comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
එඩ්නා සුගතපාල කියන්නේ අපේ රංගන ක්ෂේත්‍රයේ කලකට ඉහත බොහොම ඉහළ ජනප්‍රියත්වයක් දරාගෙන සිටි රංගන ශිල්පිනියක්. 1966 වසරේදී සිය කලා ජීවිතය ආරම්භ කරමින් ක්ෂේත්‍රයට පිවිසි ඇය සැනසුම කොතැනද, සූරයන්ගෙත් සූරයා, මිරිගුව, හිත හොඳ කොල්ලෙක්, වීදුරු ගෙවල් ඇතුළුව චිත්‍රපට රැසක වගේම දත් කැකුළුපාලා, කළු හංසයා, එකට ගැටුම, කුමාරිහාමි වැනි ටෙලි නාට්‍ය තුළින්ද ඔබ හමුවට පැමිණියා.ලාංකේය සිනමා ඉතිහාසයේ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හදාරා ඇති එකම නිළිය ලෙස නමක් තබා ඇති ඇය හවායන් ගිටාරය, විදුලි ඕගනය, පියානෝව, පියානෝ එකෝඩියන් යන සංගීත භාණ්ඩ වාදනයේද දස්කම් දක්වමින් සංගීත ගුරුවරියකද වන්නීය. එඩ්නා සුගතපාල නම් වූ මේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය විසින් පසුගියදා ඉඩම් පරිත්‍යාගයක් සිදු කෙරුණා.මෙහිදී ඇය අලුත්වත්ත සුබසාධක සංගමයට ක්‍රීඩා පිටියක් වෙනුවෙන් පර්චස් පහක ඉඩමක් පරිත්‍යාග කළා. ඒ පිළිබඳ එඩ්නා සුගතපාල සඳහන් කළේ මෙවැනි අදහසක්. “මම බෞද්ධ දර්ශනය අනුව ආගමානූකූලව ජීවිතය ගත කරන කෙනෙක්. මෙවැනි පරිත්‍යාගයක් මට කරන්න ආවස්ථාව ලැබීමත් මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්.මගේ ඉඩමක නඩුවක් වසර දොළහක් පුරා උසාවියේ තිබුණා. අවසානයේදී මට එහි ජයග්‍රහණය ලැබුණා. ඒ මම කාටවත් වරදක් කරලා නැති නිසා. ඒ වගේම කවදාහරි අපේ ජීවිතයට වටින්නේ අපි කරන හොඳ නරක විතරයි.”යතේජා
CREATIVE
ඔහු ඇන්ඩ්‍රිනෝ. නම ටිකක් වෙනස් වගේම කරන නිර්මාණ කටයුතුත් වෙනස්. කුඩා කාලයේ ඉඳලම කලාව පසුබිම් කරගත් මේ තරුණයා මෑත කාලයේදී අපට මුණ ගැසෙන්නේ තුෂාරා ගීතයේ නව ගායකයා ලෙසටයි. අලංකාර රූප රාමු පෙළක් රැගත් තුෂාරා ගීතය අපූරුවට ගයමින් රඟමින් මෙන්ම රූප රචනා කරමින් ද කරළියට පැමිණි ඇන්ඩ්‍රිනෝ වෙනස්ම ගමනක් යන්නට සූදානම් වන සුන්දර තරුණයෙක්. ඔහුගේ ඒ දස්කම් රූපවාහිනි නාලිකාවල වගේම අන්තර් ජාලයේත් ජනප්‍රියයි. මේ ඒ තාරුණ්‍යයේ සිතිවිලි විමසූ මොහොතයි.* තුෂාරා නව ගීත නිෂ්පාදනය ජනප්‍රිය වෙමින් පවතින කාලයක තමයි අපි මේ කතාබහ අරඹන්නේ?ඔව්. තුෂාරා ගීතයට නව සංගීතය සංයෝජනය කරමින් පැරැණි බවට හානි නොවන ආකාරයෙන් නව රූප රචනාවක් කරමින් අත්හදා බැලීමක් කළා. ඒක සාර්ථකයි කියලා හිතනවා. තරුණ පරම්පරාව වගේම එදා තුෂාරා සමඟ සිටි වැඩිහිටියන්ගෙන් ද පැසසුම් ලැබෙනවා. ඒක මට සතුටක්.* ඇයි තුෂාරා වගේ ගීතයක් රීමේක් කරන්න හිතුවේ?තුෂාරා කියන්නේ මගේ ජීවිතේ ආසම ගීතය කිව්වොත් නිවැරැදියි. ජෝතිපාලයන් තමයි මගේ ජීවිතයේ ප්‍රියතම සහ ගෞරවණීයම ගායකයා. විජය කුමාරතුංගයන් තමයි මගේ ආදරණීයම නළුවා.ඉතිං මේ සුසංයෝගයට මම කුඩා කළ සිටම ආදරය කළා. මේ ගීතයට මං දැක්වූයේ පුදුමාකාර ගෞරවයක්. ඉතිං කවද හරි දවසක මේ ගීතය ප්‍රතිනිර්මාණය කරනවා කියලා හිතුවා. ඒ ගෞරවය ආසාව හා ආදරය නිසාම තමයි මේ නිර්මාණ කටයුත්ත කළේ.මට කවදාවත් ජෝතිපාලයන්ගේ නම ළඟට කිට්ටු වෙන්නවත් බැහැ. මට මේකෙන් ඕනෑ වුණේ ජෝතිපාලයන් අනුකරණය කරන්න නෙවෙයි. මගේම ආරකට ගීතය ගායනා කරන්නයි. මට ජෝතිපාලයන් වගේවත් විජය කුමරතුංගයන් වගේවත් වෙන්න බැහැ. මට උවමනා මේ ගීතයට තවත් රසික පිරිසක් එකතු කරන්න විතරයි.* කවුද මේ ගීතය ප්‍රතිනිර්මාණය කළේ?ඒ පසුපස විශාල පිරිසක් හිටියා. සුමේගා ශබ්දාගාරයේ මිලාන් ප්‍රනාන්දු තමයි ගීතයට නව සංගීතය මුසු කළේ.* අලංකාර දර්ශන තලවල තමයි ගීතය රූගත කරලා තිබුණේ?ඔව්. මේ ගීතයේ රූප රචනය වගේම අධ්‍යක්ෂණය කළෙත් මම. ඒක ජීවිතේ විශාල අත්දැකීමක්. මට උවමනා වුණා ඉතාමත් අලංකාර දර්ශන තල මේ ගීතය රස විඳින පිරිස ඉදිරියට ගෙන එන්නට.* මේ ගීතයට විවේචන එල්ල වුණේ නැද්ද?මෙහෙමයි. බොහෝ දෙනෙක් හොඳ කිව්වා. ඇතැමුන් හැදෙන්න ඕන තැන් ටික කිව්වා. ඒත් කවුරුවත් බැන්නේ නැහැ. මං ගීතයට නීතිමය අවසරයක් රැගෙනයි මේ දේවල් කළේ. මං ආසම ගීතයට හානියක් කරන්න මට උවමනා නැහැ.* ඔබ සිනමාවටත් සම්බන්ධයි?තුෂාරා ගීතයේ නව රූපරචනයඔව්. චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ වගේම චිත්‍රපටවලට සමීපතම පසුබිමක් මට තියෙනවා. අවුරුදු හතේ ඉඳන් මම රඟපානවා. මගේ මාමා සුනිල් ටී. ප්‍රනාන්දු. එතුමා මට චිත්‍රපට කර්මාන්තය ගැන බොහෝ දේ කියලා දී තිබෙනවා.ඔහු හරහා මං චිත්‍රපට ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තේ බලාපොරොත්තු රැසක් හිතේ තියාගෙන. ඒ පරිසරය තුළ කුඩා කළ ඉඳලම මං වින්ඳේ සෞන්ධර්යය. ඒ නිසා මං සිංහල සිනමාවට ගොඩක් ළැදියි.* චිත්‍රපටයක් නිපදවන්නත් හිතක් තියෙනවා වගේ?ඔව්. මාමාගේ අනුදැනුම ඇතුව චිත්‍රපටයක් නිපදවන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අධ්‍යක්ෂවරයකු ලෙසටත් කටයුතුª කරන්න හිතාගෙන ඉන්නවා.* කොහොමද ඉදිරිය?‘ඈ ළග මා නැවතීලා’ නමින් ගීතයක් මේ දිනවල නිර්මාණය වෙනවා. ඒ ගීතයේ තනුව සහ පද මගේමයි. මේ දිනවල රූප රචනා කටයුතුවලට තමයි සුදානම.* අපි අවසානයටයි පැමිණියේ?මාව සංගීතයට යොමු කළේ මගේ බාප්පා රමේෂ්. ඔහු විදෙස් රටවල සංගීතය හැදෑරූ අයෙක්. රූප රචනා හා ඒ ආශ්‍රිත නිර්මාණ ඉගෙන ගත්තේ මාර්ක් ප්‍රනාන්දු මහතාගෙන්. ඔහු මගේ මාමා කෙනෙක්. ඒ වගේම නුවරඑළිය නිවහන හෝටලයේ හිමිකරු වන ලියෝන් පීරිස් මට දුන් උදව් බොහෝමයි.ඔහුත් මගේ මාමා කෙනෙක්. ඒ වගේම මාව කලාවට සමීප කළ හැමෝටම ස්තුතිවන්ත විය යුතුයි. ෆයින්විෂන් ආයතනයටත්, මෙම ගීතය සංස්කරණය කළ රන්දිකටත් ස්තුතිවන්ත විය යුතුමයි.- චතුරඡායාරූප - ඉන්දික මල්ලවාරච්චි  
CREATIVE
‘ඕ මයි ගෝඩ්’, අනේ මගේ දෙවියනේ තායිලන්තයේ සිට පැමිණි කුනාල් කපූර් දුටු විට ඕනෑම කෙනකුට සිතෙන්නේ එලෙසයි. ඔහුගේ කළු වූ ඇස්, කැඩුණු දත් තායිලන්තයේ ‘මුවේ තායි’ ක්‍රීඩාවට සහභාගිවීමෙන් ලද කටුක අත්දැකිමකි.එහෙත් ඔහුට නම් එය ඉතා විනෝදජනකය. කුනාල් ‘ඕ මයි ගෝඩ්’ සිනමාපටයේ රඟපෑමෙන් මහත් සේ ජනප්‍රිය විය. අවසාන වරට ඔහු තිරයේ දක්නට ලැබුණේ ‘ලව් ෂව් තේ චිකන් කුරානා’ සිනමාපටයෙයි. කුනාල්, මෙගා තරුව අමිතාබ් බච්චන්ගේ ලේළිය (සොයුරාගේ දියණිය) නෙයිනා බච්චන් සමඟ විවාහ ගිවිස ගත්තේ මිට සිව් මසකට පෙරය.තිස්හය හැවිරිදි කුනාල් මේ වසරේදී ‘කෝන් කිත්නේ පානි මෙයින්’ සිනමාපටයෙන් රසිකයන් අතරට එයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
‘හලෝ මැජික් සීයා’ නම් කාටුනය ළමයි අතරට රැගෙන පැමිණීමට යම් සූදානමක් තිබෙනවා. ද්වි ත්‍රිමාන සජීවිකරණ තාක්ෂණය යටතේ මෙහි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ මගේ උපන් දිනය දවසෙයි.මෙහි ඉතිරි සියලු කටයුතු කරන්නේ එක්වින් පීරිස් හා රෝජිත් පීරිස් කියන මගේ පුතාලා දෙන්නයි. බිරිය රොයිනි ඒ නිර්මාණයේ නිෂ්පාදනයට මූලික වුණා. ඔවුන් සියලු දෙනාගේම එකමුතුවෙන් මට ලැබෙන උපන් දින තෑග්ග තමයි මේ.
CREATIVE
ගායන දිවියට අඩසිය වසක් සපිරෙන හින්දා රූපා ඉන්දුමතී මේ දවස්වල ඉන්නේ හරිම සතුටින්. ඒ සන්තෝෂය දෙගුණ තෙගුණ වෙනවාලු මේ මාසෙ නව වැනිදාට. ඒ මොකද දන්නවද, රූපා ට ආරාධනාවක් ලැබිලා ඒක පුද්ගල ප්‍රශංගයක් පවත්වන්න.ලංකාවෙ නම් නෙවෙයි මේ ප්‍රසංගය දිගහැරෙන්නේ ප්‍රංශයේ. ඇය ප්‍රථම වතාවටලු රටින් පිට මෙවන් වූ ප්‍රශංගයකට සහභාගි වන්නේ. රූපා මේ සඳහා හෙට මවු බිමෙන් පිටත් වෙනවා.මෙම විචිත්‍රවත් ප්‍රසංගය සංවිධානය කරන්නේ ප්‍රංශයේ කාන්තා සමිතියක් විසින්. ඔවුන්ට රූපා පිළිබඳ දන්වා තියෙන්නේ ගායන ශිල්පී ලක්‍ෂමන් හේවාවිතාරණ. ඔහුට හදපිරි කෘතවේදීත්වය පිරිනමන්නත් රූපා අමතක කළේ නැහැ.ප්‍රසාද්
CREATIVE
නලින් ජයවර්ධන ඔස්ට්‍රේලියාවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. සිය මවු රටින් ඈත පදිංචි වී සිටියත් ඔහු තවමත් සිය මවු රටට දැඩි සේ ආදරය කරයි. ඒ නිසාම ඔහු සිය එකොළොස් වැනි සංයුක්ත තැටිය එළි දැක්වීම සඳහා මේ දිනවල සූදානම් වන්නේ බොහෝ කාර්යබහුලත්වය අතර වෙසෙමිනි. නලින් ජයවර්ධන සිය කලා ජීවිතය හා කරන්නට යන මේ කර්තව්‍යය පිළිබඳ සරසවිය හා පැවසුවේ මෙවැනි කතාවකි.මම මේ දවස්වල බොහොම කාර්යබහුලයි. ඒ මගේ එකොළොස් වැනි සංයුක්ත තැටියේ වැඩ කටයුතු අවසන් කිරීමට මහන්සි වන නිසයි. ඒ නිෂ්පාදන කටයුතු කරන ගමන් එරංග පාලිතරත්න රචනා කළ අමිලා නදීෂානි සමඟ ගැයූ අලුත්ම ගීතයට රූප රචනා කිරීමටයි මේ දිනවල මවු රටට පැමිණියේ, මේ සංයුක්ත තැටියට ගී තනු නිර්මාණය සඳහා දායක කර ගත්තේ පසුගිය දිනවල නම රැන්ඳූ සංගීත ශිල්පීන්ගේ එකතුවක්.ආචාර්ය රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, නිමල් මෙන්ඩිස්, සරත් ද අල්විස්, නවරත්න ගමගේ, අර්නස්ට් සොයිසා, භද්‍රජි මහින්ද, නවරත්න ගමගේ, ආනන්ද වෛ්‍යසේකර, සංගීත් වික්‍රමසිංහ ඇතුළු තවත් ශිල්පීන් කිහිප දෙනෙක් ඒ සඳහා දායක වුණා.මේ සියලු කටයුතුවල ආරම්භය දිව යන්නේ 2000 වසර දක්වායි. ඊට මුල් වන්නේ අන්තර්ජාලයයි. ඇමෙරිකාවේ ජීවත් වූ ආචාර්ය විකුම්පිය මහතා දැන හඳුනා ගැනිමත්, ඔහු ආරම්භ කළ සිංහල ගී එකතුව එළි දැක් වූ අන්තර් ජාල අඩවියේ දායකයකු වීමට ආරාධනා ලැබීමත් පළමුව මතකයට නැඟිය යුතුයි.පසුව ප්‍රථම සිංහල ගීත සංයුක්ත තැටිය අන්තර් ජාලයට මුදා හැරීම සිදු වන්නේ එතුමාගේ අදහසක් අනුවයි. ඒ අනුව සිංහල ගී රස විඳින ශ්‍රාවකයන්ට තුටු පඬුරක් ලෙස නොමිලයේ ගී රස විදින්නට හැකි අයුරින් අන්තර්ජාලය හරහා බාගත (ඩවුන් ලෝඩ්) කිරීමට හැකි වන ලෙස සකස් කරනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් මතයි.කොහොම නමුත් ඉදිරියේ එළි දැක්වීමට නියමිත තවත් සංගත තැටි කිහිපයක්ම සඳහා යම් සූදානම් වීමක් දැන් ආරම්භ කර අවසන් බවත් කිව යුතුයි. ඒ සඳහා නවක හා තරුණ වියේ ශිල්පීන් සම්බන්ධ කර ගැනීමටයි අප අදහස් කරන්නේ. එහි පදමාලා සඳහා අප තෝරා ගත්තේ නවතම නිර්මාණකරුවන් පිරිසක්. ඔවුන් කළ ඒ පද රචනා හොඳ මට්ටමක පැවතුණා. ඒ නිසා ඒ සියල්ල හොඳින් නිර්මාණයට දායක කර ගැනීමට හැකියාව ලැබේවි.- තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන්
CREATIVE
ස්ටැන්ලි ලියනගේඅනුස්මරණ උළෙල හෙට ටවර්හිදීඇගේ දෙනෙත් තවමත් හඬන්නීය. විඩාබරසිත වැලපෙන්නේ ඇයටත් නොදැනීය. ස්ටැන්ලි ලියනගේ නම් වූ ඇගේ දයාබර ස්වාමි පුරුෂයා වියෝ වී මේ වන විට අට මසක් ගෙවී ඇතත් ඔහුගෙන් ලද ආදරය ඇය තවමත් සොයන්නීය.වසර ගණනාවක් තමා සමඟ ජීවත් වූ ප්‍රියයාණන් සදහටම දෙනෙත් පියා ගත් බව ඇයට තවමත් අදහාගත නොහැකිය. සංගීතඥයෙක්, ගීත රචකයෙක්, ගායකයෙක්, පිටපත් සකසන්නෙක් යන එකී මෙකී නොකී භූමිකාවන් රැසක් නිරූපණය කළ ස්ටැන්ලි ලියනගේ ගේ මතකයන් නිවසෙහි සෑම තැනකය. වරෙක ඔහු ලියූ ගීයක් දෙකක් ඇසෙන්නේය. තවත් මොහොතක ලියන මේසය මත ස්ටැන්ලිගේ පිටපතක්ය. මේ සියල්ල ඇයට සදා අනුස්මරණීය නිර්මාණයන්ය.ස්ටැන්ලිගේ විවිධ වූ අසහාය නිර්මාණයන් එකතු කොට උපහාර උළෙලක් පැවැත්වීමට ඇය තීරණය කළේ ඒවා අපට ද සොඳුරු සිහිවටනයන් වන නිසාය. හෙට ඊට හොඳම දිනයයි. තැන මරදාන ටවර් රඟහලය. වෙලාව සවස6ය . ඉතිරි විස්තරයත් ඇය පවසනු ඇතිය.මා මෙතෙක් ඇය යන වචනය යෙදුවේ කාංචනමාලා මහවිතානටය. සංවේදීව ඇගේ හඬ අවදි වූයේ මෙසේය.අනිද්දා ස්ටැන්ලි අයියගෙ උපන් දිනේ. නමුත් එදා නිවාඩු දවසක්. ඒ හින්දයි මෙම කටයුත්ත හෙට යොදා ගත්තේ. මට හරියටම ගිය අවුරුද්දේ අයියගෙ උපන් දිනය දවස මතකයි. එදා මං ඔහු පිළිබඳ මා ලියූ පොතක් එළි දැක් වූවා. එදා ඔහු බොහොම සතුටු වුණා. ඒත් මේ අවුරුද්දේ . . .කාංචනමාලා, ස්ටැන්ලි පිළිබඳ තවත් දෑ කීවේ දෙනෙතේ කඳුළැලි හංගා ගනිමින්ය.ස්ටැන්ලි අයියට බොහෝ කලා හැකියාවන් තිබුණා. ඒත් එයා කැපී පෙනෙන්න උත්සාහ කළ කෙනෙකු නෙවෙයි. සිහිනයෙ මල් පිපිී, මල් මන්දහාසෙන්ම කීවේ වැනි ගීත ලිය වුණේ ඔහුගේ අතින්.ඒ වගේම පොඩ්ඩේ, ධවල පවුර, ජයග්‍රහණය ඇතුළු චිත්‍රපට ගණනාවකත්, මහෝගය, පූර්ණිමා, දිය සිතුවම් වැනි ටෙලි නාට්‍ය බොහොමයකටත් සංගීතය සැපයුවේ ඔහු. ඉස්සර ස්ටැන්ලි අයියා සංගීත ගුරුවරයෙක්. ඒ කාලයේදීමයි ඔහුට චිත්‍රපට සංගීත වැඩ කටයුතු බහුල වෙන්නේ. සමහර දිනවල රාත්‍රියේ පටිගත කිරීම්වලට සහභාගි වෙලා පාසලට ගියාම උගන්වද්දී පවා ටිකක් නින්ද යනවලු. ඒක නිසා ළමයින්ට අසාධාරණයක් වේවි යැයි හිතා ඔහු ගුරු වෘත්තියෙන් සමුගත්තා. ඊට පසුව පූර්ණකාලීනව කලාවේ යෙදුණා.ස්ටැන්ලියි මමයි හම්බ වෙන්නේ මීට වසර විසි පහකට විතර කලින්. එදා ඉඳලා මේ වෙනකම්ම ඔහු මාව හොඳින් බලා ගත්තා. මගේ කලා ජීවිතයටත් හොඳ සහයක් දුන්නා. ඇත්තටම ස්ටැන්ලි කියන්නේ දෙවියෙක්.ස්ටැන්ලි අයියා කළ කලා නිර්මාණ මගේ ළඟ සුරැකිව තියනවා. ඒවා පිරික්සද්දී මට මහත් වූ වේදනාවක් හට ගන්නවා. මේ නිර්මාණ හැමෝටම අයිතියි. හෙට දිනයේ නැවත කල එළියට එන්නේ ආදරණීයයාගේ හැකියාවන් කිව්වොත් මා නිවැරැදියි.අවසන් කොට ප්‍රසංගය ගැන වැඩි යමක් ඇය කීවේ මෙපරිද්දෙන්ය.ස්ටැන්ලි අයියා නිර්මාණය කළ ගී ගයනවා ගායක ගායිකාවන් දොළොස් දෙනෙක්. ඊට අමතරව ඔහු චිත්‍රපටයන්ට සෑදූ සංගීත ඛණ්ඩ වාදනය කරනවා. ඒ වගේම ස්ටැන්ලිගෙ ගී ඇතුළත් ‘ඔබ මගේ මන්දිරයයි’ නම් වූ සංයුක්ත තැටියක් ද එදින එළි දක්වනවා. අනුස්මරණ දේශනය සතිස්චන්ද්‍ර එදිරිසිංහගෙන්. කැළුම් ශ්‍රීමාල් සහ දිලීප අබේසේකර උළෙල මෙහෙයවනවා. වාද්‍ය වෘන්දය සරත් ද අල්විස්ගෙන්. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාවත්, ටවර් හෝල් පදනමේ පිරිවරත් මේ වෙලාවේ මතක් කළ යුතුමයි.ප්‍රසාද් සමරතුංගගුවන් විදුලි සංගීත ශිල්පී විමලරත්න පෙරේරාගේ දියණිය ශ්‍රීනිකා පෙරේරාගේ විවාහ මංගල්‍යය චාම් අයුරින් පසුගියදා පැවැත්විණ. ශ්‍රීනිකාගේ අතගත් මනමාලයා වූයේ මහේෂ් ගුණරත්නය. සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළේ මහාචාර්ය සනත් නන්දසිරි හා ජිනදාස අදිකාරි යන දෙපළයි.සේයාරුවෙන් දැක්වෙන්නේ මනාල යුවළ, මනාලයාගේ මව, මනාලියගේ පියා විමලරත්න පෙරේරා හා මල්කාන්ති - සනත් නන්දසිරි යුවළ ඡායාරූපයට පෙනී සිටි අයුරුයි.- තිලානි ශානිකා
CREATIVE
තිරගත වූ දිනය – 1987 මාර්තු 27ඉදිරිපත් කිරීම – එන්. එෆ්. චිත්‍රපටනිෂ්පාදනය - නිර්මලා වික්ටෝරියා, මොහොමඩ් ෆයිසාල්කතාව - දෙබස් - තිර රචනය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වාසහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි, සුමනා අමරසිංහකැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්කැමරා සහාය – නිමල් නාකන්දල, නෝබට් රත්නසිරිසංස්කරණය - එස්. වී. චන්ද්‍රන්අංග රචනය – එස්. සෙල්වදොරේගීත පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංගශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, එච් ඒ. ඒ. අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩිරත්නරසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධනරසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, සිරිපාල ගමගේ, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායකසැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය – කැලණියනිෂ්පාදන කළමනාකරු - යූ. එස්. එස්. හමීඩ්නිෂ්පාදන කත්‍යාධිකාරී – මයිකල් වික්ටෝරියානිශ්චල ඡායාරූප – බන්දු එස්. කොඩිකාරසම නිෂ්පාදනය – මයිකල් වික්ටෝරියාසංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායකගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන සහ තවත් අයගීත ගායනය – ලතා වල්පොල,, ග්‍රේෂන් ආනන්ද, ධම්මිකා වල්පොල, ෆෙ‍්‍රඩී සිල්වාගීත - මෙහි ගීත පිළිබඳව නිවැරැදි තොරතුරු සොයා ගැනීමට අපහසු විය. ලතා වල්පොලගේ දරු නැළවිලි ගීතයත්, ධම්මිකා වල්පොලගේ ළමා ගීතයක් ඇතුළු ගීත කිහිපයක් මෙයට ඇතුළත් විය.පිටපත් සංඛ්‍යාව - 12ධාවන කාලය – පැය 2 විනාඩි 15නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය (විජය), රෝසි සේනානායක (වීණා),නිර්මාණ ජයතුංග (මංජු), සනත් ගුණතිලක (ජනක), සුමනා අමරසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා, රූබි ද මෙල්, රෝයි ද සිල්වා, සුමිත් මුදන්නායක, විල්සන් කරුණාරත්න, දොන් බොස්කෝතිරගත වූ දිනය – 1987 අප්‍රේල් 18 ඉදිරිපත් කිරීම - සිනේරංග නිෂ්පාදනය – ප්‍රියන්ත රත්නායකකතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – නිශාන්ත ද අල්විස් (සත්‍ය කතාවක් ඇසුරිනි)සහාය අධ්‍යක්ෂණය - ගාමිණී ඉන්ද්‍රරත්න, විමල් හලංගොඩ, ගාමිණී පතිරණ, නිලේන්ද්‍ර දේශප්‍රියකැමරා අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චිකැමරා සහාය – එන්. නිමල්සිරි, නෝබට් රත්නසිරිසංස්කරණය - සෙක්ටස් අපෝන්සු සහාය - සුනිල් උපාලි අංග රචනය – එස්. පී. කොස්තා කලා අධ්‍යක්ෂණය - හේමා කේ. දයාරත්න ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (රා.චි.ස.චි.) ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, එච්. ඒ. ඒ. අල්විස්රසායනාගාර කටයුතු - වී. සිවදාසන් (විජය – හැඳල)රසායනාගාර සහාය – ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන්සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාරනිශ්චල ඡායාරූප – මංගල වීරසේකරනිෂ්පාදන කළමනාකරණය - සිරිපාල මුදුන්කොටුවගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරයකාර්මික ඒකකය – ඊ. එම්. ලක්ෂ්මන්, ඊ. එම්. කුමාර, ජගත් හරිස්චන්ද්‍ර, සුරන්ජිත් විජේනාමකැමරා උපකරණ - සිනේකියුප් සර්විසස්සංගීත අධ්‍යක්ෂණය – අතුල සෝමසිරිගීත ප්‍රබන්ධය – යාපා බණ්ඩාර සෙනෙවිරත්නගීත - ඈත නිම් තෙරක් සොය – අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජනීනළු නිළියන් - අමරසිරි කලංසූරිය, සබීතා පෙරේරා, සිරිල් වික්‍රමගේ, මර්වින් ජයතුංග, වින්සන්ට් වාස්, බන්දු මුණසිංහ, මියුරි සමරසිංහ, අවන්ති අපෝන්සු, ප්‍රියා රණසිංහ, ආතර් ගුණවර්ධන, ටෙඩී විද්‍යාලංකාර, සිසිර කුමාරතුංග, ලින්ටන් සේමගේ, ප්‍රේමසිරි කල්පගේ, ටිරෝන් මයිකල්, දීපා හෙට්ටිආරච්චි, කුමාරි තලහිටිය, ශ්‍රීනාත් මල්දෙනිය, රණවීර බද්දේගම, රෝහිත සමරවීර, සේන දෙහිවල, සිරිතුංග පෙරේරා, දනුෂ්ක රත්නායක, සොමී රත්නායකඇන්ටන් ජේ. ප්‍රනාන්දු
CREATIVE
