comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
වත්තල තැපැල් කාර්යාලය ජාත්‍යන්තර තැපැල් දිනය නිමිත්තෙන් සංවිධාන කළ 2014 තැපැල් පාපැදි සවාරියේ ජය කැලණිය ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවයේ නියුතු වනවාසල එම්. ජී. විරාජ් වම්පිකට හිමි විය.එහි දෙවැනි ස්ථානය ජාඇල, නිවන්දම තැපැල් කාර්යාලයේ ඩබ්.පී.එස්.ධම්මික හිමිකරගත් අතර වේයන්ගොඩ තැපැල් කාර්යාලයේ නදීෂ රූපසිංහට තෙවැනි තැන හිමිවිය. මේ පාපැදි තරගය වත්තල තැපැල් කාර්යාලය අසලින් ආරම්භ වී ඇළකන්ද, හේකිත්ත, පෑලියගොඩ, බියගම, දෙල්ගොඩ, බැලුම්මහර, මිරිස්වත්ත, ගම්පහ, මාබිම, ඒකල, ජා-ඇළ, කඳාන හරහා වත්තලට පැමිණීමෙන් නිමාවට පත්විය.ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්යන්හි ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම පාපැදි තරගාවලිය පසුගියදා පැවැත්විණි.
NEWS
මීට දසක කිහිපයකට කලින් ලංකාවේ උගතුන් බිහිකළේ දකුණු පළාතේ එදා විශ්ව විද්‍යාලවල සිටි ආචාර්යවරුන්-මහාචාර්යවරුන් විසින් බවත් ජේ.බී. දිසානායක වැනි අතළොස්සක් හැරුණ විට උගතුන්ගෙන් 90%ක්ම දකුණේ අය බවත් දකුණු පළාත් ආණ්ඩුකාරිනී කුමාරි බාලසූරිය මහත්මිය පැවැසීය.ඇය මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා අක්මීමන හියාරේ නැගෙනහිර විද්‍යාලයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය‍ට සහභාගි වෙමිනි.එහිදී ආණ්ඩුකාරවරිය මෙසේද කීවාය.අද නැවතත් දකුණු පළාතේ උගතුන් බිහිවෙනවා වැඩියි. අද දකුණ පළාත අධ්‍යාපනය අතින් ඉතාම උසස් මට්ටමක තිබෙනවා. ඒත් මීට ටිකක් ඉහතදී දකුණු පළාතෙන් උගතුන් බිහිවීම ටිකක් අඩුවුණා. දකුණෙ ඉඳලා ජනතාව කොළඹට සංක්‍රමණය වුණා. ඒක ප්‍රධාන හේතුවක් වන්න ඇති. තාක්ෂණය අද ගමට ඇවිල්ලා අද පාසලකින් පරිගණකයක් පාවිච්චි කරන්න දරුවන්ට අවස්ථාව ලැබිලා. ජනාධිපති තුමාගේ බලාපොරොත්තුව කොළඹ පාසල්වල දරුවන්ට දෙන පහසුකම් ගමටත් ලබාදෙන්න. ජනාධිපතිතුමාගේ වචනයෙන් එය කියනවා නම් හොඳම දේ දරුවන්ට දෙන්නයි.එදා මා දකුණු පළාතට එනවිට දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුරු හිඟයක් තිබුණා. අද එය යම් තරමකට අඩුකරන්න අපට හැකි වුණා. ඒ අනුව දැන් දකුණු පළාතේ ගුරු තුලනයක් ඇතිවෙලා. දකුණු පළාතේ දෙමළ පාසල්වල ගුරුවරුන්ගේ අඩුවක් තිබුණා.සතුටුයි කියන්න ඒ සඳහා අප කළ ඉල්ලීමට දෙමළ ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අයැදුම්පත්‍ර 500කට අධික සංඛ්‍යාවක් ලැබිලා. නොබෝ දිනකින් ඉන් සුදුස්සන් තෝරාගෙන අපි ඒ දෙමළ පාසල්වල ඇති පුරප්පාඩු පුරවන්නට කටයුතු කරනවා.දකුණු පළාත අද දියුණුවේ හිනි පෙත්තට ඇවිල්ලා. තේ දලු කිලෝ 1ට රු.82.00ක් ගෙවනවා. ජනාධිපති තුමාගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නයි. ඊට දැන් ක්‍රමයෙන් ළඟාවෙමින් සිටිනවා.මේ තේ කම්හල් හිමියන්ට මගේ කෘතඥතාව පුද කරනවා මෙවැනි ගම්බද පාසල් දියුණු කරන්න උනන්දු වීම පිළිබඳව. කොළඹ විද්‍යාලවලට උදවු කරන්න ඕනතරම් පරිත්‍යාගශීලින් ඉන්නවා. ඒ නිසා ගමේ කුඩා පාසල්වලට උදවු කරමින් මේ තේ කම්හල් හිමියන් කරන්නේ මහත් පුණ්‍ය කර්මයක් .නගරයෙන් ඈත මෙවැනි පාසල් අපි හැමෝම එකතු වෙලා නඟා සිටුවිය යුතුයි. මා මේ පාසලට එනවිට අනෙක් පාසල්වලට වඩා අලුත් දෙයක් දැක්කා. ඒ ළමයින්ගේ පිරිසිදුකම. එය ඉතාම හොඳ පුරුද්දක්. අපිත් එදා නේවාසිකාගාරවලදි මේ පිරිසිදුකම ඉතා හොඳින් ඉගෙන ගත්තා.විදුහල්පති ගාමීණි නානායක්කාර, දකුණු පළාත් සභා මන්ත්‍රී කේ.ටී.අමරපාල, අක්මීමන එජාප සංවිධායක, දකුණු පළාත් සභා මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, අක්මීමන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ ශ්‍රී ලාල් හා දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් යන මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ..
NEWS
මෙරට සහ පිටරට ප්‍රසිද්ධ හෝටල්වල දේශීය ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවා දේශීය ආයුර්වේද වෛද්‍යවරු හරහා විදේශිකයන්ට ප්‍රතිකාර ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළකට ජාත්‍යන්තර කෝටිපති ආයෝජකයන් රැසකගෙන් ඉල්ලුම් ලැබී තිබේ.ජපානය, ජර්මනිය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, මලයාසියාව පමණක් නොව දේශීය ආයුර්වේදයට ප්‍රසිද්ධ ඉන්දියාවේ ආයෝජකයන්ගෙන්ද මේ ඉල්ලුම ලැබී තිබීම විශේෂත්වයකි.දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා පැවසුවේ මේ දැවැන්ත ආයෝජන වැඩපිළිවෙළ හරහා දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ට මෙරට පමණක් නොව විදෙස් රටවලද සේවය කිරීමේ අවස්ථාවක් සැලසෙන බවයි.දැනටමත් ලෝකයේ රටවල් ගණනාවක් මෙරට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ විශාල පැහැදීමකට පත්ව සිටිති. විවිධ රෝගවලින් පෙළෙන බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව නොලැබූ විදේශිකයන් විශාල පිරිසක් මේ වන විටත් පාරම්පරික දේශීය ආයුර්වේද ක්‍රම ඔස්සේ ප්‍රතිකාර ලබමින් සිටිති.මේ වන විට මෙරට හෝටල් කිහිපයක මෙම ප්‍රතිකාර වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ. තවත් විදේශිකයන් දහස් ගණනක් මෙරටින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තුව සිටිති.මේ නිසා පසුගිය වසරේ මේ අවශ්‍යතාව පිළිබඳ දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා සමඟ ජාත්‍යන්තර ආයෝජකයන් රැසක් සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් හෝටල්වල ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සම්බාහන මධ්‍යස්ථාන සඳහා ආයෝජනය කිරීමට පැමිණ තිබේ.මේ වන විටත් බාබේරියන්, සංචාරක හෝටල් පද්ධතිය සහ තවත් හෝටල් කිහිපයක මේ ආයුර්වේද ප්‍රතිකාර වැඩසටහන ආරම්භ කර තිබේ.ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ හෝටල් ගණනාවක මේ ආයුර්වේද ප්‍රතිකාර සම්බාහන මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන ඇති අතර ඒවායේ රැකියා සඳහා අපේ ආයුර්වේද වෛද්‍යවරුන් යැවෙන බවද නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා කීය.දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෘජු සම්බන්ධතාවය ඔස්සේ විදේශිකයන්ට 'පැකේජයක්' මඟින් ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේ. ඒ සඳහා අන්තර්ජාලය හරහා ලොව පුරා ප්‍රචාරක වැඩපිළිවෙළක්ද ආරම්භ කර තිබේ.මේ හරහා මෙරටට විශාල විදේශ විනිමයක්ද දේශීය ආයුර්වේදය හා වෛද්‍යවරුන්ට ඉහළ තැනක් හිමිවන බවද ඇමැතිවරයා කියයි.ආයුර්වේද වෛද්‍ය උපාධිය ලැබූ සහ පාරම්පරික වෛද්‍යවරු ඇතුළුව වෛද්‍යවරු හැටදහසක් පමණ මෙරට ලියාපදිංචි වී ඇත.ආයුර්වේද ක්‍රමය නඟා සිටුවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර අය වැයෙන් මිලියන තුන්සියයක පමණ මුදලක් ලබාදී තිබේ.‍ඒ යටතේ පාරම්පරික වෛද්‍ය පර්යේෂණ පවත්වා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව කළ නොහැකි රෝග විශාල ප්‍රමාණයක් සුව කළ හැකි ක්‍රම සොයා ගැනීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව සිදු කෙරේ.මිහින්තලේ, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල එම වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථාන‍ පිහිටුවාගෙන යයි. පාසල් ඔසු උයන් ඇති කිරීම, පාරම්පරික වෛද්‍ය ක්‍රමය නඟා සිටුවීම, දැනට ඇති ආයුර්වේද රෝහල්වල පහසුකම් වැඩි කිරීම ආයුර්වේද වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ..
NEWS
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියකගේ නිවෙසේ තිබූ අවි ආයුධ කිහිපයක් මිරිහාන පොලිසිය මඟින් ඊයේ (08) උදේ සොයාගෙන තිබේ.නුගේගොඩ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාට ඊයේ (08) උදේ අම්පාර ප්‍රදේශයෙන් ලැබුණු දුරකතන ඇමැතුමක් මත ගොස් පරීක්ෂා කර බැලීමේදී මේ ආයුධ නිවෙසේ නාන කාමරයේ තිබී සොයාගැනීමට හැකි වී ඇත. නිවස පිහිටා ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේය.පතොරම් ගැබ් (මැගසින්) 2ක්, අත්බෝම්බයක් සහ උණ්ඩ 6ක් එහි තිබූ බව පැවැසේ. ඉහත කී නිළිය පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේඇය එම අවි ආයුධ ගැන කිසිවක් නොදන්න බවයි. ඇය සමඟ අමනාප පුද්ගලයකු ඒවා එහි දමන්නට ඇතැයි පවසා ඇත.මේ නිළිය සහ මව පමණක් නිවෙසේ සිටියදී ඊයේ (08) පෙරවරුවේ චීවරධාරීන් දෙදෙනකු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණ තිබේ. ඔවුන් ඩෙංගු මර්දනය සම්බන්ධව දැනුම්වත් කිරීමක් සඳහා පැමිණි බව පවසා ඊට අදාළ අත්පත්‍රිකාද ලබාදී ඇත. ඔවුන් නිළියගේ නිවෙසෙන් බීමට වතුර ද ලබාගෙන තිබිණි.මෙසේ පැමිණි පිරිස එම ආයුධ නාන කාමරයට දමා ගොස් ඇත්දැයි යන්න පිළිබඳව සැකයක්ද තිබෙන බව පොලිසිය පවසයි. මේ සම්බන්ධව නිළියගෙන් හා ඇගේ මවගෙන් කටඋත්තර ලබාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වේ..
NEWS
නියමිත වෙලාවට දුම්රිය ධාවනය කරන්න බැරිනම් දුම්රිය මාර්ගය වසා දමා මගීන්ගේ ගමන් පහසුව සඳහා ලංගම බස් රථ යොදවන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කීවේය.ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ඊයේ (27) උදේ අළුත්ගම දුම්රිය ස්ථානයෙන් සාගරිකා දුම්රියට ගොඩවී දුම්රිය මැදිරියෙන් මැදිරියට යමින් දුම්රිය මගීන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේ දී ය.ඇමැතිවරයා මෙසේ දුම්රියෙන් ගමන් කරමින් මගීන්ගේ ප්‍රශ්න සොයා බැලීම පිළිබඳව මගීහු ඇමැතිවරයාට ප්‍රසාදය පළ කළහ.මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ රජයේ සේවකයින් ඇතුළු විශාල ජනකායක් දිනපතා ගමන් කරන අතර දුම්රිය ප්‍රමාදයන් පිළිබඳව ජනතාව ගෙන් නිතර නිතර පැමිණිලි ලැබෙන බවත්, එසේ ප්‍රමාද වන විට ජනතාව දොස් නගන්නේ ප්‍රවාහන ඇමතිට රජයට බවත් හැමදාම දොස් ඇසීමට නොහැකි බවත් ඇමැතිවරයා කීය.මුහුදුබඩ මාර්ගයේ ගමන් ගන්නා “සාගරිකා”, “සමුද්‍රදේවී” ඇතුළු සියලු දුම්රියන් නියමිත වේලාවට ධාවනය නොවීම නිසා රාජ්‍ය සේවකයින්ට නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වීමෙන්, ආයතනවල ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුව ඇතැයි, රාජ්‍ය සේවකයින් අමාත්‍යවරයාට මෙහිදී පෙන්වා දුන්නේ ය.“රතු ඉර” වැදීමෙන් රාජ්‍ය සේවකයන්ට වන අසාධාරණය ගැන සිය කනගාටුව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඇතැම් නිලධාරීන්ගේ උදාසීන ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශණයට ලක් කළේය. දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙන්ම දුම්රිය රියදුරන් නියමිත වේලාවට නොපැමිණීමත්, දුම්රිය ප්‍රමාදයන්ට හේතුවී ඇති බවයි, මඟීන් ප්‍රකාශ කෙළේ.අළුත්ගම සිට ගමන්ගත් සාගරිකා දුම්රිය, මග්ගොන දුම්රිය ස්ථානයට ළඟා වෙත්ම, රේල් පීල්ලක් කැඩී යාම නිසා, දුම්රිය ධාවනය අතරමඟ නතරවූ අතර, බේරුවල දුම්රිය ස්ථානයේ සිට අදාළ නිලධාරීන් ඇමතූ ඇමැතිවරයා සිදුවන්නට ගිය ප්‍රමාදය වලකා ගත්තේ ය.දිනපතා දුම්රියන් ප්‍රමාදවීම් වලකාලීමට නිලධාරීන් අපොහොසත් වන්නේ නම්, එම නිලධාරීන්ගේ සේවය අගය කළ නොහැකි අතර, ඔවුන් වෙනත් සේවා ස්ථාන සොයා ගැනීම කාලෝචිත බව ද අවධාරණය කෙළේ ය. දුම්රිය ගැන ජනතාව තුළ විශ්වාසයක් තැබිය හැකි වන පරිදි කටයුතු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමයි. ඒ වගකීම ඉටුකරලීම සෑම දුම්රිය සේවකයකුගේ යුතුකම බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.ප්‍රධාන දුම්රිය ස්ථානවල සිට ඒකාබද්ධ බස් සේවයක් යෙදවීමෙන්, ජනතාවට මහත් සහනයක් සැලසෙන බව පැවසූ මඟී ජනතාව, වසර ගණනාවකට පෙර මෙම තත්ත්වය තිබූ බව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡාකර පියවරක් ගන්නා බව ඇමතිවරයා ප්‍රකාශ කෙළේ ය.මගීන්ගේ තදබදය ඇතිවූ විට තෙවන පන්තියේ ප්‍රවේශපත් ලබාගත් අය දෙවන පන්තියේ සිටගෙන යාමේදී, දුම්රිය ආරක්‍ෂක අංශ මඟින් අල්ලා දඩ ගසන බවද එම තත්ත්වය මඟහරවා දෙන ලෙස ජනතාව කරන ලද ඉල්ලීම ඇමැතිවරයා ප්‍රතික්ෂේප කෙළේ ය. නීතියට පටහැනි කිසිදු දෙයකට කැමැත්ත ප්‍රකාශ නොකරන බවද ඉදිරියේ දී නව දුම්රිය කිහිපයක් යෙදවීමෙන් තද බදය අවම කරන බවද ප්‍රකාශ කළේය.
NEWS
ජීවිතාන්තය දක්වා තරග තහනමකට හසුවූ පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක යූනුස් ඛාන් තහනමින් සති දෙකකට පසුව ජනාධිපති සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය.පාකිස්තානු පිලේ පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය අසාර්ථක වීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ විශේෂ කමිටුවේ නිර්දේශ මත යූනුස් ඛාන්ට සහ මොහොමඩ් යූසුෆ්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි.නමුත් පසුගියදා පැවැති පාකිස්තානු ජනාධිපති සම්මාන උළෙලේ දී පසුගිය වසරේ ඕවර් විස්සයි – 20 ලෝක සූරතාව දිනාගැනීමට පාකිස්තානු පිල මෙහෙයවීම නිසා යූනුස් ඛාන් සම්මානයට පාත්‍ර විය.
NEWS
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන පිල හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ වර්ෂාව පතිත වීමේ හේතුවෙන් තරගයට බාධා ඇතිවිය.පෙරේදා දිනය නිමා වනවිට කඩුලු 9කට ලකුණු 398ක් ලබාසිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන පිල ඊයේ උදෑසන ලකුණු 410කට දැවීගියේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කිත්රුවන් විතානගේ නොදැවී ලකුණු 168ක් ලබා සිටියේය. පන්දු 165ක් වැයවූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 17ක් එක්වී තිබිණි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු නොදැවී ලකුණු 8ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරිණි. අද තරගයේ අවසන් දිනයයි.ශ්‍රී ලංකා පළමු ඉනිම-410යි. කිත්රුවන් විතානගේ නොදැවී 165, අශාන් ප්‍රියන්ජන 83 (සොහාග් ගාසි 104/5)බංග්ලාදේශය පළමු ඉනිම -8යි. කඩුලු නොදැවී.
NEWS
කොලොන්න පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කොලොන්න ප්‍රදේශයේ පදිංචි ගුරු විද්‍යාපීඨ පුහුණුව ලැබූ තරුණියක් සිය මව සමඟ තම නිවෙසේ සිටියදී රාත්‍රී එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තේ ගස් කප්පාදු කරන පිහියක් ද රැගෙන නිවසට ඇතුළු වී එම තරුණියට අතවර කරන්න ගොස් එය ව්‍යාර්ථ වීමෙන් පසුව රැගෙන පැමිණි පිහිය ද දමා පලාගොස් සැඟවී සිටිය දී ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ නිල සුනඛයකු සැකකාර පුද්ගලයා පොලිසියට කොටුකර දී තිබේ.අත්අඩංගුවට පත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.මේ සිද්ධිය පිළිබඳ කොලොන්න පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා ඇඹිලිපිටිය පොලිසියේ නිල සුනඛ රොකී හා රොකී භාරව කටයුතු කරන පො.කො.75428 ඩබ්. බී. ටී. සම්පත් මහතා ද කටයුතු කළ අතර, වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු ද සිදුකරති..
NEWS
ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට එරෙහිව කොන්දේසි විරහිතව පූර්ණ සහයෝගය ලබා දෙන බව දකුණු කොරියානු රජය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති චෑන්ග් වොන් සෑම් (Chang won sam ) මහතා මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා හමුවූ අවස්ථාවේදීය.මෙහිදී අදහස් දැක්වූ චෑන්ග් වොන් සෑම් මහතා ප්‍රකාශ කැර සිටියේ බෙදුම්වාදය සම්බන්ධයෙන් තම රටට ඉතා නරක අත්දැකීම් තිබෙන බවත් ඒ බව දකුණු කොරියානු ජනතාව ඉතා හොඳින් දන්නා බවත්ය. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට එරෙහිව ජාත්‍යන්තරයේදී කොන්දේසි විරහිතව පෙනී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නිවාස අමාත්‍යාංශයේදී මෙම හමුවීම සිදුවිය. එහිදි තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව භූගෝලීය වශයෙන් සමාන රටවල් දෙකක් බවත් සමාජ දේශපාලන ගැටලුවලදී ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව ඒවාට මුහුණ දෙන්නේ පොදු ආකාරයට බවත්ය .මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් චෑන්ග් වොන් සෑම් මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිකිරීම් ශිල්පීන් පුහුණු කිරීමට දකුණු කොරියාව කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා කොරියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කොයිකා ආයතනය මඟින් පහසුකම් සැලසීමට බලාපොරතේතු වන බවයි. ඊට අමතරව අඩු වියදම් තාක්ෂණය යටතේ ශක්තිමත් නිවාස ශ්‍රී ලංකාවේ ඉදිකිරීම පිළිබඳව අවධානය යොමුකර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. එසේම ජන සෙවණ නිවාස වැඩසටහන ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත් එය තමන් අගය කරන බවද ප්‍රකාශ කළ ඒ මහතා එම වැඩසටහන සාර්ථක වීමට එහි තිබෙන විශේෂත්වය කුමක් ද යන්න විමල් වීරවංශ ඇමැතිවරයාගෙන් විමසා සිටියේය .ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් 26,000 ක් පමණ දකුණු කොරියාවේ සේවය කරන අතර ඔවුන්ට දේශීය වශයෙන් ලබාදිය යුතු සියලු වරප්‍රසාද දකුණු කොරියානු රජය ලබාදී තිබෙන බවත් ප්‍රකාශ කළ චෑන්ග් වොන් සෑම් මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දකුණු කොරියාව සතු තාක්ෂණික හා අනකුත් බොහෝ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් පැවසීය.මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ දකුණු කොරියානු රජය ශ්‍රී ලංකාවට ඉතිහාසයේ සිට දැක්වූ සහයෝගයට ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්තූතිය පළ කර සිටින බවත් එම සහයෝගය ඉදිරියට බලාපොරොත්තු වන බවත්ය. .ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බවද කීය. විශේෂයෙන්ම ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රය පුළුල් අවකාශයකට විවර වන බවත් ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ වැදගත්කම ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුනුනේය.විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජන සෙවණ වැඩසටහන ජන සහභාගීත්වයෙන් රටපුරා ක්‍රියාත්මක වන වැඩසටහනක් බවයි.රජය වශයෙන් ලබාදිය යුතු සහයෝගය ලබාදෙන බැවින් ජනතාව තුළ මෙම වැඩසටහන පිළිබඳව විශ්වාසය තහවුරු වී පවතින නිසා මෙම වැඩසටහන සාර්ථකව රටපුරා ක්‍රියාත්මක වන බවද කී ඇමැතිවරයා රජය හා පෞද්ගිලික අංශ එක්ව වසරකට සාමාන්‍යයෙන් උපරිම නිවාස 250,000 ක් ඉදිකර තිබුණ ද වත්මන් ආණ්ඩුව යටතේ 2011 වසරේදී ජනසෙවණ වැඩසටහනත් සමඟ වසරක් තුළ ස්ථීර නිවාස ඉදිකිරීම ලක්ෂ 4 ක් දක්වා ඉහළ නැංවූ බවත් කීය. වර්තමනායේ ශ්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාවය ලක්ෂ 7 කට වඩා අඩුවී ඇති බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
NEWS
විශේෂ ගණයේ අපරාධකරුවන් නියමිත සිරමැදිරියේ නොරඳවා කාන්තාවන් රඳවා තබන සිරමැදිරියේ රඳවා තැබීම මගින් බන්ධනාගාර නිලධාරීන් සැකකරුවන්ට පලා යෑමට අවස්ථාව ලබා දී ඇති බවට මාළිගාකන්ද අධිකරණයේ සැකකරුවන් 11 දෙනකු පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ මරදාන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණි.බන්ධනාගාරය විසින් මීට ප්‍රථම  විශේෂිත සිරකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්ථාවලදී පොලිසිය වෙත දුරකථන පණිවිඩ ලබා දෙන නමුත් ඉකුත් (7) මෙවැනි පණිවිඩ ලබා දී නොමැති බවට ද කරුණු අනාවරණය වී තිබේ.තවද කාන්තා සිරමැදිරියේ ජනේලය අඩි 3 1/2 ක උසින් පිහිටා ඇති බවත්, එලෙස අනාරක්‍ෂිත වූ කුටියකට මේ දරුණු අපරාධකරුවන් රඳවා තැබීම සංවිධානය වී පලා යෑමට අවස්ථාවක් ලබා දීමක් ලෙසට සැක පහළ වන බවට ද එම වාර්තාව මගින් වැඩිදුරටත් කරුණු දක්වා තිබිණ.සිද්ධිය සැලවූ වහාම බස් නැවතුම්පළවල්, දුම්රිය නැවතුම්පළවල් හා හදිසි ඇමතුම් මගින් කොළඹ අවට සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත් බවට කරුණු අනාවරණය විය.කොම්පඤ්ඤවීදිය පොලිසියේ සොකෝ කණ්ඩායම, නිල සුනඛ අංශය මෙන්ම ඇඟිලි සටහන් දෙපාර්තමේන්තු නිලධාරීන් සිද්ධිය ස්ථානය පරීක්‍ෂාවට ලක්කොට තිබිණ. පලා ගිය සැකකරුවන් 11 දෙනා අතරින් හයදෙනකු මරණීය දණ්ඩනය නියම වූවන් වන අතර දෙදෙනකු දීර්ඝ සිරදඬුවම් ලැබූවෝ ද වෙති. මේ සැකකරුවන් 11 දෙනා බන්ධනාගාරයේදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෝ වෙති.දෙහිවල පදිංචි ගුණසිංහ ආරච්චිගේ ඉසුරු සම්පත්, කොළඹ 14 පදිංචි කළය හේනලාගේ විපුල, අම්බලන්ගොඩ පදිංචි රන්දික නදීෂන් ගුණරත්න, ;කාළඹ 2 පදිංචි ටී. එච්. ක්‍රිස්ටි පෙරේරා, කිරිබත්ගොඩ පදිංචි රයිගමගේ සුසන්ත පෙරේරා, පිළියන්දල පදිංචි රාමන් රවි, මොරටුව පදිංචි එම්. වී. රංජිත් ප්‍රනාන්දු, කොළඹ 2 පදිංචි ඊ. ඒ. පී. උපුල් නිශාන්ත, කොළඹ 15 පදිංචි උත්තමන් සිගාමනි කුජ්ජඩි, කොළඹ 14 පදිංචි එන්. සී. ආර්. අජිත් ප්‍රනාන්දු හා කොළඹ 14 පදිංචි එන්. ඩබ්ලිව්. ලහිරු සේනක පෙරේරා යන අය මෙලෙස පලා ගිය සිරකරුවෝ වෙති.
