ප්‍රණාමය පළ කරයි. රවීන්ද්‍ර රන්දෙණිය රංගවේදියාණන්ට අපේ සුබපැතුම් එක් කරමු.ප්‍රසාද්
CREATIVE
නින්ජා ටර්ටල්ස් (Teaenage Mutant Ninja Turtles)නින්ජා ටර්ටල්ස් කතා මාලාව අපේ රටේ ජනප්‍රිය වූයේ ‘අපි රජ ඉබ්බෝ’ යනුවෙනි. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් අතරත් මේ දිනවල ජනප්‍රිය චිත්‍රපටයක් වන ඩී. එම්. එන්. ටී. ත්‍රිමාන චිත්‍රපටයකි.මේගන් ෆොක්ස්, විලියම් ෆිට්නර්, වුපි ගෝල්ඩ්බර්ග්, ඇලන් රිච්සන්, පීටර් පොලොස්කි, ජෙරමි හෝවාඩ්, මැඩිසන් මේසන් රඟන නින්ජා ටර්ටල්ස් චිත්‍රපටය මේ දිනවල ශ්‍රී ලංකාවේ ද තිරගත වන චිත්‍රපටයයකි.ජොනතන් ලිඕස්මන් අධ්‍යක්ෂණය කළ නින්ජා ටර්ටල්ස් බටහිර සිනමාවේ දක්ෂ අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු මෙන්ම නළුවකු ද වන මයිකල් බේ නිෂ්පාදනය කළේය. සම නිෂ්පාදනය ඩෙනිස් නීල් ස්ටුවර්ට් ගෙනි.දි ඇන්ග්‍රිරියස්ට් මෑන් ඉන් බෲක්ලින් (The Angriest Man in Brooklyn)සමහරුන්ට නරක දවස් එන්නේ ඉඳහිටය. එහෙත් හෙන්රි ඕල්ට්මාන්ට සෑම දවසක්ම නරකය. ඔහු සෑම විටම අවට ලෝකයාත් සමඟ තරහකින් සහ අසතුටකින් ජීවත් වෙයි. දිනක් ඔහු වෛද්‍යවරයා හමුවීමට ගිය විට ඇය පවසනුයේ හෙන්රිට මොළයේ ආබාධයක් ඇති බවත්, ජිවත්වීමට ඇත්තේ විනාඩි 90 ක් බවත්ය. මෙය අසන හෙන්රි වෛද්‍යවරයාට බැණ වැදී එම ස්ථානයෙන් පිටව යයි. ඔහු පිට වූ බව දැනගත් වෛද්‍යවරිය ඔහු සෙවීමේදී සිදු වන හාස්‍ය මෙම චිිත්‍රපටයේ කතා වස්තුව වී ඇත.ජනප්‍රිය නළු රොබින් විලියම්ස් සමග මීලා කුනිස්, පීටර් ඩින්ක්ලේජ්, මිලිස්සා ලියෝ ඇතුළු නළු නිළියන් රැසක් රඟන මෙම හාස්‍යමය චිත්‍රපටය පිල් ඇඩම් රොබින්සන්ගේ අධ්‍යක්ෂණයකි.  කතායි තිරකතායි වාසනම් ලයක්කම් (Kathai Thiraikathai Vasanam Lyakkam)කතාවක් නැති චිත්‍රපටයක් යන තේමාව යටතේ වෙළඳපලට නිකුත් වී ඇති කතායි තිරකතායි වාසනම් ලයක්කම් චිත්‍රපටය ප්‍රකට සිනමාකරුවකු වන ඒ. ආර්. මුරුගදාස් ගේ අධ්‍යක්ෂණයකි. ගජිනි, හොලිඩේ වැනි චිත්‍රපට නිර්මාණය කළේ ද මුරුගදාස්ය.සන්තෝෂ් ප්‍රතාප්, අකිලා කිෂෝර්, දිනේෂ් නඩරාජන්, ලල්ලු ප්‍රසාත්, නම්බි රාමයියා, සැන්ඩ්‍රා අමි, විජේ රාඕ රංගනයෙන් දායක වන මෙම ද්‍රවිඩ චිත්‍රපටය බයිස්කෝප් ෆිල්ම් මේකර්ස් වෙනුවෙන් ආර්. ප්‍රතීපන් නිෂ්පාදනය කර ඇත.පප්පලි (Pappali)මේ සතියේ නිකුත් වී ඇති තවත් නවතම ද්‍රවිඩ චිත්‍රපටයක් වනුයේ පප්පලිය.සෙන් නිල්, ඉෂාරා ජෙගන් රඟන මෙය රජීව් මෙනන් සංගීතවත් කර ඇත. ආර්. ගෝවින්ස් මූර්ති පප්පලි අධ්‍යක්ෂවරයායි.  බෑඩ් කන්ට්‍රි (Bad Country) සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් බෑඩ් කන්ට්‍රි චිත්‍රපටය නිර්මාණය වී ඇතකුලී මිනීමරුවකු වන ජේසි වේලන්ඩ් බන්ධනාගාරගත වෙයි. ඒ සමඟ ඔහුගේ පවුලම විනාශ වෙයි. මේ නිසා ඇතිවන සිදුවීම් පෙළ බෑඩ් කන්ට්‍රි චිත්‍රපටයට තේමා වී ඇත.ක්‍රිස් බ්‍රින්කර් අධ්‍යක්ෂණය කළ බෑඩ් කන්ට්‍රි චිත්‍රපටයේ මැට් ඩිලෝන්, ඇමි ස්මාර්ට්, ටොච් බර්ගනර්, නීල් මැක්ඩොසෙස් ඇතුළු නළු නිළියන් රැසක් බෑඩ් කන්ට්‍රි චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.සාගර තිළිණසිංහල සිනමා ප්‍රේක්ෂකයනට මේ දිනවල ලබා ගත හැකි ඩී. වී. ඩී. පටයකි සාගර තිළිණ චිත්‍රපටය.ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඒ. ගෆූර් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ සාගර තිළිණ චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් ගැයූ රැල්ලෙන් රැල්ලට ගීතය ද ඇතුළත්ය.ශෂි විජේන්ද්‍ර, මොරින් චාරුණි, ෆ්‍රෙඩී සිල්වා, රෝයි ද සිල්වා, ටෙනිසන් කුරේ, මාක් සැම්සන්, ලක්මාල් ෆොන්සේකා, තලතා ගුණසේකර, මහේෂ් ජයසිංහ ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රඟන සාගර තිළිණ හාස්‍යමය ආදර පුවතක් රැගත් ජනප්‍රිය සිංහල චිත්‍රපටයකි.ලිව්වේ – කල්‍යාණ චන්ද්‍රසේකර
CREATIVE
කොඩිකාරගොඩ සුනීත හිමිකොඩිකාරගොඩ සුනීත හිමියන් ළමයින් වෙනුවෙන් ලියූ ළමා ගීත ඇතුළත් ‘හිඹුටු කැලේ’ නම් ළමා ගී පොකුර සංයුක්ත තැටිය පසුගියදා පැවැති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී සම්මාන පහක් සඳහා නිර්දේශ වී තිබිණ. එනමුදු ඒ සඳහා කිසිදු සම්මානයක් නොලැබිණි. මේ වනවිට උන් වහන්සේ රචනා කර ඇත්තේ ළමා ගීත පමණක් නොවේ. උන්වහන්සේ ළමා නාට්‍ය රස වින්දන දේශනා මෙන්ම ගුවන් විදුලි ළමා වැඩසටහන් ආදී බොහෝ වැඩසටහන් රාශියක් පවත්වන හිමි නමකි. සුනීත හිමි සිය ‘හිඹුටු කැලේ’ සංයුක්ත තැටිය පිළිබඳ හා තම නිර්මාණ ජීවිතය පිළිබඳ මෙසේ සඳහනක යෙදුණේය.‘මා වයස 14 වන විටත් හඳමාමා ළමා පිටියේ සම්පත් දායකයෙක්. වර්තමානයේත් මා එහි කතන්දර පිටුවට යන ළමයින්ට කෙරෙන ආගමික උපදේශන සඳහා දායකත්වය ලබා දෙනවා. ‘හිඹුටු කැලේ’ කියන්නේ ළමා ගීත එකතුවක්. මේ ගීත ගායනා කරන පිරිස අතර පසිඳු සචිත්ත විජයපාල පුතාත්, හිමාෂ මනුප්‍රිය පුතාත් සිටිනවා. ඒ වගේම තමයි සංගීතය නිර්මාණය රෝහණ වීරසිංහයන්.2010 – 2011 යන වසර දෙකේම ජාතික නිදහස් උළෙල සඳහා තේමා ගීතය ලිව්වෙත් මමයි. ඒ වගේම මේ වන විට මා වේදිකා නාට්‍ය කිහිපයක්ම රචනා කර තිබෙනවා. ඒවා වේදිකා ගත කළ සෑම වාරයකදීම ඉහළ ප්‍රතිචාර හිමි වුණා. ප්‍රාදේශීය මට්ටමෙන් බොහෝ පාසල්වලට ගොස් ගීත රස වින්දය පිළිබඳ දේශන සිදු කරනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත්, ආරාධනාත් බොහොමයි.රියැලිටි ළමා වැඩසටහන් හරහා පැමිණි බොහෝ ළමා ගායකයන්ට කුලුඳුල් ගීත රචනා කරන්නට මට අවස්ථාව හිමි වුණා. හර්ෂණ දිසානායක මගේ ගීත ගයලා තිබුණත් මේ ඇල්බමයට නම් ඔහුගේ ගීත අඩංගු වුණේ නැහැ.මෙවර රාජ්‍ය සංගීත උළෙල පිළිබඳත් යමක් නොකියාම බැහැ. ‘හිඹුටු කැලේ’ සංයුක්ත තැටිය හා එහි ගීත සම්මාන පහක් සඳහා නිර්දේශිත වුණා. හොඳම පද රචනයට තේරිලා තිබෙන්නේ ‘මාදං පොකුරු’ කියන මගේ ගීතය බවත් කලින් කිව්වා. නමුත් සම්මානය ලැබුණේ නැහැ.භික්ෂුත්වයත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදීත් නිර්මාණ ඔස්සේ සමාජයට යහපතක් කිරීමයි මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
හතළිස් හතරවැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ ගෝවේ අගනුවර පාංජිම් හිදී ඊයේ ඇරැඹිණ. සුප්‍රකට ඉන්දීය නිළි වහීඩා රෙහ්මාන් මෙන්ම චෙකොස්ලොවැකියානු සිනමාකරු ජිරී මන්සිල් මෙවර යාවජීව සම්මානයෙන් පිදුම ලැබීමට නියමිතය. ඉන්දීය සිනමාවේ බිහිවූ ජනපි‍්‍රය මෙන්ම විශිෂ්ටතම චරිතාංග නිළියක් වූ වහීඩා එරට මුල්ම ජාත්‍යන්තර සම්මානය දිනු නිළිය ලෙස සැලකේ. ඇය ගයිට් චිත්‍රපටය උදෙසා චිකාගෝ අන්තර්ජාතික උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මාන දිනුවාය.1965 දී හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය දිනූ ක්ලොස්ලි වොච් ද ට්‍රේන් නම් චෙකොස්ලොවැකියානු චිත්‍රපටය නිර්මාණය කළ ජිරී මන්සිල් එරට සිනමාවේ බිහිවු විශිෂ්ටතම සිනමා කරුවකු ලෙස සැලකේ. අපේ සිනමාවේදී ප්‍රසන්න විතානගේ මෙවර සිනමා ජූරි සාමාජිකයකු ලෙස කටයුතු කරයි.අරුණ ගුණරත්නසරසවිය කර්තෘ ඉන්දියාවේ පාංජිම් සිට  
CREATIVE
