category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=r1212067
දෙහිවල - ගල්කිස්ස වෙරළ සංරක්ෂණයට කඩිනමින් පියවර
කොළඹ දකුණ සමූහ - ගාමිණී රූපානන්ද
“දෙහිවල - ගල්කිස්ස වෙරළ තීරය සංචාරක පාරාදීසයක් වන්නේ කවදාද” මැයෙන් පසුගිය මස 14 දින දිනමිණ පුවත්පතේ ප්‍රාදේශීය පුවත් තීරයේ පළ කිරීමෙන් අනතුරුව දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී සාබීන් හමීඩ් (එජනිස) මහතා වෙරළ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ ඇතුළත් යෝජනාවක් පසුගිය නොවැම්බර් මස 19 දින මහ සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය සම්මත කරගෙන තිබේ.නාගරික මන්ත්‍රීවරයා සභාවට ඉදිරිපත් කරන ලදුව සම්මත වූ යෝජනාවේ සඳහන් වන්නේ දෙහිවල - ගල්කිස්ස නගර සීමාවේ පිහිටි ගල්කිස්ස මුහුදු වෙරළ තීරය දේශීය හා විදේශීය වශයෙන් ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වුවත් මුහුදු වෙරළට පැමිණෙන ජනතාවට තිබෙන පොදු පහසුකම් ඉතාමත් අල්ප බවයි.ඒ මහතා ඉදිරිපත් කළ යෝජනාවෙහි ගල්කිස්ස මුහුදු වෙරළට පැමිණෙන ජනතාවට පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සැලසුම් කළ වැඩසටහනට ඇතුළත් වන්නේ ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු භූමි භාගයේ ‘එක් ගමකට එක් වැඩක්’ යන ජනාධිපතිතුමාගේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්‍ෂ දහයක වියදමින් ළමා ක්‍රීඩාංගණයක් ඉදිකර ඇතත්, එම ක්‍රීඩාංගණය ආරක්‍ෂා කිරීම හෝ නඩත්තු කිරීම රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු නොකරන බවයි.කරුණු මෙසේ හෙයින් එම ඉඩම නගර සභාවට පවරාගෙන වෙරළ තීරය හා එම ක්‍රීඩාංගණය නඩත්තු කිරීමට හා ඉතිරිව ඇති අතින් භූමි භාගයේ මුහුදු වෙරළට පැමිණෙන පොදු මහජනතාවගේ පොදු පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගෙන් ඉල්ලා සිටී..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=r1212068
කොස්ගම ඩී. ඒ. රාජපක්‍ෂ පුස්තකාලයජනතා අයිතියට
අවිස්සාවේල්ල විශේෂ - එස්. පද්මපෙරුම
පංච මහා බලවේග සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, සමසමාජ පක්‍ෂය සහ අනෙකුත් ප්‍රගතිශීලී බලවේගත් එක්ව ඇති කළ මහජන එක්සත් පෙරමුණු රජය මහා දේශපාලන පෙරළියක් නිර්මාණය කළා.1930දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ඉදිරිපත්කළ නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමට තීරණාත්මක ඡන්දය භාවිතා කළ ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ නමින් කොස්ගම පුස්තකාලය විවෘත කිරීමට හැකිවීම එතුමාට කරන කෘතවේදී කාර්යභාරයක් ලෙස අප සලකනවා යැයි නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා පැවැසීය.ඒ මහතා එසේ පැවසුවේ කොස්ගම ඩැනී විජේසුන්දර ක්‍රීඩාපිටියේ ආරම්භකළ පුස්තකාලය “ඩී. ඒ. රාජපක්‍ෂ පුස්තකාලය” නමින් විවෘත කිරීමෙන් පසු පැවැති ජන හමුවේදීය.එහිදී තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.මේ කේන්ද්‍රීය දිවයින බටහිර ඇතුළු තවත් රටවල් ඔවුන්ගේ යටතට ගැනීමට විවිධ උත්සාහ ගනු ලැබුවා. අවුරුදු 450ක් අප යටත් වී සිට, නිදහස ලබාගත් යුගය සිහිපත් කර ගත යුතුයි. 1956දී පංචමහා බලවේග සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කළ මහා දේශපාලන පෙරළියට බණ්ඩාරනායක මහතා සමඟ ඩී. ඒ. රාජපක්‍ෂ, පිලිප් ගුණවර්ධන මහත්වරුද පුරෝගාමීන් වුණා.56 දරුවකු ලෙස ඉපදුණු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කෘෂිකාර්මික විප්ලවය ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීම පැසසිය යුතුයි.මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකාව වර්තමානයේ ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. ඒවාගේම ජාත්‍යන්තරව නව ගුවන් ගමන් පියාසර සැලැස්ම පසුගිය 15 දින සිට වෙනස්වීමකට භාජනය වූ නිසා නව පියාසර සැලැස්මට ශ්‍රී ලංකාවද එක්ව තිබීම රට සංවර්ධනය කිරීමට මහඟු පිටුවහලක් වෙනවා.මෙම අවස්ථාවට සුමිත් විජේමුණි සොයිසා, මහේෂ් අල්මේදා, ලයනල් කාරියවසම්, පළාත් සභා මන්ත්‍රීවරු හා උපකුලපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතාද සහභාගි වී සිටියහ..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=r1212069
සත්මහල් වෙළෙඳ සංකීර්ණයක්නුගේගොඩට
කෝට්ටේ මධ්‍යම සමූහ - නන්ද ඒකනායක
නුගේගොඩ නගරයේ පවතින සුපිරි වෙළෙඳ සංකීර්ණය වෙනුවට තට්ටු හතකින් සමන්විත නව සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට ලබන වසරේ මුල්ගල් තබන බව කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා නගර සභාවේ පැවැති සාකච්ඡාවකදී කියා සිටියේය.සිංගප්පූරු වෙළෙඳ සමාගමක් සමඟ ඒකාබද්ධව නගර සභාව මඟින් මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය ඉදිකරන අතර, දැනට පවතින වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සැල් හිමිකරුවන්ටද මෙහි ඉඩ පහසුකම් ලබාදීමට ප්‍රමුඛතාවය ලැබෙන බවද රණවක මහතා කීය.වැලිකඩ මහජන පුස්තකාල භූ®මියේද නගර සභාව මඟින් මහල් හතරකින් යුත්, කාර්යාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද පියවර ගෙන ඇතැයි ද නගරාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=r12120610
ව්‍යාපෘති කඩිනමින්නිම කිරීමට ඇමැතිගෙන් උපදෙස්
කොළඹ දකුණ සමූහ ගාමිණී රූපානන්ද
රත්මලාන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ විවිධ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දුන් නාගරික මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ඇමැතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මැති ඇමැතිවරු දැනුවත් කර එම මුදල් ආපසු යාමට ඉඩ නොදී දෙසැම්බර් මස අවසන්වීමට පෙර සියලුම ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් අවසාන කළ යුතු බවට රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විදුලිබල හා බලශක්ති ඇමැති සහ රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාඨලි චම්පික රණවක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.ඒ මහතා එසේ පැවැසුවේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් රත්නායක මහතා විසින් සංවිධානය කරනු ලැබූ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=r12120611
දාමින්ගමුව සුනාමි ගම්මානයේ ‘මාරක ගස’
හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ
මිල්ලනියේ, දාමින්ගමුව සුනාමි ගම්මානයේ ටී. බී. එල්. පාතිමා මහත්මියගේ නිවෙස ආසන්නයේ ඇති වසර 500ක් පමණ පැරැණි දිරාපත් නා වෘක්‍ෂය අනතුරුදායක බව ගම්වැසියෝ පවසති.අඩි 50ක් පමණ උස වට අඩි 05ක් පමණ වන මෙම වෘක්‍ෂයේ මුල කොටස පැත්තක් දිරාපත්ව කොටස් ඉවත්ව ඇති අතර පසුගිය වැසි සහිත දිනවල දී අත්තක් වහල මතට කඩා වැටී ෂීට් දෙකක් බිදී ගිය බව පාතිමා මහත්මිය පවසයි.මේ නා ගහ හුගක් දිරාපත් වෙලා. ගෙට ආසන්නයෙමයි තියෙන්නෙත්. අවු. 500 ක් විතර පරණ නාගහ කියල දේවාලෙන් කපන්න දෙන්නෙ නෑ. අල්ලපු වැටේ තියෙල දේවාල ඉඩමෙත් නා ගස් හුගක් තියෙනව. පහුගිය දවස්වල වැස්සට අත්තක් කඩා වැටිල අපේ වහලෙ ෂීට් දෙකකුත් බිඳිල ගියා.අපි පොලිසියෙ පැමිණිලි කළා. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙනුත් ඇවිත් බලල ගියා. එච්චරයි. කවුරුවත් ඉවත් කෙළෙත් නෑ අපට කපන්න දෙන්නෙත් නෑ. මහත්තයයි මමයි පොඩි ළමයි දෙන්නයි මේකට යටවෙලා යනකං වෙන්න ඇති බලා ඉන්නෙ.හුළඟ එනකොට රෑට අපි නැගිටල ඉන්නව. මහ හුළඟට ළඟ ගෙදරකයි රෑ එළිවෙනකම් හිටියෙ. හැමදාමත් මෙහෙම කරන්න පුළුවන් ද?.
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=s1212061
ආරක්ෂක කලාපයේ දුර්වලතා මැද ශ්‍රී ලංකාව 73-60කින් අයර්ලන්තය පරදවයි
ප්‍රින්ස් ගුණසේකර - සිංගප්පූරුවේ සිට
සිංගප්පූරු සික්ස් නේෂන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 73-60ක ජයක් හිමි විය. තරගයේ පළමු කාර්තුවේදී ලකුණු තත්තවය 22-16ක් වූ අතර දෙවැනි කාර්තුවේදී ලකුණු 18-12කි.තෙවැනි කාර්තුවේදී ලකුණු 20-16ක් වූ අතර අවසන් කාර්තුවේදී ලකුණු 16-13ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.රටවල් හයක සහභාගීත්වයෙන් සිංගප්පූරුවේ ටෝයෝ පායෝ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග හතරකට සහභාගීවී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර මූලික වටයේ අවසන් තරගයේදී හෙට ආසියානු ශූර සිංගප්පූරුව හමු වීමට නියමිතය. මෙය සික්ස් නේෂන් නෙට්බෝල් තරගාවලියේ වඩාත් උණුසුම් තරගය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට වඩා පහලින් සිටින අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා පිලේ ආරක්ෂක කලාපයේ දුර්වලතා තේරුම් ගෙන තරගයට ජීවයක් ලබා දෙමින් තෙවැනි කාර්තුවේ සිට ප්‍රහාරාත්මක තරග රටාවකට අවතීර්ණ වූහ.එම උත්සහයේ ප්‍රතිඵලයෙන් තරගය ජයග්‍රහණය කිරීමට නොහැකි වුවද ලකුණු පරතරය අඩුකර ගැනීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ සමත්වීම කැපී පෙනුණි.අයර්ලන්තය සමග ඊයේ පැවැති තරගයේදී ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම් උත්සහයන් 72කදී 68ක් සාර්ථක කරගත් අතර ගෝල් ඇටෑක් ක්‍රීඩිකා සෙමිනි අල්විස් උත්සහයන් පහකදී සියල්ල සාර්ථක කර ගත්තාය.වින්ග් ඇටෑක් ක්‍රීඩිකා මරීෂා ප්‍රනාන්දු පන්දු යොමු කිරීමේදී හා පන්දුව ලබා ගැනීමේදී දැක්වූ දුර්වලතා හේතුවෙන් තෙවැනි කාර්තුවේදී පිටියෙන් ඉවත්කර ගැනීමට පුහුණුකාරිනී යසා රාමචන්ද්‍ර තීරණය කිරීම යහපත් පියවරක් වූවාය. ඇය වෙනුවට සමන්ති නිලූෂිකා පිටිය තුලට එද්දී මරීෂා ඉවතට ගියේ කකුලේ ආබාධයක් ඇතිබව අගවමිණි.නායිකා ගයාත්‍රී ලංකාතිලක සෙන්ටර් ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩා කරමින් දිගු පන්දු තර්ජනීට යොමු කිරීම වාසි සහගත තත්ත්වයක් විය. එහෙත් තර්ජනීගෙන් එවැනි අවස්ථා වලදී බලාපොරොත්තු නොවන අතපසුවීම් සිදුවුණි.ගයාත්‍රී මෙයට පෙර පැවැති තරග තුනේදීම වින්ග් ඩිපෙන්ස් ක්‍රීඩිකාව ලෙස යොදා තිබුණි. ශ්‍රී ලංකාවට තවත් වැඩි ලකුණු පරතරයකින් ජයගැනීමට තිබූ හැකියාව නොසැලකිළිමත් ක්‍රීඩා විලාශය හමුවේ අහිමි විය.ආරක්ෂක කලාපයේ සිදුවූ දුර්වලතා අවම කර ගැනීමට මේ තරගයේදීද නොහැකි විය. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ගයාත්‍රී ලංකාතිලක පැවැසූවේ පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවේදී ලැබූ පුහුණුවෙන් ඊයේ දිනයේ ප්‍රෙයෝජනයක් ගත් බවයි.“මැලේසියාවට පරාජය වුනාම කණ්ඩායම් රැස්වීමේදී අයර්ලන්තය පරාජය කරන සැලසුම හදා ගත්තා. ආරක්ෂක කළාපය දුර්වල වුනත් වෙනත් අය ආදේශ කරන්න හැකියාවක් නෑ. දිගින් දිගටම ක්‍රීඩා කිරීමෙන් නවක ක්‍රීඩිකාවන් වෙහෙසට පත් වෙලා ඉන්නේ“ ගයාත්‍රී පැවැසුවාය..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=s1212062
අන්තර් සමාජ බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලිය 8-9 දෙදින
ෆවුස් මොහොමඩ්
බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන බස්නාහිර පළාත් 39වැනි අන්තර් සමාජ බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලිය මේ මස 8 සහ 9 දෙදින ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යලයීය ජිම්නාස්ටික් පිටියේ දී පැවැත්වේ.කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 47ක් මේ තරගාවලියේ පිරිමි තරග ඉසව්වට සහභාගි වන අතර 'ඒ' , 'බී' සහ 'ඩී' කාණ්ඩයේ සෑම කොටසකම ශූරයන් සහ අනුශූරයන් ද, 'සී' කාණ්ඩයේ අදාල කොටසේ ශූරයන් ද පිළිමලුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබනු ඇත.කාන්තා තරග ඉසව්ව සඳහා 'ඒ', 'බී' සහ 'සී' කාණ්ඩ යටතේ කණ්ඩායම් 23ක් තරග වදිති. එහි සෑම කාණ්ඩයකම ශූරයන් සහ අනුශූරයන් පිලිමලුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබනු ඇත.මේ තරගාවලියේ මාධ්‍ය අනුග්‍රහය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස් ) විසින් දරනු ලබයි..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=s1212063
ශ්‍රී ලංකාවේ දක්ෂතා හමුවේ බංග්ලාදේශය පසුබසී
ගඟ ඉහළ සමූහ ගම්පල සමූහ
ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන අන්තර් ජාතික පාපන්දු තරගාවලියේ ඊයේ (5) බංග්ලාදේශයට එරෙහිව ‍‍ගෝල 1-0ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ පළමු භාගය නිමාවනවිට දෙපිලම ගෝල රැස් කිරීමට අසමත් විය.දෙවැනි භාග‍යේ දී ශ්‍රී ලංකා පිලේ එරන්ද ප්‍රසාද් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ තරගයේ 71වැනි මිනිත්තුවේ දීය. මේ ජයග්‍රහණයත් සමග තරගාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.මාලදිවයිනට ගෝල 1-0ක ජයක්ඊයේ පැවැති පළමු තරගයේ දී පාකිස්තානය ගෝල 1-0කින් පරාජය කිරීමට මාලදිවයින සමත්විය. ඉමාස් අහමඩ් විසින් මේ ගෝලය වාර්තා කළේ තරගයේ පළමු භාගයේ 24වැනි මිනිත්තුවේදීය..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=s1212064
මාතර දිස්ත්‍රික් 15න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
ප්‍රියාන් ද සිල්වා - මාතර ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රීමා 15 පහළ අන්තර් දිස්ත්‍රික්ක ක්‍රිකට් තරගාවලියට මාතර දිස්ත්‍රික් කණ්ඩායම පසුගියදා නම් කරන ලදී.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාතරට දායාද කළ මැද තණතිළි 12 සහිත ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිටියක් තිබුණ ද කණ්ඩායම තේරීමට එකම පුහුණු තරගයක්වත් නොපවත්වා ‍තේරීම් සඳහා පමණක් එක් පැත්තකින් ආරක්ෂිත දැලක් ගැසූ මැද තණතිල්ලක් භාවිතා කරමින් ක්‍රීඩකයන් තෝරාගැනීම කනගාටුදායක කරුණකි.සාන්ත සර්වේශස් විදුහලේ රන්දික ද සිල්වා ගේ නායකත්වයෙන් අශේන් දීමන්ත, රමේශ් නිමන්ත, හරිප්‍රිය ද සිල්වා, රජන්ත චන්දුල, කවිදු උමේශ්, තරිදු මදුරංග සහ චතුර ජයවික්‍රම (සාන්ත සර්වේශස්), තිළිණ මානගේ, යසිරු හේවානාදුගල, අවිදු ප්‍රබුද්ධ (රාහුල විද්‍යාලය), සිතිර සමරවික්‍රම, අකිල තිවංක, අකලංක විස්වනාත්, අනුරාධ පතිරණ, නිපුන් අචලංක (සාන්ත තෝමස් ) උශාන් අචිදු, නලීන් මධූෂ (විජිත විද්‍යාලය), පසිදු ප්‍රබෝධ (මාතර මහ විද්‍යාලය) සහ ප්‍රදීප් මදුසංක(දෙනියාය මධ්‍ය මහ විදුහල) ගෙන් මේ කණ්ඩායම සමන්චිතය..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=s1212065
වල්පොල ධර්මරත්න විදුහලට පළමු ඉනිමේ ජය
null
රාගම වල්පොල ධර්මරත්න විද්‍යාලය සහ කඩවත සුරියාරච්චි මහ විදුහල අතර පැවැති අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් ධර්මරත්න විදුහලට පළමු ඉනිමේ ජයක් හිමිවිය.සුරියාරච්චි විදුහලපළමු ඉනිම 63 ජී.කවිෂ්ක සචින් 17 (සසිඳු ගුණවර්ධන 22/6, එන්.ඩී.නවින්ද්‍ර 14/4) සහ දෙවැනි ඉනිම- 83/6 බී.කුසල් 27 (කසුන් මදුසංඛ 3/2)‍ධර්මරත්න විදුහලපළමු ඉනිම169/9 පැතුම් මහේෂ් 63, එන්.ඩී.නවීන්ද්‍ර 39, පසිඳු රුක්ෂාන් 24 (ඒ.ඩී.ලහිරු 48/5).
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=s1212066
දකුණු අප්‍රිකාවට පැරදුණු ඔස්ට්‍රේලියා පිලදැන් ‘තුවාල වූ සෙබළුන්’ වගෙයි
සිඩ්නි (ඒ.එෆ්.පී.)
දකුණු අප්‍රිකාව හමුවේ ලත් පරාජය හා රිකී පොන්ටිං ගේ සමුගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාව “තුවාල වූ සෙබළුන්” මෙන් තම ක්‍රීඩකයන්ට පහර දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඊයේ පැවසීය.පසුගිය සඳුදා අවසන් වූ තෙවැනි හා තීරණාත්මක ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 309කින් දකුණු අප්‍රිකාව ට පරාජය වූ අතර ඒ අනුව ඔස්ට්‍රේලියාව තරග 1 – 0ක තරගමාලා පරාජයක් ලැබීය.එම ජයග්‍රහණය හේතුවෙන් දකුණු අප්‍රිකාව ට ලොව අංක 1 ශ්‍රේණිය රැක ගැනීමට හැකි වූ අතර එම පරාජය නිසා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට, දහහත් වසරක් පළපුරුදු පොන්ටිං ට ලබා දීමට අවශ්‍යව තිබූ නික්ම යාම ලබා දීමට නොහැකි විය.ඔස්ට්‍රේලියාවේදී තවමත් ටෙස්ට් තරගයක් ජය ගෙන නැති ශ්‍රී ලංකාව ප්‍රසන්න කණ්ඩායමක් ලෙසින් දිස් නොවනු ඇතැයි ජයවර්ධන, ක්‍රිකට් ඔස්ට්‍රේලියා සභාපතිගේ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින තරගය ට පෙර කියා සිටියේය. මේ පුහුණු තරගය අද කැන්බරා හි දී ආරම්භ වේ.“මම ඔවුන්ව දකින්නේ තුවාල වූ සෙබළුන් විදියටයි...ඔවුන් අපට එරෙහිව ශක්තිමත්ව නැගී සිටින්න ඉඩ තියෙනවා” යැයි ජයවර්ධන වාර්තාකරුවන්ට කියා සිටියේය. පොන්ටිං නැතිව සිටියදීත් ඔස්ට්‍රේලියාව ට “යෝග්‍ය පිතිකරු පෙලක්” සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.“ඔස්ට්‍රේලියාව අපට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරාවි. අපි එයට සූදානම් විය යුතුයි. අසීරු අවස්ථා හොඳින් හසුරුවා ගැනීමට අපි කටයුතු කළ යුතුයි.”නවසිලන්තය ට එරෙහිව පැවැති ටෙස්ට් තරගමාලාවේ අසාර්ථක වූ කුමාර් සංගක්කාර ඔස්ට්‍රේලියාවේදී ඔහු ට සුපුරුදු දස්කම් ප්‍රදර්ශනය කරනු ඇතැයි ජයවර්ධන කීවේය.ටෙස්ට් තරග 3ක්, ජාත්‍යන්තර එක්දින තරග 5ක් හා විස්සයි20 තරග 2කින් සමන්විත ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව නායකයා ලෙසින් තමාගේ අනාගතය පිළිබඳව තමා සලකා බලන බව ද 35 හැවිරිදි ජයවර්ධන ප්‍රකාශ කළේය.“මේ සංචාරයෙන් පසුව අපට සති හතරක නිවාඩුවක් ලැබෙනවා. එවැනි නිවාඩුවක් ලැබෙන්ලේ අවුරුදු තුනකට විතර පස්සෙයි. මා කළ යුත්තේ කුමක්දැයි කල්පනා කිරීමට මට ඒ කාලය තුළ වෙලාවක් ලැබෙනවා.”“තවත් නායකයකු හදා ගන්නත් අපට අවශ්‍ය වෙලා තියෙනවා. ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් තවමත් කණ්ඩායමේ සිටිද්දී ඒ වෙනස ඉතාමත් මෘදු ලෙසින් කළ යුතුව තිබෙනවා. මා මේ ගැන තේරීම් නිළධාරීන් එක්ක කතා කරනවා. ඔවුන්ට හොඳම දේ සාකච්ඡා කිරීමෙන් පසුව මම මා ගැන තීරණයක් ගන්නවා” ශ්‍රී ලංකා නායකයා වැඩි දුරටත් කියා සිටියේය..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=s1212067
‍ගෝල්ඩන් ස්කවයාර් කේවල චෙස් තරගාවලිය හෙට
null
ගෝල්ඩන් ස්කවයාර් චෙස් සංගමය සංවිධානය කරන කේවල චෙස් තරගාවලිය හෙට (7) බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේදී පස්වරු 3.00ට ආරම්භ වේ.මේ තරගාවලි‍යේදී අවුරුදු 12 සිට 20 දක්වා බාලක බාලිකා ලෙසින් තරග පැවැත්වීමට නියමිත අතර කනිෂ්ඨ අංශයේ තරග පසුගියදා පැවැත්විණි.බස්නාහිර පළා‍ත නියෝජන කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිවිය හැකි තරගාවලියේ සෑම අංශයකම බාලක/බාලිකා ජයග්‍රහණය සඳහා පදක්කම් පිරිනැමෙන අතර ජය හිමිකර ගන්නා විදුහල් දෙකකට පාසල් කුසලාන 2ක් පිරිනමනු ලැබේ.තරගාවලිය සඳහා සහභාගිවීමට බලා‍පොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට එම සංගමයේ සභාපතිනී සුනිතා විජේසූරිය දු.අ.071 2726210 මගින් විස්තර ලබාගත හැකිය..
