category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n1211301
දෝෂාභියෝගය විමර්ශනය කිරීමට පත් කළ
null
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායකකතානායක වශයෙන් තමා සහ දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කරන විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් සියලු දෙනාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝග සියල්ලම නිශ්ප්‍රභ කරන අතර එයින් කිසිදු නෛතික බලපෑමක් ඔවුනට සිදු නොවන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කළේය.ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරියේදී කමිටුවට, එවැනි අණ කිරීමක් හෝ නියෝගයක් කරන්නේ නම් එම තීන්දුව බලපාන බවද කතානායකවරයා අවධාරණය කළේය. තමාට හෝ තමා විසින් පත් කරනු ලබන කමිටුවකට බාහිර පාර්ශ්වයන්ට නියෝග නිකුත් කළ නොහැකි යැයිද කතානායකවරයා ප්‍රකාශ කළේය.මේ අධිකරණ නියෝග පාර්ලිමේන්තු බල වපසරිය තුළ සිදු කරන කටයුතුවලට හා පාර්ලිමේන්තු වගකීම්වලට කරන බලපෑම් ලෙස සැලකෙන්නනේ යැයිද රාජපක්ෂ මහතා සඳහන් කළේය.කතානායකවරයා මෙසේ කීවේ, සභානායකවරයා මතුකළ වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ සිය තීරණය දැනුම්දෙමිනි.ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා. මේ ගැන නිරීක්ෂණයන් කළ යුතු යැයි මා සිතුවා. මා සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසුවා. එය මාගේ තීරණයට ඉවහල් වුවා. පාර්ලිමේන්තු කතානායක ලෙස මා පත් කළ තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ටත් 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා. මා හා මාගේ නියෝජිතයන් වග උත්තරකරුවන් කර තිබුණා. එය නිර්දේශ කර තිබුණේ අභියාචානා අධිකරණයයි.එයට උපදෙස්දී තිබුණේ ශ්‍රේෂඨාධිකරණයයි. පළමු අදයරේදී සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කිරීම, පළමු වන වගඋත්තරකරුගේ බල රහිත කිරිම, දෝෂාභියෝග චෝදනාව පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් බල රහිත කරමින් සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කිරීම, පළමු වගඋත්තරකරුවිසින් අගවිනිසුරුවරියට කළ නියෝග අවලංගු කරීම, පළමු වගඋත්තර කරු සිට 12වැනි වගඋත්තරකරු දක්වා නියෝග නිකුත් කිරීම, එමඟින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගත් තීරණය බල රහිත කරීම, මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කිරීම, 107 වගන්තයට අනුව කටයුතු කිරීම, ඉතා නීතිඥනුකූල ක්‍රියාවලියෙන් දෝෂාභියෝග අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම, අගවිනිසුරුවරිය කැඳවීමට ගත් තීරණය බල රහිත කිරීම. මා කමිටුව පත් කළේ කතානායක බලය 107 වගන්තිය ප්‍රකාරවයි. මෙය පාර්ලිමේන්තු බලය සම්බන්ධ කරුණකි. මේ සම්බන්ධයෙන් මාගේ පුර්වගාමීන් අනුර බණ්ඩාරනායක මහතා විසින් 2001 ජුනි 20 මේ සභාවට කළ ප්‍රකාශයට අවධානය යොමු කළෙමි. පාර්ලිමේන්තු බල වපසරිය තුළ සිදු කරන කටයුතුවලට කිසියම් බාහිර පාර්ශ්වයක් සිදු කරන ප්‍රකාශ පාර්ලිමේන්තුවට කරන බලපෑමක් ලෙස සලකමි. කතානායකවරයා ලෙස මට ලබා දී ඇති නියෝගය පිළි නොගනිමි. මා හා මාගේ සමාජිකයන්ට ලබාදුන් නියෝග නිෂ්ප්‍රභ කරන බවද, නෛතික බලපෑමක් නොවන බවද ප්‍රකාශ කරමි..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n1211302
තේරීම් කාරක සභාවේ කාලසීමාවදිර්ඝ කළ යුත්තේ පාර්ලිමේන්තුවමයි
සිතාරා සේනානි සහ නුවන් කොඩිකාර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඒ සඳහා ලැබී තිබෙන මාසයක කාලසීමාව දීර්ඝ කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් ම බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ විට එය කිසිවකුට විවෘත නොවන බව කී ඇමැතිවරයා එහි වාර්තාව ඉදිරිපත් වූ විට එය පොදු ලියවිල්ලක් බවට පත්වන බවත් ඉන් පසුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි බවත් කීවේය. ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව පැවසුවේ ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, රජයේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.  .
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n1211303
ඉරණවිල අහසේ අද්භූතයානයක්
ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ
හලාවත ඉරණවිල අහසේ විශාල එළියක් සමඟ ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් නිරික්ෂණය කර ඇත.ඉරණවිල අමෙරිකන් හඬ ප්‍රදේශයට ආසන්නයේ ඉහළ අහසේ මේ යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගාකරුවකු වන පි. ප්‍රනාන්දු මහතායි.ඔහු ඒ සමඟ ඔහු අත ඇති විදුලි පන්දම දල්වා නිවා ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බවද ප්‍රනාන්දු මහතා පැවසිය.මේ යානය පුද්ගලයන් කිප දෙනෙක්ම දැක ඇත.සිද්ධිය විස්තර කළ පී. ප්‍රනාන්දු මහතා අමෙරිකන් හඬට ආසන්නයේ ඉස්සන් පොකුණ මා කරගෙන යනවා. සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරනවා. අගහරුවාදා අලුයම 3ට පමණ අහසේ විශාල තරුවක්මුලින්ම දුටුවා ලස්සන නිසා මා බලන් හිටියා ටික වේලාවකින් එය තරුවක් නොවන බව මට තේරුණා මගේ විදුලි පන්දම දල්වා එයට එල්ල කලා ඊට පසු විදුලි පන්දම දල්වලා නිවලා සංඥාවක් ලබා දුන්නා.ඔය අතරේ මට පුටුව උඩම නින්ද ගියා. එකවර මා ඇහැරිලා බලද්දි විශාල එලියක් මා ආසන්නටයම එනවා දැක්කා. මම දිවිවා. එත් එක්කම මම ඊට නුදුරටින් හිටපු ගෝලයටත් කතා කළා අපි පන එපා කියලා දිවිවා අපි දුවන පැත්තටත් අහිරහස් යානය අවා. අපි හොදටම බයවුණා.පස්සේ එතන හිටපු දෙන්නෙකුටත් යානය පෙන්නුවා. අපි හැංගුනාම පස්සේ යානය ඉහළ අහසට නැවත ගියා..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n1211304
පාර්ලිමේන්තුවේඅපේ බලයට
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
උසාවියට පෙත්සම් දාන්න ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් අපට නැහැ. එහෙත් පාර්ලිමේන්තුවේ අපේ බලයට පෙත්සම් දාන්නත් එපා, අපට නොතීසි දෙන්නත් එපා යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තු බලතල සම්බන්ධයෙන් හිටපු කතානායකවරයකු වූ අනුර බණ්ඩාරනායක මහතා ලබාදී ඇති තීන්දුව අනුව තමන් සිටින බවද හෙතෙම පැවසීය.පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද අධිකරණයට ලබාදී නැති බවත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගත යුතු අතර, පාර්ලිමේන්තුවේ බලතලද ආරක්ෂා කරගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන්ට හා එම කාරක සභාව පත් කළ කතානායකවරයාට නොතීසී නිකුත් කරනු ලැබීමෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවී ඇති බවට සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ අදහස් දක්වමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා:ජනතාවට ප්‍රශ්න තිබෙනවා. එය අධිකරණයත් දැන ගත යුතුයි. අධිකරණය හා පාර්ලිමේන්තුව අතර ප්‍රශ්න ඇති වෙනවා දකින්න ජනතාව කැමැති නැහැ.78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ ජේ.ආර් ජයවර්ධන මැතිතුමාත් 72 ව්‍යවස්ථාව සකස් කළ කොල්වින් ආර් ද සිල්වා මහතාත් සමහර කරුණු ගැන එක මතයක හිටියා. පාර්ලිමේන්තුව කියන මතය හැදුනේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන්. ව්‍යවස්ථාවේ කුලුනු තුනක් මට දකින්න නෑ.එක කුලුනයි තියෙන්නේ. ඒක ජනතාවගේ පරමාධිපත්‍යයි. පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න මාර්ග පහක් දී තිබෙනවා. ජනතාවගේ විධායක බලය ,ව්‍යවස්ථාදායක බලය,අධිකරණ බලය, ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ජනතාවගේ ඡන්ද බලයයි. මෙතැන තිබෙන්නේ මොන්ටෙස්කියු න්‍යාය නොවේ. තේරීම් කාරක සභාවකට අධිකරණ බලයක් නෑ. මෙතනට ආව ඕනෑම අයකුට අවස්ථාව තිබෙනවා. ආව ගමන් වැරදි කාරයා කියන්නේ නෑ. කරුණු හොයලා කියන්නේ. අපිට කල් දෙන්න ඕනෑ. දෝෂාභියෝග ඔක්කෝම ව්‍යවස්ථාදායකයේ කොටසක්. එය කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා ඔබතුමාට තීරණය කරන්නට වෙයි. අධිකරණ බලය අපි ක්‍රියාත්මක කරන්නේ මුළු සභාවමයි. ජනතාවගේ අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අපේ බලය අපිට තීරණය කරන්නට තියෙනවා. අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ තීන්දුවෙන් අරගෙන, ක්‍රියාකරන්නට තියෙන්නේ. මේකයි නීතිය. එතුමියට කල් දෙන්න ඕන. පාර්ලිමේන්තුවත් අධිකරණයත් අතර ඝට්ටනයක් ඇති නොකර කොහොමද විසඳන්නේ කියා බලන්න ඕන. එකක් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඕන,පාර්ලිමේන්තුවේ බලතල ආරක්ෂා කරන්න ඕන. අගවිනිසුරුතුමියට අයිතිවාසිකම් සියල්ලම සමඟ මෙතනට ඇවිල්ලා සහභාගී වෙන්න අවස්ථාව දෙන්න ඕන. උසාවියට පෙත්සම් දාන්න ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් අපට නැහැ. එහෙත් පාර්ලිමේන්තුවේ අපේ බලයට පෙත්සම් දාන්නත් එපා, අපට නොතීසි දෙන්නත් එපා..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n1211305
ලාෆින් ප්‍රතිමා ඇතුළේහිස සුන් බුද්ධ ප්‍රතිමා
වැලිමඩ සමූහ ආර්. රාජමන්ත්‍රී
වැලිමඩ වෙළෙඳ සලක තබාගෙන පුද පූජා පැවැත්වූ ‘ලාෆින් බුද්ධා’ ප්‍රතිමාවක් බිම වැටීමෙන් බිඳීගිය අවස්ථාවේ එම පිළිමය ඇතුළත ‘හිස නැති ගෞතම’ බුද්ධ ප්‍රතිමාවක් තිබී හමුවීමත් සමඟ ඊයේ (29) වැලිමඩ නගරයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබුණි. මේ ‘ලාෆින්’ ප්‍රතිමාව අත්වැරදීමකින් බිම වැටීකැඩී ගිය අවස්ථාවේ එහි අභ්‍යන්තරයේ හිසනැති ගෞතම බුද්ධ ප්‍ර‍්‍රතිමාවක් තිබූ බවත් ඊට අමතරව සිද්ධාර්ථ චරිතය නිරූපණය වන ආකෘති ද දක්නට තිබූ බව සිද්ධියට මුහුණ දුන් ටී. එම්. ශාන්ත කුමාර මහතා පවසයි.මේ ප්‍රතිමාව බණ්ඩාරවෙල නගරයෙන් මිලදී ගෙන තම ව්‍යාපාරයේ දියුණුව පතා කාලයක් තිස්සේ පුද පූජා පැවැත්වූ බවද ඒ මහතා පැවසීය. මෙය තවදුරටත් සොයා බැලීම සඳහා වැලිමඩ නගරයේ ධාවනය වන බස් රථවල තබා තිබූ ලාෆින් බුද්ධ ප්‍රතිමා ද සෝදිසි කර බැලීමේදී ඒවා ඇතුළත ද ගෞතම බුදුන්වහන්සේගේ සිරස නොමැති ප්‍රතිමා දැක ගැනීමට හැකි වූ බව බස් රථ රියදුරෝ පවසති.මේ පිළිබඳව උඩරට අමරපුර නිකායේ අනුනායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ මෙසේ අදහස් දැක්වූහ.‘ගෞතම බුද්ධ ධර්මය අපකීර්තියට පත් කිරීමට ඇතැම් අන්තවාදීන් මෙවන් අන්දමට කටයුතු කිරීම හෙළා දකින බවත් ලාෆින් ප්‍රතිමා තුළින් බුදුන්වහන්සේගේ කරුණාගුණය මතු නොවන බවත් බුදු දහම ආශාව අත්හැරීමට උගන්වන බැවින් ලාෆින් ප්‍රතිමාවලට බුද්ධ යන වචනය යෙදිය නොහැකි බව උන්වහන්සේ පැවසූහ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n1211306
රජයත් අධිකරණයත් අතර ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් 
ධනුෂ්ක ගොඩකුඹුර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය මුල් කර ගනිමින් රජයත් අධිකරණයත් අතර ගැටුමක් ඇති බවට ජාතික හා ජාත්‍යන්තර මට්මටමින් මතයක් ගොඩනැගීමේ උත්සාහයක් පවතින බව විශ්ව විද්‍යාල ආචාර්යවරු පෙන්වා දෙති.මෙබඳු මතයක් ගොඩනැගීම සමාජ සුබසෙතට අයහපත් බලපෑමක් එල්ල කරන බව පෙන්වා දෙන ඔවූහූ වැරැදි නිවැරැදිභාවය තීන්දු කිරීමට ව්‍යවස්ථානුකූලව පත් ‍කෙරුණු තේරීම් කාරක සභාවට ඉඩ දිය යුතු බවත් පවසති.  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ අදහස් පළ කළේ කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.දෝෂාභියෝගය හේතු කර ගනිමින් ජාතික දේශපාලන ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායම පසුපස එදා යුද්ධය ජයගැනීමට එරෙහි වූ පිරිස් සිටින්නේදැයි ප්‍රශ්නයක් මතු වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පැවසීය.දෝෂාභියෝ‍ගයට විරුද්ධව අධිකරණය හමුවට ගොස් සිටින කණ්ඩායම්වලටත් දේශපාලන සම්බන්ධයක් ඇති බව පැවසූ වැල්ලවත්ත මහතා යුද්ධය අවසන් කළ පසු රජයට එරෙහි මතවාදයක සිටි පිරිස් මෙවැනි මතයක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා බව පැවසිය.මෙවැනි දෝෂාභියෝග මෙයට පෙරත් ඉදිරිපත්ව ඇති බැවින් තේරීම් කාරක සභාවට තීන්දුවක් ගැනීමට ඉඩ ලබා දීම වඩා සුදුසු බව වැල්ලවත්ත මහතා පෙන්වා දෙයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් 117දෙනකු විසින් ඉදිරිත් කරන ලද මෙම දෝෂාභියෝගය බලගතු ‍එකක් බව පෙන්වා දෙන හෙතෙම වඩා බලසම්පන්න අධිකරණය ද පාර්ලිමේන්තුව ද යන කරුණ මේ නිසා මතුව ඇති බව පවසයි.විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටුමේ උණුසුම යන්නටත් පෙර මතු වුණු අධිකරණයත් මෙම ගැටලුව සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කළ යුතු බව විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා තාක්ෂණ අංශයේ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පැවසීය.අධ්‍යාපනයට සියයට 6 ක් වෙන් කළ යුතු බව කියමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කළ ‍මිත්‍යාව මෙන්ම අධිකරණයත් රජයත් අතර ගැටුමක් ඇති බවට කරන මතයත් මිත්‍යාවක් බව ජයතිලක මහතා කීවේය.ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ තවත් එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බව පැවසූ ‍හෙතෙම යුද්ධයට විරුද්ධව කටයුතු කළ බටහිර රටවල් මේ පසුපස සිටින බව ප්‍රකාශ කළේය.අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඉල්ලා අස් කර ගනිව් කියමින් බෙදා හරින ලද පත්‍රිකාවකට අස්සන් තබා ඇති විවිධ රාජ්‍ය නොවන සංවිධාන, සමිති අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද සිටීම රට අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ පසුපස ඔවුන් සිටින බව තහවුරු කිරීමක් බව ජයතිලක මහතා පැවසීය.කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුරංග සිල්වා මහතා ද මෙහිදී අදහස් දැක්වීය. .
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n12113014
එජාප නායකත්ව කාලයදිගු කිරීම වළක්වන වාරණයට අවසර නැහැ
ශිරෝමි අබයසිංහ
සිරිකොත මන්දිරයේ දී ලබන 1දා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී සලකා බැලෙන පක්ෂ නායකත්වය වසර හයකින් දීර්ඝ කරන යෝජනාව සම්මේලනයට ඉදිරිපත් කිරීම වළකාලන වාරණ නියෝගයක් නිකුත් කිරීම නුගේගොඩ දිසා විනිසුරු නාමල් බලල්ලේ මහතා ඊයේ (29) ප්‍රතික්ශේප කළේය.පක්ෂ නායකත්වය වසර හයකින් දීර්ඝ කිරීම සඳහා කරන යෝජනාව ඉදිරිපත් කිරීම වළකාලන නියෝගයන් ඉල්ලා දෙවිනු‍වර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කුමාර ප්‍රියදර්ශන ‍විජේසූරිය මහතා ගොනු කළ නඩුවට අදාළව විනිසුරුවරයා මෙම නියෝගය කළේය.එ‍‍.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක,  නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් විත්තිකරුවන් කරමින් නඩුව ගොනු කර තිබේ.විත්තිකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීම හෝ අතුරු තහනම් නියෝග නොතිසී නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් හේතූ පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් අනුව නොමැති බව පෙනී යන බව විනිසුරුවරයාගේ නියෝගයේ සඳහන් වේ. එසේම විත්තිකරුවන් සිදු කිරීමට යන සං‍‍ශෝධනය පිළිබඳව පක්ෂ සම්මේලනයේ දී ඉදිරිපත් කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ගය ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බව පෙනී යන බවද විනිසුරුවරයා සඳහන් කරයි.මෙම නඩුව පවරා ඇත්තේ පක්ෂ සම්මේලනය 12/01 දින පැවැත්වෙන බව දන්වා එවූ ලිපිය ලැබී දින 40ක් පසුව වන අතර නඩු පැවරීමට එතරම් කාලයක් ප්‍රමාදවීමට හේතූ දැක්වීමට පැමිණිල්ල සමත් වී නොමැති බවත් නියෝගයේ සඳහන්ය.මෙම කරුණු නිසා පැමිණිල්ල ඉල්ලා සි‍ටින වාරණ නියෝගය හෝ අතුරු තහනම් නියෝග නොතිසී නිකුත් කිරීමට කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ශේප කරන බව නියෝගය සඳහන් කරයි.පැමිණිලිකරුවන් වෙනුවෙන් මෛත්‍රී ගුණරත්න , ශිරාල් ලක්තිලක සහ විශ්ව ගුණරත්න නීතීඥ මහත්වරු පෙනී සිටියහ. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්රම් මොහමඩ් මහතා සමඟ වරුණ මල්ලවආරච්ච් සහ නිශ්ශංඛ නානායක්කාර මහත්වරු සහ ම‍හේෂිකා පටබැඳි මහත්මිය පෙනී සිටියහ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n12113015
ශ්‍රමය සූරාකන මිනිස් බල සමාගම්වලට වැට
විජයානී එදිරිසිංහ සහ අනුර ප්‍රේමලාල්
දෛනික දීමනාවක් ගෙවා මිනිස් ශ්‍රමය සූරාකන මිනිස් බල සමාගම්වල අකටයුතුකම් මැඩීමට ඒවා අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීමේ නීතියක් ගෙනඒමට කම්කරු අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.ලක්ෂ 20කට වැඩි පිරිසක් දෛනික සේවයේ යෙදී සිටින මිනිස් බල සමාගම්වල සේවකයන් ඉතා සුළු දීමනාවක් ලබන බවද හෙළි වී තිබේ.මොවුන්ට දිනකට රුපියල් 500 - 700 ගෙවීමක් ලබන අතර කිසිවකු වෙනුවෙන් එම සමාගම සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීමක් නොකරති. සේවකයාගේ සේවය කිසිදු සුරක්ෂිතතාවකට ලක් නොකර ඔවුන්ගේ ශ්‍රමය සූරාකන දේශීය හා ජාත්‍යන්තර සමාගම් රැසක් මෙරට ස්ථාපිත කර තිබේ.බේකරි සේවය, කම්කරු සේවය පෞද්ගලික බස්රථ, හෝටල්, මේසන් වැඩ, මහා මාර්ග, නිවාස ගොඩනැගිලි ආදි ඉදිකිරීම් වෙළඳසැල් ශුද්ධ පවිත්‍ර කිරීම්, අන්තර්ජාල රැකියා, රූපලාවන්‍ය සේවා ඇතුළු රැකියා රැසක යෙදී සිටින අති විශාල පිරිසක් දෛනික වැටුප් ලබති.මෑතක සිට කාර්යාල සේවය සඳහාද, ආරක්ෂක කටයුතු සඳහා ද මිනිස් බල සමාගම් මඟින් සේවකයන් යෙදීම සිදු කරයි.මේ මිනිස් බල සමාගම් සහ හාම්පුතුන් එම සේවකයන්ගෙන් විශාල මුදලක් උපයා මෙසේ සේවයේ යොදා ඇති සමාගම් එම සේවකයන් සමඟ ස්ථීර සම්බන්ධතාවයක් නොපවත්වයි. සතියකට හෝ මසකට වරක් වැටුපක් ගෙවයි. ඕනෑම අවස්ථාවක රැකියාවෙන් ඉවත් කිරීමට ඔවුන්ට හැකිය. ජාත්‍යන්තර ජාලය හරහා නිවසේ සිටම ජාත්‍යන්තර රැකියාවල යෙදී සිටින තරුණයන් දහස් ගණනක් ඔවුන්ගේ දැනුම සුළු දීමනාවකට සිරකර ගැනීමද අද මහා පරිමාණයෙන් සිදු කෙරේ.කම්කරු දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී නැති එම මිනිස් බල සමාගම් ඉදිරියේදී ලියාපදිංචි කර ඔවුන්ගේ සේවකයන් ආරක්ෂා කිරීම කරගෙන යා යුතු බවට අවශ්‍ය නීති රීති හඳුන්වා දීමට පියවර ගෙන තිබේ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n12113016
කල් ඉකුත් වූ ලුණු පැකට්
විජයානි එදිරිසිංහ
කල් ඉකුත් වූ ලුණු තොගවල කාලය වර්ෂයකින් දීර්ඝ කර වෙළෙඳපළට නිකුත් කරන මහා පරිමාණ ජාවාරමක් කොළඹ ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.පාරිභෝගික අධිකාරියේ වැටලීම් නිලධාරීන් කොළඹ පරණ යොන් වීදියේ විශාල ගබඩාවක තිබී මෙසේ දින වෙනස් කළ කල් ඉකුත් වූ කිලෝ එකේ ලුණු පැකට් තුන්දහස් පන්සියයක් පමණ සොයාගෙන තිබේ. මේ කල් ඉකුත් වූ ලුණු පොහොර නිෂ්පාදනයට යොදාගන්නා ඒවා වේ. සැකකාර සමාගම දිනපතා මෙවැනි ලුණු පැකට් එක්දහස් අටසීයක් වෙළෙඳ පළට නිකුත් කරයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉදිරි දින දෙකේ වෙළෙඳපළට දැමීමට සුදානම් කර තිබූ ලුණු තොගයයි.වර්ෂ ගණනාවක සිට මොවුන් එම ජාවාරම කරගෙන ගොස් ඇති බවද පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරිණි. .
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n1211307
නැඟෙනහිර පුරාවස්තු විනාශය වැළැක්විමට පියවර ගන්න
null
නැඟෙනහිර පළා‍තේ සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය වැළැක්විම සඳහා එම ස්ථානවල පුරාවිද්‍යාත්මක වටිනාකම තහවුරු කෙරෙන අන්දමේ නාම පුවරු සවි කරන ලෙස බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.පුරාවස්තු විනාශයට  දැඩි විරෝධය පළ කරමින් එම සංවිධානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී ඊයේ (29) උද්ඝෝෂණයක නිරත වූ අතර අම්පාර මොට්ටියාගල ප්‍රදේශයේ වෙහෙර පිහිටි ස්ථානය සිතියම් ගත කරන ලෙස එම අවස්ථාවට සහභාගී වූ ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා සහ පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක යන මහත්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.පුරාවස්තුවල නාම පුවරු සවි කිරීම සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසය වන විට කඩිනම් පියවර ගැනීමට ඇමැතිවරයා සහ කොමසාරිස්වරයා එකඟ වූහ.එම පළාතේ ප්‍රදේශ කිහිපයක පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු දාගැබ් කිහිපයක් ඩෝසර් කර ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ස්ථානවලට කිසිඳු ආරක්ෂාවක් සලසා නැතැයි එම සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තතේ ඥානසාර හිමියෝ පැවසූහ.නැගෙනහිර පළා‍තේ ඇතැම් අන්‍යාගමික නිවෙස්වල පඩි, බෝක්කු වැනි ස්ථානවලට සඳකඩපහනේ කැබලි අල්ලා ඇති බව සඳහන් කරන උන්වහන්සේ, ‍ඇතැම් පෞරාණික ස්ථාන සිතියම්ගත හෝ ලේඛන ගත කර නොමැති බවත් පවසති. එවැනි ස්ථාන පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසත් කිසිඳු පියවරයක් නොගත හොත් තම සංවිධානය එම ස්ථාන සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් වැඩිදුරටත් පැවැසූහ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n1211308
අලි - මිනිස් ගැටුමටආරක්ෂිත විදුලි වැට
දිස්ත්‍රික් සමූහ
අලි මිනිස් ගැටුම් වළකාලීමේ අරමුණෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉදිකර ඇති විදුලි ආරක්ෂක වැටඉදිකිරීම, නඩත්තුව සහ ආරක්ෂාව පිළිබඳ වගකීම සිවිල් ආරක්ෂක බළකාය වෙත පවරාදීමේ කටයුතු අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබේ.අනුරාධපුර විල්පත්තු වනෝද්‍යානය ඔස්සේ ඉදිකෙරෙමින් පැවැති කි. මී. 95ක් දක්වා විහිදෙන විදුලි වැට සම්බන්ධව ඉදිකිරීම් කටයුතු මේ අනුව පසුගියදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් භාරගනු ලැබීය.අනුරාධපුර වනජීවි කලාපයේ කිලෝමීටර් 300 ආසන්න විදුලි වැටවල් ක්‍රියාත්මක වන අතර ඉදිරි දින කීපයේ දී හොරොව්පතාන ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වන අලි රැඳවුම් මධ්‍යස්ථානය වටා ඉදිකරනු ලබන විදුලි වැට සහිත අධි ශක්ති ආරක්ෂිත වැටේ ඉදිකිරීම් ද සිවිල් ආරක්ෂක බළකායට පැවරෙනු ඇත.දැනට වනජීවි දෙපාර්තමේන්තුවේ ඍජු පාලනය යටතේ හා විවිධ ග්‍රාමීය මහජන සංවිධාන මඟින් රැකබලාගනු ලබන කිලෝමීටර් 1800කට ආසන්න දුර ප්‍රමාණයකට දිවෙන විදුලි වැට මේ වසර අවසානයට පෙර ලිඛිතව වනජීවි බලධාරීන් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නඩත්තු කටයුතු සඳහා භාරදීමට නිියමිතය.මීට අමතරව ලබන වසරේ අලුතින් ඉදිවන කි. මී. 1000ක පමණ දිගැති විදුලි වැට ඉදිකිරීම් ද එම දෙපාර්තමේන්තුව මඟින් සිදු කිරීමට සැලසුම් කර තිබේ.මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වනජීවි සංරක්ෂණ හා ගොවිජන සේවා නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් බලය අධිකව ඇති නිසා ඉතා කාර්යක්ෂමව හා ප්‍රමිතියකින් යුතුව විදුලි වැට පද්ධතිය ඉදිකිරීම, අලුත්වැඩියාව සහ නඩත්තුව කරගෙනයාමට ඉදිරියේ දී හැකිවෙතැයි පැවසීය..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n1211309
සංවර්ධන කටයුතු හා ජලාශ පිටාර ගැලීමනැඟෙනහිර භූමිකම්පාවලට හේතුවයි
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහනිමල් විජේසිංහ
නැඟෙනහිර පළාතේ අම්පාර ප්‍රදේශයේ මෑතකදී වරින්වර හටගත් භූමිකම්පා විවිධ විපර්යාස නිසා පොළො අභ්‍යන්තරයේ හට ගන්නා හුදකලා භ්‍රමණ තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් යැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය පී.ඒ. විජයානන්ද මහතා සඳහන් කරයි.“මේ වකවානුවේ අම්පාර ඇතුළු යාබද ප්‍රදේශ ආශ්‍රිතව අති විශාල වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. තවත් පැත්තකින් කලාපයේ ජලාශ සියල්ල ජලයෙන් පිරී ගොස් පිටාර ගලමින් පවතිනවා.පොළොව අභ්‍යන්තරයේ ඇති කුස්තුර තුළ ඇතිවන වෙනස්කම් හේතුකොටගෙන මෙම අනපේක්ෂිත භූ විද්‍යාත්මක පසුබිම, යටතේ පසුගිය දිනවල වාර්තා වූ ආකාරයේ භූ චලන සිදුවිය හැකියි. මේවා විනාශකාරි තත්ත්වයේ භූකම්පණ වශයෙන් හැඳින්විය නොහැකියැයි ආචාර්ය විජයානන්ද අවධාරණය කළේ ය.මධ්‍යම කඳුකරයේ ජලාශ, විශේෂයෙන් වික්ටෝරියා ජලාශය මහවැසි සමඟ ජලයෙන් පිරී ඉතිරී යන තත්ත්වයකට පත්වීමේදී බොහෝ විට මෙවැනි භූ චලන ලක්ෂණ පහළවී ඇතැයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.පසුගිය කාලයේ ඉන්දියන් සාගර පත්ලේ හටගත් ආපදා තත්ත්වයේ භූමිකම්පා මාලාව හා අම්පාර ප්‍රදේශයේ පසුගිය දිනවල හටගත් කුඩා පරිමාණයේ භූකම්පන අතර කිසිදු සබඳතාවයක් නොමැති බවද ආචාර්ය විජයානන්ද සඳහන් කළේ ය.අපේ භූ විද්‍යා හා භූ සමීක්ෂණ විද්‍යාඥයන් පවත්නා තත්ත්වය ගැන විපරමින් පසුවෙනවා. පල්ලෙකැලේ, මහකන්දරාව, හක්මන හා කොළඹ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ මූලස්ථානයේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති මඟින් 24 පැය මුළුල්ලේ අපට දත්ත ලැබෙමින් පවතිනවා යැයි ද ඒ මහතා පැවසුවේ ය. .
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n12113010
කඳුකරයේ වතු කම්කරු අයිතිය රකින නව වෘත්තිය සමිතියක්
හැටන් සමුහ - චන්දන ජයවීර
කඳුකරයේ වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා දිනා ගැනීම සඳහා කඳුරට වෘත්තීය සංගම් සම්මේලනය නමින් නව වෘත්තිය සමිති සම්මේලනයක් පිහිටුවා ගැනේ. කඳුකර ප්‍රදේශවල ක්‍රියාත්මක වන වෘත්තීය සංගම් 16ක එකමුතුවෙන් පසුගිය 27 දා හැටන් අජන්තා හෝටලයේ දී එහි ක්‍රියාකාරි මණ්ඩලය පත්කර ගනු ලැබිණි.කම්කරු ජාතික සංගමය,ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදි කම්කරු කොන්ග්‍ර‍සය,කඳුරට කම්කරු පෙරමුණ,ප්‍ර‍ගතිශිලි ජනතා කොන්ග්‍ර‍සය,කම්කරු විමුක්ති පෙරමුණ,වැවිලි කර්මාන්ත කම්කරු කොන්ග්‍ර‍සය,කෘෂිකර්ම වතු කම්කරු කොන්ග්‍ර‍සය ඇතුළු වෘත්තීය සමිති 16ක් මෙලෙස සන්ධාන ගතවීමට එක්වු බව එහි මාධ්‍ය ප්‍ර‍කාශක මනෝ ගනේශන් මහතා පැවැසීය.එහි සභාපතිවරයා ලෙස මනෝගනේශන්,ලේකම් ලෙස එස්.ලෝරන්ස්, හා කාරක සභිකයින් ලෙස පිලිප්,එම්.තිලගරාජා,සුරේෂ් ගංගාදරන්,ඒ.අශෝක් කුමාර,ටි.එම්. ලිංගම්,ටි.ජෝශප්,වේළුකුමාර්,කේ.සුබ්‍ර‍මනියම්.එස්.ක්‍රිශාන්ත්,කේ.යෝගේස්වරී,එස්.මහේන්ද්‍ර‍න් යන මහත්ම,මහත්මිහු පත්වූහ.මෙම සංගමයේ මිළඟ සාකච්ඡාව දෙසැම්බර් 05 දා කොළඹ දි පැවැත්වීමට නියමිත අතර එහිදි වතු කම්කරුවන් සඳහා ජිවන වියදමට සරිලන වැටුප් වැඩිවීමේ ක්‍ර‍මවේදයක් සකස් කිරිම පිළිබඳව වතු හාම්පුතුන්ගේ සංගමය දැනුවත් කිරීම හා වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා දිම සදහා සියලු වතු කම්කරුවන් ඒකරාශි කරගෙන අවස්ථානුකූලව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹිමට අදහස් කරන බව ද හෙතෙම පැවැසීය.මෙම අවස්ථාවට වෘත්තීය සමිති නායකයෝ වන පි.දිඝාම්බරම්, මනෝ ගනේශන්, ප්‍ර‍භා ගනේශන්, එස්.අරුල්සාමි, වඩිවෙල් සුරේශ්, මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n12113011
පවිත්‍රතා ආයතනයක කම්කරුවෝඋද්ඝෝෂණයකට සැරසෙති
අනුරාධපුර – මධ්‍යම විශේෂ
මිහින්තලය රජරට විශ්වවිද්‍යාලය හා ඊට අනුබද්ධ සියලු පීඨ වලට පෞද්ගලික සමාගමක් විසින් පවිත්‍රතා කටයුතු සඳහා යොදවා ඇති කම්කරු සේවක සේවිකාවන් 78 දෙනකුගේ සේවක අර්ථ සාධක අරමුදල් වසර 03ක සිට මේ වනතෙක් ගිණුම් ගත කර නොමැති නිසා ඉදිරියේ දී රාජකාරි වලින් බැහැරවී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බව එම ආයතනයේ සේවක සේවිකාවෝ පිරිසක් පැවසූහ.වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් පවිත්‍රතා ආයතනයේ පාලන අධිකාරියට කොතෙකුත් දැන්වීම් කළත් ඊට ප්‍රතිචාර නොලැබුණු බවත්, අසරණ කම්කරුවන් හට ආයතනය සිදු කරන මෙම වංචා සහගත ක්‍රියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස කම්කරු අමාත්‍යවරයාගෙන්, කම්කරු දෙපාර්තමේන්තුවෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කළත් ඊට කිසිිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔවුහු පැවසූහ. ඉදිරියේ දී පළාත් කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරියට ගොස් දැවැන්ත විරෝධතාවයක නිරත වන බවද ඔවුහු පැවසූහ.එක් සේවකයකුගෙන් වසර තුනක සිට රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් වැටුපෙන් අයකරගෙන ඇති බවත්, සේවකයන් 78 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදලක් අර්ථසාධක මුදල් සඳහා කප්පාදු කරගෙන ඒවා අහිංසක සේවකයන්ගේ ගිණුම් වලට බැර නොකරන බවත් ආයතනය මඟින් සේවක අර්ථසාධක සඳහා ලබා දිය යුතු කොටස ද නොගෙවා සමාගම දැඩි මූල්‍ය වංචාවක් සිදු කරන බවද ඔවුහු පවසති.අනුරාධපුර මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේත් එහි නේවාසිකාගාර වලත්, පුලියන්කුලම කෘෂිකර්ම පිඨයේත්, සාලියපුර වෛද්‍ය පීඨයේත් සියලු වැසිකිළි කැසිකිළි අපද්‍රව්‍ය ඉවත් කරමින් විශාල මෙහෙයක් සිදු කරන කම්කරුවන්ගේ දහඩිය මහන්සියෙන් උපැයූ මුදල් ද තම ආයතන මඟින් වංචා සහගත ලෙස කප්පාදු කරගෙන ඇති බවත් තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනයක නිරත වන බව ඔවුහු අනතුරු අඟවමින් කියා සිටියහ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n12113012
වලවේ ගඟ පිටාර ගලයි:පවුල් 350ක් අවතැන්
හම්බන්තොට දිස්ත්‍රික් සමූහපී. ඩබ්ලිව්. කොඩිතුවක්කු
පැවැති අධික වර්ෂාව නිසා උඩවලව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කිරීම නිසා වලවේ ගඟ ආශ්‍රිත ප්‍රදේශ කීපයක පවුල් 350ක් පමණ ගංවතුර තර්ජනයකට මුහුණපා ඇත. මොවුන්ට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කොට තිබේ. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්. සී. ද සොයිසා මහතා සහ අම්බලන්තොට ප්‍රාදේශීය මහ ලේකම් මාග්‍රට් පී. කුඹුරගේ මහත්මිය ආරක්ෂක අංශවලද සහයෝගය ලබා ගනිමින් ඉතා යුහුසුළුව සහන සැළසීම සිදු කළහ.උඩවලව ජලාශයේ ජලය වලවේ ගඟට මුදා හැරීමෙන් ගඟ පිටාර ගැලීමෙන් බෝලාන උතුර, වලවෙවත්ත, වැලේකොළණිය, ගල්ලෑලිතොට නිවාස ජලයෙන් යටවිය. ජලයට හසුවීමෙන් නිවාස හතරක් විනාශ වී ඇත. තවත් නිවාස පනහකට අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ.ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමෙන් කිරිඳිඔය පිටාර ගැලීමට ඉඩ ඇතැයි ද කියවේ. ඔය පිටාර ගැලුවහොත් මාගම, අන්දරගස්යාය යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් උදාවිය හැකි බැවින් අවධානයෙන් පසුවෙන ලෙස තිස්සමහරාම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.මේ අතර වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති නිසා මැණික් ගඟේ ජල ප්‍රමාණය බෙහෙවින්ම ඉහළ ගොස් ඇත. වන්දනාකරුවන් ගඟෙන් දිය නෑමෙන් වළකින ලෙස අවවාද කරයි. ගංඟාවේ ඉවුරු දෙපස පොලිසිය රාජකාරියේ යෙදෙමින් මහජනතාව ගඟට බැසීම වැළැක්වීම සිදු කරයි. .
