comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
පොළොන්නරුව ගල් කබරාව ශ්‍රී නිශ්ශංකමල්ල පුර ශ්‍රී විජයාරාම විහාරාධිපති කොබෙයිතුඩුවේ විජිත හිමියන්ගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් ආගමික හා සමාජ සුබ සාධන කටයුතු සඳහා මුල් තැන දෙමින් පිහිටුවාගනු ලැබූ බෝසත් යොවුන් සංසදය සෑම පසළොස්වක පොහොය දිනවිවිධ සමාජ හා පුණ්‍ය කටයුතු කරගෙන යනු ලබයි.පසුගිය පසළොස්වක පොහොය දිනයේදී සේවාගම ආබාධිත නිවාසයේ පදිංචි ආබාධිතයන් සඳහා විශාල පුණ්‍ය කටයුතු රාශියක් මේ සංවිධානය විසින් සිදුකරන ලදී. මේ ආබාධිත නිවාසයේ ළමා හා තරුණ ආබාධිතයන් 32ක් වෙති.ඔවුන්ගේ කොණ්ඩ කැපීම, නෑවීම, අලුත් ඇඳුම් ඇන්දවීම, පිරිසිදු රසවත් ආහාර වේලක් ලබාදීම හා පොළොන්රුවේ ඓතිහාසික ස්ථාන ආදිය පෙන්වීම සිදු විය.මේ පිළිබඳව අදහස් දැක්වූ “බෝසත් යොවුන් සංසදයේ” ප්‍රධාන සංවිධායක චමින්ද චන්ද්‍රසේකර මහතා . අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස්මත ගල් කබරාව ගමේ තරුණයන් දහදෙනකු පමණ එකතුවී මේ මානව හිතවාදී බෞද්ධ සංගමය පිහිටුවා ගත්තා.ඒ මගින් ගමේ හික්මීම, විනය, සදාචාර සම්පන්න කමින් පිරි දරුවන් පිරිසක් බිහිවී තිබේ.විහාරාධිපති කොබෙයිතුඩුවේ විජිත හිමි. මෙලොව උපදින සියලුම දෙනා අනුන් වෙනුවෙන් නැති බැරි අහිංසක අය වෙනුවෙන් යමක් කළ යුතුයි.කවදාවත් කාටවත් සමාජයේ තනියම ජීවත් වෙන්න බෑ. මේ තරුණ පිරිස ඒකරාශීවී දුප්පත් අහිංසක ආබාධිත පිරිසකට තමන්ගේ සහෝදරයින්ට වගේ උදව් උපකාර කිරීම විශාල පුණ්‍යකර්මයක් වෙනවා.කන්තලේ රාහුල හිමි. මිනිසුන් දැන හෝ නොදැන සසරදී හෝ සමාජයේදී විවිධ අකුසල කර්ම කරනවා.ඒවා විවිධ අයුරින් ආපසු විපාක දෙනවා.සේවාගම ආබාධිත නිවාසයේ සිටින තරුණ හා ළමා ආබාධිතයින් සියලු දෙනාම මිනිසුන්. ඔවුන්ට අප හා සමානවම සියලු ආශාවන් තිබෙනවා. ඔවුන් සමාජයෙන් කොන් නොකළ යුතුයි.
|
NEWS
|
ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය, කවි ලකුණු මිණි මල්දම වැනි සාහිත්‍ය කෘති රැසක් බිහිකරමින් සිංහල සාහිත්‍යයට උදාර මෙහෙයක් කළ වීදාගම මෛත්‍රී හිමියන් විසූ බණ්ඩාරගම වීදාගම රජමහා විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට යොමුවිය යුතු ස්ථානයකි.බුද්ධ වර්ෂ 1950ත් 2050ත් අතර කාලයේ මේ විහාරස්ථානය ඉදිකර ඇත්තේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් බැව් රයිගම් කෝරළ ඉතිහාසයේ සඳහන්ව ඇත.වීදාගම රජමහා විහාරයේ හිටපු විදුහල්පති පාණදුරේ ශාන්ත හිමි මුළු මහත් ශ්‍රී ලංකාව පුරාම ප්‍රකට වීදාගම රජමහා විහාරස්ථානය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එතරම් සැලකිල්ලක් නොදැක්වීම කනගාටුවට කරුණක්. කලකට පෙර එක් වතාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් පිරිසක් විහාරස්ථානයට පැමිණියා.කැනීම්, කිසිවක් කරන්නට එපායැයි කියා ඔවුන් යන්නට ගියා. මේ වනතුරු කිසිම ගවේෂණයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කෙළේ නැහැ. වීදාගම මෛත්‍රී හිමි වැඩ සිටි සමයේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට උපකාරී වන සරස්වතී තෛලය තැන්පත්කර ඇති බැව් කියන ස්ථානය ද තිබෙනවා.වීදාගම හිමියන් බාල, තරුණ, මහලු කා අතරත් ප්‍රකට ලෝවැඩ සඟරාවට ඇතුළත් කවි එකසිය හැට පහම කළුගල් පුවරුවල නොමැකෙන පරිදි ලියා සටහන්කර විහාරය වටා ඉදිකර තිබෙනවා.ඓතිහාසික හා ශාස්ත්‍රීය දෙඅංශයෙන්ම වටිනාකමක් ඇති වීදාගම රජමහා විහාරස්ථානය කෙරෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතුයි. .
|
NEWS
|
ශ්‍රී ලංකා පිලට අත්දැකීම් සපිරි නව නායකයෙකු බිහිකිරීමට කාලය අවශ්‍ය බැවින් වත්මන් නායක මහේල ජයවර්ධන 2015 වසරේ ලෝක කුසලාන තරගමාලාවටත් නායකත්වයේ සිටිනු ඇතැයි හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පැවැසීය.පෙනෙන පරිදි මහේලගෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක 25 හැවිරිදි ඇන්ජෙලෝ මැතිව්ස් පත්වනු ඇත. ඔහු මේ වනවිට ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග යන සෑම තරග අංශයකින්ම දස්කම් දක්වමින් සිටියි.නමුත් සිය වසර 3ක ක්‍රීඩා දිවියේ දී ඔහු විවිධ ආබාධවලට ගොදුරු වී සිටියේය.'කාටහරි හදිස්සියේ නායකත්වය දෙන්න බෑ. මැතිව්ස්ට හොඳ නායකයෙකු යටතේ වසර 2-3ක අත්දැකීම් ලබාදිය යුතුයි. ' ආර්.ප්‍රේමදාස පිටියේ පුහුණුවල නිරතව සිටියදි ඩිල්ෂාන් ක්‍රිකින්ෆෝ වෙබ් අඩවියට එසේ ප්‍රකාශ කළේය.'පිටියේදී කණ්ඩායම මෙහෙයවීම විතරක් නෙවී පිටියෙන් පිටතදීත් කළ යුතු කරුණු කාරණා රාශියක් නායකයෙකුට තිබෙනවා. ඒවා තමයි මම ඉගෙන ගත්තු දේවල්. ඒක එච්චර පහසු දෙයක් නෙවී. මතක තියාගන්න මැතිව්ස් හොඳ නායකයෙක් වේවි. නමුත් ඔහුට තව කාලය තිබෙනවා.ඔහුට මහේල යටතේ තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. කුමාර් මම හා මහේල දැන් ඉන්නේ අපේ ක්‍රීඩා ජීවිතයේ විශ්‍රාම ගන්නා වයසට ආසන්නයේයි.ඊළඟ ලෝක කුසලාන තරගමාලාවට පස්සේ අපි යාවි. එතකන් මහේලට නායකත්වයේ වගකීම කරට ගන්න සිදුවේවි.' ඩිල්ෂාන් පැවැසීය..
|
NEWS
|
ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේදී ප්‍රබල ඉන්දුනීසියානු කණ්ඩායම සමඟ තරග වැදුණ ශ්‍රී ලංකාව තරග වට 3-2ක් ලෙස ජය අත්කර ගනිමින් වොලිබෝල් ඉතිහාසයේ පළමු වතාවට ආසියානු සුපර්ලීග් වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ තරගයෙන් ශ්‍රී ලංකා පිලේ නායක සමීර ඒකනායකට ඉවත්වීමට තීරණය කර තිබුණ ද පෙර තරගවලදී විශිෂ්ඨ දස්කම් පෑ ශ්‍රී ලංකා නායකයා අසනීප තත්වය මධ්‍යයේ වුවද අවසන් මොහොතේදී කණ්ඩායමට එක්වීම විශේෂ සිදුවීමකි.ඉරානයේ ටෙහෙරාන් නුවර 16 වැනි වරට පැවැත්වෙන මේ තරගාවලියේ කාණ්ඩ 4 ක් යටතේ රටවල් 16ක් සහභාගි වී සිටිති..
|
NEWS
|
රණවිරු හසලක ගාමිණී කුලරත්න අනුස්මරණ ශක්ති තරගාවලියේ හොඳම සවි ඔසවන්නා ලෙස හයිලෙන්ඩර් ක්‍රීඩා සමාජයේ සඳුන් වාසනා පෙරේරා සම්මානයට පාත්‍රවිය.වාද්දූව ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමය සමග එක්වී ආබාධ සහිත වූවන් සඳහා පසුගියදා පානදුර සුමංගල විදුහලේ පැවැති මේ තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ත්‍රිවිධ හමුදාවල ක්‍රීඩකයන් සමත්විය.කිලෝ ග්‍රෑම් 48 ට අඩු බර පංතිය1.ආර්.පී.සිසිර කුමාර (හයිලෙන්ඩන් ක්‍රී.ස.) 2. ඒ.ජී.එන් .එස්. අනුර කුමාර (විජයබාහු ක්‍රී.ස.) 3. කේ.එච්.පි‍්‍රයන්ත (සිංහ රෙජිමේන්තුව)කිලෝ ග්‍රෑම් 52 ට අඩු බර පංතිය:1.සඳුන් වාසනා පෙරේරා (හයිලෙන්ඩර් ක්‍රී.ස.) 2. ජේ.ඒ.ටී. නිශාන්ත ජයසිංහ(කමාන්ඩෝ රෙජිමේන්තුව)කිලෝ ග්‍රෑම් 56 ට අඩු බර පංතිය1. ඩී.ජේ.ප්‍රනාන්දු (ගැමුණු හේවා රෙජිමේන්තුව) 2. ආර්.ඒ.ජී.එම්.රාජපක්ෂ (සිංහ රෙජිමේන්තුව) 3.අයි.එම්.එස්. සම්පත් (විජයබාහු ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 60 ට අඩු බර පංතිය1. එච්.එන්.ඩී. හේවාවසම් (සිංහ රෙජිමේන්තුව) 2. ආර්.එම්.ජේ. රත්නායක (දිමුතු ක්‍රී.ස.) 3. ජේ.ඒ.එස්.එන්.එස්. ජයකොඩි (විජයබාහු ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පංතිය1. වයි.ජී.එස්.එල්. කරුණාසේන (සිංහ රෙජිමේන්තුව ) 2. එස්.එස්.ඒ.කේ. සෝමසිරි (සිංහ රෙජිමේන්තුව)3. පී.එම්.හීන්දෙණිය (ගැමුණු සේවා ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 75ට අඩු බර පංතිය1. යූ.ජී.අයි.ජානක ජයලත්(කමාන්ඩෝ රෙජිමේන්තුව) 2. එච්.අබේතුංග(සිංහ රෙජිමේන්තුව) 3. එච්.එම්. ජී.ජී. එල්. කුමාරසිරි (විජයබාහු ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 82. 5ට අඩු බර පංතිය1. ආර්.එම්. චමින්ද රත්නායක (සිංහ රෙජිමේන්තුව ) 2. ඊ.එම්.එන්.එස්. ඒකනායක (ගැමුණුහේවා රෙජිමේන්තුව)කිලෝ ග්‍රැම් 90ට අඩු බර පංතිය1. ඩබ්ලිව්.පී.ඩී. එස්. විමලරත්න(සිංහ රෙජිමේන්තුව) 2. ටී.පී.එස්.ඩී. ජයතිස්ස (විජයබාහු ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 100ට අඩු බර පංතිය1. ඒ.ආර්.විනිංටන් (සිංහ රෙජිමේන්තුව).
|
NEWS
|
සිවුරුපිටිය ප්‍රාථමික විදුහල වැසීගොස් දැනට වසර විසිපහක් ගතව ඇතත් එම විදුහලට අයත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගොඩනැඟිලි කිසිදු පලදායී කටයුත්තකට යොදා නොගෙන නිකරුණේ දිරාපත්වීමට හැර දමා තිබේ.කටුගස්තොට අධ්‍යාපන කලාපයට අයත් හතරලියද්ද අධ්‍යාපන කොට්ඨාසයෙන් පාලනය වූ මේ විදුහල ශිෂ්‍යයන් නොමැති නිසාම මීට වසර විසි පහකට පෙර දී වැසී ගොස් තිබේ.දැනට මේ විදුහලට අයත් ගොඩනැඟිලි හා අක්කරයක් තරම් විශාල වූ භූමිය හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවරා දී ඇත.නමුත් කිසිදු යහපත් කටයුත්තක් සඳහා මෙම ගොඩනැඟිලි හා භූමිය භාවිතයට නොගැනීම අපරාධයක් යැයි ගම්වාසීහු කියති.1961 වසරේ එරබදු ලියද්දේ ස්වර්ණජෝති නාහිමියන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මේ පාසලේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදිකර රජයට පවරාදී තිබේ.ඉඩමද රජයට පරිත්‍යාග කර ඇත්තේ ස්වර්ණජෝති නාහිමියන් විසිනි. එරබදුලියද්ද මුරුද්දෙනිය පල්ලේකොටුව යන ගම්මානවල සිසු දරුවන්ට අකුරු කර වූ මෙම පුණ්‍ය භූමිය මෙසේ කැලෑ වැදීමට හැර දමා තිබීම ගැන ප්‍රදේශවාසීහු දුක්වෙති..
|
NEWS
|
ශ්‍රී ලංකා ගුවන් හමුදා 'ඒ' කණ්ඩායමට එරෙහිව ලකුණු 20-10ක විශිෂ්ට ජයක් අත්කර ගත් කාල්ටන් ක්‍රීඩා සමාජය බස්නාහිර පළාත් අන්තර් සමාජ සත් සාමාජික රගර් තරගාවලියේ කුසලානය දිනා ගැනීමට සමත්විය.අවසන් තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිනිය සහභාගී වූහ. බස්නාහිර පළාත් රගර් සංගමයේ මෙහෙයවීමෙන් හා ඒෂියන් ෆයිනෑන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැති අතර ත්‍යාග ප්‍රදානෝත්සවයට එම සංගමයේ හා ආයතනයේ ප්‍රධානීන් ද එක්වී සිටියහ.පොලිස් පිටියේ පෙරේදා පැවැති අවසන් මහා තරගයේ පළමු භාගය නිමාවනවිට දෙපිලම ලකුණු 10බැගින් ලබා සිටියද දෙවැනි භාගයේ දී ගුවන් හමුදාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ කාල්ටන් පිල ජය හිමිකර ගත්තේය. කාල්ටන් පිල රැස් කළ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් 4ක් ඇතුලත් වූ අතර ගුවන් හමුදාව රැස් කළේ උත්සාහක දිනුම් 2ක් පමණි.කුසලාන වටයේ පළමු අවසන් පූර්ව තරගයේ දී ලකුණු 28-0කින් හැව්ලොක්ස් පිල පරාජය කිරීමට කාල්ටන් ක්‍රීඩා සමාජය සමත්වූ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පොලිස් 'ඒ' කණ්ඩායම ලකුණු 22-12කින් පරාජය කිරීමට ගුවන් හමුදා 'ඒ' පිල සමත්විය.කාල්ටන් ක්‍රීඩා සමාජයේ ජේසන් දිසානායක තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය. දෙදිනක් පුරා පැවැති මේ තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගනු ලැබුවේ ආදි කන්නන්ගර විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 26-10ක ජයක් වාර්තා කළ නාවික හමුදා 'ඒ' කණ්ඩායම විසිනි. කොතලාවල ආරක්ෂක ඇකඩමි පිලට එරෙහිව ලකුණු 28-7ක ජයක් අත්කර ගත් ගුවන් හමුදා 'බී' කණ්ඩායම බඳුන ශූරතාව දිනූ අතර පොලිස් පිල ලකුණු 33-5කින් පරාජය කළ පානදුර රගර් කණ්ඩායමට පළිහ ශූරතාව හිමිවිය.බස්නාහිර පළාතේ කණ්ඩායම් 20ක් මෙවර තරගාවලියට එක්වී සිටි අතර ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මීට ඇතුළත්වීම කැපී පෙනුණි..
|
NEWS
|
දේශීය යතුරුපැදි ධාවන තරග බිමේ විශිෂ්ට දස්කම් දක්වන 18හැවිරිදි පාසල් සිසුවකු වන නුවරඑළියේ ඉරන්ත තාරුක මේ වනවිට ජාතික මට්ටමේ යතුරුපැදි ධාවකයකු ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටී. ඔහු පසුගියදා කාල්ටන් සුපර් ක්‍රොස් යතුරුපැදි තරගාවලියේ දී අත්දැකීම් බහුල ප්‍රවීන ක්‍රීඩකයන් අභිබවා සුපර් මෝටාඩ් 450 සී.සී. තරග ඉසව්වේ ජය හිමිකර ගැනීමට සමත්විය. එම තරගාවලියේ සුපර් මෝටාඩ් 250සී.සී. තරගයේ පළමු වටයේ දී අනතුරකට ලක්වූවද තුන්වැන්නා ලෙස තරගය නිමා කළ ඉරන්ත සමස්ත තරගාවලියේ කැපී පෙනෙන ලාබාලතම තරගකරුවකු විය.2007 වසරේ එවකට 11හැවිරිදි වියේ දී පාපැදි තරගවලට එක්ව සිටි ඉරන්තට යතුරුපැදියක් තෑගි කළේ ඔහුගේ පියා විසිනි. අනතුරුව එම වසරේ දීම නුවරඑළිය යතුරුපැදි ධාවන තරගයට එක්ව 13න් පහළ තරග ඉසව්වේ සිවුවැනි තැන හිමිකර ගැනීමට ඉරන්ත සමත්විය. ඔහු සුපර් මෝටාඩ් තරග ක්ෂේත්‍රයට එක්වූයේ පසුගිය වසරේදීය. එම වසරේ කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියට එක්වූ ඉරන්ත පළමු වටයේ අනතුරකට ලක්වූවත් 5වැන්නා ලෙස තරගය නිමා කිරීමට සමත්විය. අනතුරුව ගජබා, උඩවලවේ, ගනර්ස්, මීරිගම සර්කිට් මීට් සහ කටුකරුන්ද යතුරුපැදි ධාවන තරගබිමේ කැපී පෙනෙන දස්කම් දක්වමින් සෑම තරගාවලියකම දෙවැනි තැන දිනා ගත්තේය.සුපර්මෝටාඩ් තරග ඉසව්වෙන් ජාත්‍යන්තර තරගබිමට එක්ව ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීම තම බලාපොරොත්තුව බව ඉරන්ත 'දිනමිණ'ට පැවැසීය.මේ වනවිට නුවරඑළිය රිපබ්ලිකන් ජාත්‍යන්තර පාසලේ 12වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඉරන්තගේ පුහුණුකරුවන් වන්නේ සුපර්මෝටාඩ් තරග බිමේ ප්‍රවීන ක්‍රීඩක සුරාජ් පෙරේරාය. සිය ක්‍රීඩා දිවියට නිරතුරුවම අතහිත දෙන නුවරඑළියේ සරත් කුමාරසිංහ මහතා ඇතුලු රිපබ්ලිකන් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති, ගුරු මණ්ඩලය හා මිතුරන්ට ද, සිය පවුලේ සාමාජිකයන්ට ද ඔහු සිය ස්තූතිය පුද කළේය.ඔහු පසුගියදා නුවරඑළියේ පැවැති යතුරුපැදි ධාවන තරගාවලියේ දී අනතුරකට පත්වූ අතර මේ වනවිට කෙටි කලෙකට යතුරුපැදි තරගබිමෙන් ඉවත්ව ප්‍රතිකාර ගනිමින් සිටී. ඔහුට නැවත යතුරුපැදි තරගබිමේ දස්කම් පෑමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..
|
NEWS
|
වතු නිවෙස්වලට අනතුරුදායක ගස් කපා ඉවත්කරන්නඅතර මඟ නතරව තිබෙන තුඩගල්ල අදාහනාගාරයේ වැඩකටයුතු මේ වසර නිමවීමට පෙර අවසන් කරන බවත් ඒ සඳහා රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක මුදලක් ලැබී ඇති බවත් පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික රණසිංහ මහතා පැවැසීය.ඒ මහතා එසේ කීවේ ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට සහභාගී වෙමිනි.රැස්වීම සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.දයාල් පුෂ්ප කුමාර මහතා (එජනිස)- හැඬිගල්ල පාරේ කාපට් කිරීමේ වැඩකටයුතු නැවතත් නතර වෙලා. මොකක් නිසාද කියන්න කවුරුත් දන්නේ නැහැ. බොල්ලුන්න පාර හරිම අබලන්. බස් එකක් නැහැ. ඉස්කෝලෙ යන ළමයි කිලෝ මීටර් හතරක් පයින් එන්නෙ.ආරුමුගන් ශිවපෙරුමාල් මහතා (එජාප)මම නියෝජනය කරන ප්‍රදේශයේ වතු නිවාසවලට හානි ගෙනදිය හැකි අනතුරුදායක ගස් රැසක් තියෙනවා. නමුත් ඒවා ඉවත් කරන්න කටයුතු කරන්නැහැ. පාසලට ඉතාම සමීපව දෙල් ගසක් තියෙනවා. මෙය කුමන මොහොතක හෝ කඩා වැටුණොත් සිදුවන විපත්තිය ඉතා බරපතළ වේවි. ඒ නිසා මෙයට විසඳුමක් සභාව මඟින් දිය යුතුයි.උප සභාපති බංධුපේම රණවීර මහතා (එජනිස) කඹුරාවල ප්‍රදේශයේ ගල් අමුණ ඇළට බහින්න බැරි තරමට එහි වතුර විනාශ වෙලා. මිනිස්සු කියනවා ඇළට බහින්න කලින් ඇඟපුරා කළු තෙල් ගාගන්න ඕනෙ කියලා. ලක් ලේටස් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා වතුර ඇළට එන්න සැළැස්වීම නිසයි මෙසේ වන්නේ.ධම්මික රණසිංහ මහතා-මින්පසු එවන් දෙයක් සිදු නොවේවි. ලක් ලේටස් කර්මාන්ත ශාලාවේ අප ජලය බවුසර් මඟින් ඉංගිරිය ප්‍රදේශයට ගෙන යාමට එහි පරිපාලනය කටයුතු යොදා තිබෙනවා.මුරුගන් පුෂ්පකුමාර මහතා (එජනිස)මමත් වතුකරය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඒවායේ තිබෙන ගැටලු ඉතා සංකීර්ණයි. පාරවල් වැසිකිළි පහසුකම් මේ මොකවත් වතු කළමණාකාරීත්වය මඟින් සකසන්නේ නැහැ.කාට කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ගැන වැවිලි කර්මාන්ත ඇමැතිතුමාගේ හෝ අවධානය යොමු කරවන ලෙස.ධම්මික රණසිංහ මහතා-පාලින්දනුවර බල ප්‍රදේශයේ වතු ආශ්‍රිතව ඇති මාර්ග වතු නිවාස ආදී ගැටලුවලට විසඳුම් දීමට මේ වනවිටත් වැවිලි කර්මාන්ත ඇමැතිවරයා රුපියල් ලක්ෂ අනූවක ප්‍රතිපාදන වෙන්කොට ඇති බව සඳහන් කරන්න කැමතියි.ප්‍රියන්ත බෙල්ලන මහතා (එජනිස)-සභාව මඟින් කපන මහජන ක්‍රීඩාංගණයේ පස් යොදා ඇතැම් අය කුඹුරු ඉඩම් ගොඩකිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ජනතාව පවසනවා. මේ පිළිබඳ සොයා බැලීමක් කළ යුතුයි.ඉඳුනිල් මහේන්ද්‍ර, නිහාල් කුමාරසිරි, හෙන්රි පැලවත්ත, සුගත් හේවාපතිරණ යන මන්ත්‍රීවරුද අදහස් දැක්වූහ. .
