comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
මේ දවස්වල කෝරළේ මහත්තයා සංස්කරණ වැඩ කටයුතු සමඟින් තමයි කාලය ගත වෙන්නේ.ඉදිරියේදී විනෝදාත්මක චිත්‍රපටයක් රූ ගන්වන්නත් බලාපොරොත්තුවෙන් ඒ සඳහා සූදානම් වෙනවා.
CREATIVE
තම සැමියා වෙනත් කාන්තාවක ඇසුරු කරන බව කන වැකුණොත් කලබල නොවන බිරියක් සිටිනවාද? එහෙත් ජනපති ජෝන් එෆ්. කෙනඩිගේ බිරිය ජැකී කෙනඩි නම් එවැන්නියක් නොවේ. ජනාධිපති සැමියා, සරාගී සුරූපී මැරිලින් මොන්රෝ තාරකාව සමඟ පෙමින් වෙළී සිටින බව ජැකී දැනගෙන ඇත්තේ මොන්රෝගේ මුවින්මයි.මැරිලින්, ජෝන් ජනපති සමඟ සබඳතාවක් පවත්වන බව පැවසූ විට ජැකී කියා ඇත්තේ ‘විශිෂ්ටයි, ඔබ පළමු කාන්තාව වී ධවල මන්දිරයට එන්න. එවිට මං නිදහස්. ඔබට තමයි ගැටලු සියල්ලම’ කියායි. ‘ද ෆයිනල් ඉයර් ඔෆ් ජැක් විත් ජැකී’ කෘතියේ මේ බව සඳහන් කර ඇත. කතුවරයා ක්‍රිස්ටෝපර් වැඩිදුරටත් කියා ඇත්තේ, ජෝන්ගේ චපලකම් ඉදිරියේ ජැකී නොදුටුවා සේ සිටියා වුවත්, මොන්රෝ සමඟ පැවැති සම්බන්ධතාව ඇයගේ හදවතට විස කටුවක් වූ බවයි. එයින් අදහස් වන්නේ මුවින් පැවසූ දෙය ජැකීගේ හදවතෙහි නොතිබුණු බවයි.පොතට අනුව මොන්රෝ, ජෝන් එෆ්. කෙනඩි සිය බිරියගෙන් වෙන් වී තමන් වෙත පැමිණෙනු ඇතැයි කියා විශ්වාස කළාය. ‘මාව රටේ පළමුවෙනි කාන්තාව විධියට දකින්න කැමැති ද?’ කියා වරක් ඇය මිතුරියකගෙන් අසා තිබේ.නයෙක් දුටු විට බියෙන් දුවන්න තරම් කාන්තා සිත සියුමැලියි. ඒත් සුපිරි පොප් ගායිකා රිහානාට නම් නයින් බිය පාටය. මෑතකදී ඇය ඡායාරූප එකතුවකට පෙනී සිටියේ නයි සමකින් තැනූ බිකිනියකින් සැරසීලායි. විසිපස් හැවිරිදි රිහානා අමුතුම තාලයේ බිකිනි විලාසිතාකාරියකි.කේට් ප්‍රයිස් සිව්වැනි වරටත් උතුම් වූ මවු පදවිය ලැබුවාය. තිස් පස් හැවිරිදි ඇයට මෙවර ලැබුණු දරුවා නම් හදිසිකාරයෙකි. ඔහු නොමේරූ දරුවකු ලෙස බිහි වූයේ අටවැනි මාසයේදීයි. බර කිලෝ ග්‍රෑම් 5 ක් වුණත් දරු පැටියා සුවෙන් සිටින බව ආරංචියි. තෙවැනි සැමියා හේලර්ස් ද දරු ප්‍රසූතිය සිදුකරන ශල්‍යාගාරයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියත් එයට අවසර ලැබී නැත.රොබට් පැටින්සන්, ක්‍රිස්ටින් ස්ටුවර්ට් ප්‍රේම වෘත්තාන්තය බොලිවුඩයේ සොඳුරුතම ආදර කතාවක් වුවත් එය දැන් අනාදරයෙන් අවසන් වී හමාරය.නව යෞවන වියට පිය මනිනවාත් සමඟ රොබට් මෝස්තර නිරූපණයට යොමු වුණේ සුරූපී තරුණියන් ඇසුරට ඇති කැමැත්ත නිසයි. 2008 දී ට්විලයිට් දර්ශන තලයේදී සුරූපී ක්‍රිස්ටීන් ස්ටුවර්ට් හමුවීමත් සමඟ ඔහුගේ තරුණ ගැහැනු දරුවන් හමුවීමේ ආසාවට නැවතීමේ තිත තැබිණි.එහෙත් සිව් වසරකට පසු ක්‍රිස්ටීන් – පැටින්සන් ප්‍රේමය බිඳ වැටුණේ ක්‍රිස්ටීන් විවාහක රූපට් සැන්ඩර්ස් අධ්‍යක්ෂවරයා සමඟ පෙමින් බැඳුණු නිසයි. තමා සමඟ පෙමින් බැඳී සිටියදී මෙබඳු චපලකමක් පෑ ක්‍රිස්ටීන් දැන් පැටින්සන්ට කෙතරම් අප්‍රියදැයි කිවහොත් ඔහු ඇය මඟ හැරීමට බෙවර්ලි හිල්ස් හි පදිංචියට ගොස් තිබේ. පැටින්සන්ගේ අලුත් අසල්වැසියන් වන්නේ ගවේන් ස්ටෙෆ්නි, ක්‍රිස්ටිනා ඇගියුලෙරා වැන්නියන්ය. බ්‍රිට්නි ස්පියර්ස් ද එම නිවෙසේ පදිංචි වී සිට ඇත.ෂෙයිලීන් වූඩ්ලි රංගනය සැබෑ ජීවිතයට සම්බන්ධ කරගෙන ඇත්තේ අපූරු ආදර්ශමත් අන්දමකටය. විසිඑක් හැවිරිදි ඇය පිළිකා රෝගියකු සේ ‘ද ෆෝල්ට ඉන් අවර් ස්ටාර්ස්’ සිනමාපටයේ රඟන්නීය. රංගනය නිසා ඇයට හිස බූ ගෑමට සිදුවන අතර ඒ කෙස් ඇය හිසකෙස් නැති දරුවන්ගේ හිසෙහි සිටුවීම සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුª වන්නීය.- චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ප්‍රේමය යනු ලෝකයේ හමුවන මිහිරිතම වදන්වලින් එකකි. ලෝකයේ ජීවත්වන ඕනෑම අයෙකුට කිනම් මොහොතක හෝ කුමන ආකාරයක හෝ ප්‍රේමයක අත්දැකීම් ඇත. දෙදෙනකු අතර ඇතිවන බැඳියාව මත හට ගන්නා ආදරයක පළමු අත්දැකීම ඉමිහිරි වූ එකකි. මේ සරසවිය ඔබ අප ආදරය කරන තරුවල පළමු ආදර කතාව සොයා යන ගමනයි. අද ඒ ගමනේ අප සොයා යන්නේ ධනුක දිල්ෂාන්ගේ ආදර අන්දරයයි. මේ වනවිට සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා සම්මානයේ දෙවැනි තැනට මනාප ලබා ඇති ඔහු ‘සඳ පිනි බිඳක’, ‘දම්සාරි’, ‘තූර්යා’ ආදී ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙයි.* ඔබ පෙම්වතෙක්ද?මම දැන් නම් පෙම්වතෙක් නෙවෙයි.* ඒ කියන්නේ ඔබ මීට කලින් පෙම්වතෙක්?ඔව්. ඒ අවුරුදු තුනකට කලින්.* ඒ ආදරයට මොකද වුණේ?ඒක නැති වුණා.* කවුද ඈ?ඇගේ නම කියන්න මා කැමැති නැහැ.* මොකද ඒ?ඒක එහෙම තමයි.* එහෙනම් ඈ අහිමි වුණේ?ගෙවල්වලින් අකැමැති වුණා.* කාගේ නිවෙසින්ද?අපේ ගෙදර අය ඇයට අකැමැති වුණා. ඊට පස්සේ ඇගේ ගෙදර අයත් අකැමැති වුණා.* ඒ වෙනකොට ඔබ නළුවෙක්ද?නෑ. එතකොට මම මේ වගේ දිගටම රඟපාන්නේ නෑ.* හරියටම ඒ මොන කාලයේද?මම හිතන්නේ ඒ ඒ ලෙවල්වල අන්තිම කාලයේ.* ඇයත් පාසල් ළමයෙක් ද?ඔව්. අපේ පාසලේ නම් නෙවෙයි.* ඔබට ඇයව මුණ ගැසෙන්නේ කවදාද?ඒක නම් මට අමතකයි.* කොහේදීද?ඈ අපේ අසල්වැසියෙක්.* අසල්වැසියාට ඔබ ප්‍රේම කළා.එහෙම තමයි.* මතකද ඇයට ඔබ මුලින්ම ආදරෙයි කියූ දවස?මුලන්ම මම ඇයට ආදරෙයි කිව්වේ ෆෝන් එකෙන්.* කවද ද කියලා මතකද?එහෙම මතක නෑ.* අසල්වැසියෝ නම් ගෙදරට යනවා එනවා ඇති නේද?එහෙම නෑ.* ඒ කියන්නේ ඈ ඔබගේ නිවස අසලම නෙවෙයිද?නෑ ගෙවල් කිහිපයකට එහායින් ඈ හිටියේ.* ඈ දුටුව ගමන් ආදරයක් ඇති වුණා?එහෙම්මම නෙවෙයි.* එහෙම නම් කොහොමද?අපි ටික කාලයක් හොඳ යහළුවන් ලෙස ඇසුරු කළා.* ඊට පස්සෙයි ආදරය ඇති වුණේ?ඔව්.* ඈ ඔබගේ ආදරය එක්වරම පිළිගත්තද?ඔව්. පිළිගත්තා.* ඇය ඔබට මුලින්ම දුන්න තෑග්ග කුමක්ද?මට මතක නෑනේ.* ඒ වුණාට බොහෝ දෙනා කියන්නේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැහැයි කියලනේ.මම ඒක අමතක කරලා ඉවරයි.* ඔය තරම් ඉක්මනට ඒක අමතක කරන්න පුළුවන් වුණාද?ඔව්. එදා ඉඳලම මම ඈව අමතක කළා.* ඔබ ඇයට කොයි තරම් කාලයක් ආදරය කළාද?මීට වසර තුනකට පෙර ඇය මට නැති වුණත් මා ඇයට වසර එකහමාරක් පමණ ආදරය කළා.* නිවෙසින් අකැමැති නිසා එක පාරටම ඇයව ඔබට අමතක කළ හැකි වුණාද?නෑ. එක පාරම අපි ආදරය කිරීම නතර කළේ නෑ.* කොහොම හරි අන්තිමට ආදරයට තිත තිබ්බා.එහෙම වුණා.* ඈ කැමැති වුණාද ආදරය අතරමඟ නවත්වන්න?අන්තිමට කැමැති වෙන්න සිද්ධ වුණා.* ඔබ තවමත් ඇයට ආදරෙයිද?නෑ.* ඇයි එහෙම කියන්නේ?දැන් එයාට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බව ආරංචි වුණා.* ඔයාට දැන් පෙම්වතියක් නෑ කියලද ඔය කියන්නේ?මට තවමත් පෙම්වතියක් නෑ.* එක පිළිගන්න පුළුවන් පිළිතුරක් නොවෙයිනේ. මොකද දැන් අවුරුදු තුනක්?ඔව් ඉතින්. ධනුක නැවතත් ආදරය ගැන හිතුවේ නෑ.* රඟපෑමට සම්බන්ධ වෙන්නේ කොයි කාලෙද?කුඩා කාලයේ පටන්ම මම රඟපෑවා. සිරස රූපවාහිනියේ විවිධ වැඩසටහන් කළා. ටික කාලයක් ඉන් ඈත් වුණේ ක්‍රිකට් නිසා. නැවතත් රඟපෑමට ආවේ A/L වලින් පස්සේ.* මුලින්ම රඟපෑවේ?රුවන් මාලිගා ටෙලි නාට්‍යයේ.* මේ වනවිට ඔබ ජනප්‍රිය නළුවෙක්. සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් අතර දෙවැනි තැනටයි ඉන්නේ.ආදර ආරාධනා ලැබෙන්නේ නැතිද?ගොඩාක් ලැබෙනවා. නමුත් ඒ අයගේ හිත රිදවන්න අකැමැතියි. ඒ නිසා දෙපැත්තම බැලන්ස් එකේ තමයි කටයුතු කරන්නේ.* මේ ආරාධනා අතර ඔබ වඩාත් කැමැතිම යුවතියකට හිත ගියොත් මොකද කරන්නේ?හිත ගියොත්, හිත ගියාදෙන් කියලා මම මගේ පාඩුවේ ඉන්නවා.* ඔය තරමටම ගැහැනු ළමයි එපා වෙලාද?අම්මෝ, ඔව්.* ඒ වුණු සිදුවීම කියන්නත් අකැමැතියි නේද?මතක් කරන්නවත් කැමැති නෑ.* හැම ගැහැනු ළමයාම එක වගේ නෑනේ?ඒ අයව මට නම් වැඩක් නෑ.* හැමදාම ඔහොම ඉන්නවා කියල ද කියන්නේ?නෑ. එහෙම නෑ. දැනට නම් ලොකු උවමනාවක් නෑ.* නිවෙසේ අය ඔබට මනමාලියෝ සොයනවද?නෑ. ඒ අය මට මගේ පාඩුවේ ඉන්න දීලයි තිබෙන්නේ.* ආදරය කියන්නෙ මොන වගේ දෙයක්ද?ආදරය කියන්නේ එක වරක් පමණක් හිතේ ඇතිවන බැඳීමක්.* ඒ කියන්නේ ධනුක ආදරය කරන්න කැමැති නෑ?ඔව්. දැන්ම කැමැති නෑ.* නමුත් බොහෝ දෙනෙක් කියනවනේ තරුණයන්ට ආදරය නැතිව ඉන්න බෑ කියලා.ඒක බොරුවක් නේ.- තිලානි ශානිකා විතානාච්චි
CREATIVE
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක් තිරගත වෙනවා. ඒ රටවල් ගණනාවක් නියෝජනය කරන චිත්‍රපට. මේ කිසිවක් අප රටේ කොතැනක හෝ තිරගත කරන්නට ප්‍රථම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට පෙන්විය යුතුයි. ඒක තමයි සම්ප්‍රදාය. අප මෙම උළෙල මේ රටේ සංවිධානය කරන්න තීරණය කළේ මීට සති කිහිපයකට උඩදී. ඉතින් මේ සුළු කාලය අතරතුර චිත්‍රපට සියල්ල රැඟුම් පාලක මණ්ඩලයට පෙන්වන්න පුළුවන් වේවිද කියන සැකය තිබුණා.නමුත් අප හිතුවාටත් වඩා රැඟුම් පාලක මණ්ඩලයෙන් අපට අති විශාල සහායක් ලැබුණා. දිවා රෑ නොබලා ඔවුන් අපට උදවු කළා. ඒ අනුග්‍රහය චිත්‍රපට උළෙලට අප්‍රමාණ සවියක්. සැබවින්ම ඔවුන් මෙම උළෙලේ වැදගත්කම හඳුනාගෙන තිබුණා. සිනමාවට ළැදි අනාගත පරපුරට මෙම සිනමා උළෙලෙන් අති විශාල දැනුම් සම්බාරයක් ලබා ගත හැකියි. බැරි වෙලාවත් රැඟුම් පාලක මණ්ඩලය චිත්‍රපට අවසරය ලබා දෙන තැනදී යම් වාරණයක් පැන වූවා නම් ඇතැම් සිනමාපට නොපෙන්වන්නට සිදු වෙනවා. එසේ වුණා නම් සීමිත චිත්‍රපට ගණනකුයි උළෙල නියෝජනය කරන්නේ. එහෙත් රැඟුම් පාලක මණ්ඩලය උළෙලේ චිත්‍රපට හැම එකක්ම නරඹලා කිසිම වාරණයකට ලක් නොකොට අවසරය දුන්නා.අනෝමා රාජකරුණාවැඩසටහන් සම්පාදක,කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල
CREATIVE
උදා වූ මේ සතිය මගේ ජීවිතයේ සුවිශේෂතම සතියක්. මගේ උපන් දිනය යෙදී තියෙන්නේ මේ සතියට. එදාට මට වයස අවුරුදු 55 සම්පූර්ණ වෙනවා. ඒ වගේම තිස් වසරක ගුරු සේවයට සමු දී එදාට විශ්‍රාම ගැනීම නිසා මේ සතිය මට සුවිශේෂ සතියක් වෙනවා. එය මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්. ගුරු වෘත්තිය සහ රංගනය නිසා මං ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කලේ.ඒ නිසා ආරාධනා කළ චරිත බොහොමයක් ප්‍රතික්ෂේප කරන්නත් සිදු වුණා. ඉදිරි කාලය නම් පූර්ණකාලීනව රංගනය වෙනුවෙන් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ටෙලි නාට්‍ය වගේම වේදිකාව සහ සිනමාව වෙනුවෙනුත් මට කාලය වෙන් කරන්නට පුළුවන්.මේ දිනවලත් මම රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. ගිරිකුළ, සඳසාවි, හිරු තනි වෙලා, කළු අරලිය, රනා වගේම තව අලුත් ටෙලි නාට්‍යයකත් වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිතව තියෙනවා.
CREATIVE
ලත නොමවන් ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය තමයි මට ක්ෂේත්‍රයට එන්න පෙරමං තැනුවේ. ඒ අසූ ගණන්වල. ඒ කාලෙ මට වේදිකා නාට්‍ය රඟපාන්න පුදුම ආසාවක් තිබුණා. පොඩි කාලේ හැංගි හැංගි සින්දු කියපු මට ප්‍රසිද්ධ වේදිකාවට එන්න මගේ අම්මගෙන් මට ලැබුණේ ලොකු හයියක්. අම්ම දැනට ජීවතුන් අතර නැතත් ඇය මාව නිළියක් විදිහට දකින්න හීන මැව්වා. මගේ තනියට හිටියේ අම්මා. ඒත් මගේ විවාහයෙන් පස්සේ කලා ජීවිතේ පසුබෑමට ලක් වුණා. මම ආදරෙන් රැක ගත්ත කලා ජීවිතේ සිහිවටන මට නැති වුණා. ඒත් මගේ හිත ශක්තිමත්. ආයෙත් කවද හරි ක්ෂේත්‍රයට එනවා කියන තීරණේ මම හිටියා.යළිත් කලා නිර්මාණවලට සම්බන්ධ වුණු මට මගේ සහෝදරිය නිසා සමහර අවස්ථාවන් අහිමි වුණා. මට කතා කරන නිර්මාණවලට ඇය සම්බන්ධ වෙන්නට පටන් අරන්. මා රංගනයෙන් ඉවත් වී සිටින බවක් පවසා ඇය මගේ නිර්මාණ මට අහිමි කළා. නමුත් මම රඟපෑම අත්හැරලා නැහැ. මට තවමත් එදා වගේම හොඳට වේදිකාවේ, පුංචි තිරයේ රඟපාන්න පුළුවන්.ඇය රෝහිණී වික්‍රමාරච්චි. ඇය ආදරයෙන් වැළඳගත් කලා ලෝකේ දුර ගමනක් යන්න තිබුණත් බාධක වැටකඩොලු ඇයට හරස් වුණා. සිය ගමන් මඟ පිළිබඳවත් බාධක බිඳ යළිත් රංගනයට පිවිසෙන සුබ නිමිත්ත පසුගිය දිනක ඇය සරසවියට පැවසුවේ එලෙසිනි.මම ක්ෂේ්ත්‍රයට ආවේ අසූව දශකයේ. ඒ ලත නොමවන් වේදිකා නාට්‍යයෙන්. ඒත් සමඟම ජෙරම් ද සිල්වාගේ ආයෙත් එන්නේ නෑ, වැල්ලේ මාලිගා, සැම්සන් කුමාරගේ විශේෂ කොමසාරිස්, පුෂ්පනාත් මල්ලිකාරච්චිගේ සාක්කි දේවි, ජයන්ත චන්ද්‍රසිරිගේ සරස්වතී, අන්කල් සිමියොං, ජයසේකර අපොන්සුගේ සීමා බන්ධන, යුගාන්තය, සිටුතුමා, වැව ගෙදර, බණ්ඩාරගේ ළඳක් ඉකි බිඳී, තුසිත ද සිල්වාගේ පාර වසා ඇත, විමලරත්න අධිකාරීගේ පරාස්ස නාට්‍යවල මම රංගනයෙන් දායක වුණා.රෝහිණී වේදිකා නාට්‍ය විසිපහකට රංගනයෙන් දායක වූ අතර එහිදී වැල්ලේ මාලිගා නාට්‍යයේ හොඳම නිළිය, සිටුතුමා නාට්‍යයේ හොඳම නිළිය, නැගී එන නිළිය සම්මානයට පාත්‍ර වී තිබේ. පරාස්ස වේදිකා නාට්‍යයේ පුරන්සිනා ගම මහගේ චරිතයෙන් රට හඳුනාගත් රෝහිණී අග පිපි මල්, මධු, තරුවලල්ල, දූවිලි සුවඳ, සීතාම්බර සළු යන ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වී ඇත.මම කැමති වෙදිකාවට. වේදිකාව තරම් හයියක් නළුවෙකුට හො නිළියකට නැති තරම්. ඔවුන්ගේ ශක්තිය වෙන්නේ වේදිකාව. නාට්‍යවලට සම්බන්ධ වෙන්න, රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම තෝතැන්න තමයි වේදිකාව කියන්නේ.රෝහිණී නැවත රංගනයට පිවිසෙන්නයි බලාපොරොත්තුව. කඩා වැටුණු ජීවිතේ ආයෙත් ගොඩ ගන්නට ඇයට උදව්වක් වුණේ ඇයගේ පුතා ශාන්.මම නිළියක් ලෙසින් යම් තරමක හෝ ජනප්‍රියත්වයක් තිබෙනවා නම් ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ සුසිල් ගුණරත්න, මගේ අම්මා, විමලරත්න අධිකාරී සහ මාව නාට්‍යවලට තෝරාගත් හැමෝටම.යළිත් රංගනයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඇයගෙ සියළු බලාපොරොත්තු සඵල වේවායි සරසවියේ සුබපැතුම් සමඟින් අයගේ දුරකථන අංකය සහ ලිපිනය මෙසේ සඳහන් කරමි.ඇයගෙ දුරකථන අංකය 0729033754.ලිපිනය – 65/3, වීරසිංහ මාවත, වරාගොඩ, කැළණිය.සටහන – දීපිකා ජයලත්ඡායාරූපය – නිරෝෂ් ප්‍රියංක
CREATIVE
සිරි අධිමල් කාලයක පටන් සිහින දැක්කේ රංගන ශිල්පියෙක් ලෙස රඟපෑමට සම්බන්ධ වීමටයි. ඒ සිහිනය ඔහුගේ සිතේ ඉපැදුණේ පාසල් යන කාලයෙදිමය. පාසල් වේදිකාවෙන් සිය රංගන කුසලතාව ඔප් නංවා ගත් ඔහුට රැකියාවක් කිරීමට සිදුවූයේ මේ අතරය. විවාහ වී දරු මල්ලන් ලද පසුවද සිය සිතෙහි වූ සිහිනය අමතක නොකළ ඔහු රත්නා පුෂ්ප කුමාරි ගේ ‘මුතු එමු’ ළමා වේදිකා නාට්‍යයට රංගනයෙන් සහභාගි වනනේ සිය සිහිනය සැබෑවක් කර ගනිමිනි.ඊට පසුව පතිරාජ එල්. එස්. දයානන්දගේ ‘සිනෙ කලා’ නිකේතනයේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව හදාරන සිරි අධිමල් අන්දරේ, පස් පෙතියා මල්, අමන්දා, දූවරු, ජීවිතේ ලස්සනයි, බොඳ මීඳුම්, මලී –1, සිහින පියාපත්, රුවන් මාලිගා ඇතුළු ටෙලි නාට්‍ය රාශියකට රංගනයෙන් දායක වෙයි.සුළං කිරිල්ලී, දිය යට ගින්දර, ආකාස කුසුම්, සිරි පැරකුම්, 38 ශ්‍රී, තන්හා රතී රඟා යන චිත්‍රපට ඔස්සේ රිදී තිරයටද රංගනයෙන් සම්බන්ධ වන ඔහු මේ දිනවල පුංචි තිරය අතරෙන් ඔබගේ නිවසට පැමිණෙන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘ආත්මා’ ටෙලි නාට්‍යයෙහි රඟමිනි. දියණිවරු සිව් දෙනකුගේ පියෙකු වන ඔහු සිය රංගන කටයුතුවල නිරත වන්නේ ආරක්‍ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන අතරතුරය.තම පුද්ගලික ආරක්‍ෂක ආයතනයෙන් ලැබෙන නොමඳ සහාය හේතුකොට ගෙන සිය රංගන කටයුතු කරගෙන යෑමට ඔහුට ලැබී තිබෙන ඉඩකඩ පවසන සිරි අධිමල් ඒ සඳහා ලැබෙන උදව්වට ඔවුන්ට ස්තූති කිරීමට ද අමතක නොකළේය. එමෙන්ම මෙතෙක් නිර්මාණවලට දායක කරගත් සියල්ලන්ටද ස්තුතිය පළ කළේ සිරස නමමිනි. 16/2 ඒ, පල්ලිය පාර, වෑවල, පිළයන්දල පදිංචිව සිටින සිරි අධිමල් ට පි‍්‍රය කරන රසිකයන්ට 071-3163050 යන දුරකථන අංකයෙන් ඔහුට ඇමතිය හැකිය.
CREATIVE
‘මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනේනි ශෝබා’...‘ආදරය නිසා හෘදේ බැඳෙනා අපරාදෙ ජීවිත හානී වේ’...‘කියන්න රංකඳ මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා’...අපේ හෙළ සිනමාවේ නිළි රැජන, ගීත කෝකිලාවිය මේ ගයන්නට සැරසෙන්නේ කුමන ගීතය ද? ඇගේ ගීයක් රස විඳින්නට කැමැත්තෙන් මේ තබ්ලාව වයන්නට සැරසෙන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවෙයි. ඔහු තමයි ඉන්දීය සිනමාවේ මහා යුග පුරුෂයා රාජ් කපූර්. විශිෂ්ට රංගධරයකු ලෙසත්, අධ්‍යක්‍ෂවරයකු ලෙසත් අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ රැසක් ඉන්දීය සිනමාවට තිළිණ කළ මේ මහා සිනමාවේදියා රුක්මණී දේවියට ආරාධනා කරන්නේ ඇගේ මියුරු ගීයක් ගායනා කිරීමටයි. මේ ශ්‍රේෂ්ඨ ඉන්දීය සිනමාවේදියා ප්‍රිය කරන්නට ඇත්තේ අපේ ගීත කෝකිලාවියගේ කුමන ගීතයට ද කියලා නම් කියන්න අමාරුයි.මේ බත්කට ගොඩක් රස ඇති නේද? ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂිකා ශ්‍රීයාණි අමරසේන තමයි මේ ගීතා කුමාරසිංහට බත් කටක් කවන්න හදන්නේ.චිත්‍රපටයක් රූගත කරද්දී තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. මේ එහි කෑම කන අවස්ථාවක් රූගත කළ අතරතුරේ දී ගත් එකක් වෙන්න ඇති. ගීතා ළඟම ඉන්නේ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න. ශ්‍රියාණි ළඟ වාඩි වී සිටින වික්‍රම බෝගොඩ තමයි ගොළු හදවතේ සුගත්. එදා සුගත්ගෙ ලොකු නෑනා වුණේ ශ්‍රියණි. මේ බත්කට ගැන මොනවා හරි කියන්න හදන්නේ විමලදාස පෙරේරා. එච්. ආර්. ජෝතිපාල ගයන ‘මා ඉන්නෙ අන්ධකාරෙ දැන්’, රුක්මණී හා සී. ටී. ප්‍රනාන්දු ගයන පුන්සඳ හිනැහෙන්නේ’ වැනි ගීත වගේම ‘සැණකෙළිය, සමනල කුමරියෝ ’ වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළෙත් ඔහුම තමයි. මෙහි මැදිව සිටින අනිත් පුද්ගලයා තමයි ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ. අර්නස්ට් වඩුගේ මෙරට සිනමාවේ නළු නිළියන් විශාල ප්‍රමාණයක් මධ්‍යයට හඳුන්වා දුන් අයෙක්. බිම වාඩිවී සිටින්නේ ප්‍රවීණ කැමරා ශිල්පි එම්. වී හේමපාල හෙවත් තලේ. ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍යය වූ ‘දිමුතු මුතු’ හි කැමරා ශිල්පියා ලෙස කටයුතු කරන්නත් තලේට වාසනාව ලැබුණා. තලේ අද වන විට ශෛල්‍ය කර්මයකට මුහුණ දීලා සුවය ලබමින් සිටින්නේ.යතේජා ඥානරත්න
CREATIVE
කූපනය ඉදිරි කලාපවල නැවත පළවේ එච්. තිළිණි මදාරා හෙට්ටිතන්ත්‍රී අවුරුදු 15 යි – මග්ගොන අධ්‍යාපනය අ. පො. ස. උසස් පෙළ හදාරයි රංගනය අවස්ථාවක් ලැබී නැතයූ. ඒ. පේමදාසඅවුරුදු 60 යි – කඩවත අධ්‍යාපනය – අට සමත් රංගනය - වේදිකා, ටෙලි, චිත්‍රපට  ‘රඟපාන්න ආසයි’ සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.
CREATIVE
දීපිකා පදුකෝන් බොලිවුඩයේ අලුත්ම සිහින තාරකාවයි. අධ්‍යක්ෂවරුන්ගේ ධන නිධානයයි. මේ සුපිරි තාරකාවගේ හද රන්වීර් සිං සොරා ගෙන ඇති බව රහසක් නොවෙයි. දීපිකා මේ ආදරය ලොවට අංශු මාත්‍රයකින්වත් හෙළි නොකළත් රන්වීර් නම් අවස්ථා දෙක තුනකදී සිය ආදරය ගැන පවසා තිබේ.එහෙත් දැන් නම් ඔවුන්ගේ විවාහය සඟවන්නට කිසිදු අයුරකින් ඉඩ නොලැබෙනු ඇත. මේ වන විටත් ඔවුන් විවාහ වී අවසන්ය. එහෙත් ඔවුන් විවාහකයන් ලෙස දකින්න ලැබෙන්නේ හැබැහින් නොවෙයි. රිදී තිරයෙනි.ඔවුන් හොමි අඩජානියාගේ ඊළඟ සිනමාපටයේ රඟපාන්නට නියමිත සැමියා සහ බිරිය ලෙසිනි. එහි අර්ජුන් කපූර් ද රඟපායි. එහෙත් වැඩිපුරම ඇත්තේ දීපිකා සහ රන්වීර් එකට රඟන දර්ශනයි.දීපිකා ජනවාරි 5 වැනිදා විසි අට වැනි උපන් දිනය රන්වීර් සිං සමඟ නිව්යෝර්ක් හි දී සැමරූහ.රන්බීර් කපූර්ට ආදරය කිරීමට ගත් තීරණය වැරැදි තීරණයක් බව ‘කොෆී විත් කරන්’ වැඩ සටහනේදී දීපිකා පසුගිය දිනක පැවසුවාය. රන්වීර් ද අනුෂ්කා ෂර්මා සමඟ කලින් සබඳතාවක් පවත්වා තිබුණ ද එය මල් පල දැරුවේ නැත.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ඇය හිමිදිරි උදෑසන සුපිපුණ කුසුමක් වැනිය. සරස්වතී දේවියගේ බැල්ම නොඅඩුව ලද ඈ කලා ලොවේ විවිධ අංශවල දස්කම් පාන්නීය. තවමත් සුන්දර පාසල් වියේ පසුවන ඇය මනීෂා චංචලා අනුකාර. කුඩා කාලයේ සිටම කලාවට දැක් වූ ඇල්ම නිසා ගායන ක්ෂේත්‍රයට පැමිණි මනීෂා ගායන දස්කම් රටම දුටුවේ දෙරණ ලිටල් ස්ටාර් දෙවන අදියරෙන්. එහිදී මනීෂා සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. මේ විදියට ගායන දිවියේ ගමන් ඇරැඹූ ඇය රංගනයට ද අවතීර්ණ වෙමින් දැන් කලා ලොවේ දිගු ගමනක් යන්නයි සැරසෙන්නේ. මනීෂා ඒ ගැන සරසවියට කිව්වේ මේ අයුරින්.දෙරණ ලිට්ල් ස්ටාර් දෙවන අදියරේ දී ගායන අංශයෙන් සිව්වැනි ස්ථානය දිනා ගන්නට ලැබීම මගේ ජීවිතයේ ලද ලොකුම වාසනාවක්. මගේ පුංචි අම්මා තමයි එයට මම වෙනුවෙන් අයදුම්පතක් දැම්මේ. එනිසා මම ලබපු ජයග්‍රහණය තමයි මගේ ගායන දිවියට ශක්තිමත් අඩිතාලමක් දැම්මේ. ඊට පස්සේ දෙරණ නාලිකාවේ පුංචි සත්සර වැඩසටහනට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා.මනීෂා ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපටවලටත් දායක වුණා නේද?මියුසික් වීඩියෝ කීපයකටම යුග ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඊට පසුව ජානක සිරිවර්ධන මහතාගේ වස්සාන සිහිනය ටෙලි නාට්‍යයේ මනුෂාගේ චරිතය නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ රංගන ජීවිතයේ ආරම්භය වුණා. ඉන් පසුව වී. සිවදාසන් මහතාගේ දරුවනේ චිත්‍රපටයේ ‘දේදුන්නේ පාට අරන්’ ගීතයට ගායනයෙන් දායක වෙන්නත් අවස්ථාව ලැබුණා.පාසල් ජීවිතය ගැනත් කියමු?මුලින්ම අධ්‍යාපනය ලැබුවේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන්. පාසලේදී විවිධ කලා කටයතු සඳහා දායක වුණා. සමස්තලංකා ගායන තරග, ඉංග්‍රීසි ගායනා තරග වගේම නාට්‍ය තරගවලටත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා. කුඩා කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ළමා නිවේදිකාවක ලෙස කටයුතු කළා.මනීෂාගේ පවුලේ විස්තර?අම්මා ගෘහණියක්. තාත්තා ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමේ සේවය කරන්නේ. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා.කලා ජීවිතයේ ඉදිරි ගමන මොන වගේද?නිවේදිකාවක්, ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම උසස් පෙළ කලා විෂයයන්ගෙන් හදාරනවා. සංගීතය බාහිරව ඉගෙන ගන්නවා. ඉදිරියේදී ගීත එකතුවක් එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට නම් අධ්‍යාපන කටයුතුවලට තමයි මූලික තැන දෙන්නේ.මනීෂා චංචලා - 0719465797යතේජා ඥානරත්නඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
එක් සාර්ථක සිනමාපටයක් තවත් සාර්ථක සිනමාවලියකට මුල පුරයි. ජේම්ස් කැමරන්ගේ අවතාර් (2009) නැරැඹූ රසිකයකුට එහි දෙවැන්නක්, තෙවැන්නක් සිතේ මැවීම අරුමයක් නොවෙයි. රසිකයන්ගේ සිහිනය සැබෑ කරමින් කැමරන් දෙවැන්න හා තෙවැන්න පිළිබඳව ද මේ දිනවල පිඹුරුපත් සකසමින් සිටියි.ඔහු දෙවැන්නට සහ තෙවැන්නට ජේක් සූලි සහ නෙය්තිරි චරිත රැඟූ වර්දිංටන් සහ සැල්ඩානා එක්කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඊළඟ කොටස්වලදී ඔවුන්ගේ දරුවන්ගේ කතාව රසිකයන්ට නැරැඹීමට අවස්ථාව ලැබෙනු ඇත.දෙවැනි අවතාර් සිනමාපටය 2016 වසරේ දෙසැම්බරයේදී ද, ඊළඟ කතාව 2017 වසරේ දෙසැම්බරයේදී ද තිරගත කිරීමට නියමිතයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ඇත්තටම මේ දවස්වල මම විශේෂ කියලා වැඩක් කරන්නේ නෑ. ජාතික රූපවාහිනියේ සුපුරුදු පරිදි නාට්‍ය අංශයේ වැඩකටයුතු කරගෙන යනවා.අලුත් නාට්‍යයකට පිටපතක් සකස් කරමින් ඉන්නවා. මෙවර සුමති සම්මාන උළෙලේ මාධ්‍ය ආවරණය ජාතික රූපවාහිනියෙන් නිසා ඒ සඳහාත් සූදානම් වෙනවා.
CREATIVE
රුව හැඩ වෙන්න, හඬ මිහිරි වෙන්න සුපිරි පොප් ගායිකා බියොන්සේ නවතම ප්‍රතිපත්තියක් ආහාර පාන සම්බන්ධයෙන් අනුගමනය කරන්නට පටන් ගෙන ඇත. බියොන්සේ, සැමියා ජේ ඉසෙඩ් සමඟ එළවළු, පලා මුසු ආහාර වේලකට පළමු තැන දී යහපත් ජීවිතයකට මුල පුරති. මසුන් වර්ග කිහිපයක් හැර ඇය වෙනත් කිසිදු ආහාර වර්ගයක් නොගන්නීය. ඇයගේ රීමික්ස් කළ ‘ඩ්‍රන්ක් ඉන් ලව්’ ගීය ද මේ දිනවල ජනප්‍රියය. තිස් දෙහැවිරිදි බියොන්සේ අමෙරිකානු සුපිරි පොප් ගායිකාවක වගේම නිළියක ද වන්නීය. ඇයගේ කුලුඳුල් ඇල්බමය ‘ඩේන්ජරස්ලි ඉන් ලව්’ ලොව පුරා මිලියන 11 ක් අලෙවි කෙරිණි. ‘ද පින්ක් පැන්තර්, ඔබ්සෙස්ඩ් ඇය රැඟූ සිනමාපට කිහිපයකි.දහසය වසරක කලා ජීවිතයේ ඇය ලබා ඇති ග්‍රැමී සම්මාන ගණන 17 කි. ඇයගේ අලෙවි වී ඇති ගීත ඇල්බම සංඛ්‍යාව මිලියන 118 කට අධිකය. 
