comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන හංසනී පියුමිලා කපුගිකියන මේස පන්දු ක්‍රීඩාවේ දස්කම් දක්වමින් සිටින්නීය. පසුගියදා ජපානයේ ටෝකියෝ නුවර පැවැති ලෝක ශූරතා මේස පන්දු තරගාවලියට එක්වු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ද ඇයට අවස්ථාව උදාවිය.ලෝක ශූරතා මේස පන්දු තරගාවලියකට ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් පළමු වරට එක්වු ඇය වර්තමානයේ අවු.15න් පහළ ශ්‍රී ලංකා මේස පන්දු කාන්තා ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයත්, 18න් පහළ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයත් හිමිකර ගෙන සිටී.විවෘත කාන්තා මේස පන්දු ජාතික කණ්ඩායමේ තෙවැනි ස්ථානයේ ක්‍රීඩිකාව වන්නේද හංසනීය.වසර 2011දී ඕස්ට්‍රියාවේ පැවැති වර්ල්ඩ් හෝප් චැම්පියන්ස් තරගාවලියේ දී හත්වැනි ස්ථානයත්, 2012 වසරේ ස්වීඩනයේ පැවැති තරගාවලියේ 17වැනි ස්ථානය දිනාගැනීමට හංසනී සමත්වුවාය.තම පාසල හා රට වෙනුවෙන් ජයග්‍රහණ ලබාදීම තම අරමුණ වන බවත්, තමා ජාත්‍යන්තර තලයට ගෙන ඒමට කැපවුණු දෙමාපියන් හා පුහුණුකරුවන්ට මෙන්ම පාසලේ ගුරුවරුන්ට තම ස්තුතිය පුද කරන බවත් ඇය පවසයි..
|
NEWS
|
අයිතිය රැකදුන් ජනපති ඔබයි හෙටත් යන තේමාව යටතේ වෘත්තීය සමිති රැසක් එක්ව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය දිස්ත්‍රික්ක රැස්වීම් මාලාවක් සංවිධානය කෙරේ.මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව වැනි පදවිප්‍රාප්තිය වෙනුවෙන් පවත්වනු ලැබේ. මෙහිදි රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන්ට බලපාන පරිදි අවම ජාතික වැටුපක්, විශ්‍රාම යෑමේ ස්ථිර වයසක්, වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා ආරම්භ කර තිබෙන ජාතික වැටුප් කොමිසම ගැන දැනුවත් කිරීම, බදු ප්‍රතිපත්තිය වෙනසක් ඇති කරගැනීම, නිත්‍ය රාජකාරි සඳහා කොන්ත්‍රාත්කරුවන්ගේ සේවය ලබා නොගැනීම ( මෑන්පවර් සමාගම්වල සේවා ලබා නොගැනීම) කරුණුද මෙතෙක් වැඩ කරන පන්තිය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාදී ඇති අයිතීන් හා වරප්‍රසාද මේ රැස්වීමට එක්වෙන කථීකයන්ට පෙන්වා දෙති.මේ දිස්ත්‍රික් රැස්වීම්වල මුලසුන දරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ‘දිනමිණ’ වෙත අදහස් දක්වමින් මේ රැස්වීම් මාලාව සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය වැඩකරන පන්තියේ අයිතීන් රැකදීමට අලුත් අයිතීන් ලබාදීමට ඉටුකර තිබෙන විශාල කාර්ය භාර්ය මෙහිදි වැඩකරන ජනතාවට සිහිපත් කර දෙන බව පෙන්වා දුන්නේය.වැඩිදුරටත් අදහස් දැක්වු ඒමහතා අද ඇතැම් කුඩා වෘත්තීය සමිති තමන්ගේ සුබ සිද්ධිය සඳහා විදේශවලින් ලැබෙන මුදල් ලබා ගැනීමට එදා මේරටේ කම්කරු පන්තිය මර්දනය කළ ආකාරය අයිතීන් කප්පාදු කළ හැටි අමතක කොට නින්දෙන් අවදිවී වගේ කතා කළත් මේ රටේ වැඩ කරන පන්තියට ඒ දේවල් අමතක නැතැයි සිහිපත් කළේය.ඒ අනුව මේ රැස්වීම් ලබන (23) අනුරාධපුරයේ යොවුන් නිකේතනයේ පෙරවරු10.00ට පැවැත්වෙන අතර (25) මඩකළපුවේ නගරසභා රැස්වීම් ශෘලාවේදී (28) ගම්පහ පෙරවරු10.00ට (29) පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත නගර ශාලාවේ, (31) හම්බන්තොට එදිනම පොළොන්නරුවේදීද රැස්වීම් පැවැත්වේ.ලබන මස (2) නුවරඑළිය,(4)ත්‍රිකුණාමලය,(6)මාතලේ, (7)කුරුණෑගල, එදිනම බදුල්ල, (8) වව්නියාව, (9) යාපනය, (11) ගාල්ල,(23) මාතර, තවද මොණරාගල හා රත්නපුර දිස්ත්‍රික්කවලද රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
|
NEWS
|
හිල්ටන් කලම්බෝ රෙසිඩන්ස් විසින් වාර්ෂිකව සංවිධානය කරන විනෝද දිවීම මෙවර පිට පිට 8 වැනි වසරටත් ලබන 19 වැනි දින පැවැත්වේ.‘නත්තල් විනෝද දිවීම 2010’ ලෙසින් නම් කොට ඇති මේ විනෝද දිවීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය පිට පිට හයවැනි වසරටත් නිල අනුග්‍රාහකත්වය දක්වයි. ඒ. වී. අයි. ආයතනය හා තායි ගුවන් සේවය ද මේ සඳහා අනුග්‍රාහකත්වයෙන් දායක වෙති.දෙසැම්බර් 19 වැනි ඉරු දින පෙරවරු 9.00 ට කොළඹ 02 යුනියන් පෙදෙසේ හිල්ටන් කලම්බෝ රෙසිඩන්ස්ට යාබදව තිබෙන ස්ටේපල් වීදියෙන් ඇරැඹෙන මේ විනෝද දිවීම කොම්පඤ්ඤ විදිය, මැලේ වීදිය, රයිෆල් පාර, ඔස්සේ පැමිණ ලේක් හවුස් වට රවුමෙන් ඩී. ආර්. විජේවර්ධන මාවතට පිවිස ඩාලි පාරේ හයිඩ් පාක් මංසන්ධිය දක්වා පැමිණ යළි ආරම්භක ස්ථානයට පැමිණ අවසන් වේ.පිරිමි විවෘත, කාන්තා විවෘත, පිරිමි අවුරුදු 45 න් ඉහළ, කාන්තා අවුරුදු 45 න් ඉහළ සහ බාලක අවුරුදු 16 න් පහළ, බාලිකා අවුරුදු 16 න් පහළ වශයෙන් මේ විනෝද දිවීම පැවැත්වේ.විවෘත ඉසව්වලට දුර ප්‍රමාණය කිලෝමීටර හයක් වන අතර බාලක බාලිකා ඉසව් වල දුර කිලෝ මීටර තුනකි. විවෘත ඉසව් වල පළමුතිදෙනාට පිළිවෙළින් රුපියල් 25000 ක්, 15000 ක් හා 10000 ක් වශයෙන් ත්‍යාග මුදල් පිරිනැමෙන අතර බාලක බාලිකා ජයග්‍රාහකයිනට කුසලතා ප්‍රදානය කෙරෙනු ඇත.ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ සහායද මේ විනෝද දිවීමට ලැබෙනු ඇත.මේ සඳහා අයදුම්පත් බාර ගැනීම දෙසැම්බර් 17 වැනි දින පස්වරු 6.30 න් අවසන් වේ’ හිල්ටන් කලම්බෝ රෙසිඩන්ස් ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ පිහිටි ක්‍රීඩා මධ්‍යස්ථානයෙන් අයැදුම්පත් ලබා ගත හැකි යැයි සංවිධායකයෝ දන්වා සිටිති..
|
NEWS
|
දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජයට පත් කර අපේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ දී එක් එක් රටවල විශාලත්වය හෝ බලවත්කම පිළිබඳව තැකීමක් නොකළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ලොව දරුණුම ත්‍රස්තවාදීන් ලෙස සැලකෙන එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කිරීමට යාමේදී ඔවුන්ගේ ජාත්‍යන්තර සහයෝගිතාව මූල්‍ය හැකියාව ආදී කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකර එකම ඉලක්කයක් කරා ගමන් කළ නිසාම එයින් ජයගත හැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.ඒ මහතා මේ බව සඳහන් කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉදිකළ පිහිණුම් තටාකය හා ජීවිතාරක්ෂක ක්‍රමවේද පුහුණු කිරීමේ අභ්‍යාස මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (28) පැවැති උත්සවයක් අමතමිනි.හිරු නොබසින අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අපේ රට වසර සිය ගණනක් සටන් කර තිබෙන බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා සෑම අවස්ථාවකදීම අපේ රටවැසියන් ධෛර්ය සම්පන්නව කටයුතු කර තිබෙන බවද කීවේය. සෑම අංශයකින්ම ලෝකය දෙස බලා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා පැමිණෙන අභියෝග පිළිබඳව අවධානය යොමු කර ඒ සියල්ල තමාට ජය ගත හැකි යැයි ආත්ම ශක්තිය ගොඩනඟා ගත යුතු බවත් එවිට ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවත් සඳහන් කළේය.අනාගත ජීවිත ජය ගන්නට තම බාල කාලය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් බව කී රාජපක්ෂ මහතා සුන්දර ළමා කාලය යළි කිසිදිනෙක නොලැබෙන බවද අවධාරණය කළේය.පාසල් අධ්‍යාපනය පමණක් නොව බාහිර කි‍්‍රයාකාරකම් කෙරෙහිද සෑම දරුවෙක්ම අවධානය යොමු කළයුතු බවත් ඒ හරහා දරු දැරියන්ගේ අනාගතය වඩා යහපත් කරගත හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.ළමා කාලය නිකරුණේ ගෙවා දමන්නෙකුට අනාගතයක් පිළිබඳව හිතන්න බැරි බවත් ඒ නිසාම ළමා කාලය හොඳින් ගත කිරීම අවශ්‍ය බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මේ රටේ ඉහළම තලවලට පැමිණි පුරවැසියන් විශාල ප්‍රමාණයක් සිටින බවද කීවේය.මවුපියන්ගෙන් දරුවන්ට කොතරම් සැප සම්පත් ලැබුණද ඒ සියල්ල පසෙකලා මේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතු බවත් එමගින් දරුවන්ට ඉදිරියට යාමට හැකි බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ලෝකයේ ඇති සොරකම් කළ නොහැකි එකම දෙය උගත්කම බවද සිහිපත් කළේය.ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ, කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති කේ. ජී. විමලසේන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව සැකසෙන සාක්කි සම්පිණ්ඩන වාර්තාව ඉදිරි දින කීපය තුළදී සකසා අවසන් කිරීමට නියමිතව ඇත.මේවන විට සිවිල් හා යුද හමුදාවේ පුද්ගලයන් 31 දෙනකුගේ සාක්කි සටහන් කැර අවසන් බවද තාක්ෂණික සාක්කිද මේ දිනවල ලබා ගනිමින් ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.යුද අධිකරණය මඟින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින හිටපු හමුදාපතිවරයා හමුදා සේවයේ යෙදී සිටියදී සිදුකළ බවට සැකකෙරෙන වැරැදි සම්බන්ධයෙන් යුද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා මේ සම්පින්ඩන වාර්තාව ගොනු කෙරෙයි.මෙසේ අත්අඩංගුවට පත් ඕනෑම පුද්ගලයකුට විරුද්ධව සාක්කි සම්පිණ්ඩන වාර්තාව සැකැසෙන තෙක් හා යුද අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් යුද නීතිය ක්‍රියාත්මක කළ හැකි අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මාස හයක කාලය යුද අධිකරණය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බල නොපාන බව යුද නීතියේ සඳහන් වේ.
|
NEWS
|
මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් ගුවන්, නාවික, වෙළෙඳ, බලශක්ති සහ දැනුම යන සෑම අංශයකින් ම අපේ රට ප්‍රධාන පෙළේ කේන්ද්‍රස්ථානයක් කිරීමට සැලැසුම් කර තිබෙන බවත් මේ සැලැසුම් ක්‍රියාත්මක වීමේ දී ගම්පහ දිස්ත්‍රික්කය බුද්ධිවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අබියස පැවති ජනහමුවකදීය.එළැඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් නාම යෝජනාභාරදීමෙන් අනතුරුව වෙන්ව තිබූ විරෝධතා දැක්වීමේ අවස්ථාවට කණ්ඩායම් නායකයා ලෙස සහභාගි වූ බැසිල් රාජපක්ෂ මහතා එම අවස්ථාවට සහභාගි වීමට පැමිණි පක්ෂයේ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් හමුවේ තවදුරටත් මෙසේ පැවැසීය.ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසයට අමරණීය සිහිවටන රැසක් එකතු කැර තිබෙනවා. මෙහි සිටින ප්‍රගතිශීලි බුද්ධිමත් ජනතාව මේ රට වැරැදි මඟට ගොස් අගාධයට වැටීමට යන සෑම අවස්ථාවකදීම එය නිවැරැදි මඟට ගැනීමට පෙරමුණ ගෙන සිය කාලය, ශ්‍රමය, ධනය අසීමිත ලෙස වැයකර තිබෙනවා.මේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දී තිබුණා.ගම්පහ දිස්ත්‍රික්කයෙන් 7,84000ක් පමණ බුලත් කොළයට ලැබී තිබුණා. ජනාධිපතිතුමාට 2,80000කට වඩා වැඩිය ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. මෙතරම් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ඒ තීරණාත්මක අවස්ථාවේ ජනාධිපතිතුමාට ලැබුණේ ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළ ගත වූ සිවු වසරේ ක්‍රියාවට නංවා ඒවායේ ප්‍රතිලාභ භුක්ති විඳීන ජනතාවගේ සිත්හි ජනාධිපති ඇතුළු රජය කෙරෙහි බලවත් විශ්වාසයක් තහවුරු වී තිබෙන නිසායි.ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය අබමල් රේණුවකින්වත් මෙතෙක් අඩුකර නැහැ. පියවරෙන් පියවර එය වැඩිකර ගත්තා.රජය බලයට පත් කිරීමෙන් මේ රටේ අහිංසක ජනතාවගේ එකම බලාපොරොත්තුව වුණේ තිස් අවුරුද්දක් පුරා මේ රටේ පැවති ත්‍රස්තවාදය, බෙදුම්වාදය නිමාවට පත්කර මරණ බයෙන් තොරව නිවී සැනසිල්ලේ ජීවත්වීමට අවස්ථාව සළසා ගැනීමයි. එදා අද අපට විරුද්ධව බොරු චෝදනා අපවාද නැඟූ, කටකතා පැතිරවූ විරුද්ධ පක්ෂ පවා අපෙන් ඒ ටික බලාපොරොත්තු වුණා.ඔවුන් එදා කීවෙ සුනාමි සහන මණ්ඩල පිහිටුවන්න එපා. පෙඩරල් දෙන්න එපා කියන එකයි. එසේ නැතුව කිලිනොච්චිය, මුලතිව්, නාගදීපය, සේරුවාවිල යළි නිදහස් කර ගනී කියලා ඔවුන් කවදාවත් සිතුවෙ නැහැ.මුළු රටේම ජනතාවගේ මූලික අවශ්‍යතාවන විදුලිය, මාර්ග, සන්නිවේදන පහසුකම් සියල්ල 2011 වසර වනවිට අපට ලබාදීමට හැකි වෙනවා. අපි අනාගතය ගැන ඉතා තුලනාත්මකව සිතා බැලිය යුතුයි. තව වසර 6කින් මේ රට ආසියාවේ සංවර්ධනයෙන් පරිපූර්ණ වූ රට හැටියට නඟාසිටුවීමට අප පියවර ගන්නවා.එහි දී ගම්පහ දිස්ත්‍රික්කයට සුවිශේෂී අවස්ථාවක් ලබාදීම මගේ අපේක්‍ෂාවයි. ජනාධිපතිතුමා අපේක්ෂිත පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමට සෑම ක්‍ෂේත්‍රයකම විශාල පුනරුදයක් ඇති කළ යුතුයි.මේ සඳහා අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීම අපට අත්‍යාවශ්‍යයි. මේ සඳහා අප සම¼ඟ නොවෙනස්ව සිටින ප්‍රගතිශීලි ජනතාවගේ සහාය අපට අවශ්‍යයි. තුනෙන් දෙකේ බලය සහිත ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය බලය ජනතාව මෙවරත් අපට ලබාදෙන බව අපට විශ්වාසයි.සියලු මැතිවරණ නීති රීති ඒ අයුරින් පිළිපදිමින්, ජනතාවට ඉතා සුළුවෙන් හෝ අගතියක් නොවන අයුරින්, විරුද්ධවාදීන්ට පවා අප ආදර්ශයට ගත හැකි සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට පෙළ ගැසී ඒකරාශි වෙමු. ඒ සඳහා අවශ්‍ය පසුබිම ජනාධිපතිතුමා අපට සලසා දී තිබෙනවා.
|
NEWS
|
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම අවධානයට පාත්‍ර වූ පිතිකරුවා වෙමින් සෙසු කණ්ඩායම් වලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිලේ මහේල ජයවර්ධන සමත් විය.‘සුපිරි අට’ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයේදීම සත්කාරක කොදෙව් පිල ලකුණු 57කින් පරාජය කිරීමට ආරම්භක පිතිකරු මහේල නොදැවී ලබාගත් ලකුණු 98 බෙහෙවින් ඉවහල් වූ අතර එය මේ තරගමාලාවේ ඔහු විසින් රැස් කරනු ලැබූ දෙවැනි අර්ධ ශතකය ද විය.තරග 3කදී ලකුණු 279ක් රැස් කරමින් තරග මාලාවේ වැඩිම ලකුණු ලාභියා ලෙස තවදුරටත් පෙරමුණේ රැඳී සිටීමට ඔහුට හැකි විය.මහේලගේ ලකුණු 98ට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුලත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් නායක සංගක්කාර රැස් කළ ලකුණු 68 ට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුලත් විය.දෙදෙනා අතර දෙවැනි කඩුල්ල සඳහා සම්බන්ධතාව ලකුණු 166කි. ශ්‍රී ලංකා පිල කඩුලු 3කට රැස් කළ ලකුණු 195ට පිළිතුරු ලෙස කොදෙව්වන්ට ලබාගත හැකි වූයේ කඩුලු 8කට ලකුණු 138ක් පමණි. අජන්ත මෙන්ඩිස් සහ ලසිත් මාලිංග කඩුලු 3 බැගින් දවාලූහ.ශ්‍රී ලංකාව මෙවර තරග මාලාවේ කණ්ඩායමක් විසින් වාර්තා කරනු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවට ද හිමිකම් කීය.පකිස්තානය අවදානමකපසුගිය වසරේ සූරයන් වූ පකිස්තානු පිල මෙවර තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමකට තල්ලු කරමින් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 7කට ලකුණු 133ක් රැස් කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානයට රැස් කර ගත හැකි වූයේ කඩුලු 7කට ලකුණු 132ක් පමණි. සුපිරි අට වටයේ නියමිත තරග 3 න් තරග 2ක්ම පරාජයට පත්වීම නිසා අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර ගැනීමට පකිස්තානයට සිදුවී තිබේ.පකිස්තානය අද (10) සුපිරි අට වටයේ ඔවුනගේ අවසන් තරගයට (දකුණු අප්‍රිකානු පිල සමග) මුහුණ දෙනු ඇත.එංගලන්තයඅවසන් පූර්ව වටයටඑංගලන්තයේ ‘තරග දිනා දෙන්නා’ ලෙස විරුදාවලිය ලත් කෙවින් පීටර්සන් පිට පිට තම දෙවැනි අර්ධ ශතකය රැස් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 39ක ජයක් තම පිලට හිමි කර දීමට දායක විය.එංගලන්තය කඩුලු 7කට ලකුණු 168ක් රැස් කළ අතර පීටර්සන් ලකුණු 53ක් සහ ක්‍රෙග් කීස්වෙටර් ලකුණු 41ක් රැස් කළහ. ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන් ලකුණු 129කට දැවී ගියහ.‘සුපිරි අට’ වටයේ පළමු තරග 2 ම ජය ගත් එංගලන්ත පිල එම කොටසේ පෙරමුණේ පසුවන අතර අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවෙති.එංගන්ත පිල ‘සුපිරි අට’ වටයේ සිය අවසන් තරගය ලෙස නවසීලන්තය සමග අද (10) තරග වදින අතර කෙවින් පීටර්සන් මේ තරගයට සහභාගී වන්නේ නැති බව වාර්තා වේ.ඒ පීටර්සන්ගේ බිරියගේ පළමු දරු ප්‍රසූතිය සඳහා ඔහුට නැවත එංගලන්තය බලා පිටත්වීමට සිදුවී තිබෙන බැවිනි.
|
NEWS
|
හිටපු අගවිනිසුරුවරිය වන ශිරානි බණ්ඩාරනායක මහත්මිය 1996 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කරන ලද මුත් ඇයගේ පත්වීම දේශපාලන හේතු මත සිදුවු බවට චෝදනා නගමින් ඉදිරිපත්වූ පෙත්සම් විභාගය නීතිමය කරුණු මත නිෂ්ප්‍රභ නොවීනම් ඇගේ අධිකරණ වෘත්තාන්තය එතැන්හිදීම අවසන්වීමට ඉඩ තිබුණු බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.ඇය විශ්වවිද්‍යාල ආචාර්ය වරියකව 39 වැනි වියේ පසුවද්දී විශ්වවිද්‍යාලයේ සිට කෙලින්ම ඇය ශ්‍රේෂ්ඨාධිකරණය ට පත් කරන ලද්දේ එවකට අධිකරණ ඇමතිව සිටි මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ අභිමතය පරිදි බවට චෝදනා නැගී තිබුණු බවත් ඒ අනුව ඇගේ ශ්‍රේෂ්ඨාධිකරණ පත්වීමේ වලංගුතාව ප්‍රශ්න කරමින් පෙත්සම් කීපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ බවත් සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.මේ පෙත්සම් විභාගයට පෙත්සම්කරුවන්වෙනුවෙන් ප්‍රමුඛ නීතිඥයින් ඉදිරිපත්ව සිටි අතර එය සප්ත විනිශ්චය මණ්ඩ ලයක් ඉදිරියේ විභාග වූ බවපෙන්වා දෙන හිටපු අගවිනිසුරුවරයා රජය වෙනුවෙන් නීතිපති ලෙස තමන් දැක්වූ කරුණු හමුවේ විනිසුරුවන් අතර බෙදීමක් ඇතිවූබවත් පසුව නීතිමය කරුණු මත පෙත්සම් විභාගය නිෂ්ප්‍රභ කරන ලද බවත් ප්‍රකාශ කරයි.කෙසේවෙතත් කරුණු දැක්වීමෙන් වැලකී නඩු විභාගයේ අඛණ්ඩ පැවැත්මට ඉඩහලේනම් ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ ශ්‍රෙෂ්ඨාධිකරණ පත්වීම 1996 ලත් තැනිමලොප් වීමට ඉඩ තිබුණු බවද ඔහු පවසා තිබේ. හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා මේ බව පවසා ඇත්තේ ඩේලිමිරර් (16) පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය..
|
NEWS
|
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ නව ඇමැතිවරුන්ට අදාළ විෂයය පථ වෙන් කිරීම පිළිබඳ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කෙරේ.නව ඇමැතිවරුන්ට අදාළ විෂයයන් ශක්තිමත්සම්බන්ධීකරණයක් සහිතව බෙදා වෙන් කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි. අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ සම්බන්ධීකරණ ඒකකයක් ද ස්ථාපිත කිරීමට නියමිත බව වීරතුංග මහතා ප්‍රකාශ කරයි.පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ඉහළ අගයක් ගෙන තිබූ අතර ඒ නිසාම විවිධ අමාත්‍යාංශවලට සමගාමී විෂයයන් බෙදා වෙන් කිරීමේ ගැටලු පැන නැගී තිබිණ.මේ නිසා සංවර්ධන ක්‍රියාවලියට යම් යම් බාධා පැන නැගුණු බව පෙන්වා දුන් වීරතුංග මහතා මෙවර පත් කෙරුණු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් 37 දෙනකු පමණක් සිටින නිසා එවන් ගැටලු පැන නොනඟින බවට විශ්වාසය පළ කෙළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැතිවරණවල දී ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරමින් සීමිත අමාත්‍ය මණ්ඩලයක් පත් කළ අතර ඔවුහු පසුගිය 23 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.
|
NEWS
|
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් හා පාපැදි තරග මේ මස 24 හා 25 දිනවල ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි. නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වෙන මේ මැරතන් හා පාපැදි තරග ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂ 10ක පමණ තෑගි හා දීමනා හිමිවෙයි.මැරතන් හා පාපැදි තරග ජයගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 4.5ක පමණ තෑගි මුදල් පිරිනැමෙන අතර මැරතන් පිරිමි-කාන්තා තරගවලින් ජයගන්නා පළමු තිදෙනා බැගින් තෝරා මාසික දීමනා ප්‍රදානය කිරීම විශේෂත්වයකි.ඒ අනුව පළමු ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට රුපියල් 125000ක වාර්ෂික දීමනාවක්, දෙවැනි ස්ථානවලට රුපියල් ලක්ෂයක වාර්ෂික දීමනාවක් හා තෙවැනි ස්ථානවලට රුපියල් 75000ක් බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත. එම දීමනා මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු හා පෝෂණය වෙනුවෙන් ලබාදෙන දීමනාවක් බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවැසුවාය.ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් හා පාපැදි තරග පිළිබඳ මාධ්‍ය හමුවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ පැවැති අතර නියෝජ්‍ය අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා පැවැසුවේ රටපුරා සියලු පළාත් නියෝජනයවන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර සහභාගිවීම ස්ථිර බවය. එහෙත් පළාත් කිහිපයකින් පාපැදි තරගවලට පමණක් අඩු සහභාගිත්වයක් පවතින බව ජයලාල් මහතා පැවැසීය.පිරිමි පාපැදි තරගය කිලෝමීටර 140කින් යුක්තවන අතර ත්‍රිකුණාමලය පැරණි බලකොටුව වෙරළ තීරය අසලින් ආරම්භ වී තැපැල් කන්තෝරුව හංදිය, අනුරාධපුර හංදිය, කින්නියා පාර ඔස්සේ කිලිවෙට්ටි පාලම, සෝමපුර හංදිය, කන්තලේ හංදිය, සරදාපුර යුධ හමුදා මුරපොල, නගර සභා හංදිය, විශ්වවිද්‍යාල හංදිය පසුකොට ත්‍රිකුණාමලය පැරණි බලකොටුව වෙරළ තීරය අසලින් නිමාවේ.කාන්තා තරගය කිලෝමීටර 60ක් වන අතර එම තරගයද පැරණි බලකොටුව වෙරළ තීරය අසලින් ආරම්භ වේ. ශාන්ත මේරි විද්‍යාලය අසලින් වමට හැරී මහ පොලිසිය වටරවුම අනුරාධපුර හංදිය, කොළඹ පාර ඔස්සේ 99 හංදිය පසුකොට 96 හංදියෙන් හැරී නැවැත පැරණි බලකොටුව අසලින් නිමාවේ.මැරතන් තරගය කිලෝමීටර 42.19ක් වන අතර එය කෝවිල හංදියෙන් ආරම්භ වී නිලාවේලි පොලිසිය පසුකොට තෙලිප්පයාර් පාලම අසලින් හැරී නැවැත කෝවිල හංදිය දක්වා පැමිණේ.පිරිමි පාපැදි තරග මැයි මස 24 වැනිදා පෙරවරු.8.30ට පැවැත්වෙන අතර කාන්තා තරගය එදින පස්වරු 3.00ට ආරම්භ වේ. මැරතන් තරග 25වැනිදා පෙරවරු 5.15ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත..
