comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
තාරුණ්‍යයේ උපරිම සුන්දරත්වය විඳීමින් සිටි තවත් සුකුමාලියක් මත් රකුසා බිලි ගත්තේය. ඇය තිස් හතර හැවිරිදි කැසන්ඩ්‍රා ලින් හෙන්ස්ලිය. ප්ලේ බෝයි රසිකයන් අතර කැසන්ඩ්‍රා ඉතාමත් ජනප්‍රිය චරිතයක් වූවාය.ලොස් ඇන්ජලීස් නිවෙසේ නාන තටාකයේ ඇය මිය ගොස් සිටියාය. පොලිස් නිලධාරීන් පවසන අන්දමට කැසන්ඩ්‍රා මිය යන විට අධික ලෙස කොකේන් මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාරය රැගෙන සිට ඇත. ඕපාදූප බෙදා හරින වෙබ් අඩවියක සඳහන්කර තිබුණේ අඟහරුවාදා ඇය සිටියේ එතරම් සතුටකින් නොවන බවයි. මිය යනවිට ඇය ජීවත් වී ඇත්තේ තරු හා තාරකාවල ඡායාරූප ගන්නා ඡායාරූප ශිල්පියකු සමඟයි.දෙදෙනාම එක හා සමානවම මත්ද්‍රව්‍ය රැගෙන නිවෙසට පැමිණ ඇති අතර, ඡායාරූප ශිල්පියා පැය කිහිපයකට පසු අවදි වී තිබේ. කැසන්ඩ්‍රා මියගොස් ඇති බව දැනගෙන ඇත්තේ එවිටයි.පාසල් වියේ සිටම කැසන්ඩ්‍රාට හොඳ චරිත සහතිකයක් නැත. ඇයගේ හැසිරීම නිසා පාසල් ගණනාවකින්ම ඇය පන්නා දමා තිබේ.‘2006 පෙබරවාරි රැජන’ වූ පසු මෝස්තර නිරූපිකාවක් ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ ඇය ඉතා මෑතකදී ෆිලඩෙල්ෆියාවේ මෙට්‍රො පොලිස් නයිට් සඟරාව මඟින් ‘මාසයේ දිව්‍ය කුමරිය’ ලෙසින් ද නම් කළාය.‘සමනලිය’ ඇයට දී තිබූ සුරතල් නාමයයි. කැසන්ඩ්‍රාගේ සිරුරේ සමනලුන් පස් දෙනකුගේ ටැටූ කොටා තිබීම එයට හේතුවයි.ඇය මෑතකදී යතුරු පැදියක් මිල දී ගෙන ඇති අතර, මිය යාමට ආසන්න දින කිහිපයේ එය පදවන්නට පුරුදුවෙමින් සිට තිබේ.අඩි පහක් සහ අඟල් පහක් උස ඇයගේ ජීව දත්ත, තවමත් ප්ලේ බෝයි ලේඛන ගබඩාවේ ඇත. එහි කැසන්ඩ්‍රා, පෙබරවාරි මාසය ප්‍රියතම මාසය ලෙස සඳහන්කර තිබූ අතර, තමන් බලාපොරොත්තු නැති ආදරයක් පවත්වන්නියක් ලෙස ද නම්කර තිබිණි.‘ආදරවන්තයන්ගේ දිනයට, පැණි රස කෑමට’ කතා කරන හදවත්වලට මං කැමැතියි.’ ඇය වෙබ් අඩවියේ සඳහන්කර තිබිණි.ඇය තම කේන්දරයට අනුව වෙබ් අඩවිය යාවත්කාලීන කළ අතර, මියගිය දවසේ ද ඇයගේ පණිවුඩයක් වෙබ් අඩවියේ සඳහන් වී ඇත.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
මම ඇඩ්වෙන්චර් ප්‍රෝග්‍රෑම් එකකට සහභාගි වෙමින් සිටින්නේ. සී.එස්.එන් නාලිකාවෙන් පවත්වන බැට්ල්සෝන් වෙනුවෙන් මේ දවස් කුඩාඔය ප්‍රදේශයේ තමයි ගත කරන්නේ.ඒක වෙනස්ම අලුත්ම අත්දැකීමක්. ඊට අමතරව චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටය චමත්කාහි වැඩත් ඉදිරි දිනවලට යෙදි තියෙනවා.
CREATIVE
අධිරාජ්‍යයකු සතු වූ දෙයක් යළි හිමි විය යුත්තේ අධිරාජ්‍යයකුටමය. ‘මෝගල් - ඒ – අසාම්’ පෝස්ටර්ස් ෂාරුක් ඛාන් තමන් සතුකර ගැනීමට සිතුවේ ඒ නිසයි.විශිෂ්ට සිනමාපටවල සොඳුරු මතක සිහිවටන පසුගියදා වෙන්දේසි කෙරිණි. එහි තිබූ සුවිසල් ‘මෝගල් - ඒ අසාම්’ මුල්ම පෝස්ටර් දෙක ඔහු පවුම් ලක්ෂ 6.84 කට මිලදී ගෙන තිබේ.මෙය එදා මෙදාතුර පැවති විශාලම වෙන්දේසිය ලෙසින් සලකනු ලබයි. ශ්‍රී 420 සිනමාපටයේ රාජ් කපූර් සහ නර්ගීස් රඟන කුඩයක් යට ජවනිකාව පවුම් ලක්ෂ 7.5 ක් තරම් ඉතා ඉහළ මුදලකට වෙන්දේසි වී තිබේ. දිලිප් කුමාර් සහ මීනා කුමාරි රැඟූ ‘යහුදි’ සිනමාපටයේ අතින් ඇඳි මුල් පෝස්ටර් පිටපත් පවුම් ලක්ෂ 4.8 කට අලෙවි විය.රාජ් කපූර්, දිලිප් කුමාර්, දේව් ආනන්ද්, මධුබාලා, නර්ගීස්, මීනා කුමාරි සම්බන්ධ සිහිවටනවලට වැඩි ඉල්ලුමක් තිබී ඇත. 
CREATIVE
විනෝද සමයෙන් එදා අපේ ලාංකිකයෝ විතරක් නෙමේ විදේශිකයොත් හිනා වුණා. අපි ලංකාවේ විතරක් නෙමේ, පිටරටවලත් අපේ ලාංකික ජනතාවගේ ආරාධනයන්ට විනෝද සමය රැගෙන විදේශ ගත වුණා. මෙහෙ වගේම එහෙ අපේ ලාංකිකයොත් අපේ විනෝද සමය බලලා බොහොම විනෝද වුණා. ඒ රටවල අපි කරපු සමහර අවස්ථාවලදී සුදු ජාතිකයොත් අපේ ප්‍රසංග බලන්න එක් වෙලා හිටියේ සමහර විට අපි සිංහල භාෂාවෙන් කතා කළත් අපේ රංගනයන් දැකලා සතුටක් ලබන්න. ඒ නිසාම අපි සමහර පිටපත් රචනයේදී ඉංග්‍රීසි වචනත් දාල පිටපත් සකස් කළා. ඔය වගේ වැඩ සටහනකට අපි කළ නිර්මාණයක් වුණේ ඉංග්‍රීසි කතාව. එදා මේ පිටපත ප්‍රසංගාත්මකව ඉදිරිපත් කරන්න එක් වුණේ මමත්, ඇනස්ලිත්, බර්ටිත්. මම සුද්දාට රඟපෑවා. ඇනස්ලි මුදලාලිට රඟපෑවා. බර්ට් ළමයාට රඟපෑවා.මුදලාලි හා ළමයා එකට හමු වෙයි.බර්ටි (ළමයා) - ඇයි මුදලාලි මට එන්ට කිව්වේ.ඇනස්ලි (මුදලාලි) – අර කියපු ආප්ප සුද්දා අද එනවා උඹව එක්කන් යන්ට. සුද්ද උඹෙන් ප්‍රශ්න තුනක් අහයි.බර්ටි - සිංහලෙන්ද?ඇනස්ලි - සුද්දො කොහොමද බං සිංහලෙන් කතා කරන්නේ?මම සුද්දට කිව්වා උඹෙන් ප්‍රශ්න තුනක් අහන්න කියලා.බර්ටි – මුදලාලි ඉංග්‍රීසි දන්නවයැ.ඇනස්ලි - මෝඩයො මම සුද්දන්ට ඉංග්‍රීසි ටියුෂන් දුන්න කෙනෙක් එංගලන්තෙදි.බර්ටි – ඉතිං මම ඉංග්‍රීසි දන්නෙ නැහැනෙ.ඇනස්ලි - මම කියා දෙන්නං මම සුද්දට කිව්වා අහන ප්‍රශ්න තුන. ඉස්සෙල්ලම අහයි.What is Your Name කියලා?ඇනස්ලි - ඒ කියන්නේ උඹේ නම මොකක්ද?බර්ටි - සිරිසේන.ඇනස්ලි - ඊළඟට සුද්ද අහයි What is Your Age කියලා?බර්ටි – ඒ කිව්වේ?ඇනස්ලි - උඹේ වයස කීයද?බර්ටි – විසි අටයි.ඇනස්ලි - එහෙනන් Twenty Eight  කියාපන්.සුද්දා අහන තුන්වෙනි ප්‍රශ්නෙ What Do You Like to Eat in the Morning Bread or Riceබර්ටි – අම්මෝ ඒකෙ දිග.ඇනස්ලි - උත්තරේ කොටයි බං. ඒ අහන්නේ උඹ උදේට කන්ට කැමති පාන් ද, බත් ද කියලා.බර්ටි - දෙකටම කැමතියි.ඇනස්ලි - එහෙනම් කියාපන් Both  කියලා. දැන් මතකද?What is Your Name?බර්ටි - (උඩ පනිමින්) සිරිසේන.ඇනස්ලි - What is Your Age?බර්ටි - (මහ හයියෙන්) Twenty Eight.ඇනස්ලි - What Do You Like to Eat in the Morning Bread or riceබර්ටි – (ශබ්ද නඟා හිනාවෙලා) Both..ඇනස්ලි - ඒ තුන එක දිගට කියහන් බලන්ඩ.බර්ටි - සිරිසේන, ට්වෙන්ටි එයිට්, බෝත්, සිරිසේන ට්වෙන්ටි එයිට්, බෝත් සිරිසේන ට්වෙන්ටි එයිට්.ඇනස්ලි - බෝත් සිරිසේන ට්වෙන්ටි එයිට් නෙමෙයි යෝධයො.සිරිසේන ට්වෙන්ටි එයිට් බෝත්අන්න සුද්ද එනවා.සුද්දා (මම, ඇල්ෆ්‍රඩ්).Hello Mudliyer How Are You? After a Long Time Your Father Was the First Kandiyan to go to England ඇනස්ලි - යස් තෑන්ක්.(බර්ටි දෙසට හැරී) එයාගේ තාත්තා එංගලන්තයේදී පස් කණ්ඩියකට යට වෙලා.සුද්දා - And he got married there you knowඇනස්ලි - මැරි (බර්ටි දෙසට හැරී) මැරිල මැරිල, මැරිල.සුද්දා - Mudliyar, where’s the young man you promised me.ඇනස්ලි - Man – here sir. here.සුද්දා – (බර්ටි දෙසට හැරී)Hello young man What’s your age? බර්ටි - සිරිසේන.සුද්දා - What’s that I can’t understand ok what’s your name?බර්ටි - (ශබ්ද නඟා සිනාසෙමින්)Twenty Eight.සුද්දා - What Bloody nonsense is this. are you mad or am i mad. බර්ටි - (උඩ පැනලා) බෝත්.දැන් මුළු රංග ශාලාව පුරාම සිනා සාගරයකි. සුද්දාත් බර්ටිත් හරි හරියට බොක්සිං ඇන ගනී. මේක බලන් ඉන්න සුද්දෝ ද මහ හයියෙන් සිනාසෙයි.චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - මාලන් කරුණාරත්නපසුගිය සතියෙන්...   
CREATIVE
මා අධ්‍යක්ෂණය කරන ‘ස්වර්ණපාලි’ ටෙලි නාට්‍ය දෙරණ රූපවාහිනියේ විකාශය වෙනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් කදිමයි. ඒ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ කාලය ගත වන නිසා මේ දවස්වල නියැලෙන එකම කලා කටයුත්ත වන්නේ මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණයයි.
CREATIVE
පසුගිය ඉරු දින කොළඹ සිිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේ පැවති දහහත්වන සුමති සම්මාන උළෙලේ ප්‍රතිඵල සටහන. මෙහිදී ජනප්‍රියම ටෙලි සිතුවම ලෙස සිහින පියාපත් පත් වූ අතර ධනංජය සිරිවර්ධන ජනප්‍රිය නළුවා වූ අතර නදීශා හේමමාලි ජනප්‍රියම නිළිය වශයෙන් අභිසෙස් ලැබීය. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විය.හොඳම ටෙලි නාට්‍යයස්වයංජාත (බන්දුල ඒකනායක, එච්. ඩී. ප්‍රේමසිරි, චන්න ප්‍රනාන්දු, බණ්ඩාර ඇහැලියගොඩ)හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයසුදත් රෝහණ (ස්වයංජාත)දෙවන තැන (සුනිල් කොස්තා (පින්සර දොස්තර) තෙවැනි තැන සරත් ධර්මසිරි (ඇත්කඳලිහිණියා)හොඳම නළුවාජගත් චමිල (ස්වයංජාත)හොඳම නිළියසමාධි ලක්සිරි (කඩදොර)හොඳම ඒකාංගික ටෙලි නාට්‍යසංක්‍රාන්ති (ආනන්ද අබේනායක)හොඳම තිර රචනයසරත් ධර්මසිරි (ස්වයංජාත)හොඳම සහය නළුවාඅතුල පතිරණ (ස්වයංජාත)හොඳම සහය නිළියචතුරිකා පීරිස් (ස්වයංජාත)හොඳම කැමරා අධ්‍යක්ෂණයචින්තක සෝමකීර්ති (පින්සර දොස්තර)හොඳම සංස්කරණයරංගන සිංහාරගේ (කඩදොර)හොඳම කලා අධ්‍යක්ෂණයදීප්ති මංගලසෝම (ස්වයංජාත)හොඳම අංගරචනයගයනි සතරසිංහ (පින්සර දොස්තර)හොඳම සංගීත අධ්‍යක්ෂදිනේෂ් සුබසිංහ (පින්සර දොස්තර)හොඳම ගීත රචනයසුරම්‍යා මාපිටිය (බිනරි) සහසක් ලන්දුහොඳම ගායනයකරුණාරත්න දිවුල්ගනේ (බිනරි) සහසක් ලන්දුහොඳම සංගීත වැඩසටහනසංහිඳ - ධර්මදාස වල්පොල පිළිබඳ වැඩසටහන (උදය කුමාර තෙන්නකෝන්)හොඳම කාලීන වැඩසටහන( සිත් ගිමන් හල)හොඳම වාර්තා වැඩසටහනසොයිලියස් (නාමල් ප්‍රසන්න)හොඳම නවක නළුවාමලින්ද පෙරේරා (ඇත්කඳ ලිහිනියා)හොඳම නවක නිළියඩිනක්ෂි ප්‍රියසාද් (සඳගිරිපව්ව)හොඳම සඟරාමය වැඩසටහනවෙනස (රුවන්තිකා රණතුංග, අංජන ජයතුංග, මංජුල ඇතුගල)හොඳම අධ්‍යාපන වැඩසටහනනාට්‍ය හා රංග කලාව (ජයලත් චන්ද්‍රසිරි)හොඳම ක්‍රීඩා වැඩසටහනආසියානු මලල ක්‍රීඩා (කුමාරි මානෙල්)හොඳම ළමා වැඩසටහනපැහැසරණිය (ගාමිණී ජයන්ත අබේරත්න)හොඳම පූරකඉන්ද්‍රසිරි සුරවීරහොඳම නිවේදකනදීක කරුණානායකසඳමාලි හේවානායකවසන්ත නානායක්කාරහොඳම ප්‍රවෘත්ති වාර්තාකරණයජාතික රූපවාහිනියස්වාධීන රූපවාහිනියහොඳම කාලීන ප්‍රවෘත්ති වැඩසටහනඅද දෙරණලයිව් @ 8හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය ගීතයකම්මැලියා (ධනුෂ්ක ලක්මාල්)ළබැඳියේ (අයේෂ් විජේරත්න)සිහින මනමාලි (සුරේෂ් ගමගේ, ශාන් පෙරේරා)කුසලතා සම්මානරයන් වැන්රෝයන්සංජීව බාලසූරියකුමාර තිරිමාදුරබින්ද්‍යා ආශ්වර්යාසේමිණී ඉද්දමල්ගොඩප්‍රශස්ථ ඇගයීම්දයාරත්න රටගෙදරපටීභා වැඩ සටහනරජීව් ආනන්දයූ. ඩබ්ලිව්. අනුස්මරණ සම්මානය – වික්ටර් රත්නායක හ සිරිල් වික්‍රමගේ හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය සුදත් රෝහණ සහ හොඳම නිළියට හිමි සම්මානය සමාධි ලක්සිරි ජනාධිපති ආර්යාව අතින් ලබාගත් මොහොතජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානය ලබද්දී ජගත්ගේ පුංචි පුතු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියට ආචාර කළ අයුරු. පසෙකින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ සුමති කළමණාකර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහත්වරු මිලීනා සුමතිපාල මහත්මිය අතින් සිරිල් වික්‍රමගේ, වික්ටර් රත්නායක මේ ලබන්නේ ජීවිතයට වරක් පමණක් ලැබෙන යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයයි.  වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය සිහින පියාපත් සඳහා හිමි සම්මානය එහි අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා සහ නිෂ්පාදක උපුල් ජයසිංහ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා අතින් ලබා ගනී. හොඳම ගායනය වෙනුවෙන් කරුණාරත්න දිවුල්ගනේ සහ හොඳම තිර රචකයා ලෙස සරත් ධර්මසිරි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතින් සම්මාන ලබා ගත් මොහොත.  නදීෂා - ධනංජය සටහන් - ප්‍රසාද් සමරතුංග සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ 
CREATIVE
රන්බීර්ට තිස් දෙවැනි උපන් දිනය එතරම් සුබදායක වූයේ නැත. ඒ පුංචි සැත්කම නිසා නම් නොවෙයි.උපන් දින කේක් නිර්මාණයේ ඉටිපන්දම් දැල්වීමේදී කත්‍රිනාගේ ඇඟිල්ල පිලිස්සීම නිසයි. බෑන්ග් බෑන්ග් ප්‍රවර්ධනයේදී ඇයගේ වෙළුම් පටිය යෙදූ ඇඟිල්ල හොඳින්ම දැකගත හැකි විය.
CREATIVE
මම නම් මේ දවස්වල ඉන්නේ හරිම සතුටින්. ඒ ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍ය නිසා. මගේ ප්‍රථම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය එහි ඇතුළත්. මේ දවස්වල එයට හොඳ ප්‍රතිවාර ලැබෙනවා. ඒ වගේම මගේ ප්‍රථම සංචාරය ලෙසින් පසුගියදා කුවේට්හි සංචාරයක නිරත වෙන්නත් අවස්ථාව ලැබුණා.ඉදිරියේදී මගේ ඔන්කෝ සංගීත කණ්ඩායම සමගත් සංචාරයන් කිහිපයකම යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සතියට මගේ උපන්දිනයත් යෙදිලා තියෙනවානේ. ඒ දවස මහරගම පිළිකා රෝහලේ ළමුන් සමඟින් ගත කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඊට අමතරව අධ්‍යාපන කටයුතුත් කරගෙන සාමාන්‍ය පරිදි සැහැල්ලුවෙන් කාලය ගත කරනවා.
CREATIVE
මේනක, නෙහාරා කියන්නේ පුංචි තිරයේ කාගේත් ආදරය දිනා ගත් රංගන තරු යුවළක්. ඒ වගේම පසුගිය කාලයේ මේ දෙදෙනා ගැන විවිධ කටකතා පැතිරුණත් මේනකවත් නෙහාරාවත් ඒ ගැන හරියටම ප්‍රකාශයක් කළේ නැහැ. දෙදෙනාම සුපුරුදු පරිදි රංගන කටයුතුවල නිරත වුණා.ඒ විදියට පසුගිය වසර ගෙවිලා ගියත් නව වසර මේ දෙදෙනාටම ගොඩක් සුබයි කියලා ආරංචියි. ළඟදීම දවසක මේනකයි, නෙහාරයි එක වහළක් යට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න සූදානම් වෙලා.
CREATIVE
අලුත් අවුරුදු නිවාඩුව ගෙවී ගොස් බොහෝ දෙනා රාජකාරීවලට එන්නේ දැන්ය. අවුරුද්දට මුළු කොළඹම පාළුවට ගොස්ය. හිස්වුණු කොළඹ මංමාවත් කොලු කුරුට්ටන් විසින් පිට්ටනි බවට පත් කර ගන්නා ලද අන්දම පසුගිය දවස් කිහිපයේම ටෙලිවිෂන චැනල් මගින් පෙන්වා දුන්නේය.අප නිතර නමුත් හදිසියට කෑම ගන්නා චීන හෝටලයේ චීන කෑම සදනා අරක්කැමියා ගම බලා (මාතර) ගොසින් තවම ඇවිත් නැත.අලුත් අවුරුදු ක්‍රීඩා ද විලාසිතා ද ටෙලිවිෂනය පුරා පැතිර යයි. ඔංචිලි පදින පොඩි එවුන් දකින මගේ දියණිය ඔංචිල්ලාවක් බැඳ දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියාය.මගේ ගෙදර බලවත් උදවිය වන අපේ අම්මාත්, බිරින්දෑත් දියණියගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කළහ. ඔංචිල්ලා ලණුවෙන් ගෙල සිර වී මිය ගිය දරුවෙකු පිළිබඳ ටෙලිවිෂනයේ පෙන් වූ දුක්මුසු පුවතක් ඔවුන් ආයුධයක් කොට ගෙන සිටී.මගේ පොඩි එකීගේ ඉල්ලීමත්, මහ ඇත්තියන්ගේ ප්‍රතික්ෂේප කිරීමත් ඔංචිල්ලාව පිළිබඳ කතාබහකට යොමු වීමට හේතු විය. එයට විරෝධය පාන වැඩිහිටියෝ ද පෙර දවස ඔංචිල්ලා පැද එහි විසිතුරු බවින් මත් වූ අතීතයකට හිමිකම් කියන බව මේ කතාබහේදී අනාවරණය විය. මගේ ළමා විය කලක් ගත වූයේ පදවිය මහාසේන විදුහලේය.එකල අපේ තාත්තා එහි විදුහල්පති විය. නිල නිවස අසල තිබූ ජෑම් ගහේ තාත්තා ඔංචිල්ලාවක් බැඳ දුන්නේය. වරක් මා සමඟ අහසට ගිය ඔංචිල්ලාව ගැළ වී බිමට ආවේය. මම අනූ නවයෙන් බේරුණෙමි.එයින් පසු දවසක ද යළි ඔංචිල්ලාව බැඳිණි. මා හිතන හැටියට ඔංචිල්ලාවෙන් තිබෙන අනතුර එකලත් තිබෙන්නට ඇත.එහෙත් ඒ ගැන අද මෙන් ප්‍රවෘත්ති සුලබ නොවූ නිසා එකල ඒවා ඒතරම් බිහිසුනුව දැනුණේ නැත. පසුගිය දවස්වල කැළඹුණු මාතර ගඟේ කිඹුලාගේ කතාවත් එහෙමය.පසුගිය සුනාමි අනතුර හෙළිවද්දී මේ රටේ විද්‍යුත් මාධ්‍ය එය වහා රටට දැන් වූහ. ඒ යහපත් ක්‍රියාවකි. කොළඹ කන්තෝරුවල සිට වේලාසනින් පැන යන්නට කල් මැරූ සමහර අයට පිනා චාන්ස් එකක් ලැබීම වෙනම කතාවකි.එහෙත් ඇතැම් මාධ්‍ය මේ අවස්ථාවේ කටයුතු කළේත් ඒ ආකාරයටමය.තවත් පැයක් ගත වුණා නම් සුනාමි ගැන විකාශය වන ප්‍රවෘත්තියට වෙනම අනුග්‍රාහකයන් සොයාගන්නවා ඇත. ඒ පිළිබඳ තරග ද පවත්වනවා ඇත.අද එතැන් සිට ඇරැඹෙන මේ ලිපි පෙළ මතු සම්බන්ධ වනු ඇත.අරුණ ගුණරත්න
CREATIVE
රවී රංගන අපේ කලා ක්ෂේත්‍රයට අංශ කිහිපයකින්ම දායක වෙන කලාකරුවෙක්. 1988 වසරේදී ජාතික තරුණ සේවා සභාවේ හලාවත අන්තර් යෞවන සමාජ සංස්කෘතික තරගාවලියේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගනිමින් රංගනයට පිවිසි ඔහු කලා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් දැනුම ලබා අද වන විට සාර්ථක ගමනක නිරතව සිටින්නේය.සම්මානනීය වෙමින් ක්ෂේත්‍රයට පිවිසෙන්න ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ?ඇත්තටම ඒ සතුට නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. අසූව දශකයේදී යෞවන සමාජ මට්ටමෙන් මම කලා කටයුතු රාශියකට දායක වුණා. ඊට පසුව හලාවත සංස්කෘතික කමිටුව මෙහෙය වූ නාට්‍යකරණ පාඨමාලාව හදාරන්න මට අවස්ථාව හිමි වුණා. එහිදී සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, රංජිත් ධර්මකීර්ති, සුගත් වටගෙදර, ජැක්සන් ඇන්තනි යන නාට්‍යකරුවන්ගෙන් ගුරුහරුකම් ලබා ගන්න හැකි වුණා. අනතුරුව මට වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට සඳහාත් දායක වෙන්න අවස්ථාව උදා වුණා.ඒ නිර්මාණ ගැනත් සඳහන් කරමු?මුලින්ම මට ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ චිත්‍රපටයක් තුළින්. ඒ අනුව මට පතිරාජ එල්. එස්. දයානන්දයන් එතුමාගේ ‘කිවුලේ ගෙදර මොහොට්ටාල’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න හැකියාව ලැබුණා. සරසවිය පුවත්පතේ හිටපු උප කර්තෘවරයෙකු වූ සුනිල් හොරේෂස් මහතා දැන හඳුනා ගැනීමත් සමඟ මට සිනමා නිර්මාණ සහ ටෙලි නිර්මාණ කිහිපයක රංගනයේ යෙදෙන්න අවස්ථාව උදා වුණා. සෝමරත්න රාමනායකගේ ‘ජය කොතැනද’ චිත්‍රපටය වගේම ‘සිත් තුළ ආශා’, ‘සිම්බෝ’ වැනි ටෙලි නාට්‍ය ඒ අතර වෙනවා.ඉන් පසුව චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ ‘සම්මානය’ සිරි කුලරත්න අධ්‍යක්ෂණය කළ ‘සුභ ප්‍රාර්ථනා’, රාවන් කුඩලිගම අධ්‍යක්ෂණය කළ ‘බොරළු වැස්ස’ ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා. මායාදුන්න බණ්ඩාරගේ ‘අලුත් හෙටක්’ ටෙලි චිත්‍රපටය සඳහාත් රංගනයෙන් දායක වුණා.ඔබ වේදිකාවටත් බොහෝ ලැදි වූ කෙනෙක්?වේදිකාවට මම ගොඩක් ආදරය කරන කෙනෙක්. රිදී තිරයෙන් ජනතාව අතරට පැමිණියත් කලා ක්ෂේත්‍රයේ මුල්ම අඩිය තැබූයේ වේදිකාවෙන්. වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයකටම දායක වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ අතර ලාල් සෝමවීරයන්ගේ ‘යථාර්ථය’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයකුත් හිමි වුණා. ඊට පසුව පාලිත ජනරංජනගේ ‘දුක්ගන්නා රාළ’ වේදිකා නාට්‍යයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ම විසින් නිර්මාණය කළ ‘ජොසපින්ගේ චාරිකාව’ වේදිකා නාට්‍යය මේ දිනවල ග්‍රාමීය මට්ටමෙන් වේදිකා ගත කරනවා.ඔබ ක්ෂේත්‍රයේ එක් අංශයකට පමණක් සීමා වෙලා නැහැ?ඇත්තෙන්ම මම එක අංශයකට සීමා වෙන්න කැමැති නැහැ. රංගනයට අමතරව සිරි කුලරත්න මහතා අධ්‍යක්ෂණය කළ ‘සුභ ප්‍රාර්ථනා’ ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව ඔහු අධ්‍යක්ෂණය කළ මේ දිනවල තිරගත වෙන ‘රාස්ස කැලේ’ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු ලෙසින් කටයුතු කළෙත් මමයි. චන්දිම වීරසිංහගේ ‘සීතල ගිනි’ සහ ‘අනවරත’ සහ ‘මායාකාරී සහ පුංචි වීරයෝ’ ටෙලි චිත්‍රපටවලටත් නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වුණා. ඊට අමතරව ‘මායාකාරි සහ පුංචි වීරයෝ’ හි කලා අධ්‍යක්ෂණය සිදු කළේ ම විසින්. සුනිල් හොරේෂස් අධ්‍යක්ෂණය කළ ‘අන්න බලන් සඳ’ ඒකාංගික ටෙලි නාට්‍යයේ පිටපත් රචනයට ලැබීමත් මා ලද වාසනාවක්.රවී, ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කෙටි සටහනක් තබමු?ඉදිරියේදී වයඹ පළාත් කලාකරුවන් එක් රැස් කොට ළමා බෞද්ධ ටෙලි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න සැළසුම් කර තිබෙනවා. ඒ සඳහා රංගනයට නවකයන්ට අවස්ථාව ලබා දෙන්න කැමැතියි. ඊට අමතරව ඩෙංගු රෝගය අළළා නිර්මාණය කෙරෙන ‘මෙහෙමත් දේශයක්’ ටෙලි චිත්‍රපටයේ කටයුතුත් ඉදිරියේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඒ සඳහා නිෂ්පාදකවරයකුගේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම මේ දක්වා ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණෙන්න අත දුන් සැමට ගෞරවාදර ස්තූතිය පිරිනමා සිටිනවා. 0772461476 දුරකථන අංකය මගේ ආදරණීය රසික ඔබ වෙනුවෙන් විවෘතයි.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න  
CREATIVE
සෑම ඉරිදාම සවස 5.30 ට ජාතික නාලිකාවෙන් විකාශය වන හද රැඳි ගී වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායම එන සෙනසුරදාවේ මත්තේගොඩ තුසිත වැඩිහිටි නිවාසයට යනවා. ඒ දානමය පුණ්‍යකර්මයක් සඳහා.මේ කටයුත්ත වෙනුවෙන් ගායික ගායිකාවන් කිහිප පොළක් ද සහභාගි වීමට නියමිතයි. ඉන් අනතුරුව ඔවුන්ගේ දායකත්වයෙන් කෙටි පැදුරු සාජ්ජයක් ද සංවිධානය කොට තිබෙනවා. එන ඉරු දින විකාශය වනුයේ හද රැඳි ගී වැඩ සටහනෙහි දසවැන්නයි.මෙහි සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය බී. සිරිතුංග පෙරේරාගෙන්. ගායන ශිල්පින් සම්බන්ධීකරණය මහේෂ් ජයසිංහ විසින් සිදු කරනවා. නිෂ්පාදන විධායක කිත්සිරි හේවගමගේයි. අශෝකා විජේසිංහ රංගන ශිල්පීන්ගේ සම්බන්ධිකරණයෙන් එකතු වනවා.ගායක ගායිකා සංගමයේ නව සභාපති මධුමාධවමෙතෙක් අඩුවක්ව පැවැති රජය පිළිගත් හැඳුනුම්පතක් ගායක ගායිකාවන් සඳහාත් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ අභිනව නව සභාපති වශයෙන් පත් වූ මධුමාධව අරවින්ද පවසා සිටියි.එමෙන්ම වත්මනෙහි අයුතු ලෙස සිදුවන ගීත මංකොල්ලය නැවැත්වීමට නව වැඩ පිළිවලක් සකස් කරන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කළේ නව සභාපති වශයෙන් පත්වීමෙන් අනතුරුවයි.ගායක ගායිකා සංගමයේ නව සාමාජිකයන් මෙලෙස පත්විණ.උප සභාපති – කීර්ති පැස්කුවල්, මයිකල් පෙරේරාලේකම් – උපාලි පෙරේරාසංවිධායක – අමල් පෙරේරාභාණ්ඩාගාරික - සුසිල් ප්‍රනාන්දුනව පරපුර සම්බන්ධකරණ නිලධාරි – දමිත් අසංකසම සංවිධායක - රෝහණ බෝගොඩ , ලලිත් පොන්නම්පෙරුමමාධ්‍ය සම්බන්ධීකරණ - සමන් ද සිල්වා, ප්‍රියනාත් රත්නායක‘අද’ පදනම් ආයතනයේදීකලාසූරි අරිසන් අහුබුදු වියතාණන්ගේ පළමු සංවත්සරය නිමිති කර ගනිමන් ඔහුගේ ගුණ සැමරුමත් සහ පුෂ්පෝපහාර පිදීමක් මෙම මස 16 දා එනම් අද සවස 2.30 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.අගමැති දි. මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ අනු නායක බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද ගරු හිමිපාණන් මුලසුන හොබවන මේ උළෙලෙහි පිළිගැනීමේ දෙසුම අරිසෙන් අහුබුදු පදනමේ සභාපති ආචාර්ය අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විජේතුංගයන්ගෙනි.මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය ජේ. ආර්. පී. සුරියප්පෙරුම යන අය විසින් සෙසු දෙසුම් පවත්වන අතර මේ අතරතුරදී අරිසෙන් අහුබුදු පොත් එළි දැක්මක් සහ අරිසෙන් අහුබුදු සමරු සිසුවර පිරිනැමීමක්ද සිදු කරනු ලබයි.මෙය අරිසෙන් අහුබුදු පදනමෙහි සංවිධාන කාර්යයකි.ප්‍රසාද් සමරතුංග
CREATIVE
වීනා මලික්ගේ වෘත්තීය ජීවිතය වඩාත් බැබළෙන්නේ ඇයගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු නිසයි. මේ වන විට වීනාගේ නමින් සෑම වෙබ් අඩවියකම පුවත් මැවෙයි. ඇයගේ ට්විටර් ගිනුම හිටපු පෙම්වතා වන ප්‍රෂාන්ත් සිං විසින් භාවිත කරමින් වැරැදි පණිවුඩ යවන බවට වීනා මෑතක දී චෝදනා එල්ල කළාය. දැන් ඇය නව ට්විටර් ගිනුමක් අරඹා ඇත.මේ සියල්ල බරපතළ තත්ත්වයකට පත් වී ඇත්තේ වීනා ඩුබායි හි ව්‍යාපාරිකයකු වූ අසාද් බහීර් සමඟ විවාහවීමෙන් පසුවයි. ඉන් පසුව ද ඇයගේ හිටපු පෙම්වතා ප්‍රෂාන්ත් ඇයගේ ගිනුම භාවිතා කර ඇති අතර, වීනාගේ අතිශය පෞද්ගලික ඡායාරූප පවා එම ගිනුමට මුදාහැර ඇත. මේ ව්‍යාජ ගිනුම පිළි නොගන්නා ලෙස සැමියා ද ඇයගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටියි.පාකිස්තානු නිළි වීනාගේ නම කැළැල් කරන තවත් හේතුවක් වී ඇත්තේ ඇය ඉන්දියානු විරෝධී අදහස් වෙබ් අඩවියට මුදා හැරීමයි. මේ නිසාම ඇයගේ ජනප්‍රියභාවය ද දිනෙන් දිනම අඩු වෙමින් පවතී.