NEWS
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන් විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට මලල ක්‍රීඩා විධායක කමිටුව තීරණය කළේය.නව ව්‍යවස්ථාව සම්මත කොට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයට ඉක්මනින් යැවීමට ද තීරණය වී තිබේ.ව්‍යවස්ථාව සම්මත කරගන්නා විශේෂ මහ සභාවේ කටයුතු සාකච්ඡා කිරීමට මලල ක්‍රීඩා විධායක කමිටුව හෙට රැස්වීමට ද නියමිතය.වසර 2007 සිට මලල ක්‍රීඩා සංගමයේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට උත්සාහ කළ ද විවිධ හේතුමත එය ඉටු නොවුනි. එහෙත් මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක මහතාගේ නියමයෙන් ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් පත්කොට වගකීම පවරන ලදි.එම කමිටුවේ නිර්දේශ අනුව නව ව්‍යවස්ථාව මලල ක්‍රීඩා විධායක සභාවට ඉදිරිපත් කර විශේෂ මහ සභාවකින් සම්මත කළ යුතුවේ. නව මලල ක්‍රීඩා ව්‍යවස්ථාව අනුව උප සභාපතිවරු 7ක් පත්වේ. එයින් එක් උප සභාපති තනතුරකට කාන්තාවක් පත්වීම අනිවාර්ය කොට තිබීම විශේෂත්වයකි.මලල ක්‍රීඩා සංගමයේ දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාව අනුව උප සභාපතිවරු 6ක් පත්වේ.සියලුම නිලතල රහස් ඡන්දයෙන් පමණක් පත් කරගැනීමට ද නව ව්‍යවස්ථාවේ දක්වා ඇත.මෙතෙක් පැවැති ක්‍රමය වූයේ විවෘත ඡන්දයෙන් අත් ඔසවා නිලතල පත්කර ගැනීම වූ අතර එහි දී ඡන්දයෙන් පසු ගැටුම් නිර්මාණය වීම දක්නට ඇති බවට මතයකි.යෝජිත නව ව්‍යවස්ථාව අනුව භාණ්ඩාගාරික තනතුර හැර විධායක සභා පත්වීම්වලට නාමයෝජනා ලබාදෙන්නන් ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරග නියෝජනය කිරීම අනිවාර්ය කොට ඇත. මලල ක්‍රීඩා තරගවලින් ජාත්‍යන්තරය නියෝජනය කිරීම නාමයෝජනා ලබාදීමට විශේෂ සුදුසුකමකි.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට අයත් අනුබද්ධ සංගම්වල නියෝජිතයෝ 39ක් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ විශේෂ මහ සභාවට එක්වීමට නියමිතය..
NEWS
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කළ 'ටේප් බෝල්' ක්‍රිකට් තරගාවලියේ පුත්තලම දිස්ත්‍රික් තරගාවලියේ අවු.17න් පහළ ශූරතාව හිමිකර ගැනීමට හලාවත කාර්මෙල් බාලිකා විද්‍යාලය සමත්විය. තරගාවලිය පසුගියදා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාර්මෙල් බාලිකාවේ ක්‍රීඩා උපදේශිකා සුනේත්‍රා දමයන්ති මෙනවිය සමග ජයග්‍රාහී කණ්ඩායම..
NEWS
2016 වසර වනවිට මෙරටට සංචාරකයින් මිලියන 2.5ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.ඒ සඳහා සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට රජය විවිධ උපායමාර්ග යොදා ඇති බව හෙතෙම සඳහන් කළේය.මේ වසරේ ගතවූ මාස 06ක කාලය තුළ සංචාරකයින් ලක්ෂ 4ක් පමණ පැමිණ ඇති බවත්, ඉදිරි මාස 04ක කාලය තුළ සංචාරකයින් ලක්ෂ 9 1/2ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.සංචාරක ක්ෂේත්‍රය සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින බව කී අමාත්‍යවරයා, නව කාමර ඉදිවෙමින් සංචාරක ව්‍යාපාරයට විශාල ආයෝජනයක් සිදු කර තිබෙන බව ද සඳහන් කළේය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘හික්කා’ 2012 වෙරළ සැණකෙළි භූමියේ ඉදිකිරීම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය (24)දා එක්වෙමිනි..
NEWS
වත්තල ශාන්ත ආනා දෙව්මැදුර ඉදිරිපිට ඇති පදික වේදිකාව දහස් ගණන් ජනතාව සිය ගමනාගමන අවශ්‍යතාවලදී පාවිච්චිකරයි.මේ පදික වේදිකාව සකසා ඇත්තේ කාණුවට කොන්ක්‍රීට් ලෑලි යෙදීමෙනි. මෑතක සිට මේ පදික වේදිකාවේ එක කොන්ක්‍රීට් ලෑල්ලක් නැතිවීම නිසා එම ස්ථානය මරු කපොල්ලක් වී තිබේ.පාසල් දරුවන් සිය ගණනක්ද ඉරිදා පොළට පැමිණෙන ජනතාවගෙන් වැඩි පිරිසක් ද මේ වේදිකාව භාවිතා කරයි. කිසියම් සුළු වැරදීමක් නිසා මිනිසුන් මේ කාණුවට ඇදවැටී තුවාල සිදුවිය හැකිය. මෙය නොපමාව යථා තත්ත්වයට පත්කිරීමට අදාළ බලධාරීන් හෝ වත්තල මාබෝල නගර සභාවේ නිලධාරීන්ගේ අවධානය යොමුවේවායි ජනතාව ප්‍රාර්ථනා කරති. ඡායාරූපය-හැඳල විශේෂ.
NEWS
කැබිනට් මණ්ඩල රැස්වීම පළාත් මට්ටමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.ඒ අනුව පළාත් මට්ටමින් පැවැත්වෙන ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ලබන දාහතරවැනිදා කිලිනොච්චියේදී පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩල රැස්වීම පළාත් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය. කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට පෙර දින ඒ ඒ පළාත්වලදී ජංගම සේවාවක්ද පැවැත්වීමට තීරණය කර ඇත.සියලුම අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ ජංගම සේවාවේදී ජනතාවගේ ගැටලු වලට අදාළ පළාත්වලදීම කඩිනමින් විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ය.දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට මෙන්ම විවිධ සේවාවන් ඉටුකර ගැනීම වෙනුවෙන් ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීමත් මෙම කාර්යාවලියෙහි එක් අරමුණක් බවත් ඇමැතිවරයා කීය.අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
NEWS
කිසිදු චෝදනා ගොනු කිරීමකින් තොරව වසර තුනකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකු නිදහස් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි රජයේ නීතිඥ රජිත පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (02 )දන්වා සිටියේය.දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම්. ජී. කරුණාරත්න නැමැති එම පුද්ගලයා නිදහස් කිරීමට අවශ්‍ය ලේඛණ සතියකදී මීගමුව බන්ධනාගාරය වෙත යැවීමට ද රජයේ නීතිඥවරයා එකඟ විය.මෙලෙස තමා බන්ධනාගාර ගත කිරීමට එරෙහිව එම පුද්ගලයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා මේ බව සඳහන් කෙළේය.අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක , චන්දා ඒකනායක, ප්‍රියසාත් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී. කොටදෙනියාව පොලිස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා මෙම පෙත්සමෙහි වග උත්තරකරුවෝ වෙති.පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළ අන්දමට මිනීමැරුමකට සැකපිට පෙත්සම්කරු කොටදෙණියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙදහස් අට වසරේ මාර්තු මස දොළොස් වැනිදාය.ඒ සම්බන්ධ ලඝු නොවන නඩු විභාගය 2010 මාර්තු මස දහ අටවැනිදා අවසන් කර ඇත. ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට තරම් වත්කමක් තමන්ට නැතැයි පෙත්සම් කරු පවසයි..
NEWS
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ 102 වැනි ජන්ම දිනය හෙටට (07) යෙදී ඇත.ඒ නිමිත්තෙන් දිගාසිරි පැතීමේ පින්කම් මාලාවක් රට පුරා පැවැත්වෙන අතර ප්‍රධාන පින්කම මහ නාහිමියන් වැඩවසන මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහ විහාරයේදී හෙට පැවැත්වේ.එසේම මධ්‍යම ඌව පළාත් වල පාසල් හා පිරිවෙන් වල පින්කම් සිදු කරන අතර හෙට පෙරවරු 7.30 ට දිවයිනේ සියලුම පාසල් වල උදය රැස්වීමේදී දිගාසිරි පැතීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම ඉල්ලා සිටී.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායට අයත් විහාරස්ථාන දෙදහසක පමණ මහ නාහිමියන්ට දිගාසිරි පතා පින්කම් සිදු කරන අතර දම්පල් පදනම විසින් පවත්වන ප්‍රධාන උත්සවය මෙම මස 25 දින පයාගල මලේගොඩ පුෂ්පාරාම මහා විහාරයේදී පවත්වයි..
NEWS
බියගම වෙළෙඳ කලාපයේ සේවය සඳහා පාපැදිවලින් එන සේවකයන් ගේ පාපැදි සොරා ගැනීමේ යෙදුන තරුණයන් දෙදෙනකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ සමගම මොවුන් විසින් සොරා ගන්නා ලද පාපැදි පහක් බියගම හා වැලිවේරිය ප්‍රදේශවල තිබී සොයා ගැනීමට ද පොලිසිය සමත් වී තිබේ.මොවුන් විසින් පාපැදි වලින් සේවයට එන සේවකයන් සිය අවශ්‍යතාවන් සඳහා වෙළඳසල් අසල පාපැදි නවතා වෙළෙඳසල්වලට යන අවස්ථාවලදී ඒවා මෙසේ සොරාගෙන තිබේ. එම තරුණයන් දෙදෙනා මල්වානේ වල්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී වෙළෙඳ කලාපයේ රැකියාවට යන මුවාවෙන් මේ පාපැදි සොරකමේ යෙදී ඇත.උඩුවිල හා රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වන මේ තරුණයන් දෙදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් තරුණයකු ඇප මත මුදාහැර ඇති අතර අනික් තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.මේ පිළිබඳව බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත තිලකරත්න, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩී. වීරසිංහ හා සැරයන් රූපසිංහ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
NEWS
වැඩිහිටි පුරවැසියන් සඳහා නව තාක්ෂණික හැඳුනුම්පතක් නිකුත් කරන බව සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා කීය.ඒ මහතා එසේ ප්‍රකාශ කළේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ පැවැති මින්නේරිය මැතිවරණ කොට්ඨාසයේ සූරිය උදාන සමාජ සේවා ජංගම සේවාවකදී ය.ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා මෙසේ ද කීය.නව තාක්ෂණික හැඳුනුම්පත සඳහා වැඩිහිටි පුරවැසියා ගේ රුධිර සාම්පලයක් ඇතුළු අනිකුත් රෝග පිළිබඳ තොරතුරු ඇතුළු කර රෝග හඳුනාගෙන රෝග නිවාරණය කිරීමේ වැඩපිළිවෙළක් දියත්කරනවා. එම හැඳුනුම්පත වෛද්‍යවරයකුට ඉදිරිපත් කළ විට ඔහුට ප්‍රතිකාර කිරීමට පවා පහසුවෙනවා. වැඩිහිටියා අත්දැකීම් බහුල පුද්ගලයෙක් ඔහුව සමාජයෙන් ඉවත් නොකර සමාජ උපදේශකවරයකු ලෙස පත්කර ගත යුතුයි. දැන් දිනෙන් දින වැඩිහිටියන් ගේ ප්‍රමාණය වැඩිවෙනවා. රජය මේ සඳහා පහසුකම් රැසක් දියත් කරනවා.බටහිර රටවල් වැඩිහිටියා කොන් කළාට අපේ රටේ එවැනි පුද්ගලයන්ට සුවිශේෂිත වූ තැනක් ලබා දී තිබෙනවා. ඒ රටවල වැඩිහිටියන් රැක බලා ගැනීමට කුලියට කට්ටිය ගත්තා.අපේ වැඩිහිටියන් රැක බලාගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ වැඩපිළිවෙළක් ගෙන තිබෙනවා.බොහෝ දෙනකු දන්නේ නැහැ සමාජ සේවා අමාත්‍යංශය මගින් කරන සේවා මොනවාද කියලා. අති විශාල සේවයක් අප අමාත්‍යංශය මගින් කරනවා.සමාජ සේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාඇමැතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කිරීමේදී කොන්ත්‍රාත් වැඩ සමිති සමාගම්වලට දීමේදී වැඩිහිටි සමිතිවලට ද ලබාදෙන ලෙස.ඒ මොකද 5% ක කොමිස් මුදල එම සමිතියට ලැබෙන නිසායි. ළඟදීම මැදිරිගිරිය හා උතුරු නැඟෙනහිර පළාත්වලත් මෙවැනි ජංගම සේවා පවත්වනවා.ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා- සමාජ සේවා අමාත්‍යංශය මඟින් රටට විශාල සෙතක් සැලසිය හැකියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රට ජාතිය ආරක්ෂා කරගෙන සමෘද්ධිමත් රටක් කිරීමට යන අවස්ථාවක අපි කවුරුත් එක්වී එතුමාට සහය දැක්විය යුතුයි.ඇස් කණ්ණාඩි 850ක්, රෝද පුටු 25ක්, ස්වයං රැකියා ආධාර 08ක් , නිවාස ආධාර 5ක් වැනි ආධාර උපකාර මෙහිදී ලබාදෙන ලදී. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 60 පමණ වේ.
NEWS
මාතර මහ රෝහල ඉදිරිපිට පවත්වාගෙන යන ත්‍රීවිල් රථගාල එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මාතර රෝහලේ සුළු සේවකයෝ (09) ඊයේ උද්ඝෝෂණයක් හා වැඩ වර්ජනයක් පැවැත් වූහ.මාතර නගරාධිපති උපුල් නිශාන්ත මහතා සමඟ සුළු සේවක වෘත්තිය සමිතියේ නිලධාරීන් කරන ලද සාකච්ඡාවකින් පසු තාවකාලිකව වර්ජනය නතර කිරීමට එකඟතාවකට පැමිණියහ.මෙහිදී නගරාධිපතිවරයා ත්‍රීරෝද රථ රියැදුරන් සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර ජූලි 16 දිනට සාධාරණ විසඳුමක් ලබාදෙන බව රෝහලේ සුළු සේවක වෘත්තිය සමිතියට එකඟ විය.
NEWS
පුද්ගලයෙකුට දෙවරක් වෙඩි තබා පිහියකින් ඇන මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයේ විභාග නඩුවකින් වැරදිකරු වූ පුද්ගලයෙකුට මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. සී. පුෂ්පමාලී මහත්මිය ඊයේ (25) මරණීය දණ්ඩනය නියම කළාය.මෙසේ මරණ දඬුවම නියම වූයේ ලග්ගල මැදකන්ද යාය ප්‍රදේශයේ පදිංචි හීනගෙදර වෙඩික්කාර නැමැති පනස් හැවිරිදි තිදරු පියෙකුටය.ඝාතනයට ලක්ව ඇත්තේ පහළගෙදර සිදා (56) නැමැති අයෙකි.1992-ජූනි 21 හෝ ඊට ආසන්න දිනකදී මැදකන්දයාය ප්‍රදේශයේ දී මිනිස් ඝාතනයක් සිදුකළ බවට හීනගෙදර වෙඩික්කාර නැමැති අයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍ර ගොනු කරනු ලැබ තිබිණි. බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර තිබුණු බව පොලිසිය අධිකරණයට වාර්තා කැර තිබූ අතර අධිකරණය ඉදිරියේ සාක්කි දෙමින් වරදකරු වූ පුද්ගලයාගේ බිරිය ප්‍රකාශ කැර සිටියේ තම ස්වාමියා සිදාට දෙවරක් වෙඩි තබා බිම දැමූ පසු ඔහුට කිහිප වරක් පිහියෙන්ද අනින ලද බවයි..
NEWS
කළුතර මැතිවරණ කොට්ඨාසයේ නාගොඩ නාමල්ගම , විසල් දනව්ව , හිල් හවුස් , ගල්ලස්සපුර සහ වෙනිවැල්කැටිය යන ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබා දෙමින් පානීය ජල ව්‍යාපෘතීන් රැසක් ජනතා අයිතියට පත්කෙරිණි.කළුතර ප්‍රාදේශීීය සභා සභාපති දේශකීර්ති ලක්ෂ්මන් විදාන පතිරණ මහතාගේ ඉල්ලීම් අනුව වරාය හා මහා මාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් සිය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 200ක ට වැඩි මුදලක් මේ සඳහා වැයකර තිබේ.මෙම පානීය ජල ව්‍යාපෘති ජනතා අයිතියට පත්කරමින් නාගොඩ නාමල්ගමදී පැවැති ජනහමුවේදී වරාය හා මහා මාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.පානීය ජලය තිබුනෙ කළුතර නගරයට විතරයි. අනිත් ප්‍රදේශවලට වතුර තිබුණෙ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ කළුතර ආසනයේ 90%කට පානීය ජලය ලබා දීමට අපිට පුළුවන් වුණා. වාඩිය මංකඩ ප්‍රදේශයේ සිට බණ්ඩාරගම ප්‍රදේශය දක්වා රුපියල් ලක්ෂ 6000ක් වැය කරමින් පවුල් 15000කට පානීය ජලය ලබා දීමට හැකි වුණා.අද විවෘත වන මෙම පානීය ජලය ව්‍යාපෘතීන් සඳහා රුපියල් ලක්ෂ 200කට වඩා වැඩි මුදලක් වැය කළා.කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා කතා කරමින් මෙසේ පැවසීය.නාගොඩ – නාමල්ගම , විසල් දනව්ව හිල් හවුස් යන මේ ප්‍රදේශවල ජනතාව දශක කීපයක් තිස්සේ පානීය ජලය නැතිව පීඩාවට පත්ව සිටියා.වෙනිවැල්කැටිය , ගල්ලස්සපුර යන ප්‍රදේශවල ජනතාවට තිබුණ ප්‍රධාන ගැටලුව පානීය ජලය පිළිබඳවයි තිබුණේ්.වරාය හා මහා මාර්ග ව්‍යාපෘති ඇමැති කළුතර ආසනයේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ ප්‍රධාන සංවිධායක රෝහිත අබේගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීමත්, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනත් ලැබීම තුළින් මේ ප්‍රදේශවල ජනතාව පීඩා විඳී පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට අපිට පුළුවන් වුණා. මේ පානීය ජල ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 200 කට වඩා වැඩි මුදලක් වැයකර තිබෙනවා.මහෝපාධ්‍ය මහගම මේධාලෝකතිස්ස , ශාස්ත්‍රව්දී දම්බුළුවන සුමංගල , නාගොඩ සෝමාලෝක , නාගොඩ ධම්මවංශ හිමිවරුද කළුතර නගර සභා විපක්ෂ නායක රෝහණ අබේගුණවර්ධන , වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති පොෟද්ගලික ලේකම් ඒ. සරත් කුමාර මහත්වරුද මේ අවස්ථාවට සහභාගීී වූහ..
NEWS
2014 පෙබරවාරි 15 වන දිනට යෙදී ඇති හිටපු ජනාධිපති දිවංගත ඩී. බී. විජේතුංග මැතිතුමාගේ 98 වන ජන්ම දිනය නිමිත්තෙන් පළවන ලිපියකි.ශ්‍රී ලංකික දේශපාලන ඉතිහාසය විමසා බැලීමේ දී එදා මෙදා තුළ මෙරට පාලනය කළ දේශපාලඥයින් ප්‍රමාණය අති විශාලය. නමුත් ඒ අතුරින් ජනතා ප්‍රසාදයට ලක් වූ දේශපාලනඥයින් හඳුනාගත හැක්කේ සීමිත වූ සංඛ්‍යාවකි. එම සීමිත වූ පිරිස අතර ද ඩී. බී. විජේතුංග නාමයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඊට හේතු‍ෙවන්නෙ එතුමන් මෙරට විධායක ජනාධිපතිවරයකු, අගමැතිවරයකු, ඇමැතිවරයකු හෝ ආණ්ඩුකාරවරයකු වීම පමණක් නොව මානව දයාවෙන් පරිපූර්ණ නිහතමානී පුද්ගලයකු වීම බව මාගේ අදහසයි.නිහතමානීබවරටක පුරවැසියකුට ගමන් කළ හැකි උච්චතම ස්ථානය වෙත ගමන් කිරීමේ වාසනාව හා භාග්‍ය එතුමා සතු විය. නමුත් අසීමිත බලයක් හිමි තනතුරකට පත් වූවත් එතුමන් තුළ පැවැති නිහතමානීත්වයට කිසිඳු හානියක් සිදුනොවීම සුවිශේෂිය.මන්ද එතුමා පක්ෂ, පාට, ජාති, ආගම්, කුල යන මෙරට ජන සමාජය තුළ පවතින විවිධ වූ භේදයන් නොසලකමින් සියලු රටවැසියන්ට එකසේ සැලකූ රාජ්‍ය නායකයකු විය. ඒ නිසා එතුමන් සමස්ත ශ්‍රී ලංකිය ජනතාවගේම ගෞරවාදරයට පත් වූ දේශපාලනඥයකු ලෙස සඳහන් කළ හැක.නූතන දේශපාලන වේදිකාව තුළ විවිධ වූ දේශපාලනඥයන් පිළිබඳව විවිධ වූ විවේචන එල්ලවන වකවානුවකදී ඩී. බී. විජේතුංග නාමයට එවන් විවේචන එල්ල වූ අවස්ථා මා නොදනි. එයින් පැහැදිලි වන්නේ රටට ආදරය කළ රටම ඔහුට ආදරය කළ නිහතමානී රාජ්‍ය නායකයකු ලෙස ඩී. බී. විජේතුංග ජන සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති බවයි.වර්ෂ 1916 පෙබරවාරි 15 වන දින කන්ද උඩරට දී උපත ලද මේ නිහතමානී මිනිසා කීර්තිමත් පාසැල් ගණනාවකින් අධ්‍යාපනය ලබා රාජ්‍ය සේවකයකු ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හා සමුපකාර දෙපාර්තමේන්තුවේ සේවය කරන ලදී. 1960 දී විමලා කුමාරි මෙනෙවිය සමඟ යුගදිවියට එළැඹී ඔහු තවදුරටත් ජනතාව වෙත සේවය කිරීමේ අරමුණින් එජාපයෙන් දේශපාලනයට අවතීර්ණ විය.උඩුනුවර අසුනඒ අනුව වර්ෂ 1965 පැවැති මැතිවරණයෙන් උඩුනුවර අසුන ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඔහු ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ ර‍ජයේ ඇමතිධුර ගණනාවක් දැරීය. ඉන්පසු වයඹ ආණ්ඩුකාරධුරයට පත් එතුමා ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ මෙරට 10 වන අගමැතිවරයා ලෙසය. ඊට අමතරව බාරධුර මුදල් අමාත්‍යධුරයෙද වගකීම මැනවින් ඉටුකළ එතුමා 1993 මැයි 01 වන දින ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ හදිස්සි අභාවයෙන් මෙරට තෙවන විධායක ජනාධිපති ධුරයට පත්විය. සරල නිහතමානී ගති පැවතුම් වලින් හෙබි මොහු සිංහල භාෂාවටත් ජාතික ඇඳුමටත් බෞද්ධ ආගමටත් දක්වන ලද්දේ අසීමිත ඇල්මක් හා ගෞරවයකි.එවක මේරට පැවති ත්‍රස්තවාදි ආරගලයෙන් රට මුදාගෙන සාමය උදාකිරීමට නම් LTTE සමඟ කැවුම් කකා පවත්වන සාම සාකච්ඡා නවත්වා ඔවුන් යුදමය වශයෙන් පරාජය කර සාමය උදාකරගත යුතුය යන මතයේ සිටි එතුමා ඒ සඳහා ආරක්ෂක අංශවලට අවශ්‍ය යුධෝපකරණ ඇතුළු සියලු දෑ ලබාදීමට කටයුතු කරන ලදී. එය එතුමා ගත් එඩිතර තීරණයක් ලෙස සඳහන් කළ යුතුය.මේ නිහතමානී මිනිසා දැන හඳුන ගැනීමේ භාග්‍ය මා හට උදාවූයේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වකවානුවේදීය. එදා සිට අභාවය දක්වාම එතුමන් අසුරු කිරීමට ලැබීම මා ලද භාග්‍යයකි. මා දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලද්දේ ද එතුමාය. ඔහු තුළ පැවැති කෘතහස්ත දේශපාලන අද්දැකීම් හා පරිණත සමාජ අවබෝධය තුළින් විවිධ අවස්ථාවලදී මා වෙත ලබාදුන් අවවාද අනුශාසනා හා මඟ පෙන්වීම ම‍ා සිහිපත් කරනුයේ දැඩි කෘතවේදීතාවයකිනි.මේ නිහතමානී රාජ්‍ය නායකයා ‍රෝගී වූ විට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට තෝරාගන්නා ලද්දේ මහනුවර මහ රෝහල වීම එතුමන්ගේ නිහතමානීත්වයට දිය හැකි හොඳම උදාහරණයකි. ඒ නිහතමානීත්වය හා ඔහු තුළ පැවැති මානව දයාව මැනවින් හඳුනාගෙන සිටි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රෝගී වූ එතුමන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු පහසුකම් මහනුවර මහ රෝහල හරහා ලබාදීමට කටයුතු කිරීම මා දකින්නේ එතුමන්ගේ නිහතමානීත්වයට දක්වන ලද උතුම්ම ගෞරවයක් ලෙසයි. එය වත්මන් ජනාධිපතිතුමාගේ කෘතවේදීත්වය මැනවින් පිළිඹිබු වූ අවස්ථාවක් ලෙස ද මා දකිමි.වර්ෂ 2008 සැප්තැම්බර් මස 21 වන දින තම දිවියෙන් සමුගත්තත් ඩී. බී. විජේතුංග නාමය තවත් දශක ගණනාවක් මෙරට ජන සමාජය තුළ ජීවමානව පවතින බව මා විශ්වාස කරමි..
