comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
වත්මන් රජය සෑම විටම රාජ්‍ය සේවකයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකළ නිසා මෙතෙක් පැවැති සෑම තැපැල් ඡන්දයකදී මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත් මැතිවරණයේ තැපැල් ඡන්දයේදී රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන බව විශ්වාස යැයි ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ 2001 මැතිවරණයේ තැපැල් ඡන්දයෙන් ද එවකට පැවැති පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළ බවද ඇමැතිවරයා මෙහිදී සිහිපත් කළේය.රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද කතා කරන එක්සත් ජාතික පක්ෂය මෙරට රාජ්‍ය සේවය හකුලා දැමීමට උත්සාහ කළ බවත්, එය නවතා දමා රාජ්‍ය සේවය පුළුල් කිරීමට ක්‍රියා කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.ඇමැතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදීය.රාජ්‍ය සේවයේ අද කාන්තා නියෝජනය පිරිමි නියෝජනට වඩා වැඩිවී තිබෙන බව කී ඇමැතිවරයා, සන්ධාන රජය දේශපාලන බේද නොතකා උපාධිධාරීන් ලක්ෂයකට පසුගිය කාලසීමාවේ රැකියා ලබා දුන් බවත්, ඉතිහාසයේ කිසිම රජයක් නොකළ අන්දමින් සෑම අයැවැයකින් ම රාජ්‍ය සේවකයන්ට දීමනා ලබාදීමට කටයුතු කළ බවත් කීවේය. ඇමැතිවරයා මෙසේද පවැසීය.සෑම මැතිවරණයකදීම එදා අපට සිදුව තිබුණේ ඡන්ද පොළ සහ ඡන්ද පෙට්ටිය ආරක්ෂා කිරීමටයි. ඒ හොර ඡන්ද දැමීම වළක්වා ගැනීම සඳහායි. අද එහෙම නෑ. ඡන්දය පාවිච්චි කිරීමේදී හැඳුනුම්පත අනිවාර්ය කිරීම, ද්විත්ව ලියාපදිංචිය අහෝසි කිරීමට රජය පියවර ගෙන සියලු මැතිවරණ සාමකාමී සහ සාධාරණ මැතිවරණ බවට පත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.එදා කොළඹ ද්විත්ව ලියාපදිංචිය නිසා හොර ඡන්ද විශාල ප්‍රමාණයක් දැමුවා. දැන් එහෙම කරන්න බැහැ. රජය ගත් පියවර නිසා ඡන්ද මංකොල්ලකෑම් ද අවසන්ව තිබෙනවා. ඡන්ද ක්‍රමය වඩා නිරවද්‍ය ක්‍රමයක් බවට පත්ව තිබෙනවා. අපි වැඩ කර තිබෙන නිසා මැතිවරණවලට බය නැහැ. යුද්ධයෙන් පසු සාමය සහ සමෘද්ධිය අත්විඳීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා-ජනාධිපතිතුමා බලයට පත්වූ පසු රාජ්‍ය සේවයේ පහළ ම වැටුප් ලබන සේවකයන්ගේ අවම වැටුප ඉලක්කම් හතරේ සිට ඉලක්කම් හය දක්වා එනම් රුපියල් 11,000 සීමාවෙන් ඔබ්බට ගෙන ගියා. මේ වන විට රාජ්‍ය සේවයේ කම්කරුවකුට මාසයකට රුපියල් විසි එක්දහසක වැටුපක් ගෙදර ගෙන යන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රසූත නිවාඩුව ලබා දුන්නා. දරුවකු ලැබුණු පසු පියාටත් දින තුනක නිවාඩුවක් ලබා දුන්නා. රාජ්‍ය සේවකයාගේ රක්ෂණය පැය 24 දක්වා දීර්ඝ කළා.ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ද අදහස් දැක්වීය..
|
NEWS
|
ඖෂධ මිලදී ගැනීම සඳහා රජය වැය කරන මුදල මේ වසර අවසාන වන විට රුපියල් කෝටි 2100 ක මුදලක් ඉක්මවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඖෂධ මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 1900 ක මුදලක් මේ වනවිට රජය වැය කර ඇති බව ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඇමැතිවරයා ඊයේ (01 දා) මේ බව ප්‍රකාශ කර සිටියේය.ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව ක්‍රියාත්මක වන ක්‍රමවේද හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ එම සංස්ථාවේ නිලධාරීන් දැනුවත් කිරීම ද මෙහිදී සිදුකෙරිණ.රෝහල්වලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙතෙක් රජයෙන් වෙන්කළේ රුපියල් කෝටි 1300 ක් හෝ 1400 ක් වැනි මුදලක් බවත් ඊට වඩා විශාල මුදලක් ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වසරේ දී රජය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බවත් ඇමැතිවරයා කීය.ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී ප්‍රතිකාර අංශ රාත්‍රී අට වන තෙක් විවෘතව තබන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් පරිදි රෝහල් විවෘතව තිබීමෙන් රෝගීන්ට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය සියයට 34 ක් ඉහළ ගොස් ඇති බව ද ඇමැතිවරයා පැවැසීය.ඖෂධ මිලදී ගැනීමේ කාර්යාවලියේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ටෙන්ඩර් කැඳවීමට අදාළව විශාල වගකීමක් පැවරී ඇත්තේ යැයි ද එම සංස්ථාව ඉන් නිදහස් කිරීම සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඍජුවම රජයකින් රජයකට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.රාජ්‍ය මැදිහත්වීම මත ඉන්දියානු හා බංග්ලාදේශ රටවලින් ඖෂධ මිලදී ගැනීමේ කාර්යාවලිය සාර්ථක කර ගැනීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතියි.ඖෂධ මිලදී ගැනීම අවිධිමත්ව සිදු කිරීම නිසා වැඩ තහනමට ලක්ව ඇති පුද්ගලයන්ගේ වැඩ තහනම සිදුකළේ විධිමත් විමර්ශනයකින් පසුව බවත් මින් ඉදිරියට පැවැත්වෙන පරීක්ෂණවලින් ඔවුන් නිවැරදිකරුවන් ලෙස තහවුරු වුවහොත් නැවත සේවයේ පිහිටුවන බවත් ඇමැතිවරයා කීය..
|
NEWS
|
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙය වූ කාන්තා පාපන්දු සූරතාවලියේ ජය යුද හමුදා ක්‍රීඩිකාවෝ සතු කර ගත්හ.කොළඹ සී. ආර්. පිටියේ ඊයේ පැවැති අවසන් තරගයේ නියමිත කාලයේ දී දෙපිලම ගෝලය බැගින් ලබා සම තත්ත්වයකට පත්වූයෙන් දඬුවම් පහර පිරිනැමුණි.එහිදී යුද හමුදාව ද¼ඬුවම් පහර 3ක් හා ගුවන් හමුදාව දඬුවම් පහර 2ක් සාර්ථක කර ගත්හ.තරගයේ නියමිත කාලයේ වාර්තා වූ ගෝල් දෙක රාධිකා සෙව්වන්දි (ගුවන් හමුදාව) හා කුමුද්‍රමාලි ලියනගේ (යුද හමුදාව) වාර්තා කළහ.අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ සූරතාව දිනූ යුද හමුදා පිල මේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්විය..
|
NEWS
|
කොළඹ රාජකීය විදුහලට වසර 175ක් සපිරීම නිමිතිකොට ගෙන පවත්වනු ලබන බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලිය, මෙම මස 30 සහ 31 වන දිනවලදී රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත..
|
NEWS
|
මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් රැකියා විරහිත තරුණ තරුණියන්ට පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා උදා වෙයි. දැයට කිරුළ වැඩසටහනට සමගාමීව තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තරුණ තරුණියන්ට මෙම අවස්ථාව උදා වී ඇති අතර මෙම වැඩසටහනට සමගාමීව සංවිධාන කර ඇති විශේෂ පුහුණු පාඨමාලා මේ දිනවල පැවැත්වේ.මෝස්තර නිර්මාණ ශිල්පය, වැඩ අධ්‍යයනය සහ තත්ත්ව කළමනාකරණය, නිෂ්පාදන කළමනාකරණය,හෝටල් පාඨමාලා ආදි අංශ රැසක් මෙම පාඨමාලා සඳහා අතුළත් කර ඇති අතර මුලික පුහුණුවකින් පසුව පැවැත්වෙන නේවාසික පුහුණු පාඨමාලා හදාරණ තරුණ තරුණියන්ට රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව සෑම තරුණ තරුණියකටම ස්ථීර රැකියා අවස්ථා උදා කර දී රැකියා ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීම රජයේ අරමුණයි.මේ සඳහා පෞද්ගලික අංශයේ තරගකාරි රැකියා වෙළෙදපොළට අවතීර්ණ වීමට ග්‍රාමීය දරුවන්ට පවතින බාධා අවම කිරීමට ද රජය මැදිහත් වී තිබේ.මෙහි එක් අවස්ථාවක් ලෙස දැයට කිරුළ වැඩසටහනට සමගාමීව මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත..
|
NEWS
|
67 වන මහනුවර ත්‍රිත්ව - කොළඹ රාජකීය විදුහල් අතර පැවැත්වෙන බ්‍රැඩ්බි කුසලාන රගර් තරගය මැයි මස 28 වනදා පස්වරු 4.45 සිට මහනුවර බෝගම්බර ක්‍රීඩාපිිටියේදී පැවැත්වේ.මීට කලින් පැවැති තරග 66 න් තරග 35 ක් ත්‍රිත්ව විදුහල දිනා ඇත. රාජකීය විදුහල තරග 30 ක් දිනා ඇති අතර 1992 තරගය කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ඇත.රාජකීය විදුහල මේ රගර් සමය තුළ තරග 6 ක් ජයගෙන අපරාජිත තත්ත්වයේ පසුවෙයි. ත්‍රිත්ව පිල මෙවර තරග 6 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ඇත..
|
NEWS
|
ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරු 12ක් වෙනුවෙන් 23දෙනෙක් තරග බිමට පිවිස සිටිති. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට නාමයෝජනා භාර ගැනීම ඊයේ පස්වරු 4.30ට අවසන් වු අතර වැඩිම පිරිසක් තරගයට පිවිස ඇත්තේ උප සභාපති, නියෝජ්‍ය ලේකම් හා භාණ්ඩාගාරික තනතුරුවලටය.සභාපති තනතුරට වොලිබෝල් සම්මේලනයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා සහ රුවල් ඔරු සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර ද්වන්ධ සටනක් නිර්මාණය වී තිබේ.ප්‍රධාන ලේකම් තනතුරට තිදෙනෙක් තරග කරන අතර දැනට එම ධූරයේ කටයුතු කරන ටෙනිස් සම්මේලනයේ මැක්ස්වල් ද සිල්වා, හිටපු ලේකම් වන දුනු විදීමේ සම්මේලනයේ එච්.යූ.සිල්වා හා ජල ක්‍රීඩා සංගමයේ අක්‍රී අමීර් යන මහත්වරු තරග බිමට පිවිස ඇත.උප සභාපති තනතුර 6කට නවදෙනෙකු තරගයට පිවිස සිටිති.නියෝජ්‍ය ලේකම් තනතුරු 2කට සිවුදෙනකු, භාණ්ඩාගාරික තනතුරට සිවුදෙනකු ඊයේ නාමයෝජනා භාර දුන්හ.නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර සඳහා පමණක් ටයිකොන්ඩෝ සම්මේලනයේ චන්දන ගමාච්චිගේ මහතා නිතරගයෙන් පත්වීම විශේෂත්වයකි.ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට මෙවර වසර 16ක් සභාපති ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් නොවන අතර අනෙකුත් සිටින නිලධාරීන් සිවුදෙනකු මෙවර නාමයෝජනා භාර දුන්හ.මෙවර නිලවරණයට ඇමැතිවරුන් දෙදෙනකු වන ඩිලාන් පෙරේරා හා සරත් ඒකනායක යන මහත්වරු ඉදිරිපත්වීමද විශේෂත්වයකි.එමෙන්ම රුවල් ඔරු සංගමයෙන් දෙදෙනකු, වොලිබෝල් සම්මේලනයෙන් දෙදෙනකු, මලල ක්‍රීඩා සංගමයෙන් දෙදෙනකු හා හොකී සම්මේලනයෙන් දෙදෙනකු ඉදිරිපත්වීම ද කැපී පෙනේ.ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය දෙසැම්බර් මස 27 වැනිදා පස්වරු 5.30ට ඔලිම්පික් නිවහනේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.සභාපති (තනතුරු 1)-ඩිලාන් පෙරේරා (වොලිබෝල් සම්මේලනය), රොහාන් ප්‍රනාන්දු (රුවල් ඔරු සංගමය)උප සභාපතිවරු (තනතුරු 6)-සුරංජිත් ප්‍රේමදාස (අසුන් පිට යෑමේ ක්‍රීඩා සංගමය), ජෝශප් කෙනී (සුලං ඔරු ක්‍රීඩා සම්මේලනය), දේවා හෙන්රි (රුවල් ඔරු සංගමය), ඩයන් ගෝමස් (බොක්සිං සංගමය), රංජිත් රුද්‍රිගු (පාපන්දු සම්මේලනය) සරත් ඒකනායක (බාස්කට්බෝල් සංගමය), සුමිත් එදිරිසිංහ (හොකී සම්මේලනය), පාලිත ප්‍රනාන්දු (මලල ක්‍රීඩා සංගමය), පූර්ණ කාහිංගල (බර ඉසිලීමේ සංගමය)ප්‍රධාන ලේකම් (තනතුරු 1)-මැක්වල් ද සිල්වා (ටෙනිස් සම්මේලනය), අක්‍රී අමීර් (ජල ක්‍රීඩා සංගමය), එච්.යූ.සිල්වා (දුනු විදීමේ සම්මේලනය)නියෝජ්‍ය ලේකම් (තනතුරු 2)-ලෙනින් ලසන්ත තෙන්නකෝන් (මල්ලවපොර සංගමය), ආනා පුංචිහේවා (ගෝල්ෆ් සංගමය), සුසිල් රණසිංහ (වොලිබෝල් සම්මේලනය), ප්‍රේමා පින්නවල (මලල ක්‍රීඩා සංගමය)භාණ්ඩාගාරික (තනතුරු 1)-රුවන් කෑරගල (කඩුහරඹ ක්‍රීඩා සංගමය), ගාමිණී ජයසිංහ (හොකී සම්මේලනය), තරිඳු වීරසිංහ (ජූඩෝ සම්මේලනය), සුරාජ් දන්දෙනිය (බැඩ්මින්ටන් සම්මේලනය)නියෝජ්‍ය භාණ්ඩාගාරික (තනතුරු 1)-නිතරගයෙනි චන්දන ගමාච්චිගේ (ටයිකොන්ඩෝ සම්මේලනය).
|
NEWS
|
තාවකාලිකව නවතා තිබූ ජී. එස්. පී. (GSP) සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට අමෙරිකානු රජය තීරණය කර ඇත.මේ සහන වැඩසටහන 2013 වසර සඳහා ලබාදීමට අමෙරිකානු රජය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා වාණිජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.ජී. එස්. පී. සහන වැඩපිළිවෙළ 2010 වසර අග භාගයේදී තාවකාලිකව නවතා දැමීමට අමෙරිකානු රජය පියවර ගෙන තිබිණි. ජී. එස්. පී. සහන ලබා අමෙරිකාවේ ආනයන බදුවලින් ශ්‍රී ලංකාව නිදහස් වන අතර අපනයන කරන භාණ්ඩවලට මේ සහනය 2011 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත..
|
NEWS
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන ජාතික උත්සව හෝ විවෘත කිරීම්වල දී පක්ෂයේ ලකුණ, අපේක්ෂකයකු හෝ ඔවුන්ගේ මනාප අංකය කිසි විටෙක ප්‍රචාරය කර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.පසුගිය දිනක ජනාධිපතිතුමන් උදෑසන ශාරීරික සුවතාවන්හි යෙදීමෙන් පසු දෙල්කඳ සතිපොළ නිරීක්ෂණය කිරීමට ගිය බවත් එහෙත් එවැනි අවස්ථාවකට හෝ අපේක්ෂකයකු රැගෙන නොගිය බවත් හෙතෙම කීවේය.එහෙත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ගල්කිස්ස පොළට කොළ බෙදන්න ගියේ සිය පක්ෂයෙන් මෙවර බස්නාහිර පළාත් සභාවට තරග කරන අපේක්ෂකයකු සමඟ බවත් ඒ මහතා කියා සිටියේ ය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වලට මෙවැනි දේ නොපෙනෙන්නේ ඇයි දැයි තමන් නොදන්නා බව හෙතෙම පැවැසීය.මෙවර මැතිවරණයෙන් පසු රජය ගෙදර යවන බවට තිස්ස අත්තනායක මහතා මේ දිනවල වේදිකාවල කිය කියා යන බවත් රජය ගෙදර යැවීමට පෙර සිය පක්ෂයේ නායකයා ගෙදර යැවීමට පක්ෂයේ පිරිස් ගන්නා උත්සාහය වළක්වා ගන්න යැයි ඉල්ලා සිටින බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය.වත්මන් රජය ගෙදර යැවීමට තරම් නුසුදුසු හේතූන් කවරේදැයි තමන් විපක්ෂයෙන් අසන බව පැවැසු ඒ මහතා මෙවර මැතිවරණවලින් කාට ගෙදර යන්න වේ දැයි බලාගත හැකි බවත් කියා සිටියේ ය.කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණි ලොකුගේ මහතා-එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා වරින් වර පැවැත්වුවා. ඒ වගේම එජාපය සමඟ සිටි කම්කරු කොංග්‍රසය මැතිවරණවල තනිව තරග කළා. මෙය මේ රජයෙන් විතරක් වුන දෙයක් නෙවෙයි. අනික මම දන්නවා එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ ඉද්දි එවකට හිටිය රජයට එරෙහිව විවිධ චෝදනා එල්ල කළා. අපි 2001 බලයට ආවම මම ඇහුවා ඒ දෙවල්වලට පරික්ෂණ පවත්වන්නේ නැද්ද කියලා. එතකොට කියනවා විපක්ෂයේ ඉන්න කොට රජයට ඒ වගේ දේවල් කියනවා. ඊට පස්සේ ඒවා එතනින් ඉවරයි කියලා. අදත් එක්සත් ජාතික පක්ෂය රජයට එරෙහිව කරන්නේ ඒ වගේ දෙවල්. ජනතාව වුනත් ඒ ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ. යුද්ධය අවසන් නොකළ නම් අපිට ජිනීවා ප්‍රශ්න එන්නේ නැහැ. සම්බාධක පනවන්න එන්නේ නැහැ. මෙතන තිබෙන්නේ කුහකත්වයක්. අපේ රටේ ජනතාව සාමකාමීව ජීවත් වෙනවා දකින්න තිබෙන ඊර්ෂාවක්. එම නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රජය ගෙන යන වැඩපිළිවළ ශක්තිමත් කරන්න ශක්තිය ලබා දෙන්න කියලා..
|
NEWS
|
මෙවර ලෝක ළමා දිනය පැවති ඔක්: 1 දින කඩවත ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් රාගම රජයේ ශික්ෂණ රෝහලේ අංක 2 ළමා වාට්ටුවේදී එහි ප්‍රතිකාර ලබනා දරුවන්හට ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් පවත්වන ලදී. මෙහිදී මෙම සංගමය විසින් එහි සියලුම දරුවනට පලතුරු සහ පාසල් උපකරණ සෙල්ලම් බඩු වැනි දේ ප්‍රදානය කරන ලදී.රෝහලේ වාට්ටු අංක 2 ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සඳහා කඩවත ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් විජේසිංහ මහතා ඇතුළු සියලුම නිලධාරීහු ද සහභාගි වූහ.මෙහිදී බෞද්ධ ආගමික වතාවත් කඩවත ශ්‍රී බිම්භාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති හුරීගස්වැවේ රතනපාල හිමියන් විසින් සිදුකළ අතර, කතෝලික ආගමික වතාවත් රෝහල් දේවස්ථාන භාර පීලික්ස් ශාන්ත පියතුමා විසින් සිදුකරන ලදී.මෙහිදී දරුවන්ගේ නැටුම්, ගැයුම්, සහිත දක්ෂතා එළිදැක්වීමක් ද සිදුවූ අතර, විශේෂ දේශනය සීමා වාසික වෛද්‍ය රසිකා නිලානි මහත්මිය විසින් සිදුකරන ලදී.මෙහිදී රතනපාල හිමියන්ද, පීලික්ස් ශාන්තපියතුමා ඇතුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් විජේසිංහ, විශේෂඥ ළමා වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක ළමා වාට්ටුව භාර වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු මහත්ම මහත්මීහු ඇතුළු තවත් කීප දෙනෙක් ද කථා කළහ..
|
NEWS
|
රටේ ආර්ථිකය හා පාරිභෝගිකයා පිළිබඳ අවධානය යොමු කරමින් විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තීන්දු තීරණ ගන්නා බව විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.විදුලිබිල වැඩි කිරීමෙන් පමණක් විදුලිබල ක්ෂේත්‍රයේ අර්බූද විසඳීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් වන්නිආරච්චි මහත්මිය මේ පිළිබඳගැඹුරු අවබෝධයක් ලබා ගැනීමෙන් පසුව ගත හැකි සියලු විසඳුම් ලබා දෙන බවද කීවාය. ඇමැතිතුමිය මෙම අදහස් පළ කළේ විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් පසුව ඊයේ (31) පැවැති උත්සවය අමතමිනි. රටක ආර්ථිකය දියුණු කිරීමට විදුලිය ප්‍රධානම සාධකය බවද කාර්යක්ෂම හා ඵලදායි විදුලිබල සේවාවක් ලබාදීමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.එම් පර්ඩිනැන්ඩු මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ..
|
NEWS
|
සමස්ත ලංකා පාසල් වුෂු තරඟාවලියේදී රන් පදක්කම් 12 ක් දිනා ගත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය කණ්ඩායම බාලක අංශයේ සමස්ත සූරතාවය ජය ගත්තේය.රන් පදක්කම් 05 ක් දිනා ගනිමින් කොළඹ ආනන්ද විද්‍යාලීය කණ්ඩායම එම අංශයේ අනු සූරයන් බවට පත් විය.බාලිකා අංශයේ සූරතාවය කොළඹ විශාකා විද්‍යාලයටත් අනු සූරතාවය කොළඹ මියුසියස් විද්‍යාලයටත් හිමි විය.මිශ්‍ර අංශයේ ප්‍රථම ස්ථානය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායමටත්, එහි දෙවන ස්ථානය ගොතටුව ගිගල්ස් ජාත්‍යන්තර පාසලටත් හිමි විය.පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මේ සූරතාවලියේදී වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් පැතුම් පූර්ණ, ජිනිත රන්මල්, සඳරු එරංජන, රගිත විමුක්ති, රංගික හසරංග, සමීීර මධුවන්ත සහ විරාජ් දේනුක රන් පදක්කම් දිනා ගත්හ.රන් පදක්කම් 02 ක් දිනාගත් ලාබාලතම ක්‍රීඩක පැතුම් පූර්ණ වයස 1 3 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, රන් පදක්කම් 02 ක් හා 01 රිදී පදක්කමක් දිනා ගනිමින් සඳරු එරංජන 15 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් රන් පදක්කම් 03 ක් දිනා ගනිමින් විරාජ් දේනුක වයස 17 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් තේරී පත්වූහ..
|
NEWS
|
ජෙට් එයාබස් ගුවන් යානයකින් චෙන්නායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකුගේ ගමන් බෑගයේ තිබූ රුපියල් පන්ලක්ෂ පනස්පන් දහසක් වටිනා විදුලි සංදේශ උපකරණ තොගයක් ඊයේ (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි අයකු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.ගමන් බෑගයේ සඟවා තිබී විදුලි සංදේශ උපකරණ 111ක් රේගු නිලධාරීන් සොයාගෙන ඇත.නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ. ඒ. ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් අත්අඩංගුවට ගත් භාණ්ඩ සියල්ල රාජසන්තක කොට ඇති අතර, අදාළ සැකකරුට රුපියල් දහදාහක දඩ මුදලක් ගෙවන ලෙස නියම කෙළේය.සිද්ධිය පිළිබඳ ධර්මසේන මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි..