NEWSPAPER
2012.12.06
http://www.dinamina.lk/2012/12/06/_art.asp?fn=f1212061
ද්‍රවිඩ සන්ධානය අත ඇත්තේඑල් ටී ටී ඊ යෙන් ගිළිහුණු යෂ්ටියයි
සාකච්ඡා කළේ චන්දන ජයවීර ඡායාරූපය රුක්මල් ගමගේ
13වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමය තවදුරටත් පත්වාගෙන යායුතුද යන්න ගැන සංවාදයක් පවතින වර්තමානයේ වඩාත්ම විවාදාත්මක උතුරු පළාතේ දී පහළොස්වෙනි ආණ්ඩුකාරවරුන් ගේ සමුළුව පසුගියදා පැවැත්විණි. ප්‍රථම වරට උතුරු පළාතේ පැවැති ආණ්ඩුකාරවරුන්ගේ සමුළුව ගැන හා පළාත් සභාවෙන් උතුරට සැලසෙන සේවය ගැන ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා දැක්වූ අදහස් මෙසේය.පළාත් සභා සමුළු ඒකීය පාලනය සහතික කරවන්නට බලපාන්නේ කොහොමද?පළාත් සභා නවයක් යටතේ බලතල විමධ්‍යගත කර තිබුණත් ඒවායේ පාලනය මධ්‍යම රජයට යටත්. පළාත් සභා සමුළු රජයේ ප්‍රතිපත්ති ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන ආකාරය ගැන සාකච්ඡාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ආණ්ඩුකාරවරුන්ගේ සම්මේලනය වසරකට වරක් තෝරාගත් පළාතක පැවැත්වෙනවා.මහ ඇමැති සමුළුව මාස තුනකට වරක් වත් රැස්වෙනවා. ඊට අමතරව අවශ්‍ය අවස්ථාවලදීත් කැඳවනවා. ඔවුන් පළාතේ දේශපාලන නියෝජිතයන් නිසා ජනතා ගැටලු සාකච්ඡා කිරීමට මහ ඇමතිවරුන් අතර නිරන්තරයෙන් සිදුවන සංවාදය වැදගත්. මේ තුළින් රජයේ ප්‍රතිපත්ති එක් එක් පළාතේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ පොදු සම්මුතියක් ඇතිවෙනවා.මතභේදයකින් තොරව මධ්‍යම රජය සමඟ හවුල්ව පළාත් සභා ක්‍රමය ඉදිරියට ගියේ පළාත් සභා සමුළු නිසයි. මෙයට අමතරව ප්‍රධාන ලේකම්වරු හා ආණ්ඩුකාරවරුන්ගේ ලේකම්වරු සෑම මාස දෙකකට හෝ තුනකට වරක් රැස්වෙනවා.යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතට පත්වූ පළමු ආණ්ඩුකාරවරයා ලෙස සිවිල් පරිපාලනය ගොඩනැංවීමේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කෙසේද?මා ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ 2009 වසරේ ජුනි 12 වෙනිදා. ඒ වන විට එම පළාත ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම හා නායකත්වය යටතේ යුද හමුදාව විසින් අත්පත්කරගෙන අවසන් වුවා පමණයි.ප්‍රදේශයේ සංවර්ධන හා පරිපාලන වැඩ කටයුතු සෑහෙන ප්‍රමාණයක් ඉතිරිව තිබුණා.පළාත් පාලන ආයතන සමහරක් ත්‍රස්තවාදී උවදුරු නිසා හා ගොඩනැඟිලි නොතිබීම නිසා අක්‍රියව පැවතුණා. සමහර තැන්වල ගැටලු තිබුණා. අවශ්‍ය පහසුකම් ලබා දී පළාත් පාලන ආයතන කෙටි කාලයකින් සක්‍රීය කිරීමට අපට හැකිවුණා.ජනතාවට රජය මඟින් සැලසෙන සහන ලබාදීමටත් සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි ක්‍රියාත්මක වීමටත් සිවිල් පරිපාලනය ක්‍රියාත්මක කිරීම වැදගත්. මේ වැඩපිළිවෙලේ කොටසක් ලෙස අවසානයේ උතුරු පළාතේ පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීමටත් හැකි තත්ත්වයක් උදා වුණා.උතුරේ ජනජීවිතය ගොඩනැඟීමේ කාර්යට පළාත් සභාව මැදිහත් වුණේ කෙසේද?පළාතේ සංවර්ධන කටයුතු මනාව කළමනාකරණය කිරීම පළාත් සභාව මඟින් ඉටු වුණා. උතුරු වසන්තය වැඩපිළිවෙළ යටතේ ජනාධිපති කාර්ය සාධන බලකායේ හා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නැවත පදිංචි වන ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීම කෙරුණා.භාරවූ හා හඳුනාගත් එල්.ටී.ටී.ඊ,. සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමේ සාර්ථක වැඩපිළිවෙළක් රජය ගෙන ගියා. පුනරුත්ථාපනය කරනු ලැබූ තරුණයන් මේ වන විට සාමාන්‍ය ජීවිතයක් ගෙන යනවා. එපමණක් නොවෙයි යුද හමුදාව වර්තමානයේ දීත් අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සාමාන්‍ය ජන ජීවිතය ඉදිරියට ගෙන යන්න සහය වෙනවා.පුනරුත්ථාපනය කරනු ලැබූ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් රජයේ ආරක්ෂක හමුදාවන්ට බඳවා ගැනීම ගැන ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබෙනවා. හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් ලෙස මේ ගැන ඔබේ මතය කුමක්ද?පුනරුත්ථාපනය කරනු ලැබූ සමහර දෙමළ තරුණයන් ගුරු වෘත්තියට, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සම්බන්ධව තිබෙනවා. සමහරු රජයේ රැකියා ලබා ගෙන රාජ්‍ය සේවයට එක්ව සිටිනවා. තවත් සමහරු කෘෂිකාර්මික ක්ෂේත්‍ර නිලධාරීන් බවට පත්ව හමුදාව සමඟ එක්ව රට දියුණු කිරීමට සංවර්ධන කටයුතුවලට දායක වෙනවා.රටේ අනෙකුත් පුරවැසියන්ට මෙන්ම පුනරුත්ථාපනය කරනු ලැබූ එල්.ටි.ටි.ඊ. රැඳවියන්ටත් රජයේ රැකියාවක් ලබාගෙන රටේ අනාගතය වෙනුවෙන් ප්‍රායෝගිකව දායක වීමට ඉඩක් තිබිය යුතුයි. සමාන අවස්ථාවන් ගැන කතා කරමින් දෙමළ ජාතිවාදීන් කළේ අහිංසක තරුණ ජීවිත බිල්ලට දීමයි. දැන් එල්.ටි.ටි.ඊ ය නැති නිසා ද්‍රවිඩ ජාතික සන්ධානය උත්සාහ කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගොස් නැවතත් විනාශයක් ඇති කරන්නයි.අධි ආරක්ෂිත කලාප කොපමණ දුරකට ඉවත් කර තිබෙනවාද?අධි ආරක්ෂිත කලාපයක් කියන්න සැලකිය යුතු ප්‍රදේශයක් හැටියට තියෙන්නෙ මුලතිව් දිස්ත්‍රික්කයෙ තිබෙන ප්‍රදේශයක් හා යාපනයේ පලාලිවල තිබෙන ප්‍රදේශයක්. පලාලිවල විශාල බිම් ප්‍රදේශයක් නැහැ. මුලින් හමුදාව යටතේ තිබුණු විශාල බිම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ මේ වන විට නිදහස් කර තිබෙනවා.පසුගිය සතියේත් මාදගල් ප්‍රදේශයේ පැවැති අධිආරක්ෂිත කලාපයක් ඉවත්කොට එම ප්‍රදේශය මහජනතාවට ලබා දුන්නා. මේ විදිහට තෙලිප්පනේ ප්‍රදේශයේ තිබුණු අධි ආරක්ෂිත කලාපය ඉවත් කළා. රජයේ නියමය අනුව මෙලෙස ඉවත් කෙරෙන අධි ආරක්ෂිත කලාප තුළ පදිංචි වීමට අවශ්‍ය පහසුකම් පළාත් සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලිකව ලබා දෙනවා.යුද්ධය අවසන් වී සැලකිය යුතු කාලයක් ගතවී තිබියදී උතුරේ හමුදා කඳවුරු පවත්වාගෙන යාම සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් නොවේද?කවුරුහරි කියනව නම් හමුදාව මුළුමනින්ම උතුරෙන් ඉවත් විය යුතුයි කියලා එය නිවැරැදි මතයක් විදිහට මම දකින්නේ නැහැ. ආරක්ෂක හමුදාවන්ට කඳවුරු පවත්වාගෙන යාමට හා ඒවායේ සුරක්ෂිතභාවයට අවශ්‍ය බිම් ප්‍රමාණයක් තිබිය යුතුයි.උතුරු පළාතේ සිවිල් පුද්ගලයන් පස්දෙනෙකුට හමුදා සෙබළෙක් ගණනේ රඳවාගෙන සිටිනවාය කියන කරුණ අමූලික බොරුවක්. බැහැර ප්‍රදේශවලින් ඕනෑ තරම් ජනතාව උතුරට එනවා. ඒ නිසා මෙහි සත්‍යතාවය ඔබටම දැනගත හැකියි.උතුරු ප්‍රදේශයේ පමණක් නොවෙයි රටේ අනෙකුත් ස්ථානවලත් යුද හමුදාව යොදවා තිබෙනවා. එය රටේ ආරක්ෂාවට අත්‍යවශ්‍යය දෙයක්. හමුදාව අඩුකොට ආරක්ෂාව ලිහිල් කිරීමෙන් ඉමහත් පරිත්‍යාග කොට ලබාගත් සාමය නැවත නැති කරගත යුතු නැහැ. ඒ වගේම අනවශ්‍ය පරිදි හමුදාව යොදවා සාමාන්‍ය ජන ජීවිතය අසීරුතාවයට ලක් කරන්න වුවමනාවක් රජයට ඇත්තේ නැහැ. මෙය අප තේරුම්ගත යුතුයි.මෑතකදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැවැත්වූ සමරු උත්සවයකට ආරක්ෂක අංශ අවහිර කිරීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැරීමේ අයිතියට එල්ල කළ බාධා කිරීමක් ලෙස විපක්ෂය දක්වන මතය ගැන ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද?රටේ ප්‍රධාන විපක්ෂය කිසිදු අවහිරතාවයකින් තොරව මැයි දිනය උතුරේ පැවැත්වූවා. රජය වගේම විපක්ෂයේ පක්ෂත් උතුරේ දේශපාලනය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අදහස් දක්වන්න කිසිම බාධාවක් නැහැ. නමුත් සාමය කඩ කරන්න දෙන්න බැහැ. .
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n12120710
නීතිය ඉදිරියේ සැවොම සමානයි
ධනුෂ්ක ගොඩකුඹුර සහ මහින්ද අලුත්ගෙදර වැලිපැන්න සිට...
වැරැදිකරුවන්ට එරෙහිව ව්‍යවස්ථානුකූලව කටයුතු කරන විට පෙරළා චෝදනා කිරීම අද ඇතැමුන්ගේ පුරුද්දක් බවට පත්ව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.ආණ්ඩුව කරන සෑම කටයුත්තකටම විරුද්ධවීමත් ඕනෑම දූෂිතකමක් කර ආණ්ඩුවට විරුද්ධව කතා කිරීමත් ඇතැමුන්ගේ පිළිවෙත වූවත් ජනතාව සත්‍යය හොඳින් දන්නා බව ද ජනාධිපතිවරයා පැවැසුවේය.නීතිය ඉදිරියේ කවුරුත් සමාන බැවින් ඉහළ නිලධාරියකු වූවත්, පහළ නිලධාරියකු වූවත් වැරැද්දක් කළා නම් දඬුවම් ලැබිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.තමා කිසිවකුගෙන් හෝ පළිගන්නා පුද්ගලයකු නොවන බව පැවසූ ජනාධිපතිවරයා තමා සෑම විටකම අධිකරණය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බව ද කීවේය.ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ජනතාවට පහසුකම් සැලසීමට ඉදිකෙරුණු ‘කැනවින් ආකේඩ් ගිමන්හල’ ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (06) එක්වෙමිනි.තැලෙන යකඩය දැක ඇතැමුන් උඩ පැන පැන තැලුවත් බොරු සටන් පාඨවලට ජනතාව නොමඟ යැවිය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.යම් යම් නිලධාරීන්ගේ දූෂිතකම් කියමින් ඔවුන්ට එරෙහිව පියවර ගන්න යැයි හඬනඟන විපක්ෂයම ඒ සඳහා ආණ්ඩුව අවශ්‍ය පියවර ගන්නා විට ඊට එරෙහිව චෝදනා එල්ල කරන බවද ජනාධිපතිවරයා පැවසීය.ජ්‍යෙෂ්ඨ ඇමැති හා නියෝජ්‍ය මුදල් ඇමැති සරත් අමුණුගම, ඇමැතිවරුන් වන කුමාර වෙල්ගම, මර්වින් සිල්වා, නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිර්මල කොතලාවල, රෝහිත අබේගුණවර්ධන, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n12120711
පිළිතුරු දීමට දින 22ක් ලබා දුන්නා
null
දෝෂාභියෝග චෝදනා විමර්ශනය කරන තේරීම් කාරක සභාවේ නෛතික පිළිවෙතින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා එතුමිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉවත්ව ඇති බව දැනගන්නට ඇති බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.දෝෂාභියෝග චෝදනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූ®ලව මන්ත්‍රීවරුන් 117 දෙනකුගේ අත්සනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර කතානායකතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රකාරව තේරීම් කාරක සභාව පත්කර තිබේ.මේ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම සඳහා අගවිනිසුරුවරියට දින 22 ක කාලයක් ලබා දුන් බව ද වීරක්කොඩි මහතා පැවැසුවේය.ඒ අනුව අගවිනිසුරුවරියට දෝෂාභියෝගය විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය ආරක්‍ෂාව ගෞරවය ලබාදීමට පියවර ගෙන තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n12120712
කාරක සභාවේ තීරණ මාධ්‍යට දෙන්න බෑ
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
දෝෂාභියෝගය විමර්ශනය කරන කාරක සභාවේ තීරණ පුවත්පත්වල පලවී තිබෙන බවත් එවැනි කාරණා පුවත්පත්වලට හෝ වෙනත් තැන්වලට ලබාදීමට නීතියෙන් බලයක් නොමැති බවත් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (6) ප්‍රකාශ කළේය.මේ පිළිබඳ කතානායකවරයා මාර්ගයෙන් මාර්ගෝපදේශයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවත් ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේ ය.කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කරන ලෙසත් එවිට වැරදි වාර්තා නොයන බවත් රජය මාධ්‍ය නිදහසට කැපවී තිබෙනවා, මහජන සුබසිද්ධිය සදහා සත්‍ය හෙළිදරව් කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවටද මාධ්‍යයට ද තිබෙන බව මෙහිදී අදහස් දැක්වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා-මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත කළොත් අගවිනිසුරුවරියගේ පැත්තෙන් සුදුසු නෑ. අගවිනිසුරුවරිය සම්බන්ධ චෝදනා විමර්ශනය කරන්නේ. විවිධ දේ සාකච්ඡා වෙනවා. අගවිනිසුරු ධූරයේ තිබෙන බැරෑරුම් කම හින්දම එදා මේවා සම්පාදනය කරනකොට පරීක්ෂණ අප්‍රකටව සිදුවිය යුතුයි කියන්නේ. ඒක කරලා තියෙන්නේ අගවිනිසුරුවරිය ගැන කල්පනා කරලයි. චෝදනා ඉදිරිපත් කළ මන්ත්‍රීවරු ගැන කල්පනා කර නොවේ. අපි මෙයට බැඳී සිටින නිසා, මාධ්‍යවල පලවන තොරතුරු සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගැනීම වැදගත්. විපක්ෂයේ මන්ත්‍රීවරු හතරදෙනෙක් ඉවත්වන බවට යම් ප්‍රවෘත්ති වාර්තා වී තිබෙනවා. මන්ත්‍රීවරු 117ක් ඉදිරිපත් කළ චෝදනා විමර්ශනය කිරීම මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ. චෝදනා විමර්ශන විභාග කර එය සනාථ වෙනවානම් විතරයි එකඟ වෙන්න පුළුවන්. හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමේ අයිතිය අපිට අණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ලැබිලා තිබෙනවා. ආණ්ඩුවේ හිටියත් අපි වෙනස් මත දරනවා. මේ විමර්ශනයට මට බලපෑමක් නෑ. විපක්ෂයේ මන්ත්‍රීවරු ඉවත්වෙනවා කියලා වැරදි මතයක් හදන්නේ නැතිව, පාර්ලිමේන්තු භූමිකාව පිළිබඳ වෙනස් මතයක් හදන්නේ නැතිව, වෙනම වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මාධ්‍යවල කරුණු පළ කිරීම මඟින් විශ්වසනීයත්වය නැතිකරන්න එපා.මෙයට පිළිතුරු දුන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා-අපි කවදාවත් කියලා නෑ ඉවත්වෙනවා කියලා. එක පත්තරවලින් අහන්න. මම කියලත් නැහැ, සම්බන්ධන් මහතා කියලත් නෑ.එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා-තේරීම් කාරක සභාවේ සියලු ක්‍රියාදාමයන්ට මාධ්‍ය ප්‍රචාරය ලබාදෙන්න. එවිට ස්වභාවික යුක්තියේ මූලධර්ම දැනගන්නට පුළුවන්නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාකාරක සභාවේ සිදුවන දේවල් පිළිබඳ කතා කිරීම, දැනට පවතින ස්ථාවර නියෝග හා නීතියට අනුව කළ නොහැකියි. සංශෝධන පිළිබඳව අදහස් තිබෙනවා නම්, පක්ෂ නායක රැස්වීමේදී සංශෝධන ඉදිරිපත් කරන්න. දැනට පවතින නීතිය තුළ ස්ථාවර නියෝග තුළ කටයුතු ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි. ඒ සදහා අප සියලු දෙනා බැඳී සිටිනවා. කතානායකතුමාට අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා යොමු කළ යෝජනාව සුදුසු පියවර ගැනීම සදහා කටයුතු කිරීමට යොමු කරන බව පැවැසී ය..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n1212072
ජාතියේ යුතුකම ඉටු කරන්න මිලියන 400ක් වෙන් කළා
මහින්ද අලුත්ගෙදර
දේශීය හා විදේශීය වශයෙන් කුමන බලපෑම් පැමිණිය ද ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ජාතියේ යුතුකම ඉටු කරන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කියයි.එම යුතුකම ඉටු කිරීම අනිවාර්යයෙන්ම සිදුවන බවද ඒ වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ වත්මන් රජය බැඳී සිටින බවද ඒ මහතා අවධාරණය කරයි.සෑම ජාතියක්ම විනාශයට පත් කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් අහිංසකයන් බවට හඳුන්වාදෙමින් ඔවුන්ට හිරිහැර කරන අතරේ රණවිරුවන් වෙත විශේෂ වරප්‍රසාද දෙන බවට රටේ සහ ජාත්‍යන්තරයේ පෙන්නුම් කිරීමට ඇතැමුන් කුමන්ත්‍රණ කරන බවද හෙතෙම සඳහන් කරයි.ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (06) පැවැති රණවිරු දිවිනැඟුම ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගි වෙමිනි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධනය කළ මෙහිදී ප්‍රාදේශී සංවර්ධන බැංකුව මඟින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙයි.මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පුද කළ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ ආබාධිත තත්ත්වයට පත් හා විශ්‍රාමික රණවිරු පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් මෙහි දී මූල්‍ය ප්‍රතිලාභ පිරිනැමුණු අතර ඔවුන්ගේ ආර්ථික හැකියාව ශක්තිමත් කරමින් යැපුම් මානසිකත්වයෙන් ඉවත් කිරීම මෙහි අරමුණ වෙයි.මේ වසරේ අයවැය මගින් ඒ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන්කර තිබේ. මෙම උළෙලේ දී 42දෙනෙකුට දිවිනැඟුම ප්‍රතිලාභ ප්‍රදානය කෙරුණු අතර තවත් 250කට පමණ හිමිකම් සහතික පිරිනැමූහ. රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වසර පහක කාලයක් දක්වා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් මෙම ණය පහසුකම් ලබා දෙන අතර ඒ සඳහා අයකරනුයේ සියයට 7ක අවම පොලී ප්‍රතිශතයකි.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා සඳහන් කළේ එදා විපක්ෂයේ ඇතැමුන් මේ රටේ ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් අකුල් හෙළමින් රණවිරුවන්ට අපහාස කළ බවයි.අයවැයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙනු කරන්නේ කුමකට ද යනුවෙන් ප්‍රශ්න කරන බවද පෙන්වා දුන්නේය.සෑම ජාතියක්ම විනාශයට පත් කළ කොටි ත්‍රස්තවාදීන්ට හා ඔවුන්ගේ පවුල්වලට වන්දි, විශේෂ වරප්‍රසාද ලබා නොදෙන්නේ කුමකටද යනුවෙන් විපක්ෂයේ තවත් පිරිසක් ප්‍රශ්න කරන බව සඳහන් කළ ඒ මහතා ඒ සියලු දෑවලින් රටට එරෙහිව කුමන්ත්‍රණ කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බවද කීවේය. මේ රටේ ජනතාව යම් දෙයක් භුක්ති විඳින්නේ නම්, ආර්ථික වාසි ලබන්නේ නම්, රටේ දරුවන් නිදහසේ ඉගෙන ගන්නේ නම්, ඒ සියල්ල රණවිරුවිනගේ කැපවීම හේතුවෙන් බවද ඇමැතිවරයා සිහිපත් කළේය.රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි පද්මා වෑත්තෑව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනී කේෂලා ජයවර්ධන මහත්මීහුද මෙහිදී කතා කළහ.රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ප්‍රාදේශී සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී ආර්. සිරිවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අදිමිරාල් ජයනාත් කොළඹගේ, ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n1212073
වසර 2018 දී කටුනායක ගුවන්තොටටමගීන් මිලියන 18ක් ගෙන්වීමේ සැලසුමක්
null
වසර 2018 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ සංඛ්‍යාව මිලියන 18 දක්වා වැඩි කිරිමට සැලසුම් සකස් කර ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා පැවසීය.වසර 2011 දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට මිලියන 6.2ක මගී පිරිසක් පැමිණ ඇති බව පවසන ඒ මහතා මේ වසරේ එය මිලියන 7 දක්වා වැඩි වී ඇති බව කීවේය.බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දකුණු ආසියාවේ හොඳම ගුවන්තොටුපළ බවට පරිවර්තනය වී තිබෙන බවත්, මේ වසරේ සංචාරකයන් විශාල ලෙස පැමිණ ඇති බවත් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමෙන්තුවේ ඉකුත් (3) වැනිදා පැවැති ප්‍රවාත්ති සාකච්ඡාවේ දී තොටුපළ හා ගුවන් සේවා සභාපතිවරයා එසේ පැවසීය.මේ වන විට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉදිකිරීම් කටයුතු සියයට 98ක් අවසන් බවත්, ලබන වසරේ මුල් භාගයේ එම ගුවන් තොටුපළ විවෘත කිරීමට හැකි බවත් හෙතෙම අනාවරණය කළේය.ගුවන් තොටුපළ හා ගුවන් සේවා සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා මෙසේ ද කීවේය.ගම්වල ජනතාවට දඹදිව වන්දනාවේ යන්න නම් නියමිත් දිනට පෙර දිනයේ කටුණායක ගුවන්තොටුපලට පැමිණෙන්න වෙනවා. මත්තල ගුවන්තොටුපල ඉදිකිරීමත් සමඟ එම තත්ත්වය වෙනස් කරගන්න අවශ්‍ය සැලසුම් අප සකස් කරමින් සිටිනවා. මීට අමතරව වෙළෙඳ භාණ්ඩ හුවමාරු කරගැනීමත් මේ ගුවන් තොටුපළ යොදා ගැනීමටත් අවධාණය යොමු කර තිබෙනවා. අනෙක් කාරණය තමයි අප මේ වන විටත් අභ්‍යන්තර ගුවන් තොටුපළවල කිහිපයක් ආරම්භ කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. එමගින් ජනතාවට විශාල සේවාවක් සැපයීමට හැකිවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජෙනරල් රොහාන් දළුවත්ත මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n1212074
නැඟෙනහිර අහසේ අද්භූත වස්තුවක්
ලුණම සමූහ සනත් ගමගේ
නැඟෙනහිර අහසේ දීප්තිමත් අලෝකය විහිදුවන වස්තුවක් පෙරේදා (5) රාත්‍රියේ දිස් වී තිබේ.විහිදෙන ආලෝක සප්ත ධාරාවන් මඟින් වේගයෙන් ඉහළට ගමන් කළ අතර තවත් වරෙක විවිධ වර්ණයෙන් වස්තුව දිස් වී තිබේ.ජනතාව මේ අත්භූත වස්තුව නිරීක්ෂණය කර තිබේ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n1212075
සිංහ ධජය අභ්‍යාවකාශයට ගෙන යාම ගැරහීමට ලක්කිරීම හෙළා දකිනවා
චින්තා රණසිංහ
කාලයක සිට රටේ තිබුණු අයහපත් තත්ත්වය නිසා සිංහ ලංඡනය සටහන් කළ සරුංගලයක් හෝ ඉහළ නැංවීමට ධෛර්යක් නොලද ඇතැම් දේශපාලනඥයන්, සිංහ ධජය අභ්‍යාවකාශය කරා ගෙන ගිය සිය සුවිශේෂී මෙහෙයුම ගැරහීමට ලක්කිරීම සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා පිළිකුළෙන් හෙළා දකී.සුප්‍රීම් සැට්-1 ශ්‍රී ලාංකීය සිංහ ධජය රැගත් එකම චන්ද්‍රකාව අභ්‍යාවකාශගත නොවූ බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් ඒ මහතා මේ අදහස් පළ කරයි.එවැනි ප්‍රචාරයක් ගෙන යාම පෞද්ගලික සමාගමක් වන සුප්‍රීම්සැට් සමාගමට පමණක් නොව ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ දැඩි මිත්‍රත්වයකින් පසුවන චීන සමූහාණ්ඩුවට ද කෙරෙන අපහාසයක් බව ඒ මහතා කියයි.දේශපාලන වශයෙන් බංකොළොත් වූ ඇතැමුන් චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ඇති අල්ප දැනුම ප්‍රදර්ශනය කරන බවටත් සිය මෙහෙයුම පිළිබඳව ලදරු ප්‍රකාශ නිකුත් කිරමින් රජයෙන් ප්‍රශ්න කිරීම අසාධාරණ බවත් පෙන්වා දෙයි.චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීම සම්බන්ධයෙන් මෙරට රජය සහයෝගය දැක්වුව ද එයට කිසිඳු මැදිහත්වීමක් නොදක්වන බව ද හෙතෙම පවසයි.‍ සුප්‍රීම්සැට් ව්‍යාපෘතිය පෞද්ගලික අංශය මඟින් පමණක් මෙහෙය වූ බවද සභාපතිවරයා තරයේ ප්‍රකාශ කරයි.ජාතියේ සංවර්ධන ක්‍රියාදාමයට උර දෙන පෞද්ගලික අංශය මඟින් මෙහෙයවන ප්‍රධාන ව්‍යාපෘතියකට නිදසුනක් ලෙස සිය සමාගමේ ව්‍යාපෘති හඳුනාගත හැකි බවත් අමෙරිකා ඩොලර් 100ක හෝ ආයෝජනයක් කරගත නොහැකි නම් තමන් අමෙරිකා ‍ඩොලර් 260 ක් ආයෝජනය කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයට එක් නොවන්නේ යැයි ද සභාපතිවරයා වැඩි දුරටත් පවසයි..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n1212076
ශ්‍රී ලංකා ගුවන් සේවයටවසර සියයයි
සුභාෂිනි සේනානායක
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයට අදට (7) සියවසක් සපිරේ. මෙහි ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) උදේ 10ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න, නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහත්වරු ඊට සහභාගි වෙති. මෙදින ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ සනිටුහන් කරන සමරු මුද්දර 4ක් එළිදැක්වීමට නියමිත අතර කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා රචිත විශේෂ කෘතියක් ද එළිදැක්වේ. “නිල් අහස ජයගනිමු” තේමා යටතේ පාසල් අතර පැවැත්වූ දීපව්‍යාප්ත චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ජනාධිපතිතුමා අතින් තිළිණ ප්‍රදානය කිරීමද මෙදින සිදුකෙරේ. මෙරට ගුවන් සේවා ඉතිහාසය පිළිබඳව සැකසූ වාර්තා වැඩසටහනක්ද ඉදිරිපත් කිරීමට නියමිතය..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n1212077
