comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි නීලකාන්ති සමරවික්‍රම මහත්මිය කහතුඩුව පොලිසිය තුළදී කිසියම් පුද්ගලයකුගේ පහරදීමට ලක් වී හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.මන්ත්‍රීවරියට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමත් සම්බන්ධයෙන් හිරිවත්තුඩුව, මූනමලේ ප්‍රදේශයේ පුද්ගලයකුට කහතුඩුව පොලිසියට කැඳවා එය විභාග කිරීමට සූදානම්වූ අවස්ථාවේදී දෙපාර්වයේ ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමත් සමඟ මන්ත්‍රීවරියට පහරදීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි..
|
NEWS
|
මෙඩිකෙයා ජාතික සුවසේවා ප්‍රදර්ශනය හෙට (07) සිට 9 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කරන බවත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත් මේ ප්‍රදර්ශනයෙන් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, මෙඩිකෙයා ජාතික සුවසේවා ප්‍රදර්ශනයේ සභාපති වෛද්‍ය හර්ෂ අමල් ද සිල්වා මහතා පවසයි.පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් පමණක් නොව රජයේ සෞඛ්‍ය ආයතනවලින් ලබාදෙන සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ද මේ ප්‍රදර්ශනයේදී මහජනතාවට දැනුමක් ලබාදෙන බව ද ඒ මහතා පැවැසුවේය.හෘද, අක්ෂි, මුඛ, දියවැඩියාව ඇතුළු රෝග සම්බන්ධයෙන් මෙරට සිටින හොඳම විශේෂඥ වෛද්‍යවරු ගෙන්වා මහජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට පිළිතුරු ලබාදීම නොමිලේ සිදු කරන්නේ යැයි ද හෙතෙම කීය.රජයේ රෝහල්වලින් මහජතතාවගේ සෞඛ්‍ය උදෙසා කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමත්, සෞඛ්‍ය ලබාදීම සඳහා රෝහල්වල භාවිතා කරන නවීන උපකරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් මෙහිදී සිදුකෙරේ.ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය යන ලෝකයේ හොඳම රටවල භාවිතා කරන වෛද්‍ය තාක්ෂණය යොදා ගනිමින් ලබාදෙන මෙරට සෞඛ්‍ය සම්බන්ධයෙන් ද මෙහිදී තොරතුරු ඉදිරිපත් කරයි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙරට අහිංසක දුප්පත් ජනතාව පිළිබඳ සිතාබලා සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන මෙහෙවර ලෝකයේ සෙසු රටවල නායකයන්ට ද ආදර්ශයක් වන බව වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය..
|
NEWS
|
සාමය සහ සමෘද්ධිය සමඟින් ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදෙන බව ඉන්දීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා අවධාරණය කරයි.අභිනවයෙන් පත් වූ භාරතීය ජනතා පක්ෂ රජය ශ්‍රී ලංකාව සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවන් ගොඩනඟා ගැනීමට දැඩි උනන්දුවකින් කටයුතු කරන බවද ස්වාමි මහතා ප්‍රකාශ කරයි.ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ සංවර්ධනය, සංහිඳියාව සහ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහයෝඟය ලබාදෙන බවද පෙන්වා දෙන ඒ මහතා ඉදිරියටත් එම සහයෝඟය හිමිවන බවද එය දෙරට අතර පවතින ඵෙතිහාසික මිතුදම වඩා ශක්තිමත් කිරීමට හොඳ අවස්ථාවක් බවද කියාසිටී.මෙරට මාධ්‍ය වෙත අඳහස් පළකරමින් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මේ බව ප්‍රකාශ කළේය.ඉන්දියාව ඉතා දීර්ඝකාලයක් පුරා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහයෝගය දක්වන පාර්ශවකරුවෙක් බව සිහිපත් කළ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පසුගිය 2009 වසරේ දී යුද්ධය නිමාවීමෙන් පසු උතුරු නැඟෙනහිර දමිළ ජනතාව යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් ගොඩනැංවීම, නිවාස ඉදිකිරීම ආදිය වෙනුවෙන් ඉන්දියාව සහයෝඟය දී තිබෙන බවද කීවේය.ඉන්දීය රජයේ ආධාර මත උතුරු හා නැඟෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස 50,000ක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඒ මහතා එහි පළමු අදියර යටතේ ක්‍රියාත්මක කළ නිවාස 1,000 ඉදිකිරීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබෙන බවද මේ වනවිට එහි දෙවැනි අදියර ආරම්භකර තිබෙන බවද පෙන්වා දුන්නේය.මේ අතර හෙතෙම පෙන්වා දුන්නේ සංස්කෘතිය, ආහාරපාන, සම්ප්‍රදායන්, අධ්‍යාපනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය සහ ආගමික වත්පිළිවෙත් ආදිය අතින්ද ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමාන ලක්ෂණ දැකිය හැකි බවයි.නව අගමැතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දකුණු ආසියානු කලාපයේ සියලු රටවල රාජ්‍ය නායකයන් වෙත ආරාධනා කර තිබෙන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් විරුද්ධත්වය බළකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.මෙය ස්වෛරී රාජ්‍යයක නායකයෙකු වෙත කරන ලද ආරාධනාවක් බව පෙන්වා දුන් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඉන්දීය ව්‍යවස්ථාවට අනුව එහි සම්පූර්ණ බලය මධ්‍යම රජය සතුවන බවද පැවසීය..
|
NEWS
|
ජිඑස්පී සහනය නොලැබීමෙන් කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමුවත් ඒවා මහා සමාගම් සමඟ ඒකාබද්ධ වී නිෂ්පාදන කටයුතුවල නිරත වන බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසිය.ඉන් මෙරට සේවකයන්ගේ රැකියා අහිමිවී යාමක් හෝ ආර්ථිකයට බලපෑමක් සිදුවී නොමැති බව හෙතෙම කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදි ඊයේ (23) අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය .මේ වන විට කටුනායක හා බියගම කලාපයට සේවකයන් 12500ක අවශ්‍යතාවක් පවතින බව පැවැසු ඒ මහතා කර්මාන්ත ශාලා වසා දැමුවත් ඇණවුම්වල හිඟයක් නොමැති බව කියා සිටියේය.මේ වන විට මෙරට කර්මාන්ත රැසක් ආරම්භ කිරීමට ආයෝජකයන් ඉදිරිපත් වෙමින් සිටින බවත් සුදුසු ආයෝජකයන් සඳහා කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට ඉදිරියේදි අනුමැතිය ලබාදෙන බවත් හෙතෙම කීවේය. .
|
NEWS
|
ඌරු කොටුවක් පවත්වාගෙන යන මුවාවෙන් අස්ගිරිය බුලත්කඩේ හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලූ ගම්පහ පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීහු ගෝඩා මිලිලීටර් තුන්ලක්‍ෂ හැටදහසක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.ගම්පහ විජිත ඩී. කොමසාරු, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චරිත ජයසුන්දර මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඩබ්. එච්. රණසිංහ, පො. කො. චන්දන, ජයමාන්න, මුණසිංහ, රත්නායක, මනෝර, තෙන්නකෝන් යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ..
|
NEWS
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ දයා ටී. පස්කුවල් මහතා ඊයේ (21) අභාවප්‍රාප්ත විය.මිය යන විට 101 වන වියේ පසු වූ ඒ මහතා ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසද කටයුතු කළේය. දේහය මතුගම නෑබඩ පාරේ පස්කුවල් නිවසේ තබා ඇත.1912 ජුනි මස 09 වන දින මතුගම ඌරාගොඩ වැලිපැන්න ග්‍රාමයේදී උපත ලද නමින් දයාසේන ටර්නෝලිස් පස්කුවල් නම් වූ ඔහු දොන් දාවින් පස්කුවල් අප්පුහාමි 4 මහතාගේ සහ කන්නන්ගර කෝරලලාගේ දෝන ඛෙමා නෝනා මහත්මියගේත් කුළුඳුල් දරුවා විය. ඔහුට බාල සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙක් විය.දයා ටී පස්කුවල් නමින් ප්‍රසිද්ධියට පත් ඔහු පළමුවෙන්ම මතුගම රජයේ සිංහල පාසලෙන් අකුරු කරන ලදී. ඉංග්‍රීසි අධ්‍යාපනයට ඔහු තුළ වූ ඇල්ම හා දැඩි කැමැත්ත නිසා කළුතර හෝලික්‍රොස් විද්‍යාලයට ඇතුළත් වී ඇත. පසුව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් වූ ඔහු කේම්බ්‍රිජ් සීනියර් විභාගය සඳහා ද සූදානම් වී ඇත.දෙවන ලෝක යුද්ධය නිසා එම කඩඉම ජය ගැනීමට ඔහුට නොහැකි වී ඇත.1935දී හොරණ බටුවිට විද්‍යාලයේ ඉංග්‍රීසි උපගුරුවරයෙකු වශයෙන් වෘත්තීය ආරම්භ කළ පස්කුවල් මහතා එහි මාස නවයක කාලයක් සේවය කර නැවත කොළඹ ආනන්ද ශාස්ත්‍රාලයේ උපගුරුවරයකු ලෙස මාරු විය.මේ අවස්ථාව වන විට දෙවන ලෝක යුද්ධය උග්‍ර අතට පත්වෙමින් පැවති බව එතුමා කියා ඇත. ඒ කාලය වන විට කොළඹ පාසල් වහන තත්ත්වයක් උදා විය. ඒකාලේ ආනන්ද ශාස්ත්‍රාලයේ ශාඛාවක් මතුගම පිහිටුවීමට මෙතුමා විසින් යෝජනා කර ඇත.ගුරු තනතුරේ සේවය කරන කාලයේ මුල්මාස කීපයක් පමණක් වැටුප් ලබා ඇති පස්කුවල් මැතිතුමා අනතුරුව වැටුප් පවා නොගෙන සේවය කර ඇත.මෙවැනි උදාර ගුණසම්පන්න ගුරුභවතෙකු වන දයා ටී පස්කුවල් මැතිතුමාග් දේශපාලන ජීවිතයද සැප සම්පත්වලින් පිරුණු එකක් නොවේ.එතුමා පස්දුන් කෝරලයට ඉමහත්කීර්තියක් හා ආදර්ශයක් දුන් ගුරු නායකයකු මෙන්ම මුළු මහත් දේශයටම ගෞරවාන්විත සේවයක් කර ඇත.1943 දී තම දේශපාලන ජීවිතය ආරම්භ කරන පස්කුවල් මහතා මතුගම ගම්කාර්ය සභාවේ සභිකයකු ලෙස තේරීපත්වී ඇත. 1956 දී මතුගම කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට පිවිසි දයා ටී. පස්කුවල් මැතිතුමා මංමාවත් තැනීමේ පුරෝගාමියෙකු විය.1960 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයගත් දයා ටී. පස්කුවල් මහතා පළාත් පාලන උප ඇමැති ධුරයට පත් විය. පසුගිය වසරේ මනුස්ස ජීවිතයේ සියවසක් ආයු වැළඳූ දයාටී පස්කුවල් නම් වූ මේ උදාර ජන නායකයා වසර 101ක් ආයු වළඳා 2013 05 21 වන දින දැයෙන් සමුගන්නට විය. ඒ සම්බන්ධව කෙටි සටහනකි මේ. එතුමාට නිවන් සුව අත්වේවා!.
|
NEWS
|
බණ්ඩාරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරගම කුරුඳු හන්දියේ පැවැති රැස්වීමකට තවත් එ.ජා.ප ආධාරකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක විමලරත්න වික්‍රමගේ මහතා (එ. ජා. ප) ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇත.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී (එ. ජා. ප) පී. ඩී. අබේරත්න මහතාගේ ආධාරකරුවන් මේ පහරදීම කර ඇති බව පැවැසෙන අතර තුවාල ලැබූ ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයා දැනට කොළඹ මහ රෝහලේද , ඉතිරි පිරිස හොරණ මහ රෝහලේද ප්‍රතිකාර ලබති.
|
NEWS
|
(2012-09-11 12:30)දුම්රිය දෙපාර්තමේන්තුව සතු 335 ක් පමණ වන දුම්රිය ස්ථාන අතරින් වැඩිම ආදායමක් ලබන දුම්රිය ස්ථාන 10 මගීන්ට වඩාත් පහසුකම් සැලසෙන ගුණාත්මක බවින් යුත් දුම්රිය ස්ථාන ලෙස නවිකරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනී.ප්‍රවාහන ඇමති තුමාර වෙල්ගම මහතතාගේ උපදෙස් පරිදි දුමිරිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා මේ පිළිබඳව කටයුතු කරගෙන යයි.ශ්‍රී ලංකාවේ වැඩිම ආදායම ලබන දුම්රිය ස්ථානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය බව දුම්රිය අධ්‍යක්ෂ(සැලසුම්) විජය සමරසිංහ මහතා පැවසීය.දෙවැන්නේ සිට 10 වැන්න දක්වා වැඩි ආදායම් ලබන දුම්රිය ස්ථාන ලෙස පිළිවෙළින් මහනුවර, ගම්පහ, අනුරාධපුරය , මරදාන, වේයන්ගොඩ, වව්නියාව , ගාල්ල, රාගම හා මඩකලපුව යන දුම්රිය ස්ථාන හඳුනාගෙන තිබේ.නවීකරණය කිරීමට තෝරාගෙන ඇති මෙම දුම්රිය ස්ථාන 10 ලබන වසර අවසාන වීමට සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කිරිමට නියමිතය..
|
NEWS
|
ශරීර සුවතා ව්‍යායාමයන්හි යෙදීම සඳහා නියාමක ව්‍යාපෘතියක් වශයෙන් නාගරික ප්‍රදේශවල විශේෂ මංතීරු ඉදිකිරීමට රජය තීරණය කරයි.“දිවි නැඟුම” සංකල්පය යටතේ නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන අතර ඒ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 225.8 ක් බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ශරීර සුවතා ව්‍යායාමයන්හි යෙදීමේ මංතීරු ව්‍යාපෘතිය පසුව රටපුරා නාගරික ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.කාර්ය බහුල ජීවිතයක් ගත කරන නාගරික ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මනාලෙස පවත්වා ගෙන යාම අවශ්‍ය බව පෙන්වා දෙන ඇමැතිවරයා ඒ සඳහා අවශ්‍ය ව්‍යායාමයන්හි යෙදීමට සුදුසු ස්ථාන නාගරික ප්‍රදේශ තුළ පිහිටා නොතිබීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු කර පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවද කියා සිටී.ශරීර සුවතා ව්‍යායාමයන්හි යෙදීම සඳහා ඉදිකෙරෙන මංතීරු නීරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරතවූ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා එම මංතීරු සකස් කිරීමේදී අවට පරිසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්, ඒවායෙහි පවත්නා අඩුපාඩු සහ මංතීරු නිවැරදිව ඉදිවිය යුතු ආකාරය පිළිබඳවත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.ඒ අනුව මහර දළුපිටිය පාලම අසලින් මුදුන් ඇළ හරහා කිරිබත්ගොඩ නගරයට යාබද කිලෝමීටර් දෙකක දුරකින් හා පළල අඩි 10 කින් යුක්තව මෙම මංතීරුව ඉදිවන අතර එම මාර්ගය ආසන්නයේ ළමා ක්‍රීඩාංගණයක්, අක්කර දෙක හමාරක පමණ විශාලත්වයකින් යුත් වැවක්ද ඉදි කෙරේ.ඊට අමතරව නිදහසේ කාලය ගතකිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට විනෝදවීම සඳහා බෝට්ටු සේවාවක්ද ආරම්භ කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම්කර ඇත. මාර්ගයට යාබදව වාහන නැවතුම් මධ්‍යස්ථානයක්ද ඉදිකෙරෙන අතර මංතීරුවල වාහන ගමන් කිරීම තහනම් කර ඇත.මෙම මාර්ගය පිහිටා ඇති ප්‍රදේශය ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා වැඩි ජලය රැස්කර තබා ගැනීමටද මෙම වැව දායක වන අතර ගම්පහ ඔරුතොට කළු පාලම අසලින් ආරම්භ වන තවත් ශරීර සුවතා ව්‍යායාමයන්හි යෙදීම සඳහා මංතීරුවක් පන්සල පාර දක්වා කිලෝමීටර තුන හමාරක්ද එතැන් සිට බැලුම්මහර දක්වා කිලෝ මීටර දෙකක්ද වශයෙන් කිලෝමීටර පහ හමාරක පමණ දුර ප්‍රමාණයකින් ඉදිවේ. එහි පළල අඩි දහයකි.ශරීර සුවතා ව්‍යායාමවල නිරත වන පුද්ගලයන්ගේ පහසුව සඳහා මංතීරු දෙපස ගස් සිටුවීම, ඉඳ ගැනීම සඳහා බංකු සැකසීම මෙන්ම පොළොවට ඉන්ටර් ලොක් යෙදීමටද නියමිතය.මීට අමතරව මිනුවන්ගොඩ, මීගමුව, හෙනරත්ගොඩ යන ප්‍රදේශයන්හිද ශරීර සුවතා ව්‍යායාමයන්හි යෙදීම සඳහා මංතීරු ඉදි කර ඇති අතර ඉතිරි මංතීරු නිම කිරීම මෙම වසර අවසානයේදී සිදු කිරීමට අපේක්ෂා කෙරේ..
|
NEWS
|
අම්බලන්ගොඩ දේවානන්ද විදුහල සමග පැවැති තරගයේදී කළුතර තිස්ස විදුහල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතරවු චරිත් දුෂාන් කඩුලු 12ක් දවාගනිමින් දක්ෂතා දැක්වීය.පළමු ඉනිමේදී ලකුණු තුනකට කඩුලු 6ක් දවාගත් චරිත් දෙවැනි ඉනිමේදී ලකුණු 88කට කඩුලු 6ක් දවාගත්තේය. අම්බලන‍්ගොඩදී පැවැති මේ තරගය ලකුණු සමවීමෙන් නිමාවට පත්විය.දේවානන්ද පළමු ඉනිම - 99 ලහිරු ප්‍රසන්න 34 (චරිත් දුෂාන් 3/6, මිලින්ද සම්පත් 50/3) සහ දෙවැනි ඉනිම - 257 අමින්ද මෙන්ස් 74, සකුන් සිල්වා 35 (චරිත් දුෂාන් 88/6, මිලින්ද සම්පත් 86/3)තිස්ස පළමු ඉනිම - 199 සංඛ චතුරංග 49, නවීන් දනුෂ 36, මිලිඳු සම්පත් 34 (සකුන් සිල්වා 11/2) සහ දෙවැනි ඉනිම - 157 නවීන් ධනුෂ 56 (සකුන් සිල්වා 44/4, මහේෂ් සංජීව 21/3)වේල්ස් කුමරයට පළමු ඉනිමේ ජයකඳාන ද මැසනෝද් විදුහල සමග පැවැති තරගයේ පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත්විය. වේල්ස් කුමර විදුහල පළමු ඉනිමට ලකුණු 217ක් රැස්කළ අතර මැසනෝද් විදුහලට පළමු ඉනිමේදී රැස්කළ හැකිවුයේ ලකුණු 211ක් පමණි. වේල්ස් කුමර විදුහල් දෙවැනි ඉනිමේදී ලකුණු 148ක් වාර්තා කිරීමට ශනුක දුලාජ් සමත්විය..
|
NEWS
|
නැෙඟනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභා ඡන්ද විමසීමට අනුව එම පළාත්වල පිහිටි සියලුම පාසල් අද (07) නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.අදාළ පළාත්වල ඡන්ද විමසීමේ දී ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් පාසල් යොදවා ගැනීම හේතුවෙන් හා මැතිවරණ රාජකාරි සඳහා විදුහල්පතිවරුන්, ගුරුමහත්ම මහත්මීන් යොදවා ගැනීම සිදුවන බැවින් මෙසේ නිවාඩු ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය..
|
NEWS
|
වාද්දූව, පොහද්දරමුල්ල මහීගර්ජනාරාම පුරාණ ශ්‍රී මහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද 44 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පෙරේදා (22) පස්වරුවේ සිදු කෙරිණි.වසර 700ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මේ විහාරස්ථානය පෞරාණික වටිනාකම් රැසකින් සමන්විත වන අතර එය මේ රටේ සම්බුදු සසුන වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරයි.එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර ප්‍රථම මල් පූජාව ද සිදුකෙළේය. එම විහාරස්ථානයේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා අතින් සිදුවිණි.විහාරාධිපති කළුතර පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොහද්දරමුල්ලේ ශාන්තාලෝක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උන් වහන්සේගේ සුවදුක් විමසා සමරු තිළිණයක් ද පිළිගැන්වීය.ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක භාෂාත්තර විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමිපාණන් වහන්සේටද සමරු තිළිණයක් පිළිගැන්වීම මෙහිදී සිදු කෙරිණි.අමරපුර මූලවංශික මහා නිකායේ පූජ්‍ය කොස්ගොඩ සරණංකර තිස්ස මහා නායක හිමිපාණන් වහන්සේ, විහාරාධිකාරී පූජ්‍ය කිරම ආනන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
ගාල්ල – අලුත්ගම දුම්රිය ධාවනය හෙට (1) සිට තාවකාලිකව අත්හිටුවනු ලැබේ.දක්ෂිණ අධිවේගී දුම්රිය මාර්ගයේ 2 වැනි අදියර ආරම්භ කිරීම නිසා මේ පියවර ගෙන තිබේ.දෙවැනි අදියර ලෙස ගාල්ල සිට ඉඳුරුව දක්වා කොටස නවීකරණ කෙරේ.දෙවැනි අදියර යටතේ කිලෝමීටර් 53 ක් නව දුම්රිය මාර්ගයක් ලෙස සැලකේ.මේ නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය මගීන්ට දුම්රිය ප්‍රවේශපත් දෙකක් නිකුත් කරන අතර ගාල්ල සිට අලුත්ගම දක්වා මගීන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංගම විශේෂ බස් සේවා යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය කියයි..
|
NEWS
|
දමිළ ජාතිකයන්ගේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස උතුරු පළාත් මහ ඇමැතිවරයා ජිනීවාවලින් ඉල්ලා සිටින අවස්ථාවේදී එල්. ටී. ටී. ඊය මුස්ලිම් ජාතිකයන් 72,000ක් යාපනයෙන් පලවාහැරීම ඇතුළත් නොකළේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. අස්වර් මහතා නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාත් මහ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියි.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ ශ්‍රී ලංකාවට එදිරිවාදිකම් කරන ජාත්‍යන්තර බලවේග සඳහා ශ්‍රී ලංකා රජයෙන් වරප්‍රසාද ලබමින් කේලාම් කියමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් මේ නිවේදනය නිකුත් කර තිබේ. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණිදා පටන්, වසර දහස් ගණනක කාලයක් පුරා රටේ ඒකීයභාවය රැකගැනීමට විශාල මෙහෙවරක් ඉටුකර තිබේ.සීතාවක මායාදුන්න රජු සමයේදී පෘතුගීසීන් පලවා හැරීමට මුස්ලිම්වරුන් දැක්වූ සහයෝගිතාවෙන් ඔවුන් තුළ වූ ජාතිහිතෛෂි බව මැනවින් පිළිබිඹු වේ. මුස්ලිම් ජෙනරාල්වරුන් පෘතුගීසින් පලවාහැරීමට මායාදුන්නේ රජුට ලබාදුන් සහාය අරූසියා නරීකා නැමැති අධ්‍යාත්මික නායකයා විසින් හුවාදක්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුස්ලිම් ජෙනරාල්වරුන් තිදෙනකුට සම්මාන ද පිරිනමා තිබේ.සිය දිවි පරදුවට තබා සටන් කළ මුස්ලිම් ජාතිකයන් සිදු කළ සේවාව වත්මන් ජනනායකයාගේ පවා පැසසුමට ලක්වෙනවා. අපගේ මුතුන්මිත්තන් විසින් ඉටු කළ මෙහෙවර ඉන් අනතුරුව ඉදිරියට ගෙන ගියේ, ශ්‍රීමත් මොහොමඩ් මාකන්මාකාර්, ආචාර්ය ටී. බී. ජයා, ආචාර්ය එම්. සී. එම්. කලීල්, ශ්‍රීමත් රසීක් ෆාරිඩ්, බද්යුදීන් මොහොමඩ්, එච්. එස්. ඉස්මායිල්, එම්. එස්. කාරිඅප්පා ආදි ශ්‍රේෂ්ඨ මුස්ලිම් නායකයන් විසිනි. මුස්ලිම්වරුන් සැමවිටම මෙරට වෙනත් ජාතීන් සමඟ සාමයෙන් කල්ගත කළ අතර, ප්‍රචණ්ඩත්වයට යොමුවූයේ නැත. රටේ එක්සත් බව වෙනුවෙන් පෙනී සිටියා විනා බෙදුම්වාදයට මුස්ලිම්වරුන් කිසිදා යොමු වූයේ නැත.කරුණු මෙසේ හෙයින්, මුස්ලිම් කොංග්‍රසය විසින් දැන් දරන ස්ථාවරය කනගාටුදායකය. රජයෙන් සියලු අනුග්‍රාහ ලබාගන්නා අතර, ඔවුන් ජිනීවාවලට සහ වෙනත් විදේශ පාර්ශ්වවලට කේලම් කීමට පටන්ගෙන තිබේ. ඔවුන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක්.එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් දමිළ සාමාන්‍ය ජනතාවට සිදු කළ දරුණු ව්‍යසනය, ළමා සොල්දාදුවන් ලවා හමුදා කඳවුරුවලට පහරගැසීම වැනි ම්ලේච්ඡ ක්‍රියා ගැන අවධානය යොමු කිරීම වෙනුවට, ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජයට එරෙහිව ක්‍රියා කිරීම අරඹා තිබේ. මුස්ලිම්වරුන්ට සෑමවිටම තමන්ගේ ප්‍රශ්න දේශීය වශයෙන් විසඳා ගැනීමට හැකියාවක් සහ ශක්තියක් තිබිණි. ඒ අතර මුස්ලිම්වරුන් බහුතර සිංහල ජනතාවගේ ආදරයට ද පාත්‍රවිය. එල්. ටී. ටී. ඊ. ය මෙන් ස්වකීය ගැටලු ජාත්‍යන්තරකරණය නොකිරීමට මුස්ලිම් කොංග්‍රසය වගබලා ගත යුතුය. තම ගැටලුවලට දේශීය වශයෙන් පිළියම් සොයා ගැනීමට එම සංවිධානය යොමු විය යුතුය. නිදහස් සටනේදී ටී. බී. ජයා කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව සහාය ලබාදුනි. මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් සමඟ අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමට මුස්ලිම් ජාතිකයන් හුරුවී සිටී.එල්. ටී. ටී. ඊ. ය සහ ටී. එන්. ඒ. පක්ෂය විසින් සිය ගැටලු ජාත්‍යන්තරකරණය කිරීම හේතුවෙන් විදේශයන්හි ඩයස්පෝරාවක් බිහිවී තිබේ. ඒ හේතුවෙන් දමිළ ජාතින් අතර විශාල බෙදීම් ඇතිවී තිබේ. දිගු කාලීන වශයෙන් සලකන කළ ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වී යාමට ද මෙය හේතු වනු ඇත.දමිළ ජාතිකයන්ගේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් ජිනීවාවලින් ඉල්ලා සිටින අවස්ථාවේදී, මුස්ලිම් ජාතිකයන් 72,000ක් එල්. ටී. ටී. ඊ. ය විසින් යාපනයෙන් පලවාහැරීම ඇතුළත් කිරීමට අපොහොසත් වී ඇත. එමෙන්ම, කාතන්කුඩියේදී මුස්ලිම් ජාතිකයන් සමූහ ඝාතනයට ලක්කිරීම, අරන්තලාවේ සහ කැබිතිගොල්ලෑවේ සිංහල ජාතිකයන් සමූහ ඝාතනය කිරීම ආදිය ද ඇතුළත් කර නැත.විග්නේශ්වරන් මහතාට මෙම කරුණු අමතක වී ඇත්නම්, මෙරට සිංහල සහ මුස්ලිම් ජනතාවට එරෙහිව, එල්. ටී. ටී. ඊ. ය විසින් සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශනය කිරීමට කොමිසමක් පත්කරන ලෙස ජගත් මානව හිමිකම් කවුන්සලයෙන් අපි ඉල්ලා සිටිමු..