|
NEWS
|
ඉනිම් දෙකෙහිදීම කඩුලු 5 බැගින් දවාලමින් බී. ආර්. සී පිලට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලක්සිරි ඉලේපෙරුම 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගමාලාවේ දී එන්. සී. සී පිලට ප්‍රථම ජයග්‍රහණය ලබා දීමට සමත් විය.එන්. සී. සී පිලට ලකුණු 150ක ජයක් ගෙන දුන් මේ තරගයේ දී ඉලේපෙරුම බී. ආර්. සී පළමු ඉනිමේ දී ලකුණු 54කට කඩුලු 5 ක් දවාලු අතර දෙවැනි ඉනිමේ දී ලකුණු 66කට කඩුලු 5ක් දවාලීය.ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 121 ක ජයක් වාර්තා කළ මුවර්ස් පිල ද මේ තරගමාලාවේ මංගල ජයග්‍රහණය ලබා ගත්තේ ය. මුවර්ස් දෙවැනි ඉනිමේ දී විශිෂ්ට පිතිහරඹයක යෙදුණු ෂෙහාන් ජයසූරිය පන්දු 118 කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 111 ක් රැස් කිරීමට සමත් විය.ගුවන් හමුදාව මේ තරගයෙන් පරාජය වූවද මුවර්ස් පිලට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු අකිල ඉසංක ඉනිම් දෙකෙහිදීම කඩුලු 5 බැගින් දවාලමින් දස්කම් දැක් වීය.මේ අතර සීදුව රද්දොළුව ක්‍රිකට් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 88 ක ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් පිල සමත් විය. ද්‍රවිඩ සංගම්පිලේ ගයාශාන් වීරසේකර ලකුණු 127 ක් වාර්තා කළ අතර දිනිඳු ජයතිලක ලකුණු 91ක් රැස් කෙළේ ය.තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස පෙරමුණේ පසුවන එස්. එස්. සී පිලේ සුරේෂ් වික්‍රම (කඩුලු 44) රාගම පිලට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 98 කට කඩුලු 5ක් ද දෙවැනි ඉනිමේ දී ලකුණු 104කට කඩුලු 6ක් ද ධඳ හෙලීමට සමත් වූවද රාගම පිල හමුවේ ලකුණු 225ක පරාජයක් අත් විඳ ගැනීමට එස්. එස්. සී. පිලට සිදුවිය.රාගම පිලේ තිලංක පේ‍්‍රමරත්න සහ විමංග පෙරේරා තරගය පුරා පිළිවෙළින් කඩුලු 8ක් සහ කඩුලු 7ක් දවාලමින් රාගම පිලට ජය ලැබීමට දායක වූහ.මේ අතර සී. සී. සී සහ මොරටුව පිල අතර පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට සී. සී. සී පිල සමත් විය..
|
NEWS
|
රජයට අයත් කිසිදු ගොවිපළක් පෞද්ගලික අංශයට පවරන්නේ නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.දේශීය බීජ හා රෝපණ ද්‍රව්‍ය ගොවිපළවලම නිෂ්පාදනය කර ගැනීම සඳහා ඉදිරි වසර තුනේදී කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අබේවර්ධන මහතා කීවේය.මේ වැඩපිළිවෙළට රුපියල් මිලියන 700ක මුදලක් ලැබී ඇති බවත් ඇමැතිවරයා පැවසීය..
|
NEWS
|
ගම නැඟුම වැඩසටහන යටතේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයේ පහළ කඩුගන්නාව සහ වෑගන්තලේ ප්‍රදේශවල ජල හිඟය මඟහැරවීමට ජල යෝජනා ක්‍රම දෙකක් ඇරැඹිණි.මේ සඳහා එවකට මාවනැල්ල ප්‍රධාන සංවිධායක හා සබරගමුව පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා විසින් කරන ලද යෝජනාවක් අනුව එවකට මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් අයවැයෙන් තමාට ලැබුණු මුදලින් මිලියන 90 ක මුදලක් මෙම ජල යෝජනා ක්‍රම දෙකට ලබා දී තිබේ.ඒ අනුව මිලියන 30 ක් පමණ වැයකර වෑගන්තලේ ඉදිකරන ලද ජල යෝජනා ක්‍රමයේ වැඩ නිමාකර පසුගියදා ජනතා අයිතියට පැවරිණි.එහෙත් පහළ කඩුගන්නාවේ ජල යෝජනා ක්‍රමයේ වැඩ තාමත් අවසන් කර නැත.අසුපැනි ඇල්ල ජල යෝජනා ක්‍රමයෙන් ජල නළ එළා ලබාගන්නා ජලය හිඟුල – වැලමිටි හන්දිය සහ පහළ කඩුගන්නාව ජල ටැංකි මගින් කඩුගන්නාව ජල යෝජනා ක්‍රමයට සම්බන්ධ වන ගම් 42 ක පමණ ජනතාවකට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට ඒවා බෙදාහැරීමට අවශ්‍ය කරන ජලනළ ලබා නොදීම නිසා වසර 5 කට පෙර ඉදිකරන ලද ගොඩනැගිලි ප්‍රධාන ජලනළ දැනට දිරාපත් වෙමින් පවතී.මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ නිලධාරීන් ක්‍රියාත්මක විය යුතු බව ප්‍රදේශවාසීහු පවසති. .
|
NEWS
|
මරණයට කැපවී සිටි එළගවයින් දසදෙනෙකු නිදහස් කිරීම කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙළ ධර්මපාල හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුවිය. එම ගවයින්ට අභයදානය ලබාදීමෙන් අනතුරුව එහි සිටි ළාබාලම ගව පැටවකු ධම්මපාල හිමියන්ට නමස්කාර කළ අවස්ථාවයි මේ.පොළොන්නරුව ප්‍රදේශයේ බෞද්ධ සැදැහැවතුන් ගවමස් කෑමෙන් වැළකී සිටීමේ ප්‍රතිඥාවට සමගාමීව ඥාතීන්ට පිං පැමිණවීමේ අරමුණින් මෙම ගවයින් මරණයෙන් මුදාගැනීම සිදුවිය..
|
NEWS
|
කාල්ටන් ක්‍රීඩා ජාලය සහ ශ්‍රී ලංකා රගර් සංගමය එක්ව සංවිධානය කරනු ලබන කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියේ දෙවැනි අදියර අද (5) සහ හෙට (6) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ යටතේ පළාත් කණ්ඩායම් 10 ක් තරග වදින මේ තරගාවලියේ බෝගම්බර පිටියේ පසුගිය සති අන්තයේ පැවැති පළමු අදියරේ ජය හිමිකර ගැනීමට සමත් වූයේ දකුණු පළාත නියෝජනය කරන අම්ජාඩ් බක්ස් ගේ නායකත්වයෙන් යුත් ‘සදර්න් ෂාක්ස්’ කණ්ඩායමය. අවසන් මහා තරගයේදී ලකුණු 19 – 14 ක් ලෙස ඔවුන් අතින් පරාජයට පත්වූයේ මධ්‍යම පළාත නියෝජනය කරන සෙන්ට්‍රල් කිංග්ස් කණ්ඩායමය..
|
NEWS
|
අධිකරණ නියෝගයන් මත මොරටුව ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා සිටි ලාබාල ගැබිනි මාතාවන් දෙදෙනෙකු එම මධ්‍යස්ථානයෙන් හොර රහසේ පලාවිත් මාම්පුරි නාරක්කලිය බස් නැවතුම් පොළක සිටියදීකල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.බාල වියේ තරුණියන් දෙදෙනකු සැකකටයුතු අයුරින් රැදි සිටින බවට ගම්වාසීන් මාම්පුරි නාරක්කලිය පොලිස් මුරපළේ නිලධාරින්ට දන්වා තිබු නිසා එම නිලධාරින් වහාම ගොස් අවේලාවේ එතැන සිටි තරුණියන් දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලදි.පසුව ප්‍රශ්න කිරිමේ දි හෙළිවි ඇත්තේ මින් එක් තරුණියක් මදුරගම පදිංචිකාරියක බවත් අනෙක්තැනැත්තිය උඩුගම මොරගහයායේ පදිංචි 14 වියේ පසුවන්නියක් බවත් හෙළිවි ඇත.ඔවුන් දෙදෙනා සිය පෙම්වතුන් නිසා ගැබ් ගැනිම නිසා අධිකරණ මඟින් තමන් මොරටුව ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ රැදවු බවත් මාසතුනක ගැබිනියන් වන තමන්ට තම පෙම්වතුන් නිතරසිහි වන බැවින් ඔවුන් හා පවුල් ජිවිත ගත කිරිම පිණිස එම ළමා සුරැකුම් මධ්‍යස්ථානවලින් පලා ආ බවත් පාර වැරදි බසයක් එනතුරැ බස් හෝල්ට් එකට වි සිටි බවත් පොලිසියට කියා ඇත.අත් අඩංගුවට ගත් ලාබාල ගැබිනියන් දෙදෙනා පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය..
|
NEWS
|
මීළඟ තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට එක්වන බවත්, එහි දි තරගය ජය ගනිමින් එක්දින තරගාවලියේ ජය අත්කර ගැනීමට හැකිවෙනු ඇති බවත් පෙරේදා දකුණු අප්‍රිකාවට එරෙහිව ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති දිවා රාත්‍රී දෙවැනි එක්දින තරගයෙන් පසු මැතිව්ස් වෙනුවට නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේය.තණතීරුව තරමක මන්දගාමී තත්ත්වයක් පෙන්නුම් කළ ද පළමුව පන්දුවට පහරදීම වාසිදායක වූ බව චන්දිමාල් කීවේය. ඔහුගේ නායකත්වය යටතේ පිට පිට දෙවැනි වරටත් දකුණු අප්‍රිකාව පරාජය පත්වූ පෙරේදා පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය.ඒ අනුව ඩක්වර්ත් ලුයිස් ක්‍රමවේදය යටතේ ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. ඒ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙයි.පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 49.2කදී කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 223කි. වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට ඕවර 29ක දී ලකුණු 176ක ඉලක්කයක් ලබා දී තිබිණි.දකුණු අප්‍රිකානු පිල ඕවර 21කදි කඩුලු 5කට ලකුණු 104ක් ලබා සිටියදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය මුළුමනින්ම නතර කිරීමට විනිසුරුවරුන්ට සිදුවිය. ඒ වනවිට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 17ක් පසුපසින් සිටීමෙන් ශ්‍රී ලංකාවේ ජය මාවත විවර විය.ශ්‍රී ලංකා ඉනිමේ දි පන්දු රකිමින් සිටි හෂීම් අම්ලා දණහිසේ ආබාධයකට ලක්වී පිටියෙන් ඉවත්වූ අතර පසුව ස්කෑන් පරික්ෂණයකට රෝහල් ගත කොට තිබිණි. ඔහුගේ තත්ත්වය යහපත් බවත්, මීළඟ තරගයට අම්ලා ක්‍රීඩා කරනු ඇති බවත් පසුව ඩිවිලියර්ස් පැවැසීය.පෙරේදා තරගයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කිරිමට නියමිතව සිටි ඔස්ට්‍රේලියානු ජාතික රොඩ් ටකර් තරගය ආරම්භවීමට මොහොතකට පෙර අසනීපවීම හේතුවෙන් තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ දෙදෙනාම ශ්‍රී ලාංකිකයන් වූහ.තරගය පරාජය පත්වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු නායක ඒ.බී.ඩිවිලියර්ස් පැවැසුවේ මෙය අවසානය නොවන බවය.'තරගාවලිය තවම ඉවර නෑ. තවත් තරග තුනක් ඉතිරියි. මේ තරගය පළමු තරගයට වඩා අපි හොඳින් කළා. අපේ පන්දු යැවීම හොඳ තත්ත්වයක තිබුණා. පිතිහරඹය නම් තරමක් පහළ තත්ත්වයකයි තිබුණේ.' ඩිවිලියර්ස් කීවේය..
|
NEWS
|
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මිත්‍ර ගංකන්ද මහතා (68) අභාවප්‍රාප්ත විය.කොළඹ යශෝධරා බාලිකාවේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනිය වූ සුමිත්‍රා විජේමාන්න මහත්මිය ගංකන්ද මහතාගේ බිරිය වෙයි.සන්ටෙල් ආයතනයේ සේවය කරන චමිදු ගංකන්ද මහතාගේ සහ එංගලන්තයේ පදිංචි කසුනි ගංකන්ද මහත්මිය ගංකන්ද මහතාගේ දූ දරුවෝ වෙති.ගංකන්ද මහතාගේ දේහය ‘කොත්බිසි’ කහතුඩුව, පොල්ගස්ඕවිට නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු අනිද්දා (20) සවස 3.00 ට කහතුඩුව සුසාන භූමියේදී සිදුකෙරේ..
|
NEWS
|
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට වකුගඩු රෝගයට වැළඳුණු රෝගීන් 3177 දෙනකු සිටින බවට හඳුනාගෙන තිබේ. රෝගීන් වැඩිදෙනකු සොයාගෙන ඇත්තේ කුරුණෑගල හා පොල්පිතිගම ප්‍රදේශවලිනි.කුරුණෑගලින් රෝගීන් 1200ක් ද පොල්පිතිගමින් රෝගීන් 950ක් ද හඳුනාගෙන ඇත. එයට අමතරව නිකවැව ප්‍රදේශයෙන් රෝගීන් 514ක් ද, නිකවැරටිය ප්‍රදේශයෙන් රෝගීන් 321ක් ද, කුලියාපිටිය ප්‍රදේශයෙන් රෝගීන් 192ක් ද දැනට හඳුනාගෙන තිබේ.මෙම රෝගීන් සඳහා සහනාධාර මුදලක් ලබාදීම පිළිබඳව ද වයඹ සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලමින් සිටී.
|
NEWS
|
ශ්‍රී ලාංකික අනන්‍යතාවට හා සංස්කෘතියට බාධා ඇති නොවන පරිදි ඒවා ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට ජනමාධ්‍යවේදියා සෑම විටම ක්‍රියා කළ යුතුව ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා පවසයි.ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෘත්තීය ජනමාධ්‍යවේදීන් සහ අනාගතයේ එම වෘත්තියට පිවිසීමට අපේක්ෂා කරන්නන් වෙනුවෙන් පවත්වන ලද පුවත්පත් අධ්‍යයනය පිළිබඳ පාඨමාලාව හා ඉංගී‍්‍රසි භාෂා පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.සහතික පත්‍ර ප්‍රදානය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පසුගියදා (6) පැවැත්විණි.ගනේගල මහතා එහිදී මෙසේද පැවැසීය.අද වන විට මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය මෙන්ම පරිගණක ඔස්සේ සිදුවන ජනමාධ්‍යකරණයත් බහුල වශයෙන් දැක ගත හැකියි. සමාජයට හිතකර දේ මෙන්ම අහිතකර දේත් මේ මාධ්‍යවල පළ වෙනවා. මේ නිසා ජනමාධ්‍ය ලෝකයේ සාරධර්ම ආරක්ෂා කර ගනිමින් එම ක්ෂේත්‍රයේ සාර්ථකව නියැළීම සඳහා මාධ්‍යවේදීන්ට පුහුණුවක් ලබා දීම අවශ්‍යයි.නිරන්තර අභ්‍යාසයේ යෙදීමටත්, නව දැනුම එක්රැස් කිරීමටත්, එම දැනුම යථාවත් කරගැනීමටත් ජනමාධ්‍යවේදියා නිරන්තරයෙන් කටයුතු කළ යුතුයි. ක්ෂේත්‍රයේ සාර්ථකව නියැළීමට මේවා අවශ්‍යයි. පුවත්පත් මණ්ඩලය කර ගෙන යන මේ පුහුණු පාඨමාලා මෙහිලා ඉතා වැදගත් බව සඳහන් කළ යුතුයි.පුවත්පත් මණ්ඩලය පුවත්පත් වාර්තා සම්බන්ධ පැමිණිලි විභාග කිරීම සිදු කරනවා. එහිදී බේරුම්කරුවකු ලෙස කටයුතු කළා මිස කිසිම මාධ්‍යවේදියකු හිර ගෙදර යැවීමට හෝ දඬුවම් කිරීමට මේ දක්වා පියවර නොගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එය ඉතා හොඳයි. එහෙත් පරිගණක තාක්ෂණය ඔස්සේ ගලා එන වගකීමක් නැති ජනමාධ්‍යකරණය සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලය මීට වඩා විමසීමකින් යුතුව ක්‍රියා කළ යුතු බව මගේ හැඟීමයි.චරිත ඝාතන සහ වැරැදි ප්‍රවෘත්ති මේවායේ නිතර පළ වෙනවා. මේ වාර්තා පළ කරන්නේ කවුරුන්දැයි කිසිවෙක් දන්නේ නෑ. ඒ නිසා පිළිතුරු දීමට හෝ නීති මඟින් ක්‍රියා කිරීමට කිසිවකුට හැකියාවක් නෑ. පුවත්පත් මණ්ඩලය හඳුන්වා දී ඇති පිළිගත් ආචාරධර්ම මාලාවක් තිබෙනවා. රජයේ පාර්ශ්වයෙන් මෙන්ම පෞද්ගලික අංශයේද ආචාර ධර්ම මාලාවන් තිබෙනවා. පුවත්පත් පැමිණිලි කොමිසම, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, කර්තෘ සංසදය මාධ්‍ය ආචාරධර්ම හඳුන්වා දී තිබෙනවා. මේ පිළිගත් ආචාරධර්ම අනුගමනය කරමින් මේ උතුම් සේවාව සිදු කරන ලෙස මා සියලු ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනමාධ්‍ය කියන උතුම් විෂයය විවිධ අරමුණු වෙනුවෙන් ලෝකයේ භාවිතා වෙනවා. යන එන මං නැති දේශපාලකයන් තමන්ගේ පටු අරමුණු ඉටු කැර ගැනීම සඳහා අසත්‍ය කරුණු දක්වනවා. මනෝ මූලික කරුණු මත තොරතුරු ඉදිරිපත් කිරීම සදාචාරාත්මක මාධ්‍ය කලාව නොවෙයි. භාෂා භාවිතයේ වැරැදි, තොරතුරුවල වැරැදි, සිද්ධීන් වාර්තා කිරීමේදී සිදුවන වැරැදි ගැනත් මේ යුගයේ විමසිලිමත් වීම අවශ්‍යයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සමඟ සාකච්ඡා කැර ඉදිරියේදී මේ සඳහා පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතාපුවත්පත් මණ්ඩලයේ පරමාර්ථය වන්නේ සදාචාරාත්මක ජනමාධ්‍ය කලාවක් බිහිකිරීමයි. මේ පාඨමාලාව ආරම්භ කළේත් ඒ සඳහායි. ජනමාධ්‍යවේදියා තමන් සතු දැනුම අනෙකාට වේදනාවක් ඇති නොවන පරිදි සදාචාරාත්මකව ජනමාධ්‍යයේදී භාවිතා කළ යුතුයි. මෙරට සෑම වෙබ් අඩවියක්ම ලියාපදිංචි කළ යුතු බවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා කියන්නේ මේ කාරණාව නිසයි. දැනට එවැනි වෙබ් අඩවි 32ක් ලියාපදිංචි කිරීමට කටයුතු කැර තිබෙනවා.රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. බී. එස්. ජයසුන්දර, අතිරේක ලේකම් අමරතුංග, ඉංගී‍්‍රසි පාඨමාලාවේ සමායෝජක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්වරුද, ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ..
|
NEWS
|
පාණදුර සාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලත්, දෙහිවල ශාස්ත්‍රානන්ද විදුහලත් අතර දෙවැනි වරට පැවැත්වෙන ‘දෙනුවර සටන’ මහා ක්‍රිකට් තරගය හෙට (27) සහ අනිද්දා (28) පාණදුර පොදු ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. සම්පත් ගුණතිලක අභියෝග ශූරතා කුසලානය සඳහා අප්‍රේල් 4 දින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ දී එක්දින තරගය පැවැත්වේ.සාන්ත අන්තෝනි පිලේ නුවන් ධනුෂ්ක නායකත්වය දරන අතර මනෝජ් ඩිලාන් අනුරුද්ධ ශාස්ත්‍රානන්ද කණ්ඩායම මෙහෙයවයි. මෙවර තරග මාලාවේ දී අන්තෝනි කණ්ඩායමේ නායකයා තරග 8 කදී ලකුණු 162 ලබාගෙන ඇත. ඊට අර්ධ ශතක 2ක් ඇතුළත් ය. අන්තෝනි කණ්ඩායමේ මොහොමඩ් සිල්මි උප නායකයා ය.මෙවර තරග 8කින් ලකුණු 333 ලබා ගැනීමට සමත් වූ සිල්මි ධර්මාලෝක විදුහලට එරෙහිව නොදැවී ලකුණු 127ක් ලබාගෙන ඇත. දිනේෂ් දීමන්ත අන්තෝනි කණ්ඩායමේ මෙවර වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ය.තරග 8කදී ලකුණු 546 රැස් කළ ඔහු අම්බලන්ගොඩ, මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවැති තරගයේ දී ආරම්භක පිතිකරු වශයෙන් නොදැවී ලකුණු 230ක් ලබාගෙන ඇත.ශාස්ත්‍රානන්ද කණ්ඩායමේ නායක මනෝජ් ඩිලාන් කඩුළු රකින්නා වන අතර මෙවර තරග 5කදී ලකුණු 272 ලබා ඇත. ලහිරු නාමල් උප නායකයා ය. ශාස්ත්‍රානන්ද කණ්ඩායමේ මෙවර එකම ශතක ලාභියාය..
|
NEWS
|
බස්නාහිර පළාත් ප්‍රතිපාදන යටතේ බත්තරමුල්ල ඉන්ද්‍රජෝති විද්‍යාලයේ ඉදිකරන ලද නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ, බ. ප. සභා මන්ත්‍රි ජගත් කුමාර, අධ්‍යාපන අධ්‍යක්‍ෂ අශෝක සේනානි හේවගේ, විදුහල්පතිනි රමණි රේණුකා රණතුංග මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ..
|
NEWS
|
වසර 03කට වැඩි කාලයක් තිස්සේ දැනට වයස අවුරුදු 16ක් වන දියණියට ලිංගික අපයෝජනයක් සිදුකළ නරුම පියකු මොරවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරවක පොල්ගස්විල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. මෙම දැරියට නිවසේදී සහ පියාගේ ව්‍යාපාරික ස්ථානයේදී පියා සිදුකරන ලිංගික අතවර ඉවසා ගැනීමට නොහැකිව මොරවක පොලිසියට හඬමින් පැමිණ පියාට එරෙහිව පැමිණිල්ල සිදුකර ඇත.මොරවක පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි..
|
NEWS
|
මෙරට පරිසර තත්ත්වය හා පරිසර පද්ධති සුරක්ෂිත කිරීමට රජය කටයුතු කරගෙන යන බව අග්‍රමාත්‍ය දි. මු. ජයරත්න මහතා පැවසීය.අගමැතිවරයා මෙම අදහස් පළකළේ කොළඹ සිලෝන් කොන්ටිනන්ටල් හෝටලයේ පැවැති දකුණු ආසියානු පාරිසරික සහයෝගිතා වැඩසටහනේ 12වැනි විධායක සභා රැස්වීමේදී ය.දින තුනක් පුරා පැවැති මෙම රැස්වීමට දකුණු ආසියානු කලාපීය රටවල පරිසර ඇමැතිවරුන් ඇතුළු නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.අපේ රටේ අනාගත ඉරණම පිළිබඳ තිරණාත්මක අවස්ථාවක මෙම රැස්වීම පැවැත්වෙනවා.දැන් අප වේගවත් සංවර්ධන මාවතට එළඹ ඇති බවත් ඒ අනුව රටේ ඌන සංවර්ධිත ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් තිරසාර සංවර්ධනයක් ඇතිකිරීමට රජයට ශක්තිය යෙදිය හැකිව තිබෙන බවත් අගමැතිවරයා කීවේය.සොබාදහම සමඟ මුසුව විවිධ අවශ්‍යතාවයන් සඳහා ස්වාභාවික සම්පත් යොදාගන්නා දිගුකාලීන සම්ප්‍රදායක් අප සතුව පවතිනවා. හරිත ලංකා වැඩපිළිවෙළ යටතේ විවිධත්වය දේශගුණ විපර්යාස ජලය, භූමිය සහ වෙරළ කළමනාකාරිත්වය වැනි පුළුල් ප්‍රශ්න ආවරණය වන පරිදි සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා යැයි ද අගමැතිවරයා කීය.අභියෝගාත්මක පාරිසරික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා දැනුම් කළමනාකාරිත්වය සම්බන්ධයෙන් ඉහළම ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.අද පවත්නා තත්ත්වය අනුව දේශීය මෙන්ම ගෝලීය පාරිසරික ප්‍රශ්න එකිනෙකට බැඳී පවතිනවා. ඒ නිසා තිරසාර ගෝලීය හා දේශීය පාරිසරික කළමනාකාරිත්වයක් ඇතිකර ගැනීම සඳහා කලාපීය සහයෝගිතාව අවශ්‍ය යැයි ද ජයරත්න මහතා කීය.මෙහිදී දැවෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කලාපීය රටවලට දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහන යටතේ කටයුතු කළ හැකි බවද කීවේය.එම වැඩ පිළිවෙළටද දැනුම් කළමනාකාරිත්වය තාක්ෂණ හුවමාරුව හා වෙනත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා අභියෝග ජය ගැනීම සඳහා පහසුකම් සැලසිය හැකි බවද අගමැතිවරයා කීය.පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා – අප අද මුහුණපාන ප්‍රශ්නවල තිබෙන සංකීර්ණතාව අනුව රටකට තනිවම ඒවාට විසඳුම් ලබාදිය නොහැකි බවත් ඒ නිසා ඒ සඳහා කලාපීය ප්‍රවේශයක් අවශ්‍ය වන බව පැවසීය. ලෝක සංවර්ධනයේ නැඹුරුතාවයන් ගැන සැලකීමේදී ගෝලීයකරණය නොවැළැක්විය හැකි දෙයක් බවත් ඒ නිසා 1981 ආරම්භ වීමෙන් පසු තිස් අවුරුදු පළපුරුද්දක් ඇති දකුණු ආසියා සහයෝගිතා පරිසර වැඩසටහන කලාපයට එහි ක්‍රියාකාරිත්වයක් තහවුරු කර ගැනීමට සඳහා වඩ වඩාත් අවශ්‍ය වන බවද ඇමැතිවරයා කීය.දකුණු ආසියානු පාරිසරික සහයෝගිතා වැඩසටහන් අධ්‍යක්ෂ ජනරාල් ජසින්තා එස්. තිසේරා, දූත පිරිසේ ප්‍රධානි ඉන්දියානු රජයේ පරිසර සහ වන සම්පත් ඇමැති හෙම් පාන්ඩේ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්ම මහත්මීහුද මෙහිදී කථා කළහ..