NEWS
දේශයේ ඒකිය භාවය උදෙසා අභිමානවත් ලෙස ජීවිතය පරිත්‍යාග කළ හසලක ගාමිණී රණවිරුවාගේ 23 වන සැමරුම් උත්සවය කිලිනොච්චිය ආඥාපති මේජර් සුදන්ත රණසිංහ මහතාගේ හා ගාමිණී රණවිරුවාගේ මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (14 ) දා අභිමානවත් අයුරින් පැවැත්විනි.එහිදී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ,උත්තමාචාර පිරිනැමීම හා ජීවිත පරිත්‍යාග කළ සියලු රණ විරුවන් සිහිකිරීම ද සිදුවිය.
NEWS
මෙවර මහ කන්නයේ ඌව පළාතේ ගොවියන් විශාල පිරිසක් මහා පරිමාණයෙන් වගා කරන ලද ඉරිඟු අස්වැන්න නෙළා අවසන් වුවත් ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව නිවෙස්වල ගොඩගසා තිබෙනු දක්නට ලැබීම සුලබ දසුන් වී තිබේ. මේ නිසා ඉරිඟු ගොවියෝ මහත් අපහසුවට පත්ව සිටිති.දැනට බඩඉරිඟු කිලෝවක තොග මිල රු. 25 – 30 වන අතර එම මිලටවත් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි බව ගොවීහු පවසති.මේ නිසා බැංකු ණය ලබාගෙන බඩඉරිඟු වගා කළ සමහර ගොවියෝ ණය ගෙවා ගැනීමට නොහැකිව ළත වෙති.බිම් සැකසීම, බීජ මිලදී ගැනීමට, පොහොරවල හා අස්වනු නෙළීමට විශාල මුදලක් ද වැය කිරීමට ගොවීන්ට සිදුවී තිබේ.වියළි දේශගුණයක් සහිත මොනරාගල දිස්ත්‍රික්කයේ 80% ක් පමණ ගොවියන් බඩඉරිඟු වගා කර ඇත. වගා භූමිය තුළදී වන සතුන්ගෙන් ආරක්‍ෂා කර ගෙන නිවෙස්වලට ගෙනෙන ලද බඩඉරිඟු ගබඩා කර තිබියදී ලේනුන්, මීයන් හා වේයන් මගින් විනාශ වනු දක්නට ලැබේ. ඇතැම් නිවෙස්වල නිවැසියන්ට විසීමටවත් නොහැකි ආකාරයට ඉරිඟු තොග ගොඩගසා තිබේ.මේ පිළිබඳව ප්‍රදේශයේ බඩඉරිඟු වගා කළ ගොවියෝ විවිධ අදහස් දැක්වූහ.කොටියාගල ඩී. එම්. සිරිපාල මහතා මෙසේ කීය.බඩඉරිඟු බීජ හිටවපු දවසේ ඉඳලා පැල් රකින්න ඕනේ. මුළු පවුලම හේනට යනවා.මාස 3 – 4 කින් පසු අස්වැන්න නෙළාගෙන අවසන් වෙලයි ගමට එන්නේ. මේ කාලය තුළ ළමයින්ට පාසල් යන්නත් නැහැ. අපේ ඉඩම්වල වෙන වගාවන් කරන්න පහසුකම් නැහැ. වර්ෂා ජලය ලැබෙන නිසා බඩඉරිඟු වගා කරනවා.අපි මහන්සි වන තරමට ප්‍රතිඵලයක් නැහැ.රජයට බඩඉරිඟු මිලදී ගැනීමේ ක්‍රමයක් තිබේ නම් හොඳයි. සියඹලාණ්ඩුව, මඩුල්ල, වැල්ලවාය ප්‍රදේශවල මහ කන්නයේ නැවත බඩඉරිඟු වගා කරන්න බිම් සකස් කරන්නේ යල් කන්නයේ අස්වැන්න තාමත් නිවෙස්වල තබාගෙනයි.මේ වර්ෂාවට බීජ හිටෙව්වේ නැතිනම් අපට කිසිම ප්‍රයෝජනයක් අරගන්න බැරි වෙනවා..
NEWS
බෙංගාල බොක්කේ පැවැති කේන් සුළි කුණාටු තත්ත්වය ක්‍රමයෙන් මඟ හැරෙමින් පවතින බැවින් ප්‍රවේසමෙන් ධීවර කටයුතුවල යෙදිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.යාපනය සිට ඊසාන දෙසට කිලෝමීටර් 750ක දුරින් ගැඹුරු මුහුදේ වර්ධනය වූ මේ සුළි කුණාටු තත්ත්වය ඉන්දියාව දෙසට ක්‍රමයෙන් ගමන් කරන බවත් එහෙත් ඉදිරි පැය 48 තුළ උතුරු මුහුදේ ඊසාන දිග ප්‍රදේශය රළුවන අතර මන්නාරම, මඩකළපුව, ත්‍රිකුණාමලය මුහුදේ නොගැඹුරු ප්‍රදේශයන්වල විටින් විට මුහුද රළු වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් ධීවර කටයුතුවල යෙදෙන ලෙස උපදෙස් දෙන බවත් කාර්ය භාර කාලගුණ විද්‍යාඥ පී.ජී. යසරත්න මහතා පවසයි..
NEWS
අනුරාධපුර පුජා නගරය අවට සියලු වෙළෙඳසල්වල “දුම්වැටි අලෙවිය” තහනම් කරන්නැයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය ඉල්ලීමක් කරයි.එළඹෙන පොසොන් සමයේ පූජා නගරයේ වෙළෙඳසල්වල දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන් නවතාලන ලෙසත් එය ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් පූජා නගරය තුළ දුම්වැටි අලෙවිය තහනමට ලක්කරන ලෙස පෙරේදා (3) පොසොන් කමිටුවට ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණි.ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ මෙහෙයුම් උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ වැඩපිළිවෙළ සකසන බවද එම ඒකකයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි ඩී. බී. ගුණසේන මහතා සඳහන් කළේය.වන්දනාවේ පැමිණෙන බැතිමතුන් පූජා භූමිය තුළ දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම වළකාලමින් දුසිරිතෙන් තොර කිරීම මෙහි අරමුණ වේ.පසුගිය වසරේ පොසොන් සමයේ වන්දනාවේ පැමිණෙන පුද්ගලයන් මත්ද්‍රව්‍ය පිටතින් රැගෙන විත් පූජා භූමිය අවට ප්‍රදේශවල පානය කරන බවත් එය වළකාලීමට ඒ සඳහාද නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ඇතැයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි ඩී. බී. ගුණසේන මහතා සඳහන් කර සිටියේය..
NEWS
ලේක්හවුස් - මිහින්ලංකා දඹදිව වාසනා කූපන්පත් තරඟාවලියේ ජයග්‍රාහකයන් අමතමින් රාජ්‍ය පොදු කටයුතු කළමනාකාර ගාමිණී අබේවර්ධන කියයි මිහින් ලංකා ගුවන් සේවය ශ්‍රී ලාංකික ජනතාව අතර දේශීය ගුවන් සේවයක් බවට පත්ව ඇතැයි මිහින් ලංකා ආයතනයේ රාජ්‍ය පොදු කටයුතු කළමනාකාර ගාමිණී අබේවර්ධන මහතා පැවැසීය.මිහින් ලංකා ගුවන් සේවාව මඟින් ක්‍රියාත්මක කරන දඹදිව වාසනා කූපන්පත් තරඟාවලිය ජනතාව අතර ප්‍රචලිත වූ බවත් එම තරඟාවලියේ ජයග්‍රාහකයන්ට දඹදිව චාරිකා ලබා දීමේ වැඩපිළිවෙළ සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා කීය.ලේක්හවුස් ආයතනය එම තරගාවලිය පැවැත්වීම සඳහා දිනමිණ, සිළුමිණ සහ බුදුසරණ වැනි ජාතික පුවත්පත්වල කූපන් පළ කරවීමෙන් එම තරගාවලියට ජනතාව සහභාගී කරවා ගැනීමට සුවිශාල සහයෝගයක් අත් කර දුන් බවත් හෙතෙම පැවැසීය.දඹදිව චාරිකා වාසනා තරගයේ ජයග්‍රාහකයන්ගෙන් දෙදෙනෙකු ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීම වෙනුවෙන් මිහින් ලංකා කාර්යාලයේ දී පැවැති උත්සව අවස්ථාවක දී ඒ මහතා මේ අදහස් පළ ‍කළේ ය.ලේක්හවුස් ආයතනය සිය උපරිම සහ‍යෝගයක් මිහින් ලංකා ආයතනයට ලබා දෙමින් සිදු කළ සේවාව ඒ මහතාගේ ඇගයීමට ලක් විය.ජයග්‍රාහකයන් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි කේ.ඩී.ප්‍රනාන්දු, මට්ටක්කුලියේ පදිංචි ඩී.එම්.උපාලි යන මහත්වරුන් මෙදින සිය ගුවන් ප්‍රවේශපත් ලබා ගත්‍හ.ඒ මහතා මෙසේ ද කීය,අද මිහින් ලංකා ගුවන් සේවය ශ්‍රී ලාංකීය ගැමි ජනතාව අතර ප්‍රචලිත වී තිබෙනවා. දඹදිව වන්දනා සඳහා සිය ආයතනය අවස්ථාව සළසා දීම එයට ප්‍රධානම හේතුවක් ‍වී තිබෙනවා.විශේෂයෙන්ම මිහින් ලංකා ගුවන් සේවාව වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ, ආගන්තුක සත්කාර, කාරුණික සේවාව, ප්‍රනීත ආහාර පාන සහ ගුවන් යානා යහපත් මට්ටමක පැවතීම යන කාරණා නිසා. ඉදිරියේ දී එම සේවාවන් තවත් පුළුල් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් හෙතෙම කීය.මෙහි දී අදහස් පළ කළ ලේක්හවුස් ආයත‍නයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා,සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම සාමාන්‍යයෙන් පෙනී සිටි‍න්නේ මෙරට ජනතාවගේ ජීවන සුභ සිද්ධිය වෙනුවෙන්මයි. ලාභ ලැබීමට වඩා අප ආයතනය බලාපොරොත්තු වන්නේ ගුණාත්මක දේවල් ජනතාවට ලබා ‍දීමයි. එය අපේ මුඛ්‍ය පරමාර්ථයයි.ඒ සමගම අප දෙව්න්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ජීවත්නක විශාල පාඨක පිරිසක් අපවටා ඒකරාශී වීම සතුටට කාරණාවක්. අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ රටවල් 50 කට අධික පාඨක සංඛ්‍යාවක් අප වෙත ඒකරාශී වී ඇති බව අන්තර්ජාල තොරතුරු සහ දත්ත හරහා ලැබී තිබෙනවා.මිහින් ලංකා ගුවන් සේවය මඟින් මෙරට ජනතාව වෙනුවෙන් ලබා දෙන සහනශීලී සේවා සඳහා අප ඉදිරියේදීත් උපරිම සේවාවක් ලබා දීමට අදහස් කරනවා. ජයග්‍රාහකයෙකු වු කේ.ඩී.ප්‍රනාන්දු මහතා එම අවස්ථාවේ දී මෙසේ සිය අදහස් පළ කළේ ය.මම දිනමිණ පුවත්පතේ පළ වූ කූපන්පත පුරවා කපා තැපැල් පතක අලවා තැපැල් කළා. ඉන් පසුව මම ඔස්ට්‍රේලියාව බලා පිටත් වුණා. මා දඹදිව චාරිකා සඳහා තෝරාගෙන ඇති බව අපේ නිවසට මිහින් ලංකා ආයතනය දැනුම් දී තිබුණා.නිවැසියන් මට ඒ බව කියද්දී මම පුදුමයට පත් වුණා. එය අදහාගත නොහැකි වුණා. මම කවදත් දිනමිණ පාඨකයෙක් නිසා මට මේ අවස්ථාව ලැබුණු බව මා විශ්වාස කරනවා. මිහින් ලංකා අළෙවි අංශ ප්‍රධානී අසංක ප්‍රනාන්දු, විකුණුම් කළමනාකරු ජූඩ් රූපසිංහ මහතා ප්‍රමුඛ පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. .
NEWS
මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සෑම අයකුටම තමන්ගේ කියා ඉඩමක් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ 3500 දෙනකුට රන් බිම ඔප්පු ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අරලියගහ මන්දිරයේදී ඊයේ (10) සිදුකෙරිණි. වසර ගණනාවක් තිස්සේ දුටු සිහිනය සැබෑ කරමින් තමන්ගේම කියා ඉඩමක පිරිසුදු ඔප්පුවක හිමිකම රට පුරා වෙසෙන පවුල් 3500කට මෙ‍වර හිමි වුණේ රන් බිම ඔප්පු ප්‍රදානයේ 12 වැනි පියවර ලෙසය.ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මෙහෙයවීම මත ඔප්පු ප්‍රදානය සිදු කෙරුණු අතර 2005 වසරේ ඇරැඹි මේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට ප්‍රදානය කර ඇති ඔප්පු සංඛ්‍යාව 50000 ඉක්මවයි. ඉඩමක හිමිකම නොමැති සෑම අයකුටම ඉඩම් ලබා දීම සඳහා ඉඩම් කැබලි ලක්ෂයක් ජනතාවට බෙදා දීමට අදහස් කරන බව මහින්ද චින්තන ප්‍රතිපත්තිය මඟින් 2005 වසරේ ජනතාවට ප්‍රතිඥා දෙන ලදී.මේ ඉඩම් අවශ්‍ය නම් විකුණා දැමීමට හෝ බැංකුවකට උගස් තබා ණය මුදලක් ලබා ගැනීමට හෝ කිසිදු බාධාවක් නොමැති නමුත් කිසි‍විටෙක ඒවා විකුණා නොදමන්න යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියේය. දිගු කලක පටන් දුටු සිහිනයක් සැබෑ කරමින් ලැබුණු ඉඩම් සංවර්ධනය කර නිවසට ඇවැසි දේ වගා කර ගැනීම මෙන්ම ඒවා දූදරුවන්ට උරුම කර දීම සියලු ඔප්පුලාභීන්ගේ යුතුකම හා වගකීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්‍. එම්. අස්වර්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිමල්. ජී. පුංචිහේවා, විධායක අධ්‍යක්ෂ හරිගුප්තා රෝහණධීර මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ..
NEWS
සංචාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින තරගාවලිය හෙට (28) කෝල්ට්ස් පිටියේ දී ආරම්භ වේ.28 දා, 30 දා සහ පෙබරවාරි 1 දා පළමු තරග 3 කෝල්ටිස් පිටියේදීත් පෙබරවාරි 3 දා සිවුවැනි තරගය හා පෙබරවාරි 5 දා අවසන් තරගය එස්.එස්.සී. පිටියේදීත් පැවැත්වීමට නියමිතය.එංගලන්ත හා ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් මේ දක්වා එක්දින තරග 31 කට තරග වැදී තිබෙන අතර ඉන් තරග 18 ක ජය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. එංගලන්තය තරග 11 ක් ජය ගැනීමට සමත් වී තිබේ. තරග 2 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වී ඇත.ශ්‍රී ලංකා - එංගලන්ත 19න් පහළ කණ්ඩායම් අතර අවසන් වරට එක්දින තරගාවලියක් පැවැත්වූයේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දීය.එංගලන්තයේ පැවැති මේ තරගාවලිය තරග 2 – 2 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. හෙට ඇරැඹෙන එක්දින තරගාවලියේදී භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර ලුවිස් ග්‍රෙගරි එංගලන්ත පිලේ නායකයා ලෙස කටයුතු කරයි.ශ්‍රී ලංකා පිලභානුක රාජපක්ෂ (නායක) සනිත ද මාල්, ලසිත් අබේරත්න, කෞෂල්‍ය ගජසිංහ, ඇන්ජලෝ ජයසිංහ , චතුරංග කුමාර, මධුක ලියනපතිරණගේ , රමිත් රඹුක්වැල්ල, ධනංජය ද සිල්වා, ළහිරු ජයරත්න, ෂෙහාන් ජයසිංහ, සුපේෂල ජයතිලක, යසෝධ ලංකා, රුවින්ද ෂාමන්, සාරංග රාජගුරු , දුලීක තිස්සකුට්ටිගේඑංගලන්ත පිලලුවිස් ග්‍රෙගරි (නායක) ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ට්, මැට් ඩන්, අතීක් ජවීඩ්, ටොම් මිල්නස්, රමී සිං, ඇඩම් රොසිංටන්, ජැක් ශෙපර්ඩ් , සෑම් වුඩ්, ඇඩම් බෝල්, ක්‍රිස්ටියන් ඩේවිස්, බෙන් ෆෝකස්, ටයිමල් විල්ස්, ජැක් පාර්සන්ස්, ගර්මන් රන්දව, ඇන්ඩෲ සෝල්ටර් ශිව් තාකූර්.
NEWS
පානදුර නාගරික ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයෙන් සපයන පානීය ජලයේ සහ පානදුර නගර සභා බල ප්‍රදේශයේ ජල මූලාශ්‍රවල (ලිං ජලය) මිනිස් සිරුරට අහිතකර ඊ කෝලා සහ කොලිපෝම් බැක්ටීරියාව තිබේදැයි සොයා ගැනීම සඳහා කළුතර ජාතික සෞඛ්‍ය පර්යේෂණ විද්‍යායතනය පරීක්ෂණ ආරම්භ කර ඇත.පානදුර සිට ලැබෙන පානීය ජලයේ සහ ජල මූලාශ්‍රවල ලබාගත් සම්පල් 14ක් පානදුර නාගරික මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් එම විද්‍යායතනයට ඉදිරිපත් කර ඇත.ඉකුත් වසරේ දී පාණදුර නගරයේ දිවා ආහාර පිළියෙල කරන ස්ථාන දෙකක් වටලා එම ආහාරවල සාම්පල් කළුතර ජාතික සෞඛ්‍ය පර්යේෂණ විද්‍යායතනයට යවා පරීක්ෂණයකට ලක්කර ඇත..
NEWS
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය නගරයට නුදුරින් කන්දේඇළ ජලාශය ඉහත්තාවේ පිහිටි කොනිකල් කඳුවැටියේ බෑවුමේ පිහිටි අමුතු ආකාරයේ සටහන් සහිත ගල් පර්වතය ප්‍රදේශයේ ජනතාවගේ කුතුහලයට ලක්ව ඇත.ගල් පර්වතයේ පිහිටි අරුම පුදුම සටහන් මෙහි දැක්වේ..
NEWS
සතියකට ලොකු ලූනු කිලෝ එක් ලක්ෂ පනස් දහසක් කිලෝවක් රුපියල් හැටපහක් වන සහතික මිලකට පසුගිය සතියේදී මිලදී ගත් බව ලංකා ස තොස සභාපති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.ලොකු ලූනු මිල රුපියල් 50ත් 55ත් අතර පවතිද්දී වෙළෙඳපොළ මිල ස්ථාවර කිරීමේ අරමුණින් ලුනු කිලෝව රුපියල් 65ක් ගෙවා කෘෂි නිලධාරිවරයාගේ අනුමැතිය ලත් එක් ගොවි මහතකුගෙන් ලුනු කිලෝ 2000 බැගින් මිලදී ගත් බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.කීඹිස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලට පැමිණි පිරිසක් නිෂ්පාදනය කරන සම්පූර්ණ ලුනු තොගය මිලදී ගත යුතු බව පවසමින් එහි සේවය කළ සේවකයන්ට පහදා දී ඇති අතර එක් අයකු රෝහල් ගත කර ඇති බවත් කී සභාපතිවරයා කිසිම ස්ථානයක නිෂ්පාදනය කරන සියලු තොගය මිලදී නොගන්නා බව ද කීය.ලොකු ලූනු මධ්‍යස්ථාන තුනකින් දින 15කට වරක් ලොකු ලුනු මිලදී ගන්නා බව කී සභාපතිවරයා මෙවැනි පරිසරයක් නිර්මාණය කරමින් සේවකයින්ට පහරදෙමින් දේපලවලට අලාභ හානි කිරිම සම්බන්ධයෙන් තමා කීඹීස්ස පොලිසියට පැමිණිල්ලක් කර අතැයිද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් අනතුරුව ලොකු ලුනු මිලදී ගන්නා බවද දිනමිණ කළ විමසීමකදී හේ පැවසීය..
NEWS
ශ්‍රී ලංකා පාසල් කරාතේ ‍දෝ සංගමය මෙහෙයවන සමස්ත ලංකා පාසල් ජ්‍යේෂ්ඨ කරාතේ තරගාවලියට අයැදුම්පත් කැඳවීම දැන් සිදුකෙරේ.ලබන ඔක්තෝබර් මස 9 සහ 10 දෙදින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගාවලිය සඳහා වන අයැදුම්පත් ලබන 28වැනිදා හෝ ඊ‍ට පෙර ලැබිය යුතු බැවින් 0755637007 දුරකතන අංකයෙන් ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමයේ භාණ්ඩාගාරික කුවින්ටස් පෝල් මහතා අමතන ලෙස සංවිධායකයන් දන්වා සිටිති..
NEWS
පහ වස‍ර ශිෂ්‍යත්ව විභාගය යෙදෙන අගෝස්තු 26 වැනිදා විභාගයට බාධා වන ආකාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර තිබේ.ඒ අනුව එදින විභාගයට බාධාවන ආකාරයේ ශබ්ද විකාශන යොදාගෙන කෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු නොකළ යුතු අතර විභාග මධ්‍යස්ථාන අසල මැතිවරණ රැළි පැවැත්වීමත් නීතිවිරෝධී බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා පැවසීය.මේ නීතිය උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කොමසාරිස්වරයා පොලීසියට උපදෙස් දී ඇති බවත් මොහොමඩ් මහතා කීවේය.මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමටත් මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබේ..
NEWS
හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා අද (16) රැස්වෙන යුද්ධාධිකරණයේ කටයුතු සම්පූර්ණයෙන් වීඩියෝ ගත කිරීමටත් සාක්කි පටිගත කිරීමටත් කටයුතු යොදා තිබේ.යුද්ධාධිකරණය අද (16) හා හෙට (17) ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ දී රැස්වෙන අතර එහිදී ජෙනරාල් ෆොන්සේකා මහතාට එරෙහිව නඩු දෙකක් විභාග කෙරේ. යුද හමුදා පනත යටතේ නඩු දෙකකින් චෝදනා 7ක් විශ්‍රාමික ජෙනරාල්වරයාට එරෙහිව මේ යුද්ධාධිකරණය හමුවේ විභාග කිරීමට නියමිතය.සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් නගා ඇති පළමු නඩුව අද (16) ආරම්භ කෙරේ. යුද හමුදා පනතේ 124 හා 102 (1) වගන්ති යටතේ මේ නඩුව ඉදිරිපත් කර ඇත.දෙවැනි නඩුව හෙට (17) කැඳවීමට නියමිතය. එම නඩුවෙන් යුද හමුදාවට භාණ්ඩ මිලදී ගැනීමට අදාළව ඇති නීති රීති රෙගුලාසි වලට පටහැනිව කටයුතු කෙළේ යැයි චෝදනා මත යුද හමුදා පනතේ 109 (ඊ) වගන්තිය යටතේ චෝදනා හතරක් ගොනු කැර තිබේ.චෝදනා විභාගයට පෙර ජෙනරාල් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මූලික විරෝධතා මතු කිරීමට සූදානම් වන බව දැන ගැනීමට ලැබී තිබේ. මේ යුද්ධාධිකරණ දෙකේ සාමාජිකයන් ලෙස මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග (සභාපති) මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරු කටයුතු කරති.රියද් අද්මිරාල් ඩබ්ලිව්. ජේ. ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විනිසුරු මේ යුද්ධාධිකරණයේ අධිනීතිඥ ලෙස කටයුතු කරයි.
NEWS
ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්වීම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතාව හා දැඩි මිත්‍රත්වය ඉතා හොඳීන් පිළිබිඹු වන අවස්ථාවක් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජයට අසත්‍ය චෝදනා ඉදිරිපත් වන අවස්ථාවක මෙය සිදුවීම එම දැඩි මිත්‍රත්වය වඩාත් හොඳීන් තහවුරු කෙරෙන බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජිකත්වයෙන් තාවකාලිකව ඉවත් කිරීමටත් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින ලෙසත්සඳහන් කරමින් ඕස්ට්‍රේලියානු හරිත පක්ෂය එරට සෙනෙට් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව විසින් 22 දා මේ යෝජනාව සාකච්ඡාවට ගත් අවස්ථාවේ එවැනි ජාත්‍යන්තර මට්ටමේ කටයුතු සෙනෙට් සභාවේ සාකච්ඡා නොවිය යුතු බව ප්‍රකාශ කරමින් අදාළ යෝජනාව පරාජයට පත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඕස්ට්‍රේලියාවේ හරිත පක්ෂයේ සාමාජිකාවක් විසින් පසුගියදා 20 වැනි දින එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සාකච්ඡාවක් පවත්වා තිබෙන බවද ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සඳහන් කරයි.මේ සාකච්ඡාව සඳහා එම සෙනෙට් සභික සාමාජිකාව විසින් තීරණය කරන ලද පිරිසක් පමණක් ආරාධනා ලැබ තිබූ බවද සඳහන් වේ.ඒ සඳහා ආරාධනා ලැබ තිබූ ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රසිද්ධියේ ක්‍රියාකරන පිරිසක් බවත් මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට හෝ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත වෙනත් කිසිඳු පුද්ගලයකුට ආරාධනා කර නොතිබූ බවත් තිසර සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටින බවත් එවැනි යෝජනාවක් සම්මත කර ගැනීම අවශ්‍ය නොවන බවත් එරට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර ඇත.විපක්ෂයේ සියලුම සාමාජිකයන් සහ ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් මේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරමින් අදාළ යෝජනාව පරාජයට පත්කර තිබෙන බවද තිසර සමරසිංහ මහතා සඳහන් කරයි.ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ විශේෂ සාකච්ඡා පවත්වා අදාළ සිදුවීම පිළිබඳව ඕස්ට්‍රේලියානු මාධ්‍යයට කරුණු පැහැදිලි කළ බවයි..