ජුවෙල්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද කොළඹ දී
චින්තා රණසිංහ
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් දෙවන වරටත් පවත්වන ජුවෙල්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ දී අද (7) ආරම්භ කෙරේ.පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රදානත්වයෙන් අද පෙරවරු 10 ට ප්‍රදර්ශනය ආරම්භ වීමෙන් පසු හෙට (8) සහ අනිද්දාත් (9) ප්‍රදර්ශනය පැවැත්වේ. ප්‍රදර්ශන භූමියට පිවිසෙන සියලුම ජනතාවට ප්‍රවේශ පත්‍රය සමඟ නොමිලේ මැණිකක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි එම අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා පවසයි.ප්‍රදර්ශන කුටි 150කින් සමන්විත විශාල ප්‍රදර්ශනයක් වන මෙය ශ්‍රී ලංකා රත්න විද්‍යාඥයන්ගේ සංගමයේ පූර්ණ සහයෝගය ඇතිව සංවිධාන කළ බවත් ජුවෙල්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙරට පැවැත්වෙන එකම මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශනය බවත් සභාපතිවරයා කියයි.ජුවෙල්ස් ප්‍රදර්ශනය පැවැත්වීමේ මූලික අරමුණ, මැණික් යොදා නිර්මාණය කළ ස්වර්ණාභරණවලට ප්‍රමුඛත්වය ලබා දීම හා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියුතුවන කර්මාන්තකරුවන්ට හා ව්‍යාපාරිකයන්ට විශේෂ අවස්ථාවක් සළසා දීමය..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n1212078
ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික වෙළෙඳාම වර්ධනයට පියවර
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සිදුකෙරෙන ද්වීපාර්ශවික වෙළෙඳාම තවදුරටත් පුළුල් කර ගැනීම කෙරෙහි දෙ‍රටේ අවධානය යොමුකර ඇත.මේ වනවිට වාර්ෂිකව දෙරට අතර වෙළෙඳාම අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වන නමුත් එය ඉදිරි වර්ෂ තුන ඇතුළත අමෙරිකානු ඩොලර් මිලියන 2,000 දක්වා වර්ධනය කර ගැනීම අරමුණ වී තිබෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් සීමා ඉළාහි බාලොච් මහත්මිය පවසයි.ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්වීපාර්ශවික වෙළෙඳාම වර්ධනය කිරීමේ අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කරන පාකිස්තානය මෙරට පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙන බවද ඇය පෙන්වාදෙයි. දෙරට අතර ද්වීපාර්ශවික වෙළෙඳාම නැඟී එමින් පැවැතියද තවදුරටත් පුළුල් කළයුතු අංශ පවතින බවද පෞද්ගලික අංශයේ සහාය ඇතිව ඒකාබද්ධ ව්‍යාපාර ගොඩනැඟීම දෙපාර්ශවයටම වැදගත්වන බවද ඒ මහත්මිය සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්වරිය සඳහන් කරන්නේ ස්වර්ණාභරණ, ඖෂධ, රෙදිපිළි, කිරිගරුඬ හා ග්‍රැනයිට් යන අංශ හරහා දෙරට අතර වෙළෙඳාමේ හවුල් ව්‍යාපාර ගොඩනැඟීමේ හැකියාව පවතින බවයි.ඉන්දියාව හැරුණු විට සාර්ක් කලාපය තුළ ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන විශාලතම ගණුදෙනුකරු වන්නේ පාකිස්තානයයි..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n1212079
මාතලේ සමූහ මිනී වළෙන්  ඇටසැකිලි 33ක් හමු වෙයි
පණ්ඩුක සමරසේකර
මාතලේ රෝහල් භූමියේ හමුවූ සමූහ මිනී වළේ මේ වන විට පුද්ගලයින් 33කගේ මිනිස් ඇට සැකිලි හමුවී ඇතැයි පොලිසිය කියයි.පසුගිය 23වැනි දා රෝහල් භූමියේ ඉදිකිරීමක් සඳහා එහි බැකෝ යන්ත්‍ර යොදා කැණීම් සිදුකිරීමේ දී මතුª වූ ඇට කැබලි විමර්ශනය කිරීමේ දී ඒවා මිනිස් ඇට කැබලි බවට මාතලේ අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර ඇත.පසුව මාතලේ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කළ කැණීම්වලදී මේ වන විට මිනිස් ඇට සැකිලි 33ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා දිනමිණ කළ විමසීමකදී පැවසිය. සොයා ගත් හිස් කබල් හා ඇට කැබලි දැඩි ලෙස දිරාපත්ව ඇති බවත් ඒවා ඇඟිලි අතර පොඩිවී යන තරමටම දිරාපත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා කීය.මාතලේ මූලස්ථාන පොලිසිය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෝහාරික වෛද්‍ය පරීක්ෂණයන් සඳහා මේ අස්ථි කැබලි ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n12120713
රට පැටවීමට ගිය ගැබ්බර පොකිරිස්සන් 500ක් අත්අඩංගුවට
භක්ති ධර්මප්‍රි‍ය මෙන්ඩිස්
වියට්නාමයට සහ හොංකොන් බලා අනවසරයෙන් යැවීමට සූදානම් කර තිබූ පොකිරිස්සන් 500ක් රේගු ජෛව විවිධත්ව ඒකකය විසින් ඊයේ (6) අත්අඩංගුවට ගෙන තිබේ.මේවා මෙරටින් පිටරටට යැවීම සිදුකළ සමාගමට රේගුව විසින් රුපියල් හාරලක්ෂ පනස්දහසක දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව අංශයේ ප්‍රධානි සහකාර රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා ‘දිනමිණ’ට පැවසීය.බිත්තර සහිත පොකිරිස්සන් පිටරටට අපනයනය කිරීම තහනම් වන අතර මෙරටින් පිටරටට පොකිරිස්සන් යැවීමේ දී අනුගමනය කළ යුතු නීති රැසක් මෙම සමාගම විසින් කඩ කිරීම නිසා ඉස්සන් තොගය රේගුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n12120714
ව්‍යාජ හැදුනුම්පත් - ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සෑදීම වළක්වන්න බොදු බල සේනා පෙරමුණට එයි
උපාලි කරුණාරත්න
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහ ආගමන විගමන දෙපාර්තම්න්තුව තුළ සිදුවන ව්‍යාජ හැදුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර සෑදීම වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙස බොදු බල සේනා ජාලය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.බොදුබල සේනා ජාලය සතුව ව්‍යාජ අන්දමින් සෑදු හැදුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව තොරතුරු පනහක් පමණ ඇති බවද එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ. පකිස්ථානයෙන්, මැලේසියාවෙන්, අරාබි රටවලින් පැමිණෙන ජනතාවට වැඩි වශයෙන් මෙම ව්‍යාජ ලේඛන සලසන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.අපි ලබන ජනවාරි මාසයේ සිට බෞද්ධාරක්ෂණ කමිටු පිහිටුවනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මිය යන පුද්ගලයින්ගේ හැදුනුම්පත් නැවත සකසන බවට ද අපට තොරතුරු ලැබිල තිබෙනවා.බොදුබල සේනා ජාලයේ ක්‍රියාකාරකම් විවිධ සංවිධාන අද විවේචනය කරන්නට පටන් අරන්. අන්තරේ කොලු ගැටව් ද අපි සම්බන්ධයෙන් එක එක ප්‍රකාශ කරනවා. මේ සියලු දෙනාම තේරුම් ගන්න ඕනෙ බොදුබල සේනා කටයුතු කරන්නේ් සාමකාමී රටක් වෙනුවෙන් කියලා. අපි බෞද්ධ අන්තවාදියෝ නොවෙයි. මුලධර්මවාදී කල්ලිවල තොරතුරු අපි හෙළි කරනවා. ව්‍යාජ හැදුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර සාදා දෙන නිලධාරින් ඒ සඳහා ලක්ෂ ගණනින් මුදල් ලබා ගන්නා බව තොරතුරු ලැබී තිබෙනවා. මේවා වළක්වන්න ඕනෙ. නැතිනම් ඉදිරියේ දී විශාල ගැටලු ඇති වේවි. ව්‍යාජ හැදුනුම්පත් සෑදීමේ මේ ජාවාරම නිසා ආයුධ පුහුණුව ලැබූ විදෙස් අන්තවාදීන්ටද රට තුළ නිරුපද්‍රිතව සිටීමට හැකි වෙනවා.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ත්‍රස්තවාදය පරාජය කළා. එම සාමය අප දිගටම රැගෙන යා යුතුයි. රට තුළ සිදුවන වංචා දුෂණ බොදුබල සේනා ජාලය ඉදිරියටත් හෙළි කරන බව ඥාණසාර හිමියෝ පැවසූහ.බොදුබල සේනා ජාලයේ ප්‍රධානී කිරීම විමලජෝති නාහිමි - බෞද්ධ ජනතාවට තමයි ලෝකයේ වැඩිම අරියාදු සිදුවන්නේ. දේශපාලනඥයන්ද සිංහල බෞද්ධ ජනතාවට ඇතිවන ගැටලු පිළිබඳව සොයා බැලීය යුතුයි. අපි සෑම අවස්ථාවකම ඇත්ත කතා කිරීමට පුරුදු වෙන්න ඕනෙ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n12120715
දෙපා පණ නැතත් සැමියාගේ ආධාරයෙන් හෙරොයින් ජාවාරමේ යෙදිලා
මාතර සමූහ - ඩබ්ලිව්.පී. ධර්මසේන
පොලිස් ඇසට වැලි ගසමින් වසර කිහිපයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ යෙදුණු වැලිගම “සූටී” නැමැති දෙපා ආබාධිත කාන්තාවක් සමඟ තිදෙනකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙපා පණ නැති “සූටී” නැමති කාන්තාවක් සහ ඇයගේ සැමියා සහ ත්‍රිවිලර් රථ රියැදුරෙකි.දෙපා පණ නැති මෙම කාන්තාව වසර 03කට වැඩි කාලයක් තම ත්‍රිවිලර් රථයෙන් ඇයගේ සැමියා සමඟ හෙරොයින් ජාවාරමේ යෙදී ඇත.ඇය ආබාධි තැනැත්තියක් නිසා පොලිසියේ අවධානය ඇය වෙත යොමු නොවීම ප්‍රයෝජනයට ගෙන වසර 3කට වැඩි කාලයක් හෙරොයින් ජාවාරම සිදුකර ඇත.ඇතැම් අවස්ථාවල පොලිසිය රථය නතර කරනවිට ඇය ඇයගේ දෙපා පෙන්වා බෙහෙත් ගැනීමට යන බව පවසා අනුකම්පාව දිනාගෙන ඇත.පසුගිය දින වැලිගම සිට මිරිස්ස, පොල්අතුමෝදර ප්‍රදේශයට හෙරොයින් ගෙන එමින් සිටින විට මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වීමේදී ඇයගේ සාය වටේ දවටාගෙන තිබූ හෙරොයින් පැකට් 5ත් සමඟ ඇය ගේ සැමියා. රියැදුරා සහ ත්‍රිරෝද රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඇය ඊයේ (06) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විපුල දිසානායක , පො.සැ.21597රණවීර,පො.කො.(4930) සුනිල්, පො.කො. 68478 සංජීව, (72699) සිසිර, කා.පො.කො.(8031) ඩයනා යන නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇත..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n12120716
බාල ‘සිගරට්’ හා දුම්කොළ ගෙන්වා සල්ලි ගැරීමේ ජාවාරමක සුලමුල එළියට
චන්ද්‍රිකා පෙරේරා
විදේශවල නිපදවන තත්ත්වයෙන් බාල දුම්වැටි හා දුම්කොළ හොර රහසේ කන්ටේනර් පිටින් මෙරටට‍ ගෙන්වා කූට ක්‍රම මගින් රේගුවෙන් පන්නා රට පුරා විකුණා කෝටි ගණනින් කළු සල්ලි ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ බුද්ධි තොරතුරු මගින් අනාවරණය කර ඇත.දුම්කොළ පිටරටින් ගෙන් වීමට බලපත්‍ර ලබාගෙන තිබෙන ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ම මෙම සැලසුම් සහගතව සිදුකරන බව හෙළිව ඇත.කන්ටේනර් මගින් ගෙන් වන මේ තොග උපක්‍රමිකව වරායෙන් පිටමං කරගෙන වෙළෙඳ පොළට නිකුත් කිරීමේ රහස් වෙළෙඳ රාමුවක් ක්‍රියාත්මක වී ඇති බව රජය සඳහන් කරයි.රේගුව,පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව මේ පිළිබඳ තොරතුරු හෙළි කරගෙන ඇති අතර රහසිගත ලෙස වෙළෙඳ පොළට එන දුම්වැටි සහ දුම්කොළ බෙදා හරින්නන් මෙන්ම වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට එම අංශ සක්‍රීයව සිටී.එහෙත් මේ ජාවාරම රජයේ වැටලීම් අංශවලට පාලනය කිරීමට නොහැකි ලෙස ව්‍යාප්තව ඇති බව එම අංශ සඳහන් කරයි.අඩු මිලට ලබාගත හැකි මෙසේ හොරට ගෙන් වන බාල තත්ත්වයේ සිගරැට් හා බීඩි සීඝ්‍රයෙන් වෙළෙඳ පොළ ආක්‍රමණය කර තිබෙන බැවින් රජයට විශාල බදු මුදලක් ද අහිමි වන බව පොලිසිය සඳහන් කරයි.පකිස්ථානය වැනි රටවල ඉතා අපිරිසිදු අයුරින් නිපදවන දුම්වැටි හා මල මුත්‍ර පවා ඇති ස්ථානවල ගොඩ ගසා වියලා ගන්නා දුම්කොළ මෙරටට රහසේ ගෙන්වා බෙදා හැරෙන බවට හෙළිව තිබේ.මෙසේ ගෙන්වන දුම්කොළ වැඩි වශයෙන් බීඩි හා සුදු බීඩි එතීමට යොදා ගැනේ. ග්‍රාමීයව හා වෙරළාසන්නයේ නිවෙස් ආශ්‍රිතව නිපදවෙන මෙම නීති විරෝධී දුම් වැටි මෙන්ම පිටරටින් රහසේ ගෙන්වන සිගරැට් ‍වෙළෙඳ පොළේ ඇති රජයේ අනුමත දුම්වැටි සමඟ මිශ්‍රකර පාරිභෝගිකයා වෙත ලැබේ. ප්‍රමිතියෙන් තොරව නිපදවෙන මේවා නිෂ්පාදන මිල ද අඩු බැවින් වෙළෙන්දාට මින් වැඩි ලාභයක් ලැබෙන නිසා අලෙවියට යොමුව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n12120717
මහරාජා ඇළේ බැම්ම කැඩී සිදුවන්නට ගිය මහ විපතක් සාමුහික එකතුවෙන් වැළකේ
අනුරාධපුර මධ්‍යම විශේෂ
කැකිරාව පොලිස් වසමේ රිටිගල කඳු පාමුල පිහිටි මහරාජා වැවේ, බැම්ම කැඩී ගොස් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරිය, පොලිස් නිලධාරින්, යුද හමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ට පෙරේදා (05) හැකිවිය.රිටිගල කන්දේ සිට මහරාජා වැව අසලින් යන නා ඇළේ ජලය හේතුවෙන් මහරාජා වැවේ වැව් බැම්මට හානි සිදු වී ඇති අතර, වැව් බැම්මට හානි සිදු වී ඇති බව දුටු ප්‍රදේශවාසීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට මේ බව දන්වා ඇත. ඒ අනුව ග්‍රාම නිලධාරිවරයා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කුමාරි හේරත් මහත්මියට මේ බව දන්වා ඇත.ඇය විසින් කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් සමඟ ගොස් මහරාජා වැව නිරීක්ෂණයට ලක්කර වැවේ බැම්ම කැඩීයාමේ අවදානමක් තිබෙන නිසා එය යථා තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු යොදා ඇත.ඒ අනුව අනුරාධපුර යුද හමුදා කඳවුරේ ආඥාපති කර්නල් අතුල ආරියරත්න මහතා ඇතුළු සෙබළුන් 200 ක පමණ පිරිසක් පොලිස් නිලධාරින් හා ප්‍රදේශවාසීන් එක්ව පෙරේදා සවස වැලි කොට්ට 2000ක් පමණ අතුරා වැව් බැම්ම කැඩී ගිය ස්ථානය පිළිසකර කිරීමට කටයුතු කළහ.මේ සඳහා ප්‍රදේශවාසීන් හා යුද හමුදාවට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. යම් හෙයකින් මහරාජා ඇළේ බැම්ම කැඩී ගියේ නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබූ අතර, තිරප්පනේ ඇතුළු ප්‍රදේශ ගණනාවක වැව්වලට මෙයින් අනතුරක් සිදුවීමට ඉඩ තිබූ අතර, නාච්චාදූව ජලාශයට ද ඉන් අවදානම් තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණි..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=n12120718
ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීමෙන් රට සංවර්ධනය කරා ගෙන යෑම පහසුයි
අනුර ප්‍රේමලාල්
වහල් බැමිවලින් මිදුණු නිවහල් සංවර්ධනයක සැබෑ උරුමකරුවන් වීමට නම් ශ්‍රී ලාංකික ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බව ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දා (4) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අටවන ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.මෙය ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කර තිබුණි.මෙහිදී වැඩිදුරටත් කතා කළ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය. ඵලදායිතාවය සංවර්ධනයට වගේම රටේ ස්වෛරී භාවයට හා ජනතාවගේ ආත්ම විශ්වාසය ගොඩ නැංවීමට ඉවහල් වන කරුණක්.මා සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවකදී මට හමුවූ විදෙස් නියෝජිතයන් දෙදෙනකු මට පෙන්වා දුන්නා ඒ අයගේ රටවල් ආක්‍රමණය කළ අධිරාජ්‍යවාදීන් තවදුරටත් ඔවුන්ව වහල් බවින් තබාගන්න උත්සහ කළ බව.ඒ අධිරාජ්‍යවාදීන් ඒ ජනතාවට අවශ්‍ය යුද උපකරණ හා වෙනත් දේවල් ලබාදීමේදී හා හඳුන්වා දීමේදී ඵලදායිතාවයෙන් අඩු ඒවා තමයි දී තිබෙන්නේ. ඔවුන් ලබාදුන් කියත හා උදැල්ල පවා භාවිත කිරීමේදී වැරදි ආකාරයට ක්‍රියා කරන්නයි උපදෙස් දී තිබෙන්නේ.තවදුරටත් ඒ රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල තත්ත්වයෙන් තබා ගැනීමට, ජනතාව වහල් මට්ටමින් තියා ගැනීමට අධිරාජ්‍යවාදීන් ඵලදායිතාවය ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ එහෙමයි.ශ්‍රී ලංකාවේ ඒකපාරටම මෙවැනි දේවල් කළ නොහැකි වුණත් අපිව යටත්කරගෙන සිටි අධිරාජ්‍යවාදීන් අපේ සියලු ස්වයංපෝෂිත තත්ත්වයන් නැති කිරීමට ක්‍රියාත්මක වුණෙත් ඒ ආකාරයටයි.එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාරගන්නාවිට කවුරුත් විශ්වාස කළේ රුදුරු ත්‍රස්තවාදයෙන් මේ රට බේරාගත නොහැකි බවයි. එය පරාධීන මානසිකත්වයකින් අපේ රට වෙලී තිබූ අවස්ථාවක් නිසා එසේ සිතන්න ඇති.නමුත් ආගමික නායකයින්ගේ ආශිර්වාදයෙන්, රණවිරුවන්ගේ කැපවීමෙන් මේ යුද්ධය අපට ජයගන්න පුළුවන් යන මතය ජනතාව තුළ ඇතිකරන්න අපට පුළුවන් වුණා.එබැවින් අපට ජාතික සංවර්ධනයක් අවශ්‍යනම් ඒ මානසික විප්ලවය ජනතාව තුළ ඇති කොට ඔවුන්ගේ ආකල්ප වෙනසක් සිදුකළ යුතුයි.මේ රටේ ඵලදායිතාවය ඇතිකරන්න උත්සහ දරන ක්‍රියාවලියක ඉහළම අවස්ථාවක් ලෙස මේ සම්මාන ප්‍රදානය හඳුන්වා දිය හැකියි.ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ වසා දැමීමට සූදානම්ව තිබුණ ආයතන රැසකට ඵළදායිතා සංකල්ප හඳුන්වා දී ඒ ක්‍රියාවලීන් අනුව උපදෙස් දී අද ඉහළම තත්ත්වයකට පත්කොට තිබෙනවා.ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා -තිස්වසරක යුද්ධය නිසා වසර හැට හැත්තෑවක් පමණ ආපස්සට ගිය රටක් යළි ගොඩනංවා දියුණුම ආර්ථිකයක් කරා ගමන් කිරීමට සූදානම් වන මේ අවස්ථාවේ ඒ ඉලක්කයන් ළඟා කර ගැනීම සඳහා අලුත් ක්‍රමවේද සොයා ගැනීමක් අවශ්‍ය වී තිබේ. ඊට රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇතිකළ යුතු අතර ඒ භාරදූර කාර්ය අප අමාත්‍යාංශයට පැවරී තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.එදා එනම් මේ වැඩපිළිවෙළ පිළිබඳ උනන්දුවක් නොදැක්වූ අප රටේ රාජ්‍ය, පෞද්ගලික, පාසැල්, නිෂ්පාදන හා සේවා අංශ හතරින්ම ඉල්ලුම්පත් 2800ක් ඉදිරිපත් කොට තිබෙන බව පැවසූ ඒ මහතා මීට පෙර එය කුඩා ප්‍රමාණයක් බව කීවේය.මෙවර ස්වාධීන විනිශ්චය මණ්ඩලයකින් අවසාන වටයට තේරුණු ආයතන 666කින් සම්මාන ලැබීම සදහා ආයතන 145ක් තෝරාගෙන තිබේයැයි කරුණු අනාවරණය කළේය.සෙවනගල හා පැලවත්ත සීනිකම්හල් මේ ඵලදායිතා සංකල්ප තුළ ඉකුත් කාලය ලාභ ලබන තත්ත්වයට පත්වී ඇතැයි පෙන්වා දුන් සෙනෙවිරත්න මහතා මේ වසරේ කැලැන්ඩරයේ තිබෙන නිවාඩු ප්‍රමාණයත් සමඟ සසඳා බැලීමේදී අපට වැඩකිරීමට තිබෙන්නේ දින 195ක් බව පැවසීය.අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ තිලකා ජයසුන්දර මහත්ම මහත්මීන්ද අදහස් දැක්වූහ.මෙවර ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ඒ ශ්‍රේණියේ විශිෂ්ට සම්මාන 7ක්ද ‘බී’ ශ්‍රෙණියේ සම්මාන 36ක්ද ‘සී’ ශ්‍රේණියේ සම්මාන 102ක්ද ‘ඩී’ (1) 147ක් හා ‘ඩී’ (2) 159ක් වශයෙන් සම්මාන හා සහතික පත්වලින් ඇගයීමට ලක් කළහ.වසර 2013 දී සියලු රාජ්‍ය අංශයේ ආයතන ඵලදායිතා වැඩසටහන්වලට ඇතුළත් කිරීමටත් ඵලදායිතාවය අනුව සේවකයින්ට උසස්වීම් ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කෙරෙන බව මෙහිදී කියැවිනි.‘ඒ’ ශ්‍රේණියේ විශිෂ්ට සම්මානවලින් අම්පාර පන්නල්ගම මහ විදුහල, උඩවලවේ ග්‍රාමීය රෝහල දකුණු පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය, අගලවත්ත සී.කේ.වී. ඇපරල් ආයතනය, දඹුල්ල හෙරිටන්ස් කණ්ඩලම හෝටලය, ඌරුබොක්ක බෙරලපනාතර සීමාසහිත විවිධසේවා සමුපකාරය, පාසැල් අන්තර් දෙපාර්තමේන්තු, ක්‍ෂුද්‍ර පරිමාණ, මහාපරිමාණ, මධ්‍යම පරිමාණයේ ආයතන පිදුම් ලැබූහ.මේ අවස්ථාවට මැති ඇමැතිවරු හා තවත් අමුත්තෝ රැසක් එක්ව සිටියහ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=r1212071
ශිෂ්‍යත්ව විභාගය නාගරික දරුවන්ගේ භීෂණ සමයයි
ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස සමරගුණරත්න
නගරය මඟින් තීරණය කරනු ලබන අධ්‍යාපන ක්‍රමයේ ගොදුරු බවට අද ගම්බද දරුවන් පත්වී හමාරයි. ශිෂ්‍යත්ව කාලය යනු නාගරික සමාජයේ දරුවන්ගේ භීෂණ සමයයි. භීෂණම සමය ආරම්භ වන්නේ හතරවන ශ්‍රේණියේ සිටයි. වාසනාවකට තවමත් ගම්මාන කරා පැතිරී නැහැ. අද පවත්වන මේ උත්සවය පස්වැන්න තෙක් පැමිණි දරුවන්ගේ නිදහස සැමරීමේ උත්සවයක් ලෙස මා දකිනවා.කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධම්ම දිසානායක මහතා එසේ පැවසුවේ ඉකුත් මස 28දා ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වී දරුවන් අමතමිනි.ගිරාඳුරුකෝට්ටේ මහවැලි ගම්මාන යන්හි පාසල්වලින් ඉදිරිපත්වී ශිෂ්‍යත්ව විභාගය සමත්වූ දරු දැරියන් 43 දෙනකු එක්රැස් කොට ඔවුන්ව ඇගයීමේ අරමුණින් දිරිවැඩුම ප්‍රණාම උළෙල 2012 ලෙස මේ උත්සවය සංවිධානය කර තිබුණි.ප්‍රදේශයේ විදුහල් ප්‍රධානීන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජිතයෝද ගුරුවරුන් සමග මවුපියෝද මේ අවස්ථාවට සහභාගී වූහ. මහාචාර්ය ධම්ම දිසානායක මහතා මෙසේද පැවසීය. පණ්ඩුකාභය කුමරුට දොරමඩලාව ගම්මානය වගේම ගිරාඳුරුකෝට්ටේ මට වැදගත් වූ ප්‍රදේශයක්. රටක හද ගැස්ම හා උරුමය ගැන වැඩිපුරම දැනෙන්නේ ගොවි ජනතාවටයි. මහපොළොව පිළිබඳව ඓන්ද්‍රිය සම්බන්ධයක් ඇත්තේ ගොවීන්ට පමණයි.අද පවතින අධ්‍යාපනයේ වෙනසක් අවශ්‍යමයි. රටේ අවශ්‍යතාව අධ්‍යාපනයෙන් ඉටු වන්නේ නැහැ. එහි ප්‍රතිඵල භයානකයි. සමාජය තුළට එකතු වන්නේ මානසිකව නන්නත්තාර වූ සමාජ සංවර්ධනයට උදව් නොකරන කිසිම අවබෝධයකින් තොර සා.පෙළ, උසස්පෙළ, උපාධි සමත් පිරිසකුයි. කලක් යන විට ගම ගැනත් විශ්වාසය නැති වී ගියා. අද වන විට ආරක්ෂාව පිළිබඳ ගෙදර පවා අවිශ්වාස බව එදිනෙදා සිදුවීම්වලින් කියැවෙනවා. එදා කොසොල් රජු දුටු සිහින 16ම වර්තමානයේදී සැබෑ වෙමින් පවතිනවා.නගරයේ කුණු ගොඩ බවට ගම පත් වෙනවා. ගමේ සෞඛ්‍ය සම්පන්න තරුණ තරුණියන්ට කොණ්ඩෙ පීරන හැටි කෑම ගන්න ඕන දේවල් ගැන කියා දෙන්නෙ නගරෙ ඉන්න වැඩක් නැති ගැහැණු ටිකක් හා විහිලුකාර පිරිමි ටික දෙනෙක්.රූපවාහිනී නාලිකා මේ වැඩවලට උදව් දෙනවා. අද අධ්‍යාපනයෙන් නිපදවන්නේ අලෙවි කරන, අලෙවි කරගත හැකි භාණ්ඩ තොගයක්. පාසල්වලින්, විශ්වවිද්‍යාලවලින් හදන්නේ ළමයි නොව විකුණා ගැනීමට භාණ්ඩයි.විස්කෝතු, කිරිපිටි, නොමිලේ අපිට දීලා පසුව ඒවාට අපිව හුරු කරවපු අමෙරිකාව ඔවුන්ට ඕනෑ විදියේ අධ්‍යාපනයක් අපිට පුරුදු කළා.දුම් වැටි මුලදී දුන්නෙත් නොමිලයේ මයි. අපි වගේ දුප්පත් රටවල්වල ගම්මාන තමයි ඔවුන් ග්‍රහණය කරගන්නෙ. පිටි කිරි එවන කිසිම රටක පිටි කිරි පාවිච්චි කරන්නේ නැහැ. දියර කිරි තමයි පාචිච්චිය.දරුවන් යාන්ත්‍රික චරිත බවට පත් කිරීමේ ක්‍රමයක් ශිෂ්‍යත්ව විභාගය හරහා සිදු වෙනවා. ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න පිළිබඳව සොයා බැලූ විට එය පැහැදිලි වෙනවා. අපේ රටේ අනිත් සියලුම ක්‍රීඩාවන් සංහාරය කරන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත් කරගෙන. අද ක්‍රීඩා ප්‍රවෘත්ති ක්‍රිකට් ගැනම විතරයි.අපේ දරුවන් වෙළෙඳ පොළේ අලෙවි භාණ්ඩ බවට පත් නොකරන්නට මවුපියන් වග බලා ගන්නට ඕනෑ. මේ ඉදිරියේ සිටින දරුවන්ව අතුරු අන්තරාවලින් හා බොරු වළවල්වල වැටීමෙන් ගලවා ගෙන රටට වැඩදායි සම්පත් බවට පත් කළ යුතු වෙනවා. අපේ පැරැණි පතපොත දරුවන්ට කියවන්නට දෙන්න. මම අදහන අයුරු ලෝකයේ හොඳම කවිය තියෙන්නේ කැලේ තියෙන කොයි දේවත් රසවේවා ලෙස යසෝදරා වත පොතේ තමයි.අවුරුදු 25ක් එකම පාසලේ සේවය කළාට තෑගිත් දෙනවා. හරි නම් කළ යුත්තේ චෝදනා පත්‍රයක් දීමයි. මේ දරුවන් වැඩදායි පුරවැසියන් ලෙස ඉහළ තලයට යනු දැකීම මගේ ප්‍රාර්ථනයයි.ගිරාඳුරුකෝට්ටේ ලංකා බැංකු ශාඛාව මගින් මේ ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණි. ඌව පළාත් සහකාර මහ කළමනාකාර ජී.එච්. චන්ද්‍රසිරි, ඌව පළාත් මෙහෙයුම් කළමනාකාර එච්.එම්.බී. හේරත්, ගිරාඳුරුකෝට්ටේ ශාඛා කළමනාකාර ඩී.එම්. දසනායක යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=r1212072
උසින් අඩි 3ක් වුණත් සිතින් අපි උසයි...