|
NEWS
|
කොළඹ ගංවතුර පාලනයට රුපියල් මිලියන 8000ක් වෙන් කර තිබේ.ගංවතුර, සුළිසුළං, සුනාමි, නායයෑම්, වැනි ආපදාවන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් නගර නිර්මාණය කිරීම මෙමඟින් සිදු කෙරෙන අතර, ගිනි ගැනීම්, මෙන්ම ස්වභාවික මාර්ග අවහිර වීම්, අක්‍රමවත් කසළ බැහැර කිරීම් වැනි ක්‍රියාවන්ට පිළියම් ලෙස ඇළ මාර්ග පිරිසිදු කිරීම, ක්‍රමවත්ව අප ජලය බැහැර කිරීම ආදිය ද මේ යටතේ සිදු කිරීමට නියමිතය.ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආපදා අවම කිරීමේ උපාය මාර්ගික වැඩ සටහන් මඟින් සහාය ලබා දේ.ආපදාවක් ඇතිවීමේ දී චක්‍රලේඛනවලට කොටු නොවී ජනතාවට අවශ්‍ය ආධාර ලබා දීමට පියවර ගත යුතු බවත්, ආපදා අවම කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සෑම සහායක්ම ලබා දීමට පියවර ගෙන ඇති බවත්, ආපදා කලමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා මෙහිදී පැවැසීය.කොළඹ නගරය තුළ ගංවතුර ඇතිවීමට හේතුවී ඇති ජලය බැසයන ඇළ මාර්ග හා කාණු පද්ධති සකස් කර ගංවතුර පාලනය සඳහා මෙම මුදල වෙන් කර ඇති බවත් ඇමැතිවරයා තවදුරටත් කීවේය..
|
NEWS
|
පසුගිය 2013 වසර ඇතුළත හෝමාගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය හා පරිසර ආරක්ෂණ ඒකකය විසින් සහ පරිසර ආරක්ෂණ ඒකකය විසින් උසාවි ගත කරන ලද නඩුවලින් රජයේ ආදායමට එක්වී ඇති දඩ මුදල රුපියල් 26,93,600කි.නීතිවිරෝධී මත්පැන් බලපත්‍ර රහිතව මත්පැන් අලෙවිය, ගංජා, හෙරොයින් අලෙවිය හා ළඟ තබාගැනීම, සූදු කෙළීම, ගණිකා වෘත්තියේ යෙදීම, ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පාවිච්චිය, ගංජා මිශ්‍ර විවිධ දේ ළඟ තබාගැනීම යන චෝදනාවල වැරදිකරුවන් වූ 909 දෙනකුගෙන් අයවී ඇති දඩ මුදල රු. 26 93,500කි..
|
NEWS
|
විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සමග සාන්ත ලුසියා හි පැවැති ආරම්භක පෙරහුරු තරගයෙන් ඕස්ට්‍රේලියාව එක් ලකුණක විස්මිත පරාජයක් ලැබීය.එල්ටන් චිගුම්බුරාගේ ලකුණු 76 ක වේගවත් පිතිහරඹය මත ඕවර 20 තුළදී කඩුලු 7 කට ලකුණු 173 ක් රැස්කළ සිම්බාබ්වේ කණ්ඩායම අනතුරුව ඕස්ට්‍රේලියාව කඩුලු 7 කට ලකුණු 172 කට සීමා කළේය.ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කරමින් ලකුණු 72 ක් හා විස්සයි – 20 නායක මයිකල් ක්ලාක් ලකුණු 49 ක් ලබා ගත්හ. එහෙත් වමතින් වේග පන්දු යවන මිචල් ජොන්සන් ඊට පෙර ලකුණු 23 කට කඩුලු 4 ක් ලබා ගත්තද ඕස්ට්‍රේලියාවට තරගය ජය ගැනීමට සිම්බාබ්වේ ඉඩ නොදුන්නේය.අවසාන ඕවරයේදී ලකුණු 13 ක් ඕස්ට්‍රේලියාවට අවශ්‍යව තිබිණි. එහෙත් තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී ක්ලාක් දැවී ගිය අතර ඊළඟ වයිඩ් පන්දුවේදී ජොන්සන් දැවී ගියේය.ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දැවී ගියේ ලකුණු කරා දුවද්දීය. අවසන් පන්දුවේදී බ්‍රෙට් ලී ලබා ගත් “ලෙග් බයි” ලකුණ ඕස්ට්‍රේලියාවට ප්‍රමාණවත් නොවීය.ඊට කළින් චිගුම්බුරාගේ ලකුණු 76 පන්දු 35 කින් වාර්තා වූ අතර ඊට හයේ පහර හයක් හා හතරේ පහර 5 ක් ඇතුළත් විය. එම ඉනිමේදී ඕස්ට්‍රේලියානු පිලේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ෂේන් වොට්සන්ගේ ඕවර දෙකේදී ලකුණු 34 ක් උදුරා ගැනිණි. ඕස්ට්‍රේලියානු පිලේ වේග පන්දු යවන ෂෝන් ටේට් හා උපනායක කැමරන් වයිට් විවේක ගැන්වීම මත තරගයට සහභාගි නොවිණි.පෙරේදා පැවැති අනෙකුත් පෙරහුරු තරගවල ප්‍රතිඵල මෙසේය.පාකිස්තානය ලකුණු 68 කින් වින්ඩ්වර්ඩ් දූපත් පැරදවීය.පාකිස්තානය කඩුලු 7 ට 160 යි. වින්ඩ්වර්ඩ් දූපත් කඩුලු 4 ට 92 යි.බංග්ලාදේශය ලකුණු 36 කින් බාබඩොස් පැරදවීය.බංග්ලාදේශය කඩුලු 5 ට 166 යි. බාබඩොස් කඩුලු 3 ට 130 යි.නවසීලන්තය ලකුණු 40 කින් අයර්ලන්තය පැරදවීය.නවසීලන්තය කඩුලු 5 ට 187 යි. අයර්ලන්තය කඩුලු 9 ට 147 යි.
|
NEWS
|
අසභ්‍ය වෙබ් අඩවිවල රඟපෑ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 100කගේ තොරතුරු මේ වන විට පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් හඳුනාගෙන ඇත.මෙම තරුණ තරුණියන්ගේ ඡායාරූප සහ තොරතුරු මාධ්‍ය මගින් හෙළිකර ඔවුන් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් දිනමිණට ඊයේ පැවැසුවේය.මෙම තරුණ තරුණියන් පිළිබඳ තොරතුරු හෙට (04) පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.මේ අය පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා තමන් වෙත ලබා දෙන ලෙස පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි..
|
NEWS
|
පින්නවල සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින්ට ආකර්ශනීය පරිසරයක් ඇති කිරිමෙ අරමුණින් කෑගල්ල රඹුක්කන ප්‍රධාන මාර්ගය සහ මාඔය පාලමෙ සිට පින්නවල අලි අනාථාගාරය දක්වා මාර්ගය අලංකාර කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවත්, දැනට පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙම මාර්ගය මාඔය පින්නවල කොටස හා ජලය බැසයන කානු පද්ධතියක් යොදා පුළුල් කිරිමට අපේක්ෂා කෙරේ.මෙහි සංවර්ධන කටයුතු සහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ජල සමිපාදන හා ජලාපවහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතන වෙත රැපියල් මිලියන එකසියය තිහක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනිම සදහා උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ..
|
NEWS
|
යුද හමුදාවේ කේ.පී.ආර්. සමන් කුමාරට සහ පොලිසියේ ධම්මිකා මල්කාන්ති වීරක්කොඩිට විවෘත අංශයේ කාන්තා හා පිරිමි අංශවල ජය හිමිකරදෙමින් නෙස්ටමෝල්ට් මැරතන් තරගය නිමාවට පත්විය.නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් පෙරේදා (9) ඇඹිලිපිටිය නගරයේදී පැවැති මේ තරගයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් පමණ සහභාගී වූ අතර විවෘත පිරිමි තරගයේ දෙවැනි ස්ථානය සජීව ලක්මාල්ට හිමිවිය. තෙවැනි ස්ථානය දිනා ගත්තේ නිහාල් පද්මසිරිය.විවෘත කාන්තා තරගයේ දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ මංජුලා කුමාරසිංහට හිමිවූ අතර තෙවැනි ස්ථානය නාවික හමුදාවේ ශ්‍යාමලි අනූෂා ලමාහේවාට හිමිවිය.මේ තරගයට සමගාමීව පැවැති බාලක තරගයේ ප්‍රථම ස්ථානය ගෙදරවාන විද්‍යාලයේ ප්‍රසාද් මධුරංගට හිමිවිය. බාලිකා තරගයේ ප්‍රථම ස්ථානය වීරකැටිය රාජපක්ෂ විදුහලේ ඒ.ජී.එස්. සෙව්වන්දිට හිමිවිය. බාලක බාලිකා තරගය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1300ක් සහභාගී වූහ.මේ තරගය ශ්‍රී ලංකා පොලිසියේ හා ආධුනික මලල ක්‍රීඩා සංගමයේ සහාය ඇතිව පැවැත්වුණි.ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය පොල් සංවර්ධන හා ජනතාවතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර, නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මොහොමඩ් හම්සා, සහකාර උප සභාපතිවරුන් වන බන්දුල එගොඩගේ, නෝමන් කන්නන්ගර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය..
|
NEWS
|
යොවුන් ක්‍රිකට් ක්‍රීඩක සහන් විජේරත්න මෙවරද එංගලන්තයේ මෙන්චස්ටර් හි කෙයිස්ටෝර් ක්‍රිකට් ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර සහන් සහභාගී වූ මුල් තරගවලදී සුපිරි දක්ෂතා දැක්වීමට සමත් විය. පළමු තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ සහන් ලකුණු 92 ක් ලබා ගැනීමට සමත් වූ අතර දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 84 සහ පන්දු යැවීමේදී ලකුණු 35කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වී ඇත.පසුගිය වසරේදී කේයිස්ටෝර් ක්‍රීඩා සමාජය නියෝජනය කළ සහන් එහිදී ශතක 2ක් සහ අර්ධ ශතක 12ක් රැස් කිරීමට සමත් විය. වැඩිම ලකුණු ප්‍රමාණය වූයේ නොදැවී ලකුණු 146ක් ලබා ගැනීමය. පන්දු යැවීමේදී සුවිශේෂී දස්කම් දක්වා ඇති සහන් හොඳම පන්දු යැවීම වී ඇත්තේ ලකුණු 33කට කඩුලු 5ක් ලබා ගැනීමය.මෙවර ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රිමියර් එක්දින තරග මාලාවේදී (ඒ කොටසේ) බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කළ සහන් පිතිකරුවකු ලෙසත් පන්දු යවන්නෙකු ලෙසත් දස්කම් දැක්වීමට සමත්විය. ඔහුගේ වැඩිම ලකුණු වූයේ ලංකන් සී සී සමාජයට එරෙහිව ලකුණු 91ක් ලබා ගැනීමය. පන්දු යැවීමේදී එන්. සී. සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 33කට කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය. තවද ප්‍රිමියර් ලීග් තරග මාලාවේදී ද රාගම ක්‍රීඩා සමාජයට සහ සරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව අර්ධ ශතක ලබා ගැනීමට සමත්විය..
|
NEWS
|
බස් රථයක් බලාපොරොත්තුවෙන් ගාල්ල බස් නැවතුම් පොළේ සිටි තරුණ විවාහක කාන්තාවකගේ සැමියා හඳුනන බව පවසා නිවසට රැගෙන යන මුවාවෙන් එම කාන්තාව ත්‍රිරෝද රියකට නංවා ගත් ත්‍රිරෝද රථ රියැදුරකු තවත් දෙදෙනකු සමග එක්ව ඇය වෙනත් ස්ථානයකට ගෙන ගොස් පෙරේදා (23) දූෂණය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.පෙරේදා උදේ නවයට පමණ ගාල්ල බස් නැවතුම් පොළෙන් ඇය ත්‍රීරෝද රියට නග්ගවා ගත් එහි රියැදුරු අතරමගදී තවත් දෙදෙනකු නග්ගවා ගෙන ඇත. ඊට පසු ත්‍රිරෝද රථය ඇගේ නිවසට යායුතු මාර්ගයේ නොගොස් වෙනත් පාරක් ඔස්ස් ගෙනගොස් ඇය දූෂණය කර ඇත.අතවරයට ලක්වූ කාන්තාව ගාල්ල කරාපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.ගාල්ල මූලස්්ථාන පොලිස් පරීක්‍ෂක සතිස් ගමගේ මහතාගේ මෙහෙයවීම මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි..
|
NEWS
|
ජාතිය නිදහස් නිවහල් චින්තනය ඔස්සේ මෙහෙයවා අනූපමවූත්, අපරිමිතවූත් සේවාවක් සිදුකළ විද්‍යෝදය - විද්‍යාලංකාර පිරිවෙන් පිළිබඳ පනත සංශෝධනය කැර නීතිපතිවරයා වෙත යොමු කැර ඇති බවද පිරිවෙන් අධ්‍යාපනය තවදුරටත් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බවට සපථ කරන බවද හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේගේ 103 වැනි ගුණසමරු උළෙලේ දී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ ෙකළේය.කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් ශලාවේ දී මේ උත්සවය විද්‍යෝදය පරිවේණාධිපති බලන්ගොඩ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.පහන් දැල්වීමෙන් හා අමරපුර මහා සංඝ සභාවේ මහා නායක දවුල්දෙන ඉන්දසාර මා හිමියන් වෙතින් හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් ඉක්බිති සභාවේ වැඩ ආරම්භ විය. ආනන්ද බාලිකා විදුහලේ සිසුවියෝ සුමංගල උපහාර ගීතය ඉදිරිපත් කළහ.1815 දී කන්ද උඩරට ගිවිසුමෙන් පසු නැති වී ගිය බෞද්ධ ප්‍රබෝධය යළි පණ ගැන්වීමටත් සංස්කෘතික උරුමයන් ස්ථාපනය කිරීමටත්, කුළුගැන්වී ගිය ජාතිකත්වය මඟින් පැවැති දුක්ඛ දෝමනස්සයන් පහකර මිනිසුන්ට දෙපයින් නැගී සිටීමට ශක්තිය ගෙන දීමටත් ක්‍රියා කළ ධර්මපාල ඕල්කොට් සුමංගල ත්‍රිමූර්තියේ උදාර ශක්තිය ගෙන දීමට ඉවහල් වූ බව ඇමැතිවරයා සඳහන් කළේය.හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ පිළිබඳ 103 වෙනි අනුස්මරණය යෙදී ඇති අද දින තමාව ද කැඳවා උපහාර පිදීමක් සිදුකිරීම සදානුස්මරණීය සිද්ධියක් බව පැවසූ බන්දුල ගුණවර්ධන මහතා අපේ මතකයෙන් කිසිදා ඈත් නොවන මෙවැනි උදාර උතුමනට අපි සදා ණය ගැති බවද කීය.“සම්භාව්‍ය පිරිවෙන් අධ්‍යාපනය හා නූතන පිරිවෙන් අධ්‍යාපනයේ නවීකරණය” මැයෙන් ගුණානුස්මරණ ශාස්ත්‍රීය දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍ය අස්ගිරි මහා විහාරිය කාරක සංඝසභික මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමිහික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණෝ ශ්‍රේෂ්ඨ පැවිදි උත්තමයකු ලෙස සම්මානයට පාත්‍ර වූවෝ වෙති. උන්වහන්සේගේ සැහැල්ලු ජීවන ප්‍රතිපදාව බෝධිසත්ව ගුණ විදහාපාන්නක් විය. උන්වහන්සේගේ අල්පේච්ඡ වූහ. ඉන්ද්‍රීය පිනවීමට ප්‍රතිපක්ෂ ජීවන රටාවකට අනුගත වූහ. සුසාර ජීවන පැවැත්මකට යොමු වූ උන්වහන්සේ අනතිමානි ගුණසම්පන්න ශාසන ගෞරව ජීවන පරායන වූහ.උන්වහන්සේගේ කැපී පෙනෙන චරිත ලක්ෂණ බවට පත්වූ නැණවත් බව, සිල්වත් බව නිසාම කීර්තිමත් ජ්‍යෙතිෂ විශාරද පිලිප් ද සිල්වා, ඈපාතුමන් මුල් වී විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමට කොළඹින් ඉඩමක් මිලට ගෙන අප නාහිමියන්ට පිරිනැමූහ. 1873 වසරේ දී මෙම විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමත් සමඟ එමඟින් හටගත් ශාඛා ප්‍රශාඛා ලක්දිව ගම් නියම්ගම් සිසාරා පැතිෙරමින් දිවයිනට දෙස් විදෙස් සුපතළ ගිහි පැවිදි වියතුන් රැසක් උරුමකර දීමට මං පෑදින.මේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සම්භාව්‍ය භාෂා ශාස්ත්‍ර ඥානයෙන් දුරස්ථ වී ඔවුන් විශ්වවිද්‍යාලය තුළින් ලද ශාස්ත්‍රීය ශික්ෂණය පහත් මට්ටමකට පමුණුවා ඇත.මේ නිසා අද විශ්වවිද්‍යාලීය භික්ෂූන් වහන්සේ පිළිබඳ සමාජය තුළ ඇත්තේ අධ්‍යාපනය හා විනය යන දෙඅංශයෙන්ම යම් ආකාරයක පරිහානි ලක්ෂණයන්ගෙන් යුත් කණ්ඩායමක්ය යන පොදු පිළිගැනීමකි ඇත්තේ.මුලසුන හෙබවූ විද්‍යෝදය පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමිවර්තමාන නවීකරණය වූ පිරිවෙන් අධ්‍යාපනයට නිසි තැන ලබාදීමේ ලා වත්මන් අධ්‍යාපන ඇමැතිතුමා තුළ ඇත්තේ බලවත් ඕනෑකමකි. එතුමා පිරිවෙන් මණ්ඩල රැස්වීම්වලට හැමදාම එනවා. පිරිවෙන් පනත පිළිබඳ තත්ත්වය වෙනස් වී ඇති ස්වභාවය නිරාකරණය කර ගැනීමට ලැබේවි. අතැම් ඇමැතිවරුනට විවිධ අන්දමේ චෝදනා එල්ල වූවත් බන්දුල ගුණවර්ධන මහතාට එවැන්නක් ඉදිරිපත් වී නැහැ. එතුමා ජනාධිපතිතුමා සමඟ ද අදහස් විමසමින් පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා නිතර උවමනාවෙන් ක්‍රියා කරනවා.මහින්දෝදය විද්‍යාගාර වැඩපිළිවෙළ මඟින් අද ගම්බද පාසල්වලට උසස් බවක් ලැබෙමින් පවතිනවා. විද්‍යෝදයෙන් ලබාදිය හැකි උසස් තිළිණය එතුමාට අද ලබාදීම සතුටක්.රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ටත්, ගම්මැද්දේගොඩ ප්‍රඤ්ඤසාර හිමියන්ටත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහත්වරුන්ටත් ගෞරව සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදුවිය..
|
NEWS
|
රුදුරු ත්‍රස්තවාදය නිසා වසර තිහක් තිස්සේ පසුපසට ගමන් කරමින් තිබූ අපේ ආදරණීය මාතෘභූමිය දැන් යළිත් වරක් පෙරට ගමන් කිරීම අරඹා ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේ ය.‘පටු දේශපාලන වාසි තකා රට, ජාතිය බෙදන සමාජය දැන් අවසන්. සියලු දේශපාලන නායකයන්ගේ වගකීම වන්නේ රට තුළ ජාති, ආගම්, කුල බේද ඇති කිරීම නොව ජනතාවගේ සුබසෙත උදෙසා රට ගොඩ නැඟීමයි” ජනාධිපතිවරයා අවධාරණය කෙළේ ය.ත්‍රස්තවාදීන් විනාශ කළ මාර්ග, පාසල්, රෝහල් ආදිය යළි ගොඩ නැගෙමින් තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා කනගාටුවට කරුණ වන්නේ මේවා සමහරුන්ට නොපෙනීම බව පැවැසී ය. “විශේෂයෙන් සමහර මාධ්‍යවලට මේවා පේන්නෙම නෑ. අපි පාලම්, නිවාස සාදන විට ඒවාට පිටරටින් ලැබුණු ආධාර කියනවා. බලාගෙන යන විට ආණ්ඩුව මොනවත්ම කරලා නෑ. නමුත් මේ සෑම දෙයක් පසුපසම සිටින්නේ ආණ්ඩුව බව සියලු දෙනා මතක තබා ගත යුතුයි. “ ජනාධිපතිවරයා අවධාරණය කෙළේ ය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කෙළේ ජාතික තෛපොංගල් උත්සවයට, යාපනය, ඇල්ෆ‍්‍රඩ් දොෙර්යප්පා ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) එක් වෙමිනි.රට ගොඩ නැඟීමට මුදල් ණයට නොව පොලියට වුව ගැනීමට තමා පසුබට නොවන බව පැවැසූ ජනාධිපතිවරයා පටු දේශපාලන වාසි තකා කියන කතා වලට තමා නොසැලෙන බව අවධාරණය කෙළේ ය. මින් පසු මේ රටේ ත්‍රස්තවාදයට මෙන්ම මාෆියාවලටද ඉඩක් නැති බවත් යාපනයේ වේවා, කොළඹ වේවා, බෙලිඅත්තේ වේවා කොහේ වුවත් මාෆියාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් පැවැසීය.මහා සංඝරත්නය, හින්දු ආගමික නායකයන්, ඉස්ලාම් පූජකවරුන් ප්‍රධාන සර්වාගමික පූජ්‍ය පක්ෂයත්, ඇමැති ඩග්ලස් දේවානන්දා, නියෝජ්‍ය ඇමැති එම්.කේ.සී.එස්.ගුණවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍ර කුමාර් මුරුගේසු, විජය කලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ..
|
NEWS
|
එංගලන්ත ප්‍රාන්ත තරගවාරයේ දී නොදම්ප්ටන්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන හිටපු වමත් වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් නැවත වරක් තුන් ඉරියව් දස්කම් දක්වමින් ඩර්හැම් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 30 ජයක් තම පිලට ලබාදීමට සමත්විය.“Friends Provident” කුසලාන ඕවර් විස්සයි 20 තරගමාලාව වෙනුවෙන් පැවැති මේ තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් නොදම්ප්ටන්ෂයර් පිල කඩුලු 5 කට ලකුණු 164 ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ වාස් පන්දු 49 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 73 ක් රැස් කළේය.කණ්ඩායම් ආරම්භක පන්දු යවන්නා ලෙසද කටයුතු කරන වාස් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 23 කට කඩුලු 3 ක් දවාලීමට සමත් වෙමින් ‘තරගයේ වීරයා’ සම්මානය දිනා ගත්තේය.
|
NEWS
|
අලව්ව දුම්රිය ස්ථානය අසළ ගංජා විකුණමින් සිටි මැදිවියේ කාන්තාවක් අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 24 කුත් මිලිග්‍රෑම් 960 ක් පොලීසිය විසින් සොයාගන්නා ලදී.එස් සරස්වතී (45) නමැති මැය පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලදුව රු.5000 ක දඩයක් නියම කෙරිණ. අලව්ව පොලීසිය විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
|
NEWS
|
ගිරාදුරුකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ළිං ආශි‍්‍රතව කරන ලද ජල සාම්පල පරීක්‍ෂාවෙන් ලැබූ ප්‍රතිඵල අනුව බොහෝමයක්ම ළිං වල ජලය පානයට නුසුදුසු බැව් හෙළි කරගෙන තිබේ.ඉන් ළිං කිහිපයක්ම වසා දැමීමට ද නිර්දේශ කළ බව ගිරාදුරුකෝට්ටේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඒ. එච්. ආර්. එම්. සී. බී. රත්නායක මහතා පැවසීය.මේ ජලයෙහි ෆ්ලෝරයිඩ් සාන්ද්‍රනය වැඩිවීම ඊට හේතුවයි. බීමට සුදුසු ජලයේ ෆ්ලෝරයිඩ් තිබිය යුතු උපරිමය ලීටරයකට මිලි ග්‍රෑම් 0.6 – 0.8 ප්‍රමාණයකි. නමුත් 4.95 හා 3.55 වැනි සාන්ද්‍රණයකින් යුත් ළිං කිහිපයක් ද අළුයටවල මහවැලි ගම්මානයෙන් හමුවී තිබේ. සාන්ද්‍රණය 1.0 ට වැඩි ජලය බීමට නුසුදුසු බව වෛද්‍ය නිගමනයයි. මහවැලි “සී” කලාපය තුළ පමණක් මාසයකට දෙදෙනෙක් වත් වකුගඩු ආබාධ හේතුව නිසාම මිය යති..