CREATIVE
මහගෙදර ‘තුල්සි’ ස්මිරිති අයිරාණිට පාර්ලිමේන්තුව, ගෝරි ගෙදරක් බවට පත්වෙමින් තිබේ. මානව සම්පත් ඇමැති ධූරය ඇයට හිමි වුව ද, ඇය උපාධිධාරිණියක නොවේ යයි කියා එක හඬින් අයිරාණිට විරුද්ධ පාක්ෂිකයෝ චෝදනා කරති. ඇයට මනාපය දක්වන්නන් කියා සිටින්නේ රබීන්ද්‍රනාත් තාගෝර් උතුමන් පවා උපාධිධාරියකු නොවන බවය.එහෙත් ඔහු විශ්ව විද්‍යාලයක් ඇරැඹීමට මුල් වී තිබේ. හින්දු සහ ඉංග්‍රීසි බස චතුර ලෙස කථා කරන ඇය කිසිසේත්ම මේ තනතුරට නුසුදුස්සෙක් නොවන බව ඔවුනගේ අදහසයි. අයිරාණි කියන්නේ අධ්‍යාපනික සහතිකවලින් නැතිව, වැඩවලින් තමන්ගේ සුදුසුකම් බලන ලෙසයි. ඇය වරෙක උපාධිය සම්පූර්ණ කළ බව පැවසීමත්, තවත් වරෙක පළමු වසර පමණක් සම්පූර්ණ කළ බව පැවසීමත් මතභේදයට ලක් වී තිබේ.විරුද්ධ පාක්ෂිකයන් කුමක් පැවසුවත්, උත්තර් ප්‍රදේශයේ ‘අමෙති’ අසුන ඇය පරාජය වූයේ රාහුල් ගාන්ධිට තියුණු තරඟයක් දෙමිනි. තිස් අට හැවිරිදි අයිරාණි වර්තමාන කැබිනෙට්ටුවේ ළාබාලම සාමාජිකාවයි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘සිහින පියාපත්’ වගේම සිරස නාලිකාව ඔස්සේ විකාශය වන ‘සඳු හිරු තරු’ ටෙලිනාට්‍යවලින් ඔබ හමුවට එන චරිතඔබට ගොඩක් හුරු පුරුදු ඇති. ඒ වගේම මේ ටෙලි සිත්තම් දෙකෙහිම ආරම්භය සනිටුහන් කරමින් ඔබ සවනට ළංවන තේමා ගීත ඒ වගේම ඔබට ළෙන්ගතු ඇති. ඔබට සුපුරුදු ඒ හඬෙහි අයිතිකාරිය තමයි මේධා. මේධා ධනංජනී.මේ දිනවල රූපවාහිනි නාලිකා දෙකකම විකාශය වන ටෙලි වෘත්තාන්ත දෙකකම තේමා ගීත ගයන්නේ ඔබ. ඒ ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම ගොඩක් සන්තෝසයි. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරක් විතර වෙනවා. ඒ කාලය තුළ ලැබුණු මේ අවස්ථා ගැන ගොඩක් සතුටුයි.පුංචි කාලේ ඉඳලම ගායිකාවක් වෙන්න හිතාගෙන ද ඉගෙන ගත්තේ?සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන හැදෑරුවේ මෝදර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්. පාසල් කාලයේදිත් සංගීතය හැදෑරුවා. 2006, 2007, 2008 වසරවලදී සමස්ත ලංකා පාසල් පද්‍ය ගායන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ගායනයට අමතරව නර්තනයත් හැදෑරුවා. සමස්ත ලංකා නැටුම් තරගවලදී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. උසස් පෙළ සඳහා කොළඹ යශෝධරා බාලිකාවට ඇතුළත් වුණා. උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණේ වාණිජ්‍ය අංශයෙන්. මීට අමතරව පාසලේ නිවේදන කටයුතු සඳහාත් සහභාගි වුණා. ඒ වුණත් පුංචි කාලේ ඉඳල ආසාව තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න.ගුවන් සේවිකාවක් වෙන්නට හීන දැකපු ඔබට ගායන ක්ෂේත්‍රයට එන්නට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?මුලින්ම චන්දික කුමාරසිංහ ප්‍රමුඛ වරංගා සංගීත කණ්ඩායම සමඟ විවෘත ප්‍රසංගයක ගීත ගායනා කරන්න ආරාධනාවක් ලැබුණා. ඒ අනුව මම මුලින්ම ගායනා කළේ මරියසෙල්ගේ ‘රණ මොනරයි – රණ මොනරියි’ ගීතයයි. ඊට පසුව මට දිගටම එළිමහන් ප්‍රසංග සඳහා සහභාගි වෙන්න ආරාධනා ලැබුණා. නිල්වලා ආයතනය හරහා තමයි තේමා ගීත ගායනයට අවස්ථාව උදා වුණේ. ඒ අනුව සිහින පියාපත් සහ සඳු හිරු තරු ටෙලි නාට්‍යවල තේමා ගීත, එතුමයි මෙතුමයි චිත්‍රපටයේ පසුබිම් ගායනයට අවස්ථාව ලැබුණේ. ඒ වගේම මම සිංහල වගේම ඉංග්‍රිසි, දෙමළ සහ හින්දි යන භාෂා හතරෙන්ම සිංදු කියනවා.යම් දිනෙක රංගනයට එක් වෙන්නට ආසාවක් නැද්ද?පුංචි කාලෙදි ‘පාං බට්ටා’ ටෙලි නාට්‍යයට රංගනයෙන් එක් වුණා. ඊට අමතරව සිරස ටී වී ඔස්සේ විකාශය වූ කිඳුරංගනා, පතිනි ටෙලි නාට්‍යවලටත් දායක වුණා. ඒත් රංගනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැහැ.කලා කටයුතු සඳහා ගෙදරින් ලැබෙන සහයෝගය?අම්මා සහ තාත්තාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. තාත්තා තමයි මගේ පිටුපසින් හැම තැනම ඉන්නේ. මට අක්කා කෙනෙක් හා මල්ලී කෙනෙක් ඉන්නවා. අක්කා විවාහකයි. මල්ලීට සංගීත කණ්ඩායමක් තියෙනවා. මේ කටයුතු සඳහා ඔහුගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා.ඉදිරිය ගැනත් කියමුද?ඉදිරියේදී පියල් යටවරගේ තුනේ කැලෑසිය නාට්‍යයේ තේමා ගීතය ඇතුලුව තවත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කීපයක ගී ගායන්න ආරාධනා නිල්වලා ආයතනය හරහා ලැබී තියෙනවා. ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යන ගමන් රැකියාවක නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගීත ඇල්බම් එකක් එළි දක්වන්න සූදානම් වෙනවා. මීට අමතරව නිවේදන අංශයට යොමු වෙන්නත් ආසාවෙන් ඉන්නේ.මොනවද ඔබට කියන්න තියෙන්නේ?මේ දක්වා දුරක් එන්නට අත දුන් සියලු දෙනාටම ස්තුතියි.යතේජා ඥානරත්නඡායාරූපය මාලන් කරුණාරත්න  
CREATIVE
චිත්‍රපටයක මංගල දර්ශනයෙන් පසු කිසිවෙකු එම චිත්‍රපටයෙහි අඩුපාඩු නොකියන්නේ ඇයි?සුජාතා ගුණවර්ධන - කඩවතමේකනේ සුජාතා කාපු බීපු තැන්වල වමාරන සිරිත හොඳ සිහියෙන් කරන්න කාටද පුළුවන් .කොරියාවේ යුද්ධයක් ඇති වුවහොත් නැවැත්වීම සඳහා සාම නියෝජිත ලෙස ලංකාවෙන් යෑමට සුදුසු කවුද?චාමර ප්‍රේමනාත් – පිළියන්දලඅතුල රන්සිරිලාල් මහත්තයාව.ශිවාජි ගනේෂන් – මාලිනී ෆොන්සේකා රඟපෑ ‘පයිලට් ප්‍රේම්නාත්’ චිත්‍රපටයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂ කවුද?විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්අධ්‍යක්ෂ ඒ. සී. තිරුලෝක චන්දර්, නිෂ්පාදක ඩී. එම්. චන්ද්‍රසේන‘අනෝකි ආදා’ චිත්‍රපටය ගැන කාර්මික විස්තරයක් කරන්න.ගයානි දර්ශා - රඹුක්කන‘අනෝකි ආදා’ නමින් චිත්‍රපට දෙකක් නිපදවී තිබෙනවා. එකක් මෙහෙබුබ් විසින් ද අනෙක කුනාල් කුමාර් විසින් ද අධ්‍යක්ෂණය කළා. ඔබට මින් කවර ‘අනෝකි ආදා’ චිත්‍රපටයේ විස්තර ද ඕනෑ?චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයකු වන ටී. සෝමසේකරන්ගේ චිත්‍රපට මොනවාද?එල්. එම්. ප්‍රේමසේන පෙරේරා- කළුබෝවිලසැඩ සුළං, සරදම්, අවිශ්වාසය, පිරිමියෙක් නිසා, වෙන ස්වර්ගයක් කුමටද, සුබසරණ සැප සිතේ, සමාජ සතුරෝ යන චිත්‍රපට සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කළා. මෙයින් පිරිමියෙක් නිසා කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාත්, වෙන ස්වර්ගයක් කුමටද කිංස්ලි රාජපක්ෂත් සම අධ්‍යක්ෂණය කළා.හින්දි සිනමාවේ දුෂ්ට චරිත රඟපෑ ප්‍රාන් නළුවාත්, සිංහල සිනමාවේ දුෂ්ට චරිත රඟපෑ ඩොමී ජයවර්ධනත් යන දෙදෙනාගෙන් දක්ෂතම නළුවා කවුද?එච්. එල්. තිලකසිරි ද සිල්වාමේ දෙදෙනාම එක වගේ දක්ෂයි කියලයි මගේ හැඟීම තිලකේ.බොහෝ නිෂ්පාදකවරු සිනමාව අතහැර යන යුගයක 2014 වර්ෂය සදහා සුනිල් ටි. ප්‍රනාන්දු මහතා චිත්‍රපට පහකටම තම නිෂ්පාදන දායකත්වය ලබාදීම ඔබ දකින්නේ කෙසේද?චන්දන වන්නිආරච්චි - දෙහිඅත්තකණ්ඩියලංකාවේ වෘත්තීය චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදියට විවිධ මාදිලියේ චිත්‍රපට නිපදවීමට සුනිල් ගන්න උත්සාහය පැසසුමට ලක්විය යුතුයි. වෙනත් ව්‍යාපාරවලින් විශාල ලෙස ලාභ ලැබීමට හැකියාව තිබියදීත් චිත්‍රපටවලට ඔහු ලබාදෙන නිෂ්පාදන දායකත්වය ඊටත් වඩා ප්‍රශංසා කළ යුතු කරුණක්.චිත්‍රපටයක් තිරගත වී අවසන් වූ පසුව එම චිත්‍රපටයේ පිටපත අයත් වන්නේ චිත්‍රපට සංස්ථාවටද? නැත්නම් ඒ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාටද? පැහැදිලි කරන්න.එල්. එම්. ඥාණා කුමාරි – ආසිරි මාවත, කළුබෝවිල.නිෂ්පාදකට.රැඳී සිටියාට ස්තුතියි කියා සමහර රූපවාහිනි නාලිකාවල සඳහන් වන්නේ, ඒ අයට අප ගැන විශ්වාසයක් නැති නිසා ද?සුජාතා ගුණවර්ධන – කඩවතඔව්. ඇත්තටම වැඩක් නැතුව ටෙලිවිෂනය ඉදිරිපිට කාලය ගත කරන අය ගැන කොහොමටවත් විශ්වාස තියන්න බෑ.විජය කුමාරතුංග, ශිරානි නුගේරා රඟන ‘ගිම්හානේ ගී නාදේ’ චිත්‍රපටයේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කාගේද?සුදත් නිශන්ත – මීගමුවධර්ම ශ්‍රී කල්දේරාගේ.සිංහල දෙබස් කවා මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය කළ මනුෂ්‍යත්වය’ චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් කියා දෙන්න.තිලකරත්න විල්වල – කෑගල්ලඑය ‘ඉන්සානියත්’ කියන හින්දි චිත්‍රපටයයි. ඉන්දියාවේ සිසිල් බී. ඩිමෙල් ලෙස ප්‍රචලිත දක්ෂ දෙමළ සිනමාකරුවකු වන එස්. එස්. වාසන් එහි අධ්‍යක්ෂවරයායි.දිලිප් කුමාර්, බීනා රායි, දේව් ආනන්ද් සෝබනා සමරත් එහි චරිත නිරූපණය කළා. දිලිප් හා දේව් එකට රඟපෑ එකම චිත්‍රපටයත් මෙයයි.
CREATIVE
උදාවූ මේ නව වසර මේනකා පීරිස්ට නම් බොහොම සුබ පාටයි. මං එහෙම කිව්වේ කරුණු කාරණා දෙකක් හින්දා. එක, පසුගිය දා නිමාව දුටු රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය වශයෙන් මේනු අභිසෙස් ලැබීම. ඒ විතරක් නෙවෙයි මෙම මාසෙ 25 වැනි දා, ඒ කියන්නේ එන සෙනසුරාදා ඇයගේ කලඑළි මංගල්‍යය. මේනුට දහසකුත් දේවල් ඇති ඒ ගැන කියන්න.* එහෙම නේද?මොකද නැත්තේ. කියන්න නම් දේවල් ගොඩයි. මං මුලින්ම මගෙ කලඑළි මංගල්‍යය ගැන කියන්නම් කෝ. මං පුංචි කාලේ ඉඳලා හරිම ආසයි නර්තනයට. පාසලෙන් අයින්වුණායින් පසුවත් ඒ විෂය ඉගෙන ගන්න එක අත හැරියේ නැහැ. මේ වෙනකොට ස්වර්ණ සිරිනාම මගේ ඇදුරුතුමිය යටතේ මං බොහෝ කාලයක් නර්තනය හැදෑරුවා. ඉතින් එතුමිය යටතේ සිටි මා ඇතුළු සිසුන් 29 දෙනෙක් එදිනට කලඑළි බසිනවා.* කොහෙද එම සුබ කටයුත්ත සිද්ධ වෙන්නේ?බෙල්ලන්විල රජමහා විහාරයේ. අපි කලින් දවසෙයි පන්සලට යන්නේ. පාන්දර හතරෙ ඉඳලා චාරිත්‍රානුකූලව වතාවත් සිද්ධ වෙනවා.* කලඑළි මංගල්‍යය එහෙමත් නැත්නම් පාහිම්පත් මංගල්‍යය කියලා කියන්නේ ගැහැනු ළමයකුට ඉතා වටිනා අවස්ථාවක් නේද?අනිවාර්යයෙන්ම, ඒක හරියට ගැහැනු ළමයකුගේ විවාහය හා සමානවම වටිනවා. මං කිව්වා වගේ ඒ චාරිත්‍රානුකූල වතාවත් සිද්ධවෙන්නේ නැකතට. ආරාධනා පත්‍රය පවා. එදාට මගේ නෑදෑයෝ මගෙ හිත මිතුරන් ඔක්කොම එනවා මට සුබ පතන්න. කලඑළි මංගල්‍යය උඩරට නර්තන සම්ප්‍රදායේ එන අංගයක්. අපි එදින ගනුදෙනු කරන්නේ දෙවියන්ගේ ආභරණත් එක්කයි. මෙයට ශීර්ෂාභරණ පැලඳවීම කියලත් කියනවා. මෙයින් පසුව කල එළියට බහින අය විෂයෙන් සම්පූර්ණයි.* සාමාන්‍යයෙන් මේ අවස්ථාවට සහභාගි වෙන්න කලින් පේ වෙන්නත් ඕනා?ඔව්, මාස ගණනාවක් මාත් පේ වුණා. මස් මාළු තියා බිත්තරයක්වත් කෑවෙ නෑ. මළගෙවල්වලට ගියෙත් නෑ. සුදුපාට තමයි බොහෝවිට ඇන්දේ.* ලබන සෙනසුරාදායින් පසුව ඔබගේ ජීවිතය නර්තනයට පමණක් වෙන්වේවිද?බලමු, නර්තන ගුරුවරියක් වශයෙන් ඉදිරියට එන්නත් හිතාගෙන ඉන්නවා.* මං ඊළඟට අහන්නේ ඔබ ලද සම්මානය පිළිබඳව?පුදුමයි.* ඒ කිව්වේ?මට තවම හිතාගන්න බැහැ මං හොඳම නිළිය වුණා කියලා.* මටත් ආරංචියි?මොනවද.* ඔබ සම්මානය අරගෙන ගෙදර ගිය වෙලාවේ ඉඳලා දින කිහිපයක් යනකම් වාඩිවෙච්ච තැන්වල, බලාගත්තු අතේ බලාගෙන කල්පනා කරනවා කියලා?කවුද අප්පොච්චියේ ඒක කිව්වේ. ඔය කතාව හරියටම හරි. මං ගෙදර කොතනද ඉඳගන්නේ, එතන ඉඳගෙන මං කල්පනා කරන්නේ ලැබුණු සම්මානය ගැනමයි. තවමත් මගෙ හිත ගැහෙනවා වගේ.* දැන් ඔබ සම්මානනීය නිළියක්?ඒකනම් එහෙම තමයි. සම්මානයක් ලැබුණයි කියලා මං ඉදිමෙන්නේ නැහැ.එහෙම වුණා නම් වැඩිදුර යන්නත් බැහැ.* මොනරතැන්න වෙනුවෙන් නේද මේ සම්මානය?ඔව්, ඒකෙ මං හිටියේ සත්‍ය කාන්ති කියන චරිතයට. අධ්‍යක්‍ෂ සමන් කුමාර ලියනගේ, සුමින්ද සිරිසේන ඇතුළු නාට්‍ය කණ්ඩායමේ හැමෝම සත්‍යාව ගොඩනගන්න උදවු කළා. මේ සම්මානය ඔවුන්ටත් අයිතියි.* මොනරතැන්නේ රඟපාද්දිමයි ඔබ ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනට සහභාගි වුණේ. හාත් පසින්ම වෙනස් ලෝකවල් දෙකක්?සත්‍යා කියනනේ අමු ගැමි චරිතයක්. ඩාන්ස් ස්ටාර් ඩාන්ස් කරද්දී මං වෙස්ටන්. ඒ කාලෙ මගෙ සතිය බෙදිලා තිබුණේ මේ දෙකට විතරයි. ඩාන්ස් ස්ටාර් ඩාන්ස් ඉවර කරලා කුරුණෑගල, මොනරතැන්නෙ ෂූටිංවලට යන්න මං පිටත් වුණේ මගේ හැම ප්‍රශ්නයක්ම කොළඹ තියලා. හරිම ටයඩ් ෂෙඩුල් එකක හිටියේ. ඇත්තම කිව්වොත් සත්‍යාව මං නිරූපණය කළේ රිලැක්ස්ව නොවයි. ඒත් මං ඒ අභියෝගය ජය ගත්තා.* ඔබ හොඳම නිළිය වෙද්දී ඔබේ අනෙක් අන්තයේ හොඳම නළුවා වුණේ ශි‍්‍රයන්ත මෙන්ඩිස්. මොකද හිතුනේ?මොනරතැන්නේ මගේ ඇත්ත තාත්තා ශි‍්‍රයන්ත මෙන්ඩිස්. මේක හරියට තාත්තයි, දුවයි ගත්ත සම්මාන දෙකක්. සාමාන්‍යයෙන් ශි‍්‍රයන්ත මහත්මයා වගේ කෙනෙක් එක්ක සම්මානයට පාත්‍රවීම මා ලද භාග්‍යයක්.* අවසන්කොට මොනවද කියන්න තියෙන්නේ?සනත් ගුණතිලක මහත්මාව මතක්කළ යුතුයි. ඔහු තමයි මේ ෆීල්ඩ් එකට එන්න මට ගොඩාක් උදවු කළේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
මේ දිනවල මම වෙනුවට ව්‍යාජ ජොලි සීයලා බිහි වී සිටින නිසා එයාලට විරුද්ධව නඩු මාර්ගයකට පිවිසිලා ඉන්නේ.ඊට අමතරව මගේ දුව උපේඛායි ‘ඇරෝස්ටාර්’ සංගීත කණ්ඩයමයි සමඟ ලබන දෙසැම්බරයේ ප්‍රසංගයකට විදේශ ගත වෙනවා.
CREATIVE
අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට ගොන්නෙහි මෙම සතියේ පළමු ස්ථානය හිමි කරගෙන සිටින්නේ Transformers චිත්‍රපට මාලාවේ සිව්වැන්න වන Transformers : Age of Extinction චිත්‍රපටය යි. පසුගිය ආරම්භක සති අන්තය වන විටද ඩොලර් මිලියන 100ක ආදායමත් වාර්තා කළ එය මෙම සති අන්තයේදී ඩොලර් මිලියන 36.4ක ආදායමක් වාර්තා කළේය. මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කළ විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි මාර්ක් වේබර්ග්, නිකොල් පෙල්ට්ස් සහ ජැක් රේනර් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති.පසුගිය ජූලි 2 වැනිදා අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Tammyබොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ දෙවැනි ස්ථානයට පැමිණ තිබේ. හාස්‍යමය කතා තේමාවක් රැගත් මෙහි මෙලිසා මැකාර්ති, සුසැන් සැරන්ඩන්, ඇලිසන් ජැනී මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. බෙන් ෆැල්කෝන් අධ්‍යක්ෂණය කළ එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 21.2ක ආදායමක් වාර්තා කළේය. ජූනි 02 වැනි දිනයේදීම ප්‍රදර්ශනය ආරම්භ කළ Deliver Us from Evil චිත්‍රපටයට තෙවැනි ස්ථානය හිමි වි තිබේ. අපරාධමය කතා පුවතක් ගෙන එන ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙය පළමු සති අන්තයේදී ඩොලර් මිලියන 9.5ක ආදායමක් ලැබීය.ස්කොට් ඩෙරික්සන් අධ්‍යක්ෂණය කළ Deliver Us from Evil හි එරික් බානා, එඩ්ලාර් රමීර්ස්, ඔලිවියා මුන් රංගන දායකත්වය ලබා දෙති. පසුගිය සතියේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටි 22 Jump Street මෙම සතියේදී සිව්වැනි ස්ථානයට පැමිණ සිටියි. පිල්ලෝර්ඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 9.4ක්. පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වූ ඩීන් ඩිබ්ලොයිස් අධ්‍යක්ෂණය කළ How to Train Your Dragon  2 චිත්‍රපටයට පස්වැනි ස්ථානය හිමිව තිබේ. අමෙරිකානු ප්‍රදර්ශනයේ සිව්වැනි සති අන්තයේදී එය ලද ආදායම වූයේ ඩොලර් මිලියන 8.8කි.විද්‍යාප්‍රබන්ධ පවුලේ චිත්‍රපටයක් වන Earth to Echo පසුගිය ජුලි 02 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී. ඩේව් ග්‍රීන් අධ්‍යක්ෂණය කළ මෙහි ටෙඕ හාම්, ඇස්ට්‍රෝ, රීස් හාර්ට්ව්න්ග් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. Earth to Echo සිය පළමු සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 8.2ක්. රොබට් ස්ට්‍රෝම්බර්ග් අධ්‍යක්ෂණය කළ සුරංගනා කතා පුවතක් ගෙන එන ක්‍රියාදාම චිත්‍රපටයක් වන Maleficent චිත්‍රපටය පැමිණ සිටින්නේ හත්වැනි ස්ථානයටයි. එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 6.1ක ආදාමක් වාර්තා කර තිබුණි.අමෙරිකානු ප්‍රදර්ශනයේ තෙවැනි සතියේ පසු වෙන Jersey Boys පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 5.2කි. ටිම් ස්ටෝරි අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන Think Likea Man Too චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 4.9ක ආදායමක් ලබා නමවැනි ස්ථානයට පැමිණ සිටියි. පසුගිය ජුනි 6 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Edge of Tomorrow චිත්‍රපටය දසවැනි ස්ථානය හිමි කරගෙන සිටින්නේ ඩොලර් මිලියන 3.6ක සති අන්ත ආදායමක් ලබමිනි.යතේජා
CREATIVE
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයට (ටෙලිනිස) මඟින් සියලු කලා ක්ෂේත්‍රයන්හි නියැලෙන්නන්ගේ දුරකතන අංක ඇතුළත් කොට මුද්‍රණය කරමින් නොමිලයේ බෙදා හරින දුරකථන නාමාවලිය ලබන වසරේ පිටපත සඳහා එකී කලාකරුවන්ගේ තොරතුරු මේ දිනවලදී ලබා ගනිමින් පවතියි. පසුගිය වසරේ පළ වූ කලාකරුවන්ගේ නාම සහ දුරකතන අංකය නව මුද්‍රණයේ එලෙසින්ම ඇතුළත් වන අතර යම් හෙයකින් කිසියම් කලාකරුවකු හෝ මාධ්‍යවේදියකු දුරකතන අංකය වෙනස් කොට ඇත්නම් එය 0714004404 අංකයට දැන්විය හැකිය. එමෙන්ම නව මුද්‍රණයට කලාකරුවකුගේ නම ඇතුළත් කර ගැනීමට ද ඉහත අංකය හරහා සිදු කිරීමට පුළුවන.මෙම නාමාවලිය ටෙලිනිස මඟින් මුද්‍රණය කොට බෙදා හරින්නේ සේවාවක් වශයෙනි. ටෙලිනිස වත්මන් සභාපති වශයෙන් සුරේෂ් අබේසේකර කටයුතු කරයි. - ප්‍රසාද්
CREATIVE
රංජිත් ජයසූරිය ඕස්ට්‍රේලියාවේගත කළ අවසන් මොහොත ගැන උදයකාන්තගේ මතකය . උදයකාන්ත වර්ණසූරියගේ නවතමසිනමා සිත්තම ‘සෙනසුරු මාරුව‘ පසුගියදා ඕස්ට්‍රේලියාවේ තිරගත කෙරෙන්නට නියමිතව තිබුණා.ඒ වෙනුවෙන් උදයකාන්ත වර්ණසූරිය, එහි සම නිෂ්පාදක ඇතුළු කිහිප දෙනෙක් ඕස්ට්‍රේලියාව බලා පිටත්වුණත් එහි දී ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවුණා. සෙනසුරු මාරුව චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා වූ රංජිත් ජයසූරිය හදිසියේ ඕස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත වීම ඔවුන් සියලු දෙනාට ගෙන ආවේ වේදනාවක්.ඒ මොහොත උදයට දැනුණ අයුරුයි මේ.ඕස්ට්‍රේලියාවේ E C C පදනමේ ආරාධනාවකට අනුව සෙනසුරු මාරුව චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් ලෙස මම, රංජිත් ඇතුළු තවත් දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවට ගියා. එහිදී නගර කිහිපයක සෙනසුරු මරුව තිරගත කෙරෙන්නට නියමිතව තිබුණා.ඒවන විටත් රංජිත් යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් තමයි හිටියේ. පසුගිය 29 වැනිදා උදේ රංජිත්ට අසනීප තත්ත්වයක් ඇතිවීම නිසා අප ඔහුව වහාම රෝහල්ගත කළා.එදා තමයි සෙනසුරු මාරුව ප්‍රථම වරට තිරගත වන්නටත් නියමිතව තිබුණේ. මොළයට ඇති වූ දරුණු ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ අවස්ථාවේදී රංජිත් සිහිසුන්ව තමයි හිටියේ. වෛද්‍යවරුන් කිව්වේ යහපත් තත්ත්වයට පත් කරන්නට අපහසුයි කියලා.රංජිත් සමඟ මම මීට පෙර රටවල් රැසක සංචාරය කරලා තියෙනවා. අප මෙවර සෙනසුරු මාරුව සමග ඕස්ට්‍රේලියාවට ගියේ තෙවැනි වතාවට. පසුගිය 29 වැනිදා මෙල්බන් නගරයේ සිනමා ශාලා දෙකක එකවර සෙනසුරු මාරුව තිරගත කිරීමට නියමිත වුණා. නමුත් මම එදින රෝහලේ රංජිත් ළඟම හිටියා. අපට සහභාගි වන්නට අවස්ථාව නොලැබුනත් සංවිධායකයන් විසින් චිත්‍රපටයේ තිරගත කිරීමේ කටයුතු සිදු කළා.පසුව රංජිත්ගේ අභාවයේ පුවත නිවෙසට දැනුම් දීමෙන් අනතුරුව දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු සූදානම් කළා. එය ඉතා භාරදූර කටයුතක් වුනත් දින තුනක් ඇතුළත දේහය ලංකාවට රැගෙන එන්නට හැකියාව ලැබුණා. ඇත්තටම ඒ මොහොත මගෙ ජීවිතේ අමතක කළ නොහැකි දුක්ඛදායී මොහොතක්.අපේ මිතුදමට වසර 15 ක් විතර වෙනවා. මගේ ගිනි කෙළි සහ ගිනි අවි චිත්‍රපටයට තමයි රංජිත් මුලින්ම දායක වුණේ. ඔහුව මට හඳුන්වා දුන්නේ සහාය අධ්‍යක්ෂවරයකුවන ඩොනල්ඩ් ජයන්ත. රංජිත් මා සමඟින් චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළා. ඔහු හොඳ ව්‍යපාරිකයෙක් වගේම යහපත් අවංක මනුස්සයෙක්.රංජිත් මේවන විට චිත්‍රපට රැසකට නිෂ්පාදනයෙන් දායක වුණා. ඒක සිනමා ක්ෂේත්‍රයට සිදු කළ විශාල සේවයක්. බහු භාර්යා, රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපට සඳහා නිෂ්පාදනයෙන් මෙන්ම ලේ කිරි කඳුළක්, රන් කෙවිට 1, රන් කෙවිට 2, සෙනසුරු මාරුව සඳහා සම නිෂ්පාදනයෙන් දායක වුණා.දැහැන, දේදුනු වැස්ස වැනි චිත්‍රපට වෙනුවෙනුත් ඔහුගේ නිෂ්පාදන දායකත්වය ලැබුණා. බොහෝ දෙනෙක් චිත්‍රපට නිෂ්පාදනයෙන් ඈත්වන කාලයක රංජිත් ගෙන් සිනමා කර්මාන්තයට විශාල සේවයක් ඉටු වුණා. ඔහුගේ මෙම හදිසි අභාවය ක්ෂේත්‍රයට විශාල පාඩුවක්.යතේජා ඥානරත්නප්‍රවීණ සටන් අධ්‍යක්ෂවරයකු වන සුමිත් මුදන්නායකගේ නිවුන් දරුවන් දෙදෙනාගේ විවාහ උත්සවයන් පසුගියදා ගෝල්ෆේස් හෝටයේදී පැවැත්විණි. දිනේෂ් බණ්ඩාර මුදන්නායක (පුතා) ඉරේෂා ගුණරත්න සමඟ ද සුමුදු බණ්ඩාර මුදන්නායක (දියණිය) නිවන්ත යශින් කන්දෙගම සමඟ ද අතිනත ගත්හ.මෙම අවස්ථාවට ශ්‍රියාණි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, ආතර් යූ. අමරසේන, දයාරත්න රටගෙදර, සුගත් සමර කෝන්, විල්සන් කරු, ටෙඩි විද්‍යාලංකාර, සුනන්ද වීරසිංහ, සුජිත් ගුණරත්න, රංජන් කුමාරසිංහ, නිමන්ති පෝරගේ, ප්‍රභාත් රොෂාන්, ලාල් කුමාර ඇතුළු පිරිසක් සහභාගි වූහ.මෙහි විශේෂත්වය වූයේ ඔහුගේ නිවුන් පුතු සහ දියණියගේ විවාහ උත්සවයන් දෙකම එකම දින එකම ස්ථානයකදී පැවැත්වීමයි. - යතේජා
CREATIVE
ප්‍රවීණ ගායන ශිල්පීඑඩ්වඩ් ජයකොඩිලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘මගේ යාළු මාළු’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු භාර වුණේ මටයි. මේ දවස්වල ඒ කටයුතුත් කරගෙන යන ගමන්ම, පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්තයා ලිව්ව ගීත දෙකකට මගේ හඬ මුසු කළා. ඒ ගීත දෙක ඉදිරියේදී ප්‍රචාරය වීමටත් නියමිතයි. ඊට අමතරව වාසිත සමරනායකගේ ‘වස්දඬු රාවය’ කියන චිත්‍රපටයේ අමිලා නදීශානිත් සමඟ මම යුග ගීයක් ගායනා කළා. මගේ ‘මාරම්බරී’ ප්‍රසංගයත් සමඟ ලංකාව වටේම යන ගමන් ඉදිරියේදී ‘මාරම්බරී’ අරගෙන විදේශ ගතවීමටත් සූදානම් වෙනවා. 
CREATIVE
ශ්‍රී දේවියගේත්, කාජල්ගේත්, මධුරි ඩික්සිත්ගේත් සිනමාවේ දෙවැනි ගමනට පසු අයිශ්වර්යා රායිගේ පුනරාගමනය සිදු වන්නීය. ඇය සිනමාවට පිවිසියේ මනි රත්නම් ගේ ‘ඉරුවර්’ සිනමාපටයෙනි. ඇය දෙවැනි ඉනිම අරඹන්නේ ද මනි රත්නම්ගේම සිනමාපටයකිනි. ත්‍රාසජනක සිනමාපටයක් වන එහි ඇයගේ පෙම්වතා වන්නේ අභිෂේක් බච්චන් නම් නොවෙයි. නාගර්ජුන හා මහේෂ් බාබු මෙහි ප්‍රධාන භූමිකාවලට පණ දෙති.ඈෂ්ගේ දෙවැනි ගමන මනි රත්නම්ගේ බිරිය සුහාසිනි නිල නොවන මට්ටමින් සනාත කර තිබේ. සෘති හසන් දෙවැනි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නීය. ඇයගේ දෙවැනි සිනමා ගමන ගැන බොහෝ කතා මේ වන විට පැතිරී ගොස් අවසන්ය. එහෙත් මනි රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ බිරිය පවසන කතාව ඒ සියලු කතාවලට වඩා සැබෑවක් විය හැකිය. 
CREATIVE
ඉමහත් ජනප්‍රසාදය මධ්‍යයේ විකාශය වූ කෝරළේ මහත්තයා ටෙලි නාට්‍ය මාලාවෙහි තෙවැනි අදියරේ මූලික වැඩකටයුතු ඉකුත් දා හම්බන්තොට රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ පැවැති මුහුරත් උළෙලකින් පසුව ආරම්භ කෙරිණ.මෙය පද්මසිරි කොඩිකාරගේ අධ්‍යක්ණයක් වන අතර ඔහුගේම නිෂ්පාදනයකි. ශ්‍රීනිමල් පද්මකුමාර කෝරළේ මහත්තයා තෙවැන්න අධ්‍යක්ෂණය කරන අතර විජේරත්න වරකාගොඩ, ශි‍්‍රයාණි මහවත්ත, මහින්ද පතිරගේ, වසන්ත කුමාරවිල, සෝමදාස සූරියආරච්චි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.ප්‍රසාද්
CREATIVE
මම දැන් කලා කටයුතු සඳහා නම් දායක වෙන්නේ නැහැ. ගෙදරට වෙලා පුංචි පුතා සමඟිනුයි කාලය ගත කරන්නේ. පුතාට දැන් වයස අවුරුදු එක හමාරක් වෙනවා.එයාගේ සුරතල් සමඟින් දවස ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඒ නිසා හරිම සතුටින් කාලය ගත කරන්නේ.