|
NEWS
|
කිසිදු පහසුකමක් නොමැතිව වූවත්, තම කණ්ඩායමේ තිබූ කැපවීම නිසා අවුරුදු 17න් පහළ අන්තර් පාසල් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හැකිවූ බව කන්තලේ රජඇල විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව රුක්ෂිලා මධුෂානී පවසයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධාන කළ මේ තරගාවලියේ අවසන් තරගයේ වෙස්ලි විදුහල් පිටියේදී පසුගියදා පැවැති අතර එහිදී රජඇළ කණ්ඩායම හමුවේ කොළඹ ගෝතමී විද්‍යාලය පරාජයට පත්වීම කැපී පෙනුණි.අවසන් තරගයේදී ගෝතමී කණ්ඩායම ඕවර 15කදී කඩුලු 9කට ලකුණු 81ක් රැස්කළ අතර ජයග්‍රාහී ඉලක්කය ඕවර 14.4කදී සපුරාලීමට රජඇල කණ්ඩායම සමත්විය. එම සුවිශේෂි ජයග්‍රහණයෙන් පසුව කන්තලේ ප්‍රදේශයේදී පැවැති පිළිගැනීමේ උත්සවයකදී අදහස් දැක්වු කණ්ඩායමේ නායිකා රුක්ෂිලා "අපේ පාසලට අඩු තරමින් ක්‍රීඩා පිටියක්වත් නැ.පුහුණුවීම් කරන්නේ කිලෝමීටර් 3ක් ඇතින් තියෙන කන්තලේ මධ්‍ය මහ විදුහල් පිටියේ. කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15ක් අවශ්‍ය වුණත් අපිට ඉන්නේ 13දෙනයි. අපි තරගයකදී බැට් කරන්න යන්නේ සපත්තු එකිනෙකා මාරු කරගෙන. අපි අද දාගෙන ඉන්නේ ඉස්කෝලේට දාන සපත්තු " යැයි කියා සිටියේය."ඒත් අපි අද සතුටුවෙනවා අවුරුද්දක් තුළ ලැබු පුහුණුවකින් පසු ලංකාවේ නමගිය ප්‍රධාන පාසල් කීපයක් අභිබවා අපේ ගමේ ඉස්කොලෙට මේ ශූරතාව රැගෙන යාමට ලැබීම ගැන" රුක්ෂිලා වැඩි දුරටත් පැවැසීය..
|
NEWS
|
අක්කරපත්තු “අලිඅඩිවෙම්බු” අලිගම්බේ ප්‍රදේශයේ අඩුපහසුකම් මධ්‍යයේ ජීවත් වන බව ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති.පවුල් 250 පමණ ජීවත්වන මේ ගමේ තෙළිගු බස කථා කරන වැඩි පිරිසක් ජීවත් වෙති. මොවුන්ගේ එකම ආදායම වී ඇත්තේ කුළී වැඩ කිරීම , මාළු ඇල්ලීම වැනි රැකියාවන් ය.පවුල් කීපයකට කුඹුරු අක්කරය බැගින් ඇතත් ගමේ බහුතරයකට ගොඩ ඉඩමට පමණක් සීමා වී තිබේ.බොහෝ ගෙවල් පොල්අතුවලින් සාදා ඇත්තේ නිවසක් සාදා ගැනීමට නියමිත ආදායම් මාර්ගයක් නොමැති නිසා ය.විදුලිය, පානීය ජලය මේ වැසියන්ට සිහිනයක්ව පවතී. දිනකට එක් වරක් පමණක් මේ ගමට පෞද්ගලික බස් රථයක් ධාවනය වන නමුත් වැඩි ප්‍රමාණයක් මොවුන්ගේ ගමනාගමනය සිදු වෙන්නේ පයින් හෝ පාපැදියෙන්ය. වැඩි අධ්‍යාපනයක් නොලබන මේ ගමේ ගැණු දරුවන් අඩු වයසින් විවාහවීම ගැටළුවක්ව පවතී. රාජ්‍ය අංශයේ එක් රැකියාවක් කරන එක් අයෙකු සිටින අතර ඔහු ගමනා ගමන මණ්ඩලයේ කොන්දොස්තර මහතෙකි.රාජ්‍ය නොවන සංවිධානයකින් බෙහෙත් ශාලාවක් සාදා ඇතිමුත් වෛද්‍යවරයෙක් නොමැත.ගම්වැසියෙක් වූ තම්බිරාසායුද්ධකාලේ අපි අනාත කඳවුරුවල තමා හිටියේ. මේ ගමේ ගොඩක් දෙනෙක් කළේ නයි නටවන එක.රිලවුන්ගේ සෙල්ලම් පෙන්වන එක, ශාස්තර කියන එක වගේ දේවල්. දැන් ඒවාට මිනිස්සු කැමැති නෑ.හැතම්ම ගානක් ගිහිල්ලා ලැබෙන්නේ සුළු මුදලයි.අපේ ප්‍රධාන රැකියාව වෙලා තියෙන්නේ කුළී වැඩට යන එක. ඒකත් හැමදාම නෑ. ඒ නිසා මේ ගමේ ගොඩාක් අමාරුවෙන් තමා අපි ජීවත් වෙන්නේ. පාසල් සිසුවියක් වූ එන් නිරෝ ශිෂ්‍යාවඅපේ පාසලේ එතරම් පහසුකම් නෑ. ගමට විදුලිය නෑ. ටකරන් ගහලා තියන ගෙවල්වලට හරි විදුලිය දෙනවා නම් ගන්න පුළුවන්. පාඩම් කරන්නේ කුප්පි ලාම්පුවෙන් රෑ වෙනකල් කරන්න බෑ. තෙල් ගණන් නිසා.සමහර වේලාවට ඉක්මනින් ලාම්පුව නිවලා නිදා ගන්නවා. 11 වසරෙන් පස්සේ මේ ගමේ අය පාසල් යන්නේ නෑ. උසස් පෙළ කරන්න ගොඩාක් දුර යන්න ඕන.සාම තම්බි මල්කාන්තිමට අවුරුදු 19 වෙනවා. සා.පෙළ. දක්වා ඉගන ගත්තා. දැන් මම විවහා වෙලා ඉන්නේ මහත්තයා කුලී වැඩ කරන්නේ. මුළු ලංකාවෙම ගෙවල් හදනවා. මේ ගමට තාම එක ගෙයක් ලැබිලා නෑ. වතුර නෑ. වතුර ගේන්න ගොඩාක් දුර යන්න ඕන.ගෙයක් හරි දෙනවානම් කුලී වැඩ කරලා හරි ජීවත් වෙන්න තිබුණා.එස්.ආර්.රාසයියා මහතාගිය මැතිවරණයේ ලයිට් දෙනවා කිව්වා. වතුර දෙනවා කිව්වා. හැබැයි තාමනම් ලැබුණේ නෑ. ජනාධිපතිතුමාවත් මේ ගම ගැන බලනවානම් පිං අයිති වෙනවා..
|
NEWS
|
ඉන්දියා ක්‍රිකට් පුහුණුකරු තනතුර ඉන්දියාවේ ම කෙනෙකුට ලැබිය යුතු බවට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු විසින් ප්‍රකාශ කර තිබීම නිසා තමන්ට ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝගවල තරම ඉන්දියා නව ක්‍රිකට් පුහුණුකරු ඩන්කන් ෆ්ලෙචර් ට දැනටමත් දැනී තිබේ.සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු වූ ෆ්ලෙචර් එංගලන්ත පුහුණුකරු ලෙස කටයුතු කළ වසර අටක කාලය තුළදී ජනප්‍රිය චරිතයක් බවට පත්විය.ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහුට දෙවසරක කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබේ.හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයන් දෙදෙනකු මෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රබල පුද්ගලයන් දෙදෙනකුද වන කපිල් දේව් හා සුනිල් ගවස්කාර්, ෆ්ලෙචර්ගේ පත්වීම පිළිබඳව ඔවුන්ගේ අසතුට පළකර සිටියහ.“ඩන්කන් ෆ්ලෙචර් කියන්නේ කවුද?” කපිල් දේව් ‘හින්දුස්තාන් ටයිම්ස්’ පත්‍රයට පැවසීය.“වෙන්කතෙෂ් ප්‍රසාද් හා රොබින් සිං (හිටපු ඉන්දියා ක්‍රීඩකයන්) ඉන්දියා පිලේ පුහුණුකරුවන් වනවා දකින්න මම කැමතියි.ඒ, ඔවුන් ඉන්දියානුවන් නිසා නොව ඔවුන් 2007 විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේදී සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ නිසායි.” 1983 වසරේදී ඉන්දියාව ඔවුන්ගේ ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගිය ගමනේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ හිටපු ඉන්දියා තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුනු ක්‍රීඩක මොහින්දර් අමරනාත් පුහුණුකරු තනතුර සඳහා තෝරාගත යුතුව තිබුණු බව ගවස්කාර් කියා සිටියේය.“අමරනාත් වගේ කෙනෙක් පත්කරා නම් වඩා හොඳයි.මම එහෙම කියන්නේ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ සාරය පැමිණෙන්නේ හින්දු භාෂාව කතා කරන ප්‍රදේශ තීරුවෙන් නිසායි” ගවස්කාර් පවසා තිබේ. නවදිල්ලිය (ඒ.එෆ්.පී.).
|
NEWS
|
ජාතික අවයව බද්ධ කිරීම කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.ශරීරයේ අවයව බද්ධ කිරීමේ සැත්කම් විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව සිදු කිරීම නිසා ඒවා සාර්ථකව කළමනාකරණය කිරීම මේ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. මෙවැනි මධ්‍යස්ථානයක් පිහිටුවීමේදී පවතින ප්‍රායෝගික ගැටලු මොනවාද කියා මාස දෙකක් ඇතුළත කමිටු වාර්තාවක් සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දෙන ලෙස ද ඇමැතිවරයා දැනුම් දී තිබේ.අවයව බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේදීි සාර්ථකව පවත්වාගෙන යා යුතු බවත් විශේෂයෙන්ම මෙවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදීි පැනනඟින ගැටලු මොනවාද කියා හඳුනා ගැනීමෙන් එම මධ්‍යස්ථාන සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බවත් ඇමැතිවරයා කීය.ලෝකයේ බොහෝ රටවල මෙවැනි මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බවත් අවයව බද්ධ කිරීමේ සැත්කම් වසරකට විශාල සංඛ්‍යාවක් සිදු කරන බවත් පැවසූ ඇමැතිවරයා මේ නිසා මෙවැනි මධ්‍යස්ථානයක් පිහිටුවීමට අමාත්‍යාංශය තීරණය කළ බවත් කීය..
|
NEWS
|
මොරටු මහා විදුහලත්, පානදුර ශ්‍රී සුමංගල විදුහලත් අතර වාර්ෂිකව පැවැත්වෙන “රන් සටන” 60 වෙනි මහා ක්‍රිකට් තරගය මාර්තු මස 16 සහ 17 වන දිනවලදී මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැත්වේ. මොරටු විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව 1934 දී ආරම්භ වූ අතර පළමු ක්‍රිකට් නායකයා ලෙස ක්‍රියා කර ඇත්තේ එච්. එන්. සමරසිංහයි.ශ්‍රී සුමංගල විදුහලේ ප්‍රථම නායකයා වනුයේ සෙල්වින් ෆොන්සේකා වන අතර මොරටු විදුහලේ නායක ඩිවිල්ටන් ප්‍රනාන්දු නායකත්වය දැරූ අවධියේ මීට වසර 59 කට පෙර මෙම තරගාවලිය ආරම්භ විය. මොරටු විදුහල මේ දක්වා පවත්වා ඇති තරග 7 ක් ජය ලබා ඇති අතර සුමංගල විදුහල තරග 9 ක ජය වාර්තා කර ඇත.මොරටු විදුහලට නායකත්වය දීමේ භාග්‍ය උදා වී ඇත්තේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන තුන්වන වසරේ වර්ණලාභී පසුගිය වසරේදී ලකුණු 1167 ක් ලබා කඩුලු 103 ක් වාර්තා කළ මෙම පාසල් වාරයේදී ලකුණු 800 ඉක්මවා කඩුලු 99 ක් දවාගෙන ඇති සංඛ රමේෂ් ය. ඔහුගේ උප නායකයා ලෙස ක්‍රියා කරන්නේ තුන්වන වසරේ වර්ණලාභී කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන්ම දක්‍ෂ පිතිකරුවකු වන ජනිත නිමේෂ් ය.සුමංගල විදුහලට නායකත්වය දෙනු ලබන්නේ හතරවන වසරේ වර්ණලාභී කඩුලු රකින දැනට මෙම පාසල් වාරයේදී ලකුණු 1000 ඉක්මවා ඇති අරුණ ධර්මසේනයි.ඔහුගේ උප නායක ලෙස කටයුතු කරන්නේ තුන්වන වසරේ ක්‍රීඩක තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන මාධව සකුරංගයි.මොරටු විදුහල මෙම පාසල් වාරයේදී පවත්වා ඇති තරග 14 න් හතක් ජය ලබා ඇති අතර සුමංගල විදුහල තරග 13 කට සහභාගි වූ පළමු ඉනිමේ ජය කීපයක් වාර්තා කර ඇත..
|
NEWS
|
වසර ගණනාවක් තිස්සේ නිසි ප්‍රතිසංස්කරණ කටයුත්තකට භාජනය නොවීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කළුගඟ හරහා යොදාඇති ඇල්ලගාව පාලම මේ වනවිට දැඩි සේ අබලන් මෙන්ම අන්තරාකාරී තත්ත්වයක පවතී.රතන්පුර දිස්ත්‍රික්කයට අයත් අති දුෂ්කර ගම්මාන වන ගවරගිරිය,කැටේපොළ,මානාන,දුම්බර ආදී ප්‍රදේශ වල ජනතාවට තම වතු ආශ්‍රිත නිෂ්පාදන වන තේ,රබර් වැනි දෑ ඉංගිරිය,ඉඩංගොඩ වැනි නගර වලට ගෙනඒමටත්, විවිධ අවශ්‍යතා සඳහා නගරයට පහසුවෙන් ළඟාවීමටත් ඇති මෙම පාලමේ මේ වනවිට තැනින් තැන ලෑලි ගැලවී ඇති අතර,එම ස්ථාන වලින් පහළින් ගලාබසින ගංදිය පෙනෙන අයුරු අතිශයින් භයංකාරය.මෙම පාලම මතින් දිනපතා ගමන්ගන්නා ලංගම බස් රථ ගණන මෙන්ම වාහන සංඛ්‍යාව ඉතා අධික වන අතර,කාර්යාල සේවකයන් මෙන්ම පාසල් කරා යන සිසු සිසුවියන් සංඛ්‍යාවද විශාලය.මේ වනවිට මෙහි දිරාගොස් ඇති ලෑලි, පාලමට සම්බන්ධ කරන ඇණ ගැළවීගොස් ඇති අතර,මේ හේතුවෙන් වාහන පාලම මතින් ගමන්ගන්නා විට මුළු පාලමම දෙදරුම්කයි.විශාල අනතුරක් නුදුරේදීම වනු ඇති බවට ප්‍රදේශවාසීන් සැකකරන අතර, එවන් අනතුරක් වීමට ප්‍රථම මෙම පාලම ප්‍රතිසංස්කරණය කර දෙන්නයැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
|
NEWS
|
කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් විහාරස්ථාන පිවිසුම් මාර්ග 11ක් මග නැගුම යටතේ කොන්ක්‍රීට් කැට අල්ලා සංවර්ධනය කර තිබෙන බව ප්‍රාදේශීය සභාවේ සභාපති පැට්‍රික් කරුණාසිංහ මහතා පැවැසීය.බුදනාපිටිය, තිරගම ඝණරඹ, කටුපිටිය, බෝගමුව, බෝධිගම, වරද්දන නැලව, මැද්දේගම, ගිසිලිය හා තල්කොට යන විහාරස්ථානවලට යන පිවිසුම් මාර්ග මෙසේ සංවර්ධනය කැර ඇත.මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ හැටකි..
|
NEWS
|
හල්තොට ලබුගම අධිෂ්ඨාන ප්‍රජා සුභ සාධක සංගමය තෙවැනි වරට සංවිධාන කරන පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න අභියෝග ශූරතා කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 23-24 දෙදින ලබුගම විජිත මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.තරගාවලියේ ශූරයන්ට කුසලානය සමගින් රුපියල් විසිදහසක් පිරිනැමෙන අතර අනුශූරයන්ට පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර අභියෝගතා කුසලානය සමගින් රුපියල් පහලොස්දහසක් පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දු.ක 0773592263 (චමින්ද) හෝ 0718738170 (දිමුතු) ඇමතීමෙන් ලබාගත හැකිය.
|
NEWS
|
ගාල්ල, මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (24) උදෑසන කැස්බෑ බිත්තර 52ක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ. කැස්බෑ බිත්තර තොගය සමඟ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පුද්ගලයා ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී. ඒ. ඩී. එන්. ආර්. පද්මසිරි මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරි යූ. එස්. බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. ජී. ආනන්ද, පොලිස් සැරයන් 58987 හසන්ත නිලධාරීහු මේ වැටලීමට සහභාගි වූහ..
|
NEWS
|
විදේශ රැකියාවල නියුතුවීමට බලාපොරොත්තුවීමට සහ ඒ සඳහා සුදානමින් සිටින, දැනටමත් විදේශ රැකියාවන්හි නියුතු වී සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අයගේ පවුල්වල සාමාජික දූ දරුවන්ගේ යහ පැවැත්ම, අනාගත අභිවෘද්ධිය හා ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා විදේ්ශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ස්ථාපනය කළ “රට විරුවෝ” සංවිධානය කළුතරින් ආරම්භ කෙරිණි.විදේශ රැකියා වෙළෙඳ පොළ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා මෙසේ පැවැසීය-රටේ ජනගහනයෙන් 1/3ක් විදේශ රැකියා ක්‍ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ වී සිටිනවා. රටේ රැකියා ප්‍රශ්නයට හෙවත් සේවා වියුක්තිය නමැති ගැටලුවට වසරකට ලක්‍ෂ දෙකහමාරකට, කාර්යාංශය මඟින් රැකියා සපයන මට්ටමේ හොඳ විසඳුමක් ලබා දී තිබෙනවා. විදේශ රැකියා සඳහා අපේ ජනතාව රටින් පිටවී යන විට, ඒ වෙනුවට රට ඇතුළින්ම තවත් ලක්ෂ දෙකහමාරක පිරිසකට රැකියා නිර්මාණය වනවා. ඒ අනුව විදේ්ශ රැකියා සේවය යනු ඍජුවම ලක්‍ෂ 2 1/2ක සහ වක්‍රව තවත් ලක්‍ෂ 2 1/2කට සම්පූර්ණයෙන් ලක්‍ෂ 5කට වාර්ෂිකව රැකියා නිර්මාණය කරන ක්ෂේත්‍රයක්. දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් සැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි, ‘රට විරුවෝ’ සංවිධානයේ ශාඛා පිහිටුවීම දැන් කාලීන අවශ්‍යතාවක් වී තිබෙනවා. මේ සඳහා ජනාධිපතිතුමාගේ සහ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ සහාය විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබෙනවා.විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමල් සේනාලංකාධිකාර මහතා-අද විදේශ රැකියා ක්‍ෂෙත්‍රයේ ලබා ඇති උසස් තත්ත්වය, කාර්යාංශයෙන් මෙතෙක් ජනතාව වෙත ලැබී ඇති සහනදායී වැඩපිළිවෙළ ලෝකයේ විවිධ රටවල පුරප්පාඩු පිළිබඳ පවතින සුදුසුකම් සහ ඒ සඳහා ජනතාව යොමු කිරීමට තමා ඉදිරියේ දී බලාපොරොත්තු වන ක්‍රමවේද මෙහිදී පැහැදිලි කෙළේ ය.කළුතර මහ දිසාපති යූ. ඩී. සී. ජයලාල් මහතා ද මෙහිදී කථා කෙළේ ය..
|
NEWS
|
හරවත් සහ ගුණාත්මක භාවයෙන් යුතු ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට ලබාදීම සඳහා මේ වසරේ ටෙලිනාට්‍ය අනුමණ්ඩලයක් පිහිටුවීම සිදුකරන බව සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බී.ඒකනායක මහතා පවසයි.ටෙලිනාට්‍ය අනුමණ්ඩලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ද මේ වන විට අවසන් බවත් ඉදිරියේ දී වඩාත් ප්‍රියජනක ටෙලිනාට්‍ය නැරඹීමට ඒ තුළින් අවස්ථාව උදාවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ(6) සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ නව නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙහි දී ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකර, සභිකයන් ලෙස මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ගාමිණී වේරගම, එම්.ඩබ්.ජයසිංහ, ජේ.යෝගරාජා, ඉන්ද්‍රාණි පල්ලියගුරු, මයුරී අබේසිංහ, මොන්ටේගු සරත්චන්ද්‍ර, ආරියදාස පීරිස්, සිළුමිණ ප්‍රධාන කර්තෘ සුන්දර නිහතමානි ද මෙල් , තිනකරන් ප්‍රධාන කර්තෘ එස්.තිලේනාදන්, නිශ්ශංක දිද්දෙනිය, හිල්මි මොහොමඩ්, ඩබ්.බී. සේනාරත්න, ජේ.ආර්.සිරිවර්ධන යන මහත්ම මහත්මීන් අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ලැබූහ.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ටී.බී.ඒකනායක මහතා ...මේ රටේ සියලු මහපොළව ස්පර්ශ කරන්නා වූ ජනතාවට දැනෙන ජාතික වගකීමක් ඉටුකරන පිරිසක් ලෙස ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය හඳුන්වා දිය හැකියි. මේ රටේ සූසැට කලාව පිළිබඳව ම අප අනුමණ්ඩල පත් කර තිබෙනවා. අංගම් පොර, රූකඩ , ජන සංගීතය ආදිය සඳහා ද අප අලුතෙන් අනුමණ්ඩල පිහිටවූවා.සිංහල, දෙමළ, හින්දි, ඉංග්‍රීසි ආදී විවිධ චිත්‍රපට ප්‍රෙක්ෂකයන්ට නැරඹීම සඳහා ගුණාත්මක දැයි කියා තීරණය කරන්නේ මේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයයි. අප කිසිවිටෙක ඔවුන්ගේ කාර්ය භාරයට ඇඟිලි ගැසීමක් සිදු කරන්නේ නෑ. කරෙත් නෑ. ඔවුන්ට ස්වාධීනව කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දී තිබෙනවා. අප ඔවුන්ගේ කටයුතු වඩාත් පහසු කරලීම සඳහා නවීන අංගෝපාංගවලින් සමන්විත මිනි තියටර් එකක් ද අලුතින් ඉදිකර දුන්නා. විවිධ භාෂාවන් හා විවිධ ආගම් විවිධ ජනකොටස්වල නිර්මාණයන් ස්පර්ශ කරන්නට බලය ඇත්තේ ඔබටයි.පසුගිය වසරේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ කටයුතු ගැන අපට කිසිදු පැමිණිල්ලක් ලැබූනේ නෑ. එය අගය කළ යුතුයි.ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ නිලධාරීන් ලෙස නම් කර ඇති නාම ලේඛනය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අනුමැතිය ලබා දී තිබෙනවා. එහි ගෞරවය හිමිවන්නේ ද රැඟුම් පාලක මණ්ඩලයේ ඔබ සැමටයි. විවිධ නිර්මාණයන් පිළිබඳ යහපත් විවේචන පල කිරීම ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ වගකීමක් ලෙස මා දකිනවා.ඉදිරියේ දී ටෙලිනාට්‍ය සඳහාත් අනුමණ්ඩලයක් පත්කිරීමට අවශ්‍ය සියලු කටයුතු අප සිදුකර තිබෙනවා. අවශ්‍ය අනුමැතිය ලැබුණු වහාම ඒ පත්කිරීම ද මේ වසරේ සිදුකරනවා. ඒ තුළින් හරවත් ගුණාත්මක ටෙලිනාට්‍ය ජාතියට දායාද කිරීමට හැකිවනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.මේ අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක, සංස්කෘතික අධ්‍යක්ෂ විජිත් කණුගල, අමාත්‍යංශ අතිරේක ලේකම්වරිය, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නිලධාරීන් හා බොහෝ පිරිසක් එක්ව සිටියහ..