|
NEWS
|
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ සේවකයන්ද ඉවත් කර සියලු දේපළ විකුණා ඈවර කිරීමට තීරණය කර තිබූ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව (STC) මහින්ද චින්තනයෙන් පෝෂණය කර යළි නඟා සිටුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට වසරකට රුපියල් ලක්ෂ තිස්පන්දහසකට ආසන්න ආදායමක් ලබන ආයතනයක් බවට පත්ව තිබේ.ණය බරින් පෙළී ඒවා ගෙවා ගත නොහැකිව වැටී තිබූ එම ආයතනය යළි ගොඩනගා සිටුවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන තිබූ සෘජු තීරණය ඔස්සේ එම ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කිරීම නිසා 2008 සිට මේ දක්වා වසරින් වසර ලක්ෂ දහස් ගණනින් වැඩිවන ආදායම් ලබන ආයතනයක් බවට පත්ව ඇත.ඒ අනුව 2012 - 2013 වසරේ ආදායම රුපියල් ලක්ෂ විසිදෙදහසකි. 2013 - 14 වසරේ ආදායම ලක්ෂ තිස් එක්දහස ඉක්මවා තිබේ. ඒ අනුව එක් වසරක් තුළ මිලියන දහසකින් ආදායම් වැඩිවන තත්ත්වයේ දියුණුවකට එම ආයතනය පත්ව තිබේ.ඒ අතර ජාත්‍යන්තරයේ සිට මෙරටට ගෙන්වන විවිධ තාක්ෂණික උපකරණ හා යන්ත්‍ර සූත්‍ර මෙරටදීම නිපදවන නිෂ්පාදකයන් හා ගිවිසුම්වලට එළඹ ඒවා නිපදවා විදේශ විනිමය කෝටි ගණනින් මෙරටට ඉතිරි කර ගැනීමට කටයුතු කර ඇති රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව අද පෞද්ගලික ව්‍යාපාරිකයන් හා සම තත්ත්වයට පත්ව තිබේ.විදෙස් රටවලින් භාණ්ඩ ගෙන්වා මෙරට පාරිභෝගිකයා රවටා අති විශාල ලාභයක් ලබමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පෞද්ගලික ව්‍යාපාරික ආයතන රැසකට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ නව වැඩපිළිවෙළ නිසා පාරිභෝගිකයා ගසාකෑමට නොහැකි වී තිබේ.තවද රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සාධාරණ මිලකට භාණ්ඩ අලෙවි කරන නිසා වෙළෙඳ පොළේ භාණ්ඩ දොළොස්දහසක පමණ මිල තීරකයා බවටද පත්ව තිබේ. STC නමින් නව නිපැයුම් රාශියක් වෙළඳ පොළට එක්වී ඇත.කෘෂිකර්මාන්තය, යන්ත්‍ර සූත්‍ර, අධ්‍යාපනික උපකරණ, කාර්යාල උපකරණ, නව තාක්ෂණික උපකරණ, ගෘහ උපකරණ, රසායනික ද්‍රව්‍ය, කලා භාණ්ඩ, වායු සමීකරණ, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ , අත් යන්ත්‍ර, ටයර් ටියුබ්, ඇතුළු භාණ්ඩ දොළොස් දහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් අලෙවි වෙයි.එක්සත් ජාතික පක්ෂ පාලන සමයෙන් අහිමි වූ කෝටි ගණනක ගොඩනැගිලි වෙනුවට මෙම ආයතනය මිලියන පන්සියයකට වැඩි මුදලක් ආයෝජනය කර කුරුණෑගල, යාපනය, මහනුවර, නාරාහේන්පිට, මාතර, ඇතුළු ප්‍රදේශ කිහිපයක නව ප්‍රදර්ශනාගාර පිහිටුවා තිබේ.රජයේ භාණ්ඩාගාරයෙන් හෝ වෙනත් කිසිම ආයතනයකින් ණය ආධාර ලබා නොගෙන ආයතනය විසින්ම උපයන ලාබ ඔස්සේ ඒවා ප්‍රති ආයෝජනය කරමින් මෙම නව ප්‍රදර්ශනාගාර සහ නිපැයුම් සිදු කරනු ලබයි.තවද රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සතු බැංකු ස්ථාවර තැන්පතුවල වටිනාකම ලක්ෂ තුන්දහස් හත්සියය ඉක්මවා ගොස් තිබේ.තවද එක්සත් ජාතික පක්ෂයෙන් එහි සේවයෙන් ඉවත් කර සිටින ස්වල්ප පිරිසටද වැටුප් ගෙවා නොමැතිව තිබියදී වර්තමාන රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා සේවක සේවිකාවෝ ඉහළ වැටුප් ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ලබමින් සිටිති.මෙම ආයතනය කෙටි කාලයක් තුළ මෙතරම් විශාල දියුණුවක් කරා ගමන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෘජු මගපෙන්වීම, ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහයෝගය සහ එහි සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ කැපවීමේ ප්‍රතිපලය නිසා වෙනි.ඒ පිළිබඳ අදහස් දැක්වූ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කියා සිටියේ 'මෙම දියුණුවේ රහසට බලපෑ එකම හේතුව පිළිගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළ ක්‍රියා කිරීමයි. පෞද්ගලික අංශය තරග කර දියුණුව කරා ගෙනයාමට හැකි තත්ත්වයට රාජ්‍ය ව්‍යාපාරික ආයතන ගෙනඒමට ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත අප ක්‍රියා කළා. මෙහි සේවකයන්ගේ දුර්වල මානසික තත්ත්වයද නගා සිටුවමින් ආයතනය ලාභ ඉපයිය හැකි තත්ත්වයට ගෙන ආවා.එහි ප්‍රතිඵලයක් වශයෙන් වසරකට මිලියන දහසකින් පමණ ආදායම් වැඩි කර ගත හැකි තත්ත්වයට පත්වීම සුවිශේෂි කරුණක්. මෙම ආයතනය නගා සිටුවීමේ ප්‍රතිඵලය අද පාරිභෝගිකයාත් රජයත් මෙම ආයතනයත් භුක්ති විඳින බවද හෙතෙම පවසයි.
|
NEWS
|
දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙහි වාර්තාව බල රහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ සර්ටියෝරාරි රිට් ආඥාව අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සමක් ඇතුළු පෙත්සම් 6ක් නව දෙනකුගෙන් යුත් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි අද (05) සලකා බලනු ලැබේ.ශිරාණි තිලකවර්ධන, නිමල් ගාමිණී අමරතුංග, සලීම් මර්සුප්, කේ. ශ්‍රිපවන්, පී. ඒ. රත්නායක, චන්ද්‍රා ඒකනායක, සත්‍යා හෙට්ටිගේ, ප්‍රියසාත් ඩෙප්, එස්. ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් එම විනිසුරු මඬුල්ල සමන්විත වේ.සර්ටියෝරාරි රිට් ආඥාව නිකුත් කළ නඩු තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සම ගොනු කර තිබුණේ නීතිඥවරයකු වන සුමුදු හේවගේ විසිනි.නව අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් තවත් පෙත්සමක් ගොනු කර තිබුණි. එසේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ඉදිරිපත් කර තිබුණි.චන්ද්‍රගුප්ත තේනුවර, ජනක අධිකාරී, එම්. ජයසිරි සහ එල්මෝ පෙරේරා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.මෙම පෙත්සම් සියල්ලම අද මෙම පූර්ණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි සලකා බලනු ලැබේ..
|
NEWS
|
රතුපස්වල ජනතාවට සුවිශේෂි සහන ක්‍රමවේදයක් යටතේ නළ ජලය ලබාදීමට රජය සාකච්ඡා කරමින් සිටින බව ජල සම්පාදන හා ජලප්‍රවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.ඒ අනුව එම ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන්ගේ ආදායම් මට්ටම සළකා බලා නව ක්‍රමවේදය සකස් කිරීමට පියවර ගන්නා බව හෙතෙම කිවේය.මේ වන විටත් නළ එළීම සිදුකරමින් සිටින බව පැවසු ඒ මහතා මේ සතිය අවසන් වීමට ප්‍රථම නළ එළීම සම්පූර්ණයෙන් අවසන් කරන බව ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදි ඇමැතිවරයා එසේ පැවසීය.නව නළ එළීමත් සමඟ එම ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් දස දහසකට අධික ප්‍රමාණයකගේ පානීය ජල ප්‍රශ්නය විසදෙන බව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.රතුපස්වල සිද්ධිය පිළිබඳ සිදුකරන පරික්ෂණවල තත්ත්වය කෙසේදැයි මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා කියා සිටියේ මේ වන විටත් පාර්ශව කිහිපයකින් පරික්ෂණ සිදුවන බවත් එම වාර්තාවන්ට අනුව වැරැද්දක් සිදුවී ඇත්නම් ඊට අවශ්‍ය නිතීය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි.මේ අවස්ථාවට ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ද එක්ව සිටියහ..
|
NEWS
|
අත්අඩංගුවේ සිටින හිටපු හමුදාපතිවරයා මුණ ගැසීමට පවුලේ එක් අයකුට අවසර ලබාදී තිබේ.මේ අනුව ඒ මහතාගේ බිරියට සිය සැමියා හමුවීමට අවස්ථාව සැලසෙන බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවැසීය.හිටපු හමුදාපතිවරයාට අවශ්‍ය නම් නීතිඥ මහතකුගේ සහාය ලබාගත හැකිය. ඔහු නම්කරන නීතිඥවරයෙකුට ඒ සඳහා අවසර ලැබෙන බව සමරසිංහ මහතා සඳහන් කෙළේ ය.
|
NEWS
|
කළුතර ප්‍රාදේශීය සභාවට අයත් පනාපිටිය සුසාන භූමියේ සුසාන ගෙය කලකට ඉහත දී කඩා වැටී බිමට සමතලාවී වසර ගණනාවක් ගතවී ඇතත් තවමත් පිළිසකර කර නැත..
|
NEWS
|
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජික කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා ප්‍රකාශ කෙළේය.ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතලොස්සකගේ අවස්ථාවාදී දේශපාලනය කෙරෙහි කලකිරුණු සහ ජවිපෙ හැරගිය අතිවිශාල පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම පිණිස තමන් සමඟ එක්වී සිටින බව හෙතෙම කීය.ජවිපෙ නායක විජේවීර සහෝදරයා ඉගැන් වූ සමාජවාදී පිළිවෙත සහමුලින් අමතක කරමින් අන්ත ධනවාදී එජාපය සමඟ එක්වී මවුබිම අති භයානක අනතුරකට ගෙන යන බවත් ඒ මහතා අවධාරණය කෙළේය.ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අද පක්ෂය සහමුලින්ම වැරදි පාරක ගෙනයනවා. පක්ෂ නායකත්වය කෙරෙහි පක්ෂයේ ප්‍රබල පිරිස සමඟ සාමාජිකත්වය ද කලකිරීමට පත්වෙලා. ශාරීරික වශයෙන් විනාශ කළද අධ්‍යාත්මික වශයෙන් විනාශයට පත්කළ නොහැකි වූ ජ.වි.පෙරමුණේ අභ්‍යන්තරයේ බරපතළ දෙදරීමකට පත්වී ඇති බවද පොල්ගම්පල මහතා පැවැසීය.ජෙනරාල් ෆොන්සේකා ජනාධිපති පුුටුවේ වාඩිකරවා මවුබිමට අත්කරදීමට යන බලවත් අනතුර වළක්වා ගැනීමට ජවිපෙ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළු ප්‍රාදේශීය සාමාජික සාමාජිකාවන් අතිවිශාල පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කරවීමට සක්‍රීයව සිටින බවද පැවැසීය.ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ ප්‍රකාශ කෙළේය.කොළඹ, නාරාහේන්පිට ජානකි හෝටල් පරිශ්‍රයේදී මේ හමුව පැවතැ්විණි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.මින් ඉහත දී සෑම මැතිවරණයකදීම ජ.වි.පෙ. කිසියම් පක්ෂයකට සහාය පළ කිරීමකදී පක්ෂයේ නායකත්වය විසින් පහළම ක්‍රියාකාරීන් දක්වා දැනුවත් කිරීමක් සිදුකළා. දිස්ත්‍රික් බල මණ්ඩල හා ආසන බල මණ්ඩල රැස් කරවා ඉදිරියේදී ජවිපෙ ගන්නා තීන්දු තීරණ පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකළා. නමුත් මෙම ජනාධිපතිවරණයේදී ජ.විෙ.ප. කුමන ක්‍රමයකින්වත් දිස්ත්‍රික් හා ආසන බල මණ්ඩල දැනුවත් කරවූයේ නැහැ.පක්ෂ නායකත්වයේ අතලොස්සක් එක්වී ඉතාමත් රහසිගතව ගත් තීන්දුවකින් එජාපයට සහය දීමට කටයුතු කර ඇති බව පැවැසූ ඒ මහතා එජාප සහ ජවිපෙ හවුලේදී බලයට පත්කරවීමට යන ජෙනරාල්වරයා සමඟ කිසිදු ලිඛිත කොන්දේසියක් හෝ ලිඛිත සම්බන්ධයක් නොමැතිව වසර 50 කට අධික ඉතිහාසයක් ඇති ජ.වි.පෙරමුණේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය පාවාදී ඇති බව ද ජනාධිපතිවරණ සටනින් ජෙනරාල් ෆොන්සේකා අන්ත පරාජයකට පත්වන බවද පැවැසීය.අලියා ලකුණින් ජයග්‍රහණය ලැබීමට නොහැකි බව දන්නා එජාපය අද උත්සාහ කරමින් සිටින්නේ ජෙනරාල් දිනවීමට නොව ජවිපෙ ඝාතනය කිරීමටයි. ජ.වි.පෙ. ක්‍රියාකාරීන් විනාශ කළ එජාපය සමඟ එක්වීමට ජ.වි.පෙ. නායකයන් ගත් තීරණය වැරදි බව ඔවුන් දන්නා නිසාම පක්ෂ සම්මේලනය පවා කැඳවීමට නොහැකි වී ඇති බවද ඒ මහතා පැවැසීය.මා පක්ෂයේ කිසිදු තීන්දුවකට මින්පසුව අත් ඔසවන්නේ නැහැ. මවුබිමට සිදුවීමට යන භයානක අනතුරින් මවුබිම බේරා ගැනීමට ජ.වි.පෙ. නායකත්වය කෙරෙහි කලකිරුණු අතිවිශාල පිරිසක් ජනාධිපතිතුමාගේ ජය තහවුරු කිරීමට සක්‍රීයව කටයුතු කිරීම අරඹා ඇති බවද පැවසූ ඒ මහතා රටත්, වමේ දේශපාලනයත් විනාශය කරා ඇදගෙන යන කුමන්ත්‍රණයෙන් රට බේරා ගැනීමට සියලුදෙනා මහින්ද රාජපක්ෂ මහතා වටා එක්රොක් වී එතුමාගේ ජය තහවුරු කරන ලෙසට ඉල්ලා සිටින බවද පැවැසීය.ජ.වි.පෙ. කොළඹ දිස්ත්‍රික්කයේ කම්කරු අංශයේ සුදත් දික්වැල්ල කෑගල්ල දිස්ත්‍රික්කයේ කලාප සංවිධායක තරංග පේ‍්‍රමසිංහ මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.
|
NEWS
|
දඹුල්ල – හබරණ මාර්ගයේ දිගම්පතහ 103 කිලෝ මීටර කණුව අසලදී ත්‍රීරෝද රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ මිත්තනිය , ලේලිය හා මුණුපුරා මියගොස් ඇත.සෙනෙසුරාදා (20) අලුයම 3ට පමණ මෙම අනතුර සිදුව ඇත. මියගොස් ඇත්තේ දිවුලන්කඩවල පදිංචි වෑවල මලක්කගේ ගෙදර සීලවතී (56), වඩු ගෙදර සුමිත්‍රා (26) හා ඉඹුල්වල පන්තියේ ගෙදර හිරුත් සංජීව විමලරත්න (මාස 5) යන තිදෙනාය.මියගිය ළදරුවාගේ පියා වන ඉඹුල්වල පන්තියේ ගෙදර සුසන්ත රෝහණ (29) යන අය අනතුරට පත් ත්‍රීරෝද රථය පදවා ඇති අතර ඔහු තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දිවුලන්කඩවල පදිංචි එකම පවුලේ මෙ පිරිස මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.අනතුරට ලක් වී ඇති එම්. පී. ඩී. රෝහණ විමලරත්න (56) , (මාමා), එම්. පී. සී. සුසන්ත විමලරත්න (බෑනා) (31) ගුරු ගොඩැල්ල ගම්මාන යන අය මාතලේ හා දඹුල්ල රෝහල්වල ප්‍රතිකාර ගනි. වෑන් රථයේ රියැදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය කියයි. දඹුල්ල පොලිසිය වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
|
NEWS
|
ලක්සල ආයතනයේ www.laksala.gov.lk නිල වෙබ් අඩවිය වෙබ් සම්මාන උළලේ රජ්‍ය අංශයෙන් තෙවැනි ස්ථානය දිනා ගනිමින් ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබා තිබේ.තාක්ෂණික වශයෙන් පවතින විශිෂ්ට නිමාව, අන්තර්ගතය යන සාධක හේතුවෙන් ජාතික හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සල ආයතනයට මේ සම්මානය හිමි වී ඇති අතර මේ වෙබ් අඩවිය ආරම්භ කොට මාස පහක් වැනි කෙටි කලක් ඇතුළත සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි.දේශීය හස්ත කර්මාන්ත ක්ෂෙත්‍රය හරහා බිහි වන නිර්මාණ ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීම වෙනුවෙන් ප්‍රමුඛතම ස්ථානයක පසු වන ලක්සල ආයතනයේ වෙබ් අඩවිය හරහා ආජ්‍ය ආයතනයක් ලෙස දැක්ම, මෙහෙවර, පුමුඛතම වටිනාකම, අළෙවිසැල්වල විහිදීම හා වාර්ෂික මූල්‍ය වාර්තා යනාදිය සම්බන්ධයෙන් නිවැරදිව සන්නිවේදනය කරමින් නිර්මාණය කර තිබීම මෙහි දී ඇගයිමට ලක්ව තිබේ.දර්ශනීය ඡායාරූප පෙළකින් සමන්විත වන www.laksala.gov.lk වෙබ් අඩවියේ එක් එක් නිෂ්පාදන පිළිබඳව වෙන වෙනම තොරුතුරු ඒකරාශීකොට තිබීම හා පහසුවෙන් පරිහරණය කිරීමේ පහසුවන අයුරින් නිර්මාණය කර තිබීම ඇගයිමට ලක් වී ඇත.කලක් පාඩු ලබන ආයතනයක්ව තිබූ ලක්සල නවීකරණය වීමත් සමඟ එම වෙබ් අඩවිය නිර්මාණය වූ අතර වෙබ් අඩවිය හරහා අන්තර්ජාල මිලදී ගැනීම්වලට යොමු විය හැකි වීම මෙහි ඇති විශේෂත්වයකි. තේ, කුළුබඩු, ඇඟලූම්, රෙදි, කළා නිර්මාණ, ලී කැටයම්, සම් භාණ්ඩ හා සෙරමික් භාණ්ඩ ඇතුළුව භාණ්ඩ ගණනාවක් Laksala.gov.lk හරහා ඇනවුම් කළ හැකි ය. ඇනවුම් කිරීමෙන් තෙදිනක් ඇතුළත දී ලෝකයේ ඕනෑම ස්ථානයකට සිය නිෂ්පාදන අදාල පාරිභෝගිකයන්ට ලබා දීමට ලක්සල ආයතනයේ අන්තර්ජාල සේවාව හරහා කටයුතු ක්‍රියාත්මක ය.වාණිජ වශයෙන් වටිනා, සමාජ වගකීම මැනවින් හදුනාගත් ව්‍යාපාරික ආයතනයක් ලෙස කටයුතු කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක ලක්සල වෙබ් අඩවිය විශ්වාසවන්ත ලෙසින් අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා මඟ විවර කර දීම ඇගයීමට ලක් වී තිබේ.භාණ්ඩ පිළිබඳ අවශ්‍ය තොරතුරු පැහැදිලි අයුරින් ලබා ගැනීමට පහසුවන සේ අංශ කිහිපයක් යටතේ භාණ්ඩ වර්ග කරමින් මිල ගණන් මෙරට ව්‍යවහාරික මුදල් ඒකකයට අමතරව තවත් මුදල් ඒකක කිහිපයක් යටතේ සටහන් කර තිබීම ද ඇගයීමට ලක් වී ඇත.2009 වසරේ සිට LK Domain ශ්‍රී ලාංකික අනන්‍යතාවය යටතේ ලියාපදිංචි වෙබ් අඩවි වෙනුවෙන් මේ තරඟය පැවැත්වෙන අතර සම්මාන උළෙලේ දී පාරිභෝගික හා විද්‍යුත් වාණිජ, ආයතනික, බැංකු හා මූල්‍ය, සංවර්ධන, රාජ්‍ය, මාධ්‍ය, විවෘත, පොදු සේවා හා අධ්‍යාපනික ක්‍රීඩා හා විශේෂාංග, සංචාරක යන අංශ යටතේ සම්මාන පිරිනැමීම සිදු කරනු ලබයි..
|
NEWS
|
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අංශය එම අධිකාරියේ නීතිරීති,උපදෙස් හා ආචාරධර්ම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.එම වැඩසටහන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කරන අතර, ඒ යටතේ මෙම වසරේ ජනවාරි සිට ජූලි මස අවසානය දක්වා දැනුවත් කිරිමේ වැඩසටහන් හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබෙන බව මාතර දිස්ක්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික කටයුතු පිළිබද අංශය සඳහන් කරයි.දිස්ත්‍රික්කයේ පාරිභෝගික ජනතාව,වෙළෙඳ ප්‍රජාව හා පාසල් දරු දැරියන් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන් පැවැත්වේ.මෙහිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පනවා ඇති නීතිරීති ආචාර ධර්ම හා උපදෙස් පිළිබඳව එම පිරිස් දැනුවත් කෙරේ. තවද පාරිභෝගිකයන් භාණ්ඩයක් මිලදි ගැනීමේදි දැනුවත් විය යුතු කරුණු පිළිබඳව ද මෙම වැඩසටහන් හරහා තවදුරටත් ඔවුන් දැනුවත් කෙරේ.එම අධිකාරිය සඳහන් කරන පරිදි වෙළෙඳුන් සිදුකරන වංචනික ක්‍රියා හා වැරදි පිළිබඳ විමර්ශනය කර බලා ඒ පිළිබඳව ඔවුන්ට දඩුවම් පමුණුවනවාට වඩා දැනුවත් කිරීමෙන් ඔවුන් එකී වැරදිවලින් වළක්වාගැනිම හා එම වැරදි හැකිතාත් අවම කරගැනිම මෙම වැඩසටහන්වල ප්‍රධාන අරමුණයි.
|
NEWS
|
දෙනුවර කලාපයේ සිසුන් 50කට අඩු පාසල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩබ්. පී. බී. එම්. අමරකෝන් මහත්මියගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ.දෙනුවර පාසල් එකමුතුව නමින් හඳුන්වා දී ඇති මේ වැඩසටහනේ අරමුණ සිසුන් අධ්‍යාපන කටයුතුවලින් හුදකලා නොකොට ඔවුන්ගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය වන පරිදි කටයුතු කිරීමයි.අධ්‍යාපන චාරිකා , ක්‍රීඩා තරග, දැනුම මිනුම ආදී තරගවලට සහභාගී කිරීමෙන් ඔවුන්ගේ සැඟවී ඇති දක්ෂතා මතුකර ගැනීම මෙහි එක් අරමුණකි.දැනට පාසල් 09ක මේ වැඩසටහන ක්‍රියාත්මක වන පරිදි 2015 වන විට ඔවුන් පාසලකට සම්බන්ධ කිරීම ද මෙහි අරමුණයි.
|
NEWS
|
ශ්‍රී ලංකා රගර් සංගමයේ නිලවරණය මාර්තු 30 වැනිදා පැවැත්වීමට තීරණය කොට ඇත. ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත්කරන ලද රගර් අතුරු කමිටුව සකස් කරන ලද නව ව්‍යවස්ථාව පිළිගැනීමෙන් පසුව මේ තීරණයට එළැඹි බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ඩී. දහනායක මහතා පැවැසීය.රගර් නිලවරණයට නාමයෝජනා කැඳවීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර මේ මස 22 වැනිදා නාමයෝජනා භාර ගැනීම අවසන් වේ.පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රීී ලංකා රගර් සංගමය විසුරුවා විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් නම් කෙරුණි. එහි ලේකම් ලෙස කිරාන් අතපත්තු මහතා කටයුතු කෙළේය.රගර් පරිපාලනය හා ක්‍රීඩාව ක්‍රමවත්ව ඉදිරියට ගෙන යෑම සඳහා කෙටි කාලයකට අතුරු කමිටුව පත්කළේ නව ව්‍යවස්ථාවක් සැකසීමේ දැඩි අවශ්‍යතාව මත බව එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා පැවැසීය.රගර් සංගමය නිලධාරීන් පත්කර ගැනීමේ දී භාවිත කළ ඡන්ද අනුපාතය අසාධාරණ බවට චෝදනාවක් ද ගොනු වී තිබුණි.ශ්‍රී ලංකා රගර් අතුරු කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදී ඇති නව ව්‍යවස්ථාව අනුව නිලධාරීන් පත් කිරීමේ දී ක්‍රියාකාරී ක්‍රීඩා සංගම්වලට ප්‍රමුඛතාව ලැබෙන පරිදි සංශෝධන කිහිපයක් ම ඇතුළත් කොට ඇතැයි වාර්තා වේ.
|
NEWS
|
කෑගල්ල ඇටෝරුවාවේ අශෝකාරාම දහම් පාසලේ අඩුපාඩුකම් රැසක් පවතින බව මවුපියෝ කියති.මේ පිළිබඳව අදහස් දැක්වූ දහම් පාසලේ ප්‍රධානාචාර්ය බෝගල සිරිසුමන හිමියෝ මෙසේ පැවැසූහ.මේ දහම් පාසල 1985 වසරේදී සිසුන් 30 දෙනෙකුගෙන් පමණ ආරම්භ කළා. මෙය ඉතාමත් ජනපි‍්‍රය තත්ත්වයට පත්වීම නිසා දැන් සිසුන් 600ක් පමණ දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. ගුරු මණ්ඩලයේ 18 දෙනෙක් දැනට සේවය කරනවා.මේ දහම් පාසලට හෙට්ටිමුල්ල, මිණුවන්ගමුව, ගැටියමුල්ල, වතුර දීවෙල, ඇකිරියගල, දික්ඇල්ල, මාකුර ඇතුළු ප්‍රදේශ ගණනාවක සිසුන් පැමිණෙනවා.මේ සිසුන්ට අධ්‍යාපනය ලැබීමට ඇත්තේ ස්ථිර එක ගොඩනැඟිල්ලක් පමණයි. එම ගොඩනැඟිල්ල ඉඩමදි නිසා පිටුපසින් තාවකාලිකව ස්ථාන සකස් කර ගෙන ගස්යට, පංති පවත්වනවා. එක් පංතියකට ළමයින් 60ක් 65ක් සිටිනවා. සිසුන්ට වාඩි වීමට පුටු නෑ. ලිවීමට අවශ්‍ය මේස නෑ. එක් පුටුවක දෙදෙනා බැගින් වාඩි වී අධ්‍යාපනය ලබනවා.මෙහි පළමු වසරේ සිට ධර්මාචාර්ය දක්වා පංති පැවැත්වෙනවා. දෙමහල් ගොඩනැඟිල්ලක් මවුපියන්ගේ පරිත්‍යාගයෙන් හා ආගමට ලැදි පරිත්‍යාගශීලින්ගේ ආධාර මුදල්වලින් ඉදිකර ගෙන යනවා. පහල මාලයේ වැඩ අවසන් කර ඇතත් ඉහළ මාලයේ වැඩ අවසන් කිරීමට මුදල් අවශ්‍ය තරම් නෑ. එම නිසා මෙහි වැඩ නවතා දමා තිබෙනවා. .