CREATIVE
රටේ තරුණ පරපුර ගොවිතැන කරා ඇද ගැනීමේ අරමුණින් ආරම්භ වූ ශූර ගොවියා තරගාවලියේ සිව්වැනි අදියර මේ දිනවල පැවැත්වෙනවා. ශූර ගොවියා ‘සිව්වැනි අස්වැන්න’ ලෙස නම් කොට ඇති මෙහි මූලික වටයට තරග වැදුණු සියයක් දෙනා අතරින් තිස් දෙදෙනකු දෙවැනි වටයට තේරී තිබෙනවා. ඒ පිරිස දිවයිනේ කළාප අටකට බෙදී යන අතර එක් පළාතකින් හතර දෙනෙකු ඇතුළත් වනවා. එම සෑම කළාපයකම තරගකරුවන් දිරිමත් කිරීම සඳහා ජනප්‍රිය කලාකරුවකු හෝ කලාකාරිණියක ගොවි තානාපතිවරුන් වශයෙන් යොදවා තිබෙනවා.ඒ කලාකරුවන් මෙසේ දැක්විය හැකියි.නිරෝෂා විරාජිනී - උතුර ශ්‍රියන්ත මෙන්ඩිස් - රජරට නලීන් පෙරේරා - නැගෙනහිර ගයන්ත විජේරත්න - වයඹ නිල්මිණි තෙන්නකෝන් - කඳුරට සනත් විමලසිරි - බස්නාහිර ගයාන් වික්‍රමතිලක - ඌව සුරාජ් මාපා - දකුණඒ සමඟම පසුගිය වසරවල තේරී පත් වූ ශූර ගොවියන් එම කණ්ඩායම්වලට නායකත්වය භාරගෙන කටයුතු කරනවා.ශූර ගොවියා පළමු වටයේ තරග පැවැත් වුණේ ගොවි බිම්වලදී ඉතාමත් සූක්ෂම විනිශ්චයන් තුළින්ය. එම තරගකරුවන් ගොවි බිම්වලට සෑම කළාප නායකයකුම සහභාගී වුණා. ඒ ඒ පළාතට පත් වූ එම කලාකරුවන්ගේ සංචාරයන් ගොවි තරගකරුවන්ට පමණක් නොව එම කලාකරුවන්ට ද අපූරු අත්දැකීමක් වුණා.එම පළමු විනිශ්චය අවසානයේ චිත්‍රාගාරයක් තුළ පවත්වනු ලබන තරග වටය පසුගියදා දලුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්වුණා. මෙය ප්‍රශ්න විචාරාත්මක තරගයක් වශයෙනුයි දිග හැරුණේ. කණ්ඩායම් දෙක බැගින් තරග වැදුණු මෙහි විනිශ්ච මණ්ඩලය ලෙස මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල්, මහාචාර්ය කේ. සමරසිංහ, මහාචාර්ය බුද්ධි මාරඹේ, ආචාර්ය ශිවානන්දර්වර්ල්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය නියෝජනය කළ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් කමල් මාන්කෝට්ටේ, එස්. වාත්තුහේවා, දයානන්ද අබේසූරිය යන මහත්වරුන් ද දායක වුණා.මෙම වටයේදී දෙපිරිස අතරට කෘෂිකර්මයට අදාල කෙටි ප්‍රශ්න සහ ඉදිරිපත් කිරීම් මෙන්ම සමාජගත ප්‍රශ්න සහ සෞන්දර්ය අංශ කෙරෙහි යොමුවුණු ප්‍රශ්න රැසක් යොමු කර එයින් ලබා ගන්නා ලකුණු මත සුදුසු කණ්ඩායම් තෝරා ගනු ලැබුවා.තවද කළාපයෙන් කළාපයට වෙනස්ම වූ මාතෘකාවලට අදාල වන ඉදිරිපත් කිරීම් එම කලාකරුවන්ගේ නායකත්වයෙන් සුන්දර රැඟුම් වැයුම් ගැයුම් සහ තවත් බොහෝ දෙයින් සමන්විත වුණා. ශූර ගොවියා සිව්වැනි අස්වැන්න අමුතුම ආකාරයකින් ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් කෘෂිකර්මයට නවතම හැඩතලයක් එක්කළ වැඩසටහනක් බව කිව හැකි වෙනවා. සී. අයි. සී. මනුස්සකම අධ්‍යක්ෂ ගොවි තානාපති වසන්ත දුක්ගන්නාරාලගේ ඉදිරිපත් කිරීම් ද ඊට මනාව බලපෑවා.ඔහුගේ අධ්‍යක්ෂණයෙන් ද පෝෂණය වුණු ශූර ගොවියා හි විශේෂත්වය වන්නේ මුළු ලංකාවම නියෝජනය වෙමින් ඉතා දක්ෂ ගොවීන් සොයා යාමයි. ඔවුන්ගේ කෘෂිකාර්මික දැනුමට අමතරව කලා විෂයන් කෙරෙහි දක්වන දක්ෂතාවන් මනස්කාන්ත යැයි ප්‍රේක්ෂක මතයයි. රූපවාහිනී රියැලිටි වැඩසටහන් අතුරින් සුවිශේෂ වූ ශූර ගොවියා සෑම බදාදා දිනකම රාත්‍රී 9.45 ට ටී. වී. දෙරණ තුළින් විකාශය වෙනවා.මෙහි අනෙකුත් නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ ටී. වී. දෙරණ ආයතනයේ කණ්ඩායමයි. එමෙන්ම මෙයට සහභාගී වන කලාකරුවන් ද ගොවිකම පිළිබඳ දැනුමෙන් තමන් ද පොහොසත්වීම ගැන කතා කරන්නේ බොහොම තෘප්තියෙන් යුතුවයි. මේ දිග හැරෙන්නේ ශූර ගොවියා වැඩ සටහනේ සරසවි චිත්‍රගාරයේ රූගත කිරීම් දැක්වෙන සේයාරූ කිහිපයකුයි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ - අමිත් එස්. සේනාරත්න
CREATIVE
සිරස සුපර් ස්ටාර් තෙවැනි අදියරෙහි කිරුළ දිනාගත් ශානිකා මධුමාලි ගැන පසුගිය සතියේ උණුසුම් පුවතක් මැවුණා. ඒ ඇයගේ පැරැණි පෙම්වතා නැවත පැමිණ ශානිකාට හිරිහැර පමුණවමින් ප්‍රසිද්ධියේ නින්දා කළ බවටයි. ඇය පිළිබඳ ප්‍රවෘත්තිය අපට ආරංචි වුණේ නම් එලෙසිනි. මෙහි ඇත්ත නැත්ත අප කෙළින්ම ඇයගෙන් විමසුවා.ශානිකා මොකක්ද මේ සිද්ධිය? ඇත්තද ඒ කතාව?අයියෙ මෙහෙමයි.මට ඔය ගැන කිසිම දෙයක් පත්තරවලට කියන්න එපා කියලා තියෙන්නෙ මගෙ ලෝයර්ස්ලා. මේ වෙලාවේ මං නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙනයි තියෙන්නේ. ඒවා අස්සේ මේ ගැන කියන්න තහනම්.ඒත් මේ ආරංචියේ ඇත්ත නැත්ත ගැන නොදැන ඔබ පිළිබඳ වැරදි ආකල්පයක් සමාජය තුළ ගොඩනැගෙන්න පුළුවන් නේද?එහෙම වෙන්නෙ කොහොමද? මගෙ ගෙදර අය මේකෙ සත්‍ය දන්නවා. අනෙක ලබන ජනවාරි තිස්වෙනිදායින් පස්සේ මේ නීතිමය කටයුතු නිමවී තීන්දු තීරණ එනවා. අන්න එදාට මං හැමෝටම ඇත්ත කියන්නම්කෝ.ඔබ මේ වෙලාවේ නිහඬව සිටීම ඔබටම අවාසිදායක තත්ත්වයක් නෙවෙයිද?නිහඬවෙලා ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ජනවාරි 30 වෙනකම්.ඔබ කිව්වා වගේ මට යම් අවාසියක් තමයි. ඇතැම් අය මගෙන් අහන්නෙවත් නැතුව පත්තරවල එක එක වැරදි විස්තර මං ගැන දාලා. ඒ හැමදෙයකින්ම මාවයි තැලෙන්නේ. මේ වෙලාවෙ මං පොඩි ඉල්ලීමක් කරන්න කැමැතියි. තිස්වෙනිදා වෙනකම් මගෙ වැරදි ප්‍රවෘත්ති දාන්න එපා. මමම එදායින් පස්සේ පත්තර හැම එකකටම සවිස්තරාත්මකව වෙච්ච දේ කියන්නම්.මේ පුවත නිසා ඔබගේ පෞද්ගලික ජීවිතයට යම් බලපෑමක් වුණාද?මොන පිස්සුද? මේ මම යසට ඉන්නේ. කිසිම හානියක් වුණේ නැහැ මට. ඉස්සර වාගෙම බොහොම සැහැල්ලුවෙන් සුන්දරව ජීවිතේ ගෙවනවා.එතකොට ඔබේ සංගීතමය කටයුතු?ඒවත් බොහොම හොඳින් කරගෙන යනවා.සටහන – ප්‍රසාද්  
CREATIVE
රංගන ශිල්පී සරත් දික්කුඹුරටත් පසුගිය දවසක අපූරු ඇබැද්දියකට මුහුණ දෙන්න සිදුවෙලා. සරත් දවසක් ෂූටින් ඉවර වෙලා ගෙදරට ඇවිත් කාර් එකෙන් බහින්න සූදානම් වෙනකොට දැක්කාලු කාන්තාවක් පාවිච්චි කරන කුඩයක්.මේක දැක්ක ගමන් ඔහු එකපාරටම තිගැස්සුනාලු. කොහොමද මේ කුඩය මෙතෙන්ට ආවේ. ගැහැනු කෙනෙක් කාර් එකේ ආවෙත් නැහැනේ. දැන් මේ කුඩය කාර් එකේ තියන්නත් බැහැ. ගෙදරට අරගෙන යන්නත් බැහැ. නෝනා බැන්නොත් එහෙම.සරත්ට බයත් හිතුණලු. කොහොම හරි අන්තිමට කුඩය හොරෙන්ම විසිකරලා දාන්න හදනකොටම සරත්ට දුරකථන ඇමතුමක් ඇවිත්. කතා කරලා බලනකොට කුඩය ඔහුගේ හිතවතකුගේ.හිතවතාගේ බෑග් එක අමතක වෙනවට ඔහුගේ බිරිඳ තමයි මේ කුඩය බෑග් එකට දාලා තියෙන්නේ. ඔහු වැස්සෙම කොහෙද යන ගමන් තමයි සරත් ඔහු කාර් එකට නංවාගෙන තියෙන්නේ. හිතවතා බැහැලා තියෙන්නේ කුඩය සරත්ගේ කාර් එකේ තියලා.
CREATIVE
පබා, පබළු, අමා, සඳා යන ටෙලි නාට්‍ය ඔස්සේ නරඹන්නන්ගේ හදවත දිනූ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි නාට්‍යය ‘වරා මල්’ ය.මේ දිනවල රාත්‍රී 7.30 ට ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘සිහින සින්ඩරෙල්ලා’ ටෙලි නාට්‍යයෙන් පසුව විකාශය වීමට නියමිත ‘වරා මල්’ ටෙලි නාට්‍යයෙහි වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසාන වී ඇත. එහි බිමල් ජයකොඩි, මංජුලා කුමාරි, ෂෙරිල් ඩෙකර්, මීනා කුමාරි, පැතුම් රුක්ෂාන්, ගිරිරාජ් කෞෂල්‍ය, මානෙල් වානගුරු, අනුර බණ්ඩාර රාජගුරු, ප්‍රේමදාස විතානගේ, රෝහිත අබේගුණවර්ධන, සමන් සොයිසා, මෙලනි අශෝකා, අභිෂේක් සොයිසා, ධම්මික අලුත්ගෙදර, නවාස් ජයතිලක, අජිත් නයනප්‍රිය, කාන්ති ලංකා, අයෝධ්‍යා මිහිරාවි ඇතුළු නළු නිළියන් රැසක් රඟන ‘වරා මල්’ හි සහාය අධ්‍යක්ෂණය චන්දන විජේකෝන්ගෙනි.සුනෙත් හෙට්ටිආරච්චිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, කොට්ටාරමුල්ලේ චමිලගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, අකිල සුදේශ්ගේ අංග රචනයෙන් ද ‘වරා මල්’ හැඩ වෙති. නිෂ්පාදන කළමනාකරණය වික්ටර් කුරේ ගෙනි. සංස්කරණය අනූෂ ජයවර්ධනයි. සංගීතය චන්දන වැලිකලයි. කතාව, දෙබස් හා තිර රචනය මහේෂ් රත්සර ආරච්චිගෙනි. නිෂ්පාදනය යෙහෙත්මා ෆිල්ම්ස් වෙනුවෙන් අසංක පුෂ්පකුමාර සමඟ තිලක් කොඩිතුවක්කු.තිලානි
CREATIVE
දිලිප් කුමාර් රඟපෑ ඉන්සානියාත් හින්දි චිත්‍රපටය සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ චිත්‍රපටයේ නම කුමක්ද?විමල් රණසිංහ – ග්‍රැන්පාස්මනුෂ්‍යත්වය.පියදාස ගුණසේකර, ලයනල් දැරණියගල, ඩොමී ජයවර්ධන, එච්. ඩී. කුලතුංග අතරින් වඩාත් කැමැති දුෂ්ට නළුවා කවුද?සරත් රණසිංහ – මාළිඳ.ඩොමී ජයවර්ධන.වික්ටර් හියුගෝ ගේ ‘ලේ මිසරාබ්ලේ’ නව කතාව, සිනමාස්ගේ ‘දුප්පතාගේ දුක’, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලගේ ‘මනුතාපය’, හා ජාතික රූපවාහිනියෙන් පසුගිය දා විකාශය වූ ‘දූලි පින්තාරු’, යන මේවා එකිනෙකට සමානයි නේද?ඩඩ්ලි ගෝමස් - මොරටුව.ඔව්, මේ සියල්ලටම පාදක වුණේ වික්ටර් හියුගෝ ගේ නව කතාවයි.ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ගායනා කළ ‘අම්මා කියා කියත හැකි එකම ළඳකටයි’ යන ගීතයෙ පද රචනය කාගේද?වියානි ගුණවර්ධන - වෙන්නප්පුව.කරුණාරත්න අබේසේකර.දිලිප් කුමාර් තවම ජීවතුන් අතරද?සධානා බෙගම් – නුවරඑළිය.දිලිප් කුමාර් තාම ජීවතුන් අතර සිටිනවා.  සී/ස සිනමාස් සමාගමේ නිපද වූ චිත්‍රපටත්, එහි අධිපති කේ ගුණරත්නම් මහතාත්, ඔහුගේ විජය චිත්‍රාගාරයත්, මරදාන ගාමිණී සිනමාහලත්, අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත්, අප අතරින් නැතිවීම මා විටින් විට කනස්සල්ලට පත් වෙනවා. මෙයට කුමක් කළ යුතුද?සරත් - කපුගොඩමේ ලෝකයේ කිසි දෙයක් සදා කාලික නැහැනේ කියලා තේරෙන්නෙ නැද්ද සරත්.නොමියෙන මිනිසුන් චිත්‍රපටය කාගේ අධ්‍යක්ෂණයක්ද? වර්තමාන ජනාධිපතිතුමා එහි රඟපෑවා නේද?මාලිනී පිඹුරගේ - හෝකන්දර.මෙහි අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකායි. අතිගරු ජනාධිපතිතුමා එහි බ්‍රිගේඩියර් වරයකුගේ භූමිකාවකට පණ පෙව්වා.ප්‍රවීණ නිළි සෝබනී අමරසිංහ සුමනා අමරසිංහ ගේ සොයුරියක්ද?අනුලා වීරකෝන් – ගිනිගත්හේන.නැහැ.වඩාත් විකට නළුවකු වශයෙන් ජනප්‍රිය වූ හියුගෝ ප්‍රනාන්දු සංගීතය සැපයූ චිත්‍රපට මොනවාද?තිලකරත්න විල්වල – කෑගල්ල.පිටිසර කෙල්ල, සරදියෙල්.වීර පුරන් අප්පු චිත්‍රපටයේ වී.සී.ඩී. නිකුත් වී තිබේද?විජය ඉලංගකෝන් – ගම්පොළ.එය ටොරානා විඩියෝ මූවීස් ලේබලය යටතේ නිකුත් වුණා.සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ සුමනා අමරසිංහ පෙම් චරිත රඟ පෑ චිත්‍රපට තිබේද?සුදත් නිශාන්ත – මීගමුවනැහැනේ සුගත්.පසුගිය සතියක දී චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සම්බන්ධයෙන් දී තිබූ පිළිතුරට ‘සත්කම්පා’ චිත්‍රපටයත් ඇතුළත් විය යුතුයි නේද?රුවින්ද කොල්ලුරේ – මීගොඩ.ඔව්නෙ, රුවින්ද.අශෝක හඳගම ගේ ලිපිනය පළ කරන්න.ආනන්ද ප්‍රනාන්දු –නිට්ටඹුව.අශෝක හඳගම නො: 399/5, සමගි මාවත,හෝකන්දර දකුණ,හෝකන්දර.ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ ගේ ‘අහස පොළොව වට පිටාව‘ ගීතය රචනා කළේ කවුද? එය චිත්‍රපට ගීතයක්ද?එන්. සිරිපාල – උඩුගම්පොළ.එය චිත්‍රපට ගීතයක් නොවේ. ගීතය ප්‍රබන්ධ කළේ යමුනා මාලිනී පෙරේරා. සංගීතය රෝහණ වීරසිංහ.
CREATIVE
දිගු කලක් නිහඬව සිටි මේරියන්ස් නායක නලින් පෙරේරා අලුත් වැඩකට අත ගසා තිබෙනවා. ඒ ‘ෆයිව් පොයින්ට් වන්’ තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ ශබ්දාගාරයක් නිර්මාණය කිරීමයි.ලෝකයේ ඇති අති නවීන පටිගත කිරීමේ තාක්ෂණයෙන් යුතු මෙම ශබ්දාගාරය පසුගිය අට වැනිදා විවෘත වූයේ පණ්ඩිත් ආචාර්ය ඩබ්. ඩී. අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් ගැයුන සරස්වතී අභිනන්දන ගීතයට හඬ මුසු කරමින්.‘මේ අවස්ථාවට ජාතියේ සම්පතක් වූ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් අසූ හතර වියේ පසු වෙද්දීත් ජවසම්පන්න තරුණයකු ලෙස හඬ මුසුකිරීම පරම්පරා දෙකක සම්බන්ධය ගොඩ නැඟීමක්. එය ඓතිහාසික අවස්ථාවක්.මේරියන්ස් සංගීත කණ්ඩායම හැටියට මේ අවස්ථාවට එතුමන් සහභාගිවීමම අපට ආශිර්වාදයක්’ යනුවෙන් නලින් පෙරේරා හැඟුම්බරව මේ අවස්ථාව ගැන පවසයි.මෙම ශබ්දාගාරයේ සියලුම සංගීත කටයුතු හා පටිගත කිරීම් සිදු කරන්නේ සංගීතවේදී රංග දසනායකගේ සුරතින්.පසුගියදා නිමාව දුටු දෙරණ සිනමා සම්මාන රාත්‍රියේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය දෝත දරා ගත්තේ අපේ හිතවත් කුමාර තිරිමාදුර.සම්මානය ලබා ගනිමින් කුමාර අදහස් දැක්වීමට පටන් ගත්තේ හරිම සංවේදී ආකාරයට.‘මේ සම්මානය හිමි මගේ අම්මට. එතුමිය තමයි මට පුංචි කාලේ තාත්තට හොරා චිත්‍රපටි බලන්න සල්ලි දුන්නෙ. මේ මොහොත වන විට මගේ අම්මා ඉතාමත් අසනීප තත්ත්වයෙන් ඉන්නෙ.ඇගේ ඇස් දෙකේ පෙනීමත් අඩු වෙලා. මේ සම්මානය මට ලැබුණෙ අපේ අම්ම නිසා. මේ රාත්‍රියේ මගේ පළමු රාජකාරිය මේ සම්මානය මගේ අම්මගෙ පින්වන්ත දෑත මත තබන එක. මං අද පළමුවෙන්ම කරන්නේ ඒක.කුමාර කතාව නිමා කළේ තමාගේ දෑසේ වගේම සභා ගැබේ හැමෝගෙම දෑස් අග කඳුළක් ඉතිරි කරමින්. ඇත්තටම මේ වගේ දක්ෂකමින් සපිරි පුතකු බිහි කළ ඒ අම්මා උත්තරීතරයි. එදා සභා ගැබේ හැමෝම හිතින් කුමාරගේ අම්මාට ඉක්මන් සුවය පතන්නට ඇති. ඒ කතාව ඒ තරමට සංවේදීය. හැගුම්බරයි.- චතුරකොමඩි ස්ටාර් රියැලිටි වැඩසටහනින් ප්‍රථම ස්ථානය දිනූ නන්දන හෙට්ටිආරච්චි ගැන පසුගිය කාලයේ හාවක්හූවක් අහන්නට ලැබුණේ නැහැ. ඔහු ඒ නිහඬ බව බිඳිමින් නන්දන සහ සොබාලක් ක්‍රියේෂන් එක්ව කොමඩි සෙවන් නමින් අලුත්ම වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්නට සැරසෙනවලු.‘මිනිසෙක් වී බල්ලෙක් වෙනවද, බල්ලෙක් වී මිනිසෙක් වෙනවද’ යනතේමාව යටතේ ඔහු මේ නාට්‍ය නිර්මාණය කරන බව ආරංචියි. මෙහි මංගල දර්ශනය මේ මස 23 දින දෙහිවල එස්. ද එස්. ජයසිංහ රංග ශාලාවේදී ප. ව. 6.30 ට වේදිකා ගත කරන්න සූදානම් බවත් ආරංචියි.නන්දනගේ මේ කතාව නරඹන්නට සැමටම ඔහු ආරාධනා කරනවලු.සේයා - ටෙනී/මාලන් / ප්‍රසාද්සංජීව සම්පත් බාලසූරිය
CREATIVE
ඒ. පී. විජේරත්න විසින් සංවිධානය කෙරෙන පැරැණි සඟරා, ග්‍රැමෆෝන් තැටි, පැරැණි ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනය ලබන 07 සහ 08 යන දෙදින තුළඇල්විටිගල මහල් නිවාසයේ අංක ච් 2 දරන විජය පොත්හලේ හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙහිදී පැරැණි සරසවිය පුවත්පත්, කලා සඟරා, චිත්‍රවාහිණී වැනි පැරැණි සඟරා, ග්‍රැමෆෝන් යුගයේ සිට සංයුක්ත තැටි දක්වාසංගීත තැටි සහ කලාකරුවන්ගේ පැරැණි ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරේ.මෙම සුවිශේෂ කටයුත්ත සංවිධායක ඒ. පී. විජේරත්න මහතාගෙන් සරසවිය අපි විමසුවා මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය කරන්නට විශේෂ හේතුව ගැන?පොඩි කාලේ ඉඳලම කලා පත්තර, පැරැණි කවි වැනි දේවල් එකතු කරන්න මගේ විශාල කැමැත්තක් තිබුණා. එවැනි සුවිශේෂ නිර්මාණ එකතුවක් මා සතුව තියෙනවා. මගේ ගම මීරිගම. පැරැණි චිත්‍රපට මම බැලුවේ හරිම ආසවෙන්.ගොවිතැන් කටයුතු කරල ගන්න සල්ලිවලින් තමයි ඒ කාලේ චිත්‍රපට බලන්න ගියේ. පසුව 1971 වසරේ රැකියාවක් සඳහා කොළඹට පැමිණියා. විවිධ රැකියා කිහිපයකට යොමු වීමෙන් පසු 1976 වසරේදී කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අලෙවි නියෝජිතවරයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.1982 වසරේදී තමයි මම ඇල්විටිගල මාවතේ විජය පොත්හල ආරම්භ කළේ. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මට ඒ සඳහා බොහෝ උපකාර කළා. මෙය ආරම්භ කර ඔක්තෝබර් හත්වැනිදාට වසර 30 ක් සපිරෙනවා.ඒ නිමිත්තෙන් තමයි මේ සුවිශේෂ ප්‍රදර්ශනය පවත්වන්නට කටයුතු සූදානම් කළේ. පැරැණි සඟරා, ග්‍රැමෆෝන් තැටි, ඊ. පී. තැටි, එල්. පී. තැටි, 70 දශකයේ කැසට් පට, සංයුක්ත තැටි වගේම රුක්මණි දේවි, එච්. ආර්. ජෝතිපාල වැනි කලාකරුවන්ගේ දුර්ලභ ඡායාරූපත් මෙහි ඇතුළත්. මේ සියල්ලම එකම තැනදී ප්‍රදර්ශනය කරන්නට ලැබීම සතුටක්.ගමේ සිට කොළඹට පැමිණි පසුව විවිධ පුද්ගලයන් රැසක් හඳුනා ගන්නට අවස්ථාවක් ලැබුණා. පුවත්පත් කතුවරු, නළු නිළියන්, ගායක ගායිකාවන් රැසකගේ වගේම විවිධ කලා කටයුතු සමඟත් හොඳ ඇසුරක් තිබුණා. මෙවැනි එකතුවක් ලැබීමට හේතු වුණේ එයයි. ලබන 07 වැනිදා සහ 08 වැනිදා යන දෙදින තුළදී මෙම ප්‍රදර්ශනය ජනතාව වෙනුවෙන් විවෘතයි.හත් වැනිදා පෙරවරු 8.30 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත් සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඇතුළු කලාකරුවන් රැසක් එදිනට සහභාගි වන්නට නියමිතයි.මෙවැනි පැරැණි සඟරා, ගීත, ඡායාරූප අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම තමයි මගේ අරමුණ. ඒ වගේම එය පැරැණි කලාකරුවන් වෙනුවෙන් කරනා උපහාරයක් කියා මා සිතනවා.ඒ. පී. විජේරත්න – 0112677746 - 0774803074යතේජා ඥානරත්නඡායාරූපය –නිරෝෂ් බටේපොල  
CREATIVE
රට විරුවෝ වැඩසටහන ගැන ඔබට දැන් අමුතුවෙන් හඳුන්වා දෙන්න උවමනා නම් නැහැ. මව්බිමෙන් ඈත්ව දුරු රටක සිට රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාව සෑම ඉරිදාවකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාවෙන් ඔබට සමීප වෙනවා. ජෝර්දානයේ වැඩසටහන් පෙළෙහි නිමාවත් සමඟින් මෙවර රටවිරුවෝ වේදිකාව ඉදිවෙන්නේ තවත් මැදපෙරදිග රටක. ඒ ඕමානයයි. මේ එහි පළමු වැඩසටහනට සහභාගිවන රටවිරුවන් හය දෙනා ගැන කෙටි හැඳින්වීමක්.සින්නතම්බි දායාසීලන් ඕමානයේ රටවිරුවෝ වේදිකාවේ ආරම්භය සනිටුහන් කරන්න සූදානම්. මහනුවර පදිංචි දයාසීලන් විදෙස් සේවයට එක් වෙන්නේ මීට වසර 13 ට ඉහතදීයි. සහජ හැකියාවත් ගායනය කෙරෙහි වූ උනන්දුවත් නිසාම සංගීත ක්ෂේත්‍රයට ලැදියාවක් දැක් වූ ඔහු සිය ගායන හැකියාවන් එළි දක්වන්න තෝරා ගත්තේ රටවිරුවෝ වේදිකාවයි.එම්. පී. දිනේෂ් කුමාර ඩයස් රටවිරුවෝ වේදිකාවට එක් වෙන්නේ ගායන අංශයෙන්. සහජයෙන් ලද ගායන හැකියාව ස්ව උත්සාහයෙන් තව තවත් සාර්ථක කරගත් ඔහු මෙවර රටවිරුවෝ වේදිකාව ඔස්සේ එය ලොවටම පෙන්වන්න සූදානම්. මොරටුවේ පදිංචි දිනේෂ් කුමාර ඕමානයේ විදෙස් සේවයට එක්වෙන්නේ පසුගිය වසරේ සිටයි.මහනුවර පදිංචි රෝෂණී ශෂිකා නිලුක්ෂි රාජපක්ෂ මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. සහජයෙන් ලද ගායන හැකියාවෙන් පාසලේදී විෂයක් ලෙස ද සංගීතය හදාරා ඇති ඇය සමස්ත ලංකා මට්ටමේ ගායන තරග ජයග්‍රහණ ද හිමිකර ගන්නට සමත්. ගායනය පමණක් නොව සංගීත භාණ්ඩ කීපයක්ම වාදනය කිරීමේ හැකියාව පමණක්ම නොවෙයි රෝෂණීට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්.ඩෙරෝන් මෙලෝ මෙවර රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ ගායන අංශයෙන්. ගායනයට ඇති ආශාවත් දෙමව්පියන්ගේ මඟ පෙන්වීමත් යටතේ සංගීත අංශයට යොමු වූ ඔහු තම හැකියාව එළිදක්වන්න තෝරා ගත්තේ ඕමානයේ රටවිරුවෝ වේදිකාවයි. මීගමුවේ පදිංචි ඩෙරෝන් විදෙස් සේවයට එක් වෙන්නේ 1988 වසරේ සිටයි.මොරටුවේ පදිංචි මරියස් ප්‍රසන්න රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න පැමිණෙන මීළඟ ගායන තරුවයි. ගායනයට තිබූ උනන්දුව නිසාම සංගීතය විෂයක් ලෙස හදාරා ඇති ඔහු පාසල් තූර්ය වාදන කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයෙක්. ප්‍රසන්න විදෙස් සේවයට එක්ව ඇත්තේ 1990 වසරේ සිටයි.ප්‍රේමලාල් ආනන්ද ඕමානයේ රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නෙත් ගායන අංශයෙන්. ගීත ගායනයට ඇති දැඩි ඇල්ම නිසාම පාසල් කාලයේ සිට විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු අද ඒ හැකියාවෙන් රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. ගෙලිඔය පදිංචි ප්‍රේමලාල් ආනන්ද විදෙස් සේවයට එක් වී ඇත්තේ 1997 වසරේ සිටයි.යතේජා ඥානරත්න  
CREATIVE
නාලන් මෙන්ඩිස් අපේ රටේ ටෙලිවිෂනයට අනගි නිර්මාණ රැසක් දායාද කළ සුවිශේෂ කලාකරුවෙක්. ඔහු අධ්‍යක්ෂණය කළ දූ දරුවෝ, නෑදෑයෝ, සෙනෙහෙවන්තයෝ, සත්පුර වැසියෝ වැනි ටෙලි නාට්‍ය ඔබ මීට කලකට ඉහත දී රස වින්දා මතක ඇති. ඒ වගේම තරු කුමරි, මම නොවෙයි මම, දූවරු වගේම මේ දිනවල විකාශය වන අංගනාත් ඔබට ගොඩක් ළෙංගතුයි. මේ ටෙලි සිත්තම්වලට සමීප ඔබට ‘ඊළඟට මොකද වෙන්නේ’ කියන වැකිය නම් නුහුරු නුපුරුදු නැතිව ඇති.ටෙලි නාට්‍ය අවසානයේ ඔබ එය දකින්නේ ඊළඟ කොටස පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ද අතැතිවයි.මේ කතාව ඔහුගේ ටෙලි නාට්‍ය ගැන නම් නොවෙයි. පසුගිය දිනක මේ සුවිශේෂ අධ්‍යක්ෂවරයාගේ උපන් දිනය යෙදී තිබුණා. පවුලේ ඥාතීන් සහ සහෝදර කලා හිතවතුන් සමඟින් සැමරුණු නාලන්ගේ උපන් දින සාදය බොහොම ජයට සිදු කෙරුණා. එය ආරම්භ කරමින් උපන් දින කේක් ගෙඩිය කපන ලද වහාම ඔහුගේ සිඟිති මුණුබුරාගෙන් ප්‍රශ්නයක් මතුªවුණා. ‘සීයේ, ඊළඟට මොකද වෙන්නේ?’ මුණුබුරාගේ ප්‍රශ්නය එයයි. ටෙලි නාට්‍ය විතරක් නොවෙයි නාලන්ගේ උපන් දින සාදය පුරාවටම මේ පුංචි මුණුබුරා නාලන්ගෙන් ඇහුවේ ‘සීයේ, ඊළඟට මොකද වෙන්නේ?’ කියලයි.
CREATIVE
පසුගිය දවස්වල දුව විවාහ දිවියට ඇතුළත් වුණ නිසා ඒ කටයුතුත් සමඟ මා කාර්යබහුල වුණා. ඈ නැති පාළුව බොහොම තදින් මටත්, බිරියටත් දැනෙනවා.මේ අතර මා රඟ පෑ ‘ගිරිකුළ’, ‘පාරා වළලු’, ‘සුන්දර චන්දරේ’ කියන ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ‘වෙද ගුරුන්නාන්සේ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කළා. ‘චරිත හතක්’ වේදිකා නාට්‍යය සමඟ මමත් රට වටේ යනවා.
CREATIVE
වසන්තයේ දවසක්මාල ගිරා ගෙල මාල පොටක් වැනි ගෝමර පෙති මාලේ පාට සරුංගල් පාට නෙළා රුව දිලෙනා ලීලේ වතුසුදු මල සේමා වත රූ සිරි බෝමා කෝල කොමළ වරුණේ සිත බැඳුණා ළඳුනේ කදිම උවම් යොදලා කවි සී පද ගොතලා හීතල දුරුතු මහේ කියමුද අපි ළඳුනේ කෙකටිය සුදට සුදෝ හිරිමල් කැකුළු මුවින් ටිකිරි හිනා බිංදු මට දෙනවද ළඳුනේ?පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගායනය – ටී. එම්. ජයරත්න හා ලතා වල්පොල අධ්‍යක්ෂණය – ටී. අර්ජුනසුලෝචන වික්‍රමසිංහ
CREATIVE
නිවේදිකා කුසුම් පීරිස්මේ දවස්වල සුපුරුදු සාමාන්‍ය විදියට කාලය ගත කරනවා. පසුගියදා අපේ පුතා විවාහ වුණා. ඒ ගැන හරිම සතුටින් ඉන්නේ. විවේක ලැබෙන හැම වෙලාවකම මමත් මහත්තයත් පුතාගේ ගෙදර යනවා. නිවේදන කටයුතුවල නම් සුපුරුදු විදියට වසර දහ තුනක් පුරාවට මම ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ ‘එතෙර ඉසුර’ වැඩසටහන කරගෙන යනවා. ඒ හැරුණාම ශ්‍රී එෆ්. එම්. නාලිකාවේ නියාමන නිලධාරිනියක ලෙසත් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඒ දවස්වල මම රචනා කළ ‘පහන් තරුව’ ගුවන් විදුලි නාට්‍ය නවකතාවක් ලෙසින් එළි දක්වන්නත් සූදානම් වෙනවා.මෙවැනි කටයුතු සමඟින් තමයි දැන් ජීවිතය ගත කරන්නේ. මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදාටත් වෙනදා වගේම පන්සලට ගිහින් මල් පහන් පූජා කරන්න සූදානම් වෙලා ඉන්නේ. 