|
NEWS
|
මාතර ප්‍රදේශයේ වැසි ජලය මහ මුහුදට වැටීම සඳහා ඉදිකර ඇති ඇළ මාර්ග අවහිරවන ලෙස අනවසර ඉදිකිරීම් කිරීම, සහ ඇළ ඉවුරේ ගස් සිටුවීම, ඇළ මාර්ගයට කැළි කසළ එක් කිරීම වැනි ක්‍රිය හේතුවෙන් පවුල් 5000 කට වැඩි පිරිසක් නිරන්තර ජල ගැලීම්වලට ගොදුරුවී ඇත.අතලොස්සක් පිරිසකගේ වැරදි ක්‍රියා කලාපය නිසා වසර 5 කට වැඩි කාලයක් තිස්සේ වල්ගම මුදුන් ඇළ, සහ තුඩාව ඇළ මාර්ග අවහිරවීමෙන් පවුල් 5000 ක පිරිසක් වැසි ඇද හැලෙන සමයේ නිවාසවලට ගලන ගංවතුරෙන් පීඩාවට පත්විය. මෙම කාලය වල්ගම, පඹුරන, තුඩාව, හිත්තැටිය, වල්පොල, වේරගම්පිය, යන ප්‍රදේශවල නිවාස සහ මහ මාර්ග ද වාරිමාර්ග බවට පත්විය.තමුන්ට ඇතිවී ඇති අසහන කාරිත්වය සහ ඇළ මාර්ගවල ජලය බැස නොයාම නිසා ඇතිවෙන රෝගාබාධ පිළිබඳව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ඉදිරියේ ජනතාවගේ කඳුළු කථාව හෙළිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහයෙන් රුපියල් ලක්‍ෂ 30 ක වියදමින් කිලෝ මීටර් 03 ක් දිග වල්ගම මුදුන් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට සහ ශුද්ධ පවිත්‍ර කිරීමටත් මීටර් 7800 ක් දිග තුඩාව ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට සහ ශුද්ධ පවිත්‍ර කිරීමටත් පියවරගෙන තිබීම ජනතාවට ඉමහත් අස්වැසිල්ලක් වී ඇත.මාතර ශ්‍රී.ල.නි.ප සංවිධායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා - මාතර ආසනයේ ඇති ගැටලුව වසර 15 ක් පැරැණියි.ඒ කාලයේ මේ ප්‍රදේශවලට මන්ත්‍රීවරුන් සිටියා ද කියන එකත් සැකයක්.මිනිසුන්ට ගංවතුර ආවාම පන්සලට පැමිණ පාන් පරිප්පු දීමට වඩා ප්‍රශ්නයට විසඳුම් සෙවීම ප්‍රායෝගිකයි.එම නිසා මේ ඇළ මාර්ග හෑරීම ප්‍රතිසංස්කරණය කිරීම දැනට ලැබී ඇති ලක්‍ෂ 30 ක මුදලින් ආරම්භ කරන්න අවශ්‍ය මුදල් ආර්ථික සංවර්ධන අමාත්‍ය හරහා නැවත ලබා දෙන්නම්. එම නිසා කථාවට කාලය මිඩංගු නොකර ප්‍රායෝගික වැඩ කරන ලෙස නිලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා.මාතර ප්‍රාදේශීය ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා - මේ ජල ගැල්මට හේතුව අවධිමත් සංවර්ධනය යි. ඇළ මාර්ග ඉවුර අයිනේ ගස් හිටවනවා. එම ගස් ඇලවීම නිසා “ගේබියන්” ගල්වැටි කඩා වැටෙනවා. ඒ වගේම කැළි කසළ කෙසෙල්කොට අපද්‍රව්‍යය ඇළ මාර්ගයට මුසු කරනවා.මෙම පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මෙවන් අත්තනෝමතික ක්‍රියා නිසා පවුල් විශාල ප්‍රමාණයක් ගංවතුරෙන් පීඩා විඳිනවා..
|
NEWS
|
මොරටු මහා විදුහලත් පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විදුහලත් අතර පැවති අවුරුදු 15 න් පහළ තෙවැනි පෙල අන්තර් පාසල් ක්‍රිකට් තරගයෙන් කඩුළු 7 ක ජයක් වාර්තා කිරීමට මොරටු මහා විදුහල සමත් විය.පලමුවෙන් පන්දුවට මුහුණ දුන් මෙතෝදිස්ස උසස් විදුහල් පිල ලකුණු 132 කට දැවී ගිය අතර පිළිතුරු වශයෙන් මොරටු මහා විදුහල කඩුළු තුනකට ලකුණු 133ක් වාර්තා කිරීමට සමත් විය. ඩිල්ශාන් විජේසූරිය තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 56 ක් වාර්තා කළේය.මෙතෝදිස්ස උසස් විදුහල – 132 (ඕවර 45.3) පි. එස්. නිමන්ත 30, (ඩිල්ශාන් විජේසුරිය 3 / 30, උදයාංග වීරසිංහ 3 / 24)මොරටු විදුරල – 133 / 3 (ඕවර 25) ඩිල්ෂාන් විජේසුරිය 56, උදයාංග වීරසිංහ නොදැවී 35.
|
NEWS
|
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා දෙවිනුවර සිට ෙකාළඹ දක්වා දින පහක විරෝධතා පා ගමනක් අද (05) දෙවිනුවරින් ඇරඹේ. වැලිගම, ගාල්ල, හික්කඩුව, කොස්ගොඩ, කළුතර, මොරටුව හා කොළඹ යන නගර පසු කරමින් පා ගමන මෙම මස 11දා කොළඹට ළඟාවීමට නියමිතය.මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක මහත්වරු සංවිධාන කරන මෙම රැලියට සමගාමීව අස්සන් දස ලක්ෂයක පෙත්සමක් අස්සන් කිරීමට කටයුතු යොදා ඇත..
|
NEWS
|
(2012-07-04 10:45) අඹලන්ද ගෝනතරාව මාර්ගයේ ගෝනතලාව ගඟ හරහා ඉදිකර තිබූ කෝසුව හරහා ගල් පැටවූ ටිපර් රථයක් ධාවනය වීමේදී කෝසුවේ මතුපිට කොන්ක්‍රීට් තහඩුව කැඩී ටිපර් රථයත් සමඟ ගඟට වැටීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. මොනරාගල අම්පාර මාර්ගයේ අඹලන්ද හන්දියෙන් අඹලන්ද ගෝනතලාව හරහා මොනරාගල මාරිඅරාව ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ විය හැකි මෙම මාර්ගයේ ගෝනතලාව මේ කෝසුව කඩා වැටීම නිසා උප ප්‍රධාන මාර්ගයක් ලෙස භාවිතා කළ මේ මාර්ගයේ ගමන් කළ දහස් ගණන් ජනතාව, පාසල් දරු දැරියෝ, ත්‍රීවිල් හා කෘෂි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ට්‍රැක්ටර්, ලොරි රථ ධාවනය සම්පූර්ණයෙන් ම ඇනහිට ඇත. වසර දහයකට පමණ පෙර මේ කෝසුව ඉදිකර තිබේ. මෙහි කොන්ක්‍රීට් තට්ටුව ඉදිකිරීමේදී ඒ සඳහා යකඩ කම්බි කූරු භාවිතා කර නැති බවත්, නිසි ප්‍රමිතියකට ඉදිකර නැති බවත් හෙළි වී තිබේ. එබැවින් මෙය යළි නිසි පරිදි ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති..
|
NEWS
|
බස්නාහිර පළාතට අයත් කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්ක තුනේ පිහිටා ඇති වගුරු බිම් හිතුමතේ ගොඩ කිරීම හෝ සංවර්ධනය කිරීම අත්හිටුවීමට රජය මගින් පියවර ගෙන ඇතත් එම නියෝග තුට්ටුවකට මායිම් නොකර ඒවා ගොඩකරන තත්ත්වයක් උදාවී තිබේ.නාගරික හා ආරක්ෂණ අමාත්‍යාංශය හා පරිසර අමාත්‍යාංශය විසින් තහනම් නියෝග පනවා ඇතත් ඒවා පිළිනොපදින දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාතාල මැරයින් පිරිසක් මෙම ක්‍රියාවට හවුල් වී සිටිති..
|
NEWS
|
ජනමාධ්‍ය අමාත්‍යාංශය අනුබද්ධිත රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා ක්‍රිකට් පිල ලකුණු 22කින් පරාජයට පත්කළ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දෙපාර්තුමේන්තු ක්‍රිකට් පිල දෙවැනි වරටත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් ශූරතාව දිනාගැනිමට සමත්විය.මහනුවර දී පසුගියදා පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දෙපාර්තුමේන්තු ක්‍රිකට් පිල ලකුණු 59ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා ක්‍රිකට් පිල රැස්කරනු ලැබුවේ ලකුණු 37ක් පමණි.රාජ්‍ය, පළාත්, බැංකු, සංස්ථා හා මණ්ඩල ක්‍රිකට් කණ්ඩායම් 44ක් තරග වැදුණු මේ තරගාවලියේ වීරයා ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දෙපාර්තුමේන්තු පිලේ ඒ.අයි.ගාල්ලගේ සම්මාන දිනූ අතර අවසන් තරගයේ වීරයා ලෙස එම කණ්ඩායමේ ශ්‍රීමාල් සේනානායක සම්මාන දිනාගත්තේය.තරගාවලියේ හොඳම පන්දු යවන්නාගේ සම්මානය දිනාගනු ලැබුවේ නුවන් වාසනා බණ්ඩාර විසිනි. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා ක්‍රිකට් පිලේ සංජීව කරුණාරත්න තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානය දිනාගත්තේය. ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රුපියල් පනස්දහසක් හා අනූශූරයන්ට රුපියල් විසිපන්දහසක මුදලක් පිරිනැමිණි.මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක හා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කළමනාකරු එල්.ජී.හේවාවිතාරණ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අවසන් තරගය පැවැත්විණි..
|
NEWS
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නැංවීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබා දී තිබෙන බවත්, මේ නිසා නාගරික ප්‍රදේශවල පවතින පහසුකම් අද රටපුරා ග්‍රාමීය ප්‍රදේශවලද පවතින බවත් නාගරික සංවර්ධන හා පූජා භූ®මි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.ඇමැතිවරයා එසේ පැවැසුවේ කොළඹ දිස්ත්‍රික් ප්‍රජා ජල සම්පාදන (හෝමාගම) කාර්යාලය මගින් රුපියල් ලක්ෂ තිස් පහක මුදලක් වැය කර මීපේ ගලගෙදර ඉදිකැරුණු නව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුවය.ඒ මහතා මෙසේද පැවැසීය.ගලගෙදර සත් සරණි ප්‍රජා මූල සංවිධානය සහ ප්‍රදේශවාසීන් විශාල කැපවීමකින් කටයුතු කළ නිසා මේ ප්‍රජා ජල ව්‍යාපෘතිය සාර්ථකව සාදා නිම කිරීමට හැකිවී තිබෙනවා.ප්‍රජා මූල සංවිධාන ව්‍යාපෘතියේ වැඩ කටයුතු කරගෙන යන විට පරිසරය සුරක්ෂිත වෙනවා. එසේම සමාජයේ එකමුතු වී වැඩ කිරීමට හැකි නායකයන් ද බිහි වෙනවා.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන සන්ධාන ආණ්ඩුවේ මූලික අරමුණ ගම සංවර්ධනය කර රට සංවර්ධනය කිරීමයි. ප්‍රජා ජල ව්‍යාපෘති යටතේ පානීය ජලය නොමැති ප්‍රදේශවලට ජල පහසුකම් ලබා දීම සිදු කරනවා.ගම නැඟුම මඟ නැඟුම සංවර්ධන ව්‍යාපෘති මඟින් මාර්ග ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් නංවාලීම ආරම්භ කර තිබෙනවා.වසර තිහක් පැවැති යුද්ධය සාර්ථකව නිම කිරීමට ඉකුත් වසරේ විශාල මුදලක් වැය කළත් රටේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ මුදල් ප්‍රමාණය අඩු කෙළේ නැහැ. අද රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් වී තිබෙනවා. මේ නිසා ඉදිරි කාලයේ රටේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය විශාල ලෙස වැඩි වෙනවා. සෑමදා අපට තුන් වැනි ලෝකයේ රටක් ලෙස සිටීමට අවශ්‍ය වන්නේ නැහැ.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා.ප්‍රජා ජල ව්‍යාපෘතිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශ රැසකට පානීය ජලය ලබාදී තිබෙනවා. මේ ව්‍යාපෘතිය මඟින් පානීය ජලය ලබා ගැනීම දුෂ්කර වූ නිවාස පන්සීයක පමණ පානීය ජල අවශ්‍යතා සපිරෙනවා.නිවාස සංවර්ධන ඇමැති ගීතාංජන ගුණවර්ධන, පළාත් සභා මන්ත්‍රී ලයනල් කාරියවසම්, හෝමාගම හා සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන කමල් චන්දන, ගාමිණි වැලිකල, ජයන්ත රෝහණ, ප්‍රජා ජල සම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණපාල පතිරණ, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම් ගැමුණු ඉද්දමල්ගොඩ, දිස්ත්‍රික් කළමනාකාර එම්. එම්. ආර්. සමන්ත යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.
|
NEWS
|
පදික මාරුවීමේ නීතිය කඩ කළ 274 දෙනකු ඊයේ(24) නීතියේ රැහැනට හසුකර ගත් බවත් ,මේ වසර තුළ පදික මාරුවීමේ නීතිය කඩ කරන ලද පුද්ගලයන් 4222 කට විරුද්ධව නඩු පැවරූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.මෑතකදී කොළඹ නගරයේ සහ ප්‍රධාන නගර වල අනතුරුවලට හා මාර්ග අවහිරතාවලට එක් හේතුවක් ලෙස පදික මාරුව භාවිතා නොකිරීම පොලිසිය පෙන්වා දෙයි.කොළඹ නගරයේ පමණක් මේ වසර තුළ පදික මාරුවීමේ නීතිය කඩ කරන ලද පුද්ගලයන් 1107 කට විරුද්ධව නඩු පවරා ඇති අතර විශේෂයෙන් මෙම නීතිය උල්ලංඝනය කර පාර මාරුවන පුද්ගලයන් බොරුල්ල,මරදාන,කොටුව,කොල්ලුපිටිය,බම්බලපිටිය යන ප්‍රදේශයන්හී දැකිය හැකි බවද පොලිසිය පෙන්වා දෙයි.පදික මාරුවක් යන්නට කහ ඉරට අමතරව උමං මාර්ගයක් ගුවන් පාලමක් ද අයිතිවන අතර මේ නීතිය උල්ලංඝනය කරන්නන්ට මහේස්ත්‍රාත් අධිකරණයකදී පළවෙනි වතාවට රුපියල් 1000 ක්ද දෙවෙනි වතාවේදී රුපියල් 2000ක්ද තුන්වන වතාවේදී රුපියල් 3500ක දඩයක්ද පැනවිය හැකිය.මෙම වරද සඳහා කිසිසේත් දඩ පත්‍රිකා නිකුත් කළ නොහැකි අතර උසාවියට අනිවාර්යයෙන් නඩුව සඳහා යා යුතුය.පදික මාරුවක් තිබෙන ස්ථානයකදී හෝ තමා පාර මාරුවීමට උත්සාහ කරන ස්ථානයේ සිට මීටර් පනහක් දුරින් පදික මාරුවක් තිබේ නම් එම ස්ථානයෙන් අනිවාර්යයෙන් පාර මාරුවිය යුතු බවත් විශේෂයෙන් ගුවන් පාලමකට නැගිය නොහැකි වයෝවෘද්ධ,ආබාධිත පුද්ගලයන් හෝ ඔවුන්ගේ ඥාතීන් ඒ ආසන්නයේ සිටින පොලිස් නිලධාරියාට දන්වා වාහන නවතාගෙන පාර මාරුවිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි..
|
NEWS
|
අමෙරිකාවේ ඔරාකල් අධ්‍යාපන පදනම සංවිධාන කළ Oracal Think Quest 2012 තරගාවලියේ දෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් තිදෙනකු දිනා ගෙන ඇත.චමත් පිළිහවඩන, රොෂානල් ලිහිණිකඩුව හා අදීශ ගම්මන්පිල ජයග්‍රහණ කළ ශිෂ්‍යයෝ වෙති.දුරකථනයක සිට තවත් දුරකථනයකට එස්.එම්.එස්. පණිවිඩයක් යැවීමේ දී රහස්‍යභාවය සුරකීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ සිසුන් තිදෙනාට ජයග්‍රහණය හිමි විය.තමන් නිර්මාණය කළ මෘදුකාංගය තැන්පත් කර ඇති ජංගම දුරකථනයකින් එස්.එම්. එස්. පණිවිඩයක් යවන විට එය වෙනත් රහස්‍ය භාෂාවකට හැරවෙන අතර එය කියවීම සඳහා එම පණිවිඩය ලබන දුරකථනයේ ද අදාළ මෘදුකාංගය තැන්පත් කර තිබිය යුතු බව චමත් පළිහවඩන ගුවන් තොටුපළේ දී පැවසීය.ඉකුත් 5වෙනි දින සතියක කාලයක් අමෙරිකාවේ සැන්ෆ්‍රැසිස්කෝ නගරයේ වූ වැඩමුළුවකින් අනතුරුව පැවැත් වූ සම්මාන උළෙලේ දී මේ සම්මානය තම කණ්ඩායමට පිරිනැමුණු බව ඔහු වැඩිදුරටත් පැවසීය.තරගාවලියේ පළමු ස්ථානය අමෙරිකාවත් තෙවන ස්ථානය ඉන්දියාවටත් හිමි විණි.ජයග්‍රාහී සිසුන් තිදෙනා සිය සම්මාන අතැතිව..
|
NEWS
|
සීගිරි බිතු සිතුවම් අවපැහැ ගැන්වීම පිළිබඳ සොයා බැලීමට විද්වතුන්ගේ සමුළුවක් පැවැත්වීමට ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. එම සමුළුව හෙට (25) පැවැත්වීමට කටයුතු යොදා ඇත.සීගිරි බිතු සිතුවම් දුර්වර්ණ වීම සහ අවපැහැ ගැන්වීම පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) පෙරවරුවේ සීගිරියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේදී ඇමැතිවරියට ලබා දුන් උපදෙස් අනුව මේ තීරණය ගෙන තිබේ.මතු පරපුර වෙනුවෙන් සීගිරිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය කැපවී සිටින බවද ඇමැතිවරිය තවදුරටත් ප්‍රකාශ කළාය.සීගිරි බිතුසිතුවම් වල මේ තත්ත්වය අද ඊයේ හටගත් තත්ත්වයක් නොවන බව පැහැදිළි කළ ඇමැතිවරිය එය කාලයක් තිස්සේ දක්නට ලැබුණු බවද පෙන්වා දුන්නාය..
|
NEWS
|
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් 100,000කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇතැයි ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශ කරයි.මේ ප්‍රවේශපත්වලින් වැඩි ප්‍රමාණයක් ගොස් ඇත්තේ ශ්‍රී ලංකා වෙළඳපොලට බවද කවුන්සලය කියයි. ලබන සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 7 දක්වා කොළඹ, හම්බන්තොට හා පල්ලෙකැලේදී තරගාවලිය පැවැත්වේ.“ටිකට් වේගයෙන් විකිණෙනවා.නමුත් තවත් ටිකට් ඉතිරිවෙල තියෙනවා. ජූලි මාසයේ ටිකට් විකුණන්නේ නෑ. ඒ නිසා කලින්ම ටිකට් මිලදී ගන්න කියලා මම ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි තරගාවලියේ අධ්‍යක්ෂිකා උපේඛා නෙල් පවසන්නීය.දැනට අලෙවි වී ඇති ප්‍රවේශපත්වලින් සියයට 55ක් ගොස් ඇත්තේ දේශීය වෙළඳපොලටය. සියයට 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රවේශපත් අලෙවි වී තිබෙන්නේ අන්තර් ජාලය හරහාය.දැනට වැඩිම ඉල්ලුම තිබෙන්නේ ශ්‍රී ලංකාව සහභාගි වන තරග හා අවසන් පූර්ව හා අවසාන තරගය සඳහාය. වැඩිම ප්‍රවේශපත් අලෙවියක් වාර්තා වී ඇත්තේ කොළඹ හා මහනුවර කාර්යාලවලිනි.ප්‍රවේශපත්‍ර අලෙවියේ පළමු අදියර මාර්තු 26 වැනිදා ආරම්භ වූ අතර දෙවැනි අදියර ජූනි 12 වැනි දින දියත් කෙරිණි.තෙවැනි හා අවසන් අදියර අගෝස්තු 1 වැනිදා ආරම්භ වන අතර එය සැප්තැම්බරයේ තරගාවලිය ආරම්භ වන තෙක් ක්‍රියාත්මක වනු ඇත.දැනට කිසිම තරගයක ප්‍රවේශපත් විකිණී අවසන් වී නැත. සියළුම තරග සඳහා ඉතිරිව තිබෙන ප්‍රවේශපත් අවසන් අදියරේදී මුදා හැරෙනු ඇත..