සූර්ය කුමාර් මුත්තලගේ ගායනවේදියා සහභාගී වූ සඳ රඟ මඬල රූපවාහිනී සංගීත වැඩසටහන මේ මස 12 වැනිදා (හෙට) උදෑසන 11.15 ට ජාතික රූපවාහිනිය ඔස්සේ නැවත විකාශය වේ.හොරණ හඳපාන්ගොඩ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ සෞන්දර්ය හැකියාවන් එළි දැක්වෙන ‘සඳ ඇඳි රඟ සොබා’ අද (11) හොරණ ශ්‍රී පාලි රඟහලේ දී පැවැත්වේ. ශිෂ්‍ය නායක සංසදය විසින් සැලසුම් කරනු ලබන නර්තන උළෙල විදුහල්පති එල්. ඩබ්ලිව්. ජේ. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විෂය භාර ආචාරිණී එස්. ඩී. සුදර්ශනී මෙනෙවියගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කෙරේ.වෙනස සිනමා සංසදය දීප ව්‍යාප්තව පවත්වනු ලබන කෙටි චිත්‍රපට උළෙල 2012 වෙනුවෙන් මේ දිනවල නිර්මාණ බාර ගැනේ. පසුගිය දෙවසර තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විනාඩි තිහට අඩු කෙටි චිත්‍රපට මෙම උළෙල සඳහා ඉදිරිපත් කළ හැකිය.ඔබේ නිර්මාණයන් ඩී. වී. ඩී. මාධ්‍යයෙන් ස්වයංව සකසාගත් අයැදුම්පතක් සමඟ ලියා පදිංචි තැපෑලෙන් ‘වෙනස සිනමා සංසදය, නො. 68, බණ්ඩාරනායක මාවත, රත්නපුර යන ලිපිනයට 2012. 10, 25 ට ප්‍රථම යොමු කරන්න.1. ටේකන් - 2 – ඇ. ඩො. මි. – 49.5 2. හොටෙල් ට්‍රාන්සිල්වීනියා - ඇ. ඩො. මි. – 27.1 3. පිච් පර්ෆෙක්ට් – ඇ. ඩො. මි. – 14.8 4. ලූපර් – ඇ. ඩො. මි. – 12.1 5. ෆ‍්‍රැන්කන්විනී – ඇ. ඩො. මි. – 11.4 6. එන්ඩ් ඔෆ් වොච් – ඇ. ඩො. මි. – 4.00 7. ට්‍රබල් විත් ද කර්ව් – ඇ. ඩො. මි. – 3.43 8. හවුස් ඇට් දි එන්ඩ් ඔෆ් ස්ට්‍රීට් – ඇ. ඩො. මි. – 3.76 9. ද මාස්ටර් – ඇ. ඩො. මි. – 1.86 10. ෆයින්ඩින් නෙමෝ - ඇ. ඩො. මි. – 1.62- සංජීව
CREATIVE
මේ කාලසීමාව අනෙක් වසරවලට වඩා මම තරමක් කාර්යබහුලයි. ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ සංගීත නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඒ රෝහණ වීරසිංහයන් සමඟයි. ඒ වගේම ‘දස්කොන්’ ටෙලි නාට්‍යයෙහි මූලික වැඩ කටයුතු කරගෙන යන අතරම එහි සංගීතය නිර්මාණ කටයුතුවල නිරත වෙනවා.ඒ සමන්ත පෙරේරා සමඟයි. ඊට අමතරව ‘සිංහලයේ මහා වංශ කතාවක්’ සඳුදා විකාශය වෙනවා. මේ අතර මා රණවිරු රියර් ස්ටාර් වැඩ සටහනටත් සහභාගි වෙනවා.
CREATIVE
මේ වීරයා ගැන මොනවද කියන්න බැරි? සමකාලීන අයට වගේම මහා නළුවා සමඟ රඟපාන අද ඊයේ නිළියන්ටත් ඔහු ගැන පුරාවෘත්තයකට තරම් කරුණු තියෙනවා.දීපිකා පදුකෝන්, රජිනිකාන්ත් නම් මහා නළුවා සමඟ මෑතකදීම රඟපෑ නිළියයි. ‘කොච්චඩියන්’ සිනමාපටයේ ඇය ඔහු සමඟ රඟපෑවා. ‘අනේ ඔහු දරුවෙක් වගෙයි.කාගෙ හරි හැකියාවක් අගය කරන්න ඇත්නම් පොඩ්ඩක්වත් පමා වන්නේ නැහැ.’ ඇය රජිනිට මුව පුරා ප්‍රශංසා කරනවා.දූගේ වාසනාව මවට වඩා පියාට බලපාන බව නක්ෂත්‍රකරුවන් කිව්වේ, ආරද්‍යා ඉපදුණු සැටියේයි.දැන් නම් මෙය ඇත්තක් වේගෙන එනහැඩයි.මේ වසර උදා වූයේ ඔහු රැඟූ ‘ප්ලේයර්ස්’, ‘දම් මරූ දම්’, ‘රාවන්’ සිනමාපට තුනම දිගින් දිගටම අසාර්ථක වෙමිනි.එහෙත් මේ වසරේ පළමුවරට ඔහු රැඟූ ‘බෝල් බච්චන්’ සාර්ථක ලෙස තිරගත වීමට පටන් ගෙන තිබේ.‘බෝල් බච්චන්’ දින තුනක ආදායම ඉන්දියානු රුපියල් කෝටි 40 ඉක්මවා ඇත.2009 ‘පා’ සිනමාපටයෙන් පසු අභිෂේක් ආදායම් ලැබීම අතින් අසාර්ථක නළුවකු විය.ලබන වසරේ අභිෂේක් රැඟූ ‘දොස්තානා 2’ හා ‘ඩූම් 3’ සිනමාපට තිරගත වීමට නියමිතය.සල්මන් ඛාන්ගේ සොයුරු අර්බාස් ඛාන් ද සාලු වගේම දඩබ්බරයෙක් ද? මෙසේ සිතන්නට සිදු වී ඇත්තේ අර්බාස් ඛාන්ගේ ලෑන්ඩ් කෲසරයකින් හැත්තෑ හැවිරිදි අසරණියක් මිය ගොස් ඇති නිසයි.වාහනේ අයිතිය සල්මන්ගේ සොයුරාගේ වුණත්, කාන්තාව යට වෙන වේලාවේ ඔහු රියෙහි නොසිටි බව පසුව හෙළි වී තිබේ.කෙසේ වුවත් කාරයේ අයිතිකරු අර්බස් ඛාන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය වග බලාගෙන ඇත.සම්මාන පිට සම්මාන ගත් ‘ඩර්ටි පික්චර්’ කන්නඩ සිනමාවට නැඟෙමින් පවතී. මෙහි සිල්ක් ස්මිතා ලෙස රාණි රැඟූ චරිතය රඟන්නිය වීණා මලික්ය.බැංගලෝරයේ සිනමාපටය රූගත කෙරෙන අතර වීණා සමඟ රූගත කිරීම පහසු කටයුත්තක් වී නැත.දිනක් රූගත කිරීමකදී ඇය නැරැඹීමට විසි දහසකට අධික සෙනඟක් ඒකරාශි වී ඇති අතර පැය ගණනක් ගතවන තුරුම මාර්ග තදබදයක් පැවතී තිබේ.නේහා ෂර්මා නම් විසි හතර හැවිරිදි සුරූපී තාරකාව බොලිවුඩයට පෑයුවේ ‘කෲක්’ සිනමාපටයෙනි. අද වන විට ඇයගේ සිනමා ආයු කාලය වසර හතරකි. සිනමාපට ගණන තුනකි. සිනමාපට දෙකක්මතිරගත වීමට නියමිතව ඇත්තේ මේ වසරේදීය.එක්තා කපුර්, අලුත්ම ගිනි සිළුව නේහාට ‘ක්‍යා සුපර් කූල් හේන් හම්’ රංගන වරම උදා කළ විට නේහා පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගියාය. එහෙත් සිනමාපටය තිරගත වීමට ආසන්න වන විට ඇයට තරු විසි වෙන්නට පටන් ගෙන තිබේ.ඇය මිතුරන් හා කර්මාන්තයේ සමීපතමයන් පසුපස යමින් උපදෙස් පතන්නීය. ‘නැවත හිතන්න’ ඔවුන් ඇයට දුන් අවවාදයයි.දෙපැත්ත කැපෙන දෙබස්, සමලිංගික සබඳතා පිරුණු තිර පිටපත නිසා නේහාගේ සිත තදින්ම ගිනි ගෙන තිබේ. ඇය සමඟ මෙහි සාරා ජේන් ඩයස් නිළිය ද රඟන්නීය.ඇය රැගූ පළමු සිනමාපටය ‘කෲක්’ නේහා යන නිළියට ක්ෂේත්‍රයේ රැඳීමට වරම් ඇති බව කියා පෑවේ සිනමාපටයට යම් තරමක ආදායම් ලබා දෙමිනි.ක්‍යා සුපර් කූල් හේන් හම්, සරාගී බවත්, හාස්‍ය රසයත් එකට කැටි කළ සිනමාපටයකි. ජූලි 27 වැනිදා සිනමාපටය තිරගත වීමට නියමිතය. නේහා හා එක්තා අතර පවතින මත ගැටුම නිසා සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතුවලට ද නේහා සහභාගිකර නොගන්නා බවට රාවයක් පවතී.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
* සුබ දවසක් සෙනාලි . . . කොහොමද ඔයාගේ වැඩ කටයුතු?බොහොම හොඳින් කරගෙන යනවා අයියේ.* ඔබ දැන් සම්මානනීය නිළියක්?අම්මෝ . . . ඒ තනතුර මට බරපතල වැඩියි. මං තවම පුංචිම පුංචි නිළියක්.* ඒත් ඔබ පසුගියදා ගෞරවාදරයට පාත්‍ර වුණේ ජනප්‍රියම නිළිය ලෙසින්. ඒ ගැන විස්තර කියමු?ඒ සම්මාන උළෙලේ නම ලංකා ලයිව් ෆිල්ම් අවෝඩ්ස් 2014. පළමුවරටයි එම සම්මාන උළෙල පැවැත්වුණේ. මේ මං ලද පළමු සම්මානය.* කවුද ඔබ පළමුවරට සම්මානනීය වූ මොහොතේ පළමු වරට සුබ පැතුවේ?සම්මානෙත් අරගෙන මං කෙලින්ම දුවලා ගියේ අම්මා ගාවට. අම්මගේ ඇස්වල කඳුළු. ඇය තමයි මට හා හාපුරා කියලා විෂ් කළේ.* සෙනාලිට පසුව ජනප්‍රිය නිළි ලැයිස්තුවේ හිටිය අය මේ දවස්වල ජනප්‍රියතම නාට්‍යවලින් නිතර දකින අය. එහෙත් ඔබ එක ටෙලි නාට්‍යකවත් නැහැ? එහෙව් තත්ත්වයක් මත ඔබ කොහොමද ජනප්‍රිය නිළිය වුණේ?මේ සම්මාන උළෙලෙහි ජනප්‍රිය නළුවා නිළිය තේරුවේ ජාතික පුවත්පතක පළ වූ කූපන් හරහා සහ අන්තර් ජාලයේ ඡන්ද විමසුමකින්. මාස කිහිපයක් තිස්සේ ඒ සඳහා ජනතාවගේ කැමැත්ත ලබා ගත්තා. මාව ජනප්‍රිය නිළිය හැටියට නිර්දේශ වෙලා තියෙනවා කිව්වම මං පුදුම වුණා. ඇත්තම කිව්වොත් මං ඒ සම්මාන උළෙලට ගියේ ජනප්‍රිය නිළියට සම්මාන ගන්න කොට අත්පුඩි ගහන්න. මං හිතනවා සිරි පැරකුම් චිත්‍රපටයේ සිරිමල් එතනාට ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරය කරන්න ඇති කියලා. ඒ චරිතය නිසයි අද මං මෙහෙම සම්මානයට පාත්‍ර වුණේ.* එදා සම්මාන උළෙලින් අනතුරුව කී දෙනෙක් ඔබට ඔරවගෙන ගියාද?මට නොපෙනෙන්න එහෙම කළාද දන්නේ නැහැ. හැබැයි ගොඩක් අය මූණට නම් සුබ පැතුවා.* කවදද ආයෙ එංගලන්තයට යන්නේ?මේ මාසේ අග තමයි යන්න හිතාගෙන ඉන්නේ. තව වසර හතරක් විතර එහෙ ඉඳගෙන අධ්‍යාපනය හදාරන්න තියෙනවා. නිවාඩුවට ලංකාවට ආවාමයි රංගන කටයුතුවල නියැලෙන්නේ.*ද මොන විශ්ව විද්‍යාලයේද සෙනාලි ඉගෙන ගන්නේ?කේම්බ්‍රිජ් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ.* අංශය ?ජීව විද්‍යා අංශය.* කවුරු වෙන්නද සෙනාලි හිතාගෙන ඉන්නේ?මං විද්‍යඥවරියක් වෙනවා.* ඊට පස්සේ?