comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
ධනපාල උඩවත්ත කියන්නේ මෙරට ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල ගායන ශිල්පියෙක්. මා ආදරණීය මගේ අම්මා වෙතටයි ගීතය ගයමින් මෙරට ප්‍රථම රණවිරු ගීය ගැයු ගායකයා වන්නේත් ඔහුම තමයි. මේ වනවිට සංගීත දිවියේ 45 වැනි කඩඉමේ සිටින ධනපාල උඩවත්ත ඔහුගේ ගීත ගොන්නේ එක් ගීතයක් වෙනස් කරලා. ඒක ඇත්තටම ලොකු වෙනසක්.ඔහු ගයන රංග නදීකා යන්න ගියා... ගීතය තමයි මේ විදියට අලුත්ම ආරකින් ඔබ හමුවට එන්නේ. හැබැයි මේ ගීය අලුත්ම තාලෙට ගායනා කරන්නේ නම් ධනපාල උඩවත්ත නොවෙයි. ඔහුගේ දෙවැනි පුතා ශමිත් උඩවත්ත තමයි රංග නදීකා ගීතය අලුත්ම තාලෙට ගායනා කරන්නේ.එහි සංගීත නිර්මාණය කරලා තියෙන්නේ උඩවත්තගේ ලොකු පුතා ගයාන් උඩවත්ත. ළඟදීම දවසක එළිදකින මේ ගීතය මුලින්ම නිර්මාණය කෙරුණේ 1980 වසරේදී.එහි පද රචනය වගේම එදා සංගීත නිර්මාණය කළෙත් ධනපාල උඩවත්ත විසින්මයි. එදා තාත්තා නිර්මාණය කළ ගීතය අද පුතාලා අලුත් කරලා අලුත් පරම්පරාවට දෙන්න තමයි ලෑස්ති වෙන්නේ.- යතේජා
|
CREATIVE
|
මේ සතියේ මමත් නෙහාරාත් අපේ හිත මිතුරන් සමගින් කිතුල්ගල විනෝද චාරිකාවක යෙදෙන්න සූදානමින් සිටින්නේ. මගේ උපන්දිනයත් ලබන සෙනසුරාදාට යෙදිලා තියෙනවානේ. එදාටත් මම වෙන කිසිම වැඩක් යොදා ගෙන නැහැ. පවුලේ හැමෝම සමගින් ඒ දවස ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.ඒ වගේම හැම ඉරිදාටම මමයි නෙහාරයි පල්ලියේ දේව මෙහෙයටත් සහභාගි වෙනවා. ඊට අමතරට මේ දිනවල විකාශය වෙන මුතූ ටෙලි නාට්‍යයයේ සහ සෙනෙහසට පවා රහසින් ටෙලි නාට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වෙන්න තියෙනවා.ඊට අමතරව මම රංගනයෙන් දායක වූ හිතවත්තු සහ මහිංසා ටෙලි නිර්මාණ ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. තවත් ටෙලි නාට්‍යකට සහ අලුත්ම විදියේ රියලිටි වැඩසටහනකටත් ආරාධනා ලැබිලා තියෙනවා.
|
CREATIVE
|
සිසිර සේනාරත්න අගයමින් විශේෂ උපහාර උත්සවයක් මෙම මස 22 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ආරාධිතයිනට පමණක් වෙන් වූ මෙම විචිත්‍රවත් සැඳෑව රේගු නිලධාරීන්ගේ සංසදයේ සංවිධානයකි. මෙම ප්‍රසංගය නැරැඹීම සඳහා ‘සරසවිය’ පාඨකයින් කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදීමට සංවිධායක කමිටුව අපේක්ෂා කරයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ නම සහ ලිපිනය සඳහන් කළ කෙටි පණිවුඩයක් 0752805047 අංකයට එවීම පමණි.
|
CREATIVE
|
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ නාට්‍යවේදියකු මෙන්ම පිටපත් රචකයකු ද වන අශෝක සෙනරත් මුදලි පසුගියදා හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රංගවේදියාණන් වෙනුවෙන් පැවැත් වූ විශේෂ උපහාර උළෙලේ දී මීට වසර දහයකට ප්‍රථම විකාශය වූ ‘සිනෙරූ තරු’ වැඩසටහන ඇතුළත් ‘සිනෙ – රූ - තරු - තොරතුරු’ නම් ඩී.වී.ඩී තැටිය එළිදුටු මොහොතයි.ඒ අවස්ථාව සඳහා නිළි රැජන මාලිනී ෆොන්සේකා හා මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුථ ප්‍රවීණ කලාකරුවන් රැසක් සහභාගී වූහ. මේ ඩී.වී.ඩී. පටය ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකා ජීවත්ව සිටි කාලයේ ගත් ඉතා වැදගත් වන ඡායාරූප හා චිත්‍රපට ගීත එකතුවකින් ද සමන්විතය.- තිලානි ශානිකා
|
CREATIVE
|
ළඟදී තිරගත වීමට නියමිත අති දැවැන්ත චිත්‍රපටයක් වන ඩොනල්ඩ් ජයන්ත අධ්‍යක්ෂණය කළ ‘ප්‍රවේගය’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය අති විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති බව වාර්තා වේ.මේ දිනවල මහරගම ඇමටි ලයිට් සහ මාතර ස්ටාර් ලයිට් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වන මෙම පූර්ව ප්රචාරක පටය දුටු බොහෝ දෙනා ඒ පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළ බවත් එහි නිෂ්පාදක සදේශ් කුමාර් සරසවියට පැවසීය. ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ, සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, උදාරි පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, මොරින් චාරුණි, දමිතා අබේරත්න, පුබුදු චතුරංග, ගජේෂන් රඟන මෙහි රන්ජන් රාමානායක ආරාධිත රංගනයකට සහභාගි වේ.යතේජා.
|
CREATIVE
|
මේ මාසයේ වැඩිපුරම වැඩ කටයුතු සිදු වන්නේ මගේ නිවේදන වෘත්තීයත් සමඟයි. ප්‍රසංග වේදිකාවල නිවේදන කටයුතු සිදු කරන අතරතුර ප්‍රසංග වේදිකා සම්බන්ධීකාරකයෙක් ලෙසත් මා වැඩ කටයුතු කරන්නේ බොහොම කැමැත්තෙන්. රඟපෑමෙන් ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවුණත් රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශය වීමටත් නියමිතයි.
|
CREATIVE
|
‘ගිරිකුළ’ ඔබ මේ දවස්වල බොහොම ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක්. ශාන්ති දිසානායක ගේ නවකතාවට අනුව නිර්මාණය වූ මෙහි ජනක් ප්‍රේමලාල්, නිල්මිණි තෙන්නකෝන්, ශි‍්‍රයාණි අමරසේන, නිරෝෂන් විජේසිංහ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මෙහි රූගත කිරීම් කළ එක දවසක අනතුරක් සිදුවෙලා කට්ටිය බේරිලා තියෙන්නේ අනූ නමයෙන්.එදා ශි‍්‍රයාණි සහ නිල්මිණි සිටින දර්ශනයක් රූගත වෙමින් තිබුණෙ කළුදිය පොකුණ කියන බොහොම සුන්දර නිස්කලංක ප්‍රදේශයක. ශි‍්‍රයාණි මෙහෙණින් වහන්සේ කෙනකු ගේ භූමිකාවයි මෙහි රඟන්නේ. ඒ ප්‍රදේශයේ පොළොව තැනිතලා නොවූයෙන් කැමරා ට්‍රැක් එක හදාගන්නත් බොහොම වෙහෙසක් දරන්න සිදුවුණා. අමාරුවෙන් ඒකත් බැලන්ස් කරලා හදාගෙන දැන් රූගත කිරීමට සියල්ල සූදානම්.නිල්මිණි ඇවිත් ශි්රයාණිට වැඳලා කතාබහ කරන දර්ශනයක් තමයි මුලින් ගන්න තිබුණේ. රිහසල් එකකුත් කරලා දැන් රූගත කිරීම් ඇරඹුණා. නිල්මිණි ඇවිත් ශ්‍රියාණිට වැඳලා කතා කරන්න හදනකොටම ‘දඩ බඩාස්’ ගාලා විශාල ශබ්දයක් එක්ක කැමරාව සවිකරලා තිබුණු ක්‍රේන් එකත් කඩාගෙන, කැමරා ශිල්පියා වූ ධම්මිකත් බිමට වැටිලා.නිල්මිණියි, ශි්රයාණියි බේරුණත් ධම්මිකට නම් සෑහෙන්න තුවාලයි. ඒ කොහොම වුණත් ටික වෙලාවකින් ආයෙමත් ෂූටිං පටන් ගත්තා. හැබැයි අර ෂොට් එක නම් ආයෙ ගත්තේ නැහැ. ඒක වෙන විදියකට රූගත කරලා ඉවර කළාට පස්සෙ තමයි ධම්මික රෝහල් ගතවෙලා තියෙන්නේ.
|
CREATIVE
|
නිවේදිකාවරුණි උත්පලාසුපුරුදු පරිදි හැම ඉරිදාවකම “භාරත ගී වින්දන” වැඩසටහන කරනවා.නුගේගොඩ හින්දි ගුරුකුල් ආයතනයේ උගන්වන අතරම ලබන පෙබරවාරියේ පවත්වන එහි ප්රසංගයටත් සූදානම් වෙනවා. ඊට අමතරව ගුවන් විදුලි සංස්ථාවේ හින්දි අංශයේ වැඩසටහන් ඉදිරිපත් කරනවා.
|
CREATIVE
|
‘රණවිරු රියල් ස්ටාර්’ ආකර්ෂණීය ලෙස පැවැත්වෙන රියැලිටි වැඩසටහනක්. එහි පූරක ලෙස අභිමානවත් මෙහෙවරක් ඉටු කරන්නේ රංගන ශිල්පී සාරංග දිසාසේකරයි.පසුගිය දවසක ‘රණවිරු රියල් ස්ටාර්’ පැවැත්වෙන දිනයක සාරංගගේ උපන් දිනයත් යෙදිලා තිබුණා. වෙනම උපන් දින සාදයක් පවත්වනවා වෙනුවට රණවිරු රියල් ස්ටාර් රූ ගැන්වෙන පරිශ්‍රයේම, පුංචි පහේ චාම් උපන්දින සාදයක් පවත්වන්න සාරංග අමතක කළේ නැහැ. මේ අවස්ථාවට සාරංගගේ හිතවත්ම රසික පිරිසකුත් කැටුව ගියා. කලා ලොව වෙනුවෙන් ජැක්සන් ඇන්තනි, විශාරද එඩ්වඩ් ජයකොඩි, යශෝධා විමලධර්ම, නදිනි ප්‍රේමදාස හා ලකී ඩයස් මේ චාම් උත්සවයට එක් වුණා.මේ උපන් දිනයේදීම රසිකයන්ට දෙන තෑග්ගක් විදියට සාරංගගේ කුලුඳුල් ගී තැටිය ‘වොයිස් ඔෆ් සාරංග’ නම් වූ සංගීත තැටියත් එළි දැක්වූවාලු. මේ අවස්ථාවට රණවිරුවනුත් එක් වුණා කියලා තමයි ආරංචි. සාරංගට සරසවිය අපිත් සුබ පතනවා.සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
වෙනස් වෙන ලෝකයෙන් ඇසෙන්න ලැබෙන්නේ වෙනස්ම පුවත්ය. නිළි ජෝඩී ෆොස්ටර් නවීන තාලයේ විවාහයක් කර ගැනීමට සිතුවේ ඒ නිසාය. දැන් ඇය ප්‍රිය බිරියකි. ඒ සැමියකුගේ නම් නොවෙයි. තවත් කාන්තාවකගේයි. ඇය ඡායාරූප ශිල්පිනී, නිළි, ඇලෙක්සැන්ඩ්රා හෙඩ්සන්ය.චිත්‍රපට නිෂ්පාදක සිඩ්නි බර්නාඩ් සමඟ දිගු කලක් සෙනෙහසින් බැඳී සිටි ඇය පුතුන් දෙදෙනකුගේ මවකි. චාල්ස් ෆොස්ටර් (1998), ක්රිස්ටෝනර් ෆොස්ටර් (2001) ඒ පුතුන් දෙදෙනාය. සිඩ්නි තමන්ට ආදරය කළත් නිවැරැදිම ආත්මීය සොයුරිය ඇලෙක්සැන්ඩ්රා බව ජෝඩී පවසන්නීය.ජෝඩී වෙනස් අන්දමට සිතන්නේ ආදරය ගැන පමණක් නොවෙයි. ඇය ආගම ගැන සිතන්නේද නව අයුරකිනි. යුරෝපීය වේවා, ආසියානු වේවා සියලු ආගම්වලට ඇය ගරු කරන්නීය. ආගම් හදාරන්නීය.ඇලෙක්සැන්ඩ්රා සමඟ විවාහවීමෙන් පසු ජෝඩී රන් පැහැ මංගල මුදුව පැලඳගෙන සිටින ඡායාරූප ශිල්පීන් පසුගියදා මාධ්‍යයට නිකුත් කරන ලදී. වසරක් ඇසුරු කළ පසු ඇලෙක්සැන්ඩ්රා සමඟ විවාහ වීමට ජෝඩී තීරණය කර තිබේ.ජෝඩී දක්ෂ අමෙරිකානු නිළියකි. සිනමා අධ්යක්ෂිකාවකි. නිෂ්පාදිකාවකි. 1976 දී ‘ටැක්සි ඩ්‍රයිවර්’ සිනමා පටයේ ළමා ගණිකාවක ලෙස කැපී පෙනෙන රංගනයකින් සිනමාවට පිවිසි ඇය එම රංගනයට ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සහාය නිළිය ලෙස නිර්දේශ වූවාය. 1989 දී ‘දි ඇකියුස්ඩ්’ රංගනයට ඇය හොඳම නිළිය ලෙස ඇකඩමි සම්මාන දිනා ගත්තාය. එහි ඇය රැගුවේ අතවරයට පත් තරුණියකගේ චරිතයකි. ‘ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස්’ හි රහස් පරීක්ෂක රංගනයෙන් ඇයට දෙවැනි ඇකඩම් සම්මානය හිමි විය.යළිත් වරක් ඇය හොඳම නිළියට නිර්දේශ වූයේ ‘නෙල්’ රංගනයටයි. කන්ටැක්ට්රි පැනික් රූම්, ෆ්ලයිට් ප්ලෑන්, ඉන්සයිඩ් මෑන්, ද බ්‍රේව් වන්, ජෝඩී ෆොස්ටර් අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් කළ රංගනයන්ය. ඇයගේ මංගල අධ්‍යක්ෂණය ‘ලිට්ල් මෑන් ටේට්’ය. පනස් එක් හැවිරිදි ජෝඩී ඇකඩම් සම්මානවලට අමතරව සම්මාන ගණනාවකට හිමිකම් කියන්නියකි.- චම්පිකා
|
CREATIVE
|
රංගන ශිල්පිනීමාදනී මල්වත්තසුමිත් රත්නායකගේ ‘හිරුමඬල’ හා සරත් ධර්මසිරිගේ සත් පත්තිනි ටෙලි නාට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ඔබ එනතුරු’ හා හිරු නාලිකාවේ විකාශය වන ‘සබඳ බබානිස්’ කියන ටෙලි නාට්‍යවලත් රූගත කිරීම් තවම කෙරෙනවා.ඒ අතර වේදිකා නාට්‍ය කිහිපයක් සමඟ රට වටා යන අතරම මේ මාසය අවසානයේ විදේශගතවීමටත් මා සූදානම් වෙනවා.
|
CREATIVE
|
කිසියම් කලා කටයුත්තක් සඳහා කැන්ගරු දේශයට පිය නඟන අපේ රටේ බොහොමයක් කලාකරුවෝ සිඩ්නි නගරයේ වෙසෙන කරූ කරුවන්දෙණිය නම් වූ කලාකරුවා මුණ ගැසී නොමැති නම් එය පුදුමයට කරුණක් වනු ඇත.කරූ ඒ තරමට ශ්‍රී ලංකාවේ කලාවට ආදරය කරන්නෙකි. ඔහු සැම විටම සංග්රහශීලීය.ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ කරු 1976 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය ලැබ ගාල්ලේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කොට ඇත.ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ 1991 වසරේදීය. එහි මයික්‍රොසොෆ්ට් ආයතනයේ පරිගණක උපදේශවරයකු ලෙස සේවය කරන කරු සිඩ්නි නගරයේ පැවැත්වෙන ශ්රීී ලාකේය කලා කටයුතුවලට උපරිම දායකත්වයක් ලබා දෙන්නේය.පසුගිය වසර විස්සක කාලය පුරා වේදිකා පරිපාලනයෙන් ඔහු සහභාගි නොවූ ශ්රීී ලාංකික ප්‍රසංගයක් හෝ වේදිකා නාට්‍යයක් සිඩ්නි නගරයේ නැති තරම්ය.එපමණක් නොව ගායනයෙන් ද, රංගනයෙන් ද විශේෂ කුසලතා පෙන්වන කරු සිඩ්නි නගරයේ පැවැත්වෙන බක් මහ රංගන වේදිකාව ඇතුළු ප්‍රසංග කිහිපයකම ගීත ගායනා කර ඇත.කරු රංගනයට පිවිසියේ සිඩ්නි නුවර වෙසෙන ආචාර්ය මහේෂ් බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ළඟදීම ජාතික රූපවාහිනිියේ විකාශය වීමට ඇති ‘මතක සුළඟ’ ටෙලි වෘතාන්තයෙන්ය.මේ දිනවල ඕස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක් සඳහා ඔහු විසින් ‘ඇබොරිජින්වරුන්’ වාර්තා වැඩ සටහනක් සඳහා නිර්මාණයකට දායක වෙමින් සිටින්නේය.එසේම ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ රූපගත කිරීමට සූදානම් කර ඇති ඉංග්‍රීසි චිත්‍රපටයක් ලැබී ඇති චරිතයක් සම්බන්ධව තිර පිටපතක් හදාරමින් සිටින අතර වසර අගදී ශ්‍රී ලංකාවේ රූගත කිරීමට නියමිත ටෙලි නාට්‍යයක චරිතයක් සඳහා ද ඔහුට ඇරයුම් ලැබී ඇත.සටහන - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
මම මේ දිනවල සුගත් සමරකෝන්ගේ ඇහැලේපොළ කුමාරිහාමි සිනමා නිර්මාණයේ රූගත කිරීම් සඳහා දායක වෙලා සිටිනවා. මම එහි රාජසිංහ රජුගේ බිසව වන වෙන්කට රාජම්මා චරිතයට පණ පොවන්නේ. ඊට අමතරව මොහාන් නියාස්ගේ අලුත් ටෙලි නාට්‍යයේත් ෂූටින් යොදා ගෙන තියෙනවා. තවත් අලුත් චිත්‍රපටයකටත් ලැබුණු ආරාධනාව පිළිගත්තා. ඒ වගේම යුරෝපයේ සංචාරයක නියැළෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
|
CREATIVE
|
ළඟදීම මගේ දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මා සිතාගෙන සිටිනවා. එහි මුලික කාර්යය වුණු තිර පිිටපත ලියලා අවසන් වුණේ මේ පසුගිය සතියේ. මගේ නිර්මාණ අතර මේ චිත්‍රපටය තරමක වෙනස් චිත්‍රපටයක් වේවි කියලා මම විශ්වාස කරනවා.ඒ මේ චිත්‍රපටයේ සියයට පනහක්ම නිර්මාණය වෙන්නේ ඇනිමේෂන්වල උදව්වෙන් වීම නිසයි. ඒ වගේම ‘සුදු රෙදි හොරු’ කියලා වේදිකා නාට්‍යයකුත් මා අධ්‍යක්ෂණය කරනවා.ඒ පිටපතට පාලන මණ්ඩලයෙන් අවසරය හිමි වුණා. ඒ සඳහා සමන් හේමරත්න, කෞෂල්‍යා, සුදත්ත තිලකසිරි, සරත් දික්කුඹුර කියන රංගන ශිල්පීන් රඟපෑමෙන් සහභාගිවීමටත් නියමිතයි. ඒ අතරම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් මම මේ දවස්වල සූදානම් වෙනවා.
|
CREATIVE
|
තිරයේ සදාදර පෙම්වතියගේ මංගල දිනයේදී පෙම්වතා පිහියකින් අත තුවාල කර ගත්තේය. කඳුළුවල තම රුධිරය දිය කරන්නට තරම් ඔහුගේ විරහ වේදනාව දැඩි විය. ඔහු විශිෂ්ට සිනමා ශිල්පී රාජ් කපූර්ය. ඇය ජනකාන්ත නිළි නාර්ගිස්ය. දැන් දෙදෙනාම ජීවිතයෙන් සමුගෙන අවසන්ය. එහෙත් ඒ සෙනෙහස දූ දරුවන්, මුනුබුරු මිනිබිරියන් අතර පවා මොන තරම් බැඳීම් ඇති කරනවාද?සුනිල් දත් නාගිස්ගේ පුතුයි. රන්බීර් කපූර් රාජ් කපූර්ගේ මුනුබුරායි. දෙදෙනාම ක්ෂේත්රයේ හොඳ මිතුරන්ය. දෛවය විසින් තිරයේ මැවෙන සුනිල් දත්ගේ චරිතය රඟපෑමට තෝරාගෙන ඇත්තේ රන්බීර් කපූර්ය. සංජේගේ සොයුරිය ප්‍රියා දත් රන්බීර් තෝරා ගැනීමට එක පයින් මනාපය දී තිබේ. ඇය රන්බීර්ගේ රඟපෑම් අගය කරන්නියකි. කෙසේ වුවත් රන්බීර් කාර්යබහුල නිසා තවම ස්ථිර වචනයක් ලබාගෙන නැත. සිනමාපට නිසා වගේම ආදරය ද රන්බීර් කාර්යබහුල කර තිබේ. බන්ද්‍රාවල පිහිටි රන්බීර්ගේ නව නිවෙස අලංකරණය කිරිම සඳහා උපදෙස් ගැනීමට කත්රිනා, රන්බීර් ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියකු හමුවීමට ගොස් තිබේ. රාජ් කපූර්, නාර්ගිස් ප්‍රේමයට අත් වූ ඉරණම රන්බීර්, කත්රිනා ප්‍රේමයට අත් නොවේවායි ඔවුනට හිතැත්තෝ පතති.මේ අතර රන්බීර් කපූර්ගේත්, කරීනා කපූර්ගේත් ඥාති සොයුරෙක් වන අර්මාන් ජේන් ද බොලිවුඩ් පුරවරයට පා තැබුවේය. ඔහුගේ කුලුඳුල් සිනමාපටයේ පූර්ව දර්ශනයම රසිකයන් ඉතා සෙනෙහසින් වැළඳගෙන ඇත. ‘ලේකර් හම් දීවානා දිල්’ අර්මාන් රැඟූ පළමු සිනමාපටයයි. අර්මාන්, රාජ් කපූර්ගේ දියණියක වූ රීටාගේ එකම පුතුය.පුදුමය නම් අර්මාන් ද රන්බීර් හා සමාන අත්දැකීම්වලට මංගල සිනමාපටයේදී මුහුණපෑමයි. යතුරු පැදියක නැඟී යන ජවනිකා අර්මාන්ගේ සිනමාපටයේ ඇතුළත් අතර, යතුරු පැදිය පැදවීම පුහුණුවීම සඳහා ඔහුට දැවැන්ත කැප කිරීමක් කිරීමට සිදු වී තිබේ. රන්බීර් ද ‘අජාබ් ප්‍රේම් කි ගසාබ් කහානි’ සඳහා එසේ පුහුණු වී තිබේ. සිනමාපට දෙකේම පෝස්ටර්වල ඇත්තේ යතුරු පැදිය පදවන ජවනිකාය. දැනටමත් නව යෞවනයන් අතර අතිශය ජනප්‍රිය සිනමාපටය තිරගතවීමට නියමිතව ඇත්තේ ජූලි 4 වැනිදාය.සංජේ දත්ගේ ජීවිත කථාව තිරයට නැඟෙද්දී ඔහුගේ පුංචි පුතු ද රංගනයට එක් වෙයි. සංජේගේ තුන් හැවිරිදි පුතු ෂාහිරාන්, සංජේගේම නිෂ්පාදන සමාගමේ නිර්මාණයක් වන ‘හස්මුක් පිගල් ගයා’ හි රඟයි. ඔහු රඟන්නේ රාජ් කපූර්ගේ අනාරි සිනමාපටයේ ‘හස්මුක් පිගල් ගයා’ ගීත ප්රතිනිර්මාණයේයි. පුතු රංගනයට එක්කර ගැනීම සංජේගේ ලොකුම ආසාවකි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
හොඳම සිනමාපටය – ඉනිඅවන්හොඳම නළුවා - දර්ශන් ධර්මරාජ්හොඳම නිළිය – නිරංජනී ශංමුගරාජාපසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී දෙවන වරටත් පැවැති දෙරණ ලක්ස් සිනමා උළෙල නිමාව දුටුවේ අශෝක හඳගමගේ ඉනි අවන් හොඳම සිනමා පටයට හිමි සම්මානය දිනා ගනිමිනි. එහි රංගනයෙන් දායක වූ දර්ශන් ධර්මරාජ් හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එම සිනමාපටයේම නිරංජනී ශංමුගරාජා හොඳම නිළිය වශයෙන් අභිෂේක ලැබීය.පූජා, රොෂාන්එහි සෙසු සම්මාන ලැබුවෝ මෙසේය.ජනපි‍්‍රයම සිනමාපටය – කුසපබා - මහාචාර්ය සුනිල් ආරියරත්නජනප්රියම නළුවා - රොෂාන් රණවනජනප්රියම නිළිය – පූජා උමාශංකර්හොඳම තිර රචනය – අශෝක හඳගම – ඉනිඅවන්හොඳම සහාය නළුවා - රාජා ගනේෂන් – ඉනිඅවන්හොඳම සහාය නිළිය – වීණා ජයකොඩි – කුස පබාහොඳම සටන් නළුවා - බුද්ධික ජයරත්න - සෙනසුරු මාරුවහොඳම සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර - සෙනසුරු මාරවහොඳම ළමා නළුවා - කේ. එම්. පවිත්‍රා - මාතාහොඳම පසුබිම් සංගීතය - රෝහණ වීරසිංහ – කුස පබාහොඳම සංගීත සංරචනය - රෝහණ වීරසිංහ – කුස පබාහොඳම ගායනය – පිරිමි කසුන් කල්හාර – කුසපබා චිත්‍රපටයේ මධු චන්ද්රයාමේ ගීතයගැහැනු නිරෝෂා විරාජිනී – කුසපබා චිත්‍රපටයේ ප්‍රේමයේ මන්දිරයජනප්රියම චිත්‍රපට ගීතය - ජල ධාරාවේ – කුස පබාහොඳම සිනමාරූපී සංගීතය අඩංගු ගීතය - මධුර වසන්තේ – කුස පබාහොඳම නළුවා දර්ශන්, හොඳම නිළිය නිරංජනීහොඳම ගීත රචනය -සුනිල් විමලවීර - සෙනසුරු මාරුවහොඳම කැමරාකරණය -මිල්ටන් කැම්, ඩොනල්ඩ් කරුණාරත්න, කේ. ඒ. ධර්මසේන – මාතාහොඳම සංස්කරණය -ස්ටීවන් ප්ලිප්සන් – මාතාහොඳම දෘෂ්ටි ප්‍රයෝග -බූඩි කීර්තිසේන – මාතාහොඳම ශබ්ද පරිපාලනය -ලයනල් ගුණරත්න සහ සජිත රුවන් - කර්මහොඳම රංග වින්‍යාසය -චන්දන වික්‍රමසිංහ – කුස පබාහොඳම කලා අධ්‍යක්ෂණය -හීනටිගල ප්‍රේමදාස - කුස පබාහොඳම අංග රචනය -වසන්ත විට්ටච්චි, උපුල් මහානාම – මාතාහොඳම ඇඳුම් නිර්මාණය -වෙනුක වික්‍රමරත්න – කුස පබාමතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරුවා -කලර් චිත්‍රපටයේ අධ්යක්ෂ ඉසුරු වීරසිංහ මුදලිජීවිතේ එක් වරක් පිදෙන පරම ජීවන සම්මානයෙන් පිදුම් ලැබුවේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්එදින ආචාර්ය සෝමා එදිරිසිංහ විශේෂ සම්මානයකින් පිදුම් ලබන ලදී.හෙට දවසේ සිනමාව වෙනුවෙන් සම්මාන මෙසේ පිරිනැමීයජූරියේ විශේෂ සම්මාන -චන්න දේශප්‍රිය – කැමරාකරණයවිමුක්ති ජයසුන්දරහොඳම චිත්‍රපටය -සමනල සංධ්වනියහොඳම අධ්‍යක්ෂණය -උදය ධර්මවර්ධන – මයිල්ස් ඔෆ් අහොඳම කෙටි චිත්‍රපටය -ඉලම් හුසෙයින් – වාවෝස්සටහන - ප්‍රසාද් සමරතුංගඡායාරූප - මාලන් කරුණාරත්නකමල් සහ ජගත්ගෙන් නිවේදනයක් හොඳම සටන් නළුවා ටෙඩී විද්‍යාලංකාර සම්මානීය වූ මොහොත. රන්ජන් සහ ජීවන් පසෙකින් වෙතිමහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් පරම ජීවන සම්මානය පණ්ඩිත් අමරදේවයන් අතින් සුමිත්‍රා පීරිස් ලබා ගනිමින්. අයිරාංගනී සේරසිංහ, තිස්ස ලියනසූරිය, නිළි රැජන මාලිනී, රවීන්ද්‍ර රන්දෙණිය, ඩොනල්ඩ් කරුණාරත්න, නදීකා ගුණසේකර සේයාරුවේ සිටිති.
|
CREATIVE
|
නිවේදිකා දිනූෂා රාජපතිරණමගේ උපන් දිනය යෙදෙන මේ සතිය මට බොහොම සුවිශේෂයි. සෑම උපන් දිනයකටම මම උදෙන්ම පන්සල් යන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම පවුලේ හැමෝගෙම උපන් දිනවලදී මම ඔවුන්ව පුදුම කරවන නිසා මගේ උපන් දිනය සැලසුම් කරන්නේ පවුලේ උදවියයි.ඒ නිසා ඒ අය මගේ මේ උපන් දිනයට මොනවා කරාවිද කියලා මට තවම හිතා ගන්නවත් බැහැ. අලුත් අවුරුද්ද ගෙවී ගියත් ස්වර්ණවාහිනියට නම් තවමත් අවුරුදු ඉවර නෑ. මම මේ තවමත් ඉන්නේ අවුරුදු උත්සවවලට සහභාගි වෙන ගමන්. ඒත් එක්කම ළඟදීම එන වෙසක් උත්සවයටත් සූදානම් වෙන්න ඕනෑ.හත්දින්නත් තරු, සිත නිවන මඟ වැඩසටහන් සතිපතා විකාශය වෙන නිසා මම ටිකක් කාර්යබහුලයි. ළඟදීම මගේ රංගනය රැගත් ‘එඩ්ඩ්‍රස් නෑ’ චිත්‍රපටය තිරගතවීමටත් නියමිතයි.
|
CREATIVE
|
ඒබීසි නාළිකාවේ මේ දිනවල විකාශය කෙරෙන How to Get Away Murder (මිනී මැරුමකින් ගැලවෙන්නේ කෙසේද ?) ජනප්‍රියම කතා මාලාව බවට පත් වෙලා. සැප්තැම්බර් 25 වැනිදා සිට විකාශය ආරම්භ කළ මෙම කතා මාලාව රාත්‍රි 10.00 කාල පරාසය තුළ විකාශිත අනෙකුත් සියලුම කතා අබිබවා සිටින බවයි ආරංචි.IMDB රේටිනග්ස් 10න් 8.3ක් ලබා ගැනීමට මෙම අපරාධ කතා මාලාවට හැකි වී තිබෙනවා. නීති විද්‍යාලයක සිසුන් පිරිසක් සහ අපරාධවල විත්තිය වෙනුවෙන් පෙනී සිටින මොළකාර නීතිඥවරියක වටා ගෙතුණු කතා පුවතක් මෙහි ඇතුළත්. වියෝලා ඩේවිස්, ජුලි බ්‍රවුන්, ඇල්ෆ්‍රඩ් එනොක් ඇතුළු පිරිසක් මෙහි රංගන දායකත්වය ලබා දෙනවා. කොටස් කිහිපයකින් අවසන් කිරීමට මුලදී නිෂ්පාදක කණ්ඩායමය තීරණය කර තිබුණත් දැන් එය තවත් ඉදිරියට නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණයි.යතේජා
|
CREATIVE
|
මලින් මලට බඹරුන් ඉගිලී රහසින් මට කීවා කොහා ගයන ගීයෙන් ලියැවී පෙම් පණිවිඩ ආවා ඈත රටින් ඒ කුමරා එනවා මාගේ හදේ පෙම් සිහින මැවෙනවා මලින් මලට මගින් මගට මගෙ හද පියඹනවා පෙරුම් පුරාගෙන බලා සිටිනවා කාට හොරෙන් හෝ සිත සඟවනවා රහස ඔබේ ළඟදීම එළිවෙනවා දෑතට රන්වන් වළලු වැටෙනවා මල් මල් වාරම් ගමෙන් නැගෙනවා ගැස්සෙන සිතිවිලි සිලිල ගලනවා ලස්සන සිතුවම් හදක ඇඳෙනවා . . .පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සංගීතය - සරත් දසනායක ගායනය – ලතා වල්පොල අධ්‍යක්ෂණය – නීල් රූපසිංහ- සුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
තමන්ගේ නැඟී එන ආලෝකය ලොවම බැබළෙන තාරකාවකගේ ආලෝකය ඉදිරියේ නිවී යනවා දකින්නට කැමැති කවුරුන් ද? එය ඒ අන්තර්ජාතික තාරකාවකගේ එළියෙන් සැඟ වී යන්නට උත්සාහ දරන්නේ ඒ නිසා විය හැකියි.සෝනක්ෂි සිංහ යනු බොලිවුඩ් පුරයේ දිදුලන අනාගතයකට පෙරනිමිති පෙන්වන්නියකි. මෑතකදී ඇයට රංගනයට ඇරැයුම් ලැබුණේ මුළු භාරතයේම ගෞරවාදරයට පාත්‍ර වූ මනිරත්නම් අධ්යක්ෂවරයාගෙනි. ඒ භාෂා දෙකකින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන සිනමාපටයක තුන්වැනි ප්‍රධාන චරිතය නිරූපණය කිරීමටයි. එහෙත් දින ප්‍රශ්නයක් කියා සෝනක්ෂි එය ප්‍රතික්ෂේප කර තිබේ. දැනටමත් මනිරත්නම් අධ්යක්ෂවරයා අයිශ්වර්යා රායි සහ සෘති හසන් සිනමාපටයේ ප්‍රධාන සහ දෙවැනි චරිත සඳහා තෝරා ගෙන අවසන්ය.අධ්යක්ෂ මනිරත්නම් සොනක්ෂි සමඟ කතා කිරීමට පෙර, ඇයගේ පියා ශතෘගන් සිංහ සමඟ ද සිනමාපටය ගැන කතාකර තිබේ. ශතෘගන්, මනිරත්නම්ගේ කලණ මිතුරෙකි. දින නොමැති බව පැවසුව ද, සැබෑම හේතුව එය විය හැකි ද යන්න ගැන බොහෝ දෙනා කතාවෙති. ‘ඇක්ෂන් ජැක්සන්’ සහ ‘හොලිඩේ’ සිනමාපට සඳහා ද සෝනක්ෂි දින දී ඇති බව සැබෑවකි. ඇය චරිතය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එය හිතට ඇල්ලූ චරිතයක් වී තිබියදීත්ය. ඉදිරියේ දී මනිරත්නම් සර්ගේ සිනමාපටයක රඟපාන බව ඇය ස්ථිරවම පවසා තිබේ.මෙහි අයිශ්වර්යා සමඟ ප්‍රධාන චරිත රඟන්නේ සුපිරි දමිළ, තෙලි¼ගු නළුවන් දෙදෙනකු වන නාගර්ජුන සහ මහේෂ් බාබුය. මේ අයිශ්වර්යාගේ දෙවැනි සිනමා ගමනයි. ආරධ්‍යා සිඟිති දියණිය නිසා තෙවසරක්ම ඇයට රංගනයට සම්බන්ධ වීමට ඉඩක් ලැබුණේ නැත. එහෙත් දැන් ආරධ්‍යා දියණිය තරමක් ලොකු ගැහැනු දරුවෙකි. එනිසා අයිශ්වර්යා යළි රංගනයට පිවිසීමට තීරණය කර තිබේ.අයිශ්වර්යාගේ දෙවැනි සිනමා ගමන නැරැඹීමට ප්‍රේක්ෂකයෝ පුල පුලා බලා සිටිති. ඇය මුලින්ම රඟපාන සිනමාපටය ගැන විවිධ මත වරින් වර ප්‍රකාශ වුණ ද සත්‍ය වශයෙන්ම ඇය දෙවැනි වරට දොරට වඩින්නේ මනිරත්නම් අධ්යක්ෂවරයාගේ සිනමාපටයකිනි.