හම්ප්ටි ෂර්මා කී දුල්හානියා (Humpty Sharma Ki Dulhania)බොලිවුඩ් සිනමාවේ ඉතා ජනපි‍්‍රය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ කරන් ජොහාර් ගේ නවතම නිෂ්පාදනයයි හම්ප්ටි ෂර්මා කී දුල්හානියා. කාව්‍යා ප්‍රතාප් සිං (අලියා බහාට්) නම් වූ රූමත් කෙලිලොල් තරුණිය අම්බාලි නගරයේ සිට දිල්ලි නුවරට විනෝද චාරිකාවක යෙදී සිටියදී ඇතිවන සිදුවීම් රැසකින් නිර්මාණය වී ඇති හම්ප්ටි ෂර්මා විකට සහ ශෲංගාරාත්මක චිත්‍රපටයකි.ඇයට දිල්ලි නගරයේදී හමුවන විනෝද කාමී තරුණයකු වූ හම්ප්ටි ෂර්මා නම් තරුණයකු (වරුන් දාවන්) කාව්‍යා විසින් හඳුනා ගැනීමත් ඒ තුළින් ඇතිවන සිදුවීම් මාලාවක් අඩංගු හම්ප්ටි ෂර්මා කී දුල්හානියා හි වරුන් දාවන් අලියා බාට් අශූ ටෝෂ් රානා, කෙනස් දෝශි සමඟ හඳුන්වා දෙන සිද්ධාර්ථ ශුක්ලා රංගනයෙන් දායක වෙති.මෙය ශසින්ක් කේහේටාන් ගේ අධ්‍යක්‍ෂණයකි.ඩිවර්ජන්ට් (DIVERGENT)වෙරෝනිකා රූත් ගේ ජනපි‍්‍රය නවකතාව ඇසුරෙන් නීල් බගර් විසින් අධ්‍යක්‍ෂණය කළ නවතම ක්‍රියාදාම චිත්‍රපටයයි ඩිවර්ජන්ට්ශලේන් වුඩ්ලි, තියෝ ජේම්ස්, රේ ස්ටීවන්සන් සමඟ සම්මානනීය නිළි කේට් වින්ස්ලට් රඟන ඩිවර්ජන්ට් ඩී. වී. ඩී. තැටි මේ දිනවල වෙළඳපළට නිකුත් වී ඇති නවතම ඉංගී‍්‍රසි චිත්‍රපටයකි.ලෝක ජනගහනය එක් එක් කාණ්ඩවලට වෙන් කරනු ලබන අතර තම කාණ්ඩය සොයා ගැනීමට ගන්නා වෙහෙස සහ ඒ නිසා ඇතිවන සිදුවීම් මාලාව වටා ගෙතුණ ඩිවර්ජන්ට් අපූර්වතම ක්‍රියාදාම චිත්‍රපටයකි.මන්ජාපායි (MANJAPAI)එන්. රගවන් අධ්‍යක්‍ෂණය කළ මන්ජාපායි චිත්‍රපටය බොහෝ ද්‍රවිඩ චිත්‍රපටවලට වඩා වෙනස් වූ මානුෂික විවරණයකින් හෙබි ද්‍රවිඩ චිත්‍රපටයකි.ගමේ ඉපිද වැඩිදුර අධ්‍යාපනයක් ලැබ ඉහළ රැකියාවකට එන තරුණයකු තමා කුඩා කල සිට හදා වඩා ගත් තම සීයාව ගමේ තනි නොකර තම මහල් නිවාසයට රැගෙන ඒමත් ඒ නිසා නාගරික සමාජය ඉදිරියේ ගැමිකම හාස්‍යයට සහ ඔච්චමට ලක්වීමත් මනාලෙස චිත්‍රපට ගතකර ඇති මන්ජාපායි කාටත් රස විඳිය හැකි අපූර්ව චිත්‍රපටයකි.කන්ගා බහාට්, රාජ් කුමාර් යාදේව්, ලිසා හේඩන් සමඟ විජේ සින්ග් රංගනයෙන් දායක වී ඇති මන්ජාපායි සංගීතය අනිට් ත්‍රිදේව් විසිනි. වික්‍රමදිත්‍ය මොට්ටරන් විසින් නිෂ්පාදනය කර ඇති මන්ජාපායි චිත්‍රපටය ප්‍රේක්‍ෂක අවධානයට ලක්වූ අපූර්වතම චිත්‍රපටයකි.වඩකරි (VADACURRY)ස්වාති රෙඩ්ඩි සහ බාලාජි කස්තුරි රංගනයෙන් එක්වන අලුත්ම දෙමළ චිත්‍රපටය වඩකරි සරවන රාජන් ගේ අධ්‍යක්‍ෂණයකි.ස්වාති සහ බාලාජි සමඟ සනී ලියෝන්, අරුල්දාස් මීෂා, වෙන්කට් ප්‍රභූ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන වඩකරි කැමරාකරණය එස්. වෙන්කටේෂ් විසිනි.ක්වීන් (QUEEN)ක්වීන් චිත්‍රපටය ආරම්භ වනුයේ දිල්ලි නගරයේ ජීවත්වන විසි හතර හැවිරිදි රාණි නම් වූ යුවතිය මුල් කරගෙනය.රාණි ගේ එකම ආරක්‍ෂකයා වනුයේ ඇගේ සොහොයුරාය. මෙහිදී රාණි මුහුණදෙන සිදුවීම් රාශියකින් අපූර්වතම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ක්වීන් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ විකාශ් බහාල් සමත් වෙයි.අමිත් ත්‍රිදේව් ගේ ලයාන්විත සංගීතයෙන් ඔපවත් වී ඇති ක්වීන් නිෂ්පාදනය වික්‍රමාදිත්‍ය මොට්වානි විසිනි.රංගනයෙන් රාණි ලෙස කන්ග්නා රානට් රඟන අතර මීට අමතරව රාජ් කුමාර් යාදේව්, ලීසා හේඩන්, විජේ සිං ඇතුළු නළු නිළියන් රැසක් ක්වීන් සඳහා දායක වී ඇත. මෙය 2014 වසරේ වැඩිම ආදායම් ලත් ඉන්දියා චිත්‍රපටයකි.නෝආ (NOAH)ලෝක විනාශය තවත් පරිච්ඡේදයක ආරම්භයයි. ජල ගැල්මෙන් ලෝකය විනාශ වීමට පෙර තෝරාගත් මිනිසුන් කොට්ඨාසයක් ඉන් බේරා ගැනීම සඳහා දෙවියන් වහන්සේ එක් මනුෂ්‍යයකු තෝරා ගනියි. ඔහු නෝආ ය.බයිබලයේ සඳහන් කතාවක් ඇසුරෙන් තැනුන ඕනෑම ජාතිකයකුට හෝ ඕනෑම ආගමිකයකුට නරඹා රස විඳිය හැකි චිත්‍රපටයක් නිර්මාණය කරලීමට අධ්‍යක්‍ෂ ඩැරන් අරෝනොෆ්ස්ක් සමත් වී ඇත.දක්‍ෂ චරිතාංග නළු රසල් ක්‍රෝ සමඟ ඇන්තනි හෝප්කින්ස්, රේ වින්ස්ටන්, ජෙනිෆර් කොන්ලි, එමා වොට්සන් ඇතුළු නළු නිළියන් රැසකගේ රංගනයෙන් ඔපවත් වී ඇති නෝආ මේ දිනවල සිනමා ප්‍රේක්‍ෂකයන් අතර ඉමහත් කතාබහට ලක් වූ චිත්‍රපටයකි.ඉහත සියලු චිත්‍රපටවල ඩී. වී. ඩී. තැටි දැන් වෙළඳපළෙන් ලබාගත හැක අතර සෑම තරාතිරමකම ප්‍රේක්‍ෂකයන්ට නැරඹීමට සුදුසු චිත්‍රපට වේ.ලිව්වේ – කල්‍යාණ චන්ද්‍රසේකරබ්ලූ රේ චිත්‍රපට අනුග්‍රහය මූවි වර්ල්ඩ් HDඩී. වී. ඩී. අනුග්‍රහය නීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර  
CREATIVE
රම්බරී සින්දුව ගායනා කරන්නේ කවුද කියලා ඇහුවොත් ඕන කෙනෙක් උත්තර දෙන්නේ ළහිරු පෙරේරා කියලා. ඒක තමයි නිවැරැදි පිළිතුර. ළහිරු කියන්නේ කාලෙත් එක්ක නියම විදියට වෙනස් වන නිර්මාණශීලී තරුණයෙක්. එයා රම්බරී වගේම ළබැඳියේ වගේ ගීතත් රතු රට කජු වගේ ගීතත් කාලයත් එක්ක රසිකයන්ට තිළිණ කළේ හරිම අපූරුවට.මෙහෙම වෙනස් වෙච්ච ළහිරු පසුගිය දවසක තමන්ගේ නම වෙනස් කළා.* සිඤ්ඤෝ කියලා. පොඩි සිංඤ්ඤෝලා, ලොකු සිංඤ්ඤෝලා, අප්පු සිංඤ්ඤෝලා අපට හොඳට හුරුයි. පුරුදුයි. ඒත් මේ ල සිංඤෝ කියන නම ළහිරු පට බැඳ ගත්තේ මොකටද?ඒ කතාව අපි ඇහුවේ ළහිරුගෙන්.ළහිරු පෙරේරා වැඩ කරන්න පටන් අරන් දැන් ටික කාලයක් ගත වෙනවා. ළහිරු ගොඩක් වැඩ කළා. ඉතිං දැන් ළහිරුගෙ වැඩ ඉවරයි. ළහිරු පෙරේරා කරපු වැඩ ටික ඉවරවුණාම ඉස්සරහට යන්න බෑ. ඒ නිසා වෙන විදිහේ චරිතයක් හදන්න අපි තීරණය කළා.මේ ඉන්නේ ළහිරු පෙරේරාම තමයි. ඒත් ඉන්නේ වෙන නමකින්. ල සිංඤෝ කියන නමින්. මේක හැමදාම වෙනස් වෙන්න කැමති මං කරපු වෙනස් වැඩක්.* ල සිංඤෝ කියල දැම්මේ ඇයි?ල කියන්නේ ළහිරු එහෙමත් නැතිනං ලංකන්. මේක ළහිරු සිංඤෝ වගේම ලංකන් සිංඤෝ කියලා අර්ථකථනය කරන්න පුළුවන්.මේක අමුතු ඇඳුමක්?ඔව්. මොඩර්න් ආරච්චි කියන කන්සෙප්ට් එක තමයි අපි පාවිච්චි කළේ. මේ ඇඳුමෙ සංස්කෘතික කිහිපයක අංග එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේ ඇඳුම ඇඳගෙන ජාත්‍යන්තර තලයට යන්න තමයි හිතන් ඉන්නේ.* මේක ඇත්තටම නම වෙනස් කිරීමක්ද?නෑ. ල සිංඤෝ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්. ල සිංඤෝ ඉන්නේ වේදිකාවේ ප්‍රසංගවල. මේ ඉන්නේ අතිශය සරල නිහතමානී ළහිරු පෙරේරා.* මේ ඇඳුම නිර්මාණය කළේ කවුද?මම තමයි. ඒ වගේම මගේ කල්‍යාණ මිත්‍ර මනුරංග විජේසේකර ගේ අදහසුත් මේ කන්සෙප්ට් එකේ තියනවා.* කොහොමද මුලින්ම මේ කන්සෙප්ට් එක ආවේ?අපි සින්දුවක් කළා පොඩි සිංඤො මරං කියලා. ඒකට විෂුවල් එකක් ගැන හිතන කොට තමයි මේ මොඩර්න් ආරච්චි ඔළුවට ආවේ. අපි ඒ ආරච්චිව නැවත පණගහලා ගත්තා.* දැන් අපි කතා කරන්න ඕනේ කවුරු කියලද?ල සිංඤෝ කියනවට මං කැමැතියි.* මේ ඇඳුම ඔබේ ගීතවලට ප්‍රායෝගිකද. උදාහරණයක් විදියට ළබැඳීයේ?ඔව්. මේ වෙනස කොහොම එකක්ද කියලා ඉදිරියේදී බලාගන්නට හැකි වේවි.* මේ ඇඳුම විතරද ඔබ භාවිත කරන්නේ?නැහැ. මේ ඇඳුමේ විවිධ මෝස්තර ඇඳුම් තියෙනවා. තැනට ගැළපෙන විදිියට ඒ ආකෘතිය ගත්තු විවිධ වර්ණයේ ඇඳුම් අඳිනවා.* සාමාන්‍ය ගමනට බිමනටත් මේ ඇඳුම අඳීන්න බලාපොරොත්තු වෙනවා කියලා ආරංචියි?හප්පේ කවුද කිව්වෙ. එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. සාමාන්‍ය ජීවිතේ මං ළහිරු පෙෙරේරා. සංගීත ජීවිතේ ල සිංඤෝ කියල කෙනෙක්.* මේ හැම දේම කරන්න් ජනප්‍රිය වෙන්නද?ජනයාට ප්‍රිය උපදවන දේ කිරීම තමයි නිිර්මාණකරුවකුගේ යුතුකම. නිර්මාණකරුවන් එය තේරුම් ගත යුතුයි. එක තැන පල්වේවී ඉන්නවට වඩා යමක් කිරීමට උත්සාහ කිරිම තමයි වැදගත්.- චතුර
CREATIVE
වන්නියේ වේදිකා සංචිතය ඔහුගේ කලා දිවියේ නිජබිමයි. එදවස වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල ඇතුළු පිරිස එකතුවෙන් නිර්මාණය කළ කලා ප්‍රතිභාවන් සපිරි ආදුනිකයන්ගේ එකමුතුව තුළ ඔහුට හිමිවූයේ ස්වශේෂී ස්ථානයකි. දිනෙන් දින තම හැකියාවන් ඔප්නංවා ගනිමින් පුංචි අවදියේ සිට තම සිත පොලඹවන නළුවකුවීමේ සිහිනයෙන් පොරබදන හෙතෙම අද ස්වාධීන රූපවාහානියේ අංගරචනා, ශිල්පියෙකු ලෙස කටයුතු කරයි.කලා ක්ෂේත්‍රයේ බොහෝ ඉසව් ස්පර්ෂ කළ ජනක ජමින්ද බණ්ඩාර නම් මේ අපූරු තරුණයා සරසවියෙහි ඕඥඩඪදඤ ඊඩඥ ඉජඥදඥ සමඟ එදා වන්නි පොළව තුළ තම ප්‍රතිභාව ප්‍රකට කළ අතීත, වර්තමාන, අනාගත කථනයයි මේ.අපේ මුල් පදිංචිය වව්නියාවේ. ත්‍රස්තවාදයෙන් බැට කෑ අපි පණ බේරා ගන්න හොරොව්පතානට ආවා. මගේ තාත්තා අදත් හොරොව්පතාන පොලිසියේ සේවය කරනවා. හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය, යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයට, නැවතත් හොරොව්පතාන රුවන්වැලි විද්‍යාලයට යන්න උනෙත් මේ ත්‍රස්තවාදය නිසයී. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පොලිසියෙ. අනෙත් මල්ලි හමුදාවේ.මෙවන් වටපිටාවක ජීවත් වූ ඔබ කලාව දෙසට සිත් යොමු කළේ කොහොමඳ?පුංචි කාලේ ඉඳන් මගේ අසාව තිබුණේ නළුවෙක් වෙන්න. ඒකට මූලික අඩිතාලම වැටුනේ පාසල් වේදිකාවෙන්. උසස් පෙළ අවසන් කළ මං ඩග්ලස් සිරිවර්ධන මහතාගේ රංගන වැඩමුළු සඳහා නිතර කොළඹ ආවගියා. මේ අවධියෙම ඒ කියන්නේ 1996 වර්ෂයේ වන්නියෙ වේදිකාව කියල සංචිතයක් හැදෙනවා. දුක්ගන්නාරාල මහත්තය මූලික වෙලා තමයි මේ සංචිතය පිහිටුවන්නේ මෙහිදිත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් පුහුණුවක් ලබනවා. මේ පුහුණුව අවසන් කරල කොළඹ ජාතික තරුණ සේවා සභාවේ තිබුණු නාට්‍ය පාසලට බැඳුණා. මෙහිදිත් මට ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙනිය, සෝමලතා සුභසිංහ, ලයනල් රංවල වැනි ප්‍රවීණයන් යටතේ ඉගෙන ගන්නවා. මේ අයගේ නාට්‍යවලට අපිව සම්බන්ධ කරගන්නවා. ඒ අනුව මම රන්වල මහතාගේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා එතුමා මියයන තුරු එතුමන් සමඟ වැඩ කළා.ජනක ක්ෂේත්‍ර ගණනාවක් ඇසුරු කළ අයෙක්. අපි ඒ ගැනත් කියමු?රංගන ශිල්පියෙක්, නාට්‍ය හා චිත්‍රපට රචකයෙක්, මැදිරි නිෂ්පාදකවරයෙක්, ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක්,රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරල අද අංග රචනා ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.ක්ෂේත්‍ර ගණනාවක, නියැළුණු ඔබ ඇයි අද අංග රචන ශිල්පයට කොටුවී සිටින්නේ?යම් අසනීප තත්වයක් මට ඒකට බලපෑව. ඒවගේම ස්ථීර රැකියාවක් කිරීමේ අදහසත් තිබුණා. ඒ නිසා තමයි අංග රචනය පැත්තෙන් රැකියාව කරන්නේ.මේ ක්ෂේත්‍ර?යේ ඔබේ ගුරුවරයා කවුද?ජයන්ත රණවක මහතා.අංග රචනා ශිල්පියකු වශයෙන් ඔබේ වගකීම කුමක්ද?මේක බැරෑරුම් විෂයක්. කෙටියෙන් කිව්වොත්, යම් නිර්මාණයකදී අධ්‍යක්ෂවරයාගේ හිතේ ඇදුනු රූපය ඔහුට ඇවැසි අයුරින් සකසා දීම මගේ වගකීමයි.රංගනයෙන් දායකවූ පළමු වේදිකා නාට්‍යය?ලයනල් රංවල මහතාගේ යුද්දෙටත් ඇවිත්.රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් මේ දෙකෙන්ම දායකවූ පළමු වේදිකා නාට්‍ය මොනවද?මං උඹට දෙන්නේ නෑ.අංගරචනයෙන් දායක වූ පළමු ටෙලිය?බෙනට් රත්නායකගේ නව වෙනි කඩුල්ල.රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායකවූ චිත්‍රපටය?හස්ති මදාරා දැනටමත් මේ චිත්‍රපටයෙ බොහොමයක් වැඩ අවසන්කාලෙකට පස්සේ රංගනයට ඇවිත් කියන්නේ ඇත්තද?ඔව් , අවුරුදු අටකට පස්සේ ඩිල්ෂාන් පතිරත්න අධ්‍යක්ෂණය කරන රුයිත හතර ටෙලියේ රංගනයෙන් දායක වී සිටිනවා.ඔබේ පවුලෙ විස්තර?මම විවාහකයි. දැනට පදිංචිය හෝමාගම, බිරිඳ චේතනී ලතිකා සේනානායක, ලොකු පුතා ජයන කෝට්ටෙ ආනන්ද විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබනවා, පොඩි පුතා ජිතුල.අනාගත බලාපොරොත්තු?දැනට පවත්වාගෙන යන ඇකඩමිය දිගටම කරගෙන යන්නත්, අංග රචනය පිළිබඳ පොතක් ලියන අතරේ තවත් චිත්‍රපටයක් කරන්නත් සූදානමකින් ඉන්නේ.සටහන - තිස්ස ධම්මිකඡායාරූපය - මාලන් කරුණාරත්න
CREATIVE
ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය තිරගත වී වසර හැට හතක් පිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර හතළිස් දෙකක් පිරීම නිමිත්තෙන් ජනවාරි විසිඑක් වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී විශේෂ උත්සවයක් පැවැත්විණි. එහි විශේෂ ආරාධිත අමුත්තා වූයේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතායි. එහිදී ප්‍රවීණ රංගන ශිල්පී බොනිපස් ප්‍රනාන්දු වෙනුවෙන් උපහාර තිළිණයක් පිදීමට ද ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කර තිබිණ.මෙම උළෙලේ තවත් සුවිශේෂ අංගයක් වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිනමා උළෙලක් සංවිධානය කර තිබීමයි. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්, ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, තිස්ස ලියනසූරිය ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය. කලා රසික රසිකාවන් රැසක් ද සහභාගි වූ මෙම උළෙලේ සුවිශේෂී අවස්ථා මාලන් කරුණාරත්නගේ කැමරා කාචයට හසුවූයේ මෙසේය.සටහන - සම්පත් බාලසූරිය
CREATIVE
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථව මඟින් සංවිධානය කරනු ලබන සිනමා කතිකාවත හි පළමු පියවර මෙම මස 18 වැනිදා එනම් හෙට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. විරාගය සිනමා ප්‍රතිසේවනය මාතෘකාව යටතේ මහාචාර්ය සමන්ත හේරත් සහ සනත් ගුණතිලක මෙහිදී දේශන පවත්වනු ලැබේ. මෙය අවසානයේ දී තිස්ස අබේසේකරයන් අධ්‍යක්‍ෂණය කළ විරාගය චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනු ඇත.පුදුම ලේලි චිත්‍රපටයේ කාරුණික ලේලියගේ චරිතය රඟපෑ නන්දා ලීලානායක අභාවප්‍රප්ත විය. මිය යන විට ඇගේ වයස අවුරුදු හැත්තෑ අටකි. කොළඹ මරදානේ උපත ලැබූ නන්දා නිළියක් වන්නේ පුවත්පතක පළ වූ දැන්වීමකට අයැදුම් කොටය. බණ්ඩා නගරයට පැමිණීම ඇගේ පළමු චිත්‍රපටය විය.තම දෙවැනි සිනමාපටය වූ පුදුම ලේලි චිත්‍රපටයේ රඟපෑ ප්‍රේම් ජයන්ත් සමඟ විවාහ වූ ඇය අනතුරුව සිනමාවෙන් සමුගත්තාය. අසූව දශකයේ ජනප්‍රිය නළුවකු වූ ජගත් රොහාන් ඇගේ පුතණුවන්ය. නන්දාගේ අවසන් කටයුතු පසුගියදා සිදු විය.
CREATIVE
තිරයේදී දකින හාදකම තිරයෙන් බැහැර දී දක්නට නොලැබීම සාමාන්‍යයය. එහෙත් ජූහි සහ ෂාරුක් අතර දුටුදා පටන් බැඳුණු මිතුªදම අදටත් නොවෙනස්ය.කලක් ජූහි සහ ෂාරුක් මේ මිත්‍රත්වය නිසාම එක්ව ව්‍යාපාරයක් ද ඇරැඹූහ. එහෙත් පසුව ජූහි ව්‍යාපාරයෙන් ඉවත් වුණේ මිත්‍රත්වය සහ ව්‍යාපාර එකිනෙකට නොපෑහෙන විෂයයන් දෙකක් වූ නිසයි.1998 දී ජූහි, ඩුප්ලිකේට් රූ ගත කිරීමකට සහභාගි වෙමින් සිටියදී මව ප්‍රාග් හිදී මිය ගියාය. ෂාරුක් රැය පුරාම ඇය අසළින් සිට සිතට සවියක් වුණේය.මෑතකදී ජූහි, දෙදෙනාගේ කාර්යය බහුලකම පෙරදී මෙන් මිත්‍රත්වය පවත්වා ගැනීමට බාධාවක් වී ඇති බව පැවසුවාය. එහෙත් එය මිතුªදමට බාධාවක් නොවන බව ජූහි තරයේම කියා සිටින්නීය. යළි රඟන්නට ලැබෙනවා නම් ජූහි වඩාත් කැමැති ෂාරුක් සමඟ රඟපෑමටයි.ෂාරුක්ගේ කාර්යය බහුලකම පුදුමයට කරුණක් නොවෙයි. ඉන්දියාවේ 114 වැනි ධනවන්තයා ඔහුයි. සිනමාපට නිසා වගේම, කොල්කටා නයිට් රයිඩර්ස් මඟින් ද, රෙඩ් චිලී එන්ටර්ටෙයින්මන්ට් සමාගමෙන් ද ඔහුට හොඳ ආදායමක් ලැබෙයි. ඩොලර් මිලියන 300 කට වැඩි ආදායම්ලාභියකු කාර්යය බහුල නැතැයි පවසන්නේ කෙසේ ද?
CREATIVE
ඉන්දියානු සිනමාව අද ලොව පුරා ව්‍යාප්ත ව ඇති නමුත් එය එක් රැයකින් සිදුවූවක් නොවූවාසේම එක් මිනිසෙකුගේ තනි මෙහෙයුමක් ද නොවීය. එහි ලා පුරෝගාමී වූ සහ එහි හැඩ තල සැකසීමට වෙහෙස වූ සිනමාකරුවන් සහ සිනමා තරු ඇතුළු බොහෝදෙනා පිළිබඳ කියැවෙන මේ ලිපි මාලාවේ තවත් අවධානය යොමු විය යුතු සමාගමක් නම් 1930 වසරේදී ඇරඹෙන සාගර් මුවිටෝන් ය. චිමන්ලාල් බී.දේසායි සහ ආචාර්ය අම්බලාල් පතෙල් මෙහි නිර්මාතෘවරුන් වූහ.ඔවුහු එයට පෙර බැංග්ලෝරයේ සිට හින්දි චිත්‍රපට දකුණු ඉන්දියාවට බෙදාහැරීමේ ව්‍යාපාරයක් මෙහෙයවූහ.මේ අතරින් අර්දේශර් එම්.අයිරානිගේ චිත්‍රපට ප්‍රධාන තැනක් ගත්තේය.එබැවින් ඔවුන් සාගර් මුවිටෝන් ආරම්භ කරද්දී ඒ සඳහා බෙහෙවින් උපකාර කරන ලද්දේ අයිරානි විසිනි.සාගර් මුවිටෝන් මුල්ම සිනමාකරුවා වූයේ එස්රා මීර්ය.කල්කටාවේ දී එඩ්වින් මේයර් නමින් 1903 වසරේ දී උපත ලද මීර් මදාන් චිත්‍රපට වෙතින් සිනමාවආරම්භ කරන ලද නමුත් පසු කලක හොලිවුඩ් හි යුනිවර්සල් සමාගම සහ එක්ව බෙහෙවින් අත්දැකීම් ලද්දේය.තවත් කලක් ඔහු හොලිවුඩ් සමාගමක් වන යුනයිටඩ් ආටිස්ට් සමාගමේ ද සේවය කළේය.පසු කලක මීර් වඩාත් ප්‍රචලිත වනුයේ වාර්තා සිනමා කරුවකු හැටියටය.කෙසේ වෙතත් හොලිවුඩ් අධ්‍යයනයෙන් පසු යළි ඉන්දියාවට පැමිණි මීර්ගේ මුල්ම චිත්‍රපටය 1932 වසරේ දී සාගර් වෙනුවෙන් නිර්මාණය කරන ලද සරීනාය.එහි ප්‍රධාන චරිතය රඟපානුයේ සුබෙයිදා සහ ජාල් මර්චන්ට්ය.මේ චිත්‍රපටය පුරාම සමකාලින හොලිවුඩ් සිනමා ශෛලිය අපූරුවට දැක ගත හැකි වූයේය.සාගර් සමාගමේ තවත් ජනප්‍රිය චිත්‍රපටයක් වනුයේ 1935 වසරේ දී නිර්මාණය කෙරුණ ඩොක්ටර් මධුරිකාය.ස්ත්‍රිවාදි චිත්‍රපටයක් ලෙස බොහෝ කාන්තා විමුක්ති කාමීන්ගේ පැසසුමට ලක්වන මධුරිකා චිත්‍රපටයට පාදක වනුයේ වෛද්‍යවරියක වන බිරිය සහ නීතිඥවරයෙක් වන සැමියා යන දෙදෙනා පවුල් සංස්ථාවේ එකිනෙකා පරයා ස්වාධීන වන්නට කළ අරගලයයි. එවකට ස්ත්‍රි වාදී නායිකාවක වන කමලාදේවි චත්තෝපාධ්‍යය මේ චිත්‍රපටය පිළිබඳ ඉමහත් ගෞරවයෙන් කතා කළාය.ඉන්දියාව වෙලාගත් සමාජ හර පද්ධති සහ ආකල්ප වලට වඩා ඩොක්ටර් මධුරිකා පුවත වෙනස් වූයේය.තව දුරටත් බිය ගුලු භාර්යාව එහි නොවීය. සමකාලින සමාජය ඇතුළත කාන්තාවට ස්වාධීනව නැගීසිටිය හැක.ඩොක්ටර් මධුරිකා අධ්‍යක්ෂවරයා සර්වෝත්තම් බදාමි නම් විය.ගුජරාටයේ සුප්‍රකට ලේඛකයකු වන කේ.එම්.මුන්ෂි අතින් මෙහි තිර රචනය ලියැවිණ.සබීතා දේවි සහ මෝතිලාල් මෙහි චරිත නිරූපණය කළහ.කෙසේ වෙතත් ඉන්දියානු සිනමා ඉතිහාසයේ වඩාත්ම වැදගත් සිනමාකරුවකු හඳුන්වාදීමේ ගෞරවය අත් පත් කර ගත යුත්තේ සාගර් මුවිටෝන් සමාගමයි.ඒ මෙහෙබුබ් ය.ඉම්පීරියල් සමාගම මගින් නිෂ්පාදිත අලිබබා ඇන්ඩ් ෆෝටි තීව්ස් චිත්‍රපටයේ එක් සොරෙකුගේ චරිතය රඟපාමින් සිනමාවට එන මෙහෙබුබ් සාගර් සමාගම සමග එක්වනුයේ ද නළුවකු හැටියටය.එහෙත් ඔහු එහිදී සිය මුල්ම සිනමා කෘතිය එළි දැක්වීමට සමත් වෙයි.ඒ අති දැවැන්ත චිත්‍රපටයක් වන අල් හිලාල් චිත්‍රපටයයි.බයිබල් පුවත් ඇසුරු කොට සිසිල් බී ඩිමෙල් විසින් නිර්මාණය කරන ලද ද සයින් ඔෆ් ද ක්‍රොස් චිත්‍රපටයට වසඟ වුන මෙහෙබුබ් මේ චිත්‍රපටය නිර්මාණය කරනුයේ රෝමය සහ අරාබිය පසුබිම් කරගෙනය.අල් හිලාල් චිත්‍රපටයේ ඉංග්‍රීසි නාමය වනුයේ ද ජජ්මන්ට් ඔෆ් අල්ලාය.විලාසය සහ ආකෘතිය අතින් පවා අල් හිලාල් අලුත් බවක් ගෙනාවේය.ඉන්දියාවේ එවකට සිටි විශිෂ්ට කැමරාකරුවකු වන ෆරේඩූන් අයිරානි මෙම චිත්‍රපටයේ කැමරාකරණයට එක්වූයේය. එතැන් පටන් ෆරේඩූන් සහ මෙහෙබුබ් අතර ඇති වන සබඳතාවය දීර්ඝ එකක් වූයේය.එය හින්දි සිනමාවේ අධ්‍යක්ෂවරයෙක් සහ කැමරා ශිල්පියෙකු අතර ඇති වන දීර්ඝතම සහ හොඳම සම්බන්ධතාව ලෙස සැළකේ.මෙහෙබුබ් ගේ සිනමාව පිළිබඳ ඉදිරියට ලියන්නට තබා සාගර් මුවිටෝන් ට සිදුවූ දෙය මෙහි සදහන් කරමි. දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවසන් වන විට ටාටා සමාගමේ ප්‍රධාන හවුල් කරුවකු වන ෆසල්බෝයි ටාටා සාගර් මුවිටෝන් සමාගමේ වැඩි අයිතිය පවරා ගෙන එහි නාමය නැෂනල් ස්ටුඩියෝ ලෙස වෙනස් කළේය.මතු සම්බන්ධයිඅරුණ ගුණරත්න
CREATIVE
කොහොමද එදා අපේෆයිට් එකමේ නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ ‘දැන් මතකද’ චිත්‍රපටයේ මංගල දර්ශනය දිනයේදී ගත් ඡායාරූපයක්.සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි, දක්ෂ සටන් නළුවන් දෙපොළක් වූ බන්දු මුණසිංහ සහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමඟින් චරිතාංග නළුවෙකු වූ සේනාධීර රූපසිංහ මේ කතා කරන්න ඇත්තේ එදා චිත්‍රපටය රූගත කරන අවස්ථාවේ සිදු වුණ රසමුසු සිදුවීමක් ගැන වෙන්න ඇති.මේ ගී කාටදැයිඔබ දන්නවා ඇතිසුදු පාට මීදුම් ගලාලා . . .අහා අහා ආදරණීය සිනහ ඔබේ . . .කොඩි ගහ යට මම උපන්නේ . . .ඊළඟට ලියන සිංදුව මොකක් ද?මේ විශිෂ්ට ගීත රචක කරුණාරත්න අබේසේකර, චිත්‍රපට අධ්‍යක්ෂ නීල් රූපසිංහ සමඟ කතා වෙන්නේ ඒ ගැන වෙන්න ඇති.- යතේජා ඥානරත්න
CREATIVE
මගේ අලුත්ම ඇල්බමයට අවශ්‍ය ගීත හතක් පමණ පටිගත කිරීමේ කටයුතු මේ වනවිට අවසානයි. ඒත් ඒ ගීත අසන්නන් අතරට රැගෙන පැමිණීමට උත්සවයක් සංවිධානය වෙන්නේ නම් නැහැ.මොකද ඒ ගීත සී.ඩී. පටයක් විදියට එළියට ආවත් ඒ වෙනුවෙන් දැරූ වියදම සොයා ගන්නටත් පෙර ඒවා පදික වේදිකාවේ විකිණීමට තිබෙන නිසයි. ඒ නිසා සී.ඩී. පටයක් කරලා වැඩක් නැහැ කියලා හිතෙනවා.