null
ඕනෑම යෞවනයෙකුට හෝ යෞවනියකට තමනට හිමි සහකරුවකු හෝ සහකාරියක ලොවේ කොතැනක හෝ ඇත.අඩි 3ක් පමණ උස්වූ අයෙකුට එතරම්ම උස්වූ සහකාරියක් මුණ ගැසී ඔවුන් විවාපත්වීමේ අසිරිමත් මොහොතක් දැක බලා ගැනීමට පසුගියදා අපට අවස්ථාව ලැබිණි.මනාලයා 35 හැවිරිදි පොත්පිටියගේ දොන් ධර්මසිරි ප්‍රේමලාල්ය. මනාලිය 26 හැවිරිදි දිලිනි ඉරෝෂිනි සේනාරත්නයි. කළුතර ගල්පාත දියගම පදිංචිකරුවෙකුවූ ධර්මසිරි වෘත්තියෙන් ඔරලෝසු අලුත්වැඩියා කරන්නෙකි.ඔහු ජංගම දුරකථන අලුත්වැඩියාවේද නිරතව සිටී.අඩි 03ක් උස්වූ අයෙකු වුව අනෙක් සෙසු අයට වඩා ධර්මසිරිගේ හිත ශක්තිමත්ය.ධර්මසිරිට පිය උරුමයෙන් ලැබුණු කළුතර හොරණ පාරේ පිහිටි ඉඩමක කඩ කාමරයක් සහිත දෙමහල් නිවසක් ඉදි කළේය. එදා සිට ඔවුහු තම ඔරලෝසු කර්මාන්තය කරගෙන ගියේ එතැනය.ඔහුගේ අත ගත් මනාලිය වන දිලිනි මොරටුව සොයිසාපුර පදිංචිකාරියකි.ඔයාට ගැළපෙන කෙනෙක් මොරටුවේ ඉන්නවා. මම කතා කරලා බලන්ද යැයි බසයේදී හමුවූ මිතුරෙකු ධර්මසිරිගෙන් ඇසීය.තමාට ගැළපෙන විවාහයක් කිසියම් දිනෙක සිදු වන බව විශ්වාස කරගෙන සිටි ධර්මසිරි එම යෝජනාවට කැමති විය. ඒ අනුව දෙපසේ වැඩිහිටියන් හමුවී කතා බහ කරගෙන මෙම විවාහය සිදුවිය.විවාහ වූ දිනයේ මනාලියන් මල් කුමාරියන් යන දෙදෙනාම එකම තරම්ය.කවදා හරි මට හොඳ කෙනෙකු හමුවෙයි කියල මම හිතාගෙන සිටියා. දැන් අප සතුටින් ඉන්නවා. දිලිනි අප සමඟ කීවාය..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=r1212073
වෘත්තීය ගරුත්වය රැකගැනීම ගුරුවරයාගේ වගකීමක්
තෙන්නකෝන් කුලසේකර
මවුපියන්ගේ ආර්ථිකය ශක්තිමත් කර දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමේ උත්කෘෂ්ඨ කාර්ය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අකුරටම ඉටු කරමින් සිටින බව උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා පැවැසීය.ප්‍රධාන ඇමැතිවරයා එම අදහස් පළකැර සිටියේ නොච්චියාගම බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විදුහලේ පැවැති දරුවන්ගේ විවිධ ප්‍රසංගයකට හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයට පෙරේදා (05) සහභාගි වෙමිනි.එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.මවුපියන්ගේ ආර්ථිකය ශක්තිමත් වුවහොත් පමණයි දරුවන්ගේ අධ්‍යාපනයට හොඳ වටාපිටාවක් පරිසරයක් ඇති වන්නේ. මහින්ද රාජපක්‍ෂ රජය එම කාර්ය මනාව ඉටු කරමින් සිටිනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයට අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් මම තරයේ ප්‍රතික්‍ෂේප කරනවා. දේශපාලන ඇඟිලි ගැසීම් පසුගිය කාලය පුරා මේ පළාත තුළ ක්‍රියාත්මක වෙනු මම දැක්කා. ඒ තුළින් ගැටලු රැසක් පැන නැඟුණා. අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ගුරුවරයාගේ නිදහස් චින්තනය තුළ කටයුතු කිරීමට අවස්ථාව දීමෙන් නිර්මාණශීලී ගුරුවරයකු බිහි වෙනවා. නිර්මාණශීලී ගුරුවරයකු බිහිවෙනවා කියන්නේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා කියන එකයි.ගුරු වෘත්තිය දේව වෘත්තියක්. ඒ වෘත්තියේ ගරුත්වය ආරක්‍ෂා කර ගැනීම ගුරුවරයාගේ යුතුකමක් සේම වගකීමක්. යම් පුද්ගලයකු තමන් කරන වෘත්තියේ වැටුපට ණය නොවී සීමා නොවී කටයුතු කිරීම මුළු සමාජයටම ලබාදෙන පූර්වාදර්ශයක්. මේ තුළින් තමන්ගේ ජීවිතයට ලැබෙන ආත්ම තෘප්තිය කියා නිමකරන්න බැරි බව ද ප්‍රධාන ඇමැතිවරයා කීය.යුද්ධය පැවැති ගම්මානවල ජීවත්වන පාසල්වල දරුවන්ට අපේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දී ඇති නිදහස තුළින් නිදහස් මනසකින් අධ්‍යාපනය හැදෑරීමේ ඉඩකඩ සලසා තිබෙනවා. “දැයට කිරුළ”, “දිවි නැඟුම”, “මඟ නැඟුම”, “ජාතික සවිය” තුළින් පානීය ජලය, මාර්ග, විදුලිය ආදී මූලික අවශ්‍යතා ඉටුකර දෙමින් සාමාජීය හා ආර්ථික ශක්තිය උදාවන බව ද අමාත්‍යවරයා පැවසීය.මෙම අවස්ථාවට උතුරුමැද පළාත් සභා සභාපති ටී. එම්. ආර්. සිරිපාල, පළාත් මන්ත්‍රී කුමාරසිංහ, විදුහල්පති එම්. ඒ. ආරියපාල යන මහත්වරු ද සහභාගි වූහ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=r1212074
බිරිය මැරූ සැමියාට වසර 20ක අත්හිටවූ සිර දඬුවමක්
ගම්පහ සංචාරක නිමල් ජයසිංහ
විදේශ රැකියාවට ගොස් ලංකාවට පැමිණි දිනයේම මෙරට සිටි බිරිය සමඟ ඇතිවූ බහින් බස්වීමකදී බිරියට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය සිර දඬුවම වසර 20කට අත්හිටුවීමට නියෝග කළාය.රුපියල් ලක්‍ෂයක දඩයක්ද නියම කළ අතර දඩය නොගෙවන්නේ් නම් වසර දෙකක සිර දඬුවමක්ද නියම වන වගට නියෝග කළාය.2006 අගෝස්තු 08 හෝ ඊට ආසන්න දිනයකදී විදේශ රටක සිට පැමිණි මේ පුද්ගලයා බිරිය සමඟ ඇතිවූ බහින්බස්වීමකදී මේ ඝාතනය සිදු කර ඇත.බිරිය ඝාතනය කිරීමේ චෝදනාව මත එම පුද්ගලයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ දම්නිති ද සිල්වා මෙනවිය කරුණු දැක්වූවාය.විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ චාමර වන්නිසේකර මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ චුදිත පවුලේ වැඩි දියුණුව උදෙසා විදේශ ගතවී සේවය නිම කර මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපළේ සිට බිරියට දුරකථන ඇමතුමක් දුන් විට පිළිතුරු දී ඇත්තේ බිරියගේ අනියම් පෙම්වතකු බවයි.ප්‍රශ්නය ගැන විමසීමේදි බිරිය කැත්තක් ගෙන සැමියාට කොටන්න සුදානම් වූ අවස්ථාවේ ආත්ම ආරක්ෂාවට සිදු කළ පහරදීමෙන් බිරිය මිය ගිය බව සඳහන් කළේය.පැමිණිල්ලේ සාක්කිකරුවන් වූයේ චුදිතගේ දුවත් පුතාත් වන අතර ඔවුන්ට රැකවරණය දෙන්නේද චුදිත බව කීය.පැමිණිල්ලේ හා විත්තියේ දේශනවලට සවන්දුන් මහාධිකරණ විනිසුරුවරිය ඉහත දඬුවම් නියම කළ අතර මින් ඉදිරියට සමාජයේ යහපත්ව ජීවත්වන ලෙසද කිසිම චෝදනාවකට අධිකරණයට පැමිණියහොත් අත්හිටවූ සිර දඬුවම් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළාය..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=r1212075
මිල්ලනිය මැනිකුලම්කන්ද වැසියෝ බීමට වතුර ඉල්ලති
හල්තොට සමූහවිනීතා මානෙල් ගමගේ
මිල්ලනියේ, හල්තොට, ලෙනවර, මැනිකුලම්නන්ද ජල ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා පවුල් 35ක් පමණ උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති.ඉතා උස් කඳු සහිත ප්‍රදේශයක් වන මේ ගම්මානයේ වැසියන්ට තම ඉඩම්වල ළිං කපා ගැනීම දුෂ්කර වී ඇත්තේ බඹ ගණනාවක් පොළව හෑරීමට සිදුවීමත් ගල් හමුවීමක් නිසාය. ඔවුන් මුහුණ දෙන පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙසට වසර 5කට පමණ පෙර ජල ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.මේ කන්දට කි.මී.2ක් පමණ ලෙනවර උයන ප්‍රදේශයේ ඉදිකළ ළිඳකින් නළ මාර්ගයෙන් ලබා ගන්නා ජලය කඳු පාමුල පිහිටි ටැංකියකට ගබඩා කර නිවාසවලට බෙදාදීමට යෝජනා වී තිබිණ. එහෙත් කණු ඉදිකර ටැංකිය බැඳීමට සූදානම් වුවත් එය අතරමඟ නතර වූ බැවින් ඒ සඳහා ගෙනා යකඩ දිරාපත් විය. මීට වසර 3කට පෙර ලීටර් 10,000ක ප්ලාස්ටික් ටැංකියක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මඟින් ලබාදී තිබුණත් ජලය ලබා ගැනීමට ක්‍රමයක් නොතිබුණි. මීට මාස 4 කට පමණ පෙර මේ ජල ව්‍යාපෘතිය සඳහා මෝටරයක් ලබා දුන්නද එය මුල් දිනම කැඩී ගිය බැවින් ජල ව්‍යාපෘතිය අසාර්ථක විය.අරුණ ශාන්ත මහතා - අවුරුදු 5ක් වෙනවා ජල ව්‍යාපෘතිය පටන් අරන්, වතුර ලීටර 30,000 කට මුලින් ටැංකිය ගහන්න හැදුවේ. කණු බැඳ සැටලිම දමා ටැංකිය වටේ දැල් ගැහුවා.එයට ගෙනාව යකඩ ටික දිරලා ගියා. පස්සේ ලීටර් 10,000 ප්ලාස්ටික් ටැංකියක් දුන්නා. ඒත් මෝටරයක් නැතුව වතුර ගන්න විදියක් නෑ.වහලෙන් වැටෙන වතුර පීල්ලක් දිගේ එකතු වෙන්න වළක් කපා ගෙන තියෙනවා.එය පිරෙන්නත් හැමදාම වහින්නේ නැති නිසා ඒකෙත් වතුර නැහැ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=s1212071
සික්ස් නේෂන් නෙට්බෝල් තරගාවලිය: සිංගප්පූරුවට එරෙහිව එකට එක
ප්‍රින්ස් ගුණසේකර සිංගප්පූරුවේ සිට
ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනිමෙන් අනතුරුව සිංගප්පූරුව අද ශ්‍රී ලංකාවට මුණ ගැසෙයි. මේ දිනවල පැවැත්වෙන සිංගප්පූරු සික්ස් නේෂන් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදී මෙම හමුව සිදුවෙයි. තම රටේදී ලකුණකින් පරාජය කර ආසියානු නෙට්බෝල් කුසලානය සිංගප්පූරුවට රැගෙන යෑමේදී ඇතිවූ සිත් වේදනාවෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එකට එක කිරීමේ ආසන්නතම අවස්ථාව උදාව ඇති හෙයින් අද තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සැලකේ.එමෙන්ම සිංගප්පූරු නෙට්බෝල් පුහුණුකාරිනී ඔස්ට්‍රේලියානු ජාතික කේට් කාර්පෙන්ටර්ගේ අවසන් තරගාවලිය මෙය වන හෙයින් සිංගප්පූරුව මේ තරගය ජය ගැනීමේ විශාල බලාපොරොත්තුවකින් පසුවේ. කාර්පෙන්ටර් කලක් ශ්‍රී ලංකාවට ද පැමිණ විශේෂඥ උපදෙස් දී ඇති හෙයින් සිංගප්පූරුව, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් පරාජය වනු දැකීමට අකමැති වනු ඇත.මෙතෙක් පැවැති මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකාව තරග 4කට සහභාගීවී තරග දෙකක් ජය ගෙන තරග දෙකක් පරාජය වී සිටී. සිංගප්පූරුවද එවැනිම ප්‍රතිඵලයක සිටින අතර මැලේසියාව හා නැමීබියාවද ඒ හා සමානව සිටී. මේ කණ්ඩායම් හතරම ලකුණු 4 බැගින් ලබා සිටින හෙයින් වැඩිම ගෝල් ප්‍රමාණයක් වාර්තා කරමින් ජය ගැනීම සියලු කණ්ඩායම්වල බලාපොරොත්තුව වේ.ප්‍රබල ටැන්සෑනියාව සහභාගීවූ තරග 4ම ජයගෙන ලකුණු 8ක් ලබා පළමු ස්ථානයේ සිටිමින් දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටී. සෙනසුරාදා පැවැත්වෙන අවසන් මහා තරගයට යෑමට ශ්‍රී ලංකාව, නැමීබියාව, සිංගප්පූරුව හා මැලේසියාව සටන් කළ යුතුව ඇති අතර දැනට වැඩිම වාසි ඇත්තේ නැමීබියාවට වේ. ඔවුන්ගේ ගෝල් සාමාන්‍ය 169.7කි. ශ්‍රී ලංකාව 5වැනි ස්ථානයේ සිටින අතර ගෝල් සාමාන්‍ය 97.7කි.ශ්‍රී ලංකා ආරක්ෂක පෙළේ තියුණු බව හා ක්‍රීඩාශීලීත්වය වර්ධනය කරගතහොත් වෙනදාට වඩා වාසි සහගත ප්‍රතිඵලයක් ලබා ගැනීම අසීරු නොවනු ඇත. එමෙන්ම ගෝල ෂූටර් තර්ජනී සිවලිංගම්ට ඉතා පහසු ආකාරයට පන්දු යොමු කිරීමද වෙනදාට වඩා විධිමත් විය යුතු බව නායිකා ගයාත්‍රී ලංකාතිලකගේද පිළිගැනීම වී තිබේ.අවසන් වරට හමුවූ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව ලකුණු 48-47කින් පරදවා තම අරමුණ ඉටු කර ගත්හ. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේද ඊයේ පැවැති එම තරගය ආරම්භයේ සිටම ප්‍රබල තර්ජනයක් එල්ල කළ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ කාර්තු හතරේදීම ශ්‍රී ලංකාවට පීඩනය වැඩි කළහ.පළපුරුදු ක්‍රීඩිකාවන්ගෙන් සිදුවු වැරදි ක්‍රීඩා විලාසය හේතුවෙන් එම පරාජය ශ්‍රී ලංකාවට අත්වීමට ප්‍රධානතම හේතුව විය. අවසන් මහා තරගයකදී තිබිය යුතු උණුසුම් ක්‍රීඩා විලාශයෙන් පිරිපුන් වු එහි ලකුණු තත්ත්වය වුයේ 12-13, 13-13, 11-10 හා 11-12ක් ලෙසිනි.ශ්‍රී ලංකාවට ලකුණු කරා යා හැකි පහසු අවස්ථා 12ක් පමණ පා පිළිබද නීතිය, අසාර්ථක යොමු කිරීම වැනි හේතු මත අහිමි වී ගිය අතර ඒ සෑම අවස්ථාවකම වාසිය පෙරළා සිංගප්පුරුව හිමිකර ගත්තේයඑම අඩුපාඩු සියල්ල මගහරවා ගතහොත් ශ්‍රී ලංකා පිලට සික්ස් නේෂන් නෙට්බෝල් කුසලානය දිනා ගැනීම කෙසේ වුවද ආසියානු ශූර සිංගප්පූරුව පරාජය කිරීමේ සතුට අත්විදිය හැකි වනු ඇත..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=s1212072
රිච්මන්ඩ්-නාලන්දා-තර්ස්ටන් ක්‍රිකට් තරගාවලිය අද ඇරැඹේ
ෆවුස් මොහොමඩ්
රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් සමාජය සංවිධානය කරන රිච්මන්ඩ්, නාලන්දා හා තර්ස්ටන් විදුහල් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා විස්සයි 20 තුන්කොන් ක්‍රික‍ට් තරගාවලියේ සමාරම්භක උළෙල අද (7) කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපනය ලැබූ රිච්මන්ඩ්, නාලන්දා හා තර්ස්ටන් විදුහල්වල වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් මේ තරගාවලියට සහභාගි වන අතර අවුරුදු 40න් ඉහළ ආදි සිසුන් සඳහාත් විස්සයි20 තරගාවලියක් ඇතුලත් වේ. එය චමල් රාජපක්ෂ අභි‍යෝගතා කුසලානය සඳහා‍ පැවැත්වේ. මේ තරගාවලියෙන් ලැබෙන ආදායම රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීම සඳහා යොදා ගැනේ.පසුගිය වසරේ ශූරතාව දිනූ තර්ස්ටන් විදුහල මෙවර සත්කාරක රිච්මන්ඩ් විදුහලට 'මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලානය' අරලියගහ මන්දිරයේ දී අද භාරදීමට නියමිතය.තරගාවලියේ සමාප්ති උත්සවය සහ ත්‍යාග ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (8) පස්වරු පැවැත්වීමට නියමිතය.තරග කාල සටහන19න් පහළ තරගාවලිය- අද- පෙරවරු 9.00- රිච්මන්ඩ් - තර්ස්ටන්, පස්වරු 2.00- නාලන්දා - තර්ස්ටන්, හෙට- පෙරවරු 9.00- නාලන්දා - රිච්මන්ඩ්, පස්වරු 2.00 – අවසන් මහා තරගය40න් ඉහළ තරගාවලිය – අද- පෙරවරු 9.30-නාලන්දා - රිච්මන්ඩ්, පස්වරු 2.30- තර්ස්ටන් - රිච්මන්ඩ්, හෙට - පෙරවරු 9.00 – තර්ස්ටන් - නාලන්දා..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=s1212073
ශ්‍රී ලංකා-පාකිස්තාන ‍තීරණාත්මක තරගය අද
ගඟ ඉහළ සමූහ
ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන අන්තර් ජාතික අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද පැවැත්වීමට නියමිත තරගය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා දෙපිලටම තීරණාත්මකය.ශ්‍රී ලංකාව හා පාකිස්තානය තමන් සහභාගීවු තරග 2න් එක බැගින් ජය ලබා ඇති අතර අද තරගය ජයගන්නා කණ්ඩයම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. මාලදිවයින් කණ්ඩායම මේ වනවිට තමන් සහභාගීවු තරග 2කම ජයගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති බංග්ලාදේශය සහභාගීවු තරග 2ම පරාජයට පත්විය.ශ්‍රී ලංකා-පාකිස්තාන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මාලදිවයින් කණ්ඩායම සමග ලබන 9වැනිදා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී අවසන් තරගයට මුහුණදෙන අතර අද තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුවහොත් අවසන් තරගය සඳහා පාකිස්තානයට වැඩි අවස්ථාවක් පවතී.සත්කාරක ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පෙ‍රේදා පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1-0ක ජයක් වාර්තා කළේය. පාකිස්තානය වෙතින්ද ගෝල 1-0ක ලෙස බංග්ලාදේශය පරාජය වීම නිසා අවසන් තරගය සඳහා බංග්ලාදේශයට ඇති අවස්ථාව අහිමිවිය.අද පස්වරු 1.30ට මාලදිවයින සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය පස්වරු 3.30ට ආරම්භවේ..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=s1212074
අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඉන්දියාවේ සාමාජිකත්වය අහෝසි කරයි
නවදිල්ලිය (ඒ.එෆ්.පී.)
