comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.දැනට පවත්නා 1978 (ශ්‍රී ලංකා ජනරජයේ දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිපාලනමය හා ව්‍යවස්ථාමය ව්‍යුහයට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම සඳහා රජය සූදානම් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හා වැඩබලන ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.පරිපාලනමය හා ව්‍යවස්ථාමය ක්‍රියාවලි දෙකෙහිම සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමට සෘජුවම අදාළ වන 1978 ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ තත්කාලීනව බලපවත්නාවූ වෙනත් නීතිවලට ද සංශෝධන සිදුකිරීමට අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කරයි.ඇමැතිවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (9) රාත්‍රියේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.සමස්තයක් ලෙස රටටම වේදනාකාරී තත්ත්වයක් ගෙන දුන් යුද්ධය හේතුවෙන් ශශ්‍රී ලංකාව ඉතාම කටුක කාලපරිච්ඡේදයක් ගත කළ බව සිහිපත් කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා එවැනි තත්ත්වයන් මගින් පැවැති රජයන් අස්ථාවර භාවයට පත්කිරීම සහ රටේ කැළඹිලි ස්වභාවයක් ඇතිකිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණ වූ බව ද පෙන්වා දුන්නේය.ඒ කාල වකවානුව තුළ රටේ සංවර්ධන කටයුතු වලට බාධා ඇතිකරන ලද අතර රජය විසින් එවැනි බාධා මධ්‍යයේ සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමට සෑම ප්‍රයත්නයක්ම දරනු ලැබුවද යුද කටයුතු සඳහා අයවැය හා හමුදාව උපරිමයෙන් යෙදවීම බෙහෙවින්ම දුෂ්තර වූ බව ද වැඩ බලන ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව අගමැති දි. මු. ජයරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර එහිදී කරුණු කීපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vii (අ), xi, xviii (අ) යන පරිච්ඡේද නිසි පරිදි මද වශයෙන් වෙනස් කිරීම, ආනුෂංගික සංශෝධන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය විය හැකි වූ වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීම, හඳුනා ගන්නා ලද වෙනත් නීතිවලට අවශ්‍ය විය හැකි සංශෝධන කිරීම හා නීති කෙටුම්පත් සම්පාදකට අවශ්‍ය කෙටුම්පත් සම්පාදනය කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් දීම ආදිය ඒ අතර වේ. තවද ඇමැතිවරයා කියා සිටියේ රටේ ජනාධිපතිවරයා කවුරු වුවත් ඔහු පත්වන්නේ ජනතා ඡන්ද බලයෙන් බවත්, කාලවකවානුව කෙසේ වුවත් ජනාධිපතිවරයා තෝරා පත් කැර ගැනීම රටේ ජනතාව විසින් සිදුකරන්නක් බවයි.
|
NEWS
|
තහනම් උත්තේජන චෝදනාවට වැරදිකරුවු ලාන්ස් ආම්ස්ට්‍රෝංන්ට ගෙවු අමෙරිකානු ඩොලර් මිලියන 12ක් නැවත තම සමාගමට ගෙවන ලෙස අමෙරිකාවේ රක්ෂණ සමාගමක් දැනුම් දෙයි.එන්තරවාසියක් මගින් දැනුම්දී ඇති එම රක්ෂණ සමාගම පවසන්නේ එසේ මුදල් නොගෙවුවහොත් නීතිමය පියවර ගන්නා බවයි. ප්‍රංශ සවාරිය හත්වතාවක් දිනා සිටි ආම්ස්ට්‍රෝන්ගේ එම පදක්කම් සියල්ල අහිමි විය.එමෙන්ම තහනම් උත්තේජන චෝදනාවලට අදාල ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම ගැනද ඔහුට එරෙහිව නීති පියවර ගැනීමට සුදානම් වේ. ප්‍රංශ සවාරියේ ජයග්‍රහණ අහිමිවීමත් සමගම ජයග්‍රහණවලට අදාලව ලැබුණු සියලු මුදල් ද ආම්ස්ට්‍රෝන්ට අහිමි වෙයි..
|
NEWS
|
ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු බොක්සිං තරගාවලියේ සමස්ත සූරතාව හිමි කර ගැනීමට යුද හමුදා සේවා බලකාය සමත් විය. මෙහි අනු සූරතාව සිංහ රෙජිමේන්තුවට හිමි වූ අතර ගජබා රෙජිමේන්තුව තෙවැනි ස්ථානය අත්කර ගත්තේය.පනාගොඩ යුද හමුදා ගෘහස්ථ පිටියේ පැවැති මේ තරග මාලාවේ හොඳම බොක්සිං ක්‍රීඩකයා වූයේ යුද හමුදා සේවා බලකායේ එම්. ඒ. දිවාරත්නය. හොඳම පරාජිතයා ලෙස ගජබා රෙජිමේන්තුවේ කේ. ජී. ජීවන්ත තේරී පත් විය.කාන්තා බොක්සිං ඉසව්වේ හොඳම ක්‍රීඩිකාව වූයේ යුද හමුදා කාන්තා බලකායේ (තුන්වැනි ස්වේච්ඡා) එල්. ජී. චන්ද්‍රිකාය. හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙස යුද හමුදා කාන්තා බලකායේ (දෙවැනි ස්වේච්ඡා) පී. කේ. සුමුදු සම්මාන දිනා ගත්තාය.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට යුද හමුදා බොක්සිං සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ජී. ආර්. එච්. ඩයස්, ලේකම් මේජර් ජේ. අයි. බී. ඩබ්. පල්ලෙකුඹුර ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීහු රැසක් සහභාගී වූහ..
|
NEWS
|
අල්ලස් කොමිසම හමුවේ විවිධ පුද්ගලයන්ට එරෙහිව විභාග වන පැමිණිලි සහ අනතුරුව අධිකරණ හමුවේ පැවරී ඇති නඩුවලට සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට ගමන් වියදම්, ආහාරපාන සහ නවාතැන් පහසුකම් සඳහා යම් ගෙවීමක් සිදුකිරීමට අල්ලස් කොමිසම අධිකරණ අමාත්‍යාංශයට යෝජනා කර තිබේ.අධිකරණ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් අතර මේ යෝජනාව පිළිබඳ සාකච්ඡාවක් ද පවත්වා ඇත.ඈත දුරබැහැර ප්‍රදේශවල සිටින වැඩි දෙනකුට ඉහත සඳහන් ආකාරයේ නඩු සහ පැමිණිලි සඳහා එන පුද්ගලයන්ට ගමන් වියදම් ආදිය සඳහා විශාල වියදමක් දැරීමට සිදු වී තිබේ. නැවතීමේ පහසුකම් නොමැති නිසා වැඩි දෙනකුට විවිධ අපහසුතාවලට මුහුණදීමට ද සිදු වී ඇත.එමනිසා මොවුන් නඩු සහ පැමිණිලිවලට සාක්කි දීමට ඉදිරිපත්වීමේ අඩුවක් පවතී. එම තත්ත්වය අල්ලස් නඩු ඉදිරියට ගෙන යාමේදී බෙහෙවින් බලපාන බව අල්ලස් කොමිසම පවසයි.එබැවින් මෙසේ නඩුවලට පැමිණෙන සාක්කිකරුවන්ට ගෙවීමක් ලබාදීම ළඟදීම සිදුකිරීමට යයි.අල්ලස් ඉතිහාසයේ කිසිදු දවසක මෙවැනි ගෙවීමක් මෙතෙක් සිදු වී නැති අතර මෙවැනි ගෙවීමක් කිරීමට යන ප්‍රථම අවස්ථාව මෙය වේ.
|
NEWS
|
ඉරිදා පෙරවරුවේ සහ පෝය දින වල උපකාරක පන්ති තහනම් කිරීමට අදාළ නිති කඩිනමින් සකසන බව බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කෙළේය.උපකාරක පන්ති වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාතේ බව අනාරණය කළ මහ ඇමැතිවරයා ඒ නිසා නීති සැකසීම අතිශය සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි අවධාරණය කෙළේය.මේ පිළිබඳ බස්නාහිර පළාත් සභාවේ යෝජනා සම්මත වී ඇතැයි කී හෙතෙම යෝජනාව සම්මත වූ පමණින් එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැතැයි අනාවරණය කළේය.පසුගිය උපදේශන සභාවේදි ඒ පිළිබඳ සාකච්ඡා කළ බව පැහැදිලි කළ ඒ මහතා ඊට අදාළ නීති කෙටුම්පත් කොට පළාත් සභාවේ අනුමැතිය ගන්න අදහස් කර ඇතැයිද පැවසීය.දහම් පාසල්වලට ආධාර ලබා දෙන ‘සරදම් අරුණැල්ල’ වැඩ සටහනේ තුන් වන අදියර නිමිත්තෙන් කළුතර පොතුපිටිය මහා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට එක් වෙමින් මහ ඇමතිවරයා එසේ කීය.මේ යටතේ බස්නාහිර පළාතේ සියලු දහම් පාසල් සදහා රුපියල් ලක්ෂයක් බැගින් වාර්ෂිකව පිරි නැමේ.මහ ඇමැතිවරයා මෙසේද කීය .දහම් අධ්‍යාපනය මේ රටේ සෑම දරුවෙකුටම අනිවාර්යයි. දහම් අධ්‍යාපනයෙන් මේ රටේ සභ්‍යත්වය, සදාචාරය, මිනිසත්කම රැක ගත හැකි වෙනවා.අපි මෙම වැඩ සටහන යටතේ වසර පහක් යනතෙක් දහම් පාසල් සදහා වාර්ෂිකව ලක්ෂයක ආධාර ලබා දෙනවා.මේ වන විට බස්නාහිර පළතේ දහම් පාසල් 2709 කට රුපියල් කෝටි 75 ක මුදල් ආධාර ලබා දී තිබෙනවා. මෙම වසරේ නොවැම්බර් මස සිට ලබා දෙනවා. මේ වැඩසටහන දේශපාලන වාසි ගන්න හදපු වාඩ සටහනක් නෙමේ. සමහරු පන්සල් වලට සමහරු පල්ලි වලට සල්ලි ලබා දෙනවා.හැබැයි ඒවා තනිකර දේශපාලන ව්‍යපෘති. මන්ත්‍රි එන උත්සවයේ වියදම රුපියල් 25000ක් එසේ ආගම් දේශපාලනය උකස් කරන ව්‍යාපෘති වලට අපි විරුද්ධයි.මම අද වෙනකම් එක චෙක්පතක්වත් දෙන්න පන්සලකට පල්ලියකට ගිහින් නැහැ.දහම් පාසල් විෂය පළාත්සභාවට අයත් නැහැ. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙය මධ්‍යම රජයට අයත් විෂයක්. මෙම වැඩසටහන ආරම්භ කොට ක්‍රියාත්මක කරන්න මට වසර එකහමාරක් ගියා. සමහර නිලධාරි මගේ කකුළෙන් ඇද්දා. අවසානයේ ජනාධිපතිතුමා මැදිහත් වු නිසා මට වැඩසටහන අරඹන්න හැකි වුණා.මෙම අවස්ථාවට ‘සරදම් අරුණැල්ල’ වැඩ සටහනේ සම්බන්ධීකාරක පුජ්‍ය කොබ්බෑවල මේධංකර හිමි කළුතර දිස්ත්‍රික් ලේඛකාධිකාරි ගල්තුඩේ පඥ්ඥාකිත්ති හිමිවරුද, බස්නාහිර පළාත් මන්ත්‍රි ජගත් අංගගේ මහතා ඇතුළු පිරිස්ද එක් වුහ.
|
NEWS
|
ගම්පහ ආනන්ද ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන ආධුනික වොලිබෝල් තරගාවලිය මේ මස 24 දින දවස පුරා ආනන්ද මාවතෙහි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ තරගාවලිය සඳහා ගම්පහ දිස්ත්‍රික්කටයේ ආධුනික වොලිබෝල් කණ්ඩායම් සඳහා පමණක් විවෘත වේ.තරගාවලියේ ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායමට සූරතා කුසලානය සමග රුපියල් 15000ක් ද අනුසූරතාව දිනා ගන්නා කණ්ඩායමට අනුසූරතා කුසලානය සමග රුපියල් 10000ක් හා තෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 5000ක් ද පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති. වැඩි විස්තර 0777155930 දුරකතන අංකයෙන් විමසිය හැකිය..
|
NEWS
|
ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ක්‍රියා සියැසින් නොදුටු ජගත් මහලේකම් බෑන් කී මූන් මේ රටේ සිදුකළ මානුෂීය මෙහෙයුමට එරෙහිව වාර්තා ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බව උතුරු පළාත් ප්‍රධාන සංඝනායක නාගදීප රජ මහා විහාරාධිපති නවඳගල පදුමකිත්ති නාහිමියෝ පවසති.යාපන අර්ධද්වීපයේ රැඳී සිටි එකම ස්වාමීන්වහන්සේ තමා බවත් ත්‍රස්තවාදීන් සිදුකළ භීෂණය තමන් වහන්සේ සියැසින් දුටු බවත් පවසන උන් වහන්සේ බිහිසුණු ත්‍රස්තයන් සිදු කළ භීෂණය නොදුටු ජගත් මහ ලේකම්වරයා මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව කනගාටුවන බව ද කීය.මෙහි දී අදහස් දැක් වූ නාහිමියෝ මේ රටේ ජනතාවට ස්ථිරසාර සාමයක් උදාකිරීම පිළිබඳව තමන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පුණ්‍යානුමෝදනා සිදුකරන බවද පැවැසූ අතර රට මුදාගත් පින්කමේ නාමයෙන් කිසිදු ජාත්‍යන්තර බලවේගයකට ජනාධිපතිතුමාට එරෙහිව යාමට නොහැකි වන බව ද කීහ..
|
NEWS
|
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින සැමැරුම් ජන රැලිය ඇමැතීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01) සවස අරලියගහ මන්දිරයෙන් පිටත්ව ටික දුරක් ගියා පමණි. එකවරම රියදුරුට ජනපතිතුමාගෙන් අපුරු යෝජනාවක් ලැබිණි. ඒ රිය නතර කරන ලෙසය.ඒ, මෙරට වැඩකරන ජනතාවගේ දුක කඳුළ හඳුනන සැබෑ ජනහිතකාමී වෘත්තීය සමිති නායකයෙකු ලෙස එතුමාටද ජනතාව සමඟ මැයි දින පෙළපාළියේ ගමන් කිරීමට සිත් දුන් නිසාය. එසේ නොකරවුව එතුමාට මැයි දින රැස්වීමට යෑමට හැකියාව තිබුණද එතුමාගේ සිත ඊට ඉඩ නොදුණි.ආරක්ෂකයන් හා මැයි දින පෙළපාළියට එක්වූවෝ පුදුමයට පත්කරමින් ජනාධිපතිතුමා වෝඩ් පෙදෙස සිට මැයි දින පෙළපාළියේ ගමන් කළේය.මීට වසර තිහකට පෙර ජන නායකයෙකුට තබා වැඩකරන ජනතාවට පවා නිදහසේ මැයි දින පෙළපාළියක හෝ මැයි දින රැලියකට හෝ සහභාගිවීමට ඉඩකඩ නොතිබුණි. ඒ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් කොයි මොහොතේ එල්ලවේදැයි බියෙනි. සැකයෙනි. නමුත්? අද අපේ රටේ කොහේවත් යුද බියක් නොමැත.වැඩකරන ජනතාව ප්‍රමුඛ සමස්ත රටවැසියන්ට නිදහසේ මේ උපන් බිමේ එහා මෙහා ගමන් කිරීමට ඉඩ ලබාදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් බිඳීමක් වන්නේ කෙසේද?ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මහජනතාව සමඟ නිදහසේ ගමන්කොට අප රටට එරෙහි ජගත් බලවේගවලින් විමසා සිටින්නේ එයද?සටහන – ජයසිරි මුණසිංහ සහ ධනුෂ්ක ගොඩකුඹුර.
|
NEWS
|
රුපියල් කෝටියකට අධික වටිනා මෝටර් රථ, ත්‍රීවීල් රථ, රන් භාණ්ඩ ඇතුළු දේපළ මංකොල්ල කා ඇති සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් 4 දෙනෙකු ඉකුත් 5දා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් කොටහේන, දෙහිවල, අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචි වයස 25 – 35ක් අතර පුද්ගලයන්ය.අත්අඩංගුවට ගත් දේපළ අතර, රු: ලක්ෂ 65ක් පමණ වටිනා ටොයෝටා 200 කේ.ඩී.එච්. වර්ගයේ සුඛෝපභෝගි වෑන් රථයක්ද වන අතර මෙය නාවලපිටිය ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින් කුලී ගමනක් යන මුවාවෙන් ලබාගන ජාඇළ ප්‍රදේශයේ දී රියදුරුට පිහියක් එල්ල කර එළියට ඇද දමා පැහැරගෙන ගොස් වර්ණය පවා වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබිය දී ජාඇළ ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන ඇත.බජාජ් වර්ගයේ ත්‍රිරෝද රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයෙන් සොරා ගෙන අලෙවියට සූදානම් කර තිබිය දී සොයා ගෙන ඇත. සුඛෝපභෝගී කාර් රථයක් ද මිරිහාන ප්‍රදේශයේ දී කුලී රථ ලබාදෙන ආයතනයකින් කුලී පදනම මත රැගෙන වර්ණය වෙනස් කර රු. ලක්ෂ 03කට මිරිහාන ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර තිබිය දී සොයා ගෙන තිබේ.තවද සැකකරුවන් පාදුක්ක ප්‍රදේශයේ නිවසක් බිඳ සොරා ගත් රන් භාණ්ඩ තොගයක් ද උකස් මධ්‍යස්ථානවල තිබිය දී සොයා ගෙන ඇත.අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කොස්තාපල් විපුල මහතා වෙත ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම් කර කොල්ලකෑ දේපළ සොයා ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයකු දැනට පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි..
|
NEWS
|
ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ද වෙළෙඳ ප්‍රජාවගේ ද සහයෝගය මත මොරගහහේන ගෝනාපොළ මංසන්ධියේ 120 මාර්ගය අසල ඉදිකළ පොලිස් මුරපොළට අයත් කුටිය කාලයක පටන් වසා දමා ඇත.එමෙන්ම හොරණ පොලිස් බල ප්‍රදේශයට අයත් පොකුණුවිට හන්දියේ ඉදිකරන ලද මුරපොළට අයත් කුටියද දැනට වසාදමා ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගොඩනැඟු මුරකුටියෙහි පැත්තක වීදුරුවක් කිසියම් කෙනකු බිඳ දමා තිබේ.වීදියගොඩ ගම් හතට අයත් ජනතාවට කි. මී. 12ක් පමණ දුර ගෙවා මොරගහහේන පොලිස් ස්ථානයට යෑම අපහසු හෙයින් වීදියගොඩ හන්දියට පොලිස් මුරපොළක් ලබාදෙන්න යැයි හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ පීරිස් මහතා පවසයි.ඒ අතර ඉංගිරිය පොලිස් බල ප්‍රදේශයට අයත් හඳපාන්ගොඩ උප නගරයට පොලිස් මුරපොළක් ලබා දෙන්නැයි ප්‍රදේශවාසීහු පවසති. ඒ සමඟම හොරණ නගරය මධ්‍යයේ තිබුණු පොලිස් සේවා ස්ථානය නගරයෙන් කි. මී. 1ක් පමණ ඈතට ගෙන යාම නිසා නගර මධ්‍යයේද පොලිස් මුරපොළක් ස්ථාපිත කළත් මේ වනවිට එම පොලිස් මුර පොළද ක්‍රියාත්මක නොවේ.විද්‍යාරත්න පිරිවෙන හන්දියේ මෑත කාලයක් වනතෙක්ම තිබුණු පොලිස් මුරපොළ පිහිටි කුටිය අද වසා දමා ඇති බැව් ප්‍රදේශවාසීහු කියති..
|
NEWS
|
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක ද්විතියික පාසල් දහස සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප හයක පාසල් 111ක් සංවර්ධනය කර ඇත.මේ පාසල් සංවර්ධන වැඩසටහන සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැයකර ඇති මුදල රුපියල් මිලියන 555කි.මේ පාසල් 111ක් සංවර්ධනය කිරීමට සමගාමීව සෑම පාසලකටම රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී තිබේ.මේ යටතේ අදාළ පාසලේ වැට, ගේට්ටුව, නාමපුවරුව සෙල්ලම් මිදුල හා ක්‍රීඩාපිටිය සැකසීම් සිදුකර ඇත..
|
NEWS
|
හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 615ක් සමඟ ජාවාරම් සැකකරුවන් කිහිප දෙනෙකු ඔවුන් ගමන් ගත් යතුරු පැදියත් සමඟ තංගල්ල පොලිස් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.අම්බලන්තොට නෝනගම හංදියේදී අත්අඩංගුවට ගනු ලැබූ මේ සැකකරුවන් එක් අයෙකු ළඟ මත්කුඩු මිලි ග්‍රෑම් 515 ක් ද අනෙකුත් සැකකරුවන් දෙදෙනා ළඟ මත්කුඩු මිලි ග්‍රෑම් 50 බැගින් තිබි ඇත.මොවුන් යතුරු පැදිය සමඟ අම්බලන්තොට පොලිසියට භාරදෙන ලදී. තංගල්ල පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිශාන්ත ලාල් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින්මේ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා ලදී..
|
NEWS
|
මානව සම්පත් සේවා නියුක්තිය උපරිමයෙන් භාවිතා කිරීම පිළිබඳ සකස් කර ඇති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන සැලැස්මක් රජය සම්පාදනය කර ඇත.ජාතික ශ්‍රම බළකාය ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සංවර්ධනයට ඉවහල්වන ක්‍රමෝපායන් වශයෙන් සකස්කර ඇති මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මේවනවිට සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තුමේන්තු ප්‍රධානින්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත ලබා දී තිබේ.ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය අරමුණුකර ගනිමින් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, සෞඛ්‍ය, ක්‍රීඩා, කාන්තා හා ළමා කටයුතු, හා සමාජ සංවර්ධනයට ඉවහල්වන ක්‍රමෝපායන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම ලෙස මානව සම්පත් ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා වෙත පැවරී ඇති බලතල අනුව මේ සැලැස්ම සකස්කර ඇත.මෙම ප්‍රතිපත්තිය ගොඩනඟා ඇත්තේ මහින්ද චින්තන ප්‍රතිපත්තියේ සඳහන් නව ශ්‍රී ලංකාවක් කරා දස අවුරුදු දැක්ම සංවර්ධන රාමුව සහ මහින්ද චින්තන ඉදිරි දැක්ම මතය. මීට අමාත්‍ය මණ්ඬල අනුමැතිය ඉකුත් අප්‍රේල් මාසයේ දී ලැබි තිබේ.මේ ප්‍රධාන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු සම්බන්ධිකරණය හා ප්‍රගති සමාලෝචන කටයුතු සඳහා ඒකකයක් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ ස්ථාපනය කර තිබෙන අතර මෙය ක්‍රියාත්මකවීමේ දී සියලු අමාත්‍යාංශ හා අදාළ ආයතනවල සහයෝගය ලබාදිය යුතුවේ.මානව සම්පත රටේ වටිනාම වත්කම බවට අදාළ සියලුදෙනාට නව ආකල්පයක් ඇති කිරීම සඳහා මේ ප්‍රතිපත්තිය සම්පාදනය කර ඇත.ජාතික මානව සම්පත හා සේවා නියුක්ති ප්‍රතිපත්තියට ද්විත්ව කාර්යක්වේ එනම් රටේ මානව සම්පත් සංවර්ධනය කර ආර්ථික සුබසිද්ධියට පූර්ණ ලෙස දායක කරවීම සහ සෑම සේවකයකුටම තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය අවස්ථාව සහතික කිරීමට ප්‍රධාන අංශ දහනවයක් මෙම ප්‍රතිපත්තිය මගින් හඳුනාගෙන ඇති අතර එම ප්‍රධාන ප්‍රතිපත්ති අංශ ක්‍රියාත්මක කිරීමෙහිලා ක්‍රමෝපායන් සකස් කිරීම සඳහා ව්‍යාපෘති පහක් යටතේ සංවිධාන කර ඇත. මේ සඳහා සුදුසු ක්‍රියාකාරකම් හා මාර්ග උපදේශ, ක්‍රියාත්මක කිරීමේ රාමුවක් සකස්කර ඇත. තොරතුරු තාක්ෂණය උපයෝගී කරගත් මණ්ඬපයක් සහිත අධික්ෂණයක් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයෙන් සිදුකෙරේ.ඒ අනුව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයත් සමඟ කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් බලයක් සහිත අමාත්‍යාංශවල හා ආයතනවල සුදුසු නිලධාරීන් පත් කර අවශ්‍ය තොරතුරු හා සහාය ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර ගත යුතුවේ.