CREATIVE
රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කුමාර සිරිවර්ධනගේ පරිවර්තන කෘති හතක් සාහිත්‍ය මාසය වෙනුවෙන් නිකුත් වී තිබේ. ඉන්දීය ලේඛිකා අමුල්යා මල්ලවිගේ ඒ Breath of Fresh Air නවකතාව ගිනි සුළෙඟ් සිරකාරී නමින් ද, එඩ්ගාර් වොලස්ගේ නවකතා දෙකක් අබිරහස් සොහොයුරියෝ සහ ටූනා අසිපතේ අබිරහස නමින් ද, එඩ්ගාර් රයිස් බරෝස් ගේ The Mad King නව කතාව ‘ලූතාවේ උමතු රජ’ යන නමින් ද, ඉනිඩ් බ්ලයිට්න්ගේ යොවුන් නව කතා දෙකක් උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය සහ රහස් කන්දේ වික්‍රමය යන නම් වලින් කුමාර අතින් සිංහලට පරිවර්තනය වී ඇත. ලොව විසූ විශිෂ්ටයන් සිය දෙනකුගේ ජීවන තොරතුරු ඇතුළත් අධ්‍යාපනික ග්‍රන්ථයක් ‘නව ලොවට මං සෙවූ විශිෂ්ටයෝ 100 ක්’ යන නමින් කුමාර අතින් ලියැ වී සැප්තැම්බරයේ එළි දකී.පරිවර්තක එස්. චන්ද්‍රසිරි දසනායක පරිවර්තනය කළ ‘අසිකි ගෝත්‍රිකයන්ගේ රන් පිළිමය’ කෘතිය මෙම මස 24 වැනිදා පෙරවරු 10.00 ට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශන කුටිවලදී දොරට වඩී.ප්‍රභාත් මිරිහාගල්ල පරිවර්තනය කළ ‘වනගත යුවතිය නොහොත් සැඟවුණු මිනිසුන්ගේ දේශය’ කෘතිය මෙම මස 25 වැනිදා පෙරවරු 10.00 ට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශන කුටිවලදී දොරට වඩී.‘අජනම් පුරාණය’, ‘ඇසළ අහස’, ‘හිණි පෙළ’ ‘නැඟි මිනිස්සු’, ‘අහස් මංගල්ලය’, ‘ඉන්දචාප’ කෘති ලියූ රසිකා සෝලංග ආරච්චිගේ ‘තොටුපළ හැරදා’ නවකතාව පසුගියදා දොරට වැඩිණ.ලලිත් රෝහිත එදිරිසිංහගේ ප්‍රථම සිනමා නිර්මාණය ලෙසින් ‘තොටුපළ හැරදා’ කෘතිය ළඟදීම රූපගත කිරීම් ආරම්භ කිරීමට ද නියමිතය.බුද්ධදාස ගලප්පත්තිගේ ‘සහෘද සටහන් – 3’ ජනගතවීම මෙම මස 26 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සිදුවේ.මෙසේ දොරට වඩින්නේ බුද්ධදාස ගලප්පත්ති කිවියා විසින් 2003 වර්ෂය තරම් ඈත කාලයක සිට ලංකාදීප විමංසා සාහිත්‍ය සංග්‍රහයට රචනා කරන ලද සහෘද සටහන් තීරු ලිපි එකතුවේ තුන්වන කාණ්ඩයයි. සාහිත්‍ය, සිනමාව, සංගීතය, වේදිකා හා ටෙලි නාට්‍යය, ජනමාධ්‍යය ආදී ක්ෂේත්‍රවල නිර්මාණකරුවන් හරස්කඩක් පිළිබඳ ඔවුන්ගේ නිර්මාණ ද සමඟ කෙරෙන කෙටි විවරණ ඇතුළත් තීරු ලිපි හැට දෙකකින් මෙවර කාණ්ඩය සමන්විතයි. මෙම කෘතිය ජනගත කිරීමේදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර තීරු ලිපි රචනා කලාව පිළිබඳ දේශනයක් පැවැත්වීමටද නියමිතය.සාහිත්‍ය මාසයේදී සරසවි ප්‍රකාශකයෝ මෙම මස 20, 22, 23, 26 යන දිනයන්හි පොත් රැසක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී දොරට වඩී. ඒ අතර, * 20 වැනිදා ප. ව. 4.00 - සම්පත් බණ්ඩාරගේ ‘ද ස්ටෝරි ඔෆ් 20 – 20 ක්‍රිකට්’ * 22 වැනිදා – ප. ව. 3.00 අජන්තා තෙරුණි – ‘ගැහැනු සහ පිරිමි’ * 23 වැනිදා – ප. ව. 4.00 – විශේෂඥ වෛද්‍ය මහේෂ් රාජසූරිය ‘රතිය විදු ඇසින්’ * 26 වැනිදා – 10.00 – බුද්ධදාස ගලප්පත්ති ‘සහෘද සටහන්- 3’ යන කෘති දොරට වැඩීමට නියමිතය.- ප්‍රසාද් /තිලානි /යතේජා
CREATIVE
ජියා ඛාන්, අහිංසක සමනලියගේ තටු කඩා දැමූ අපරාධකරුවා තවමත් නිදැල්ලේය. පසුගිය ජූනි මාසයේ ඇය ගෙල වැළලාගෙන මියගිය බවට සැක කළත් සත්‍ය එය නොවන බව මව, රඛියා ඛාන් පුන පුනා පවසන්නීය.නව රජය ජියාට සාධාරණත්වයක් ඉටු කරනු ඇතියි රඛියා බලාපොරොත්තු වන්නීය. මිනීමරුවා දේශපාලන බලයෙන් නිදහස් වුවත්, මෙවරවත් වරදට සමාවක් නොලැබෙනු ඇති බවට ඇය තරයේ විශ්වාස කරන්නීය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
මම නම් මේ දවස්වල හරිම සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා. පසුගිය කාලයේ නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ සේවයෙන් මට පොලිස් තූර්ය වාදන කණ්ඩායමට මාරුවීමක් ලැබුණා. දැන් මම සේවය කරන්නේ කොළඹ. ඒ නිසා දැන් මට ඉස්සරට වැඩිය කලා කටයුතුවලට දායක වෙන්න පුළුවන්.පොලිස්පතිතුමා සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්වරුන්ට මේ වෙනුවෙන් මගේ කෘතඥ පූර්වක ස්තුතිය පිරිනමනවා.  
CREATIVE
වංචා කිරීම ජස්ටින් බීබර්ගේ නවතම ගී පදය ද? කැතරින් ගැස්ඩාට සහ මෝස්තර නිරූපණ ශිල්පිනී චැන්ටල් ජෙෆ්‍රීස්ට ඔහු එකවර ආදරය කරනවාදැයි යන සැකය දැන් බොහෝ දෙනකුට මතු වී තිබේ. දහනව හැවිරිදි පොප් ගායකයාට දහඅට හැවිරිදි ගැස්ඩාව හඳුන්වා දෙන ලද්දේ බ්ලේක් කෙලී ඇතුළු මිතුරු මිතුරියන් පිරිසකි. ගැස්ඩා, බීබර් නිසා මවක වීමට අවශ්‍ය බව මිතුරු කැලට පවසා තිබේ. දෙදෙනා පසුගිය මාසයේ එකිනෙකාට තදින්ම ආදරය කර තිබේ. එහෙත් ඔවුන්ගේ ආදර සබඳතාව වරින් වර සුබ පැත්තටත් අසුබ පැත්තටත් දෝලනය වෙමින් පැවතිණි. දැන් ජස්ටින්ගේ ගති ගුණ ගැන නම් ගැස්ඩා කොහෙත්ම මනාප නැත. ඇය සැම විටම ජස්ටින් සුදු චරිතයක් සේ පෙන්වීමට නොගත් පියවරක් නැති තරම්ය. එහෙත් මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර ගෙන රිය පැදවීම නිසා ජස්ටින් අත් අඩංගුවට ගනිද්දී ඔහුත් සමඟ සිට ඇත්තේ ජෙෆ්රීස්ය. විසි හැවිරිදි ජෙෆ්රි ගැන ජස්ටින්ගේ පවුලේ අය බියෙන් පසු වෙති. ඇය ගැන ඇත්තේ බරපතළ වාර්තාය.මෑතකදී ජස්ටින්, පිරිමියකු නොකළ යුතු තවත් දෙයක් කළේය. ඔහු හිටපු පෙම්වතිය සෙලීනා ගෝමස්ගේ චරිතයට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කළේ ආදරයට ද අවමානයක් වන අන්දමිනි. ඔහු කිසිදු අපහසුතාවක්, ලැජ්ජාවක් නැතිව සෙලීනාගේ පිරිසුදුභාවය නැති කළේ තමන් බව කියා සිටියේය. 2011 වසරේදී ඇය තමන් සමඟ නිවාඩුවක් ගත කිරීමට පෙලඹුණේ සබඳතාව වඩාත් සාර්ථක කිරීමට බව ද ඔහු පැවසුවේය.අසභ්‍ය වීඩියෝ දර්ශනයක් සම්බන්ධව ද සුපිරි ගැටවර ගායකයා වරදකරුවකු වී සිටියි. 
CREATIVE
විජය කුවේණි නිර්මාණය කළ සුගත් සමරකෝන් ගේ නවතම සිනමාපටය ඇහැලේපොළ කුමාරිහාමි තිරගත කරන්නට මත්තෙන් ඔහු තවත් සිනමා සිතුවමක් අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම්වේ.එය මහා රාවණා රජුගේ ජීවිත කතාවේ සුවිශේෂී සන්ධිස්ථාන අළලා නිර්මාණය වන සිනමා සිතුවමකි. මහා රාවණා කතා පුවත ද නිෂ්පාදනය කරනුයේ ගයාන් රණධීර විසිනි.මෙය ගයාන් ගේ සිව්වැනි සිනමා නිෂ්පාදනයයි. මේ වන විට මහා රාවණා හි තිරපිටපත සැකසෙමින් පවතියි. එහි පෙර නිෂ්පාදන කටයුතු ළඟදීම ඇරැඹෙන බව සුගත් සරසවියට දන්වා සිටියි. චිත්‍රපටයේ නළු නිළියන් තෝරා ගැනීම මේ දිනවල සිදුවෙමින් පවතින අතර ළඟදීම මහා රාවණා හි රූගත කිරීම් ඇරැඹෙනු ඇත.- ප්‍රසාද්
CREATIVE
විවිධ වූ දක්ෂතා ඇති දූ පුතුන් අපේ රටේ කොතෙකුත් වෙති. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ හැකියාවන් දක්ෂාවන් වනයේ පිපුණු මල් මෙන් පරව යයි. රටට දැයට එවැනි දූ පුතුන් අගය කළ යුතු කාලයයි මේ.වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන ආර්. ඒ. කවීෂා සත්සරණී එවැනි දක්ෂතා සපිරි දැරියකි. ඇය 2013 සමස්ත ලංකා පාසල් රාගධාරී ගිටාර් වාදන (ඒකල) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට තරම් වාසනාවන්ත වූවාය. ඇය නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේදී සංගීතය හැදෑරීමට මුල පිරුවාය.ක්‍රීඩා අංශයෙන් සැලකිය යුතු ජයග්‍රහණ මෙන්ම ශිෂ්‍ය නායිකා ධූර ද ලබමින් සෙසු සිසු සිසුවියන් හමුවේ නිරතුරුවම කැපී පෙනුණි. 3, 4, 5 ශ්‍රේණිවලදී පද්‍ය ගායනා අංශයෙන් බස්නාහිර පළාත නියෝජනය කරමින් ඇය ජයග්‍රහණ රාශියක් අත්පත්කර ගන්නට සමත් විය. තවද සමස්ත ලංකා පාසල් තරගය 2012 රාග ආශ්‍රිත නිර්මාණ තරගයේ සහාය වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය ද සතුකර ගත්තාය.කවීෂාට මේ තරම් කලා හැකියාවක් පිහිටා තිබෙනුයේ ඇගේ මවගේ ආභාෂයෙනි. එමෙන්ම කවීෂාගේ නිසඟ හැකියාව, නොමඳ උත්සාහය මේ ගමන් මෙඟ් ජයග්‍රහණයේ රහසයි.‘මගේ අම්මා යටියන කණිෂ්ඨ විද්‍යාලයේ සංගීත ආචාරිණී කේ. ඒ. සුමුදු නිරෝෂා කුමාරසිංහයි. පුංචි කාලේ ඉඳන්ම මාව සංගීත ක්ෂේත්‍රයට යොමු කළේ මගේ අම්මා. කවදා හරි දවසක අම්මා වගේම සංගීත ක්ෂේත්‍රයෙන් ඉගෙන ගෙන කථිකාචාර්යවරියක් වීම මගේ බලාපොරොත්තුªªවයි. මගේ තාත්තා, නංගිලා වගේම විශේෂයෙන් සිරිමාන්න විදුහල්පතිතුමා, දේශප්‍රිය සර්, රවීන්ද්‍ර ප්‍රසාද් සර් මා ලැබුූ ජයග්‍රහණ පිටුපස යෝධ සෙවණැලියි.කලා හැකියාවෙන් පිරිපුන් කවීෂාට සුබ පතන්න ඔබටත් පුළුවනි. 0332293459 ඇගේ දුරකතන අංකයයි.- අචිනි ලක්මාලි
CREATIVE
ෂාරුක්ගෙයි, අජේ දේව්ගන්ගෙයි සමානතාවයක් තිිබේ. මේ සමානතාවය ගොඩ නැඟී ඇත්තේ රංගනයෙන් හෝ ගති ස්වභාවයෙන් නම් නොවෙයි. නරක පුරුද්දකිනි. ඒ දුම් පානය කිරීමේ පුරුද්දයි. දැනටමත් මේ දෙදෙනා තමන් දුම් පානය කරන විට ඡායාරූප ශිල්පීන්ට ඡායාරූප ගැනීමට ඉඩ නොදෙන ලෙස පෞද්ගලික ආරක්ෂක භටයන්ට දැනුම් දී ඇත.ඉදිරියේදී ප්‍රසිද්ධියේ දුම් පානය නොකිරීමටත් මේ නළු පියවරුන් තීරණය කර අවසන්ය.මීට පෙර මොවුන්ගේ ප්‍රසිද්ධියේ දුම් පානය කරන අවස්ථා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයේ පෙන්වීමෙන් අනතුරුව දැඩි ලෙස විවේචන එල්ල විය.අජේ දේව්ගන්, ෂාරුක් ඛාන් යනු ක්ෂේත්‍රයේ හිත මිතුරන් නොවෙයි. එහෙත් මේ සතුරු පුරුද්දෙන් දෙදෙනාම අත් මිදුණොත් දෙන්නාම ‘අයියා මල්ලීයි’ වාගේ කියා එනිසාම වුණත් කිව හැකිය.අජේ දෙව්ගන්, ෂාරුක් මෙන්ම කිහිප වරක්ම දුම් පානය කිරීමේ පුරුද්දෙන් අත් මිදෙන්න උත්සාහ කළ ද එය ගඟට ඉනි කැපීම හා සමාන නිරර්ථක ප්‍රයත්නයක් වී ඇත.මේ ෂාරුක් ඛාන්ට සුබම සුබ කාලයකි. දීපිකා සමඟ රැගූ ‘ඕම් ශාන්ත ඕම්’ සේම ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ ද අති සාර්ථකව තිරගත කෙරේ. ඒ නිසාමදෝ ෆාරා ඛාන්ගේ ඊළඟ සිනමාපටයට ෂාරුක් සමඟ රඟපෑමට තෝරා ගෙන ඇත්තේ ද දීපිකාවමයි.නව සිනමාපටය සඳහා ෂාරුක් – දීපිකා, සැප්තැම්බර් 2 වැනිදා ඩුබායි යන අතර ඩුබායි හි ඔහුගේ නිවාසයේ මුළුතැන්ගෙය කෑම පිසීමට අවශ්‍ය සියලු නවීන පහසුකම්වලින් පරිපූර්ණ කර තිබේ.තමා සමඟ රඟන දීපිකාට, අභිෂේක් බච්චන්ට, බෝමන් අයිරාණිට, සියතින්ම කෑම පිස දීමට ෂාරුක් කැමැත්තෙන් සිටින බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් හෙළිවේ. සහෝදර නළු නිළියන්ට ෂාරුක්ගේ කෑම රස වැටුණොත් ඔහු සුපිරි නළුවකුට සීමා නොවී සුපිරි සූපවේදියකු ලෙස ද ක්ෂේත්‍රයේ සම්මානයට පාත්‍ර වනු ඇත.රවීනා තන්ඩන් ‘මොහරා’ සිනමාපටයත් සමඟ අපේ මතකයට එන සරාගී රූමතියයි. සිනමාවේ දඟකාරියක වුව ද ඇය කෙතරම් නිවුණු, ආදරණිය සිත් ඇත්තියක් ද? මුලින් ඇය අරන් හදා ගත්තේ දූවරුන් දෙදෙනෙකි.පසුව ඇයට ද දුවක හා පුතකු ඉපදුණාය. ‘හදා වඩා ගැනීමේ’ සද්කාර්යය සතුන් දක්වා ව්‍යාප්ත කිරීමට දැන් ඇය පියවරගෙන තිබේ. රවීනා ළඟදී වීදි බලු පැටවුන් දෙදෙනකු හදා ගැනීමට ගත්තාය.සීතලේ වෙවුලමින් සිටින බලු පැටවුන්ට හිසට නිවෙසක්, කුසට ආහාර දුන් විට ලැබෙන සැනසීම අපමණ බව තිස් අට හැවිරිදි රවීනා පවසන්නීය.ශතෘගන් සිංහ, පූනම් සිංහ යන නළු නිළි මවුපියන්ගේ පුතුන් දෙදෙනකුට සිටින එකම දියණිය සෝනක්ෂි වසර 2010 දී බොලිවුඩයට පැමිණියේ මාපියන්ගේ මෙන්ම ක්ෂේත්‍රයේ ද පුංචි දියණිය ලෙසයි. දැන් ඇයගේ රංගන දිවියට තෙවසරකි.මේ වන විට අති සාර්ථක රංගනය නිසා ඇය ලොකු දියණියක වී හමාරය. එහෙත් මවුපියන්ට නම් තවමත් සෝනක්ෂි පෙර සිටි පොඩි දෝණියමයි.සිනමා රූගත කිරීමේදී වේලාවක්, අවේලාවක් නැති බව හොඳීන්ම දන්නා මවුපිය යුවළක වුණත් ඇය අලුයම 1.30 වන විට අනිවාර්යයෙන්ම නිවෙසට පැමිණිය යුතු බවට අණක් ඔවුන් දී ඇත.’මට තවමත් අම්මා තාත්තා සලකන්නේ පුංචි දුවකුට වගෙයි. ඒ ගැන සතුටුයි. ඔවුන් මට හැම වෙලාවෙම මඟ පෙන්වනවා.’සෝනක්ෂිගේ නිළි මව, පූනම් කෑගසන්නේ වෙලාවට නිවෙසට නොපැමිණි විටදී පමණක් නොවෙයි. රූගත කිරීම්වලට දියණිය වේලාවට අවදි නොවූ විට ද සමාවක් නැත.දැනටමත් සෝනක්ෂි රුපියල් කෝටි සියයක ආදායමක් ලබන සිනමාපටවල රඟන තාරකාවක ලෙස නම් දරා අවසන්ය.කෙසේ වුවත් සෝනක්ෂිට සියලු හපන්කම් පෑමට හැකි වන්නේ විවාහ වෙනතුරු පමණි. ඉන් පසු ඇය ජීවිතයම කැප කිරීමට බලාපොරොත්තු වෙන්නේ සැමියා සහ දූ දරුවන් වෙනුවෙනි.රිතික් රෝෂන් සටන් චරිත රඟපෑමට වාගේම රංගනය ඉදිරියේ ජීවිත සටන පරදුවට තැබීමට කැමැති නළුවෙකි. මෑතකදී කළ මොළයේ සැත්කම නිසා ඔහු විවේක සුවයෙන් පසුවුණත් ඒ විවේකයට නොවැම්බර් මාසයේ මැද දී සමුදීමට සිදු වී ඇත. ඒ ‘බෑන්ග් බෑන්ග්’ සිනමාපටයේ රූගත කිරීම් ආරම්භ වන නිසයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ඇය රත්නා සුමනපාල. එහෙම කියනවාට වඩා ඇයව ඔබට වඩාත් ළෙංගතු කෝපි කඩේ හාමිනේ ලෙස. දශක ගණනාවක් රංගනයෙන් අප පින වූ ඇය ඉකුත් දිනෙක සම්මානයක් දිනා ගත්තා. හැබැයි රංගනයෙන් නම් නෙවෙයි. එහෙනම් ඒ මොකටද? මටත් ඇති වුණේ කුතුහලයක්. ඒ පිළිබඳ එහෙනම් ඇයගෙන්ම විමසා බලමු.රත්නා අක්කේ මොකක්ද මේ ලද ඇගයීම?ගොඩක් අය මාව දන්නෙ රංගන ශිල්පිණියක් විදිහට. මං ලේඛනයෙහි යෙදෙනවා කියලා දන්නේ බොහොම ටික දෙනයි. ඇත්තෙන්ම කිව්වොත් දැන් සෑහෙන්න කල් ලියන්න පටන් අරන්. මට සම්මානය හම්බු වුණෙත් ඒකට. සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ සාහිත්‍ය විචාර අංශයේ සාහිත්‍ය විචාර තරගයේ ප්‍රථම ස්ථානයයි මට හිමි වුණේ. එම උළෙලේම පසුගිය වසරේ විවෘත කෙටි කතා අංශයේ තෙවැනි තැන දිනා ගත්තෙත් මං.ඉන් නොනැවතී ග්‍රන්ථ රචනයේ යෙදෙන්නට අදහසක් නැතිද?මොකද නැත්තේ. ළඟදී ළමා ගීත පොත් දෙකක් ලිව්වා. ඒත් තවමත් ප්‍රකාශකයකු නැහැ. හම්බුවුණ ගමන් එළිදක්වනවා.ලේඛනයට මෙතරම් පමා වුණේ ඇයි?පුංචි කාලයේ ඉඳලා මං වැඩියෙන්ම ආස කළේ ලේඛනයට. ක්‍රම ක්‍රමයෙන් මට රංගන සහ හඬ කැවීම් කටයුතුවල යෙදෙන කොට කාල වේලාව එයටම වැය වුණා.මේ දිනවල සිහිනපුරයේ ආච්චිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇතිනේද?අනේ ඔව්. පුංචි ඈයො තමයි මට හුඟක් ආදරේ. කාලෙකට පස්සේ දැනෙන්න රඟපාපු චරිතයක්.වසර විසි පහක් කෝපි කඩේ හාමිනේ ඔබ. එපා වුණේ නැති ද එකම චරිතයකට කොටු වීම?කවදාවත් නැහැ. ඒ චරිතය නිසා තමයි මාව වැඩි දෙනෙකු අතරට ගියේ. ඊටත් වඩා ඉන් මට ලැබෙන ආත්ම තෘප්තිය ගැන කියන්න වචන නැහැ.කොහොමද ඔබේ හඬ කැවීම් කටයුතු?සුපුරුදු පරිදි කරගෙන යනවා. කූඹිච්චි, කණා මැදිරි රාත්‍රිය වැනි වැඩසටහන් විස්සක පමණ හඬ කැවීම්වල යෙදෙනවා.ඔබේ හිත සසල කළ සිදුවීමක් ආවර්ජනය කරන්නටයි මං සැරසෙන්නේ. මතකද මීමුරේ දියේ ගිලෙන්න ගිය සිද්ධිය?කොහොම අමතක වෙන්නද . . . ඒ කස්තිරම නාට්‍ය කරන කාලේ. දියේ ගිලෙන සිදුවීමක් රූපගත කරන්න තිබුණා. වතුර වැඩි තැනකදි මාව දෙපාරක් ගිලුණා. තුන්වෙනි පාර කෙනෙකු ඇදලා ගත්තේ නැතිනනම් මං අද ජීවතුන් අතර නැහැ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව – මාලන් කරුණාරත්න  
CREATIVE
චරුද් ගුණරත්නතවමත් පාසල් සිසුවෙක් මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන බයිලා ආරට නිර්මාණය වූ හරි අපූරුගීතයකි. එහි රූප රචනයේද සිටින්නේ දාංගලයෙන් පිරි යෞවන යෞවනියන් රැසකි.‘කෙල්ලො අපිට පිස්සු වැටෙනවා’ ඒ ගීතයේ නමය. අන්තර් ජාලයේ ද මෙම ගීතයේ ඩවුන්ලෝඩ් සංඛ්‍යානය වාර්තාගත අගයක් ගෙන ඇත. ඒ එය ඉතා ජනප්‍රිය බවට සාක්ෂියක්ය.අපි ඒ ගීයෙහි හිමිකරුවා සොයා ගියෙමු.‘කෙල්ලො අපිට පිස්සු වැටෙනවා’ ගීතයේ හිමිකරුවා අද අපේ කතානායකයාය. ඔහු නමින් චරුද් ගුණරත්නය. මේ ඔහුගේ වතගොතය.චරුද් ඔබ ඔබවම තවදුරටත් හඳුන්වා දෙන ගමන්ම මේ කතාව අරඹමු?මගේ ගම මොරටුව. තවමත් මං කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ලබන අවුරුද්දේ තමයි අ.පො.ස. උසස් පෙළට මුහුණ දෙන්නේ. සංගීතයට පුදුම විදිහට ආසයි. කෙටියෙන්ම කිව්වොත් මං සංගීත උණකාරයෙක්. ඒක නිසාමයි, මෙහෙම ගීතයක් කළේ. ඇතැමෙක් කිව්වා පාසල් යන කාලයේ ගීත ගායනයට යොමු නොවී අධ්‍යාපන කටයුතුවලින් පසු සංගීතය කරන්නැයි කියලා. ඒත් මං ටිකක් හිතුවක්කාරයි. මට තවත් කාලය ගතවෙනකම් ඉන්න බැහැ. නියම කාලේ මං සිංදුව රිලීස් කළේ.සංගීතය අධ්‍යාපනයට බාධාවක් වුණේ නැතිද?කොහෙත්ම නැහැ. මං ගීත කිව්වයි කියලා කිසිම වෙලාවක පාඩම් වැඩ අතපසුකර ගත්තේ නැහැ. හැකි සෑම විටකම ගීත නිර්මාණකරණයෙහි යෙදෙනවා. දැනටමත් මං මගේ ඊළඟ ගීතයේ වැඩ කටයුතුත් පටන් අරන් ඉවරයි.ඔබේ පළමු ගීතය බයිලා ආරට නිර්මාණය වූවක්?ඔව් මං විශ්වාස කරනවා බයිලා බීට් එකක් මිනිසුන් අතරට යෑමේ ප්‍රවණාතවය වැඩියි කියලා. උදාහරණයක් විදිහට මෑත කාලයේ නිර්මාණය වූ ලහිරු පෙරේරාගේ ‘රම්බරි’ මේ වන විට විනෝද චාරිකාවලදී ගැයෙන ගීතයක් වෙලා. මටත් ඕනෑ අන්න එහෙම නිර්මාණයක් කරන්න. බයිලා රිදම් එකට මිනිසුන් ආස නිසයි එම රිද්මයේ ගීත ජනප්‍රිය වන්නෙත්, මිනිස්සුන්ට මතක හිටින්නෙත්.ඔබේ ඒ උත්සාහය සාර්ථක ද?සත්තකින්ම. දැනට මං සිංදුව රිලීස් කරලා සති හතරයි. මේ වන විට එය තිස් දහසක් පමණ දෙනා ඩවුන්ලෝඩ් කරලා. පළමු සති දෙකට පමණක් දහතුන් දාහකට අධික ප්‍රමාණයක් රසිකයෝ ඒක අහලා තියනවා. එයම ප්‍රමාණවත් නේද. හොයලා බැලුවොත් ඒක වාර්තාවක් ද දන්නෙ නැහැ.මොකද මාව නොදැන එහෙම සිංදුව ඩවුන්ලෝඩ් වුණ නිසා. මේ වන විට ගීතය ගුවන් විදුලි රූපවාහිනී නාලිකාවල දකින්නට අසන්නට ලැබෙනවා සැලකිය යුතු මට්ටමක. ඉතින් මට ඒ හොඳටම ඇති.කෙල්ලො අපට ගීතයේ අර්ථය අතාත්ත්විකයි?මෙහෙමයි, එක අතකින් බැලුවොත් ඔබට එහෙම කියන්න පුළුවන්. නමුත් ලංකාවේ අනාගත දිනක ඇතිවන්නට ඉඩ තිබෙන තත්ත්වයත් ඒක.ගැහැනු ළමයි කොල්ලන්ගෙ පසුපස යන එක?ඔව්.හරි, ඒ ඔබේ මතයනේ. දැන් මට කියන්නකෝ මෙහි වීඩියෝව ගැන? එය නරඹපු මට නම් හිතුණේ පාසල් යන ළමයකුට එවැනි වීඩියෝවක් සැර වැඩියිදෝ කියලා?මට ඒක පිළිගන්න අමාරුයි. වීඩියෝව බලපු අය ගොඩක් හොඳ කිව්වා. එක අතකින් හිතෙනවා වෙනත් අයකු රඟපෑවා නම් හොඳයි කියලත්. ඒ රංගනය හොඳ නැති නිසා නෙවෙයි. ගායකයකු විදිහට වීඩියෝව තුළ ඉන්න තිබුණු හින්දා.ගීතය ජනප්‍රිය කර ගන්න හින්දමද වීඩියෝව කළේ?වර්තමානයේ මා දැක්ක දෙයක් තමයි වීඩියෝවක් නැති ගීත අඩු ජනප්‍රියත්වයක් ලැබීම. වීඩියෝවක් අත්‍යශ්‍යයයි ගීතයක් ජනප්‍රිය වන්න අද දවසේ.කවුද ඔබේ ගමනට ශක්තියක් වුණු කණ්ඩායම?මගේ පවුලේ සැම. ඒ වගේම මගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන්, යාළුවෝ, මේ අය තමයි මගේ ශක්තිය.සංගීතය හදාරනවාද?පාසලෙහි විෂයක් විදිහට හදාරනවා.චරුද්ගේ පෞද්ගලික අත්දැකීමක් නෙවෙයිනේ ගීතයට පදනම් වුණේ?අපොයි නැහැ. ඉඳලා ඉඳලා මාර ප්‍රශ්නයක් තමයි ඔයත් ඇහැව්වේ.ඇත්තටම ගැහැනු ළමයෙක් තවමත් පස්සෙන් ඇවිත් නැතිද?තවම නැහැ. අනාගතයේදී එහෙම තත්ත්වයකට මං මුහුණ දේවි.ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