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=n12113013
නිවාස ණය විධිමත් නොවීඉල්ලුම්කරුවෝ අසීරුවේ
මහනුවර දිසා විශේෂ - ධම්මික බංඩාර
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස ණය ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් නොමැතිකම නිසා නිවාස ණය ඉල්ලුම්කරුවන්ගේ බලාපොරොත්තු බොහෝමයක් සුන්ව ගොස් ඇති බව ණය අයදුම්කරුවෝ පවසති. අදාළ නිලධාරීන් නිවාස ණය අයදුම්පත් විශාල ප්‍රමාණයක් නිකුත් කර අවශ්‍ය ලියකියවිලි සමඟ සම්පූර්ණකර දෙන ලෙසට ඉල්ලුම්කරුවන්ට උපදෙස් දී තිබේ.ඒවා සම්පූර්ණ කර භාර දී මාස ගණනක් බලා සිටියත් මෙතෙක් ණය ලබාදී නොමැති බව මේ අයදුම්කරුවෝ පවසති. තවද 2013 වසර සඳහා ද අයදුම්පත් නිකුත් කරමින් සිටින බවද දැනගන්නට තිබේ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=r1211301
කැලණිවැලි දුම්රිය මඩකළපුවට දුවන හැඩ
සටහන - බදුල්ල දිස්ත්‍රික් සමූහ - ජයසේන විජේනායක
කැලණිවැලි දුම්රිය මාර්ගය මඩකළපුව දක්වා දීර්ඝ කිරීමට රජය සැලැසුම් කර ඇතැයි ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවැසීය.මේ අනුව එම දුම්රිය මාර්ගය රත්නපුර, ඇඹිලිපිටිය, වැල්ලවාය, මොණරාගල හරහා මඩකළපුව දක්වා ඉදිකිරීමට සැලසුම් සකස් කරගෙන යන බව ප්‍රධාන ඇමැතිවරයා කීය.ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මේ බව පැවැසුවේ පසුගියදා ඌව පළාත් සභා රැස්වීමේදී 2013 වර්ෂය සඳහා වූ ඌව පළාත් සභාවේ මුදල් ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.රජය රුහුණු මාගම්පුර වරාය ඉදිකර ඇති අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීමේ කටයුතු නිමවෙමින් පවතී. ඒ තුළින් ඌව පළාත්බද ආර්ථිකය ජාතික හා විශ්ව ආර්ථිකයට යා කිරීමට කටයුතු සම්පාදනය කර ඇතැයි ද ප්‍රධාන ඇමැතිවරයා පෙන්වා දුන්නේය.ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කරගනිමින් මධ්‍යම රජය විසින් මෑතකදී දියත් කර ඇති සංවර්ධන යෝජනා ක්‍රම බොහොමයක් ගම කේන්ද්‍රකරගත් හා එක්තැන් කරන ලද ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් උපායමාර්ගයක් බව අවධාරණය කළ ප්‍රධාන ඇමැතිවරයා මේ වනවිට මේ සංවර්ධනයේ ප්‍රතිලාභ මුළු රටේම ජනතාව බුක්ති විදින බව සඳහන් කෙළේය..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=r1211302
දඹුල්ල මූලික රෝහල වැඩබැරි ටාසන් කෙනෙක්ද?
සටහන හා ඡායාරූපය -මාතලේ දිස්ත්‍රික් සමූහ එච්. එල්. ඩයස්
දඹුල්ල මූලික රෝහල එම තත්ත්වයට උසස් කර වසර පහළොවක් ඉක්මවා ඇතත් රෝහල සඳහා අවම පහසුකම්වත් හරිහැටි ලබාදීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් නොහැකිවීමෙන් ප්‍රතිකාර සඳහා මෙහි පැමිණෙන රෝගීන් දහස් ගණනක් අපහසුතාවට පත්ව සිටිති.වෛද්‍ය සායන සඳහා පැමිණෙන රෝගීන්ට වාඩිවී සිටීමට පවා හරිහැටි තැනක් නොමැත. රෝගීන්ට රැඳීසිටීමට කුඩා ගොඩනැඟිල්ලක් ඇතත් එය ප්‍රමාණවත් නොවේ.රෝගීන්ට අව්ව, වැස්ස නොතකා ගස්යට හෝ වෙනත් ස්ථානයන්හි පැය ගණන් රැඳීසිටීමට සිදුව ඇත.වෛද්‍ය සායන සඳහා පැමිණෙන රෝගීන් නියමිත දිනට පෙර දින සවස මේ රෝහලට පැමිණ කොහේ හෝ රාත්‍රිය ගෙවාදමා සායනයන්ට සහභාගි වේ.රෝගීන්ගේ රෝග විස්තර ඇතුළත් පොත් එකතුකර රෝගීන් කිසිදු පරීක්‍ෂාවකට ලක් නොකර ඖෂධ ලබාදෙන බව රෝගීහු පවසති..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=r1211303
වසර 86ක් පැරැණි  දමන විදුහල තනි නොකරන්න
සටහන හා ඡායාරූපය - අම්පාර සමූහ රවීන්ද්‍ර මැදගෙදර
අම්පාර අධ්‍යාපන කලාපයේ ඉපැරැණිම පාසලක් වූ අම්/දමන මහා විද්‍යාලය අරම්භකර වසර 86ක් ගතවී ඇතත් එහි ගොඩනැගිලි හිඟයට හා භෞතික සම්පත් ඌනතාවට මෙතෙක් විසැඳුම් ලැබී නැතැයි මවුපියන් හා සිසුහු පවසති.කලක් කලාපයේ ජනප්‍රියම පාසලක්ව පැවැති මේ විද්‍යාලයේ සම්පත් ඌනතාව නිසාම අවට ගම්මානවල සිසුන් ජනපි‍්‍රය පාසල් සොයා නගරයේ පාසල්වලට සංක්‍රමණය වී ඇතත් අදත් මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 800 ඉක්මවා ඇත.11, 12 වසර පංති පැවැත්වෙන ගොඩනැගිල්ලේ වහලට දැනට වසර 15 - 20කට පෙර තහඩු යොදා සකස්කළ අර්ධ තාවකාලික ගොඩනැඟිල්ලක් වන අතර, අද එහි වහල දිරාපත්වී මුක්කු ගසා රඳවා ඇත. මේ වහල කොයි මොහොතේ කඩා වැටී ඇනතුරක් සිදුවේ දෝයි ගුරුවරු දෙගිඩියාවෙන් පසුවෙති.මෙහි විද්‍යාගාර ගොඩනැඟිල්ලද අබලන් තත්ත්වයේ පවතින අතර, එහි වහලටද මුක්කු ගසා ඇත. ජනෙල් දිරාපත්වී ඇති අතර, වීදුරු කැඩීබිදී ගොසිනි. විද්‍යාගාර උපකරණවල විශාල හිඟයක් පවතින බවද සිසුහු පවසති.මේ විද්‍යාලයේ, නැටුම් හා නාට්‍ය අංශ තුළින් දිස්ත්‍රික් - පළාත් මෙන්ම සමස්ත ලංකා තරගවලින්ද ජය ලැබූ සිසුහු සිටිති. පාසල් නැටුම් කාමරය ඉතාම කුඩාම එකක් වන අතර, නැටුම් විෂය සඳහා අවශ්‍ය භෞතික සම්පත් කිසිවක් නොමැත.අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල්වලට පවා දමහල් ගොඩනැගිලි, භෞතික සම්පත් ලබාදෙන මේ අවධියේ අම්/ දමන මහා විද්‍යාලයට කුඩම්මාගේ සැලකිලි ලැබීම පිළිබඳව මවුපියෝ මැසිවිලි නගති..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=r1211304
මේ තරම් වහිද්දී...හුරුළු වැවට වැස්ස මදිලු
සටහන හා ඡායාරූප – මිහින්තලේ සමූහ
හුරුළු වැව වැව් ජලය යටතේ වැඩ කරන කුඹුරු අක්කර දසදහස් පන්සියයක් පුරන් වීමට ඉඩහැර තිබේ.ඇතැම් ජනමාධ්‍යවලින් හුරුළු වැව වාන් දමන මට්ටමට පැමිණ ඇති බවක් පැවසුවත් හුරුළු වැව වාන් දමන මට්ටමට පැමිණ නැති බව ගොවීහු කියති.ගෙවී ගිය නියං සමයේදී ගොවිතැන් අස්වැද්දීමට හුරුළු වැවේ ජලය අන්තිම බින්දුව තෙක් ගොවීන් හට ලබාදීමට බලධාරීන්ට සිදුවිය. අන්තිමට දැකගත හැකි වූයේ හුරුළු වැව මඩ කඩිත්තක් ලෙසිනි.පසුගිය දිනවල ඇදහැළුණ වර්ෂාවෙන් ජලය එක්රැස් කරගැනීමට නොහැකි වී ඇත. වැවේ සංවර්ධන කටයුතු ඉබි ගමනින් සිදුවීම ගොවීන් මෙසේ අසරණ වීම හා මහවැලි ජලය හුරුළු වැවට ලබා නොදීමට කටයුතු සිදුවීමෙන් ගොවීහු අසරණව සිටිති.හුරුළු වැව වම් ඉවුර පී. අයි. 2 බෙදුම් ඇළ සංවිධානයේ සභාපති එස්. එම්. පී. සමරකෝන් මහතා පවසා සිටියේ,අපට කුඹුරු වැඩ කරන්න ජලය නෑ කිව්වට කවුරුත් පිළිගන්න එකක් නෑ. මේ තරම් වහිද්දීත් ජලය නැද්ද කියලා ඇවිල්ලා බලන්න. අපි කියන්නේ ඇත්ත ද, බොරු ද කියලා. අපිට ගොවිතැන් කටයුතු අරඹන්නවත් වතුර නෑ.නියං කාලයේදී අන්තිම වතුර බිංදුව දක්වා ගොවියන්ට ජලය ලබා දුන්නා. වැව් ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් වැවේ ජලය එකතු කරගත්තේ නෑ. වැව තාම හදනවා.යූ. බී. ඩිංගිරිබණ්ඩා මහතා - බිත්තර වී ටික කලට වේලාවට ලැබුණේ නෑ. අනෙකුත් ප්‍රදේශවලට ලැබුණා. කෘෂි උපදේශක මණ්ඩලයෙන් සෝයා ඇට බෙදුවා. ඒවා කොහොමද බෙදුවේ කියලා හිතාගන්න බෑ. අවශ්‍ය අයට නෙවේ ඒවා බෙදා දුන්නේ. ගොවිතැන් නොකරන මිනිසුන්ට තමයි සෝයා ඇට දුන්නේ. ඒවා විකුණලා ඒ අය සල්ලි ගත්තා. ගොවිතැන් කරන මිනිස්සු බලාගෙන සිටියා.ආසියානු සංවර්ධන බැංකුව අනුග්‍රහයෙන් තමයි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ. සංවර්ධන වැඩ අඩාළයි. .
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=r1211305
ජන සෙවණ ස්වශක්ති වැඩසටහනටප්‍රජා නායකයන් පත් කෙරේ
සටහන හා ඡායාරූප බෝපේ සමූහයූ. ජී. තිලකරත්න
ජන සෙවණ ස්වශක්ති මානව ජනාවාස සංවර්ධන වැඩසටහනින් කොළඹ නගරයේ තෝරාගත් ජනාවාස දෙසීයකින් දහසක් තෝරා ඔවුන් ප්‍රජා ක්‍රියාකාරී වැඩසටහන් සඳහා අනුබද්ධ කොට ඔවුන්ගේ කාර්ය භාරය අගය කර ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන මේ වැඩසටහනින් ප්‍රජාව බලගැන්වීම, නාගරික නිවාසයන්හි හිමිකම් නිරවුල් කරමින් ඔප්පු ලබාදීම, මහල් නිවාස ආශ්‍රිත විධිමත් කළමනාකරණය, නිවාස ආශ්‍රිත පාරිසරික සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක වැඩසටහන් ක්‍රියාවට නැංවීම, අඩු ආදායම්ලාභීන්ගේ කලා ක්‍රීඩා හා සංස්කෘතික ප්‍රබෝධය ඇතිකිරීම ඇතුළු විවිධ ව්‍යාපෘති මේ වැඩසටහනින් ක්‍රියාත්මක කෙරේ.මේ වැඩසටහන පිළිබඳව කේ. කේ. සුනිල් කුමාර මහතා මෙසේ පැවසීය.කොළඹ නගරයේ ජනාවාසවලට ප්‍රජා නායකයන් පත්කිරීම කාලෝචිත හොඳ වැඩක්. මේ ජනාවාසවලට ප්‍රජා නායකයන් පත්කිරීම ඉතාම වැදගත්. කලින් මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වුණත් පසුව ඒවා අක්‍රීය වුණා. අනිත් හේතුව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මේ ප්‍රජා නායක ක්‍රමය නිසා පහසුයි.දිස්නා තරංගනී – පංචිකාවත්තප්‍රජා නායකත්ව වැඩසටහන නිසා අපට විශාල ශක්තියක් ලැබුණා. අපේ ප්‍රදේශවල යටිතල පහසුකම් අඩුයි. කරගන්න අමාරුයි. මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම නිසා හැම දෙයක්ම හොයල බලන්න පුළුවන්. පැමිණිලි කරන්න පුළුවන්.නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නිලධාරිවරු නිතර නිතර දැන් ජනාවාසවලට පැමිණීම නිසා රජය අතර සම්බන්ධතාව තහවුරු වුණා. මෙම ප්‍රජා නායක ක්‍රමය නිසා එය තවත් දියුණු වුණා..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=r1211306
නොවැම්බර් වන විට 18 දෙනෙක් අලව්වේ දීරේල් පීල්ල මත ජීවිතය නැති කරගෙන
අලව්ව විශේෂ ඒ. කීර්තිසිංහ
සතියක් ඇතුළත අලව්වේදී තිදෙනෙක් දුම්රියට පැන සියදිවි නසා ගත්හ. පසුගිය 18දා වයස අවුරුදු 60ක් පමණ වන නාදුනන අයෙක් දුම්රියට පැන සියදිවි නසා ගත් අතර 23 වැනිදා අලව්වේදී පාසල් ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයෙක්ද දුම්රියට පැන දිවි නහ ගත්හ.මෙම නොවැම්බර් වන විට අලව්වේදී දුම්රියට හසුවී මිය ගිය සංඛ්‍යාව 18ක් වන බව පොලිස් හා හදිසි මරණ පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.ලංකාවේ කොයි ප්‍රදේශයක සිටියත් දුම්රියට පැන සියදිවි නසා ගැනීමට එන්නේ අලව්වට බව අලව්ව හදිසි මරණ පරීක්ෂක ඇස්.ඇම්. සමරකෝන් මහතා පවසයි..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=r1211307
උසාවියෙන් ඇසුනා මෙ‍ෙස්...
කොච්චිකඩේ විශේෂ ඩී. මිහිදුකුල
බඩු මිලදී ගන්නා මුවාවෙන් දිවාකාලයේ සුපිරි වෙළෙඳ සල්වලට ඇතුළු වී නිමි ඇඳුම් සහ පාසල් පොත් සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ කාන්තාවන් දෙදෙනෙකු හා තවත් අයකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.කාන්තාවන් දෙදෙනා තිඹිරිගස්කටුව කේ.සී. ද සිල්වා පුරයේද ත්‍රිවීල් රථ රියදුරෙකු වන අනෙක් තැනැත්තා. මීගමුව රේගු පාරේද පදිංචි කරුවන්ය.තම අත තිබූ නිමි ඇඳුම් වලට දෙදෙනා අයකැමි වෙත මුදල් ගෙවා පිටව යාමට සූදානම් වන විට දෙදෙනාම සෝදිසි කාමරයකට ගෙන පරීක්ෂා කළේය. සොරකම් කළ ඇඳුම් සමඟ සැකකාරියන් දෙදෙනාවද , ඒ සඳහා අනුබල දුන්නේ යැයි කියන ත්‍රීවීල්රථ රියදුරෙකුද මීගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.තම මව මියගිය පසුව පියා විසින් ගෙදරට කැඳවාගෙන එන ලද දෙවන බිරිය හෙවත් පුංචි අම්මා විසින් පියාට දාව බිහිකරන ලද ඊළඟ දියණිය තමාගේද සහෝදරිය ලෙසට සැලකිය යුතු බව දන්නා තරුණයකු එම සහෝදරිය ලොකු මහත්වූ කළ තම පෙම්වතිය ලෙසට සලකා ඇය රැගෙන ගොස් අනාචාරයේ හැසිරීම සම්බන්ධ සිද්ධියක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වෙයි.මෙම ක්‍රියාව සිදුකළ බවට චෝදනා කොට මාවනැල්ල දිසා හා මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට අරණායක පොලිසිය විසින් කීරපන ගම්මානයේ පදිංචිකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සිද්ධිය පිළිබඳව අපරාධ වාර්තාව වෙත අවධානය යොමුකළ විනිසුරුවරයා සැකකරු දින 14ක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.මෙහිදී අතවරයට පත්ව ඇති 14 හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකැර ඒ පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් නිකුත් කරන වාර්තාවද නඩුවට ගොනුකර ඊළග දිනට සිද්ධිය පිළිබඳ ඇති සියලු පරීක්ෂණ නිරීක්ෂණ වාර්තාද සාක්කි සම්පිණ්ඩනයක්ද සිදුකළ පරීක්ෂණ වාර්තා ආදියද අධිකරණය හමුවේ ගොනු කරණ ලෙසටද මෙහිදී පරීක්ෂණ කටයුතු මෙහෙයවන අරණායක පොලිිස් ස්ථානාධිපතිවරයාට විනිසුරු වරයා විසින් නියෝග කරනු ලැබීය.මිනිස් පරිභෝජනයට නුසුදුසු පුස් බැඳුණු පපඩම් තොගයක් අලෙවියට තබා තිබීමේ චෝදනාවට වරදකරු වූ සමුපකාර “කෝප් සිටි” වෙළෙඳසැල් කළමනාකරුවකුට වරකාපොළ මහේස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසූරිය මහතා රු. 6000ක දඩයක් නියම කළේය. මෙම පපඩම් තොගය අලෙවිකිරීමේ නියමිත දින ඉකුත් වී නොතිබුනත් ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් පුස් බැඳී තිබුණ බව සෞඛ්‍ය නිලධාරීහු අධිකරණය ඉදිරියේ කියා සිටියහ. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඉහත සඳහන් දඩ මුදල නියම කළේය.විදුලිය වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට රුපියල් 20000.00ක දඩයක් පාණදුර මහේස්ත්‍රාත් ආර්.එස්. ඒ. දිසානායක මහතා නියම කළේය. මෙම දඩය නියම වූයේ පාණදුර හේනමුල්ලේ පදිංචි අබ්දුල් රාහුමාන් පාතිමා නැමැත්තියටය. පාණදුර උතුරු පොලිසියේ සැරයන් සිල්වා ඇයව අධිකරණයට ඉදිරිපත් කළේය.යතුරුපැදියක් හා කැබ්රථයක් මුහුණට මුහුණ ලා ගැටී යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාගෙන් පිටුපස වාඩි වී සිටි අය මිය ;ගාස් යතුරු පැදිය පදවන ලද අය බරපතළ තුවාල ලැබී යැයි කියන සිද්ධියක චෝදනා ලැබ සිටි වරද පිළිගත් කැබ්රථයේ රියැදුරුට රු 19000ක දඩයක් ගෙවන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය (9) නියෝග කළාය. මෙලෙස දඩ නියම වූයේ පිටිපන පදිංචි පුද්ගලයෙකුටය.මියගොස් ඇත්තේ නෙළුම් පොකුණ ජනපදය ගෝනවිල පදිංචි හේවා ෆොන්සේකාගේ පද්මරන් ෆොන්සේකා (අවු.34) නම් වූ තැනැත්තෙකි.ගෝනවිල පදිංචි එම්.ඒ.රුවන් කුමාර නම්වූ අය යතුරුපැදිය ධාවන කළ අතර ඔහු බරපතළ තුවාල ලබා තිබිණි. .
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s1211301
දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 167ක පරාජයක්
ෆවුස් මොහොමඩ්
නවසීලන්තයට එරෙහිව පී.සරවනමුත්තු පිටියේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ ලකුණු 363ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව අවසන් දිනය වූ ඊයේ (29) තේ පානයෙන් පසුව ලකුණු 195කට දැවීගියේ ලකුණු 167ක ජයක් නවසීලන්තයට හිමිකර දෙමිනි. ඒ අනුව  තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගමාලාව තරග 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු 46කට කඩුලු 4ක් බිඳවැටී තිබූ මොහොතේ පිටියට පිවිසි උපනායක ඇන්ජෙලෝ මැතිව්ස් හුදෙකලා සටනක නිරතවෙමින් ලකුණු 84ක් රැස්කළේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මැතිව්ස් දැවීගියේ බෝල්ට්ගේ පන්දුවකට දෙවැනි ස්ලිප් හී සිටි මාටින් ගප්ටිල් වෙත උඩපන්දුවක් ලබාදෙමිනි.ඊයේ උදෑසන තරගය ආරම්භ වනවිට කඩුලු 6ක් අතැතිව සිටි ශ්‍රී ලංකා පිලට පස්වැනි කඩුල්ල අහිමිවූයේ නොතිබූ ලකුණක් කරා පැතිමාරු කරගැනීමට තිලාන් සමරවීර ගත් ඉක්මන්කාරී තීරණයක් හේතුවෙනි. ඒ වනවිට ශ්‍රී ලංකා පිල ලකුණු 63ක් ලබා සිටි අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 300ක් අවශ්‍යවී තිබිණි.ජය පරාජයෙන් තොරව තරගය නිමාකරගනිමින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට තිබූ කදිම අවස්ථාව අවදානමකට දැමූ සමරවීර එසේ දුවද්දී දැවීගියේ ලකුණු 7ක් ලබා සිටියදීය. ඩෆ් බ්‍රෙස්වෙල්ගේ පන්දුවකට කවර් කලාපයට පහරක් එල්ල කරමින් ඉක්මන් ලකුණක් කරා දිවගියත් අනෙක් අන්තයේ සිටි මැතිව්ස් ඔහු ආපසු හරවා යැවීය.ශ්‍රී ලංකාව පළමු ඉනිම සියලුදෙනා දැවී 244 - ටී.සමරවීර 76, ඒ.මැතිව්ස් 47, ටී.පරණවිතාන 40, එස්.රන්දීව් 39 ( ටී.සවුති 62/5, ටී.බෝල්ට් 42/4)නවසීලන්තය දෙවැනි ඉනිම අත්හිටුවන විට 194/9 - ආර්.ටේලර් 75, ටී.ඇස්ල් 35, බී.මැකලම් 35 (ආර්.හේරත් 67/3, එස්.රන්දීව් 37/2, එන්.කුලසේකර 47/2)ටී.පරණවිතාන ක.මු.ක. ප. සවුති 0 ටී.එම්.ඩිල්ෂාන් ඇ.වැන් වික් ප. සවුති 14 කේ. සංගක්කාර ප. බ්‍රෙස්වෙල් 16 එම්.ජයවර්ධන ඇ.වැන් වික් ප. බ්‍රෙස්වෙල් 5 ටී.සමරවීර දුවද්දී දැවීගියා 7 ඒ.මැතිව්ස් ඇ.ගප්ටිල් ප. බෝල්ට් 84 පී.ජයවර්ධන ඇ.වැන් වික් ප. ඇස්ල් 29 එස්.රන්දීව් ඇ.ගප්ටිල් ප.බෝල්ට් 0 එන්.කුලසේකර ඇ.විලියම්සන් ප. බෝල්ට් 18 එස්.එරංග ඇ.විලියම්සන් ප. සවුති 0 ආර්.හේරත් නොදැවී 6 අතිරේක 16 මුලු ලකුණු සියලුදෙනා දැවී (ඕවර 85.5) 195කඩුලු බිඳ වැටීම 1-0, 2-35, 3-41, 4-46, 5-63, 6-119, 7-122, 8-168, 9-169පන්දු යැවීම - සවුති 20-5-58-3, බෝල්ට් 17.5-6-33-3, බ්‍රෙස්වෙල් 13-6-13-2, පටේල් 16-7-20-0, ඇස්ල් 18-4-56-1, ෆ්ලයින් 1-1-0-0නමුත් ඒ වනවිටත් සමරවීර තණතීරුවේ හරි අඩකටත් වඩා පසුකර තිබිණි. ආපසු හැරී තම සීමාව වෙත යාමට පෙර කවර් කලාපයේ සිටි ජීතන් පටේල් ඉක්මන් විය. කඩුලු රකින්නා වූ වැන් වික් පහසුවෙන් සමරවීරගේ කඩුල්ල බිඳ දැමුවේය.සමරවීරගේ දැවියාමෙන් පසු මැතිව්ස් සමග එක්වූ ප්‍රසන්න ජයවර්ධන දිවා ආහාරය වනවිට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 107 දක්වා ඉහළ දැමීමට සමත්විය. එහෙත් දිවා ආහාරයෙන් පසුව ටොඩ් ඇස්ල්ට මංගල ටෙස්ට් කඩුල්ල හිමිකරදෙමින් කඩුලු රකින වැන් වික් වෙත උඩපන්දුවක් දී ප්‍රසන්න ලකුණු 29කට දැවීගියේය. ඒ වනවිට දෙදෙනා අතර 6වැනි කඩුල්ලට ලකුණු 56ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබිණි.ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවකට මාටින් ගප්ටිල් වෙත උඩපන්දුවක් ලබා දී සුරාජ රන්දීව් ලකුණු නොලබා දැවීයනවිට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 7කට ලකුණු 122ක් ලෙසිනි.ඒ වනවිටත් තරගයේ වැඩි වාසි හිමිකරගෙන සිටි නවසීලන්තයේ ජයග්‍රහණය පමාවූයේ නුවන් කුලසේකර පිටියට පැමිණීමත් සමගය.මැතිව්ස් සමග එක්වූ කුලසේකර තේ පානය වනතුරු සිය කඩුල්ල ආරක්ෂා කරගත්තා පමණක් නොව ඇස්ල්ගේ ඕවරයක දී දැවැන්ත හයේ පහර 2ක් එල්ල කරමින් ශ්‍රී ලංකා පිලේ පීඩනය තරමක් දුරට සැහැල්ලු කිරිමට ද සමත්විය.තේ පානයට පෙර යැවූ අවසන් ඕවරයේ දි දෙවැනි නව පන්දුව ලබාගත් නවසීලන්තය තේ පානයට පසු යවනු ලැබූ පළමු ඕවරයේදීම එහි ප්‍රතිඵල නෙලා ගත්තේ එතෙක් සාර්ථක පිතිහරඹයක නිරතව සිටි කුලසේකර ලකුණු 18කට දවාගනිමිනි. ඔහු දැවීගියේ බෝල්ට්ගේ පන්දුවකට කේන් විලියම්සන් වෙත උඩපන්දුවක් ලබාදීමෙන්ය.මිනිත්තු 62ක් කඩුල්ලේ රැඳී සිටි කුලසේකර හතරේ පහරක් සහ හයේ පහර 2ක් එල්ල කළේය. මැතිව්ස් සහ කුලසේකර අතර 8වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 46ක් විය. ඒ වනවිට මැතිව්ස් නොදැවී ලකුණු 63ක් ලබා සිටියේය. ඔහු සිය ටෙස්ට් තරග දිවියේ 10වැනි අර්ධ ශතකය වාර්තා කළේ දිවා ආහාරයෙන් පසුවය.තරගයේ වීරයා ලෙස නවසීලන්ත නායක රොස් ටේලර් සම්මාන දිනූ අතර රංගන හේරත් තරගමාලාවේ වීරයා සම්මානය දිනාගත්තේය. .