අල්ලස් දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති ඉන්දියා ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් ලලිත් බානොට් ඇතුළු පිරිස නැවත වාරයක් එහි නිලවරණයට ඉදිරිපත්වීම අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ නීතිරීතිවලට අනුකූල නොවීමේ හේතුවෙන් එහි විධායක මණ්ඩලය ඉන්දියාවේ සාමාජිකත්වය තහනම් කළේය.2010 වසරේ ඉන්දියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී සිදූවූ බව පැවැසෙන අල්ලස් දූෂණ වංචා හේතුවෙන් මාස 11ක් බන්ධනාගාර ගතව සිට පසුගිය මාසයේ ඇප මත නිදහස ලැබූ ඉන්දියා ඔලිම්පික් සංගමයේ හිටපු ලේකම් බානොට් මෙවර ඉන්දියා ඔලිම්පික් සංගම් නිලවරණයට තරග වදින බව වැඩ බලන සභාපතිවරයා තහවුරු කොට තිබේ.කෙ‍සේවෙතත් තම සාමාජිකත්වය තහනම් කරනු ලැබූව ද නිලවරණයේ කිසිදු වෙනසක් නොකරන බව ඉන්දියා ඔලිම්පික් සංගමයේ වැඩ බලන සභාපති විජේ කුමාර් මල්හෝත්‍රා ප්‍රකාශ කළේය. 'රජයේ ක්‍රීඩා පනත යටතේ නිලවරණය පැවැත්වීමට අපට දිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලැබුණා. අපි ඒ අනුව කටයුතු කළා. අපිට රජයේ නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන්න බෑ. නමුත් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඔවුන්ගේ තීරණය වෙනස් කරාවි කියා අපට විශ්වාසයි.' ඉන්දියා ඔලිම්පික් සංගමයේ වැඩ බලන සභාපති විජේ කුමාර් මල්හෝත්‍රා මාධ්‍ය හමුවේ පැවැසීය..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=s1212075
රාජ්‍ය සේවා කාන්තා වොලිබෝල් ශූරතාව ජනාධිපති ආරක්ෂක පිලට
null
රාජ්‍ය සේවා කාන්තා වොලිබෝල් තරගාවලියේ 'ඒ' කොටසේ ශූරතාව දිනා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාස කණ්ඩායම සමත්විය. අවසන් තරග‍යේදී වට 3/1 ලෙස සිවිල් ආරක්ෂක සේවා බලකා කණ්ඩායම පරාජයට පත්විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජනාධිපති ආරක්ෂක කණ්ඩායමේ නායිකා දිනුෂා ඇතුලත්මුදලි සම්මාන ලැබීය. කණ්ඩායමේ පුහුණුකරු ලෙස උප පොලිස් පරීක්ෂක සුනිමල් ද සිල්වි හා කළමනාකරු ලෙස පොලිස් පරීක්ෂක රමේන්ද්‍ර ප්‍රනාන්දු මහත්වරුන් කටයුතු කරයි.ජනාධිපති ආරක්ෂක දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ, ක්‍රීඩා භාර සහකාර පොලිස් අධිකාරී ඩබ්.තිලකරත්න සහ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.ඩී.එල්. සිරිවර්ධන මහත්වරුගේ මඟපෙන්වීම ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වූ බව කණ්ඩායමේ නායිකා දිනූෂා ඇතුලත්මුදලි පැවැසුවාය.ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ කාන්තා කණ්ඩායම මේ වසරේ ලබාගත් දෙවැනි වොලිබෝල් ශූරතාව මෙය වේ. තරගාවලිය පසුගියදා වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=f1212071
අනේ සෑර්! මට හිමි තැන දෙන්න...
මහින්ද අබේසුන්දර
රනිල් වික්‍රමසිංහ මහතා වසර හයකට නායකත්වය ඉල්ලා සිටියේ ය. එසේ ඉල්ලමින් පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කළේ හය දහසකට ආසන්න සාමාජිකත්වයක් ඇති පක්ෂ සමුළුවෙනි. එම සංශෝධනය ඡන්ද හාරදහසකට අධික ප්‍රමාණයකින් සම්මත විය. වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය වසර හයකට දීර්ඝ කර ගැනීමට විරුද්ධ වූයේ සාමාජිකයන් තුන්සිය ගණනක් පමණි. දැන් ඉතින් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට මොන යම් තරමින් හෝ අභියෝගයක් තිබුණා නම් එය නිෂේධ වී තිබේ.නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කල්ලියේ කීප දෙනෙක් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය දුන්හ. ඒ බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්්ධියේම ප්‍රකාශ කළේය. තමන්ගේ හෘද සාක්ෂියට එරෙහිව සංශෝධනයට පක්ෂව ඡන්දය දිය නොහැකි බව ප්‍රකාශ කළේ ය. වසර හයක කාලයකට පක්ෂ නායකත්වය ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිතුමා ද සිය සුබ පැතුම් පිරිනමා තිබේ.වසර හයක යෝජනාව සම්මත වූ පසු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් ද කළේ ය. ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට තරග කරන්නේ නම් තමන් පූර්ණ සහාය දෙන බවයි. එතැනින් නොනැවතුන සජිත් ප්‍රේමදාස මහතා තමාට ද චාන්ස් එකක් දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය. වික්‍රමසිංහ මහතා තරග නොකරන්නේ නම් ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවද ප්‍රේමදාස මහතා කියා සිටියේ ය.සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන බවට තීරණයක් කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන නැතත් ඒ සඳහා ඇති කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතා ඉදිරියේ ප්‍රසිද්්ධියේම කියා සිටියේ ය. කෙසේ හෝ වික්‍රමසිංහ මහතාට පක්ෂය තුළ විශාල අභියෝගයක් ඇතැයි කැරලිකාර පිරිස සිතාගෙන සිටියා නම් එය දැන් අහෝසි වී තිබේ.කිසිම කෙනෙකු දේ්ශපාලනයේ දී අධිතක්සේරු තබා තිබේ නම් එය අතිශයින්ම මෝඩ ක්‍රියාවකි. ඒ නිසා සිදුවන්නේ පක්ෂය තුළ ජනප්‍රිය වීම නොව හෑල්ලු වීම ය.දැන් ඉතින් වික්‍රමසිංහ මහතා තමන්ට එරෙහි වූ අය ගැන කල්පනා කරමින් සිටී. 2014 ආණ්ඩු ඇල්ලීමට වඩා වික්‍රමසිංහ මහතා ප්‍රවේසම් විය යුත්තේ කැරලිකාරයන් සම්බන්ධයෙනි. තමන්ට එරෙහි පිරිස සිටින්නේ තමන්ගේම පක්ෂයේ තමන් ළඟ බව වික්‍රමසිංහ මහතාට දැන් අවබෝධ වී තිබේ. තමන් ගේ නියෝජ්‍ය නායකයාත් තමන්ට එරෙහි බව ප්‍රසිද්්ධියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ දී අනාවරණය විය. ඒ නිසා වික්‍රමසිංහ මහතාට තමන් ගේ නායකත්වය රැක ගැනීම සඳහා ප්‍රවේසම් විය යුත්තේ තමන්ගේම පිරිසෙන් මිස ජනතාවගෙන් නොවන බව දැන් ඉතින් පැහැදිලි ය.දෝෂාභියෝගයෙන් අගවිනිසුරුවරියට එල්ල වී ඇති චෝදනා විභාග කිරීම ව්‍යවස්ථානුකූලව පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දැන් විභාග වෙමින් පවතී. අගවිනිසුරුවරිය විශේෂ කාරක සභාව හමුවේ කරුණු දැක්වීම ද සුබ දායක ය. ඇය මේ වන විට දින තුනක් කාරක සභාව හමුවේ පෙනී සිටියා ය. ඇය වෙනුවෙන් නීතිඥ සමාගමක් ද පෙනී සිටිති.තමන්ට එරෙහිව මන්ත්‍රීවරුන් එකසිය දාහත් දෙනකු එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම ව්‍යවස්ථානුකූ®ල අයිතියකි. එය කාගෙ කාගේත් සහයෝගය ඇතිව ඉටු වෙමින් පවතී. එහෙත් මෙය අලුත්කඩේ සංදර්ශනයක ලීලාවෙන් පැවැත්වීම ද ඉවරයක් නැත. මුලින්ම සිදු වූයේ එක් කොටසක් අගවිනිසුරුවරියට සහාය පළ කරද්දී මාදුළුවාවේ සෝභිත හිමියන් ද අලුත්කඩේට ගොස් පිරිත් සජ්ඣායනා කොට ඇයට ආශීර්වාද කරමින් පිරිත් නූලක් ගැට ගැසීමය. චුදිතයන්ට නූල් බැඳීම්, නඩුවලින් පරාජයට පත්වූ අයට මල්මාල පැලඳවීම් අප දුටුවේ අලුත්කඩේ දීම ය.දැන් උද්ඝෝෂණ ක්‍රියාවලිය වෙනස් වී තිබේ. එනම් අගවිනිසුරුවරියට ගෙදර යන ලෙස ඉල්ලා විශාල පිරිසක් අලුත්කඩේ සහ පාර්ලිමේන්තු මඟ දෙපස උද්ඝෝෂණ කරන්නට පටන් ගෙන තිබේ. විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තුවේ සහාය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‍ෂ දෙබිඩි රංගනයක යෙදී සිටී. කතානායක විසින් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව සතු බලතල අනුව පත් කළ තේරීම් කාරක සභාවට එරෙහිව ඔහු අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සම විභාග කිරීමට ද තීරණය වී ඇත.දෝෂාභියෝග ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අලුත් අත්දැකීමක් නොවේ. පාර්ලිමේන්තුවට හිටපු අගවිනිසුරුවරුන් දෙදෙනකුට දෝෂාභියෝග ඉදිරිපත් කර ඇති බැවින් ඒවා අලුත් අත්දැකීම් නොවේ. එහෙත් එදා සියල්ල නිහඬව සිදු වූවත් දැන් ඒවා උද්ඝෝෂණ මධ්‍යයේ දේශපාලනීකරණය වී තිබේ. මොන මොන උද්ඝෝෂණ ආවත් තේරීම් කාරක සභාව තමන්ට පැවරුන රාජකාරිය ඉටු කරමින් සිටී. අගවිනිසුරුවරිය ද එයට සහභාගී වෙමින් සිටී. එහි යන ඇයට පාර්ලිමේන්තුව තුළ සියලු පහසුකම් සලසා තිබේ. ඇය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දිවා භෝජනය ද සූදානම් කිරීමට පියවර ගෙන තිබුණි. ඇය දිවා භෝජනය පිළිගත් බවක් ප්‍රකට නැත.මේ අතර කතානායකවරයා තවත් ප්‍රකාශයක් කර තිබේ. කතානායක විසින් ගනු ලබන තීරණ හරි හෝ වේවා වැරදි හෝ වේවා ඒවා පිළිගත යුතු බවයි. එතුමා ඉල්ලා සිටින්නේ තේරීම් කාරක සභාවට සිය රාජකාරිය කරන්නට ඉඩ දී සියලු දෙනා නිහඬ විය යුතු බවය. දෝෂාභියෝගය ගැන කතා කිරීමේ අයිතිය ඇත්තේ ද තේරීම් කාරක සභාවට පමණක් බව ද කතානායක ප්‍රකාශ කර තිබේ. මාසයක් ඇතුළත සියල්ල අවසන් විය යුතුය. ඒ නිසා දැන් කළ යුත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත් දෝෂාභියෝගයෙන් චෝදනා ලබා ඇති අගවිනිසුරුවරියටත් විමර්ශන කටයුතු කර ගන්නට ඉඩ දී පිටස්තර අය බලා සිටීම ය.අධිකරණ භූමිය නිහඬ තැනකි. නඩු කටයුතු නිහඬව සිදුවන තැනකි. අලුත්කඩේ අධිකරණ භූමියේ චණ්ඩි සිටිය යුතු නොවේ. අධිකරණයට ජනතාව තුළ ඇත්තේ අසීමිත ගෞරවයකි. නඩුකාරවරුන් “හාමුදුරුවෝ” කියා අමතන්නේ ඒ ගෞරවය නිසාම ය. උසාවිය ඇතුළේ දී ජනතාව කකුලක් පිට කකුලක් දමාගෙන අසංවර විදියට හැසිරෙන්නේත් නැත. අඩුම තරමින් උගුර කට පාදන්නේ ද නැත. එළියට යන විටත් ඇතුළට එන විටත් නඩුකාර හාමුදුරුවන්ට හිස නමා ආචාර කරන්නේ ද ඒ ගෞරවය නිසා ය.ඒ අයුරින් හැසිරෙන ජනතාවට පහර දෙන නීතිඥ චණ්ඩින් අධිකරණ කටයුතුවලට සහභාගි වීම කනගාටුදායක ය. ත්‍රිරෝද රථ සංගමයේ නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ පහරදී තිබේ. එය කනගාටුදායක ය. නිහඬ විරෝධයක් පළ කිරීම නීතිඥවරුන්ට පමණක් හිමි වර ප්‍රසාදයක් නොවේ. ත්‍රිරෝද රථ රියදුරන්ට ද එම අයිතිය තිබේ.ඒ නිසා නීතිඥවරුන් චණ්ඩි වැඩවලින් ඉවත් විය යුතුය. උද්ඝෝෂණ – විරෝධතා පැවැත්වීම අධිකරණයට කරන ගෞරවයක් ලෙස නතර විය යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව ද නීතිඥවරුන් පුටු මත නැගී චණ්ඩින් ලෙස හැසිරුන අවස්ථාවක් ද තිබේ. නඩු පැරදුන විට විත්තිකරුට මල්මාලා පැලඳුවේ ද නීතිඥවරුන්ගේ චණ්ඩිකම ප්‍රදර්ශනය කිරීමට ය. මේ රටේ දේශපාලනයට ආ නීතිඥවරුන් කිසි දිනෙක අධිකරණය තුළ අසංවර විදියට හැසිරී නැත. ඒ නිසා අධිකරණයේ නඩුවලට සහභාගී වන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ආදර්ශයට ගෙන චණ්ඩිකම්වලින් මිදී සංවරව හැසිරීම අධිකරණයට මෙන්ම නීතිඥ වෘත්තියට කරන ගෞරවයකි. කළු කබා ඇඳගෙන නඩුවලට පෙනී සිටින අය චණ්ඩිකම් කළ යුත්තේ කළු කෝට් ගලවලා ය.බිත්ති තිබෙන්නේ පෝස්ටර් ඇලවීමට නොවේ. ආරක්‍ෂාවට ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ බිත්ති පුරා දැවැන්ත පෝස්ටර් ඇලවීම රටටම පුරුදු කළේය. ආණ්ඩුවලට අයිති බිත්ති පමණක් නොව ගෙවල්වල ආරක්ෂාවට බැඳ ඇති තාප්ප ද ඉතිරි වූයේ නැත. ජනතා විමුක්ති පෙරමුණට වෙනම පෝස්ටර් කල්ලියක් සිටියේ ය. එළිවෙන කොට පෝස්ටර්වලින් බිත්ති පුරවන්නේ එම කල්ලිය යි. එහෙත් අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී මඩ පෝස්ටර්වලට සිය අප්‍රසාදය පළ කරමින් කතා කළේය.අතාවුද සෙනෙවිරත්න ඇමැතිගේ ජ්‍යෙෂ්ඨ කෑල්ල ගලවන්නට ද කතා කළේය. පෝස්ටර්වලට එරෙහි වූ අනුර කුමාර දිසානායක දැන් මන්ත්‍රීවරයෙකි. ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර ඇති පරිදි මන්ත්‍රී වුණත් නැතත් මඩ පෝස්ටර් ගැසීම නතර විය යුතුය.එය හොඳ ප්‍රවණතාවකි. ජනතාවට හිසරදයක් වූ ජේ.වී.පී පෝස්ටර් නතර වීම කාගෙ කාගෙත් පැවැත්මට හිතකරය..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=f1212073
චූදිතයකුගේ සැකකරුවකුගේ වගඋත්තරකරුවකුගේ සහ පෙත්සම්කරුවකුගේ සහය පැතීම
null
අධිකරණයේ උත්තරීත්වය හා ස්වාධීනත්වය රැකීමත්, නිසි ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීමත්, පොදු ජනතාවගේත් නීතිය පසිඳලන්නන්ගේත් වගකීමකි. එහෙත් පසුගිය 4 වැනිදා සිදුවූයේ නොවිය යුත්තකි. ඒ දෝෂාභියෝගයට ලක්ව සිටින මෙරට අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පිටත්ව යන අවස්ථාවේදී . ඇයට සුබ පතන්නට පැමිණි අය අතර චුදිතයන්, වගඋත්තරකරුවන්, පෙත්සම්කරුවන් වීමය.- චෝදනා-- චෝදනා-රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැවේ සෝරත නාහිමිශිරාණි බණ්ඩාරනායක මහත්මියට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ මෙම කාරණයට අවශ්‍ය කරුණු පහදා දීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එවැනි මොහොතක කවුරුන් හෝ වේවා මෙහි අතරමැදියන් වී අදහස් දැක්වීම සදාචාර සම්පන්න යැයි කීම අපහසුයි.මෙසේ අනවශ්‍ය ලෙස මැදිහත් වී විවේචන ඉදිරිපත් කර ජනතාව නොසන්සුන් කිරීම කිසි ලෙසකින්වත් සිදු නොවිය යුත්තක්.----- :::::::::::::::: ----- :::::::::::::::: ----- :::::::::::::::: -----මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි -අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන මොහොතේ අධිකරණයේ චෝදනා ලැබූවන් එක්ව එතුමියට සහාය දැක්වීම සඳහා ජනතාව පෙළගැස්වීම අධිකරණයේ ගෞරවයටත්, ස්වාධීනත්වයටත් කළ ඉමහත් අවමානයක් හැටියටයි මම දකින්නෙ.ඒ වගේම සරත් ෆොන්සේකා මහත්මයා, පාලිත රංගෙ බණ්ඩාර මහත්මයා අධිකරණයේ චෝදනා ලැබුවන්. ඔවුන්ට විරුද්ධව ඇති නඩු විභාග වෙනවා.මාදුළුවාවේ සෝභිත හිමි දෝෂාභියෝගයට විරුද්ධව උසාවි ගිය පෙත්සම්කාර හිමි නමක්.ඉතින් මේ අයගේ ආශිර්වාදය රැකවරණය ජය ඝෝෂා මැදින් අගවිනිසුරුවරිය එරෙහි චෝදනාවන්ට වග උත්තර බැදීමට යාමත් ස්වාධීන වූ අධිකරණය කෙළෙසීමක් අවමානයට ලක් කිරීමක් කියලයි මම කියන්නෙ.----- :::::::::::::::: ----- :::::::::::::::: ----- :::::::::::::::: -----කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති ‍මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසජනාධිපති, අගවිනිසුරු වැනි තනතුරුවලට විරුද්ධව යම් යම් චෝදනා ඇතිවූ අවස්ථාවලදී ඒවා ඉවත් කළ හැකි නිර්ණායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලි කර තිබෙනවා.එය අපේ රටේ පමණක් නොවෙයි ඉන්දියාව, ඇ‍මෙරිකාව වැනි රටවලත් ක්‍රියාත්මක වන ක්‍රමවේදයක්. ව්‍යවස්ථාදායකයෙන් පත්වන අය වගේම සිවිල් ජනතාවත් මේ පිළිබඳ දන්නවා.අතීත පූර්වාදර්ශ ගතහොත් නෙවිල් සමරකෝන්,සරත් නන්ද සිල්වා වැනි අගවිනිසුරුවරුන් පිළිබඳ කටයුතු ක්‍රියාවට නැ‍‍ෙඟද්දී සිවිල් ජනතාව මැදිහත් වුණේ නැහැ.නමුත් අද අගවිනිසුරුතුමිය‍ට එරෙහි දෝෂාභියෝගයේදී සමාජයේ යම් යම් පිරිස් විවිධ දේශපාලන හා සමාජ අරමුණු ඇතිව ඊට සම්බන්ධ වෙනවා අපි දකිනවා. මෙය වැරදි පූර්වාදර්ශයක්. මෙමඟින් සිදුවන්නේ ජනතාව පාර්ලිමෙන්තුවේ උත්තරීතරභාවය පිළිබඳ කලකිරීමයි.----- :::::::::::::::: ----- :::::::::::::::: ----- :::::::::::::::: -----සෝමරත්න දිසානායක(ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක හා නිෂ්පාදක)අධිකරණයේ කටයුතුවලට දේශපාලනඥයන් ඇඟිලි නොගැසිය යුතුයි. පක්‍ෂ විපක්‍ෂ කවුරුන් හෝ වේවා එසේ අධිකරණයේ කටයුතුවලට බලපෑම් කරන්නේ නම් එය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක්. සාමාන්‍ය පුරවැසියකු හැටියට මෙම ක්‍රියාව මම අනුමත කරන්නේ නැහැ.----- :::::::::::::::: ----- :::::::::::::::: ----- :::::::::::::::: -----සරත් හෙට්ටිආරච්චි පියතුමා - අගවිනිසුරු තුමියට එරෙහිව යන මේ දෝෂාභියෝගය ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතකටයි යන්නේ. ඒ පිළිබඳ විභාගයක් පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන්ගෙන් සමන්විත තේරීම්කාරක සභාවක් මඟින් ක්‍රියාත්මක කෙරෙනවා. නමුත් මේ ක්‍රියාවලිය කඩාකප්පල්කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. ඒ අතර විවිධ අන්දමේ වැරැදි වලට සම්බන්ධ වූවන් දේශපාලනයේ පරාජිත පුද්ගලයන් දූෂණ වංචාවලට සම්බන්ධවූවන් ආදී විවිධාකාරයේ අය ඉන්නවා. නමුත් මෙහිදී ජනතාව කලබල විය යුතු නැහැ. ජනතාවට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතකට අනුව ක්‍රියාත්මක වන විමර්ශනය දෙස විමසිල්ලෙන් බලා සිටීමයි.----- :::::::::::::::: ----- :::::::::::::::: ----- :::::::::::::::: -----සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා - මේක මහ විහිළු වැඩක්නෙ. බලන්න අවුරුදු 30ක් තිස්සේ ඇදුණු යුද්ධයක් දිනවලා දීපු ජනාධිපතිතුමාට අද මොන තරම් රටේ ජනතාව ප්‍රශංසා කරනවද ගෞරව කරනවද අගවිනිසුරුකම දුන්නෙත් එතුමානෙ මෙතුමියට. ඉතින් ඒ ගැන හිතන්න එපායැ. එතුමිය තම රාජකාරි කාලය තුළ පුළුවම් තරම් අසාධාරණයට ලක්වුණ කෙනෙක් ජනාධිපතිතුමා කළේ සාධාරණය ඉෂ්ඨ කරපු එක. එහෙම කළේ එතුමාගේ තිබ්බ හිත හොඳ වැඩිකම නිසානේ.මම නම් කියන්නෙ මේක දුර දිග ගියා වැඩී. සාකච්ඡාවෙන් විසඳා ගත යුතුව තිබුණ ප්‍රශ්ණනෙ මේවා. රටම හිනස්සන ලෝකය හිස්සන වැඩ. රණවිරුවන් දිනා දුන්නු රට ඒ නිසාම ලබා ගත් කීර්තිය නැති කරන්න කරන දේවල් මේ. මම කියන්නෙ අදටත් පරක්කු නැහැ. සාකච්ඡාවෙන් මේවා විසඳා ගන්න පුළුවන් කියලයි..