|
NEWS
|
ජිනීවා යෝජනාවලියට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට විරෝධය පාමින් බටහිර සහ යුරෝපා රටවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලාංකිකයන් ආරම්භ කර තිබේ.ඉදිරි සතිය තුළදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් අත්පත්‍රිකා බෙදා හරිමින් ඒ ඒ රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට පියවර ගෙන තිබේ.මීට අමතරව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඉතාලිය යන රටවලදී එහි සිටින ශ්‍රී ලාංකිකයන් කොටි විරෝධී උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරයි. විදේශ රටවල සිටින සිංහල සංවිධාන එකමුතුව සහ තවත් සංවිධාන රැසක සහභාගිත්වයෙන් සිදුකරන මේ වැඩසටහන්වලට ඒ ඒ රටවල නොයෙක් බහු ජන සංවිධානද සහය පළකර තිබේ..
|
NEWS
|
ඉන්දියාව සමග ජැමෙයිකාවේ සබීනාපාක් ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඉනිම නිමවීමට පන්දු 14ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කොදෙව් පිල සමත්විය.ඉන්දීය පිලෙන් හිමිවු ලකුණු 230ක ඉලක්කය හඹාගිය කොදෙව් පිල ඕවර 47.4කදී කඩුලු 9ක් දැවී තරගයේ ජය හිමිකර ගත්තේය.පිළිතුරු ඉනිම ඇරඹු කොදෙව් පිලේ පළමු කඩුල්ල ලෙස ක්‍රිස් ගේල් ලකුණු 11ක් ලබාසිටියදී දවාගැනීමට උමේෂ් යාදව්ගේ පන්දුවකට උඩපන්දුවක් රැකගත් සුරේෂ් රයිනා සමත්විය.ලකුණු 26කට කඩුලු 3ක් බිඳ වැටී තිබියදී ජෝන්සන් චාර්ලස් සමග එක්වු ඩැරන් බ්‍රාවෝ ලකුණු 116ක සබඳතාවක් පිහිටුවීය.මුළු ලකුණු 142දී සිවුවැනි කඩුල්ල ලෙස ඩැරන් බ්‍රාවෝ ලකුණු 55ක් ලබාසිටියදී දැවී ගියේ රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේය.බ්‍රාවෝ පන්දු 78කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ලකර තිබිණි. 41වැනි ඕවර ක්‍රියාත්මක කළ උමේෂ් යාදව්ගේ දෙවැනි පන්දුවට ඉෂාන්ට් ශර්මා උඩ පන්දුවක් රැක ගැනීමෙන් චාර්ලස්ගේ ඉනිම අවසන් විය. 8වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 211ක් ලෙස සටහන් විය.තරගයේ වීරයා ලෙස නම් කළ චාර්ලස් පන්දු 100කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 97ක් රැස් කළේය. උමේෂ් යාදව් ලකුණු 42කට කඩුලු 3ක් දවාගත්තේය.කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට ඕවර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 229ක් පමණි.මුළු ලකුණු 25ක් වෙද්දී පන්දු යැවු කෙමාර් රොච් උඩ පන්දුවක් රැක ගැනීමෙන් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සාර්ථකම පිතිකරුවු ශිකර් ධාවන් ලකුණු 11කට දැවී ගිය අතර ලකුණු 39දී විරාට් කෝලී (11) දැවී ගියේය.තෙවැනි කඩුල්ලට රෝහිත් ශර්මා සමග එක්වු දිනේෂ් කාර්තික් ලකුණු 59ක් එක් කළේය.රෝහිත් ශර්මා ලකුණු 60ක් රැස්කළ අතර පන්දු 89කට මුහුණදී තිබිණි. ඊට හතරේ පහර 4ක් හා හයේ පහරක් ඇතුළත් විය. පස්වැනි කඩුල්ලට සුරේෂ් රයිනා සමග එක්වු නායක මහේන්ද්‍ර සිං දෝනි (27) මුළු ලකුණු ප්‍රමාණය ඉහළට ගෙන යෑමට උත්සහ කළද ඔවුන්ට එක් කළ හැකිවුයේ ලකුණු 58ක් පමණි.ලකුණු 182දී රයිනා පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 44කට දැවී ගියේය.පන්දු යැවීමේදී කෙමාර් රොච්, ටීනෝ බෙස්ට් සහ ඩැරන් සැමී කඩුලු දෙක බැගින් දවාගත්තේය.තරගාවලියේ තෙවැනි තරග අද (02) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කිංග්ස්ටන් හිදී පැවැත්වේ.ඉන්දියාව-229/7 (ඕවර 50) රෝහිත් ශර්මා 60, සුරේෂ් රයිනා 44කොදෙව්-230/9 (ඕවර 47.4) ජොන්සන් චාර්ලස් 97, ඩැරන් බ්‍රාවෝ 55 (උමේෂ් යාදව් 42/3).
|
NEWS
|
දියවැඩියාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධානය කර තිබේ.තුන්දහසක් පමණ සහභාගි වන මෙම පාගමන 14 වනදාට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබේ.සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මෙම පාගමන හෙට(13) පෙරවරු 7.30 ට කොළඹ මහනගර සභාව අසළින් පිටත් වී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් අරඹයි.‘මෙවර දියවැඩියා දිනයේ තේමාව දියවැඩියාව පාලනය අදම අපේ අතට ගනිමු යන්නය..
|
NEWS
|
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ඉගෙනුම ලැබූ රාජකීය විදුහලේ උපහාර පිදීමේ උළෙලක් ඊයේ කොළඹ නව රගහලේදී පැවැත් වුණි.රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උපහාර උත්සවය රාජකීය සිසුන් ගේ උණුසුම් පිළිගැනීම් මැද සිදු කෙරුණි.රාජකීය විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ නිලූක කරුණාරත්න අද ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් වීරයා බවට පත්වීම විදුහලට මහත් කීර්තියක් බව රාජකීය විදුහල්පතිතුමා පැවැසීය.නිලූකගේ උත්සහවන්තභාවය අදිරියට එන රාජකීයන්ට මෙන්ම සමස්ථ දරු පරපුරටම ආදර්ශයක් බව ඒ මහතා සදහන් කළේය.වසර 1999දී ශිෂයෙක් ලෙස රාජකීය විදුහලට සම්බන්ධවූ නිලූක,පස්වතාවක්ම පාසල් වර්ණ දිනා ගත්තේය.පාසැල් ශිෂ්‍යෙයක්ව සිටියදීම සග් තරගාවලිය නියෝජනය කළ ඔහු කළාපීය බැඩ්මින්ටන් සූරයෙකු වීමට සමත්වීම කැපී පෙනුණි.වසර 2001දී වසරේ දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන “රාජකීය ඹටුන්න“ හිමිකරගත් නිලූක 2003දී විදුහලේ බැඩ්මින්ටන් නායකයා විය.“ රාජකීය සිසුවෙකු ඔලිමිපික් වරම් දිනා ගැනීමේ ඓතිහාසික අවස්ථාව උදාවෙලා තිබෙනවා.එය විශාල ආඩම්බරයක්.ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී පෙරැළිකාර ජයග්‍රහනයකට නිලූකට සුභ පැතුම් එක් කරනවා “ යැයි විදුහල්පති උපාලී ගුණසේකර මහතා පැවැසීය.බැඩ්මමින්ටන් ශූර නිලූක කරුණාරත්න මෙහිදී අදහස් දක්වමින් පැවැසූවේ තමා අධ්‍යාපනය ලැබූ පාසලෙන් උපහාර ගෞරව ලැබීම විශාල ශක්තියක්වූ වන බවය.රාජකීය විදුහලට පැමිණෙද්දී එවක විදුහල්පති ගෝමස් මහතා හා වත්මන් විදුහල්පති උපාලී ගුණසේකර මහතා තම ගමන් මගට ආලෝකයක් වූ බව නිලූක සිහිපත් කළේය.“මා ආ ගමන් මග ඉතාම දුෂ්කර එකක්.ඒ සියලු අභියෝගවලට නොසැලී මුහුණදීමට හැකි වූයේ විදුහලෙන් ලැබූ පන්නරය නිසයි.සෑම ජයග්‍රහණයකදීම විදුහලට කීර්තියක් ලබාදීමට හැකිවීම මගේ සතුටයි.උපරිම දක්ෂතා අතර සිටින මා ඔලිම්පික් උළෙලේදී හොදින් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරනවා“ නිලූක පැවැසීය.මේ උත්සවයේදී නිලූකට රාජකීය විදුහලේ සමරු තිළීණයක්ද විදුහල්පතිතුමා අතින් පිරිනැමුණි.මේ අවස්ථාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක මහතා ඇතුලු නිළධාරී පිරිසක්,ආදී රාජකීයන්,ගුරුභවතුන් හා සිසුහූද එක්ව සිටියහ..
|
NEWS
|
ඔස්ට්‍රේලියාව ට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ දෙවැනි දිනයේ පාදයේ ආබාධයකට ලක්වූ වේග පන්දු යවන චානක වෙලගෙදර ගේ තත්ත්වය මඳක් බරපතළ බවත් ඔහුට ඔස්ට්‍රේලියානු සංචාරයේ ඉදිරි තරගවලට සහභාගි වීමට සැක සහිත බවත් ඊයේ තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු මාවන් අතපත්තු කියා සිටියේය.වෙලගෙදර වෙනුවට ශ්‍රී ලංකාවෙන් වෙනත් වේග පන්දු යවන්නෙක් කැඳවනවාද, එසේ කැඳවනු ලබන ක්‍රීඩකයා කව්රුන්ද යන්න පිළිබඳව තේරීම් කමිටුව රාත්‍රියේ රැස්වී තීරණය කරන බවද අතපත්තු ප්‍රකාශ කළේය. ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් කඩුලු රකින්නා වන ප්‍රසන්න ජයවර්ධන අද තරගයේදී පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනු ඇති බවත් එහෙත් ඔහු කඩුලු රැකීමේ කාර්යයේ නිරත නොවනු ඇති බවත් මාවන් අතපත්තු වැඩි දුරටත් කියා සිටියේය..
|
NEWS
|
ලංගම බස්රථ සඳහා අඩු මිලට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කීවේය.එයාර් ලංකා සංමාගමට මෙන් ලංගමටත් ඛනිජ තෙල් සංස්ථාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීමට පියවර නොගන්නේ මන්දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කී ඇමැති වෙල්ගම මහතා පැය විසි හතරක කාලය පුරා ලංගම බස් ධාවනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා සැලකිල්ලට ගන්නා බවද කීය.මේ යෝජනාවන් කරුණානයක මහතාගේ අදහසක් ලෙස හැකි ඉක්මනින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බව කී වෙල්ගම මහතා ලංගමය සතු වේරහැර කහගොල් වැනි විශාල වැඩපොළවල් පසුගිය එජාප ආණ්ඩු සමයේ කුණු කොල්ලයට විකුණා දැමු නිසා ලංගමය පාඩු ලැබීමට එක් හේතුවක් බවද කීය. මෙම වැඩපොළවල් විකිණීම නිසා එන්ජින් අළුත් වැඩියා කරගැනීමේ කටයුතු පිටින් කර ගැනීමට සිදුව ඇති හෙයින් ලංගමය ඉතා අමාරුවෙන් දුවන බව ඇමැතිවරයා පැවසීය. ලංගමය දියුණු කිරීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලබා ගැනීමට කටයුතු කරන බව කී ඇමැතිවරයා 2012 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලංගමය අලාබ ලබා ඇති බවද කීය. දැනට සේවකන් 33,293ක් සේවයේ යෙදී ඇති බව කී ඇමැතිවරයා සේවක අතිරික්තයක් හෝ හිඟයක් නොමැති බවද අළුතෙන් බස් මිලදී ගැනීමෙන් සේවකයන් ඉල්ලා අස්වීමෙන් හා විශ්‍රාම යෑමෙන් ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය කටයුතු කරන බවද කීවේය.2004 අප්‍රේල් දක්වා කාලය තුළ ලංගමය ක්ෂයවීමට පසු අලාභය රුපියල් බිලියන 796 බවත් 2015දී අපේක්ෂිත අලාභය රුපියල් මිලියන 728ක් බවත් කී ඇමැතිවරයා මසකට එක සේවකයකුට රුපියල් 85,730 වියදම දරන අතර ආදායම ලබන්නේ රුපියල් 80,880ක් බවත් ඒ අනුව මසකට එක් සේවකයකුගෙන් රුපියල් 4,849ක ශුද්ධ අලාභයක් ඇති බවත් කීය.
|
NEWS
|
රියල් මැඩ්රිඩ් සහ මලගා කණ්ඩායම් අතර පැවැති පාපන්දු තරගයේදී ඩෙන්මාර්ක ක්‍රීඩක පැටි‍්‍රක් ටිලිගා ට නීති විරෝධී පා පහරක් එල්ලකොට තුවාල කිරීමේ වරදට හසු වූ රියල් මැඩ්රිඩ් පිලේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියාණේ රොනල්ඩෝ හට තරග විනිසුරුගෙන් රතු කාඩ්පත ලැබීම නිසා තරග 2ක තහනම් පැනවීමට ස්පාඤ්ඤ පාපන්දු විනය කමිටුව තීරණය කළේ ය.මීට අමතරව රියල් මැඩ්රිඩ් පිලට යුරෝ 180ක දඩ මුදලකුත්, රොනල්ඩෝ හට යුරෝ 600ක දඩ මුදලකුත් ගෙවීමට සිදුවිය.‘මං ඔහුට ඕනෑකමින් තුවාල සිදුනොකළ බව ටිල්ගා පවා පිළිගන්නවා. මේ පිළිබඳව මං මගේ කණගාටුව ඔහුට ප්‍රකාශ කළා! රොනල්ඩෝ පැවසුවේය.
|
NEWS
|
මහනුවර මහියංගනය A 26 මාර්ගයේ බීමතින් රිය ධාවනය කළ රියැදුරන් හා ජංගම දුරකථන භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් හය දෙනකුට තෙල්දෙනිය දිසා විනිසුරු රොහාන් ජයවර්ධන මහතා දැඩි ලෙස හා තරයේ අවවාද කරමින් ඊයේ දින රුපියල් තිස් දෙදහසක දඩයක් නියම කෙළේය.තෙල්දෙනිය නගරය හරහා මහනුවර දෙසට ධාවනය වු බස් රථ දෙකක රියදුරන් දෙදෙනක් ජංගම දුරකථන භාවිතා කරමින් එම බස් රථ ධාවනය කිරිම පිලිබඳ එම රියැදුරන් දෙදෙනාට රුපියල් දෙදහක (රුපියල් 2000/ක) දඩයක්ද, අධික ලෙස බීමත්ව ත්‍රි රෝද රථ ධාවනය කළ රියදුරන් දෙදෙනකුට රුපියල් විසිඑක් දහසක (රුපියල් 21,000/ක) දඩයක්ද, අනෙක් බීමත් රියදුරාට රුපියල් හත්දහස් පන්සියයක (7500/ක) දඩයක් නියමකරමින් ඔහු රියදුරු බල පත්‍රය මාස තුනකට අත්හිටු විමටත් තෙල්දෙනිය දිසා විනිසුරු රෝහාන් ජයවර්ධන මහතා එදිනම නියම කෙළේය.මේ ප්‍රධාන මාර්ගයේ දිවා කාලයේ දි හා රාත්‍රි කාලවල දී ජංගම දුරකථන භාවිතා කරමින් නොසැලකිලිමත් ලෙස තනි අතින් රිය ධාවනය කිරිම හා බීමතින් අධික වේගයෙන් රිය ධාවනය කිරිම හේතුවෙන් දිනපතා සිදුවන රිය අනතුරු වැඩි වී තිබෙන බව තෙල්දෙනිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රණවීර මහතා ඇතුළු එම නිලධාරින් පවසයි. එවැනි රියැදුරන් දිවා රාත්‍රි දෙකේදිම වැටලිම් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසයි..
|
NEWS
|
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් සංවිධානය කළ 91වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ පළමු දිනයේ දී පිරිමි මීටර් 5000 රන් පදක්කම දිනා ගැනීමේ අභිලාශයෙන් ක්‍රීඩකයෝ 102ක් තරග බිමට පිවිසියහ. එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ ඉසව්වකට සහභාගි වූ වැඩිම පිරිස වීම මෙහි විශේෂත්වයයි.වාර්තාගත සහභාගිත්වයකින් මීටර් 5000 පිරිමි මූලික වටයේ තරග පැවැත්වූ අතර ක්‍රීඩකයින් 9ක් සහභාගි වන අවසන් තරගය අද පස්වරු 5.00ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේ කිසිදු වාර්තාවක් බිහි නොවූ අතර වැඩි සහභාගිත්වයක් පැවැතුණි. එහෙත් තරගවලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනයක් දක්නට නොලැබිණි.කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ දි ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කළ අමන්ති සිල්වා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අභිබවමින් රන් පදක්කම දිනා ගැනීම සැළකිය යුතු දක්ෂතාවක් විය.ඊයේ දිනයේ කැපී පෙනෙන සිදුවීමට ලක්වූ අමන්ති සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවකි. ඇයගේ දක්ෂතාව වූයේ මීටර් 43.40කි. එහි රිදී පදක්කම ගුවන් හමුදාවේ එස්.කේ.වීරසිංහ (මීටර් 38.99) දිනා ගත් අතර ලෝකඩ පදක්කම ගුවන් හමුදාවේම ඒ.ඒ.මධුවන්ති (මී.34.90) දිනා ගත්තාය.මීටර් 200 කාන්තා අවසන් තරගයේ දී සුපුරුදු දස්කම් දැක්වූ නාවික හමුදාව නියෝජනය කළ ජානි චතුරංගනි ද සිල්වා තත්පර 24.83කින් රන් පදක්කම දිනා ගත් අතර ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන එච්.ඩී.එන්.ප්‍රනාන්දු (තත්.25.09) හා පී.ඩී.වයි.එන්.අබේවික්‍රම (තත්.25.49) පිළිවෙළින් රිදී හා ලෝකඩ පදක්කම් සතු කර ගත්හ.පිරිමි මීටර් 200 අවසන් තරගයේ දී නාවික හමුදාවේ කසුන් කල්හාර සෙනෙවිරත්න තත්පර 21.60කින් රන් පදක්කම ද, නාවික හමුදාවේ ම කේ.ජී.සී.එම්.ජයසේකර තත්පර 21.80කින් රිදි පදක්කම ද, යුද හමුදාවේ සපත් කුමාර තත්පර 21.79කින් ලෝකඩ පදක්කම ද සතු කර ගත්හ.ඊයේ පැවැති අනෙකුත් අවසන් තරගවල ප්‍රතිඵල මෙසේය.රිටි පැනීම පිරිමි - 1. එම්.එච්.අයි.සඳරුවන් -මීටර් 4.60 (ගම්පහ දි.ම.ස.), 2. ආර්.කේ.කේ.බාලසූරිය – මීටර් 4.50 (ගුවන්), 3. කේ.කනතීපන් - මීටර් 4.40 (ගුවන්)දුර පැනීම කාන්තා - 1. එන්.සී.ඩී.ප්‍රියදර්ශනී - මීටර් 5.97 (නාවික), 2. එල්.ඩී.ඩී.ඊ.රත්නසිරි - මීටර් 5.86 (ගුවන් ), 3. ආර්.ඩබ්.අයි.මධුවන්ති - මීටර් 5.80 (ගුවන්)උස පැනීම කාන්තා - 1. ශාමලී සුරියන්පොළ – මීටර් 1.78 (ගුවන්), 2. දුලාංජනී රණසිංහ – මීටර් 1.78 (නාවික), 3. තරංගා විනෝදනී - මීටර් 1.70 (යුද)කවපෙත්ත පිරිමි - 1. යූ.පී.ජයවර්ධන -මීටර් 43.45 (ලංකා ලයන්ස්), 2. බී.චතුරංග – මීටර් 42.11 (හම්බන්තොට), 3. යූ.පෙරේරා -මීටර් 40.81 (යුද)මීටර් 3,000 බාධක කාන්තා - 1. කේ.එන්.රත්නායක – විනාඩි 10:41:76 (යුද), 2. උදයකුමාරි - විනාඩි 12:12:20 (යුද), 3. ආර්.ඒ.පෙරේරා -විනාඩි 12:28:35 (යුද )මීටර් 10,000 කාන්තා - 1. ටී.සී.හේමමාලි-විනාඩි 35:36:55 (පොලිස්), 2. ඒ.එන්.එල්.ආරියදාස – විනාඩි 36:55:68(ගුවන්), 3. එල්.ඒ.බෝගහවත්ත – විනාඩි 37:07:13 (නාවික).
|
NEWS
|
මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට මාතලේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පිල සමත්වූ අතර කාන්තා ශූරතාව මාතලේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු පිලට හිමිවිය. කාන්තා අවසන් මහා තරගයේදී නාඋල ප්‍රා.ලේ පිල පරදා වට 2-1 ජයක් ලැබීමට සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු පිල සමත්විය.ලකුණු තත්වය 25/16, 22/25 සහ 25/18ක් විය. පිරිමි අවසන් මහා තරගයේදී යටවත්ත ප්‍රා.ලේ පිල වට 3-2 කින් පරාජය කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පිලට හැකිවිණි. (ලකුණු තත්වය 25/20, 23/25, 25/26, 23/25 සහ 15/8)මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවති මේ තරගාවලිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිසා සම්බන්ධිකරන නිලධාරී රංජිත් අලුවිහාරේ මහතා විසින් සංවිධානය කරන ලදි.
|
NEWS
|
ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක පමණ පුද්ගලයෙකි. ඔහුට සිය පදිංචි ඉඩමේ පවතින ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා හදිසියේම උප්පැන්න සහතිකයක පිටපතක් ලබාගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා නියමිත අයැදුම්පත් පත්‍රයක් රැගෙන එය සම්පූර්ණ කර ගැනීම සඳහා ප්‍රදේශයේ පදිංචි ගුරුවරයකු ළඟට ගියේය.පුද්ගලයාගේ සියලු තොරතුරු සටහන් කළ ගුරුතුමා ඔහුගෙන් මවගේ නම විමසීය.හෙතෙම උඩ, බිම, බැලීය. ගුරු මහාතටද වෙනස වැටහිනි. ඇයි මොකවත් ප්‍රශ්නයක්දැයි ගුරුතුමා විමසීය. සර් අම්මගේ නම දාන්නම ඕනදැයි ඔහු විමසීය. ඔව්, ඔව්, මෙතන මවගේ නම ලියන්න ඕනෑ ගුරුතුමා කීවේය.එහෙනම් සර් ඉතිරිටික හෙට පුරවමු. මොකද මට අම්මගේ නම මතක නෑ. ගෙදර පොතක ලියලා තිබුණා. මම ඒක බලාගෙන හෙට එන්නම් කියා ඔහු යන්න ගියේය. දැන් ඉන්න උං අම්මගෙ නමවත් දන්නෙ නෑ. ගුරුතුමා අසල සිටි බිරියට පැවැසීය..