බුද්ධි කීර්තිසේන අපේ සිනමා ක්ෂේත්‍රයට සුවිශේෂ නිර්මාණ දායාද කරන්නා වූ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහු පසුගිය දිනයක විශේෂ කටයුත්තකට දායක වූණා. ඒ අපේ සිනමාව බැබළ වූ නිළි රැජන මාලිනී ෆොන්සේකාත් සමගයි. මේ කටයුත්ත යෙදිලා තිබුණේ අපේ අසල්වැසි ඉන්දියාවේදී යි.බුද්ධි සහ මාලිනිය මේ විදියට හමු වුණේ සුරාජ්කුන්ද් ජාත්‍යන්තර මේලාවේදී යි. එය ලොව රටවල් රැසක සහභාගීත්වයෙන් පවත්වන අත්කම් ප්‍රදර්ශනයක්. එහිදී අපේ රටේ 66 වැනි නිදහස් දිනයත් අභිමානවත් අයුරින් පවත්වන්නට යෙදීමත් මේ අතර තවත් සුවිශේෂ කටයුත්තක් වූණා. ඒ අවස්ථාවට නිළි රැජන මාලිනිය සහ බුද්ධි සමඟින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාත් සහභාගි වුණා.- යතේජා
CREATIVE
කැමරාවේ උපනෙතට අපේ නෙත තබා ලෝකය පෙනෙන දුරට වඩා දකින්නට අපට තෙවැනි ඇස පාදා දුන් ඇසි දිසි කලාවේ අපේ පළමු ගුරුවරයා ඔබයි ඕ. සී. අයි. සී. යේ දේශන ශාලාවේ ඔබ අපට මහැදුරකු විය වෙසතුරු සේ ශිල්ප දන්දුන් ඔබ පෙන් වූ දුර දැක ඒ සොයා යන සිසු පරපුර ඇසිදිසි ලොව පෙළහර පානා සඳ සතුටු කඳුළක් හලන බව දනිමි අප නමින් නොවැරදීම ස්වර්ගයේ සිට ඔබ පැතූ කළු සුදු ලෝකයට අරුත්බර පාට දුන් පැතලි ඡායාවට මාන රැසකින් ගැඹුර දුන් නුඹේ ඇස ඉසිවර නෙතක් කොට නුඹ විහිද වූ රූපමය තරංග කැටි වී ඔබෙන් ශිල්ප ලද අපේ නෙත් හිත් අභියස ඔබේ රූපය මවා පසක් කර දෙයි නිහඬව පහසුකම් බොහෝ නැති ගෙවී ගිය රූපය සැලෝලයිඩ් හා කාන්දම් විනිවිද ජීවිතය දකින්නට අරුත් ඇති පරපුරක හදවත් මත නෙත් තැබූ අපේ පළමු ගුරුවරයා අපේ දුයිෂෙන් ඔබ බව ඇන්ඩෲ අයියේ සුභ ගමන්! ඔබට- තුසිත ජයවර්ධන
CREATIVE
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මගින් 42 වැනි වරට සංවිධානය කරනු ලබන 2014 රාජ්‍ය නාට්‍ය උළෙලෙ මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා මරදාන ටවර් රඟහලේ දී පැවැත්වේ.මෙවර ඒ සඳහා නාට්‍ය 13 තේරී ඇති ඇති අතර මෙය මෑත ඉතිහාසයේ වැඩිම නාට්‍ය ප්‍රමාණයක් අවසන් වටයට තේරුණ ප්‍රථම අවස්ථාව වේ. දිනපතා සවස 6.00 ට වේදිකා ගතවන නාට්‍ය පිළිවෙළ මෙසේය.පෙබරවාරි 10 – රංජිත් ධර්මකීර්තිගේ ‘අංගාරා ගඟ ගලා බසී’පෙබරවාරි 11 – රාජිත දිසානායකගේ ‘ආදර වස්තුව‘පෙබරවාරි 12 – ඊ.එම්. ඩී . උපාලිගේ ‘ඉඩමේ දී විකිණේ’පෙබරවාරි 13 – ආර් . එම් . යසරත්නගේ ‘උත්තරීතර’පෙබරවාරි 14 – ඩබ්ලිව්. එස්. විජේසිංහගේ ට්‍රේන් ඩ්‍රයිවර්පෙබරවාරි 15 - සේනක එදිරිසිංහගේ ‘බ්ලැකවුට්’පෙබරවාරි 16 – චාමික හත්ලහවත්තගේ ‘මකරට’පෙබරවාරි 17 – බුද්ධික දමයන්තගේ ‘චේ ගුවේරා’ (මරා දැමූ ජීවත්වන මිනිසා)පෙබරවාරි 18 – ප්‍රියන්කර රත්නායකගේ ‘විසේකාරියෝ’පෙබරවාරි 19 – අඛිල සපුමල්ගේ ‘රාවණ ආදරයේ හුස්ම රඟ’පෙබරවාරි 21 – ජයලත් මනෝරත්නගේ ‘සෙල්ලම් නිරිඳු’පෙබරවාරි 22 – පරාක්‍රම නිරිඇල්ලගේ ‘හුණුවටයේ කතාව‘පෙබරවාරි 26 – උපනන්ද වැලිකලගේ ‘මුහාම්’පෙබරවාරි 28 – ඩග්ලස් සිරිවර්ධනගේ ‘බෙරහඬ’අවසන් වටයට තේරී ඇති කෙටි නාට්‍යපෙබරවාරි 23 - කේ . ජයසීලන්ගේ ‘කනවු’කෝරළගේ සමන්ගේ ‘අජරාමර’තනුජා විජේවිකුමගේ ‘අන්තිම තත්පරය’බුද්ධික රොෂාන්ගේ ‘අතිකාල’නේරංජන් චන්ද්‍රදිත්‍යගේ ‘ගැහැනු කවුරුද වරදෙ නොබඳෙන’පෙබරවාරි 24 – එම් . කතීස්වරන්ගේ ‘සවාපෙට්ටි’රුවන් දේශප්‍රියගේ ‘දොරවහලා’ජේ .එම් . ජයබාහුගේ ‘මම බහින්නේ නැහැ’සමන් චන්දනගේ ‘සේසතයි කුමරියයි’ඇන්ටනී ජයලත්ගේ ‘සුධම්මාවතී’පෙබරවාරි 25 - එස් . නිශාන්තගේ ‘නාන්ඩොට් ෆයින් ආර්ට්ස්’උපුල් කිරිදෙනගේ ‘හනිමුන්’නිලංක නාමල්ගේ ‘හීන හොයන්න’ඉන්දික ප්‍රසාද්ගේ ‘හැදුවෙ අපිනෙ’තරංගා ප්‍රියදර්ශනීගේ ‘ෆෝමැට්’- ප්‍රසාද්
CREATIVE
හිසේ කෙස් ගණනට පෙම්වතියන් සිටියත් කත්‍රිනා කායිෆ් සමඟ රන්බීර්ගේ ඇති ප්‍රේමය ඒ සියල්ලටම වඩා වෙනස් බව රහසක් නොවෙයි. මේ සෙල්ලක්කාර තරුණයා කත්‍රිනාගේ මාපියන් මුණ ගැසීමට එංගලන්තයට ගියේ ඒ නිසයි. කෝෂියාවල ‘තමාෂා’ රූගත කිරිමෙන් පසු රන්බීර් ගොස් ඇත්තේ මව සමඟයි. ‘කොෆි විත් කරන්’ රූපවාහිනී වැඩ සටහනකදී ද රන්බීර්ගේ අනාගත මනාළිය ගැන ඉඟියක් කර තිබේ. ඊළඟ වැඩ සටහනේදී ඔහු සබඳතාව ගැන කථා කරන්නේ විවාහ ගිවිස ගැනීමෙන් පසුව බව ද දන්වා ඇත.‘ජග්ගා ජසූස්’ සිනමාපටයේ රූගත කිරීම් සමඟ දෙදෙනාම අනාගතයේදී කාර්යය බහුල වනු ඇත. සිනමාපටය ප්‍රදර්ශනය වන කාලයේදී කත්‍රිනා කායිෆ්, කත්‍රිනා කපූර් බවට පත්වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
පසුගිය දවසක පිළියන්දල දූවවත්ත පැත්තේ තොවිලයක සද්දයක් ඇසිලා මහ රෑ වටපිටාවේ මිනිසුන් එතැනට රැස් වුණා. හැමෝටම තොවිලය ගැන තියෙන්නේ කුතුහලයක්.යක්කු ගස් නගින රෑ යාමේ තොවිල කරන්නේ කවුද කියලා මෙතන හිටපු කෙනෙක් සොයා බැලුවා.එතකොටයි දැක්කේ මලී ටෙලි නාට්‍යය සඳහා දුලීකා මාරපනයි, සරත් චන්ද්‍රසිරියි මේ තොවිලය නටන බව.සොහොන් පිටියක් අවට නොමැති නිසා පිළියන්දල දූවවත්තේ කෙළවර මේ තොවිලය සිදු කරලා. වට පිටාවේ මිනිස්සු කලබල වෙලා තියෙන්නේ මහ රෑ අවට අයට නිදා ගන්නවත් ලැබුණේ නැති නිසාලු.සංජය ගුණවර්ධන මේදිනවල ‘ඉහිරුණු කිරි’ නමින් ටෙලි නාට්‍යයක් රූගත කරනවා. ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් මේ සඳහා දායක වෙනවා. මේ සිද්ධිය වුණේ ලියෝනි කොතලාවල සමඟ සංජයගේ සිඟිති පුතු වෙනුජ තිසල් රන්හිරු රඟපෑමට එක් වූ අවස්ථාවක.කතාව මෙහෙමයි,සංජය කැමරාව ළඟට ගොස් ඇක්ෂන් කියද්දී සංජයගේ පුතු ලියෝනි කොතලාවල දෙස බැලිය යුතුයි. එසේ උපදෙස් දී සංජය පුතුට කීවේ ‘පුතා කැමරාව දිහා නොබලා, ලියෝනි ආන්ටි දෙස බලන්න’ යනුවෙනි. එවිටම තිසල් කීවේ ‘කොහොමද තාත්ති මං කැමරාව දිහා බලන් නැතිව රඟපාන්නේ . . . කැමරාව දිහා බලලනේ රඟපාන්න ඕනේ’ යනුවෙනි.අවුරුදු හතරක් පමණ වයසැති මේ වෙනුජ එම රූගත කිරීමෙන් පසු පැත්තකට වී සිටියා. මේ අවස්ථාවේදී සංජය නළු නිළියන් හට අදාළ ගෙවීම් චෙක්පත්වලින් කළා. මේ දෙස විමසිල්ලෙන් බලා සිටි පුංචි වෙනුජ ‘තාත්ති මට චෙක් එකක් නැද්දැයි’ ඇසුවා.සංජය තුෂ්නිම්භූත වී පුතු දෙස බලා සිටියා. අසල සිටි කැමරා අධ්‍යක්ෂවරයා එවිටම වෙනුජගෙන් ඇසුවේ ‘මොකටද පුතා චෙක් එකක්’ යනුවෙනි.‘ඇයි මට බැකෝ එකක් ගන්න’ යනුවෙන් සියල්ලන්ම සිනා ගස්වමින් පුංචි වෙනුජ උත්තර දුන්නා.තවමත් සෙල්ලම් බැකෝ යන්ත්‍රයක් ගෙනත් නොදුන් නිසා වෙනුජ තාත්තා සමඟ අමනාපයෙන් සිටින බවත් ආරංචියි.-
CREATIVE
ඇලන් ටේලර් අධ්‍යක්ෂණය කරන ලද Thor : The Dark World’ සහ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Ram – Leela’ චිත්‍රපටය ඊයේ (27) සිට වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමාහලේදී තිරගතවීම ආරම්භ කෙරිණි.තෝර් චිත්‍රපට මාලාවේ දෙවැන්න වන TheDark World මනඞකල්පිත ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර ක්‍රිස් හෙම්ස්වෝර්ත්, නටාලි පෝර්ට්මන්, ටොම් හිඩ්ල්ස්ටන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. රන්වීර් සිංග්, දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත මවන ‘Ram-Leela’ සංගීතමය චිත්‍රපටය ප්‍රේම වෘත්තාන්තයක් ගෙන එන චිත්‍රපටයකි.- යතේජා
CREATIVE
කලකට ඉහත මා රඟ පෑ ‘සිතක මහිම’ චිත්‍රපටයේ තිබුණු ‘සිතක හැටි දන්න’ ගීතයට මම හා ක්‍රිෂ්ටි කරන රඟපෑම පිළිබඳ යන වැඩසටහනක් සඳහා මගේ වර්තමාන තත්ත්වය පිළිබඳ රූගත කිරීමක් සිදු කළා. මෑතක විකාශය වුණු ‘අම්මාවරුනේ’ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණාට පස්සේ මම රඟපෑවේ නැහැ. මේ දවස්වල මගේ සිත වැඩියෙන් යොමු වෙලා තිබෙන්නේ පිනට දහමටයි.
CREATIVE
මවක් වන්නට පෙරුම් පුරමින් සිටි උදාරි වර්ණකුලසූරියගේ ඒ සිහිනය පසුගිය සිකුරාදාවේ සැබෑ වුණා. උදාරිට කුලුඳුලේ ලැබුණේ ඇයබලාපොරොත්තු වුණු පරිදි දියණියක්.ඇය මේ පිළිබඳ මුලින්ම කිව්වේ සරසවියට. මව සහ දියණිය ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.දූ සිඟිත්තිය ද රැගෙන තවත් මාසයකින් පමණ උදාරි ලංකාවට පැමිණීමට නියමිතයි. සිංගප්පූරුවේ සෙන්තොසා හි පිහිටි නිවාස සංකීර්ණයක නිවාඩුව ගත කරන උදාරිගේ ජීවිතයට දියණිය නිසා මහත් ආලෝකයක් ලැබුණු බව ඇය පවසන්නේ හද පිරි සතුටින්. මෙරටට පැමිණි පසු කෙටි කලකින් සුපුරුදු පරිදි රංගන ජීවිතය යළි ආරම්භ කරන්නට සැරැසෙන වගත් තම රසික රසිකාවන්ට කියන්න කියලා උදාරි අපිට කිව්වා.සම්මානනීය කලා අධ්‍යක්ෂ කේ. ඒ. මිල්ටන් පෙරේරාගේ දශක හතරකට ආසන්න කාලය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙය ඇගයීමේ විශේෂ උපහාර උළෙලක් මෙම හය වැනිදා (හෙට) සවස හතරට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය. මිල්ටන්ගේ උපන් දිනය යෙදෙනුයේ ද හෙට දිනටය.කලා අධ්‍යක්ෂවරුන්ගේ එකමුතුවෙන් සංවිධානය වන මෙම කාලෝචිත කටයුත්තේ මුඛ්‍ය දේශනය ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජයන් විසින් පැවැත්වීමට නියමිතය. මිල්ටන් කලා ශිල්පියා මෙතෙක් කළ නිර්මාණ අළලා සැකසුන වාර්තා චිත්‍රපටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කිරීමට සංවිධායක කමිටුව සූදානම්ය. එමෙන්ම ඔහුට එදින සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීම සහෘදයන් කැළගේ බලාපොරොත්තුවකි.ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මුද්‍රණය කරනු ලබන සිනෙ දුරකතන නාමාවලියේ මෙම වසරේ පිටපත දැන් නිකුත් වී තිබේ.සංස්ථාවේ ප්‍රධාන ශාඛාවෙන් සහ දළුගම සරසවිය චිත්‍රාගාරයෙන් මෙය මිල දී ගත හැකිය.ප්‍රදීප් ධර්මදාස කියන්නේ දක්ෂනිවේදකයෙක්, සම්මානයට නිර්දේශ වූ රංගන ශිල්පියෙක්. ඒ වගේම ‘ඇහිපිල්ලමක් යට’ ටෙලි සිතුවමේ අධ්‍යක්ෂවරයා.නමුත් ඒ අපේ කාලයේ කලා ශිල්පියා වසර තුනකටත් වඩා වැඩි කාලයක් සිටියේ නිහඬව. හැබැයි තව ටික දිනකින් ප්‍රදීප් යළි කරළියට එනවා. ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස.මංජුල වෙඩිවර්ධන තමයි ප්‍රදීප්ට මෙහි කතාව ලියා දෙන්නට සැරසෙන්නේ. ජීවිතයට දැනෙන සාමාජීය කාරණා පිළිබඳවයි ප්‍රදීප් තම කුලුඳුල් සිනමාපටයෙන් කතාබහ කරන්නට සූදානම. මේ දිනවල ඔහු එහි නළු නිළියෝ තෝරනවලු. ඉතාම ඉක්මනින් සිනමාපටයෙහි නම ඇතුළු සියලු විස්තරයන් පළමුව ‘සරසවියට’ කියන්නම් කියලා ප්‍රදීප් පැවසුවාලාංකේය සිනමා නිර්මාණවේදීන්ගේ සන්ධානයේ දෙවන මහ සභා රැස්වීමේදී සම්මත වූ යෝජනා පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් එහි අනුශාසක හෙළනිළි රැජන මාලිනියගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සුදර්ශි ශාලාවේදී පැවැත්විණ.එහිදී සම්මත වූ යෝජනා අතර ප්‍රධාන සිනමා ශාලාවක් සමඟ රිද්මා මණ්ඩලය ස්වාධීන මණ්ඩලයක් බවට පත් කිරීම, චිත්‍රපට බෙදා හැරීමේදී උපරිම පිටපත් තිස් පහකට සීමා කිරීම, වැඩ කටයුතු අවසන් වූ පිළිවෙලට චිත්‍රපට තිරගත කිරීම ආදී තීරණ රැසක් යෝජනා කොට ඇති බව කැදව්ම්කරැ එරංග සේනාරත්න සභාවට ප්‍රකාශ කරන ලදී.ඒවා සියල්ල සංස්ථාව මඟින් සම්මත කොට ඇති බව එරංග වැඩිදුරටත් ඒ සභාව දැනුවත් කළේය. සේයාරුවින් දැක්වනුයේ මාලිනිය සභාව ඇමතූ අයුරුයි.– ප්‍රසාද් සමරතුංග
CREATIVE
පද්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කරන ‘ස්ත්‍රී සහ වයිරා’ කියන වේදිකා නාට්‍යයේ රඟපානවා. එය කරනු ලබන්නේ ගව ඝාතනයට විරුද්ධවයි. මා කරගෙන යන ‘කුමාරි නිර්මාණ පදනම’ට ගිය වසරේ වසර දාහතරක් සපිරුණා. ඒ සඳහා වැඩසටහන් රාශියක් ආරම්භ කරන්න තීරණය කරගෙන සිටින නිසා එහි කටයුතු සමඟයි මගේ දවස ගෙවෙන්නේ.
CREATIVE
තුෂාරි වේහැල්ල කියන්නෙ නව පරපුරේ සිටින සුරූපී රංගන ශිල්පිනියක්. සඳුන් රාජකරුණාගේ ‘රන්තරු’ ටෙලි සිතුවමේ නිශාන්තිගේ චරිතයට පණ පොවමින් වඩාත් ජනපි‍්‍රයත්වයට පත් වුණු ඇය මේ දිනවල නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එනවා. තුෂාරි ගැන ටිකක් නරක ආරංචියක් අපට වාර්තා වුණා. ඒ තම හිතමිතුරන් කිහිපදෙනකු සමඟ විනෝද චාරිකාවක් ගොස් සිටින අතරතුර දී හදිසි අනතුරකට පත්වෙලා කියන එක. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමේ අරමුණෙන් අපි තුෂාරිට ඇමතුමක් ගත්තා. ඇය ඒ වෙලාවෙත් කතා කළේ තරමක අපහසුවෙන්. ඒත් ඇමතුමට මඟ නොහැර තුෂාරි තමන්ට මුහුණපාන්නට වුණු අකරතැබ්බය ගැන විස්තර කළේ මෙහෙමයි.මගෙ ජීවිතේ හරිම කාර්යබහුලයි. රංගනය, නිරූපණය සහ වෙනත් කලා කටයුතුවලට රැයක් දවාලක් නැතිව දුවනවා ඉවරයක් නැහැ. මට හිතුණා මේ කාර්යබහුල ජීවිතයෙන් ටිකක් මිදෙන්න. ඒත් සතියක් දෙකක් විවේක ගන්නත් බැහැනේ. ඒක නිසා මගෙ යාළුවො එක්ක ළඟපාත කොහෙහරි ලස්සන තැනකට යමු කියලා යෝජනා කළා. ඒ හින්දා අත්තනගල්ලෙ අලවල ඔයට යන්න අපි තීරණය කළා. එතන හරිම ලස්සනයිලු. එච්චර ප්‍රසිද්ධත් නැති නිසා අලවලට වැඩිය සෙනඟ එන්නෙත් නැතිලු. කැලෑබද ප්‍රදේශයක් නිසා සොබාව සෞන්දර්යයත් හොඳට විඳ ගන්න හිතාගෙන අපි කට්ටිය එහෙට ගියා. ඔය දැක්කා විතරයි යාළුවො සේරම ඔයට බැස්සා. ඒත් මට නාන්න හිතුණෙම නෑ. දැන් යාළුවො ඔයට බැහැලා හොඳට විනෝද වෙනවා.එකතැන ඉන්න කම්මැලි හින්දා මම ටිකක් ඒ අවට සිරි නරඹන්න හිතාගෙන කැලය ඇතුලට ගියා. මා සිටි තැනට ටිකක් එහායින් කන්දක් තිබුණා. ගලෙන් ගලට පැන පැන මම ඒකෙ උඩටම නැග්ගා. එකපාරටම කකුල ලිස්සුවා. මාව ගල් දෙබොක්කාවට ඇදගෙන වැටුණා. මගෙ කෑගැහිල්ල ඇහිලා එතනට දුවගෙන ආ යාළුවො මාව අරගෙන කෙළින්ම ආවෙ කොළඹ ජාතික රෝහලට. ඔය අතරෙ මට සිහියත් නැතිවුණා. මගෙ දකුණු අත හොලවන්නවත් බැහැ. ඔළුව උස්සලා මම අතදිහා බැලුවා. අතපුරාවටම ප්ලාස්ටර් ඔතලා. මම පොඩ්ඩක් අත උස්සන්න හැදුවා.‘ඔයාගෙ අත කැඩිලා තියෙන්නෙ හොලවන්න එපා. තවත් අමාරුවෙයි’.එතන හිටපු නර්ස් කෙනෙක් කිව්වා. මට ගොඩක් දුක හිතුණා. ඒත් එක්කම නහයෙන් ලොකු වේදනාවක් එනවා. මම වම් අතින් නහය ඇල්ලුවා. නාහය එහෙම්පිටින්ම බිඳීලා. මුහුණෙත් තුවාල. මගෙ දුක දෙගුණ තෙගුණ වුණා. වෘත්තිමය රංගන ශිල්පිනියක් වූ මට මුහුණෙහි ලස්සන අත්‍යවශ්‍යයි. නහයට ෆ්ලාස්ටික් සැත්කමක් කළ යුතු යැයි වෛද්‍යවරු කිව්වා. ඒකත් කළා. තවම යොදපු ප්ලාස්ටර් අලවපු ගමන්ම තියෙනවා. ඒ ටික ඉවත් කරලා තත්ත්වෙ බලලා ඊළඟ ප්‍රතිකාරය කරමු කිව්වා ඩොක්ටර්ස්ලා. මම රෝහලෙන් ටිකට් කපාගෙන ගෙදර ආවා. මේ දවස්වල හොඳට රෙස්ට් කරනවා. කෙනෙකුට අනතුරක් වුණාම ඒකෙන් වාසි ගන්න බලාගෙන ඉන්න අය වැඩියි. ඇතැමෙක් මට ආයෙ රඟපාන්න බැහැ කියලා කතාවකුත් හදලලු.අතපසුවීමකින් ගලෙන් වැටුණට මම මානසිකව නම් වැටෙන්නෙ නැහැ. වට්ටන්නත් බැහැ. මම හැකිතාක් ඉක්මනට රඟපාන්න එනවා එනවාමයි. මට තවකාරණාවක් ගැන දුකයි. ඒ මම බාරගත්ත වැඩවලට යන්න බැරිවෙන එකට. මා හින්දා ඔවුන් අමාරුවේ වැටෙයි කියලා බයයි. හැබැයි මම හැමදාම මෙහෙම ඉන්නෙ නැහැනේ. ඒක හින්දා මේ කෙටි කාලයේදි මා නිසා යම් කෙනෙකුට කරදරයක්, අපහසුතාවකට පත්වෙනවා නම් මම සමාව ඉල්ලන්නවා. ගෙදරට වෙලා හුදෙකලාව ඉන්නකොට මට පුංචි තනිකමකුත් දැණුනා. ආදරවන්තයෙක් හිටියානම් හොඳයි කියලත් හිතුණා. එතකොට ඔහු මේ වගේ වෙලාවකදී මා ළඟටම වෙලා හිඳීවි.මාව ඉස්පිරිතාලෙට ඇතුළු කළායින් පසු එතන පොඩි කතාබහක් ඇති වුණා. ඒ සිද්ධිය ගැන කතාකරන්න මම ආසා නැහැ. මිනිස්සු හැමෝම එක වගේ නැහැනේ. ඒක නිසා මම ඉසපිරිතාලෙ වුණු සිත්රිදීම ඊට සුළු මොහොතකට පසු අමතක කළා. මට මතක විදිහට අපේ සේනක විජේසිංහ අයියටත් මේ වගේම මුහුණට අනතුරක් වුණා. මම ඔහුව බලන්නත් ගියා. සේනක අයියා ප්ලාස්ටික් සැත්කමකින් පසු තමන්ගෙ මුහුණ යථා තත්ත්වයට පත්කර ගත්තා. ඒ නිසා මගේ බයත් දුරු වුණා. මම විශ්වාස කරනවා මගෙ මූණත් තිබුණා වගේම හදාගන්න පුළුවන් වේවි කියලා. මාව කරදරයට පත්වුණු වෙලාවෙ ඉඳන් මගෙ රසික රසිකාවන් ගොඩක් දෙනෙක් මාව ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථණා කළා. මම ඔවුන්ට නිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ අය වෙනුවෙන් ඉතා ඉක්මනින් මම නැවතත් රඟපාන්න එනවා කියලා කියන්න කැමැතියි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ශාන් රඹුක්වැල්ල  
CREATIVE
අපි එතනට යද්දී ටිකක් හවස් වෙලා. වාහනේ හිමින් ගිහිං දර්ශන තලය අසල නැවතුණා.පන්නිපිටියට නුදුරු ඒ දර්ශන තලය සුවිසල් නිවෙසක්. ශාන්ත පරිසරයකින් හෙබි ඒ නිවෙස අවට පරිසරය තවමත් ග්‍රාමීයයි.‘අඩෝ . . . දැනගනිං . . . මං තෝව’වාහනෙන් බහින කොට මහ රණ්ඩුවක්.‘ඇයි උඹ මොනව කරන්නද . . . මම ඇක්ට් කරන්න ඉගෙන ගන්න අවෙ නෑ ඩෝ . . . උඹ ඒ ඩී වුණ පළවෙනි එකෙත් මාං නළුවෙක් . . .’රණ්ඩුව තත්පරයෙන් තත්පරේට හැරෙන්නේ නරක අතට.පුටු මේස වීදුරු ගැටෙන සද්දෙ පරිසරයේ නිහඬ බව බිඳ දැම්මේ තත්ත්පර කිහිපයකින්.‘ඇති බං . . .’තව කීප දෙනෙක් රණ්ඩුව බේරන්න උත්සාහ කරන පාටයි.රණ්ඩු අස්සේ මොන ලොකේෂන් කවරේජ්ද. මං ආයෙ වානයට නැංගෙ මාලනුත් අඬගහගෙනමයි.‘චතුර විනාඩියක් ඉන්න’දමින්ද මඩවල නිවෙසේ සඳළුතලයේ ඉඳන් අපට පැවසුවේ හිනාවෙන් මුව සරසාගෙන.‘හරි . . . අපි නැවතුණේ ගේට්ටුව අසළ තුරු සෙවණේ.ටික වෙලාවකට පස්සේ එතනට ආවෙ මෙගා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ දමින්ද මඩවල.‘අද තිබුණෙ නළුවෙක් ඒ ඩි ට ගහන සීන් එකක්.දසුන් උඩුකුඹුරගෙන් කම්මුල් පාරවල් විසි හතරක් කෑවා.දමින්ද එහෙම කියලා ඉවර වෙනවත් එක්කම දසුන් ආවෙ කම්මුල අතගාමින්.‘අන්තිම දෙක තුන සැරටම වැදුණා.මේ රණ්ඩුව මොකද්ද කියලා තේරුම් ගත්තු අපි දර්ශන තලයට ගොඩ වුණේ ගොම්මනත් රැගෙනමයි.ලොකු ගඩොල් කැටයක් අතේ තියාගෙන ජම්බු ගහක් යට බංකුවට වෙලා ලසන්ත උඩුකුඹුර ගඩොලට තඩි බාන්නේ තරහ ඇවිස්සිච්ච ගතිය පතුරුවමින්.‘ඉතිං’ මං එතන බංකුවේ වාඩි වුණේ අනවසරයෙන්.‘මං මේ සීන් එකකට පුරුදු වෙනවා. අද ඔක්කොම තියෙන්නේ පහරදීම් එවා. ඉස්සෙල්ල ඒ ඩී ට ගැහුවා. දැන් ගඩොලට ගහනවා.දැන් දර්ශනය රූගත කිරීමට සියල්ල සූදානම්.දර්ශනයේ ඇතුළත් වෙන්නේ උඩුකුඹුර ගඩොලකට දෙකට කැඩෙන්න ගහන්නට උත්සාහ දරන දර්ශනයක්.දර්ශන වාර කිහිපයක් ගෙන අවසානයේ උඩුකුඹුරගේ දකුණත දම් පැහැය වෙලා තියෙනවා හැම දෙනාම දුටුවා.ඊළඟ දර්ශනය ගෙන වැරැදි නිවැරැදි පරීක්ෂා කරමින් කණ්ඩායම රාජකාරි කටයුතුවල.‘තෙවැනි විසිසුරුගෙන් කුමන පිළිතුරක් ලැබේද. අවුට් ද නොටවුට් ද?චාමර තිරය පිරික්සමින් සිටින අතරේ උඩුකුඹුරගෙන් ලැබෙන්නේ සිනහව ජනනය කරන පිළිතුරක්.මේ අතරේ චැලියකට නැගුනු නානායක්කාර දර්ශන රූගත කරන වාරයක් පාසාම‘ස්ටාට් කරන්න ද මේක’යනුවෙන් අසන්නේ හැම දෙනාගේ අවධානය තමා වෙතට ගනිමිනි.සුන්දරත්වයෙන් මෙන්ම සිනහවෙන් පිරුණු මෙගා දර්ශන තලයේ සුන්දර කතා එමටයි.එය සැබෑවටම මෙගා තරමටම සොඳුරුයි. අලුත්.චතුර ගීතනාත් බණ්ඩාරඡායාරූප – මාලන් කරුණාරත්න  
CREATIVE
අමෙරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන එලන් පොම්පෙයෝ මේ දිනවල දරු සුරතල් බලමින් ඉන්නේ. ඇය සහ ඇයගේ සැමියා අයිවරි යළිත් දෙමාපියන් බවට පත්වුණේ කුළියට ගත් ගර්භාෂයක පිහිටෙන්. මේ අලුත් අමුත්තියගේ නම සියානා මේ අයිවරි.එලන් මේ දිනවල කියන්නට බැරි තරම් සතුටකින් සිටින බවයි ආරංචි. සැමියා අයිවරි සහ සිඟිති දියණියගේ ඡායාරූපයක් ඇය අන්තර්ජාලයට මුදාහැරියේ “සියානා මේ අයිවරි ලෝකයට ආදරයෙන් පිළිගන්නවා. වචන වලින් කියන්නට නොහැකි තරමට අපි ඔබට ආදරෙයි” ලෙසින් සටහනක් ද සමගින්. එලන් සහ අයිවරිගේ වැඩිමහල් දියණිය ස්ටෙලා ලූනාට දැන් වයස අවුරුදු පහක්.