CREATIVE
කවුද මේ?මම දුෂ්්‍යන්ති නදීශා.තවදුරටත් හඳුන්වා දුන්නොත්?මගේ ක්ෂේත්‍රය ගායනය. මං සුපර් ස්ටාර් හතරවැනි අදියරේ අන්තිම හතළිස් අට දෙනාට ඇවිල්ලා එස්. එම්. එස්. මදි වෙලා අයින් වුණා.ඊට පස්සේ?ඒ තරගාවලියෙන් මාව මිනිස්සු හඳුනා ගත්තා. මං කළා මගේම සිංදු දෙකක්.ඒ මොනවද?මතුදාක සහ පිරිමි මංකඩ. ඒවායින් පිරිමි මංකඩ ගොඩක් ජනප්‍රිය වුණා.ඒ ගීත ඔබට නිර්මාණය කර දුන් නිර්මාණකරුවන් ගැන කිව්වොත්?මතුදාක යළි ලිව්වේ ආචාර්ය අජන්තා රණසිංහයන්. නවරත්න ගමගේ මහත්මයා සංගීතවත් කළා. පිරිමි මංකඩ වසන්ත දුක්ගන්නාරාළගේ රචනයක්. ඉරාජ් වීරරත්න සංගීතවත් කළා.පිරිමි මංකඩ මොන වගේ ගීතයක්ද?ඒක විරහ ගීතයක්. එහි රූප රචනාවක් ද කළා. මේ දිනවල එය විකාශය වෙනවා.විශේෂ හේතුවක් තියෙනවද විරහ ගීත කියන්න?මෙහෙමයි, මේ ගීතයට මගේ කිසිදු පුද්ගල සම්බන්ධයක් නැහැ. ප්‍රේමය තුළ විරහ රසය තියෙනවා. පුද්ගලික මං විරහව විඳින්න කැමැති නැහැ. පිරිමි මංකඩ තුළින් චපලකම් කරන අයට හොඳ පණිවුඩයක් දෙනවා. ඒකයි මෙවැනි ගීතයක් කළේ.ඔබ හිතනවද ගීයක් වැනි මාධ්‍යයක් තුළින් සමාජයට පණිවුඩයක් දී වැරැදි කරන අයව නිසි මඟට ගන්න පුළුවන් කියලා?ඔව්, මොකද බැරි. අර්ථවත් ගී තුළින් සමාජයේ යම් යම් වැරැදි හදාන්න පුළුවන්. නිහාල් නෙල්සන් මහත්මා ගයන එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ගීතය අහලා සෑහෙන්න පරිසක් ගව මස් කෑමෙන් වැළකුණා කියලා මං අහලා තියෙනවා.ඒ කියන්නේ ඔබ ඉදිරියට ගයන්න හිතාගෙන ඉන්නේ උපදේශාත්මක ගීත ද?ඉහත උත්තරයෙන් මං එහෙම දෙයක් නෙවෙයි අදහස් කළේ.දුෂ්්‍යන්ති සුපර් ස්ටාර් තරගාවලියේ ඊළඟ අදියරට අයැදුම් කළේ නැත්තේ ඇයි?මට එකෙන්ම එපා වුණා. මං තනිව මගේ ගමන යන්න තීරණය කළා. විශේෂයෙන්ම පිරිමි මංකඩ සඳහා වීඩියෝවක් කළේ ඒකයි.වෙනින් කිසිම රියැලිටි තරගයකට ඉන් පසුව සහභාගි වුණේ නැතිද?මං ස්වර්ණවාහිනියේ ලවිං ස්ටාර් එකට ගියා. චිලී තමයි හිටියේ. මං එහි දෙවැනියා වුණා.ඒ කියන්නේ හොඳට ආදරේ කරන්න පුළුවන්?ආදරේට ආදරේ කරනවා. එච්චරයි.ඔබ රංගනයටත් පිවිසුණා කියලා දැනගන්නට ලැබුණා?ඔව්. මුතුපළස නාට්‍යයෙනුයි මං රඟපාන්න ආවේ. එහි මං හිරුණි. එහි අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ රේඛීය නිෂ්පාදක චාමර සමරවික්‍රම යන මහත්වරුන්ට තුති පුදන්න ඕනෑ මට ඒ අවස්ථාව දුන්නට. මං දැනට ඔබිනාමුණි ගාමිණී ද සිල්වා සර් යටතේ රංගනය හදාරනවා.ඉක්මනින් ජනප්‍රිය වන්නද රංගනයටත් යොමු වුණේ?කලාවේ නියැළෙද්දී ජනප්‍රිය වෙනවා. ඒක ඉබේ වෙනකම් මං ඉන්නවා. මට පුළුවන් හැකියාවන් මොනවද කියලා දන්න නිසයි ගායනය රංගනය සහ ඒ හා බැඳි තරගවලට සහභාගි වුණේ.ඔබ ගැන කෙටි විස්තර ටිකක් කියමු?අහන්නකෝ.කොහෙද ගෙවල් තියෙන්නේ?මීගමුවෙ පදිංචිය. ගම නම් කුලියාපිටිය.උපන් දිනය?1988. 10. 10පාසල?වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකාව සහ කුලියාපිටිය සුරදූත බාලිකා යන ඉස්කෝලවලින් මං අධ්‍යාපනය හැදෑරුවා.ලග්නය?ධනු.ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න?බොහොම නිවිච්ච කෙනෙක්.කාටද තුති පුදන්න තියෙන්නේ?සුසාර දිනාල් ඇතුළු මට උදව් කළ හැමෝටම.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
රුවන්ගි, මේනකා, නෙතු, මහේෂිගේ හදවතට එබී බලමුමේ දිනවල තිරගත වන සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් පනස් තුන් වැනි සිනමා නිෂ්පාදනය ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ බැනර්, පෝස්ටර්, කටවුට් අප නෙතට ඕනෑ තරම් හසු වී ඇත්තේය. ඒවාහි බොහොමයක ඇත්තේ අපූරු සේයාරුවකි. හෙළ සිනමාවේ සුපිරි තරුව වූ රන්ජන් රාමනායක මැදි කොට ගත් සුරූපී යෞවනියන් සිවු දෙනකුගේ මනබඳීනා දසුනකි.ඔවුන් කවුරුන්ද යන වග සෙවීමට බොහෝ දෙනෙකු උත්සාහ කරනුයේ රිදී තිරයට ඒ මුහුණු ආගන්තුක වන බැවිනි. ජීවිතය ලස්සනයි හරහා සිය සිනමා රංගන චාරිකාව ඇරැඹූ ඒ චරිත හතර මේ වන විට ජනප්‍රියත්වය දෝත දරාගෙන හමාරය.නම් වශයෙන් මම ඔවුන්ව මෙසේ හඳුන්වා දෙමි. රුවන්ගි, මහේෂි, මේනකා සහ නෙතු. රිදී තිරයට පායා ආ ඒ අලුත්ම තාරකා සතරෙහි කෙටි විස්තරයන් මෙලෙස සටහන්වේ.ජීවිතය ලස්සනයි හි ඇය රඟනුයේ දිනේත්‍රාගෙ චරිතයයි.භාවිත කරන නම? මහේෂි මධුසංඛා.සුරතල් නාමය? මාෂි.ගම? නුවර.පාසල? ස්වර්ණපාලි බාලිකාව, හේමමාලි බාලිකාව සහ ඕමාන් පොලිග්ලෙට්.උපන් දිනය? 1992. 10. 27ලග්නය? වෘෂ්චික.වැඩිපුර අඳින්න කැමැති? ඩෙනිමයි, ටී ෂර්ට් එකයි.පුංචි තිරයේ ජනප්‍රිය? මුතු වරුසාහි තාරුකා හැටියට.විනෝදාංශ? නර්ථනය.ආගම? බුද්ධාගම.රඟපාන්න ආවේ ඇයි? දක්ෂතාවයක් තියනවා කියලා දැනුණ නිසා.ප්‍රේමවන්තයා? නැත.මීට පෙර දායක වී ඇති නිර්මාණ? මුතුවරුසා, පිපෙන මල්.ඔබ ගැන සරලව හඳුන්වන්න? සැර වගේ පෙනුනට සැර නැති කෙනෙක්.රසික රසිකාවන්ට ඔබට කතා කරන්න වුවමනා නම්? ලියන්න මේ ලිපිනයට, 74/6, පිළියන්දල පාර, මොරටුව.ජීවිතය ලස්සනයි හි ඇය රඟනුයේ කාව්‍යාගේ චරිතයයි.භාවිත කරන නම? රුවන්ගි රත්නායක.සුරතල් නාමය? රුවන්ගි.ගම? කුරුණෑගල.පාසල? ශුද්ධ වූ පවුලේ බාලිකාව, කුරුණෑගල.උපන් දිනය? 1988. 11. 08ලග්නය? අවශ්‍ය නැහැ.වැඩිපුර අඳින්න කැමැති? ඩෙනිමයි, ටී ෂර්ට් එකයි.පුංචි තිරයේ ජනප්‍රිය? සොදුරු ගිම්හානයේ මන්තිකා හැටියට.විනෝදාංශ? නිදා ගැනීම.ආගම? බුද්ධාගම.රඟපාන්න ආවේ? ආස හිතුණා.ප්‍රේමවන්තයා? හිස් තැනක් තියන්න.මීට පෙර දායක වී ඇති නිර්මාණ? සිහින සිත්තරාවි, අහසින් වැටුණ.ඔබ ගැන සරලව හඳුන්වන්න? පාඩුවෙ ඉන්න කෙනෙක්.රසික රසිකාවන්ට ඔබට කතා කරන්න වුවමනා නම්? මේ විද්‍යුත් ලිපිනයෙන් පුළුවන්.ruwange 88@gmail.comජීවිතය ලස්සනයි හි ඇය රඟනුයේ දෙවුමිණිගේ චරිතයයි.භාවිත කරන නම? නෙතු ප්‍රියංගිකා.සුරතල් නාමය? නෙතු.ගම? පුස්සැල්ලාව.පාසල? ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල පුස්සැල්ලාව, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය.උපන් දිනය? ජනවාරි 24.ලග්නය? තුලා.වැඩිපුර අඳින්න කැමැති? ස්කර්ට්.පුංචි තිරයේ ජනප්‍රිය? යස් බොස් හි පිළිගැනීමේ නිලධාරිණිය හැටියට.විනෝදාංශ? අන්තර් ජාලයේ සැරිසැරීම.ආගම? බුද්ධාගම.රඟපාන්න ආවේ? ආසාවට.ප්‍රේමවන්තයා? එහෙම කෙනෙක් ඉන්නවා. නම කියන්න බැහැ.මිට පෙර දායක වී ඇති නිර්මාණ? ලොක්කයියා, සමනලී.ඔබ ගැන සරලව හඳුන්වන්න? බොරුවට අකැමැති කෙනෙක්.රසික රසිකාවන්ට ඔබට කතා කරන්නවුවමනා නම්? නෙතු ප්‍රියංගිකා නමින් ඇති ෆේස් බුක් එකවුන්ට් එකෙන් පුළුවන්.ජීවිතය ලස්සනයි හි ඇය රඟනුයේ ප්‍රබෝධනීගේ චරිතයයි.භාවිත කරන නම? මේනකා මධුවන්ති.සුරතල් නාමය? මේනු.ගම? මත්තෙගොඩ.පාසල? ආනන්ද බාලිකාව, කෝට්ටේ.උපන් දිනය? ජූලි 01.ලග්නය? කන්‍යා.වැඩිපුර අඳීන්න කැමැති? ස්කිනිස්.පුංචි තිරයේ ජනප්‍රිය? සිටු මැදුරේ කිෂානි හැටියට.විනෝදාංශ? ෆිල්ම් බැලීම.ආගම? බුද්ධාගම.රඟපාන්න ආවේ? අහඹු ආරාධනාවකට.ප්‍රේමවන්තයා? තවම හොයනවා.මීට පෙර දායක වී ඇති නිර්මාණ? චායා, සිටු මැදුර, චංචල රේඛා.ඔබ ගැන සරලව හඳුන්වන්න? ආදරණීය කෙනෙක්.රසික රසිකාවන්ට ඔබට කතා කරන්න වුවමනා නම්? menakapassion@gmail.com යන විද්‍යුත් ලිපිනයෙන් පුළුවන්.- ප්‍රසාද් සමරතුංග
CREATIVE
වේදිකාව පුරා පැතිරුණුපරිපූර්ණ සිම්ෆනි වාද්‍ය වෘන්දය විසින් වාදනය කරමින් සිටිය් බිතෝවන්ගෙහය වැනි තූර්ය සංවාදය හෙවත් ගවගෝපික තූර්ය සංවාදයේ එන ‘මහ කුණාටුවට’ පසු නිමේෂයයි.සෙමින් ඇසෙන ක්ලැරිනට් වාදනයත් ඊට මුහු වූ මියුරු සංගීත නාදයත් ප්‍රේක්ෂකාගාරය නතු කර ගෙන සිටියේ හරිම අපූරුවටය.වදීශ දේව චමින්ද වික්‍රමනායක.මේ සංගීත වික්‍රමය මෙහෙයවනු ලැබුවේ ඔහුය. තාරුණ්‍යයේ ජවසම්පන්නත්වයත්, උත්පත්තියෙන් රැගෙන ආ සංගීතමය ගුණයත් උපයෝගී කර ගනිමින් සප්ත ස්වරයෙන් හරඹ පෑ ඔහු සැබවින්ම දක්ෂයකු බව දැනටමත් නරඹන්නන්ට සැල වී හමාරය.වේදිකාවේ එක්තරා තැනක පියානෝවක් හා ඊට සබැඳි හිස් අසුනකි. එහි අසුන් ගන්නේ වදීෂ බව දැනටමත් සියල්ලන්ටම නොරහසකි.ස්වල්ප මොහොතකින් සංගීත ලෝලීන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් වදීශ පියානෝව අසලට ගොස් අසුන් ගත්තේය.දැන් මුලු මහත් ශාලාවම ගැඹුරු නිහඬතාවයකය. නොඉවසිලිමත් ප්‍රේක්ෂක මුහුණු ඔහු වාදනය කරමින් ගයන්නට යන්නේ කුමක් ද යන්න හඳුනා ගත්තාක් මෙන් සිටිති.පියානෝවේ ස්වර පුවරු අතර ගමන් ගන්නා වදීශගේ දෙඅත් මන්දගාමී චලනයකය.ඔහුගේ දසැඟිලි මතින් රසිකයන් බලාපොරොත්තු වූ සංගීත හඬ මතු වෙයි. ක්‍රමයෙන් වැඩි වුණු අත්පොළසන් නද මැදින් වදීශගේ ගැයුම ඇසෙයි.‘ඉකි ගසා හඬන අතීතයකකඳුළු එක්ක ගනුදෙණු කරනාමට මගේ නොවනාමගේම ආදරයක් තිබුණා . . . ’වදීශ මේ ගයන්නේ කාටද? එම ගීයේ අරුත කුමක්ද? ඒ ගී පදයෙන් කී රහස කුතුහලයෙන් සපිරි එකකි. සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවන වදීශගේ සංගීතමය සොඳුරු දිවි පෙවෙත කන පිට පෙරළෙන්නේ එක්තරාකොළ කැබැල්ලක් නිසාය.ඒත් සමඟම යොවුන් වදීශ තමාට වඩා වැඩිමහල් කාන්තාවක සමඟ ප්‍රේමයකට මුල පුරයි.පුදුමය වනුයේ ඔවුන් එකිනෙකා හමු නොවීමයි. එසේ නම් ඔවුන් දෙපොළ ආදරයෙන් වෙළෙන්නේ කෙසේද?ජයන්ත චන්ද්‍රසිරිගේ තෙවැනි අර්ථපූර්ණ සිනමා සිතුවමේ වදීශ සහ මැදි වියෙහි කාන්තාව සහ ඔවුන් සමඟ ගනුදෙණු කරනා පිරිවර ඔබට මුණ ගැසෙයි.සමනළ සංධ්වනිය ඔස්සේ ජයන්ත අපව මෙවර රැගෙන යන්නේ අනූව දශකයේ මුල භාගයටය.ඒ කාල වකවානුවේ සීමිත පහසුකම් යටතේ ඇති දක්ෂ යොවුන් සංගීතඥයකු ඔහුට වඩා වයසින් මුහුකුරා ගිය කාන්තාවක කෙරෙහි බැඳුණු ගැඹුරු සහ අධ්‍යාත්මික ප්‍රේමයක් පසුබිම් කර ගනිමින් ජයන්ත මෙහි තිර පිටපත රචනා කොට තිබේ.අග්නිදාහය, ගරිල්ලා මාර්කටිං යන චිත්‍රපටයන් සේම ජයන්ත මෙහිදී ද සිය අනන්‍යතාවය සුරැකෙන පරිදි රූප රාමු සකස් කිරීමට උත්සුක වී ඇත.පවුලේ චිත්‍රපටයක් ලෙස නම් කෙරුණ ද මෙය වඩාත් සුදුසු වන්නේ තරුණ තරුණියන්ට බව ජයන්ත පවසා සිටියි.නව පරපුර නියෝජනය කරන උද්දික ප්‍රේමරත්න සමනළ සංධ්වනියෙහි වදීෂ චාමින්ද වික්‍රමනායකගේ චරිතය රඟයි. මැදි වියේ කාන්තාව ලෙස රංගනයට භාර වී ඇත්තේ යශෝධා විමලධර්මටයි.රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානාච්චි, විල්සන් ගුණරත්න, දමිතා අබේරත්න, පුබුදු චතුරංග, චතුරිකා පීරිස්, රොෂාන් පිලපිටිය, දිමුතු චින්තක, සඳුන් බණ්ඩාර, රෙබෙකා නිර්මලී සහ රිදී තිරයට හඳුන්වා දෙන සූර්යා සඳරුවන් ඇතුළු පිරිස අනෙකුත් චරිත රඟමින් සමනළ සංධ්වනිය හැඩ කරයි.මෙය ‘රූ’ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ සහ පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කොට තිබේ.නුවරඑළිය සහ කොළඹ අවට ප්‍රදේශ දර්ශන තල ලෙස යොදා ගත් සමනළ සංධ්වනිය මේ වසරේ අග භාගයේදී තිරගතවීමට නියමිතය.සමනළ සංධ්වනියෙහි තිරයේ පිටුපස සිටින ඇත්තන්:සංගීතය – දර්ශන රුවන් දිසානායකකැමරාකරණය – රුවන් කොස්තාසංස්කරණය – රවීන්ද්‍ර ගුරුගේඅංග රචනය – වසන්ත විට්ටච්චිකොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධනසහාය අධ්‍යක්ෂණය – නිමල් ෆ‍්‍රැන්සිස් සහ සරත් සේනාරත්නප්‍රසාද් සමරතුංගසේයාරූ - ධම්මික පතිරත්න
CREATIVE
සංගීත ක්ෂේත්‍රයට පායා ආ අලුත්ම තරුවකි රන්ජන් ඉලංගසිරි. මේ දිනවල නිතර දකින, ඇසෙන ‘බලා ඉන්නවානේ’ ගීතයේ හිමිකරුවා ඔහුය.ජාතික රූපවාහිනියේ රිදී තාරකා වැඩ සටහනෙහි ‘බලා ඉන්නවානේ’ සතිපතා විකාශය වුණා. බොහෝ දෙනෙකු ගීයට කැමැති බවක් පෙන්වනවා. ප්‍රතිචාර යහපත්.ඉරාජ් තමයි ගීතය හදලා දුන්නේ. පද රචනය කැළුම් ශ්‍රීමාල්ගෙ.රන්ජන්ගේ සංගීතයට අත හිත දුන්නේ විශාරද ගුණදාස කපුගේ සංගීතවේදියාණන්ය.කපුගේ මහත්තයා මට ඒ කාලයේ, ඒ කියන්නේ 2000 දි විතර මට ගීත කිහිපයක් නිර්මාණය කොට දුන්නා. ඒවා අයිති වුණේ ශාස්ත්‍රීය සංගීතය පැත්තට.ඉන් ‘දෑස රිදෙන තුරු’ ගීතය තරමක් ශ්‍රාවකයෝ අතරට ගියා. ඒ වගේම ‘හරිම නරකයි’ නම් වූ ගීතයක් රූප රචනා සහිතව නිකුත් කළා.ඒක ස්වාධීන රූපවාහිනිියේ නිතර ප්‍රචාරය වුණා. මමමයි එහි රඟපෑවේ.කාලයක් සමඟම රන්ජන්ට හිතෙනව තම සංගීත ශෛලිය වෙනස් කරන්න.බලා ඉන්නවානේ ගීය බටහිර සංගීත ශෛලියටයි නිරමාණය වුණේ. හැබැයි ඒක ඉක්මනින් මිනිසුන් වැළඳ ගත්තා. මින් ඉදිරියටත් මං ගයන්න සූදානම් එම ආරට කියලත් මං කියන්න කැමැතියි.බලා ඉන්නවානේ ගීතය රූප රචනයට නඟලා තියෙන්නේ ප්‍රසාද් රණසිංහ.ප්‍රසාද් මට ගොඩක් උදවු කළා ෂූට් එකේදී. ඒ වගේම ඔහු මට මුදලට සරිලන වීඩියෝවක් කරලා දුන්නා.වීඩියෝවෙ පිටපතට අනුව මං පිටකොටුවෙ හෙල්මට් නැතිව යතුරු පැදියක යන්න ඕනේ.මං ඒ දර්ශන පෙළට බොහොම බයෙන් තමයි සහභාගි වුණේ. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, පොලීසියෙන් නවත්වයි කියලයි බිය වුණේ.ගායනයට අමතරව සහය අධ්‍යක්ෂවරයකු වශයෙන් ද කලක් වැඩ කළාලු.අපි අපි වගේ II, රුවන් මාළිගා වැනි නාට්‍යවල කෙටි කලක් මං එලෙස සිටියා. පස්සෙ හිතුණා සංගීතයම විතරක් කළොත් හොඳයි කියලා.මට කාලය පිළිබඳ ගැටලුවක් මතු වුණා.රන්ජන් වෘත්තිකයකු වශයෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කටුගස්තොට ශාඛාවේ සේවය කරනවා.මේ මොහොතේ මා අපගේ කළමනාකරු පියරත්න මහතාව මතක් කළ යුතුමයි. ඔහු මගේ සංගීත වැඩ කටයුතුවලට ලබා දෙන්නේ අපමණ සහයක්. ඒ වගේම අප ශාඛාවේ නිලධාරි මණ්ඩලයත් මතක් කරන්න ඕනෑ.රන්ජන් ඉලංගසිරිශාස්ත්‍රවෙල්ලිය,කැකිරාවමේ ඔහුගේ ලිපිනයයි.නුදුරු දිනකදී තවත් අපූරු සංගීත නිර්මාණ ඔස්සේ ඔබ හමුවන්නට බලාපොරොත්තුªවන රන්ජන්ට ඒ ඔස්සේ සුබපැතිය හැකිය.සටහන සහ ඡායාරූපයප්‍රසාද් සමරතුංග
CREATIVE
80 දශකයේ සිනමාවේ රංගනයට සම්බන්ධ කලාකරුවන් අතර “80 දශකයේ අපි” නමින් සුහද හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. රංගන ශිල්පිනි සනෝජා බිබිලේ, සහන් විජේසිංහ සහ සරත් දික්කුඹුර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සුහද හමුවේදී අසරණ තත්ත්වයේ සිටින කලාකරුවන් පස් දෙනෙකුට මුදල් පරිත්‍යාග කිරීමට ද කටයුතු යොදා තිබේ.නුදුරේදීම සිදු කිරීමට නියමිත මෙම සුහද හමුව සඳහා 1980 වසරේ සිට 1989 වසර දක්වා කාලය තුළ චිත්‍රපට තුනකට වඩා සම්බන්ධ වූ රංගන ශිල්පීන් ලබන 15 වැනිදාට පෙර දුරකථන අංකය සහ ලිපිනය සරසවියට දන්වා සිටින ලෙස සංවිධායක කමිටුව දන්වා සිටියි.වාර්ෂිකව පවත්වන්නට බලාපොරොත්තුවන මෙම සුහද හමුව තුළින් ආදර්ශමත් එකමුතුවක් බිහි කිරීම මෙන්ම මේ තුළින් යම් සේවයක් ඉටු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. එසේම ඉදිරියේදී ටෙලි නාට්‍ය නළු නිළියන් මෙන්ම අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සියලු දෙනා එක්රැස් කිරීමට නියමිත බවත් එම කමිටුව සඳහන් කළේය.ඓතිහාසික කතා තම සිනමා කෘතීන් සඳහා පාදක කර ගත් සනත් අබේසේකර තවත් එවැනිම වූ සිනමා සිතුවමක් නිර්මාණය කිරීමට අදහස් කරමින් සිටියි. මෙවර ඔහු රිදී තිරයට ගෙන ඒමට සූදානම් වන්නේ අජාසත්ත කුමරුගේ කතා පුවතයි. මහ රජ අජාසත්ත ලෙසට නම් කොට ඇති එය වින්සන්ස් ෆිල්ම්ස් වෙනුවෙන් රංජිත් කේ. පෙරේරා නිෂ්පාදනය කරයි.එහි බිම්බිසාර රජුගේ චරිතය ජීවන් කුමාරණතුංග රංගනයේ යෙදෙයි. ඛේමා දේවිය වනුයේ සබීතා පෙරේරායි. අජාසත්ත කුමරු ගේ චරිතයට මේ වන විට අයකු තවමත් තෝරා නැත. එමෙන්ම අජාසත්ත කුමරුගේ දේවිය එනම් උදායි භද්‍රා කුමරියගේ චරිතය භාර දී අලුත්ම රංගන ශිල්පිනියක්ව රිදී තිරයට හඳුන්වා දීමට සනත් අපේක්ෂා කරයි.මහරජ අජාසත්ත සනත්ගේ තෙවැනි සිනමාපටය වන අතර ඔහු මහින්දාගමනය සහ සිරි දළදාගමනය මීට ප්‍රථම අධ්‍යක්ෂණය කර ඇත.ටෙලි නාට්‍ය සහ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරයකු, පිටපත් රචකයකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන මාලක නන්දනගේ දයාබර පියාණන් වූ සාලියදාස පෙරේරා අභාවප්‍රාප්ත විය. මිය යන විට හැට තුන් වියැති ඒ මහතා දෙදරු පියකි.ඔහුගේ අවසන් කටයුතු පසුගියදා පොකුණුවිට බණ්ඩාරවත්ත පොදු සුසාන භූ®මියේදී සිදු විණ.පබා, පබළු සහ අමා වැනි ජනාකර්ශන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ශාන්ත සොයිසාගේ අලුත්ම ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළු, නිළි චරිත දෙක සඳහා නවකයන්ට අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇත.මේ සඳහා රංගනයට කැමැත්තක් සහ හැකියාවක් ඇති වයස අවුරුදු 18 ත් 26 ත් අතර තරුණ තරුණියන් ළඟදී ගත් උඩුකය ඡායාරූපයක් සමඟ නම, ලිපිනය ඇතුළු තොරතුරු ශාන්ත සොයිසා, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට යොමු කරන ලෙස ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා දන්වා සිටියි.අශෝක සෙනරත් මුදලිගේ ඇන්කොන්ඩා මෙම මස 14 වැනිදා හලාවත සුදසුන ශාලාවේදී.ප්‍රසාද් / යතේජා
CREATIVE
සාක් කලාපයේ නිර්මාණය වූ චිත්‍රපට රැසක එකතුවෙන් තුන්වන වරටත් පැවැත්වෙන සාක් චිත්‍රපට උළෙල මෙම 26 වැනිදා සවස 5.30 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ඇරැඹෙනු ඇත. සමාරම්භක උළෙල ඛනිජ තෙල් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර 31 වැනිදා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙනුයේ විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙනි.එහි චිත්‍රපට ප්‍රදර්ශනය වන පිළිවෙල මෙසේය.දහවල් 1 ටලොක්නායක් කන්ගල් හරිනාත් ඇන්ඩ් අලබඩාර් (බංගලා දේශය) වාර්තා චිත්‍රපටය සහ භූතාන වෘතාන්ත චිත්‍රපටයසවස 6.30 ටගරිල්ලා ( බංග්ලා දේශය)උදෑසන 10.00කාටල් ඇන්ඩ් ආෆ්ටර් ග්ලොවි (ඉන්දියා) සහ වේක් අප් (නේපාල්) වර්තා චිත්‍රපටසවස 3.30 ටලව් ස්ටෝරි (මාල දිවයින)සවස 6.30 ටසාං සිං ටොමාර් (ඉන්දීය)උදෑසන 10.00 ටබ්ලඩ් ඇන්ඩ් සිලෝන් ටී වාර්තා චිත්‍රපටය (ශ්‍රී ලංකාව)සවස 3.30 ටඅමාර් බන්දු රෂීඩ් (බංග්ලා දේශය)සවස 6.30 ටසීඩ්ලිංග්ස් (පාකිස්ථානය)සවස 3.30 ටඉන්සාෆ් (මාලි දිවයින)සවස 6.30 ටගාමනී (ශ්‍රී ලංකාව)සවස 3.30 ටදාග් (ඉන්දියා)6.30 නේපාල වෘතාන්ත චිත්‍රපටයසවස 2.00මවුස් (ශ්‍රී ලංකාව)මෙන්ම 29 වැනිදා උදෑසන 10.00 ට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කලා ශිල්පීන් වෙනුවෙන් වැඩ මුළුවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වීමට නියමිතය.උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය 31 වැනිදා සවස 6.30 ට තරංගනී ශාලාවේදී පැවැත්විණි. ප්‍රසාද්
CREATIVE
ගායන ශිල්පී රාජ් වික්‍රමසිංහසෙබළාණෙනි ඔබ මැරුණා නොවේ . . . කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ . . . කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ . . . හඬවන්න මා මේ රෑ යාමයේ . . .අසූව දශකයේ අග භාගයේදී ප්‍රථමයෙන් ඔබ සවනට ළං වූ මේ ගීතය ඔබට මතක ද? පසුගිය දශක දෙකක් පුරාවට ‘සෙබළාණෙනි’ ගීතය ලැබූ ප්‍රතිචාර මේ තරම් යැයි කියන්න නම් බැහැ. එදා මෙදාතුර මේ ගීයට එවැනි ප්‍රතිචාරයක් ලැබුණත් ඒ හඬෙහි හිමිකරයා නම් නිතර නිතර ඔබ අප හමුවට පැමිණියේ නම් නැහැ.ඔහු ගැයූ ‘සෙබළාණෙනි’ ගීතයට අමතරව ‘මේ සයුරු මානේ’, ‘දෑස එදා’, ‘මගේ චූටි සුදු මල් කුමාරි’ වැනි ගීතත් එදා ලද ජනප්‍රියත්වය අදටත් රඳවා ගන්න සමත්. දැන් නැවතත් ඔහු ඔබ හමුවට ඇවිත්. ඒ වසර දහතුනකට සුවයි. ඔහු රාජ් වික්‍රමසිංහ.* බොහොම කාලයකට පසුව ඔබ හමුවෙන්නේ?ඔව්. ඇත්තටම වසර දහතුනකට පසුව තමයි යළිත් මම මෙරට සංගීත ක්ෂේත්‍රය සමඟ කටයුතු කරන්නේ. පසුගිය වසර දොළහ පුරාවටම මම පදිංචි වෙලා හිටියේ ඉතාලියේ. එහි රැකියාවක නිරත වෙලා හිටියේ. දැන් කලා කටයුතුªª නැවතත් ආරම්භ කරලා දිගටම ලංකාවේ පදිංචි වෙන්න තමයි බලාපොරොත්තුව.* මේ තරම් කාලයක් රසික රසිකාවන්ගෙන් දුරස් වෙලා හිටියම ප්‍රතිචාර අඩු වෙන්න ඇති?මම සෑහෙන කාලයක් රසික රසිකාවන්ගෙන් දුරස් වෙලා හිටියා තමයි. ඉතාලියට ගියේ රැකියාව සඳහානේ. 99 වසරේදී තමයි ගියේ. සංගීත ප්‍රසංගයක් සඳහා ගිය ගමනේදී ලද අවස්ථාවක් අනුව තමයි ඒ අවස්ථාව මට ලැබුණේ. එවකට මෙරට තිබුණ තත්ත්වයත් සමඟ රැකියාව සඳහා විදෙස්ගත වෙන එක හොඳයි කියලා හිතුණා.* සංගීතයෙන් ඈත්වෙන්න දුක හිතුණේ නැද්ද?ඉතාලියේදී මම රැකියාව කළාට, සංගීතයෙන් ඈත් වුණේ නැහැ. එහි මිතුරන් සමඟ ෆෙ‍්‍රන්ඩ්ස් නමින් සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන ගියා. ඊට අමතරව ඉතාලියේදී සහ අනෙකුත් යුරෝපීය රටවල පැවැත් වූ ‘අපි වෙනුවෙන් අපි’ ප්‍රසංග සඳහා සහභාගි වුණා.රණවිරු අරමුදල වෙනුවෙන් පැවැත් වූ ඒ ප්‍රසංග සඳහා යුද හමුදා සංගීත කණ්ඩායම සමඟ මම ගායකයෙකු විදියට ස්වේච්ඡාවෙන් සහභාගි වුණා. ඒ නිසා ඉතාලියේ හිටියට සංගීතයෙන් ටිකකටවත් දුරස් වුණේ නැහැ.* ඔබ මෙරට ක්ෂේත්‍රයට එක්වෙන්නේ සෑහෙන කාලයකට පසුවයි. මේ වෙනස ඔබට දැනුණේ කොහොමද?දැන් විවිධ අලුත් නිර්මාණ බිහි වුණත් එදා ගීතවලට තිබූ ප්‍රතිචාර එලෙසමයි. ඒ ගැන ගොඩක් සතුටුයි. කලකට පසුව දැන් මම නැවතත් මෙරට ප්‍රසංග වේදිකාවේ ගී ගයනවා. ඒ වගේම නිදහසේ කලා කටයුතුවල නිරත වෙනවා. නමුත් යම් යම් අවස්ථාවලදී හිත කලකිරෙන දේවලුත් සිදු වෙනවා.* ඔබත් එවැනි සිදුවීමකට මුහුණ දුන්නාද?ඇත්තටම මගේ ‘සෙබළාණෙනි’ ගීතයට ලොකුª අසාධාරණයක් වෙලා තියෙනවා. සෙබළාණෙනි ගීතය එක් ආයතනයක් විසින් රිගිං ටෝන් සඳහා ඇතුළත් කරලා තියෙනවා. ඔවුන් එසේ කරලා තියෙන්නේ ගායකයා වුණ මගේවත්, රචකයා වූ සුනිල් යෝගේන්ද්‍ර ගෙන්වත්, සංගීතය යෙදූ අර්නි පීරිස් ගෙන්වත් අවසර අරගෙන නොවෙයි. ඒක හරිම අසාධාරණයක්.* මේ වෙනුවෙන් ඔබ යම් පියවරක් ගත්තේ නැද්ද?අදාළ ආයතනය දැනුවත් කරලා මේ සම්බන්ධයෙන් මම පැමිණිලි කරලා තියෙන්නේ.* පවුලේ විස්තරත් කියමු?බිරිඳ ශිරෝමි හෙන්ඩ්‍රි පීරිස්. ලොකු දුව රුචිරා ගයානි, දෙවැනි දුව ඡත්‍රා රංගනී, තුන්වැනියා පවිත්‍රා රාජිණී. දුවලා තුන්දෙනාම තාම ඉගෙන ගන්නවා. බිරිඳයි දුවලා තුන්දෙනයි ඉතාලියේ පදිංචි වෙලා ඉන්නේ.* ඔබට ආදරය කරන රසික රසිකාවන් ඔබ ගයන අලුත්ම ගීතයක රස විඳීන්න බලාපොරොත්තුවෙන් ඇති?ඒ සියලු දෙනාම වෙනුවෙන් මම අලුත්ම ගීත හතරක් නිර්මාණය කරලා තියෙනවා. එහි එක ගීයක් සෙබළාණෙනි ගීතයේ දෙවැනි ගීතය විදියට තමයි නිර්මාණය කෙරෙන්නේ. ඊට අමතරව ‘සිත රිදෙන තරම්’, ‘සඳ මීදුමේ’, ‘සිත ළඟ නළියන පෙම් කතා’ නමින් ආදර ගීත තුනකුත් නිර්මාණය කරලා තියෙන්නේ.මේ ගීත තුනේම වැඩ කටයුතු සියල්ලම වගේ දැන් අවසන්. රූප රචනා සමඟින් මේ ගීත හතරම ලබන ජනවාරි මාසයේදී නව වසර වෙනුවෙන් රසික රසිකාවන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.රාජ් වික්‍රමසිංහපන්සල පාර,මූදුකටුව,මාරවිලඒ මගේ ලිපිනයයි.- යතේජා ඥානරත්නඡායාරූපය –මාලන් කරුණාරත්න
CREATIVE
නැගෙනහිර මඩකලපුවේ චෙන්කලඩි නගරයේදී ‘සෙල්වම් ප්‍රිමියර්’ නමින් නවීනතම ශබ්ද තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා අතින් විවෘත කෙරිණ. මෙහි ත්‍රිමාණ සිනමාපට ද ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු සම්පාදනය කොට ඇත.ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මෙම කාලය නම් කොට ඇත්තේ සිංහල සිනමාවේ දියමන්ති යුගය ලෙසිනි. සෙල්වම් ප්‍රිමියර් ද සිනමාලෝලීන්ට දායාද කළේ එම සංකල්පය යටතේය. සේයාරුවින් දැක්වෙනුයේ සභාපතිවරයා සෙල්වම් ප්‍රිමියර් විවෘත කළ මොහොතයි.ප්‍රසාද්
CREATIVE
අපිට දැන් චිත්‍රපටත් නෑ. ටෙලි නාට්‍යත් නෑ. ඒ නිසා ගෙදරට වෙලා පුරුදු පරිදි කාලය ගෙවනවා. නළුකමක් දන්නේ නැති අය අතරේ නළුවන් වුණු අපිට අද තැනක් නෑ.
CREATIVE
කලකට ඉහත ජනප්‍රිය නිෂ්පාදකවරයකු වු විජේවර්ධන රාජපක්ෂ මහතා ගල්කිස්ස හෝටලයේ කාමරයක් තුළ අබිරහස් ලෙස මරා දමා ඇතැයි ලද ආරංචිය අනුව එහි සත්‍යතාව සොයා බැලීමට අප උත්සුක විය.රතු මකරා,රාන්කුරුල්ලෝ ,චිත්‍රපට නිෂ්පාදනයෙන් දායක වු විජේවර්ධන මහතා , ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ(නැසීගිය)කින්ස්ලි රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකි.අප යන විටත් විජේවර්ධන රාජපක්ෂ මහතා ගේ මෘත දේහය බොරැල්ලේ බානි රේමන් හි තැන්පත් කොට තිබිණි.එහි සිටි ඉන්ද්‍රණි රාජපක්ෂ මහත්මිය මිය ගිය තම සහෝදරයාගේ මරණය පිළිබඳ අපට කිව්වේ මෙවන් කතාවකි.අයියා විවාහ වුණේ ජර්මන් ජාතික කාන්තාවක්.ඒ නිසා අයියට ජර්මන් පුරවැසි බාවය ලැබුණා. පුතාට මාස 10 ක් විතර ඇති මේ අය රට යන කොට. අයියට දැන් අවුරුදු 75ක් වෙනවා. නිවාඩු තියෙන විදිහට අපිව බලන්න ලංකාවට එනව.පසු ගිය ඔක්තෝබර් 17වැනිදා අයියා ලංකාවට ආවේ නොවැම්බර් 05වැනදා නැවත ජර්මන් යන බලාපොරොත්තුවෙන්. සුපුරුදු පරිදි එයා නැවතුනේ ගල්කිස්ස හෝටලේ.පසු ගිය 31වැනිද අපේ ගෙදර ආපු අයිය?ගෙ අදහස වුනේ පදිංචියට ආයෙත් ලංකාවට එන්නයි.මොකද අයිය එන හැම පාරම කිව්වෙ මම කවද හරි මැරෙන්න ඕනේ ලංකාවෙයි කියල.නොවැම්බර් 01 වැනිද පාටියකට සහභාගි වෙලා රාත්‍රි 11.30ට විතර අයියව හොටලයට ඇරලුවෙත් ළඟම ඥාති පුතෙක්.02වැනිද දවල් මම හෝටලයට කතා කළහම එතෙන ඉන්න අය මගෙ විස්තර අහපු විදිහට මට සැක හිතුන නිසා මම කිව්ව අයිය නැවතිලා ඉන්න කාමරයට මාව සම්බන්ධ කරන්න කියල.එතකොට හෝටලේ අය කිව්ව තාම මහත්තය අපිට කතා කළේ නැහැ,ඒක තමයි අපිත් මේ බලන් ඉන්නෙ ,මොකද මහත්තය අපිට කියල තියෙනවා එයා කතා කරන කම් ඇහැර වන්න එපා කියල. රූම් එකත් ලොක්කරල තියෙන්නෙ කියලත් කිව්ව.මම අයියට කතා කළේ එයා 05 වැනිද රට යන නිසා එයාව මුණ ගැහිල එයාට ගෙදර ගෙනියන්න අවශ්‍ය මොනවද දැනගන්න කතා කරගන්න හවස එයා හොටෙල් එකේ ඉන්නවද දැන ගන්නයි.මගෙ ඉල්ලීම නිසා අයියගෙ කාමරය ඇරිය.ඒ අය කිව්වේ මහත්තය නාන කමරය ළඟ මැරී වැටි ඉන්නව කියල.මගේ අනෙක් සහොදරයන්ට දන්වලා ඉක්මණට හෝටලේට ගිහින් කළුබෝවිල රෝහලට අරන් ගියා .මරණ පරීක්ෂණයේදි කියැවුණේ ස්වාභාවික මරණයක් ලෙසයි.මොළේ නහරයක ලේ කැටියක් හිරවීම නිසා අයියව වැටිල තියෙන්නෙ මැරිලමයි.ඊළඟට ප්‍රශ්නය වුණේ අයිය මේ රටේ පුරවැසියෙකු නොවන නිසා මෘත දේහය ජර්මනියට යැවිය යුතුයි කියල.අපට ඕන වුණේ අවසන් කටයුතු මෙහේ කරන්නයි ඒඅනුව එයාගෙ බිරිඳ ඉන්ග්‍රිඩ් සහ පුතා අසේලට මේ බව දැන්නුව.ඒ දෙන්නම ආව. අයියගෙ ආශාවත් තිබුණෙ ඉපදුනු රටේදිම මිය යන්නයි. ඒ අයගෙ කැමැත්තත් ලැබුණු නිසා බොරැල්ල කනත්තෙ අවසන් කටයුතු කරන්න අවසර ලැබුණ.තිස්ස ධම්මික
CREATIVE
සුපිරි නළු ෂාරුක් ඛාන්ට සරස්වතී දේවිය මෙන්ම ලක්ෂ්මී දේවිය ද පෙම් කරන්නීය.ලොව ධනවත්ම නළුවන් අතරින් දෙවැනියා වී සිටින්නේ ෂාරුක් ඛාන්ය. ෂාරුක්ට ඉහළින් සිටින එකම නළුවා ජෙරී සීන්ෆෙල්ඩ්ය. ඩොලර් මිලියන හයසියයක ආදායම සමඟ ෂාරුක් දෙවැනි නළු ධනවතා වී සිටින්නේය. හොලිවුඩයේ ටොම් කෲස්, ජොනී ඩෙප් වැන්නන් පවා ධනයෙන් ඔහුට පරාදය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
මම මේ දවස්වල චිත්‍රපට දෙකක් වෙනුවෙන් තමයි කාලය වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව රොඩී ගම්මානයක් ගැන කියවෙන ටෙලි නාට්‍යයක් පසුගිය කාලයේ රූගත කළා. දැඩි දුෂ්කරතා මධ්‍යයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් දස දෙනෙකුට මම හැම මාසයේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා දෙනවා. මේ සතියේ මගේ උපන් දිනය යෙදිලා තියෙන නිසා ඒ දරුවෝ දස දෙනාට තෑගිත් ලබා දෙන්න සූදානමින් ඉන්නේ.
CREATIVE
තවත් ගාමිණී ෆොන්සේකා කෙනෙක් කවදා උපදීද? සදාකාලයටම ගාමිණී ෆොන්සේකා කෙනෙක් නැවත බිහිවේද?- ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගාමිණී ෆොන්සේකාගේ පන්හිඳෙන් බිහි වූ කවි, ගී පද සංකල්පනාවන් හා ඔහු ඇඳි සිතුවම් ඇතුළත් ග්‍රන්ථයක් ‘ගාමිණී ගී මිණි’ නමින් එළඹෙන 27 වන සෙනසුරාදා සවස 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැක්වේ.එම සැඳෑවේදී ආචාර්ය පණ්ඩිත් අමරදේව, විශාරද නන්දා මාලිනී, ආචාර්ය වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක වැනි ප්‍රවීණ ගායක, ගායිකාවන් විසින් ගාමිණී විරචිත එකී ගී ගායනා කරනු ලබති. සංගීතය මෙහෙයවනු ලබන්නේ ජයන්ත රත්නායක විසිනි.ධර්මජිත් පුනර්ජීව විසින් රචිත යථාර්ථවාදී මහා සිනමා ආඛ්‍යාන ප්‍රභාස්වර කළ නළුවරයාගේ ‘ප්‍රාග්ධනය’ කෘතිය ද එදින එළි දැක්වීම විශේෂත්වයකි.සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපට නාමාවලිය සහ ඔහු ලද සම්මාන පිළිබඳ විස්තර ඇතුළත් සමරු ඵලකයක් මෙම 30 වැනිදා සවස 5.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල පිහිටි ගාමිණී ෆොන්සේකා පිළිරුව අභියස දී විවෘත කෙරේ.කලා ලංකා පදනමේ සභාපති මහජන කටයුතු සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා සුරතින් මෙම සමරු ඵලකය නිරාවරණය වන අතර එම උත්සව සභාවේ වැඩ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ එහි ලේකම් නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන විසිනි.කලාකරුවන්, විද්වතුන් හා ගාමිණී ෆොන්සේකා සහෘදයන් මෙන්ම පවුල් සමීපතමයන් මෙම අවස්ථාවට සහභාගි වන අතර ඒ සඳහා සැමට විවෘත ආරාධනාවක් කෙරේ.දෙහිවල හිල් වීදිය, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මාවත යනුවෙන් මෙම 30 වැනිදා උදේ 10.00 ට නම් කෙරේ. එම නාම පුවරුව විවෘත කරනු ලබන්නේ දෙහිවල – ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ සුරතිනි.සංස්කරණයඅසංක දේවමිත්‍ර පෙරේරාඡායාරූපය - පී.යූ.ඩී.පෙරේරා
CREATIVE
ශ්‍රී ලංකාවට වත්මනෙහි අවැසි වනුයේ ඩිජිටල් තාක්ෂණයෙන් යුතු සිනමාවක් බව සිනමා ශිල්පීන්ගේ සන්ධානය පැවැත් වූ සම්මන්ත්‍රණයකදී තීරණයකට පත් විය.ලාංකේය සිනමා ශිල්පීන්ගේ සන්ධානය සංවිධානය කළ මෙහි මුලසුන ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් විසින් මෙහෙයවනු ලැබිණ.ලොව දියුණු රටවල් ඩිජිටල් තාක්ෂණය භාවිත කරන අන්දම, ඩිජිටල් සිනමාව ඇරැඹි තැන සිට ව්‍යාප්තිය සහ එහි තාක්ෂණික උපකරණ පිළිබඳ මෙහිදී නිහාල්සිංහයන් විසින් දෙසුමක් පවත්වන ලදී.වර්තමානයේ ක්ෂේත්‍රයේ සක්‍රියව සිටින වෘත්තීමය සිනමාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. එම දේශනය අවසානයේ පැමිණ සිටි බොහෝ දෙනකු ඩිජිටල් සිනමාව පිළිගත්හ.රාජගිරියේ සවරින් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයේ කැඳවුම්කරු ලෙස නිළි රැජන මාලිනී ෆොන්සේකා කටයුතු කරන ලදී.  විල්මැක්ස් නව තාක්ෂණයෙන්උසස් තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ සිනමා ශාලාවක් අනුරාධපුර නගර මධ්‍යදී ආරම්භ කරන ලදී.විල්මැක්ස් නම් වූ එය ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමෙහි පරිපාලනය යටතේ පවත්වාගෙන යන්නකි.හොලිවුඩයේ තිරගතවන නවතම චිත්‍රපටයක් මුදා හැරෙනවිටම විල්මැක්ස් හී ඒවා රස විදීමට හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම අන්තර් ජාලය ඔස්සේ විල්මැක්ස් හි ආසන වෙන් කරවා ගත හැකිය. ආසන 362 කින් සමන්විත මෙහි ක්‍රියාත්මක වනුයේ ඩී. ටී. එස්. තාක්ෂණය වේ.