|
NEWS
|
ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් ප්‍රදානය කරන ලද නිවාස ආධාර උපයෝගී කර ගනිමින් අංග සම්පුර්ණ නව නිවාස ඉදිකර ගන්නා ලද නිවාස ප්‍රතිලාභීන් ඇගැයීමක් වශයෙන් ඔවුනට සහතික පත් හා තිළිණ පිරිනැමීම ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ලේ පිහිටි ජනකලා කේන්ද්‍රයේ දී සිදු කෙරිණි.එහිදී විමල් වීරවංශ මහතා නිවාස ප්‍රතිලාභි මහතකුට ඇගැයීම් සහතික පතක්ද ප්‍රදානය කෙළේය.ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, ජනාවාස අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් වන්නිආරච්චි මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ..
|
NEWS
|
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වරට සංවිධාන කළ මාස්ටර් මයින්ඩ් පළාත් චෙස් තරගාවලියේ අවුරුදු 10 පහළ බාලක ශූරතාව දිනාගත් ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයේ නෙත්විදු ජයවර්ධන. තරගාවලිය පසුගියදා මාතර මධ්‍ය මහ විද්‍යාලයේ දී පැවැත්විණි. ඡායාරූපය-ඉමදුව සමූහ
|
NEWS
|
ගම්පහ බෞද්ධාලෝක මාවත දෙපස පිහිටි පැති කාණු පද්ධතියේ අපද්‍රව්‍ය සිරවී ජලය බැස නොයන තත්වයක් උදාවී ඇති අතර, එමගින් මුළු ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින අතර, විවිධ වූ පවතින බව ප්‍රදේශවාසීහු කියති.මාර්ගය දෙපස පිහිටි වෙළඳසල් හිමියන් හා නිවාසවල වෙසෙන්නන් ඔවුන්ගේ අපද්‍රව්‍ය කාණු වලට මුදා හරින අතර, ඒවා කාණු තුළ සිරවීම නිසා නිසි පරිදි අප ජලය ගලා බැස නොයන බව නගර සභා නිලධාරීහු පවසති.මේ පිළිබඳව ගම්පහ නගර සභාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සාකච්ඡා කර මේ උවදුරු දුරු කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවට නගරයට පැමිණෙන ජනතාව පවසති. එසේ නොවුණහොත් මෙමගින් ජනතාවට නොයෙකුත් රෝග බෝවීමේ අවදානමක් පවතින බව ඔව්හු පෙන්වා දෙති..
|
NEWS
|
උඩරට සංවර්ධන අධිකාරිය මගින් පසුගිය දෙවසර ඇතුළත ග්‍රාමසේවා වසම් 310ක සංවර්ධනයට රුපියල් ලක්‍ෂ තුන්දහසක් වැයකොට තිබේ.හතරලියද්ද, ගලගෙදර, හාරිස්පත්තුව, පූජාපිටිය සහ අකුරණ යන තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ඇත.යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධනය සහ අධ්‍යාත්මික සංවර්ධනය යන අංශ තුනක් ඔස්සේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කොට තිබේ.ඒ ඒ ග්‍රාමසේවා වසම්වල පුද්ගලයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ප්‍රාදේශීය සභා හරහා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණි.නිසි වැසිකිළි පහසුකම් නොමැති පවුල් 413ක් සඳහා විශේ්ෂ සනීපාරක්‍ෂක ව්‍යාපෘතියක් ද මේ යටතේ ක්‍රියාත්මක කොට තිබේ.ජීවනෝපාය සංවර්ධනය සඳහා කිරි ගවයින් 52ක්ද එළුවන් 156 ක් ද කිකිළි පැටවු 3024 ක්ද ලබා දී ඇත..
|
NEWS
|
ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ ඉදිකර ඇති අනවසර නිවාස වෙනුවට, උසස් ජීව තත්ත්වයකට සරිලන නිවාස ලබාදීම සඳහා දෙමහල් තට්ටු නිවාස ව්‍යපෘති 10ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.නාගරික සංවර්ධන අධිකාරිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා කෝට්ටේ මහ නගර සභාව ඒකාබද්ධව මේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඉදිරි වසර දෙක තුළදී සිදුකරන බව, කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා නගරාධිපති කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිකර සිටියේය.සෑම නිවාසයක්ම වර්ග අඩි 450 හා 500කින් යුක්තවන අතර සෞඛ්‍ය පහසුකම් හා ජල පහසුකම් ද මේ නිවාසවලට ලැබේ.දැනට හඳුනාගෙන ඇති ප්‍රදේශවල මේ නිවාස යෝජනා ක්‍රම ඉදිකෙරෙන අතර, දැනට පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේදී ප්‍රමුඛත්වය හිමිවේ.මාසික කුලී පදනමක් මත වසර කිහිපයකින් පසු මෙ නිවාස පදිංචිකරුවන්ට හිමිවේ.ඔබේසේකරපුර අරුනෝදය මාවත, ඇතුල්කෝට්ටේ මාලිගාව පාර, පිටකෝට්ටේ මෙටලින්වත්ත, රාජගිරියේ වේලුපුල්ල වත්ත, බැද්දගාන දෙමළවත්ත, කුඩාබණ්ඩාරනායකපුර අනවසර නිවාස, අංගම්පිටිය නගර සභා නිවාස, පැඟිරිවත්ත (ඉඩම් පවරාගැනිමෙන් පසු) නාවල පල්ලිය පටුමග, නුගේගොඩ සිට උඩහමුල්ල දක්වා දුම්රිය රක්ෂිත ප්‍රදේශයන්හි අනවසර නිවාස, යන ප්‍රදේශවල මේනිවාස යෝජනාව ක්‍රියාත්මක කෙරේ..
|
NEWS
|
ගලේවෙල නගරයේ සිට කලාවැව මාර්ගයේ ඔස්සේ පට්ටිවෙල හන්දියට පැමිණ එතැනින් වම් පසට හැරී කි.මී. දෙකක් (2) පමණ ගිය විට පට්ටිවෙල පටිගනාරාව රජ මහා විහාරස්ථානය හමුවේ.මෙම විහාර භූමියේ ඇති පුරා වස්තු දුටුගැමුණු රජ දවස අයත් ඒවා යැයි විහාරාධිපති හිමියෝ පැවසූහ. කාලයක් තිස්සේ මෙම ස්ථානය අනාරක්ෂිතව පැවතීම නිසා එහි ඇති වටිනා පුරාවස්තු හොරුන් විසින් හොරාගෙන ගොස් ඇතිබව උන්වහන්සේ පැවසූහ.උන්වහන්සේ සඳහන් කරන පරිදි දුටුගැමුණු රජ තුමා විජිතපුර සටනට යද්දී සිය සන්නද්ධ පිරිස ගෙන ආ අවි ආයුධ මුවහත් තබා ඇත්තේ මේ ස්ථානයේය. අමතර ආයුධ සකස්කර ඇත්තේද මේ ස්ථානයේදීමය. ඊට අමතරව සෝමාදේවියගේ නළල්පටිය හා කඩුව මෙම ස්ථානයේ ඉදිකෙරෙන ලද චෛත්‍යයේ නිදන් කර තිබූ බව සෙල්ලිපිවල සඳහන්ව ඇත.ඓතිහාසික අතින් ඉතා වැදගත් ස්ථානයක් වන මෙය අදාළ බලධාරීන් නොසලකා හැර ඇති බව විහාරභූමිය වෙත ගොස් බලන ඕනෑම අයෙකුට පැහැදිලි වේ. එම පුරාවස්තු ආරක්ෂා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර භූගත පුරාවස්තු සොයා බැලීමට කැණීම් කිසිවක්ද සිදුකර නැත. විහාර භූමියේ තැනින් තැන හරි හතරැස් ලෙස සකස් කරනු ලැබූ අඩි පහක් පමණ උස ගල්කණු කීපයක් ද දක්නට ඇත. භූමියේ මැද ගලකින් නෙලූ පැතලි පැරණි මල්ආසනයක් යයි සිතිය හැකි අඩි තුනහමාරේ යදෙකහමාරේ ගලක් ද දැකිය හැකිය.1981 වසරේ එහි පැමිණි වත්මන් විහාරාධිපති මාළනාවේ සුමනතිස්ස හිමියන් මෙම පුදබිම අත්පත් කරගෙන සිටි පිරිස සමග අවුරුදු දොළහක් (12) නඩු කියා යළි අත්පත් කරගෙන ඇත්තේ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේය..
|
NEWS
|
කළුතර, නාගොඩ පොහොර වත්තේ ආරම්භ කර ඇති මිහිසරු කොම්පෝස්ට් පොහොර මධ්‍යස්ථානයේ නිෂ්පාදන ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබේ.ඒ සඳහා පානදුර නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ දෛනිකව එකතුවන කැළිකසළ මෙට්‍රික් ටොන් තිහක් ලබාගැනීමට යෝජිතය.එමගින් කසළ ප්‍රතිචක්‍රීය කොට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට කටයුතු කෙරේ. දැනට මේ මධ්‍යස්ථානයේ පොහොර මෙට්‍්‍රක් ටොන් සීයක් මාසිකව නිපදවේ. පානදුර කැළිකසළ ලබාගැනීමෙන් පසු එම පොහොර ප්‍රමාණය මෙටි‍්‍රක් ටොන් දෙසියපනහ දක්වා වැඩිකරගැනීමට සැලැසුම් කර ඇතැයි මධ්‍යස්ථානයේ කළමනාකාර පාලිත උදයාංග මහතා ‘දිනමිණ’ ට කීය.මෙම මධ්‍යස්ථානයේ නිෂ්පාදිත පොහොරවලට බස්නාහිර පළාත තුළ හොඳ ඉල්ලුමක් පවතී.නිෂ්පාදනය ආරම්භ කොට මාස පහක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රගතියක් අත්කරගැනීමට හැකිවී ඇතැයිද උදයාංග මහතා පැවසීය.දැනට නිෂ්පාදනය කෙරෙන පොහොර මෙට්‍රික් ටොන් සීයෙන්, ටොන් අසූවක්ම වෙළඳපළට නිකුත්කෙරේ. වගාකරුවන් හා අලෙවි නියෝජිතයන්ට සහනදායි මිලකට මධ්‍යස්ථානයට පැමිණ කොම්පෝස්ට් පොහොර ලබාගැනීමට හැකි බැව් කළමනාකාර පාලිත උදයාංග මහතා පවසයි..
|
NEWS
|
කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මහජන ආධාර ලබන පිරිසට දිවා ආහාර වේලක් පිරි නැමීමේ ව්‍යාපෘතියක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමය මගින් මේ මස මහජන ආධාර ලබා ගත් දිනයේ සිට ක්‍රියාත්මක කෙරිණි.කළුතර ප්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතාගේ උපදෙස් පරිදි එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක අංශය හා වැඩිහිටි ප්‍රවර්ධන අංශයද මේ ආහාර සැපයීමේ ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වා තිබේ.කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මහජන ආධාර ලබා ගන්නා සංඛ්‍යාව දෙසිය දාහත් දෙනෙකි.සුප් කෝප්පයක් ප්‍රණීත ආහාර වේලක් සහ අතුරු පසක් මේ ආහාරවේලට ඇතුළත් වේ.කළුතර ප්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතාඅප කාර්යාලයෙන් සෑම මාසයකම දෙසිය දාහත් දෙනෙක් මහජන ආධාර ලබනවා. ඔවුනට දිවා ආහාර වේලක් ලබාදීම ක්‍රියාත්මක වුණේ අප සුබ සාධක සංගමයේ යෝජනාවක් අනුවයි. මේ දිවා ආහාර වේල ලබාදීම මින් ඉදිරියට සෑම මහජන ආධාර නිකුත් කරන දිනයකම ක්‍රියාත්මක වෙනවා..
|
NEWS
|
සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය සංග්‍රහය අතිරේකය 1930 සිට ඉතාමත් සුරක්‍ෂිතව පොත් වශයෙන් බැඳ ආරක්‍ෂා කොට තබා ඇති විහාරස්ථානයක් ලෙස ගාල්ල මිනුවන්ගොඩ ශශ්‍රී ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානය හැඳීන්විය හැකිය.අදත් කාවුන්, වේයන් ආදී කෘමීන්ගෙන් ආරක්‍ෂා කොට වීදුරු අල්මාරිවල ඉතාමත් සුරක්‍ෂිතව මේ පොත් තබා ඇත. විවිධ විභාග සඳහා ඉතා වැදගත් ඓතිහාසික කරුණු පරිශීලනය කිරීමට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ පොත්වලින් කරුණු උපුටා ගනිති.මේ පිළිබඳව ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගාලු කඩවත්සතර බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක නාරන්ඕවිටේ තිලකරතන නාහිමියෝ මෙසේ පවසති.සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය සංග්‍රහය අතිරේකය පොත් වශයෙන් සකස් කළේ මගේ ගුරු දේවයන් වහන්සේ වන වැලිවිටියේ ශශ්‍රී ගුණරතන නාහිමියනුයි. උන්වහන්සේ ඒ පොත් ආරක්‍ෂා කළා. අවශ්‍ය අවස්ථාවට කරුණු හැදෑරුවා.පසුව මමත් එහි වටිනාකම අවබෝධ කරගෙන පොත් සුරක්‍ෂිතව ආරක්‍ෂා කළා. අදත් ඒ ලිපි සුරක්‍ෂිතව පොතක් වගේම ශක්තිමත් පිටකවර යොදා ඉතාම හොඳින් ඕනෑම කෙනකුට හැදෑරිය හැකි පරිදි තැන්පත් කොට තිබෙනවා.1930 ජූනි 01 සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහයේ “වෙස්සගිරියේ ශිලා ලිපි”, 1933 අප්‍රේල් 3 “කාලිංග මාඝ යුද්ධයේ විස්තර”, 1931 මාර්තු 08 සිළුමිණ, ශාස්ත්‍රීය සංග්‍රහයේ “රාජසිංහ රජු සහ ඕලන්ද ජනපතියා”, 1931 මාර්තු 15 සිළුමිණ “ලන්දේසීන් ඉංගශ්‍රීසින් හා සටනට සූදානම්” ආදී ඓතිහාසික වැදගත් ලිපි රැසක් මේ ශාස්ත්‍රීය අතිරේකවල ඇත.වසර අසූවක් තිස්සේ මේ වටිනා අතිරේකය මෙසේ සුරක්‍ෂිතව ආරක්‍ෂා කර තැබීම ගැන තිලකරතන නාහිමියන්ට මෙන්ම උන්වහන්සේ ඒ සඳහා යොමුකළ අපවත් වී වදාළ නාහිමියන්ට ලේඛක පාඨක දෙපාර්ශ්වයේම ප්‍රණාමය හිමිවිය යුතුය.තමන්ගේ උප්පැන්න සහතිකයවත් ආරක්‍ෂා කරගත නොහැකි ඇතැම් අය සිටින සමාජයක ඉතාමත් මැනවින් සිළුමිණ ශාස්ත්‍රීය ලිපි පොත් බැඳ ආරක්‍ෂා කිරීම ඉතාම වටනේය.
|
NEWS
|
හෝමාගම අධ්‍යාපන කලාප කී‍්‍රඩා තරගාවලියේ ලකුණු 344 ලබාගැනීමට සමත් වූ හංවැල්ල රාජසිංහ විදුහල ශූරතාව දිනාගත් අතර ලකුණු 84 ගත් පාදුක්ක සිරිපියරතන විදුහල අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.තරගාවලියේ ලකුණු 53 ලබාගත් හෝමාගම මධ්‍ය මහ විදුහලට තෙවැනි ස්ථානය හිමි විය. හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ මලල ක්‍රීඩා අංශයෙන් දක්‍ෂතා දැක්වූ කේ. ඩබ්. ඩී. පී. කුමාරසිංහ (15 පහළ - හංවැල්ල ම. ම. වි.), එල්. ජී. ඩී. සඳමිනි (15 පහළ - හෝමාගම ම. ම. වි.), ආර්. පී. ගිම්හාන් සංකල්ප (17 පහළ - හංවැල්ල රා. ම. ම. වි.), ඩබ්. වී. මධුෂානි (17 පහළ - පාලාගම සි. පැ. වි.), පී. ශානක උදයංග (19 පහළ - හංවැල්ල රා. ම. ම. වි.), ජේ. ඩබ්ලිව්. ඒ. ඩී. එම්. විජේසිංහ (19 පහළ - හංවැල්ල රා. ම. ම. වි.), බී. ජී. එච්. ඩී. ජයතිස්ස (21 පහළ - හංවැල්ල රා. ම. ම. වි.), එච්. ඒ. ඩී. ලක්මාලි (21 පහළ - හංවැල්ල රා. ම. ම. වි.), යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ ඇගයීම් සහතික සහ තිළිණ ප්‍රදානය කිරීම සිදු කෙරිණ.තරගාවලිය සඳහා හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් හෝමාගම, පාදුක්ක සහ සීතාවක අධ්‍යාපන කොට්ඨාසවලට අයත් විදුහල් අනූ හතක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසක් පමණ සහභාගි වූහ. ජය සංකේත ප්‍රදානය අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය..
|
NEWS
|
මාතර මධ්‍යම මහා විද්‍යාලයීය චෙස් සංගමය සංවිධානය කරන දකුණු පළාත් කේවල චෙස් ශූරතාවලිය මේ මස 18 සිට 20 දින දක්වා එම විද්‍යාලයේ දී පැවැත්වේ.අවුරුදු 7, 8, 10, 12, 14 හා 16න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක බාලිකා ලෙසින් පැවැත්වෙන තරගාවලිය සඳහා කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ මස 17 වැනිදා අවසන්වේ. මේ පිළිබඳ වැඩි විස්තර දු.ක 0711550160 හෝ 0772472727 මගින් ලබාගත හැකිය..
|
NEWS
|
විදේශගතව සිට නැවත ලංකාවට පැමිණිමේ දී තීරු බදු රහිතව භාණ්ඩ මිලදීගැනීමට ඇති සීමාව ඉහළ දැමීමට අවධානය යොමුවී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23) ප්‍රකාශ කළේය.දැනට තීරු බදු රහිත වෙෙළඳසල්වලින් අෙමරිකානු ඩොලර් පන්දහසක උපරිමයකට යටත්ව භාණ්ඩ මිලදීගැනීමට හැකියාව ඇත. ඒ අනුව එම සීමාව ඩොලර් 2000කින් ඉහළ දැමීමට අවධානය යොමුව ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය..
|
NEWS
|
ඩෙංගු රෝගය ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට විසඳුම් ලබාදෙමින් වසර 36කට පසුව කොළඹ, ඛෙත්තාරාම මහල් නිවාස සංකීර්ණයේ මළ නාලිකා පද්ධතිය, අප ජල නල පද්ධතිය ඇතුළු සනීපාරක්ෂක පහසුකම් රැසක් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කෙරේ.1978 වර්ෂයේ දී ආරම්භකර ඇති කොළඹ, ඛෙත්තාරාම මහල් නිවාස සංකීර්ණය නිවාස 60කින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. මෙම නිවාස සංකීර්ණයේ මළ නාලිකා පද්ධතිය, අප ජල නළ පද්ධතිය ඇතුළු සනීපාරක්ෂක පහසුකම් රැසක පැවති අවහිරතා හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ගණනාවකට මුහුණ දීමට නිවාසවාසීන්ට සිදුවිය.නිවාසවාසීන් පත්ව ඇති මෙම දුෂ්කරතාව පිළිබඳව අවධානය යොමු කළ විමල් වීරවංශ අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 10ක මුදලක් වැයකරමින් මෙම නිවාස සංකීර්ණයේ සනීපාරක්ෂක පහසුකම් රැසක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. මේ යටතේ මළ නාලිකා පද්ධතිය, අප ජල නල පද්ධතිය, අප ජල පොම්පාගාරය ඇතුළු පහසුකම් රැසක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුකරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේය.ඛෙත්තාරාම මහල් නිවාස සංකීර්ණයේ සිදුකෙරෙන මෙම සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පසුගිය දා එම මහල් නිවාස සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ අවස්ථාවකට ද සහභාගී විය.මෙම නිරීක්ෂණ අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී පන්නිල විතාන මහතා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.
|
NEWS
|
එක් ගමකට එක් වැඩක් ව්‍යාපෘතිය සඳහා රඹුක්කන මැතිවරණ කොට්ඨාසයට රුපියල් අටකෝටි අනූ ලක්‍ෂයක මුදලක් වෙන් කර ඇති බව රඹුක්කන ප්‍රාදේශීය ලේකම් පී. එම්. බෙලිගම්මන මහතා පැවැසීය.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ගම නැගුම “එක ගමකට එක් වැඩක්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් අනූනවයක ව්‍යාපෘති 89ක් සඳහා මේ මුදල ලබාදී ඇති බවත්, ඒ සඳහා යෝජිත ව්‍යාපෘති ඇස්තමේන්තු කිරීම මාර්තු මස 15 ට ප්‍රථම සකස් කර අප්‍රේල් මස ව්‍යාපෘති ආරම්භ කර ජූනි මස 31 ට ප්‍රථම ව්‍යාපෘති අවසන් කිරීමට නියමිත බව බෙලිගම්මන මහතා වැඩිදුරටත් කීය.ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් සබරගමු පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘති සියල්ල සිදු කෙරෙන අතර ව්‍යාපෘති අධීක්‍ෂණ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සිදු කෙරෙන බවද පවසා සිටී..
|
NEWS
|
රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා සලකා බලනු ලබන ග්‍රන්ථ නාමාවලිය ප්‍රකාශයට පත්කර තිබේ.සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ දී සම්මාන ප්‍රදානය සඳහා සලකා බලනු ලබන ග්‍රන්ථ නාමාවලිය නිකුත් කර ඇත.2013 වර්ෂයට අදාළව රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කරන ලද ග්‍රන්ථ හා ලේඛක ලේඛිකාවන් හා ග්‍රන්ථ ප්‍රකාශන ආයතන රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය වෙත ලබාදෙන ලද ග්‍රන්ථ මෙම ලේඛනයට ඇතුළත්ව ඇත.මෙම ග්‍රන්ථ නාමාවලිය 2014 අප්‍රේල් 10 වන දින සිට මැයි 20 වන දින දක්වා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ද, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, ජාතික කලාභවන හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේදී ද පරීක්ෂාකර බැලිය හැකි අතර www.culturaldept.gov.lk යන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ද පරීක්ෂාකර බැලීමට කටයුතු යොදා තිබේ.ඉහත ලේඛනයේ සඳහන් නොවන, එහෙත් 2013 වර්ෂයට අදාළව ප්‍රථම මුද්‍රණය ලෙස ප්‍රකාශිත ග්‍රන්ථ වෙතොත් එම ග්‍රන්ථ අදාළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ කරුණු දැක්වීම් ඇතුලත් ලිපියක් සමඟ මැයි මස 20 වන දිනට පෙර ලේකම්, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල ගෙනවිත් හෝ ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකි අතර මේ පිළීබඳව වැඩි විස්තර 011 2872030 දුරකථනයෙන් විමසිය හැකිය.