|
NEWS
|
රටට උදා වී ඇති දීප්තිමත් යුගය අඳුරු නොකොට ඉදිරියට ගෙන යෑමේ වගකීම උපාධිධාරි ගුරුවරුන් වන ඔබට බාර යැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය. රාත්‍රිය නිමා වී හිමිදිරි උදය ඇරඹෙන්නේ දීප්තිමත් අනාගතයකට අරුණෝදය එක් කරමින් යැයි ද දැණුමේ කේන්ද්‍රස්ථානය ආර්ථික සංවර්ධනය කරා රට ගෙන යෑමේ හැකියාව ඔබ සැමට ඇතැයි ද ඇමැතිවරයා අනාවරණය කෙළේය.බස්නාහිර පළාත්උපාධිධාරින් 474දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රධානය වෙනුවෙන් ඊයේ(22) කොළඹ නව නගර ශාලාවේදි පැවැති උත්සවයට එක් වෙමින් රාජපක්ෂ මහතා එසේ සඳහන් කෙළේය.වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද සදහන් කෙළේය.මම මේ උත්සවයට ඒමට පෙර රටේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ ගුණ සමරු උත්සවයකට එක් වුණා.ගාමිණි දිසානායක නම් වු එම දේශපාලඥයා මිය ගොස් අදට විසි වසරක් .අද පත් වීම් ලබන සමහරු එවකට පාසල් යන වියේ පසු වෙන්න ඇති .එවකට සමහරු දණ ගාන වියේ ඉන්න ඇති බව මම දැක්කා . එතුමා මිය ගියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට එන්න පෙරාතුව කුරුරු ත්‍රස්තවාදය නිසයි . කුරුරු ත්‍රස්තවාදින් එතුමාගේ ජීවිතය උදුරා ගත්තා.ජනාධිපතිතුමා බලයට එන කොට මේ රටේ තිබුණෙ හැම දේම බෑ කියා ගන්ත යුගයකයි.ඒකීය රටක සාමය ගේන්න බැහැ.රට නොබෙදා සාමය ගේනන බැහැ .කුරුරු ත්‍රස්තවාදය නිමා කරන්න බැහැ .ආදි නිද්‍රාශිලි යුගයකයි එතුමා රට භාර ගත්තේ.ගමේ පාර හදන්න,පාසල් ගොඩනැගිල්ල හදන්න,මාතෘ ළමා සායනය හදන්න , දරුවගේ බර කිරන තරාදිය ගන්න මොන දේටත් සල්ලි නැහැ.උපාධිධාරින් රැකියා ඉල්ලුවාම ඒක දෙන්නත් සල්ලි නැහැ.රජයේ සේවයට 16-01චක්‍ර ලේඛනය නිසා රජයේ සේවයට බදවා ගන්න බැහැ කියනවා.පාසලක ගණිත විද්‍යා ගුරු හිඟයක් කියමින් ඉල්ලීම් කළද කාඩර් එකෙන් පිට ගුරුවරු දෙන්න බැහැ කියනවා. හැමැදේටම බැහැ කියන යුගයක දේශය අවදි කරන්න ජනාධිපතිතුමා බලයට පැමිණියා.අපේ රටේ ජනතාවට පුළුවන් කියන මතයක් එතුමා ඇති කළා. කෙලින් හිටගෙන ජාතික ගීය කියන ජාතියක් ඇති කරන්න එතුමා කටයුතු කළා.මේ බැහැ කියන හැම දේම කරන්න පුළුවන් කියකන එක වත්මන් ජනාධිපතිතුමා ඔප්පු කළා.ත්‍රස්තවාදය නිමා කරන්න .ඒකීය රටක සාමය ගේන්න පුළුවන් බව ජනාධිපතිතුමා ඔප්පු කළා.බොරළු ටිකක් දාන්න බැහැ කිව්ව පාර කාපට් කළා.හදන්න බැහැ කිව්ව මාතෘ ළමා සායනය ලෝක මට්ටමට ඉස්තරම් අයුරින් ඉදිකළා.පාසැල් ගොඩනැගිලි හදලා මහින්දෝදය විද්‍යාගාර විතරක් නෙමේ තාක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කළා.එවකට 51,000වු උපාධිධාරි ගුරුවරු සංඛ්‍යාව මේ වනවිට 90,000 ඉක්මවා තිබෙනවා.එදා ළමුන් 26කට එක් ගුරුභවතෙක් වුවත් මේ වන විට ළමුන් 16කට එක් ගරුවරයෙක් ලෙස පාසල්වල ගුණාත්මක බව ඉහළ නැංවුවා. ප්‍රසන්න රණතුංග මහතා මහ ඇමැති ලෙස පළාතේ උපාධිධාරින් 10,500කට ගුරු පත් වීම් ලබා දී තිබෙනවා.බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා - ගමේ ගෙදරකට ගිහින් දෙපාරකට වඩා බත් බෙදා ගෙන කන කෙනෙකුට කියන නමක් තිබෙන බව අපේසභාවේ විපක්ෂ මන්ත්‍රිවරයෙක් ප්‍රකාශ කළා.ඒ ගමේ කතාව ඇත්තක් නම් 30 වරක් ඉල්ලා පරාද වෙලා 31වන වරටත් ඉල්ලන කෙනාට කියන නම මොකක්ද කියා ඔබලාට කියන්න දෙයක් නැහැ.අපේ ගුරුවරු කොටස් තුනකට කැටි කොට දැක්විය හැකියි.පළමුව ගුරු දෙවිවරු නොහොත් ගුරු පියවරු මව්වරු දෙවනුව ගුරු මුදලාලිලා .එනම් පාසලේ ඉගැන්වීම් නොකොට උපකාරක පන්ති කරන පිරිස තෙවැනි පිරිස ගුරු හොරුයි.වෘත්තිය දේශපානය උදෙසා වෘත්තිය සමිතිවල ක්‍රියා කාරිව යෙදෙන අයයි. උපාධිය පාස් හැමෝටම ගුරුපත් වීම් දිය යුතුයි කියා නියමක් ඇතැයි සමහරුන්ගේ අදහසක් .නමුත් එවන් දෙයක් නැහැ.ජනාධිපතිතුමා ප්‍රතිපාදන වෙන් කර ඇති අයුරින් අපි ගුරුපත් වීම් ලබා දෙනවා.ඉදිරි සති කිහිපයේ නැවත උපාධිධාරින් වෙනුවෙන් විභාගය පැවැත්වෙනවා.ඔවුන් ගෙන් විභාගය සමත් වූවන්ට ගුරුපත් වීම් ලබා දෙනවා.රට ගොඩනැගීමේ කාර්යය ඔවුන්ට භාරයි.මෙහිදි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා සහ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් දයා සෙනරත් මහත්වරු අදහස් දැක්වුහ.මේ අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ,පළාත්සභාවේ සභාපති සුනිල් විජේරත්න ,පළාත් ඇමැතිවරුන් වන උපාලි කොඩිකාර ,නිමල් ලාන්සා ,රංජිත් සෝමවංශ මහත්වරු මෙන්ම පළාත් මන්ත්‍රිවරුන්ද එක් වී සිටියහ.
|
NEWS
|
දිගු කලක් තිස්සේ අතරමග නතරව තිබූ ලත්පඳුර තුඹගල්ල ආදාහනාගාරයේ ඉතිරිව තිබෙන වැඩකටයුතු මෙම වසර නිමවීමට ප්‍රථම අවසන් කරන බව පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික රණසිංහ මහතා සඳහන් කරයි.මෙම ආදාහනාගාරයට මුල්ගල තබා ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2007 වසරේ දීය. ඉතිරිව තිබෙන වැඩ කටයුතු සපුරාලීමට රුපියල් එක්කෝටි තිස් ලක්‍ෂයක මුදලක් මේ වන විට සභාවට ලැබී ඇතැයි ද රණසිංහ මහතා කියා සිටී..
|
NEWS
|
පුටුපාගල යුනයිටඩ් ක්‍රීඩා සමාජය සංවිධාන කරන දීප ව්‍යාප්ත සය සාමාජික සැහැල්ලු පන්දු දිවා-රාත්‍රි ක්‍රිකට් තරගාවලිය අද (8) සහ හෙට (9) දෙදින පුටුපාගල වෝල්ටර් පෙරේරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.තරගාවලියේ ශූරතාව සඳහා කුසලානය සමගින් රු.30000ක් හා අනුශූරතාවට කුසලානය සමග රු.20000ක්ද, දක්ෂතම ක්‍රීඩකයන්ටද ත්‍යාග පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති..
|
NEWS
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි වසර කිහිපයේ දී මේ රට පූර්ණවශයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පැවැසීය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසීය.වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතාඉඩම් සහ පොලිස් බලතල ඉවත්කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ රටේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් තීරණ ගෙන විදෙස් බලවේග පරදවන්න ජනතාව ඉදිරියට ආ යුතුයි. මෙවර පළාත් සභා මැතිවරණය රටට වඩා වැදගත් වන මැතිවරණයක්. උතුරට ඉඩම් සහ පොලිස් බලතල ලබාදිය යුතු බවට විදේශ රටවලින් පවා බලපෑම් එල්ල වන අවස්ථාවක පළාත් සභාවේ බලය ශක්තිමත් කර ගැනීම මඟින් ඒකීය රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආරක්ෂාව තහවුරු කර ගත හැකි මැතිවරණයක් මෙවර පැවැත්වෙන්නේ .මධ්‍යම පළාත් සභා මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය පක්ෂයේ නාම යෝජනා පත්‍ර මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් මහා සංඝරත්නය පිරිත් දේශනා මැද මේ කාර්යාලය විවෘත කරනවා.අතීතයේ පැවැති මැතිවරණවලට වඩා මෙවර මැතිවරණය අපට වඩාත් වැදගත් වෙනවා. ඒ වෙන කිසිවක් නිසා නොව අප රටට උදා කරගත් සාමය ආරක්ෂා කර ගත යුතු නිසයි. උතුරට ඉඩම් සහ පොලිස් බලතල ලබා දී ශ්‍රී ලංකාවේ වෙනම ප්‍රාන්තයක් නිර්මාණය කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය කඩ කිරීමටයි අප උත්සාහ කරන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොව අපගේ රට ආරක්ෂාකර ගැනීමේ අරමුණෙන්.ඇතැමුන් එක්සත් ජාතික පක්ෂයට දහස් ගණනින් ඡන්දය ලබාදුන්නත් ඡන්දය ලබා පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරු රැසක් මේ වනවිට සිටින්නේ ආණ්ඩු පක්ෂයේයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබාදුන්නත් රජයේ සාර්ථක වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා මේ වනවිට බොහෝ දෙනෙක් රජයට එක්ව සිටිනවා..
|
NEWS
|
[2014-08-15 පෙ.ව 11.30]කොළඹ, ජාතික පුස්තකාලය සතුව පවතින මිලියන පොත්පත්, සඟරා, සහ පුවත්පත් සංඛ්‍යාකරණය කිරීම, දැන් ආරම්භ කොට තිබේ.ඒ යටතේ පළමු අදියරයට පැරණි පොත්පත් සංඛ්‍යාකරණය කෙරේ.කඩදාසියේ මුද්‍රිත ලේඛන විද්‍යුත් ලේඛන බවට පත්කිරීමත්, ලේඛණ දිරාපත්වීම මඟින් වන හානි වළක්වා ගැනීමත් මෙහි අරමුණයි.මෙමඟින් ජාතික පුස්තකාලයේ ඇති පොත්පත් දුරබැහැර පාඨකයින්ට වුවද අන්තර්ජාලය ඔස්සේ පරිහරණය කිරීමේ අවස්ථාව උදාවන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.
|
NEWS
|
නෙල්සන් මැන්ඩෙලා නමැති ශ්‍රේෂ්ඨ දකුණු අප්‍රිකානු පුත්‍රයාට හා කෘතහස්ත දේශපාලනඥයාට පොදු රාජ්‍ය මණ්ඩලයේ අප විසින් පිදිය හැකි ඉහළම උපහාරය වන්නේ ඔහු විසින් දැඩිව රැකගත් ප්‍රජාතන්ත්‍රවාදයේ, විවිධත්වයේ හා එකමුතුවේ හරයයන් ආරක්‍ෂා කිරීම බව පොදු රාජ්‍ය මණ්ඩලයේ වර්තමාන සභාපති, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කරන්නේ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩයක් දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සුමා මහතා වෙත නිකුත් කරමිනි.නූතන අප්‍රිකාවේ පියා වන නෙල්සන් මැන්ඩෙලා මහතාගේ දුක්බර අභාවය පිළිබඳ අප්‍රිකානු ජනරජයට හා ජනතාවට විශේෂයෙන් පවුලේ සාමාජිකයන්ට පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ලෙස අපගේ හෘදයාංගම ශෝකය පුද කරන බවත් ජනාධිපතිතුමා සිය පණිවිඩය මඟින් කියා සිටී.අද්‍යතන ඉතිහාසයේ මානව ගරුත්වය උසස්ම හරය හා විශාරද දේශපාලන ඥානය නියෝජනය කළා වූ නෙල්සන් මැන්ඩෙලා මහතාගේ නායකත්වය යටතේ 1994 දී සිදු වූ දකුණු අප්‍රිකාවේ පුනරාගමනය සමග පොදු රාජ්‍ය මණ්ඩලය වඩාත් පෝෂණය වූ බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. පිළිකුල් සහගත වර්ණභේදවාදී භාවිතය අවසන් කිරීම සඳහා සිය කීර්තිමත් ජීවිතයෙන් වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටීම තුළින් දකුණු අප්‍රිකානු ජනතාවට සේම පොදු රාජ්‍ය මණ්ඩලයේ විශාලතම නියෝජනය වන අප්‍රිකානු මහද්වීපයට ද එතුමා නව ජීවිතයක්, ගරුත්වයක් හා නිදහසක් රැගෙන ආ බවත් නෙල්සන් මැන්ඩෙලා මහතා විසින් ඉතිරිකර යන දායාදය ඇත්ත වශයෙන්ම ඉක්මවායාමට අපහසු වූවක් යැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියයි..
|
NEWS
|
බෙල්ජියානු සංචාරකයන් මෙරටට පැමිණීම සියයට 82.8කින් ඉහළ ගොස් ඇතැයි බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාව මේ වන විටත් සංචාරකයන් සඳහා ආකර්ෂණීය මෙන් ම වඩා ආරක්ෂිත රටක් බවට පත්වීම මෙලෙස සංචාරකයන්ගේ වර්ධනයට හේතුව බව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රසල්ස් සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පසුගියදා පැවැති උත්සවයක් අමතමිනි.පසුගිය සැප්තැම්බර් මාසය වන විට බෙල්ජියානු සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර සමස්තයක් ලෙස යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම ද සියයට 50කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කර ඇත..
|
NEWS
|
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන 26වැනි ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ පාපන්දු පිරිමි අංශයේ තරග අද (11) සහ හෙට (12) දෙදින බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී හා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
|
NEWS
|
පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරු දැරියන් වෙනුවෙන් සහතිකයක් නිකුත් කිරීමට රජය තීරණය කරයි.මේ දක්වා සිදු වූයේ එම විභාගයේ කඩඉම් ලකුණු ප්‍රමාණය ප්‍රකාශයට පත් කිරීම වන අතර එම ලකුණු ප්‍රමාණය ලබා නොගත් දරුවෙකු විභාගයෙන් අසමත් ලෙස සැළකීමට පුරුදුව සිටි හෙයින් දරුවාට බරපතළ හානියක් සිදු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.පසුගිය 2010 හා 2011 වසරවල පැවැති ශිෂ්‍යත්ව විභාගවලින් සමත් දරු දැරියන් පිරිසකට සහතික පත් ලබා දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ඉතිහාසයේ පළමු වරට පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර ඒ අනුව එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 35 බැගින් ප්‍රශ්න පත්‍ර දෙකට ලකුණු 70 ක් හෝ ඊට වඩා ලබාගත් දරුවන් වෙනුවෙන් මේ සහතික පත් ප්‍රදානය සිදු කෙරිණි.මෙහිදී අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ලබා ගත් ලකුණු ප්‍රමාණය නිශ්චිතව දක්වා විභාග දෙපාර්තමේන්තුව මඟින් සහතිකයක් නිකුත් කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර එය ජාතික අධ්‍යාපන කොමිෂමේ නිර්දේශයන්ට යටත් වේ.කුඩා දරුවන් තුළ මානසික පීඩනයක් ඇති කිරීම ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන ගමනට බාධාවක් බව පෙන්වා දෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ නිසාම විභාග සමතුන් සඳහා සහතිකයක් ලබා දීම ඉතාම වැදගත් බවද කීවේය..
|
NEWS
|
ලංකා ගමනාගමන මණ්ඩලයේ කළුතර ප්‍රාදේහීය මධ්‍යම කාර්යාලය යටතේ පාලනය වන ලංගම ඩිපෝවල බස් ධාවනය දිනෙන් දිනම පිරිහෙමින් පවතී.බස් රථ නියමිත කාලසටහන් අනුව අතුරු මාර්ගවල ධාවනය නොවේ. එම ධාවන මාර්ගවල වැඩි වශයෙන් ධාවනය කෙරෙන්නේ පෞද්ගලික බස් රථ බව දක්නට ඇත.මතුගම පානදුර කළුතර හොරණ සහ අලුත්ගම යන ඩිපෝ වල බොහෝ බස් රථ අබලන්වී තිබේ. ටයර් ටියුබ් සහ අමතර කොටස් මිලදී ගැනීමට මුදල් හිඟකම නිසා බස් රථ අලුත්වැඩියාව හරිහැටි සිදු නොකෙරේ..
|
NEWS
|
කල්මුණ නින්දවුර් ප්‍රදේශයේ පිහිටි රජයේ ආයුර්වේද රෝහලේ අඩුපාඩු රැසක් ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය හා ජනතාව පෙන්වා දෙති.මීට වසර තුනකට පෙර මේ රෝහල ආරම්භ වුණි. නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ගැටලු රැසක් මතු වී තිබේ. ඉතා අබලන් තත්ත්වයේ තිබෙන පරණ ගොඩනැල්ලක රෝහල පිහිටුවා ඇතත් එය ඉක්මනින් ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇත.එක් දිනකට බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව 90කට වැඩිය. නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන් විසිපස් දෙනකුට පහසුකම් ඇත. බටහිර වෛද්‍ය ක්‍රමවලින් සුවය නොලැබූ විවිධ රෝගීන් මේ රෝහලට පැමිණීම දිනෙන් දින වැඩි වී ඇත.කල්මුණ, එරගම, අක්කරපත්තු, පොතුවිල්, මඩකළපුව, අම්පාර වැනි ප්‍රදේශවල ජනතාව පැමිණ මෙයින් ප්‍රතිකාර ලබා ගනිති. අනුරාධපුර, පොළොන්නරුව වැනි ඈත ප්‍රදේශවලින්ද රෝගීහු පැමිණෙති.ඇදුම, හිසරදය, පීනස, දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, චර්ම රෝග, අංශභාගය, වාත රෝග, අධික රුධිර පීඩනය, ඉරුවාරදය, හිසකෙස් ගැලවීයාම ඇතුළු විවිධ රෝග සඳහා මෙහි ප්‍රතිකාර කෙරේ. රෝහලේ පවතින විවිධ අඩුපාඩුකම් මධ්‍යයේ වුවත් ජනතාවට කරන සේවය ගැන ඒ සැම අගය කරති.නේවාසික රෝගීන්ට මේ රෝහලේ ඇත්තේ සීමිත ඉඩකඩකි.රෝහලේ මුළුතැන්ගෙයද ඉතා අබලන් ය.සියලු නේවාසික රෝගීන් සඳහා ඇත්තේ වැසිකිළි තුනක් පමණි. නාන ස්ථාන කිසිසේත්ම ප්‍රමාණවත් නැත. විදුලි පංකා ශීතකරණ පහසුකම් නැත. රෝගීන් සඳහා කබඩ්, අල්මාරි, පුටු, මේස වැනි භාණ්ඩ ද ප්‍රමාණවත් නැත.නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකු වන හානිෆා මෙසේ කීය.අවුරුදු තුනක් තිස්සේ ඔලුවේ කැක්කුමකට එක එක තැන්වලින් බෙහෙත් ගත්තා. ඒ කිසිම බෙහෙතකට අඩුවක් වුණේ නෑ. ඊට පස්්සේ තමා මේ රෝහලට ආවේ. දැන්නම් මගේ අසනීපය ගොඩාක් හොඳයි. ප්‍රතිකාර ;හාඳයි. රෝහලේ තියන අඩුපාඩු නිසා කරදරයි.එම්. රෂීක් මහතා - මගේ කකුල් දෙකම ඉදිමුණා. බෙහෙත් ගත්තට හරිගියේ නෑ. මේ රෝහලේ ප්‍රතිකාර හොඳ නිසා ආවා. දැන්නම් ගොඩාක් අඩුයි. නාගන්න රෙදි සෝදගන්න එහෙම හරිහැටි තැනක් නෑ.රෝහලේ සේවය කරන බෂිරා මහත්මිය මෙසේ කීවාය.මේ රෝහලට නේවාසිකව ප්‍රතිකාර ගන්න රෝගීන් වැඩි ප්‍රමාණයක් එනවා. ඒ අය නතර කර ගන්න පහසුකම් නෑ. වැඩි දෙනෙක් බෙහෙත් දීලා ගෙදර යවනවා. අපිට වුණත් ඇඳුම් මාරු කර ගන්නවත් තැනක් නෑ.අපටයි ලෙඩ්ඩුන්ටයි එකම වැසිකිළි තමා තියෙන්නේ.ස්ථානභාර වෛද්‍ය නිලධාරි කේ. එල්. එම්. නක්පූර් මහතා - මේ රෝහල ආරම්භ කරේ දිස්ත්‍රික් රෝහලට අයිති පරණ ගොඩනැගිල්ලක. ඒ නිසා ඉඩකඩ ඉතාම මදි. අපි හිතුවේ නෑ මෙතරම් විශාල රෝගීන් සංඛ්‍යාවක් එයි කියලා.ඈත පළාත්වලින් පවා රෝගීන් එන නිසා පහසුකම් සැලසීමේ ගැටලුවකට මුහුණ දෙනවා. මොන අඩුපාඩු තිබුනත් පුළුවන් විදිහට ප්‍රතිකාර කරනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලට ජනතාව ගොඩාක් දැන් නැඹුරු වෙලා.මේ රෝහල නවීන තාක්‍ෂණයෙන් යුතු උපකරණ යොදලා වැඩි දියුණු කරන්න ඕන. බෙහෙත් හදන්න, ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳව හදාරන්න මේ ස්ථානය වැඩිදියුණු කරන්න සියලු දෙනාගේ උපකාර බලාපොරොත්තු වෙනවා..
|
NEWS
|
රාජ්‍යතාන්ත්‍රික සේවයට පිවිසීමට බලාපොරොත්තු වන හා ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේ එවැනි වෙනත් රැකියාවක නිරතවීමට අදහස් කර ගෙන සිටින්නන් හට, එම ක්ෂේත්‍රයේ රැකියාවලට පිවිසීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රීය පුහුණු කිරීමේ ආයතනය ඕධ්ච්ඊධ් මගින් පවත්වාගෙන යන පාඨමාලාවෙන් හැකියාව ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.එමෙන්ම, ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රය හා සම්බන්ධ මෙවැනි පාඨමාලාවන්හි ඊට ඇතුළත් විය යුතු අත්‍යාවශ්‍ය අංග කිහිපයක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රීය පුහුණු කිරීමේ ආයතනයේ 17 වන ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදාන උත්සවයට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගීවෙමින් ඇමැතිවරයා එම අදහස් පළ කළේය. කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපාය අධ්‍යයන මධ්‍යස්ථානයේ දී මෙම සහතිකපත් ප්‍රදාන උත්සවය පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පීරිස් මහතා මෙසේ ද කීවේය.බොහෝ කරුණු පිළිබඳව එකඟතාවයකට නොපැමිණෙන රටවල් අතර සබඳතා පවත්වාගෙන යාමේදී මූලික අභියෝගය වන්නේ එකඟතාවයකට පැමිණිය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීමයි. අප අතර මත භේද පවතිනවා යන්නෙන්, අප එක්ව වැඩ නොකළ යුතු බව අදහස් නොවන බව ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වන, විශේෂයෙන්ම බටහිර රටවලට මා ප්‍රකාශ කොට තිබෙනවා. කිසියම් කරුණක් සම්බන්ධයෙන් කිසිම විටක රටවල් දෙකක් අතර 100%ක එකඟතාවයක් ඇති වන්නේ නැහැ. රටවල් තම මතවාදයන් විදේශ රජයන්ට ඉදිරිපත් කිරීම සඳහා තානාපතිවරුන් පත්කරන්නේ ඒ නිසායි. රටවල් දෙකක් අතර ඇති වන කිසියම් සබඳතාවයක් එක් පැතිකඩකින් පමණක් සමන්විත වන්නේ නැහැ. එවැනි සබඳතා විවිධ පැතිකඩවලින් යුක්ත වෙනවා.නූතන මාධ්‍ය තාක්ෂණය හා තොරතුරු බෙදා හැරීම තුළින් ජන ජීවිතය තුළ සැබෑ වෙනසක් සිදුව ඇති බැව් ප්‍රකාශ කළ අමාත්‍ය පීරිස් මහතා කිසියම් දෙයක් මහජනතාවගෙන් වසන් කිරීම කළ නොහැකි අතර එවැනි දෑ ඉක්මණින්ම හෝ පසුව එළිදරව් වන බවද පැවසීය. මාධ්‍ය සමග අන්තර්ක්‍රියාවන්හි නිරතවීම වැදගත් වන අතර එය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුගේ කටයුතුවල ඉතා වැදගත් අංගයක් බවද අමාත්‍යවරයා පැවසීය. මාධ්‍ය සමඟ කටයුතු කිරීමේ දී යම් ප්‍රමාණයක නිපුනතාවක් මෙන්ම විචක්ෂණ භාවයක් තිබීම අවශ්‍ය වන අතර යම් අදහසක් මහජනතාව තුළ නිර්මාණය වූ පසු එම තත්ත්වය වෙනස් කිරීම අපහසු හෙයින් මහජන අදහස් නිර්මාණය වීමේ මුල් අවස්ථාවේදීම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියාගේ මැදිහත්වීම නිවැරැදි වේලාවටසිදුවිය යුතු බවද හෙතෙම පැවසීය. තවද ගැටුම්කාරී තත්ත්වයන් හැකි අයුරින් මඟහැර ජනතාවට ලංවීම වැදගත් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය..