|
NEWS
|
තරංග පරණවිතාන විශිෂ්ට පිති හරඹයක නිරතවෙමින් ද්විත්ව ශතකයක් රැස් කිරීමේ හේතුවෙන් කෝල්ට්ස් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට එස්.එස්.සී. කණ්ඩායම සමත් විය. පන්දු 340 කට මුහුණ දුන් පරණවිතාන සිය ඉනිමට හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් එල්ල කළේ ය.කෝල්ට්ස් පළමු ඉනිම - 273 (ඕවර 85.1) කෞෂාල් ජනිත් පෙරේරා 57, චමින්ද වාස් 55, මලින්ද වර්ණපුර 53 (සචිත්‍ර සේනානායක 76/4, ධම්මික ප්‍රසාද් 70/3) සහ දෙවැනි ඉනිම - 143 /4 (ඕවර 42) කෞෂාල් ජනිත් පෙරේරා නොදැවී 36 මලින්ද වර්ණපුර 33 (සචිත්‍ර සේනානායක 34/2)එස්.එස්.සී.පළමු ඉනිම – 418/7(ඕවර 130.4) තරංග පරණවිතාන 202, ලසිත් ප්‍රනාන්දු 61ද්‍රවිඩ සංගම් පිලට කඩුලු 6ක ජයක්හලාවත මේරියන්ස් පිල සමඟ කටුනායක වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු ද්‍රවිඩ සංගම් පිල කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.මේරියන්ස් පළමු ඉනිම - 204(ඕවර 59.5) මිලින්ද සිරිවර්ධන 76 (චානක වෙලගෙදර 67/4) සහ දෙවැනි ඉනිම - 278 (ඕවර 68.4) මලින්ද පුෂ්පකුමාර 74, ෂාමින්ද එරංග 50 (ජීවන් මෙන්ඩිස් 90/5)ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 345(ඕවර 86) සචිත්‍ර සේරසිංහ 96, මුතුමුදලිගේ පුෂ්ප කුමාර 91, ගිහාන් රූපසිංහ 56 (දිනු ක හෙට්ටිආරච්චි 98/3) දෙවැනි ඉනිම 140/4 (ඕවර 27.5) කාංචන ගුණවර්ධන නොදැවී 52 ජීවන් මෙන්ඩිස් නොදැවී 48(මිලින්ද සිරිවර්ධන 38/3)රාගම පිලට ඉනිමක ජයක්සී.සී.සී.පිල හා රාගම කණ්ඩායම අතර සී.සී.සී. පිටියේ පැවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට රාගම පිල සමත් විය.රාගම පිල පළමු ඉනිම - 491 (ඕවර 106) ඉන්දික ද සේරම් 156, ළහිරු තිරිමාන්න 109, මයිකල් වෙන්ඩෝට් 70, නයන ප්‍රනාන්දු 62(ලසන්ත මනෝජ් 96/3 ,සචිත් පතිරණ 119/3)සී.සී.සී.පළමු ඉනිම - 225(ඕවර 68.1) තරිඳු මෙන්ඩිස් 62(ඉන්දික ද සේරම් 27/3, මාලිංග බණ්ඩාර 36/3)දෙවැනි ඉනිම - 233(ඕවර 57.1) තරිඳු මෙන්ඩිස් 87 , සචිත් පතිරණ 49(මධුර ලක්මාල් පෙරේරා 58/4)නාවික හමුදාව ඉනිමකින් ජය ගනීනාවික හමුදාව හා අන්තෝනියන්ස් පිල අතර වැලිසර පැවැති අන්තර් සමාජ පි‍්‍රමියර් ලීග් ‘බී’ කොටසේ තරගයකින් ඉනිමක හා ලකුණු 19ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත් විය.අන්තෝනියන්ස් පළමු ඉනිම 184 (ඕවර 36) ඩෙන්වර් ෆවුක්ස් 78(උදාර පීරිස් 74/5, සංජය චතුරංග 36/4) සහ දෙවැනි ඉනිම - 96(ඕවර 19.1)නිලූෂාන් නෝනිස් 35(නිශාන්ත වීරක්කොඩි 49/7)- නාවික හමුදාව පළමු ඉනිම - 299(ඕවර 75.1) රනිල් රසාංග 99, උදාර ජයසුන්දර 60(නිරෝෂණ අමරසිංහ 64/4, චතුර රන්දුණු 82/4)යුද හමුදාවට ජයයුද හමුදාව හා බී.ආර්.සී.පිල අතර බී.ආර්.සී. පිටියේ පැවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 72 ක ජයක් හිමිකර ගැනීමට යුද හමුදාව සමත් විය.බී.ආර්.සී. පළමු ඉනිම - 146(ඕවර 54.1) ගිහාන් පෙරේරා 44(එස්.ප්‍රසන්න 41/4, රවීන්දු පල්ලෙගුරුගේ 20/3) සහ දෙවැනි ඉනිම 140 (ඕවර 41.4) නුවන් ලියනපතිරණ 49/5, එස්.ප්‍රසන්න 60/4)යුද හමුදාව පළමු ඉනිම – 358(ඕවර 92.2) අරුණ කරුණාතිලක 97, මොහොමඩ් කෞෂාල් 73, රොෂාන් ජයතිස්ස 50(තාමර අබේරත්න 61/6, මාලන් මධුසංඛ 84/4)මුවර්ස් පිල කඩුලු 3 කින් ජයගනීසිංහ කණ්ඩායම සමඟ මුවර්ස් පිටියේ පැවැති තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් පිල සමත් විය.සිංහ පළමු ඉනිම - 231(ඕවර 64) ශි‍්‍රයාම් සංජීව 44(සුවන්ජී මදනායක 60/5) සහ දෙවැනි ඉනිම - 176 (ඕවර60.1) ළහිරු අසේන් 63(තරංග පි‍්‍රයදර්ශන 46/6)මුවර්ස් පළමු ඉනිම - 239 (ඕවර 77.3) භාතිය පෙරේරා 85 (උමේග චතුරංග 71/6, මධුසංඛ ඒකනායක 53/4) සහ දෙවැනි ඉනිම - 171/7 (ඕවර 38.2) චතුරංග ද සිල්වා 54 (මධුසංඛ ඒකනාක 45/4)සරසන්ස් හා බදුරලිය අතර පැවැති තරගයෙන් බදුරලිය පිල ද, පානදුර පිල සමඟ තරග වැදුණු පොලිසිය ද පළමු ඉනිමේ ජයක් අත්කර ගත්තේ ය..
|
NEWS
|
දිවයිනේ සතර දෙසින් සරසවි 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,200ක් සහභාගි වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළ මැයි මස 2 සිට 12 දක්වා පැවැත්වේ.11 වැනි වතාවටත් පැවැත්වෙන මේ ක්‍රීඩා උලෙළ මෙවර සංවිධානය කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලය යි.මෙවර ක්‍රීඩා උලෙලේදී පිරිමි හා කාන්තා වශයෙන් ක්‍රීඩා 22ක් පැවැත්වෙන අතර සම්පූර්ණ තරග සංඛ්‍යාව 35කි.කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව, යාපනය, රජරට, නැගෙනහිර, සෞන්දර්ය, පේරාදෙනිය, කැළණිය, රුහුණු, වයඹ, සබරගමුව, අග්නිදිග හා ඌව වෙල්ලස්ස යන විශ්වවිද්‍යාල 14 මෙවර ක්‍රීඩා උලෙළට තරගකරුවන් ඉදිරිපත් කර තිබේ.මොරටුව විශ්වවිද්‍යාලය තුළ හා පිටස්තර ක්‍රීඩා පිටි වන සුගතදාස ක්‍රීඩා සංකීර්ණය, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පිහිනුම් තටාකය, හැව්ලොක්ස්, ටොරින්ටන්, ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩාංගණය, පානදුර නගර සභා ක්‍රීඩා පිටිය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩා පිටිය, ජාතික තරුණසේවා සභා ක්‍රීඩා පිටිය හා ගෘහස්ථ ක්‍රීඩාගාරය, ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩා පිටිය, කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය හා කොළඹ ඔරුපැදීමේ සංගම් කී‍්‍රඩා මධ්‍යස්ථානය යන ස්ථානවල තරග පැවැත්වේ. මැයි 2 වැනිදා සමාරම්භක උත්සවය හා මැයි 12 වැනිදා සමාප්ත උත්සවය මොරටුව විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.ක්‍රීඩා උලෙළේ ටෙනිස්, ක්‍රිකට්, රගර් හා කැරම් තරග අප්‍රේල් මාසයේදී පැවැත්වේ. සීමිත ඕවර 50 ක්‍රිකට් තරග හා රගර් තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට සතිඅන්ත පහක පවත්වා අවසන් කරනු ඇත.පාපන්දු, බාස්කට්බෝල්, මාර්ග ධාවන, ඔරු පැදීම, බර ඉසිලීම, බැඩ්මින්ටන්, වොලිබෝල්, බේස්බෝල්, නෙට්බෝල්, පිහිනුම් තරග, මල්ලව පොර, කරාටේ, හොකී, එල්ලේ, ටේබල් ටෙනිස්, චෙස්, ටයිකොන්ඩෝ හා මලල ක්‍රීඩා මෙවර ක්‍රීඩා උලෙළට අයත් අනෙකුත් ක්‍රීඩා වෙති. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ තෙවසරකට වරක්ය. මේ ක්‍රීඩා උලෙළේ මූලිකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා සංගමයයි.පළමු විශ්ව විද්‍යාල ක්‍රීඩා උලෙළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංවිධානයෙන් යුතුව 1980 වසරේදී පැවැත්විණි. ඉන්පසුව මේ ක්‍රීඩ උලෙළ කොළඹ, පේරාදෙණිය, මොරටුව, කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර හා රුහුණු යන ප්‍රධාන විශ්වවිද්‍යාල 6 අතර මාරු කෙරෙමින් පැවැත්විණි.මීට පෙර 1995 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලය විසින් මේ ක්‍රීඩා උලෙළ සංවිධානය කරනු ලැබූ අතර මේ 2013 වසරේදී දෙවැනි වතාවට සංවිධානය කරයි..
|
NEWS
|
[2014-08-23 පෙ.ව 09.30]මධ්‍ය පරිමාණ කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායකයින්ට විශේෂිත ණය වැඩසටහනක් හඳුන්වා දෙයි.ඒ දේශීය කිරිගොවියා නඟා සිටුවීම සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වානිජ මට්ටමේ කර්මාන්තයක් බවට පත්කිරීමේ අරමුණෙනි.මෙහි අවබෝධතා ගිවිසුමට පසුගියදා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍යසංස්ථා බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අත්සන් තැබුවේය.මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කිරි කර්මාන්තය නවීකරණයට අවශ්‍ය ගව නිවාස ලබාදීම, ජල බිංදු තාක්ෂණය, සත්ව ආහාර නිෂ්පාදනය, ජීව වායු ඒකක දියුණු කිරීම ආදී කටයුතු සිදු කෙරෙනු ඇත.
|
NEWS
|
නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් ‘මහා සමයම’ දෘශ්‍ය කාව්‍ය අද (30)සවස 6.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රඟහලේ දී පැවැත්වේ.රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ නිර්මාණයක් වන " මහා සමයම "දෘශ්‍ය කාව්‍යයතුළින් ගෝටයිම්බර හා මහසෝනා අතර ඇතිවූ ගැටුම පිළිබදව කියවෙන දැවැන්ත නාට්‍ය නිර්මාණයකි. මෙහි ශිල්පීන් හා ශිල්පිනියන් දෙසීයකට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායක වේ.රවිබන්දු විද්‍යාපති,චන්න විජේවර්ධන,ශ්‍රියන්ත මෙන්ඩිස්,ජැක්සන් ඇන්තනී,නිශ්ශංක දිද්දෙනිය,කුමාර තිරිමාදුර,ඉන්දිකා උපමාලි,මාදනී මල්වත්ත,චතුරිකා පීරිස් ඇතුළු ප්‍රවින රංගධරයන් රැසක් මෙහි රංගන දායකත්වය සපයයි.මෙහි විශේෂ පෙරහුරුවක් ඊයේ (29) දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුන අතර එම අවස්ථාවටද ප්‍රවීණ රංගධරයන් ඇතුළු ක්ෂෙත්‍රයේ බොහෝදෙනෙකු ද පැමිණ සිටියහ.එම අවස්ථාවේදී අදහස් දැක්වූ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පවසා සිටියේ හොද රසාස්වාදයෙන් යුත් නාට්‍ය කළාවක් ගොඩනැගිය යුතුබවත් මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය කළාවට මෙය දිගුවක් සේ අර්ථ දැක්විය හැකි බවත්ය.ඔපෙරා හා බැලේ නාට්‍ය කළාවන්ගේ මිශ්‍රණයෙන් බිහිවූ නිර්මාණ සංස්කෘතියක් ලෙස මෙය විදහා දැක්විය හැකිබවත් මේ කළාව ඉදිරියට ගෙන යාම සදහා සැමගේම දායකත්වය තමාට ඉදිරියේදීත් අවශ්‍ය බවය. මේ 31 දින සවස 2.30ට පාසල් සිසුන් සදහා දර්ශන පැවැත්වෙන අතර පෙබරවාරි01 හා 02 දිනයන්හීද මහජන දර්ශන පැවැත්වීමට කටයුතු යොදා ඇත..
|
NEWS
|
ඩෙන්මාර්කයේ ටෙනිස් රැජන ලෙස විරුදාවලිය ලත් සුපිරි ක්‍රීඩිකා කැරොලින් වොස්නියැකි සිඩ්නි ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ දී චෙක් රාජ්‍යයේ ලුසී සෆරෝවා හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබ තරගාවලියෙන් ඉවතට විසිවූවාය.ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල කලක් පෙරමුණේ සිටි වොස්නියැකි සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 6-4ක් සහ 7-6ක් වශයෙනි.උරහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් කලක් පිටියෙන් ඉවත්වී සිටි වොස්නියැකි මෙවර සිඩ්නි ජාත්‍යන්තර තරගාවලියට එක්වූයේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට පෙර සූදානමක් වශයෙනි.ඇය සිඩ්නි තරගාවලියට එක්වූයේ පිට පිට 6වැනි වරටය. පසුගිය සතියේ දී සුපිරි ගොල්ෆ් ක්‍රීඩක රොරී මැක්ලොරි සමග විවාහ ගිවිසගත් ඇය සිඩ්නි ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වූයේ ඉමහත් බලාපොරොත්තු සහිතව බව සෆරෝවා හමුවේ පරාජය වීමෙන් අනතුරුව කියා සිටියාය.මේ තරගාවලියේ පළමු වටයේ දී ඇය ජර්මනියේ ජුලියා ජෝජිස් ලකුණු 3-6ක්, 6-2ක් සහ 6-4ක් ලෙස පරාජය කිරීමට සමත්වූවාය.වොස්නියැකී පරාජය කළ සෆරෝවා මීළඟ වටයේ දී සිය රටේහිම ප්‍රතිවාදී ක්‍රීඩිකා පෙට්‍ර ක්විටෝවා සමග තරග වැදීමට නියමිතය. ජර්මනියේ ඇන්ජලික් කර්බර්, අමෙරිකාවේ බෙතානී මැටෙක් සෑන්ඩ්ස්, අමෙරිකාවේ මැඩිසන් කීස්, ස්පාඤ්ඤයේ කාර්ලා සුවාරිස්, බල්ගේරියාවේ ස්වෙටානා පිරොන්කෝවා, ඉතාලියේ සාරා එරානී දෙවැනි වටයේ ජය ලැබූ සෙසු ක්‍රීඩිකාවෝ වෙති..
|
NEWS
|
ශ්‍රී ලංකා බොක්සිං තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවන්ගේ සංගමයේ ලේකම්වරයකු ලෙසත්, සභාපතිවරයකු ලෙසත් අඛණ්ඩව වසර 26 ක් කටයුතු කළ ප්‍රකට බොක්සිං පුහුණුකරුවකු වන ඩොනල්ඩ් මුණසිංහ මහතා බොක්සිං ක්‍රීඩාවේ සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී ඇත.1985 වසරේ සිට බොක්සිං පුහුණුකරුවන්ගෙත් පුහුණුකරු ලෙස කටයුතු කළ ඒ මහතා 1966 වසරේ සිට 2000 වසර දක්වා මෙරට පාසල් බොක්සිං ක්‍රීඩකයන් පුහුණු කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් බිහිකිරිමේලා පුරෝගාමීව කටයුතු කළේය.ඔහු මෙසේ බොක්සිං ක්ෂේත්‍රයෙන් ඉවත්වීමට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය වසරේ ජූනි මාසයේ පැවැති යුද හමුදා අන්තර් රෙජිමේන්තු බොක්සිං තරගාවලියෙන් පසුව ඇතිවූ සිදුවීමක් සම්බන්ධව අතිශය කළකිරීමකට පත්වීම නිසාය.එම තරගාවලියෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී මුණසිංහ මහතා යටතේම පුහුණුව ලැබූ එක්තරා තරග තීරකවරයකු ඔහුට අවිනීත ලෙස බැන වැදී ඇත. තරගාවලියෙන් පසුව පැවැති රාත්‍රී සාදයට ද සහභාගි වූ එම තරග තීරකවරයා බීමත්ව සිටි බැව් වාර්තා වේ.මේ සිදුවීම සම්බන්ධව මුණසිංහ මහතා විසින් ආධුනික බොක්සිං සංගමයට ලිඛිතව පැමිණිලි කළද ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීමට ආධුනික බොක්සිං සංගමය උනන්දු වී නැත.බොක්සිං තරග තීරකවරයකු එම සංගමයෙහිම එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ මුණසිංහ මහතාට මෙසේ අවිනීත ලෙස දෝෂාරෝපණය කිරීම ලිඛිත පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කොට තිබියදීත් ආධුනික බොක්සිං සංගමයේ පරිපාලනය විසින් නොසලකා හරිනු ලැබීම කනගාටුදායක සිදුවීමකි.ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ එම පැමිණිල්ල ආධුනික බොක්සිං සංගමයේ විනය කමිටුවට ඉදිරිපත් කිරීමය. බොක්සිං තේරීමේ කමිටු ප්‍රධානී මෙන්ම විනය කමිටුවේද ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු නියෝජ්‍ය පොලිස්පති ජේ. තංගවේලු මහතා වෙත මේ පැමිණිල්ල ඉදිරිපත් කළ යුතුව තිබිණි.දශක ගණනාවක් මෙරට බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කළ මුණසිංහ මහතා මෙසේ නොසළකා හැරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ මෙරට බොක්සිං ක්‍රීඩාව නඟාසිටුවීමෙහිලා විශිෂ්ට මෙහෙවරක නිරත වූ නිලධාරියකු ක්‍රීඩාවට අහිමි වීමය.මේ පැමිණිල්ල සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ආධුනික බොක්සිං සංගමය අසමත් වීමේ හේතුවෙන් පසුගිය ජනවාරියේ පැවැති ජාතික බොක්සිං සූරතාවලියෙන් පසුව බොක්සිං ක්‍රීඩාවේ සියලු ක්‍රියාකාරකම්වලින් මුණසිංහ මහතා ඉවත් විය. මේ හේතුවෙන් ඒ මහතා පසුගියදා පැවැති බොක්සිං තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවන්ගේ සංගමයේ නිලවරණයට ද සහභාගි වී නැත.50 දශකයේ බොක්සිං ක්‍රීඩකයකු ලෙස පිටියට පිවිසි මුණසිංහ මහතා 1960 වසරේ දී තර්ස්ටන් විද්‍යාලයේ බොක්සිං කණ්ඩායමේ නායකයා ද විය.කලක් ජාතික බොක්සිං කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ මුණසිංහ මහතා ක්‍රීඩාවෙන් ඈත්වීම ක්‍රීඩාවට සිදුවූ විශාල පාඩුවක් බව බොක්සිං පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් සඳහන් කරති..
|
NEWS
|
ශ්‍රී ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පළමු වතාවට හමුවූ ‘ගිරවකුගේ’ හැඩය ගත් පුරාවස්තුවක් යාපහුව පුරාණ විහාරස්ථ රජමහා විහාරයේ ගල්ගුහාවක ගල් දෙබොක්කාවක් තුළදී හමු වී ඇතැයි යාපහුව මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණයේ ප්‍රධාන ගවේශක හා ස්ථානාධිපති රසික බණ්ඩාර මහතා පවසයි.දිගින් අඟල් 18ක් හා පළලින් අඟල් 6ක් වූ කිලෝ දෙකක් පමණ බරැති මෙය රිදියෙන් හා තඹ වලින් නිර්මාණය වී ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.මෙම අති දුර්ලභ පුරාවස්තුව නැරැඹූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය නිමල් ද සිල්වා හා ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාමිණී අධිකාරි මහතුන් ගේ මතය අනුව මෙවැන්නක් ලංකාවේ දී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය යයි ද පෙන්වා දෙන අතර බොහෝ විට 13 සියවසෙහි පරිහරණය කරනු ලැබූවක් විය හැකි යයිද විශ්වාස කෙරේ.පහනකට හෝ කඩුවකට හෝ වෙනත් එවැන්නකට සවිකරනු ලැබූ දෙයක් ලෙසට දැනට විශ්වාස කරන මෙය විටක ඩයිනෝසරස් සත්වයකුගේ හැඩයක් ද පෙන්නුම් කෙරෙතැයි පවසයි.ලේනකුගේ වලිගය මෙන් උඩට නැමී ගිය වලිගය වැනි කොටස දැති දැති වගේ ලියවැලින් සමන්විතය. මුහුණ වක් ගතියකි. කන්වල කුණ්ඩලාභරණ සහිත පළඳනාවක් පළඳා ඇති අතර එය ලම්බකර්ණය.මේ අතර යාපහුව රජමහා විහාරයේ පැරැණි පොකුණ ළඟ තිබී ඇඹරුම් ගලක් වැන්නක්ද හමුවී ඇති බවත් බොහෝවිට එය බෙහෙත් වර්ග සකස් කිරීමට යොදාගත් එකක් විය හැකි බවත් මෙයින් යාපහුව විහාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඉහළ යන බවත් පවසා සිටී..
|
NEWS
|
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම අපේ රට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමකට ලක්වී ඇති බවට මනාව පැහැදිලි යැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජේතිලක මහත්මිය ප්‍රකාශ කරයි.ලොව කීර්තිමත් ජාත්‍යන්තර මට්ටමේ සමුළුවක් වන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා මෙවර ශ්‍රී ලංකාව තෝරා ගැනීම අපේ රටට අතිශයින්ම වැදගත් බව පෙන්වාදෙන ඒ මහත්මිය ශ්‍රී ලංකාවේ වත්මන් යහපත් වාතාවරණය මෙන්ම ඕනෑම සමුළුවක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාව සම්බන්ධයෙන් ලොවටම පැහැදිලි වන බවද පෙන්වාදෙයි.එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ප්‍රධාන වශයෙන් අදියර හතරක් යටතේ පැවැත්වෙන බව සදහන් කරන ලේකම්වරිය රාජ්‍ය නායක සමුළුවට අමතරව ව්‍යාපාරික සමුළුව, මහජන සමුළුව සහ තරුණ සමුළුව ආදිය වශයෙන් අදියර කිහිපයක් යටතේ පැවැත්වෙන බවද එහිදී ව්‍යාපාරික සමුළුව අපේ රටට ඉතාම වැදගත් අවස්ථාවක් බවද කියාසිටී.මේ අතර ඒ මහත්මිය පෙන්වාදෙන්නේ සංවර්ධනය කරා ගමන්කරන අපේ රටට විදේශීය ආයෝජන සහ වෙළෙඳ ගණුදෙනු වැඩි වැදගත්කමක් ගන්නා බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමඟාමීව පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවේදී මේ අවස්ථාව ශ්‍රී ලංකාවට ළඟා කරගත හැකිවනු ඇති බවත්ය.මේ වෙනුවෙන් දේශීය සහ විදේශීය ආයෝජකයන්, ව්‍යාපාරිකයන් 1,000 කට වැඩි ප්‍රමාණයක් සහභාගි වීමට නියමිත අතර විදේශීය නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා මෙහිදී ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාවනු ඇත..
|
NEWS
|
ඉදිරි අය වැය සඳහා ඡන්දය ලබා නොදීමට ජාතික හෙළ උරුමය කිසිදු තීරණයක් ගෙන නොමැති බව එහි නායන ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. ආසනික් ගැටලුව සම්බන්ධයෙන් රජය සමග ඉදිරියේ දී සාකච්ඡා කර ඒ පිළිබඳ රජයේ වැඩි අවධානයක් යොමුකර වීමට ජාතික හෙළ උරුමය බලාපොරොත්තු වන බවද හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිනමිණ ට ප්‍රකාශ කළේය..
|
NEWS
|
විද්‍යාඥයන් හය දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් සේද මාර්ගයේ ප්‍රධානම තොටුපළක්ව තිබූ හා පැරැණිම ඓතිහාසික වරායක් වූ අම්බලන්තොට ‘ගොඩවාය’ වරායේ පුරාවිද්‍යා ගවේෂණය අද (08) ආරම්භ කෙරිණි.මේ සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වයන් යුනෙස්කෝව හා නෙදර්ලන්ත රජය ලබාදී ඇත.මෙවර සිදු කෙරෙන ගවේෂණය සඳහා ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව යන රටවල මුහුදු පුරාවිද්‍යාඥයන් හය දෙනකුද ලාංකික ගවේෂකයන් සමග එක්වීමට නියමිත අතර එකී පිරිසට යුනෙස්කෝව හා නෙදර්ලන්තය මූල්‍ය අනුග්‍රහයන් දක්වයි.මේ ගවේෂණය ප්‍රථම අදියර දෙසැම්බර් 8 දින සිට 16 දින දක්වා සිදු කිරීමට සියලුම කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලාංකික මුහුදු පුරාවිද්‍යා ඒකකය පැවැසීය. අපේ සමුද්‍ර පුරාවිද්‍යා පිරිස මෙයට පෙර සිදු කළ මූලික ගවේෂණයේදී ආසියාවේ පැරැණිම නැවක කොටස් සොයා ගැනිණි. බොහෝ විට මේ නැව ලාංකික නැවක් විය හැකි බවටද ඉඟි කර ඇත.දෙවන වරට සිදු කෙරෙන මෙකී ගවේෂණ කටයුතුවල සමාරම්භක උළෙලට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වෙති..
|
NEWS
|
මහනුවර මහ රෝහලේ දී පසුගියදා උපත ලද පස්නිවුන් දරුවන් අතරින් එක් දරුවකු ඊයේ (1) මියගොස් ඇත.පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සිටියදී මේ දරුවා මියගොස් තිබේ. පිරිමි දරුවකු වන මේ දරුවාගේ අවසන් කටයුතු මඩවල ජුම්මා පල්ලියේදී ඊයේ (01) පස්වරුවෙම සිදුකෙරුණි. මේ වන විට දරුවන් තිදෙනෙකු මහනුවර මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේද එක් දරුවෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ද ප්‍රතිකාර ලබමින් සිටිති..