|
CREATIVE
|
සසර වසන තුරා මහත් ඵල ලබනපුණ්ය කර්මයක්අපේ ආදරණීය මාලිනියගේ උපන් දිනය සරසවිය පාඨක සැමට ආගන්තුක කාරණයක් නොවන බව නම් ඒකාන්තයි. තමන්ගේ හිතට සහෘද ඇයගේ උපන් දිනයට ඇඟිලි ගනිමින් සිටින පිරිස මාලිනියගේ උපන් දිනයට සුබ පතන්නට දින ගනිනා අපූරුව අපටත් හුරු පුරුදුයි.එතරම් ජනතා ආදරයක් ලබන්නටම උපන් පින්වන්තියගේ උපන් දිනය දා ඈ නිරතුරුවම යොමු වන්නේ පින්වත් කටයුතුවල. මීට පෙර උපන් දිනවලදී මහරගම පිළිකා රෝහලට මෙන්ම රණවිරු සෙවණට ගොඩ වැදී ඈ කළ සද් කාර්යයන් අපට හොඳට මතකයි.මෙවර උපන් දිනය දා මාලිනිය තමන්ගේ මූලිකත්වයෙන් අපූරු පින්කමක් සංවිධානය කළා. පොල්ගහවෙල අමිලසිරි භික්ෂු ගිලන් මධ්‍යස්ථානය වෙත ගිය මාලිනිය වෙසක් සමයේ බුදු දහමේ කියැවෙන අපූරු ගිලන් භික්ෂූන්ට උපස්ථාන කිරීමේ පින්කම සිදු කළේ සියලු දෙනාට ආදර්ශයක් සපයමින්.භික්ෂූන් වහන්සේලා හැත්තෑ නමකට සෙවණ සදන මෙම සෙවණ ගොඩ නගන්නට තමාගේ උපන් දිනය දා මාලිනිය කැප වීමට සිතා ගත්තා.මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයට අවශ්‍ය ගොඩනැඟිල්ල කඩිනමින් ඉදි කරන්නට මාලිනිය බලාපොරොත්තු වෙනවා.මේ පින්කම සඳහා මාලිනියට ආදරය කරන සැමට සහභාගී විය හැකියි. දායක විය හැකියි. අපි එක්ව මේ ගොඩනැඟිල්ල ඉක්මනින්ම ඉදි කරමු.සැමට සෙතක් කරන්නට මාලිනිය පෙරමුණ ගත් මේ සද්කාර්ය වටා පෙළ ගැසෙමු. 0112742533අංකයෙන් මේ සඳහා ඔබටත් දායකවන්නට පුළුවන්.හෙට රයිගම් සම්මාන උළෙලේදීකලා ක්ෂේත්රයේ මෙන්ම ජනතාවගේ ආදරය හා ප්‍රසාදය දිනා සිටින විශිෂ්ට රංගධරයකු වන ප්‍රවීණ සිනමා නළු ටෝනි රණසිංහයන්ට විශේෂ ගෞරව සම්මානයක් ලබාදීමට නියමිත බව ‘සරසවිය’ ට අනාවරණය විය.එය ඔහුට පිරිනමන්නේ හෙට දින (11 වැනිදා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සවස 6.00 ට පැවැත්වීමට නියමිත රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදීය. 2011 රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර පැවැත් වෙන්නේ අටවන වරටයි.එහිදී ටෝනි රණසිංහ නම් වන මේ මහා රංගධරයාට පිරිනැමෙන සම්මානය පිළිබඳ ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ යාවජීව කර්තව්‍ය වෙනුවෙන් පිදෙන විශිෂ්ට සම්මානයකින් ඔහු පිදුම් ලබන බවයි.සිනමාවේ යාවජීව කර්තව්‍ය වෙනුවෙන් පිරිනැමෙන රණ තිසර සම්මානය සරසවිය සම්මාන උළෙලේදී ලබා ගත් මහා රංගධරයාණෙනි ඔබට ‘සරසවිය’ පුවත්පතේ සුබපැතුම්!
|
CREATIVE
|
ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටය වූ මහ රජ ගැමුණු හී සියලු දත්ත ඇතුළත් වෙබ් අඩවිය www.maharajagemunu.lk පසුගියදා අන්තර්ජාලයට මුදා හැරිණ. ඒ රංගන ශිල්පිණී කුසුම් රේණු අතිනි. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවති මෙම අවස්ථාව සඳහා චිත්‍රපටයට දායක වූ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.මහරජ ගැමුණු සිප්වින් චිත්‍රපට වෙනුවෙන් ගුණපාල රත්නසේකරගේ නිෂ්පාදනයකි.
|
CREATIVE
|
ප්‍රවීණ සිනමාකරු අභාවප්‍රාප්ත තිස්ස අබේසේකර මහතාගේ සහ සරසවිය සම්මානලාභී සුදත් දේවප්‍රියගේ නැන්දණිය වූ අසංකා අබේසේකර මොනරවිල මහත්මියගේ මව වන ඊඩා මාග්‍රට් ලිහිනියා කුමාරි ප්‍රනාන්දු මහත්මියගේ (84) මරණය ඝාතනයක් බවට 30 වැනිදා කොළඹ සිදු කළ අධිකරණ වෛද්‍ය පරික්ෂණය මඟින් හෙළි වී තිබේ.සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද්‍ර සමරනායක මහතා විසින් මෙම පරික්ෂණය සිදු කෙරිණි.සිද්ධියට අදාළව සිදු කළ මරණ පරික්ෂණයේදි මෙම මරණය ඇගේ මුහුණ, කට තද කර හුස්ම හිර කිරීමෙන් සිදු කළ මරණයක් බවට සැක කරයි. අංක 494/21, රාජගිරිය, රාජගිරිය පාර, පස්වන පටු මගේ, මොරගස්මුල්ල, පදිංචිව සිටි මරණකාරිය ඇගේ නිවසේ කාමරයක් තුළ අබිරහස් අන්දමින් ඝාතනය කර තිබියදී 29 දා සොයා ගෙන තිබිණි.ඇගේ එක් දියණියක් වන අසංකා අබේසේකර මහත්මිය පවසා සිටින්නේ මවගේ අතේ තිබූ රත්තරන් බෙරිලියන්තු මුදු හතරක් නැති වී ඇති බවත්, ඊට අමතරව නැති වී ඇත්තේ කුමක් ද කියා ඔවුන් නොදන්නා බවත් මරණ පරික්ෂණයේදී වාර්තා විය. අසංකා අබේසේකර ජීවත් වන නිවස තිබෙනුයේද මෙම නිවස අසලමය.මරණ පරික්ෂණයේදී අසංකා අබේසේකර මහත්මිය පවසා සිටියේ එදින මව නිවසේ සිටියේ තනිවම බවයි.කෙසේ වෙතත් ඝාතකයන් නිවසට ජනෙල් ඇර හෝ වහළයෙන් බැස ඇතුළු වූයේ ද යන්න ලකුණු කිසිවක් පෙනෙන්නට තිබී නැත. නිවසේ දොර හැර තිබූ අවස්ථාවක ඝාතකයන් නිවසට ඇතුල් වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.නිවසේ කාමරවල අල්මාරිවල හා බඩු මුට්ටු ද මුළුතැන් ගෙය තුළ තිබූ ශීතකරණය හා භාණ්ඩ ද ඇද දමා තිබූ බව වාර්තා වේ.නිවසේ දේපළ කොල්ල කන්නට පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කරන නමුත් මියගිය අයගේ මාලය රැගෙන නොගියේ මන්දැයි පොලිසියට ඇත්තේ කුතුහලයකි.දරුවන් නව දෙනෙකුග් මාතාවක් වන ඊඩා මාග්‍රට් මහත්මියගේ දරුවන් සිව් දෙනෙකු විදේශගතව සිටින අතර අනෙක් දරුවන් සිව් දෙනා ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිති.ඊඩා මාග්‍රට් මහත්මියගේ සැමියා වන ක්ලැරන්සි පර්සි ප්‍රනාන්දු (86) හා දියණියක සමඟ ඝාතනය සිදු වූ රාජගිරියේ පිහිටි නිිවසේ පදිංචිව සිටි නමුත් සිද්ධියට පෙර දිනයේ සැමියා හා දියණිය අවශ්‍යතාවකට වත්තල මාබෝලේ දියණිියගේ නිවසට ගොස් තිබීම නිසා මාග්‍රට් මහත්මියට එදා නිවසේ තනිව සිටින්නට සිදුව ඇත.නිිවසේ තනි වූ මවට දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිද්දී ඇය පිළිතුරු නොදීම නිසා දියණිය කලබල වී 29 දා උදේ 8.00 ට පමණ නැවත නිවසට පැමිණි අවස්ථාවෙදී මේ ඝාතනය සිදු වී ඇති වී දැක පසුව පොලීසියට දැනුම් දී තිබේ.මහේස්ත්‍රාත් පරික්ෂණය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය සිදු වූ එම නිවසට පැමිණ පැවැත්විය.අවට නිවෙස්වල සවිකර ඇති සී. සී. ටී. වී. කැමරා ඔස්සේ ලබාගත් තොරතුරු අනුව ඉදිරි විමර්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවැසීය.සරසවිය පුවත්පත මුද්‍රණයට යන විටත් මේ සම්බන්ධව කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසයේ සහාය ඇතිව වැලිකඩ පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.- තිස්ස ධම්මික
|
CREATIVE
|
කුමාරි අත්තනායක කලකට පසු හමුවීඅත්තනායක පරම්පරාව කලාවට ඇති හිතෛෂිවන්ත භාවය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. මේ සටහන ලියැවෙන ඇය ද අත්තනායක පරම්පරාවේම පුරුකක් . නමින් කුමාරිඅත්තනායක වන ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී මැණිකේ අත්තනායකගේ නැගණියයි.කොහොමද ඔබේ කලා ජීවිතය ඇරැඹෙන්නේ?මං කලාවට සම්බන්ධ වුණේ 1980 අවුරුද්දේ. ඒ ‘මිණි සළඹ’ වේදිකා නාට්‍යයෙන්. එහි චරිත දෙකක් මං රැඟුවා. ඊට සම්මානයකුත් හම්බ වුණා.ඔය අතරතුරදි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ව මුණ ගැසුණා. ඔහුගේ හමුව මගේ කලා ජීවිතය වෙනස් කළා කිව්වොත් නිවැරදියි. එතුමාණන්ගේ සුප්‍රකට නාටකයක් වන ‘මනමේ’ හි මනමේ කුමරියගේ චරිතය මට ලැබුණා. මාව ඒ චරිතයට තෝරගත්තා කියලා දැනුම් දීපු වෙලාවේ මට හුස්ම ගන්නවත් මතක් වුණේ නැහැ.’මනමේ’ නාටකය කැසට් පටයක් ලෙස සකස් කළා. එහි ගීත ගැයුවා. ඔන්න ඔහොම ඉන්න කොට ‘කාල ගෝල’ සහ ‘සිංහබාහ’ු නාට්‍යයන්ට සම්බන්ධ වීමට තරම් මා වාසනාවන්ත වුණා.හිමි ඔබ දැකුමෙන් නැති සිත මාගේ...හිරු නැති ලොව පියුමක් සේ...එහි මට රඟන්නට හිමි වූ සුප්පා දේවිය ගැයූ ගී පදයක් ඒ. 1982 දී පමණ ඊට සම්බන්ධ වුණත් අදටත් මට ඒවා කට පාඩම්.සරච්චන්ද්‍ර මැතිතුමාගේම ‘මහාසාර, ලෝම හංස, කදා වළලු’ සහ ලලිතා සරච්චන්ද්‍ර මැතිනියගේ ‘හස්තිකාන්ත මන්තරේ’ හි ද චරිත රඟන්නට මට ආරාධනා ලැබුණා.මෙහිදී තව නාට්‍යයක් මතක් කරන්න ඕනේ. ඒ අරිසෙන් අහුබුදු සූරීන්ගේ ‘සක්විති රාවණා’ එහි සීතා දේවියගේ චරිතය මං අවුරුදු පහක් රඟපෑවා.කුමාරි, වේදිකාව පමණක්ද නියෝජනය කළේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලට දායක වුණේ නැද්ද?ඇත්තටම මං ගොඩක් හිටියේ වේදිකා නිර්මාණවල තමයි. අනෙකුත් නිර්මාණයන්ට ආරාධනා ලැබුණා. ඒ කාලයේදිමයි මා විවාහ වුණේ. ඊට පස්සෙ මං පවුල් ජීවිතයට පමණක් මුල්තැන දුන්නා. කිසිදු කලා කටයුත්තක් කළේ නැහැ.ඔබේ රුව සහ කතා කරන ශෛලිය අක්කට බෙහෙවින් සමානයි. දෙදෙනා මාරු වූ අවස්ථා නැද්ද?ඔය කතාව හැමෝම කියනවා. ප්‍රවීණ ඡායාරූප ශිල්පි පී. යූ. ඩී. පෙරේරා ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බා. ඒකට ‘ලෝම හංස’ නාට්‍යයේ ඡායාරූපයක් ද ඇතුළත් වුණා. ඒක දැකපු හැමෝම රැවටුණා. ඒ ඉන්නේ අක්කා කියලා. එතන හිටියේ මම. සමහරෙක් කොච්චර පැහැදිලි කළත් මං ඉන්න බවට පිළිගත්තෙම නැහැ.වර්තමානය වනවිට ඔබේ කලා දිවිය නැවත පටන් ගෙනද?ඔව්, ආයෙත් රඟපාන්න ආසයි. මේවනවිට මට පෙරට වඩා නිදහසක් තියෙනවා. මගෙ ළමයිනුත් දැන් ලොකුයි. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වන්න හිතක් තියෙනවා. හොඳ චරිතයක් ලැබුණොත් දෙවතාවක් හිතන්නේ නැහැ.මේ කුමාරිගේ ලිපිනයයි.28/1බී, බෙල්ලන්තර පාරනැදිමාල- දෙහිවල.සටහන සහ ඡායාරූපයප්රසාද් සමරතුංග.
|
CREATIVE
|
2013 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල අවසන් වූයේ හොරණ විද්‍යාරත්න විද්‍යාපීඨයට ජයග්‍රහණ රැසක් ලබා දෙමිනි. ඒ සිංහල අංශයේ හොඳම නළුවා, ඉංග්‍රීසි (විවෘත) අංශයේ හොඳම නළුවා හා හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන රැසක් ලබා ගනිමින්. මේ විද්යරත්නයේ හොඳම නළුවන් සරසවියට තමන්ගේ සතුට ප්‍රකාශ කළ අයුරුයි.සිංහල අංශයේ හොඳම නළුවා ලක් කාන්ත විහඟ අබේවික්‍රම.පුබුදු සුභාෂණ කෑරගල සර් අධ්‍යක්ෂණය කරපු ‘පාට තුනයි එකම මලයි’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් මේ සම්මානය මට ලැබුණා. මේ සම්මානයට අමතරව තව නාට්‍යවල රඟපෑම වෙනුවෙන් මට සම්මාන ලැබිලා තියෙනවා.ඉංග්‍රීසි අංශයේ හොඳම නළුවා වූ දුලාජ් චාමර හසලංක.‘අ වන්ඩර්ෆුල් ගිෆ්ටි ෆෝ බෝබ්’ කියන ඉංග්‍රීසි නාට්‍යයේ බෝබි වෙනුවෙන් හොඳම නළුවාට සම්මානය ලැබුණා. එය අධ්‍යක්ෂණය කළේ සිසිර ජයකොඩි සර්. 2011 වසරේදී සුභාෂණ කෑරගල සර්ගේ ‘චූටි බබා ලොකු ළමයෙක්’ නාට්‍යය වෙනුවෙන් සීමිත අංශයේ හොඳම නළුවා වුණා. 2013 වසරේදී ‘මමයි මමයි හරි යාළුයි හා එහි ඉංග්‍රීසි අංශයේ නාට්‍යය වෙනුවෙන් හොඳම සහාය නළුවාට සම්මාන ලැබුණා. ඊට අමතරව මේ දිනවල සිරස රූපවාහිනියේ චණ්ඩි කාටුන් එකේ චණ්ඩිට හඬ කවනවා.හොඳම සහාය නළුවා වූ සිනෙත් මධුෂාන්.පාට තුනයි එකම මලයි නාට්‍යය වෙනුවෙන් මම හොඳම සහාය නළුවාට සම්මාන ලබා ගත්තා. සුභාෂණ සර් තමයි අපි හැමෝම නාට්‍ය අංශයෙන් ඉහළට යන්න පුරුදු පුුහුණු කරන්නේ.විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය පිරිවනෙහි ඉගෙනුම ලබන මේ දක්ෂයින් තිදෙනාම කියා සිටියේ එකම කතාවකි. ඒ පිරිවෙනෙහි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන (පීඨාධිපති) පූජ්‍ය ඕපල්ලේ ඥානසිරි හිමි ඇතුළු ගුරුවරුන් ලබා දෙන සහයෝගය හා මේ සඳහා නන් අයුරින් කැප වූ හැමෝටම ස්තුතියි යන්නයි.ප්‍රසාද් / සංජීවසේයා - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
පි‍්‍රයන්ත මන්සිළු අපේ ආදරය දිනාගත් තවත් රංගන තරුවක්. ‘කලර්’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු මේ දිනවල විකාශය වන ‘සිහින විලක්’ ටෙලි නාට්‍යයෙනුත් දැක ගන්න පුළුවන්. මේ ළඟදී දවසක ඔහුට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වෙලා. ලැබුණු ආරාධනාවකට අනුව ඔහු සාදයකට සහභාගි වෙන්න ගල්කිස්ස ප්‍රදේශයට ගියා. සාදය තිබුණේ රෑ . ෂූටිං එහෙම ඉවර කරලා මන්සිළු එතෙන්ට යනකොට සාදය අවසන් වෙන්නත් ළඟයි. කොහොම හරි කලබලයෙන් අදාළ ස්ථානයට ඔහු ගියා.දැන් මන්සිළු මේ සාදයට එකතු වෙලා, බොහොම සතුටින් කාලය ගතවෙලා ගියා. එක පාරටම ආරක්ෂක නිලධාරියෙක් කෑගහගෙන මෙතැනට ආවා. ‘මේ පාටියට ආපු කෙනෙක් කාර් එකක් රේල් පාර ළඟින්ම නවත්තලා ඇවිත්. කෝච්චියක් ආවොත් එහෙම කාර් එකේ එන්ජිමත් අරගෙන තමයි යන්නේ. ඉක්මනට ගිහින් කාර් එක වෙන තැනක පාර්ක් කරන්න’ කියලා ඔහු යන්න ගියා. එතැන හිටිය කිහිප දෙනෙකුත් මන්සිළු එක්කම අර කාර් එක තිබුණු ස්ථානයට ගියේ කාගෙද වාහනය කියලා බලන්න. ඒක මන්සිළු ගේ වාහනය. මේක දැක්මයි මන්සිළුට උන්හිටි තැන් අමතක වුණේ. කාර් එක නවත්තලා තියෙන්නේ හරියටම රේල් පාර අයිනෙම. හනිකට කාර් එක පණ ගැන්වූ ඔහු එය පිටුපසට ගන්නවාත් සමඟම වේගයෙන් ආපු දුම්රියක් එතැනින් ගියා. තව ඩිංගක් පරක්කු වුණා නම්....
|
CREATIVE
|
ශ්වේත වර්ණ පින්වත් වලා වියල උඩුවියන් බැඳ, බැති සිතින් රුවන් වැලි මහා සෑ රදුන් වන්දනා කරන්නට සැරසෙන අපූරු චිත්‍රය සජීවී ව දැක බලා ගැනීමට මා දෑස මේ මොහොතේ පින්කොට තිබේ.මහා කොත් කැරැල්ල වන්දනා කොට අභය වැව දෙසට හමන සුවදායක සුළං රැල්ලෙන් මා රිසි සේ පෙනහථ පුරවා ගතිමි. සතර දෙසම එකම ඉරියව්වක තබමින් දොහොත් මුදුන් දී පෙළ ගැසුණු සැදැහැවතුන් මහ සෑ රදුන් වන්දනාවකය.මහරජ ගැමුණු නම් වූ ශ්‍රේෂ්ඨ නරපතිදාණන් දිව්‍ය ලොවක සිට මේ සියලු දේ පිළිබඳ බලා සිටින වග ඒකාන්තය. නෙථම්, මානෙල් වලින් සුවඳවත් වූ සලපතල මථව දැන් එකම හිස් ගොඩකි.සිංහල සිනමාවේ තරු ගොන්න ද සලපතල මථවේ එක් කොනක දැහැන්ගත අධිෂ්ඨානයක ය. තම නිර්මාණය හැකි ඉක්මනින් සාර්ථකව හිමිකරදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම දෙස කුථණුබරව නෙත් යොමා හිඳින මහ සෑ රඳුන් ඊට ආශිර්වාද කරන බව සිකුරු ය. ඒ තරමටම මේ සැරැසෙන කටයුත්ත සැමට සද් ක්‍රියාවකි.මේ සියල්ලන් ඉතා සන්සුන්ව සූදානම් වන්නේ ‘ මහරජ ගැමුණු’ චිත්‍රපටය ආරම්භ කිරීමේ අධිෂ්ඨාන පූජාව සඳහා ය.එක පෙළට එක් වූ සිනමාවේ තරු පොකුර රුවන්වැලි මහ සෑ රදුන් වන්දනා කරන්නේ සන්සුන් ගමනින් ය. මහා සංඝයා වහන්සේලා පෙරටු කොට ගනිමින් සියලුම වන්දනා කටයුතු ආරම්භ වූයේ සිංහල සිනමාවේ තවත් දැවැන්ත නිර්මාණයක ආරම්භය සනිටුහන් කරමිනි.මහරජ ගැමුණු චිත්‍රපටය පිළිබඳ අපට අසන්නට ලැබුණේ මීට වසර කිහිපයකට පෙර ය. නමුදු එදවස යථාර්ථයක් බවට පත්කර ගැනීමට නොහැකි වූ සිහිනය අද එළි දුටුවේ සියලු දෙනාගේ සිත්මත බලාපොරොත්තුවේ උද්දාමය වපුරවමිනි.ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නරවිරුවාණන්ගේ කතාන්දරය නොහොත් රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ කතාන්දරය සිනමාවට බිහිවීම අද සිට ඇරැඹෙනු ඇත.ජයන්ත චන්ද්‍රසිරිගේ සිතෙහි සුවදායක බලාපොරොත්තුවක් ලෙස සටහන් වූ මහරජ ගැමුණු චිත්‍රපටය සඳහා මෙවර පින්වත් නිෂ්පාදන දායකත්වය සපුරාලන්නේ ගුණපාල රත්නසේකර විසිනි.හෙතෙම ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ කථිකාචාර්යවරයකු වීම ද විශේෂත්වයකි.භක්තිමත් මෙන්ම ශක්තිමත් සිත් ඇති කලාතරු ඇසිපිය නොහෙලා දෑස එකම අරමුණක ය. ඒ මේ නිර්මාණය සිතන පතන ලෙස සාර්ථක වෙතැයි යන සද් පැතුමෙනි.මේ ලිපිය කියවන ඔබ ද එසේ පතන බව මම දනිමි. ඒ තරමටම මහරජ ගැමුණු චිත්‍රපටය නැවත අප ඉතිහාසය ලියා තබන සංදිස්ථානයකි.අධිෂ්ඨාන පූජාව අවසන විත්රපටයේ මුහුරත් උළෙලේ කටයුතු සිදුවන්නේ ෆාම් ගාඩ්න් විලේජ් හෝටලයේ දීය.කෙමෙන් ගෙවීගිය සන්ධ්‍යාව දැන් මද අඳුරෙන් පරිසරය වසනා තරමට තාරුණ්‍යයට ළං වී ඇත. ෆාම් ගාඩ්න් විලේජ් හෝටලයට නේක වර්ණ තරු පැමිනෙන්නේ තම කාන්තිය දෙගුණ තෙගුණ කරමිනි.මීට පැය කිහිපයකට පෙර දුටු ශ්වේත පද්ම දැන් නෙක වර්ණයෙන් පිරි මල් මෙන් සොඳුරුය. රාත්‍රියෙහි පැවැත්වෙන මුහුරත් උළෙල චාම් අර්ථවත් වූ එකකි.රාත්‍රියේ ඇරැඹුම සමඟම මහරජ ගැමුණු චිත්‍රපටයේ වැඩකටයුතු ඇරැඹුණේ ඉතිහාසයට පෙම් බඳින අපේ රටට ආදරය කරන සැමදෙනාට අලුත්ම අලුත් බලාපොරොත්තුවක් ඉතිරි කරමිනි.මේ ඒ මොහොතේ ගුණ රුව වරුණ අපට හමු වූ ආකාරයයි.චතුර ගීතනාත් බණ්ඩාරසේයා රූ - අමිත් එස්.සේනාරත්න
|
CREATIVE
|
ටෙලි නාට්‍ය අධ්යක්ෂනාලන් මෙන්ඩිස්මම මේ සතියේදී ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කරන සංසාරේ පිය සටහන් ටෙලි නාට්‍ය මාලාවේ විසි එක් වැනි සැමරුම සංවිධාන කටයුතුවලටයි ප්‍රධානත්වය ලබා දී තියෙන්නේ.ඒ නිසා රූගත කිරීම් කිසිවකුත් යොදා ගත්තේ නැහැ. ඊට පසුව තවත් අලුත්ම ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.එහි පිටපත ලියා අවසන්. ඉදිරියේදී රූගත කිරීම් ආරම්භ කරන්න කටයුතු යොදා තියෙනවා.
|
CREATIVE
|
ඡායාරූප ශිල්පිනියක, චිත්‍ර ශිල්පිනියක, ලේඛිකාවක වන ශ්‍යාමා විතාන විසින් රචිත ඇගේ නවතම නවකතාව වූ ‘වස්සානයට පායන සඳ’ දොරට වැඩීමේ උළෙල පසුගියදා පැවැත්විණි.ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍යාමා විතාන, ලේඛිකා ප්‍රීති රන්දෙණියට එම කෘතිය පිළිගැන් වූ අයුරුයි. මෙම අවස්ථාවට සෙත්සරණ ආයතනයේ අධ්යක්ෂ රොහාන් ද අල්විස් සහ පමුණුගම ගොන්සාල්වේස් විදුහලේ විදුහල්පති ආනන්ද විතාන පියතුමන්ලා ද, ආරෝග්‍යා පුවත්පතේ කර්තෘ දීප්ති ෆොන්සේකා සහ තරුණී පුවත්පතේ කර්තෘ ඇන්ටන් සැම්සන් මහතා ද සහභාගි වූහ.
|
CREATIVE
|
මම රැල්ලට ගීත නිර්මාණය කරන්න කැමැති නැහැ. මම හිතන්නේ ප්රවීණයන්ගේ සහාය ලැබෙන්නත් එය හේතුවක් වෙන්න ඇති කියලා. සිංදුවෙන් සිංදුවට වෙනසක් කරන්න තමයි මම හැමදාම බලාපොරොත්තු වෙන්නේ.හැන්දෑව එනකං ගං ඉවුරේ දුර ඉම පෙනේ ආගිය හැටි තුරුලු වී සිහිවේ සැමදා හසකැන් පෙම්නුරා - නිශාලියේ හිරිකඩ පොද වැස්සේ ගත පෙළෙනා රුදු හීතලේ සැඟවුණු හැටි පපුතුරේ හිඳිමී සැමදා මතකයේ හද දරා - නිශාලියේආදරයේ විරහව ගැන කියවෙන මේ අපූරු ගීතය ඔබ මේ වන විටත් රස විඳලා ඇති. වර්තමානයේ එළිදකින බොහොමයක් ගීත අතර වෙනස්ම ආකාරයේ නිර්මාණයක් ලෙස බිහි වූ නිශාලියේ (ගිම් සඳ) ගීතය ගායනා කරන්නේ මනීෂ කුඹුකගේ.මුලින්ම මේ ගීතය සහ එහි රූප රචනය ගැන කියමු?මෙය ආදරයේ විරහව තේමා කර ගත් ගිතයක්. වෙන් වුණු ආදරවන්තයන් දෙදෙනෙක් දෙපසට වී වෙන්වීම ගැන පසුතැවෙන කතාවක් තමයි මෙයින් කියවෙන්නේ. නමුත් අපි එය සෘජුවම වීඩියෝව හරහා ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නේ නැහැ. ගීතය රචනා කළේ චාමින්ද රත්නසූරිය. ගී තනු නිර්මාණය කළේ මමයි හර්ෂණ විජයසිංහයි. සංගීතය ප්‍රියාත් සඳ කැලුම් පෙරේරා සහ හර්ෂණ විජයසිංහ. වීඩියෝ එකේ ග්‍රැෆික් සංස්කරණය කළෙත් මා විසින්මයි.කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?ගුවන් විදුලි නාලිකා වගේම රූපවාහිනී නාලිකා හැම එකකම ගීතය විකාශය කෙරෙනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අනෙක් ගීත අතර වෙනස් වූ ගීතයක් කියලා හැමෝම කියනවා.ඉදිරියේදී එළිදකින්න නියමිත තවත් ගී නිර්මාණ එහෙමත් ඇති නේද?මීට පෙර මම ‘හෙමින් - හෙමින්’ නමින් ගීතයක් නිර්මාණය කළා. එය තවම ගුවන් විදුලි හෝ රූපවාහිනී නාලිකාවලට ලබා දුන්නේ නැහැ. එය මේ වන විට අන්තර් ජාලය ඔස්සේ රස විදින්න අවස්ථාව තියෙනවා. ඒ හැරුණාම තවත් ගීත 2 ක් එළි දකින්න නියමිතයි. ඒවායෙත් ගී තනු සහ සංගීත නිර්මාණය කරන්නේ මම. ඉදිරියේදී ඒ ගීත එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.මනීෂ සංගිත ක්ෂේත්රයට පැමිණි ගමන ගැනත් කියමු නේද?මගේ තාත්තා සමන් කුඹුකගේ. ඔහු සංගීත ශිල්පියෙක්. ඒ ආභාසය තමයි මට ලැබුණේ. පුංචි කාලෙදී සංගීතය හැදෑරුවා. උසස් අධ්‍යාපනයට යොමු වුණේ ඉංජිනේරු අංශයෙන්. මේ වන විට ව්‍යාපාරික කටයුතු සමඟින් තමයි සංගීත කටයුතුවල නිරත වෙලා ඉන්නේ.ඉංජිනේරු ක්ෂේත්රයේ කටයුතු කරන ඔබ කලා ක්ෂේත්රයට පිවිසීමේදී ලැබුණු සහාය ගැනත් සඳහන් කළොත්?ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. ප්‍රවීණ ශිල්පීන් රැසක් මගේ නිර්මාණ ගැන අදහස් දක්වලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මම රැල්ලට ගීත නිර්මාණය කරන්න කැමැති නැහැ. මම හිතන්නේ ප්රවීණයන්ගේ සහාය ලැබෙන්නත් එය හේතුවක් වෙන්න ඇති කියලා. සිංදුවෙන් සිංදුවට වෙනසක් කරන්න තමයි මම හැමදාම බලාපොරොත්තු වෙන්නේ.කලා ක්ෂේත්රයේ ඉදිරි ගමන?ව්‍යාපාරික කටයුතු වගේම සංගීත කටයුතුත් දෙකම සමබරව කරගෙන යනවා. අනාගතයේදී චිත්‍රපට අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චිත් මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක්ම නිසා ටිකක් විතර කාර්යබහුල වෙලා. ඒ අතරේ එක් ටෙලි නාට්‍යයක පිටපතට අනුව ගාමිණීව බලෙන් පොලීසියට අරගෙන යන සීන් එකකුත් තිබිලා. ඒ නිකම්ම නම් නෙවෙයි. මාංචුත් දාලා තමයි ඔහුව අරගෙන යන්න තිබිලා තියෙන්නේ. ඔන්න දැන් සහෝදර රංගන ශිල්පියෙක් ගාමිණී මාංචුත් දාලා බලෙන් පොලිස් ජීප් එකකට නග්ගගෙන අරගෙන ගියා. ඔන්න දැන් මේ සීන් එක බොහොම ලස්සනට රූගත කළා.ටික වෙලාවකින් දර්ශන තලයෙන් ඉවත් වුණ ගාමිණී අතත් අතගගා අනිත් පිරිස සිටින තැනට ඇවිත්. බලනකොට අත ටිකක් තුවාල වෙලා. ලේ ගලනවා. කොහොම හරි තුවාලෙට බෙහෙතුත් දාලා ප්ලාස්ටරයක් එහෙමත් දාගෙන තමයි ඊළඟ සීන් එකට ලෑස්ති වෙලා තියෙන්නේ.
|
CREATIVE
|
‘මුල්’ හා ‘රූකඩ රාජ්ජේ’ වේශ නිරූපණ කටයුතුවල නිරත වෙන අතරම අලුත්ම කටයුත්තකට මා මුල පිරුවා. ඒ ජ්‍යෝතිෂය කටයුතු කරගෙන යාමයි. කාලයක පටන් නිල නොවන අයුරෙනි නියැලිලා සිටිය මේ කටයුත්තට නිල වටිනාකමක් දෙන්න කාලය ඇවිත්.ඒ කියන්නේ වේශ නිරූපණ ශිල්පියෙක් විදියට ඒ තැන අලුත් පරපුරට භාරදිය යුතු කාලය ඇවිත් කියලා මා සිතනවා.
|
CREATIVE
|
අමීර් ඛාන්ගේ විසිපස් වසරක නළු ජීවිතයේ වඩාත්ම කැමැති චරිතය අන්තර්ගත වී ඇත්තේ දෙසැම්බර් 19 දින තිරගතවීමට නියමිත ‘පී කේ’ සිනමාපටයේයි. මෙය පුදුමයක් නොවෙයි. ඒ අමීර් එහි වෙනස් චරිත නවයක් රඟන නිසයි. එහි එන එක් චරිතයක් නිරූපණය කිරීමේදී ඔහු බුලත් විට සියයක් දිනකට කෑමට ගෙන තිබේ.සැබෑ ජීවිතයේදී පුරුද්දක් ලෙසින් බුලත් විට කෑමට නොගන්නා ඔහු සිනමාපටයේ සෑම දර්ශනයකදීම බුලත් විට සපා ඇත. දර්ශන තලයේ බුලත් විට කරුවකු නිරන්තරයෙන්ම රඳවා ගැනීමට අධ්යක්ෂවරයා වග බලාගෙන තිබේ.ප්‍රසිද්ධියේ සුළු දිය පිට කරන, සිඟන්නන්ගෙනුත් සොරකම් කරන දර්ශන ඇතුළත් මෙය විසි පස් වසරක වෘත්තීය ජීවිතයේ දුෂ්කර ක්‍රියාව ලෙස අමීර් හඳුන්වයි. සිනමාපටයේ ඔහු ඇසිපිය ගසන දර්ශන ද අවමය. අනුෂ්කා ෂර්මාගේ දෑස් දෙස බලා සිටින විට එය අසීරු කටයුත්තක් නොවන බව අමීර් විහිළුවට මෙන් පවසා තිබේ.අමීර් කෙතරම් දුෂ්කරතාවට පත්කර ඇත්දැයි දැනගැනීමට ප්‍රේක්ෂකයන්ට දෙසැම්බර් 19 වනතුරු බලා සිටීමට සිදුවේ.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
නාලක විතානගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපට ද්විත්වයක් ලබන වසරේ සිට තිරගත වීමට සූදානමින් ඇත. ‘රූපාන්තරණ’ ඉන් එකකි. ත්‍රස්තවාදය යන බිහිසුණු විෂය වටා ගෙතුණු තාරුණ්‍යයේ දඩබ්බර කතා පුවතක් රැගත් මෙය මඟින් නවක තරු හතරක් සිනමාවට එක්වීම සුවිශේෂීය.ඒ අමිල කරුණණානායක, ශෙලා නැතෑනියල්, මිලින්ද මඬුගල්ල සහ කැලුම් කුලරත්නයි.ඔවුන්ට රූපාන්තරණයෙහි රංගනයට ප්‍රථම විශේෂ පුහුණුවක් ද ලබාදුන් බව අධ්යක්ෂවරයා පැවසී ය.ඒ අයට අමතරව කලකින් රිදී තිරයෙන් නොදුටු තිස්ස විජේසුරේන්ද්‍ර සහ ඇන්ජලා සෙනෙවිරත්න සමඟ රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, දමිතා අබේරත්න, සාරංග දිසාසේකර, නයනා කුමාරි රූපාන්තරණ සඳහා රංගනයෙන් දායක වෙති.රහස් පරීක්ෂක කතා තේමාවක් රැගත් අග්නි වර්ෂා නාලකගේ තෙවැනි චිත්‍රපටයයි. එය ද ලබන වසරේ ප්‍රදර්ශනය වනු ඇත.පාලිත සිල්වා, ශි‍්‍රයාණි අමරසේන, අනූෂා දමයන්ති, හිමාලි සිරිවර්ධන, කැලුම් කුලරත්න මේ චිත්‍රපටයේ චරිත මවනු ලබති.- ප්‍රසාද්
|
CREATIVE
|
භයානක සහ අස්වාභාවික සිනමාපටවල රඟමින් වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනිමින් සිටින බිපාෂා බාසු මේ වෙනස් මඟට කැමැති බව පවසන්නීය. දැනට බිපාෂා අස්වාභාවික සිනමාපට පහක රඟපා තිබේ. ඒ සිනමාපට පහම සාර්ථක වීම ගැන ඇය සතුටු වන්නේ එයින් ප්‍රධාන නළුවාගේ අගය බින්දුවටම බස්සවා තාරකාවක ලෙසින් සිනමාපටය ජනප්‍රිය කරවීමට හැකි වීම නිසයි. තමන්ගේ ප්‍රතිරූපයට කුමක් සිදු වුවත් නළුවාගේ මුහුණ ඇඹුල් වනවා දැකීමට ඇය කැමැතිය.බිපාෂා ඉදිරියේදී ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ ‘ක්‍රියේචර්’ ත්‍රිමාන සිනමාපටයෙනි. එය ඉන්දීය රසිකයන්ට ඇනකොන්ඩා, ජුරාසික් පාක් වැනි අත්දැකීම් ලබා දෙන්නකි.