|
NEWS
|
තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ බන්ධනාගාර නිලධාරීහු තෑගි බෝග රැගෙන බදුල්ල රිදීපාන වැඩිහිටි නිවසට නෑගම් ගොස් ආදර්ශවත් සද්කාරක වැඩසටහනක නිරත වූහ. වැඩිහිටි නිවසේ වැඩිහිටියන්ගේ කොණ්ඩා රැවුල කැපූ බන්ධනාගාර නිලධාරීහු ඔවුන් නාවා පිරිසුදු කළහ. තේ පැනින් සංග්‍රහ කළ බන්ධනාගාර නිලධාරීහු වැඩිහිටියනට දිවා ආහාරයද පිස බෙදා දුන්හ.තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ බන්ධනාගාර අධිකාරි සෙනරත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත ප්‍රධාන ජේලර් ඒ. සී. ගජනායක මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීහු මීට දායක වූහ..
|
NEWS
|
ඉන්දියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ සිව්කොන් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ පිල කඩුලු 2කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලට හැකිවිය.පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ පිල ඕවර 50කදී කඩුලු 8ක් දැවී ලකුණු 258ක් රැස් කළ අතර කවීම් හොඩ්ගේ නොදැවි ලකුණු 80ක් ද ජස්ටින් ග්‍රෙවිස් ලකුණු 90ක්, ක්‍රැගිග් බ්‍රැදවේට් ලකුණු 38ක් ද රැස්කළහ.පන්දු යැවීමේදී ළහිරු මධුශංක ලකුණු 49කට කඩුලු 3ක් ද අමිල අපෝන්සු ලකුණු 39කට කඩුලු 2ක් ද බිද හෙලීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ඕවර 48.3කදී කඩුලු 8ක් දැවී ලකුණු 259ක් රැස් කරමින් ජයග්‍රහණය අත් කර ගත්තේය. සඳුන් වීරක්කොඩි ලකුණු 47ක් ද, ළහිරු මධුශංක ලකුණු 42ක් ද, ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 40ක් ද, දුලීක තිස්සකුට්ටිගේ ලකුණු 31ක් ද රැස් කළහ. පන්දු යැවීමේදී කේල් මෙයාර්ස් ලකුණු 44කට කඩුලු 3ක් ද ජොන් කැම්බෙල් ලකුණු 31කට කඩුලු 2ක් ද බිඳ හෙලීය.බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ පිල – කඩුලු 8ක් දැවී (ඕවර 50) 258 - කවීම් ගෙඩුගේ (නොදැවි) 80 ජස්ටින් ග්‍රෙවිස් 90 ක්‍රැගිග් බ්‍රැදවේට් 38 (ළහිරු මධුශංක 49/3, අමිල අපෝන්සු 39/2)ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිල – කඩුලු 8ක් දැවී (ඕවර 48.3) 259 - සඳුන් වීරක්කොඩි 47, ළහිරු මධුශංක 42, ශෙහාන් ප්‍රනාන්දු 40, දුලීක තිස්සකුට්ටිගේ 31 (කේල් මෙයාර්ස් 44/3, ජොන් කැම්බෙල් 31/2).
|
NEWS
|
ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කර සිටින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (24) සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතයි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙන අතර අදාළ තනතුරේ වැඩබාර ගැනීම සඳහා ඒ මහතා ඊයේ (23) දිවයිනෙන් පිටත්ව ගියේ ය.ජපානයේ ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා තිබෙන අතර එරට සිදු වූ සුනාමි ව්‍යසනය හේතුවෙන් විදේශ රටවල් කිහිපයක තානාපති කාර්යාල ඉවත්කර ගැනීමට පියවර ගත්තද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත්කර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ද එම අමාත්‍යාංශය කියයි..
|
NEWS
|
ආසියානු විශ්වවිද්‍යාලයීය නෙට්බෝල් තරගාවලිය මේ මස 9සිට 16 දක්වා මැලේසියාවේ පෙනාග් නගරයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායම පළමු පෙළ (වමේ සිට දකුණට) ආශා ඇන්තනි, ඩබ්ලිව්. නදීෂා දිල්ශානි ද සිල්වා (නායිකාව කොළඹ විශ්ව විද්‍යාලය), අයිරාංගනි රූපසිංහ (කළමණාකාරිනි) කේ.ඩී.ආර්.සී. රත්නමුදලි (ලේකම් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලනය) සුනිල් ගුණවර්ධන (අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩා හා කුසලතා සංවර්ධන) බී.කේ. සමන්තා ප්‍රින්සි ලාලනි (පුහුණුකාරිනි), යන මහත්ම මහත්මීන් සමග ඩබ්ලිව්.එස්. එරංගා ක්‍රිෂාන්ති ප්‍රනාන්දු (උප නායිකා සබරගමුව විශ්වවිද්‍යාලය), නෞචලි රාජපක්ෂ දෙවන පෙළ (වමේ සිට දකුණට) ඒ.ඒ.සී. සඳුනිකා, ආර්.එස්.ඩී.එස්. අබේවික්‍රම, කේ.ඒ.බී.එන්. කුලසූරිය, එච්.වයි. චමෝදි, ඒ.එස්.බී. වන්නිනායක, ඩී.එස්. විතාරණ, එන්.සී. වීරසූරිය, එච්.එම්. බිහේෂා ප්‍රසාඳි හේරත්. ඡායාරූපය-නිශ්ශංක විජේරත්න.
|
NEWS
|
දුම්රියේ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන්මාල කඩාගැනීමේ නිරතව සිටි බව කියන රන් දම්වැල් එකොලහක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවකු මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත සිරබාරයේ තබන ලෙස අත්තනගල්ල අතිරේක දිසා විනිසුරු හා අතිරේක මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා නියෝග කෙළේය.මෙසේ රක්ෂිත බාරයට පත්වූයේ මීරිගම පල්ලෙවෙල කේ. පී. ජීවක පුෂ්පකුමාර නැමැත්තෙකි.සැකකරු විල්වත්ත දුම්රිය ස්ථානයේ දී දුම්රිය මගී කාන්තාවකගේ රන් දම්වැලක් කඩාගෙන පලා යමින් සිටියදී මීරිගම දංඕවිට හන්දියේ දී අත්අඩංගුවට පත්විය. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සිදුකළ රන් දම්වැල් පැහැරගැනීම් එකොලහකට සම්බන්ධ බව හෙලි කර ගත් පොලිසිය එසේ පැහැරගත් දේපළ විවිධ ස්ථානයන්හි උගස් කර තිබියදී සොයා ගෙන ඇත.මේ සැකකරු මෙවැනිම වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට මාස දෙකකට පමණ ඉහත නිදහස්ව පැමිණ ඇති බවද අනාවරණයවී ඇත. මේ කාලය තුළ සැකකරු තවත් සොරකම් හා කොල්ලකෑම් රැසක් සිදු කර ඇති බවට පොලිසිය සැකකරයි..
|
NEWS
|
කටුකුරුන්ද හා දකුණු පයාගල අතර පිහිටි උතුරු පයාගල දුම්රිය ස්ථානය වල් බිහි වෙමින් පවතී.දිනකට විශාල පිරිසක් ගමන් ආරම්භය සඳහා යොදා ගන්නා මේ දුම්රිය ස්ථානය වසර කිහිපයකින් අලුත්වැඩියා කොට නැත. මේ නිසා දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ල දිරාපත් වෙමින් පවතී. අවට ප්‍රදේශය ද වල් බිහිවෙමින් පවතින නිසා රාත්‍රි හා උදෑසන කාලයන් හී මගී ජනතාවට විවිධ කරදරයන්ට මුහුණ පෑමට සිදුවේ.ලාල් පෙරේරා මහතා - නිවාඩු දිනවල පමණයි මේ දුම්රිය ස්ථානයේ මගීන් අඩු වෙන්නේ. අනෙක් හැම දිනකම රැකියාවලට යන එන පිරිස විශාලයි. ඒ හින්දා මේ දුම්රිය ස්ථානය සංවර්ධනය කළ යුතුයි. වහළ දිරලා. ගොඩනැගිල්ල අත්තිවාරම් පෑදිලා. වැසිකිළි පහසුකම් නැහැ. අවට කැලෑ වැවිලා. රාත්‍රියට උදේට තනියම කෙනෙකුට ඉන්න අමාරුයි.විශාල මගීන් පිරිසක් සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නා උතුරු පයාගල දුම්රිය ස්ථානය කඩිනමින් සංවර්ධනය කළ යුතුව ඇතැයි ප්‍රදේශවාසීහු වගකිවයුත්තන් ගෙන් ඉල්ලා සිටිති. .
|
NEWS
|
කිසිදු කරුණු විමසීමකින් තොරව සහ විධිමත් පරීක්ෂණයක් පැවැත්විමකින් තොරව සිසුන් අටදෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරිමට සහ පසුව වසරක හෝ වසර දෙකක කාලසිමාවකට ශිෂ්‍යභාවය අත්හිටුවිමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා මෙම ජූනි මස 26 වැනිදා අධිකරණයෙහි පෙනි සිටින ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයෙහි උපකුලපතිවරයා ඇතුළු 48 දෙනකුට නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (23) නොතිසි නිකුත් කෙළේය.පාලනාධිකාරිය අත්තනෝමතිකව තීරණය කිරිම නිසා විශාල අසාධාරණයක් සිදුව ඇතැයිමේ පෙත්සම්කරුවෝ සඳහන් කරති. සිය ශිෂ්‍යභාවය අහෝසි කිරීමට සබරගමුව විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයෙහි සිසුන් හය දෙනකු රිට් පෙත්සම් හයක් අභියාචනාධිකරණයට ඊයේ(05) ඉදිරිපත් කළහ.බී.මධුශාන් ප්‍රදීප් කුමාර, ඒ.සුරංග විරාජ් මුතුකුමාරණ, එච්.එම්.ධම්මික පුෂ්ප කුමාර, ඩී එම්.අනිල් රූපසිංහ, පී. එච්. චතුර පසන් චන්දුසේකර, එල්.ඩබ්ලිව්. චතුරංග මධුරසිංහ විසින් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු 48 දෙනකු පෙත්සම මඟින් වගඋත්තරකරුවන් කොට සිටිති. කාන්තා නේවාසිකාගාරයක ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණය කරමින් ඊට විසඳුම් ලබා දීමට පැමිණි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයා, විනය පාලකවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසකට ශාරීරික සහ මානසික පීඩා ඇති කිරීම සහ අවඥාවට ලක් කිරීම යන චෝදනා මත මේ පෙත්සම්කරුවන් ඇතුළු 17 දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇත. පසුව ඒ සම්බන්ධයෙන් කළ අභියාචයන් සලකා බලා සිසුන්ගේ දඩුවම් ලිහිල් කිරීමට තීරණය කළ පාලනාධිකාරිය ඔවුන්ගේ ශිෂ්‍යභාවය මාස කිහිපයකට , වසරකට, වසර දෙකකට අත්හිටුවමින් ලිපියක් නිකුත් කර ඇත. එම කාලය ඇතුළත විශ්වවිද්‍යාලයීය භූමියට පැමිණීම , දේශනවලට සහභාගි වීම සහ විභාගවලට පෙනි සිටිම මේ සිසුන්ට තහනම් කර තිබේ.මේ තීරණය නිසා දේශන සහ විභාග වලට සහභාගීවිය නොහැකි වීමෙන් තමන්ට විශාල අසාධාරණයක් වන බව පෙත්සම්කරුවෝ පවසති. එබැවින් එම ලිපි බල රහිත කරන ලෙස මේ පෙත්සම් මගින් ඉල්ලා තිබේ. එසේම විභාගවලට පෙනීසිටිමට සිසුන්ට අවසර දෙන ලෙස පාලනාධිකාරියට නියෝග කරන ලෙස ද මේ පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා තිබේ.
|
NEWS
|
මහනුවර ධර්මරාජ විද්‍යාලීය 1991 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් දෙවනවරට සංවිධානය කරනු ලබන රැළි විත් රාජන්ස් (Rally With Rajans) මෝටර් රථ ධාවන රැළිය මෙම මස 16 දින මහනුවරදී පැවැත්වෙයි.මහනුවර මහ නගර සභා රථගාලේ ඉහළ මාලයෙන් පෙරවරු 11.00ට තරගය ආරම්භ කෙරෙන අතර මහනුවර හිල්ටොප් හෝටලය අභියසින් එය නිමාවීමට නියමිතය.මේවනවිටත් දිවයිනේ නන්දෙසින් තෝරාගත් තරගකරුවන් පනස් දෙනකු තරගයට ඉදිරිපත්වීමට එකඟතාව පලකර තිබේ.මෙමඟින් ලැබෙන ආදායම තුළින් ධර්මරාජ විද්‍යාලීය ශරීර සුවතා ඒකකය සම්පූර්ණ කිරීමටත් දුෂ්කර ප්‍රදේශයක ප්‍රජා සත්කාර ඒකකයක් පැවැත්වීමටත් සැලැසුම් කැර තිබෙන බව ධර්මරාජ 91 කණ්ඩායමේ ප්‍රසාද් ගජවීර මහතා කීය..
|
NEWS
|
රුපියල් කෝටි 127කට ආසන්න මුදලක් වැයකොට මේ වසරේ බස්නාහිර පළාතේ මාර්ග වැඩි දියුණු කිරීමට පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.මෙම මුදලින් රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරනුයේ මාර්ග නඩත්තුවට හා පුනරුත්ථාපනය සඳහා ය.තවත් කෝටි 52 කට අධික මුදලක් මාර්ගවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා යෙදවීමට නියමිත අතර, පළාත් පාලන ආයතන යටතේ පාලනය වන මාර්ග සඳහා රුපියල් කෝටි 14 ක මුදලක් යෙදවීමට නියමිතය.ගෙවීගිය වර්ෂවලදී (2011/ 2012) රුපියල් දස ලක්ෂ 14,289 ක් වැය කොට බස්නාහිර පළාතේ කිලෝ මීටර් 1086 ක මාර්ග සංවර්ධනය කර තිබේ.මේවා අතර “අයවැය යෝජනා” හා “රන් අරුණ 2” යන වැඩසටහන් යටතේ මාර්ග සංවර්ධනය කිරීමට පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති අතර, රුපියල් කෝටි 40 කට අධික මුදලක් වැය කරමින් ස්වස්ථතා මංතීරු 7ක් ඉදිකිරීමට ද අධිකාරිය කටයුතු කර ඇත. දැනටමත් මෙම මංතීරු 3ක වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් කර තිබේ.නවීන තාක්ෂණය සහ නවීන යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතුව මෙම මාර්ග සංවර්ධනය කරන අතර, දැනටමත් බස්නාහිර පළාතට පරිබාහිරව අනෙකුත් පළාත් සඳහා ද මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අධිකාරිය කටයුතු කරයි.මේ අනුව කුරුණෑගල, පුත්තලම, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක 4 හි මාර්ග කිලෝ මීටර් 803ක් රුපියල් දශලක්ෂ 15,636 ක අතිවිශාල මුදලක් වැය කොට සංවර්ධනය කිරීමට ද බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය දැනටමත් වැඩ කටයුතු ආරම්භ කර තිබේ. .
|
NEWS
|
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක මුදල් ප්‍රවාහනය කළ නිලධාරියකුට සිදුවුණු අමුතුම විදිහේ අකරතැබ්බයක් පිළිබඳව රසවත් සිද්ධියකි.මේ බැංකු නිලධාරියා රාජකාරිය අකුරටම ඉටු කිරීම නිසා ඉහළ නිලධාරින්ගේ හිත් දිනාගෙන සිටි අයෙකි. නමුත් ඔහු ආත්මාර්ථකාමී පුද්ගලයෙකි. සහෝදර සේවකයන් වෙනුවෙන් කිසිදු සහයෝගයක් නොදෙන අනුන්ගේ දොස් නිතරම හොයා ප්‍රධානීන්ට ගතු කියන්නකු ද වශයෙන් ප්‍රසිද්ධය. නිතරම තමාගේ ශ්‍රේණියට ඉහළ සේවකයන් සමඟ සමසම සිටීමට වැඩි කැමැත්තක් දක්වන මොහු වැඩ මවන්නෙකි. ඒ නිසාම මොහු අතිකාල දීමනා ගජරාමෙට ගසා කන නිසා ‘ගරා’ යන නමක්ද පටබැඳිණි.ඉහළ නිලධාරින්ට වැඩි වැඩියෙන් පන්දම අල්ලන නිසා ‘ඉටි පන්දමා’ නමින් ද හැඳින්විණි.සඳුදා දිනයකදී බැංකුවේ දුරබැහැර ශාඛාවකට මුදල් අඩුපාඩුවක් පිළිබඳව රහසිගත සංඥාවක් ලැබිණි. කළමනාකරු එම මිලියන ගණනක මුදල වහාම මුදල් රැස්කරන ප්‍රධාන පෝෂිත ශාඛාවෙන් ලබාගෙන අවශ්‍ය තැනට ගෙනගොස් දෙන ලෙසට “ගරා” මහත්තයට බාර කළේය. වහා ක්‍රියාත්මක වූ ඔහු ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි මහතා ප්‍රමුඛ අතිරේක ආරක්‍ෂක නිලධාරීන් 04 දෙනකුද මේ ගමනට සහභාගි විය.ඉතා සුපරික්‍ෂාකාරිව මුදල් මිටි සියල්ල කිහිප වතාවක් පරීක්‍ෂාකර එවා නිවැරදි බව හොඳින් තහවුරු කර ගනිමින් කාර්යාල කාර්ය සහායක මහතා ලවා මුදල් බහාලන ලද ට්‍රන්ක පෙට්ටියට ඉබි යතුරු දමා අනතුරුව ලාකඩ තබා අදාළ රහස් ලාංඡනයද තැබීමට අමතක කළේ නැත. ආරක්‍ෂක නිලධාරින් දෙදෙනෙකු සහ තමාගේ සහාය නිලධාරින් දෙදෙනාද මුදල් පෙට්ටිය සහිත වාහනයේ ඉදිරි අසුනට නැගී ‘හනික යං’ යනුවෙන් රියැදුරු මහතාට පවසමින් පිටත් වුණි.එම ශාඛාවට පැමිණි විගස එහි කළමනාකරුට මුදල් භාරදීම පිණිස ආරක්‍ෂිත සේප්පුව අසලට මුදල් පෙට්ටිය රැගෙන ගියේය. අනතුරුව කාර්යාල කාර්ය සහායක මහතා මුදල් පෙට්ටියේ ඉබියතුරු විවෘත කර ලාකඩ මුද්‍රාව කළමනාකරුට පරීක්‍ෂා කිරීමට ඉදිරිපත් කර ඉන්පසු එය විවෘත කළේය. එක් වරම අත්දෙකින් හිස බදාගත් ගරා මහත්තයා “ දෙයියෝ සාක්කි, මොකක්ද මේ ගෙනත් තියෙන මළ ඉලව්ව” කියා බෙරිහන් දුන්නේය.ඉහින් කනින් දහඩිය පෙරා ගනිමින් මුදල් ප්‍රවාහනය කළ රථයට නැඟගත් ‘ගරා මහත්තයා ආපසු සිය බැංකුව වෙත රිය පදවන ලෙස රියැදුරාට අණ දුන්නේය. සහායට බැංකු නිලධාරින් සහ ආරක්‍ෂක නිලධාරින් එම රථය පසු පස ලුහුබැන්දේය. ශාඛාවේ සේවක මණ්ඩලය සිදුවූයේ කුමක්දැයි නොදැන තුෂ්නිම්භූ®තව බලා සිටියහ. පැයක පමණ, කාලයක් ඇතුළත මුදල් බහා තිබූ ‘ට්‍රන්ක පෙට්ටිය’ “ගරා මහත්තයා ප්‍රමුඛ පිරිස බැංකු ශාඛාව වෙත ගෙන ඒමට සමත්විය.මුදල් සුරක්‍ෂිතාගාරය අසල හිස් කාසි මළු, පැරැණි ලෙජර් හා පොත්පත් බහා තිබුණේද මුදල් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා ට්‍රන්ක පෙට්ටියකය. මුදල් බහාලූ ට්‍රන්ක පෙට්ටිය වෙනුවට කාර්යාල කාර්ය සහායක මහතා ලාකඩ සීල් තබා ඉබියතුරු දමා ඇත්තේ පැරැණි ලිපිද්‍රව්‍ය හා හිස් කාසි මළු බහා තිබූ ට්‍රන්ක පෙට්ටියට බව හෙලිවිය. “ගරා මහත්තයා මුදල් ප්‍රවාහනය කළා වගෙයි” යන උපහැරණය තවමත් කෑගල්ලේ බැංකු අතර ජනප්‍රියව ඇත..
|
NEWS
|
දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදමින් ඉහළ අහසේ ගමන් ගත් ආකාශ වස්තුවක් පෙරේදා (08) දින සවස අනුරාධපුර නගරයට මදක් ඈතින් දැක ගත හැකිවිය. මේ ආකාශ වස්තුව මුලින්ම සිරස් අතට සුදු පැහැති දුමක් අයුරින් ගමන් කළ අතර විනාඩි 20ක පමණ කාලයකට පසුව තිරස් අතට දීප්තිමත් කහ පැහැති එළියක් විහිදුවමින් ගමන් කරන්නට විය.එය පොළොවට දිස්වු ආකාරයට අනුව මීටර් 20ක් 30ක් පමණ දිගින් යුක්ත විය. විනාඩි 30කට ආසන්න කාලයක් ඉහළ අහසේ මේ දීප්තිමත් වස්තුව ඉතා සෙමින් ගමන් කරන අයුරු දර්ශනය වී පසුව එක්වරම එය නොපෙනී ගියේය.
|
NEWS
|
ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවයේ ආචාර පෙළපාලියේ ගමන් කළ ක්‍රීඩා නිලධාරීන් පිරිසක් හා පුහුණුකරුවෝ පිරිසක් සමාන්‍ය ඇදුමෙන් සැරසී නිහඬ විරෝධතාවක යෙදුනහ.දැනට හිමිවන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසා විරෝධතාව පළකළ ක්‍රීඩා නිලධාරීන් පිරිසගේ ගැටලුවට ඉදිරියේදී විසඳුම් ලබාදෙන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය සමාප්ති උත්සවයේදී පැවැසුවාය. එවිය විරෝධතා ඉදිරිපත් කළ ක්‍රීඩා නිලධාරීන් සිය සතුට පළ කළහ. රට පුරා ක්‍රීඩා නිලධාරීහු හා පුහුණුකරුවෝ 400ක් පමණ වැටුප් ප්‍රශ්නයට මැදිව සිටිති..