NEWS
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ කෑම ටෙන්ඩරය හා සරඹ සංදර්ශන ටෙන්ඩරය අහෝසි කිරීමට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා තීරණය කෙළේය.කෑම ටෙන්ඩරයට වාර්ෂිකව රුපියල් ලක්ෂ 110 ක් ද සරඹ සංදර්ශන ටෙන්ඩරයට වාර්ෂිකව රුපියල් ලක්ෂ 66 ක්ද වෙන්කෙරේ.තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෑම වියදම් ගුරු මහත්ම මහත්මීන් මගින් ලබාදීමටත් තූර්යවාදක කණ්ඩායම් අතර තරගයක් හා උඩරට පහතරට නැටුම් තරගයක් පවත්වා තෑගි පිරිනමන අතරේ එය සංදර්ශනයක් සේ යොදා ගැනීමටත් තීරණය කළේ යැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ පස්වරුවේ ඉසුරුපායේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මේ මස 29 දා සිට ඔක්තෝම්බර් 3 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.එහි පළමු අදියරේ තරග මේ මස 11 වැනිදා සිට ආරම්භ වේ.“කෑම ටෙන්ඩරය හා සරඹ සංදර්ශන ටෙන්ඩරය වහාම නැවැත්වීමට නියෝග කළා. ටෙන්ඩර් අනතුරුදායකයි. අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි” ඇමැතිවරයා පැවැසීය.මහජන මුදල් විනිවිද ආකාරයෙන් පරිහරණය කිරීම වගකීමක් ලෙස සලකා මේ තීරණය ගත් බවද සඳහන් කෙළේය.“මගේ හිසට උඩින් පියාඹන්න පුළුවන්. කිසිම නිලධාරියකුට කූඩු හදන්න දෙන්නේ නෑ. කෑම නැත්නම් තරගාවලියට එන්නේ කොහොමද කියා දුරකථනයෙන් විමසන නිලධාරියකු පිළිබඳවත් වාර්තා වී තිබෙනවා යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩකයෙකුට දිනකට රුපියල් 200 ක මුදලක් ලබාදීමට තීරණය වී ඇතැයි වාර්තා වේ. එමෙන්ම හොඳම තූර්යවාදක, සංස්කෘතික කණ්ඩායමට රුපියල් ලක්ෂයක මුදලක්ද එහි දෙවැනි හා තෙවැනි ස්ථානවලට රුපියල් 50000 ක් හා 25000 ක්ද ප්‍රදානය කෙරේ.(සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පිළිබඳ තවත් සටහනක් හෙට පත්‍රයේ).
NEWS
එක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් මහ රැජණගේ වජ්‍ර ජයන්ති මහෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය පෙරේදා (03) රාත්‍රියේ ලන්ඩනය බලා පිටත් වූහ.ජනාධිපතිතුමා ලන්ඩනයේ සංචාරය කරන කාලය තුළ දී බකිම්හැම් මාලිගාවේ පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයට හා විවිධ ප්‍රසංගයකට ද, ශාන්ත පෝල් දේවස්ථානයේ පැවැත්වෙන ස්තුති දේව මෙහෙයකට ද, ගිල්ඩාල් හි පිළිගැනීමේ උත්සවයකට හා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහා ලේකම් කමලේෂ් ෂර්මා මහතා විසින් මහ රැජණ වෙනුවෙන් පවත්වනු ලබන දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වීමට නියමිත ය. ලන්ඩන් නගරය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සභාව මඟින් සංවිධාන කරනු ලබන පොදු රාජ්‍ය මණ්ඩලයීය ආර්ථික සංසදය අමතා ජනාධිපතිතුමා එහිදී විශේෂ දේශනයක් ද පවත්වනු ඇත.වතිකානුවේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැකීමට නියමිත අතර, ජනාධිපතිතුමා පාප් වහන්සේගේ පුස්තකාලයේ දී ශුද්ධෝත්තම පාප් වහන්සේ සමඟ පෞද්ගලික හමුවකට ද සහභාගී වේ.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රෝමයේ ගත කරන කාලය තුළ දී රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සංවිධාන කරනු ලබන වෙසක් උත්සවයට, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේ දී සහභාගී වනු ඇත..
NEWS
රත්නපුර සන්නස්ගම දී සිදුවූ රිය අනතුරකින් සන්නස්ගම ප්‍රදේශයේ පදිංචි තරුණයකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ තිප්පොලගේ චමත් ප්‍රියදර්ශන (28) නමැති තරුණයෙකි.ප්‍රභූ ආරක්‍ෂක රථයකට මෙම තරුණයා ගමන් ගත් යතුරුපැදිය හැපීම හේතුවෙන් මේ අනතුර සිදුව ඇත.අනතුරට පත් ජීප් රථය පෙරළී යාමෙන් එහි ගමන් කළ පොලිස් නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබේ.මෙලෙස තුවාල ලබා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් (39569) විජේසූරිය (4866) බණ්ඩාර, (12406) රත්නායක යන අයයි.සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත හා රත්නපුර පොලිසි ඒකාබද්ධව සිදු කරයි..
NEWS
(2012-07-25 12:30)පිළිකා රෝගය නිට්ටාවටම සුවකර ගත හැකි නව ඖෂධයක් පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු වන මහනාම ඒ. හපුගොඩ මහතා විසින් නිපදවා තිබේ‍. එම පිළිකා මර්ධන ඖෂධය තුළින් පිළිකාවට ලක්ව ඇති රෝගීන් මාස තුනක් වැනි කෙටි කලකදී එම රෝග තත්ත්වය නිට්ටාවටම සුවපත් කළ හැකි බව වෛද්‍ය මහනාම මහතා පෙන්වා දෙයි. මේ ඖෂධය පුරාණ පුස්කොළ පොතක් ඇසුරෙන් දේශීය ඖෂධ දෙසීයක් හා තවත් ‍වත්පිළිවෙත් අනුව නිෂ්පාදනය කරන බව ඊයේ (24) කොළඹ රාමඩා හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය මහනාම මහතා අනාවරණය කළේය. විවිධ වර්ගයේ පිළිකා රෝගයන්ගෙන් පීඩා විදී රෝගීන් කිහිප දෙනෙකු වෛද්‍ය මහනාම මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් බවත් ඉන් පසු තමන් සුවපත් වූ බවත් ස්කෑන් පරීක්ෂණ හා වෛද්‍ය වාර්තා ඇසුරෙන් මාධ්‍යවේදීන් දැනුවත් කළේය..
NEWS
සිසුන් දස දෙනෙකුට අධික පිරිසක් අපයෝජනයට ලක් කළ පහත්ගම පිරිමි විදුහලේ සැකකාර ගුරුවරයා අවිස්සාවේල්ල අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.ඊට අමතරව සිසුන්ගෙන් ලත් තොරතුරු මත අත්අඩංගුවට ගත් එම සැකකරුට ආධාර අනුබල දුන් ඔහුගේ ගෝලයකුද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති හංවැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ටී.ඩී.කේ. විජේසුන්දර මහතා, මෙම සිසුන් රැගෙන ගොස් ඇති උඩවලව, කතරගම මීගමුව ආදි ප්‍රදේශවලද විශේෂ විමර්ශනයක් කිරීමට සැලසුම් කර ඇත..
NEWS
සුප්‍රකට ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ කාන්තා හා පිරිමි සමස්ත ශූරතා අත්කර ගැනීමට මාස් සදර්න් හා ස්ලිම් ලයින් ‘ඒ’ කණ්ඩායම් සමත්වූහ. 86 වැනි වරට පැවැති මේ තරගාවලියේ කාන්තා ශූරතාව දිනූ මාස් සදර්න් පිල ප්‍රසාද ලකුණු 31ක් රැස් කළ අතර බර පන්ති 9න් 4කදීම රන් පදක්කම් අත්කර ගත්තේය.ඊට අමතරව රිදී පදක්කම් 4කට හිමිකම් කීමට ද මාස් සදර්න් ‘ඒ’ පිල සමත්විය. පිරිමි ශූරතාව දිනූ ස්ලිම් ලයින් ‘ඒ’ කණ්ඩායම පිරිමි තරග අංශයේ බර පන්ති 10න් රන් පදක්කම් 3ක් හා රිදී පදක්කම් 3ක් අත්කර ගත්තේය.මෙවර තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ කිලෝ ග්‍රෑම් 51 බර පන්තියෙන් තරග කළ මාස් සදර්න් ‘ඒ’ කණ්ඩායමේ අනූෂා කොඩිතුවක්කු විසිනි. හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙස එම කණ්ඩායමේ ම කෝසලා නිල්මිණී සම්මාන දිනා ගත්තාය. කිලෝ ග්‍රෑම් 51 බර පන්තියෙන් තරග වැදුණු ස්ලිම් ලයින් ‘ඒ’ කණ්ඩායමේ පී.ඩී.සුරේෂ් හොඳම ක්‍රීඩකයා ලෙසත්, එම කණ්ඩායමේ ම ඩී.විජේරත්න හොඳම පරාජිත ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ.ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ මෙහෙයවීමෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස 60 දශකයේ මෙරට පාසල් බොක්සිං පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු වූ ඩොනල්ඩ් මුණසිංහ මහතා සහභාගි විය. ආධුනික බොක්සිං සංගමයේ වැඩිම කාලයක් විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ ඒ මහතා බොක්සිං තරග තීරකවරුන්ගේ සංගමයේ සභාපති ලෙසත්, පාසල් බොක්සිං සංගමයේ සභාපති ලෙසත් කටයුතු කළේය..
NEWS
චීනයේ ෂියැං හීී පැවැත්වෙන 4 වැනි සම්ප්‍රදායික ලෝක වුෂු සූරතාවලියේ දී රිදී පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කම් 7 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.නාවික හමුදාවේ තුසිත විජේරත්න හා විශාඛා විදුහලේ නිෂාදි පෙරේරා රිදී පදක්කම් දිනූ අතර විජේරත්නට ඔහුගේ තරග ඉසව්වේ රන් පදක්කම අහිමිවූයේ එක් ලකුණකින් ය.රටවල් 83 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2500 කට අධික සංඛ්‍යාවක් තරග වදින මේ සූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරග ඉසව් 4 ක් අද (19) පැවැත්වේ..
NEWS
මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේ ඊයේ (23) දහවල් ඇතිවූ කලහාකාරි සිද්ධියකින් එම විශ්වවිද්‍යාලයේ ඉගනුම ලැබූ පළමුවන වසරේ සිසුන් හතර දෙනකු තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුළත් කර ඇති බව මිහින්තලය පොලීසිය කියයි.ඊයේ (23) දහවල් 12.30ට පමණ විශ්වවිද්‍යාල ආපනශාලාව ආසන්නයේදී සිසුන් දෙපිරිස ගුටි බැට හුවමාරුව ඇතිකරගෙන ඇත. පළමුවන වසරේ සිසුන් 10 දෙනෙකුට පමණ මහා ශිෂ්‍ය සංගමයට සහය දක්වන සිසු කණ්ඩායමක් පහරදී ඇති බව කියන පොලිසිය සිද්ධියට මුල්වී ඇත්තේ පළමුවන වසරේ සිසුන් පිරිස මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම්වලට සහය නොදැක්වීම බවද පොලිසිය කියයි..
NEWS
මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව අනාගත ශ්‍රී ලංකාවේ දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ප්‍රාථමික පාසල් 5000ක් සහ ද්විතීයික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව රඹුක්කන අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රාථමික පාසල් 14ක් ප්‍රතිනිර්මාණය කිරීමට පියවර ගෙන තිබේ.හොඳම දේ දැයේ දරුවන්ට තේමාව කරගත් මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සබරගමුව පළාත් සභාව එක්ව ආරම්භ කර තිබේ.මෙම වැඩසටහන් මාලාවේ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ සමාරම්භක උත්සවය පසුගියදා මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී සබරගමුව පළාත් හිටපු ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.බැද්දවල ප්‍රාථමික විද්‍යාලය, හේනේපොල ඕල්කට් විද්‍යාලය, හලාගිරිය කනිෂ්ඨ විද්‍යාලය, කඩිගමු ප්‍රාථමික විද්‍යාලය, හේනේපොළ රෝමාණු කතෝලික විද්‍යාලය, දැලිවල තිස්ස ප්‍රාථමික විදුහල, අලුගොල්ල ප්‍රාථමික විදුහල, පිටවල රෝමානු කතෝලික විද්‍යාලය, වැලිගමුව කනිෂ්ඨ විද්‍යාලය, කොටවැල්ල කනිෂ්ඨ විද්‍යාය, මංගලගම කනිෂ්ඨ විද්‍යාලය, මොලගොඩ ප්‍රාථමික විද්‍යාලය, වල්පොළ ප්‍රාථමික විදුහල සහ වැලිකන්ද ප්‍රාථමික විද්‍යලය මෙසේ ප්‍රතිනිර්මාණය කිරීමට නියමිත පාසල්ය.මොලගොඩ පැවැති මෙහි සමාරම්භක උත්සව අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, රඹුක්කන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල කුමාර අබේනායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත ඉලන්දර මහත්වරු ඇතුළු මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ආරාධිතයන් රැසක් එක්ව සිටියහ..
NEWS
ගුණපාල කෑගල්ල ප්‍රදේශයේ රැකියාවක නිරත වන්නෙකි. පදිංචිය හෙම්මාතගම ප්‍රදේශයේය. ඉකුත් දිනක තම රැකියා කටයුතු අවසන් කර නිවෙස කරා යෑමට මාවනැල්ල ප්‍රධාන බස් නැවතුම්පලට පැමිණියේය.එවිටම වාගේ හෙම්මාතගම පෞද්ගලික බස් රථයක්පැමිණ හෝල්ට් එකේ නතර කරවීය. විශාල පිරිසක් බස් රථයට ගොඩ වීමට සිටියද ගුණපාලද පිරිස අතරින් රිංගා ගොස් සීට් එකක වාඩි විය.බස් රථය හෝල්ට් එකට පැමිණ විනාඩි දෙකකින් මගීන්ගෙන් පිරී ඉතිරී යන්නට විය. උදේ නිවෙසින් පිටත්වෙන විට තම පුංචි පුතා ‘තාත්තේ අදත් හවස වඩේ ගේන්න’ යැයි කියූ හැටි ගුණපාලට සිහි විය. බසයෙන් බැස යෑමට නොහැකි තරමට මගීන්ගෙන් පිරිලාය.මේ බසයෙන් නොගියොත් ආයෙත් යන්න වෙන්නේ හතේ බස් එකේබව ගුණපාල කල්පනා කළේය. විටෙක පුතා සිහිවිය, තවත් විටක බසයෙන් බැස යන්නට සිතිනි. තම අත තිබූ රුපියල් සීයේ නෝට්ටුව ගෙන ජනේලයෙන් ඔළුව දමා වට පිට බැලීය.දුරකථන ඇමතුමකට සම්බන්ධව සිටින තරුණයකු ඔහු දුටුවේය. තරුණයා දුරකථන ඇමතුම අවසන් කළ සැණින් රුපියල් සීයේ නෝට්ටුව දිගු කර ‘අනේ මල්ලි මට වඩේ රුපියල් තිහක ගෙනත් දෙන්න’ කීය.තරුණයාද වට පිට බලා රුපියල් සීය අතට ගෙන වඩේ කරත්තය අසලට ගොස් වඩේ ඉල්ලීය. ඒ වන විට වඩේ කරත්තය අසල හය හත් දෙනෙකි. විනාඩි පහක් ගත වුවද තවම වඩේ ගන්නට බැරි විය.බස් රථය ගමන ආරම්භ කිරීමට සූදානම්ය. ගුණපාල තරුණයා දෙස බලමින් සිටි තරුණයා ගුණපාල දෙසත් වඩේකරුවා දෙසත් බැලීය. තරුණයා අතට වඩේ පාර්සලය ලැබිණි. එය රැගෙන බස් හෝල්ට් එකට යන විට ගුණපාල සිටි බස් රථය එම ස්ථානයේ නොවීය. වඩේ පාර්සලය තම නිවසට රැගෙන ගිය තරුණයා නිවසේ සියලු දෙනා සමග එහි රස බැලීය. ඒ පසුදින ගුණපාල හට රුපියල් සීයක් දීමේ අරමුන හිත තියා ගෙනය.පසුදින හවස මාවනැල්ල නගරයට ගිය තරුණයා 6.45 වෙන තෙක් රැඳී සිට ගුණපාල හමු වී ‘ආ මහත්තයා ඊයේ වඩේ ටික අරන් එද්දි බස් එක අද්දල. වඩේ මම ගෙදර අරන් ගියා මෙන්න මහත්තයාගේ රුපියල් සීය’ කියා එය අත තැබීය. ගුණපාල තරුණයා ගේ පිටට තට්ටුවක් දමා බොහෝම ස්තූතියි කීවේය..
NEWS
මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ මාවනැල්ල හා අරණායක ප්‍රදේශයේ ගොවීහු මේ යල්කන්නයේ කුඹුරු වගා කටයුතු ආරම්භ කිරීමට ලහිලහියේ සූදානම් වෙති.ජලය හිඟකම නිසා කන්න කීපයක් කුඹුරු වගා කිරීමට නොහැකිවීමෙන් පුරන් බවට පත්වී ඇති කුඹුරු විශාල ප්‍රමාණයක් යථා තත්ත්වයට පත්කර ගැනීමට ගොවීන්ට දැඩි වෙහෙසක් දැරීමටද සිදුව ඇත. මේ අතර සී සෑමට වැඩිවශයෙන් යොදා ගත් මීහරකුන්ගේ හිඟයක්ද පවතින අතර මෙම හේතුව මත ටැක්ටර් මගින් සීසෑමේ කටයුතු ගොවීන්ට කරගෙන යාමට සිදුවීම නිසා බලාපොරොත්තු වියදමට වඩා වැඩි වියදම් දැරීමට සිදුවන බව ගොවීහු පවසති..
NEWS
දේශීය හා විදේශීය ආයෝජකයන් සඳහා කොළඹ නගරයේ භූමිය ලබාදීමට රජය තීරණය කර ඇත.මෙමඟින් රටේ ආර්ථිකය සවිමත් කිරීමේ සැලසුම් සහගත ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙන බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය කොළඹ නගරය බවට පත්කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාවට නංවා ඇත.කොළඹ සංචාරක හෝටල්, අත්කම් නිර්මාණ මධ්‍යස්ථාන, ස්වර්ණාභරණ මධ්‍යස්ථාන ආදිය අලුතින් ස්ථාපිත කර සංචාරක ආකර්ෂණය දිනා ගැනීම ද ඉලක්ක ගත අරමුණ අතර වේ. කොළඹ නගරයේ අක්‍රමවත්ව ඉදිකෙරුණු ගොඩනැගිලි ඉවත් කර නව ගොඩනැගිලි ඉදිකරන අතර නගරයේ ඓතිහාසික වටිනාකම මූර්තිමත් වන අයුරින් ඉදිකිරීම් සිදුකරන බව රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.ඒ අනුව රාජ්‍ය ආයතන සියල්ල කොළඹ නගරයෙන් බැහැරට ගෙන යාමට තීරණය කර තිබෙන අතර ප්‍රධාන පරිපාලන නගරය ශ්‍රී ජයවර්ධනපුරය බවට පත්කිරීමට පියවර ගනී. කොළඹ පිහිටා තිබෙන යුද හමුදා මූලස්ථානයද බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව හෙතෙම පෙන්වා දෙයි..
NEWS
උතුරු මානුෂීය මෙහෙයුම නිසා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් ඉවත් වූ සාමාන්‍ය පවුල් 765ක් පෙරේදා (11) යළි පදිංචි කර තිබේ.මුලතිව් ප්‍රදේශයෙන් ඉවත් වී ගිය තවත් පවුල් දහසක් අද හෙටම පදිංචි කිරීමට කටයුතු යොදා තිබේ.එම ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම බොහෝදුරට අවසන්ව ඇති බව එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසීය.විදුලිය ලබාදීමේ කටයුතුද අවසන් වෙමින් පවතී. එම ප්‍රදේශවල තිබූ ළිං සිය ගණනක් ද ඉස පවිත්‍ර කර ඇත.මහජනතාවට පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය වෙළඳසල් ද ඊට අමතරව රෝහල් තැපැල් කාර්යාල ඇතුළු පොදු අවශ්‍යතා රැසක් යළි ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යයි.මෙසේ පදිංචි කරන පිරිස්වල ආරක්ෂාව තහවුරු කෙරෙන පරිදි සියලු ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.මීට අමතරව කොටි ත්‍රස්තවාදීන් එම ප්‍රදේශවල සඟවා ඇති අවි ආයුද සෙවීම සඳහා යුද හමුදා සහ බුද්ධි අංශ කණ්ඩායම් එක්ව මෙහෙයුම් සිදුකරමින් සිටින බවද ආරක්ෂක නිලධාරියකු ප්‍රකාශ කළේය.
NEWS
ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගමාලාවේ අවසන් මහා තරගය හෙට (13) බස්නාහිර උතුර සහ බස්නාහිර දකුණ කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.මූලික වටයේ තරග 4 කට සහභාගී වූ බස්නාහිර උතුර පිල ඉන් තරග 2 ක් ජයග්‍රහණය කළ අතර ඉතිරි තරග 2 ජය පැරදුමෙන් තොරව අවසන් කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ මෙවර තරගමාලාවේ එකම අපරාජිත කණ්ඩායම ලෙසිනි.දෙවැනි ස්ථානයේ පසුවන බස්නාහිර දකුණ පිල තරග 4 කින් තරග 2 ක් ජයගත් අතර තරග 2 ක් පරාජයට පත් විය.රුහුණු කණ්ඩායම තරග 4 කින් එක් තරගයක් ජය ගත් අතර තරග 2 ක් පරාජයට පත් විය. එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ් පසුවෙයි.මෙවර තරගමාලාවේ එකදු තරගයක් හෝ ජය ගැනීමට අසමත් වූ කඳුරට පිල එක් තරගයක් පරාජයට පත් වූ අතර තරග 3 ක් ජය පැරදුමෙන් තොරව නිමා කර ගනිමින් සිවු වැනි තැනට පත් විය.ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන වයඹ කණ්ඩායම තරග 4 කින් එක් තරගයක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත් විය. ඉතිරි තරග 2 ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.මේ වන විට වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන බස්නාහිර උතුර පිලේ ඩිල්ෂාන් මුණවීර (ලකුණු 421) සහ දෙවැනි ස්ථානයේ පසුවන බස්නාහිර දකුණ පිලේ ප්‍රසන්න ජයවර්ධන (ලකුණු 413) අතර මෙවර තරගමාලාවේ හොඳම පිතිකරු වීමේ දැඩි සටනක් අවසන් මහා තරගයේදී ඇතිවනු නොඅනුමානය.වැඩිම කඩුලු ලාභියා ලෙස පෙරමුණේ පසුවන්නේ බස්නාහිර දකුණු පිලේ මාලිංග බණ්ඩාරය. ඔහු කඩුලු 22 ක් දවාගෙන තිබේ.බස්නාහිර උතුර පිල තිළිණ කණ්ඩම්බි විසින් මෙහෙයවනු ලබන අතර බස්නාහිර දකුණ පිල මෙහෙයවනු ලබන්නේ චාමර සිල්වා විසිනි.
NEWS
අධෝමාර්ගයේ ජංගම දුරකතන සඟවාගෙන සිටි රැඳවියන් සිවු දෙනකු පසුගිය මාස කීපය තුළ කළුතර බන්ධනාගාරයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි කළුතර බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් උමාහේවාගේ මහතා කීය.බන්ධනාගාර නිලධාරීන් කළ වැටලීමකදී සොයා ගැණුනු මොවුන් කළුතර නාගොඩ මහ රෝහලේ එක්ස් කිරණ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඔවුන්ගේ අධෝමාර්ගය තුළ ජංගම දුරකතන තිබී සොයා ගෙන ඇත.මේ රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට යොමුකර ඇතැයි කළුතර බන්ධනාගාර අධිකාරීවරුන් කීය..