විද්‍යාඥවරියක් වෙලා එංගලන්තයට සේවය කරන්නේ නැහැ. මගේ උපන් රටටයි මං සේවය කරන්න හිතාගෙන ඉන්නේ. අධ්‍යාපනය හැදෑරුවාට පස්සේ ස්ථිර පදිංචියට ලංකාවට එනවා.* එතකොට කලාව?මේ වගේම ඉඩ ලැබෙන හැම වෙලාවෙම රඟපානවා. හැබැයි විනෝදාංශයක් විදිහට නෙවෙයි. මොකද රංගනය කියන්නේ විහිළුවක් නෙවෙයි. ඒක හරියටම ඉටු කරන්න ඕන වගකීමක් වගේ දෙයක්.* විද්‍යාඥවරියක් වුණායින් පසුව ද විවාහය ගැන හිතන්නේ?නැහැ, නැහැ. තව කාලාන්තරයක් යාවි මං කසාදයක් ගැන හිතන්න.* හේතුව?මට අවශ්‍ය දේවල් නියම කාලයේදි මට ලැබුණා. මං හිතනවා කසාද බඳින්න ඕන කාලේ මට හොඳ ගති ගුණ ඇති පිරිමි ළමයෙක් හිමි වේවි.* සෙනාලිගේ හිතේ ඇඳිච්ච රූපයක් තියෙනවාද?නැහැ.* මොන වගේ අයකුටද ඔබ කැමැත්තෙන් ඉන්නේ?එහෙම අමාරුයි කියන්න. කොයි වගේ කෙනෙක් මාව හොයාගෙන එයිද දන්නේ නැහැනේ. මං ආදරේට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම මං තවමත් හිතාගෙන ඉන්නේ මං පුංචි ළමයෙක් කියලා.* එහෙනම් සෙනාලිට හරියන්නේ මොන්ටිසෝරියක සර් කෙනෙක්?අනේ මේ, විහිළු කරන්න එපා අයියේ.* නළුවන්ගෙන් විවාහ යෝජනා ඇවිල්ලා නැද්ද?තවම නම් නැහැ.* නළුවකුගෙන් විවාහ යෝජනාවක් ආවොත්?ඒ ගැන සලකලා බලනවා. මගේ පෙම්වතා නළුවෙක් ද කියන එක නෙවෙයි, මට හරි යනවද කියන එකයි වැදගත්. නමුත් දැන්මම විවාහය ගැන හිතන්නේ නැහැ.* සෙනාලිට මේ තරම් දේවල් හිමිවන්නේ කලාවට සම්බන්ධකම් තියෙන ඥාතීන් ගොඩක් සිටින නිසා යැයි කවුරුන් හෝ කිව්වොත්?ඒක බොරු කතාවක්. කලාව කියන දායාදය අපට ලැබුණේ ලොකු නැන්දි මාලිනී ෆොන්සේකා මහත්මියගෙන්. ඇය හෝ වෙන ඥාතියකුගේ තල්ලුවෙන් නෙවෙයි මං ක්ෂේත්‍රයට ආවේ. මං සිරි පැරකුම් එකේ ඉන්ටර්විව් යද්දිවත් සෝමෙ අංකල්ට ඒ කවුරුවත් කෝල් කළේවත් නැහැ. නමුත් ඥාතීහු හැමෝම මට ආශිර්වාද කළා.* ඔබෙයි ඇයගෙයි මොනවද තියෙන සමානකම්?ලොකු නැන්දිගේ සිනමා ජීවිතයටවත්, පෞද්ගලික ජීවිතයටවත් මට ළං වෙන්නවත් බැහැ. ඇය මට ගුරුවරියක්. මට විතරක් නෙවෙයි ක්ෂේත්‍රයේ හැමෝටම ඇය ගුරුවරියක්. එවන් වූ අයකුට මාව සමාන කර ගන්න යන එක නිෂ්ඵල කටයුත්තක්.* මොකක්ද ඇයගෙන් ඔබට ලැබුණු හොඳම අවවාදය?අඩුවෙන් කතා කරන්න වැඩියෙන් වැඩ කරන්න.* මාලිනී රඟපෑ චිත්‍රපට අතුරින් ඔබ වඩාත්ම පි‍්‍රය කරන්නේ?නිධානය.* ඇයගේ කාලයේ තරම් විවිධාකාර වූ චිත්‍රපට අද හැදෙන්නේ නැහැ. එහෙයින් ඔබ වැනි අයෙකුට ලැබෙන අවස්ථා අඩුයි නේද?ඒක නම් එහෙම තමයි. හැබැයි නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබුණා. ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් චරිත. එහෙම හිතලා හිත හදා ගන්නනවා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - අමිත් එස්. සේනාරත්න
CREATIVE
මේ කතාව අලුතෙන්ම හඳුන්වා දෙන දෙවි කෙනෙක් ගැනයි. තිස්තුන් කෝටියක් දෙවියන් අතරට මේ අලුත්ම දේවතාවා හඳුන්වා දෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි. පසුගියදා ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘සමනල සංධ්වනිය’ හි මාධ්‍යවේදීන් සඳහා වූ දර්ශනයේදී තමයි මේ දේවතාවා හඳුන්වා දුන්නේ.චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යුවළ ඇතුළු සියලු ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පස්වරු 5.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ අදාළ දර්ශනය 6.30 වෙනකල්ම ප්‍රදර්ශනය කිරීමට නොහැකි වුණා. ඒ එහි සවිකර තිබූ නවීනතම ප්‍රක්ෂේපණ යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා. එම අවස්ථාවේදී ජයන්ත පැමිණ සිටි මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලුවෙ තිබුණේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර දේවතාවාගේ ආනුභාවය ලැබුණ වහාම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරන බව දන්වමින්.කලා ක්ෂේත්‍රයේ සුප්‍රකට සංගීතඥයකුට දුම්රිය ගමනකදී හරි අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වෙලා. ඔහු ප්‍රවීණ සංගීතඥ රෝහණ ධර්මකීර්ති. වේයන්ගොඩ සිට කොළඹට පැමිණෙන්න ඔහු දුම්රියකට ගොඩ වුණත් තෙවැනි පන්තියේ මැදිරිවල ඉඩ මදිවීම නිසා දෙවැනි පංතියේ මැදිරියකට නගින්න තීරණය කළා.කොහොම හරි තෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයකින් දෙවැනි පන්තියේ ගමන් කළ වරදට අදාළ නිලධාරීන් ඔහු අල්ලා ගත්තත් ඒ වෙලාවේ එය සුහදව බේරා ගන්න ඔහුට නොහැකි වුණා. කොටුවට ඇවිත් සීසන් එක ගන්න අදාළ නිලධාරියා ඔහුට පවසා තිබුණා.කොටුව දුම්රිය ස්ථානයට ගිය රෝහණට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ හරි අපූරු සිදුවීමකට තමයි. අදාළ නිලධරියා රෝහණව කැඳවාගෙන ගොස් තිබුණේ ආපන ශාලාවට. වරදකරු දඩ මුදලක් ගෙවීම වෙනුවට ඔහුට සංග්‍රහ කිරිම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් නේ. මේ සිදුවීම දෙස පුදුම වෙලා වගේ බලාගෙන සිටි රෝහණගෙන් අර අදාළ නිලධාරියා ඇහුවලු ‘අනේ පුළුවන් නම් මට සිංදුවක් කියන්න චාන්ස් එකක් අරගෙන දෙන්න පුළුවන්ද කියලා.ඈත අතීතයේ මෙන් වර්තමානය දක්වාම රටට දැයට සේවය කළ රජවරුන් දේවත්වයෙන් සැලකීම සාමාන්‍ය දෙයක්. දැන් ඒ අවස්ථාව අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙකුටත් හිමි වෙලා. ඒ තමයි ජැක්සන් ඇන්තනී.ජැක්සන් රජ වුණේ කුස පබා චිත්‍රපටයේ කුස රජතුමා ලෙසයි. දැන් ඔහු බණ්ඩාර දෙවියන් ලෙස දේවත්වයෙන් සැලකුම් ලබන්නටත් වාසනාවන්ත වෙලා. මෙහි තියෙන විශේෂත්වය තමයි මෙරට රංගන ක්ෂේත්‍රයේ පළමුවරට රජ කෙනෙකුගේ චරිතය සහ දෙවි කෙනෙකුගේද චරිතයක් ලද එකම රංගන ශිල්පියා ජැක්සන් බවට පත්වීමයි.මේ කාතව අපේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ගැනයි. අපි ඔහුගේ නම සඳහන් කරන්නේ නැතුව ඔහුට නිමල් කියමු. මේ නිමල් නම් පුද්ගලයා මදුවිතක් තොලේ කටේ ගෑවුණාම කොකු මාස්ටර් කෙනෙක්. ඉතිං දවසක් මේ නිමල් – සුනිල් නම් කලා ක්ෂේත්‍රයේම තවත් මිතුරෙකුට කතා කළේ පොඩි පහේ සප්පායමක් වෙන්න. ඒත් සුනිල් එය පිළිගත්තේ නිමල්ගේ හැටි දැනගෙනමයි.මේ දෙන්නා කතා කළේ රංගන කටයුතු ගැනම තමයි. මේ වෙලාවේ නිමල් සුනිල් ගෙන් ඇහුවේ කොහොමද මගේ රඟපෑම කියලා. නිමල් ගේ හැටි දන්න සුනිල් කිව්වලු ඔයාගේ රඟපෑම් හොඳයි. කිසිම අඩු පාඩුවක් නැහැ කියලා. ඉතිං පොඩ්ඩ බැරි වුණ ගමන් කේන්ති යන සුනිල් කිව්වලු උඹලා ඉරිසියයි මම තියෙන වැරැදි හදා ගන්නවට. ඒ නිසා තමයි ඔහොම කියන්නේ කියලා. ඊට පස්සේ සුනිල් නිමල්ගේ පොඩි පොඩි අඩුපාඩු කිහිපයක් කියලා තියෙනවා. ඒ වෙලාවේ නිමල් එතකොට උඹ කියන්නේ අපි නළුවො නෙවෙයි, අපිට රඟපාන්න බැහැ කියලා. රණ්ඩුවක් පටන් ගන්න හැදුවලු.මේකෙන් බේරෙන්න බැරි තැන සුනිල් අත දිගහැරලා නිමල්ට හොඳ කම්මුල් පාරක් ගැහුවලු. වෙනදා හැමෝම එක්ක රන්ඩුවට යන නිමල් එදා නම් නිශ්ශබ්දව අදාළ ස්ථානයෙන් පිට වෙලා ගියා කියලා තමයි ආරංචි.  ගයාන්, චතුරිකා රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රියම රංගන තරු දෙකක්. ඔවුන් දෙදෙනා ගැනම පසුගියදා නොයෙකුත් කටකතා පැතිරුණා. ඒ අතර අලුත්ම කටකතාව වුණේ ගයාන් වික්‍රමතිලක චතුරිකාගේ තාත්තා ජයන්ත පීරිස්ට පිහියෙන් ඇන්න බවට පැතිර ගිය කටකතාවයි. මේ ගැන දැනගන්න අපි චතුරිකාට වගේම ගයාන්ටත් කතා කළා. ඔවුන් දෙදෙනාම කියා සිටියේ මේ කටකතාව අමූලික බොරුවක් බවයි.ගයාන් වගේම චතුරිකාත් කියන්නේ මේ දිනවල ඔවුන් දෙදෙනා ගැන විවිධ කතා මැවෙන බවයි. කොච්චර කතා මැවුණත් තම තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන බවයි ඔවුන් දෙදෙනාම සරසවියට කිව්වේ. සිතුවම - අරවින්ද සේනාධීරඡායා - ටෙනී - මාලන්