|
NEWS
|
අවු.16න් පහළ පළමු කොටසේ දීප ව්‍යාප්ත රගර් තරගාවලියේදී මහනුවර ධර්මරාජ හා ත්‍රිත්ව විදුහල් සම ශූරතා අත්කර ගැනීමට සමත්වුහ. අවසන් තරගයේදී කණ්ඩායම් දෙකම ගෝල් 12 බැගින් රැස්කර තිබිණි.තරගාවලියේ ප්ලේට් ශූරතාව සඳහා මහනුවර සාන්ත අන්තෝනි විදුහල සහ වෙස්ලි විදුහල තරග වැදුණි. එහිදී අන්තෝනි විදුහලට ගෝල් 7-0ක ජයක් හිමිවිය. බෝල් කුසලානය කොළඹ ලලිත් ඇතුලත්මුදලි විදුහල ගෝල් 17-0කින් පරාජය කළ කොළඹ රාජකීය විදුහලට හිමිවිය.පිළියන්දල මැදි මහ විදුහල ගෝල් 5-0කින් මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල පරාජය කරමින් තරගාවලියේ ෆීල්ඩ් කුසලානය දිනාගත්තේය..
|
NEWS
|
අම්මගේ හිතේ තිබුණේ 25 වෙනිදා සෝමාවති වඳින්න යන ගමන ගැනමයි. එදත් උදෙන්ම සුදු රෙදි ටික අරගෙන ගිහින් තියෙනව හෝදන්න. බස් එක අයිතිකෙනාටත් කියල තියෙනව ඉස්සරහ ෂීට් එක ඕනෑ කියල. “අනේ.... ඒත්... අම්ම හෝදල වනල තිබුණෙ එක හැට්ටයක් විතරයි” යනුවෙන් පවසමින් තම මවගේ නිසල දේහය අසල ඇගේ වැඩිමහල් දියණිය වන ඩී. එල්. ප්‍රියනන්දනි (අවු. 43) හඬා වැටුණාය.බණ්ඩාරගම කනත්තගොඩ, 315 දරන නිවසේ පදිංචිව සිටි ඇය අනාරක්ෂිත වළකට වැටීම නිසා අවසන් හුස්ම හෙළුවාය. මෙම අවාසනාවන්ත ඉරණම අත් වූයේ ඇම්. අශෝකා පෙරේරා (අවු. 62) දෙදරු මවකටය.අශෝකා සහ ඇගේ සැමියා වන ඩී. එල්. සිරිසේන මහතා (75) ප්‍රියනන්දනි හා බාල දියනියගේ නිවෙස්වල දිවි ගෙවූහ. සිද්ධිය වූ ජුනි 07 දා මෙම දෙදෙනා සිටියේ ප්‍රියනන්දනි ළඟය. ඇය දිය නෑමට ගිය වළ තිබුණේ නිවසේ සිට කි. මි’. 1/2 ක් පමණ දුරක වූ පාලු ප්‍රදේශයකය.අක්කර දෙකක පමණ වන විශාල කඳු ගැටයක පස් කපා ඉවත් කිරීම නිසා එම හිස් භූ®මියේ පස් ගැනීමෙන් ඇතිවූ වතුර පිරුණ වළක ඇය දිය නෑමට පුරුදුව සිටියේය. මෙම කුඩා වළේ ආරක්ෂිත වැටක් හෝ ජලය ගැනීමට ක්‍රමවත් ලෙස සැකසූ කොටයක් හෝ නොයොදා සමහර දෙනා නෑම, රෙදි සේදීම වැනි කටයුතු කළහ.අශෝකා වැටී සිටියේ මෙම වළටය. ඇය රෙදි ටිකද රැගෙන එදින 10 ට පමණ තනිවම නිවසින් පිටත්ව ගිය අතර සේදීමට ලැබුණේ එක් හැට්ටයක් පමණි. දහවල් 1.00 ට පමණ ඇය වළට වැටී සිටි බව එම හිස් ඉඩමේ සරුංගල් අරින්නට ගිය අසල්වැසි ළමයකු පැවසීමෙන් නිවෙසේ අය සහ ගම්වැසියන් පැමිණ පොලිසියට දැනුම් දී සිරුර ගොඩ ගැනීමට කටයුතු සිදු කෙරිණ.වාවාගත නොහැකි ශෝකයෙන් පසුවූ ප්‍රියනන්දනී මෙසේද පැවසුවාය. මට මහන්සිය හැදෙනව. අම්මට හරි දුකයි මං වැඩ කරල මහන්සි වෙනවට. අම්ම යන්නෙ ඔය ළිඳටමයි නාගන්න.එතන රෙදි හෝදල වේලගෙනම එනව. ගිය මාසෙ යාපනේ ගිහිල්ලත් අම්මව වැවක නාන කොට වතුරෙ යන්න ගිහිල්ල පිරිමි ළමයෙක් බේරා ගත්ත කිව්ව. අම්ම අපට විතරක් නොමෙයි ගමේ කාටත් හරිම කරුණාවයි.ඩී. එල්. සිරිසේන මහතා, අනේ සත්තුන්ට පුදුම ආදරයක් තිබුණෙ එයාගෙ. හැම තිස්සෙම බඩට නොකා පාරෙ ඉන්න බල්ලන්ට බත් ටික ගිහින් දෙනව. මගේ වැඩත් සේරම කරනවා. දැන් ඉතින් මං තනිවුණා.ඔහු සුසුම් හෙළයි. ඇයට අවසන් ගෞරව දැක්වීමට බොහෝ දෙනා වැළ නොකැඩී එති.තවත් අහිංසක ජීවිතයක් අකාලයේ විනාශ වීමට පෙර හිතුවක්කාර පරිසර දූෂකයන් විසින් අනාගතයට ඉතිරි කරන ලද මෙවැනි අනාරක්ෂිත වතුර පිරුණු වළ වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අශෝකාගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කළ හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා පොලිසියට නියෝග කළේය.හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. ජී. බන්දුල මහතා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ අතර මොරගහහේන පොලිසියේ පො. කො. ජයන්ත (41126) විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කෙරිණි.ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා හා සාක්ෂි අනුව මෙම මරණය දියේ ගිලීම නිසා හුස්ම ගැනීමට සිදුවූ අපහසුතාවය මත සිදු වූවක් බව සුමේධ ගුණවර්ධන මහතා තීරණය කළේය.
|
NEWS
|
වසර 40කට අධික කාලයක් තිස්සේ වැලිවේරිය පොලිස් වසමේ වැලිවේරිය හා අවට ප්‍රදේශයන්හි මහා පරිමාණයෙන් කසිප්පු ව්‍යාපාරයේ යෙදුණු එකම පවුලේ පිය පුතු දෙදෙනකු එම ව්‍යාපාරයෙන් සඳහටම ඉවත්වන බවට වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් . කේ. උපාලි මහතා හමුවී පොරොන්දු වූහ.මේ දෙදෙනාම ව්‍යාපාරයෙන් ඉවත් වූ නිසා ඔවුනට තම ජීවනෝපාය කරගෙන යෑමට ස්වයං රැකියාවක් ලෙසට වැලිවේරිය නගරයේ පලතුරු වෙළදාම් කිරීම සඳහා වෙළඳ සලක්ද පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපත් වී ලබා දුන්හ.මේ සඳහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක හා ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ අනුග්‍රයද ලැබිණි.මේ පලතුරු වෙළඳසල ගම්පහ පොලිස් අධිකාරී විජිත . ඩී. කොමසාරු මහතා විසින් පසුගිය දා විවෘත කළ අතර එම අවස්ථාවට වැලිවේරිය ශ්‍රී පුර්වාරාමාධිපති සිනාදි සිවු කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක වැලිවේරියේ අනෝමදස්සී නාහිමියෝද වැලිවේරිය ශාන්ත අන්තෝනි දේවස්ථානය භාර ලක්ප්‍රිය නෝනිස් පියතුමාද වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් . කේ. උපාලි මහතාද සහභාගීී වූහ .ඡායාරූපය - මල්වාන සමූහ.
|
NEWS
|
හැඳල-හේකිත්ත යනු ඩෙංගු මදුරු වසංගතයට වැඩි ප්‍රවනතාවයක් ඇති ජනාකීර්ණ ප්‍රදේශයකි.මේ ප්‍රදේශයේ කානු පද්ධතිය මැසි මදුරුවන්ගේ වර්ධනයට තෝතැන්නක් වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. වත්තල ප්‍රාදේශීය සභාවේ පරිපාලනයට අයත්වන මේ ප්‍රදේශයේ කානු පද්ධතියේ (විශේෂයෙන් වැලි අමුණු කාපට් පාරේ) ජලය එක්රැස් වී පවතී.කිසිදා ගලා නොයන කිසිදා නොසිදෙන මේ කානු නිසා මේ ප්‍රදේශයේ ජීවත්වන දරු පවුල්වල සෞඛ්‍ය තත්ත්වයට තර්ජන එල්ලවී තිබේ. මේ පිළිබඳව වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ අවධානය යොමුවේවායි ප්‍රදේශවාසීහු පවසති..
|
NEWS
|
රුපියල් පනස් දහසක මුදලක් තම පෞද්ගලික බැංකු ගිනුමේ තැන්පත් කළ විට මාස තුනක් ඇතුළත රුපියල් ලක්ෂ දහයකට අඩු මුදල් ප්‍රමාණයක් අඩු පොලියට ලබාදිය හැකි බව පවසමින් දිවයිනේ විවිධ පළාත්වල බොහෝ දෙනෙකු රවටා රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් සාපරාධි ලෙස වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුචිර වැලිවත්ත මහතාට දන්වා සිටියේය.මේ සැකකරුට එරෙහිව මාතර, බදුල්ල සහ පානදුර මහේස්ත්‍රාත් අධිකරණවලද නඩු පවති.පානදුර අධිකරණයේ පවතින නඩුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කළුතර බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටියේය. සැකකරුට විරුද්ධව පානදුරේ සංඝානන්ද මාවතේ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත..
|
NEWS
|
පදවිය රක්ෂිතයට අයත් බෝගස්වැව ,වෙහෙරතැන්න,නාමල්ගම ඇතුළු කැළෑ ප‍්‍රදේශවල මහා පරිමාණයෙන් දැව ජාවාරම් සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.පළු , බුරුත ,කළුවර ,මිල්ල වැනි වටිනා ගස් කපා කොට වශයෙන් හා ලෑලි වශයෙන් ද ප්‍රවාහනය සිදුවන බව පවසන ගම් වැසියන් මේ පිළිබඳ පදවිය හා වවුනියාව වන නිලධාරීන් දැණුවත් කළත් කිසිදු වැටලීමක් සිදු නොවන බවද සාමාන්‍ය පරිදි දැව විනාසය සිදුවෙමින් පවතින බවද ගම්වාසීහු පවසති.කැළෑව ආසන්නයේ ඇතැම් නිවාසවල ඉරන ලද ලෑලි ගොඩ ගසා තිබෙන අයුරු තමන් නිරීක්ෂණය කර ඇති බවත් දිනක් හෝ දෙකක් මේ අයුරින් තිබෙන ලෑලි රාත්‍රී කාලයේ ප්‍රවාහනය සිදුවන බවත් ඔවුහු සඳහන් කරති.ලොරි රථ හා ට්‍රක් රථ මඟින් දැව ප්‍රවාහනය සිදුවන බව පවසන ගම්වැසියන් යාපනයේ දැව ගැණුම්කරුවන් වෙත මේ දැව සපයන බවට තොරතුරු දැන ගන්නට ඇතැයි පවසති. නැවත පදිංචි කිරිම් සිදු වෙද්දී උපක්‍රම ශීලීව ක්‍රියාත්මක වන ජාවාරම් කරුවන් දැව විනාශය සිදුකරන බවද වාර්තා වේ.මේ විනාශය පිළිබද වන නිලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන ගම් වැසියන් දැන්වත් ක්‍රියාත්මක වී වටිනා ගහ කොළ රැක ගන්නා ලෙසද ඉල්ලා සිටිති..
|
NEWS
|
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පයාගල හිරිගල්ගොඩැල්ල පදිංචි ඕ. ඩී. ධර්මපාල හා බී. ඩී. ගුණවතී යන දෙපළගේ පුතු වූ රවීන්ද්‍ර අනුජීව ආබාධිත තත්ත්වයේ පසුවන තරුණයෙකි.අබලන් වූ නිවෙසේ රෝගාතුර සැමියා හා ආබාධිත පුතණුවන් රැකීමට රවින්ද්‍රගේ මව ගුණවතී ගන්නා වෙහෙස අපමණ ය. ඇය ඒ ගැන මෙසේ කීවාය.වැස්ස දාට නිවෙසේ වහළ තෙමෙනවා. නිවෙස පිහිටා තිබෙන්නේ කන්ද උඩක නිසා වතුර අදින එක හරිම කරදරයක්. පුතාට තිබිච්චි කිහිළි කරු දෙකත් කැඩිලා රෝද පුටුව දිරලා ඒකෙන් එහාට මෙහාට යන්නත් බැහැ.රෝද පුටුවක් හෝ කිහිළිකරු දෙකක් දෙනවා නම් ලොකු දෙයක්. ඡන්ද කාලෙට ඇවිත් එක එක අය ගේ හදලා දෙනවා කියනවා. රෝද පුටුවක් දෙන්නම් කියනවා. ඒත් කව්රුවත් උදව් කළේ නැහැ.පුතා දර කපන්න ගිහින් ගහෙන් වැටිලා මේ තත්ත්වයට පත් වුණේ. බෙහෙත් කරන්න මුදල් නැහැ.මේ පවුලට උපකාරයක් කළ හැකි අයකු වේ නම් එය මහගු පිනක් බවද ඇය අවසානයේ දී පැවැසුවා ය..
|
NEWS
|
38වැනි ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව ඌව පළාත් නෙට්බෝල් සහ හෑන්ඩ්බෝල් ශූරතාවලිය පසුගියදා මොනරාගල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහිදී මේ ශූරතා ද්විත්වයම දිනාගැනීමට මොනරාගල දිස්ත්‍රික් පිල සමත්විය. අනුශුරතාව බදුල්ල දිස්ත්‍රික්කයට හිමිවිය. නෙට්බෝල් ශූරතාව දිනූ මොනරාගල ක්‍රීඩිකාවෝ..
|
NEWS
|
ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ පළමු වටය නිමා වෙද්දී වැඩිම ගෝල්ලාභියා ලෙස පෙරමුණ ගැනීමට යුද හමුදාවේ මොහොමඩ් ඉසෙදීන් සමත්ව සිටී. ඉසෙදීන් නිමාවු දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදීද ගෝල් 4ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ගෝල් ලබාගත් ක්‍රීඩකයාද වේ.චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ පළමු වටයේදී මොහොමඩ් ඉසෙදීන් ගෝල් 11ක් ලබා සිටින අතර ඔහුට පසුපසින් ඇත්තේ කොළඹ ක්‍රීඩා සමාජයේ ජෙඩිබර් ෆ්‍රෑන්ක් හා බෙඩ්රික් දිමිත්‍රි ගෝල් 8ක් වාර්තා කරමිනි. මේ දෙදෙනාම විදේශීය ක්‍රීඩකයන් වෙති.ෆ්‍රෑන්ක් නයිජීරියානු ජාතිකයකු වන අතර දිමිත්‍රි කැමරූන් ජාතික ක්‍රීඩකයෙකි.මේ දෙදෙනාට පසුව චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේදී ගෝල් 6බැගින් ක්‍රීඩකයන් පස්දෙනෙකු ලබා සිටින අතර බ්ලූස්ටාර් පිලේ අෆීස් ඔලියාම්, රත්නම් පිලේ මුරුගන් යෝගරාජ, දොන් බොස්කෝ පිලේ ප්‍රියංකර සිල්වා, පෙළිකන්ස් ක්‍රීඩා සමාජයේ ධම්මික නන්දසිරි හා සිවිල් ආරක්ෂක බළකායේ අනුෂ්ක ජයශාන් එම ක්‍රීඩකයන් වෙති.ගෝල් 5 බැගින් සොලිඩ් ක්‍රීඩා සමාජයේ ශානක ප්‍රබෝද්, අප් කන්ට්‍රි ලයන්ස් පිලේ නිරංජීව රාජපක්ෂ හා නාවික හමුදා පිලේ සමන් චතුරංග ලබා සිටිති.චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ දෙවැනි වටය අද සිට ආරම්භ වන අතර තරගාවලිය අවසානයේ වැඩිම ගෝල් වාර්තා කළ ක්‍රීඩකයාට ‘ගෝල්ඩන් බුට්’ සම්මානය ප්‍රදානය කරයි.අවසන් වරට පැවැති ප්‍රධානමත අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේදී වැඩිම ගෝල්ලාභියා ලෙස ‘ගෝල්ඩන් බුට්’ සම්මානය හිමි වුයේ ද මෙවර දැනට ඉදිරියෙන්ම සිටින යුද හමුදාවේ මොහොමඩ් ඉසෙදීන්ටය. .
|
NEWS
|
ජනවාරි මස 08 වන දින පැවැත්වීමට නියමිතව තිබූ තාක්‍ෂණ නිලධාරි අදියර 4 පරීක්‍ෂණය නොවැළැක්විය හැකි හේතුවක් මත ලබන ජනවාරි මස 30 වන දිනට කල් තැබූ බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.එහෙත් මෙයට අදාළව සංවිධානය කරන සම්මන්ත්‍රණය සහ වැඩමුළුව ලබන මස 15 සහ 16 යන දිනයන්හිදී කොළඹ 07, ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබේ..
|
NEWS
|
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කෙටි සීමා පිහිනුම් තරගාවලියේ ජාතික සූරතා දෙකම මෙවර මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් දිනා ගනු ලැබීය.මේ තරගාවලියේ අනුසුරතාවන් දෙකම කොළඹ විශාඛා විද්‍යාලය විසින් දිනා ගනු ලැබීය. කනිෂ්ඨ ජාතික පිහිනුම් තරගාවලිය කොළඹ ඩී. එස්. සේනානායක විදුහල් පිහිනුම් තටාකයේදී හා ජ්‍යෙෂ්ඨ ජාතික පිහිනුම් තරගාවලිය මහනුවර හිල්වුඩ් විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්විණි..
|
NEWS
|
ගණේමුල්ල දුම්රිය මගී සංගමයේ නිලවරණය වසර දෙකකින් තබා නැතැයි මගීහු පවසති.මගීන් හට ගැටලු රැසක් ඇතත් ඒවා විසඳා ගැනීමට මගී සංගමය රැස්විය යුතුයි.නිලධාරීන් තනතුරු ලබා ගෙන නිහඬව සිටීමමෙන් ගැටලු වලට පිළියන් යෙදෙන්නේ නැත.දිනකට දහස් ගණනක් මගීන් ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රියේ ගමන් කරති.ඔවුන්ගේ ගැටලු වලට පිළියම් ලබා ගැනීමට දුම්රිය මගී සංගමයේ නිලධාරීන් ඉදිරිපත් විය යුතුය.මෙම මගී ගැටලු පිළිබඳව ගණේමුල්ල දුම්රිය මගී සංගමයේ සභාපති අනුර දසනායක මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ හැකි ඉක්මනින් මහා සභාවක් රැස් කොට දුම්රිය මගීන්ගේ ගැටලු වලට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි.මෙය සිහිනයක් නොවී මහ සභාවක් රැස් කොට සාමාජික සංඛ්‍යාව වැඩි කොට මගී ගැටලු වලට පිළියම් ලැබුණහොත් සංගමය කීර්ති නාමයට පාත්‍රවනු නොඅනුමාන යැයි මගීහු පවසති..
|
NEWS
|
බණ්ඩාරගම-මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප්‍රදේශයට අයත් මාදම්පේ ශ්‍රී සුචරිතවර්ධන ආරාමයේ පවත්වාගෙන යනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුව මගින් ප්‍රදේශයේ වැඩිහිටියන් වෙනුවෙන් දහම් පාසලක් පසුගියදා ආරම්භ කෙළේය.ශ්‍රී සුචරිතවර්ධන ආරාමාධිපතිනි දාපනේ ධර්මා සුමනපාලී මෙහෙණින් වහන්සේගේ අනුශාසනා පරිදි මේ දහම් පාසල ආරම්භ කරන ලදී. සෑම සිකුරාදාම සවස 2.30 සිට සවස 5.00 දක්වා දහම් පාසල පවත්වාගෙන යෑමට කටයුතු යොදා තිබේ.වැඩිහිටියන්ට ධර්ම අවබෝධයක් ලබාදී ඒ අනුව ජීවිත හැඩගස්වා ගැනීමටත් දූ දරුවන් සමඟ සුහදව ජීවත්වීමට මඟපාදාදීම මෙහි පර්මාර්ථය වේ..
|
NEWS
|
ජලය බැස යෑමේ ප්‍රධාන ඇළ මාර්ග අවහිර වීම නිසාත් ජලජ පැළෑටි වර්ධනය වීමත් නිසා සරු අස්වනු ලබාගත් පයාගල මුණසිංහගොඩ අමන්දමුල්ල වෙල්යාය පුරන් වී තිබේ.බේරුවල මැතිවරණ කොට්ඨාසයට අයත් අංක 741 ග්‍රාම නිලධාරි කොට්ඨාසය මුල්කර ගනිමින් අක්කර 45ක පමණ පුරා විහිදී ඇති මෙම වෙල් යායේ දැනට වසර කිහිපයක සිට ගොවිතැන් කිරීම නවතා දමා ඇත.සුනාමියත් සමඟ ඇළ මාර්ග ගොඩවූ බවත්, ඒ සමඟ පැමිණි ආගන්තුක ශාඛ විශේෂයක් කුඹුරු ආක්‍රමණය කළ බවත් ගොවීහු පවසති.මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඒරොන් සිංඤෝ මහතා මෙසේ පැවසීය.“මේ වෙල් යාය හොඳටම අස්වනු ගත්ත යායක්. සුනාමිය ආපු දා ඉඳන් තමයි මේ විනාශය වුණේ ඇළ මාර්ග ටික විනාශ වුණා. ඒ මදිවට අපි අඳුනන්නෙ නැති ගස් ජාති මේ යායේ පැළ වුණා. ඒවා හරි ඉක්මනට පැළවෙලා විශාල ගස් බවට පත්වුණා.ඇළ මාර්ග ටික ශුද්ධ කරලා යාය සකස් කරලා දෙනවානම් ගොවියො වගා කරනවා. යාය හදා ගන්න ගොවියන්ට හයිය නැහැ. පහුගිය දවස්වල අඩි දාහක් විතර ඇළ මාර්ගය ශුද්ධ කළා. ඒත් ඒ මදි. නියම විදියට සම්පූර්ණ ඇළ මාර්ග ටික ශුද්ධ කරන්න ඕනෑ.”එම්.අමරදාස මහතා ද මෙසේ කීය :-“ඒ දවස්වල රත්මඩල, මුරුංගා හන්දිරන්, හේරැස් බණ්ඩා වගේ වී වර්ග මේ යායේ සරුවට හැදුණා. දැන් යාය විනාශ වුණ නිසා මිනිස්සු වගා කිරීම නැවැත්තුවා.කුලිය දීලා යාය ගොඩගන්න ගොවියන්ට බැහැ. වැඩ කුලී හරි වැඩියි.පහුගිය කන්නයේ මිනිස්සු ටික දෙනෙක් ගොවිතැන් කළා. ඒ වගේ අනිත් ගොවියොත් වැඩ කරයි වෙල් යාය ශුද්ධ පවිත්‍ර කළොත්. කෘෂිකර්ම මහත්තුරු මේකට මැදිහත් වෙන්න ඕනා.”.
|
NEWS
|
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ රුපියල් කෝටි ගණනක මුල්‍ය වංචාවක් සම්බන්ධව විදේශ රටක සිට පැමිණිල්ලක් රහස් පොලිසියට ලැබී තිබේ.එම මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රබලයන් සිවුදෙනෙක් මුල්‍ය වංචාවට සම්බන්ධව බවට නම් කර ඇත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට විවිධ අංශවලින් ලැබුණු රුපියල් කෝටි ගණනක මුදලක් එම ව්‍යාපාරයේ කිහිප දෙනෙක් පමණක් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බව මේ පැමිණිල්ලේ සඳහන්ය.මේ අතර එම මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස සිටි පුද්ගලයා ඉල්ලා අස්වී තිබේ. ඒ වෙනුවට වෙනත් කාන්තාවක් එම තනතුරට පත් කර ඇත. පත්වූ එම කාන්තාව පසුගිය යුද සමයේදී කළු කොටි තරුණයන් අගයන වැඩසටහනක් සකස් කර රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන පෞද්ගලික නාලිකාවකින් ප්‍රචාරය කර තිබේ.පැමිණිල්ල සම්බන්ධව රහස් පොලිසිය ළඟදීම පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරගෙන යයි..
|
NEWS
|
පාකිස්තාන පිටදඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි බවත්, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් අයි. සී. සී. නීතිරීතිවලට අනුකූල බවත්, තහවුරු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් පසුගියදා පියවර ගත්හ.ආන්දෝලනයකට තුඩු දුන් මේ සිදුවීමට ආසන්නතම හේතුව වූයේ අයි. සී. සී. ය විසින් පන්දු යවන්නන්ට නියම කරනු ලැබූ නියමිත අංශක 15 ට වඩා වැඩිපුර සිය පන්දු යැවීමේ ඉරියව් වෙනස් කිරීමට අයි. සී. සී. යෙන් ඔහුට විශේෂ අවසරයක් ලැබූ බව සඳහන් කිරීමේ හේතුවෙනි. නමුත් මේ පිළිබඳව අයි. සී. සී. ය හා පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු ප්‍රකාශ කළේ අජ්මාල් එමඟින් අදහස් කරනුයේ ඔහුගේ අත නොව වැලමිට දිගහැරීම පිළිබඳව වන බවය..