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s1211302
ජාතික ක්‍රීඩා මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද
ප්‍රින්ස් ගුණසේකර‍
තිස්අ‍ටවැනි ජාතික ක්‍රීඩා ම‍හෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ‍යේදී අද පස්වරු 4.00ට ආරම්භ වේ.ත්‍රස්තවාදය නිමා කිරීමෙන් අනතුරුව උතුරු-නැ‍ඟෙනහිර පළාත් ඇතුළු රටපුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් දෙසැම්බර් 2දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් හතලිස් දෙලක්ෂයකට අධික තෑගි මුදල් මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළේදී ප්‍රදානය කෙරේ.ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට තේරීම් තරගයක් ලෙස ජාතික මහා ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව්වල ජයග්‍රාහකයන්ගේ දක්ෂතා සැලකිල්ලට ගැනීම විශේෂත්වයකි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුව ජාතික මහා ක්‍රීඩා උලෙළේ ජයග්‍රාකයන්ගේ දක්ෂතා ඇගැයීම අනිවාර්ය කොට ඇත‍. එයට අමතරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන නිලධාරී පිරිසකටද ජාතික මහා ක්‍රීඩා උලෙළට සම්බන්ධවන ලෙස විශේෂ ආරාධනා යවා ඇතැයි නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා පැවැසීය.ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු නිවහනේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික මහා ක්‍රීඩා උලෙළේ මාධ්‍ය හමුවක් පෙරේදා පැවැත්වුණි.ලබන වසරේදී ජාතික මහා ක්‍රීඩා උලෙළේ තරග ග්‍රාම නිලධාරී මට්ටමින් පවත්වන බව පැවැසු ජයකොඩි මහත්මිය බීච් වොලිබෝල් ක්‍රීඩා තරග අලුතින් ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් කළාය.ජාතික මහා ක්‍රීඩා උලෙළේ ඔලිම්පික් පහන ප්‍රවීණ ක්‍රීඩක ප්‍රදීප් නිශාන්ත හා ක්‍රීඩිකා ජයමිණි ඉලේපෙරුම අතින් සිදු කෙරේ.සමාරම්භක දිනයේදී මීටර් 100x 4 කාන්තා, පිරිමි සහය දිවීමේ තරග මී‍ටර් 800 පිරිමි, කාන්තා තරග පැවැත්වෙන අතර දෙසැම්බර් 1හා 2 දිනවලදී අනෙක් මලල ක්‍රීඩා ඉසව් පැවැත්වේ.ක්‍රීඩා උලෙළේ සමාප්තිය අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන හා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s1211303
ජනාධිපති අභියෝග කුසලාන විස්සයි20
null
රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් සමාජය දෙවැනි වසරටත් සංවිධානය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 8 හා 9 දිනවල කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේදී පැවැත්වේ.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපනය ලැබූ රිච්මන්ඩ්, නාලන්දා හා තර්ස්ටන් විදුහල්වල වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර මේ තරගාවලිය පැවැත්වෙනු ඇත. මේ වසරේ තරගාවලිය සඳහා සත්කාරකත්වය දරන්නේ ගාල්ල රිච්මන්ඩ් විදුහල හා රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් සමාජයයි. ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේ ඉහළටම පිවිසෙන කණ්ඩායම් දෙක අවසාන තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.පසුගිය වසරේ පැවැති මංගල තරගාවලියේ “ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝග කුසලානය” දිනා ගත්තේ සත්කාරක තර්ස්ටන් විදුහලයි. මේ තරගාවලියට සමගාමීව 'අවුරුදු 40ට වැඩි ආදි ශිෂ්‍ය විස්සයි20 ක්‍රිකට් තරගාවලිය' ලෙසින් අමතර ඉසව්වක්ද මේ වසරේ හඳුන්වා දී තිබේ. “චමල් රාජපක්ෂ අභියෝග කුසලානය” සඳහා වන මේ තරගාවලිය නාලන්දා විද්‍යාලයීය පිටියේදී පැවැත්වීමට නියමිතය.මේ තරගාවලි දෙකේ ම සමාරම්භක උත්සවය කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 8 වැනි දින පෙරවරු 9.00ට තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් තරග හා තිළිණ ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s1211304
වාස්ගෙන් අපේ තරුණ වේගපන්දු යවන්නන්ට විශාල සේවයක් ගත හැකියි
ෆවුස් මොහොමඩ්
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙක් වන චමින්ද වාස්ට පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට අදහසක් තිබූ බව මීට පෙර කිසිවකුත් නොදැන සිටි බවත්, ඔහු පුහුණුකරුවෙක් ලෙස මෙරට කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ තරුණ වේගපන්දු යවන්නන්ට එය විශාල අත්වැලක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය. කෙසේවෙතත් නවසීලන්ත වේගපන්දු යවන්නන්ට වාස්ගේ උපදෙස් මෙන්ම ඔවුන්ගේ දස්කම් ද මේ සාර්ථකත්වයට බෙහෙවින් බලපාන්නට ඇතැයි ඔහු විශ්වාසය පලකළේය.නවසීලන්තය සමග පී.සරවනමුත්තු පිටියේ දි ඊයේ නිමාවට පත්වු දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වු මහේල මේ බව සඳහන් කළේය. මේ තරගයේ දී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් පළමු ඉනිමේ දී වැඩි ලකුණු ප්‍රමාණයක් රැස්කරගැනීමට අසමත්වීම තරගයේ පරාජයට බලපෑ බව ද ඔහු පැවැසීය.‘මේ තරගයේ දී වාගේම ගාල්ල තරගයේදිත් අපේ ආරම්භය එතරම් සාර්ථක වුණේ නෑ. නවසීලන්ත පිලේ වේගපන්දු හමුවේ අපේ පිතිකරුවන්ට ලකුණු ලබාගැනීම අපහසු වුණා. ගාලු ටෙස්ට් තරගයෙන් පසුව මේ තරගයේදි නවසීලන්තය යම් වෙනසක් කරාවි කියා අපි දැන සිටියත් අපේ ඉදිරිපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට නොහැකිවීම පරාජයට කාරණයක් වුණා. තරගාවලිය පුරාම අපේ පන්දු යවන්නන් හොඳින් දස්කම් දැක්වූවත් පිතිකරුවන්ට තම දස්කම් පෙන්වීමට නොහැකිවුණා.‘ ඔහු පැවැසීය. එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයේ දී සියලු අඩුපාඩු මගහරවා ගන්නා බව ද මහේල පැවැසීය..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s1211305
තරගමාලාව සමකරගැනිමට වේගපන්දු යවන්නන් විශාල මෙහෙයක් ඉටුකළා
ෆවුස් මොහොමඩ්
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය පරාජය වීමෙන් ලත් පීඩනය සරවනමුත්තු ටෙස්ට් තරගයේ දි මකා දැමීමට සිය කණ්ඩායමට හැකිවීම සතුටට කරුණක් බවත්, තරගමාලාව සමකර ගැනීමට වේගපන්දු යවන්නන් අසිමිත සහයක් ලබාදුන් බවත් නවසීලන්ත ක්‍රිකට් නායක රොස් ටේලර් ප්‍රකාශ කළේය.ඊයේ පී. සරවනමුත්තු පිටියේ දි නිමාවට පත්වු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 167ක ජයක් අත්කර ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවැසීය.ඊයේ දිනය ආරම්භයේ දීම විශිෂ්ට පිතිකරු සමරවීරගේ කඩුල්ල දවාගැනීමට හැකිවීමෙන් තරගයේ ජයග්‍රහණය පහසුවු බව ද හෙතෙම සඳහන් කළේය. ‘නවක වේගපන්දු යවන්නා වන ට්‍රෙන්ට් බෝල්ට් තරගමාලාව පුරාම ඉතා හොඳින් පන්දු යැවුවා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දි මුල්පෙලේ කඩුලු ඉක්මනින් දවාලීමෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ දමාගැනීමට අපට හැකිවුණා.‘ ඔහු පැවැසීය..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s1211306
ආසියානු 16න් පහළ කාන්තා පාපන්දු සුදුස්සන් තෝරා ගැනීම:
ප්‍රින්ස් ගුණසේකර
ආසියානු පාපන්දු සංගම් කුසලාන 16න් පහළ කාන්තා ශූරතාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් තරගය අද ඉරානයට එරෙහිව පැවැත්වේ.ඉරානය හා ශ්‍රී ලංකාව අතර තරගයෙන් ශ්‍රී ලංකාව ‍ගෝල් 4කට වඩා වැඩි පරතරයකින් ජය ගැනීම අවසන් වටය සඳහා පිවිසීමට අත්‍යවශ්‍ය වේ.ඉරානය වෙතින් ඉන්දියාව පරාජයට පත්වු අතර ඉරානය උස්බෙකිස්තානයට පරාජය විය.ශ්‍රී ලංකාව උස්බෙකිස්තානයට පරාජයවු අතර ඉන්දියාව සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කළේය. සහභාගීවු තරග දෙකෙන්ම ජයගෙන සිටිනඋස්බෙකිස්්තාන ක්‍රීඩිකාවෝ දැනටමත් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා සිටිති.ශ්‍රී ලංකාවේදී කණ්ඩායම් 4ක් සහභාගීවන තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් අවසන් වටයට සුදුසුකම් ලබන බැවින් ඉන්දියාව, ඉරානය හා ශ්‍රී ලංකාව අතුරින් කණ්ඩායමකට අවසන් වටයට පිවිසීමේ අවස්ථාව උදාවේ.මෙතෙක් සහභාගීවු තරග දෙකේදීම ශ්‍රී ලංකා 16න් පහළ ක්‍රීඩිකාවෝ දක්ෂ ලෙස ක්‍රීඩා කළද ඔවුන්ට අත්දැකීම් අවමවීම ජයග්‍රහණය කරා යෑමට ප්‍රධාන බාධාවක්ව තිබේ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s1211307
රිකී පොන්ටිං ටෙස්ට් තරග බිමෙන් සමුගනී
null
ලොව දෙවැනියට වැඩිම ටෙස්ට් ක්‍රිකට් ලකුණු ලබා ගෙන සිටින ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටිං දකුණු අප්‍රිකාවට එරෙහිව අද ඇරැඹෙන ටෙස්ට් තරගයෙන් පසුව තමාගේ වසර 17ක ටෙස්ට් ක්‍රීඩා දිවිය අවසන් කරන බව ඊයේ ප්‍රකාශ කළේය.“මම මගේ සියල්ල ක්‍රිකට් වෙනුවෙන් ලබා දී තිබෙන බව මා දන්නවා. එය අවුරුදු විස්සක්ම මගේ ජීවිතය වී තිබුණා. මට මීට වඩා දිය හැකි දෙයක් නැහැ” යැයි තරගයට පෙර පර්ත්හි වකා ක්‍රීඩාංගණයේදී ඊයේ හදිසියේම කැඳවනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී පොන්ටිං කියා සිටියේය. ලබන මාසයේ 38 වැනි වියට පා තබන පොන්ටිං, බ්‍රිස්බේන් හා ඇඩිලේඩ් ක්‍රීඩාංගණවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජය පැරදුමින් තොරව අවසන් වූ තරගවල ඉනිම තුනකදීම පිතිකරණයේ අසාර්ථක විය. ඔහු එළැඹෙන තරග වාරයේදී ටැස්මේනියාව වෙනුවෙන් දේශීය තරගාවලියට ක්‍රීඩා කරනු ඇත. විශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක් අවසන් කිරීම සඳහා පොන්ටිං ට සුදුසු ම තැන පර්ත් වෙයි. ඔහු 1995දී ප්‍රථම වතාවට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ (ශ්‍රී ලංකාවට එරෙහිව) පර්ත්හිදී ය.සිකුරාදා ක්‍රීඩා කිරීමෙන් පොන්ටිං, ස්ටීව් වෝ ගේ ටෙස්ට් තරග 168 සම කරනු ඇත. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් සහභාගිත්වය මෙය වෙයි.2004 වසරේදී නායකත්වයට පත් කිරීමෙන් පසුව පොන්ටිං නායකයා ලෙසින් වෙනත් කිසිම ඔස්ට්‍රේලියානුවෙකුට වඩා ටෙස්ට් තරග ජය ගනිමින් (48) එරට ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත්විය.රිකී පොන්ටිං ටෙස්ට් ලකුණු 13,366ක් වාර්තා කොට ඇති අතර ශතක 41ක් මීට ඇතුළත් වේ. සාමාන්‍යය 52.21කි. ඔහුට වඩා ලකුණු රැස්කර ගෙන සිටින්නේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් පමණි..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s1211308
ඉන්දියා පාපැදි තරගයටගුවන් හමුදාවෙන් තිදෙනෙක්
null
මුම්බායි, ශ්‍රීනගර් හා දිල්ලියේදී ලබන මස 2 සිට 9 දක්වා පැවැත්වෙන 'ටුවර් ඩි ඉන්ඩියා' ජාත්‍යන්තර පාපැදි තරගයට සහභාගි වන ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සංචිතයේ ක්‍රීඩකයන් තිදෙනෙකුද තෝරා ගෙන තිබේ.බුද්ධික වර්ණකුලසූරිය, ජීවන් ජයසිංහ හා ශිරාන් ප්‍රනාන්දු ඉන්දියා සංචාරයට තෝරා ගෙන සිටින ගුවන් හමුදා ක්‍රීඩකයෝ වෙති. කණ්ඩායම් කළමනාකරු ල ෙස ප්‍රසන්න රණසිංහ මහතා එක්වේ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s1211309
ෆ්ලින්ටොෆ් බොක්සිං තරග බිමට
null
මැන්චෙස්ටර් (ඒ.එ‍ෆ්.පී.)අමෙරිකාවේ රිචර්ඩ් ඩෝසන් සමග අද පැවැත්වෙන සිය පළමු වෘත්තීය බොක්සිං තරගය සාර්ථක වුවහොත් තව තවත් එවැනි තරගවලට සහභාගි වීම පිළිබඳව හිටපු එංගලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්‍ඩෲ ෆ්ලින්ටොෆ් දැනටමත් කල්පනා කරමින් සිටී.“ෆ්‍රෙඩී” ලෙසින් ලොව ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය වූ 34 හැවිරිදි නව මාවතකට අවතීර්ණ වෙමින් ඩෝසන් සමග මැන්චෙස්ටර් බොක්සිං වළල්ලේදී තරග වට හතරකින් සමන්විත හෙවිවේට් තරගයකට සහභාගි වෙයි. ෆ්ලින්ටො‍ෆ්, අපරාජිත පොදුරාජ්‍ය මණ්ඩලීය සුපර් බැන්ටම්වේට් ශූරයා සමග එක්ව පසුගිය මාස පහක කාලය තුළ හිටපු ලෝක ෆෙතර්වේට් ශූර බැරී මැක්ගුයිගන් හා ඔහුගේ පුත්‍රයාගෙන් පුහුණුව ලබා තිබේ..
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=s12113010
රාජ්‍ය සේවා කැරම් ශූරතාව  රජයේ මුද්‍රණාලයට
null
.
NEWSPAPER
2012.11.30
http://www.dinamina.lk/2012/11/30/_art.asp?fn=f1211301
කච්චේරි ගින්න - එජාප සමුළුව සහදෝෂාභියෝගය
null
කොළඹ වේල්ල වීදියේ පිහිටි වසර එකසිය පණහක් පැරැණි ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය කොළඹ කච්චේරි ගොඩනැඟිල්ලේ ගින්න කුමන්ත්‍රණයක්දැයි දැන් සොයා ගෙන යයි. ජනමාධ්‍ය ඔස්සේ එය කුමන්ත්‍රණයක් බවට යෝජනා කරයි. තවත් මාධ්‍යයක් කියන්නේ කච්චේරියට ගිනි තැබූ බවයි. මෙම ගින්නෙන් වටිනා ලියැවිලි රැසක් විනාශ වී ගියේය. කොයි දෙයක් වුවත් සත්‍යය හරිහැටිම සොයා ගන්නා තෙක් විවිධ කට කතා, අභූත චෝදනා විවිධ යෝජනා ඉදිරිපත් වීම සාමාන්‍ය සිරිත වන්නේය. මෙම ගින්න ගැන එජාපය හෝ ජ.වි.පෙ. තවමත් එහි වගකීම ආණ්ඩුවට පවරා නැත.අප මෙහිදී දන්නේ කොළඹ කච්චේරියේ ගින්නෙන් විශාල විනාශයක් සිදු වූ බවයි. සිදු වූ අලාභය ගණන් නොබැලුවාට ඉතාමත් වැදගත් වන්නේ වැදගත් ලියවිලි විනාශ වීමය. එහෙත් ඇමැතිවරයා සහ දිසා ලේකම්වරයා කියන විදියට ගිනි ගෙන විනාශ වූ ලියවිලිවල පිටපත් ආරක්ෂක ගබඩාවක තිබේ. එසේ අමතර පිටපතක් ආරක්ෂා තැබීමේ වැදගත්කම ගින්නෙන් පසු අවබෝධ වේ.කච්චේරියේ ගින්නෙන් මේ තරම් විශාල විනාශයක් වීමට හේතු වූ එක් කාරණයක් හැටියට ගිනි නිවන හමුදා නිලධාරීන් පෙන්වා දෙන්නේ වතුර ගෙන ඒමට කිලෝමීටර් භාගයක් පමණ යෑමට තිබුණ බවයි. ඒ නිසා ගින්න නිවීමට පැය පහක් පමණ ගත වී තිබේ. ගිනිගත් මහලේ දැව වැඩි නිසා ගින්න තවත් ඉක්මනින් පැතිරී යාමද සිදු වෙයි.ජනාකීර්ණ තැනක පිහිටි කච්චේරිය ළඟ ජල පහසුකම් ඇති නොකළේ කච්චේරිය කවදා හෝ ගිනි ගනීවිදැයි නොදැන සිටි නිසාම නොවේ. එවන් ජනාකීර්ණ ප්‍රදේශයක කාර්යාල පවත්වාගෙන යාමේදී ප්‍රායෝගික අපහසුතා ඇති බව වැටහෙන්නේ මෙවැනි අවස්ථාවකදීය.කෙසේ හෝ දැන් ගින්න නිවාගෙන ඇත. බොහෝ අංශවල වැඩ ආරම්භ කර තිබේ. කොළඹ කච්චේරියේ ඇති විවිධාකාර ලියකියවිලිවල පිටපත් ප්‍රාදේශීය කාර්යාලවලද ඇති බැවින් කිසිවකු ගින්න ප්‍රශ්නයක් කර ගත යුතු නැත.එයින් අදහස් කරන්නේ ප්‍රශ්නයක් නැත්නම් ගිනි ගත්තාට හෝ ගිනි තැබුවාට වරදක් නැතැයි යන්න නොවේ. දැන් ඉතින් කච්චේරිය පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් හා අධ්‍යයනයක් කොට මෙවැනි ආපදාවලට අනාගතයේදී මුහුණ දිය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමට කාලය පැමිණ තිබෙන බව අපි කියමු.එජාපයේ 54 වෙනිසම්මේලනයඑක්සත් ජාතික පක්ෂය සිය 54 වෙනි සම්මේලනය හෙට පැවැත්වීමට සූදානම් කර තිබේ. මෙම සම්මේලනය පැවැත්වෙන්නේ පක්ෂය දෙකඩ නොවූවත් වෙනස් මත දරන කණ්ඩායම්ද පක්ෂයේ සිටියදීය. පක්ෂ සම්මේලනය පවත්වන්නට කොන්දේසි කීපයක්ද පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පනවා තිබේ. ඔහු මාධ්‍ය ඔස්සේ දැනුම් දී ඇත්තේ නිල ආරාධනා පත්‍ර නැති අය පක්ෂ සම්මේලනයට නොපැමිණිය යුතු බවයි. එසේ නැත්නම් නියෝග ලැබූ අය අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුනක්, පළාත් සභා මන්ත්‍රී දෙකක් සහ පළාත් පාලන නියෝජිතයෝ 11ක් සිටිති. අත්තනායක මහතා කියන විදියට ඒ අයට නිල ආරාධනා යවා නැත.පක්ෂ සම්මේලන බණ ශාලාවක පිරිත් ගෙදරක ඇති ශාන්ත දාන්ත ස්වරූපය ගන්නේ නැත. පක්ෂවල ප්‍රශ්න තිබේ. සම්මේලනයට යන්නේ එම ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමටය. එසේ නැතිව ඉතා ශාන්ත දාන්ත ගමනින් ගොස් තැන්පත්ව වාඩි වී නායකයාගේ කතාව සවන්දී වේගවත් අත්පොළසන් නාදයක් පවත්වා - දෙන දෙයක් කා බී ආපසු සතුටින් ගෙදර යාමට පක්ෂ සම්මේලන පවත්වන්නේ නැත.පාක්ෂිකයන්ට ප්‍රශ්න තිබේ. ඒවාට පිළිතුරු ලැබෙන්නේ පක්ෂ සම්මේලනයේදීය. පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇති අය සම්මේලනයට ගොස් බාල්දියක් පෙරළා ආවොත් පක්ෂ නායකයාට අවශ්‍ය විදියට කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට බැරිය. සම්මේලනයේ දොරටු පක්ෂ තහනමට ලක්වූවන්ට විවර නොවන්නේ ඒ නිසාය.පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය අවුරුදු හයකට තබා ගැනීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ. පක්ෂ නායකත්වයට ගැළපෙන වෙනත් කෙනකු පක්ෂය තුළ නැති නිසා එම යෝජනාවේ වරදක් නැතැයි වික්‍රමසිංහ මහතා සිතනු ඇත. කෙසේ හෝ මෙවර සම්මේලනය පවත්වන්නේද වාර්තාගත මැතිවරණ පරාජවලින් පසුවය. පක්ෂ සාමාජිකයන්ටද ඡන්ද දිනන්නට උනන්දුවක් නැත. ඡන්ද දායකයාට අවශ්‍ය තමන්ට වැඩක් කරන රටට වැඩක් වන පක්ෂයක් හා නායකයකු බලයේ තබා ගැනීමටය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට ජනතාවට අවශ්‍ය නැත.මේ ආණ්ඩුවේ අඩු පාඩු දුර්වලතා නැත්තේ නොවේ. එහෙත් ඉලක්කගත ගමනකට ආණ්ඩුව සූදානම් බව ගමනේ ස්වරූපයෙන් ජනතාව දනිති. ඒ ගමන් මඟ අවුල් කර ගෙන අමාරුවේ වැටෙන්නටද ජනතාව කැමැති නැත. කෙසේ වෙතත් අතක් පයක් කඩා නොගෙන අලියට හානියක් නොකර සිරිකොතේ යකඩ වැටවල් ආරක්ෂා කර ගෙන පක්ෂ සම්මේලනය පැවැත්වීමට අවස්ථාව සැලසේවායි අපි ඉතසිතින් පතමු.දෝෂාභියෝගයශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනේ සිට රාජකාරිය කරන අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය සේවය නිමවා නිවසට යන්නේ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරි දොරටුවෙන් නොවේ. එතුමියට අධිකරණයෙන් පිටව යාමට වෙනම දොරටුවක් තිබේ. එහෙත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යනදා එතුමිය ඉදිරිපස දොරටුවෙන් එළියට ආවාය. එතුමියගේ ඡායාරූප ගන්නට දෙස් විදෙස් කැමරා ශිල්පීහු සැදී පැහැදී සිටියහ. නීතිඥයෝ පෙළ ගැසී සිටියහ. අගවිනිසුරුවරිය අධිකරණ තීන්දුවක් දුන්වෙලේ පුටුවල නැගී කෑකෝ ගැසූ නීතීඥවරු අගවිනිසුරුවරියගේ අතට අත දුන්හ. Thank you much, Thank you so much කියමින් අගවිනිසුරුවරිය ඔවුන් පිළිගත්තාය. එදා පුටුවල නැගී කෑ ගැසූ නීතිඥවරු අලුත්කඩේ බෝධිය ඉදිරිපිට පොල් ගැසූහ. පොල් ගැසුවේ කාගෙන් පළිගන්නදැයි පැහැදිලි නැත. ගැසූ පොල්වලින් බිඳී ගියේ දෙක තුනක් පමණි.පාර්ලිමේන්තුවට අගවිනිසුරුවරිය යන විටත් කැමරා ශිල්පීහු, ජනමාධ්‍යවේදීහු එතුමිය ගමන් ගත් රිය වටකර ගත්හ. ප්‍රකාශයක් ගන්නට පොර කෑහ. විශාල ප්‍රසිද්ධියක් ලබා ගත් ඇය පැය කීපයක් තේරීම් කාරක සභාව හමුවේ ගතකොට දෙසැම්බර් 4 දා යළි පෙනී සිටීමේ පොරොන්දුව මත යන්නට ගියාය. දෝෂාභියෝගයෙන් පරාජයට පත්වුවහොත් එතුමිය මැතිවරණයට ඉදිරිපත් වන බව කියන පුවතක් ද සති අන්ත පුවත්පතක පළ විය.ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට මන්ත්‍රීවරු 117 ක් අත්සන් කළහ. සියලු දේ සිදු වූයේ ව්‍යවස්ථාවට අනුවය. දෝෂාභියෝග කරළියට ආ ප්‍රථම අවස්ථාවද මෙය නොවේ. එහෙත් කවදාවත් දෝෂාභියෝගවලට දැඟලුවේ නැති කොටස් දඟලන්නට වූහ. පුවත්පත් සාකච්ඡා පැවැත්වූහ. උද්ඝෝෂණ කළහ. පෙළපාළි ගියහ. මේ සියල්ල මැද්දේ තවත් උද්ඝෝෂණයක් පෙරේදා අලුත්කඩේදී දක්නට ලැබුණි. ඒ උද්ඝෝෂණයට එක්ව සිටියේ රුපියල් බිලියන 26ක් “හොර කොතලාවලගේ” ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළ තැන්පත්කරුවන් ය. ඔවුහු ද අහම්බයක් ලෙස නොව සෘජුව දෝෂාභියෝගයට සිය උද්ඝෝෂණය මූලික කර ගත්හ.මෙම ගෝල්ඩන් කී තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කන්ඩායම අගවිනිසුරුවරිය වෙනුවෙන් තේරීම් කමිටුවේ පෙනී සිටීම විශාල සැකයකට තුඩු දෙන බව තැන්පත්කරුවෝ පෙරේදා අලුත්කඩේදී කෑ ගසා කීහ.ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ දුක්ගැනවිල්ල විසඳීමට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරුවන් ද අගවිනිසුරුවරිය පත් කළ අයම බව තැන්පත්කරුවෝ කියා සිටියහ. ගෝල්ඩන් කී සමාගමේ නිවසක් මිළට ගැනීම දෝෂාභියෝගයේ එක චෝදනාවකි. එම නඩුවට පෙනී සිිටින රොමේෂ් ද සිල්වා, නලින් ලද්දුවහෙට්ටි අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටීම සැකයට තුඩු දෙන බව තැන්පත්කරුවෝ කෑ ගසා කියා සිටියහ.ලක්ෂ ගණනින් ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කළ අයට සාධාරණය ඉටු කරදීමට පොරොන්දු වූ අගවිනිසුරුවරියත් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුනුත් අගවිනිසුරුවරියට එකතුවීම මුල් කරගෙන උද්ඝෝෂණයට එක්වූ පිරිස තමන්ගේ මුදල් ලැබෙන තුරු වසර හතරක් බලා සිටියහ. සමහරු සතයක්වත් නැතිව මිය ගියහ. තවත් අය සිය දිවි නසා ගත්හ. සමහරු දුම්රියට පැන ජීවිතය නැති කර ගත්හ.මේ තත්ත්වය යටතේ අපට පෙනෙන එක් දෙයක් තිබේ. අද දෝෂාභියෝගය ට කෑ ගසන දඟලන ප්‍රකාශ නිකුත් කරන විවිධ යෝජනා රැගෙන එන අය ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ හඬටද සවන් දිය යුතු බවය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n121202_br1
සිරිපා හිමේ ඉන්දුනීසියන් කරුවන්ගේ සුවඳ ජාවරමක්
null
(2012-12-02 12:28)වල්ලාහපට්ටා ශාකය ශ්‍රී ලංකාවට ආවේනික වූ වටිනා ශාකයකි. මේ ශාකය වැවෙන්නේ සිරිපා රක්ෂිත ප්‍රදේශයේයි. මම ශාකයේ කොටස් මගින් ලබා ගන්නා තෙල් මගින් ඉතා වටිනා සුවද විලවුන් වර්ගයක් නිපදවෙයි. එහි මිල බොහෝ ඉහළය. අද අලුයම වල්ලාහපට්ටා කිලෝ සියයක් පටවා ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් නෝර්ටන් බ්‍රිජ් හිදි පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලදී. මෙහි වටිනා කම රු. ලක්ෂ ගණනකි.ඒ සමගම ඉන්දුනීසියන් ජාතිකයෙක් හා ශ්‍රී ලාංකිකයන් හතර දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් මේ ශාක කොටස් මගින් මෙරට දී තෙල් නිශ්පාදනය කොට එම තෙල් ඉන්දුනිසියාවට යවන්නට කටයුතු යොදා තිබුණේ යැයි පොලිසිය හෙළිකරගෙන ඇත.සිරිපා රක්ෂිතයේ සිදු වූ මහ පරිමාන ජාවාරමක් අද මෙසේ හෙළිදරව් කර ගන්නට පොලිසිය සමත්විය. පහත දැක්වෙන්නේ එම සිද්ධියේ දසුන් කිපයකි..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n12120110
යුද්ධයෙන් දිනා ගන්න බැරිවූ දේඇතැමුන් ‘අලුත්කඩෙන්’ ගන්න හදනවා
ධනුෂ්ක ගොඩකුඹුර
වසර තිහක යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ දේ අලුත්කඩේ ගොස් දිනා ගන්නට ඇතැමුන් උත්සාහ ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.ඇතැමුන් කළ වැරැදි එළිවන විට විපක්ෂය වෙතට ගොස් ආණ්ඩුවට බැණ වදින බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට ‍කිසි දිනෙක බොරු කළ නොහැකි බවත් රටට සැබෑවටම ආදරය කරන්නේ කවුරුන්දැයි ජනතාව දන්නා බවත් කීවේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ වරාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ග්‍රන්ථ දෙකක් එළිදැක්වීමට අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති උත්සවයකට එක්වෙමිනි.නීතිඥයකු ලෙස තමා සෑම විටම අධිකරණයට ගරුකරන බව පැවැසූ ජනාධිපතිවරයා අධිකරණයත් සිය ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.ඇතැමුන් පාර්ලිමේන්තුවට ගොස් කතා කරන්නේ රටේ ප්‍රශ්න නොව වෙනත් න්‍යාය පත්‍රවලට අනුව බවත් යුද්ධය අවසන් වුවත් රට මුහුණ දෙන ප්‍රශ්න තවම අවසන් නැති බවත් ජනාධිපතිවරයා කීවේය.කෙතරම් ප්‍රශ්න ආවත් ඒවායින් කලකිරෙන අයට දේශපාලනය කළ නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා රට භාර ගන්නට එනවා නම් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සූදානම් විය යුතු බවත් කීවේය.ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහත්වරු ද අදහස් දැක්වූහ..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n1212011
ත්‍රීවිල් රථ රියැදුරන්ගේ උද්ඝෝෂණයටනීතිඥවරුන්ගෙන් මැර ප්‍රහාරයක්
සිරන්ජනි කුමාරි
සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය පැවැත්වූ සාමකාමී ත්‍රිරෝද රථ පෙරහර ගමන් ගත් ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ සංගමයේ ලේකම්ට ඊයේ (30) මහාධිකරණය ඉදිරිපිට දී නීතිඥවරු පිරිසක් පහර දී පලා ගොස් තිබේ.කොටුව ප්‍රදේශයෙන් ආරම්භ වී අලුත්කඩේ අධිකරණ සංකීර්ණය හරහා ගමන් ගත් Qර් – 5693 දරන ත්‍රිරෝද රථයේ ගමන් ගත් ලේකම් රෝහණ පෙරේරා මහතා ත්‍රිරෝද රථයෙන් එළියට ඇද පහර දුන් නීතිඥවරු රථයට ද අලාභ සිදුකැර පලා ගොස් තිබේ.මෙම පහරදීමෙන් ඔහුගේ ගෙල බැඳි රන් දම්වැල ද කඩා වැටී තිබුණු අතර ඔහුගේ කමිසය ද ඉරා දමා තිබූ අයුරු දක්නට ලැබිණ.  මහාධිකරණය ඉදිරිපිටදී තමාට පහර දුන් නීතිඥවරු පිටුපස ත්‍රිරෝද රථ රියැදුරන් දිවගිය ද ඔවුන් අධිකරණය දෙසට පලාගොස් සැඟවුණු බවට ලේකම්වරයා අප සමඟ පැවසීය.සිය ත්‍රිරෝද රථය සාමකාමීව උද්ඝෝෂණයට සහභාගි වෙමින් රිය පෙළහරේ ගමන් ගන්නා විට එක විටම එම ස්ථානයට පැමිණි නීතිඥවරු හතරදෙනකු “තොපි ආණ්ඩුවට කඩේ යනවාදැයි” අසමින් තමාට පහර දී ත්‍රිරෝද රථයට ද අලාභහානි කරමින් මහාධිකරණය දෙසට දිවගිය බවට රෝහණ පෙරේරා මහාත සඳහන් කෙළේය.මෙම අවස්ථාවේදී සාමකාමී ත්‍රිරෝද රථ පෙළහරේ රියැදුරන් හා නීතිඥවරු විටින් විට අධිකරණ සංකීර්ණය අසල දී දැඩි වාග් ප්‍රහාරයන් හුවමාරු කැරගන්නා අවස්ථා ද දක්නට ලැබිණි. මෙයට අමතරව මෙම අවස්ථාවට ආරක්‍ෂාව ලබා දීමට පැමිණි ඉහළ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල කරමින් නීතිඥවරු ඔවුන් සමඟ ද විවිධ වාදයන්ට පැටලුණහ.මෙහිදී පොලිස් උසස් නිලධාරීන් පවසා සිටියේ නීතිඥවරුන්ට පසුගිය දිනකදී මිනිපෙට්ටි පිළිස්සීමට අවසර දුන් ආකාරයටම ත්‍රිරෝද රථ රියැදුරන්ට ද සාමකාමීව උද්ඝෝෂණයේ යෙදීමට අවස්ථාව ලබා දී ඇති බවය. මෙම අවස්ථාවට සහභාගි වූ සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතා පැවැසුවේ “අපි අධිකරණයට ගරු කරනවා. එය දෙවඟනක් හා සමානයි.ඒ වගේම අධිකරණයට අපි බයයි. අගවිනිසුරුවරියට විරුද්ධව දැනුදු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පරීක්‍ෂණයක් පවත්වනවා. එම පරීක්‍ෂණය අවසන් වන තෙක් ඇය සිය ධුරයෙන් ඉවත් වීම ගෞරවාන්විතයි. ඇය වටා එන්. ජී. ඕ. කාරයින් ඉන්නවා. ඔවුන් හදන්නේ රට විකිණීමටයි” යනුවෙන් පැවසීය.තවද එන්. ජී. ඕ. සමඟ එක්ව රට විකුණන්න එපා යැයි අප අගවිනිසුරුවරියගෙන් ඉල්ලා සිටින බවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ධර්මසේන මහතා පැවසුවේය.ලැජ්ජයි, ඩොලර් කුට්ටිවලට අධිකරණය යට නොකරනු ආදී දැන්වීම් පුවරු සිය ත්‍රිරෝද රථයන්හි ප්‍රදර්ශනය කරමින් ත්‍රිරෝද රථ හිමියන්ගේ පෙළපාලිය අලුත්කඩේ අධිකරණ සංකීර්ණය හරහා ටවුන්හෝල් දෙසට ගමන් කරනු දක්නට ලැබිණ..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n1212012
අධිකරණයේ ගෞරවය-අභිමානයවිනාශ කිරීමට ඉඩ නොදෙමු
අනුර ප්‍රේමලාල්
අධිකරණයේ ගෞරවයත්, අභිමානයත් විනාශ කිරීමට කුමන්ත්‍රණකාරීන්ට ඉඩ දෙන්න එපා. ත්‍රිරෝද රථ රියැදුරන් ඊයේ (30) කොළඹ නගරයේ දැවැන්ත ත්‍රිරෝද රථ පෙළපාලියක් පවත්වමින් ආණ්ඩුවට බල කැර සිටියේය.ත්‍රිරෝද රථ දහසක් පමණ එක්වූ මෙම දැවැන්ත ත්‍රිරෝද රථ පෙළපාලිය ඊයේ පෙරවරු 8.30 ට පමණ කොළඹ 07 විහාරමහා දේවි උද්‍යානය අසලින් ආරම්භ කොට අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අසල දක්වා ගමන් කොට යළි පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය, ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය, ධර්මපාල මාවත ඔස්සේ යළි විහාරමහා දේවි උද්‍යානය අසලට ළඟාවිය.මෙම විරෝධතා රථ පෙළපාලියේ ගමන් ගත් ත්‍රිරෝද රථවල ප්‍රදර්ශනය කළ තේමා පාඨය වූයේ “රට කඩන්නට වෙරදරන ඩොලර් මිටි ගණන් කොමිස් ලබන එන්. ජී. ඕ. ගජමිතුරන්ගෙන් අධිකරණය බේරාගනිමු” යන්නයි. මෙම පෙළපාලිය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ජාතික එකමුතුව සංවිධානය කැර තිබුණි.ත්‍රිරෝද රථ පෙළපාලිය අවසන් කිරීමෙන් පසුව පැමිණ සිටි පිරිස ඇමැතූ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේන මහතා කියා සිටියේ එදා යුද්ධයෙන් ජයගත නොහැකි වූ බෙදුම්වාදය අද විවිධ මාර්ග ඔස්සේ ජයග්‍රහණය කරවීමට උත්සහ දරන අතර, මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කිරීමට කිසිදු බේදයකින් තොරව සහයෝගය ලබා දෙන බව.මෙය ආණ්ඩුවට හා දේශපාලන පක්‍ෂයකට ලබාදෙන සහයෝගයක් නොවන අතර අපේ රණවිරුවන් දිවි හිමියෙන් රැකගත් රට ආරක්‍ෂා කැර ගැනීමට ලබාදෙන සහයෝගයක් බව අවධාරණය කෙළේය.රටේ නැති බැරි මිනිසුන් ඇති හැකි අය කිරීමට ගෙනා දිවි නැඟුම පනත අර්ථයෙන් දිවි නැඟුමක් බව පැවසූ ඒ මහතා, මෙම කුමන්ත්‍රණකාරීන් එවැනි ඵලදායී වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ක්‍රියා කරන බවට චෝදනා කෙළේය.එබැවින් මේ කුමන්ත්‍රණකාරී කණ්ඩායම් පරදවා රට සුරැකීමට සියලු ජන බලවේග එකමුතු කරමින් ආණ්ඩුවට සහය දෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n12120111
හිටපු ඉන්දීය අගමැතිඉන්ද්‍ර කුමාර් ගුජ්රාල්අභාවප්‍රාප්ත වෙයි
රක්‍ෂණ ශ්‍රියන්ත
හිටපු ඉන්දීය අගමැතිවරයකු වූ ඉන්ද්‍රකුමාර් ගුජ්රාල් මහතා ඊයේ (30) අභාවප්‍රාප්ත විය.මිය යන විට 92වැනි වියේ පසු වූ ඒ මහතා, දින 11ක් රෝගාතුරව රෝහල්ගතව සිටියදී මිය ගොස් ඇත.1919 දෙසැම්බර් 04 වන දින පන්ජාබයේදී හෙතෙම උපත ලැබීය.1997 - 1998 ඉන්දියාවේ සභාග රජයේ අගමැතිවරයා ලෙස ඒ මහතා කටයුතු කෙළේය.1969 - 71 වසරවල කොන්ග්‍රස් පක්ෂයේ තොරතුරු හා ගුවන්විදුලි අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. අනතුරුව 1990 දී ඒ මහතා සමාජවාදි ජනතාදාල් පක්ෂයට එක්විය. එහි විදේශ අමාත්‍යවරයා ලෙස පකිස්ථානය හා ඉන්දියාව අතර මිතු දම් ගොඩනැඟීමේ කටයුතුවල ප්‍රමුඛව කටයුතු කළේය.ඔහු හඳුන්වා දුන් ගුජ්රාල් න්‍යාය නැමති විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් ඔහු ලෝකයේ විවිධ රටවල් අතර ප්‍රචලිත විය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n1212013
පෙර පාසල් දරුවන් 12දෙනකුප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයරියැදුරු සමඟ අත්අඩංගුවට
ඉන්දික පොල්කොටුව
මහවෙල සිට පළාපත්වල දක්වා පෙර පාසල් දරුවන් 12 දෙනකු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් එහි රියැදුරු සමඟ අත්අඩංගුවට ගැනීමට මහවෙල පොලිසිය ඊයේ (30) සමත්විය.අවුරුදු 3 – 4 වයස්වල දරුවන්ට අමතරව තවත් කාන්තාවක හා රියැදුරු මෙම ත්‍රිරෝද රථයෙහි අපරීක්ෂාකාරී ලෙස ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනිණ.රියැදුරුට අමතරව ත්‍රිරෝද රථයක් තුළ ගමන් කළ හැක්කේ තවත් මගීන් තිදෙනකු පමණක් වන අතර, මෙම ත්‍රිරෝද රථය තුළ අමතරව දස දෙනකු ගමන් කැර තිබේ.මෙලෙස ත්‍රිරෝද රථ තුළ වැඩි වශයෙන් මගීන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් මාරක රිය අනතුරු රැසක් පසුගිය වකවානුව තුළ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.ඉන් ආසන්නම සිදුවීම වූයේ පසුගියදා අඹන්පොළ ප්‍රදේශයේ දී සිදුවූ දුම්රිය – ත්‍රිරෝද රථ අනතුරයි.ඉන් හය දෙනෙකුගේම ජීවිත අහිමි විය.මහවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාට ලැබුණු තොරතුරක් මත මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් රියැදුරු සමඟ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන ඇත..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n1212014
විශාරද දීපිකාට ‘ගුසී’ සම්මානය
ජීවනී පතිරණ සහ ලලිත් වන්නිආරච්චි
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ඨ සේවය අගය කරමින් පිලිපීනයේ ගුසී පදනම මගින් පිරිනමනු ලබන ඉහළම සම්මානය වන ‘ගුසී’ සම්මානයෙන් ප්‍රවීන ගායන ශිල්පිණී විශාරද දීපිකා ප්‍රියදර්ශණී පීරිස් මෙනවිය පසුගිය දා පිදුම් ලැබුවාය.ඉකුත් 28 වැනි දින මැනිලා නුවර දී ‘ගුසී’ සම්මාන ප්‍රදානෝත්සවය පැවැති අතර, ඇය දැනට දේශීය හා විදේශීය සම්මාන 20කට වැඩි ප්‍රමාණයකින් පිදුම් ලබා තිබේ. මෙයට අමතරව වෘත්තීයමය ගායන ජීවිතයේ පසුගිය දෙවසර තුළදී සිය අද්විතීය දක්ෂතා ප්‍රදර්ශනය කළ ඇගේ ‘සරෝජා’ ගීතය ජනතාව අතර සදානුස්මරණය වී ඇති ගීතයකි.දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය ඇතුළු කණ්ඩායමට සාම සම්මානය ලබාගැනීම සඳහා මැනිලා නුවරට යාමට අවශ්‍ය ගුවන් ටිකට්පත් සියල්ල සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින්ලබා දී තිබේ.අනිද්දා(03) අලුයම 12.15ට ඇය කටුනායක ගුවන් තොටුපලට ළඟාවීමට නියමිත අතර, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ඇය පිළිගැනීමට කටයුතු යොදා ඇත.ඇය පිළිගැනීමේ අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බී. ඒකනායක මහාතා ඇතුළු නිලධාරීන්, සංගීතවේදීන් හා කලාකරුවන් රැසක් සහභාගීවීමට නියමිතය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n12120112
අවස්ථා තුනකදී පාර්ලිමේන්තුව කල් තබයි
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් අවස්ථා තුනකදී පාර්ලිමේන්තු කටයුතු කල් දැමීමට මුලාසනයට සිදුවිය.සභාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෛන් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා සභාවෙන් ඉවත් කරන ලෙස ඒ අවස්ථාවේ මුලාසනයේ සිටි ඒ.එච්.එම්. අස්වර් මහතා නියෝග කළේය.විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී රවී කරණානායක මහතා සිය කතාව අතරතුර සිදු කරන ලද ප්‍රකාශයක් ස්ථාවර නියෝගවලට පටහැනි බවට මුලසුන ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් අවස්ථාක් ඇති විය.මුලසුන එසේ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසුන්වලින් නැගී සිටිමින් ඝෝෂ කළහ. එජාප මන්ත්‍රීවරු දිගින් දිගටම මුලාසනයට විරෝධය පළ කළහ. මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා සභාව විනාඩි 5කට කල් තැබීමටත් අජිත්.පී.පෙරේරා මහතා සභාවෙන් ඉවත් කරන ලෙසද මුලසුනේ සිටි අස්වර් මහතා නියෝග කළේය.සභාව කල් තැබූ පසු නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැමිණ අජිත් පෙරේරා මහතාට යමක් පවසනු දක්නට ලැබිණ. ඉන්පසුව ඒ දෙදෙනා සමඟ එජාප මන්ත්‍රීවරු සභාවෙන් ඉවත්වෙනු දක්නට ලැබිණි.පස්වරු 4.15ට කල් තැබූ සභාව නැවත පස්වරු 4.30 නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්විය.රවී කරුණානායක මහතා:-අජිත් පී පෙරේරා මහතාට ලබාදුන් තීරණය පිළි ගන්න බැහැ. එය නිවැරදි කරන්න.ජෝශප් මයිකල් පෙරේරා මහතා:-සභාවේ පැවැති ඝෝෂා කාරී තත්ත්වය නිසා ලබාදුන් තීන්දු හරියට ඇහුණේ නැහැ. ටී.වි එකෙන් බලා නැවත ඒය නිවැරැදි කරන්න.නැවත සභාව පස්වරු 4.37 පමණ යළි කල් තබන ලද සභාව පස්වරු 5.08ට පමණ නියෝජ්‍ය කාතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.නියෝජ්‍ය කතානායක:-කතානායක තීන්දුවක් ලබාදී තිබෙනවා. එයට අනුව රවි කරුණානායක මහතාට කතා කරන්න.රවී කරණනායක මහතා:-විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් පෙළන්න එපා කියලා මා ඉල්ලා සිටිනවා.බැසිල් රාජපක්ෂ මහතා:-කරුණාකර සම්ප්‍රදායට අනුව ක්‍රියා කරන්න.නියෝජ්‍ය කතානායක:-කාරක සභා අවස්ථාවේ එළෙස කළ හැකියි.දිනේෂ් ගුණවර්ධන මහතා:-පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පවත්වා තීරණයක් දුන්නා. යළිත් ඒ ගැන කතා කළ නොහැකියි.(සභාවේ ඝෝෂා)දිනේෂ් ගුණවර්ධන මහතා:-පක්ෂ නායකයන්ගේ කමිටුව ගත් තීරණ නොසලකා කටයුතු කරනවාද කියා දැන ගන්න කැමැතියි.(සභාවේ ඝෝෂා)පස්වරු 5.20 පමණ සභාව විනාඩි පහකට නැවත කල් තැබු අතර පස්වරු 5.40ට පමන කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.කතානායක චමල් රාජපක්ෂ මහතා:-සභාවේ කටයුතු කරගෙන යන්න සියලු දෙනා සහයෝගය ලබා දෙන්න. රවී කරණානායක මහතාට විනාඩි දෙකක් කතා කිරීමට අවස්ථාව ලබාදෙනවා..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n12120113
අංජලි පාටිල් සිංහල සිනමාවට සම්මාන දිනා දෙයි
අරුණ ගුණරත්න ගෝවේ සිට...