CREATIVE
රංගන ශිල්පිසුමිත් මුදන්නායකමම නම් මේ දවස් ගත කරන්නේ ‘අපිත් සූරයෝ’ සහ ‘සුදු සමනලී’ චිත්‍රපටවල රංගන කටයුතු සමගින් තමයි.ඊට අමතරව සාමාන්‍ය ජීවිතය නම් සුපුරුදු පරිදි සාමාන්‍ය විදියට ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. හෙටට යෙදෙන මගේ උපන්දිනය වෙනුවෙන් මහරගම පිළිකා රෝහලට දානයක් දෙන්නත් සූදානම් වෙලා ඉන්නවා.
CREATIVE
ගායක රොබින් තිකේට ඔහුගේ නිළි බිරිය පෝලා පැටන් සමඟ උපන් ඇඳුමින් නිවෙස තුළ පමණක් නොව නිවෙස වටා සිටීමත් සාමාන්‍ය දෙයකි. ඔවුහු සිය තුන් හැවිරිදි පුතු, ජූලියන් ද ඇඳුම් නැතිව සිටීමට පොලඹවති.‘ඇඳුමෙන් නිදහස් වුණාම හිතටත් නිදහස්’ රොබින් උපන් ඇඳුම ගැන හරිම සැහැල්ලුවෙන් පවසා ඇත.රොබින් සහ පෝලා අපූරු යුවළකි. ඔවුන් ආදරයෙන් බැඳී සිටින විට ද රොබින් සංගීත භාණ්ඩයක් වයන බව කියවේ.සොළොස් හැවිරිදි වියේ දී පෝලාට ආදරය කිරීමට පටන් ගත් රොබින් 2005 දී විවාහ විය. දැන් ඔහු තිස් හය හැවිරිදිය. නිළි පෝලා පැටන් තිස් හත් හැවිරිදිය. මිර(ර්)ස්, ජස්ට් රයිට්, ජම්පිං ද බෲම්, වැනි සිනමාපටවල රඟපෑ පෝලා අමෙරිකානු ජාතිකයෙකි.
CREATIVE
රිතික් රෝෂන්ට දුක, සතුට ජීවිතයේ අත්දකින්න ලැබෙන්නේ එකවරය. ඔහුගේ බෑන්ග් බෑන්ග් පූර්වපටයට සුබ ප්‍රතිචාර නොමඳව ගලාගෙන එද්දී, සුසේන් නිසා යළිත් සිත පාරවා ගැනිමට සිදු වී තිබේ. සුසේන් දික්කසාද නඩුව ඔක්කෝබර් 31 වැනිදා පැවැත්වීමට නියමිතය. ඇය ඔහුගෙන් නඩත්තු මුදල වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 400 ක් ඉල්ලීමට බලාපොරොත්තු වන්නීය. දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය හිමි වී ඇත්තේ ද සුසේන්ටයි. මේ දක්වා සුසේන් රෝෂන් ලෙස පෙනී සිටිය ද දැන් ඇය වාසගම අත්හරිනු ඇති බවට රාවයක් පැවතුණ ද, තවමත් සුසේන් ‘රෝෂන්’ වාසගමට කැමැති බව පැවසෙයි.මේ අතරවාරයේ රිතික් රෝෂන් හා රාකේෂ් රෝෂන්ට අයත් ෆිල්ම් ක්‍රාෆ්ට් සමාගමේ කාර්යාල ගොඩනැගිල්ල ගිනි ගෙන ඇත. ගින්නෙන් එක් පුද්ගලයකු මරුමුවට පත් විය. ගින්න ඇති වී තිබෙන්නේ විසි දෙවැනි තට්ටුවේ පිහිටි සංස්කරණ මැදිරියේයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
රංගන ශිල්පිනීප්‍රියා රණසිංහමේ සතියට ටෙලි නාට්‍ය දෙකකම රූගත කිරීම් යොදාගෙන තියෙනවා. ඉදිරියේදී තව ටෙලි නාට්‍ය කිහිපයකම වැඩත් භාර අරගෙන තියෙන්නේ.මම අධ්‍යක්ෂණය කළ ඉර අවරට ටෙලි නාට්‍යත් විකාශය බලාපොරොත්තුවෙන් සිටින්නේ.
CREATIVE
සරසවිය පුවත්පතේ පනස් වැනි අභිමානය ගෙවී ගියේ චාම් උත්සව කිහිපයකිනි. උත්සව මාලාව නිමාවට පත් වූයේ කලා සහෘදයන් පිරිවරාගත් වර්ණවත් චාම් පූර්ණවත් පැදුරු සාදයකිනි. මෙම උත්සවය සඳහා කලාකරුවන් සම්බන්ධිකරණය කරනු ලැබුවේ අප සහෘද මාධ්‍යවේදී අසංක දේවමිත්‍ර විසිනි. කවදත් එවන් වැඩ සඳහා නොපිරිහෙලා වගකීම ඉටු කරන අසංකගේ ඇරියුමින් කමල් අද්දරආරච්චි ද මෙම පැදුරු සාදයට පැමිණියේ හද පුරවා ගත් සතුටිනි.ගීත ගයා නැවත යන්නට සැරසෙද්දී කමල් හෙළි කළ කතාන්දරය අපට ගෙන ආවේ නව ප්‍රවෘත්තියකි. කමල්, ශ්‍රියන්ත සහ සුබුද්ධි ලක්මාලි එක්ව රඟපාන ‘රඟපෑම ඉවරයි’ නොබෝ දිනකින් වේදිකා ගතවන බව ඒ ප්‍රවෘත්තියයි. ඒ සමඟම කමල් අපේ අසංකගෙන් ඉල්ලීමක් ද කර තිබුණි. ඒ ‘රඟපෑම ඉවරයි’ වේදිකා නාට්‍යය පිළිබඳ හොඳ ප්‍රචාරයක් ලබා දෙන ලෙසටය.කවදත් කලාකරුවන්ට අත හිත දෙන සරසවිය පුවත්පතේ එම නාට්‍යය පිළිබඳ ලියන්නට පැවරුණේ මා හටය. නාට්‍යයේ ප්‍රධාන නළුවන් දෙදෙනා අත්දැකීම්වලින් පරිපූර්ණය. ඒ කමල් සහ ශ්‍රියන්තය. නිළිය ද දක්ෂ තරුණ පරපුරේ නිළියකි. මේ සියල්ල එක්කර ගනිමින් මෙම නාට්‍යයේ පෙරහුරුව නැරැඹීමට අපි තීරණය කළෙමු. ‘රඟපෑම ඉවරයි’ හා පසුකවරයක් ද ලබා දෙන්නට කර්තෘතුමා දුන් උපදෙස් ද රැගෙන අපි පෙරහුරු පැවැත්වෙන දර්ශන තලය වෙත ගොඩ වුණෙමු.ඒ කමල්ගේ නිවෙසයි. මහල් පහකින් යුතු කමල්ගේ නිවෙසේ පස්වැනි මහල මේ දිනවල වෙන් වී ඇත්තේ නාට්‍යය පුහුණුවීම් වෙනුවෙනි. කවදත් අපට ළෙන්ගතු කමල් පස් මහලින් බැස අප හමුවීමට පැමිණියේ සුපුරුදු ළෙන්ගතුකම තවරා ගනිමිනි.යමු උඩට . . .කමල්ගේ ආරාධනයෙන් අපි තට්ටු නැඟීම ඇරැඹීමු.අසංක කිව්වා එයි කියලා.කමල් සිහි කළේ අපේ අසංකය. කතාවෙන් කතාවෙන් පඩි පෙළ නඟිමින් අපි පස්වැනි තට්ටුවට පැමිණියෙමු. එය ඉතා අලංකාර නිස්කලංක සුවදායක තැනකි. නාට්‍යය පුහුණුවිමට වඩා භාවනාවකට සුදුසු එතැන සුබුද්ධි සහ කමල් දෙදෙනා නාට්‍යය පුහුණුවීමේය.ආගිය කතාන්දර අතරේ වෙලාව ගෙවී ගියේ නොදැනුවත්වමය. නාට්‍යයේ අධ්‍යක්ෂ උදයසිරි ද පෙනෙන්නට නැත. ශ්‍රියන්ත තවමත් පැමිණ සිටියේ නැත. මීට පැය කිහිපයකට ප්‍රථමයෙන් අසංක මා හට කීවේ ශ්‍රියන්ත අපේ ඡායාරූපය සඳහා කමල් සහ සුබුද්ධි සමඟ එක් වන බවයි. නමුත් ශ්‍රියන්ත තවම නැත.කමල්, ශ්‍රියන්ත සහ සුබුද්ධි යන තිදෙනාම මෙම ඡායාරූපය සඳහා සිටිය යුතුමය. ඒ නිසාම අපේ ඡායාරූප ශිල්පී මාලන් ප්‍රථමයෙන්ම සාකච්ඡා කරනු ලැබූවේ කමල් සමඟය. ඉන් පසුව මාලන් ශ්‍රියන්ත ඇමතුවේය. නමුඳු ශ්‍රියන්ත එන බවක් පෙනෙන්නට නැත. මීට පැය කිහිපයකට පෙර අසංකට කී කතාව දැන් බොරුවක් වී හමාරය.අපි තව ටිකක් බලමු. . .කමල් අප සමඟ පැවසුවේ දුරකථනය විසන්ධි කරමිනි. මෙම කටයුත්තට මූලිකයා වූයේ කමල්ය. වේදිකා නාට්‍යයයේ අධ්‍යක්ෂවරයා ද පෙර පුහුණුවීම් සඳහා පැමිණ නැත.කුමකින් කුමක් කරමුද? යන පැනයේ හෙම්බත් වූ අප අවසානයේ තීරණය කළේ කමල් හා සුබුද්ධි යොදා ඡායාරූපය ලබා ගැනීමටය. නමුත් ඒ ඡායාරූපය අසම්පූර්ණ එකකි. නාට්‍යයේ ප්‍රධාන චරිත තුනකි. ඉන් දෙදෙනකු සම්පූර්ණ වුව ද ඡායාරූපය අසම්පූර්ණය.කෙසේ හෝ අවසානයේ මාලන් ඡායාරූපය ලබා ගත්තේ ශ්‍රියන්ත නොමැතිවය.රඟපෑම ඉවරයි වෙනස්ම ආරක් ගත් වේදිකා නාට්‍යයක්. සාමාන්‍ය ජීවිතයේ සිටින පුද්ගලයකුට සබකෝලය ඇති වීම නිසා හට ගන්නා විවිධ කාරණා මෙම නාට්‍යයේ වේ. මිනිසා විසින් මිනිසා පිළිබඳ කරනු ලබන විග්‍රහයක් මෙම නාට්‍යයේ අන්තර්ගත වෙයි.කලකට පසුව කමල් රංගනයෙන් දායක වන මෙම වේදිකා නාට්‍යය පිළිබඳ ඔහු සිටින්නේ තෘප්තියෙනි. ජනතාව වෙනුවෙන්, අපේ රසිකයන්ගේ රස වින්දනය වෙනුවෙන් යමක් කළ යුතු යයි මතයේ සිටින කමල්ට මේ අවස්ථාව ඒ සද් බලාපොරොත්තුව ඉටු කර ගැනීමට කදිම තෝතැන්නකි.සුබුද්ධි ද රතු හැට්ටකාරිය තුළින් ලබාගත් අත්දැකීම් මේ සඳහා මනාවට යොදා ගනී.ශ්‍රියන්ත මෙතැන සිටියා නම් අපේ බලාපොරොත්තුව යථාර්ථයක් වනවා නියතය. අධ්‍යක්ෂවරයා ද නොමැතිව කතාබහ කිරීමට ද කෙනකු නැත. එබැවින් ලියා තැබිය යුතු විශේෂ යමක් ද නැත.චතුර ගීතනාත් බණ්ඩාර
CREATIVE
* විශිෂ්ටතම ගායනය (පිරිමි) – නවකමල් පිපෙන තුරු ගීතය ගායනා කළ දුමාල් වර්ණකුලසූරිය* විශිෂ්ටතම ගායනය ( ගැහැනු) – නවක‘සිත ඉගිලෙනවා ඈත ඉමේ’ ගායනා කළ තිළිණි සෞම්‍යා විජයරත්න* විශිෂ්ටතම ගායනය (පිරිමි) – ප්‍රවීණ‘ඉකි ගසා හඬන’ ගීතය ගායනා කළ අමරසිරි පීරිස්* විශිෂ්ටතම ගායනය (ගැහැනු) – ප්‍රවීණ‘ලිහිණි’ ගීතය ගායනා කළ ඉන්දිකා උපමාලි* විශිෂ්ටතම ගී තනු හා සංගීත නිර්මාණයදර්ශන රුවන් දිසානායක* විශිෂ්ටතම ගේය පද රචනය (විවෘත)අසංක රුවන් (කුසලතා සම්මාන)ජානක සිරිවර්ධන (කුසලතා සම්මාන)රවි සිරිවර්ධන (කුසලතා සම්මාන)* විශිෂ්ටතම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය)‘ එක හිතින් මව්බිමට වඳීනවා’ දෘශ්‍ය ගීතය නිර්මාණය කළ රුක්මල් නිරෝෂ්* විශිෂ්ටතම සංයුක්ත තැටිය ( නිෂ්පාදනය)‘ඉරහඳ පමණයි’ සංයුක්ත තැටිය නිෂ්පාදනය කළ අද්මිරාල් සෝමතිලක දිසානායක* විශිෂ්ටතම ළමා ගායනය (බාලක)‘ස්වර්ණමාලි සෑ රඳුණේ’ ගීතය ගායනා කළ පවින් මනීෂ බණ්ඩාර ගජනායක* විශිෂ්ටතම ළමා ගායනය බාලිකා‘පින් සිතුවිලි පුරවා’ ගීතය ගායනා කළ සයුරි නිම්තරා රාජපක්ෂවිශිෂ්ටතම ළමා ගේය පද රචනය (විවෘත)තරංගා සමරවික්‍රම (කුසලතා සම්මාන)දේ. වි. ගාල්ලගේ (කුසලතා සම්මාන)රත්මලේ බන්දුල ගුණවර්ධන(කුසලතා සම්මාන)* විශිෂ්ටතම ළමා ගී තනු හා සංගීත නිර්මාණය (විවෘත)‘සේපාලිකා මල්’ ගීතයේ ඒ. චාමර රුවන්තිලක* විශිෂ්ටතම ළමා ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය)‘කෝච්චියේ ඉස්කෝලේ’ දෘශ්‍ය ගීතය නිර්මාණය කළ ආනන්ද කුමාරගේ* විශිෂ්ටතම ළමා ගී සංයුක්ත තැටිය (නිෂ්පාදනය)‘අකුරු මිහිර’ නිෂ්පාදනය කළ සුමිත ප්‍රකාශකයෝ* විශිෂ්ටතම ජන ගායනය (පිරිමි)එස්. එම්. ප්‍රදීප් සම්පත්* විශිෂ්ටතම ජන ගායනය ( ගැහැනු). චතුරි සුදේශිකා වික්‍රමසිංහ* විශිෂ්ටතම ජන ගී ආශ්‍රිත නව නිර්මාණපී. කේ. සමන්කුමාර පනාපිටිය* විශිෂ්ටතම ගුවන් විදුලි සංගීතමය වැඩසටහනඑෆ්. එම්. දෙරණ ගුවන් විදුලියේ බන්දුල නානායක්කාරවසම් නිවේදන කටයුතු කළ ‘රෑ ඉරපාන’ වැඩසටහනයි.* විශිෂ්ටතම කණ්ඩායම් ගීතයමාත්‍රා ප්‍රසාංගික ජන ගී මියැසිය කණ්ඩායමයි- තිලානි ශානිකා
CREATIVE
කොළඹ පිටරවුම මාර්ගයේ කොට්ටාව-කඩුවෙල කොටස මාර්තු 08 වැනිදාත් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගාල්ල සහ මාතර කොටස මාර්තු 15 වැනිදාත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නියෝජිතියන්ගේ මාධ්‍ය හමුවේදි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා එසේ පැවැසීය.මංතීරු හතරකින් සමන්විත කොට්ටාව-කඩුවෙල මාර්ගයේ දුර කිලෝ මීටර් 11 කින් යුක්ත වන අතර මෙය විවෘත කිරිමත් සමඟ කොට්ටාවේ සිට කඩුවෙලට විනාඩි 8 කින් ගමන්ගත හැකි වේ. ශ්‍රී ලංකාවේ ඉදිවු දිගම පාලම මෙන්ම දිගම ගුවන් පාලමද මේ මාර්ගයේ ඉදිකර ඇති අතර කිලෝ මීටර් 3.3 කින් හෙබි එම පාලම මහවැව පාලම නමින් නම් කර තිබේ.ඒ අනුව මේ මාර්ගය ලබන මස 3, 4 සහ 5 යන තෙදින ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමට ද නියමිතය. අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව සිට මාතර ගොඩගම දක්වා කොටසේ දිග කිලෝ මීටර් 35.25ක් වන අතර ඉමදුව කොක්මාදුව සහ ගොඩගම යන ස්ථානවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන තුනකින් සමන්විත වේ. බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ කාල සීමාවේ මේ අධිවේගී මාර්ග විවෘත කිරීම කොතරම් සදාචාර සම්පන්න දැයි මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙය මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු කරන්නක් නොවන්නක් බවත් මෙය විවෘත නොකරීමෙන් තිබෙන පාඩුව ගැනද පසුව කතා කරන්නේ මාධ්‍ය මඟින් බවත් පැවැසීය.මේ අවස්ථාවට ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, පාඨලී චම්පික රණවක, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසාසිල් මහත්වරුන්ද එක්ව සිටියහ..
NEWS
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ ඕවර විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා අවුරුදු 20න් පහළ පිල කඩුලු 9කින් පරදවා සූරතාව දිනාගැනීමට යුනිචෙලා කණ්ඩායමට හැකිවිය. තුන්වැනි ස්ථානය හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට හිමිවිය. යුනිචෙලා කණ්ඩායමේ මලින්ද වර්ණපුරගේ තුන්ඉරියව් දස්කම් කැපී පෙනුණු අතර අවසන් තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමිවිය.ශ්‍රී ලංකා අවුරුදු 20න් පහළ පිල සියලු දෙනා දැවී (ඕවර 19) 98 චතුරංග කුමාර 24, ශෙහාන් ජයසූරිය 16 (මාලිංග බණ්ඩාර12/4, මලින්ද වර්ණපුර 18/2)යුනිචෙලා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී (ඕවර 11.1) 99 මලින්ද වර්ණපුර නොදැවි 41, දිල්රුවන් පෙරේරා නොදැවි 38.
NEWS
පාණ දුර රෙදිපිළි ප්‍රදර්ශන ආයතනයකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය බස්නාහිර පළාත් සභා එ.ජා.ප. මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගෙන් ඊයේ (25) ප්‍රශ්න කළේය.එම රෙදිපිළි ප්‍රදර්ශනාගාරය වසා දමන ලෙසට මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනකු විසින් එම ආයතනය වෙත පැමිණ පවසා තිබූ අතර ඔවුන් මෙම මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ සිට පැමිණි බවට ලැබුණ තොරතුරු මත මෙම ප්‍රශ්න කිරීම සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.පෙරේදා (25) දහවල් රහස් පොලිසිය වෙත කැඳවා තිබූ මන්ත්‍රීවරයාගෙන් ඊයේ සවස් වනතුරුම ප්‍රශ්න කිරීම් සිදු කරමින් තිබිණි.
NEWS
පාණදුර ලංගම ඩිපෝව මගින් ධාවනය කරණු ලබන මාර්ග අංක 451 පාණදුර සිට නිව්ඩාව දක්වා ගමන් කරන බස් සේවය රාත්‍රී 8.00 න් පසු නිව්ඩාව සිට පැමිණෙන ගමන් වාර මාර්ග අංක 452 රුක්ගහ පාරෙන් ගමන් කිරීම නිසා ප්‍රදේශවාසීන් මහත් අසීරුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.පිංවල, වඳුරාමුල්ල, මාලමුල්ල, කිරිබේරිය, අරුග්ගොඩ ජනපදය යන ප්‍රදේශවල ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මේ බස් සේවය යොදවා ඇත. රාත්‍රී කාලයේ දී වෙනත් මාර්ගයකින් ධාවනය කිරීම නිසා මගීහු අසීරුවට පත්ව සිටිති..
NEWS
පැවැති අධික වර්ෂාව නිසා උඩවලව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කිරීම නිසා වලවේ ගඟ ආශ්‍රිත ප්‍රදේශ කීපයක පවුල් 350ක් පමණ ගංවතුර තර්ජනයකට මුහුණපා ඇත. මොවුන්ට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කොට තිබේ. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්. සී. ද සොයිසා මහතා සහ අම්බලන්තොට ප්‍රාදේශීය මහ ලේකම් මාග්‍රට් පී. කුඹුරගේ මහත්මිය ආරක්ෂක අංශවලද සහයෝගය ලබා ගනිමින් ඉතා යුහුසුළුව සහන සැළසීම සිදු කළහ.උඩවලව ජලාශයේ ජලය වලවේ ගඟට මුදා හැරීමෙන් ගඟ පිටාර ගැලීමෙන් බෝලාන උතුර, වලවෙවත්ත, වැලේකොළණිය, ගල්ලෑලිතොට නිවාස ජලයෙන් යටවිය. ජලයට හසුවීමෙන් නිවාස හතරක් විනාශ වී ඇත. තවත් නිවාස පනහකට අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ.ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමෙන් කිරිඳිඔය පිටාර ගැලීමට ඉඩ ඇතැයි ද කියවේ. ඔය පිටාර ගැලුවහොත් මාගම, අන්දරගස්යාය යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් උදාවිය හැකි බැවින් අවධානයෙන් පසුවෙන ලෙස තිස්සමහරාම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.මේ අතර වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති නිසා මැණික් ගඟේ ජල ප්‍රමාණය බෙහෙවින්ම ඉහළ ගොස් ඇත. වන්දනාකරුවන් ගඟෙන් දිය නෑමෙන් වළකින ලෙස අවවාද කරයි. ගංඟාවේ ඉවුරු දෙපස පොලිසිය රාජකාරියේ යෙදෙමින් මහජනතාව ගඟට බැසීම වැළැක්වීම සිදු කරයි. .
NEWS
වාර්ෂීකව සිදුකැරෙන බෙල්ලන්විල රාජ මහා විහාරස්ථ ඇසළ පුණ්‍යොත්සවය 63 වැනි වරටත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මෙවරද දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව පූර්ණ සහයෝගය ලබාදෙන බැව් පෙරහර කොමිටියේ ලේකම්, දෙහිවල - ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර මහතා පැවැසීය.බෙල්ලන්විල ඇසළ උත්සවය අගෝස්තු මස 15 වැනි දින ආරම්භ කර සැප්තැම්බර් මස 1 දින අවසන් කෙරේ.දෙහිවල වෙසක් කලාපයෙන් ඉතිරිවූ රුපියල් දෙලක්ෂයකට ආසන්න මුදලක් බෙල්ලන්විල පෙරහරට පරිත්‍යාග කිරීමට ධනසිරි අමරතුංග පදනම කටයුතු යොදා ඇති බැව් නගරාධිපති ධනසිරි අමරතුංග මහතා පවසයි..
NEWS
මිත්‍රශීලි ශ්‍රී ලංකාවට ඕනෑම මොහොතක සිය රටේ සහය ලබාදෙන බව උගන්ඩා ජනාධිපති යෝවේරි කගුටා මුසෙවෙනි මහතා පැවැසීය.දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව ලෝකයේ අනිකුත් රටවල් සමඟ ජාත්‍යන්තර වශයෙන් විශාල බැඳීමක් හා මිත්‍රශිලි භාවයක් පවත්වාගෙන ගිය රටක් බවද හෙතෙම කීවේය. උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන 126වැනි අන්තර් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීමට ගොස් සිටින ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම කම්පාලා නුවර දී හමුවු අවස්ථාවේ උගන්ඩා ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ,වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් උගන්ඩාවේ කම්පාලා නුවර ආරම්භ වු අන්තර් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වී සිටිති.ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළුවේ දී උගන්ඩාව ශ්‍රී ලංකාවට සහය පළ කරමින් ප්‍රබල ඇමරිකාව ගෙනා යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා රජයේ ස්තුතිය පළ කිරීමට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම කටයුතු කළ බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.දෙරටේ දේශපාලනික, ආර්ථික හා සමාජිය සංවර්ධනය පිළිබඳව ද්විපාර්ශවික සාකච්ජාවක්ද පැවැත්වූ බව සිරිපාල ද සිල්වා මහතා කීවේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනයකට අනුව උගන්ඩා ජනාධිපතිවරයා ලබන නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නිරතවිමට ද එකඟතාවය පළ කර ඇති බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය..
NEWS
උත්සව සමයේ දී විවිධ අපරාධවල යෙදෙන අපරාධකරුවන් කොටුකර ගැනීමේ Anty Crime සහ Anty Pocket මෙහෙයුම කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මේ මස 17 වැනිදා සිට දියත් කෙරේ.බස්නාහිර පළාත තුළ මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. බස්නාහිර පළාත තුළ ඇති පොලිසි 199 සහභාගීත්වයෙන් කොළඹ ප්‍රදේශය කලාප හතකට බෙදා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. එම සෑම පොලිසියකම සෑම පොලිස් නිලධාරියකුම මේ මෙහෙයුම් වලට සහභාගී වෙති.Anty Crime මෙහෙයුමට ලියාපදිංචි අපරාධකරුවන් පිළිබඳ මෙහෙයුම් කරන විශේෂ පොලිස් කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිතය.වාහන සොරකම් කිරීම, මුදල් කොල්ලකෑම්, පොකට් ගැසීම්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, මත්පැන්, වංචනික වෙළඳාම්, මෙරටට පැමිණි ජාත්‍යන්තර අපරාධකරුවන් කොටුකර ගැනීම, කප්පම් ගැනීම, භාණ්ඩ සොරකම්, නීති විරෝධී ගණිකා ව්‍යාපාර ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පිරිස් කොටුකර ගැනීම මේ මෙහෙයුම්වල අරමුණ වෙයි.උත්සව සමයේ දී සාප්පු සවාරි, විනෝද ගමන්වල යෙදෙන පිරිස්වල ගැට කැපීම් සඳහා එම කල්ලි විවිධ වෙනස් උපක්‍රම යොදන බවට කොළඹ අපරාධ කොට්ඨාසය හඳුනාගෙන තිබේ.මොවුන්ට හසු නොවී සිටීමට සමාජය විශේෂ අවධානය යොමු කළ යුතු බවත්, වාහන සොරකම විශාල වශයෙන් සිදුවන බැවින් ඒවා ගාල් කරන ස්ථානයේ එහි ආරක්ෂාව අයිතිකරු විසින්ම තහවුරු කර ගත යුතු බවද කොළඹ අපරාධ කොට්ඨාසය මහජනතාවට දැනුම් දෙයි.මේ මෙහෙයුම් දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වෙයි.බස්නාහිර ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී. ආර්. එල්. රණවීර මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ උතුර, දකුණ සහ මධ්‍යම ප්‍රදේශවල සියලුම පොලිස් නිලධාරීන් මෙහෙයුමට සහභාගි වෙති..
NEWS
ලෝක එක්සත් කරාතේ පාලක මණ්ඩලයේ ආසියාතික කලාපයේ උප සභාපතිධුරය යුරෝපා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානයට ලැබීමත් , 2016 ආසියා කරාතේ ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබීමත් මෙරට කරාතේ ක්‍රීඩාව ලැබූ අභිමානයක් බව එම සංවිධානයේ සභාපති මනෝජ් ආරච්චිගේ මහතා කියයි.2016 ආසියා කරාතේ ශූරතාවලිය සාර්ථක කරගැනීමට එම සංවිධානය හා අත්වැල් බැඳගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයටත්, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාටත් ආරච්චිගේ මහතා ඇරයුම් කරයි.ලෝක කරාතේ පාලක මණ්ඩලයට නිලධාරීන් පත්කිරීම පසුගියදා රුමේනියාවේ බුකරෙස්ට් නුවරදී සිදුකෙරිණි. එහි දී යුරෝපා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානයේ නිර්මාතෘ හා ප්‍රධාන උපදේශක ආර්.එස්.කේ.විජේමාන්න මහතා ආසියාතික කලාපයේ උප සභාපතිධුරයට පත්විය..
NEWS
ජා-ඇළ ගොවිජන සේවා මධ්‍යස්්ථානය අබලන් තත්ත්වයට පත්වී ගරා වැටීමට ආසන්න බව එහි සේවකයෝ පවසති1932 ඉඳිකරණු ලැබ ඇති මේ අබලන් ගොඩනැගිල්ල කාලෙකින් ප්‍රතිසංස්කරණය කර නැත.මෙහි ගොවිජන සේවා රාජකාරි කෙරෙන ස්ථාන ජරාජීර්ණ වී ඇත. ඇතැම් කාමර ගිලා බහිමින් පවතී.ගොවිජන සේවා ගොඩනැගිල්ලේ පොහොර ගබඩාවත් කඩා වැටීමට ආසන්න බව මේ ස්ථානයට රාජකාරි කටයුතු සඳහා පැමිණෙන ජනතාව කියති. ගොඩනැගිල්ලේ දොර ජනෙල් තද සුළඟකට වුවද කඩා වැටෙන තරමට දිරාපත්ය. ගොඩනැගිල්ලේ අලෙවි සල් දොර පතුරු ගැලවී දිරාපත්වෙමින් පවතී.ජා-ඇළ ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරී පී. රණසිංහ මහතා - ගොඩනැගිල්ල නම් පරණයි. නමුත් ගොඩනැගිල්ල පරණ වුණාට අපේ වැඩ අලුත්. පසුගිය මහ කන්නයේ පුරන් කුඹුරු 1274 ක් සාර්ථක ලෙස අස්වද්දන්න අපට හැකි වුණා..
NEWS
වසර 25 කට පසුව උතුර පළාත් සභාව සදහා නාමයෝජනා බාර ගැනීම අනිද්දා (25) සිදුකෙරේ.එදිනම වයඹ සහ මධ්‍යම පළාත් සභා සදහාද නාමයෝජනා බාරගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.නාමයෝජනා බාරදීම මේ මස 25 සිට අගෝස්තු 01 දක්වා සිදුකෙරේ.මීට අමතරව තැපැල් ඡන්ද සදහා ඉල්ලුම් පත්‍ර භාරගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර ඒ සදහා වැඩි විස්තර රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකතන අංක 1919 ඇමතීමෙන් ලබාගත හැකි බවද මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.නාමයෝජනා භාරදීමෙන් පසුව කිසිදු පෙළපාළියක් යෑමට අවසර නොදෙන බවත් ඒ සදහා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් දී ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වෙන නාමයෝජනා බාර ගැනීම සිදු කෙරෙන යාපනය, කිළිනොච්චිය,මුලතිව්,වව්නියා,මන්නාරම යන දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාල අසල ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.මෙම පළාත් තුනේ මැතිවරණය සදහා විදේශ මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්වීමට අදාළ පාර්ශ්වයන් සදහා සාකච්ඡා කර ඇති අතර ඒ සදහා ආසියානු හා දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංගම් දෙකට ආරාධනා කොට තිබේ.නාම යෝජනා භාරදීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන කාලය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා පිළිබද දැනුම් දීම සදහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රධාන පැමිණිලි භාරගන්නා ස්ථානයකුත් දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති පැමිණිලි භාරගන්නා ස්ථාන මේ වනවිටද ක්‍රියාත්මක ‍කර තිබේ ..