|
NEWS
|
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන 1929 ළමා උපකාරක දුරකථන සේවයෙන් දරුවන් සම්බන්ධයෙන් වන ගැටලු හා මවුපියන්ට උපදේශන සේවා ලබා ගැනීමට හැකිවන අන්දමින් ව්‍යාප්ත කිරීමේ නව වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි එම අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පැවැසුවාය.ළමා අපයෝජන හා හිරිහැර සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර දරුවන් සම්බන්ධ ගැටලු මේ දුරකථන සේවාවට වාර්තා වන බවත් ඒ සඳහා යම් උපදේශන සේවාවක් සැපයීම ළමා ආරක්ෂණය වෙනුවෙන් ගන්නා වැදගත් පියවරක් බවත් දිසානායක මහත්මිය ප්‍රකාශ කරයි.මේ වන විට දුරකථන සේවාවේ අලුත්වැඩියා කිරීම් සිදු කරමින් පවතින බවත් ඉදිරි දෙසතිය තුළ එම කටයුතු අවසන් කර මවුපියන්ට සිය දරුවන් සම්බන්ධයෙන් ඇති ගැටලු සඳහා උපදේශන සේවා සැපයීමට අවශ්‍ය පහසුකම් සපයන බවත් සභාපතිනිය පැවසුවාය..
|
NEWS
|
එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් ඊයේ (14) රාත්‍රියේ කොටුව පිටකොටුව අවට හෝටල්වලට බනිස් සහ කිරි පැකට් විකිණීමේ උත්සාහයක යෙදී සිටි බව දක්නට ලැබිණි.මේ මන්ත්‍රීවරයා මෙසේ විකිණීමට කටයුතු කළේ ඊයේ පස්වරුවේ සිට අද (15) උදෑසන දක්වා කොටුවේදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරයට ගෙන එන ලද රුපියල් ලක්ෂ දෙකහමාරක බනිස් සහ කිරිපැකට් බව එම පක්ෂයේ සාමාජිකයෝ පැවසූහ.අද උදෑසන දක්වා මෙසේ පැවැත්වීමට තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරය ඊයේ රාත්‍රී 7.00 පමණ වනවිට අවසන් වූ අතර අද උදෑසන දක්වා එය පැවැත්වීමට තරම් සාමාජික සහභාගිත්වයක් නොතිබූ නිසා එය අවලංගු කරන ලෙස පක්ෂ නායකත්වය විසින් සංවිධායක මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබිණි.මේ සඳහා ඇණවුම් කර තිබූ කිරි පැකට් සහ බනිස් ඒ වනවිටත් එම ස්ථානයට ගෙන එමින් තිබූ අතර ඒවාට කරන්නේ කුමක්දැයි තරුණ මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයෙන් විමසා තිබූ අතර ඔහුට උපදෙස් ලැබී තිබුණේ ඒවා පාඩුවට හෝ හෝටල්වලට හැකි තරම් අලෙවි කරන ලෙසයි.ඒ අනුව මේ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පක්ෂ නායකයන්ට බැන වදිමින් කොටුව පිටකොටුව හෝටල් වෙත යමින් බනිස් සහ කිරි පැකට් වෙළෙඳාමේ යෙදී සිටිනු දක්නට ලැබිණි..
|
NEWS
|
සුදු වාහනවල නිර්මාතෘවරුන් විපක්ෂයේ වේදිකාවට නැඟ දූෂණය , භීෂණය හා මැරකම තුරන් කිරීම ගැන මහ හඬින් කතා කරන බව තොරතුරු , ජනමාධ්‍ය සහ ව්‍යවසාය සංවර්ධන , ආයෝජන ප්‍රවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.ඔවුන් එසේ කතා කරන්නේ සිය හෘද සාක්ෂියට එකඟව දැයි ඇමැතිවරයා අසා සිටී.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් හෙට්ටිපොළ , රිට්ටදෙනිය සහ අසනාකොටුව ප්‍රදේශයන් හී ස්ථාපිත කළ පක්ෂ කාර්යාල විවෘත කරමින් අනුර යාපා ඇමැතිවරයා මෙසේ පැවැසීය.තමන්ට කන්න දුන් බත් එකට වැලි දමන්නේත් , කන්න දුන් අත සපා කන්නේත් ගුණමකු මිනිසුන් බව පවසන ඇමැතිවරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයාද එය ඒ අයුරින්ම ඉටුකර ඇති බවද කීවේ ය.කිසිඳු ජනාධිපතිවරයෙකු හමුදා නායකයෙකු රූපවාහිනිය ඉදිරියට නොගෙන ආ බවත් , වත්මන් ජනාධිපතිවරයා සියලු හමුදා නායකයන්ට එම අවස්ථාව උදා කර දුන් බවද හෙතෙම පැවැසීය. ගෙම්බෙකු රූපවාහිනියට ගෙන ආ විට ඌ අවසානයේ අලියෙකු වන බව පවසන අනුර ප්‍රියදර්ශන යාපා මහතා හිටපු හමුදාපති ෆොන්සේකා මහතාට සිදු වුයේ එයම බවද සඳහන් කළේ ය.ෆොන්සේකා මහතා හමුදා සෙබළුන්ට දුන් අණ දේශපාලන වේදිකාවලට නැඟ ජනතාවට ලබාදෙමින් සිටියද ජනතාව එම අණට බිය නොවන බවද ඒ මහතා කීය. ශ්‍රී ලංකාව ෆොන්සේකාගේ හමුදා රෙජීමේන්තුවක් නොවන බව මතකයේ තබා ගන්න යැයි ද ඇමැතිවරයා කියා සිටියේ ය.ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස හා ජවිපෙ භීෂණයත් සමඟ උරෙන් උර ගැටී වසර 40 ක් දේශපාලනය කළ මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂයේ පොදු අපේක්ෂකයා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එක් අපේක්ෂකයකු මිස තරග කරුවෙකු නොවන බවද පෙන්වා දුන්නේ ය.අද අපේ රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අගයන , ප්‍රතිපත්තිගරුක පාලයක් බවත් , එය කළ හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බවද කීවේ ය. එසේ නොමැතිව අද ඊයේ දේශපාලනයට පැමිණි අයට රටක් හදන්න තියා ඒ දිහා විචක්ෂණව බලන්නටවත් නොහැකි බවද සඳහන් කළේ ය.ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ ද ප්‍රකාශ කළේ ය.අපේ රටේ මුස්ලිම් ජනතාව විශාල පිබිදීමකින් සිටිනවා. කාලෙකට පස්සේ සිය නෑදෑයෝ බලන්න ත්‍රිකුණාමලය , යාපනය යනවා. මේ සියලු දේ ඉටු වුණේ නිවැරැදි තීන්දු තීරණ ගත්ත නායකයෙකු බිහි වීම නිසයි.අද ජනාධිපති මැතිවරණයක් නෙවෙයි තියෙන්නේ. මඩ ව්‍යාපාරයක්. විපක්ෂයේ වේදිකාවලින් ඇසෙන්නේ වෛර කතා පමණයි. හමුදාවට අණ දුන්න වගේ ජනතාවටත් අණ දෙන්න සමහරු පටන් ගෙන තියෙනවා.පොදු අපේක්ෂකයා කියන පුද්ගලයා වේදිකාවලදී ජනාධිපතිතුමාට දිගින් දිගටම මඩ ගහනවා. ඔහු අඩුම තරමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුවත් වෙලා ඉඳලා නැහැ. එහෙම අය තමයි පරිණත , අත්දැකීම් බහුල නායකයෙකුට චෝදනා එල්ල කරන්නේ.විශ්‍රාම යන්න ඉන්නකොට ගෙනත් හමුදා පුටුවේ වාඩි කරලා සියලු වරප්‍රසාද දීලා දරුවන්ගේ අධ්‍යාපනයට ඩොලර් 1500 ගානේ දීලා තමයි ෆොන්සේකා මහත්තයව මනුෂ්‍යයෙක් කළේ. එම නිසා තමයි අප කියන්නේ මොහු ගුණමකුවෙක් කියලා.අපේ ජනතාව කැමැති නැහැ නැවත වරක් පරණ අඳුරු යුගයට යන්න.විපක්ෂයේ පොදු අපේක්ෂකයා මොනවද වේදිකාවලට නැග පවසන්නේ. ඔහු පැමිණියම 26 වැනිදායින් පසු බොහෝ දෙනා හිරේ දමනවලු.වයඹ පළාත් ප්‍රධාන ඇමැති නීතිඥ අතුල විජේසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පඬුවස්නුවර ආසන සංවිධායක , වයඹ පළාත් සභා මන්ත්‍රී ධර්මසිරි දසනායක, පඬුවස් නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් උපාලි මහත්වරුද මෙහිදී කතා කළහ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක සුදර්මන් රදලියගොඩ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයෝ රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
|
NEWS
|
ශ්‍රී ලංකාවේදී ලබන 18 වැනි දින ඇරැඹෙන 2012 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නිල ජගත් ක්‍රිකට් කවුන්සල සහකරු ලෙස කටයුතු කරන එමිරේට්ස් ගුවන් සේවය මෙම ක්‍රිකට් සැණකෙළිය පැවැත්වෙන කාලය තුළ විවිධ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබේ.තරගාවලියේ අවසාන මහා තරගය පැවැත්වෙන ඔක්තෝබර් 7 වැනි දින තරගය නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩා ලෝලීන් ට නව්‍ය වූ ඩිජිටල් අත්දැකීමක කොටස්කරුවන් බවට පත්වීමට ඉඩ ලැබෙන සජීවී අවස්ථාවක් හිමිකර දීමට එමිරේට්ස් සැලසුම් කර ඇත.මෙහිදී එමිරේට්ස් විසින් ස්ථානගත කර ඇති අංශක 360ක ප්‍රදේශයක් ආවරණය කෙරෙන පික්සල් බිලියන 10ක ප්‍රේක්ෂක කැමරාවට තරගය නරඹන සියලුම ක්‍රීඩා ලෝලීන් හසුකර ගන්නා අතර www.emiratesfancam.com/wt20 වෙබ් අඩවියට පිවිස ප්‍රේක්ෂකයන් අතරින් තමන්ගේ රුව හෝ එමිරේට්ස් මගී සත්කාරක සාමාජිකයකු හෝ සාමාජිකාවක නිවැරදිව හඳුනා ගැනීමට සමත් වුවහොත් අත්සන් සහිත සමරු තිළිණ දිනා ගත හැකි බව එමිරේට්ස් නිවේදනය කරයි.එමිරේට්ස් ගුවන් සේවයෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර කණ්ඩායම් ගමන් කරන එමිරේට්ස් ගුවන් සේවාවල අනෙක් මගීන් ට සමරු අත්සන් සහිත සිහිවටන දිනා ගත හැකි ‘වාසනාවන්ත අසුන’ නම් වූ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමටද සැලසුම් කර තිබේ.මීට අමතරව ගුවන් විදුලි, මුද්‍රිත හා ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන් ඔස්සේ ක්‍රීඩා ලෝලීන් ට තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර දිනා ගැනීමටද අවස්ථාව සලසා ඇතැයි එමිරේට්ස් වැඩි දුරටත් කියා සිටී..
|
NEWS
|
සිවු වතාවකදීම ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ හිමිකර ගත් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සහ බෙල්ජියමේ ජස්ටින් හෙනින් මෙවර ද කිරුළ දිනා ගැනීමේ පළමු පියවර තබමින් දෙවැනි වටයට පිවිසීමට සමත්වූහ.මේ අතර දෙවතාවකදීම ප්‍රංශ විවෘත සූරතාවලියේ අවසන් මහා තරගයේදී පරාජයට පත් වූ රුසියාවේ 24 හැවිරිදි ඩිනාරා සෆීනා ජපානයේ 40 හැවිරිදි කිමිකෝ ඩේට් ක්රූම් ට පරාජය වී පළමු වටයේදීම ඉවතට විසිවිය. නඩාල් විසින් පරාජය කරනු ලැබුවේ ප්‍රංශයේ ගියානි මිනාවය. ඒ 6 - 2 ක්, 6 - 2 ක්, සහ 6 - 2 ක් වශයෙනි.බල්ගේරියාවේ ස්වෙටානා පිරොන්කෝවා 6 - 4 ක් සහ 6 - 3 ක් ලෙස පරාජය කිරීමට හෙනින් සමත් වූවාය.පළමුවටයේ සෙසු තරගවලදී ජයග්‍රහණ හිමිකරගත් අමෙරිකාවේ ඇන්ඩ් කැඩික්, ස්පාඤ්ඤයේ ඩේවිඩ් ෆෙරර්, ඉතාලියේ ඇන්ඩ්‍රියස් සෙප්පි, චීනයේ ෂෙං ජී, බෙල්ජියමේ යැනීනා වික්මේයර් සහ රුසියාවේ මාරියා ෂර්පෝවා දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගත්හ.
|
NEWS
|
ජනසතු සේවා ලීග් ක්‍රිකට් තරගාවලියේදී ආයෝජන මණ්ඩල කණ්ඩායම සමග ලංකා බැංකුව අතර පැවැති තරගයේදී ආයෝජන මණ්ඩල කණ්ඩායම ලකුණු 68ක ජයක් ලැබීය.පානදුර ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ආයෝජන මණ්ඩල කණ්ඩායම ඕවර 38කදී කඩුලු 9ක් දැවී ලකුණු 249ක් රැස් කළ අතර ලංකා බැංකු කණ්ඩායම ඕවර 38කදී කඩුලු 9ක් දැවි රැස් කර ගනු ලැබුවේ ලකුණු 181ක් පමණි.ආයෝජන මණ්ඩල කණ්ඩායම කඩුලු 9ක් දැවී (ඕවර 38) – 249 ලලිත් කොළඹගේ 88, සුරංග පුණ්‍යවර්ධන 37, රංග ලක්මාල් 33 (ඒ. අබේරත්න 25/2)ලංකා බැංකු කණ්ඩායම කඩුලු 9ක් දැවී (ඕවර 38) 181 - ජේ. ඩී. සිල්වා 58, රංගන 23 (කුමාර පෙරේරා 31/6)නාගරික සංවර්ධන අධිකාරි පිලට ජයනාගරික සංවර්ධන අධිකාරි පිල හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පිල අතර පැවැති තරගයේදී කඩුලු 5ක ජයක් අත් කර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරි පිලට හැකිවිය.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පිල ඕවර 39කදී සියලු දෙනා දැවී ලකුණු 187 ක් රැස් කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාගරික සංවර්ධන අධිකාරි පිල ඕවර 35 කදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 193 ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය.දිනුෂ්ක සුදර්ශන ලකුණු 44 ක් ද බුද්ධික කොළමුන්න ලකුණු 37 ක් ද රැස් කළහ. පන්දු යැවීමේදී මධුෂික ජයලත් ලකුණු 20කට කඩුලු 2 ක් දවා ගත්තේය.ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පිල (ඕවර 39) සියලු දෙනා දැවී 187 - ඩේලියන් ලුවිස් 36, මධුෂික ජයලත් 30 (ඉන්දික ලක්මාල් 25/3, බුද්ධික කොළමුන්න 30/2, අසංක කටුගම්පල 34/2)නාගරික සංවර්ධන අධිකාරි පිල (ඕවර 35) කඩුලු 5ක් දැවී 193 - දිනුෂ්ක සුදර්ශන 44, බුද්ධික කොළමුන්න 37 (මධුෂික ජයලත් 20/2).
|
NEWS
|
පහළ හංවැල්ල ප්‍රදේශයේ ගඩොල් නිෂ්පාදනයේ යෙදී සිටින කර්මාන්තකරුවන්ට මැටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම අමුද්‍රව්‍ය හිඟ කම හා ශ්‍රම කුලී වැඩි වීම හේතුවෙන් දුෂ්කරතා රැසක් මතුව තිබේ.ගඩොල් නිෂ්පාදනය සඳහා අවශ්‍යවන මැටි ජේ.සී.බී. යන්ත්‍ර මගින් කැපීම රජය විසින් තහනම් කරනු ලැබීම නිසා මිනිස් ශ්‍රමය යොදා මැටි කපා ගැනීමට සිදුවීම හේතුවෙන් මැටි සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇත.ගඩොල් පිළිස්සීම සඳහා පෝරනු වලට දර සපයා ගැනීමට මොවුන්ට ඇති තවත් ප්‍රධාන ගැටලුවකි. රබර් දර ලොරියක් සඳහා අධික මුදලක් ගෙවීමට සිදුවී ඇති අතර කැලෑ දර සොයා ගැනීමද ගැටලුවක්ව පවතී.මේ කර්මාන්තයේ නියැලීමට පුහුණු ශ්‍රමිකයන් නෙමැතිකම හා තරුණ ශ්‍රමිකයන් ගඩොල් කර්මාන්තයට යොමු නොවීම මේ කර්මාන්තය කඩා වැටීමට හේතුවකි.ශ්‍රමය සඳහා අධික වැටුප් ගෙවීමට සිදුවන බැවින් තමන්ට ලැබෙන ලාබය අඩුවන බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.එක දිගට අධික වර්ෂාව පැවතීම හා ගංවතුර වැනි ස්වභාවික විපත්වලට මුහුණ දීමට සිදුවීමෙන් තම කර්මාන්තයට මුළුමනින්ම අලාභහානි සිදුවන බවත් නැවත කර්මාන්තය මුලසිටම ආරම්භ කිරීමට සිදුවන බවත් ඔවුහු පවසති.මෙවැනි ස්වභාවික විපතකදී ගඩොල් කර්මාන්තය නැවත ආරම්භ කිරීමට ණය මුදක් හෝ වන්දි මුදලක් ලබා දෙන ලෙසට ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.ගඩොල් කර්මාන්තයේ නියලී සිටින එච්.ඒ. නිශාන්ත මහතා අදහස් දක්වමින්ඉස්සර වගේ වැඩ කරන්න අමාරුයි. මාසෙටම එක පෝරණුවක් වගේ පුච්චගන්නෙ. ගඩොල් 1000ක් විකුණන කොට රු 300ක් 400ක් වගේ සුළු ලාබයක් තියෙන්නෙ. අමුද්‍රව්‍යවලට විශාල වියදමක් යනවා. ඉටිරෙදි පවා ගණන් ගිහිල්ලා. වර්ෂාව කාලෙට කරගෙන යන්න අමාරුයි. අපේ මහන්සියට ලැබෙන මුදලක් විතරයි. ලාබයක් නැහැ. ගඩොල් විකිණීම අඩුයි. ශ්‍රමිකයෝ හොයාගන්න අමාරුයි. අවුරුදු 30ට අඩු කෙනෙක් වැඩ කරන්න එන්නෙම නැහැ.කේ.ජී. ධම්මික ගුණරත්න මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්මම ගඩොල් කැපීමේ රස්සාව පටන් අරගෙන අවුරුදු 10ක් විතර වෙනවා. ගල් 1000ක් හැඳුවාම රු 800ක් ලැබෙනවා. වැහි කාලෙට රැකියා කරගන්න අමාරුයි. උදේ 6.00ට වගේ පටන් ගත්තොත් හවස හතරට පහට වෙද්දි ගල් 1000ක් විතර කපනවා..
|
NEWS
|
ශ්‍රී ලංකා දැල් පන්දු සංගමයේ මෙහෙයවීමෙන් මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැති මෙවර ජාතික නෙට්බෝල් තරගාවලියේ සූරතාවය සෙලාන් බැංකු කණ්ඩායම විසින් දිනාගනු ලැබීය.අවසන් තරගයේ දී සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 78 ට 57ක් ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කරමින් සූරතාව දිනා ගත්තේ ය.දිවයිනේ ප්‍රබල නෙට්බෝල් කණ්ඩායම් 24ක සහභාගීත්වයෙන් මෙවර ජාතික නෙට්බෝල් සූරතාවලිය නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී 18 හා 19 දෙදින තුළ පැවැත්විණි.තරග කාල සටහන සම්න්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් කැම්බල් පාක් ක්‍රීඩා සමාජය, කොළඹ විශ්වවිද්‍යාලය, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, ස්පීඩ් මැක්ස් යන කණ්ඩායම් අවසන් පූර්ව තරග වටයේ දී තරගාවලියෙන් ඉවත් විය.අර්ධ අවසන් තරගවලදී සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 65 ට 46 ලෙස පොලිස් කණ්ඩායමද හැටන් නැෂනල් බැංකු කණ්ඩායම 47 ට 38ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායමද පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.තුන්වන ස්ථානය සඳහා පැවැති තරගය ලකුණු 32ට 29ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජය කමින් ගුවන් හමුදා කණ්ඩායම දිනා ගත්තේය.අවසන් මහ තරගය ක්‍රීඩා අමාත්‍ය සී. බී. රත්නායක, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනි මහනුවර දිස්ත්‍රික් නෙට්බෝල් සංගමයේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සෙලාන් බැංකු කණ්ඩායමේ ජයලි කුමාරි ද හොඳම විදින්නිය ලෙස සෙලාන් බැංකු කණ්ඩායමේ තර්ජනී ශිවලිංගම් ද, හොඳම පන්දු රකින්නිය ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ ධම්මිකා මල්කාන්ති ද දක්ෂතම ආක්‍රමණික ක්‍රීඩිකාව ලෙස හැටන් නැෂනල් කණ්ඩායමේ දර්ශිකා අබේවික්‍රම ද පිට පළාත් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර කණ්ඩායමේ ප්‍රසාදිනී නුවන්තිකා ද සම්මාන ලැබූහ.කණ්ඩායම් හතරක් තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධව අදහස් දැක් වූ තරග ලේකම් දීප්ති අල්විස් මහත්මිය තරග කාල සටහන සම්බන්ධව සියලු කණ්ඩායම් දැනුවත් කැර තිබියදී එහි ගැටලු ඇති බව ප්‍රකාශ කර මෙම කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වීම කනගාටුවට කරුණක් බව කීය.මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පවත්වා පසුව පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට තරග පැවැත්වූ බවත් එහි දී කිසිදු කණ්ඩායමකට අසාධාරණයක් සිදුවීමට ඉඩක් නොතැබූ බවත් ඇය කීවා ය..
|
NEWS
|
කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ මහව කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ කනිෂ්ඨ පාසල් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇත. මේ අනුව දැනටමත් මහව කලාප කාර්යාලයට අයත් මඩදොබේ, එරියාව සහ මානන්කුලියාගම කනිෂ්ඨ පාසල් 3ක් ද මොරගස්වැව කනිෂ්ඨ පාසලත් වැසීයාමේ තර්ජනයට ලක්ව ඇත.මේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී දක්නට ලැබුණේ මහව අධ්‍යාපන කොට්ඨාසයේ කෝන්වැවේ පිහිටි මොරගස්වැව කනිෂ්ඨ විද්‍යාලය දැනටමත් වසා දමා පාලුවට ගොස් ඇති බවකි.මේ තත්ත්වය පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. එම්. කරුණාරත්න මහතාගෙන් කරුණු විමසා බැලීමේදී අනාවරණය වූයේ මධ්‍යම රජය හෝ පළාත් සභාව කිසිදු තීරණයකට එළඹ නොමැති අතර හැකි ඉක්මණින් මේ පාසල් ආදර්ශ පාසල් ලෙස වැඩිදියුණු කරන බවත්ය. මොරගස්වැව කනිෂ්ඨ විද්‍යාලය ආදර්ශ ඉංග්‍රීසි පාසලක් බවට පත් කිරීම දැනටමත් පියවර ගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි..
|
NEWS
|
බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකළ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පිළිබඳව කැබිතිගොල්ලෑව පොලිසිය සිදුකරන විමර්ශන වසන් කිරීම ගැන වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකර නොපමාව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කැබිතිගොල්ලෑව ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කළේය.මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉකුත් 26 වැනිදා මේ නියෝගය නිකුත් කළ අතර නියෝගය ෆැක්ස් මඟින් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නන්දන විජේරත්න මහතාටත් එහි පිටපත් පොලිස්පතිවරයාටත්, උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් යවන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් කුමාර සේකර මහතාට නියෝග කළේය. කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් කුඹුරේගම මහතා බීමත්ව රියපදවා රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මාස හතරකට අධික කාලයක් විමර්ශන වසන් කර ඇති බව පවසමින් ලැබී ඇති පැමිණිල්ලකට අවධානය යොමු කළ මහේස්ත්‍රාත්තුමන් මේ නියෝගය ලබාදී ඇත.අධිකරණයට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ 2010.12.25 දින රාත්‍රියේ පොලිස් පරීක්‍ෂකවරයා බීමත්ව රිය පදවා කැබිතිගොල්ලෑව නගරාසන්නයේ දී අනතුරක් සිදුකර තුවාල ලබා පසුව කැබිතිගොල්ලෑව රෝහලට රාත්‍රි 8.30 ට ඇතුළත්ව ඇති බවත්, ඔහු එදිනම පරීක්ෂා කළ කැබිතිගොල්ලෑව මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත්තේ පොලිස් පරීක්‍ෂකවරයා තුවාල ලබා රෝහල් ගතවූ බවත් ඒ වනවිටත් ඔහු බීමතින් වෙරිවී සිටි බවත් ය.මේ පිළිබඳව කැබිතිගොල්ලෑව පොලිසියට දැනුම් දෙන ලෙස අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් කළත් ස්ථානාධිපති වරයා රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසා වෛද්‍ය උපදෙස් ද නොතකා එදින රාත්‍රියේම පදවිය රෝහලට පලාගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවද අධිකරණයට කර තිබූ පැමිණිල්ලේ සඳහන් ය.මේ අනතුර පිළිබඳව කැබිතිගොල්ලෑව පොලිසිය හා රථවාහන අංශය මාස හතරකට අධික කාලයක් එහි විමර්ශන සිදු නොකර අධිකරණයට කරුණු වාර්තා කිරීම වසන්කර ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන් ය.අධිකරණයට යොමුකර ඇති පැමිණිල්ල සමඟ පොලිස් පරීක්‍ෂක වරයා රෝහලට ඇතුළත් කළ 6481/2010 දරන පත්‍රිකාවද ඡායා පිටපත් කර අධිකරණයට යොමුකර තිබේ..