CREATIVE
බොක්ස් ඔෆිස් වාර්තාව ගැන සිතා සතුටුවීමට රාම්ලීලා කණ්ඩායමට වැඩි කාලයක් ලැබුණේ නැත. ඔවුන් පසුපස ආගමික අන්තවාදීන් පන්නන්නේ සිනමාපටය රූගත කරන කාලයේ සිටය. දැන් ආගමික අන්තවාදීන් නීතියේ රැකවරණය ද ලබමින් සිටියි. රන්වීර් සිං, දීපිකා පදුකෝන් සහ සංජේ ලීලා බන්සාලි ඇතුළු රාම්ලීලා කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත්කර ඇත. සිනමාපටයෙන් හින්දු ආගමික විශ්වාසයන්ට පහර වදින බවට අන්තවාදී හින්දු බැතිමත්තු විශ්වාස කරති.පූනම් පාන්ඩේට ද චෝදනා එන්නේ වැල් පොලියටය. පසුගියදා ඇය මූම්බායි පොලිස් භාරයට ගැනුණේ සොයුරා සමඟ රිය පැදවීමේදී අවිනීත ලෙස හැසිරීම නිසයි. පූනම් සිරගත කෙරුණු බවට ද කට කතා පැතිරිණි.පූනම් ගමන් කළ වාහනය පදවා ඇත්තේ සොයුරායි. මීරා වීදියේ මොහොතකට වාහනය නතර කළ විට පොලිසිය පැමිණ වීනාගෙන් ප්‍රශ්නකර තිබේ. ඇයගේ කෙටි ඇඳුම ප්‍රශ්න කිරීමට හේතු වී ඇතත්, වීනා පවසන්නේ මූම්බායි තරුණියන් එසේ කෙටි ඇඳුමකින් සැරසීම ඉතා සාමාන්‍ය බවය. ඔවුන් වාහනය නැවැත්වූවේ අයථා කටයුත්තකට බවට සැක කළ නිසා පොලිසිය ප්‍රශ්නකර තිබේ.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ඇයි මං එයාගෙන් සමාව ඉල්ලන්නේ...?දමිතා අබේරත්න ගෙන් - සේමිණි ට පිළිතුරක්...දමිතා අබේරත්නට එරෙහිව සේමිණී ඉද්දමල්ගොඩ විසින් නඩුවක් ගොනුකළා. මේ නඩුහබය ගැන දැන් මුලු රටම දන්නවා. මෙහි එක් පාර්ශ්වයක් වූ සේමිණී ඉද්මල්ගොඩ සමඟින් අප සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනක පැවැත්වූවා.“ඇය මගේ ළඟට ඇවිත් ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් මේ නඩුව ඉල්ලා අස්කර ගන්නවා.”එහිදී සේමිණි එසේ පවසා සිටියා ඔබට මතක ඇති. දමිතා එයට මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? ඔබට මෙන්ම අපට එය මහත් වූ ගැටලුවක් වුණා. අපි කෙළින්ම දමිතාගෙන් ඇහැව්වා මෙන්න මෙහෙම.* දමිතා සේමිණිගේ මේ ප්‍රකාශයට ඔබේ පිළිතුර මොකක්ද?සමාව ගන්න එන්න කියපු එකටද....?ඔව්.ඇයි මං එයාගෙන් සමාව ඉල්ලන්න, මොකක්ද මං කළ වරද? කිසිසේත්ම දුර දිග යා යුතු ප්‍රශ්නයක් නොවෙයි මේක.* ඔබ වරදක් කරලා නැත්නම් ඇය නඩුවක් ගොනු කරන්නේ නැහැනේ?මං කළේ යම් කිසි කෙනෙකු මට කළ අසාධාරණයක් වෙනුවෙන් පිළිතුරු දීමක්.* ඔබ කියපු කතාව තවදුරටත් පැහැදිලි කළොත්?එක්තරා වෙබ් සයිට් එකක අසත්‍ය පුවත් වගයක් පළවුණා. ඒ පුවත් දුන්නෙ මං කියලා රාවයක් ගියා. මං ඒ වෙබ් පිටුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තා. මගෙන් ඒ ගැන එක්තරා නාළිකාවක් ඇසුවා. මං පිළිතුර දුන්නා.* ඔබට ඇගේ නම පාවිච්චි නොකොට එම ප්‍රකාශය කරන්න තිබුණනෙ?මං එහෙම කළා නම් අනිත් සෑම නිළියකටම ඒ ප්‍රකාශය වැදෙනවා.* ඇය නීතිමය ක්‍රියා මාර්ගයකට යන්න කලින් ඔබ කතා කළේ නැද්ද?කතා කළා.... කතා කළා. කී සැරයක් නම් මං මූණට මූණ හමුවෙමු කිවුවා. කෝ... එක පාරක්වත් ඇය ආවෙ නැහැනෙ. මං ආසයි මරාගෙන හරි එකට හමුවෙලා මේ ප්‍රශ්නය විසඳගන්න.* ඔබ තවමත් ඇයට ආරාධනා කරනවද?ඔව්. මං මේ දැනුත් කියන්නෙ ඒකමයි. එන්න... අපි කතාබහ කරලා මේවා බේරුමක් කරගනිමු.* නඩුවක් ගොනුකරලා ඇය ඔබෙන් වන්දියක් බලාපොරොත්තු වන්නෙ නැහැ කියලා අපිත් එක් කිවුවා.....?මේ නඩුව හරහා මට පාඩමක් උගන්වන්න ඕනෑලු. මට මොකටද පාඩම් උගන්වන්නෙ. මං මේක්ෂේත්‍රයට එන්නෙ අවුරුදු හයේදී. ජීවිතයේ හොඳම කාලෙදි මංක්ෂේත්‍රය තුළ ඉගෙනගන්න ඕන සියලු දේ මං දැනගෙන ඉවරයි. මං හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක්.* ඇය කියනවා ඔබයි ඇයයි අතර හිතවත්කමක් තිබුණෙ නැහැලු?මොන බොරුද? ගෙදර ගිහිල්ලා තේ බීලා ඕපදූප කතාකර කර ඉන්න හිතවත්කම් ක්ෂේත්‍රයේ කාත් එක්කවත් මට නැහැ. නමුත් ඇය සහ මගෙ අතර තිබුණු හිතවත්කම තියෙන්නෙ හිතේ.* ඇය ඔබත් එක්ක කිසියම් වෛරයකින්ද ඉන්නේ...මම ඒක දන්නෙ නැහැ.* ඔබේ නීතිමය කටයුතු ගැන අවධානයෙන්ද ඉන්නේ?මගෙ ලෝයර්ස්ලා ඒවා ගැන බලා ගන්නවා.* ඒ කියන්නෙ ඔබ උසාවියටවත් යන්නෙ නැහැ. මේ පිළිබඳ හොයලා බලන්න?අවශ්‍ය වුණොත් යනවා. දැනට ලෝයර්ස්ලා නීතිමය කටයුතු කරගෙන යනවා. එයාලා කියන විදිහටයි මං වැඩ කරන්නෙ.* මේ වනවිට මේ නඩුහබවලට කොච්චර මුදලක් වියදම් වෙලා තියෙනවද?සෑහෙන්න ගාණක් වියදම් වුණා.* ඔබ ඇය ගැන වෛරයකින්ද ඉන්නේ.කොහෙත්ම නැහැ.* එහෙනම්...?මම මේ වෙන දේවල් ගැන කලකිරීමකින් ඉන්නෙ.* ක්ෂේත්‍රය ගැන මිනිස්සු වැරදියට හිතන එක හින්දද?ඔව්. මේක හරියට උඩබලාගෙන කෙලගහ ගන්නවා වගේ වැඩක්. මෙච්චර කල් එකට ක්ෂේත්‍රයේ ගනුදෙනු කරපු ඇයට බැරිවුණා කතා බහ කරලා මේක විසඳගන්න.* ඔබ් මේ වන විට විවාහ වන්නට සූදානමින් පසුවෙන්නෙ. ඔබේ ආදරවන්තයා මේ වෙන දේවල් ගැන මොනවද කියන්නෙ?එයාට මේව එච්චර ගාණක් නැහැ. මං ඔහුට සෑමදෙයක් ගැනම නිරවුල්ව කියනවා. ඔහුට මාව හොඳට විශ්වාසයි. අපි දෙන්නගෙ ආදරය ඇතැම් අයට දරා ගන්නත් බැහැ.මං සේමිණිගෙනුත් මේ ප්‍රශ්න දෙක ඇහැව්වා. මං ඔබෙනුත් ඒවම අහලා මේ කතාව නිමා කරනවා.අහන්න.* එක. ඇයත් එක්ක ඔබට එක නිර්මාණයක රඟපාන්න ඇරැයුම් ලැබුණොත් බාර ගන්නවාද?අපොයි ඔව්. මං හොඳට ඇගේ මූණ බලාගෙනම රඟපානවා.* දෙක. ඇය සහ ඔබ හමුවන අවස්ථාවලදී මොකද කරන්නෙ?විශේෂ මුකුත් නැහැ. මං පාඩුවෙ ඉන්නවා. මට මේ කතාව අවසන් කරන්න කලින් යමක් කියන්න ඕනෑ?* කියන්න?අපි මේ ජීවත්වෙන්න බුදුන් වැඩිය බුදුන් ධර්මය දේශනා කළ භූමියක. මෙහි දෙවිදත්ලත් හිටියා. ජේසුස් වහන්සේටත් එරෙහිවුණ අය අනන්තවත් උන්නනෙ. ඒ උතුම් පුද්ගලයින් එක්ක බලනකොට මං පුංචිම පුංචි කෙනෙක්. ඒක හින්දා මේ වෙන දේවල් මම පයට පෑගෙන දුහුවිල්ලක් තරමටවත් ගණන් ගන්නේ නැහැ.සටහන - ප්‍රසාද් සමරතුංග
CREATIVE
පසුගිය සිකුරාදා දිනයෙන් ඉල් මාසය ඇරැඹුණේ සිනමා කලාකරුවකු අප අතරින් වෙන් වූ ශෝකජනක පුවත දැනුම් දෙමිනි. ඔහු පුණ්‍යා බුලත්සිංහල නම් විය. චිත්‍රපට තිර නාටක, දෙබස් රචකයකු, සහාය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදන කළමනාකරුවකු මෙන්ම වේදිකා සිනමා සහ ටෙලි නාට්‍ය නළුවකු වූ හෙතෙම මිය යන විට හැත්තෑ අට හැවිරිදි වියෙහි පසු වුණේය.ඉතාම නිහතමානි සහ සුන්දර පුද්ගලයකු ලෙස ප්‍රකට පුණ්‍යා කොළඹ කිරුළපන ප්‍රදේශයේ හැදී වැඩුණේය. තම ගමේ විසූ විල්සන් කරූ, වීණා ජයකොඩි, නිහාල් සිල්වා, සුමිත් මුදන්නායක වැන්නවුන් ක්ෂේත්‍රයට හඳුන්වා දීමේ ගෞරවය හිමි වනුයේ ද ඔහුටය. ඔහු රංගනයට පිවිසියේ 1954 වර්ෂයේ තිරගත වූ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙනි.අනතුරුව ළාදළු, කිවුලෙ ගෙදර මොහොට්ටාල ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ හෙතෙම ඉන් හදවත් නැත්තේ චිත්‍රපටය සඳහා කළ රංගනය විචාර පැසසුමට ද ලක්විණ. ළාදළු සිනමාපටයෙහි සහාය තිර නාටක රචකයා වශයෙන් තිර රචනා ක්ෂේත්‍රයට එක් වූ පුණ්‍යා ඉපදුණේ ඇයි, කොහොමද වැඩේ, හදවත් නැත්තෝ ආදී සිනමාපටයන්හී තිර නාටක රචකයා වූවේය.පෙන්වා නේද, ඔක්කොම හරි, සංසාරේ, කපටිකම සහ ලියතඹරා ඔහු සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට අතර පෙරමුණේ ඇත.පුණ්‍යා ජීවිතයේ අවසාන කාලය වනතෙක් කලාව අත් නොහැරියේය. දයාරත්න රටගෙදර ගේ බෝගල සවුන්දිරිස් ටෙලි සිතුවමේ නිෂ්පාදන කළමනාකරුැ ලෙස වැඩ කරද්දී ඔහුගේ වයස අවුරුදු හැට හතක් පමණ වන්නට ඇත.එහි අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර පවසන පරදි පුණ්‍යා යුහුසුළුව ඒ නිර්මාණයට දායක වී ඇත්තේ තරුණයකුට නොදෙවැනිවය. ඔහු රංගනයෙන් අවසන් වරට සහභාගි වූයේ ද බෝගල සවුන්දිරිස් ටෙලි සිතුවමේය.පුණ්‍යාගේ අවසන් කටයුතු ඉකුත් තුන් වැනි දින කිරුළපන පොදු සුසාන භූමියේදී සිදුවිණ. ඔහුගේ මේ හදිසි නික්ම යාම කලා ක්ෂේත්‍රයට සිදු වූ බලවත් පාඩුවක් යැයි කිව හැකිය. නළු සුමිත් මුදන්නායක විවාහ වී සිටියේ පුණ්‍යාගේ සොහොයුරිය සමඟිනි.‘සරසවිය’ අපි පුණ්‍යාට නිවන්සුව පතමු.- ප්‍රසාද්
CREATIVE
විනෝද සමය නිෂ්පාදනය කරලා මම බැනුම් අහලත් තියෙනවා. එක දවසක් මම අමද්‍යප සංගමයේ රැස්වීම නමින් එක් අංගයක් විනෝද සමයේ ඉදිරිපත් කළා. එදා අපේ අංගයට ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්ම ශ්‍රී මම එක් වෙලා හිටියා. මම එහිදී ඉදිරිපත් කළේ ගොතපාලගේ චරිතය . කොහොම හරි වැඩ සටහන ගුවන් විදුලියෙන් විකාශය වුණා. එදා අමද්‍යප රැස්වීම නාට්‍ය අවසන් වුණේ අපි පස් දෙනා වෙරිමර ගාතේ දාන වෙරි පාට් නිසා ප්‍රේක්ෂකයන් සිනා සාගරයක ගිල්වමින්.ඒත් වැඩසටහන විකාශය වෙලා ටික දිනකට පස්සේ ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට කවුදෝ ලියුමක් එවා තිබුණා විනෝද සමයෙන් ආබාධිතයන් සමච්චලයට ලක් කරනවා කියලා. ඒ ලිපියත් සමඟ අධ්‍යක්ෂ ජනරාල් මට අවවාද කළා ආබාධිත අයගේ චරිත විනෝද සමයෙන් ඉදිරිපත් නොකරන ලෙස. මා ඒ අනුව එදා සිට ඒ පිළිවෙත රකිමින් ආබාධිත අය ගැන පිටපතේ සඳහන් කළේ නැහැ.ඒ ප්‍රශ්නයට තුඩු දුන් අමද්‍යප සංගමයේ රැස්වීම සඳහා සභාපති ලෙස ඇනස්ලි එහි සාමාජිකයෙක් ලෙස බර්ටි තව සාමාජිකයෙක් ලෙස සැමුවෙල් ගොතපාල ලෙස මම තවත් සාමාජිකයකු ලෙස ධර්ම ශ්‍රී රංගනයෙන් ඉදිරිපත් වුණා.සභාපති - තේ පානයෙන් පසු අපි දැන් නැවත රැස්වෙනවා. දැන් කවුරුත් එකඟයිනේ. අද අපි යන්නේ සුරාගම ප්‍රදේශයටයි. එහෙ තමයි හුඟක් අඩි ගහන මිනිස්සු ඉන්නේ. අපි උන්ට දේශනා කරමු.සාමාජිකයෙක් (බර්ටි) - සහතික ඇත්ත දරුවන්ට පාන් ගෙඩියක් ගෙන්නේ නැහැ. කනමදයන් වගේ බීල එනවා. ගෑනිට අල්ලන් තඩි බානවා.තවත් සාමාජිකයෙක් (සැමුවෙල්) – උන් හැමදාම හිඟන්නෝ නැද්ද මං කියන්නේ, තේරුමක් නැතුවනෙ කට ගොන්නක් බොන්නේ. අපි දැන්මම යමු.සභාපති - මොකද ගොතපාල මහත්තයාගේ අදහස?ගොතපාල - සභාපති දෙසට ඇඟිල්ල දික් කරමින් මු . . . මු . . .මු . . . මූලාසනයෙන් අ . . ආ . . ආ . . අවසරයි. නෝ . . නෝ . . නෝ . . නෝනාවරුනි හම් . . ම් . . ම් . . හාත්වරුනි මා . . මා . . මා . . මමත් කැ . . කැ . . කැමතියිසභාපති – වහින්ඩ වගෙයි. අපි තව ටිකක් බලමුද?මාර වැඩේනෙ, වහිනවා . . පොද වැස්ස තව වැඩි වෙයි.ධර්ම ශ්‍රී – ඔන්න මේ වගේ වෙලාවක නම් පොඩ්ඩක් ගත්තත් කමක් නැහැ සීතලේ යන්ඩ. මේ යක්කු එහෙමයැ. උන් බොනව නොවෙයි නානවා.සභාපති – මමත් ඔහොම වෙලාවකට ගන්ඩ භාගයක් තියං ඉන්නවා.සැමුවෙල් - අපොයි ඔහොම වෙලාවකට බාගෙ මදිනෙ නැද්ද මං කියන්නේ. මා ළඟත් බෝතලයක් ඇති. මම ටක් ගාලා ගිහින් අරන් එන්නං. ඔයගොල්ලො ගන්ඩ අරකෙන් ටික ටික.සභාපති – අනේ ඉක්මනට එන්ඩ. ( කාමරයට ගොස් එයි).එහෙනං මෙන්න මගෙන් ලැබෙන දායකත්වය. ගහමු ටික ටික.(සැමුවෙල් ගෙදර සිට ආපසු පැමිණෙයි)කාලත් ඉවර වෙලා මචෝ. අපේ ගෑනි බීලා මාත් ටිකක් කටේ හලා ගත්තා. හරිම රජ සැපා - මගේ පද්මාවතී නිසා . . .සභාපති – මගෙ රත්තරං හෙලේනා මගෙ රත්තරං හෙලේනා දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි . . .දැන් පස් දොනාම වෙරි මරගාතේ වෙරි භාෂාවෙන් රංගනයේ නියැලෙන අවස්ථාව. ශාලාව පුරා හූ හඬ සමඟ සිනාව දෝංකාර දෙනවා. සමහරු බඩ අල්ලන් හිනාවෙනවා. තව සමහරුන්ගේ හිනා වෙලාම ඇස්වලින් කඳුළු එනවා. අපේ කට්ටිය වෙරි භාෂාවෙන් අපූරු රංගනයක.සභාපති – අද මේ ගමන යන්ඩ බැහැ මචං, හෙට යමු . . .බර්ටි - හෙටත් වැස්සොත් මචං . . .සභාපති - හෙටත් ගහමු . . .චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - ශාන් රඹුක්වැල්ල  
CREATIVE
සරසවිය දෙපාර්තමේන්තුවට නව පරපුරේ රංගන ශිල්පිණියක් පැමිණෙයි.අයියෙ මම ලක්ෂිකා ජයවර්ධන.ඔව් ලක්ෂිකා . . .මට ලොකු අසාධාරණයක් වුණා. මට ඒක ගැන කියන්න ඕනෑ.සරසවිය පත්තරේ හැමදාමත් කලාකරුවන් වෙනුවෙන් ඉන්නවා. ඒ හින්දා ඔයාට වෙච්ච අසාධාරණය කියන්න. හැබැයි එක කොන්දේසියක් පිට තේරුණාද?මොකක්ද අයියේ?අපේ පත්තරෙන් කාටවත් මඩ ගහන්නෙවත්, කලාකරුවෙකුගේ චරිත ඝාතනය සිදු කරන්නේවත් නැහැ. ඒ හින්දා ඔයාට වුණු දේ කියන්න. නමුත් නම් ගම් සඳහන් කරන්න බැහැ.හරි. මං කියන්නම්කෝ මෙහෙමයි කතන්දරේ. මට එක්තරා නාට්‍යයකට කතා කළා. ඒ අධ්‍යක්ෂවරයාගෙන්මයි මට ඇරැයුම ලැබුණේ. ඔහු මගේ රූපය දැකලා තියෙන්නේ පත්තරේක ගිය කවර් පේජ් එකකින්.* ඉතින්?මට නාරාහේන්පිට එක්තරා තැනකට එන්න කිව්වා. එතෙන්දි ඔහුව හමු වුණාට පසුව චරිතයට මාව සුදුසුයි කිව්වා. ඔහු මට ඔහුගේ කාර් එකට නගින්න කියලා ගල්කිස්ස ගෙස්ට් හවුස් එකකට එක්කගෙන ගිහින් අයුතු යෝජනාවක් කළා.* ඔබ මොනවද කිව්වේ?මම වහාම එතැනින් යන්න ඕනෑ කිව්වා. මං බලෙන් වගේ එතනින් ආවේ. එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා මට ඒත්තු ගැන්නුවා. ඒත් මං රැවටුණේ නැහැ.ඔන්න ආයෙත් ඔහුගේ නාට්‍යයට නිළියන් තෝරා ගැනීමේ ඉන්ටර්විව් එකක් තිබුණා. ඒකටත් එන්න කිව්වා. එදා ඔහු හැසිරුණේ මාව නොදන්නවා වගේ. එම නාට්‍යයේ පිටපත් රචකයා මට චරිතයට අදාල ඩයලොග් ටිකක් දුන්නා. මාත් හැකි පරිදි ඒවා කිව්වා. ඔහු මාව චරිතයට සුදුසුයි වගේ කියලා අධ්‍යක්ෂවරයාට දැන්නුවා. ඒත් අධ්‍යක්ෂවරයා දැක්වූයේ මාව නිකම් ගැළපෙන්නේ නැහැ වගෙයි. පිටපත් රචකයානේ දන්නේ චරිතයට මාව හොඳයි කියලා. එහෙයින් මාව ඒ චරිතයට තෝරාගෙන ළඟ ඇති තැනකට ගියා ඇඳුම් මහන්න දෙන්න. එවලෙත් අධ්‍යක්ෂවරයා මට අයුතු කතා බොහොමයක් කිව්වා.* ඔබ ඒ නාට්‍යයෙහි දර්ශන තලයට ගියාද?ඔව්. ඒ නාට්‍යයේ මුහුරත් එක තිබුණේ කොළඹින් දුර බැහැර පිහිටි එහි දර්ශන තලයේ. ඊට කලින් දවසේ රෑ නාට්‍ය කණ්ඩායම එහෙ ගියා. මට අධ්‍යක්ෂවරයා කතා කළා ඔහුත් එක්ක කාර් එකේ යන්න. මං බොරුවක් කියල ඔහුව මඟ හැරලා පිරිසත් එක්ක වෑන් එකේ ගියා.* එහිදී මොකද වුණේ?පළමු දවස් දෙකේ මට ෂූටිං තිබුණේ නැහැ. මේ අතරවාරයේ අධ්‍යක්ෂවරයා මට අයුතු විදිහට බලපෑම් එල්ල කළා. කරන යෝජනාවලට කැමැති වෙන්න කිව්වා. ඔහු මේ සියල්ල කළේ නාට්‍ය කණ්ඩායමේ අයට නොදැනෙන්න. මම ඉතින් එවාට සද්ද නැතුව හිටියා.තෙවැනි දවස උදා වුණා. මම මේකප් එහෙම දාලා චරිතයට සූදානම් වුණා. මගේ පළමු දර්ශනය ගත්තා. ඉන් පසුව අධ්‍යක්ෂවරයා මගේ ළඟට ඇවිත් නැවතත් අයුතු යෝජනාවක් කළා. මං එවලේ තදින් හිටියා. ඔහු කියූ දේවල්වලට අවනත නොවුණු නිසා මාව ඒ මොහොතේ ඉඳලා එලෙව්වා. මං යන හේතුව කවුරුන් හෝ ඇහැව්වොත් කියන්න කිව්වේ මට රඟපාන්න බැරි නිසා යන්න වුණා කියලා.* ඔබ එවෙලේ මොකද කළේ?මං අන්ත අසරණ වුණා. රඟපාන්න බැරි නම් කොළඹදිම මාව දාලා එන්න තිබුණනේ. මේ වෙලාවෙ එතැන හිටපු ප්‍රවීණ ශිල්පීන්ටත් කර කියා ගන්න දෙයක් නැහැ. මාව බලෙන්ම වගේ එලෙව්වා. මං මහ පාරට ඇවිත් බස් එකක නැගලා කොළඹ ආවා. ඒ මනුස්සයත් එක්ක ෆීල්ඩ් එකේ හැමෝම තරහයිලු. ඔය වගේ වැඩ නිතරම ගැහැනු ළමයින්ට කරනවලු.* ඒ බව දැන දැනත් ඔබ ඇයි ඔහුගේ නාට්‍යවලට සම්බන්ධ වුණේ?ඉතින් ඔය වගේ යෝජනා කරලා බැහැ කියපුවම ඔච්චර අඩන්තේට්ටම් කරයි කියලා මම කොහොමද හිතන්නේ. ඔහු ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතළිහකටත් වැඩියි. ඔහුට දැන් හැටත් පැනලා. අනේ දෙවියනේ ඔච්චර වයස ගිහිල්ලත් පොඩි ළමයකු වගේ හැසිරෙයි කියලා කීයටවත් මං හිතුවේ නැහැ.* ඔබ දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?මං මේක දන්න දන්න හැමෝටම කියනවා. එතකොටවත් ඔහු ගැන තවත් අය දැනගන්නවනේ. අනික ඔයා දන්නවාද මගේ ඇඳුම් බෑග් එකත් තවම එහේ. මං ඉල්ලුවට ඔහු දෙන්නේ නැහැ. ඕනෙ නම් ඇවිත් ගන්නලු. මං මෙතනින් නවතින්නේ නැහැ.* ඔබට මේ ක්ෂේත්‍රයේ තිබෙන තැන ගැන කියන්න පුළුවන්ද?ඔව්. මං මේ වන විට ප්‍රීතිරාජ් වීරරත්න, රටගෙදර, මිචෙල් ෆොන්සේකා වැනි අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරලා තියෙනවා. ඔවුන් කිසිම කෙනෙක් මට කියලා නැහැ රඟපාන්න බැහැ කියලා. මේ ක්ෂේත්‍රය හරිම උතුම්. ඒ උතුම් බව අර වගේ අධ්‍යක්ෂවරු නිසා කෙලෙසෙනවා. අනේ එහෙම මිනිස්සු තිරිසන්නු වෙන්නේ ඇයි. ඒක තමා මටත් තියෙන ගැටළුව.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව – අමිත් එස්.සේනාරත්න
CREATIVE
අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා නිමාවිය.ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි. අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි.යංග් ටැලන්ට් තීරුවෙන් අද ඔබට හදුන්වා දෙන්න බලාපොරොත්තු වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, බස්නාහිර පළාතෙන්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාගරික තරුණයා කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගයට ඉදිරිපත් වී, උඩරට නැටුම් සමුහ කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කැන්දලන්දෙ පදිංචි පි.ජි.ඉනෝකා වාසනා තිලකරත්නයි.ශ්‍රී ලංකා යුත් ජාතික සම්මාන උළෙලෙදී ඔබ ලැබු ජයග්‍රහණයෙන්ම අපේ කතාව අරඹමු?මේ තරගයට අපි ඉදිරිපත් කළේ උඩරට නැටුම් කලාවේ එන කොහොඹාහෑල්ල නර්තනයයි. මේ ජයග්‍රහණය ලබන්නට තවත් එකොළොස් දෙනෙකුගෙ සහයොගය මට ලැබුණ.මට සහාය වුණු වාසනා, නදීෂා, ගංගා, නිමීරා, ශ්‍රීමති, නිමාලිකා, තිලිනි, නදීරා, වගීෂා, ඉසුරිකා, ශෂිකා, මේ හැමෝගෙම දක්ෂතා එකවගේ නිසයි මේ ජයග්‍රහණය ලැබුණෙ. මටලැබුණු මේ අවස්ථාව මේ අයටත් ලැබෙනවනම් තමයි හොඳ. මේ සැමටම මම පළමුව ස්තුතිය පුද කරනවා.ඉනෝකගෙ පාසල් කාලය වගේම මේ නර්තන කලාවට ප්‍රවිෂ්ට වු ආකාරය පිළිබද කතා කළොත්?පැරඩයිස් විජය කුමාරණතුංග පාසල, කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය, ඇහැලියගොඩ ජාතික පාසල, යන පාසල් තුනෙන් අධ්‍යාපනය ලැබුවා. දැනට මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙ හතරවැනි අවුරුද්දෙ අධ්‍යාපනය හදාරමින් සිටිනවා.මගෙ නර්තනය ආරම්භ වෙන්නේ ගෙදරින්මයි. කේ.එන්.ප්‍රේමලතා කියන්නෙ මගෙ අම්මා.ඇය අල්ගම පරම්පරාවෙන් නර්තනය හදාරා ඊළඟ පරම්පරාවට කියාදෙන ගුරුවරියක්.සර්වෝදය සමඟින් 1980 දී ආරම්භ වූ ඉසුරු රංග ආයතනය බාරව කටයුතු කරන ගුරුවරිය මගෙ අම්මා. පනීභාරත , ඩබ්ලිව්. ජී. සිරිනේලිස් ගුරුවරුන්ගෙන් ලත් දැනුමෙන් තමයි මගෙ අම්ම අපව නර්තනයෙන් පෝෂණය කළේ.1995 වර්ෂයේ දී කැන්දලන්ද ශ්‍රී බෝධි රාජාරාමය පන්සලේදී තමයි මගේ අම්මා මට පායිම්පත් පැලඳුවේ. පාසල් අවධියේ පටන් උඩරට, පහතරට, සබරගමු, කතක්, වැනි නර්තන ශෛලීන් හැදැරුවා. ඉසුරු රංග ආයතනය අධිශ්‍රේණියෙ කලා ආයතනයක්, මෙහි දැන් භාරකාරත්වය ගෙන කටයුතු කරන්නෙ මමයි. අම්මා මෙහි ගුරුවරියක මෙන්ම උපදේශිකාවක් ලෙසත් කටයුතු කරනවා. ළමුන් 60ක් පමණ දැනට නර්තනය හදාරනව.මේ රංග ආයතනය කරගෙන යන්න ගමේ හැමෝගෙම සහයෝගය ලැබෙනවා.විශ්‍රාමලත් විදුහල්පති ආර්. පියදාස මහතා , මාදෙල් ගමුවේ විජයමූර්ති හිමිත්, අනුශාසක වශයෙන් කටයුතු කරනවා.ඉනෝකා ඔබ ආ මේ ගමන්මගේ මේ සා ජයග්‍රහණ ලබන්නට ඔබට අතදුන් අයගැන යමක් කියමු?මේ ජයග්‍රහණයට අමතරව යොවුන් සමාජ, ඇහැලියගොඩ දස්ත්‍රික්ක තරග, සබරගමු පළාතෙ තරග, පළාත් අන්තර් මට්ටමේ තරග බොහොමයකින් ජයග්‍රහණ ලබා තිබෙනවා.පළමුවෙන්ම අම්ම තමයි මගෙ ගුරුවරිය වුණේ. අම්මා කේ.එන්. ප්‍රේමලතා, තාත්තා පී.ජී . තිලකරත්න, චින්තක බණ්ඩාර, නන්දපසෝම මුතුගල, කුමාර , පූර්ණා මාන්ගෙදර,චමිල, දීපා, යන ගුරු මවු පියවරුන්ට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.සම්ප්‍රදාය රකිමින් ඇහැට රුචිකත්වයක් ගෙන දෙන ආකාරයට නව නිර්මාණයේ යෙදෙමින්, අපට උරුම මේ නර්තන කලාවන් රැකීමත් , මෙය ඊළඟ පරම් පරාවට කියාදෙන්නත් තමයි මගේ බලාපොරොත්තුව.තිස්ස ධම්මිකඡායාරූපය - මාලන් කරුණාරත්න  
CREATIVE
සනත් අබේසේකර අධ්‍යක්ෂණයෙන් සහ සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනයෙන් නිර්මාණය කෙරෙන මහ රජ අජාසත් චිත්‍රපටයේ මහනුවර ප්‍රදේශයේ රූගැන්වීමක් සඳහා යන අතරතුරදී එහි පිරිසක් ගමන් ගත් වාහනය අනතුරකට ලක්ව ඇත.එම අවස්ථාවේදී නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහගේ නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පීන් හය දෙනෙකු එම වාහනයේ ගමන් ගෙන ඇති අතර අනතුරින් තුවාල ලද එක් අයෙක් මහනුවර රෝහලට සහ තවත් අයෙක් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත. වාහනයේ රියදුරා බරපතල තුවාල සහිතව මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. සරසවිය පුවත්පත මුද්‍රණයට යන විටදීත් ඔහුගේ තත්ත්වය ඉතාමත් බරපතල බව වාර්තා විය.
CREATIVE
‘TMNT’  ලෙස කෙටියෙන් හඳුන්වන Teenage Mutant Ninja Turtles හෙවත් ‘අපි රජ ඉබ්බෝ’ 90 දශකයේ සිටම ලාංකේය නව යොවුන් විය අතර ජනපි‍්‍රය චරිත හතරකි. 16 වැනි ශතවර්ෂයේ සිදු වූ යුරෝපීය කලා පුනරුදයේ පුෙරෝගාමී චරිත නොහඳුනන ළමුන් පවා ‘ලියනාඩෝ’, ‘මයිකල් ඇන්ජිලෝ’, ‘ඩොනටෙලෝ’ සහ ‘රෆායල්’ යන නම් හොඳීන් අසා ඇත්තේ මෙකී රජ ඉබ්බන්ගේ නොහොත් ‘රජ කැස්බෑවන්ගේ’ ආගමනය නිසාවෙන් බව කිව හැකිය.මින් වසර තිහකට පෙර (1984) Miraj Studios  විසින් පළ කළ අමෙරිකානු චිත්‍රකතා පෙළකින් පළමුවර කරළියට පැමිණි මෙම චරිත 1987 - 1996 කාලයේදී කාටුන් කතා මාලාවක් ලෙසත් 1997 වසරේදී රූපවාහිනි කතා මාලාවක් ලෙසත් 2003 සහ 2012 වසරවලදී නැවතත් කාටුන් කතා මාලා ලෙසත් 1990, 1991, 1993 සහ 2007 යන වසරවලදී චිත්රුපට ලෙසත් ප්‍රේක්ෂකයන් අතරට පැමිණියහ.  Teenage Mutant Ninja Turtles– 2014 චිත්‍රපටය මෙම චරිතවල නවතම සම්ප්‍රාප්තිය යි. නව චිත්‍රපටය Jonathan Liebesmanගේ අධ්‍යක්ෂණයක් වන අතර Michael Bay  ඇතුළු නිෂ්පාදකවරුන් හය දෙනෙකුගේ නිමැවුමකි.ඒපි‍්‍රල් ඕ නීල් නිව්යෝර්ක් හි චැනල් 6 නාළිකාවේ මාධ්යවේදියෙක්. ඇය ෆුට් ක්ලෑන් නම් ත්‍රස්ත කල්ලියක් සෙවීමේ නිරත වන්නීය. මෙම මෙහෙයුම් වලදී ත්‍රස්ත කල්ලිය සමග සටන් වදින සිව්දෙනෙකු ඇයගේ අවධානට ලක් වෙයි. සමාජයට රහසින් ජීවත් වෙන මෙම සිව්දෙනා Teenage Mutant Ninja Turtles ලෙස ඇයට හඳුනාගැනීමට ලැබෙයි. මෙම සිව්දෙනාගේ නවතම වික්‍රයමයන්ගෙන් හෙබි මෙම චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ, හාස්‍යමය හා ක්‍රියාන්විත චිත්‍රපටයක් ලෙසින් ඔබ හමුවට පැමිණේ.විචාරකයන්ගේ එතරම් පැසසුමකට ලක් නොවුවත් අමෙරිකානු ඩොලර් මිලියන 125ක පිරිවැයක් දරමින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 280ක ආදායමක් වාර්තා කර ඇත.
CREATIVE
සුනිල් අරුණවීරසිරිගේ චිත්‍රපටයක්* ඇන්ටන් ජූඩ්ගේ අවසාන රංගනය* ජගත්චමිලට වෙනස්ම චරිතයක්*ශේෂාද්‍රි තිළිණි වෙයිලෙනාර්ඩ් ජයවර්ධන සහ පද්මා ජයවර්ධනට දාව උපන් එකම දියණිය තිළිණි නම් වූවාය. කුඩා කල තාත්තා අහිමි වූ තිළිණිට කිසිදු අඩු පාඩුවක් නොවන්නට පද්මා වගබලා ගත්තාය.දිනෙන් දින උස් මහත්ව හැදෙන තිළිණි පිළිබඳ අම්මා උන්නේ සතුටිනි.පද්මා හා තිළිණි අතර තිබූ උතුරා පිටාර ගලන ආදරය දෙදරා යන්නට ගත වූයේ කෙටි කලකි. ලෙනාර්ඩ්ගේ වැඩිමහල් සහෝදරිය ලැටීෂියා , තිළිණි තමාගේ කූට උපක්‍රමයකට හසු කොට ගෙන තිබුණි. තම පැලැන්තියට නොගැළපෙන විවාහයක් කරගත් ලැටීෂියා ලෙනාර්ඩ් මිය යන තුරුම එම පවුල සමඟ තිබුණේ දැඩි වෛරයකි.තම සහෝදරයාගේ දේපළ තමා සතු කර ගැනීමට මාන බලන ලැටීෂියා තම ඉලක්කය සපුරා ගනු වස් ඉත්තකු බවට පත්කර ගන්නේ තිළිණිය. තමාගේ මව ගැන බොරු කේලාම් පවසමින් තිළිණි මවගෙන් ඈත් කිරීමට කපටි ලැටීෂියාට ගත වන්නේ කෙටි කලකි. නොමේරු අත්දැකීම් නොමැති සියුමැලි තිළිණි ලැටීෂියාගේ උගුලට හසු වන්නේ තම මව ප්‍රතික්ෂේප කරලමිණි.ලැටීෂියාගේ බොරු ආදරයට රැවටෙන තිළිණි මුහුකුරා වැඩෙත්ම තම මවට අවනත නොවන මුරණ්ඩු ප්‍රචණ්ඩකාරී චරිතයක් බවට පත් වෙයි. මෙම විපර්යාසය අදහාගත නොහැකිව පද්මා අසරණ බවට පත්වෙයි.ලැටීෂියාගේ උපක්‍රමය පිළිබඳ තේරුම් නොගන්නා තිළිණි තව තවත් පවුලෙන් ඈත් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස සුරූපී තිළිණි රොජර් නම් සල්ලාල තරුණයකුª සමඟ පෙමින් වෙලෙයි.නිවෙසින් ඈත්වන තිළිණි රොජර්ට තව තවත් ළං වෙයි. මේ අතරතුරදී ලෙනාර්ඩ්ගේ පැරැණි මිතුරකු වන ඩොනල්ඩ් ජයසූරිය ලංකාවට පැමිණෙයි. තමාගේ මිතුරාගේ මළමට සහභාගිවීමට නොහැකි වූ නිසා ලංකාවට පැමිණෙන මේ මිතුරා හෝටලයක ලැගුම් ගනී.හෝටලයේ අධිපති මිතුරා සමඟ සුහද කතාබහකට වැටෙන ඩොනල්ඩ්, ලෙනාර්ඩ්ගේ දියණිය සල්ලාල තරුණයකුට හසු වී ඇති බව දැන ගනී. ඉන් කලබලයට මෙන්ම දුකට පත්වන ඩොනල්ඩ් වහාම පද්මා සොයා යයි. තිළිණි පැටලී ඇති කරදරය ගැන පද්මාට වටහා දෙන ඩොනල්ඩ් ඉන් තම දියණිය මුදා ගන්නා ලෙස දන්වයි. කිසිවකුත් නොමැතිව අසරණ වී ඇති පද්මා තමා වෙනුවෙන් මේ කටයුත්ත බාර ගන්නා ලෙස ඩොනල්ඩ්ට ආයාචනා කරයි.තම මිතුරා වෙනුවෙන් එම කටයුත්ත භාර ගන්නා ඩොනල්ඩ් තමාගේ සහායට කෙනකු අවශ්‍ය බව දන්වයි. මේ මොහොතේ පද්මාගේ සිතට එන්නේ තමාගේම දරුවකු ලෙස නිවෙසේ රියදුරකු ලෙස සේවය කරන වීර්යායි. ඒ අනුව පද්මා ඩොනල්ඩ්ට වීර්යා හඳුන්වා දෙයි.කාර්යශූර තරුණයකු වන වීර්යා රොජර් සහ තිළිණි අතර තිබෙන සබඳතාව සොයමින් රහස් මෙහෙයුමක් අරඹයි. ටිටෝ, බචෝ සහ චූටි මල්ලි නම් වන මිතුරන් සමඟ එක්ව වීර්යා රොජර් සහ තිළිණිගේ සම්බන්ධයේ අග මුල සොයා ගනී.ඒ සියල්ල නිවැරැදිව සොයා ගන්නා වීර්යා, රොජර් හට තිළිණි විවාහ කර දෙන ලෙස පද්මාට දන්වයි. සියලු කටයුතු අතරේ දෙදෙනාගේ විවාහය සූදානම් වෙයි. සති, දින ගෙවී විවාහ උත්සව දිනය පැමිණේ. විවාහ උත්සවය එකවර නිශ්ශබ්ද වන්නේ වීර්යාගේ පැමිණීමෙනි. රොජර් අතින් අනාථ වූ තරුණියක් උත්සව සභාවට ඉදිරිපත් කරන වීර්යා, රොජර්ගේ සැබෑ තතු උත්සව සභාවේ සියල්ලන්ටම දන්වයි. ඒ අනුව තැති ගන්නා පිරිස රොජර් පන්නා දමයි.ඉන් පසුව සිදු වන්නේ කුමක්ද?මේ කතාන්දරය ඔබට නැරැඹිය හැක්කේ මෑත දිනකදී ඔබට හමුවන වීර්යා හරහාය. අධිෂ්ඨානය, ඉවසීම මත ජීවිතය දිනන තරුණයකු වටා ගෙතුණු වීර්යා අති සුන්දර පවුලේ චිත්‍රපටයකි.මේ කතාන්දරයේ ඉතිරිය රැගෙන ළඟදීම වීර්යා ඔබ හමුවේවි.චතුර ගීතනාත් බණ්ඩාරඡායා මහේෂ් නිශාන්ත
CREATIVE
කරළියඅගෝස්තු 02 වැනිදා* මංගල සේනානායකගේ ‘මඟුල් කෑම’ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයීය රංග ශාලාවේ.04 වැනිදා* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ කෑගල්ල නගර ශාලාවේ.05 වැනිදා* දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑනා සමඟ ජසයා හා ලෙන්චිනා’ පන්නල නගර ශාලාවේ.* අනුර චන්ද්‍රසිරිගේ ‘දෙයියෝ සාක්කි’ මොරටුව සර්වෝදය රඟහලේ* ධනුෂිකා නයනා කුමාරිගේ ‘ජනේලයෙන් පනින්නද’ ජෝන් ද සිල්වා රඟහලේදරුවන් උදෙසා ප්‍රසංග කලා සහ නායකත්ව වැඩ මුලුවක් අගෝස්තු පාසල් නිවාඩුව අළලා ඇරැඹීමට නාට්‍ය අධ්‍යක්ෂ මාධ්‍යවේදී නාලක ස්වර්ණතිලක අදහස් කරයි.වයස අවුරුදු 8 – 15 ත් අතර ළමුන්ට නොමිලයේ සහභාගි වීමට හැකි මෙය නාට්‍ය, නර්තන, ගායන යන ප්‍රසංග කලා විෂයන්ගෙන් සමන්විතය.මේ පිළිබඳ වැඩි විස්තර කොළඹ නුගේගොඩ, විජේරාම ප්‍රදේශයේ ගුණවර්ධන මාවතේ අංක 485/16 දරන ලිපිනයෙන් ලබාගත හැකිය.දඟමල්ල, ඈන්, මම වෙනම මලක් වැනි වේදිකා සහ ටෙලි නාට්‍ය ඔස්සේ දරුවන්ට රසවත් සහ හරවත් නිර්මාණ දායාද කළ නාලක දරුවන් උදෙසා කළ නිර්මාණ සහ දරුවන්ගේ කුසලතා වර්ධනය අගයමින් ඉකුත්දා ජපානයේ බුන්කා සම්මානයෙන් ද, ඉන්දියාවේ අරියබතා අන්තර් ජාතික සම්මානයෙන් ද පිදුම් ලැබීය.- ප්‍රසාද් සමරතුංගඅජිත් හේමසිරිගේ ‘ආදරයට විලංගුවක්’ වේදිකා නාට්‍යයේ විසි පස් වැනි වර්ෂ පූර්ණ දැක්ම මෙම මස 04 වැනිදා සෙනසුරාදා හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.දයාසිරි හෙට්ටිආරච්චි, කුමුදුනී අධිකාරි, ඩීමන් හෙට්ටිආරච්චි,නදීශා වික්‍රමරත්න, හර්ෂ සිරිමාන්න, එල්මෝ ප්‍රසන්න, ජගත් කරුණාසේන, ඩික්සන් ජෙරාඩ්, ඩැනී සමරවීර, විජේසිරි මෙන්ඩිස්, ලලිතා රංජනී, මානෙල් ගුරුගේ, අජිත් හේමසිරි යන රංග ශිල්පීහු රංගනයෙන් දායක වෙති. ‘ආදරයට විලංගුවක්’ හි ගී රචනා කරන ලද්දේ හිමාලි මංගලිකා පතිරණ වන අතර සංගීතය අසිත කුමාර ගෙනි. අංග රචනය අජිත් හේමසිරිගෙනි.