NEWS
ජාති, ආගම්, ස්ත්‍රී පුරුෂ ලෙස පාසල් බෙදා වෙන් කිරීමේ ක්‍රමය මින් ඉදිරියට නවතා දමන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.මේ වන විට මෙරට පාසල්වලින් 3% ක් බාලක හා බාලිකා ලෙස බෙදා වෙන් කැර ඇතැයිද ඉතිරි 97% ක් වන පාසල් මිශ්‍ර පාසල් යැයිද අමාත්‍යවරයා කීය. ද්විතීයික පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ මේ වසරේ ප්‍රතිනිර්මාණය කළ ප්‍රථම පාසල වන නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ උත්සවයේදී ඇමැතිවරයා මේ බැව් පැවසීය.මේ යටතේ නුගවෙල බාලිකා විද්‍යාලය හා නුගවෙල පිරිමි මහා විද්‍යාලය නුගවෙල මධ්‍යමහා විද්‍යාලය ඒකාබද්ධ කිරීම සිදු විය. මේ වන විට මෙරට පාසල් 9731 අතුරින් පාසල් 339ක් බාලක බාලිකා ලෙසින් බෙදා වෙන් කැර ඇතැයිද ඒ හැර මෙරට අනෙක් සියලු පාසල්වන පාසල් 9392 ක් මිශ්‍ර පාසල් යැයිද ඒ මහතා කීය.මේ ‍ර‍ටේ විශ්වවිද්‍යාල දහම් පාසල් කාර්මික විද්‍යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන කිසිවක් බාලක බාලිකා අයුරින් බෙදා වෙන් කැර නොමැති බවත් ඒ නිසා රටේ සමස්ත පාසල් ක්ෂේත්‍රයද ක්‍රියාත්මක විය යුත්තේ මිශ්‍ර පාසල් ලෙසින් බවත් ඇමැතිවරයා පැවසීය.මෙහිදී වැඩිදුරටත් කතා කළ බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය. ද්විතීයික පාසල් දහක් ප්‍රතිනිර්මාණය වීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට ඓතිහාසික සිදුවීමක් මෙන් මේවසරෙහි පළමු වැඩසටහන නුගවෙල මැද මහා විදුහලින් ඇරඹීම හාරිස්පත්තුව පුරවරයට තවත් ඓතිහාසික සිදුවීමකි.එදා බෞද්ධ පුනරුදයත් සමඟ ඇරැඹි මහනුවර ධර්මරාජ විදුහල අද පළමු වසරේ සිට 13 වසර දක්වා වැඩිම සිසු පිරිසක් සිටින මෙරට එකම ජාතික පාසලයි. එවැනි පාසලක ඇති අංග සම්පූර්ණ පහසුකම් සෑම පළාතකටම ලබාදීම රජයේ අරමුණ සහ වැඩපිළිවෙළයි.කන්නන්ගර මහතාගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය යටතේ බිහි වූ මෙරට ඉතාම ජනප්‍රිය මධ්‍ය මහා විද්‍යාලයක් වන නුගවෙල මධ්‍ය මහා විද්‍යාල‍ය මේ ද්විතීයික පාසල් දහසේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී කෝටි හයහමාරක වියදමකින් සංවර්ධනය කරනවා.මේ යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක්, භාෂාගාරයක්, ගණිතාගාරයක්, හරිතාගාරයක් හා නැණස අධ්‍යාපන ‍මධ්‍යස්ථානයක් ඇරඹෙනවා. එමෙන්ම ගෘහ විද්‍යාගාරයක් නවීන පුස්තකාලයක් ඇතුළුසියලු පහසුකම් මේ විදුහලේ සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබේ. පාසල් දහසක් ද්විතීයික පාසල් ලෙස සියලු පහසුකම් සමගින් ප්‍රතිනිර්මාණය වීම දැයේ දරුවනට ලැබුණු අගනා ත්‍යාගයකි.ඉදිරියේදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට මධ්‍යම පළාත තුළ ඉහළම ඉල්ලුමක් ඇති වෙයි. දිවංගත ඊ.ඒ. නුගවෙල මහතා මේ විදුහල එදා ඇරැඹීම වෙනුවෙන් කළ කාර්යභාරය කිසිදා කිසිවකුට අමතක කළ නොහැකිය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලීය විදුහල්පති ඩබ්ලිව්. කේ. රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරික් මේ අවස්ථාවට එක්වූහ. .
NEWS
බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් විශාල මුදලක් වැය කොට අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පසුගිය කාලයේ ආරම්භ කෙරිණි.කැස්බෑව නගර සභාව ආසන්නයේ ඉදිකර ඇති ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය බොහෝ කාලයක සිට වසා දමා ඇති අතර, එහි දැන්වීම් අලවා ඇති අයුරුයි මේ..
NEWS
ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පසුගිය වසරේ සූරතාව දිනාගත් සීදුව සිරිදුව ක්‍රීඩකයෝ දිස්ත්‍රික් තරග වටයේ දී පරාජයට පත් වූහ. පසුගිය වසරේ අනුසූරතාව දිනාගත් ගම්පහ සියනෑ තරු කණ්ඩායම වෙතින් මෙවර සිරිදුව ක්‍රීඩකයෝ පරාජයට පත් වී තරගා වලියෙන් ඉවතට විසිවීම කැපී පෙනෙන සිදුවීමක් විය.ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් අවසන් තරගයට තේරුණු සියනෑ තරු හා සිරිදූව ක්‍රීඩා සමාජ පසුගිය වසර කිහිපයකදීම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සත් වූ ප්‍රබලතම කණ්ඩායම් දෙකකි.සිරිදූව ක්‍රීඩා සමාජයෙන් පසුගිය වසරේ ලත් පරාජයට සියනෑ තරු මෙවර දුන් සාර්ථක පිළිතුර හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් අවසන් තරගය 25 - 21, 25 - 19, 11 - 25, 16 - 25 හා 15 - 13ක් ලෙස තියුණු මුහුණුවරක් ගත්තේ ය.ගම්පහ දිස්ත්‍රික්කයේ කාන්තා තරග මෙතෙක් අවසන් කර නොමැත. ඉදිරි සතියේ දී එම තරග පැවැත්වෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.මේ අතර වසර 30කට පසුව කිළිනොච්චියේ දී මේ තරගාවලියේ දිස්ත්‍රික් තරගවටය නිමා වී පිරිමි අංශයෙන් කිළිනොච්චි කරච්චී ක්‍රිෂ්ණාභාරතී කණ්ඩායමත් කාන්තා අංශයෙන් කරච්චී හී නිව් භාරතී ක්‍රීඩා සමාජයත් ජාතික වටයට සුදුසුකම් ලැබූහ.වවුනියාව දිස්ත්‍රික්කයේ පිරිමි සූරතාව වවුනියාව උතුර එක්සත් තරුණ ක්‍රීඩා සමාජය හා කාන්තා සූරතාව කුඩුවුලී කාන්තකී ක්‍රීඩා සමාජය දිනා ගත්හ. කිළිනොච්චි හා වවුනියා දිස්ත්‍රික්ක දෙකෙන්ම වොලිබෝල් කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමද කැපී පෙනෙන සිදු වීමක් විය.මන්නාරම දිස්ත්‍රික්කයේ පිරිමි සූරතාව චිත්තා ක්‍රීඩා සමාජයත් කාන්තා සූරතාව සාන්ත පීතර් ක්‍රීඩා සමාජයත් දිනා ගත්හ. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අවුඩ් ක්‍රීඩා සමාජය (පිරිමි) හා රත්මලේ ක්‍රීඩා සමාජය (කාන්තා) මොණරාගල දිස්ත්‍රික්කයෙන් බඩල් කුඹුර නිව් සික්ස් ක්‍රීඩා සමාජය (පිරිමි) හා තනමල්විල නෙත්මිණි ක්‍රීඩා සමාජය, කළුතර දිස්ත්‍රික්කයෙන් බුලත්සිංහල ගාමිණී ක්‍රීඩා සමාජය (පිරිමි) හා බුලත්සිංහල විජය ක්‍රීඩා සමාජය (කාන්තා), ගාල්ල දිස්ත්‍රික්කයෙන් බෙන්තර තොටගමුව ක්‍රීඩා සමාජය (පිරිමි) හා අම්බලන්ගොඩ දීප්ති ක්‍රීඩා සමාජය (කාන්තා) ජාතික තරගවටයට සුදුසුකම් ලැබූහ.ජාතික තරගවටය ලබන මස මැදදී පැවැත්වීමට බලාපොරොත්තු වේ.රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 338ක් නියෝජනය කරමින් කණ්ඩායම් 6807ක් මෙවර තරගාවලියට එක් වූ අතර එයින් ජාතික මට්ටමේ තරගවලට පිරිමි කණ්ඩායම් 26ක් හා කාන්තා කණ්ඩායම් 26ක් සහභාගි වෙති..
NEWS
“වරදට සමාව දෙමි” යනුවෙන් සඳහන් කැර පුවත්පතක පළ කළ මංගල යෝජනා දැන්වීමක් ඔස්සේ හිතවත් කැරගත් කොත්මලේ ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණියක රවටා විවාහ කැර ගන්නා බවට පොරොන්දු වූ පුද්ගලයකු ඈ සතු රුපියල් ලක්ෂ දෙකක රන් භාණ්ඩ තොගයක් කටුගස්තොට ප්‍රදේශයේ හෝටලයක දී පෙරේදා (27) සොරාගෙන ගොස් ඇත.තමා කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු ලෙසින් හඳුන්වා දී ඇති මෙම පුද්ගලයා පළමු දිනයේ අදාළ තරුණිය ඇගේ සහෝදරියක් සමඟින් මහනුවර නගරයේ දී හමුවී තිබේ.අනතුරුව ඈ තනිවම හමුවීමට අවශ්‍ය බව පවසමින් එම තරුණියක මහනුවර නගරයේ දී යතුරු පැදියක නන්වාගෙන ගොස් කටුගස්තොට ප්‍රදේශයේ හෝටලයක දී අතවරයට ලක්කැර ඈ සතු පවුම් හයක පමණ රන් අත් පළඳනාවක් හා රන් මාලයක් සොරාගෙන පලාගොස් තිබේ.මේ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටුගස්තොට පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කැර ඇත.මෙම සැකකරු ජාවාරමක් ලෙස මෙලෙස රටපුරා තරුණියන් රවටා මුදල් රන් භාණ්ඩ සොරාගෙන ඇතැයි පොලිසිය සැක කරයි.මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. බී. පෙරමුණේ හා පොලිස් අධිකාරී ගාමිණී ඇල්ලේපොල යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේශපි‍්‍රය ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් කටුගස්තොට පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. පී. එස්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්ෂණ පවත්වයි..
NEWS
කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයීය 'කොලේජ් චෙස් ක්ලබ්' මෙහෙයවන අන්තර් පාසල් චෙස් තරගාවලිය අද (29) සහ හෙට (30) කොට්ටාව ආනන්ද විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.ජාතික චෙස් ශූරියක් වන සුනීතා විජේසූරිය මහත්මිය ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ දී අවුරුදු 6, 8, 10, 12 සහ 14 වයස් කාණ්ඩ 6ක් යටතේ තරග පැවැත්වේ..
NEWS
කටුගස්තොට , මඩවල, සහ වත්තේගම,යන රජයේ රෝහල්වල කලක සිට දැඩි ඖෂධ හිඟයක් පවතී. දෛනිකව ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන් පරීක්ෂාවෙන් පසු පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගන්නා ලෙසට වෛද්‍යවරු රෝගීන්ට තුන්ඩු ලියාදීම සිදුකෙරෙන බව ජනතාව පවසති.මෙනිසා ආර්ථික අගහිඟකම් පවතින රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටී. මේ පිළිබඳ නිසි අවධානය යොමු කරන්නැයි ජනතාව ඉල්ලා සිටිති..
NEWS
තමන් රහස් පොලිසියෙන් බවට පවසමින් වෑන් රථයකින් පැමිණි තරුණයින් තිදෙනෙකු විසින් බියගම හේන්හක්ක ප්‍රදේශයේ පයින් ගමන් කළ විසි හැවිරිදි විවාහක කාන්තාවක් රැගෙන ගොස් ලිංගික අතවර සිදුකොට පලාගොස් ඇත.බියගම පේරගස් හන්දියේ එම කාන්තාව නේවාසිකව සිටින ස්ථානයෙන් පිටත් වී හේන්හක්ක ප්‍රදේශයේ සිටි සිය අක්කාගේ නිවෙසට පසුගිය සෙනසුරාදා (11 වැනිදා) පස්වරු 6.30 ට පමණ පයින් යමින් සිටියදී ඇය මේ ඉරණමට ගොදුරු වී ඇතැයි කියති.වෑන් රථයෙන් පැමිණි එම තරුණයින් තිදෙනා තමන් රහස් පොලිසියෙන් බවට පවසා ඇයගෙන් සිය ජාතික හැදුනුම්පත ඉල්ලා ඇත.ඒ අවස්ථාවේ තමා ළඟ හැදුනුම්පත නැති බව ඔවුන්ට පවසා තිබේ. එවිට ඔවුන් එම කාන්තාව එම වෑන් රථයට නංවාගෙන සපුගස්කන්ද ප්‍රදේශයේ රබර් වත්තකට රැගෙන ගොස් තිබේ. එහිදී ඇයට ලිංගික අතවර සිදුකොට ඔවුන් පලාගොස් ඇත.මේ පිළිබඳව බියගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මේ සිද්ධියට උපයෝගි කර ගත් එම වෑන් රථය හඳුනා ගැනීමට සමත් වූ අතර එම කාන්තාව රාගම මහ රෝහලට යවා වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරනු ලැබීය.මේ සිද්ධිය සම්බන්ධව බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත තිලකරත්න මහතා පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ..
NEWS
ඇතැම් සංවිධාන විසින් කුමන ආකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කළද පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නියමිත පදිරි මේ වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.මේ වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය නායක සමුළුව වෙනත් රටක පවත්වන ලෙස  හියුමන් රයිට්ස් වොච් හෙවත් මානව හිමිකම් ඇස සංවිධානය විසින් පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළද කිසිවිටෙකත් එය වෙනස් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා දිනමිණ ට පැවසීය.ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ගන්නා ලද තීන්දුවකට අනුව යෝජනා ස්ථිරත්වයෙන් යුතුව මෙවර සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව පෙන්වාදෙන ලේකම්වරයා එම තීරණය ගෙන ඇත්තේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් බවද, ඒ හේතුවෙන් කිසිවකුගේ හෝ අවශ්‍යතා අනුව මෙය වෙනස් කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.හියුමන් රයිට්ස් වොච් හෙවත් මානව හිමිකම් ඇස සංවිධානය මේ ඉල්ලීමකර ඇත්තේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු මේ දක්වා නිසි පරිදි ඉටුකර නොමැති බවට සඳහන් කරමිනි.මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ මෙම රාජ්‍ය නායක සමුළුවේ කටයුතු මේ වනවිට හොඳින් සිදුකරගෙන යන බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බවත්ය.ඊට අමතරව එහි වත්මන් තත්ත්වය සාර්ථකව ඉදිරියට කරගෙන යාම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ නිලධාරී කණ්ඩායමක් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවයි..
NEWS
මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල මේ මස හෙට (02) පෙරවරු 9.00ට මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ..
NEWS
කළුතර දිස්ත්‍රික්කයේ නොදියුණු ගම්මානවල මාර්ග වැඩිදියුණු කිරීමට නව පාලම් 151ක් ඉදිකිරීමට වරාය හා මහමාර්ග අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.මේ පාලම් ඉදිකිරීමේ සංවර්ධන ව්‍යාපෘතියට මිලියන 519ක් වැයකිරීමට නියමිතය.දුෂ්කර ප්‍රදේශවල අබලන් තත්ත්වයේ පවතින ඒදඬු, වැල් පාලම් හා අබලන් පාලම් වෙනුවට මේ පාලම් ඉදිකෙරේ.පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, වඳුරාවල, ඉංගිරිය, මිල්ලනිය, බේරුවල, හොරණ, කළුතර ප්‍රදේශවල මේ පාලම් ඉදිකිරීමට නියමිතය..
NEWS
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් සංවිධාන කරන මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේ පිරිමි-කාන්තා අවසන් මහා තරග අද (17) මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ප.ව.1.00 සිට පැවැත්වේ.සූපර් ලීග් කාන්තා අවසන් තරගයට පසුගිය වසරේ ශූරීයන් වු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුදුසුකම් ලබාසිටීම විශේෂත්වයකි.පසුගිය වසරේ ශූරතාව දිනු ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදාව පිරිමි අවසන් තරගයට එක්වෙති. තරගාවලියේ පසුගිය වසරේ පිරිමි අනුශූරතාව හිමිකරගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි.තරගාවලියේ ප්‍රධාන ආරධිතයන් ලෙස ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා, සිලෝන් බිස්කට් මංචි සමාගමේ විධායක අධ්‍යක්ෂ ශ්‍රීයා වික්‍රමසිංහ, සමූහ අධ්‍යක්ෂ නන්දන වික්‍රමගේ, සාමාන්‍යාධිකාරී ‍(වෙළෙඳ) තේජා පීරිස් මහත්ම මහත්මීන් එක්වෙති.කාන්තා අවසන් තරගය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජ‍යකොඩි, ගුවන් හමුදා එයාර් මාර්ෂල් කේ.ඒ.ගුණතිලක මහත්ම මහතමීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පියත් බන්දු වික්‍රම, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, ලුතිනන් ජනරාල් දයා රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිරිමි අවසන් තරගය පැවැත්වීමට නියමිතය..
NEWS
අම්පාර දිස්ත්‍රික්කයේ විපතට පත් පවුල් සංඛ්‍යාව 109,000 දක්වා වැඩිව තිබෙන බවද පුද්ගලයන් පස් දෙනෙකු මරණයට පත් වී 13 දෙනෙකු තුවාල ලබා ඇති බවද අම්පාර දිසාපති සුනිල් කන්නන්ගර මහතා දිනමිණ ට පැවසීය.තිස් දහසකට අධික නිවාස සංඛ්‍යාවක් අර්ධ වශයෙන් සහ පූර්ණ වශයෙන් විනාශයට පත්ව ඇත. දැනට සුබසාධන මධ්‍යස්ථාන 83 ක පවුල් 25457 ක් ජීවත්වන අතර ඥාතීන් සමග සහ මිත්‍රයන් ගේ නිවාසවල පවුල් 6941 ක් සිටින බවද හෙතෙම කීය.ජලය බැස යාම කඩිනම් නොවීම සහ වලනාපිටිය වැව බිඳීයාම නිසා කුඹුරු අක්කර 25,000 පමණ විනාශ වී ඇති බවත් ඉදිරි දින කීපය තුළ වර්ෂාව පැවතිය හොත් මෙම තත්ත්වය මීට වඩා වෙනස් වී කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් ඒ මහතා කීවේය.වෙරළබඩ කලාපයේ, කල්මුණේ, අක්කරපත්තු, පොතුවිල් ප්‍රදේශයන්හි ජනතාව ගංවතුර උවදුරට පත්ව සිටින අතර තවදුරටත් කාලගුණික තත්ත්වය නරක අතට හැරුණහොත් සුබසාධන කඳවුරු වැඩිකිරීමටත්, පුද්ගලයන්ට අවශ්‍ය ආහාර සහ ඇඳුම් පැළඳුම්, පානීය ජලය සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂක සේවාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමටත් සිදුවන බවද කීය.අම්පාර දිස්ත්‍රික්කයේ වැව් පද්ධතිය බේරාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවද අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැළුණු මිලි මීටර් 300 ක වර්ෂාව මෙතෙක් වාර්තා වී ඇති වැඩිම වර්ෂාපතනය බව අම්පාර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ සමන් වීරසිංහ මහතා පැවසීය.අම්පාර කොන්ඩුවටුවාන, වීරගොඩ, වලනාපිටිය වැව්වල ජල මට්ටම ඉතාමත් ඉහළ ගොස් තිබුණා. එම නිසා වැව් බැමි වලටත් ඉහළින් ජලය ගලාගෙන යාමක් සිදුවුණා.වලනාපිටිය වැව පමණක් මේ වන විට බිඳී ගොස් තිබෙනවා. නවගිරියාව ජලාශයත් අවදානම් තත්ත්වයක පැවතියා. නමුත් අද වන විට ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව වැලි කොට්ට යොදා ගනිමින් අසීරු ප්‍රයත්නයක යෙදෙමින්, වැව ආරක්ෂාකර ගන්න හැකිව තිබෙනවා.ඉඟිනියාගල ජලාශය පිටාර මට්ටමට පැමිණීමට තවත් අක්කර අඩි තුන්ලක්ෂ විසි දහසක් පමණ ජල කඳක් වුවමනා වෙනවා.එම නිසා ඉඟිනියාගල ජලාශයේ පමණක් අවදානමක් නැති බව ඒ මහතා පැවසීය.අලහෙන, මලයාඩි වැව් වලත් මෙම අවදානම් තත්ත්වය පවතිනවා.මේ වන විටත් ජලාශවල අවදානම අවම කිරීමට කටයුතු යොදා තිබුණත් ඉදිරි දිනයන්හිදී අවදානම අඩු වැඩි වන්නට පුළුවන් බවද ඔහු කීය..
NEWS
ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් සදර්න් ෂාක්ස් කණ්ඩායම කාල්ටන් සෙවන්ස් දේශීය රගර් තරගාවලියේ සමස්ත ශූරතාව අත්කර ගැනීමට ඊයේ සමත්විය. නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ මේ තරගාවලියේ දෙවැනි අදියරේ දී වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 17 – 10ක ජයක් වාර්තා කරමින් තුන්වැනි ස්ථානයට පත්වූවද, එහි දී ලැබූ ප්‍රසාද ලකුණු 16 හා නුවරඑළියේ පැවැති පළමු අදියරේ දී පළමු ස්ථානය ලබා රැස් කළ ලකුණු 25ත් සමග සමස්ත තරගාවලියේ ප්‍රසාද ලකුණු 41ක් ලබා සමස්ත ශූරතාවට හිමිකම් කීමට ඔවූහූ සමත්වූහ.සමස්ත තරගාවලියේ අනුශූරතාව දිනාගනු ලැබුවේ ප්‍රසාද ලකුණු 38ක් රැස් කළ ෂෙනාල් ඩයස්ගේ නායකත්වයෙන් යුත් ඊස්ටර්න් ඊගල්ස් කණ්ඩායම විසිනි. තරගාවලියේ පළමු අදියරේ දී සිවුවැනි ස්ථානය දිනාගනිමින් ප්‍රසාද ලකුණු 16ක් ලැබූ ඊස්ටර්න් ඊගල්ස් කණ්ඩායම ඊයේ පැවැති දෙවැනි අදියරේ දී දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු 22ක් අත්කර ගත්තේය.සමස්ත තරගාවලියේ තුන්වැනි ස්ථානය හිමිවූයේ ප්‍රසාද ලකුණු 33ක් රැස් කළ නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස් කණ්ඩායමටය. සමස්ත තරගාවලියේ ප්‍රසාද ලකුණු 32ක් ලබාගත් සෙන්ට්‍රල් කිංග්ස් කණ්ඩායමට සිවුවැනි තැන හිමිවූ අතර ප්‍රසාද ලකුණු 29ක් ලැබූ වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායමට පස්වැනි ස්ථානය හිමිවිය.නෝදර්න් ග්ලැඩියේටර්ස් පිල ප්‍රසාද ලකුණු 28ක් රැස් කරමින් 6වැනි තැනට පත්වූ අතර ප්‍රසාද ලකුණු 22ක් ලැබූ නෝර්ත් සෙන්ට්‍රල් බ්ලැක්ස් පිල 7වැනි තැනට පත්විය. සමස්ත තරගාවලියේ 8වැනි ස්ථානය දිනාගනු ලැබුවේ ප්‍රසාද ලකුණු 18ක් වාර්තා කළ ඌව වයිපර්ස් කණ්ඩායම විසිනි. සබරගමුව ස්ටැලියොන්ස් පිලට 9වැනි ස්ථානයත්, ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට 10වැනි ස්ථානයත් හිමිවිය.ඊයේ පස්වරුවේ පැවැති දෙවැනි අදියරේ තරග වටයේ අවසන් මහා තරගයේ දී ඊස්ටර්න් ඊගල්ස් පිල ලකුණු 31-17කින් පරාජය කළ සෙන්ට්‍රල් කිංග්ස් පිලට දෙවැනි අදියරේ ශූරතාව හිමිවිය. දෙවැනි අදියරේ අවසන් පූර්ව වටයේ දී සෙන්ට්‍රල් කිංග්ස් කණ්ඩායම ලකුණු 24 – 7ක් ලෙස වෙස්ටර්න් වොරියර්ස් පිල පරාජය කළ අතර ඊස්ටර්න් ඊගල්ස් කණ්ඩායම ලකුණු 17 – 12 ක් ලෙස සදර්න් ෂාක්ස් කණ්ඩායම පැරැදවීය.කාල්ටන් ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා රගර් සංගමය සමග එක්ව තාරුණ්‍යයට හෙටක් සංවිධානය මෙහෙයවනු ලබන මේ තරගමාලාවේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස සදර්න් ෂාක්ස් කණ්ඩායමේ මොහොමඩ් සෂාන් සම්මාන දිනාගත්තේය.ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය සමග ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් තරගාවලිය නැරැඹීමට එක්වී සිටියහ..
NEWS
හල්කඳවිල සිට මතුගම දක්වා ධාවනය වූ මතුගම ඩිපෝවට අයත් බස් රථය යළි ලබා දෙන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.දැනට වසර දෙකකට පමණ ඉහත සිට නවතා දමා ඇති මෙම බස් රථය නොමැති වීමෙන් පාසල් ළමයින් හා රැකියා ස්ථාන කරා ගමන් ගන්නා බොහෝ දෙනෙක් දැඩි අසීරුතාවකට පත්ව සිටිති..