NEWSPAPER
2012.12.07
http://www.dinamina.lk/2012/12/07/_art.asp?fn=f1212074
සහජීවනයට මඟ පෙන්වන මහිම සලාතයේ
ජෙන්නත් ඔසීලා ජෙයිනුල් ආබ්දීන්
ඉස්ලාම් දහමේ දෙවැනි වගකීම වන්නේ සලාතයයි. මුස්ලිම් බැතිමතුන් අනිවාර්යයෙන්ම දිනකට පස් වතාවක් සලාතය හෙවත් දෙවියන් නැමදීම සිදුකළ යුතුය. මෙය මිනිසාගේ යහපත් පැවැත්ම උදෙසා බෙහෙවින් බලපාන සාධකයකි.‘නිශ්චය වශයෙන්ම සලාතය මූමින්වරුන්ට, කාලය සිහිපත් කරවන යුතුකමක් වන්නේය.’ යැයි අල්කුරාණයේ සඳහන් වී තිබේ.‘නියමිත වේලාව අතපසු නොකර වහාම සලාතය ඉටු කරන්න’ යැයි ද කුරාණය අපට පැහැදිලිවම කියා තිබේ.දෛනික කටයුතු ක්‍රමානුකූලව ඉටුකිරීමට සලාතය පි‍ටිවහලක් වන බව සඳහන් කළ යුතුය. මානසික හා ශාරිරික වශයෙනුත් සාමාජීය වශයෙනුත් සලාතයෙන් අප්‍රමාණ ප්‍රයෝජන ලැබේ. සෑම වැඩිහිටියෙකුම දිනකට පස් වතාවක් අනිවාර්යයෙන්ම සලාතය ඉටු කළ යුතුය යනුවෙන් වරක් මගේ ළඟම මිතුරියකට මා කීවෙමි. එවිට ‘දිනකට පස් වරක් සලාතය ඉටු කරන්නට කාලය තිබේදැයි ඇය මගෙන් විමසුවාය.‘ඇත්තෙන්ම තිබෙනවා. අපට කන්න, බොන්න, අඳින්න පළඳින්න, රැකියාවේ නිරතවීමට ආදී සෑම දෙයකටම කාලය වෙන්කර ගැනීමට හැකිනම් දෙවියන් සිහි කිරීමට ඉතා සුළු වේලාවක් වෙන් කිරීමට නොහැකිදැයි මා පෙරළා ඇගෙන් විමසුවෙමි.අපගේ පහසුව සඳහා සලාතය දිනකට පස් වරක් පමණක් වෙන් කර තිබේ. උදෑසන හිරු උදාවත් සමග ‘සුබහූ’ සලාතය ඉටුකළ යුතුය. දිවාකාලයේ හිරු මුදුන් වීමෙන් පසුව ‘ලුහර්’ සලාතය ද, හිරු බැසීමට ආරම්භ වනවිට ‘අසර්’ සලාතය ද, හිරු බැස යනවිට ‘මහරිබ්’ සලාතය ද ඉටුකළ යුතුය. දිනයේ අවසන් සලාතය වන ‘ඉෂා’ සලාතය ඉටුකළ යුත්තේ රාත්‍රී කාලයේ දීය.සලාත් ඉටුකිරීමට පෙර සිත,ගත, ස්ථානය පිරිසුදුව තිබිය යුතුය. සලාතය ඉටු කිරීමට මොහොතකට පෙර සිත සන්සුන්ව තබාගත යුතුය. අල්ලාහ් දෙවියන් පිළිබඳ මෙනෙහි කරමින් සලාතයට සූදානම් වන විට නිරායාසයෙන්ම එය සිදුවේ.චිත්ත පාරිශුද්ධියෙන් තොරව ඉටුකරන සලාතයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ඉටු නොවේ. එය අල්ලාහ් දෙවියන් පිළිනොගන්නා බවත් කුරා‍ණයේ සඳහන් වේ.සලාත් කරන ස්ථානය, සලාත් කරන තැනැත්තා හා ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් පැළඳුම් පිරිසුදුව තිබීම අතවශ්‍ය වන අතර සලාත් කිරීමට පෙර ‘වුළු’ කිරීම සිදුකළ යුතුය.මුඛය, නාසය, මුහුණ, දෑත් වැලමිට දක්වා, නළල, දෙසවන් හා දෙපා පිරිසිදු කරගැනීම ඊට ඇතුලත්වේ. ඒ අනුව බලන විට දිනකට පස් වතාවක් සලාතය ඉටු කරන්නා පස් වතාවක් මේ ‘වුළු’ කිරීමෙන් නිරතුරුවම පිරිසුදුව සිටියි. ‘වුළු’ සිදුකිරීමට පෙර ස්නානය කිරීම අනිවාර්ය නොවන නමුත් විවාහකයකුට සිය බිරිය හෝ සැමියා සමග කායිකව එක්වීමෙන් පසු සලාතය ඉටු කිරීමට පෙර ස්නානය කිරීම අනිවාර්ය වේ. එමෙන්ම ‘වුළු’ සිදු කිරීමෙන් පසුව සලාතයට පෙර යම්කිසි කෙනෙකුට වැසිකිලි යාමට අවශ්‍ය වුවහොත් සිය අවශ්‍යතාවයෙන් පසුව නැවත ‘වුළු’ සිදු කළ යුතුවේ.සලාතය තනි තනිව ඉටු කිරීමට හැකි නමුත් සමූහ වශයෙන් ඉටු කිරීම වඩාත් නිවැරැදිය. එය ‘ජමාත්’ වශයෙන් හැඳින්වේ.‘තනි තනිව ඉටු කරන සලාතයට වඩා 'ජමාත්’ සලාතය විසිහත් ගුණයකින් වටින බව මුහම්මද් නබිනායකතුමාණෝ දේශනා කළහ. (සහිහුල් බුහාරි)කෙනෙකු මුස්ලිම් ද නැද්ද යන්න වෙන්කොට ගැනීමට හැකිවන්නේ සලාතයෙන් බවත්, එය ස්වර්ගයේ දොරටුව බවත් එතුමා තව දුරටත් දේශනා කළහ.මුස්ලිම් බැතිමතෙකු සලාතය ඉටුකිරීම පැහැර හැරීම බලවත් වරදකි. එකළ අරාබියේ දී ඉස්ලාම් බැතිමතුන් සිදුකළ ‘ජිහාද්’ (ආගම වෙනුවෙන් කළ යුද්ධ) කිරීමේ දී පවා සලාතය අතපසු නොකළ බව ඉතිහාසයේ සඳහන් වේ.පස්වේලේ සලාතය ඉටු කරන්නා නිරතුරුවම අල්ලාහ් මෙනෙහි කරයි. ‍එය පව් කිරීමෙන් වැළකී සිටීමේ මාර්ගයකි.දෛනික ජීවිතයේ කලබලකාරී වාතාවරණයෙන් මිදී පීඩාකාරී මනසට යම් සහනයක් ලබාගැනිමට සලාතය කදිම ඔසුවකි. එය සහෝදරත්වය සහ සමාජීය සහජීවනයේ වර්ධනයටත් බෙහෙවින් ඉවහල් වන්නකි.ඉස්ලාම් ධර්මය වතාවත්වලට පමණක් සීමා වූ ධර්මයක් නොවේ. එය මිනිසා උපතේ සිට මරණය දක්වා කෙසේ ජීවත් විය යුතු ද යන්න මුලු මිනිස් සමාජයටම පරිපූර්ණ ජීවන සැලැස්මක් ලබා දී ඇති ධර්මයකි. මිනිස් ජීවිතයේ ‍එදිනෙදා මුහුණපාන නොයෙකුත් ගැටළු හා ඒවාට විසඳුම් ද, ජීවිතය හැඩගස්වා ගත යුතු ආකාරය ද ඉස්ලාම් ධර්මයේ පැහැදිලිව අවධාරණය කර තිබේ.මිනිසාගේ ජීවිතයට සුදුසු හා නුසුදුසු වශයෙන් බෙදා වෙන්කරන ලද ක්‍රියාදාමය මත මුස්ලිම් බැතිමතුන්ගේ ජීවන රටාව හැඩ ගැසී ති‍‍බේ. එය 'හලාල්' (සුදුසු) සහ 'හරාම්' (නුසුදුසු) වශයෙන් හඳුන්වනු ලැ‍බේ.මින් 'හලාල්' යන අරාබි වදන සෙසු ජාතීන් ද ප්‍රකටය. අන්තර් ජාතික වශයෙන් නිශ්පාදනය කරන ආහාර හා බීම වර්ග ලේබල්වල හලාල් යන වදන මුද්‍රණය කොට තිබේ. ඒ මුස්ලිම් ප්‍රජාවට පරිහරණය උදෙසාය.ඒ අනුව හලාල් යනු මුස්ලිම් ප්‍රජාවට සුදුසු ආහාරපාන ලෙස වි‍ශේෂයෙන් මස් මාංශ තෝරාගැනිම උදෙසා භාවිතා වන්නාක් බවට සෙසු ජාතීන් අතර මතයක් ද පවතී.නමුත් හලාල් යනු මුස්ලිම් ප්‍රජාවට සුදුසු ආහාරපාන පමණක් නොවේ. එය සමස්ත සියල්ලටම බලපාන වදනකි. යහපත් සිරිත් විරිත්, සංවර ඇඳුම් පැළදුම් ආදී වශයෙන් හලාල් කරන ලද දෑ බොහෝය.එහි ප්‍රතිවිරුද්ධ වදන වන හරාම් වදන පිළිබඳ සැළකිය යුතු අවබෝධයක් සෙසු ජනයා අතරේ නොමැත.ඉස්ලාම් ධර්මයෙන් අනුමත කළ (හලාල්) ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්, රැකියාවන් ආදී සියලු කාරණා සඳහා හලාල් නීතිය බලපාන අතරම ඊට පටහැනි වන සියලු දේ අනුමත නොකළ කාරණා අතරට ඇතුලත්වේ. දුම්වැටි, මත්පැන්, අනියම් පෙම් සම්බන්ධතා, අනියම් ලිංගික සම්බන්ධතා, සමලිංගික සම්බන්ධතා, කේලම් කීම හා ඇසීම, කෙනෙකුගේ සිත රිදෙන අයුරින් කථා කිරීම සහ බැණ වැදීමත්, පහරදීමත් ඉස්ලාම් ධර්මයේ හරාම් කරනු ලැබු ඒවා ‍බොහෝය. නමුත් වර්තමානයේ හුදෙක් වෙළෙඳ භාණ්ඩ අලෙවි කරගැනිමට කූට ප්‍රචාරක උපක්‍රමයක් ලෙස වෙළෙඳුන් හලාල් වදන භාවිතා කිරීම නම් අනුමත කළ ‍නොහැකිය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n121209_br1
දිවා ගුහාව සොයා ගැනෙයි... මහ මළුවට මිටර් 100ක් පහළ තැනක්
null
(2012-12-09 13:50)සිරිපා අඩවියේ ඇතැයි විශ්වාස කළ එහෙත් මෙතෙක් අප්‍රකටව පැවත් දිවා ගුහාව ස්ථිර ලෙසින් ම සොයගත් බව සිරිපාද නාහිමියෝ පවසති.සිරිපා මළුවට මීටර් 100ක් පමණ පහළින් මේ ගුහාව ඊයේ සොයා ගත් බව උන්වහන්සේ පවසති. මේ ගුහාවේ තිබී ඒ බැව් කියැවෙන සෙල් ලිපියක්ද නිශ්ශංක මල්ල රජුගේ යැයි ගුහා සිතුවමක්ද සොයා ගන ඇත.මෙවර සිරිපා වන්දනාවේ යෙදෙන්නන් සඳහා මේ සොයාගත් දිවා ගුහාව වන්දනා මානයට විවර කරන බවද උන්වහන්සේ පවසති..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120815
කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට
චමීර ඇල්ලදෙණිය, සුභාෂිණි සේනානයක සහ ජීවනී පතිරණ
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගය විමර්ශනය කරන තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කිරීමට නියමිත බව විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.දෝෂාභියෝගය විමර්ශනය කිරීම සඳහා කතානායක චමල් රාජපක්‍ෂ මහතා පසුගිය නොවැම්බර් 14 වැනි දින තේරීම් කාරක සභාව පත් කළේය.අගවිනිසුරුවරියට විරුද්ධව චෝදනා 14ක් ඉදිරිපත් කර ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 116 දෙනකුගේ අත්සනින් යුතුව මෙය ඉදිරිපත් කර ඇත..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120816
අගවිනිසුරුවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සරදමට ලක් කළා
චමීර ඇල්ලදෙණිය, සුභාෂිණි සේනානායක සහ ජීවනී පතිරණ
අගවිනිසුරුවරිය සම්බන්ධ දෝෂාභියෝගය විමර්ශනය කෙරෙන කමිටුවෙන් අගවිනිසුරුවරිය ඉවත්ව යෑමේ සිද්ධිය මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සරදමට ලක් කිරීමක් බවත් අගවිනිසුරුවරියගේ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පවසයි.පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තිහකට වඩා සහභාගී වී සිටියේ ය.මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා , ඒඅය සාධාරණ පරීක්ෂණයක් නෑ කියලා ඉවත්වෙලා තිබෙනවා. අගවිනිසුරුවරිය කඩාකප්පල්කාරී ක්‍රියාවලට පොළඹවන අභිමානය තේරුම් ගන්න බැරි පිරිසකගේ ඉත්තන් බවට පත් වුනාදැයි සැකයක් තිබෙනවා. මේ පිළිබඳ වාර්තාව කමිටුව විසින් කතනායකවරයාට භාර දේවි.කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා :- අගවිනිසුරුවරිය රටේ වැරදි මතයක් හදන්න උත්සාහ කරන බවයි පෙනෙන්නේ. එතුමියට යුතුකමක් තිබෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට. අධිකරණයේ ගෞරවය නැති කරන්නට කටයුතු කර නෑ. පාර්ලිමේන්තුව අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරනවා.අධිකරණයේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි. අධිකරණය විහිළුවට ලක් කරන්න ඕනෑ නෑ. කමිටුවෙන් ඉල්ලා සිටිනවා සාධරණ විසදුමක් ලබා දෙන්නට කියලා.උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක මහතා:-ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට අප්‍රමාදව පරීක්ෂණ කටයුතු කරන්න කියා ඉල්ලීමක් කරනවා. මෙය සැලසුම් සහගතව කළ දෙයක්. එතුමියගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න මුහුණ දුන්නානම් හොඳයි. පාර්ලිමේන්තුවේ ස්වෛරීභාවයට අභියෝග කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තුවට තර්ජනයක් එල්ල කිරීම පිළිබඳ බලවත් කණගාටුව හා අප්‍රසාදය පළ කරනවා. .
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n1212082
සා:පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ සහනයක්
null
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැඳුනුම්පත නොලැබූ විභාග අපේක්ෂකයන්ට මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී පමණක් සිය අනන්‍යතාව තහවුරු කිරීමේදී විශේෂ සහනයක් ලබා දීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.මේ විශේෂ සහනය යටතේ පාසල් අයැදුම්කරුවන් තම විදුහල්පති විසින් නිල මුද්‍රාව සමඟ අස්සන් තබා සහතික කරන ලද උඩුකය ඡායාරූප දෙකක් ශාලාධිපතිට ඉදිරිපත් කළ යුතුය.පෞද්ගලික අයැදුම්කරුවන් තම කොට්ඨසයේ ග්‍රාම නිලධාරි විසින් නිල මුද්‍රාව සහිතව අස්සන් තබා සහතික කරන ලද උඩුකය ඡායාරූප දෙකක් ප්‍රාදේශීය ලේකම්ගේ අනු අස්සන ලබා ගෙන ශාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එසේම විභාගය පවත්වන අතරතුර ජාතික හැඳුනුම්පත ලද හොත් වහාම ශාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ තැපැල් හැඳුනුම්පත ( 2012 ඔක්තෝබර් 31දිනට වයස අවුරුදු 16 සම්පූර්ණ නොවන අයැදුම්කරුවන් පමණක්) හෝ ඉදිරිපත් කළ යුතු බවට දී තිබූ උපදෙස්වලට අමතරව මේ විශේෂ සහනය ලබාදී ඇත..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n1212083
යාපනය කොටුව සංවර්ධන වැඩසියයට පනහක් අවසන්
චන්ද්‍රිකා පෙරේරා
මේ වසරේ මුල් කාර්තුවේ ආරම්භ කළ යාපනය කොටුව සංවර්ධන කටයුතු සියයට පනහකින් අවසන් කර තිබෙන බව නගර සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සැලසුම්) ප්‍රසාද් රණවීර මහතා “දිනමිණ” ට පැවසීය.දකුණෙන් උතුරට යන සංචාරක කණ්ඩායම් සඳහා අත්‍යවශ්‍යව තිබූ සුව පහසු කාමර හා ආහාර සහිත තානායමක් තැනීමේ කටයුතු ද සංවර්ධන කටයුතුවලට සමගාමීව මේ දිනවල ආරම්භ කර තිබේ.රුපියල් මිලියන 250 ක් ඒ සඳහා වැයවනු ඇතැයි ගණන් බලා ඇති අතර ඉදිරි වසර අවසන් වීමට ප්‍රථම ඉදිකිරීම් කටයුතු නිමකර ජනතා අයිතියට පැවරීමට සැලසුම් කැර ඇතැයි රණවීර මහතා සඳහන් කරයි.තිස් වසරකට අධික කාලයක් පැවැති ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් යාපනයේ ජීවත්වන ජනයාට අවශ්‍ය පානීය ජලය ලබා ගනිමින් තිබූ ස්වභාවික ජල පද්ධතිය අක්‍රීයව තිබිණි. ඊට පිළියම් ලෙස අතීතයේ සකසා තිබූ දැනට අභාවයට ගොස් ඇති වැව් හතළිහක ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත.යාපනයට වැසි ජලය ලැබීම ඉතා අඩු කාලයකදී සිදුවන බැවින් ඒවා රැස්කර පසුව ළිං මාර්ගයෙන් ජලය ලබාගැනීමේ ක්‍රමයක් පෙර සිටම පැවතී තිබේ. මේ ක්‍රමය යළි ස්ථාපිත කර පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය වැව් හාරා ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබේ.නගර සංවර්ධනයට සමගාමීව මේ වසරේදී ආරම්භ කළ යාපනය “බීච් පාක්” හි ඉදිකිරීම් හා සංචාරකයන්ට අවශ්‍ය ලෙස අලංකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට අවසන් වී ඇත. එය මේ 31 දා ජනතා අයිතියට පැවරේ.යාපනය කොටුවේ තිබුණ ප්‍රධාන බස් නැවතුම වඩාත් ඉඩකඩ හා පහසුකම් සහිත නගරයේ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත්, දැනට ප්‍රදේශයට අඩුපාඩුවක්ව ඇති දුර ගමන් සේවාවන් ද එහිදී ආරම්භ කිරීමට පියවර ගන්නා බවත්, ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120817
උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නට කීවේ නෑ
චමීර ඇල්ලදෙණිය, සුභාෂිණි සේනානායක සහ ජීවනී පතිරණ
උතුරේ තිබෙන හමුදා කඳවුරු ඉවත් කරන්නට යැයි තමන් කිසිදු ප්‍රකාශයක් කර නැතැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ප්‍රකාශ කළේය.අය-වැය කාරකසභා අවස්ථාවේ විවාදයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.යුද්ධයට පෙර හමුදා කඳවුරු තිබූ තැන්වල කඳවුරු තිබුණාට ප්‍රශ්නයක් නෑ. බුද්ධි හා රහස් අංශ ක්‍රියාත්මක වන්නට පුළුවන්, එහි වරදක් නෑ, එහෙත් අපේ ජනතාවගේ ජීවිතවලට ප්‍රශ්නයක් නොවන ලෙස සිදු කිරීම වැදගත්.දැන් යුද්ධය අවසන් වී තිබෙනවා. එල්ටීටීඊය ඇතිවීමට හේතුව කලින් තිබූ ආණ්ඩුයි. එල්ටීටීඊය තමන් විසින්ම විනාශය ළඟා කරගත්තා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළේ නෑ. එල්ටීටීඊය අවසන් වුවත් ප්‍රශ්නය අවසන් වී නැතැයි ද සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසී ය. .
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n1212084
කොටුවේ දුම්රියපොළ අසලකඩයක ගෑස් සිලින්ඩරය පුපුරලා
නිමල් රාජපක්‍ෂ
කොටුව දුම්රිය ස්ථානය අසල වෙළෙඳ සලක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් හටගත් ගින්නෙන් වෙළඳ සල් පහකට දැඩිලෙස හානි සිදුවී තිබේ. ගින්න හටගෙන ඇත්තේ ඊයේ (07) දහවල් 12.50ට ය.ගින්න හටගෙන විනාඩි දහයක් වැනි කාලයක් ඇතුළත කොළඹ ගිනිනිවන සේවා දෙපාර්තමේන්තුවේ ගිනිරථ හතරක් පැමිණ පැය භාගයක් වැනි කෙටි කාලයකදී ගින්න නිවාදමා ඇත.ගින්න හටගත් ගෑස් සිලින්ඩරය කෑලිවලට කැඩී ගොස් ඇතැයි ගිනිනිවන දෙපාර්තමේන්තුවේ ස්ථානභාර නිලධාරී ආර්. ඩී. විජේසූරිය මහතා පැවැසීය.ආහාර පාන වෙළෙඳ සලකින් හටගත් ගින්න නිසා අවට පලතුරු වෙළඳ සල් දෙකකටද හානි සිදුවී ඇත.ගින්න හටගන්නා අවස්ථාවේදීම වෙළඳ සලෙහි ආහාර ගනිමින් සිටි අය පැන දිවීම නිසා කිසිවකුට හානි සිදුවී නොමැත.දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමෙහි බදු වශයෙන් ලබා ගෙන තිබෙන මෙම වෙළඳසල් කඩා ඉවත් කිරීම සඳහා අධිකරණයේ නඩු පවරා ඇතැයිද දුම්රිය ආරක්‍ෂක හමුදාව පවසයි.ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නැතැයිද පැවැසෙයි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n1212085
දුම්රිය වර්ජනයෙන් මගීන්ට අපහසුතා:
ශීලා උඩුවර සහ නිමල් රාජපක්ෂ
දුම්රිය සේවක වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනය ඊයේ (07) අඩාලව පැවති අතර,රැකියා සඳහා එන සේවක සේවිකාවන් ඇතුළු මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්වූහ.වර්ජනය හේතුවෙන් සියලු දුම්රිය ස්ථාන වසා ඉබි යතුරු දමා තිබූ අතර, කිසිදු දුම්රිය ස්ථානයක ප්‍රවේශපත් නිකුත් නොකෙරිණි.දුම්රිය වර්ජනය පැවතුනද දුර පළාත්වල සිට කොළඹට දුම්රිය 15ක් පමණ ඊයේ(07) ධාවනයට යෙදවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරි බි. ඒ. පී. ආරියරත්න මහතා පැවසීය.රැකියා සඳහා යන සේවක සේවිකාවන් විශාල වශයෙන් බස්රියවලින් සිය ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරා ගත් අතර,බස් නැවතුම්පොළ මගී ජනතාවගෙන් පිරි ඉතිරී තිබෙනු දක්නට ලැබිණි.සාමාන්‍යයෙන් දිනකට දුම්රිය 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් ධාවනය වන අතර ඊයේ (07) පැමිණියේ හලාවත, මහනුවර, අව්ස්සාවේල්ල, පොල්ගහවෙල, පාදුක්ක, කුරුණෑගල,ගාල්ල ,පානදුර , ගම්පහ, ආදි ප්‍රදේශවල සිට කොළඹට දුම්රියධාවනය කෙරුණු බවත්, සවස මෙම ප්‍රමාණය වැඩිකරන බවත් සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය. රාත්‍රි තැපැල් දුම්රියන් පෙරේදා (6 ) සිට ධාවනය නොකෙරිණි.දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව වැටුප් ප්‍රශ්නයක් මුල්කරගෙන මෙම සංකේත වැඩ වර්ජනය ඉකුත් 4 වැනිදාවර්ජනයට අදාළ ගැටලුව අමාත්‍යාංශය මගින් ඉටුකළ හැක්කක් නොව එය වැටුප් කොම්සම මගින් එහි නීති රීති අනුවවිසඳිය යුත්තක් බව ආරියරත්න මහතා සඳහන් කළේය.අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට යන සිසුන් නිසා වර්ජනය පැය 24 කට සීමා කළ බවත්, අද (08) සාමාන්‍ය පරිදි දුම්රියධාවනය කරන බවත්, එම එකමුතුවේ කැඳවුම්කරු ජනක ප්‍රනාන්දු මහතා කීවේය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n1212086
එදා ආණ්ඩු අහස-සයුර ගැන නොසිතීමෙන් මවුබිමේ ස්වාධීනත්වයට අයහපතක් වුණා
ධනුෂ්ක ගොඩකුඹුර
එදා පැවැති ආණ්ඩු අහසත් සාගරයත් පිළිබඳ අවධානය යොමු නොකිරීම මවුබිමේ ස්වාධීනත්වයට අයහපත් ලෙස බලපෑ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.එදා සිටි මිත්‍රයන් එසේ අහසත් සාගරයත් ජයගන්නට සිතුවා නම් අප රටට උඩින් පරිප්පු දමන විට උඩ බලා ගෙන සිටින්නට සිදුනොවන බව පැවසූ ජනාධිපතිවරයා අහසත් සාගරයත් පිළිබඳ නොසිතීම අපගේ දේශපාලනඥයන් කළ වරදක් බවත් ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාවේ අහස සහ සාගරය පිළිබඳ බරපතළ ලෙස සිතූ එකම චින්තනය මහින්ද චින්තනය පමණක් බව පැවසූ ජනාධිපතිවරයා කැපවීමෙන් කටයුතු ක‍ළහොත් ලොව හොඳම ගුවන් සේවා දහය අතරට පැමිණීමට අපට හැකි බවත් පෙන්වා දුන්නේය.ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ නිල් අහස ජය ගනිමු ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවාවේ සියවැනි වසර සමරු උළෙලට අරලියගහ මන්දිරයේදී ඊයේ (07) එක්වෙමිනි.ශ්‍රී ලංකාවේ ප්‍රථම සාර්ථක ගුවන් ගමනින් සියවන වර්ෂය සමරමින් මුද්දර හතරක් මෙහිදී නිකුත් කෙරුණු අතර තැපැල්පති රෝහණ අබේරත්න මහතා එම මුද්දර ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූයේය.ගුවන්සේවා ඉතිහාසය පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයක් ද මෙහිදී එළිදැක්වුණු අතර සියවස් පූර්ණය නිමිත්තෙන් පැවැති චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ජනාධිපතිවරයාගේ අතින් තිළිණ පිරිනැමිණ.කොටි ත්‍රස්තවාදීන් කොළඹට ගුවනින් පහර දීමත් සමඟ ශ්‍රී ලංකාව අනාරක්ෂිත බවට ලොව පුරා පැවැති මතය මේ වන විට ඉවත්ව දකුණු ආසියාවේම ආරක්ෂිත සහ නිරුපද්‍රිතම ගුවන් සේවය බවට පත්වීමට අපට හැකියාව ලැබී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.ශ්‍රී ලංකාව ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානය බවට පත් කිරිමේ අරමුණු ඉටු කර ගනිමින් ඉදිකෙරෙන මත්තල ගුවන් තොටුපළ ලබන වසරේ මාර්තු වන විට විවෘත කිරීමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතා ද අදහස් දැක්වීය.නියෝජ්‍ය ඇමැතිවරුන් වන ගීතාංජන ගුණවර්ධන, සරත් කුමාර ගුණරත්න, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර රුබේරු, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n1212087
අගවිනිසුරුවරිය නිදොස් නම්;විමර්ශනය මඟ හරින්නේ ඇයි
සිරන්ජනී කුමාරි
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නිර්දෝෂි නම් කළ යුතුව තිබුණේ දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් වීම නොව එහි ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා සහභාගිවීම යැයි අධිනීතිඥ වී. කේ. චොක්සි මහතා දිනමිණ ට පැවැසීය.අගවිනිසුරුවරිය විමර්ශන ක්‍රියාවලියෙන් ඉවත්වීම මගින් ඇගේ නිර්දෝෂි භාවය පිළිබඳ කරුණු පොදු ජනතාවට දැන ගැනීමේ අවස්ථාව මඟහැරී යන්නේ යැයි චොක්සි මහතා වැඩිදුරටත් පැවැසීය.වැඩිදුර අදහස් දැක්වූ චොක්සි මහතා මෙසේද පැවැසීය. අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියේ නම් ඇයගේ නිදොස් භාවයට සම්බන්ධ හේතු ඊට ඉදිරිපත් කරන්න හැකියාව තිබිණි.තේරීම් කාරක සභාව රහසිගතයි. නමුත් එහි අවසන් වාර්තාව, එනම් පාර්ලිමේන්තු වාර්තාව පොදු ජනතාවට දැනගැනීමට ලැබේ.විනිසුරුවරියගේ මෙම ක්‍රියාවෙන් එම කරුණු ඇහිරී යයි. එහෙත් තේරීම් කාරක සභාව අගවිනිසුරුවරිය අනිවාර්යයෙන්ම වරදකරු කිරීමට ඉඩ තිබේ.මීට අමතරව තේරීම් කාරක සභාවේ නියෝජිතයන් අධිකරණයේ අපහාස චෝදනා මත වැරදිකරුවන් ලෙස අධිකරණය තීරණය කළහොත් (උදාහරණයක් වශයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහි එස්. බී. නඩුව) ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට නියෝග දිය හැකිය.මෙහිදී ජනාධිපතිවරයා විධායකයේ සභාපතිවරයා හා ත්‍රිවිධ හමුදාවේ සභාපතිවරයා ලෙස අධිකරණයේ අණ පිළි නොපදින ලෙසට නියෝගයන් නිකුත් කළ හැකි ව තිබේ.මේ ආකාරයෙන් අධිකරණය, ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ලොකු ගැටලුවක් ඇති විය හැකි ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙන බවට වී. කේ. චොක්සි මහතා දිනමිණට අවධාරණය කළේය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n1212088
ඒක පාර්ශ්වීය තීන්දුවක් ගැනීමටතේරීම් කාරක සභාවට පුළුවන්
පණ්ඩුක සමරසේකර
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එතුමිය ඉදිරිපත් නොවූවද එම චෝදනා සම්බන්ධයෙන් ඒකපාර්ශ්වීය තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පූර්ණ බලය ඇතැයි කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.සාමාන්‍ය නඩු විභාගයකදී වුවද පැමිණිලි පාර්ශ්වය අධිකරණයට ඉදිරිපත් නොවුවහොත් එම නඩු විභාගය ඉවත දමන’මුත් විත්ති පාර්ශ්වය නොමැති වුවද චෝදනා සම්බන්ධයෙන් තීන්දු ප්‍රකාශ කිරීමට අධිකරණයට ඇති බලය සේම මෙම සිදුවීම සම්බන්ධයෙන් ද එම ක්‍රියාමාර්ගයම අනුගමනය කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇතැයි දිනමිණ කළ විමසීමකදී මහානාම හේවා මහතා පැවසීය.තවද උත්තරීතර පාර්ලිමේන්තුව කුමන තීන්දුවක් දුන්නද එහි අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපතිතුමා බව පැවසූ මහානාම මහතා අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි රටවල ද ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමවේදයම බවත්, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය අතින් ඉන් ඉදිරියෙන්ම ඇති රාජ්‍ය බවත් පැවසීය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල අනුව මෙම තේරීම් කාරක සභාව පත්කර ඇති බව පෙන්වා දෙන මහානාම මහතා තේරීම් කාරක සභාවෙන් යම් සාමාජිකයෙකු ඉවත් වුවද ඒ වෙනුවට සාමාජිකයෙකු පත්කිරීමේ පූර්ණ බලය කථානායකවරයාට ඇති බව ද ව්‍යවස්ථානුකූ®ලව පෙන්වා දුන්නේය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120818
කාරක සභාවෙන් ඉවත් වෙනවා නම්කතානායකට ලිඛිතව දැන්විය යුතුයි
null
දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් පත් කර තිබෙන තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉවත් වෙනවා නම් එය කතානායකතුමාට ලිඛිතව දැන්විය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ප්‍රකාශ කළේය.තේරීම් කාරක සභාවේ සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙතෙක් ඒ පිළිබඳ කතානායකවරයාට දන්වා නොමැති බවද සෙනෙවිරත්න මහතා කීවේය. ඔවුන්ට තවමත් ඕනෑම මොහොතක තේරීම් කාරක සභාවට සහභාගී විය හැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.තේරීම් කාරක සභාවේ ක්‍රියාවලියට අප්‍රසාදය පළකරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉන් ඉවත්වන බව පාර්ලිමේන්තුවේදී පවසමින් සභා ගැබෙන් ඉවත්වූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය. .