CREATIVE
මම මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නෙ. පසුගිය ජූලි 07 වැනිදා ප්‍රථමවරට ජෝති උපහාර උළෙලක් හෝකන්දරදී එළමහන් ප්‍රසංගයක් ලෙසින් පැවැත්වූවා. ඒ වගේම ඒ සතුට තවත් වැඩි කළේ මා වෙනුවෙන් පිරි නැමූ සම්මාන ද්විත්වයක්.එදින අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් කලාභිමානී ප්‍රණාම සම්මානයත්, කලා ශිල්පිනී ශි‍්‍රයාණි දිසානායක ටවර් රඟහලේදී පැවැත් වූ ජෝතිමත් ජෝති ප්‍රසංගයේදීත් තවත් සම්මානයක් මා වෙනුවෙන් පිරිනැමීම මට ලොකු සතුටක්.
CREATIVE
පහුගිය දවසක සිනමා නළු සනත් ගුණතිලක පැවිදි වුණා කියන ප්‍රවෘත්තිය මහත් ආන්දෝලනයක් ඇති කළා. දැන් එන අලුත් ආරංචිය නම් සනත් යළි උපැවිදි වෙලා කියන එකයි. සනත් ගුණතිලක කියන්නේ අපේ හෙළ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහු වරෙක එක් චරිතයක් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න දෙවරක් නොසිතන රංගන ශිල්පියෙක්. විරාගයේ අරවින්දගේ චරිතය වෙනුවෙන් පමණක් මාස ගණනක් වෙහෙසුණා. ඒ වගේම ඔහු කෙතරම් අපහාස චෝදනා පැමිණියත් තම ඉලක්කය වෙත යන්නේ ඒවා ගාණකටවත් නොගෙනයි. එහෙම කෙනෙකුට මහණදම් පුරණ එකත් අභියෝගයක් නොවෙයි.රන්ජන් රාමනායක කියන්නේ අපේ සිනමාවේ ජනප්‍රියතම චරිතයක්. කලා කටයුතුත් සමඟම කාර්යබහුල වුවත් ඔහු නිරන්තරයෙන් චිත්‍රපට නරඹන්නෙක්. ඔහු සැමදාම අලුත් සිනමාව ගැන උනන්දුයි.ඒ නිසාම පසුගිය දවසක දමිළ චිත්‍රපටයක් නරඹන්න ගියාලු. ඔහු දමිළ චිත්‍රපටය නැරඹීමට ගිය විටදී රසික හිතවතෙකුත් හමුවුණා. මේ හිතවතා හඳුන්වා දෙන ගමන් තමන්ට දමිළ භාෂාව හොඳින් පුළුවන් බවත් කිව්වාලු. දෙන්නත් එක්කම චිත්‍රපටය නරඹන්න පටන් අරන්.චිත්‍රපටයේ එක දර්ශනයක් අතරතුරේදී රන්ජන් අර හිතවතාගෙන් ඇහුවලු ඒ අවස්ථාවේ වූ දෙබස ගැන. ‘දැන් ඔය සර් ඒ දෙන්නා පැනලා යන එක ගැනනේ කියන්නේ’ අර හිතවතා කිව්වාලු.රන්ජන් තව ටිකකින් අර කියන්නේ මොකක්ද කියලා හිතවතාගෙන් ඇහුවලු. හිතවතා ආපහු චිත්‍රපටය දිහා බලාගෙන අදාළ රූප රාමු විස්තරේ කියලා. ඒක ඉතිං මටත් තේරෙනවා. මට දැනගන්න ඕනෑ ඒ දෙබසින් කියන්නේ මොකක්ද කියලා’.තරමක කේන්තියෙන් වගේ රන්ජන් කිව්වලු.චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සහ චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහ මේ දිනවල රට වටේම ඇවිදිනවාලු. රන් කෙවිටකුත් අරගෙනලු මේ දෙන්නා ඇවිදින්නේ කියලා තමයි ආරංචි. උදයකාන්ත වර්ණසූරියගේ ‘රන්කෙවිට 2’ චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල් රැසක තිරගත කෙරෙනවා. ඒ සඳහා විශාල සෙනගකුත් පැමිණෙනවාලු. මේ තත්ත්වය බලන්නලු මේ දෙන්නා රන්කෙවිටකුත් අරගෙන ඇවිදින්නේ.ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයකු වන බුද්ධි කීර්තිසේනගේ ඡායාරූපයක් පසුගියදා සරසවිය පුවත්පතේ ප්‍රතිචාර පිටුවේ පළ වුණා. ඔහු නම් කියන්නේ ඒ ඡායාරූපයේ පෙනී සිටින්නේ තමන් නොවන බවයි.පසුගිය දවසක බුද්ධිගේ ගම වන කොස්වාඩියේදී සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වගේම බුද්ධිගේ හිතවතෙක් වන ටී. අර්ජුන් සමඟින් තමයි මේ චෝදනාව එල්ල කළේ. ඔහු දිගින් දිගටම කියන්නේ ඒ පිංතූරයේ ඉන්නේ තමා නොවන බවයි.එහෙනම් ඉතිං ඒ පිංතූරේ බුද්ධිගේ නෙවෙයි නම් ඒ බුද්ධි වගේම තවත් කෙනෙක් ද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය. මේ දිනවල ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා ලෙස බුද්ධි කීර්තිසේන අපේ ජාතික කලා ශිල්ප ජාත්‍යන්තරයට ගෙන යන ජාතික මෙහෙවරකත් කැප වී සිටිනවා.ඒ වගේම ඔහු ඉදිරියේදී තවත් ඓතිහාසික කතා පුවතක් පසුබිම් කරගත් චිත්‍රපටයක් නිර්මාණයකටත් සූදානමින් සිටින බවත් ආරංචියි. කොහොම වුණත් බුද්ධි කියන්නේ අර ඡායාරූපයේ සිටින්නේ තමා නම් නොවන බවයි. බුද්ධිගෙ නොවෙයි නම් ඒ පින්තූරය කාගේද?දුලානි අනුරාධා ඇහැලෙපොළ කුමාරිහාමිගේ චරිතය භාර දෙමින් විජය කුවේණි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් ඇහැළෙපොළ කුමාරිහාමි චරිතය ඇසුරෙන් සිනමා කෘතියක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වෙයි. ‘ඇහැළෙපොළ කුමාරිහාමි’ ලෙසට නම තබා ඇති මෙය ගයාන් රණධීරගේ නිෂ්පාදනයකි.ජැක්සන් ඇන්තනී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලෙස ද, අනුර ධර්මසිරිවර්ධන ඇහැළෙපොල නිලමේ ලෙස ද, බුද්ධදාස විතානාරච්චි සුමංගල හාමුදුරුවන් ලෙස ද, ලකී ඩයස් මොල්ලිගොඩ අදිකාරම් ලෙස ද, ශ්‍රියන්ත මෙන්ඩිස් කැප්පෙටිපොළ අදිකාරම් ලෙස ද මෙහි චරිත මවනු ලබති.බුද්ධදාස ගලප්පත්ති කියන්නේ 70 දශකයේ පටන් කවි කියූ මෙරට කවිකාරයන් අතර වූ සොඳුරුතම කවියෙක්.ඔහු මීට පෙර දිනමිණ පුවත්පතට ලියූ ‘එදවස සොඳුරුමය’ තීරු ලිපි එකතුවකුත් ලංකාදීප පුවත්පතට ලියූ‘සහෘද සටහන්’ තීරු ලිපි එකතුවත් කෘති ලෙසින් දොරට වඩින්න සූදානම්.ඒ ලබන 18 වැනිදා සවස 4.00 ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදීය. සෝමරත්න බාලසූරිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර එදින දේශන පවත්වන්න නියමිතයි.ප්‍රසාද්ඡායා - ටෙනී - මාලන්
CREATIVE
සිනමා, ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ රෝගාතුරව සිටින බැවින් ඔහුට සෙත් පතා කරන්නා වූ බෝධි පූජා පිංකමක් හෙට (12) සවස 6.00 ට කොළඹගංගාරාමයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.ඔහුට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට මෙම අවස්ථාවට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය වෙනුවෙන් කාංචනමාලා මහවිතාන සියලුම කලාකරුවන්ට ආරාධනා කර සිටියි.- යතේජා
CREATIVE
ප්‍රවීණ රංගන ශිල්පිනි සබීතා පෙරේරා සිය සැමියා උපාලි ජයසිංහ සමඟින් අංග සම්පූර්ණ නව නිවසක් කිලිනොච්චියේ පදිංචි ජයවධනී හට පසුගියදා පරිත්‍යාග කළාය. සබීතා සහ උපාලි විසින් ජයවධනි හට මෙම නිවස ප්‍රධානයට හේතු වූයේ ජීවන් චන්දිමාල් අධ්‍යක්ෂණය කළ ‘The Last Phase’ නම් වාර්තාමය චිත්‍රපටයයි. ජයවධනි ඒ සඳහා රංගනයෙන් දායක වූ කතා නායිකාව විය.‘The Last Phase’  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේදී එළිදැක් වූ අවස්ථාවේදී ජයවධනි හට නිවසක් ලබාදීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වූ පොරොන්දුවකට අනුව එම නිවස ඉදි කිරීමේ වගකීම සබීතා සහ උපාලි යුවළ භාරගෙන තිබුණි.ඒ සඳහා අවශ්‍ය වූ ඉඩම් කොටස ලබාදීමට එවකට යාපනයේ හිටපු ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා කටයුතු යෙදීය. ඒ අනුව කිලිනොච්චිය වට්ටච්චිය ගම්මානයේ ඉදි කළ මෙම නව නිවසේ අයිතිය පසුගියදා ජයවධනි හට ලැබිණි.එල්ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වය ගැන කියවෙන කතා පුවතක් ගෙන එන මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ ජයවධනි එම සිදුවීම්වලට මුහුණ දුන් එම සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකාවකි.මෙහි පිටපත මොහොමඩ් අලි රජාබ්දීන් ගෙනි. ජීවන් චන්දිමාල් මොහාමඩ් අලි යාපනයේ කළ ගවේෂණයකින් මෙම සිදුවීම හෙළිදරව් කර ගන්නා ලදී. The Last Phase මේ වන විට එංගලන්ත, යුරෝපා පාර්ලිමේන්තු ඇතුළුව රටවල් රැසක තිරගත කර ඇත.- යතේජාඡායාරූප – ලලිත් ගුණතිලක  
CREATIVE
ජැක්සන් ඇන්තනි මගේ මල්ලි. එයා මට වැඩිය ගොඩක් ජනපි‍්‍රයයි. ඒත් මං ආසා නැහැ මාව ජැකාගෙ අයියා හැටියට හඳුන්වනවට. ඔහුත් එක්ක තියෙන තරහකට නෙවෙයි මං එහෙම කියන්නේ. තව බොහෝ කාලයක් එහෙම හැඳීන්නුවොත් සේනක ටයිටස් කියන මගේ නම යටපත් වෙලා යාවි. මට ඕන ඒ නමින්ම සමාජයට යන්නයි.සේනක ඒ අපූරු ඉල්ලීම කරන ගමන් මා ඉදිරියේ වාඩිවුණා. පුවත්පත් කලාව හරහා වඩාත් අප හඳුනාගත් ඔහු වර්තමානය වනවිට පූර්ණකාලීනව රංගන ශිල්පියකු ලෙස ජීවන ගමන් මඟ වෙනස් කරගෙන සිටිනවා.ඇයි සේනක අයියෙ පුවත්පත් කලාව අතහැරියේ?නොයෙක් ප්‍රශ්න මල්ලි. ඒත් මං සිතින් කවදාවත් පුවත්පත් කලාව අතහරින්නේ නැහැ. අළුයට ගිනි වගේ සිත ඇතුළේ ඒක තියෙනවා. පුවත්පතක් ආරම්භ කරන්නත් අදහස් කරගෙන ඉන්නවා. කෙසේ නමුත් දැන් මගේ වෘත්තිය නම් රංගනයයි.ඔබ නම් දරාපු ළමා පවත්පත් සංස්කාරකවරයෙක්. මල්ලි රංගනයෙන් ඉදිරියට යද්දි ඇයි ඔබ පුවත්පත් කලාව තෝරගත්තේ?මං ආසා කළේ ලියන කියන කටයුතුවලට. මල්ලි රංගනයට, ගායනයට දක්‍ෂයා. ඔහු ඒ මාවත තෝරා ගනිද්දි මා ආශීර්වාද කළා. මගේ දක්‍ෂකම හඳුනාගෙන මං පුවත්පත් කලාවෙන්ම ඉදිරියට ගියා.කවුද ඔබට අතහිත දුන්නේ?මල්ටි ෆැක්ස් ආයතනයයි මගේ පුවත්පත් කලාවේ තිඹිරිගෙය. ගුණදාස ලියනගේ, ආතර් යූ. අමරසේන, චන්ද්‍රසේන කිරිවත්තුඩුව, ඇයි ඔබ ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර, චන්ද්‍රරත්න මාපිටිගම වැනි මහත්වරු මගේ දක්‍ෂතාවන් හඳුනාගෙන ඉදිරියට යන්න පාර කැපුවා. ඔවුන් එළිපෙහෙළි කළ මඟෙහි මං සාර්ථකව ඉදිරියට ගියා.ඒ අතරේ ඔබ වරින්වර රංගනයටත් එනවා?මලයා තමයි මාව නළුවකු කරන්නේ. ඒ ඔහුගෙ ‘ඇසළ කළුවර’ ටෙලි නාට්‍යයෙන්. ඊට පසුව ‘අපූරු සහෝදරයා, හතර දෙනෙක් සෙන්පතියෝ’ වගේ නාට්‍යවල රඟපෑවා.පුවත්පත් කලාව නිසා ඔබට වැඩිය රංගන කටයුතුවල නියැළෙන්නට නොහැකි වන්නට ඇති?ඒක නම් එහෙම වුණා තමයි. මට රංගනයට ලැබුණු අවස්ථාවන් ගොඩක් මඟ හැරුණා පුවත්පත් කලාව නිසා. මං මගේ වෘත්තියටයි මූලිකත්වය දුන්නේ. ඒ ගැන පුංචි කනස්සල්ලකුත් නැතුවාම නෙවෙයි.ඒත් අද ඔබේ වෘත්තීය රංගනය?ඒක සිදධ වුණේ මෙහෙමයි. සියලු වෘත්තීන් අතැර හිටපු යුගයක මට මලයා කතා කළා. එයාගෙ අලුත්ම චිත්‍රපටය වන ‘ඇඩ්‍රස් නෑ’ සඳහා.එයටද ඔබේ ස්වරූපය වෙනස් කරගත්තේ?ඔව්, මේ ස්වරූපය මාව වෘත්තීය නළුවකු කළා කිව්වොත් නිවැරැදියි. ඇඩ්‍රස් නෑ එකෙන් පස්සේ මගේ මූණ දැකලා ආනන්ද අබේනායක මාව ඔහුගේ ‘චෙස්’ නාට්‍යයට ගත්තා. සුජීව ගුණරත්නගේ ‘කාල’ නාට්‍යයේ මස්වැද්දෙකුගේ චරිතයට ගත්තෙත් මේ ස්වරූපය නිසා. එහි මේ දවස්වල ෂූටිං. සුගත් සමරකෝන් ගේ ‘ඇහැලේපොළ කුමාරිහාමි’ සිනමාපටයේ කපුවත්ත නිලමෙගෙ චරිතයත් ලැබුණෙ මේ මූණ හින්දයි.වෘත්තීය නළුවකු වන්න ඇයි පමා වුණේ?කිසිම පමාවක් නෑ. මේ තමයි සුදුසුම කාලෙ.ජැක්සන් ඇන්තනි ඔබට වඩා හුඟක් ජනපි‍්‍රයයි. ඔහුගේ ඒ ජනපි‍්‍රයකම ඔබට නැති නිසා දුකක් එහෙම නැද්ද?ඔහුගේ ජනපි‍්‍රයකම ඔහුට උරුම වෙච්ච එකක්. ඒක මට දුකක් නෙමෙයි සන්තෝෂයක්. මලයා මට වඩා රංගනය ගැන හැදෑරුවා. ඔහු මූලිකත්වය දුන්නේ රංගනයට. ඒ ලද ජයග්‍රහණ මට ලබන්න බැහැ. ඔහුගේ වාසනාව තමයි ඒක.ඔබ සහ ජැක්සන්ව එකම නිර්මාණයක දකින්න ප්‍රේක්‍ෂකයො ආසාවෙන් ඇති?ඒක මගෙත් ආසාවක්. ජෝ මහත්තයා දවසක් මටයි මලයටයි කිව්වා ‘උඹලා දෙන්නව අයියටයි මල්ලිටයි දාලා මට බයිස්කෝප් එකක් කරන්න ඕන’ කියලා. අවාසනාවට ඒක කෙරුණෙ නෑ.ඔබවයි ජැක්සන්වයි මාරුවී වෙච්ච අලකලංචියක් ගැන මතකයක් නැද්ද?තියෙනවා, ඒක අලකලංචියක්ම නෙවෙයි. කාල නාට්‍යය කරද්දි මාව දැකපු කෙනෙක් අධ්‍යක්‍ෂවරයාගෙන් අහලා තියෙනවා අර ඉන්නේ ජැක්සන් ඇන්තනි නේද කියලා. අධ්‍යක්‍ෂවරයාත් ඔව් කිව්වලු. ටික වෙලාවකට පසු අර මනුස්සයා කියව කියවා යනවලු ‘මොන පිස්සුද මේ ඉන්නෙ ජැක්සන් ඇන්තනි වගේ වෙන්න හදන කෙනෙක්’ කියලා.ඔබ අධ්‍යක්‍ෂණයට පිවිසේවිද ඉදිරියේදී?කොහෙත්ම නෑ. මං අර කලින් කිව්වා වගේ මගෙ ශක්තිය තියෙන්නෙ පෑනෙ. මට ලියන්නයි ඕනෙ. ඒක නිසා තිර පිටපතක් ලියන්න හිතාගෙන ඉන්නවා.අපට යළි සේනක ටයිටස් කියන පුවත්පත් කලාවේදියාව හමුනොවේවිද?කොයි වෙලාවක හරි අළුයට ගිනි මතුවෙනවා. මට පුළුවන් වෙලාවක් ආවොත් අධ්‍යාපනික ළමා සඟරාවක් අරඹනවා. ඒ වගේම පුවත්පතකුත් පටන්ගන්නවා. එතකොට නැවතත් මගෙ වෘත්තිය මාරුවේවි. මගෙ මලයා ජැක්සන්, ජයන්ත චන්ද්‍රසිරි, හේමශ්‍රී අමරසිංහ, තිලක් සේනාසිංහ ඇතුළු පිරිවරත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනා.ඔබේ පවුලෙ විස්තරයක් සඳහන් කරමු?මගෙ බිරිය ශාන්ති උදය කුමාරි. ඇය ගෘහණියක්. පුතා කවිඳු ඇන්තනි. ඔහු ඡායාරූපකරණයෙන් ඉදිරිය දකින්නයි උත්සාහ කරන්නේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
ක්‍රිස්ටිනා ආගිලේරාට මෙවර වැලන්ටයින් දිනය සුවිශේෂීය. ඒ එදින පෙම්වතා මැට් රට්ලර් විවාහ ගිවිස ගැනීමට යෝජනා කළ නිසයි. ක්‍රිස්ටිනා ගායිකාවකි. රට්ලර් චිත්‍රපට නිෂ්පාදකයකි. විවාහ ගිවිස ගන්නා දිනයේදී ඔහු ඇයට යෝධ දියමන්ති මුදුවක් තෑගි දී තිබේ. ඇයගේ ජීවන ගීතය ඔහුගේ ජීවන සිනමාපටය රසවත් කරනු නොඅනුමානය.
CREATIVE
මාධනී මල්වත්තගේ ලාංකේය වේදිකාවේ තමාගේ අනන්‍යතාවක් ගොඩ නගා ගත් රංගන ශිල්පිනියක්. ජයලත් මනෝරත්නගේ ‘කනේරු මල්’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිතාවට පය තැබූ ඇය මෙරට දැවැන්ත නාට්‍යකරුවන්ගේ නිර්මාණ රැසකට සිය හැකියාවෙන් පෝෂණය කිරීමට සමත් වූවාය. ඩග්ලස් සිරිවර්ධනගේ ‘සිහල වංශලා’, සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘සිංහබාහු’ නාට්‍යයන්හි ප්‍රධාන භූමිකාවන්ට පණ පොවන්නට ඈ වාසනාව ලද්දීය.රාජ්‍ය නාට්‍ය උළෙලේදී දෙවතාවක් හොඳම නිළිය සහ හොඳම සහාය නිළිය ලෙස නිර්දේශ ලැබූ මාධනී, සුසිල් ගුණරත්නගේ ‘දෙනුවර දෙන්නෙක්’ වේදිකා නාට්‍ය වෙනුවෙන් 2007 වසරේදී හොඳම නිළියට හිමි සම්මානයත්, කේ. බී. හේරත්ගේ ‘ජගන්මා’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් 2009 වසරේදී හොඳම වේදිකා නාට්‍යය නිළියට හිමි සම්මානයත් දිනා ගත්තාය. කේ. බී. හේරත්ගේ ‘කළු කුමාරි’ නාට්‍යයේදී කළ රංගනය වෙනුවෙන් ඇය මෙවර 2012 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයට ද හිමිකම් කීවාය.පුංචි තිරයේ ද ප්‍රේක්ෂක සිත් තුළ නෙමැකෙන සටහන් තබමින් විවිධ චරිත මැවූ ඇය මෑතකාලීනව විකාශය වූ ‘රන්ගිර’, ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’, ‘බොරලු පාර’ වැනි ටෙලි නාට්‍ය තුළින් සිය රංගන ප්‍රතිභාව දක්වමින් කාගේත් කතාබහට ලක් වූවාය. ඉදිරියේදී ද විවිධ නිර්මාණ තුළින් ඔබ හමුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මාධනී මල්වත්තගේ සේයා රුවකින් අද සරසවිය මුල් පිටුව සැරසේ.යතේජා
CREATIVE
ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ සමාප්ති ප්‍රසංගයේ සංගත (C. D) සහ රූප සංගත තැටිය (D. V. D)ජනගත කිරීම මෙම 22 වැනි සෙනසුරාදා සවස 6.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘ලක් මැදුර’පරිශ්‍රයේදී සිදු කෙරේ.මෙම උළෙලේදී මහාචාර්ය සරත් විජේසූරිය විසින් වික්ටර්ගේ ගී මග පිළිබඳ විමර්ෂණාත්මක දෙසුමක් පැවැත්වීමට නියමිතය. එහිදී වික්ටර් රත්නායකයන් ‘ස’ ප්‍රසංගයට ගයනු ලැබූ මියුරු ගීත කිහිපයක් ද සජීවීව ගායනා කරනු ලබයි. යුග ගායනා නිර්මලා රණතුංග ගෙනි. එම සංගීත සන්ධ්‍යාව හැඩ වෙන්නේ ජයන්ත රත්නායකගේ මියුරු සත්සර රාවයන්ට අනුවය.ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ සහ ජනප්‍රිය නිවේදිකා සඳමාලි හේවානායක විසින් නිවේදන කටයුතු මෙහෙයවති. මෙම C. D සහ D. V. D යුගල බෙදා හරිනු ලබන්නේ L. R මියුසික් ආයතනය මගිනි.
CREATIVE
විවාහ උත්සවයේ දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මනාල යුවළගේ සාක්ෂියට අත්සන් කරමින්අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මනාල යුවළ, උමාලිගේ මව දිස්නා තිලකරත්න සාරංගගේ මව තිලකා රණසිංහ, සහ පියා, ජී.එල්. තිලකරත්නජනප්‍රිය නළු – නිළි දෙපළක් වන සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න පසුගියදා යුග දිවියට පිවිසුණහ. ඔවුන්ගේ මංගල උළෙල පැවැත් වූයේ කොළඹ හිල්ටන් රෙසිඩන්ස් හෝටලයේදියි. මෙහි දැක්වෙන්නේ එහි සොඳුරු අවස්ථා කිහිපයක් ඡායාරූපයට නැඟුණු අයුරුයි. සාරංග - උමාලි ඔබ දෙපළට සරසවිය පුවත්පතෙන් සුබ පැතුම්!තිලානි ශානිකා
CREATIVE
තිරගත වූ දිනය – 1987 ජූලි 11ඉදිරිපත් කිරීම – අනුක් ස්ටුඩියෝනිෂ්පාදනය – රාජ් රණසිංංහකාර්මික තිර නාටකය, කැමරාව හැසිරවීම, සංස්කරණය, විශේෂ දර්ශන ප්‍රයෝග සහ අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රියසාද්කතාව, දෙබස් - ටෙනිසන් කුරේතිර නාටකය – දිනේෂ් ප්‍රියසාද්, ටෙනිසන් කුරේ සංස්කරණ සහාය - සරත් ගාමිණීකැමරා අධ්‍යක්ෂණය – නිමල්සිරි රෝසාකැමරා සහාය - රෝයි බෝගහවත්ත, එස්. එච්. එස්. ඩීන්, මාටින් පෙරේරා, ජී. නන්දසේනඅංග රචනය – හිල්ටන් මෙන්ඩිස්, ප්‍රියලාල් මෙන්ඩිස් කලා අධ්‍යක්ෂණය – ප්‍රියලාල් මෙන්ඩිස් සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, විල්සන් කරුණාරත්නනැටුම් – බන්දු සමරසිංහ ශබ්ද පරිපාලනය,දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග (සරසවි චිත්‍රාගාරය) රසායනාගාර පාලක – වී. සිවදාසන් (විජය චිත්‍රාගාරය)රසායනාගාර සහාය – රාමචන්ද්‍රන්, මුත්තුසාමි, එස්. ගමගේ, කේ. එම් ජයවර්ධන, බර්ටි පෙරේරා, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකාගීත පටිගත කිරීම – දයානන්ද පෙරේරා (ඔගී ශබ්දාගාරය)කැමරා උපකරණ සැපයීම – නිමල් රෝසා, සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස්, සමරසිංහචිත්‍රපට විදුලි ආලෝකය – රංජිත් පෙරේරා (සමරසිංහ චිත්‍රපට)කාර්මික ශිල්පීන් – එස්. සේනාරත්න, එම්. පී. එන්. තිලක්, ජනක විජේතුංග, එස්. පියසේන, අශෝක ශ්‍රීලාල්, එස්. ප්‍රේමදාස, උපාලි අලවත්තගමදළ සේයා පට ඡේදනය – උපාලි අමරතුංගපිටපත් මුද්‍රණය - හොංකොං යූනියන් ලැබ්ධාවන කාලය – විනාඩි 138 – දිග අඩි 12420, පිටපත් සංඛ්‍යාව 15සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි) කැලණියනාමාවලිය – තිලක් ආට්ස් - කිරිබත්ගොඩසංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායකගීත ප්‍රබන්ධය – ප්‍රියා පීරිස්, චන්ද්‍රා දේවාදිත්‍යගීත හා ගායන ශිල්පීන් - රබර් වළලු උඩ යකඩ ගොඩක් – බන්දු සමරසිංහ, චන්ද්‍ර දේවාදිත්‍ය - පද – චන්ද්‍රා දේවාදිත්‍ය මිස් කොණ්ඩ කිරිල්ලී – බන්දු සමරසිංහ – පද – ප්‍රියා පීරිස් වරෙල්ල වරෙල්ලා - සෝමසිරි ප්‍රනාන්දු, බන්දු සමරසිංහ, චන්ද්‍රා දෙවාදිත්‍යරංගනය – බන්දු සමරසිංහ, මානෙල් වානගුරු, පර්ල් වාසුදේවි, සමන්ති ලැනරෝල්, ජයලත් ප්‍රනාන්දු, විල්සන් කරුණාරත්න, ප්‍රියලාල් මෙන්ඩිස්, නිමල් පල්ලේවත්ත, ටෙඩී විද්‍යාලංකාර, ග්‍රේෂන් මෙත්තානන්ද, සත්තාර් ඛාන්, ජෙරල්ඩීන් බණ්ඩාරනායක, මාරියස් ප්‍රනාන්දු, විමලසිරි ප්‍රනාන්දු, විජිත අමරසිංහගරු ආරාධිත රඟපෑම් – මර්වින් ජයතුංග, දයානන්ද ජයවර්ධන, සුනිල් හෙට්ටිආරච්චිතිරගත වූ දිනය – 1987 ජූලි 24 නිෂ්පාදනය - කේශව එදිරිසිංහ කළමනාකරණය සහ අධ්‍යක්ෂණය - ඩැනී ඩබ්ලිව්. පතිරණකතා තේමාව - මිල්රෝයි ධර්මරත්නදෙබස් තිර නාටකය – තිස්ස අබේසේකරසහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට, විජයසිරි අමරතුංග, චන්දන එදිරිසිංහකැමරා සහාය – ජී. නන්දසේනසහාය ශිල්පීන් – ඩබ්ලිව්. පියසේන, ලලිත් තෝමස්, නිලන්ත පෙරේරා, මාෂල් ස්ටැන්ලි, ඇම්. අනුර, ඒ. සී. එම්. රියාස්, ප්‍රේමසිරි රණසිංහසංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් අංග රචනය – හීනටිගල ප්‍රේමදාස, රෙජී ද සිල්වාකලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාසශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංගශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරාසැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරයරසායනාගර කටයුතු - හොංකොං කලර් මූවීලැබ් නියෝජිත – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාරනිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා, ලින්ටන් අබේසේකරනිෂ්පාදන කළමනාකරණය – ලක්ෂ්මන් වික්‍රමසිංහගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (නෙළු ශබ්දාගාරය)ශබ්ද මිශ්‍රණය - දෙබස් පටිගත කිරීම -ජෝර්ජ් මනතුංගසංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාසගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහගීත - හිරු නොනැගේවා - එච්. ආර්. ජෝතිපාල, විජය කුමාරණතුංග සහ පිරිස කුරවි කිරවියන් සිනාසුනා - අමරසිරි පීරිස්, ලතා වල්පොලරංගනය – විජය කුමාරණතුංග, ස්වර්ණා මල්ලවආරච්චි, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, නිහාල් සිල්වා, දිල්හාරා ජයවර්ධන, සුරේනි සෙනරත්, රූබී ද මෙල්, රත්නාවලී කැකුණවෙල, දෙනවක හාමිනේ, මහින්ද ගාල්ලගේ, සිසිර කුමාරතුංග, කපිල සිගේරා, සිරිසේන තිසේරා, ජීවනී විනීතාඇන්ටන් ජේ. ප්‍රනාන්දු
CREATIVE
විජය භාරව සිටි ආරක්ෂක නිලධාරියාගේ මතකයරජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළ කුමන්ත්‍රණකරුවන් යයි චෝදනා නඟමින් විජය වැලිකඩ හිරගෙදර සිරගත කරන ලද්දේ 1982. 11. 25 වෙනිදාය. වෘත්තියෙන් බන්ධනාගාර නිලධාරියකු වූ මා එවකට සේවය කරන ලද්දේ වැලිකඩ බන්ධනාගාරයේය. යුද හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් විසින් විජය වැලිකඩ හිරගෙදරට ගෙන එන ලද්දේ පස්වරු තුනට පමණය. විජය ප්‍රථමවරට වැලිකඩ හිරගෙදර තුළ රඳවන ලද්දේ ‘එච් වෝඩ්’ නමින් හඳුන්වන සිර මැදිරි එකසිය පනහකින් පමණ සමන්විත තෙමහල් සිර ගොඩනැගිල්ලේ තුන්වන මහලේ වම්පස පළමුවන සිර මැදිරියේය. විජයව එම සිරමැදිරි ගොඩනැගිල්ලේ රැඳවීමට පෙර, එම ගොඩනැගිල්ලේ රඳවා සිටි සියලුම සිරකරුවන් එයින් පිටත යවා විජයව පමණක් එහි රැඳවීම ද විශේෂ සිද්ධියකි.විජය මහත්මාව සිරගතකළ වැලිකඩ හිරගෙදර ‘එච් වෝඩ්’ සිර ගොඩනැගිල්ලේ රඳවන ලද ප්‍රථම අවස්ථාවේදී, විජය ආරක්ෂිත හා සිරමැදිරි ආරක්ෂිත රාජකාරි කටයුතු ඉටු කිරීමට සිදු වූයේ මා හටය. එම සිද්ධීන් මතකයට එන සෑම අවස්ථාවකදීම කිසියම් සතුටක් ඇති වුවත්, ඊටත් වඩා වේදනාවකින් හද වෙලී යයි.වැලිකඩ හිරගෙදර අධිකාරිවරයා ඇතුළු උසස් නිලධාරීන් කීප දෙනෙකු විසින් විජයව එම සිර මැදිරිය වෙත රැගෙන විත්, රාජකාරි සටහන් පොතේ, අධිකාරිවරයා විසින් මෙසේ සටහන්කර විජය ආරක්ෂිත රාජකාරි කටයුතු මා වෙත බාර දෙන ලදී.‘විශේෂ සැකකරු අංක 3020 දරණ විජය කුමාරණතුංග නමැති සැකකරුව ආරක්ෂක නිලධාරී ෂෙල්ටන් කුරේරාට ‘එච්’ වෝඩ්හිදී භාර දුනිමි.දිනය සහ වේලාව - 1982. 11. 25 පස්වරු 3.45විජය ආරක්ෂිත රාජකාරි කටයුතු අධිකාරිවරයා විසින් නිල වශයෙන් මාහට බාරදී විජයට කිසිවකු සමඟ කතා කිරීමට ඉඩ නොදෙන ලෙසට ද උපදෙස් දී අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් පිරිස පිටත්ව යන ලදී. මේ අවස්ථාවේදී මගේ සමරු පොත කාර්යාලයේ මගේ මේස ලාච්චුවේ තිබෙන බව මතක් වූ මම, සිරකරුවකු යවා එය සිර මැදිරිය වෙත ගෙන්වා ගෙන සිර ජීවිතය ගැන, මතක්වීමට මොනවා හරි ලියන්න යයි කියා සමරු පොත විජයට දුනිමි. විජය එය ගෙන පෙරළා බලා ලියන ලද සමරු සටහන, විජය රසික ‘සරසවිය’ පාඨක ඔබ සැමගේ පහන් සංවේගය සඳහා රසාස්වාදය සඳහා පහත සඳහන් කරමි. විජය කුමාරණතුංග මහත්මා වැලිකඩ හිරගෙදර තුළදී සමරු පොතක ලියන ලද එකම සමරු සටහන ද මෙයයි.25. 11. 82වැලිකඩ සිරගෙදරදී කවදාහරි දිනකමේ අසාධාරණසමාජ ක්‍රමයෙන්සත්‍යයත් සාධාරණත්වයත්එළි දකින තෙක්ඔබත්මාත්අපි හැම දෙනාමත්සහෝදරත්වයෙන්අත්වැල් බැඳගෙනඉදිරියට යමුඑදාට උදාවෙනවිමුක්තියෙන්සියලු සත්ත්වයෝ යහතින්වෙසෙත්වා!  විජය කුමාරණතුංගෂෙල්ටන් කුරේරාමාරාවිල
CREATIVE
සුනිල් ශ්‍රී ගේ ‘ඉලන්දාරි’ වේදිකා නාට්‍යයේ රඟපානවා. ඒ නාට්‍යයත් සමඟ රට වටේම සැරිසරනවා. ඊට අමතරව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කටයුතුවල තමයි වැඩිපුරම නියැළෙන්නේ.