|
NEWS
|
සිංගප්පූරු තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට එක්වීමට නොලැබූව ද සමස්ත තරගමාලාවේ තුන්වැනි තැන අත්කර ගැනීම ජයග්‍රහණයක් බව ජාතික සත් සාමාජික රගර් පුහුණුකරු නිලූෆර් ඉබ්‍රාහිම් ප්‍රකාශ කළේය. සිංගප්පූරුවේ යෝ චූ කාන් ක්‍රීඩා සංකීර්ණයේ දී පෙරේදා නිමාවට පත්වූ සිංගප්පූරු සෙවන්ස් තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමෙන් පසුව ඔහු මේ බව කියා සිටියේය.තරගාවලියේ පළමු දිනයේ තරග දෙකම ජය ගනිමින් කුසලාන තරග අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකාව එහි දී චීනය හමුවේ ලකුණු 12-17ක් ලෙස පරාජයට පත්විය. ‘ඒ තරගය අපිට දිනන්න තිබුණු තරගයක්. අපේ ක්‍රීඩකයන්ගෙන් ඒ තරගයේ දී ගොඩක් වැරදි සිද්ධ වුණා. ඒ තරගය පරාජය වීම විශාල දුකක්’ ඔහු කීවේය.සමස්ත තරගමාලාව පුරාම පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව සිටි ශ්‍රී ලංකාව කෙරෙහි සෙසු කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගේ දැඩි අවධානයක් යොමුවී තිබිණි. එබැවින් චීනය හමුවේ පරාජයට පත්වීම සිංගප්පූරු තරගාවලියේ සිදුවූ විශාලතම පෙරළිය බවට පත්විය. කෙසේ වෙතත් සිංගප්පූරු තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කීපදෙනකුම විවිධ ආබාධවලට ලක්ව සිටිමත් එම පරාජයට හේතුවක් වූ බව නිලූෆර් සඳහන් කළේය.‘එක හේතුවක් නෙවෙයි හේතු ගොඩක් තිබුණා. අපි කණ්ඩායමක් හැටියට පුහුණුවීම් කළ කාලය මදිවීමත් එක හේතුවක්. ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් හැරෙන්නට අනිත් හැම ක්‍රීඩකයෙක්ම ආබාධවලට ලක්වෙලයි හිටියේ. එයාලා මේ තරගාවලියට ක්‍රීඩා කළේ ඒ ආබාධ හංගාගෙනයි’ ඔහු කීවේය.ජාතික සත් සාමාජික කණ්ඩායමට පළමු වරට එක්වූ ලවංග පෙරේරා දස්කම් අතරට පිවිසීම කැපි පෙනුණු අතර ප්‍රවීණ ක්‍රීඩකයන් වන නායක ෆසිල් මරිජා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සඳුන් හේරත්, මිතුන් හපුගොඩ සහ ජේසන් දිසානායක මෙවර තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් වූහ..
|
NEWS
|
දැය මුදාගැනීමට දිවි කැප කළ වීරෝදාර රණවිරුවන් සැමරෙන ජාතික රණවිරු උළෙල අනිද්දා (19) සවස 4.30 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වේ.හිරු බැස යන මොහොෙත් බියුගල් හඬ මධ්‍යයේ රණවිරුවන් උදෙසා ජනාධිපතිතුමා ස්මාරකය අභියස මල් කළඹක් පුදා උළෙල අරඹයි.මියගිය විරුවන්ගේ ළඟම ඥාතීන්, ආබාධිත විරුවන් ඇතුළු විශාල පිරිසක් මෙයට එක්වෙති.මියගිය විරු දරුවෝ මෙහිදී පහනක් දල්වා සිය මියගිය රණවිරු පියා සිහි කරයි.පහනක් දල්වා සෑම රටවැසියකුම එම අවස්ථාව සමරන ලෙසත්, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි පද්මා වෑත්තෑව මහත්මිය ඉල්ලීමක් කරයි.
|
NEWS
|
නිදහසේ හැටහයවන සැමරුම අපි පසුගියදා ඉතා අභිමානයෙන් යුතුව සැමරුවෙමු. එය එසේ සැමරීමට අයිතිය වත්මන් රජය විසින් ලබාදී ඇත. එනම් වසර තිහක ලොව දරුණුතම ත්‍රස්තවාදී ග්‍රහණයට මුළු මහත් ශ්‍රී ලාංකේය සමාජයම නතුව තිබූ අවදියක, එම ග්‍රහණයෙන් ගලවා, අප සමාජ සංස්කෘතිය තුළට සැබෑ නිදහස අර්ථවත් ලෙස මුදාහැරීමට ක්‍රියාකිරීමෙන් ජනපතිතුමා මහඟු මෙහෙයක් ඉටුකර ඇත.සාමයේ කිරුළ සැබෑ ලෙස අත්පත් කරගෙන ඇත්තේ මෙරට වෙසෙන ජනතාවය එයට වර්ගයක, වර්ණයක හෝ ආගමක ලේබලයක් ගැසීමට කිසිවෙකුට හෝ අයිතියක් ද නැත. රට පුරා විවිධ ප්‍රදේශවල පවත්වනු ලබන දැයට කිරුළ ප්‍රදර්ශන කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන කටයුතු කිරීම හරහා මෙරට සිදුව ඇති විපර්යාසය සුළුපටු නොවේ. එය ද ජාති, ආගම් භේදයකින් තොරව සැමට එකසේ භුක්තිවිඳිය හැකි පරිදි සිදුවෙමින් තිබේ. මේ තුළ අපට දැකිය හැකි වන්නේ සාමය කේන්ද්‍ර කරගත් සංවර්ධන පිබිදුමකි.ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය යනු ලොව පිළිගත් සමාජ සම්මුතීන් දෙකකි. මෙය මුලින් ලොවට හඳුන්වා දුන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. ඒ බුදු මඟ පෙරටු කරගත් අප, එය වඩාත් අර්ථ නිරූපණය කිරීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන ඇත. මේ සමාජ සම්මුතීන් දෙකම එකට පවත්වාගෙන යන ලොව එකම රට වන්නෝ ශ්‍රී ලංකාව ය. එය ද අපට අභිමානයකි.ඕනෑම ජන සමාජයක බල තණ්හාව නමැති ආත්මාර්ථය ඔඩු දිවූවිට කේලාම් නමැති උන්මාදය ඉස්මතුවීම වැළැක්විය නොහැකි ය. එය මානසික රෝගයකි. අප ජාතියක් වශයෙන් බෙලහීනයත් බවට පත් වූයේ ද,බල අරගලයේ උන්මාදය හේතු කොට ගෙන ය. වර්තමානයේද අප දකින්නේ එයම වේ.ත්‍රස්තවාදී, නොහික්මුණ අරගලයක දෙකොන විලක්කුවකින් පීඩා විඳි අප එය නිවා දමා සංවර්ධනයේ මාවතට පිවිසෙමින් සිටිමු. යුද්ධයක් පැවැතියද සංවර්ධනය අත නොහරින ලද ජාතියක් වූයේ අපය. ඒ අපගේ ආදීනවයන්ගේ සිට පැවැත එන ජානගත තත්ත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය යනු ක්‍රමවේද දෙකක් ලෙස හඳුන්වනු ලැබුවද, එම ක්‍රම වේද දෙක එකක් ලෙස නිර්වචනය කර ලොවට හඳුන්වාදී ඇත්තේ අපමණකි.ප්‍රජාතන්ත්‍රවාදයෙන් මෙරට ජනතාවට තමන් කැමැති පාලකයකු පත් කර ගැනීමේ අයිතිය මූලිකව සපයා දී ඇත. ත්‍රස්තවාදය පැරදවීමේ අවසන් සටන වුවද නම්කරනු ලැබුවේ “මානුෂීය මෙහෙයුම” ලෙසිනි. එවන් හැඳින්වීමකින් මෙලොව කිසිදු යුද්ධයක් නිමාකර නැත. මුළු ලොවකම අවධානය අපට යොමුවූයේ එබැවිනි.අනුන්ගේ සම්පත් කොල්ලකා යැපීමේ ම්ලේච්ඡ ප්‍රතිපත්තියක් ඇති අමෙරිකානු නොනිල ත්‍රස්තවාදීන් මේ වනවිට ඊනියා ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා අපට ඇඟිල්ල දිගුකර ඇත්තේ ඔවුනට කළ නොහැකි වූ යුද්ධමය සැලසුමකින්, ලොව දරුණුතම ත්‍රස්තවාදියා අප මෙල්ල කළ නිසාය. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම කුරිරු යුද්ධයෙන් අසරණ වූ ජනතාව ජීවත් කරවීමේ මහා මෙහෙයුමක් උතුරු වසන්තය නමින් ඇරැඹීමෙනි.නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් මෙන් ම සමානාත්මතාවයෙන් යුක්තව දකුණේ මෙන් ම උතුරේ ජනතාවට ද සහන සැලසීමේ ක්‍රියාන්විතයක් කෙටි කලකින් දියත් කිරීමට මහින්ද චින්තනය ඔස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාජවාදී ජන සම්මතය අර්ථවත් ලෙස ක්‍රියාවට නැංවීමෙනි. එබැවින් ලොව බලවතුන් ලෙස සැලකෙන රුසියාවට වඩා අමෙරිකාවට අප කෙරෙහි ඉරිසියාවක් ඇතිවීම ඔවුන්ගේ බල අරගල උන්මාදයේ තවත් එක් ප්‍රතිඵලයකි.මේ සියල්ලටම වත්මන් රජය පිළිතුරු සපයන්නේ ප්‍රථමයෙන්ම යුද්ධයෙන් මුළුමණින්ම හානි වූ උතුරේ මෙන්ම සංවර්ධනය අඩාල වී තිබූ දකුණේද මාර්ග සංවර්ධන, යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමෙනි. එම ක්‍රියාන්විතය වඩාත් ක්‍රමවත් කිරීම සඳහා “මහින්ද චින්තනය” මුල්කර ගනිමින් දියත්කර ඇති “දැයට කිරුළ” සංවර්ධන වැඩපිළිවෙළ හරහාය. මේ වන විට එය ක්‍රියාත්මක වන්නා වූ ප්‍රදේශවල, සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා ප්‍රබල සාධකයක් වී ඇත.ජාත්‍යන්තරය අද අපට අභියෝග එල්ලකරන්නේ ජාතීන් වශයෙන් අප බෙදී වෙන් වී සිටින නිසා ය. සිංහළ, දෙමළ, මුස්ලිම්, මැලේ, නොව, එක් ශ්‍රීලාංකේය ජාතියක් ලෙස අප හඳුන්වා ගත යුතු ය. වර්ගවාදය හා ආගම්වාදය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන මෙරට ඇතැම් දේශපාලන පක්ෂ හා සංවිධාන වහා ඉන් ඉවත් විය යුතුය. එවිට අපේ සහෝදරත්වය සහ සාමූහිකත්වය එයින් ලොවට පිළිබිඹු කළහැකි ය. විවෘත මනසකින් හා පැහැදිලි දර්ශනයකින් අප එලෙස කටයුතු කළ හොත් හෙට දිනයේ සියලු අභියෝග අබිබවා ආසියාවේ අසිරියේ කිරුළ ද අපට හිමි කරගත හැකි වනු ඇත. එය මුළු දැයටම පිදෙන කිරුළක් ම වන්නේ ය..
|
NEWS
|
ලොව සුපිරිතම දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ඔස්ටේ‍්‍රලියාවේ නැගී එන නවක පන්දු යවන්නන්ගේ දගපන්දු පුහුණුකරු වශයෙන් පත්වීමට සුදානම් බව ඔස්ට්‍රේලියාවේ "ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත ඊයේ අනාවරණය කළේය.මුරලිදරන් පන්දුව දමා ගසන නෝබෝල් පන්දු යවන්නකු ලෙස විවේචනය කළ ඔස්ට්‍රේලියාව ඔහුගේ සේවය ලබා ගැනීමට යෑම විශේෂ සිදුවීමකි.ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය හා මුරලිදරන් මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින අතර ඉදිරියේදී ඔහු මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් කරනු ඇතැයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රෙග් චැපල් මහතා පවසා තිබේ.1995 වසරේ මෙල්බෝර්න් හීී පැවැති ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ විනිසුරු ඩැරල් හෙයාර් විසින් මුරලිගේ පන්දු යැවීම "දමා ගැසීමක්"යැයි පවසමින් හත්වතාවක් "නෝබෝල්" සංඥාව ලබාදුන් අතර පසුව පැවැති එක්දින තරගයකදී ඔස්ට්‍රේලියාවේම රෝස් එමර්සන් හා ටෝනි මැක්කියුලන් විනිසුරුවන්ද මුරලි "නෝබෝල්" පන්දු යවන්නකු බවට තීන්දු කළහ.මේ හේතුවෙන් මුරලිදරන් පන්දු යවන විට ඔස්ටේ‍්‍රලියානු ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුද "නෝබෝල් මුරලි" යනුවෙන් ඝෝෂා කළහ.පසුගිය වසරේ මුත්තයියා මුරලිදරන් වැඩිම ටෙස්ට් කඩුලු වාර්තාව පිහිටුවද්දීද ඩැරල් හෙයාර් හා රෝස් එමර්සන් විනිසුරුවන් පැවැසුවේ මුරලි තවමත් පන්දුව දමා ගසන්නෙක් බවය. "මුරලි නීත්‍යානුකූලව පන්දු යවන්නෙක් නොවෙයි ඔවුහු "ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පතටම පැවැසූහ.කෙසේ වුවද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මුරලිදරන් දගපන්දු පුහුණුකරු ලෙස යොදා ගැනීමට දැවැන්ත උත්සාහයක නිරතවන බව තේරීම් කමිටු සභාපති ග්‍රෙග් චැපල් "ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පතට කළ ප්‍රකාශවලින් පැහැදිලි වේ.ඔහු පවසා ඇත්තේ මුරලි ඔස්ට්‍රේලියාවේ දගපන්දු පුහුණුකරුවීම අසිරිමත් අවස්ථාවක් බවය. "ඔස්ට්‍රේලියාවේ යොවුන් ක්‍රීඩකයන්ට මෙය ;හාඳ අවස්ථාවක්. ලොව විශිෂ්ටතම දගපන්දු යවන්නාගේ සේවය ලබා ගැනීමට අප වාසනාවන්ත වී තිබෙනවා" චැපල් පවසා ඇත.මුරලිදරන් මේ මස ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය. ඔහු දැනට එක්දින තරග 341 කට ක්‍රීඩාකර කඩුලු 519 ක් බිඳ හෙළා ඇත. ටෙස්ට් බිමෙන් සමුගනිද්දී තරග 133 කට සහභාගි වී කඩුලු 800 ක් බිඳහෙළා තිබුණි..
|
NEWS
|
රුපියල් පනස්හයදහස් හත්සිය අසූහතරක වටිනාකමකින් යුතු ගෘහස්ථ ජල මනු (මීටර්) 13ක් සොරාගෙන ඒවා පරණ යකඩ එකතු කරන ස්ථානයකට විකුණා දැමූ මත්කුඩුවලට ඇබ්බැහිවූ අයෙක් මොරටුව පොලිසියේ අපරාධ විමර්ෂන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මොරටුව මුරවත්ත ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටියදී අල්ලාගත් මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2200ක් ද පොලිසිය බාරයට ගෙන ඇත. වැඩිදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් කරන ලද මෙම ජල මනු හොරකම ගැන සම්පූර්ණ විස්තරයක් හෙළිකොට ඇති අතර ඒ අනුව ක්‍රියාත්මකවූ පොලිසිය විසින් කොරලවැල්ල ප්‍රදේශයේ පරණ යකඩ එකතුකරන වෙළඳසලක තිබී සැකකරු විසින් විකුණන ලද ජල මනු 13ක් සොයාගෙන ඇත.මෙම ජල මනු අභ්‍යන්තරයේ ඇති පිත්තල කැබලි ගලවා ඒවායෙන් ලැබෙන ආදායමෙන් තමා හෙරොයින් මිලදී ගන්නා බව සැකකරු පවසා ඇති අතර මොරටුව ප්‍රදේශයේ, කොරලවැල්ල, උස්වත්ත, මොරටුවැල්ල යන ගම්වල ගෘහස්ත ජල මනු රාශියක් මෙසේ හොරෙන් ගලවාගෙන ඇති බවද හෙලිවී ඇත.සැකකරු වන මොරටුව උස්වත්තේ පදිංචි 29 හැවිරිදි වලච්චු හේවගේ අනුර සංජීව කුමාර යන අය 09දා මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු පි‍්‍රයන්ත ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.මොරටුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක උපුල සෙනවිරත්න මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් හෙට්ටිආරච්චි මහතාගේ අධීක්‍ෂණයෙන් උප පොලිස් පරීක්‍ෂක අරෝෂන්, සැරයන් ප්‍රසන්න, පොලිස් කොස්තාපල්වරුන් වන 83933 මදුශංක, තිලක්, ජූඩ් යන නිලධාරීන් විසින් පරීක්‍ෂණ කටයුතු මෙහෙයවන ලදී..
|
NEWS
|
මඩකළපු කලවංචිකුඩි, කලුදාවලෙයි වෙරළේ දැල් මගින් මසුන් මැරීමෙන් ලක්‍ෂ ගණනාවක මසුන් අල්ලාගෙන ඇත. අල්ලා ගත් මාළුන් ධීවරයින් සතුටින් අලෙවිය සඳහා සූදානම් කරන අයුරු..
|
NEWS
|
ඩෙංගු මදුරුවන් බෝ වීමට ඉඩහැර තිබූ සිවුදෙනෙකුට එක් අයකුට රුපියල් 2500 බැගින් දඩ මුදල් ගෙවන ලෙසට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා නියමකරන ලදී.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත ජයවීර මහතාය.ඩෙංගු මදුරු උවදුර ගැන ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩමුළු කීපයක් පවත්වා නිවෙස් හිමියන්ට තම නිවෙස් පිරිසුදුවට තබා ගන්නා ලෙසට උපදෙස් දුන්නත් මේ පිරිස ඒ කිසිවක් පිළිගන්නේ නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය.කුරුණෑගල නගර සභා සෞඛ්‍ය ඒකකයේ නිශාන්ත ජයවීර, ගුණතිලක, එස්. බී. හේරත්, මංජුල අමරකෝන් සහ චන්දිම රත්නායක යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කුරුණෑගල කුඩාගල්ගමුවේදී මේ වැටලීම සිදුකරන ලදී..
|
NEWS
|
අලි - මිනිස් ගැටුම්වලින් 2009 වර්ෂයේදී අලි ඇතුන් 228 ක් හා මිනිසුන් 50ක් මියගොස් ඇත.ඉහත සංඛ්‍යා සඳහන් වූයේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජනතා නිදහස සන්ධාන මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ලබාදුන් පිළිතුරෙහි ය.වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව 2009 වසර අවසානයේ වාර්තාගත අලි ඇතුන් සංඛ්‍යාව 6000ක් පමණ වන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා යෝජිත වැඩ පිළිවෙළ සකස්කර ඇතැයිද 2009 වසරේ සිට ‘ගජමිතුරෝ’ නම් වැඩ සටහනක් එම ගැටුම් පවතින දිස්ත්‍රික්ක පහළොවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 58ක සාර්ථකව ක්‍රියාත්මක වන්නේ යැයි ද නියෝජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා පැවැසී ය. ය.
|
NEWS
|
රුධිර පාරවිලයනය පිළිබඳ දකුණු ආසියානු සංගමයේ වාර්ෂික සමුළුවේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනේ.රුධිර පාරවිලයනය පිළිබඳ ජාත්‍යන්තර සංගමය මඟින් සංවර්ධනය වෙමින් පවතින රටවල ලේ දීමේ සේවාවන් අතර ප්‍රථම වරට පැවැත්වූ විවෘත තරගයේ මුල් තැන ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම මේ සමුළුවේ සත්කාරක රට ලෙස තෝරා ගැනීමට හේතු වී තිබේ.නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් රුධිර පාරවිලයනය පිළිබඳ දකුණු ආසියානු සංගමයේ සංවිධායක කමිටුවේ සභාපති (සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසයනාගාර සේවා අධ්‍යක්ෂ) වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඊයේ (28) මේ බව පැවැසුවේය.මිත්‍රත්වය, විශ්වාසය හා අන්‍යෝන්‍ය සහයෝගීතාව මත ක්ෂේත්‍රයට අඳාළ දැනුම බෙදාහදා ගනිමින් කලාපයට බලපාන්නා වූ පොදු ගැටලුවලට විසැඳුම් සපයන රුධිර පාරවිලයනය පිළිබඳ පරිනත වෘත්තිකයන් හා අනෙකුත් පාර්ශ්වකරුවන් හමුවන මෙවැනි අන්තර්ජාතික සමුළුවක සත්කාරක රට ලෙස තෝරා ගැනීම ශ්‍රී ලංකාවට අභිමානයක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ලබන මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹදී මේ සමුළුව පැවැත්වේ. මෙවර සමුළුවට පූර්වගාමී විද්‍යාත්මක සම්මන්ත්‍රණ මාලාව ලබන මස 4 වැනිදා ආරම්භ වන අතර එම වැඩමුළුව හෙද නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා පැවැත්වේ. ලබන මස 5 වැනිදා වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන්ට ද, 06 වැනිදා ලේ දීමේ සේවයට අයත් වෛද්‍යවරුන්ගේ සායනික හා රසායනාගාර විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සහිත වැඩමුළුව පැවැත්වේ.කලාපයේ හා ඉන් පරිබාහිර විදේශිකයන් සඳහා විවෘත වන ප්‍රධාන ජාත්‍යන්තර සමුළුව ලබන මස 7,8 දෙදිනදී පැවැත්වේ. රුධිර පාරවිලයනය පිළිබඳ ජාත්‍යන්තර කීර්තිධර විද්වත්හු මේ සමුළුව මෙහෙයවති.මේ විද්‍යාත්මක සැසිවාරයේදී කලාපයට පොදු වූ මාතෘකාවන් මෙන්ම ක‍්ෂේත්‍රයෙහි ප්‍රවනතාවන් හා නව තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කරන බව වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසයි.රුධිර පාරවිලයනය පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ වත්මන් සභාපති වෛද්‍ය පීටර් ෆැනගන් මහතා රුධිර පාරවිලයන සේවාවන්ට අඳාළ ආපදා කළමනාකරණය පිළිබඳ දේශනයක් පවත්වන බව ද හෙතෙම කීය..