|
NEWS
|
නන්දිමිත්‍ර ඒකනායක අභියෝගතා කුසලාන සඳහා මාතලේ අධ්‍යාපන කලාපීය අන්තර් පාසල් අතර පැවැති නෙට්බෝල් තරගාවලියේදී අවු-15 න් පහළ ශුරතාවය, 17න් පහළ තෙවන හා 19න් පහළ අනු ශුරතාවය දිනා ගනිමින් වැඩි දස්කම් දැක්වීමට ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල් කණ්ඩායම් සමත්වුහ.මෙහිදි වයස අවු 19න් පහළ ශුරතාවය මාතලේ රජයේ විද්‍යා විදුහලටද, වයස අවු 17 න් පහළ ශුරතාවය හා 15 න් පහළ අනු ශුරතාවය මාතලේ විජයපාල මහා විදුහලටද හිමිවුහ. අඩු පහසුකම් සහිත ග්‍රාමීය පාසලක් වන බණ්ඩාරපොළ මහා විදුහල මෙවර වයස අවු- 17 න් පහළ අනු ශුරතාවය සහ 15න් පහළ හා 19 න් පහළ තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් වුහ.තරගාවලියේ දක්ෂතම නෙට්බෝල් ශුරියන් ලෙස අවු- 15 න් පහළ - ඉෂාරා මධුමාලි අමරවංශ (විජයපාල ම.වි) 17න් පහළ - ගයත්‍රී ඩිල්ෂානි ජයසුරිය (විජයපාල ම.වි) සහ 19න් පහළ - තිළිණි යශෝධා සිල්වා (ශ්‍රී සංඝමිත්තා බා.ජා.ප) සම්මාන ලැබුහ. ශුරතාවයන් දිනු වයස අවු - 15 න් පහළ සංඝමිත්තා පිල කාවින්ද්‍යා දුලංජලි අත්තනපොල, 17න් පහළ විජයපාල පිල ලක්ෂි මලීෂා ආරියරත්න, සහ 19න් පහළ විද්‍යා විදුහල් පිල නවෝද්‍යා කැකුලන්දර විසින් මෙහෙයවුහ.තරගාවලිය පසුගියදා අලුවිහාරේ මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විශේෂ ආරාධිත අමුත්තිය ලෙස චින්තන ඒකනායක පදනමේ ජයලිය ව්‍යාපෘති අධ්‍යෂිකා මලිති ඒකනායක මහත්මිය සහභාගි වුවාය.මාතලේ අධ්‍යාපන කලාප ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට මෙවර මේ තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායම් සදහා රන්, රිදි හා ලෝකඩ පදක්කම් ප්‍රදානය කිරීමට පියවරගෙන තිබුණි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක මහතා විසින් මාතලේ දිසාව තුළ දියත්කර ඇති ගමට ක්‍රීඩා ව්‍යාපෘතිය යටතේ ඒ සඳහා අනුග්‍රහය ලබාදී තිබුණි..
|
NEWS
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මේ මස 27 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිත කටුනායක අධිවේගී මාර්ගය හෙට (22 )සහ 23, 24 යන තෙදින ජනතාවට විවෘත කෙරේ. වාහන ඇතුළු කිරීමට අවසර නොදෙන අතර පාගමනින් ජනතාවට අධිවේගී මාර්ගයට අවතීර්ණ විය හැකි බව වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.ඔක්තෝම්බර් මස 27 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරෙන කටුනායක අධිවේගී මාර්ගය තෙදිනක් පුරා ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත.ඔක්තෝබර් මස 24 වනදා මාර්ග සංවර්ධන අධිකාරිය පෑලියගොඩ පිවිසුමේ සිට පා ගමනක් සංවිධාන කර ඇති අතර එදින වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. මෙයට අමතරව කටුනායක, සීදුව සහ ජාඇල නගර සභා විසින් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත. කුඩා දරුවන්ට චිත්‍ර ඇඳීමේ තරග , සරුංගල් යැවීම ඇතුළු විවිධ තරග රැසක්ද ක්‍රීඩා උත්සව, ධාවන තරග ඇතුළු තරග රැසක්ද මෙම තෙදින තුළ පැවැත්වේ.චීන රජයේ ආධාර මත ඉදි වන මේ අධිවේගී මාර්ග සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 350කි. අන්තර් හුවමාරු මධ්‍යස්තාන තුනකින් මේ අධිවේගී මාර්ගයට අවතීර්ණ විය හැකි අතර මංතීරු හතරකින් සමනිවිත වේ..
|
NEWS
|
තමන් පමණක් නොව ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිද ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී දුටු බව තමා සමග පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පවසයි.අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සොයාදෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා හෝමාගම අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ලක සාක්‍ෂි දෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ එහෙත් හඳුන්නෙත්ති මහතා ඒ බව පිළිගනිතියි තමා නොසිතන බවයි..
|
NEWS
|
හම්බන්තොට නගරයේ නව කෞතුකාගාරයක් ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබ්.ඉදිකරනු ලබන කෞතුකාගාරය හම්බන්තොට කච්චේරි භූ®මියේ පිහිටි ඉපැරණි වටිනාකමකින් සමන්විත භූමියේ ඉදිකිරීමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන ඇත..
|
NEWS
|
ආසියානු ෆයිව් නේෂන්ස් පළමු කොටසේ රගර් තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත්විය. මේ වසරේ තරගාවලියේ සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාව සමග තායිලන්තය සහ කසකස්තානය ඉදිරිපත්වී සිටි අතර ආසියානු රගර් පිටියේ පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් මෙන්ම ශ්‍රී ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ කැපවීම මත මේ තරගාවලියේ සත්කාරකත්වය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ බව රගර් සංගමයේ ලේකම් රිස්ලි ඉල්යාස් මහතා දිනමිණට පැවැසීය.'මේ තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයක්. ඒ වගේම මෙවර තරගාවලියට එක්වී සිටින ආසියාවේ ප්‍රබල කණ්ඩායම්වල දස්කම් අපේ රටේ ක්‍රීඩාලෝලීන්ට දැකබලා ගැනීමේ අවස්ථාවක් උදාවීම ලොකු සතුටක්. සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ කැපවීම මත පසුගිය කාලයේ දී මෙරට රගර් ක්‍රීඩාව ලැබූ අන්තර් ජාතික සාර්ථකත්වයත් මෙවර තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීමට අපට විශාල පිටිවහලක් වුණා.' ඉල්යාස් මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාව සමග කසකස්තානය, තායිලන්තය සහ චීන තායිපේ පිල තරග වදින මේ තරගාවලිය ලබන අප්‍රේල් මස 7වැනිදා සිට 13දින දක්වා හැව්ලොක් පිටියේදී පැවැත්වීමට නියමිතය. ලබන වසරේ ආසියානු සුපිරි රටවල් පහේ තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට මෙවර පළමු කොටසේ තරගාවලියේ සත්කාරකත්වය හිමිවීම ප්‍රබල සාධකයක් වනු ඇත. මෙවර තරගාවලිය ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන් 58දෙනකුගෙන් යුත් සංචිතයක් පසුගියදා නම් කළ අතර එහි නායකත්වය පසුගිය වසරේ තරගාවලියේ දී නායකත්වය දැරූ නාවික හමුදා රගර් පිලේ යෝෂිත රාජපක්ෂට හිමිවී තිබේ. එහි උපනායකයා ලෙස මහනුවර ක්‍රීඩා සමාජයේ ෆසීල් මරිජා නම් කර ඇත.ෆයිව් නේෂන්ස් රගර් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික රවින් ඩු ප්ලෙසිස් කටයුතු කරනු ලබයි. මීට පෙර දකුණු අප්‍රිකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ දකුණු රවින් ඩු ප්ලෙසිස් නවසීලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ වෘත්තීයමය රගර් පිටියේ වසර 15ක අත්දැකීම් සම්භාරයක් හිමි පරිණත පුහුණුකරුවෙකි. ඔහු යටතේ හෙට ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.පිලිපීනයේ මැනිලා නුවර පසුගිය වසරේ පැවැති ෆයිව් නේෂන්ස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිවූ අතර පිලිපීනය ශූරතාව දිනාගත්තේය..
|
NEWS
|
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ ගල්කන්ද හොරව්පැල්ල බෝධි පිහිටුවල ප්‍රදේශයේ පාරම්පරිකව කළුගල් භාණ්ඩ නිෂ්පාදනය කරන ජනතාවට සහන ලබා දෙන්නැයි ඉල්ලති.බෝධි පිහිටුවල 105 / 05 කන්ද කොළණිය කළුගල් වලේ සේවකයෝ තමන්ගේ අසීරුතා පිළිබඳ මෙසේ කීය.පාරම්පරිකවම මිරිස්ගල් ගල්වංගෙඩි බෙහෙත්ගල් නිෂ්පාදනය කරලයි අපි ජීවත් වෙන්නේ. අපිට වෙන කරන්න දෙයක් නෑ.මේ රස්සාව හරි භයානකයි. අනාරක්ෂිතයි. කෑලි ඇස්වලට වැදිලා ඇස් අඳ වෙච්ච අයත් ඉන්නවා. ඒ අය අසරණ වෙලා ඉන්නවා. අපිට කිසිම ආරක්ෂණ ක්‍රමයක් නෑ.අපි ගල් වළක් සොයා ගත්තොත් ගලපාදා ගන්න වළ කපල ඒ පස්ටික ගිහින් දාන්න බෑ. දඩ ගහනවා. අපට මහා සල්ලි නෙවෙයි ඕන කරන්නේ. ඔය වාගේ දේවල්වලට රජයෙන් සහන ලබා දෙන්න දැන් ගල් වැඩ කරන අය හුඟදෙනෙක් මේ රස්සාව අතඇරලා දාලා ගිහින් අපෙන් පස්සෙ ඉන්නෙ අයට මේ කර්මාන්තය කරන්න මීට වඩා ගැටලු එනවා.කළුගල් පුපුරවගන්න තියන වෙඩි කරල්වල මිල ඉහළයි. ගල් කඩන කටු කුඤ්ඤ හදාගන්නෙත් අපිමයි. ඒව හදාගන්න පාවිච්චි කරන වානේ කම්බි වල මිල වැඩියි.මිරිස් ගල් අලෙවි වීම අඩු වෙලා.අසරණ වෙලා සිටින අපිට සහනයක් ලබා දෙනවා නම් කඩා වැටීමට යන අපේ පාරම්පරික කළුගල් කර්මාන්තයට යහපතක් වෙනවා..
|
NEWS
|
කතරගම නාගහවීදිය ගම්මානයට යාම සදහා මැණික් ගග හරහා ඉදිකර ඇති වැල් පාලම අබලන්වී ඇති බව ප්‍රදේශවාසීහු කියති.කතරගම නගරයත් ගමත් සම්බන්ධ කරන මේ පාලම මගින් ගම්වැසියන් තම තමන්ගේ එදිනෙදා කටයුතු කර ගනිති.නමුත් පාලම අබලන් වීම නිසා ත්‍රිරෝද රථයක් පමණක් ගමන් කළ හැකි මේ පාලමෙන් දැන් ත්‍රිරෝද රථ රියදුරන්ද ගමන් කිරීමට අකමැත්ත පල කරන බැවින් හදිසි ලෙඩෙක් පවා කතරගම දිසා රෝහලට ගෙන යාමේදී මහත් අපහසු තත්ත්වයන්ට මුහුණ පෑමට ගම්වැසියන්ට සිදුව තිබේ.එබැවින් හැකි ඉක්මනින් මේ පාලම අලුත්වැඩියා කරදෙන මෙන් ගම්වාසීහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
|
NEWS
|
ආසියාවේ විශාලතම සහල් මෝල ශ්‍රී ලංකාවේ ඉදි කෙරේ. ඒ අනුව ලබන වසරේ සිට සහල් පිට රට යැවීමට රජය තීරණය කර තිබේ.මේ වැඩපිළිවෙළෙහි මූලික කටයුතු සිදු වෙමින් පවතින බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.දැනටමත් ඉහළ පෙළේ පෞද්ගලික ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ඩුබායි, කැනඩා සහ තවත් රටවල් කිහිපයකට සහල් අපනයනය කරති.මෙරට සහල් ප්‍රමිතියෙන් ඉහළ තත්ත්වයක පවතින නිසා ඒ සඳහා පිට රටවල විශාල ඉල්ලුමක් පවතී. විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ද ශ්‍රී ලංකාවේ සහල් පරිභෝජනයට කැමැත්තක් දක්වන නිසා මේ ඉල්ලුම තවත් වැඩි වී තිබේ. පසුගිය කන්නයේ වී අස්වැන්න සාර්ථක වූ නිසා රජය සතුව අතිරික්ත වී තොග තිබේ. එම අතිරික්ත වී තොග අපනයනය කිරීමට රජය තීරණය කර තිබේ.වසර 30 කට පසු ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වු වර්ෂය 2010 බව ප්‍රකාශ කරන රජය යුද්ධයෙන් පසු වගා කරන උතුරු නැගෙනහිර තවත් කුඹුරු අක්කර දහස් ගණනකින් ලබන කන්නයේ විශාල අස්වැන්නක් බලාපොරොත්තු වේ.මේ අතර සහල් මිල පාලනය දිගටම පවත්වාගෙන යාමට වෙළඳ කටයුතු අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.සහල් අපනයනය කිරීමෙන් තව තවත් වී මෝල් ආරම්භ වන නිසා විශාල පිරිසකට රැකියා ලබා දීමට හැකි වේ.මේ අතර පිට රටින් ගෙන්වන ලද ළූණු කන්ටේනර් 150ක් හා බිත්තර ලක්ෂ 40ක් ලබන සඳුදා වෙළඳ පොළට නිකුත් කරයි.පසුගිය සතියේ වෙළඳ පොළට නිකුත් කළ බිත්තර ලක්ෂ 20ක් මේ වන විටත් අලෙවි වී තිබේ.පිටරටින් ගෙන්වන ලද ළූණු රුපියල් 105ත් 110ත් අතර මිලකට අලෙවි කෙරේ.මේ වන විට වෙළෙඳ පොළේ ළූණු මිල රුපියල් 140 දක්වා අඩු වී ඇත.වෙළෙඳ පොළේ දැනට කිලෝ ලක්ෂ 20 ක කුකුළු මස් අතිරික්තයක් පවතින බව ව්‍යාපාරික සංගමයේ සභාපති ඩී. සී. වනසිංහ මහතා කියයි..
|
NEWS
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් වත්තල නගරාධිපති මොහොමඩ් නව්ෂාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභාවේ කාර්ය මණ්ඩලය සංවිධානය කරන ස්ටෑන්ඩඩ් පා පැදි තරගය මේ මස 20 වැනිදා පෙරවරු 8.00ට හැඳල මංසන්ධිය අසලින් ආරම්භ වේ. වත්තල අටාමි ජාත්‍යන්තර පාසලේ අනුග්‍රහය ඇතිව වත්තල පොලිසීයේ සහයෝගය ඇතිව ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය මේ තරගය මෙහෙයවනු ලැබේ.වත්තල නගර ශාලාව ඉදිරිපිටින් ඇරඹෙන මේ විවෘත පාපැදි සවාරිය මීගමු පාර පෑළියගොඩ, කටුනායක අතර වට තුනක් පවත්වා අවසන් වටයේදී වත්තලින් තරගය අවසන්වීමට නියමිතය.තරගයේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් තිස්දහසක් ද, දෙවැන්නාට රුපියල් විසිපන්දාහක් හා තෙවැන්නාට රුපියල් පහළොස්දාහක් ද වශයෙන් තෑගි පිරිනැමෙන අතර දහවැන්නා දක්වා ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීමට නියමිතය..
|
NEWS
|
වරාය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සේවකයන්ට අයත් කොම්පඤ්ඤ වීදියේ පිහිටි වැඩබිමට ඉබි යතුරු කඩාදමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමක් ඊයේ(21) ඇතුළුවීම තරයේ හෙළා දකින බව වරාය ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා ප්‍රකාශ කෙළේය.රහසිගත ගබඩාවක් ඇතැයි සැක කොට මෙම පිරිස මෙම ස්ථානයට බලහත් කාරයෙන් ඇතුළු වීමත් සමඟ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී ඇතැයි කී ඒ මහතා එම සිද්ධියේදි ගම්වාසින් විසින් ඔවුන්ට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයිද ඒ මහතා අනාවරණය කෙළේය.මේ ස්ථානයට පැමිණි මාධ්‍යවේදින්ට මුහුණ පෑමට සිදුව ඇතැයි කියන අවහිරතාව පිළිබඳ සමාව අයදින බවද ශාමල් මහතා පැවසීය.එජාප උප නායක රවි කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පෙරේරා ආර් යෝගරාජන් වරාය ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍ර මහත්වරු ඇතුළු පිරිසක් මේ පිරිසට ඇතුළත් බවද ඔවුහු කොම්පඤ්ඤ වීදියේ පිහිටි ශ්‍රිලනිප අයත්පෞද්ගලික වැඩබිමට අනවසරයෙන් ඇතුළු වී ඇතැයි ද හෙතෙම අනාවරණය කෙළේය.මේ භූමිය වසර 2004 සිට ශ්‍රිලනිපය බද්දට ලබා ගත් පෞද්ගලික ඉඩමක් බව අවධාරණය කළ සුමනරත්න මහතා මේ ස්ථානයේ පක්ෂයේ ක්‍රියාකාරින් පක්ෂ උන්නතියට අදාළ ක්‍රියාකාරකම් වල යෙදෙන බවත් එම ස්ථානයේ නීති විරෝධි කිසිඳු ක්‍රියාවක් සිදු නොවන බවත් අනාවරණය කෙළේය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එජාප නායකයන්ට මේ ස්ථානයට පැමිණ යථාර්ථය වටහා ගන්නා ලෙස ඇරයුම් කරන බව වැඩිදුරටත් ප්‍රධාන ලේකම්වරයා කීය.
|
NEWS
|
ශ්‍රී ලංකා තරුණයෙක් අමෙරිකාවේ ඔටෝ ඩෙස්ක් ආයතනය විසින් පවත්වනු ලබන පරිගණක සජීවීකරණ නිර්මාණ තරගයෙන් ‘ජුනියර් මාස්ටර්’ සම්මානය දිනයි.මෙම තරගය සඳහා ආසියාවෙන් ම තේරී ඇත්තේ මහනුවර ලේවැල්ලේ පදිංචි විසි එක් හැවිරිදි සමීර රවිහාර වීරතුංග මහතාය.ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. තරඟයට නිර්මාණකරුවන් පන්සීයයකට අධික පිරිසක් ඉදිරිපත් ව ඇත.ඉන්පසු ඔටෝ ඩෙස්ක් ආයතනයේ විනිශ්චයෙන් අවසන් හයදෙනාගේ වටයට සමීර රවිහාර වීරතුංග මහතා ද එක්ව ඇත. අන්තර්ජාල ඡන්ද විමසීමේ දී සියලු දෙනාම අභිබවමින් ඔහු ජුනියර් මාස්ටර් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ..
|
NEWS
|
මධ්‍යම පළාතෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට එ.ජ.නි.ස අපේක්ෂක අනුරාධ ජයරත්න මහතා ඊයේ (22) සමත් විය. ඒ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව 107,644 කි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට උරදුන් මහනුවර දිස්ත්‍රික් ජනතාවට සිය කෘතවේදිත්වය පළ කරන බව නීතිඥ අනුරාධ ජයරත්න මහතා ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශ කෙළේය.2013 මධ්‍යම පළාත් සභා මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ජනවර්ග නියෝජනය කරමින් බහුතර ඡන්ද සංඛාවක් තමාට ලබා දුන් ජනතාවට ස්තුතිය පුද කරන බව හෙතෙම කීවේය.පළමුවරට දේශපාලනයට පිවිසි තමන් දේශපාලන නායකයකු ලෙස මා කන්ද උඩරටින් තෝරා පත් කර ගෙන ඇති අතර ජනතා සේවකයකු ලෙස අනාගතයේ දී සියලු ජනවර්ගවලට අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධන හා අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ජල සම්පාදන, විදුලි බල, කෘෂිකර්මාන්තය නැංවීම, තොරතරු තාක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.විශේෂයෙන්ම බහුතර තරුණ තරුණයන්ගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රමානුකූල සැලසුමක් මත ඔවුන්ගේ ගැටලු විසදීමට පියවර ගන්නා බව ජයරත්න මහතා කියා සිටියේය.නීතිඥ අනුරාධ ජයරත්න මහතා මෙසේ ද පැවැසීය.අස්ගිරි හා මල්වතු මහ නාහිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේ හා මහා සංඝරත්නය, සියලු ආගමික පූජකවරුන් මාගේ දේශපාලන ගමනට ආශිර්වාද කළහ. ඒ වෙනුවෙන් මාගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. මහනුවර දිස්ත්‍රිකය ප්‍රධාන වශයෙන් ජනවර්ග තුනකින් සමන්විත වෙනවා. ඒ ඒ ජන වර්ග අතර ආගමික සහ සංකෘතික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තියෙනවා.මෙවර මැතිවරණයේ දී තවත් අගනා වටිනාකමක් ලැබී තියෙනවා. එය නම් සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අපට හැකිවීමයි. විරුද්ධ පක්ෂයේ හා විදේශ කුමන්ත්‍රණකාරී බලවේගවල කුමන්ත්‍රණ හමුවේ මෙරට ජනතාව අධිරාජ්‍යවා දී රටවලට පැහැදිලි පිළිතුරක් ලබා දී තිබෙනවා.ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ සංවර්ධන ක්‍රමෝපායට ජනතා කැමැත්ත මේ මඟින් ලැබී තියෙනවා. තිස් වසරක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය අවසන් කොට ජනතාවට ලබා දුන් නිදහස තවමත් මෙරට ජනතාවට අමතකවී නැහැ. විපක්ෂය එතරම් බොරු ප්‍රචාර රැගෙන ගියත් ජනතාව රජය කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කර තියෙනවා. අප කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් ක්‍රියා කළ බැවින් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වුණා.මෙවර මැතිවරණයේ දී මා හට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට මාගේ ගෞරවය පුද කරනවා. එමෙන්ම විපක්ෂ කුමන්ත්‍රණ හමුවේ නොබියව ඡන්දය ප්‍රකාශ කළ මහනුවර දිස්ත්‍රිකයේ ජනතාවට මාගේ ස්තුතිය පළ කරනවා..
|
NEWS
|
පෞද්ගලික අංශය සඳහා යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් ප්‍රතිලාභ කිසිවක් අහිමි නොවන බව රජය අවධාරණය කරයි.විශ්‍රාමික සේවකයන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා සද්භාවයෙන් කළ යෝජනාවක් මිස, විශ්‍රාමිකයා පීඩාවට පත් කරන්නක් නොවන බවද රජය අවධාරණය කරයි.මේ නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ප්‍රතිලාභ ලෙස හිමිවන මුදල මිලියන 13.3කි. මෙහි මූලික ප්‍රාග්ධන සඳහා රුපියල් මිලියන 1000ක් ආයෝජනය කිරීමට ඇමැති මණ්ඩලය දැනටමත් තීරණය කර තිබේ.අධිකරණයේ දී නව විශ්‍රාම වැටුප් ක්‍රමය අභියෝගයට ලක්වූ අවස්ථාවේ දී එකඟ වූ පරිදි විශ්‍රාමිකයන්ගේ දරුවන්ට හා කලත්‍රයාටද ප්‍රතිලාභ හිමිවන පරිදි හා සේවකයන් ජීවතුන් අතර සිටිනතාක් කල් විශ්‍රාම වැටුප් ගෙවීම අනිවාර්ය කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමටද රජය පියවර ගෙන තිබේ.මීට විරුද්ධව විපක්ෂය ද්වේශ සහගත අයුරින් ගෙන යන ප්‍රචාරය හේතුවෙන් සේවකයන්ට අනිසි බිය ඇතිවීම වළක්වාලීම සඳහා ද රජය විශේෂ පනතක් සම්මත කිරීමට ද නීතිමය පියවර ගෙන ඇත.ඒ අනුව නව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ පනත්වලට අදාළ විධිවිධාන කිසිවක් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත හා 1983 අංක 12 දරන පාරිතෝෂිත දීමනා ගෙවීමේ පනත්වල විධිවිධානයන්ට අදාළ නොවේ.දැනට අර්ථසාධක අරමුදල් සඳහා සේවක සේව්‍ය දෙපාර්ශවයෙන් සේවක වැටුපෙන් මාසිකව පිළිවෙළින් අයකරන සියයට 8ක් හා සියයට 12ක වැටුප් ප්‍රතිශතය තවදුරටත් අඛණ්ඩව ඒ පරිද්දෙන්ම සේවක ගිණුමට බැර කරනු ලැබේ.රජයේ යෝජිත නව විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා සේවක සේව්‍ය දෙපාර්ශවයෙන්ම සේවක වැටුපෙන් සියයට 2ක ප්‍රතිශතයක් අයකරනු ලබන අතර සේවකයා විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙත ගෙවනු ලබන සේවක අර්ථසාධක මුදලින් සියයට 2ක් පමණක් විශ්‍රාම වැටුප් අරමුදල් සඳහා අඩුකරනු ලැබේ.සේවකයකුට වයස අවුරුදු 60දී විශ්‍රාම වැටුප් ලබාගැනීමේ හිමිකම් ලැබෙන අතර ඒ සඳහා සේවකයකු අවම වශයෙන් වසර 10ක් දායක විය යුතුයි. ඒ අනුව අවුරුදු 10 – 20ත් අතර කාලයක් දායක වූ සේවකයෙකුට තම වැටුපෙන් සියයට 15ක් ද, අවුරුදු 20 – 30ත් අතර කාලයක් දායක වූ සේවකයෙකුට තම වැටුපෙන් සියයට 30ක් ද, වසර 30ට වැඩි කාලයක් දායක වූ සේවකයෙකුට සිය වැටුපෙන් සියයට 60ක්ද වැටුප් වශයෙන් සේවකයා මියයන තෙක් ගෙවනු ලැබේ.මේ ක්‍රමය හඳුන්වා දුන්නද සේවකයා විශ්‍රාම ලබනවිට අර්ථසාධක අරමුදලින් තම මුදල ආපසු ලබාගැනීමටත්, ගිණුම ඇපයට තබා නිවාස හා දේපළ ණය ලබා ගැනීමටත් දරුවන්ට පිරිනමන ශිෂ්‍යත්ව ඇතුළු අනෙකුත් ප්‍රතිලාභ සියල්ලද එලෙසම ලබාගත හැක.ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් පවතින හෙයින් තම සැදෑ සමයේ දී මාසික ආදායමක් ලබාගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් රජය මඟින් ගෙන ඇති මේ පියවරට, විරුද්ධත්වය ප්‍රකාශ කරන විපක්‍ෂය, වැඩිවෙමින් පවතින වැඩිහිටි ජනතාවට සෙත සැලසීමේ විකල්ප යෝජනාද ඉදිරිපත් කළ යුතු බවද රජය තවදුරටත් අවධාරණය කරයි..