CREATIVE
සුභාවිත ගීතය නව පරපුර වෙත ප්‍රදානය කිරීම අරඹයා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අරඹා ඇති වැඩසටහන් මාලාව ‘ආරාධනා’ නම් ගී ප්‍රසංගයේ පළමුවැන්න පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.විශාරද සුනිල් එදිරිසිංහ සහ නිරෝෂා විරාජිනීගේ හඬින් ඔපවත් වූ මෙහි අවස්ථා කිහිපයකි මේ.
CREATIVE
චම්පික ප්‍රියදර්ශන ද සිල්වාමේ දිනවල දෙරණ නාළිකාවේ විකාශයවන අත්තම්මා ටෙලි නාට්‍යයේ සපුමල්ගෙ චරිතයට පණපෙවූ චම්පික ප්‍රියදර්ශන ද සිල්වා සරසවියට ගොඩවැදුනේ රංගන දිවියේ ඔහු ආ දුර අප හා කතා කරන්නටයි.චම්පික අපි ඔබේ කතාබහ අත්තම්මා ටෙලි නාට්‍යයේ සපුමල්ගෙ චරිතයෙන්ම අරඹමු.කියන්නකො සපුමල්ට මොකද වෙන්නෙ ?අනේ ඇත්තමයි කියන්නෙ රඟපාන මංවත් ඒ ගැන දන්නෙ නැහැ.මොකද පසුතලයට ගියහම ඉදිරි කොටසෙ පිටපත ලැබෙන්නෙ.ඒ අනුව රඟපානව මිස ඉදිරියේදි මේ චරිතයට කුමක් වේවිද කියල නිශ්චිත වචනයක් දෙන්න මට බැහැ.ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රථමයෙන් ඔබ වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑව.මේ ගමන් මග එන්නට ඔබට අත දුන්නෙ කවුරුද?මම හැදුනෙ වැඩුනෙ අනුරාධපුරේ,මට වයස 17 දී ගුණදාස මදුරසිංහ මහතාව මුණගැසීමට කොළඹ ආවේ රඟපාන්න අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින්.එතුමා මට ආචාර්ය අනුර චන්ද්‍රසිරි මහතාව හදුන්වා දී දෙයියෝ සාක්කි වේදිකා නාට්‍යයෙ රඟපාන්න අවස්ථාව උදාකර දුන්නා.ඉන්පසු දයා වයමන් මහතාගෙ මලල්ගොඩ සාක්කි,සරත් විජේසිංහ යන්ගේ සෙමිට්ට්‍රියේ භූතයෝ,ජීවන් මෙත්සින් ගේ කස වේදිකා නාට්‍යවල රගපෑමේ අවස්ථාව උදා වුණා.ප්‍රියන්ත කෙළඔගේ ගේ සොඳුරු ගිම්හානය ටෙලි නාට්‍යයේ පොලිස් කොස්තාපල් ආනන්දගෙ චරිතය පිළිඹිබු කරන්නට ඔබට අවස්ථාව උදාවුණේ කොහොමද ?වාසල බණ්ඩාර,ඉන්දික ධර්මතිලක යන මහත්වරුන් තමයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට මාව යොමුකළේ.ඉන් අනතුරුව විකාශය වු ෂර්ලි පී දෙලන්කාවලයන්ගේ සක්කුළු පව්ව, දැනට විකාශය වන රංජන් ප්‍රසන්න ගේ සුරවිමන, තිළිණ බොරලැස්සයන්ගේ අත්තම්මා, ඉදිරියේදී විකාශය වීමට නියමිත චන්ද්‍රරත්න මාපිටිගම යන්ගේ සුළිය,චන්දන එදිරිසිංහයන්ගේ වීනාවි,චන්දන හේවාපතිරණ යන්ගේ සසර සක්මන්.සුජීව ගුණරත්න යන්ගේ ඩස්ට්, ජෙරම් ජෝසප් ගේ මහින්සා ටෙලි නාට්‍යවල රගපෑව.මේ දිනවල චමින්ද එල්ලාවල ගේ සහ නිලන්ත කුමාරසිරිගේ නාට්‍ය දෙකක වැඩ කරමිනුයි සිටින්නේ.චම්පිකගෙ ඉදිරි බලාපොරොත්තුව හා රගපෑමට කැමති චරිතය කුමක්ද?මේ ක්ෂේත්‍රයට මම අලුත්, ආ ගමනට වැඩිය යන්න තිබෙන ගමන බොහෝ දුරයි.ප්‍රවීණයන්ට ගරු කරමින් ඔවුන්ගේ ගුරු හරුකම් මැදින් මේ ක්ෂේත්‍රයෙ නියැළීම මගේ බලා පොරොත්තුවයි.රස්තියාදු කාරයෙක්ගේ චරිතයක් ලැබෙනවනම් ගොඩක් කැමතියි.තිස්ස ධම්මිකසේයා - මාලන් කරුණාරත්න
CREATIVE
2012 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මෙම මස 30 වැනිදා පස්වරු 2.00 ට වේයන්ගොඩ පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී විශිෂ්ටතම නවකතාව, කෙටි කතාව, පද්‍ය සංග්‍රහය, විද්‍යා ප්‍රබන්ධය, නාට්‍ය ග්‍රන්ථය, යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය, පරිවර්තන ග්‍රන්ථය, ළමා සාහිත්‍ය ඇතුළු ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසකට සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමෙයි.මීට අමතරව ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ටතම සේවය අගය කිරීම සඳහා පිරිනමනු ලබන සාහිත්‍යරත්න සම්මානයෙන් මෙවර පිරිනමනු ලබන්නේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග, මහාචාර්ය රංජනී ඔබේසේකර, මහාචාර්ය අරුණාචලම් යන විද්වතුන් සඳහායි.සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩල එක්ව සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට මෙවර ග්‍රන්ථ 1151 ක් ලැබී ඇත.උත්සවාකාරයෙන් පැවැත්වෙන මෙම උළෙලට සංස්කෘතික හා කලා කටයුතු ඇමති ටී. බී. ඒකනායක හා මැති ඇමතිවරු, ප්‍රවීණ කලාකරුවන් හා සාහිත්‍යකරුවන් රැසක් සහභාගිවීමට නියමිත.ප්‍රවීණ සිංහල ආචාර්යවරයකු වන සාහිත්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගල ලියූ අලුත්ම නවකතාව ‘පිරිමි ගොඩයි මං විතරයි’ මෙවර සාහිත්‍යය මාසය වෙනුවෙන් එළි දක්වා තිබේ.මේ සමඟ සන්නස්ගල ලියූ අනෙකුත් නවකතාවල ප්‍රති මුද්‍රණ ද මේවන විට නිකුත්කර ඇත. වස්සාන සිහිනය, සංඟිලි පාලම, සරසවි දියණියෝ, තුඹසක විලාපය, වසන්තය එනවා සත්තයි, නේත්‍රා, මගේ කුලුඳුල් පෙම්වතිය, ආදරේ තරම්ම යසෝදරා, එම කෘති අතර වේ.සංජුල දිවාරත්නගේ ‘මායාවෝ’ වේදිකා නාට්‍යය මෙම මස 29 වැනිදා ගම්පහ සුමේධ රංග ශාලාවේදී වේදිකා ගතවීමට නියමිතය.මෙම වේදිකා නාට්‍යයේ ජීවන් හඳුන්නෙත්ති, කුමුදුනී අධිකාරි, ඩීමන් හෙට්ටිආරච්චි, මහේන්ද්‍ර විජේරත්න, රංජන් ගලගෙදර, කුමාරි සේනාරත්න, ගයා ක්‍රිෂානි, එම්. එමිල්, උදාර රණසිංහ, ඉන්දික මධුරගේ, නිශ්ශංක ජයරෝහණ යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති. වේදිකා පරිපාලනයෙන් සනත් ධම්මික, වේශ නිරූපණයෙන් එම්. එමිල්, වේදිකා ආලෝකකරණයෙන් සුනිල් සමරකෝන්, සංගීතයෙන් ඩබ්ලිව්. ප්‍රේමරත්න සොයිසා, පසුතල නිර්මාණයෙන් උපුල් ප්‍රදීප්, නිෂ්පාදනයෙන් මංගල මඬුගල්ල සහාය වෙති.ආධුනික ගායක ගායිකාවන්ට සහ නර්තන ශිල්පීන්ට අවස්ථාවක් ලබාදීමට රුක්මණී දේවි ස්වර්ණ පදනම පියවර ගෙන ඇත.ඒ අනුව ලබන ඔක්තෝබර් 28 වැනි දා රාජගිරිය වික්ටෝරියා නිවාසයේදී පැවැත්වෙන රුක්මණී දේවි 34 වැනි අනුස්මරණ වැඩසටහනේ දී මෙම අවස්ථාව ලබා ගැනීමට කැමැත්තක් දක්වන ආධුනික ශිල්පීන්ට 071 – 7247501 සහ 077 – 7620925 අංක අමතා වැඩි විස්තර ලබා ගන්නා ලෙස රුක්මණී දේවි ස්වර්ණ පදනමේ සභාපති ජයන්ත කඳනආරච්චි දන්වා සිටියි. මේ සඳහා අදාළ කටහඬ සහ නර්තන පරීක්‍ෂණ ලබන මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. රුක්මණී දේවියගේ ඥාති දියණිය වන නීතිඥ කාංචනා ප්‍රනාන්දු සහ ජයන්ත කඳනආරච්චි මේ සඳහා සහභාගි වන ලෙස ඔබ සැමට ඇරයුම් කර සිටියි.දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි දුලාජ් ධනුෂ්කසිය අලුත්ම ගීතය ‘මොනාලිසා’ නමින් එළි දක්වා ඇත.ස්ව සංගීත නිර්මාණයකින් යුතු මොනාලිසා පද රචනය සමන් චන්ද්‍රනාත් විරසිංහ විසිනි. මෙම ගීතයේ රූගත කිරීම් සිංගප්පූරුවේ දී සිදුකර තිබේ. දුලාජ් සිය ප්‍රථම ගීතය මීට වසරකට පෙර ‘මේ රාත්‍රියේ’ නමින් එළි දැක්වීය.ඩෙන්සිල් ජයවීර අධ්‍යක්‍ෂණය කළ ‘වස්සානේ සෙනෙහස’ චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට ද පිවිසි දුලාජ් සිය පළමු සංයුක්ත ගී තැටිය ලබන වසරේ දී එළි දැක්වීමට සූදානමින් සිටියි. දුලාජ් ධනුෂ්ක – 0777972836 / 0718744770- යතේජා ඥානරත්න - තිලානි ශානිකා විතානාච්චිප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන දී. ග. සෝමපාල නිර්මාණය කරන්නට අදහස් කරනා ‘අහස අහිමි කුරුල්ලනේ’ නම් නවතම ළමා ටෙලි නාට්‍යයට දක්ෂතා ඇති දූ දරුවන් අපේක්ෂා කරයි.ඔබත් වයස අවුරුදු 11 – 13 යන වයස පරාසයේ සිටින රංගනයට දක්ෂ දරුවකු නම් ළඟදීම ලබාගත් ඡායාරූපයක් සමඟ ඔක්තෝම්බර් මස 07 දින පෙරවරු 9.00 ට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වන්න.