|
NEWS
|
වකුගඩු රෝගයට විසඳුම් සෙවීමට දේශීය වෛද්‍ය විද්‍යාව සහ බටහිර වෛද්‍ය විද්‍යාව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ජනපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.ජාතික අවශ්‍යතාවයක් සේ සලකා එහිදී සියලුදෙනා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිතුමා සෑම අමාත්‍යාංශයකම සහායද ඒ සඳහා හිමි විය යුතු බව කියා සිටියේ ය.උතුරු මැද පළාත පමණක් නොව උතුරු නැඟෙනහිර ඇතුළු රටේ සියලු පළාත් එක සේ සලකා මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය ඊයේ (06) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී රැස් වූ අවස්ථාවේදීය.උතුරු මැද පළාතේ පැතිර යන, හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග සැළැස්ම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුව විසින් නිර්දේශිත 2014 සඳහා වූ යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරිණි.හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය අනුරාධපුර ප්‍රදේශයට අමතරව කුරුණෑගල , මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද ව්‍යාප්ත වෙමින් පවතින බව මෙහිදී අනාවරණය කෙරිණි.සෑම වසර 04කට වරක් මේ රෝගීන් ප්‍රමාණය දෙගුණයක් වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දුන්නේ ය. වයස් බේදයකින් තොරව කුඩා ළමුන් අතරද මෙම රෝගය ව්‍යාප්තවීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවද ඔහු පෙන්වා දුන්නේ ය.කෘෂි රසායනික භාවිතය වකුගඩු රෝගයට ප්‍රබල හේතුවක්ව පවතින බැවින් එය ක්‍රමවත්ව අඩු කිරීමේ වැදගත්කමද මෙහි දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.කළුහීනටි, මඩතවාලු, පච්චපෙරුමාල් වැනි දේශීය සහල්වර්ග වකුගඩු රෝගයට ඖෂධයක් වන බැවින් ඉදිරියේ දී උතුරු මැද පළාතේ එම සහල් වර්ග ප්‍රචලිත කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව 2014 මහ කන්නයේදී උතුරු මැද පළාතේ අක්කර 50,000ක පමණ මෙම දේශීය වී වගාවන් සිදුකිරීමට නියමිත අතර ඒ පිළිබඳවද මෙහි දී සාකච්ඡාවට ලක් විය.අධ්‍යාපන අමාත්‍යාංශය උතුරු මැද පළාතේ පාසල්වල ක්‍රියාත්මක කර ඇති ඖෂධීය කැඳ ව්‍යාපෘතිය අනෙකුත් පළාත්වල පාසල් වලද ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.වකුගඩු රෝගී නිවාරණ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් රැසක් උතුරු මැද පළාත තුළ ක්‍රියාවට නංවා ඇත. එය වකුගඩු රෝගය පැතිර යන සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු කෙරිණි.අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න,බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, තිස්ස කරලියද්ද, ෆීලික්ස් පෙරේරා, එස්. එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක යන මහත්වරුන්ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ..
|
NEWS
|
දොඩන්ගොඩ පශු වෛද්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් එම පශු වෛද්‍ය බල ප්‍රදේශය තුළ පසුගිය 2013 වර්ෂයේ දී සත්ව පාලන කේෂ්ත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ.මේ අනුව දොඩන්ගොඩ පශු වෛද්‍ය නිලධාරිනියගේ සහ සත්ව සංවර්ධන නිලධාරි ඇතුළු කාර්ය මංඩලයේ සහභාගිත්වය යටතේ මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවිමේ දී දොඩන්ගොඩ ගොවිජන සංවර්ධන නිලධාරිනි ඇතුළු සියලු කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් ස්වකීය දායකත්වය ලබා දී ඇත.මේ අනුව අභිජනන ගොවිපළක් වැඩි දියුණු කිරීම සඳහා කිරිගවයෙක් වෙනුවෙන් රුපියල් 85,000ක් ලබාදීමත් ගව අභිජනන ව්‍යාපෘතිය සඳහා කිරි ගවයන් හතර දෙනෙකු ලබා ගැනීම සඳහා රුපියල් 95,000ක් ලබා දීමත්, අභිජනනය සඳහා මී ගවයන් හතර දෙනෙකු සඳහා රුපියල් 160,000ක් ලබාදීමත් සිදුකර තිබේ..
|
NEWS
|
අධික සීත කාලගුණික තත්ත්වයත් සමඟ සුදෝ සුදට හිම මෙන් ඇද වැටෙන මල්තුහින සමඟ සුන්දර වූ නුවරඑළියේ අසිරිය විඳින්නට දෙස් විදෙස් සංචාරකයින් අතිවිශාල පිරිසක් මෙම දිනවල එහි පැමිණෙන බව වාර්තා වෙයි.මේ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ලැගුම්හල් පිරී පවතින බවත් පාසල් සිසුන් කණ්ඩායම් වශයෙන් පැමිණෙන බවත් දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කීය.හෝර්ටන් තැන්න ඇතුළු ප්‍රදේශ රැසක සුදු ඇතිරිල්ලක් සේ මල් තුහින පතිත වී තිබෙනු මෙම දිනවල නුවරඑළියේ සුලබ දසුනකි. නුවරඑළිය දිසාපති මැදුරද මෙම දිනවල සංචාරකයින්ගෙන් පිරී පවතින බව වාර්තාවෙයි. හෝර්ටන් තැන්න ආශ්‍රිතව උෂ්ණත්වය පෙරේදා (18) අලුයම 5.00ට පමණ සෙල්සියස් අංශක 2.5 දක්වා අඩුවී තිබූ බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි..
|
NEWS
|
විස සහිත ආහාර සහ ජලය පරිභෝජනය හේතුවෙන් රටේ ජනතාවගේ ජාන වෙනස් වීමට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි. මේ හේතුවෙන් රටේ ජනතාව අතර බෝ නොවන රෝග තත්ත්වයන් බහුල ලෙස දක්නට ඇතැයි ඒ මහතා පෙන්වාදෙයි.දියවැඩියාව, පිළිකා, වකුගඩු රෝගීන් වාර්ෂිකව ඉහළ යාම පසුගිය වසරවල අඛණ්ඩව සිදු වී ඇති බවත් රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී ඒ බව පැහැදිලිව දැක ගත හැකි බවත් හෙතෙම කීය.ආහාරවල සහ ජලයේ අන්තර්ගත විස ද්‍රව්‍ය ඇතුළු බැර ලෝහ පරීක්ෂා කිරීම සඳහා මෙරට රසායනාගාරයක් නොතිබීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ගැටලුවක් බව ද ඒ මහතා පෙන්වාදෙයි.මෙවැනි රසායනාගාරයක් නොතිබීම හේතුවෙන් විස ද්‍රව්‍ය සහ බැර ලෝහ කොපමණ ප්‍රමාණයක් ආහාරවල හා ජලයේ අඩංගු වන්නේදැයි තීරණය කිරීමට නොහැකි වීමෙන් පරිභෝජනයට සුදුසු හා නුසුදුසු ආහාර මොනවාදැයි තීරණය කළ නොහැකි යැයි ද ඔහු පවසයි.අතීතයේ පරිභෝජනය කළ ආහාරවලට වඩා ක්ෂණික ආහාරවලට මෙරට ජනතාව ක්‍රමයෙන් හුරු වීම ද මේ තත්ත්වය ඇතිවීමට හේතු වී ඇතැයි හෙතෙම කීය. දිනකට වකුගඩු රෝගීන් හතර දෙනකු මරණයට පත් වන අතර වස විස සහිත ආහාර හා ජලය පරිභෝජනය මීට හේතු විය හැකි යැයි ද ඔහු පෙන්වාදෙයි.ආහාර හා ජලයේ පවතින භාවිතයට සුදුසු හා නුසුදුසු සංඝටක මොනවාදැයි තීරණය කිරීමට හැකි වන්නේ නම් බෝ නොවන රෝග බොහොමයක් වළක්වා ගැනීමට හැකි වන බවත් වෛද්‍ය පාදෙනිය මහතා පවසයි.වාර්ෂිකව අලුතින් පිළිකා රෝගීන් 20,000 ක් පමණ වාර්තා වන අතර වසර 2010 දි රෝගීන් 21,517 ක් ද, 2011 දි රෝගීන් 25,457 ක් ද, 2012 දි රෝගීන් 26,303 ක් ද ලෙස වාර්තා වී ඇත.බෝ නොවන රෝග තත්ත්වයන් හේතුවෙන් දිනකට පුද්ගලයන් 650 දෙනකු මරණයට පත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා මඟින් පෙන්වාදෙයි.මේ පිළිබඳ විමසීමට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් යන මහත්වරුන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔවුහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූහ..
|
NEWS
|
ලෝක ඒඩ්ස් දිනය අදට (01 දා) යෙදී ඇත. මේ සඳහා වූ ජාතික වැඩසටහන කොළඹ පදනම් ආයතනයේ දී සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01 දා) සවස 3.30 ට පැවැත්වේ.මෙරට ඒඩ්ස් තත්ත්වය ගත් විට අග්නිදිග ආසියානු කලාපයේ HIV/AIDS ව්‍යාප්තිය අවම රටක් වශයෙන් සැලකෙයි.විශේෂයෙන් ම මෙරට පවත්නා බෞද්ධාගමික හා සංස්කෘතිමය ශක්තිමත්භාවය මෙවැනි ලිංගාශ්‍රිත රෝගයක් පාලනය කිරීම කෙරෙහිදැඩි බලපෑමක් එල්ල කර තිබේ. මේ රෝගය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ කෙරෙන දැනුවත් කිරීම් මෙන් ම මෙරට ඉහළ සාක්ෂරතාව ද මේ සඳහා විශාල පිටුබලයක් වී තිබේ.ශ්‍රී ලංකාවේ පළමු HIV/AIDSරෝගියා වාර්තා වූයේ 1987 දීය. එතැන් පටන් මේ දක්වා 1285 දෙනෙක් HIV ආසාදිත තත්ත්වයට පත් වී තිබෙන අතර AIDS තත්ත්වයට පත් වූ රෝගීන් ප්‍රමාණය 332 කි. HIV ආසාදිත වූවන්ගෙන් 46ක් මව්වරුන් මඟින් වෛරසය ආසාදිත වූ දරුවන් වන අතර ඉන් 518ක් කාන්තාවෝ වෙති.HIV ආසාදිත පුරුෂයින් සංඛ්‍යාව 767 කි. HIV ආසාදිත දරුවන් 46 දෙනාට එම වෛරසය ඇතුළු වී ඇත්තේ තම මවුවරුන්ගෙන් වන අතර එම මවුවරුන්ගෙන් සියයට 90කට ම එම වෛරසය ඇතුළු වී තිබෙන්නේ තම ස්වාමිපුරුෂයන්ගෙනි.ඒඩ්ස් තත්ත්වයට පත් වූ පුද්ගලයන් 332ක් අතරින් 104 දෙනෙක් කාන්තාවන් වන අතර 228ක් පුරුෂයින් වේ. දැනට අප රටේ HIV ආසාදිත අවුරුදු 15ට වඩා වැඩි පුද්ගලයන් 3000ක් හා අවුරුදු 15ට අඩු දරුවන් 35ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත.ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් රෝගය පාලනය කිරීම සඳහා රජය වශයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් විශේෂයෙන් මේ පිළිබඳව කෙරෙන දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් මට්ටමින් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ලෝක ඒඩ්ස් තත්ත්වය ගත් විට මේ වන විට මිලියන 33.4 ක් HIV/AIDS ආසාදිතව ජීවත්වන අතර මිලියන 2.7ක් ලෝව පුරා අලුතින් ආසාදිත තත්ත්වයට පත්වේ. එමෙන් ම සෑම වසරකදීම ලොව පුරා මිලියන දෙකක ජනතාව ඒඩ්ස්වලින් මියයති. මින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකා කලාපයට අයත් රටවල්වලිනි..
|
NEWS
|
ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ දීර්ඝ කාලීන වැඩසටහනක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බවත් ඒ යටතේ මෙවර අයවැයේ දී පෙරට වඩා විශාල මුදලක් අඩු ආදායම්ලාභී සහ නාගරික නොවන ප්‍රදේශවල ආර්ථිකය දියුණු කිරීම සඳහා වෙන් කරන බවත්අගමැති දි.මු. ජයරත්න මහතා පවසයි. දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ හයවන අදියරට සමගාමීව ගම්පොළ ආසනයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති පැළ සිටුවීමේ හා පැළ බෙදා දීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පැවැසීය. දිවි නැඟුම ප්‍රතිලාභීන් වෙත පලතුරු පැළ, අපනයන බෝග සහ ඖෂධ පැළෑටි සහ බීජ වර්ග ද මෙහිදී බෙදාදෙනු ලැබීය.එහිදී අගමැතිවරයා මෙසේද කීය.බොහෝ දෙනෙක් පවසන්නේ තමන්ට වගාකිරීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බවයි. නමුත් සුළු බිම්කඩක වුවද, සාර්ථකව භෝග වගාවක් සිදු කළ හැකියි. අතීතයේ දී සෑම නිවසකම ගෙවතු තිබුණා. නමුත් අද ජනතාව කෘෂි වගාවෙන් ඉවත් වන තත්ත්වයක් දක්නට ලැබෙනවා.ඒ නිසයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය කටයුතු කරන්නේ. ඉදිරි අයවැයෙන් ද පෙර නොවූ විරූ වැඩසටහන් රැසක් ග්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් වෙන් කොට තිබෙනවා. රජය ආධාර කරන්නේ මිනිසාට දියුණුවීමටයි. මිනිසා නඟා සිටුවීම අප රජයේ ඉලක්කයක් වන නමුත්, මිනිසාට පූර්ණ වශයෙන් ආධාර ලබාදීම අපගේ තේමාව නොවෙයි. සෑමවිටම මිනිසාට පුර්ණ වශයෙන් ආධාර කිරීමෙන් මිනිසා අලස බවට පත් වෙනවා. ඒ නිසා මිනිසාට නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය පමණයි අප ලබා දෙන්නේ.සෑමවිටම ආධාර කිරීමෙන් මිනිසා අලස වෙනවා පමණක් නොව, රට පරිහානියට පත්වන බැවින් රට දියුණු කිරීමේ අරමුණින් මේ සෑම පියවරක්ම ගනු ලබන්නේ. මේ සඳහා රටේ සෑම ජනතාවකගේම සහයෝගය ලැබිය යුතුයි.උඩපළාත ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ පියදාස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, දිවි නැඟුම ප්‍රතිලාභීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
|
NEWS
|
ඉකුත් දා පැවැති පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල වලින් දේශීය කුමන්ත්‍රණකරුවන්ටත් විදේශීය සතුරු බලවේගවලටත් ජනතාව හොඳ පණිවුඩයක් ලබාදී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කොට වැඩිම මනාප ලබාගත් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.බහුතර ජනතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ අනුමතකරන බව මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බවද ජයසේකර මහතා කීය.මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හෙට්ටිපොළදී පසුගියදා (23) පැවැති මාධ්‍ය හමුවේදී ජයසේකර මහතා මේ බව පැවසීය. ජයසේකර මහතා මෙසේද කීය.මේ ප්‍රතිඵලවලින් කුරුණෑගල ජනතාව රටේ සංස්කෘතියටත් දේශපාලන සංස්කෘතියටත් ගෞරවයක් ලබාදී තිබෙනවා. ජනතාවගේ මනාපයට මිලක් නියම කරන්න බෑ. සල්ලි වලින් හැමදේම ලබාගත නොහැකි බව කුරුණෑගල ජනතාව මනාව ඔප්පු කළා.මම මතින් තොර ප්‍රචණ්ඩත්වයෙන් තොර සාධාරණ නිදහස් මැතිවරණයකට පූර්ණ දායකත්වය දුන්නේ. මම කාටවත් මඩ ගහන්න ගියේ නැහැ. මට ගහන මඩ වලට පිළිතුරු දෙන්න ගියෙත් නැහැ. මම ඉදිරියේදී වයඹ පළාත් සභාව පිළිබඳ මා ගන්නා පියවර මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ ජනතාව දැනුවත් කළා. මම ජනතාවගේ බුද්ධියට කතා කළේ. හදවතට කතා කළේ. මම ජනතාව හොඳට අඳුනනවා. මම ජනතාව අතර ඉන්න කෙනෙක්. එමනිසා ජනතාව මට සැලකුවා.මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය කුරුණෑගලින් සෝදා පාලුවට පත් වුණා. පඬුවස්නුවර ජනතාව එ.ජා. පක්ෂයේ නායකයන්ට හොඳ පාඩමක් කියා දුන්නා. එ.ජා. පක්ෂයේ ඡන්ද පදනම 9% අඩු වුණා. එ.ජා. පක්ෂයේ නායකයෝ කීවේ ආණ්ඩුව පෙරළීමේ හැරවුම් ලක්ෂය මේ මැතිවරණයෙන් ආරම්භ කරනවා කියල. නමුත් මතුවුණේ එ.ජා. පක්ෂයේ හැරවුම් ලක්ෂයයි.මැතිවරණ කොමසාරිස්තුමා නීතියට අනුව එතුමාට පැවරී ඇති වගකීම් හරියාකාරව ඉටුකළා. ඉතාම සාමකාමී සාධාරණ මැතිවරණයක් පැවැත්වූවා. අපි එතුමාට ස්තූති වන්ත වෙනවා. පොලිසියේ යම් යම් අඩුපාඩු තිබුණා. ඒවා පොලිස්පතිතුමාට පැමිණිලි කර තිබෙනවා යැයි පැවසීය..
|
NEWS
|
අවිස්සාවේල්ල දෙහිඕවිට ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට එක් නිවසකදී පුද්ගලයකු විසින් පිහියෙන් ඇනීමට තැත් කිරීමේ දී දුවගොස් බේරී ඇත.මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරු වර්ධනය ශීඝ්‍රයෙන් සිදුවන නිසා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය එක්ව ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී කණ්ඩායම් දහයක් ප්‍රදේශ දහයකට යොමු කර තිබූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවට නිවෙස් පරීක්ෂාවට නිලධාරීන් තිදෙනෙකු ගොස් තිබේ.එක් නිවෙසක මිදුලේ ඇති ප්ලාස්ටික් බඳුන්වල මදුරු කීටයන් සිටින නිසා දුරකථනය මාර්ගයෙන් දැනුම් දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කැඳවා ඒ පිළිබඳව ගෙහිමි කාන්තාව දැනුවත් කරමින් සිටින අතර යතුරු පැදියකින් පැමිණි තරුණයකු ගෙට ගොස් පිහියක් රැගෙනවිත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඇනීමට තැත්කර තිබේ.නිලධාරියා ඉවතට පැන දුවගොස් ඉන් බේරී අවිස්සාවේල්ල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල පොලිසිය විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇත..
|
NEWS
|
මීට දින පහකට පමණ පෙර පානදුර ප්‍රදේශ දෙකකදී රුපියල් කෝටියකට අධික සුඛෝපභෝගී ජීප් රථ තුනක් සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියක් හා සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්‍ෂ තිහක් පමණ වටිනා තවත් සුඛෝපභෝගී ජීප් රථයක් පිළියන්දල වෑවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගත් බව පානදුර විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.එම ජීප් රථය සමඟ නිවෙස් හිමිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලද රහසිගත තොරතුරක් මත ඉකුත් 03 වැනිදා පාණදුර හිරණ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සැකකාරියක් සමඟ හා පානදුර වටභාගය – කුරුඳුවත්ත ප්‍රදේශයේ තවත් සුඛෝපභෝගී ජීප් රථයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන පානදුර විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට බාර දී තිබිණි.පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ උප පොලිස් පරීක්‍ෂක එච්. එන්. පී. චතුරංග මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ. පැරණි වාහනවල පොත් උපයෝගි කර ගනිමින් වාහනල චැසි අංක හා එන්ජින් අංක වෙනස් කරමින් මෙම වාහන විකුණා ඇති බව මෙතෙක් කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය..
|
NEWS
|
පුද්ගලයකු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට දෝහාර් අධිකරණයක් මගින් වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත.පසුගිය 2008 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී සිදුකරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් මේ තීන්දුව ලබා දී තිබෙන අතර අදාළ දඬුවමට අමතරව මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙත කටාර් රියාල් ලක්ෂ 2 ක් ගෙවන ලෙසටද නියෝග කර තිබේ.පේ‍්‍රම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබෙන අතර අදාළ ඝාතනය සිදුවන අවස්ථාවේදී තවත් කාන්තාවක් එම ස්ථානයේ සිටි බවට වාර්තා වන අතර ඇයටද වසර තුනක සිර දඬුවමක් නියම කොට ඇතැයි තානාපති ආරංචිමාර්ග කියයි.මීට අමතරව ඇයගේ සිර දඬුවම අවසන් වු පසුව එරටින් පිටුවහල් කරන ලෙසටද අධිකරණය නියෝග කර ඇත..
|
NEWS
|
මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමූහයේ සභාපති අධිනීතිඥ ඩබ්ලිව්. කරුණාජීව මහතා ඊයේ (29) උදෑසන අභාවප්‍රාප්ත විය.මහජන බැංකු පවුලේ විජයග්‍රාහී ගමන් මඟේ සුවිශේෂී නායකත්වය ඉසිලු ඩබ්ලිව්. කරුණාජීව මහතා මිය යන විට 66 වැනි වියේ පසු විය.වසර 1946 නොවැම්බර් මස 20 දින උපත ලද කරුණාජීව මහතා මහනුවර බෝවල මහ විද්‍යාලයෙන් සහ ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජ විද්‍යාව පිළිබඳව උපාධිය සමත් වූ ඒ මහතා ගුරු වෘත්තියට පිවිස සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ ය.සරසවි අධ්‍යාපනය ලබන කාලයේ පටන් ප්‍රගතිශීලී හා ජනතාවාදී අදහස් දැරූ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැඳුණි. එවක අගමැති වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් 1973 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් තනතුරට කරුණාජීව මහතා පත්කරන ලද අතර, මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ලෙස කටයුතු කරමින් කි‍්‍රයාකාරී තනතුරු රැසක් හෙබවීය.987 වසරේ දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් කරුණාජීව මහතා විවිධ තනතුරු හොබවමින් අනතුරුව 1997 වසරේ දී ධීවර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම ඉන් අනතුරුව ධීවර සංස්ථාවේ සභාපති ලෙසද වැදගත් මෙහෙයක් ඉටු කරන ලදී. 2005 වසරේදී සේවක භාරකාර අරමුදලේ සභාපති ලෙස පත්වූ ඒ මහතා 2007 වසරේ දී මහජන බැංකුවේ සභාපති පදවියට පත්විය.ශ්‍රී ලංකා ආර්ථිකයේ දැවැන්ත රාජ්‍ය මූල්‍ය ආයතනයක් වන මහජන බැංකුවේ වර්තමාන සුවිශේෂී තත්ත්වය අත්පත් කර ගැනීමට අනුපමේය සේවයක් කළ කරුණාජීව මහතා මහජන බැංකුවේ මෙන්ම ඊට අනුබද්ධිත සමාගම වන සී/ස පීපල්ස් ලීසිං සමූහයේ සභාපති ලෙසද නායකත්වය ලබාදෙන ලදී.මහජන බැංකුව සහ ඊට අනුබද්ධිත සමාගම්වල මූල්‍ය කාර්යක්‍ෂමතාවය මානව සම්පත් සංවර්ධනය, කළමනාකරණ කාර්ය සාධනයෙහි වර්ධනය සහ රාජ්‍ය බැංකුවක් දූරදර්ශීයව මෙහෙයවීමෙන් දේ්ශීය ආර්ථිකය සහ ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ඒ මහතා ඉටුකරන ලද සේවය අගයමින් 2010 වසරේ දී ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් ගෞරව සාමාජිකත්වයක් ද පිරිනමන ලදී.කුසුම් කරුණාජීව මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ කරුණාජීව මහතා ඉන්දික කරුණාජීව හා දිලිනි කරුණාජීව යන දූ පුතුන්ගේ ආදරණීය පියාණන් වේ.කරුණාජීව මහතාගේ දේහය දැනට කොළඹ 05, ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ තැන්පත් කොට ඇත. දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (31) කොළඹ බොරැල්ල කනත්තේ දී සිදු කැරේ..