|
NEWS
|
ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා රේගුවේ ආදායම රුපියල් මිලියන 510 දක්වා වාර්තාගත ලෙස වර්ධනය වී තිබේ.වසරකට රුපියල් මිලියන 104ක් ඉපැයීමට රේගුව සැලසුම් කර තිබුණත් පසුගිය මාස හතරේදී මිලියන 510ක් ඉපැයීමට ලැබීම රේගුව ලැබූ ජයග්‍රහණයක් බව රේගු ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේන මහතා 'දිනමිණ'ට කීය.අඩු වටිනාකම් ප්‍රකාශ කර තිබූ භාණ්ඩ - ප්‍රකාශ කර තිබූ භාණ්ඩ නොව වෙනත් භාණ්ඩ ගෙන්වීම, ප්‍රකාශ කර තිබූ ප්‍රමාණයට වැඩියෙන් ගෙන්වීමෙන් සහ අනවසරයෙන් ගෙන්වූ සිගරට්වලින් මේ ආදායම ලබා ඇත.මීට අමතරව පොදු මහජනතාව වෙනුවෙන් කළ වැටලීම් මඟින් අල කන්ටේනරයක බහා ගෙන්වූ රුපියල් මිලියන 30ක උපත් පාලන එන්නත් 30000ක් නරක් වූ හාල් මැස්සන් කිලෝග්‍රෑම් 14,000ක් සහ අපනයනයට සූදානම් කර තිබූ ඉවත දැමූ කසල තේ කිලෝ 80,000ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ රේගු ආදායම් අධීක්ෂණ අංශය මෙතරම් ප්‍රගතියක් ලැබූ බව එම අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කීය..
|
NEWS
|
පිළියන්දල – මඩපාත මාර්ගයේ බටකැත්තර පොල්ගහකොට්ටනුව ග්‍රාමයේ රජයේ වගකිවයුතු අංශවල අවධානයට මෙතෙක් යොමුවී නැති ඓතිහාසික ගොනා බැඳී දේවාලය ඉතා දිගු ඉතිහාසයකට නෑකම් කියන පැරැණි දේවාලයකි.පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මේ ඓතිහාසික නෂ්ඨාවශේෂ සහිත දේවාලයේ ඈත අතීතයේ සිට මේ දක්වා නොකඩවා වර්ෂයක් පාසා පෞරාණික චාරිත්‍ර අනුව දේව මංගල්‍ය හා පෙරහර පවත්වාගෙන යනු ලබයි.පරම්පරා 4 ක කපු මහත්වරුන් වන ඩී.ඩී. හෙන්ද්‍රික්, ඩී.ඩී.ඩේවිට්, ඩී.ඩී. වීරසේන හා වර්තමාන කපු මහතා වන ඩී.ඩී. විපුල් ඉරෝෂණ මහතා මේ කටයුතු නොකඩවා චාරිත්‍රානුකූලව කරගෙන යයි.දේවාලය බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරලයේ බටකැත්තර පොල්ගහකොට්ටනුව නම් රමණීය ගම්පියසින් වටව ගොනා බැඳී දේවාලය පිහිටා ඇත.කෝට්ටේ සිය රාජධානිය කරගෙන මේ ප්‍රදේශය පාලනය කළ සත්වන බුවනෙකබාහු රජතුමා සහ ඔහුගේ මහාමාත්‍යාදීන් සමඟ කතරගම සංචාරය කරන අවස්ථාවේ එම පිරිස ගමන්කළ ගැල් ගාල් කොට ගවයන් බැඳ තැබූ ස්ථානයේ ඉන් පසු එම රජතුමා විසින් ගොඩනගන ලද දේවාලය ගොනාබැඳී දේවාලය ලෙස ප්‍රචලිත වීයැයි ජනප්‍රවාදයේ පවතී.කෙසේවුවද මෙය ඓතිහාසික රාජකීය ස්ථානයකට තිබූ බවට සාධක මේ ස්ථානයේ අද දක්නට ඇත.විශාල කලුගල් තලාවක් මත ගොඩනගා ඇති මේ දේවාලය මැද තිබෙන ගලින් කළ රහස් පොකුණ හා එයට බැසීමට තිබූ පඩිපෙළත්, එය වටේට පිහිටා තිබෙන පරිවාර පොකුණු කීපයත් මේ ඓතිහාසික සිද්ධස්ථානයේ ගෞරවනීයභාවයත්, තේජස්වීභාවයත්, ගුප්ත ස්වභාවයත් වැඩි දියුණු කිරීමට හේතුවී ඇත.ඉන් එක් පොකුණක් සැමදා ජලයෙන් පිරී තිබීම විශේෂ සිද්ධියකි.ඓතිහාසික ගොනාබැඳී දේවාලය රජයේ, පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අවධානය යොමු කොට මතුපරපුර සඳහා සංරක්ෂණය කරන ලෙස වර්තමාන කපු ඩී.ඩී. විපුල් ඉරෝෂණ මහතාත් ප්‍රදේශයේ ජනතාවත් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
|
NEWS
|
ලබන අප්‍රේල් මස ආරම්භවීමට නියමිත අයි.පී.එල්. තරගාවලිය සඳහා ඊයේ චෙන්නායි නුවර පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයාගේ වාර්තාව හිමිකර ගැනිමට ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් සමත්විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහුට අමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 13ක) ලංසුවක් තැබුවේය. ඉන්දියා සහ විදේශීය ක්‍රිඩකයන් 101දෙනකු ඉදිරිපත් කර තිබූ මේ වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ සුපිරි දඟපන්දු යවන ක්‍රිඩක අජන්ත මෙන්ඩිස්ය.ඔහු අමෙරිකානු ඩොලර් හත්ලක්ෂ විසිපන්දහසක මුදලකට (රුපියල් කෝටි නවයහමාරක) පූනේ වොරියර්ස් කණ්ඩායමට අලෙවි විය. ඊට අමතරව තිසර පෙරේරා ඩොලර් හයලක්ෂ හැත්තෑපන්දහසක මුදලකට (රුපියල් කෝටි නවයක)සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම විසින් මිලට ගනු ලැබීය. යොවුන් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඩොලර් හයලක්ෂ විසිපන්දහසක (රුපියල් කෝටි 8ක) ලංසුවක් තැබුවේය.මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවිවනු ඇතැයි වැඩිදෙනා අපේක්ෂා කළ ඔස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින් සහ වත්මන් නායක මයිකල් ක්ලාක් පිළිවෙලින් මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම්වලට හිමිවූයේ ඩොලර් ලක්ෂ 4කට පමණි. වැඩිම මුදලකට අලෙවි වූ ඉන්දියා ක්‍රීඩකයා වූයේ අබිෂේක් නායර්ය. ඔහු පූනේ වොරියර්ස් කණ්ඩායම ඩොලර් හයලක්ෂ හැත්තෑපන්දහසක මුදලකට ලබා ගත්තේය.ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රිඩක ජීවන් මෙන්ඩිස් ඩොලර් පනස්දහසක මිලකට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම හිමිකරගත් අතර නවක ක්‍රීඩකයන් වන අකිල ධනංජය සහ කුසල් පෙරේරා ඩොලර් විසිදහසක් බැගින් පිළිවෙලින් චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම් මිලට ගත්හ.මීට පෙර අයි.පී.එල්. තරගමාලාවට එක්වී සිටි උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, සුරාජ් රන්දීව්. රංගන හේරත් සහ ෆර්වීස් මහරූෆ් මෙවර වෙන්දේසියේ දී අලෙවි නොවීය..
|
NEWS
|
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පසුගිය අයවැයෙන් රුපියල් මිලියන තුන්සිය පනහක් පිරිවෙන්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සඳහා වෙන් කර ඇති බවත් සිල්මාතාවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වෙන් කර ඇති බවත් පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවසූහ.මේ ක්‍රියාමාර්ග මඟින් සෙත සැලසෙන මුළු පිරිවෙන් ගණන 750ක් වන අතර ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන් ගණන 64000ක් පමණ වන බව මේ හිමියෝ සඳහන් කළහ.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී ය.පිරිවෙන් ගුරු සේවයට පාසල් ගුරු සේවය හා සමාන වරප්‍රසාද ලබා දීමේ චක්‍රලේඛය මේ මස21 වැනි දින පස්වරු 2.30 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී නිකුත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත. මේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව සෝමානන්ද හිමියෝ කීහ.මෙතෙක් පිරිවෙන් ගුරුවරු නොලැබූ උත්සව අත්තිකාරම්, රජයේ සේවක දේපළ ණය, නිදහස් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර, මැතිවරණ සහ විභාග කටයුතුවලට සහභාගිවීමට නව චක්‍රලේඛය මඟින් හිමි වනු ඇත.පිරිවෙන්වල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් සකස් කළ චක්‍රලේඛය මඟින් තෝරාගත් පිරිවෙන් සඳහා රුපියල් ලක්ෂ පහ දක්වා ප්‍රතිපාදන ලබා දීමට සලසා ඇති අතර ගොඩනැඟිලි හා උපකරණ ලබා දීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, නවීන ලෝකයට මුහුණදීමට හැකි වන පරිදි නවීන තාක්ෂණික දැනුම ලබා දීම සඳහා පරිගණක වැනි උපකරණ ලබා දීම ආදිය සිදු කිරීමට අපේක්ෂිත බවත් ඒ හිමියෝ කීහ.මේ යටතේ එම ක්ෂේත්‍රය සංවර්ධනය කිරිම සඳහා වැදගත් ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව මේ දක්වා පැවිදි පිරිවෙන් ශිෂ්‍යයෙකුට ලබාදුන් රුපියල් 1250 ක වාර්ෂික දීමනාව රුපියල් 2500 දක්වා ඉහළ නංවා ඇත. ගිහි ශිෂ්‍යයෙකුගේ දීමනාව රුපියල් 250 සිට 500 දක්වා වැඩි කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.මේ අවස්ථාවේදී සංඝයා වහන්සේ පිරිසක් සහභාගි වූ අතර අදහස් ද දැක්වූහ..
|
NEWS
|
හෙරොයින් ග්‍රැම් 523.5ක් ජාවාරම් කිරීම සහ ළඟ තබා ගැනීමට වරදකරු වූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු පි‍්‍රති පද්මන් සූරසේන මහතා ඊයේ (25) මරණීය දණ්ඩනය නියම කළේය. මරණ දඬුවම ලැබුවේ ගංගොඩ ලියනගේ පද්මසිරි නමැති අංගොඩ කොටිකාවත්තේ පදිංචිකරුවකු වන හතළිස් අට හැවිරිදි විවාහක පුද්ගලයෙකි. විත්තිකරුට නියම වූ මරණ දඬුවම ජිවිතාන්තය දක්වා සිර දඬුවමකට පරිවර්තනය කෙරේ නම්, විත්තිකරුට චෝදනා දෙකට වෙන් වෙන් වශයෙන් සිර දඬුවම ක්‍රියාත්මක විය යුතු බවටද විනිසුරුවරයා නියම කළේය.හෙරොයින් ග්‍රෑම් 523.5ක් 2003.09.28දා ජාවාරම් කිරීම සහ ළඟ තබා ගැනීම යන අධිචෝදනා නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට සහ රෝයි රත්නම් සමාදානන් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්ව තිබිණි.පද්මසිරිට එරෙහිව අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරු අධිචෝදනා දෙකටම වරදකරු කළේය. සමාදානන් නමැති විත්තිකරු අධිචෝදනාවලින් නිදොස් කර නිදහස් කෙරිණි.රජයේ අධිනීතිඥ ෂානක ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය විය..
|
NEWS
|
මහියංගණ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු නිල ඇඳුමින් යුතුව බලපත්‍ර නොමැතිව තේක්ක ලෑලි 278ක් ලොරි රථයක පටවා රැගෙන එමින් සිටියදී තෙල්දෙණිය පොලිසිය ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.එම පොලිස් නිලධාරියා මහියංගණ ප්‍රදේශයෙන් අදාළ දැව තොගය පටවා කටුගස්තොට ප්‍රදේශයට රැගෙන විත් තිබෙන බව පොලිස් පරීක්‍ෂණ මගින් අනාවරණයවී තිබේ.මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩී. ඩබ්ලිව්. සී. ධර්මරත්න මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.අදාළ පොලිස් නිලධාරියා නීතිවිරෝධී ලෙස මෙම දැව තොගය රැගෙනඑමින් සිටියදී වාහනය පරීක්‍ෂා කළහොත් ඉදිරිපත්වීම සඳහා නිල ඇඳුමින් පැමිණ ඇති බව පොලිසිය පවසයි..
|
NEWS
|
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය නව මුහුණුවරකින් යුතුව හෙට (17) සිට මාර්තු මස 28 වැනිදා දක්වා පැවැත්වේ.මෙරට ප්‍රධාන පෙලේ ක්‍රීඩා සමාජ 14ක් තරග වදින මේ තරගාවලියට වැඩි තරගකාරිත්වයක් ඇති කිරීමේ අරමුණින් පළමු වරට ‘සුපිරි 8’ තරග වටයක් ඇතුළත් කර තිබේ.එක් කොටසකට කණ්ඩායම් හත බැගින් ‘ඒ’ හා ‘බී’ ලෙසින් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ. තරගාවලියේ මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 6කට සහභාගී වේ. අනතුරුව කාණ්ඩ දෙකෙහි ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 බැගින් ‘සුපිරි 8’ වටයට එක්වන අතර සෙසු කණ්ඩායම් හය ‘ප්ලෙට්’ ශූරතාව සඳහා තරග වැදීමට නියමිතය. තුන්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙන තරගාවලියේ සුපිරි 8 වටයේ තරග පමණක් සිවුදින තරග ලෙසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.තරගාවලියේ 'ඒ' කාණ්ඩයට බ්ලූම්ෆීල්ඩ්, පානදුර, රාගම, එස්.එස්.සී, ද්‍රවිඩ සංගම්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, හලාවත මේරියන්ස් කණ්ඩායම් ඇතුළත් වන අතර 'බී' කාණ්ඩයෙන් කෝල්ට්ස්, යුද හමුදාව, ගුවන් හමුදාව, මුවර්ස්, එන්.සී.සී, කොළඹ ක්‍රීඩා සමාජය, බදුරලිය ක්‍රීඩා සමාජ තරග වදිති.මේ දිනවල ඩුබායිහි සංචාරයක නිතරවීමත්, ඉදිරියේදී බංග්ලාදේශයේ තරගවලට සහභාගී වීමත් හේතුවෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසකට මේ තරගාවලියේ මූලික වටයේ තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ. කෙසේවෙතත් නව මුහුණුවරකින් යුතුව පැවැත්වෙන බැවින් මෙවර තරගාවලියේ තරගකාරිත්වයට ඉන් බලපෑමක් සිදුනොවනු ඇතැයි වාර්තාවේ.හෙට පැවැත්වෙන තරග‘ඒ’ කාණ්ඩය බ්ලූම්ෆීල්ඩ්-පානදුර (බ්ලූම්ෆීල්ඩ් පිටිය), රාගම-එස්.එස්.සී (එස්.එස්.සී පිටිය), ද්‍රවිඩ සංගම්-ශ්‍රී ලංකා වරාය අධිකාරිය (පී.සරා)‘බී’ කාණ්ඩය-කෝල්ට්ස්-ශ්‍රී ලංකා යුද හමුදාව (කෝල්ට්ස් පිටිය), මුවර්ස්-ශ්‍රී ලංකා ගුවන් හමුදාව (මුවර්ස් පිටිය), එන්.සී.සී-කොළඹ ක්‍රීඩා සමාජය.
|
NEWS
|
ගල්නෑව ඉහළ කලංකුට්ටිය, තම්මැන්නාව ප්‍රදේශයේ පුරාණ නටබුන් ඇති ස්ථානයක තිබී රන්බුදු පිළිමයක් හමුවී ඇතැයි ගල්නෑව පොලිසිය පවසයි. කිලෝ ග්‍රෑම් එකක් පමණ බරැති එය හිඳි පිළිමයකි. මෙම රන් පිළිමය පෙරේදා (23) සවස 4.30 ට පමණ එම ප්‍රදේශයේ සිල් මාතාවකට හමුවී තිබේ. පසුව පොලිසියට එය භාර දී ඇති අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත්කිරීමට කටයුතු යොදා ඇති බව පොලිසිය පවසයි.පිළිමය අඟල් හතරක් පමණ උස බවත් අඟල් තුන හමාරක් පමණ පළලකින් යුක්ත බවත් පොලිසිය සඳහන් කරයි. මෙම රන් බුදු පිළිමය ඊයේ (24) පෙරවරුවේ සිට ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්‍ෂා සහිතව තැන්පත් කර තිබෙන බව ද පොලිසිය කියා සිටී.ගල්නෑව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. පී. ගන්දරවත්ත මහතාගේ මෙහෙයවීම මත පොලිස් නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති..
|
NEWS
|
ජනසතු සේවා ටේබර් ටෙනිස් සංගමයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (10) ප. ව. 6.30 ට කොළඹ සී විව් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එච්. එම්. හෙන්නායක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ත්‍යාග ප්‍රදානයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ලයනල් චන්ද්‍රසිරි මහතා සහභාගිවීමට නියමිතව ඇත.ජනසතු සේවා ටේබල් ටෙනිස් සංගමය 2009 සහ 2010 වසරවලදී සංවිධානය කරන ලද තරගාවලි 07 ක ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය මෙදින සිදු කෙරේ. මේ ත්‍යාග ප්‍රදාන රාත්‍රිය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ මහජන බැංකුව ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර තවත් අනුග්‍රාහක ආයතන කිහිපයකත් සහයෝගය මේ සඳහා ලැබී ඇති බව ජනසතු සේවා ටේබල් ටෙනිස් සංගමය කියයි..
|
NEWS
|
පන්දු යවන්නකු ලෙස ප්‍රකට අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට ලකුණු අවශ්‍යව තිබූ මොහොතකදී ඊයේ පිත්තෙන් දැක් වූ දක්ෂතාව පී. සරා ඕවල් ක්‍රීඩාංගණය වර්ණවත් කළේය. එමෙන්ම මෙන්ඩිස්ගේ පිත්තෙන් වාර්තා රැසක් බිහි වූ අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනයේ වීරයා ලෙස කාගේත් ආදරයට පාත්‍ර විය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී මුල් පෙළේ ප්‍රබල පිතිකරුවන් අඩු ලකුණු ගණනාවකට දැවී යද්දී තිලාන් සමරවීර ලකුණු 83ක්ද අජන්ත මෙන්ඩිස් ලකුණු 78ක් ද ලබා බලාපොරොත්තු ඉහල දැමූහ.තිලාන් හා මෙන්ඩිස් අතර 9 වැනි කඩුල්ලට ලකුණු 118ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර එය එම කඩුල්ලට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකුගේ වාර්තාවකි. මෙයට පෙර 9වැනි කඩුල්ලට ලකුණු 105ක සම්බන්ධතාවක් ගොඩනගා තිබුණේ නුවන් කුලසේකර හා චමින්ද වාස් 2006 මැයි 11දා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදීය. මෙන්ඩිස් අංක 10 පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව ද බිඳහෙළීය. නුවන් කුලසේකර ලකුණු 64ක් එංගලන්තයට එරෙහිව ලබා එම වාර්තාව තබා තිබුණි.ලෝකයේම අංක 10 ටෙස්ට් පිතිකරුවන් අතුරින් ඉන්දියාවට එරෙහිව වැඩිම ලකුණු ලාභියාද අජන්ත ලෙස ඉතිහාසගත විය. බටහිර ඉන්දීය කොදෙව් හි ඇන්ඩි රොබට්ස් 1983 දී දෙසැම්බර් 10දා කල්කටාවේදී ලකුණු 68ක් ලබා ඉන්දියාවට එරෙහිව මේ වාර්තාව තබා තිබුණි.අජන්ත මෙන්ඩිස් ලකුණු 78 වාර්තා කිරීම මිනිත්තු 174ක් කඩුල්ලේ රැඳී සිටි අතර පන්දු 157කට මුහුණ දී හතරේ පහර 10ක් හා හයේ පහරක් එල්ල කළේය. තිලාන් පන්දු 139කදී හතරේ පහර 6ක් එල්ල කෙළේය.මේ දෙදෙනාගේ දක්ෂතාව හේතුවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 267 දක්වා ඉහළ ගියේය. ඉන්දියාවට තරගයේ ජයග්‍රහණය පිණිස ලකුණු 257ක ඉලක්කයක් එල්ල විය.සටන්කාමී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ සිවුවැනි දිනය නිමාවෙද්දී ඉන්දීය පිතිකරුවන් 3ක් ලකුණු 35කට දවාලූහ. ඉන්දීය පිල අසරණ කරමින් සුරාජ් රන්දීව් කඩුලු තුනම බිඳහෙලීය.ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ෂොවාග්, විජේ හා ඩ්‍රාවිඩ් දැවී ගියහ.ඉන්දියාව තවත් කඩුලු 7ක් තුළදී ලකුණු 204ක් ජයග්‍රහණය උදෙසා ලබාගත යුතුය.ඊයේ දිවා විවේකයට පෙර ශ්‍රී ලංකා පිලේ කඩුලු 6ක් දවාගෙන පීඩනය වැඩිකිරීමට ඉන්දීය දඟ පන්දු යවන්නෝ සමත්වූහ. මුල්ම කඩුලු තුන දවා ගැනීමට ප්‍රග්යන් ඕජා සමත්විය. සංගක්කාර හා මහේල දුර්වල පහර එල්ල කරමින් කඩුලු පූජා කළ අතර රන්දිවි ඕජාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී මුලින්ම දැවී ගියේය. පෙරේදා ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඉක්මනින් ක්‍රීඩාගාරයට යැවුනි’ “නයිට් වොච්මන්” ලෙස පිටියට පිවිසි සුරාජ් රන්දීව් ඊයේ ලකුණු 6 කට මුලින්ම දැවී ගියේය.ඕජාගේ පන්දුවකට ස්ලිප් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් අතට උඩ පන්දුවක් දී මහේල ජයවර්ධන දැවීගියේ ලකුණු 5 ක් ලබා සිටියදීය. එවිට ශ්‍රී ලංකාව කඩුලු 4 කට ලකුණු 77 කි. සංගක්කාර හා තිලාන් අතර 5 වැනි කඩුල්ලට ලකුණක් එක්වෙද්දී සංගක්කාර ස්වීප් පහරක් එල්ල කර ස්කුයාර් ලෙග් හි පන්දු රැකී රෙයිනා අතට උඩ පන්දුවක් දී ලකුණු 28 කට දැවී ගියේය. සංගක්කාර මිනිත්තු 79 කදී පන්දු 39 කට මුහුණ දී හතරේ පහරක් එල්ල කළේය.ඇන්ජලෝ මැතිව්ස්ට ද ඊයේ දිනය එතරම් යහපත් නොවු අතර ඔහු මිෂ්රා එවූ පන්දුවකට මිඩ්විකට් හි සිටි තෙන්ඩුල්කාර්ට උඩ පන්දුවක්දී ලකුණු 5 කට දැවී ගියේය. මිෂ්රා එවූ ඊළඟ පන්දුවේදී ප්‍රසන්න ජයවර්ධන කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. මිෂ්රාගේ හැට්ට්‍රික් බලාපොරොත්තුව බිඳහෙලුවේ ලසිත් මාලිංගය. එහෙත් මාලිංග ඊයේ දිවා විවේකයට කලින් ෂෙවාග්ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් ගොදුරුවීම පීඩනය වැඩිවීමට හේතුවිය. මාලිංග පන්දු 37 කදී හතරේ පහර 2ක් සමග ලකුණු 15ක් ලැබීය.ඉන්දීය පන්දු බල ඇණියේ සියලු ගෞරව දඟ පන්දු යවන්නන්ට හිමිවිය. ඕජා ෂෙවාග් හා මිෂ්රා කඩුලු තුන බැගින් බිඳහෙලූහ. ඕවර් 8ක් යැවු මිතුන් තිලාන් සමරවීරගේ කඩුල්ල දවාගැනීම ඉන්දියාවට යම් තරමක වාසියක් විය.අද මේ තරගයේ තීරණය ලැබෙන අවසාන දිනයයි..
|
NEWS
|
ප්‍රංශයේ “තමිල් නිවහන” සංවිධානයෙන් මූල්‍ය ආධාර ලබාගනිමින් දමිළ සරසවි සිසුන් අතර ජාතිවාදී අරගලයක් ඇතිකිරීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව විශ්වවිද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය ඊයේ (18) මාධ්‍ය හමුවක දී හෙළි කළේය.මේ අයුරින් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක අතකොලුවක් වෙමින් මොවුන් අර අදින්නේ ජාත්‍යන්තර වශයෙන් දේශපාලන වාසි ලබාගැනීමට බවද එම ව්‍යාපාරය පෙන්වා දෙයි.සිංහල ශිෂ්‍යයින් අතර මෙවැනි අරගලයක් ඇතිකිරීමට නොහැකි යැයි අන්තරය මේ වනවිටත් වටහාගෙන ඇතැයි පැවසූ සිසු හැරවුම් ව්‍යාපාරයේ කැඳවුම්කරු යුක්ති ඒකධීර සිසුවා, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඇතිකිරීමට නොහැකි වූ අරගලය, යාපනය විශ්වවිද්‍යාල සිසුන් මූලික කර ගනිමින් ඇතිකිරීමට අන්තරය නිිරර්ථක උත්සාහයක යෙදුණු බවද සඳහන් කරයි.පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් කීපදෙනෙක් අත්අඩංගුවට ගැනීම මගින් සිදුවී ඇත්තේ රජය අන්තරේ ලණුව කෑ බවක් යැයි පවසන යුක්ති ඒකධීර සිසුවා, මේවාට පැලැස්තර නොව ස්ථිරසාර විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු යැයි ද පෙන්වා දෙයි.ත්‍රස්ත සංවිධානයකින් මුදල් හා උපකාර ලබාගනිමින් විශ්වවිද්‍යාල සිසුන් අතර ජාතිවාදී අරගලයක් ඇතිකිරීමට කටයුතු කරන අන්තරේ ක්‍රියාකලාපය අමු අමුවේ හෙළාදකින බවද විශ්වවිද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය වෙනුවෙන් ඒකධීර සිසුවා ප්‍රකාශ කළේය.එමෙන්ම නායකත්ව පුහුණු වැඩසටහන මගින් විශ්වවිද්‍යාල සිසුන් රටට ආදරය කරන පිරිසක් බවට පත්වීමේ මූලික අත්තිවාරම නිර්මාණය වන බව පෙන්වාදෙන සිසු හැරවුම් ව්‍යාපාරය, මෙමගින් රොබෝ ශිෂ්‍ය කණ්ඩායමක් බිහිවන්නේ යැයි ගැටළුකාරී දේශපාලන මතයක සිටින අන්තරය සඳහන් කරන බව ද පවසයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන සිසු හැරවුම් ව්‍යාපාරය මෙසේද පවසයි.නායකත්ව පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි රජයට ස්තුතිය පිරිනමනවා. මේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින්නේ නායකත්ව පුහුණුව ලැබූ එක කණ්ඩායමක් පමණයි. ඒ නිසා මෙහි ප්‍රතිඵල ඇසීම තවම සාධාරණ නෑ.නවක වදය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කළ යුතුයි. මෙය ශාරීරික වධහිංසා දක්වා දුරගොස් තිබෙනවා නවක වධයෙන් අද වනවිට සිසුන් 10 දෙනෙක් මියගොස් 25 දෙනෙක් අබ්බගාත වී සිටිනවා. තවත් 6000ක පිරිසක් සරසවිය හැරදමා ගිහින්. මේ ඉරණම අත්වෙනතුරු විශ්වවිද්‍යාල පරිපාලනය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කොහෙද හිටියෙ?දේශපාලනීකරණය වූ අන්තරයට විශ්වවිද්‍යාල මෙහෙයවන්න පුළුවන් මේ නවකවදය තියෙනකම් පමණයි.විශ්වවිද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය නවක වදයට එරෙහිව ජනවාරි මාසයේ උද්ඝෝෂණයක් පවත්වනවා.ගෝත්‍රික අසංස්කෘතික කණ්ඩායමක් සංස්කෘතික කිරීම යැයි නායකත්ව පුහුණු වැඩසටහන අර්ථකථනය කරන අන්තරයේ කූට උපක්‍රම අපි දැඩිව හෙළාදකිනවා.අන්තරය යාපනයේ දී ඇද්දේ මුට්ටිය විතරයි. තව හට්ටිත් ඇදිය හැකියි. ඒ නිසා අපි ආණ්ඩුවට පක්ෂයි..