CREATIVE
‘සිරීගෙ ඉරණම’ හදන ලක්ෂමන් මත්තුමගල හමුවෙමුසිරීගේ ඉරණම මේ දවස්වල කියැවෙන්නේ ජනප්‍රියම නාට්‍ය ගොන්නේ නමක් විදියට. ඒකාකාරී නාට්‍ය රැල්ලෙන් මංමුලා වෙලා හිටිය රසික ජනතාවගේ සිත් වෙනස් මානයක් වෙතට ගෙන ගිය සිරීගේ ඉරණම බාල, මහලු කොයි කා අතරත් අතිශය ජනප්‍රියයි. මේ කතාව සිරීගේ ඉරණම තීරණය කරන නියමුවා සමඟ. එහෙමත් නැතිනම් සිරීගේ ඉරණම අධ්‍යක්ෂවරයා සමඟ.ක්ෂේත්‍රයට ප්‍රවීණ වුවත් ඔහු නිරතුරුවම අපට හමු වන්නේ ඒකාංගික හා ළමා නාට්‍ය සමඟ. ලක්ෂ්මන් මත්තුමගල. ‘සත්සර රංගන’, ‘කෝපිකඩේ’, ‘අන්දර වැට’ වැනි ඒකාංගික නාට්‍ය හරහාත්, ‘සෙල්ලම් ගෙදර’ ළමා නාට්‍යය තුළිනුත් අප හමු වූ සුන්දර හිත ලක්ෂ්මන් හමුවෙමු.මේක වෙනස් නාට්‍යයක් ?ඔව්. ඒකාකාරී නාට්‍ය රැල්ල දිහා බලන් ඉදලා හෙම්බත් වෙලා හිටිය රසිකයන්ට අලුත් රසයක් දෙන්න තමයි අපට උවමනා වෙලා තිබුණේ. ඒ අනුව හිතලා තමයි මේ නාට්‍යය සංකල්පය හැඳුණේ. මේ නාට්‍යය තුළ කාර්යාල පද්ධතියේ තිබෙන කරුණු ඉතා මනාව රූපයට නඟන්න තමයි අපට උවමනා වෙලා තිබුණේ. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කිත්සිරි. කිත්සිරිට දැන් හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙනවා.ඔබ වැඩිපුරම ප්‍රසිද්ධ ඒකාංගික හා ළමා වැඩසටහන්වලට ?මම කාලයක් තිස්සේම වැඩ කළේ ඒකාංගික හා ළමා නාට්‍ය සමඟ. නමුත් ප්‍රාසාංගික නාට්‍යයක් කිරීමේ උවමනාව නොතිබ්බා නොවෙයි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් සිරීගේ ඉරණම වැනි ජනප්‍රිය වූ නාට්‍යයක් හරහා ජනතාවට ළං වීමට ලැබීම සතුටක්.සිරීගේ ඉරණම ඉතාමත් ඉක්මණට ජනගත වෙනවා ?මා හිතන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයා සමීප අත්දැකීම් ඇසුරෙන් නිර්මාණ බිහි වෙනවාට කැමැතියි. සිරීගේ ඉරණම තුළ අපට සමීප පොදු චරිත දකින්නට ලැබෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයාට ඒ තුළ ජීවත් වීමේ ඉඩ තිබෙනවා. මේ හේතුව තුළ නාට්‍යය ජනප්‍රිය වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම සිරීගේ ඉරණම ක්‍රමානුකූලව ගලා යන පිළිවෙළක් ඇති නාට්‍යයක්. ජනප්‍රියත්වයට එයත් බලපෑවා.දර්ශන තලවල ගෙවුණු කාලය කොහොමද ?අපි කණ්ඩායමක් විදියට ඉතාමත් කාර්යශූරව කටයුතු කළා. කොතරම් ඉක්මනට වැඩ කළත් නිර්මාණයට අවශ්‍ය කාලය ලබා දෙන්නටත් බැඳී හිටියා. කුලියාපිටිය ආසන්නව තමයි රූගත කිරීම් සිදුවුණේ. දවස් එකසිය පහක් අපි ඉතාමත් සමගියෙන්, සන්තෝෂයෙන් කටයුතු කළා. මා එක් දෙයක් කිව යුතුමයි. අපේ කණ්ඩායම මේ කටයුත්ත තමාගේම කටයුත්තක් කරගෙන බැඳුණු නිසා තමයි මෙවැනි සාර්ථක නිර්මාණයක් ජනතාවට තිළිණ කරන්නට ලැබුණේ.දැන් ඉතාමත් වේගයෙන් ටෙලි නාට්‍ය හැදෙනවා ?මේ කොටස් සියය හැදුවේ දවස් එකසිය පහකින්. එහෙම නැතුව වියදම පියවා ගන්න අමාරුයි.ඒ වේගය නිර්මාණයට හානියක් නොවෙයි ද ?නැහැ. නිකරුනේ ගත කරන කාලය ඈත් කලාම ඉතා ඉක්මනින් කටයුතු කරන්න පු¼ථවන්. මා හිතනවා ටෙලි නාට්‍ය්‍යය නිර්මාණයට නොවෙයි ඕනෑම කටයුත්තකට ඒක පොදු කාරණයක්. වේගයෙන් කටයුතු කිරීම් තුළ නිර්මාණයට අසාධාරණයක් වෙන්න මම ඉඩ තිව්වේ නැහැ.මොනව ද රසබර තැන් ?ඇත්තටම අපි ඉතාමත් කැපවීමෙන් නිර්මාණය සඳහා වෙහෙසුණා. නිදහසේ ඉන්න වෙලාවට රසබර කතන්දර කිව්වා. විනෝද වුණා. ගෙවුණු හැම මොහොතම රස බරයි. නමුත් විශේෂ සිද්ධි කියලා කියන්න දෙයක් නැහැ. මොකද කුලියාපිටියේ අපි නැවතිලා හිටියේ නැහැ. හැමදාම න¼ථ නිළියෝ කොළඹට ආවා ගියා.දැන් ලංකාවේ ඒකාංගික නාට්‍ය හැදෙන්නෙ ඉතාමත් අඩුවෙන් ?හැමෝම කැමැති ලාබ ගන්න. ඒකාංගික ටෙලි නාට්‍ය කිරීමෙන් අපේක්ෂිත ලාබ ලබන්න අමාරුයි. ඒ වගේම විකාශන කාලයක් ලබා ගැනීමත් දුෂ්කර කටයුත්තක්.මෙවැනි කරුණු කාරණා නිසා දැන් ඒකාංගික නාට්‍ය බිහි වෙන්නේ ඉතා කලාතුරකින්.ඔබ ස්වාධීන රූපවාහිනි සේවයේ ළමා වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂවරයෙක් ?දරුවන් සමඟ කටයුතු කිරීම හිතට ලොකු ප්‍රීතියක්. ඒ වගේම අනාගතය බාර ගන්නට ඉන්න පිරිසට යමක් කිරීම අපේ වගකීමක්. ළමා වැඩසටහන් අංශයේ කටයුතු කිරීම මට ගෙන දෙන්නේ තෘප්තියක්.ඉදිරිය කොහොම ද?ලොකු සැලසුම් නැහැ. ළමා නාට්‍යයක් සඳහාත් සාකච්චාවක් සිදු වෙමින් පවතිනවා. තවත් ටෙලි නාට්‍යටක් සඳහාත් ආරධනා ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් සමාජයට ඵලදායී නිර්මාණයක් කිරීම තමයි මගේ අරමුණ. නිර්මාණකරුවෙක් විදියට මා ඒ සඳහා බැඳී ඉන්නවා.සටහන – චතුර ගීතනාත් බණණ්ඩාරසේයාරුව -මාලන් කරුණාරත්න  
CREATIVE
ප්‍රවීණ මාධ්‍යවේදී ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ හරිම අකරතැබ්බයකට මුහුණ දීලා. කතාව මෙහෙමයි. පසුගිය දවසක අජන්තාට ගීතයක් ලියා දෙන්න යැයි පවසමින් දුරකතනයෙන් ආරාධනයක් ලැබිලා තියෙනවා.ඒ ආරාධනය ඉහළින්ම පිළිගත් අජන්තා ඔවුනට හමුවෙන්න ආරාධනා කළා. යුද්ධය අතරින් ඇතිවන ප්‍රේමයක් පිළිබඳ කියැවෙන චිත්‍රපටයක තේමා ගීතය තමයි මෙසේ රචනා කරන්න ආරාධනා කර තියෙන්නේ.අජන්තාත් හරිම ආශාවෙන් මේ ගීතය රචනා කළා. කාලයක් ගෙවිලා ගියත් ආරාධනා කළ පාර්ශවය අජන්තා හමු වී ගීතය ලබාගන්නා පැමිණියේ නැතිලු.ගීතය හොඳට ලියැවුණු බව පවසන අජන්තාට මේ ආරාධනා ලැබුණු පාර්ශවයේ දුරකතන අංකයක්වත් නොමැති නිසා සම්බන්ධකර ගැනීමට විදිහක් නැතිලු.සරසවියේ ආදීතම සාමාජිකයකු ද වන අජන්තාට ගීතයක් ලියන්න ආරාධනය කළ පාර්ශවයෙන් ඔහු ඉල්ලා සිටින්නේ පැමිණ ගීතය රැගෙන යන්න කියාලු.පුංචි තිරයේ ළබැඳි හිතවතා සංජු සමරසිංහට මංගල සීනු හැඬවෙලා.සංජු එළැඹෙන හත්වැනි (හෙට) සිකුරාදා, සිකුරුගේ හෝරාවෙන් යුග දිවියට පිවිසෙනවා. සංජුගේ අත ගන්නෙ පස්යාලේ අශිලා නිශාන්ති නැමැති රූමත් තරුණියයි.හත් වැනිදා විවාහ උත්සවයෙන් පසුව නව වැනිදා පස්යාල සනංගනා හෝටලයේ පැවැත්වෙන ප්‍රිය සම්භාෂණයට කලා ලොවේ තරු රැසක් එක් වෙනවලු.සංජුගේ හා අශිලාගේ ප්‍රේම සබන්ධයට වසර ගණනක් වෙනවලු.වසර ගණනක සිහිනය පලදරන ඔවුන් දෙපළගේ යුග දිවියට සරසවිය සුභාශිංශන පතනවා.
CREATIVE
කාජල් – අජේ බොලිවුඩයේ සමගි සම්පන්න යුග ජීවිතයක් ගතකරන කලා පවුල් අතරින් කැපී පෙනෙන යුවළක්. මේ ගැළපීමේ රහස කාජල් අඬන විට අජේ අහක බලා ගැනීම ද? අපට එසේ සිතෙන්නේ මේ නිසයි.කාජල් මෑතකදී නර්තන රියැලිටි වැඩ සටහනකට විනිසුරුවරියක ලෙස සහභාගි වුණා. වැඩ සටහන අතරවාරයේ ඇය කිසිදු හේතුවක් නැතුව හඬා වැටෙන්නට පටන් ගත්තා. අජේ කළේ පැමිණ ඇය සනසන්නේ නැතුව පාඩුවේ බලා සිටීමයි. එහෙත් කාජල්ගේ මව, තනූජා නම් ඇය තුරුලු කරගෙන සිත සැනසුවා.අජේගෙන්, කාජල්ගේ හදිසි හිත් වේදනාවට හේතුව වැඩ සටහනේ අධ්‍යක්ෂ සතිෂ් දත් විමසුවා. අජේ පැවසුවේ කාජල්ගේ පියා, සිනමා අධ්‍යක්ෂ සෝමු මුඛර්ජි අප්‍රේල් දහ වැනිදා හෘදයාබාධයකින් මියයාම මේ හදිසි කඳුළු ගංගාවට හේතුව බවයි.පියාගේ මරණයෙන් පසු කාජල් නිතරම කඳුළින් ජීවත්වෙන බව ඔහු කියා සිටියා. එවැනි අවස්ථාවක ඇයට තනිවම සිටීමට ඉඩදීම හොඳම දේ කියා අජේ සිතනවා. අජේගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන ‘යූ මේ ඕර් හම්’ තිරගත කිරීමට පෙර දිනයේදීයි සොමු මියගොස් ඇත්තේ.තමන් වඩාත් ආදරය කරන සුපිරි තරු යුග්මයකගේ නොමනාපයෙන් වඩාත්ම සිත රිදෙන්නේ රසිකයන්ගේයි. සල්මන් – ෂාරුක්, ඛාන් යුවළගේ නොමනාපයටත් රසික සිත්වල ඇත්තේ ඒ වාගේ අමනාපයක්.එහෙත් අති සාර්ථක ලෙස තිරගත වන සල්මන්ගේ ‘ඒක් තා ටයිගර්’ සිනමාපටයේ ප්‍රවර්ධන වැඩ සටහනකදී ඔහු කියා සිටියේ ෂාරුක් සමඟ තමන් යළි මිතුරුවන්න කැමැතියි කියායි.මේ මිතුරන්, පසමිතුරන් වූයේ 2003 වසරේ ඇරැඹුමත් සමඟයි. ඒ ෂාරුක් ‘චල්තේ චල්තේ’ සිනමාපටයත් සමඟ කාර්යබහුල වී සිටි කාලයක්. ඒ කාලයේදී සල්මන්ගේ පෙම්වතිය වුණේ ඓශ්වර්යා රායි. ඈෂ් වෙනුවට රාණි ගැනීම හබයට මුල පිරුවා. පසුව එයට මඟ පෑදුවේ ඈෂ් බව හෙළි වුණා. කොහොම වුණත් සල්මන් - ෂාරුක් මිතුදම ෆාරා ඛාන්ගේ, විවාහයට පෙර පවත්වන සාදයේදී ආයෙත් අලුත් වුණා.නැවත මේ මිතු දමට කළු පැල්ලමක් එකතු වුණේ 2008 ජූලි මාසයේදීයි. එවිට සල්මන්ගේ පෙම්වතිය වී සිටියේ කත්‍රිනායි. කත්‍රිනාගේ උපන් දින සාදයේදී සල්මන්ගේ දෙපිට කැපෙන කතා නිසා ෂාරුක්ගේ ඉවසීම කෙළවර වුණා. දෙදෙනා අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවෙන් යළිත් මිත්‍රත්වය අවසන් වුණා.‘දාබන්ග්’ සාර්ථක වීමෙන් පසු අමීර් සමඟ තිබෙන මිත්‍රත්වයේ සවිමත් බව ගැන සල්මන් ප්‍රකාශ කළේ ෂාරුක්ගේ සිත පෑරවීමටයි.‘ෂාරුක් සමඟ මං කවදාවත් කතා කරන්නේ නෑ. අපි දෙදෙනා අතර පවතින අනවබෝධය අපව දුරස් කරනවා’ ඔහු වරක් පැවසුවේය.මීට ෂාරුක් ද පිළිතුරක් දුන්නා. ‘මම හිතන්නෙ තාත්තා කෙනෙක් වගේ. සල්මන් හිතන්නෙ ළමයෙක් වගේ. අප දෙන්නා අතර සමානකම් අඩුයි. හිතන්නෙ වෙනස් ආකාරයකට, කතාබහ වෙනස්. හොඳ කාලයක් දෙන්නා එකතු වී ගතකර තිබෙනවා. කාලයත් සමඟ සියල්ල බොඳ වී ගියා. දැන් අප අපේ ලෝකවල සතුටින් ඉන්නවා. දෙන්නට යළි මිතුරු වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් වෙන්වීම ඊටත් හොඳයි. අප යාළුවන් නොවෙයි.’කොහොම වුණත් සල්මන්, ෂාරුක්ට යළි මිතුදම අරඹන්න ආරාධනාවක් කරලා. ෂාරුක් සියලු අමනාපයන් අමතකකර යළි ඔහු සමඟ මිතුරු වේවිද? එසේ වේවා යන්න රසික පැතුමයි.දෙන දෙවියෝ ගෙටම ගෙනැවිත් දෙනවා වාගේ ඔබරෝයි පවුලට එක සුබ ආරංචියක් මදිවාට ආරංචි දෙකක්. විවේක් ඔබරෝයි පිය පදවිය ලබන්නට යාම ප්‍රධානම සුබ ආරංචියයි.විවේක්ගේ බිරිය දැන් මාස දෙකක ගැබිනියක්. මේ සුබ පණිවුඩය මුලින්ම රසිකයන්ට ගෙන ආවේ ඔවුන්ගේ පවුලේ හොඳම හිතවතකු වූ ශිල්පා ෂෙට්ටිගේ සැමියා, රාජ් කුන්ද්‍රායි. ‘මගේ සුබපැතුම් ප්‍රිය මිතුරාට සහ බිරිය ප්‍රියංකාට – ඉක්මනින් මාපිය පදවිය ලැබේවා!’ ඔහු ට්වීටර් වෙබ් අඩවිය හරහා සුබ පණිවුඩය බෙදා හැරියේය. ප්‍රියංකා අල්වාට දරුවා ලැබීමට නියමිත ලබන වසරේ පෙබරවාරි – මාර්තු අතර කාලයේදීයි. 2010 දී විවාහ වූ යුවළට මාපිය වරම් ලැබෙන්න යන්නේ 2013 දීයි.විවේක්ගේ සොයුරිය මෙග්නා ද දැන් ගැබිනියක්. ඒ කියන්නේ ප්‍රවීණ නළු සුරේෂ් ඔබරෝයිට එකපාරටම දෙන්නෙකුට සීයා වෙන්න ලැබෙනවා.කොහොම වුණත් විවේක්ට දැන්ම නම් ප්‍රියංකා වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදු වන්නේ නැහැ. ඒ ඔහු සිනමාපට කිහිපයකම රූගත කිරීම්වල යෙදී සිටින නිසයි. ඒ වාගේම තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකම ප්‍රවර්ධන කටයුතුවලටත් ඔහුට සහභාගි වෙන්නට සිදු වී තිබෙනවා.චම්පිකා දීපානි රණසිංහ.
CREATIVE
රංගන ශිල්පී ජීවන් හඳුන්නෙත්තිජීවන් හඳුන්නෙත්ති. නම කියූ පමණින් ඔබ ඔහුව හඳුනා ගන්නේ විකට රංගන ශිල්පියෙක් ලෙස බව නම් විශ්වාසයි. පොඩි වෙනසක් එක්ක වෙනස්ම චරිතයකින් ඔහු ඔබ හමුවට එන්න නියමිත බව ආරංචියි. ඒ ගැන අපි ජීවන්ගෙන්ම අහලා බලමු.මොකක්ද ජීවන් මේ ආරංචිය? විකට චරිතවලින් ඉවත් වෙන්න ද තීරණය?අපෝ එහෙම අදහසක් නම් නැහැ. මාව මිනිසුන් හඳුනා ගත්තේ විකට රංගන ශිල්පියෙක් විදියට. එවැනි චරිත විශාල ප්‍රමාණයකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් විකට චරිතවලින් බැහැරව තරමක් වෙනස් චරිතයකට මට අවස්ථාව ලබා දුන්නේ උදයකාන්ත වර්ණසූරිය මහතා. ඒ ඔහුගේ ‘දිය යට ගින්දර’ චිත්‍රපටයෙන්. දැන් ඒ වගේම වෙනස් චරිතයක් සමඟින් ප්‍රේක්ෂකයන් හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.ඒ ගැන තවත් විස්තර කළොත්?ලාල් ප්‍රියදේවගේ ‘මගේ යාළු මාළු’ චිත්‍රපටයේ තමයි මම මේ චරිතය රඟපාන්නේ. එය මගේ රංගන ජීවිතයේ වෙනසක්.ඊට අමතරව බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ‘සඳලු තලය’ චිත්‍රපටයෙත් රූගත කිරීම් අවසන් කළා. එහි නම් දායක වුණේ විකට චරතයකට.දෝණි චිත්‍රපටයට වගේම දිනේෂ් ප්‍රියසාද්ගේ ‘ඇද්දා ලණුව දැම්මා කොඩිය’ චිත්‍රපටවලටත් දායක වුණා. කේ. කරුණාරත්නගේ ‘තායම් මායම්’ චිත්‍රපටයටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව රංගනයෙන් දායක වූ පද්මසිරි කොඩිකාරගේ ‘කෝරළේ මහත්තයා’ ටෙලි නාට්‍යය වගේම සංජය ගුණවර්ධනගේ ‘ඉහිරෙන කිරි’ ටෙලි නාට්‍යත් විකාශය වෙන්න නියමිතයි.මේ දිනවල වන අභිනික්මන චිත්‍රපටයේ කළ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?ඒ චරිතයත් මට ලැබුණු චරිත අතර සුවිශේෂි චරිතයක්. එහි හාස්‍ය මුසු වුණත් තරමක් වෙනස් චරිතයක්. එහිදී මට සටන් ක්‍රම පවා දක්වන්නට අවස්ථාව ලැබුණා. ඒ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.පවුලේ විස්තරත් කියමු?බිරිඳ නිරෝෂිණි හඳුන්නෙත්ති. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ගුරුවරියක්. පුතා ශනිඳු හඳුන්නෙත්ති.ඉදිරිය ගැනත් කෙටි සටහනක් තබන්නට මේ අවස්ථාව?රංගන ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට කළ හැකියි කියා හිතෙන චරිත උපරිමයෙන් හොඳට නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා.ජීවන් හඳුන්නෙත්ති – 0776364070.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
CREATIVE
රංගන කටයුතුවලින් ඈත් වෙලා මගේ දුවත්, පුතත් බලාගෙන ඔවුන්ගේ කටයුතුවලට උදව් වෙමින් තමයි මා මේ දවස්වල කාලය ගත කරන්නේ. ඒ නිසා මා වසර කිහිපයක්ම කලා ලොවෙන් සමුගෙනයි කාලය ගත කළේ.ඒ අතරම කොටිකාවත්තේ වගේම හැව්ලොක්ටවුමේ තිබෙන මගේ සැලෝන් දෙකේ කටයුතුත් සොය බලන්න මා අමතක කරන්නේ නැහැ. බොහෝ මනාලියන් මගේ සුරතෙන්ම හැඩ වැඩ වෙන්න කැමැති නිසා ඒ කටයුතුවල නියැළෙන්නත් මට සිදු වෙලා.ඒ නිසා තරමක් මා කාර්යබහුලයි. මේ සියලු කටයුතුවල නියැළෙන අතරතුර මා කලින් රඟපෑ චරිත නිසා ලැබෙන රසික ප්‍රසාදයත් මතක් කළ යුතුමයි.
CREATIVE
මගේ ගේයපද රචනා රැගත් ‘සුනිල් දිය’, ‘ආවාදෝ සංසාරේ’, ‘කුරුළු රුවින්’ ආදී අලුත්ම සී.ඩී. පට හතරක් නිකුත් වුණා.මෙතෙක් මා රචනා කළ ජනප්‍රිය ගීතවලින් ගීත හැත්තෑදෙකක් මේ සී.ඩී. පටවල අඩංගුයි. ඒ අතර නව පරපුර වෙනුවෙන් මා ලියූ ගීත කිහිපයක් ද මේ ගීත අතර වීම විශේෂයි.
CREATIVE
ගායන ශිල්පිනී චින්තා ප්‍රියංගනීගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගයඑළඹෙන නොවැම්බරයේ දෙවැනි දින බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වේ.ලලිත් පන්නිපිටියගේ වම දකුණ චිත්‍රපටයේ ‘ක්ලබ් සෝංග්’ ගීයත් බුද්ධික ගුණදාසගේ හිරු දුටු පිණි ටෙලි සිතුවමේ තේමා ගීතය චින්තා විසින් ගැයූ ගීත අතර වේ.ආචාර්ය වික්ටර් රත්නායක සහ නන්දසේන කටුවාවල යන අයගෙන් සංගීතය හැදෑරූ ඇය කැස්බෑව ආටිගල බාලිකා සහ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයන්හි ආදි ශිෂ්‍යාවකි.මල්වර සිරිත් රූ ගැන්වෙයිආරියරත්න විතානගේ අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලංකාවේ මල්වර සිරිත් පිළිබඳ වාර්තා චිත්‍රපටය චයිල්ඩ් හුඩ් ටු වුමන් හුඩ් හි රූගත කිරීම් පසුගිය දා සිදුවිණ.රුක්මණී දේවියගේ තිස්හතර වැනි ගුණ අනුස්මරණය නිමිත්තෙන් ඩයලොග් ටී. වී. හි හැටහත්වන නාළිකාව ‘රිදී’ හි මෙම මස 28 වැනිදා දවස පුරාම විකාශය වනුයේ රුක්මණී දේවිය රඟපෑ චිත්‍රපට සහ ඇය හා සබැඳි වැඩසටහන්ය.රිදී නාළිකාව පවත්වාගෙන යනු ලබන්නේ තිස්ස නාගොඩවිතාන සහ ඔහුගේ පුතණුවන් වන චරිත්, හරේන් සහ චමිල විසිනි.
CREATIVE
මේ දවස්වල ශ්‍රී එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ නාට්‍යයක් වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙනවා.ඊට අමතරව රූපවාහිනි නාලිකා කිහිපයකටම හඬ දායකත්වය ලබා දෙනවා. ඉදිරියේදී මම රංගන දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න නියමිත අතරම ගුරු ගීතය චිත්‍රපටයත් තිරගත වෙන්න නියමිතව තියෙනවා.
CREATIVE
- තිසුරි යුවනිකාඇය පුංචි තිරයේ අහිංසකම යුවතිය. තවත් විටෙක ඇයඅසාධාරණයට දැඩි ලෙස විරුද්ධව යුක්තිය වෙනුවෙන් සෘජුව කතා කරන තරුණියක්. උප්පත්තියෙන්ම රංගනය උරුම කරගනිමින් කලා ක්ෂේත්‍රයට පය තැබූ ඇය අද වන විට සාර්ථක තරුණ රංගන ශිල්පිනියක්.තිසුරි යුවනිකා කලා ලෝකයට පය තැබුවේ වයස අවුරුදු පහක තරම් පුංචි වයසකදී. ඒ කුමාරසිරි අභයකොන්ගේ ‘ඊශ්වර සති’ ටෙලි නාට්‍යයෙන්. එහිදී ඇගේ මව වන ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි සමඟ අම්මයි දුවයි ලෙස රඟපාන්න වරම් ලබා ගැනීමට ඇය වාසනාවන්ත වුණා. සිය මවගේ අඩි පාරේ යමින් ඇයත් අද නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ප්‍රදීප් ධර්මදාසගේ ‘ඇහිපිල්ලමක් යට’ මෙන්ම සවීණා, වන්දනා වැනි ටෙලි සිත්තම්වලින් ද ඇය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගැනීමට සමත් වුණා. ඒ තිසුරි මේ දවස්වල දඟකාර පෙම්වතියක්.ඉතිං තිසුරි මොනවද මේ දවස්වල අලුත්ම විස්තර?ටෙලි නාට්‍ය දෙක තුනකටම දායක වෙලා ඉන්නවා. ජනක සුරංජිත්ගේ බොරලු පාර ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට අමතරව රවීන්ද්‍ර විජේරත්නගේ තූර්යා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුත් කරගෙන යනවා.කාලෙකට පසුව සිනමාවට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා නේද?ඔව්. සිවදාසන් අංකල් සහ සුනිල් ටී. අංකල් දරුවනේ චිත්‍රපටයට ආරාධනා කළා. එහි දුලානිගේ චරිතය ටිකක් වෙනස් චරිතයක්. ටිකක් දඟකාරයි. මම ගොඩාක් ආසාවෙන් කළ චරිතයක්. එහි පූර්ව ප්‍රචාරක දැන්වීම් දැකපු අයගෙන් දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන සතුටුයි.සිවදාසන් වැනි අධ්‍යක්ෂවරයෙක් සමඟ කටයුතු කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?මීට පෙර ඔහු සමඟ වැඩ කරල තිබුණෙ නැහැ. එයත් හරියට පොඩි ළමයෙක් වගේ. ඒ වගේම හරිම හොඳයි. ගොඩාක් සැහැල්ලුවෙන් රූගත කිරීම් කළේ. රූගත කරද්දී දන්නෙම නැතුව දවස ගත වෙලා ගියා.දරුවනේ රූගත කරද්දී සිදු වූ රසවත් සිදුවීම් එහෙමත් ඇති නේද?එක දර්ශනයක් තිබුණා මම විශ්ව අයියාට (ප්‍රියන්ත) කෝල් එකක් ගන්න. නමුත් ඒකට පිළිතුරු දෙන්නෙ එයාගෙ අයියා. ඒ කියන්නේ ජනක කුඹුකගේ. ඒ වෙලාවෙදි මම කෝල් කළේ නෑ වගේ හයියෙන් වෙන යාළුවකුට කෑමක් හදන හැටි කියල දෙන්න ඕන. හැබැයි ඒක කියන්න ඕන ගොඩාක් හයියෙන් කෑ ගහල. ඉතිං ඒක කරන්න මුලින්ම මට ලැජ්ජා හිතුණා. නමුත් කොහොම හරි ඒක කළා.ඔබ පුංචි කාලෙදි රඟපෑව උඩුගං යාමය චිත්‍රපටය ගැනත් මතක් කරමු. එහි රංගනයට සම්මානයකුත් හිමි වුණා නේද?සුදත් දේවප්‍රිය අංකල්ගේ උඩුගං යාමය චිත්‍රපටය ළමුන් දෙදෙනකු වටා ගෙතුන කතාවක්. එහි ටිකිරිගේ චරිතයට තමයි මම පණ පෙව්වේ. ඒ අවස්ථාව මට ලැබුණේ මගේ වාසනාවට. ඒ කාලේ මම පහ වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියේ. නමුත් එය තිරගත වුණේ ඊට අවුරුදු පහකට පස්සේ. ඒ සඳහා මට ජනාධිපති කුසලතා සම්මානයක් හිමි වුණා.ඒ මතකය අලුත් කළොත්?ඇත්තටම ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ නැහැ. එහි අධ්‍යක්ෂක සුදත් දේවප්‍රිය අංකල් අපිත් එක්ක වැඩ කළේ හරිම සැහැල්ලුවෙන් තමයි හිටියේ. රඟපානවා කියල දැනුණේ නැහැ. එහි සාර්ථකත්වයට ඒක ගොඩක් බලපාන්න ඇති.පොඩි කාලේ වගේ නෙවෙයිනේ දැන් ලැබෙන්නේ පෙම්වතියගේ චරිතම නේද?දැන් ලැබෙන්නේ ඒ වගේ චරිත තමයි. ඒවා ඒකාකාරී වගේ වුණත් මම හැම විටම වෙනසක් කරන්න උත්සාහ කරනවා. ඇඳුම් පැළඳුම්, කොණ්ඩ මෝස්තර, දෙබස්වලින් වෙනසක් කරන්න හැකි තරම් උත්සාහ කරනවා. මං හිතනවා ඒක සාර්ථකයි කියලා. ඒ නිසා මට ඒකාකාරී බවක් දැනෙන්නේ නැහැ.ඔබට ලැබුණ චරිත අතර වැඩියෙන්ම ආසා කරන චරිතය?මට ලැබුණ හැම චරිතයක්ම ගොඩාක් ආසාවෙන් තමයි කළේ. ඒ අතරේ රුක්මල් නිරෝෂ් අයියාගේ ‘සුළඟ මත මොහොතක්’ ටෙලි නාට්‍යයේ ලැබුණ චරිතයෙන් මට යමක් කරන්න පුළුවන් වුණා.ඔබේ මව ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය ගැන ඔබේ අදහස?ඇය තමයි මගේ ගුරුතුමිය. මට හැම දේටම උපදෙස් දෙන්නේ ඇය තමයි. කලා ක්ෂේත්‍රය පිළිබඳ ඇගේ දැනුම පළපුරුද්ද ගොඩාක් ඉහළයි. මම හැම දේම කරන්නේ ඇයගෙන් අහල තමයි. මගේ අම්මා තමයි මගේ හෙවණැල්ල.රංගන කටයුතුවලදී පවුලේ අයගෙන් ලැබෙන සහාය?අම්මයි තාත්තයි ගොඩාක් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ දෙන්නම මගේ අඩුපාඩු පෙන්නල දෙනවා. පවුලේ අනෙකුත් නෑදෑයන්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ වගේමයි මගේ යාළුවෝ වගේම රසික රසිකාවියන්ගෙනුත් ලැබෙන සහාය ගොඩක් ආදරයෙන් මතක් කරනවා.රිදීී තිරයේ තවත් ආරාධනා ලැබිල තියෙනවද?දරුවනේ චිත්‍රපටයෙන් පසු ආරාධනා ලැබුණෙ නැහැ. මම ආසා කරන, යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් ගෙදර අයගේ අවසරය ඇතිව භාර ගන්නවා.ළඟදීම ඔබව දකින්නට ලැබෙන්නේ?දරුවනේ චිත්‍රපටයට අමතරව ජනක සුරංජිත්ගේ ‘බොරලු පාර’ සහ රුක්මල් නිරෝෂ්ගේ ‘සුළඟ මත මොහොතක්’ ටෙලි නාට්‍ය දෙකෙන් ප්‍රේක්ෂකයන් හමුවට එනවා.යතේජා ඥානරත්න  
CREATIVE
තරු මවුවරු අතර හොඳම තරු අම්මා වී ඇත්තේ කාජල්ය. දරුවන්ගේ සිතිවිලි සමඟ සිටින සෑම මවක්ම හොඳම මවක් බව කාජල් පවසන්නීය. ඇය සම්මානය ගැනීමට පැමිණ සිටියේ කහ පැහැති චාම් බ්ලවුසයකින් සැරසිලායි.කාජල් තරමක් සැර ඇති මවක් ලෙස ද ක්ෂේත්‍රයේ ප්‍රකටයි. ඇයගේ දියණිය පවසන්නේ මවගේ තද ගති වැඩි බවයි. එහෙත් ඇය මේ සියල්ලක්ම කරන්නේ දරුවන් හොඳින් හදා ගැනීමටයි.මේ සැර අම්මාට අවශ්‍ය දරුවන් විනයක් ඇතිව හදා වඩා ගැනීමටයි. 1999 දී අජේ සමඟ විවාහ වුණු කාජල්ට නිශා දෝණි ඉපදුණේ 2003 දීයි. පුතු, යුග් 2010 දී මෙලොව එළිය දුටුවේය. ඇය පවසන අන්දමට නිශාට වැඩිපුරම ඇත්තේ අජේ දේව්ගන්ගේ ගතිගුණයි. යුග් කවුරුන් වාගේදැයි තවමත් කාජල්ට කිව නොහැකිය.කාජල් ළඟදීම රංගන ජීවිතයේ අලුත්ම වෙනසකට මුල පුරන්නීය. ඒ හා හා පුරා කියා පුංචි තිරයට සම්බන්ධවීමෙනි. ‘ද කිලිං’ නම් අමෙරිකානු නිර්මාණය හින්දියෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන අතර එහි ප්‍රධාන රහස් පරීක්ෂක කාන්තා චරිතයට පණ පොවන්නිය, කාජල්ය. හතළිස් හැවිරිදි කාජල් ඒ අභියෝගය කෙසේ නම් ජය ගනු ඇත්ද?චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
සුරේෂ් ගමගේ රංගනයට මෙන්ම ගායනයටත් දක්ෂ බව අපි කවුරුත් දන්නා කරුණක්. මේ දිනවල සුරේෂ්ට සංගීත ප්‍රසංගවල නම් අඩුවක් නැහැ. දිනකට සංගීත ප්‍රසංග හතර පහ භාර ගන්න අවස්ථාත් තියෙනවාලු.පසුගිය දවසක එසේ එක් සංගීත ප්‍රසංගයක් අවසන් කර තවත් ප්‍රසංගයකට යන අතරතුරදී අධික වේගයෙන් රථය ධාවනය කරන නිසා රථවාහන පොලිසියෙන් සුරේෂ්ගේ රථය නවත්වන්න සංඥා කළාලු. ප්‍රථමයෙන්ම රියදුරු අසුනේ සිටි සුරේෂ්ට බීමත්ව රිය පැද වූවා ද යන්න බැලීමට බැලුමක් පුම්බන්න දුන්නා. ඔහු මත්ද්‍රව්‍ය නොගන්න නිසා එයින් බේරුනාලු. නමුත් පොලිස් නිලධාරියා තවම සුරේෂ්ව හඳුනා නොගත් නිසා වේගය වැඩි වීම පිළිබඳ දඩ කොළයක් ලියන්න සූදානම් වනවිට, ළඟ හිටපු අනෙක් නිලධාරියා සුරේෂ්ව හඳුනා ගත්තාලු.කොහොම හරි පොලිස් නිලධාරීන් සමඟ කතාවට වැටුණ සුරේෂ්ට වේලාව ගැන කල්පනා වුණේ නැති නිසා සංගීත සංදර්ශනයට වෙලාවට යා ගන්න බැරි වුණ බවයි ආරංචි.කලක් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම සිටි ප්‍රියනාත් රත්නායකවිදේශ ගත වුණේ ඉංජිනේරුවෙක් විදියට සේවය කරන්න. එසේ විදේශ ගත වී වසර හතකට පසු ඔහු දැන් මව්බිමට ඇවිත්.රංගනය, ගායනය පමණක් නොවේ ප්‍රසංග සංගීතවත් කිරීමේ ද උපන් හපන්කමක් දක්වන ප්‍රියනාත් යළිත් සංගීත වැඩ කටයුතු ආරම්භ කර ඇති බව ආරංචියි.මේ සියල්ල අතර ඔහු අලුත් පරපුරකට තම සංගීත ඥානය බෙදා දීමට, අලුත් සංගීත පන්තියක් ආරම්භ කර තියෙනවා.නව පරපුරේ ජනප්‍රිය නිළි සඳනිසුලක්නා පසුගියදා විවාහ වුණා.ඒ ප්‍රවීන් ජයරත්නත් සමඟයි. දක්ෂ සංස්කරණ ශිල්පියකු වන ප්‍රවීන් නිෂ්පාදකවරයකු ලෙස ප්‍රකටයි.සුප්‍රකට සංස්කරණ මැදිරියක් වන තලාහේන ඩිල් ආයතනයේ අධිපති ඩිල්මන් ජයරත්නගේ පුත්‍රයකු වන ප්‍රවීණ් සිංහාවලෝකනය, චැලෙන්ජස් ඇතුළු මෑත කාලයේ නිර්මාණය වූ චිත්‍රපට බොහොමයක් සංස්කරණය කළ අයෙක්.මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන මලී ටෙලි සිතුවමේ මනුරංගි ගේ චරිතය රඟන සඳනි වාසනා වේවා, උපාධ්‍යා, ගැහැනු ළමයි (නව) ආදී ටෙලි නාට්‍යවලත් වස්සානේ සෙනෙහස සහ ඉදිරියේදී තිරගතවීමට නියමිත කලර්, සුරංගනා ලොවින් ඇවිල්ලා සිනමා පටයන්හී චරිත මැවූ අයෙක්.වසරක පමණ ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වූ ප්‍රවීන් - සඳනි යුවළට සරසවියේ සුබපැතුම් ගෙන එමු.පරාක්‍රම නිරිඇල්ල කියන අපේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයා අලුත් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා.ඒ මෘච්චකටීහම්. මේ වේදිකා නාට්‍යයේ විශේෂත්වය වෙන්නේ දෙමළ භාෂාවෙන් නිර්මාණය වීමයි.‘දෙමළ භාෂාවත් අපට සිංහල භාෂාව තරමටම වැදගත්. ඒ නිසා නාට්‍ය දෙමළ භාෂාවෙන් නිර්මාණය කරන්නට අප උත්සාහ ගත්තේ. ශුද්‍රකගේ මෘච්චකටීකාව කියන නිර්මාණය සිංහලට පරිවර්තනය කළ පියදාස නිශ්ශංකගේ ‘මැටි කරත්තය’ආශ්‍රයෙන් මැටි කරත්තය නාට්‍යය අපේ ජන කරළිය කණ්ඩායම මුලින්ම නිෂ්පාදනය කළේ සිංහල භාෂාවෙන්. බහුවාර්ගික නාට්‍යකරුවන් සිටින නාට්‍ය කණ්ඩායමක් විදියට එවැනි නාට්‍ය නිර්මාණය කිරීම අපේ මූලික ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තියේ අදහසක් ලෙස ‘මැටි කරත්තය’ මඩකලපුව විශ්ව විද්‍යාලයේදී දෙමළ භාෂාවෙන් වේදිකා නාට්‍යයකට නැ¼ගුණා.’පරාක්‍රම නිරිඇල්ල කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා කිව්වේ කාලීන අවශ්‍යතාවයක් සපුරන ගමන් මේ මාසයේ 29 වැනිදා ඉරිදා පස්වරු 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ රඟ දැක්වෙන ‘මෘච්චකටීහම්’ නාට්‍යය දමිළ බසට පරිවර්තනය කළේ ජන කරළියේම නාට්‍ය ශිල්පියෙක්. රාසයියා ලෝගානන්දන්. විධායක අධ්‍යක්ෂණයෙන් මහාචාර්ය එස්. මෞනගුරු සහාය වෙනවා. රංග වින්‍යාසය රොනිකා චාමලී. අධ්‍යක්ෂණ සහායකයින් ලෙස කටයුතු කරන්නේ සෙල්වරාජ්, ලීලාවතී, ත්‍යාගරාජා ශිවනේසන් සහ රාසයියා ලෝහානන්දන්. වේදිකාවට ආලෝකය ගෙනෙන්නේ අජන්තන් ශාන්ත කුමාර්. කර්ණ රසායන සංගීතය නිර්මාණය සුමුදු මල්ලවාරච්චි. නාට්‍යයේ සියලු චරිත රඟපාන්නේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන්. සාමයේ අරුණලු උදාවත් සමඟ ජන කරළිය සහ මඩකලපුව විශ්ව විද්‍යාලය ඒකාබද්ධව කරනා මේ අපූරු රංග කටයුත්තට මූල්‍ය සහාය ලබා දෙන්නේ ඉන්දීය - ශ්‍රී ලංකා පදනමයි.ශ්‍රී ලංකන් ලයිෆ් හරහා රටම හඳුනා ගත් ලහිරු වර්ණකුලසූරිය වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට ගියා. පසුගිය සිංහල අවුරුදු සමයේදී මෙරටට පැමිනුණ ලහිරුට නැවත විදේශ ගත නොවන ලෙස ඔහුගේ රසිකාවක් නිතරම දුරකථනයෙන් කතා කරලා කියනවාලු. නමුත් ලහිරුගේ අධ්‍යාපනය ගැන අබෝධයක් නැති මෙවැනි රසිකාවන් නිසා ලහිරු බොහෝම කරදරවලට ලක් වුණාලු. මේ සියල්ල අහවර වී නැවතත් ගීතයක් නිර්මාණය කළ ලහිරු එය නාලිකාවලට බාර දුන් බවත් ආරංචියි.කොහොම වුණත් පසුගිය අප්‍රේල් 20 වැනිදා නැවතත් ලහිරු රුසියාව බලා ගියා. සංජීව/ප්‍රසාද්/තිලානි
CREATIVE
ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා එම සම්මාන උළෙල නියෝජනය සඳහා යවා ඇති සමහර චිත්‍රපට ලංකාවේ අපට නැරැඹීමට නොලැබීම ගැන ඔබතුමා කුමක් සිතන්නේ ද?තිලකරත්න විල්වල – කෑගල්ලහැම චිත්‍රපටම නොවෙයි තිලකේ, සමහර චිත්‍රපට නම් නරඹන්න නොලැබීමත් කොච්චර එකක්ද කියලා හිතෙනවා.පැරැණි චිත්‍රපටවල පසුබිම් ගීතය තුළ පවා කිසියම් කතාවක් ගැබ්ව තිබුණා නේද?ලක්ෂ්මන් රණසිංහ – වත්තලඔව් ඉතින් සමහරුන්ට චිත්‍රපටයෙන් කතාව කියන්න බැරි වුණාම සිංදුවෙන් කතාව කියනවානේ.ඉන්දියාව දෙකඩවීමෙන් පසුව පාකිස්ථානය බලා ගිය ප්‍රවීණ ගායිකා නුර්ජෙහාන් සාම්ප්‍රදායික මුස්ලිම් කතක් වූවාද? ඇය ගැන කෙටි සඳහනක් කරන්න.එම්. එච්. ගීතරත්න – අලුත්වත්ත – බටපොළඇය කොහොමත් උත්පත්තියෙන් පන්ජාබ් ජාතික මුස්ලිම් කාන්තාවක්. ඇය පකිස්ථානයේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාවයි. ඇගේ ප්‍රථම හා දෙවන විවාහ දෙකම දික්කසාදයෙන් කෙළවර වුණා. ඇය දෙවන වර විවාහ වූයේ පන්ජාබයේ ජනප්‍රිය නළුවකු වූ ‘දුරානි’ සමඟයි. කෙසේ වෙතත් ඇය 1961 පසුව රඟපෑවේ නැහැ. 2000 වසරේ දී ඇය ජීවිත සිනමාවෙන් සමුගත්තා.ඒ කාලේ වගේ අද චිත්‍රපට ගීත ජනප්‍රිය නොවන්නේ ඇයි?සුජාතා ගුණවර්ධන – කඩවතඇයි සුජාතා, සමනළ සංධ්වනිය, සිරි පැරකුම්, කුස පබා චිත්‍රපටවල ගීත ජනප්‍රියයිනේ.ආනන්ද සමරකෝන්ට හා සුනිල් ශාන්තයන්ට නම්බුනාම ලැබුණාද?චාමර ප්‍රේමනාත් විජේසිංහ – පිළියන්දලකළ හොඳ වැඩත්, කීර්තිමත් නාමයත් හැරුණාම කෙනෙකුට තව නම්බුනාම මොකටද චාමර.මොහොමඩ රාෆී, කිෂෝර් කුමාර්, මුකේශ් වැන්නවුන්ගේ අභාවය ඉන්දීය වාණිජ සිනමාවට කිව නොහැකි අඩුවක් ගෙන දුන්නද, යුගයක් සමග වෙනස් වෙමින් අද කුමාර් සානු, උදිත් නාරායන්, සෝනු නිගම් වැන්නවුන්ගේ මිහිරි ගීත විටින් විට හෝ අපට අසන්නට ලැබේ. නමුත් අපේ රටේ ජෝතිපාලයන්ගේ අභාවයෙන් පසු අද නළුවන්ට සරිලන ගායකයෙක් නොමැති බව බහුතරයක් පවසයි. ඔවුන් ජෝතිපාලයන් හට බෙහෙවින් ඇබ්බැහිවූවන්ද? ඔබේ අදහස කුමක්ද?ජානක ඉලුක්කුඹුර – කඩවතජෝතිපාලගේ ජනප්‍රියත්වය ඔහුගෙන් පසුව චිත්‍රපට පසුබිම් ගායනයට අඩුවක් තියෙන බව මා පිළිගන්නවා. නමුත් ජෝතිපාලගේ චිත්‍රපට ගීත නැවත නැවත යොදා ගනිමින් පෙනී යන්නේ සිනමාකරුවන්ගේ නොහැකියාවයි.හින්දි සිනමාවේ ගිනිසිළුව නමින් ප්‍රකට වෛජයන්තිමාලා රංගනයට පිවිසුණේ කුමන චිත්‍රපටයෙන්ද? ඇය ගැන කෙටි විස්තරයක් පළ කරනවාද?එම්. ඉන්ද්‍රපාල – මුංහේනඇයගේ මුල්ම චිත්‍රපටය 1949 දී තිරගත වූ ‘වාල්කයි’ නම් චිත්‍රපයයි. ඒ වන විට ඇගේ වයස අවුරුදු 13 යි. වෙජයන්තිමාලාගේ මුල්ම හින්දි චිත්‍රපටය වූයේ ‘ලඩ්කි’ චිත්‍රපටයයි. ප්‍රකට දෙමළ නිළියක වූ වසුන්දරා දේවිට හා එම්. ඩී. රාමස්වාමිට දාව උපන් ඇය අති දක්ෂ නර්තන ශිල්පිනියක්.ඇතැම් ඕපාදූපයක කියැවෙන පරිද්දෙන් ඇගේ පියා වන්නේ මයිසූර් හී මහා රාජායි. කෙසේ වෙතත් දකුණු ඉන්දියාවේ සිට හින්දි සිනමාවට පිවිසි නිළියන්ගෙන් ඇගේ දක්ෂතාවට යන්තම් හෝ සම කළ හැක්කේ ශ්‍රී දේවි පමණයි. දොස්තර චමත් ලාල් බාලි සමඟ 1965 දී විවාහ වූ පසු ඇය සිනමාවෙන් සමුගත්තා. පසුව ඇය නර්තන පාඨශාලාවක් ආරම්භ කළා. ඇගේ අවසාන චිත්‍රපටය වූයේ ‘මුගවරී’ නමැති දෙමළ චිත්‍රපටයයි. එහි ඇගේ පුතු සුමේන්ද්‍ර චරිත නිරූපණය කළා. නමුත් ඔහු එතරම් ජනප්‍රිය නළුවකු වූයේ නැහැ.මාතලන් චිත්‍රපටයෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ක්ලැරිස් ද සිල්වා ගැන අලුත් යමක් අපට කියා දෙන්නකෝ.මැණිකේ විල්වල – කෑගල්ලඇය දැන් රඟපාන්නේ නැහැ. දැනට කියන්න තියෙන්නේ එපමණයි.සැකසුම - සම්පත් බාලසූරිය  
CREATIVE
රඟපාන්න ආසයි පළමු වටය අවසන්. නොසිතූ පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් දැනටමත් ලැබී තිබේ.මෙතෙක් එවූ ඡායාරූප සියල්ල පළකර අවසන් වන තෙක් කූපනය පළ නොවේ.ඔබ දැක් වූ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි!