CREATIVE
සිරස කුමරිය පවනි සමඟ කළපළමු කතාබහසිරස කුමරිය දෙවන අදියර පසුගිය සෙනසුරාදාවේ අවසන් වුයේ පවනි මධුශානි සිරස කුමරිය ලෙස අභිෂේක ලබමිනි. අති විශාල තරගකරුවන් රාශියක් අතරින් ජයග්‍රාහිකාව වන්නට වාසනාව ලද ඇය ඇඳුම් මෝස්තර නිර්මාණකරණයෙහි යෙදුන අයකි.අතිශය ජනාදරයට පත් වූ සිරස කුමරිය පළමු අදියරෙන් හඳුනා ගත් දුලානි අනුරාධා, ශලනි තාරකා (පළමු අදියරෙහි කුමරිය) මේ වන විට අප ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත බවට පත්ව සිටියි. පවනි ද තව නොබෝ දිනකින්ම ඔවුන් අතරට එකතු වනු ඇත.මේ දිග හැරෙන්නේ පවනි පුවත්පතකට ලබා දුන් පළමු පුවත්පත් සංවාදයයි.ඔබ මීට ප්‍රථම කිසිදු කලා නිර්මාණයකට දායක වෙලා නැහැ නේද?ඔව්. ඒත් පාසල් යන කාලයේ ඇති තරම් කලා කටයුතු කළා. අධ්‍යාපනයෙන් අනතුරුව ෆැෂන් ඩිසයිනින්ග් පිළිබඳ ඉගෙන ගෙන ගියා. එතකොට තමයි සිරස කුමරියට ඇප්ලයි කළේ. ඒ නිසා ඒ කටයුතුත් තාවකාලිකව නැවැත්තුවා.ඔබ සිරස කුමරිය හා සම්බන්ධ වුණේ ජනප්‍රිය වන්නට යැයි කෙනෙකුට හිතන්න පුළුවන්?ඒකට මං මෙහෙම පිළිතුරක් දෙන්නම්. සිරස කුමරිය තරගයට ගිය පමණින් ජනප්‍රිය වෙන්න බැහැ. මෙම තරගය නෙවෙයි වෙනින් කිසියම් තරගයකට ගියත් ජනප්‍රිය වෙන්න බැහැ. ජනප්‍රියත්වය යම්තාක් දුරකට හෝ ලබන්න ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට යන්න හැකියාවන් තියෙන්න ඕනේ. අනික මම සිරස කුමරිය වුණයි කියලා පාරේ බැහැලා යන්න බැරි තරම් ජනප්‍රියත්වයක් ලැබිලා නැහැනේ. අනික මං පාසලෙන් ඉවත් වූ දින සිට කලාව කළා නම් මීට වඩා ජනප්‍රියවන්න තිබුණා. මට ඕනෑ වුණේ මේ තරගය හරහා මගේ හැකියාවන් හඳුනා ගන්න.එහෙම පුළුවන් වුණාද?සත්තකින්ම, අපිට තරගයේ අතරතුර ටෙලි චිත්‍රපටයක රඟපාන්න ලැබුණා. එතකොටයි මට රඟපාන්න පුළුවන් බව මං දැන ගත්තේ.ඇත්තටම ඔබට රඟපාන්න පුළුවන්ද?මං හිතනවා. ඒත් ඒ හැකියාව දියුණුකර ගන්න ඕනේ ස්වයං අධ්‍යයනයෙන්.දැනටමත් රඟපාන්න ඇරැයුම් ලැබිලා ඇති වග දැනගන්නට ලැබුණා?ඔව්. අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් කතා කළා.සිරස ආයතනය ඔබට නිදහස දීලා තිබෙනවාද රංගන කටයුතුවලට?ආයතනය දැනුවත් කොට මට නිර්මාණවලට රංගනයෙන් දායකවන්න හැකියාවක් තියෙනවා.සිරස කුමරිය වීමට ඔබට තිබූ සුදුසුකම් මොනවාද? ඔබට වැඩිය සුරූපී අය අවසන් දොළොස් දෙනා අතර සිටියා නේද?ලස්සන විතරක් නෙවෙයි, ටීම් වර්ක් එක, නායකත්ව හැකියාව, වෙනත් කලා දක්ෂතා යනාදිය බැලුවා. ඒවාට මට ඉහළ ලකුණු ඇති. ඒකනේ මට කිරුළ හිමි වුණේ.මං දැන් පවනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් අහන්නයි හදන්නේ?ඡායාරූපයඅමිත් එස්. සේනාරත්නඅහන්න.පවනිගේ සම්පූර්ණ නම?පවනි මදුශානි විජේසිංහ.පාසල?ඉස්කෝල දෙකකට ගියා. කොළඹ සංඝමිත්තා සහ ආනන්ද බාලිකා.පදිංචිය?ඉපදුණේ කොළඹ. වර්තමාන පදිංචිය කිරිබත්ගොඩ.උපන් දිනය?1987. 10. 17උස?අඩි 5යි අඟල් 3.ලග්නය?කුම්භ.ආදරවන්තයා?එහෙම කෙනෙක් ඉස්සර හිටියා. දැන් නැහැ.තරගය අතරතුරදී විවාහ යෝජනා කීයක් ආවද?දෙක තුනක්ම ආවා.ඔබ ගැන වචන දෙක තුනකින් හඳුන්වන්න?හිත හොඳ කෙනෙක්.උදව් කළ පිරිස?සුසාර දිනාල් මහතා ඇතුළු සිරස පවුලේ හැමෝම.අවසන් වශයෙන් කියන්න සිරස කුමරියට සහභාගී වෙලා ඔබට ලැබුණු අපූරු අත්දැකීම?අපට එක්තර අවස්ථාවක තිබුණා කුඹුරු කොටන්න. මං ජීවිතේට කුඹුරු කොටලා නැහැ. මඩ නාගෙන අතට නුහුරු උදැල්ල පාවිච්චි කරමින් කුඹුරු කොටපු හැටි ජීවිතයට අමතක වන්නේ නැහැ.ප්‍රසාද් සමරතුංගඡායාරූපය – මාලන් කරුණාරත්න  
CREATIVE
සිනමා ක්ෂේත්‍රයේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරු තම නිර්මාණ තුළින් අලුත් නළුවන් ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා.ඒ අතර තාත්තලා හදන චිත්‍රපටවලින් පුතාලා ක්ෂේත්‍රයට හඳුන්වා දෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම තාත්තලා පුතාලා එක්ව කෙරෙන අපූරු නිර්මාණත් තියෙනවා. මේ කතාව ඒ වගේ දෙයක් ගැනයි.සුරංග ද අල්විස් කියන්නේ යොවුන් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු සංගීතවේදී සරත් ද අල්විස් ගේ පුතණුවන්. සුරංගගේ ප්‍රථම සිනමා නිර්මාණය ‘රජ හොරු’ රජ හොරු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය සිදු කළේ සරත් ද අල්විස්. රජ හොරු කියන්නේ තාත්තලා පුතාලා එක්ව කරපු අපූරු නිර්මාණයක්.බොලිවුඩ් සිනමාවෙත් මේ වගේම තාත්තලා පුතාලා ඉන්නවා. ඒ තමයි රෝෂන් පවුල. රාකේෂ් රෝෂන් බොලිවුඩයේ ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂවරයෙක්.ඔහුගේ පුත්‍රයා දැන් බොලිවුඩයේ අතිශය ජනපි‍්‍රය නළුවකු ලෙස නම් දරා සිටින රිතික් රෝෂන්.ඒ වගේම රාකේෂ් ගේ බාල සහෝදරයා වන රාජේශ් රෝෂනුත් ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය සංගීත ශිල්පියෙක්. මේ අයියා - මලෝ දෙපළගේ තාත්තා රෝෂනුත් බොලිවුඩයේ නම් දැරූ සංගීත අධ්‍යක්‍ෂවරයෙක්.රාකේෂුයි, රාජේශුයි එක්ව සිනමා නිර්මාණ කළත් කවදාවත් රාකේෂ්ට තාත්තා සමඟ සිනමාපටයක් කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ.