|
NEWS
|
අන්තර් පාසල් අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශූරතාව හිමිකර ගැනීමට හ/සූරියවැව ජාතික පාසල සමත්විය. තංගල්ල ම.වි, බඳගිරිය ම.වි, මිද්දෙණිය ම.වි සහ කතරගම ම.වි පරාජය කිරීමට සූරියවැව ජාතික පාසලට හැකිවිය. ඡයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායම විදුහල්පති කේ.එස්.එම්.ජයසිරි, ආචාර්ය විතාරන්දෙණියේ වජිරවංශ හිමි ඇතුළු ක්‍රීඩා ගුරු මහත්ම මහත්මීහුද මෙහි වෙති..
|
NEWS
|
ශ්‍රී ලංකා මුහුදු කලාපයට බාහිරින් එල්ලවිය හැකි බලපෑම් වළකාලීම සඳහා නිතර නිරීක්ෂණයේ යෙදෙන නාවික හමුදාව දිගදුර නිරීක්ෂණ යාත්‍රා යොදාගනිමින් 'ආවේක්ෂණ ' රාජකාරි කටයුතු තරකර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය දිනමිණට පැවැසීය.රට වටා ඇති මෙරට මුහුදු තීරය ආවරණය වන පරිදි යොදා ඇති මෙම විශේෂ ආරක්ෂාවට අමතරව දකුණු දෙසින් ගමන් කරන අන්තර් ජාතික වෙළඳ නෞකා වලට ආරක්ෂාව හා පහසුකම් සැලසීමේ කටයුතු ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරයි.මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ ගෙන එන මත්ද්‍රව්‍ය ඇතුලු විවිධ තහනම් දෑ අත්අඩංගුවට ගැනීමටද විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර විශේෂයෙන් මෙරටට ආවේණික මත්ස්‍ය සම්පත ශ්‍රීලංකා ධීවරයින්ට නෙලාගැනීමට හැකිවන පරිදි ආරක්ෂා කිරීමේ කටයුතු නාවික හමුදාව සිදුකරයි.මේ අනුව රහසේ මෙරට මුහුදු තීරයට ඇතුල්ව මසුන් මරන ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම නිරන්තරයෙන් සිදුකරන බව වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් කීය..
|
NEWS
|
පෞද්ගලික බස් රියදුරු කොන්දොස්තර මහත්වරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය කඩිනමින් ක්‍රියාවට නැංවීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇත.මේ වැඩසටහන යටතේ දිනපතා බස් හිමියන් සේවකයන්ට සමුපකාර ග්‍රාමීය බැංකුවේ රුපියල් සියය (100) බැගින් තැන්පත් කළ යුතු යැයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල මහතා පවසයි.රියැදුරු කොන්දොස්තර මහත්වරුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාවට නැංවනු ඇත.බොහෝ බස් සේවකයන් ප්‍රවේශ පත්‍ර නොදී වංචා සිදුකරන්නේ රැකියාවේ අස්ථිරතාව නිසාය.රැකියාව සුරක්‍ෂිත කිරීමෙන් ඔවුන් මගියාටත්, බස් හිමියාටත් අවංකව රැකියාව කරනු ඇතැයි ද අමිල මහතා කීය..
|
NEWS
|
මාතලේ විජයපාල ම.වි 2011 අන්තර් නිවාසයීය ක්‍රීඩා උළෙල අද (මාර්තු 15) මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගැමුණු, තිස්ස,, පැරකුම් හා මහසෙන් යන නිවාස අතර පැවැත්වෙන මෙම තරගාවලිය විදුහල්පති ඩබ්.ජී. ධර්මපාල මහතාගේ උපදෙස් මත සරත් රත්නවීර සහ උදේශිකා රණසිංහ යන ක්‍රීඩා උපදේශක මහත්ම මහත්මීන් විසින් සංවිධානය කෙරේ.අද පස්වරු 1.00ට ආරම්භ වන මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සහභාගි වේ..
|
NEWS
|
කළුතර මහා විදුහල හා කළුතර තිස්ස විදුහල අතර 53වන වරටත් පවත්වනු ලබන මැංගුස් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 9-9 දිනයන් හි කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 52කදී කළුතර තිස්ස විදුහල තරග 6ක් ද කළුතර මහා විදුහල තරග 22ක් ද ජයලබමින් ඉදිරියෙන් සිටී.මෙවර කළුතර විදුහලේ නායක ලෙස චාමර විතානගේ හා තිස්ස විදුහලේ නායකයා ලෙස කසුන් තිවංක කටයුතු කරයි.කළුතර මහා විද්‍යාලයේ ප්‍රබල ක්‍රීඩකයන් වන චාමර විතානගේ (නායක) , ඉසුරු බුද්ධික, හෂාන් හර්ෂණ, ළහිරු සංගීත් කැපී පෙනෙන අතර නායක චාමර විතානගේ ලකුණු 500 සීමාව සහ කඩුලු 34ක් ලබා ගනිමින් තුන්ඉරියව් දස්කම් දක්වා ඇති අතර මොහු හයවන වසරේ ක්‍රීඩකයෙකි.ඉසුරු බුද්ධික කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන අතර පිත්තෙන් ලකුණු 500 සීමාව ඉක්මවා ඇත. හෂාන් හර්ෂන තුන් ඉරියව් ක්‍රීඩකයා පිත්නේ ලකුණු 500 ඉක්මවා ඇත. පන්දුවෙන් කඩුලු 31ක් ද ලබා ඇත. ළහිරු සංගීත් පන්දුවෙන් කඩුලු 50 සීමාව ඉක්මවා ඇති අතර කලුතර මහා විද්‍යාලයේ වැඩිම කඩුලුලාභියා ද වේ.ඊට අමතරව පිත්නේද ලකුණු 250සීමාව ඉක්මවා ඇත. කළුතර විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නිමල් දාබරේ මහතා කටයුතු කරයි.කළුතර තිස්ස විදුහල් කණ්ඩායම කසුන් තිවංක මෙහෙයවන අතර මෙවර තරගාවලියේදී එක් තරගයක් සහ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ 7ක් ද තරග 2ක් පරාජය වූ අතර තරග 2ක් ජයපරාජයෙන් තොරව නිමා විය.මෙවර තරගාවලියේදි නායක කසුන් තිවංක එක් ශතකයක් හා අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 750 සීමාව ඉක්මවා ඇත. තිස්ස මධ්‍ය විද්‍යාලයේ කැපී පෙනෙන පිතිරුවෙක් ලෙස යසිත් චමෝද ශතක 2ක් හා අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 800 සීමාව ඉක්මවා ඇත. පන්දු යැවීමේදී තුෂාර සම්පත් හා රසින්ද ගයාෂාන් කඩුලු 50 සීමාව ඉක්මවා ඇත.තිස්ස විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස රවීන්ද්‍ර සිමන් මහතා කටයුතු කරයි. .
|
NEWS
|
ඇනටර්ලි කාපෝව් හා ලංකා චෙස් පදනමේ සභාපතිනි චෙස් ඔලිම්පියාඩ් රන් පදක්කම්ලාභී සුනීතා විජේසූරිය රචිත චෙස් පස්ල්ස් තමිල්නාඩු චෙස් සංගමයේ හිටපු මහලේකම් මුනුවල් එරන් මහතාට ප්‍රදානය කළ අවස්ථාව. චෙන්නායිහී පැවැති චෙස් තරගාවලියකට ද එක්වූ ඇය එකවර ක්‍රීඩිකාවන් 15 ක් සමග ක්‍රීඩාකර තරග 14 ක් ජයගෙන තරගයක් ජය පරාජයෙන් තොරව නිමාකිරීම ද විශේෂත්වයකි..
|
NEWS
|
පාසල් ක්‍රීඩා උත්සව සඳහා සිසු සිසුවියන් යොදා ගැනීමට පෙර ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් වහාම සකසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට ඊයේ (27) උපදෙස් දුන්නේය.අරණායක ප්‍රදේශයේ පාසලක සිසුවියක් නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට පුහුණු වීම් සඳහා සහභාගී වෙමින් සිටියදී මිය යාමේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරයාට මෙසේ උපදෙස් දී තිබේ.මෙම සිදුවීම දිනමිණ පුවත්පත ඊයේ සිය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කර තිබුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරයා වෙත මෙම උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා පැවසීය.මෙවැනි සිදුවීම් යළි වාර්තා වීමට ඉඩ නොතබන ලෙස අවධාරණය කර ඇති ජනාධිපතිවරයා මේ කටයුතු සඳහා ක්‍රීඩා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ දායක කර ගන්නා ලෙසත් ඇමැතිවරයාට උපදෙස් දුන් බව ඒ මහතා දිනමිණට ප්‍රකාශ කළේය.පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලට සහභාගී වෙමින් සිටි සිසුවියන් දෙදෙනකු මිය යාමේ සිදුවීම් මේ වසර තුළ වාර්තා වූ අතර අරණායක රිවිසඳ ජාතික පාසලේ සහ හලාවත ආනන්ද විදුහලේ සිසුවියෝ දෙදෙනක් මේ අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දුන්හ. .
|
NEWS
|
වසර ගණනාවක් වසා දමා තිබූ අම්පාර සිනී කර්මාන්ත ශාලාව සිය නිශ්පාදන කටයුතු අරම්භ කරනු ලැබුවේ මීට වසර දෙකකට පෙරය. 2014 වර්ෂයේ උක් ඇඹරැම පසුගියදා උත්සවශ්‍රීයෙන්සිදු වුණි.නැගෙනහිර නවෝදය යටතේ 2007 වර්ෂයේ දී උක් වගා කිරීම ආරම්භ කෙරිණි. එදා එක් ඉඩමකින් පටන් ගත් උක් වගාවේ මේ වන විට උක් අක්කර 4000 කට ආසන්න ප්‍රමාණයක් උක් වගා කර තිබේ.මේ වර්ෂය අවසාන වන විට අක්කර 5200ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ.2012 වර්ෂයේ උක් ඇඹරුම පර්යේෂණ මට්ටමේ සිදුවු අතර 2012 වර්ෂයේ සිනී ටොන් 35000ක් නිෂ්පාදනය කර තිබුණී. එය 2013 වර්ෂය වන විට සිනී ටොන් 10000 ක ඉලක්කයට යාමට කර්මාන්ත ශාලාව ශක්තිමත් වී තිබේ.2014 වර්ෂයේ සිනී නිශ්පාදනය ටොන් 20000 දක්වා වැඩි කර ගැනීමට ඉලක්කකර තිබෙන බව ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ගාමිණි රත්නායක මහතා පැවැසීය. එය 2015 වන විට සිනී ටොන් 30000 දක්වා වැඩි කිරීමටත් එතනෝල නිශ්පාදනය ආරම්භ කිරීමටත් කටයුතු සූදානම් කර තිබේ.කර්මාන්ත ශාලාවේ මුළු සේවක පිරිස 1000කට ආසන්න වන අතර උක් ගොවින් 4000ක් පමණ උක් වගාවට යොමු වී තිබේ. විවිධ බාධක මධ්‍යයේ ආරම්භ කරනු ලැබූ හිගුරාණ උක් කර්මාන්ත ශාලාවෙන් ප්‍රදේශයේ ආර්ථකය නගා සිටුවීමට හැකි වීම පිළිබද ප්‍රදේශයේ ගොවි ජනතාව සතුට පළ කර සිටිති.ඇඹරැම් උත්සවයට සහභාගි වූ ගල්ඔය වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂ හා ඇඹිලිපිටියේ නගර සභාවේ උප නගරාධිපති ලලිත් ගමගේ මහතා මෙසේ කීය.2007 වර්ෂයේ එම කර්මාන්ත ශාලාව නැරඹීට ආපු මට දැකගන්න ලැබුණේ යකඩ ගොඩක්මේ යකඩ ගොඩ නැවත ක්‍රමවත් කරන්න කියලා ජනාධිපතිතු මට උපදෙස් දුන්නා. මම බය නොවි මේ භාර්ය දූර්ය කාර්යට අත තැබූවේ ජනාධිපතිතුමාගේ විශ්වාසය නිසා. එදා අපට උක් වගා කරන්න ගොවියෙක් සොයාගන්න බැරි යුගයක් තිබුණා.බෙහෝම අමාරුවෙන් අක්කර 2 1/2 කින් වගාව ආරම්භ කළේ. මෙය නගා සිටුවීමට කළ යුතු කාර්යක් නිසා. සේවකයන් 1000ක් පමණ මේවන විට බදවාගෙන තිබෙනවා.වක්‍ර රැකියා අවස්ථා 20000ක් පමණ ඇතිවෙලා තියෙනවා. පාන් රාත්තලක් විකුනන්න බැරිව සිටිය හිගුරාණ නගරය අද නොනිදන නගරයක් වෙලා.අපේ ඉලක්කය 2015 වන විට රටේ සීනී අවශ්‍යතාව 5% ක් මේ කර්මාන්ත ශාලාවෙන් ලබා දෙන්නයි. මේ වන විට මේ කර්මාන්ත ශාලාවට ලක්ෂ 290000 ක් පමණ ආයෝජනය කරලා තියෙනවා.සෑම වර්ශයකම කර්මාන්ත ශාලාව නවීකරනය කරන්න ලක්ෂ 200000 ක් විතර වියදම් වෙනවා මෙවැනි විශාල මුදලක් පෞද්ගලික ආයතනයක් විසින් ආයෝජනය කරන්න රජය පිළිබදවත් ජනාධිපතිතුමා පිළිබදවත් විශ්වාසයක් තිබිය යුතුයි..
|
NEWS
|
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලූම කර්මාන්ත ශාලා පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂණයක් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සිදුකිරීමට ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරිය හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව කටයුතු සුදානම් කර ඇත.දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 ග්‍රාම නිලධාරි වසම් 1077ක් ආවරණය වන පරිදි එක් වසමකට තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර එමගින් අදාළ කර්මාන්ත ආයතන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සිදුවේ.මේ පිළිබඳ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරින් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ආපදා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 14දා බියගම ප්‍රා.ලේ. කාර්යාලයේ දී පැවැති අතර මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි ස්වර්ණා රාජපක්ෂ මහත්මිය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.අදාළ කමිටුව මඟින් කර්මාන්ත ශාලා වෙත ගොස් නිසි බලධාරින් හමුවී ඔවුන් වෙත ප්‍රශ්නාවලියක් යොමුකර අදාළ තොරතුරු එම කර්මාන්ත ශාලා භූමිය තුළදීම පිරවිය යුතු අතර කර්මාන්තයේ ස්වභාවය අනුව අප දියර, වායු විමෝචනය, ශබ්දය හා කම්පනය ඝන අපද්‍රව්‍ය, දූවිලි හා දුඟද කරුණුද පරිසර දූෂණය ඝන අපද්‍රව්‍ය, අපජලය වෙනුවෙන් යොදා ඇති ක්‍රමෝපාය මොනවාද යන්න පිළිබඳවත් ඒවා පාලනය කිරීම සඳහා යොදා ඇති ක්‍රමෝපාය කවරේද යන්න පිළිබඳවත් මෙහිදී සැලකිලිමත් වේ.කර්මාන්තයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසර ආරක්ෂණ බලපත්‍රය, ගොඩනැගිලි අනුකූලතා සහතිකය, වෙළෙඳ බලපත්‍රය ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ පවත්වාගෙන යනවාද යන්න පිළිබඳවත් මෙහිදී සොයා බැලේ.මෙම වැඩමුළුවේදී අදහස් දැක්වූ ආපදා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා මෙසේ කීවේය. රතුපස්වල අදාළ කර්මාන්තායතනයෙන් බැහැරකරන අපද්‍රව්‍ය පිළිබඳ එහි පාලනාධිකාරිය අවධානයෙන් සිටියානම් මෙවැනි ඛේදවාචකයක් සිදුනොවනු ඇති බව පැවැසීය. ආයතනයේ අපද්‍රව්‍ය කොන්ත්‍රාත්කරුවකු මගින් බැහැර කළත් එම ක්‍රියාවලිය ගැන කර්මාන්ත ආයතනයේ පාලනාධිකාරිය නිසි අවධානයක් යොමු නොකළ බව එම අයද පිළිගෙන තිබෙනවා.ඉදිරියේදී මෙවැනි ආයතන ආයෝජන මණ්ඩල සීමාවේ පිහිටවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. පරිසරයට මහජනතාවට පීඩානොවන ලෙස කර්මාන්ත පවත්වාගෙන යා යුතුයි. අවිස්සාවේල්ල සිට මෝදරින් කැලණි ගඟ මුහුදට වැටෙන තුරු ගඟ දෙපස වැඩි කර්මාන්තශාලා ප්‍රමාණයක් තිබෙනවා. කැලණි ගඟේ ජලය පූගොඩ, පට්ටිවිල, අඹතලේ ජල පොම්පාගාර තුළින් කොළඹ, ගම්පහ, වැඩි පිරිසකට පානීය ජලය ලබා දෙනවා. එනිසා පරිසරය නිසි කළමනාකරණයෙන් තබාගත යුතුයි.ඊට විසඳුම් ලෙස ආර්ථික සංවර්ධන කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැලණි ගඟ එගොඩ සහ මෙගොඩ ගඟ යටින් නළ දෙකක් මුහුද මැදට සම්බන්ධ වන පරිදි ස්ථාපනය කිරීමට යෝජනා කර තිබෙනවා. එමගින් කර්මාන්තශාලාවල නැවත පිරිපහදු කළ ජලය එම නළ මඟින් ඉවත් කිරීමට කටයුතු කෙරෙනවා. මේ සියල්ලෙන් රජය අනාගත පරපුරට පරිසර හිතකාමී දේශයක් ගොඩ නැගීමට දායක වනවා යැයිද පැවැසීය.බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල, බියගම ප්‍රාදේශීය ලේකම් පුෂ්පමාලා පෙරේරා මහත්ම මහත්මීන්ද අදහස් දැක්වූහ..
|
NEWS
|
පසුගිය දශක තුනක කාල වකවානුව තුළ ජාත්‍යන්තර හා ආසියානු මට්ටමෙන් පදක්කම් දිනාගනිම්න් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ. එක්දහස් නවසීය 50, 60 හා 70ගණන්වල පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුට මේ උපහාර පිදීම සිදු කෙරුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය 'ක්‍රීඩාවේ මහ ගෙදර' ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරුණු අවස්ථාවේදීය.මලල ක්‍රීඩා, බොක්සිං, ටෙනිස් හා යට්යාත්‍රා පැදවීම යන ක්‍රීඩාවලින් දස්කම් දක්වමින් රටට කීර්තියක් අත්කරදී උපහාර ලැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය. නාගලිංගම් එදිර්වීරසිංහම් (උස පැනීම-මලල ක්‍රීඩා 1958-1962), නිර්මලා දිසානායක (මලල ක්‍රීඩා 1962), එස්.එල්.බී.රෝසා (මලල ක්‍රීඩා 1966-1970), ඩබ්.විමලදාස (මලල ක්‍රීඩා 1970-1974), ඒ.ප්‍රේමචන්ද්‍ර (මලල ක්‍රීඩා 1974), කෝසල සහබන්දු (මලල ක්‍රීඩා 1974), සුනිල් ගුණවර්ධන (මලල ක්‍රීඩා 1974), එස්.පී.ජයසූරිය (බොක්සිං 1962), එච්.එස්.ක්ලෙන්ඩර් (බොක්සිං 1978), ආර්.ඩි.ඩබ්.එන්.පෙරේරා (බොක්සිං 1978), ට්‍රේව ද සිල්වා (බයිසිකල් පැදීම 1966), රූපට් ෆර්ඩිනැන්ඩර්ස් (ටෙනිස් 1958), රංජනී ජයසූරිය (ටෙනිස් 1962-1966), වෙන්ඩි මොල්ලිගොඩ (ටෙනිස් 1966), ඒකෙන්ද්‍ර එදිරිසිංහ (යට්යාත්‍රා 19670).
|
NEWS
|
මාළු වෙළෙඳපොළ මිල ගණන් පහත බැස ඇතැයි ධීවර සංස්ථාවේ සභාපති මහීල් පී. සේනාරත්න මහතා පවසයි.ඒ අනුව තලපත් මාළු කිලෝවක් රුපියල් 470ක් ද, බලයා රුපියල් 380ක් ද, පරා රුපියල් 560ක් ද, ලින්න රුපියල් 230ක් ද, සාලය රුපියල් 100ක් හා හුරුල්ලා රුපියල් 240ක් ද වේ.විවෘත වෙළෙඳපොළ මිල ගණන් සැලකීමේදී දැනට තලපත් කිලෝවක් රුපියල් 650ක් ද, බලය රුපියල් 470ක් ද, පරා රුපියල් 620ක් ද, ලින්න රුපියල් 275ක් ද, සාලය රුපියල් 140ක් හා හුරුල්ලා රුපියල් 275ත් 280ත් අතර පවතී. පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා 13 දින සවස් වන තුරු ධීවර සංස්ථාවේ අලෙවි මධ්‍යස්ථාන මඟින් මාළු මිල දී ගැනීමට හැකි බව සභාපති මහීල් පී සේනාරත්න මහතා පවසයි..
|
NEWS
|
බියගම පොලිසියේ රථවාහන අංශය මගින් 2009 වසරේ නිකුත් කරන ලද දඩපත්වලින් හා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද රථවාහන නඩුවලින් රුපියල් විසිලක්‍ෂ අසූනවදහස් නවසියයක දඩ මුදලක් රජයට ලබා දී තිබේ.දඩපත්වලින් රුපියල් දොළොස්ලක්‍ෂ දහනවදහස් හාරසියයක මුදලක් හා රථවාහන නඩුවලින් රුපියල් අටලක්‍ෂ හැත්තෑදහස් පන්සීයක මුදලක් මෙසේ දඩ මුදල් ලෙස රජයට ලබා දී ඇත.සංඥා පහන් නොමැතිව රිය පැදවීම, ආරක්‍ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි පැදවීම, මාර්ග නීති කඩකරමින් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, පොලිස් අණ නොතකා රිය පැදවීම, බලපත්‍ර රහිතව පස්, වැලි, දැව හා සතුන් ප්‍රවාහනය කිරීම, රිය අනතුරු වළක්වා නොගැනීම ආදී විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් රියැදුරන්ට නියම කරනු ලැබූ දඩ මුදල්වලින් මේ දඩ මුදල අය වී තිබේ.බියගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ටිරෝන් සිල්වා, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පී. ඒ. ජයතිලක, සැරයන්වරුන් වන නිමල් (32690), ජයතිලක (22514), පෙරේරා (15964), අනුර (1461), පොලිස් කොස්තාපල්වරුන් වන විමලදාස (61129), කීර්ති (70501), කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන සමන්තිකා (6856) හා මැණිකේ (4094) යන නිලධාරීහු මේ රියැදුරන් අත්අඩංගුවට ගනු ලැබූහ.
|
NEWS
|
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ ඇති පොදු වැසිකිළියේ අසූචි මිශ්‍ර ජලය, පොදු කාණුවලට මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට රුපියල් පන්දහසක දඩයක් මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ලලිත් ඒකනායක මහතා ඊයේ (07) නියම කළේය. මහනුවර කොට්ඨාස පොලිස් පරිසර ආරක්‍ෂණ ඒකකය මගින් අදාළ කොන්ත්‍රාත්කරුට එරෙහිව නඩු පවරා තිබේ.මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් කස්තුරිරත්න මහතාගේ උපදෙස් මත කොට්ඨාස පොලිස් ආරක්‍ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මලලසේකර, උප පොලිස් පරීක්‍ෂක ආරියවංශ යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.අසූචි මිශ්‍ර ජලය පොදු කාණුවලට නොයවන සේ පවත්වාගෙන යාමට කොන්ත්‍රාත්කරුට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය..
|
NEWS
|
වරකාපොළදී යුද හමුදා ට්‍රක් රථයක විදේශිකයන් ගමන් ගත් ප්‍රාඩෝ ජිප් රථයක් ගැටීමෙන් ජිප් රථය පැදවූ රියැදුරු මියගොස් විදේශිකයින් හතර දෙනකු සහ මගපෙන්වන්නා ද තුවාල ලැබ කැගල්ල මූල්ක රෝහලට ඇතුළත් කර ඇත.මෙසේ මියගොස් ඇත්තේ පානදුර වලාන පදිංචි කේ. ඩී. අජිත් දේශප්‍රිය රුද්‍රිගු නමැති තරුණයෙකි. ජීප් රථයේ ගමන් ගත් ජපන් ජාතික පියකු සහ ඔහුගේ බාල පුතුන් දෙදෙනා සහ තවත් අයකු තුªවාල ලබා ඇත. ජීප් රථය හෝමාගම සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී දුම්මලදෙනියේ දී ඉදිරියෙන් පැමිණි කාරයක ගැටී ඇති අතර එම අනතුර වලක්වාලීමට උත්සාහ කරද්දී ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයේ ගැටී ජිප් රථය ඇළ මාර්ගයට පෙරළී තිබේ. පසුව පොලිස් නිලධාරීන් විසින් යන්ත්‍රෝපකරණ යොදා රථ දෙකම ගොඩ ගෙන ඇත. ප්‍රාඩෝ රථයේ සිරවී සිටි තුවාලකරුවන් ද මහත් පරිශ්‍රමයක් දරා එළියට ගෙන ඇත.මෙම අනතුර නිසා පැය දෙකක පමණ කාලයක් වාහන තදබදයක් ද ඇති විය. හමුදා ට්‍රක් රථය පැදවූ රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ වරකාපොළ පොලිස් ස්ථානාධිපති නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි සිදුවෙමින් පවතී..