CREATIVE
කපිල නිරෝෂන්කපිල නිරෝෂන් ගමගේව හඳුනා ගන්නයි මේ සූදානම් වන්නේ. සංගීතඥයකු ලෙස තම කලා ගමන යන්නට තීරණය කළ හෙතෙම ආනන්ද අතුකෝරාලගේ හොරු හොඳයි වේදිකා නාට්‍යයේ සංගීතය සපයමින් රට වටා චාරිකාවක නියැළෙනවා.කපිල හොරු හොඳයි නිසා ඔබ වැඩි දෙනා හඳුනා ගත්තා කිව්වොත් මා නිවැරැදිද?ඔව්. හොරු හොඳයි වේදිකා නාට්‍යය සඳහා මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශයන්හී වේදිකා ගත කිරීමට ආරාධනා ලැබී තිබෙනවා. ඒත් එක්කම මාත් යනවා. ආනන්ද අතුකෝරාල මහත්තයා තමයි මට නාට්‍යයේ සංගීතය සපයන්න ආරාධනා කළේ. මං මීට ප්‍රථම සංගීතමය කටයුතුවල නියැළුණත් ඔබ කිවවා වගේ වැඩි දෙනෙක් මාව දැන කියා ගත්තේ හොරු හොඳයි නිසා. ඒ නාට්‍යය නරඹපු අය අනිවාර්යයෙන්ම එහි මියුසික් ගැනයි, සිංදු ගැනයි කතා කරනවා මට ඇහිලා තියෙනවා. මේ වන විට මට තවත් නිර්මාණ කිහිපයකටම කතා කළා මියුසික් කරන්න.මේ වේදිකා නාට්‍යයේ සංගීතය නිර්මාණය කරද්දී ඔබ යම් වෙනසක් සිදු කළාද?අනිවාර්යයෙන්ම. ඉස්සර වේදිකා නාට්‍යයක් බලලා සෙනඟ ශාලාවෙන් නික්ම ගියේ ඒ නාට්‍යයේ ගීත මුමුනමින්. නමුත් මෑත කාලයේ ආපු නාට්‍යවල මං ඒ ප්‍රවණතාවය දුටුවේ නැහැ. මට ඕනෑ වුණේ අන්න ඒ වෙනස යළි ඇති කරන්න.ඔබේ පෙර නිර්මාණ ගැන කතා කළොත්?වරද කාගෙද තමයි පළමු වතාවට සංගීතය නිර්මාණය කළ නාට්‍යය. ඉන් පසුව නාට්‍ය අටක සංගීත නිර්මාණය කළා.ඔබේ වෘත්තීය සංගීතයද?ඔව්. මං වේදිකා නාට්‍ය සංගීත නිර්මාණ කටයුතුවලට අමතරව අන්ප්ලග්ඩ් බෑන්ඩ් එකක ගිටාරිස්ට් කෙනෙකු විදිහට වැඩ කරනවා.ගී නිර්මාණකරණයෙහි යෙදෙන්න අදහසක් නැතිද?ඒ ගැන නම් හිතල බලන්න ඕනේ. මං ආස නැහැ රිගිං ටෝන් වෙනුවෙන්ම ගීත නිර්මාණය කරන්න. ස්වතන්ත්‍ර ගීත විවිධත්වයක් තියෙන්න ඕනේ. ඒක නිසා ඒකාකාරී ගීත නිර්මාණය කරන්නේ නැහැ මං.හොරු හොඳයි හි සංගීතය සපයන්න දීලා තිබුණේ වෙනත් අයකුට බව මට ආරංචි වුණා?ඒක මෙහෙමයි, ඔය කතාව ඇත්ත. ආනන්ද අයියයි මාව විශ්වාස කරලා වැඩේ පැවරුවේ. මං නීට් එකට ඒ රාජකාරිය ඉටු කළා. මට බලපෑම් එහෙමත් ආවා මේ සිද්ධිය නිසා.මේ නාට්‍යයේ ගීත ගයන්නේ ප්‍රවීණයෝ කිහිප දෙනෙක්. කොහොමද ඔවුන් සමඟ වැඩ කිරීම?මෙහි රොඩ්නි වර්ණකුල, දමයන්ත පෙරේරා සහ ආනන්ද අතුකෝරාල තමයි වැඩි වශයෙන් ගයන්නේ. ඊට අමතරව තීම් සෝංග් එක ඔවුන් දෙදෙනාට අමතරව හැමෝම කියනවා. ඇත්තටම රොඩ්නි අයියා සිං කරනවා අහන්න මං පොඩි කාලේ ඉඳලම ආසයි. ඒ වගේ කෙනෙකුට ගීතයක් හදන්න තරම් මම භාග්‍යවන්ත වුණා. පුදුම ලෙහෙසියක් තියෙන්නේ මේ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න. මං කියන දේවල්වලට ඔවුන් එකඟ වෙනවා. හරිම සතුටකින් තමයි මං හොරු හොඳයි පිරිවර සමඟින් වැඩ කරන්නේ.මොනවද අනාගත බලාපොරොත්තු?චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය තමයි මගේ හීනය. කවදා හරි මං ඒ හීනය සැබෑ කර ගන්නවා.මේ කපිලගේ දුරකථන අංකයයි. 0723875966.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
ජනප්‍රිය පොප් ගායිකා ලේඩි ගාගා කැලිෆෝනියාවේ පිහිටි අධි සුඛෝපභෝගි නිවසක් මිලට අරගෙන. දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි සුන්දර වෙරළ තීරය අසල පිහිටි මෙම නිවස ඩොලර් මිලියන 24ක වටිනාකමකටයි ඇය මිලදී ගෙන තියෙන්නේ.ගාගාගේ අලුත් නිවස පිහිටි ඉඩම අක්කර 6ක භූමි ප්‍රමාණයකින් යුතු අතර එහි අශ්වයන් හය දෙනෙකු ගාල් කළ හැකි අශ්ව ගාලක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, නාන කාමර දොළහක්, බෝතල අටසියයක් ගබඩා කළ හැකි තැබෑරුමක්, තීරු දෙකක බෝව්ලින් පථයක් සහ පිහිනුම් තටාකයක් ඇතුළත්.යතේජා
CREATIVE
මෙම මස 27 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ දස වැනි ගුණසමරුවට සහභාගි වීම සඳහා සරසවිය පුවත්පතේ පාඨකයන් සියයකට අවස්ථාව ලබාදීමට සංවිධායක කමිටුව අපේක්ෂා කරයි.ඒ සඳහා ඔබ කළ යුත්තේ 0752805047 යන අංකයට නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය කෙටි පණිවුඩයක් මඟින් එවීම පමණි.මෙහිදී කෙටි පණිවිඩ ලැබෙන පිළිවෙල අනුව පිරිස තෝරා ගනු ලැබේ.- ප්‍රසාද්
CREATIVE
බෞද්ධ ආකල්ප සමාජය තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ උපදේශනයෙන් සහ අනුශාසන දායකත්වයෙන් නිර්මාණය වන අඳුරට එළියක් රූපවාහිනී මාලා නාටකයේ මුහුරත් උළෙල පසුගියදා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. රන්සිළු ආයතනය වෙනුවෙන් රංජිත් ප්‍රේමලාල් නිෂ්පාදනය කරන එය තිස්ස විජේකෝන්ගේ අධ්‍යක්ෂණයකි. සෝමවීර සේනානායක අඳුරට එළියක් රචනා කරනු ලබයි. නිෂ්පාදන සම්බන්ධීකරණය සහ කළමනාකරණය රංජිත් සන්දනායකගෙනි.සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ලූෂන් බුලත්සිංහල, යශෝධා විමලධර්ම, සුරාජ් මාපා, මුතු තරංගා, නිලන්ති විජේසිංහ, අමිත්ත වීරසිංහ, රොෂාන් පිලපිටිය, නිපුනිකා හේවාගමගේ, කුමාර තිරිමාදුර, සංකේත් වික්‍රමගේ, සෝමසිරි කොළඹගේ, ජයනි සේනානායක, සරත් දික්කුඹුර, කුමාර රණපුර මෙහි රංගන දායකත්වය සපයති.කිත්සිරි හේවගේ කැමරා අධ්‍යක්ෂවරයාය. පසිඳු දිල්හාන් ලියනගේ ගේ සහාය අධ්‍යක්ෂණයකි.- ප්‍රසාද්  
CREATIVE
මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්‍රදර්ශනය වීම 13 වැනිදා ආරම්භ වේ. ඒ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නවතම සිනාම කෘතිය වන ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයයි. මෙය තිරගත වනුයේ ඉන්දිය සුප්‍රකට චිත්‍රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය. එහි නගර පහක ඇති සිනමාහල් දාහතක ඔබ නැතුව ඔබ එක්ක තිරගතවීම ආරම්භ වනු ඇත. එම නගර සහ චිත්‍රපට ශාලා මෙසේය.මූම්බායිපී. වී. ආර්. - ජුහු මූම්බායිපී. වී. ආර්. - ෆීනික්ස් මිල්ස් - ලෝවර් පැරල්පී. වී. ආර්. – ඊ. සී. එක්ස් - අන්දෙරිපී. වී. ආර්. – මුලුන්ද්සිනෙමැක්ස් වර්සෝවාසිනෙමැක්ස් මලාද්බිග් සිනමාස් - ආර් සිටි (ගට්කෝපාර්)නවදිල්ලිපී. වී. ආර් - සිලෙක්ටි සිටිවෝක්ඩී. ටී. – වසන්ත් කුන්ජ්සත්‍යමි සිනෙප්ලැක් - නේරු ප්ලෙස්පී. වී. ආර්. – එම්. ජී. එෆ් මෝල් ගුර්ගාඔන්බැන්ග්ලෝරයපී. වී. ආර්. තෝරම් - මෝල් කොරමන්ගල්පී. වී. ආර් – මාක ටිසිටි – වයිට් ෆීල්ඩි රෝඩ්ඔරියත් චෝල් මල්ලේෂ්වරම්පූනේපී. වී. ආර් – විමන්නගර්චෙන්නායිපී. වී. ආර්. – අමියා ස්කයි වෝක්හයිද්‍රබාද්සිනෙමැක්ස් සයිකරාබාද්‘ඔබ නැතුව ඔබ එක්ක’ ළඟදීම මෙරට තිරගතවීමට නියමිතය. එහි රඟපෑ ඉන්දීය නිළි අංජලී පටෙල් මෙහි රංගනය වෙනුවෙන් 2012 වසරේ නවදිල්ලි සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. ඇය සමඟ ෂ්‍යාමි ප්‍රනාන්දු, මහේෂ්වරී රත්නම්, වසන්ත මොරගොඩ ඔබ නැතුව ඔබ එක්ක සඳහා රංගනයෙන් දායක විය. - ප්‍රසාද්
CREATIVE
රෝයි ද සිල්වා අපේ සිනමා ක්ෂේත්‍රෙය් සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. සිංහල සිනමාවේ ඉංග්‍රිසී චිත්‍රපට නිර්මාණයේදී රෝයිට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ඒ අතර ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් රෝයිගේ පළමු ඉංග්‍රීසි චිත්‍රපටය.එහි දෙවැන්න නිර්මාණය කරන්නත් රෝයි අමතක කළේ නැහැ. ඒ අනුව තමයි පසුගිය වසරේදී ඔබට ඉට්ස් අ මැටර් ඔෆ් ලව් චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබුණේ. ඒක අපේ සිනමාවට සුවිශේෂ කරුණක්.මෙතෙක් මෙරට අධ්‍යක්ෂවරයෙක් නිර්මාණය කළ ඉංග්‍රිසි චිත්‍රපටයක දෙවැනි චිත්‍රපටයක්ද නිර්මාණය වු පළමු සහ එකම අවස්ථාව වන්නේද එයයි.ඒ වාර්තාව නම් සෑහෙන කාලයක් ගතවත තෙක් කාටවත් කඩන්න බැරි එකක් වේවි.- යතේජා
CREATIVE
අභිනික්මන චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ නිමල් නාකන්දලගේ දියණිය රන්දිකා නාකන්දල පසුගියදා යුග දිවියට පිවිසිණ. ඇයගේ අත ගත්තේ නියෝමාල් දෙහෙරගොඩයි. විවාහයේ සාක්ෂි අත්සන් තැබුවේ අමාත්‍ය ජීවන් කුමාරණතුංග සහ කර්නල් ප්‍රසන්න රණවකයි.              ප්‍රසාද් 
CREATIVE
සිංහල සිනමා විස්තරය පාඨක බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි පසුගිය සතියේ සිට නැවත පළවිය. එහි ප්‍රමාදයකින් චිත්‍රපට කිහිපයක තොරතුරු කලින් පළවී ඇති හෙයින් චිත්‍රපට නාමාවලියේ 604 වැනි චිත්‍රපටයේ තොරතුරු මේ සමඟ පළ වෙයි. ඒ අනුව අද පළවනුයේ 604 වැනි චිත්‍රපටය වූ ‘ඇය වැරදිද ඔබ කියන්න’ සහ 606 වැනි චිත්‍රපටය වන ‘ඩොරීන් ගේ සයනය’ පිළිබඳවය.605 වැනි චිත්‍රපටය වන ‘වත්සලා අක්කා’ චිත්‍රපටයේ තොරතුරු මෙයට පෙර පළ වී ඇති බව කරුණාවෙන් සළකන්න. මේ කරුණු නිවැරැදි කොට ඒ පිළිබඳ අවධානය යොමු කොට, මෙම නමාවලිය වඩා පිළිවෙළට සැකසීමට උපකාරී වූ නාලක වීරමන් මහතාට ‘සරසවිය’ කෘතවේදී වෙයි.තිරගත වූ දිනය – 1985 මැයි 17 ඉදිරිපත් කිරීම – එන්ටර්ටේන්මන්ට් ලංකා නිෂ්පාදනය – ඩබ්ලිව්. රත්නසිරි පෙරේරා, රවි ජයසූරිය, උපුල් ජයසූරිය අධ්‍යක්‍ෂණය – ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා කතාව, දෙබස් සහ තිර රචනය – ධර්මසිරි ගමගේ, ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා සහාය අධ්‍යක්‍ෂණය – මර්වින් කළුආරච්චි කැමරා අධ්‍යක්‍ෂණය – මරසලින් එස්. පෙරේරා සංස්කරණය - සිරි කේ. විතාරණ අංග රචනය - බෙනට් ජයතුංග කලා අධ්‍යක්‍ෂණය හා නාමාවලිය – ලයනල් සිල්වා ගීත පටිගත කිරීම හා ශබ්දපරිපාලනය – නිමල් වීරක්කොඩිදෙබස් පටිගත කිරීම, ශබ්ද සහාය – ඩී. සිරිසේන පෙරේරා, ඩී. එම්. පුංචිහේවා, ඒ. සී. එම්. රියාස් රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර් රසායනාගාර සහාය – එස්. කමල්ඩීන්, එස්. වේලායුදන්, නිහාල් ඇතුලත්මුදලි සැකසුම – ලංකා චිත්‍රාගාරයගී තනු සහ සංගීතය - සරත් දසනායකනිශ්චල ඡායාරූප – මර්සලින් එස්. පෙරේරා ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ ගීත ගායනය - ග්‍රේෂන් ආනන්ද, සුජාතා අත්තනායක(සෙසු ගීත දෙකක තොරතුරු සොයා දෙනමෙන් කාරුණිකව දන්වමි)නළු නිළියන් - සනත් ගුණතිලක, අනෝජා වීරසිංහ, විජය නන්දසිරි, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, සුමනා අමරසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා, ඇන්ජලා වෙරෝනිකා, දොන් සිරිසේන, විමල් කුමාර් ද කොස්තා, අසෝක ඩෙප්, රමණි සිරිවර්ධනතිරගත වූ දිනය – 1985 ජුනි 28 ඉදිරිපත් කිරීම - සාරංගා චිත්‍රපට නිෂ්පාදනය – ආර්. සිරිවර්ධන, ලක්‍ෂමන් ගුණවර්ධන, අශෝක හෙට්ටිආරච්චි, රාජා ස්තුරිආරච්චිකතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්‍ෂණය – නිශාන්ත ද අල්විස් සහාය අධ්‍යක්‍ෂණය – නිලේන්ද්‍ර දේශපි‍්‍රය, ගාමිණී ජයසිංහකැමරා අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි සහාය කැමරා - පී. ඩී. ඇන්ටනි සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්අංග රචනය – එස්. පී. කොස්තාකලා අධ්‍යක්‍ෂණය – ලාල් හරින්ද්‍රනාත් ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසුබ්‍රමනියම්රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ් සැකසුම – විජය චිත්‍රාගාරයනිශ්චල ඡායාරූප – නලින් කන්නන්ගර නිෂ්පාදන කළමනාකරණය - කේ. දයාරත්න, සිරිපාල මුදුන්කොටුව නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාරසංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාසඇඳුම් සහ කොණ්ඩා සැකසුම – පි‍්‍රයංගනී ගුණවර්ධනගීත ප්‍රබන්ධය – යාපා බණ්ඩාර සෙනෙවිරත්නගීත ප්‍රමාණය - 01 උණුසුම් හැඟුම් අතුරමින් – විජය කුමාරණතුංග, ප්‍රසන්න අබේසේකර සහ පිරිසනළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය, ස්වර්ණා මල්ලවාරච්චි, අමරසිරි කලංසූරිය, නදිකා ගුණසේකර, ජීවන් කුරතුංග, නිහාල් සිල්වා, සයිමන් නවගත්තේගම, ගාමිණී සමරකෝන්, විමල් හලංගොඩ, ගීතාල් පෙරේරා, ඉන්ද්‍රජිත් නාවින්න, මධුමතී කලංසූරිය, අසෝක ඩෙප්, නිමල් ඇන්තනි
CREATIVE
මේ දිනවල තිරගත වන අලුත්ම සිංහල චිත්‍රපටයේ නම සිංහල නමක් නොවේ. ඒ පරාක්‍රම ජයසිංහ අධ්‍යක්ෂණය කළ කේ සෙරා චිත්‍රපටයයි. කේ සෙරා යනු ස්පාඤ්ඤ වචනයකි. එහෙත් එය ලොව පුරා ජනප්‍රිය වන්නේ යුග යුග ගණනක් හද බැඳි ගීතයක් ලෙසිනි. සිංහල චිත්‍රපටයක නමට යොදා ගැනුණු කේ සෙරා ගීතය ගැන සොයා බලමු.මම කවුරු වාගේ වෙයි ද කියල ඇහුව අම්මගෙන් . . .අහගන්න ඕනි ඒකට හරි උත්තරේ ඇගෙන් . . .මේ ගීතය මිහිරි හඬින් ඔබ කුඩා කළ රස වින්දා මතක ඇති. පුංචි ගැහැණු ළමයෙකු තම මවගෙන් ද පසුව ඇය තම පෙම්වතාගෙන් ද අසන ප්‍රශ්න ජීවිතයේ තවත් සමයකදී තමාට පිළිතුරු සපයන්න වන අපූරුව සඳහන් වන මෙහි මුල් ගීතය ජනප්‍රිය ඉංග්‍රීසි ගීතයක්. එය අද යළි සිහිපත් වුණේ පරාක්‍රම ජයසිංහ අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය කේ සෙරා නිසා. මේ සුන්දර ගීතය ද නම් වුණේ Que Sera Sera (කේ සෙරා සෙරා) නමින්. ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍ර වූ මේ ගීය ලොව පුරා අතිශය ජනප්‍රිය වූවක්.මං පුංචි කාලෙදි අම්මාගෙන් ඇහුවා අනාගතයේදී මම කවුරුන් වේවිද? මම ලස්සන වේවිද? මම පොහොසත් වේවි ද? කියා . . . ඇය මට කීවේ ‘මොකක් හරි වෙන දේ වෙයි. අනාගතය අපිට දකින්න බැහැ. මොකක් හරි වෙන්න තියෙනව නම් වෙයි.’මම තරුණ වියේදී මගේ පෙම්වතාගෙන් ඇහුවා අනාගතයේදී අපට කුමක් වේවිද? හැමදාම දේදුණු පායාවීද? කියා . . . ඔහු මට කීවේ ‘මොකක් හරි වෙන දේ වෙයි. අනාගතය අපට දකින්න බැහැ. මොකක් හරි වෙන්න තියෙන දේ වෙයි.’ගේ පුංචි පුතා දැන් මගෙන් අහනවා ඔහු අනාගතයේදී කවුරුන් වේවි ද, කඩවසම් වේවි ද? පොහොසත් වේවි ද? කියා . . . මමත් ඔහුට කියන්නේ ‘මොකක් හරි වෙන්න තියෙන දේ වෙයි. අනාගතය අපට දකින්න බැහැ. මොකක් හරි වෙන්න තියන දේ වෙයි.’ඩොරිස් ඩේQue SeraSera නම් වූ මේ අපූරු ගීතය මුලින්ම අසන්නට ලැබුණේ 1956 වසරේදියි. ඒ ඇල්ෆ්‍රඩ් හිච්කොක් අධ්‍යක්ෂණය කළ The Man Knew Too Much චිත්‍රපටයෙන්. එහි ඩොරිස් ඩේ සමඟින් ජේම්ස් ස්ටුවට් රංගනයෙන් දායක වුණා. එහිදී Que Sera Sera ගීතයට හඬ වගේම රංගන දායකත්වය ලබා දුන්නේ අමෙරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක මෙන්ම ගායන ශිල්පිනියක ද වන ඩොරිස් ඩේ විසින්මයි. ඊට පසුව ද 1960 වසරේදී Please Don’t Eat The Daisies සහ 1966 වසරේදී The Glass Bottom Boatචිත්‍රපටවලට ද මෙම ගීතය ඇතුළත් වුණා.ලොව පුරා ජනාදරයට පාත්‍ර වූ මෙම ගීතය ජනප්‍රිය ගීත දර්ශකවල ඉහළින්ම රැඳී සිටි අතරම ඩොරිස් ඩේ ප්‍රසංගවල තේමා ගීතය බවට ද පත් විය. 1956 වසරේදී ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය ද දිනා ගත්තේය. කේ සෙරා සෙරා ගීතය ඉංග්‍රීසි භාෂාවට අමතරව, පෝලන්තය, ඉන්දියාව, ජපානය, ප්‍රංශය ආදී රටවල් රැසක භාෂා රැසකට පරිවර්තනය වී ගැයෙන ගීතයක් බවට පත්ව ඇත.රාජ්කුමාර් සන්තෝෂි අධ්‍යක්ෂණය කළ පුකාර් චිත්‍රපටයේ Kay Sera Sera ගීතයට රංගන දායකත්වය ලබා දෙන්නේ මධුරි ඩික්සිත් සමඟ ප්‍රභූදේවා. මජ්රෝ ජාවද් පරිවර්තනය කළ එහි සංගීත නිර්මාණය කළේ ඒ. ආර්. රහ්මාන් විසින්. ශන්කර් මහාදේවන් සමඟ කවිතා ක්‍රිෂ්ණමූර්ති එය ගායනා කළා. දමිළ ගීතය ඇතුළත් වන්නේ En Swasa Kaatre චිත්‍රපටයේයි. Kadhal Nayagara නම් වූ එය ගායනා කරන්නේ ඒ. එම්. රාජා සමඟින් ජික්කි.කේ සෙරා සෙරා මුල් ගීතය The Man Who Knew Too Much වෙනුවෙන් රචනා කළේ රේ එවන්ස් විසිනි. එහි සංගීතය ජේ ලිවින්ග්ස්ටන්ගේ. මෙය ඉංග්‍රීසි ගීතයක් වුව ද එහි ඇත්තේ ස්පාඤ්ඤ භාෂාවයි. Que Sera Sera යන ස්පාඤ්ඤ වැකියේ තේරුම මොකක් හරි සිදු වෙන්න තියෙන දේ සිදු වේවි (Whatever Will be will be) යන්නයි. පාපන්දු ක්‍රීඩාව තුළ ද මෙම ගීතය අතිශය ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්ව ඇති ගීතයක් බවට පත් වී ඇත.ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ පාපන්දු තරගාවලියකදී එක් තරගයක් අවසානයේ ඊළඟ තරගය ආරම්භයට පෙර මෙය වාදනය කිරීමට එයට හේතුවයි. එහිදී Que Sera Sera Whatever Will be, will be we’re Going to Wembley, Que Sera Sera යන්න එහිදී ඔවුහු ගයති.අද වන විට මෙරට තිරගත වන ජනප්‍රිය සිංහල චිත්‍රපටයකට ද එය නම බවට පත්ව ඇත. එහි අධ්‍යක්ෂ පරක්‍රම ජයසිංහ කියා සිටින්නේ චිත්‍රපටයේ කතා තේමාවට එය බෙහෙවින් සමීප වූ බවයි.යතේජා ඥානරත්න 
CREATIVE
වෙද මුදියන්සේ වැඩ අරඹයිගිහාන් රෝහණ පළමුවරට අධ්‍යක්ෂණය කරන ප්‍රහසන ටෙලි සිතුවම වෙද මුදියන්සෙ හි මූලික වැඩ කටයුතු පසුගියදා නුගේගොඩ ඩෙවෝන් හෝටලයේ පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ. රූගත කිරීම් අඩකටත් වැඩි ප්‍රමාණයක් රන්මිහිතැන්නේදී සිදුවන මෙය සනත් රෝහණගේ නිෂ්පාදනයකි.ලයනල් වික්‍රම, සුනීතා විමලවීර, රහල් බුලත්සිංහල, ආනන්ද අතුකෝරාල, නන්ද වික්‍රමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, නිරෝෂා තලගල, ශෂිරංග වික්‍රමසේකර, කිෂානි අලංකි, ශාලිකා එදිරිසිංහ, ශාන්ත ප්‍රියදර්ශන, කපිල සිගේරා, කුමුදු නිශාන්ත, උදේනි නදීකා, බර්ටි නිහාල් සුසිරිපාල, කුසුම් ගුණවර්ධන, ගයාත්‍රි රාජපක්ෂ, රාජසිංහ ලෝලුවාගොඩ, චතුරි නිවර්තනා, ඇන්ටන් කුරේ, කුසුම් මල්දෙනිය, සයුරි ජයසේකර, නිමාෂා ද සිල්වා, නයනා රඹුක්කනගේ, පවිත්‍රා වික්‍රමසිංහ, එලීෂා නවරත්න, නාමල් ජයසිංහ ඇතුළු නළු නිළියන් සියයකට අධික ප්‍රමාණයක් වෙද මුදියන්සෙ රංගනයෙන් හැඩ කරයි.භාතිය මදනායකගේ පිටපත් රචනයකි. රසික තෙන්නකෝන් අංග රචනා ශිල්පියාය. දිනේෂ් ප්‍රියන්ත පීරිස්ගේ කලා අධ්‍යක්ෂණයකි. බුද්ධික මංගල කැමරාව මෙහෙයවයි. චන්න සෙනෙවිරත්න විධායක නිෂ්පාදකවරයාය. වෙද මුදියන්සෙහි සියලු පිරිවර මුහුරත් උළෙල දා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අන්දමයි මේ.සේයාරූ - අමිත්
CREATIVE
මැරිලින් මොන්රෝ කී සැණින් සිහියට නැගෙන්නේ උකුළටත් උඩින් සුළෙඟ් ගිය දිගු රැළි සුදු ගවුමයි. වීනස් රුවක් මෙන් පියකරු ඇයගේ රුවෙහි සුන්දරත්වය එම ගවුම නිසා වඩාත් ඔප වැටී පෙනුණා යයි පැවසීම මුසාවක් නොවෙයි.වඩාත් මතකයේ රැඳෙන සිනමා ඇඳුම් අතරින් ජනතා මනාපයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ ‘සෙවන් ඉයර් ඉච්’ (1955) සිනමාපටයට මැරිලින් ඇඳි දිගු සුදු ගවුමයි. සිනමාපටය තිරගත වූ දා පටන් මේ ගවුම ජනප්‍රිය සංස්කෘතියේ උරුමයක් විය.දෙවැනි තැන ‘ද විසාඩ් ඔෆ් ඌස්’ (1939) සිනමාපටයට ජූඩි ගාලන්ඩ් ඇඳි ගවුම ද, තෙවැනි තැන ‘ග්‍රීස්’ (1979) සිනමාපටයට ඔලීවියා නිව්ටන් - ජෝන් ඇඳි තද සම් කලිසම සහිත ඇඳුම් කට්ටලය ද තේරී ඇත. ජනප්‍රිය ඇඳුම් අතර ‘ඩොක්ටර් නෝ’ බොන්ඩ් සිනමාපටයට උර්සුලා ඇන්ඩ්‍රස් ඇන්ද සුදු බිකිනිය ද ‘බ්‍රෙක්ෆස්ට් ඇට් ටිෆනි’ සිනමාපටයට ඔඩ්‍රි හෙප්බර්න් ඇඳි කළු ගවුම ද තිබේ.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ගීත රචක රවී සිරිවර්ධනතව මාස කිහිපයකින් එළිදකින මගේ නිර්මාණ රැගත් සී. ඩී. එකේ ගීතවල පටිගත කිරීම් අතරයි මා මේ දවස්වල කාලය ගත කරන්නේ. ඒ සී. ඩී. එක නිර්මාණය වෙන්නේ ප්‍රවීණ පරපුර වගේම නව පරපුරේ ගායක – ගායිකාවන්ගේ සුසංයෝගයකින්. ඒ වගේම මගේ ගීත එකතුවක් මේ එළි දැක්වෙන්නේ වසර 5 කට පමණ පසුවයි. ඒත් සමඟම ගීත පොතක්ද එළි දක්වන්නටත් සිතාගෙන ඉන්නවා. 