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120819
තේරීම් කාරක සභාව හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුශිරාණි තිලකවර්ධන සාක්කි දෙයි
null
දෝෂාභියෝගය විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය ඊයේ (7) සාක්ෂි ඉදිරිපත් කළාය.ශිරාණි තිලකවර්ධන මහත්මිය සෙලින්කෝ ගෝල්ඩන් කී සමාගමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති පෙත්සම් විභාග කිරීමේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවරියක ලෙස කටයුතු කළාය.මීට වසර හතරකට පෙර ගෝල්ඩන් කී තැන්පත්කරුවන් විසින් ගෝල්ඩන් කී අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අතර අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා විශ්‍රාම යෑමෙන් පසුව එම පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඬුල්ලේ ශිරාණි තිලකවර්ධන මහත්මිය කටයුතු කළාය.අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම පෙත්සම විභාග කිරීම පසුව ආරම්භ කෙළේ ශිරාණි තිලකවර්ධන විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගයෙන් ඉවත් කරමිනි.ශිරාණි තිලකවර්ධන මහත්මිය ඊයේ (07) පස්වරුවේ දෝෂාභියෝග තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දී ඇත.ගෝල්ඩන් කී ට්‍රිලියම් ගනුදෙනුව අගවිනිසුරුවරියට එල්ලවී ඇති චෝදනා 14 අතරට අයත් වේ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120820
කාරක සභාවෙන් විපක්‍ෂ මන්ත්‍රීවරුඉවත්ව ගියත් ගණ පූරණයට හානියක් නෑ
null
දෝෂාභියෝගය විමර්ශනය සඳහා පත්කළ තේරීම් කාරක සභාවෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඉවත්වීමෙන් එම සභාවේ ගණ පූර්ණයට හානියක් සිදු නොවන බව නි. කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.දෝෂාභියෝගය විමර්ශනය කරන තේරීම් කාරක සභාවෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඉවත්වීමට නම් කථානායකවරයාට ලිඛිතව දැනුම් දිය යුතු බවද හෙතෙම සඳහන් කෙළේය.නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.තේරීම්කාරක සභාවට අගවිනිසුරුවරිය පැමිණීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව හා ගෞරවය ලබාදී තිබෙන බවද වීරක්කොඩි මහතා වැඩිදුරටත් කීවේය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n1212089
වකුගඩු හා මුත්‍රාශයේ ගල් තරංග මඟින් කුඩු කරන යන්ත්‍ර ශ්‍රී ලාංකික දෙදෙනකුගෙන්
සිතාරා සේනානි
වකුගඩුවල හා මුත්‍රාශයේ හට ගන්නා ගල් විද්‍යුත් චුම්භක තරංග මඟින් කුඩු කිරීමේ යන්ත්‍ර දෙකක් නිපදවීමට ප්‍රථම වරට ශ්‍රී ලාංකික තාක්ෂණික ශිල්පීන් දෙදෙනකු සමත්ව තිබේ.පොලොන්නරුවේ පදිංචි තාක්ෂණික ශිල්පියකු වන දයාන් හර්ෂ මාරබැද්ද හා බුලත්සිංහල පදිංචි ඉංජිනේරුවරයකු වන නෙවිල් රත්නසේකර මේ යන්ත්‍රය නිපදවා ඇති ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ය.වකුගඩුවල හා මුත්‍රාශයේ ගල් ඇතිවීම හේතුවෙන් රෝගීහු විශාල පිරිසක් පීඩා විඳිමින් සිටිති. මෙසේ ඇතිවන ගල් සැත්කම් මඟින් හා ඖෂධ මඟින් ඉවත් කිරීම සිදුවේ.ඇතැම් රෝගීන්ගේ වකුගඩුවල හට ගන්නා ගල් මුත්‍රා මාර්ගය හරහා ඉවත් කිරීමට නොහැකි තරම් විශාල වන අවස්ථාවල ඒවා විද්‍යුත් චුම්භක තරංග මඟින් කුඩු කිරීම සිදු කරයි.ඒ සඳහා යොදා ගන්නා යන්ත්‍රය ඉලෙක්ට්‍රෝ මැග්නටික් ලිතෝ ට්‍රිප්සි යනුවෙන් හැඳින්වේ. මෙම යන්ත්‍ර මෙරට රෝහල් සතුව දැනටමත් පවතී. යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 5ක් පමණ වේ.ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මේ යන්ත්‍රය ඉතා අඩු වියදමකින් නිපදවීමට සමත්ව තිබේ. ඔවුහු තමන් නිපදවූ යන්ත්‍ර දෙක සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පෙරේදා (6) භාර දී තිබේ. ඇමැතිවරයා එම යන්ත්‍ර මඩකළපුව හා බදුල්ල මහ රෝහල් වෙත භාරදී තිබේ.ශ්‍රී ලංකා මෞත්‍ර ලිංගික වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහාය ඇතිව මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වූ අතර, එහි දේශන සඳහා පැමිණි එක්සත් රාජධානියේ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ වෛද්‍යවරයකු වන මහාචාර්ය වොට්සන් මහතා මේ නව යන්ත්‍ර දෙක පරීක්ෂාවට ලක් කර ඒවා ඉහළම තාක්ෂණයෙන් යුක්ත යන්ත්‍ර දෙකක් බවට තහවුරු කර තිබේ.මෙම යන්ත්‍ර දෙක භාර දීමේ අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ දේශීය වශයෙන් වෛද්‍ය උපකරණ,ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය නිපදවීමට ඉදිරිපත්වන ඕනෑම කෙනකුට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.එසේම තමාත් පොලොන්නරුවේ උපන් කෙනකු වන නිසා පොලොන්නරුවේ දරුවකු මෙවැනි යන්ත්‍රයක් නිපදවීම ගැන සතුටට පත්වන බවද ඇමැතිවරයා සඳහන් කළේය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120810
මිනීමැරුමක වැරදකරු වූ ශ්‍රී ලාංකිකයකුට අබුඩාබි අධිකරණයෙන් මරණ දඬුවම
මහින්ද අලුත්ගෙදර
පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් වැරැදිකරුවෙකු වූ ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අධිකරණයක් මඟින් මරණ දඬුවම නියම කර ඇත.පසුගිය 2002 වසරේදී එරට ඉංජිනේරුවරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මේ ශ්‍රී ලාංකිකයා වසර 10 ක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිට ඇති අතර ඔහු ඇලෙක්ස් රෝහණ නැමැති අයෙකු බව වාර්තා වෙයි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහි සමාගමක සේවය කර තිබෙන මේ ශ්‍රී ලාංකිකයා එක් දරු පියෙකු වන අතර ඔහු අතින් මරුමුවට පත් පුද්ගලයා 39 හැවිරිදි මොහොමඩ් ඔබේඩ් අල් මුහයිර් නැමැති අටදරු පියෙකු බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.පෙරේදා (06) මෙම මරණ දඬුවම නියම කර තිබෙන අතර එරට නීතිය අනුව වෙඩි තබා ඝාතනය කර තිබෙන බවද වන්දි ලබාගැනීම සඳහා පැමිණිලිකාර පාර්ශ්වය එකඟතාව පළ කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවද වාර්තා වෙයි.අදාළ මරණ දණ්ඩනයෙන් නිදහස ලබා ගැනීම සඳහා ඔහු මීට වසර කිහිපයකට පමණ පෙර ඉස්ලාම් දහම වැළඳ ගනිමින් මොහොමඞ් උමර් ලෙස සිය නමද වෙනස් කරගෙන තිබේ. ඝාතනයට ලක් වූ එක්සත් අරාබි එමීර් ජාතිකයා එරට නගර සැලසුම් දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වශයෙන් සේවය කර ඇත.මේ ශ්‍රී ලාංකිකයාගේ මළ සිරුර ඔහුගේ ඥාතීන් හා හිතවතුන්ට ලබාදීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120811
පාසල් නිවාඩු සමයේ ගමන් බිමන්වලටඅද සිට විශේෂ දුම්රිය තුනක්
නිමල් රාජපක්‍ෂ
පාසල් නිවාඩු සමයේ ගමන් බිමන් යාම සඳහා විශේෂිත දුම්රිය තුනක් අද (08) සිට මහනුවර හා ත්‍රිකුණාමලය බලා ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා සති අන්ත දුම්රියයක් අද (08) සිට ධාවනය කෙරේ. සති අන්තයේ ධාවනයට එක් කෙරෙන මෙම දුම්රිය පෙරවරු 8.05 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වී ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට පස්වරු 3.30ට ළඟාවීමට නියමිත ය.එම දුම්රිය ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30 ට ගමන් ආරම්භ කොට පස්වරු 4.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවනු ඇතැයි දුම්රිය වානිජ අධිකාරි සිසිර කුමාර මහතා පවසයි.මේ මස 10 දින සිට මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.10 ට ගමන් අරඹන දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පස්වරු 7.30 ට ළඟාවීමට නියමිත ය.පෙරවරු 10.45 ට රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ගමන් ගන්නා දුම්රියයක් මහනුවර දුම්රිය ස්ථානයට දවල් 12.16ට ළඟාවීමට නියමිත ය. මෙම දුම්රිය සතියේ දිනවල පමණක් ධාවනය කෙරේ.කොළඹ කොටුව සිට මහනුවර දක්වා නිවාඩු දිනවල පමණක් ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මේ මස 12 දින සිට ජනවාරි මස 06 දින දක්වා සතියේ සෑම දිනකම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.වායුසමීකරණය කළ චීන මැදිරිවලින් යුත් බලවේග කට්ටල දුම්රිය මේ මස 12 දින පෙරවරු 8.50 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කොට පෙරවරු 11.26 ට මහනුවර දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය.මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.50ට ගමන් අරඹා පස්වරු 7.25ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය. කොළඹ කොටුව හා මහනුවර අතර ධාවනයට එක් කළ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ජනවාරි හයවැනිදා දක්වා ධාවනය කොට ජනතාවට හොඳ දුම්රිය සේවයක් ලබාදෙන බවද සිසිර කුමාර මහතා දිනමිණට පැවැසීය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120812
ගණිකා වෘත්තියේ යෙදුණැයි නිළියක් මහනුවර හෝටලයකදී අත්අඩංගුවට
ඉන්දික පොල්කොටුව
ඉතා අධික මුදලට සුපිරි හෝටල් කාමරවලට ගොස් කලක් තිස්සේ සිට ගණිකා වෘත්තියේ යෙදෙන බවට සැක කරන චිත්‍රපට නිළියක මහනුවර හෝටලයකදී මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගැණිනි.කෝටිපති ව්‍යාපාරිකයකු ලෙසින් පෙනී සිටි එම ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ව්‍යාජ රඟපෑමක නිරත වෙමින් අදාළ නිළිය ගණිකා වෘත්තිය සඳහා යෙදීමට සුදානම් වීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.ඉතා රහසිගතව ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන බව කියන මෙම කාන්තාව වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස ද කටයුතු කරන බැව් පොලිසිය අනාවරණය කැරගෙන ඇත.මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ගනේගම මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රදීප් කෝට්ටගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ඩී. පරණගම මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මේ වැටලීම කළහ.සැකකාර නිළිය කොළඹ හා මහනුවර ප්‍රදේශවල පදිංචිව සිටින බවට පොලිසියට ප්‍රකාශ කැර ඇති අතර මෑතකදී ඇය විදේශගතව සිට මෙරටට පැමිණි බවද පවසා ඇත.උපාය දූතයකු ලෙස යෙදවූ උප පොලිස් පරීක්‍ෂකවරයා දුරකථන ඇමතුම් මගින් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස ව්‍යාජ රඟපෑමක නිරත වෙමින් අදාළ නිළිය මහනුවර හෝටලයකට මෙම කෝටිපති ව්‍යාපාරිකයා සමග ගොස් ගණිකා සේවයේ යෙදීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබේ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120813
පිටකොටුවෙන් පැහැරගත් බස් රථය මීතොටමුල්ලේ දී විකුණන්න ගොස් අත්අඩංගුවට
රක්ෂණ ශි‍්‍රයන්ත – පණ්ඩුක සමරසේකර
කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවතේ නවතා තිබූ පෞද්ගලික මගී බස් රථයක් ඊයේ (07) සවස පැහැරගෙන ගොස් විකිණීමට යාමේදී සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.මේ බස් රථය තවත් බස් රථ රියැදුරෙකු විසින් පැහැරගෙන ගොස් මීතොටමුල්ල ප්‍රදේශයේදී විකිණීමට යාමේදී කොටුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=n12120814
ටී – 56 ගිනි අවියක් රැගෙන පලා ගියහමුදා භටයා අත්අඩංගුවට
සිරිසේන රාජපක්‍ෂ
කොළඹ මරදානේ ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්‍ෂක රාජකාරියේ යෙදී සිටි යුද හමුදා භටයකු ටී – 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් හා පතරොම් තොගයක් රැගෙන පලා යාමේදී මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මරදාන පොලිසියේ පො. සැ. වර්ණසූරිය (30569), පො. කො. නිමල් (61038) යන නිලධාරි මහතුන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා අවශ්‍ය බව දන්වා සිටියහ.ඒ අනුව එම සැකකරු මරදාන පොලිසියේ දින 7 ක් රඳවා තබාගෙන පරීක්‍ෂණ පැවැත්වීමට පොලිසියට අවසර දුන් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එල්. ලියනආරච්චි මහත්මිය වැඩිදුර පරීක්‍ෂණ වාර්තාවක් දෙසැම්බර් මස 12 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කළාය.මරදාන පොලිසියේ පො. ප. හේවාවිතාරණ, උ. පො. ප. සිල්වා, පො. සැ. (19407) රංජිත්, පො. කො. (16571) අබේසිංහ, පො. කො. (70805) කොඩිතුවක්කු, පො. කො. (81061) අමිල, පො. කො. (61175) සජිත් යන මහත්වරු ද මෙම වැටලීම සිදුකර තිබේ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r1212081
රොටවැව - බටුයාය ගොවිනට යළිත් නිල් දියවර...
ඡායාරූප හා සටහන දඹුල්ල සමූහ – ආනන්ද දසනායක
පසුගිය වසරේ පැවැති අධික වර්ෂාව නිසා විනාශ වූ රොටවැව තම්මැන්නා වැව හා වාන පිළිසකර කිරීම මේ වනවිට අවසන් වෙමින් පවතී.මේ දිනවල වාන ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින් ඇත. වැව පිළිසකර කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් 21250400/= වැය කරයි. තම්මැන්නා වැව යටතේ ප්‍රතිලාභී පවුල් 1343 ක් සිටිති.මේ වැව යටතේ කුඹුරු අක්කර 700ක් පමණ යල – මහ දෙකන්නයේ වී වගාව සිදු කරන අතර අක්කර සියයක පමණ අතිරේක බෝග වර්ගද වගා කෙරෙති.ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පූර්ණ කැපවීම නිසා වැව කඩිනමින් සකස් කර ගැනීමට හැකි වූ බව රොටවැව, බටුයාය ගොවීහු පවසති..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r1212082
කෝටි 2ක පොලිතින් සොරකමේසැකකරුවන්ට රට පැනීම තහනම්
හොරණ විශේෂ – එම්. ඩී. වී. විජයනාථ
රත්මලාන ජය මාවතේ පිහිටි කර්මාන්ත ශාලාවකින් රුපියල් දෙකෝටි තිස්හත්ලක්‍ෂයක පොලිතින් සොරකම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනාට ඇපදීමට කොළඹ වානිජ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විරුද්ධත්වයක් නොමැති බැවින් ඔවුන් තිදෙනාව ඇප මත මුදාහරින ලෙස හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා නියෝග කළේය.මෙලෙස ඇප නියම වූයේ හොරණ පදිංචි උඩුගහපත්තුවගේ දයානන්ද, උඩුගහපත්තුවගේ දොන් සෙනරත් ප්‍රේමවංශ, ජේ. එස්. මිලාන් සම්පත් කුමාර නමැති අයයි.එහි පළමු හා දෙවැනි සැකකරුවන් හට රුපියල් විසිපන්දහස බැගින් මුදල් ඇප හා ලක්‍ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් බැගිනුත්, තුන්වන සැකකරුට රුපියල් පන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇප දෙකක් නියම කෙරිණි.සැකකරුවන් තිදෙනා හට විදේශ ගතවීම වැළැක්වීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එය වහාම ආගමන විගමන පාලක වෙත දන්වා යවන ලෙස නියෝග කළ අතර, යම් හෙයකින් විදේශ ගතවීමට සූදානම් වී හසුවුවහොත් ඇප අවලංගු කරන බව ද විවෘත අධිකරණයේදී පැවසීය.ගැමියකු හොරෙන් කෙසෙල් කැනක් කැපුවහොත් පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුට ඇපදීමට පොලිසිය විරුද්ධ වුවහොත් දින හතක් රක්ෂිත බන්ධනාගාර ගතකෙරෙන බව පෙන්වා දුන් පැමිණිල්ලේ නීතිඥ රොෂාන් දෙහිවල මහතා, මේ නඩුවේදී අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විත්තියට වාසිදායක වන ලෙස කතා කිරීමත්, සැකකරුවන්ට ඇපදීමට විරුද්ධ නොවීමත් පුදුම සහගත බව පෙන්වා දෙන ලදී.පොලිසිය සුළු සොරකමකට පවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇපදීමට ඔවුන් විරුද්ධ බව දැක්වුවහොත් තමන්ට ඇප නොදී සිටිය හැකි බවත්, මේ සිද්ධියේදී අපරාධ විමර්ශන ඒකකය ඇපදීමට කිසිම විරුද්ධත්වයක් නොමැති බැවින්, මේ අධිකරණයේදී තමන්ට ඇපදීමට සිදුවන බව ද මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විවෘත අධිකරණයේදී පැවැසීය.ම් පොලිතින් කර්මාන්ත ශාලාවෙන් මේ සොරකම දිගු කලක සිට කර ඇතැයි අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ සඳහන් කර තිබුණා. විත්තිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.වැඩිදුර විභාගය 2013 පෙබරවාරි 28 දිනට කල් තැබීය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r1212083
දුන්හිඳ නරඹන්නයළි වරම්...