NEWS
අඩු විදුලි ධාරිතාවක් පවතින මානින්ගමුව ගම්මානයට වැඩි විදුලි ධාරිතාවක් ලබාදෙන මෙන් ප්‍රදේශවාසී විදුලි පාරිභෝගිකයෝ අදාළ බලධාරීන්ගෙන් නොයෙක් වර ඉල්ලා සිටියද මෙතෙක් එය ඉටුවී නැතැයි ඔවුහු කියති. මේ ගම්මානයට විදුලිය ලැබෙන්නේ මාවතගම විදුලිය ට්‍රාන්ස්පෝමරය මගිනි.එහෙත් මේ ප්‍රදේශයේ නිවෙස් වැඩි ප්‍රමාණයක් ඇතිහෙයින් විදුලිය පරිභෝජනය වැඩි නිසා රාත්‍රී 10.00 පමණ වනතෙක් අඩු විදුලිය ධාරිතාවක් පවතී. බොහෝ දෙනා පවසන්නේ විදුලිය ට්‍රාන්ස්පෝමරය ප්‍රමාණවත් නැති බවයි.පවතින අඩු විදුලි ධාරිතාව නිසා නිවෙස්වල විදුලි බුබුළුවල ආලෝකය අඩුවී පවතින අතර විදුලියෙන් වැඩ කරන යන්ත්‍ර සූත්‍රද ක්‍රියාත්මක කරවීමට නොහැකි බවද ප්‍රදේශ වාසීහු පවසති.විදුලි ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන මෙන් ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති..
NEWS
නුවරඑළියේ - ලිඳුල සිංහල මහ විද්‍යාලයයේ, කලෙක සිට පවතින උග්‍ර ගුරු හිඟය හේතුවෙන් එහි ඉගැනුම ලබන සිසු දරු දැරියනට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට, මහත් බාධා පැමිණ තිබෙන බව, එහි දෙගුරුන් දැඩි කනස්සල්ල පළ කරති.තුන් සියයකට ආසන්න දරු පිරිසක් ඉගැනුම ලබන, අ.පො.ස.උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන, මෙම විදුහලෙහි පවත්වාගෙන යන පන්ති සංඛ්‍යාවට අනුකූල වන පරිදි හා එහි උගන්වන විෂයන්ට අනුකූල වන පරිදි නියමිත ගුරු පිරිසක් නොමැතිකම, මෙම තත්ත්වයට හේතුවී තිබේ.විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, ප්‍රාථමික පුහුණු හා සෞන්දර්ය විෂයන් සඳහා මේ ගුරු හිඟය පවතින බව, මොවුහු අනාවරණ කරති.මෙහි ඇතිවී තිබෙන මේ ගුරු හිඟිය නිසා, මෙහි ඉගැනුම ලබමින් සිටින, ඇතැම් දරුවන්, තම අධ්‍යාපනය කඩාකප්පල් වේ යැයි බිය සැක පල කරමින් මෙම විදුහලෙන් ඉවත්ව වෙනත් පාසල් කරා යන්නට පටන් ගෙන ඇති බවක් පෙන්වා දෙන මෙහි මාපියන්, මේ නිසා මෙකී විදුහලෙහි සිසු සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස අඩුවෙන්නට පටන්ගෙන ඇති බවද කියයි.තත්ත්වය මෙසේ වුවද, විදුහලෙහි අධ්‍යාපන කටයුතු හා එහි සංවර්ධන කටයුතු කිසිඳු පසු බෑමකට ලක්වෙන්නට ඉඩ නොතබා මෙහි විදුහල්පතිවරයා හා එහි සිටින සීමිත ගුරු පිරිස මහත් වෙහෙසක් දරමින් තම යුතුකම් හා වගකීම් ඉටු කිරීම අගේ කළ යුතු බව ප්‍රකාශ කරන මෙහි මාපියන්, ගුරු භවතුන්ගේ එම කැපවීම හෝ නොමැත්තේ නම්, මේ වන විටත් මෙකී පාසල වසා දැමීමේ එලිපත්තට පැමිණීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවද කියයි.මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මෙම විදුහලෙහි ගුරු හිඟය පිළිබඳව අවධානය යොමු කිරීම අදාල බලධාරින්ගේ වගකීමක් නොවන්නේදැයි මෙහි සිටින කාහටත් ප්‍රශ්නයක් වී ඇත..
NEWS
කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීම සඳහා අවසාන මෙහෙයුමේදී කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව ඉරණමඩු ඉදිරි ආරක්ෂක වලල්ලේදී රට දැය වෙනුවෙන් දිවිපිදු ලාන්ස් කෝප්රල් කඩුපිටිගේ දිමුතු මහේෂ් චතුරංග රණවිරුවා වෙනුවෙන් නිවෙසක් පසුගියදා ඉදි කෙරිණි.ඔහුගේ බිරියට හා කුඩා දියණියට ජීවත්වීම සඳහා කටාන සමෘද්ධි සංවර්ධන අංශය මගින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලින් කටියල නයනාලෝකගම සාදන ලද නිවෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රණවිරුවාගේ බිරිය වූ දනුෂි ලක්මාලී මහත්මියට බාර දුන්නාය. දිළිඳු කම පිටු දැකීමේ ශක්තිමත්ම ව්‍යාපාරය සමෘද්ධි ව්‍යාපාරයයි. ඒ මගින් කටාන ආසනයේ දිළිඳු අයට නිවාස ගණනාවක් ලබා දී ඇති බව සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කීය..
NEWS
මහනුවර මහ නගර සභාවේ සියලුම සනීපාරක්ෂක කම්කරුවන් මසකට වරක් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට මහනුවර පුරපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා තීරණය කර ඇත.නගරයේ කසළ බැහැර කිරීම - ඩෙංගු මර්දන වැඩසටහන් වලට සහභාගිවීම මෙම සනීපාරක්ෂක කම්කරුවන් විසින් කරන නිසා ඔවුන්ගේ සනීපාරක්ෂාව නගර සභාව විසින් රැක දිය යුතු බව නගරාධිපතිවරයාගේ අදහස වී ඇත..
NEWS
මංගලගේ ගරාජය පිහිටා තිබුණේ ජනාකීර්ණ නගරයක් මධ්‍යයේය. විවිධාකාර වූ ආයතනයන්හි සේවය කරන්නවුන් රාශියකගේ වාහන අලුත්වැඩියා කිරීම මෙහි කාර්යය විය. රජයට අනුබද්ධ වාහන මෙන්ම පෞද්ගලික ආයතනයන්හි සේවයේ යොදවා ඇති වාහන රාශියක්ද මේ මගින් සේවය ලබා ගනියි.මෙම ගරාජයේ සේවයේ යෙදී සිටින පිරිස උදේ සිට රාත්‍රිය වන තෙක් සහ රැය පහන්වනතුරුම ආහාර ලබා ගත්තේ ගරාජය ආසන්නයේම පිහිටි ‘රස බොජුන්’ හලෙනි. විවිධාකාර වු පුද්ගලයින් මෙම බොජුන් හලේ ආහාර රස බැලූහ. සා පිපාසාව නිවා ගත්හ.දිනපතාම දිවා ආහාර ගැනීමට මංගල සහ පිරිස යන්නේ දවල් 12.30 පමණය. මේ වෙලාවත් සෑම ආයතනයකම දිවා ආහාර පැය වන නිසා ඒ අවට ආයතනයන්හි සේවයෙහි යෙදී සිටින්නන්ද පැමිණෙති.ටයි පටි පැලඳි පිරිසක්ද මංගල සහ පිරිස සමග බොජුන් හලේ ආහාර බුක්ති විඳිමින් සිටියෝය. මොවුන් ආහාර ගෙන අවසාන වු පසු අතුරු පසක් ද ඉල්ලති. ඔවුන් ඉල්ලා සිටින්නේ පළතුªªරු කැබලි සහිත අයිස්ක්‍රීම් බඳුන් කීපයකි.‘ෆෘට් ඇන්ඩ් නට්’ යන වචන කීපය මංගලට තේරුම් ගැනීමට බැරි විය. දින කිහිපයක් මේ වචන පිළිබඳ දැඩි අවධානයෙන් සිටි මංගලට ඔහුට සුපුරුදු වචනයක් වන ‘නට්’ යන්න තේරුම් ගියේය. මංගල ‘ෆෘට් ඇන්ඩ් නට්’ වචන දැන ගත්තේ නැති වුවද මංගලගේ ව්‍යවහාරයේ හැටියට නට් සමග ආදේශවන්නේ ‘බෝල්ට්’ යන වචනය බව දින කිහිපයකට පසු තේරුම් ගියේය. දිනක් මංගල කෑම ගනිමින් සිටියේය. සෙසු පිරිසද කෑම ගනිමින් සිට අවසානයේ පෙර කිවු අයිස් ක්‍රීම් බඳුන් ඇණවුම් කළේය. එදිනත් එලෙසින්ම පෙර කිව අයිස් වර්ගයම කියනවා ඇසුවේය. මංගල සෙසු පිරිස ආහාර ගෙන නැගිට ගිය පසු ‘ළමයා මටත් ගේනවා නට් ඇන්ඩ් බෝල්ට්’ අයිස් එකක් කියා ශබ්ද නගා ඇනවුම් කළේය. සේවකයා අන්දුන් කුන්දුන් විය. ඔහු කවදාකවත් මෙවැනි අයිස් වර්ගයක් අසා නැත. මංගල අසලටම ගිය සේවකයා ‘මොනවද ඉල්ලුවෙ...’කියා සේවකයා නැඹුරු වී ඇසුවේය.‘ගේනවකෝ නට් ඇන්ඩ් බෝල්ට්’ අයිස් එකක්. අපි කීවාම තමුසෙට ඇහෙන්නෙ නෑ. අපේ ටයි එක නැති හින්ද වෙන්ඩැති නේද? මංගල සේවකයාට සැරවිය.සේවකයා මංගලට කරුණු පැහැදිලි කළේය. මංගලට තරු පෙනිණි. ලජ්ජාවට පත් මංගල හීන් සීරුවේ නැගිට කෑම මුදල් ගෙවා සුපුරුදු පරිදි බුලත් විටක් ගෙන සපමින් ගරාජය වෙත ගියේය..
NEWS
රජය සතුව පවතින වී සංචිත සහල් කිරීමට රජය තීරණය කර තිබේ. මේ වන විට රජය සතුව වී මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිඅට දහසක සංචිතයක් පවතී. රජය මඟින් සකසන සහල් තොග විශාල වශයෙන් සහල් පරිභෝජනය කරන ත්‍රිවිධ හමුදාව,බන්ධනාගාරය, සමෘද්ධි ප්‍රතිලාභීන් සහ රෝහල් වෙත ලබාදීමට ද පියවර ගෙන තිබේ.පසුගිය කාලයේ වෙළෙඳපොළේ සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මේ වී සංචිතවලින් සුළු වශයෙන් සහල් සකසා වෙළෙඳපොළට සපයනු ලැබිණි. රජයේ වී සංචිත සහල් බවට පත්කරමින් විදේශීය සහල් ආනයනය සීමා කිරීමටත්, දේශීය ගොවියාගේ නිෂ්පාදන මිලදී ගනිමින් නව වී සංචිතයක් සකස් කර ගබඩා කර තැබීමටත් තීරණය කර තිබේ.මෙවර යල කන්නයේ වී අස්වැන්න ඉතා ඉහළ තත්ත්වයක පවතින බව වී අලෙවි මණ්ඩලය පවසයි. මේ වන විට වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික්ටොන් හැත්තෑ පන්දහසක් මිලදී ගෙන තිබේ. වී මිලදී ගැනීම සඳහා රජය රාජ්‍ය බැංකු හරහා බිලියන 5.5 ක ණය මුදලක් වෙන්කර තිබේ.සහල් තොග අලෙවි කිරීමෙන් රජයට තවත් විශාල ආදායමක් ලැබෙන අතර ඒවාද වී මිලදී ගැනීමට යෙදවීමට තීරණය කර තිබේ. වී සංචිත සහල් කිරීමෙන් යල කන්නයේ වී සංචිත තැන්පත් කිරීමට ගබඩා පහසුකම් ද සැලසෙයි. දැනට සම්බා වී කිලෝවක් රුපියල් තිහටත්, නාඩු වී කිලෝවක් රුපියල් 28 මිලදී ගනු ලබයි.පොලොන්නරුවෙන් වී මෙට්‍රික් ටොන් පහළොස් දහසක්, අනුරාධපුරයෙන් පහළොස් දහසක්, අම්පාර දාහත්දහසක්, දකුණ දසදහසක්, වයඹ දොළොස්දහසක්, උතුර හාරදහසක්, නැඟෙනහිර දෙදහසක් වශයෙන් ද වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.2006 වසරේ සිට ක්‍රියාත්මක වන පොහොර සහනාධාරය වී නිෂ්පාදනය වැඩිවීමට හේතු වී ඇති බව රජය පවසයි. මේ නිසා ගොවීන්ට පොහොර වෙනුවෙන් ගිය වියදම සියයට අනූවකින් අඩු වී තිබේ..
NEWS
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් ආරක්ෂා කිරීමට අදාළ සුබසාධන කටයුතු ඉටු කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමැතිවරුන්ගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.දුකසැප දෙකම ජීවිතයේ දී බලාපොරොත්තු විය යුතු බව බෞද්ධ දර්ශනය තුළ අපිට උගන්වා ඇති බවත් පසුගිය කන්නය තුළ හොඳ අස්වැන්නක් වගේම හොඳ මිලක් අපේ ගොවි නිෂ්පාදනවලට ලැබී තිබෙන බවත් ඇමැතිවරයා කීය.පොළොන්නරුව අලුත් සහල් මංගල්‍යය අති උත්කර්ශවත් ලෙස පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය අසල දී පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.ඇමැතිවරයා එහිදී මෙසේ ද පැවැසුවේය. ඊළගට එන්නේ යල් කන්නය. නමුත් දැනට තිබෙන දැඩි නියඟය සහිත වියළි කාලගුණික තත්ත්වය නිසා යල් කන්නයේ දී ගොවිතැනට අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් නොවිම පිළිබඳ ගැටලුවට පොළොන්නරුව ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක ජනතාව මුහුණ පා සිටිනවා.පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එහි ප‍්‍රතිපලයක් විදියට පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා අපහසුතාවයට පත්වන ගොවි ජනතාව රැක ගැනීමේ සුබසාධන වැඩපිළිවෙළක් අරඹන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළා.අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගනිමින් සම්මා සම්බුදුපියාණන්වහන්සේට අලුත් සහල් පුජා කිරීමටයි.අපි අලුත් සහල් පුජා කරන කොට ගොවි මහතෙක් මගේ කණට කොඳුරලා කීවා, ඇමැතිතුමා අපේ ජලාශ ජලයෙන් පිරෙන්න කියලා ප‍්‍රාර්ථනා කරන්න කියලා. මම අද විතරක් නොවෙයි. අවුරුද්දේ දවස් 365 දීම උදේ හවා ත‍්‍රිවිධ රත්නය වඳිනකොට කරන ප‍්‍රාර්ථනාව තමයි භවබෝග සම්පතෙන්, සියලු සම්පතින් පිරුණු සමෘද්ධිමත් රටක් ගොඩනැගෙන්න ඕන කියන එක. අගහිඟකම් දුප්පත්කම් නැති වෙන්න ඕන. සියලු ජනතාවම සමෘද්ධිමත් ජාතියක් වෙන්න ඕන කියන ප‍්‍රාර්ථනාව.නියඟය නිසා වැව්වල ජලය හිඟ වුනාමත් සමහරු ආණ්ඩුවට බැන වදිමින් පෙළපාලි යනවා. වැව්වල ජල හිඟය ඇතිවුනාම ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ඒක ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. කාලගුණය හා දේශගුණය අනුව ඇතිවෙන තත්ත්වයක්. ආණ්ඩුවට බැන්නට වහින්නේ නැහැනේ. ඒ නිසා කාලගුණික හා දේශගුනික තත්ත්වයන් අපි සැලකිල්ලට ගන්න ඕනැ.පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණා යෝජනා දෙකක්. ජලාශ දෙකක් අලුත්වැඩියා කිරිමට. පවතින නියඟයත් එක්ක ඒ ජලාශ අලුත්වැඩියා කළොත් බරපතල ජලහිඟයකට දිස්ත‍්‍රික්ක කිහිපයක් ලක්වෙනවා. නමුත් ඒ ජලාශ අලුත්වැඩියා කළ යුතුයි. දැන් පවතින්නේ ඊට සුදුසු තත්ත්වයක් නොවෙයි. එම නිසා ඒ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ විරුද්ධතාව පළ වුණා. අපි සෑම විටම තීරණ ගන්නේ අපේ පැත්තෙන් හිතලා නොවෙයි. ජනතාවගේ පැත්තෙන් හිතලායි.අද අපිට තිබෙන ගැටලුවක් තමයි ජල හිඟයක් තිබෙන විට අතිරේක බෝග වගාවට යොමු නොවීම. තිබෙන ජල ප‍්‍රමාණය අරපරිස්සමින් පාවිච්චි කිරිම සඳහා අතිරේක බෝග වගාවට යොමු වෙනවා නම් වැඩි ආදායමක් ලබන්නත් පුළුවන්.දැන් අපි ත‍්‍රිපෝෂ හදන්න සෝයා බෝංචි හා බඩ ඉරිඟු ගන්නවා. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හොඳට අතිරේක බෝග වගාව කළත් පොළොන්නරුවේ අතිරේක බෝග වගාව කෙරෙන්නේම නැහැ. ජලාශවල තිබෙන ජලය වගාවට යොදා ගැනීමේදී අනිවාර්යයෙන්ම රජය හා ගොවි සංවිධාන එක මතයක ඉඳලා කටයුතු කළ යුතුයි..
NEWS
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් විජයග්‍රාහී තෙවැනි ජන රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාගංණයේ දී අද (24) සවස හතරට පැවැත්වේ.එළැඹෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණය පැවැත්වෙන දිස්ත්‍රික් හයේ මෙම වියජග්‍රාහී ජන රැලි මාලාව පවත්වනු ලබයි. අගමැති දි. මු. ජයරත්න මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන සහෝදර පක්ෂ නායකයන්, මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වීමට නියමිතය..
NEWS
ජංගම දුරකතනවලින් අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹමින් සිටි පාසල් ශිෂ්‍යයන් පස්දෙනෙක් (05), අසභ්‍ය දර්ශන ඇතුළත් එම ජංගම දුරකතන සමඟම අත්අඩංගුවට ගැනීමට මුන්දලම පොලිසියේ නිලධාරි කණ්ඩායමක් සමත්වූහ.ජූනි 08 වැනිදා සවස මදුරන්කුලියේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම පාසල් ශිෂ්‍යයන් ළඟ ජංගම දුරකථන 4ක් ද තිබී ඒවාද අත්අඩංගුවට ගත් පොලිසියට, එම ජංගම දුරකථන පරීක්‍ෂා කිරීමේදී ඉතාමත් අසභ්‍ය දර්ශන ඒවාට ඇතුල්කැර ඇති අයුරු හෙළිකැරගෙන ඇත.මේ පිළිබඳව මූලික පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු එම සිසුන්ගේ දෙමවුපියන් පොලිසියට ගෙන්වා දරුවන් රැකබලාගැනීමේදී මීට වඩා වගකීමකින් දරුවන් රැකබලා ගැනීම පිළිබඳව කරුණු පහදා දී, එම සිසුන් පුද්ගල ඇප මත නිදහස් කැර දෙමව්පියන්ට භාරදී ඇත.එම සිසුනට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද පොලිසිය කටයුතු යොදා ඇත..
NEWS
මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා මඩකළපුව දක්වා සුළ‍ඟේ වේගය විටක පැයට කිලෝ මීටර් 70 දක්වා ඉහළ යා හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.මධ්‍යම කඳුක‍රයේ බටහිර බෑවුම්වල හා දිවයින අවට නිරිතදිග මෝසම වැඩිවිය හැකි යැයි ද මේ නිසා එම ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතුවල යෙදෙන්නන් අවධානයෙන් සිටින ලෙස ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණකුල මහත්මිය පැවැසුවාය.ඉදිරි දින කිහිපය තුළ නිරිතදිග කොටසට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටී..
NEWS
හැටන් ඇබෝස්ලි වතුයායේ සිට කසළ තේ කිලෝ ග්රෑම් 207 ක් ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලීසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.මෙම කසළ තේ ට්‍රැක්ටරයකින් රැගෙන විත් ලොරි රථයකින් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කැර තිබී ඇත. කසළ තේ ප්‍රවාහනය සඳහා බල පත්‍ර අවශ්‍යය බවත් සැකකරු සතුව බල පත්‍රයක් නොතිබූ බවත් පොලීසිය පවස‍යි.කසළ තේ රැගෙන ගොස් හොඳ තේ සමඟ මිශ්‍රකර වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් බල පත්‍ර නොමැතිව ප්‍රවාහනය කෙරෙන කසළ තේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.
NEWS
ලෝක ගුරු දිනයට සමගාමීව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ “උත්තම ගුරු පූජා හරසර 2014” ගුරු ප්‍රණාම උළෙල පසුගිය දා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. මෙහිදී හිටපු විදුහල්පතිනියන් වූ විමලා ලියනගේ, ආර්. එම්. එල්. ජයසේකර, නන්දා ද සිල්වා සහ පුෂ්පා කළුබෝවිල යන ගුරු මෑණිවරුන්ගේ විදුහල් මතක සටහන් අලළා සැකසුණු සංයුක්ත තැටියක් එළිදැක්වීම ද සිදුවිණි. උත්සවයේ සම්බන්ධිකාරක, විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණිමා ජයසිංහ මහත්මිය හිටපු විදුහල්පතිනියක් වූ ආර්. එම්. එල්. ජයසේකර මහත්මියට අදාළ සංයුක්ත තැටිය හා එම මහත්මියගේ සිහිවටන ඡායාරූපය පිලිගැන්වූ අවස්ථාව. උපහාර ලැබූ අනිකුත් විදුහල්පතිනියන් ද ඡායාරූපයේ සිටිති.
NEWS
ලබන විසිහයවැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ඡන්දයදීමට අට ලක්ෂ දහ තුන්දහස් දෙසිය තිස්තුන් දෙනකු සුදුසුකම් ලබා ඇති බව කළුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිසා ලේකම් එස්. හපුආරච්චි මහතා පැවැසීය.ඡන්දය දැමීමේ මධ්‍යස්ථාන පන්සිය අසූ එකකි. ආරක්ෂක නිලධාරීන් හැර රාජ්‍ය නිලධාරීන් දස දහසක් මැතිවරණ කටයුතු සඳහා සේවයේ යොදවන බවත් ඡන්ද විමසීමේ කටයුතු නිමවීමෙන් පසු ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්යොදුන් අධ්‍යාපන පීඨයේ දී සිදු කරන බවත් දිසා ලේකම්වරයා සඳහන් කළේය.
NEWS
ශ්‍රී ලංකාවේ භූගෝලීය දර්ශකවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත ඉදිරියේදී සංශෝධනය කිරීමට යයි.ශ්‍රී ලංකාවේ භූගෝලීය දර්ශකයන් සහිත භාණ්ඩ නිෂ්පාදනකරුවන් සහ අපනයනකරුවන් මුහුණපාන ගැටලු නිරාකරණය කර ශ්‍රී ලංකාවේ භූගෝලීය දර්ශක ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය ඉදිරියේදී අපේක්ෂා කරයි.එම ක්‍රමවේදය සකස් කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය මඟින් බුද්ධිමය දේපළ කාර්යාංශය උපදේශන සභාවේ සාමාජිකයන් හා රජයේ විවිධ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගෙන් ද සමන්විත ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ.මෙම ක්‍රමවේදය සකස් කිරීමේ යෝජනාව රජය වෙත ඉදිරිපත් කර ඇත්තේ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාය.
NEWS
රත්නපුර මහ රෝහලේ දී මිය යන පිරිස අතරින් රජයේ වියදමින් මිහිදන් කටයුතු සිදු කෙරෙන පුද්ගලයන්ගේ දේහයන් නිසිලෙස මිහිදන් නොකෙරෙන බව ප්‍රදේශවාසීහු පවසති.ගැඹුරට වළවල් නොකපා එම මෘත දේහ පෙට්ටිවල නොදමා වළ දැමීම නිසා පාරිසරික ගැටලු උද්ගතව ඇතැයි රත්නපුර පොදු සුසාන භූමියට නුදුරින් පදිංචිව සිටින පවුල්වල අය කියති. කබරයින් වැනි සතුන් විසින් එම සිරුරු හා ශරීර අවයව පිටතට ඇද දමා කා දමන බවද ප්‍රදේශවාසීහු බලධාරීන්ට පැමිණිලි කර තිබේ. රජයේ වියදමින් මේ මළ සිරුරු වළ දැමීමට කොන්ත්‍රාත්කරුවකුද පත්කර තිබේ. ටෙන්ඩර් ලබාගෙන එම අවස්ථාව ලබා දී ඇත.දේහයන් මිහිදන් කිරීම සිදු කරන්නේ පොලිතින් රෙදි දේහයේ දවටමනි. ඒ සඳහා පෙට්ටි භාවිතා නොකරයි. පුද්ගලයකු මිය ගිය විට ලැබිය යුතු අවසන් ගෞරවය ද අහිමිව මේ සිරුරු වළ දැමීම සිදු කැරේ. රත්නපුර මහ රෝහලේ ශල්‍ය කර්මවලදී බැහැර කරන ශරීර කොටස් සහ තවත් අපද්‍රව්‍යද දේහයන් ද එකම වළක දමා වැසීම සිදු කරයි.මේ සම්බන්ධව රත්නපුර මහ රෝහලේ රෝහල් අධිකාරි වෛද්‍ය කේ. ධර්මප්‍රිය මහතා මෙසේ කීවේ ය.රෝහලේ දී මිය යන සමහරුන්ගේ සිරුරු රජයේ වියදමින් මිහිදන් කෙරෙනවා. එම කොන්ත්‍රාත්තුව මල් ශාලා හිමිකරුවකු විසින් ලබාගෙන තිබෙනවා. පසුගිය වසරෙහි එම කොන්ත්‍රාත්තුව වැඩි මිලකට ලබාගෙන තිබුණා. දැනට එය සිදු කරන තැනැත්තා ලබා දී තිබූ මිල ගණන් අවම මට්ටමක පැවැති නිසා ඔහුට එම අවස්ථාව ලැබුණා.එක් දේහයක් (වැඩිහිටියෙකුගේ) මිහිදන් කිරීමට රුපියල් 3000 ක් වැනි මුදලක් ලබා දෙනවා. දරුවෙකුගේ දේහය නම් ලැබෙන්නේ රුපියල් 2000යි. මාසයකට දෙතුන් වරක් දේහයක් රැගෙන ගොස් කනත්තේ වළ දමනවා. ඒ සඳහා පෙට්ටි භාවිතා කරන්නේ නැහැ.මල් ශාලා හිමියාට ලැබෙන්නේ අවම මුදලක් නිසා පෙට්ටිවල දමා වළ දමන්නේ නැහැ. එහෙත් පෙට්ටිවල දමා මිහිදන් කරනවා නම් හොඳයි. දේහයන් වළ දැමූ පසු කබරයන් විසින් ඇද දැමීම වැනි ගැටලු ගැන කරුණු දැන ගැනීමට තිබෙනවා. එම දේහයන් නිසි ලෙස මිහිදන් කෙරෙන බවට අපට රත්නපුර මහ නගර සභාවෙන් වාර්තා ලැබෙනවා. මිහිදන් කිරීමේ කාර්ය සොයා බැලීම මහ නගර සාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වගකීමයි.
NEWS
රටටත් ජනතාවටත් සෙත්පතා අගෝස්තු 20 වැනිදා (නිකිණි පොහොයදා) පෙරවරු 8ට කතරගම කිරි වෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේට පිදෙන 'ආලෝකෝ උදපාදි' මහා කප්රුක් පූජාව සහ අෂ්ඨපරිෂ්කාර පූජාව සඳහා ඔබටත් සහභාගී විය හැකිය.චෛත්‍යරාජයාණන් වහන්සේ වටා මහා පෙරහරකින් වඩමවනු ලබන සියක් අෂ්ඨපරිෂ්කාර පූජාවට කැමති පින්වතුන්ට අටපිරිකර සමඟ සහභාගී විය හැකිය.කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන මේ මහා පින්කම ලේක්හවුස් ආයතනයේ තවත් එක් ආගමික හා සංස්කෘතික සේවාවකි. වැඩි විස්තර සඳහා 011 2429245 අමතන්න..
NEWS
නත්තල් සහ අලුත් අවුරුදු සමයේ බීමත් රියැදුරන්ට දැඩි දඬුවම් පමුණුවන නව නීති මාලාවක් ඊයේ (24) සිට ක්‍රියාත්මක වන අතර එසේ බීමත්වන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ සිට පැය 24 පුරා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.බීමත්ව රිය පදවා ජීවිත හානි ඇතුළු බරපතළ අපරාධ සිදුකරන රියැදුරන්ට දඬුවම් පැමිණවීම සඳහා 2009 වසරේදී සකස් කරන ලද මේ දඬුවම් නීති මාලාව ඊයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත්තේ විශේෂයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ පොලිසියේ විශේෂ අවධානය යොමු කරවමින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.මේ යටතේ බීමත්ව රිය පදවා පොලිසියට හසුවන රියැදුරකු උසාවි දමා දඩ නියම කිරීම පමණක් මෙතෙක් සිදුවූ අතර මෙම නව නීති පද්ධතිය යටතේ ඊ‍ට වඩා බරපතළ දඬුවම් නියම වෙයි.ඒ අනුව බීමත් රියැදුරකුගේ රියැදුරු බලපත්‍රය සදාකාලිකවම අහෝසි කිරීම, රියැදුරුට සිර දඬුවම් නියම වීමද යළි කිසි දිනක රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට ඇති අයිතිය, අයිතිවාසිකම් අහිමි වීමද සිදුවිය හැකි වෙයි.පසුගිය වසර තුළ බීමත්ව රියපදවා පොලිසියට කොටුවූ රියැදුරන් ප්‍රමාණය තුන්දහස ඉක්මවා තිබේ.එහිදී ඔවුන් අතින් සිදුවූ මාරක රිය අනතුරු ප්‍රමාණය දහස ඉක්මවයි. බීමත් රියැදුරන් දෙදෙහසකගේ පමණ රියැදුරු බලපත් අධිකරණ නියෝග මත තාවකාලිකව සහ සදාකාලිකව අවලංගු කර (Black list) කර තිබේ. බීමත් රියැදුරන් වැඩි පිරිසක් පොලිසියට කොටුවී ඇත්තේ රාත්‍රී කාලවලදී ය.තවද වැඩි පිරිසක් රටේ ප්‍රසිද්ධ ප්‍රධාන, මහජනයා වැඩි වශයෙන් ගමන් ගන්නා මාර්ගවල බීමත්ව රිය පදවා හසුවී තිබේ.උත්සව සමයේදී බීමත්ව රිය පදවන පිරිස වැඩි නිසා ඔවුන් කොටු කර ගැනීමේ මෙහෙයුම් ඊයේ සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා රථවාහන පොලිසියට නියෝග කර තිබේ.කොළඹ ඇතුළු සියලුම පළාත්වල මෙම මෙහෙයුම උත්සව සමය අවසන් වනතෙක් නොකඩවා ක්‍රියාත්මක වෙයි..