දේශීය සිනමා ඉතිහාසයේ වාර්තාවක් තබමින් 43 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නිළියට හිමි සම්මානය ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ “ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ රඟපෑ ඉන්දිය නිළි අංජලි පාටිල් දිනා ගත්තාය.ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේද මුල් වරට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වෙනුවෙන් වෙනත් රටක නිළියක සම්මානයට පාත්‍ර වූ මුල්ම අවස්ථාව මෙයයි. තවමත් මෙරට තිර ගත නොවු ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය අන්තර් ජාතික සිනමා උළෙලක තරගකාරී අංශයේ තරග වැදුණු මුල්ම අවස්ථාව මෙය වන අතර එයට පෙර ලන්ඩන් සහ මොන්ට්‍රියල් සිනමා උළෙලයන්හි තිර ගත වෙද්දී ද ඒ සඳහා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබිණ.‘ඔබ නැතුව ඔබ එක්ක’ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ හත් වැනි චිත්‍රපටය වන අතර ඔහු නිර්මාණය කළ චිත්‍රපට අතරින් ‘ පවුරු වළලු’ චිත්‍රපටයෙන් නීටා ප්‍රනාන්දු ද ‘පුර හඳ කළුවර’ චිත්‍රපටයෙන් ජෝ අබේවික්‍රම ද සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳ ම රංගනය සඳහා සම්මාන දිනු අතර ‘ ඉර මැදියම’ චිත්‍රපටය වෙනුවෙන් නිම්මි හරස්ගම ස්පාඤ්ඤයේ ලස් පල්මාස් අන්තර් ජාතික සිනමා උළෙලේ දී හොඳම නිළිය ලෙස ද සම්මානයට පාත්‍රවූවාය.මාලිනී ෆොන්සේකා ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උළෙලේ දී මෙන්ම ඉතාලියේ ලෙවන්තේ අන්තර්ජාතික සිනමා උළෙලේ ද හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් ‘ආකාස කුසුම්’ චිත්‍රපටය ද ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයකි. මෙවර ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ පිරි නැමුණු සෙසු සම්මාන මෙලෙසය.හොඳම චිත්‍රපටය - ආමිස් ෆො අ බ්ලයින්ඩ් - ඉන්දියාව හොඳම අධ්‍යක්ෂණය - ක්‍යු හුවාන් ජීන් - (චිත්‍රපටය - ද වෙයිට් / දකුණු කොරියාව) හොඳම නළුවා - මාර්සින් දොරොසින්ස්කි - ( චිත්‍රපටය - රෝස් / පෝලන්තය) ජූරියේ විශේෂ සම්මානය - කියුබානු චිත්‍රපටයක් වූ උනා නෝචි දිනා ගති.අංජලි පාටිල් නවදිල්ලි නාට්‍ය පාසලේ රන් පදක්කම් ලාභින්යක් වන අංජලී පාටිල් සිය මුල්ම චිත්‍රපටය වූ ‘ දිල්ලි ඉන් අ ඩේ’ චිත්‍රපටයෙන්ම විචාරක අවධානය දිනා ගත්තීය. මේ දිනවල ඉන්දියාවේ තිර ගත වන චක්‍රව්‍යුහ චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපාන්නී අංජලී ය. ඇය මුල්වරට සම්මානයට පාත්‍රවනුයේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ රඟපෑමෙනි..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n1212015
අනුරපුර දේශීය ආදායම් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට
අනුරාධපුර මධ්‍යම විශේෂ
අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරිය හා තක්සේරුකරුවන් දෙදෙනකු ඊයේ (30) දහවල් සැකපිට අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.අනුරාධපුර පෙරිමියන්කුලම ගල්කොරි හිමියකුගේ ආදායම් අඩු මට්ටමකින් තක්සේරු කර දීම සඳහා අවැසි කටයුතු කැර දීමට නම් රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබාදෙන ලෙස ගල්කොරි හිමියාට දන්වා ඇත.ඒ අනුව අදාළ මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල භූමියේදී ලබා දෙද්දී තිදෙනා අත්අඩංගුවට පත්වී ඇත.අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ (30) දහවල් සිට ප්‍රශ්න කරමින් සිටි බව ද වාර්තා විය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n1212016
මදුරු මර්දන යන්ත්‍රය ගන්න ගිය ටෙන්ඩරය සුව ඇමැතිගේ නියෝගයෙන් නවතී
null
මදුරු මර්දනය සඳහා භාවිතා කරන දුම් ගැසීමේ යන්ත්‍ර වැඩි මිලකට මිලදී ගැනීමේ ටෙන්ඩරය වහාම අත්හිටුවන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දී තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙම යන්ත්‍ර 100ක් මිලදී ගැනීීමට තීරණය කැර තිබූ අතර ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියද හිමි වී තිබිණි.එක් යන්ත්‍රයක් රු. 87,946 කට මිලදී ගැනීමට හැකියාව තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය එක් යන්ත්‍රයක් රු. 1,48,000කට මිලදී ගැනීමට සැලසුම් කැර තිබේ.මෙම ටෙන්ඩරය අවම මිලට ලබා දිය හැකි බවට සමාගම් දෙකක නියෝජිතයන් සෞඛ්‍ය ඇමැතිවරයා තොරතුරු හෙළි කැර ඇත. ඒ අනුව මේ අක්‍රමිකතාවය පිළිබඳව සොයා බැලූ ඇමැතිවරය එම ටෙන්ඩරය අත්හිටුවා අක්‍රමිකතාවට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙසද ලේකම්වරයාට උපදෙස් දී ඇත..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n1212017
වාලච්චේන වාකනේරියේ දී
විජයානි එදිරිසිංහ සහ පොලොන්නරුව විශේෂ
වාලච්චේන වාකනේරි ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැනට ගොදුරු වී වන අලි සිවුදෙනෙක් එකම ස්ථානයේදී මරුමුවට පත්ව තිබේ. දින දෙකක් තිස්සේ කණු ඇලවී පහත් වී තිබූ එම අධිබලැති විදුලි රැහැනට ගොදුරු වී ඇත්තේ එම ස්ථානයෙන් නිරතුරුවම එහා මෙහා යන වන අලි රැලේ සිවුදෙනෙකි.වාකනේරි කිලෝමීටර් 19 – 20 කණුව අතර එම අනතුර සිදුවී තිබේ.දින දෙකක් තුළ එම අනතුර සිදුවී ඇතත්, වාලච්චේනය විදුලිබල මණ්ඩලය, වනජීවී නිලධාරීන්, පොලිසිය එවැනි අපරාධයක් සිදු වී ඇති බව දැනගෙන නොමැත.පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ප්‍රදේශවාසියකුගෙන් ලැබුණු ඇමතුමක් මත පොලිසිය ගොස් පරීක්‍ෂා කිරීමේදී සිදුවී ඇති අනතුර දැකගැනීමට හැකි වී තිබේ. මෙම අධි බලැති විදුලි රැහැන තව දින කිහිපයක් මේ ආකාරයෙන් පැවතියේ නම් සිදුවන හානිය මීට වඩා තවත් බරපතළ වීමට ඉඩ තිබුණු බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.ඊයේ එම ස්ථානයට ගිය වාලච්චේන විදුලි අධිකාරී සෝදිරාජා මහතා ඇතුළු විදුලි සේවකයන් විදුලි රැහැන් කම්බි සකස් කිරීමට පියවර ගෙන තිබුණි. වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයවීර මහතාගේ අධීක්‍ෂණය යටතේ එම අනතුර සම්බන්ධව පරීක්‍ෂණ කටයුතු සිදුවෙයි..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n1212018
උතුරු මැද දියුණු කිරීමටඅයවැයට සහාය දෙමු
තෙන්නකෝන් කුලසේකර
එජාපයේ තීන්දු තීරණ නිසා මෙම අයවැයට ඡන්දය දීමට නොහැකි වුවත් මගේ පෞද්ගලික මතය මෙම අයවැයට සහයෝගය දී උතුරු මැද පළාත් දියුණු කරන්න නව ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාට සහයෝගය දිය යුතු බව යැයි උතුරු මැද පළාත් එජාප පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රි එන්.එම්. ඩොනල්ඩ් මහතා පැවසීය.මන්ත්‍රීවරයා එම අදහස් පළ කැර සිටියේ පෙරේදා (28) උතුරු මැද පළාත් අය - වැය විවාදයට සහභාගි වෙමිනි.එහි දී එ.ජා.ප මන්ත්‍රිවරයා මෙසේ ද කීය.සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායිකාවට අය වැයට පක්ෂව ඡන්ද දීමට පුළුවන්නම් උතුරු මැද පළාතේ එ.ජා.ප. අපට මෙම අයවැයට පක්ෂ වීමට බැරිකමක් නැත. පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ නායකයාට ඕනෑ හැටියටයි.තමන්ට හොඳ කෙනාට එක නීතියකුත් නරක කෙනාට එක නීතියකුත් තියෙන්නේ. ඒ ගැන කනගාටුයි. මෙම අයවැයට මම දෝෂාරෝපණය කරන්නේ නැහැ.  මෙම පළාත් සභාවේ දී දහතුන් අවුරුද්දක්ම අයවැයේ වචන ඇහුනා. ඉලක්කම් දැක්කා.ජනතාවට ප්‍රතිලාභ ගියේ නැහැ. පළාත් සභාවෙන් ජනතාව ඈත් වෙනවා. මම ප්‍රධාන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පළාත් සභාව ආරක්ෂා කර ගන්න කියායි. පළාත් සභාවේ නායකයන් එදා සිට නිත්‍යානුකූලව කටයුතු කළා නම් ජනතාවට පළාත් සභා එපා වන්නේ නැති බව ද මන්ත්‍රිවරයා පැවසීය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=n1212019
ඩී. ඒ. රාජපක්ෂයන් ජනතාව අතර හිඳිමින් ඔවුන් වෙනුවෙන්ම පෙනී සිටි උදාර නායකයෙක්
ධනුෂ්ක ගොඩකුඹුර සහ මහින්ද අලුත්ගෙදර
අද මුළුමහත් ශ්‍රී ලංකාවාසීන් ගෞරව කරන ඩී. ඒ. රාජපක්ෂ මහතා දේශපාලන ක්ෂේත්‍රයට පියවර තැබුවේ රුහුණේ ගොවි ජනතාවට විඳීමට සිදුව තිබුණු දුක්ගැහැට නැති කොට සාධාරණ මනුෂ්‍ය අයිතීන් ලබා දීම වෙනුවෙන් බව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ප්‍රාචීන සහ අප්‍රිකානු අධ්‍යයන විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක හා කථිකාචාර්ය ආචාර්ය අමල් ගුණසේන මහතා පැැවසීය.ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ ගුණානුස්මරණ දේශනය පවත්වමිනි. මෙම උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පෙරේදා (29) පැවැත්විණ.ආචාර්ය අමල් ගුණසේන මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.මෙම දේශනය ආරම්භ කිරීමට පෙර මෙවැනි අවස්ථාවකට උචිත වූ පඬි වදනක් උපුටා දැක්වීම බෙහෙවින් යෝග්‍ය යැයි මම සිතමි. මේ පඬි වදනට අනුව කිසියම් රටක් හෝ ජාතියක් උතුම් සහ ජීවමාන එකක් ලෙස අගය කිරිමට හැකි වන්නේ එම රට හෝ ජාතිය තුළ එයින් ඉවත් ව ගොස් නැතහොත් මියගොස් ඇති පිරිසට පුද කරන ගෞරවාදරය හා භක්තිය නොඅඩුව පවතින තෙක්ය.අද මේ උත්කර්ෂවත් සභාවේ අප සියලුදෙනාම ඉෂ්ට කරන්නේ එවැනි මහාර්ඝ මනුෂ්‍ය ගුණාංගයක් බව මා අමුතුවෙන් කිව යුතු නැත. මෙම උතුම් චාරිත්‍රය ශ්‍රී ලංකාවාසී අප තරම් ගෞරවයකින් හා ඉමහත් භක්තියකින් ඉටු කරන ජන කොටසක් ලොව වෙනත් රටක ඇතිදැයි අපට සැක සිතේ. එමෙන්ම පුරා වසර 45ක් නොකඩවා මෙම උදාර අනුස්මරණය සිය දයාබර පියාණන් වෙනුවෙන් නොපිරිහෙලා අවංකවම ඉෂ්ට කරන මෙවැනි දරු පිරිසකට අප රටේ රාජ්‍ය තන්ත්‍රය භාර ව තිබීම ද ශ්‍රී ලංකාවාසීන් වන අප සැමගේ ඉමහත් වාසනාවකි. සෙසු ලෝකවාසීන්ට ආදර්ශයකි. වර්තමාන ලෝකයේ වෙනත් රටක මෙබඳු සිරිත් ඉටු වීම ගැන සිතීම පවා දුෂ්කරය.අප ජනාධිපතිතුමා, එම මැතිනිය, එතුමන්ගේ ළබැඳි සහෝදර පිරිස ප්‍රමුඛ දෙස්-විදෙස් මහා පිරිසක් අද මේ ඉමහත් ගෞරවයකින් සිහිපත් කරන පුද්ගලයා ඩී. ඒ. රාජපක්ෂ මහතා අප රට විසූ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිරහංකාර බවින් සහ අවංක ගුණයෙන් පිරි සාධු මනුෂ්‍ය ධර්මවලින් පිරුණු ජන නායකයෙක්. මෙතුමා දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේ උදක්ම තම ගම් ප්‍රදේශයටත් පුළුල්ව රටටත් සේවයක් කිරීමේ උසස් පරමාර්ථයෙන්. බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය යටතේ එතුමා උපන් ගිරුවාපත්තුව ඇතුළු රුහුණු දේශයට කිසිදු සේවාවක් සිදු නොවීම නිසා අසරණ ගොවි ජනතාවට සිදුව ඇති හානිය, ඔවුන් විඳින්නා වූ දුක්ඛිත තත්ත්වය එතුමාට මැනවින් තේරුම් ගියා.අද අප සියලුම දෙනා ඉමහත් ගෞරවයකින් හා භක්තියකින් සිහිපත් කරන දොන් ඇල්වින් රාජපක්ෂ මැතිතුමා දේශපාලන ක්ෂේත්‍රයට පියවර තැබුවේ රුහුණු ගොවිජනතාව විඳින්නා වූ දුක්ගැහට නැති කොට සාධාරණ මානව අයිතිවාසිකම් ලබා දී ඔවුන්ගේ අනාගත අපේක්ෂා සපුරා ගැනීමේ මාර්ගය ඉදිකර දීමේ මූලික පරමාර්ථයෙන්. එතුමා පිළිබඳව මීට ප්‍රථමයෙන් සාරගර්භ හැඳින්වීමක් ලැබුණ ද ඩී. ඒ. රාජපක්ෂ මහතා එවකට සිටි අනෙකුත් දේශපාලන නායකයන් අතර කැපි පෙනුණු ලක්ෂණ කිහිපයක් හෝ ඉතා කෙටියෙන් සඳහන් කිරීමට එතුමාගේ උපන් භූමිය වූ වීරකැටිය බුද්ධියාගම ප්‍රදේශයට අයත් මා සතු යුතුකමක් ලෙස සලකමි.ඩී. ඒ. රාජපක්ෂ මහතා තුළ තිබුණු උසස් ගුණධර්ම වූයේ සිය ජනතාව සමඟ එක්ව ඔවුන්ගේ කෙනකු ලෙසම පෙනී සිටීමයි. එතුමා තම ප්‍රදේශවාසීන් අතරින් වෙන් වී තමා ලත් වරප්‍රසාද හේතුවෙන් ඉහළ මට්ටමක ජීවත් වීමට, ඔවුන්ගෙන් ඈත් වී බලකාමි පෞරුෂත්වයක් මවා ගැනීමට ආශා වූ නායකයකු, දේශපාලන නියෝජිතයකු නොවේ.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවට අයත් වූ මැදමුලනත් ඒ ආශ්‍රිත නිවහල් ප්‍රදේශයත් එතුමා ප්‍රිය කළ භූමි ප්‍රදේශ වුණා. අවට සිටි ගැමියන් දිනපතා ගත් ආහාරය එතුමාගේ ආහාරය වුණා. ඔවුන් කතා කළ භාෂාව එතුමා අගය කළ භාෂාව වුණා. ඔවුන්ගේ සැප හා දුක එතුමාගේ සැප හා දුක වුණා. පොදු සාමාන්‍ය ජනතාවත් එතුමාත් අතර ළංවිය නොහැකි පරතරයක් තිබුණේ නෑ. විසිවන සියවසේ අප රටේ සිටි දේශපාලන නායකයන් අතර මෙබඳු ගුණධර්මවලින් පිරුණු ජාතික වීරයන් සිටියේ අතලොස්සක්. ඩී. ඒ. රාජපක්ෂ මහතාත් එතුමාගේ ජ්‍යෙෂ්ඨ සොයුරු ඩී. එම්. රාජපක්ෂ මහතාත් මේ අතලොස්ස අතරින් පෙරමුණ ගත් දෙදෙනෙක්.විශේෂයෙන් රුහුණු ගිරුවාපත්තුව තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් පීඩිතව සිටි ජනතාවගේ ආර්ථික, සාමාජික හා අධ්‍යාපනික ප්‍රශ්න විසඳා හැම සහනයක්ම ලබා දීමට එතුමා සිය ජීවිතයේ අවසාන භාගය දක්වාම සටන් කළා. වර්ෂ 1936 දි සිය සොයුරු ඩි. එම්. රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට ස්වරාජ්‍ය හා පූර්ණ නිදහස ලබා ගැනීමේ ව්‍යාපාරයට ඇතුළත්වුණා. එවකට බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැඟී සිටි ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, දොස්තර වික්‍රමසිංහ සහ යාපනය තරුණ සංවිධානයෙන් එක්වු නටේෂන් අයියර් මහත්වරු සංවිධාන කළ රැස්වීම්වලට, විරෝධතා රැලිවලට ඩී. එම්. රාජපක්ෂ මහතා සමඟ තරුණ ඩී. ඒ. රාජපක්ෂ මහතා ද සහභාගි වූහ.ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය පාලනයේ එකම භාෂාව ලෙස නීතිගත කර තිබීම වෙනස් කොට සිංහල සහ දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස අනුමත කරන ලෙස මෙම තරුණ සංගමය ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නොයෙකුත් ක්‍රියාමාර්ග ආරම්භ කළේය. 1937 වර්ෂයේදී එන්. එම්.පෙරේරා මහතා සහ පිලිප් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පැවැති මහා රැලියට ගිරුවාපත්තුවෙන් සහභාගී වු දෙදෙනා නම් ඩී. එම්. රාජපක්ෂ සහ එතුමාගේ සොයුරු ඩී. ඒ. රාජපක්ෂ මහතායි.රුහුණු ප්‍රදේශයට විශේෂයෙන් හම්බන්තොට ගිරුවාපත්තුවට අධ්‍යාපන පහසුකම් ලබා දීමට එතුමා ගත් අප්‍රතිහත ධෛර්ය විශේ‍ෂයෙන් සඳහන් කළ යුතුය. මාතර, බෙලිඅත්ත, වලස්මුල්ල, මිද්දෙණිය යන විශාල වූ ගම්බද ප්‍ර‍දේශය තුළ රජයේ පාඨශාලා පිහිටුවීමට බ්‍රිතාන්‍ය රජයෙන් කිසිදු අනුමැතියක් නොලැබිණ. ප්‍රාථමික මට්ටමේ පාඨශාලා කිහිපයක් ආරම්භ කොට තිබුණ ද එම ප්‍රදේශයේ දරු දැරියන්ට මනා අධ්‍යාපනයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් වූ පාඨශාලා නොතිබිණි.මෙම අවශ්‍යතාව සුළු ව‍ශයෙන් හෝ ඉටු කරන ලද්දේ මුල්ගිරිගල සහ දෙවුන්දර පිහිටි පිරිවෙන් මගින්ය. මෙම ප්‍රදේශයට රජයේ මුදලින් පවත්වාගෙන යන පාසලක් හෝ දෙකක් ලබා ගැනීමට පළමුව ඩී. එම්. රාජපක්ෂ මහතා ද අනතුරුව ඩී. ඒ. රාජපක්ෂ මහතා ද මහත් සටනක් කරගෙන ගියහ. 1943 වසරේදී ආරම්භ කළ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයත් 1943 වසරේ නොවැම්බර් මාසයේදී පටන් ගත් දික්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයත් මෙම උත්සාහයේ ප්‍රතිඵලයි.එවකට හම්බන්තොට ප්‍රදේශයේ පාලනයේ යෙදී සිටි බ්‍රිතාන්‍ය ඒජන්තවරුන් හා තත් නිලධාරීන් ඔවුන්ගේ පාලනය යටතේ සිටි ගැමි ජනතාව සලකන ලද්දේ නූතන ශිෂ්ටාචාරයට හරිහැටි නොපිවිසි ජන කොටසක් ලෙසයි. ලෙනාඩ් වුල්ෆ් වැනි ඉංග්‍රීසි ලේඛකයන් ඔවුන් පාලනය කළ ගිරුවාපත්තුව බැද්දේගම ලෙසින් වනගත නොදියුණු ප්‍රදේශයක් ලෙස නිරූපණය කර තිබේ. එහෙත් ඩී. එම්. රාජපක්ෂ මහතාත් ඩී. ඒ. රාජපක්ෂ මහතාත් බ්‍රිතාන්‍ය රාජ්‍ය සභාවට නිරතුරුවම කියා සිටියේ එවකට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් ගත් කොළඹ රෝයල් කොලීජිය, ශාන්ත තෝමස් සහ ශාන්ත පීටර් යන ක්‍රිස්තියානි පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් අභිබවා යාමට දක්ෂතා ඇති දරුවන් තම කොට්ඨාසයේ සිටිනා බවත් ඔවුන්ට නිසි අධ්‍යාපන පහසුකම් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය පසුබට වීම අසාධාරණ ප්‍රතිපත්තියක් බවත්ය.තම ප්‍රදේශයේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට, විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය ලබාදීම සහ එයට අවශ්‍ය විද්‍යාගාර, උපකරණ සහ උපාධිධාරී ගුරුවරන් වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය වැනි පාඨශාලාවලට ලබාදීමට මෙතුමා ගත් උත්සාහය තේරුම් ගැනීමට එතුමා පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීම් හා යෝජනා ගැන කියවිය යුතුවෙනවා. අද මේ ඩී. ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනය පවත්වන මා හට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට යාමට අවශ්‍ය ශක්තිමත් පසුබිම සකස් කොට, ස්ව අධිෂ්ඨානය සහ කුසලතාව අවබෝධ කරගෙන එය ඉදිරියට ගෙන යාමට වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් සකසා දීමට හැකි වූයේ මෙතුමන්ගේ අසහාය සේවය නිසාමය.මේ අසමාන, ගුණවන්ත දේශපාලනඥයා මට මුලින්ම මුණගැසුණේ 1957 වර්ෂයේදී පමණ යැයි කිව හැක. එවකට මම වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ පස්වැනි ප්‍රමාණයේ ඉගෙනුම ලබන ශිෂත්වධාරියකු වූයෙමි. අප නැවතී සිටි නේවාසිකාගාරයේ එතුමාගේ බාල පුතු වූ චන්ද්‍රා රාජපක්ෂ මහතා ද නැවතී සිටියේය. ඔහු සමඟ අප ශිෂ්‍යයන් තුළ තිබුණේ ඉතා සමීප මිත්‍රකමකි. චන්ද්‍රා රාජපක්ෂ පුතු බැලීමට රාජපක්ෂ මහතාත් මහත්මියත් මසකට වරක් හෝ දෙවරක් අප නේවාසිකාගාරයට පැමිණියහ.ඒ පැමිණෙන සෑම අවස්ථාවකම චන්ද්‍රාට ගෙන ආ රසකැවිලි, බිස්කට් වර්ගවලින් කොටසක් අපට ද ලැබිණ. එතුමාත් මැතිනියත් අපට දැක්වූයේ අප දෙමාපියන් දැක්වූ අන්දමේ සැලකිල්ලකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු සහ එබඳු ප්‍රභූවරයකු මගේ ජීවිතයේ මුණගැසුණු ප්‍රථම අවස්ථාව එයයි.එතුමා අප සැමට ඉතා මෘදු වචනයෙන් කතාකොට මේ ළමයි හොඳට ඉගෙන ගෙන ඉහළට යන්න, ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගෙන ගන්න. යන අවවාද දුන් හැටි මට හොඳින් මතකය. රාජපක්ෂ මැතිනිය අපට ප්‍රකාශ කළේ මේ ළමයින්ට හරිහැටි කෑමක් බීමක් නැතිව ඇති නේද? පුළුවන් වෙලාවක මැදමුලනට එන්න, බත් ටිකක් කාලා යන්න යන කරුණාවෙන් පිරුණු වදන්ය. ඩී. ඒ. රාජපක්ෂ මහතා තම ප්‍රදේශවාසීන්ටත්, සමස්ථ වශයෙන් තමන් උපන් දේශයටත් දැක්වූයේ අවංක හදවතින් වූ ඇල්ම හා බැඳීමයි.සිය දරුවන්ගේ මෙන් අනෙකුත් ර‍ට වැසියන්ගේ දියුණුව, සෞභාග්‍යය එතුමා අගය කළේය. අපේක්ෂා කළේය. රැස්කර ගත් කිසිදු ධනයක් බෙදා දීමට නොතිබුණ ද මෙසේ පෝෂිත වූ මනුෂ්‍ය ගුණාංග සමුදායක් තම දූදරුවන් වෙත දායාද කොට එතුමා 1967 නොවැම්බර් මස 07 වැනිදා මෙලොවින් සමුගත්තේ එතුමා ගෙන ගිය ජනතා සේවය තම දරු පිරිසෙන් ඊටත් වඩා හොඳින් ඉෂ්ට වේ යන උත්තම බලාපොරොත්තුවෙන් බව නිසැකය.අද දින මේ උත්කර්ෂවත් අවස්ථාවේ ඩී. ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනයේ මාතෘකාව ලෙස මා වෙත පැවරී ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වර්තමානය දක්වා වූ සමාජ විකාශනය යටතේ ගොඩනැඟුණු ශ්‍රි ලංකාව ත්‍රෛභාෂික සංස්කෘතිය හරහා සංවර්ධිත ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීම යන්නය. මාගේ දේශනය අවබෝධ කරගැනීමේ පහසුව සඳහා කොටස් 4 කින් යුක්ත වේ.01 බ්‍රිතාන්‍ය පාලනයට පෙර අප රටට හිමි වූ සාමාජික, දේශපාලනික විශේෂයෙන්ම භාෂාමය පසු බිම සහ උරුමය කෙටියෙන් විග්‍රහ කිරීම.02 බ්‍රිතාන්‍ය පාලනයේ සිට ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලැබෙන තෙක් ක්‍රියාත්මක වූ භාසා සහ ආගමික ප්‍රතිපත්තිය සහ සමාජීය පසුබිම.03 රටක සාමය ආරක්ෂා කිරීමට, අනෙකුත් ලෝක ජාතීන් සමඟ උරෙන් උර ගැටී සංවර්ධන මාවතේ යාමට නැතහොත් රටක් ගෝලීයකරණය වීමේ ක්‍රියාමාර්ගයට භාෂාව මූලිකවම ඉවහල් වන ආකාරය.04 අප ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව ත්‍රෛභාෂික ප්‍රතිපත්තිය පදනම ය‍ටතේ සංවර්ධිත, සාමයෙන් පිරි ඒකීය ස්වාධීන රාජ්‍යයක් කිරිමට තම මහින්ද චින්තනය ය‍ටතේ දියත් කළ ඉදිරි දැක්ම සහ නිර්භීත වූ ක්‍රියා පිළිවෙළ.ලෝකයේ දියුණු වී ඇති හෝ මේ දක්වා දියුණු වෙමින් පවතින හෝ ජාතීන් සමඟ සසඳා බලන විට ශ්‍රී ලංකාවට ආවේනිකව තිබූ දේශපාලන සමාජීය, සංස්කෘතික, දේශපාලනික සහ භාෂාමය ව්‍යාකූලතා පෙරළිය අවබෝධ කර ගැනීමට ශ්‍රී ලංකාවේ ඉතිහාසය සැකෙවින් දක්වාලීම අවශ්‍යය.අප‍ බොහෝ දෙනා දන්නා අන්දමට මෙම දිවයිනට ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී පමණ ඉන්දියාවේ වයඹ හා ඊසාන දේශවල සිට ආර්යාගමනය සිදු වූ බවත් ඔවන් ගතා කළ භාෂාව සංස්කෘත භාෂාවෙන් බෙදී ගිය හෙළ, සීහල, දීපභාෂා නමින් ආරම්භයේදී හැඳින්වුණු බවත් අපේ වංශකතා වන දීපවංශය හා මහාවංශය යන ග්‍රන්ථවලින් හෙළිවේ. ආර්යාගමනයට පෙර මෙම දිවයින ජනාවාස වී තිබුණු බවටත් එම ජනයා අතර ව්‍යවහාර වූ භාෂාවක් තිබුණු බවටත් සැකයක් නැත. සිංහල භාෂා‍වේ වර්ධනයට සමාන්තරව අප දිවයිනේ භාවිතා වුණු වෙනත් භාෂා ගණනාවක් ම තිබුණු බවට සැක නැත.මේ භාෂා අතර මූලික වූයේ ද්‍රවිඩ භාෂා මූලයට අයිති දෙමළ, තෙළිඟු, මලයාලම් සහ කණ්නඩ යන භාෂාය. එහෙත් සාහිත්‍ය හා බෞද්ධ පොත්පත් රචනයටත් රාජ්‍ය පාලනයේ කටයුතු කරගෙන යාමටත් හෙළ බස හෙත් සිංහල භාෂාව දේශීය භාෂාව නැතහොත් මූලික භාෂාව වූ බව පෙනේ.මෙම කාල පරිච්ඡේදයෙන් පසුව ශ්‍රි ලංකාවට මුහුණපෑමට සිදු වූ මහත්ම හානිය වූයේ 1505 දී පැමිණි පෘතුගීසි ආක්‍රමණයයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මුහුදුබඩ පළාත් පාලනය සහ වාණිජ කටයුතු ඇතුව සංස්කෘතික සහ ආගමික සංස්ථා ඉතා නුපුරුදු විපර්යාසයකට භාජනය විය. පෘතුගීසින්ගෙන් පසු ලන්දේසීහු ද ලන්දේසීන්ගෙන් පසු බ්‍රිතාන්‍යයෝ ද බලය ලබා ගත්හ.බ්‍ රිතාන්‍යයන්ගේ ප්‍රධානතම ක්‍රියාමාර්ගය වූයේ ක්‍රිස්තියානි ආගම පතුරුවා හැරීම, අධ්‍යාපන ආයතන එම ධර්මය ඉගැන්වීමට යොදා ගැනීම සහ දේශීය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලැබීමය. දේශීය භාෂා - සිංහල භාෂාව භාවිතය රාජ්‍ය පාලනයෙන් ඉවතට වැටිණ.බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ ස්ථාවර වූ ඉක්මනින්ම ඔවුන්ගේ අභිප්‍රාය වූයේ වාණිජ කටයුතු ව්‍යාප්ත කර ගන්නා අතරම ඔවුන්ගේ භාෂාව වන ඉංග්‍රීසි භාෂාව සෑම පාඨශාලාවකම ඉගැන්වීම අනිවාර්ය කිරීමයි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම භාර කෙරුණේ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ටය. 1905 දී ආනන්ද කුමාරස්වාමී මහතාගේ නායකත්වයෙන් පිහිටවූ ශ්‍රී ලංකා සමාජ පුනරුත්ථාපන සංගමය සහ පොන්නම්බලම් අරුනාචලම් මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සංගමය සිංහල සහ දෙමළ භාෂා පාඨශාලා විෂය මාලාවේ ප්‍රධාන තැනක් ගතයුතු බව සටහන් කළා. 1906 දී පටන් ගත් ශ්‍රී ලංකා සංශෝධන සංගමය ද මෙම සටනට එක්වුණා.සිංහල සහ දෙමළ විෂය‍යන් රෝයල් කොලීජියේ පාඨමාලා වෙත ඇතුළත් කරන ලෙස ඉල්ලා මෙම සංගමය එවකට ආණ්ඩුකාරවරයා වශයෙන් ක්‍රියා කළ ශ්‍රීමත් හෙන්රි මැකලන් මහතාට පෙත්සමක් ඉදිරිපත් කළා. ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා බ්‍රිතාන්‍ය රාජ්‍ය සභාව ශ්‍රී ලංකාවේ ගෙනයන ඒකීය භාෂා ප්‍රතිපත්තියට හා අධ්‍යාපන ක්‍රියා පටිපාටියට තදින්ම විරුද්ධත්වය ඉදිරිපත් කළ නායකයෙක්.බ්‍රිතාන්‍ය රජයේ මෙම අසාධාරණ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලාංකික තරුණ පරපුර ආත්ම හීන බවින් සහ හීනමානයෙන් පෙළෙන බවත් ඔවුන් ධෛර්යමත් ආත්ම ශක්තියෙන් යුත් පුරවැසියන් කිරීමට නම් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය විසින් සිදුකරනු ලබන හානිය වහා නතර කළයුතු බවත් අරුණාචලම් මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී නිතරම ප්‍රකාශ කළා. මෙලෙසින් බ්‍රිතන්‍ය ආණ්ඩුවේ භාෂා හා අධ්‍යාපන ප්‍රතිපත්තියට විරුද්ධව මුළු රටේම විරෝධතා පැන නැඟුණා.ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වූයේ සමාජයේ ඉහළ ධනවත් පංතියේ අතලොස්සකට බැවින් එය රටේ අනෙකුත් පාසල්වල නොමිලේ සපයන ලෙස ජනතා‍වගේ ඉල්ලීම වුණා. 1926 වසරේදී ඒ. කනකරත්නම් මහතා ව්‍යවස්ථා දායක සභාවේදී ඉදිරිපත් කළ යෝජනාව මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනවා. අධ්‍යාපනය රටක උගත් පුරවැසියන් සහ නායකයන් බිහි කිරීමේ මහත් බලවේගය නම් අපේ රටේ සුරක්ෂිත අනාගතයක් හා උගත් පුරවැසියන් බිහි කිරීමට දැනට ප්‍රමුඛස්ථානය යොදා ගත් ඉංග්‍රීසි භාෂාවත් සමඟම සිංහල හා දෙමළ භාෂාවත් ඉගැන්විය යුතු වෙනවා.1926 දී අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරය දැරූ එල්. මැක්රේ මහතා ද්වී භාෂා අධ්‍යයනය පතුරුවාළීමට උනන්දුවෙන් කටයුතු කළා. එහෙත් ඉංග්‍රීසි අධ්‍යාපනය රටේ සෑම පංතියකම දරුවන්ට පොදුවේ ලැබිය යුතු යන අදහසට තදින්ම විරුද්ධ වූයේ බ්‍රිතාන්‍ය නිලධාරීන් නොව ශ්‍රී ලංකාවේ රදල පැලැන්තියේ කොටස්ය. සිංහල සහ දෙමළ භාෂා අධ්‍යාපන සහ පාලන ක්ෂේත්‍රවලට අදාළ කර ගැනීමට 1932 දී ජී.