|
NEWS
|
සමස්ත තරගාවලිය පුරාම විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා චැලෙන්ජර්ස් කණ්ඩායම හා මහනුවර පැවැති පළමු අදියර ජය ගනිමින් පෙරැළිකාර කණ්ඩායම බවට පත් වූ නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පිල ඊයේ (3)බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූ කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියේ සම ශූරතා දිනා ගත්හ.ඊයේ අවසන් තරගයේ දී වෙස්ටර්න් වොරියර්ස් පිල ලකුණු 26-17ක් ලෙස පරාජය කරමින් දෙවැනි අදියරේ ශුරයන් බවට පත්වූ ජැෆ්නා චැලෙන්ජර්ස් පිලත්, මහනුවර පැවැති පළමු අදියරේ ශූරයන් වූ නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පිලත් සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 37 බැගින් ලබා ගෙන තිබිණි. පළමු අදියරේ දී ජැෆ්නා චැලෙන්ජර්ස් පිල හත්වැනි ස්ථානයට පත්වූ අතර ඊයේ දෙවැනි අදියරේ දී නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පිලට හිමිවූයේ ද හත්වැනි ස්ථානය වීම විශේෂ සිදුවීමකි.දෙවැනි අදියරේ තුන්වැනි ස්ථානය සඳහා ඊස්ටර්න් ඊගල්ස් සහ ඌව වයිපර්ස් පිල අතර පැවැති තරගයෙන් ලකුණු 35-19ක ජයක් අත්කර ගැනීමට ඌව වයිපර්ස් පිල සමත්වූ අතර සදර්න් ෂාක්ස් පිල ලකුණු 28-14කින් පරාජය කළ නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස් පිල පස්වැනි ස්ථානය අත්කර ගත්තේය.හත්වැනි ස්ථානය සඳහා නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් සහ සබරගමුව ස්ටැලියොන්ස් පිල අතර පැවැති තරගයෙන් ලකුණු 17-14ක ජයක් වාර්තා කිරීමට නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පිල සමත්විය. නෝදර්න් ග්ලැඩියේටර්ස් හා සෙන්ට්‍රල් කිංග්ස් කණ්ඩායම් අතර 9වැනි ස්ථානය සඳහා පැවැති තරගයේ ජය ලකුණු 17-10ක් ලෙස සෙන්ට්‍රල් කිංග්ස් පිලට හිමිවිය.අවසන් තරග නැරැඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රෑන්කින්, ඉන්දියා මහකොමසාරිස් අශෝක් කේ. කාන්ත්, පලස්තීන තානාපති අන්වර් එච්.අල්අගා සහ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ..
|
NEWS
|
මේ වන විට අපේ රටේ දැවැන්ත සංවර්ධනයක් ඇති කර තිබෙනවා. මංමාවත්, නව කර්මාන්තශාලා, ජල විදුලිය, පාසල්, රැකි රක්ෂා, ලබාදීම් ආදී වශයෙන් නන් අයුරින් අප රටට සමෘද්ධිමත් කාලයක් උදාකර තිබෙනවා.මේ සියල්ල භුක්ති විදින්න පුළුවන් රටට ආදරය කරන පිරිසක් අපි සංධාන නොකළොත්, අපේ අරමුණු ඉටු නොවන බැවින්, අපි අපේ තරුණ තරුණියන් එකතුකොට රට පුරා නිල්පවුරක් සේ නිල් බළකායක් ගොඩ නගන්නෙමු. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ගම්පහ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජයන්ත මුදන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඹුල්ගොඩදී පැවති නිල් බළකායේ ප්‍රචාරක මහා සභා රැස්වීමක්, තරුණ හමුවක් අමතමිනි. මෙම රැළියට තුන්දහසකට වැඩි පිරිසක් එක් වී සිටියහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අප රටේ ඉතිහාසය දෙස බලන විට, සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම තරුණ සංවිධාන බිහි කරඇත.88,89 භීෂණ යුගයේදී ඇතැම් පක්ෂ වල තරුණ සංවිධාන ක්‍රියා කළේ රට පිළිබඳ හැඟීමක් නැති අයුරිනි. එලෙස සංවිධාන ගත වු සංවිධාන ගැන රජයන් හිතුවේද ආණ්ඩු පෙරළන සංවිධාන ලෙසිනි. ඒ අනුව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ අයට ජීවිත බිලිදෙන්න සිදු වීතිබිණි. උතුරේ එල්.ටී.ටී.ඊ සංවිධාන පවා ඇති වුයේ මේ ආකාරයෙන් බවද පැවසීය.ඒ අඳුරු යුගය අපේ රජය මඟින් නැතිකර, රටට පුර්ණ නිදහස ලබා දීමට ජනාධිපති තුමාට හැකිවුවා. දැන් අපි යුද්ධයෙන් විනාශ කළ රට සියලු අතින් සංවර්ධනය කරනවා. එදා පාලකයන් ආණ්ඩු බලය තිබෙන විට, තරුණ සංවිධාන පිහිටු වීමට ක්‍රියා කළේ නැත. විපක්ෂයේ අයයි තරුණ සංවිධාන ගොඩනැගුවේ. නමුත් අපේ රජයට, අපේ ජනාධිපතිතුමාට, බලයට තවත් කාලයක් ඉදිරියට තිබියදී පවා, අපි ගමින් ගමට ගොස් අපේ තරුණ සංවිධාන ගොඬනගනවා යැයිද කීය. ඒ අනුව අද ගම්පහ දිසාවේ ඉඹුල්ගොඩ, ගණේමුල්ල, යක්කල ආදී ප්‍රදේශවල නිල් බළකායේ තරුණ සංවිධාන එකමුතුව රැස් කරනවා යැයිද කීය.විවිධ රටවල තරුණ සංවිධානයන් බිහිකර භීෂණවලට මුහුණ දෙනවා. ඒ ඒ රටවල තරුණ පිරිස් බටහිර රටවල අතකොලු බවට පත්වුණා. මේ නිසාම, ඒ රටවල විරැකියාව වැඩිවුණා. ආර්ථිකය පිරිහුණා. අපේ රටේත් එදා 1988, 89 එවැනි තත්වයක් තිබුණා. අපි ඒ ගැන සිතා අපේ තරුණ පිරිස රටට හිතැති පිරිසක් සේ සංධාන ගත කිරීමට තීරණය කළ බවද පැවසීය.දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩුබණ්ඩාරනායක, ගම්පහ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජයන්ත මුදන්නායක, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසුරිය, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසාර ඩිනාල් මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ. මෙම අවස්ථාවට බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝයා වහන්සේ කිහිප නමක්ද වැඩම කළහ.
|
NEWS
|
කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර භාවිතයේ දී නව නීති ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. භාෂා තුනෙන්ම මේ උපදෙස් කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර දවටනවල ඇතුළත් කිරීමට රජය ප්‍රතිපත්තිමය ලෙස තීරණය කර ඇති බවත් ඉදිරි කාලය තුළදී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය."කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර වෙළඳපොළේ නිකුත් කිරීම ගොවීන්ට පමණක්ය" යන්න අනිවාර්ය කිරීම, බාල වයස් දරුවන්ට ඒවා අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම, ගොවීන් විසින් ඒවා ක්ෂේත්‍රයේදී භාවිතා කරන විටදී තිබෙන ආරක්ෂිත උපදෙස් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීම යනාදිය මේ නව නීති ලෙස ක්‍රියාත්මක කෙරේ.ප්‍රමිතියකින් තොරව ගොවි ජනතාව කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර භාවිතා කිරීම වර්තමානයේදී බරපතල ගැටලුවක් වී ඇත. මේ හේතුව නිසා වාර්ෂිකව පුද්ගලයින් 10,000ක් පමණ මරණයට පත්වේ. වාර්ෂිකව 2000ක් පමණ මරණයට පත්වේ.කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර කුඩා දරුවකුට වුවත් පහසුවෙන් මිලදී ගත හැකි තත්ත්වයක් වෙළඳපොළේ පවතියි. ගොවිපළ ඇතුළත භාවිතයේදී විධිමත් ආරක්ෂණ උපාය මාර්ග අනුගමනය නොකිරීම, කෘමිනාශක යොදමින් බුලත්විට සැපීම සහ වෙනත් ආහාරපාන ගැනීම සිදුකෙරේ. එය සිරුරට අහිතකර වන අතර එමඟින් පුද්ගලයා රෝගී වේ.සාමාන්‍යයෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය වගාබිම්වලට යොදන විට උදේ වරුව හෝ සැන්දෑ කාලයේදී ඒවා යොදන ලෙස උපදෙස් දී තිබුණත් ගොවීන් දවසේ ඕනෑම වේලාවක මුව ආවරණයකින් තොරව සුළං හමන දිසාවේ සිටම ඒවා ක්ෂේත්‍රයට යෙදීම සිදු කිරීමෙන් ද පුද්ගලයා රෝගී වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි..
|
NEWS
|
මහනුවර මහමායා බාලිකා විදුහල් ක්‍රීඩා වර්ණ ප්‍රදානය කිරීමේ උළෙල ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 13 වැනිදා පස්වරු 2.00 විද්‍යාල ප්‍රේක්ෂකාගාරයේදී පැවැත්වේ..
|
NEWS
|
සිය පෞද්ගලික ධනය පමණක් වැය කර අසරණ වැඩිහිටියන් වෙනුවෙන් සියලු පහසුකම් සහිතව නිවෙසක් ඉදිකර එහි වාසයට පැමිණෙන වැඩිහිටියන්ට, ආහාර නවාතැන් හා සෞඛ්‍ය සේවාවත් නොමිලේ ලබාදීමට කටයුතු කරන ආදර්ශමත් ව්‍යාපාරිකයකු හෝමාගම නගරයේදී හමුවිය.මෙම ආදර්ශවත් කටයුත්ත සිදුකරනු ලබන්නේ හෝමාගම නගරයේ වෙළෙඳ ආයතනයක හිමිකරු වන ඩබ්ලිව්. ඒ. සිරිසේන මහතායි.පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දාම්පේ, හොරගල රමණීය නිසංසල ගම්බද පරිසරයක, නිදන කාමර පහළොවක් සහිතව, උසස් මට්ටමේ නාන කාමර හා නවීන පහසුකම් රැසකින් සමන්විතව අලංකාර ලෙස නිවහන ඉදිකර තිබේ.මෙහි නවාතැන් ගන්නා අසරණ වැඩිහිටියන්ට ආගමික කටයුතුවල යෙදී සිටීමට පහසුකම් සහිතව තැනීම මෙහි තවත් එක් විශේෂත්වයකි.නිවහන විවෘත කිරීමේ අවස්ථාවට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයන්ට ආරාධනා සිදුනොකර තිබූ අතර, දානපති සිරිසේන මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීන් හා යහළුවන් කීපදෙනෙකු පමණක් සිටීම මෙහි තවත් විශේෂත්වයක් ගෙන තිබුණි..
|
NEWS
|
ඌව පළාතේ රජයේ පාසල්වල දරු දැරියන්ට චෙස් ක්‍රීඩාව හදුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙයවන මේ වැඩපිළිවෙළේ මූලික ක්‍රියාකාරකමක් වන්නේ ගුරු මහත්ම මහත්මීන්ට චෙස් ක්‍රීඩා දැනුම හා හැකියාව ලබාදීම ය.ඒ අනුව ඉකුත් දිනක, ගුරු මහත්ම මහත්මීන් 15 දෙනෙකුගේ කණ්ඩායමක් චෙස් පුහුණුවක් ලැබූහ. මහියංගණය රජයේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී ඔවුන්ට මේ පුහුණුව ලබාදුන්නේ රංජිත් දිසානායක හා නිශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ය.ඌව පළාත් ප්‍රාථමික අධ්‍යාපන කටයුතු භාර සහකාර අධ්‍යක්ෂිකා බී.ඒ.ජේ. ජයවර්ධන මහත්මියත් මහියංගණය ගුරු පුහුණු මධ්‍යස්ථාන කළමනාකරු වන වී.එම්. ආරියපාල මහතාත් ඔවුන්ට සහාය වූහ.
|
NEWS
|
ජා ඇළ නගර සභාවේ කොට්ඨාස නවයේම ඩෙංගු මර්දන වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වීම නිසා මේ වසරේදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පහළ බැස ඇත.ජා ඇළ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් සභාපති උපාලි අරඹවත්ත මහතාගේ මැදිහත්වීම යටතේ නගර සභා කම්කරුවන්, පෙර පාසල් මවුපියන් හා නිතර පැවැති ශ්‍රමදාන මගින් නගරය මනා පිරිසුදු තත්ත්වයකින් පවත්වාගෙන ඒමත් කොම්පෝස්ට් බැරල් වැඩසටහන් නගරයේ කුණු කසල එක තැන පල්වෙන්ට නොහැරීමත් නිසා ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රමවත්ව ක්‍රියාත්මක වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. ඇන්. ඇස්. රාජපක්ෂ මහතා පැවසීය.
|
NEWS
|
ගොඩනැගිල්ලක් අසල විදුලි කනුවකට හේත්තුකැර බැඳ තිබූ යකඩ බටයක් , හදිස්සියේම බැම්මෙන් ගැලවී පාරේ ගමන් කළ පුද්ගලයෙකුගේ හිස මත ඇද වැටීමෙන් ,හෙතෙම තුවාල ලැබ මිය ගිය සිද්ධියක් කොළඹ ජාතික මහ රෝහලේ පැවැත්වූ මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක එම්.අෂ්රප් රූමි මහතා විසින් මරණ පරීක්‍ෂණය පවත්වන ලදී. කොහුවල පොලිසියේ කොස්තාපල් සම්පත් (36838) මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් විසි එක් හැවිරිදි ඩබ්ලිව් . ඒ. ඉරේෂ් සංජීව මහතා මෙසේ කීය.මගේ කඩය තිබෙන්නේ කොහුවල එස්. ද, එස්. ජයසිංහ මාවතේ. එදින සවස 6.30ට පමණ මම කඩය වසා ගෙදර යන්න සූදානම් වුණා. ඒ වේලෙහි තද සුළඟ සමඟ පොද වැස්සක් තිබුණා. එතැන “ලයිට්” කණුවක බැඳ තිබූ උස යකඩ බටයක් හදිසියේම බැම්මෙන් ගැලවී , වේදිකාව මත ගමන් කළ පුද්ගලයෙකුගේ හිස මත වැටෙණු දැක්කා.එම පුද්ගලයා එතැනම වැටුණා. කඩයේ සේවකයන් සමඟ මම තුවාලකරු ත්‍රීවිලරයකින් රැගෙන ගොස් කළුබෝවිල රෝහලට ඇතුල් කර ඉන් පසු අනතුර ගැන රෝහල් පොලිසියට දැනුම් දුන්නා. මේ තුවාලකරු කොළඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් පසු මිය ගිය බව පසුව දැන ගත්තා. රෙදි පටියකින් බැඳ තිබූ මෙම යකඩ බටයේ බැම්ම බුරුල්වී බිමට පහත් වී ඇති බැව් පසුව දැන ගත්තා..
|
NEWS
|
අලව්වේදී අනතුරට ලක් වූ දුම්රියේ එන්ජිම කිසිදු හේතුවක් මත එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට ඊයේ (20) අධිකරණ නියෝගයක් ලබාගත්තේය. අලව්ව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම මත මේ නියෝගය ලබාගෙන ඇත. රජයේ රසපරීක්ෂකවරයා අද ඒ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට ද නියමිතය.මේ අනතුර සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා නියෝග දී තිබේ.ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ සිදු කෙරේ.අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවැති මාර්ග අවහිරතාව පිළිබඳව දුම්රිය නියාමකවරයා දැනුවත් වූයේ නම් රියදුරු තිරිංග තද නොකළත් නියාමක සතුව පවතින “තිරිංග වෑල්” පාවිච්චි කිරීමට ඉඩ තිබිණි.එහෙත් ඔහු එම “තිරිංග වෑල්” පාවිච්චි කළ බවට පැහැදිලි තොරතුරක් කටඋත්තරවලින් පැහැදිලි නොවන බව මෙතෙක් පැවැත්වූ පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. දුම්රිය නියාමක විසින් “තිරිංග වෑල්” පාවිච්චි කළා නම් දුම්රිය මාර්ගයේ ඊට අදාළ සළකුණු සටහන් විය යුතු බව පොලිසිය පවසයි. එසේ තිරිංග තදවීමක් වූවාද යන්න සොයා බැලීමට රජයේ රසපරීක්ෂකවරයා කැඳවා ඇත.මේ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැනට 40 දෙනකුගෙන් පමණ කටඋත්තර ලබාගෙන තිබේ.අලව්ව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති, අනතුරට ලක්වූ දුම්රියේ නියාමක ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ දස දෙනකුගෙන් පමණ ද, තුවාල ලබා සිටින පොලිස් නිලධාරියකු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල යෙදී සිටින බුරුම ජාතිකයන් දෙදෙනකු, අනතුර ඇසින් දුටු පිරිස ඇතුලු 40 දෙනකුගෙන් එසේ කටඋත්තර ලබාගෙන තිබේ.ඊට අමතරව ප්‍රධාන පාලක මැදිරියේ ඉංජිනේරුවරයාගෙන්ද කටඋත්තර ලබාගැනීමට නියමිතය.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන, සහකාර පොලිස් අධිකාරි අලහකෝන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක අතපත්තු, අලව්ව පොලිස් ස්ථානාධිපති මහින්ද පුෂ්පකුමාර ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති..
|
NEWS
|
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කිසිදු පෞද්ගලික වෛද්‍යවරයකු නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය.තමන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා යැයි ඕනෑම අයකුට පැවැසිය හැකි වුව ද ජනාධිපතිවරයාට එවැනි පෞද්ගලික වෛද්‍යවරයකු නොමැති බව ද ඇමැතිවරයා කීය.ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.දයාසිරි ජයසේකර මහතා - ප්‍රධාන සංවිධායකතුමා මෙවැනි පිළිතුරක් ලබා දුන්නත් ජනාධිපතිවරයාට පෞද්ගලික වෛද්‍යවරයකු සිටින බවට ලිපි ගොනු හා ඡායාරූප මා සතුව තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මහතා - ඕනෑම කෙනකුට ලිපිගොනු තියාගන්නට පුළුවන්. එහෙත් ජනාධිපතිවරයාට පෞද්ගලික වෛද්‍යවරයෙක් නැහැ. ජනාධිපතිතුමා ඕනෑම කෙනෙක් සමඟ හිතවත්. ඉතින් ඡායාරූප ගන්නවා. ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරයා සමඟ ඡායාරූප ගන්නටත් පුළුවන්..
|
NEWS
|
ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ගෙන ඒමට උත්සාහ කරන නව ව්‍යවස්ථා හා මූල්‍ය කෙටුම්පතට විරුද්ධ වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ගෙන ඇති තීරණයට එකඟ වීමට ඊයේ රැස්වූ මෙරට ක්‍රිකට් බළධාරීන් හා නිළධාරීන් සියළු දෙනාම ඒකමතිකව තීන්දු කළහ.ඉන්දියාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියාවට වැඩි ආදායමක් හා තීරණ ගැනීමේ බළතල ලැබෙන පරිද්දෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අනුමත කර ගැනීමට නියමිත නව ව්‍යවස්ථාවන් පිළිබඳව අදහස් විමසීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ඊයේ සවස ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. විධායක කමිටුව මෙහිදී, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන්, හිටපු ක්‍රිකට් සභාපතිවරු හා ලේකම්වරු මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයන්ද හමුවූහ.ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඉදිරිපත් කර ඇති නව යෝජනා ඊට නීති උපදේශක කමිටුවේ අදහස්ද, මූල්‍ය තක්සේරුවන් පිළිබඳවද මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡාවට ගැනිණි..
|
NEWS
|
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලිය අප්‍රේල් මස 22 වන දින සිට 25 වන දින දක්වා තායිලන්තයේ තමාසාට් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබේ.මෙම තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු හා නිලධාරීන් දෙදෙනෙකු ගෙන් යුත් කණ්ඩායමකට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අද තායිලන්තය බලා පිටත්වේ.කේ. කේ. කේ. සෙනෙවිරත්න (මී. 400) ටී. ජී. කේ. මෙන්ඩිස් (මී. 800) ලක්ෂාන් කොස්වත්ත (දුර පැනීම) එම්. ජී. සී. එන්. ගමගේ (තුන් පිම්ම) ආර්. ඩබ්. එල්. දයාරත්න (හෙල්ල විසිකිරිම) අචලා ඩයස් (මී. 100) බී. ඩී. පී. පත්මකුමාරි (මී. 400) ඩී. ඒ. එස්’ සමන්මලී (මී. 800 හා මී. 1500) ටී. එම්. දේවේන්ද්‍රන් මහතා (කළමණාකරු) සජිත් ජයලාල් මහතා (පුහුණුකරු) එම කණ්ඩායමට ඇතුලත් වෙති..
|
NEWS
|
මාවනැල්ල කලාපයේ ගුරුවරුන්ට උපහාර පිදීමේ උළෙලක් සබරගමුව පළාත් සභා මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාවනැල්ල මයුරපාද ශාලාවේදී පැවැත්විණි.සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා - මවු පිය සෙවණේ දයාව ආදරය ලබමින් හැදී වැඩෙන දරුවන් නිසි වයස එළඹි කළ අධ්‍යාපනය ලබා දෙන්නට ගුරුවරුනට භාරකරනු ලබනවා. එවිට ගුරුවරු යහපත් දරුවකු ලෙසට උගත් මනසකින් කටයුතු කරන්න දරුවන් සමාජගත කරනු ලබනවා. මෙහිදී දරුවන්ට ජීවනමග සදාදෙන සංකල්පයට හුරු කරන ගුරු පරපුර ද මවුපියන් ලෙස සලකන්න පුළුවන්.සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන සේවාව මම මහ ඇමැති ධුරයේ අධ්‍යාපන විෂය භාරගන්නා විටපැවතුනේ දිවයිනේ පළාත් සභා අතරින් අටවන ස්ථානයේය. එහෙත් සාමාන්‍ය පෙළ උසස්පෙළ ප්‍රථිපල බලනවිට අධ්‍යාපනය අතින් දිවයිනේ තෙවන ස්ථානයට සබරගමුව පළාත් සභාව පත්ව ඇති බව මම ප්‍රකාශ කරනවා.ගුරුවරු තම හැකියාවන් යොදා දැනුම උත්සාහය තුළින් දරුවන්ගේ මනස ක්‍රියා කරවා දරු පරපුර දේශාභිමානී පුරවැසියන් පිරිසක් බවට පත් කළ යුතුයි. අද ඉහළම බුද්ධිමතුන්ගේ තෝතැන්න වන විශ්වවිද්‍යාලය පිරිහීමට පත්ව ඇත්තේ මූලික අධ්‍යාපනය ලද පාසලේදී කිසි හුරුවක් පුහුණුවක් ලබා ගෙන නොමැති නිසයි.උසස්පෙළ සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්ව විභාග වලදී විශිෂ්ට සම්මාන ලද සිසු සිසුවියන්ට හා නිවාඩු අඩුවෙන් ලබා සේවය කළ ගුරු පිරිසට සෙසු දක්ෂකම් දැක්වූ අයට අධ්‍යාපන කලාපයේ විදුහල්වල සේවය කරන ගුරුවරුන්ට මෙහිදී සම්මාන පිරිනැමූහ..
|
NEWS
|
අපේ මාතෘ භූමිය පිළිබඳ සියැසින් දැක තුන්වන ලෝකයේ රටක් නොව පළමුවැනි ලෝකයේ රටක් බව ජාත්‍යන්තරයට දැන ගැනීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව කඳිම වේදිකාවක් බව මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි.සෙසු රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරැදි මත දැරුවද අපිට දිඟු ඉතිහාසයක් පවතින බව සිහිපත් කරන වික්‍රමනායක මහතා අපේ රටේ සැබෑ තත්ත්වය සියැසින් දැකගෙන සත්‍යය අවබෝධ කර ගන්නට හැකියාව ලැබෙන බවද කියා සිටී.නිදහස් සාමකාමී වාතාවරණය තුළ ඉදිරියට ගමන් කරන රටක් බව පිළිගන්නට ලෝක නායකයන්ට අවස්ථාව සැලසෙන බව පෙන්වාදෙන ඒ මහතා ඒ වෙනුවෙන් රටවල් 54ක රාජ්‍ය නායකයන් සහභාගිවීමට නියමිත බවද මෙය අපේ රටට හොඳ අවස්ථාවක් බවද සදහන් කරයි.වසර පුරා වර්ෂාව හොඳින් ලැබෙන ශ්‍රී ලංකාව තේ, රබර්, පොල් ඇතුළුව ඕනෑම භෝගයක් වගා කළහැකි බවද ඊට අමතරව අපේ රටේ පවතින සම්පත් දැක ගතහැකි බවද පෙන්වාදෙන මව්බිම ලංකා පදනමේ සභාපතිවරයා එම සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගෙන නිෂ්පාදනයන් සිදුකරන්නේ නම් ඉහළ අපනයන ආදායමක් ලබාගත හැකි බවද කියාසිටී.මේ අතර ඒ මහත් පෙන්වාදුන්නේ සුන්දරත්වය අතින් ඉහළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක පිළිගැනීමට ලක්ව තිබෙන බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වීම හරහා මේ රටේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට විශාල ශක්තියක් ලැබෙන බවත්ය..