NEWS
සිරිපාල ගම්ලත් අභියෝගතා විවෘත වොලිබෝල් තරගාවලිය අද (3) සහ හෙට(4) මැදිරිගිරිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සූරතාව සඳහා රුපියල් 75,000 සමග කුසලානයත්, අනු ශූරතාවට රුපියල් 40,000 සමඟ කුසලානයත් පිරිනැමේ..
NEWS
බොරලැස්ගමුව නගර සභාව මේ වසරේ දී වැඩිම ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ බල ප්‍රදේශයේ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීමේ කටයුතු වෙනුවෙනි.ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 29.13ක් යැයි බොරලැස්ගමුව නගර සභාවේ සභාපති කේ.ඩී අරුණ ප්‍රියශාන්ත මහතා පැවසීය.සෞඛ්‍ය වැඩසටහන්වලට සමගාමීව රෝග වැළැක්වීමේ සේවා වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක් ද වෙන්කර ඇතැයි අරුණ ප්‍රියශාන්ත මහතා කීවේය.ආයුර්වේද බෙහෙත් මිලදී ගැනීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන රුපියල් 140000.00 ට අමතරව රුපියල් ලක්ෂ 5ක් ද, සේවක වේතනයක් ද සහිතව පොදු පරිපාලන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 26.08ක මුදලක් වෙන් කිරීමටත් නගර සභාව කටයුතු කර ඇති බවද සභාපතිවරයා කීය.ඒ හැර බල ප්‍රදේශයේ පිහිටි මාර්ග හා කානු පද්ධති ඉදිකිරීම් හා නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 16.05ක් වෙන් කර තිබෙන බවත් ප්‍රිමික්ස් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 02ක් ද සේවක වේතනයන් ද ඇතුළුව රුපියල් මිලියන 7.04ක ප්‍රතිපාදනයක් විදී පහන් නඩත්තු කිරීමේ කටයුතු සඳහා වෙන්කර ඇති බවත් සභභාපතිවරයා පැවැසීය.බොරලැස්ගමුව නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සභා රැස්වීමේ දී නගර සභාවේ 2013 වසර සඳහා වූ අයවැය කෙටුම්පත ඉදිරිපත් කරමින් සභාපතිවරයා මේ කරනු පැවැසීය..
NEWS
ඉන්දියාවේ චෙන්නායි නුවරදී ශ්‍රී ලාංකිකයන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙරටේ තානාපති කාර්යාල මට්ටමින් සාකච්ඡා පවත්වන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.මේ සාකච්ඡාවලදී ප්‍රශ්නය සම්බන්ධයෙන් යහපත් හා සාධාරණ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා කීවේය.ශ්‍රී ලංකා රජය හැමවිටම ගනු දෙනු කරන්නේ ඉන්දියානු මධ්‍යම රජය සමඟ මිස ප්‍රාන්ත රජයන් සමඟ නොවන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවැසුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (04) පැවැත්විණි..
NEWS
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් මුළු රට පුරා ව්‍යාප්ත කිරීමේ අදියරේ නවතම පියවර ලෙස සිය මඟී නියෝජිත කාර්යාලයක් හම්බන්තොට දී අද (21) විවෘත කෙරේ.මේ වසරේ දී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විවෘත කළ දෙවැනි නියෝජිත කාර්යාලය මෙය වන අතර එමඟින් විකුණුම් කටයුතු සම්බන්ධ සියලු කාර්යයන් දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සැපයීමට බලාපොරොත්තු වේ.ගුවන් සමාගම අදාළ මෙහෙයුම් කටයුතු ඉටු කිරීම සඳහා සී/ස Expolanka holdings සමාගමේ සම්පූර්ණ හිමිකාරීත්වයක් සහිත උප සමාගමක් වන සී/ස Classic Travel (PVT) LTD මඟී නියෝජිත කාර්යාලය බවට පත් කර ඇත..
NEWS
දකුණූ කොරියාවේ උල්ෂාන් ප්‍රාන්තයේ සේවයේ නියුතුව සිටිද්දී හදිසි අනතුරකට ලක්වි මියගිය අනුරාධපුර ශ්‍රාවස්තිපුර ශ්‍රාවස්තිවත්ත ලිපිනයේ පදිංචිව සිටි ඒ. අරුනින්ද ප්‍රභාකර (30) මහතා අනතුර වන අවස්ථාවේ පැළඳ සිටි රුපියල් ලක්ෂ 03කට ආසන්න වටිනාකමකින් යුත් රන් මාලය කොරියානු තානාපති කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙත එවා ඇතත් එය මේ වන විට අස්ථානගත වී ඇති බව අනාවරණය විය.දකුණු කොරියාවේ උල්ෂාන් ප්‍රාන්තයේ රාජකාරියේ නිරත වෙමින් සිටියදී ඉකුත් ජුනි මස 12 වැනිදා කර්මාන්ත ශාලාවේ සවිකර තිබූ යන්ත්‍ර 2කට මැදි වීමෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්විය. ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට රුපියල් ලක්ෂ 3කට ආසන්න පවුම් 6ක් බරැති රන් මාලයක් සහ රිදියෙන් තනන ලද මුද්දක් පැලඳ සිට ඇති අතර එම ආභරණ කඩිනමින් ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ ඥාතීන් වෙත බාර දීම සඳහා කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශය වෙත එවා තිබේ.එම ආභරණ ලැබුණූ බව සනාථ කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය , කොරියානු තානාපති කාර්යාලය වෙත දැන්වීමක්ද කර තිබේ. මියගිය අරුනින්ද මහතාගේ බිරිය වන ශාලිකා සඳමාලි විජේරත්න මහත්මිය සිය සැමියා සතුවූ ආභරණ සම්බන්ධයෙන් කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කල විමසීමක දී ඒවා මෙරටට එවූ බව දන්වා තිබේ.ඒ අනුව අරුනින්ද මහතාගේ බිරිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ තැපැල් ආරක්ෂක අංශය වෙත ගොස් අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒවා සැපයුම් අංශය වෙත බාර දුන් බව පවසා තිබේ. එහෙත් සැපයුම් අංශයට එම ආභරණ නොලැබුණු බව අරුනින්ද මහතාගේ බිරියට දන්වා තිබුණි. පසුගිය 7 වැනිදා කොරියාවේ සිට මෙරටට එවා තිබූ සැමියාගේ රන් ආභරණ තමන්ට ලබා දීමට කටයුතු කරන මෙන් අරුනින්දගේ බිරිය වූ ශාලිකා සඳමාලි විජේරත්න මහත්මිය විදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරයි..
NEWS
දුර ප්‍රමාණයන් දක්වන කිලෝමීටර ක්‍රමය මෙරටට හඳුන්වාදීමට පෙර පැවතියේ සැතපුම් ක්‍රමය වේ.සැතපුම් ප්‍රමාණයන් දැනගැනීමට රට පුරා ප්‍රධාන මාර්ගවල සැතපුම් කණු සවි කර තිබියදී කිලෝ මීටර ක්‍රමය භාවිතයට ගැනීමත සමඟ සැතපුම් කණු ඉවත් කර කිලෝ මීටර කණු භාවිත කෙරිණි.රට පුරා බොහෝ මාර්ගවල සැතපුම් කණු ඉවත් කර ඇතත් කළු ගලින් තනන ලද මෙරට උසම සැතපුම් කණුව අදටත් මාතර – කතරගම මාර්ගයේ මාතර දෙවිනුවර නගරය ආසන්නයේදී දක්නට ලැබේ.මේ සැතපුම් කණුව රැක ගැනීමට එම ප්‍රදේශයේ ජනතාවට අධිකරණයේ පිහිට පැතීමට සිදු වූ බව දැන ගන්නට ඇති අතර, රටේ පැරණි ක්‍රම පිළිබිඹු වන මෙවැනි වටිනා දේ ඉදිරි පරපුරටත් දැක බලා ගැනීමට ආරක්‍ෂා කර තබා ගැනීම අවශ්‍ය වනු ඇත..
NEWS
දාහත්වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඉතා ගාම්භීරව හා විචිත්‍රවත් ලෙස දකුණු කොරියාවේ ඉංචියොන්හී ඒෂියාඩ් ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ ආරම්භ විය.කොරියානු ජනාධිපතිනි පාක් ගුන් හේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උළෙල පැය 4කට අසාන්න කාලයක් පැවැත්වුණි.කොරියාවේ සාම්ප්‍රදායික නර්තනයන්ද සමග ආසියාවේ අනාගතය දකිමු යන තේමාව කුළු ගැන්වෙන පරිදි මේ සමාරම්භක උළෙල පැවැත්වීමට සංවිධායකයෝ පියවර ගත්හ. රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමාරම්භක උළෙලේ ගමන්ගත් අතර ශ්‍රී ලංකා ධජය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනූ චිංතන ගීතාල් විදානගේ ඔසවාගෙන ගියේය.කොරියානු ධජය යටතේ උතුරු කොරියාව හා දකුණු කොරියාව එක්ව ගමන් ගැනීම කාගේත් ආශ්වාදයට හේතුවිය. වසර 60ක් තිස්සේ දෙපිල අතර පවතින විරසකය ක්‍රීඩාව හරහා මොහොතකට අමතක කරන්නට හැකිවීම පිළිබඳ 67000ක ප්‍රේක්ෂක පිරිසකගේ ඔල්වරසන් හඩ මැද කැපී පෙනෙන අවස්ථාවක් විය.ක්‍රීඩා උළෙලේ අද සිට තරග ආරම්භවන අතර ශ්‍රී ලංකාව පාකිස්තානය සමග ‍හොකී තරගයකට එක්වේ. මූලික වටයේ තරගයක් වන මෙයින් ජයගැනීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. හෙට ඉන්දියාව සමග හොකී තරගය පැවැත්වීමට සුදානම් වේ.
NEWS
ශ්‍රී ලංකාවට එරෙහිව දිගු ඉනිමකට මුල පුරද්දී තුන් ඉරියව් ක්‍රීඩක ටී. එම්. ඩිල්ෂාන්ගේ පන්දු යැවීම හමුවේ ඉන්දීය පිලේ පළමු ඉනිමේ ලකුණු ලබා ගැනිමේ සැලැසුම් වෙනස් විය. ඔහු ඉන්දිය ඉනිමට විශාල ලකුණු ප්‍රමාණයක් එක්කළ සචින් තෙන්ඩුල්කාර්, මහේන්ද්‍ර සිං දෝනි හා හර්බජං සිංගේ කඩුලු දවා ගත්තේය.සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ප්‍රථම ටෙස්ට් ද්විත්ව ශතකය හා තම කුළුදුල් ටෙස්ට් තරගයේ දී සුරේෂ් රෙයිනා ලබා ගත් ශතකය හේතුවෙන් ඉන්දියාව ඊයේ ප්‍රථම ඉනිමට කඩලු 9ක් දැවී ලකුණු 669ක් ලබා ගත්තේ ය. සංචාරක ඉන්දීය පිල හා ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමාවෙද්දී ඉන්දියාව පළමු ඉනිමේ දී ලකුණු 27කින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියේ ය.ශ්‍රී ලංකා පිල මේ තරගයේ කාසියේ වාසිය දිනා මුල් ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 642ක් ලබා ඉනිම අත්හිටුවීය.ඉන්දීය පිල ඊයේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව සංචාරක කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දී වාර්තා කළ වැඩිම ලකුණු එකතුවද විය. ඉන්දියාව මෙයට පෙර ඉනිමකදී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු වූයේ 1999 දී මේ ක්‍රීඩාංගණයේ දීම කඩුලු 7කට ලකුණු 518 කි.ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක මහේන්ද්‍ර සිං දෝනි අගනා ලකුණු 76ක් වාර්තා කෙළේ ය. මිනිත්තු 104ක් කඩුල්ලේ සිටි දෝනි පන්දු 138 කදී හතරේ පහර 7ක් එල්ල කෙළේ ය. සචින් හා හර්බජන් එක් ඕවරයකදී දැවී ගිය පසු දෝනි හා මිතුන් එක්ව ලකුණු 51ක සම්බන්ධතාවයක් 8 වැනි කඩුල්ලට ගොඩනැංවූහ දිනය නිමා වීමට ඕවර් 2ක් තිබියදි මිතුන් ලකුණු 41කට දැවී ගියේ මෙන්ඩිස්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි.දිවා විවේකයට පසුව දෙපිලේම ක්‍රීඩකයන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සී. අයි. ගුණසෙකර මහතාගේ අභාවය වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක් පළ කළ අතර අනතුරුව තරගය ආරම්භ කෙරුණි. ඉන්දීය ඉනිමේ කඩුලු බිඳ වැටීම ආරම්භ වූයේ ඊයේ දිවා විවේකයෙන් පසුවය. තේ පානයෙන් අනතුරුව ඩිල්ෂාන් යැවූ තෙවැනි ඕවරයේදී ඉන්දීය ඉනිමේ කඩුලු දෙකක් බිඳවැටුණි.තම ටෙස්ට් දිවියෙහි 5 වැනි ද්විත්ව ශතකය වාර්තා කළ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 203ක් ලබා සිටියදී පිත්තේ හා පා ආවරණයේ වැදුණු පන්දුව උඩපන්දුවක් ලෙස ප්‍රසන්න ජයවර්ධන අල්ලා ගැනීමෙන් දැවී ගියේය. එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී ඩිල්ෂාන් එවූ “ෆුල්ටෝස්” පන්දුවකට හර්බජන් මිඩ්විකට් හි සිටි සංගක්කාර අතට උඩපන්දුවක් දී දැවී ගියේය. තෙන්ඩුල්කාර් දැවීයද්දී දෝනි සමඟ හයවැනි කඩුල්ලට ලකුණු 95ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.සචින් තෙන්ඩුල්කාර් මිනිත්තු 516ක් කඩුල්ලේ රැදී සිටි අතර පන්දු 347කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 23ක් එල්ල කළේය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් ඉතිහාසයේදී සචින් වැඩිම ලකුණු ලාභියා (තරග 24 කදී ලකුණු 1900ක්) බවට පත්ව ඇත. ඔහුට පසුව මහේල ජයවර්ධන (තරග 17 කදී ලකුණූ 1756ක්) එම දක්‍ෂතා අතර සිටී. තෙන්ඩුල්කාර් ලකුණු 29ක් ලබා සිටියදී ප්‍රසන්න ජයවර්ධනට උඩපන්දුවක් දුන්නද එය රැකගැනීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලය ද්විත්ව ශතකයකින්ම නිමාවිය.තෙන්ඩුල්කාර් හා සුරේෂ් රෙයිනා අතර 5 වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 256 ඉන්දීය ඉනිමේ හොඳම සම්බන්ධතාව විය. රෙයිනා තම කුළුදුල් ටෙස්ට් තරගයේදී ලකුණු 120ක් ලබාගත්තේය. ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 98කට ක්‍රීඩා කිරීමෙන් පසුව ටෙස්ට් වරම් ලැබූ රෙයිනාගේ පිතිකරණය මනා සංයමයෙන් යුතු එකක් විය.රෙයිනා පන්දු 228කදී හතරේ පහර 12ක් හා හයේ පහර 2ක් එල්ල කරමින් මිනිත්තු 294ක් කඩුල්ලේ රැදී සිටියේය. ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගීවී ලකුණු 200 සම්බන්ධතාවක් ගොඩනැඟූ තෙවැනි ඉන්දීය ක්‍රීඩකයා ලෙස රෙයිනා ක්‍රිකට් වාර්තා පොතට එක්විය. මෙයට පෙර මොහින්දර් අමරනාත් 1976 දී හා විරේන්ද්‍ර ෂෙවාග් 2001 දී මේ දක්‍ෂතාව දක්වා තිබුණි.ඉන්දීය ඉනිමේ කඩුලු 4ක් අජන්ත මෙන්ඩිස් බිඳ හෙලීය. පිතිකරුවන්ට තර්ජනාත්මක පන්දු යැවීමක නිතර වූ ටී. එම්. ඩිල්ෂාන් ලකුණු 50කට කඩුලු 3ක් බිඳහෙලීමට සමත් වූ අතර සුරාජ් රන්දීව් ලකුණු 211කට කඩුලු 2ක් බිඳහෙලීය.අද තරගයේ පස්වැනි හා අවසාන දිනයයි  
NEWS
මල්වානේ වල්ගම කුකුල් කොටුවට කුකුලකු පැහැර ගෙන යාම සඳහා පැමිණි හඳුන් දිවියකු කුකුළු කොටුව තුළ අටවන ලද උගුලකට හසු විය. එම හඳුන් දිවියාගේ උස අඩි දෙක හමාරක් පමණ වන අතර දිග අඩි පහමාරක් පමණ වේ. පසුගිය සිකුරාදා (22 වැනිදා) වන ජීවි දෙපාර්තමේන්තුවට එම හඳුන් දිවියා භාර දෙන ලදී..
NEWS
“පුට්බෝල් ගහලා පැරදුනාම රෙෆී‍්‍රට හොරා කියනවා වගේ මැතිවරණ වලින් පරාජය වන විපක්ෂය විවිධ හේතු දැක්වීමට පුරුදුවී සිටිනවා. ඔවුන්ගේ නොහැකියාවට මේ රජය පලි නෑ. විපක්ෂයේ අය කැන්වසින් යන්නේ මේ රටේ ජනතාව අතරේ නොව විදේශවල යැ’යි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.දඹුල්ල මැතිවරණ කොට්ඨාසයේ ලෙනදොර ප්‍රදේශයේ දී පැවති ප්‍රචාරක රැලියක් අමතා එම අදහස් පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ කීය.“මහින්ද රාජපක්ෂ රජය බිඳ වැටෙන තුරු ඇතැමුන් ඇඟිලි ගනිමින් සිටිනවා. විපක්ෂය ඒ සියලු දේට උල්පන්දම් දෙනවා. දේශීය හා විදේශීය විවිධ කුමන්ත්‍රණවල යෙදෙමින් බලය සඳහා අසාර්ථක වෑයමක යෙදෙනවා. මේ අතර ඇතැම් එන්.ජී.ඕ ව්‍යාපාර වෑයම් කරන්නේ රට තුළ ත්‍රස්තවාදයක් නිර්මාණය කරන්නයි.රට තුළ සිදුවෙමින් පවතින වේගවත් සංවර්ධනය ඇතැම් කොටස්වලට දරාගන්න බැහැ. දඹුල්ල වගේ ප්‍රදේශවල ග්‍රාමීය යටිතල පහසුකම් ලබාදී තිබෙනවා. මේ ප්‍රදේශයේ සියයට අනූ හතකට (97%) පමණ විදුලිය සැපයීමට මේ රජය සමත් වුණා.ජනතාවගේ ආදරය මේ රටේ ජනපතිතුමන් ඇතුළු පිරිසට හිමිවී ඇත්තේ ඔවුන් වෙනුවෙන් වෙනත් රජයක් නොකළ වැඩ කටයුතු රැසක් ඉටුකර ඇති නිසා මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා සන්ධානය ලබන විශිෂ්ට ජයග්‍රහණය වළක්වන්නට විපක්ෂයේ අයට පුළුවන් කමක් නැහැ. ඔවුන් ගේ දුර්වලකම් වසා ගන්නට ජනපතිතුමන් ඇතුලු මේ රජයට දොස් කීමේ තේරුමක් නැහැ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, මනුෂ නානායක්කාර යන මහත්වරු ද, උතුරු මැද පළාත් සභා අමාත්‍ය පී. බී. රත්නායක හා මධ්‍යම පළාත් සභා අපේක්ෂක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ..
NEWS
මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත අංගසම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාව සඳහා ඉඩමක් ලබාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යලය එකඟතාවය පළකර ඇත.ඒ අනුව ඉදිරි දිනවලදී අදාළ ඉඩම නිරවුල් කර ගැනීමෙන් පසු සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.කොළඹින් පිට පළාත්වලද පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් කොළඹ ඉදිකළ නෙළුම් පොකුණ රංග ශාලාව මෙන් දියුණු රංග ශාලා ගොඩනංවන බවට ජනාධිපතිතුමා පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා අනුව මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකෙරේ.අදාළ ඉදිකිරීම් කටයුතු සම්බන්ධීකරණය කිරීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙන අතර, ඊට අවශ්‍ය මගපෙන්වීම් සහ සෙසු සහයෝගය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ලබාදෙන ලෙස මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා උපදෙස් දී ඇත..
NEWS
තංගල්ලේ හෝටල් සහ ලැගුම්හල් සංචාරකයන්ගෙන් පිරී ඇත.මේ අනුව දෙස් විදෙස් සංචාරකයන්ට කාමර හා නවාතැන් ලබා ගැනීම අපහසු වී තිබේ. පසුගියදා විදේශිකයකු ඝාතනය කිරීමත් සමඟ තංගල්ල ප්‍රදේශයෙන් සංචාරකයන් ඈත් වන බවට පැතිරුණ කතාවල කිසිදු සත්‍යයක් නොවන බව හෝටල් හිමිකරුවෝ පවසති.නගරයට පැමිණෙන සංචාරකයන් ද නිදහසේ ගමන් බිමන් කරන අතර, වෙරළේ නිදහසේ විවේක ගැනීම ද සුලභ දසුනකි..
NEWS
සාම්ප්‍රදායික කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයකින් යුත් ශ්‍රී ලංකාව වර්තමානයේ ස්වයංපෝෂිතභාවය ඉක්ම ගිය අතිරික්ත වී නිෂ්පාදනයක් කරා රැගෙන යෑමට රජය ලබා දුන් පොහොර සහනාධාරය ඉවහල් විය.වසර 2005 නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබූ ප්‍රතිඥා මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව යමින් එලෙසම ඉටු කරමින් පොහොර සහනාධාරය ක්‍රියාත්මක කෙළේය. එදා වසර 2005 පොහොර සහනාධාරය ලෙස රජය වැය කළ මුදල රුපියල් මිලියන 6285.50 කි.මෙලෙස බලයට පත් වහාම පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරීමට රජය, සිත යොමු කළේ කෘෂිකර්මාන්තය, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 70 ක් පමණ වන ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස සැලැකෙන නිසාය. කොළඹින් දුර බැහැර ඈත පිටිසර ගොවිබිම්වල ජනතාවට ස්වශක්තියෙන් නැඟී සිටීමට ඔවුහු ශක්තිමත් ආර්ථික පසුබිමක උරුමකරුවෝ බවට පත් කිරීමට, පොදුවේ අප රට දියුණු කිරීමට අනිවාර්යයෙන් ම රටේ කෘෂිකර්මාන්තය නැංවිය යුතුමය. ඒ අදහස පෙරදැරිව පළමුව වී ගොවිතැනට පොහොර සහනාධාරය ලබා දීමට රජය ක්‍රියා කෙළේය.පොහොර සහනාධාරය ලබාදීමට පෙරවසර 2000 දී හෙක්ටයාර් 8,78,000 ක පැතිර තිබූ වී වගාවෙන් ලැබූ සාමාන්‍ය වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.86 ක් විය. එසේ වූ හෙයින් සමස්ත දේශීය අවශ්‍යතාවය සැපැයීමට සහල් මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ දසදහසක් පිටරටින් ගෙන්විය යුතුව තිබුණි.වසර 2005 සිට 2009 දක්වා කාලසීමාව තුළ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.13 සිට 3.25 දක්වා පරාසයක දෝලනය වෙමින් අප රටට සහලින් ස්වයංපෝෂිත මට්ටම කරා ළඟාවීමට හැකි විය.වසර 2010 දී වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4 ඉක්මවමින් ආරක්‍ෂිත තොගය ලෙස මාස දෙකක සහල් අවශ්‍යතාවය පවත්වා ගැනීමට සහ මෙට්‍රික් ටොන් ලක්‍ෂයක සහල් අතිරික්තයක් පවත්වා ගැනීමට රට සමත් වීය. පොහොර සහනාධාරය ලබාදීම මගින් වී නිෂ්පාදනය ඉහළ නැංවීම, 2007 වසරේ සිට සෑම කන්නයකදීම වී වල සහතික මිල කිලෝග්‍රෑම් 1 කට රුපියල් 28 – 30 අතර විය.වසර 2006 දී වී වලට ලබා දුන් පොහොර සහනාධාරයට රජය වැය කළ මුදල රුපියල් මිලියන 10,696 කි. එය 2007 දී 10,167 කි. 2008 දී වැය කළ මුදල රුපියල් මිලියන 24,382 කි. වසර 2009 දී රුපියල් මිලියන 23112 ක් ද, 2010 දී රුපියල් මිලියන 22,344 ක් ද, වසර 2011 දී රුපියල් මිලියන 36,960 ක් ද, පොහොර සහනාධාරයට රජය මුදල් වැය කොට තිබේ.මෙලෙස වසරින් වසර පොහොර සහනාධාරයට රජය මුදල් වැඩි වශයෙන් වැය කළත් කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක් රුපියල් 350/- ක තරම් මිලකට ගොවි ජනතාවට ලබාදීම අතනොහැරීමට රජය වගබලා ගෙන තිබේ. දිනෙන් දින ලෝක වෙළෙඳපොළේ යූරියා, ටී. එස්. පී, එම්. ඕ. පී. වැනි පොහොර මිල ඉහළ ගියත් රජය ඒ වියදම දරාගනිමින් ගොවි ජනතාවට සහනය ලබාදීමට ක්‍රියා කළේ, එය කරදරයක් හෝ වැය බරක් හෝ ලෙස නොසිතා “අනාගත ආයෝජනයක්” ලෙස කල්පනා කර බලමිනි.රජය වී වලට ලබා දුන් පොහොර සහනාධාරය සලකා බලන විට එය වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට රුපියල් 6.34 ක් ලෙස ගණන් බලා තිබේ. වී වලට රජය සියයට 90 ක පොහොර සහනාධාරයක් ද, එළවළු හා අනෙකුත් බෝගවලට සියයට 65 ක සහනාධාරයක් ද රජය ලබා දේ.මේ සියලු සහනාධාර ලබා දෙමින් ගොවිතැන නැංවීමට ක්‍රියා කරන රජය ඉදිරියේදී රසායනික පොහොර භාවිතයෙන් තොරව කොම්පෝස්ට් පොහොර වැඩි වශයෙන් භාවිත කරන ගොවිතැනක් කරා ලාංකීක ගොවි ජනතාව රැගෙන යෑමට කටයුතු යොදා තිබේ. එය පොහොර සහනාධාරයට වැය කරන අධික වියදම අඩු කිරීමටත්, වස විෂවලින් තොර නැවුම් ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීමටත් හැකි වේ යැයි අරමුණ ඇතිව ක්‍රියාත්මක කරන්නකි.අතිරික්ත සහල් අපනයනය කිරීමට දකුණේ, රජරට, නැඟෙනහිර හා උතුරේ අපනයන කලාප 4 ක් පිහිටුවීමට රජය මුදල් වෙන්කොට ඇත. ඊට අමතරව උසස් බීජ, පසු අස්වනු තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මේ සියලු උත්සාහයන්ගේ අවසාන ඉලක්කය අතමිට සරු වූ ගොවි පරපුරක් බිහිකිරීමයි. ඒ පැතුම ඉටුවන බව අපට නම් සැක නැත..
NEWS
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද (25) වීදි සංචාරය කරයි.ශ්‍රී දළදා මාලිගාව අභියසින් නැගෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, ඊ. එල්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය..
NEWS
බහු විවාහයක් සිදුකර ගැනීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට අවුරුදු පහකට අත්හිටවු එක් අවුරුද්දක බරපතළ සිරදඬුවමක් පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා නියම කෙළේ ය.මේ දඬුවම නියම වූයේ මොරොන්තුඩුවේ පදිංචි අයකුට ය. ඔහු චෝදනා ලබා සිටියේ ප්‍රථම විවාහයේ බිරිය ජීවතුන් අතර සිටියදී වෙනත් විවාහයක් කර ගැනීම සම්බන්ධයෙනි. පාණදුර පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා අංශය විසින් විත්තිකරුට නඩු පවරන ලදී..
NEWS
පානදුර කොළඹ ධාවනයේ යෙදෙන බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරට පහර දී මුදල් පැහැරගැනීම සම්බන්ධයෙන් සැකකෙරෙන රත්මලාන ගමනාගමන මණ්ඩල ඩිපෝවේ සේවයේ නියුතු රියදුරකු සහ කොන්දොස්තර වරයකු අත්අඩංගුවට ගෙන නොමැති බව බස් රථ සේවකයෝ පවසති.ගල්කිස්ස පොලිසිය අසලට රැස් වූ බස් රථ සේවකයන් විශාල ප්‍රමාණයක් ඊට විරෝධය දක්වමින් රැඳී සිටියෝය.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රත්මලාන ගමනාගමන මණ්ඩලයේ ආරක්ෂක සේවයේ නියුතු නියාමකයින් දෙදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ආරක්ෂකයින් දෙදෙනා පහරදීම සිදුවූ දින ප්‍රධාන ගේට්ටුවේ රාජකාරියේ යෙදී සිටිමින් මෙම ප්‍රහාරයට ආධාර අනුබල දී ඇතැයි පොලිසිය කියයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ප්‍රහාරය සිදුවූ දින රත්මලාන ඩිපෝවෙන් ධාවනය වූ සියලුම ධාවන සටහන් සහිත බස් රථ වල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රත්මලාන ඩිපෝවේ ප්‍රධාන කළමනාකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.පසුගිය 1 දින වැල්ලවත්ත ප්‍රදේශයේදී මෙම බස් රථ දෙකේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගැටුමක් ඇතිකරගෙන ඇත.එයට මූලික වී ඇත්තේ පුද්ගලික බස් රථයේ වැදී ලංගම බස් රථයේ පැති කණ්ණාඩියක් බිඳී යාම බව පොලිසිය පැවසීය.2 දා දහවල් වන විට 155 සහ 154 මාර්ග අංක ධාවනයෙන් ඉවත්ව තිබුණ හෙයින් මගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබුණි.ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි..
NEWS
ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන් පැවැති ගාල්ල දිස්ත්‍රික් යූත් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ලකුණු එකසිය දොළහක් ලබාගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හිමිවිය.ලකුණු අනූහයක් ලබාගත් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණ්ඩායම අනුශූරතාව දිනාගත්තේය. රත්ගම බණ්ඩරවත්ත මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියට ගාල්ල දිසාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පන්සිය හැත්තෑ පස්දෙනෙක් සහභාගී වූහ.තරගාවලියේ අවුරුදු 19න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශිරාන් ධනංජයද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊ.නිත්‍යා රසාංජලීද සම්මාන ලැබූහ.20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉසුරු අබේනාය (බලපිටිය), දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එන්.ඩී.ජී.එන්.ලක්මාලි (ඇල්පිටිය) සම්මාන ලැබූහ. ජාතික තරුණ සේවා සභාවේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ධර්මකීර්ති උක්වත්ත මහතාගේ උපදෙස් පරිදි මේ ක්‍රීඩා තරගාවලිය සංවිධානය කර තිබුණි.දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උළෙල ආරම්භ වූ අතර ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වා සහ දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරළ යන මහත්වරුන් අතින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය සිදු කෙරිණි.