කේ. ඩබ්ලිව්. පෙරේරා මන්ත්‍රීවරයා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ගෙනා යෝජනාව අතිශයින්ම වැදගත් වෙනවා.1935 දී තිබුණු ඡන්දය හේතුවෙන් මෙම යෝජනා සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීන් වූ පිලිප් ගුණවර්ධන සහ ජේ.ආර් ජයවර්ධන මහත්වරු සිංහල සහ දෙමළ භාෂා උසාවි සහ අනෙකුත් ර‍ජයේ දෙපාර්තමේන්තුවල භාවිතයට ගත යුතු යැයි ගෙනා යෝජනාව 1939 වසරේදී අනුමත වුණා.පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිත ජේ.ආර් ජයවර්ධන මහතා ගෙනා යෝජනාව වන සිංහල භාෂාව සෑම පාඨශාලාවකම උගැන් වීමේ මාධ්‍යය විය යුතුය, රජයේ සෑම විභාගයකම එය අනිවාර්යය විය යුතුය. ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණයෙන් කරගෙන යනු ලබන පාලනය සිංහල භාෂාවෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන යෙදීමට කොමිෂන් සභාවත් පත් කළ යුතු යන්න එම යෝජනාව වුණා.1944 වසරේ මැයි මාසයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වශයෙන් අනුමත කළ යුතුය යන සංශෝධන සහිතව වැඩි ඡන්ද 25 කින් අනුමත වුණා. 1945 වසරේ ජූනි මාසයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රථමික පාසල්වල මවු බස ප්‍රධාන වීමත් ඉංග්‍රීසි භාෂාව අනිවාර්යය විෂයක් වීමත් ඉන් පසුව උසස් පාසල්වල අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි, දෙමළ හෝ ද්වීභාෂා වීමත් අනුමත කර තිබෙනවා.පාසල් අධ්‍යාපනයේදී ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමෙන් ගම්බද දරුවන්ට අවාසියක් සිදුවේය යන අදහසින් එම වසරේදී ජේ.ආර් ජයවර්ධන මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඉදිරිපත් කළ සංශෝධන අනුමත වුණා. 1948 වසරේදී ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලැබෙන විට භාෂා ප්‍රතිපත්තිය සහ ද්වීභාෂා දේශීය සංස්කෘතිය සමඟ ඉංග්‍රීසි භාෂාව හැදෑරීමේ අවශ්‍යතාව පිළිබඳව සිංහල සහ දෙමළ දෙපක්ෂයම ඒකාග්‍රතාවකට පැමිණ සිටියා.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ ශ්‍රී ලංකාවේ පැවැති බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස් කොට සමෘද්ධිමත් අනාගතයක් කරා ගමන් කිරීමට යායුතු මාර්ගයට පළමු කොට සිංහල සහ දෙමළ භාෂා සහ අනතුරුව ඉංග්‍රීසි භාෂාවත් යොදා ගතයුතු ක්‍රියාමාර්ගය බවට බහුතර ජන කොට්ඨාසය වූ සිංහල ජනතාවත් ඒ වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 19 ක්ව සිටි දෙමළ ජනතාවත් භේදයකින් තොරව එකඟ වී සිටියා.මේ වනවිට දේශපාලනික හේතූන් මත දෙකට බෙදා තිබූ ඉන්දියාවේ සහ පාකිස්තානයේ ඇති වෙමින් තිබූ භාෂා අරඟලය සමඟ සසඳන කළ ශ්‍රී ලංකවේ විවිධ ජන කොටස් අතර භාෂාමය පිළිවෙත ගැන තිබූ එකඟවීම අතිශයින්ම අගය කළයුතු වෙනවා. 1948 වසරේදී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව විවිධ අවස්ථාවන්හිදී රට තුළ ගැටුම් නිර්මාණය වූ අතර සමස්ත ලංකා වාසීන්ගේම වාසනාවට 2005 වසරේදී බලයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන්ම රටට සාමය උදාකර ශ්‍රී ලංකාව සමෘද්ධියෙන්, සාමයෙන්, බත බුලතින් සපිරි නොබෙදෙන ඒකීය රටක් කිරීමට 2010 වසරේදී පෙර කිසිඳු දේශපාලන හෝ රාජ්‍ය නායකයකු ඉදිරිපත් නොකළ අන්දමේ චින්තනයක් මහින්ද චින්තනය නමින් ඉදිරිපත් කළේය.මෙහිදී අපි සලකා බලන්නේ ඒකීය, ස්වාධීන ලංකාවක් බිහිකිරීමට ඒ මහතා ත්‍රෛභාෂික සංස්කෘතිය පදනම් කර ගැනීමට ගත නිර්භීත පියවරයි. මේ ප්‍රතිපත්තිය අගය කිරීමට පළමුව රටක සාමය, දියුණුව සහ අනන්‍යතාව මතුකරලීමට භාෂාව ඉවහල් වන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත්. ඕනෑම රටක ජාතික සමඟිය සංවර්ධනය සහ අනන්‍යතාව තහවුරු කර ගැනීමට මුල්වන ශක්තිමත් බලවේගය භාෂාව වෙනවා. එමෙන්ම ජාතියක් භේදකොට විවිධ වූ සමාජ කොට්ඨාසවලට බෙදීමෙන් ‍එතෙක් අන්‍යෝන්‍ය මිත්‍රත්වය ‍සහෝදර හැඟීමෙන් සිටි සමාජ කොට්ඨාශ යළිත් සමඟි නොකළ හැකි සේ භේද කිරීමට ද භාෂාව බලවත්ය.භාෂාව මුල්කොට භේදකාරී තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් අපි මවිතයකට පත් නොවිය යුත්තේ වර්තමාන ලෝකයේ ක්‍රියාත්මක වන ස්වාධීන රාජ්‍ය සංඛ්‍යාවත් ඒවායේ ව්‍යවහාර වන භාෂා සංඛ්‍යාවත් සලකන විටය. වර්තමාන ලෝකයේ දැනට ඇත්තේ 160 ක් පමණ වන ස්වාධීන රාජ්‍යයන්ය. එහෙත් මේ රටවල්වලට භාෂා 2000කටත් වැඩි ගණනක් ව්‍යවහාර වෙනවා. අප්‍රිකා මහද්වීපයේ පමණක් භාෂා 1250කට වැඩි ගණනක් තිබෙනවා.එමෙන්ම ඉන්දියාවේ කතා ව්‍යවහාරයේ පවතින භාෂා ඇතුළුව භාෂා 1600කට වැඩි ගණනක් තිබෙන බව සඳහන් කරන්න කැමැතියි.මෙසේ විමසා බැලූ විට භාෂා පදනම් කරගත් පොදු සංස්කෘතියක් ගොඩනැඟීම සිහිනයක් බව සිතෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය චින්තනය මගින් භාෂා, සංස්කෘතිය හා අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉතා නිර්භීතව ඉදිරිපත් කර ඇත්තේ තම රටවාසී සෑම දෙනාටම විශේෂයෙන් සෞභාග්‍යමත් අනාගතයක් ඉදිරියට ගෙන යාමට සහ එහි නායකයින් වීමට ඉන්නා අපේ දරු දැරියන්ට සාමයෙන් පිරි භේදයෙන් තොර මානව භක්තියෙන් රක්ෂණය වූ ශ්‍රී ලාංකික ධර්මිෂඨ සමාජයක් උදා කිරීමටයි.මේ උදාර අපේක්ෂාව සමඟ ත්‍රි භාෂා ප්‍රතිපත්තිය ඒ මහතා සම්බන්ධ කර ඇත්තේ මහත් නුවණින් සහ සුබ අපේක්ෂාවෙන් විය යුතු වෙනවා. එහෙත් මේ ප්‍රතිපත්තිය අපේ රටේ සිටි ඇතැම් දේශපාලන නායකයන් අපේක්ෂා කළ අන්දමට කිසියම් දේශපාලනික වරප්‍රසාදයක් හිමිකර ගැනීමට දියත් කළ එකක් නොවන බව ඉතා පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය සපුරාලීමට එතුමා විශේෂයෙන් ප්‍රකාශ කළේ නව ගෝලීකරණය හෙවත් තරගකාරී ලෝක සංයුතියේ ජාත්‍යන්තර මට්ටමින් අපේ ආර්ථික වර්ධනය ළඟා කර ගත යුතු බවයි.මේ අභිලාෂය ඉටුකර ගැනීමට ඉංග්‍රීසි භාෂාව ස්ව භාෂාවන් වන සිංහල හා දෙමළ සමඟ එකසේ උනන්දුවෙන් ඉගෙන ගතයුතු බවත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් ආරම්භ කරන බවත්ය.ශ්‍රී ලංකාව ලොව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා යන්න ඒ මහතාගේ බලාපොරොත්තුවක් විය.මෙ ඉටුකර ගැනීමට නම් ලෝක භාෂාවන්හි හසලතාව සිය රට වාසීන්ට විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොපැකිලිව ලබාදීමත් ඒ සඳහා අවශ්‍ය සියලු මුල්‍ය සහ අනෙකුත් පහසුකම් ද ලබාදීමත් මහින්ද චින්තනයේ වැදගත් අරමුණක් වෙයි. වර්තමාන වාණිජමය තරගකාරී බව පෙරටු කොට ඉදිරියට යන රටවල් සමඟ ශ්‍රී ලංකාව වැනි කුඩා රටත් ඔවුන් සමඟ කරටකර ඉදිරියට ගමන් කිරීමට නම් එකිනෙක වෙන් කළ නොහැකි අන්දමට බැඳී ඇති තාක්ෂණ විද්‍යාවත්, ඉංග්‍රීසි භාෂාවත් විශිෂ්ට ලෙස හැදෑරීම අවශ්‍ය බව ඒ මහතා තම චින්තනයෙන් හඳුන්වා දී තිබෙනවා.මෙය ඉංග්‍රීසි භාෂා අධ්‍යයනයට ප්‍රමුඛත්වය දීමක් නොව සිංහල හා දෙමළ භාෂා මවු භාෂා ලෙස කතා කරන එමෙන්ම අධ්‍යාපනයේ මාධ්‍ය ලෙස ගන්නා සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝක මට්ටමේ ක්‍රියාශීලීව තරග කිරීමට අවශ්‍ය මාවතක් බව ඒ මහතා තම චින්තනයේ දක්වා තිබෙනවා.පෙර ඉංග්‍රීසි භාෂාවට ප්‍රධානත්වයක් දීමට එතරම් කැමැත්තක් ‍නොදැක් වූ රටවල් වන ජපානය, චීනය, බංග්ලාදේශය, බෲනායි දේශය, කාම්බෝජය, මැලේසියාව හා පාකිස්තානය වැනි රටවල් අද ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය ඉතා වැදගත් අත්‍යවශ්‍ය ස්ථානයකට පත්කර තිබෙනවා. ජපානය ඉංග්‍රීසි භාෂාව ඉගැන් වීමට තීරණය කළේ එය නොමැතිව ලෝක වෙළෙඳ, තාක්ෂණික හා සංස්කෘති තරගයෙන් ජයගත නොහැකි බව වැටහීමෙනි.ජපන් සංස්කෘතිය මුළු ලොව පුරා ප්‍රචලිත කිරීමට නම් ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය බව අවබෝධ විය. ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇති අන්දමට කිසියම් ජාතියකට ලැදි පුද්ගලයකු සත්‍යවශයෙන්ම ජාතිමාමකයකු වශයෙන් හැදින්වීමට හැකි වන්නේ ඔහු සෙසු ලෝකය සමඟ බුද්ධිමත්ව තරග කොට සිය රට හා එම ජාතීන්ගේ ප්‍රසාදයටත් ජාත්‍යන්තර වශයෙන් එක්වීමට අවස්ථාවකුත් ලබා ගැනීමට හැකි නම් පමණි.තම රටේ පමණක් ජාතිවාදය ගැන කතා කිරීමෙන් ජාතියට ලැදි කෙනෙක් නොවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ත්‍රි භාෂා ප්‍රතිපත්තිය මීට පෙර සඳහන් කළ අන්දමේ ගෝලීය අවශ්‍යතාවන් පදනම් කොට සැකසූ එකක් බව නොඅනුමානයි. අ‍පි රට හදමු, ත්‍රෛභාෂික සංස්කෘතික පදනම පහත සඳහන් අන්දමට ක්‍රියාත්මක කර තිබෙනවා.ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ සිංහල දරුවන්ට දෙමළ භාෂාව ඉගැන්වීම සහ දෙමළ දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම මීට අමතරව ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම අනිවාර්ය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය දක්ෂ ගුරුවරුන් පුහුණු කිරීම, ඉහළ ගණයේ භාෂා අධ්‍යයන මධ්‍යස්ථාන පිහිටුවීම, ලබන දස වර්ෂය තුළ ඉංග්‍රීසි භාෂාවේ සාමාර්ථය සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ලබාදීමට නිසි පියවර ගැනීම, ජාතික රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (සිංහල, දෙමළ) අකුරටම ක්‍රියාත්මක කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පොරොන්දුවයි.ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මේ වර්ෂය ත්‍රෛභාෂික වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ භාෂා ප්‍රතිපත්තිය අපේ රටේ ඉදිරිපත් කළ මෙන්ම සමස්ත ලෝකයෙන්ම පැසසුම් ලැබිය යුතු ක්‍රියාමාර්ගයක් බව සඳහන් කරන්නට කැමැතියි. අවසාන වශයෙන් ඩී.ඒ රාජපක්ෂ මහතාට සහ එම මැතිනියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක දවුල්දෙණ ඤාණිස්සර හිමියෝ මුලසුන දෙසුම පවත්වමින් මෙසේ කීහ.1916 දී ඉපිද 98 වන වියට පා තබා සිටින මට දොන් ඇල්වින් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳ මහත සටහන් රැසක් තිබෙනවා. ඩී. ඒ. රාජපක්ෂ කියන්නේ මගේ කළ්‍යාණ මිතුරෙක්. එහෙම කිව්වාම ජනාධිපතිතුමා ඇතුළු පිරිසට හිතෙයි එතුමා කොහොමද මගේ කළණ මිතුරෙක් වුණේ කියලා.මම නුගේගොඩ වි‍ද්‍යෝදය පිරිවෙණේ උගන්නා ගාලයේදී ඩී. ඒ රාජපක්ෂ මහතා සහ මැතිනිය නුගේගොඩ කොහුවල අතර නිවසක් අරන් පදිංචිව සිටියා. ඒ අවධියේ එතුමා ආගමික කටයුතුවලට ආවේ නුගේගොඩ විජේවර්ධනාරාමයට. ඒ අවධියේ එතුමා සමඟ මගේ සමීප සබඳතාවක් ඇති වු‍ණා. එතුමා උපත ලැ‍බුවේ මැදමුලන ගමේ.1905 නොවැම්බර් මස 05 වන දින උපත ලැබූ එතුමා උගෙනුම අවසන් කර පැමිණ ගමේ ගොවි ජනතාව සමඟ අන්‍යෝන්‍ය සබඳතතාවකින් ජීවත් වුණා. පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුණා නිතර‍ගයෙන්. ඉංග්‍රීසි අධ්‍යාපනයට මුල් තැන දීමට විරුද්ධව එතුමා සටන් කළා. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්මත කර ගන්න ඩී. ඒ.රාජපක්ෂ මහතාගේ ඡන්දය ඉවහල් වු‍ණා.ජ්‍යෙෂ්ඨ ඇමැති ඩීව් ගුණසේකර මහතා,මීට වසර 45 කට පෙර අපෙන් වෙන්වූ ඩී.ඒ රාජපක්ෂ ශ්‍රීමතාණන් සිහිපත් කරමින් සහ ඒ මහතාට උපහාර පිරිනැමීමේ අරමුණින් මේ වැඩසටහන සංවිධාන කර තිබෙනවා. ඒ මහතා රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කළ කාර්යභාරය අද ඇගයීමට ලක් වෙනවා. සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසුව 1931 වසරේ පැවැති පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වෙත මගේ අවධානය යොමු වෙනවා. එදා පැවැති මැතිවරණයේ සෙන්පතියන් වුණේ ඩී.එම් හා ඩී.ඒ රාජපක්ෂවරුන්ය.එදා මැතිවරණය පැවැති ආකාරය ඇසින් දුටු පුද්ගලයකු ලෙස සෑම් විජේසිංහ මහතා අද මේ අවස්ථාවට සහභාගි වෙනවා. මීට වසර 82 කට පෙර මේ රටේ පැවැති සමාජ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අපිට සිතා ගන්නටත් බැහැ. එදා ජනතාව තාඩන පීඩනවලට ලක් වුණා. ඔවුන් මුදා ගැනීමට ඩී.එම් හා ඩී.ඒ රාජපක්ෂවරුන් කටයුතු කළා.කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හා හුනුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඤාණිස්සර හිමිවරු, ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ මහත්ම මහත්මීහු, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු, මැති ඇමැතිවරු විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයෝ,ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r1212011
පාර හදන්නත් ඕනෑඅපි ගැන හිතන්නත් ඕනෑ
හොරණ සමූහ – බන්ධුල ආර්. ගුලවත්ත
මාර්ග අංක 120 හොරණ - කොළඹ මහා මාර්ගයේ ප්‍රධානතම සතරමං හන්දියක් වන ගෝනාපොළ හන්දිය හොරණ මැතිවරණ බල ප්‍රදේශයේ උප නගරයකි. පිළියන්දල - මොරගහහේන අතුරු මාර්ගයත්, ගෝනාපොළ බණ්ඩාරගම හරහා පානදුර අතුරු මාර්ගයත් මේ මංසන්ධියට සම්බන්ධ වේ.මේ හතරමං හන්දියේ මාර්ගය පටු හෙයින් නිතරම වාහන තදබදවලට ලක්වේ. අධික වර්ෂා දිනවලට කීපවරක්ම හන්දිය පිටාර ජලයෙන් යටවීම නිසා මාර්ග දුෂ්කරතාව සිදුවේ. හොරණ - කොළඹ මහා මාර්ගය පුළුල් කිරීමේ සැලසුම් අනුව වසර කීපයකට පළමුව මිණුම් කටයුතු සිදු කෙරිණි.මහා මාර්ගය පුළුල් කිරීම නිසා කැඩෙන ගොඩනැගිලි සහ අයත්වන ඉඩම්වලට වන්දි ගෙවීම් පිළිබඳ ගැටලු නිසා මාර්ගය පුළුල් කිරීම සිදුවුණේ නැත. මහා මාර්ග අමාත්‍යාංශය, හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධීකරණයෙන් ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡාවට කිහිපයක් ද පැවැත්විණි.එම තත්ත්වය එසේ තිබිය දී දැනට මාස කිහිපයකට පළමු මහා මාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් නැවතත් මාර්ගයේ පුළුල් වන සීමාවන් මැන මායිම් කණු සිටුවා ඇති බව ප්‍රදේශවාසීහු පවසති. පොකුණුවිට හන්දියේ සිට පොල්ගස්ඕවිට උප නගරය දක්වා මායිම් කණු සිටුවා ඇත. මීටර් 12 – 18 දක්වා ප්‍රමාණයෙන් මාර්ගය පුළුල් කෙරේ.විශේෂයෙන් වංගු සහිත ස්ථානවල දී මාර්ගය පුළුල්වීම මීටර් 20 දක්වා ගණනය කර ඇත.මේ පුළුල් කිරීම්වල දී විශේෂයෙන් ගෝනාපොළ හන්දිය දෙපස පැරණි ගොඩනැගිලි හා නිවාස රාශියක් ඉවත් කෙරෙන බව පදිංචිකරුවෝ පවසති. 2012 දෙසැම්බර් 31ට පෙර මේ සැලසුම් ක්‍රියාත්මක වන බැව් මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීම නිසා අදාළ දේපළ හිමියන් සංකීර්ණ ගැටලු රාශියකට මුහුණ දී ඇති බව ඔව්හු පවසති.ගෝනාපොළ හංදියේ වෙළඳ ව්‍යාපාරිකයෙකු වන ඒ. ජයරත්න මහතා මෙසේ කීය.අපේ හෝටලය අයත් ගොඩනැගිල්ල හුඟාක් පරණයි. ආතා මේ කඩේ ආරම්භ කරල තියෙන්නෙ. ගොඩනැගිල්ලේ 3/4ක් ම පාරට කැඩෙනවා. අනෙක් පැත්තේ මගේ තවත් ව්‍යාපාරයක් තියෙනවා. ඒ මැද්දෙන් කැඩෙන්නෙ. හන්දිය සංවර්ධනය වීම ඉතා හොඳයි. මාර්ග අනතුරුවලට ඉඩ තිබෙන හන්දියක්. නමුත් වන්දි ගෙවීමේ පදනම, වන්දි ගෙවන කාල සීමාව, පුළුල් කිරීම ආරම්භ කරන දිනය ආදී කිසිවක් ගැන අපව දැනුම්වත් කරල නෑ. මේ ගොඩනැගිලි දෙකේම පිටුපස්සේ ප්‍රමාණවත් ඉඩකඩක් නෑ. ව්‍යාපාර පවත්වාගෙග යාම අපහසු වෙනවා. විකල්ප ගොඩනැගිලි සඳහා මුදල් අවශ්‍යනේ. ඉදිරි වැඩ කටයුතු ගැන අපව දැනුම්වත් කරනවා නම් හොඳයි.පුවත්පත් අලෙවි නියෝජිත ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය - කීප ගමනක්ම මේ හන්දිය මැන්නා. වන්දි ගෙවන විධියක් තමා නැත්තේ. මායිම් කණු සිටුවලා. පිළිවෙළක් සැලැස්මක් පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. අපේ ගොඩනැගිල්ල ඉදිරියෙන් පාරට කැඩෙන්නෙ. අපට වන්දි ගෙවන තෙක් අපේ කොටස කඩන්න දෙන්න බෑ.වී. කැප්පෙටිගොඩ මහතා - මෙතන තියෙන්නෙ දෙමහල් ගොඩනැගිල්ලක්. ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ වසර 30ක පටන්. ලකුණු කළ සීමා මායිම තියෙන්නෙ ගොඩනැගිල්ල මැද. පිටුපසට ඉතිරි වෙන්නෙ අඩි 20ක පමණ කොටසක්. සංවර්ධනය වීමට අපි එකඟයි. හන්දි පෙදෙස පළල්වීම හොඳයි. මගේ ව්‍යාපාරයට ගැටලුවක් වෙනවා. සාධාරණ වන්දි මුදලක් අත්‍යවශ්‍යයි.නාමල් බස්නායක මහතා - මගේ නිවස තියෙන්නෙ වංගුවක. මගේ ගොඩනැගිල්ලත් පාරේ අනෙක් පැත්තේ තියෙනවා. ඒක බදු දීල. සාධාරණ වන්දි මුදලක් අවශ්‍යයි. ආර්. ඩී. ඒ. එකෙන් වැඩි අවධානයක් යොමු වෙලා නෑ ජනතාවගේ පැත්තෙන්. වන්දි ගෙවීම් අත්පත් කර ගැනීම් පිළිබඳව ස්ථීර විසඳුමක් නැහැ. හන්දියේ වෙළඳ ප්‍රජාව සහ නිවාස හිමියන් සමඟ රජයෙන් මෙතෙක් විධිමත් සාකච්ඡාවක් පවත්වලා නැහැ.ගෝනාපොළ හන්දිය පෙදෙසේ ලංකා බැංකුවේ, මහජන බැංකුවේ ශාඛා කාර්යාල ඇත.ලංකා බැංකුවට අයත් ගොඩනැගිල්ල අලුතෙන් ගොඩනඟා ඇති හෙයින් නව මායිම් ලකුණු කර ඇත්තේ බැංකුවේ මිදුල ආසන්නයෙහිය. මහජන බැංකුවේ, රන් උකස් සේවා මධ්‍යස්ථානයේ, තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසක් කඩා දැමීමට ලකුණු කර ඇත.කඩා ඉවත් කරනු ලබන වෙළෙඳ ව්‍යාපාර ගොඩනැගිලි සඳහා නව වෙළෙඳ සංකීර්ණයක් ගොඩනැඟෙනවා නම් ඉතා සුදුසු බැව් කිහිපදෙනෙක් පවසති. එහෙත් ගෝනාපොළ පෙදෙසෙහි රජයේ ඉඩමකට ඇත්තේ පැරැණි පාසල් ඉඩම පමණකි..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r1212012
සඳගිරි සෑයේපිළිසකර අහවරයි. . .
ඡායාරූපය සහ සටහන තිස්සමහාරාම විශේෂ රාජා වෛද්‍යසේකර
මහානාග රජු සමයේ ඉදි කරන ලද සඳගිරි සඳ ස්ථූපයේ කැණීම් සිදු කොට මේ වන විට සංරක්‍ෂණ කටයුතු හමාර කොට ඇතැයි තිස්සමහාරාම රජ මහා විහාරාධිපති හා සඳගිරි සෑ රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ පවසති.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි කාලයේ අරඹන ලද කැණීම් හා සංරක්‍ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන සපයන ලද්දේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි.2005 අරඹන ලද කැණීම් වලදී පැරැණි බෝධිගරයක් සොයා ගෙන ඇති අතර එය ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරවන කාලයේ චන්දන ග්‍රාම සක්‍රියවංශිකයන් විසින් ගෙනැවිත් රෝපණය කරන ලද්දක් යැයි විශ්වාස කරනවා යැයි ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ කීහ.ධම්මසේන හිමියෝ මෙසේද පැවසුහ තිස්සමහාරාම පෙදෙස නව දකුණු පළාත් සංස්කෘතික ත්‍රිකෝණයට අයත්වනවා. ගාල්ල මාතර හම්බන්තොට සහ මොනරාගල යන නගරද එයට අයිතියි.තිස්සමහාරාම ප්‍රදේශයේ කෞතුකාගාරයක් පිහිටුවා ඓතිහාසික කෞතුක සහ ආගමික වශයෙන් වැදගත් තිස්සමහාරාම හා අවට පෙදෙස්වලින් සොයාගන්නා භාණ්ඩ තැන්පත් කිරීමට පියවර ගන්නවා.තිස්සමහාරාම පුජා භූමිය සංවර්ධන සැලසුම් කොටස් වශයෙන් මේ වන විට ක්‍රියාත්මක වනවා. එය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා.මේ යටතේ විශ්‍රාම ශාලාවක් පිහිටුවා ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් වාහල කඩක්ද ඉදිකොට තිබෙනවා..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r1212013
දඹුල්ලේ බෝංචි ගොවියෝලොකු අමාරුවක
මාතලේ දිස්ත්‍රික් සමූහ
එක්තරා සමාගමක් විසින් රෝපණ ශක්තියෙන් හීන බෝංචි බීජ අලෙවි කිරීම නිසා දඹුල්ල කෘෂිකාර්මික කලාපයේ ගොවීන්ගේ බෝංචි වගාව සම්පූර්ණයෙන් අසාර්ථකව ගොස් ඇතැයි අනාවරණය වේ.මොවුන් පවසන්නේ මෙවර බෝංචි වගාව සඳහා පෙර වාරවලට වඩා ගොවීන් උනන්දුවක් දක්වන නමුත් දැනට පත්ව ඇති තත්ත්වය අනුව මේ සියල්ල මෙසේ අසාර්ථක වන බවය.මේ කලාපයේ අක්කර පන්සීයක් පමණ බෝංචි වගාව කර ඇත. නමුත් පවතින තත්ත්වය යටතේ මෙවර පෙදෙසේ බෝංචි වගා කිරීම ගැටලුවක්වී ඇත.ප්‍රමිතියකට නැති කෘෂි බීජ ද්‍රව්‍ය වෙළෙඳ පොළේ බහුලව අලෙවි කිරීම මේ තත්ත්වයට සෘජුව බලපා ඇති බව පෙන්නා දෙන පෙදෙසේ ගොවි සංවිධාන මේ කෙරෙහි රජය විසින් කඩිනම් පියවරක් නොගතහොත් දේශීය කෘෂිකර්මය කඩාවැටීම නොවැළැක්විය හැකි බවද අවධාරණය කරති..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r1212014
62 වැනි විය සපුරන කතරගම ආයුපාල දහම් පාසල
කතරගම විශේෂ ඊ. එච්. සෝමපාල
ඓතිහාසික කතරගම පුරවරය බුදු පසේ බුදු මහරහතන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට පත්වූ පින් බිමකි.බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පන්සියයක් භූමියට වැඩම කළබව ධාතු වංශයේ සඳහන්වෙයි.කතරගම ප්‍රදේශයේ දූ දරුවන් යහමඟට යොමුකිරීමට ප්‍රදේශයේ දහම් පාසල් කරනු ලබන උදාර සේවය අපිරිමිතය.ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000කට අධික පිරිසක් විහාරස්ථාන මුල්කරගෙන ඇති දහම් පාසැල්වල දහම් දැනීම ලබන අතර මේ නිසා දහමට ලැදි පිරිසක් ප්‍රදේශයට බිහිවෙයි.කතරගම ප්‍රදේශයේ පැවැත්වෙන සියලුම දහම් පාසල් සඳහා විවිධ දායකත්ව හරහා ප්‍රතිලාභ ලැබීම දරුවන්ගේ වාසනාවකි.කතරගම ශ්‍රී සුගුණතිස්ස ආයුපාල දහම්පාසල පවත්වන ශ්‍රී අභිනවරාම විහාරස්ථානය ඉදිකර කතරගම ශ්‍රී ආයුපාල නාහිමියන්ට 1925 වර්ෂයේදී පූජා කරන ලැබුවේ එවකට කතරගම මහාදේවාලයේ කපු ධුරන්දරව සිටි ටී. ආර්. බාරිස් අප්පු කපු මහතා හා දිසන්හාමි උපාසක මාතාවයි.කතරගම ප්‍රදේශයේ ප්‍රථම දහම්පාසල ශ්‍රී සුගුණතිස්ස ආයුපාල නමින් ආරම්භ විය.කතරගම මහාදේවාලයේ කපු මහත්වරු මේ දහම් පාසලින් දහම් අධ්‍යාපනය ලබා ඇත.මෙහි දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විවිධ පරිත්‍යාග ලබන අවස්ථා බොහෝය.රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් දහම් පාසල් දරුවන්ට දිවා ආහාරය සැපයීම ඉතා වැදගත්ය.දහම් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් සඳහා රෙදි පිළි ලබාදීම බත්තරමුල්ල පදිංචි කෝමති ඉංජිනේරු ආයතනයේ අධිපති නිමල් චන්ද්‍රරත්න කෝරාළ මහතා හා ඉනෝකා මාලි කෝරාළ මහත්මියගේ අනුග්‍රහය ඇතිව සිදු කෙරිණි.ගුරු මහත්ම මහත්මීන්ට නිල ඇඳුම් තෑගි බෝග ලබාදීම සිදු කෙරේ. දහම් පාසල් දරුවන්, ගුරු මණ්ඩලය, මවුපියන් වෙනුවෙන් බත් දන්සලක්ද නිමල් චන්ද්‍රරත්න කෝරාළ මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරේ.දහම් පාසල් දරුවන්ට වර්ෂයට අවශ්‍ය අභ්‍යාස පොත් ලබාදීම දෙහිවල ගල්වල පාරේ පදිංචි උෂාන් අබේවික්‍රම මහතා විසින් සිදු කරනු ලැබේ. එසේම ගුරු මහත්ම මහත්මීන්ට වටිනා තෑගිද ලබාදෙයි.කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථ ශ්‍රී සුගුණතිස්ස ආයුපාල පෙරපාසල් දරුවන්ට වර්ෂයට අවශ්‍ය නිල ඇඳුම් ලබාදීම වාද්දුව පදිංචි මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතාගේ් සම්බන්ධීකරන ලේකම් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් සිදුකරනු ලැබේ.පෙර පාසල් දූ දරුවන් සඳහා පාවහන් ලබාදීම උඩහමුල්ලේ පදිංචි රවීන්ද්‍ර රෝහණ එක්නැක්ගෙදර මහතා හා ශ්‍යාමලී එක්නැක්ගෙදර මහත්මිය සිදුකිරීමද අගය කළ යුතුය.පෑලියගොඩ වික්‍රමරත්න සමූහ ව්‍යපාර අධිපති මධුර වික්‍රමරත්න මහතා දහම් පාසල් හා පෙරපාසල් දරුවන්ට විශේෂ තෑගි ප්‍රදානයන්ද සිදු කරනු ලැබේ.කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනාව පරිදි පැවැත්වෙන ශ්‍රී සුගුණතිස්ස ආයුපාල දහම් පාසල හා පෙර පාසල සාරධර්ම පිරිපුන් දරුවන් බිහිකරන අධ්‍යාපන ආයතනයක් බවට පත්වී ඇත..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r1212015
හොර ඩොලර් ජාවාරමක් ගැනපොලිස් පරීක්‍ෂණ අරඹයි
පාණදුර සමූහ කපිල සෝමරත්න
මැද පෙරදිග රටක ව්‍යාජ අයුරින් මුද්‍රණය කළ අමෙරිකන් ඩොලර් නෝට්ටු ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගන්නේ දැයි සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.මේ සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ද බලාපොරොත්තු වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා හමුවේ පැවැසී ය.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පානදුර හේනමුල්ලේ ව්‍යාපාරිකයකු ඩුබායි රටේ සිට ගෙනෙන ලද හොර ඩොලර් නෝට්ටු 94ක් පිළිබඳ නඩු විභාගයේ දී ය.මේ වන විට සැකකාර ව්‍යාපාරිකයා ඔහු ගෙන ආ මුදල්වලින් ලක්‍ෂ 8ක ණයක් ද බේරා ඇති බව අනාවරණය වී ඇත.පාණදුර පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා විමර්ශන අංශය මඟින් පරීක්‍ෂණ පැවැත්වූ අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා අධිකරණය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.තවද, මැද පෙරදිග රටවල සේවය කර නැවත ලංකාවට පැමිණෙන අයවලුන් ව්‍යාජ මුදල් ගෙනවිත් මාරු කිරීමේ ජාවාරමක නියැලී සිටින්නේ දැයි සොයා බැලිය යුතු බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අදාළ අංශවලට දන්වා සිටියේ ය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r1212016
දුරු රටකටඉගිල නොයන් අම්මේ...
ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල
කොටගල වැවිලි සමාගම මඟින් පාලනය වන රයිගම්වත්ත වතුයායේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මවුවරුන් විදේශගත වීමේ ගැටලුවක් පැන නැඟී ඇති බව ඉංගිරිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී හෙළිවිය.විදේශගත වීමේ දී ඇතැම් රටවල් සඳහා ග්‍රාම නිලධාරී සහතිකයේ අවශ්‍යතාවක් නොවීමේ වාසිය මේ මවුවරුන් ප්‍රයෝජනයට ගෙන ඇත,.
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r1212017
බස් ගැටුම බේරන්න ගියපොලිස් සැරයන්ට පිහි පහර
මාවනැල්ල සමූහ - පී. සෙනෙවිරත්න
මහනුවර - මාවනැල්ල අතර ධාවනය කෙරුණු බස් රථයක කොන්දොස්තරවරයා හා රියදුරා අතර ඇතිවූ අරගලයක් සමථකර දෙන්නට ඉදිරිපත්වූ පොලිස් සැරයන්වරයකු බරපතළ ලෙසට පිහිපහර ලැබ තුවාල සිදුව රෝහල් ගතකළ සිද්ධියක් පිළිබඳ වාර්තාවක් සමඟ සැකකරුවන් දෙදෙනකු ද මාවනැල්ල දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කැර එහිදී එම සැකකරුවන් දෙදෙනා කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියම විය.අරණායක පොලිස් ස්ථානාධිපති බුද්ධි පාදෙනිය මහතා විසින් මෙසේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ බස්රථයේ රියදුරු වන කපිල කුමාර ජයමාන්න හා නිහාල් බණ්ඩාර රණසිරි නමැති පුද්ගලයන් දෙදෙනාය.එහිදී එම අපරාධ වාර්තාව වෙත සිය අවධානය යොමුකළ විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා මෙම සිද්ධියේ තුවාල ලබා අරණායක රජයේ රෝහලට ඇතුළත් කැර ප්‍රතිකාර ලබමින් සිටි අරණායක පොලිසියේ මෝටර් රථ වාහන අංශයේ රාජකාරි කරනු ලබන පො. සැ. ඩී. පී. සෙනෙවිරත්න (7535) යන නිලධාරිවරයාට ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර හා ඔහුගේ තත්ත්වය පිළිබඳව රෝහල වෙතින් නිකුත් කෙරෙන අධිකරණ වෛද්‍ය වාර්තා ද අධිකරණය හමුවට කැඳවීමට නියෝග ලබාදී ඊළඟ දිනතෙක් සැකකරුවන් දෙදෙනා කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ රැඳවීමට නියම කළේය.මෙම සිද්ධියට අදාළ පරීක්‍ෂණයන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්‍ෂණය මත අරණායක පොලිස් ස්ථානාධිපති බුද්ධි පාදෙනිය මහතා විසින් සිදු කරනු ලබයි..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r1212018
මානසික රෝගී තරුණියළිඳට වැටී මිය ගිහින්
හෝමාගම සමූහ - ආනන්ද ප්‍රේමතිලක
මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටි 20 හැවිරිදි තරුණියක් ගෙවත්තේ පිහිටි බඹ 5 1/2ක් පමණ ගැඹුරු ළිඳට වැටී මිය යාමේ දුක් මුසු පුවතක් හෝමාගම මූලික රෝහලේ දී පැවැත්වූ මරණ පරීක්ෂණයක දී හෙළි විය. මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ පන්නිපිටිය, කොට්ටාව, පණුගල්හේන පාර, අංක 1192/1 ලිපිනයේ කඳනගේ නිරෝෂා ලක්මාලි පෙරේරා (20) නමැත්තියකි.හෝමාගම කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක මානෙල් ගමගේ මහත්මිය හෝමාගම මූලික රෝහලේ දී මේ පිළිබඳ පරීක්ෂණය පැවැත් වූවාය. කොට්ටාව පොලිසියේ පො.කො. 65073 වසන්ත මහතාගේ මෙහෙයවීමෙන් කඳනගේ නයනා දමයන්ති පෙරේරා (37) නමැත්තිය සාක්කි දෙමින් මෙසේ කීවාය. “මිය ගොස් ඇත්තේ මගේ අක්කාගේ පළමු විවාහයේ දියණියයි. ඇයට වසර 14ක පමණ සිට ෆිට් එක හැදෙනවා.හෝමාගම රෝහලෙන් බෙහෙත් ගන්නවා. අක්කා වෙනත් විවාහයක් කරගත් පසුව ඇය සිටියේ මාත්, අපේ අම්මාත් සිටින නිවසේ. අසනීප තත්ත්වය වැඩි වූ අවස්ථාවල ඈ කලහකාරී ලෙස හැසිරෙනවා. 2012.11.16 දා උදේ නැගිට ඇය තේ බී පසුව බෙහෙත් බිව්වා. 8.00 ට පමණ මුහුණ සෝදන්න අක්කලාගේ ගෙදරට යන බව කීවා. ටික වේලාවකට පසුව මා භාජන ටිකක් සෝදන්න ළිඳ ළඟට ළිඳ තුළ බලනවිට වතුර බොරවී තියනවා දුටුවා.ඇය ළිඳට වැටෙන්න ඇතැයි සිතා අක්කාගේ පුතාට කීවා. අසල්වැසි උපුල් කුමාරසිරි උණ ලීයක බලට්ටක ආධාරයෙන් බලන විට දුටුවා ඇය මිය ගොස් සිටිනවා. කොට්ටාව පොලිසියට දැනුම් දුන්නා. මේ මරණය ගැන සැකයක් නැහැ.”මිය ගිය තරුණියගේ මව කඳනගේ දම්මිකා ප්‍රියන්ති පෙරේරා (41) සහ පෝරගේ චන්ද්‍රසෝම පෙරේරා (39) යන අයද සාක්කි දුන්හ.ඉදිරිපත් වූ සාක්කි හා වෛද්‍ය ජනක අබේසිංහ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මෙය මානසික රෝගී තත්ත්වයෙන් පෙලෙමින් සිටියදී ගැඹුරු ළිදට වැටී දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂක වරිය නිගමනය කළාය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r1212019
ඇත් දළ අරගෙන ආවටරක්‍ෂිත බන්ධනාගාරයට
මංජුල හිරිපිටිය - හෝමාගම සංචාරක
පොළොන්නරුව ප්‍රදේශයේ සිට ඇත් දළ දෙකක් රැගෙන එමින් සිටි අයකු, රක්‍ෂිත බන්ධනාගාර ගත කර තැබීමට හෝමාගම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙනිය මහතා නියෝග කළේය.බන්ධනාගාර ගත කරනු ලැබුවේ මොරගහහේන ප්‍රදේශයේ පදිංචි කේ. එච්. ලාල් වසන්ති නමැති අයෙකි. මොහු හෝමාගම පිටිපන නගරය අසල දී ඇත් දළ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොහු පොළොන්නරුව ප්‍රදේශයේ වී ගොවිතැන් කටයුතු වල යෙදී සිටියදී දැන හඳුනාගත් පුද්ගලයකු ලබා දුන් ඇත් දළ දෙකක් බවට ප්‍රකාශ කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.හෝමාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් ලීලාරත්න මහතාගේ උපදෙස් මත පො. සැ. (27581) වල්පොළ, පො. සැ. (30997) අජන්ත, පො.කො. (59697) ධම්මික සහ පො.කො. (12284) පාලිත මහත්වරුන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.කාන්තාවක් ගබ්සා කිරීමෙන් එම කාන්තාව මරණයට පත්වීම සම්බන්ධ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයා එම චෝදනාවෙන් නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියම කළාය.නීති විරෝධී ගබ්සාවක් කිරීමෙන් කාන්තාවක් මරණයට පත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය වරයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකොට ගම්පහ මහාධිකරණයට යොමුකොට තිබුණි. පැමිණිල්ල විසින් චෝදනා ඔප්පු කිරීමට අදාල නිසි පරිදි සාක්‍ෂි ගොනු කොට නොතිබූ හෙයින් චූදිත නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරිය නියම කළාය. සිද්ධිය 2000 මාර්තු 01 දින හෝ ඊට ආසන්න දිනයක දී පූගොඩ පොලිස් බල ප්‍රදේශයේ දී සිදුවී ඇත.මහඔය පටන් ගන්නා අසුපිණි ඇල්ල දිය කඩිත්තට ආසන්න කැළෑ රොදක දර කඩමින් සිටි අවුරුදු 52ක මවක් දූෂණය කර ප්‍රදේශය හැර පලාගොස් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අරණායක පොලිසිය සමත් වී තිබේ. ගම්පොළ උඩුවැල්ල ගම්මානයේ සිටිය දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.මෙහිදී කාන්තාව දූෂණය කර පලා ගිය සැකකරු ගම්පොළ නගරයට ආසන්න තැනෙක දී කෙනකු හඳුනාගෙන ඇති අතර සැකකරු මාවනැල්ල දිසා හා මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට අපරාධ වාර්තාවකින් ඉදිරිපත් කරන ලදුව දින 14ක් කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කෙරිණි..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r12120110
ගම්පහ සදාකල් Shut down
ගම්පහ සංචාරක - නිමල් ජයසිංහ
ගම්පහ ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථාපිත කර ඇති විවිධ සේවාවන් සඳහා උපයෝගී කරගන්නා පරිගණක යන්ත්‍ර බොහොමයක් අක්‍රිය බව තැපැල් කාර්යාලයට පැමිණෙන ගනුදෙනුකරුවන් පවසති.ජනතාවට සමීප සේවාවක් පවත්වාගෙන යාමට අදාළව යොදා ඇති මේ පරිගණක යන්ත්‍ර යාවත්කාලීන කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=r12120111
හිඹුටාන මහ පාරේගෝතකරුමයක්
කොළොන්නාව සමූහ ඒ. සුමනසේන
ජල සම්පාදන මණ්ඩලය විසින් මහ කොළඹ ජල පුනරුත්ථාපන වැඩසටහන යටතේ ආරම්භ කොට ඇති ජල ව්‍යාපෘතියේ නළ එළීම් සඳහා කඩා දමා ඇති අංගොඩ හිඹුටාන පාරේ වැඩ වසරකටත් අධික කාලයක් තිස්සේ අවසන් කොට නොතිබීම මේ වැසි දිනවල එම පාරේ ගමන් කරන ජනතාවට මහත් හිරිහැරයක් බවට පත්ව තිබේ.කැනීම් සිදු කළ තැන්වල වතුර පිරී විශාල ජලාශ බවට පත්ව තිබෙන අතර පාරේ ගමන් කරන පාසල් දරුවන්ට මෙන්ම දිනපතා රාජකාරී කටයුතු සඳහා මේ මාර්ගයේ ගමන් කරන පිරිසට ද මෙයින් සිදුවී තිබෙන හානිය අති විශාලය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=s1212019
නැ‍ඟෙනහිර පළාතේ අනෝමා කරුණාවංශගෙන් පළමු දිනයේම නව ශ්‍රී ලංකා වාර්තාවක්
ප්‍රින්ස් ගුණසේකර
තිස් අටවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.ශ්‍රී ලංකාවේ සියලු පළාත් සභා බල ප්‍රදේශ නියෝජනය කරමින් රැස් වු ක්‍රීඩක පරපුරට ගෞරවය හා සුභාශිංසන පුදකළ ජනාධිපතිතුමන් ක්‍රීඩා උත්සව කාලයේදී පමණක් ‍නොව සදාකල්හීම ක්‍රීඩකයන් අතර දැඩි සහෝදරත්වයක් හා සුහද තරගකාරීත්වයක් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමින් ජාතික ක්‍රීඩා මහෝත්සවයේ විවෘත කිරීමේ පණිවුඩය ඉදිරිපත් කළේය.ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමෙන් අනතුරුව සියලු පළාත්වලින් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්වු ජාතික මහා ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරග හෙට දිනය දක්වා පැවැත්වේ. ඊයේ පැවැති මලල ක්‍රීඩා ඉසව්වලදී නැ‍ඟෙනහිර පළාතේ අනෝමා කරුණාවංශ පළමු ශ්‍රී ලංකා වාර්තාව බිහිකිරීමට සමත් වුවාය.මේ සුවිශේෂි වාර්තාව ඇය පිහිටුවනු ලැබුවේ රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3.30ක දක්ෂතාවක් දක්වමිණි. පැරණි වාර්තාව පිහිටුවනු ලැබුවේ මීටර් 3.25කින් පසුගිය වසරේදී කේ.ඒ.කේ.එල්.පෙරේරා විසිනි.මෙයට අමතර කාන්තා මීටර් 5000ඉසව්වෙන් දකුණු පළාතේ ජී.ටී.ඒ.අබේරත්න නව තරග වාර්තාවක් බිහිකළාය. ඇය වාර්තා කළ කාලය විනාඩි 16:51.6කි.මීටර් 100x4 කාන්තා රන් පදක්කම බස්නාහිර පළාතට (තත්. 47.63) හා පිරිමි රන් පදක්කම දකුණු පළාතට (තත්. 40.43) හිමිවිය.ජාතික මහා ක්‍රීඩා උලෙළේ ඔලිම්පික් පහන ප්‍රවීණ ක්‍රීඩක ප්‍රදීප් නිශාන්ත හා ප්‍රවීණ ක්‍රීඩිකා ජයමිණි ඉලේපෙරුම විසින් දැල්වූහ. ක්‍රීඩා ප්‍රතිඥාව එන්.සී.ඩී.ප්‍රියදර්ශනී හා විනිසුරු ප්‍රතිඥාව ලාල් චන්ද්‍ර කුමාර මහතා සිදු කළහ.ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිගැනීමේ කතාව කරමින් පැවැසුවේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය මත ක්‍රීඩාව ගමට ගෙන යෑමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවයි. වර්තමානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම පහසුකම් ලබාදෙමින් පවතින නිසා මානසිකව ශක්තිමත්වී වැ‍ඩි ජයග්‍රහණ කරා යොමුව පවතින බව පෙන්වා දුණි.ඔලිම්පික් පදක්කම්ලාභී ඩන්කන් වයිට් මහතා නමින් ක්‍රීඩා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමේ යෝජනාව ක්‍රීඩා ඇමැතිවරයා සභාව හමුවේ ඉදිරිපත් කළේය.“අතිගරු ජනාධිපතිතුමනී, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කෞතුකාගාරය ඉදිරිපත් කිරීම සඳහා ඔබතුමාගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.ජාතික මහා ක්‍රීඩා උලෙළේ දෙවැනි දිනයේ තරග අද පෙරවරු 8.30ට ආරම්භ කෙරේ..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=s1212011
ශ්‍රී ලංකාවේ පළමු තරගයහෙට ටැන්සානියාවට එරෙහිව
ප්‍රින්ස් ගුණසේකර
රටවල් හයක සහභාගිත්වයෙන් සංගප්පූරුවේදී ආරම්භවන ‘සික්ස් නේෂන්’ නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ටැන්සානියාව අතර තරගය හෙට පැවැත්වේ.ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ලකුණු එකකින් සිංගප්පූරුවට පරාජය වු ශ්‍රී ලංකාව මාස කිහිපයක් ගතවෙද්දී සහභාගීවන මේ තරගාවලිය නැවැත නෙට්බෝල් පිටියේ දක්ෂතා පෙන්වීමට ලැබෙන විශේෂ අවස්ථාවක් සේ සැලකේ.සිංගප්පූරුවේ ටෝයෝ පායෝ ගෘහස්ථ ක්‍රීඩාංගණ‍යේ පැවැත්වෙන මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව හෙට තරග බිමට පිවිසෙන ටැන්සානියාව ලෝක නෙට්බෝල් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 19 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 23 වැනි ස්ථානයේ පසුවේ.පසුගිය වස‍රේදී ලෝක නෙට්බෝල් ශූරතාවලි‍ය පැවැත්වෙද්දී ශ්‍රී ලංකාව 18 වැනි ස්ථානයේ පසුවු අතර ටැන්සානියාව 20වැනි ස්ථානයේ සිටියේය. මාස කිහිපයක දී දක්ෂතා වර්ධනය කරගත් ටැන්සානියා ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් ගෙන දෙනු ඇතැයි විචාරක මතයවී තිබේ.එහෙත් නෙට්බෝල් පිටියේ උසම ක්‍රීඩිකාවක් මෙන්ම වසර ගණනාවක පළපුරුද්ද ඇති ‘ගෝල් ෂූටර්’ තර්ජනී සිවලිංගම්ගේ හා නෙට්බෝල් තරග 100කට සහභාගීවී වැඩිම පළපුරුද්දක් ලබා සිටින ගයාත්‍රි ලංකාතිලක ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ටැන්සානියා තරගය ජය ගැනීමට අවශ්‍ය සැලසුම් සක්ස් කොට ඇත.සිංගප්පූරුව බලා පෙරේදා රාත්‍රියේ ගිය ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට කොළඹ විශාඛා විදුහලේ තිසාලා අල්ගම හා ගයනි දිසානායක ඇතුලු යොවුන් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම එක්ව සිටීම කැපී පෙනේ. ආසියානු නෙට්බෝල් ශූරතාවලියට එක්වු බහුතරය මෙවර කණ්ඩායම නියෝජනය කිරීම ශ්‍රී ලංකාවට තවත් වාසියකි. කෙසේ වුවද ලබන වසරේ ආසියානු යොවුන් නෙට්බෝල් ශූරතාවලියට සහභාගිවීමට හැකි ක්‍රීඩිකාවන්ට මේ තරගාවලිය හොඳ අත්දැකීමක් වනු ඇත.නේෂන් කප් නෙට්බෝල් තරගාවලියේ සිංගප්පූරුව-මලයාසියාව හා නැමීබියාව-අයර්ලන්තය අතර තරගය අද පැවැත්වීමට නියමිතය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=s1212012
වෙළෙඳ සේවා ක්‍රිකට් ප්‍රිමියර් ලීග්අවසාන තරගය අද කෝල්ට්ස් හි දී
වර්නන් ගුණසේකර
20 වැනි සිංගර් වෙ‍ෙළඳ සේවා ක්‍රිකට් සංගම් ප්‍රිමියර් ලීග් පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ අවසාන මහා තරගය හැටන් නැෂනල් බැංකුව හා මාස් ඇක්ටිව් කණ්ඩායම් අතර අද (1) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.මේ කණ්ඩායම් දෙක ම අවසාන තරගයට පිවිසියේ ඩක්වර්ත්/ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණ වාර්තා කරමිණි.අවසන් පූර්ව වට තරගවලදී හැටන් නැෂනල් බැකුව මාස් යුනිචෙලා කණ්ඩායම ද, මාස් ඇක්ටිව් පිල විසින් සම්පත් බැංකුව පිල ද පරාජය කරනු ලැබූහ..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=s1212013
හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රිකට්තරගාවලිය ජනවාරියේ
මහනුවර ක්‍රීඩා විශේෂ
හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹීමට නියමිතව තිබු අතර එය ලබන ජනවාරි මස දක්වා කල්දමා ඇතැයි ඕල්කට් ක්‍රිකට් පදනමේ සභාපති ඩී.ඇම්.ධර්මතිලක මහතා 'දිනමිණ'ට පැවැසීය.ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ පාසල් වන ධර්මරාජ, ආනන්ද, නාලන්ද, ධර්මපාල, මලියදේව, මහින්ද, ධර්මාශෝක සහ මාතර රාහුල විදුහල් අතර වාර්ෂිකව මේ තරගාවලිය පැවැත්වේ..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=s1212014
මාතලේ පාපන්දු ලීගයේ ජය සංකේත ප්‍රදානය හෙට
අසෝක හිඳගොඩ
මාතලේ දිසා පාපන්දු ලීගයේ වාර්ෂික ජය සංකේත ප්‍රදාන උලෙළ හෙට පස්වරුවේ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මෙහිදී පාසල් වයස් කාණ්ඩ හතරක තරග හා ක්‍රීඩා සමාජ ඒ හා බී කොටසේ තරග හතරක ජයග්‍රාහී කණ්ඩායම් සඳහා තිළිණ ප්‍රදානය කෙරේ. එදින පස්වරුවේ අන්තර් ක්‍රීඩා සමාජ පිළිමලුන් පිටු දැකීමේ තරගාවලියේ අවසන් මහා තරගයද පැවැත්වීමට නියමිතය.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන තරුණ සංවර්ධන අංශයේ සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස මාතලේ පුරපති හිල්මි මොහොමඩ් කරිම්, පාපන්දු සම්මේලනයේ උප සභාපති ආර්.පුවිනන්දරන්, තරුණ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.යු.මහින්දපාල සහ මාතලේ පාපන්දු ලීගයේ සභාපති එම්.ආර්.ඒ.රසාක් මහත්වරුන් සහභාගිවීමට නියමිතව ඇතැයි මාතලේ පාපන්දු ලීගයේ ලේකම් යූ.එල්.එම්.ලතිබ් මහතා‘දිනමිණ’ට පැවැසීය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=s1212015
බංග්ලාදේශය කඩුලු 7කින් කොදෙව් පිල පරදවයි
කුල්නා (ඒ.එෆ්.පී.)
ටමිම් ඉක්බාල් හා නයීම් ඉස්ලාම් ගේ අර්ධ ශතක සහ සොහාග් ගාසි ගේ කඩුලු හතර මත බංග්ලාදේශය කුල්නාහිදී ඊයේ පැවැති පළමු ජාත්‍යන්තර එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කළේය.ඉක්බාල් හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමග පන්දු 51කින් ලකුණු 58ක් රැස්කළ අතර ඉස්ලාම් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේය. සත්කාරක බංග්ලාදේශය ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කය තරගයේ තවත් ඕවර 9යි පන්දු 2ක් ඉතිරිව තිබියදී සපුරා ගත්තේය.ගාසි ලකුණු 29කට කඩුලු 4ක් ලබා ගත් අතර මෙය බංග්ලාදේශ පන්දු යවන්නෙක් මංගල එක්දින තරගයක වාර්තා කළ හොඳම පන්දු යැවීම විය. ඔහුගේ මේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කොදෙව්වෝ ලකුණු 199කට දැවී ගියහ.ඉක්බාල් හා අනාමුල් හක් (41) ආරම්භක කඩුල්ල වෙනුවෙන් 88ක සබඳතාවක් ගොඩනැගූහ. ඉක්බාල් එක් ඕවරයකදී කොදෙව් වේග පන්දු යවන කෙමාර් රෝච් ට හතරේ පහර 2ක් හා හයේ පහරක් එල්ල කරමින් සිය 24 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය.හක් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් එල්ල කළේය.සිය පන්දු 79ක ඉනිමේ හතරේ පහර 6ක් එල්ල කළ ඉස්ලාම්, නසිර් හුසේන් (28) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කළහ.ඊට පෙර, 21 හැවිරිදි පිට දඟ පන්දු යවන ක්‍රීඩක ගාසි ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි පන්දුවෙන්ම ක්‍රිස් ගේල් දවාලමින් කොදෙව් පිල අසරණ තත්ත්වයකට ඇද දැමුවේය.දෙවැනි ඕවරයේදී ගාසි, මාලන් සැමුවල්ස් (0) දවාලීය. කෙසේ වෙතත් ගේල් දැවී යාමට පෙර හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් එල්ල කරමින් ලෙන්ඩ්ල් සිමන්ස් (13) සමග ලකුණු 48ක ආරම්භයක් ලබා දුන්නද දඟ පන්දු යවන්නන් පැමිණි වහාම පිතිකරුවෝ අසීරු තත්ත්වයට පත්වූහ.කොදෙව් පිල ලකුණු 150කට අඩුවෙන් දැවී යාමේ අනතුරට ලක්ව සිටියදී නාරයින් කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණු (36) ලබා ගනිමින් රවි රාම්පෝල් (25) හා එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කරමින් මුළු ලකුණු ප්‍රමාණය ඉහළට ගෙන ආහ..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=s1212016
කරාතේ රන් පදක්කම් දිනු අනුරාධපුර ‍හේෂාන්
අමිල ප්‍රභාත් වනසිංහ
ජාතික කරාතේ ශූරතාවලියේ අවුරුදු 10න් පහළ කරාතේ, සෝටෝ කාන් කාතා අංශයේ රන් පදක්කම හිමිකර ගැනීමට අනුරාධපුර එම්.එම්.හේෂාන් චමිදු මාරසිංහ සමත්විය.තිස්හත්වැනි වරට පැවැති ජාතික ශූරතාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යලයේ ඉගෙනුම ලබන හේෂාන් වසර 2006 සිට කරාතේ ක්‍රීඩාවට යොමුවීමෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්ව ඇත.ප්‍රථම රන් පදක්කම 2006 වර්ෂයේ ගාල්ලේ පැවැති තාරුණ්‍යයට හෙටක් සංවිධානය මෙහෙයවු කරාතේ තරගාවලියේ අවුරුදු 6න් පහළ කාතා අංශයෙන් හිමිකර ගත් අතර මේ වර්ෂයේ සහ පසුගිය වසර දෙකේදී උතුරු මැද පළාත් කරාතේ කාතා හා කුම්තේ අංශ දෙකෙන්ම ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත්විය.තම පුහුණුකරු වන සෙන්සේ චමින්ද නිරෝෂන මහතාගේ සහ දෙමව්පියන්ගේ මැදිහත් වීම හා කැපවීමෙන් මේ ජයග්‍රහණ ලබාගත් බවත් ඉදිරියේදී පවත්වන ජාතික හා අන්තර් ජාතික තරගවලදී උපරිම දක්ෂතා දක්වා ජයග්‍රහණ හිමිකර ගනිමින් ‍රටට හා විදුහල කිර්තියක් ලබාදීම තම අරමුණ බව පවසයි..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=s1212017
ලක් මව රනින් සැරසූ කෑගල්ල ශා.ජෝශප් බාලිකාවන්ට උපහාර
null
පහලොස් වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිකර දුන් ධාවන ශූරි ශිවන්ති කුමාරි රත්නායක ඇතුලු ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ජය ගත් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය වර්ණ ලාභීන්ගේ කුසලතා ඇගයීම පසුගියදා සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශාලාවේ දී පැවැත්විණි.මෙදින එම විද්‍යාලයීය කරාටේ ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු සඳහා සබරගමු පළාත් සභාව රුපියල් පහලොස් ලක්ෂයක් වැයකරමින් අවශ්‍ය ආරක්ෂිත ගුදිරි 114 ක් විදුහලට පරිත්‍යාග කිරීම ද සිදු විය.මෙම අවස්ථාවට විදුහල්පති මල්ලිකා රත්නායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන හර්ෂ සියඹලාපිටිය, තාරක බාලසූරිය, චමිල දිසානායක, වත්සලා ජනාදරී පද්මසිරි යන මහත්ම මහත්මීහූ ද සහභාගී වූහ.ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා තරඟ මාලාවට වසරක් පාසා ඉදිරිපත් වන මෙම දැරියන් පසුගිය දශකය පුරා දිවයිනේ හොඳම පාසල් ක්‍රීඩිකාව තම පාසලෙන් දැයට දායාද කරමින් 1910 වසරේ ආරම්භ වු කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ මේ වන විට සිසුදැරියෝ 4500 ඉගෙනුම ලබති..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=s1212018
කේ.ජී.එස්.ගාමිණි අභියෝගතා කුසලාන ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව
null
ලේක්හවුස් පරිපාලන මෙහෙයුම්, සුබසාධක, තැපැල් හා ලිපි බෙදාහැරීම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික සුහද හමුව පසුගියදා රත්නපුර කිරිඇල්ල විජය හොලිඩේ රිසෝට් හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.එහිදී පැවැති කේ.ජී.එස්.ගාමිණි අභියෝගතා කුසලාන ක්‍රිකට් ශූරතාවලියේ ජයග්‍රහණය හිමිකරගත් කණ්ඩායම වෙනුවෙන් කළමනාකාරු යු.එම්.රොද්‍රිගො මහතා විසින් කුසලානය ලබාගත් අයුරු.ලෙක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් හා නිතී හා පරිපාලන අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර මහත්වරුද මේ අවස්ථාවට එක්විය..