CREATIVE
සූකිරි?ඇයි?ලොකු වුණාම ඔයා කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?මං විද්‍යාඥයකු වෙනවා.අලුත් දේවල් නිපදවන්න ද ආස?ඔව්.මොනවද ඒ වගේ අලුතින්ම හොයා ගත්තේ?ඒක කියන්න බැහැ.ඇයි ඒ?එතකොට සූකිරි ඉන්න චිත්‍රපටයේ රසය නැති වෙනවා.සූකිරි ජීවත් වෙන්නේ මවුස් චිත්‍රපටයේ නේද?ඔව්.මොකක්ද සූකිරිගෙ ඇත්ත නම?තිසල් තුල්නිත් මොරගොඩ.තිසල් කාගෙ කවුද කියලත් කියමු?මගෙ තාත්තා වසන්ත මොරගොඩ. ඔහු තමයි මවුස් චිත්‍රපටයේ අධ්‍යක්ෂ.තාත්තා ද ඔබව රඟපාන්න ගත්තේ?නැහැ, නැහැ.එහෙනම්?මවුස් චිත්‍රපටයට ළමයි ගන්න ඉන්ටර්වීව් එකක් තිබුණා. තාත්තා ඒ ළමයි හිටපු පෝළිමට මාව හොරෙන් තියලා පැත්තකට වුණා.ඊට පස්සේ?අනේ මගේ නම් කිසිම කැමැත්තක් තිබුණෙ නැහැ රඟපාන්න. මගේ අවස්ථාවෙදි ජජ් බෝඩ් එකේ හිටපු මාමා මට නටන්න, දෙබස් කියන්න කිව්වා. හැකි විදිහට මාත් ඒවා කළා. මාව චිත්‍රපටයට අරන්. වැඩි විස්තර අහද්දි මං තාත්තගෙ නම කිව්වා. ඔහුත් එතැනට ආවා.ඉතින්?එයාටත් පුදුමයි වෙච්ච වැඩේට.කොහොම හරි තිසල්ට තාත්තගෙ චිත්‍රපටයේ සූකිරි වෙන්නට ලැබුණා.?ඒ වුණත් මං රඟපාන්න බැහැ කිව්වා. තාත්තගෙ වුවමනාවටයි ඉන්ටර්වීව් ඒකට ගියේ. ඉස්කෝලෙත් රඟපාලා නැති මට කිසිම ආසාවක් තිබණේ නැහැ රඟපාන්න.එතකොට තාත්තා ඔබව බලෙන් ද චිත්‍රපටයට ගත්තේ?එයා පුංචි කපටි වැඩක් කළා මාව චිත්‍රපටයට ගන්න.ඒ මොකක්ද?ඉස්කෝලේ මගේ හොඳම යාළුවා අදීශව ගත්තා චිත්‍රපටයේ සූකිරිගේ යාළුවා හැටියට. ඔහුගේ චරිතයේ නමත් අදීශ.තාත්තගෙ උපක්‍රමය හරි ගියා?යාළුවත් ඉන්න නිසා බොහොම කැමැත්තෙන් රඟපෑවා.රූගත කළ පළමු දර්ශනය මතකද?පාරේ ටැප් එකක් ගාව දත් මදින දර්ශනයකට තමයි මුලින්ම පෙනී හිටියේ.තාත්තා ඇක්ෂන් කියද්දී බය හිතුණෙ නැද්ද?මොකද නැත්තේ. බය හිතුණා නෙවෙයි පැනලා දුවන්නයි හිතුණේ.හේතුව?එයා ටිකක් සැරයි ලොකේෂන් එකේදී. මට රූගත කරන්න යන්න කලින් ගෙදරදි කිව්වේ මොකක්ද දන්නවද?නැහැ?පුතා, ලොකේෂන් එකේදි මට තාත්තා කියලා අහුවෙන්න එපා කිව්වා. ඩිරෙක්ටර් යනුවෙනුයි මං එහිදී කතා කළේ.රූගත කරද්දී බැණුම් අහපු අවස්ථා ඇති?ඕන තරම් තියෙනවා. මං වී ගෝනියක් ඔසවාගෙන එන දර්ශනයක් තියනවා. ගෝනිය බර වැඩි වෙලා බිමින් තිබ්බයි කියලා තාත්තා බැන්නා. එහෙම කිව්වේ මූඩ් එක යයි කියලා හිතලලු.එතකොට, කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් ගුටි කාපු වෙලාවත් මතක් කරමු?මං ඉන්ටර්නෙට් කැෆේ එකක ඉදිද්දි කවුෂි නැන්දා මට ගහනවා. පිට හරහා හොඳ පාරවල් කිහිපයක් කෑවා. එයා චිත්‍රපටයේ මගේ අම්මා හැටියටයි රඟපාන්නේ.රඟපෑ අමාරුම දර්ශනය මොකක්ද?කුණු වලක් උඩ ඉඳගෙන ඉන්න එක. හරිම අමාරුවෙන් මිනිත්තුª පහක් විතර හිටියා. තාත්තා කට් කියන්නත් ඉස්සෙල්ලා මං එතැනින් නැගිට්ටා.දිග දෙබස් එහෙම මතක හිටිනවද?මට දැන් ඒවා හුරුයි.මොන ඉස්කෝලෙද තිසල් දැනට ඉගෙන ගන්නේ?මවුස් රූගත කරද්දී මං ඉගෙන ගත්තේ විදුර විද්‍යාලයේ. මේ වන විට නුවර ත්‍රිත්ව විද්‍යාලයෙයි ඉගෙන ගන්නේ.කී වැනි වසරෙද?හය වසරේ.ගෙදර ඉන්න වෙලාවට මොකද කරන්නේ?චිත්‍රපට බලනවා. මමම ඒවා ඩවුන්ලෝඩ් කර ගන්නවා ඉන්ටර්නෙට් එකෙන්.සූකිරි ඔයා වගේ නේද?ඔව්. ගොඩක් මට සමානයි.තවදුරටත් පැහැදිලි කළොත්?මාත් ආස විද්‍යාඥයෙක් වෙන්න.එහෙනම් තාත්තා මේ නිර්මාණය කළේ තිසල්ගේ කතාවද?සමහර විට.රඟපාන්න ආස නැතිද දිගටම?ගොඩක් නාට්‍ය චිත්‍රපටවලට කතා කළා. තාත්තා යන්න දුන්නෙ නැහැ.ඇයි ඒ?ඒවා හොඳ නිර්මාණ නෙවෙයිලු. හොඳ එකක් ආවොත් යවනවලු.තිසල් තුල්නිත් යන නමේ තේරුම තාත්තා කියලා දීලා තියනවද?ඔව්, යහපත් විදිහට ලෝකය දකින්නා.කාටද තිසල් පුතාට තුති පුදන්න තියෙන්නේ?මවුස් කණ්ඩායමට, විදුර විද්‍යාලයේ විදුහල්පති සහ නාලිකා ටීචර් ඇතුළු ගුරු මණ්ඩලයට.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘කීර්ති එකෝස්ටිකා’ දෙවන වරටත් මෙම මස 20 වැනිදා සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි. කීර්තිගේ ජනපි‍්‍රය ගීත විසිහයකින් සමන්විත මෙහි වාද්‍ය වෘන්දය මෙහෙයවීම සරත් ද අල්විස්, මහින්ද බණ්ඩාර සහ මහේෂ් දෙනිපිටිය ගෙනි.මෙය අතරතුර දී කීර්ති ගේ නවතම ගීත යුගලක් ද එළිදක්වනු ඇත. කීර්ති එකෝස්ටිකා හුදෙක්ම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් නොවේ. කීර්ති ඉදිරියේ් දී ආරම්භ කිරීමට නියමිත විවිධ රෝගාබාධයන්ට ලක්වූවන්ට සංගීත චිකිත්සාව හි (මියුසික් තෙරපි) මූලික අදියර මෙම ප්‍රසංගය සමඟ දියත් කෙරෙනු ඇත.
CREATIVE
හැටහය වැනි කාන්ස් සිනමා උළෙල මෙවර ප්‍රංශයේ කාන්ස් නගරයේදී මැයි 15 සිට 26 දක්වා පැවැත්වුණි. මෙවර ප්‍රධාන තරග අංශයේ ජූරියේ සභාපති වූයේ අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්ය.කෙටි සිනමාපට හා නවක සිනමාපට අංශයේ සභාපති වූයේ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂවරිය ජේන් කැම්පියන්ය. සමාරම්භක උළෙල හා නිමා කිරීමේ උළෙල මෙහෙය වූයේ ප්‍රංශ නිළි ඔඩ්‍රි ටෞටෞය.‘ද ග්‍රෙට් ගැරිස්බි’ සිනමාපටයෙන් චිත්‍රපට උළෙල ඇරැඹුණු අතර සිනමාපට උළෙල නිම කරමින් ප්‍රදර්ශනය කෙරුණේ ‘සූලූ’ සිනමාපටයයි.2013 දී පාම් ඩි’ඕර් සම්මානය දිනාගනිමින් විශිෂ්ටතම ප්‍රංශ සිනමාපටය බවට පත්වූයේ ‘බ්ලූ ඉස් ද වෝමස්ට් කලර්’ (ලා වී ඩි’ඇඩිලේ)ය.මෙවර උළෙලේ විශේෂත්වයක් වූයේ සිනමාපටයේ ප්‍රධාන තාරකාවන් දෙදෙනා හා අධ්‍යක්ෂ ඇබ් ඩිල්ලාටිෆ් කේච්චේ යන තිදෙනාම ගෙන්වා සම්මානය පිරිනැමීමයි. ස්පිල්බර්ග්, සිනමාපටය දැක වශීකෘත වූ බව කියවේ.Un Certain Regard අංශයේ ජයග්‍රාහී සිනමාපටය වූයේ කාම්බෝජියානු අධ්‍යක්ෂ රිති පෑන් ගේ ද ‘මිසිං පික්චර්’ය.(ලි’ ඉමේජ් මැන්කුවෙන්ටේ)ප්‍රධාන තරග අංශයේ ගෞරවනීය පාම් ඩි’ ඕර් සම්මානය දිනාගත්තේ ‘ලා වී ඩි’ ඇඩිලේ’ සිනමාපටයේ සමලිංගික පෙම්වතියන් සේ රැඟූ ඇඩිලේ එක්සැකොපෝලස් සහ ලියා සේඩොක්ස්ය.ප්‍රධාන තරග අංශයේ ගෝන් ෆ‍්‍ර‍්‍රී (විශිෂ්ට සිනමාපටය) ලෙස ජෝල් සහ එතන් කෝන්ගේ ‘ඉන්සයිඩ් ලීවින් ඩේවිස්’ ද, හොඳම අධ්‍යක්ෂ ලෙස ‘හේලි’ සඳහා අමත් එස්කැලන්ටේ ද , හොඳම තිර රචනය සඳහා ‘අ ටච් ඔෆ් සින්’ තිර රචනය කළ ජියා ෂන්කේ ද සම්මානයට පාත්‍ර වූහ. හොඳම නිළිය වූයේ ‘ද පාස්ට්’ හි රැඟූ බෙරිනීස් බේජෝය. හොඳම නළුවා ලෙසින් ‘නෙබ්‍රස්කා’ හි රැඟූ බෲස් ඩෙමි සම්මානයට පාත්‍ර වූයේය. ජූරියේ විශේෂ සම්මානය හිරොකසු කොරීඩා ගේ ‘ලයික් ෆාදර්, ලයික් සන්’ සිනමාපයට හිමි විය.අන් සර්ට්න් රිගාඩ් සම්මාන අංශයේ විශේෂ ජූරි සම්මානය පිරිනැමුණේ හනි අබු - අසාඩ්ගේ ‘ඕමාර්’ සිනමාපටයටයි. එම අංශයේ හොඳම අධ්‍යක්ෂ ;ලස ෆෘට්වේල් ස්ටේෂන් අධ්‍යක්ෂණය කළ රයන් කූග්ලර් ද, විශිෂ්ට දක්ෂතාවට ‘ද ගෝල්ඩන් කේජ්’ අධ්‍යක්ෂණය කළ ඩියාගො ක්වෙමදා ඩියස් ද සම්මාන දිනා ගත්හ.පැරලල් අංශයේ කලා සිනමා සම්මානය මී, මයිසෙල්ෆ් ඇන්ඩ් මම් හිමිකර ගත්තේය. එය ගුයිලෝමි ගැලීනේ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකි.හොඳම යුරෝපීය සිනමාපටය වූයේ ක්ලියෝ බර්නාඩ්ගේ ‘ද සෙල්ෆිෂ් ජයන්ට්’ ය.කෙටි සිනමාපට අංශයේ ජයග්‍රාහී නිර්මාණය වූයේ ජොඕ නිකොලෝ ගේ ‘ද වයිල්ඩ් ගූස් චේස්’ය. විශේෂ සහතිකයක් ‘අබවුට් අ මන්ත්’ (ඇන්ඩ්‍රි නෙවෙයිස් ඔලිවේරියා) සිනමාපටයට හිමි විය.ජූරියේ කුවියර් පාම් සම්මානය ඒලියන් ගුයිරෝඩි ගේ ‘ස්ට්‍රේන්ජර් බයි ද ලේක්’ සිනමාපටය ද, ජූරියේ පාම් ඩෝග් සම්මානය ‘බේබි බෝයි ඉන් බිහයින්ඩ් ද කැන්ඩිලේබ්‍රා’ ද දිනා ගත්තේය.ස්වාධීන සම්මාන යටතේ තරගකාරී අංශයෙන් ‘බ්ලූ ඊස් ද වෝමස්ට් කලර්’, අන් සර්ට්න් රිගාඩ් අංශයේ මෑනුස්ක්‍රිප්ට්ස් ඩෝන්ට් බර්න් (මොහොමඩ් රයෝලොෆ්) සම්මාන නාමාවලියට එක් විය.දෙසතියේ හොඳම සිනමාපටය ලෙසින් අධ්‍යක්ෂගේ සම්මානයට පාත්‍ර වූයේ බ්ලූ රුවින්ය. (ජෙරම් සෝල්නියර්). කැමෙරා ඩි’ඕර් සම්මානයට හිමිකම් කිව්වේ චීන අධ්‍යක්ෂ ජියා ෂැන්ග්කේ ගේ ‘අ ටච් ඔෆ් සින්’ය.- චම්පිකා දීපානිවිශේෂ ජූරියේ සාමාජිකයෝ (සිනෙෆොන්ඩේෂන්)* සභාපති - ස්ටීවන් ස්පිල්බර්ග් (අධ්‍යක්ෂ) * ඩැනියල් ඔටේල් (නළු) * විද්‍යා බාලන් (නිළි) * නයෝමි කවාසේ (අධ්‍යක්ෂිකා) * නිකොල් කිඩ්මන් (නිළි) *ඇන්ග් ලී (අධ්‍යක්ෂ) * ක්‍රිස්ටියන් මුන්ගියු (අධ්‍යක්ෂ) * ලීන් රැම්සේ (අධ්‍යක්ෂිකා) * ක්‍රිස්ටොෆ් වෝල්ට්ස් (නළු)අන් සර්ට්න් රිගාඩ් අංශය* සභාපති - තෝමස් වින්ටර්බර්ග් (අධ්‍යක්ෂ) * එරික් ගොන්සාලේස් මාකෝ (නිෂ්පාදක) * ලුඩ්වින් සැග්නියර් (නිළි) * ඉඩා සැන්ටියාගෝ - රියෝ උළෙලේ අධ්‍යක්ෂ * ෂැන්ග් සියි (නිළි)කැමෙරා ඩි’ඕර් (ගෝල්ඩන් කැමරා) අංශය* සභාපති ඇග්නස් වර්ඩා (අධ්‍යක්ෂිකා * මයිකල් ඒබ්‍රමෝවික් (ඡායාරූප අධ්‍යක්ෂ) * ග්වෙනෝල් බෘනෙයු * ඉසබෙල් කොඩෙක්ට් (අධ්‍යක්ෂිකා) * එරික් ගුයිරාඩෝ (අධ්‍යක්ෂ) * කොලේ රෝලන්ඩ් (ප්‍රංශ විචාරක සංගමය) * රෙගිස් වෝග්නියර් (අධ්‍යක්ෂ)කෙටි සිනමාපට හා ඉදිරි පරපුර දිරිමත් කිරීමේ අරමුණින් (සිනෙෆොන්ඩේෂන්) ඇති නවකයන්ට විවෘත වූ අංශය* සභාපති ජේන් කැම්පියන් (නිළි) * මාජි ඩා ඇබ්ඩි (අධ්‍යක්ෂ) * නිකොලෙටා බ්‍රැස්කි (නිළි) *නන්දිතා දාස් (නිළි) *සෙමිත් කප්ලනෝග්ලු (අධ්‍යක්ෂ)  
CREATIVE
පාඨක ඔබට සැම විටම අලුත් අත්දැකීමක් ගෙන එන සරසවිය මෙවර අලුත්ම තරගය හඳුන්වා දෙයි. මෙවර විශේෂත්වය නම් එයට පුවත්පත් මෙන්ම අන්තර් ජාලය ඔස්සේ ද එයට හවුල් වන්නට ඇති හැකියාවයි. ඔබ කළ යුත්තේ මේ සමඟ පල කරන ඡායාරූපයට රසවත් දෙබසක් ලියා අපට එවීමයි. නැතහොත් www.sarasaviya.lk  වෙබ් අඩවියට එක් කිරීමයි.තැපැල්පත් මඟින් හෝ වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ඔබේ දෙබස ඊළඟ සතියේ බදාදා එනම් මැයි 21 වැනිදාට පෙර ‘කියන්නේ මොනවාද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.හොඳම දෙබසට ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන ආදරණීය කතාවක් චිත්‍රපටයේ අනුග්‍රහයෙන් සතිපතා රු: පන්සියයක තෑගි වව්චරයකි.මෙවර ඡායාරූපයේ අනුව සේමිණි අමිත්තට කියන්නේ මොනවාද ?
CREATIVE
පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පැතූ ඇගෙන්නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි. ඒ පිය උරුමයෙන් ගායනයට පැමිණි සනුකව හඳුන්වා දෙන්නයි මේ සූදානම.සනුක පුංචි කාලේ ඉඳලා හැදුණේ වැඩුණේ සංගීතමය පරිසරයක. තාත්තා කීබෝඩ් එක වාදනය කරමින් ගීත නිර්මාණයේ යෙදෙද්දී ඔහු ළඟට වෙලා ඒ දෙස බලා සිටියේ කවදා හරි මමත් තාත්තා වගේ වෙනවා කියලා හිතාගෙන. ටික කාලයකට පසු ගිටාරය අතට ගත් සනුක එය වාදනය කරන්න පටන් ගත්තා. ඒ අතරවාරයේ සංගීත් තම පුතාගේ උනන්දුව දැකලා අමරනාත් රණතුංග මහතා ළඟට සංගීතය පිළිබඳ වැඩිදුර හදාරන්නට යැව්වා.සනුක ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. ඔහු සංගීත්ගේ පුතා බවට වැඩි දෙනෙක් දැනගෙන ඉඳලා නැහැ. ඒ රහස එළිවුණායින් පස්සේ විද්‍යලය මඟින් සංවිධානය කරන ‘සා ගා’ ප්‍රසංගයට සංගීත්ගේ ගීත කියන්න සනුකට සිද්ධ වුණාලු.මම තාත්තගෙ ගීත කියන්න ආස නැහැ. ඔහුගේ නමින් වැජඹෙන්න. ඉස්කෝලයෙත් බැරිම තැන තමයි තාත්තගේ සිංදුච කිව්වේ. මට ඕනෑ මගේ ශෛලියක් ගොඩනඟා ගන්න. රූපාන්තරණ ගීතය කිව්වේ මගේ විදිහට.සනුක ගයන රූපාන්තරණ ගීතය මේ වන විට අන්තර් ජාලයේ හරිම ජනප්‍රියයි. ඔහු මීට ප්‍රථම මවු ගුණ ගීතයක් ගැයුවා. ඒකේ නම ‘මා’. දෙවැනි ගීතය විදිහටයි රූපාන්තරණ ගීතය එළිදැක් වූයේ. ඔහු වඩාත් ජනප්‍රිය වුණේ එම ගීයෙන්. සනුක ග්ලොරි නම් වූ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය පිළිබඳත් වැඩිදුර හදාරනවා. කවදා හරි ඒ අංශ දෙකෙන්ම ඉදිරියට යන්නයි සනුක හිතාගෙන ඉන්නේ. සංගීත්ගේ ශබ්දගාරයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාම සනුකගේ තවත් බලාපොරොත්තුවක්. ඒ වගේම හොඳ චිත්‍රපට පසුබිම් ගායකයකු වන්නත් සනුක හිතාගෙන ඉන්නවා.සටහන – ප්‍රසාද්සේයාරුව - මාලන්සනුක ගයන රූපාන්තරණ ගීයෙහි සම්පූර්ණ පදමාලාව:පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසි වෙයිනේ දැන් හදවත පුපරයි තරහින් සෙනෙහස පැතූ ඇගෙන්උණුසුම නොලැබෙයිදෝ දැන් හදවත විඳි දුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන් අඩමාණෙන් සිටියේ මගෙ හිත කිව්වත් නෑ ඇසුවේ නෙතු මානෙන් මැකුණේ ඔබේ සිතුවම් දැන් බොඳ වී යන්නේසංගීතය – ලහිරු පෙරේරාපද රචනය – මනුරංග විජේසේකරසනුක සමඟ ලහිරු සහ රන්ධීර් ද මෙයට ගායනයෙන් එක්වෙනවා. 
CREATIVE
සුරූපී ජියා ඛාන් ජූනි 3 වැනිදා හිටි හැටියේම හොරු අරන් ගියා වගේ ජීවිතයෙන් අතුරුදන් වූයේ මුළු බොලිවුඩයම කම්පාවට පත් කරමිනි. විදුලි පංකාවේ රැහැන් පටකින් එල්ලී මිය ගොස් සිටි ඇය සිය දිවි නසාගෙන ඇති බව නීතිය මඟින් ද තීරණය කෙරිණි. එසේ මිය යාමට ඇයට බොහෝ කාරණා ඇති බව බොහෝ දෙනා පැවසුවත් ඇයගේ මව රබියා ඛාන් නම් කොහෙත්ම එය පිළිගත්තේ නැත. ඉදිරියේදී රඟපෑමට ලැබුණු සිනමාපට ගැන ඇය මහත් බලාපොරොත්තුවෙන් සිටි බව මව දැන සිටියාය. බිඳුණු, බිඳෙන පෙම බොලිවුඩ් තාරකාවකට සිය දිවි නසා ගැනීමට හේතුවක් නොවෙයි. ඒ සියල්ලටම වඩා මවට සැක සිතුණේ සිය දිවි නසා ගැනීමකදී දිව එළියට ඇදී, දෑස් ඉලිප්පී තිබිය යුතු නමුත් ජියාගේ එසේ නොතිබීම නිසයි.කලක් සිනමා තාරකාවක්ව සිටි රබියා, සිනමාපටයකදී අසාධාරණයට ලක් වූ කෙනකුට යුක්තිය ඉටු කරන්නාක් ලෙසින් සිය සටන අත් නොහැරියාය. දියණිය වෙනුවෙන් ඇය මහාධිකරණයට ගියාය. නීතියෙන් වළලන්නට සෑදූ දෙයට වඩා ඇය සිතූ දේ නිවැරැදිය.අධිකරණ වෛද්‍ය වාර්තාව මඟින් හෙළි වී ඇත්තේ ඇය මරා දමා විදුලි පංකාවක එල්ලා ඇති බවයි. එසේ කර ඇත්තේ ජියා සිය දිවි නසාගෙන ඇති බව ලෝකයාට ඒත්තු ගැන්වීමටයි.කලීනා අධිකරණ වෛද්‍ය රසායනාගාරයට අනුව ජියාගේ නියපොතුවල මිනිස් මස් කැබලි තිබී ඇත. ඇයගේ යට ඇඳුම් ලෙයින් තෙත් වී තිබුණු අතර මරා දැමීමට පෙර ඝාතකයා මහත් සේ වධ දී තිබූ බව එයින් හෙළි විය. ඇයගේ ගත පුරාම විවිධ තුවාල තිබී ඇත. ජියා මත්පැන් පානය කර සිටි බව ද දැන් අනාවරණය වී තිබේ. ඝාතකයා ඇයට මධුවිතෙන් මත්වීමට සලස්වා අඩපණකර ඇත. මත්පැන් පානය කළ විට පහසුවෙන් මරා එල්ලා දැමිය හැකි යැයි ඔහු විශ්වාස කළ බව නොඅනුමානය.මවත්, සොයුරියත් නැති මොහොතේ මේ අපරාධය සිදුවිණි. උසාවිය මෙය සිය දිවි නසා ගැනීමක් ලෙසට දුන් තීන්දුවට රබියා මුල සිටම විරුද්ධ වූවාය. තවම ඝාතකයා හඳුනාගෙන නැතත් සූරජ් පන්චෝලි ගැන ඇති සැකය නම් දුරු වී නොමැත. මිය යන විට විසිපස් හැවිරිදි වියේ පසු වූ ජියා වඩාත්ම ජනප්‍රිය වී සිටියේ මෙගා තරුව අමිතාබ් බච්චන් සමඟ රඟපෑ ‘නිශාබ්’ හි දඟකාර යුවතියගේ චරිතයෙනුයි. 2007 දී ‘නිශාබ්’ සිනමාපටයෙන් රංගනයට පිවිසි ඇය පළමු රංගනයෙන්ම ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නවක නිළිය ලෙස නිර්දේශ වූවාය. සිනමාපටයට ‘ටේක් ලයිෆ්’ ගීය ගැයුවේ ද ඇයයි. 1998 දී ‘දිල් සේ’ සිනමාපටයේ මෙගානාගේ ළමා විය රඟපා ඇත්තේත් ජියාය.ගජිනි (2008) හි සුනීතා ලෙස ද, හවුස්ෆුල් (2012) හි දේවිකා ලෙස ද ජියා රඟපා තිබේ. රඟපා ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු සිනමාපට ගණනක වුවත් ඇය කුතුහලය, ආදරය, ත්‍රාසය පිරි තවත් බොලිවුඩ් කතා තේමාවකට මාතෘකාවක් සපයමින් මිය ගියාය. මේ වන විටත් ජියාගේ ජීවිත කතාව අලළා සැකසූ ටෙලි නාට්‍යයක් නිපදවා තිබේ. එය ‘යේ හෛ ආශිකි’ නමින් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. මිහිකා වර්මා මෙහි ජියාගේ චරිතය රඟන්නීය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
අයි. ටී. එන්. ජනපි‍්‍රයම සුපිරි හපනා විමුක්ති අභිමාන්ගැහි ගැහි සිංදු කිව්ව දවස කවදාවත් අමතක වෙන්නෑදුවලා ඇවිත් කප් එක අතට ගත්තාමේ පුතාගෙ නම විමුක්ති අභිමාන්. ඔහුව අපට හමුවන්නේ අයි. ටී. එන්. සුපිරි හපනා වැඩසටහන හරහායි. එහි ජනපි‍්‍රයම හපනාවූ විමුක්ති එදින විදහාලූ දක්‍ෂතාවන් කාලාන්තරයක් යනතුරු මෙරට ප්‍රේක්‍ෂක ලෝලීන්ට මතකයේ තියෙන බවට නම් කිසිදු සැකයක් නැහැ. ගම්පහ ශාන්ත පීතර විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන විමුක්ති ගේ අනාගත බලාපොරොත්තුව වෙද්‍යවරයකු වීම කියලයි ඔහු කිව්වෙ. ඒ අතරතුරදි කලා කටයුතුවල නියැළෙන්නයි ඔහුගේ අදහස. විමුක්තිගේ සුන්දර හඬ සරසවිය වෙනුවෙන් අවදිවූ අයුරයි මේ.විමුක්ති, කොහොම හරි ඔබ ජනපි‍්‍රයම හපනා වුණා නේද?අවසන් අට දෙනාට තේරුණායින් පස්සෙ මගෙ යාළුවො හැමෝටම කතාකර කර කිව්වා මට එස්. එම්. එස්. කරන්න කියලා. එ කියපු ඔක්කොමලා මට ජන්දය දීලා මාව ජනපි‍්‍රය හපනා කළාට තුති පුදනවා.කවුද ඔබට සුපිරි හපනා වැඩසටහනට සහභාගි වන්න යැයි කිව්වෙ?අම්මා, ඇය තමයි මගෙ අයැඳුම්පත තරගයට දැම්මෙ.මට දැනගන්න ලැබුණා ඔබ පුංචි කාලෙ ඉඳලා ගෙදර ඉන්නකොට සිංදු කියනවා කියලා?ඔව්, මම පොඩි කාලෙ ඉඳලා ගෙදර දෙවනත් වෙන්න සිංදු කියනවා.කාගෙ ගීතද වැඩිපුරම කිව්වෙ?අමරදේව සර්ගෙ.කවුද ඔබට ගීතවල වචන ලියලා දුන්නේ?මමමයි ඒවා අහලා ලියා ගත්තෙ.ඔබේ පියා කලක් කලාවට සම්බන්ධ වෙලා හිටියා නේද?මගේ පියා තබ්ලා විශාරදවරයෙක්. ඔහුගේ නම රංජිත් බවන්ත තිලකරත්න. තාත්තා දැන් විදෙස්ගත වෙලා ඉන්නේ.සුපිරි හපනා හි පළමු වටයට සහභාගි වූ දවස මතකද?ඔව්, මම එදා කිව්වෙ බුදුනේ...බුදු පියාණනේ... ගීතය.එදා බය හිතුණෙ නැද්ද?අපෝ නැහැ. හැබැයි එක දවසක් නම් හොඳටම බයෙන් ගීත කිව්වෙ.ඒ කවද්ද?අවසන් 40 දෙනාට තේරුණු වෙලාවෙ. එදා මට හොඳටම උණ ගැනිලයි තිබුණෙ. එදා ගැහි ගැහි සිංදු කියපු විදිය නම් කවදාවත් අමතක වන්නෙ නැහැ.සුපිරි හපනා අවසන් තරගයේ ජනපි‍්‍රයම හපනා විදියට ඔබේ නම කිව්වම මොනවද හිතුණේ?පුදුමාකාර සතුටක් දැණුනා. උඩපැනලා කෑගහන්න හිතුණා. දුවලා ඇවිත් කප් එක අතට ගත්තා. එවෙලෙ නම් ඒක උස්සාගෙන එහෙ මෙහේ ගියා. හැබැයි ගෙදර ගියාම කප් එක අතට ගත්තා. පුදුමයි, ඒක උස්සගෙන ඉනන් බැහැ. හරිම බරයි. මගෙ නම කියපු සතුටට ඒ ගැම්මත් එක්ක කප් එක අතට අරගෙන ඉන්න ඇති කියලා මට හිතුණා. දැන් හිතාගන්න පුළුවන් නේද මම කොච්චර එදා සතුටු වුණාද කියලා?විමුක්තිගෙ අනාගත බලාපොරොත්තුව කලාවෙන් ඉදිරියට යාමද?නැහැ, මම වෛද්‍යවරයෙක් වෙනවා.ඔබ ගයන්න, නටන්න, වයන්න දක්‍ෂයි. එහෙව් තතත්වයක් මත වෙනත් වෘත්තියකට යොමු වුණායින් පසු ඒ දක්‍ෂතා අපතේ යනවා නේද?මම හිතාගෙන ඉන්නෙ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් කලාවේ නියැළෙන්නයි. මම ඒ සඳහා කාලය කළමනාකරණය කරගන්නම්.විමුක්තිගෙ පවුලේ විස්තරත් කියමු?තාත්තයි, අම්මයි, නංගිලා දෙන්නයි. අපේ ගෙවල් තියෙන්නේ ජා ඇල.අවසන් තරගයේදී ඔබ චාලි චැප්ලින්ව අනුකරණය කරමින් අපූරු නැටුමක් ඉදිරිපත් කළා. එය හරිම ලස්සනයි....?මට ඒ ගැන කියලා ගොඩක් අය කතා කළා. මම චාලි චැප්ලින්ට ආසයි. ඔහුගේ චිත්‍රපටවල කෑලි බලලයි අපි ඒ නැටුම හදාගත්තෙ. එය මට පුරුදු කළේ කේ. පී. රංගජීව සර්. ඔහුමයි ඊට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සකස්කර දුන්නේ.විමුක්ති හිතන විදිහට ඇයි ඔබට අවසන් තරගයේ දක්‍ෂතම හපනා වෙන්න බැරි වුණේ?සාමාන්‍ය දැනුම මනිද්දි මට ඇතැම් ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණා. එයින් ලකුණු සෑහෙන ප්‍රමාණයක් කැපුණා. මට ලකුණු අඩු වුණේ වෙනින් අංශ නිසා නොවෙයි. මට ඒක විශ්වාසයි.කාටද තුති පුදන්න තියෙන්නෙ?මගෙ පාසලේ විදුහල්පති තුමා ඇතුළු මට උදව් කළ හැමෝටම ස්තුතියි කියනවා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
ඔබේ ප්‍රතිචාර 0757413731 යන දුරකතන අංකයට ක්ෂණිකව එවිය හැකිය. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ සටහන්පත් වෙනුවෙනි.සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ සැබෑ වෙනසක් මේ වන විට දක්නට ලැබේ. එය කණ්ඩායමේ සාර්ථකත්වයටම සුබ ලකුණක් වේවා.දමයන්ති කුමාරි -හොරණ.රණවිරු රියල් ස්ටාර් කිරුළු පැළැඳු අයෝමිට සුබම සුබ අනාගතයක් පතමි. ඔබේ මධුර නදින් ඔපවත් වූ අලුත් නිර්මාණ තුළින් ළඟදීම අප හමුවන්නට ඇරියුම් කරමි.විරාජ් බණ්ඩාර - නිකවැරටිය.ඇන්ජලා සෙනෙවිරත්න යළි රංගනයට පිවිසීම රංගන ක්ෂේත්‍රයට සැබෑ ආලෝකයකි. ඔබ රංගනයටම උපන් කලාකාරිණියකි.චමින්ද - වත්තල.සුපර් සික්ස් තුළින් මතුවුණ තරුවකි හේමාල් රණසිංහ. ඔහු මීට ප්‍රථම වෙළෙඳ දැන්වීම් ඔස්සේ දස්කම් පෙන්වා තිබිණ. හැකි ඉක්මනින් ජනප්‍රිය නළුවා විලස සම්මානය ලැබීමට හැකි වේවා.සංජු - දෙල්ගොඩ.වර්තමානයේ හැදෙන විකට චිත්‍රපටවලට අපට සිනහ පහළ වෙන්නේ නැහැ. ඒවා නරඹා අප ශාලාවෙන් එළියට එන්නේ බොහොම දුකෙන්.සපුමල් සේනාරත්න- කළුතර.ක්රන්ස් විජේවර්ධන නාමය ගීත කෙතෙහි අමරණීයයි. ගැයුමෙන්, වැයුමෙන්, පද රචනයෙන්, සංගීත නිර්මාණයෙන් ඔහු දැක් වූ දස්කම්වලට සම කිරීමට කිසිවෙකුත් මේ වන තෙක් මිහිපිට ඉපිද නොමැත.දයාරත්න හේමවංශ - රනාල.අපට සිටින දක්ෂ රංගන ශිල්පීන්ගෙන් කෙනෙකු වූ කමල් අද්දරආරච්චි ඉදිරියේදී චිත්‍රපට තුළින් දැකගන්නට ලැබීම සතුටට කරුණකි. එමෙන්ම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ පුතු දමිත් රංගනයට නැවත එක් වූ බව අසන්නට ලැබීමත් සතුටක්.මාතලේ - ධර්මා ඒකනායකකමල් අද්දරආරච්චි නැවතත් රංගනයට පැමිණ සිටින වග අසන්නට ලැබුණා. ඔබේ ඒ දෙවැනි සිනමා ගමන අති සාර්ථක වේවා.කරු මණ්ඩාවල - නාත්තන්ඩියරන්ජන් රාමනායකට, සිංහල සිනමා රිදී තිරේ සුපිරි වීරයා ලෙස වැජඹෙන්නේ රසික හදේ රන් සමනලයා වී සිටිනා අපේ සිහින කුමරා ඔබ වන්නේමිහිරෙන් තනුවට ගී ගයනා රැඟුමෙන් රැගුමට නර්ථන පානා රසික දනන් හද තුටු කරනා රසික මනාපය ඔබ නිති ලබනා සක්විති හා විජයගේ සමු ගැන්මෙන් සුපිරි වීරයා වී ලද මහ කිරුලෙන් රංගන හැඩදා පුංචි තිරේ රිදී තිරෙන් සුපිරි වීරයා ලෙස සම්මත නාමෙන් වැජඹෙන ලෙංගතු රන්ජන් නාමෙන්ගාමා ගාමිණී සුබසිංහසකුරා හවුස්, හබරාදූව.නැගි එන නිළි ගයාත්‍රි රාජපක්ෂට,ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන සඳට අහස ආදරෙයි ටෙලි සිතුවමේ තුෂාරිගේ චරිතය ඔබ මැනවින් රඟපානවා. ඔබේ ඉදිරි ගමනට මම මගේ සුබපැතුම් එක් කරමි.මීටියාගොඩ මරදානවත්තේ එච්. එල්. තිලකසිරි ද සිල්වාසිංහල සිනමාවේ මුල් යුගයේ පසුබිම් ගායනයට දායක වූ ඒ. එම්. රාජා, ජමුනා රාණි, ජික්කි, කේ. රාණි, සත්‍යවතී, ජී. සුසිලා වැනි ගායක ගායිකාවන් සදා ආදරයෙන් සිහිපත් කරමු. මොවුන් ගැයූ ගීත තවමත් දෙසවත් රැව් පිළිරැව් දෙයි.කපුගොඩ මාළිඳ සරසවි නිවසේ- සරත් රණසිංහනියරේ පිය නඟලා, තණ නිල්ල දිගේ, හඬවලා හිතක් හඬවාලා වැනි ගී ගැයූ සමන් ද සිල්වාගෙන් නව නිර්මාණ අප බලාපොරොත්තු වෙමු.වෙන්නප්පුව පල්ලිය පාරේවියානි ගුණවර්ධනනිලන්ත ගුණවර්ධනප්‍රතිචාර සැකසුම ප්‍රසාද් සමරතුංග
CREATIVE
අභිෂේකා විමලවීර ජනපි‍්‍රය යොවුන් ගායිකාවක් වගේම නිවේදිකාවක්. ප්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරගේ ආදරණීය දියණිය වන ඇය කලා හැකියාවන් පෙන්වූයේ පුංචි සන්දියේ සිටමයි. පසුගිය වසරේදී පතිකුලයට ගිය ඇය දැන් ආදරණීය බිරිඳක්. තම ජීවිතයේ අලුත්ම වෙනසත් සමඟින් ඇය දැන් තවත් අලුත් වැඩක් ආරම්භ කරලා. හැබැයි ඒ කලා කටයුත්තක් නම් නෙවෙයි.ඇය දැන් කාන්තා රෙදිපිළි විලාසිතාගාරයක හිමිකාරියක්. පසුගිය නොවැම්බර් 11 වැනි දා යෙදුණු ඇයගේ උපන් දිනය දවසේ කලා ලෝකයේ හිතවතුන් රැසක් පිරිවරාගෙනයි මෙය විවෘත කළේ. ඒ වගේම ඇයගේ අලුත්ම ගීත දෙකකුත් ඉදිරියේ දී එළි දක්වන්නත් සූදානම්. ළහිරු පෙරේරා සමඟින් ගායනා කරන ‘හවසක මා’ සහ ‘ආයෙ නුඹ නෑ’ කියන මේ ගීත දෙකටම දැන් රූප රචනාත් කරලා අවසන්. ළඟදීම දවසක ඔබටත් මේ ගීත රස විඳින්න පුළුවන්. 
CREATIVE
මේ දවස්වල නම් මම ගත කරන්නේ මගේ අලුත්ම ගීත දෙකේ රෙකෝඩින් සමඟයි. මව් ගුණ සහ ස්වාමි පුරුෂයා ගැන කියවෙන මේ ගීත දෙකම රචනා කළේ රඹුකන සිද්ධාර්ථ හිමියන්. ඒ වගේම තව ටික කාලයකින් මේ ගීත මම එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ සතියේදී මගේ නිවාඩුවත් ඉවර වෙන්න නියමිතයි. ඒ නිසා මට ආයෙමත් ජෝර්ජියාවේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යන්න තියෙනවා.තව අවුරුදු දෙකක් මට ජෝර්ජියාවේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න තියෙනවා. ඊට පස්සේ ලංකාවට එන්න හරි අමෙරිකාවට යන්න හරි තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි වැඩි කැමැත්ත තියෙන්නේ ලංකාවට තමයි. 
CREATIVE
පරිවර්තන කෘති අටක් පරිවර්තනය කරමින් තමයි කාලය ගත කරන්නේ. එහි සත්වැනි කෘතියයි මේ දිනවල පරිවර්තනය කරන්නේ. ඒත් සමඟම ළමා ගීත පොතක් වගේම කතා පොතක් අනුවර්තනය කළා. ඒ සියල්ල මුද්‍රණය කිරීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් වෙනවා.
CREATIVE
‘ස්පන්ධන’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු අවසාන කරලා ගීත කිහිපයකුත් මුදා හැරියා. මා කළ ගීත කිහිපයක් ඉදිරියේදී එළි දැක්වීමට අදහසක් තිබෙනවා. සංගීත සංදර්ශනවලට ආරාධනා ලැබෙන නිසා මම නිතරම ඒවට සහභාගි වෙනවා.
CREATIVE
රංගන ශිල්පී ටෙනිසන් කුරේඅප්‍රේල් මාසය අපි හැමෝටම ප්‍රිතිදායක මාසයක්නේ. අලුත් අවුරුද්ද සමඟින් ලැබෙන නිවාඩුවේදී පවුලේ හැමෝම සමඟින් විනෝද ගමනක යෙදෙන්න සූදානම් වෙලා ඉන්නවා. මේ විනෝද ගමනේදී අපි රටෙන් භාගයක විතර ඇවිදින්න බලාපොරොත්තු වෙනවා.මගේ උපන් දිනයත් මේ අතරතුරේදීම දිනයක යෙදිලා තියෙන නිසා මේ ගමන තුළ එයත් සමරන්න හිතාගෙන ඉන්නවා.ඊට අමතරව මිචෙල් ෆොන්සේකාගේ සුපිරි අන්දරේ චිත්‍රපටය දැන් තිරගත වෙනවානේ. එහි මගේ ද්විත්ව චරිතවලටත් හොද ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම නාලක විතානගේ ගේ අලුත්ම චිත්‍රපටයේත් වැඩ කටයුතු සඳහා දායක වෙන්න නියමිතයි.