CREATIVE
ඩබල් ට්‍රබල් චිත්‍රපටයේ නිෂ්පාදක රාජ් රණසිංහ ඉන්දියාවත්, මැලේෂියාව සහ කාම්බෝජය යන රටවල්හි නිෂ්පාදකවරුන් සමඟ එකතු වී දැවැන්ත සිනමාපට දෙකක් නිර්මාණය කිරීමට සූදානම් වෙයි. ‘අංගුලිමාල දමනය’ ඉන් එක් සිනමාපටයකි.අංගුලිමාල කතා පුවත ඇසුරෙන් තැනෙන එම සිනමාපටය ලංකාව, ඉන්දියාව සහ කාම්බෝජයේ හවුල් නිෂ්පාදනයක් ලෙස එළි දකියි. සම්මානනීය සිනමාපටයක් වන එකදා වැහි නිර්මාණය කළ පරාක්‍රම ජයසිංහ අංගුලිමාල දමනය අධ්‍යක්ෂණය කිරීමට නියමිතය.මෙරටත් මැලේෂියාවත් එකමුතුවෙන් නිර්මාණය වන චිත්‍රපටය වනුයේ ද ඔපසිටි කැච්වේ. සිංහලෙන් සහ ඉංග්‍රීසි බසින් එය එරට අධ්‍යක්ෂවරයකු වන ජොනතන් පී. අධ්‍යක්ෂණය කරයි. මෙම සිනමාපටයන් දෙකෙහිම කැමරා අධ්‍යක්ෂණය ජී. නන්දසේනගෙනි.ප්‍රසාද්
CREATIVE
ගාලු පුරවරයේ උණවටුන, යටගම හෙට්ඨාවල පිරිවෙන් විහාරය අවට පරිසරය ඉතාම ශාන්ත වූ සිත් ගන්නා සුලු දැකුම්කලු වට පිටාවකින් යුක්තයිමේ ශාන්ත පරිසරයේ ජීවය උකහා ගෙන තම නිසඟ කලා හැකියාවන් දියුණු කරගත් ඔහු රොහාන් පෙරේරාය.යටගම මැකම් විදුහලේ වේදිකාවෙන් තම රංගන අඩිතාලම දැමූ ඔහු චිත්‍ර ශිල්පයට ද උපන් හපන්කම් දක්වන්නෙකි. උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් වූ මේ අපූරු යෞවනයා තම කලා හැකියාවන් තව තවත් ඔප මට්ටම් කර ගත්තේය.1983 වර්ෂයේදී තමන්ගේ ගමට වී සිනමාව හැදෑරීමට නොහැකි නිසා රොහාන් කොළඹ පැමිණෙන්නේ සුළු රැකියාවක් කරමින් තම අභිමතාර්ථය වූ රංගනය හා සිනමාව පිළිබඳ අධ්‍යයනයක් ලැබීමටය.සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා යටතේ වේදිකා රංගනය හැදෑරූ හෙතෙම, ආචාර්ය සාලමන් ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා ආදීන්ගෙන් තම රංගන දැනුම මුවහත් කර ගත්තේ රංග කරළියේ පෙළහර පෑමේ අදහසිනි.1984 ජූනි 14 වැනි දින සරසවිය පුවත්පතේ පළ වූ දැන්වීමකට අනුව රෝයි ද සිල්වා හරහා සිනමාවට ද අත්පොත් තැබූ මේ අපූරු මිනිසා රෝයි ද සිල්වාගේ ‘තාත්ති මං ආදරෙයි’ චිත්‍රපටයේ සටන් ජවනිකාවකින් ප්‍රථම සිනමා අත්දැකීම ලැබුවේය.1993 දී නාට්‍ය ශිල්පී සුමිත්‍ර එච්. හෙට්ටිගේ මහතා නිර්මාණය කළ ගිවිසුම නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික් හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමටත් රොහාන් වාසනාවන්ත වූයේය.එපමණක් නොව හෙතෙම රූපවාහිනී හඬ කැවීම් ඒකකයේ හඬ කැවීම් ශිල්පියකු ලෙස කම්මැලි වෘක්කයා, නයිල් නදී කුමාරී, රෙඩි රයිඩින් හුඩි ආදී නිර්මාණ රැසකට තම දායකත්වය ලබා දුන්නේය.මහතලා හටන ආදී ටෙලි නිර්මාණ තුළින් ද ඔහුගේ රංග වපසරිය මොනවට කියා පෑවේය.අනන්ත දුක්ක දෝමනස්සයන් මැද කලා ජීවිතය ජය ගත් ඔහු වර්තමානයේ ගුරුවරයකු ලෙස අනාගත පරම්පරාවට තම ශිල්ප ඥානය ද ලබා දෙයි.0718212293 ඔස්සේ ඔහුට නිරතුරුවම ඇමතිය හැකියි.‘නන්දන’, යටගම, උණවටුන, ගාල්ල ලිපිනයේ පදිංචි මේ සොඳුරු මිනිසා තවමත් රංගනය නම් මහ සයුරේ පුංචි දිය බිඳුවක්ව වැජඹෙයි.සංජීව සම්පත් බාලසූරියසේයා -ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
මුතු පලසක් දිග හැරෙන්නාක් සේ බොම්බේ නගරයේ රූපරාමු එකින් එක දිග හැරෙයි. ඒ බොලිවුඩ් පුරවරයේදී නම් නොවෙයි.ශ්‍රී ලංකාවේ රන්මිහිතැන්න ස්වර්ණ භූමියේදීයි. 2012 වසරේදී විවෘත කරන ලද මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේදී මංගල බොලිවුඩ් සිනමා නිර්මාණය දැන් රූගත කෙරෙමින් පවතී. ඒ ‘බොම්බේ වෙල්වට්’ සිනමාපටයයි.පසුගියදා සෙරන්ඩිබ් ස්ටුඩියෝ කළනාකාරිත්වය යටතේ රූගත වෙන සිනමාපටය හා ලංකාවේදී ඔවුන් ලද අත්දැකීම් ගැන සොඳුරු කතාබහක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණි.මේ අවස්ථාවට අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප්, නිෂ්පාදක විකාස් බාලි, ප්‍රධාන තාරකා යුවළ රන්බීර් කපූර් සහ අනුෂ්කා ෂර්මා, දුෂ්ට චරිත රඟන කේ කේ. මෙනන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.ඉන්දියානු සයුරේ මුතු ඇටය ගැන ඔවුන්ට හා ඔවුන් ගැන අපට හැගුණු දේ බොහෝය. ඒ සියල්ල බොලිවුඩ සිනමාපටයක් මෙන් සුන්දරය.ප්‍රධාන නළු රන්බීර් කපූර් කියා සිටියේ ලංකාවේ පිරිසුදුකමට ඔහු ඉතා කැමැති බවයි. ‘ඕනෑ තරම් රූගත කිරීම් ගැන අත්දැකීම් තිබෙනවා. ඒත් ලංකාවේදී රූගත කිිරීමේදී තරම් සතුටක් විනෝදයක් ලැබිලා නැහැ.’රන්බීර් කපූර් ඉතා කපටි ලෙස කතාවේ වැඩි කොටස භාර කළේ අනුෂ්කා ෂර්මාටය. අනුෂ්කා ද ‘මං ඔබව මරනවා’ කියමින් රන්බීර්ට සොඳුරු සිනහවකින් ප්‍රතිචාර දැක් වූවාය. රන්බීර් සේම මේ පුංචි දිවයිනේදී ලද මිහිරි අත්දැකීම් අනුෂ්කා මාධ්‍යයට පැවසුවාය.‘අපේ ආප්ප, කිරිබත් හරි රසයි’ කීමට ද ඇය අමතක නොකළාය.අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප් ‘බොම්බේ වෙල්වට්’ සිහිනය සැබෑ වුණේ ලංකාවේ රන්මිහිතැන්න නිසා බව පැවසුවේය. ‘බොහෝ කාලයක් සුදුසු දර්ශන තල සොයා ලෝකය පුරාම ඇවිද්දා.ලංකාව දැක්කම මේ තමයි අපට කියාපු පරිසරය කියා සිතුණා. පරිසරය වගේම අප හා සමාන මිනිසුන් සිටීමත් වාසියක් වුණා. ලංකාවේ පිරිසුදුකම ගැන කියන්න ඕනෑ.බොම්බේ වගේ නෙවෙයි, මෙහේ හරිම පිරිසුදුයි. ඒ වගේම ලාංකිකයන් හරිම මිත්‍රශීලීයි. අප වෙනුවෙන් අවට නිවෙස්වල අයත් උපරිම සහයෝගයක් ලබා දෙනවා.හරිම වේගයෙන් රූගත කිරීම් සිදුවෙනවා. ඉන්දියාවේ රූගත කළා නම් මෙතරම් ඉක්මන් නෑ. මගේ සිහිනය හැබෑ කළාට ලාංකික ඔයාලට ස්තුතියි.’ අනුරාග් පැවසුවේය.ශ්‍රී ලංකාවේ චිත්‍රාගාර තාක්ෂණ අති නවීන බවත් ආසියාවේ සෙරන්ඩිබ් චිත්‍රාගාරය වැනි චිත්‍රාගාර ඇත්තේ අඩුවෙන් බවත් ඔහු පැවසුවේ අපේ පුංචි රටට ආඩම්බරයක් ගෙන එමිනි.‘බොම්බේ වෙල්වට්’ ලබන වසරේ ඔක්තෝබරයේදී තිරගතවීමට නියමිතයි. දින 40 ක් ලංකාවේදී සිනමාපටය රූගත කෙරේ.රන්මිහිතැන්නට අමතරව ගාල්ල, බෙන්තොට, කොස්ගොඩ, කොළඹ නගරවලදී රූගත කිරීම් සිදු කෙරේ.අනුරාග්ගේ බොහෝ සිනමාපට මෙන්ම මෙය ද සත්‍ය කතාවක් පසුබිම් කරගෙන නිර්මාණය කෙරෙන්නති. 50, 60, 70 දශකයන්හි බොම්බේ පුරවරය නවීකරණයවීමේදී ඇති වූ විවිධ වෙනස්කම් ඇසුරින් කතාව නිර්මාණය කර තිබේ.මෙහි අනුෂ්කා ෂර්මා රඟන්නේ ජෑස් ගායිකාවකගේ චරිතයයි.අනුෂ්කා, අනුරාග්ගේ සිනමාපටයකට සම්බන්ධ වෙන්නේ ප්‍රථම වතාවටයි. අනුරාග්ගේ සෙසු නිිර්මාණ වනුයේ දේව් ඩී, නෝ ස්මෝකිං, ද ගර්ල්ස් ඉන් ද යෙලෝ බූට්ස්ය.රන්බීර් කපූර්ට කාශ්‍යප් සොයුරන් දෙදෙනකුගේ සිනමාපටවලට දායක වන්නට සිදු වී තිබේ.ඒ ලංකාවේ රූගත කෙරෙන අනුරාග්ගේ ‘බොම්බේ වෙල්්වට්’ සිනමාපටයට හා මූම්බායි හි රූගත කෙරෙන අභිනව්ගේ ‘බෙෂ්රාම්’ සිනමාපටයටයි.‘බොම්බේ වෙල්වට්’ සුවිශේෂී දැක්මක් ශ්‍රී ලංකාවේ පවත්වන බවට අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප් ශ්‍රී ලාංකිකයන්ට පොරොන්දු වී තිබේ.චම්පිකා දීපානි රණසිංහඡායා - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
මගේ යාළුවෝ පිරිසක් මට උපහාරයක් ලබා දෙන්න සූදානම් වෙනවා. ඒ උපහාරය ළඟදීම තියන්න සූදානම් වුණත් ඒක සැප්තැම්බර් මාසයට කල් ගියා. ඒ අතර ගුවන් විදුලියේ කටයුතු සමඟින් සුපුරුදු ලෙස කටයුතු කරනවා.