|
NEWS
|
මාලදිවයිනේ පැවැති ලෝක කුසලාන කැරම් තරගාවලියේදී පදක්කම් 5ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.එහිදී චමිල් කුරේ රන් පදක්කමක් දිනාගත් අතර කාන්තා/පිරිමි කණ්ඩායම් රිදී පදක්කම් හා කාන්තා/පිරිමි යුගල තරගවල ලෝකඩ පදක්කම්ද ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත්තේය.ස්විස් ලීග් තරගාවලියේ සහභාගිවූ තරග 7ම ජයගැනීමට චමිල් කුරේ සමත්විය. චමිල් කුරේ රන් පදක්කම හිමිකරගනිද්දී රිදී හා ලෝකඩ පදක්කම් ඉන්දියානු ක්‍රීඩකයන් සතුවිය. එම තරගාවලියේ 5වැනි ස්ථානය නිශාන්ත ප්‍රනාන්දුටත්, 6වැනි ස්ථානය මොහොමඩ් සහීඩ්ටත් හිමිවූහ.කාන්තා හා පිරිමි කණ්ඩායම් අවසන් තරගවලදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජය පත්විය. පිරිමි තරගයෙන් ඉන්දියාව ජයගත්තේ වට 3-0කිනි. එහි තෙවැනි ස්ථානය බංග්ලාදේශයට හිමිවිය. කාන්තා තරගයේ තෙවැනි ස්ථානයට මාලදිවයින සතුවිය.තෙවැනි ස්ථානය සඳහා පිරිමි තරගය චමිල් කුරේ/නිශාන්ත ප්‍රනාන්දු සහ මොහොමඩ් සහීඩ්/එම්.ටී.එම්.හිල්මි අතරේ පැවැත්විණි. ඉන් වට 2-1ක ජයක් හිමිකර ගැනීමට චමිල් හා නිශාන්ත සමත්විය. ලකුණු තත්ත්වය වූයේ 25/4, 23/25 හා 25/0කි.කාන්තා යුගල තෙවැනි ස්ථානය සඳහා වූ තරගයෙන් ජෝශප් රොසිටා හා චලනි ලක්මාලි 25/12 හා 25/23ක් ලෙස ඉන්දියානු ක්‍රීඩිකාවන් පරාජයට පත් කළහ. එහි රන් හා රිදී පදක්කම් ඉන්දියානු ක්‍රීඩිකාවෝ දිනාගත්හ.
|
NEWS
|
ත්‍රස්තවාදී ගැටුම් සමයේ උතුරු නැගෙනහිර පෙදෙස්වල දී බිම්බෝම්බවලට හසු වී පාද අහිමිව රාගම රණවිරු සෙවණේ පසුවන සියලු දෙනාට කෘත්‍රිම පාද සැපයීමේ සද්කාර්යයට දායකත්වය දැරීමට කොළොන්නාව රොටරි සමාජය ඉදිරිපත්ව සිටී.එක් පාදයක් හා පාද දෙකම අහිමි වූ රණවිරුවන් දෙදහසකට කෘත්‍රිම අවයව නිෂ්පාදන අංශයෙන් මේ වන විට පාද සපයා ඇති අතර දෙසීයකට සමීප සංඛ්‍යාවක් කෘත්‍රිම පාද අපේක්ෂාවෙන් සිටී.රොටරි සමාජයේ නව සභාපති ඊ. කේ. ගමගේ මහතා රණවිරු සෙවණට ගොස් එහි අභ්‍යන්තර දුරකථන ඇමතුම් ජාලයක් ද සවිකරවීමට ක්‍රියා කෙළේය. පාද දෙකම අහිමි රණවිරුවනට පහසුවෙන් පරිහරණය කළ හැකි වැසිකිළි පෝච්චි අවශ්‍ය ප්‍රමාණය සැපයීමට ද පොරොන්දු වීය. ඉන් කොටසකට මුල්ලේරියාව නව නගරයේ දී පැවැති උත්සවයක දී එම පෝච්චි පිරිනැමුවේය.කොළොන්නාව රොටරි සමාජයේ ආරම්භක සභාපති ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ ජනාධිපති උපදේශක ආචාර්ය බඳගිරියේ සෝමවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ කටයුතු සිදු විය..
|
NEWS
|
ලංගම බස් රථ, යුද හමුදා වාහන හා වෙනත් ආයතනවල රථවලින් ඉන්ධන ලබාගෙන විකුණු කල්ලියක තිදෙනෙකු සමඟ විකිණීමට සූදානම් කළ ඉන්ධන තොගයක් හා ලොරි රථයක් නුගේගොඩ හදිසි ඇමතුම් අංශය මගින් පෙරේදා (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. බස් රථ හා වෙනත් ආයතනවල රථ රියැදුරන් විසින් ඉන්ධන විකිණීමේ ජාවාරම කලක සිට සිදුකළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව නුගේගොඩ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අය වෙති. චෛනා හාබර් සමාගමට අයත් එල්. එච්. 1625 ටාටා වර්ගයේ ලොරියකින් එහි රියදුරා ඩීසල් ලීටර් 85 ක් ඇද අතුරුගිරියේ නිවාස දෙකකට ලබාදෙන අවස්ථාවේ පොලිසිය විසින් වටලා අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. එම රථ රියදුරා හා ඩීසල් තොගය මිලදී ගත් නිවෙස් හිමියන් දෙදෙනා සහ ඩීසල් ලබාගත් ලොරි රථය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මේ ප්‍රදේශයේ ගල්කොරියක රැකියා කරන පුද්ගලයන් විසින් ගල්කොරියේ අවශ්‍යතා සඳහා මෙසේ හොරට විකුණන ඉන්ධන ලබාගෙන තිබෙන බවට හෙළිව ඇත.මේ අනුව ලංගම බස් රථ රියදුරන් හා යුද හමුදා රථවලින් ඉන්ධන ඇද මොවුන්ට විකුණන බව අත්අඩංගුවට පත්වූවන් හෙළිකර තිබේ. ඉන්ධන ලබාගන්නා රථවල රියදුරන් ලෙස අතුරුගිරිය හා අවට ප්‍රදේශයේ පුද්ගලයන් කටයුතු කරන බවත් ඔවුන් මේ අයුරින් ඉන්ධන විකිණීමේ ජාවාරමට එක්වී සිටින බවත් පොලිසිය පවසයි.ඉන්ධන විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත් ලොරි රථ රියදුරා මීට මාස හයකට පෙර රථය හිමි ආයතනයේ සේවයට ගොස් තිබෙන අතර ඔහු මාස පහක සිට ඉන් ලබා ගන්නා ඉන්ධන විකිණීමේ ජාවාරම සිදුකර තිබෙන බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. නුගේගොඩ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක් මත නුගේගොඩ හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන 76429 දිසානායක, 704430 චන්දන, 68944 ලෝරන්ස්, 68972 ප්‍රනාන්දු, 69151 දසනායක, 82637 දිනේෂ්, 81730 ආරියරත්න හා රියදුරු 85408 උපුල් නිලධාරිහූ මේ වැටලීම සිදුකර තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා සැකකරුවන් හෝමාගම පොලිසියට බාරදී තිබේ..
|
NEWS
|
ඔබ්සවර් - මොබිටෙල් ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ පෙරමුණ ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් නායක රමිත රඹුක්වැල්ල සමත්ව සිටියි.රමිත රඹුක්වැල්ල ඡන්ද 181,963ක් ලබා ගැනීමට සමත්වූ අතර ආනන්ද විද්‍යාලයේ සචිත්‍ර පෙරේරා ඡන්ද 172074 ක් ලබා දෙවැනි ස්ථානයේත්, රාජකීය විද්‍යාලයේ භානුක රාජපක්ෂ ඡන්ද 164721 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙති.පිටපළාත් ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ අංශයේදී ඡන්ද 69244 ක් ලබා පානදුර රාජකීය විද්‍යාලයේ දුෂාන් විමුක්ති පෙරමුණේ පසුවේ. ඔහුට තියුණු තරගයක් දෙමින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ කේ. ගමගේ ඡන්ද 69042 ක් ලබා දෙවැනි ස්ථානයේත් ඡන්ද 68996 ක් ලබා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හේමාල් මුණවීර තෙවන ස්ථානයේත් පසුවෙති. මේ මස 19 වනදා පස්වරු 1.00 ට ප්‍රථම ලේක් හවුස් ආයතනයේ පුවත්පත්වල පළවන කූපන් පත් පුරවා එවීමෙන් ජනප්‍රිය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයට එක්වීමට පාඨකයන්ට අවස්ථාව ලැබේ..
|
NEWS
|
මන්නයකින් ගෙල කපා සිය බිරිය මරා දැමූ නීතීඥයකුට හම්බන්තොට මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම තවදුරටත් තහවුරු කළ අභියාචනාධිකරණය එම නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමක් නිශ්ප්‍රභ කළේය.තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කට්ටඩිගේ අමරසේන නමැති නීතිඥයාට මෙලෙස මරණ දඬුවම නියම කරන ලදී.සරත් ආබෲ සහ එච්.එන්.ජේ. පෙරේරා යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එම අභියාචන පෙත්සම විභාගය අවසන් කරමින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙහි නීතිඥයකු ලෙස කටයුතු කළ විත්තිකාර නීතිඥවරයා සිය විවාහක බිරිය සහ එකම පුතු සමඟ තංගල්ල ප්‍රදේශයෙහි පදිංචිව සිට ඇත. පසුව බිරියගේ නමට නිවසක්ද මිලදී ගෙන නිවසක්ද ඉදිකර තිබෙන බව ද නිවෙසේ රියදුරු ලෙස සේවය කළ පුද්ගලයා සමඟ බිරියගේ අනියම් ඇසුරක් පවත්වන බව දැනගත් බවද අභියාචන පෙත්සමෙහි සඳහන් විය. පසුව විත්තිකරු වතු අධිකාරිවරයකු ලෙස සේවය කිරීම සඳහා නිවෙසින් පිටත්ව කෙටි කාලයකින් නැවත පැමිණෙද්දී බිරිය රියදුරු සමඟ වෙනත් නිවසක පදිංචියට ගොස් ඇති බව දැනගෙන තිබේ. පසුව ඇය නැවත නිවසට පැමිණ විත්තිකරු සමඟ ජීවත් වූ බවද සඳහන් විය.බිරියගේ නමට තිබූ ඉඩම විත්තිකරු විසින් සිය මවගේ නමට කූට ලෙස හරවා ඇති අතර ඒ බව දැනගත් බිරිය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට උත්සහ කර තිබේ. එලෙස පැමිණිලි නොකරන ලෙස විත්තිකරු ඉල්ලා සිටියද ඇය සිය දරුවාද සමඟ ගොස් 2005 නොවැම්බර් මස 20 දින මිද්දෙනිය පොලිසියට විත්තිකරුට එරෙහිව පැමිණිල්ලක් කර ඇත.එයින් කුපිත වූ විත්තිකරු අතරමගදී මන්නයක්ද මිලදී ගෙන සිය බිරිය පොලිසියෙන් පිටතට එන තෙක් සැඟවී බලා සිට මන්නයෙන් ඇගේ බෙල්ලට පහර එල්ල කර තිබේ. පසුව පොලිසියට බාර වූ විත්තිකරුට එරෙහි නඩු විභාගය අවසානයේ හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.මෙය ක්ෂණික කෝපය නිසා සිදු කළ ඝාතනයක් බැවින් මරණ දඬුවම සිර දඬුවමක් තෙක් අඩු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම අභියාචනාධිකරණයට විත්තිකරු විසින් ගොනු කර තිබුණි.එහෙත් පෙත්සම විභාග කළ විනිසුරු මඬුල්ල මෙය ක්ෂණික කෝපය නිසා සිදු කළ ඝාතනයක් නොව සැලසුම් සහගතව සිදු කර ඇති ඝාතනයක් බවට තීරණය කර තිබේ. කේවල් කිරීමෙන් අනතුරුව රුපියල් 250 කට ලබාගත් මන්නයත් රැගෙන විත්තිකරු මරනකාරිය පැමිණෙන තෙක් සැඟව සිට ඇති බවද , ඒ සඳහා පූර්ව සූදානමක් තිබී ඇති බවද විනිසුරුමඬුල්ල සිය තීන්දුවෙහි සඳහන් කර ඇත. මන්න පහරට ගොදුරු වූ කාන්තිව සිය දරුවාද යට කරගෙන ලේවිලක් මැද ඇද වැටුණු බවට සාක්කි ඉදිරිපත්ව ඇතැයිද මෙ තීන්දුවෙහි සඳහන් වේ.සියලු කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකරුට මරණ දඬුවම නියම කළ යුතු බවට තීරණය කර තිබේ.නීතිඥ සාලිය පීරිස් මහතා විත්තිකාර අභියාචන වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගෙඩ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය..
|
NEWS
|
ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම මැයි මස 08 දාට යෙදී තිබියදී තැලසීමියා රෝගීන්ගේ සිරුරේ යකඩ ඉවත් කිරීම සඳහා ලබාදෙන අසුග්රා නමැති පෙති වර්ගය මාස කිහිපයක සිට නොමැති බව රෝගීහු පවසති.කුරුණෑගල තැලසීමියා මධ්‍යස්ථානයේ දැනට ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් 900ක් පමණ සිටින අතර රෝගීන් 300ක් පමණ මේ පෙති වර්ගය භාවිතා කරන බව රෝගීහු කියති.5දා ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ හෙදියන් වර්ජනයේ නිරතව සිටි බැවින් වෛද්‍යවරුන් හා සුළු සේවකයන් රෝගීන්ට රුධිරය ලබාදෙනු දක්නට ලැබුණි. නේවාසික හා බාහිර රෝගීන්ට දිනපතා රුධිරය ලබාදිය යුතු බව වෛද්‍යවරු පවසති..
|
NEWS
|
අඩ සියවසකටත් වඩා පැරැණි ලොරි රථයක් බත්තරමුල්ලෙන් හමුවේ. එය එංගලන්තයේ ඔස්ටින් සමාගමේ නිෂ්පාදනය වූවකි.මේ ලොරි රථය බත්තරමුල්ලේ පදිංචි එච්. විජේසිංහ මහතා අවුරුදු විස්සකට වැඩි කාලයක පටන් ප්‍රවාහන කටයුතු කරමින් සිටී.ලොරි රථයෙන් තමා ඇතුළු, පවුලේ හය දෙනෙකුගේ ජීවිතය නඩත්තු වන බව විජේසිංහ මහතා කීය.1950 දී ලංකාවට ආනයනය කරන ලද ලොරි රථවලින් දැනට ඇති එකම වාහනය මෙය බව ද විජේසිංහ මහතා කීය..
|
NEWS
|
ළමා අපයෝජන සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන්නන්ට මරණීය දණ්ඩනය දක්වා උපරිම දඬුවම් ලැබෙන අන්දමින් නීති සකස් කරන්නැ’යි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයට යෝජනා කරයි. බාල වයස්කාර දරුවන් අපයෝජනය කිරීම ඇප නොදිය හැකි වරදක් දක්වා නීති රීති සකස් කිරීමේ හා ළමා හිංසන හැකි පමණින් අවම කරවීමේ අරමුණින් මේ යෝජනාව ඉදිරිපත් කරන බව එම අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය ‘දිනමිණ’ ට පැවැසුවාය.“මහින්ද චින්තන” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 22 වැනි පිටුවේ සඳහන් පරිදි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ශක්තිමත් කිරීම හා බලගැන්වීමේ අරමුණින් නීති සකස් කිරීම සඳහා පත් කර ඇති විශේෂ කමිටුව හරහා ඉහත නීති සකස් කිරීමට කටයුතු කරන බව ද සභාපතිනිය කීවාය.ගතවූ වසර තුළ පමණක් එම අධිකාරියේ ළමා උපකාරක සේවාවේ “1929” දුරකථන අංකයට ළමා හිංසනයන්ට අදාළ පැමිණිලි 4000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර අනාගත දරු පරපුර ආරක්ෂාකර ගැනීමට අධිකාරිය වෙත පැවරී ඇති වගකීම සාක්ෂාත් කිරීම වෙනුවෙන් මේ ක්‍රියාමාර්ගය ගන්නා බව දිසානායක මහත්මිය පැවැසුවාය. තිස් වසරක යුද්ධය හමුවේ දරුවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයට හැකියාවක් නොතිබූ බව ද, නිදහස් හා සාමකාමී වාතාවරණය හමුවේ දරුවන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව ද, සභාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය..
|
NEWS
|
කොළඹ කොටුව - බදුල්ල අතර ධාවනය වන උඩරට මැණිකේ හා අංක 1007/1008 දරන ශීඝ්‍රගාමි දුම්රියන්හි පිටත්වන වෙලාවන් හෙට (5 ) සිට වෙනස්කර තිබේ. එසේම මෙම දුම්රියන් සඳහා එස්-12 චින බලවේග කට්ටල හා රුමේනියන් මැදිරි යොදවනු ලැබේ.ඒ අනුව කොළඹ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.45 ට බදුල්ල බලා යන උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය හෙට සිට කොළඹ කොටුවෙන් පෙරවරු 8.30 ට පිටත්වේ.බදුල්ල සිට කොළඹ බලා ධාවනය කෙරෙන උඩරට මැණිකේ දුම්රිය බදුල්ලෙන් පිටත්වන්නේ පෙරවරු 5.45 ටය.මෙම දුම්රියන් දෙක සඳහා එස්- 12 වර්ගයේ චීන බලවේග කට්ටල යොදවන බව දුම්රිය වානිජ අධිකාරි සිසිර තුමාර මහතා පැවසීය.එම බලවේග කට්ටල දුම්රිය ආසන 66 කින් සමන්විත තෙවන පන්තියේ මැදිරියකින්ද, ආසන 44 කින් යුත් දෙවන පන්තියේ මැදිරියකින්ද, ආසන 44 කින් යුත් වායු සමනය කළ මැදිරියකින්ද සමන්විතය.පෙරවරු 8.30 ට කොළඹින් පිටත්ව බදුල්ල බලා ධාවනය වූ අංක 1007 දරන සීඝ්‍රගාම් දුම්රිය හෙට සිට කොළඹ කොටුවෙන් පෙරවරු 9.45 පිටත්ව බදුල්ල ට යයි.අංක 1008 සීඝ්‍රගාම් දුම්රිය බදුල්ලෙන් පිටත් වනුයේ පෙරවරු 10 ටය.මෙම දුම්රිය දෙක සඳහා රුමේනියන් මැදිරි යොදවන අතර, අංක 40 කින් යුත් දෙවන පන්තියේ මැදිරියකින්ද, ආසන 44 කින් යුත් නිරික්ෂණ මැදිරියකින්ද සමන්විතය.මෙහි කලින් ආසන වෙන්කර ගැනීමට පහසුකම් සලසා තිබේ..
|
NEWS
|
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා සියලු කටයුතු සූදානම් බව රජය අවධාරණය කරයි.ලබන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සහ අනෙකුත් සියලු සමුළු සඳහා සියල්ල රජය මඟින් මේ වනවිට සූදානම් කර ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම සඳහා ඇති අවස්ථාවන් ශක්තිමත්කර ගැනීම වෙනුවෙන්ද සියලු වැඩසටහන් සකස් කර ඇතැයි පෙන්වාදෙන ආර්ථික සංවර්ධන ඇමැතිවරයා මෙම සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින්, ආයෝජකයින්, ඇමැතිවරුන් ඇතුලු අනෙකුත් ප්‍රභූවරුන් මාධ්‍යවේදීන් ඇතුලු සියල්ලන්ටම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහාද අවශ්‍ය පහසුකම් සළසා ඇති බවද කියා සිටී.ඒ මහතා මේ බව සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සංවිධානය කිරීමෙහිලා ක්‍රියා කරන සියලු අනුකමිටුවල සාමාජිකයින් 100 කට අධික ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ 23 වන සැසි වාරය තෙදිනක් පුරා කොළඹ දී පැවැත්වෙන අතර එම නායක සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාරික සංසදයේ සමුළුව කොළඹදී ද පොදු රාජ්‍ය මණ්ඩලයේ ජනතා සංසදයේ සමුළුව නොවැම්බර් 11 සිට 14 දක්වා හික්කඩුවේදී ද පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ නායකත්ව සමුළුව නොවැම්බර් 10 වනදා සිට 14 දින දක්වා හම්බන්තොට දි පැවැත්වීමටද සියලු සැලසුම් මේ වනවිට නිමකර තිබේ.පොදු රද සමුළුවට සහභාගී වන ආරාධිතයන්ට අවශ්‍ය සියලු පහසුකම් සහ ප්‍රවර්ධන කටයුතු මෙහිදී සාකච්ඡාවටලක්කල අතර මෙම අවස්ථාවට විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, විදුලි බල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලංසා මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ..
|
NEWS
|
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම් එස්. අමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ ආකල්ප සංවර්ධන වැඩසටහන කාගේත් ප්‍රසාදයට ලක් වූ කාලෝචිත වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා සඳහන් කරයි.මේ වසරේදී විද්වතුන් කලාකරුවන් හා විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව නිපුණතා ඇත්තන්ද සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඉකුත්දා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.'අග්‍රාමාත්‍ය කාර්යාලයේ පසුගිය වර්ෂයේ කටයුතු පිළිබඳව අපි හැමදෙනාම ආපසු හැරී බලන්න ඕනෑ. අපෙන් පෞද්ගලිකව යම් අතපසුවීම් සිදුවී ඇත්නම් ඒවා ද නිවැරැදි කර ගෙන නව වසරේ වඩා හොඳ මහජන සේවාවක් ලබා දෙන්න අපි සියලු දෙනාම අධිෂ්ඨාන කර ගෙන ක්‍රියා කරන්න ඕනෑ.''මම අපේ හාමුදුරුවරුන්ට අපහාස කළා යැයි සඳහන් කරමින් ඇතැම් කණ්ඩායම් කලහකාරීව හැසිරීමත් ඔය ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. මම අපේ උගත් සිල්වත් මහා සංඝරත්නයට අපහාස කරන්නවත් එවැනි චේතනාවක් ඇතිවවත්, චීවරධාරී වචනය පාවිච්චි කළේ නැහැ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සම්පාදනය කර ඇති සිංහල ශබ්ද කෝෂයට අනුව චීවරධාරියා යන්නෙන් අදහස් කරන්නේ සිවුරු දරන්නා හෝ සිවුරු පොරවන්නා යන අදහසයි. මෙම වචනයට වැරදි අර්ථ දීලා අනවශ්‍ය මතයක් රටේ ගොඩනඟන්නට ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ නම් එය හොඳ නෑ. පිරිසිදු බෞද්ධයෙක් විදියට මම ප්‍රකාශ කළ වචනයෙන් අපේ උගත්, සිල්වත්, ගුණ ගරුක පූජනීය සංඝරත්නයට යම් සිත් වේදනාවක් ඇති වුණා නම් ඒ ගැන අතිශයින්ම කණගාටු වෙනවා වගේම සමාව අයැදිනවා. මම මීට කලින් ඒ ගැන කියලා තියෙනවා.මා ගෞරවනීය සංඝරත්නයට බොහොම ගෞරවයෙන් හා භක්තියෙන් සලකන කෙනෙක්. ඒ නිසා උන් වහන්සේලාට මා සමඟ යමක් සාකච්ඡා කරන්න කිසිදු බාධාවක් නැහැ. හැබැයි අපි ඒ දේ කළ යුත්තේ අපි දෙපාර්ශ්වයේම ගෞරවය හා විශ්වාසය පලුදු නොවන ආකාරයටයි. කොහොම වුණත් නව අවුරුද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ගිය අවුරුද්දටත් වඩා හොඳ සේවාවක් මහජනතාවට සපයන්නට සියලු තරාතිරම්වල නිලධාරී මහත්ම මහත්මීන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවායැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා ප්‍රමුඛ සියලු අංශවල නිලධාරී මහත්ම මහත්මීහු සහභාගී වූහ..
|
NEWS
|
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේදී වසර 19ක් පැරණි වාර්තාවක් ඊයේ බිඳ වැටුණි.ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ සුපුන් විරාජ් රන්දෙණිය 21න් පහළ මීටර් 110 කඩුලු පැන දිවීමේ මූලික වටයේදී තත්පර 14.50කින් නව තරග වාර්තාවක් පිහිටුවීය. වසර 1994 දී බම්බලපිටිය සාන්ත පීතර් විදුහලේ මහෙෂ් පෙරේරා තත්පර 14.60කින් තබා තිබු වාර්තාව සුපුන් විරාජ් බිඳ හෙළීය. සුපුන් විරාජ් රන්දෙණිය කොළඹ දී පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 110කඩුලු පැන දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩකයාය. මීටර් 110 කඩුලු පැන දිවීමේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතය.මේ අතර 19න් පහළ පිරිමි මීටර් 5000 තරගයේදී තවත් නව පාසල් තරග වාර්තාවක් බිහිවිය.මධ්‍යම පළාතේ අනුරුද්ධ කුමාර ජාතික පාසලේ එස්.එම්.ඩි.එම්.සමරකෝන් විනාඩි 15:23.53කදී එම වාර්තාව පිහිටුවිය. එහි පැරණි වාර්තාව වුයේ වසර 2012දී ඌව පළාතේ වැලිමඩ ලුණුවත්ත මධ්‍ය මහා විදුහලේ තරිඳු මධුෂාන් තබා තිබු විනාඩි 15:27.2කි..