CREATIVE
මේ දවස්වල සමහර අය අතරේ එක්තරා විදියක එස්. එම්. එස්. එකක් හුවමාරු වෙනවා. විශේෂ පණිවුඩයක් රැගත් මේ එස්. එම්. එස්. එන්නේ හැම සෙනසුරාදාවකම හවස. ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ‘භවාන්තරණ’ ටෙලි නාට්‍යය නරඹන්න කියලා තමයි මේ එස්. එම්. එස්. එක යැවෙන්නේ.ප්‍රවීණ කලා ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක විසින් මේ කෙටි දුරකථන පණිවුඩය යැවෙන්නෙ. ධර්මසිරි බණ්ඩාරනායක ගේ ආදරණීය පුත්‍රයා වන රංග බණ්ඩාරනායක තමයි ‘භවාන්තරණ’ ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂණය කරන්නෙ. කාගේත් ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන මේ ටෙලි නාට්‍යය නරඹන්න කියලා ධර්මසිරි බණ්ඩාරනායකයන් ආදරණීය ඉල්ලීමක් කරන්නේ තම පුත්‍රයා වෙනුවෙන්. 
CREATIVE
රංගනය මෙන්ම ගායනය ද ප්‍රගුණ කළ ඔහු කලා ලොවට පය තබන්නට පෙරුම් පිරූයේ මීට වසර ගණනකට පෙරදීමයි. කොතෙකත් බාධක කම්කටුළු පැමිණිය ද අදත් ඔහුගේ එකම අභිලාෂය කලා ලොවේ කිරුළු පැළැඳීමයි. සංජීව සාගරසේන රංගනයේ මෙන්ම ගායනයේ ද විවිධ දක්ෂතා දක්වා තිබේ.වැලිමඩ උපන් සංජීව වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ පටන්ම විවිධ කලා කටයුතුවලට සිය දායකත්වය ලබා දුන්නේය. ‘පරපෝෂිතයෝ’, ‘වැලන්ටයින්’, ‘නොම්බර දෙකේ චණ්ඩියා’ යන වේදිකා නාට්‍ය සඳහා වගේම ගෞතමි, මහතලා හටන, චක්‍රායුධ වැනි ටෙලි නාට්‍ය සඳහා ද සිය රංගන දායකත්වය ලබා දී ඇත. තවද ආදරයේ නාමයෙන් චිත්‍රපටය සඳහා ද ඔහු රංගන වරම් ලැබීය.රංගනයට සේම ගායනයේ ද දක්ෂතා හිමි සංජීව මේ වන විටත් එළිමහන් ප්‍රසංග සඳහා සිය දායකත්වය ලබා දෙමින් සංගීත ක්ෂේත්‍රයට පිවිස තිබේ. අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගී ගැයීමට වැඩි කැමැත්තක් දක්වන සංජීවගේ එකම බලාපොරොත්තුව රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමයි.යතේජා ඥානරත්න
CREATIVE
නිවේදක ළහිරු මුදලිගේමේ දවස්වල මම අලුත් මියුසික් වීඩියෝ කිහිපයකම ෂූටින් යොදාගෙන තියෙන්නෙ. ඊට අමතරව විශේෂ වැඩ කටයුතුª නම් යොදා ගෙන නැහැ.සුපුරුදු පරිදි නිවේදන කටයුතුවලටත් දායකත්වය ලබා දෙනවා. මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම උදයකාන්ත වර්ණසූරියගේ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයටත් දායක වුණා. එයත් නුදුරේදි තිරගත වේවි. 
CREATIVE
සටන් නළු සිසිර කුමාරතුංගගේ දුරකතන අංකය වෙනස් වේ. 0723009717 ඔහුගේ නව දුරකතන අංකයයි. 
CREATIVE
ගායක රොහාන් ශාන්ත බුලේගොඩමේ දවස්වල කලාකටයුතු කියලා විශේෂම දෙයක් නෑ. මම මෙතෙක් ගීත පනහක් පමණ කියලා තියෙනවා.ඒ ගැන ආපසු හැරී බලලා තෘප්තිමත් වෙනවා. මම අලුත් යමක් කරන්න ඕනේ කියලා සිතුවත් ඒ තුළ අලුත් දෙයක් නොකර සිටීමට තරම් ධෛර්යවන්ත වෙලා. සියලු කලාවන්ට පෙර ජීවත් වීමේ කලාව ප්‍රගුණ කළ යුතුයි කියලා මම හිතනවා.
CREATIVE
අංජලිකා චිත්‍රපටය මඟින් ආදර කතා අතරට නව ආරක් එක් කළ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ද වන චන්න පෙරේරාගේ අලුත්ම ආදර අන්දරය ‘කල්පාන්තේ සිහිනයක්’ මෙම මස 31 වැනිදා සිට රිද්මා සහ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙයි.මේ චිත්‍රපටය ඔස්සේ චන්න පෙරේරා සිංහල සිනමාවට හඳුන්වා දෙන අලුත්ම නිළිය වන්නේ ඉන්දීය නිළි චයිත්‍රා චන්ද්‍රනාත්ය.චන්න පෙරේරා හා චයිත්‍රා චන්ද්‍රනාත් ප්‍රධාන චරිතවලට පණ දෙන ‘කල්පාන්තෙ සිහිනයක්’ සිනමාපටයේ අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, හිමාලි සයුරංග යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායක වෙයි. මෙහි හඳුන්වා දෙන ළමා නිළිය වන්නේ ගයානා නිර්මන්තිය.පුෂ්ප කුමාර රාජගුරු හා චන්දන ජයසිංහ, උපුල් ප්‍රජාත්ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, චන්දන වීරසිංහගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, සෂික රුවන්ගේ ශබ්ද පරිපාලනයෙන් ද ‘කල්පාන්තේ සිහිනයක්’ හැඩ වැඩ වෙයි.මෙහි තිර රචනය කපිල කුමාර කාලිංගගේයි. ගීත රචනා කර ඇත්තේ වසන්ත කුමාර කොබවක හා සුනිල් විමලවීර, කපිල කුමාර කාලිංග වන අතර ගී ගයන්නේ උරේෂා රවිහාරි, උදය වික්‍රමසිංහ රංජන් සාලිය යන ශිල්පීන් හා ශිල්පිනියයි. ‘කල්පාන්තේ සිහිනයක්’ පර්ලි විජේසිංහ, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගමඇතිගේ, වෛද්‍ය අසේල අමරසිරිගේ නිෂ්පාදනයකි.-තිලානි
CREATIVE
මේ දවස්වල දෙරණ රූපවාහිනියේ සතියේ දින පහෙහි රාත්‍රී 8.30 ට විකාශය වන ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයෙහි ‘ශාන්ත මිනිසා’ ලෙස රඟමින් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණෙන ඔහු රංජිත් පියසිංහයි. පසුගිය දිනවල තිරගත වූ ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයෙහි කොණ්ඩඤ්ඤ බමුණා ලෙස ඔබ හමුවට පැමිණි රංජිත්, රංගන ක්ෂේත්‍රයෙහි දිගුª ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටියි.* මේ දවස්වල ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ ‘ශාන්ත මිනිසා’ නිසා මම මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය චරිතයක් වෙලා. සමහරු මටත් අනාවැකියක් කියන්න පුළුවන් දැයි කියලා අහන වෙලාවල් නම් බොහොමයි. ඒක මට සතුටක්. ඒ වගේම මා රඟපාන චරිතය පුළුවන් තරම් හොඳට කරන්නත් මහන්සි ගන්න බවත් කියන්න ඕනෑ.* පස්වග මහණුන්ගෙන් බාලම බමුණා වුණු කොණ්ඩඤ්ඤ වීමට ඔබට ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේදී අවස්ථාව හිමි වුණා. ඒක ඔබට ලැබුණු අලුත්ම අත්දැකීමක්ද?‘ඒ වෙන කොට මම ‘සොඳුරු ගිම්හානය’ ටෙලි නාට්‍යයෙහි රඟපාලයි තිබුණේ. ඊට අමතරව නිර්මාණ කිහිපයකටමත් රංගනයෙන් දායක වී තිබුණා. ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයට ශිල්පීන් ගන්න බව මම මුලින්ම දැනගත්තේ අනරාධපුරයේ සිටින මගේ හිතවතෙක් වූ අජිත් අයියාගෙන්. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා විදියට හිටිය කීර්ති රත්නායකගෙන් ඒ පිළිබඳව වැඩි විස්තර දැනගත්ත මා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වුණා. බමුණන් සමූහයට තේරුණ මම පළමු රූගත කිරීමට පැමිණි දිනයේදී පස්වග තවුසන් අතර සිටින කොණ්ඩඤ්ඤ බමුණා විදියට තෝරා ගත්තා. චරිතයට මාව යෝජනා වුණාට පස්සේ තරමක බියක් හිතේ ඇති වුණා.ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වේවි ද කියන කාරණය නිසයි. විදේශ ජාතිකයෙක් වුණු රොබට් ලින්ක් වගේම සමන් වීරමන්, නවීන් ගුණරත්න, චන්ද්‍ර රත්නම් කියන මහත්වරුන්ගෙන් ලැබුණු සහයෝගය නිසා චරිතය ප්‍රති නිර්මාණය කිරීම මට පහසු වුණා. රූගත කිරීම් අතරෙදි සිදුවුණේ අපූරු සිදුවීමක්. එදා රූගත කිරීම් තිබුණේ සිතුල්පව්වේදී. සිතුල්පව්ව පාමුල තවුසන් වගේ සිවුරු පොරවා ගෙන සිටි අපේ පිරිසට එතනට ආව බැතිමත්තු පිරිසක් වඳින්න ගත්තා. අපට කිසිවක් කියන්න ලැබුණේ නැහැ. ඒ අය ගියාට පස්සේ අපට තේරුම් ගිය කාරණයක් වුණේ අපිව තවුසන් විදියට ඒ අයුරින්ම වෙස් ගන්වා ඇති බවයි.’* ඔබ රංගනයට පිවිසෙන පසුබිම නිර්මාණය වෙන්නේ කොහොමද?‘මම ඒලෙවල් කරන්නේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයේ. පාසලේ තිබුණ කලා උළෙලේදී නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. සංගීතය වගේම සටන් කලාවත්, බැලේ නර්තනයත් හැදෑරුවේ සිතේ තිබුණු ආශාව නිසා. ඒ සියල්ල හදාරන මම ගිටාරයට බොහොම ආදරය කරනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මා රංගනය කියන අංශයට යොමු වන්නේ විජය කුවේනි චිත්‍රපටයේ යුද සෙබලෙක් විදියටයි. ‘රූට්ස් තියටර් ඇකඩමියේ’ වැඩිදුරටත් රංගනය හදාරන මා ‘කුස පබා’ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණා. ඒ අරක්කැමියෙකුගේ චරිතය මඟින්. මේ වන විට වෘත්තිය රංගනය ලෙස තෝරා ගෙන තිබෙන මා දේවින්ද කෝන්ගහගේ ‘බව සසර’ චිත්‍රපටයේ ‘ධීර’ ගේ චරිතය රඟපෑවා. මේ දවස්වල චන්දික විජේසේනගේ සිහින සින්ඩරෙල්ලා. ඊට අමතරව ‘උපන්දා’ චිත්‍රපටයේත් රංගන කටයුතුවල යෙදෙනවා. විජේසිංහ මලල්පොළගේ ‘සීතාවක රාජසිංහ’ වේදිකා නාට්‍යයේ කොනප්පු බණ්ඩාරට පණ පොවන්නේත් මමයි.’මෙවැනි නිර්මාණ රැසක් සමඟ රංගනයෙහි ඉදිරි ගමන් යන මේ රංජිත්ට කතා කිරීමට ඔබත් කැමැති නම් 0716445136 යන දුරකථන අංකයට කතා කරන්න ඔබටත් හැකියි.- තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න  
CREATIVE
ගමන් ගත් හෙලිකොප්ටර් යානය චීන දේශ සීමාවේදී කඩා වැටීම නිසා අත් අඩංගුවට පත් වන ඉන්දීය හමුදාවේ කමාන්ඩෝ නිලධාරියකු ඔවුන්ගෙන් පළා යෑමේදී ඇති වන ත්‍රාසජනක සිදුවීම් සමූහයක් වටා කමාන්ඩෝ නම් තෙළිඟු චිත්‍රපටය නිර්මාණය වී ඇත.දිලිප් ගෝෂ් අධ්‍යක්ෂණය කළ කමාන්ඩෝ විපුල් ෂා ගේ නිෂ්පාදනයකි.විද්යුත් ජට්වාල්, ජයිදීප් අගල්වට් සමඟ හඳුන්වා දෙන පූජා චොප්රා කමාන්ඩෝ සඳහා රංගනයෙන් දායක වී ඇත.මහල් නිවාස සංකීර්ණයක ජීවත් වන ඇලෙක්සැන්ඩර් කඩවසම් මිනිසෙකි. ඔහු විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු වන අතර තම මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වන අසල්වැසි පවුලකට සිදුවන බලපෑමකදී ඔහු චීන සහ රුසියානු අවිගත් කල්ලි දෙකක් සමඟ මුහුණට මුහුණ සටන් කිරීම අරඹයි.ත්‍රාසජනක සටන් ඇතුළත් ක්‍රියාදාම චිත්‍රපටයක් වන අ ගුඩ් මෑන් සඳහා රංගනයෙන් දායක වන්නේ ලෝ ප්‍රකට ක්‍රියාදාම නළුවකු වන ස්ටීවන් සීගල්ය. අනිකුත් චරිත සඳහා රොස් බලකි, ට්‍රිසිමා, ඉව්ලියා වර්ඩොස්, වික්ටර් ටෙබ්ස්ටර් රංගනයෙන් දායක වෙති.අ ගුඩ් මෑන් තියෝති වැක්ස්මස්ගේ අධ්‍යක්ෂණයකි.අධ්‍යක්ෂ රාජ් මොහාන්ගේ නවතම දෙමළ චිත්‍රපටය වනවරායන් වල්ලවරායන් දැන් නිකුත් වී ඇත.ශංකර් රාජා සංගීතවත් කළ බී. පාන්ඩියන් නිෂ්පාදනය කළ වනවරායන් වල්ලවරායන් හාස්‍ය මුසු ආදර පුවතක් රැගත් චිත්‍රපටයකි.මෙහි වනවරායන් ලෙස ක්‍රිෂ්ණ කුලසේකරන් ද වල්ලවරායන් ලෙස ආනන්ද් රඟන අතර සෙසු චරිත රංගනයන් මොනාල් ගජාර්, නිහාරිකා කරීර්, එස්. පී. බී. චරන්, ජානකි කොවායි, සරලා, තම්බි රාමයියා සමඟ ජයප්‍රකාශ් මේරා දායක වී ඇත.හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් නිෂ්පාදනය කළ චිත්‍රපටයකි ගෞරි තෙරේ ප්‍යාර් මේන්.ප්‍රනිත මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කර ඇති මෙහි කරීනා කපූර්, සාරධා කපූර් රංගනයෙන් දායක වී ඇත. ගම්මානයක් දියුණු කිරීමට වෙර දරන තරුණියක හා ඇයගේ අතපතා වෙහෙසෙන තරුණයකු වටා ගෙතුන මේ චිත්‍රපටය ඉතා ඉහළ ආදායමකට උරුමකම් කීවකි.හාස්‍යයට කැමති ප්‍රේක්ෂකයාට ඔබින නවතම ඉංග්‍රීසි විකට චිත්‍රපටයක් 22 ජම්ප් ස්ට්‍රීට්.ක්‍රිස් මිලර් සහ පිල් ලෝඩ් අධ්‍යක්ෂණය කර ඇති මෙහි චානිස් ටබුම්, ජොනා හිල්, ඇම්බර් ස්ටීවන්ස් සහ වේයාට් රසල් රංගනයෙන් දායක වී ඇත.විශේෂ පැවරුමක් සඳහා රහසිගතව දෙවන වරටත් උසස් පෙළ සඳහා මඟ පාදාගත් තරුණ නිලධාරීන් දෙදෙනකු වටා ගෙතී ඇති 22 ජම්ප් ට්‍රීට් ඔවුන් තවම අවුරුදු 21 අය නොවේ යන තේමාවෙන් නිර්මාණය වී ඇත.ලෝක ප්‍රකට ඩිස්නි චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මිලියන් ඩොලර් ආම් හොඳ රස වින්දනයට කැමති ඉංග්‍රීසි සිනමා ප්‍රේක්ෂකයාට සුදුසු චිත්‍රපටයකි.ක්‍රීඩා ඒජන්තවරයකුගේ සත්‍ය කතාවක් ආශ්‍රයෙන් තනා ඇති මිලියන් ඩොලර් ආම් ක්‍රැග් ගිලස්පි අධ්‍යක්ෂණය කර ඇත.ජෝන් හම්, සුරාජ් ශර්මා, ඇලන් මුර්කිස් සමඟ ලේක් බෙල් මෙහි රංගනයෙන් දායක වී ඇත. මෙය ඔබට ටයිටන්ස් සහ මිරකල් වැනි චිත්‍රපට සිහිගන්වනු ඇත.ඇය ජීවත් වන්නේ නර්තනය සඳහාමය. එය කාටවත් නැවැත්විය නොහැක. විශ්වාස කරන්න.බටහිර නැටුම් ගැයුම් නැරඹීමට කැමති තරුණ පරපුරට ආකර්ශණීය චිත්‍රපටයෙකි ස්ටෙපින් හයි චිත්‍රපටය.හෙන්රි චා(ර්) අධ්‍යක්ෂණය කළ මෙහි පල්මර් ඩාවිස්, අමීර් කොරත්ගි සමඟ මේරි කාරිග් රංගනයෙන් දායක වී ඇත.ලිව්වේ – කල්‍යාණ චන්ද්‍රසේකරඩී. වී. ඩී. අනුග්‍රහයනීරෝ සී. ඩී. හවුස්මල්වත්ත පාර
CREATIVE
ලෝක කුසලානය ඉන්දියාව දිනා ගත්තොත් උපන් ඇඳුමින්ම දිව යන බව පැවසූ පූනම් පාණ්ඩේ වෙබ් අඩෙවිවලට එවන් ඡායාරූප යවා භාරත දේශය පුරා මහා කුණාටුවක් ඇති කළේය.දැන් ඇය සූදානම් වන්නේ තිරයේ පෙරැළියක් කරන්නයි. ඇය සිය මංගල බොලිවුඩ් රංගනයට සූදානම්ය. ‘වැඩිහිටියන්ට පමණයි’ යන ලේබලය ඇලැවුණු මේ සිනමාපටයේ ද ලෝක කුසලාන ඔට්ටුවට ගැළැපෙන විදියට රඟපෑ හැකි ජවනිකා ඇති බව කියැවෙයි.පූනම් බොලිවුඩ් රංගනයට පිවීසිම ගැන ඇයගේ පවුලේ සාමාජිකයන් සිටින්නේ සතුටිනි.නවක තරු දිනෙන් දින පායන ගුවන් ගැබක මවු පදවිය නිසා ඈත් වූ තරු ඈතට පාවී යාම සොබා දහමේ නීතියයි. එහෙත් දැන් නම් සිදු වී ඇත්තේ නවක තරු ‘යළි පායන තරු’ නිසා උපන් තැනම මිය යාමටද?මේ මවු පදවිය ලැබූ නිසා සිනමාවෙන් ඈත් වූ තරු යළි සපැමිණෙන යුගයකි. ඒ තරු අතරින් මෑතකදීම ඈත් වූ තරුවක් වන්නේ බච්චන් ලේලි, අයිශ්වර්යා රායි ය. ඇය අවසන් වරට රඟපෑවේ 2010 දී සංජේ ලීලා බන්සාලිගේ ’ගුසාරිෂ්’ සිනමාපටයේය.දැන් ආරධ්‍යා දියණිය තරමක් උස් මහත් නිසා අයිශ්වර්යා යළි රංගනයට පිවිසීමට කැමැත්තෙන් සිටින බව කිහිප වරක්ම මාධ්‍යයට පවසා තිබේ. අලුත්ම ආරංචිවලට අනුව අයිශ්වර්යාට ළඟදීම කොයි කාගේත් හිත ගිය සිනමාපටයක රඟන්නට ලැබෙන පාටය.කරන් ජොහාර් අසූවේ දශකයේ ජනප්‍රියම සිනමාපටයක් වූ ‘බෙමිසල්’ යළි නිර්මාණය කිරීමට සූදානමින් සිටින බවට රාවයක් ඇත. ‘බෙමිසල්’ හී රැඟූ තරු වූයේ විනෝද් මේරා, රාඛී සහ අමිතාබ් බච්චන්ය. ‘ඈෂ්’ රාඛී රැගූ චරිතයට තෝරා ගෙන තිබේ.ඓශ්වර්යා මීට පෙර කරන් ජොහාර්ගේ සිනමාපටයක රඟපා නැත. ඇය ‘බෙමිසල්’ හීප්‍රධාන තාරකාව වුවහොත් කරන්ගේ සිනමාපටයක ඈෂ් රඟන පළමු අවස්ථාව ද එය වනු ඇත.ඉන්දියාව අපේ අසල්වැසි දේශයයි.මේ නිසාම එරට කලාකරුවන්ගේ දෑස් රූගත කිරීම්වලට වාගේම, අපේ රටේ ගැටලු පිළිබඳව ද අවධානය යොමුවීම වළක්වන්න නොහැකිය.නිෂ්පාදකයකු වී සිටින නළු, ජෝන් ඒබ්‍රහම් මලයාලම් සුපිරි තරුව මෝහන්ලාල් යොදාගෙන ‘ජැෆ්නා’ නමින් මලයාලම් සිනමාපටයක් නිපදවීමට බලාපොරොත්තු වේ.‘විකී ඩෝනර්’ සිනමාපටයෙන් සිනමා නිෂ්පාදනයට පිවිසි ජෝන්ට දැන් නළුකමටත් වඩා නිෂ්පාදනය රස වැටී වාගේය.අනාගතයේදී අධ්‍යක්ෂණයට පිවිසීමට ද ජෝන් බලාපොරොත්තුවෙන් සිටියි.චම්පිකා දීපානි රණසිංහ  
CREATIVE
තිසුරි යුවනිකා අපේ කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය යොවුන් රංගන ශිල්පිනියක්. පසුගිය දා පැවති සුමති ටෙලි සම්මාන උළෙලේ දී ඇයට හොඳම නැගී එන නිළියට හිමි සම්මානයත් හිමි වුණා. තිසුරිගෙ නවතම රංගනය ඇතුළත් වන්නේ ‘මහිංසා’ ටෙලි සිත්තමේ. එහි මහිංසා ගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඇය. එහි එක දර්ශනයක ගඟක මිනියක් පාවෙනවා. මිනිය මහිංසාගේ.මේ දර්ශනයට තිසුරිව ලෑල්ලක තියලා ගඟේ පා කළා. ටික දුරක් එහෙම යනකොට එකපාරටම වතුරපාර සැරවෙලා ලෑල්ල පෙරලිලා තිසුරි වතුරට වැටිලා ගහගෙන යන්න වුණා. එදා එතැන හිටිය තිසුරිගෙ තාත්තයි, තව කිහිප දෙනෙකුයි වතුරට පැන්නත් ඇයව අල්ල ගන්න නම් බැරි වුණා. ‘මාව බේර ගන්නෝ’ කියලා හයියෙන් කෑගැහුවත් මේ කාටවත් තිසුරි ළඟට යන්න බැරි වුණා.කොහොම හරි වතුරේ ගහගෙන ආපු අත්තක් තිසුරිගේ ඇඟේ හැපිලා. ඇය ඒක හයියෙන් අල්ලගෙන. මේකෙ එල්ලිලා ටික දුරක් යනකොට ගල් දෙකක් අතරේ හිරවෙලා. ඊට පස්සේ කට්ටියම ඇවිත් තිසුරිව ගොඩට ගත්තා. තිසුරිගෙ වාසනාවට එදා ඒ අත්ත ආවෙ නැත්නම් අද අපට තිසුරි කෙනෙක් නෑ. මොකද තිසුරිට පීනන්න බෑ.
CREATIVE
ඉස්කෝලේ නිවාඩුව ඉවර නිසා දැන් සුපුරුදු පරිදි ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙනවා. මේ දවස්වල නම් කලා කටයුතුවලට ලොකු දායකත්වයක් ලබා දුන්නේ නැහැ.පසුගිය කාලයේ ජුලියස් සීසර් වේදිකා නාට්‍යයට දායක වුණා. තවත් අලුත් වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒ වගේම පසුගිය කාලයේදී මම ප්‍රසන්න විතානගේ මහතා පැවැත් වූ පාඨමාලාවකට සම්බන්ධ වුණා.මේ දිනවල එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් විදියට චිත්‍රපටයක් නිර්මාණය කරන්න තියෙනවා. දැන් වැඩි කාලයක් ගත කරන්නේ ඒ වෙනුවෙන්.
CREATIVE
නිරන්තරයෙන්ම වේදිකා නාට්‍ය, සම්මාන උත්සව ආදිය පැවැත්වෙන අතර, එයට දිනපතා එන පිරිස ද විශාලය. එහෙත් එහි පවස නිවා ගැනීමට හෝ සුළු ආහාරයක් ගැනීමට මෙහි ආපන ශාලාවක් (කැන්ටින් එකක්) නැත. එම ආහාර අවශ්‍යතාවයට අප ඇස්වාට්ටුව හන්දියටම යා යුතුය. එහෙත් ලැබෙන කෙටි විරාමයේදී එය කළ නොහැක.වියදම ද කාලය ද ප්‍රශ්නයකි. ජෝන් ද සිල්වා රඟහල් භූමියේම සුළුවෙන් හෝ කුඩා ආපන ශාලාවක් ඇරැඹියොත් එය ප්‍රේක්ෂක අපට මහත් අස්වැසිල්ලකි.මොරටුව, කටුබැද්දේ - ඩඩ්ලි ගෝමස්සතියේ දින පහ පුරාවටම සවස 7.30 ට සිරස නාලිකාවේ විකාශය වන සිහින පුරය ටෙලි වෘතාන්තය හරවත්ය. නාගරික මිනිස්සුන්ගේ ජීවන රටාවන් තුළ පවතින ගති සොභාවයන් මනා ලෙස කැටි කොට එන මෙය ගිරිරාජ් කෞෂල්‍යගේ කතා සංකල්පයකි. ඔහුගේ රංගනයත් මෙම ටෙලි නාට්‍ය හරය බව මගේ හැඟීමයි. විශාල නළු නිළි පිිරිසක් කතාවට උචිත ආකාරයට මෙහෙය වන රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය ද මෙහිදී කැපී පෙනෙයි. හාස්‍ය නම් සැබෑ හාස්‍යය ඇත්තේ මෙවැනි ටෙලි නාට්‍ය තුළය. අවසන කිව හැකි වන්නේ සිහින පුරය මරේ මරු යන්නයි.අජිත් ලක්මාල් - මීගමුව.කිසියම් පුද්ගලයකුගේ නාමයෙන් පාරක් නම් කරනවා නම් ඒ මියගිය පසුවයි. බලපං මචං මං මැරුණේ නැහැ. ඒත් මගේ නමින් පාරක් තියෙනවා. අපි දැන් යන්නේ ඒ පාරේ තමයි. එදා එහෙම කිව්වේ බොරැල්ල කොටා පාරෙහි ගමනක් යන අතරතුරදීය.එයට ප්‍රධානතම හේතුව වූයේ ඔහුගේ මාධ්‍ය මිතුරන් මෙන්ම සමහර රසිකාවන් ඔහුව ඇමතුවේ කොටා යන නමිනි. ඔහුට එය ප්‍රියජනක නමක් වූයේය. කරුණාරත්න අබේසේකරයන්ගෙන් පසුව ලංකාවේ වැඩිම ගී ප්‍රමාණයක් රචනා කළේ ඔහුය. ඒවා බොහොමයක් රචනා කළේ කල්යල් බලා නොව ක්ෂණිකවය.ඒ පදවැල් සිතුවිලිවල තිබුණේ මිණි කැටවන් අපූරු අදහස්. එදා ඔහු දිග හරින ලද සිගරට් පෙට්ටියක ලියූ බැහැයි කියල බැහැයි කියලා බෑ නම් කාටුන් ළමා ගීතය ළමා ළපටි කොයි කාටත් ඉතාමත් ආදර්ශවත් ගීතයකි. ප්‍රේමකීර්ති ජීවයෙන් සමුගෙන වසර 22 ක් වුව ද ඔහුගේ නාමයෙන් අපට ඉතිරි කළ නිර්මාණ සැමදාමත් අප අතරය.ලක්ෂ්මන් රණසිංහ- වත්තල.ශ්‍රී ලාංකික සිනමාකරුවකු විදේශීය රටක විශේෂ ආරාධනාවක් උඩ ඉන්දියාවේ බෙංගාල සිනමාවේ චත්‍රක් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට එම චිත්‍රපටය ඉන්දියාව නියෝජනයෙන් කෑන්ස් චිත්‍රපට උළෙලට ඉදිරිපත් කිරීමට වරම් ලැබීම ගැන මාගේ ප්‍රණාමය එහි අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දරට පිරිනමමු.කෑගල්ල තටාකය පාරේ - තිලකරත්න විල්වලනන්දන උයනේ ජනති වනමියුරසින් ගී ගැයූ ඔබේ ගී සරඅප හද තුළආදරය මුසු හැඟීම්උද්දීපනය කරන බව නොරහසකිසිංහල සිනමා ගිරි ශිඛරය මතින් වෑහෙනගී නදියක උල්පත වන්නේ ඔබයිඔාබ් මෘදු හඩින් ගැයූ ගීතදහස් ගණන් රසික රසිකාවන්ආදරයෙන් වැළඳ ගත් බව සැබෑයඔබේ හඬ මෙන්ම සුහදශීලිත්වයවචනවලට පෙරළිය නොහැකඇන්ජලින් නොහොත් අපේ ඇන්ජිඔබේ හඬ මේ ලක් අඹරේසදාකල් වැජඹේවි.කසුනි නදීකාපානදුර.නවක ගායික ගායිකාවන් සජීවි ප්‍රසංගවලදී තැටියක් ධාවනය කොට ගීිතයේ වචනවලට කට සෙලවීම අනුමත කළ නොහැක. ගයනවා නම් සජීවීව ගයන්න. එහෙම නොවන අය ගායකයන් කියා අප පිළිගන්නේ නැහැ.නුවන් ධර්මවර්ධනකුරුඳුවත්ත.ඉස්සර තරම් උසස් නිර්මාණකරුවන් බිහි නොවන්නේ ඇයි ද යන්න මට සිතා ගන්න බැහැ. අපේ නව පරපුරේ අය දැනුමෙන් මොට වෙලාද මන්දා.කරුණාරත්න නිමල් ශාන්තහෝකන්දර.ප්‍රතිචාර සැකසුම ප්‍රසාද් සමරතුංග
CREATIVE
බ්‍රැඩ් පීට් සහ ඇන්ජලීනා ජොලී පසුගිය අගෝස්තු මාසයේදී සියලුම දෙනා පුදුමයට පත් කළා. ඒ දිගු කාලින ආදරයකින් පසු ඔවුන් දෙපොළ දකුණු ප්‍රංශයේදී විවාහ ගිවිස ගනිමිනි. ඔවුන්ගේ දරුවන් හය දෙනාද සමගින් වූ මෙම විවාහ උත්සවයට සහභාගීවූයේ ළඟම හිතවතුන් කිහිපදෙනෙකු පමණයි.මේ දිනවල පීට්හට තවත් ප්‍රීතිදායක කාලයක් උදාවෙලා. ඒ ඔහු රංගනයෙන් දායක වූ නවතම සිනමා නිර්මාණය හේතුවෙන්. ඩේවිඩ් ඒයර් අධ්‍යක්ෂණය කළ Furyහි දෙවන ලෝක යුද සමය ගැන කියවෙන කතා පුවතක් ඇතුළත්. එය මේ දිනවල සාර්ථක අයුරින් තිරගත වන අතර බ්‍රැඩ් පීට් එහි සොල්දාදුවෙකුගේ චරිතයකට පණ පොවන්නේය.පසුගියදා ලන්ඩන් චිත්‍රපට උළෙලේදි විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගන්නටද Fury චිත්‍රපටය සමත් විය. එහිදි පීට් පවසා සිටියේ මෙම චිත්‍රපටය තම ජීවිතයටද බලපෑමක් වූ බවයි. එහි වූ නායකත්වය, තීරණ ගැනීම වැනි ඇතැම් සිදුවීම් තමන්ට හොඳ පියෙකුවීමට මඟ පෙන්වූ බව ඔහු කියා සිටියා. ඒ වගේම තමා දැන් හොඳ පියෙකු බවත් ඔහු සඳහන් කළා.යතේජා
CREATIVE
සුදු ගින්දර, මිලා ටෙලි නාට්‍යයන්හි, එසේම රොකට් රජා පොකට් රජා චිත්‍රපටයෙහිත් සහය කලා අධ්‍යක්ෂ ඔහුය. ප්‍රවීණ කලා අධ්‍යක්ෂ ස්ටැන්ලිද සිල්වාගේ මග පෙන්වීම සහ උදව් උපකාර හේතුවෙන් රෝහණ කොස්තා ක්ෂේත්‍රය තුළ සහය කලා අධ්‍යක්ෂකවරයෙක් ලෙස ජනප්‍රිය චරිතයක් විය.මොහු ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනය කර සිය ගමන්මග ආරම්භ කළේය.චිත්‍රකතා පුවත්පත්වල තිබෙන චිත්‍ර දෙස කුඩා කාලයේ සිටම විමසිල්ලෙන් සිටි කොස්තා එහි සිත්තරුන්ගේ සිතුවම් දෙස බලා අඳින්නට පුරුදු පුහුණුවූයේය. මේ හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර සාම පදනමෙන් ලැබූ දැනුම ඔහුට භාග්‍යයක් විය.මූර්ති, චිත්‍ර, කැටයම් ශිල්පියෙකු ලෙස නිර්මාණ කරණයේ නියැලී සිටින හෙතෙම තොරන් සඳහා චිත්‍රද ඉදිරිපත් කරයි. මේ අතර ඔහු පන්සල් චිත්‍ර ඇඳීම ද රැකියාව ලෙස තෝරාගෙන තිබේ. වැඩිපුරම සමාජ සේවා කටයුතු සඳහා යොමුවන කොස්තා තොරන් චිත්‍ර අඳින්නේ සමාජ සේවා කටයුතු සඳහා උරදෙන්නෙකු වශයෙනි.තරුව විකිගේ වේදිකා නාට්‍යයේ රංගන ශිල්පියෙකු ලෙසින් ද දායකවන කොස්තා ඉදිරියේදී චිත්‍රපට ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ක්ෂේත්‍රයේ රැඳෙන්නට බලාපොරොත්තු වෙයි. 2014 ජනවාරි 20 වන දින චිත්‍රශිල්පියෙකු ලෙසින් දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු ක්ෂේත්‍රයට පිවිසෙන්නට අතහිත දුන් සියළු දෙනා වෙනුවෙන් කෘතවේදීත්වය පලකිරීමට ද අමතක කළේ නැත.සහය කලා අධ්‍යක්ෂවරයකු මෙන්ම, රංගන ශිල්පියෙකු ලෙසින් ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් සිටින රෝහණ කොස්තාගේ ලිපිනය 126/8, සුහද මාවත, හෝකන්දර.සටහන - දීපිකා ජයලත්ඡායාරූපය - මාලන් කරුණාරත්න
CREATIVE
යුගාන්තයතිරගත වූ දිනය – 1985 දෙසැම්බර් 27ඉදිරිපත් කිරීම – තරංගා චිත්‍රපටනිෂ්පාදනය – විජය රාමනායකඅධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස් කචතාව - දෙබස් - තිර රචනය – මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන (මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ නවකතාව ඇසුරින්) සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරාකැමරා අධ්‍යක්ෂණය – විලී බ්ලේක් සහාය - සෝමපාල ධර්මප්‍රියසංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු සහාය – චන්ද්‍රසිරි ගුණරත්නආලෝක සහාය – කේ. ඒ. ධර්මසේනඅංග රචනය - ශේෂා පලිහක්කාර, වසන්ත විට්ටච්චිකලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේනශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්ශබ්ද සහාය - ජෝර්ජ් ගින්ටන් පෙරේරා, ලයනල් ජයවීරසැකසුම – රජයේ චිත්‍රපට අංශයරසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්නාමාවලිය – ගස්පේ පතිරත්නනිෂ්පාදන කළමනාකරණය - කීර්ති රත්නායකනිෂ්පාදන අධිකාරි – රාජ් පෙරේරාසංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාසආරම්භක පිටපත් ප්‍රමාණය - 12රංගනදායකත්වය – ගාමිණී ෆොන්සේකා, ඩග්ලස් රණසිංහ, රිචඩ් ද සොයිසා, දයානන්ද ජයවර්ධන, මියුරි සමරසිංහ, සේනක පෙරේරා, අනුර මැදගොඩ, ජෝ දඹුලුගල, ඩීමන් ද මෙල්, විජේරත්න වරකාගොඩ, ටී. එම්. සංඝදාස, නිහාල් ජයවර්ධන, කේ. එම්. ජී. බණ්ඩාර, තිස්ස උඩංගමුව, එන්. ඩයස්, චූලා කාරියවසම්, තමරා සේනාරත්න, සේනක පෙරේරා, ස්වර්ණා දඹුගලගේ, දමයන්ති හේරත්, බුල්ජන්ස්, සුවිනීතා වීරසිංහ, චිත්‍රා වාකිස්ට, චන්ද්‍රා කළුආරච්චි, එඩී අමරසිංහ, වින්සන්ට් සේරසිංහ, නිහාල් ප්‍රේමචන්ද්‍ර, සුනිල් ලියනආරච්චි, ලාල් පීරිස්කිරිමදු වැල්තිරගත වූ දිනය – 1985 දෙසැම්බර් 29ඉදිරිපත් කිරීම – නිල්මිණි ෆිල්ම්ස්නිෂ්පාදනය - ප්‍රේමරත්න බණ්ඩාර, ඒ. ටී. සිරිසේන, සම අධ්‍යක්ෂණය – ආරියදාස විතානගේ, සමන් වීරමන් එස්. ඒ. වර්ණකුලසූරිය, ධර්මසිරි, ජයසේන ඇතුළු කණ්ඩායමකි.සහාය අධ්‍යක්ෂණය – කල්‍යාණ සමරනායකකැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර් කැමරා සහාය – ජී. නන්දසේන, ඩී. එස්. ජී. ගුණතිලක, අශෝක ශ්‍රීලාල්සංස්කරණය – ආරියදාස විතානගේ සහාය අශෝක ශ්‍රීලාල් අංග රචනය – බෙනට් ජයතුංගසටන් අධ්‍යක්ෂණය – විල්සන් කරුණාරත්නශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්ශබ්ද සහාය – ජී. ඇලෝසියස්, ආනන්ද අමරසිංහ, ජී. සුන්දර් රාජ්රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - නියෝජිත ඩිල් ෆිල්ම්ස්සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරයගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු චිත්‍රාගාරය (දිසානායක ෆිල්ම්ස්)ගීත පසුබිම වාදනය - සවුන්ඩ් විෂන්කාර්මික සහාය – ඇන්. සේනාරත්න, උපාලි අලවත්තේගම, මාකස් පෙරේරා, පැට්‍රික් රුද්‍රිගෝ, එස්. බන්දුල, ජනක විජේතුංගඅවමංගල්‍ය භාණ්ඩ සැපයීම – රුහුණු මල්කරුවෝ - මාතරදැව සහ සෙට් උපකරණ සැපයීම - සමරසිංහ ෆිල්ම්ස්දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්නනිෂ්පාදන කළමනාකරණය – කේ. ටී. ඩයස්නිෂ්පාදන අධිකාරි – එස්. ඒ. වර්ණකුලසූරිය සහාය – ඇස්. හෙට්ටිආරච්චිසංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාසනාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහගීත - මවුනි ඔබේ හද කිරි මදු වැල සේමා - නන්දා මාලිනී මා තනි වෙලා ආදරේ සුසුම් වාලුකාවේ – එච්. ආර්. ජෝතිපාල ඈත ක්ෂිතිජය රේඛාවේ – හරුන් කුමාර් ලන්ත්‍රා, ඇන්ජලින් ගුණතිලක ඔබේ කඳුළු බිඳ සංසිදේවා - මාලිනී බුලත්සිංහලරංගනය - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, නදීකා ගුණසේකර, දමයන්ති ෆොන්සේකා, ලීනා ද සිල්වා, තලතා ගුණසේකර, විද්‍යා ගුණසේකර, රෙක්ස් කොඩිප්පිලි, එඩී ජූනියර්, යූ. වයමන්, ප්‍රියදර්ශනී කෞෂල්‍යා, සොමී රත්නායක, විමල් කුමාර් ද කොස්තා, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, විජේරත්න වරකාගොඩ, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, විනී සිගේරා, ධර්මසේන නානායක්කාර, නිහාල් සිල්වා, එච්. ආර්. ජෝතිපාල, ප්‍රේමදාස ගනේගොඩ, එස්. හෙට්ටිආරච්චි, ටාසන් ඩයස්ඇන්ටන් ජේ. ප්‍රනාන්දු  
CREATIVE
දැන් මගේ සිතෛෂි වෙනායා දෝණිට මාස 05 ක්. මෙවර මට උපන් දිනයට ලැබුණු උපන් දින තෑග්ග වෙන්නේ මගේ සුදු දෝණියි. ඇගේ සුරතල් සමඟ කාලය ගත වෙනවා නොදැනෙන තරම්. දුවට වසරක් සපිරෙන තුරු නම් රඟපාන අදහස මා අත්හැරලයි ඉන්නේ.