CREATIVE
ජස්ටින් බීබර් නම් දහනව හැවිරිදි පොප් ගායකයා කෙළිලොල් ජීවිතයක් ගත කළත්, පවුල හා පියා ගැන සිතන පුතෙකි. උපන් නිවෙසට ආසන්නව, ඔන්ටාරියෝහි කුඩා ගම්මානයක නිවෙසක් ඩොලර් 850,000 කට ඔහු මිල දී ගෙන තිබේ.මේ නිවෙසෙහි නිදන කාමර හතක්, සිනමා ශාලාවක්, නාන තටාකයක් තිබේ. පයින් ගස්වලින් වට වූ සොඳුරු බිම් පෙදෙසින් මන්දිරයක් වැනි නිවෙසේ අලංකාරය දෙගුණ තෙගුණ වී පෙනෙයි. උදාවන නත්තල් උත්සවය පියාට සහ අර්ධ සොයුරාට සහ සොහොයුරියට සතුටින් ගත කරන්නට දීම ජස්ටින්ගේ එකම පැතුමයි. එය කෙතරම් උතුම් ප්‍රාර්ථනයක් ද?මේ ප්‍රාර්ථනය වඩාත් උතුම් වන්නේ ඔහු පියා සමඟ හැදුණු වැඩුණු අයකු නොවීම නිසයි. ජස්ටින් හදා ගත්තේ ඔහුගේ මව පැටියි. ඇය ජස්ටින් බිහි කරන විට දහ අට හැවිරිදි නව යෞවනියකි. කෙසේ වුවත් ඔහුගේ පියා මව තනි කළත් ජස්ටින් තනි කළේ නැත. නිතරම ඔහු ගැන සොයා බැලුවේය. ගිටාර් වාදනය කරන අන්දම ඉගැන්නුවේය. 2012 වසරේ ෆෝබ්ස් සඟරාව මඟින් තෙවැනියාට ලොව වඩාත්ම බලවත් පුද්ගලයා ලෙසින් නම් කළේ ජස්ටින් බීබර්වයි.ට්විටර් වෙබ් අඩවියෙන් වැඩිපුරම සොයන චරිතය ද ඔහුයි.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
මහේෂ් සංජීවBehind The Scene නිර්මාණයක් තුළ නොදකින පංගු කරුවන් සොයා යන අපුරු චාරිකාවකි.Behind The Scene හතර වැන්න තුළින් අද අප හඳුන්වා දෙන්නේ කැමරා අධ්‍යක්ෂ මහේෂ් සංජීව කරුණාරත්න යි.හෙතෙම අපට මුණ ගැසුනෙ සිහින සක්මන ටෙලියේ කැමරා අධ්‍යක්ෂ ලෙස වැඩ කරමින් සිටියදි. ඔහු ආ ගමන් මගේ විස්තර අපට කියා පෑවේ මේ අයුරින්.මම මේ ආ ගමන්මග හරිම සුන්දර වගේම , කටුක අත්දැකීම් වලිනුත් පිරුනු එකක් කිව්වොත් නිවැරදියි. ගාල්ල අටානකිත මධ්‍යමහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මම හයදෙනෙකුගෙන් යුත් පවුලෙ හතර වැන්නා. පාසල් කාලයේ සිටම කලාවට සම්බන්ධයි. ගාල්ලෙ හැදුනු වැඩුනු මාව කොළඹ ගෙනාවේ,මගෙ මස්සිනා වන විරාජ් නිශ්ශංකයි. ඔහු කළුබෝවිල ආර්.එස්. වීඩියෝ ආයතනයට මාව රැකියාවක් සඳහා යොමු කළා. මෙන්න මෙහෙමයි මගේ ගමන් මගේ ආරම්භය.පළමු රැකියාව කුමක්ද?ගෞතමි ටෙලියේ ආලෝක කරන ශිල්පියෙකු ලෙස වැඩ කිරීම .ආලෝක කරන ශිල්පියෙකු ලෙස වැඩ ඇරඹු ඔබ, කැමරා ශිල්පියෙකු වූ අයුරු පැහැදිලි කරමු?වසරකට වැඩි කාලයක් ආලෝක කරන ශිල්පියෙකු ලෙස වැඩ කිරීමෙන් පසුව,බූම් ඔපරේටර්,ට්‍රැක්ඩොලි ක්‍රියාකරු , ශ්‍රව්‍ය දෘශ්‍ය සහයක, ශ්‍රව්‍ය දෘශ්‍ය ශිල්පී වශයෙන් ,වසර හතරක් තුළ මේ සෑම ක්ෂේත්‍රයකම නියැළී ටෙලිනාට්‍ය 50ක පමණ වැඩ කළා. මේ සෑම ක්ෂේත්‍රයකම වැඩ කළත් මගේ වැඩි කැමැත්තක් තිබුණේ කැමරා කරණයටයි. ඒ නිසා විවේකී සෑම අවස්ථාවක්ම කැමරා කරණය ඉගෙනගන්න හිත යොමු කළා. මට කැමරා සහායකයකු ලෙස වැඩ කරන්න අවස්ථාව සලස්වා දුන්නේ ඩිල් ෆිල්ම් ආයතනයේ නිෂ්පාදන කළමනාකරු වන බුද්ධික සේරසිංහ මහතායී.මම වැඩ කළ පළමු ටෙලිය තමයි බිනරි,චිත්‍රපටය වුනේ බව තරණයි.නිශාන්ත ප්‍රදීප් , සුමින්ද අරුණලු, සුජිත් නිශාන්ත, කිත්සිරි හේවගේ, චන්දන මංචනායක, චන්දන ධර්මප්‍රිය,යන මහත්වරුන් යටතේ ටෙලි නාට්‍ය 15ක පමණ කැමරා කරණ සහායක වශයෙන් වැඩ කිරීමෙන් ලැබූ අත්දැකීම් හා පන්නරය තුළින් තමයි මම ස්වාධීන කැමරා ශිල්පියෙකු වුණේ. කැමරා අධ්‍යක්ෂ ලෙස වැඩකර නම පළ වූ පළමු ටෙලිය වූනේ සිහින සක්මනයි.මහේෂ් , වැඩ කරන්න පහසු අධ්‍යක්ෂකවරු කවුරුන්ද? ඒ ඇයි?ගිහාන් රෝහන, සුරන්ජන් විජේනාම, අරුණ වරාගොඩ, ලක්ෂ්මන් පුෂ්පකුමාර, චන්දන එදිරිසිංහ, ඩිල්ෂාන් වෙල්ලාලගේ.යන මහත්වරුන් හා මට මෙතෙක් වැඩ කරන්න ලැබුණු නමනොකී සියලු අධ්‍යක්ෂ වරුන් සමඟ වැඩ කිරීමට පහසුයි.මේ සෑම කෙනාගෙන්ම මට යම් දෙයක් ඉගෙන ගන්න තිබුණා. මේ සෑම දෙනාම කිසිදු දෙයක් සඟවන්නේ නැතිව කියා දුන් අයයි. ඒ අයට අවශ්‍ය දේ හොදට ලබා ගන්න අනෙක් සියලු දෙනාව මෙහෙය වන්නේ කිසිදු කෙනෙකුගේ හිත් නොරිදෙන පරිදි වීම මේ සැමගේ විශේෂත්වයක් ලෙස මා දකිනවා.මේ අය හැර වැඩකරන්න කැමති අධ්‍යක්ෂකවරු ඉන්නවද,ඒ කවුද?ඔව්.නිශාන්ත ප්‍රදීප්, දේවින්ද කොන්ගහගේ මහත්වරු සමග වැඩ කරන්න කැමතියි.මොකද මම වගේම මේ අයත් ක්ෂේත්‍රයට අලුත් වුණත් වෙනස් දේ හොයා යන අය නිසයි.කැමරා කරණය ලෙස ඔබ දකින්නේ?පරිසරයේ තිබෙන්නාවූ සුන්දරත්වය,අඳුර හා එළිය , නිසිලෙස හසුරමින් ස්වභාවිකත්වයට මුලදී අධ්‍යක්ෂකට අවශ්‍ය පරිදි කතා මාලාවට අවශ්‍ය රූපරාමු පෙළ ගැස්වීමයි.අමතක නොවන සිදුවීමක් ගැන කියමු?සිහින සක්මනේ එක් දර්ශනයක් රූ ගත කළේ හොරණ වැවක ඔරුවක් උඩ ඉදන්,සහායට ආ කට්ටිය වැඩි වුණු නිසා ඔරුව ගිලෙන්න ගත්තා ,නමුත් මට පුළුවන් වුණා ඔරුව වතුරෙ ගිලෙන්න ඉස්සෙල්ල කැමරාව ගොඩට දෙන්න.යුනිට් එකේ මල්ලි කෙනෙක් රෝහල් ගත කරන්නත් වුණා.කම්කටුලු බිද දා තම මාවතට පැමිණි ඔබට,නන්අයුරින් උදව් කළෝ කවුරුන්ද?මගේ පවුලේ සැවොම, විරාජ් නිශ්ශංක, රොහාන් බුලත්සිංහල, නිශාන්ත ප්‍රදීප්, ඩිල්ෂාන් වෙල්ලාලගේ, ගිහාන් රෝහණ, ලක්ෂ්මන් පුෂ්පකුමාර, සුදිත් නිශාන්ත යන මහත්වරුන්ට ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.මේ දිනවල නියැළී සිටින වැඩ කටයුතු මොනවාද?වීණාවි , සිහින සක්මන ටෙලිනාට්‍යවල ඉතිරි වැඩකටයුතු සඳහාත්,පුරවරුන,හදරැදි ගී,පෝය කෙටි නාට්‍ය වලට සම්බන්ධ වී වැඩ කරමින් සිටිනවා.හර්ෂ උඩකන්ද මහතා අධ්‍යක්ෂනය කරන පිටකොටුව නම් නවතම ටෙලියෙ වැඩකරන්න මට කතා කරල තියෙනවා.තිස්ස ධම්මිකඡායාරූපය -මාලන් කරුණාරත්න  
CREATIVE
හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ දස වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් අප කලාකරුවන්ට සෙත්පතා පහන් සහ බෝධි පූජාවක් මෙම මස 10 වැනිදා එනම් හෙට සවස 5 ට කෝට්ටේ රජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ.අලුත්නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙය ගාමිණී - මාලිනී රසික හවුලේ සංවිධානයකි.