|
CREATIVE
|
මෙන්න මේ සිද්ධිය වෙන කාලේ මම පොඩි එකාගෙ චරිතය කරන වකවානුවයි. මගේ ජනප්‍රියත්වයත් හිණි පෙත්තේම තියෙන මේ කාලේ මම වේදිකාවට එනකොටම නරඹන්නෝ හිනාවෙන්න පටන් ගන්නවා. මාව පාරක දැක්කත් දෙපාරක් හැරිල බලන කාලේ මම ජම්පර් කලිසම ඇඳල වතුර බෝතලය, පොත් බෑග් එක කරේ දාගෙන සූප්පුව කටේ දමාගෙන එනකොට ආයෙ දෙකක් නෑ. විසිල් පාරත් එක්ක කවුරුත් හිනාවෙනවා. මේ වගේ පුදුම ආකාරයේ රසික ආදරයක් ගෞරවයක් මට තිබුණ කාලෙක මට හරි අපූරු සිද්ධියකට මුහුණපාන්න සිද්ධ වුණා.අපි වේදිකාව් හිනාවෙලා හිටියට අපේ පෞද්ගලික ජීවිතයේදී අනෙක් අයට වගේම අපිටත් ප්‍රශ්න තියෙනවා. අපේ පෞද්ගලික වැඩකට ගියත් ඇතැම් අය අපේ රංගන ජීවිතය සංසන්දනය කරලා කටයුතු කරන අවස්ථාවන්ටත් මට මුහුණපාන්න සිද්ධ වුණා. එක දවසක් මගේ බිරිය සෝමාට අසනීප තත්ත්වයක් හැදිලා බේත් ගන්න ගියේ මරදාන ප්‍රදේශයේ දොස්තර මහත්තයෙක් ළඟට. ඒ දවස්වල මමත් සෝමත් පදිංචි වෙලා හිටියේ මරදාන කිට්ටුව.අපි දෙන්නා ඉතිං හෙමින් හෙමින් පාරේ ඇවිදගෙන ගියේ දොස්තර මහත්තයාගේ ඩිස්පෙන්සරියට වැඩි ඈතක් නැති නිසා. ඔහොම යන කොට පාරේ සමහරු මාත් සමඟ හිනා වුණා. අතින් එහෙමත් ඇල්ලුවා. ඔය ඉතිං මාව හඳුන ගත්ත අයගේ තියෙන ආදරය ප්‍රකාශ කළ හැටි. ඔහොම ඉතිං මම ඇවිදගෙන ගියේ කොළඹ ආනන්ද විද්‍යාලය කිට්ටුවෙන්. ඔහොම යන කොට එක පාරටම මහා ඝෝෂාවක් ආවා. මම ඒ දෙසට හැරිලා බැලුවා. බලන කොට ගැටවර වියේ පාසල් ඇඳුමෙන් සැරසුණු කොල්ලො ටිකක් මට කතා කරනවා. මම ඉතිං ඒ අයටත් ඔළුව නවල හිනාවකින් සංග්‍රහ කළා. මට හිතාගන්නත් බෑ මම එහෙම හිනා වුණාම කොලු රංචුව කලේ මගේ දෙසට දුවගෙන එන එක. හරියට නිකන් කාලෙකින් කුසගින්නේ ඉඳලා රස ගොදුරක් හම්බ වුණු සිංහයෝ රැලක් ගොදුරක් ඩැහැ ගන්න පනිනවා වගේ මේ ළමයි ටික මගේ ළඟට කඩා පැන්නා. දැන් ඉතිං මේ අය මගේ ළඟට කෑගහගෙන පැන්න විතරක් නෙවේ. මගෙන් එක එක දේවල් අහනවා. විහිළු කරන්න කියනවා.1959 අගෝස්තු 28 වැනිදා රත්නපුරයේදී බර්ටි ගුණතිලකයන් විවාහ වූයේ ඇමටියගොඩ අලහකෝන් මුදියන්සේලාගේ සෝමා සමඟය. බර්ටි - සෝමා මංගල ඡායාරූපයමේ ළමයි මගේ එහෙන් මෙහෙන් අල්ලනවා. සමහරු මාව මිරිකනවා. කොනිත්තනවා. කිතිකවනවා. හරියට බලලෙකුට ගොදුරක් අහුවුණා වගේ. සමහරු අහනවා පොඩි එකා කෝ සූප්පුව කියලා. සමහරු කලිසම ගැන අහනවා. ඉස්කෝලෙ යන බෑග් එක, වතුර බෝතලය ගැන අහනවා. මට දැන් කරකියා ගන්න දෙයක් නෑ. අහන අහන දේට මම දෙන උත්තරය මේ අයට කොක් හඬලා හිනා වෙන්න හොඳ උත්තේජනයක් වුණා. ඇත්තම කියනවා නම් මගේ ඇඟේ තියෙන රංගනය එළියට ඇවිත් වගේ.මම දැන් දෙලෝ රත් වෙලා කල්පනා කරනවා මේ අයගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. හරියට පිස්සො ගොඩකට මාව අහුවෙලා වගෙත් කියලා මට හිතුණා. නෝනට බේත්ගන්න ඇවිත් මේ මොකද වුණේ කියලා හිතුණා. ආනන්ද විද්‍යාලයේ විවේක වෙලාව නිසා ළමයි කවුරුත් එළියට ඇවිත්. ළමයින්ගේ මේ කියුම් කෙරුම් නිසා පාරේ යන අයත් නැවතිලා මේ කරන කියන දේවල්වලට හොඳ හැටි හිනාවෙනවා. එන්න එන්නම මේ අයගෙන් මට වෙන බලපෑම් උත්සන්න වුණා. මෙහෙම ටික වෙලාවක් ගතවෙද්දී ළමයි ටික කලේ මාව උස්සල කරට ගන්න එක. දැන් ඉතිං මේ අය කෑගහනවා. මෙන්න අපේ රජ්ජුරුවෝ, විකට ලොවේ රජ්ජුරුවෝ, විකට රජා, මෙන්න රජා, බර්ටි රජා විකට රජා, අපේ රජා මෙන්න රජා කියලා. අනේ ඉතිං මම මේ පිරිසට නොවඳින වැඳුම් වැන්ඳා. පිං සෙන්ඩු වුණා මාව බිම තියන්න කියලා. කොහොම හරි ළමයි මාව උඩ දදා කෑගහනවා. වටේ ඉන්න අයත් බඩ අල්ලන් හිනා වෙනවා. කවුරුවත් මට උදව්වට එන පාටක් නෑ. බිරිඳත් කර කියා ගන්න දෙයක් නැතුව පුදුම වෙලා බලන් ඉන්නවා. මහ පාරේ හරියට නිකන් විකට ජවනිකාවක් රඟපානවා වගේ. මම දැන් හොඳටම අසරණ වෙලා. ප්‍රසිද්ධ වුණාම විඳීන්න වෙන කරුමෙක මහත කොහොමද කියලා මට තේරුණේ මෙන්න මෙතනදි තමයි. නොවඳිනා වැඳුම් වැන්ඳත් කොල්ලො මාව බිම තියන පාටක් නෑ. ඒ කාටත් මාව මේ ආකාරයට ඔසවාගෙන නටන එක විශාල දෙයක්. ඔය අතරේ මගේ වටා සෙනඟ පිරිලා. කොහොම හරි පාරේ ගිය පොලිස් ජීප් එකක් මේ සෙනඟ රැස් වෙලා ඉන්න තැන නැවැත්තුවා මොකද කියලා බලන්න. ඒ අයටත් හිනා මාව කර උඩ තියන් උඩදාන ළමයින්ගේ කෙරුවාව දැකලා. කොහොම හරි මම පිං සෙන්ඩු වෙනවා දැකලා පොලීසියේ මහත්තුරු ඇවිත් ළමයින්ගේ කරමතින් මාව බිමට බස්සලා දුන්නා. ඒත් ළමයින්ගෙන් ආයෙත් ගැලවිල්ලක් මට ලැබෙන්නේ නැති බව දැනගත් පොලීසියේ මහත්වරු මාව ජීප් එකට නංවාගෙන බිරියවයි මාවයි බේත්ගන්න තැනට ඇරලුවා.අන්තිමට මට වුණේ බිරියට බේත්ගන්න ගිහින් අර දඩබ්බර කොල්ලෝ එක්ක ඔට්ටු වෙලා මටත් ඇඟේ අමාරුවට බේත් ගන්න.චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - ශාන් රඹුක්වැල්ල
|
CREATIVE
|
මැස්සෝ එළෙව්වාට උදයන්තිට පැසසුම්....ෂූටිං අස්සේ තොප්පියට විදලා...තොප්පි... තොප්පි... තොප්පි ලාභයි.ගන්න මහත්තයෝ මේවා ඉම්පෝර්ටඩ් තොප්පි....මහරගම පමුණුව පාරේ ජනාකීර්ණවූ එක්තරා තැනක නානාවිධ තොප්පි ගොඩක් මැදට වී වෙළෙන්දෙක් කෑ මොර දෙයි.ඔහුගේ හඬින් ඇදගත් බොහෝ පිරිසක් එතැන වටකරගෙන තොප්පි තෝරයි. ඒ අය අතර සුදු මිටි මහත නළුවෙකි. ඔහු අන්කවරකුවත් නොව ඔබ හොඳින් හඳුනන මිහිර සිරිතිලකයි.මෙදා පාර කාටද තොප්පියක් දාන්න හදන්නේ?මම මිහිරගේ පිටට තදින් තට්ටුවක් දැම්මෙමි.අප්පටසිරි, ලොකු අයියා මෙහෙ කොහෙද? හරි හරි අපි යන යන තැන්වල ඔයාලා ඉන්නවානේ. බලන්නකො මේක මට ලස්සනද කියලා?කළු පැහැති හැට් එකක් පැළඳ ඔහු මගෙන් විමසයි.අවුලක් නැහැ. ඒත් මොකද මේ....ජයප්‍රකාශ් සිවගුරුනාදන්අද සිවගුරුනාදන් අයියගෙ ‘පිනි වැස්සක්’ නාට්‍යයේ ෂූටිං. ඒකේ මම රඟපාන්නේ රිබත් කියලා චරිතයක්. ඒකේ මං ඉන්නේ තොප්පියක් දාගෙන. ඔයාට මතක ඇති...ඔව්, මට මතකයි. ඒත් ඔයාගේ කලින් තොප්පිය....ෂ්...ෂ්...ෂ්... කෑගහන්න එපා. පොඩ්ඩක් මෙහාට එන්නකෝ. මටත් වුණේ අර තොප්පි වෙළෙන්දට වෙච්ච වැඩේ. බ්රේක් එකක් මැදදි තොප්පිය ගලවලා ඉස්තෝප්පුවෙ පුටුවකට වෙලා පොඩ්ඩක් නිදිය ගත්තා. නැගිටින කොට තොප්පිය අතුරුදහන්. හෙව්වා.. හෙව්වා.. හෙව්වා.. නෑ...උඩත් බැලුවා ගත්ත වඳුරා උඩ ඉන්නවද කියලා. ඒත් නැහැ.මිහිර එලෙස කීවේ රහසිනි.යංකෝ ලොකු අයියේ ලොකේෂන් එකට.අපි ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම ටෙලි සිතුවම වූ ‘පිනි වැස්සක්’ දර්ශන තලයට ආවෙමු.මේ ඉන්නේ මිහිරයා. කොහෙද බං ගියේ... ආ...යාළුවකුත් හම්බවෙලා තියෙන්නේ.ඒ අප හඳුනාගත් සිවා අයියාය.මං ගියා පොඩි රේසරයක් ගන්න. කාලෙකින් රැවුල කපා ගන්නත් බැරි වුණා.මිහිර පත ගජබින්නයක් අත හැරියේය.සිවා අයියේ රොබින් මහත්තයා නිදි. අපිට ඊළඟ සීන් එකට එයාව ඕනකරනවා. මං ඇහැරවන්නද?සහාය අධ්යක්ෂ සිවගුරුනාදන්ට පවසයි. ඔහු කියන්නේ රොබින් ප්‍රනාන්දු ගැනය. පොඩ්ඩක් පිටපත ගේන්නකෝ.සිවා පිටපත පෙරළා බලා, අපිට රොබින් අයිය නිදාගෙන ඉන්න පොඩි සීන් එකක් තියනවා. අපි ඒක ගනිමු ටක්ගාලා. ලයිට් සෙට් කරන්න එතෙන්ට.ඇක්ෂන් නොකියාම රොබින් නිදාගත් දර්ශනය රූගත කරන ලදී.රාත්‍රිය උදා වුණා... නින්ද ඇයි නොඑන්නේ... රාත්‍රිය උදා වුණා...නිවසෙහි මුලුතැන්ගෙය පෙදෙසින් කිසියම් අයකු හෝ දෙදෙනකුගේ ගැයීමක් ඇසේ. ඔවුන් තාලය ඇල්ලීමට ගෙන තිබුණේ හැඳි සාස්පාන් වැනි දෑ බව පැහැදිලිය. මම එතැනට ගොස් විපරම් කළෙමි.එම කුඩා සාජ්ජය අමිල අබේසේකරගේය. ක්‍රමයෙන් එය උත්සන්නවන ආකාරයක් පෙනින.කවුද අර කොත්තු ගහනවා ඇහෙන්නේ?අංග රචනා ශිල්පි සනීර දිනේෂ් සාජ්ජයට වඩා උස් හඬින් ඇසීය. කෙසේ නමුත් එම කෙටි සාජ්ජය නතර වූයේ තවත් ගීත කිහිපයක් ගැයීමෙන් අනතුරුවය.දැන් තේ පැන් සංග්‍රහය සඳහා මද විරාමයකි. පිරිස විශාල බැවින් ඒ සඳහා සකස්කොට තිබුණේ මිදුලේ මේසයක්ය. තේපානය පටන් ගත්තා පමණි කොහෙන්දෝ සිට පැමිණි මැස්සන් රෑනක් එහි අරක් ගත්තේය. ඔවුන් එලවීමේ වගකීම නිතරගයෙන්ම භාර ගත්තේ උදයන්ති කුලතුංගය. අපි සැවොම තේ බී අහවර වනතුරු උදයන්ති මැස්සන් එලවීමේ ව්‍යාපාරයේ යෙදී සිටියාය. සෙස්සෝ ඇයට ස්තුතිය පිරි නැමුවෝය.පුතා මං අර නිදාගෙන ඉන්න සීන් එක ගත්තෙ නැහැ නේද?රොබින් සහාය අධ්යක්ෂවරයාට පැනයක් යොමු කළේය.අපි ඒක ෂූට්කළා රොබින් මහත්තයෝ.කොයි වෙලාවෙද?ඔයා ඇත්තටම නිදා ගෙන හිටපු වෙලාවෙ.මොකක්...?එදිනට පසු රොබින් ප්‍රනාන්දු ‘පිනි වැස්සක්’ දර්ශන තලයේ නිදා නොගත් බව පසුව මට ආරංචි විය.’පිනි වැස්සක්’ හි සෙසු නළු නිළියන්.රෙක්ස් කොඩිප්පිලි, ශිරෝෂි රොමේෂිකා, ලූෂන් බුලත්සිංහල, සම්පත් ජයවීර, ගිරිරාජ් කෞශල්‍ය, හෂිනිකා කරලියද්ද, සුසන්තා චන්ද්‍රමාලි, ගයනා සුදර්ශනීනිෂ්පාදනය - කුෂාන් ටෙලි ෆිල්ම්ස්.රචනය - චින්තක පීරිස්.සංස්කරණය - තිසර සමන්ත පෙරේරා.කැමරාකරණය - ජී. නන්දසේන.සහාය අධ්‍යක්ෂණය - ෂෙහාන් ඉද්දමල්ගොඩ.කලා අධ්‍යක්ෂණය -දිනේෂ් ජයශාන්තඅංග රචනය - සනීර දිනේෂ්ගී පද රචනය - කැලුම් ශ්‍රීමාල්.ගායනය - අමල් පෙරේරාසටහන සහ ඡායාරූපප්රසාද් සමරතුංග
|
CREATIVE
|
නිව්යෝර්ක් සිිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ රංගන ශිල්පි ජගත් චමිලට මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නව නිවසක හිමිකම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිරිනමන ලදී.ජනපති ප්‍රධානත්වයෙන් පසුගිය 07 වැනිදා පැවැති ලෝක ජනාවාස දින සැමරුම් උළෙලේදි ජන සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ නිවසක හිමිකම මෙලෙස ජගත් චමිලට ප්රදානය කෙරුණු අතර මෙම අවස්ථාවට ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ද සහභාගි විය. ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සහ අමාත්‍ය සිනමා නළු ජීවන් කුමාරණතුංග ද මේ අවස්ථාවට එක්වූහ.
|
CREATIVE
|
2011 වසරේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ජය ගතහොත් උපන් ඇඳුමින් ප්‍රසිද්ධියේ දුවන බව ප්‍රකාශ කළ, 2012 අයි පී එල් 5 වැනි තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් දිනූ විට ද එසේ කරන බව පැවසූ පූනම් පාණ්ඩේ රසිකයන්ට කිසිසේත්ම මතකයෙන් බැහැර නොවන චරිතයකි.මෙතෙක් ක්‍රිකට් කණ්ඩායම් ඉදිරියේ පමණක් නිරුවත් වූ තාරකාව ගැන ඇයට පෙම් බැඳි රසිකයන්ගේ සිත්වල ද කිතියක් ඇති වූවාට කිසිදු සැකයක් නැත. ඇය අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී මෙවැනි අකරතැබ්බයකට මුහුණ දුන්නේ එනිසාය.බැංගලෝර් හි නව වසරේ උත්සවයකට පසුගියදා පූනම් සහභාගි වූයේ නර්තනයෙන් නරඹන්නන් පිනවීමටයි. එහෙත් ඇයට එහිදී මුහුණ දීමට සිදු වූයේ කිසිදා නොපැතූ අත්දැකීමකටයි. උත්සවයට පැමිණ සිටි සියලු දෙනාම වාගේ මධුවිතෙන් රතු ඉර පනින්නට මත් වී සිටියහ. ඔවුන් පූනම් අල්ලා ගැනීමට ඇය පසු පස දුවන්නට පටන්ගෙන ඇත්තේ උමතුවෙන් මෙනි.සංවිධායකයන් ආරක්ෂකයන් සියයක් ලබා දී සිටිය ද, පූනම්ට පෞද්ගලික ආරක්ෂකයන් 15 – 20 ක් සිටිය ද ඒ කිසිවකුට ඔවුන්ව නවත්වාලන්නට හැකි වී නැත.ඇය ඉතා අසීරුවෙන් විනාඩි 10 ක් පමණ නර්තනයක යෙදී ඇත. එය අවසන් වනවාත් සමඟම මත් වූ මිනිසුන් වේදිකාවට පැමිණ ඇය ඔසවන්නට උත්සාහ කර තිබේ.‘ඔවුන් ඒ වෙලාවේ සිතුවේ මොළයෙන් නෙවෙයි. සිරුරේ වෙනත් කොටසකින්’ පාන්ඩේ පසුව කෝපයෙන් පවසා තිබේ.තත්ත්වය භයානක බව තේරුම් ගත් ඇයට ලැබී ඇත්තේ දෙපයේ පිහිටයි. ඇය එදා උපරිම වේගයෙන් දිව ගොස් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගෙන තිබේ. මේ දිවීම ක්‍රිකට් කණ්ඩායම් ඉදිරියේ දිවීමට වඩා මොන තරම් කටුකදැයි ඇයට සිතුණාට කිසිදු සැකයක් නැත.නැවත කිසි දිනක නව වසරේ උත්සවවලට සහභාගි නොවන බව පූනම් දිව්රා පවසන්නීය. ඇය අනෙක් තාරකාවන්ට ද නව වසරේ උත්සව නර්තනවලට සහභාගි නොවන ලෙසට උපදෙස් දුන්නාය.තවමත් විසි දෙහැවිරිදි පූනම් රඟපා ඇත්තේ එකම එක බොලිවුඩ් සිනමාපටයක පමණයි. පසුගිය වසරේ තිරගත වූ ‘නාශා’ සිනමාපටයේ ඇය ගෝලයකු සමඟ පෙමින් බැඳෙන ගුරුවරියකගේ චරිතයක් නිරූපණය කළාය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය තුනක රූගත කිරීම්වලට සහභාගිවීමට අමතරව මේ දවස්වල මම මනාලියන් හැඩ ගන්වනවා. මේ මාසයේ වැඩිපුර නැකැත් දවස් යෙදිලා තිබෙන නිසා මංගල උළෙල බොහොමයි. අපේ සැලොන් එක බුත්ගමුවට අරගෙන යන නිසා තව තවත් ඒ වැඩ කටයුතුත් සමඟ මම කාර්යබහුලයි.
|
CREATIVE
|
නිෂ්පාදකබන්දුල වීරක්කොඩිජනාධිපති මාධ්‍ය අංශයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තා වැඩසටහන් කිහිපයක් නිෂ්පාදනය කළා.සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු පෞද්ගලික ආයතන කිහිපයකම වාර්තා වැඩසටහන් කිහිපයක් නිර්මාණය කරමින් සිටිනවා.‘සුජාතා’, රෑන’ කියන ටෙලි නාට්‍යවල තාක්ෂණික අධ්‍යක්ෂණයෙන් සහභාගි වුණා. ඒත් සමඟම නව තාක්ෂ ණයෙන් යුතු උපකරණ රැසක් කලා ලොවට හඳුන්වා දෙමින් පවතිනවා.
|
CREATIVE
|
ගී යාත්‍රා සුභාවිත ගී නදිය 02 වැනිදා‘නන්දා මාලනී – ගී යාත්‍රා’ විශාරද නන්දා මාලිනියගේ රන් ස්වරය යළිත් රසික සවන්පත් අතර නිම්නාද වන සොඳුරු ඒක පුද්ගල ගීතාවලියකි.ගීත නිර්මාණක කේන්ද්‍රය (ඔස්කා) මඟින් ඉදිරිපත් කරනු ලබන මෙම ගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ නොවැම්බර් 02 වැනි දින සවස 7.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීය.සාර්ථක ඕස්ට්‍රේලියානු සංචාරයකට පසුව නන්දා මාලිනිය ‘ගී යාත්‍රා’ ප්‍රසංගය හා ඒකාත්මික වන්නේ කිසියම් උදාරතර අරමුණක් පෙරදැරිවය. මෙරට වෘත්තීය සංගීත ශිල්පීන්ගේ සුබසාධනය වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කරන ඔස්කා සංවිධානයේ අරමුදල තරකර ගැනීමේ සද්කර්යය උදෙසා ඕ දායක වන්නේ කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයකින් තොරව වීම විශේෂත්වයකි.අපේ රටේ සංගීතය තම වෘත්තීය බවට පත්කරගත් සංගීත ශිල්පීන් සෑහෙන ප්‍රමාණයක් සිටිනවා. ගායක, ගායිකාවන්, වාද්‍ය ශිල්පීන්, සංගීතඥයන්, ගී පද රචකයන් විතරක් නෙවෙයි, ශබ්ද පරිපාලකයන් පවා සංගීතය තම ජීවනෝපාය කරගත් අය. ඇත්තෙන්ම මේ පිරිස තමන්ගේ මුළු ජීවිත කාලයම වැය කරන්නේ සංගීතය වෙනුවෙන්. ඔවුන් බොහෝ දෙනකු මාසිකව ස්ථිර ආදායමක් උපයන අය නෙවෙයි. යම් හෙයකින් ඔවුන් දුබලව ගියොත්, ලෙඩක් දුකක් හැදිලා අසරණ වුණොත් පිළිසරණක් වෙන්නේ කවුද? වියපත්ව, කාත් කවුරුත් නොමැතිව ගියොත් පිහිට වෙන්නේ කවුද? එය බැරෑරුම් ප්රශ්යක්නේ. මේවාට විසඳුමක් හැටියට තමයි ගීත නිර්මාණක කේන්ද්‍රය බිහි වෙන්නේ. කලාකරුවන්ට සෞඛ්‍ය හා ජීවිත රක්ෂාවරණයක් ලබාදීමටත් ඔවුන් දැන් කටයුතු කරගෙන යනවා.දශක පහක කාලයක් පුරාවට ගී ලොවේ අඛණ්ඩව රැඳී සිටිනා නන්දා මාලිනිය සංගම්, සංවිධානවලට බැඳීමට හෝ ඒවායෙහි සාමාජිකත්වය දැරීමට හෝ උනන්දුවක් දැක්වූයේ නැත. නමුදු ඇය ‘ඔස්කා’ සංවිධානයේ මේ මාහැඟි කාර්යයට උර දෙන්නේ අසීමිත සතුටකිනි.විශාරද අමරදේවයන්ගේ පටන් මේ රටේ සංගීත ශිල්පීන්ගෙන් 85% ක් පමණ ‘ඔස්කා’ සංවිධානයේ සාමාජිකත්වය දරනවා. හැම වසරකම මෙහි අරමුදල තර කර ගැනීම සඳහා සංගීත ප්‍රසංග පැවැත්තුවා. නමුත් මේ විදිහේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි. ජයන්ත ධර්මදාස මහතා ඇතුළු ‘ඔස්කා’ සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලය විසිනුයි මට මේ ප්‍රසංගය සඳහා ආරාධනා කළේ. ඇත්තෙන්ම ‘ගී - යාත්‍රා’ ප්‍රසංගයට මම දායක වෙන්නේ කිසිදු මුදලක් අය නොකර. ‘ඔස්කා’ හොඳ නායකත්වයක් ඇති ශක්තිමත් සංවිධානයක් සහ යහපත් පරමාර්ථයක් ඇති සංවිධානයක් නිසයි මම මෙවැනි කාර්යයකට අත පෙව්වේ.‘නන්දා මාලිනී – ගී යාත්‍රා’ ප්‍රසංගය ඇගේ සෙසු ඒක පුද්ගල ගී ප්‍රසංග මෙන් දිගින් දිගටම පැවැත්වෙන්නක් නොවේ. එය එක් වරක් පමණක් ගීතවත් වන සුවිශේෂි ප්‍රසංගයකි.මේ ප්රසංගයේදී මගේ ගායන දිවියේ සුවිශේෂී කඩයිම් ගීත විසි පහක් ගායනා කරනවා. සංගීතය සපයන්නේ ආචාර්ය රෝහණ විරසිංහ ප්රමුඛ වාද්‍ය වෘන්දය. මෙහි නිවේදක නිවේදිකාවෝ නැහැ. මමම තමයි ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම නර්තනාංග නැහැ. ‘ගී යාත්‍රා’ වෙනස්ම මුහුණුවරකින් ඉදිරිපත් කරන ගී ප්‍රසංගයක්. මෙහි සංවිධාන කටයුතු සියල්ලම සිදු කරන්නේ ‘ඔස්කා’ සාමාජික සාමාජිකාවන්. අප විසින්මයි ප්‍රවේශපත් අලෙවි කරන්නෙත්. අපේ සාමාජික, සාමාජිකාවන් පවා මුදල් දී ප්‍රවේශ පත්‍රයක් අරගෙන තමයි ප්‍රසංගය නරඹන්න එන්නේ. ඒ සියලු මුදල් ‘ඔස්කා’ සංවිධානයේ අරමුදලට බැර කරනවා.හෙළ සුභාවිත ගීතයේ අභිමානවත් යශෝරාවය වෙමින් සහෘද දෙසවන් මතු නොව හදවත ද සනහාලන නන්දා මාලිනියගේ ‘ගී යාත්‍රා’ හා දැහැන්ගත වන්නට අප ඔබට ඇරියුම් කරමු. මේ ඇගේ මුදු හඬයි.වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම්වලට ඉහළින් ඉදෙන්නට හැකි නම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් . . .
|
CREATIVE
|
ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජනදාස පීරිස් මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය.ඔහු මේ දිනවල විකාශය වන යාය 4 ඇතුළු සම්මානනීය ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු වන චාමර පීරිස්ගේ දයාබර පියාණන්ය.ප්‍රකට දේශපාලන විචාරකයකු මෙන්ම ග්රන්ථ කතුවරයකු ද වන ඒ මහතා කලක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද සේවය කරන ලදී.සන්ධානය, සංසදය එක්වෙයිචිත්රපට සංස්ථාවට පූර්ණ සහායදේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය සහ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ඒකාබද්ධව පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙතෙක් වෙන් වෙන්ව එකම අරමුණක් යටතේ ක්‍රියා කළ එම සංවිධාන යුගල එදින සිට සිංහල සිනමාවේ අභිවෘද්ධිය තකා එකට එක් වී තීන්දු තීරණ ගන්නා බව එහිදී ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් පනවන ලද චිත්‍රපටයක පිටපත් ගණන තිස් පහකට සීමා කිරීමත්, රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබෙන පිළිවෙළට චිත්‍රපට තිරගත කිරීම යන නීති මාලාවට පූර්ණ සහයෝගය පළ කරන බව ද මාධ්‍යයට දන්වා සිටියේය.එක් එක් පුද්ගලික අවශ්‍යතා මත චිත්‍රපට පිටපත් තිස් පහට එහා බෙදා හැරීමෙන් සිදුවන හානිය ගැන ද මෙහිදී පෙන්වා දුන්හ.මේ අවස්ථාව සඳහා ලාංකේය සිනමා කර්මාන්තයේ සක්‍රීයව ක්‍රියා කරන සිනමා අධ්යක්ෂවරුන් රැසක් සහභාගී වී සිටියහ.- ප්රසාද්ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ චරිතාපදානය ඇතුළත් ටෙලි චිත්‍රපටය ‘ජේසු ක්‍රිස්තු යුග පෙරළිය’ මෙම මස 29 වැනිදා එනම් මහ සිකුරාදා දින සවස 6.30 ට සිරස නාළිකාවෙන් විකාශය වේ.සුනිල් කොස්තාගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙය පසුගිය වසරේ තඹකන්ද දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කළ පාස්කු නාට්‍යය ඇසුරෙන් රූප මාධ්‍යයට පරිවර්තනය කොට තිබේ. එහි රංගනයට දායක වූ පිරිසම ටෙලි චිත්‍රපටය සඳහා දායක වී සිටීම විශේෂත්වයකි.මෙහි ක්‍රිස්තුස් වහන්සේ ලෙස ජීවන් කුමාරණතුංග රඟ දක්වයි. සෙසු චරිතයන් රවීන්ද්‍ර රන්දෙණිය, ක්ලීටස් මෙන්ඩිස්, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ටෙනිසන් කුරේ, රොෂාන් පිළපිටිය, ඥානාංග ගුණවර්ධන, ප්‍රියන්ත විජේසිංහ, උදේනි අල්විස්, රෙබෙකා නිර්මලී, බොනිෆස් ප්‍රනාන්දු ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති.දිනේෂ් සුබසිංහ සංගීතය නිර්මාණය කර ඇත. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියාය. ප්‍රේම් ප්‍රනාන්දු ජේසු ක්‍රිස්තු යුග පෙරළිය නිෂ්පාදනය කොට ඇත.- ප්රසාද්විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරි 50 අර්ධ ශතක පෙළහර එළඹෙන අප්‍රේල් මස 06 වැනිදා මරදාන ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ .ආචාර්ය රෝහණ වීරසිංහ වාද්‍ය වෘන්දය මෙහෙයවනු ලැබේ. විශාරද චරිතා ප්‍රියදර්ශනී, ශ්‍රියා කාරියවසම් සහ ශාරණ්‍යා ජයකොඩි යුග ගායනයෙන් එඩ්වඩ් හා එක්වෙති.කථනය වසන්ත රෝහණගෙනි. මෙම සුවිශේෂී වූ ප්‍රසංගය අතරතුරදී එඩ්වඩ්ගේ උපන් දිනය සහ ඔහු සංගීත ක්ෂේත්රයට සපැමිණ 38 වැනි වර්ෂ පූර්ණය ද සැමරෙනු ඇත.මාරම්බරී – 50 සැරිසර අපි කණ්ඩායමේ සංවිධානයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
රස මුසු වූ පෙම් කල්පනා රස ඉල්ලා වැලපෙන්නා හසරැල්ල මතින්- කඳුළැල්ල යටින් ඔබ මුණ ගැසෙනා තුරු නොදැනී තනි වූයෙම් මම හිත නුවනී රකුසන් රඳනා ගිනියම් කතරේ සිරවී උන් රණහංසියෝ මුදවාලු කුමරාණනේ කඳුළක් වේ දෝ ආදරේ ගඟුලක් වැනි ජීවිතේ මා පණ ගැන්වූ උණුසුම අතුරා සැතපෙනු මැනවි නිදැල්ලේ සොම්නස් මහ ද තොටිල්ලේ වටහා ගත යුතු ජීවිතේ පියඹා එනු ඇත ආදරේපද රචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීතය -ග්‍රේෂන් ආනන්ද ගායනය – නීලා වික්‍රමසිංහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාසුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
රොජර් සෙනෙවිරත්න රසික හවුල සංවිධානය කරන පොසොන් බැති ගී රචනා තරඟය සඳහා නිර්මාණ මේ දිනවල බාර ගැනේ. පාසල් සහ විවෘත යන අංශ යටතේ පැවැත්වෙන මෙහි සිසු දරුවන්ගේ නිර්මාණයන් පාසලේ වගකිවයුතු අයකු (විදුහල්පති හෝ ගුරුතුමකු) විසින් සහතික කළ යුතුය. විවෘත අංශයේ නිර්මාණකරුවන් ගීත රචනාහි තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය ද සඳහන් කිරීම අනිවාර්ය වේ.මෙම නිර්මාණ ‘පොසොන් බැති ගී රචනා තරඟය’ යනුවෙන් කවරයේ වම්පස සඳහන් කොට මැයි මස 20 දිනට ප්‍රථමයෙන් ‘රොජර් සෙනෙවිරත්න රසික හවුල, අංක 47, ‘කප්රුක’, පෙරේරා මාවත, පැලවත්ත, බත්තරමුල්ල’ ලිපිනයට එවිය යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 0718112895 අංකයෙන් අමතා රසික හවුලේ සභාපති ඊ. ඩී. ශ්රියාපාලගෙන් ලබා ගත හැකිය.- ප්‍රසාද්
|
CREATIVE
|
පසුගිය සිකුරාදා රාත්‍රිය නිමාව දුටුවේ මෙරට රූප රචනා කලාව වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රථම සහ එකම සම්මාන උළෙලේ විචිත්රත්වය විදහාපාමිනි. සැබවින්ම ඒ නිශාන්තය අප රටේ තාරුණ්‍යය නියෝජනය කරමින් රූප රචනා එහෙමත් නැත්නම් මියුසික් වීඩියෝස් නිර්මාණකරුවන්ට වෙන් වී තිබුණා යැයි කිව්වොත් නිවැරිදිය. දෙරණ නාලිකාව මඟින් වසරක් පාසා පවත්වනු ලබන මෙම විචිත්‍රවත් සම්මාන උළෙල මෙවර දිග හැරුණේ වස්කඩුව සීට්රිස් හිදීය. එහිදී අප නෙත නිතර ගැටුණ ජනප්‍රියතම මියුසික් වීඩියෝස් රැසක් සම්මානයට පාත්‍ර විය. එහි සම්මාන දිනුවන්ගේ නාම ලේඛනය මෙසේය.හොඳම රූප රචනය:තිසර වීරසිංහ (සීතල)හොඳම රූප රචනා අධ්‍යක්ෂණය:ප්‍රසාද් අලුත්වත්ත (සීතල)හොඳම රූප රචනා තිර පිටපත:ලහිරු මැදිවිලගේ (කළු මොනර)ජනප්‍රියතම රූප රචනය:රන් සම්මානය - රැවටුණ තරම් (රුවන් හෙට්ටිආරච්චි)රිදි සම්මානය – ලා සිඥ්ඥෝ (ලහිරු පෙරේරා)ලෝකඩ සම්මානය – හිත හදාගන්න බැහැ (චාමික සිරිමාන්න)හොඳම Hot and Spicy රූප රචනය -ඔයාටයි මං ආදරේ (දිළුමි සහ සමීර)Ponds Face of the Yearශෂී ඇන්ජලීනා (සිත මගෙ රිදුනා ගීතයෙහි රංගනය)දෙරණ වෙබ් පිටුව හරහා වැඩිම මනාප ගත් රූප රචනය:බස් එකේ (ෆන්කි ඩර්ටි)හොඳම කලා අධ්‍යක්ෂණය:බිමල් දුෂ්මන්ත සහ මධුරංග රොෂාන්(මල් මන්ද හාසේ)හොඳම කැමරාකරණය:ප්‍රසාද් අලුත්වත්ත (සීතල)ජාත්‍යන්තරය වෙනුවෙන් නිර්මාණය කළ හොඳම රූප රචනය:මගුඩි (දිනේෂ් කනගරත්නම්, සංගීතය ඒ. ආර්. රහ්මන්)හොඳම නවක නැගී එන ගායකයා:ලහිරු මැදිවිල (කළු මොනර)හොඳම රංගනය:ලහිරු පෙරේරා (ලා සිඥ්ඥෝ)හොඳම රැප් ඉදිරිපත් කිරීම:ස්පයික් (ග්‍රාස් රෝඩ්)හොඳම ශ්‍රී ලාකේය දමිල ගීතය:ගුඩි (දිනේෂ් කනගරත්නම්)වැඳුම් වැඳුම් (ක්‍රිෂාන් සහ කීර්තන)හොඳම සම්ප්රදායිත නොවන රූප රචනය:සාමාන්‍ය ජනතාව (අමිල සඳරුවන්)හොඳම රෙගේ ගීතය:මොට්ටු (ලහිරු පෙරේරා)හොඳම හිප් පොප් රූප රචනය:අත මිට කාසි (හර්ෂ, කයිසීර්, ඉරාජ් සහ පේෂල)හොඳම පොප් වීඩියෝව:මල් මන්ද හාසේ(රන්ධීර්, භාතිය සහ උමාරියා)හොඳම සංස්කරණය:ප්‍රසාද් අලුත්වත්ත (සීතල)හොඳම දෘෂ්‍ය ප්‍රයෝග:ඉන්දික වික්‍රමරත්න (කලාවේ හැටි)ජූරියේ විශේෂ සම්මාන:උමාරියා සිංහවංශ (මල් මන්ද හාසේ)අමිල සඳරුවන් (ගර්ල්ස්)ලේඛනය සැකසුම – ප්‍රසාද් සමරතුංගසේයාරූ - අමිත් එස්. සේනාරත්න
|
CREATIVE
|
ගිරිරාජ්ගේ අලුත්ම නිර්මාණය වන ‘සුහද කොකා’ චිත්‍රපටයේ රූගත කිරීම් අවසාන වුණා. ඒත් එක්කම මේ දවස්වල ජාතික රූපවාහිනියේ ‘කොළඹ අහස’ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. එහි රූගත කිරීම්වලටත් සහභාගි වන නිසා මම වැඩ කටයුතු ගොඩකට හිර වෙලා.ඒ අතර බල්ලොත් එක්ක බෑ, දෙයියොත් දන්නේ නෑ, රූකඩ රාජ්ජේ කියන වේදිකා නාට්‍යත් සමඟ රට වටාම සැරිසරනවා. ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයත් සමඟ ළඟදීම ඔස්ට්‍රේලියාවේ සංචාරයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
|
CREATIVE
|
මම දැන් මගේ බිරියත් එක්ක ගෙදරට වෙලා ෆුල් ජොලියෙන් ඉන්නවා. ඒ අතරතුර මමත්, බිරියත් සතුටු සාමිචියේ යෙදෙන්නේ අපේ පැරැණි කතා යළිත් මතකයට නඟමින්.