|
NEWS
|
ඉතා ජනාකීර්ණ පෙදෙසක් වන හැඳල කෙරවලපිටියට ඇති එකම තැපැල් පෙට්ටියයි මේ. එය බොහෝ කාලයක සිට අබලන් තත්ත්වට පත්ව තිබීම නිසා ඒ අවට ප්‍රදේශවාසීනට ලියුමක් තැපැල් කිරීම සඳහා වත්තලට හෝ ඇලකන්දට බොහෝ දුරක් ගෙවා යාමට සිදුව ඇත.මෙතැනට අලුත් තැපැල් පෙට්ටියක් ලබා දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා ඇති නමුදු එයට මේ වනතුරු නිසි පිළියමක් ලැබී නැතැයි ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති..
|
NEWS
|
මහ කැලෑවේ ඇති මිහිරි රසැති පලතුරක් ලෙස “මොර“ අවිවාදයෙන් පිළිගැනෙයි. වසර තුන හතරකට වරක් මෙම පලතුර හට ගන්නා අතර මෙවර වන්නි කැලෑවේ ඵල බර වූ මොර ගසකි මේ..
|
NEWS
|
දල ඇතුන්, දඩබ්බර අලි ඇතුන් හා අනාථ වූ අලි පැටවුන් රඳවා තැබීම සඳහා ඔවුන් ගාල්කර රඳවා තැබීවේ වනෝද්‍යාන ජාලයක් ස්ථාපිත කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ගෙන යයි.මුල් අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරුඔය සහ දකුණේ වෙහෙරගල ප්‍රදේශයන්හි අලි ඇතුන් රැඳවුම් උද්‍යාන තුනක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික විධි විධාන යොදාගෙන යන බව ගොවි ජන සේවා සහ වන ජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.එක් උද්‍යානයක් අක්කර 3000කින් සමන්විත වන අතර ඒ තුළ රඳවා තැබෙන අලි ඇතුන්ට අවට ගම්මාන ආක්‍රමණය කිරීමට නොහැකි වන සේ දැවැන්ත හා අධි ශක්තිමත් ආරක්ෂක වැටක් යෙදීමට සැලැසුම්කර ඇත.මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ රැඳවුම් භූමි ප්‍රදේශයට ආසන්නයේ අක්කර 1000 බැගින් වූ බිම් ප්‍රදේශයක අලි ඇතුන්ට අවශ්‍ය ආහාර භෝග වගා කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා අවට ගම්මානවල ගොවීන්ගේ දායකත්වය ලබා ගන්නා අතර ඔවුන් විසින් නිපදවනු ලබන ආහාර භෝග සියල්ල වනජීවී දෙපාර්තමේන්තුව මගින් මිලදී ගැනීමට අපේක්ෂිත ය.මෙම නව වැඩපිළිවෙළින් අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ඉමහත් පිටුවහලක් ලැබෙන අතර දඩයක්කරුවන්ගේ ඉලක්කය වී ඇති දල ඇත් සම්පත සුරැකීමට ද මඟ හෙළිවන්නේ යැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ය..
|
NEWS
|
නීතිවිරෝධි මත්පැන් බෝතල් සියයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මානවිට කලුවැල්ගොඩ මාර්ගයේදී ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු හා අදාළ මත්පැන් තොගය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති (පො.ප) ප්‍රභාත් පරණවිතාන, (පො.ප) එදිරිසූරිය, (පො.සැ) කුසුම්පාල 8177, (පො.කො) කස්තුරි 40070 ශාන්තිලාල් 26244 යන නිලධාරිහු මේ වැටලීම සිදුකළහ..
|
NEWS
|
කළුතර, නාගොඩ රෝහලේ නිතරම සොරකම් සිදුවන බව වාර්තා වන හෙයින් රෝහලේ ආරක්‍ෂාව තර කරන ලෙස රෝහල් පරිපාලන නිලධාරී ඒ. යූ. එන්. ද සිල්වා මහතා රෝහලේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරිවරයා වෙත ලිඛිතව නිවේදනයක් නිකුත් කර ඇත.රෝහල් භූමියේ තිබූ රසායනික ද්‍රව්‍ය අඩංගු බූලි 14ක් ත්‍රිරෝද රථයකින් පිටකර රැගෙන යෑමට තැත් කළ රෝහල් සේවකයකු පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමඟ නාගොඩ රෝහලේ පරිපාලන නිලධාරිවරයා මෙසේ රෝහලේ ආරක්‍ෂාව තර කිරීමට ලිඛිතව දන්වා තිබේ.කළුතර රෝහලට රෝගීන් බැලීමට එන මහජනතාවගේ යතුරුපැදිවලට අයත් හිස්වැසුම් ඇතුළු භාණ්ඩ රථගාලේ තිබියදී ඇතැම් අවස්ථාවලදී සොරාගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි..
|
NEWS
|
කෑගල්ල රජයේ රෝහල දිසාවේ වෙනත් රෝහල්වලින් එවන රෝගීන්ට වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වූ අවස්ථාවලදී සේවා සපයන මුලික රෝහල බවට පත් කැර තිබේ.එහෙත් එම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා සහ විකලාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙන වෛද්‍ය විශේෂඥවරයාද මේ වනවිට විදේශ ගතව කාලයක් ගතවීම නිසා එම අංශ දෙකෙහි වෛද්‍ය සේවා අඩපණව ගොස් ඇති බව වාර්තා වෙයි.මෙම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්‍යවශ්‍යයම අංගයකි. විවිධ අපරාධවලින් පීඩාවට පත්වන පිරිස්ද මෙම රෝහල වෙත ගෙනවුත් අදාළ වෛද්‍ය වාර්තා ලබා ගැනීමද මෙහිදී සිදු කරනු ලබයි.ප්‍රදේශයේ සිදුවන අපරාධවලදී අදාළ අපරාධ පිළිබඳව පොලිස් ස්ථානයන් විසින් අධිකරණ වෙත ඉදිරිපත් කරන නඩුවලට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ සාක්කිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එහෙත් මෙම රෝහල වෙතින් දිගු කලක් තිස්සේ ලබා ගන්නා ලද එම වෛද්‍ය වාර්තා ලබාගැනිමේ සේවය අධිකරණ වෛද්‍ය විශේෂඥ වරයා රෝහලේ සේවය නොකරන නිසා අසීරුව ඇති බවද එම ප්‍රශ්නයට පිළියම් ලබා ගන්නටද පොලිස් ස්ථානයන්ටද ගැටලු සහගතව පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මෙහිදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ සේවය අවශ්‍ය වූ අවස්ථාවලදී එසේ අධිකරණ සාක්කි ලබා ගන්නට සිදුවන පුද්ගලයන් කුරුණෑගල, මහනුවර, පේරාදෙණිය ආදී රෝහල් වෙත යවා එම අධිකරණ වෛද්‍ය වාර්තා එම රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරයා වෙතින් ලබා ගන්නට සිදුව ඇති බව පොලිස් නිලධාරිහුද පවසති.කෑගල්ල මුලික රජයේ රෝහලේ උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා මෙසේ පැවැසීය.කෑගල්ල රජයේ මූලික රෝහලට අවශ්‍ය හැම අංගයක්ම අප විසින් ලබාදී එමඟින් විපුල ඵලදායක සේවාවක් ජනතාවට ලබාදෙන්න අප රජය පියවර ගනු ලැබුවා.එහෙත් එහි උද්ගතව ඇති මෙම තත්ත්වය ගැන අප දැනුවත් කැර නැහැ. මම වහාම ඒ ගැන සොයා බලනවා..
|
NEWS
|
ඉදිරි වසර දහය තුළ ලෝකය පුරා විසිරි සිටින තරුණ ප්‍රජාවට මුහුණදීමට සිදුවන අභියෝග ජයගැනීමට මඟ කියන '15වැනි ලෝක තරුණ සමුළුව' ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාගම්රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී අද උදේ 11.30ට අතිඋත්කර්ෂවත්ව ආරම්භ කැරේ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය ජෝන් ඈෂ්, මහලේකම් බෑන් කී මුන් මහතාගේ විශේෂ දූත අහමඩ් අල්හෙන්ඩ්‍රා යන මහත්වරු මීට එක්වෙති.ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේ රටක මුළුදෙන පළමු තරුණ සමුළුව ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මේ සමුළුව සඳහා ලොව රටවල් 106ක තරුණ තරුණියෝ දහසකට අධික පිරිසක් සහභාගීවීමට නියමිතය.දේශපාලන, ආර්ථික, සමාජයීය, ආගමික, සංස්කෘතික හා ක්‍රීඩා යනාදී අංශ ප්‍රධාන බොහෝ අංශවල නවෝදයට තරුණ ජවය එක් කරගන්නා අයුරු ලොවටම හඬ ගා කියන 'කොළඹ ප්‍රකාශනය' එළි දක්වන සමුළුව හෙට (07) සිට ලබන 10 දක්වා කොළඹ දී මුළුදෙනු ඇත.ඓතිහාසික මාගම්රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී මුළුදෙන දෙවැනි ජාත්‍යන්තර සමුළුව මෙය වේ. මීට පෙර ලොව රටවල් 53ක සහභාගීත්වයෙන් 09වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුව මෙහිදී පැවැත්විණි. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ සමසභාපතිත්වයෙන් යුතු සංවිධාන මඬුල්ලක් මඟින් මේ සමුළුව සංවිධානය කොට තිබේ.සමුළුවේ සමාරම්භක අවස්ථාවට ලොව රටවල් 27ක තරුණ කටයුතු ඇමැතිවරු විශේෂ රාජ්‍ය නියෝජිතයෝ ලෙස සහභාගී වෙති. ඊට අමතරව රටවල් 106ක තරුණ සංවිධානවල නියෝජිතයෝ, එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ තරුණ කටයුතු පිළිබඳ උපදේශකයෝ, විද්වත්හු මෙන්ම දේශීය නියෝජිතයෝ හා බුද්ධිමත්හු සහභාගී වෙති.සමුළුවේ සමාරම්භක අවස්ථාව ඉතා අලංකාර හා මනරම් දසුන්වලින් සමන්විතව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කොට තිබේ.තරුණ සමුළුවට එක්වන දෙස් විදෙස් නියෝජිතයෝ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ විචිත්‍ර රථ පෙළහැරකින් හම්බන්තොට බලා පැමිණෙනු ඇත. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට විදේශීය ඇමැතිවරු, විදේශීය නියෝජිතයෝ සමුළු බිම කරා පැමිණෙනුයේ ද අලංකාර හා මනා සංවිධානත්වයෙන් යුතු රථ පෙළහැරක් සමඟිනි.තරුණ සමුළුව දේශීය සංස්කෘතික, කලා ශිල්පී හැකියාවන් ලොවට හඬගා කියන අයුරින් ජයසක් හඬ ඔස්සේ ඇරඹීමට පියවර ගෙන ඇත. මේ සඳහා ශිල්පීන් විශාල පිරිසකගේ දායකත්වය ලබාගෙන තිබේ.සමුළුවේ සමාරම්භ මොහොත සිදු කරන හම්බන්තොට මාගම්රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය හා අවට අතිවිශාල ධජ පතාක, සුබපැතුම් සහිත බැනර් හා කටවුට්වලින් සරසා තිබේ..
|
NEWS
|
කැස්බෑව නගර සභාවට අයත් හල්පිට පොදු සුසාන භූමිය වසර ගණනාවකින් එළි පෙහෙළිකර නොමැත. මේ නිසා එය කැළෑවක් බවට පත්ව ඇති හෙයින් මෘත ශරීරවල අවසන් කටයුතු කිරීමට පැමිණෙන ජනතාවට නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වී තිබේ.සුසාන භූමියේ මෘත දේහයන් තැන්පත් කිරීම සඳහා ඉදිකර තිබෙන ගොඩනැගිල්ලද දැඩි ලෙස අබලන් වී ගරා වැටෙමින් පවතී.සුසාන භූමිය තුළ විෂඝෝර සර්පයින් පවා ගැවසෙන බවත් එම සර්පයින් විටින් විට සුසාන භූමිය අවට නිවෙස්වලට ද පැමිණෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා වල්බිහි වී ඇති කැළෑ එළි - පෙහෙළි කරන ලෙසට නගර සභාවෙන් ඉල්ලා ඇතැත් ඊට තවම ප්‍රතිචාරයක් ලැබී නැති බව ඔවුහු පවසති.කැස්බෑව නගර සභාවේ විපක්‍ෂ නායක සුමන රණවීර මහතා - සුසාන භූමි එළි පෙහෙළිකර ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ගමේම පුද්ගලයකු යෙදවීමට නගර සභාව පියවරක් යෙදුවා. ඒ පුද්ගලයාට වැටුපක් ලබා දෙන්න නගර සභාවට නොහැකි නිසා අනුග්‍රාහක ආයතනයක් මගින් එම පුද්ගලයාට වැටුපක් ලබා දුන්නා. මේ වන විට ඒ ක්‍රියාවලිය බිඳ වැටිලා. .
|
NEWS
|
නව වසරේ පාසල් වාරය සඳහා නවක සිසුන් භාරගැනීමේ උත්සවයක් පසුගිය 16 වැනිදා පමුණුවිල මහා විද්‍යාලයේ දී සිදුවිය. ඒ සඳහා පැමිණි බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි තිමල්කා පොත්තේවෙල මහත්මිය හා දළුගම දේවස්ථානයේ සුමල්කී කන්‍යා සොයුරිය නවක සිසුවියක් විසින් බුලත් හුරුල්ලක් දී පිළිගත් අයුරු. පසෙකින් විදුහල්පති සුගත් පි‍්‍රයන්ත මහතා ද වේ..
|
NEWS
|
කොළඹ සහ කත්මණ්ඩු නුවර අතර සෘජු ගුවන් සේවා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නේපාල අගමැති Baburan Bhattaraj මහතා අතර බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවර දී පැවති හමුවකදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූහ.මේ අනුව මිහින් ලංකා ගුවන් සේවය මගින් කොළඹ – කත්මණ්ඩු අතර සෘජු ගුවන් සේවයක් ආරම්භ කෙරෙනු ඇත. එය ඉතා ඉක්මනින් ක්‍රියාවට නැංවීමට මෙහිදී තීරණය කෙරිණි. ශ්‍රී ලංකාව හා නේපාලය යන දෙරට විසින්ම සිදුකරනු ලබන ජල විදුලි උත්පාදන කටයුතු පිළිබඳව ද මෙහිදී නායකයින් දෙපළ අතර සාකච්ඡාවට බඳුන්වූහ.නේපාලයේ ජල විදුලි නිපදවීමේ ව්‍යාපෘති වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජල විදුලි ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික සහාය ලබාදෙන ලෙස නේපාල අග්‍රමාත්‍යතුමා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය.නේපාල අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම කඩිනමින් ඉටුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම අවස්ථාවේදීම ජනාධිපතිතුමා විදුලිබල අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දුන්නේ ය.එසේම ලුම්බිණි සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ..
|
NEWS
|
විද්‍යාව හා තාක්ෂණය මතයි ලෝකයේ නිර්මාණ සිදුකෙරෙන්නේ. එය ගහට පොත්තත් පොත්තට ගසක් වැනි එකින් එක වෙන් කළ නොහැකි දෙකකි. විද්‍යාව යනු යමක් සොයා ගැනීමයි. එසේ සොයාගත් සාධකය නිර්මාණයක් වන්නේ තාක්ෂණය අනුවය. තරුණ කටයුතු හා නිපුනතා සංවර්ධන වැඩබලන ඇමැති මොහාන් ලාල් ග්‍රේරෝ මහතා පැවැසීය.වැඩබලන ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඉකුත්දා ලංකා ජර්මන් කාර්මික ආයතනයේ බොරැල්ල ශාඛාවට 2014-2016 පාඨමාලාවට අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ උත්සවයේදීය.තවදුරටත් අදහස් දැක්වූ වැඩබලන ඇමැතිවරයා මෙසේ ද පැවැසීය. විද්‍යාඥ මයිකල් පැරස් විදුලිබලය සොයා ගත් පසු එයට තාක්ෂණය මුසුකළ අද අප කතා කරන ශබ්ද විකාශන යන්ත්‍රය නිර්මාණය කර ඇත.සොයා ගත් මූලධර්ම තාක්ෂණය හා මුසු නොවුණහොත් එම මුලධර්මය එසේම තිබෙනු ඇත. එයින් ලෝක සංවර්ධනයට එතරම් පිටුවහලක් නැත. විද්‍යාව හා තාක්ෂණය එක්වූ විට සමාජ ප්‍රවර්ධනයට භාණ්ඩ නිර්මාණය වේ.එම තාක්ෂණය මිනිසාට ලබාගත හැක්කේ මෙවැනි කාර්මික ආයතනවලිනි. මේ ආයතනයෙන් තාක්ෂණයේ ආලෝකය ලැබූ දහස් ගණනක් අද දේශීය හා විදේශීය වශයෙන් සාර්ථකව ගත කරති. මෙම තාක්ෂණ ආයතනයෙන් හුරුව ලබන අයට විදේශවලද ඉල්ලුම ඇත. එමඟින් අපේ රටට උපයා එන විදේශ විනිමය රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම වාසනාවකි.අධ්‍යාපනය හරහා උපාධි සහතික ලත් අය රැකියාවක් ලැබෙන තුරු වසර ගණන් සිටියත් මෙවැනි තාක්ෂණ ආයතනවලින් පුහුණුව ලබන අයට රැකියා පෝලිම්වල නොසිට ස්වයංරැකියාවල යෙදීමට හැකිය.මේ ආයතනයේ අධ්‍යක්ෂ විදුහල්පති ශාන්ත කරුණාරත්න මහතා පිළිගැනීමේ කතාව කෙළ්ය. නව පාඨමාලාව සඳහා තරුණ තරුණියන් 60 දෙනෙක් බඳවා ගනු ලැබීය. තරුණ හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න සහ බොරැල්ල ශාඛාෙව් විදුහල්පති සිඩ්නි දාබරේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ..
|
NEWS
|
ශ්‍රීලනිපය ශක්තිමත් කළ නායකත්වයසැප්තැම්බර් මස 02 වැනි දිනට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 61 වැනි සංවත්සරය නිමිත්තෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.* ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බිහිවීම ඔබ දකින්නේ කොහොමද?අපේ රට වසර 500 කට අධික කාලයක් විදේශීකයෝ පාලනය කළා. ඔවුන් මේ රටට නාමමාත්‍රික නිදහසක් පිරිනමා රටින් බැහැර වුණා. ඒ සමඟ රටේ පාලන බලය ලැබුණේ සුදු ජාතිකයෝ වෙනුවට සුදු ජාතික හැඟීම් තිබූ කළු සුද්දන් පිරිසකටයි. මේ පිරිසගේ පාලනයේත් පොදුවේ රටටත්, මහජනතාවටත් විශාල සේවාවක් සිදු වුණේ නැහැ. මේ බරපතළ අඩුපාඩුව දුරුකිරීමටයි අපේ පක්‍ෂය බිහිවුණේ.* ශ්‍රී. ල. නි. පක්‍ෂය බිහි වී රට, ජනතාව ඉල්ලා සිටි දේශපාලනික, ආර්ථික ජයග්‍රහණ සපුරාලීම ඉටු කළාද?ඔව්. 1956 මහා මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අප පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණ රටේ විශාල ඉදිරි ගමනකට අදාළ වන දැවැන්ත පියවරයන් ගත්තා. අදටත් 56 න් බිහිවූ දරුවෝ අපි යැයි වැඩිහිටි පරම්පරාව බොහොම අභිමානයෙන් කියනවා. අපේ රටේ අධ්‍යාපනයේ, දේශීය කර්මාන්ත අංශයේ, සේවා අංශවල විශාල වෙනසක්, පරිවර්තනයක් මේ කාලයේ ඇති කළා.* ආරම්භක යුගයේ තිබූ අභියෝග මොනවාද?අද වාගේම එදත් දෙස් - විදෙස් අභියෝග තිබුණා. දේශීය වශයෙන් පරගැති අදහස්, හැඟුමන් තිබෙන පිරිසක් හිටියා. ජාත්‍යන්තර වශයෙන් රට ඉදිරිය එන එක ඉවසා ගන්න බැරි පිරිසක් සිටියා. මේ අය රටේ ඉදිරි ගමන වැළැක්වීමට නිතරම කුමන්ත්‍රණ සිදු කළා.* ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයායි. අද රටේ තිබෙන දැවැන්ත දේශපාලන පක්‍ෂ සන්ධානයේ නායකයා ඔහුයි. ඒ යටතේ රටට, ජනතාවට ලැබුණු ජයග්‍රහණ ගැන කතා කළ හැකිද?අපේ රට තිස් අවුරුද්දක් තිස්සේ ම්ලේච්ඡ කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් බැට කෑවා. මේ ත්‍රස්තවාදය පරාජයට පත්කොට රටට සාමය උදාකළේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. එය රටට කළ විශිෂ්ට සේවාවක්. ඒවාගේම මානුෂීය මෙහෙයුම්වලින් නිදහස ලැබුණේ සියලු ශ්‍රී ලාංකිකයින්ටයි.එදා කොටි යකඩ සපත්තු පාලනයෙන් මිරිකී සිටි දමිළ, මුස්ලිම් වැසියෝ මානුෂීය මෙහෙයුම්වලින් පසු නැවත පදිංචි කළා. ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ දේවල් සිදු කළා. එයත් ජයග්‍රහණයක්.ආර්ථික ජයග්‍රහණ ලබාගන්න නම් රටේ මහාමාර්ග, විදුලිබල, බලශක්ති, වරාය, ගුවන් සේවා, සන්නිවේදන, තොරතුරු තාක්ෂණ වගේම නිවාස, පානීය ජලය, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි යටිතල පහසුකම්, මහජන උපයෝගීතා පහසුකම් දියුණු කරන්න අවශ්‍යයි.මේ සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් ආයෝජනය කළ ආණ්ඩුව, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවයි. එතුමා රට භෞතික සම්පත් අතින් දියුණු කරන අතරම මානව සම්පත් කුසලතා දැනුම, නංවාලීමටත් කටයුතු කරනවා. ඒ වාගේම තවත් ඉතා ප්‍රබල කාර්යයක් ඉටු කරනවා. ඒ තමයි ගුණ දහමින් පිරි සමාජයක් බිහිකිරීමට ඉවහල් වන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම. මතට තිත එවැන්නක්. මහින්ද චින්තනයත්, මහින්ද චින්තන ඉදිරි දැක්මක් අනුව රට, ජනතාව දියුණු කිරීම, නගාසිටුවීම සිදු කරනවා.* ජාත්‍යන්තරයෙන් එල්ල වන අභියෝග මොනවාද?අපි ස්වාධීන රටක් නිසා කාගේවත් යටත්වැසියන් ලෙස සිටින්නට උවමනා නැහැ. අපි සෑම ප්‍රශ්නයකටම බටහිරින් විසඳුම් සෙවූ යුග තිබුණා. අද ඒ තත්ත්වය වෙනස්. ජනාධිපතිතුමා රටේ, ජනතාවගේ ප්‍රශ්නවලට තිරසාර විසඳුම් ගෙනෙන්නේ දේශීය චින්තනයට අනුවයි.අපේ රටේ ජනතා අපේක්‍ෂා ඉටුවන ආකාරයේ විසඳුම් තමයි ලබා දෙන්නේ. ඒකට ඇතැම් රටවල් අකැමැති වෙන්න පුළුවන්. ඒ වගේම අපි අද ශීඝ්‍රයෙන් ආර්ථික, සාමාජීය අංශ දියුණුවක් ලබමින් සිටිනවා. එයත් සමහරුන්ට ඉවසන්න බැරිව ඇති. ඒ අය අපිට ප්‍රශ්න, අභියෝග එල්ල කරනවා. අපිට ඒවාට නොබියව මුහුණ දීමට හැකියි.* ජාත්‍යන්තරව එල්ල වන අභියෝගවලට මුහුණ දීමේදී ආණ්ඩුවට තිබෙන ශක්තිය කුමක්ද?එකම ශක්තිය රටේ ජනතාව අපි සමඟ සිටීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගම හා ගමේ ජනතාව අතුරින් බිහිවූ එකක්. ඒ නිසාමදෝ අපිට ජනතාව සිටිනවා. අද රටේ ජනතාව අපේ ආණ්ඩුවේ ආර්ථික, සමාජයීය, සංවර්ධන වැඩපිළිවෙළ පිළිගෙන තිබෙනවා. එය අපිට ජාත්‍යන්තර බලවේගවලට නොබියව මුහුණ දෙන්න පුළුවන් විශාලම ශක්තියයි..