|
NEWS
|
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයට අද (10) සිට තවත් ශ්‍රී ලංගම සුඛෝපභෝගී බස් රථ දෙකක් එක්වේ.මේ අනුව අද සිට පැය එක එකහමාරකට වරක් ශ්‍රී ලංගම බස් රථය බැගින් ධාවනය කෙරෙන බව ශ්‍රී ලංගම සභාපති එම්. ඩී. බන්දුසේන මහතා පැවසීය.ජනාධිපතිතුමාගේ උපදෙස් හා අනුමැතිය මත මෙම නව බස් රථ දෙක ධාවනයට එක් වේ. දැනට එම මාර්ගයේ පැය දෙකෙන් දෙකට ශ්‍රී ලංගම බස් රථ ධාවනය කෙරෙන නමුත් අද සිට ධාවනය වන බස් රථ ප්‍රමාණය 4 දක්වා වැඩිවී ඇති නිසා ධාවනය කරන ගමන්වාර ප්‍රමාණයද වැඩිවෙයි.මීට අමතරව සති අන්තයේ ගමන්වාර ප්‍රමාණය වැඩි කිරීමටත් රාත්‍රි සේවා ඇරඹීමටත් ඉදිරියේදී කටයුතු කරන බව සභාපතිවරයා කීය.මෙම බස් සේවාවෙන් දිනකට රුපියල් ලක්ෂ දෙකක පමණ ආදායමක් ලැබෙන බව ලංගම පවසයි..
|
NEWS
|
කැඩුණු මැෂිමක් බදු වූ තම අමාත්‍යාංශය නැවත අලුත්වැඩියා කර නව යාන්ත්‍රණක් ලබන ජනවාරි මාසය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.අමාත්‍යාංශයේ වැඩ බාරගෙන මාස පහක් වුවත් එහි මැෂිම තවමත් කැඩී තිබෙන බව දැනී ඇති බවත් එහි ඉවත් කළ යුතු කෑලි ඉවත්කර ඔයිල් දමා අලුත්වැඩියා කළ යුතු කෑලි අලුත්වැඩියා කර අලුත් මැෂිමක් අමාත්‍යාංශයේ ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා කීය. අන්තර්ජාතික වසංගත රෝග පිළිබඳ සංගමයේ අග්නිදිග ආසියාතික කලාපීය විද්‍යාත්මක සමුළුව අමතමින් සෞඛ්‍ය ඇමැතිවරයා පැවැති උත්සවයකදී මෙසේ පැවසීය.සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිසංවිධානය කර නව යාන්ත්‍රණයක් එහි ගොඩනැඟීමට මේ මස පහේ ලැබූ අත්දැකීම් හා අවබෝධය ප්‍රයෝජනයට ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේ ය. සෞඛ්‍ය මැෂිම කොතරම් හොඳට ඇක්සලරේට් කළත් එහි යම් යම් හිරවීම් තිබෙන බව ද ඇමැතිවරයා කීය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩකරන හා වැඩ නොකරන පුද්ගලයන් කවුදැයි කියා හඳුනාගනිමින් වැඩ නොකරන පුද්ගලයන් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට තමා කටයුතු කරන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රූස්ටම් මේතා, අන්තර්ජාතික වසංගත රෝග පිළිබඳ සංගමයේ 10 වැනි අග්නිදිග ආසියාතික කලාපීය විද්‍යාත්මක සමුළුවේ සම සභාපති වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්ම මහත්මීහු සහභාගි වූහ..
|
NEWS
|
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ දිරිගන්වන්නා ලෙස මොහොමඩ් නිලාම් සහභාගී වෙයි.ක්‍රීඩාංගණය වටා ශ්‍රී ලංකා ධජය ගෙන යමින් ක්‍රීඩාගාරවල සිටින ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ආශ්වාදයක් හා ක්‍රීඩකයන්ට ධෛර්යයක්දීම නිලාම්ගේ බලාපොරොත්තුවවී තිබේ.වසර 12ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ක්‍රීඩා පිටියේ ධෛර්ය දෙන නිලාම් ක්‍රිකට් ක්‍රීඩාව තම ජීවිතය සේ සලකයි. මෙවර තරගාවලියට යෑම සඳහා ශ්‍රීනා පැලස් ආයතනය දුන් සහයෝගය ඔහු මහත්සේ අගය කරයි..
|
NEWS
|
තොරතෝංචියක් නැතිව ඇසෙන කොළඹ කපුටන් ගේ හඬ අවට පරිසරය ම වෙළාගෙන අහවර ය. පිටකොටුව බෝධීන් වහන්සේගේ දළුපත් අතු රිකිළි සුළඟට හසු වී සිළි සිළි හඬ නැඟුණ ද, ඒ මිහිරියාව අකා මකා දමමින් ඇදී යන රථවාහන ඝෝෂාව දෙසවනට ගෙන දෙන වේදනාව මෙතෙකැයි කියා කියන්නට බැරි ය.ඝෝෂාකාරී පරිසරයෙන් මිදී කොළඹ, කඩුවෙල, හංවැල්ල නගරය පසුකර පුවක්පිටිය, තුම්මෝදර පාරෙන් දකුණු පැත්තට හැරී කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් ගෙවාගෙනය අපි සුනිල්වන් දිය දහර හිස මත දැවටෙන කුමරි ඇල්ල සොයා ආවේ. ඇගේ සෙනෙහසේ පහස විඳගන්නා තෙක් අපට ඉවසුම් නැත.කොළඹ සිට පුවක්පිටිය දක්වා ඇති දුර ආසන්න වශයෙන් කිලෝමීටර් 45 කි. පුවක්පිටිය මුරපොළ අසලින් දකුණට ඇති මාවත ඔස්සේ ගමන් කළ විට කුමරි ඇල්ල නෙත ගැටෙන රමණීය දර්ශනයකි.තමන්ගේ ම වාහනයකින් ගමන් කරන්නේ නම් පැයක් වැනි සුළු කාලයකින් කුමරි ඇල්ලට ළඟා විය හැකි ය. කෙටි කාලයකින් නැරඹිය හැකි ඉතාම සුන්දර දිය ඇල්ල අපට කියාපාන්නේ අපූර්වත ම දර්ශනයකි. මෙම දිය ඇල්ලේ කිසිදු බියජනක ස්වභාවයක් නොමැත. ජලස්නානය කිරීම සඳහා ස්වභාවිකව ම නිර්මාණය වී ඇති ජල තටාකය එතරම් ගැඹුරකින් යුක්ත නොවේ.හිරිගඩු පිපෙන හිමිදිරියේ මීදුම් පටල ඉරාගෙන කුමරි ඇල්ලේ නිරුවත් ජලකඳ සිප ගන්නට ළඟා වන විට ඔබගේ නෙත පිනවන පක්ෂි විශේෂ ගණනාවක් දැකගත හැකි ය. ඔබ හොඳින් මෙම කුමරි ඇල්ල නිරීක්‍ෂණය කරන්නේ නම් සුදුරෙදි හොරා, කහ කුරුල්ලා, නීල කොබෙයියා, ගිරාමලිත්තා, ලැමසුදු පිළිහුඩුවා ආදී පක්‍ෂි විශේෂ දැකගත හැකි ය. අපගේ කැමරා කාචයේ එම සුන්දර දසුන් හසුකර ගත්තේ දහසක් බාධක මධ්‍යයේ ය.සුන්දර වූත්, අලංකාර වූත් මෙම පරිසර පද්ධතිය තුළ පුංචි බත් කූරන්, සමනලයන් වඩා විමසිල්ලෙන් නිරීක්‍ෂණය කළහොත් දැක ගත හැකි වනු ඇත. වස්සාන කාලයේ දී මෙම හරිත වන උයනේ දී ශශ්‍රී ලංකාවේ දුලබ ගණයේ පක්ෂීන් විශාල වශයෙන් දැකගැනීමේ වාසනාව ඔබට ද උදා වනු ඇත.දිගු කලක් තිස්සේ හමා ගිය කේඩෑරී වී ගිය යුද්ධයේ කටුක බිම් තීරු ඉරාගෙන ගලා ගිය අමුනුස්ස බය තුරන් වී මිනිස්කම රජයන රියන් හතරක ධම් අඟලක් හිමි මිනිසා ද මේ සුවඳ හමන වන පෙතට පිය සටහන් තබන බව ඉඳුරා ම අපි දනිමු.කුමරි ඇල්ල මුදුනට ගිය විට ඈතින් පෙනෙන නිල් කඳුකරයත්, තුරු වියනත් නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ මහත් සිසිලක් මෙන් ම ආශ්වාදයකි.ගල් පඩි පෙළක් මෙන් පියවරින් පියවරට ඇදහැලී කුඩා කටාරම් තුළ සුළි කැරකෙමින්, සොබාදම් මාතාවගේත්, මිහිකත මෑණියන්ගේත් පහස විඳිමින් ඇදහැලෙන මේ ඉතා පිරිසිදු සුනිල්වන් දිය දහර හිස මත පිනි දියර වැටෙන්නාක් මෙනි.ලක් මාතාවගේ ප්‍රෞඩ ඉතිහාසය, අභිමානයෙන් සිහිකරමින් ජීවත් වන දේශ හිතෛෂි පුරවැසියකු නම්, ඔබ කළ යුත්තේ මෙම සුන්දර කුමරි ඇල්ලේ නිරුවත් දිය කඳ දෙස බලා ඇගේ සෙනෙහසේ පහස විඳිනවා මිස ඇය ඉඳුල් කර, මත් රකුසා තුරුලු කරගෙන ඇයට පිටුපා පසු නොබලා පලා යෑම නොවේ. ගත සිත පිනවන මෙවන් සුන්දර දිය ඇල්ලක චමත්කාරය ලොවට ම හඬ ගා කියන්නට ඔබටත් ඉඩ හසර වෙන්කර ඇත. කුමරි ඇල්ලේ නිල් දියවර රැළි නංවා හාදු දිදී යන විට අපි ආපසු කොළඹ බලා පිටත් වූයෙමු..
|
NEWS
|
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා මාර්ගය ලබන ජනාවාරියේ ආරම්භ කෙරේ. මේ වන විට මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බව වරාය , මහාමාර්ග හා නාවුක කටයුතු පිළිබඳ ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා දිනමිණට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.මේ මාර්ගයේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 18ක් වැය කර ඇත. අධිවේගී මාර්ගය පින්නදූව පිවිසුමේ සිට මාතර ගොඩගම පිවිසුම දක්වා වූ දිග කිලෝමීටර් 30කි.මංතීරු හතරකින් යුත් අධිවේගී මාර්ගය පිවිසුම් තුනකින් යුක්ත අතර පින්නදූව පිවිසුමේ සිට වරාය දක්වා කිලෝ මීටර හතරක් දිග විශේෂ මාර්ගයක් ද අධීවේගී මාර්ගයේ සිට ඉදි කර ඇත..
|
NEWS
|
වයෝවෘද්ධ, රෝගාතුර කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ‘පොදු අරමුදලක්’ පිහිටුවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට තිබේ.ජනාධිපතිවරයා ඊයේ (01) පුවත්පතක පළවී තිබූ ප්‍රවීණ ගායක හරූන් ලන්ත්‍රා සහ ප්‍රවීණ නිළි ලැටීෂියා පීරිස්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ පුවත දැකීමෙන් පසු දුරකතනයෙන් තමා අමතා මේ බව ප්‍රකාශ කළ බව, ප්‍රවීණ සිනමාවේදී රවීන්ද්‍ර රන්දෙනිය මහතා ප්‍රකාශ කෙළේය.සියයට අනු අටකට වැඩි (98%) කලාකරුවන් පිරිසක් එකම වේදිකාවකට නැග ජනාධිපති අපේක්ෂකයකු වෙනුවෙන් සහය පළ කිරීම ඓතිහාසික සිදුවීමක් බව පෙන්වා දුන් රවීන්ද්‍ර රන්දෙනිය මහතා, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවීමට පෙර සිටම කලාකරුවන් වෙනුවෙන් දක්වන සංවේදීකම හා කලාවත් සමඟ පවත්වාගෙන යන සම්බන්ධතා මත මහින්ද රාජපක්ෂ මහතා වෙත කලාකරුවන් මේ අයුරින් එක්රොක් වී ඇති බවද කීය.ඒ මහතා මේ අදහස් පළ කෙළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (01) පැවැති ඇසිදිසි විද්වත් හමුවේදීය.
|
NEWS
|
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල (එජනිස) යන අය ඝාතන සිද්ධියේ හයවන සැකකාර ඉෂාන් එදිරිසිංහ නැමැත්තා ළඟ තිබී හමුවූ පරිගණකයේ විශ්ලේෂණ වාර්තාව තවම ලැබී නැති හෙයින් එහි වැඩිදුර විභාගය ලබන පෙබරවාරි මස 17 වැනි දිනට කල් තැබීමට මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය ඊයේ (27 වැනිදා) නියම කළාය.මේ ඝාතන නඩුවේ හයවන සැකකරුට එරෙහිව විභාගය ඊයේ (27 වැනිදා) මහර මහේස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය එහි වැඩිදුර විභාගය මෙසේ කල් තැබිණ.මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සංඛ ගුණවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් හයවන සැකකරු ළඟ තිබී හමුවූ පරිගණකයේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විශ්ලේෂණ අංශයට යොමු කළ පරිගණකය පිළිබඳ වාර්තාව තවම ලැබී නැති බව කීය. මේ අතර හයවන සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චන්ද්‍රා සේනානායක මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේ මේ නඩුවේ වැඩිදුර වාර්තාවක් ලබාදෙන ලෙසටය.නීතිපතිවරයාගේ උපදෙස් මත මේ නඩුවේ පළමුවන හා දෙවන සැකකරුවන් වන සුපිරි රංගන කුමාර පෙරේරා හා ඩබ්ලිව්. අශේන් චතුරංග යන දෙදෙනාට මිනිස් ඝාතනයක් සිදුකිරීම චෝදනාව යටතේ හා තුන්වන සැකකාර අශෝක හේමන්ත කුමාර පෙරේරාට ගිනි අවි ළඟ තබා ගැනීම චෝදනාව යටතේ මේ වනවිට ගම්පහ මහාධිකරණයේ නඩු පවරා ඇත. මේ නඩුවේ හතරවන හා පස්වන සැකකරුවන් වන සිංගප්පූරු සරත් හෙවත් සරත් එදිරිසිංහ සහ නිශාවන් ගාමිණී යන දෙදෙනා රජයේ සාක්කිකරුවන් ලෙසට නම් කර සිටින අතර මේ හයවන සැකකරු ඇප මත මුදාහැර තිබේ.වැඩිදුර විභාගය ලබන පෙබරවාරි මස 17 වැනි දිනට කල් තැබීය..
|
NEWS
|
වසර 30ක් පුරා පැවැති ත්‍රස්තවාදය නිමා කරමින් රටට සාමය උදාකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය සමරා ගිරුවාපත්තුවෙන් තල් අරණට සංවිධානය ජාත්‍යන්තර මට්ටමේ පාපැදි සවාරියක් සුදානම් කරයි.ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම පාපැදි තරගය වන මෙය කොළඹ සිට යාපනයට ගොස් නැවැත කොළඹට පැමිණෙන දින 18ක දීර්ඝතම පාපැදි සවාරියක් වේ. මෙවැනි දැවැන්ත පාපැදි තරග ඉතාලිය, ප්‍රංශය වැනි රටවල් කිහිපයක පමණක් සංවිධානය වී තිබේ.එහෙයින් ගිරුවාපත්තුවෙන් තල් අරණට සංවිධානය ඉදිරිපත් කරන ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරිය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්තම පාපැදි තරගය ලෙස සටහන් වේ.මේ පාපැදි සවාරිය නොවැම්බර් 20 වැනිදා ආරම්භවන අතර දෙසැම්බර් 6 වැනිදා අවසන් වේ. ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරියේ ජයග්‍රාහකයාට ශූරතාව සමග රුපියල් මිලියන 2ක්, දෙවැනි ස්ථානයට රුපියල් මිලියන 1.5ක් හා තෙවැනි ස්ථානයට රුපියල් මිලියනයක තෑගි මුදල් පිරිනැමේ.එයට අමතරව ඉදිරියෙන්ම තරගය නිමකරන ක්‍රීඩකයන් රැසකට වටිනා මුදල් තෑගි පිරිනැමීමට තරග සංවිධායකයෝ තීරණය කර ඇත.මේ පාපැදි සවාරියේ ජයග්‍රාහකයින්ට රුපියල් ලක්ෂ 90ක මුදල් තෑගි පිරිනැමීමට සැලසුම් කොට ඇත. ශ්‍රී ලංකා පාපැදි අතුරු පාලක කමිටුවේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මේ පාපැදි සවාරිය ජාත්‍යන්තර තරග නීති රීති අනුව සංවිධානය කෙරේ.කොළඹින් ආරම්භවන තරගය කළුතර, ගාල්ල ඔස්සේ මාතරට කිලෝමීටර් 160ක දුරක් පළමු දිනයේ ගමන් කරන අතර දෙවැනි දිනයේ කතරගම දක්වා, දෙවැනි දිනයේ මොණරාගල දක්වා හා සිවුවැනි දිනයේ සියඹලාණ්ඩුව හරහා අම්පාරට ගමන් කරයි.5වැනි දිනයේ විවේක ගැන්වෙන අතර 6වැනි දිනයේ සිට අම්පාරෙන් මඩකලපුවට, මඩකලපුවෙන් මුතුර් හරහා ත්‍රිකුණාමලයට අනතුරුව හොරොව්පතාන පසුකොට වවුනියාවට ගොස් 9වැනි දිනය වෙද්දී වවුනියාවේ සිට පරන්තන් අලිමංකඩ හරහා යාපනයට ගමන් ගනී.10 වැනි දිනයේ ක්‍රීඩකයන්ට විවේකයක් ලැබෙන අතර 11වැනි දිනයේදී යාපනයේ සිට නැවැත වවුනියාවට කිලෝමීටර් 142ක දුරක් පැමිණේ. අනතුරුව ඉදිරි දිනවලදී වවුනියාවෙන් අනුරාධපුර හරහා පුත්තලමට, පුත්තලමෙන් කුරුණෑගල හරහා මහනුවරට, මහනුවරින් පේරාදෙනිය, ගම්පොල හරහා නුවරඑළියට ගමන් කරයි.15වැනි දිනය විවේකය ලැබෙන අතර 16 වැනි දිනයේ දී නුවරඑළියෙන් ආරම්භ වී ඇල්ල, වැල්ලවාය හරහා තිස්සමහාරාමයට, තිස්සමහාරාමයෙන් ඇඹිලිපිටිය හරහා කහවත්තට පැමිණ අවසන් අදියරවන 18වැනි දිනයේදී කහවත්තෙන් ආරම්භවී රත්නපුරය, අවිස්සාවේල්ල හරහා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසලින් පාපැදි සවාරිය නිමා වේ..
|
NEWS
|
පසුගිය කාලය තුළ තමුන්නාන්සේලා පළාත් සභාවේ මහ ඇමැතිතුමා සහ මනත්‍රීවරුන්ගේ පස්සෙන් ගියා.නමුත් දැන් එතුමන්ලා ඔබගේ පස්සෙන් එනවා.ඉස්සර හිනා නොවුණු අය දැන් හිනාවෙනවා.ඉස්සර මළගෙදරකට නොගිය අය දැන් මළගෙවල් හොය හොයා යනවා.නමුත් සුදුස්සා තෝරා ගැනීම ඇත්තේ ඔබගේ අතේ යයි ජල කලමනාකරණ සහ වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා(15) ගාල්ලේදි පැවසිය.ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි ක්‍රීඩා මණ්ඩපයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල බලමණ්ඩල සමුළුව අමතා ඒ මහතා මේ බව කීය.එහිදී තවදුරටත් කතාකළ නිමල් සිරිපාලද සිල්වා මහතා මෙසේද කීය.මේ අවස්ථාවේ මට මතක් වෙනවා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් 1993 පැවති පළාත් සභා මැතිවරණයේදී මම ගාල්ල මැතිවරණ කොට්ඨාසය භාරව කටයුතු කළ ආකාරය.ඒ වගේම 83 පැවති අතුරු මැතිවරණයේදී අක්මීමන මැතිවරණ කොට්ඨාසයට ඉදිරිපත් වූ රිචඩ් පතිරණ මැතිතුමාගේ මැතිවරණ කටයුතු කළ ආකාරය.අනූව දශකයේදී ගාල්ල මැතිවරණ කොට්ඨාසයත් දේශපාලන වශයෙන් අපට විරුද්ධව එජාපයට ඡන්දය දෙන විශාල පිරිසක් හිටපු මැතිවරණ කොට්ඨාසයක්.නමුත් අද වනවිට ඒ තත්ත්වය ඔබතුමන්ලා විසින් වෙනසන් කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් බවට පත්කර තියනවා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ධූරදර්ශි දේශපාලන දර්ශනය යටතේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ තුළින් ගාල්ල මැතිවරණ කොට්ඨාසයත් උඩුකුරු යටිකුරු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධානසන්ධානයේ ශක්තිමත් බලකොටුවක් බවට පත්කර ගැනීමට හැකිවී තියනවා.දැන් අපට තියෙන්නේ මේ අප ලබාගත් දේශපාලන ජයග්‍රහණය ගිලිහී යාමට ඉඩ නොදී තවත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමයි.ගාල්ල කියන්නේ ඓතිහාසික නගරයක්.ඒ වගේම ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ආසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම සඳහා යන ගමනේදී ගාල්ල දිස්ත්‍රික්කයට විශේෂ ස්ථානයක් හිමි වී තියනවා.සංචාරක පුරයක් හැටියට ඒ වගේම විදේශ ආයෝජකයන් ආකර්ශණය කරගන්නා දිස්ත්‍රික්කයක් හැටියට අපට විශාල වැඩ කොටසක් ඉදිරි කාලයේදී කිරීමට සිදුවී තියනවා.එදා හිස් වී තිබූ සංචාරක හෝටල් සංචාරක ව්‍යාපාර යටතේ අද ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් අලුත් පරම්පරාවට රැකීරක්ෂා සපයන ස්ථානයක් බවට පත්කොට ඔබට විශාල ආස්වාදයක් ගෙන දෙන පරිදි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අපේ රජය කටයුතු කරනවා.ඒ වගේම විශාල උගතුන් පිරිසක් දකුණේ ඉන්නවා.ගාල්ල දිසාව උගතුන්ගේ පාරාදීසයක්.උගතුන් විතරක් නෙවෙයි වාමාංශික දේශපාලනය සහ ප්‍රගතිශීලි දේශපාලනය මුළු මහත් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කළේ දකුණෙන්.දකුණින් බිහිවූ විශිෂ්ට දේශපාලනඥයින් ඒ කටයුත්ත කළා.ගාල්ල මැතිවරණ කොට්ඨාසය විවිධ ජාතීන් ජීවත්වන කොට්ඨාසයක්. ජනාධිපතිතුමාගේ දර්ශනය හා වැඩපිළිවෙළ වන්නේ සියලු ජාතීන් හා ආගමිකයින් හොදින් රැකබලාගෙන කටයුතු කිරීම. දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතා- පළාත් සභා ක්‍රමය ආරම්භ කළ අවස්ථාවේ සිට මේ දක්වා පළාත් සභා මැතිවරණ හයක් පවත්වා තියනවා.මුල්ම පළාත් සභා මැතිවරණයට තරග නොකිරීමට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබුණා. ඒ නිසා ප්‍රථම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ. නමුත් ඊට පසුව පැවැත් වූ පළාත් සභා මැතිවරණ පහම අපේ පක්ෂය ප්‍රධාන සන්ධානය ජයග්‍රහණය කළා.මෙම රැස්වීම අමතා නැවත පදිංචිකිරීමේ ඇමැති ගුණරත්න විරකොන්, ජ්‍යෙෂ්ඨ ඇමැති පියසේන ගමගේ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, මොහාන් ද සිල්වා, හිටපු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ගීතා කුමාරසිංහ සහ ගාල්ල වැඩබලන නගරාධිපති කැලුම් සෙනවිරත්න යන මහත්ම මහත්මීහුද කතා කළහ.නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිෂාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ..
|
NEWS
|
ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සංවර්ධනය වෙනුවෙන් පූර්ණ සහාය ලබාදෙන බව තායිලන්තයේ ප්‍රත්‍යාසන්න රාජ්‍යයන්හි ආර්ථික සංවර්ධන සහයෝගීතා ඒජන්සිය ප්‍රකාශ කරයි. ඒ අනුව මාර්ග සංවර්ධනය , ගුවන් යානා ධාවනය ඇතුළු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීමේ කටයුතු, දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු, පානීය ජල ව්‍යාපෘති, බලශක්ති ජනනය කිරීමේ ව්‍යාපෘති, කෘෂිකර්ම සහ ධීවර අංශයන් ඇතුළු තවත් අංශ රැසක සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබාදෙන බව තායිලන්තයේ ප්‍රත්‍යාසන්න රාජ්‍යයන්හි ආර්ථික සංවර්ධන සහයෝගීතා ඒජන්සියේ නියෝජිතයෝ පවසති .තායිලන්තයේ ප්‍රත්‍යාසන්න රාජ්‍යයන්හි ආර්ථික සංවර්ධන සහයෝගීතා ඒජන්සියේ සභාපති නෙවින් සින්සිරි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම මේ බව සඳහන් කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී පැවැති සාකච්ඡාවේදීය .තායිලන්තය ප්‍රත්‍යාසන්න රටවල්වල ආර්ථික කටයුතු සංවර්ධනය සඳහා මෙම ඒජන්සිය විසින් සහයෝගය ලබාදෙන අතර මාර්ග සංවර්ධනය, ගුවන් යානා ධාවන ඇතුළු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීමේ කටයුතු, දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු, පානීය ජල ව්‍යාපෘති, බලශක්ති ජනනය කිරීමේ ව්‍යාපෘති, කෘෂිකර්ම සහ ධීවර අංශයන් ඇතුළු තවත් අංශ රැසක සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබාදෙයි .ඊට අමතරව ප්‍රත්‍යාසන්න රාජ්‍යයන් වෙත මූල්‍යමය සහ තාක්‍ෂණික දැනුම ලබාදීමටද මෙම ඒජන්සිය කටයුතු කරනු ලැබේ.මෙහිදී ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ සිට සියලුම ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා දිවි නැඟුම වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවද ඒ තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වී ඇති ආකාරයද පෙන්වා දුන්නේය.මේ වනවිට ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනයක් සිදුව ඇති බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සහ ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා රටවල් රැසක ආයෝජකයෝ ඉදිරිපත් වී සිටින බවද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති ඒ. නොප්පෝන් අද්චාරියාවන්ච් (Nopporn Adchariyavanich), තායිලන්තයේ ප්‍රත්‍යාසන්න රාජ්‍යයන්හි ආර්ථික සංවර්ධන සහයෝගීතා ඒජන්සියේ සභාපති නෙවින් සින්සිරි, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ..