|
CREATIVE
|
විනෝද සමය සඳහා රට වටෙන්ම ආරාධනා ලැබෙන කොට මටත්, ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්ම ශ්‍රී අපි පස් දෙනා එක එක මාතෘකා යටතේ පිටපත් ලිව්වා. අවසානයේ අපිට හොඳ එක අරගෙන තව තව අලුත් දේවල් එකතු කරලා නාට්‍ය පිටපත හදාගත්තා. දවසක් ඔය විදියට අපි ජ්‍යෝතිෂය කාර්යාලයක් තේමා කොට අපූරු පිටපතක් නිර්මාණය කළා. මේ පිටපතේ හැටියට එයට දායක වුණේ ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්ම ශ්‍රී. සාත්තරකාරයා වුණේ ඇනස්ලි. සාස්තර අහන්න පැමිණි පළමු පුද්ගලයා වුණේ සැමුවෙල්. දෙවැන්නා වුණේ බර්ටි. සාස්තරකාරයාගේ සේවකයා ලෙස කටයුතු කළේ ධර්ම ශ්‍රී මුණසිංහ.මේ පිටපතේ අපි පිට පළාත්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් රඟ දැක්වූවා. සැමුවෙල් මුලින්ම සිටින සේත්, ඊළඟට බර්ටි සිටින ලෙසිනුත් ජ්‍යෝතිෂ කාර්යාලයේ බංකුවක මේ දෙපළ වාඩි වී සිටිනවා. ඇනස්ලි කාර්යාලය ඇතුළේ සිට ස්ලෝකයක් කියනවා ඇසෙනවා. සේවකයා වූ ධර්ම ශ්‍රී කාර්යායේ එළියේ බිම අතුගාමින් පසු වේ.ඔය අතරේ බර්ටි සැමුවෙල් ළඟට ළං වී සිනාමුසු මුහුණින් ඉතා පහත් හඬින් කුමක් දෝ විමසයි.එවිට සැමුවෙල් ඉන්නවා ඉන්නවා ගුරුන්නාන්සේ ඉන්නවා.සැමුවෙල් යළිත් ඔව් ඔව් ඉන්නවා පැයක් භාවනා කරලයි එන්නේ.බර්ටි මොකක්ද ඔහේගේ කාරණේ, සැමුවෙල්ගෙන් බර්ටි විමසීය.මෙම සාකච්ඡාවට කන්දීගෙන සේවකයා (ධර්ම ශ්‍රී) බිම අතුගායි.සැමුවෙල් - අනේ අපේ එළදෙනෙක් නැති වෙලා. ගෙනාපු අලුතින් හොඳට කීකරුවෙන් හිටියා. පැටියා ගහන්න කිට්ටු වෙන කොට මුරණ්ඩු වුණා. පැටියා ගැහැව්වට පස්සේ මම කිරි දොවන්ට ගියහම මට පයිනුත් ගහලා වලිගෙත් උස්සන් පැනලා ගියා.මොකක්ද ඔහේගේ ප්රශ්නය.බර්ටි – අනේ අපේ නෝනා මගේ වයිෆ් අතුරුදහන් වෙලා ආගිය අතක් නැහැ.ඔය අතරේ සේවකයා සියල්ල අසාගෙන සිට කාර්යාලය ඇතුළට මාරු වී යයි.ධර්ම ශ්‍රී (සේවකයා)- රහසෙන් ගුරුන්නාන්සේ ඉස්සෙල්ලාම එන්නේ එළදෙනක් නැති වෙච්ච කෙනෙක්. මුලින් මුලින් එළදෙන හොඳට හිටියලු. පැටිය ගැහුවට පස්සේ මුරණ්ඩු වුණාලු. කිරි පොවන්ට ගිය වෙලාවේ පයිනුත් ගහලා වලිගෙත් උස්සන් පැනලා ගියාලු. දෙවැනි එක්කෙනාගේ ගෑනි තරහ වෙලා ගිහින්. ඔය අතරේ එළියේ බංකුව මත සිට බර්ටි, සැමුවෙල්ට කියමින් නැන්දම්මාගේ ප්‍රශ්නයක් උඩ බහින් බස්වීමක් ඇති වුණා. මෙයා තරහ වෙලා ගියා.(ඔන්න ගුරුන්නාන්සේ කාර්යාලය ඇතුළත සිට කතා කරයි)ඇනස්ලි - පළමුවෙනි එක්කෙනා එන්න.සැමුවෙල් - බර්ටිට කියයි. ඔහේට තියෙන්නේ මගේ ප්‍රශ්නයට වඩා ලොකු ප්‍රශ්නයක්නේ. එළදෙනෙක් නැතිවුණා වාගෙද නෝන ආගිය අතක් නැති එක. ඔහේ යන්න ඉස්සෙල්ලා.බර්ටි – එහෙනං මම ඉස්සෙල්ලා යන්නං.(බර්ටි කාර්යාලය ඇතුළට යයි)ඇනස්ලි - මේ එන්නේ ආගිය අතක් නැති ගෑනු පරාණයක් ගැන අහන්ඩයි.කැමති මලක නමක් කියන්න.බර්ටි - සපත්තු මල.ඇනස්ලි - එකත් දහයක් අතර ඉලක්කමක් කියන්න.බර්ටි – එක.ඇනස්ලි - මේ ගෑනු පරාණෙ මුලදි හොඳට කීකරුව හිටියා නේද?බර්ටි – අනේ ඔව්.ඇනස්ලි - හරක් මඩුවක් වගේ තැනක නේද හිටියේ.බර්ටි – (පහත් හඬින්) හරක් මඩුවේ හිටියේ මමනෙ.ඇනස්ලි - වෙන්න බැහැ. හොඳයි පැටියෙක් ලැබුණාට පස්සේ ටිකක් මුරණ්ඩු වුණා නේද?බර්ටි – පැටියෙක්?ඇනස්ලි - ඔව් දරු ඵලයක්,පයිනුත් ගැහුවා නේද?බර්ටි – අනේ ඕවාකා එක්කවත් කියන්න එපා. පයිනුත් ගැහුවා තමයි.ඇනස්ලි - පයින් ගැහැව්වේ කිරි දොවන්ට ගිය වෙලාවෙනෙ.බර්ටි – කිරි?ඇනස්ලි - ඔව් කිරි. පස්සේ වලිගෙත් උස්සගෙන නේද ගියේ?බර්ටි – මගේ ගෑනිට කොහෙද යකෝ වලිගයක්. විකාර කතා කරනවා.(බර්ටි බැන බැන යයි)චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - මාලන් කරුණාරත්නපසුගිය සතියෙන්...
|
CREATIVE
|
සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැටවන සිනමා නිෂ්පානයේ මූලික වැඩ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතියි. එය දරුවනේ, දෝණි තැනූ වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන අතර රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මැවීමට නියමිතය.මෙම සිනමා සිතුවම සඳහා අවුරුදු 06 – 15 ත් අතර රංගනයට කැමැති දූ දරුවන්ට අවස්ථාව ලබාදීමට නිෂ්පාදනවරයා අපේක්ෂා කරයි.ඔවුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 28 වැනිදා උදෑසන 10 සිට සවස 05 දක්වා කොළඹ රිකී සිනමා ශාලවේදී පැවැත්වෙයි. එදින රංගනයට කැමැති දූ දුරුවන් වෙතොත් ඡායාරූපයක් සමඟ පැමිණෙන්නට යැයි සුනිල් ටී. ආරාධනා කරයි.ප්‍රසාද්
|
CREATIVE
|
‘My Cinema’ නිශාන්ත ප්‍රදීප් විස්තර කරයිඅද දිනයේ එක්තරා නාලිකාවක් ආරම්භ වෙනවා. ඒකේ නම ‘මයි සිනමා’. මොකක්ද මේ මයි සිනමා කියලා කියන්නේ. මයි සිනමා කියන්නේ සිනමා නාලිකාවක්. එහෙම කිව්වට ඔබට ඒ පිළිබඳ කිසියම් වූ අවබෝධයක් නොවන්නට ඇති. තවත් සරල විදිහට කිව්වොත් මෙය සිනමාවටම පමණක් වෙන් වූ නාලිකාවක්. හැබැයි මයි සිනමා නරඹන්න පුළුවන් ටෙලිවිෂනයෙන් නම් නෙවෙයි. මයි සිනමා ජංගම දුරකතන වෙනුවෙන්ම වෙන් වූ නාලිකාවක්.මෙම සංකල්පය ක්‍රියාත්මක කරන්නේ චිත්‍රපට අධ්යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු ද වන නිශාන්ත ප්‍රදීප්. ඔහු අපට මයි සිනමා ගැන තවත් පැහැදිලි කළේ මෙහෙමයි.මොබයිල් සිනමා සංස්කෘතිය අප රටට තරමක් ආගන්තුකයි. මට ඕනෑ කළේ ඒ ක්‍රමය වඩාත් ප්‍රචලිත කරන අතරම මෙහි වාසි නිෂ්පාදකවරුන්ට පෙන්වා දීම.මයි සිනමා හි අන්තර්ගතය ගැන කතා කරමු?මං ඔක්කොටම කලින් මයි සිනමා කියන්නේ මොකක්ද කියලා වඩාත් සරලව හඳුන්වා දෙන්නම්. මෙන්න මේකයි කතන්දරේ. මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන ආයතන හරහායි මෙය ක්‍රියාත්මක වන්නේ. මෙයට අදාල මයි ටී. වී සෙෆ්ටිවෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන මයි සිනමා චැනලය අද සිට සුසර කරගන්න පුළුවන්. මෙහි සිංහල සිනමාව පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. ඒ වගේම යම් චිත්‍රපටයක මංගල දර්ශනය පවත්වන වේලාවෙම මොබයිල් හරහා එය නැරැඹිය හැකියි.ඇයි ඔබ මේ සඳහා චිත්‍රපට තොරතුරු අඩංගු කළේ?සිංහල සිනමාව සමාජ ගතවෙලා නැහැ. මෙමඟින් එය සිදුවේ යැයි මා විශ්වාස කරනවා. අපේ තරුණ පරපුර ගාමිණී ෆොන්සේකා, මාලිනී වැනි අයව හඳුනන්නේ නැහැ. ඒත් ෂාරුක්ලා, සල්මන්ලව අඳුනනවා. වැරැද්ද අපේ අතෙයි තියෙන්නේ. සිංහල සිනමාව ගැන හරියාකාරව දැනුමක් දුන්නා නම් සිංහල සිනමාව දියුණු වේවි. තරුණයෝ මේ පිළිබඳ අගය කරාවි.සිංහල සිනමාවෙහි තොරතුරු සනිටුහන් වුණු වෙබ් සයිට් ඕනෑ තරම් තියෙනවානේ?ඒවා විවෘත කර ගන්න වෙනමම කාලයක් යනවනේ. මයි සිනමා එහෙම නැහැ. ඉතාම ඉක්මනින් අවශ්‍ය දත්ත සොයා ගත හැකියි.චිත්‍රපටයක මංගල දර්ශනයක් මයි සිනමා හරහා නැරැඹුවාට පස්සේ ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට යන එකත් නැහැනේ ඒ චිත්‍රපටය බලන්න. මෙමඟින් වෙන්නේ සිනමා ශාලාවලට එන සිනමා ලෝලින්ගේ සංඛ්‍යාව අඩු වෙන එක නොවේද?සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරැඹීම කියන්නේ වෙනම අත්දැකීමක්. ඒ අත්දැකීම මයි සිනමා සමඟින් සංසිඳුවා ගන්න අමාරුයි. මොබයිල් එකෙන් චිත්‍රපට නරඹපු වැඩි දෙනෙක් චිත්‍රපට ශාලාවලට යයි කියලා මට විශ්වාසයි.මයි සිනමා නිසා චිත්‍රපට නිෂ්පාදකවරුන්ට කිසියම් වූ වාසියක් තිබේද?මොකද නැත්තේ. මං දැනට හිතාගෙන ඉන්නවා මයි සිනමා හි පෙන්වන චිත්‍රපටය නරඹන අයගෙන් අය වන මුදලින් සියයට අසූවක් නිෂ්පාදකට ලබා දෙන්න. උදාහරණයක් විදිහට කිව්වොත් මංගල දර්ශනයක් පෙන්වද්දී අපි එවලෙම මයි සිනමා එකේ පෙන්නනවනේ. අඩු ගාණේ ලක්ෂයක්වත් ඒක නරඹාවි. එක් කෙනෙකුගෙන් රුපියල් සීයක් අය කලොත් ඉන් අසූවක් නිෂ්පාදකට. ඔහු එදා ඒ පැය දෙකට ලක්ෂ අටක් හොයලා ඉවරයි.මේ ක්‍රමයට අපේ නිෂ්පාදකවරුන් කැමැතිද?අපේ චිත්‍රපට ක්ෂේත්රයේ සිටින වැඩි දෙනෙක් නව තාක්ෂණයට ආස නැහැ. ඔවුන් අප්ඩේට් වෙනවා අඩුයි. ඇත්තටම ඒක කනගාටුදායක තත්ත්වයක්. මං දැනට මයි සිනමා ගැන දැනුවත් කරගෙන යනවා. මයි සිනමා කියන්නේ යකෙක් නෙවෙයි.වර්තමානයෙහි ප්‍රචලිතව පවතින මිනි තියෙටර් සංකල්යට ඔබ කැමැතිද?කොහෙත්ම නැහැ. මාත් සිනමා ශාලාවක අයිතිකරුවෙක්. සිනමා ශාලාවක තිරය පුළුල්ව තියෙන්න ඕනෑ. ඒකනේ සිනමා ශාලාවක් කියලා කියන්නේ.ඔබ මිනි සිනමාවලට කැමැතිත් නැහැ. ඒත් මයි සිනමා නම් වූ නාලිකාවක් ඇරැඹුවා. ටිකක් පරස්පර විරෝධී කතා දෙකක්?මෙහෙමයි. මගේ අරමුණ සල්ලි හෙවීම නෙවෙයි. අලුත් සංකල්පයක් ක්‍රියාත්මක කරවීමටයි මේ වෑයම. අනික මං කලින් කිව්වා වගේ සිංහල සිනමාව සමාජගත කරන්නයි මයි සිනමා ඇරැඹියේ. මිනි සිනමා ශාලාවලින් චිත්‍රපට ශාලාවක රසය එන්නේ නැහැ. ඒක අත්දැකීම් තියෙන අය දන්නවා ඇති.සටහන - ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
හෙට සිට රිත්මා ප්රමුඛ සෙල් මණ්ඩලය වෙන් වනුයේ මවුස් සඳහායි. වසන්ත මොරගොඩගේ කුලුඳුල් සිනමා නිමැවුම වන මවුස් නව නිපැයුම් සොයා යන කුඩා දරුවකු වටා නිර්මාණය වූවකි.රොබින් ප්‍රනාන්දු, රොෂාන් රවීන්ද්‍ර, ශ්‍රීමාල් වෙඩිසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, ජයනි සේනානායක, චතුර ප්‍රනාන්දු, චන්දි රණතුංග, තිසර කුලනිත්, අදීශ හෙට්ටිආරච්චි සමඟ ලිත්මාල් ලොකිත් රංගන දායකත්වය සපයති.සුරෙන් රාජපක්ෂ සහ සහන් බෙල්ලන් ගමගේ ගේ කලා අධ්‍යක්ෂණයකි. හේමන්ත ගමගේ අංග රචනයෙන් එක්වෙයි. සහය අධ්‍යක්ෂණය ධනුෂ්ක එන්. පෙරේරා විසින් සිදු කොට ඇත. නුවන් චාමර සමරවික්‍රම නිෂ්පාදන කළමනාකරුය. මේනකා මොරගොඩගේ මූල්‍ය කළමනාකරණයකි. චින්තක ජයකොඩි පසුබිම් සංගීතයෙන් ද, සුනිල් දයානන්ද කෝනාර පද රචනයෙන්ද, චන්දන ඩිල්ශාන් සංස්කරණයෙන් ද, ක්‍රිෂාන්ත ජිනේද්රසිංහ කැමරා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා දායක වෙති.මවුස් වසන්තගේම තිර රචනයක් සහ අධ්‍යක්ෂණයකි.වසන්ත මීට ප්‍රථම කළුවර එළිය, සඳ සාක්කි වැනි ටෙලි සිතුවම් අධ්‍යක්ෂණය කොට ඇත.ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම ටෙලි සිතුවම වූ ‘වැඩ බැරි දාස’ පසුගියදා සිට සතියේ දිනවල රාත්‍රී 7 ට දෙරණ නාලිකාවේ විකාශය ඇරැඹිණ. නෝනාවරුනි මහත්වරුනි සහ එතුමා යන නාට්‍යවලින් අනතුරුව ඉතා දිගු කලකට පසු සිවා අතින් අධ්‍යක්ෂණය වන හස්‍යෝත්පාදක කතා පවුතක් වන මෙය කුසුම්පුරය නමැති කොට මිනිසුන් සහ ගැහැණුන් සිටින පරිසරයක ජීවත් වන වැඩ බැරි දාස නම් අපූරු පුද්ගලයකු වටා දිග හැරෙන්නකි.රොඩ්නි වර්ණකුල වැඩ බැරි දාසගේ චරිතයට පණ පොවනු ලබයි. ප්‍රියන්ත සෙනෙවිරත්න, මිහිර සිරිතිලක සෝමසිරි කොළඹගේ, දෙනුවන් සේනාධි, චින්තක පීරිස්, තිළිණි රණසිංහ මධුශාන් නානායක්කාර, අංජලී ලියනගේ, මනෝජ් යාලගේ, ලසන්ත උඩුකුඹුර, නිම්මි ප්‍රියදර්ශනී කුසුම් පුරයේ ජීවත්වන වැඩ බැරි දාස ටෙලි නිර්මාණයේ සෙසු පිරිවරයි.මෙය කුෂාන් ටෙලි ෆිල්ම්ස් හි නිෂ්පාදනයකි. අසංග සායක්කාර වැඩ බැරි දාසහි තිර පිටපත සකසයි. චරිත් කොතලාවලගේ රේඛීය නිෂ්පාදනයකි. ජී. නන්දසේන කැමරාව මෙහෙයවයි. තිසර සමන්ත බණ්ඩාරගේ සංස්කරණයකි. ෂෙහාන් ඉද්දමල්ගොඩ සහාය අධ්‍යක්ෂණය කරනු ලබයි. වැඩ බැරි දාස හි කලා අධ්යක්ෂවරු දෙදෙනෙකි. ඒ සමන් අඹගහවත්ත සහ කුරුවිට තුෂාරයි. සනීර දිනේෂ්ගේ අංග රචනයකි. පද රචනා සිසිර කොතලාවල විසින් සිදු කර ඇති අතර කපිල පූගලආරච්චිගේ සංගීතයට රොඩ්නි වර්ණකුල ගායනයේ යෙදෙයි.
|
CREATIVE
|
අපේ සුන්දර ශ්‍රී ලංකාව බොලිවුඩයේ සුපිරි පෙම්වතුන්ට සුපිරි පෙම් පරාදීසයකි. කත්රිනා කායිෆ් ලද විවේකයේ සතුට උපරිම ලෙසින් භුක්ති විඳීමට පසුගිය පළමුවැනිදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය නැවත ඉන්දියාවට ගොස් ඇත්තේ මාර්තු හතර වැනිදායි. රන්බීර්, ශ්‍රී ලංකාවේ රූගත කෙරෙන ‘බොම්බෙ වෙල්වට්’ සමඟ තවමත් කාර්යබහුලය.කත්රිනා, රිතික් රොෂාන්ගේ ‘බෑන්ග් බෑන්ග්’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නීය. විවේකයක් ලද ඇසිල්ලේ අය රන්බීර් සොයා පැමිණියාය. පසුගිය වසරේත් කත්රිනා, රන්බීර් සොයා ලංකාවට පැමිණියාය.කාර්යබහුලත්වය නිසා රන්බීර්ට සහ කත්රිනාට මෙවර වැලන්ටයින් දිනය සැමරීමට ද ඉඩක් ලැබුණේ නැත. මේ සංචාරය නිසැකවම ඒ අඩුව සම්පූර්ණ කරන්නට ඇත.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
නාට්‍යකරුවකු වීම හිත තුළ ගුලි කොට ඔබා ගත් පියල් සිහිනය දිගේ බොහෝ දුර ඇවිද්දේය.නිරතුරුවම නාට්‍යකරුවකු වීම ජීවිතය කරගත් හේ තමාගේ නවාතැන් පොළ සිතිවිලි වේදිකාව බවට පත්කර ගත්තේය.තමාගේ දිගු, පුළුල් නිශ්කලංක නවාතැනහි බිත්තියෙන් එහා පස ජීවත් වූයේ පෙම් යුවළකි. පෙම්වතා නදීය.නදී ලංකාවේ නමගිය සංගීතඥයෙකි.වෙනස්ම හැඩයක වෙනස්ම ආරක සංගීතය අතර ජීවත් වූ නදීගේ පෙම්වතිය අමන්දාය.කලක් විදේශගතව සිට ලංකාවට පැමිණෙන අමන්දා තමාගේ ජීවිතය බවට පත්කර ගන්නේ නදී හා ගෙවන හෝරා කිහිපයය.නදී සමඟ එක් නිවෙසේ වෙසෙන අමන්දා පිළිබඳ පියල්ගේ පාවෙන සිත ඇදී යන්නේ ටික කලක් ඇවෑමෙනි.බිත්තියෙන් වෙන් වූ කාමරයේ පෙම් යුවළක් ගෙවන ජීවිතය ගැන සිතන පියල්, අමන්දාට ප්‍රේමයෙන් පසුවන්නේ තමාගේ ජීවිතයේ ස්වයං වරදකාරී හැඟීම් පහකර ගැනීමේ අටියෙනි. තමාගේ ජීවිතයේ ඇති වූ රික්තකය පුරවා ගනු වස් පියල් කෙමෙන් අමන්දාගේ ජීවිතයට එබෙයි.මේ අතරතුර අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙණ බව දැනගන්නා නදී අමන්දා වෙනුවෙන් පෙර තිබූ ඇල්ම සහ සෙනෙහස සීමා කරයි. කෙමෙන් ශේෂ වන ප්‍රේමය හමුවේ අමන්දාගේ ජීවිතය ගලා යයි.තමන්ගේ බාහිර රූපශ්‍රීය ක්‍රමයෙන් වියැකී ගිය ද වෙනස් නොවන පියල්ගේ ප්‍රේමය හුදු ලිංගික කාරණයක් බව සිතන අමන්දා පියල් සමඟ බැඳේ. අමන්දාට අවශ්‍ය වන්නේ පියල් ඉන් මුදාලීමය.මේ අතරතුªර අමන්දා නදී නිසා ගැබ් ගනී. නදී ගේ විරුද්ධතා මත අමන්දා දරුවා බිහි කරන්නට තීරණය කරයි. නමුදු පිළිකා රෝගයට ප්‍රතිකාර ලබන අතරතුර දරුවකු බිහි කිරීම ප්‍රයෝගික නොවන තැන්හි අමන්දා පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම පසෙකලා දරුවා ගැබෙහි පෝෂණය කිරීමට තීරණය කරයි.තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක්.එක් පසෙක තනිකඩ තරුණයෙක්.අනෙක් පස වසර ගණනකට පසු හමු වූ පෙම් යුවළක්. ඔවුන්ගේ ජීවන අරගලය කෙසේ නිමා වේවිද?මේ පැනයට පිළිතුරු සොයන චිත්‍රපටය කර්ම නම් වෙයි.බිත්තියෙන් එහා ජීවිතවලට එබී බලන තනිකඩයාගේ ජීවිතයත්, අනෙක් පස පමා වූ යෞවනයේ මඟහැරුණු බලාපොරොත්තු, මේ සියල්ල අතරතුර තනිකඩයා හා බිත්තියෙන් එපිට ගැහැනිය ඔවුනොවුන්ගේ ජීවිත තුළ තමන්ගේ අවකාශය දැකීමත්, අවසානයේ අනුන්ගේ ජීවිත තුළ තමන් සෙවීමට උත්සාහ කළ තිදෙනා එකිනෙකාගේ ජීවිත විනිවිද දැකීමත් එකම චිත්‍රපටයකට ගොනු වී තිබේ.විවිධ හැලහැප්පීම්, කඩඉම්, සිතිවිලි සහ ප්‍රේමය ඔස්සේ දිවෙන කර්ම අන්තර් ජාතික සම්මාන කිහිපයකින් පිදුම් ලත් චිත්‍රපටයකි.රංගනය – මිෂෙල් හර්ෆ්ට්, ජගත් මනුවර්ණ, නදීක ගුරුගේ අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි තිර රචනය – ප්‍රසන්න ජයකොඩි, ජගත් මනුවර්ණ කැමරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා සංගීත අධ්‍යක්ෂණය – නදීක ගුරුගේ, සුමුදු ගුරුගේ සංස්කරණය – රංගන සිංහාරගේ, භාතිය දුනුසිංහ, සුදේශ් කුමාරසිංහ කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න සහාය අධ්‍යක්ෂණය – අසෝක ආතාවුදහෙට්ටි වේශ නිරූපණය – නාරද තොටගමුව කැමරාකරණය - චින්තක සෝමකීර්ති නිෂ්පාදන කළමනාකරණය - නිශාන්ත පද්මකුමාර නිෂ්පාදන සම්බන්ධීකරණය - නිරෝෂන් වෙලගෙදර නිෂ්පාදන විධායක - රසිත ජිනසේන නිෂ්පාදනය - සිලෝන් තියටර් හෝල්ඩින්ස් (පුද්) සමාගම, ස්කයි එන්ටර්ටේනර් (පුද්) සමාගම, මැජික් ලැන්ටර්න් (පුද්) සමාගමචතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
ජනප්‍රිය නළු බන්දුල ගලගෙදරගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය සතියේ. අප සරසවිය පුවත්පතේ ඔහුගේ උපන් දිනය සමඟ දුරකතන අංකය ද පළ කර තිබුණා.ඔහුට එදින ආපු දුරකථන ඇමතුම් ප්‍රමාණය නිමක් නැතිලු. කාලෙකට පස්සේ රසික රසිකාවන්ගෙන් ලද මේ ප්‍රතිචාර නිසා බන්දුල ඉන්නේ හරිම සතුටින්.ඔහුට කතා කරපු අය ගෙන් වැඩි දෙනෙක් සිකුරුලියා සිනමාපටය නරඹපු අය. ඔවුන් සෑහෙන්න වෙලාවක් ඒ රංගනය ගැනම කතා කළාලු. ආයෙත් රඟපාන්න ආරාධනා කරන්නත් අමතක කරලා නැහැ. බන්දුල ඒ කතා කරපු හැමෝටම ‘සරසවිය’ හරහා තුති පිදුවා.- ප්‍රසාද්
|
CREATIVE
|
පසුගියදා අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ඩොල්බි රංග ශාලාවෙදී පැවැති 86 වැනි ඔස්කාර් සම්මාන උලෙළ හොලිවුඩ් තරු බැබළුණු තවත් අපූරුතම අවස්ථාවක් විය.එහිදී රංගන තරු ඇඳ සිටි ඇඳුම් කාගේත් අවධානයට ලක් වූයේ ඒවායේ වූ විචිත්‍රවත් බව නිසාමය.ඒ අතර ඇන්ජලිනා ජොලි, නයෝමි වොට්ස්, කේට් බ්ලාන්ෂේ, ලුපිටා නියෝජිඕ, කේට් හඩ්සන්, ක්‍රිස්ටින් බෙල්, ඇමි ඇඩම්ස් කාගේත් කතාබහට ලක් වූ තරු අතරට එක්විණි.සම්මාන උළෙල ආරම්භයේදීම අකරතැබ්බකට මුහුණ දුන්නේ ජෙනිෆර් ලෝරන්ස්ය. ඇය සම්මාන උළෙලට පැමිණෙන විට දී පය පැටලී රතු පලස මත ඇදගෙන වැටිණි.මෙවර ඇකඩමි සම්මාන උළෙල සඳහා ද ඇය සැරැසී සිටියේ සිටියේ රතු පැහැති අලංකාර ගවුමකිනි.ජෙනිෆර් මෙලෙස රතු පලස මත ඇදගෙන වැටීම අමුතු දෙයක් නොවන්නේ පසුගිය වසරේ පැවැති සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ලබා ගැනීම වෙනුවෙන් වේදිකාව වෙත පිය නගද්දී පඩි පෙළ මතදී ඇය ඇද වැටීම නිසාය.මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී ද ඇය ඇමරිකන් හ්යුස්ටල් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළිය සම්මානයට නිර්දේශව තිබිණි.ඇඳුම් පැළඳුම් ගැන කාගේත් අවධානය මීළඟට යොමු වූයේ අමෙරිකානු ජාතික ගායකයෙකු, ගීත රචකයෙකු, දක්ෂ ඩ්‍රම්ස් වාදකයකු මෙන්ම නිරූපණ ශිල්පියෙකු ද වන පැරල් විලියම්ස් වෙතටයි.ඔහු ටුක්සිඩෝ ඇඳුම කට්ටලයක උඩ කොටස සහ කොට කලිසමකින් සැරැසී මෙවර ඔස්කාර් සම්මාන උළෙලට පැමිණ තිබුණි.බොහෝ කලකට පසුව ජනතාව අතරට පැමිණෙමින් අමෙරිකානු රංගන ශිල්පිනියක වන කිම් නොවැක් ද මේ සුවිශේෂී අවස්ථාවට සහභාගි වූවාය.තවමත් අසූ එක් වැනි වියේ පසුවන කිම් සිය මුහුණට සිදු කරන ලද ප්ලාස්ටික් සැත්කම පිළිබඳ මෙහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.කිම් නොවැක් 86 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ වේදිකාවට පිවිසියේ හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය නිවේදනය කිරීමටයි.
|
CREATIVE
|
රත්නසිරිසිසිරරමේෂ්ටිරෝන්අරුන්දතීසුදත්ඔබට සුපුරුදු රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙන්නේ ඕමානයේ. මේ වන විට එහි වැඩසටහන් තුනකදී රටවිරුවන් දහඅට දෙනෙක් තම කලා කුසලතා පෙන්වා අවසන්. ලබන 11 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ මෙහි සිව්වන වැඩසටහන විකාශය වෙන්න නියමිතයි. මේ එහිදී තම කලා හැකියාවන් පෙන්වන්න සූදානම් රටවිරුවන් හය දෙනා පිළිබඳ කෙටි සටහනක්.ටිරෝන් රසල් පැටනොට් සංගීතයට යොමු වෙන්නේ කුඩා කාලයේදීයි. පාසලේ කාලයේදී ගායනා තරග නියෝජනය කළ රසල්ට නැවතත් තම දක්ෂතා එළි දක්වන්න අවස්ථාව උදාකර දුන්නේ ඕමානයේ රටවිරුවෝ වේදිකාවයි. මොරටුවේ පදිංචි ඔහු විදෙස් සේවයට එක් වෙන්නේ 1988 වසරේ සිටයි.ගල්කිස්සේ පදිංචි සුදත් ප්‍රේමකාන්ත රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ ගායන අංශයෙන්. පාසල් වියේ සිටම ගායනයට යොමු වූ ඔහු අද ඒ හැකියාව එළි දක්වන්නේ ඕමානයේදීයි. වෘත්තියෙන් නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කරන සුදත් විදෙස් සේවයට එක්වෙන්නේ 1998 වසරේ සිටයි.අරුන්දතී ස්වර්ණලතා රන්දෙනි මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. කුඩා කාලයේ සිටම ගායනයට යොමු වුණත් අරුන්දතීට නර්තන හැකියාවත් පිහිටලා තියෙනවා. නමුත් අද රටවිරුවෝ වේදිකාවේ තම ගායන හැකියාව පෙන්වන්නයි ඇයගේ වැඩි කැමැත්ත. මහනුවර පදිංචි අරුන්දතී විදෙස් සේවයට එක්ව ඇත්තේ 1981 වසරේ සිටයි.සිසිර සෙනරත් ඒකනායක රටවිරුවෝ වේදිකාවට එක් වෙන්නෙත් ගායන අංශයෙන්. කුඩා කාලයේ සිටම ගායනයට තිබූ ලැදියාව නිසාම ඔහු පාසැල් කලායේදී සංගීතය විෂයයක් ලෙසත් හැදෑරූ අයෙක්. ගබ්බෙල පදිංචි සිසිර විදෙස් සේවයට එක්ව ගත වෙන්නේ හත්වැනි වසරයි.රමේෂ් පණ්ඩුක රුවිනාත් මීළඟට රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්න සූදානම්. ඔහු එහිදී තම ගායන කුසලතාව එළි දක්වන්නයි බලාපොරොත්තුව. කුඩා කාලයේ සිටම ගායනයට ලැදියාවක් දැක් වූ ඔහුට එම හැකියාව තව තවත් වර්ධනයට පවුල් පසුබිමත් ලොකු දායකත්වයක් ලබා දී තියෙනවා. දොඩන්ගොඩ පදිංචි රමේෂ් විදෙස් සේවයට එක්වෙන්නේ 2009 වසරේ සිටයි.වික්‍රමආරච්චිගේ රත්නසිරි ඕමානයේ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් සිව්වන වැඩසටහනට එක් වෙන්නේ ගායන අංශයෙන්. පාසලේදී විෂයයක් ලෙස සංගීතය හැදෑරූ ඔහු මීට පෙර සංගීත කණ්ඩායම් සමඟ ගායකයෙකු ලෙසත් කටයුතු කළ අයෙක්. රත්නසිරි විදෙස් සේවයට එක්ව මේ වන විට වසර හයක් ගතව තියෙනවා.යතේජා ඥානරත්න
|
CREATIVE
|
රතු හැට්ටකාරී ලූෂන් බුලත්සිංහලයන් අතින් නිර්මාණය වූ අපූර්වතම නාට්‍ය නිර්මාණයක්. එම නාට්‍යය වේදිකාගත වී දැනට වසර ගණනක් ඉක්ම ගිහින්. එහි මුල්ම රතු හැට්ටකාරිය වුණේ අනුලා බුලත්සිංහල.පසුගිය දවසක රතු හැට්ටකාරී නාට්‍යයේ නව නිෂ්පාදනයේ මුල්ම වේදිකාගත වීම පැවැත් වුණා. එහි රතු හැට්ටකාරියගේ චරිතය නිරූපණය කළේ තරුණ රංගන ශිල්පිනියක් වන සුබෝධි ලක්මාලියි.මේ මංගල දර්ශනය බලන්න පැරැණි නිෂ්පාදනයේ රතු හැට්ටකාරිය වන ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල ද පැමිණ සිටියා.නාට්‍යය අවසානයේ වේදිකාවට ගොඩ වූ අනුලා බුලත්සිංහල නව නිෂ්පාදනයේ රතු හැට්ටකාරිය වූ සුබෝධිව ඉහළින් වර්ණනා කරමින් සුබපැතුවා. පැරැණි රතු හැට්ටකාරීගෙන් අලුත් රතු හැට්ටකාරීට ලැබුණු මේ සුබපැතීම හා අගය කිරීම ගැන හැමෝම කතා වුණේ සතුටු සිතින්.ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් වන අනුලා නවක රංගන ශිල්පිනියක් වූ සුබෝධි ළඟටම ගොස් සුබපැතීම ගැන හැමෝටම ආදර්ශයක් වුණා.පැරැණි රතු හැට්ටකාරීටයි, අලුත් රතු හැට්ටකාරීටයි ඔන්න සරසවිය අපිත් සුබපතනවා.- සංජීව සම්පත්මිනිසකුට තමන්ගේ ජීවිත කතාව ලියා පළ කරන්නට හැකි නම් එය මහත් ආඩම්බරයට කරුණක් වෙයි. ලොව සමහර මිනිසුන් සිය ජීවත කතාව විකුණා මුළු මහත් ජිවිතයම සැප විඳීති.සමහරු එලෙස ජීවිතය එළි දරව් කොට තවත් සමහරු අමාරුවේ දමති. එහෙත් පසුගියදා එළි දුටු මේ මා නොව ඔබය ග්‍රන්ථය එලෙස කිසිවකුට දොස් පැවරූ කෘතියක් නොවේ. එය රචනා කරන ලද්දේ බී.සිරිතුංග පෙරේරාය.කලකට ඉහත ගමනේ යා නමින් අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍යයක් නිර්මාණය කළ සිරිතුංග පසු කලක ටෙලිවිෂනය සඳහා නාට්‍යය කිහිපයක්ම නිර්මාණය කළේය.පසු කලක කන්‍යාවි නම් ජනප්‍රිය චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ ද ඔහුය.මේ මා නොව ඔබය කෘතිය ඔහුගේ කලා ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන්,සතුට ජයග්‍රහණය පිළිබඳ කදිම විවරණයකි.බී.සිරිතුංග පෙරේරා යනු කලා ලෝකයේ බොහෝ පැරණි මිනිසෙකි.ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ කවර විවේචන තිබුණ ද ඔවුන් කලාවට ආදරය කළ මිනිසුන්ය. එමෙන්ම ඒ සදහා සෑහෙන්නට කට්ට නැතහොත් පරිප්පු කෑ මිනිසෙකි.එබඳු බොහෝ මිනිසුන් වතාවක් දෙවතාවක් වලි කා බැරිම තැන කලාවෙන් අයින්ව දන්නා කියන හෝ වෙන මොන යම්ම දේකට ගොස් යහපත්ව ජීවත් වෙති. එහෙත් සිරිතුංගලාගේ ජාතියේ මිනිසුන් මොන දහ දුකක් විඳ හෝ එහි ජිවත් වෙති.ඒ වෙන එකක් කරන්නට බැරි නිසා නොවේ. තියෙන ඇම්මටය.ඒ නිසා කූඩැල්ලා මෙට්ටය උඩ තිබ්බත් සිරිතුංගලාගේ කලා ඇම්ම නැති කරන්නට බැරිය.මේ මා නොව ඔබය.කලා ලෝකයේ අතීත කතා රැසක්අප ඉදිරියේ දිග හරියි.මේ කතාන්තරයේ සිටින ඇතැමෙක් දැන් අප අතර සිටින දැවැන්තයන්ය.එහෙත් මේ අතරින් සමහරු මේ අතීතය කියන්නට අකමැතිය.ඒ අතීත කතාවේ සිරිතුංග වැන්නන් ඔවුනට අත දුන් වග කියනු අප අසා නැත.එහෙත් අතීතය කිසිවිටකත් සැඟවිය නොහැක.බොහෝ මිනිසුන්ගේ අතීත කතාවන් කෙළවර සිරිතුංගලා වැන්නන් ද සිටිති.එහෙත් ඔවුහු සිරිතුංගලා පසු කර දුර ගොස්ය.මේ මා නොව ඔබය.එහි ඇති වැදගත්කම එයයි.එය හෙළිදරව් කරන්නේ සිරිතුංග ද්වේශකින් නොවේ. එහෙත් සිරිතුංග පෙරේරා නම් අප හිතවතානන්ට එක් දෙයක් කිව යුතුය. මේ අතීත කතාවන් ගෙන හැර පෑම හොඳය. එහෙත් මේ කතාන්තරය ලියද්දි පළපුරුදු සංස්කාරකවරයකු ඒ සඳහා යොදා ගත්තා නම් එයටත් වඩා හොඳය.බස නිරවුල් වූ තැන රස ද වැඩි වන බැවිනි.