|
NEWS
|
නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මඩකලපුව , පාසිකුඩා වෙරළට මුහුණලා පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් ඉදිකළ පේෂකර්ම හා කුඩා කර්මාන්ත අලෙවි සල හා සංචාරක නිවාසය පළාත් කෘෂිකර්ම, ග්‍රාමීය කර්මාන්ත ඇමැති හාපීස් නසීර් අහමඩ් මහතා අතින් විවෘත විය.නැගෙනහිර පළාත් සභා මුල්‍ය අරමුදලින් මේ සඳහා රුපියල් මිලියන අටක් වැය කළ බව පළාත් ග්‍රාමීය කර්මාන්ත අධ්‍යක්ෂ ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත් කුමාර තෙන්නකෝන් මහතා පැවසීය.විවෘත කළ නව අලෙවි සල සමඟ මේ වන විට පළාතේ අලෙවි සල් අටක් විවෘත කර ඇති බවකී ග්‍රාමීය කර්මාන්ත අධ්‍යක්ෂවරයා මෙයින් පළාතේ පේෂකර්ම හා කුඩා කර්මාන්ත නිෂ්පාදන දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කිරීම මෙහි අරමුණ බවද කීය. මෙම අවස්ථාවට පළාත් කෘෂිකර්ම, ග්‍රාමීය කර්මාන්ත ලේකම් කේ.පද්මනාදන්, පශු සම්පත් හා සත්ව නිෂ්පාදන පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය ටී.කේ.නවරාජන් යන මහත්වරු ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික පිරිසක්ද එක්වූහ. අලෙවි සල පහළ මාලයේ ස්ථාපනය කර ඇති අතර සංචාරක නිවාසය උඩු මහලේ ස්ථාපනය කර ඇති බවද අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.
|
NEWS
|
ඉසිපතන හා තර්ස්ටන් විදුහල් ‘ඒ’ කණ්ඩායම් අතර තර්ස්ටන් පිටියේ පැවැති ක්‍රිකට් තරගයේදී ඉසිපතන ‘ඒ’ පිලට පළමු ඉනිමේ ජයක් හිමිවිය.තර්ස්ටන් ‘ඒ’-166 ටී. ජයසිංහ 19, සී. කන්නන්ගර 36, ඇම්. පේ‍්‍රමතිලක 42, එස්. පෙරේරා 29 (ජී. නවිශාන් 5/69, කේ. ධනංජය 2/39)ඉසිපතන ‘ඒ’-185 ඇම්. රණවීර 46, කේ. සඳරුවන් 52, ජේ. ධනංජය නොදැවී 18 (එස්. පෙරේරා 2/39, එම්. පේ‍්‍රමතිලක 3/47, එස්. ගුණතිලක 2/14),තර්ස්ටන් ‘ඒ’ දෙවැනි ඉනිම 136 එන්. පෙරේරා 19, ටී. ජයසිංහ 36, ඩී. ගුණවර්ධන 23 (කේ. ධනංජය 2/18, ඩී. පුංචිහේවා 3/48) ඉසිපතන ‘ඒ’ දෙවැනි ඉනිම 12/1තරගයේ වීරයා - ඇම්. පේ‍්‍රමතිලක (තර්ස්ටන්), හොඳම පිතිකරු - ආර්. සඳරුවන් (ඉසිපතන), හොඳම පන්දු යවන්නා - ගිහාන් නවිශාන්(ඉසිපතන), හොඳම පන්දු රකින්නා - ටී. ජයසිංහ (තර්ස්ටන්).
|
NEWS
|
සරසවි සිසුන්ට ලබාදෙන ‘නායකත්ව පුහුණුව’ ට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව ඊයේ (2) තීරණය කෙළේය. ලංකා ගුරු සංගමය සහ 2011 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් කිහිපදෙනකු ගොනු කළ මේ පෙත්සම් සියල්ලම විභාගයට ගැනීමට තරම් පදනමක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය.ඒ අනුව පෙත්සම් සියල්ල ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කරන ලදී.අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, කේ. ශ්‍රී පවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මේ පෙත්සම් කැඳවන ලදී.ලංකා ගුරු සංගමය සහ එහි සභාපති ජෝශප් ස්ටාලින් සහ එම්. ඒ. සජිත පි‍්‍රයදර්ශන, කේ. රනුක, සංකලන පෙරේරා, ආර්. එම්. පී. ප්‍රභානී රත්නායක, එච්. ඒ. බුද්ධික පද්මකුමාර, රූත් ඇන්කටෙල් යන සිසුන් විසින් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.මේ පෙත්සම් තුනක් සම්බන්ධ කරුණු දැක්වීම මීට පෙර එම නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි සිදු කළහ.සෙසු පෙත්සම් තුන සම්බන්ධයෙන් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.මෙහිදී ප්‍රථමයෙන්ම කරුණු ඉදිරිපත් කළ නීතිඥ එරාජ් ද සිල්වා මහතා මේ “නායකත්ව පුහුණුව“ නීතියට පටහැනි බවට කරුණු ඉදිරිපත් කෙළේය.එම පනතෙහි දහනමය සහ විසි වැනි වගන්ති අනුව එම බලය උසස් අධ්‍යාපන ඇමැතිවරයාට ලබාදී ඇති බව රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළ නමුත් එම ප්‍රකාශය වැරැදි බව සිල්වා මහතා කියා සිටියේය. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මෙහිදී උසස් අධ්‍යාපනය පිළිබඳව තීරණ ගැනීමේ බලය පැවරී ඇත්තේ කාහටදැයි නීතිඥවරයාගෙන් ප්‍රශ්න කෙළේය.එම බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතුව ඇතැයි ඔහු ප්‍රකාශ කෙළේය. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ බලය ආයතන ඛ්හිපයක් කරා විහිද ගොස් ඇතැයි ඒ මහතා සඳහන් කෙළේය.මෙහිදී තවත් පෙත්සම්කරුවකු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ හමුදා කඳවුරුවල පවත්වන සති තුනක නේවාසික පුහුණුවට සහභාගී වීම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අනිවාර්ය සුදුසුකමක් ලෙස සඳහන් කර තිබීම මගින් සිසුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවය. එම පුහුණුව සරසවියට පිවිසීම සඳහා අනිවාර්යය ද නැද්ද යන ප්‍රශ්නය අධිකරණය හමුවෙහි නීතිඥවරු කිහිපවරක් මතු කළ නමුත් මෙතෙක් ඒ සඳහා පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැතැයි පීරිස් මහතා කීය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ද එම ප්‍රශ්නයට පිළිතුරු දීම ඉතා සූක්‍ෂම ලෙස මගහැර සිටින බවද හෙතෙම කීය.මෙහිදී කරුණු දැක්වූ නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා මේ පුහුණුව සරසවි පිවිසීමට අනිවාර්යය කිරීම මගින් දැඩි ලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව කීය. මෙමගින් සරසවි පිවිසුමට නව සුදුසුකම් පිළිබඳ කොන්දේසියක් නිර්මාණය කර තිබේදැයි යන ගැටලුව මතුවන බව හෙතෙම කීය.මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නෙරිල් පුල්ලේ මහතා මේ පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා කිහිපයක් මතු කෙළේය.පෙත්සම් දෙකක් සමඟ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බැවින් ඒවා ඉවත දැමිය යුතු බව හෙතෙම කීය.එසේම සිසුවකු ඉදිරිපත් කළ තවත් පෙත්සමක් සමඟ අමුණා ඇති දිව්රුම් ප්‍රකාශය අසත්‍ය කරුණු මත පදනම්ව ඉදිරිපත් කර ඇති බව රජයේ නීතිඥවරයා කීය.මෙම එක් පෙත්සම්කරුවකු මැයි මස 21 දින දිව්රුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යවන කරුණු ඉදිරිපත් කර ඇති බව රජයේ නීතිඥවරයා සඳහන් කෙළේය.පුහුණු කඳවුරුවල සිසුන්ට අඩු පහසුකම් ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පෙත්සම්කරු එහි සඳහන් කර ඇත. එහෙත් පුහුණුව ඇරඹීමටත් පෙර, කඳවුරුවලට යාමටත් පෙර එහි ඇති පහසුකම් අඩු බවට ප්‍රකාශ කරන්නේ කෙසේදැයි රජයේ නීතිඥවරයා ප්‍රශ්න කෙළේය.එසේම විශ්වවිද්‍යාල පනතෙහි දහනම (19) වන වගන්තිය මගින් උසස් අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ වගකීම එම ඇමැතිවරයාට ලබාදී තිබේ. එසේම විශ්වවිද්‍යාලයන්ට සිසුන් ඇතුළු කරගැනීමේ කටයුතු තවමත් අවසන් කර නැත. ඒ පිළිබඳව අවසන් තීන්දු ගෙන නැත. මේ හේතූන් මත නවක සිසුන් ඇතුළුකර ගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ සාකච්ඡා කිරීමක් අවශ්‍ය වූයේ නැතැයි රජයේ නීතිඥවරයා මෙහිදී කීය..
|
NEWS
|
ශ්‍රී ලංකාවේ 63 වැනි ජාතික නිදහස් දිනය මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී ඊයේ (04) අභිමානවත් අයුරින් සමරන ලදී. රට වෙසෙන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහභාගීත්වය ඇතිව සමරන ලද මේ උළෙලට එරට දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයන් එක්ව සිටීම සුවිශේෂි සිද්ධියකි.කලකට ඉහත දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ තෝතැන්නක්ව තිබූ මැලේසියාව වැනි රටකදී සියලු ජාතීන් එකමුතුව සිය මවුබිමේ නිදහස සැමරීම විශේෂිත ය.මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ඩී. ඩී. රණසිංහ මහතා ජාතික ධජය එසවීමෙන් පසු ජාතික ගීය ගායනා කර උත්සවය ඇරඹිණි. මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක, මලක්කාවේ සෙක් යා ඉන් විහාරාධිපති, අලුබෝමුල්ලේ රතනසිරි නා හිමියන් සහ මැලේසියාවේ අධිකරණ සංඝ නායක, ශ්‍රී ලංකා විහාරාධිපති බුටාවත්තේ සරණංකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය බෞද්ධාගමික වතාවත් ඉටු කළ අතර හින්දු, කතෝලික හා ඉස්ලාම් පූජකවරු ද ආගමික වතාවත් සිදු කළහ.ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිදහස් දින පණිවිඩය මහ කොමසාරිස්වරයා සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළේ ය. එහි ඉංගී‍්‍රසි පරිවර්තනය මැලේසියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය කොමසාරිස් මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා සභාවට ඉදිරිපත් කළේ ය.වර්ෂ 1505 දී පෘතුගීසීන්ට යටත් වීමෙන් අනතුරුව ලන්දේසි සහ ඉංගී‍්‍රසි ජාතීන්ට යටත්ව සිටි ශ්‍රී ලංකාව නිදහස් කර ගන්නට හැකි වුණේ එවකට සිටි සිංහල, දෙමළ, මුස්ලිම් යනාදී සියලු ජාතීන් ට අයත් දේශපාලන නායකයන් ගේ නොමඳ උත්සාහයත් කැපවීමත් නිසා බව මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ඩී. ඩී. රණසිංහ මහතා මෙහිදී පැවැසීය.එමෙන්ම අප රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් ජනාධිපතිවරයා රට අලුත් මාවතකට යොමු කර ඇති බවත්, එතුමාගේ නායකත්වය යටතේ අද රට සීඝ්‍රයෙන් සංවර්ධනය කරා යන බවත් හෙතෙම සඳහන් කෙළේ ය.කූඨ ඒජන්සිකරුවන්ට හසුව මැලේසියාවට පැමිණ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විඳින දුක් කරදර සම්බන්ධව මැලේසියාවේ ශ්‍රී ලංකා සේවා නියුක්තිකයන් ගේ සුබ සාධක සංගමයේ මැදිහත් වීමෙන් සැකැසු වාර්තාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු පිණිස මහ කොමසාරිස් වරයාට පිළිගන් වන ලදී.ඒ සේවකයන් ගේ දුක් කරදර සඳහන් ලිපි, වැටුප් විස්තර, කොන්ත්‍රාත් ගිවිසුම් සියල්ල ඇතුළත්ව සකසන ලද එම ගොනුවට ශ්‍රමිකයන් 600 ක් පමණ අස්සන් තබා ඇත.මැලේසියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා ප්‍රමුඛ නිලධාරීන්, අනෙකුත් රටවල තානාපති නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
ජාතික තරුණ සේවා සභාව, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ ශ්‍රී ලංකා යුත් 25වැනි ජාතික ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව හිමිකර ගැනීමට ලකුණු 152ක් ලබාගත් කුරුණෑගල දිස්ත්‍රික්කය සමත්විය. අනුශූරතාව ලකුණු 96ක් ලාබාගත් ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත් අතර තෙවැනි ස්ථානය ලකුණු 94ක් ලබාගත් රත්නපුර දිස්ත්‍රික්කයට හිමිවිය.පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවු ක්‍රීඩා උළෙලේ දී නව තරග වාර්තා 16 පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුහ. දිවයිනේ සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් පමණ සහභාගීවු ක්‍රීඩා උළෙලේ අවු.20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස උස පැනීමේ ඉසව්වෙන් මී.2.11ක දක්ෂතාවක් දැක්වු ආර්.ඒ.ටී.ඕ.කරුණාරත්න (නාගරික තරුණයා), ක්‍රීඩිකාව ලෙස මීටර් 400 ඉසව්ව තත්.58.0කින් නිමකල ගාල්ල දිස්ත්‍රික්කයේ ජී.ජී.එන්.මධුෂිකා නම් කෙරුණි.කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඩබ්.ඩී.එම්.එම්.එස්.දිසානායක (උස පැනීම/ මී.7.62) අවු.20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් මී.400 තත්.55.5කින් නිම කරමින් නව තරග වාර්තාවක් බිහිකළ මාතලේ දිස්ත්‍රික්කයේ ඩබ්.යූ.ආර්.කුමාරි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් තේරී පත්විය. මේ සිවුදෙනාට යතුරුපැදි 4ක්ද පිරිනැමිණි.ක්‍රීඩා උළෙලේ සමාප්තිය හා ජය සංකේත ප්‍රදානය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා යෞවන කටයුතු හා නිපුණතා ඇමැති ඩලස් අලහප්පෙරුම, අමාත්‍යාංශ ලේකම් කේ.ඒ.තිලකරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරුන් ඇතුළුව ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් පිරිසක්ද සහභාගී වුහ..
|
NEWS
|
කිසිදු පුරා විද්‍යා වටිනාකමක් නොමැතිව කෘත්‍රිමව සකස් කරන ලද පෞරාණික භාණ්ඩ, මැණික්, රන් අභරණ, ගල් කැටයම් පිළිම ඇතුළු කෞතුක වස්තු කෝටි ගණන් වටිනා ඒවා බව පෙන්වා දේශීය සහ විදේශිකයන් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචා කරන හොර කල්ලි ගණනාවක් රටපුරා විසිරී සිටින බවට පොලිසිය මඟින් හෙළිකර ගෙන තිබේ.හොර රහසේ සිදුවෙන මෙම හොර ගනුදෙනුවලට හසුවූ මෙරට සහ විදේශීය ව්‍යාපාරිකයන් සිය ගණනකට කෝටි ගණන් මුදල් අහිමිවී තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ කල්ලියක් පෙරේදා පස්වරුවේ අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.කිසිදු වටිනාකමක් නොමැති කෘතිමව සකස් කරන ලද මැණික් ගල් සහ දේව පිළිමයක් රුපියල් කෝටි දොළහකට අලෙවි කිරීමට යාමේදී අනුරාධපුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. එම කල්ලිය සැකකරුවන් 4 දෙනෙකුගෙන් සමන්විත වෙයි. ඔවුන්ගේ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.අනුරාධපුර ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතා ප්‍රකාශ කළේ පෞරාණික වස්තු ඇති ප්‍රදේශවල මෙම කල්ලි ගැවසෙමින් නිධන් පෞරාණික පන්සල් වෙහෙර විහාර ඇතුලු ස්ථානවලින් ලබාගත් බව පෙන්වා කෘතිම භාණ්ඩ කෝටි ගණන්වලට හොර රහසේ අලෙවි කිරීමේ ජාවාරම තදින්ම සිදුකෙරෙන බවයි.මේ නිසා මෙවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය හරහා මහජනතාවට දැනුම් දෙයි.තවද මෙරටට පැමිණ හොර රහසේ මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවන විදේශිකයන්ද දැනුවත් කිරීමට පොලිසිය සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට යයි..
|
NEWS
|
පිටකොටුව රෙක්ලමේෂන් පාරේ පරණ මාළු වෙළෙඳ පොළ අසලදී පසුගිය 19 වැනිදා අනතුරකට භාජනය වී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු පසුගිය 26 වැනිදා මිය ගොස් ඇත.උස අඩි 5 අඟල් 4ක් වන මොහු අවුරුදු 52 – 54 වයසේ පසුවුවෙකි. තලඑළලු මොහුගේ තරමක් පැසුණු කොණ්ඩය පිටුපසට පීරා ඇත. කකුල් දෙකේම දණ හිසෙන් පහළ දද කැලැල් ඇත. අවසන් වරට හැඳ සිටියේ දුඹුරු සහ සුදු පැහැ බතික් සරමකි.උඩුකය නිරාවරණව තිබිණි. මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මොහු හඳුනාගැනීමට පිටකොටුව පොලිසිය මහජනතාවගේ සහාය පතයි..
|
NEWS
|
ශ්‍රී ලාංකීය තරුණ පරපුර දුම්වැටි උවඳුරෙන් ගලවා ගැනීම සඳහා සිගරට් පැකැට් මත සියයට 80ක ප්‍රමාණයක් රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම ඇතුළත් කිරීම වෙනුවෙන් රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ගය සැබවින්ම ප්‍රශංසනීය බව ද පෙන්වා දෙති.දුම්වැටි භාවිතයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීම අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් සියලු දෙනාගේම සහයෝඟය අවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.ඒ වෙනුවෙන් වත්මන් රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙන්වා දෙන ඒ මහතා මේ කාර්යයේදී විද්වතුන් පිරිසක් අත්වැල් බැඳගෙන සිටීම සතුටට කරුණක් බවද ඒ මහතා සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මිලියන 20ක් වාසය කරන ශ්‍රී ලංකාවේ දුම්බීම හේතුවෙන් වාර්ෂිකව 20,000ක් පමණ මියයන බවත් දුම්බීම හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය හානියට අමතරව ඒ හා සමාන අයුරින් විනාශකාරී ආර්ථික පාඩුවක් රටතුළ සිදුවන බවත්ය.මේ වනවිට රටේ පවතින විශාලතම ත්‍රස්තවාදය මෙය බව පෙන්වා දෙන ඒ මහතා 2012 වසරේ අගෝස්තු මස 08දා සිගරට් පැකැට් මත සියයට 80ක ප්‍රමාණයක් රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ බවද මේ වසරේ පෙබරවාරි මස 19 දා පාර්ලිමේන්තුවේ දී සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙන බවද සඳහන් කරයි.දුම්කොල සමාගම් විසින් රජයේ ක්‍රියාමාර්ගයට විරෝධය පළකරමින් නඩු පවරා තිබෙන බවද ඒ සම්බන්ධයෙන් වන තීන්දුව අද (12) ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද ඒ මහතා පෙන්වා දෙයි.ජීවක පදනම පසුගිය වර්ෂ 20ක කාලයේදී දුම්කොළ භාවිතයට එරෙහිව කටයුතු කර තිබෙන බව සිහිපත් කරන වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් මේ රටේ විද්වතුන් විශාල පිරිසක් කටයුතු කරන බවද කියා සිටී..
|
NEWS
|
ශ්‍රී ලංකාව මේ වසරේදි ඉරානයෙන් කෙරෙන බොරතෙල් ආනයනය සියයට විසි හතරකින් අඩුකර ඇති හෙයින් මෙරටට බොර තෙල් ආනයනය කිරීමේදී අමෙරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රි ලංකාවට සහනාධාරයක් ලබාදෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන රටවල් සදහා අමෙරිකා එක්සත් ජනපදයෙන් සම්බාධක පනවන බවට අනතුරු හගවා තිබුණි. ජපානය හා යුරෝපා සංගමය ඉරාන බොරතෙල් ආනයනය සියයට පහළොවකට කප්පාදු කිරීම මත අමෙරිකා එක්සත් ජනපදයෙන් ඔවුනට සහනාධාර ලබාදුන් පරිදි ශ්‍රි ලංකාවටද සහනාධාරයක් ලබාදෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.මේ වසරේදී ඉරානයෙන් කෙරෙන බොරතෙල් ආනයනය අඩුකර ඒ වෙනුවට ඕමානයෙන් හා සවුදි අරාබියෙන් තෙල් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු රජය විසින් ගෙන ඇත.ලබන වසරට ශ්‍රි ලංකාවට අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය සපයා ගැනීමට අවශ්‍ය සියලුම පියවර මේවන විටද රජය විසින් ගෙන ඇතැයි බලධාරියෙකු දිනමිණට පැවසීය..
|
NEWS
|
සරත් පොන්සේකා මහතාගේ පුද්ගලික ලේකම් කපිතාන් සේනක හරිප්‍රියද සිල්වා විත්තිකරුට කොළඹ මහාධිකරණය ඊයේ(20) වරෙන්තු නිකුත් කෙළේය.මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය මේ වරෙන්තුව නිකුත් කළාය.යුද හමුදාව හැරගිය සෙබළුන් දස දෙනකුට නවාතැන් පහසුකම් සපයමින් ඔවුන් ශ්‍රි ලංකා රජරජය කෙරෙහි පවතින රාජ පාක්ෂික භාවයෙන් ඉවත් කිරිමට කුමන්ත්‍රණය කිරිම යන චොදනාව යටතේසරත් පොන්සේකා මහතාට හා හරිප්‍රිය මහතාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුව නිකුත් කෙරිණි .ඊයේ දිනයේ පොන්සේකා මහතා අධිකරණයේ පෙනී සිටියද හරිප්‍රිය මහතා පෙනී නොසිටියේය.දෙවැනි විත්තිකරු අත්වැරදිමක් හෝ වාහන තදබදයක් හේතුවෙන් අධිකරණයට පැමිණ නොමැති බව ඔහුගේ නිතිඥවරයා පැවසීය.ඇප මත සිටින සැකකරු පසුගිය නඩුවාරයේදි ඇප කොන්දේසියක් මත අධිකරණ බාරයේ තබා ඇති විදේශ ගමන් බලපත්‍රය ලබා ගෙන ඇති අතර එය නැවත පසුගිය හත්වෙනි දින අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා පැවසීය.එම ගමන් බලපත්‍රය පසුගිය 11 දින ලබා දී ඇති බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.පොන්සේකා මහතාගේ නීතිඥ සාලිය පීරිස් මහතාගේ පුද්ගලික හේතුවක් මත නඩුව කල් තබන ලෙස අධිකරණයෙන්කළ ඉල්ලීමක් සලකා බැලු විනිසුරු තුමිය නඩු විභාගය සැප්තැම්බර් 04 දිනට කල් තැබුවාය.
|
NEWS
|
ක්‍රීඩකයන් දස දෙනෙකු දක්වා අඩු කෙරුණු ග්‍රීසිය හා ජපානය අතර පැවැති ලෝක කුසලාන පාපන්දු ‘ඒ’ කොටසේ තරගය දෙපිළම ගෝල් නොලබා ජය පැරදුමින් තොරව අවසන් විය.කොන්ස්ටන්ටිනොස් කට්සොරානිස් පිටියෙන් ඉවතට යැවීමට පෙර සිටම මේ තරගය උනන්දුවක් නැති එකක් බවට පත්ව තිබිණි. එහෙත් ඔහු අහිමි වීමෙන් පසුව ග්‍රීසිය ඇත්ත වශයෙන්ම ගෝල් ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් බුක්ති වින්දේය. ඉයොනිස් ෆෙට්ෆට්සිඩිස් හා තියෝෆානිස් ගෙකාස් යන දෙදෙනාම ගෝල් ලබා ගැනීමේ ආසන්නයටම පැමිණියහ.තරගයේ අවසන් මිනිත්තු විස්සේදී ජයග්‍රාහී ගෝලයක් ලබා ගැනීමට ජපානය ප්‍රබල උත්සාහයක නියැළුනද ග්‍රීක ආරක්ෂක වළල්ල ශක්තිමත්ව සිටියේය. මේ 0–0 ප්‍රතිඵලයත් සමග ‘ඒ’ කොටසේ දෙවැනි ස්ථානය දැන් ඉතාමත් විවෘතව තිබේ.පිටියේ අන්ත දෙකෙන්ම ගෝල් ලබා ගැනීමේ අවස්ථා කලාතුරකින් බිහිවීම නිසා තරගයේ පළමු භාගය සිත් නොගන්නා එකක් විය. එහෙත් එම භාගයේ අවසානය ළඟා වෙමින් තරගයට වෙනසක් අවශ්‍යව තිබියදී ග්‍රීසිය ක්‍රීඩකයන් 10 දෙනා දක්වා අඩුවිණි. මකොටා හසිබි ට කළ අභියෝගයේදී පන්දුව ලබා ගැනීමට තරම් කට්සොරානිස් අවාසනාවන්ත වූවද ඒ උත්සාහයේදී ඔහුට දෙවැනි කහ කාඩ්පතක් ලැබිණි.තත්ත්වය එසේ තිබියදීත් පුදුමයට මෙන් තරගයේ වැඩි හරියක් වාසි ලබා ගත්තේ ග්‍රීසියයි. දෙවැනි භාගයේදී ගෝල් කණුවේ ඉහළ කෙළවරට පන්දුව යන සේ හිසෙන් පහරක් එල්ල කරමින් ග්‍රීසිය ගෝලයක් ලබා ගැනීමේ ළඟටම පිවිසියද එයිජි කවාෂිමා ජපාන ගෝල් රකින්නා පන්දුව ඉවතට යැවීමට සමත් විය.මෙය ලෝක කුසලාන පාපන්දු තරගයකදී ග්‍රීසියේ පළමු ජය පැරදුමින් තොර තරගය වෙයි. කොන්ස්ටන්ටිනොස් ලබා ගත් රතු කාඩ්පත ලෝක කුසලාන තරගාවලියක ග්‍රීසියේ පළමු රතු කාඩ්පත වෙයි.ජපානය සමග තරගය දස දෙනාගේ ග්‍රීසිය සමව අවසන් කරයි..