CREATIVE
ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද නන්දා මාලිනී එකමුතුවෙන් පවත්වනු ලබන විචිත්‍රවත් ගී ප්‍රසංගයක් මෙම මස 25 වැනි දින සිරස ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. මෙහි මාධ්‍ය අනුග්‍රහය සිරස මාධ්‍ය ජාලයෙනි.දිවයින පුරා දර්ශන වාර 25 ක් පමණක් මෙම ප්‍රසංගය පැවැත්වෙන බව සිරස ආරංචි මාර්ගවලින් හෙළිදරව් වෙයි. සිරස මඟින් මෙයට පෙර විශාරද නන්දා මාලිනිය ගේ ශ්වේත රාත්‍රිය ප්‍රසංග මාලාව සංවිධානය කළේය. මේ සංගීත ප්‍රසංගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද 02 දා සවස රාජගිරිය සවරින් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.- ප්‍රසාද්
CREATIVE
රංජිත් එදිරිසිංහ මතකයේ රැඳුණු ගී ගැන චෝදනාවක් කරයිගුවන් විදුලිය මහා සාගරයක්“ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දශක තුනකට අධික කාලයක් ‘මතකයේ රැඳුණු ගී’ වැඩසටහන විකාශය වුණා. ඒ වෙළෙඳ සේවය ඔස්සේ. මතකයේ රැඳුණු ගී තේමා වාදනය සහ එහි නාමය යෝජනා කළේ තමා බව පවසමින් නිවේදන ශිල්පී රංජිත් එදිරිසිංහ මතකයේ රැඳුණු ගී වැඩසටහන පිළිබඳ අතීත අප්‍රකට තොරතුරු සරසවියට කියන්නට පසුගියදා පැමිණියා. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.* මතකයේ රැඳුණු ගී ආරම්භ වෙන්නේ කවදාද?1983, දෙසැම්බර් මාසයේ දවසක.* එවකට ඔබ ගුවන්විදුලියත් සමඟ සම්බන්ධද?70 දශකය වෙනකොට මගේ පියාගේ අභාෂයෙන් මා ළඟ හින්දි, සිංහල, ගීත තැටි දෙදාහකට වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ කාළේ ගුවන් විදුලියට නිතර ආවගිය කෙනෙක් මම. ඔය අතරෙදි රංජිත් පීරිස්ව මට හමුවුණා. ඔහුට මම මේ ගැන පැවසුවා. මගේ ළඟ ගුවන් විදුලියේ නොමැති හැම ගී තැටියක්ම පරීක්ෂා කරලා බැලුවා. රංජිත් පීරිස් මහත්මය නිතර රාජගිරියේ මගේ නිවසට ආවා ගියා. එහි ප්‍රතිඵලයක් විදියට මම කිව්වා ‘මතකයේ රැඳුණු ගී’ කියලා වැඩසටහනක් කරමු කියලා. ගුවන් විදුලියේ අවසරය මත ඒ සඳහා තේමා වාදනයත් මමම තෝරලා දුන්නා. එය ප්‍රචාරය වුණේ රාත්‍රී අටට. ඒ මුල්ම වැඩසටහනේත් පටිගත කළ වැඩසටහනක් තවමත් මා ළඟ තියෙනවා.* ඔබ නිවේදකයෙක් ලෙස සම්බන්ධ වෙන්නේ?ඒ කාලේ ‘මතකයේ රැඳුණු ගී’ ජනප්‍රිය වැඩසටහනක් වුණා. එවකට ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ වෙලා හිටියේ ප්‍රවීණ මාධ්‍යවේදී ලලිත් එස්. මෛත්‍රීපාල. එතුමන් මට කතා කළා. ‘මතකයේ රැඳුණු ගී’ වැඩසටහනට තැටි ලබා දෙන මම ගැන වැඩසටහනක කරන්න. ඒ වන විට මගේ නම ප්‍රචාරය වුණේ රාජගිරියේ රංජිත් එදිරිසිංහ කියලා. ඒ වැඩසටහනේදී එතුමන් මගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. ඒ ගැන පැහැදිලා මගේ හඬ පරීක්ෂණයක් තියලා මාව නිවේදකයෙක් විදියට තෝරා ගත්තා.* ඊට පසුව ඔබ මතකයේ රැඳුණු ගී වැඩසටහනට සම්බන්ධ වුණාද?ඔය කාලයේ මම බම්බලපිටිය පැත්තේ ටියුෂන් පංති කළ රංජන් සිල්වා කියලා මහත්මයෙක් රංජිත් පීරිස්ට හඳුන්වා දුන්නා. එයත් ඊට පස්සේ එයාගේ පන්තියේ ළමයි හරහා විශාල තැටි ප්‍රමාණයක් ගෙනාවා. ඔය වෙනකොට වසරක් පමණ ගතවෙලා මතකයේ රැඳුණු ගී වැඩසටහන ආරම්භ කරලා. ඒ නිසා ‘අතීතයෙන් ඇසුණ ගී’ කියන වැඩසටහන මට ස්වදේශීය සේවයට කරන්න වුණා. ඒ 1984 වර්ෂයේ. ඊට පස්සේ අතීතයෙන් ඇසුණ හින්දි ගී කියලා පැරැණි හින්දි ගී වැඩසටහනකුත් ඉදිරිපත් කළා.* පසුගියදා ‘මතකයේ රැඳුණු ගී’ වසර 30 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පැවතුණා. ඒ සඳහා ඔබත් සම්බන්ධද?මට ඇති විශාලම දුක තමයි ඒක. ‘මතකයේ රැඳුණු ගී’ කියන දරුවා වැදුවේ මම. හැබැයි දැන් දරුවට තාත්තා වෙන්න හදන්නේ පිට මිනිස්සු. ඒ කාලේ රංජිත් පීරිස් මහත්මයයි මමයි එකතුවෙලා ‘මතකයේ රැඳුණු ගී’ දරුවා ජාතක කළේ. මම දන්නේ නැහැ ඔය සංවිධායක මණ්ඩලයේ ඉන්නේ කවුද කියලවත්. අතීත තොරතුරු හරියට අධ්‍යයනය කරනවා නම් මට ඇරයුම් පතක් හෝ ඔවුන්ට එවන්න තිබුණා. අඩුම තරමින් ආරාධනාවක්වත් නැහැ.* ඔබ වගකීමෙන්ද ඔය ප්‍රකාශය කරන්නේ?ඔව්. මම මතකයේ රැඳුණු ගී තෝරලා දුන්නා. තේමා වාදනයේ අංකයත් මා ළඟ තියෙනවා. ඒ වාගේම ලලිත් එස්. මෛත්‍රීපාල මැතිතුමා සමඟ මම කළ සංවාදයෙන් ඒ බව සඳහන් වෙනවා. මා ගාව තාම ඒ පටිගත කළ සියල්ල තියෙනවා.* ඔබ ඔය චෝදනා කරන්නේ එහි සංවිධායකයන්ටද?අනිවාර්යයෙන්ම. ගුවන් විදුලිය වගේ මහා සාගරයක් වගේ තැනක වැඩසටහනක් ගැන උත්සවයක් කරනකොට එහි අක්මුල් ගියතැන් හොයන්න ඕනෑ. මම දායකවුණ වැඩසටහනකට වෙන අය අයිතිවාසිකම් කියනවානම් එය හරිම ලැජ්ජා සගතයි. වසර 20 ක සිට ස්වාධීන රූපවාහිනී සේවයේ භාරත ගී වින්දන වැඩසටහන කරන්නෙත් හරිම ආසාවෙන්. අනෙක් කාරණය තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මම කිසිම වැඩසටහනක් වෙනුවෙන් තැටි ලබාදීම වෙනුවෙන්වත් මම මුදල් ලබා ගෙන නැහැ. මම ස්වෙච්ඡාවෙන් තමයි එහි කටයුතු කළේ.* වැඩසටහනට සහභාගි නොවුණට ඔබ එක්තරා වැඩසටහනකින් ඒ බව පැවසුවා.ඔව්. මගේ දරුවට (මතකයේ රැඳුණු ගී) වසර තිහක් සපිරෙනකොට තාත්තා කෙනෙක් හැටියට මට ආඩම්බරයි. නමුත් දරුවට පිට අය අයිතිවාසිකම් කියලා තාත්තා වෙන්න හදනකොට හිතට අමාරුයි.* අවසාන වශයෙන්?වසරගණනක් තිස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. ඒ මගේ විනෝදාංශය. මට ජීවත්වෙන්න වෙනම ආදායම් මාර්ග තියෙනවා. ඒ නිසා මේ විදියේ වැඩ වෙනකොට හිතට හරිම දුකයි.සටහන - සංජීව සම්පත් බාලසූරියසේයාරුව - අමිත් එස්. සේනාරත්න  
CREATIVE
විජය කුමාරතුංග අනුස්මරණ සහෘද පදනම සංවිධානය කරන විජය ගී තරුව 2015 ගීත තරගය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කොට ඇත.මෙහිදී තරගකරුවන් විසින් ගායනා කළ යුතුව ඇත්තේ විජය ගැයූ ගී පමණි. ඔවුන් අතරින් විජයට වඩාත් සමානව ගයන ගායකයා තෝරා ත්‍යාග පිරිනමනු ලැබේ.තරග වට තුනකින් සමන්විත මෙම තරගයෙහි අවසාන වටය ලබන වසරේ පෙබරවාරි 16 දින පැවැත්වෙනු ඇත. මෙහි අයැදුම්පත් බාර ගැනීම මෙම මස 25 දිනෙන් අවසන් වන අතර ඒවා අරුණ වික්‍රමසිංහ, කැඳවුම්කරු, විජය ගී තරුව, 2015, අංක 114, නුවර පාර, මුදුන්ගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.
CREATIVE
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ගිහාන් රෝහණ‘සමනල පිහාටු’, ‘මං අවුලඤං’, ‘දිල් නේත්‍රා’ කියන මගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ටෙලි නාට්‍ය කිහිපයේම වැඩ කටයුතු අවසානයි.ඒ සියල්ල රූපවාහිනි චැනල්වලට ඉදිරිපත් කළා. තවම තේරුණාද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම ළඟදීම ‘මුතු කැට සිහිනය’ කියන ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ විකාශය වේවි. ඒ සියල්ල විකාශය වනතුරු මම විවේකයෙන් බලාගෙන ඉන්නවා.
CREATIVE
ගායන ශිල්පී රෝහණ බෝගොඩමම නිරන්තරයෙන් නව පරපුරේ ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත නිර්මාණ කරනවා. විදේශයන්හි වෙසෙන බොහෝ අය අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ගේ නිර්මාණ සඳහා මා දායක කර ගන්නවා.දැන් එළිමහන් ප්‍රසංගවලට දායකවීමත් සීමා කරලා තියෙන්නේ. සංගීත නිර්මාණ සඳහා වැඩි කාලයක් වෙන් කරලා බොහොම විවේකයෙන් කාලය ගත කරනවා.
CREATIVE
සීතා කුමාරිමෑතක් වන තුරුම පුංචි තිරයේ ආදරණීය මිත්තණියත්, ආදරණීය අම්මාත් වූ සීතා කුමාරි ඉකුත් හත්වෙනිදා හදිසියේ මෙලොවින් සමු ගත්තාය. සීතා කුමාරි ඇහැලේපොළ නමින් මාතලේ උපන් ඈ හැටේ දශකයේ මැද භාගයේ සිනමාවට පිවිස චරිතාංග නිළියක් වූවාය. තම ඥාති සොහොයුරෙකුගේ නිවසේ සිනමා නළු ආනන්ද ජයරත්න හමු වූ ඇයට ඔහු රඟපෑම සඳහා ආරාධනය කළේය. ඒ අනුව 1965 ආනන්ද ජයරත්න අධ්‍යක්ෂණය කළ ‘ආදරයයි කරුණාවයි’ චිත්‍රපටයේ ආයම්මාගේ චරිතය සීතාට ලැබිණි. එතැන් සිට චිත්‍රපට රාශියක වැඩිහිටි චරිතාංග රංගනයෙහි නියැළීමට ඇයට අවකාශ ලැබිණි. එතැන් පටන් ඇය වැඩිපුර රංගනයේ නියැළියේ මවගේ භූමිකාවන්ය.සීතා කුමාරි ඇහැලේපොළ නමින් ගමෙන් කොළඹට පැමිණි ඇය සීතා කුමාරි නමින් රිදී තිරයේත්, පුංචි තිරයේත්, වේදිකාවේත් චරිතාංග රංගනයන් තුළින් පේ‍්‍රක්ෂක හදවත් ඇඳ බැඳ ගත්තේ ප්‍රේක්ෂකයන්ගේ ජීවන අරගලයේ කොටස්කාරියක් වෙමිනි. ඒ නිසාම ඇගේ රංගනයන් ප්‍රේක්ෂකයන්ගේ හදවත් හි ලැගුම් ගත්තේ කඳුළක්, දයානුකම්පාවක් හා සතුටක් එක් කරමිනි.ළඳක මහිම, සැඟවුණු මැණික, රන්සළු, රුහුණු කුමාරි, අක්කර පහ, ගීතා, සමනල කුමරියෝ, නිවෙන ගින්න, මොනරතැන්න, වසන්තයේ දවසක්, සුබෝධා, බෝනික්කා, වදුල, හදවතක වේදනා, දුවට මවක මිස, පවුරු වළලු, සඳ යහනට, මගේ වම් අත, සුළං කිරිල්ලී, දිය යට ගින්දර, රන්දිය දහර, දෙවැනි ගමන ආදී චිත්‍රපට රාශියක ඇය චරිත නිරූපණය කළාය.සීතාගේ රංගන ප්‍රතිභාව ප්‍රේක්ෂක හදවත් වැලඳ ගත්තා සේම ඇයගේ රංග කුසලතාව අවස්ථා කිහිපයකදීම සම්මානනීය අගැයුමට පවා ලක් වූවාය. වත්සලා අක්කා චිත්‍රපටයේ ඇය රඟපෑ මවකගේ චරිතය උදෙසා හොඳම සහාය නිළියට හිමි ජනාධිපති කුසලතා සම්මානයෙන් මුල් වරට පිදුම් ලැබුවාය. පසුව පවුරු වළලු චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම විචාරක සම්මානයට පාත්‍ර වූ සීතා නන්නාඳුනන්නී ටෙලි නාට්‍යයේ රංගනය උදෙසා හොඳම සහාය නිළියට හිමි සුමති ටෙලි සම්මානයට ද පාත්‍ර වූවාය.සැඟවුණු මැණික, රන්සළු, අක්කර පහ, දෑස නිසා වැනි චිත්‍රපට සීතාගේ රංගන දිවියේ පිය සටහන් විය. එක් දරු මවක වන සීතා කුමාරි කලක් සිය පුතු සමඟ ඉතාලියේ වාසය කොට යළිත් ලංකාවට පැමිණ ටෙලි නාට්‍ය ක්ෂේ්ත්‍රයට පිවිසියාය. සිනමාව හැරුණු කොට වේදිකාවේත්, පුංචි තිරයේත් චරිතාංග නිළියක වූ සීතා ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු, රෝයි ද සිල්වාගේ පලාමල්ල, ෆ්‍රැන්සිස් වන්නිආරච්චිගේ වැනීයන් කළු වැනීයන්, වේහැල්ලේ පියතිලකගේ මනම්පේරි කතාව ආදී වේදිකා නාට්‍ය ගණනාවක ද චරිත නිරූපණය කළාය.ශ්‍රියානි අමරසේනයන්ගේ ඇරැයුමින් පුංචි තිරයට එක් වූ සීතා ‘දත් කැකුලුපාලා’ ටෙලි නාට්‍ය රංගනයෙන් පුංචි තිරයේ රංගන පියවර ඇරැඹියේය. මායා, ගිජු, සාප නොකරව් දරුවනේ, නන්නාඳුනන්නී, ස්මරණ, සමාප්ත, උලමාගේ රාත්‍රිය, දුස්සරණයෝ, රම්‍ය සුරම්‍ය ආදී ටෙලි නාට්‍ය රාශියක රඟමින් ඈ ඉතා කෙටි කලක් තුළ ප්‍රේක්ෂක හදවත් දයානුකම්පාවෙන් වැලඳ ගත්තාය.ආනන්ද අබේනායකගේ සංසාරේ පිය සටහන්, දයාරත්න රටගෙදරගේ සිත නිවන කතා පොහෝ දින ටෙලි නාට්‍ය මාලාව තුළින් ප්‍රේක්ෂක හදවත් හි තමන්ගේ මව, මිත්තණිය වූ සීතා වැඩිහිටියන් අතර පමණක් නොව කුඩා දරුවන් අතර ද ජනප්‍රිය චරිතාංග නිළියක වූවාය. 1940 මැයි මස නම වෙනිදා මෙලොව එළිය දුටු සීතා කුමාරි මිය යන විට 73 වන වියේ පසු වූවාය. ඉකුත් හත් වෙනිදා අලුයම කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වූ සීතා කුමාරිගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා බොරැල්ල කනත්තේදී සිදු කෙරුණේ කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.රිදී තිරයේ, පුංචි තිරයේ, වේදිකාවේ මිත්තණියක්, මවක් වෙමින් දශක හතරකටත් වැඩි කලක් සුවහසක් ප්‍රේක්ෂක සිත්සතන් රංගනයෙන් මුසපත් කළ සීතා කුමාරි ඔබට නිිවන් සුව අත්වේවා!චන්දනඡායාරූපය -ටෙනිසන් එදිරිසිංහ‘වදුල’ චිත්‍රපටයෙන්...‘දත් කැකුළු’ පාලා ටෙලි නාට්‍යයෙන්
CREATIVE
එම්. ටී. වී. ආයතනයේ ප්‍රධාන අංග රචනා ශිල්පිනි ඉනෝකා උෂාණී හේවා රණසිංහ ඉදිරිපත් කරන ඒක පුද්ගල චිත්‍ර හා අංග රචනා (Body Paint) ප්‍රදර්ශනය මේ මස 6 සහ 7 යන දෙදින තුළදී සවස 2 සිට 7 දක්වා කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.අංග රචනා ශිල්පයේ විවිධ ඉසව් ස්පර්ශ කරමින් මෙවැනි ප්‍රදර්ශනයක් මෙරටදී පැවැත්වෙනුයේ ප්‍රථම වතාවටයි. ඒ පිළිබඳ ඉනෝකා අදහස් දක්වන්නේ මෙසේයි.‘මම මාතර සිට කොළඹ ඇවිත් වසර ගණනක් තිස්සේ ස්ව අධ්‍යනයෙන් ඉගෙන ගත් මේ ශිල්පයට ජාත්‍යන්තර වටිනාකමක් ලබාදීම මගේ අරමුණ. විවිධ මිනිසුන්ගේ රූප සොබාවන් පමණක් නොවෙයි, ගහ කොළ සතා සීපාවුන්ගේ හැඩතලත් මේ ප්‍රදර්ශනයට ඇතුළත්. ඒ වගේම කුඩා කළ ඉඳන් මට චිත්‍ර ඇදීමේ හැකියාවක් තිබුණා. ඒ හැකියාවෙන් පරිසරය පිළිබඳ නිර්මාණය වුණු චිත්‍රත් මේ ප්‍රදර්ශනයට ඇතුළත්. මම මේ ප්‍රදර්ශනය නව මානයකට ගෙන යනවා. බොඩි පේන්ට් කියන කලාව තවම ලංකාවේ ජනප්‍රිය නැහැ. හැබැයි ජාත්‍යන්තරව ලොකු පිළිගැනීමක් තියෙනවා. අන්න ඒ නිසා මෙවැනි ප්‍රදර්ශන හරහා ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන යෑමත් මගේ අරමුණක්. මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සහෝදර කලා ශිල්පීන් මේ සඳහා ලබා දෙන සහයෝගයත් මම විශේෂයෙන් මතක් කරනවා.මම මේ ප්‍රදර්ශනය නම් කරලා තියෙන්නේ ‘3 Face ’කියලා. ප්‍රදර්ශනය ආරම්භ වෙන වෙලාවට තව සජීවී වැඩසටහන් රාශියකුත් සංවිධානය වෙලා තියෙන්නේ. මේ ශිල්පය ඉතාම නිර්මාණශීලීව ප්‍රගුණ කළ යුතු දෙයක්. අනිත් කරුණ තමයි මේ සඳහා මිනිසුන්ගේ විවිධ ඉරියව් හා චර්යා රටාවන් භාවිත කිරීම. ඒ නිසායි මේ වගේ ප්‍රදර්ශනයක වටිනාකම රැදී තියෙන්නේ.’ඉනෝකාගේ මේ ප්‍රදර්ශනය නොමිළයේ පවත්වන්නකි. මේ සඳහා සරසවිය පාඨක ඔබට ඉනෝකා සහභාගී වන ලෙස ලෙංගතුව ආරාධනා කර සිටින්නීය.සංජීව සම්පත් බාලසූරියසේයා - මාලන් කරුණාරත්න
CREATIVE
මම මේ දවස්වල ශාස්ත්‍රීය සංගීත අංශයෙන් රිසර්ච් කිහිපයක් කරමිනුයි සිටින්නේ. ඒ වගේම නිර්මාණය කළ ගීතත් එළිදක්වන්න තියෙනවා. ඒ අතර විෂුවල් කළ ගීත කිහිපයකුත් ඇතුළත්.ඉදිරියේදී ප්‍රසංගයක් සමඟ සංයුක්ත තැටියක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ සංගීත ආයතනයෙන් වාර්ෂිකව පැවැත්වෙන රාගධාරි සංගීත ප්‍රසංගයත් මේ වසරේ අවසානයේදී පවත්වන්න සූදානමින් සිටිනවා.
CREATIVE
කෝපි කඩේ ඉස්කෝල මහත්තයා ලෙස ජනප්‍රිය වූ රංජිත් අමරසේකර අභාවප්‍රාප්ත විය.ගුවන් විදුලි නාට්‍ය රචකයකු සහ හඬ කැවීම් ශිල්පියකු ද, සිරස නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු මෙන්ම පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස ද කටයුතු කළ ඒ මහතා මිය යන විට හැත්තෑ දෙහැවිරිදි වියෙහි පසු විය. කලක් විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ලත් ලිපිකරුවකු ලෙස කටයුතුª කළ ඔහුගේ අවසන් කටයුතු 8 වැනි දින (අද) තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. දේහය මේ වන විට අංක 517/6 තලංගම උතුර, බත්තරමුල්ල, තලාහේන යන ලිපිනයෙහි තැන්පත් කොට ඇත.රංගන ශිල්පී රංජිත් ගාමිණී පෙරේරා අභාවප්‍රාප්ත වෙයි. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ‘යර්ස් බොස්’ හී වී. පී. මහත්තයා හැටියටය. දාමිණී, කුරුලු පිහාටුු, සුදු සේල ඇතුළු නාට්‍ය ගණනාවක චරිත මැවීය. විශ්‍රාමික කථිකාචර්යවරයකුද වූ ඒ මහතාගේ අවසන් කටයුතු පසුගියදා පානදුරේදී සිදුවිණ.සංගීත අධ්‍යක්ෂ කාලෝ විජේසිරි අභාවප්‍රාප්ත වෙයි. සරත් ගුණරත්නගේ වත්සලා අක්කා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ හෙතෙම අරලිය ලන්දට, සඳ මෝරා උඩු ගුවනට, එන කලට වැනි ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය කොට ඇත.මල්සර ගීතය, නන්දුත්තරා ආදී මෑතකාලීනව නිර්මාණය වූ නාට්‍ය කිහිපයකට ද ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විය. වයස අවුරුදු හැට නවයක් වූ ඒ මහතාගේ අවසන් කටයුතුª ඉකුත් දා ගාල්ලේදී සිදු විය.
CREATIVE
ගෝලීය සිනමා සිතියම මත ශ්‍රී ලාංකීය සිනමාව ස්ථානගත කරමින් මෙරට පැවැත්වෙන ප්‍රථම අන්තර් ජාතික සිනමා උළෙල කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල නමින් සැප්තැම්බර් 02 සිට 07 වැනිදා දක්වා කොළඹ සිනමා ශාලා හතරකදී පැවැත්වෙන බව සරසවිය සාඩම්බරයෙන් මෙරට ප්‍රේක්ෂකයන්ට දන්වා සිටියි. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් සංවිධානය කරනු ලබන මෙම සිනමා උළෙල මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට මෙතෙක් නොවූවිරූ අත්දැකීමක් වනු ඇත. ජාත්‍යන්තර සම්මාන උළෙලක් පිළිබඳ අවශ්‍යතාව සරසවිය මඟින් කිහිපවරක්ම පෙන්වා දෙනු ලැබිණ. මෙම සිනමා උළෙල කොළඹ රීගල්, අල්ට්‍රා, එම්පයර් සහ තරංගනී යන සිනමා ශාලා හතරේ සහ කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදී පැවැත් වෙයි.සිනමා උළෙල ඔකිනාවා අන්තර් ජාතික සිනමා උළෙල හා සම්බන්ධව පැවැත්වෙන බැව් එම උළෙළ පිළිබඳව පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළිදරව් විය. සිනමා උළෙල ලෝක සිනමාව, ආසියානු සිනමාව, ඔකිනාවා සිනමාව හා ශ්‍රී ලාංකික සිනමාවේ නව ප්‍රවණතාවත් යන ප්‍රධාන අංග අතරින් සමන්විත වෙයි. චිත්‍රපට වැවමුළු, සම්මන්ත්‍රණ, වට මේස සාකච්ඡා ආදියෙන් ද උළෙල ක්‍රියාකාරි වෙයි.උළෙලේ අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ සිනමාකරු අශෝක හඳගම කටයුතු කරයි. උළෙලේ තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
CREATIVE
නාට්‍යවේදී ඊ. එම්. ඩී. උපාලිඉඩමේදී විකිණේ වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීමේ කටයුතු යොදාගෙන තියෙනවා.මම 1998 වසරේදී නිර්මාණය කළ ‘එව බලව’ සහ 1985 වසරේදී නිර්මාණය කළ පියාඹන අශ්වයා වේදිකා නාට්‍ය පිටපත් මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා.
CREATIVE
රංගන ශිල්පීප්‍රියන්ත සෙනෙවිරත්නමම පසුගිය දවස්වල ‘රන්තරු’ නාට්‍යයේ ෂූටිං අවසාන කළා. ඉදිරි කාලය නම් ගිරිරාජ්ගේ ‘එතුමා’ චිත්‍රපටයට වගේම තවත් ටෙලි නාට්‍ය කිහිපයක ෂූටිංවලට දායක වෙන්න තියෙනවා. මේ දවස්වල නම් ළමුන් වෙනුවෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ වැඩමුළු සඳහා සහභාගි වෙමින් සිටින්නේ. ප්‍රජා සද්කාර්යයක් විදියට තමයි එය සිදු කෙරෙන්නේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ වෙනුවෙන් ප්‍රායෝගික දැනුම ලබාදීමට පාසලෙන් පාසලට ගොස් අපි මේ වැඩමුළු පවත්වනවා. කලා ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් තමයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ. 
CREATIVE
වෙසක් උළෙල නිමිති කොට ගෙන ලේක්හවුස් ආයතනය මඟින් ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පවත්වන ලද අමා දහර වෙසක් කලාපය සඳහා දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක්ම ‘සරසවිය’ පුවත්පතේ ආරාධනයෙන් ගී ගැයීමට පැමිණියහ. මේ එහි අවස්ථා රූපයට නැගුණු ආකාරයයි.ගායක ගායිකාවන් සම්බන්ධීකරණය ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයේ අසංක දේවමිත්‍ර පෙරේරා ගෙනි.  සූරියකුමාර් මුත්තලගේනන්දා පතිරණකුමාරි මුණසිංහසුදත් සමරසිංහචරිතා පි‍්‍රයදර්ශනීඑඩ්වඩ් ජයකොඩිදීපිකා පි‍්‍රයදර්ශනීදයාන් විතාරණචන්ද්‍රකුමාර කඳනාරච්චිත්‍යාගා එන්.එඩ්වඩ්උපේක්ෂා උඩගෙදරකුමාරි පෙරේරාරංජනී පෙරේරාකාංචනාමාලා මහවිතානලයනල් ගුණතිලකනිලුපුලි දිල්හාරාසුපි‍්‍රයා අබේසේකරතරුෂි පෙරේරාවික්ටර් වික්‍රමගේදෙරණ නිවේදක ප්‍රදීප් කුමාරසංජීව සම්පත් බාලසූරිය නිවේදනයෙන්ටවර් හෝල් ගායක හේරත්චන්දන විජේමාන්නපණ්ඩුක සමරසේකර  සනත් සහ මල්කාන්ති යුවළසාධානා සහ නන්දිත රණතුංගහිමාෂ සහ තනුරචින්තා පි‍්‍රයංගනී සහ චන්දු ඉඹුලානලේක්හවුස් බැති ගී කණ්ඩායමවිශාරද රෝහණ ධර්මකීර්ති ප්‍රමුඛ වාද්‍ය වෘන්දයඡායාරූප -සුලෝචන ගමගේ, රංජිත් අසංක, ලලිත් සී.ගමගේ, නිශ්ශංක විජේරත්න  
CREATIVE
‘සරදම්’ චිත්‍රපටයේ දල සේයාපටයක්වත් චිත්‍රපට සංස්ථාවේ නැද්ද?එච්. වී. කේ. පියදාසපියදාස, චිත්‍රපට සංස්ථාව කියන්නේ දල සේයාපට ගබඩා කර ගන්න සංරක්ෂණාගාරයක් නොවේ. එය එයට වඩා වෙනස් වගකීම් සහිත ආයතනයක්.1957. 11. 29 වැනිදා තිරගත වූ ‘සරදම’ චිත්‍රපටයේ සියලුම ගීත රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකරයි. එහි සියලුම ගීත ප්‍රචාරය වුවත්, ජමුනා රාණි ගැයූ ‘ජීවිතේ රස විඳලා නෑ වගේ තව ඔහෙලා’ යන ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකාවලත්, කිසිම පෞද්ගලික නාලිකාවලත් ප්‍රචාරය නොවේ. එහෙම වෙන්නේ ඇයි?ඇල්. ඇම්. ප්‍රේමසේන, ඥාන කුමාරි, මධු සුරංගි – කළුබෝවිලඑක කාලයකදී ඒ ගීතය අසභ්‍ය ගීතයක් යැයි බලධාරීන් විසින් තහනම් කරන ලද බැවින් ප්‍රචාරය නොවේ.සිනමාස් සමාගම ‘වීර විජය’ නම් සිංහල චිත්‍රපටය නිපදවීමට අනුකරණය කළ දෙමළ චිත්‍රපටය කුමක්ද?විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්‘වීර විජයන්’ චිත්‍රපටයයි.අපේ ප්‍රදේශයේ මා සමඟ සිනමාව පිළිබඳ කතා කිරීමට, සංවාද කිරීම කිසිවකුත් ඇත්තේ නැත. එයට කළ යුත්තේ කුමක්ද?චාමර හේමනාත් – පිළියන්දලකොච්චර වාසනාවක්ද? මා හොයන්නෙත් ඒ වගේ පළාතක්.සරසවිය පුවත්පතේ බොහෝ කාලයක් සේවය කළ කුමාර සිරිවර්ධන මහතා පූර්ණකාලීනව පරිවර්තන කෘති පරිවර්තනයේ පමණක් නියැලී සිටින්නේද? ලේක්හවුස් ආයතනයේ සේවයෙහි සිටින්නේද?ඩඩ්ලි ගෝමස් - කටුබැද්දඔහු තවමත් සේවය කරන්නේ ලේක්හවුස් ආයතනයෙහිය. සාහිත්‍ය කෘති පරිශීලනයෙහි හා පරිවර්තන කාර්යයෙහි නිරත වන අතරම ඔහු ලේක්හවුස් ආයතනයෙහිම ප්‍රකාශයට පත් වන ‘දැනමුතු’ සඟරාවෙහි ප්‍රධාන කර්තෘවරයා ද වෙයි.සිංහල සිනමා වංශ කතාවේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන්නේ කොයි කාලයද?අයිලින් සෝවිස් - රාගමනිල වශයෙන් සටහන් කරන්නේ නම් ඒ 70 දශකය ලෙස වුවත්, සාමාන්‍යයෙන් මා විශ්වාස කරන අන්දමට මගේ පෞද්ගලික මතය වන්නේ එහි ස්වර්ණමය යුගය වන්නේ 60 දශකය බවයි.සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග යන රංගන ශිල්පීන් දෙදෙනා රඟපෑ පළමු ටෙලි නාට්‍ය දෙක මොනවාද?ආතර් ද සිල්වා - මාතලේප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා රඟපෑ ටෙලි නාට්‍ය වන්නේ ‘සුදු සහ කළු’ යි. එහෙත් ජනකාන්ත නළුවකු වූ විජය කුමාරතුංග කිසිම දවසක ටෙලි නාට්‍යවල රඟපා නැත.රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ආරම්භයේදී එහි සභාපති පදවියට තිස්ස නාගොඩවිතාන පත් වූවා නම්, සිනමාස් සමාගමේ නිපද වූ සියලු චිත්‍රපට ඔහු සංරක්ෂණය කරන වගට රහසක් නොවේ. එහෙම නම් ඒවා අද වනතුරු සංරක්ෂණය වී තිබෙනවා නේද?සරත් රණසිංහ – කපුගොඩ, මාළිඳචිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය චිත්‍රපට සංරක්ෂණය පමණක් නොවේ. එයට පැවරී ඇත්තේ ඊටත් වඩා පුළුල් කාර්යයකි. චිත්‍රපට සංස්ථාවේ කාර්ය සංරක්ෂණය පමණක් නම් තිස්සගේ කාර්ය වැදගත් වේවි. නැත්නම් හරියට කුකුල්ලු බාර දුන්නා වගේ වේවි.රුක්මණී දේවියගේ සිට සබීතා පෙරේරාගේ යුගය දක්වා කාලයේ රඟපෑ සියලුම නළු - නිළියෝ ඉතාමත් සුහදව හා ආදර්ශමත් ලෙස කාලය ගෙව්වත්, වර්තමාන නළු - නිළියන් ප්‍රසිද්ධියේ ගහ බැන ගන්නේත්, පත්තරවලින් මඩ නා ගන්නේත් ඇයි?ලක්ෂ්මන් රණසිංහ – වත්තලලක්ෂ්මන්, ඔවුන් ඒ දවස්වලත් මඩ ගසා ගත්තා. හැබැයි ඒවා එච්චර එළි වුණේ නැහැ. ඒ අද මෙන් මඩ නොතිබුණු නිසායි. ඒ මඩ දැක්කම අද හොඳයි.පුංචි තිරයෙහි කොතරම් ජනප්‍රිය වුණත්, ඒ නළු - නිළියන්ට සිනමාවේ ජනප්‍රියත්වයක් තබා ස්ථාවර තැනක්වත් හිමි කර ගත නොහැක්කේ ඇයි?කරු මන්දාවල – නාත්තණ්ඩියඒ ඉස්සරට වඩා අද නළු නිළියන් වැඩි නිසයි. ඒ වගේම ටෙලිවිෂනය සෑම දිනකම එක එක රැයට අලුත් තරු මවනවා.සැකසුම – තිලානි ශානිකා විතානාච්චි  
CREATIVE
පහුගිය කාලයේ නිර්මාණය කෙරුණු එක්තරා චිත්‍රපටයක දර්ශනයක් සඳහා රත් කෙසෙල් අවශ්‍ය වෙලා තිබුණා. කතාවේ හැටියට රත් කෙසෙල් ගසකින් ප්‍රධාන නළුවා රත් කෙසෙල් ගෙඩියක් කඩාගෙන කන දර්ශනයක් තමයි ගන්න තිබුණේ. මේ චිත්‍රපටය රූගත කළේ අනුරාධපුරයේ. ඉතින් අනුරාධපුරයේ රත් කෙසෙල් වැවෙන්නේ නැහැනේ. රත් කෙසෙල් ගොඩක්ම තියෙන්නේ ඇඹිලිපිටියේ.ඔන්න ඉතින් දැන් මේ වෙනුවෙන් ඇඹිලිපිටියෙන් රත් කෙසෙල් ගස් ගේන්න තීරණය වුණා. හැබැයි රත් කෙසෙල් ගස් මේ තරම් දුරක් ගේන එකත් ලෙහෙසි නැහැ. ගස් වලට හානි වෙන්නේ නැතුව ගේන්නත් ඕනි. ඒ වගේම රත් කෙසෙල් ගස් උසත් වැඩියි. ඒ නිසා මේ වෙනුවෙන් වායු සමීකරණය කරන ලද කන්ටේනරයක් තමයි යොදා ගත්තේ.කෙහොම හරි හයර් එකට ගත්ත මේ කන්ටේනරයෙන් කෙසෙල් ගස් අනුරාධපුරයට ගෙනාවත් දර්ශන තලය තියෙන තැනට කන්ටේනරය ගෙනියන්න බැහැ. ඒක තවත් ප්‍රශ්නයක් වුණා. ඔන්න දැන් නිෂ්පාදන කළමනාකරු ඒකටත් විසඳුමක් හොයා ගත්තා. ට්‍රැක්ටරයකට ටේලර් දෙකක්ම සවි කරලා කෙසෙල් ගස් තොගය දර්ශන තලයට ගෙනාවා.සෑහෙන පිරිසකුත් එකතු වෙලා ගස් ටික එතැන හිටෙව්වට පස්සේ ඊළඟට තවත් ප්‍රශ්නයක්. කෙසෙල් ගහෙන් ගෙඩියක් කඩාගන්න තරමට ප්‍රධාන නළුවා උස නැහැ. කට්ටියට එකතු වෙලා ගස් කපලා ආයෙමත් හිටෙව්වා. ඔන්න දැන් වැඩේ හරි. දර්ශනයේ හැටියට ඔහු ගහෙනුත් ගෙඩියක් කඩාගෙන කෑවා. ඊට පස්සෙ තවත් රත් කෙසෙල් පිරි පිඟානකුත් මේ දර්ශනයට යොදා ගෙන තිබුණා. ඒ අසීරු කාර්යය අවසානයේ රූගත කිරීම්මෙන් පසුව දැන් අවස්ථාව සංස්කරණ කටයුත්ත ආරම්භ කරන්නයි සූදානම.සංස්කරණ ශිල්පියාට මේ දර්ශනය තරමක් දිගු බවක් දැණුනා. ටිකක් කල්පනා කළ ඔහු කාල වේලාවට ගැළපෙන පරිදි මේ රත් කෙසෙල් දර්ශනයත් සංස්කරණය කළා. කිසිම ලෝබකමක් නැතුව ප්‍රධාන නළුවා පිඟානෙන් රත් කෙසෙල් ගෙඩියක් අරගෙන කන දර්ශනය විතරක් ඉතිරිව තියෙද්දි අනෙකුත් සියලුම දර්ශන ඔහු කපලා දැම්මා. ඒ වුනාට එදා මේ රත් කෙසෙල් දර්ශනය වෙනුවෙන් විතරක් රුපියල් ලක්ෂ දෙළහක් වැය කරලා අවසන්.කොහොම වුනත් ලක්ෂ දොළහක රත් කෙසෙල් ගැන නම් ක්ෂේත්‍රය පුරා කතාවක් යනවා.