|
CREATIVE
|
‘ස්වප්නා’ යන හින්දි වචනයේ අරුත සිහිනයයි. එසේ නම් ස්වප්නාගේ ශ්රීී ලාංකේය ආගමනය සැබෑවටම මෙරට ප්‍රේක්ෂකයන්ට සොඳුරු සිහිනයක් වනු ඒකාන්තයි.මෙරටේදී ‘ස්වප්නා’ වන්නේ ඉන්දියාවේ ‘දියා ඕර් බාති හම්’ නමින් පුංචි තිරයේ විකාශය වන සෝප් ඔපෙරාවයි. අද ‘දියා ඕර් බාති හම්’ ඉන්දියානු පුංචි තිරයේ අංක එකේ ටෙලි නාට්‍ය ආකර්ෂණයයි.මේ නාට්‍ය 2011 අගෝස්තුª 29 වැනිදා සිට අද දක්වාම විකාශය කෙරෙයි. භාරත දේශයේ පමණක් නොව සිංගප්පූරුවේ ද, පාකිස්ථානයේ ද නාට්‍ය අතිශයින් ජනප්‍රියය.‘එන් කනවන් එන් තොෂාන්’ නමින් දමිළ රසිකයන් ද, ‘ඊ තරාම් ඉලාලු’ නමින් තෙළිඟු රසිකයන් ද, ‘තෝමේ අමේ මිලේ’ නමින් බෙංගාල රසිකයන් ද, ‘ආකාශ්දීප’ නමින් කන්නඩ රසිකයන් ද නරඹන්නේ ‘දියා ඕර් බාති හම්’ය.මෙය කාන්තාව කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූවකි. සන්ධ්‍යා කොතාරී කතා නායිකාවයි. ඇයගේ මාපියෝ බෝම්බ ප්‍රහාරයකින් මිය ගියහ. සන්ධ්‍යාගේ එකම සොයුරු අන්කූර් ඇය නූගත් සූරජ් නම් තරුණයකුට පාවා දෙයි. සන්ධ්‍යා ධෛර්යවන්ත, අධ්‍යාපනයට උනන්දු තරුණියකි. ඇය සිහින මවන්නේ ඉන්දියානු පොලිසියේ නිලධාරිනියක වීමටයි.නවය පන්තිය පමණක් සමත් සැමියා රසකැවිලි සාදන්නෙකි. ඔහු දුටු පළමු දිනයේ සන්ධ්‍යාට ඔහු පිළිබඳ කිසිදු මනාපයක් ඇති නොවුණි. එහෙත් සූරජ්ගේ අවංක ආදරය, අරමුණ ඉටුකර ගැනීමට ඔහුගෙන් ලැබෙන ශක්තිය නිසා ලෝකයේ හොඳම සැමියා ලැබී සිටින්නේ තමන්ට බව ඇයට වැටහෙන්නීය.අවසානයේදී සූරජ්ගේ උදව්වෙන් ඇය පොලිස් නිලධාරිනියක් වෙනවාද? නූගත් නැන්දම්මා ඊට එකඟ වේවි ද? අවසානය නැරැඹීම සඳහා වසර ගණනාවක්ම ඔබට බලා සිටීමට සිදුවනු ඇත.මේ නාට්‍ය මාලාවේ හාරසිය වැනි කොටස 2013 පෙබරවාරි 28 වැනිදා විකාශය විය. පන්සිය වැනි කොටස ජූලි 12 වැනිදා විකාශය කෙරුණු අතර නාට්‍යයේ නළු නිළි කණ්ඩායම ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ කේක් ගෙඩියක් කපා සතුට බෙදා ගත්හ.මෙහි සන්ධ්‍යා ලෙසින් රඟන්නේ දීපිකා සිංහය. විසිතුන් හැවිරිදි ඇය රඟපා ඇත්තේ ‘දියා ඕර් බාති හම්’ ටෙලි නාට්‍යයේ පමණි. එහෙත් මේ පළමු රංගනයෙන්ම ඇයට මහත් ජනප්‍රසාදයක් හිමි විය. වාණිජ හා කළමනාකරණ උපාධියක් හිමි ඇය දැන් නිළිකම වෘත්තීය ජීවිතය කරගෙන අවසන්ය.සන්ධ්‍යාට ඇය කෙතරම් සාර්ථක ලෙස පණ පෙව්වා ද කිවහොත් මේ වන විට සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 2013 ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේදී ප්‍රියතම ලේලිය (ෆේවරිට් බහූ) ලෙස සම්මානය දිනා ගත්තේ ඇයයි. 2012 දී හා 2013 දී ඉන්දීය ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම හොඳම නිළිය සම්මානය හිමි වූයේ ඇයටයි.සූරජ්ට පණ පොවන අනාස් රෂීඩ් තිස් දෙහැවිරිදි පුංචි තිරයේ තරුවකි. ඔහු කහීන් තෝ හෝගා, ඩර්ති කා වීර් යෝධා ප්‍රිත්විරාජ් චෞහාන්, ඒසේ කරෝ නා විදා වැනි ටෙලි නාට්‍ය රැසක රඟපා තිබේ. කිසි දිනක නිළියක හා විවාහ නොවන බව ඔහු පවසන්නේය. අනාස් මනෝවිද්‍යා උපාධිධාරියකි.2012 ස්ටාර් පරිවාර් සම්මානයත්, 2013 ඉන්දියානු ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය හොඳම නළුවාට හිමි සම්මානයත් දිනා ගත්තේ ඔහුයි.දොළොස් වැනි ඉන්දියානු ටෙලි සම්මාන උළෙලේදී මේ නාට්‍යයට සම්මාන 5 ක් හිමි විය. හොඳම නළුවාට, නිළියට අමතරව හොඳම සහාය නිළිය ලෙස නාට්‍යයේ නීලූ වාගෙලා ද සම්මානයට පාත්‍ර වූවාය. දිනපතා විකාශය කෙරෙන ටෙලි නාට්‍ය අතරින් හොඳම නාට්‍ය බවට පත් වූයේත් මෙයයි.වැඩිම සම්මාන ගණනකට එනම් සම්මාන 8 කටම 2013 ටෙලි සම්මාන උළෙලේදී නාට්‍ය නිර්දේශ විය. දියා ඕර් බාති හම් නාට්‍ය සමීත් මිතාල්ගේ සහ රෝහිත් රාජ් ගෝයල්ගේ අධ්‍යක්ෂණයකි.මේ සෝප් ඔපෙරාව කෙතරම් ජනප්‍රිය ද කිවහොත් අමීර් ඛාන්ගේ සත්යමේව් ජායති වැඩසටහනට ද ප්‍රධාන තාරකා යුවළ සහභාගි කරගෙන තිබේ.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
‘ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ’අතුල අධිකාරි ගයන මේ ගීතය ඔහු සුපිරි තරු වේදිකාවේ ගැයූ අයුරු ඔබට මතක ඇති. ඉතා කෙටි කාලයකින් වේදිකාව තමාගේම කරගත් හෙතෙම පසුගියදා ඉන් ඉවත් වූයේ තරගයේ සොබාවයට අවනත වෙමිනි.සුගත් හේවගේ.පුස්සැල්ලාව ග්‍රාමයෙන් සුපිරි තරු වේදිකාවට නවමු ආලීකයක් එක් කළේ ඔහුයි. ඉතින් දැන් අප ඔහු කියන දේ අහමු.ඔබව මීට ප්‍රථම සුපිරි තරු මාවතෙහි දැක තිබෙනවා?ඔව්. දැන් පැවැත්වෙන සුපර් ස්ටාර් පස්වැනි අදියරයි. මං තෙවැනි සහ සිව්වන අදියරයන්හි සිටයි මෙයට සහභාගි වන්නේ. නොසිතූ මොහොතවල්වල ඒවාට සහභාගිවන්න බැරි වුණා. පසුව වෙනත් ආයතනයක රියැලිටි ගායන තරගයකට සහභාගී වුණා. ඒ වෙලාවෙහි මං රිය අනතුරකට භාජනය වෙලා කකුල් දෙකම කැඩුණා. ඒ හේතුවෙන් මං බොහෝ සෙයින් මානසිකව වැටුණා. ගෙදර අයත් බය වුණා. ඔන්න එතකොටයි සුපර් ස්ටාර් පස්වැනි අදියර පටන් ගත්තේ. ඕන දෙයක් වෙච්චදෙන් කියලා මං ඊට ඇප්ලයි කළා.හිතුවටත් වැඩිය දුර ආවා නේද?අනිවාර්යයෙන්ම. මේ වන විට මං ජනප්‍රියයි කියලා මට දැනෙනවා. මිනිස්සු ඇවිත් මට කතා කරනවා, අත්සන් ගන්නවා. ගොඩක් සතුටුයි දැන්.සුගත් ප්‍රසංග වේදිකාව නතු කර ගත්තේ රූකාන්ත, අතුල වැනි ගායකවන්ගේ ගී ගයලා. ඒ අයට වැඩි කැමැත්තක් තියනවාද?ඒ ගායකයන් දෙපොළ මගේ ජීවිතයේ වීරයින්. මං හිතනවා මට මෙච්චර දුර එන්න හම්බ වුණේ ඔවුන්ගේ එම ගී නිසා කියලා.පොඩි කාලයේ සිට මොන වගේ උනන්දුවක් ද සංගීතය කෙරෙහි තිබුණේ?ඒ්ක නම් පුදුමාකාරයි. මට මතකයි මං පොඩි කාලේ අප්පච්චි පැදුරු සාජ්ජ පවත්වනවා. ඉතිං මං ඒවාට සහභාගි වෙලා සිංදු තුනක් හතරක් කියනවා. ඔන්න ඔහොම තමයි මං සිංදු කියන්න පටන් ගත්තේ. මං පාසල් ගියේ කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර මහ විද්‍යාලයට. පාසලේ උසස් පෙළ විෂයක් විදිහට සංගීතය ඉගැන්නුවේ නැහැ. පසුවත් සංගීතය හදාරන්න හැදුවත් ඊට කෙනෙකු හොයා ගන්න බැරි වුණා.මොනවද ඔබේ අලුත් නිර්මාණ?මිනිස්සුන්ට හොඳින් දැනෙන්න වෙනස්ම ආරක සිංදුවක් කරන්න හිතාගෙන ඉන්නවා. වැඩි විස්තර පසුව කියන්නම්.මේ වන කොට ඔබ පූර්ණකාලීණ සංගීත ශිල්පියෙක්ද?මේ වන විට නම් ඔව්. සුපර් ස්ටාර් අයැදුම් කරන්නට ප්‍රථම රැකියාවක් කළා. තරගය අතරතුර රැකියාවක් කරන්න අමාරුයි. ඒක නිසා ඉන් ඉවත් වුණා. මේක මට විතරක් නෙවෙයි තරගයට එන කොයි කාටත් බලපාන ප්‍රශ්නයක්.මේතාක් කල් පැමිණි ගමනදි තුති පුදන්නත් පිරිසක් ඇති?සුසාර දිනාල් මහත්මා ඇතුළු සිරස පවුලටත්, මගේ පවුලේ හැමෝටමත් තුති පුදනවා.සුගත්ගේ දුරකතන අංකයයි මේ 0725050322සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
මගේ සංගීත කණ්ඩායමත් සමඟ සුපුරුදු ලෙසම සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඊට එහිදී කණ්ඩායම් සංගීතයේ හැත්තෑව දශකයේ කණ්ඩායම් ගීත කියූ ජීවත්ව සිටින ශිල්පීන්ව ඒ ප්‍රසංගවලට සහභාගි කර ගන්න මා අමතක කරන්නේ නැහැ.මේ සෑම කටයුත්තකටම අමතරව උත්සව අවස්ථාවලදී අලුත්ම ක්‍රමයකට අපි ගීත කියනවා. ඒ අපි ගීත කියද්දී ගීත අහන් ඉන්න අයත් අප සමඟ ගීත ගැයීමයි.
|
CREATIVE
|
රිතික්ට දුක සැප, රියසක මෙන් නිති පෙරළෙයි. මේ කිසිවක් ඔහුගේ වසර අනූවක ආයු කාලය නතර කිරීමට නම් සමත් නොවනු ඇත. වයස අවුරුදු අනූව වනතුරුම අදිසි බලවේගයකින් ඔහුගේ ජීවිතය පාලනය කරන නිසා බව රිතික් පවසා තිබේ. අනාගතයේදී හොලිවුඩ් රංගනයට ද අධ්යක්ෂණයට ද ඔහු පා තබනු නිසැකය.සීයලා වන රාකේෂ් සහ රාජේශ් සේම, පියා වන රිතික් වාගේම හ්රෙහාන් සහ හ්රිදාන් ද රංගනයට දැන් සිටම කැමැති බව රිතික් පවසන්නේය. එය රසික රසිකාවන්ට නම් සුබම සුබ ආරංචියක් වනු නිසැකය.රිතික් රඟන නවතම සිනමාපටය ‘බෑන්ග් බෑන්ග්’ ඔක්තෝබර් දෙවැනිදා තිරගතවීමට නියමිතය. එහි ඔහු සමඟ ප්‍රධාන චරිතය රඟන්නේ කත්රිනා කායිෆ්ය.
|
CREATIVE
|
සාමාන්‍යයෙන් බොලිවුඩය පුරා ලැව් ගින්නක් මෙන් පැතිරෙන්නේ තරුවක්, තාරකාවකට හාදුවක් දුන් විටයි. එහෙත් ෂාරුක් ඛාන් තරුවකට දෙන හාදුවට ඊට වැඩි වටිනාකමක් තිබේ.මීට පෙර සැමගේම කථාබහට ලක් වූයේ ඉෆ්තාර් සාදයේදී ෂාරුක්, සල්මන්ට දුන් හාදුව ගැනයි. දැන් කථාබහට ලක් වී තිබෙන්නේ අජේ දේව්ගන් සහ ෂාරුක් ඛාන් අතර හුවමරු වූ හාදුවයි. කලින් මිතුරකු වූ අජේ පසුව ෂාරුක්ගේ සතුරකු බවට පත් විය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ‘සිංග්හම් රිටර්න්ස්’ දර්ශන තලයේදී මේ සතුරු වූ මිතුදම යළිත් වරක් මිතුදමක් බවට පත් විය. ඒ දෙදෙනා අතර සිදු වූ උණුසුම් සිප වැළඳ ගැනීම නිසයි. දිගුකාලීන මිතුරන් සේ දෙදෙනා සුහද කථාබහක යෙදී තිබේ.ෂරුක්ගේ සහ අජේගේ සබඳතා වඩාත් පළුදු වූයේ ෂාරුක්ගේ ‘ජබ් තක් හෛ ජාන්’ සහ අජේ දේව්ගන්ගේ ‘සන් ඔෆ් සර්දාර්් 2012 වසරේ එකට තිරගත වීම නිසයි.මේ හාදුව රසවිඳි අධ්යක්ෂ රෝහිත් ෂෙට්ටි විහිළුවට මෙන් කියා සිටියේ දෙදෙනාගේ හාදුව තමන් රුපියල් කෝටියකට අලෙවි කරන බවයි.
|
CREATIVE
|
චමෝදි පියුමිකා, කීර්ති ඩයස්, චාන්දනී ස්වර්ණලතා, ලහිරු මධුසංඛ, වාසනා චතුරංගනී, අනෝමා චන්ද්‍රා ද සිල්වා මෙවර ගායනයෙන් සහ නර්තනයෙන් රටවිරුවෝ රියල් ස්ටාර් වේදිකාව විචිත්‍රවත් කරන්න සූදානම්.විදෙස් සේවයේ නියුතු අපේ රටේම සොයුරු සොයුරියන්ට සිය කලා හැකියාවන් එළිදක්වන්න ඉදි වූ රටවිරුවෝ රියල් ස්ටාර් පිළිබඳ දැන් ඔබට අමුතුවෙන් පහදා දෙන්න අවශ්‍ය නැහැ. ලෙබනනයේ සිට ගෙනන මෙවර වැඩසටහන ලබන ඉරිදා රාත්‍රී 10. 00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබට නරඹන්න පුළුවන්.මුල්ම තාරකාව චමෝදි පියුමිකා රටවිරුවෝ වේදිකාවට එක්වන්නේ නර්තන අංශයෙන්. කුඩා කාලයේ පටන් නර්තනයට විශේෂ ඇල්මක් දැක් වූ ඇය පාසල් කාලයේ දී විෂයක් ලෙසත් නර්තනය හැදෑරූ අයෙක්. නුගේගොඩ පදිංචි චමෝදි පියුමිකා ලෙබනනයේ ගෘහ සේවයට එක් වී ඇත්තේ 2010 වසරේදී.කීර්ති ඩයස් මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. 1979 වසරේ සිට විදෙස් සේවයට එක්ව ඇති ඔහු දැනට ලෙබනනයේ ට්‍රයිකෝ කාගෝ ආයතනයේ සේවයේ නිරතව සිටියි. පාසල් අවදියේ සිටම සංගීතයට උනන්දුවක් දැක්වූ කීර්ති ඩයස්ට සිය ගායන හැකියාවන් එළිදක්වන්නට ලැබෙන්නේ මෙවර ලෙබනනයේ පැවැත්වෙන රටවිරුවෝ රියල් ස්ටාර් වේදිකාවෙනි.නුවර පදිංචි චාන්දනී ස්වර්ණලතා රටවිරුවෝ වේදිකාවට එක්වන්නේ ගායන තරුවක් ලෙසයි. කුඩා කාලයේ සිටම ගායනයට විශේෂ උනන්දුවක් දැක් වූ ඇය පාසල් තරගාවලියන්හි දී සිය දක්ෂතා දක්වන්නටත් සමත්ව තියෙනවා. චාන්දනී ස්වර්ණලතා ලෙබනනයේ විදෙස් සෙවයට එක්වන්නේ 2011 වසරේ සිටයි.ලහිරු මධුසංඛ බණ්ඩාර මෙවර රටවිරුවෝ වේදිකාව මියුරු ස්වරයෙන් ගීතවත් කරන්න සූදානම්. කුඩා අවදියේ සිටම ඔහු ගායනයට මෙන්ම නර්තනයටත් විශේෂ දස්කම් දක්වන්නෙක්. නුවර පදිංචි ලහිරු මධුසංඛ ලෙබනනයේ විදෙස් සේවයට එක්වී ඇත්තේ පසුගිය වසරේදී යි.වාසනා චතුරංගනී රටවිරුවෝ වේදිකාවට එක්වන මීළඟ තරුවයි. ඇය සිය ගායන හැකියාවෙන් ලෙබනනයේ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. පාසල් කාලයේ දී විෂයක් ලෙස සංගීතය හැදෑරූ වාසනාට අද රටවිරුවෝ වේදිකාව හරහා සිය දස්කම් පෙන්වන්න අවස්ථාව උදාවෙලා. දෙහිවල පදිංචි ඇය විදෙස් සේවයට එක්වෙලා තියෙන්නේ 2000 වසරේ දී.අනෝමා චන්ද්‍රා ද සිල්වා ලෙබනනයේ රටවිරුවෝ වේදිකාව ඔස්සේ සිය ගායන හැකියාවන් දක්වන්න සූදානම්. කහටගස්දිගිලියේ පදිංචි අනෝමා විදෙස් සේවයට එක්වන්නේ 1994 වසරේ සිටයි. සහජයෙන් ලද ගායන හැකියාව වගේම ඇය රූපලාවණ්‍ය ක්ෂේත්රයේත් හැකියාවන් ගෙන් යුතුයි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
කාජල් වැනි ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක සිව් වසරකින් තිරයේ දක්නට නොලැබීම රසිකයන්ගේ නොමනාපයට හේතුවන කරුණකි. එහෙත් මේ වසරේදී ඇය වසර හතරක නිහැඬියාව බිඳ දමනු ඇත. ඒ බව පවසන්නේ කාජල් නොව ඇයගේ සැමියා අජේ දේව්ගන්ය.‘මේ වසරේදී ඇය සිනමාපටයක රඟපාවි. ඔක්තෝබර් මාසයේදී කාජල් රඟන සිනමාපටයේ වැඩ කටයුතු ඇරඹෙනවා. මං නිෂ්පාදනය කරන සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ රාම් මාධ්වානි.මේ පරිණත ආදර කථාව, කාන්තාව කේන්ද්‍ර කර ගත්තක්. දැන් කාජල්ගේ පෙම්වතාගේ චරිතයට කෙනකු සොයනවා. සිනමාපටයට මං දායක වෙන්නේ නිෂ්පාදනයෙන් පමණයි.’ ආජේ, කාජල්ගේ නවතම රංගනය ගැන එසේ පැවසුවේය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
‘සාගරේ සේ ආදරේ’රේඩියෝ කලාව වෙනස් කළා අංජුල ප්‍රියන්ත මනම්පේරිනිසල්, පූජා, ගජසිංහ, ප්‍රින්සි, අරවින්ද. මේ කවුරුද කියල ඔබ දන්නවා ද? නිරතුරුව ශ්‍රී ගුවන් විදුලියට සවන් දෙන ඔයාලට මේ කවුද කියල හඳුනා ගන්න නම් බැරි වෙන්නේ නැහැ. ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ ‘සාගරේ සේ ආදරේ’ ගුවන් විදුලි නාට්‍යයෙන් සතියේ දිනවල සවස එකේ සිට හතර දක්වා මේ හැම දෙනාම ඔබ හමුවට එනවා. සුන්දර ආදර අන්දරයක් ඔබ සවනට ළං කරමින් ගලා යන මේ නාට්‍යය සුවිශේෂි කඩඉම් පසු කරමින් එහි අට වැනි වසරටත් පා තබන්නට සූදානම්. සාගරේ සේ ආදරේ ගුවන් විදුලියට රචනා කරන්නේ යොවුන් නවකතා රචකයෙකු වන අංජුල ප්‍රියන්ත මනම්පේරි. ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ සහකාර වැඩසටහන් කළමනාකරුවෙක් ලෙස කාර්යබහුල අංජුල සමඟ කළ කතාබහයි මේ.මුලින්ම කියමු නේද සාගරේ සේ ආදරේ ගැන?සාගරේ සේ ආදරේ ආරම්භය සිදු වුණේ 2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනය සමඟයි. ලබන දෙසැම්බර් මාසයේදී අපි අට වැනි වසර සපුරනවා. පවුලේ හැමෝටම අහන්න පුළුවන් ආදර කතාවක් පසුබිම් කරගත් ‘සාගරේ සේ ආදරේ’ රේඩියෝ කලාවේ වෙනසක් කළ නාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ජනප්‍රියම ගුවන් විදුලි නාට්‍ය ලෙස මෙන්ම වැඩිම අසන්නන් පිරිසක් අහන ගුවන් විදුලි නාට්‍යයක් ලෙසත් සම්මාන ලැබුවා.වසර ගණනාවක් පුරා මෙලෙස නාට්‍යයක් පවත්වාගෙන ඒම අසීරු කරුණක්. මේ අභියෝගය ජය ගනිමින් යන ගමනේදී ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?කාලයක් තිස්සේ මෙලෙස ගුවන් විදුලි නාට්‍යයක් ඉදිරියට ගෙන ඒම අභියෝගයක්. කාලය ගත වෙනවා. ඒ නිසා අපට එක තැන ඉන්න බැහැනේ. වසර අටක් කියන්නේ සුළු කාලයක් නොවෙයි. නමුත් කාලයත් සමඟ අපිට ඒ අභියෝගය ජය ගන්නට හැකි වුණේ නිර්මාණයේ සාර්ථකත්වය නිසා. ඒ වගේමයි සමීක්ෂණ වාර්තාවල ඉහළටම පැමිණීමෙන් එය ඔප්පු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී අසන්නන්ගේ රුචිකත්වය අනුව ගුණාත්මක දේ තමයි අපි ඉදිරිපත් කරන්නේ. කාලයත් සමඟ ඉදිරියට යන ශ්‍රී ලංකාවේ වැඩිම දෙනා අහන නාලිකාවක් වෙලා තියෙන්නෙත් ඒ නිසා.මේ තරම් ජනප්‍රිය වූ ගුවන් විදුලි නාට්‍යයට ජීවය දෙන පිරිස ගැනත් කියමු නේද?ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, සඳුන් විජේසිරි, නෙහාරා පීරිස්, මංජුලා මල්කාන්ති, ලසඳුනි ජයවර්ධන, මයෝමි කාංචනා, හර්ෂ මනෝජ්, ප්‍රතිභා නිදර්ශනා ඇතුළු පිරිසක් තමයි මෙහි හඬ දායකත්වය ලබා දෙන්නේ. මේ කතාව රචනා කරන්නේ මම. ශ්‍රී නාලිකාව් කලමනාකරු සුරාජ් පනාගොඩ, විධායක අධ්යක්ෂ රයන් හොන්ටර්, සහාය වැඩසටහන් අධ්යක්ෂ චාරුක සුරවීර මේ කාර්යය පුරාවටම මා සමඟ ඉන්නවා. සාගරේ සේ ආදරේ ඔබට ඉදිරිපත් කරන්නේ අනර්කලී ආකර්ෂා සමඟින් හසිත ලියනආරච්චි විසින්. ඒ වගේම ශ්රීී කාර්ය මණ්ඩලයේම සහාය මේ සඳහා ලැබෙනවා.මේ ආදර කතාවේ ඉදිරිය මොන වගේ වේවි ද කියලත් දැනගගන්න අසන්නන් ආසාවෙන් ඇති?ආදරයට සීමා නැහැ. ආදර ලෝකය විශාලයි. ඒ තුළ බොහෝ දේ සිදු වෙන්න පුළුවන්. අපේ ජීවිත වගේම මේ කතාවත් ඉදිරියට ගලාගෙන යාවි.අනාගතයේදී මේ කතාව ටෙලි වෘත්තාන්තයක් ලෙස දකින්නට අවස්ථාවක් ලැබේවිද?සාගරේ සේ ආදරේ ටෙලි ඩ්‍රාමා එකක් ලෙස නිර්මාණය කරන්නට ආරාධනා නම් ලැබිලා තියෙනවා. එය ගැන තීරණ ගැනීම අප ආයතනය සතු දෙයක්.‘සාගරේ සේ ආදරේ’ මේ සුන්දර ආදර අන්දරය රචනා කරන ඔබ ගැන කියන්නයි මේ වෙලාව?මගේ ගම දෙණියාය. පාසල් කාලයේ පටන්ම මම ලියන්න උනන්දුයි. ඒ කාලේ පාසලේ කලා කටයුතුවලට උනන්දුවෙන් දායක වෙලා කටයුතු කළා. 93 වසරේදී විතර මම මුලින්ම සුවඳ පත්තරේට තමයි ලිව්වේ. ඊට පසුව 96 වසරේදී තමයි ශ්‍රී එෆ්. එම්. නාලිකාවට සම්බන්ධ වුණේ. මේ වන විට මම නවකතා 28 ක් ලියල තියෙනවා. සුවඳ පත්තරේ හිටපු කාලේ ඒ නවකතා එළි දක්වන්න අවස්ථාව ලැබුණේ නැහැ. ශ්‍රී නාලිකාවට පැමිණි පසු මේ වනවිට ‘සඳ රාජිනී’ සහ ‘සුදු මල් හැඬුවා’ නවකතා දෙක එළි දැක්වූවා. මේ දක්වා මම ලිව්වේ ආදර කතා. මේ දිනවල පාතාලය ගැන නවකතාවක් ලියමින් ඉන්නවා. ඊට අමතරව ගීත රචනා සඳහාත් යොමු වෙලා ඉන්නවා. උදේශ් ඉන්දුල ගායනා කරන ‘වස්සානේ දුරයි’ ගීතය වගේම භාතිය සන්තුෂ් ගායනා කරන ශ්‍රී වෙනුවෙන් ‘අලුත් වෙලා ඇත රටක්’ ගීතය රචනා කළා. මේ වන විට ක්ෂේත්රයේ බොහෝ දෙනෙකුගෙන් ඒ සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.ඔබ අනාගතයේදී?පාසල් කාලයේ පටන්ම හොඳ චිත්‍රපටයක තිර රචනයක් ලියන්න ලොකු ආසාවක් තිබුණා. මම පුංචියට මේ ඒ ගමන යන ගමන්.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
ප්‍රියංකා චොප්රා, මේරි කොම් අහසයි පොළොවයි මෙන් රුවින් අසමානය. එහෙත් ප්‍රියංකා වෘත්තීය හැකියාවෙන් ඔලිම්පික් පදක්කම්ලාභී මේරිට මොන තරම් සමීප වී තිබෙනවාද?මේරිගේ බාල පුතු පවා දුරකථනයෙන් සිනමාපටයේ දර්ශන දැක තමන් රැවටෙන බව ඇයට පවසන්නීය. ‘මගේ ඉරියවු, කොණ්ඩා මෝස්තරය, ඇඳුම් සියල්ල ප්‍රියංකා සියයට සියයක්ම අනුකරණය කර තිබෙනවා. සිනමාපටය මේ තරම් ලස්සනට නිර්මාණය වේවියි සිතුවේ නැහැ.අන්තර් ජාතික ටොරොන්ටෝ සිනමා උළෙලේ ‘මේරි කොම්’ පූර්ව දර්ශනයට ද චරිතයේ සැබෑ උරුමක්කාරිය සහභාගි වන්නීය.භාග් මිඛා භාග් (2013) සිනමාපටය ද සැබෑ චරිතයක් වටා නිර්මාණය වූවකි. මිඛා සිං නම් ඒ සැබෑ පුද්ගලයාට ලාබයෙන් පවුම් 1 ක් ගෙවා තිබේ. මේරිට ද එවැනි ලාබයක් ලැබෙන බවට රාවයක් පැතිර ගිය ද එහි කිසිදු සත්‍යයක් නැති බව මේරිට අනුග්‍රහය දක්වන සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා පවසන්නේය. මේරි කොම් චරිතය රිදී තිරයේ නිර්මාණය කිරීමට අවසර දීම වෙනුවෙන් පුංචි සන්තෝෂමක් පමණක් ඇයට දී තිබේ.ප්‍රියංකා මේ දිනවල රංගනයෙන් දායක වන්නේ ‘දිල් දදක්නේ දෝ’ සිනමාපටයටයි. සිනමාපටයේ රඟන බොහෝ දෙනකුට මෙන්ම ප්‍රියංකාට ද වෛරස් උණ සෑදිණි. කාර්යබහුල දින චරියාව නිසා ඇය වරින් වර අඩු රුධිර පීඩනයට ද ගොදුරු වන්නීය. ‘වොට්ස් යුවර් රාශී?’ (2009) දර්ශන තලයේදීත් ප්‍රියංකා අඩු රුධිර පීඩනය නිසා රෝගී වී තිබේ.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
කන්ද උඩරට ඓතිහාසික රාජධානි සමය පාදක කර ගනිමින් සුදත් රෝහණ නිර්මාණය කරනු ලබන සෙංකඩගල රාජසිංහ සිනමා නිර්මාණයේ රාජසිංහ රජුගේ යොවුන් අවධිය නිරූපණය කිරීම සඳහා නවක ශිල්පියකුව තෝරා ගැනීමට අදහස් කරයි. මෙහි රාජසිංහ රජුගේ චරිතයට බිමල් ජයකොඩි පණ පොවන අතර ඔහුගේ පෙනුමට සමාන වූ වයස අවුරුදු 17 – 19 අතර සිටින යොවුන් රංගන ශිල්පීන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකිය.මෑතකදී ගත් වර්ණ ඡායාරූපයක් ඇතුළත් විස්තර සඳහන් කළ අයැදුම්පතක් සුදත් රෝහණ, අංක DV2/L මැනිංටවුන් මහල් නිවස, වික්ටෝරියා පෙදෙස, කොළඹ 08 ලිපිනයට යොමු කිරීමෙන් මෙහි මූලික පරීක්ෂණයට සහභාගිවීමට පුළුවන.ප්‍රසාද්
|
CREATIVE
|
මේ දවස්වල රංගනයෙන් දායක වුණු දේදුණු, උතුම් පැතුම් ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ළඟදීම හිරු දරුවෝ ටෙලි නාට්‍ය විකාශය වෙන්න නියමිතයි.ලබන මාසයේදී ස්වර්ණපාලි ටෙලි නාට්‍යයේ ෂූටින් යොදා ගෙන තියනවා. ඒ හැරුණාම ධවල භීෂණ, මකරාක්ෂයා, ගාස්තුව කීයද ඇතුළුව වේදිකා නාට්‍ය වගේම ගුවන් විදුලි නාට්‍ය කිහිපයකටත් දායක වෙමින් සිටිනවා.
|
CREATIVE
|
අපි අපේ ම කියලා අලුත් ගෙදරකට ගියා. ඒ නිසා අලුත් නිවසේ සියලු කටයුතු කෙරෙන්නේ මගේ දෑතෙන්.නිවෙසේ අස්පස් කරන කටයුතුවල පටන්ම කෞෂාල්ට උයලා දෙන එක දක්වාම වූ වගකීම් රැසක් මගේ ජීවිතයට ඇතුළත් වෙලා.වෙනදා වගේ එකම තැනකට වී ඉන්නට මට බැහැ. බිරියක් විදියට ඒ තනතුරේ වගකීම් රාශියක් තිබෙන වග වැටහෙන්නේ දැන් තමයි. ඒ අතර ‘රනා’ ටෙලි නාට්‍යයේ වගේම ‘ ආදර සංධ්වනි’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් කරන නිසා මම තව තවත් කාර්යබහුලයි.
|
CREATIVE
|
කීර්ති පැස්කුවල්ගේ උපන් දිනයට සමගාමීව ආරම්භ කෙරුණු ‘සංගීත පියස’ නම් සංගීත පාසල ඔහු පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර වජිර ශ්‍රී ළමා නිවාසයට පවරා දුන්නේය.ඡායාරූපයෙන් දැක්වෙන්නේ සංගීත පාසල ළමා නිවාසයට භාරදුන් අයුරුයි.තිලානි
|
CREATIVE
|
බුද්ධ දිවාකරයාණෝ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ සැනසෙමු පුද දී මුනි සිරි පාදේ පිහිනමු පිහිනමු බුදු ගුණ මූදේ සනසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධී සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකරයාණෝ මාර පරාජය කළ මුනිඳුන්ගේ කරුණා සීතල මෙත් ධාරා ගලා බසී තුන් ලෝ තලයේ දුක් ගිමන් නිවා අම සෙත් සාදා බුදු රැස් කැටි වී නැඟි ආලෝකේ පිස යයි දුකඳුරු මුළු තුන් ලෝකේගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී ඇතුළු පිරිස තනු නිර්මාණය – ඩබ්ලිව්. ඩී. අමරදේව චිත්‍රපටය ‘රන් මුතු දූව’ආදරියේ රුචිරාණනියේ ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව සෝකේ වැලපෙනවා මා අද හිර ගේ ආදරියේ රුචිරාණනියේ මගෙ ආදරියේ සුව නින්දේ රස සිහින වැලේ එතිලා හමනා සුළඟ ද මේ එන්නේ කවදද ඇයගේ මුව කමලේ ඔද වැඩෙන සිනා රසයේ ගිලිලා යළි මා සැනසෙන්නේ ආදරියේ රුචිරාණනියේ හා හා ඇයි මේ සතුරු කැල මැද කඳුළු පෙරා සිහලුන් මෙලොවේ නෑ නෑ ළත වෙන්නේ ඔද පා තෙද පා දැඩි එඩි පා මේ යදම් කඩා පුපුරා යන සේ කකියා එයි රුධිරේ ආදරියේ රුචිරාණනියේගායනය - මොහිදීන් බෙග් තනු නිර්මාණය - සජාද් හුසේන් චිත්‍රපටය ‘දෛවයෝගය’ගලන ගඟකි ජීවිතේ ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ මිහිර පතා ආදරේ ළපලු නටයි ගං තෙරේ ගලන ගඟකි ජීවිතේ.... වැලි තල කිති කවන නටන පෙම් රළ වැල ඉවුරු බදන මිහි තලයට සුවය දැනෙන උකුළු තලය බඳු නැළැවෙන පෙමට පෙම පුදා තුඩට තුඩු දිදී කුරුලු ගී නඟයි ආදරේ බැඳීලාගායනය – නන්දා මාලිනී සහ නාරද දිසාසේකර තනු නිර්මාණය – ඩබ්ලිව්. ඩී. අමරදේව චිත්‍රපටය – ‘රන් මුතු දූව’ඉර හඳ පායන ලෝකේ ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ මේ ජීවන කතරේ සැප දුක සමබර වේ උකුලේ ළමැදේ සමබර උසුලන ගැමිලිය යන ගමනේ මුදු බඳ නැළැවෙන සේ කඳු වැටි ගංගා සාගර එක සේ පොළොවට සමබර වේ මේ ජීවන කතරේ // සැප දුක සමබර වේ වැඩිවන ආශා මැඬලන වේගේ ජීවන මඟ කැලඹේ ඒකම රස මුසු වේ මහ මඩ වගුරේ වන විල් මතු වේ පියුම් පිපී නැටවේ මේ ජීවන කතරේ // සැප දුක සමබර වේගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව සහ පිරිස තනු නිර්මාණය – ඩබ්ලිව්. ඩී. අමරදේව චිත්‍රපටය – ‘සිකුරු තරුව’
|
CREATIVE
|
කවියකු, ලේඛකයකු, ගේය පද රචකයකු හා විශිෂ්ට පුවත්පත් කලාවේදියකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුම මෙම මස 21 වැනිදා සවස 4.00 ට කොළඹ නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් මුලසුන හොබවන මෙහි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟින් මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර දේශන පවත්වනු ලබයි. ඒ අතරතුරදී මානවසිංහයන් ලියූ ගී ඉදිරිපත් කරනු ඇත.ගැයුම් සඳහා ආචාර්ය පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද ඉන්දිකා උපමාලි, ඉල්ලියාස් බෙග්, සාරංග දිසාසේකර, මිත්‍ර කපුගේ සහ නලීන් කාශ්මීරගෙනි.සංගීත් නිපුන් ඩී. ආර්. දිසානායක සමඟ මහානාම වික්‍රමසිංහ සංගීතය මෙහෙයවනු ලබයි.මෙම අවස්ථාව නිවේදනනයෙන් මෙහෙය වන්නේ කලාසූරි සතිශ්චන්ද්‍ර එදිරිසිංහයි.මෙය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පදනමේ සංවිධානයකි.මෙදින ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ සංස්කරණය කළ මානවසිංහ සම්භාවනා ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය සංස්කෘතික අමාත්‍යාංශයේ ඉදිරිපත් කිරීමක් ලෙස එළි දකියි.