CREATIVE
සුපර් සික්ස්, ප්‍රවේගය, මායා, රාවණා වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ රියල් ඉමේජ් චිත්‍රපට සමාගමේ පස්වැනි සිනමා නිර්මාණය සඳහා නවක නළු නිළියන්ට අවස්ථාව ලබාදීමට එහි සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත අපේක්ෂා කරයි.ඒ සඳහා කැමැත්තක් දක්වන අය මෙම මස 16 වැනිදා සුදර්ශී ආයතනයේ පැවැත්වෙන මූලික සම්මුඛ පරික්ෂණයට ඡායාරූපයක් සමඟ සහභාගි වන්නයි ඔහු ඉල්ලීමක් කරයි.
CREATIVE
මේ සතියත් බොහොම සාමාන්‍ය විදියට ගත කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම නිවාඩුවකට බිරිඳ සමඟින් විදෙස් ගත වෙන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව මගේ උපන් දිනයත් පෙබරවාරි දොළොස් වැනිදාට යෙදිලා තියෙනවා.හැම අවුරුද්දකම උපන් දිනය වෙනුවෙන් මගේ පවුලේ අය මට පුදුම හිතෙන දෙයක් සූදානම් කරනවා. ඉතිං මේ අවුරුද්දෙත් උපන් දිනයට මං වෙනුවෙන් පුදුම හිතෙන දෙයක් සූදානම් කරලා ඇති.
CREATIVE
රවීන්ද්‍ර විජේරත්න කියන ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා තමන්ගේ අලුත්ම නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කලා. තලවතුගොඩ නුගේගොඩ පාරේ වැව අසල පසුගිය සතියේ දවසක මේ අලුත්ම නිර්මාණයේ රූගත කිරීම් සිදු වුණා. දර්ශන තලයේ හිටියේ ප්‍රවීණ රංගන ශිල්පී පාලිත පෙරේරා සහ යොවුන් රංගන ශිල්පී දසුන් පතිරණ. දර්ශනය රූගත කරලා ලද විවේකයේදී මේ අය බංකුවකට වෙලා කතා කරමින් සිටින අතරෙදි නුගේගොඩ දෙසින් පැමිණි දුඹුරු පැහැති මෝටර් රථයක් දර්ශන තලය අසල නැවතුණා.වම් පස වීදුරුව විවෘත කර මේ පිරිස සමඟ කතා කළේ අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා. ඇය සිය රථයේ ගමන් කරද්දී කැමරා උපකරණ දැක ඒ පිළිබඳ විමසිලිමත් වුණා පමණක් නෙවෙයි, ඒ පිරිස කවුදැයි බලන්නටත් ගමන නතර කළා. පුංචි කතාබහකින් පසු ඇය පිටත්ව ගියා. මේ නව පරපුරේ පිරිසට සුබ පැතීමට අපේ නිළි රැජන නිහතමානි වීම කොතරම් නම් ආදර්ශයක් ද. අද හමුවන හෙට අමතක වන සමාජයක ජීවත්වන අපට නිළි රැජන දුන් ආදර්ශය අතිමහත්.අපේ කෘතහස්ත නළු ටෝනි රණසිංහ කුඩා කාලයේ චිත්‍රපටයක් නරඹන්න මරදානේ නිව් ඔලිම්පියා සිනමාහලට ගිහින්. ටෝනිව රැගෙන ගියේ ඔහුගේ මිත්තණිය.මේ චිත්‍රපටයේ නම සෝංග් ඔෆ් සෙන්ට් බර්නඩෙත්. ඔන්න ශාලාවම පිරිලා ඉතිරිලා. ආච්චි අම්මා ළඟ වාඩි වී සිටි ටෝනි චිත්‍රපට නරඹන්න පටන් ගත්තා. ආච්චි අම්මා කුඩා ටෝනි එක්ක මේ චිත්‍රපටය නරඹන්නට ගියේත් චිත්‍රපටය ආගමික කතාවක් නිසා. ඔන්න එකපාරටම චිත්‍රපටයේදී මරියතුමියගේ දර්ශනයක් තිබුණා.එක පාරටම ආච්චි අම්මා ටෝනිගේ අතින් අල්ලාගෙන ශාලාව මැද්දේ දණ ගහගෙන කිව්වලු ‘පුතේ ඉක්මනට යාඥා කරපං, යාඥා කරපං’ කියලා. ඉතිං මේක අහපු පුංචි ටෝනිත් හනිකට දණ ගහගෙන ආච්චි අම්මත් එක්ක යාඥා කරන්න පටන් ගත්තලු.එක් වරම චිත්‍රපට ශාලාව දෙවනත් වෙමින් හූ හඬක් ආවලු. හැබැයි ආච්චි අම්මත්, ටෝනිත් ඒ ගැන තැකීමක් නොකර යාඥා කළා. හැබැයි පස්සෙන් පහුකාලෙක කල්පනා කරද්දී තමයි එදා හූ කිව්වේ කාටද කියලා ටෝනි රණසිංහයන්ට වැටහුණේ.මේ කතාව ලොව උතුම් පදවිවලින් පිදුම් ලද යොවුන් කලා තරු දෙකක් ගැනයි. යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක වන පබෝදා සන්දීපනි පසුගියදා ලොව උතුම්ම පදවිය වන මවු පදවිය ලැබුවා. ඇය දැන් පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්. දරු ප්‍රසූතිය වෙනුවෙන් පබෝදා ප්‍රංශයේ වෙසෙන සිය පියා ළඟට ගොස් තිබුණා. කලින් යොදා ගත් රංගන කටයුතුවල කාර්යබහුලත්වය නිසා තමාට එහි යාමට නොහැකි වූ බව ඇගේ මව ගීතා කාන්ති ජයකොඩි සරසවියට කිව්වා.ඒ වගේම බබායි අම්මයි හොඳින් සිටින බවත් තව මාස දෙක තුනකින් විතර ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇය සඳහන් කළේ හරිම සතුටින්. පබෝදාගේ පුංචි පුතාගේ නම සචේන් පින්සර. ජයග්‍රාහී මාවතේ නායකයා යන්න තමා එහි අරුත. මේ වෙලාවේ තමන්ට දුව ළඟින්ම ඉන්න නොහැකි වුණත් මධු, ස්වර්ණා, රේණුකා යන හිතවතියන් දුවත් බබාත් ආදරයෙන් බලාගන්නවා කියලා ගීතා සරසවියට කිව්වා.සිරස තරු මාවතේ දිදුලන තරුවක් වූ ශිහාන් මිහිරංගත් පසුගියදා පිය පදවියෙන් පිදුම් ලැබුවා. ශිහාන් පිය පදවියට පත්කරමින් කැදැල්ලට එක් වුණ අලුත් අමුත්තා පුතෙක්. ශිහාන් තමන්ගේ ආදරණීය පුංචි පුතාට නම තියලා තියෙන්නෙත් ශිහාන් මාෂ් බෙනට් සමරනායක කියලා.පසුගියදා විකාශය නිමා වූ සිහින පුරය වගේම මේ දිනවල විකාශය වන සුර විමන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන රන්ජන් ප්‍රසන්න පසුගිය දවසක යෙදුන ගමනක් අතරතුරේදී අවන්හලකට ගොඩ වැදුණේ දැනුණ මහන්සිය නිසා සිසිල් බීම එකක් බොන්න.පාර අයිනේ තම මෝටර් රථය නවතා ඇතුළට ගිය රන්ජන්ට එහි වේටර් කෙනෙක් ඇවිත් ‘සර්ගේ වාහනේ සිග්නල් ලයිට් සේරම ඔන් කරලා ඇවිත් තියෙන්නේ, එහෙම වුණාම ඉක්මනට වාහනේ බැටරිය බහිනවා’ යැයි පැවැසුවා.ආ ඇත්තද? ‘අනේ මට තාම ඒ ගැන තේරුමක් නැහැනේ’ බොහොම නිහතමානීව පැවැසූ රන්ජන් වහාම ගොස් වාහනයේ සියලුම සිග්නල් ලයිට් නිවා දමා යළිත් පැමිණියා.ඡායා - ටෙනී - මාලන්
CREATIVE
1996 වසරේදී බොලිවුඩයේ තරුවක් වූ අර්ෂාඩ් වර්සි අධ්‍යක්ෂවරුන්ගෙන් චරිත ඉල්ලාගෙන යන නළුවකු නොවෙයි. ඒ වාගේම ඔහු රඟන්නේ චරිත තෝරා බේරාගෙනය. ඔහු ප්‍රවීණ අධ්‍යක්ෂිකා මීරා නයාර්ගේ සිනමාපටයක චරිතයක් ප්‍රතික්ෂේප කළේ, ඔහුට යෝග්‍යතා පරීක්ෂණයකට එන ලෙස දැන් වූ නිසයි. අර්ෂාඩ් කිසි දිනක රඟපෑමේදී යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි වී නැති නිසා දෙවරක්ම ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. අර්ෂාඩ්ගේ රංගන දකින්නට ලැබෙන්නේ ඉඳහිටය.ඔහු සිනමා නිෂ්පාදනයට ද අත ගසා ඇතත්, එයට ද උදා වී ඇත්තේ නරක කල දසාවකි. ඔහුගේ ලුධියානා ප්‍රදේශයේ රූගත කිරීමට බාධා සිදු වූයේ අමිත් සාධ් තුවාල වීම නිසයි. අමිත්ගේ පාදය තුවාල වූ නිසා ඔහුට වැඩිදුරක් ඇවිදීමට අපහසුය. එනිසා දැන් රූගත කිරීම් පිණිස තෝරා ගෙන ඇත්තේ පන්ච්ගනීය. එහි උණුසුම ලුධියානා පෙදෙසට වඩා වැඩිවේවිදැයි යන බිය සියල්ලන්ටම ඇත.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
ප්‍රේක්ෂකයන්ගේ හදවත බැඳුණු ජනප්‍රිය නථ – නිළි දෙපළක් වන සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්ත පසුගියදා යුග දිවියට පිවිසුණහ. දෙවැනි ගමන පැවැත් වූයේ ජයික් හිල්ටන් හෝටලයේ දියි. මේ දැක්වෙන්නේ එහි සොඳුරු අවස්ථා කිහිපයකි.තිලානි ශානිකාමාතෘත්වයේ ආමන්ත්‍රණය තිලකා රණසිංහසතිස්චන්ද්‍ර එදිරිසිංහ හා රොබින් ප්‍රනාන්දුත් මනාල යුවළට සුබ පතන්නට ඇවිත්දමිතා සමඟ නෙහාරා හා මේනකමංගල උළෙලට සහභාගි වූ කමල් අද්දරාච්චි යුවළ‘චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි – මුදු හදවතක තතූ සාරංග - උමාලි පොල්තෙල් පහන දල්වමින්
CREATIVE
පුංචි තිරය හා රිදී තිරයෙහි දස්කම් පෑ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ නවතම අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘ඇම්ඩන්’ ටෙලි නාට්‍ය සෑම ඉරිදාවකම රාත්‍රි 7.00ට ස්වර්ණවාහිනියෙන් විකාශය වේ.ඇමෙරිකානු නිව්යෝර්ක් ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබූ ජගත් චමිල මෙහි ප්‍රධාන චරිතය වන ඇම්ඩන් නොහොත් කොස්තාට පණ පොවයි. බන්දුල විජේවීර, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, දුලීකා මාරපන, මාධනී මල්වත්තගේ, සරත් කරුණාරත්න, කෝෂිලා මධුෂානි යන රංගන ශිල්පීහු ‘ඇම්ඩන්’ සඳහා රංගනයෙන් දායක වෙති.සහාව අධ්‍යක්ෂණයෙන් භාග්‍ය විදුරංග, කැමරා අධ්‍යක්ෂණයෙන් ජානක යහම්පත්, අංග රචනයෙන් ශෂීන්ද්‍ර, කලා අධ්‍යක්ෂණයෙන් තුෂාර සම්පත්, නිෂ්පාදන කළමණාකරණයෙන් ප්‍රසන්න අබේගුණවර්ධන හා සංස්කරණයෙන් තිවංක උඩගෙදර ද ‘ඇම්ඩන්’ සඳහා සහාය වේ. ‘ඇම්ඩන්’ හි තිර රචනය අසංක සායක්කාර ගෙනි. සංගීතය කපිල පූගලආරච්චි විසිනි. තිලානි
CREATIVE
හතළිස් හත් වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල පසුගියදා ගෝවේ අගනුවර පාන්ජිම් හිදී ආරම්භ කෙරුණා. සම්මානනීය රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කළ ‘නිල්’ චිත්‍රපටයත් එහිදී තිරගත වීමත් විශේෂයි.ඒ වුණාට එම අවස්ථාවේදී නිවේදනය කළ නිවේදකයා ලින්ටන් සේමගේ ගේ නම කියලා තියෙන්නේ ටිකක් වෙනස් කරලා.එහිදී ලින්ටන් සීමේජ් කියලා ඔහු පැවසූ බව අපට කිව්වේ ඉන්දිය සිනමා උළෙලට සහභාගි වෙලා සිටින සරසවිය කර්තෘ අරුණ ගුණරත්න. ලංකාව නියෝජනය කළ පිරිස ඒ වැරැද්ද දැනගත්තට අනිත් හැමෝම නම් ලින්ටන් හඳුනා ගන්න ඇත්තේ ලින්ටන් සීමේජ් විදියට වෙන්න ඇති.
CREATIVE
ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ මගේ යාළු මාළු ළමා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්විණ. ඒ සඳහා කොළඹ තෝරා ගත් පාසැල් කිහිපයකින් දරු දැරියන් හයසියයක් පමණ සහභාගි විය.තායිලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ රූප ගත කළ මගේ යාළු මාළු දරුවන් සහ සොබා ධර්මය අතර ඇති ළබැඳියාව මනාව විදහාපාන චිත්‍රපටයකි. ළඟදීම තිරගතවීමට නියමිත මෙහි පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලය ඔස්සේ නැරැඹිය හැකිය.ප්‍රසාද්
CREATIVE
රංගන ශිල්පී රංගන ප්‍රේමරත්නගේ ජංගම දුරකථන අංකය වෙනස් කොට තිබේ. 0777700269 ඔහුගේ නව දුරකථන අංකයයි.
CREATIVE
රඟන්න ආසයි සුරල් නගාලා ගයන්න පෙම් ගී දෙතොල් තෙමා තෙමා හහ් හහ් හා ලලල් ලලල් ලා ගයන්න පෙම් ගී දෙතොල් තෙමා තෙමා රඟන්න ආසයි සුරල් වයාලා පාවී ආවා හොරෙන්ම නා ලොවෙන්ම පාවී ආවා ඔබේ ගතේ වෙලෙන්න ආශා දෑසේ ගින්න සොය සොයා රසින් මුලා වෙලා රුවින් මුලා වෙලා හඬින් මුලා වෙලා ආදරයේපද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න ගායනය - ඇන්ජලින් ගුණතිලක අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලකසුලෝචන වික්‍රමසිංහ
CREATIVE
මහරජ ගැමුණු ලෙස උද්දිකමහා වැව් දියවර පිස හමන නොකිළිටි පින්බර සුළඟ විජිත පුර බලකොටුව දෙසට මන්දගාමීව ඇදෙන පුණ්‍යවන්ත හැන්දෑවකි මේ. නා නා විධ ආයුධ සන්නද්ධ සෙබල පන්තිය බලකොටු ද්වාරය වට කොට ගනිමිනි. බලකොටුව වටා දැවී එළි දල්වන යෝධ පහන ඒ සුළං රැල්ලට ඒ මේ අත වැනෙයි. ලා කහ පැහැති මලානික සෞම්‍ය එළි අතරින් බලකොටු ද්වාරය හොඳින්ම පෙනෙයි. බලකොටුව තුළ මහා කලබලකාරී ගතියකි. දුටුගැමුණු රජතුමා ප්‍රමුඛ වීර සේනාංකය ජය සටන සඳහා ළඟ ළඟම පැමිණෙන බවක් දැන් විජිතපුරට සැලව තිබේ.මේ සිංහලය එක් සේසත් කරනු ලබන ඓතිහාසික සටනයි. මඟුල් ඇතු පිට නැඟි දුටුගැමුණු රජතුමාණෝ සේනාව සමඟ නොපසුබටව ඉදිරියට පැමිණෙති. විජිත පුරයට දළුලමින් පැතිරෙන්නේ හිත් පුරා ඇවිලී ගිය භීතියකි.තව සුළු මොහොතකින් විජිත පුර බලකොටුව කැබලි කොට දුටුගැමුණු රජතුමාගේ සේනාව ජයගනු නියතය. සේනාව ක්‍රමයෙන් ඉදිරියට ඇදෙති. බලකොටුවට ළඟවීමට ඇත්තේ තවත් සුළු මොහොතකි. එය උද්වේගකර බිහිසුණුම අවසානයක්.කට් . . .දැහැන බිඳුණේ ප්‍රතාපවත් හඬකිනි.එළාර රජු ලෙස ජැක්සන්හරි අපි ආයේ ගමු.ජයන්ත විධානය දෙයි.මේ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ දර්ශන තලයයි. කලක් තිස්සේ ජයන්ත විඳි ගැහැට නිමා කරලමින් දැන් මහරජ ගැමුණු අවසානය කරා ළඟා වී තිබේ. ලංකාවේ ජ්‍යෙෂ්ඨතම නරපතිඳුන්ගේ කතාන්දරය ජයන්ත අපූරුවට රූපයට නඟා තිබේ.රමණීය දර්ශන තල උපයෝගී කොට ගනිමින් නවීන තාක්ෂණය මනාවට හසුරුවා ගනිමින් නිර්මාණය කරන ලද මහ රජ ගැමුණු දින හැට අටක වෙහෙසක ප්‍රතිඵලයකි. විවිධ පීඩා මැද්දේ එකම දම් වැලක පුරුක් ලෙස කටයුතුª කිරීම මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය බව ජයන්ත පවසන්නේ දිගු හැ¼ගුම්බර සුසුමක් පිට කරලමිනි.විශාල නළු නිළි පිරිසක් යොදා ගනිමින් නිර්මාණය වූ මහ රජ ගැමුණු හි ගැමුණු කුමරු වීමේ අපූරු භාග්‍ය උදා කර ගත්තේ අනුරපුරයේම ඉපිද නොකිළිටි හුස්මින් හැදී වැඩුණු උද්දික ප්‍රේමරත්නය. එලාර රජ වීමේ වාසනාව ලද්දා ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීය. ඔවුන් දෙදෙනාගේ තියුණු රංගනය රැගත් මහරජ ගැමුණු අපේ රජ පෙළපත් ඉතිහාසයේ සුන්දරම සහ වීරත්වය පදනම් වූ කතාවයි.මේ මොහොත වන විට මහරජ ගැමුණු රූගත කොට හමාරය. එහි සතුට විඳීනු පිණිස දඹුල්ල මූන් ෆ්ලවර් හෝටලයේ සුළු සාදයකි. සැවොම එකමුතුව මියැසි සාදයකි. එය හරිම අපූරු සාදයකි. කෙටියෙන්ම කිවහොත් සහෘදත්වයේ සාදයකි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ සිට තේ හදන මලයා දක්වාම එකට එක්ව චිත්‍රපටයේ සාර්ථකත්වය සැමරූ සාදයකි. දැන් මහරජ ගැමුණු රූගත කිරීම් නිමය. අප සන්සුන්ව බලා සිටිය යුත්තේ මහරජ ගැමුණු තිරගත වන දිනය තෙක්ය. ඉතිහාසයේ විස්කම් දැක් වූ ජයන්ත, මහරජ ගැමුණු විස්මිත නිර්මාණයක් කරනු නොඅනුමානය.යෝධයන් එක්වචතුර ගීතනාත් බණ්ඩාරඡායා - ධම්මික පතිරත්න
CREATIVE
ගායිකාමල්ලිකා කහවිටදැන් මම විශ්‍රාමිකව ගත කරන කාලය උදා වෙලා. ආගමික කටයුතු වලට වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන්.පසුගිය කාලයේ නිවාඩුවට මගේ මිණිපිරිය ඇවිත් හිටියා. ඇයත් සමගින් ගෙවූ දින හරිම මිහිරියි. ඒ හැරුණාම බෞද්ධ ලිපි ලියනවා. වන්දනා ගමන්වලටත් දින වෙන් වෙනවා.
CREATIVE
ශ්‍රී ලාංකේය රියැලිටි ඉතිහාසයේ පුංචි දරුවන්ගේ ගායන සහ නර්තන හැකියාව මනාව විදහා දක්වන ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ 5 වැනි අදියර අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමා වුණා. සහජයෙන්ම උරුම වූ ගීත ගායන හැකියාව හා නර්තන හැකියාව නිර්මාණශීලී හා සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කළ දක්ෂතම පොඩිත්තන් අතරින් ජනප්‍රියම තරුව හා හොඳම තරුව තේරීමේ අවසාන මහා තරගය පැවැත් වූයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඉදි වූ ‘විශ්මලන්තය’ සුරංගනා වේදිකාවේදී යි. සුරංගනා ලොවක අසිරිය මවමින් පැවැත් වූ දෙරණ ලිට්ල් ස්ටාර් ප්‍රසංගයේදී ගායන අංශයේ සහ නර්තන අංශයේ වයස් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත් වුණා. වයස අවුරුදු 8 න් පහළ සහ 12 න් පහළ වශයෙන් එහිදී ඔවුන් බෙදා තිබුණා. ඒ අනුව කාණ්ඩ දෙක යටතේ ජනප්‍රියතම තරුව හා හොඳම තරුව තෝරා ගැනුණා.අයකුට අයකු නොදෙවැනි අයුරින් තම නිර්මාණ ප්‍රසංගාත්මකව ඉදිරිපත් කළ මෙම පොඩිත්තන්ගේ එකිනෙකා අතර පැවැති සහයෝගය හා බැඳීම කාගේත් නෙත් සිත් වසඟ කරන කරුණක් වූවා. ක්ෂේත්‍රයේ සුපිරි තරු රැසක් ඉදිරියේ මේ පොඩිත්තන් තමාගේ දක්ෂතා ඉදිරිපත් කළේ හරි අපූරුවටයි.වයස අවුරුදු අටෙන් පහළ ගායන අංශයේ දක්ෂතම ළමා ගායන ශිල්පියා ලෙස කවීෂ් ඉදුවර සම්මානනීය වන විට, එහි අනු සූරතාව හිමි කරගත්තේ, කාවින්දී සෙනාලියායි. ජනප්‍රියම තරුව ලෙස අභිෂේක ලැබුවේ ආමන්ත සත්සරයි.වයස අවුරුදු 12 න් පහළ ගායන අංශයේ දක්ෂතම ගායන තරුව වූයේ තරිඳු දිල්ෂාන්. එහි අනු සූරතාව සතිෂ් ලක්ෂාන් දෝත දරාගත් අතර ඉරෝෂන් මධුශංක ජනප්‍රියම තරු කිරුළ පැලඳ ගත්තා.වයස අවුරුදු අටෙන් පහළ නර්තන දක්ෂතම තරුව වූයේ සනුමි විහන්සායි. එහි අනු සූරතාව මෙන්ම ජනප්‍රියම කිරුළ දම්සිළුනී ශ්‍රීී කන්නංගර තමාගේ කර ගත්තා.වයස දොළහෙන් පහළ නර්තන අංශයේ දක්ෂතම තරුව වූයේ ෂයිනී හිමාසායි. එහි අනු සූරතාව සචින් අරෝෂ් හිමිකර ගත්තා. ජනප්‍රියම තරුව වූයේ කෞෂල්‍ය නිර්මාණයි. අලංකාර නර්තන, ගායන අංශ රැසකින් නිම වූ මේ තරු බබළන රාත්‍රිය අපේ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ උපනෙතේ ඇඳුණු අපූරුවයි මේ.සංජීව සම්පත් බාලසූරියසේයා - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කිරීමට නියමිත සිය 19 වැනි සිනමා සිතුවමේ ප්‍රධාන චරිතය භාර දෙමින් නවක රගන ශිල්පිණියක් සිංහල සිනමාවට හඳුන්වා දීමට ඔහු අදහස් කරයි.මේ සදහා වයස අවුරුදු 18 – 28 අතර උස අඩි 5.4 වැඩි රූමත් අයකු සුදුසු බව ඔහු වැඩිදුරටත් දන්වා සිටියි. එමෙන්ම ඇය සතු රංගන හැකියාව ද විශේෂයෙන් සලකා බලනු ලැබේ.මේ සඳහා ඉදිරිපත් වන අය ළඟදී ගත් වර්ණ සේයාරුවක් සමඟ සියලු විස්තර ඇතුළත් කළ අයැදුම්පතක් සන්ෆ්ලවර් ෆිල්ම්ස්, අංක 160/29, පූර්වාරාම පාර, කිරුළපන, කොළඹ 05 ලිපිනයට තැපෑලෙන් හෝ udayakantha08@hotmail.com විද්‍යුත් ලිපිනයට එවන මෙන් උදයකාන්ත දන්වා සිටියි. උදයකාන්ත වර්ණසූරිය මීට ප්‍රථම සිනමා නිර්මාණයන් සමඟින් නවක නළු නිළියක් රැසක් හඳුන්වා දුන් අතර ඔවුන් අද වන විට ඉමහත් ජනප්‍රියතාවයට පත්ව ඇත. මේ දිනවල අති සාර්ථකව තිරගත වන කොස්තාපල් පුඤ්ඤාසෝම උදයකාන්තගේ අධ්‍යක්ෂණයකි.ප්‍රසාද්
CREATIVE
ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ ඔබ ත්‍රාසයට පත් කළ යෝධ සත්ත්වයා අමතක නොමැති බව නම් සැක නැත.ඒ ඩයිනසෝර් සත්ත්වයෙකු වූ ටෙරනසෝර් රෙක්ස් හෙවත් ටීරෙක්ස් ඔබට මතකයේ ඇති.මෙම ටීරෙක්ස් කුරුමිට්ටෙක් බවට පත් කළ දැවැන්තයා හෙවත් ගොඩ්සිලා ද රීදී තිරයේ පෙරළිකාර චරිතයක් බවට පත් විය.එදා මෙදාතුර චිත්‍රපට ඉතිහාසයේ අති දැවැන්තම සත්ත්වයා ලෙස වාර්තාගත වූයේද මෙම ගොඩ්සිලා ය.ගොඩ්සිලාගේ උපත සිදු වෙන්නේ ජපානයේදීය.ගොඩ්සිලා හට එම නම ලබා දී ඇත්තේ ටෝහෝ ආයතනය විසිනි.ගොඩ්සිලා යන නම ජපන් බසින් භාවිත වෙන්නේ ට්ධණඪපච නමිනි.Gojira හෙවත් ගෝරිල්ලා සහ Gorira හෙවත් තල්මසා යන නම් එක්ව Kujira නම යෙදී ඇත.ජලයේ උපත ලද දැවැන්ත සත්ත්වයෙකු යන ජපාන අරුතෙන් යුතුව එය ඉංගී‍්‍රසියේදී Godzilla ලෙසින් හැඳීන්වේ.කයිජු නම් සත්ත්වයන් ඇතුළත් කතා මාලාවේ එන චරිතයක් වන ගොඩ්සිලා ප්‍රථමයෙන් රිදී තිරයට පැමිණෙන්නේ 1954 වසරේදීය.ටෝහෝ ආයතනය විසින් එය නිර්මාණය කරන ලදී.ඉෂිරෝ හොන්ඩා අධ්‍යක්ෂණය කළ එහි අකිර තකරාඩා, ටොමොකො කෝච්, අකිහිතෝ හිරාටා ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වූහ.එතැන්සිට මේ විශාල සත්ත්වයා චිත්‍රපට පෙළක් සඳහා සිය රංගන දායක වන්නට විය.ටෝහෝ ආයතනය විසින් 1954 වසරේ සිට 2004 වසර දක්වා ගොඩ්සිලා චිත්‍රපට මාලාවේ චිත්‍රපට 28ක් මේ වන විට නිෂ්පාදනය කර තිබේ.Godzilla Raids Again මෙහි දෙවැනි චිත්‍රපටය ලෙසින් තිරගත කෙරිණි. ඒ 1955 වසරේදීය.මොටෝයොෂි ඕඩා අධ්‍යක්ෂණය කළ එය ඩොලර් 800,000ක වියදමක් දරා නිෂ්පාදනය කරන ලදී.ගොඩ්සිලා චිත්‍රපට මාලාවේ තෙවැන්න තිරගත වෙන්නේ 1956 වසරේදීය. Godzilla, King of the Monsters නම් වූ මෙම චිත්‍රපටය අමෙරිකානු නිෂ්පාදනයක් ලෙසින් තිරයට පැමිණි මුල්ම ගොඩ්සිලා චිත්‍රපටය යි. ing Kong vs. Godzilla (1962), Godzilla 1985, Godzilla (1998) සහ නවතම නිෂ්පාදනය Godzilla (2014) වේ. එසේම ගොඩ්සිලා රූපවාහිනියේද ජනපි‍්‍රය චරිතයක් බවට පත් වූයේය.ටෝහෝ අයතනය විසින් නිර්මාණය කළ Zone Fighter මෙන්ම හනා බාබ්රා නිෂ්පාදනයක් වූ ට්ධඤලඪතතච කාටුන් මාලාව ද අතිශය ජනපි‍්‍රයත්වයක් ලබා ගත්තේය.එසේම ලොව දැවැන්ත සතුන් යොදා කළ නිර්මාණ අතර ගොඩ්සිලා චිත්‍රපට මාලාවට හිමි වෙන්නේ සිව්වැනි ස්ථානය යි.1998 වසරේ අමෙරිකානු නිෂ්පාදනයක් ලෙසින් රෝලන්ඩ් එම්රිච් අධ්‍යක්ෂණය කළ Godzilla චිත්‍රපටය ලොවපුරා කාගේත් කතාබහට ලක් විය.එහි මැතිව් බ්රෝෂඩ්රි ක්, ජීන් රෙනෝ, මාරියා පිල්ටෝ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක විය.ඩොලර් මිලියන 130ක පිරිවැයක් දරා නිර්මාණය කළ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 379ක ආදායමක් වාර්තා කළේය.දැන් එහි නවතම කතා පුවත රිදි තිරයට නැගී අවසන්ය.ගී‍්‍රත් එඩ්ව්ර්ඩ්ස් අධ්‍යක්ෂණය කළ එහි ආරන් ටේලර් ජොන්සන්, කේන් වොට්නාබේ, එලිසබෙත් ඔස්ලෙන්, ජුලියෙට් බිනෝෂි ඇතුළු පිරසක් රංගන දායකත්වය ලබා දෙති.නව චිත්‍රපටයෙන් තිරයට පැමිණි ගොඩ්සිලා 1998 වසරේ දී පැමිණි ගොඩ්සිලාට වඩා දෙගුණයක විශාලත්වයෙන් වේ.දිග අඩි 350කින් හා අඩි 550ක් දිගැති වල්ගයකින් යුතුව 2014 වසරේ ගොඩ්සිලා වෙනස්ම කතා පුවතක් රැගෙන පැමිණ සිටයි.මිනත්තු 123ක ධාවන කාලයක් රැගත් මෙම නව චිත්‍රපටය වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් ඉදිරිපත් කිරීමකි.1954 වසරේදී අමෙරිකාව හයිඩ්රිිජන් බෝම්බයක් පුපුරවා හරින්නේ මුහුදේ සිටන විශාල සත්ත්වයෙකු විනාශ කිරීමේ අරමුණෙනි.ඊට වසර 45ට පසුව 1999 වසරේදී විනාශ වූ සත්ත්වයෙකුගේ ඇටසැකිල්ලක් පිලිපීනයේ පතලකින් හමු වේ. ඒ සමඟම හමුවන බිත්තර දෙකකින් එකක් බිඳී එහි සිටි පැටවා මුහුද දෙසට ගිය සළකුණු හමුවෙයි.මේ අතර ජපානයේ න්‍යෂ්ටික බලාගාරයක් ආශි‍්‍රතව වූ භූමිකම්පා පිළිබඳ සෙවීමට එහි ප්‍රධානියාගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් පිටත් වේ. ඒ සමඟින් බලාගාරය විනාශයට පත් වෙයි.වසර 15ට පසුව අමෙරිකානු නාවුක හමුදා නිළධාරියෙකු වන න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රධානියාගේ පුතා ජපානයට පැමිණෙන්නේ වසර ගණනක් පුරා මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වන පියාහට සහයදිමටයි.එහිදි න්‍යෂ්ටික බලාගාරය පුපුරා යාමට වූ හේතුව සහ මනුෂ්‍ය සංහතියටම විශාල තර්ජනයක් විය හැකි වූ තවත් කරුණක් මේ පිය පුතු විසින් සොයා ගැනීම සමගින් නවතම Godzilla චිත්‍රපටය ලොව පුරා දිග හැරෙයි.යතේජා ඥානරත්න
CREATIVE
දැන් ගත වෙන්නේ, පරිපූර්ණත්වයෙන් අංක එක දරන ඛාන් රජු, අමීර් ඛාන්ගේ පිරිපුන් රංගනය ගැනවගේම පිරිපුන් ගතිගුණ ගැනත් කතා වෙන කාලයකි. තමන්ගේ වචන දෙකක් නැති බව මේ පොරොන්දුව ඉටු කිරීමෙන්ම අමීර් ඛාන් රසිකයන්ට ඔප්පු කළේය.රික්ෂෝ රියැදුරකු වූ රාම්ලඛන් අමීර්ට මුණ ගැසුණේ ‘ත්‍රී ඉඩියට්ස්’ සිනමා පටය රූගත කරන අතරතුරදීය. සැබැවින්ම ඒ හමුවීමේ කතාව සිනමා අන්දරයක් තරමටම සුන්දරය. ඒ ‘ත්‍රී ඉඩියට්ස්’ සිනමා පටය ප්‍රවර්ධනය කරන කාලයයි.සිනමා පටය ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස අමීර් වියපත් මිනිසකු ලෙස වෙස්වලාගෙන වරණාසි නුවර පුරා දින තුනක් සැරිසැරුවේය. එහිදී ඔහුට ලඛන් මුණ ගැසුණු අතර එකම වයසේ පසු වූ දෙදෙනා අතරේ අපූරු සුහදත්වයක් ගොඩ නැඟුණි. මිත්‍රත්වය කෙතරම් දුර දිග ගියා ද කිවහොත් අමීර්ට සිය පුතුගේ විවාහ මංගල්‍යයේ සුවිශේෂී අමුත්තා වශයෙන් සහභාගිවීමට ඇරියුම් කළේය.කෙතරම් කාර්ය බහුල වුණත් මිතුරාගේ පොරොන්දුව අමතක කළේ නැත. නිල් පාට ඩෙනිමකින් සහ සුදු කුර්තාවකින් සැරසී අමීර් වෙලාවටම පැමිණියේය. රාම්ලඛන් රික්ෂෝකරුගේ පුතුගේ විවාහය රජ මගුලක සිරි ගත්තේය. එය බොලිවුඩ් තිරයේ සිත්තම් වන විවාහයක් තරමටම සුන්දර විය. ඒ මේ සුපිරි ඛාන් රජු පැමිණෙන බවට ලැබුණු ආරංචියෙන් මාධ්‍යවේදීන් සහ රසිකයන් පොදිකමින් බලා සිටි නිසයි.උතුරා ගිය ප්‍රීතිය නිසාදෝ අමීර් ඛාන් මංගල වේදිකාවෙන් සිනාසෙමින්ම බිමට වැටුණේය. එහෙත් ඔහුට සීරිමක් තරම්වත් තුවාලයක් සිදු වුණේ නැත.අමීර් ඛාන් තමන්ගෙන් වචනයක් බලාපොරොත්තු වන මාධ්‍යවේදීන්ට මෙසේ කියා සිටියේය. ‘මේ මගේ මංගල රූපවාහිනී නිර්මාණය, ‘සත්‍යමේව් ජායතේ’ ප්‍රවර්ධනය කිරීමට ආපු ගමනක් නෙවෙයි.අවුරුද්දකට කලින් රාම්ලඛන් මිතුරා කළ ආරාධනාවට ආවා. මේ මගේ මවගේ ගමයි.ඒ නිසා වරණාසි මට වඩාත් ආදරණීය ලෙස සමීපයි. ඒ සමීප බව මේ මිත්‍රත්වයෙන් වැඩි වුණා.’ අමීර් මංගල සාදයේ අඩ හෝරාවකට ආසන්න කාලයක් රැඳී සිටියේය.අමීර් වගේම අමීර්ගේ පුතු අසාද් ද දැන් තරුවක් ලෙසින් කතාබහට ලක් වන්නට පටන් ගෙන ඇත. එය අසාද් ඛාන් නම් ගිනි පුපුර බොලිවුඩයේ දැල්වෙනු ඇති බවට ඉඟියකි. ඔහු දොරට වඩින්නේ පියාගේම ‘සත්‍යමේව් ජායතේ’ රූපවාහිනී වැඩ සටහනෙනි. එහෙත් සිඟිති අසාද් දෙස දැන්මම රසික නේත්‍ර දිෂ්ටිය වැටෙනවාට අමීර් බිරිය, කිරන් නම් කොහෙත්ම කැමැති නැත.  රජෙක් වුණත් නොපනත්කම් කළොත් දඬුවම් විඳීන්නටසිදු වෙනවාමයි. ෂාරුක් ඛාන් බොලිවුඩයට රජකු වුවත් නීතියට රජකු නොවෙයි.ඔහුට විරුද්ධව පසුගියදා නඩු පැවරුණේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගය නැරැඹීමේදී ප්‍රසිද්ධියේ දුම්පානය කිරීම නිසයි.ඔහුගෙන් බාල පරපුරට වැරැදි පූර්වාදර්ශයක් ලැබෙන නිසා විශේෂයෙන්ම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.මවක වීම නිළියක වීමට බාධාවක් වූ යුගය දැන් ඉතිහාසයට එක් වී අවසන්ය.වර්තමානයේ ඇත්තේ මවු පදවිය ලැබූ නිළියන්ට වැඩි ඉල්ලුමක් ඇති කාලයකි.ඓශ්වර්යා රායිගේ පැමිණීම ගැන මාධ්‍යවේදීන්ගේ සහ රසිකයන්ගේ ඇති උනන්දුව ඊට ඇති හොඳම උදාහරණයයි.අලුත්ම ආරංචිවලට අනුව ඈෂ්, ෂාරුක් සහ ජෝන් ඒබ්‍රහම් රඟන ‘හැපි බර්ත්දේ’ සිනමා පටයෙන් හෝ අමිතාබ්, අභිෂේක් රඟන ‘සර්කාර් 3’ සිනමා පටයෙන් හෝ ෂාරුක් රඟන සංජේ ලීලා බන්සාලිගේ ‘බාජිරාඕ මස්තානි’ සිනමා පටයෙන් හෝ සිනමාවේ දෙවැනි ගමන අරඹනු ඇත. එහෙත් මේ සිනමා පටවල රඟපාන පුවත නම් තවම තහවුරු වී නැති පුවතකි.ඈෂ් 2007 අභිෂේක් සමඟ විවාහ වූ පසු මුලින්ම රඟපෑවේ ‘සර්කාර් රාජ්’ සිනමා පටයේය. ඒ අමිතාබ් බච්චන් මාමා සමඟ සහ සැමියා අභිෂේක් සමඟයි.චම්පිකා දීපානි රණසිංහඅන්තර් ජාලයෙනි