|
NEWS
|
අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටි සිසුවියන් දෙදෙනාගේ සිංහල පිළිතුරු පත්‍ර එදිනම ඇගැයීම් මධ්‍යස්ථානය වෙත භාර දුන් බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි. මෙම විභාග මධ්‍යස්ථානයේ විභාග ශාලාධිපති විභාග කටයුතුවලින් ඈත් කළ බවද විභාග පනතට අනුව තමාට සිදුකළ හැක්කේ එපමණක් බවද කී ඒ මහතා වැඩිදුර කටයුතු සඳහා තමා සිද්ධිය අධ්‍යාපන ලේකම්වරයාට යොමු කළ බවද කීය.විභාග වේලාවෙන් බාහිරව උත්තර පත්‍ර භාර නොගන්නා බව කී අනුර එදිරිසිංහ මහතා විභාග ප්‍රශ්න පත්තරයක් පිටතින් භාර ගැනීම ගෙදරින් පැනගිය ගෑණු දරුවකු නිවසට ගැනීමට සමාන යැයිද එම දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන සිතා එම උත්තර පත්‍ර ලබාගෙන පරීක්ෂණයක් සිදු කිරීමට ක්‍රියා කළේ යැයිද කීය.මෙම උත්තර පත්‍ර කුණු ගොඩේ තිබී සොයා ගත්තේ ය යන්න අසත්‍යයක් බව කී අනුර එදිරිසිංහ මහතා විභාග ශාලාධිපතිගේ අතපසුවීමක් හේතුවෙන් අමතර කොළ ගොඩක තිබී මෙම උත්තර පත්‍ර දෙක සොයාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද ඒ පිළිබඳව විමර්ශනයක් කරන තුරු එම ප්‍රතිඵල නතර කර ඇතැයිද කීය.අලව්ව විභාග මධ්‍යස්ථානයක රුසියානු භාෂා ප්‍රශ්න පත්‍රයක් සඳහා ප්‍රතිඵල ලැබී නැතැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මුළු ප්‍රතිඵල අත්හිටුවීමට හෝ විමර්ශනයක් සිදු කරන තුරු ප්‍රතිඵල නවතා දැමීමට ක්‍රියා කරන බවය.මෙම විභාග මධ්‍යස්ථානයේද මෙම ප්‍රශ්න පත්තරයට පිළිතුරු ලබාදුන් ආකාරයේ වෙනසක් ඇති නිසා මෙය විමර්ශණය කරන බවද ප්‍රකාශ කළේ ය.විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ය..
|
NEWS
|
තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරියකු තම නිවසට නීත්‍යානුකූල නොවන මාර්ගයකින් ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ජාතික ජලාපවහන මණ්ඩලයට රුපියල් 19000ක දඩ මුදලක් ගෙවීමට සිදුවූ පුවතක් ජලාපවහන මණ්ඩලයෙන් වාර්තා වෙයි..
|
NEWS
|
රැයක් ගෙවී සුන්දර දවසක් උදාවන විට හැඳල ප්‍රධාන පාරේ තාප්පවල, ගේට්ටුවල, ලයිට් කණුවල ගෙවල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය පොලිතින් බෑග්වලට දමා එල්ලා තබන පරිසර දූෂිත දර්ශනය කොයි කාටත් දැකගත හැකිය.මෙයට පිළියමක් ලෙසින් ජීව බල නිෂ්පාදනාගාරයට අවශ්‍ය ගෙදරින්ම වෙන්කර ලබාදීමට අවශ්‍ය ප්ලාස්ටික් බාල්දි නිවෙස්වලට බෙදාදීමට වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට භාර දී ඇත.එක් නිවෙසකට බාල්දි 03 ක් ලබාදිය යුතු වුවත් එය නිසි පරිදි නගරාධිපතිවරයා ඉටු කිරීමට සමත් වී නැති බව ඡායාරූපයෙන් පැහැදිලි වේ..
|
NEWS
|
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පවතින අභ්‍යන්තර පාලන දුර්වලතා හා එහි වැරදි ක්‍රියාකාරිත්වයේ හේතුවෙන් අය විය යුතු විශාල මුදලක් අහිමි වී යන බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. ශ්‍රීලංකා රේගුව විසින් මෝටර් රථ ආනයනයේ දී එකතු කරනු ලබන බදු ආදායමට ඉතාම අහිතකර ලෙස බලපාන සිද්ධීන් රැසක් ද විගණකාධිපතිවරයා සිය 2012 වර්ෂය සඳහා වූ වාර්තාව මඟින් හෙළි කරයි.දෙපාර්තමේන්තුවේ කටයුතු පරිගණක කර ඇතත් පරිගණක පද්ධතියේ පවතින දුර්වලතාවයන් නිසා වැරදි හා අක්‍රමිකතාවන් සිදුවීමේ හැකියාව බහුලව පවතින බව අවස්ථා ගණනාවක දී පෙන්වා දුන් නමුත් එය මේ වන තෙක් නිවැරදි කර නොතිබූ බවද වාර්තාව කියයි.දෙපාර්තමේන්තුවේ ආදායම් එකතු කිරීමේ කාර්යයේ දී නිරීක්ෂණය කරන ලද දුර්වලතා රැසක් මෙම වාර්තාව මගින් හෙළි කර ඇත. අලුතින් වාහන ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු රේගු නිශ්කාශන ලියවිලි වංචනික ලෙස සකස් කර මෝටර් රථ ලියාපදිංචි කර තිබීම මෙන්ම වෙනත් ආකාරයට වංචනික ආකාරයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීමට හැකි වන අයුරින් පවතින අභ්‍යන්තර පාලන ක්‍රමය දුර්වල වීම.G . N සහ J ඉංග්‍රීසි අක්ෂර කාණ්ඩ හා 325 ඉලක්කම් කාණ්ඩය යටතේ සියලු වාහන පංති සඳහා පොදුවේ වාහන හඳුනා ගැනීමේ අංකයක් ලබාදීමේ ක්‍රමවේදයක් තුළ වංචනික ලෙස වාහන ලියාපදිංචිය සිදුකිරීමේදී ඉඩ කඩ පැවතීම පෙන්වා දී තිබුණ ද ඒවා නිවැරදි කරගෙන තිබුණේ නැත.ලියාපදිංචි කළ වාහනවල මුල් ලිපිගොනු ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වූ වැඩපිළිවෙළක් නොමැති වීම දෙපාර්තමේන්තුව තුළ බොහෝ අක්‍රමිකතා ඇතිවීමට ප්‍රධාන වශයෙන් ම හේතු වී තිබීම හා ලිපිගොනු අස්ථාන ගතවීම සම්බන්ධයෙන් වග කිව යුතු නිලධාරීන් සොයා ඔවුන් පිළිබඳව දෙපාර්තමේන්තුව විසින් විධිමත් වූ ක්‍රියාදාමයක් ගෙන නොතිබීම. දෙපාර්තමේන්තුවේ වාහන පැවරුම් ක්‍රියාවලියේ පවත්නා පාලන ක්‍රමවේදයන්හි දුර්වලතා හේතුවෙන් නීත්‍යානුකූලව වාහනවල අයිතිය හුවමාරු සිදු නොවී විවෘත පැවරුම් මඟින් වාහනවල හුවමාරුවීම් බහුලව සිදුවීම සහ එමගින් දළ වශයෙන් රුපියල් මිලින 200ක ආදායමක් අහිමිවීම හා වාහනවල සත්‍යවූ අතීත තොරතුරු වසන් කිරීම තුළින් වාහන මිලදී ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් නොමග යැවීමක් ද සිදුවිය හැකිවීම.1995 අංක 16 දරන මුදල් පනත හා සංශෝධිත පනත් යටතේ අය කෙරෙන සුඛෝපභෝගී ද්විත්ව කාර්ය කාර්ය බදු යනාදියට අදාළව බදු අය කිරීම සිදු කරන රක්ෂණ ආයතනවල කළමනාකරණය හා මගපෙන්වීම බදු ගෙවීම පිළිබඳ වාහන හිමියන් දැනුවත් කිරීම හිඟබදු අය කිරීම බදු ගෙවීම සම්බන්ධ ඒ වාහන වෙනුවෙන් පරිගණක පද්ධතිය පවත්වා ගැනීම ඇතුළු කටයුතු ඉටුකිරීම ඉතාමත් දුර්වල තත්ත්වයක පැවතීම පනතට අනුකූලව බදු මුදල් අය නොකිරීම..
|
NEWS
|
ගනේමුල්ල - කඳාන (266) මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති අතර එම මාර්ගයේ වාහනයක් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක තිබේ.මාර්ගයේ අතුරා තිබූ තාර තට්ටු ගැලවී විශාල වළවල් සැදී ඇති අතර, ඒ මතින් ගමන් කිරීමේදී ඔවුන්ගේ රථවාහනද අබලන් තත්ත්වයට පත්වන බව පෙන්වා දෙන ඔව්හු, මේ මාර්ගය පිළිසකර කිරීම සඳහා බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවෙනු ඇතැයි අපේක්‍ෂා කරති..
|
NEWS
|
වසර තිහකට අධික කාලයක් පුරාවට නැගෙනහිර පළාතේ පැවැති කුරිරු ත්‍රස්තවාදය නිමා කරමින් සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් ජාතීන්ගේ අතර සමගිය මනාව ලොවට විදහා දක්වමින් මහා බක්මහ උළෙලක් ඊයේ මානල්චේනෙයි මහජන ක්‍රිඩාංගණයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැතිවිණි.මූතූර් ප්‍රදේශයේ 5 වන ශ්‍රි ලංකා යුද හමුදා කාළතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එල්. රංචාගොඩ මහතාගේ සහ නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් පැවැති මෙම උත්සවයේදී ජාතීන් තුනම නියෝජනය කරමින් සංස්කෘතික අංග විවිධ ජන ක්‍රිඩා බොහොමයක් පැවැත්විණි.බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ඊ පී ද ඉසෙඩ් වික්‍රමරත්න, 224 බලසේනාංකයේ බළසේනාධිපති කර්නල් එච්.එල්.වී.එම් ලියනගේ මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ..
|
NEWS
|
චින්තක ජයසිංහගේ හා චාමර සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගමාලාවේ ‘ඒ’ කොටස යටතේ එන්. සී. සී. පිල සමඟ පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් පිල සමත් විය.පළමුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 6 කට ලකුණු 500 ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවූ අතර චින්තක නොදැවී ලකුණු 173 ක් රැස්කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබා දෙමින් නායක චාමර සිල්වා ලබාගත් ලකුණු සංඛ්‍යාව 158 කි.දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට ලකුණු 302 ක සම්බන්ධතාවක් ගොඩනැඟිණි.සිය විශිෂ්ට ඉනිම හේතුවෙන් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගැනීමට ද චින්තක සමත් විය. ඔහු මේ වන විට තරග 3 කදී ලකුණු 397 ක් ලබාගෙන තිබේ. ඊට ශතක 2 ක් හා අර්ධ ශතකයක් ඇතුළත්ය.බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම 500/6 (ඉනිම අත්හිටුවන ලදී) - චින්තක ජයසිංහ නොදැවී 173, චාමර සිල්වා 158, ඩිල්ෂාන් මුණවීර 70එන්. සී. සී. පළමු ඉනිම 213 - මුදිත ප්‍රනාන්දු 55, (උපුල් ඉන්ද්‍රසිරි 62/5) සහ දෙවැනි ඉනිම 327/6 - චාමර කපුගෙදර 158, යොහාන් ද සිල්වා 124ගයාන් සිරිසෝම කඩුලු 12 ක් දවාලයිගයාන් සිරිසෝම ඉනිම් 2 දීම කඩුලු 6 බැගින් දවාලීමේ හේතුවෙන් බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලංකන් ක්‍රීඩා සමාජය සමත් විය.බදුරලිය පළමු ඉනිම 184 – හෑන්ස් ප්‍රනාන්දු 41 (ගයාන් සිරිසෝම 54/6) සහ දෙවැනි ඉනිම 263 - තිළිණ මාස්මුල්ල 78, සහන් විජේරත්න 75 (ගයාන් සිරිසෝම 87/6)ලංකන් පළමු ඉනිම 288 - චානක විජේසිංහ 99, දමිත හුණුකුඹුර 78 (අසංක සිල්වා 91/5) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 6යිඑස්. එස්. සී. පිලට පළමු ඉනිමේ ජයක්මුවර්ස් පිල සමඟ මුවර්ස් පිටියේ පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට එස්. එස්. සී. පිල සමත් විය.එස්. එස්. සී. පළමු ඉනිම 459/9 (ඉනිම අත්හිටුවන ලදී) - තිලාන් සමරවීර 148, දසුන් ශානක 64, ගීත් අල්විස් 57 (ජෙෆ්රි වැන්ඩර්ස් 104/3) සහ දෙවැනි ඉනිම 45/5 - (දිනුක් හෙට්ටිආරච්චි 15/3)මුවර්ස් පළමු ඉනිම 383 - මුයින් අලි 157 (කෞෂාල් ලොකුආරච්චි 101/3)රාගමට පළමු ඉනිමේ ජයරාගම ක්‍රිකට් පිල හා හලාවත මේරියන්ස් පිල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාගම පිල සමත් විය.රාගම පළමු ඉනිම 495 - ඉයන් ඩැනියෙල් 140, ඉන්දික ද සේරම් 88, නයන ප්‍රනාන්දු 65, උදාර ජයසුන්දර 56 (ජානක ගුණරත්න 73/3)හලාවත පළමු ඉනිම 207 - ගීත් කුමාර 36, (නිලංක ප්‍රේමරත්න 52/5, සචිත් පතිරණ 56/4) සහ දෙවැනි ඉනිම 180/3 - හර්ෂ කුරේ නොදැවී 51, ගීත් කුමාර 47ද්‍රවිඩ සංගම් පිලටපළමු ඉනිමේ ජයක්කෝල්ට්ස් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් පිල සමත් විය.කෝල්ට්ස් පළමු ඉනිම 308 - රොෂේන් සිල්වා 84, අක්ෂු ප්‍රනාන්දු 50 (ඉසුරු උදාන 49/3) සහ දෙවැනි ඉනිම 124/4 - අනුක් සිල්වා 37ද්‍රවිඩ සංගම් පිල 441 - ජීවන්ත කුලතුංග 80, ගයේෂාන් වීරසේකර 85, කිත්රුවන් විතානගේ 69, ඉසුරු උදාන නොදැවී 59 (විරාජ් පුෂ්පකුමාර 138/6).
|
NEWS
|
අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ දස්කම් දක්වමින් සිටින ඉසුරු උදානට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවස්ථාවක් නොදීම පිළිබඳ ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ කතා බහට ලක්ව තිබේ.ඔහු වරාය අධිකාරි ක්‍රිකට් පිල නියෝජනය කරමින් තුන්දින ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 40ක් හා එක්දින තරගාවලියේදී කඩුලු 10ක් බිඳහෙලා සිටියද ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ එංගලන්ත හා අයර්ලන්ත සංචාරයට ඇතුළත් නොකිරීම කතා බහට හේතුවී ඇතැයි වාර්තා වේ.ඉසුරු උදාන එක්දින තරග 2කදී හා විස්සයි20 තරග 6කදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.පසුගිය වසරේ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූ චරිත් ජයම්පති, තරිඳු කෞෂාල්, චතුරංග කුමාර වැනි දක්ෂ යොවුන් ක්‍රීඩකයන්ටද එංගලන්ත-අයර්ලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවස්ථා හිමිව නොමැත.මේ ක්‍රීඩකයන්ගේ අනාගත ක්‍රිකට් දිවිය ආරක්ෂා කිරීමට හා ඔවුන්ට දිරිදීම යුතුකමක් බව බොහෝ දෙනාගේ මතයවී ඇත.ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල දැන් එංගලන්ත-අර්යලන්ත සංචාරයට එක්ව සිටින අතර එය අගෝස්තු 25 දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකත්වයට පසුගිය කාලයේ ජාතික ක්‍රිකට් පිලේ දස්කම් දැක්වු අශාන් ප්‍රියංජන පත්කිරීමට තීරණය විය.එයට අමතරව උපනායකයා ලෙස කුසල් ජනිත් කටයුතු කරන අතර මහේල උඩවත්ත, රමිත් රඹුක්වැල්ල, චතුරංග ද සිල්වා, සීකුගේ ප්‍රසන්න වැනි ජාතික පිල නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයන්ද සිටිති. ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ළහිරු ජයරත්න, භානුක රාජපක්ෂ, ඉෂාන් ජයරත්න, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, සචිත් පතිරණ, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු හා ප්‍රියමාල් පෙරේරා එක්ව සිටිති.
|
NEWS
|
ඇය කුමාරි නම් විය. ගෙදරින් පිට බෝඩිමක සිට රැකියාවක නිරත වේ.උදෑසනින් අවදි වූ ඇයට පෙර දින ඇයගේ නමට ගෙදරින් එවා ඇති ලිපිය බෝඩිමේ හිමිකාරිය විසින් ගෙනත් දෙන ලදී. කුමාරි විසින් ඉතාමත් සුරකිව ලිපිය විවෘත කර කියවන්නට සූදානම් වූවාය.එහි ඇත්තේ තමාගේ මව ගේ නමින් ගෙදරට එවා තිබූ විදුලි බිල්පතයි. කුමාරිට ගැටලුවකි. ගෙදරට දුරකතන පහසුකම් නොමැත. අසල ගෙදරක දුරකථනයෙන් මවට ඇමතුමක් ගත්තා ය.දුරකතන දෙබස මෙසේ ය.ඇයි අම්මේ ගෙදර ලයිට් බිල මට තැපෑලෙන් එව්වේ...අනේ ලොකු දුවේ උඹට ලියුමක් ලියලා දැම්මේ... ලියුම ඇලෙව්වේ රෑ... එහෙනම් ලියුම පැටලිලා, ලයිට් බිල ලියුම් කවරයට දැමෙන්න ඇති.කුමාරිට මවට සිදු වී ඇති පැටලැවිල්ල තේරිණි..
|
NEWS
|
රණවිරු දරුවන් අනෙක් ළමයින්ට ආදර්ශවත් අය ලෙස දැයට හිතැති අති දක්ෂයන් බවට පත් කළ යුතු බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.සිසුවා පොතේ දැනුමෙන් මෙන්ම බාහිර ක්ෂේත්‍රවලින් ද පෝෂණය කර රටට වැඩදායී යහපත් පුරවැසියකු කිරීමට මවුපියන් ද ඉතා වගකීමෙන් සහාය විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේ ය.කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඊයේ (20) දහවල් පැවති 2011 විරුදරු සිතුවම් දැක්ම හා පහ වසර ශිෂ්‍යත්ව හපනුන් වෙත ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් සිසුවිය ඇතුළු රණවිරු පවුල්වල දූ දරුවන් 90 කට ඊයේ එහි දී ශිෂ්‍යාධාර පරිත්‍යාග කරන ලදී. රණවිරු සේවා අධිකාරියේ අනුග්‍රහයෙන් පරිත්‍යාග සිදු කෙරුණු අතර මියගිය හා ආබාධිත රණවිරු පවුල්වල හා ආරක්ෂක සේවා විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්වයට ඉදිරිපත්ව හපන්කම් දැක්වූ දක්‍ෂයන් වෙත මෙසේ ආධාර පිරිනැමිනි.ආරක්ෂක සේවා පාසලේ දරුවන් විසින් අඳින ලද චිත්‍ර ඇතුළත් සිතුවම් දැක්මක් ද එදින පැවැත්විණි.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ සංකල්පයක් අනුව 2006 වර්ෂයේ දී ආරම්භ කළ ආරක්ෂක සේවා පාසලේ ළමයින් ප්‍රථමයෙන්ම පහ ශිෂ්‍යත්වයට ඉදිරිපත් වුණේ මෙවර. ඒ දරුවො තමයි අද පාසලේ ඉහළ පන්තියෙ ළමයි. මේ දරුවො තමන්ගෙ දක්ෂතා දක්වා අද අනෙක් දරුවන්ටත් ආදර්ශයක් වී සිටිනවා.මෙවර ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබාගත් වෙනත් පාසල්වල සිසුන්ටත් ආරක්ෂක සේවා පාසලට ඇතුල්වීමට අවස්්ථාව උදාවෙලා තිබෙනවා. ශිෂ්‍යත්ව සමත්ව සිටින කැමති දරුවන්ට මේ පාසලට ඇතුල්වී ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා. සියලු අංශ වලින් සම්පූර්ණ මේ පාසලේ ඉගනීම ලබන දරුවන්ට පොත පතේ දැනුම පමණක් නෙවෙයි ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳ බාහිර දැනුම අනිවාර්යයෙන්ම ලබා දෙනවා.රට දැය වෙනුවෙන් දිවි පූජාවෙන් කටයුතු කළ අභීත විරුවන්ගෙ දරුවෝ මේ පාසලේ ඉගෙනගන්නෙ.අති දක්ෂ පිරිපුන් දරු පිරිසක් රටට දායාද කිරීමේ අරමුණෙන් මේ පාසල ආරම්භ කළේ. ඒ යුතුකම ඉටුකරන්න පාසලේ ගුරු මණ්ඩලය කැපවී ක්‍රියා කරනවා. මෙහි ඉගනුම ලබන්න අවස්ථාව ලබන දරුවන්ට බාහිර සියලු අංශවලින් ඉදිරියට යෑමට අවශ්‍ය සියලු පහසුකම් පාසල තුළින්ම ලබාදීම වැදගත් කරුණක්.අද වනවිට රටේ තිබෙන ඉහළ පෙළේ යැයි කියන පාසල් වලට සමාන තත්ත්වයෙන් ආරක්ෂක සේවා පාසල ක්‍රියාත්මකයි. මේ පාසල සියලු පාසල්වලින් ප්‍රමුඛ බවට පත්කිරීමට අනාගතයේ දී අපට හැකිවේවි.දැනට රණවිරු දරුවන් වෙනුවෙන් මෙවැනි පාසලක් කුරුණෑගල ප්‍රදේ්ශයෙත් ආරම්භ කර තිබෙනවා.රට පුරාම සිටින රණවිරු දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට සෑම නගරයකම පහසුකම් සැලසීමට සැලසුමක් තිබෙනවා.රණවිරුවා දැය වෙනුවෙන් සිදුකළ මෙහෙවරට උපහාරයක් ලෙස එම දරුවන් වෙත උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීම අප සැමගේ ම යුතුකමක්. ඒ යුතුකම ඉටු කිරීමට අප බැඳී සිටිනවා.ආරක්ෂක සේවා පාසලට අඩුපාඩුවක්ව පැවැති ඉහළ පන්ති පවත්වාගෙන යාමට නව ගොඩනැගිල්ලක් මේ වනවිට තනා නිමකර අවසන්. ප්‍රාථමික පන්ති සඳහා ද නව ගොඩනැගිල්ලක් ඉදිකෙරෙන අතර විද්‍යාගාර පහසුකම් ආදී සියලු දෑ මෙන්ම ගුරු හා සිසු දෙපාර්ශ්වයට ම නේවාසික පහසුව ද ඉදිරියේ දී ලබාදීමට පියවර ගන්නවා. මේ පාසලෙන් ලබාදෙන අධ්‍යාපනය නිසි අයුරින් ලබාගෙන විශ්වවිද්‍යාලය දක්වා ගොස් සියලු කඩඉම් ජයග්‍රහණ ලබා ආදර්ශවත් පුරවැසියන් වන ලෙස සිසු දරුවන් ගෙන් ඉල්ලා සිටිනවා.ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ද අදහස් දැක්වීය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
දෙස් විදෙස් ආයෝජකයන් දිරිගන්වන වැඩසටහන් රැසක් මෙවර අය වැය යෝජනා තුළ අන්තර්ගත බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.වසර 30ක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් ආයෝජන දිරිගැන්වීම් සඳහා රජය දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවත් හෙතෙම අවධාරණය කරයි.ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණි බෙල්ජියානු වෙළෙඳ හා ආයෝජන නියෝජිත පිරිසක් හමු වී පැවැති සාකච්ඡාවකදී ය.ඉදිකිරීම්, ධීවර, කෘෂි නිෂ්පාදන, මැණික්, තොරතුරු තාක්ෂණය, ජල සම්පාදන, රෙදිපිළි, සංචාරක ආදී ක්ෂේත්‍රයන්ට අයත් බෙල්ජියානු සමාගම් 40ක නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.යුද ගැටුම් පැවැති පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිටි ඇතැම් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාව හැරගිය බව සිහිපත් කළ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ඇතැම් බෙල්ජියානු ආයෝජකයන් ගැටුම්කාරී තත්ත්වය තුළද ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවත් ඒ වෙනුවෙන් ඔවුනට තම ප්‍රණාමය පිරිනමන බවත් සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ උගත් හා දක්ෂ ශ්‍රම බළකායක් සිටින බැවින් සේවා යෝජකයන් හා සේවා දායකයන් අතර මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කළ හැකි බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා කොළඹ වරාය නවීකරණය, හම්බන්තොට වරාය ඉදිකිරීම, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම ආදිය මඟින් ආයෝජකයන්ට වාසි රැසක් අත්වී තිබෙන බවද පැවැසුවේය.ඉතාම සුන්දර රටක් සේම ශ්‍රී ලංකාව කුඩා රටක් වන හෙයින් කෙටි කාල සීමාවකදී විවිධ දේ නැරැඹීමට සංචාරකයන්ට ඉඩ කඩ ලැබෙන බවත් ශ්‍රී ලාංකීය ජනතාව මිත්‍රශීලී නිසා සංචාරක කර්මාන්තයට ලංකාව උචිත රටක් බවත් කී ඇමැතිවරයා කිසිදු බාධාවකින් තොරව ලොව ඕනෑම අයකුට ලංකාවේ ආයෝජන කළ හැකි බවත් පෙන්වා දුන්නේය.පවතින බදු ගැටලු විසඳීමට බදු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා ඕනෑම ආයෝජකයකුට සීමාවකින් තොරව ශ්‍රී ලංකාව තුළ බැංකු ගිණුම් විවෘත කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවද කීය. තවද ඒ මහතා සඳහන් කළේ දැනට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 8කට ආසන්න මට්ටමක පවතින බවත් රැකියා වියුක්තිය හා දිළිඳුකම පහත වැටෙමින් තිබෙන බවත්ය.මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කරන බවයි.්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති ජෝන් ඩෙබෝ හා බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ..