NEWS
කහවත්තේ අබිරහස් කාන්තා මරණ දෙක ගැන සෙවීමට රජයේ රස පරීක්ෂකවරයා සහ විදුලි ඉංජිනේරුවරයෙක් ඊයේ (1) සවස කහවත්තට පැමිණියහ.මිය ගිය කාන්තාවන් දෙදෙනා ජීවත්වූ ගිනිගත් නිවස ඔවුන්ගේ පරීක්ෂාවට ලක් විය. සේතුංගේ දයාවති හා සේතුංගේ තිලකාවති යන අක්කා නගෝ දෙදෙනාගේ මරණ ඝාතන විය හැකි බවට විශ්වාස කරන බව පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් කියයි.එහෙත් එය ස්ථිර කර නැති නිසා නිවාස ගිනි ගැනීමට වෙනත් හේතූන් බලපෑවේදැයි යන්න සෙවීමටත් පරීක්ෂණ සිදු කෙරේ.ඇඹිලිපිටිය විදුලි ඉංජිනේරු ත්‍රිමා විතාරන මහතා ඊයේ පස්වරුවේදී ගිනිගත් නිවසට පැමිණ පරීක්ෂණ සිදු කළේය.රත්නපුර පොලිස් නිල සුනඛ ඒකකයේ ‘සීබා’ නම් නිල සුනඛයාට ලබාදුන් ඉවකට අනුව ඌ පුද්ගලයෙකුගේ නිවෙසක් ඉදිරිපිටට ගොස් නතරවීම පොලිසියේ සැකයට ලක් විය.මිය ගිය කාන්තාවන් දෙදෙනාගේ ඥාාති පුතෙකු වන අයෙකු ඒ අනුව ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් බාරයට ගනු ලැබීය. ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිස් ආරංචි පවසයි. එම පුද්ගලයාගේ ඇඟිල්ලක පිළිස්සුම් ලකුණු දක්නට ඇතැයිද පොලිසිය කියයි. රත්නපුර විශේෂ පොලිස් විමර්ශන ඒකකය සහ කහවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි..
NEWS
ළමා මිතුරු පාසල් වැඩසටහන යටතේ ප්‍රාථමික පාසල් 5000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට වැඩිම පාසල් සංඛ්‍යාවක් මතුගම අධ්‍යාපන කලාපයට අනුමත වී තිබේ.මතුගම අධ්‍යාපන කලාපය පාසල් 38ක් අනුමත වී ඇති අතර එම පාසල් අයත් වන්නේ මතුගම 15, පාලින්දනුවර 10, වලල්ලාවිට 7 ක් සහ අගලවත්ත 6 යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටය..
NEWS
පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම් දිනූ බර ඉසිලීමේ සූර චින්තන ගීතාල් විදානගේට තාවකාලික තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය තීරණය කර ඇත.තහනම් උත්තේජන චෝදනාවට අනුව මේ තරග තහනම පැනවෙන අතර ක්‍රීඩකයා චෝදනාව ප්‍රතික්‍ෂේප කරන්නේ නම් දින 30ක් ඇතුළත ‘බී’ සාම්පල පරීක්‍ෂණය කිරීමට සිදු වේ.මේ පරික්‍ෂණයෙන්ද තහනම් උත්තේජන චෝදනාව ඔප්පු වුවහොත් ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ ක්‍රීඩකයට ලබා දෙන දඩුවම තීරණය කරනු ඇත.චින්තන ගීතාල් විදානගේ ට එල්ලවී ඇති තහනම් ඖෂධ චෝදනාව පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය ද ඊයේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් මේ පරීක්ෂණය සඳහා නම් කර ඇත.චීනයේ පැවැති ආසියානු බර ඉසිලීමේ සූරතාවලියේදී චින්තන ගීතාල් තහනම් උත්තේජන ගත් බවට ජාත්‍යන්තර බර ඉසිලීමේ සංගමය චෝදනා නගන අතර ඔහුගේ මුත්‍රා සාම්පලයේ මීතයිල් හෙක්සානේමයින් (Methyl Hexaneamine) තහනම් ඖෂධ සංඝටක තිබූ බවට තහවුරු වී ඇතැයි සඳහන් කර සිටී.කැෆේන් (Caffeine) නම් රසායන ද්‍රව්‍ය අඩංගු මීතයිල් හෙක්සානේමයින් ශරීරයේ මේදය හා බර අඩු කිරීමට භාවිතා කරයි. එයින් අමතර ශක්තියක් ද ශරීරයේ ඇතිවන හෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම ඖෂධය ගැනීම තහනම් කිරීමට ලෝක තහනම් උත්තේජන ඒජන්සිය තීරණය කර ඇත.කෙසේ වුවද චින්තන ගීතාල් විදානගේට තහනම් උත්තේජන චෝදනාව එල්ලවූ තරගාවලියේදී ඔහු පදක්කමක් දිනා ගැනීමට සමත් නොවීමද විශේෂත්වයකි.ඔහු 2006දී මෙල්බොර්න් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හා නිමාවු නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. එම තරගවලදී චින්තන ගීතාල් විදානගේට චෝදනා එල්ල නොවීය..
NEWS
ගොයම් මැඩීම සඳහා යොදා ගන්නා භූමියට කමත යැයි කියන බැව් කතා ව්‍යවහාරයෙන් පෙනේ. කමත නම් පදය ප්‍රාදේශිකව භාවිත වන්නක් නොව රට පුරාම භාවිත වන්නකි. කර්මාන්තය යන අරුතෙන් කමත යන පදය යෙදෙන වග ශ්‍රී සුමංගල ශබ්ද කෝ්ෂයෙහි වැලිවිටියේ සෝරත හිමිපාණෝ සඳහන් කරති.අපේ රටෙහි කෘෂිකාර්මික සංස්කෘතයෙහි බෙහෙවින් ව්‍යවහාර වූ කමත කාර්මික විද්‍යා හා තාක්‍ෂණයේ පෙරළියත් සමග අභාවයට යමින් පවතී. කමත සමඟ සම්බන්ධ වූ ඇදහිලි විශ්වාස කෙම් චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ජනකවි ජන කතා බස් වහර ආදි වශයෙන් පුළුල් පරාසයක් අපේ ජන ජීවිතයේ දී දැක දැන ගන්නට ඇත.කමත සදහාම ව්‍යවහාර වූ කලවිට පිරිතක් ද ඇත. නූතන සංවර්ධනයත් සමග අපේ ඓතිහාසික වටිනාකමකින් සංස්කෘතික පසුබිමකින් යුතු කමත අභාවයට යමින් පවතී.සාමුහිකත්වයෙන් ජීවත් වූ ගැමි ගොවි ජනතාව තම තමන්ගේ කුඹුරු ගොවිතැන් කාර්යයන්හිදී එක් වෙල් යායකට එක් කමත් ගෙයක් වශයෙන් ඉදි කර ගත්හ. වෙල්යාය කෙළවර හෝ වෙල්යාය මැද හෝ ඔවුහු මෙම කමත් ගෙය ගොඩ නගා ගත්හ. කමත් මඩුව වශයෙන්ද ව්‍යවහාර වේ.දිවංගත ප්‍රවීණ ලේඛක පියසේන කහඳගමගේ සූරීන් ලියූ කෙතක මහිම කමත පර්යේෂණ ග්‍රන්ථයෙහි කමතේ දිග පළල රියන් 12 ක් ඉක්ම විය යුතු යැයි කළුතර දිස්ත්‍රික්කයෙන් ලබා ගත් තොරතුරු අනුව දැක් වේ. එහෙත් කමත් ගේ නොහොත් කමත් මඩුව ගැන සඳහන් නොවේ. හරි හතරැස් ආකාරයට ඉදි කෙරෙන කමත් මඩුව මැද හරක් (අම්බරුවන්) ගැට ගැසීම සඳහා ශක්තිමත් කණුවක් සිටුවා ගනී. කමත් මඩුව හතර පැත්තට විවෘතය. කමත් මඩුව බිම ගොම ගා පිරිසුදු කර ගන්නා හෙයින් පිටත කමතකට මෙන් මාගල් අවශ්‍ය නොවේ. බිමට සිමෙන්ති දැමීමක් සිදු නොවේ. හරක් කුරවලට වී ඇට විනාශ වන හෙයිනි. දැන් මේ කමත් ගේ නොහොත් කමත් මඩු දක්නට ඇත්තේ ද ඉතාමත් කලාතුරකිනි.මෙබඳු කාලයක අපි ස්ථිරව ගොඩනඟන ලද කමත් මඩුවක් හෙවත් කමත් ගෙයක් බණ්ඩාරගම කොළ මැදිරියේදී දුටුවෙමු. කොතලාවල හන්දියේ සිට පතහවත්ත විහාරස්ථානය හරහා කොළ මැදිරිය දක්වා ඇති අතුරු මාර්ගයේ වෙල් යාය කෙළවර මේ අපූරු කමත් මඩුව දක්නට ඇත. බු. ව. 2500 සම්බුද්ධ ජයන්තිය නිමිති කර ගෙන ප්‍රදේශයේ ගොවි මහතුන් උදෙසා කෙරෙන පරිත්‍යාගයක් වශයෙන් 1957 දි මෙම කමත් මඩුව ගොඩනගා ඇත.අපි මේ සම්බන්ධව මෙම කමත්ගෙයට නැත්නම් මඩුවට ඉතාම ආසන්නයේ ජීවත්වන විශ්‍රාමික පරිපාලන නිලධාරී ආනන්ද මුදලිගේ මහතාගෙන් තොරතුරු විමසමු.බු. ව. 2500 සම්බුද්ධ ජයන්තිය නිමිති කර ගෙන ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මෙම කමත් ගෙය 1957 දී පරිත්‍යාග කර තිබෙන්නේ මගේ සීයා වන කොළමැදිරියේ සිටි විශ්‍රාමලත් ගම්මුලාදෑනි ආයුර්වේද වෛද්‍ය ඩී. ඩී. මාන්නප්පෙරුම මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්. මේ බැව් සඳහන් පුවරුවක් ද කමත් මඩුවේ තිබෙනවා.මේ කමත් මඩුවේ යටලී පරාල රීප්ප මුදුන් බාල්ක සම්බන්ධ කරල තියෙන්නෙ පිත්තල ඇණ වලින්. ඒ නිසා මළ බැඳෙන්නේ නෑ. ලී දිරාපත් වෙන්නෙත් නෑ. වටේට මිටි බැම්මක්. බැත (වී) ඉවතට යන්නේ නෑ. වී ගබඩා කරන්නට කාමර දෙකක් තිබෙනවා. ඒ ගබඩා කාමර රාත්‍රියට ඉවුම් පිහුම් කටයුතු කරන්නට තවත් කාමරයක් තියෙනවා. වැසි වතුර එකතු වෙන්නට ටැංකියක් තියෙනවා. ඉතාම ශක්තිමත් මඩුවක්. උළු වහලයට සෙවිලි කරල. කොළමැදිරිය රයිගම, තුඩුව, රද්දෙගොඩ, පරමනගල, වෙල්යායවල ගොයම් පෑගුවෙ මේ කමතෙ. සීය හදාපු බුදු මැදුර අද අභාවයට ගිහින්. බුදු මැදුර තිබුණේ ගොවි මහතුන්ට මල් පහන් පුදන්න. අද ඉන්නෙ පුංචි දරුවො කමත් වඩුවක් නොවෙයි වෙල්යායේ වක්කඩවත් දැකල නෑ. ඒ දරුවන්ට මේ කමත් මඩුව දැක බලා ගන්න සලස්වනවා නම් හරි වැදගත්. පොල් අතු සෙවිලි කළ කමත් මඩු ටකරන් සෙවිලි කළ කමත් මඩු එදා තිබුණා. සීයා මේ මඩුවට උළු සෙවිලි කළේ කාලයක් තියාගන්නට.ගවයින් වෙනුවට අද ගොයම් මැඩීම සඳහා භාවිත කෙරෙනුයේ ට්‍රැක්ටර්ය. නැත්නම් ගොයම් පාගන මැෂින් නිසා කමත් මඩුව අභාවයට යන බව ප්‍රදේශයේ වැඩිහිටි ගොවියෝ අපට පැවසුහ. මෙම කමත් මඩුව ඇතුලේ ට්‍රැක්ටර්වලින් ගොයම් පෑගීම නිසා වටේට බැඳ ඇති මිටි තාප්පය කිහිප තැනකින් කැඩී ඇති බව අපි දුටුවෙමු.මෙම පෞරාණික කමත් මඩුව ආරක්ෂා කර ගැනීමට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව හෝ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය කාර්යාලය මගින් හෝ කාලෝචිත පියවරක් ගන්නේ නම් මැනවි..
NEWS
හෝමාගම නගරයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන තරුණ ව්‍යාපාරිකයකු සැලුන් එකක් දැමීමට අදහස් කර, එයට සුදුසු ස්ථානයක් සොයා ඊට අවශ්‍ය භාණ්ඩ ද මිලදී ගත්තේය. සැලුන් එකේ කොණ්ඩා කැපීමට දක්‍ෂ බාබර් කෙනෙකු සොයමින් සිටියදී නගරයේ සැලුන්වල තාවකාලිකව කොණ්ඩා කපන බාබර් කෙනකු හමුවී ඔහුට නව සැලුන් එක බාර දීමට තරුණ ව්‍යාපාරිකයා තීරණය කළේය.දින කීපයකට පසු නව සැලුන් එක විවෘත කරන දිනය උදාවිය. එදින උදෑසන සුබ මොහොතින් නව සැලුන් එක විවෘත කරන්නට වේලාව ළංවෙද්දි බාබර් නගරයේ එක්තරා වෙළෙඳ සලකට ගිහින් එන්නම් කියා ගිහින් ඇත.කෙමෙන් කෙමෙන් යෙදී තිබූ නැකත් වේලාව ආසන්නට පැමිණියත් බාබර් පැමිණීමට ප්‍රමාදවූ නිසා ඔහු ගිය වෙළඳසලට හා ඒ අවට සොයා බැලීමට අර ව්‍යාපාරිකයා ගියේය. එහෙත් ඔහුට බාබර් සොයාගැනීමට නොහැකි විය. මේ සමඟ කලබලයට පත් තරුණ ව්‍යාපාරිකයා ඇතුළු පිරිස නගරයේ වෙනත් සැලුන්වල සිටින බාබර් කෙනෙකු හෝ සොයන්නට ගියත් එම වේලාවේ සැලුන් විවෘත නොකර තිබීම නිසා පිරිස තවත් අපහසුතාවට පත්වී ඇත.නියමිත නැකැත් වේලාව පැමිණි විට තරුණ ව්‍යාපාරිකයා තමන් දන්නා විදියට එක් අයකුගේ පමණක් කොණ්ඩයක කොටසක් කැපීම සිදුකර පැය කීපයකට පසු සැලුන් එක වසා දැම්මේය.අනතුරුව තරුණ ව්‍යාපාරිකයා එක් අයකු සමඟ යතුරුපැදියෙන් බාබර්ගේ නිවස බලා අවිස්සාවේල්ලට ගියේය. නිවෙස ආසන්නයේදී ඔහුට බාබර් මුණගැසී ඇත. ඉන් කලබලයට පත් බාබර් මීටර් 400 තරග ඉසව්වකදී වාගේ වේගයෙන් දිවීමට පටන්ගෙන ඇත. ව්‍යාපාරිකයා ආපසු හැරී පැමිණියේය..
NEWS
මෙවර මහමැතිවරණයෙන් තේරීපත් වූ නවකයෝ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස හෙට (22) දිවුරුම් දෙති. දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව නවකයින් හැටපස්දෙනකු මන්ත්‍රීවරුන් ලෙස හත්වැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නවකයන් හතළිස් දෙනකු ද, එක්සත් ජාතික පක්ෂයෙන් නවකයින් විසි දෙනකු ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් එක් අයෙක් ද, සෙසු පිරිස අනෙකුත් පක්ෂ වලින් ද තේරී පත් ව ඇත. නාවලපිටිය හා කුඹුරුපිටිය මැතිවරණ බල ප්‍රදේශවලින් තේරීපත් වන නවකයින් පිරිස අනුව හත්වැනි පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති නවක නියෝජිතයන්ගේ සංඛ්‍යාව වෙනස් වේ.එමෙන් ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගන්නා නියෝජිතයින්ගේ නම් ලැයිස්තුව මේ වන විට මැතිවරණ කොමසාරිස්වරයාට යවා ඇති අතර සියලුම පක්ෂ නියෝජනය වන පරිදි ජාතික ලැයිස්තුවෙන් නියෝජිතයින් විසිනව දෙනකු පත්කර ගැනේ.මෙවර මහමැතිවරණයෙන් තේරීපත් වූ හා ජාතික ලැයිස්තුවෙන් පත්කර ගන්නා සියලුම නියෝජිතයෝ හෙට (22) කතානායකවරයා ඉදිරියෙහි දිවුරුම් දෙති.හත්වැනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසි වාරයේ මංගල සභාව හෙට (22) පෙරවරු 8.45 ට රැස්වේ.මංගල සභාවාරයේ ප්‍රථම කාර්යය වන්නේ නව පාර්ලිමේන්තුව සඳහා කතානායකවරයකු පත්කර ගැනීමයි. නව පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කර ගන්නා කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉදිරිපිට දිවුරුම් දීම සම්ප්‍රදායානුකූලව සිදු වේ.කතානායකවරයා පත්කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වූවන් මන්ත්‍රීවරුන් ලෙස කතානායකවරයා ඉදිරිපිට දී දිවුරුම් දීමට නියමිතය. ඉන් අනතුරුව නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කිරීම සිදු කෙරේ.එමෙන් ම ඇමැති මණ්ඩලය පත් කිරීම ලබන 23 දා සිදුකිරීමට නියමිතය.
NEWS
කෙසෙල් කෙඳි වලින් විවිධ විසිතුරු භාණ්ඩ නිපදවීමේ යෙදී සිටින අයකු වත්තේගම මීගම්මන ගම්මානයේදී මුණ ගැසුණි. ඇය නමින් විශාකා උදය භද්‍රාය.ඇය විසිතුරු භාණ්ඩ නිර්මාණය කිරීමට විශේෂ දක්ෂතාවයක් දක්වන්නීය. කෙසෙල් ගසකින් කැන කපාගත් පසු දිරාපත්වීමට ඉඩ හරිනු ලබන කෙසෙල් කඳන් රුපියල් ශතවලට පත් කිරීමේ උපන් හපන්කමක් ඇයට ඇත. ඇයට මේ කාර්යය සැබැවින්ම විනෝදාත්මකය. විශාකා මේ හැකියාව පුරුදු පුහුණු කර ගෙන ඇත්තේ පාතදුම්බර සංස්කෘතික මධ්‍යස්ථානයේ කෙටි කාලීන පාඨමාලාවක් හැදැරීමෙනි.විශ්‍රාමලත් විදුහල්පතිනියක වූ මීගම්මන ඩබ්ලිව්. එම්. පොඩිමැණිකේ මහත්මිය ඇයගේ මවය. ඇය ද මේ කර්මාන්තය සඳහා දියණියට ලබා දෙන්නේ අනගි සහයකි. නිවසේ එකතුවන කසළ දැමීමට කූඩ, කාන්තාවන් පළඳින සෙරෙප්පු, සපත්තු, වෙළෙඳ සල් වලට ගෙන යා හැකි විසිතුරු අත් බෑග්, විසිතුරු තොප්පි, එළවළු වට්ටි, පළතුරු බහාලන උපකරණ, විසිතුරු ගමන් මලු, වට්ටි පෙට්ටි, බිත්ති සැරසිලි ආදිය මැයගේ නිවසේදී නිමැවෙන අයුරු දැක ගත හැකිය.විශාකා උදය භද්‍රා කෙසෙල් කෙඳි වලින් භාණ්ඩ නිෂ්පාදනය රැකියාවක් වශයෙන් කරන්න පුළුවන්. ඒවා අලෙවියට කිසිදු ගැටලුවක් නෑ. ගමේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ සඳහා කැමැත්තක් දක්වන අයට නොමිලේම පුහුණුවක් ලබාදීමට සූදානම්. අවශ්‍ය වන්නේ ඉවත දමන කෙසෙල් කඳන් කීපයක් පමණයි.අවශ්‍ය අයට සංස්කෘතික මධ්‍යස්ථානයෙන්ද පුහුණුවක් ලබාගත හැකියි. කැණ කපාගෙන ඉවත දමන කෙසෙල් ගසක කෙදි ලබාගෙන නොයෙකුත් භාණ්ඩ නිපදවීමෙන් රුපියල් හාරදහසක පමණ ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. රැකියාවක් නැතැයි කියා කාලය නාස්ති කරන කාන්තාවන්ට මෙය හොඳ ස්වයංරැකියාවක්..
NEWS
තිස් වසරක යුද්ධයෙන් පසු නැවත සංවර්ධනය වෙමින් පවතින යාපනයේ ටෙනිස් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් සහ එමඟින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීමට සමත්කම් ඇති ක්‍රීඩකයින් බිහිකිරීමේ අභිලාසයෙන් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මගින් යාපනයේ ටෙනිස් ක්‍රීඩාව නංවාලීමට කටයුතු යොදමින් පවතී.යාපනයේ සාන්ත පැට්‍රික් විද්‍යාලයේ විදුහල්පති ජෙරෝ සෙල්වනායගම් පියතුමාගේ සහයෝගය ඇතිව 2001 වසරේදී කනිෂ්ඨ ටෙනිස් වැඩසටහනක් දියත් කළ ශ්‍රී ලංකා ටෙනිස් සංගමය නොකඩවා එය 2005 වසර දක්වා පවත්වා ගෙන යමින් යාපනයේ පාසල් 6 ක ටෙනිස් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට සමත් විය. මේ වන විට යාපනයේ පාසල් 4 ක ටෙනිස් පිටි සකස් කොට ඇත.නමුත් යුද්ධය හේතුවෙන් අතරමඟ ඇනහිටි මේ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති සහ පිට පළාත්වල ටෙනිස් තරග සංවර්ධන නිලධාරි භාරති රාජ්පිල්ලේ යාපනයේ දින 5 ක සංචාරයක නොබෝදා නිරත විය.ඉදිරියේදී යාපනයේ ටෙනිස් ක්‍රීඩා සමාජයක් ඇරැඹීමට සැලසුම් කර තිබෙන අතර මේ වසරේ දෙසැම්බර් මාසයේදී යාපනය සිසු සිසුවියන්ට “ප්ලේ ඇන්ඩ් ස්ටේ” නමින් ටෙනිස් පාඨමාලාවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. යාපනයේ සම්බන්ධීකරණ නිලධාරි ලෙස රවීන්ද්‍ර කුමාර් නම් කර ඇත. යාපනයේ පාසල් 8 ක ටෙනිස් ක්‍රීඩකයන්ගේ සහ ගුරුවරුන්ගේ හමුවක් ද පසුගියදා පැවැත්විණි..
NEWS
සංචාරක දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර අද කෝල්ට්ස් පිටියේ දී ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ දී නායිකාව චමරි අතපත්තු සහ පුහුණුකරු‍ ජීවන්ත කුලතුංගගේ අදහස් සැලකිල්ලට නොගෙන සිය අභිමතය පරිදි කණ්ඩායම තේරීමට කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගැනීමෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇතැයි 'දිනමිණ'ට වාර්තා වේ.විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට පෙර කාන්තා ක්‍රිකට් ‍තේරීමේ කමිටුව තම අදහස් විමසුව ද, එය සැලකිල්ලට නොගෙන ඊට හාත්පසින්ම වෙනස් කණ්ඩායමක් නම් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු සහ නායිකාව ඊයේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට පැමිණිලි කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.දෙපිල අතර නිමාවට පත්වූ එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ද මෙවැනි ගැටලු රැසක් මතුවී තිබිණි. ශ්‍රී ලංකාවට කඩුලු 5ක පරාජයක් අත්කර දෙමින් පෙරේදා එස්. එස්. සී. පිටියේදී නිමාවට පත්වූ අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා පිලේ අවසන් 11දෙනා සහ කණ්ඩායමේ පිතිහරඹ ලැයිස්තුව තම අභිමතය පරිදි සැලසුම් කිරීමට තේරීම් කමිටුව පියවර ගැනීම පිළිබඳව ද කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩිකාවන්ගේ හා කණ්ඩායමේ පුහුණුකාරිත්වයේ අප්‍රසාදයට ලක්වී තිබිණි.එහි දී පුහුණුකරුට බලපෑම් කරමින් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කීපදෙනකු පිතිහරඹ ලැයිස්තුවේ ස්ථාන මාරු කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබූ බවට ද වාර්තාවේ.තරගයක් සැලසුම් කිරීම හා පිතිහරඹ ලැයිස්තුව සකස් කිරීම නායිකාව සමග සාකච්ඡා කොට පුහුණුකරු විසින් ගනු ලබන තීරණයක් වූවත් කාන්තාක්‍රිකට් තේරීම් කමිටුව ඒ සඳහා අනිසි බලපෑම් එල්ල කිරීම මෙරට කාන්තාක්‍රිකට් ක්ෂේත්‍රයේ පරිහානියට හේතුවක් වනු ඇති බව හිටපු ක්‍රීඩිකාවන් රැසකගේ අදහසවී තිබේ.ජයන්ත අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට සුචිත්‍ර අලෙක්සැන්ඩර්, ඉන්දිකා ජයමාලී මහත්මමහත්මීහූ සමග මෑතක දී එක්වූ උවෙයිස් කර්නයින් හා වරුණ වරාගොඩ මහත්වරු ඇතුලත් වෙති.දෙපිල අතර අද ඇරැඹෙන විස්සයි20 තරගාවලියට නම් කළ ක්‍රීඩිකාවන් 14කගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට පිටදඟපන්දු යවන්නියන් තිදෙනකු සහ කඩුලු රකින්නියන් දෙදෙනකු නම් කිරීමට කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මීට අමතරව වේගපන්දු යවන්නියන් 4ක් ද කණ්ඩායමට ඇතුලත්ව සිටිති. කෙසේවෙතත් එක්දින තරගාවලියට එක්වී සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන ශ්‍රීපාලී වීරක්කොඩිට සහ චමරි පොල්ගම්පොලට විස්සයි20 කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැත. ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා කාන්තා විස්සයි20 තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10.00ට කෝල්ට්ස් පිටියේ දී ආරම්භ වන අතර දෙවැනි තරගය අනිද්දා (25) පෙරවරුවේ කෝල්ට්ස් පිටියේදීම පැවැත්වේ.අවසන් තරගය ලබන 26දා පස්වරු 1.30ට වෙළෙඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතය.විස්සයි20 තරගාවලියට නම් කළ ශ්‍රි ලංකා කණ්ඩායම- චමරි අතපත්තු (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි, යසෝධා මෙන්ඩිස්, ශෂිකලා සිරිවර්ධන, හසිනි පෙරේරා, ඉෂානී‍ ලොකුසූරිය, අමා කාංචනා, නිලක්ෂි සිල්වා, මධුරි සමුද්දිකා, ඉනෝකා රණවීර, ඉනෝෂී ප්‍රනාන්දු, ඉමල්කා මෙන්ඩිස්, උදේශිකා ප්‍රබෝධනී, අනුෂ්කා සංජීවනී.අතිරේක ක්‍රීඩිකාවන් - චන්දිමා ගුණරත්න, ශ්‍රීපාලී වීරක්කොඩි, චමරි පොල්ගම්පොල, සඳුනි අබේවික්‍රම.