|
NEWS
|
පාකිස්තානය සමග ටෙස්ට් තරග තුනකට, ජාත්‍යන්තර එක්දින තරග පහකට හා විස්සයි 20 තරගයකට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු- පළේදී.....
|
NEWS
|
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 65 වැනි සංවත්සරය ලබන 10 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් රට පුරා සැමරුම් උත්සව ගණනාවක් පැවැත්වෙයි.යුද්ධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේ මෙම උත්සවයට සමගාමීව සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තු ධජවලට ශ්‍රී දළදා වහන්සේගේ සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද ලබාගැනීම පසුගියදා (25) සිදුවූ අතර අද දින ද (02) සිදුවන බවයි.යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සංකල්පයක් මත වසර දෙකක සිට හමුදා ධජවලට ආශිර්වාද ලබා ගැනීම සිදුවෙයි.තවද ලබන 6 වැනිදා කතරගම කිරිවෙහෙර හා කඳසුරිඳු දේවාලයේ ආශිර්වාද ලබාගැනීම, සුදු නෙළුම් මල් මාල සහ පූජා වට්ටි මහසෙන් දේවාලය වෙත පූජා කිරීම සිදුවෙයි.ක්‍රිස්තියානි දේව මෙහෙය බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ ද සිදු කෙරෙන්නේ ලබන 07 වැනි දිනය.හමුදා දිනය සිහිපත් කර සිදු කරන මුස්ලිම් දේව මෙහෙයන් ලබන 3 වැනිදා දවටගහ ජුම්මා මුස්ලිම් පල්ලියේදී සිදුවෙයි.හින්දු දේව මෙහෙය ලබන 9 වැනිදා කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර කෝවිලේදී පැවැත්වෙයි.ලබන 10 වැනිදා පෙරවරු 9.30ට කොළඹ 07 CH සහ FC ක්‍රීඩාංගණය සහ රාගම රණවිරු සෙවණෙහිදී යුද්ධ හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.එදිනම පස්වරු 8.00ට පනාගොඩ යුද්ධ හමුදා බෝධිරාජාරාමය සහ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී සර්ව රාත්‍රික පිරිත් දේශනය හීල් දානය පිළිගැන්වීම සිදු කෙරෙන අතර 11 වැනිදා පෙරවරු 11.00ට පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේදී 65 නමක් විෂයෙහි සාංඝික දානමය පින්කමක් ද පිරිනැමීමට නියමිතව ඇත.
|
NEWS
|
ඡන්දය හෝ වැටුප හෝ පිළිබඳව නොසිතා ජනතාව වෙනුවෙන් පැවරී ඇති යුතුකම් කොටස ඉටුකිරීමට දේශපාලන නායකයන් හා රජයේ නිලධාරින් අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ අඩු පහසුකම් සහිත නිවාස සංකීර්ණ, පැල්පත් හා වතු නිවාස සංවර්ධනය කිරීමේ ‘නඟමු පුරවර’ වැඩසටහනේ මූලික සාකච්ඡාවකට අරලියගහ මන්දිරයේදී ඊයේ (17) එක්වෙමිනි.“නගමු පුරවර” කඩිනම් යටිතල පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ මෙමස 21 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගරයේදී ඇරඹීමට නියමිතය. මෙහි පළමු පියවර වශයෙන් කොළඹ නගරය ආශ්‍රිත වතු හා අඩු පහසුකම් ඇති නිවාස සංකීර්ණ 354 ක පොදු පහසුකම් වැඩිදියුණු කෙරේ.සනීපාරක්ෂක හා පොදු නාන ස්ථාන පහසුකම් වැඩිදියුණු කිරීම, පිවිසුම් මාර්ග, අපද්‍රව්‍ය හා ජලාපවහන පද්ධති සංවර්ධනය කිරීම, විදුලි බලය සහ පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම මේ යටතේ ඉටුකෙරේ.මීට සමගාමීව කොළඹ නගරය ආශ්‍රිතව මාර්ග කිලෝමීටර් 4 ක් පවිත්‍ර කිරීමට සහ නඩත්තු කිරීමට සැලසුම් කර ඇති අතර නගරයේ පොදු පහසුකම්ද වැඩිදියුණු කෙරේ.අදියර කිහිපයක් යටතේ කොළඹ නගරයම ආවරණය කරමින් ක්‍රියාත්මක කෙරෙන මේ වැඩසටහනේ සියලු සංවර්ධන කටයුතු සති පහක් තුළ නිමකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.ජාතිය ගොඩ නැගීමේ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. කේ. කේ. කුමාරසිරි, විදුලිබල අමාත්‍යාංශ ලේකම් එම්. එම්. සී. පර්ඩිනැන්ඩු මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.
|
NEWS
|
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වකුගඩු රෝගීන් හය දෙනකු පසුගිය සතියේ මිය ගිය බව අනුරාධපුර රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හය දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්වූ අතර දින පහකදී රෝගීන් හය දෙනා මිය ගිය බවද රෝහල් ප්‍රකාශකයා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගීන් පස් දෙනෙකු හා වවුනියාව ප්‍රදේශයේ එක් අයකු මෙසේ මිය ගොස් ඇත..
|
NEWS
|
වයස අවුරුදු අසූවක මහළු කාන්තාවක් හෙරොයින් ළඟතබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොට්ටාව ප්‍රදේශයේදී හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර මහළු කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී චෝදනාව සම්බන්ධයෙන් වරදකාරිය බව පිළිගත් අතර, ඇයට දඬුවම් නොවැම්බර් 18 වැනි දින ප්‍රකාශ කරන බව හෝමාගම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සුමිත් පෙරේරා මහතා දන්වා සිටියේය. මෙලෙස වරද පිළිගනු ලැබූවේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කේ. පුංචිනෝනා නමැත්තියයි. හෝමාගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ පො: සැ: 30044 බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය විය..
|
NEWS
|
මාතර, නිල්වලා ගඟ ආශි‍්‍රතව ජීවත් වන ජනතාවට කිඹුල් උවදුර හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවී ඇත.අහුන්ගල්ලේ සත්තු වත්තේ සිටිය නිල්වලා ගඟට මුදාහල කිඹුලන් හේතුවෙන් මේ ප්‍රශ්නය ඇති වී තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.තිහගොඩ, මාලිම්බඩ, තුඩාව බණ්ඩත්තර, අතුරලිය, කපුදුව, ගල්බඩ, මාතර, පිලදූව, පරදූව, වැනි ප්‍රදේශවල නිල්වලා ගඟේ කිඹුල්ලු බහුලව ගැවසෙති.කිඹුල් කොටුද අද වන විට විනාශ වී ගොස් පැවැතීම නිසා මිනිස් ජීවිතවලට තර්ජනයක් එල්ල වී තිබේ.සුනිල් ගමගේ - අපිට අද ගඟට බහින්නවත් නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. වෙනදා අපි රෙදි ටික සෝදගන්නෙත් වතුර ටික නාගන්නේ මේ ගඟෙන්. එහෙත් අද මේ සියලු දේ වෙනස් වෙලා තියෙන්නේ.මීට මූලික හේතුව වෙලා තිබෙන්නේ අහුන්ගල්ලෙන් ගෙනත් මුදා හැරපු කිඹුලන් දරුණු යි. ඔවුන් තමයි මිනිසුන් දඩයම් කරන්නේ.ඒ. එම්. පියසිරි මහතා - නිල්වලා ගඟේ කිඹුලන්ගේ සංඛ්‍යාව අද වැඩි වෙමින් පවතිනවා. පොඩි කිඹුලන් පවා ගංවතුර අවස්ථාවලදී කුඹුරුවලට එනවා.ඩී. ඒ. සුනිල් - මේ උවදුරට කිඹුල් කොටු හදලා තිබෙනවා. එහෙත් දැන් බොහෝ කොටු කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒවායේ අලුත් වැඩියා සිදු කළ යුතුයි.අද වන විට කිඹුල් කරදරය මේ ප්‍රදේශයේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.බොහෝ දෙනා අද ගඟට බහින්නේ නැතිව තමයි ඉන්නේ.
|
NEWS
|
ගාලු පුරවරයේ ක්‍රීඩාලෝලීන්ට ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරුණු යතුරුපැදි ධාවන තරගාවලියක් නැරැඹීමේ අවස්ථාව උදාකරමින් ශ්‍රී ලංකා රේසිං ධාවකයන්ගේ සංගමය, රේසිං ධාවකයන්ගේ සංගමය හා ගාල්ල යතුරුපැදි ධාවන ක්‍රීඩා සංගමය එක්ව පළමු වරට සංවිධානය කරනු ලබන ‘ගාලු මොටොක්‍රොස් 2014’ යතුරුපැදි ධාවන තරගාවලිය මේ මස 23වැනිදා ගාල්ලේ අක්මීමන කෙසෙල්හේන ධාවන පථයේ දී පැවැත්වේ.මෙරට ප්‍රබලතම යතුරුපැදි ධාවන ශූරයන් ඇතුළුව තරගකරුවන් සියයකට අධික සංඛ්‍යාවක් තරග වදින මේ තරගාවලියට යුද, නාවික, ගුවන් හමුදා නියෝජනය කරන සියලුම තරගකරුවන් සහභාගිවීමට නියමිතය. අවුරුදු 10න් පහළ දරුවන්ගේ තරග දෙකක් ද ඇතුළුව යතුරුපැදි තරග ඉසව් 16ක් මේ තරගාවලියට ඇතුළත් වේ.අක්මීමන කෙසෙල්හේනේ ඉදිකළ නවතම යතුරුපැදි ධාවන පථය කිලෝමීටර් 1.4ක දුරින් යුතු වන අතර ජාත්‍යන්තර මොටෝක්‍රොස් තරග සැලසුම් අනුව මේ ධාවන පථය ඉදිකර ඇති බව රේසිං ධාවකයන්ගේ සංගමයේ සභාපති සුපිරි යතුරුපැදි ධාවන ශුර ගයාන් සඳරුවන් පැවැසීය.මිලියන 4ක වියදමෙන් අක්කර 10කින් යුතු ප්‍රදේශයක ඉදිකර ඇති බැවින් තරග නැරැඹීමට ප්‍රේක්ෂකයන්ට ආරක්ෂාකාරි මට්ටමේ වැඩි පහසුකමක් සැලසෙන බව ද ඔහු කීවේය. නව ධාවන පථය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ ලබාගැනීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහයෝගය මත ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාගේ දායකත්වය ලැබුණු බව ද ඔහු කීවේය.ගාල්ල යතුරුපැදි ධාවන ක්‍රීඩා සංගමයේ සභාපති නිශාන්ත පියසේන හා ඩී.එම්.ඩී.ජයතිස්ස මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ඉදිකෙරුණු මේ ධාවන පථයේ පැවැත්වෙන ගාලු මොටෝක්‍රොස් 2014 තරගාවලියේදී මෙරට යතුරුපැදි තරගාවලියක ජයග්‍රාහකයන්ට පිරිනැමෙන වැඩිම ත්‍යාග මුදල් හිමිවන බව ගයාන් සඳරුවන් පවසයි. සමස්ත තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රමාණය ලක්ෂ 12 ඉක්මවන අතර තරග ආරම්භක ස්ථානයට පැමිණෙන සියලුම තරගකරුවන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි ඔහු කීවේය.ශ්‍රී ලංකා මෝටර් සයිකල් සම්මේලනයේ අනුමැතිය ඇතිව පවත්වන මේ තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහභාගිවීමට නියමිතය..
|
NEWS
|
චමින්ද වාස්ගේ විශිෂ්ට තුන් කොන් ඉරියව් දස්කම් හේතුවෙන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගවාරයේ ක්ලයිඩෙස්ඩේල් බැංකු කුසලාන ඕවර 40 අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් ලබා ගැනීමට නොදම්ප්ටන්ෂයර් ප්‍රාන්ත පිල සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිල ඕවර 40 අවසානයේ කඩුලු 5කට ලකුණු 200 ක් ලබා ගත්තේය.පි‍්‍රස්ටන් මොම්සන් නොදැවී ලකුණු 81 ක් රැස් කළ අතර චමින්ද වාස් ලකුණු 37කට කඩුලු 3ක් දවාලීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නොදැම්ප්ටන්ෂයර් පිල ඕවර 39.1 ක්ද කඩුලු 6 කට ලකුණු 201 ක් ලබා ගනිමින් තරගයේ ජය අත් කර ගත්තේය.චමින්ද වාස් පන්දු 88 කට මුහුණ දී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 68 ක් ලබා ගැනීමට සමත් විය.මේ අතර පළමු පෙළ ප්‍රාන්ත සිවු දින ක්‍රීඩා සූරතාවලියේ යෝක්ෂයර් පිල සමඟ තරග වැදුණු ලැන්කෂයර් පිලට කඩුලු 6 ක ජවයක් හිමි කර ගැනීමට ෆර්වේස් මහරුෆ් තුන් ඉරියව් දස්කම් ඉවහල් විය.ඔහු යෝක්ෂයර් පළමු ඉනිමේ කඩුලු 4ක් දවාලූ අතර පිත්තෙන් දස්කම් දක්වමින් පළමු රැස්වීමේදී ලකුණු 34 ක්ද දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 31 ක්ද රැස් කිරීමට සමත් විය..
|
NEWS
|
සපුගස්කන්ද තෙල්පිරිපහදුවේ පිරිපහදු කටයුතු ඊයේ (28) සවස යළි ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.කොළඹ වරායේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දක්වා බොරතෙල් ප්‍රවාහනය කරන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පසුගිය 15 වැනිදා සිට එහි කටයුතු නතර කර තිබීමට සිදුවු බවත් ඊයේ සවස් වනවිට එහි වැඩ කටයුතු නිම කිරීමට හැකි වු බවත් සංස්ථාව ප්‍රකාශ කරයි.පසුගිය සිකුරාදා බොරතෙල් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණි අතර නළ මාර්ගයේ බිඳ වැටීමක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත එම බොරතෙල් ප්‍රවාහනය කිරීමට අපහසු විණි.කොළඹ වරායේ සිට කිලෝමීටර් 9 ක් පමණ දුරින් සිට තෙල් පොම්ප කිරීමේ කටයුතු සිදුකරන අතර එහි බෝයාවෙහි නළයක අදාළ අලුත් වැඩියා කටයුතු සිදුකරනු ලැබූ අතර මේ දිනවල පැවති මුහුද රළු ස්වභාවය අලුත් වැඩියා කටයුතුවයට යම් බාධාවක් වු බවද සංස්ථාව පවසයි..
|
NEWS
|
නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනයභාර ගුරුතුමිය දණ ගැස්වු සිද්ධියට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ඊයේ (08) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත හා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.සෑම දිනකම උදේ 9 සිට 12 දක්වා කාලය තුළ නවගත්තේගම පොලිස් ස්ථානයේ පෙනී සිටිය යුතු ලෙසත්, එසේම පැමිණිලිකාරියට හෝ සාක්ෂිකරුවන්ට කිසිම අන්දමකින් බලපෑම් සිදු නොකළ යුතු බවටත් එසේ ඇප කොන්දේසී කඩ කළහොත් ඇප අවලංගු කරන බවට ද දිසා විනිසුරුවරයා දීර්ඝ දේශනයකින් පසුව පැවසීය.පසුගිය ජුනි 14 දින මන්ත්‍රීවරයාගේ දියණියගේ සුදු ඇඳුම කොට නිසා දණ හිසට පහළින් සකස් කිරීමට විද්‍යාලයේ විනය භාර ගුරුතුමිය වන ප්‍රියානි සුසිලා මහත්මිය ක්‍රියා කර ඇත. මීට කුපිත වූ පළාත් සභා මන්ත්‍රීවරයා විනය භාර ගුරුතුමිය සිසුන් සහ ගුරුවරුන් ඉදිරියේ පාසලේදී දණ ගස්වා තිබේ.මේ සිද්ධිය සම්බන්ධයෙන් ගුරුතුමිය නවගත්තේගම පොලීසියට පැමිණිලිකිරීම නිසා ජුනි 15 වැනි දින සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි..
|
NEWS
|
ගම්පහ දිස්ත්‍රික්කයේ කෙසෙල් වගාවට මේ දිනවල “කදිගුල්ලා” නැමැති කෘමි හානිය පැතිර යාම නිසා කෙසෙල් වගාවට හානි සිදුවී ඇතැයි ඌරාපොළ කෘෂිකර්ම උපදේශක චතුර රාජපක්ෂ මහතා පවසා සිටී.ඇඹුල්, සීනි, ඇම්බුම් සහ කෝලිකුට්ටු යන කෙසෙල් වර්ගවලට කදිගුල්ලා කෘමි උවදුර තදින් බලපා ඇත.කදිගුල්ලාගෙන් බෝවන රතු පාට කීටයන් කෙසෙල් කඳ මැදින් විද කඳ ආහාරයට ගැනීම නිසා ගස වියළී කඩා වැටෙයි. කෙසෙල් වගාව නිසි ආකාරයට නඩත්තු ෙනාකිරීම සහ නියඟයට පසු ඇතිවන වර්ෂාව නිසා එම කෘමි උවදුර ඉක්මනින් පැතිරී යාම සිදුවෙයි.උවදුර පාලනය කිරීම සඳහා අස්වැන්න නෙලූ පසු කෙසෙල් කඳ ගලවා අයින් කිරීම (බෝග සනීපාරක්ෂණය) හා ඩයිසිනොන් සියයට පහේ කැට උගුල් වශයෙන් භාවිතා කළ හැකි බව ද කෘෂි උපදේශක චතුර රාජපක්ෂ මහතා පවසා සිටී.
|
NEWS
|
ජාතික බීච් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෘහස්ත වොලිබෝල් තරඟවලට සහභාගි වීම වළකා තිබියදීත්, එම නීතියට පිටින් රූපවාහිනී වොලිබෝල් තරගාවලියට සහභාගි වූ මාර්ස් කැෂුවලයින් ආයතනයේ ලීනා සඳමාලි ක්‍රීඩිකාවට එරෙහිව, විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.ඊට අමතරව, මාර්ස් කැෂුවලයින් ආයතනයේ ක්‍රීඩා සමාජයටද මෙම කොන්දේසියට ලිඛිතව එකඟතාව පළකර, එය කඩ කිරීම තුළින් මෙම විනය ක්‍රියාමාර්ගයට ලක් වෙනු ඇත.පසුගියදා පැවැති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දැනුම් දී සිටියි. .
|
NEWS
|
ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහි කිරීම ඉලන්ෙෙග තමිල් අරසු කච්චි (අයි.ටී.ඒ.කේ.) දේශපාලන පක්ෂයේ ප්‍රධාන අරමුණක් බවත් එම පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනයේ 4 සහ 5 වැනි ව්‍යවස්ථාවන්ට යටත් වන දේශපාලන පක්ෂයක් බවත් ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් කැලණිය, පොල්හේනේ පදිංචි එච්.කේ.ඩී.චන්ද්‍රසෝම මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගියදා විශේෂ පෙත්සමක් ගොනු කළේය.ලියාපදිංචි ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහි කිරීම එහි එක් අරමුණක් ලෙස සලකන්නේ නම් එම පක්ෂයේ ලේකම්වරයාට හෝ වෙනත් බලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනයේ 4 වැනි ව්‍යවස්ථාව අනුව නිතීමය ප්‍රතිපාදන පවතින බව පෙත්සම්කරු සඳහන් කරයි..අයි.ටී.ඒ.කේ. පක්ෂයේ ලේකම් මාවෙයි සේනාධිරාජා ,මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්වරුන් සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම ඔවුන‍්ගේ අරමුණක් බව අයි.ටී.ඒ.කේ. පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා ඇති බවත් පක්ෂයට නීතිමය පිළිගැනීමක් ලබා දෙන ලියවිල්ල පක්ෂ ව්‍යවස්ථාව බවත් පෙත්සම්කරු සඳහන් කරයි.එම පක්ෂයේ ව්‍යවස්ථාවේ පිටපතක් මැතිවරණ කොමසාරිස්වරයාටත් ලබා දී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඇති දේශපාලන,ආර්ථික,සංස්කෘතික වශයෙන් නිදහස් රාජ්‍යයක් බිහි කිරීම පක්ෂයේ අරමුණක් බව එම පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන බව පවසයි.ජාත්‍යන්තර නිතීයේ සංකල්පය අනුව ස්වයං තිරණ ගැනීමේ අයිතිය යනු පුද්ගලයන් සිය දේශපාලන තත්ත්වය ආර්ථික ,සමාජයිය ,සංස්කෘතික සංවර්ධනයක් ඔවුන්ට සුදුසු යැයි සිතෙන ලෙස සාක්ෂාත් කර ගැනීම බවද පෙත්සම්කරු සඳහන් කරයි..
|
NEWS
|
නැම්බියාවේ විල්බෆෝස් ශිහේපෝට එරෙහිව ලකුණු 116 – 113, 117 – 111 හා 116 – 112ක ජයක් වාර්තා කළ ජර්මනියේ ආතර් ඒබ්‍රහම් ලෝක බොක්සිං සංවිධානයේ සුපිරි මිඩ්ල්වේට් කිරුළ අත්කර ගැනීමට සමත්විය. හිටපු මිඩ්ල්වේට් ශූර 33හැවිරිදි ඒබ්‍රහම් තරගයෙන් ජය ලැබුවද තරගයේ පාලනය සියතට ගැනීමට ඔහුට තරග වට 7ක් ගතවනතුරු තරග කිරීමට සිදුවීය.සිය වෘත්තීය තරග දිවියේ ඒබ්‍රහම් ලැබූ 37වැනි ජය මෙය විය. ශිහේපෝ පරාජය කිරීමෙන් අනතුරුව ඔහු කියා සිටියේ ලෝක මිඩ්ල්වේට් කිරුළ මීට පෙර තරගයකදි තමාගෙන් උදුරාගත් රොබට් ස්ටීග්ලිස් හා යළි තරග කිරීමට බලාපොරොත්තු වන බවය. ජර්මනියේ නිරිත දිග බර්ලීනයේ පැවැති මේ තරගය නැරැඹීමට හය දහසකට ආසන්න ක්‍රීඩා ලෝලීන් පිරිසක් එක්වී සිටියහ.තමා තරගයෙන් පරාජයට පත්වූවත් ඒබ්‍රහම් තවමත් ඔහුගේ සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වී නොමැති බව ශිහේපෝගේ අදහසය..
|
NEWS
|
යාපනය දිස්ත්‍රික්කය සඳහා ඩිජිටල් සිතියමක් නිර්මාණය කිරීමට රජය පියවර ගෙන ඇත.ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හා ශ්‍රී ලංකා මිණුම් දෙපාර්තමේන්තුව එක්ව නිර්මාණය කළ එම ඩිජිටල් සිතියම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිණි. මේ සිතියම සකස් කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පසුගිය වසරේදී මූලික එකඟතාවට පැමිණි අතර මේ සඳහා ජපන් යෙන් මිලියන 616 ක් ප්‍රදානය කිරීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය කැමැත්ත පළ කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියයි.උතුරු පළාත සඳහා පැවති සිතියම දස වසරකට වඩා පැරණි එකක් වන අතර පැවති යුද වාතාවරණය හේතුකොටගෙන එම සිතියම යාවත්කාලීන කිරීමට නොහැකි වූ බව පවසන එම අමාත්‍යාංශය ශ්‍රී ලංකා මිණුම් දෙපාර්තමේන්තුව විසින් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ආධාර මත නිර්මාණය කරනු ලැබූ මේ ඩිජිටල් සිතියම ගුවන් ඡායාරූප උපයෝගී කරගෙන IT තාක්ෂණයට අනුව නිර්මාණය කර තිබෙන බවද පෙන්වා දෙයි. ජපානය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා පසුගිය දශක හතරක කාලයේදී ආධාර සැපයූ ප්‍රධාන රට වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීම ද තාක්ෂණ ආධාර ලබාදීම ද කැපී පෙනෙයි. ඊට අමතරව පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහන් ආදිය ද මේ අතර වෙයි.ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සහ අනෙකුත් පළාත්වල සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලබයි. සෞඛ්‍ය, අධ්‍යාපනික, මහා මාර්ග ආදී යටිතල පහසුකම්, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්, කෘෂිකර්ම, ධීවර, බලශක්ති කේෂේත්‍රයන්ගේ සංවර්ධනය උදෙසා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විශාල දායකත්වයක් ලබාදී තිබේ.ඉතා කෙටි කාලයකදී තාක්ෂණි වශයෙන් ඉහළ වටිනාකමක් සහිත මේ සිතියම සැකසුම පිළිබඳව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයටත් මිණුම්පති දෙපාර්තමේන්තුවටත් තම ප්‍රණාමය පිරිනමන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.මෙය උතුරු පළාතේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා විශාල පිටුබලයක් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. පසුගිය කාලයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා තමා එම ප්‍රදේශවල කාලය ගතකළ බව ද වැව් අමුණු සමීක්ෂණය කිරීමේදීත් වාරිමාර්ග හා මහා මාර්ග කටයතු සංවර්ධනය කිරීමේදීත් මෙවැනි සිතියමක අවශ්‍යතාව දැඩිව පැන නැඟුණු බව ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර, මැණුම්පති එස්.එම්.ඩබ් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
විජයග්‍රහණයේ දෙවන සැමරුම අදට (19) යෙදී තිබේ. අද සිට ජුනි මස 19 දා දක්වා රණවිරු මාසයක් රජය මගින් නම් කර ඇති අතර දිවයින පුරා පළාත් මට්ටමින් විවිධ උත්සව රණවිරු මාසය පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.රණවිරු සමරු ප්‍රථම කොඩිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවීම පෙරවරු 11.30ට අරලියගහ මන්දිරයේ දී සිදු කෙරේ. ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව පැවැත්වෙන විජයග්‍රහණයේ පෙළපාළිය මැයි 27 දා ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන අතර එදින සවස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියස දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිරිනැමීමේ ජාතික උත්සවය සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දි. මු. ජයරත්න, කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.රණවිරු මාසය පුරා පළාත් මට්ටමින් විවිධ උත්සව රණවිරු සේවා අධිකාරියේ මූලිකත්වයෙන් පැවැත්වේ..