|
NEWS
|
අධිකරණය හමුවේ වරද පිළිගත් වීරකොඩියාන ස්ත්‍රී දූෂණ නඩුවේ විත්තිකරුට වසර 6ක බරපතළ සිර දඬුවම් නියම කළ වයඹ පළාත් බද කුරුණෑගල මහාධිකරණ විනිසුරු එල්. යූ. ජයසූරිය මහතා එකී සිර දඬුවම වසර 20 කට අත්හිටුවමින් රුපියල් 5000 ක දඩයක් ගෙවන ලෙසට විත්තිකරුට නියම කරන ලදී.දඩ මුදල් සහ සිර දඬුවමට අමතරව අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ එක හමාරක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළේය.එම දඩ මුදල් සහ වන්දි නොගෙව්වොත් තවත් වසර 4 කින් සිර දඬුවම් දීර්ග කරන බවද විනිසුරුවරයා කීවේය.2006/06/26 දින හෝ ඊට ආසන්න දිනයකදී කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ වීරකොඩියානේ වයස අවුරුදු 26 ක එක්දරු මවක් දෙවතාවක් දූෂණය කිරීමේ චෝදනාව යටතේ සැකකරු මේ නඩුවෙන් චෝදනා ලැබ සිටියෝය.දඩ මුදල් සහ වන්දි ගෙවීමට තම සේවාදායකයා කැමැත්තෙන් සිටින බැව් විත්තියේ නීතිඥවරයා මෙහිදී කියා සිටියේය.එයට අවසර දුන් විනිසුරුවරයා මුදල් ගෙවා එනතෙක් ඔහු අධිකරණ ශාලාවේ රඳවා ගන්නා ලෙසට බන්ධනාගාර නිලධාරින්ට නියම කළේය.දඩ මුදල් උසාවියට ගෙවූ විත්තිකරු වන්දි මුදල රුපියල් එක්ලක්ෂ පනස් දාහ කාන්තාවගේ නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැම්පත් කොට ලදුපත අධිකරණයට ඉදිරිපත් කළේය..
|
NEWS
|
මඩකළපු දිස්ත්‍රික්කයේ වැන්දඹුවන් 29,000 ක් සිටින බව මඩකළපු දිසාපති පී. එස්. එම්. චාල්ස් මහත්මිය පැවැසුවාය.සාම විනිසුරුවරුනගේ සමාජ සංවර්ධන පදනමේ විශේෂ හමුව ඊයේ සකුරුකොන්ඩාර සර්වෝදය ශාලාවේදී පැවැති අවස්ථාවේදී ඇය මේ බව පැවැසුවාය.තවද සැමියන් අත්හරින ලද කාන්තාවන් විශාල වශයෙන් සිටිති.සැමියන් අත්හරින ලද කාන්තාවන් තවමත් ගණනය කර නොමැත. හේතුව මොවුන්ගෙන් සමහර අයගේ විවාහය ලියාපදිංචි නොවීමයි.මේ දිස්ත්‍රික්කයේ වැඩිපුර මත්ද්‍රව්‍ය විකුණනු ලැබේ.කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, පවුල් ප්‍රචණ්ඩත්වය, ළමා දූෂණ, පාසල් නොයන ළමුන් ආදී සමාජ දූෂණ මඩකළපු දිස්ත්‍රික්කයේ අධිකව සිදුවන බව ද එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළාය..
|
NEWS
|
ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර පැවැති සුහද ක්‍රීඩා තරඟාවලියේ ක්‍රිකට් තරගය ලකුණු 135කින් ජය ගැනීමට ඌව පරණගම කණ්ඩායම සමත්විය.වාර්ෂිකව පවත්වනු ලබන මේ තරගාවලියේ කාන්තා දැල්පන්දු අනුශූරතාව අත්කර ගැනීමටද ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා කණ්ඩායමට හැකිවිය. තරගාවලිය පසුගියදා අඹගස්දෝව එස්.බී.දෙළුම්ගහවත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විය..
|
NEWS
|
ආදි සිසු සිසුවියන් අතර සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් දෙවැනි වරටත් සංවිධාන කරන සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරගාවලිය ලබන 24 වෙනිදා විද්‍යාලයීය ක‍්‍රීඩා පිටියේදී පැවැත්වේ.ආදි ශිෂ්‍යන් සඳහා පමණක් වෙන්වු මේ ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවන්නැයි ආදි ශිෂ්‍ය සැමට ආදි ශිෂ්‍ය සංගමය ආරාධනා කරයි. වැඩි තොරතුරු 071-2058351 දුරකථන අංකය අමතා තරග සංවිධායක චානක ඩයස් මහතාගෙන් ලබාගත හැකිය.
|
NEWS
|
සිංගප්පූරුවෙන් ආනයනය කළ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 7500 වෙනුවෙන් එක් බැරලයකට අමෙරිකානු ඩොලර් 0.25ක වට්ටමක් හිමිවීමෙන් රුපියල් 1787466ක ලාභයක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිව තිබේ.ඒ අනුව එම තෙල් තොගය භූමිතෙල් වශයෙන් භාවිතයට ගැනීම සඳහා තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා අනෙකුත් අවස්ථාවන්හිදී ආනයනය කරන මිල ගණන්වලට වඩා අඩු මිලකට භූමිතෙල් තොගය ලැබීමත් සමඟ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.ඊට අමතරව අදාළ තෙල් තොගය රැගෙන ආ නෞකාව දින තුනක් ප්‍රමාද වීම හේතුකොටගෙන දිනකට ඇමරිකානු ඩොලර් 4000 බැගින් ඩොලර් 12000ක මුදලක් සිංගප්පූරුවේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන බවද එම අමාත්‍යාංශය කියයි.මේ ඉන්ධන තොගය සංස්ථාවට ආනයනය කර ඇත්තේ ගුවන්යානා ඉන්ධන මෙන්ම භූමිතෙල් වශයෙන්ද භාවිත කිරීම සඳහා බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යංශය කියා සිටී..
|
NEWS
|
දිවි නැඟුම සහන අරුණ වැඩසටහන යටතේ ඇප රහිත සහන පොලී පදනම මත ණය ලබාගැනීම සඳහා රටපුරා පවුල් ලක්ෂ 50ක් සුදුසුකම් ලබා තිබෙන බව රජය ප්‍රකාශ කරයි.මෙම විශේෂ යෝජනා ක්‍රමය සඳහා මේ රටේ ග්‍රාමසේවා වසම් 14,022ක පිහිටි ගම්මාන 35,440ක ජීවත්වන දිවි නැඟුම සංවර්ධන ප්‍රතිලාභී පවුල් 15ලක්ෂයක් ඇතුළුව දිවි නැඟුම ජාතික වැඩසටහනේ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 50ක් සුදුසුකම් ලබා ඇති අතර එම වැඩසටහන එළඹෙන සැප්තැම්බර් 01දා සිට ආරම්භ වන බව ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිවි නැඟුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1,073ක් මඟින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ප්‍රතිලාභීන් වෙත ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා රුපියල් 5,000 සිට 50,000 දක්වා සහන පොලී ණය ලබාදීම සිදුකෙරෙන බවද එම අමාත්‍යාංශය කියයි.දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණක් වූ දිළිඳු බව තුරන් කිරීම සඳහා ජනතාව සවිබල ගැන්වීමට ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 'අසුරු සැණින් අතට මුදල්' යන තේමාව යටතේ ඇපකරුවන් නොමැතිව වාර්ෂික සියයට 4ක විශේෂ සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් 50,000ක් දක්වා උපරිමයකට යටත්ව ණය ලබාදෙයි. ප්‍රතිලාභීන්ගේ පාරිභෝගික අවශ්‍යතා සඳහා ණය අයදුම්පත් ලබාදුන් දිනයේදීම මුදල් ලබාගත හැකි අතර අනෙකුත් අවශ්‍යතා සඳහා අයදුම්පත ලැබී තෙදිනක් ඇතුළත මුදල් ලබාගත හැකිවීම මෙහි විශේෂත්වයකි.සැප්තැම්බර් 01දා පෙරවරුවේ දිවි නැඟුම සහන අරුණ වැඩසටහනේ ප්‍රධාන උත්සවයට සමගාමීව රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 327ක පිහිටි දිවි නැඟුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1,073දී උත්සවයන් දවස පුරා පැවැත්වීමට සැලසුම්කර තිබෙන අතර මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනුයේ ප්‍රතිලාභීන් විසින් ආරම්භ කිරීමට අපේක්ෂිත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිවල ද්‍රව්‍ය මිලදී ගැනීම්, මූලික උපකරණ මිලදී ගැනීම් සහ ශ්‍රමය සඳහා වන ගෙවීම් වැනි කටයුතු සඳහාය. ඊට අමතරව පාරිභෝගික අවශ්‍යතා, ණය මුදලක් පියවීම සහ හදිසි අවශ්‍යතා සඳහාද මෙම ණය ලබාදීමේ අපේක්ෂිත කාර්යයන් වේ. මෙය ක්‍රියාත්මක වනුයේ දිවි නැඟුම ප්‍රජා මූල බැංකු සහ බැංකු සමිති මඟින් දැනට ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම්වලට අමතර වීම විශේෂත්වයකි.ගමේ මුදල් ගමටම ආයෝජනය කිරීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර ඇතැම් ජනතාව වැඩි පොලියට මූල්‍ය සංවිධාන සහ ආයතන මඟින් අධික පොලී අනුපාත යටතේ ණය ලබාගෙන ණය බරින් මිරිකී සිටින බවද ඔවුනට එම ණය බරින් මිදීමට ද මෙම ණය ලබාගත හැකි බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.පාරිභෝගික අවශ්‍යතා සඳහා ලබාදීය හැකි මුදල රුපියල් 5,000කට සීමාවන අතර අනෙකුත් ණය වර්ග සඳහා රුපියල් 50,000ක උපරිමයක් දක්වා ණය ලබාදෙයි. පාරිභෝගික ණය සඳහා වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන් පසුව වාරික 24කින් ගෙවිය යුතු වෙයි. ජීවනෝපාය සංවර්ධන ණය සඳහා වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන් පසුව සමාන වාරිකවලින් අදාළ ණය මුදල ගෙවිය යුතු වේ. ප්‍රතිලාභීන්ට ණය ලබාදීමේ දී වයස් සීමාවක් නොමැත.
|
NEWS
|
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2010 අන්තර් පාඨශාලීය මලල ක්‍රීඩා තරගාවලිය මිනි මැරතන් ධාවන තරගයේ බාලක හා බාලිකා ජයග්‍රහණයන් සියල්ලම කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවිය.බස්නාරි පළාතේ දිස්ත්‍රික්ක තුනේ අධ්‍යාපන කලාප එකොලහකින් ක්‍රීඩකයන් (65) ක්‍රීඩිකාවන් (15) 80 දෙනෙක් සහභාගිවූ මෙම මිනි මැරතන් තරගාවලිය පසුගියදා පානදුර මහානාම විදුහල අබියස සිට කළුතර කලාප අධ්‍යාපන කාර්යාලය අබියස දක්වා කිලෝ මීටර් 18 ක දුර ප්‍රමාණයක් සඳහා පැවැත්විණි.මෙම මිනි මැරතන් තරගයේ ජයග්‍රහාක ජයග්‍රාහිකාවන් පහත දැක්වේ.බාළිකා -ඉනෝකා දිල්රුක්ෂි (මතුගම ශාන්ත මේරි ම. වි.) අසන්ති ලංකා වාසනා (බේරුවල ම. වි.) පාදාගොඩ ම. වි., එල්. ඩී. ඉරේෂා ලක්මාලි (බුලත්සිංහල, පොලේගොඩ (ම. වි.)බාලක -කසුන් අකිරංග (බේරුවල පාදාගොඩ ම. වි.) බුද්ධික සමින්ත (පානදුර ශ්‍රී සුමංගල පිරිමි ම. වි.) අසංග (හොරණ තක්ෂිලා ම. ම. වි.)මෙම මැරතන් තරග අවසන් වූ අවස්ථාවේම බස්නාහිර පළාතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ජගත් අංගගේ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී විකුම් ගුණසේකර සහ බස්නාහිර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග යන මහත්වරුන් ජය සම්මාන සහතික පත් සහ ත්‍යාග ප්‍රදාන සිදු කරන ලදී.
|
NEWS
|
කළුතර දොඩන්ගොඩ හර්මන් වත්තේ සිරි සම්බෝධි විහාරස්ථානයෙහි ආර්.එම්. ඩී. තෝමස් මහතාගේ හා ලක්ෂ්මි සේනාසිංහ තෝමස් මහත්මියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ වටදාගෙය සහ පද්මාකාර දා ගැබෙහි කොත් පැළඳවීම සහ විවෘත කිරීම මෙම මස 29 වැනි දා (හෙට) පෙ.ව 9.00 යෙදෙන සුබ මොහොතින් සිදුකෙරේ..
|
NEWS
|
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය හා ශ්‍රී ලංකා කායවර්ධන සහයෝගිතා සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන කඩවසම් තරුණයා හා තරුණිය, සිහින් තරුණයා හා තරුණිය තේරීමේ තරග මෙම මස 28 වැනිදා පස්වරු 4ට කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බස්නාහිර පළාත් ඊස්තටික් රෙසෝර්ට් (නන්ද හෝල්) ශාලාවේදී පැවැත්වේ.මේ සඳහා අයදුම්පත් තිලක් ජයවීර (සභාපති හා ප්‍රධාන උපදේශක) ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය, 206/8, සරත් ඇල්විටිගල මාවත, සිද්ධමුල්ල පිළියන්දල යන ලිපිනයෙන් ලබාගත හැකිය. ඒ පිළිබදව වැඩි විස්තර 0778896371 තිලක් ජයවීර ඇමතිමෙන් ලබා ගත හැකිය..
|
NEWS
|
ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායිහිදී පැවැති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට පුනේ වොරියර්ස් පිල සමත්විය.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පුනේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 159ක් රැස් කළේය.ඇරොන් ෆින්ච් පන්දු 45කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 67ක් වාර්තා කළ අතර තරගයේ වීරයා සම්මානය දිනාගත් ස්ටීවන් ස්මිත් වේගවත් ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 39ක් ලබාගත්තේය.ඊට පන්දු 16කදී හතරේ පහර සහ හයේ පහර 3බැගින් ඇතුළත් විය. ජයග්‍රාහී ඉලක්කය හඹාගිය චෙන්නායි පිලට කඩුලු 8ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 135ක් පමණි. බ්‍රවනේස්වරම් කුමාර්, අශෝක් ඩින්දා සහ මිචෙල් මාස් කඩුලු 2බැගින් දවාලීමට සමත්වුහ.තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැත්වෙන තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහභාගී නොවන ලෙස ප්‍රාන්ත රජය දැනුම්දී ඇති නිසා පුනේ වොරියර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට මේ තරගයේදී රෝස් ටේලර් පුනේ කණ්ඩායම මෙහෙයවීය.පුනේ වොරියර්ස්-159/5 ඇරොන් ෆින්ච් 67, ස්ටීවන් ස්මිත් නොදැවී 39 (ක්‍රිස් මොරිස් 25/2)චෙන්නායි-සුබ්‍රමනියම් බද්‍රිනාත් 34, රවින්ද්‍ර ජඩේජා 27 (බ්‍රවනෙස්වරම් කුමාර් 12/2).
|
NEWS
|
රුපියල් එක් කෝටි හැටහත් ලක්‍ෂයක් වැයකර කෑගල්ල නගරයේ ගුවන් පාලමක් ඉදිකිරීමට මහා මාර්ග අමාත්‍යාංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.කෑගල්ල නගරයේ මාර්ගය දෙපස පිහිටා ඇති ශාන්ත මරියා මහ විදුහලත් ශාන්ත ජෝෂප් බාලිකා මහ විදුහලත් යාකර මේ ගුවන් පාලම ඉදි වෙයි.මේ නිසා විදුහල් දෙකෙහි සිසු සිසුවියන් හට විදුහල්වලට යාමට මාර්ගය හරහා මාරුවීමට යාමේදී ඇතිවන අනතුරු ද වළක්වා ගත හැකිය.එමෙන්ම නගරයේ සිට ක්‍රීඩාංගණ මාර්ගයට මේ ගුවන් පාලම මගින් යාමට ඒමට ද අවස්ථාව ලැබේ..
|
NEWS
|
කසකස්ථාන ජනාධිපති නූර්සුතාන් නසබර්යේව් මහතාගේ ආරාධනය පරිදි තෙදින නිල සංචාරයක් සඳහා කසකස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අස්තානා ගුවන්තොටුපළින් එරටට ළඟා විය.ශ්‍රී ලංකා කසකස්ථාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර විස්සක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකටද ජනාධිපතිවරයා සහභාගී විය. ජනාධිපතිවරයාගේ එම සංචාරයේ විශේෂ අවස්ථා කිහිපයකි මේ.ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ විදේශ කටයුතු පිළිබඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරු ද මේ සංචාරයට එක්ව සිටිති..
|
NEWS
|
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගී වන සියලුම රාජ්‍ය නායකයන්ගේ ආර්යාවන් සමඟ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය කිංග්ස්බරි හෝටලයේ පැවැත්වෙන 'The Blue Sapphire Castle' මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හෙට (15)නැරඹීමට නියමිත ය.ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරිය මඟින් සංවිධානය කළ මේ ප්‍රදර්ශනය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බර් හෝටලයේ දී ඊයේ (13) ආරම්භ කෙරිණි.මෙරටට පැමිණීමට නියමිත සියලුම විදේශ නියෝජිතයන්ට නැරඹීම සඳහා ප්‍රදර්ශනය අනිද්දා (16) දක්වා පැවැත්වීමට අධිකාරිය කටයුතු යොදා තිබේ.ලෝකයේ මිල කළ නොහැකි හොඳම මැණික් සම්පත තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බවත් එය ලොවට කියා පෑම මෙය හොඳම අවස්ථාව බවත් ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අමිත ගමගේ මහතා මේ අවස්ථාවේ දී පැවැසීය.පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන්ගේ ආර්යාවන්ට මෙන්ම සමුළුවට සමගාමීව පැවැත්වෙන තරුණ සමුළුවට හා ව්‍යාපාරික සමුළුවට සහභාගී වන විදේශ නියෝජිතයන්ටද සහභාගී වීම සඳහා මේ ප්‍රදර්ශනය පවත්වන බවත් ශ්‍රී ලංකාවේ මැණික් ගල් සහ ඒ ආශ්‍රිත ස්වර්ණාභරණ සියැසින් දැක බලා ගැනීමට ඔවුන්ට මෙය විශේෂ අවස්ථාවක් වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේ ය.අධිකාරිය සතුව ඇති ලොව තෙවැනි ස්ථානයේ පසු වන ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වී ඇති මිල කළ නොහැකි කැරට් 393 නිල් ආර්නූල (star of lanka) මැණික සහ කැරට් 105 (ray of treasure) මැණික මෙහි දී ප්‍රදර්ශනයට තබා ඇති බවත් ඒ මහතා මෙහි දී පැවැසීය.මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවියේ සහ අපනයනයේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන 24 ක් එක් කොට මේ ප්‍රදර්ශනය සංවිධානය කළ බව ද රටවල් 67ක නියෝජිතයන් මේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජානක උදය කුමාර, උපදේශක සී.එදිරිසිංහ, උපදේශක රොහාන් පෙරේරා මහත්වරු ප්‍රමුඛ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ..
|
NEWS
|
අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් පත්තර මහ ගෙදර වන ලේක් හවුස් ආයතනය මගින් ආරම්භ කර ඇත.ඒ සඳහා භාණ්ඩ ලබාදීමට කැමැති පරිත්‍යාගශීලීන්ට ලේක් හවුස් ශාඛා කාර්යාලවලට ගෙනැවිත් භාරදිය හැක. කතරගම, මාතර, අනුරාධපුර, යාපනය හා මහනුවර ලේක් හවුස් ශාඛා කාර්යාලවලට හෝ ලේක් හවුස් ප්‍රධාන කාර්යාලයේ සුබ සාධක අංශයට මේ ද්‍රව්‍ය ලබාදිය හැකිය.වියළි ආහාර, පැදුරු, මදුරු කොයිල්, පාවිච්චි නොකළ කාන්තා හා පිරිමි ඇඳුම්, බෙහෙත් වර්ග, ළමා ආහාර, සනීපාරක්ෂක ඇදුම්, බිස්කට්, කිරිපිටි, වතුර බෝතල්, වැනි දෑ ගෙනැවිත් භාරදෙන ලෙස ලේක් හවුස් සුබසාධක සංගමය ඉල්ලා සිටියි.භාණ්ඩ ලබාදීමට කැමැති පරිත්‍යාගශීලීන්ට වැඩි විස්තර 011 242963 – 33 දක්වා දුරකථනයෙන් ලබාගත හැකි අතර කළමනාකරු සුබ සාධන අංශය ලේක් හවුස් ආයතනය කොළඹ ලිපිනයෙන් ලබාගත හැක..
|
NEWS
|
රිකිල්ලගස්කඩ නගරයේ පොදු වැසිකිළියේ අයිතිය පිළිබඳව ආයතන දෙකක් අතර පවතින ගැටලුවක් නිසා දිනපතා එම නගරයට පැමිණෙන දහස් ගණනනක් අසීරුවට පත්ව සිටිති.මේ වැසිකිළිය හා බස් නැවතුම්පළේ ඇති ගොඩනැඟිලි මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ඉදිකළ නිසා ඒවා ඔවුනට අයිති බව පවසයි.එහි නඩත්තු කටයුතු හා පවිත්‍රතා කිරීම් සිදු කිරීමේ වගකීම හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවට පැවරී ඇත. මේ ආයතන දෙක සහයෝගයෙන් කටයුතු නොකිරීමේ හේතුවෙන් මේ ගැටලු සහගත තත්ත්වය උදා වී ඇත.මේ පිළිබඳව හඟුරන්කෙත ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.බී. ඉලංගන්තිලක මහතා මෙසේ පැවැසීය. රිකිල්ලගස්කඩ බස් නැවැතුම්පළේ වෙළදසල් හා මේ වැසිකිළිය ඉදි කළේ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරිය මඟින්. බදු මුදල් අය කර ආදායමකුත් ලබා ගන්නවා.එම මුදල්වලින් මේ වැසිකිළියේ නඩත්තුව හා පිරිසුදු කිරීම ඒ අයට කළ හැකියි. ඒ කාර්යය හරි හැටි සිදු වන්නේ නැහැ. වැසිකිළියේ අයිතිය අපේ ප්‍රාදේශීය සභාවට නිත්‍යානුකූලව පවරාගැනීමෙන් මේ ගැටලුව නිරාකරණය කර ගන්න පුලුවන්.වැසිකිළියේ අයිතිය පිළිබඳ ගැටලුව විසදෙනතුරු මිනිසුන්ට වැසිකිළි නොගිහින් ඉන්න බැහැ. ඒ නිසා මෙයට ස්ථිර විසඳුමක් ලැබෙන තුරු අපේ සනීපාරක්ෂක කම්කරුවෝ යොදවා මේක පිරිසුදු කරමු. ඒ සඳහා ඒ අයට අමතර දීමනාවක් ලබා දෙමු.හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපති රණසිංහ දිසානායක මහතාඅපේ ප්‍රාදේශීය සභාව තමයි මේ තත්ත්වය නිසා මහ ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වෙන්නේ.මෙය නිත්‍යානුකූ®ලව අපේ ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමට අවශ්‍ය මූලික පියවර දැනටමත් අරගෙනයි තියෙන්නේ.නගරයේ තිබෙන එකම වැසිකිළිය මෙයයි. මේ ආයතන දෙකේ කඹ ඇදිල්ල නිසා මඟීන් අපහසුවට පත්වෙනවා.මේ වැසිකිළිය නිසියාකාරව නඩත්තු කරන ලෙස නගර වැසියෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා..