|
NEWS
|
ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ ඡායාරූපයක් ජංගම දුරකථනයේ ගබඩා කරතබා ගෙන සිටි පුද්ගලයකු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව හෙට (5) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.දෙහිවල පිහිටි සුපිරි වෙළෙඳසැලකින් රුපියල් 4000ක් වටිනා භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් එම වෙළඳසැලේ ආරක්ෂක අංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිසියට බාරදී ඇති අතර ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ජනාධිපතිවරයාගේ රුව විකෘතිකර අපහාසවන අන්දමින් රූපය වෙනස්කළ ඡායාරූපයක් ජංගම දුරකථනයේ තිබී පොලිසිය විසින් සොයාගත් බව අධිකරණය ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වේ.සැකකරු ආර්.ඩී. ප්‍රදීප් කුමාර නමැත්තෙකි. ඔහු ඌව අභයපුර මාපාකඩවැව මහියංගණය ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයකු බව පැවසේ. සැකකරු වෙළෙඳ සැලට පැමිණි වෑන්රථය සහ සොරාගත් භාණ්ඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සමග සිටි ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. දෙහිවල පොලිසියේ පොලිස් කොස්තාපල් (18580) එච්. ප්‍රේමරත්න මහතා විසින් ස්ථානාධිපති රංජිත් කොට්ටච් මහතාගේ උපදෙස් මත අධිකරණ කටයුතු මෙහෙයවීය. .
|
NEWS
|
පාණදුර නගර ශාලා භූමියේ දී මේ දිනවල පැවැත්වෙන සුළු අපනයන බෝග නිෂ්පාදන ආදර්ශනය සංවිධානය කර තිබුණේ කළුතර සමෘද්ධි මහා සංගමය විසිනි.එහි දක්නට ලැබුණේ කළුතර දිසාවේ සමෘද්ධිලාභීන් ගේ සුළු අපනයන භෝග නිෂ්පාදන අලෙවි කිරීම යි.කිතුල් ගසෙන් සහ පොල්ගසෙන් ද ජනතාවට ලැබෙන පල ප්‍රයෝජන වෙළෙඳ කුටි දෙකකින් මහජනයාට දක්නට ලැබිණි. හැම දෙනාගේම සිත් ගත්තේ ගම ගෙදරින් ඉදිරිපත් කළ කිතුල් ගසේ අතුරු නිෂ්පාදන ප්‍රදර්ශන කුටියයි. ස්වයං රැකියාවල නිරත සමෘද්ධි ලාභීන් විවිධ නිෂ්පාදන අලෙවිය සඳහා යොමු කර තිබුණි.කිතුල් ගසක් මැදීම, කිතුල් රා නිෂ්පාදනය කිරීම, කිතුල් පැණි සහ කිතුල් හකුරු ද ක්‍ෂණිකව නිෂ්පාදන කර ගෙන්වීමට ගමගෙදර සමෘද්ධි ලාභීහු සමත් වූහ.මෙම ප්‍රදර්ශනය නැරඹීමට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහභාගි විය..
|
NEWS
|
මුම්බායි සත් සාමාජික රගර් තරගාවලියේ පළඟ ශූරතාව දිනූ ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රගර් තරගබිමේ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල තවත් පියවරක් ඉහළ නැගීමට සමත්ව සිටියි. මුම්බායි තරගාවලියට පෙර රගර් ශ්‍රේණිගත කිරීම්වල 7වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව සමස්ත ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට6වැනි ස්ථානය අත්කරගෙන සිටියි. සත් සාමාජික ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමට නම් ලබන මස සිංගප්පූරුවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගමාලාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු කණ්ඩායම් තුන අතරට පැමිණිම අනිවාර්ය වේ.හොංකොං සහ ජපානය සත් සාමාජික ලෝක ශූරතාවලියට නිසැකවම සුදුසුකම් ලබනු ඇති බවත්, ලෝක රගර් ශූරතාවලිය නියෝජනය කරන සෙසු කණ්ඩායම බවට පත්වීමට අනික් රටවල් අතර විවෘත තරගයක් ඇති බවත්, විචාරකයෝ පවසති.චීනය, මලේසියාව, චීන තායිපේ මෙන්ම ශ්‍රී ලංකාවට ද මේ සඳහා වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි යන්න විචාරකයන්ගේ අදහසය. ආසියානු සත් සාමාජික රගර් තරගමාලා ත්‍රිත්වයේ පළමු තරගාවලිය වූ බෝර්නියෝ සෙවන්ස් තරගාවලියේ පළඟ ශූරතාවත්, දෙවැනි තරගාවලිය වූ ෂැංහායි සෙවන්ස් තරගාවලියේ බඳුන ශූරතාවත්, තෙවැනි තරගාවලිය වන මුම්බායි සෙවන්ස් තරගාවලියේ පළඟ ශූරතාවත් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ආසියානු සත් සාමාජික රගර් තරගබිමේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්වී සිටියි.කෙසේවෙතත් මෙවර සිංගප්පූරු තරගාවලියට චීන තායිපේ සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය සහභාගි නොවන බවත්, ඒ වෙනුවට ඉන්දුනීසියාව සහ ගුවාම් රාජ්‍යය සිංගප්පූරු තරගාවලියට එක්වනු ඇති බවත් එච්.එස්.බී.සී. ආසියානු සත් සාමාජික රගර් තරගාමාලා මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෝන් මුවර් ප්‍රකාශ කළේය. හෙතෙම මුම්බායි තරගාවලියේ ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් අගය කළ අතර සිංගප්පූරු තරගාවලියේ දී සෙසු කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව ප්‍රබල අභියෝගයක් වනු ඇතැයි අපේක්ෂා කරයි. ලෝක සත් සාමාජික රගර් ශූරතාවලිය ලබන වසරේ දී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වීමට නියමිතය..
|
NEWS
|
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර පැවැත්වෙන කාල සීමාවේ මහනුවර නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි සියලුම සුරාසල් සහ මස් වෙළඳ සල් වසා තැබීමට පියවර ගැනේ.මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. ගාමිණී සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී පැවැති ඇසළ පෙරහර විශේෂ සාකච්ඡාවේදී මේ තීරණයට එළඹිණි.ඇසළ පෙරහර පැවැත්වෙන දිනවල දී මහනුවර නගරයේ සිට කිලෝ මීටර් 3ක සීමාවේ ඇති සියලුම මත්පැන් අලෙවිසල් වසා තැබීමට අදාළ නියෝග ලබාදෙන ලෙස සුරා බදු අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීමක් කිරීමට ද මේ සාකච්ඡාවේ දී තීරණය වූ අතර, මස් වෙළඳසල් වසා තැබීමට අවශ්‍ය නියෝග මහනුවර මහ නගර සභාව හරහා නිකුත් කිරීමට කටයුතු යෙදීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පතා ඇසළ පෙරහර පැවැත්වෙන කාල සීමාවේ විවිධ ආයතන සහ සංවිධාන මගින් පවත්වනු ලබන සියලුම දන්සල්වල ප්‍රමිතිය සොයා බැලීමටත්, ප්‍රමිතියෙන් තොර දන්සල්වලට මුද්‍රා තැබීමේ වැඩසටහනක් දියත් කිරීමටත් නියමිත ය.ඒ සඳහා මහනුවර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යෙදවීමටත්, සෞඛ්‍යාරක්ෂිත නොවන දන්සල් වෙතොත් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් මෙහිදී තීරණය කෙරිණි..
|
NEWS
|
මව ජීවත්ව සිටියදී ඇයට කිසිදු ලෙසකින් උදව් උපකාර නොකළ පුතකු මවගේ මළ ගෙදරට විශාල ලෙස වියදම් කර සිය ලොකුකම ප්‍රදර්ශනය කරමින් සිටියදී මවට කන්න බොන්න දී බේත් හේත් කළ දියණිය මළ ගෙදරට පැමිණෙන නෑදෑ හිතවතුන්ට සත්‍යය හෙළි කිරීමෙන් ඇය සමඟ උරණ වූ ඔහු මවගේ අවසන් කටයුතු පසෙක දා පලා යාමේ පුවතක් අම්පාර උහන ප්‍රදේශයෙන් වාර්තා වේ.එය ගොවි ගම්මානයකි. දැනට වසර හැට හතකට පමණ පෙර මහනුවර ප්‍රදේශයේ සිට අම්පාරට පැමිණි යුවළක් දරු පස් දෙනකු පෝෂණය කැර උගන්වා උසස් රැකියාවලට පත් කරන ලද්දේ කුඹුරු ගොවිතැන් කරමින් නොවිඳිනා දහ දුක් විඳිමිනි. පියා මෙයට වසර දහයකට පමණ පෙර මිය ගිය අතර අනූ හැවිරිදි මව දරු සිව් දෙනකුගේ උදව් උපකාරය ලැබ පසුගිය දා අවසන් හුස්ම හෙළීය.ඇය මිය ගියේ ගුරුවරියක වූ බාල දියණියගේ නිවසේ දී ය. පවුලේ වැඩිමලා රජයේ උසස් රැකියාවක නිරතව සිටින අතර ඔහු මවට කිසිදු අන්දමකින් සැලකුවේ නැත. අනෙක් දූ දරුවන් ඇගේ දුක සැප බැලූහ. මව මිය ගිය පසු නැගණියගේ නිවසට පැමිණි ලොකු පුතා මවගේ සියලු අවසන් කටයුතු බාරගෙන මහ ඉහළින් අවමංගල උත්සවයට සූදානම් විය.ඔහුගේ බිරියගේ ලොකු ලොකු තානාන්තර දරන නෑදෑයන් ද දූ දරුවන්ගේ ඉහළ පෙළේ නෑදෑයන් ද මළ ගෙදරට යති එති. ඔහු මවට සැලකූ හැටි කියා කඳුළු සලති. අන් සොයුරන් ඔහුගේ “රඟපෑම” නොදුටු සේ සිටියත් අවසන් මොහොත දක්වාම මවගේ කැත කුණු අත ගෑ බාල දියණිය කෝපයට පත් විය.මළ ගෙදරට පැමිණෙන සියලු දෙනාට ඇය ලොකු අයියාගේ කෙරුවාව කියන්නට පටන් ගත් විට තම සායම සේදී යනු දුටු ඔහු මවගේ අවසන් කටයුතුවලට පවා නොසිට බිරිය හා දරුවන් සමඟ පලාගොස් ඇති බව පැවසේ..
|
NEWS
|
කිරිපිටි සමාගම්වල ඇති සියලුම ගබඩා පාරිභෝගික අධිකාරිය යටතේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙසට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.පාරිභෝගික අධිකාරිය අනාවරණය කරන පරිදි කල් ඉකුත් වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටිවල කල් ඉකුත්වීමේ කාලය වෙනස් කර අලෙවි කිරීමේ සහ මිල වැඩි කිරීම සඳහා කිරිපිටි තොග සඟවා තැබීම වැළැක්වීම ඇතුළු මහා පරිමාණ ජාවාරම් වැළැක්වීමට මේ තීරණය ගැනීමට සිදු වූ බව සඳහන් වේ.තවද මේ ගැසට් පත්‍රය මඟින් ඕනෑම අවස්ථාවක එම කිරිපිටි ගබඩා පරීක්ෂාවට ලක්කිරීමට හැකිවන ලෙස නීති සම්පාදන සකස් කරන ලෙසටත් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ. කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා කිරිපිටි සඟවා තබාගෙන පාරිභෝගික ජනතාව අපහසුවට පත්කිරීමට උත්සහ නොගන්නැයි කිරිපිටි සමාගම්වලට අනතුරු අඟවන ඇමැතිවරයා පාරිභෝගික අධිකාරියට කිරිපිටි සඟවා තබාගෙන සිටින ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක්කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවද කියයි.මෙරට පාරිභෝගිකයා කිසිසේත් ගසාකෑමට හෝ ඔවුන් මුළා කිරීමට කිසිඳු බහුජාතික සමාගමකට හෝ දේශීය ව්‍යාපාරිකයකුට ඉඩ නොතබන බවත් එසේ නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ව්‍යාපාරික ආයතනවලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.කිරිපිටි සමාගම්වල සියලුම ගබඩා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳකටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී දඊයේ (12) ප්‍රකාශ කළේය.සියලුම කිරි පිටි ගබඩා පැය 24 පුරා පරීක්ෂාවට ලක් කළ හැකි බලතල පැවරෙන අයුරින් එහි විධිවිධාන ඇතුළත් කරන බවද ඇමැතිවරයා කීය.මේවන විට වෙළෙඳපොළ තුළ කෘත්‍රිම ලෙස කිරි පිටි හිඟයක් මවා පා කිරි පිටි මිල ඉහළ නැංවීමට ඇතැම් කිරි පිටි සමාගම් උත්සාහ කරන බවට තොරතුරු බවකී ප්‍රනාන්දු මහතා මෙම තත්ත්වය මගහරවා ගැනීමට කිරි පිටි සමාගම් ලියාපදිංචි කිරීමේ විධිවිධාන ගෙනඑන බවත් පෙන්වාදුන්නේය..
|
NEWS
|
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (7) පෙරවරුවේදී නාරාහේන්පිට සිය අමාත්‍යාංශයේදී වැඩ බාර ගැනීමට නියමිතය.ආගමික වතාවත් මධ්‍යයේ සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත ඇමැති රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාව එදිනම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ක්‍රියාකරන ඒ මහතා පසුගිය වකවානුවේ ජනමාධ්‍යට හා ජනමාධ්‍යවේදීන්ට බොහෝ සෙයින් සමීප වූ ඇමැතිවරයෙකි. මෙයට පෙර එජාප රජයේ විද්‍යා හා තාක්ෂණ ඇමැති ධූරය ද හොබවූ ඒ මහතා සන්ධාන රජයේ ප්‍රතිපත්ති සැලැසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමැතිවරයා මෙන්ම විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කෙළේ ය.
|
NEWS
|
කොටකෙතන මවක හා දියණියක ඝාතනය කළ පළමු සිදුවීමේ සැකකාරිය සහ සැකකරුවන් සිවුදෙනා ලබන 6වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය ඊයේ (25) නියෝග කළාය.ජනවාරි මස 31වැනි දා කොටකෙතන දී සිදු වූ මේ ද්විත්ව ඝාතනය සම්බන්ධව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (25) දන්වා සිටියේය.ද්විත්ව ඝාතනයේ නීතිමය ලේඛන නීතිපතිවරයාට යොමුකර තිබේ.පසුගිය ජනවාරි 31දා කහවත්ත විහාරස්ථානයට නුදුරුව පදිංචිව සිටි නයනා නිල්මිණී (51) සහ කාවින්ද්‍යා සෙල්ලහේවා (18) මවත් දියණියත් ඝාතනය කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් තිදෙනකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන ලොකුගම්හේවගේ දර්ශන නොහොත් රාජු, රාජුගේ බිරිය වන රසිකා චාන්දනී, ත්‍රිරෝද රථ රියදුරකු වන සනත් නන්දන සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලොකුගමහේවගේ ධර්මසිරි යන සැකකරුවන් නැවත රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණි.කහවත්තේ පළමු ද්විත්ව ඝාතනයට අදාළව සොයාගත් විද්‍යාත්මක පර්යේෂණ සාක්කි කිහිපයක් බොරැල්ල ජින්ටෙක් ආයතනයට හා රජයේ රසපරීක්‍ෂකවරයා වෙත යොමු කර තිබුණු අතර එහි පරීක්‍ෂණ වාර්තා කිහිපයක නිගමන ලැබී ඇතැයි ද රහස් පොලිසිය කියයි..
|
NEWS
|
වැලිකඩ, බොරලැස්ගම, දෙහිවල, ගල්කිස්ස හා වැල්ලවත්ත යන ප්‍රදේශවල නිවෙස් වලට හොර රහසේ ඇතුල් වී වටිනා ඉලෙක්ටේරානික් භාණ්ඩ තොගයක් සොරකම් කළ පුද්ගලයකු වැලිකඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති මේ පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ භාණ්ඩ මේ වන විට අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව , වැලිකඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති , උප පොලිස් පරීක්ෂක චානක සඳරුවන් මහතා කීය.අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ලැප්ටොප් එකක් හා උපාංග ඩිජිටල් කැමරාවක්, කාන්තා අත්බෑග් රැසක් හා සපත්තු , පාපැදියක් , පරිගණකයක් , ඇනමල් තී්න්ත ටින් රැසක් හා මොනිටර් එකක්ද වේ ..
|
NEWS
|
රටේ ආර්ථිකයත් සමග මේ රටේ පුංචි මිනිසුන්ගේ ගෘහ ආර්ථීකය නගා සිටවු මෙවන් යුගයක් මේ රටේ ඉතිහාසයේ කවර යුගයකවත් තිබුණේ නැතැයි ගාල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා දිවි නැගුම යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභින්වෙත ණය ප්‍රදාණය කිරිම සදහා ගාල්ල පෙට්ටිගලවත්ත දඩල්ල බටගන්විල ස්ථානයන්හි පැවැති මහජන හමුවිම්වලදී පැවසීය.මේ ණය පුද්ගලයින් 150කට මන්ත්‍රීවරයා විසින් බෙදාදුන් අතර ඉතිරි පිරිස්වලට සිය සමාද්ධි බැංකුවලින් තම තමන්ට හිමි මුදල් ලබා ගන්නා ලෙසටද උපදෙස් දුන්නේය.
|
NEWS
|
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව 300 කින් වැඩි කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.දැනට වසරකට සිසුහු දස දහසක් මහපොළ ශිෂ්‍යත්ව ලබති. එම ප්‍රමාණය 10300 දක්වා වැඩි කිරීමට පියවර ගත් බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.2010 උසස් පෙළ ප්‍රතිඵල අනුව 2011 අධ්‍යයන වර්ෂය සඳහා මෙසේ සිසුන් 10,300 මහපොළ ශිෂ්‍යත්ව හිමිවෙයි. මේ සඳහා රුපියල් මිලියන 22 2 වෙන්කර තිබේ. පසුගිය වසරේ පමණක් සිසුන් දස දහසකට මහපොළ ශිෂ්‍යත්ව ලබාදී ඇත. ඊට අමතරව තවත් සිසුන් 40000 ඉක්මවන ප්‍රමාණයක් මහපොළ උසස් ශිෂ්‍යත්ව ලබාගනිති. සමස්ත ශිෂ්‍යත්වලාභීන් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 850 කි..
|
NEWS
|
කළුතර සිරිකුරුස විදුහලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන චිරංග හසිත් ප්‍රනාන්දු අනාගතයේ දක්ෂ මලල ක්‍රීඩකයෙක් වන පෙරනිමිති පහළ කරමින් සිටී.අවුරුදු 11න් පහළ වයස් සීමාවේ දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටින චිරංග, 2011 වසරේ බස්නාහිර පළාත් මලල ක්‍රීඩා උලෙළේදී දුර පැනීමේ ඉසව්වේ මීටර 4.34ක ප්‍රථම ස්ථානය සටහන් කරමින් බස්නාහිර පළාතේ පාසල් 1100ක් අතරින් වයස අවුරුදු 11න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගෙන ඔහුගේ පාසලට ඉමහත් කීර්තියක් ලබා දීමට සමත්ව තිබේ.මේ නැගී එන මලල ක්‍රීඩකයා බස්නාහිර පළාත් මලල ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගත්තේ 2011 කොට්ඨාස – කලාප තරගවල දුර පැනීමේ ඉසව්වෙන් ජයග්‍රහණ ලබා ගනිමිනි. ඊට පෙර එම වසරේ විදුහලේ අන්තර් නිවාස ක්‍රීඩා උත්සවයේදී මීටර 1.15ක් උස පනිමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ චිරංග, එහිදී තව තවත් දස්කම් දක්වමින් දුර පැනීම හා මීටර 75 දිවීම ඉසව්වලින්ද පළමු ස්ථාන ලබා ගනිමින් අවුරුදු 11න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.2012 තරග බිමද චිරංගගේ දස්කම් මතුවූ වසරක් විය. එම වසරේ දුර පැනීමේ ඉසව්වෙන් කොට්ථාස – කළාප මට්ටම පසු කරමින් බස්නාහිර පළාත් දුර පැනීම තරගවලට සහභාගි වීමට සුදුසුකම් ලබා ගැනීමට ඔහු සමත් විය. මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති 50 වැනි ලංකාන්ස් ජවන හා පිටිය ක්‍රීඩා උලෙළේ අවුරුදු 12න් පහළ දුර පැනීමේ ඉසව්වේ මීටර 4.52ක් සටහන් කරමින් ප්‍රථම ස්ථානයද, 2013 වසරේ පාසල් ක්‍රීඩා උත්සවයේ දුර පැනීමේ ඉසව්වේ මීටර 4.49ක් දුර පනිමින් ප්‍රථම ස්ථානයද දිනා ගත් මේ පුංචි ක්‍රීඩකයා මීටර 200 දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් 13න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.චිරංග හසිත් ප්‍රනාන්දු ක්‍රීඩකයාගේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් දැනට ක්‍රීඩා අමාත්‍යංශයේ පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටින ධම්මික උඩවත්ත මහතා කටයුතු කරන අතර පාසලේ ක්‍රීඩා ආචාර්යවරුන් වන රවින්ද්‍ර මෙන්ඩිස් හා ක්ලෝඩ් රණසිංහයන මහත්වරුද චිරංගගේ ක්‍රීඩා කටයුතු දියුණු කිරීමේ උත්සාහයේ නිරතව සිටිති. කළුතර සිරිකුරුස විදුහලේ නව විදුහල්පති වන ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා පාසලේ මලල ක්‍රීඩාව නැංවීම පිණිස මහත් වෙහෙසක් දරමින් සිටී. ඒ සඳහා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයද විදුහල්පති පියතුමාට සහයෝගය ලබා දීමට ඉදිරිපත්ව සිටී..