NEWSPAPER
2012.12.01
http://www.dinamina.lk/2012/12/01/_art.asp?fn=f1212011
යටිතල පහසුකම් සංවර්ධනය නිශ්ඵල දෙයක් නොවේ
සාකච්ඡා කෙළේ උදිත ගුණවර්ධන
මෙවර අයවැයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය හා එහි ඉදිරි පැවැත්ම වෙනුවෙන් ගෙන තිබෙන යෝජනා හා එම යෝජනා සංවර්ධනයට බලපාන ආකාරය ගැන ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.* කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය හා පැවැත්ම සඳහා අයවැය යෝජනා මඟින් වෙන්කර තිබෙන ප්‍රතිපාදන පිළිබඳ ඔබට ඇත්තේ මොන විදිහේ අදහසක් ද?මේ ආණ්ඩුව සැම විටම ගොවි ජනතාව‍ගේ යහපත පිළිබඳ කල්පනා කර ඒ ප්‍රතිපත්තියට අනුකූලවයි කටයුතු කරන්නේ. හැම ප්‍රතිපත්තිමය කරුණකදීම ගොවියා පිළිබඳව ඔහුගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිළිබඳව ඇත්තේ තිරසාර ප්‍රතිපත්තියක්. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ඔහුගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය තුළ ඇත්තේ ගොවියා පිළිබඳව වූ යහපත් චේතනා හා වැඩපිළිවෙළක්.අපට මතකයි කලකට පෙර තිබූ ආණ්ඩු ගොවියා ගැන ඔහුගේ වෘත්තිය පිළිබඳව දැක්වූ ආකල්පය. එදා ගොවියාට තිබුණේ තමන්ගේ වෘත්තීය ගරුත්වය වගේම ආර්ථික ශක්තිය අහිමි වන තත්ත්වයකුයි. ඒ තත්ත්වය වෙනස් කළේ මහින්ද රාජපක්‍ෂ යුගයේදීයි කියන එක ඔහුට කරන ගෞරවයක්. අපට මතකයි 2001 දී රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටි කාලයේදී කුඹුරු ගොඩකිරීමේ නීතියක් පවා ඇති කිරීමට උත්සාහ කළා.එදා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කළ දේවල් අදටත් ගොවි ජනතාවට අමතක නැහැ.ගොවීන් වෙත ලබා දුන් පොහොර සහනාධාරය මෙවරත් අයවැය මඟින් ලබාදීම ස්ථිර කර තිබෙනවා. මෙය ගොවියා වෙත ආණ්ඩුව මඟින් ලබාදෙන අතහිත දීම ගැන හොඳම උදාහරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.* වී මිලදී ගැනීම පිළිබඳවත්, එහි මිල ගණන් පිළිබඳවත් ගොවීන්ගෙන් ඉල්ලීම් මතුවුණා. මේ ඉල්ලීම්වලට මෙවර අයවැයෙන් මොන විදිහේ ප්‍රතිපාදන ප්‍රමාණයක්ද වෙන්ව තිබෙන්නේ?ඔව්, වී මිලදී ගැනීම හා එහි උපරිම මිල ගණන් ගැන විශාල ඉල්ලීම් හා මතවාද පළවුණා. ඒ විදිහේ ඉල්ලීම් ගොවීන්ගේ පැත්තෙන් ලැබුණා. එයට සවන් දීමක් වශයෙන් මෙවර වී කිලෝවකට උපරිම මිලක් ලබාදීමට පසුගිය කාලයේ මිල ගණන් ඉහළ දැමීමටත් කටයුතු කර තිබෙනවා. එයත් මෙවර අයවැය මඟින් වෙන්කළ ප්‍රතිපාදනයක් විදිහට පෙන්වා දීමට පුළුවන්. මේ නිසා ගොවියාගේ ආර්ථික තත්ත්වය ප්‍රබල ලෙස ශක්තිමත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.* කාබනික පොහොර යෙදූ වී මිලදී ගැනීමේදී රුපියල් 40 මිලක් ගෙවීමට රජය තීරණය කළා. එවැනි තීරණයක් ගත්තේ ඇයි?කෘත්‍රිම පොහොර යෙදීම නිසා පොළොව කෘත්‍රිමව සරුසාර වුවත් එමඟින් පොළොවේ ශක්තිය කෙටි කාලයකදී ක්ෂය වෙනවා. ඒ වගේම පොළොවත් දූෂණය වෙනවා. එයට සජීවී උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. එදා ගමේ ඇලේ දොළේ සුලබව ජලජ ජීවීන් සිටියා. ඒත් අද වෙද්දී ඒ විදිහේ සතුන් දුලබ දෙයක් බවට පත්ව තිබෙනවා. එදා අපේ ගොවීන් වගා කටයුතු කළේ කෘෂි රසායන යොදාගෙන නොවෙයි, ස්වාභාවික පොහොර වර්ග යෙදීමෙන්.ඒ ක්‍රමය තුළ අපිට මෙරට ආසියාවේ ධාන්‍යාගාරය බවට පත්කිරීමට පුළුවන්කම ලැබුණා. අප යළිත් මේ කාර්ය ආරම්භ කළ යුතුයි. එයට අතහිත දීමක් විදිහට තමයි, කාබනික පොහොර වෙත ගොවි ජනතාව උනන්දු කරවීමට කටයුතු කර තිබෙන්නේ. ඒ නිසා කාබනික පොහොර වෙත උනන්දු කරවීමට තමයි අයවැය මඟින් කාබනික පොහොර යොදා වී වගා කරන අයට වැඩි මිලක් ගෙවීමට තීරණය කළේ.* ඔබ අයවැය පිළිබඳවත් ගොවීන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් ධනාත්මක මතයක් පළකළත් විපක්‍ෂය කියන්නේ අයවැය මඟින් ආණ්ඩුව කියන විදිහේ යහපත් ප්‍රතිඵල නොලැබුණු බවයි. මේ ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකිද?විපක්‍ෂයක වගකීම මොකක්ද කියලා මේ අය තේරුම් අරගෙන නැහැ. ඒ නිසා තමයි විපක්‍ෂය පදනම් විරහිතව හොඳ දේටත් විවේචනය කරන්නේ. විපක්‍ෂයේ වගකීම විය යුත්තේ හැමදේටම විවේචනය කරමින් කාලය ගතකිරීම නොවෙයි, හොඳ දේට සහය ලබා දෙමින් වැරැද්ද විවේචනය කිරීමයි. ඒත් අද එජාපය ප්‍රමුඛ විපක්‍ෂය මේ වගකීම් තේරුම් නොගෙන කටයුතු කිරීම කනගාටුවට කාරණයක්. මේ විදියට කටයුතු කිරීම නිසා රටට විනයගරුක සාධාරණ විපක්‍ෂයක වගකීම ඉටුකරන බවක් නම් පෙනෙන්නට නැහැ.වැඩපිළිවෙළක් සහිත ආණ්ඩුවකට විවේචනාත්මක සහයෝගයක් ලබාදිය යුතුයි. ඒත් අද එජාපය කරන්නේ කකුලෙන් ඇදීම පමණයි. මේ විදිහට වැඩ කිරීම නිසා ආණ්ඩුව නෙවෙයි පිරිහෙන්නේ විපක්‍ෂයයි. ඒ තත්ත්වය අද වන විට තහවුරුව තිබෙනවා. එජාපයේ සිටි විශාල පිරිසක් අද ඒ පක්‍ෂය අතහැර ගිහින් තිබෙන්නේ මේ දුර්වල ලක්‍ෂණයන් නිසයි. අද ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට පෙර විපක්‍ෂය කළ යුත්තේ තම තමන්ගේ අඩුපාඩු හා දුර්වලකම් නිවැරැදි කර ගැනීමයි.* දුර බැහැර ප්‍රදේශයක් නියෝජනය කරන මහජන නියෝජිතයකු විදිහට ඔබ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ දකින්නේ කොහොමද?මේ ආණ්ඩුව සංවර්ධන කටයුතු පැත්තෙන් අතිශය සාර්ථකත්වයක් දක්වා තිබෙනවා. ඒ ගැන පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව සියලු දෙනා අගය කරනවා. අපට මතකයි එදා අපේ පාරක ගිය හැටි. ගමනක් යන්න පැය ගණන් ප්‍රමාද වුණා, මාර්ග අබලන් වීම නිසා. ඒත් අද එහෙමද? ගමේ ගොඩේ ඉඳලා බහුතර මාර්ග ප්‍රමාණයක් ඉතාමත් හොඳීන් සංවර්ධනය වෙලා තිබෙන්නේ. මෙය රටක දියුණුවට ප්‍රබල හේතු සාධකයක් විදිහට පෙන්වා දීමට පුළුවන්. ගුවන් තොටුපොළ හැදුණත්, වරාය හැදුණත් වැඩක් නෑ, ගොඩනැගිලි හැදුණත් වැඩක් නෑ.මාර්ග පද්ධතිය පිළිවෙළකට වර්තමානයට ගැළපෙන විදිහට නැතිනම්. ලොව ඕනෑම දියුණු රටකට ගිහින් බලන්න ඒ රටවල මාර්ග පද්ධතිය ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා. අපි අදහස් කරන්නේ මාර්ග යනු රටක නහරවැල් වගේ කියලා. සංවර්ධනය ව්‍යාප්ත වෙන්නේ මේ මාර්ග පද්ධතිය ඔස්සේයි. ඒ තත්ත්වය මේ ආණ්ඩුව ඉතාමත් හොඳින් තේරුම් අරන් තිබෙන්නේ. ඒ නිසා තමයි මාර්ග සංවර්ධනයට මූලිකත්වය ලබා දෙන්නේ.* රටක මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තය සංවර්ධනයටත් බලපානවා නේද?සංචාරක කර්මාන්තයට පමණක් නොවෙයි, කෘෂිකර්මාන්තයට පවා මාර්ග සංවර්ධනය යටිතල පහසුකම් බලපානවා. ඒ නිසා තමයි ආර්ථිකය ඉහළ නැංවීමටත් මේ සංවර්ධන කටයුතු බලපාන්නේ.උදාහරණයක් විදිහට ගනිමු ගාල්ලේ ගොවියෙක්ව. ඔහුගේ නිෂ්පාදන එදා කොළඹ වෙළෙඳපොළට ගෙන ඒමට පැය හතරක් පහක් ගියා. අද පැය දෙකෙන් කොළඹට තමන්ගේ නිෂ්පාදන ගෙන ඒමට පුළුවන්. ඒ විදිහේ ආර්ථික වාසියක් අපට සරලවම පෙන්වා දිය හැකියි. සංචාරක කර්මාන්තයට වුණත් යටිතල පහසුකම් වර්ධනය වීම විශාල ලෙස බලපානවා.සංචාරකයෙක් වුණත් එන්නේ යටිතල සුවපහසුව සමඟ සුන්දරත්වය තිබෙනවා නම් පමණයි. එහෙම නොවෙනවා නම් සංචාරකයෝ එන්නේ නැහැ.විදේශීය ආයෝජකයෝ වුණත් එන්නේ පහසුකම් තිබෙනවා නම් පමණයි. මේ සියලු පාර්ශ්වයන්ගේ සංවර්ධනයට මහාමාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය අතිශය වැදගත් අංගයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ සංශෝධන කටයුතුවලට මුදල් යෙදවීම දිගු දුර බලා යොදවනු ලබන ආයෝජනයක් විදිහට හඳුන්වා දීම සුදුසුයි.ඒ නිසා යටිතල පහසුකම් සංවර්ධනය නිශ්ඵල දෙයක් යැයි කිසිවකු කියනවා නම් ඒ තර්කය වැරැදි සහගත හා අවස්ථාවාදී තර්කයක් විදිහට හඳුන්වාදීමේ වරදක් නැහැ..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n121203_br1
මොහොමඩ් මහරූෆ් අභාවප්‍රාප්ත වෙයි
null
(2012-12-03 10.30am) කොළඹ මහ නගර සභාවේ විපක්ෂනායක මොහොමඩ් මහරූෆ් මහතා අද (03) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n1212031
අගවිනිසුරුතුමියට ගණ පූරණයත් නෑ
null
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය නිලය හා බලය අයුතු ලෙස භාවිත කරමින් රටේ විනිසුරුවරුන් හා නීතිඥයන් ආණ්ඩුවට එරෙහි ව පෙළගැස්වීම සඳහා ගත් උත්සාහයක් අසාර්ථක වී ඇතැයි අප කළ විමසුමක දී හෙළිදරව් වී තිබේ.අධිකරණ සේවා සංගමයේ විධායක සභා රැස්වීමක් 2012 දෙසැම්බර් 1 දා කැඳවා තිබුණු අතර එහි මූලික අරමුණ වූයේ අගවිනිසුරුවරිය ට එරෙහි දෝෂාභියෝගයට විරෝධතාව දැක්වීම හා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තවදුරටත් එම තනතුරෙහි ස්්ථාපිත කිරීම ය. විනිසුරුවන් හා නීතිඥයන් විශාල ප්‍රමාණයක් එම රැස්වීම ප්‍රතික්ෂේප කළ අතර ගණ පූරණය නොමැතිකම නිසා රැස්වීම අවලංගු විය.මේ සිදුවීමෙන් පසු අග්‍රවිනිශ්චයකාරතුමිය හදිසියේ ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ උසස් නිලධරයකු අමතා ඇති බවත්; දිස්ත්‍රික් විනිශ්චයකරුවන්ගේ හා අභියාචනාධිකරණ විනිශ්චයකරුවන්ගේ විශේෂ රැස්වීමක් කැඳවන ලෙස ඔහුට උපදෙස් දී ඇති බවත් අප වෙත වාර්තා වී තිබේ.එම රැස්වීම පැවැත්වීමෙහි අරමුණ වී ඇත්තේ විනිශ්චයකාරවරුන් ආණ්ඩුව ට එරෙහි ව කටයුතු කරන්නේ යැයි ජන මතයක් ලෝක ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම බව නීති විශාරදයෝ පෙන්වා දෙති. දිසා විනිසුරුවෝ ද, මහේස්ත්‍රාත් විනිසුරුවෝ ද විශාල ප්‍රමාණයක් මේ ආරාධනය ප්‍රතික්ෂේප කරන අතර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ කුමන්ත්‍රණයක් ලෙස එය හඳුන්වා දෙති. අප ගේ විමර්ශනවලට අනුව එම රැස්වීම ද අසාර්ථක වන බව දැනගන්නට ලැබේ.අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ තේරීම් කාරක සභාවේ විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්වීම් කැඳවීම පවා සදාචාර විරෝධී බව නීති විශාරදයෝ පෙන්වා දෙති. අධිකරණ සේවා සංගමයේ විධායක සභා රැස්වීම සහ දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ රැස්වීම හදිසියේ පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි කටයුතුවලට බහුතර විනිසුරු, නීතිඥවරුන් කැමැත්තක් නොදක්වන බව ය.දෛනික උසාවි කටයුතු පැවැත්වෙන දිනක එම කටයුතු පසෙකලා මෙවැනි රැස්වීම් පැවැත්වීම ඉමහත් ගැටලු සහගත බව පෙන්වා දෙන ඔවුහු මෙය පොදු ජනතාවට මෙන්ම නීතිඥවරුන්ට ද අසාධාරණයක් බව කියති.දෝ්ෂාභියෝගයක් ඉදිරිපත්ව ඇති මොහොතක සිදු කළ යුත්තේ ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වා වැරැදි නිවැරැදිකරු තීන්දු කිරීමට අදාළ තේරීම් කාරක සභාවට ඉඩ සැලසීම මිස තැන් තැන්වල රැස්වීම්, සාකච්ඡා පැවැත්වීම නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පෙන්වා දෙති.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කෙරෙන විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා දීම සෑම වගකිවයුතු පුරවැසියකුගේම යුතුකම බව පෙන්වා දෙන ඔවුහු තේරීම් කාරක සභාවේ තීන්දුවට හිස නැමිය යුතු බව ද කියති..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n1212032
සාධාරණය ඉටු කරගන්නවිමර්ශනයට ඉඩ දෙන්න
null
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ පසු කළ යුතුව තිබෙන්නේ කඩිනමින් පරීක්ෂණයක් පවත්වා වැරැදි නිවැරැදි බව තහවුරු කිරීමයි. වරදක් ඇති නම් හෝ නැතිනම් විමර්ශනය අවසානයේදී මන්ත්‍රීවරුන් විසින් තීන්දුව දෙයි. සාධාරණයක් ඉෂ්ඨ කර ගත හැක්කේ මේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ සැලසීමෙන් පමණයි.සෑම දෙයකටම පෙර බැලිය යුත්තේ රට ගැනයි. වගකිව යුතු පුරවැසියන් ලෙස සැවොම කළ යුත්තේ මේ විමර්ශන කටයුතු අඩාළ නොවන ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ සැලසීමයි. පුරවැසියන් ලෙස අපට වඩා වැදගත් වන‍්නේ රටයි. සියල්ලට ඉහළින් ඇත්තේ රටයි. වගකිවයුතු පුරවැසියන් ලෙස අපගේ යුතුකම රට අරාජික වීමට ඉඩ නොතැබීමයි..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n1212033
අධිකරණ ක්‍රියාවලිය හෑල්ලු කිරීමට ඇතැමුන් වෙර දරනවා
null
දෝෂාභියෝග ක්‍රියාවලිය සඳහා දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලු කිරීමට ඇතැමුන් උත්සාහ කරන බව විද්වත්හු ප්‍රකාශ කරති.විවිධ විරෝධතාවන්, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම රටේ නීතිය හා සදාචාරයට විරුද්ධ බවද මේ ආකාරයෙන් කටයුතු කිරීමේ දී රටේ සාමාන්‍ය පුද්ගලයකුට අධිකරණය ඉදිරියේ නඩුවක් දැමීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවද සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ පවසති. රටේ නීතිය හා සදාචාරය හොඳින් දන්නා නීතිඥයන් එවැන්නකට සම්බන්ධ වීම රටේ අභාග්‍යයක් බව පෙන්වා දෙන උන්වහන්සේ අධිකරණ ක්‍රියාවලිය තුළ එවැනි ක්‍රියාවක් සිදුවීම කණගාටුවට කරුණක් බවද සඳහන් කරති.රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවෙන් සිදුවන බවද පාර්ලිමේන්තුව අභිබවා යාමට කිසිවකුටත් නොහැකි බවද ප්‍රකාශ කරන කුඹුරුගමුවේ වජිර හිමියෝ රටේ නීතිය හා සදාචාරය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම වගකිව යුත්තන් සැමගේ යුතුකම බවද කියා සිටිති.මේ අතර දේ්ශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කරන්නේ දෝෂාභියෝගය හරහා දේ්ශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් පිරිසක් අරගලයන් හි නිරත වන බවයි.පාර්ලිමේන්තුවට නියෝග දීම සඳහා අධිකරණයට නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා ජනතා පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව සතු බවද තමන් නිර්දෝෂී බව ඔප්පු කිරීම සඳහා අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අවස්්ථාව උදාවී තිබෙන බවද සඳහන් කරයි.සේ නොමැතිව මේ හරහා රජය පෙරළීමට උත්සාහ කරන්නේ නම් එවැන්නක් හෙළා දකින බවද ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කරයි..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n1212034
නීතියරකින රටවල් අතරින්ශ්‍රී ලංකාව පෙරමුණට
ධනුෂ්ක ගොඩකුඹුර සහ මහින්ද අලුත්ගෙදර
නීතියේ ආධිපත්‍යය ඉහළ මට්ටමක පවතින රටවල් අතුරින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත.අමෙරිකාවේ වොෂින්ටන් නුවර කේන්ද්‍ර කොටගත් වර්ල්ඞ් ජස්ටිස් ප්‍රොජෙක්ට් හෙවත් ලෝක නීති ව්‍යාපෘතිය මඟින් සිදුකළ වර්ගීකරණය‍ට අනුව ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය හිමිකරගෙන තිබේ.නීතිය ක‍්‍රියාත්මක වීමට අදාළ අංශ අටක් අතුරෙන් 6 කින්ම දකුණු ආසියාවේ ඉහළම ප‍්‍රමිතියක් පවතින්නේ ශ‍්‍රී ලංකාව බවට ලෝක නීති ව්‍යාපෘතිය පෙන්වාදෙයි.නීතියේ ආධිපත්‍යය, රජය සතු බලයේ සීමාවන්, දූෂණය, ආරක්ෂාව, මූලික අයිතිවාසිකම්, විවෘත පාලනය, නියාමන බල පැවැත්ම, සිවිල් සාධාරණත්වය සහ අපරාධ අධිකරණ ක‍්‍රියාමාර්ග යන අංශ මෙහිදී සැළකිල්ලට ගෙන තිබේ.මේ වාර්තා සකස් කිරීම සඳහා ඇඟයීමට ලක්වූ රටවල් 97 විශේෂඥයන් 2500 දෙනකු ඇතුළු 97000 කට වැඩි පිරිසකගෙන් තොරතුරු ලබාගෙන ඇත. මෙම වර්ගීකරණයේදී ඉන්දියාව අභිබවා ශ‍්‍රී ලංකාව පෙරමුණට පැමිණීම විශේෂත්වයකි..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n1212035
රුපියල් කෝටි 600ක් රැස්කරන ලංකා බැංකු ණයකර නිකුතුවදින 10න් නිමයි
ජයසිරි මුණසිංහ
රුපියල් කෝටි හයසියයක මුදලක් එක්රැස් කර ගැනීමේ අරමුණින් නිකුත් කළ ණයකර නිකුතුව දින 10ක් සාර්ථකව සපුරා ගන්නට ලංකා බැංකුව සමත් වී තිබේ.ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් නිකුත් කළ විශාලතම ණයකර නිකුතුව මෙය විය. එය කොටසක් රුපියල් සියය බැඟින් කොටස් කෝටි 06 (60,000,000) කින් සමන්විත විය.මේ කොටස් සියල්ලම දින 10ක් ඇතුළත විකිණී අවසන්වීම ගැන සතුටු වන බව ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. ඒ. ලයනල් මහතා “දිනමිණ”ට පැවැසීය.ලංකා බැංකුව කෙරෙහි රටේ මහජනතාව තබා ඇති විශ්වාසනීයත්වය හා මූල්‍ය ස්ථාවරත්වයක් ගැන ඇති ජනතා ප්‍රසාදය මේ ගනුදෙනුව තුළින් මනාව ප්‍රදර්ශනයවූ බවද ලයනල් මහතා කීය.මේ අන්දමට ලංකා බැංකුව රැස්කරගත් මුදල රටේ උතුරු - නැෙඟනහිර පළාත්වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ දියුණුවට යෙදවීමට බලාපොරොත්තු වන බවද ලයනල් මහතා සඳහන් කෙළේය.ඊට අමතරව බැංකුව තම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නංවා ගැනීමට ද මෙය යොදා ගන්නා බව ඔහු කීය.ලංකා බැංකුව වත්කම් වැඩි දියුණු කරගැනීම අරමුණින් නිකුත් කළ හතරවැනි ණයකර නිකුතුව මෙය විය. ඊට ප්‍රථම වසර 2008 දී රුපියල් බිලියන 4.7ක් ද, වසර 2010 දී රුපියල් බිලියන 05ක්ද, 2011 දී බිලියන 05ක්ද ලබාගැනීමට ණයකර නිකුතුව සිදුකොට ඇත..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n1212036
ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල්ආසියානු කලාපයටම සේවය කළා
null
ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු හා සම්භාවනීය ඉන්දියානු පුත්‍රයෙකු වූ අභාවප්‍රාප්ත ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල් මහතාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේත් සොව පළ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් යවා ඇත.ඉන්දියාව හා ඉන්දියානු ජනතාව වෙනුවෙන් ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල් මහතා ඉමහත් කැපවීමෙන් කටයුතු කළ අයෙකි. එමෙන්ම දකුණු ආසියා කලාපය තුළ විවිධ කාර්යයන් සම්බන්ධයෙන් ඉතා කැපවීමකින් දිගුකාලීන සේවාවක් ඉටුකළ අයෙකි.සම්භාවනීය නායකයෙක් සහ ප්‍රභුවරයෙක් වූ ඔහු ගෝලීයකරණයට භාජනය වී ඇති ලෝකයේ ඉදිරි අනාගතය උදෙසා ඇප කැපවී කටයුතු කළ අයෙකි. දකුණු ආසියා කලාපයේ සබඳතා ශක්තිමත් කිරීමේ ලා ඔහුගේ දෘෂ්ටිය සහ ප්‍රවේශය ඉතා ආදර්ශවත්ය.ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා හා කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීමේලා ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල් මහතා කරන ලද සේවාව ශ්‍රී ලංකා රජය සදාතනිකව කෘතවේදීව සිහිපත් කරයි.දකුණු ආසියානු කලාපයේ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ මේ කලාපය තුළ ජීවත් වූ බුද්ධිමත් විශාරදයෙක් වියෝවීම මේ කලාපයට පාඩුවකි. මේ ශෝක ජනක අවස්ථාවේ පවුලේ ඥාතීන්ට ශක්තියක් ලබාදීමට අප ශක්තිය ධෛර්යද ලැබේවායි ප්‍රාර්ථනා කරමු..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n1212037
උතුරු මැද මංගල අය-වැයවැඩි ඡන්ද 18කින් සම්මතයි
චූල බණ්ඩාර කුලසේකර
උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා නව වසර සඳහා (2013 වසර සඳහා) ඉදිරිපත් කළ මංගල අයවැය ලේඛනය වැඩි ඡන්ද දහඅටකින් (18) සභා සම්මත විය. මෙහිදී අයවැයට පක්ෂව හිටපු ප්‍රධාන අමාත්‍ය උතුරුමැද පළාත් සභා මන්ත්‍රී බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාද ඡන්දය ලබාදීම විශේෂ සිද්ධියක් විය. අයවැයට පක්ෂව ඡන්ද දහ නවයක් ලැබුණු අතර විපක්ෂව එක් ඡන්දයක් පමණක් ප්‍රකාශ කෙරිණි. පක්ෂව ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ දහනව දෙනෙකු (19) ඡන්දය ප්‍රකාශ කරද්දී ජනතා පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විරුද්ධව ඡන්දය ලබා දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව හෝ විරුද්ධව ඡන්දය ලබාදීමෙන් වැලකී සිටි අතර එක්සත් ජාතික පක්ෂයේ අනිල් රත්නායක මහතා පමණක් ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබෙන් පිටතට ගොස් සිටියේ ය. විපක්ෂනායක කිංන්ස් නෙල්සන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම ගමගේ සහ එක්සත් ජාතික පක්ෂයේ අනෙකුත් සියලු මන්ත්‍රීවරු ඡන්දය විමසන විට සභා ගැබ තුළ රැඳී සිටියහ.උතුරුමැද පළාත් සභාවේ නව සභාපතිවරයා තෝරා ගත් අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඉදිරිපත් වූ අතර ඉන් විපක්ෂය විසින් යෝජනා කළ ආණ්ඩු පක්ෂයේ ටී. එම්. ආර්. සිරිපාල මහතා වැඩි ඡන්ද දොළහකින් (12) ජයග්‍රහණය කිරීම හේතුවෙන් 2013 උතුරුමැද පළාත් සභා අයවැය පිළිබඳ වැඩි පිරිසකගේ අවධානය යොමු වී තිබිණ. නව පළාත් සභාව පිහිටුවා පළමු දිනයේදී සභාපතිවරු අතර දෙවන දිනයේදී ඉදිරිපත් කළ දිවිනැඟුම පනතට සහය දැක්වීම වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර එහිදී පළාත් සභා මන්ත්‍රී බර්ටි දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නොසිටියේය. ඉකුත්දා (28) ඉදිරිපත් කළ අයවැය විවාදයට පළාත් සභා මන්ත්‍රී බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා එම දිනය තුළ සහභාගි වී නොසිටි අතර අවසන් මොහොතේ එදින රාත්‍රියේ පැවැත්වූ ඡන්ද විමසීමට පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීම සැමගේ අවධානයට ලක්වූහ..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n1212038
ආබාධ සහිත තැනැත්තන්ගේජගත් දිනය අදයි
බුද්ධිකා ඉඹුලාන
ආබාධ සහිත තැනැත්තන් සඳහා වු ජාත්‍යන්තර දිනය අද (3) ට යෙදී තිබේ.ඒ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදේ 9.00ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.මෙම උත්සවයේ ආරාධිත දේශනය පේ්රාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ මහාචාර්ය ඊ.පී.එම්.වී. වීරක්කොඩි විසින් පවත්වනු ලබයි. ආබාධ සහිත තැනැත්තන්ගේ සංස්කෘතික දැක්මක්, විශේෂ පාසල් ඇගැයීමේ තිළිණ ප්‍රදානයක්ද, ආබාධ සහිත දරුවන්ගේ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානයද සිදු කෙරේ.මෙම අවස්ථාවට සමාජ සේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සුරියආරච්චි මහතාද සහභාගීවීමට නියමිතය..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n1212039
විශ්‍රාම ලැබුවත් නිල රථ ආපසු භාර දී නෑ
පණ්ඩුක සමරසේකර
රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම පොලිස් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් බොහොමයක් සිය ධුර කාලය අවසන්ව විශ්‍රාම යෑමේදී පරිහරණය කළ නිල රථ ආපසු භාර දී නොමැති බව හෙළි කරගෙන ඇතැයි කෝප් කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.මෙසේ භාර නොදුන් නිල රථ 50 ක් පමණ තමා සභාපතිත්වය දරන කෝප් කමිටුව මගින් ආපසු ලබා ගැනීමට ක්‍රියා කළ බවත් සමහර විශ්‍රාමික උසස් පොලිස් නිලධාරීන් නීති විරෝධී අයුරින් සිය නිල වාහනය වසර 08 ක් පමණ කාලයක් පරිහරණය කර ඇති බවත් දිනමිණ කළ විමසීමක දී පැවසීය.මෙරට ඇති රාජ්‍ය ආයතන 235 ක විගණන වාර්තා ඇසුරින් සැකසෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව ගජධනඥඝ මේ මස අග භාගයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කළේය..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n12120310
රට පුරා පාසල් දස දහසේ ඉලක්කගත සේවා ඉටුවේදැයි සොයන්න මාසික සමීක්ෂණ
ජයසිරි මුණසිංහ සහ සුභාෂිනි සේනානායක
රටපුරා පාසල් දස දහසේම කටයුතු ඉලක්ක කළ පරිද්දෙන්ම සිදුවන්නේ දැයි මාසයෙන් මාසයට සොයා බැලීමේ නව වැඩපිළිවෙළක් ලබන වසරේ පටන් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබේ.පාසල් පරිපාලනය ශක්තිමත් කිරීමටත්, ඒ හරහා ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමටත් සෑම වසරකම ආරම්භයේ පටන් වසර නිමාවන තුරු පාසල්වල ඉලක්කගත වැඩපිළිවෙළක් සම්පාදනය කරනු ලැබේ. මේ ඉලක්කගත වැඩපිළිවෙළින් ඉලක්ක කීයක් සපුරා ගන්නේ දැයි නිශ්චිතව හඳුනා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකිවන ලෙසට නව වැඩපිළිවෙළ හඳුන්වා දුන් බව අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා “දිනමිණ” ට ප්‍රකාශ කෙළේය.“පාසල්වල යටිතල පහසුකම් හා මානව සම්පත්වල දියුණුවට රජය වාර්ෂිකව දැවැන්ත මුදලක් වැය කරනවා. මේ වැයකිරීම්වලින් නිදහස් අධ්‍යාපනය අර්ථවත් විය යුතුයි. ඒ ගැන සොයා බැලීමටත් මාසයෙන් මාසය අප අමාත්‍යාංශය කරන පසු විපරම් කිරීම් වැදගත් වනවා” යැයි ද ලේකම්වරයා පැහැදිලි කෙළේ ය.පාසල්වල පහසුකම් වැඩි කරන අතර ලක්‍ෂ 41 ක් වන දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ යා යුතුයි. ගණිතය, විද්‍යාව, ඉංගී‍්‍රසි, තොරතුරු තාක්‍ෂණ විෂයන් අසමත් වීමේ ප්‍රමාණය අඩු විය යුතුයි. ඒ සඳහා විදුහල්පතිවරුන්ට, ගුරු මණ්ඩලයේ අදහස් හා යෝජනා අනුව සකස් කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. ඒ වැඩපිළිවෙළ ඉලක්ක කළ පරිදිම සිදුවන්නේ දැයි අමාත්‍යාංශ මට්ටමින් අධීක්‍ෂණය කරන්නේ මුල් වතාවට යි ද ලේකම්වරයා කීය. සෑම විදුහල්පතිවරයෙක් ම විදුහලේ මාසයෙන් මාසය සිදු වූ ප්‍රගතිය අමාත්‍යාංශයට වාර්තාවක් මඟින් එවිය යුතුයි. එය නිරීක්‍ෂණය කොට අධීක්‍ෂණය කොට ගැටලු අඩුපාඩු ඇති තැන්වලට හේතු ඇත්නම් ඒවා නිරාකරණය කරදීමට අමාත්‍යාංශය බැඳී සිටිනවා යැයි ද ගෝඨාභය ජයරත්න මහතා අවසාන වශයෙන් සඳහන් කෙළේ ය..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n12120311
 1 ශ්‍රේණිය අභියාචනා විමසීම්15දා අවසන්
සුභාෂිනි සේනානායක
පළමු ශ්‍රේණිය 2013 වසරට සිසුන් බඳවා ගැනීමේ අභියාචනා විමසීම් දෙසැ: 15දායින් අවසන් බව ජාතික පාසල් අධ්‍යක්‍ෂ ඩී.එන්. සිල්වා මහතා පවසයි.2013 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම ජනවාරි මාසයේදී සිදු කරන බවත් රණවිරු සේවයේ නාම ලේඛනය ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා පවසයි.අදාළ ඉල්ලීම් හෝ සංශෝධන තිබේ නම් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළ යුතු බවත් ජාතික පාසල් අධ්‍යක්‍ෂකවරයා පවසයි..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n12120312
ඉල්ලීම් ලබා දීමට රජය එකඟයි
සන්ධ්‍යා කරුණාරත්න
හෙද ඉල්ලීම් ලබාදීමට රජයේ එකඟතාව පළ කර ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.ඒ අනුව හෙද ඉල්ලීම් ලබාදීම සඳහා වූ චක්‍රලේඛය ඉදිරි සති දෙක ඇතුළතදී නිකුත් කරන බව සඳහන් කරමින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා සෞඛ්‍ය ඇමැතිවරයාට හා රාජ්‍ය‍ සේවා එක්සත් හෙද සංගමයට ලිඛිතව දැනුම් දී තිබේ. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (02) මේ බව ප්‍රකාශ කළහ.හෙද ව්‍යවස්ථාවට අන්තර්කාලීන සංශෝධන සිදු කිරීම, හෙද හෙදියන්ට ලබාදෙන අනතුරු දීමනා ඒකක ප්‍රමාණය 09 සිට 14 දක්වා වැඩි කිරීම, අතිකාල දීමනා සඳහා රේට් ක්‍රමය ක්‍රියාත්මක කිරීම, පළමු වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් සඳහා භාණ්ඩ භාරකාර දීමනා වැඩි කිරීම හා කොළඹ පශ්චාත් හෙද අභ්‍යාස ආයතනය හෙද උපාධිය ලබාදෙන විශ්ව විද්‍යාල මණ්ඩපයක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් පහක් ලබාදීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී තිබේ.කිසිම සටනකින් තොරව සාකච්ඡා මාර්ගයෙන් පමණක් මේ ඉල්ලීම් ජයග්‍රහණය කිරීම රාජ්‍ය‍ සේවා එක්සත් හෙද සංගමයේ තවත් ජයග්‍රහණයක් බව ආනන්ද හිමියෝ පැවැසූහ. දයාව, කරුණාව, මෛත්‍රිය මුල් කර ගනිමින් රෝගී සත්කාරක සේවාවන් සිදු කරන ලෙස හෙද නිලධාරින්ගෙන් ඉල්ලීමක් කරන බවත් හෙද නිලධාරින්ගේ ඉල්ලීම් ලබාදීමේ වගකීම සංගමය බාර ගන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.ජනතා ප්‍රසාදය දිනා ගනිමින් මේ ඉල්ලීම් ජයග්‍රහණය කිරීමට හැකිවීමෙන් විනයගරුක, ගුණාත්මක හෙද නිලධාරින් පිරිසක් බිහි කළ හැකි යැයි ද උන්වහන්සේ පැවැසූහ. රෝගීන් අපහසුතාවට පත් නොකරමින් සටන් කිරීමකින් තොරව සාකච්ඡා මාර්ගයෙන් හෙද ඉල්ලීම් සියයට සියයක්ම ජයග්‍රහණය කළත් ඇතැම් වෘත්තීය සමිතිවල සටන් පාඨ නොනවතින බවත් විශේ‍ෂයෙන්ම එම වෘත්තීය සමිති රාජ්‍ය නොවන සංවිධානවල දේශපාලන උවමනාවන් සාක්ෂාත් කරදීමට කටයුතු කරන බවත් ආනන්ද හිමියෝ පැවැසූහ. මේ අවස්ථාවට රාජ‍්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප සභාපති සී. බොරලැස්ස, ලේකම් ආර්.කේ. බටුවිට, විධායක සභික අශෝකා අබේනායක මහත්ම මහත්මීහු සහභාගී වූහ..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n12120313
අම්පාරේ භූ කම්පන
උපාලි කරුණාරත්න,මහින්ද අලුත්ගෙදර සහ අනුරාධපුර දිස්ත්‍රික් සමූහ නිමල් විජේසිංහ
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක දිගින් දිගටම ඇතිවෙමින් පවතින සුළු භූ කම්පන තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා හෙට (4)දිනයේ එම ප්‍රදේශයන්ට ජංගම භූ කම්පන ජාලය රැගෙන යන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී විජයානන්ද මහතා දිනමිණට පැවසීය.දමන,වඩිනාගල,කිවුලේගම ආදී ප්‍රදේශ ගණනාවකින් භූ කම්පනයන් පිළිබඳ පසුගිය දිනයන්හි දී වාර්තා විය. පෙරේදා (01) පෙරවරු 9.01 ට ඇති වූ භූ කම්පනය මහකනදරාව, පල්ලෙකැලේ, හක්මන ප්‍රදේශයන්හි සවිකර ඇති භූ කම්පන මාන වළ සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ප්‍රකාශ කරයි.රිච්ටර් මාපකයේ එය දෙකකට ආසන්න අගයක් පෙන්නුම් කරන බව පැවසූ කාර්යාංශයේ නියෝජිතයෙකු එය සුළු භූ කම්පන තත්ත්වයක් වශයෙන් හැදින්විය.භූ කම්පන අගයන් පහළ මට්ටමක තිබුණද දිගින් දිගටම සිදුවීම පිළිබඳ සොයා බැලිය යුතු බව පවසන ආචාර්ය එන්.පී විජයානන්ද මහතා භූ කම්පන ඇතිවිම පිළිබඳව තවම නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැකි යයිද ප්‍රකාශ කළේය.ඉදිකිරීම් ආදිය සිදු කරන අවස්ථාවන්හිදීද මෙවැනි තත්ත්වයක්ඇතිවිය හැකි බව ද ඒ මහතා පැවසීය.මෙම භූ කම්පනයන් පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පර්යේෂණ පවත්වති..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n12120314
උනවටුනටත් අද්භූත ආලෝක ධාරාවක්
ඉමදූව සමූහ, ගාල්ල ඡායාරූප
ගාල්ල උනවටුන එරබදුහ හංදිය ප්‍රදේශයේ 01 දින රාත්‍රී 7.30ට පමණ නිල් කහ රතු කහ ආලෝකයක් සහිත මහා අද්භූ®ත බෝලයක් අහසේ සිට පොළවට පාත් වූ බව, ප්‍රදේශවාසීහු පවසති.එසේ පොළවට පාත් වූ ගිනි බෝලයක් මෙන් ආලෝකය විහිදෙන මෙම අද්භූ®ත ආලෝක ධාරාව, රූමස්සල කන්ද පැත්තෙන් ගොස් නොපෙනී ගිය බව, ප්‍රදේශවාසීහු පවසති. මෙම ගිනි බෝලය සහිත ආලෝකය විනාඩි ගණනාවක් පොළවට මදක් ඉහළින් සැරි සරා ගමන් කර ඇති බවද ගම්වාසීහු පවසති.මෙම අද්භූ®ත ආලෝක ධාරාව විනාඩි පහක් හයක් සැරිසරූ බව ද ඔහු කියති. උනා වැටුන උනවටුන නම් වූ මෙම ප්‍රදේශය උනවටුන ඓතිහාසික ප්‍රදේශයේ තිබෙන ගම්මානයකි. මෙය රාම රාවනා යුද සමය දක්වා මහා ඉතිහාසයක් ඇති අතර මෙම යුද්ධයේ දී හනුමන්තා හිමාලයේ කොසටක් රැගෙන යන අවස්ථාවේදී ඉන් කොටසක් මෙම උනවටුන ප්‍රදේශයට වැටුණු නිසා උනා වැටුන උනවටුන නම් වූ බව, ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ නිසා මෙම ප්‍රදේශය යම් ආකාශ වස්තු පොළවට ඇද ගැනීමේ පරිසරයක් ඇති බව ප්‍රදේශවාසීනගේ මතයයි. මෙම ආලෝක ධාරාව හරහා පැමිණියේ පිටසක්වල ජීවින්ද යන්නත් ප්‍රදේශයේ ජනතාව සැකකරති..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=n12120315