|
NEWS
|
පාරිභෝගිකයාට වස විස කවන කූට ව්‍යාපාරිකයන් කොටුකරගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට නියම කෙරෙන දඩ මුදලින් කොටසක් වැටලීම් කළ නිලධාරීන්ට ගෙවීමට රජය තීරණය කර තිබේ.පසුගිය වසරේ මෙවැනි නීතිවිරෝධී වෙළෙඳාම්වල යෙදී නීතියට හසුවී දඩ නියම වීමෙන් රජයට ලැබුණු ආදායම රුපියල් කෝටි අටක් පමණ වෙයි.මෙම වසරේ පසුගිය මාසය වන තෙක් ලැබුණු ආදායම් රුපියල් කෝටි තුනක් පමණ වෙයි. වැටලීම් නිලධාරීන් දිරි ගැන්වීමක් වශයෙන් මෙම දීමනාව සිදු කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.පාරිභෝගික අධිකාරිය කිසිදු ක්‍රියාකාරීත්වයක් නොමැතිව තිබියදී වර්තමාන රජය එය ප්‍රතිසංවිධානය කර රටපුරා මෙහෙයුම් කිරීමට පහසුකම් ලබාදීමෙන් අනතුරුව පසුගිය කාලය තුළ පාරිභෝගික අධිකාරිය කැපී පෙනෙන ආකාරයේ සුවිශේෂී කර්තව්‍යයන් විශාල ප්‍රමාණයක් සිදු කර ඇත.එහි ප්‍රතිඵලයක් වශයෙන් කාලයක් තිස්සේ වස විස කැවූ කූට ව්‍යාපාරිකයන් කොටුකර ගැනීමටත් විවිධ කූට ව්‍යාපාර සොයාගෙන පාරිභෝගිකයා ඉන් බේරා ගැනීමටත් හැකිවූ බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
|
NEWS
|
අධ්‍යාපන සමුපකාර සමිතියේ (ගුරු ගෙදර) රත්නපුර පළාත් කාර්යාලයට කඩා වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් එහි සේවය කළ පිරිසට මරණීය තර්ජන එල්ල කොට කාර්යාලයට ද පහරදී අලාභහානි සිදු කර තිබේ.පෙරේදා (11) පෙරවරු 9 – 10 අතර කාලය තුළ මේ සිද්ධිය වී ඇත.ගුරුගෙදර අතුරුපාලක මණ්ඩලයට එරෙහිව ජ. වි. පෙ. ක්‍රියාකාරීන් එම ස්ථානයේ එදින උද්ඝෝෂණයක්ද කර තිබේ.උද්ඝෝෂණයට ගුරු ගෙදර හිටපු අධ්‍යක්‍ෂ ලාල් කුමාර මහතා ද සහභාගී වී ඇත.උද්ඝෝෂකයන් එල්ල කළ ප්‍රහාර වලින් පළාත් කාර්යාලයේ ගේට්ටුවලට දැන්වීම් පුවරු ඇතුළු දේපොළවලට හානි සිදුවී තිබේ. රත්නපුර පොලිසිය මේ ස්ථානයට පැමිණෙන විට උද්ඝෝෂකයන් පලාගොස් ඇත. ජ. වි. පෙ. සාමාජිකයෝ 40ක් පමණ එම උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ..
|
NEWS
|
ඓතිහාසික මහියංගණ මහා සමන් දේවාලයේ රන් බුද්ධ ප්‍රතිමාව තැන්පත් කිරීම, රන් වැට හා මකර තොරණ නිරාවරණය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30) සිදු කෙරුණි.බුදුරජාණන් වහන්සේ සම්බුද්්ධත්වයෙන් මාස නවයකට පසුව වැඩම කරන ලද මේ ඓතිහාසික සමන් දේවාලයට වසර දෙදහස් හයසීයක් පිරීම නිමිත්තෙන් මේ පින්කම සංවිධාන කර තිබුණි.බින්තැන්නේ සුමන සමන් දේවාලය නමින් එවකට හඳුන්වන ලද මේ සමන් දේවාලය කුඩා ප්‍රමාණයේ කටු මැටි බිත්තිවලින් සමන්විතව පසුව ගරාවැටෙන තත්ත්වයට පත්ව තිබෙන අතර, ඉන් අනතුරුව ක්‍රමයෙන් සංවර්ධනය කර තිබේ.එවකට මේ සමන් දේවාලය පිහිටවු ඓතිහාසික ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම රන් බුද්ධ ප්‍රතිමාව තැන්පත් කිරීම, පැරණි දේවාලය වටා ඉදිකළ රන්වැට හා මකර තොරණ නිරාවරණය කෙරිණි.මේ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ විසි දෙකක මුදලක් වැය කර තිබෙන අතර, මහියංගණ මහ සමන් දේවාලයේ සහ මහනුවර මහ දේවාලයේ බස්නායක නිලමේ ආනන්ද හීන්කෙන්ද මහතාගේ පවුලේ ඥාතීන්ගෙන් හා මහජන ආධාර මේ සඳහා යොදාගෙන ඇත.මේ අවස්ථාවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව උඩරට නැටුම් කණ්ඩායමක් පෙරටු කර ගනිමින් උත්සව භූමිය වෙත කැඳවාගෙන යන ලදී. මෙහිදී අනුශාසනාවක් කළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම අත්ථදස්සි අනුනාහිමියන් ප්‍රකාශ කළේ සිදුහත් කුමරා බුද්ධත්වය ලබා මාස නවයකට පසුව වැඩම කළ මේ පින් බිමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ පැමිණීම සම්බන්ධයෙන් සතුටු වන බවයි.ඊට අමතරව දශක තුනක කාලයක් අපේ රටේ පැවති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම නිමාවට පත් කරමින් රටට සාමය හා නිදහස උරුම කරදී තිබෙන බවත්, රට සංවර්ධනය කිරීමට යන මේ ගමන සඳහා ජනාධිපතිවරයාට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරන බවත් උන්වහන්සේ පැවසූහ..
|
NEWS
|
බුදු රජාණන් වහන්සේ මහියංගණ පුද බිමට වැඩම කර 2600 වැනි වසර සැමරීමේ මහා පුණ්‍යෙීත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේදී හෙට (08) පැවැත්වේ.මීට වසර 2600 කට පෙර දුරුතු මස පොහෝ දිනක මහියංගණය රජ මහා විහාරස්ථානය වෙත සම්බුදු හිමියන්ගේ පළමු ලංකාගමනය සිදු වූ අතර එම සිදු වීම සමරමින් අද (07), හෙට (08) සහ අනිද්දා (09) පින්කම් මාලාවක් පැවැත්වේ.සම්බුදු හිමියන්ගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කෙරෙන දහම් හමුව මහියංගණ රජ මහා විහාරස්ථානයේදී හෙට සවස පැවැත්වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. දහම් ග්‍රන්ථ දෙකක් හා මහිංගණ පුද බිමේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ තුනක් මෙහිදී එළි දැක්වෙන අතර මහියංගණ හා රිදීමාලියැද්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල තෝරා ගත් විහාරස්ථාන සඳහා ආධාර පරිත්‍යාග කෙරේ.මහා සංඝරත්නය සියක් නමක් විෂයයෙහි පැවැත්වෙන සංඝගත දක්ෂිණාවත්, 2600 නමකට අට පිරිකර පූජාවත්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පූජාවත්, විහාරස්ථ සළපතළ මළුවේ කෝටියක් මල් ඇතිරෙන මහා මල් පූජාවත් මෙදින සුවිශේෂී පින්කම් අතර වේ.දිස්ත්‍රික්ක අටකින් පිටත් වන පිරිත් රථ අටක් හා කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානයෙන් පිටත් වන සදහම් රථ සියයක් මහියංගණය වෙත අද ළඟා වීමට නියමිත අතර මහියංගණ පූජා නගර සීමාව විවෘත කිරීම, විල්ලුපිටිය වැව් බැම්මේ වළාකුළු බැම්මට මුල් ගල් තැබීම, වැව මැද තැන්පත් කෙරෙන අඩි 84 ක් උස සම්බුදු අනුරුව සඳහා මංගල පස් පිඬැල්ල කැපීම අද සිදුකෙරේ..
|
NEWS
|
මධ්‍ය මට්ටමේ ආදායම් ලබන රටක් බවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ධනය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන පුද්ගලයන්ගේ සහ ආයතනයන්හි ගෙල මිරිකීම නොව ඔවුන්ව උනන්දු කරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝඟීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.හොඳ බදු පරිපාලනයක් රට තුළ පවතින්නේ නම් රජයට හිමිවන ආදායම ඉහළ අගයක් ගන්නා බව පෙන්වාදෙන ඒ මහතා නියමිත පරිදි බදු ගෙවන්නන් සඳහා නැවත නැවත කරදර සිදුකිරීම සමස්ත බදු එක්රැස් කිරීමේ ක්‍රියාවලියට සුබවාදී ක්‍රියාවක් නොවන බවද නියමිත පරිදි බදු නොගෙවන්නන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළයුතු බවද ප්‍රකාශ කරයි.නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ කොළඹ දී ඊයේ (25) පැවැති දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ 14 වැනි සැසිවාරය සඳහා එක්වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා සඳහන් කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නිවැරැදිව සිදු නොවන්නේ නම් රටේ සිදුවන එක් එක් ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන්කිරීමට හැකියාවක් නොලැබෙන බවත් පසුගිය වසර කිහිපයක කාලයේ දී එම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවය ඉහළින්ම ලැබී තිබෙන බවත්ය.පසුගිය 2013 වසරේ දී එම දෙපාර්තමේතුවේ ආදායම රුපියල් බිලියන 411 ක අගයක් ගත්තද එම ඉලක්කයේ දී රුපියල් බිලියන 353ක ආදායමක්උපයා තිබෙන බව සිහිපත් කළ ආචාර්ය සරත් අමුණුගම මහතා කෙසේ වුවද මේ වසරේ දී එම ආදායම් ඉලක්කය රුපියල් බිලියන 494 ක් බවද එවැනි ආදායමක් ලබා ගැනීමෙන් අයවැය තුළින් අපේ ඉදිරි කටයුතු සිදුකිරීමේ හැකියාව තිබෙන බවද පෙන්වා දුන්නේය.යම් යම් අවස්ථාවන්හිදී සැළකිය යුතු ප්‍රමාණයක් බදු ගෙවීමෙන් ලිස්සා යන බව සඳහන් කළ ඒ මහතා රජයට හිමිවිය යුතු බදු ප්‍රමාණය නියමිත පරිදි නොලැබෙන බවද එවැනි බදු නොගෙවන්නන් සම්බන්ධයෙන් විමර්ශනය කළයුතු බවද පැවසීය. මේ අතර ඒ මහතා සඳහන් කළේ මේ වෙනුවෙන් නව තාක්ෂණය උපරිමයෙන් ප්‍රයෝජනයට ගතයුතු බවත් දැනට බදු ගෙවන පිරිසට අත පොවනවා මිස බදු නොගවන්නන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා තිබෙන බවත්ය.බදු ඉලක්කයන් හා ආර්ථික සංවර්ධනය අතර පරස්පරය නැති කළ යුතු බව සඳහන් කළ ආචාර්ය සරත් අමුණුගම මහතා ඌණ සංවර්ධිත රටක් නොව මධ්‍ය ආදායම් ලබන මට්ටමට පැමිණි විට රටකට සහන ණය හිමි නොවන බවද විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදුවන බවද කීවේය.මේ රටතුළ ජාති ආගම් භේද කිසිවක් නොමැති බව සඳහන් කළ ඒ මහතා සියලු පාර්ශවයන් එක්ව රටේ ධනය, ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් පියවර ගතයුතු බවද පෙන්වා දුන්නේය.දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනාරල්වරුන් වන කළ්‍යාණි දහනායක, අයිවන් දිසානායක, නදුන් ගුරුගේ මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
|
NEWS
|
කුරුණෑගල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ, ඔප්පු ලියාපදිංචි කිරීමේ කටයුතුවලදී විවිධ අපහසුතා පැන නැගී ඇති බව ජනතාව පවසති. ඔප්පු ලියාපදිංචි කිරීමට යන ඉඩම් හිමියන්ට මෙන්ම නොතාරිස්වරුනට ද මෙම අපහසුතාවනට මුහුණ පෑමට සිදුවී ඇත්තේ මෙහි පවතින සේවක අඩුපාඩුව හේතුවෙනි.ඉංගිරිසියෙන් ලියන ලද ඔප්පු ලියාපදිංචි කිරීමේ කටයුතුවලදී සුදුසු නිලධාරීන් නොමැතිවීමේ හේතුව මත බොහෝ විට වැරැදීම් සිදුවන බව නොතාරිස්වරු පවසති.ඔප්පුවල සඳහන්කර ඇති නම් වැරැදි විධියට සටහන් කිරීම නිසා ඉඩම් හිමියන් විවිධ අවස්ථාවල දුෂ්කරතාවලට මුහුණ පා තිබේ. මේ හේතුව මත නොතාරිස්වරුනට නිවැරැදි නම ප්‍රකාශ කරමින් ප්‍රකාශන ඔප්පු පවා ලියන්නට සිදු වූ අවස්ථාවන් ද එමට ය.මෙහි සිටි පළපුරුදු නිලධාරීන් විශ්‍රාම ගොස් ඇති අතර තවත් අය ස්ථාන මාරු ලබා පිටව ගොස් ඇත. අඩුපාඩු සම්පූර්ණකර දීමට වගකිව යුත්තන්ගේ අවධානය වහා යොමු විය යුතු බව ජනතාව කියා සිටිති..
|
NEWS
|
වසර දෙකකට වරක් මධ්‍යම පළාත් ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙල මැයි මස 119 සහ 20 දින බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මෙය වයස අවු 35 ඉහළ අවු 5න් 5 ට වැඩිවන වයස් සීමා 11 ක් යටතේ (කාන්තා පිරිමි) පැවැත්වේ.තරගය සඳහා අයදුම්පත් සහ විස්තර ලිපිනය සහිත රු 15 මුද්දර ගසනලද සෙ.මී 23 ය 10 ලියුම් කරවයක් ලේකම් ඩබ්.සිරිල් පෙරේරා අංක 155/1 ගන්නෝරුව පේරාදෙණිය යන ලිපිනයට යොමුකර ලබාගන්න. අයදුම්පත් භාරගන්නා අවසන්දිනය මාර්තු මස 17වේ..
|
NEWS
|
අල්ලස් දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති ඉන්දියා ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් ලලිත් බානොට් ඇතුළු පිරිස නැවත වාරයක් එහි නිලවරණයට ඉදිරිපත්වීම අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ නීතිරීතිවලට අනුකූල නොවීමේ හේතුවෙන් එහි විධායක මණ්ඩලය ඉන්දියාවේ සාමාජිකත්වය තහනම් කළේය.2010 වසරේ ඉන්දියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී සිදූවූ බව පැවැසෙන අල්ලස් දූෂණ වංචා හේතුවෙන් මාස 11ක් බන්ධනාගාර ගතව සිට පසුගිය මාසයේ ඇප මත නිදහස ලැබූ ඉන්දියා ඔලිම්පික් සංගමයේ හිටපු ලේකම් බානොට් මෙවර ඉන්දියා ඔලිම්පික් සංගම් නිලවරණයට තරග වදින බව වැඩ බලන සභාපතිවරයා තහවුරු කොට තිබේ.කෙසේවෙතත් තම සාමාජිකත්වය තහනම් කරනු ලැබූව ද නිලවරණයේ කිසිදු වෙනසක් නොකරන බව ඉන්දියා ඔලිම්පික් සංගමයේ වැඩ බලන සභාපති විජේ කුමාර් මල්හෝත්‍රා ප්‍රකාශ කළේය. 'රජයේ ක්‍රීඩා පනත යටතේ නිලවරණය පැවැත්වීමට අපට දිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලැබුණා. අපි ඒ අනුව කටයුතු කළා. අපිට රජයේ නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන්න බෑ. නමුත් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඔවුන්ගේ තීරණය වෙනස් කරාවි කියා අපට විශ්වාසයි.' ඉන්දියා ඔලිම්පික් සංගමයේ වැඩ බලන සභාපති විජේ කුමාර් මල්හෝත්‍රා මාධ්‍ය හමුවේ පැවැසීය..
|
NEWS
|
(2012-06-28 12:00) බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 241දෙනෙක් සඳහා ගුරුපත්වීම් ලබාදීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඔවුන් අතරින් කලා උපාධිධාරීන් 221 දෙනෙක් සිටින අතර ලකුණු 112-114 සීමාව යටතේ ගුරු පත්විම් සඳහා මොවුන් තෝරාගෙන තිබේ. අවමලකුණු සීමාව යටතේ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 20 දෙනෙක් තෝරාගැනීමටද අමාත්‍යාංශය කටයුතු කැර ඇත.2011 වසරේ පැවති තරඟ විභාග සමත් වූ උපාධිධාරීන්ගේ 3 වැනි කණ්ඩායමට මෙසේ නව පත්වීම් පිරිනැමෙන අතර, ප්‍රථම අදියරේ උපාධිධාරීන් 746 දෙනෙක් හා දෙවන අදියරේ උපාධිධාරීන් 254 ක් ගුරු පත්වීම් ලබා ගත්තේය..
|
NEWS
|
දෙමටගොඩ පදිංචිව සිටින දියණිය බැලීමට පැමිණි පොලොන්නරුව මවකගේ ජංගම දුරකථනයට කොටුව දුම්රිය පොළේදී විද්ද පෑලියගොඩ නමගිය අපරාධකරුවකු අල්ලා දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් කොටුව පොලිසිය වෙත බාරදී තිබේ.උදෑසන 6.10 කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය හතරවැනි වේදිකාවට පැමිණෙනවාත් සමඟ එහිදී ඇතිවූ මගී තදබදයත් සමඟ මේ දුරකථනය සැකකරු විසින් රැගෙන ඇති අතර එය කිසිවෙකුත් දැක නොමැත.එහෙත් හතරවන වේදිකාව දෙස සිට පස්වන වේදිකාව දෙසට ගමන් කරන අයකුගේ ගමන් විලාසය පිළිබඳ සැක සිතූ දුම්රිය වේදිකා ආරක්ෂක නිලධාරියකු ඔහු පසුපස ගොස් ප්‍රවේශපත්‍රය ඉල්ලා ඇත.එවිට ඔහු අත ටිකට්පත නොමැති නිසා සාක්කු පරීක්ෂා කිරීමේදී දුරකථන දෙකක් හමුවී ඇති අතර ඒවාහි අංක පිළිබඳ විමසීමේදී එක් දුරකථනයක අංක කීමට අපොහොසත් වී ඇත. මේ වනවිට මඩකලපුව දුම්රියද පිටත්ව ගොස් තිබූ අතර සැකකරු දුම්රිය ආරක්ෂක කාර්යාලයට රැගෙනවිත් පරීක්ෂා කිරීමේදී මෙම දුරකථනය දුම්රිය මගියකුගෙන් සොරකම් කොට ඇති බව අනාවරණය වී ඇත.
|
NEWS
|
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පිහිටි හෙද අභ්‍යාස විද‍්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවලට වෛද්‍යවරුන් සහභාගි නොවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇති බව සංගමය පවසයි.කළුතර රෝහලේ නාරිවේද හා ප්‍රසව වාට්ටුවට වෛද්‍යවරුන් පැමිණීම අද (02) සිට නතර කරන බවත් සූතිකාගාර ගැටලුවට විසඳුමක් ලබා දෙන තෙක් වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.දැනට කළුතර රෝහලේ පමණක් ක්‍රියාත්මක කරන වෛද්‍ය වැඩ වර්ජනය රට පුරා රෝහල්වල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් මේ ගැටලුවට ඍජු විසඳුමක් ලබානොදීම මීට හේතුව බවත් ඒ මහතා කීය.වෛද්‍ය ආඥා පනතට අනුව සූතිකාගාරයේ සේවය කිරීමට නීත්‍යානුකූල අවසරය තිබෙන්නේ වෛද්‍යවරුන් සහ වින්නඹු මාතාවන්ට පමණක් බවත් අනවසර බලපෑම් කරමින් සූතිකාගාරයේ සේවය සඳහා හෙදියන් පැමිණීමෙන් වෛද්‍යවරුන් සහ වින්නඹු මාතාවන් යන දෙපාර්ශ්වයම අපහසුතාවට පත් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.අනවසරයෙන් හෙදියන් සූතිකාරගාරයට ඇතුළු වීම හේතුවෙන් උපදින දරුවාට කිසියම් සංකූලතාවක් ඇති වුවහොත් එහි වගකීම වෛද්‍යවරුන්ට බාර ගැනීමට සිදු වන බව ද ඒ මහතා පැවැසුවේය.සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු අඳාළ බලධාරීන් මැදිහත්ව මේ ගැටලුවට විසඳුමක් ලබාදීමට ඍජු තීරණයක් ගන්නේ නම් මේ ගැටලුව විසඳුමක් ලබා ගත හැකි බව ද වෛද්‍ය සොයිසා මහතා කීය..
|
NEWS
|
රාජ්‍ය සේවකයන් මිලියන 1.3 ක් පමණ හා ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් මේ වසරේ රජය රුපියල් කෝටි 110 ක මුදලක් වැය කර තිබේ. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය යටතේ වන ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් දිවයිනේ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබා දෙන “අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණය” යටතේ මේ රක්ෂණ ප්‍රතිලාභ ලබා දී තිබේ.මේ යටතේ හදිසි අනතුරු මරණ සඳහා රුපියල් මිලියන 95,394 ක්ද, රෝහල්ගත ප්‍රතිලාභ සඳහා රුපියල් මිලියන 121 ක්ද, හෘද සැත්කම් සඳහා රුපියල් මිලියන 5568 ක්ද උපැස් යුවල සඳහා රුපියල් මිලියන 169 ක්ද වශයෙන් විවිධ රක්ෂණ ප්‍රතිලාභ අග්‍රහාර රක්ෂණය යටතේ ලබා දී ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2006 වසරේ 28 වැනි පනත මඟින් දිවයිනේ සියලුම රාජ්‍ය සේවකයන් සඳහා සෞඛ්‍ය හා ජීවිත රක්ෂණ ක්‍රමවේදයක් ආරම්භ කිරීම වෙනුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදල ආරම්භ කළ බව එම අරමුදලේ සභාපති සේනක අබේගුණසේකර මහතා පැවැසීය.ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්තිය වන්නේ රජයේ ආයතන විකිණීම නොව ප්‍රවර්ධනය කිරීම බවද එහි ප්‍රතිඵලයක් ලෙස එවකට තුන් ලක්ෂ පනස් දහසක් පමණ වන රාජ්‍ය සේවකයන් අද හය ලක්ෂ පනස්දහස දක්වා සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බවද සභාපතිවරයා පැවැසීය.අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සඳහා අරමුදල මඟින් හඳුන්වා දෙන නවතම “ඊ කාඩ්පත” රාජ්‍ය සේවකයින්ට ලබන මාසයේ ලබා දීම ආරම්භ කරන බවත්, ඕනෑම රජයේ හෝ පෞද්ගලික රෝහල්වලින් තම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පැය 24 පුරා මේ විද්‍යුත් කාඩ්පත යොදාගත හැකි බවත් සභාපතිවරයා පැවැසීය.මාසික වාරිකය රුපියල් 75ක් වැනි ඉතා සුළු මුදලකට රාජ්‍ය සේවකයන් රක්ෂණය කරන ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ රාජ්‍ය සම්පත් හා දේපළ රක්ෂණය කිරීමේ වගකීම ද ඉටු කරන බවත් රුපියල් බිලියන 10ක් පමණ වන අරමුදල සතු වත්කම් ප්‍රමාණයට වඩා රක්ෂණ ප්‍රතිලාභ ලබා දෙන බවත් පැවැසීය..