CREATIVE
“මල්කාන්ති” ජීවිත ආවර්ජනයකමේ දවස්වල රාත්‍රී 7.30 ට සිරස රූපවාහියෙන් විකාශය වන ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ මල්කාන්ති කාගෙත් කත බහට ලක්වෙන චරිතයක්. කිසිම කෙනෙකුට බය නැතිඈ තමන්ගේ දූවරු දෙන්නව රැක බලා ගන්න විඳින මහන්සිය අගය කළ යුත්තක්. ඈත ප්‍රදේශයකින් පැමිණ සිහින පුරය ගමේ පදිංචි වී සිටින මල්කාන්ති ජීවත් වෙන්නේ බත් පැකට් විකුණලා.සැමියා නැති නමුත් බොහොම ධෛර්යයෙන් යුතුව ජීවිතයටමුහුණ දෙන ඈ කටකාරහැඩිදැඩි බවින් යුතු කාන්තාවක්.ඒ කටකාර, හැඩිදැඩි මල්කාන්තිම ද මේ අප අසල ඉන්නේ කියලාහිතෙන තරමටම ඈ අපට ළෙංගතු වුණා.‘කුසුම් සෙලානි පෙරේරා’* ඔබට ‘සිහින පුරය’ ටෙලි නාට්‍යය නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද?‘සිහින පුරයේ’ මල්කාන්තිගෙ චරිතය බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.ඈව මගේ රසික – රසිකාවන්ට කොයිතරම් හිතට අල්ලලා ද කිව්වොත් මාව දකින අය කතාබහ කරන්නෙත් ඒ ගැනමයි. ඒ හැම කාරණයකින්ම පෙනෙන්නේ මල්කාන්තිගේ චරිතයට බොහෝ දෙනෙක් ආදරය කරන බවයි. රසික – රසිකාවන්ගෙන් ඒ ලබන ආදරය මට මහ මෙරක් වගේ. ඒ තරමට ඒ ආදරය මට වටිනවා.’* ඒ වගේම ඔබ රඟපාන ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දවස්වල විකාශය වෙනවා නේද?‘සිහින පියාපත්’, ‘සිකුරු වසන්තේ’. ‘ආදරියේ’ කියන ටෙලි නාට්‍යවල අම්මගේ චරිතයට පණ පොවනවා. මේ ටෙලි නාට්‍ය මේ දවස්වල නරඹන්නන් අතර වඩාත් ජනප්‍රියයි. ඒ වගේම පසුගිය කාලයේ රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම එකවර විකාශය වීම නිසා නරඹන්නන්ට මාව ආගන්තුක නැති බව මා දන්නවා.* ඔබ පිළිබඳ වඩාත් කතාබහට ලක්වීම ආරම්භ වුණේ ‘ජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේදී ඔබ කළ චරිතයෙන් කියලා කිව්වොත්?‘මම මුලින්ම රංගනයෙන් වේදිකාවට සම්බන්ධ වෙන්නේ අවුරුදු එකොළහේ වයසෙදී. ඒ කීර්ති ගේ ‘අලි බබා ඇඳෙන් එකයි’ කියන වේදිකා නාට්‍යයෙන්. එතැනින් ඇරැඹුණු මගේ රංගන ගමන ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්නේ විමලරත්න අධිකාරිගේ ‘තිමිර’ ටෙලි නාට්‍යයෙන්. මගේ රංගන ජීවිතයේ ‘ජිවිතය ලස්නයි’ කියන්නේ එක්තරා සංදිස්ථානයක්.මේ ටෙලි නාට්‍යයේ සරලා කාගෙත් ආදරය දිනා ගත්ත චරිතයක්. කාගෙත් කතාබහට ලක් වුණු චරිතයක්. කුසුම් කියලා කෙනෙක් පිළිබඳ අවධානය යොමුවීමට එය හේතුª වුණා තමයි. මට ලැබුණු බොහොමයක් චරිත මවගෙ චරිත වුණත් ඒවා එකිනෙකට වෙනස් වූ චරිත නිසා මම ඒ හැම චරිතයකටම ආදරෙයි.* ඔබ ලංකාවේ ලොකුම කලා පවුල් ගසකින් පැවැත එන පුරුකක්ද?‘පසුගිය දවස්වල එහෙම කතාබහක් තිබුණා. මගේ අම්මා සූරිය රාණි පෙරේරා. අම්මගේ පවුලේ අය කලාවත් සමඟ බොහොම බද්ධයි. ඔවුන්ගේ ඒ ජානමය ලක්ෂණ මටත් එන්න ඇති බව සිතෙනවා.මොකද මා පුංචි කාලයේ අපේ මාමා ෂෙල්ටන් පෙරේරා සර්පිනා එක වාදනය කරමින් සින්දු කියනවා. මටත් ඒ කාලේ හින්දි සින්දු කියන්න හොඳට පුළුවන්. මාමාත් එක්ක මමත් හින්දි සින්දුවක් දෙකක් කියන්න අමතක කරන්නේ නෑ. ඒ හැකියාව නිසාමදෝ අදත් මට ගී ගයන්න ලැබෙන ආරාධනා බොහෝමයි. විවිධ ප්‍රසංගවලට ලැබෙන මේ ආරාධනා මම පිළිගන්නේ වඩාත් සතුටින්.* ඒ වගේම ඔබට පසුගිය දිනයක නම්බුනාමයකුත් ලැබුණා. මොකක්ද ඒ?‘අමරපුර නිකායෙන් ලැබුණු ‘දේශ ශක්ති කීර්ති ශ්‍රී ශාසන සේවි’ කියන ඒ නම්බුනාමය මට ගෞරවයක්. ඊට අමතරව දිවයිනටම සාම විනිසුරුවරියක්. මේ හැම දෙයක්ම මට ලැබුණේ මා කරනා සමාජ සේවා කටයුතු නිසයි. මම නිතරම බොහෝ පිරිස් එකතු කරගෙන අටවිසි පූජා, බෝධි පූජා, බුද්ධ පූජා වගේ දානමය පිංකම් කරන්න වෙහෙසෙනවා. දේශපාලන කටයුතුවලට රට වෙනුවෙන් කලාකරුවෙකු ලෙස කරන්න පුළුවන් බොහෝ උදව් කරන්නත් අමතක කරන්නේ නෑ.’* ඉදිරි වැඩ කටයුතු පෙළ ගැසිලා තිබෙන්නේ?‘ළඟදීම විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය කිහිපයක්ම තිබෙනවා.ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායකවීමටත් ආරාධනා ලැබුණා. මා රඟපෑ සුනිල් ටී. ගේ ‘ජීවිතය ලස්සනයි’ වගේම ප්‍රියංකරගේ ‘සැමීගේ කතාව’ කියන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.රඟපෑමට අමතරව රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන නිසා මම තරමක් කාර්යබහුලයි. මේ හැම දෙයක්ම සාර්ථකව කර ගන්න මට උදව් දෙන්නේ මගේ අම්මා, මහත්තයා ලෙස්ලි පෙරේරා හා සංගීතා හා ජනනි කියන මගේ දූලා දෙන්නා. ඒ වගේම මේ ගමන එන්න මට උදව් කළ හැමෝටම ස්තුති කරන්නත් මා අවස්ථාවක් කර ගන්නවා.සේයාරූ -ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
සුපිරි හොලිවුඩ් තාරකාවියක් වූ ඇන්ජලීනා ජොලී පසුගියදා එළිසබෙත් මහ රැජන හමු වුණා. ඒ බකිංහැම් මාළිගයේදීයි.පසුගියදා බකිංහැම් මාළිගයේ පැවැති උත්සවයක් වෙනුවෙන් ලද ආරාධනයක් අනුව ජොලී රැජන හමුවෙලා තියෙන්නේ. යුධමය ප්‍රදේශවල ලිංගික අපරාධ වැළැක්වීම වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් එහිදි ඇය ගෞරයටත් පාත්‍ර වෙලා.යතේජා
CREATIVE
ඒ ගීය ඔබට මතකද? 80 දශකයේ අතිශය ජනපි‍්‍රයත්වයට පත් ළමා ගීය පිළිබඳ, අදට ද බොහෝ පිරිස් කතා කරති. ගීය ගැයෙන්නේ මනෝජ් ප්‍රනාන්දුගේ හඬිනි. නැසී ගිය ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි පීරිස්, මේ ගීය නිර්මාණය කිරීමේ අදහස පිටුපස සිටියේය. 81 වසරේදී, අපේ රටේ ජාතිවාදී ගැටුම් ඇවිළෙමින් තිබූ යුගයක, මෙම ගීය නිර්මාණය වීමද කැපී පෙනේ.එවක මනෝජ් පසුවූයේ 11ස් හැවිරිදි වියේයි. ස්ටැන්ලි පීරිස් මහතාගේ සිතෙහි වූ අදහසට, ආචාර්ය අජන්තා රණසිංහ සු¼ථ වේලාවකින් ගීය රචනා කළේය. ළමා පරපුර මෙන්ම, වැඩිහිටියන් අතරද ගීය අතිශයින් ජනාදරයට පත්විය. මෙය මනෝජ් ප්‍රනාන්දු ළමා ගායකයාගේ පළමු ගී නිර්මාණ එකතුව, “ මට මෑණි වගේ”හි ජනප්‍රියම ගීතයයි. වර්තමානයේ මනෝජ්, ආදරණීය සැමියෙකි, සිඟිති දියණියකගේ සෙනෙහෙබර පියෙකි. හෙතෙම ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටීයි.මනෝජ් අදකලා ලොව ප්‍රමුඛයන් බිහිකල මොරටු පුරවරය, මනෝජ්ගේ උපන් ගමයි. ඔහු ශාන්ත සෙබස්තියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. කුඩා කළ සිටම සංගීතයට ළැදි වූ මනෝජ්, ගායනයටද උපන් හපන්කම් දක්වන බව පියා, සිරිල් ප්‍රනාන්දු තේරුම් ගත්තේය.මමෝජ්ගේ සංගීත දිවියේ මුල් ගුරුවරයා වන්නේද ඔහුයි.බොහෝ ජනපි‍්‍රය ගීතයන් හි මුල් ගායක ගායිකාවන් සමාජයෙන් අමතකව යාම සුලබ සිදුවීමකි. මෙවැනි ගීතයන් හි නිර්මාණ අයිතීන් පිළිබඳ මත ගැටුම් ඇතිවීමද සුලබය.“ මට මෑණි වගේ ” ගීයටද එම සුලබ අර්බුදයෙන් ගැළවෙන්නට බැරිවී ඇති සෙයකි. මේ ගීයේ මුල් ගායකයා තම පුතු, මනෝජ් පුනාන්දු බව, ඔහුගේ පියා සිරිල් ප්‍රනාන්දු අවධාරණය කරයි.තම පුතුගේ සංගීත ගමනට නොමඳ ශක්තියක්වූ ෆීලික්ස් ඇන්ටන්, දිවංගත සංගීතවේදී ස්ටැන්ලි පීරිස්, ආචාර්ය අජන්තා රණසිංහ, ගරු බෙනඩික්ට් ජෝසෆ් පියතුමා, නැසීගිය ප්‍රවීණ ගීත රචකයන්වූ කරුණාරත්න අබේසේකර, උපාලි ධනවල විතාන, පේ‍්‍රමකිීර්ති ද අල්විස්, හේමසිරි හල්පිට, ගායන ශිල්පී වර්නන් පෙරේරා, එච්.එස්. පෙරේරා යනාදීන් ගෞරව පූර්වකව සිහිකරන බව සිරිල් ප්‍රනාන්දු මහතා සරසවියට කියා සිටියා.ඉවැඩ්නි පණ්ඩිතරත්න  
CREATIVE