|
CREATIVE
|
ඉන්දියාවේදී මුල් වරට තිරගත කරවනු ලබන ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන ප්‍රවීණ අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ තිරගත කිරීම විරෝධතා හා තර්ජන හේතුවෙන් වහාම අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි.මේ චිත්‍රපටය පසුගිය මාසයේ ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල පී. වී. ආර්. සිනමා සංකීර්ණයේ සාර්ථකව තිරගත විය. එහෙත් චෙන්නායිහි තිරගත වීමට තිබුණේ පසුගිය සිකුරාදාය (20 වැනිදා). එනමුදු සිනමා ශාලාවට එල්ල වූ තර්ජන හේතුවෙන් චිත්‍රපටය තිරගතවීම අත්හිට වූ බව පී. වී. ආර්. කළමනාකරු ශීලාදිත්යා බෝරා පවසා තිබුණි. එහි ශාම් ප්‍රනාන්දු සහ ඉන්දියානු නිළි අංජලී පටෙල් ප්‍රධාන චරිත නිරූපණය කළහ.මේ දිනවල සිනමාවේදී ප්‍රසන්න විතානගේ ඉන්දියාවට ගොස් සිටින අතර ඔහුගෙන් අප තොරතුරු විමසීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.(විදෙස් මාධ්‍ය ඇසුරෙනි)
|
CREATIVE
|
මෙරට විශිෂ්ටතම සිනමාවේදිණිය සහ ගෙරෟවණීය කලාකාරිණියක ලෙස ගෞරවාදරයට පාත්‍ර වන සුමිත්‍රා පීරිස් මහත්මියගේ ජීවිතය සහ සිනමා ජීවිතය විවරණය කරමින් අජිත් ගලප්පත්ති විසින් රචිත ‘සුමිත්‍රා - අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව‘ ග්‍රන්ථය හඳුන්වාදීමේ උත්සවය සැප්තැම්බර් 20 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ඇති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පැවැත්වේ.මෙහිදී ස්වර්ණා මල්ලවආරච්චි, දීප්ති කුමාර ගුණරත්න සහ දිනේෂ් ගුණවර්ධන යන දැනවතුන් සුමිත්‍රා නිරූපණය කළ ස්ත්‍රී චරිත, සුමිත්‍රාගේ ස්ත්‍රීවාදය සහ ඇගේ වංශයේ කතාව යන මැයෙන් දෙසුම් පැවැත්වීමට නියමිතය. 1978 සිට දශක හතරක් පුරා සුමිත්‍රා සිනමාවේදිනියගේ සිනමා කෘති පෙළෙහි රඟපෑ නළු නිළියන් ඇතුළු සම්භාවනීය කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වනු ඇත.මෙම උළෙල mirrorarts.lk වෙබ් අඩවිය ඔස්සේ මුලු ලෝකය පුරා සජීවීව විකාශය කෙරෙන අතර ශ්‍රී ලංකාවේ මෙවන් සජීවී අන්තර්ජාල විකාශයක් සිදු කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.මෙම ග්‍රන්ථය පසුගියදා හිල්ටන් රෙසිඩන්ට්ස්හිදී නිල වශයෙන් එළිදක්වන ලදී.එහිදී සුමිත්‍රා මහත්මිය වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද එදින නිකුත් කෙරිණ. එම උළෙල සංගීතා වීරරත්න සහ ෂෙරීන් කුමාරණතුංගගේ කෘතවේදී සංවිධානයකි.දුර්ලභ ඡායාරූප 175 ක් පමණ ඇතුළත් මෙය පිටු 276 කින් යුක්තය. ප්‍රේම් දිසානායකගේ මුද්‍රණයකි.ග්‍රන්ථය අජිත්ගේ සිව්වැනි සිනමා විචාර ග්‍රන්ථය වන අතර ඔහු දැනට සමාජ විද්‍යාපති පශ්චාත් උපාධි අපේක්ෂකයකු ලෙස සිනමාව පිළිබඳ පර්යේෂණ කටයුතුවල නිරතව සිටියි. ඔහු දැනට දැන්වීම් ප්රචාරක සමාගමක සිංහල නිර්මාණ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.වික්‍රම් ඛාන් අධ්‍යක්ෂණය කළ රාස් චිත්‍රපට මාලාවේ තෙවැන්න හෙට සිට වැල්ලවත්ත ලිබර්ටි ශාලාවේදී තිරගත වේ.ෂනායා නම් වූ රංගන ශිල්පිනියක් වටා ගෙතී ඇති කතා ශරීරයකින් යුක්ත වන මෙහි ඉම්රාන් භෂ්මි, බිපාෂා බාසු, ඊෂා ගුප්තා, ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්, ආනන්ද්, සියාන් කාලීඩ් රංගන දායකත්වය සපයති.මෙය මහේෂ් ඛාන් සහ මුකේෂ් ඛාන් නිෂ්පාදනය කොට ඇත.‘යුග්ම සර’ හෙට බිෂොප් විද්යාලයේහෘදයාන්විත සුප්රේමය, ජීවිතය හා සමාජය පිළිබඳව රමණීය ගී වැලක් සමාජගත කළ අමරසිරි පීරිස් හා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ප්‍රථමවරට පවත්වන ‘යුග්ම සර’ ද්වි පුද්ගල ප්‍රසංගය හෙට (14) සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙම ජනප්‍රසාදිත ගායන ශිල්පීන් දෙපළ මෙතෙක් ගැයූ සොඳුරුතම ගීීත සමුච්ඡයකින් සමන්විත මෙම සුභාවිත විචිත්‍රවත් ගී ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහගෙනි. -යතේජාමැද මාවතෙහි සිනමාකරු ලෙස විරුදාවලිය ලත් එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ සිනමාපටයන් අළලා තරුණ සිනමා විචාරක තුසිත ජයසුන්දර විසින් රචිත ‘එච්. ඩී. ප්‍රේමරත්න’ ‘සමාන්තර සිනමාවේ ශ්‍රී ලාංකේය ලකුණ’ ග්‍රන්ථය නොබෝදා එළි දැක්විණි.සිකුරුලියා සිට කිනිහිරියා මල් දක්වා ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කොට තිරගත වූ චිත්‍රපට දහසයෙහිම ප්‍රකට අප්‍රකට තොරතුරු මෙන්ම සිනමාවේදියාගේ ප්‍රකාශ රීතීය සහ සමාජ දැක්ම චිත්‍රපටයෙන් චිත්‍රපටයට වෙන් වෙන් වශයෙන් මෙහි විශ්ලේෂණය කර තිබීම විශේෂත්වයකි.මෙම ග්‍රන්ථය කර්තෘ ප්රකාශනයකි.ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
මේ පිටුව වෙන් කෙරන්නේ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවේ සිය කලා කුසලතා පෙන්වන්න සූදානම් අපේම සොයුරු සොයුරියන් පිරිසක් වෙනුවෙන්. මේ වන විට කුවේට් හා කටාර් හි පැවැති අදියරයන්ගෙන් පසුව දැන් රටවිරුවෝ වේදිකාව ඉදි වෙලා තියෙන්නේ ලෙබනනයේ. මේ එහි සිව්වන අදියරයි. ලබන 09 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ තවත් රටවිරුවන් හය දෙනෙකුගේ ගායන හැකියාවන් ඔබට දැක බලා ගන්න පුළුවන්. මේ එම රටවිරුවන් හය දෙනා.අද මුලින්ම රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ රෙක්ස් ප්‍රියන්ත කුමාර ප්‍රනාන්දු. කටුනේරියේ පදිංචි රෙක්ස් ප්‍රනාන්දු විදෙස් සේවයට එක් වෙලා මේ වනවිට වසර අටක් පමණ ගත වෙලා. පාසල් අවදියේ සිට සංගීත ක්ෂේත්රයට උනන්දුවක් දැක් වූ ඔහු දැන් ලෙබනනයේ සිට රටවිරුවෝ වේදිකාවෙන් සිය ගායන හැකියාව ලොවටම පෙන්වන්න සූදානම්.හේවා ගුරුසිංහගේ චාන්දනී රටවිරුවෝ වේදිකාවෙන් සිය ගායන හැකියාව දක්වන්නට වාසනාව ලද රටවිරුවෙක්. කුඩා කාලයේ සිට ගායනයට උනන්දුවෙන් සිටි ඇයට මෙම අවස්ථාව උදා වුණේ රටවිරුවෝ වේදිකාවෙන්. ඒ අනුව ලබන ඉරිදා රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් හරහා සිය ගායන කුසලතා දක්වන්න සූදානම්. මාතර පදිංචි චාන්දනි විදෙස් සේවයට එක්ව මේ වන විට වසර එකොළහක් ගත වෙලා තියෙනවා.බූස්ස පදිංචි ජයසේන මීටගේ මීළඟට රටවිරු වේදිකාව ගීතවත් කරන්න එක්වෙන තරුවයි. සහජ හැකියාවෙන් ලද ගායන කුසලතාව දියුණු කරගත් ඔහුට අද ලෙබනනයේ රටවිරුවෝ වේදිකාවෙන් තම හැකියාවන් දක්වන්න අවස්ථාව උදා වෙලා. ජයසේන මීටගේ විදෙස් සේවයට එක්ව ඇත්තේ 1996 වසරේ සිටයි.රුවන්පුර ප්‍රසන්න දේවප්‍රිය සිව්වන අදියර යටතේ ලෙබනනයේ රටවිරුවෝ වේදිකාවට එක්වන තවත් ගායන තරුවක්. සහජයෙන් ලද ගායන හැකියාව පාසල් කාලයේදී තව තවත් වර්ධනය කර ගත් ඔහු සිය ගායන කුසලතා දක්වන්ට තෝරා ගත්තේ රටවිරුවෝ වේදිකාවයි. අලුත්ගම පදිංචි ප්‍රසන්න දේවප්‍රිය විදෙස් සේවයට එක් වෙන්නේ 2009 වසරේ සිටයි.මීළඟට රටවිරුවෝ වේදිකාව සමඟ එක් වෙන්නේ හෙට්ටිආරච්චිගේ සුරේනි නිලංකා. ඇය සිය ගායන හැකියාවෙන් ලෙබනනයේ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. ගායනයට පමණක් නොව රංගනයට මෙන්ම නර්තනයට ද විශේෂ දස්කම් දක්වන සුරේනි ගායන ක්ෂේත්රයට යොමු වී ඇත්තේ 2010 වසරේදී විදෙස් සේවයට එක් වූ පසුවයි.සේපාලිකා කුමුදුනි කරුණාරත්න මෙවර රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වෙන අවසන් තාරකාවයි. සහජයෙන් ලද ගායන කුසලතාව දියුණු කරගත් ඇය අද ලෙබනනයේ ඉදි වූ රටවිරුවෝ වේදිකාවෙන් එය ලොවටම පෙන්වන්න සූදානම්. ගෘහ සේවිකාවක ලෙස ලෙබනනයේ විදෙස් සේවයට කුමුදුනී එක් වී ඇත්තේ 2011 වසරේ සිටයි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
ටෙලි නාට්‍ය අධ්යක්ෂ, ජාතික රූපවාහිනියේ හිටපු නාට්‍ය අංශ ප්‍රධානී සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වැඩසටහන්) තිලක් ගුණවර්ධන විසින් මෙහෙයවන ‘රංගනය, නාට්‍යකරණය සහ රූපවාහිනීකරණය’ පිළිබඳ උසස් පාඨමාලාව ලබන නොවැම්බර් 22 වැනිදා සිට මාතර දී ආරම්භ කිරීමට කටයුතු සළසා ඇත.වයස අවුරුදු 16 සිට 60 දක්වා වූ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂණය, පිටපත් රචනය, නිවේදනය, රංගනයට උනන්දුවක් දක්වන මෙන්ම නාට්‍ය හා රංග කලාව සහ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයන් ලෙස හදාරණ අයහට මේ සඳහා සහභාගි විය හැකිය. ආරම්භක සැසිය සම්මානනීය ලේඛක සෝමවීර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 22 වැනිදා මාතරදී පැවැත්වේ.යතේජා
|
CREATIVE
|
යෞවනියන්ගේ සිහින කුමරුගෙන් වරින් වර ඉස්මතු වන දඩබ්බරකම් නිසා රන්බීර් කපූර්ට ඇති ආදර ලකුණු එකින් එක කැපී යනවා නම් නිසැකයි. පසුගිය ඉරිදා රාත්‍රියේ ඔහු විද්‍යුත් නාළිකාවක වාර්තාකාරියකගේ කැමරාව උදුරාගෙන ඇයට හොඳින්ම බැණ වැදී තිබේ.ඇය දිල්ලි කාර්යාලයට ඒ ගැන දැනුම් දී නැත්තේ රැකියාව අහිමි වේවියි යන බිය නිසයි. මේ දබරය සිදුවන අවස්ථාවේ රන්බීර් සමඟ චිත්‍රපට නිෂ්පාදක ආයන් මුඛර්ජි ද සිටියහ. කාරය පදවා ඇත්තේ ඔහුයි. සිදුවීම සම්බන්ධ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට ද මුදා හැර අවසන්ය.මේ සිද්ධියේ රසවත්ම කරුණ නම් නාළිකාවේ වාහනය පැමිණෙන විට හැකි නම් තම වාහනය සමඟ ධාවන තරගයක යෙදෙන ලෙසට රන්බීර් අභියෝග කිරීමයි.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
දුලීකා මාරපන විවාහයට සූදානම් වනවා කියන එක දැන් අලුත් ආරංචියක් නෙවෙයි. හැබැයි ඇයගේ පේ‍්‍රමවන්තයා කියලා දුලීකා තවම හෙළිදරව් කළේ නැහැ. ඒත් එහෙන් මෙහෙන් ලැබෙන නිළනොලත් ආරංචිවලට අනුව බොහෝදෙනා අනුමාන කරන්නේ ඇගේ අතගන්නට සැරසෙන්නෙ සුජීව පි‍්‍රයලාල් නම්වූු ජනපි‍්‍රය නළුවාලු. මේ දෙන්නම ජනපි‍්‍රය හින්දා ඒ කට කතාව ක්ෂෙත්රය පුරා පැතිරුණේ තටු අරගෙන. ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා දුලීකා සහ සුජීවගෙන් අප කෙලින්ම විමසුවා. ඔවුන් ඊට පිළිතුරු සැපයුවේ මෙන්න මෙලෙසින්.* දුලීකා... කොහොමද ඔබේ විවාහයේ වැඩ කටයුතු?කිසිම ප්‍රශ්නයක් නැහැ. කරගෙන යනවා.* ඇයි ඔබ විවාහ වන්නේ කාත් එක්කද කියලා කියන්නේ නැත්තේ?ඒක රහසක්. ජුනි මාසය වෙද්දී සියල්ල අනාවරණය කරන්නම්කො.* බොහෝ දෙනෙකු කියනවා ඔබේ අතගන්න සැරසෙන්නේ සුජීවලු?මගෙ අම්මේ. ඇයි ඔච්චර බොරු හදන්නේ.* ඒ කතාව දැන් ක්ෂෙත්රය පුරා තදින් පැතිරිලා?සුජීවයි මමයි අත්තම්මා නාට්‍යයේ එකට රඟපානවා. ඒක වෙන්න ඇති ඔය වගේ කතාවක් හැදුණේ.* හේතුවක් නැතුව කතාවක් හැදෙන්න බැහැනේ දුලීකා?මං විවාහ වෙනවා කියලා දැනගත්තු වෙලාවේ ඉඳලා බඳින්න යන කෙනාව එක එක්කෙනා අනුමාන කළා. මම කිව්වනෙ මම බඳින කෙනා නළුවෙක් සහ අධ්යක්ෂවරයෙක් කියලා. අන්තිමේ ඒකට අහුවුණේ සුජීවව. ඒ වෙලාවේ නොයෙකුත් නම් යෝජනා වෙලා තියනවා. හොඳ වෙලාවට මාර්ටින් වික්‍රමසිංහ වගේ නමක් යෝජනා වුණේ නැත්තේ. එහෙම නම් කියයි දුලීකා බඳින්නේ මාර්ටින් වික්‍රමසිංහ කියලා.* දුලීකා සාමාන්‍යයෙන් ඕනම දෙයක් ගැන බොහෝම විවෘතව කතා කරනවා. නමුත් මේ දෙය ගැන ඔබ අදහස් දක්වන්නේ හරිම පරිස්සමින්. ඇයි ඒ?මේ කාරණාව පුද්ගලිකයිනේ. අනික මඟුලක් කෙරෙනවට වඩා මඟුලක් කඩන අයනේ අප සමාජයේ ඉන්නේ. මට ඒ පාර්ශවයෙන් යෝජනාවක් ආවා. මං ඊට කැමැති වුණා. එච්චරයි.* ඔබට මීට ප්‍රථම විවාහ යෝජනා අනන්තවත් එන්න ඇති. ඒ අතරේ මේකට පමණක් කැමැත්ත ප්‍රකාශ කළ හේතුව මොකක්ද?මගෙත් එක්ක කෙනකුට වසන්න හරි අමාරුයිනේ. මොකද මං පැය අටේ ජොබ් එකක් කරන කෙනෙක් නොවන නිසා. ඔහු මං ඉන්න තත්ත්වය තේරුම් අරගෙනයි මේ යෝජනාව ගෙනත් තියෙන්නේ.* ඔබ බඳීන්නෙ සුජීව නෙවෙයි කිව්වා. නමුත් ඔබ දෙදෙනා ගැන නොයෙකුත් මාධ්‍යවල පළවුණා. ඇයි ඒවා ඉවත් නොකොට ඒ කතාව ඇත්ත කියලා මිනිස්සුන්ට ඉඩදීලා නිහඬව හිටියේ?මං පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ. දැන් තමයි ටිකෙන් ටික ආරංචි ලැබෙන්නේ. බලමු ඒ ගැන මොනවද කරන්න පුළුවන් කියලා.* සුජීව මේ දවස්වල ඔබ නම සම්බන්ධ කරමින් පැතිරෙන කතාව ගැන මොනවද කියන්න තියෙන්නේ?මොන කතාවද...* ඔයයි දුලීකයි...අහා ඒකද* කියන්න බලන්න ඒක ගැන?එහෙම විශේෂ දෙයක් කියන්න නැහැ.* ඒ කියන්නේ දුලීකා ඔබේ පෙම්වතියද?ඔව්, දුලීකා මගෙ පෙම්වතිය තමයි. හැබැයි සැබෑ ජීවිතයේ දී නම් නෙවෙයි.* එහෙනම්?මගේ අලුත්ම වේදිකා නාට්‍යයේ පුහුණුවීම් මේ දවස්වල පැවැත්වෙනවා. මමයි දුලීකයි එහි රඟපාන්නේ පෙම්වතුන් විදිහට.* නමුත් ඔබ දෙපොළ ගැන ලොකු කටකතාවක් දැන් හැදිලයි තියෙන්නේ?වෙන්න ඇති. අපි දෙන්නා සමීපතම යාළුවොනේ.* දුලීකා කියනවා එයා බඳින්න ඉන්නේ නළුවෙක් සහ අධ්යක්ෂවරයෙක්ලු?ඉතින් දුලීකා දන්න එකම නළුවා සහ අධ්යක්ෂවරයා මම නෙවෙයිනේ.* ඔබ දුලීකා ගැන මොකද හිතන්නේ?ඇය අතිදක්ෂ නිළියක්. ඇයගේ හැකියාවෙන් තවමත් කවුරුවත් ප්‍රයෝජනයට අරන් නැහැ.* ඇයගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නද ඇයව අරගෙන වේදිකා නාට්‍යක් කරන්නේ?එහෙම කියන්න බැහැ. නමුත් ඇය පුළුවන් උපරිමයෙන් මෙහි රඟපානවා.* ඔබ දෙපොළ ගැන පැතිරුණ කතාව ගැන මොකද කියන්නේ?අපෙන් අහන් නැතිව අපි ගැන යම් දේවල් පළකරන්නේ කොන්ද නැති මිනිස්සු.* ඔබ මේ හදන්නේ ඔබගේ සහ දුලීකාගේ නම් යොදාගෙන ඔබේ වේදීකා නාට්‍යයට වක්‍රාකාරයෙන් ප්‍රචාරණයක් ලබා ගන්නද?ඒවගේ බාල බොළඳ වැඩ මං කරන්නේ නැහැ. පුද්ගලික ජීවිතවල දේවල් කලාවට මොකටද? අනික මේ නාට්‍යයේ ප්‍රචාරණ කටයුතු කරන්නේ මම නෙවෙයි. මම ඒ කාර්යය ප්‍රචාරණ ආයතනයකට බාරදීලා ඉවරයි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
රංගන ශිල්පීදර්ශන ධර්මරාජ්සන්තුෂ ලියනගේ අධ්‍යක්ෂණය කළ ‘සිදම්බරං’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසන් වුණා. ඒ වගේම ‘කාදල් කන වූ’ කියන දමිළ ටෙලි නාට්‍යයෙත්, ‘රෑන’ කියන සිංහල ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම්වලට සහභාගි වෙන නිසා මේ දවස්වල මම තරමක් කාර්යබහුලයි. මගේ උපන් දිනය ළඟදීම එළැඹෙන නිසා එදාට මෝදර කන්දගොඩ ළමා නිවාසයට මම යන්න සිතාගෙන සිටිනවා. එදාට මා සමඟ ඔවුන් බලන්නට කලාකරුවන් රැසක් ද එකතු වේවි.
|
CREATIVE
|
ජාතික කලා මණ්ඩලයේ සභාපති ලෙස මා එහි කටයුතුත් සමඟ කාර්යබහුල වෙලා. ඒ වගේම මගේ විශ්ව විද්‍යාල ජීවිතයටත්, කලා ජීවිතයටත් ගිය වසරෙහි නොවැම්බර් මසට වසර හතළිහක් පිරුණා.ඒ නිමිති කර ගනිමින් මේ වසරේදී නිර්මාණ නර්තන උළෙලක් වගේම මා ලියූ පොත් පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් කිරීමටත් අදහස් කරනවා. මේ වෙනකොට මා ලියූ පොත් හතළිස් එක ඊට සම්බන්ධයි. ඒ නර්තන උළෙල ළඟදීම පැවැත්වෙන නිසාත්, එහි සංවිධාන කටයුතුත් සමඟ කාලය ගත කරන නිසාත් කිසිම නිදහසක් නම් මට නැහැ.
|
CREATIVE
|
මල්ලිකා ෂෙරාවත්බන්දෙරාස් ගැන කියයිමල්ලිකා ෂෙරාවත් බොලිවුඩයෙන් හොලිවුඩයට ගිය තාරකාවකි. ඇයගේ අලුත්ම සූදානම හොලිවුඩයටම දීගයක යාමට ද? සුප්‍රකට ස්පාඤ්ඤ නළු අන්තෝනියෝ බන්දෙරාස් සමඟ කාන් උළෙලේ දී කළ නර්තනය සමඟ දෙදෙනා පිළිබඳ පැතිරෙන කට කතා බොහොමයි.ඇන්තෝනියෝ, බිරිය ග්රිෆ්රිත්ගෙන් වෙන් වූ පසු මේ ආරංචිවලට තටු ඇවිත් ඇත. එහෙත් මල්ලිකා නම් ට්ව්ටර් ගිනුමෙන් කියා සිටින්නේ ‘මගේ පාඩුවේ ඉන්න දෙන්න’ කියායි. මේ කට කථාවට තටු දී ඇත්තේ ලොස් ඇන්ජලීස් මෝස්තර නිරූපණ ශිල්පී ඉවන් බිට්න්ය. ඔහු දෙදෙනාගේ නර්තනය රැගත් වීඩියෝ පටයක් වෙබ් අඩවියට මුදාහැර තිබේ.මල්ලිකා පවසන අන්දමට ඇය අන්තෝනියෝ සමඟ එක් රාත්‍රියක්වත් ගතකර නැත. ඔහු ඉතා හොඳ, නර්ථනයට දක්ෂ කෙනකු ලෙස පමණක් ඇය ඔහු දකියි.2003 වසරේදී ‘ක්වාහිෂ්’ සමඟ බොලිවුඩ් රංගනයට එක් වූ ඇයට අන්තර් ජාතික වාසනාව ගෙනාවේ ජැකී චෑන් සමඟ ‘ද මිත්’ (2005) සිනමාපටයේ රඟපෑ පසුවයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ඒ නොනිමෙන මිත්‍රත්වයේ පහන්සිල සිරිල්, මා හා මුණ ගැසෙන්නේ 60 දශකයේ මුල් යුගයේදී හෙන්රි ජයසේනයන් නිර්මාණය කළ ‘මනරංජන වැඩ වර්ජන’ නම් වූ නාට්‍යයේදීය. එදා සිට තවමත් ඔහු මගේ හිතාදර කලණ මිතුරෙකි. දැන් සිරිල් මළවුන් අතර කල් ගෙවූව ද මගේ හදවත තුළ ඔහු වෙනුවෙන් වෙන්ව තිබූ ඉඩ තවමත් තවකෙකු හිමි කරගෙන නැත. හිමි කරගත හැකි වන්නේ ද නැත. ජීවත්ව සිටියත් මිය ගියා සේ දැනෙන උන් අතර සිරිල් මිය ගියත් ජීවමාන සලකුණු අතර සදාකාලික වී හමාර යැයි මට සිතේ.සිරිල් ධර්මවර්ධන නම් වූ අසහාය රංගන ශිල්පියා කලාවට අත් පොත් තැබුවේ පාසලෙනි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ඔහු කීප විටක්ම අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟවලට සහභාගි වී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකර ගත්තෙකි. නාට්‍යවේදී ගාමිණී හත්තෙට්ටුවේගම හා එක්ව වීදි නාට්‍ය කලාවේ නිරත වීමෙන් ඔහු රංගනය පිළිබඳ මනා පරිචයක් ලබා ගත්තේය.සිරිල් ගුරුවරයෙකි. ගුරුකම සමඟ නළුකම ද නිවැරැදිව කළ අයෙකි. ඔහුගේ ගුරුකම නිසා නළුකම බැබලුණේය. මනරංජන වැඩ වර්ජන, හුණුවටයේ කතාව, අපට පුතේ මඟක් නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, මකරා ආදී හෙන්රි ජයසේනයන්ගේ නාට්‍යයන්හි සිරිල් ප්‍රබල චරිත නිරූපණය කළේය. එසේම ආර්. ආර්. සමරකෝනුවන් නිෂ්පාදනය කළ ඉඩම, කැලණි පාලම, දූවිලි යන නාට්‍යයන්ගේ ඔහුගේ රංගනයේ ප්‍රතිභා, ව්‍යුත්පත්ති සතතාභ්‍යාසය ආදිය පිළිබිඹු කරන්නට තරම් සමත් ඒවා විය. සුගතපාල ද සිල්වාගේ ‘හරිම බඩු හයක්’ නාට්‍ය මෙන්ම ධර්මසිරි වික්‍රමරත්නගේ ‘ඔන්න බබෝ ඇතින්නියා’ නමින් වූ නාට්‍යවල රංගනය ද සිරිල් රංගන ශිල්පියෙක් ලෙස වර්ධනය වීමට හේතුª වූ බව කිව හැකි වෙයි. ඔන්න බබෝ ඇතින්නියා හි සිරිල් හා සමඟ කළ චරිතය අදටත් මට අමතක නොවෙයි. සිරිල්ගේ වේදිකා නාට්‍ය රංගන ජීවිතයේ අන් සියල්ල අභිබවා ඉස්මතු වූ චරිත නිරූපණය වූයේ ‘කැලණි පාලමේ’ චරිත නිරූපණයයි. අදටත් ලාංකිකයන් සිරිල්ව සිහිපත් කරන්නේ කැලණි පාලම නාට්‍යය සමඟින් වීම මේ බවට කදිම නිදසුනකි.චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කළ සිරිල් 80 දශකයේ මුල් භාගය වන විට ටෙලි නාට්‍ය රංගනයට පිවිසීම ඔහුගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බඳු විය. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ ‘නදී ගීතය’ නම් වූ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගාවතරණය අරඹන සිරිල් ‘ගංගා හා නිශ්ශංක’, ‘ඉරබටු තරුව’, ‘අපේ කාලේ ගැහැණියක්’, ‘සමනල තැන්න’, ‘චාරුලතා’, ‘හිරුට මුවාවෙන්’, ‘ලෝකාන්තය’, ‘සෙනෙහෙලතා මැණිකේ’ ආදී නාට්‍යයන්හිද මා විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද මොණරවිල නාට්‍යයේ ද සිය කෘතහස්ත රංගන හැකියාව විදහා පෑවේය. බොහෝ ලාංකේය ප්‍රේක්ෂක හදවත්හි සිරිල් ආදර ගෞරවයට පත් වන්නේ සිංහල ටෙලි නාට්‍ය ක්ෂේත්රය මඟිනි. වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය යන තුන් ඈඳුතු මාධ්‍යයෙන්ම ජයගත් මා සහෘද මිතුරා දේශපාලනය වෙත ද ප්‍රවේශ විය. මානව දයාවේ සංකේතයක් බඳු වූ දිවංගත විජය කුමාරතුංගයන් සමඟ උරෙනුර ගැටෙමින් ඔහු හා ඉතා සමීපව දේශපාලනයේ නිරත වූ සිරිල්, විජය මෙන්ම නිර්ව්‍යාජ දේශපාලනඥයෙක් විය. එතරම්ම නිරව්‍යාජ නොවූ දේශපාලන ක්ෂේත්රය තුළ වැජඹෙන්නට විජයට මෙන්ම සිරිල්ට ද ඉඩහසර නොලැබිණි. එහෙත් මනාප ලැයිස්තුවේ ඉහළ වැජඹෙන බොහෝමයෙකුට වඩා විජය මෙන්ම සිරිල් ද දේශපාලනඥයන් ලෙස ඉතා ඉහළින් තවමත් වැජඹෙන බව කිව යුතු වෙයි.පෞද්ගලික සමාගම් කිහිපයකම පරිපාලන ධුරය හෙබ වූ සිරිල් විදේශීය රටවලදීී ද විවිධ තනතුරු දැරීය. උපාධිධාරී ගුරුවරියක ලෙසින් සිටි ස්වර්ණකාන්ති රාජපක්ෂ සමඟ හේ විවාහ විය. දැන් ඇය ප්‍රවීණ ලේඛිකාවකි. අවසන් කාලයේදී එකම පුත් බිනර ද සමඟින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටි මාගේ කලණ මිතුරා මගේ සමීපයෙන් හදවතින් ඈත් නොවුණා සේම ගතින් ද විටින් විට හමු විය.දක්ෂ මෙන්ම නුවණැති මිනිස්සු ඕනෑ තරම් සිටිති. එහෙත් ඒ අය අපේ හිතවතුන් නොවේ. හිතවත්තු බොහෝ සිටිති. එහෙත් ඒ සියලුම දෙනා දක්ෂ නුවණැත්තෝ නොවෙති. මිහිරි යහපත් ගුණ ඇති ඖෂධ දුලබය. එමෙන්ම දක්ෂ නුවණැති හිතවතුන්ද දුලබය. සිරිල් ධර්මවර්ධන නම් මානව දයාවෙන් පිරි මිනිසා එවැනි දුර්ලභ ගණයේ මිනිසෙකි. දයාබර කලණ මිතුරු සිරිල් මතු උපදින භවයකදී ඔබට නිවන් අවබෝධ කර ගැනීමෙ වාසනාව ලැබේවා.- කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ
|
CREATIVE
|
2014 වසරේ තිරගත වූ බියුටි ඇන්ඩ් ද බීස්ට් චිත්‍රපටයයි. ලොව පුරා වැඩිම වාර ගණනාවක් සිනමාවට නැඟුණ කතා පුවතක් වන බියුටි ඇන්ඩ් ද බීස්ට් මෙවර සිනමාවට ගෙන එනුයේ ප්‍රංශ සිනමාකරු ක්‍රිස්ටෝපර් ගාන්ස් විසිනි. වින්සන්ට් කැසල්, ලියා සේඩොක්ස්, ආන්ද්‍රේ දුසොලියර් ආදීන් චරිත මවන මෙය පසුගිය බර්ලින් අන්තර් ජාතික සිනමා උළෙලේ මුල් වරට තිරගත විය.එය ආසියානු රටක මුල් වරට ප්‍රදර්ශනය වනුයේ කොළඹ අන්තර් ජාතික සිනමා උළෙලේ වීම විශේෂයකි. මෙම ආරම්භක උළෙල කොළඹ රීගල් සිනමාහලේදී 02 වැනිදා සවස ඇරැඹෙන අතර එය වෙන් වනුයේ ආරාධිතයන්ට පමණි.මෙම චිත්‍රපටය නැවතත් පසුවදා පස්වරු 1.00 ට එම සිනමාහලේම ප්‍රදර්ශනය වෙයි.කොළඹ අන්තර් ජාතික සිනමා උළෙලේදී වාර්ෂිකව පිරිනැමීමට බලාපොරොත්තු වන යාවජීව සම්මානය මුල් වරට පුදනු ලබනුයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතටය. ඒ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟිනි. මෙම සම්මානය ආචාර්ය ලෙස්ටර් වෙත පිරිනැමෙනුයේ උළෙලේ අවසාන දිනය වන සැප්තැම්බර් 07 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා ශාලාවේදීය.උළෙලේ තිරගත වන චිත්රපටනිල තෝරා ගැනීම - 46ආරාධිත චිත්‍රපට - 06නෙට් පැක් සම්මාන දිනූ චිත්‍රපට - 08ළමා චිත්‍රපට - 07ඔකිනාවා නගරයට කවුළුවක් - 06ජුලියට් බිනෝෂ් ප්‍රත්‍යාවලෝකන - 05මයිකලාආන්ජිලෝ අන්තෝනියෝනි ප්‍රත්‍යාවලෝකන - 06ස්පාඤඤ කාන්තා චිත්‍රපට - 06කෙටි චිත්‍රපට - 12මුළු එකතුව - චිත්‍රපට 102සමාරම්භක උත්සවයට පැමිණෙන අමුත්තන්, පිළිගැනීම උදෙසා රතු පලස එළීම ජාත්‍යන්තර සිනමා උත්සවයන්ගේ සම්ප්රදායකි.මෙවර උළෙල පැවැත්වෙන කොළඹ රීගල් සිනමාහලේදී ද සමාරම්භක සිනමා උත්සවය අවස්ථාවේ ආරාධිතයන් ගමන් කරනුයේ රතු පලස මතිනි.උළෙලේ සමාප්ති චිත්‍රපටය ලෙස ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් තෝරා ගෙන ඇත්තේ ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කරන ලද 28 චිත්‍රපටයයි.රොටර්ඩෑම් සිනමා උළෙලේ නෙට්පැක් සම්මානය ද, ස්ලොවැනියස් සිනමා උළෙලේ ජූරි සම්මානය ද එය දිනා ගත්තේය.මහේන්ද්‍ර පෙරේරා. සේමිණි ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල සහ රුක්ෂාන් නිරෝෂ් එහි චරිත මවති.ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසය විදහා දක්වන ප්‍රදර්ශනයක් කොළඹ ලේඛනාරක්ෂණාගාරයේ දී 03 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වේ.රජයේ චිත්‍රපට අංශය, ජාතික චිත්‍රපට සංස්ථාව, සිනමා සංරක්ෂණාගාරය ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය පවත්වනු ලබයි.ලෝක සිනමා සංගීතය අලළා සැකසෙන සංගීත සන්ධ්‍යාවක් කොළඹ ඩච් හොස්පිට්ල් භූමියේදී 05 වැනිදා පස්වරු 7.00 ට පැවැත්වේ. එය මෙහෙයවනුයේ ලක්ෂ්මන් ජෝශප් ද සේරම් විසිනි. මෙය නොමිලයේ පැවැත්වෙන්නකි.