|
NEWS
|
ඉදිරියේදී එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට රටක් හැටියට අප ශක්තිමත් වී ඇතැයි වැවිලි කර්මාන්ත හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය. දරුස්මාන් කමිටු වාර්තාව පස්ස දොරෙන් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.එම කමිටු වාර්තාව බොහොම ඒකපාර්ශිකව හදපු වාර්තාවක්.මෙම කරුණු ඔප්පු කරන්න බැහැ. පරීක්‍ෂණයක් පවත්වන්නේ නැතිව හදලා තිබෙන නිසා එය වැරැදි පූර්වාදර්ශයක් ක්‍රියාත්මක කරන්න එපා කියන පණිවිඩය අප මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කොට තිබෙනවා. බහුතරයක් අප සමග ඉන්නා බැවින් ඉදිරියේදී එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපට ශක්තියක් ලබාගෙන ඇතැයි ද සමරසිංහ මහතා පැවැසීය..
|
NEWS
|
රුපියල් හතළිස් තුන්ලක්‍ෂයක මූල්‍ය ප්‍රතිපාදන මගින් ගමගොඩ පවුල් තුන්සිය හැත්තෑපහකට ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇතැයි දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මිය පැවැසුවාය.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රභානු අධිකාරම් මහතා විසින් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කොට දී ඇත.කළුතර ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජල සම්පාදන යෝජනා ක්‍රමයෙන් ජලය ලබාදීමට එකඟත්වය පළකොට ඇත..
|
NEWS
|
අධි සුඛෝපභෝගි බස් රථ ධාවනයට යෙදවීම නිසා ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට දෛනිකව රුපියල් ලක්ෂ 20 කට ආසන්න අමතර ආදායමක්ලැබෙන බව ලංගම ප්‍රධාන මෙහෙයුම් අධිකාරි එච්.එම්. චන්ද්‍රසිරි මහතා පැවසීය.අධිවේගි මාර්ගයේත් කොළඹ සිට දුර පළාත් දක්වාත් දිනකට ලංගම අධිසුඛෝපභෝගි බස්රථ 60 ක්පමණ ධාවනයට යොදවා ඇති අතර බස් රථයක් කිසියම් කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවක හෝ ඒවායේ නඩත්තු කටයුතු සිදුකරන අවස්ථාවක දී ධාවනයට යෙදවීම සඳහා අමතර බස්රථ 6 ක් පමණ වෙන්කැර තිබෙන බවද ඒ මහතා පැවසීය.බස්රථ 45 ක් සාමාන්‍ය පරිදි ධාවනයට ත් බස්රථ 10 ක් සංචාරක සේවා සඳහාත් තවත් බස්රථ 5 ක් දෛනිකව විශේෂ චාරිකා සඳහාත් වෙන්කැර ඇති බව චන්ද්‍රසිරි මහතා පැවසීය.මේ නිසා ලංගම දෛනික ආදායම මිලියන 60 ක් පමණ දක්වා වැඩිවී ඇති බවද ඒ මහතා පැවසිය.අධිවේගි මාර්ගයේ මාතර - කඩුවෙල, මහරගම-මාතර, මහරගම-ගාල්ල කඩුවෙල - ගාල්ල, පානදුර - මාතර, මතුගම- කොළඹ, කටුනායක -කොළඹ , මීගමුව - කොළඹ, දක්වාත් අනිකුත් මාර්ග වන කොළඹ සිට ආරුගම්බෙ, කල්පිටිය, පාසිකුඩා , පුත්තලම, හලාවත, කුලියාපිටිය, බදුල්ල, තංගල්ල දක්වාත්, මහනුවර- කුරුණෑගල දක්වාත් මෙම බස් සේවා යොදවා තිබේ.
|
NEWS
|
අන්තර් පාසල් 19න් පහළ පාපන්දු තරගාවලියේ කළුතර හෝලි ක්‍රොස් හා වෙන්නප්පුව ජෝශප් වාස් අතර තරගයෙන් ගෝල් 3-1ක ජයක් වෙන්නප්පුවට හිමිවු අතර නාලන්දා-කොළඹ ඕවර්සීස් විදුහල් අතර තරගය ගෝල් 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.කළුතර-වෙන්නප්පුව අතර තරගය කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැති අතර පළමු භාගය ගෝල් 1-0ක් ලෙස වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල ඉදිරියෙන් සිටියේය. තරගයේ 25වැනි මිනිත්තුවේදී ජෝශප් වාස් විදුහලේ මේනක කැලුම් ලබාගත් ගෝලයෙන් එම පිල ඉදිරියෙන් සිටියේය.කළුතර හෝලි ක්‍රොස් විදුහලට විවේක කාලයෙන් පසු දඬුවම් පහරක් පිරිනැමුණු අතර එය සාර්ථක කරගැනීමට ෆවුම් මොහොමඩ් සමත්වුයෙන් ගෝල් 1-1ක් විය. එයට මිනිත්තු කිහිපයක් ගතවෙද්දී ජෝශප් වාස් ඉදිරිපෙළ ක්‍රීඩක චතුර මධුෂාන් ගෝල් කණුවට කෙලින්ම එල්ල කළ පහරින් තවත් ගෝලයක් වාර්තා වු අතර 47වැනි මිනිත්තුවේදී නිපුණ උමේෂ් ජෝශප් වාස් ගෝල් ගණන තුන දක්වා ඉහළ දැමීය.නාලන්දාවේ යොහාන් ගෝල් 2යි පැලවත්ත ඕවරසීස් විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති නාලන්දා-ඕවර්සීස් විදුහල් අතර තරගයේදී නාලන්දා විදුහලේ යෙහාන් වාරුක ගයාෂාන් ගෝල් දෙකක් ලබාගැනීමට සමත්විය.ඔහු වාර්තා කළ ගෝල් දෙකම තරගයේ පළමු භාගයේදී වාර්තා වුයෙන් 2-0ක් ලෙස නාලන්දා පිල ඉදිරියෙන් සිටියේය. අනතුරුව ඕවරසීස් විදුහලේ ෆෙඩ්රික් ජෝන් හා ෂෝ කුබුටා ගෝල් වාර්තා කිරීමත් සමග ලකුණු සමවිය.රටපුරා ජනප්‍රිය පාසල් 20ක් සහභාගීවන මේ පාසල් පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකා පාපන්දු සංගමය මෙහෙයවන අතර කොත්මලේ ආයතනය අනුග්‍රහය දක්වයි. අන්තර් පාසල් පාපන්දු තරගාවලිය ජුලි මස මුල් සතිය දක්වා පැවැත්වේ. .
|
NEWS
|
අලව්ව නගරයේ වෙළෙඳ සලකට පැමිණි කාන්තාවක් පසු පස පැමිණි පුද්ගලයෙක් ඇගේ ගෙල බැඳ තිබුණ රන්මාලය කඩා ගෙන පැන දිව්වේය.කාන්තාවගේ කෑ ගැසීම ඇසී වහා එතැනට පැමිණි හැඩි දැඩි පුද්ගලයෙක් ‘ඇයි මොකද වුණේ’ ‘අනේ මගේ මාලෙ කඩාගෙන ගියා’ඒ වන විටත් වෙළෙඳ සලට මදක් දුරින් නවත්වාගෙන තිබුණ යතුරු පැදියකට හොරා නගිනවාත්සමගම එය විදුලි වේගයෙන් ඇදී යන්නට විය.වහා ක්‍රියාත්මක වූ මෙම පුද්ගලයාද තම යතුරු පැදිය පණ ගන්වාගෙන සොරුන් ලුහුබැඳ යන්නට විය. මාලය කඩා ගත් පුද්ගලයා පිටුපස බලමින් වේගයෙන් යමු යැයි තම සගයාට අණ දෙන අයුරුද පෙනුණි.කෙසේ හෝ ඔවුන්ට සමීපවීමට මොහුට හැකි විය. දැන් සයිකල් දෙකම ධාවනය වනුයේ එකිනෙකට සමානවමය. එසේ යද්දී මෙම හැඩිදැඩි පුද්ගලයා එක් වරම පිටුපස වාඩිවී සිටි මාල හොරාට වේගවත් පා පහරක් ගැසීය. එම පහරින් ඔහු බිම ඇද වැටුණේය. අනෙකා පලා ගියේය.බිම ඇද වැටුණේ මාලය කඩා ගත් පුද්ගලයාය. ඔහුව අල්ලාගෙන මාලයද සමග අලව්ව පොලිසිය වෙත ගෙන එන ලදී. ඔහුගේ ආධාරයෙන් අනෙක් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.මොවුන් වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව රිමාන්ඩ් භාරයේ තැබිණි.මාල සොරුන් ලුහුබැඳ ගොස් ඔවුන් අල්ලා ගන්නා ලද්දේ අලව්ව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අබේවික්‍රම මහතායි..
|
NEWS
|
ජාවාරම් කිරීම සඳහා ගංජා තොගයක් ළඟ තබාගත් සැකකරුවකුට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය රුපියල් දහසයදහසක දඩයක් ඊයේ (26) නියම කළාය.පළමුවන සැකකරුට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ අයෙකුට රුපියල් එක්දහස් පන්සීයක දඩයක් ද නියම කළාය.ඊට අමතරව චුදිතයන් දෙදෙනාටම මාස අට බැගින් සිරදඬුවම් නියම කළ මහේස්ත්‍රාත්වරිය එය අවුරුදු පහකට අත්හිටෙව්වාය.කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පළමුවන චුදිතට විරුද්ධ ගංජා තොගයක් ළඟ තබාගැනීම හා ප්‍රවාහනය කිරීමේ චෝදනා මත මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ අතර අදාළ චෝදනාවට චුදිත වරද පිළිගැනීමෙන් අනතුරුව එසේ දඬුවම් නියම කෙරිණි.ගංජා තොගය ප්‍රවාහනය කිරීමට යොදාගන්නා ලද ත්‍රිරෝද රථය දැනට ලියාපදිංචි අයිතිකරුට බැඳුම්කරයක් මත මුදාහැර ඇති අතර එය රාජසන්තක නොකිරීමට හේතු දැක්වීම සඳහා අදාළ ලියකියවිලි රැගෙන ඔක්තෝබර් 21 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අයිතිකරුට දැන්වීය.
|
NEWS
|
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී පැවැත්වෙන තෙවැනි පන්දුවාර 20 විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය හා සිම්බාබ්වේ අතර පැවැති තරගයෙන් ලකුණු 7ක ජයක් (ඩක්වරත් ඇන්ඩ් ලුවිස් ක්‍රමයට) නවසීලන්ත පිලට හිමිවිය.මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ඕවර 15.1 ක් ඇතුළත සියලුම ක්‍රීඩකයන් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 84 ක් පමණි. මෙම තරගාවලියේදී දැනට එක් කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වීමද විශේෂත්වයකි.සිම්බාබ්වේ පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ ටටෙන්ඩා ටයිබු ය. ඒ ලකුණු 21 කි. හැමිල්ටන් මසකඩ්සා 20, ග්‍රෙග් ලැම්බ් 14 ක් ලෙස ලකුණු රැස් කර ගත්හ.පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්කොට් ස්ටයිරිස් ලකුණු 5 කට කඩුලු 3 ක් ලබා ගත්තේ එක් ඕවරයකදී වීම විශේෂත්වයකි.ඊට අමතරව නේදන් මැකලම් ලකුණු 16 කට කඩුලු 3ක, ඩැනියෙල් විටෝරි ලකුණු 10 කට කඩුලු 2 ක් හා ටී. ජී. සවුති ලකුණු 18 කට එක් කඩුල්ලක්ද දවා ගත්හ.නවසීලන්තය පහසු ඉලක්කයක් කරා හඹායාමේදී ඕවර 8.1 කදී කඩුලු 1 ක් දැවී ලකුණු 39 ලබා තිබියදි වර්ෂාවෙන් බාධා එල්ල විය.පසුව ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය නවසීලන්ත පිලට ලබාදුනි. නවසීලන්ත පිල වෙනුවෙන් බී. බී. මැකලම් නොදැවී ලකුණු 22ක් හා මාටින් ගෆ්ටීල් නොදැවී ලකුණු 6ක් ලබා සිටියේ ය. මේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් විය. සහභාගී වූ තරග දෙකෙන්ම පරාජයට පත් වූ සිම්බාබ්වේ පිල තරගාවලියෙන් ඉවත් වූ අතර බී කාන්ඩයේ සුපිරි 8 වටය සඳහා නවසීලන්තය හා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය.
|
NEWS
|
ළමයින් ඉලක්ක කැර විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබන වසරේ සිට නව මාධ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බැව් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ අනුව දැනුම අවබෝධය කුසලතා පමණක් නොව ළමයින්ගේ යහපත් ගුණාංගයන් ද වර්ධනය කිරීම ඉලක්ක කැර මේ නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.පෙර පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් දක්වා මේ වැඩපිළිවෙළ අංශ කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන් දැනට රූපවාහිනි නාළිකා මඟින් විකාශය කෙරෙන කාටුන් වැඩසටහන් හා ඒවායේ භාෂාව හැසිරවීම පිළිබඳව තමන් දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, ඒවා සියල්ල නිවැරැදි කර ළමුන් උදෙසා නව මාධ්‍ය වැඩපිළිවෙළක් ලබන වසරේ සිට ක්‍රියාවට නංවන බවත් ඇමැති රඹුක්වැල්ල මහතා පවසයි.රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේ දී ළමා සංවර්ධනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කැර ඇතැයි ද ඒ අනුව සාරධර්ම හා රටෙහි අනන්‍යතාව සුරකිමින් මෙරට ළමා පරපුර ලෝකයේ ඉහළම ස්ථානයට ගෙනයාමට ජනමාධ්‍ය උපරිම අයුරින් ක්‍රියා කළ යුතු බව ද ඇමැතිවරයා කීය..
|
NEWS
|
මාගම්පුර ජාත්‍යන්තර වරායේ පිරෙන්නේ කරදිය වතුර නොව ජාතියේ සමෘද්ධිය සහ ස්වාධීන ආර්ථිකය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අපේ දුර්වල හැ½ගීම් මේ වරායේ පිරෙන සෑම වතුර බිඳුවක් පාසාම දියවී යා යුතු බව ද පැවැසූ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික ජාතියේ පරාජිත මානසිකත්වය පසුගිය අවුරුද්දේ මැයි 18 වැනිදා සදහටම අප අතරින් සමුගත් බව ද කීය.ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ මාගම්පුර ජාත්‍යන්තර වරායට කරදිය මුදාහරින කරදියවර මංගල්‍යයට ඊයේ (15) සහභාගි වෙමිනි.අපේ ජාතියට හිමි අතීත ප්‍රෞඪත්වය නැවතත් හිමිකර දෙන මෙම නව වරාය තුළින් උතුර, දකුණ පමණක් නොව මුළු රටම එකම ආර්ථික කලාපයක් බවට පත්කළ හැකි බවද රාජපක්ෂ මහතා කීය.මෙහිදී ජනතාව ඇමතූ ජනාධිපතිවරයා අතීත සිද්ධියක් මෙසේ සිහිපත් කළේය. “මම දවසක් නාවික හමුදාව සමඟ ගිහිං දකුණු මුහුදේ බලාගෙන හිටියා.හරියට ගාලු පාරේ වාහන යනවා වගේ නැව් යනවා එනවා. මෙහෙම බලාගෙන ඉන්නකොට මගේ පපුවට දැනුණෙ මහත් වේදනාවක්. ඒත් මේවා දකිනකොට සමහරුන්ට ඉවසන්න බෑ. ඒගොල්ලො උත්සාහ ගත්තා මේ කටයුතු දවසක් හරි ප්‍රමාද කරන්න.ශ්‍රී ලංකාවත් ලෝකයේ දැවැන්තයන් අතරට එක්වෙනවා දක්නට අකමැති බලවේග තිබෙන බව අප මතක තියාගන්ට ඕන.දුප්පත්කම යොදාගෙන ජීවත්වන දේශපාලන කොටස් වගේම සංවිධානත් අප අතරේ ඉන්නවා කියන එක අමතක කරන්න හොඳ නැහැ. අතීතයේ තවත් සිද්ධියක් සිහිපත් කළ ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.“අපට මතකයි අප කුඩා කාලයේ අර කන්ද උඩට වෙලා බලා ඉන්නවා මුහුදෙ නැව් ගමන් කරනවා.එදා මාගම්පුර ඉපදුණ ඩී. එම්. ඩී. ඒ. රාජපක්‍ෂ වැනි දේශපාලඥයන් මේ වරාය ගැන සිහින මැවූ බව මං කියන්න ඕන. ඒ නිසා නැව්වලට තෙලුත් වතුරත් පමණක් දීලා සැනසෙන ජාතියක් වෙන්න අපට බෑ.මේ වරාය නිසා රැකියා දසදහස් ගණනක් බිහිවෙන්න ඕන. මාගම්පුර ජාත්‍යන්තර වරාය ගැන අභිමානයෙන් කරුණු කියා සිටි ජනාධිපතිවරයා අපේ මාතෘ භූමිය වෙනත් රටවල අබිලි ද්‍රව්‍ය හෙළන තැනක් වන්නට නොහැකි බවත් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ කියන නාමය ලොව පතළ කරවන නිෂ්පාදන බිහිකරන ආර්ථික මර්මස්ථානයක් බවට පත්කර ගත යුතු බවත් කීය..
|
NEWS
|
ජගත් ප්‍රජාවගේ හෘදස්පන්දනය වැඩි කරලමින් පාපන්දු ලෝක කුසලාන තරගමාලාවේ කූටප්‍රාප්තියේ මං විවර කෙරෙන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ජර්මනිය, නෙදර්ලන්තය ස්පාඤ්ඤය සහ උරුගුවේ සමත් වී සිටිති.මෙවර තරගමාලාවේ අවසන් කණ්ඩායම් අටට පිවිසෙමින් කුසලානය අත්පත් කර ගැනීමේ අදිටනින් තරග වැදුනු ලෝක පාපන්දු පිටියේ බලවත් කණ්ඩායම් අභිබවායමින් අවසන් කණ්ඩායම් 4 ට ඇතැම් කණ්ඩායම් සුදුසුකම් ලැබීමට සමත්වූයේ ක්‍රීඩාලෝලීහු විමතියට පත් කරමින්ය.ලෝක කුසලාන ඉතිහාසයේ පළමු තරගමාලාවේ සූරයින් වූ උරුගුවේ සහ 1974, 1978 තරගමාලාවන්හී අනු සූරයින් වූ නෙදර්ලන්තය හෙට (6) තරඟ වදින අතර මීට පෙර (එවකට බටහිර ජර්මනිය) දෙවරක් ලෝක සූරයන් වූ ජර්මනිය, ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අවසන් පූර්ව වටයකට කිසිදා සුදුසුකම් නොල ද ස්පාඤ්ඥය සමඟ අනිද්දා (7) තරග වැදීමට නියමිතය.ස්පාඤ්ඤයට ඉතිහාසගත ජයක්තරගමාලාවේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කරනු ලැබූ ක්‍රීඩකයා වෙමින් ස්පාඤ්ඤයේ ඩේවිඩ් විලා පැරගුවේ සමඟ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී තරගමාලාවේ සිය පස්වැනි ගෝලය වාර්තා කරමින් 1 – 0 ක ජයක් සිය කණ්ඩායමට ලබා දීමට සමත් විය.28 හැවිරිදි විලා දැනටමත් ස්පාඤ්ඤය වෙනුවෙන් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා කරනු ලැබූ ක්‍රීඩකයා වීමට සමත්වී සිටිති.අවසන් පූර්ව වටයේ දී ජර්මනිය සමඟ තරග වදින ස්පාඤ්ඤය මීට වසර 2 කට පෙර යුරෝපා සූරතාවලියේ අවසන් තරගයේ දී ගෝල් 1 – 0 ක් ලෙස ජර්මනිය පරාජයට පත් කළේය.ආර්ජන්ටිනාව ඉවතටජර්මනියේ මිරොස්ලව් ක්ලෝස් සහ තෝමස් මුලර්ගේ විශිෂ්ඨ ගෝල ප්‍රහාරයෙන් ලකුණු 4 – 0 ක අන්ත පරාජයක් ලබා තරගමාලාවෙන් ඉවත්වීමට ආර්ජන්ටිනාවට සිදුවිය.මෙවර තරගාමාලාවේ ගෝල 4 ක් රැස් කර සිටින මුලර් සහ තරගමාලා 3 කට සහභාගි වී ගෝල 14 ක් රැස් කරමින් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලසංඛ්‍යාවක් වාර්තා කර සිටින බ්‍රසීලයේ රොනල්ඩෝගේ (ගෝල් 15) වාර්තාව අභියස සිටින ක්ලෝස් වැඩිම අවධානයට පාත්‍ර වී සිටින ක්‍රීඩකයන් වීමට සමත්වූහ.31 හැවිරිදි ක්ලෝස් මේ වනවිට ජර්මනිය වෙනුවෙන් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ගර්ඩ් මුලර් සමඟ සම තත්තවයේ සිටියි.ආජෙන්ටිනාව තරගමාලාවෙන් ඉවත්වීම එරට පුහුණුකරු වන ඩියාගෝ මැරඩෝනාට සියතනතුරෙන් ඉල්ලා අස්වීමේ මාර්ගය විවර කිරීමට හේතු වී ඇත.“අපි බලමු මොකද වෙන්නෙ කියලා. මට මගේ පවුලේ අය සමඟ සාකච්ඡා කළ යුතුයි. ක්‍රීඩකයන් සමඟත් කතා කළ යුතුව තිබෙනවා.”මැරඩෝනා පැවැසුවේය.පැරගුවේ අවසන් පූර්ව වටයටපැරගුවේ සහ ඝානා පිල අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ලකුණු 1 – 1 ක් ලෙස සමවීමේ හේතුවෙන් ලබාදුන් දඬුවම් පහර මගින් ජයග්‍රහණය තීරණය කිරීමේ අවස්ථාවේදී ගෝල් 4 - 2 ක ජයක් අත්කර ගත් පැරගුවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.විශිෂ්ඨ ලෙස ක්‍රීඩාවේ නිරත වූ ඝානා පිලට ලෝක පාපන්දු කුසලාන තරගමාලාවේ අවසන් පූර්ව වටයට පිවිසෙන පළමු අප්‍රිකානු රට බවට පත්වීමේ අවස්ථාව ඉතා අවාසනාවන්ත ලෙස මඟ හැරී ගියේ සමස්ත අප්‍රිකානු මහාද්වීපයම කණගාටුවට පත්කරමිනි.දෙවරක් ලෝක සූරතාව දිනූ පැරගුවේ පිල මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ 1970 වසරෙන් පසුවය.නෙදර්ලන්තයට බ්‍රසීලය පරදීපස්වතාවක් ලෝක පාපන්දු කිරුළට හිමිකම් කියන ප්‍රබල බ්‍රසීලය ගෝල් 2 – 1 ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට නෙදර්ලන්තය සමත් විය.ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ තුන් වතාවක් අවසන් පූර්ව වටයට පිවිස නෙදර්ලන්තය මෙවර තරගමාලාවේ පෙරලිකාර කණ්ඩායමක් ලෙස හැඳින්වේ.1994 සහ 1998 වසරවල පැවැති ලෝක පාපපන්දු තරගමාලාවන් වලදී අර්ධ අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලය වෙතින් පරාජයට පත් වූ නෙදර්ලන්තය මෙවර බ්‍රසීලය පරාජයට පත් කිරීමට සමත්වීම විශේෂ සිදුවීමක් විය.