NEWS
යූ.ජී.එම්.අභි‍යෝගතා කුසලාන මධ්‍යම පළාත් පාසල් මාර්ග ධාවන තරගය 3වැනි වරටත් හෙට(2) නුවරඑළියේ දී පැවැත්වේ. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු ක්‍රීඩා අංශය වාර්ෂිකව සංවිධානය කරන මේ තරගාවලිය මෙවර නුවරඑළිය දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය සමග ඒකාබද්ධව සංවිධානය කෙරේ.කිලෝමීටර් 20ක් දුරැති මේ තරගය බාලක සහ බාලිකා වශයෙන් කණ්ඩායම් තරගයක් ලෙස පැවැත්වේ. මාතලේ දිසාව නියෝජනය කළ ප්‍රවීන දුර දිවීමේ ශූරයෙකු වන යූ.ජී.මුතුබණ්ඩා මහතා තරගාවලියට පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි.හෙට(2) පෙරවරු 10.00ට ආරම්භ වන මේ තරගය නුවරඑළිය ග්‍රෙගරි වැව වටා පැවැත්වේ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී.රත්නායක මහතා ද, වි‍ශේෂ ආරාධිතයන් ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයරත්න දිසානායක, නුවරඑළිය පුරපති මහින්ද ‍දොඩම්පෙගම සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ගාමිණි ඔ‍බේසේකර මහත්වරු සහභාගි වීමට නියමිතය..
NEWS
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පිරිනමයි. දුරකථන ඇමතුම් මගින් එම සුබපැතුම් පිරිනමා ඇත.කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිනි ශාන්ති නානායක්කාර, අම්බලන්ගොඩ ධර්මාශෝත විදුහලේ විදුහල්පති එස්. පණ්ඩිතරත්න යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා සුබපැතුම් පිරිනැමූ බව ප්‍රකාශ කළහ.අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සූරියාරච්චිගේ දෝන සචිත්‍රා ෂමාලි ගුණවර්ධන ශිෂ්‍යාව හිමිකර ගත් අතර දෙවැනි ස්ථානය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ටී. චරිත් කෞෂල්‍ය විමලරත්න, ශිෂ්‍යයාද තෙවැනි ස්ථානය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ දිනිති උපේක්ෂා රණවීර ශිෂ්‍යාව හිමිකර ගත්හ.
NEWS
කජු ගස්වලින් පිරී ඇති එමලින් අක්කාගේ වත්තේ කජු ඵලදාව මෙදා සැරේ අවම වුවත් වවුලන්ගෙන් වෙන සේවය අතිමහත්ය. වවුලන් එක ගොන්නට සැදි ඇති තුරු ගොමුවලට පි‍්‍රය කරති. එනිසා වවුලෝ එමලින් අක්කාගේ වත්තේ සැරිසරති. මේ හේතුව නිසා එමලින්ගේ කජු ආදායම ඉහළ ගොස් ඇත.එමලින් අක්කා සතර පෝයටම පෙහෙවස් සමාදන් වන්නේ ගමේ පන්සලේමය. පෝය දිනයට පෙර දිනයේ සියලු දේ සූදානම් කර තබා වේලාසනින් නින්දට යෑමට වගබලා ගත්තාය.පසුගිය පෝ දිනට පෙර දිනයේ සිරිත් පරිදි සියලු ආම්පන්න සූදානම් කර තබා නින්දට වැටුණාය. පෝයට සිල් ගැනීමට පෙර කජු අහුලා ගැනීමට අල්ලපු ගෙදර ජේන්ට කලින් ඇගේ වත්තට රිංගා කජු අහුලා ගැනීම වැනි දහසක් සිතුවිලි මැද අතරමංවී පැදුර මත දිගා වුණාය.එදින හදිසියේම නැගිට වෙලාව විපරම් කළාය. අලුයම පහ පසුවී මිනිත්තු දහයක් වී ඇති බව දුටු ඇය නැගිට මුහුණ පවා නොසෝදා සිල් රෙද්ද පොරවා ගත්තාය. ඇය පළමුව කළේ සිරිත් පරිදි එළියක් දල්වා ගෙන ප්ලාස්ටික් භාජනය ද රැගෙන වත්තට යෑමය. වවුලෝ පොරකති. සට සට ගාමින් කජු වැටෙන ශබ්දවලින් ඇය ප්‍රීතියට පත් වූවාය. තමාගේ වත්තේ වැටෙන කජු දහසට වඩා අල්ලපු වත්තේ වැටෙන කජු ගෙඩි දහය වටිනා බව දන්නා ඇය කම්බි පොටවල් දෙක අතරින් අල්ලපු වත්තට රිංගා ගැනීමට වැර දරුවාය.නිදිමත ගතියෙන් සිටි ඇය කම්බි වැටෙන් රිංගා ගැනීමට පෙර සිල් රෙද්ද කම්බියේ පැටලී වැටුණාය. දණිස්සෙන් ලේ ගලන බවද දැන ගත්තාය. හුළු එළිය විසි වී ගියෙන් පලාතම අඳුරු විය. එමලින් අක්කාට කර කියා ගත දෙයක් නොවිය. කෙසේ හෝ නැගිට අමාරුවෙන් පොල්කොළ එළියේ ආලෝකයෙන් කජු ඇහිඳීම පසෙක දමා නිවෙසට පැමිණියාය.මේ මොහොතේ රාත්‍රී මුර සේවයේ යෙදී සිටින ඇයගේ පුතු පියල් නිවෙසට පැමිණියේය. පියල් අත බැඳී ඔර්ලෝසුවෙන් වෙලාව බැලීය. ‘කොහෙද අම්මේ මේ දෙගොඩ හරි ජාමේ ගියේ. දැන් බලන්නකො වෙලාව කීයද...’‘කීයද වෙලාව පහයි දහයයි. බලපන්කො මගෙ කාමරේ ඔරලෝසුවෙන්’පියල් කාමරයට එබී බැලුවේය.‘බලන්නකො වෙලාව. එකහමාරට නැවතිලා නෙ. හරි ශෝක් ඔය කකුලෙන් ලේ ගලනවා සිල් රෙද්ද ඉරාගෙන. මට තේරෙනවා වෙලා තියන වැඩේ. දැන් හෙට සිල් ගන්න යන්නත් නෑ. කජුවලට වෙච්ච පෙරේත කම නිසා කරගත්ත දේ. මදෑ දැන් ගිහින් නිදාගන්න.’.
NEWS
පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයහපත් කාලගුණය හේතුවෙන් පෙනී සිටීමට නොහැකි වූ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය අද (09) ආරම්භ වේ.අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක සිසුනට මෙම විභාගයට පෙනී සිටීමට නොහැකි විය.ඒ අනුව මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්මේන්තුව තීරණය කෙළේය.අද සිට 11 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 50කදී සිසුන් 2000කට ආසන්න පිරිසක් මෙම විභාගයට සහභාගි වීමට නියමිතය.මොනරාගල, කුරුණෑගල, මාතලේ, මහනුවර යන දිස්ත්‍රික්කවලදී මෙම විභාගය පැවැත්වේ..
NEWS
ඉඩම් නොමැති පවුල් 2500කට රන්බිම ඔප්පු ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (5) පැවැත්වේ.ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මෙහෙයවනු ලබන රන්බිම ඔප්පු ප්‍රදානයේ 9 වන අදියර වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.ඉඩම් හිමිකම් නොමැති පවුල්වලට ඉඩම් ලබාදීමට ජනාධිපතිවරයා මහින්ද චින්තනය මගින් දුන් ප්‍රතිඥාවක් අනුව මේ ඔප්පු ප්‍රදානය කෙරේ..
NEWS
කොළඹ නාලන්දා විද්‍යාලයේ 90 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන 'නාලන්දා සතිය' නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කෙරේ.මෙම සතිය ඇතුළත විවිධ ආගමික උත්සව හා සැමරුම් අංග රැසක් පැවැත්වේ. මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් නාලන්දා විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා නාලන්දා විද්‍යාලයීය භාෂා විද්‍යාගාරයේදී පැවැත්විණි.ඒ අනුව නාලන්දා සතිය ආරම්භ වනුයේ නොවැම්බර් 01 වැනිදා (සෙනසුරාදා) විදුහල් පරිශ්‍රය තුළ පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමෙනි. අනතුරුව නොවැම්බර් 03 වැනිදා පස්වරුවේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 'නාලන්දා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය' පැවැත්වේ.නොවැම්බර් 04 වැනි අඟහරුවාදා සවස 'නාලන්දා වර්ණ ප්‍රදානෝත්සවය' බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ.නාලන්දා විද්‍යාලය වෙනුවෙන් පසුගිය වසර හතරහමාරක කාලයේ ලෝකයේ රටවල් 26ක පැවති විවිධ ජාත්‍යන්තර තරඟවලට ඉදිරිපත්ව ජයග්‍රහණ අත්පත් කර ගත් තුන්සියයකට අධික සිසුන් ඇගයීමේ විශේෂ උත්සවයක් නොවැම්බර් 05 වැනිදා සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. නොවැම්බර් 07 වැනිදා ත්‍රයිනිකායික මහනායක හිමිවරුන් සහ සමස්ථ සියලුම සංඝරත්නය නියෝජනය කරමින් 90 නමක් විෂයයෙහි මහා සාංඝිකමය දානමය පින්කමක් නාලන්දා විද්‍යාලයේදී සිදු කෙරේ.මෙම සංවත්සරික උත්සව මාලාවේ උත්කර්ෂවත් උත්සවය ලෙස 'නාලන්දා පාගමන' නොවැම්බර් 08 වැනි සෙනසුරාදා උදෑසන 8.00ට නාලන්දා විද්‍යාලයෙන් ආරම්භ කෙරේ.මෙම මාධ්‍ය හමුවේදී නාලන්දා විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතා මෙසේද කීය.'19 වැනි සියවසේ ඇතිවූ මෙරට සිංහල බෞද්ධ ආගමික ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් ලෙස ජාතික අවශ්‍යතාවයක් ලෙස මෙරට බෞද්ධ පාසල් පද්ධතිය බිහි වුණා. කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රමුඛව බිහි වූ එම පාසල් පද්ධතිය තුළින් 1924 වර්ෂයේදී නාලන්දා විද්‍යාලය ළමයි 330කින් සමන්විතව ආරම්භ වූයේ ආනන්දයේ ශාඛාවක් ලෙසින්. පසුව 1925 දී නාලන්දා විද්‍යාලය නමින් ස්වාධීන පාසලක් ලෙස 1925දී ලියාපදිංචි කර තිබෙනවා.මෙම මාධ්‍ය හමුවේදී නාලන්දා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ලක්ෂ්මන් අමරසූරිය, ආදී නාලන්දීය මාධ්‍ය සංසදයේ අජිත් ගලප්පත්ති යන මහතුවරු අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට නාලන්දා නියෝජ්‍ය විදුහල්පති ආරියරත්න බණ්ඩාර, සහකාර විදුහල්පති ඊ.ඩබ්ලිව්.එම්. ප්‍රේමරත්න, ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය ඩෝල්ටන් වක්වැල්ල, මාධ්‍ය ඒකකය භාර ආචාරිණී ඉන්ද්‍රානි පීරිස් යන මහත්ම මහත්මීහු සහ විද්‍යාලයේ වාණිජ හා කලා අංශ ප්‍රධානී බෝපේ ඉන්ද්‍ර‍ජෝති හිමියෝද සහභාගී වූහ.
NEWS
චීන රජයේ ආධාර මත හැම්මෑලිය සිට හෑගොඩ දක්වා ඉදිකළ ගිං ගඟ පළමු අදියරේ ව්‍යාපෘතියට අයත් පොම්ප සහ මෝටර් නිරන්තරයෙන් ක්‍රියා විරහිත වන බවත්, පසුගිය දින ගිං ගඟ පිටාර ගැලීමේදී වැඩි ජලය ඉවත් කිරීමට නොහැකිව ආරක්‍ෂක කලාපයේ ඇති නිවාස, ඉඩකඩම් , කුඹුරු සහ අනෙකුත් සියලු වගාවන් යට වීම නිසා අලාභ සිදුවුණු බවත් ප්‍රදේශවාසීහු පවසති.මෙම ගිං ගඟ යෝජනා ක්‍රමය ආරම්භ කොට වසර තිහකට වැඩි කාලයක් නිසා, මෙම ව්‍යාපෘතියේ පොම්පාගාර දහයක් තුළ පොම්ප තිස් හතක් තිබෙන අතර හෑගොඩ පොම්පාගාරයේ පොම්ප දෙකක් ක්‍රියා විරහිතවී ඇත.ගිං ගඟ ව්‍යාපෘතියේ සියලුම යන්ත්‍ර සූත්‍ර චීන රජයෙන් ලැබුණු චීනයේ නිෂ්පාදිත ඒවා වන අතර ඇතැම් අමතර කොටස් වෙළෙඳ පොළේ සොයා ගැනීමටද නැත.මෙම යන්ත්‍රවල තෙල් මාරු කිරීම හා තෙල් දැමීම වැනි සුළු කාර්මික දෝෂ පමණක් මෙහි සේවය කරන සේවකයින් විසින් කරනු ලැබුවත්, යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට සේවකයන් නොමැති වීම ගැටලුවක්.පොම්පාගාර දහයේ ඇති ආරක්‍ෂක කලාපයේ කුඹුරු අක්කර 7914ක් ඇති අතර, මෙම පොම්පාගාර ඉදිරි පස හා පසු පස ඇති බේසම් තුළ වසර ගණනාවක් තුළ රදා පැවැති රොන්මඩ තට්ටු ඉවත් කිරීමද සිදු කර නැත.මේ පිළිබඳ අදහස් දැක්වූ ඉඳිගස්කැටිය වාරිමාර්ග ඉංජිනේරු නිලධාරියෙක් සිය අදහස් මෙසේ පළ කළේය.මේ පොම්ප අලුත්වැඩියා නොකරන නිසා නිතර නිතර ක්‍රියා විරහිත වෙනවා. මේ පොම්පාගාර අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 950ක ඇස්තමේන්තු සකස්කොට ඉදිරිපත් කරලා තියෙනවා. විශාල ගංවතුර තත්ත්වයකදී වැඩි ජලය ඉවත් කිරීමේදී යම් යම් ගැටලු මතු වෙනවා..
NEWS
පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ වැටී ඇති කෑගල්ල හරස්මාර්ගයට කඩිනමින් ගුවන් පාලමක් ඉදි‍කරන බව පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාස සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ මහතා පැවැසීය.මේ දුම්රිය මාර්ගයේ ගේට්ටුව නිතර වැසීමෙන් පොල්ගහවෙල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා ඇතිවේ.දිනකට පැය හයක් පමණ මේ ගේට්ටුව වැසෙන නිසා වාහන ගමනා ගමනයට බාධා ඇතිවන හෙයින් මේ ගුවන් පාලම ඉදිකරන බව විජේසිංහ මහතා කීය..
NEWS
වාද්දූව නගරය මැදින් ගලා යන බිඳුණු ඇළ පොතුපිටියේ හල්කඩයා ඇළෙන් ආරම්භ වී පොහද්දරමුල්ල, මොල්ලිගොඩ, වාද්දූව, නැඟෙනහිර වාද්දූව හරහා තල්පිටිය ඇළ දක්වා ගලාගෙන යයි. මේ ඇළ මාර්ගය වර්ෂා කාලයට පිටාර ගලා යනවිට වාද්දූව නගරයේ මොරොන්තුඩුව පාරේ බස් ධාවනය පවා ඇනහිටී. ඇළේ උතුරු කොටස දෑලේ ගෙවල් යටවී ජනතාවට උන් හිටි තැන් පවා අහිමි වේ.බිඳුණු ඇළ දෑලේ විවේකාරාම පාර මායිම් කොට ජීවත් වන නැඟෙනහිර වාද්දූව බිඳුණු ඇළ සුරැකීමේ සංවිධානය අවදානමට පෙර සූදානමක් ලෙසින් ඇළ ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් පසුගියදා පැවැත්විය.බිඳුණ ඇළ සුරැකීමේ සංවිධානයේ සභාපති කුයින්ටස් ෆොන්සේකා මහතා - ඇළ පිටාර ගැලීම නිසා වාද්දූවේ මොරොන්තුඩුව පාර යටවෙනවා. ගෙවල් දොරවල් යටවී උයාගෙන කෑමට පවා බැරි වෙනවා. වර්ෂා කාලයට අපි කටුක අත්දැකීමට මුහුණ දෙනවා. අපගේ ඉල්ලීම මත ඇමැතිවරු තිදෙනකු ප්‍රතිපාදන යොදා ඇළ හාරා සුද්ධ පවිත්‍ර කෙරුවා. ඒ ශුද්ධ පවිත්‍ර කිරීම් නිසා මේ ප්‍රදේශයේ ගංවතුරින් වන හානි අවම වුණාට එය අප විඳින හිරිහැරයට ස්ථිර සාර විසඳුමක් වුණේ නෑ.ගම්වැසියන්ගේ ශ්‍රමයෙන් ඇළ ශුද්ධ පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ ව්‍යාපෘතියට පාණදුර ප්‍රාදේශීය සභාවත් අනුග්‍රහය ලබාදුන්නා. අද ආරම්භ කළේ බිඳුණු ඇළ ශුද්ධ පවිත්‍ර කිරීමේ පළමු පියවර. මේක දිගින් දිගටම අපි ක්‍රියාත්මක කරනවා.බිඳුණ ඇළ සුරැකීමේ සංවිධානයේ ලේකම් සුනිල් බොලොඤ්ඤෝ මහතා - කැළිකසළ අපද්‍රව්‍ය ඇවිත් ඇළේ හිරවෙලා. වැස්ස කාලෙට දෙගොඩ තලා උතුරා ගිහින් ගෙවල් යටවෙනවා. වතුර බැසයාමක් නොවන නිසා වතුර පල්වෙලා මදුරු උවදුර ඇති වෙනවා.මේ පීඩා විඳින්නේ අපේ අයගෙම වැරදි ක්‍රියාකාරකම් නිසයි. මාළු අල්ලන අය නිසා ඇළ ඉවුරු පවා කැඩී බිඳී යනවා. ඒකත් ඇළ ගොඩවීමට හේතුවක්. ඇළේ වතුර ගලා යෑමක් නැති නිසා මුළු ඇළ මාර්ගයම ජලජ පැලෑටිවලින් වැසී ගිහින්.මේ අවස්ථාවට පාණදුර ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලමුණි මහතාද එක්විය.   .
NEWS
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ ප්‍රකාශයට පත්කළේය.කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 15 දෙනාට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා අනුමැතිය ලබා දී ඇත. මේ කණ්ඩායමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය හා චමින්ද වාස් ඇතුළත් කොට නැත.එමෙන්ම 2007 දී අවසන් ලෝක කුසලාන තරගාවලියට එක්වූ ෆර්විස් මහරුෆ් ද මෙවර කණ්ඩායමට එක්කොට නැත. ලෝක පූජිත දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.ශ්‍රී ලංකා පිල මෙසේය.කුමාර සංගක්කාර (නායක), මහේල ජයවර්ධන, උපුල් තරංග, ටී. එම්. ඩිල්ෂාන්, තිලාන් සමරවීර, චාමර සිල්වා, චාමර කපුගෙදර, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, දිල්හාර ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්.
NEWS
2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ වෙසක් පොහෝ දිනයේ වෙසක් සිරි නැරඹීම සඳහා ලක්ෂ 15 කට අධික ජනතාවක් කොළඹට පැමිණ ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.ට අමතරව රථවාහන මෝටර් සයිකල් සහ පාපැදි ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවකින් කොළඹ නගරයේ වෙසක් අසිරිය නැරඹීම සඳහා පැමිණ ඇත. මේ නිසා මෑත කාලයේ කොළඹ නගරයේ සිදු වූ දැවැන්තම රථ වාහන තදබදය ගෙවුනු 05 වැනිදා වාර්තා විය.වැඩිම රථවාහන තදබදය පැවතියේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ය.බෞද්්ධාලෝක වෙසක් කලාපය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කළ අතර වෙසක් කූඩු ප්‍රදර්ශනයක් සහ විශේෂිත වූ සැරසිලි වලින් සමන්විත විය. දිගින් කිලෝ මීටර් 4 ක පමණ වෙසක් කලාපයක් බෞද්ධාලෝක මාවත දෙපස ඉදිකර තිබුණි. බත් දන්සල්, සිසිල්බීම, කෝපි, අයිස්ක්‍රීම් ආදි විවිධාකාර වූ දන්සැල් රැසක් මග දෙපස තිබුණු අතර මේවායේ රැදුණු මහජනතාව නිසා එහි රථවාහන තදබදය දෙගුණ තෙගුණ විය. ඊයේ (06) සහ අද (07) දෙදින තුළ ද වෙසක් අසිරිය නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව මීට වඩා වැඩි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි..
NEWS
පැල්පොළ කමලින් කුරුප්පු අනුස්මරණ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පවත්වා ගෙන ගිය වැඩිහිටි සායනය නතර කර වසර 3ක් පමණ ගත වුණත් එය මෙතෙක් ආරම්භ නොකරන්නේ මංදැයි වැඩිහිටියෝ විමසති.2000 වර්ෂයේ මෙම මධ්‍යස්ථානය ආරම්භ කෙරුණේ පාසල් ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියදී මිය ගිය කමලින් කුරුප්පු මෙනවියට පින් පිනිස ඇගේ පවුලේ අය විසිනි.ඒ සඳහා ගොඩනැඟිලි ද ලබා දී ඇති අතර ළමා හා මාර්‍තෘ සායනය සති දෙකකට වරක් බ්‍රහස්පතින්දා දින වලත් සෑම බ්‍රහස්පතින්දාවකම ප. ව. 2.00 ට වැඩිහිටියන් සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීමට කටයුතු කෙරින.එහෙත් මේ වන විට වැඩිහිටි සායනය නතර වී ඇත්තේ ඒ සඳහා වෛද්‍යවරයෙකු නොමැතිකමින් බව පැවසේ.පැල්පොළ, ඇළමෝදර, පරගස්තොට, මානාන, කොස්හේන, පුන්සිරිපුර, මුඩගමුව ආදි අවට ප්‍රදේ්ශ ගණනාවක වැඩිහිටියෝ 75 – 100ත් අතර පිරිසක් මෙම සායනය සඳහා සහභාගි වී ප්‍රතිකාර ලබා ගත්හ.දැනට මාර්‍තෘ සායනය පමණක් පැවැත්වෙන බැවින් මෙම සායනය ද පැවැත්වීමට කටයුතු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.මිසිලින් අල්විස් මහත්මිය - ‘කමලින් කුරුප්පු අපේ නැන්ද කෙනෙක් වෙනව. එයා ගුරුවරියක් විදියට වැඩ කළා. ඒ කාලෙ අසනීප වෙලා නැති වුණා.නෑදෑයො එයාට පින් පිණිස මේ ගේ වෛද්‍ය මධ්‍යස්ථානයක් විදියට පවත්වාගෙන යන්න ලබා දුන්න.මුලදි නං හොඳට කෙරුන. දැන් අම්මලගෙ ක්ලිනික් එක විතරයි තියෙන්නෙ. ගමේ වයසක කට්ටියට ඒකෙන් හරි පාඩුවක් වුණේ.යූ. ඩී. බබුන්නෝනා මහත්මිය - අපිට ලොකු ඉස්පිරිතාලෙන් ප්‍රෙෂර් බලා ගන්න කිව්වත් අපි දුවගෙන මෙහාට ඇවිල්ල ඒක කරගෙන යනව.දැන් බෙහෙත් දෙන්නෙ නැති හින්ද අපි හරි දුකට වැටුණ. මේක ආරම්භ කර දෙනව නම් ලොකු පිනක්. මේ පළාතෙම වැඩිහිටියො ආවෙ මෙතෙන්ටයි..