|
NEWS
|
රජයට බරක් නොවන ආකාරයට තැපෑල ගෙන යාමට නම් තැපැල් ගාස්තු සංශෝධනයක් වහාම සිදුවිය යුතු බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටියි.තැපැල් දෙපාර්තමේන්තුවේ සමහර අංශයන් සඳහා නිවැරැදි ගිණුම් ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම ද තැපෑලේ පාඩුව විශාල ලෙස පෙනීමට හේතුවක් බව වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන සමහර මුදල් ඇනවුම් අදාළ පුද්ගලයන් මාරුකර නොගැනීම නිසා තැපැල තුළ වර්ෂයකට මිලියන ගණනක මුදල් ප්‍රමාණයක් ඉතිරිවන බවත් එහෙත් ඒවා නිවැරැදිව ගිණුම් ගත නොවන බවත් චින්තක බණ්ඩාර මහතා පැවසීය.පාඩු ලබන තැපැල් දෙපාර්තමේන්තුව තුළ සිදුවන අනවශ්‍ය වියදම් කපා හැරීම කෙරෙහි ද අදාළ බලධාරීන්ගේ වැඩි අවධානය යොමු විය යුතු බව චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කෙළේ ය.තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයකු වන එච්. ඩී. ආර්. නිහාල් මහතා තැපෑලේ පාඩුව පිළිබඳව කියා සිටිනුයේ තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව දීර්ඝ කාලයක සිට පවතින බවයි. තැපෑලේ පවතින ක්‍රමයේ වෙනසක් සිදු නොවුන හොත් තැපෑලේ පාඩුව තව තවත් වැඩි විය හැකි බව ද ඒ මහතා පැවසීය.තැපැල් දෙපාර්තමේන්තුව ලිපියකට අය කරන ගාස්තුව රුපියල් පහකි. ඒ සඳහා තැපෑල දරන පිරිවැය රුපියල් දාහතකි. ලියා පදිංචි ලිපියක් සඳහා රුපියල් තිහක් අය කළ ද තැපෑලට ඒ සඳහා රුපියල් සීයකට වඩා වැඩි මුදලක් දැරීමට සිදුව ඇත. විදුලි පුවතට ඉතා අඩු මුදලක් අය කළද ඒ සඳහා රුපියල් දෙසිය පනහක් පමණ මුදලක් තැපෑල දරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයෝ පැවසූහ. ජාතික ප්‍රතිපත්තියක් තැපැල් දෙපාර්තමේන්තුවට නොමැති වීම ද තැපැලේ කඩා වැටීමට හේතුවක් වී ඇති බව ප්‍රකාශ කරන, තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා තැපෑල පෞද්ගලික අංශය සමඟ කරන කටයුතුවලින් නියමිත මුදල් තැපෑලට නොලැබෙන බවද ප්‍රකාශ කෙළේ ය.තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාම සඳහා රජය යොදවනුයේ රටේ අහිංසක ජනතාවගේ මුදල් බවද ඒ මහතා ‘දිනමිණ’ ට පැවසීය..
|
NEWS
|
පිතිකරුවන්ගේ දක්‍ෂතා ඉස්මතු වූ 133 වැනි රාජකීය සාන්ත තෝමස් නිල් මහ සටන එස්. එස්. සී. පිටියේදී ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.දින තුනක් පුරා පැවැති මේ පැරණිතම මහා ක්‍රිකට් තරගයේදී ලකුණු 1089ක් වාර්තා වීම කැපී පෙනුණි. සාන්ත තෝමස් ක්‍රිකට් නායක සචින් පීරිස් හා චමෝදි පතිරණ දෙවැනි ඉනිමේදී 4 වැනි කඩුල්ලට ලකුණු 153ක් ලබා නව වාර්තාවක් ද බිහි කළහ.වසර 1964 දී ඒ. පි. බී. තෙන්නකෝන් හා එස්. බී. ඒ. සෙනෙවිරත්න විසින් 5 වැනි කඩුල්ලට ලකුණු 146ක් ලබා වාර්තාව පිහිටුවා තිබුණි. සාන්ත තෝමස් විදුහලේ චමොද් පතිරණ ශතකයට ලකුණක් අවශ්‍යව තිබියදී දැවී ගියේය. නිල් මහ සටනේ පළමු දිනයේදී ආසිරි වික්‍රමනායක හා ජාවෙඩ් බොන්සෝ දෙවැනි කඩුල්ලට ලකුණු 179ක් ලබා නව වාර්තාවක් බිහි කළහ. වසර 71ක් පැරණි වාර්තාව තබා තිබුණේ 1941 දී ටී. එන්. විජේසූරිය හා ඒ. එෆ්. මොලමුරේ විසිනි.සා. තෝමස් පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 325 ආසිරි වික්‍රමනායක 85 චමෝද් පතිරණ 48, ජාවෙඩ් බොන්සෝ 97, තිලක්‍ෂ සමුනසිරි 28, ධනුෂ්ක පීරිස් 32, (පූර්ණ අළුත්ගේ 90/3, චාමික කරුණාරත්න 59/3)රාජකීය විදුහල පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 413 ඉසුරු ගුණතිලක 67 ඉමාල් ලියනගේ 80, හේෂාන් කුමාරසිරි 127, මිලාන් අබේසේකර 58 ( චමෝද් පතිරණ 92/4)සා. තෝමස් දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 329 ඩෙවින් ජයසිංහ 37, සචින් පීරිස් 58, චමෝද් පතිරණ 99, තිලක්‍ෂ සුමනසිරි 50, ධනුෂ් පීරිස් නොදැවී 20 ( ඩෙවින් පත්මනාදන් 105/4රාජකීය විදුහල දෙවැනි ඉනිම කඩුලු 1කට ලකුණු 22 ඉමාල් ලියනගේ නොදැවී 13, ඉසුරු ගුණතිලක නොදැවී 8 ( චමෝද් පතිරණ 2 /1).
|
NEWS
|
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ගොඩිගමුව ගම්මානයේදී මීට වසර ගණනාවකට පෙර ගමේ පිරිසක් එක්ව පාසලක් ආරම්භ කර එම ගම්මානයේ පළමු වරට අපොස උසස් පෙළ සමත් සිව් දෙනෙකුට ගුරු පත්වීම් ලබාදී එම ගමේ වෙසෙන දරු දැරියන්ට අධ්‍යාපනය ලබා දෙන්නට පියවර ගෙන තිබේ.එවකට ප්‍රදේශයේ සමාජ සේවා ඇමැතිවර අසෝක කරුණාරත්න, මාවනැල්ල මන්ත්‍රී හා නියෝජ්‍ය ඇමැති සී.ආර්. බෙලිගම්මාන ගොඩිගමුව ගම්මානයේ ගම්සභා මන්ත්‍රී කේ.එස්. කරුණාදාස, පාඨශාලාචාර්ය අබේසේන පොල්ලංගොඩ, වෛද්‍යාචාර්ය සිරිසේන සෙනෙවිරත්න මහත්වරු මේ පාසැල ඉදි කිරීමට ප්‍රමුඛව කටයුතු කර ඇත.නමුත් මෙහිදී ගුරු පත්වීම් ලද අය වසර 2 - 3 ක් ගමේ පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙමින් සිට පසුව වෙනස් පාසල් වෙතට මාරුවීම් ලබාගෙන යාම නිසා මේ විදුහල වැසී ගොස් ගමේ දරුවන්හට අධ්‍යාපනය ලබා ගන්නටද වෙනත් පාසල් වෙතට යාමට සිදුවිය.එදා ගමට ගමේ දරුවන්ට විශාල මෙහෙයක් සිදුවූ මේ විදුහලේ ගොඩනැගිල්ල අදටත් ඉතාම යහපත් තත්ත්වයක පවතින හෙයින් ගමට යම් මෙහෙයක් සිදු කළ හැකි සේවා ආයතනයක් මේ ගොඩනැගිල්ල තුළ ආරම්භ කරන ලෙසට ගම්වාසීහු වගකිවයුතු අයට පවසා සිටිති.
|
NEWS
|
නිවෙසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියකට අතවනමින් ඇය පාරට කැඳවා ගැනීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු ඉලුක්හේන ප්‍රදේශවාසීන් විසින් අල්ලා මීරිගම පොලිසියට බාර දී තිබේ.පෙරේදා 20 සවස ගස්පේ පන්සල පාරේ ගමන් කරමින් සිටිය දී මෙසේ අල්ලා ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් බව පොලිසිය කියයි.මේ අය ආධාර ටිකට් පත් විකිණීමේ යෙදී සිටි අයකු බව පොලිස් පරික්ෂණවල දී හෙළිවී ඇත.මොහු මේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ ආධාර ටිකට්පත් විකිණීමට ද එසේ නැතහොත් වෙනත් අරමුණකින්දැයි හෙළි කර ගැනීමට පොලිසිය පරික්ෂණ පවත්වයි.මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බී.එන්.ටී. බස්නායක මහතාගේ මෙහෙයවීම යටතේ පරික්ෂණ පැවැත් වේ.
|
NEWS
|
ඉකුත් දෙවැනිදා අලුයම 4.30 ට පමණ කුලියාපිටිය කිරින්දව මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ත්‍රිරෝද රියක් තුම්මෝදර ප්‍රදේශයේ පාර මැද සිටි වන අලියෙකුගේ ඇඟේ හැපීමෙන් ත්‍රිරෝද රිය එතැනම පෙරළී ඇති අතර එහි රියැදුරු වාහනයෙන් විසිවී පාර අයිනේ අගලකට පෙරළී යාම නිසා අනූනවයෙන් ජීවිතය බේරාගැනීමට හැකිව ඇත.තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වූ 38 හැවිරිදි එච්. එම්. රුවන් කුමාර නමැති අය එම ත්‍රාසජනක සිද්ධියට මුහුණපා සුළු තුවාල ලබා ඇති අතර ඔහුට අයත් ත්‍රිරෝද රිය අලියාගේ ඇඟේ හැපී දැඩි සේ හානියට පත්ව ඇත. .
|
NEWS
|
පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී බර ඉසිලීමේ සූර චින්තන විදානගේට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් වසර 4ක ජාත්‍යන්තර තරග තහනමක් පනවා ඇත.පසුගිය අප්‍රියෙල් මාසයේදී නිමාවට පත් වූ ආසියානු බර ඉසිලීමේ සූරතාවලියේදී චින්තන විදානගේ තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳ පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු බවට තීරණය කළ ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය මේ තරග තහනම 2011 මැයි 13 වනදා සිට ක්‍රියාත්මක වන පරදි පනවා ඇත.මේ අනුව 2011 අගෝස්තු මස 09 වන දා සිට දින 10ක් ඇතුළත අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් මේ තරග තහනම් කාලය ලිහිල් කිරීමට උත්සාහ කළ හැකි බව ශ්‍රී ලංකා බරඉසිලීමේ සම්මේලනයේ උප සභාපති පූර්ණ කාහින්ගල මහතා පැවැසීය.මීතයිල්හෙක්සනීමයිම් (Methylhexaneamine) නැමැති තහනම් උත්තේජකය චින්තන විදානගේ ගේ ශරීරයේ අන්තර්ගත වූ බවත් එය 2010 වසරේදී ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ තහනම් උත්තේජක ලැයිස්තුවේ ඇතුළත් නොවූවත් 2011 වසරේදී එම ලැයිස්තුවට ඇතුළත්ව ඇති බැවින් මෙවැනි බරපතල දඩුවමක් චින්තන විදානගේට ලැබෙතැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බව පූර්ණ කාහින්ගල මහතා වැඩි දුරටත් පැවැසීය..
|
NEWS
|
දින නියමයක් නොමැතිව වසා දැමුණු කොළඹ ජාතික කෞතුකාගාරය අද (1) සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘත කෙරෙන බව කෞතුකාගාර පාලන අධිකාරිය සඳහන් කරයි. අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් කෞතුකාගාරය නැරැඹීමට යාමේදී පසුගිය (27) දා එහි තරප්පු පෙළක් කඩා වැටීමෙන් පසුව කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනයට තාවතාලිකව වසා දැමීමට පියවර ගත්තේය.තරප්පු පෙළ යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එම කෞතුකාගාරය අද සිට යළි මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබීමට පියවර ගෙන ඇත..
|
NEWS
|
අල්ලපුගෙදර ඇති දැඩි කරන කුකුළෙක් තම ගෙවත්තට පැමිණ අලාභහානි සිදු කිරීම පිළිබඳව දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් අතරතුර ගල් පහරක් වැදී අයකු මියගොස් ඇත.මෙම සිදුවීම වූයේ අඹතැන්න, දුනුවිල ප්‍රදේශයේ නිවෙස් දෙකක් අතරය. මෙම දෙගොල්ල අතර මෙම ප්‍රශ්නය දිගු කලක් තිස්සේ පැවත එන්නක් බවත් මේ නිසා දෙපිරිස අතර අමනාපයක් හටගෙන තිබෙන බවද පැවසේ. තුවාලකරු අකුරණ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි..
|
NEWS
|
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කරනු ලබන සිරකරුවන් මින් ඉදිරියට පිටත කාර්යයන් සඳහා නෙයොද වන බව වැලිකඩ බන්ධනාගාර අධිකරිවරයා විශේෂ වාර්තාවක් ඉදිරිපත්කරමින් කොළඹ මහාධිකරණයට ඊයේ(14) දන්වා සිටියේය.මාතර වෙසක් තොරණේ විදුලි නිර්මාණ කටයුතු සඳහා යොදා සිටියදී සිරකරුවෙකු පලායෑම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මියට කරුණු වාර්තා කරමින් බන්ධනාගාරය අධිකාරිවරයා විසින් මේ වාර්තාව ඉසිරිපත් කර තිබුණි.මාතර වෙසක් තොරණේ විදුලි ආලෝක කටයුතු සඳහා සිරකරු මාතර බන්ධනාගාරයට යැවීමට සුදුසු බවට නිර්දේශ කළ වැලිකඩ බන්ධනාගාරයේ දෙවන පෙළ නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය යටතේ පියවර ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අනුමැතිය ලබාදී ඇති බවඳ වැලිකඩ බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් දන්වා තිබුණි. තවඳ මේ සිරකරු භාරව සිටි නිලධාරීන් කණ්ඩායම හා අධීක්ෂණ ජේලර්වරයා වරඩ තහනමට ලක් කළ බවද විධිමත් විනය පරීක්ෂණයකට යටත්ව අධීක්ෂණ ජේලර්වරයා නැවත සේවයේ පිහිටු වීමට කොමසාරිස් ජෙනරාල්වරයා අනුමැතිය ලබාදී ඇති බවද එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත.අඳාළ නිලධාරීන්ට එරෙහිව පිළියෙළ කළ චෝදනා පත්‍ර මූලස්ථානයේ අනුමැතිය පිණිස ඉදිරිපත් කිරමට කටයුතු කර ඇති බ වද ලිපියෙන් දන්වා ඇත.තවඳ මහාධිකරණයේ නියෝග මතත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කරනු ලබන සිරකරුවන් පිටත කාර්ය්‍යයන් සඳහා මින් ඉදිරියට නොයැවීමට කටයුතු කරන බවද ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත.දඩුවම් විදිමින් සිටි ප්‍රබල එල්.ටී.ටී.ඊ සාමාජිකයා මාතර වෙසක් තොරණේ නිර්මාණ කටයුතුවලට යැවීමට තීරණය කළ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවර අධීකරණයට දන්වන ලෙසට විනිසුරුවරිය විසින් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා දුන් නියෝගය මත වැළිකඩ බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ඊයේ(14) මෙම ලිපිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.බාලසුබ්‍රමනියම් ජදීසන් නමැති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු බව කියන මේ විත්තිකරු දෙහිවල දුම්රිය ස්ථනයේ බෝම්බයක් පුපුරවා හැරීම සම්බන්ධයෙන් වසර 12ක සිර දඩුවමතක් නියම කර තිබුණි.මොහු මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවැති බන්ධනාගාර වෙසක් කලාපයේ විදුලි නිර්මාණ කයටුතු සඳහා යොදා සිටියදී පසුගිය මැයි මස 25 වැනිදා පළාගොස් තිබුණි..
|
NEWS
|
බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගෙන සිටීමට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවට අධිකරණයේදී කරුණු අනාවරණයවී ඇත. බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අධිකරණය හමුවේ මෙම සිද්ධීන් පිළිබඳවද පරීක්‍ෂණ පවත්වන බවට කරුණු වාර්තා කොට තිබිණ.බූස්ස කඳවුරේ රඳවා සිටි කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඇති වාස් ගුණවර්ධන මහතා එම විමර්ශන අතරතුරදී සිය මිතුරු ව්‍යාපාරික ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ දුරකථන අංක ලබාගෙන තිබේ.එකී දුරකථන අංකවලට ඇමතුම් ලබා දී ව්‍යාපාරිකයන්ට කතාකොට ඇති බවත්, ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට මොවුන්ට දැනුම් දී ඔවුන් බියකර පසුව ඔවුන් අත්අඩංගුවට නොගෙන සිටීමට යැයි පවසා අවස්ථා කිහිපයකදීම කප්පම් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට අධිකරණයේ කරුණු අනාවරණය විය.මෙම කරුණු අනාවරණය වී ඇත්තේ බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ සාක්‍ෂිවලදීය.නාඳුනන ද්‍රවිඩ පුද්ගලයින්ගේ දුරකථන අංක ලබාගෙන ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔවුන්ගේ නම්වලින් කතාකොට එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ සබඳතා පවත්වන බවට තමාට කරුණු අනාවරණය වී ඇති බව පවසා අත්අඩංගුවට නොගෙන සිටීමට නම් කප්පම් මුදල් අවශ්‍ය බවට තර්ජනය කොට බියගන්වා කප්පම් මුදල් රැසක් ලබාගත් බවට එම සාක්‍ෂිවලදී කරුණු අනාවරණය වී ඇත.මෙම කප්පම් ගැනීම් සිදුව ඇත්තේ කොටි සාමාජිකයින් බූස්ස කඳවුරේ රඳවා සිටීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පරීක්‍ෂණ පවත්වන අවධියේදීය. .
|
NEWS
|
තමා සහ කැලණිය ජනතාව එක්වී මේ කිරිබත් සංග්‍රහය පුද කරනුයේ තමාට නියෝජ්‍ය ඇමැතිධූරය නැවත හිමි වීමේ සතුටට නොව රට වෙනුවෙන් තීරණ ගැනීමට හැකිවන පරිදි 18 වන ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමේ ඓතිහාසික ජයග්‍රහණය භුක්ති විදීමට යැයි මහා මාර්ග නියෝජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවැසීය.ඒ මහතා එසේ පැවසුවේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ බහුතර ඡÁදයෙන් සම්මත කර ගැනීමේ පී‍්‍රතිය නිමිත්තෙන් කිරිබත්ගොඩ මංසන්ධියේ පැවති කිරිබත් සංග්‍රහයක් භුක්ති විදීමෙන් පසු පැවති උත්සව සභාවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් කථාකළ ඇමැතිවරයා රට වෙනුවෙන් යහපත් තීරණ ගැනීමට හැකිවන පරිදි මේ ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීන්ගේ මේ සහාය ද ලැබීම පිළිබඳව ඔවුනට ස්තූතිය ද පුද කෙළේය.තමාගේ නියෝජ්‍ය ඇමැතිධූරය නැවත ලබා ගැනීමට වඩා තමාට වටිනුයේ රටට හිතකර තීරණ ගැනීමට ජයග්‍රහණය කළ මේ ව්‍යවස්ථා සංශෝධනය යැයි පැවසු හෙතෙම, එය මුළු රටේම ජයග්‍රහණයක් යැයි ද පැවැසීය.මෙහිදී තව දුරටත් කතාකළ මර්වින් සිල්වා මහතා “ බැසිල් රාජපක්ෂ මහතා ව්‍යවස්ථා සංශෝධන විවාදයේදී කළ කතාව මේ රටේ සිදුකළ ඓතිහාසික කතාවක් යැයි ද, රාජපක්‍ෂවරුන් එදා සිටම රට වෙනුවෙන් කථාකර රට වෙනුවෙන් කථාකර, රට වෙනුවෙන් වැඩකර මහා දස්කම් පෙන් වූ ශ්‍රේෂ්ඨ පවුල් යැයි ද පැවසීය. එතුමාගේ එම කථාව විශ්මය ජනක කථාවක් ලෙස හැදින් වු ඇමැතිවරයා මෙවැනි හරබර කථා ඇසීමට එක්සත් ජාතික පක්‍ෂයට වාසනාවක් නොතිබූ බව ද පැවැසීය.සැකකාර සරත් පොන්සේකා පාර්ලිමේන්තුවේදී කළ කථාව මහා භයානක කථාවක් ලෙස හැඳින් වූ ඇමැති වරයා ඔහු දැනට වැටී සිටිනුයේ ජනතා විමුක්ති පෙරමුණේ ඔඩොක්කුවේ නිසා එය අති භයානක කාලයක පෙර නිමිත්තක් යැයි ද පැවැසීය.1971 දී ජනතා විමුක්ති පෙරමුණ ද මෙවැනි භයානක කථා පතුරවමින් පොලීසිය, හා ත්‍රිවිධ හමුදාවට එරෙහි යුද වැදුනු අන්දම සිහිපත් කළ ඒ මහතා ඔවුන්ට වත් සරත් පොන්සේකාටවත් එවැනි භයානක සෙල්ලම් නැවත අරඹන්නට තමා සිටිනා තුරු ඉඩක් නොලැබෙන්නේ යැයි ද පැවැසීය.සරත් පොන්සේකාගේ කථාවේ හරය ගෙන බැලුවිට පෙනෙනුයේ බලහත්කාරයෙන් රට අල්ලා ගැනීමේ වෑයමක උත්සාහයක් යැයි පැවසු මර්වින් සිල්වා මහතා, මෙය ජනතාව කල්පනාවට ගතයුතු කරුණක් යැයිද පෙන්වා දුන්නේය.මෙහි දී වැඩිදුරටත් කථාකළ ඇමැතිවරයා රාජපක්‍ෂ පවුල මේ රටේ විනය හා පාර්ලිමේන්තුවේ විනය රැකගනිමින් ජනතාව සුඛිත මුදිත කිරීමට දරනා වෙහෙස දරා ගත නොහැකි එජාපය, ජවිපෙ සහ සරත් පොන්සේකා තව තව කුමන්ත්‍රණ කරමින් රට ආපස්සට හැරවීමට දරනා ප්‍රයත්නය ව්‍යර්ථ කිරීම දැන් එතරම් අපහසු දෙයක් නොවන බැව් ද පැවසු හෙතෙම, මේ ශක්තිමත් රජය සෙලවීමට ඔවුනට හෝ කිසිම බලවතෙකුට හැකි නොවන බැව් ද පැවැසීය.ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීම මුළු ලොවම ආදර්ශයට ගතයුතු කරුණක් යැයි පැවසු ඇමතිවරයා, 1956, 60 , 70 , 94 දී රට පාලනය කළ නායක නායිකාවන් ද මෙය කිරීමට වෙහෙස දැරූ බවද එහෙත් ඒවා ලත් තැනම ලොප් වූ බව ද පැවැසීය. රාජපක්‍ෂ ශක්තිය පිළිබඳව ලොවම දැනගන්නට මේ සංශෝධනය කදිම උදාහරණයක් යැයි පැවසු හෙතෙම රාජපක්‍ෂ පවුලට ඊර්ෂ්‍යාකාරයෝ වැඩි ඒ නිසා යැයි ද පැවැසීය.රාජපක්‍ෂ පවුල නොසිටින්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් හෝ බණ්ඩාරනායකවරුන් නැතිවීමට ඉඩ තිබූ බැව් පෙන්වා දුන් මර්වින් සිල්වා මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ මුරන්ඩු දේශපාලනය ඔවුන්ටම පාරා වළල්ලක් වී ඇති බැව් ද පෙන්වා දුන්නේය.මේ රජයට විරුද්ධව කුමන්ත්‍රණ කරන කුමන්ත්‍රණ කරුවන්ට තමා පවසනුයේ 62, 71, 89 කුමන්ත්‍රණ වර්තමානයේ කරනවා නම් තමා සිටිනාතුරු ඒවාට ඉඩ නොමැති බවත්, එසේ වුවහොත් හැංගෙන්න ස්ථාන සොයා ගන්නා ලෙසත්ය.නව ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට දිව ඔසුවක් යැයි පෙන්වා දුන් මර්වින් සිල්වා මහතා, මේ ඔසුව ගම් දනව් පුරා බෙදා හරිමින් ජනතාව සුවපත් කරන්නේ යැයි ද පැවසීය. සමහර පත්තර සහ රූපවාහිනී නාලිකා තමා පිළිබඳව අසත්‍ය පතුරවමින් ජනතාවට වැරදී වැටහීමක් ලබා දෙන්නේ යැයි පැවසු ඒ මහතා පත්තර අලෙවි කර ගැනීමට තමා යොදාගත් අන්දමද පෙන්වා දුන්නේය.මාධ්‍යවේදීන් මහා සංඝරත්නය බඳු යැයි පැවසු හෙතෙම, මහා සංඝරත්නය ධර්‍මය බෙදා දෙන්නා සේම මාධ්‍යවේදීහු ද දැනුම බෙදාදෙන අන්දම ද පෙන්වා දුන්නේය. යහපත් මාධ්‍යවේදීන්ට තමාගේ ආශිර්වාදය නිබදවම හිමි වෙනවා යැයි පැවසු ඒ මහතා, ඒ අයුරින් කටයුතු කරනා ලෙසට මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් ද කෙළේය..