|
CREATIVE
|
යුධ ගිනි දැල් ඇවිලෙන සමයේ මායිම් ගම්මානවල සිදු වූ සත්‍ය සිදුවීම් පදනම් කොට ගනිමින් තැනුණු ප්‍රතිරූ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නිර්මාණයකි.මැදියම් රැය ද ගෙවී ගියේය. වෙඩි ශබ්දයට තවමත් නිමාවක් නැත.ගම්මානය පුරා නොනිදා පහන් කළ සියලු දෙනා තම තමන්ගේ ආගම් සිහි කරමින් උන්මෝය. වියළි උඩු සුළඟට එක් වූ ලේ සුවඳ දකුණු දෙසට හමා ගියේය.මායිම් ගම්මානයම එකම මළ ගමක් මෙණි‘තව ටික දොහකින් මෙහාටත් ඒවි’කවියක් කියමින් උන් වික්‍රම පහනෙහි දැල්ල නිවා දැමුවේ නෝක්කාඩුවෙනි.මැටි බිත්තියට බර දී උන් ලීලාවතී තම පුතුගේ තියුණු දෑසට එබුණේ සෙනෙහස පෙරදැරි කොට ගනිමිනි. දහසක් කම්කටුලු මැද්දේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට පෙර මඟ බලා හිඳින පුතු වික්‍රම, හමුදාවට යැවිය යතු යයි සිතිවිල්ලෙන් උන් ලීලාවතී අඩ අඳුරේම වික්‍රමගේ නෙතට එබුණාය.‘මේ රටට ඕනෙ උඹල වගේ දරුවො’ලීලාවතී මිමිනුවාය. ඒ වදන්වල ආශිර්වාදය වික්‍රමට දැනුණේ යෝධ සවියක් මෙනි. තමාගේ ගමනේ මඟ මෙන්ම හැඩය ද වෙනස් කර ගත යුතු යයි සිතමින් උන් වික්‍රම තම අම්මාගේ ආශිර්වාදය මැද හමුදා සේවයට බැඳුණේ ගම්මානයේ සියල්ලන්ගේ ආශිර්වාද මැදය.අම්මාගේ සවිය යෝධ සෙවණැල්ලක් කොට ගත් වික්‍රම ක්‍රියාන්විතයේ වික්‍රමාන්විත සෙබළකු වීමට ගත වූයේ කෙටි කලකි. සතුරන්ට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට යන වික්‍රමට විහාර මහා දේවියක සේ තම මව පිටුපසින්ම එන සෙයක් දැනුණි.සතුරන්ට තනිව පහර දෙන සෑම විටදීම තම මව තමාගේ සහයට පසුපසින් සිටින වගක් වික්‍රමට දැනුණි. අම්මා නැති හුදෙකලාව නිවා ගනිමින් වික්‍රම සතුරන්ට ප්රබලව පහර දුන්නේ මව්බිමට ජය ගෙන ඒම අදිටන කර ගනිමිනි.මේ අතරතුර සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීමකි. තම අම්මා දරුණු ලෙස රෝගාතුර වූ බව වික්‍රම දැනගන්නේ අහම්බෙනි. සියල්ල පසෙක තබා තමාට ජීවය දුන් අම්මා සොයා වික්‍රම පැමිණෙන්නේ මෘදු සිතිනි.මව්බිමට වඩා අම්මා උතුම් යයි සිතන වික්‍රම අම්මා රැක බලා ගැනීමට නිවසේ නතරවීමට තීරණය කරයි. මේ අතර අම්මා තම පුතුට දිරිය ලබා දෙයි.‘උඹට අම්මව ඉඹින්න ඕන හැම වෙලාවෙම පොළොව ඉඹපන්’අම්මාත් මවුබිමත් අතර වෙනසක් නොමැති බව දක්වන අම්මා තම පුතු නැවත යුද බිමට පිටත්කර හරියි. අධ්‍යාපන දැනුමෙන් මෙන්ම සමාජ දැනුමෙන් ද මුහුකුරා ගිය වික්‍රම තම අම්මාගේ කියමනට අනුව හැදෙමින් තම මව් බිම බේරා ගැනිමේ සටනට දිවි හිමියෙන් දිරි දෙයි.මව්බිම බේරා ගැනීම යනු අම්මා බේරා ගැනීම ලෙස සිතන වික්‍රම අම්මාත් මව්බිමත් දෙකක් නොව එකක් බව තේරුම් ගනී.මේ ධීර මාතාව සහ වීර පුතනුවන් වටා ගෙතුන කතාන්දරය අපට දැකගත හැකි වන්නේ නොබෝ දිනකින් තිරගතවීමට නියමිත ප්‍රතිරූ හරහාය.මව්බිමේ සැබෑ නිදහස වෙනුවෙන් තම දිවිය කැප කළ වීරෝධාර රණවිරුවන් සහ එම දරු දැරියන් මෙලොවට බිහි කළ දෙමාපියන්ට උපහාරයක් වන ප්‍රතිරූ මව්බිම යනු කුමක් ද යන සංකල්පය අපේ සිතේ ජනිත කිරීමට ගත් උත්සාහයකි.යුද ගිනි දැල් ඇවිලෙන සමයේ මායිම් ගම්මානවල සිදු වූ සත්‍ය සිදුවීම් පදනම් කොට ගනිමින් තැනුණු ප්‍රතිරූ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නිර්මාණයකි.ප්‍රතිරූ නිර්මාණ දායාකත්වය:ආචාර්ය මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ජගත් බෙනරගම, වීනා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, වෛද්‍ය කපිල සූරියආරච්චි, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, විජේරත්න වරකාගොඩ, දමයන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර, කෞෂල්‍යා සමරසිංහ, දිමුතු චින්තක, විහඟ නිමේෂකකතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය - වෛද්‍ය කපිල සූරියආරච්චිසංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේකැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහසංගීත අධ්‍යක්ෂණය - දර්ශන රුවන් දිසානායකකලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්වේශ නිරූපණය - ඉමල් ශානක පීරිස්ව්යාපෘති සැලසුම්කරණය - වෛද්‍ය උමංගා සූරියආරච්චිනිෂ්පාදන සැලසුම්කරණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්සහය අධ්‍යක්ෂණය - සුජිත් පෙරේරාතේමා ගීය හා කවි පද රචනය - වෛද්‍ය කපිල සූරියආරච්චිතේමා ගීත ගායනය - අමරසිරි පීරිස්කවි ගායනා - විශාරද නන්දා මාලිනී, අමරසිරි පීරිස්, ඉන්දිකා උපමාලිචතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
සම්මාන ප්රදානය 24 දාජාත්යන්තර තරුණ වර්ෂය සමරමින් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින් සැලසුම් කළ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉදිරිපත් කිරිමක් වූ යොවුන් වාර්තා සහ කෙටි චිත්‍රපට උළෙලෙහි සම්මාන ප්රදානෝත්සවය එළඹෙන 24 වැනිදා සවස 3.30 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි.අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හෙළ නිළි රැජන මාලිනිය, ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකාර අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර යන සම්භාවනීීය අමුත්තන් මෙදින මෙය සඳහා සහභාගිවීමට නියමිතය.තරගාවලියේ විනිශ්චය මණ්ඩලය ලෙස ආචාර්ය ධර්මසේන පතිරාජ, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ආචාර්ය සිවමෝහන් සුමති, ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි, එම්. ඩී. මහින්දපාල, ලාල් හරේන්ද්‍රනාත්, අනෝමා වත්තලදෙණිය සහ සෙනේෂ් බණ්ඩාර දිසානායක යන මහත්ම මහත්මීන් කටයුතුª කරන ලදී. මෙහි අවසන් වටයට ඉදිරිපත් වූ නිර්මාණ ඉකුත් දිනවලදී මහවැලි කේන්ද්‍රයේදී ප්‍රදර්ශනය කෙරින. නිර්මාණ 27 ක් අතරින් 17 දෙනකු සම්මානයෙන් මෙදින පිදුම් ලබනු ඇත.
|
CREATIVE
|
චිත්‍රපට, වේදිකා, ටෙලි නාට්‍ය නළු ජයසේකර අපොන්සු දැන් රඟපෑමෙන් ඉවත් වෙලාද?වෙන්නප්පුවේ වියානි ගුණවර්ධනඅපොයි නැහැ.*සමහර ටෙලි නාට්‍යවල පෙන්වන පරිදි, හමුදා නිලධාරීන්ගේ නිවෙස්වල තම බිරිඳට සහ දරුවන්ට බලපවත්වන්නෙත් හමුදා නීතිය ද?සුජාතා ගුණවර්ධන – කඩවතසුජාතා, ඔයා දන්න හඳුනන හමුදා නිලධාරින්ගේ බිරින්දෑවරුන්ගෙන් අහල බලන්න.*මාලිනී ෆොන්සේකා නිළි රැජණගේ ලිපිනය පළ කරනවද?එම්. බී. ප්‍රසන්න කුමාර – කළුබෝවිල, දෙහිවලහා පළ කරන්නම්. 520/9, සුසිලාරාම පාර, මාළඹේ.*මොකද මේ නිෂ්පාදකවරු, අධ්යක්ෂවරු චිත්‍රපට බලන්න කාන්තාවන්ට සහ ළමයින්ට සමහර දිනවලට භාග ටිකට්පත් අලෙවි කරන්නේ. පිරිමින්ට ඇයි එවන් උදව්වක් නොකරන්නේ?ප්‍රේමසිරි ලියනආරච්චි – කන්කිරිය – බණ්ඩාරවෙලඔයා, ඔය ඊර්ෂ්‍යා නොකර, කාන්තාවක් එක්ක ගියා නම් හරිනේ.*චිත්‍රපට බජාර් ගී අතරට පෙම් කුරුල්ලෝ චිත්‍රපටයේ නිහාල් නෙල්සන් සහ බන්දු රණසිංහ ගායනා කළ කෂිලි බිෂිලි නැහැ ගීතය ලංකාවේ ප්‍රථම බජාර් ගීතය ද?මුතුරංග බණ්ඩාර – අනුරාධපුරයබොහෝ දුරට හරියන්න පුළුවන්.*ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සිය දුටුගැමුණු චිත්‍රපටය රූගත කිරීම නැවැත්තුවේ ඇයි?උදයන්ත සිරිසේන – රුවන්වැල්ලඑහි විශාල නිෂ්පාදන පිරිවැය දැරීමට නිෂ්පාදකයෙක් නොවුණ නිසා.*සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ ‘අංගුලිමාල’ චිත්‍රපටයේ අංගුලිමාල ලෙස රඟපෑ භාරත් භුෂාන්ට සිංහල හඬ කැවූ ශිල්පියා කවුද?විමල් රණසිංහ – ග්රෑන්ඩ්පාස්ඩොමී ජයවර්ධන.*කලාශූරි ලතා වල්පොල, එච්. ආර්. ජෝතිපාල සමඟ යුග ගී ගායනා කරන ලද චිත්‍රපට මොනවාද?විල්ෆ්රඩ් පෙරේරා - රත්මලානඅනුපමා චිත්‍රපටයෙන් පසු බොහෝ චිත්‍රපටවලට ජෝති - ලතා සුසංයෝගී ගායනා දක්නට ලැබුණා.*පනහ හැට දශකවල මෙරට ජනප්‍රිය වූ සීරියල් චිත්‍රපට, ටාසන් ට්ත්රපට, ගොපලු චිත්‍රපට දැන් නිපද වන්නේ නැත්තේ ඇයි? පළමු ටාසන් චිත්‍රපටයේ රඟපෑ නළුවා කවුද?ජයම්පති නවරත්න – මාතලේසීරියල් චිත්‍රපට දැන් හැදෙන්නේ නැහැ. සීරියල් චිත්‍රපට කියන්නේ කතාවක් නොමැති දිගටම ගලාගෙන යන චිත්‍රපටයි. මෙම චිත්‍රපට නිහඬ යුගයේදී ජනප්‍රිය වුණා.සීරියල් නැතුවට දැන් ගෙදරට එන මාලා ටෙලි නාටක බලන්න පුළුවන්නේ.පළමු ගොපලු චිත්‍රපට නළුවා ලෙස සැලකෙන්නේ 1918 තැනුණු ‘ටාසන් ඔෆ් ද ඒප්ස්’ චිත්‍රපටයේ රඟපෑ එල්මෝ ලින්කන්ය.*ලොව බොහෝ සිනමා විචාරකයන්ගේ අගැයීමට බඳුන් වූ ප්‍රංශ ජාතික වීර ශුද්ධවන්තයින්ගේ ජීවිත කථාව ඇතුළත් ‘ජොවාන් ඔෆ් ආර්ක්’ නමැති චිත්‍රපටය ගැන යමක් කියන්න.ඇන්. ඩබ්. පෝල් පෙරේරා - කුලියාපිටිය‘ජොවාන් ඔෆ් ආර්ක්’ නවකතාව පසුබිම් කරගෙන චිත්‍රපට, නාට්‍ය රාශියක් තැනුවත් ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය ලෙස සැලකෙන්නේ ‘කාල් තියෝඩර් ඩ්‍රයර්’ නම් විශිෂ්ට ඩෙන්මාර්ක සිනමාකරු විසින් 1928 වසරේදී නිර්මාණය කළ ‘ද පැෂන් ඔෆ් ජොආන් ඔෆ් ආර්ක්’ නමැති චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය රඟපෑ රොනී ෆැල්කොනැමිට් ගේ රඟපෑම ලෝකයේ අලුත් ගණයේ රඟපෑමක් ලෙස සලකනවා. කොහොමටත් මේ චිත්‍රපටය ලෝක සිනමාවේ සන්ධිස්ථානයක් හැටියටයි සලකන්නේ. මේ චිත්‍රපටයට පාදක වුණේ ජොආන් ඔෆ් ආර්ක් හි ජීවත් වූ ශාන්තුවරියක් පිළිබඳ කතාවක්. කෙසේ වෙතත් මෙම චිත්‍රපටය ඩ්‍රයර් නිර්මාණය කරනුයේ ප්‍රංශ භාෂාවෙනි. ඒත් පළමු ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශය පාවාදීමේ සහ විවිධ කෙනෙහිලිි මැද තිබූ යුගයක මෙම චිත්‍රපටය නිපදවීමට ෆ්රෑන්ක් මිලියන හතක් යොදවා තිබුණා.*මෙතෙක් රූපවාහිනී නාලිකාවකින් ප්‍රදර්ශනය වූ චිත්‍රපට මොනවාද?පාලක සමන් පෙරේරා - ජාඇලමෙරට තිරගත වූ තුන්වැනි සිංහල චිත්‍රපටයේ සිට අද තිරගත වුණු දරුවනේ හැරුණු විට ඉතිරි ඒවා බොහෝමයක් ටෙලිවිශනයේ විකාශය වුණා.*කොළඹ ගාමිණී සිනමාහලේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට කලින් සිංහල වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කර තිබේද?ඩබ්. රණසිංහ – ග්රෑන්ඩ්පාස්ඔව් එවකට එය හැඳින් වූයේ නැෂනල් තියටර් නමින්.*ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් චිත්‍රපටවල ගීත ගයා තිබේද?හිලරි සිරිලාල් ද අල්මේදා, බ්‍රිජට් සිල්වා - මොරටුවඅයිවෝ රේඛාව ඇතුළු චිත්‍රපට රාශියක ගීත ගයා තිබෙනවා.*ජැක්සන් ඇන්තනී යනු දක්ෂතම රංගන ශිල්පියකු මෙන්ම කලා මාධ්‍යයන් දහසයක් පරිහරණය කරන එකම කලාකරුවා යන්න මගේ හැඟීමය. ඒත් බොහෝ අය ඔහුට ආණ්ඩුවට කඩේ යන බව පවසා පරිභව කරන්නේ ඇයි?ලක්ෂ්මන් රණසිංහ - හේකිත්තපල ඇති රුකටයි පාර වදින්නේ.සඳු දැක සිවුපාවුන් මොර දෙන්නේ . . .- අර්ජුන්සැකසුම -සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිනමා අධ්යක්ෂ ගාමිණී හේවාවිතාරණයන්ට උපහාර උත්සවයක් පවත්වනු ලැබුවා. එහිදී පැමිණ සිටි අමුත්තන් අතර විශේෂ තැනැත්තෙකු ද සිටියා. ඒ ජීවන් කුමාරතුංග. ජීවන්ගේ සිනමා ගමනේ මුල් යුගයේ ඔහු රඟපෑ චිත්‍රපටයක් වූ සරසවිය පුවත්පතේ චිත්‍ර කතාවක් ඇසුරෙන් තැනුණ සාරංගා ගාමිණීගේ අධ්‍යක්ෂණයක්.එමඟින් ජීවන් ප්‍රේක්ෂකයන් අතරේ මෙන්ම ක්ෂේත්රයේ කතාබහට ලක්වන තැනැත්තෙකු වුණා. උත්සවයදා ගාමිණී පොල් තෙල් පහන දල්වමින්. පසෙකින් ජීවන් සිටියි.ගාමිණී සමඟ මේ සිටින්නේ මානෙල් වානගුරු, මැණිකේ අත්තනායක සහ ඩග්ලස් රණසිංහයි. ඒ සියලු දෙනා ගාමිණීගේ චිත්‍රපටයන්හී රංගනයෙන් දායක වූ අයවේ.මහරගමට මෙතෙක් අඩුවක්ව පැවති සියලු පහසුකම්වලින් සමන්විත ඇමටිලයිටි නමින් මිනි සිනමා ශාලාවක් මහරගම ඇමටි ගොඩනැගිල්ලේදී විවෘත කෙරිණ. මෙහි ආසන සංඛ්‍යාව 210 කි. ඇමටිලයිටි ලිබර්ටි ලයිට් කළමනකාරීත්වය යටතේ පාලනය වේ. එහි මේ දිනවල ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් සහ ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වූ ජබ් තක් හයි ජාන් තිරගතවේ. අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ යන මහත්වරුන් සිනමා ශාලාව විවෘත කළ අයුරු.මෙම වසරේ සමස්ථ ලංකා පාසල් සංගීත අවසාන වටයේ තරග දෙසැම්බර් 22 සහ 23 යන දිනයන්හි කොළඹ ස්ථාන කිහිපයකදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (සංගීත) එඩ්වඩ් ජයකොඩි මහතා දන්වා සිටයි. පළාත් තරගවලින් ජයග්‍රහණය කරන ලද සියලුම පාසල් වෙත අදාල තරග කාල සටහන සහ උපදෙස් පත්‍රිකා තැපැල් මඟින් එවනු ලැබෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 0714744715 (එඩ්වඩ් ජයකොඩි) හෝ 0718132926 (වරුණ අලහකෝන්) යන අංකයන්ගෙන් ලබාගත හැකිය.ද හොබිටි නම් නවකතාව ආශ්‍රිතව ඇකඩමි සම්මාන දිනූ සිනමාකරු පීටර් ජැක්සන් විසින් අධ්‍යක්ෂණය කළ ද හොබිටි ඇන් අන් එක්ස්පෙක්ටඩ් ජර්නි චිත්‍රපටය මෙම මස 15 වැනිදා සිට වැල්ලවත්ත සැවෝයි ත්‍රීඩී සිනමා ශාලාවේදී තිරගතවේ.කුරුමිට්ටන් කිහිප දෙනෙකු නිධානයක් සොයා යාමේ ත්‍රාසජනක ගමනක් ඇසුරෙන් දිවෙන මෙම චිත්රපටයෙහි මාටින් ෆීමන්, ඉයන් මැක්කෙලන් ඇතුළු රංගන ශිල්පීන් ගණනාවක් රංගන දායකත්වය සපයති.රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සෝමවීර සේනානායක ලියූ ‘අඹු සැමියෝ’ නවකතාවේ නවතම මුද්‍රණය දෙසැම්බර් 18 වැනිදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්රදර්ශනාගාරයේදී දොරට වඩී.
|
CREATIVE
|
ෂාරුක් ඛාන්ගේ ජීවිත කතාවේ ‘බැහැ’ යන වචනයට ඇත්තේ අඩු ඉඩකි. සාමාන්‍ය පවුලක ඉපදී දිල්ලි නුවරින් මූම්බායි පැමිණ ඔහු සුපිරි තරුවක වූයේ පවුල් උරුමයකින් නොවේ. එය එසේ නම් මේ දිරිය පුතු නිතරම ‘බැහැ’ කියන එළුවකුට සමාන කරන්නේ කෙසේ ද?ජාතික සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන ජානකී විශ්වනාදන් ෂාරුක් ඛාන් නම් එළුවකු වටා ගෙතුණු කතාවක් සිනමාපටයකට නැඟීමට සූදානමින් සිටින්නීය.‘මේ එළුවකු හා කුඩා ළමයකු වටා ගෙතුණු හාස්‍ය රසය ගෙන දෙන සිනමාපටයක්. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල සුපිරි තරු නමින් නම් කළ සුරතල් සතුන් ඕනෑ තරම්.එළුවන් විශාල වශයෙන් ඝාතනය කෙරෙන ගම්මානයක මරන්නට ගෙන ආ එළුවකු ෂාරුක් ලෙස නම්කර ඇති අතර කතාව ගෙතෙන්නේ ළමයා සහ ඒ එළුවා වටායි.සල්මන් ඛාන් නමින් එළුවකුත් එහි සිටිනවා. එහෙත් වඩාත් සුවිශේෂී එළුවා වන්නේ ෂාරුක්’ අධ්‍යක්ෂිකාව සිනමාපටය ගැන එසේ විස්තර කළාය.එහෙත් බොලිවුඩයේ ගෞරවනීයම චරිතයක් වන ෂාරුක්, මේ චරිතය කෙසේ භාර ගනීවිදැයි කියා දැන්ම කිව නොහැකිය. ‘ඕම් ෂාන්ති ඕම්’ සිනමාපටයේ ෂාරුක් ඛාන්ට චෝදනාවක් එල්ල වූයේ ප්‍රවීණ නළු මනෝජ් කුමාර්ට අපහාස කළා කියායි. මේ කළකම් පලදීමක් වැනි යැයි සමහරු කියති.අන්තර්ජාලය, ජංජාලයක් ඇති කරන්නේ අදක ඊයෙක නොවෙයි. මිනිසා හෘදයාබාධයකට ක්ෂණිකව ගොදුරු කිරීමට තරම් බියජනක පුවත් මේ මායා ජාලය ගෙන එයි. මෝඩයාගේ මාසය බොලිවුඩය නොබෝදා කම්පනයට පත් කළේ එවන් වූ හද ගැස්ම වේගවත් කරන පුවතකිනි. හිම ක්‍රීඩාවේ යෙදී සිිටියදී ආයුෂ්මාන් කුර්නා මිය ගියා.පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන් සමඟ ස්විස්ටර්ලන්තයේ නිවාඩු සමය ගත කරද්දී සීමට්වල ඔහු හිම ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. ආයුෂ්මාන්ට හිම පුවරුව පාලනය කළ නොහැකි වී ඉතා වේගයෙන් ගසක වැදීමෙන් ක්ෂණිකවම මිය ගොසින්. වහාම ළඟම ඇති රෝහල කරා ගෙන ගියත් ඒ වන විට ඔහු මිය ගොස් අවසානයි.ආයුෂ්මාන් හිස් ආවරණයක් පැලඳ සිටියත් අනතුරට ගොදුරු වෙලා. ක්‍රීඩා කරන අවස්ථාවේ ඔහු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානයකර තිබුණු බවට සාක්ෂි ලැබී නැහැ.’ මේ පුවත සමාජ වෙබ් අඩවි ගණනාවකම ප්‍රධාන පුවත බවට පත් වී තිබුණි.ප්‍රවෘත්තිය රසික කැල කම්පනයට පත් කරද්දී ආයුෂ්මාන් සිය නවතම සිනමාපටය ‘නෞතන්කි සාලා’ ලෝක පූර්ව දර්ශනයට සහභාගිවීම සඳහා ඩුබායි ගොස් සිටියේය. පුවත කන වැකුණු සැනින් ඔහු ට්වීටර් වෙබ් අඩවියට තමන් හොඳින් සිටින බව දැන්නුවේය.ඔහුගේ ඒ පණිවුඩය දුටු සියල්ලෝම දෙවියන්ට ස්තුති කළහ.ආයුෂ්මාන් කුර්නා යනු බොලිවුඩයේ හද දිනූ සිහින කුමරෙකි. රංගනයෙන් පමණක් නොව ගායනයෙන් ද දස්කම් පාන තරුවකි.පසුගිය වසරේදී ‘විකී ඩෝනර්’ සිනමාපටයේ රංගනයට හා ගායනයට හොඳම නළුවා හා හොඳම ගායකයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ඔහුයි.විසි අට හැවිරිදි ආයුෂ්මාන් කුර්නාට මරණය යන අකුරු හතර මේ වසරේ මුල සිටම වධ දෙයි. දිල්ලි නුවර රූගත කිරීමක යෙදී සිටියදී කුර්නාට නිවෙසේ අත් උදව්කරු විසි හය හැවිරිදි ශිව් ප්‍රසාද් හදිසියේම මිය ගිය බව ආරංචි විය. එයින් ද ඔහු කම්පාවට පත් වූ බව කියවෙයි.හොඳින් ජීවත්වෙන තරු මරා දැමූ පළමු අවස්ථාව මෙය නොවෙයි. ඇඩම් සැන්ඩ්ලර්, ඩෙන්සල් වොෂිංටන්, ජිම් කැරේ, ආර්නෝල්ඩ් ස්වාසනගර් හිම ක්‍රීඩාවේ යෙදී සිටියදී මිය ගිය බවට පුවත් මීට පෙර පළ වී තිබුණි. ටොම් කෲස්, ජස්ටින් බීබර්, මිකී රෝක්ට ද අන්තර්ජාලය එම ඉරණමම ලබා දුන්නේය. කෙසේ වෙතත් මෙසේ ව්‍යාජ මරණයකට ගොදුරු කරවන්නේ අතිශයින් ජනපි‍්‍රය තරු නිසා ආයුෂ්මාන්ට යම් තරමකින් සිත සනසාගත හැකියි.බොලිවුඩයේ ශ්‍රී ලාංකේය සලකුණ ජැකලින් ෆර්නැන්ඩස් ‘රේස් 2’ සාර්ථකත්වයත් සමඟ අතිශයින් කාර්යය බහුල වී තිබේ. කාර්යය බහුලත්වයේ ගිමන් නිවා ගැනීමට ඇය තෝරා ගෙන ඇත්තේ රෝමයයි. ලැබුණු සුළු විවේකයේදී ඇය රෝමයට යන්නේ පියාගේ උපන් දිනය සැමරීමටයි. රෝමය ජැකලින්ගේ පියාගේ ප්‍රියතම නගරයකි. ඔහු එහි නිතරම යන්නේය.විමෝද ගමනින් පසු ඇය ජූනි මාසයේ තිරගතවීමට නියමිත ‘රම්‍යා වාස්තවයිවා’ විශේෂ දර්ශනයක් සඳහා පෙනී සිටීමට නියමිතයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
නම: තාරුණී සච්දේව් උපත: 1998 මැයි 14 විපත: 2012 මැයි 14 වයස: අවුරුදු 14 යිඅංක 14 මේ තරම් අසුබ වුණේ ඇයි? හිටි හැටියේම බොලිවුඩයේ පුංචි සුරංගනාවි අතුරුදන් වෙලා.හරියට හොරු අරන් ගිහින් වගෙයි.හැමෝගෙම දෑස් කඳුළින් තෙත් වෙලා. සිත් බලාපොරොත්තුවලින් හිස් වෙලා. අංකවලින් හැම දේම තීරණය වෙන මේ සිනමා නගරයට අංක 14 ගැන නම් කෝපයක් ඇති වීම වළක්වන්න බැහැ.තාරුණී සච්දේව් හුරුබුහුටි, දඟකාර කෙලි පොඩ්ඩ ජීවිත කාලයෙන් අවුරුදු නවයක්ම සිනමා පුරවරයේ ආකර්ෂණීයම පුංචි තාරකාවක් වුණා.ඇය දෙස බැලූ කවුරුත් අනාගත සිනමා රැජනක් ගැන සිහින මැව්වා. තාරුණීගේ පුංචි සිතෙත් බලාපොරොත්තු පොදි බැඳුණේ තරුවක් ලෙසින් බැබළෙන්නයි. එහෙත් ඒ සිහින පසුගිය මැයි 14 වැනිදා නේපාලයේ ගුවන් අනතුරේදී සුනුවිසුණු වී ගියා. තාරුණීත් ඇයගේ මව ගීතාත් ‘අග්නි’ ගුවන් යානයෙන් නේපාලයට ගියේ මුක්ත්න්තා නගරයේ වන්දනා කරන්නයි. ඔවුන් ගමන් කළ ගුවන් යානය අනතුරට පත් වුණේ ජීවිත 15 ක් ද බිලි ගනිමින්.තාරුණී බොලිවුඩ් පුරවරයට පිය නැගුවේ, වයස අවුරුදු පහක් තරම් පුංචි වයසකදීයි. 2004 දී ඇය ටී ජී විනායන්ගේ ‘වෙලිනක්ෂත්රම්’ සිනමාපටයේ රඟපෑවා.සිනමාපටයේ රඟපා අවසන් වූ හැටියේ ඇය ‘අංකල් මං ඔයාගෙ චිත්‍රපටයක ප්‍රධාන නිළිය වෙනවා’ කියා අධ්‍යක්ෂට පවසා තිබෙනවා.අමිතාබ් බච්චන් සමඟ රූපවාහිනී දැන්වීමක පෙනී සිටි පුංචි තාරුණී දුටු විනායන් දැන්වීම් ඒජන්සියෙන් ඇයගේ නිවෙසේ දුරකතන අංකය ඉල්ලගෙන. අධ්යක්ෂවරයා තාරුණීගේ මවට කතා කළ විට මව, දෝණිට දුුරකතනය දීලා. ‘හයක් හතරක් නොතේරෙන වයසක හිටියත්, අන්කල් මං චිත්‍රපටිවල රඟපාන්න ආසයි’ කියලා විනායන්ට, තාරුණී උත්තර සපයලා.ජීවයෙන් පිරුණු ඒ හඬ, රුව සිනමාවට එක් කර ගන්න විනායන්ට දෙවරක් සිතන්නට අවශ්‍ය වී නැහැ. තාරුණී සච්දේව්, විනායන්ගේ වෙලිනක්ෂත්රම් සිනමාපටයේ ළමා නිළියක වුණේ එලෙසයි.ඇය සම්මානනීය ‘පා’ සිනමා පටයේ අවුරෝගේ (බච්චන්ගේ) මිතුරිය ;ලස කැපී පෙනෙන චරිතයක් නිරූපණය කළා. මේ දුක්මුසු ආරංචියෙන් අමිතාබ් බච්චන් කොපමණ කම්පාවට පත් වුණා ද කිවහොත් ‘දෙවියනේ මේ දෙය සිදු නොවන්න තිබුණා’ කියා පවසා තිබුණා. බච්චන් පුතු අභිෂේක්, ට්ව්ටර් වෙබ් අඩවියට ලියා තිබුණේ තාරුගේ මරණය ගැන පුවතින්, තමන්ට කතා කරන්න වචන නැති වුණු බවයි.‘පා’ සිනමාපටයේ අවුරෝගේ මව ලෙසින් රඟපෑ විද්‍යා බාලන්, ‘පා’ අධ්‍යක්ෂණය කළ බල්කි (ආර්. බාලක්‍රිෂ්ණන්) තාරුණී කියන්නේ ප්‍රවීණයකු වාගේ ඕනෑම චරිතයකට පිවිසෙන්න පුළුවන් ළමා නිළියක බව පැවසූ බව මේ ශෝචනීය පුවතත් සමඟ සිහි කළා.ශ්‍රී දේවියට මෙන් සෑම දර්ශනයකදීම විවිධ හැඟීම් ප්‍රකාශ කිරීමට හැකියාවක් තාරුණීට ඇති බවත් බල්කි කියා තිබෙනවා.මේ පුංචි, සොඳුරු දඟකාරිය දැන්වීම් පනහක පමණ පෙනී සිටියා. කරිෂ්මා කපූර් සමඟ රඟපෑ රස්නා දැන්වීම්වලින් තාරුණී කෙතරම් ජන හද බැඳ ගත්තා ද කිවහොත් ඇයට ‘රස්නා කෙල්ල’ යන ආදරණීය නමත් පට බැඳුණා.‘කොයි මිල් ගයා (2003 – හින්දි), ‘වෙලිනක්ෂත්රම්’ (2004 – මලයාලම් - ළමා අවතාරය ලෙස), ‘සත්‍යම්’ (සින්නුකුකි ලෙස 2004 – මලයාලම්), ‘පා’ (2009), ‘වෙට්්රසෙල්වන්’ (2012) ඇය රැඟූ සිනමාපටයි. තාරුණී කාර්යබහුලම ළමා මෝස්තර නිරූපිකාවක් ද වුණා.බොලිවුඩයේ වැඩිම ආදායමක් ලබන ළමා කලාකාරිය වුණෙත් තාරුණීය. නොපවතින ජීවිතයක, පවතින දස්කම් වැඩි නිසාදෝ තාරුණී සියලු කලා කටයුතු මැද ඉතා දක්ෂ ලෙස අකුරු කරලා.කවුරු කොහොම තාරුණී අගය කළත් මැයි 16 දින පැවැති ඇයගේ අවමඟුලට නම් ක්ෂේත්රයේ කිසිවකු සහභාගි වී නැහැ.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ගේ 73 වැනි ජන්ම දිනය සිහිකැඳවමින් පැවැත්වෙන ‘ධර්මසිරි ගමගේ අභිනන්දන ප්රණාම උපහාර උළෙල’ මේ මස 06 වැනිදා සෙනසුරාදා පස්වරු 6.00 ට ජෝන්ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.මෙම උළෙලේදී ධර්මසිරි ගමගේ අභිනන්දන ප්රණාම උපහාරයෙන් පිදුම් ලබන්නේ විවියන් ද සිල්වා බොරලැස්ස, වින්සන්ට් ද පෝල් පීරිස්, අනුලා බුලත්සිංහල, ලූෂන් බුලත්සිංහල යන කලා ලොවේ ප්‍රවීණ කලාකරුවන් රැසකි.මේ උළෙලේ සංවිධාන කටයුතුª පිළිබඳ මූලික අනුග්‍රාහකත්වය දරන්නේ ධර්මසිරි ගමගේ මහතාගේ කලා දිවියට ආදරය කළ ඔහුගේ රසිකයකු වූ ජයන්ත සරත් කුමාරයි.මේ අභිනන්දන උළෙල සඳහා පැමිණෙන්නැයි ධර්මසිරි ගමගේ නම් ආදරණීය මිනිසාට ආදරය කරන සහෘද ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.ඔහු නීති විද්‍යාලයේ යොවුන් නාට්‍යකරුවෙකි. නමින් හර්ෂණ එම්. ද සිල්වා වන හෙතෙම ඉදිරිපත් කළ කෙටි නාට්‍යයකට ඉකුත් දා පැවති ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වාර්ෂික කලා මංගල්‍යදා සම්මාන පිට සම්මාන දිනා ගන්නා ලදී.ඔහුට එහිදී අහිමි වූයේ හොඳම නිළියට හිමි සම්මානය පමණි. ඒ ඔහුගේ නාට්‍යයෙහි නිළියක නොසිටිය බැවිනි. මේ කෙටි සටහන ලියවෙනුයේ ඔහු වෙනුවෙනි.හර්ෂණ මේ වන විට නීති විද්‍යාලයේ දෙවැනි වසරෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ඊට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂ උපාධියක් හදාරයි. ඔහු කලා කටයුතුවල යෙදෙන්නේ මේ අතරතුරදීය.නීතිය ඉගෙන ගත්තත් මගේ හිත වැඩිපුර නවතින්නේ කලාව ළඟ. ඒ නිසාම හැකි පරිදි ඉඩ ලැබෙන මොහොතවල්වලදී කලා කටයුතුවල නියැලෙනවා. අප විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන කලා උළෙලට මම හැම වර්ෂයකම කෙටි නාට්‍යක් ඉදිරිපත් කළා. මෙවර මගේ නාට්‍ය වුණේ ‘කාලකණ්නි කතාවක්’. මං ඒ සඳහා හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත ඇතුළු සම්මාන දොළහක් දිනා ගත්තා. ඇත්තටම ඒක නීති විද්‍යාල ඉතිහාසයේ වාර්තාවක්. ඒ වගේම එහි විවාද තරගාවලියේ ද ප්‍රථම ස්ථානය දිනා ගත්තෙත් මං.දෙරණ රියල් ලීඩර් තරගාවලිය ඔබට මතක ඇති. එහි තෙවැනි තැන දිනා ගත්තේ ද හර්ෂණයි.රියල් ලීඩර් කියන්නේ ලෙහෙසි පහසු තරගයක් නෙවෙයි. හරිම දුෂ්කර තරගාවලියක් ඒක. හරිම වැරවෑයමෙන් මං තරගයේ ඉදිරියටම ගොස් තෙවැනි තැන දිනා ගත්තා.හර්ෂණ හිරු නාලිකාවටත් කලක් සම්බන්ධ වී සිටියා.එහි පටිරෝල් වැඩසටහන ඉදිරිපත් කළේ මං. ඒත් තියෙන කාර්යබහුලකමත් එක්ක මං එයින් අයින් වුණා.කවි පොතක් ලියන්න තමයි හර්ෂණගේ බලාපොරොත්තුව.ඒක ළඟදීම එළි දැක්වේවි.නිවේදිකා රත්නශීලා පෙරේරාගේ ‘සින්දු පැදුර’ මේ මස 08 වැනිදා බොරැල්ල පුංචි තියටර්හිදී පැවැත්වේ.සින්දු පැදුරෙහි ගීත ගයන්නේ බන්දුල විජේවීර, රොඩ්නි වර්ණකුල, රොනී ලීච්, සූරිය කුමාර මුත්තලගේ, නොයෙල් රාජ්, තිස්ස ජයවර්ධන සහ උපසේන සුබසිංහකෝපි කඩේ පාල, වික්ටර් වික්‍රමගේ යන ශිල්පීන් විසිනි. සංගීතය මෙහෙය වන්නේ කැළුම් ගී ගනගේ ප්රමුඛ වාද්‍ය මණ්ඩලයයි.ශ්‍රී ලාංකේය ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන දැවැන්ත සංගීත ප්‍රසංගයක් ඔක්තෝබර් 5 සිකුරාදා රාත්‍රී 7.00 ට ඩුබායි අල් නසාර් ලෙෂර් ලෑන්ඩ් අයිස් රින්ක් හි දී පැවැත්වේ. සංගීතය පර්පල් රේන්ජ්. කථනය ගුවන් විදුලි රූපවාහිනී ප්‍රාසාංගික නිවේදක වසන්ත රෝහණගෙනි.හොඳම සිංහල ගීත සාහිත්‍ය කෘතියට හිමි සම්මානය හිමි වූයේ දිනමිණ පුවත්පතෙහි සේවය කරන ප්‍රවීණ මාධ්‍යවේදී මෙන්ම ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහටයි.එය ඔහුගේ ‘සඳුනි’ කෘතිය සඳහායි.රුසියානු මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් සංවිධානය කරනු ලබන ‘ස්වර මියැසි විරාමය’ විචිත්‍රවත් සංගීත සැඳෑව මෙම මස 07 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.සංගීත් නිපුන් විශාරද අමරසිරි පීරිස්, විශාරද වික්ටර් රත්නායක, විශාරද සුනිල් එදිරිසිංහ, විශාරද නිරෝෂා විරාජිනී යන කලාකරුවන්ගේ ගැයුමෙන් එදින ප්‍රසංගය හැඩ ගැන්වනු ඇත.ජයන්ත රත්නායක සංගීතය මෙහෙයවනු ලබයි. කථනය වසන්ත රෝහණගෙනි.