CREATIVE
පුංචි තිරේ කීරා සරසවියට කියයිමං ගහපු ගොම පාර හරියටම ඔහුට වැදුණා. එවලේ ටිකක් බය වුණා.මලහත්ඉලව්වක් වෙලෝ ...නියදවිල ගම්මානය දෙවනත් වෙන්න ඔහු මොර දෙන්නේ අන්න එහෙම. ගමේ හැමෝම මන්ද මානසික ඔහුට කතා කරන්නේ ‘කීරා’ කියලා. සේපාළිකා ටෙලි සිතුවම නරඹන බොහෝ දෙනෙක් පුල පුලා බලා සිටින්නේ ඔහුගේ දර්ශනයක් විකාශය වනතුරු. ඒ කීරාගේ ක්‍රියාකාරකම්, තෙපළන වචන විඳලා හොඳට හිනා වෙන්න.කවුද මේ කීරා?ඔහුගේ ඇත්ත නම ලක්ෂ්මන් අමරසේකර. ලක්ෂ්මන් මීට ප්‍රථම අපට හමු වූයේ වැස්ස නුඹ වගේ ටෙලි සිතුවමේ අලිඩොං හැටයට.එදා අලිඩොං, අද කීරා? එහෙම නේද?පුංචි තිරයේ මං මේ වන විට මං හිටි නාට්‍ය දෙකයි විකාශය වූයේ. ඒ වැස්ස නුඹ වගේ සහ සේපාළිකා. ඒ දෙකම මාව හිතුවටත් වඩා රසිකයන් අතරට ගෙනිච්චා. අලිඩොංට වඩා කීරාගෙ ස්වරූපය වෙනස්. කල් ක්‍රියාව ද වෙනස්. හැබැයි දෙකම හාස්‍යට බරයි.ඇයි මිනිස්සු හිනස්සවන්න පුළුවන් චරිත ඔබට ලැබෙන්නේ?මගේ ස්වරූපය නිසා වෙන්න ඇති. මොහාන් නියාස් මහත්මාගේ අලුත්ම ටෙලි නාට්‍ය වන ඉසුරු විමානෙත් මං රඟපාන්නේ එවැනි චරිතයක්. හැබැයි මේවා විවිධ ශෛලීන් යටතේයි මං රඟපෑවේ.කොහොමද ඔබට කීරාව හිමි වුණේ?අලිඩොංව ලබා දුන් අපේ නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහත්තයම තමයි කීරගෙ චරිතයට මට ඇරැයුම් කළේ. ඔහු මට කීරගේ ස්වරූපය කිව්වා. ඊට පසුව මං කොණ්ඩෙ කපලා රැවුල වවලා වෙනස් වුණා. සේපාළිකා අධ්‍යක්ෂ ජනක චමින්ද මහත්මා චරිතය දියුණු කළා. විශ්වනාත් විජේසූරිය වේශ නිරූපණය කොට කීරාව තවත් අපූර්වත්වයක් එක් කළා. සේපාළිකා පටන් ගත් දින සිට මේ දක්වා කීරා ඉන්නවා. ඉහත මහත්වරුන්ටත් අපේ ඇඳුම් නිර්මාණ ශිල්පී චාමින්ද වාස් සොයුරාටත් තුති පුදනවා කීරාව මේ තත්ත්වයට ගේන්න උදවු කළාට.කීරාව නිරූපණය කරද්දී හරි අපූරු සිදුවීම් රැසකට මුහුණ දුන්නා කියලා ආරංචියි?එක සීන් එකක් තිබුණා මාව ගැටගහලා කපිල සිගේරා ගිනි පෙළෙල්ලක් අරගෙන මගෙ මුණට ළං කර කර මාව බය කරන. කුස්සියේ මාව ගැට ගැහැව්වා. සීන් එක පටන් ගත්තා. ඔය අතරවාරයේ ගිණි පෙළෙල්ලේ පුංචි අඟුරු කෑල්ලක් මගේ සරමට වැටුණා. කවුරුවත් ඒක දැක්කේ නැහැ. දැන් මට තේරෙනවා ශරීරයේ යට කොටසින් දුම් දානවා. බොලේ සරම ඇවිලෙනවා. දඩි බිඩි දාලා කට්ටියට කියලා මං ලිහාගෙන වතුර වලකට පැන්නා. නැතිනම් මගේ ශරීරයේ භාගයයි ඉතුරු වෙන්නේ.තව දවසක් මුදලාලි හැටියට රඟන දයාසිරි හෙට්ටිආරච්චිට ගොමවලින් ගහන්න තිබුණා. මං ගහපු ගොම පාර හරියටම ඔහුට වැදුණා. එවලේ ටිකක් බය වුණා.අනුලා කරුණාතිලක මහත්මිය හැඳී මිටකින් ගහන සීන් එක මතකද? එදා මම ඇයගෙන් ඇතිවෙන්න ගුටි කෑවා.හොඳම කතන්දරේ ඒක නෙවෙයි. මෙන්න මේක. මට අමුඩයක් ඇඳගෙන මඩ නාගෙන දුව ගොස් සුරාජ් මාපව බදාගන්න සීන් එකක් කරන්න වුණා. එදා මුලු ගමම එතැන. මට හරි ලැජ්ජයි. ජනක කිව්වා බය නැතුව සීන් එක කරමු කියලා. මුලින්ම තිබ්බේ මඩ නාගන්න. හොඳටම මඩ නාල වැව් බැම්ම දිගේ දුවලා දුවලා ගිහින් සුරාජ්ව බදා ගත්තා. පිටපතට අනුව ඔහු මාව තල්ලු කරන්න ඕනේ. මාව වැටුණේ බොරළු ගොඩකට. නිකමට හිතලා බලන්නකෝ අමුඩෙකුත් ඇඳගෙන බොරළු ගොඩකට වැටුණම කොච්චර ශෝක්ද කියලා.සැබෑ ජීවිතයේදී අපහසුතාවයන්ට ලක්වෙලා නැතිද?තියනවා තියනවා. මං ඉස්සර ඉඳලා ‘අතුල මාමා’ නමින් පෙර පාසල් ආශ්‍රිතව ප්‍රසංගයක් පවත්වනවා. දිනක් ඒ වගේ ප්‍රසංගයක් කරන්න ගිය වෙලාවක පිස්සෙක් පිස්සෙක් කියලා මාව ඇතුළට ගත්තේ නැහැ. වෙලාවට එතැන හඳුනන කෙනෙකු ඉඳලා කතා කළා. මගේ ගම කෑගල්ලේ. උදේ හවස යන්නෙ එන්නෙ කෝච්චියේ. කීරා වගේ නෙවෙයි මං ඩෙනිමයි ටී ෂර්ට් එකයි අඳින්නේ. එතකොට කෝච්චියේ මං දන්න අයවත් මාව දන්නෙ නැහැ වගේ ඉන්නවා.දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ?ඔව්. දැන් මගේ ක්ෂේත්‍රය මේක. හැකි පරිදි ලැබෙන චරිතයකට සාධාරණයක් ඉටු කරමින් රඟපානවා.මේවාට අමතරව ඔබේ අලුත් වැඩ කටයුතු මොනවාද?ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. මට ගැයීමේ හැකියාවකුත් තියනවා. ඒක ගැන දැනගෙන රන්සිළු ආයතනයේ අප නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහතාගේ මැදිහත් වීමෙන් කැසට් එකක් නිකුත් කළා. ඒකෙ නම ‘කළු කූඹියෝ තෙල් කූඹියෝ’.සටහන - ප්‍රසාද් සමරතුංගසේයාරූ - ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
චරිත් අබේසිංහ නිෂ්පාදනයක් සංජය නිර්මාල් අධ්‍යක්ෂණයක්බොරු දෙකක් පච එකයිපච දහයක් ටොම් පච එකයිටොම් පච විස්සක් කෙප්ප එකයිකෙප්ප පණහක් කෙබර එකයිකෙබර දෙකක් බේගල් එකයිබේගල් දහයක් බින්න එකයිබින්න දහයක් ගජබින්න එකයිගජබින්න සීයක් මායම් එකයිමායම් හැට හතරක් ගැහැනු එකයිගැහැනු තුනක් ජූලි හතයිමේ අපූරු චක්කරය තිබුණේ ඇරැයුම් පතකය. එය සරසවියට රැගෙන ආවේද අපූරු පුද්ගලයෙකි. ඒ ජූලියා චිත්‍රපටය නිෂ්පාදනය කළ චරිත් අබේසිංහයි. චරිත්ගේ නවතම සිනමාපටය වෙනුවෙන් එම චක්කරය රැගත් ඇරැයුම් පත සකස් කොට තිබුණා.ජූලියාගෙන් පසුව ඔහු නිෂ්පාදනය කරන නවතම චිත්‍රපටයට නම තබා ඇත්තේ ජූලි යන අකුරු දෙක ඇතුළත්ව ජූලි හතයි ලෙසිනි. පසුගිය ජූලි හත් වැනිදා සවස හතට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියෙටර්හි පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ඇරැඹූ එය හාස්‍යෝත්පාදක සිනමා සිතුවමකි.දමිතා අබේරත්න, අනර්කලී ආකර්ශා, පුබුදු චතුරංග, සාරංග දිසාසේකර, ඕෂධී හේවාමද්දුම සමඟ චරිත් අබේසිංහ ජූලි හතයි රස ගන්වන නළු නිළි පිරිවරයි.මෙය සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයකි. සමාරා, රෝස කැලේ සහ මේ දිනවල විකාශය වන හේඩි ටෙලි සිතුවම ඇතුළු නිර්මාණ ගණනාවකම අධ්‍යක්ෂවරයා වන හෙතෙම හාස්‍යෝත්පාදක සිනමාපටයක් අධ්‍යක්ෂණය කරනුයේ පළමු වතාවටය.සංජය නිර්මාල් සමඟ හේමන්ත ප්‍රසාද් තිර රචනය කර ඇත. සුමුදු සඳරුවන්ගේ අංග රචනයකි. තුෂාර විධානගමගේ කොණ්ඩා සකස් කරයි. චන්දන වීරසිංහගේ කලා අධ්‍යක්ෂණයකි. සංගීත අධ්‍යක්ෂණයෙන් නුවන් තේනුවර ද, මාධ්‍ය සම්බන්ධීකරණයෙන් එච්. එම්. සුගත් සිසිර ද, කැමරා අධ්‍යක්ෂණයෙන් උපුල් ප්‍රජාත් ද එක්ව සිටියි.සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය නිශාන්ත රණසිංහගෙනි. සංස්කරණය, විශේෂ ප්‍රයෝග මෙන්ම විධායක නිෂ්පාදනය ප්‍රවීන් ජයරත්නගෙනි.මේ ජූලි හතයි සිනමාපටයේ මුහුරත් උළෙලදා සේයාරූ කිහිපයකි.ඡායාරූප අමිත් එස්. සේනාරත්නසටහන් - ප්‍රසාද් සමරතුංග
CREATIVE
මංගල තෑග්ගතිරගත වූ දිනය – 1987 මැයි 07 ඉදිරිපත් කිරීම - වෝක්ස් එන්ටර්ප්‍රයිසස් නිෂ්පාදනය – එච්. ඩී. ප්‍රේමරත්න, එච්. ඩී. සුනිල් කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න සහාය අධ්‍යක්ෂණය – වසන්ත කුමාර කුලතුංග, එල්. එස්. චන්ද්‍රසේකර, කැමිලස් පෙරේරාකැමරාකරණය - ඇන්ඩෲ ජයමාන්න කැමරා සහාය - සුනිල් ජයවීර, නිමල් බන්දුසේන, බෙනඩික් සිල්වාසංස්කරණය – ඇන්ඩෲ ජයමාන්න සහාය - ඩෙන්සිල් ජයවීර අංග රචනය - රංජිත් මතඟවීර සහාය – ඔසීකලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල - සහාය ප්‍රියන්ත අතුල කුමාර ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, එම්. ඊ. ඒ. අල්විස්, ආර්. ඒ. රංජිත් පෙරේරාරසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, ඇන්. ගමගේ, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ඇන්ඩි සිංඤෝ සැකසුම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නාමවලිය - හේමචන්ද්‍ර පෙරේරානිශ්චල ඡායාරූප - සමන් කුමාර ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරණය - එච්. ඩී. සුනිල්, හෙක්ටර් හපුගෙඩ නිෂ්පාදන අංශය - බී. ඒ. සුනිත් කුමාර, චන්ද්‍ර පද්මිණි ප්‍රේමරත්න, උදේන ජයවර්ධන, සුනිල් කෝට්ටේආරච්චි, කීර්ති රංජිත් පීරිස් කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධනකැමරා හා විදුලි උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්පසුබිම් කථනය – ගීතා කාන්ති ජයකොඩි පසුතල නිර්මාණය - කේ. ඩී. ජස්ටින්සංගීත අධ්‍යක්ෂණය - එච්. එම්. ජයවර්ධනගීත - එක යායේ එකා වගේ – එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, බන්දුල විජේවීර – පද - ප්‍රෙමකීර්ති ද අල්විස් වාසනා වේවා - සනත් නන්දසිරි - පද - කැමිලස් පෙරේරා තුරුලක හුරතල් පින්නේ - සුනිල් එදිරිසිංහ – පද – කුලරත්න ආරියවංශ ධාවන කාලය - පැය 2 විනාඩි 20 – පිටපත් ප්‍රමාණය -14නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ති චතුරානි, සනෝජා බිබිලේ, සිරිල් වික්‍රමගේ, ජෝ දඹුලුගල, ෆ්‍රීලික්ස් ප්‍රේමර්ධන, ධර්මදාස කුරුප්පු, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, ඇග්නස් සිරිසේන, මැණිකේ අත්තනායක, රාජා සුමනපාල, ප්‍රියංක පෙරේරා, සෝමසිරි කොළඹගේ, ඩන්ස්ටන් චන්ද්‍රලාල්, මියුරි සමරසිංහ, රත්නා සුමනපාල, රමණී සිරිවර්ධන, නිරූපා සාගරිකා, චායා මධූරි කුලතුංග, සනත් නන්දසිරි, ආතර් කපුරු බණ්ඩාර, විමල් බුලේගොඩ, ලෝරි ගුණවර්ධනකිවුලේගෙදර මොහොට්ටාලතිරගත වූ දිනය – 1987 මැයි 29 ඉදිරිපත් කිරීම – එම්. ඕ. එම්. චිත්‍රපට නිෂ්පාදනය – එම්. ඩී. එම්. මුස්තාපාඅධ්‍යක්ෂණය – පතිරාජ එල්. එස්. දයානන්ද දෙබස් සහ තිර නාටකය - දයා වයමන්, පතිරාජ එල්. එස්. දයානන්දසහාය අධ්‍යක්ෂණය - ප්‍රේමදාස ගනේගොඩ, පුණ්‍යා බුලත්සිංහල, ප්‍රභාත් කුමාරනිෂ්පාදන සහාය – මුබාරත් කැමරාකරණය - එම්. වී. හේමපාලකැමරා උපකරණ - ඩී. එන්. එෆ්. සී. / සමරසිංහ චිත්‍රපට සංස්කරණය - සිරි කේ. විතාරණ සංස්කරණ මැදිරිය - සමරසිංහ චිත්‍රපටසංස්කරණ මැදිරිය අංග රචනය – එස්. පී. කොස්තා, කේ. ඩී. සිරිපාලකලා අධ්‍යක්ෂණය – රනිල් වික්‍රමනායකසටන් අධ්‍යක්ෂණය - විල්සන් කරුණාරත්න ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, කේ. පී. කේ. බාසිංහම්, කේ. බාලසුබ‍්‍රමනියම්ශබ්ද සහාය - ආනන්ද අමරසිංහ, බී. සෝමදාස, ඇලෝසියස් රුද්‍රිගූරසායනාගාර සහාය - ඇස්. රාජරත්නම්, පීටර් රේමන්ඩ්, එන්. ශ්‍යාම් කුමාර් සැකසුම - විජය චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - චන්ද්‍රසේන කපුගේ නිෂ්පාදන අධිකාරි - ප්‍රේමදාස ගනේගොඩ නිශ්චල ඡායාරූප - ජිනදාස පෙරේරාසංගීත අධ්‍යක්ෂණය - සරත් රුද්‍රිගූ ගීත ප්‍රබන්ධය – කරුණාරත්න ඩී. පිලිප්, දයා ආනන්ද රණසිංහ ගීත - ඉහළට එස වූ සිංහල කඩු පත්පහළ වුණා එක නිරිඳෙකුරංගනය - විල්සන් කරුණාරත්න, රත්මලී ගුණසේකර, හයසින්ත් විජේරත්න, ප්‍රේමදාස ගනේගෙඩ, රංජිත් සුරංග, සමන් බොකලවෙල, අශෝක හේවාවිතාරණ, රංජිත් වීරප්පුලි, වින්සන්ට් ප්‍රේමසිරි, විජේරත්න වරකාගොඩ, අනුර මැදගොඩ, පුණ්‍යා බුලත්සිංහල, දොන් සිරිසේන, යූ. ආරියවිමල්, ප්‍රසන්න ෆොන්සේකා, සොමී රත්නායක, ඩේවිඩ් ධර්මකීර්ති, පතිරාජ එල්. එස්. දයානන්ද, කිත්සිරි පෙරේරා, කුවින්ටස් වීරකෝන්, රංජිත් පෙරේරා, ෆ්‍රැන්සිස් වන්නිආරච්චි, ප්‍රේමසිරි කල්පගේ, හර්බට් කහවිට, ධර්මසේන නානායක්කාර, නිහාල් සිල්වා, කැළුම් ගනේගොඩ, සිරාශ් විජේරත්න (ළමා)ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
CREATIVE
බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ නෞකාවක් පුපුරා යන දර්ශනකුඩා ආකෘති අනුසාරයෙන් පයින්වුඩ් චිත්‍රගාරයේ 007 වේදිකාවේ ඉදිවුණු ජල තටාකයක් තුළදී රූගත වුණා. සැප්තැම්බර් 15 දා කෝෆු ටවුන්හිදී ආරම්භ වුණු මෙලිනාගේ කහ පැහැති සිට්රන් රථය හා ලුහුබැඳීමේ දර්ශන දින 12 ක් තිස්සේ රූගත කෙරුණා.මේ සඳහා සිට්රන් මෝටර් රථ 4 ක් යොදා ගත් අතර සියලු අවදානම් දර්ශන මෙහෙය වූයේ ප්‍රංශ ජාතික ධාවන ශූරී රෙමි ජූලියෑන් විසින්.නිෂ්පාදන සැලසුම් ශිල්පී කෙන් ඇඩම් වෙනත් චිත්‍රපටයක් සඳහා කාර්යබහුල වූ හෙයින් පීටර් ලැමොන්ට් අතින් එම කටයුතු සිදු කෙරුණා.වඩාත් තාත්වික දර්ශන තල ඔහු විසින් නිර්මාණය කෙරුණේ අධ්‍යක්ෂක ජෝන් ග්ලෙන් ගේ යෝජනා අනුවයි.රොජර් මුවර් ගිවිසුම් අත්සන් කර තිබුණේ බොන්ඩ් චිත්‍රපට 3 කට පමණක් බැවින් ලුවිස් කොලින්ස් සහ ‘ස්පයි හූ ලව්ඩ් මී’ චිත්‍රපටයේ බාබාරා බැච් ගේ පෙම්වතා ලෙස රඟපෑ මයිකල් බිලිංටන් බොන්ඩ් ගේ චරිතයට තෝරා ගැනීමේ අදහසක් නිෂ්පාදකවරු වෙත තිබුණ අතර බිලිංටන් පස් වතාවක් බොන්ඩ් ලෙස යෝජනා වූ නළුවෙක්. එහෙත් අවසානයේ චිත්‍රපටය සඳහා යළි ගිවිසුම් අත්සන් කිරීමේ වාසනාව උදා වූයේ රොජර් මුවර්ටයි.ඔක්තෝබරයේ නිෂ්පාදක කණ්ඩායම ග්‍රීසියේ ඇචිලන් සහ මිටියෝරා වෙත ළඟා වූයේ එහි රූගත කිරීම් සඳහායි. නොවැම්බර් වන විට කණ්ඩායම දෙකට බෙදී කොටසක් බහමාස් හි දිය යට දර්ශන රූගත කිරීමේ නිරත වූ අතර අනෙක් පිරිස ලන්ඩන් පයින්වුඩ් චිත්‍රාගාරයේ පසුතල දර්ශනවල රූගත කිරීම් සිදු කළා.බොන්ඩ් සහ මෙලිනාගේ දිය යට දර්ශන දෘශ්‍ය ප්‍රයෝග අනුසාරයෙන් රූගත කෙරුණේ චිත්‍රාගාර පසුතලයන්හිදීය. සැබෑවටම දිය යට කිමිදීමේ අපහසුතාවක් කැරොල් හට තිබුණු බැවින් ව්‍යාජ පෙණ බුබුළු, කෘත්‍රිම සුළං සහ ආලෝකකරණය උපයෝගිකර ගනිමින් මෙම දර්ශන රූගත කරන්නට සිදු වුණා.ග්‍රීසියේ හිම කඳු වැටි හරහා ලිස්සායාමේ අවදානම් ජවනිකා සඳහා බොන්ඩ් ගේ ආදේශක නළුවා වූයේ රික් සිල්වෙස්ටර් නම් ක්‍රියාදාම ශිල්පියෙක්. ඔහුගේ සුවිශේෂ දක්ෂතා නිසා එම අසීරු දර්ශන සාර්ථක ලෙස රූගත කර ගැනීමට දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂක ඩෙරික් මෙඩින්ග්ස් සමත් වුණා. එහි කැමරාකරණය සිදු වූයේ ප්‍රවීණ කැමරා ශිල්පී විලී බොග්නර් අතිනි. 1981 පෙබරවාරියේදී එම අවසන් දර්ශන පෙළ රූගත කෙරෙන අතර 23 හැවිරිදි පෝලෝ රීජන් නමැති අතිරේක ශිල්පියා අනතුරකට ලක්ව මිය ගියා.ලන්ඩනයේ බෙක්ටන් ගෑස් කර්මාන්ත ශාලාවේදී රූගත කෙරුණු හෙලිකෝප්ටර් ධාවන ජවනිකාවේ රොජර් වෙනුවට රඟපෑවේ ආදේශක ගුවන් නියමු මාර්ටින් ග්‍රේස් ඉතා අවදානම් දර්ශන ගණනාවක් ඇතුළත් මෙහි ඇතැම් අවස්ථාවල කුඩා ආකෘති හෙලිකෝප්ටරයක් දුරස්ථ පාලක ආධාරයෙන් ධාවනය කරමින් රූගත කෙරුණා.චිත්‍රපටයේ සංගීතය නිර්මාණය වුණේ බිල් කොන්ට් අතිනි. ඇතැමකුගේ මතය වූයේ 1980 වසරේ හොඳම සංගීතය එය වූ බවයි. සුරූපී ගායිකා ෂීනා ඊස්ටන් ගායනා කළ ‘ෆො යුවර් අයිස් ඔන්ලි’ නම් තේමා ගීතය රචනා කලේ මයිකල් ලීසන් විසින්.එය 1981 ඇකඩමි සම්මාන උළෙලේදී සහ 39 වෙනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී වසරේ හොඳම චිත්‍රපට ගීතය ලෙස නිර්දේශ වුණා.බොන්ඩ් සිනමාවලියේ ප්‍රථම වරට තේමා ගීතය ගැයූ ගායිකාව පෙනී සිටි ආරම්භක නාමාවලිය අඩංගු වූයේ මෙම චිත්‍රපටයටයි.සුරූපී ගායිකා ෂීනා ඊස්ටන් පෙනී සිටි නාමාවලිය සුපුරුදු කලා ශිල්පි මොරිස් බයින්ඩර් ගේ නිර්මාණයක්. නිෂ්පාදක ඇල්බර්ට් ආර්. බ්‍රොකොලි 1981 ඇකඩමි සම්මාන උළෙලේ දී අර්වින් ජී. තාල්බර්ග් අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවා.1981 ජූනි 24 දා ලන්ඩන් ලිඩිස්ටර් චතුරස්‍රයේ ඕඩියන් ශාලාවේදී ප්‍රථම දර්ශනය පැවැත් වුණා. අමෙරිකාවේ හා කැනඩාවේ සිනමා ශාලා 1,100 ක එකවර තිරගත කිරීම් ආරම්භ වුණේ ජූනි 26 වෙනි සිකුරාදා දිනකයි. යුනයිටඩ් ආටිස්ට් සමාගම නමින් අවසන් වරට ලෝ වටා බෙදා හැරීම් කටයුතු සිදු කළේ මෙම චිත්‍රපටයයි. චිත්‍රපටය අමෙරිකාවේදී ලත් ආදායම ඩොලර් මිලියන 54.8 ක් වූ අතර ලෝ වටා ඩොලර් මිලියන 195.3 ක ආදායමක් උපයා ගැනීමට සමත් වුණා.ආනන්ද දිසානායක
CREATIVE
හැරී පොටර් හි හර්මියන් ග්‍රැන්ගර්, එමා වොට්සන් දැන් හැඩකාර යෞවනියකි. හැරී පොටර් සිනමා මාලාවට පසු සිනමාපට හතරකම රඟපෑ ඇයගේ පස්වන සිනමාපටය ‘නෝවා’ මේ වසරේදී තිරගත වීමට නියමිතයි. හොලිවුඩයටම කියාපු රුවක් සොබා දහම ලබා දුන්නත්, එමා යන්නේ සෙමින් ගමනකි. රඟපාන්නට ලැබෙන සිනමාපට ගණනාවක්ම ඇය ප්‍රතික්ෂේප කරන්නීය. ඒ ඇය විශ්ව විද්‍යාලයේ අවසාන විභාගවලට පෙනී සිටින නිසයි. අමෙරිකාවේ බ්‍රවුන් සරසවියෙන් ඇය ඉංග්‍රිසි විෂයය හදාරන්නීය. 
CREATIVE
පී‍්‍රති සහ රවී එදාමම දෙවැනි සැරේට සාරියක් ඇන්ඳෙ තරංගා චිත්‍රපටයේ උත්සවයට. මම ඇන්ඳෙ අක්කා දෙවැනි මනමාලියට කලින් ඇඳපු සුදු පාටට හුරු ලේස් සාරියක්. අක්කා මට ඔසරියක් ඇන්ඳුවා. ඉන වටේට රැලි තියනකොට එක විදියකට ඉන්නෙ නැහැ දැඟලිල්ල වැඩියි කියලා ගුටියකුත් කෑවා. අක්කා ඒ දවස්වල රූපලාවණ්‍ය ඉගෙන ගන්න පංතියකට යනවා. ඒ නිසා අක්කා දන්න හොඳම විදියට මාව හැඩ වැඩ කළා. ලස්සනට ඔසරිය අන්ඳලා කොණ්ඩෙ බැඳලා, කොණ්ඩෙට සුදු අරලිය මල් දෙකකුත් ගැහැව්වා. රවී මාව එක්කරගෙන යන්න ආවාම කිව්වා ‘ෂා... පී‍්‍රති අද නිකන් මනමාලියක් වගේනෙ’ කියලා.අයියෝ එදා තිබුණෙ පුංචි උත්සවයක්. මම ඇඳගෙන ගිය හැටි හොඳටම වැඩියි. (මම Over dressed)  පුංචි සාදයකට සාරියකුත් ඇඳලා. ඒ මදිවට ඒක සුදු ලේස් සාරියක්. මොනවාපී‍්‍රති සහ රවී එදාකරන්නද, තිබුණ එකනේ ඇඳගෙන ගියේ. තව කොණ්ඩෙට මලකුත් ගහලා. ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියලා හිත හිත තොරම්බල් කරත්තෙ වගේ ලැජ්ජාවෙන් හිටියා. මම එහෙම හිතුවත්, රවී පස්සෙ දවසක කිව්වා එදා මාව දැක්ක ගමන් එයා හිතුවේ කවදා හරි බඳින්නෙ මාවමයි කියලා. සිනමාවට අලුතෙන් සම්බන්ධවෙන පුංචි ගෑනු ළමයි සමහර උත්සවවලදී මුණ ගැහුනම ඒ අය උත්සවයේ තරාතිරම නොදැන ඇඳ පැලඳගෙන එන හැටි දැක්කම මම එදා තරංගා උත්සවයට ගිය හැටි මතක් වෙනවා.මේ කාල සීමාවේදිම විජය ධර්ම ශ්‍රී මහත්තයා ඔහු කුලුඳුලේ අධ්‍යක්‍ෂණය කරන ‘දුහුලු මලක්’ චිත්‍රපටයේ චරිතයකට මාව සම්බන්ධ කරගත්තා. එහි ගිවිසුම් අත්සන් කරන දවසේ නීටා ප්‍රනාන්දු කියන සුප්‍රසිද්ධ නිළිය මං ළඟට ඇවිත් කිව්වා ‘මම හිතාගෙන හිටියේ ඔයා හුඟාක් ලොකුයි කියලා. ඇත්තට බලනකොට චූටි කෙල්ලෙක්නේ’ එහෙම කියලා මාත් එක්ක හිනා වෙච්ච හැටි තාමත් මතකයි. එදා ගිවිසුම් අත්සන් කරලා මට අත්තිකාරම් වශයෙන් දුන්නෙ රුපියල් හාරසියයක් නැත්නම් පන්සියයක්. හරියටම මතක නැතත් ඒ සල්ලිවලින් මම අල්මාරියක් ගත්ත බව නම් හොඳටම මතකයි. ඒ අල්මාරිය අපේ ගෙදර තාමත් තියෙනවා.රවී තාත්තව මුණ ගැහිලා මං ගැන තාත්තගෙන් අහලා තිබුණා. තාත්තා කෙනෙක්ගෙන් දුවෙක් ගැන ඇහුවාම මොනම තාත්තෙක්වත් දුව ගැන නරකක් කියන එකක් නැහැනේ. අපේ තාත්තත් බොරුත් දාලා මොනවා මොනවා හරි කියන්න ඇති. අපිට ඇවිත් කිව්වේ නම් මම හොඳ ගුණ යහපත් කමට දරුවො හදලා තියෙනවා. දෑවැදි දෙන්න නම් වත්කමක් නැහැ විතරක් කිව්වා කියලා තමයි. එදා හවස ගෙදර ඒ ගැන කතා වුණා.අයියා කිව්වා බඳින්න නංගිට වයස තියෙනවානේ තාම දහනමයනේ. රඟපාන්න ගත්තා විතරයි ඊට කලින් තව චිත්‍රපට දෙක තුනක්වත් කරන්න කියලා. මල්ලි කිව්වා පිස්සුද අක්කගෙ වාසනාව රවි අයියා එන්නේ එක එක කාර්වලින්, බෙන්ස් එකකුත් තියෙනවා. අක්කා බඳින්න අක්කේ. ඊට පස්සෙ දෙන්නටම එකට රඟපාන්න බැරියෑ කියලා.ලබන සතියට...පී‍්‍රති රන්දෙණිය
CREATIVE
හැඩැති රුවැති පුවතක්මේ ඡයාරූපයේ සිටින්නේ රූප සුන්දරියන් තිදෙනෙක්. එදා පැවැති ඒ තරගයෙන් ජයග්‍රහණය කළේ ජනප්‍රිය නිළි සුමනා අමරසිංහ. සුමනා අමරසිංහ රූප සුන්දරිය ලෙස අභිෂේක ලබද්දී දෙවැනි ස්ථානය දිනා ගත්තේ අපේ සිනමාවේ තවත් නිළියක් වූ සුජීවා ලලී. මේ ඡායාරූප සිහි කරන්නේ අපේ සිනමාවේ සොඳුරු මතක සටහන්.රැජනකගේ මුල පිරුමමේ විශේෂ දවසකදී ගත් ඡායාරූපයක්. 1968 වසරේ පැවැති පළමු ගුවන් විදුලි සම්මාන උළෙල. අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා එදි සිය පළමු චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ‘පුංචි බබා’ චිත්‍රපටය වෙනුවෙන්. එදා ඒ අවස්ථාවට අනුලා කරුණාතිලක, ලිලියන් එදිරිසිංහ, ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ, ඩොමී ජයවර්ධන, ශ්‍රියා පෙරේරා, විමලා ජයවර්ධන එක්ව මාලිනී සමඟ සතුට බෙදා ගත්තේ මේ අයුරින්.පාඨක ඔබ ළඟත් මෙවැනි වූ සොදුරු මතක සටහන් තිබේ නම් ඒවා තවත් අමරණීය මතකයන් බවට පත් කිරීමට සරසවියට එවන්න. එවිට ඒ මතක ඔබ අප කා අතරත් සුන්දර මතකයන් ලෙස රැඳෙනු ඇත.- යතේජා ඥානරත්න
CREATIVE
තිරයේ පෙම්වතුන් ආදරය අහස උසට පෙන්වීමට උත්සාහ කළත්, පෙම්වතියගේ උස පෙම්වතාට වඩා අඩුවෙන් තිබීම හොඳ සුදුසුකමක් විය. එහෙත් කලියුග කාලයේ මේ සුදුසුකම උඩු යටිකුරු වී තිබේ. අද කාලයේ තිරයේ පෙම්වතුන් ආදරය කිරීමට කැමැති තමන්ට වඩා උස තාරකාවන්ට වාගෙයි.මේ වන විට බොලිවුඩයේ සියලු පෙම්වතුන්ගේ අංක එකේ ආදරවන්තිය වී සිටින්නේ දීපිකා පදුකෝන්ය. ඇය ෂාරුක් ඛාන්ට වඩා අඟලක් උසය. ‘කොක්ටේල්’ සිනමාපටයේ දීපිකාගේ පෙම්වතා වන සායිෆ් ඇයට වඩා අඟල් දෙකකින් උස අඩුය. එහෙත් තාරකාවගේ උස වැඩිකම ඔවුන් සියලු දෙනාම භාර ගත්තේ සතුටිනි. ‘රූගත කිරීම් අතරේ ඇය මට උස රාක්කවලින් ඇඳුම් අරගන්න උදව් වෙනවා’ ෂාරුක් පවසන්නේ මහත් විනෝදයෙනි. අඩි පහයි අඟල් හයක් උස අමීර් ඛාන්, අඩි පහයි අඟල් අටක් උස කත්‍රිනා කායිෆ්ට ‘ඩූම් 3’ සිනමාපටයේ පෙම් කිරිමෙන් පසු කියා සිටියේ උස නිළියන්ට ආදරය කිරීමට තමන් වඩාත් කැමැති බවයි.එහෙත් සෑම කාලයකදීම තිරයේ පෙම්වතුන් එසේ සිතුවේ නැත. ඔවුන් විශාල අකරතැබ්බවලට මේ නිසා මුහුණ පා තිබේ.සීනත් ආමන් අසූවේ දශකයේ සිටි උසම උස නිළියකි. ඇය අඩි පහයි අඟල් නවයක් උසය. සීනත්ගේ උස නිසා ඇය සමඟ රඟපෑ වීරයන් මුහුණ පෑ දුෂ්කරතා සහ උසට එල්ල වූ නොමනාපකම් ගැන ඇයගේ දිනපොත් පුරා සටහන් වී තිබේ. ඇය ඉදිරියේ උසට පෙනීමට ඔවුන්ට අඩි උස පාවහන් පැළඳීමට, කුෂන් මත නැඟී රඟපෑමට පවා සිදු වී තිබේ. ඒ යුගයේ ජනප්‍රියම ප්‍රේමවන්තයන් වූ රාජේශ් ඛන්නා සහ රිෂි කපූර් වැනි තරමක් උසින් අඩු නළුවන්ට ඇය හා රංගනයේ යෙදීම දුෂ්කර ක්‍රියාවක් විය.පැරැණි නිළියක වූ සහීඩාට, සංජීව් කුමාර් වැනි නළුවන්ගෙන් තහංචි එල්ල විය. ‘අඩි උස පාවහන් පලඳින්න එපා. කොණ්ඩෙ උසට පීරන්න එපා’ යනුවෙන් අණ දෙද්දී සහීඩා ඒවා ඉවසාගෙන සිටියේ අසීරුවෙනි. ඇය අඩි උස පාවහන් දැමීමටත් කොණ්ඩය උස්සා පීරීමටත් කැමැති තාරකාවක වූවාය.ෂාරුක් පවසන්නේ දැන් ඔහුට රඟන්නට ලැබෙන්නේම තමන්ට වඩා උස තාරකාවන් සමඟ කියායි. අඩි පහයි අඟල් හතක් උස සල්මන් ඛාන් සුෂ්මිතා, කත්‍රිනා වැනි නිළියන් නිසා දැඩි අසීරුතාවකට පත් වෙයි. සෝනම් කපූර් සමඟ රඟපෑමේදී ෆාරන් අක්තර්ට ද, අඩි පහයි අඟල් තුනක් උස හියුමා කුරේෂිට සහ අඩි පහයි අඟල් පහක් උස අර්ෂාඩ් වර්ෂිට දීපිකා සමඟ රඟපෑමේ දී ද ගැටලු ඇති විය.අනුව දශකයේ තාරකවන් වූ මධූරී ඩික්සිත්, කරිෂ්මා කපූර්, කාජල්, රාණි මුඛර්ජි, ප්‍රීති සින්තා සාමාන්‍ය උසකින් යුතු වීම නිසා නළුවන්ට උස පිළිබඳ ගැටලු මතු නොවීය. එහෙත් දැන් අන් කවරදාටත් වඩා උස ගැටලුවක් වී තිබෙන්නේ රූප රාජිනියන් සහ මෝස්තර නිරූපිකාවන් සිනමා ක්ෂේත්‍රයට පා තැබීම නිසයි. ඔවුන් සියලු දෙනාටම උස අවශ්‍යම සුදුසුකමක් වී තිබේ.