|
NEWS
|
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රීඩා පිටියෙන් ආරම්භවීමට නියමිත මාර්ග ධාවන තරගයක් හා පාපැදි තරගයක් මුල් කරගෙන 'හදවතට හදවතක්' සමාජ සත්කාරය හරහා ගාල්ල කරාපිටිය රෝහලේ හෘද රෝග ඒකකයට රුපියල් ලක්ෂ 25ක් වටිනා ආලෝකකරණ උපකරණයක් පරිත්‍යාග කරයි.යුනිලීවර් සමාගමේ ෆ්ලෝරා සමග අත්වැල් බැඳගෙන සිරස ටී.වී හා Yes එෆ්.එම් නාලිකා මේ සමාජ සත්කාරයට මුල පුරයි.හදවතට හදවතක් මාර්ග ධාවන තරගය හා පාපැදි තරගය මේ වසරේ සැප්තැම්බර් 8දා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී ගාල්ල කරාපිටිය රෝහලට මුදල් පරිත්‍යාගයද සිදු කෙරුණි.පිරිමි හා කාන්තා මාර්ග ධාවන තරගයේ පළමු කිලෝමීටර් තුන තරගකාරිත්වයෙන් තොර දිවීමේ ඉසව්වක් ලෙස පැවැත්වෙන අතර පිරිමි තරගය කිලෝමීටර් 9ක් හා කාන්තා තරගය කිලෝමීටර් 6ක් වේ. මෙයට සමගාමීව පාපැදි තරගයක් පැවැත්වෙන අතර එයට මුල් පෙළේ ක්‍රීඩකයන් සහභාගිවීමට නියමිතය.මේ ක්‍රීඩා වැඩසටහන බෝ නොවන රෝග පිළිබඳ සමාජය දැනුවත් කිරීමට යොදාගන්නා බව සංවිධායකයෝ පවසති. මාධ්‍ය හමුවට එක්වු විශේෂඥ වෛද්‍ය තලතා ලියනගේ මහත්මිය පැවැසුවේ බෝ නොවන රෝග වළක්වා ගැනීමට පුද්ගයා දැනුමින් සන්නද්ධවීම ඉතා වැදගත් වන බවයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන හා නිදන්ගත රෝග ඒකකය පවසන අන්දමට හෘද රෝග සම්බන්ධව ශ්‍රී ලංකාව කලාපීය ලෙස ඉදිරියෙන්ම සිටී. එහෙයින් ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා තුළම නිරෝගී ජීවන රටාවක් පත්වාගෙන යෑමට පිටුවහලක් වීම හදවතට හදවතක් සංකල්පයේ ප්‍රධාන අරමුණ වී තිබේ.හදවත් රෝග වළක්වා ගැනීමට දිනකට පැය භාගයක්වත් අවම වශයෙන් ව්‍යායාම්වල නිරතවීම හෝ ක්‍රියාකාරී ක්‍රීඩාවක නිරතවීම අත්‍යාවශ්‍ය බව මේ මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණි. එමෙන්ම නිවැරදි ලෙස ආහාර ගැනීම ඇතුළු දැනුවත්වීම් මගින් නිරෝගී ජීවන රටාවක් ගොඩනැගිය හැක.හෘද රෝග පිළිබඳව ජාතික මට්ටමේ අවධානය යොමු කිරීමේ අරමුණින් දියත් කරන හදවතට හදවතක් සමාජ සත්කාරයට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇත..
|
NEWS
|
වැසි රහිත කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය පවසයි.මෙම කාලගුණ තත්ත්වය දිගටම පැවතුනහොත් කොළඹ හා තදාසන්න ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම සීමා කිරීමට සිදුවන බවද අමාත්‍යාංශය පවසයි.ජලය සැපයීම පිළිබඳ මේ වනවිට කිසිදු අවදානමක් නැතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ බස්නාහිර පළාත් නිෂ්පාදන අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රතිරාජ රාමවික්‍රම මහතා ප්‍රකාශ කළ අතර, ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ද කියයි.සාමාන්‍ය දිනකට ජලය ගැලුම් මිලියන 120 ත් 130 ත් අතර අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් නිකුත් කරන බව පවසන ඒ මහතා, ජල අපතේ නොහැර අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටී..
|
NEWS
|
”ජනාවාස හා දේශගුණික වෙනස්වීම්” යන තේමාව යටතේ මෙවරද ඔක්තෝබර් මස 03 වැනිදා ලෝක ජනාවාස දිනය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.ඒ අනුව 2011 ලෝක ජනාවාස දින උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බව ද ඇමැතිවරයා සඳහන් කළේය.ලෝක ජනාවාස දිනය මෙවර සමරනු ලබන්නේ 26 වන වතාවටයි.ඒ නිමිත්තෙන් පසුගිය 27 දා සිට ඔක්තෝබර් 03 දා දක්වා ක්‍රියාත්මක වන වැඩසටහන් රැසක් පැවැත්වෙන බව ඇමැතිවරයා කීය.අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන ජනතාව විධිමත් මහල් නිවාස පද්ධතියකට ගෙන ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම මෙම වැඩසටහන් තුළින් ද බලාපොරොත්තු වන බව ඇමැතිවරයා කීය.හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේ බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කෙරිණි.ඉදිරියේදී ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද මෙහිදී ඇමැතිවරයා කීය.ජනාවාස දිනය වෙනුවෙන් පොදු ජනතාවගේ හිතසුව පිණිස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන සියයක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් ලබා දුන් බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.එම මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය වුණි.වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව සිටියි.මෙහිදී ආදිවාසී ජනතාව වෙනුවෙන් නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.වාකරේ මූලික කොටගනිමින් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන යටතේ නිවාස 80 ක් ඉදිකිරීමට නියමිතය.නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් නාගරික ජනාවාස දරුවන් 3200 ක් සහභාගි කරවාගෙන චිත්‍ර සහ නාට්‍ය තරග පැවැත්වීම, නාගරික ජනාවාස පාසල් 04 ක ලෝක ජනාවාස දින තේමාව මුල්කර ගනිමින් දේශන පැවැත්වීම සිදුකෙරේ.මීට අමතරව ජනාවාස දරුවන් 2000 ක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව සමඟ ඒකාබද්ධව ළමා ඉතුරුම් ගිණුම් 2000 ක් ආරම්භ කෙරේ.මෙම මාධ්‍ය හමුව සඳහා ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සභාපතිවරු ද සහභාගි වූහ..
|
NEWS
|
තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවට හසුවූ ජැමෙයිකානු කෙටිදුර ධාවන සූර ස්ටීව් මුලිංග්ස්ට ජැමෙයිකානු තහනම් උත්තේජන විරෝධි කමිටුවේ ත්‍රිපුද්ගල විනය කමිටුවක් විසින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනු ලැබීය. 29 හැවිරිදි මුලිංග්ස් මීට දින 5කට පෙර තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවට වැරදිකරු විය.පසුගිය ජුනි මාසයේ පැවැති ජැමෙයිකානු ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ 3 වැනි ස්ථානය දිනාගත් මුලිංග්ස්ගේ මුත්‍රා සාම්පලයේ තහනම් උත්තේජන සංඝටක අඩංගු වූ බැව් පසුව අනාවරණය වී තිබිණි. මේ හේතුව මත පසුගියදා කොරියාවේ පැවැති ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කළ ජැමෙයිකානු මලල ක්‍රීඩා කණ්ඩායමට මුලිංගස් ඇතුළත් කර තිබුණේ නැත..
|
NEWS
|
ගෙතුම වියමන පිළිබඳ ලබාගත් දැනුම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින රැකියා විරහිත කාන්තාවන් සමඟ සමව බෙදා ගනිමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටුකිරීමට කැපවී සිටින පොල්ගහවෙල වදාකඩ නාගනේ ප්‍රේමා අදිකාරී මෙනවිය ආදර්ශවත් කාන්තාවකි.ඇය මුණ ගැසුණේ කොරස සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක දීය. ඇය අප හා මෙසේ අදහස් දැක්වූවාය.ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් අම්මගෙන් ලැබුණු පන් වියමන් දැනුම සමග 1991 දඹදෙණි අපනයන සංවර්ධන මණ්ඩලයෙන් සහ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයෙන් ලබාගත් දැනුමත් උපයෝගී කරගෙන ඈපාකන්ද ගලතරය කඳුරුවැල්ල මැදකළුගමුව කියන ගම්වල මධ්‍යස්ථාන පිහිටුවා ඒ ප්‍රදේශවල කාන්තාවන්ට අත්කම් නිර්මාණ කරන්න දැනුම ලබාදීම ආරම්භ කළා.ඒ අයත් සාර්ථකව තමන්ගේ අත්කම් භාණ්ඩ නිර්මාණ කිරීමේ ව්‍යාපාරවල නියැළී ඉන්නවා. මගෙන් ඉගෙන ගත්ත කෙනෙක් දියුණු වෙලා ඉන්නවා දැකීමෙන් මම හොඳ ආත්ම තෘප්තියක් ලබාගන්නවා.මේ සේරටම උදව් දුන්නේ ජාතික ශිල්ප සභාව . ජාතික ශිල්ප සභාව වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශන වලින් මගෙ නිර්මාණ තුළින් 2001 - 2005 - 2006 වර්ෂවලදී ජනාධිපති සම්මාන පවා ලබා ගත්තා.පරිසරයේදී අපට හමුවන දේශීය අමුද්‍රව්‍ය වලින් හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන්. නම් ඒක තමා ජයග්‍රහණය. දැන් වෙලා තියෙන්නෙ පරිසරය විනාශ කරන එකෙන් අපිට පන්ගස වැටකේ කොළය සොයා ගන්න අමාරු වෙලා තියෙනවා..
|
NEWS
|
ශ්‍රීලංකාවේ උතුරු ප්‍රදේශයේ සංචාරය කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය සංචාරකයන්ට එරට රජය පනවා තිබූ තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඇත. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් උතුරු පළාතේ මුලතිවු, කිලිනොච්චි, මන්නාරම හා වවුනියාව ප්‍රදේශයන්හි සංචාරය නොකරන ලෙසට පනවා තිබූ තහනම ඒ අනුව ඉවත්වන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.පසුගිය ජුනි මාසයේ දී උතුරේ සංචාරය කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් මාර්ක් ගුඩින් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම එම ප්‍රදේශයන්හි වර්තමාන තත්ත්වය පිළිබඳව ලබා දුන් නිර්දේශය සැලැකිල්ලට ගත් බ්‍රිතාන්‍ය රජය මේ තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට සුදුසු වාතාවරණයක් උදාවී ඇතැයි සඳහන් කැර ඇත.ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට දැන් බ්‍රිතාන්‍ය පුරවැසියන්ට අවකාශ ලැබෙන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක උපදෙස් පිළිපැදිය යුතු බවත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ආචාර්ය පීටර් හේයස් මහතා සඳහන් කැර ඇත.ත්‍රස්තවාදී ගැටුම් අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙන ලද ආරක්ෂක උපදෙස් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් වරින් වර වෙනස් කරන ලද අතර ඒ අනුව ත්‍රිකුණාමලය, අරුගම්බේ, යාල ජාතික වනෝද්‍යානය ආදියේ සංචාරය කිරීමට එරෙහිව පනවා තිබූ තහනම පසුගිය 2009 වර්ෂයේ ජූලි මාසයේදී ඉවත් කළ බවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.ඉන් අනතුරුව මේ වසරේ ජනවාරි මාසයේදී නැඟෙනහිර පළාතේ සෑම ප්‍රදේශයකම මෙන්ම යාපනය අර්ධද්වීපයේ සංචාරය සඳහා පනවා තිබූ තහනමද ඉවත් කෙරිණි..
|
NEWS
|
බැංකුවලින් සහ ප්‍රදේශයේ හිතවතුන්ගෙන් ලක්ෂ ගණනාවක් ගසා කෑ සක්විති ගුරුවරියක් වස පානය කර සියදිවි නසාගැනීමට තැත් කර තිබේ. කනිටු විදුහලක සේවය කරන මේ ගුරුවරිය අවට අයගෙන් ණය වශයෙන් පොලියත් සමඟ ආපසු දීමට යැයි පවසා රුපියල් ලක්ෂ 65ක් පමණ ලබාගෙන ඇතැයි පැවැසේ.මීට අමතරව රජයේ සහ පුද්ගලික බැංකුවලින් ද රුපියල් ලක්ෂ ගණනක් ණය වී ඇති අතර, මැය දැනට සේවය කරන පාසලෙන් ස්ථාන මාරුවක් ලබා තම පදිංචි නිවෙස හා ඉඩම ද විකුණා දමා වෙනත් ප්‍රදේශයකට හොර රහසේ පවුලේ සියලු දෙනාම සමඟ යාමට සූදානම් වී සිට ඇත.නමුත් මේ රහස කෙසේ හෝ ණය කරුවන්ට හෙළිවීමත් සමඟ ඔවුන් නිවෙසට පැමිණ මුදල් ඉල්ලා කරදර කිරීමෙන් අනතුරුව ඇය වස පානය කර ඇත. පසුව ඇය වවුනියාව රෝහලට ඇතුලත්කර තිබේ..
|
NEWS
|
පාසල් දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීමේ අරමුණෙන් විටමින් වර්ග රැසක් නොමිලයේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.යකඩ පෙති, ෆෝලික් අම්ලය, විටමින් සී යනාදි පෙති වර්ග පාසල් දරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බවත් දරුවන්ගේ හීමොග්ලොබින් ඌනතාව අවම කිරීම සඳහා මේ විටමින් වර්ග අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පෝෂණය හා යෞවනය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මහත්මිය පැවැසුවාය.අවුරුද්දේ සති 24 ක් එනම් මාස හයක් එක දිගට දරුවන්ට මේ විටමින් වර්ග ලබාදීමෙන් ඔවුන්ගේ කඩිසර බව, මතක ශක්තිය, පාඩම් වැඩවලට පවතින අවදානය ඉහළ නැංවීමට හැකි වන බව ද ඒ මහත්මිය ප්‍රකාශ කළාය.සිරුරේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා ඔක්සිජන්වල ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය බවත් නිසියාකාරව ඔක්සිජන් සිරුර තුළ ක්‍රියා කිරීම සඳහා හීමොග්ලොබින් අවශ්‍ය බවත් ඇය පැවැසුවාය. ඖෂධවලින් ලැබෙන විටමින් වර්ගවලට වඩා ආහාරවලින් සිරුරට ලැබෙන විටමින් වර්ග වඩාත් වටින්නේ යැයි ද වෛද්‍ය ලොකුබාලසූරිය මහත්මිය කීය.ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය යටතේ පාසල්වල ගුරුවරුන්ට මේ විටමින් වර්ග ලබාදීම සිදුකෙරේ. ගුරුවරු මඟින් දරුවන්‍ට මේ විටමින් වර්ග ලබාදීම සිදුකෙරේ.පසුගිය කාලයේ මේ විටමින් වර්ග ලබාදීම සිදුකළේ 7 සහ 10 ශ්‍රේණිවල දරුවන්ට පමණක් වුවත් වර්තමානය වන විට පාසල්වල සියලුම දරුවන්ට මේ විටමින් වර්ග ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත..
|
NEWS
|
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඊයේ (3) ලබා දුන් නඩු තීන්දුවේ 26 වැනි පිටුවේ සඳහන් කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති නොසලකා හරිමින් ලබා දී ඇති බව නීති විශ්ලේෂකයෝ පෙන්වා දෙති.අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කිරීමේ බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොමැති වූවත්, දෝෂාභියෝග චෝදනා විභාග කිරීමේ ක්‍රමවේදයක් අපේ ව්‍යවස්ථාවේ පවතී.ඒ අනුව ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නීතියෙන් හෝ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කළ හැකි බවය.එහෙත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කළ හැකි බවට සඳහන් කොටස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබා දීමේදී නොසලකා ඇත.සියලු විනිශ්චයකාරවරුන් සම්බන්ධව ගන්නා නීතිමය ක්‍රියා පිළිබඳව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වූවත් ඒ බව මේ නඩු තීන්දුවේ සඳහන් නොවේ..
|
NEWS
|
අයවැයෙන් වැඩි වූ ජීවන වියදම් දීමනාව ජනවාරි මස සිටම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයන්ට ලබාදීමට මහා භාණ්ඩාගාරය කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කියයි.රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා ව්‍යාපෘති කාර්ය මණ්ඩල දීමනා සංශෝධනය කිරීම යටතේ මෙම වැඩිවූ ජීවන වියදම් දීමනාව රුපියල් 750 ලංගමයටද ලැබෙනු ඇත.ලංගම සේවකයන්ට දැනට ලැබෙන රුපියල් 5850 ක ජීවන වියදම් දීමනාවට අමතරව මෙම වැඩි වූ රුපියල් 750ක මුදල සමඟ රුපියල් 6600/-ක ජීවන වියදම් දීමනාවක් මාසිකව ලැබෙනු ඇත.ශ්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කරනු ලබන රුපියල් 10100 ක මුදලත් සමඟ වැඩි වූ ජීවන වියදම් දීමනාවද සමඟ ජනවාරි මස සිටම රුපියල් 10850ක් සේවකයාගේ ගිණුමට බැරකරන ලෙස ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත..
|
NEWS
|
සමාජ අවබෝධයෙන් තොර චින්තනයෙන් යුතුව ජීවත් වීම නිසා ඇතැම් පිරිස් ජාතික හා ආගමික වශයෙන් ගැටුම් කරා යොමු වන බව අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතා පැවැසීය.සුළු සිද්ධීන් නිසා මිනිසුන් ගැටුම් කරා යොමු වීමෙන් සමාජයේ මහා විනාශයක් සිදු වන බවත්, ඒ නිසා දේපළ මෙන්ම, ජීවිත හානි පවා සිදු වී රටට මහත් කැළලක් සිදුවන බවත් හෙතෙම කීවේය.බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධාන කළ සැමරුම් උළෙලට සහභාගි වෙමින් අගමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද, සෙසු ආගමික නියෝජිතයන් ද අගමැතිතුමාට එහිදී ආශිර්වාද කළහ.අද වැනි දිනක සියලු ජාතීන් නියෝජනය වන පිරිස් සහයෝගයෙන් යුතුව මෙවැනි උත්සවයක් සංවිධාන කිරීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටට පත්වන බව ඒ මහතා කියා සිටියේය.ශ්‍රී ලාංකික ජාතිය වශයෙන් අප සියලුදෙනා මිත්‍රත්වයෙන් සහ සහයෝගයෙන් ජීවත් විය යුතු බවත් ඒ සඳහා සුදුසු පරිසරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිර්මාණය කර තිබෙන බවත් ජයරත්න මහතා පැවැසීය.අගමැතිවරයා මෙසේද කීවේය.අප ඉටු කරන සේවාව ජනතාව විසින් පිළිගන්නවා නම් ඒ සේවාව තවදුරටත් ශක්තිමත්ව ඉටු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම සම්බුද්ධ ශාසනය සහ බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කළයුතුය යන ව්‍යවස්ථාවේ වගන්තිය දිවිහිමියෙන් යුතුව රැක ගැනීමට ද අප කටයුතු කරනවා. එසේ වුවද සෙසු ආගම් සඳහා ඉහළ ගෞරවයක් ලබාදීමට ඔවුන්ට සමානාත්මතාවයෙන් සැලකීමට ද අප රජය සෑම විටකම බැදී සිටිනවා.ලෝකයේ බොහෝ රටවල විවිධ ජාතීන් ජීවත් වෙනවා. ඒ අයුරින්ම ශ්‍රී ලංකාවේ ජාතීන් පහක් ජීවත් වන අතර, ඇතැම් විට සුළු පිරිසකගේ නොමනා ක්‍රියාකාරකම් නිසා එම ජන කොටස් අතර සුළු සුළු ගැටුම් නිර්මාණය වනු දැකිය හැකියි. නමුත් අප අවධාරණයෙන් සඳහන් කරන්නේ එලෙස ගැටුම් නිර්මාණය කරන්නන් ආධ්‍යාත්මික චින්තනයෙන් තොර පහත් පුද්ගලයන් වන බව ද හෙතෙම කියා සිටියේය.මේ අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍යපාද ගෝනදූවේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, දෙහිවල විෂ්ණු කෝවිලේ ආනන්ද කුමාර් කුරුක්කල්තුමා, කොළඹ ඉස්තානියා අරාබි විදුහලේ පූජක එම්.එච්.එම්. ෆාරුක් මවුලවිතුමා, සෙසු ආගමික පූජකවරුන් ද, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මැතිතුමා, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක, මහාභාරකාර සරත් සෙනවිරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ..
|
NEWS
|
සිර ගෙදරට යැවීම සඳහා තම ගමන් මල්ලේ හෙරොයින් ග්‍රෑම් 6ක් සහ මිලිග්‍රෑම් 13 ක් සඟවා ගෙන සිටි කාන්තාවක් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ රැඳී සිටියදී වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.ඇය මේ මස 12 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඩී. ඒ. රුවන් පතිරණ මහතා (28 දා) නියෝග කෙළේය.මේ කාන්තාවගේ පුතුන් දෙදෙනකු ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත රිමාන්ඩ් භාරයේ සිටී. මෙම කාන්තාව අධිකරණ භූමියට පැමිණි දිනය එම පුතුන් දෙදෙනා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත දිනය විය. එදින මෙම හෙරොයින් පැකට් සිරගෙදර අලෙවි කිරීම සඳහා තම පුතුන් දෙදෙනා අත එහි යැවීම සඳහා රැගෙන ආ බව ද සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විය.පැමිණිල්ල ඉදිරිපත් කළ වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන් කුමාරසිරි මහතා අධිකරණයට දැන්වීය..
|
NEWS
|
“මතුගම පැවැති ‘දිනමිණ’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේදී ඉගෙන ගත් දේ මෙන්ම දිනමිණ ශිෂ්‍යත්ව පාඩමත් මගේ ජයග්‍රහණයට ලොකු උදව්වක් වුණා” යැයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 195ක් ලබාගනිමින් පළමු ස්ථානය හිමිකරගත් දොඩන්ගොඩ මිරිස්වත්ත මහා විද්‍යාලයේ කේ. කේ. ඩී. විහඟි නෙත්මි රණවීර සිසුවිය පැවැසුවාය. අපේ පොඩි සීයාගේ ගෙදරට දිනපතාම “දිනමිණ” ගන්නවා. ශිෂ්‍යත්ව පාඩම තිබෙනදාට මා සීයාගේ ගෙදරින් පත්තරේ අරන් ඇවිත් ගෙදරදී එවලේම උත්තර ලියනවා. ඒ පාඩම්වල තිබුණු විදියේ හුඟක් ප්‍රශ්න විභාගෙට ඇවිත් තිබුණා. මා එවැනි ප්‍රශ්නවලට උත්තර ලියා පුරුදුවී සිටි නිසා මට පහසුවුණා” යැයි ද ඇය පැවසුවාය.එම ශිෂ්‍යාවත් ඇගේ මවුපියන් සහ පංතිය භාර ගුරුතුමියත් මිරිස්වත්ත මහා විද්‍යාලයේ විදුහල්පතිනියත් විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතාගේ ඇරියුමෙන් ඊයේ (16) විභාග දෙපාර්තමේන්තුවට පැමිණ සිටියාය.එම අවස්ථාවේදී දිනමිණ සමඟ කතාබහ කළ විහන්ගි නෙත්මි රණවීර සිසුවිය මෙසේද කීවාය.“පාසලේ ජිම්නාස්ටික් කණ්ඩායමෙත් ක්‍රීඩා කළා. හවසට ගෙදරදි ටී. වී. බැලුවා, හැබැයි ශිෂ්‍යත්ව පාඩම තිබුණ වැඩ සටහන් තමයි බැලුවේ. අතිරේක පන්තියකටත් ගියා. පළමුවැනියා වෙන්න මගේ හිතේ තිබුණා. ඒ අධිෂ්ඨානයෙන් වැඩ කළා. මා සමඟ අනිත් පළමුවැනියා වූ ඕෂධී මගේ යාළුවෙක්. ඇයත් මාත් අතිරේක පංතියක ඉගෙන ගත්තා” යැයි ද ඕ පැවසුවාය.“සමහර දවස්වලට දුව ප්‍රශ්න පත්‍ර හයක් හතක් තනිවම ගෙදරදි කරනවා. එතරම් ලොකු ගණනක් කරන්න කියා අපි කියන්නෙ නැහැ. ඒත් එයා කැමැත්තෙන්ම වැඩ ටික කළා. හැමදාම අපේ බාප්පාගෙ ගෙදර ‘දිනමිණ’ ගන්නවා. ශිෂ්‍යත්ව අතිරේකය තියෙනදාට දුව ඒ පත්තරේ ගෙනත් උත්තර ලියලා ඛ්ුරුවෙනවා.මතුගම තිබුණ දිනමිණ සම්මන්ත්‍රණයටත් පාසලෙන්ම සහභාගිවුණා” යැයි විහන්ගි ගේ පියා කේ. කේ. ඩී. සමන් සුධීර කුමාර රණවීර මහතා කීවේය.දොඩන්ගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ විදුහල්පතිනි ඇස්. එම්. චන්ද්‍රිකා සිල්වා මහත්මිය මේ දරුවා දක්‍ෂ බව ඇගේ ගුරුතුමිය ශි‍්‍රයානි මල්කාන්ති මහත්මියගෙන් මා අසා තිබුණා. ශිෂ්‍යත්වයට පෙනී සිටි අපේ පාසලේ දරුවොත් මේ වන විට විසිපහක් පමන සමත්වී සිටින බව අන්තර්ජාලයෙන් දැන ගත්තා.තවම විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල ලේඛන අපට ලැබුණෙ නැහැ. දිනමිණ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට අපේ දරුවෝ ගියා. මේ දරුවත් ගියා. ඒ ජාතික අධ්‍යාපන ආයතනයේ කුලරත්න මහතා ඇතුලු විද්වතුන්ගේ දේශන බොහොම ප්‍රයෝජනවත් වුණා. ඉදිරියේදීත් මෙවැනි සම්මන්ත්‍රණ වැදගත් වෙනවා යැයි සඳහන් කළාය.පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය හිමිකරගත් ඕෂධී රශිප්‍රභා ෆොන්සේකා, විහන්ගි නෙත්මි රණවීර, සිසුවියන් හා එම්. එන්. ෂකී අහමඩ් සිසුවා ඔවුන්ගේ දෙමාපියෝ, ගුරුවරියන් හා විදුහල්පතින් ද සමඟ විභාග දෙපාර්තමේන්තුවට ඊයේ සවස පැමිණියහ. ඔවුන් පැමිණියේ විභාග කොමසාරිස් ජනරාල්ගේ ඇරියුමෙනි.අනතුරුව ඔවුන් සියලු දෙනාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනයක් අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා ද සමඟ අරලියගහ මන්දිරයට ගියහ..
|
NEWS
|
කිසිදු දැනුම්දීමකින් තොරව තම අස්සන හොරට යොදා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වදින කණ්ඩායමට තමා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කර ඇතැයි පානදුර ගොරකානේ පදිංචි 23 හැවිරිදි ඩබ්ලිව්. ඒ. ලහිරු චතුරංග නැමැත්තා පොලිසියට හා මැතිවරණ කාර්යාලයට පැමිණිලි කර තිබේ.කිසිදු පක්ෂයකින් තරග කිරීමට ඉදිරිපත් වී නොමැති තමන්ට අපේක්ෂක හැඳුනුම්පත ලබා ගැනීමට එන ලෙස මැතිවරණ කාර්යාලය මගින් කළ දැනුම්දීමකින් පසු තමා අපේකෂකයකු බව දැනගත්තේ යැයි හෙතෙම පොලිසියට ප්‍රකාශ කර තිබේ.කළුතර දකුණ, පානදුර උතුර (කෙසෙල්වත්ත) හා කළුතර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇත.ලහිරු චතුරංග හා ඔහුගේ මාමා වන සුදත් මැන්ඩිස් මහතා ඒ පිළිබඳ දිනමිණට අදහස් දක්වමින් මෙසේ පැවැසීය. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමැති පක්ෂයකින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයක 16 වැනි අපේක්ෂකයා ලෙස ලහිරුගෙ නම ඉදිරිපත් කර ඇති බව අපට දැනගන්න ලැබුණා.අපේක්ෂක හැඳුනුම්පත ලබා ගැනීමට එන ලෙස ලිපිය ලැබීමෙන් පසු කළ සොයා බැලීමේදී මේ වංචාව හෙළිවුණා.අපි මේ පිළිබඳ කළුතර ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතාට ලිඛිතව පැමිණිලි කළා.ඔහු අපට කිව්වේ මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට උපදෙස් ලබා ගන්නා බවයි.හොරට අස්සන යොදා ඉදිරිපත් කළ අපේක්ෂක නාම යෝජනා පත්‍රය මැතිවරණ කාර්යාලය මගින් සම්මත වී තිබීම පුදුම සහගත බවත් ජාතික හැඳුනුම්පත නොමැතිව එසේ වූයේ කෙසේද යන්න ගැටලුවක් බවත් ඔවුන් වැඩිදුරටත් පැවැසීය..