|
NEWS
|
පානදුරේ එළුවිල මැල්වත්ත පාරේ ස්ථානයක කලක් තිස්සේ ඉතා සංවිධානාත්මකව පවත්වාගෙන ගිය මෝටර් රථ අනවසරයෙන් එකතු කර රුපියල් කෝටි ගණන් වලට විකිණීමේ ව්‍යාපාරය ගැන නිසි පරීක්‍ෂණයක් පවත්වා අධිකරණයට විධිමත් වාර්තාවක් ඉදිරිපත් නොකිරීම ගැන පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්. එස්. දිසානායක මහතා පානදුර පොලිසියේ සුළු අපරාධ අංශයට දෝෂාරෝපණය කළේ ය.මෙම ස්ථානය පොලිස් විශේෂ කාර්ය බළකාය වටලා අනවසරයෙන් එකලස් කළ බවට සැකකරන වාහන තුනක් සහ එම ස්ථානයේ සේවය කරන සේවකයන් දෙදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන පානදුර පොලිසියට බාර දී ඔවුන් ගැන පරීක්‍ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් පොතේ සටහනක් දමා ඇත.එහෙත් පාණදුර පොලිසියේ සුළු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පරීක්‍ෂණ වාර්තාවක් නොමැතිවය.සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් අධිකරණයට පවසා ඇත්තේ අදාල වැටලීම නීති විරෝධි බවය. එම නිසා පොලිස් විශේ්ෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ස්ථානාධිපති වරයා අධිකරණයට කැඳවා කරුණු විමසීමක් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා අදාළ වැටලීම ගැන පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පානදුර පොලිසියේ ප්‍රධානියාට දැන්වුවද එම වාර්තාව 06.03.13 දින නඩුව කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත් නො කෙළේ්ය.පොලිසියේ සැරයන් කරුණාරත්න මහතා අධිකරණයට පවසා ඇත්තේ වැටලීම කරන විට එම ව්‍යාපාරයේ අයිතිකරුගේ සහෝදරයෙකු වූ පානදුර හදිසි මරණ පරීක්‍ෂකවරයා ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට අවහිර කළ බවය.මෙම වැටලීමට අදාල පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙසට නැවත පානදුර සහකාර පොලිස් අධිකාරිවරයාට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේ ය.සැකකරුවන් දෙදෙනා පෙර ඇප මත මුදා හැරියේ ය..
|
NEWS
|
ජනසතු සේවා කැරම් සංගමය මෙහෙය වූ අන්තර් සමාජ කැරම් තරගාවලියේ ඒ ඛාණ්ඩයේ පිරිමි සුරතාව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයද කාන්තා සූරතාව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවද දිනාගත්හ.ජනසතු සේවා ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය බැංකු වැනි ආයතන 22ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කට අධික පිරිසක් සහභාගි වූ මේ තරගාවලිය පසුගියදා ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී පවත්වන ලදී.තරග ප්‍රතිඵලපිරිමි “ඒ” කාණ්ඩයසූරතාව - එච්. ඩබ්ලිව්. ලලිත් කුමාර, ආර්. ඒ. එස්. එච්. රණසිංහ, මාලක අන්ද්‍රාදි, ප්‍රසංග කැලුම් (ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශය)අනුසූරතාව - බී. එම්. එම්. ජේ. දොරබාවිල, ඩී. ආර්. කුමාර, ප්‍රභාත් ඉන්ද්‍රජිත්, ජී. එස්. පෙරේරා (ජාතික ඉතිරි කිරීමේ බැංකුව)කාන්තා ඒ කාණ්ඩය සූරතාව - ඉනෝකා අතපත්තු, කල්‍යාණි අමරසිංහ (රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව)අනුසූරතාව - කේ. චම්පා කුමාරි, එච්. එම්. කේ. කේ. හේරත් (ලංකා ගමනා ගමන මණ්ඩලය)පිරිමි බී කාණ්ඩයසූරතාව - අයි. ඩී. බී. නයනසිරි, එන්. ඩී. පී. සී. ගුණවර්ධන, එම්. පී. මංගල, තිස්ස ධම්මික (ලේක්හවුස් ක්‍රීඩා සමාජය)අනුසූරතාව - ඩී. ජී. ජයසිංහ, යූ. ජී. ජයවීර, ජේ. ඒ. එල්. ජයකොඩි, කේ. ටී. පේ‍්‍රමචන්ද්‍ර (ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය)කාන්තා බී කාණ්ඩය සූරතාව - මොරින් ප්‍රනාන්දු, කේ. ඩී. ඒ. ආර්. උදය කුමාරි (ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව)අනුසූරතාව - චිත්‍රා ලියනගේ, ඩබ්ලිව්. එන්. තේනුවර (ලංකා බැංකුව)පිරිමි “සී” කාණ්ඩයසූරතාව - චමිත් පීරිස්, පී. සී. කුරුකුලසූරිය, එස්. එම්. එන්. කල්පගේ, හේමන්ත මිරැන්ඩෝ, (ලංකා බැංකුව)අනුසූරතාව - ඊ. ඩී. චමින්ද, ටී. පී. ප්‍රනාන්දු, ඊ. කේ. අතුල, වයි. සී. මඩපාත (ලේක්හවුස් ක්‍රීඩා සමාජය).
|
NEWS
|
‘එක්සත් ජනතා නිදහස් සන්ධානය රජය පත්කළ ජනතාවට තිබූ අභියෝගය ජාතිය ගොඩනැඟීමයි. එය ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පිහිටුවා ජනාධිපතිතුමා විසින් ඉතා සාර්ථකව ඉටුකර ඇතැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.ඇමැතිවරයා එසේ පැවසුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එයට අදාළ නෛතික ප්‍රතිපාදන හා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම, අමාත්‍යාංශ ලේකම්වරු දැනුම්වත් කිරීම, පළාත් සභා ප්‍රධානීන්, දැනුම්වත් කිරීමේ ගම්පහ දිසා ලේකම් කාර්යාලයේ පැවැති වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.ඇමැතිවරයා මෙසේ ද කීවේය.හෘදයංගම එක්සත්කමක් ඇතිවන්නේ, සෑම කෙනෙක්ගේම ගෞරවයට හේතුවන පරිදි කටයුතු කිරීමෙනි. ජාතිය ගොඩනැගීමට ඇති බාධා හඳුනාගත යුතුයි. උසස්වීම් ලබා දෙන්නේද, භාෂා ප්‍රවීණත්වය අනුවයි. අපේ අමාත්‍යාංශය විවිධ අංශ මගින් පුහුණුව ලබා දෙනවා. අපිට පුහුණුවට ගුරුවරු 600 ක් ඉන්නවා. වෘත්තිය සමිති ඉල්ලන පරිදි ඒ ඒ අයට අපි භාෂා දැනුම ලබා දෙනවා.පාසල් ගුරුවරුන්ට දෙමළ භාෂාව පුහුණු කරනවා. ත්‍රිභාෂා සමාජයක් අපිට තිබෙනවා. ලෝකයට යන්න ඉංගී‍්‍රසි භාෂාව අවශ්‍යයි.ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් එම්. එස්. වික්‍රමසිංහ, ගම්පහ දිසාපති ජේ. ජේ. රත්නසිරි, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක කරන්තක යන මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ..
|
NEWS
|
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල චීන තායිපේ බලා අද පිටත්වෙයි. රටවල් 39ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1000ක් පමණ සහභාගි වන මේ මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 12වැනිදා සිට 15වැනිදා දක්වා තායිපේ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.ශ්‍රී ලංකා පිලට ක්‍රීඩකයන් 12ක්, ක්‍රීඩිකාවන් 8ක් හා නිලධාරීහූ 5ක් එක්ව සිටිති.මේ ශූරතාවලිය අවසන් වරට 2012දී කොළඹ සුගතදාස ක්‍රීඩාගංණයේ පැවැති අතර එහි දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 2ක් හිමිවිය. චීනය රන් 15ක්, රිදී 5ක් හා ලෝකඩ 3ක් ලබා පෙරමුණේ පසුවූ අතර චීන තායිපේ රන් 6ක්, රිදී 3ක් හා ලෝකඩ 6ක් දිනා දෙවැනි තැන පසුවිය.ශ්‍රී ලංකාවට එම ශූරතාවලියේ මීටර් 400 කාන්තා තරගයේ දී ශිවන්ති කුමාරී හා මීටර් 400 පිරිමි තරගයේ දී දුලාජ් මධුසංඛ රන් පදක්කම් දිනා දුන්හ.මෙවර තරගාවලියේ දී ද පදක්කම් 6ක් පමණ දිනාගනු ඇතැයි මලල ක්‍රීඩා සම්මේලනය අපේක්ෂා කරයි.චීනයේ නැංජින් නුවර පසුගිය වසරේ පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ගෞරවය ගෙනදුන් අනුරාධ විදුසංඛ, නිර්මාලී මධුෂිකා හා නිශාන්ති දිල්හානි කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා තිබේ. අනුරාධ විදුසංඛ මීටර් 400 තරගයේ දී, නිර්මාලී මධුෂිකා මීටර් 400 තරගයේ දී හා නිශාන්ති දිල්හානි මීටර් 800 තරගයේ දී ලෝකඩ පදක්කම් දිනා ගත්හ.ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල මෙසේය.පිරිමි- හිමාෂ ඒෂාන්, මී.100, මී.100x4 (කලුතර ම.ම.වි.), නිසල් සචින්තන මී.100, මී.100x4 (නාලන්දා), සුරංජය ද සිල්වා මී.100x4 (යුද හමුදාව), අරෝෂ කාරියවසම් මී.100x4 (ආනන්ද), නවීන් මුතුආරච්චි මී.100x4 (සාන්ත ජෝශප් කොළඹ), විනුර ලක්මාල් මී.400, මී.400x4 (මාරිස්ටෙලා), කුපුන් කුෂාන්ත මී.800මී.400x4(නාලන්දා), සතිර ශානුක මී.400x4 (මාතර රාහුල), ආර්.එම්.පී.කේ.රත්නායක මී.400x4 (ත්‍රිත්ව), අනුරාධ විදුසංඛ මී.400x4 (සා.මේරි), අතීත එන්.කරුණාසිංහ තුන්පිම්ම (යුද හමුදාව), සමිත් ලක්මාල් මී.100x4 (රත්නපුර සීවලී)කාන්තා - නිර්මාලී මධුෂිකා මී.400, මී.400x4 (කතලුව ම.ම.වි.), ඊ.පී.කේ.මධූෂිකා මී.400 කඩුලු, මී.400x4 (කුලියාපිටිය ම.ම.වි.), එම්.ඩී.උදයංගනී මී.400x4 (වැලිමඩ ම.ම.වි.), මෙත්මා කමන්ති මී.400x4 (නාවල ජනාධිපති බා.), රුවන්ති ෆර්ඩිනැන්ඩිස් මී.400x4 (ගේට්වේ), නිශාන්ති දිල්හානී මී.800 (කුලියාපිටිය ම.ම.වි.), සාරංගී ද සිල්වා දුර පැනීම (පානදුර සුමංගල බා.), විදූෂා ලක්ෂානී (නිව්ස්ටඩ් -මීගමුව)නිලධාරීන් - එච්.ඩබ්ලිව්. නිමල්සිරි (කළමනාකරු), පිලිප් රංජිත්, එම්.සී.කේ.පෙරේරා (පුහුණුකරුවන්), ඉමල්කා රණවීර (කාන්තා කණ්ඩායම භාර නිලධාරිනී), ධම්මික සේනානායක (වෛද්‍ය).
|
NEWS
|
ලේක්හවුස් ආයතනය සංවිධානය කළ මැයි දින පෙළපාළියේදී සභාපති බන්දුල පද්මකුමාර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර මහතා ප්‍රමුඛ ලේක්හවුස් සේවක සේවිකාවෝ ගමන් ගත් අයුරු..
|
NEWS
|
කිඹුලකු මරා මස් ළඟ තබාගෙන සිටි බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් (25,000) ක දඩයක් ගෙවන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.මහ විලච්චිය වැවේ සිටි කිඹුලෙකු මරාදමා කිඹුලාගේ මස් වියළා තබාගෙන සිටියදී විලච්චිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.දඩ නියමවූයේ 13 කණුව, බණ්ඩාරගම පේමඩුව පදිංචි වර්ණකුලසූරිය ආරච්චිලාගේ රුවන් චමින්ද කුමාර යන අයටයි. විලච්චිය පොලිසියේ පොලිස් කොස්තාපල් දුමින්ද හා මංගල මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීහ..
|
NEWS
|
ගජබා රෙජිමේන්තුවේ පුහුණුව ලැබූ 430ක් සෙබළු එකවර විසිර යති. සාලිය පුර ගජබා රෙජිමේන්තු සරඹ පිටියේ විසිර යන විශාලතම විසිර යාමේ පෙළපාලිය එයයි.එම රෙජිමේන්තුවේ පාඨමාලා අංක 57 (නිත්‍ය) හා අංක 9 ස්වේච්ඡා කණ්ඩායම් පාඨ මාලාවට මේ පිරිස අයත් වෙති.සය මාසික පුහුණුව නිමාකර පැවැත් වූ විසිර යාමේ පෙළපාලිය නැරැඹීම සඳහා හත්දහසක් පමණ ජනකායක් පැමිණ සිටියහ.පුහුණුවට එක් වූ ආධුනික සෙබළුන් 433 දෙනෙක් අතරින් සෑම අතින්ම අතිශූර සෙබළා බවට පත් වූයේ ජේ. එම්. ජේ. ඩී. ජයසුන්දර යි. ඔහු කුරුණෑගල දියගම ගමෙහි පදිංචි කරුවෙකි.පාඨමාලාවේ අතිශූර වෙඩික්කරු සඳහා පිරිනමනු ලබන කුසලානය දිනාගනු ලැබුවේ පී. එල්. සරත් කුමාරය.ආධුනික සෙබළ බී. එම්. අයි. එම්. ඒකනායක සෑම අතින්ම ශාරීරික අභ්‍යාස සඳහා කුසලතා දැක් වුවා බවට පත් විය.විසිර යාමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ගජබා රෙජිමේන්තුවේ ආඥා සේවා මූලස්ථානය, බටහිර ප්‍රධාන මාණ්ඩලික නිලධාරී එච්. ආර්. එම්. ප්‍රනාන්දු මහතායි. කුසලතා දැක් වූවෝ ඒ මහතා අතින් සම්මාන ලැබූහ..
|
NEWS
|
ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් මත ඇරඹෙන වැව් අමුණු වාරි පද්ධති හා කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි දෙසතිය” ජාතික උත්සවය ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙ. ව. 10.00 ට දඹුල්ල ඇඹුල්අඹේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඇරයුමෙන් ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් දැනට අබලන් වී ඇති ඇඹුල්අඹේ ගම්මානයේ පිහිටි ඇඹුල්අඹේ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සුබ මොහොතින් අරඹයි..
|
NEWS
|
ප්‍රමිතියෙන් තොර වැරදි වල්නාශක වර්ගයක් ඉසීම නිසා අලව්වේ අබ්බෝව ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු අක්කර 65ක් පමණ විනාශ වී ගොස් ඇත.මෙම වල්නාශක වර්ගය කුඹුරට යොදා දින කිහිපයකින් ගොයම සුදුපැහැ ගැන්වී වියළි යෑමට පටන්ගත් බව අබ්බෝවේ කේ. ඩී. තිලකරත්න, ඒ. සී. ඒ. සෙනෙවිරත්න යන ගොවි මහත්වරු පැවසුහ.මෙය මෙම වල්නාශකය නිෂ්පාදනය කළ සමාගමේ වරදක් යැයි වෙළෙඳසල් හිමියෝ පවසන බවද ගොවීහු කියති..
|
NEWS
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදට (18) යෙදෙන උපන්දිනය නිමිත්තෙන් එතුමාට සෙත්පතා කම්කරු ජාතික සංගමයේ සහ කම්කරු ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගම්බරම් මහතා විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩසටහන් සංවිධාන කර ඇත.අද පෙරවරු 8.30ට කොත්මලේ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වේ.මහින්ද චින්තනයේ සඳහන් පරිදි පාසල් සිසුනට වැඩි වශයෙන් පහසුකම් ලබාදීමේ අරමුණින් නුවරඑළිය ශාන්තිපුර අතර ලංගම පාසල් බස් සේවය ආරම්භ කිරීමද අද දිනට සිදු කිරීමට නියමිතය..
|
NEWS
|
ලංකා බැංකුවේ බස්නාහිර පළාත් උතුරු කාර්යාලය සංවිධාන කරන අන්තර් ශාඛා ක්‍රීඩා සැණකෙළිය මේ මස 30 වැනිදා පෙරවරු 8.00 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.ජවන හා පිටිය මලල ක්‍රීඩා සමග ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් හා පාපන්දු යන කණ්ඩායම් තරග රැසක්ද ඇතුළත් කර ඇති ක්‍රීඩා උළෙල ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය..
|
NEWS
|
බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයට අයත් හල්තොට ලබුගම ගම්මානයේ විජිත මහ විදුහල එක් දහස් නවසිය හතළිස් හතේ අගෝස්තු 03 දින විවෘත කර ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ දිවංගත අධ්‍යාපන ඇමැති සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසිනි.සිසු දරුවන් තිස් දෙදෙනකු ප්‍රථම වරට ඇතුළත් කර ගැනීමෙන්, විදුහල විවෘත කර ඇති කන්නන්ගර මහතා විද්‍යාලීය ප්‍රථම සටහන් පොතෙහි පහත සඳහන් සටහනද ලියා අස්සන් කර ඇත.මේ පාසල විශාල පිරිසක් මධ්‍යයේ මම අද විවෘත කළෙමි. පාසලට විජිත විදුහල කියා නම තබමි. මෙය දිනෙන් දින දියුණු වේවායි පතමි.හැත්තෑවේ දශකය වන විට මෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහසකට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලැබූහ. ක්‍රීඩා අංශය ඇතුළු හැම අංශයකින්ම දස්කම් පෙන්වා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ විදුහලක් බවට පත්ව තිබූ විජිත විදුහල දැන් පරිහානියට පත්ව සිසු දරුවන් එකසිය හැත්තෑ දෙදෙනකුට පමණක් සීමා වී තිබේ.එදා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අති විශාල පිරිසකට සෙවණ දුන් විදුහල් භූමියේ ඇති ඊරියගොල්ල ශාලාව, ජයතිලක ශාලාව, කන්නන්ගර ශාලාව හා මලලසේකර ශාලාව ඇතුළු පන්ති පැවැත්වූ ගොඩනැඟිලි සමූහය පාළුවට ගොස් ඇත. සමහර ශාලාවන්හි සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණක් ඉගෙනුම ලබති.වසර හැටතුනක ඉතිහාසයක් ඇති විජිත විදුහල මෙවැනි පරිහානි තත්ත්වයකට ඇදවැටී ඇත්තේ කුමක් නිසා දැයි විදුහල්පතිනි නිමාලිකා කහවල මහත්මිය මෙසේ විස්තර කළාය.මේ වන විට විදුහල ආරම්භ කර වසර හැටතුනක් වනවා. අසූවේ දශකය දක්වා ජනප්‍රිය විදුහලක් ලෙස විජිත විද්‍යාලය ප්‍රචලිතව තිබුණා.දැන් මෙහි පන්ති පැවැත්වෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණයි. විදුහල මෙවැනි තත්ත්වයකට පත්වන්නට එක් ප්‍රධාන හේතුවක් වුණේ මවුපියෝ.උපාධිධාරී ගුරුවරු හය දෙනකු ඇතුළු දහසය දෙනකුගෙන් යුත් දක්ෂ ආචාර්ය මණ්ඩලයක් සිටියදී ගමේ විදුහල අමතක කර මවුපියන් වැඩි දෙනෙක් තම දරුවන් ඇතුළත් කරන්නේ නගරබද පාසල්වලට.විදුහලේ පළමුවැනි ශ්‍රේණියේ සිටින්නේ දරුවන් නව දෙනකු පමණයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දෙනෙකු සිටිනවා. විද්‍යාලය මෙවැනි තත්ත්වයට පත්ව තිබියදීත් පසුගිය වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු දරුවන් හය දෙනෙක්ද, පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුදරුවන් තිදෙනක්ද සමත් වුණා. විජිත විදුහල වසා දමන තත්ත්වයට පත්කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.විදුහල්පතිනිය හා නියෝජ්‍ය විදුහල්පතිනි දයානි පෙරේරා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කැපවීම නිසා විදුහල යළි දියුණු මට්ටමකට ළඟාවෙමින් පවතී. 2004 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයෙන් දෙවන ස්ථානය හා බස්නාහිර පළාත් පාසල් නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගන්නටද මේ විදුහල සමත් විය..
|
NEWS
|
බේරුවල නිවසකින් රුපියල් ලක්ෂ හතළිහක් (40) ක් වටිනා මැණික් ගල් තොගයක් සොරාගත් ව්‍යාපාරිකයෙකු ඊයේ (16) උදේ බේරුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.බේරුවල වටරවුම් පාරේ පදිංචි මොහොමඩ් අන්සාර් නැමැති මැණික් ව්‍යාපාරිකයෙකු විසින් බේරුවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මේ සැකකාර ව්‍යාපාරිකයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර ව්‍යාපාරිකයාද පැමිණිලිකාර ව්‍යාපාරිකයාද යන දෙදෙනාම ව්‍යාපාරිකයන් වන අතර ව්‍යාපාරිකයාගේ නිවසට ගිය සැකකරු ඔහුගේ නිවසට ඇතුළු වී නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතළිහක් (40) වටිනා මැණික් ගල් තොගයක් සොරාගෙන ඇතැයි බේරුවල පොලිසිය පවසයි.පොලිසිය පවසන අන්දමට පස්සර, රත්නපුර හා බේරුවල චීනකොටුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ට විකුණා තිබූ වටිනා මැණික් ගල් තුනක්ද (3) සොයාගත් බව බේරුවල පොලිසිය පවසයි.සැකකරු ඊයේ (16) සවස කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය පිළිබඳව බේරුවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එම්. ගුණතිලක යන මහත්වරුන් වැඩිදුර පරීක්ෂණ පවත්වති..
|
NEWS
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ගෙන යන රට සංවර්ධනය කිරීමේ උදාර වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී මන්නාරම හිටපු එල්.ටී.ටී.ඊ. දේශපාලන නායක එරම්බමූර්ති ශිවානන්ද රාජා (රොබට්) මහතා ප්‍රධාන සාමාජිකයෝ විසිපස් දෙනකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්තෙයි හා මන්නාරම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනකු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ඊයේ (11) පැවැති ජනහමුවේ දී ආණ්ඩුවට එක්වූහ.වසර 2013 උතුරු පළාත් සභාවේ මංගල මැතිවරණයේ දී තම පූර්ණ සහාය බුලත්කොළය ලකුණින් තරග කරන කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැප කරන බවටද මේ පිරිස මෙහිදී ප්‍රතිඥා දුන්හ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්නාරම ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්. අර්ෆාත්, මන්තෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවුෆික් මාස්ටර් යන මහත්වරු ජනාධිපතිවරයාට බුලත් හුරුලු පිරිනමා තම සහාය පළකළහ.ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම මහජන ක්‍රීඩාංගණයේ පැවැති සතුටයි – නිදහසයි දිනවමු! තේමාව පෙරදැරි කරගත් ජනහමුවට බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික නායක පූජක ප්‍රසාදීන් වහන්සේලා පැමිණ ආශිර්වාද පළ කළහ.ධීවර හා ජලජ සම්පත් ඇමැති දොස්තර රාජිත සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උහයිස් ෆාරුක් යන මහත්වරු මෙහිදී කථා කළහ.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඒ. එම්. එල්. එස්. හිස්බුල්ලා යන මහත්වරු ප්‍රධාන අතිවිශාල පිරිසක් මේ ජනරැලියට එක්ව සිටියහ..
|
NEWS
|
හැඳල ප්‍රදේශයේ ප්‍රබල එල්ලේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වු නැසීගිය ජෝශප් නසරින් සහ ඒ.එල්.ජෝශප් යන ක්‍රීඩකයන් අනුස්මරණය කරමින් මාටාගොඩ පොදු ක්‍රීඩාංගණයේදී අද (01) සහ 5 වැනිදා ආරාධිත එල්ලේ තරගමාලාවක් පැවැත්වේ.හැඳල ප්‍රදේශයේ කණ්ඩායම් 8ක් හා ආරාධිත කණ්ඩායම් 8ක් සහභාගී වේ..
|
NEWS
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.