CREATIVE
යොවුන් ජනතා පුවත්පතේ ‘ලියන්න හපනෙක්’ විශේෂාංගය යටතේ මා රටට හඳුන්වා දුන්නා. මට ඒ අවස්ථාව සලසා දුන්නේ ඇන්ටන් සැම්සන් සහෝදරයා. මම එදා ඉඳලා පුවත්පත් රාශියකට කවි, නිසඳැස්, කෙටිකතා තුන් දහසකට අධික සංඛ්‍යාවක් ලියලා තියෙනවා.සුනිල් බී. වේහැල්ල නම් වූ ඔහු සිය ලේඛන දිවියේ ආරම්භය පිළිබඳව පැවසූයේ එලෙසිනි. මාතර වල්ගම්මුල්ල ගමේ උපන් මොහු ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරීය. පාසලේදී ගායනයට සහ රංගනයට ද යොමු වූ හෙතෙම ධවල හස්ථි, ඝෝෂා, මුරුගසන් වරුසා යන වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක විය.1980 වසරේ රුහුණු සේවයට කවි, නිසඳැස් ලියූ සුනිල් පසු කාලයේදී ලංකාදීප, සුවඳ, සම්පත, බිරිඳ, සරසි, සරසවිය ආදී පුවත්පත් සඳහා කෙටි ලිපි සහ නිසඳැස්, කවි ලියන්නට පුරුදු විය.‘සිරිබර සිරියෙන් පිරි ලක්මෑණී’ සුනිල් බී. වේහැල්ල ලියූ පළමු ගීතයයි. දේශාභිමානී ගීතයක් ලෙසින් ලිය වූ මෙම ගීතය ගායනය සංජය බණ්ඩාර සහ සංගීතය සරත් ද අල්විස් යන අයගේ එකතුවෙන් නිර්මාණය වූවකි.සංගීතය පිළිබඳ දැනුම ලබා දුන් පාසල් ගුරුතුමිය කලානි, යෞවන සමාජයේ සංගීත උපදේශක අනුර විජේසේකර, කලා දිවියට අත්වැලක් වූ ධනපාල උඩවත්ත, රංගන ශිල්පී නිමල් ජයවීර, පුබුදු ප්‍රසන්න, සරත් යන අයටත් දෙමාපිය දෙදෙනාවත් බිරිඳ නීතා, දුව සහ පුතාවත් සිහිපත් කරන්නේ ගෞරවයෙනි.සුනිල් බී. වේහැල්ල, නො. 66/15, පාසල් මාවත, ඔලබොඩුව, ගෝනපොල හන්දිය. දුරකථන අංකය – 0779166288.සටහන - දීපිකා ජයලත්
CREATIVE
ඡන්ද උණුසුම ලොව පුරා පැතිරී යද්දී තරුවල කාන්තිය දේශපාලන ක්ෂේත්‍රයට ද වැටීම වළක්වාලිය නොහැකිය. මෙය වර්තමානයට පමණක් නොව අතීතයට ද සත්‍ය වූවකි.එල්විස් ප්‍රෙස්ලිට ජනප්‍රියත්වය කවදත් කරදරයක් වූ කිරුළක් විය. මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම, මරණ තර්ජන නිසා ඔහුට ජීවිතය අපායක් වී තිබිණි. සියල්ලටම වඩා තුවක්කු, වාහන ආදියට කරන නාස්තිකාර වියදම නිසා නිරන්තරයෙන්ම ඔහු පියාගේ දෝෂ දර්ශනයට ලක් විය. එල්විස් විසඳුමක් සෙව්වේ දේශපාලනයෙනි. ඔහු එවකට ජනපති රිචඩ් නික්සන්ට මෙලෙසින් ලිපියක් ලිව්වේය.‘හිතාදර ජනපතිතුමනි, මම ඔබ ඉතා ඉහළින් අගය කරන්නෙක්මි. ඔබේ පාලනයට ද ගරු කරමි. සති තුනකට පෙර උප ජනපති ඇග්නිව් පාම් ස්ප්‍රින්ග්ස්හිදී හමුවුණු අතර අපේ රට ගැන මට ඇති හැඟීම් පවසමි.මැතිතුමනි, රට වෙනුවෙන් ඕනෑම උපකාරයක් කිරීමට සූදානම්ය. ඔබතුමන් අධික ලෙස කාර්යයබහුල නැත්නම් මුණ ගැසී ‘හෙලෝ’ කීමට කැමැත්තෙමි.’ජනපති මන්දිරයට එල්විස්ගේ ලිපිය ලැබුණු පසු ඉල්ලීම කඩිනමින්ම ක්‍රියාත්මක විය.ධවල මන්දිරයට එල්විස් ප්‍රෙස්ලි පැමිණියේ පූර්ණ රූපලාවණ්‍ය සත්කාරයක් සහිතවයි. ඔහු ඇඳ සිටියේ දම් පැහැ වෙල්වට් කබායකි. ඔහුගේ විශාල බඳ පටිය ඇඳුමට ගැළපෙන රන් පැහැයකින් යුක්ත විය. දහවල් 12.30 ට පමණ එල්විස් ඕවල් කාර්යාලයට පැමිණියේය.ජනපති නික්සන් අත්සන් ඡායාරූප දෙකක් සහිතව පැමිණියේය. ඔහු ඊළඟට පොලිස් ලාංඡන දෙකක් ද ඕවල් කාර්යාලයේ මේසය මතට දැම්මේය.ප්‍රෙස්ලි පෞද්ගලිකව දරන මතවාදවලට එරෙහි අදහස් ජනපතිවරයා සමඟ පැවසුවේය. ලාස්වෙගාස් සහ තරුණ පරපුර ගැන දෙදෙනා කතා කළහ. ප්‍රෙස්ලි බීට්ල්ස් සංගීත කණ්ඩායම අමෙරිකාවට පැමිණ අමෙරිකානු මුදල් රැගෙන එංගලන්තයට යන්නේ අමෙරිකානු හැඟීම් සමඟ බව ඔහු ප්‍රකාශ කළේය. මේ සියල්ලම එල්විස්ගේ සැබෑම අදහස් නොවන බව ජනපතිවරයා තේරුම් ගත්තේ ඔහු ගැන පැමිණීමට පෙර හොඳින් අධ්‍යයනයකර තිබුණු නිසයි. ප්‍රෙස්ලි අමෙරිකානු විරෝධීන් අතරේ පෙරමුණේම සිටින බව ඔහු දැන සිටියේය.ප්‍රෙස්ලි රටින් හිමි වූ දෙයට රටට යමක් කිරීමට කැමැති බව පැවසුවේය.ජනපතිවරයාගෙන් ඔහු අන්තරායකර ඖෂධ සහ මත් ද්‍රව්‍ය කාර්යාංශයේ ෂ;ශ්ෂ ඒජන්ත ලාංඡනයක් ඉල්ලා සිටියේය. ජනපතිවරයා තරමක නොසන්සුන්තාවක් දැක්වුවත් ලාංඡනයක් ලබා දුන්නේය.‘මේක මට ලොකු දෙයක්’ ඉහේ මලක් පිපුණාක් මෙන් ප්‍රෙස්ලි පැවසුවේය. දෙදෙනා ආදරයෙන් වැළඳ ගනිමින් එකිනෙකාගෙන් සමුගත්හ.ලාංඡනය සාඩම්බරයෙන් රැගෙන ඔහු නිවෙසට පැමිණියේය. බිරියට ප්‍රෙස්ලිගේ කපටිකම රහසක් නොවේ. ඇය පසුව එය ලොවට හෙළි කළේය. ඔහු ජනපතිවරයා හමුවුණේ ලාංඡනය ලබා ගැනීමේ ඒකායන අරමුණින්. ලාංඡනය නිසා ඔහුට මත් ද්‍රව්‍ය, තුවක්කු රැගෙන යාමට කිසිදු තහංචියක් පැන වුණේ නැත. වැඩි වේගයෙන් වාහන පැදවීමට ද ඔහු එය අවසර පත්‍රයක් කර ගත්තේය.
CREATIVE
සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන ආකර්ෂාහි දර්ශන තලයට හදිසියේම අමුත්තෙකු ගොඩ වැදිණ. ඒ යුද හමුදාපති දයා රත්නායක මහතායි. ඔහු පැමිණියේ සිංහල සිනමා වංශ කතාවට එකතු වූ නවතම රංගන තරුව යසස් රත්නායකගේ හපන්කම් දැක බලා ගැනීමටය.ආකර්ෂා සිනමාපටයේ ප්‍රධාන චරිතය මවන යසස්, අප යුද හමුදාපතිවරයාගේ පුතණුවන්ය. ආකර්ෂා දර්ශන තලයෙන් යුද හමුදාපතිවරයා නික්ම ගියේ තම පුතණුවන්ට මුළු හදවතින්ම ආශිර්වාද කරමිනි.ප්‍රසාද්‘සවනට ගී මධු’ වැඩසටහනෙහි නිෂ්පාදක එස්. ඒ. බෙනට් ගේ කලා දිවියට තිස්වසරක් පිරීම නිමිතිකරගනිමින් ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් පසුගිය දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. එහි දී රොජර් සෙනෙවිරත්ත විසින් බෙනට් ට උපහාර තිළිණයක් ලබාදුන් මොහොතයි මේ.ප්‍රසාද්
CREATIVE
දීපිකා පදුකෝන් සිනමා නිෂ්පාදකවරුන්ගේ මුදල් මවන යන්ත්‍රයයි. ඇයගේ අරමුණ සම්මාන ලබන යන්ත්‍රයක් වීමයි.පසුගිය වසරේ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සහ ‘රාම් ලීලා’ සඳහා සම්මාන පිට සම්මාන ලබාගත් ඇය සම්මාන නොමැති වසරවලදී මහත් සිත් තැවුලට පත්වන්නීය.‘සම්මානයක් කියන්නේ කැපවීමෙන් කළ රංගනයට ලැබෙන අගය කිරීමයි. ජයග්‍රහණයක් ලැබුණු විට තමන් හොඳින් රඟපෑ බව හදවතට දැනෙනවා.’චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
සුනිල් විමලවීර ගේ දියණිය අභිෂේකා මේ දිනවල රූපවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක්.ඇය තමන් ලත් සාහිත්‍ය ඥානයෙන් මෑතකදී කවි පොතක් ද එළි දැක්වූවා. ඇය ගැන අලුත්ම ආරංචිය තමයි කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබපු එක . මීට පෙර ඇය භාත්කණ්ඩ සංගීත විශ්ව විද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ද දිනා ගත්තියක්.ඇයගේ ඊළඟ අධ්‍යාපන ගමන වන්නේ ශාස්ත්‍රපති උපාධියලු. ඒ සඳහා ද අභිෂේකා දැන්ම සිට මහන්සිවෙන බවත් ආරංචියි.ලාල් හරීන්ද්‍රනාත් කොටුව පැත්තේ පැරැණි සැලූන් එකකට හදිසියේ ගොඩ වැදුණා. සාමාන්‍යයෙන් කෙනෙක් සැලුන් එකකට යන්නේ කොණ්ඩය කපන්න.නමුත් ලාල් කලබලයෙන් සැලුන් එකට ගියේ කොණ්ඩය කපන්න නම් නෙමේ. ඔහුගේ අලුත්ම කලා අධ්‍යක්‍ෂණය ඇතුළත් චිත්‍රපටයට අවශ්‍ය පැරැණි පුටුවක් සොයා ගන්නටයි.කොහොම හරි ලාල් අරන්ගිය මේ සලුන් එකේ පැරැණි පුටුව ආයෙත් ගෙනත් දීලා. සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටයක කලා අධ්‍යක්‍ෂණයට යම් භණ්ඩයක් රැගෙන ගිය විට ආපසු ලැබෙන්නේ නැති තරම්.නමුත් ලාල් නැවත එම පුටුව ගෙනත් දීමට තරම් කෘතඥ වූවා.රංගනයට දක්‍ෂ මහේන්ද්‍ර පෙරේරා මේ දිනවල ගොවිකම්වලට සැරසෙනවා කියලා ක්‍ෂේත්‍රයේ හාවක් හූවක් තියෙනවා.ඒ මේ දිනවල රටපුරා සූර ගොවියා තෝරණ තරගයේ දී බස්නාහිර පළාතේ සූර ගොවීන්ගේ නායකයා වීම.ඒ නිසාම මහේන්ද්‍ර මේ දිනවල වැඩි වශයෙන්ම බස්නාහිර පළාතේ කීර කොටුවල, එළවළු කොටුවල ඇවිදිනවලු.’මම පොඩි කාලේ ඉඳළාම ගොවිතැනට ආසයි. බස්නාහිර පළාතේ සූර ගොවියන්ට නායකත්වය දෙන්න ලැබීම මට හරිම සන්තෝෂයි. හැබැයි උඩරට, රජරට වගේ ගොවිතැනට උපන් සූර ගොවීන් ඉන්න පළාත් සමඟ බටහිර අපිට තරගයක් දෙන්න උපරිම කැපවීම අවශ්‍ය වෙනවා. ඒ නිසා බස්නාහිර පළාතේ එළවළු කොරටුවල වැඩි කාලයක් ගතකරන්න මට සිද්ධවෙලා තියෙනවා. කොහොම හරි අපේ බටහිර ගොවියෝ මොඩර්න් සූර ගොවියා කරන්න මම උපරිම උත්සාහ කරනවා’. යැයි මහේන්ද්‍ර පවසන්නේ ගොවිකම ගැන උපන් සිතේ සතුටත් සමඟ.ජයසේකර අපොන්සු කියන අපේ නාට්‍යකරුවා ඔහුගේ නවතම වේදිකා නාට්‍යය වුණු ‘සකෝ දේවා’ ත් සමඟ පසුගිය දවස්වල රට වටේම යන බව අපට ආරංචි වුණා. ඔහු මේ සූදානම් වෙන්නේ කොළඹ ප්‍රදේශයෙන් ඈත රඟහලවල වේදිකා ගත කළ ‘සකෝ දේවා’ වේදිකා නාට්‍යය පළමුවරට කොළඹ වේදිකාවක රඟ දක්වන්නයි. ඒ මෙම මස 14 වැනිදා ඉරිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදීයි.වර්තමාන සමාජ විෂමතාවය සහ එවැනි වාතාවරණ සිදුවීමට – අතීතයේ සිට මිනිසුන් පොට වරද්දා ගත් තැන් පිළිබඳ කෙරෙන විමසුමක් ‘සකෝ දේවා’ නාට්‍ය ඔස්සේ ජයසේකර අපොන්සු කතාබහ කිරීමට ලක් කරනවා.බන්දුල විජේවීර, හසිත ශ්‍රී ගුණවර්ධන, තුසිත වීරසිංහ, සූරිය බණ්ඩාර, ගාමිණී කුලරත්න, ගාමිණී කුලසේකර, නදීකා හෙට්ටිආරච්චි, පුබුදු වල්පිට, සුමිත් සුභසිංහ, ඉරේෂා නාමලී වෙත්තසිංහ, ප්‍රභාෂිනී දන්තනාරායන, ප්‍රභා දුෂාන්ති යන ශිල්පීන් ‘සකෝ දේවා’ වේදිකා නාට්‍යයට රංගනයෙන් සහාය වෙනවා. එහි සංගීතය ජගත් වික්‍රමසිංහගෙන්. ගීත රචනය සමන් චන්ද්‍රනාත් වීරසිංහයි. ‘සකෝ දේවා’ නාට්‍යය නිෂ්පාදනය හා රචනය සිදු කරන්නේ ජයසේකර අපොන්සු විසින්මයි.  මනීෂා නාමල්ගම රඟපෑමට අමතරව තවත් අලුත්ම වැඩකට අතගහලා කියලා ආරංචියි. ඒ රූපලාවන්‍ය කටයුත්තකටඇය ඇගේම සැලුන් එකක් මේ ළඟදී ආරම්භ කළා. ඒ නිසාම මනීෂා වෙනදට වඩා කාර්ය බහුලයිලු.මොන කාර්ය බහුලකම තිබුණත් රඟපෑමට නම් කාලය කොහොමහරි යොදවනවා කියලා කියන්නේ මනීෂාමයි.සංජීව සම්පත් බාලසූරියසේයාරූ : ටෙනී, මාලන්, ප්‍රසාද්.
CREATIVE
කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියඅශෝක හඳගමගේ කරන්නට යන අලුත්ම චිත්‍රපටයට මට ආරාධනා ලැබුණා. ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු ළඟදීම ආරම්භ වන නිසා මේ දවස්වල මම ඉන්නේ චිත්‍රපටයට සූදානම් වෙමින්.ඒ සඳහා ලොකේෂන් බලන්නට යන්නත් තියෙනවා. ඒ අතර විදේශ ගතවීමට පුංචි අදහසකුත් මා සතුයි.
CREATIVE
චමිල ලොකුනාරංගොඩ රිදම් ගුවන් විදුලියේ නවවැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස පත්ව සිටියි. රිදම් එෆ්. එම්. හි වඩාත් වැඩිපුර ශ්‍රාවකයන් අතරට ගෙන යාමට අලුත් සැලසුම් කිහිපයක් ඔහු මේ වන විටත් දියත් කොට තිබේ.ඔබේ අලුත් සැලසුම් ගැන පවසමු ?රිදම් යන නම ඇසුණ සැනින් ගොඩක් දෙනෙකුට හිතෙන්නේ ඒක නගරයේ අයට පමණක් සීමා වෙච්ච නාලිකාවක් කියලා. ඒක අපිට අවාසිදායක තත්ත්වයක්. හැකි ඉක්මනින් රිදම් එෆ්. එම්. ගමට ගෙනියනවා. ඒ වෙනුවෙන් අපි අලෙවි ප්‍රචාරණ වැඩ සටහන් කිහිපයක් පටන් ගත්තා. පැරැණි ගීතවලට වැඩි ඉඩක් දෙන්නත් තීරණය කළා.රිදම් හි ප්‍රචාරය වන බොහොමයක් ගීත වේග රිද්මයේ ඒවා බව රහසක් නොවෙයි?රිද්මය අපිට අත්‍යවශ්‍යයි. එහෙම කියලා අපි ස්ලෝ සිංදු ප්‍රචාරය නොකර ඉන්නේ නැහැ. උදාහරණයක් විදිහට ශෙහාන්ගේ ‘පෙරදා මැවු සිනා’ ගීය අපි ප්‍රචාරය කරන්නේ මුල් කෘතියට අපිම තව බීට් එකක් එකතු කරලා. ඒක තමයි රිදම් එෆ්. එම්. හි අනන්‍යතාවය.රිදම් වටා එක් රොක් වී සිටින ශ්‍රාවකයන් ගැන යමක් පැවසුවොත්?රිදම් අහන්නේ බුද්ධිමත් ශ්‍රාවකයන් පිරිසක්. ඔවුන්ගේ ශක්තිය මතයි රිදම් මේතාක් කල් අචලව පැවතියේ. දිනකට සිංදු තුන්සියයක් අපි ප්‍රචාරය කරන්නේ ඔවුන්ගේ සතුට වෙනුවෙන්. ඊට අමතරව රීලෝඩ් දෙනවා. සෑම පැයකදීම නොනවතින ගී ප්‍රචාරය කරනවා. මේවා කරන එකම ගුවන් විදුලි නාලිකාවයි රිදම්. අප ශ්‍රාවකයන් ඉහළම තැන තියන්නයි අපගේ වෑයම. ඔවුනට තුති පුදන්නත් මෙය මා අවස්ථාවක් කර ගන්නවා.වත්මන් ගුවන් විදුලි නාලිකාවන්හි නිවේදක නිවේදකාවනට චෝදනා එල්ල වෙනවා භාෂාව පාවිච්චි කරන්න දන්නේ නැහැයි කියලා?රිදම් ඇරැඹි දවසේ සිට අද දක්වා අපි ශ්‍රාවකයන් සමඟ කතාබහ කළේ සරල භාෂාවෙන්.ප්‍රශස්ත මට්ටමේ හරබර වචන යොදා අද කාලයේ ගුවන් විදුලියක නිවේදකයකු හෝ නිවේදිකාවක කතා කළොත් එතන හරි නොගැළපීමක් තියනවා. එහෙම භාෂාවකට ශ්‍රාවකයන් අද අකැමැතියි. කෙසේ නමුත් අද නිවේදක නිවේදිකාවන්ගේ ගැටලුව භාෂාව නෙවෙයි, දැනුම. දැනුමත් රැගෙනයි ගුවන් විදුලි සන්නිවේදකයකු විය යුත්තේ.නවක ගායකයකුට හෝ ගායිකාවකට රිදම් එෆ්. එම්. හි ඉඩක් තිබෙනවාද?අපි අලුත් ගී ඕනෑ තරම් ප්‍රචාරය කරනවා. පසුගිය කාලේ අතිශය ජනප්‍රිය වූ ගීත රැසක මුල් ප්‍රචාරකයා වූයේ අපි. නවකයකුගේ හොඳ නිර්මාණයකට ඕනෑම මොහොතක රිදම්හි දොරගුළු විවෘතයි.රිදම් ඉදිරියට ගෙනියන නිෂ්පාදන පිරිස මතක් කළොත්?අධ්‍යක්ෂ අලෙවි ධාරක අබේවික්‍රම, නිෂ්පාදන සහකාර කළමනාකරු තාරක තරංග , සංජීව මධුරංග තමයි ප්‍රවර්ධන අංශය භාර. දිනේෂ් රොද්‍රිගෝ ප්‍රවෘත්ති කළමනාකාරවරයා. ජානක, ස්නේහා, නිෂි, මීෂා, සිකු, අනු, ටාෂි, ගනේෂ්, අජේ, ලහිරු ප්‍රසන්ටර්ස්ලා විදිහට වැඩ කරනවා.- ප්‍රසාද් සමරතුංග
CREATIVE
මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් රචිත ‘ව්‍යවහාරික උඩරට නර්තන කලාව’ කෘතිය අද (20) කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දොරට වඩී.මෙම අවස්ථාවේදී මහාචාර්ය ජේ. බී. දිසානායක විසින් ආරාධිත දේශනය පවත්වන අතර ‘ව්‍යවහාරික උඩරට නර්තන කලාවේ නූතන මුහුණුවර’ මැයෙන් නිදර්ශන සහිත දේශනය මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් පැවැත්වීමට නියමිතය.දඟමල්ල වේදිකා නාට්‍ය දෙසැම්බර් 22 වැනිදා ලයනල් වෙන්ඩ්ට්හි දී වේදිකා ගත කෙරේ. නාලක ස්වර්ණතිලක විසින් 2003 වසරේදී දඟමල්ල ප්‍රථමයෙන් නිර්මාණය කළ අතර එම වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී සම්මානයට පත් වූ අතර මෙවර එය නව නිෂ්පාදනය නවක ළමා ශිල්පීන් ද සමඟින් නිමවා ඇත.කුසුම්රේණු, මොරින් චාරුණී, රමනී සිරිවර්ධන, නිල්මිණි සිගේරා සහ සංජීව උපේන්ද්‍ර යන ප්‍රවීණ ශිල්පීන් සමඟ නෙලියා අල්ගම, දිනුෂි සුමනසිරි, පාරින්දි ද කොස්තා, ෂයිනි නෙත්තිකුමාර, ටෙහාරා කන්නංගර, අකිල දයාරත්න, පසන් රත්නායක, රුවින් ඉද්දගොඩ, නදිල් කොළඹගේ, හිවිනි කරුණාරත්න, සුලක්ෂණා රන්දෙණිය ඇතුළු ළමා ශිල්පීන් 21 දෙනෙකු එක්ව සිටිති. සංගීත නිර්මාණය නුවන් විතානගේ, හර්ෂිකා රත්නායක නර්තන නිර්මාණයෙන්, භාණු ප්‍රසංග අංග රචනයෙන්, රංග සමරකෝන් ආලෝකකරණයෙන් සහ අශෝක වීරතුංග වේදිකා පරිපාලයෙන් දඟමල්ලට දායක වේ.ගායන ශිල්පී නිමල් ගමගේ ගේ ‘රන්තරු විලසේ’ විචිත්‍රවත් සංගීත ප්‍රසංගය මෙම මස 21 වැනිදා එනම් හෙට මරදාන ටවර් රඟහලේදී පැවැත්වෙයි.ලතා වල්පොල, කුමාරි මුණසිංහ, මල්කා සෙනෙවිරත්න යන අයගේ යුග ගායනයෙන් රන්තරු විලසේ හැඩ වෙති.කසුන් කල්හාර, රෝහණ බෝගොඩ, නිහාල් නෙල්සන්, වර්නන් පෙරේරා සහ ලලිත් පොන්නම්පෙරුම ආරධිත ශිල්පීන්ය.ඉන්ද්‍රසිරි සුරවීර හා රත්නා පුෂ්පකුමාරිගේ කථනයකි. සරත් ද අල්විස් වාද්‍ය වෘන්දය මෙහෙයවයි.කැලණිය ශ්‍රී ධර්මාලෝක ධර්ම විද්‍යාලය මඟින් සංවිධානය කෙරෙන ‘ගීතාභිවන්දනා’ ගීතමය වැඩසටහන දෙසැම්බර් 22 වැනිදා පස්වරු 3.00 ට කැලණිය ධර්මාලෝක විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.සාරධර්ම සපිරි සුචරිතවත් සංවේදී සමාජයක් උදෙසා නොමිලයේ පැවැත්වෙන මෙම ‘ගීතාභිවන්දනා’ වැඩසටහන එදා සහ අද බිහි වූ ගීත සංවාදයට බඳුන් කෙරෙන බව එහි කැඳවුම්කරු ගායන ශිල්පි කුමා අත්තනායක පවසයි. ජනප්‍රිය ගීත රචක ප්‍රවීණ දේශක මහින්ද චන්ද්‍රසේකර විසින් මෙය මෙහෙයවනු ලැබේ.සුපිරි බලවතා චිත්‍රපටය නිෂ්පාදනයෙන් සහ ආගන්තුකයා මෙන්ම සූරයන් අතර වීරයා යන චිත්‍රපට සම නිෂ්පාදනයෙන් දායක වූ සරසවි සම්මානලාභී (ආගන්තුකයා නිෂ්පාදනය වෙනුවෙන්) අනුර අබේසේකර ඒ. ජී. ඒ. ෆිල්ම්ස් වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන ළමා චිත්‍රපටයක් සඳහා වයස අවුරුදු 9 – 11 අතර ළමා නළු නිළියන්ට අවස්ථාවක් ලබාදීමට එම ආයතනය බලාපොරොත්තු වේ. එයට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන ළමා නළු නිළියන්ට ඡායාරූපයක්ද සමඟ මෙම මස 23 වැනිදා එනම් එන ඉරිදා ජාතික චිත්‍රපට සංස්ථාවට පැමිණ මූලික සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්න යැයි එම ආයතනය ආරාධනා කරයි.ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘රෝමය ගිනි ගනී – 2’ දෙසැම්බර් 23 වැනිදා බිබිල, විජයමුණි සොයිසා සංස්කෘතික මන්දිරයේදී වේදිකා ගතවේ.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ප්‍රචාරය කරන ‘හඳ මාමා’ ළමා වැඩසටහනට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් හෙට (21 දා) ‘හඳ මාමා ස්වර්ණ ජයන්ති සැමරුම’ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.1963 දෙසැම්බර් 14 වැනිදා ‘හඳ මාමා’ ළමා වැඩසටහන ආරම්භ කළ අතර එදා සිට අද දක්වා එය නිර්මාණය කරන ලද්දේ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය විසිනි.50 වැනි වසර නිමිත්තෙන් ළමුන් වෙනුවෙන් පැවැත් වූ කතන්දර තරගයේ ජයග්‍රාහක ළමුන් දස දෙනෙකුට ස්වර්ණ ජයන්ති සැමරුමේදී ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත අතර එම අත්පිටපත් ඉදිරියේදී මුද්‍රණය සඳහා ගොඩගේ පොත් සමාගමට භාරදීමට නියමිතය. ඊට අමතර එදා සිට අද දක්වා ‘හඳ මාමා’ වැඩසටහනින් ක්ෂේත්‍රයට පිවිසි කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ප්‍රසංගයක් පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රදීපා ධර්මදාස, රත්නා ලාලනී ජයකොඩි, සහන් රංවල, නිමන්ත හේෂාන්, දර්ශන ප්‍රමෝද්, සිතාරා උඩුවන සහභාගි වෙති.ප්‍රසාද් - යතේජා
CREATIVE
රන් තාරකා හැඬුවා මේ රාත්‍රියේපායා සිනා නොනඟා ආකාශයේපෙර ආත්මයේ ගෙන ආ අපේමල් සිහින ඡායා සේදී ගියේදෙසිතකින් නොවේ පිදුවේමං ආදරේ . . .මං නිසාම ආදරේ - වෙන් කලා කියා සිතේමේ කුනාටු මාවතේ – මං මුලා කළේ කෙසේඔබට කී ලෙසේ ඔබේ දිව්‍යාංගනාසසල වී ඉඳී ලොවක කල්පනාදෙසිතකින් නොවේ පිදුවේමං ආදරේ . . .හා පුරාම ප්‍රේමයේ - මල් නෙලා නෙලා දිදිීජීවිතේම ඒ වගේ – ඉන්නවා කියා අපීසෑදූ මන්දිරේ කළේ මන්ද දූවිලිචණ්ඩ මාරුතේ මල් පහන් නිවාදෙසිතකින් නොවේ පිදුවේමං ආදරේ . . .මේ ගීතය ඔබට ගයන්නේ නාසියා නයීම්ය. ඇගේ මියුරු ස්වරය සිරස සුපර් ස්ටාර් – 5 නැරැඹූ පේ‍්‍රක්ෂකයන්ට නම් අමුත්තක් නොවේ. සිරස සුපර් ස්ටාර් – 5 තරගයේ අන්තිම දොළොස් දෙනා අතරට ආ නාසියා කාගෙත් සිත් දිනාගත් තාරකාවකි.* නාසියා කවුද මේ ‘රන් තාරකා’ කියලා කියන්නේ?ඒක තමයි මගේ අලුත්ම ගීතය. ළඟදීම මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඒ ගීතය අසන්නට ලැබේවි. මේ මගේ පළමු ගීතය මුලින්ම විකාශය වෙන්නෙත් සිරස නාලිකාවේයි. සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ ගී පදවලට සංගීතය සැපයුවේ සරත් ද අල්විස් කියන ප්‍රවීණ සංගීතඥයා.* ‘රන් තාරකා හැඬුවා’ ඔබගේ අත්දැකීමක් ද?මගේ අත්දැකිමක් නම් නොවෙයි. මේ දවස්වල යන ගීතවලට හරි යන්නයි ඒ ගීතය නිර්මාණය වුණේ. නමුත් මේ කාලයේ නිතරම අසන්නට ලැබෙන ගීතවලින් තරමක් වෙනස් විදියකට ලියැවුණු, සංගීතය නිර්මාණය වුණු හා ගැයුනු ගීතයක් තමයි ‘රන් තාරකා හැඬුවා’ කියන්නේ. ඒ වෙනස්කමට උචිත අයුරින් වඩාත් හොඳින් ගීතයක් ගයන්න පසුබිම නිර්මාණය කර දුන්නේ සරත් ද අල්විස් සංගීතඥයා. ඔහු මට උවමනා කුමක්දැයි හොඳින් දැනගෙන සිටියා. ඒ නිසා මා විශ්වාස කරන්නේ මේ ගීතය මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගනීවි කියලයි.* ප්‍රේක්ෂකයන් ගැන ඔය තරම්ම ඔබට විශ්වාසයක් තිබෙනවාද?සිරස සුපර් ස්ටාර් – 5 තරගයේ තරගකරුවෙක් විදියට තරග වදින අවස්ථාවේදී මුල ඉඳලාම වගේ ප්‍රේක්ෂකයෝ මා සමඟ සිටියා. ඔවුන්ගෙන් ලැබුණු ධෛර්මත් කිරීම් මට රටක් රාජ්‍යයක් ලැබුණා වගෙයි. අන්තිම දොළොස් දෙනා අතරට මට එන්නට හැකියාව ලැබුණේ ඔවුන්ගේ ඒ මඟ පෙන්වීම නිසා බවත් කියන්නම ඕනෑ. තරගයෙන් ඉවත් වුණත් මම මොනවද කරන අලුත් වැඩ කටයුතු කියමින් නිතරම ලිපි එවූ, දුරකතන ඇමතුම් වගේම එස්. එම්. එස්. එවූ ඒ සියලු දෙනාටම මා ස්තූතිය පළ කරනවා.* කොහොමද ඔබ දන්නේ ඔබ වඩාත් දක්ෂ ගීත ගයන්න කියලා?මගේ මතකයේ විදියට ගීතයක් ගයන්න මා මුලින්ම වේදිකාවට නැග්ගේ මට අවුරුදු හතේදී. ඒ අපේ ගෙදර ළඟම තිබුණු මඟුල් ගෙදරකදියි. අම්මලාට හොරෙන් ගීතය කියන්න ගියත්, ගීතය ගයලා ඉවර වුණාට පස්සේ මා ගීතය ගැයූ බව හැමෝම දැන ගත්තා. එදා මම කිව්වේ හින්දි ගීතයක්. පුංචි කාලයේ ඉඳලා හින්දි ගීතවලට මම බොහොම කැමැතියි. මට හින්දි ගීත ගයන්න විතරක් නෙමෙයි ලිියන්නත් හැකියාවක් තිබෙනවා.* ඒ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනයක් අරගෙන තිබෙනවාද?මා ලියූ හින්දි ගීතයකට තනුවක් දමලා ගයලා තිබෙනවා. ඒත් දැන්ම ඒ ගීතය ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්න මා අදහස් කරන්නේ නැහැ. ඒකට තව කාලය තිබෙනවා.* සිරස සුපර ස්ටාර් – 5 තරගයට පෙර ඔබ සිටියේ විදේශ ගත වෙලා නේද?මා විදේ්ශ ගතවෙන්නේ අවුරුදු හතේදී විතර වයසේදී. ඒ අධ්‍යාපන කටයුතු සඳහායි. ඒත් වරින් වර ලංකාවට ඇවිත් යන්න මා අමතක කළේ නැහැ. ඒ අතරදි තමයි මට සිරස සුපර් ස්ටාර් තරගය නරඹන්නට ලැබෙන්නේ. කවදා හරි මම ඒ තරගයට ඇතුළ් වන බව සිතුවේ ඒ තරගය නැරැඹූ දිනයේදියි. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ ලංකාවට ආව මා 2012 සිරස සුපර් ස්ටාර් තරගයට ඉල්ලුම් කළා.* ඔබ සංගීතය පිළිබඳ හැදෑරීමක් කළාද?මම සංගීතය ඉගෙන ගත්තේ මර්වින් ප්‍රියන්ත සර්ගෙන්. බටහිර සංගීතය වගේම දේශීය සංගීතයත් හැදෑරුවා. ගායනයේදී මේ හැදෑරීම් බොහොම වැදගත්.* ඔබ ඒ තරගයේදී ගායනා කරන්න නිතරම තෝර ගත්තේ පැරැණි චිත්‍රපටවල ගීතයි. ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?ඒ ගීතවලට මම කැමැතියි. ඒ වගේම ඒ ගී තවමත් මිනිස්සුන්ගේ හදවත්වල ජීවත් වෙනවා. විශේෂයෙන්ම ඇන්ජලින් ගුණතිලක කියන අපේ ප්‍රවීණ ගීත කෝකිලාවියගේ ගීතවලටයි මා වඩාත් ප්‍රිය කරන්නේ.* ඉදිරි කටයුතු පෙළ ගැසෙන්නේ කොහොමද?මෙ වන විට මම ‘කඳුලේ නිසා’ කියන ගීතයත් එළි දැක්වීමට සූදානමින් සිටිනවා. එහි සංගීතය කලේ සංඛ දිනෙත්. ගී පද දිලාන්. විෂුවල් වැඩ කටයුතුයි මේ දවස්වල කෙරෙන්නේ. ඒ වගේම සිංහල ලංකා ඩොට් කොම් කියන වෙබ් සයිට් එකේ පැතුම් එරන්ද සමඟ ගීතයක් සඳහා මම යුග ගායනයෙන් එක්වෙනවා.පවුලේ හැමෝටමත්, කතරගම මගේ යහළුවන්වත් ඇතුළු නම් කීී නොකී සියලු දෙනාටමත් මම ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.- තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
මට මේ සතිය ඉතාම විශේෂ වූ සතියක්. මීට වසර විස්සකට පෙර තරුණ සේවා නිළධාරියෙකු ලෙසින් සිටියදී ගොඩ නැඟූ මැදවච්චිය පරණ හල්මිල්ලෑව යොවුන් ගම්මානය වෙනුවෙන් පෙර පාසලක් ආරම්භ කරනවා. එය හෙටට යෙදෙන මගේ උපන් දිනය දා විවෘත කරන්න නියමිතයි.ඊට අමතරව මේ දවස්වල සිකුරු හතේ, වෙලාවකට පිස්සු වගේ, රාස්ස පරාස්ස වේදිකා නාට්‍යවලට දායක වෙලා සිටිනවා. සිත් අහසේ ටෙලි නාට්‍යයේත් අමුතුම චරිතයකට පණ පොවනවා.
CREATIVE
රම්බරි සමඟින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ පෙරළියක් කළ, ළබැඳීයේ සමඟින් සංගීත ලෝලී තරුණ, බාල , මහලු හදවත් ආදරණීයව වැලඳගත් නව පරපුරේ ගායක හා සංගීත රචක ළහිරු පෙරේරා පසුගිය අප්‍රේල් 18 වෙනිදා සිය උපන්දිනය සැමරුවා.එහෙත් ඒ දිනයේදී ඔහු ලංකාවේ රැදී නොසිටීම හේතුවෙන් Starfriends විසින් මෙම ආදරණීය තරුව වෙනුවෙන් පසුගිය 06 වෙනිදා විශේෂ උපන් දින උත්සවයක් සංවිධානය කළා.මෙම සුවිශේෂී උපන්දිනය පැවැත්වුනේ නාරාහේන්පිට පිහිටි ඔහුගේ සංගීත පටිගත කිරීමේ මැදිරිය තුලයි.නුවර එළිය හා අලව්ව වැනි ඉතා දුර බැහැර ප්‍රදේශවලින් පවා පැමිණි තමන්ගේ Starfriend රසික රසිකාවියන් පිරිසකුත් එක් වූ මෙම උපන්දින උත්සවය ළහිරු පෙරේරාටත් අපූරු අත්දැකීමක් වුණා."Sing with Lahiru" යන තේමාවෙන් යුතුව පැවති ළහිරුගේ උපන්දින උත්සවෙදී ඔහුගේ සියලුම ගීත ඔහු මෙම අවස්ථාවට එක්ව සිටි රසික කැලත් සමඟ ගායනා කරමින්, විනෝදයෙන් පිරි වරුවක් ඔවුන්ගේ ජීවිතවලට නොමැකෙන මතකයක් සේ එක් කළා .ළහිරු පෙරේරා වෙනුවෙන්ම නිර්මාණය කල උපන්දින කේක් එක රසවිඳීමෙන් අනතුරුව , පැමිණ සිටි රසික පිරිසට සුළු සංග්‍රහයක්ද Starfriend විසින් සුදානම් කර තිබුනා.අනතුරුව තම රසික පිරිස සමඟින් වෙන් වෙන්ව ගත් ඡායාරූප, සමරු අත්සනක්ද සහිතව ඔවුන්ට පිරිනමන්නත් ළහිරු අමතක කලේ නෑ.
CREATIVE
අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි මෙම සතියේ පෙරමුණ ගෙන සිටින්නේ නේල් බගර් අධ්‍යක්ෂණය කළ Divergent චිත්‍රපටය යි. පසුගිය මාර්තු 21 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ එය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 56ක්. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ෂෙලයින් වූඩ්ලි, තෙඕ ජේම්ස්, කේට් වින්ස්ලට් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ජේම්ස් බොබින් අධ්‍යක්ෂණය කළ Muppets MostWanted චිත්‍රපටය දෙවැනි ස්ථානයට පත්ව තිබේ. මාර්තු 21 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළ එය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 16.5 ක්.රොබ් මින්කොෆ් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වනර්ප. Peabody & Sherman ඩොලර් මිලියන 11.7ක ආදායමක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. සිව්වැනි ස්ථානයේ සිටින්නේ නොඇම් මුරෝ අධ්‍යක්ෂණය කළ 300: Rise of an Empire චිත්‍රපටය යි. පසුගිය සති අන්තයේදී එය ඩොලර් මිලියන 8.7ක ආදායමක් උපයා තිබුණි. හාස්‍යමය පවුලේ චිත්‍රපටයක් වන God’s Not Dead ඩොලර් මිලියන 8.6ක ආදායමක් ලබමින් පස්වැනි ස්ථානයේ පසුවේ. මාර්තු 21 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ මෙහි ෂේන් හාපර්, කෙවින් සොබෝ, ඩේවිඩ් ඒ. ආර්. වයිට් ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති. God’s Not Dead අධ්‍යක්ෂණය හරෝල්ඩ් ක්‍රොන්ක් විසිනි.අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ හයවැනි ස්ථානය හිමි වන්නේ ස්කොට් වොග් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Need for Speed චිත්‍රපටයට යි. එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 7.8ක ආදායමක් වාර්තා කළේය. වෙස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ The Grand Budapest Hotel චිත්‍රපටය සිටින්නේ හත්වැනි ස්ථානයේ ය. පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 6.3ක් වාර්තා කළ Non - Stop අටවැනි ස්ථානයේ සහ ඩොලර් මිලියන 4.1ක් වාර්තා කළ the Lego Movie නමවැනි ස්ථානයේත් රැඳී සිටියි. ටේලර් පෙරී අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන The Single Moms Club චිත්‍රපටයට දසවැනි ස්ථානය හිමිවී තිබේ.
CREATIVE