|
NEWS
|
ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවලට බලපෑමක් එල්ල වන ආකාරයේ කිසිදු ක්‍රියාවකට ඉඩ නොතැබිය යුතු යැයි එක්සත් ජනපදය අවධාරණය කරයි.ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි පැට්‍රිෂියා බුටේනිස් මහත්මිය සහ විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාවේදී දෙරට අතර තිබෙන සබඳතාවලට අහිතකර වාර්තා ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරය වීම පිළිබඳ කරන ලද පැහැදිලි කිරීම්වලදී මේ කරුණු අනාවරණය විය. ශ්‍රී ලංකාවේ පවත්නා නිදහස් මාධ්‍ය සංස්කෘතිය හේතු කොටගෙන පුළුල් මාධ්‍ය වාර්තාකරණයකට ඉඩ සැළසී තිබෙන බව මෙහිදී පෙන්වා දුන් විදේශ කටයුතු ඇමැති බෝගොල්ලාගම මහතා ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර තිබෙන දිගුකාලීන ද්වීපාර්ශ්වික සබඳතා මඟින් උරුම වී තිබෙන මිත්‍රත්ත්වය පිළිබඳවද කරුණු පැහැදිලි කළේ ය.තවද , ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෑල්ලුවට ලක් කරමින් , වර්තමාන රජයේ ස්ථාවරය බිඳ දැමීම අරමුණ කැරගෙන එක්සත් ජනපදය කටයුතු කරන බවට පැතිර යන දූෂණමාන තොරතුරු කෙරෙහි ශ්‍රී ලංකාවේ බලධාරීන් කිසිදු විශ්වාසයක් නොතබන බව සිහිපත් කළ බෝගොල්ලාගම මහතා අපේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය දශක කීපය පුරා එක්සත් ජනපදය ලබා දී තිබෙන ආර්ථික හා දේශපාලනික සහාය පිළිබඳවද පැහැදිලි කර දුන්නේ ය.එල්. ටී. ටී. ඊ සංවිධානය තහනම් කිරීම පිළිබඳවත් එක්සත් ජනපදයෙන් ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම පිණිස දෙරට අතර අස්සන් තැබුණු ගිවිසුම පිළිබඳවත් විවිධ අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර ඇති සබඳතාව තහවුරු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවත් හෙතෙම මෙහි දී අවධාරණය කෙළේ ය.
|
NEWS
|
හොරණ නගරයේ සහ අවට ප්‍රදේශවල වෙසෙන ජනතාව අතර, හොරණ බෝගහයට මීකිරි පිළිබඳව නොදන්නා අයෙක් නැත.එයට ප්‍රධානතම හේතුව වන්නේ අවුරුදු 50කටත් පෙර සිට මෙම බෝසමිඳුන් අසළ පදික වේදිකාවේ මීකිරි වෙළෙදාම පැවතුණු බැවින් හා එම කිරි යම්කිසි ප්‍රමිතියකට ලක්වී තිබීම ය.එදා හොරණ වැරැල්ලහේන ග්‍රාමයේ පදිංචි වී සිටි ජී. කරුණාවතී මහත්මිය විසින් මෙය ස්වයං රැකියාවක් වශයෙන් ආරම්භ කර ඇති අතර එය කල්යත්ම හොරණ නගරයේ ප්‍රධානතම පදික වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් වී ඇත.එසේම එදා ව්‍යාපාරයේ දියුණුවත් සමගම කරුණාවතී මහත්මියට “ බෝගහයට කිරි අම්මා” යන නාමය ද සමු බැඳුණු එකක් විය.ඇය මිය යෑමත් සමඟ එම ව්‍යාපාරයේ ආධිපත්‍යයට හිමිකම් ලැබුවේ ඇයගේ එකම දියණිය වන ජෙස්මින් කුසුම් සිරි මෙනෙවියයි.මැය 1993 වර්ෂයේදී ව්‍යාපාරයට සම්බන්ධතාවත් සමගම මව ලබා තිබූ “කිරි අම්මා” නම් වූ අනුවර්තන නාමය කෙමෙන් මැයට පරිවර්තනය වූයේ තාරුණ්‍යයත් සමගය.දැන් හොරණ කවුරුත් දන්නා හඳුනන නූතන යුගයේ බෝගහ යට කිරි අම්මා ජෙස්මින් කුසුම්සිරි මෙනවිය යි.කුසුම්සිරි මෙනෙවිය මෙසේ පැවැසුවාය. අම්මා මීකිරි ව්‍යාපාරය කරපු කාලේ අපේ පවුල නඩත්තු කිරීම, ඉඩකඩම් ගැනීම නව නිවෙසක් තැනීම ආදී කටයුතු ඉටුකර ගන්න අම්මට හැකි වුණා.අපි හරක් හැදුවේ නැහැ. අදත් නැහැ. හොඳ කිරි මිලයට ගෙන ඒවාට අවශ්‍ය මාත්තු දමා පිරිසිදුව කිරි මිදවීම තමයි අම්මා කළේ. ඒවා කිසි දිනක දුගඳ හමන හා නරක්වීම් වලට භාජනය වුණේ නැහැ.අද වගේ නොවේ ඒ කාලේ නිවෙස්වල ශීතකරණ තිබුණේ නැහැ. නමුත් අම්මා හදපු මීකිරි දිනක් දෙකක් කල්ගත වුණත් එහි ඇඹුලක්, අමිරහක් වෙන්නේ නැහැ. එහි ප්‍රධාන රහස තමා නැවුම් මුට්ටිවල ඉතාමත් පිරිසිදුවට ඒවා සිදුකිරීම. ඒ රහස අදත් මම අකුරටම අනුගමනය කරනවා. ඒනිසා හොරණ හා අවට අය අපව විශ්වාස කරගෙන දානමාන උත්සව සඳහා පාන්දරින්ම හොරණ බෝසමිදු යාබද පදික වේදිකාවට අපව සොයාගෙන එනවා.අව්ව, වැස්ස දෙකටම අපිට මූණ දේන සිද්ධ වෙනවා. එය මහත්වූ අපහසුතාවයක් වුණත් දැන් අපි ඒවාට පුරුදු වෙලා ..
|
NEWS
|
(2012-06-26 13:00)වෛද්‍ය රසායනාගාර ප්‍රතීතනය කිරීම සම්බන්ධව සෞඛ්‍යය අමාත්‍යාංශය සමඟ පැවැත් වූ සාකච්ඡා බෙහෙවින් සාර්ථක වූ බව ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති දිදුල් කෝදාගොඩ මහතා පැවසීය. මේ වනවිට සෞඛ්‍යය අමාත්‍යාංශය තෝරාගත් රජයේ රෝහල් පහක වෛද්‍ය රසායනාගාර ප්‍රතීතනය කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළ සභාපතිවරයා ඒවායේ සේවක සේවිකාවන්ට ඒ පිළිබඳව මූලික අවබෝධයක් ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇති බවද කීය..
|
NEWS
|
කොළඹ සිට හොරණ දක්වා මගීන් ප්‍රවාහනය කළ බසයක නිදාසිටි මගියෙක් බස්රථයේ සහායක අවදි කළත් අවදි නොවූ බැවින් හොරණ රෝහලට ඇතුළත් කළවිට ඔහු මියගොස් ඇති බව අනාවරණය වූ පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තාවේ.මෙසේ මියගොස් ඇත්තේ බොරලැස්ගමුව - දෙහිවල පාරේ අංක 363 නිවෙසේ මිදිගස්පහේ පද්මසිරි නැමති හතළිස් නමහැවිරිදි තිදරු පියෙකි.සිද්ධිය වූ දිනට පෙර දින රාත්‍රී 9.30ට පමණ මියගිය අය කැස්බෑව ප්‍රදේශයේ තම මවගේ නිවෙසට ගොස් ඇති අතර පසුදින පාන්දර 4.15ට කොළඹ සිට හොරණ බලා පැමිණෙන බසයට ඔහු ගොඩවී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයෙනි..
|
NEWS
|
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 14 වැනි වාර්ෂික සමුළුව මේ 20,21 දෙදින ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.මෙවර සමුළුවේදී පර්යේෂණ 21ක් පමණ එළිදැක්වීමට නියමිත අතර පෝස්ටර් කිහිපයක්ද ඉදිරිපත් කෙරේ. ජිනීවා හි ශාඛ නව ප්‍රභේද ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සංවිධානයේ උපලේකම් ජනරාල් පීටර් බටන් මහතා මෙහි ප්‍රධාන දේශනය පවත්වයි.වසරේ දක්ෂතම පර්යේෂකයා, දක්ෂතම කෘෂි විද්‍යාඥයා තෝරා ත්‍යාග හා සහතික පත් ලබා දීමටත්, අනෙකුත් පර්යේෂණ ඉදිරිපත් කරන අයට සහතික පත් පිරිනැමීමටත් කටයුතු යොදා තිබේ. අපි වවමු රට නගමු දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කර වසර පහක් සපිරෙන විට මේ පර්යේෂණවල ප්‍රතිඵල මහජනතාවට ලබා දිමට හැකි වීම 14 වැනි සමුළුවේ විශේෂත්වයක් බව කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පවසයි.කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය අනුව ඇති වී තිබෙන අභියෝගවලට මුහුණ දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරේ. මේ සමුළුවේ සමාරම්භක අවස්ථාවට කෘෂිකර්ම ලේකම් ඩබලිව්. සකළසුරිය, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී. ශ්‍රියාපාල, උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කෘෂිවිද්‍යාඥයන්, විශේෂඥයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය..
|
NEWS
|
විදුර ෆර්නෑන්ඩර්ස්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් මලියදේව ආදර්ශ විදුහල සමග පැවැති අවු.19න් පහළ තරගයෙන් ලකුණු 230ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට රාගම බැසිලිකා විදුහල සමත්විය.විදුර ෆර්නෑන්ඩර්ස් (61) හා අශාන් රශ්මිකගේ (56) අර්ධ ශතක සමගින් පළමුව පන්දුවට පහරදුන් බැසිලිකා පිල ඕවර 50තුළදී ලකුණු 346ක් රැස් කිරීමට සමත්විය. එම්.කරණාරත්න හා මනුක ඉෂාන් කඩුලු 2 බැගින් දවාලීය.පිළිතුරු ලෙස මලියදේව විදුහලට සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 116ක් පමණි. විදුර ෆර්නෑන්ඩර්ස් ලකුණු 10කට කඩුලු 3ක් දවාගත් අතර ජූඩ් අර්ජුන හා අශේන් ඉෂාර කඩුලු 2 බැගින් දවාගත්හ.මේ තරගය ඕවර 50කට සීමා වු තෙවැනි කොටසේ තරගයක් ලෙසින් බැසිලිකා විදුහල් පිටියේ පැවැති පැවැත්විණි..
|
NEWS
|
නෙදර්ලන්තයේ ජීවත්වන ලක්ෂයකට අධික වූ දෙමළ ජනතාවගෙන් බලහත්කාරයෙන් කප්පම් මුදල් ලබාගත් එල්. ටී. ටී. ඊ. නායකයා හා ඔහුගේ සහචරයන් එරට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි අන්තර්ජාතික ජනමාධ්‍ය ප්‍රකාශ කර සිටී.නෙදර්ලන්ත අධිකරණ ප්‍රධානීන් පෙන්වා දෙන පරිදි මේ කප්පම් අය කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවී තිබේ. බලහත්කාරය, උපදේශනය, මෙන් ම වෙනත් උපායමාර්ග මගින්ද අහිංසක දෙමළ ජනතාව මුළාවට පත්කරමින් කප්පම් අය කිරීම දිගට ම ගෙනගොස් තිබේ. ඔවුන් අත විශාල අරමුදලක් ඇති බව පෙනී ගොස් ඇති අතර ඒවා බෙදුම්වාදයේ වෙනත් අවශ්‍යතා සඳහා යොදවන බව ද වාර්තා වී තිබේ.නෙදර්ලන්ත පොලීසිය වසර දෙකක් තිස්සේ කරන ලද විමර්ශනයක ප්‍රතිඵල ලෙස මේ ජාවාරම හෙළිකර ගැනීමට ලැබී තිබේ. විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මීට අදාළ මුදල් සම්භාරයක් ද හඳුනාගෙන තිබේ.වසර 2006 සිට ම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියාධරයන් නෙදර්ලන්තය ඇතුළු යුරෝපීය රටවලට පැනගොස් තිබේ. ඇතැම්විට දේශපාලන රැකවරණ පතා පැමිණි දෙමළ ජාතිකයෝ ද එල්. ටී. ටී. ඊ. ක්‍රියාදාමයට එක් ව සිටිති. මේ ක්‍රියාවලිය නෙදර්ලන්තයේ පමණක් නොව යුරෝපයේ රටවල් ගණනාවක ම සිදුවන බව ද වාර්තාවේ.නෙදර්ලන්තය පුරා විසිරී සිටින දෙමළ ජනතාවගෙන් එක්රැස් කරන මුදල් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නෙදර්ලන්ත ශාඛාව වෙත බැර වී ඇති අතර කප්පම් වශයෙන් රුපියල් කෝටි ගණනින් මුදල් එකතු කර ගෙන තිබෙන බවට පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.ඇතැම් පිරිස් එරට වෙසෙන දෙමළ ජාතිකයින්ට තවදුරටත් අරමුදල් ලබා දෙන ලෙස බල කරමින් සිටින බවද වාර්තා වෙයි.කෙසේ වුවද යුරෝපා සංගමය විසින් 2006 වර්ෂයේදී එල්. ටී. ටී. ඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමත් සමඟ නෙදර්ලන්තයද එම සංවිධානය තහනම් කෙරිණි.මේ අතර නෙදර්ලන්තයේ වෙසෙන ද්‍රවිඩයන් පිරිස ලක්ෂයකට ආසන්න බවද වාර්තා වෙයි..
|
NEWS
|
සංචාරක බටහිර ඉන්දියා කොදෙව් කාන්තා පිලට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති සිවුවැනි විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්විය. දෙපිල අතර අවසන් විස්සයි20 තරගය අද ප්‍රේමදාස පිටියේ දීම පැවැත්වේ.කොදෙව් පිල – 101 (ඕවර 19.4) ස්ටෙෆානී ටේලර් 40 (ශෂිකලා සිරිවර්ධන 19/3, උදේශිකා ප්‍රබෝධනී 14/2, ඊෂානී කෞෂල්‍යා 19/2)ශ්‍රී ලංකා පිල 102/6 (ඕවර 19.3) ශෂිකලා සිරිවර්ධන 19, දීපිකා රසාංගිකා 19 (ස්ටෙෆානී ටේලර් 22/2).
|
NEWS
|
ක්‍රිකට් බෝලයක දමා හෙරොයින්, ගංජා, දුම්කොළ දමා, ගාල්ල බන්ධනාගාරයට විසිකළ පුද්ගලයකු ගාල්ල පොලිසියේ දූෂණ මර්දන හා මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.ගාල්ල බන්ධනාගාර නිලධාරින් කළ දැනුම්දීමක් අනුව වැටලීම සිදුකරනු ලැබිණ.අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරක් මත තවත් පුද්ගලයින් 4ක් අත්අඩංගුවට ගනු ලැබිණි..
|
NEWS
|
ඉසිපතන විදුහල් පිලට එරෙහිව ලකුණු 17-10ක විශිෂ්ට ජයක් වාර්තා කළ වෙස්ලි විදුහල් පිල බස්නාහිර පළාත් පාසල් සත් සාමාජික රගර් ශූරතාව දිනාගැනීමට සමත්විය.රාහුල් ද සිල්වාගේ නායකත්වයෙන් යුත් වෙස්ලි විදුහල් පිල අවසන් තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවැනි භාගයේ දී දැඩි ආක්‍රමණශීලි ක්‍රීඩාවක නිරතවූ ඉසිපතන ක්‍රීඩකයෝ සිය කණ්ඩායමට ජයග්‍රහණය අත්කර ගැනීමට ප්‍රබල සටනක් දියත් කළ ද අනුශූරතාවෙන් පමණක් සෑහීමකට පත්වීමට ඔවුනට සිදුවිය.ගල්කිස්ස විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ පළඟ ශූරතාව හිමිවූයේ ලකුණු 27-0ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කළ විද්‍යා විද්‍යාලයටය. ලකුණු 26-12ක් ලෙස ලුම්බිණි විදුහල පරාජය කළ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විදුහලට බඳුන ශූරතාව හිමිවූ අතර නාලන්දා විදුහලට එරෙහිව ලකුණු 5-0ක ජයක් ලැබූ ආනන්ද විදුහල පළිහ ශූරතාව දිනා ගත්තේය.කුසලාන තරග වටයේ අවසන් පූර්ව තරගවලදී වෙස්ලි විදුහල් පිල ලකුණු 33-0ක් ලෙස සාන්ත තෝමස් විදුහල පරාජය කළ අතර විද්‍යා විද්‍යාලය ලකුණු 26-0ක් ලෙස ඉසිපතන විදුහල් පිල හමුවේ පරාජයට පත්විය.තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා රගර් සංගමයේ ලේකම් සහ බස්නාහිර පළාත් රගර් සංගමයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා සහභාගි විය. ජයග්‍රාහී වෙස්ලි විදුහල් පිලට රාහුල් ද සිල්වා (නායක), උස්මාන් තාහා, ජොයෙල් තිලකරත්න, යොහාන් සෙත්, ඉෂාර මධුෂාන්, නාමල්, සිතුම් දෙවිෂ්, ළහිරු ප්‍රසාද්, ගැවින් සීගර්ට්ස්, ඉෂාක් ජුරන්පති, ජොයෙල් පෙරේරා සහ සජිත් ආරියවංශ ඇතුලත් වූ අතර අමල් පතිරණ මහතා පුහුණුකරු ලෙස කටයුතු කළේය..
|
NEWS
|
අවසන් දිනය වන තුරු නොසිට දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.යුද්ධය අවසන් කළ රට සංවර්ධනය වෙමින් ඉදිරියට යන ආකාරය රටට කියාදෙන දැයට කිරුළ නැරැඹීම සෑම පුරවැසියකුගේම අයිතිවාසිකමක් මෙන්ම ප්‍රදර්ශනය නැරැඹීමට තම දරුවන්ට අවස්ථාව උදා කිරීම සෑම මව්පියකුගේම යුතුකමක් බවත් දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන කමිටුවේ සභාපති, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ සිවු වැනි දිනයේ මාධ්‍ය හමුවට මාධ්‍ය කලාපයේදී එක්වෙමිනි.ඇතැමුන් ප්‍රදර්ශනය නැරැඹීමට අවසන් දිනය වන තුරු බලා සිටින අතර තවත් පිරිසක් ප්‍රදර්ශනය දීර්ඝ කරන තුරු බලා සිටින බව පැවසූ ඇමැතිවරයා ප්‍රදර්ශනය දීර්ඝ කිරීමට මේ වන තුරු අදහසක් නොමැති බැවින් අවස්ථාව ලද විගස පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.දැයට කිරුළ ප්‍රදර්ශනයෙන් කථා කරන්නේ ජාතියේ ආඩම්බරකාරී අතීතයත් ජයග්‍රාහී වර්තමානයත් පිළිබඳ නිසා මෙය ජනතාවගේ ප්‍රදර්ශනයක් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. පී. හිටිසේකර මහත්වරුද මේ අවස්ථාවට එක් ව සිටියහ..
|
NEWS
|
රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග ආනයනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් යානා යොදවා ගැනීමට තීරණය කර තිබේ. රෝහල්වල පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟයට විසැඳුමක් වශයෙන් මේ තීරණයට එළඹ ඇත.හිඟ ඖෂධ වර්ග කඩිනමින් ගෙන්වා ගැනීමට ගුවන් හමුදාවේ යානා ලබාදෙන ලෙස සෞඛ්‍ය ඇමැතිමෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් කළ ඉල්ලීමට ලැබුණු යහපත් ප්‍රතිචාරවලට අනුව මෙම පියවර ගෙන තිබේ.මෙසේ අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීමෙන් ඉදිරි සති දෙක ඇතුළත ඖෂධ හිඟය අවසන්වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කමිටුවක් ද පත්කර තිබේ. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කීපයක හිඟයක් පවතින බව එහිදී අනාවරණය වී ඇත.
|
NEWS
|
පොදු අපේක්ෂක ෆොන්සේකා මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ ගිවිසුමකට එළඹීමෙන් ත්‍රස්තවාදී තර්ජනයට ලක්ව සිටි ගම්වැසියන් භීතියට පත්ව ඇති බව දිඟාමඩුල්ල දිස්ත්‍රික් සංඝ සභාවේ ලේඛකාධිකාරී අරංතලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති, අම්පාර මහාවාසී මහා විහාරාධිපති ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන නාහිමියෝ පවසති.දේශීයව මෙන් ම විදේශීය වශයෙන් පැවති විවිධ කුමන්ත්‍රණ පරදවමින් දශක තුනක් තිස්සේ අවසන් කළ නොහැකි වූ ත්‍රස්තවාදය අවසන් කර බේරාදුන් රට නැවත ලේ විලක් කිරීමට ෆොන්සේකා ප්‍රමුඛ සන්ධානය සුදානම් වන බව සෝමරතන නාහිමියෝ අවධාරණය කරති.ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රකාශනයෙහි රටේ ඒකීයභාවය පිළිබඳව කිසිඳු සඳහනක් කර නැති බව පවසන නාහිමියෝ මේ රට ෆෙඩරල් රටක් බවට පත්කිරීමට එජාපය, ජවිපෙ සහ ෆොන්සේකා මහතා ක්‍රියා කරනු ඇතැයි ද පවසති.මේ ප්‍රෝඩාකාරී ගිවිසුමේ උතුරු - නැඟෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනයක් ඇති කිරීම, සිරගත වී සිටින ත්‍රස්තවාදීන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම, ත්‍රිවිධ හමුදා කඳවුරු ඉවත් කිරීම වැනි කරුණුවලට අවධානය යොමු කර තිබීම මේ රටේ බුද්ධිමත් ජනතාව ඥානාන්විතව අවබෝධ කරගත යුතු බව අවධාරණ කරන නාහිමියෝ මේ රට නැවත අස්ථාවර කිරිමට කිසිදා සංඝරත්නය ඉඩනොතබන බව ද පවසති.තර්ජනයට පත් ගැමියන් මේ තත්ත්වය තුළින් භීතියට හා ත්‍රාසයට පත්ව සිටින්නේ නැවත එම ජනතාවට ත්‍රස්තවාදය හේතුවෙන් තම දරු පැටවුන් රැගෙන නිරාහාරව කැලේ පැනීමට සිදුවන නිසා බව ද උන්වහන්සේ පැවසූහ.කොළඹ සිටින විජාතික ගැතිකම් කරන පිරිස මේ රටේ කෘත්‍රිමව මවාපාන තත්ත්වය වෙනස් කිරීමට මේ රටේ සංඝරත්නය වීදි බැස තිබෙන බව අවධාරණය කළ සෝමානන්ද නාහිමියෝ මේ රට භාරදීමට සිටින එකම සුදුසු නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ සඳහා සංඝරත්නය කැප වී ක්‍රියා කරන බවත් පැවසූහ.
|
NEWS
|
ශ්‍රී ලංකා හයවැනි කාලතුවක්කු රෙජිමේන්තුවේ බළලත් නිලධාරි ප්‍රසන්න අමරසේකර රණවිරුවාට යුද හමුදාව රුපියල් ලක්ෂ තිහක මුදලක් වැය කර ඉදිකළ නව නිවෙස ප්‍රදානය කිරීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම කිරිවත්තුඩුවේ දී සිදු කෙරිණි.දක්ෂ මලල ක්‍රීඩකයකු වන අමරසේකර රණවිරුවා 2002 / 2004 වසරවලදී දකුණු ආසියා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 තරග කර රන් හා රිදී පදක්කම් දිනා ගැනීමටත් 2005 වසරේ මීටර් 400 තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීමට හා 2008 වසරේ පැවැති මීටර් 400 තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී ඇත.මීට අමතරව දේශීය හා විදේශීය පැවැති මලල ක්‍රීඩා තරගාවලි රැසකට සහභාගි වී ප්‍රථම ස්ථානයන් රැසක් ලබා දී රටටත් යුද හමුදාවටත් විශාල කීර්තියක් ගෙන දුන් හපුතලේ ප්‍රදේශයේ උපන් මෙම ක්‍රීඩකයාට තිබූ විශාලම අඩුම වී ඇත්තේ, තමන්ට කියා සිටීමට නිවෙසක් නොමැතිවීමය.මේ නිසා විවිධ නිවාසවල තාවකාලිකව පදිංචිවී ක්‍රීඩා කටයුතු කරගෙන යාමට ඇති අපහසුතාව පිළිබඳව අවදානය යොමු කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා, ක්‍රීඩා අමාත්‍යාංශය හා මලල ක්‍රීඩා සංගමය එක්ව හෝමාගම කිරිවත්තුඩුව, මිල්ලගහවත්ත නැමැති සුන්දර පරිසරයකින් ලබා දුන් පර්චස් දහයක බිම් කැබැල්ලේ නව නිවෙසක් ඉදිකර දීමට පියවරගෙන ඇත.නිවෙස ඉදිකිරීමට යුද හමුදා ඉංජිනේරු සේවා බළකායට අයත් හතර හා හත යන ඒකකවල රුපියල් ලක්ෂ තිහක පමණ මුදලක් වැය කර නිවෙසට අවශ්‍ය පහසුකම් සහිතව නිවෙස ඉදිකර දී තිබේ.නව නිවෙස ප්‍රදානය කළ අවස්ථාවට, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු අධිපති, මේජර් ජෙනරාල් ජගත් රඹුක්පොත, යුද හමුදා ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් හා ඉංජිනේරුසේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොල, යුද සේවා ලේකම්, යුද හමුදා මලල ක්‍රීඩා සභාපති, හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, බ්‍රිගේඩියර් දේවින්ද පෙරේරා ප්‍රවීණ ක්‍රීඩා උපදේශක සුනිල් ගුණවර්ධන යන මහත්වරුඇතුළු උසස් හමුදා නිලධාරීහූ හා අමරසේකර රණවිරුවාගේ පවුලේ ඥාතීහුද සහභාගි වූහ..
|
NEWS
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.