වාර්ෂිකව රට පුරාමස්වසන රෝගීන්ගේ වැඩිවීමක්
සන්ධ්‍යා කරුණාරත්න
රට පුරා සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන ස්වසන රෝගීන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ ගොස් ඇති බව වැලිසර ජාතික රෝහල පවසයි. ස්වසන රෝග පිළිබඳ වැලිසර ජාතික රෝහලට වාර්ෂිකව පෙනහලු පිළිකා රෝගීන් 4000 ක් ඇතුළු වන බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කරයි.රට පුරා පුද්ගලයන්ගේ ස්වසන රෝග ඉහළ යාම පිළිබඳ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. දුම් බොන පුද්ගලයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම ස්වසන රෝගීන් වාර්තා වීම ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇතැයි ‍ද වෛද්‍යවරයා කීය.රෝහලට පැමිණෙන පිළිකා රෝගීන්ගෙන් සියයට 50 කට ප්‍රතිකාර ලබාදීම අපහසු තත්ත්වයේ පවතින බවත් සෙසු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට විශාල මුදලක් වැය කිරීමට රජයට සිදු වන බවත් වෛද්‍ය විජේසූරිය මහතා පැවැසුවේය.දුම්පානය නිසා පුද්ගල‍යකුට රෝග දහයක් පමණ වැළඳෙන බව ද ඇදුම, රුධිර පීඩනය, පෙනහලු පිළිකා, උගුරේ හා ග්‍රසණිකාව ආශ්‍රිතව හට ගන්නා පිළිකා ඒ අතරින් ප්‍රධාන වන බව ද හෙතෙම පැවැසීය. මීට අමතරව දුම් බොන පුද්ගලයකුට හෘදයාබාධ හා ආඝාතය රෝග වැළඳීමේ ප්‍රවනතාව සාමාන්‍ය පුද්ගලයකුට වැළඳෙනවාට ව‍ඩා සිව් ගුණයකින් ඉහළ ය. දුම් වැටියක රසායනික ද්‍රව්‍ය 4000 ක් ද, පිළිකා කාරක 60 ක් ද අඩංගු වේ.සි‍රුරේ ඇති කුඩා රුධිර නාල අවහිර වීම දුම් ඉරීමේදී සිදු‍ වේ. මුහුණ මළානික වීම, මුහුණ රැලි වැටීම එමඟින් සිදු වන බව වෛද්‍යවරයා පවසයි.දුම්පානය මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දේශපාලන අධිකාරිය ඇතුළු වගකිව යුතු නිලධාරීන් බාර‍ ගෙන කටයුතු කරන්නේ නම් ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යන මුදලෙන් ඉතිරි කර ගත හැකි බවත් දු‍ම්කොළ සමාගම්වලින් රජයට ලැබෙන බදු ආදායම මෙන් කිහිප ගුණයක් දුම් බීමට ඇබ්බැහි වූ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට වැය වන බවත් වෛද්‍යවරු පවසති.දුම් වැටි ඉරීමෙන් සිදු වන හානිය පෙන්වන රූපමය අනතුරු ඇඟවීම් ‍ප්‍රධාන වශයෙන් දුම් වැටි ඇසුරුමක සියයට 80 ක් ආවරණය වන පරිදි ඇතුළත් කරන්නේ නම් ඒවාට ඇබ්බැහි වූවන්ට මේ පිළිබඳ යම් අනතුරු ඇඟවීමක් සිදු කළ හැකි ය.නිතරම එම රූපමය අනතුරු ඇඟවීම් ඇස ගැටීම නිසා දුම් උරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩු කර ගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතය වේ. මේ අවස්ථාවට වැලිසර ජාතික රෝහලේ වෛද්‍ය ඩී.එල්. වනිගරත්න, විශේෂඥ වෛද්‍ය ඩබ්.වී. සේනාරත්න, විශේෂඥ වෛද්‍ය බන්දු ගුණසේන, විශේෂඥ වෛද්‍ය සමන් කුලරත්න, උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය වරුණ කරුණාරත්න, උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. හඳගල මහත්වරු සහභාගී වූහ..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=r1212031
කඩුවෙලට ස්ථිර පොලිස් මුරපොළක් නැතිවීම ජීවිත හා දේපළවලට තර්ජනයක්
කඩුවෙල විශේෂ - සමදරා ජයසිංහ
කඩුවෙල නගරයට ස්ථිර පොලිස් මුරපොළක් මෙතෙක් ස්ථාපිත වී නොතිබීම නිසා සාමාන්‍ය ජනතාවට ආරක්‍ෂාව සැලසීම විශාල ගැටලුවක් වී ඇති බව නවගමුව පොලිසිය පවසයි.නවගමුව පොලිස් බල ප්‍රදේශයේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ස්ථිර පොලිස් මුරපොළක අවශ්‍යතාව කලක සිටන් පැවැතිය ද එය මේ දක්වා ක්‍රියාත්මක නොවීම මෙයට හේතු වී ඇත.ජනාකීර්ණ ප්‍රදේශයන්ගෙන් සමන්විත නවගමුව පොලිස් බල ප්‍රදේශයට ආරක්‍ෂාව සැපයීමේදී හා විවිධ අපරාධ සඳහා සම්බන්ධ සැකකරුවන් නීතියේ රැහැනට ක්ෂණිකව හසුකර ගැනීමේදී කඩුවෙල නගරයට ස්ථිර පොලිස් මුරපොළක් අනිවාර්ය බව නවගමුව පොලිස් ස්ථානාධිපති එම්. එම්. එල්. මහගෙදර සහ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් ජයසිංහ මහත්වරු පැවසූහ.නවගමුව පොලිස් බල ප්‍රදේශයේ පාතාල කල්ලි මර්දනය සඳහා පසුගිය වකවානුවේදී පොලිසිය විසින් ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළ නිසා මේ වන විට කඩුවෙල හා තදාසන්න ප්‍රදේශවල පාතාල කල්ලි සම්බන්ධ අපරාධ රැල්ල මුළුමනින්ම මර්දනය කෙරී ඇති බව ද, අපරාධ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා මහජනතාවගෙන් පොලිසිය වෙත ලැබුණු සහයෝගය මත මේ වන විට පොලිස් බලප්‍රදේශයේ අපරාධ 50% කින් අඩු වී ඇති බව ද එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=r1212032
මයික්‍රෝ උඳුනක් අලුත්වැඩියා කරමින් සිටිවිදුලි ඉංජිනේරුවරයා විදුලිසර වැදී මරුට
කැස්බෑව සංචාරකධර්මසිරි සුරවීර
මයික්‍රෝ අවන් එකක් අලුත් වැඩියා කරමින් සිටි විදුලි යාන්ත්‍රික ඉංජිනේරුවරයකු විදුලි සර වැදී මියයෑමේ සිද්ධියක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂණ උසාවියෙන් අනාවරණය වේ.මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ මිරිහාන විමලවත්ත පදිංචිව සිටි චන්ද්‍ර කුමාර රාජපක්‍ෂ නමැති හැට හැවිරිදි එක්දරු පියෙකි.මේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු එල්. එම්. එස්. රොද්‍රිගු මහත්මිය පැවැත්වූවාය.මියගිය අයගේ බිරිය වන ක්ලැරිස් ශාන්ති වන්නිආරච්චි (53) මහත්මිය සාක්කිදෙමින් මෙසේ කීවාය. නිවෙසේ උඩු මහලේ සිටින විට මෙහෙකරු බණ්ඩා ඇවිත් සැමියාට විදුලි සර වැදී ඇති බව කීවා. එවිට සැනෙකින් බිම් මහලට එන විට උඩුබැලි අතට වැටී සිටි සැමියාගේ කටින් සෙම පිටවෙනවා දුටුවා. රාජා කියා සැමියාට කතා කළත් ඔහු කතා කළේ නැති නිසා වහාම රෝහලට රැගෙන ගියා. එහිදී සැමියා මියගොස් ඇති බව දැනගත්තා.මියගිය අයගේ දියණිය කුෂානි අනිෂා හා රංජිත් කල්හාර හා මෙහෙකරු මුරුගන් බණ්ඩා යන අයද සාක්කි දුන්හ.දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි මුදිත විදානපතිරණ මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්විය.වෛද්‍ය වාර්තාව සහ ප්‍රකාශිත සාක්කි සැළකිල්ලටගත් හදිසි මරණ පරීක්‍ෂක රුද්‍රිගු මහත්මිය මේ මරණය විදුලි සර වැදීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට තීන්දු කළාය.මිරිහාන පොලිසියේ පොලිස් කොස්තාපල් අතුල මහතා මේ පිළිබඳ පරික්‍ෂණ සිදුකර සාක්කි මෙහෙයවිය..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=r1212033
හොර බෙහෙත් ගබඩාවක්අලුත්ගම දර්ගා නගරයෙන් අසුවේ
කළුතර දිස්ත්‍රික් සංචාරක
බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස සෞඛ්‍යයට අහිතකර ඖෂධ තොගයක් අළුත්ගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.මේ අත්අඩංගුවට ගත් ඖෂධ තොගය සමඟ සැකකරුවන් තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසිය පවසන අන්දමට කිසිදු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධි අන්දමින් මේ බෙහෙත් ගබඩාව අළුත්ගම දර්ගා නගරය කුරුඳුවත්ත ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.මේ ඖෂධ කළුතර, බේරුවල, අළුත්ගම, ඇල්පිටිය, අම්බලන්ගොඩ, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ඖෂධ අලෙවිහල්වලට සහ ෆාමසිවලට අලෙවිකර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.මෙම ඖෂධ ව්‍යාජ ආයතනවලට හා නිල ලාංඡන, නිල මුද්‍රා යොදාගෙන කාලයක් තිස්සේ නීති විරෝධි අන්දමින් අලෙවි කර තිබේ.ළදරු ඖෂධ හා විටමින් විශාල තොගයක් මේ අතර තිබූ බව අළුත්ගම පොලිසිය පවසයි..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=r1212034
ගම්පහ ග්‍රාම නිලධාරීන්ට වැඩමුළුවක්
ගම්පහ සංචාරක – නිමල් ජයසිංහ
”නීති සතිය” වෙනුවෙන් ශශ්‍රී ලංකා නීති සංගමයේ නීති සති කමිටුව මඟින් ගම්පහ දිසාවේ ග්‍රාම නිලධාරීන්, උපාධිධාරි රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවක් පසුගියදා ගම්පහ දිසා ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.මේ වැඩමුළුව සඳහා ගම්පහ දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක ග්‍රාම නිලධාරීන්, නව උපාධිධාරි පත්වීම් ලැබූ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් රැසක් සහභාගි වූහ.එම අවස්ථාවට සහභාගි වූ ගම්පහ දිසාපති ජේ. ජේ. රත්නසිරි මහතා මෙසේ කීවේය.දිවි නැඟුමට නීති දැනුම අත්වැලක් සේම, තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ද, ග්‍රාම සේවා නිලධාරීන් නීතිය පිළිබඳ දැනුමක් ලබා තිබිය යුතුයි.කෘෂිකර්මය, මංමාවත් සංවර්ධනයට, ඉඩම් අත්පත් කරගැනීම ආදී කටයුතුවලට ද ග්‍රාම නිලධාරීන්ගේ සහාය ලැබෙනවා.නිවැරදිව සේවය කිරීමට රටේ නීතිය දැනගත යුතුයි. ශ්‍රී ලංකා නීති සංගමය නීති සතිය වෙනුවෙන් දිවයින පුරා පවත්වන මේ වැඩසටහන ඉතා ඵලදායී එකක්. කාර්යක්‍ෂම රාජ්‍ය සේවය, තිරසාර සංවර්ධන වැඩ කටයුතුවලට නීතිය පිළිබඳව දැනුම ඉතා අවශ්‍යයි.2012 නීති සතිය කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙවිල් අබේරත්න මහතා -උසාවිවල විභාගවන නඩුවලින් බොහොමයක් නිසි වෙලාවට නීති උපදෙස් ලබා නොගැනීම නිසා දිග්ගැසී ඇති නඩුයි. ජනතාවට නීතිය ගැන දැනුමක් තිබිය යුතුයි. ග්‍රාම නිලධාරීන් සමඟ ජනතාව නිතර සමීපව කටයුතු කරන බැවින් ශ්‍රී ලංකා නීති සංගමය අදහස් කළේ ග්‍රාම නිලධාරීන්ට නීතිය සම්බන්ධ දැනුමක් ලබා දීමටයි. ජනතාවගේ නීති දැනුමට අත්වැලක් වීමටයි මේ වැඩසටහන ඇරඹුවේ.ගම්පහ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ චන්දන ගුණතිලක මහතා ද මෙහිදී අදහස් දැක්වීය..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=r1212035
කැනඩා රැකියා පෙන්වා ලක්ෂ 11ක් වංචා කරලා
පානදුර සමූහකපිල සෝමරත්න
කැනඩාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී තරුණයන් කිහිප දෙනෙකුගෙන් රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑදහසක් සාපරාධි ලෙස වංචා කළේ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් පානදුර පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා විමර්ශන අංශයේ නිලධාරින් පරීක්ෂණ පවත්වා පානදුර මහේස්ත්‍රාත් ආර්. එස්. දිසානායක මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සම්බන්ධතාවක් පවත්වන සැකකරු රත්මලානේ කාර්යාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. මේ පුද්ගලයාට එරෙහිව මුදල් වංචා නඩු කිහිපයක් ගල්කිස්ස අධිකරණයේ විභාග වන බවද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී අනාවරණය විය..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212031-1
ජාතික මහා ක්‍රීඩා උලෙළේ ශූරතාවසටනකින් තොරව බස්නාහිර දිනයි
ප්‍රින්ස් ගුණසේකර
තිස්අටවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේදී පදක්කම් 183ක් දිනාගත් බස්නාහිර පළාතට සමස්ත ශූරතාව හිමිවිය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවු ජාතික මහා ක්‍රීඩා උලෙළේ බස්නාහිර පළාත රන් පදක්කම් 78ක්, රිදී පදක්කම් 53ක් හා‍ ලෝකඩ පදක්කම් 52ක් දිනා තරගයකින් තොරවම පෙරමුණට පැමිණියේය. දෙවැනි ස්ථානය දිනාගත් මධ්‍යම පළාත රන් පදක්කම් 35ක් රිදී පදක්කම් 42ක් හා ලෝකඩ පදක්කම් 36ක් දිනා ගත්තේය. තෙවැනි තැන දිනූ වයඹ පාළාත රන් පදක්කම් 28ක් රිදී පදක්කම් 27ක් හා ලෝකඩ පදක්කම් 29ක් හිමිකර ගත්තේය.උතුරු-නැ‍ඟෙනහිර ඇතුළු සියලුම පළාත්වල සහභාගිත්වයෙන් පැවැති මහා ක්‍රීඩා උලෙළේ ජය සංකේත ප්‍රදානය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා‍ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.එම අවස්ථාවට එක්වු නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ රජය පසුගිය කාලයේ ක්‍රීඩාවේ යටිතල පහසුකම් සඳහා රුපියල් බිලියන 10ක් වැය කර ඇති බවය. එමෙන්ම ලබන වසරේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට විශේෂ පහසුකම් ලබාදී ජාත්‍යන්තර තලයේ දස්කම් දැක්වීමේ ධෛර්යය වැඩි කිරීමට රජය පියවර ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවැසීය.ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස උස පැනීමේ ශූර දකුණු පළාතේ මංජුල කුමාර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කෙටිදුර ධාවන ශූරී වයඹ පළාතේ ජානි චතුරංගනී ද සිල්වා සම්මාන දිනා ගත්හ.දින තුනක් පුරා කොළඹ සුගතදාස පිටියේ පැවැති මලල ක්‍රීඩා තරගවලදී නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව තරග වාර්තා 7ක් පිහිටුවීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා වාර්තාව රිටි පැනීමේ ඉසව්වෙන් නැ‍ඟෙනහිර පළාතේ අනෝමා කරුණාවංශ (මී.3.30) බිහිකළ අතර නව තරග වාර්තා 100xසහය දිවීමෙන් (තත්.40.43) දකුණු පළාත, උස පැනීමෙන් දකුණු පළාතේ මංජුල කුමාර (මී.2.23), මීටර් 800 කාන්තා ඉසව්වෙන් වයඹ පළාතේ එන්.එම්.සී.දිල්රුක්ෂි (වි.2:07.10), මීටර් 400 කඩුලු ඉසව්වෙන් දකුණු පළාතේ ඩබ්ලිව්.කේ.එල්.ඒ.නිමාලි (වි.1:00.85), මීටර් 5000කාන්තා ඉසව්වෙන් දකුණු පළාතේ ජී.ටී.ඒ.අබේරත්න (වි.16:51.55), උස පැනීම කාන්තා ඉසව්වෙන් දකුණු පළාතේ ප්‍රියංගිකා මධුවන්ති (මී.1.79) හා මීටර් 1500 කාන්තා ඉසව්වෙන් වයඹ පළාතේ එන්.එම්.සී.දිල්රුක්ෂි (වි.4:20.25) සටහන් කළාය.ඊයේ අවසන් ඉසව් දෙක ලෙස පැවැති පිරිමි, කාන්තා මීටර් 400x4 සහය දිවීමේ තරගවලිදී කණ්ඩායම් 5ක් නීති විරෝධී ධාවනය හේතුවෙන් ඉවත් කිරීම කැපී පෙනුණි. පිරිමි තරගයේදී වයඹ හා බස්නාහිර, කාන්තා තරගයේදී ඌව, දකුණු හා නැ‍ඟෙනහිර කණ්ඩායම් ඉවතට විසිවුණි..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212031-2
ශ්‍රී ලංකා පිල ටැන්සානියාවට පරදී
ප්‍රින්ස් ගුණසේකර
සිංගප්පූරුවේදී ඊයේ ආරම්භවු සික්ස් නේෂන් නෙට්බෝල් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 76-51ක් ලෙස ටැන්සානියාව හමුවේ පරාජය විය.ටෝයෝ පායෝ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මුල සිටම පසු බෑමකට ලක්ව සිටියහ. පළමු කාර්තුවේදී 19-15ක් ලෙස ටැන්සානියාව පෙරමුණගත් අතර දෙවැනි කාර්තුවේදී 33-29ක් විය. තෙවැනි කාර්තුවේදී ලකුණු පරතරය වැඩිකරගත් ටැන්සානියා ක්‍රීඩිකාවෝ ලකුණු 52-38ක් ලෙස ඉදිරියට පැමිණියහ.තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා නෙට්බෝල් නායිකා ගයාත්‍රි ලංකාතිලක පැවැසුවේ ආරක්ෂක කලාපයේ ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීම අවශ්‍ය බව ‍‍‍මේ තරගයේදී වටහාගත් බවයි.“අපේ නවක ක්‍රීඩිකාවන් ආරක්ෂක කලාපයේ ක්‍රීඩා කළේ. එයින් අඩුපාඩු වුණා. ඊලඟ තරගයට අලුත් සැලසුමක් අවශ්‍යයි” ලංකාතිලක පැවැසුවාය.සිංගප්පූරුවට ජයආසියානු ශූර සිංගප්පූරුව හා මලයාසියාව අතර තරගයෙන් ලකුණු 44-42ක් ලෙස සිංගප්පූරුව තියුණු ජයක් ලැබීය.අයර්ලන්තය හා නැමීබියාව අතර තරගයෙන් ලකුණු 58-25ක් ලෙස අයර්ලන්තය පරාජයට පත්විය.ශ්‍රී ලංකා හා නැමීබියාව අතර තරගය අද පැවැත්වේ..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212031-3
ක්‍රීඩා නිලධාරීන් නිහඬ විරෝධතාවක
ප්‍රින්ස් ගුණසේකර
ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවයේ ආචාර පෙළපාලියේ ගමන් කළ ක්‍රීඩා නිලධාරීන් පිරිසක් හා පුහුණුකරුවෝ පිරිසක් සමාන්‍ය ඇදුමෙන් සැරසී නිහඬ විරෝධතාවක යෙදුනහ.දැනට හිමිවන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසා විරෝධතාව පළකළ ක්‍රීඩා නිලධාරීන් පිරිසගේ ගැටලුවට ඉදිරියේදී විසඳුම් ලබාදෙන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය සමාප්ති උත්සවයේදී පැවැසුවාය. එවිය විරෝධතා ඉදිරිපත් කළ ක්‍රීඩා නිලධාරීන් සිය සතුට පළ කළහ. රට පුරා ක්‍රීඩා නිලධාරීහු හා පුහුණුකරුවෝ 400ක් පමණ වැටුප් ප්‍රශ්නයට මැදිව සිටිති..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212031
උස පැනීමේ ශූර මංජුලගෙන් නව තරග වාර්තාවක්
null
උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන මංජුල 38වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දෙවැනි දිනය වු පෙරේදා නව තරග වාර්තාව බිහිකිරීමට සමත්විය.දකුණු පළාත නියෝජනය කරන මංජුල මෙහිදී මීටර් 2.23කින් නව තරග වාර්තාව තැබුවේය. ඔහු විසින් බිඳ හෙළනු ලැබුවේ පසුගිය වසරේ ජාතික මහා ක්‍රීඩා උලෙළේ මීටර් 2.20ක ඔහුගේම වාර්තාවය.නමුත් 2004 වසරේදී ඔහු විසින්ම තබන ලද මීටර් 2.27 ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට ඔහු අසමත් විය.ක්‍රීඩා උලෙළේ දෙවැනි දිනය නිමා වන විට රන් පදක්කම් 77ක් ලබා ගනිමින් බස්නාහිර පළාත පෙරමුණේ පසුවු අතර මධ්‍යම පළාත රන් පදක්කම් 35ක් දිනා දෙවැනි ස්ථානයෙත්, වයඹ පළාත රන් පදක්කම් 26ක් දිනා තුන්වැනි ස්ථානයෙත් පසුවිය.දෙවැනි දිනයේ ප්‍රතිඵල-උස පැනීම පිරිමි 1.මංජුල කුමාර මී.2‍.2 (දකුණු ), 2.එම්.ඩී.දිසානායක (බස්නාහිර), එස්.සුබාසිත (බස්නාහිර) කවපෙත්ත විසිකිරීම පිරිමි 1.ජි.ඩී.චතුරංග මී.43.00 (දකුණ), 2.නිශාන්ත හර්ජිනස් 3.ඩී.ධනුෂ්ක (බස්නාහිර), මීටර් 200 පිරිමි 1‍.ආර්.එම්.රාජෙස්ඛාන් තත්.21.37(නැ‍ඟෙනහිර), 2.ඒ.එස්.පතිරණ (මධ්‍යම), 3.ආර්.ජයවර්ධන (බස්නාහිර), දුර පැනීම පිරිමි 1.එම්.එස්.දිසානායක මී.7.59 (වයඹ) 2.ජෙ.පී‍.විමලසිරි (මධ්‍යම) 3.ඒ.ඊ.සජීව (මධ්‍යම) මීටර් 400කඩුලු පැනීම පිරිමි 1‍.එන්.ජේ.ගුණතිලක 51.70 (සබරගමුව), 2.පි ද සිල්වා (බස්නාහිර), 3.එල්.ප්‍රසන්නජිත් (බස්නාහිර), රිටි පැනීම 1.කේ.කේ.බාලසුරිය මී.4.60 (වයඹ), 2.සි.පී‍.සේනාරත්න (වයඹ), 3.එම්.ආර්.සම්පත් (වයඹ), මීටර් 400 කඩුලු පැනීම කාන්තා 1.එල්.ඒ.නිමාලි වි.1:00.58 (දකුණ), 2.එරංගා දුලක්ෂි (දකුණ), 3.එස්.දයානන්ද (සබරගමුව), යගුලිය දැමීම පිරිමි 1.ටි.කේ.ප්‍රනාන්දු මීටර්.14.06 (බස්නාහිර)‍‍, 2.නදීකා මුතුනායක (වයඹ), 3.එස්.කේ.විරසේකර (උතුරු මැද), හෙල්ල විසිකිරීම කාන්තා 1.එල්.එන්.ලක්මාලි මී.55.45(දකුණ), 2.එන්.ඩී‍‍.ලේකම්ගේ (සබරගමුව), 3.එච්.එම්.අනුපමා (වයඹ), මීටර් 200 පිරිමි 1.වයි.එන්.අබේවික්‍රම තත්.24.88 (මධ්‍යම), 2.ඩී.එල්.ප්‍රනාන්දු (බස්නාහිර), 3.පී.ඩී.දයාරත්න (සබරගමුව), දුර පැනීම කාන්තා 1.ඩී.ඩී.එරන්දි මී.5.81( දකුණ), 2.සී.ඩී.ප්‍රියදර්ශනී (බස්නාහිර), 3.එච්.ටී.කුමාරි (බස්නාහිර).
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212032
රන් පදක්කම් දිනූ හිමාෂට‍ තහනම් උත්තේජක චෝදනා
ප්‍රින්ස් ගුණසේකර
ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මී‍ටර් 100 රන් පදක්කම දිනා වේගවත්ම ක්‍රීඩකයාවු හිමාෂ ‍ඒෂාන් තහනම් උත්තේජක භාවිතා කර තරග වැදුණු බවට චෝදනා එල්ලවී තිබේ‍.මේ හේතුවෙන් ඊයේ පැවැති ජාතික මහා ක්‍රීඩා උලෙළට සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමිවී ගියේය.තහනම් උත්තේජක චෝදනා එල්ලවු 18 හැවිරිදි හිමාෂ ඒෂාන් හා ඔහුගේ පුහුණුකරු චමින්ද පෙරේරා ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අද පැවැත්වෙන නිදහසට කරුණු විමසීමේ පරික්ෂණයකට කැඳවා ඇත.‍ක්‍රීඩා වෛද්‍ය ඒකකය මේ වසරේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක‍ගේ තහනම් උත්තේජක පරික්ෂණ සිදුකොට ඇති අතර චෝදනා එල්ලවු පළමු ක්‍රීඩකයා හිමාෂ ඒෂාන් වේ.තවමත් පාසල් අවධියේ පසුවන හිමාෂ ඒෂාන් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට එක්වී තත්පර 10.50කින් රන් පදක්කම දිනා ගත්තේය. පසුගිය නොවැම්බර 3වැනිදා පැවැති එම තරගයේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනාව මගින් ක්‍රීඩකයාට දැනුම් දී ඇත‍‍.ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කම එම්.එස්.එම්.සෆ්රාන් (තත්.10.68) හා අෂාන් හසරංග (තත්.10.77) ලෝකඩ පදක්කම දිනා ගත්තේය.රන් පදක්කම දිනාගත් හිමාෂ ඒෂාන් තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වී දඬුවමක් නියම වුවහොත් ඔහු දිනාගත් රන් පදක්කම අහිමිවී යන අතර රිදී පදක්කම දිනු සෆ්රාන්ට රන් පදක්කම හා ලෝකඩ පදක්කම දිනු අෂාන්ට රිදී පදක්කම හිමිවේ.එම තරගාවලියේදී සිවුවැනියා වු ඒ.ඩී.එම්.සිල්වාට ලෝකඩ පදක්කම හිමිවනු ඇත.පසුගිය දා පැවැති විසිහතර වැනි ජාතික යෞවන ක්‍රීඩා උලෙළේදී මීටර් 100 නව තරග වාර්තාවක් (තත්.10.54) බිහිකළ හිමාෂ අවුරුදු 20න් පහළ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනා ගත්තේය..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212033
ඔස්ට්‍රේලියාවට ලකුණු 632ක දැවැන්ත ඉලක්කයක්
පර්ත් (ඒ.එෆ්.පී.)
ඔස්ට්‍රේලියාව සහ සංචාරක දකුණු අප්‍රිකාව අතර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා වාර්තාගත ලකුණු 632ක දැවැන්ත ඉලක්කයක් හඹායන ඔස්ට්‍රේලියාව ඊයේ දිනය නිමාවනවිට කඩුලු නොදැවී ලකුණු 40ක් ලබා සිටියේය. තරගය නිමාවීමට තව දින 2ක් ඉතිරිව ඇති අතර ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණ ගැනීමට නම් ඔස්ට්‍රේලියාවට මේ තරගය ජයගත යුතුව ඇත.ටෙස්ට් තරගයකදී ඔස්ට්‍රේලියාවට ලකුණු 600කට වැඩි ඉලක්කයක් හඹායාමට සිදුවූ දෙවැනි අවස්ථාව මෙයවේ. මීට පෙර 1928 වසරේ දි එංගලන්තය ලකුණු 742ක දැවැන්ත ඉලක්කයක් ඔස්ට්‍රේලියාවට ලබා දී තිබිණි. එය ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ පළමු ටෙස්ට් තරගය ද විය. එහි දී ඔස්ට්‍රේලියාව ලකුණු 66කට දැවීගියේය. ලෝක ටෙස්ට් ඉතිහාසයේ සිවුවැනි වරට පන්දුවට පහරදි වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කළ කණ්ඩායම වන්නේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමය.2003 වසරේ දී ඔවුන් ලකුණු 418ක ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ද ඔස්ට්‍රේලියාවට එරෙහිවය. ඊයේ තේ පානයෙන් පසුව දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 569ක් රැස් කළේය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හෂීම් අම්ලා ලකුණු 196ක් ද, ‍ඒ.බී.ඩිවිලියර්ස් ලකුණු 169ක් ද ලබා ගැනීමට සමත්වූහ. පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක් කඩුලු 6ක් සහ මිචෙල් ජොන්සන් කඩුලු 4ක් දවාලූහ. දකුණු අප්‍රිකාව පළමු ඉනිමේ දී ලකුණු 225ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියාව ලකුණු 163කට දැවීගියේය..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212034
කොදෙව් පිලට එරෙහිව බංග්ලාදේශයට වාර්තාගත ජයක්
null
සංචාරක බටහිර ඉන්දියා කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් වාර්තාගත ලකුණු 160ක ජයක් අත්කරගැනිමට බංග්ලාදේශය ඊයේ සමත්විය. එය බංග්ලාදේශ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ විශාලම ජයග්‍රහණය වේ.පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 292ක් රැස් කිරීමට සමත්විය. කොදෙව් පිල ඕවර 31.1කදී ලකුණු 132කට දැවී ගියේය. ‍සොහාග් ගාසි සහ අබ්දුර් රසාක් කඩුලු 3බැගින් බිඳ දැමූහ.බංග්ලාදේශ ඉනිමේ දී ලකුණු 120ක් රැස් කළ 19 හැවිරිදි අනාමුල් හක්, එක්දින ශතකයක් ලැබූ ලොව 8වැනි ලාබාලතම පිතිකරු ලෙසත්, තුන්වැනි ලාබාලතම බංග්ලාදේශ පිතිකරු ලෙසත් වාර්තාපොතට එක්විය. ඔහුට අනගි සහායක් ලබාදුන් මුෂ්ෆිකාර් රහීම් ලකුණු 79ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී රවී රාම්පෝල් කඩුලු 5ක් දවාලීය.මේ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත්විය.මීට පෙර බංග්ලාදේශය ලැබූ විශාලතම එක්දින තරග ජයලෙස වාර්තා වන්නේ 2006 වසරේ දි ස්කොට්ලන්තයට එරෙහිව ලැබූ ලකුණු 146ක ජයග්‍රහණයයි..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212035
ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් පළමු බොක්සිං තරගය ජය ගනී
මැන්චෙස්ටර් (ඒ.එෆ්.පී.)
අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ප්‍රකටව සිට ක්‍රීඩාවෙන් සමුගත් එංගලන්ත පිලේ හිටපු නායක ඇන්ඩෘ ‍ෆ්ලින්ටොෆ් බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණවීමෙන් පසු මුහුණදුන් ප්‍රථම ජාත්‍යන්තර තරගයේ දීම ජය අත්කර ගැනීමට සමත්විය.හෙවිවේට් බර පන්තිය නි‍යෝජනය කරමින් අමෙරිකාවේ රිචඩ් ඩෝසන්ට එරෙහිව ලකුණු 39-38ක තියුණු ජයක් වාර්තා කිරීමට ෆ්ලින්ටොෆ් සමත්විය. මැන්චෙස්ටර් හී පැවැති මේ තරගය නැරැ‍ඹීමට ක්‍රීඩාලෝලීන් 5000කට අධික ප්‍රමාණයක් රැස්වූහ.කෙසේවුවත් බොක්සිං වළල්ලේ තවදුරටත් රැඳී සිටින්නේ ද යන්න නත්තලෙන් පසු සළකා බලන බව 34හැවිරිදි ෆ්ලින්ටොෆ් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේය.‘බොක්සිං ක්‍රීඩාවෙන් මම අප්‍රමාණ සතුටක් ලැබුවා. නමුත් ආධුනික බොක්සිං ක්‍රීඩකයෙක් ලෙස මම ආරම්භ කළ මේ ගමනේ ඉදිරිය ගැන තව දුරටත් සිතා බැලිය යුතුයි. මෙවර නත්තලෙන් පසු ඒ ගැන මම සිතා බලනවා.’ ඔහු එසේ පැවැසීය..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212036
සිංගර් වෙ‍ෙළඳ සේවා ක්‍රිකට් ‘මාස් ඇක්ටිව්’ට ද්විත්ව ශූරතා
වර්නන් ගුණසේකර
20 වැනි සිංගර් වෙළඳ සේවා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීම හා ලීග් යන ශූරතා දෙක ම දිනා ගැනීමට මාස් ඇක්ටිව් කණ්ඩායම සමත් විය.රන්ජන් පරණවිතාන මහතා යටතේ පුහුණුව ලබන මාස් ඇක්ටිව් කණ්ඩායම් මේ ශූරතා ද්විත්වය දිනා ගත්තේ තරගාවලි දෙක පුරාම අපරාජිතව සිටිමින් වීම විශේෂත්වයකි. ඔවුන් මෙවර ලීග් ශූරතාව හිමිකර ගත්තේ පිට පිට දෙවැනි වසර ට ය.මාස් ඇක්ටිව් හා හැටන් නැෂනල් බැංකුව කණ්ඩායම් අතර පෙරේදා කොළඹ කෝල්ට්ස් පිටියේ පැවැති පිළිමළුන් පිටු දැකීමේ අවසාන මහා තරගය මාස් ඇක්ටිව් කණ්ඩායම ලකුණු 38කින් ජයග්‍රහණය කළේය. කාසියේ වාසිය දිනා ගත් හැටන් නැෂනල් බැංකුව පිලේ ආරාධනය අනුව පළමුව පන්දුවට පහර දුන් මාස් ඇක්ටිව් කණ්ඩායම ඕවර 47.1ක් ඇතුළත ලකුණු 226ක් රැස් කළ අතර පිළිතුරු වශයෙන් හැටන් නැෂනල් බැංකුව පිල ට ලබා ගත හැකිවූයේ ඕවර 47.3කදී ලකුණු 188ක් පමණි.තරංග ලක්ෂිත ගේ නායකත්වයෙන් යුත් මාස් ඇක්ටිව් කණ්ඩායමේ ඉනිම පස්වැනි කඩුලු සබඳතාවෙන් ශක්තිමත්ව තිබිණි. උදාර ජයසුන්දර හා සචිත්‍ර සේරසිංහ (25) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 4ට ලකුණු 63 සිට කඩුලු 5ට ලකුණු 122 දක්වා ඉහළ නැංවීමට සමත් වූහ.තරගයේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වෙමින් මාස් ඇක්ටිව් උප නායක සමීර සොයිසා පන්දු 49කින් ලකුණු 54ක් වාර්තා කළේය. එම ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත්ව තිබු අතර ඔහු අවසාන තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි. මීට අමතරව ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර හතරේ පහර 6ක් එල්ල කරමින් පන්දු 34කින් ලකුණු 34ක්ද, උදාර ජයසුන්දර පන්දු 80කින් ලකුණු 43ක්ද (හතරේ පහර 3) ලබා ගත්හ.හැටන් නැෂනල් බැංකුව පිල වෙනුවෙන් වමත් පා දඟ පන්දු යවන්නන් වන සජීව වීරකෝන් හා රනිල් ධම්මික කඩුලු 3 බැගින් ලබා ගත්හ.පිළිතුරු ඉනිමේදී සටන්කාමී පිතිහරඹයක් ප්‍රදර්ශනය කළේ හැටන් නැෂනල් බැංකුව නායක කෝසල කුලසේකර පමණි. ඔහු සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ඉමහත් වෙහෙසක් දැරුවද අනෙක් අන්තයෙන් පිතිකරුවන් දැවී යද්දී කුලසේකර ට සිදුවූයේ ඔහුගේ අර්ධ ශතකය ලබා ගැනීමේ උත්සාහයක නියැලීමටය. එහෙත් එම උත්සාහය ද අසාර්ථක වෙමින් ඔහු ලකුණු 48කට දැවී ගියේය. පන්දු 63කට මුහුණ දුන් ඔහු හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කළේය.හෂාන් ගුණතිලක හා අශේන් ප්‍රනාන්දු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවක් වාර්තා කළහ. ආරම්භක පිතිකරු ගුණතිලක පන්දු 54කින් ලකුණු 37ක්ද (හතරේ පහර 3), ප්‍රනාන්දු පන්දු 62කින් ලකුණු 33ක්ද (හතරේ පහර 2) ලබා ගත්හ. පන්දු යැවීමේදී මාස් ඇක්ටිව් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ටී.එම්.සම්පත් ලකුණු 32කට කඩුලු 2ක්ද ලබා ගත්තේය.මාස් ඇක්ටිව් ජයග්‍රහණයට බෙහෙවින් උපකාරී වූයේ ඔවුන්ගේ අති දක්ෂ පන්දු රැකීම ය. ප්‍රතිවාදී පිතිකරුවන් තිදෙනෙකු දුවද්දී දවාලමින් ද, ඉතා ඉහළින් පැමිණි උඩ පන්දු දෙකක් හතරේ සීමාව අසලදී විශිෂ්ට අයුරින් රැක ගනිමින් ද ඔවූහු ජයග්‍රහණය තහවුරු කර ගත්හ.ලීග් තරගාවලිය සඳහා මෙවර ප්‍රථම වතාවට 'නැගී එන ක්‍රීඩකයා' තිළිණය හඳුන්වා දී තිබිණි. එය හිමිවූයේ ජෝන් කීල්ස් කණ්ඩායමේ ක්‍රීඩක හා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අලුතින් එක්ව සිටින දිමුත් කරුණාරත්න ට ය. ලීග් තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සජීව වීරකෝන් ද (හැටන් නැෂනල් බැංකුව), හොඳම පිතිකරු ලෙස මහේල උඩවත්ත ද (මාස් යුනිචෙලා), තරගාවලියේ වීරයා ලෙස හර්ෂ විතාන ද (සෙලාන් බැංකුව) තිළිණ ලබා ගත්හ..
NEWSPAPER
2012.12.03
http://www.dinamina.lk/2012/12/03/_art.asp?fn=s1212037
ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාවටමාස් හෝල්ඩිංග්ස් බොක්සිං කුසලානය
ප්‍රින්ස් ගුණසේකර ෆවුස් මොහොමඩ්
රන් පදක්කම් 4ක් දිනාගත් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ඉන්දියාව සමග පැවැති ද්වන්ද බොක්සිං ශූරතාවලිය තරග 4-3ක් ලෙස ජයගනිමින් මාස් ‍හෝල්ඩිංග්ස් අභියෝගතා කුසලානයට හිමිකම් කීමට සමත්විය. එහි දී සිය අවසන් අන්තර් ජාතික තරගාවලියට සහභාගි වූ මෙරට කාන්තා බොක්සිං වළල්ලේ බිහිවු විශිෂ්ටතම ක්‍රිඩිකා අනූෂා කොඩිතුවක්කු ඉන්දියා ක්‍රීඩිකා පූජා ටොකාස්ට එ‍රෙහිව ලකුණු 27-11ක ජයක් වාර්තා කරමින් කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට සමත්වූවාය.ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ මෙහෙයවීමෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැති මේ තරගාවලියේ කාන්තා තරග ඉසව්වේ කිලෝ ග්‍රෑම් 51 බර පන්තියේ රන් පදක්කම එරන්දි ද සිල්වා ට හිමිවූ අතර පිරිමි තරග ඉසව්වේ කිලෝග්‍රෑම් 60 බර පන්තියේ රන් පදක්කම අනුරාධ ගුණතිලකටත්, කිලෝග්‍රෑම් 56 බර පන්තියේ රන් පදක්කම ගයාන් ජයවීරටත් හිමිවිය. කි.ග්‍රෑ. 49 බර පන්තියෙන් තරග වැදුණු එරංග මධුෂාන්, කි.ග්‍රෑ. 52 බර පන්තියෙන් තරග වැදුණු සුරේෂ් පට්ටිආරච්චි, කාන්තා තරග ඉසව්වේ කි.ග්‍රෑ. 54 බර පන්තියෙන් තරග වැදුණු විදූෂිකා ‍ප්‍රබෝධනී මෙහි දී පරාජයට පත්වූහ.2003 වසරේ දී අන්තර් ජාතික බොක්සිං වළල්ලට පිවිසි අනූෂා එතෙක් මෙතෙක් රන් පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 6ක් අත්කරගෙන තිබේ. 34වන වියේ පසුවන ඇය මේ මස පැවැත්වෙන ජාතික බොක්සිං ශූරතාවලියෙන් පසුව සිය බොක්සිං තරග දිවියෙන් සමුගැනීමට නියමිතය..