|
NEWS
|
ජංගම දුරකථන අවම ගාස්තුව තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.ඒ සඳහා දුරකථන සමාගම් වෙත අවසර ලබාදී තිබෙන බවත් ලබන ජූලි මාසයේ සිට නව ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.ජංගම දුරකථන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දැනට නියම කර තිබෙන මිනිත්තුවක් සඳහා වූ රුපියල් 2.00 අවම ගාස්තුව නව ක්‍රමය යටතේ රුපියල් 1.50 ක් වන බවද ඒ මහතා සඳහන් කරයි.පාරිභෝගිකයන්ට සහන සැළසීම සඳහා අයවැය ලේඛනය මඟින් රජය ජනතාවට ලබාදුන් පොරොන්දුවක් මේ මඟින් ඉටුවන බවද හෙතෙම කියා සිටී.ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකථනවලට සාපේක්ෂව ජංගම දුරකථන සබඳතාවේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවද අනූෂ පැල්පිට මහතා පෙන්වා දෙයි.මෙරට භාවිත කරන දුරකථන ප්‍රමාණය මිලියන 20 කට ආසන්න වන බවත් ඉන් මිලියන 17 කට ආසන්න සංඛ්‍යාවක් ජංගම දුරකථන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි..
|
NEWS
|
අයි.පී.එල්. තරග පාවාදීම සම්බන්ධව පරික්ෂණ පවත්වනු ලබන එරට පොලිසිය එහි කණ්ඩායම්වල හිමිකරුවන්ට රටින් පිටවීම තහනම් කර තිබේ.පසුගිය දිනවල පොලිසියේ ප්‍රශ්න කිරිමට ලක්වූ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකාරකත්වය දරනු ලබන බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිගේ සැමියා වන රාජ් කුන්ද්‍රට ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය පොලිසියට බාරදෙන ලෙස නියෝග කර ඇත.පසුගිය දිනවල කුන්ද්‍රගෙන් පොලිස් විමර්ශන නිලධාරීන් පැය 10ක කාලයක් තරග පාවාදීම සම්බන්ධව ප්‍රශ්න කර තිබිණි. අයි.පී.එල්.තරගාවලියේ තරග පාවාදීමේ කුමන්ත්‍රණය මුල් වරට හෙළිවූයේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනකුගෙනි..
|
NEWS
|
මහජනතාවගේ පහසුව උදෙසා, දෙහිවල ජාතික සත්වෝද්‍යානය දිනපතා රාත්‍රි 8.30 දක්වා විවෘත කර තැබීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. සත්වෝද්‍යානයේ මින් මැදුර කටු ගෙය සහ මුහුදු සිංහයන්ගේ දර්ශන මේ අනුව රාත්‍රි 8.30 දක්වා විවෘතව තැබීමට කටයුතු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය චන්ද්‍රවංශ පතිරාජ මහතා ‘දිනමිණ’ට පැවැසීය.වසරකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබූ සත්වෝද්‍යාන කටු ගෙය ද මේ අනුව යළි මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට නියමිත බව හෙතෙම ප්‍රකාශ කෙළේය. මේ හැර සත්වෝද්‍යානය නැරඹීමට එන පාසල් දරු දැරියන්ගේ ප්‍රයෝජනය උදෙසා විශේෂ අධ්‍යාපනික වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඒ මහතා කීවේය.විශ්ව විද්‍යාල උපාධිධාරීන් කණ්ඩායම් සමඟ එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.
|
NEWS
|
ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර වෙළෙඳ ආර්ථික විද්‍යාත්මක හා තාක්ෂණ සහයෝගීතාවය පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා වූ ගිවිසුමක් අත්සන් කිරීමට ඉදිරියේදී නියමිතය.දෙරට අතර වර්තමානයේ පවතින ද්විපාර්ශවික වෙළෙඳ ආර්ථික විද්‍යාත්මක හා තාක්ෂණ සහයෝගීතා මට්ටම මඟින් අපේක්ෂිත මට්ටම මෙන්ම සත්‍ය විභවතාව පිළිබිඹු නොවන බව දෙරටටම නිරීක්ෂණය වී තිබීම මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට හේතුවී තිබේ.2001දී අමෙරිකානු ඩොලර් මිලියන 11.6ක් වූ රුසියානු සහයෝගීතා මට්ටම 2013දී ඩොලර් මිලියන 279.91 දක්වා වර්ධනය වී ඇති අතර එසේම ශ්‍රී ලංකාවේ සහයෝගීතා මට්ටම ඩොලර් මිලියන 3.7 සිට ඩොලර් මිලියන 145.85 දක්වා වර්ධනය වී ඇත.
|
NEWS
|
ඌව පළාතේ පානීය ජලය සහ විදුලි බල අවශ්‍යතාව සැපයීම සඳහා පමණක් රජය රුපියල් කෝටි 4184ක මුදලක් වැයකර තිබේ.පානීය ජලය සැපයීම සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි තුන්දහසක්.ඌව පළාත් සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ජල ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කර ඇත. එමෙන්ම එහි ජනතාවට විදුලි බලය සැපයීම සඳහාද සැලසුම් සකස් කර තිබේ.රැහැන් භාවිතාකළ නොහැකි ප්‍රදේශ සඳහා කුඩා ජල විදුලි බලාගාර මඟින් සහ සූර්ය බලය සැපයීමට පළාත් සභාව පියවර ගෙන ඇත.
|
NEWS
|
අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ ඊයේ (28) පෙරවරුවේ පැවැති විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වී යළි කොළඹ බලා පැමිණෙමින් සිටින අතරවාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම ඉඹුල්ගොඩ ප්‍රදේ්ශයේ දී අන්නාසි වෙළෙඳුන් හමුවීම සඳහා ද ගියේ ය.කොළඹ – නුවර මහා මාර්ගයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ මඟ දෙපස පිහිටි වෙෙළඳසල්, අන්නාසි වෙෙළඳාම සඳහා දීර්ඝ කාලයක පටන් බොහෝ ප්‍රසිද්ධියක් උසුලනු ලබයි.මෙම වෙෙළඳසල් කිහිපයක් වෙත ගිය ජනාධිපතිතුමා වෙළෙඳුන්ගෙන් මෙන්ම ප්‍රදේශවාසීන් සමඟ ද තොරතුරු කතා බස් කරමින්ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදහස් විමසීය.ඒ අතරතුර දී වෙළඳසල් හිමියන් විසින් පිරිනැමූ රසවත් අන්නාසි සංග්‍රහයක් ද ජනාධිපතිතුමා මහත් සතුටින් යුතුව භුක්ති විඳි අතර, ටික වේලාවක් ඔවුන් සමඟ සුහදව කතා බහ කරමින් කාලය ගත කළේය.තම වෙළඳසල් වෙත නොසිතූ වෙලාවක පැමිණි ජනාධිපතිතුමා, තමන්ගේ අන්නාසි වෙළඳාම් කටයුතු සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා පවතින ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී ඉඹුල්ගොඩ අන්නාසි වෙළඳුන් ජනාධිපතිතුමාට සිය හදපිරි ස්තුතිය පිරිනැමූහ..
|
NEWS
|
නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2010 අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ කණ්ඩායම් තරග නෙළුව මහජන ක්‍රීඩා පිටියේදීත් නෙළුව ජාතික පාසල් ක්‍රීඩා පිටියේදීත් පසුගියදා පැවැත්විණි. නෙළුව ක්‍රීඩා නිලධාරි බෝධි සඳරුවන් දහනායක මහතාගේ සංවිධානයෙන් පැවැති තරගාවලියේ ප්‍රතිඵල මෙසේය.එල්ලේ (පිරිමි) - සූරතාව - නෙළුව රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය. අනු සූරතාව - නෙළුව ජාතික පාසල් ක්‍රීඩා සමාජය. එල්ලේ (කාන්තා) - සූරතාව - නෙළුව ජාතික පාසල් ක්‍රී. ස. අනු සූරතාව - බටුවන්ගල නවෝද්‍යා ක්‍රී. ස. ක්‍රිකට් (පිරිමි) - සූරතාව - මාවිට විජය ක්‍රී. ස. අනු සූරතාව - නෙළුව ජාතික පාසල් ක්‍රී. ස. ක්‍රිකට් (කාන්තා) සූරතාව - නෙළුව ජාතික පාසල් ක්‍රී. ස. අනුු සූරතාව - බටුවන්ගල නවෝද්‍යා ක්‍රී. ස. නෙට්බෝල් - සූරතාව - නෙළුව ජාතික පාසල් ක්‍රී. ස. අනු සූරතාව - බටුවන්ගල නවෝද්‍යා ක්‍රී. ස.
|
NEWS
|
මගී සළුපිලි කන්ටේනරයන් අස්සේ සඟවා මෙරටට ගෙන්වා තිබු රුපියල් ලක්ෂ පහළොවක් වටිනා වේ ප්‍රෝටීන් අඩංගු දියර හා පිටි වර්ග තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ වේ ප්‍රෝටීන්අඩංගු කිරිපිටි හා දියර තොගය ඩුබායි සිට වත්තල පිහිටි මගී භාණ්ඩ ගෙන්වන ආයතනයකට එවාතිබු කන්ටේනරක තිබියදී සොයා ගත්බව රේගු අධිකාරී පරාක්‍රම බස්නායක මහතා පැවසීය.ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අදාළ කන්ටේනරය විවෘත කළ අවස්ථාවේදී වේ ප්‍රෝටීන් පවුඩර් හා දියර වශයෙන් ද තිබී ඇත. කායවර්ධන ක්‍රීඩකයන් මෙවැනි අධි පෝෂණ වර්ග භාවිතා කරන බව පවසන රේගු නිලධාරීහු පවසති. මේ වේ ප්‍රෝටීන් තොගය කවුරුන් කාට එවුයේද යන්න සඳහනක් නොමැති බවද රේගු නිලධාරිහු පවසති.රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් පී. විජෙවීර මහතාගේ උපදෙස් මත රේගු අධ්‍යක්ෂ (ආදායම්) මාලි පියසේන , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සේපාල එදිරිමාන්න , රේගු අධිකාරී පරාක්‍රම බස්නායක, තිස්ස දහනායක මහත්වරු මේ වැටලීම සිදුකළ අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති..
|
NEWS
|
දඹදිව වන්දනා සංචාරක නියෝජිත ආයතන හා වන්දනාකරුවන්ගෙන් මුදල් අය කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අගමැති දි. මු ජයරත්න මහතා තීරණය කර තිබේ.දඹදිව වන්දනා සංචාරක නියෝජිත ආයතන මඟින් සහ වන්දනාකරුවන්ගෙන් එක් වන්දනා සංචාරයක් සඳහා රුපියල් 2500 ක මුදලක් අය කිරීමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කර තිබේ.බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම තීරණයට එළඹ ඇත්තේ විෂයභාර ඇමැතිවරයා වශයෙන් අගමැතිවරයාගේ කිසිදු අනුදැනුමකින් තොරව බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එම කාර්ය සඳහා ලේකම්වරයා කමිටුවක්ද පත්කොට ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.ලේකම්වරයා ගෙන ඇති තීරණය තුළින් තමන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව දඹදිව වන්දනා සංචාරක නියෝජිත ආයතන හිමිකරුවන් බහුතරයක් අගමැතිවරයාට පෙන්වා දී තිබේ.එවැනි මුදලක් අයකිරිම පිළිබදව යෝජනවක් හෝ ඉදිරිපත්ව නොතිබු බවත්, එවැනි කිසිදු මුදලක් අය කිරීමක් සිදු කිරීමට තමා අපේක්ෂා නොකරන බවත් බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති, අගමැති දි. මු ජයරත්න මහතා අවධාරණය කර සිටී..
|
NEWS
|
මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයකුට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වූ කාන්තාවන් දෙදෙනකු රෝහල තුළදීම ගුටිබැට හුවමාරු කර ගැනීම නිසා එක් කාන්තාවක ලේ ගලන තුවාල සහිතව රෝහලට ඇතුළත් කර තිබේ.අනික් කාන්තාව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත. මාතර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී. ඇම්. කේ. චන්ද්‍රසේන මහතා පැවසූ පරිදි එම සිද්ධිය මෙසේ ය.දෙවිනුවර විවාහක ව්‍යාපාරිකයකු අසනීපව මාතර මහ රෝහලට ඇතුළත් කෙරිණි. බිරිය සැමියා බැලීමට පැමිණියා ය. ඒ අතර තවත් කාන්තාවක රෝගියාට සාත්තු කරනු ඇය දුටුවාය. ඒ ගැන විමසිනි. ඇය රෝගියාට ඇති අයිතිය කියා සිටියා ය.ඒ සැණින් විවාහක බිරියත් අනිත් කාන්තාවත් අතර වාග් හුවමාරුවක් සිදුවිය. අනතුරුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා දුර දිග ගියේ ය. රෝගියාගේ විවාහක බිරියට අනිත් කාන්තාව කුඩයෙන් පහරදීමෙන් ලේ ගලන තුවාල ඇතිව රෝහලට ඇතුළත් කෙරිණි.
|
NEWS
|
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන අභියෝගතා කුසලානය සඳහා අන්තර් පළාත් බාලිකා ක්‍රිකට් (ලෙදර්) තරගාවලියක් අද (7) සහ හෙට (8) දෙදින මහරගම මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මහරගම මැදි විදුහල් ක්‍රිකට් සංගමය මේ තරගාවලිය සංවිධානය කරනු ලබයි.තරගාවලිය කොටස් දෙකකින් යුක්ත වේ. ඒ කොළඹ දිස්ත්‍රික් පාසල් බාලක ක්‍රිකට් තරගාවලිය සහ අන්තර් පළාත් බාලිකා ක්‍රිකට් තරගාවලිය එම කොටස් දෙකයි.සියලුම තරග ඕවර් 20 කට සීමා වේ. කොළඹ දිස්ත්‍රික් බාලක තරගාවලියට මහරගම මැදි විදුහල, පිළියන්දල පිලිප් ආටිගල විදුහල, කොට්ටාව ධර්මපාල විදුහල, පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල, කොළඹ ඉසිපතන විදුහල බාලක තරගාවලියට ඉදිරිපත් වී සිටිති.අන්තර් පළාත් බාලිකා තරගය සඳහා කොළඹ ගෝතමී බාලිකා, රත්නපුර සුමන බාලිකා, මහනුවර මහමායා බාලිකා, ඌව පල්වත්ත මහ විදුහල හලාවත විජය කටුපොත විදුහල සහ මන්නාරම (නැගෙනහිර දිස්ත්‍රික් කණ්ඩායම බාලිකා තරගාවලියට ඉදිරිපත් වී සිටිති.හෙට (8) පස්වරු 4 ට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු කෙරේ.තරගාවලි දෙකේදීම දක්ෂතම පිතිකරු පන්දු යවන්නා සහ දක්ෂතම ක්‍රීඩකයා යන අංශ සඳහා විශේෂ ත්‍යාග පිරිනැමීමට නියමිතය..
|
NEWS
|
අන්තර් පාසල් අවුරුදු 20න් පහළ ලීග් රගර් තරගාවලියේ පළමු කොටස යටතේ විද්‍යා විද්‍යාලය සමග පැවැත්වීමට නියමිතව තිබු තරගයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් සිය කණ්ඩායම රැගෙන ක්‍රීඩාංගණයෙන් පිටව යාම සම්බන්ධව ධර්මරාජ විදුහලේ රගර් ක්‍රීඩාව භාර ආචාර්යවරයාට වසරක කාලයක් රගර් ක්‍රීඩාවට සම්බන්ධව කටයුතු කිරීමේ වාරණයක් පැනවූ බව ශ්‍රී ලංකා පාසල් රගර් සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා 'දිනමිණ'ට ප්‍රකාශ කළේය. ඒ අනුව පාසල් රගර් සංගමයේ ඔහුගේ කමිටු සාමාජිකත්වය ද වසරක කාලසීමාවකට තහනම් කෙරේ.ලීග් රගර් තරගාවලියේ අවසන් වටයේ දී විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම සමග විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට ලියාපදිංචි නොකළ ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් කිරීමට ධර්මරාජ විදුහලේ ක්‍රීඩා භාර ආචාර්ය සාලිය ඇලෙක්සැන්‍ඩර් මහතා උත්සාහ කොට තිබූ අතර එය පාසල් රගර් සංගමයේ නීතිරීතිවලට පටහැනි බැවින් ඒ සඳහා ලියාපදිංචි ක්‍රීඩකයන් පමණක් යොදවන ලෙස අදාල තරගයේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ නිරෝධ විජේරාම මහතා දැනුම් දී තිබිණි. එම අවස්ථාවේ ඊට විරුද්ධත්වය පාමින් ධර්මරාජ විදුහලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා සිය කණ්ඩායම රැගෙන ක්‍රීඩාංගණයෙන් පිටව ගොස් තිබිණි.මේ සම්බන්ධව පාසල් රගර් සංගමයේ විනය කමිටුව මගින් ඇලෙක්සැන්ඩර් මහතාට එරෙහිව පසුගියදා විනය පරීක්ෂණයක් පැවැත්වූ අතර ඉහත කී චෝදනාවට අමතරව සාන්ත පීතර විදුහල් පිල සමග පැවැති තරගයටත් ලියාපදිංචි නොකළ අදාළ ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ලවී තිබිණි. ඒ අනුව විද්‍යා විද්‍යාලයට නිතරඟ ජයක් ලබාදීමට පාසල් රගර් සංගමය තීරණය කළේය.එම තරගයේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ සනත් ඉලේපෙරුම මහතා අදාල ක්‍රීඩකයන්ගේ ලියාපදිංචි තත්ත්වය සොයා නොබැලීම හේතුවෙන් ඔහු ද මෙවර තරගවාරයේ ඉදිරිතරගවලට සම්බන්ධව කටයුතු කිරීමෙන් ඉවත් කිරීමට පාසල් රගර් සංගමය තීරණය කර තිබේ..
|
NEWS
|
ජයරත්න ජීවත්වීම සඳහා නොකරන දෙයක් නැත. විටක කරත්තයක් බැද කොස්, පොල්, දෙල්, පුවක් අලෙවි කරයි. තවත් විටක යකඩ බඩු එකතු කරයි. තවත් විටක ලොතරැයි අලෙවි කරයි.දිනක් වෙළෙඳාම් කිරීම සඳහා කිසිවක් සොයා ගැනීමට නොහැකිව කල්පනා කරමින් සිටියදී තැඹිලි ගෙඩි කීපයක් සොයා ගත්තොත් පවතින ඉඩෝරයත් සමඟ හොඳ මිලකට දෙන්න පුළුවන් කියා ඉඳගෙන සිටි තැනින් නැගිට සුපුරුදු පරිදි නිල් පැහැති හිස් වැස්ම ද පැළැද නගරයට පැමිණීමට නිවෙසින් පිටත් විය.ඒ එන අතරේ පාර දෙපැත්තේ තිබෙන තැඹිලි, පොල්, පුවක් ගස් දෙස බලමින් දෙවට පාරේ ගමන් කරද්දී පාර අයිනේ නිවෙසක මිදුලේ තැඹිලි ගසක තැඹිලි වල්ලක් දැක “නැන්දම්මේ තැඹිලි වල්ල දෙනවාද කියා විමසීය.කාන්තාව නිවෙසින් එළියට පැමිණ කීය ගානේ ද දෙන්නේ, නැවතත් ජයරත්න වෙනද දෙන මුදල දෙන්නම් කියා හනික ගසට නැඟ තැඹිලි වල්ල බිමට බෑවේ ය.කාන්තාව වහා අසලට ගොස් එහි ගෙඩි කීය දැයි ගණන් කරන්න විය. එහි ගෙඩි 40 කි.මුවට මද සිනහාවක් පහළ විය. තැඹිලි වල්ල කරට ගත් ජයරත්න නැද්දම්මේ මේ ටික විකුණලා සල්ලි ගෙනත් දෙන්නම් මට පිහියකුත් දෙන්න යැයි කීය. කාන්තාව ගෙට ගොස් හොඳට කැපෙන පිහිය ද ගෙන ජයරත්න අත තැබී ය. ජයරත්න සිනහවක් පා පිටව යන්නට විය.දින සති කීපයක් ගත විය. තැඹිලි ගෙඩි හතළිහේ මුදල් සහ පිහිය ලැබිලා නෑ. ජයරත්න ගැන පාරේ ගමන් කරන අයගෙන් විමසුවත් ඒ අය ද ජයරත්න නොදැක්කා යැයි පැවසීය.ජයරත්නගේ සහෝදරයෙකු හමු විය. අනේ පුතේ අයියාට කියාපන් තැඹිලි වල සල්ලි එපා මගේ පිහිය ගෙනත් දෙන්න කියලා දුක් මුසු ලීලාවෙන් කියන්නට විය. එහෙත් පිහියත් නෑ. සල්ලිත් නෑ. ගස දෙස බලමින් හූල්ලන්නට විය..
|
NEWS
|
කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත්කෙළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයකු රු. 7500 ක මුදල් ඇපයක් හා ලක්‍ෂ 2 ක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එම්. එන්. සී. අමරසිංහ මහතා නියෝග කෙළේය.මෙලෙස මුදාහැරුණේ මූකලන්ගමුව සීදූව පදිංචි බෝඩිමක අයිතිකරුවකු බව කියන තැනැත්තෙකි.පැමිණිලිකාරිය සැකකරුට අයත් සීදූව කටුනායක තිබෙන බෝඩිමක නේවාසිකව සිටී. පසුගිය 13 දා රාත්‍රී 12 ට පමණ සැකකරු පැමිණිලිකාරිය සිටිනා බෝඩිමේ දොරට තට්ටු කර ඇත.පැමිණිලිකාරිය දොර විවෘත කර බලන විට බෝඩිමේ අයිතිකරු එසේ කළ බව පැමිණිල්ලේ සඳහන්ව තිබුණි.පැමිණිලිකාරිය බියට හා ලැජ්ජාවට පත්ව එසැනින් සීදූව පොලිසියට පැමිණිලි කිරීමට බෝඩිමෙන් පිටව ඇත. පිටුපසින් පැමිණි සැකකරු පොලිසියට නොයන ලෙස ඉල්ලා එය වැළැක්වීමට කටයුතු යොදා ඇත.පසුව ඇය මාර්ග සංචාරක රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරියකුට සිද්ධිය පවසන ලදැයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ය.සීදූව පොලිසිය සැකකරුට එරෙහිව බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණි. සැකකරු වෙනුවෙන් නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා ඉදිරිපත් විය. නැවත විභාගය ලබන පෙබරවාරි 18 දිනට කල් තැබුණි..
|
NEWS
|
හෝමාගම මැතිවරණ කොට්ඨාසයට ජාතික පාසලක් ලබාදීමට සැලැසුම් සකස් කොට ඇති බව වෙළෙඳ අලෙවි සංවර්ධන හා පාරිභෝගික සේවා ඇමැති හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ඇමැති ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී හෝමාගම ඉදිවන ප්‍රථම ජාතික පාසල පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමිනි.ඇමැති ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.මෙරට ග්‍රාමීය දරුවන්ගේ අනාගතය පිළිබඳව ගැඹුරින් සිතන එකම ජාතික නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එතුමා මෙරට දේපල, මිල මුදල් නොමැති ග්‍රාමීය ප්‍රදේශවල සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීමට පියවර රැසක් ගෙන තිබෙනවා.ජනාධිපතිතුමා නිරන්තරයෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස් දෙන්නේ ගමට වැඩි වශයෙන් සම්පත් බෙදී යන අයුරින් සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක විය යුතුයි කියලා. අද කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය වෙනස් කැර තිබෙනවා. මේ නිසා අද ග්‍රාමීය ප්‍රදේශවල ද සුපිරි මාර්ග, ජාතික පාසල් ඉදිවෙනවා.එක්ලක්ෂ පනස් දහසකට අධික ජනගහනයක් සිටින හෝමාගම මැතිවරණ කොට්ඨාසයට එකම ජාතික පාසලක්වත් නොමැති වීම, කොට්ඨාසයේ විශාල අඩුවක් ලෙස පැවතුණා.මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව නාගරික සංවර්ධන හා පූජා භූ®මි සංවර්ධන අමාත්‍යාංශයට අයත් හෝමාගම පිටිපන මාහේන ප්‍රදේශයට අයත් අක්කර පහළොවක භූ®මියක නව පාසල ඉදිකිරීමට සැලැසුම් කළා.පාසල ඉදිකිරීම සඳහා ප්‍රථම අදියර යටතේ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ භාරකරු වශයෙන් රුපියල් ලක්ෂ තුන්සියයක මුදලක් වෙන් කිරීමට පියවර ගනු ලැබුවා. මේ පාසල ඉදිකිරීමෙන් අනතුරුව පළමු වසරේ සිට පහ වසර දක්වා පන්ති ආරම්භ කිරීමට සැලැසුම් කැර තිබෙනවා.මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී තිලකරත්න රාජපක්ෂ, ;හීමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන සුනිල් පෙරුම්බුලි, බන්දුල රන්ජන් ඉලේපෙරුම, කමල් චන්දන මහත්වරුද සහභාගි වූහ.
|
NEWS
|
බම්බලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (30) අලුයම සිදු වූ රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු මියගොස් තවත් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා ඇත.සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා 8 වැනි විජයභා රෙජිමේන්තුවේ සේවය කළ කුරුණෑගල පදිංචි දර්ශන බෝයගනේ මහතා බව යුද හමුදා මූලස්ථානය පවසයි. හමුදා නිලධාරීන් ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසි වී මෙලෙස අනතුරට පත්ව ඇතැයි පොලිසිය පවසයි.සිද්ධියෙන් මියගිය මේජර් දර්ශන බෝයගනේ මහතා යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියකු වන අතර ඔහු කිනිහිර, රිවි කිරණ සහ මානුෂිය මෙහෙයුමට සෘජුව සම්බන්ධ වූ දක්ෂ හමුදා නිලධාරියෙකි.රාජ්‍ය සේවා පදක්කම, වීර වික්‍රම පදක්කම, රණශූ®ර පදක්කම, රණවික්‍රම පදක්කම ඇතුළු හමුදා පදක්කම් රැසක් මේ නිලධාරියාට හිමි වී තිබේ.වයස අවුරුදු 33ක් වන මෙම මේජර්වරයා විවාහකයෙකි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි..
|
NEWS
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.