NEWS
මා දැල් පන්න ක්‍රමය භාවිතයෙන් සිය ආර්ථිකය සරි කර ගන්නා ධිවරයෝ අද ගැටලු රැසකට මැදිවී සිටිති. ධීවර කර්මාන්තයට නවීන තාක්ෂණය මුසුවෙත්ම මාදැල් පන්න ධීවර ජනතාව ප්‍රමුඛතා ලේඛනයෙන් ඉවත් වී ඇතැයි මා දැල් ධීවරයෝ කියති.සිය දුෂ්කරතා ගැන හෝ දුක් අදෝනා ගැන බලධාරීන්ට කොතෙකුත් කීවද ඔවුන් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරතැයි ද ධීවරයෝ කියති. වෙහෙස වී ගොඩට ඇද ගන්නා මඩිය තම ජීවන ගැටලු විසැඳීමට තරම් වන ප්‍රමාණයෙන් මසුන් පිරි නැතැයිද ඔවුහු පවසති.බේරුවල, මාගල්කන්ද, මග්ගොන, පයාගල, කලමුල්ල, කටුකුරුන්ද ආදි වෙරළ සීමාවේ මා දැල් ධීවරයෝ මෙන්ම සමස්ත ධීවර ජනතාවම මේ ගැටලුවෙන් පීඩා විඳිති. මේ පිළිබඳව අදහස් දැක්වූ එස්. ප්‍රනාන්දු මහතාමේ පන්නය බොහෝම දුක්බර පන්නයක්. දැල් අදින මිනිස්සු ඉතා දුප්පත් පිරිසක්.මා දැල් පන්න ක්‍රම එක කාලයකට විතරයි කරන්නේ. එනම් නොවැම්බර් ඉඳලා අප්‍රේල් වෙන කම් විතරයි. ඊට පස්සෙ කාගෙ හරි බෝට්ටුවක ගිහින් කීයක් හරි හොයා ගන්නවා.සමහර දාට දැල් ඇදපු මිනිස්සු සත පහක්වත් නැතිව ගෙදර යනවා. මාළු ඇත්තෙම නැහැ.ඈත මුහුදේ සිට නොදකිනා මඩිය ගොඩට ඇදීමට ඔවුන් ගන්නේ අපිරිමිත වෙහෙසකි.එසේම දහසක් බලාපොරොත්තු අතැතිවය. එහෙත් මසුන් නැතිව දැල එන විට ඔවුන්ට කාගේ සරණද ? අදාළ බලධරයන් මොවුන්ගේ දුකට කන් දෙන්නැයි ධීවරයෝ ඉල්ලති..
NEWS
ඩාබි යනු එංගලන්තයේ මහ තුරුඟ තරග පිටි දෙකෙන් එකකි. අනෙක එස්කොට් ය. මේවා බොහෝ සෙයින් හැඳින්වෙන්නේ රෝයල් ඩාබි හා රෝයල් එස්කොට් යනුවෙනි.එංගලන්තයේ මහ රජු හෝ මහරැජන තුරඟ තරගවලට සහභාගි වන්නේ මේ දෙපළෙහි වාර්ෂික උත්සවවලදී ය.රේස් ක්‍රීඩාව රජුන්ගේ සූදුව නම් වූයේ මේ රාජකීය සහභාගීත්වය නිසා ය.මට මේ දෙපොළේම වාර්ෂික උත්සවවලට සහභාගි වන්නට ලැබී ඇත. එහෙත් රැජන දැක ගන්නට ලැබුණේ අවුරුදු ගණනාවකට පෙර එස්කොට් පිටියේ ය.ලන්ඩනයෙහි මගේ අඹ යහළු දෙන්නෙක් වූහ. ඒ එක් කෙනෙක් ලන්ඩන් ඩේලි මිරර් පත්‍රයේ මාධ්‍යවේදියකු වූ අයිවන් රත්නායක ය.අනෙක් තැනැත්තා කාලයක් ලේක්හවුසියේ සේවය කැර ලන්ඩනයට ගොස් එහි රටවැසිකම ලැබූ එම්.සී.පෙරේරා ය.මා ලන්ඩන් යන්නට පුරුදුව හුන් වකවානුවේ මාරුවෙන් මාරුවට නැවතුණේ මේ දෙන්නාගේ නිවාස දෙකේ ය.මට ඩාබි-එස්කොට් තුරඟ තරග නැරඹීමේ අවස්ථාව ලබා දෙන ලද්දේ ඒ දෙන්නා විසින්.ඩාබි -එස්කොට් තුරඟ තරග පිටිවලට මහරැජන සහභාගි වන දිනයන්හි ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් මණ්ඩප ප්‍රවේශපත්‍ර ලබාගැනීම හැමට ම කරනු හැකි දෙයක් නො වේ.මාධ්‍යවේදීන්ට නම් විශේෂ පහසුකමක් ඇත. එහෙත් මාස තුනකට කලින්වත් ආසන වෙන් කරවා ගත යුතුය.මෙයින් දසවසකට පමණ පෙර මා එස්කොට් පිටියට ගියේ අයිවන් හා එම් සී මටත් සමඟ තුන් මසකට කලින් වෙන් කරවා ගෙන තුබුණු ප්‍රවේශ පත්‍ර වලිනි.එදා එලිසබෙත් මහ රැජන ඇස්කොට් පිටියේ ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් මණ්ඩපයේ අසුන් ගෙන හුන්නී අපට අඩි පහළොවකට විස්සකට පමණ ඈතිනි. එතුමිය අනෙක් අය හා සමඟ කතාබස් කරමින් හැසුරුණේ රාජ තේජස් ඇතිව නොවේ.ජොකියකු ඇවිත් එතුමිය ඉදිරිපිට එකත්පස් හිටගෙන බොහෝවේලා කතාබස් කරන විට අයිවන් මට කීවේ “ඔහු තමා අද රැජනගේ අසු පිට නඟින ජොකියා” කියා ය. ලෙස්ටර් පිගොට් නම් වූ ලෝ පසිඳු ජොකියා ඔහු ය.“රැජනගේ අශ්වයා දිනන බවට අපිත් ඔට්ටුවක් දමමු දැ? යි මා ඇසූ විට එම් සී මගෙන් ඇසුවේ ඒ අශ්වයා රැජනගේ නිසා ඌට දිනන්ට අනෙක් අය ඉඩ දෙනවාය කියලද ඔබට සිතෙන්නේ?” කියා ය.“එහෙම වෙන්නෙ නැද්දැ?” යි මා ඇසූවිට අයිවන් - එම්.සී. දෙන්නාම කීවේ “ඒවා මෙහෙ නෑ” කියා ය.තුරඟ තරගය ඇරැඹිණි. මුල හරියේදී ඉදිරියෙන් ම දුවන්නට වූයේ රැජන ගේ අශ්වයා ය.මහ රැජනත් අනෙක් අය හා සමඟ ප්‍රීතියෙන් අත්පොළසන් දෙන්නට වූවා ය. සමහරු නම් නා නා ආකාර දේ කියමින් ප්‍රීති ඝෝෂා කරන්නට වූහ.තරගය අවසන් වූයේ මහ රැජනගේ අශ්වයා දෙවැනි වීමෙනි.මා විමසිල්ලෙන් බලා හුන්නේ මහරැජනගේ මුහුණ දෙස ය. එහෙත් එතුමිය දුක් වන පාටක් නම් නොපෙනිණි..
NEWS
ජෙනරාල් සරත් ෆොන්සේකා කියන්නේ කවුදැයි යුද්ධය අවසන් වන වසර වනතුරු ජනතාව දැන නොසිටි බවත්, එම චරිතය රටට හඳුන්වාදුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අද ඔහු ගුණමකුවකු වී තිබෙන බවත්, තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති, නිල් බළකායේ නායක නාමල් රාජපක්‍ෂ මහතා කීවේය.කඩවත මංසන්ධියේ ඉකුත්දා පැවැති නිල් බළකායේ මහජන රැලියේදී නාමල් රාජපක්‍ෂ මහතා මෙසේ කීවේය. ඒ මහතා මෙසේද පැවැසීය. එදා ගහක් ගලක් ගානේ තරුණ මළකඳන් තිබුණා. ජාතික සමගිය භින්නකර මේ රටේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළා.මේ තත්ත්වය වෙනස්කරගෙන රට සාමකාමී කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මොන තරම් මඩ ප්‍රචාර කළත් ඒවා අතේ පත්තුවී අවසානයි. ජනපති 26දාට නැවතත් ජයග්‍රහණය කරන එක ඉර හඳ මෙන් විශ්වාසයි.ජනාධිපතිතුමා මේ රටේ බිහිසුණු ත්‍රස්තවාදය නිමා කරන්න සැරසෙන විට විදේශ බලපෑම් ගලා ආවා. රටේ ජනතාව මාතෘභූමියටත් ජනාධිපතිතුමාටත් දැක්වූ ආදරය නිසා යුද්ධයෙන් ජයග්‍රහණය ලබන්න පහසු වුණා.අපේම එක් එක් පක්‍ෂවල නායකයන් බටහිර රටවලට ගිහින් සත්‍යය වසන්කර ගතු කියමින් ත්‍රස්තවාදයෙන් මවු බිම නිදහස් කරන්න ගන්නා ප්‍රයත්නය දුබල කරන්න සෑහෙන උත්සාහයක් ගත්තා. එහෙත් ඔබටත් මටත් කොන්ද කෙළින් තියාගෙන පයගහගෙන ඉන්න පුළුවන් රටක් බිහි කළා.යුද්ධය අස්සේ සමාජයේ විවිධ කරුණු ගැන අවධානය යොමුකර ජනතා අවශ්‍යතා පවා ඉටු කළා.ජෙනරාල් ෆොන්සේකා උදේට කියන දේ නොවෙයි හවසට කියන්නේ. එයා දිනුවම විධායකය වෙනස් කරනවා කීවට ඒක එයාට කරන්න බෑ. මේක පොරොන්දු දේශපාලනයක්. මේ රටේ ජනතාව මෝඩයන් කියල හිතාගෙන වෙන්නැති ඔවැනි අදහස් කියන්නෙ.ජනතාව ජනරාල්ට වඩා දේශපාලන අත්දැකීම් ඇති බුද්ධිමත් පිරිසක් බව නොදන්නව විය හැකිය.යුද්ධයෙන් ජයගත් මේ රට නැවත පාවාදෙන්නයි සරත් ෆොන්සේකා උත්සාහ කරන්නේ. සුදු කොඩි අතින් ගෙන ආ ත්‍රස්තයන්ට වෙඩි තියන්න නියම කළා කියල ලෝකයම නොමඟ යවන්නෙ ඒකයි.නිල් බළකාය හැදුවෙ රට පුරා සංදර්ශන තියන්න නොවෙයි. රටේ අනාගත ජනතාව රකින්නයි, යුද බියෙන් තොර සමාජය ආරක්‍ෂා කරන්නයි.මගී ප්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතා - එදා කඩවත හදිස්සියකට වාහනයකින් යන්න අපහසු පටු පාරක් තිබෙන ප්‍රදේශයක්. අද එය මංතීරු 6කින් යුක්ත පාරක් බවට පත් කරන්න හැකියාව ලැබුණේ ‘මහින්ද චින්තනය’ යටතෙයි.මුළු මහත් මහර ආසනයේ මාර්ග පද්ධතිය මෙන්ම කෘෂිකර්මය ඇතුළු අනෙකුත් ක්‍ෂේත්‍රවලද විශාල සංවර්ධනයක් සිදු වෙමින් පවතිනවා. මේ වෙනුවෙන් ජනාධිපතිට කෘතවේදී වෙන්න මහර ජනතාවට හොඳම අවස්ථාවක් උදාවී තිබෙනවා.ඒ අවස්ථාවෙන් ගුණගරුක මිනිසුන් ලෙස ප්‍රයෝජනය ගෙන මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත් කරවීමට කැපවෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා - මහින්ද රාජපක්‍ෂ මහතා කියන්නෙ ශතවර්ෂ ගණනාවකින් පහළවූ ශ්‍රේෂ්ඨ ජන නායකයෙක්. එතුමාට සහය පළකිරීමට නිල් බළකායේ මෙහෙයැවීමෙන් කඩවත පැවැත්වෙන මේ රැස්වීමට මහරින් අතිවිශාල සහයක් දෙන බව රැස්ව සිටින මේ මහා ජනකාය නිදසුනක්.ලබන 26 වෙනිදාට ජනාධිපතිතුමාගේ ජය තහවුරු කරමින් මහරින් වැඩි ඡන්ද 50,000ක් ලබා දෙමු.මේ රැස්වීමට ගායකයන්, නළු නිළියන්, ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් ද පැමිණ සිටියහ.
NEWS
විදේශයකදී තමාගේ නායකත්වයෙන් ප්‍රථම වතාවට ටෙස්ට් තරගමාලාවක ජයග්‍රහණයක් අත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින ඇන්ජලෝ මැතිව්ස් හා සිය සත්කාරක තරග බිම වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පළමු වතාවට ටෙස්ට් තරගමාලාවක පරාජයෙන් ගැළවීමේ උත්සාහයක යෙදී සිටින මිස්බා උල්-හක් මෙහෙයවන ශ්‍රී ලංකා හා පාකිස්තාන කණ්ඩායම් අතර 2013-14 ත්‍රිත්ව ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ තෙවැනි හා අවසාන තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.අළු පැහැති සාජා තණතීරුව තණකොළ නැතිව දිළිසෙයි.අද ඇරැඹෙන තරගයට දෙපිලම දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු බැගින් යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය එසේ වුවහොත් ශ්‍රී ලංකාව සචිත්‍ර සේනානායක ද, පාකිස්තානය අබ්දුර් රෙහ්මාන් ද කැඳවනු ඇත.ඩුබායි හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයට පෙර ද දෙපිලේ ම නායකයන් කියා සිටියේ එම තණතීරුව දඟ පන්දු යවන්නන්ට හිතකර බව ය. එහෙත් තරග දිනයේදී ඔවුන් තම කණ්ඩායම්වලට ඇතුළත් කළේ එක් දඟ පන්දු යවන්නෙකු බැගින් පමණි. තරගය පුරා ම අණසක පැතිරවූයේ දඟ පන්දු යවන්නන් නොව වේග පන්දු යවන්නන්ය.කෙසේ වෙතත්, සාජා යනු පිතිකරුවන්ගේ පාරාදීසයක් ම ය. එනමුදු ඩුබායි හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දක්නට ලැබුණු සිදුවීම්වලට අනුව අද ඇරැඹෙන තරගය ගැන අනාවැකි පළ කළ නොහැක.ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නා වන රංගන හේරත් එම තරගයේ කඩුලු පහක් ලබා ගනිද්දී පාකිස්තානයේ ප්‍රධාන බලාපොරොත්තුව වූ සයීඩ් අජ්මාල් ට ලබා ගත හැකිවූයේ කඩුලු තුනක් පමණි. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන සුරංග ලක්මාල්, ශමින්ද එරංග හා නුවන් ප්‍රදීප් තරගයේ කඩුලු 15 ක් ඔවුන් අතර බෙදා ගත්හ.ජුනයිඩ් ඛාන්, රහට් අලි හා බිලාවාල් භාටි යන වේග පන්දු යවන්නෝ කඩුලු හයක් ලබා ගත්හ. පිතිකරණයේදී මහේල ජයවර්ධන අතේ මැහුම් තබාගෙන දිරිමත් ක්‍රීඩාවක නියැලෙමින් ශී‍්‍ර ලංකාවට ජය මාවත විවර කර දුන්හ. මේ තරගයේදී වඩාත් ම වැදගත් කරුණක් ලෙසින් ඉස්මතු වූයේ ශ්‍රී ලංකාවට කෞශල් සිල්වා නමැති අලුත් ආරම්භක පිතිකරුවෙකුගේ ස්ථාවරත්වයක් ලැබීම ය. ඔහු ඉනිම දෙකේදීම තාක්ෂණයෙන් හා ඉවසිලිමත්කමින් පිරුණු පිතිහරඹයක නියැලෙමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් අත්තිවාරමක් දැමීමට සමත් විය.2011 සංචාරයේදී පාකිස්තානය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි වාඩුව ගැනීමට උදාවී තිබෙන්නේ හොඳ ම අවස්ථාවකි. මේ තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට 2–0ක ටෙස්ට් තරගමාලාවේ ජයක් අත්වනු ඇත. ඒ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා කළ යුතුව තිබෙන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා ඇති පරිදි ධනාත්මකව ක්‍රීඩා කිරීම ය. පාකිස්තානය සමග තරග කරන සැම විටෙකම ධනාත්මක ක්‍රීඩාවක නියැලිය යුතු බව ඩුබායි ජයග්‍රහණයෙන් පසුව ප්‍රකාශ කළ මැතිව්ස් ඉන්පසුව කී “පොඩි බුරුලක් හරි දුන්නොත් ඒගොල්ලෝ අපිව පාගලාම දානවා” යන වදන් අමතක නොකළ යුතුය..
NEWS
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කරන ත්‍රීපුද්ගල විනිශ්චය මණ්ඩලයෙන් අග විනිසුරු මොහාන් පීරිස් මහතා ඊයේ (28) ඉවත් විය.අග විනිසුරුවරයා පෙත්සම් විභාගයෙන් ඉවත් වූයේ, නඩුවේ පෙත්සම්කරුවන් සහ සියලුම වගඋත්තරකරුවන් ඉවත් නොවන‍ ලෙස අග විනිසුරුවරයාගෙන් කළ දැඩි ඉල්ලීම් මධ්‍යයේය.විනිශ්චය මණ්ඩලයට තමන් ඇතුළත් වීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් නිර්නාමික ලිපි තමන් වෙත් ලැබී ඇති බවත් ඒවායේ පිටපත් අනෙකුත් විනිශ්චයකාරවරුන‍් සහ නොයෙකුත් පාර්ශ්වයන් වෙත යවා ඇතැයිද අග විනිසුරුවරයා සඳහන් කළේය.විනිශ්චය මණ්ඩලයේ තමා කටයුතු කිරීමෙන් නඩුවේ කිසියම් හෝ පාර්ශ්වයක් අපහසුතාවයට පත් නොකිරීම තම අරමුණ බව සඳහන් කළ අග විනිසුරුවරයා පෙත්සම් විභාගය සඳහා තමා වෙනුවට වෙනත් විනිශ්චයකාරවරයකු පත් කරන අතර එම විනිශ්චය මණ්ඩලය ඉතා ඉක්මනින් පෙත්සම් විභාගය අවසන් කර සාධාරණය ඉටු කරනු ඇතැයිද කීය.කේ.ශ්‍රීපවන් සහ රෝහිණි මාරසිංහ යන ගෝල්ඩන් කී පෙත්සම් විභාග කරන විනිශ්චය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් සමගින් අග විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ අසුන් ගත්තේ මෙම දැනුම් දීම සඳහාය.පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේදී පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතීඥයින් ඇමතූ අග විනිසුරුවරයා නිර්නාමික ලිපියක් තමන් වෙත ලැබී ඇති බවත් එය එවා ඇත්තේ කවුරුන්ද යන්න තමා දන්නා අතර පෙත්සම් විභාග කරන විනිශ්චය මණ්ඩලයට තමා ඇතුළත් වීම පිළිබඳව කිසියම් විරෝධයක් ඇතිදැයි සියලුම නීතිඥයින්ගෙන් වෙන් වෙන් වශයෙන් විමසා සිටියේය.පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන් වෙනුවෙන්‍ පෙනී සිටි සියලුම නීතීඥයින් පවසා සිටියේ අග විනිසුරුවරයා විනිශ්චය මණ්ඩලය හෙබවීම සම්බන්ධයෙන් මොනයම් හෝ ආකාරයක විරෝධතායක් නොමැති බවයි.පෙත්සම් විභාගයෙන් ඉවත් නොවී සිය සේවා දායකයින්ට සාධාරණත්වය ඉ‍ටු කරන ලෙස එම සියලුම දෙනා ඉල්ලා සිටියේය. මැදිහත්කරුවන් ලෙස පෙත්සම්වලට සම්බන්ධ වී සිටින ගෝල්ඩන් කී සේවකයින් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ පෙත්සම් විභාග කිරීම සඳහා අග විනිසුරු මොහාන් පීරීස් මහතා තරම් වෙනත් සුදුස්සෙකු නොමැති බවත් තමාගේ උපරිම විශ්වාසය අග විනිසුරුවරයා කෙරෙහි ඇති බවත් කී අතර කෙසේ වෙතත් සිය සේවාදායකයින් යම් ප්‍රශ්නයක අතරමංවී සිටින බවත්ය.බොහෝ නීතීඥවරුන‍්ගේ අදහස වූයේ යම් විරෝධතාවයක් ඇතිනම් එය මුල් අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු බවය. අග විනිසුරුවරයා මුලින්ම මෙම පෙත්සම් විභාග කරන විනිශ්චය මණ්ඩලයේ අසුන් ගත් 2013 අප්‍රේල් 04 දා ඔහුට යම් විරෝධතාවයක් ඇතිනම් දක්වන ලෙස ඉල්ලා සිටියද එම අවස්ථාවේදී කිසිම විරෝධතාවයක් ඉදිරිපත් නොවූ බවත් නීතීඥවරු පැවසූහ.කෙසේ වෙතත් කිසිම පාර්ශ්වයක් අපහසුතාවයට පත් නොවිය යුතු බවත් සාධාරණය උපරිම අයුරින් ඉ‍ටු වන බවට සමාජය සෑහීමකට පත් විය යුතු බවත් සඳහන් කළ අග විනිසුරුවරයා තමන් මෙම විනිශ්චය මණ්ඩලයෙන් ඉවත් වන බව සඳහන් කළේය.පෙත්සම් ඉතා ඉක්මනින් අසා නිම කිරීමට නව විනිශ්චයකරුද පියවර ගනු ඇතැයි කීය. නව විනිසුරුවරයා ඇතුළත් විනිශ්චය මණ්ඩලය යටතේ පෙත්සම් සැප්තැම්බර 01 දා කැඳවීමට නියම විය.නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසි‍ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාද පෙත්සම්කරුවන් වෙනුවෙන් ආචාර්ය සෆතුල්ලා, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන කනග් ඊෂ්වරන් ,නයිජල් හැච්, චොක්සී (කනිෂ්ඨ), ෆයිසර් මුස්තාෆා ,ඇතුළු නීතීඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
NEWS
මාර්ග කිලෝමීටර් 152 කට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලක්ෂ 50 අඩු සීමාව යටතේ ගිවිසුම් 750ක් එක කොන්ත්‍රාත්කරුවකුට ලබාදීම ජාතික අපරාධයක් යැයි උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.ඊයේ (24) පැවැති උතුරු මැද 6වන පළාත් සභා දෙවන සැසිවාරයේ 19 වන රැස්වීම අමතා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය. මෙම පළාත් සභා රැස්වීම සභාපති ටී.එම්. සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ කෘෂිකර්ම අමාත්‍ය පී.බී. රත්නායක, අධ්‍යාපන අමාත්‍ය පේෂල ජයරත්න, සමුපකාර අමාත්‍ය කේ.එච්. නන්දසේන, විපක්ෂනායක කිංස් නෙල්සන් යන මහත්වරුන් සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර ප්‍රධාන අමාත්‍යවරයා මාර්ග පිළිබඳව විවේචනාත්මක කථාව සභාවට ඉදිරිපත් කරන විට ආණ්ඩු පක්ෂයේ උපාලි විජේකෝන්, ජී.ජී. චන්ද්‍රසේන, එම්. හේරත් බණ්ඩා, සරත් ඉලංගසිංහ යන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත්ව යාම කාගේත් ප්‍රශ්නයට ලක් විය.ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා මෙසේද කීය.මෙම අකටයුතු සිදුවන විට මම ප්‍රධාන ඇමැති නොවෙයි. උතුරුමැද පළාත් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදී ඇති වී ඇති වංචා කටයුතු සහ අකටයුතු පිළිබඳව නිලධාරීන් වගකිව යුතුයි.මේ අවිදිමත් ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු ගත මුදල් පිළිබඳ වංචාවක් සිදුවී ඇති බව පෙනී යනවා. දළ ඇස්තමේන්තු මුදල මෙය කොන්ත්‍රාත්කරු ලබාගෙන අවසානයි.මේ පිළිබඳව නීතිමය කටයුතු සිදු කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ කටයුතු වාර්තාවක් ලබා ගන්නවා. විගණන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.කොන්ත්‍රාත්කරු දැනටත් බිල් ඉදිරිපත් කර තිබෙනවා. මේ විශාල ගැටලුවක්. මේ පිළිබඳ සියලු වාර්තා මා සභාගත කරනවා.උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා එහිදී මෙසේ කීහ.උතුරුමැද පළාත් කලා උළෙල හරියට පැවැත්වීමට නම් රුපියල් මිලියන 8ක් වත් ඕනෑ. නමුත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් මිලියන 3යි. ප්‍රාදේශීය කලා උළෙල සඳහාවත් මුදල් මදි.ප්‍රාදේශීය කලාකරුවන්ට මුල් තැන ලබාදෙමින් නර්ථන අංශ යොදවා ප්‍රසංගයක් පැවැත්වීමටත් ඒ මඟින් ආධාර මුදලක් ලබා ගැනීමට අවස්ථාව උදාකරදී තිබෙනවා.අපගේ සංස්කෘතික හැකියා දක්ෂතා ඇති කලාකරුවන් එකතු කර සංචාරක මධ්‍යස්ථානවලට සම්බන්ධ කර ඔවුන්ගේ හැකියාවන් එළිදැක්වීමට අවස්ථාව උදාකර දීමට මා යෝජනා කරනවා.උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා එහිදී මෙසේ කීහ. සිසු සැරිය ප්‍රවාහන සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ ගමන්වාර අත්හැර තිබේ නම් ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඒ වෙනුවට පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම්..
NEWS
චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි සම්මේලනයේදී ෂිං ජින්පින් මහතා එම පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියඋණුසුම් සුබපැතුම් එක්කරයි. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම ධූරයට තෝරා පත්කර ගැනීම මඟින් කොමියුනිස්ට් පාක්ෂිකයන් ෂි ජින්පින් මහතා වෙත තබා ඇති විශ්වාසය පිළිඹිබු කෙරෙන බව ජනාධිපතිවරයා කියයි.සිය සුබපැතුම් එක්කරමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ දැනටමත් විශිෂ්ට තත්ත්වයක පවතින ශ්‍රී ලංකා චීන සබඳතා ජින්පින් මහතාගේ නායකත්වය යටතේ පෙර නොවූ විරූ තත්ත්වයකට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. දේශපාලන ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් පළාත් මට්මේ සිට ජාතික මට්ටම දක්වා ජින්පින් මහතා තුළ පවතින පළපුරුද්ද චීනයේ ඉදිරි ගමන සඳහා මඟ පෙන්වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ ක‍රයි. අතීතයේදී මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ලෙස ඒ මහතාගේ ධූර කාලයේදීත් චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු සෙල අඛණ්ඩව සිටිනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා පවසයි.චීනයේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම සමාජ සාධාරණත්ව සාරධර්ම මත ඇරැඹූණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස අප දෙපාර්ශවය අතර පවතින සහයෝගිතාව මත කටයුතු කිරීමට තමා බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා කියයි. පත්වූ නව ධූරයේ සාර්ථකත්වය මෙන්ම යහපත් ‍සෞඛ්‍ය තත්ත්වයක් උදෙසා ප්‍රාර්ථනාද ‍ජනාධිපතිවරයා සිය සුබපැතුම් සමඟින් එක්කරයි..
NEWS
අම්පාරට ලැබුණු අධික වර්ෂාව නිසා ගල්ඔය ව්‍යාපාරයට අයත් ප්‍රධාන වැව වන ඩී. එස්. සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීම ඊයේ (25) දින සිදු විය.අම්පාර දිසාපති නීල් ද අල්විස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වාන් දොරටු විවෘත කරනු ලැබීය.ඩී. එස්. සේනානායක සමුද්‍රය නිර්මාණය කිරීමෙන් පසුව පළමු වතාවට එක් වර්ෂයකදී දෙවරක් වාන් දොරටු විවෘත කළ අවස්ථාව මෙය වන බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු එරල් චන්දන මහතා පවසයි.මේ වන විට ඩී. එස්. සේනානායක සමුද්‍රයේ ජලය අඩි 105.2 ක් පිරී පවතී.ජල අක්කර අඩි 677200 ක් පිරී ඇති අතර, වාන් දොරටු විවෘත කිරීමෙන් පසු තත්ත්පරයට ජල ඝන අඩි 528 ක් පිටවීම සිදු වෙයි. මේ වන විට දිස්ත්‍රික්කයේ සියලු වැව් පිරී පවතින අතර, පහත් බිම්වල සිටින ජනතාව ඉතා විමසිලිමත්ව සිටින මෙන් ප්‍රදේශයේ වාරිමාර්ග ප්‍රධානී සමන් වීරසිංහ මහතා කියා සිටී..
NEWS
බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් එළැඹෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත් කළ බව එරට ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කළහ.ලබන 11 වැනිදා බංග්ලාදේශයේදී ඇරැඹෙන ආසියානු කුසලාන තරගාවලියට නම් කළ 14 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමට හිටපු නායක මෂ්රාෆී මොර්ටසා ඇතුළත් කළද ටමීම් ඉක්බාල් ඇතුළත් නොවීම එරට ක්‍රිකට් පිටියේ ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය.බංග්ලාදේශයේ අංක එකේ පිතිකරු ලෙස පිළිගැනෙන ඉක්බාල් කණ්ඩායමට ඇතුළත් නො කිරීමට පියවර ගෙන ඇත්තේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මුස්තෆා කමාල් බව තේරීම් කමිටු ප්‍රධානී අක්රාම් ඛාන් කීවේය..
NEWS
කෝරළඉම ගෝනාපළ හන්දියේ පවත්වාගෙන යන ෆාමසියක කලක් තිස්සේ ගංජා පැකට් කර සඟවා තබාගෙන අලෙවි කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.පානදුර අපරාධ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නයනජිත් මහතාට ලැබුණු දුරකථන පණිවිඩයක් අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියකු ෆාමසියට ගොස් ගංජා පැකට් එකක් මිලදීගෙන ෆාමසියට ගොස් පරීක්‍ෂා කිරීමේදී අලෙවි කිරීම සඳහා පැකට් කරන ලද ගංජා පැකට් කිහිපයක් ද සොයාගන්නා ලදී.ගංජා පැකට් අලෙවි කළ සැකකරු හොරණ මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා ඉදිරියට පැමිණවීමට නියමිතය..
NEWS
තැපැල් කාර්යාල මඟින් යැවූ ලිපියක්, පාර්සලයක් අදාළ පුද්ගලයාට ලැබුණේදැයි ක්ෂණිකව සොයා ගත හැකි නව ක්‍රම වේදයක් ලබන වසරේ ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.මෙහිදී තැපැල් කාර්යාලය මගින් අදාළ පාර්සලයේ හෝ ලිපි කවරයේ අලවනු ලබන ස්ටිකරයේ ඇති අංකය යොදා ගනිමින් පරිගණකයක ආධාරයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබි අඩවියට පිවිස ලිපිය හෝ පාර්සලය කුමන ස්ථානයක තිබේ දැයි බලාගත හැක.ශ්‍රී ලංකා තැපෑල නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට යොමුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් තැපැල් හා විදුලි සංදේශ ඇමැති ජීවන් කුමාරතුංග මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ දී තැපෑල ජාල ගත වීම අවසන් වීමත් සමඟ තැපෑල තුළ විශාල වෙනස්කම් රැසක් ඇතිවන බවයි..
NEWS