|
CREATIVE
|
අනූෂා රාජපක්ෂ. රුව දුට පමණින්ම හඳුනන ඇය අපේ කලා ලොවට නව නාමයක් නොවේ. ටෙලි නාට්‍ය කිහිපයකම කැපී පෙනෙන චරිත රඟපෑ අනූෂා පෙම්බරයාණෝ, නයිිට් ලර්නර්ස් වැනි ටෙලි නාට්‍ය හරහා තම ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කර ගත්තියකි. මේ දිනවල විකාශය වන සත්‍යා හි ප්‍රධාන චරිතයකට පණ පොවන අනූෂා නිරූපණ ක්ෂේත්රයේ ප්රමුඛව වැජඹෙයි. මේ අනුූෂා සමඟ කළ කතාබහකි.* අලුත් කටයුතුවලින් අරඹමු.මේ දිනවල දිව්‍යා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සඳහා දායක වෙනවා. ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ පළමු ටෙලි නාට්‍යයේ චරිතයකටත් පසුගිය දිනවල දායක වුණා.ඒ වගේම ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා.* ස්වර චිත්‍රපටය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.ඔව්. තවම ‘ස්වර’ තිරගත වුණේ නැහැ. ඒ චරිතය (විහාරා) ඉතාමත් වෙනස් චරිතයක්. මේ චරිතය සමාජය කොහොම පිළිගනීවි ද කියලා මට කියන්න බැහැ. නමුත් නීටා ප්‍රනාන්දු වගේ සම්මානීය කෙනකු දායක වූ නිර්මාණයක් නිසා කිසිවකුත් මගේ චරිතය දෙස වපර ඇසින් බලන එකක් නැහැ. ඒ චරිතයට මා තේරුණේ අහඹු ලෙස. ඒ වෙනුවෙන් නීටා ප්‍රනාන්දු මහත්මියට වගේම යොලන්ඩා මහත්මියටත් ස්තුතිවන්ත විය යුතුයි. එවැනි දැවැන්ත නිර්මාණයකට දායකවීමට ලැබීම වාසනාවක්.* ඔබ ප්‍රසිද්ධ නිරූපිකාවක්. දැන් ඉන් ඉවත් වෙලාද?නැහැ. මං තවමත් නිරූපණ ක්ෂේත්රයේ කටයුතු සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරනවා.* නිරූපිකාවන් නිළියන් වීම ප්‍රතිචාර කොහොමද?මෙහෙමයි. දැන් ක්ෂේත්රයේ හැමෝම හොයන්නේ ලස්සන අලුත් මුහුණු. ඒ නිසා හතු පිපෙනවා වගේ නිරූපිකාවෝ නිළියො බවට පත් වෙනවා. නිරූපිකාවෝ විතරක් නෙවෙයි ලස්සන ළමයි එක රැයින් නිළියො වෙනවා. නමුත් ඒ නිළියන්ට, නළුවන්ට පැවැත්මක් නැහැ. ඔවුන් යන්නේ අස්ථාවර මඟක. රඟපෑම කියන්නේ වෙනස් විෂයක්. ඒකට හැකියාව වගේම ආසාව, උනන්දුව තිබිය යුතුය. රඟපාන්න හැමෝටම බැහැ.* ඔබ නිරූපිකාවක් වූ මුල් අවධියේ නිළියක් වෙන්න හීන දැක්කද?මම නිරූපිකාවක් වුණේ අහම්බෙන්. මට උවමනා වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒ අතරතුර මං නිරූපිකාවක් වුණා. හැබැයි මං ස්ථාවර මඟක තමයි පළමු පියවර තිබ්බේ. එතන ඉඳන් ඉතාමත් උනන්දුවෙන්, අධ්‍යාපනයෙන් තමයි මෙතනට ආවේ. නිරූපිකාවක් වූ විට මට නිළියක් වෙන්න ආසාවක් ඇති වුණා. නමුත් මං ඊට ඕනවට වඩා කලබල වුණේ නැහැ. ඉතාමත් පරිස්සමෙන් තමයි මං රඟපෑමට යොමු වුණේ.* ඔබ කරන චරිත ඒකාකාරියි?ඔව්. මං ඒක පිළිගන්නවා. මට නිරතුරුවම ලැබෙන්නේ බටහිර විලාසිතාවලට ප්‍රිය කරන ධනවත් පන්තියේ චරිත. බොහෝවිට මං නිරූපිකාවක් ලෙස පෙනී සිටින විලාසිතාවන් ඊට බලපාන්න ඇති. ඒ චරිත බොහෝ විට ඒකාකාරී ගති පැවතුම්වලින් හෙබි බටහිර කාන්තාව නියෝජනය කරනවා.* හද්දා පිටිසර ගැමි චරිතයක් දුන්නොත් ඔබ ජිවත්වන සමාජ රටාවන් අනුව ඊට අනුගත වෙන්නට හැකි වේවිද?අනිවාර්යයෙන්ම. ගැමි චරිත කරන්න මං ගෙඩක් ආසයි. ඒත් මට ඒ චරිතයක් කවුරුන් ලබාදේවි ද කියන ප්රශ්නය මගේ හිතෙත් තියෙනවා. නමුත් මධ්‍යම පාන්තික තරුණිය නියෝජනය කරන්න මං ගොඩක් කැමැතියි.* මේ ජීවිතේ ගැන තෘප්තිමත්ද?ඔව්. මං ගොඩක් දේවල් බදාගෙන බොරුවට කාර්යබහුල වෙන්න කැමැති චරිතයක් නෙවෙයි. මට ඕනේ නිදහසේ ජීවිතය විඳිමින් කලාව සහ මගේ නිරූපණ කටයුතුවලට එකතු වෙන්න. මේ ගෙවෙන සෑම තත්පරයකම මම ඉන්නේ සතුටින්.* ඔබ චරිත තෝරනවද?නිර්මාණයකට දායක වෙද්දී තමන්ගේ චරිතය ගැන දැනුවත් වීම අනිවාර්යයි. මම මගේ චරිතය සහ ඒ වටාපිටාව ගැන වගේම කතාව ගැනත් හොයනවා. ඒ වගේම මට වසරකට එක නාට්‍යයක් කළාම ඇති. හැමදාම දකින්න ඉන්න, අතිශය ජනප්‍රියත්වයට පත්වෙන්න මට උවමනා නැහැ.* ඉදිරිය කොහොමද?ඉදිරියේදී ලොකු, දැවැන්ත කටයුතුª කියල දෙයක් හිතේ නැහැ. පුංචි පුංචි බලාපොරොත්තු ගොඩක් තියෙනවා. කලාවෙන් ඉදිරියට යන ගමනේ ජීවිතයත් ඉදිරියට අරන් යන්න ඕනේ.* ලංකාවේ නිළියක් වීම පිළිබඳ තෘප්තියෙන්ද ඉන්නේ?අනිවාර්යයෙන්ම. ජනතාව ආදරය කරන කෙනෙක් වීම ගැන මට හරිම සතුටුයි.* ඊ මෙල් එක කියමු?anjelanushar@gmal.comචතුරඡායා - ටෙනිසන්
|
CREATIVE
|
ප්‍රධාන මේසයේ හාන්ස්, තිළිණි, රෙක්ස්, ගාමිණී, මෙහි නිෂ්පාදකවරයකු වන නිමල් හැම්ලට් වන හාන්ස් සහ ඔෆීලියා, තිළිණිවිලියම් ෂේක්ස්පියර්ගේ විශිෂ්ටම කෘතියක් වන ‘හැම්ලට්’ සංගීතාත්මක ශෝකාන්තය ඔබිනාමුණි ගාමිණී ද සිල්වා සිනමාවට නැඟීමට සූදානම් වෙයි. භාෂා කිහිපයක් යටතේ රටවල් ගණනාවක හැම්ලට් කතාව ඇසුරෙන් චිත්‍රපට තැනුනත් ලංකාවේ එය නිර්මාණය වන පළමු අවස්ථාව මෙය වේ. හැම්ලට් සිනමා කෘතියේ චරිත මෙරට නළු නිළියන් අතර බෙද දී ඇත්තේ මෙසේය.ක්ලෝඩියස් ජීවන් කුමාරණතුංග, පොලෝනියස් රෙක්ස් කොඩිප්පිලි, රොසාන් කාන්ටිස් ක්ලීටස් මෙන්ඩිස්, ගර්ට්රුඩ් වීණා ජයකොඩි, හොරේෂිඩ් අරවින්ද දොඹගහවත්ත, ගිල්ඩන්ස්ටන් සරත් දික්කුඹුර, රෙනාල්ඩෝ විජිත් මැදවෙල, ඔස්රිත් අනුපමා දෙහිවල, ලෙයාර්ට්ස් බුද්ධික අබේරත්න. මෙහි හැම්ලට්ගේ චරිතය හාන්ස් බිලිමෝරියා සහ ඔෆීලීයාගේ චරිතය තිලිණ පෙරේරා රඟපායි.හැම්ලට් නිමල් චන්ද්‍රසිරි, කේ. ඒ. සිරිවර්ධන, කිත්සිරි හේවාගමගේ, ධම්මික ද සිල්වා, කේ. වී. ඩී. ඩබ්ලිව්. විජේරත්න, රුෂාන් ප්‍රනාන්දුපුල්ලෙ, ඉන්ද්‍රජිත් සරණසේකර සමඟ සුනිල් ද සිල්වා නිෂ්පාදනය කරයි.මෙය ශ්‍රී ලංකා ෂේක්ස්පියර් කේන්ද්‍රයේ ඉදිරිපත් කිරීමකි.- ප්‍රසාද් - සේයාරූ - සරත් පීරිස්
|
CREATIVE
|
දොස්තර වසන්ත දිසානායක මෙරට රූපවාහිනීප්රේක්ෂකයන්ට ආගන්තුකයෙක් නෙවෙයි.ඔහු පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මෙන්ම හොඳ රසවතෙක්.පුංචි පහේ මං, මයින්ඩ් ස්ටාර් වැනි වැඩසටහන් තුළින් ඉහළම ජනප්රිත්වයක් ලබා ගත් ඔහු ප්‍රෙක්ෂකයන්ට කවදාවත් අමතක නොවන චරිතයක්.මේ කතාවත් ඒ් වගේ එකක්. මේ ළඟදී ඔබ ද ලක්ෂපති, මම ද ලක්ෂපති වැඩ සටහනටත් ඔහු සහභාගී වුණා.එකින් එක ප්‍රශ්නවලට උත්තර දෙන අයුරු ඉතාම රසවත් ආකාරයට සිදු වුණා. මේ අතරතුරදී සිංහල සිනමාවේ තිරගත වූ චිත්‍රපටයක ගීතයක් ගැන නිවේදක චන්දන සූරියබණ්ඩාර වෛද්‍යවරයාගෙන් විමසුවා. වෛද්‍ය වසන්ත ඒ සඳහා නිවැරැදි පිළිතුර ලබා දුන්නා. අනතුරුව චන්දන ඇසුවේ ඔබ සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපට බලනවාද? කියායි.වෛද්‍ය වසන්ත ගත් කටටම කීවේ ‘සිංහල චිත්‍රපට අපි බලන්නේ නැතුව චීන්නු බලන්න යැයි’ කියායි.නිරතුරුවම උපහාසය මවන මෙවැනි පිළිතුරුවලට ප්‍රසිද්ධ වෛද්‍ය වසන්තගේ කතාවෙන් මුළු සභාවම සිනහවෙන් පිරුණා.ඩොනල්ඩ් ජයන්ත අපේ සිනමාවට නැතුවම බැරි සහාය අධ්යක්ෂවරයෙක්. දැන් තිරගත වන ‘සුපර් සික්ස්’ චිත්‍රපටයෙත් සහාය අධ්‍යක්ෂකවරයා ඔහුයි.පසුගිය බ්‍රහස්පතින්දා සුපර් සික්ස් තිරගත වීම සුබ මොහොතින් ඇරැඹුණා. නියමිත සුබ මුහුර්තියට පොල් තෙල් පහන දල්වන අවස්ථාවේදී ඩොනල්ඩ් ජයන්ත පොල් තෙල් පහන ළඟින් ඉවත් වන්නෙම නැහැ. බැරිම තැන රූපවාහිනී නාලිකාවක කැමරා ශිල්පියෙක් ඩොනල්ඩ්ට කීවේ ‘අයියෙ පොඩ්ඩක් ඉඩ දෙනවද?’ යනුවෙන්. ඒත් ඩොනල්ඩ් ප්‍රසන්න සිනාවක් මුවඟට නගා ගෙනම සිටි තැනම සිටියා.පසුව සොයා බලන විට තේරුණේ මාධ්‍යවලට තමන්ගේ රූපය යවා ගැනීමට පොල් තෙල් පහන ළඟටම වී සිටි බවයි. මේ ගැන අහන කොට ඩොනල්ඩ් කියන්නේ වෙන කතාවක්.සංජීව සම්පත් බාලසූරියඡායා - ටෙනී – මාලන්
|
CREATIVE
|
මම නම් මේ දවස්වල නිවෙසට වෙලා බොහොම විවේකයෙන් කාලය ගත කරන්නේ. මගේ උපන්දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා.එය ඉරිදා දිනයට යෙදී තිබීම නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ. ඒ නිසා එදිනට මම බිරිඳ, දුව, බෑණා සහ මිණිබිරිය සමගින් මීගමුව සාන්ත පීතර දෙව් මැදුරේ උදේ පූජාවට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඊට අමතරව එදාට අසරණ පවුලකට උදව් කරන්නත් මම කටයුතු යොදලා තියෙනවා.
|
CREATIVE
|
පියුමි කොච්චර සැරද කියලා දැනගන්න ‘රන්ජා’ චිත්‍රපටය නරඹන්නම ඕනෑ. එහි ස්වර්ණා අක්කා ලෙසින් අපූරු රංගනයක යෙදෙන ඇයට ඒ චරිතය නිසාම ක්ෂේත්රයෙන් මෙන්ම රසික රසිකාවන්ගෙන් පුදුම විදිහේ ප්‍රතිචාර එනවලු. මේ ජනප්‍රියකම හින්දා පියුමිට හැදෙන කට කථාවන්ගෙන් අඩුවක් නැහැ. මේවාට ඇය මුහුණ දෙන්නේ ස්වර්ණා අක්කා වගේම පිරිමියකු මෙන් හිත ශක්තිමත් කරගෙන බව පියුමි කියනවා. කොහොම නමුත් ළඟදී ඇයගේ පෞද්ගලික ජීවිතයේදී සුවිශේෂී වෙනසකුත් සිදුවනවාලු. ඒ ගැන අහන්නත් එක්ක අපි පියුමිට කතා කළා.* ඉතින් පියුමි අපි මුලින්ම කතා කරන්නේ ඔබේ රංගන කටයුතු ගැන ද පෞද්ගලික ජීවිතය පිළිබඳවද?මං හිතන්නේ රංගන කටයුතු ගැන පළමුව කතා කළොත් හොඳයි.* හරි එනෙම් මේ කතාව අරඹමු අපි ස්වර්ණා අක්කාගෙන්?අන්න හරි. එහෙම හොඳයි. ස්වර්ණා අක්කා හින්දා අදහාගත නොහැකි සතුටකින් මං ඉන්නේ.* මොකද අප්පේ ඒ?මං හිතන්නේ සුන්දර සුකුමාල චරිත කර කර හිටපු මාව තනිකර වෙනස් කරලයි ස්වර්ණාව නිරූපණය කරන්න කිව්වේ. ඊට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ රන්ජා අධ්යක්ෂ සුදේශ් වසන්ත පීරිස් සහ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු යන මහත්වරුන්. ඔවුන් මට රන්ජා පිටපත දුන්නා. ඉතින් මං හිතුවේ එහි ඉන්න ගැහැනු ළමයි දෙන්නගෙන් එක කෙනෙක් මං කියලා.* ඔබ එහෙම හිතාගෙන පිටපත කියෙව්වා?නැත්නං. පස්සේ මට කිව්වේ ස්වර්ණාගේ චරිතයට මාව තෝරගෙන කියලා.* ඉතින් ඔබ බැහැ කිව්වද?පොඩි චකිතියක් ඇති වුණා. කොණ්ඩයේ ඉඳල මාව වෙනස් කළා. පස්සේ චරිතයේ රහ දැනිලා ආසාවෙන් එය නිරූපණය කළා.* රන්ජා නරඹපු ක්ෂේත්රයේ ප්‍රවීණයින් රැසක් ඔබට කතා කළා කියලා ආරංචියි?මං රඟපෑ චරිතයක් බලලා වැඩිම ප්‍රවීණයින් පිරිසක් සුබ පැතුවේ මේ අවස්ථාවේදී. ඇත්තටම කිව්වොත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පැවසුවේ සිංහල සිනමාවේ අලුත් විලන් කෙනෙක් ඇවිල්ලා කියලා.* ඔබ කොපමණ සතුටු වුණත් ස්වර්ණා අක්කා නිසා පියුමිට දරුණු කට කතාවක් හැදිලා තියෙනවා කියලා දන්නවාද?කට කතා නම් ගොඩක් හැදිලා තිබුණා. ඔයාට ආරංචි වෙච්ච එක කියන්නකෝ බලන්න.* පියුමි සිගරට් බොන්න පටන් අරගෙන කියලා?චිත්‍රපටයේ එක්තරා දර්ශනගයකදී තියෙනවා ස්වර්ණා අක්කා සිගරට් එකක් බොන. ඒක දැකලා මගේ ඊර්සියාකාරයෝ ඔය කට කතාව හදන්න ඇති.* පියුමි එදා රූගත කිරීමේදී ඇත්තටම සිගරට් බිවවද?ඔව්.* කවුද ඔබට දුම් පානය පුරුදු කලේ?ශ්‍රීමාල් වෙඩිසිංහ.* කොහොමද ඒ අත්දැකීම?පළමුවැනි උගුර බොනකොට දරුණු කැස්සක් ආවා.* මේ දර්ශනය මඟින් ඔබේ ප්‍රතිරූපයට හානියක් සිදු වෙනවා යැයි හිතුණේ නැද්ද?කොහෙත්ම නැහැ. මේක චිත්‍රපට දර්ශනයක් පමණයි. අනික මම නෙවේ මෙහෙ සිගරට් එකක් බොන්නේ ස්වර්ණා අක්කා.* ඔබට ඒ දර්ශනය නැතුව චිත්‍රපටයේ පෙනී සිටින්න තිබුණනෙ?ඒ දර්ශය ප්‍රතික්ෂේප කරන්න තිබ්බා ස්වර්ණා කියන්නේ මල් ගවුමක් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් බැඳ ගත්තු ගමේ කෙනෙක් නම්. අන්න එතකොට ඒ දර්ශනය අතාත්ත්විකයි. ස්වර්ණා තනිකරම විලන් කෙනෙක්නේ. එතැනට ඒ දර්ශනය සුදුසුම සුදුසුයි. මං ඒ සීන් එක අයින් කරන්න කිව්වා නම් චිත්‍රපටයට කෙරෙන දැඩි අසාධාරණයක්.* මා දන්නා පරිදි ඔබ දුම්වැටි විරෝධී කෙනෙක්?ඔව්.* එහෙම කෙනෙක් මෙහෙම චරිතයක් රඟපෑම හරිද?මං සැරයක් කිව්වනේ මේක චිත්‍රපට දර්ශනයක් විතරයි කියලා. අනික මේ මං සිගරට් බීපු ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ටයිම්.* පියුමිගේ පෞද්ගලික ජීවිතයට මේ දිනවල විශේෂ කෙනෙක් ළං වෙලා ඉන්නවා. එයා කැමති ද ඔබ මේ වගේ දර්ශනවලට පෙනී සිටිනවාට?එයා මාව හොඳින් තේරුම් ගත් අයෙක්. පියුමි ශානිකා කියන්නේ කවුද කියන එක ඔහුට අමුතුවෙන් තේරුම් කරලා දෙන්න අවශ්‍ය නැහැ.* ඒ කියන්නේ ඔහු ඔබට බෙහෙවින් ළං වෙලා?අනිවාර්යයෙන්ම. එයා දැන් මගේ හෙවනැල්ල වගේ.* ජීවිතේ අලුත් වෙනසක් වෙන්න වගෙයි හදන්නේ?ළඟදීම ඒ වෙනස වේවි. තවම දින වකවානු තීරණය කරලා නැහැ.* පියුමි කියන්නේ අනන්තවත් රැවටීම්වලට ලක් වෙච්ච කෙනෙක්. මං හරිද?හරි.* මොකක්ද ඒකට හේතුව?මගේ හිත හොඳකම.* ඔය හොඳ හිත පැත්තකින් තියලා ටිකක් කපටි වෙන්නකො?මට එහෙම පුරුදු නැහැ අනේ.* පහුගිය කාලේ පියුමිගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න ඇති වුණ වෙලාවේ අර විශේෂ කෙනා ළඟටම වෙලා ඉන්න ඇති?හ්ම් . . . එයයි මල්ලිලා දෙන්නයි, අම්මයි, තාත්තයි ඒවාට හොඳින් මුහුණ දුන්නා.* පියුමිගේ කටකාරකමේ තරම ඔහු දන්නවාද?මොකෝ නැත්තේ. මේ කට අසාධාරණයට විරුද්ධව විතරයි කියලා ඔහු දන්නවා.* මෙච්චර රහ කර කර ඔබ කතා කරන ඔහුගේ පෞද්ගලික විස්තර කියන්නේ නැත්තේ ඇයි?මට එයාව ඕනෑ නිසයි එහෙම කරන්නේ. දැන්ම කාටවත් එයාව හඳුන්වලා දෙන්න බයයි මට.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ඉන්දික මල්ලවාරච්චි
|
CREATIVE
|
සම්මානනීය පෙරදින තාරකාව, නූටාන් පදිංචි වී සිටි කරේගෝන් පෙදෙසේ නිවෙසේ ගොවිපළේ තටාකයේ දී දින තුන හතරක් වයසැති බිලිඳියක ගේ සිරුරක් හමු වී තිබේ. ආරක්ෂක නිලධාරීන් විසින් සිරුර සොයාගන්නා විට හොඳටම නරක් වී තිබූ බව කියැවෙයි. දැන් එහි පදිංචි වී සිටින්නේ නූටාන් ගේ පුතු නළු මොහිෂ් බාල්ය. සිද්ධිය ආරංචි වූ සැනින් ඔහු එතැනට ගොස් ළදරු සිරුර බලා තිබේ.
|
CREATIVE
|
අපේ විනෝද සමයට ආවේණික වෙච්ච වචනයක් තමයි ‘ඕයි’. මේ වචනය එදා අපේ විනෝද සමය තුළ භාවිත කළේ අමාරිස් අයියා චරිතය කළ සැමුවෙල්. මේ ඕයි කියන වචනය යොදාගෙනම අපි විනෝද සමයට පිටපතක් නිර්මාණය කළා. එදා ඒ පිටපතේ විනෝද සමය හඳුන්වලා තිබුණේ ‘භාගය’ නමින්.හාමු මහත්තයා - ආයිබෝවන් අමාරිස් අයියා. මම මේ ගමනක් යන ගමන් ගොඩ වුණේ.අමාරිස් අයියා - ආයිබෝවන් හාමු මහත්තයා, එන්ඩ එන්ඩ ආපු එක හොඳයි. මමත් මේ කම්මැලිකමේ හිටියේ. බඩගිනියි, වහින්නත් වාගෙ ගෙනාව භාගයක්.හාමු මහත්තයා - බාගෙම බිව්වද?අමාරිස් - නැහැ, කෑවා.හාමු මහත්තයා - මොනවා?අමාරිස් - පාන් භාගයක් ඕයි.හාමු මහත්තයා - ආ අමාරිස් අයියා දැන් සනීපද?අමාරිස් - දැන් හුඟක් හොඳයි හාමු මහත්තයා. හැබැයි හීනෙන් එහාට මෙහාට යනවා. ඊයේ මම තමුන්නාන්සේලාගේ ගෙදර ගියා.හාමු මහත්තයා - ඒ කොයි වෙලාවෙද?අමාරිස් - ඊයේ උදේ.හාමු මහත්තයා - ඊයේ උදේ මම හිටියනෙ. කීයට වාගෙද ආවේ?අමාරිස් - හීනෙන් ඕයි. මම යන කොට මිදුලෙ ලොකු බල්ලෙක් හිටියා. මූ මට ගොරවන්න පටන් ගත්තා. විශ්වාස කරන්න හාමු මහත්තයා ගැහැව්වා බල්ලට පයින් පාරක් අඩි විස්සක් ඈතට විසි වුණා.හාමු මහත්තයා - ඇයි එහෙම කළේ. මම ආදරේට හදන සතානේ.අමාරිස් - හීනෙන් ඕයි.කළුවර නම් ටෝච් එකක් ඕනෑලී මඩුව තේමාව රැගත් විනෝද සමය හරිම අපූරු රසවත් සිනා සාගරයක්. එදා මේ ලී මඩුවට රංගනයෙන් දායක වුණේ ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, ධර්ම ශ්‍රී මුණසිංහ. ලී මඩුවේ අයිතිකරු වූයේ ඇනස්ලි. එහි රැකියාවක් සොයා පැමිණෙන අපේක්ෂකයා වුණේ බර්ටිය. ධර්ම ශ්‍රී එහි පාරේ යන මගියෙක් ලෙසින් රංගනයට එක් විය.දැන් ලී මඩුව තේමා කොට විනෝද සමය රඟ දැක්වීමට සූදානම්ය. ලී මඩුවේ අයිතිකරු ලෙසින් ඇනස්ලි සරමක් හා බැනියමක් ඇඳ වාඩි වී බලා සිටී. ඒ අතරේ රැකියා අපේක්ෂකයකු ලෙසින් බර්ටි වේදිකාවට පැමිණෙමින් සිටී.ඇනස්ලි - මොකද මේ ඉලන්දාරියා?බර්ටි – ලී මඩුවට සේවකයෙක් ඉල්ලලා තිබුණෙ. ඒකයි ආවේ.ඇනස්ලි - ලී ගැන පලපුරුද්දක් තියෙනවද?බර්ටි – ඔව්. අපේ ලී කෙලි මාස්ටර්ගෙනුත් ලියුමක් ගෙනාවා.ඇනස්ලි - ළමයා මේකත් ලී කෙලියක් තමයි. හැබැයි මේක ඉස්කෝලෙ ලී කෙලිය නොවෙයි. ලී ගැන දන්නවද?බර්ටි – දන්නවා දන්නවා.ඇනස්ලි - මෙතන කොස් තියෙනවා, තේක්ක තියෙනවා, බුරුත තියෙනවා, කළුවර තියෙනවා.බර්ටි – කළුවර තියෙනවා නම් ටෝච් එකක් ඕනෑ.ඇනස්ලි - ළමයා ලී වර්ග ගැන මේ කියන්නේ. වල්ලී හඳුනනවාද?බර්ටි – ඔව්. අඳුනනවා. ලෙච්චිමීගේ නංගිනේ. මොනවා කියනවද මන්දා?ඇනස්ලි - මුමුනමින් . . . මේ මිනිහා මොකුත් දන්නෙ නැහැනෙ.ඇනස්ලි - හොඳයි හොර අඩියක් කීයද?බර්ටි - හොර තැන්වල නම් 1.10 යි. හැබැයි කලවං.අපේ තාත්තා යන්නේ බාර් එකටමයි. එහෙ 1.20 යි.ඇනස්ලි - ඕයි කොස්. දෙල්. හල්මිල්ල, රට අඹ තියෙනවා කියලා පාරේ යන මිනිස්සුන්ට කෑගහල කියන්න පුළුවන්ද?බර්ටි – පුළුවන් පුළුවන්.ඇනස්ලි - එහෙනම් යනවා දැන්මම පාරට. මිනිස්සුන්ව එක්කන් එනවා.බර්ටි – (මහ පාර අයිනට ගොස්) එන්ඩ එන්ඩ කොස් තියෙනවා. දෙල් තියෙනවා.මේ අවස්ථාවේ පාරේ යන මිනිසෙක් ලෙසින් ධර්ම ශ්‍රී මුණසිංහ වේදිකාවට පැමිණෙයි.ධර්ම ශ්‍රී - කොස් තියෙනවද?බර්ටි – තියෙනවා, තියෙනවා.මොකේද ගෙනි යන්නේ?ධර්ම ශ්‍රී – කෙහෙල් කොලයක් ගෙනාවා. දවල්ට කන්ඩ ටිකක් තිබුණොත් ඇති.ඇනස්ලි - ඕයි මේ හිඟන්නෙක්නෙ ගෙනත් තියෙන්නේ.චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - ශාන් රඹුක්වැල්ල
|
CREATIVE
|
අධ්යක්ෂ නිවාස අඩස්සියේ තබා අත්දැකීම් තිරයට එයිThis is not a filmකලා සම්ප්‍රදායන් පිළිබඳ අධ්‍යයනයේදී ඉරානයට දීර්ඝකාලීන ඉතිහාසයක් හිමි වේ. සාම්ප්‍රදායික මාධ්‍යයන්ගේ ක්රමික විකාශනයේ ප්‍රතිඵලයක් ලෙසින් ඉරානයේ බිහි වූ සිනමාව ලෝක සිනමාව තුළ වර්තමානය වන විට කලාත්මකභාවය පාර්ශවයෙන් ප්‍රමුඛත්වයේ පසුවන්නකි. විසිවන සියවස ආරම්භයත් සමඟම ඉරාන සිනමාව ඉතා පෙරළිකාර මඟක් ගත්තේය. ඉරාන කලාකරුවා මුහුණ දෙන සීමා මායිම් ජයග්‍රහණය කරනු වස් ඔවුන් වඩ වඩාත් නිර්මාණාත්මක බවින් ඉදිරියට ගමන් කරනු හඳුනාගත හැකි වේ.මෙම තත්ත්වය ඉරාන සිනමාව ලෝක අවධානයට යොමු වීම සඳහා තුඩුදුන් හේතුවක් ලෙසින් සඳහන් කළ හැකිය. වර්තමාන සිනමා ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන අබ්බාස් කිරොස්තාමි ද එවන් ඉරානයේ නිෂ්පාදනයකි. ඔහුගේ ආභාසයෙන් වර්ධනය වූ වඩාත් යථාර්ථවාදයට ගරුකළ සිනමාකරුවෙකු වන ජෆාර් පනාහි පිළිබඳව මෙම ලිපියෙන් අවධනය යොමු කෙරේ.ඉරාන නවරැල්ලේ සිනමාකරුවකු වශයෙන් හැදින්විය හැකි ජෆාර් පනාහි 1960 ජූලි 11 නැගෙනහිර අසර්බයිජානයේ මෙයානේ නම් ප්රදේශයේ්දී උපත ලැබීය. මොහු මේ වන විට ඉරානයේ සිටින වඩාත්ම කතාබහට පාත්රව සිටින සිනමාවේදියා වශයෙන්ද හඳුන්වා දෙන්නට පුුළුවන. ‘මෙය චිත්‍රපටයක් නොවේ’නිවාස අඩස්සියේ සිටින්නකුගේ දින චර්යාවේ පැතිකඩක් නොඑසේ නම් තමන්ගේම ජීවිතය සිනමාවට නඟමින් පනාහි ‘මෙය චිත්‍රපටයක් නොවේ’ යන වාර්තා චිත්‍රපටය නිර්මාණය කරයි. චිත්‍රපටය ඇරැඹෙන්නේ සිය නිවසේ සිට ආහාර ගන්නා පනාහිගෙනි. ඔහු මඳ වේලාවකින් ඔහුගේ සගයකු වන මිත්රමාබ්ට දුරකථන ඇමතුමක් ගනී. යමක් කථිකාකර ගැනීමට අවශ්‍යය බව පවා ඔහුට නිවසට පැමිණෙන ලෙස පවසයි.ඔහු නිවසට පැමිණීමත් සමඟ පනාහි සිය අදහස ඉදිරිපත් කරයි. ඔහුට අවශ්‍යය වන්නේ සිය නඩු තීන්දුව ලැබෙන තුරු ගෙවෙන කටුක අමිහිරි කාලය ප්රතිඵලදායී ලෙස ගත කිරීමටයි. ඔහු තමන් නිර්මාණය කරන්නට බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක තිරපිටපත ප්‍රේක්ෂකයාට පෙළක් ඉදිරිපත් කරන ආකරයෙන් කැමරාව ඉදිරියේ ඉදිරිපත් කරන්නට උත්සාහ දරයි. මෙම චිත්‍රපටය ඔස්සේ ද කියවෙනුයේ ඉරානයේ කාන්තාවට සිදුවන ආසාධාරණයයි.විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසුකම් ලබන ශිෂ්‍යාවක් ඇගේම පවුලේ පිරිස විසින් නිවස තුළ සිරගත කර ඇගේ අධ්‍යාපනය අඩාල කරනු මෙම චිත්‍රපටයේ ඉදිරිපත් වන කතා තේමාවයි. සිය නිවසේ සාලය තුළ ටේප් පටිවලින් චිත්‍රපටයේ ඉදිරිපත් වන කථානායිකාවගේ නිවසත් ඇගේ නිදන කාමරයත් නිර්මාණය කරන පනාහි තිර රචනයේ එන දර්ශනයක්, තමන්ම රංගනයේ යෙදෙමින් ඉදිරිපත් කරයි. එය අතිශයින් දුෂ්කර කර්තව්‍යයකි.නමුත් මේ උත්සාහය ඔස්සේ නිර්මාණය වන පනාහිගේ ජීවිතයේ දිනක සරල දිගහැරුම ඉරාන කලාකරුවාගේ ඉරණම පිළිබඳව ඉතා සංකීර්ණ තලයක සාකච්ඡා කරන අන්දමේ වාර්තා චිත්‍රපටයක් වේ.වෙඩි හඬක්, ගිලන් රථයක සිත කීරි ගැහෙන හඬත් පනාහිගේ සුඛෝපභෝගී නිවසේ ජනේලයෙන් පිටතින් ඉතා සියුම් ආකාරයෙන් ඇසෙමින් ඇරැඹෙන චිත්‍රපටය අවසන් වන්නේ නව වසර සමරන්නට කරන ගිනිකෙළි සංදර්ශන, පීසාවලට ලොල් වූ ඉරාන වැසියන්ගෙන් සහ කලා පර්යේෂණ පිළිබඳ උපාධියක් හදාරන, රැකියාවක් පිළිබඳව නිෂ්චිත අරමුණක් නොමැති කුණු එකතු කරන්නට පැමිණෙන තරුණයෙකුගෙනි. මේ සියල්ල නිර්මාණය කරන ලද චරිත නොව සත්‍ය ජීවිතයේ පනාහි අවට ජීවත් වන්නන්ය.මෙම චිත්‍රපටය කාන්ස් චිත්‍රපට උළෙල, නිව්යෝක් සිනමා උළෙල, 27 වන වර්ෂෝව් අන්තර් ජාතික සිනමා උළෙල නියෝජනය කරන අතර සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාව 2013 වසරේ නිර්මාණය වූ හොඳම චිත්‍රපට අතරට ද එක්කර ගනී.චතුරිකා නිමලචන්ද්රජ ෆා ර් ප නා හි
|
CREATIVE
|
ලෝකයේ සිනමා කර්මාන්තයට දුන් දායකත්වය වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ මුල්ම යාවජීව සම්මානය ආසියානු සිනමාවේ ජීවමාන මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත පිරිනැමෙනු ඇත.මෙම උළෙල සැප්තැම්බර් 02 – 07 වැනිදා දක්වා කොළඹ රීගල්, මැජස්ටික්, අල්ට්රා එම්පයර් සහ තරංගනී සහ කොළඹ ජර්මන් සංස්කෘතික ආදී ශාලාවලදී පැවැත්වේ.වර්තමානයේ ක්‍රියාත්මක මෙරට සිනමාශාලාවක් වන කොළඹ රීගල් සිනමාහල, නවීනතම ඩිජිටල් තාක්ෂණය සහිතව හා වඩා පේ්රක්ෂක පහසුව සැලසීම සඳහා අලුත් අංගෝපාංග සහිතව අලුත්වැඩියා කරමින් පවතියි.නවීකරණය රීගල් සිනමාහල චිත්‍රපට ප්‍රදර්ශනය ඇරැඹෙන්නේ ලබන සැප්තැම්බරයේ ඇරැඹෙන කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල හා සමගාමීවය.මෙරට චිත්‍රපට මාලිගා (Picture Palace) ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩනැගුණ එකම ශාලාව වනුයේද රීගල් සිනමාහලය.1928 දී ඇරැඹි කොළඹ රීගල් නිහඩ සිනමා යුගයේ ප්‍රදර්ශනය අරඹා ඩිජිටල් යුගයට පරිවර්තනය වන එකම මෙරට සිනමාහලයි. රීගල් සීමාසහිත සිලෝන් තියටර්ස් පාලනය යටතේ පවතින සිනමාහලකි.-ප්‍රසාද්
|
CREATIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.