|
NEWS
|
අම්බලන්ගොඩ මැතිවරණ බලප්‍රදේශයේ කෙරදේවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් සිදුවන සේවය ප්‍රමාණවත් නොවන බව ගොවීහු පවසති.ගොවිජන සේවා මධ්‍යස්ථානය පිහිටි ඉඩම පාලු අම්බලමක් ලෙස කිසිම වගාවක් දක්නට නොමැත.කාන්තා නායකත්වය යටතේ පාලනය වන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවා පහසුකර ගැනීම සඳහා රජයෙන් ලබාදී ඇති ට්‍රැක්ටරය හා ටේලරය දිරාපත් වෙමින් ආයතනයේ පසුපස දමා ඇත.මේ ගොවිජන සේවා මධ්‍යස්ථානය අයත් පළාත් පාලන බල පෙදෙස වන්නේ බද්දේගම ප්‍රා/සභා බල පෙදෙස වන අතර බද්දේගම ප්‍රා/ලේකම් කාර්යාලයේ පරිපාලනයට යටත්ව පවතී..
|
NEWS
|
වසර ගණනාවක් තිස්සේ අගාදයට යමින් වසා දමා තිබූ ගාල්ල මලල්ගොඩපිටිය සිරි සීවලී විද්‍යාලයට නව ජීවයක් ලබා දෙමින් හබරාදූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක පා. ම. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි හා ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. වී. සරත් කුමාර හා මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් එහි ආදි සිසුන් හා ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් සිසුන්15 දෙනකුගෙන් ආරම්භ කර දැනට පවත්වා ගෙන යනු ලැබේ.1956 ජනවාරි මස 4 දින එවකට මලල්ගොඩ පිටියේ විසූ දානපතියකු මෙන්ම පළපුරුදු ගුරුවරයකු වන පී. ඩී. ජයවීර මහතාගේ ධන පරිත්‍යාගයෙන් මේ පාසල ආරම්භ කරන ලදී. සිසුන් 400 කින් ඇරැඹි සිරිසීවලී විද්‍යාලය ප්‍රදේශය පුරා ජනප්‍රිය මෙන්ම දියුණු තත්ත්වයකට පත්වී තිබිණි. මෙහි සිසු දරුවන් සමස්ථ ලංකා ජාතික මට්ටමේ තරගවලින් ප්‍රමුඛස්ථාන ලබා ගෙන ඇත. ආරම්භක විදුහල්පතිවරයාගේ විශ්‍රාම ගැනීමත් සමග මේ විදුහල වරින් වර පත්ව ආ ඇතැම් විදුහල්පතිවරුන්ගේ අත්තනෝමතික පාලනය නිසා වසර 55 පවත්වා ගෙන ආ සිරි සීවලී විද්‍යාලයට කණ කොකා හඬන්නට විය. එකට සිටි විදුහලප්ති සහ ගම්මුන් අතර ඇතිවූ මත ගැටුම් නිසා සිය දරුවන් අස්කර ගෙන නෙත් පාසල්වලට යැවීමට ගත්හ. අන්තිමට සිසුන් 4 දක්වා පහල බැසීම නිසා අධ්‍යාපන බලධාරීන් විසින් පාසල වසා දමා ඇත. එහි තිබුණු සියලුම සම්පත් දික්කුඹුර නවෝද්‍යා විද්‍යාලයට බාරදී ඇත.විද්‍යාලයේ මෙම තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ විදුහල්පති චන්දන විජේවික්‍රම මහතාආදි සිසුන්ගේ හා ගම්වාසීන්ගේ කැපවීම මත මේ පාසල ගුරුවරු 3 දෙනකුගෙන් හා පළමු වසරේ සිසුන් 15 දෙනකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට ලැබිම ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ වාසනාවකි. වසා දමා තිබුණ කාලයේ මුළු පාසල් වත්ත කැලෑවෙන් වැසී තිබුණා. ප්‍රදේශයේ ජනතා සහභාගීත්වයෙන් හා ඔවුන්ගේධනය මෙන්ම ශ්‍රම දායකත්වය මත දරුවනට ඉංග්‍රීසි (ප්‍රාථමික) ශිරෝමනී දීපාල් මහත්මිය හා විලේගොඩ යන ගුරු භවතුන්ගේකැපවීම මත අධ්‍යාපනය ලබා දෙනවා. පාසලට විදුලිය නැති නිසා පරිගණක ක්‍රියා කරවීම සඳහා අල්ලපු ගෙදරින් විදුලිය ලබා ගන්නවා. ගුරුවරු 3 දෙනාට වාඩි වීමට පුටුවක් වත් පොත්පත් ආරක්ෂිතව තබා ගැනීමට අල්මාරියක් වත් නෑ.ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රමිතින්ට අනුකූලව පෙළ පොත් මාලාව මෘදුකාංග ගත කර ඇති අතර 1 සහ 5 වසර දක්වා ලෝකයේ පිළිගත් ප්‍රමිතින්ට අනුව සකස් කර ඇති පාඩම් මාලාව පරිගණක ගත කර ඒ මගින් සිසුනට අධ්‍යාපනය ලබා දෙනවා.දැනට පන්ති පවත්වා ගෙන යන ගොඩනැගිල්ල අලුත් වැඩියාවට හා චිත්‍ර ඇදීමට හා වයරින් කිරීමට මෙන්ම ගෙවත්ත එලි පෙහෙලි කිරීමට ගම්වාසීන් රුපියල් එක් ලක්ෂ පනස් දාහකට වැඩි මුදලක් වැය කර තිබේ..
|
NEWS
|
ජනවර්ග අතර සාමය, සංහිදියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් උදා කරන මාවත වෙත ගමන් කිරීමට දීපවාලි උත්සවයේ දී අදිටන් කරගන්නැයි හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව අගමැති ආචාර්ය දි.මු ජයරත්න මහතා පැවැසීය.අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් ලෝ පුරා හින්දු ජනයා බැති සිතින් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කළේය.එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.සමස්ත සත්ව වර්ගයාට පමණක් නොව, දෙවියන්ට, මහාමුණිවරයන්ට පවා විපත් පමුණුවන ලද අසුරයා පරාජය කර, විෂ්ණු දෙවියන්ගේ එම අභීත අභිප්‍රාය හින්දු ජනයාට පමණක් නොව, සමස්ත ජීවයා වෙත කරන ලද ආලෝකයේ පහන් දැල්වීමක් බඳුය.දීපාවලී මහා මංගල්‍යය සමරන ඔබ අධර්මය පරදවා ධර්මයෙහි පිහිටන්න; මෝහාන්ධකාරය දුරලා ප්‍රඥා ලෝකය උදා කරන්න, සාමය සහ සශ්‍රීකත්වය උදා කිරීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න, යහපත සහ යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වන විට, ඔබ විෂ්ණු දෙවියන්ගේ සැබෑ අනුගාමිකයකු බවට පත් වේ.ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් අප රජය, තිස් වසරක් තිස්සේ අඩාල වූ ජන ජීවිතය යළි පණගැන්වීමට සුවිශාල වැඩසටහන් රැසක් දියත් කරමින් සිටී. උතුරු නැඟෙනහිර පදිංචි හින්දු ජනයාට යළි තම ගම්බිම් කරා යාමේ අවස්ථාව ලබාදීම සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් සකස්කර ඇත. අපට අවශ්‍ය වන්නේ, භෞතික දියුණුව පමණක් නොවේ.ක්‍රෝධය දුරලා මෛත්‍රීය, කරුණාව දැල්වීම මේ දීපාවලී සමයේ ඔබගේ අභිප්‍රාය විය යුතුය. මිත්‍රත්වයේ ප්‍රඥා ලෝකයෙන් සංහිදියාවේ සතුට කරා සමස්ත හින්දු ජනයා මේ දීපාවලී උත්සව සමයේ යොමු වේවායි ප්‍රාර්ථනා කරමි.
|
NEWS
|
බැංකු පොලිය වැඩි කිරීමට වහාම පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සංගමය මහ බැංකු අධිපතිගෙන් ඉල්ලා සිටී.මෙසේ බැංකු පොලිය වැඩි කිරීමේදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්නා ලෙස සංගමයේ ලේකම් එම්. ඒ. ස්ටැන්ලි පෙරේරා මහතා ඉල්ලීමක් කරයි.ලක්ෂ පහක් පමණ වන විශ්‍රාමිකයන් තමන්ගේ සම්පූර්ණ විශ්‍රාම වැටුප බැංකුවේ තැන්පත් කරන බවත් ඔවුන්ගේ දෛනික කාර්යයන් ඉටුකර ගැනීමට සැලකිය යුතු ආදායමක් ලබාගත හැකිය. එතෙර රැකියාවල යෙදෙන අය සිය වැටුප බැංකුවල තැන්පත් කරන්නේ එදිනෙදා ජීවිතය ගෙන යෑමට අවශ්‍ය ආදායමක් ලබා ගැනීමට බව ද ස්ටැන්ලි පෙරේරා කියා සිටී.
|
NEWS
|
බිබිල කොටගම පදිංචි ඩී. ඇම්. ආරියදාස මහතාගේ ඉඩමේ පිහිටි අසාමාන්‍ය කඳකින් යුත් පොල් ගසකි මේ. මෙහි පොල් ඵලදාව සාමාන්‍ය පොල් ගසක මෙන් පැවතියත් ගසට නැග පොල් කැඩීම අපහසු බව ඉඩම් හිමියා පවසයි..
|
NEWS
|
හොරණ - කනන්විල පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධානතම අංශ අතුරින් “පටක රෝපණ අංශයට ද” ඉතා වැදගත් තැනක් හිමිවේ.පටක රෝපණ අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන එස්. එම්. නාගහවත්ත මහතා එම අංශයෙන් සිදුවන කාර්යයන් හා එහි වැදගත්කම පිළිබඳව “දිනමිණ”ට මෙසේ අදහස් දැක්වීය.හොරණ - කනන්විල පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මෙම පටක රෝපණ අංශයෙන් ප්‍රධාන කාර්යයන් දෙකක් සිදුවෙන බව සඳහන් කළ හැකියි. එනම් බෝග පටක රෝපණය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම හා ගුණාත්මක බවින් යුත් පැළ නිෂ්පාදනය කිරීමත්ය.2008 වර්ෂයේ දී මෙම පටක රෝපණ අංශය ආරම්භ කරනු ලැබුවේ කෙසෙල් හා අන්නාසි පැළ සඳහා පවතින ඉල්ලුම සාමාන්‍ය ක්‍රමවලින් පැළ නිෂ්පාදනය තුලින් සපුරා ගැනීමට නොහැකි වීම සඳහා විකල්ප ක්‍රමයක් වශයෙනුයි.මෙම ක්‍රමය මඟින් නව ප්‍රභේදවලින් විශාල පැළ ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම වෛරස් වැනි රෝගවලින් තොර නිරෝගී හා ගුණාත්මයෙන් ඉහළ පැළ නිෂ්පාදනය කරගැනීමට මේ තුළින් හැකි වෙනවා.මෙම අංශය මඟින් (නදී) ඇඹුල්, (අග්‍රා) කෝලිකුට්ටු, උසස් ඇම්බුන් හා නේත්‍රපලම් යන කෙසෙල් පැළ නිෂ්පාදනය කරනවා. එමෙන්ම මුරිසි අන්නාසි පැළ මෙම අංශය මඟින් නිෂ්පාදනය කරනවා.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළ හා ආයතන හා එක්ව දැනට වසරකට නිපදවන කෙසෙල් හා අන්නාසි පැළ 20,000, 30,000 අතර ප්‍රමාණය ලක්ෂය දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම කාර්යයේ දී හොරණ කනන්විල පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එම්. එම්. සුබ හීන්කෙන්ද මහතාගේ අධීක්ෂණයෙන් යුතුව මෙම අංශයේ සමස්ත කාර්ය මණ්ඩලය සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා.
|
NEWS
|
දිවයින පුරා පිහිටි පෙර පාසල් 351කට අයත් පෙර පාසල් ගුරුවරියන් 450 කට අධික පිරිසකට මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා දීමට රජය කටයුතු යොදා ඇත.සිවිල් දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන පෙරපාසල් ගුරුවරියන්ට මේ පුහුණුව ලබා දෙන අතර ළමා ලේකම් කාර්යාලය හරහා අදාළ කටයුතු ක්‍රියාත්මක කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.යුද සමයේ ත්‍රස්තවාදී තර්ජනවලට ලක්ව තිබූ ගම්මානවල දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය ලබා දීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළියන් ගුරුවරියන් ලෙස බඳවා ගැනීමට තීරණය කළ අතර ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බලා මුල් ළමාවියපිළිබඳ පුහුණුවක් ලබා දීමට කටයුතු කළ බවද ඇමැතිවරයා පවසයි.දැනට සේවයේ නියුතු එම පෙරපාසල් ගුරුවරියන් බොහෝ දෙනකු සිය වෘත්තිය සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සහ පුහුණුව දැනටමත් ලබා ඇති බවද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවැසීය..
|
NEWS
|
දිනිඳු ජයතිලකගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් මොරටුව පිලට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ද්‍රවිඩ සංගම් පිල අන්තර් සමාජ 23න් පහළ ක්‍රිකට් තරගමාලාවේ සිය ප්‍රථම ජයග්‍රහණය හිමි කර ගත්තේය.පන්දු 212කදී හතරේ පහර 25ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 175ක් පළමු ඉනිමේදී රැස් කිරීමට දිනිඳු සමත්වූ අතර, දෙවැනි ඉනිමේදී ලකුණු 44ක් ද වාර්තා කළේය.මේ අතර ප්‍රසාද් ඩයස් සී. සී. සී. පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරතවෙමින් පන්දු 177 කදී හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 158ක් රැස් කළ අතර සීදූව රද්දොළුව ක්‍රිකට් සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 91ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් මේ තරගාවලියේ සිය මංගල ජයග්‍රහණය වාර්තා කිරීමට සී. සී. සී. පිල සමත්විය.උමේෂ් කරුණාරත්නගේ තුන්ඉරියව් දස්කම් හේතුවෙන් ගුවන් හමුදාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 77ක ජයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් පිල සමත්විය.හලාවත පළමු ඉනිමේදී ලකුණු 113ක් වාර්තා කළ උමේෂ්, ගුවන් හමුදා දෙවැනි ඉනිමේ කඩුලු 6ක් බිඳ දැමුවේය.එස්. එස්. සී. පිල සමඟ පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් පිලට හැකිවිය.එස්. එස්. සී. පළමු ඉනිමේදී ලකුණු 53ට කඩුලු 7ක් දවාලීමට කෝල්ට්ස් පිලේ දිලංක ඔවාර්ඩ් සමත්විය.මුවර්ස් - නාවික හමුදා තරගයේ පළමු ඉනිමේ ජයක් නාවික හමුදාවට හිමිවූ අතර බී. ආර්. සී. සහ බ්ලූම්ෆීල්ඩ් තරගයේ පළමු ඉනිමේ ජය හිමිවූයේ බ්ලූම්ෆීල්ඩ් පිලටය.මාධව වර්ණපුර සහ දෙනුවර ප්‍රනාන්දු බ්ලූම්ෆීල්ඩ් පිල වෙනුවෙන් ශතක රැස් කිරීමට සමත්වූහ.බී. ආර්. සී. පිලේ මාලන් මධුසංඛ මේ තරගමාලාවේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිමේ දී ලකුණු 129ට කඩුලු 8ක් බිඳ දැමූ අතර දෙවැනි ඉනිමේදී ලකුණු 74ට කඩුලු 4ක් දවාලීය.පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද දස්කම් දැක්වූ මේ සතියේ තරග වටයේදී හලාවත මේරියන්ස් පිලේ ගීත් අල්විස්, ගුවන් හමුදාවේ අකිල ඉසංක මොරටුව පිලේ දර්ශන හේවාවසම් සහ එස්. එස්. සී. පිලේ සුරේෂ් වික්‍රම ඉනිමක කඩුලු 6 බැගින් දවාලමින් දස්කම් දැක්වූහ..
|
NEWS
|
දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර විජේසූරිය මහතා විසින් වොලිබෝල් ක්‍රීඩකයකුට පහරදීමක් සම්බන්ධයෙන් ඊයේ(31) උදේ දැරණියගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.දැරණියගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පෙරේදා(30) පැවැත්වුණ වොලිබෝල් තරඟාවලියක දී ඇති වූ සිද්ධියක් මත එක් කණ්ඩායමක් වෙනුවෙන් තරඟ කළ වොලිබෝල් ක්‍රීඩකයකු වන පාලිත හෙට්ටිආරච්චි නැමැති 22 හැවිරිදි තරුණයකුට අතින් පයින් කළ පහර දීමක් සම්බන්ධයෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. සභාපතිවරයා ඊයේ(31) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි..
|
NEWS
|
ලෝක කුසලාන තරගමාලාවේ සිම්බාබ්වේ පිල සමග පැවැති තරගයේදී දුවද්දී දැවී යාමෙන් කෝපයට පත්වූ ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ක්‍රීඩක විවේකාගාරයේ තිබූ රූපවාහිනි යන්ත්‍රයකට පහරදුන් බව වාර්තාවේ. මේ සිදුවීමට හේතුවූයේ සිය දැවී යාමෙන් අනතුරුව පෙරළා ක්‍රීඩක විවේකාගාරයට පැමිණෙමින් සිටියදී එහි වූ රූපවාහිනි යන්ත්‍රයෙන් ඔහුගේ දැවී යාමේ පුනරූපන විකාශය වීමය.පොන්ටිං විසින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක විවේකාගාරයේ තිබූ එල්.සී.ඩී. රූපවාහිනි යන්ත්‍රයට පහර දුන් බව ගුජරාටි ක්‍රිකට් සංගමයේ ලේකම් රාජේස් පටේල් ඒ.එෆ්.පී පුවත් සේවයට පැවැසීය. “මේ සම්බන්ධයෙන් අපි අයි.සී.සී යටත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වයටත් දැනුම් දුන්නා” යැයි පටේල් වැඩිදුරටත් පැවසීය..
|
NEWS
|
කිලෝ මීටර් 500ක දුරින් යුත් ඩකාර් රැලියේ තුන්වන අදියර ජය ගැනීමට කටාර් රාජ්‍යයේ නසාර් අල් අතියා ඊයේ සමත් විය.පැය 3 කුත් මිනිත්තු 42 ක් සහ තත්පර 20 කින් තරගය නිමා කොට ස්පාඤ්ඤයේ කාලෝස් සෙන්ස් තත්පර 25 ක් අභිබවා යාමට නසාර්ට හැකි විය. තුන්වන ස්ථානය හිමි වූයේ් නසාර්ට වඩා තත්පර 45කින් පසුපස සිට තරගය නිමා කළ ප්‍රංශයේ ස්ටීවන් පීටර් හැන්සල්ට ය.යතුරු පැදි තරග ඉසව්වේදී කිලෝ මීටර් 521කින් යුත් තුන්වන අදියරේ ජය හිමි වූයේ ස්පාඤ්ඤයේ මාර්ක් කොමාට ය.ඔහුට ඒ සඳහා ගතවූ කාලය පැය 4 කුත් මිනිත්තු 18 ක් සහ තත්පර 55 කි.සමස්ත යතුරු පැදි තරගාවලියේ පෙරමුණේ පසුවන ප්‍රංශයේ සිරිල් ඩෙස්ප්‍රස් තරගය නිමා කළේ කොමාට වඩා මිනිත්තු 2යි තත්පර 2ක් පසුපසිනි..
|
NEWS
|
පෞද්ගලික බස්රථ සඳහා දිවයින පුරාම භාවිතා කළ හැකි ඉලෙක්ට්‍රොනික පෙරගෙවුම් කාඩ් පතක් තාක්ෂණික අත්හදා බැලීම සඳහා පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී.බී. රත්නායක මහතා කොළඹ ගාලුපාරේ සමුද්‍ර හෝටලයේ දී ඊයේ ( 6 ) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් හඳුන්වා දුන්නේය. මෙහි ප්‍රථම කාඩ්පත පාසල් ශිෂ්‍යයෙකුට හා මගියෙකුට පිරිනමනු ලැබීය.පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය, ටෙලිකොම් මොබිටෙල් හා මහජන බැංකුව යන රාජ්‍ය ආයතන මේ සඳහා එක්ව සිටී.බස් හිමියන්ට ,බස් සේවකයන්ට මෙන්ම මගී ජනතාවටද මෙම කාඩ් පත් ක්‍රමය මඟින් පහසුවක් සැලසෙන අතර, මාරු කාසි ප්‍රශ්නයට මෙන්ම ප්‍රවේශපත් නිකුත් කිරීමේ ගැටලුවටද මෙයින් විසඳුමක් ලැබේ.පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමති සී. බී. රත්නායක මහතා මෙහිදී අදහස් දක්වමින් ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ලබා දීම සඳහා ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් තමාගේ එකම අරමුණ ජනතාවට හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීම බවත් සඳහන් කළේය.දැයට කිරුළට සමගාමීව මෙය ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේ දී සෑම පෞද්ගලික බස් රථයකටම මෙය ලබා දෙන බවත්, ඊට අමතරව මෙම කාඩ්පතෙන්ම බස් රථයේ ගමන් කිරීම මෙන්ම වෙනත් භාණ්ඩ ගැනීමටද හැකිවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.නිසි ලෙස නිසි වෙලාවට ධාවනය කෙරෙන බස් සේවාවක් අවශ්‍ය බව සඳහන් කළ ඇමැතිවරයා ලංගමයත් පෞද්ගලික බස් සේවාවත් එකසේ ආරක්ෂා කර ගෙන ඉදිරියට යා යුතු බවත්, ලංගම බස් සේවාව කඩා වැටීමට කිසිදිනක සුදානම් නැති බවත්, ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම මහින්ද චින්තන ප්‍රතිපත්තියේද සඳහන් බව ත් ඒ අනුව ප්‍රවාහනය ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා පියවර රැසක්ම ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවසීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාතෘ භූමිය බේරා ගැනීම සඳහා අභියෝග රැසකට මුහුණ දෙමින් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට ඉඩ ලබා දුන් බවත් අද රටේ සෑම පළාතකම ජනතාවට බියෙන් සැකෙන් තොරව තමන්ගේ කටයුතු කරගෙන ජීවත් වීමට වාසනාව පෑදී ඇති බවත්, එය නුරුස්සන ඇතැම් පිරිස් මාතෘ භූමිය උගස් කරන්න විකුණන්න කටයුතු කරන බවත් ,එයට කිසිම ඉඩක් නොලැබෙන බවත්, රටේ සිදුවන සංවර්ධන ක්‍රියාවලිය වැළැක්වීමට කිසිදු බලවේගයනට නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බි. රත්නායන මහතා 2010 වසරේ දී පෞද්ගලික බස් සේවා ඇමැති ධූරය බාරගන්නා විට තිබූ ඉලක්කවලින් එකක් මෙය බවත් දිවයින පුරාම ඉදිරි මාස තුන තුළදී මෙය ක්‍රියාත්මක කරන බවත් පැවසීය.රටේ ජනතාවගෙන් සියයට 70 ක් පමණ මෙම පෞද්ගලික බස් සේවාව තුළින් සිය ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා බවත්,බස් හිමියන්ගෙන් ලැබෙන පැමිණිවලින් වැඩි ප්‍රමණෙයක් මාරු කාසි නොදීම හා ප්‍රවේශපත් නිකුත් නොකිරීම බවත් මෙම පෙරගෙවුම් කාඩ් ක්‍රමය නිසා එයට විසඳුම් ලැබෙන බවත් සඳහන් කළේය.පෞද්ගලික ප්‍රවාහන සේවා අමත්‍යාශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන, යන මහත්වරුද මෙහිදී කථා කළ අතර, මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර මහතා ඇතුළු නිලධාරින්ද, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යාල පළාත් ප්‍රවාහන කාර්යාල බස් සංගම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන රැසක නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ..
|
NEWS
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.