CREATIVE
සරසවිය මාධ්‍යවේදිනී යතේජා ඥානරත්න පසුගිය සඳු දින යුග දිවියට පිවිසියාය. ඇගේ අතගත් වාසනාවන්තයා වූයේ ලහිරු බොරළුගොඩයි. බලංගොඩ බෙලිහුල් ඔය තානායමේ දී පැවැති විවාහ මංගල්‍යයේදී නව යුවළ සරසවිය කැමරා ඇසට හසුවූ අයුරු.ඡායා - මාලන්
CREATIVE
මුතු පළසෙ වැඩ ඉවර වෙන කොට රෑ නවයට විතර ඇති. එදා ෂූටින් තිබුණේ කොට්ටාව හරියේ. නිස්කලංකව වැඩ අහවර කරපු ශිවා නළු නිළි පිරිසත් එක්ක සතුටු සංවාදයක.උදේ ඉඳන්ම උපන් දිනේට කේක් ඉල්ලපු පිරිස ශිවා අයියගෙ වටේ ඉඳන් මෝක්කාඩුවක.‘හරි අද රෑ වුනාණෙ වැඩ ඉවර වෙද්දී. හෙට මං කේක් ගේන්නං’ ශිවා කිව්වේ සුපුරුදු ළෙන්ගතු පින්බර හිනාව මුහුණේ කොනක තවරගෙන.‘හරි . . . ජයවේවා . . . ශිවා පිටත් වුණේ ගෙදර යන්න.‘අයියෙ ලොජ් එකට පොඩ්ඩක් ගිහිං යමුද, මට චුට්ටක් කතා කරන්න වැඩක් තියෙනවා’.අමිල අබේසේකර කිව්වේ ලොකු ප්‍රශ්නයක් මවාගෙන වගෙයි.‘හරි යමු’රෑ අඳුර ඉරාගෙන ශිවා පිටත් වුණේ මහල්වරාව (පන්නිපිටිය) ලොජ් එකට එන්න. කොට්ටාව පසු කරලා ආපු ශිවා ක්‍රමයෙන් පැමිණියේ මහල්වරාව හන්දියට.ඒ වෙන කොටත් වාහන තදබදය ක්‍රමයෙන් අවම වෙමිනුයි තිබුණේ. නමුත් මහල්වරාව හන්දියේ තවමත් තදබදය. ශිවා ගමන් ගත් වාහනය ඉදිරියට ඇදුණේ දකුණු පැත්තේ පාරට දාන්න බලාගෙන.අන්න ඒ වෙලාවේ තමයි ශිවා මවිතයට පත් වුණේ.මුතුපලස ඔක්කොම පාර අයිනෙ පිරිලා. බැලුම් බෝලවලින් සරසන ලොරි දෙකක්. එක ලොරියක පපර බෑන්ඩ් එකක්.අනෙක් ලොරියේ පුටු එහෙම තියලා අත්‍යාලංකාරයි.වාහනේ දැකපු හැමෝම එක පාරටම වට වෙලා උපන් දිනේ සතුට ප්‍රකාශ කළේ ශිවාගේ දෑසට කඳුලක් එක් කරලමින්. ඇත්තටම ඒක සුන්දර සංවේදී රාත්‍රියක්.මල් මාලා පළන්දල පිළිගත්ත අපේ ශිවා අයියව ඊළඟට රැගෙන යන්නේ ලොජ් එකට.ලොරියේ නංවාගෙන පපර සද්දේ මැද්දේ වාහන පෙළපාලියට මැදිවෙලා ශිවා ගමනේ.වුණේ මොකක්ද, වෙන්න යන්නේ මොකක්ද කියලා තවමත් ශිවා අයියට හිතා ගන්නවත් බැහැ.කෙටි පටු මාවතක් ඔස්සේ ඇවිත් රථ පෙරහැර නැවතුණේ ලොජ් එකට හැරෙන තැන හරහට. පාරම කට්ට කළුවරයි.කළුවරේ උන්නු හැමෝම තිගැස්මට පත් කළේ එක වරම උඩ පනිමින් නැටු රතිඤ්ඤා කරල් ටික නිසා.රතිඤ්ඤා පත්තු වෙලා ඉවර වුණු ගමන්ම ආයෙත් සුපුරැදු එළිය. ඒ මොහොතේ තමයි ශිවාට දෙවැනි වතාවට තරැ පෙනුණේ.ලොජ් එක ඉස්සරහ මිදුලේ පුටු දාලා, හට් ගහලා .BBQ ආප්ප ඒ අතරේ කඩල වෙළෙන්දෙකුත් ඇවිත්.මේ වෙලාවේ තමයි ශිවා අයියා ඇවිල්ලා ඉන්න කට්ටිය දැක්කේ.හැමෝම එකතු වෙලා ආදරණීය ශිවා අයියට විෂ් කළේ හදවතේ උතුරා පිටාර ගලන සතුට සුබපැතුමක් කරලමින්.ඉන් පස්සේ ඇරැඹුණේ සාදය.මුලින්ම ශිවා අයියගේ කතාව.‘ඇයි මං වගේ මිනිහෙකුට මේ වගේ දෙයක් කෙරුවේ. මොකක්ද හේතුව’ශිවා අයියා ටිකක් ආවේගෙන් වගේ. ඒ වෙලාවේ සභාවේ හැමෝගෙම මුහුණු වෙනස් වුණේ ඉබේටම.‘මේ වගේ ලොකු වැඩක් කරන්න මං පුංචි වැඩියි. මාව මෙච්චර පිළිගත්තට හැමෝටම ස්තුතියි’ශිවා හරියටම මොකක්ද කිව්වේ කියලා දැනෙන්න සභාවට විනාඩි කිහිපයක් ගත වුණත් ඒ සතුට ශිවාට දැනෙන වග හැඟෙන විට හැමෝගෙම හිත පිරැණේ උණුසුම් සතුටකින්.හැමෝගෙම සුබපැතුම් මැද්දේ සාදයේ කටයුතු.‘පස්වාන් දහසකට සමාවෙන්න. වැඩක් ඉවර වුණ ගමන්මයි ආවේ’මිහිරි සිරිතිලක සභාවට ආවේ හිනාවකුත් අතේ අරගෙනමයි.සාරංග, අමිල, උද්දික වගේ නව පරපුරේ දක්ෂයන් වගේම ලූෂන් බුලත්සිංහලයන් වගේ එපිට පරපුරේ ජ්‍යෙෂ්ඨයන් ද මේ උළෙලේ සාමාජිකයන් විම එදා කා අතරත් කතාබහට ලක් වුණා.වෙනම මේසයක සාදයේ සුන්දරත්වය විඳි මහේෂි, සංජු, තරුෂි වගේම නුවන්ගි සාදයට ගෙනා ලාලිත්‍යයද හරිම අපූරැයි.මේ සාදය හරිම රසවත්.ඒ රසවත් බවට මේ ඡායාරූප සාක්ෂි සපයාවි.චතුරඡායා - තුසිත  
CREATIVE
රාවණා රජුගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන දැවැන්ත ඓතිහාසික චිත්‍රපට ත්‍රිත්වයක වැඩ කටයුතු තව නොබෝ දිනකිින් ඇරැඹෙයි. ඉරා යනුවෙන් නම් කොට ඇති මෙහි පළමුවැන්න ගගන සැරිසරන්නාය.සමාරා, රෝස කැලේ ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සංජය නිර්මාල් මෙම චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂවරයාය. නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ගගන සැරිසරන්නා හි රාවණා රජුගේ චරිතයට පණ පෙවීමට මේ වන විටත් සූදානමින් සිටියි. රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, ජනක කුඹුකගේ, චරිත් අබේසිංහ, නීටා ප්‍රනාන්දු, අනූෂා දමයන්ති, ප්‍රබෝධා සංදීපනී, දුලානි අනුරාධා, සේමිණි ඉද්දමල්ගොඩ, දර්ශන් ධර්මරාජ්, බිමල් ජයකොඩි, බුද්ධික ජයරත්න, උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, අරුණි රාජපක්ෂ මෙහි සෙසු ප්‍රධාන චරිත මවනු ලබයි.කතාව දෙබස් තිර රචනය සංජය නිර්මාල්ගෙනි. ප්‍රසන්න වීරක්කොඩිගේ නිෂ්පාදන සැලැස්මකි. චරිත් අබේසිංහ රේඛීය නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරයි. පරිඝණක සජීකරණය කසුන් මලින්ද සහ සුසන්ත පුෂ්පකුමාරගෙනි. අජන්ත මහන්තආරච්චි සටන් අධ්‍යක්ෂවරයාය. නුවන් තේනුවර සංගීත අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, නිශාන්ත රණසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද ගගන සැරිසරන්නා සමඟ එක්ව සිටිති. හේමන්ත බන්ධනගේ නිෂ්පාදන කළමනාකරණයකි.මෙම චිත්‍රපට මාලාව හි නිෂ්පාදනය ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්ගෙනි.-ප්‍රසාද්
CREATIVE
හොලිවුඩ් නළු කීනු රීව්ස්ගේ නිවෙසට හොරෙක් ඇතුල් වෙලා. ඔහු ගේ නිවසේ පුස්තකාලයට මේ විදියට හොරෙන් ඇතුල් වෙලා තියෙන්නේ කාන්තාවක්. මේ වෙලාවේ කීනු රීව්ස් නිවෙසේ සිට ඇති අතර සද්දයක් ඇසීම නිසා විපරම්කර බැලීමේදි ඇය හසුවෙලා.කීනු රීවුස් කියන්නේ සෙන් බුදු දහම අනුව සන්සුන් කිරීම ඉතා හොඳින් ප්‍රගුණ කළ අයෙක්. ඒ පිළිවෙල අනුව ඔහු මේ කාන්තාව අල්ලා පොලිස් භාරයට පත් කරලා. ඒ වෙලාවේ අදාල කාන්තාව කියලා තියෙන්නේ ඇය මේ සුපිරි නළුවා හමුවෙන්න ඔහුගේ නිවෙසේ පුස්තකාලයට ඇතුළු වූ බවයි.ඒ වුණත් දැඩි ආරක්ෂාවක් යටතේ බලකොටුවක් ආකාරයෙන් නිර්මාණය කර ඇති මේ නිවෙසට කාන්තාවක ඇතුළු වූයේ කෙසේද යන්න විශාල ගැටළුවක් බවට පත් වෙලා. 
CREATIVE
චිත්‍රපට නාමාවලියේ 1985 වර්ෂයේ චිත්‍රපට කිහිපයක් පළවී ඇත්තේ චිත්‍රපට කිහිපයක් මග හැරීමෙනි. එබැවින් එම මගහැරුණු චිත්‍රපට මේ සමඟ පළවෙයි. මෙ වරද නිවැරැදි කළේ අපේ පාඨක නාලක වීරමන් මහතාට අපි ස්තුතිවන්න වෙමු.තිරගත වූ දිනය – 1985 පෙබරවාරි 08ඉදිරිපත් කිරීම – සිනේ ජෙම් එන්ටර්ප්‍රයිස්නිෂ්පාදනය – ලුවී වැන්ඩස්ට්‍රාටන්සහාය අධ්‍යක්ෂණය – එච්. කේ. කරුණාරත්න, ජයමාන්න පෙරේරා, බන්දුල ගුණරත්නකැමරා අධ්‍යක්ෂණය - සෝමපාල ධර්මප්‍රියකැමරා සහාය – බන්දුල කුරේ සංස්කරණය – එල්මෝ හැලිඩේ අංග රචනය - සනත් සී. රොසයිරෝ සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න අතිරේක ශබ්ද – උපාලි අරම්පොල, අබේසිංහ අල්විස් ගීත පටගත කිරීම – මර්වින් බෙන්ස් සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය කැමරා විදුලි උපකරණ සැපයීම - සිනෙක්යුප් සර්විසස් නාමාවලිය - සේනක පෙරේරානිෂ්පාදන කෘත්‍යාධිකාරී – අර්ෂාඩ් රසීන්, ජී. ටී. සිරිවිමල නිෂ්පාදන සහාය - රැල්ප් වැන්වස්ට්‍රාටන් සංගීත අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරාගීත ප්‍රබන්ධය - සරත් මුණසිංහ ගීත ප්‍රමාණය - 02 ගීත - රිදීී වලා විමානයේ - දයා හේමන්ත අබේසේකර, දිව ගා නොබලා - මර්වින් පෙරේරා සහ පිරිස නිශ්චල ඡායාරූප - රෝහිත බටගොඩ ධාවන කාලය – විනාඩි 90 දිග ප්‍රමාණය - අඩි 9000 පිටපත් ප්‍රමාණය - 14 නළු නිළියන් - රොබින් ප්‍රනාන්දු, මර්වින් ජයතුංග, ලයනල් දැරණියගල, විජේරත්න වරකාගොඩ, පියදාස ගුණසේකර, සරත් ප්‍රනාන්දු, රංජිත් පෙරේරා, සිසිල් රුද්‍රිගූ, ගීතා කුමාරසිංහ, අනෝජා වීරසිංහ, චන්දි රසිකා, අනුෂි විජේගුණවර්ධන, දයානන්ද ජයවර්ධන, සේනක නවරත්න, රුවන් හේවගේ, ගුණපාල කරුණාපතිරණ, නිමල් පෙරේරා, සුමනා ගෝමස්, නිල්මිණි තෙන්නකෝන්, කුසුම් කොන්දේගම, සිඩ්නි ගයිනර්, හේමෙන්ද්‍ර ප්‍රේමවර්ධන, මර්වින් ප්‍රනාන්දු, උදේණි චන්ද්‍රසිරි***************************************************************************තිරගත වූ දිනය – 1985 පෙබරවාරි 15 ඉදිරිපත් කිරීම – ඉන්ද්‍රමාන චිත්‍රපට නිෂ්පාදනය - ශිරාන් දිසානායක අධ්‍යක්ෂණය – තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න කතාව, දෙබස්, තිර නාටකය – ලින්ටන් සේමගේ (‘ක්ලෙක්ර්’ ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි) සහාය අධ්‍යක්ෂණය – නිලේන්ද්‍ර දේශප්‍රිය (ප්‍රථම සහාය අධ්‍යක්ෂණය – වයස අවු: 17)කැමරා අධ්‍යක්ෂණය – පී. යූ. ඩී. පෙරේරාකැමරා සහාය – නිසාර් අස්මීන්, ජී. නන්දසේනසංස්කරණය – ජයතිස්ස දිල්ලමුණි, ඩෙන්සිල් ජයවීර අංග රචනය සහ කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස (ප්‍රථම චිත්‍රපටය) ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග දෙබස් පටිගත කිරීම – උපාලි කේ. අරම්පොල රසායනාගාර කටයුතු - එස්. කිරනාවුකරසු, වී. සිවදාසන්, ජෙරල්ඩ් ජයවර්ධන සැකසුම – විජය චිත්‍රගාරයගීත - දෙබස් පටිගත කිරීම සහ පිටපත් මුද්‍රණය - සරසවි චිත්‍රාගාරය නාමාවලිය – හීනටිගල ප්‍රේමදාසනිෂ්පාදන කළමනාකරණය - උදය පෙරේරා, පීටර් අල්කන් සංගීත අධ්‍යක්ෂණය – එඩ්වඩ් සෝමපාලගීත ප්‍රබන්ධය - බණ්ඩාර කේ. විජයතුංග, කුමාරදාස සපුතන්ත්‍රි, කුලරත්න ආරියවංශ, අරුණ ගුණරත්න, හර්බට් එම්. සෙනෙවිරත්නගීත සංඛ්‍යාව - 05 ගීීත හා ගායන ශිල්පීන්-ලා නිල සේයා – ටී. එම්. ජයරත්න – පද රචනය – අරුණ ගුණරත්න තුරුණු ජීවිතේ – මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, ලක්ෂ්මන් විජේසේකර – පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග වසන්තය ඔබද මාගේ - මොරිස් බානි විජේසිංහ, ලතා වල්පොල – පද රචනය – කුමාරදාස සපුතන්ත්‍රි පෙම් චරිකා (රණ මයුර රෑණේ) – ධම්මිකා වල්පොල, මායා දමයන්ති, නිර්මලා රණතුංග - පද රචනය – කුලරත්න ආරියවංශඅන්න සුදෝ අර පාට වලා - ටී. එම්. ජයරත්න, ධම්මිකා වල්පොල – පද රචනය – හර්බට් එම්. සෙනෙවිරත්න නිශ්චල ඡායාරූප – පී. යූ. ඩී. පෙරේරා, ජයන්ත ඩී. මෙල් පිටපත් ප්‍රමාණය - 14නළු නිළියන් - අමරසිරි කලංසූරිය, ශිරාණි නුගේරා, මර්වින් ජයතුංග, ලින්ටන් සේමගේ, මැණිිකේ අත්තනායක, සොමී ත්නායක, රත්මලී ගුණසේකර, එච්. ඒ. පෙරේරා, කිංස්ලි දිසානායක, විජේරත්න වරකාගොඩ , ශ්‍රීනාත් මල්දෙනිය, සෝමලතා සුබසිංහ, කිංස්ලි ලෝස්- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
CREATIVE
මැද ගෙදර ටෙලි සිතුවමේ සසඳරා ලෙසින් මේ දිනවල ප්‍රේක්‍ෂක ජනාදරයට පත් වූ අමන්දා නිලුක්‍ෂි සහ ජනපි‍්‍රය නළුවකු මෙන්ම නිවේදකයකු අතර තිබෙන පෙම් සබඳතාව දැන් රහසක් නෙවෙයි. පසුගිය සරසවිය කලාපයකත් ඔහුත් – ඇයත් ගැන පළ වුණා. ඔවුන්ගේ විවාහය ද ළඟදීම උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට නියමිත බවද දෙදෙනාම මාධ්‍යයට නොසඟවා හෙළිකර තිබුණා. අපේ ඇතැම් ජනපි‍්‍රය තරු තම ආදර අන්දරය සඟවාගෙන ඉන්න හදද්දි මේ දෙදෙනා නම් එසේ කළේ නෑ. පි‍්‍රය සම්භාෂණ ඇතුළු වෙනත් විශේෂ අවස්ථාවන්වලදී අමන්දා ඇවිත් හිටියේ අර ජනපි‍්‍රය නළු පෙම්වතාත් එක්කයි. ඔවුන් දෙපොළට ක්ෂේත්‍රයේ හැමෝම ආසිරි පැතුවා. එහෙත් මේ ප්‍රේමයට කණ කොකා හඬලලා ලු. වටින් පිටින් එහෙම ආරංචි වුණා. ඇත්තටම මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. ඒක දැනගන්න අප අමන්දාට කතා කළා.* අමන්දා, ඇස්දෙක වගේ හිටිය දෙන්නට මේ මොකද වුණේ?අපි වෙන්වුණා අයියේ.* ඒ මොකද?එයා හරි වංකයි. චපලයි. හරිම බොරු කාරයෙක්.* හේතුව?එහෙම තමයි. එයාට මට වැඩිය ආදරේ කරපු කෙනෙක් ඉඳලා තියෙනවා.* කොහෙද?ජා ඇල පැත්තේ. ඒ සම්බන්ධයට අවුරුදු හතක්ලු.* ඔබ හා ඔහුගේ ආදර කතාවට කොච්චර කල්ද?වසර තුනයි.* මේ වසර තුන ඇතුළත ඔබට ඔහුගෙ වෙනසක් දැණුනෙ නැතිද?අන්න ඒකයි ඔහුගේ දක්ෂකම. මාව මාර විදහට රැවැට්ටුවා. මාව විතරක් නොවෙයි අර ගැහැනු ළමයවත් රැවැට්ටුවා.* ඔබ සහ ඔබේ පෙම්වතා ගැන නිතරම මාධ්‍යවල පළ වුණානෙ?. අර ගැහැනු ළමයා ඒවා දැකලා නැද්ද?.තියෙනවා. ඔහුගෙන් මං ගැන අහලත් තියෙනවා.* එතකොට ඔහු මොකද කියලා තියෙන්නේ?ඒවා පරණ කතන්දර කියලා මඟහැරලා.* ඒත් මේ ඊයේ පෙරේදා පුවත් පත්වලත් ඔබ දෙපොළ ගැන පින්තුර පවා පළ වුණානෙ?දිගින් දිගටම අපි ගැන පළ වෙද්දි අර ගැහැනු ළමයාගෙ අයියා මගෙ යාළුවෙකුගේ, යාළුවෙකුගෙන් මං ගැන හොයලා බලලා. අපි දෙන්නගෙ සම්බන්ධය ගැන ඇත්ත ඔවුන්ට හෙළිවෙලා. ඒ ගැහැනු ළමයා මට කතා කරලා හොඳටම ඇඬුවා.* ඉතින්?මම ඇයව හොයාගෙන ගියා. ඇයගෙ දුරකථනයෙන් මගෙ පෙම්වතාට කෝල් එකක් අරගෙන ෆොන් එකේ ස්පීකර් ඔන් කළා. ඔහු කියපු දේවල් මොනවද කියලා දන්නවද?* නැහැ?එයා අර ගෑනු ළමයට හරිම ආදරෙන් කතා කළා. සුදු, පැටියෝ, වගේ වචනදලා ‘ඔයා නැතුව මට බෑ’ කියලත් කිව්වා. ඇය ෆොන් එක කට් කළාට පස්සෙ මමත් ඔහුට කෝල් එකක් අරන් ස්පීකර් ඔන් කළා. ඒ ටිකමයි මටත් ඔහු පැවසුවේ. මට දරාගන්න බැරිව ගියා. මං එවේලේම ඔහුට බැන්නා. හිතේ කේන්තිය යනකම් දොස් කිව්වා.* ඔබ දෙපොළගෙ සම්බන්ධය බිඳ දමන්න කවුරු හරි ප්ලෑන් කරලා කරපු වැඩක් වෙන්න බැරිද මේක?කොහෙත්ම වෙන්න බැහැ. මං ඔහු ගැන තව තවත් හොයලා බැලුවා. ඔහුට මෙවැනි සබඳකම කිහිපයක්ම තිබිලා තියෙනවා.* ඒවත් ඔප්පු වුණාද?ඔව්, ගිය මාසෙ මෙයාගෙ උපන් දිනය තිබුණේ. මං සර්ප්‍රයිස් කරන්න හිතාගෙන රෑ දොළහට පවුලෙ අයත් එක්ක ඔහුගේ ගෙදර ගියා. ඔහු හිටියේ නැහැ. පාන්දර එකට විතර ඔහු ආවා. කොහෙද ගියෙ ඇහුවාම කිව්වෙ ජිම් ගියා කියලා. මේ මහ රෑ මොන ජිම් ද අයියේ. ඔහු එදා වෙන ගෑනු ළමයෙක් එක්ක උපන් දිනය සමරලයි ගෙදර ඇවිත් තියෙන්නේ. මට පින්තූරත් එක්ක විස්තරේ ලැබුණා, ඔහු වෙන කෙනෙක් එක්ක කේක් කපපු හැටි.* ඔබගෙන් ඔහුට යම් අඩුපාඩුවක් සිදු වී ඇත්ද?මොන අඩුපාඩු ද අයියේ. මගෙන් නොලැබෙන 15% ඇයගෙන් ලැබෙනවලු. 85% ක ආදරයක් විඳින්නලු මාව තියාගෙන ඉඳලා තියන්නේ.* එතකොට කසාද බඳින්න නෙවෙයිද ඔහු ඔබට ළංවෙලා තියෙන්නේ?නැහැ, ඔහු මාව ෂෝ එකට තියාගෙන තියෙන්නේ. ලෝකෙට පේන්න මාව බොරුවට එහෙ මෙහෙ ගෙනියන්න.* මෙමඟින් ඔබට ලොකු අවමානයක් සිද්ධ වුණේ?කිසි කෙනෙක් මගෙ දිහා බැලුවේ නැහැ වැරදි ඇහැකින්. හැමෝම කිව්වෙ ඔයා බේරුණා කියලා.ඒ කියන්නේ ඔහුගේ කල් ක්‍රියාව බොහෝ දෙනෙක් දැනන් ඉඳලා තියෙනවා. ඇයි ඒ බවක් රට්ටු ඔබට කිව්වෙ නැත්තේ.මිනිස්සු ප්‍රකාශ කළ දේවල්වලින් ටිකක් මගේ හිත හැදුණා.* ඇත්තටම ඔබේ හිත ගොඩක් බිඳෙන්න ඇති?ඔව්, මං සතියක්ම ඇඬුවා. ජීවිතේ එපා වුණා. යාළු මිත්‍රයො, මගෙ පවලෙ අය මාව සැනසුවා.* වර්තමානයේ ඔබේ තත්ත්වය කොහොමද?එක අතකින් සතුටුයි මාව බේරිච්ච එකට. ඒ ගැන මතක්කරලා මං දෙවියන්ට තුති පුදනවා. බැරිවෙලාවත් කසාද බැන්දනම් මං ඉවරයි. පුදුම කපටියෙක් එයා.* ආයෙත් ආදරයක් ගැන හිතන්නේ නැති පාටයි?බුදු අම්මෝ, ආදරයට දැන් මං බයවෙලා. මේ ලද කම්පනයෙන් මං කම්පාවට පත්වුණා. සුපුරුදු වැඩකටයුතු පටන් ගන්න බොහෝ කාලයක් ගතවුණා. ආයේ ජීවිතේ වරද්ද ගන්නෙ නැහැ මං. ඔහුට වෛර කරන්නෙත් නැහැ. ඔහු පිළිබඳ කිසිම ද්වේෂයකින් නෙවෙයි අදටත් මං ඉන්නේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
සිංහල සිනමාවේ රූමත්කමත් වාසනාවන්ත හැකියාවත් එකවර ලද නිළිය කවුරුන්දැයි කවුරු හෝ ඇසුවහොත් ඒ කවුරුදැයි කියන්නට අවැසි නැත. ඇය ගීතා සමන්මලී කුමාරසිංහයි. බෙන්තර රූපසුන්දරිය ලෙස දොරට වැඩි ගීතා එකවර චිත්‍රපට තුනකට ගිවිසුම් අත්සන් කිරීමට තරම් වාසනාවන්ත වූවාය.ලස්සන කෙල්ල චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ඇය වාසනා හා චණ්ඩි පුතා චිත්‍රපටවල රඟපෑවේ එකල සිනමාවේ සුපිරිතම නළුවන් වූ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග හා තිස්ස විජේසුරේන්ද්‍ර සමඟිනි. මරුවා සමඟ වාසේ, අංජානා, කොටි වලිගය, සිරිබෝ අයියා, යුක්තියද ශක්තියද, ජය සිකුරුයි, පෙම්බර මධූ, මහගෙදර, කරුමක්කාරයෝ වැනි අතිශය ජනපි‍්‍රය එමෙන්ම සම්භාවනීය සහ ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපටවල ද එකලෙස සම්මානයට පාත්‍ර වෙමින් කීර්තියට පත් වූවාය. ‘රත්තතිනම් රත්තමේ’ ඇයගේ කුසලතාව දකුණු ඉන්දියාවට ද ගෙන ගිය චිත්‍රපටයකි.පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගයේ අනන්තය වැනි චිත්‍රපට නිෂ්පාදනයෙන් ද චිත්‍රපට ක්ෂේත්‍රය සඳහා දායක වෙමින් ගීතා සරසවිය සම්මාන උළෙලේ අසමසම වාර්තාවක් තැබුවේ ජනපි‍්‍රය නිළිය හා හොඳම නිළිය යන සම්මාන දෙකද ඇතුළුව හොඳම නිෂ්පාදිකාව හා ජනපි‍්‍රය ම නිෂ්පාදිකාව යන සම්මාන හතරම එකවරම දිනා ගනිමිනි. ගීතා අද වඩාත් පුළුල් වූ සමාජ මෙහෙවරක යෙදෙන්නේ ඇය උපන් දකුණු පළාතේ ඇය සතු ශක්තියෙන් විශාල මෙහෙයක් කරමිනි.සටහන – යතේජා
CREATIVE
ඇය ප්‍රසාදි සමරකෝන්. තවත් විදිහකින් හඳුන්වා දුන්නොත් ප්‍රසාදි, සනත් අබේසේකරගේ සිරි දළදාගමනය සිනමාපටයේ හේමමාලා කුමරිය නම් ඓතිහාසික ප්‍රබල චරිතයට පණ පොවන්නියයි. ඇය පිළිබඳ නොයෙකුත් කටකතා මේ දිනවල පැතිරෙනවා. අර වගේ චරිතයක් රඟපෑවට ප්‍රසාදි සැබෑ ජීවිතයේ එහෙම නැහැ කියලයි ඒ ආරංචිවල තියෙන්නේ. එහෙන් මෙහෙන් විස්තර හොයන්නේ බලන්නේ නැතුව අපි කෙළින්ම ප්‍රසාදිගෙන් ඒ ගැන ඇහැව්වා. ඇය ඊට අපූරුවට මෙන්න මේ විදිහට උත්තර දුන්නා.* ප්‍රසාදි ඔබටත් දැනගන්නට ලැබුණ ද ඒ කතාන්දර?කියන්නකෝ බලන්න මටත් දැනගන්න.* ඔයා හරියට නයිට් ක්ලබ් යනවලු.හේමමාලා කුමරිය වගේ චරිතයක් කරපු කෙනෙක් ඒ වගේ අකටයුතුකම් අකැපයි කියලයි ඒ ආරංචිවල තිබුණේ?පිස්සු අනේ, මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද මන්දා.* ඇත්තටම ප්‍රසාදි නයිට් ක්ලබ් යන්නේ නැද්ද?නයිට් ක්ලබ් දෙපාරක් තුන්පාරක් ගිහිල්ලා තියෙනවා. ඒ පොඩි කාලේ.* එතකොට දැන්?දැන් මට වෙලාවක් නැහැ.* ඒ කියන්නේ වෙලාවක් තිබ්බොත් නයිට් ක්ලබ් යනවා?මං ඒ වගේ දෙයක් නෙවෙයි කලින් පිළිතුරෙන් අදහස් කළේ. නයිට් ක්ලබ් කියන්නේ කාලේ කන මිනිස්සුන්ට හොඳ තැනක්.* ප්‍රසාදි මත්පැන් පානය කරනවා කියලත් කතාවක් තියෙනවා?මං ජීවිතේට මත්පැන් බීලා නැහැ.* අඩුම ගානේ වයින්වත්?අපෝ වයින් හරි තිත්තයිනේ. ටෙස්ට් කරන්නවත් වයින් බීලා නැතෝ.* බීලා නැත්නම් තිත්තයි කියලා කොහොමද දන්නේ?බීපු අය කියනවා අහලා තියනවා.* කවුද ඔබව සිරි දළදාගමනය සිනමාපටයට තෝර ගත්තේ?ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය.* ඔබ එතකොටත් වැඩපුර නිර්මාණවලට දායක වෙලා තිබුණේ නැහැ?ඔව්. මම මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් කිහිපයක් තමයි කරලා තිබුණේ. ඒවා දැකලා මාව ඔවුන් තෝරාගෙන තිබුණේ.* හේමමාලි කුමරිය කියන්නේ එසේ මෙසේ චරිතයක් නෙවෙයි?මං ඒක දන්නවා. මේක සෑහෙන්න අභියෝගයක්. මං කැමැතියි අභියෝග බාර ගන්න.* ඒ වෙනුවෙන් පේ වුණා කියලත් ආරංචියි?අනිවාර්යයෙන්ම, මස් මාලු කෑමෙන් වැළකුණා. පංසල් ගියා. බාරහාර වුණා.* තාමත් ඔබ එහෙමද?මං කොහෙත්ම එළවලු විතරක් කන කෙනෙක් නෙවෙයි. චිත්‍රපටය වෙනුවෙන් විතරයි එහෙම පේ වුණේ.* පළමුවරට චිත්‍රපටයක රඟපාපු දවස මතකද?ඉසුරුමුණිය විහාරයේ මගේ පළමු රූගත කිරීම සිද්ධ වුණේ. ඒ දළදා වහන්සේ ලංකාවට රැගෙන එන දර්ශනය. එදාම තමයි ඒ සුබ කටයුත්ත ඉතිහාසයේ ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ.* කොහොමද සනත් අබේසේකර ඇතුළු සිරි දළදාගමනය චිත්‍රපට කණ්ඩායමත් එක්ක වැඩ කිරීම?ගොඩක් සතුටින් මම ඔවුන් එක්ක වැඩ කළේ. කොයි වෙලාවකවත් මට ආගන්තුක බවක් දැනෙන්න ඉඩ හැරියේ නැහැ. ආයෙත් ආසයි එවන් වූ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න.* කටකතාවලට බය නැද්ද ප්‍රසාදි?කටකතා හැදෙන්න සමාජයේ වැඩිපුර කැපී පෙනෙන අයටනේ. ඉතින් මමත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. ඔය වගේ කතා හැදෙන්නේ.* සිරි දළදාගමනය නැරැඹූ ප්‍රේක්ෂකයින් ඔබට මොනවද කිව්වේ?ගොඩක් අය මට කිව්වා ඒ චරිතයට මාව හොඳීන් ගැළපෙනවා කියලා. මාව දිරිමත් වුණා ඒ ප්‍රකාශවලින්. හැබැයි මං ඒ කිසිවක් ඔළුවට ගත්තේ නැහැ. නිහතමානීව ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳිනවා.* ඔබට මඩ ගහන අය ගැන ද්වේශයක් නැතිද?බුදුහාමුදුරුවොත් පවසලා තියෙනවානේ දෙයක් කවුරු හරි දෙයක් දුන්නොත් ඒක බාර ගත්තේ නැතිනම් එක දුන්නු කෙනාටම අයිති වෙනවා කියලා. මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි.* ප්‍රසාදි පූර්ණකාලීන නිළියක් නෙවෙයි?ඔව්. මම පුද්ගලික ආයතනයක වැඩ කරන ගමන් රඟපාන්නේ. රඟපෑම විනෝදාංශයක් පමණයි.* එතකොට නිර්මාණවලට දායක වන්නේ?තෝරා බේරාගෙන මේ වන විට චිත්‍රපටයක් විතරක් බාර ගත්තා.* රැකියාව සමඟ කලා කටයුතු කිරීම ඔබ වැනි අයකුට අවාසියක් නෙවෙයිද?මම එහෙම හිතන්නේ නැහැ. ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ලැබෙයි.* ප්‍රසාදිගේ පෞද්ගලික විස්තරත් කියමු?මම ඉන්නේ කෝට්ටේ. අම්මයි අප්පච්චියි, අක්කයි, නංගියි තමයි මගේ පවුලේ පිරිවර. ඉගෙන ගත්තේ මහනුවර මහමායා විද්‍යාලයෙන්.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - අමිත් එස්. සේනාරත්න
CREATIVE