NEWS
රසායනික දියරයක් (තිනර්) සිරුරට වත්කර ලයිටරකින් ගිනි තැබීමෙන් දරුණු ලෙස පිළිස්සීමෙන් කාන්තාවක් 27 දා පස්වරුවේ දී මියගොස් ඇත.මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 411/ඩී, නන්ද මාවත, කුරණ කටුනායක පදිංචි සෙල්ලප්පුලිගේ ලක්ෂිකා සුදර්ශනී රෝසා නමැති 28 හැවිරිදි දෙදරු මවකි.ඇය විවාහ වී වසර හතක් පමණය. ස්වාමිපුරුෂයා ව්‍යාපාරිකයෙකි. දරු දෙදෙනෙක් සිටිති. ජනක ලක්මාල් අවු. 8, කවිඳු ග්‍රේරෝ අවු 1 මාස 2යි. ජනක ලක්මාල් දෙවන වසරේ ඉගෙනීම ලබයි.මියගිය කාන්තාව 17 දා 5.15 පමණ මුළුතැන්ගෙයි (කුස්සියේ) සිටින විට තම පුරුෂයාගේ තාත්තා (මාමණ්ඩි) යම් දියරයක් ඇගේ සිරුරට වත්කර ලයිටරයකින් ගිනි තැබූ බව මියගිය කාන්තාව මීගමුව රෝහලේ දී පොලිසියට ප්‍රකාශ කර ඇත.එම ඉඩමේම නිවස අසල 441/1, නන්ද මාවත, කුරණ පදිංචි සුනේන්ද්‍ර ග්‍රේරෝ යන අය මෙසේ පැවැසුවේය. මගේ මල්ලී සහ බිරිඳ ද මියගිය (ලක්ෂිකා සුදර්ශනී) යන දරු දෙදෙනාද අල්ලපු ගෙදර පදිංචිව සිටිනවා.අළුයම 5.20ට පමණ අපේ අම්මාගේ කෑ ගසන හඬක් ඇසුනා. අම්මා කිව්වා කුස්සියේ ගිනි ඇවිලෙනවා.ලක්ෂිකාගේ (මියගිය කාන්තාවගේ) අම්මට කථා කරන්න කියලා. මම කුස්සියට ගිහිල්ලා බැලුවා. ලක්ෂිකා ගිනි බෝලයක් වගේ දැල්වෙමින් සිටියා.ලක්ෂිකා කිව්වා අනේ අපේ අම්මට කථා කරන්න කියලා. ගින්න නිවා දමා අපි ලක්ෂිකාව මීගමුව රෝහලට ගෙන ගියා.කුස්සියේ ගෑස් ලිපට සවිකර තිබූ ගෑස් නළය ගලවා දමා තිබුණි. එලෙස ගෑස් නළය ගලවා දමා ඇත්තේ ගෑස් කාන්දු වීමකින් ගින්න හටගත් බව හඟවා පරීක්ෂණ නොමඟ යැවීමට බව අනාවරණය වී ඇත. රසායනික දියරය වන තිනර් ගෙන එන ලදැයි කියන ප්ලාස්ටික් කෑන් එකද තරමක් පිලිස්සී තිබිය දී පොලිසිය සොයා ගෙන තිබිණි.අධික පිළිස්සුම් සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කාන්තාව මීගමුව දිසා මහ රෝහලින් කොළඹ ජාතික රෝහලට 27 දා පෙරවරුවේ මාරු කර යවන ලද අතර එදින පස්වරුවේ ඇය මියගොස් ඇති බව සීදූව පොලිසිය කියයි.මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය සිද්ධිය වූ ස්ථානයට 27 දා පස්වරුවේ පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වූවාය.කොට්ඨාස පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතාගේ හා සහකාර පොලිස් අධිකාරි පී. ඒ. ඩී. විජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. ආර්. එම්. එස්. ඩී. රණසිංහ පොලිස් සැරයන් 18676 ස්ටැන්ලිලස්, පොලිස් කොස්තාපල්වරුන් වන 67722 මධුශංක, 81163 දිනේෂ්, 82665 සම්පත් යන නිලධාරීන් කණ්ඩායම පරීක්ෂණ පැවැත්වූහ.මෙම සිද්ධියට සම්බන්ධව සැකපිට මියගිය කාන්තාවගේ මාමණ්ඩි (සැමියාගේ පියා) අවු: 58 සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 6 වැනි දින පැවැත්වීමට නියම කරමින් එදිනම සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය සීදූව පොලිසියට නියෝග කළාය..
NEWS
ශ්‍රී ලාංකීය දේශප්‍රේමී ජනතාවගේ ආශීර්වාදය මැද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පැමිණීම රටේ වාසනාවකැයි බොදු සංරක්‍ෂණ පදනමේ සභාපති, සාමුහික භික්ෂු පෙරමුණේ සංවිධායක, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, හම්බන්තොට සිංහගිරි විහාරාධිපති විතාරන්දෙණියේ වජිරවංශ හිමියෝ පැවසූහ.තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට විනාශ වෙමින් ගිය සමයක රුහුණු ගිරුවාදනව්වෙන් රටේ නායකත්වයට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලවේගවලට යට නොවී අනාගත දූ දරුවන් වෙනුවෙන් රට බේරාගත්තේය.එතුමාගේ ජයග්‍රහණය උදුරා ගැනීමට ෆොන්සේකා මහතා මුල්කර ගත් විවිධ බලවේග ක්‍රියාත්මක වුවද, මහා සංඝරත්නයේ ආශීර්වාදයත්, ශශ්‍රී ලංකා දේශප්‍රේමී ජනතාවගේ ආශීර්වාදයත් තුළින් නැවත බලයට පත්වීම සියලු රටවැසියන් ලැබූ විජයග්‍රහණයකි.එම ජයග්‍රහණය ගැන සතුටට පත්වන අතරම එතුමා සමඟ රට සංවර්ධනය කිරීමට අප සියලු දෙනා ක්‍රියා කළ යුතු කාලය උදා වී ඇත.
NEWS
ඕනෑම උත්සව අවස්ථාවක් ආවරණය කරන ඡායාරූප ශිල්පියාට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන් මංගල උත්සවයකදී තමාට හිමි ගෞරවය සැලකිල්ල නිසියාකාරව පවත්වා ගැනීමට ඔහු සිහි තබා ගත යුතුයි.වීඩියෝ ශිල්පීන් කණ්ඩායමක් එක්තරා මංගල සාදයකදී තමන්ගේ ගෞරවය නිසි අයුරු රැකගත් නැති නිසා සිදුවූ අපූරු සිදුවීමකි මේ.රංගි ගේ මංගල සාදයට පැමිණි නෑ පිරිස යුවළ පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මිදුලේ, සාද නිකේතනයේ, තුරු සෙවණේ සිසිල් සුව විඳිමින් වාඩි ගත්තේ ඊළඟට සංග්‍රහ කරන ඕනෑම දෙයකින් බඩකට පුරවා ගන්නටය. කලාතුරකින් මුණ ගැසණු නෑ හිත මිතුරන් එකට එක්ව සතුටු සාමිච්චියේ යෙදී සිටියහ.ඒ සමඟම සංග්‍රහ කරුවන් පිරිස බන්දේසි මත සැර වැඩි සැර අඩු බීම බෝතල් රැගෙන විත් සාද මේස අඩුව පිරවූහ. සාදයේ අඩුපාඩු සපුරාලීම ද නොකඩවා සිදුකෙරිණ.සාද පිටියේ කෙළවරක මේසය වීඩියෝ ශිල්පීන් හට වෙන්විය. විශේෂ සැලකිලි දැක්විය යුතු ඔවුනට ඉතා වටිනා සැර බීම බෝතල් ද නොඅඩුව සැපයිණි. තමන්ගේ බඩු බාහිරාදිය සහිත බෑග් ද ඒ අසල තබා ගත්තේ වැඩි ආරක්ෂාවට විය හැකිය.විශේෂ අමුත්තන්ට සංග්‍රහ කිරීමට ලබාදෙන බ්‍රැන්ඩි බෝතලයක් හිස්වන විට ඊළඟ බෝතලය ද ළඟා විය. නමුත් ටික වේලාවක් ගතවීමෙන් පසු ගෙන විත් තිබු බ්‍රැන්ඩි බෝතලය අතුරුදන් විය. සංග්‍රහකරුවන් සැමදෙනා කෙරෙහි විශේෂ අවධානයකින් පසුවන නිසා එය ඔවුනට රහසක් නොවීය. නමුත් සිදුවූයේ හාත් පසින්ම වෙනස් දෙයකි.මෙය කෙරෙහි අවධානය යොමු කළ වුන් නැවත එවැනි සැර බීම බෝතලයක් ගෙනැවිත් සිනහවක් පා මේසය මත තැබීය.මංගල සාදය අවසන් විය. යුවළ සුබ මොහොතින් පිටත් කර යැවීය. සංග්‍රහකරුවන් වීඩියෝ ශිල්පීන් දෙදෙනා ළඟට පැමිණ වටකර ගත්හ.“මහත්තයෝ... කරුණාකරල අර හංගපු බ්‍රැන්ඩි බෝතලය බෑග් එකෙන් එළියට ගන්න.ඔවුන්ට කට උත්තර නැතිවිය. අසල සිටි සංග්‍රහකරුවන් කණ්ඩායමේ කෙනෙකුගේ බෑග් එක විවෘත කර බෝතලය එළියට ගෙන මනාලියගේ මවුපියන්ට නෑදෑයිනට මෙය පෙන්වා ගත වූයේ මොහොතකි.වීඩියෝ කණ්ඩායමේ අයට බඩපුරා හොඳ ගුටි පූජාවක් ලැබිණි.තමුසෙලා හිතන්න එපා මේ වැඩේ කරනවා දැක්කෙ නෑ කියලා. ඒ වෙලාවෙ ලෙඩක් ඇද්දානම් මේ සාදය විනාශ වෙනවා. ඒකයි දැකලත් තව බ්‍රැන්ඩි බෝතලයක් ගෙනත් තිබ්බේ. හිතුවෙ නෑ නේද ඇයි මුන් මේ එක බෝතලයක් නැතිවෙන කොට තව එකක් ගෙනාවෙ කියලාමීට පස්සෙ වත් හිතේ තියාගන්නවා මේ වගේ වැඩ නොකරන්න යැයි තරයේ අවවාද කළහ..
NEWS
තරාතිරම නොබලා දූෂිතයන්ට එරෙහිව ව්‍යවස්ථාවට අනුව දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව සෑමවිට ම සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.දූෂිතයන් මෙන් ම පාතාලයත් මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමත් මෙරටින් තුරන් කැර අනාගත පරපුර රැක ගැනීමට ආණ්ඩුව කිසිවිටෙක පසුබට නොවන බවත් රට නිදහස් කැර ගන්නට කැප වූ අයුරින්ම මේ රටේ දරු පරපුර දූෂිතයන්ගෙන් බේරා ගැනීමටත් කැප වන බවත් ජනාධිපතිවරයා පවසයි.ප්‍රජාතන්ත්‍රවාදයටත් නීතියටත් ගරු කරන ආණ්ඩුව සෑම විටම කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුව බව ද ජනාධිපතිවරයා කියයි.ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ දකුණු ආසියාවේ විශාලතම ධීවර වරාය වන දික්ඕවිට ධීවර වරාය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට ඊයේ (18) පැවැති උත්සවයට එක්වෙමිනි.මෙරට 19 වන ධීවර වරාය වන දික්ඕවිට ධීවර වරාය සුබ මොහොතින් විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය. රුපියල් කෝටි 901 ක වියදමින් (යුරෝ මිලියන 53ක්) ඉඳිවූ මෙම ධීවර වරාය සඳහා නෙදර්ලන්ත රජය රුපියල් කෝටි765ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් කෝටි 136 ක ප්‍රතිපාදන ලබා දී ඇත.ධීවර අමාත්‍යංශයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකකය යටතේ නෙදර්ලන්තයේ BAM-International ආයතනය දේශීය කොන්ත්‍රාත් කරුවන් මගින් ඉදිකරන ලද දික්ඕවිට ධීවර වරාය හෙක්ටයාර 19.8 ක් පුරා විහිදී පවතී.එහි වරාය තටාංගනය හෙක්ටයාර 11.7 කි.අති නවීන පහසුකම්වලින් සමන්විත වන මෙම ධීවර වරායෙහි බහුදින සහ එක්දින ධීවර යාත්‍රා 450 කට නැංගුරම් පහසුකම් සැලසෙයි.මෙහි දකුණු කොටසෙහි විදේශ වෙළෙඳපොළ අරමුණු කර ගනිමින් මත්ස්‍ය ගොඩබෑම සිදු කරනු ලබන අතර මෙම කොටසෙහි බහුදින යාත්‍රා40 -50 ත් අතර පුමාණයකට ඉඩ සැලසෙයි.වර්ග මීටර 350 කින් යුත් මත්ස්‍ය සැකසුම් ඒකක 03 ක් ද මෙම වරායෙහි ස්ථාපිත කර ඇති අතර ඒවා අතිනවීන ජාත්‍යන්තර මට්ටමේ පහසුකමි වලින් සමන්විත වෙයි.දික්ඕවිට ධිවර වරායෙහි මත්ස්‍ය වෙන්දේසි ශාලා,අයිසි ගබඩා පහසුකම් ,ඉන්ධන හලක්,ටොන්100 ක ධාරිතිවයකින් යුත් ජංගම යාත්‍රා ඔසවනයක්ද,විශේෂිත පියර 02ක්,අනු පියර 03ක්,දෛනිකව ටොන් 20 ක ධාරිතාවයක්න් යුත් අයිස් යන්ත්‍රාගාරයක්ද,ටොන් 40 කධාරිතාවයක්න් යුත් ශිතාගාරයක්ද,ඉන්ධන හල් , දැල් සැකසුම් මධ්‍යස්ථාන,කසල හා අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක්ද,ඇතුළු පහසුකම් රැසකින්ද දික්ඕවිට ධිවර වරාය සමන්විතය.අරාබි වසන්තය වැනි දේ මඟින් ජනතාව පාරට ගෙන ආණ්ඩුව අතුගා දැමීමට ඇතැමුන් කල්පනා කෙළත් මේ රටේ බුද්ධිමත් ජනතාව එවැනි දේට ඉ‍ඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙ‍හිදී පැවසීය.තමන්ට මෙන්ම වත්මන් රජයටත් සෑම විටම අභියෝග පැමිණි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක ඉදිරි ගමනට අභියෝග අවශ්‍ය බවත් අභියෝග නොමැතිව රටක් දියුණු කළ නොහැකි බවත් ප්‍රකාශ කෙළේය.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න, සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලාල් සමරසිංහ මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, සරත් කුමාර ගුණරත්න, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුසන්ත පුංචිනිලමේ, ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, පළාත් ඇමැති නිමල් ලන්සා, වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නීල් රූපසිංහ, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියන‍ගේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWS
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20) සිට ළදරු කිරිපිටි වර්ග 19 ක මිල අඩු කෙරේ. ඊට අදාළ ගැසට් පත්‍රය පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රණය කිරීමට යවා තිබේ. ළදරු කිරිපිටි වර්ග අලෙවි කරන මෙරට සහ අන්තර්ජාතික සමාගම් අධික ලාබ ලබති.ඔවුන් සියයට සියය පමණක් නොව සියයට දෙතුන් සියය බැගින් ද ලාබ ලබා ඇති බව සොයාගෙන තිබේ. මේ නිසා ළදරු කිරිපිටි මිල පිළිබඳව සොයා බලා වහාම ඒවායේ මිල අඩු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දුන් බව සමූපකාර හා අභ්‍යන්තර වෙ‍ෙළඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.ජනාධිපතිවරයාගේ උපදෙස් මත මීට මාස හයකට පෙර පාරිභෝගික අධිකාරිය අදාළ කිරිපිටි සමාගම සමඟ ළදරු කිරිපිටි මිල අඩු කිරීමට සාකච්ඡා පැවැත්වීය.එහෙත් එම කිරිපිටි මිල අඩු කිරීමට සමාගම් එකඟවී නැත.පසුව රජය ඒවායේ මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. රුපියල් දෙකේ සිට හාරසියහතර දක්වා විවිධ කිරිපිටි වර්ගවල මිල අඩුවෙයි.මේ යටතේ රුපියල් දහසකට වැඩි මිලකින් යුත් කිරිපිටි මිල රුපියල් දහසට අඩුවත් දෙදහසට වැඩි ඒවායේ මිල එම මිලට වඩා රුපියල් දෙදහසකට අඩු මිලකටත් නියම වී තිබේ. මෙම නව කිරිපිටි මිල බලපැවැත්වෙන්නේ ඊයේ (19) සිට වෙළඳපළට සැපයෙන ළදරු කිරිපිටි වර්ග සඳහායි.ළදරුවන් ලක්‍ෂ දහයකට වැඩි ප්‍රමාණයකට මෙම මිල අඩුකිරීමේ සහනය ලබා ගැනීමේ වාසිය හිමිවෙයි.විවිධ සමාගම් තම හිතුමතේට ළදරු කිරිපිටිවර්ග අලෙවි කිරීම නිසා බොහෝ මවුපියන්ට විවිධ ආකාරයේ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව තිබිණ. මේ අසාධාරණය සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පැමිණිලි සහ ආයාචනා විශාල ප්‍රමාණයක්ද ලැබී තිබුණි.ඉතිහාසයේ ළදරු කිරිපිටිවල මිල අඩු කළ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.ලැක්ටෝජන් 1, නෑන් 1, 2, 3, නෑන් එච් ඒ 1, 2 සහ ප්‍රි නෑන්, කවුඇන්ඩ්ගේට් බ්ලූ ග්‍රෑම් 400, කව් ඇන්ඩ් ගේට් පී‍්‍රමියම් ග්‍රෑම් 200 සහ ග්‍රෑම් 400, එන්ෆාප්‍රෝ ඒ+ ග්‍රෑම් 400 සහ ග්‍රෑම් 900, පි‍්‍රසෝ 1, 2 සහ පි‍්‍රසෝ කම්ෆට්, සීලියා නියුට්‍රීෂන් 1 සහ 2 , සීලියා ඩිවලොප් 1 සහ 2 මෙසේ මිල අඩුවූ ළදරු කිරිපිටි වර්ග 19 වෙයි..
NEWS
වයඹ පළාත් සමාජ සුබසාධන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද ‘වයඹින් දැයට’ වැඩසටහන යටතේ පළාතේ ස්වයං රැකියාලාභීන්ට මහත් සෙතක් සැලසී තිබේ.මේ යටතේ තම නිෂ්පාදන ජනතාවගේ ඇගයීමට හා වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් ලැබීමටත් හේතුවී ඇතැයි ස්වයං රැකියාවල නියුතු වූවෝ පවසති.මෙම වයඹින් දැයට ආරම්භක උත්සවය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ, වයඹ ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල හෙට්ටිපොළ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි..
NEWS
ලබන්නා වූ 2014 නව වර්ෂය, සැබෑ නව වර්ෂයක් වනු පිණිස මතින් තොරව හා අලුත් දැක්මක් ඇතිව කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. වසෙන් විෙසන් තොර ආහාර පරිභෝජනය තුළින් ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනඟා මාතෘ භූමිය දියුණුවෙන් දියුණුව කරා රැගෙන යාමට කැප වන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිතුමා අනාගතය සාර්ථක කර ගත හැක්කේ එවිට බව ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු 45000ක් ප්‍රදානය කිරීමේ ජාතික උළෙලේ සමාරම්භක අවස්ථාවට හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී ඊයේ (31) එක්වෙමිනි.වළවේ නිම්නයේ මහවැලි ඉඩම්ලාභීන් 5000කට ජනාධිපතිතුමා අතින් මෙහිදී ඉඩම් ඔප්පු පිරිනැමුණු අතර ඉතිරි පිරිසට අදින් ඇරැඹෙන නව වසරේ මුල් කාර්තුව තුළ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිතය.වසර පනහකට අධික කාලයක් තිස්සේ මහවැලි කලාපයේ ගොවි ජනතාව මුහුණ දුන් ගැටලුවක් මේ ආකාරයෙන් කෙටි කලක් තුළ විසැඳෙන්නේ ජනාධිපතිතුමා දෙහිඅත්තකණ්ඩියේදී ජනතාවට දුන් ප්‍රතිඥාවක් ඉටු කරමිනි.රට සහලින් ස්වයංපෝෂිත කිරීමට වැඩි දායකත්වයක් දෙන මහවැලි කලාපයේ ගොවි ජනතාව ඉඩම් අයිතිය නොමැති වීම නිසා දීර්ඝකාලයක් දුක්විඳි බව සිහිපත් කළ ජනාධිපතිවරයා එම යුගය දැන් අවසන් බව ප්‍රකාශ කළේය.අප කුමන සංවර්ධනයක් කළත් අපේ අනාගත දරු පරපුර නීරෝගී නැත්නම් පලක් නැති බව පැවසූ ජනාධිපතිතුමා රසායනික ද්‍රව්‍ය වුවත් ගොවිතැනේදී පාවිච්චි කළ යුත්තේ මේ පිළිබඳ අවබෝධයෙක් යුක්තව බවත් පැවසීය.කථානායක චමල් රාජපක්ෂ, වාර්මාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර, වාර්මාර්ග නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණි රාජකරුණා මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ..
NEWS
මෙතෙක් කිසිදු බලධාරියෙකුගේ ඇස නොගැටුණු මේ මාර්ගය ඇල්පිටිය බටුවන්හේන කුමාරසිංහ මාවතයි. වැසි දාට පයින්වත් යා නොහැකි මේ මාර්ගය ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට හෝ අයිතියක් නැති දැයි ගම්වාසීහු ප්‍රශ්න කරති.ප්‍රධාන මාර්ගයක මතුපිටින් යොදා තිබෙන අරුම පුදුම කාණු පද්ධතියක් බදුල්ල නගරයේ දී දක්නට ලැබෙයි. මෙය පිහිටා ඇත්තේ බදුල්ල මුතියංගණ කෞතුකාගාරය ඉදිරිපිට බදුල්ල – පස්සර ප්‍රධාන මාර්ගයේ ය. පැය විසිහතර පුරාම මේ කාණුවේ වළ පිරී පවතී. එම අප ජලය පොළොව යටින් ගලා යාමට කාණු පද්ධතියක් සකස් කර නැත. එයින් පිටාර ගලන අප ජලය මාර්ගය හරහා ගලා යන අයුරුයි මේ.ගනේවත්තේ සිට කැකුලාවල හරහා මහව දක්වා වැටී ඇති මාර්ගයේ කිඹුල්වානා ඔය හරහා ඉදිකර ඇති පාලමයි මේ. සුළු වර්ෂාවකදී පවා මෙම මාර්ගය ජලයෙන් යටවෙන බව ගම්වාසහු පවසති.හලාවත කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගයේ බෝවත්ත නගරයේ මං සන්ධියක පිහිටි විශාල වලකි මේ. මගී ජනතාව බස් රථවවලට ගොඩවන්නේද මේ වළ පිහිටි ස්ථානය අසලින් බැවින් එය පිළිසකර කර දීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි..
NEWS
ගල්නෑව ජයමාවතේ සිට සිරිමාගම ග්‍රාමයට පිවිසෙන මාර්ගයේ මල්බලිගල පන්සල අසල ඇති කුණු ඇළ හරහා ඇති මහ පාලමේ අත් ඇඳි කැඩී ගොස් පැති බැමි දෙක පුපුරා ඇති අයුරු.
NEWS
වංචනික ලෙස විදුලිය ලබාගෙන තිබූ මහනුවර අවට ස්ථාන තුනක් වටලා ඒවායේ අයිතිකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් ලක්ෂ අසු හත්දහස් හාරසිය හැත්තෑපහක මුදලක් දඩ වශයෙන් අය කර ගෙන ඇත.පසුගිය නොවැම්බර් මාසය ඇතුළත මේ වැටලීම් සිදු කර තිබේ. එයට අමතරව උසාවි දඩ වශයෙන් එක් අයකුට දස දහස බැගින් වූ මුදලක් ද අයකොට ඇත. වසර 2ක පමණ කාලයක සිට මේ තිදෙනා වංචනික ලෙස විදුලිය පරිභෝජනය කර ඇති බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ..
NEWS
කොළඹ ජාත්‍යන්තර වරායේ බිල්පත් ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබේ.මේ අනුව කොළඹ වරාය පරිශ්‍රයට පැමිණීමකින් තොරව ලබන ජනවාරියේ දී ඔන් ලයින් on line  බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු සැලසුම් කර ඇත. මේ නව ක්‍රමය මඟින් වරාය වෙතට පැමිණ බිල්පත් ගෙවීමෙන් සිදුවන අවහිරතා මඟ හැරෙන අතර ගනුදෙනු කරුවාට කාලය ද ඉතිරි කර ගැනීමට හැකි වන බව වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.කොළඹ ජාත්‍යන්තර වරාය තුළ මේ වන විට භාණ්ඩ හුවමාරුව ආශි‍්‍රතව ඇති වී තිබෙන තදබදය මේ නව ක්‍රමය නිසා මඟ හැරී යන බවත්, තමා කැමැති ස්ථානයකින් මුදල් ගෙවීමට හැකිවීම ගනුදෙනුකරුවාට මහත් පහසුවක් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා දිනමිණ ට කීය..
NEWS
ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව උතුරුමැද පළාත් මහ ඇමැති එස්. එම්. රංජිත් මහතා ඇතුළු ඇමැතිවරුන් හතරදෙනාම සහයෝගයෙන් සහෝදරත්වයෙන් මෙන්ම සාමූහිකත්වයෙන් උතුරුමැද පළාතේ් සංවර්ධන කටයුතු සිදුකරනවා යැයි උතුරුමැද පළාත් අධ්‍යාපන ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතා පැවැසීය.ඊයේ (10) උතුරුමැද පළාත් නව ගොඩනැගිල්ලේ තුන්වන මහලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරි අරඹමින් පේෂල මහතා මෙසේද කීය.රජය සමඟ එක්ව නව අධ්‍යාපන සැලැස්ම සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහ අදාළ ලේකම්වරුන්ගේ සහයෝගය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.මෙම අවස්ථාවට උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්. බී. සේමසිංහ, කෘෂිකර්ම අමාත්‍ය ආර්. එම්. පී. බී. රත්නායක, පළාත් සභා සභාපති ටී. එම්. සිරිපාල, ප්‍රධාන ලේකම් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ..
NEWS
දේශීය සිනමාවේ චිත්‍රපට රැසක් ම නිර්මාණය කිරීමට කැමරාකරණයෙන් දායක වූ ප්‍රවීණ කැමරා ශිල්පී එම්.ඒ. ගෆූර් මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය.ඒ මහතා මිය යන විට අසූතුන්වන වියේ පසු වූ අතර දේශීය සිනමාවේ චිත්‍රපට දෙසීයකට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.'ටැක්සි ඩ්‍රයිවර්' සිනමා පටයෙන් චිත්‍රපට කැමරාකරණයට පිවිසි ගෆූර් මහතා අවසන් වරට 'කෝරළේ මහත්තයා' ටෙලි නාට්‍යයේ කැමරාකරණ කටයුතුවලට සහභාගී වී තිබේ.ඒ මහතාගේ මෘත දේහය ඔහු පදිංචිව සිටි අංක 237, ජයවර්ධන මාවත, වාරණ පාර තිහාරිය යන ලිපිනයේ තැන්පත් කර තිබූ අතර ඊයේ (17) සවස 4.00 තිහාරිය ගොඩැල්ල මුස්ලිම් දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදු කෙරිණි..
NEWS