|
NEWS
|
අනියම් සැමියා හා එක්ව වසර 22කට පෙර තම සැමියා පල්ලේකොටුවේ නිවසේ දී ඝාතනය කළ බව කියන කාන්තාවක ගලගෙදර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.වසර 1989 භීෂණ සමයේ අතුරුදන් වූ බවට ප්‍රචාරය වීමත් සම¼ඟ මෙම ඝාතනයේ සැබෑ තොරතුරු වසර 22ක් තිස්සේ වැළලී තිබූ බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ වයි. ඒ. කරුණාරත්න නැමැති සිව්දරු පියෙකි.සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියගේ අනියම් සැමියා ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල ප්‍රදේශයේ බේකරියක රාජකාරි කළ මියගිය පුද්ගලයා 1989 නොවැම්බර් මස දිනක සේවයට ගොස් ආපසු හදිසියේ නිවසට පැමිණි අවස්ථාවක තම බිරිඳ තවත් අයෙකු හා නිවස තුළ සිටිනු අතටම අසුවීමෙන් පසු බිරිඳගේ අනියම් සැමියා පොරවකින් පහරදී ඔහු ඝාතනය කැර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.සැමියාගේ ශරීරයෙන් ගලා ගිය රුධිරය පාසල් ගිය දරුවන් යළි පැමිණීමට ප්‍රථම සැකකාරිය විසින් නිවසේ වතුර කළයේ වූ ජලයෙන් සෝදා පවිත්‍රකර තිබෙන බව හෙළිවී තිබේ.මළ සිරුර පල්ලේකොටුව තලගොල්ල ප්‍රදේශයේ ලඳු කැලෑවක වළ දැමූ බවට සැකකරුවන් ප්‍රකාශ කැර ඇත. ගලගෙදර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත ඊයේ (21) දහවල් මළ සිරුර ගොඩගැනීමේ කටයුතු සිදු කෙරුණි. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පෙරමුණේ, පොලිස් අධිකාරි නීතිඥ එස්. බී. රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ගලගෙදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඩී. චන්ද්‍රපාල මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති..
|
NEWS
|
මූලික පිරිවෙන් අවසන් විභාගය මෙවර ප්‍රථමවරට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.පිරිවෙන්හි ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය දියුණු කිරීමටත්, විදේශ ධර්ම ධූත සේවාවට එම බසින් ධර්මප්‍රචාරය කළ හැකි භික්ෂූන්වහන්සේ පුහුණු කිරීමටත් විදේශ භික්ෂූන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙරට මූලික පිරිවෙන් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම ද අරමුණු කරගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව මේ පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා දිනමිණ ට කීවේ ය.මේ මස 24 වැනිදා සිට 2011 ජනවාරි 01 වැනිදා දක්වා විභාගය පැවැත්වේ. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම අයදුම්කරුවෝ 3900ක් විභාගයට පෙනී සිටීමට නියමිතය..
|
NEWS
|
මහමුහුදේ බෝට්ටුවක් ගිලී යන මොහොතක එහි තිබූ ෆයිබර් පෙට්ටියක නැග පැය ගණනක ජීවිත සටනක යෙදුන ඉන්දියන් ධීවරයන් සිවු දෙනකු බේරා ගැනීමට කයිට්ස් පොලීසියට හැකිවී තිබේ.මොවුන් සිවු දෙනා ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට මුහුදු ගොස් තිබුණේ මීට දින කිහිපයකට පෙරය. බෝට්ටුවේ ධීවරයන් සිවු දෙනකු සිට ඇති අතර ඉන් දෙදෙනෙක් වයස අවුරුදු 50ට වැඩි අය වෙති. බෝට්ටුව ගිලී සිවු දෙනාගේම ජීවිත අනතුරට පත්වීමට තිබුණේ තවත් සුළු වේලාවකි.බෝට්ටුවේ තිබූ ෆයිබර් වර්ගයේ විශාල මාලු පෙට්ටියක සිවු කොනේ බුලි 4ක් සවිකළ ඔවුන් එය මුහුදට දමා වයසින් වැඩි පිහිනීමට නොහැකි දෙදෙනා එතුළට බස්සවා තිබේ. අනතුරුව සෙසු දෙදෙනා එය පෙට්ටිය තල්ලු කරමින් ගොඩබිමක් හමුවන තෙක් පිහිනා ඇත. සැඩපහරද තද නිසා පැය 12කට වැඩි කාලයක් මොවුන් ගෙවා ඇත්තේ ජීවිතයත් මරණයත් අතර සටනකි.පැය 12කට පසු මේ පිරිස පුන්ගුඩුතිව් දූපත අසලට ළඟාවී ඇත. ඒ අසල වූ පොලිස් මුරපොළේ නිලධාරීන් මොවුන් බේරාගෙන වහාම රෝහල් ගත කර තිබේ. ප්‍රතිකාර සම¼ඟ ආහාර පානද සෙසු අවශ්‍යතා ලබා දුන් පොලීසිය අනතුරුව ඔවුන්ගේ ආරක්‍ෂාව පතා කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.ඔවුන් ඉන්දියාවට යැවීමට අවශ්‍ය කටයුතු සකස් කර දෙන ලෙස පොලිසියට නියෝග කෙළේය.පොලිසිය නාවික හමුදාවේද සහාය ඇතිව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට දන්වා ඔවුන් ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගෙන තිබුණි.මොවුන්ගේ ජීවිත බේරා ගැනීම සම්බන්‍ධව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කයිට්ස් පොලිසියට ස්තූතියද පළ කර තිබුණි.කයිට්ස් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගයාන් ප්‍රසන්න ඇතුලු කණ්ඩායමක් මෙම ධීවරයන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තිබිණි..
|
NEWS
|
ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා සචින් තෙන්ඩුල්කාර්ගේ අවසන් තරගය ඔහු උපන් මුම්බායිහිදී පැවැත්වීමට සුදානම් වේ.සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල සමග පැවැත්වෙන මේ තරගය නොවැම්බර් 14 සිට 18දක්වා මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙය සචින්ගේ ටෙස්ට් දිවියෛහි 200 වැනි තරගය වේ..
|
NEWS
|
නැඟෙනහිර පළාත් හිටපු මහ ඇමැති ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා ගමන් ගත් ජීප් රථයට පොතුහැර ප්‍රදේශයේ දී යතුරු පැදියක් ගැටීම නිසා එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූූ පිල්ලෙයාන් මහතාගේ ජීප් රථය එම අනතුරට භාජනය වී ඇත්තේ ඊයේ (12) පෙරවරු 8.30 ට පමණි. කුරුණෑගල පොතුහැර වදාකඩ පාර අසල දී මේ අනතුර සිදුවී තිබේ. තුවාල ලැබූ පුද්ගලයා වදාකඩ පදිංචි බණ්ඩාර නමැති අයෙකි. පිල්ලෙයාන් මහතාගේ ජීප් රථය පැදවූ රියැදුරු සහ ජීප් රථය අත්අඩංගුවට ගෙන තිබේ.පොතුහැර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ සිදුවෙයි..
|
NEWS
|
දකුණේ ප්‍රධානතම ශික්ෂණ රෝහල වූ කරාපිටිය රෝහලේ ස්කෑන් යන්ත්‍ර අක්‍රීය වීම නිසා මේ වන විට රෝගීන් විශාල පිරිසක් අසරණ තත්ත්වයකට පත්ව සිටිති.ස්කෑන් යන්ත්‍ර කිහිපයක්ම රෝහල සතුව පැවතිය ද ඒවායේ පවතින සුළු පරිමාණයේකාර්මික දෝශ යළි අලුත්වැඩියා කිරීම සඳහා කලට වේලාවට යොමු කිරීමට අදාළ බලධාරීන් අපොහොසත් වීම නිසා මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය උදාවී ඇති බව රෝහල් සේවකයින්පෙන්වා දෙති.කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ රෝහලට අලුතින් ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන ලෙස දැනටමත් ඉල්ලුම් කර ඇති නමුදු එය ප්‍රමාද වන බවයි.හදිසි ප්‍රතිකාර වෙනුවෙන් මේ යන්ත්‍රය අත්‍යාවශ්‍ය වන අතර මේ වන විට රෝහල සතුව පවතින ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට අපහසු තත්ත්වයක පවතින බවද රෝහල් අධ්‍යක්ෂ වරයා පවසයි. ඇණවුම් කර ඇති යන්ත්‍රය නොපමාව ලබා ගැනීමට උත්සාහ කරන බවද වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියයි..
|
NEWS
|
දිවයිනේ දකුණ හා බස්නාහිර පළාත්වලට අද දිනයේ මිලි මීටර් සියය ඉක්මවා වැසි අපේක්ෂා කෙරේ.තව දුරටත් දිවයිනේ මධ්‍යම ප්‍රදේශයට වැසි ඇද හැළුනහොත් එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නාය යාමේ අවදානමක් පවතින බවද කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
|
NEWS
|
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගමාලාවේ සිවුවැනි ටෙස්ට් තරගය හෙට (26) මෙල්බෝර්න් නුවරදී ආරම්භ වේ.තරග මාලාවේ බ්‍රිස්බේන් නුවර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ඇඩිලේඩ් හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 71 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. පර්ත් හි පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 267 ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමි විය..
|
NEWS
|
ඩෙංගු වසංගත තත්ත්වයට මුහුණදීම සම්බන්ධයෙන් සති දෙකක පුහුණුවක් ලැබීම සඳහා තිස්දෙනකුගෙන් යුත් පාකිස්තාන වෛද්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.ඩෙංගු රෝග මර්දනය, මදුරු ඝනත්වය අවම කිරීම, කීට විද්‍යා සමීක්‍ෂණ සිදු කිරීම, රෝගීන් කළමනාකරණය හා රෝගී සත්කාර සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වෛද්‍ය කණ්ඩායම මෙරටදී පුහුණුව ලැබීමට නියමිත ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ පුහුණුව භාරව සිටී.පුහුණුව ඇරැඹීම කොළඹ ගලදාරි හෝටලයේදී අනිද්දා (12) සිදුකැරේ. වෛද්‍යවරුන් පුහුණු කිරීම කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දෙසතියක් පුරා පැවැත්වේ.පාකිස්තානයේ ලාහෝර් හා පන්ජාබ් ප්‍රදේශවල මෙයට මාස දෙකකට පෙර ඩෙංගු වසංගතයක් පැතිර ගියේය. එම අවස්ථාවේ ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක් එවන ලෙස පාකිස්තාන අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කැර තිබිණි.ඒ අනුව දොළොස් දෙනකුගෙන් යුත් වෛද්‍යවරුන් කණ්ඩායමක් එරට වෙත පිටත් කැර යැවීමට ශ්‍රී ලංකා රජය පියවර ගත්තේය. එසේ පිටත් කර යැවුණු වෛද්‍ය කණ්ඩායම පන්ජාබ් හා ලාහෝර් ප්‍රදේශවල ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබිණි. පාකිස්තානයේ ඩෙංගු වසංගතය පාලනය වී ඇතත් නැවත වරක් එවැනි තත්ත්වයක් මතු වුවහොත් ඊට මුහුණදීම සඳහා අවශ්‍ය පුහුණුව ලැබීම සඳහා එරට වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටිති..
|
NEWS
|
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් යාපනයේ යුද හමුදා රණවිරුවන් විසින් ඊයේ (15) සකස් කරන ලද මහා කිරිබත දසදහසකට වැඩි පිරිසක් භුක්ති විඳි බව යුද හමුදාව පවසයි.යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ උපදෙස් මත යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, 55 වන බලසේනාංකාධිපති රුවන් කුලතුංග ඇතුළු යාපනයේ රණවිරුවන් මේකිරිබත් උත්සවය සංවිධානය කර තිබුණි. තිස් වසරක් පැවති කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ ජනතාව සහ ත්‍රිවිධ හමුදාවත්, උතුරට යන එන ආගන්තුක පිරිස් අතරත් සහයෝගීතාව ඇතිකරවනු වස් සකස් කරන ලද තෛපොංගල් කිරිබත සැවොම එක්ව ඊයේ (15) භුක්ති වින්දහ.මේ මහා තෛපොංගල් කිරිබත මෙවර සකස් කෙරුණේ දෙවෙනි වරටයි.යාපනයේ අලිමංකඩ පිවිසුම් දොරටුව ආසන්නයේදී සකස් කරනු ලැබූ කිරිබත උතුරට යන එන සෑම දෙනෙකුටම පිළිගැන්වීමට රණවිරුවන් සමඟ උතුරේ ද්‍රවිඩ ජනතාව ද එකතු වී සිටියහ. මෙම කිරිබත සමඟ තේ පැන් සංග්‍රහයක් ද ඔවුන් වෙනුවෙන් තෑගි පාර්සලයක් ද ලබා දීමට යුද හමුදා රණවිරුවෝ අමතක නොකළහ.මේ අතර යාපනයට යන එන ජනතාවට දැකබලා ගැනීම සඳහා යාපනයේ ජනතාවගේ පැරණි සිරිත් විරිත්, කෘෂිකර්මාන්ත අංගෝපාංග ඇතුළු පැරණි දෑ එක්කර සකස් කරන ලද ආදර්ශ ගම්මානයක් රණවිරුවන් විසින් අලිමංකඩ පිවිසුම් දොරටුවට යාබදව සකස් කර තිබේ. පවුල් කිහිපයක් ද එහි පදිංචිව සිටිති. යාපනයට යන එන ජනතාව එම ආදර්ශ ගම්මානය නැරඹීමට ද අමතක නොකළහ..
|
NEWS
|
ලෝක කැරම් ශූරතා තරඟාවලිය සැප්තැම්බර් 13 වැනිදා සිට 17 වැනිදා දක්වා මාලදිවයිනේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගී වීමට නියමිතය. ඔවුන් සැප්තැම්බර්12 වැනිදා දිවයිනෙන් පිටත්වයාමට සැලසුම් කොට තිබේ.මෙය සෑම වසර 04 කට වරක්ම පැවැත්වෙයි. මෙවර පැවැත්වෙන්නේ 04 වන වරටය.
|
NEWS
|
මානව හිමිකම් කොමිසමේ පැවැති පරික්ෂණයකින් අනතුරුව කල් දැමුණු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය අප්‍රේල් 23වැනිදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට තීරණය වී තිබේ.මේ නිලවරණය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද අක්‍රමිකතා ඇතැයි ඉදිරිපත්වු චෝදනාවක් මත කල්දැමීමට තීරණය විය. බැඩ්මින්ටන් සභාපති තනතුරට නාමයෝජනා දුන් මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා ඇතුලු පිරිසක් විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශය නිලවරණය කල්දැමීමට එකඟතාව පළ කළේය.නිලවරණය පැවැත්වෙන තුරු බැඩ්මින්ටන් පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනේ. ඡන්දය පැවැත්වෙන දිනයට දින 14කට කලින් නැවත නාමයෝජනා කැඳවීමක් සිදු කළ හැකි වුවද පැරණි නාමයෝජනා පිළිගෙන ඡන්දය පැවැත්වීමට තරග කරන පාර්ශව එකඟවී ඇතැයිද වාර්තාවේ.මේ අතර කායවර්ධන, හෑන්ඩ්බෝල් හා බේස්බෝල් නිලවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණය මගින් අතුරු තහනම් නියෝග කොට අති හෙයින් හෙට සිට පරිපාලන කටයුතු භාරව කටයුතු කරන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් පැන නැගී ඇත..
|
NEWS
|
කොළඹ - හලාවත මාර්ගයේ මාරාවිල තල්විල හංදිය අසල දි පෙරේදා ( 11දි ) යතුරු පැදියක ලොරියක් ගැටි සිදු වු අනතුරින් බරපතළ තුවාල ලබා මාරාවිල මුලික රෝහලට ඇතුළත් කළ ජනප්‍රිය වෘත්තිය ජයාරූප ශිල්පිනියක් මිය ගොස් ඇති බව මාරාවිල පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ හලාවත සුදුවැල්ල ප්‍රදේශයේ විසු ස්ටිවන්ගේ අනෝජා නමැති 36 වියැති අවිවාහක තරැණියයි.ඇය හලාවත ප්‍රදේශයේ වෘත්තිය ජායාරෑප ශිල්පිනියක ව කටයුතු කළ අතර මංගල ජායාරූප ගැනිමේ දි සුවිශේෂ දස්කම් පා ඇත.
|
NEWS
|
කතලුව ප්‍රදේශයේ නිවෙසක තිබුණ අශ්වබල පහළවක බෝට්ටු එන්ජිමක් හා ඩී.වී.ඩී. යන්ත්‍රයක් සොරකම් කළ බවට සැකකරන පුද්ගලයකු අහංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු ළඟ තිබී බෝට්ටු ඇන්ජිම හා සොරාගත් දේපළ සොයාගෙන ඇත. අහංගම පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
|
NEWS
|
ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ලෝකයේ රටවල් 105ක් සම්බන්ධකර ගනිමින් මේ දර්ශකය සකස්කර තිබෙන අතර එහි දී ශ්‍රී ලංකාවට 62වැනි ස්ථානය හිමිව තිබේ.ලාභදායී ලෙස ආහාර මිලඳී ගැනීමට ඇති හැකියාව, ආහාර සුලබ වීම ගුණාත්මකබාව ආදී කරුණු සැළකිල්ලට ගෙන මේ ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය සකස්කර ඇත. එම දර්ශකයට අනුව අමෙරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය, නෝර්වේ, ප්‍රංශය යන රටවල් දර්ශකයේ ඉහළම ස්ථානයට පැමිණ තිබෙන අතර කොංගෝ රාජ්‍යයට හිමිවී ඇත්තේ 105වැනි ස්ථානයයි.සංවර්ධිත රටවල් මෙන්ම ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ද සම්බන්ධකර ගනිමින් මේ දර්ශකය සකස්කර තිබෙන අතර ලොව පුරා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන කරුණු රැසක් ද මෙහි දී සැළකිල්ලට ගෙන තිබේ.ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව ඉන්දියාවට හිමිවී තිබෙන්නේ 66 වැනි ස්ථානයයි. කලාපීය රටවල් අතරේ තෙවැනි තැන හිමි පාකිස්තානයට දර්ශකයේ හිමිව ඇත්තේ 75වැනි ස්ථානයයි. ඊට අමතරව දකුණු ආසියානු කලාපයට අයත් බංග්ලාදේශය දර්ශකයේ 81වැනි ස්ථානයට පැමිණ ඇත..
|
NEWS
|
මෙරට සිසු දරුවන්ට හොද අධ්‍යාපනයක් උරුම කර දීම සඳහා බස්නාහිර පළාතේ ප්‍රාථමික පාසල් පන්සිය තිස් පහක්(535) ජනප්‍රිය පාසල් මට්ටමට සංවර්ධනය කරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ඇරඹූ බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කෙළේය.මේ ප්‍රාථමික පාසල් 535 "ළමා මිතුරුපාසල්"ලෙස සංවර්ධනය කෙරෙන බවත් දැනටමත් පාසල් 161ක් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලැබී ඇති බවත් මහ ඇමතිවරයා අනාවරණය කෙළේය.පාසල් දහසක් නගාසිටු වීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාත් පාසල් 134ක් සංවර්ධනය කළ බව කී හෙතෙම පාසල් 12ක මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ඉදිකළ බව සඳහන් කෙළේය.පසුගිය කාලසීමාවේදි බස්නාහිර පළාත් අධ්‍යාපනය වෙනුවෙන් පළාත් අයවැය වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කෙළේ පළාත් අධ්‍යාපනය නගා සිටු වීමට බව අවධාරණය කළ මහ ඇමැතිවරයා රුපියල් මිලියන 1267ක වියදමින් පන්තිකාමර1712 මේ පළාත් පාසල්වල ඉදි කර ඇතැයි පැවසීය.එසේම පළාතේ පාසල් 4800ක් වර්ණාලේප කිරීම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ආධාර යටතේ සිදු කළ බව කී ඒ මහතා ඒ වෙනුවෙන් මිලියන 372ක් වාර්ෂිකව වැය කරන බව කීය.පාසල් වල භෞතික සම්පත් නගා සිටුවීමෙන් නොනැවතුන පළාත් සභාව ගුරු පුරප්පාඩු සපුරමින් උපාධිධාරින් 10,000ක්ගුරවරුන් ලෙස බඳවා ගැනීමටද පියවර ගත් බව වැඩිදුරටත් පැවසීය.
|
NEWS
|
ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අලුතින්ම ඉදිකරන ලද හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්‍රථම ක්‍රිකට් තරගය මේ 28 වැනිදා පැවැත්වේ.වයස 21න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.සූරියවැව ක්‍රීඩාංගණයේ පෙරේදා ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කළ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයන් පුහුණුවීම්වල නිරත වූහ.හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පිටිය හා තණතිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන 100ක් පමණ වැය කර ඇත. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ නිරීක්‍ෂකයෝ පැමිණ සූරියවැව ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ අතර තණතිල්ල හා ක්‍රීඩාංගණය ඉදිවීම් පිළිබඳ ප්‍රසංශා කළහ. මෙහි ගොඩනැඟිලි ඉදිකිරීම් කඩිනමින් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඩී. එස්. ද. සිල්වා මහතා පැවැසීය.සූරියවැව ක්‍රීඩාංගණයට අමතරව ඛෙත්තාරාම හා පල්ලේකැලේ ක්‍රීඩාංගණවලදී ලෝක කුසලාන ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිතය.වසර 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට, බංග්ලාදේශයට හා ඉන්දියාවට හිමිව ඇත.
|
NEWS
|
දුර ගමන් සේවා වල යෙදෙන සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ මගී ජනතාවට පහසුවෙන් හඳුනාගැනීමට හැකිවන සේ වර්ණ හතරකින් නාම පුවරු සවි කිරීමට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.මේ අනුව සාමාන්‍ය බස් රථ කහ පැහැයෙන්ද අර්ධ සුඛෝපභෝගී බස් රථ ලා නිල් පැහැයෙන්ද සුඛෝපභෝගී බස් රථ දම්පාට හා අධි සුඛෝපභෝගී බස් රථ ලා කොළ පැහැයෙන්ද නාම පුවරු යෙදවිය යුතුය.ශීඝ්‍රගාමී බස් රථ සඳහා දැනට යොදවා ඇති කහ පැහැති රවුම මැද කතිරය එලෙසින්ම තිබේ. අර්ධ සුඛෝපභෝගී බස් රථ 350 ක් ධාවනය වන අතර මේ වැඩපිළිවෙළ කතරගමින් ඇරඹූ බවත් මාස දෙකකදී සියලුම බස් රථවල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යාංශ ලේකම් වික්ටර් සමරවීර මහතා පැවසීය..
|
NEWS
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.