සොරණාතොට සමූහ - සී. ගමගේ
ගල් පර්වත කඩාවැටීමේ අවදානම මත වසා දමා තිබූ බදුල්ල දුන්හිඳ දිය ඇල්ල නැරැඹීමට යන මාර්ගය දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් යළි ඊයේ (7) විවෘත කරනු ලැබීය.බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කේ. දිසානායක මහතාගේ උපදෙස් පරිදි දුන්හිඳ දිය ඇල්ල අසළ දිය ඇල්ල නැරැඹීමට සාදා තිබෙන නැරඹුම් මධ්‍යස්ථානයට නුදුරින් මීටර් 50 ක් පමණ ඈතක සිට සංචාරකයින්ට දුන්හිඳ දිය ඇල්ල නැරැඹීමට ඉඩ සළසා දී තිබෙන අතර, නිරතුරුවම අනතුරුදායක බව හඟවමින් දුන්හිඳ නැරැඹීමට යන සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇතැයි උදයකුමාර මහතා කීය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r1212084
සේරුනුවර මහා පරිමාණ වාහන ජාවාරමක්
කන්තලේ සමූහ
කොළඹ ගොස් කුලී ගමන් යාම සඳහා සේරුනුවර තෝපූර් ප්‍රදේශයට වටිනා වාහන රැගෙනවිත් අතර මඟදී රියදුරුට පහරදී වාහනය සොරාගෙන කෑලි ගලවා මස්කර වාහන කොටස් විකිණීම ජාවාරමක් බවට පත්කරගෙන සිටි කල්ලියක සිව් දෙනකු අත් අඩංගුවටගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මුත්තූර් මහේස්ත්‍රාත් පායත් රසාක් මහතා නියෝග කළේය.රිමාන්ඩ් කරන ලද්දේ තඹලගමුව හා තෝපූර්වල පදිංචිකරුවන් වන සිද්ධික් නඩේෂලින්ගම් රමේෂ්, දයාලන් මෝහනරාජ්, බාල සුබ්‍රමණියම් කමල් රාජ්, අරුල් ප්‍රසාගම් දේවා බෙනඩික් නමැත්තන්ය. සොරබඩු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ පදිංචි රත්නතුරෙයි සෝමිරන් නමැත්තා රුපියල් 50000 ක ඇප මත මුදා හරින ලදීි.සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු කිලිවෙඩ්ඩි හා මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති ඔවුන් ප්‍රදේශ හැර පලාගොස් ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා සිටින ලදි. වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරන ලදීි.2012.11.17 දින මඩකලපුවෙන් විදෙස් ගතවීමට සිටින තරුණියන් කිහිපදෙනෙකු රැගෙන ඒම සඳහා අළුත්ම ඩොල්පින් වර්ගයේ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා එ.ර්‍ථ.ර්‍ථ.ච්.5533 දරන රථයක් කොළඹදී හයර් කරගෙන පැමිණි ද්‍රවිඩ ජාතික තරුණියන් තිදෙනෙකු මඩකලපුවේදී තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ එකතුවී සේරුනුවර තංගනගර් ප්‍රදේශයේදී රියැදුරුට පහරදී ඔහු වාහනයෙන් ඇද දමා රථය පැහැරගෙන පලාගොස් ඇත.කෙසේ හෝ සිද්ධිය සේරුනුවර පොලිසියට සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ සේරුනුවර පොලිසිය අවට පොලිස් ස්ථානවල ද සහාය ලබාගෙන තඹලගමුව පොලිස් බල ප්‍රදේශයේ නිවසක රථය සඟවා තිබියදී තඹලගමුව පොලිසිය මඟින් 18 දා සොයා ගන්නා ලදීි. ඒ වනවිටද වාහනයේ වටිනා අමතර කොටස් රාශියක් ගලවාගෙන ඇති අතර සැකකරුවන් ද පලාගොස් ඇත..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r1212085
උස්සපු බයිසිකලේටණයට තෙල් ගහලා
මාතර සමූහ - ඩබ්ලිව්.පී.ධර්මසේන
මාතරින් සොරකම් කරන ලද යතුරු පැදියට ණයට ඉන්ධන ගැසීමට ගොස් ප්‍රසිද්ධ මංකොල්ලකරුවකු හුංගම පොලිසිය අත්අඩංගුවට ගෙන මාතර පොලිසියට භාර දී ඇත.මාතර වෙරදුවේ පදිංචි (30) හැවිරිදි මේ සැකකරු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.මාතර වේරදුවේ පදිංචි පුද්ගලයකුට අයත් රුපියල් 44500/-ක් වටිනා මේ යතුරු පැදිය මිදුලේ නතර කර තිබිය දී පැහැර ගොස් ඇත.මේ සැකකරු යතුරු පැදිය පදවාගෙන ඇඹිලිපිටිය ප්‍රදේශයට යන අතර මගදී ඉන්ධන අවසාන වීම නිසා හුංගම ඉන්ධන පිරවුම්හලට ගොස් ණයට රුපියල් 100/- ක ඉන්ධන ලබා දෙන ලෙස සේවකයාගෙන් ඉල්ලීමක් කර තිබේ.මේ පුද්ගලයා සම්බන්ධයෙන් සැක සිතූ සේවකයා හුංගම පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.මොහු මීට පෙරද හොරකම් රැසකට සම්බන්ධ වී ඇති අයෙකි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r1212086
ගාල්ලේ ව්‍යාපාරිකයා මැරූසැකකරුවන් 3ක් කොටු
ගාල්ල උතුර සමූහ – ගාල්ල උතුර විශේෂ
ගාල්ල නගර මධ්‍යයේ ඉකුත්දා කපා කොටා ඝාතනය කෙරුණු සමන් සෙනෙවිරත්න නමැති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සැඟවී සිටි සැකකරුවන් තිදෙනකු ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු විසින් (7) දින අත්අඩංගුවට ගෙන තිබේ.ගාල්ල කනම්පිටිය, ඇත්තිලිගොඩ හා පිටදෙනිය ප්‍රදේශවල පදිංචි සැකකරුවන් මෙසේ අත්අඩංගුවට පත්වී තිබේ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r1212087
දැව ජාවාරමේ යෙදුණුසැකකරු පොලිස් දැලේ
ඇල්පිටිය සමූහ- අයි.එම්.වී.සී.ගුණසේකර
රුපියල් ලක්ෂයක් පමණ වටිනා දැව තොගයක් නෙළුව මාදුගැට හා වාරුකන්දෙණිය ප්‍රදේශවල පිහිටි රක්ෂිතවලින් කපාගෙන ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව නෙළුව පොලීසිය පවසයි.රක්ෂිතවලින් මේ දැව කපාගෙන දර ලෙස සකස්කර ප්‍රවාහනය කරන බවට පොලීසියට ලද තොරතුරක් මත කළ වැටලීමකදී මාදුගැට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.වැටලීම කළ අවස්ථාවේ රියැදුරු පලායාමට උත්සහ කළද ඔහු කොටුකර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.අත්අඩංගුවට ගත් දැව තොගය හඳුනාගැනීමට නෙළුව අඩවි වන කාර්යාලයෙන් වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඇති අතර සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r1212088
ගම්මිරිස් හොරු අත්අඩංගුවට
වැලිමඩ සමූහ - ආර්.රාජමන්ත්‍රී
කාලයක් තිස්සේ ඌව පරණගම ගම්පහ කෝරලයේ ගම්මිරිස් වගාකරුවන්ගේ ගම්මිරිස් අස්වැන්න වංචා කිරීමේ නියැළි සිටි පුද්ගලයන් 03 ක් සමඟ එසේ වංචා කළ ගම්මිරිස් කිලෝ 38ක් සමඟ අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලිසිය පවසයි.මේ සැකකරුවන් මස්පන්න වෑතලාව ප්‍රදේශයේ ගම්මිරිස් වගාවක් හිමි කාන්තාවකගේ නිවසේ තිබූ ගම්මිරිස් කිලෝ 63ක් මිලට ගෙන තිබේ. ඉන් පසු නිවසේ තිබූ අලෙවි නොකළ ගම්මිරිස් කිලෝ 38ක ඇසුරුම් මල්ලද වංචා සහගතව රැගෙන ගොස් තිබේ.තම නිවෙසේ ගබඩාකර තිබූ ගම්මිරිස් ඇසුරුම් මල්ලක් අඩු බව දැනී එම සිද්ධිය වෑතලාව ග්‍රාම නිලධාරි ඩී.බී. රත්නායක මහතාට දැනුම් දී තිබේ. ග්‍රාම නිලධාරිවරයා සිද්ධිය පිළිබඳ ඌව පරණගම පොලිසියට දැනුම් දී ඇත..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r1212089
නොමිලේ කෘතීම පාද
මාතර දිසා විශේෂ සහ මාතර මධ්‍යම
කොළඹ කුරුඳුවත්ත රොටරි සමාජය සහ මෙත්තා පදනමේ අනුග්‍රහයෙන් මාතර “අපේ ගමන” සංවිධානය විසින් සංවිධානය කරන නොමිලේ කෘතිම පාද ලබා දීමේ වැඩසටහනක් සහ පහසු මිලට කන්නාඩි ලබා දීමේ සත්කාරයක් හෙට සහ අනිද්දා (09 - 10) දිනවල මාතර තුඩාව ශශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී සිදු කෙරේ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=r12120810
බල්ලන්ට සැත්කම්
කටුවන සමූහ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බල්ලන් හා බළලුන් (සුනඛයින් හා පූසන්) සඳහා වඳ සැත්කම් ඇතුළු සියලු රෝග සඳහා ද නොමිලයේ ප්‍රතිකාර සේවාවන් හා එන්නත් ලබාදීම අද සහ හෙට පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා තංගල්ල මහවෙල පාර ගොඩැල්ලවෙල විහාරස්ථානය අසළ පිහිටි සහන (සීඩ්ස්) පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කෙරේ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s12120814
සිංගප්පූරුව හඩවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එකට 13ක් කරති
ප්‍රින්ස් ගුණසේකර සිංගප්පූරුවේ සිට...
ශ්‍රී ලංකාවේදී ලකුණකින් ජයගෙන ආසියානු කුසලානය රැගෙන ගිය සිංගප්පූරුව ලකුණු 13කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මවුබිමේදී ලද පරාජයේ අවමානයෙන් ගැලවීම උදෙසා එකට එක කිරීමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එදා එක ලකුණට ඊයේ ලකුණු 13ක් කිරීමට සමත් වූහ.සිංගප්පූරු සික්ස් නේෂන් තරගාවලියේදී ලකුණු 65-52ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ දරුණු පරාජයකට ලක්වූ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ පරාජය ඉවසාගත නොහැකිව හඩා වැළපුණහ.ටෝයෝ පායෝ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගය මූලික වටයේ අවසන් තරගය වූ අතර ශ්‍රී ලංකාව ලකුණු සටහන අනුව තෙවැනි තැන දිනාගැනීමේ සටනට අද නැමීබියාව සමග පිටියට පිවිසේ.මේ තරගාවලියේ ඉදිරියෙන්ම සිටින ටැන්සානියාව හා මැලේසියාව අවසන් සටනට පිවිසි අතර සිංගප්පූරුව හා අයර්ලන්තය පස්වැනි හා හයවැනි ස්ථාන දිනා ගැනීමේ තරගයට පිවිසේ.මූලික වටයේදී ලකුණු 6 බැගින් ශ්‍රී ලංකාව හා මැලේසියාව ලබා තිබුණද ගෝල් පරතරයේ සාමාන්‍ය අනුව මැලේසියාව ඉදිරියට පැමිණියේය.සත්කාරක සිංගප්පූරුව පරාජය කිරීමේ සිහින මවමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ තරගාවලියේ වඩාත්ම සැලසුම් සහගත තරගයකට මුල සිටම අවතීර්ණ වී සිටියහ.වෙනදා දුර්වල වූ ආරක්ෂක කළාපයේ ශක්තිමත් ක්‍රීඩා විලාශය හා ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම් ගෙන් උපරිම ඵල නෙලා ගැනීමට පන්දු ව යොමු කිරීම ජයග්‍රහණයට දායක විය.පළමු කාර්තුවේදී ලකුණු 19-12ක් වූ අතර එම කාර්තුවේ මිනිත්තු 7ක් ගතවෙද්දී පරතරය ලකුණු 10ක්ව තිබුණි. එහෙත් විශාල නරඹන්නන් පිරිසකගේ ගෝෂාව මැද පළමු කාර්තුවේ ලකුණු පරතරය ලකුණු 7ක් දක්වා අඩුකර ගැනීමට සිංගප්පූරුව සමත්විය‍.දෙවැනි කාර්තුවේදී 17-12ක් ලෙස පෙරමුණගත් ශ්‍රී ලංකාව තෙවැනි හා සිවුවැනි කාර්තු නිමා කළේ 14-12ක් හා 15-16ක් ලෙසය. ශ්‍රී ලංකාව උත්සහයන් 71කදී ලකුණු 65 වාර්තා කළ අතර සිංගප්පූරුව උත්සහයන් 69කදී ලකුණු 52ක ලබා ගත්තේය.ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම් උත්සහයන් 65කදී ලකුණු 60ක් ලබාදුන් අතර ගෝල් ඇටෑක් සෙමිණී ද අල්විස් උත්සහයන් 6කදී ලකුණු 5ක් ලබා උපරිම සේවය ඉටු කළාය.ශ්‍රී ලංකා පිළේ වින්ග් ඇටෑක් ක්‍රීඩිකා සමන්ති නිලූෂිකා විශිෂ්ට ලෙස ක්‍රීඩා කිරීම හා නායිකා ගයාත්‍රී ලංකාතිලක කණ්ඩායමේ සාමාජිකාවන්ට උපදෙස් දෙමින් ක්‍රීඩා කිරීම කැපී පෙනුණි.වෙනදාට වඩා ආරක්ෂක කළාපයේ සිටි ගෝල් ඩිෆෙන්ස් ගයනී දිසානායක හා ගෝල් කීපර් තිසාලා අල්ගම සිංගප්පූරුවට තර්ජනාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නූ අතර ගයනි හා තිසාලා සිංගප්පූරු ගෝල් ෂූටර් ගේ ඉලක්කය වැරදුණු අවස්ථා 7කදී පමණ (rebound ) පන්දුව ශ්‍රීලංකාවට වාසිදායක ලෙස ලබා ගැනීමෙන් ලකුණු පරතරය වැඩි වූහ.වි න්ග් ඩිෆෙන්ස් ක්‍රීඩිකා මරීෂා ප්‍රනාන්දු ගෙන්ද අගනා සේවයක් ඉටු වුණි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s12120813
දිනමිණට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් තුති
ප්‍රින්ස් ගුණසේකර සිංගප්පූරුවේ සිට...
සිංගප්පූරුව සමග පැවැති නෙට්බෝල් තරගය නැරැඹීමට දිනමිණ කළ දැනුම්දීමක් අනුව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපතිනී ෆෙරියල් අෂ්රොෆ් මහත්මිය ටෝයෝ පායෝ ක්‍රීඩාංගණයට ඊයේ පැමිනියාය.සංවිධායකයන්ගෙන් හෝ වෙනත් ක්‍රමයකින් දැනුම්දීමක් කර නොතිබූ හෙයින් අෂරොෆ් මහත්මිය ටිකට් පත් මිලදී ගෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට පැමිණීම ප්‍රශංසනීය විය.සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී වෙනත් සම්මුඛ සාකච්ඡාවක් උදෙසා පෙරේදා අප හමුවූ අශ්රොෆ් මහත්මියට සික්ස් නේෂන් නෙට්බෝල් තරගාවලියේ වැදගත්ම තරගය පිළිබද දැනුම් දුන් අතර එයට ඇය යහපත් ප්‍රතිචාර දැක්වූවාය.“මා සිංගප්පූරු රූපවාහිනියේ දුටුවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අයර්ලන්තය සමග තරගය ජයගත් ආකාරය. කොහේද ඔය තරගය තියෙන්නේ. වැඩ කොයි තරම් තිබුණත් අපේ රට වෙනුවෙන් එනවා.”අශ්රොෆ් මහත්මිය සදහන් කළ අතර අපට පොරොන්දු වූ පරිදිම පැමිණ සිටියාය.තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිළේ ක්‍රීඩිකාවන් හා පුහුණුකාරිනිය හමුවූ අෂ්රොෆ් මහත්මිය සදහන් කළේ “ ඔයාලගේ විශිෂ්ට තරගය දිනමිණ නැත්නම් මට බලන්න වෙන්නේ නෑ” යනුවෙනි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s1212081
ශ්‍රී ලංකා බලාපොරොත්තු බිද වැටේ
null
ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන අන්තර් ජාතික අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලිය යටතේ සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මූලික වටයේ අවසන් තීරණාත්මක තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය‍.අවසන් මහා තරගයට පිවිසීමේ අරමුණින් දෙපිළම තරගබිමට පිවිසියත් කණ්ඩායම් දෙකේම දැල් රකින්නන්ගේ දක්ෂතා නිසා ‍ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම නොහැකිවිය.තරගය ආරම්භයේ සිටම තියුණු සටනක නිතරවු ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝල ලබාගැනීමට තිබුණු පහසු අවස්ථා කිහිපයක් මඟහැරී ගියේ නිවැරදි ඉලක්කයට දැලවෙත පන්දුව එල්ල නොකිරීම නිසාය.තරගයේ 33වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා පිලේ එස්.එම්.ෆරාඩ් විසින් දැල වෙත එල්ල කළ පන්දුව දැල් කණුවේ වැදී යලි පිටියට වැටිණි.මේ අතර තරගයේ 79වැනි මිනිත්තුවේදී පිට පිටම තුන්වතාවක් දරුණු පහාරයක් එල්ල කිරීමට පාකිස්තාන පිලේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් සමත්වුවද දැල් රකින්නා වු සුජාන් පෙ‍රේරාගේ විශිෂ්ට දැල් රකීම හේතුවෙන් පාකිස්තානයට ගෝල ලබාගැනීමේ අවස්ථා මඟ හැරිණි.මුලික වටයේ ප්‍රසාද ලකුණුවලින් පාකිස්තානය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි බැවින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය සමත්විය.බංග්ලාදේශයට ජයමාලදිවයින සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති පළමු තරගයෙන් මාලදිවයින පරාජය කරමින් ගෝල 1-0ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. තරගයේ පළමු භාගයේ 30වැනි මිනිත්තුවේදී බංග්ලාදේශ ක්‍රීඩක තහිදුල් අලාම් ගෝලයක් වාර්තා කළද ඉන්පසු කණ්ඩායම් දෙකටම ‍‍ගෝල වාර්තා කිරීමට නොහැකිවිය.බංග්ලාදේශය මේ තරගයෙන් ජයගත්තද අවසන් තරගයට යෑමේ අවස්ථාව අහිමි වන අතර මාලදිවයින් කණ්ඩායම මුල් තරග දෙක ජයගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටියේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන අන්තර් ජාතික පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට සවස 3.30ට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s1212082
පුහුණු තරගයේ දී ඩිල්ෂාන්ගෙන් ශතකයක්
null
සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර කැන්බරා නුවර පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 276ක් ලබා සිටියේය.ඒ ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිමේ දි කඩුලු 6කට රැස් කළ ලකුණු 439ට පිළිතුරු වශයෙනි.පෙරේදා නොදැවී ලකුණු 172ක් ලබාසිටි ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිගේ පිලේ ආරම්භක පිතිකරු ස්කොට් හෙන්රි ඊයේ සිය ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්විය.ඔහු නොදැවී ලකුණු 207ක් ලබාගත්තේය.ශ්‍රී ලංකාවේ පළමු ඉනිමේ දි විශිෂ්ට පිතිහරඹයක නිරතවූ තිලකරත්න ඩිල්ෂාන් ශතකයක් ලබා ගත් අතර කුමාර් සංගක්කාර ලකුණු 55ක් රැස් කළේය.ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 40ක් ද, නායක මහේල ජයවර්ධන ලකුණු 36ක් ද රැස් කළ අතර නොදැවී පන්දුවට පහරදෙන ප්‍රසන්න ජයවර්ධන ලකුණු 24ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 12ක් ලබා සිටිති..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s12120812
තර්ස්ටන් - රිච්මන්ඩ් විදුහල්වලට පළමු දින වැඩි ගෞරව
ෆවුස් මොහොමඩ්
රිච්මන්ඩ්, තර්ස්ටන් සහ නාලන්දා විදුහල් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලාන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (7) වැඩි ගෞරව අත්කර ගැනීමට තර්ස්ටන් සහ රිච්මන්ඩ් විදුහල් සමත්වූහ.කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ තර්ස්ටන් විදුහල් පිටියේ ආරම්භ වූ අවුරුදු 19න් පහළ තරගාවලියේ දී රිච්මන්ඩ් විදුහලට එරෙහිව ලකුණු 14ක විශිෂ්ට ජයක් වාර්තා කළ තර්ස්ටන් විදුහල් පිල, නාලන්දා විදුහලට එරෙහිව ලකුණු 13ක ජයක් ලැබීය.මෙවර තරගාවලියට පළමු වරට එක්වූ අවුරුදු 40න් ඉහළ තරගාවලිය නාලන්දා විදුහල් පිටියේ දි ආරම්භ වූ අතර එහි දී නාලන්දා විදුහලට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කළ රිච්මන්ඩ් විදුහල් පිල තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 88ක ජයක් ලැබීය.අවුරුදු 19න් පහළ තරගාවලිය යටතේ තර්ස්ටන් විදුහල් පිටියේ පැවැති පළමු තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල් පිල කඩුලු 6කට ලකුණු 139ක් රැස්කළ අතර රිච්මන්ඩ් විදුහල ලකුණු 125කට දැවීගියේය.නාලන්දා සහ තර්ස්ටන් විදුහල් අතර පැවැති දෙවැනි තරගයේදී පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල් පිල කඩුලු 7කට ලකුණු 155ක් ලබාගත් අතර නාලන්දා විදුහලට ලබාගත හැකිවූයේ ලකුණු 142ක් පමණි.නාලන්දා පිටියේ පැවැති අවුරුදු 40න් ඉහළ තරගාවලියේ පළමු තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් නාලන්දා විදුහල් පිල ලකුණු 151ක් ලබාගත් අතර රිච්මන්ඩ් විදුහල් පිල කඩුලු 2ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තේය.තර්ස්ටන් විදුහල් පිල සමග පැවැති දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විදුහල් පිල ලකුණු 155ක් රැස්කළ අතර තර්ස්ටන් විදුහල් පිල ලකුණු 67කට දැවීගියේය.තරගාවලියේ දෙවැනි හා අවසන් දිනය වන අද (8) අවුරුදු 19න් පහළ තරගාවලිය යටතේ පෙරවරු 9.00ට නාලන්දා විදුහල සහ රිච්මන්ඩ් විදුහල අතර තරගයත්, පස්වරු 2.00ට අවසන් මහා තරගයත් තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවැත්වෙන අතර අවුරුදු 40න් ඉහළ තරගාවලිය යටතේ පෙරවරු 9.00ට තර්ස්ටන් විදුහල සහ නාලන්දා විදුහල අතර තරගය නාලන්දා විදුහල් පිටියේ දී පැවැත්වේ.තරගාවලියේ සමාප්ති උත්සවය හා ත්‍යාග ප්‍රදානෝත්සවය අද පස්වරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලබාදුන් රිච්මන්ඩ්, නාලන්දා සහ තර්ස්ටන් විදුහල් අතර දෙවැනි වරටත් පැවැත්වෙන මේ තරගාවලියට මෙවර සත්කාරකත්වය ලබාදෙන්නේ ජනාධිපතිතුමා අධ්‍යාපනය ලැබූ පළමු පාසල වන රිච්මන්ඩ් විදුහලය..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s1212083
දෘශ්‍යාබාධිතවූවන්ගේ ලෝක කුසලාන ක්‍රිකට්ශ්‍රී ලංකා‍ කණ්ඩායමෙන් විශිෂ්ට දස්කම්
null
ඉන්දියාවේ බැංග්ලෝර් නුවර පැවැත්වෙන දෘශ්‍යාබාධිතවූවන් සඳහා වන ප්‍රථම විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග 4ම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.චන්දන කුමාර සූරියආරච්චිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල මෙහි දි දකුණු අප්‍රිකාව, නේපාලය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයට එරෙහිව ජය වාර්තා කළ අතර ඉන්දියාව සමග පෙරේදා පැවැති තරගයෙන් පමණක් පරාජයට පත්විය.රටවල් 9ක් තරග වදින මේ තරගාවලියේ දී බංග්ලාදේශය, බටහිර ඉන්දියා කොදෙව් පිල සහ පාකිස්තානය සමග ඉදිරියේ දී තරග වැදීමට නියමිත ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් තිබේ.වසර 1998, 2002 සහ 2006 දී පැවැති දෘශ්‍යාබාධිතයන් සඳහා වන ඕවර 40 ලෝක කුසලාන තරගාවලි නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුව ද ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක දස්කම් දැක්වූයේ මෙවර විස්සයි20 තරගාවලියේ දීය.චන්දන දේශප්‍රිය මේ තරගාවලියේ පළමු තරග 4දීම නොදැවී සිටි අතර ශතකයක් සහ අර්ධ ශතක 2ක් ද රැස් කිරීමට සමත්විය.පළමු තරගය - ද.අප්‍රිකාව – 255/8 - ශ්‍රී ලංකාව – 256/3 (දිමුතු රවීන්ද්‍ර 52)දෙවැනි තරගය – ශ්‍රී ලංකාව 317/3 ( දිමුතු රවීන්ද්‍ර 138, චන්දන දේශප්‍රිය නොදැවී 75) නේපාලය- 138යිතුන්වැනි තරගය – ඔස්ට්‍රේලියාව - 233/8- ශ්‍රී ලංකාව 234/3 ( චන්දන දේශප්‍රිය නොදැවී 129, පැතුම් සමන් කුමාර නොදැවී 42)සිවුවැනි තරගය – ශ්‍රී ලංකාව – 201/6 (චන්දන දේශප්‍රිය නොදැවී 69, චන්දන කුමාර 63)පස්වැනි තරගය – ඉන්දියාව – 300/4- ශ්‍රී ලංකාව - 132යි (රුවන් කරුණාතිලක 46).
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s1212084
පාතහේවාහැට ක්‍රිකට් ශූරතාව ඇතුල්ගම එස්.එස්.සී. කණ්ඩායමට
පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ
පළාත් පාලන සතිය සැමරීම සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියක් පසුගියදා හේවාහැට මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.අවසන් තරගයේදී අමිපිටිය සමනල කණ්ඩායම පරාජය කළ ඇතුල්ගම වැල්දඹල එස්.එස්.සී.කණ්ඩායම ශූරතාව දිනාගත්හ.මේ සඳහා කණ්ඩායම් හැටක් පමණ සහභාගිවු අතර එක් තරගයක් ඕවර් දෙකකට සීමා විය.තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පාතහේවාහැට ප්‍රාදේශිය සභා සභාපති එස්.බී.රාජනායක මහතා විසින් සිදුකරන ලදි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s1212085
වොලිබෝල් ක්‍රීඩාවට හපන් හර්ෂනී නිමේෂිකා
යක්කලමුල්ල විශේෂ
වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්.එම්.හර්ෂනී නිමේෂිකා වොලිබෝල් ක්‍රීඩාවෙන් විශේෂ දස්කම් දක්වන්නීය.අවුරුදු 17න් පහළ කලාප පාසල් කාන්තා වොලිබෝල් ශූරතාව ශ්‍රී සුමංගල විදුහලට හිමිවු අතර එම කණ්ඩායම නියෝජන කළ හර්ෂනී අවුරුදු 18න් පහළ කණ්ඩායමද නියෝජනය කරයි.අම්පාර දිස්ත්‍රික්කයෙන් වැලිගමට පැමිණි ඇය පසුගිය වසරේ පැවැති ඩී.එස්.අයි.වොලිබෝල් ශූරතාවලිය, දැයට කිරුළ වොලිබෝල් පළාත් තරගාවලිය, මංචි කුසලාන තරගාවලිය සහ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියන්හිදී මාතර දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කිරීමටද අවස්ථාව උදාකර ගත්තාය.හර්ෂනීගේ පුහුණුකරු ලෙස සුමංගල විදුහලේ ආචාර්යය කේ.එල්.පී.ඒ.වජිර කුමාර මහතා කටයුතු කරයි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s1212086
වයඹ පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර
සේන ඉදිරිසිංහ වයඹ පළාත් සංචාරක
තිස්අටවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළදී වයඹ පළාතට කීර්තියක් අත්කර දෙමින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සඳහා වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා කුරුණෑගල වයඹ ප්‍රධාන අමාත්‍යංශ ලිච්ජවි ශාලාවේදී පැවැත්විණි.මෙහිදී එච්.එම්.ජානි චතුරංගනී ද සිල්වා, කේ.පී.ඩී.පී.විජේසේකර, ටී.සුපුන් මේනක, ඩබ්ලිව්.ආර්.එස්.ප්‍රනාන්දු, සී.එම්.අයි.සී.දිසානායක, ඩබ්ලිව්.කේ.ආර්.තිසේරා, ශ්‍රියානන්ද පීරිස්, එස්.ශලනි මල්ශාමි, ජේ.එච්.දිනේෂා ප්‍රසාදනී, ප්‍රියංගිකා මධුන්ති, චමිපිකා දිල්රුක්ෂි, සංගීත් විජේසුරිය, තුසිත අබේකෝන්, ඉන්දික දිසානායක, ශෂික සුපුන්සර එකනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී උපාහාර ලැබීය.මෙහිදී අදහස් දැක්වු පළාත් ක්‍රීඩා ඇමැති අශෝක වඩිගමංගාව මහතා තිස්නමවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ වයඹ පළාතේ පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, වයඹ, මධ්‍යම හා උතුරු මැද පළාත් එක්කරමින් තුන්කොන් තරගාවලියක් පැවැත්වීමටත් කටයුතු කරන බවත් පැවැසීය.වයඹ පළාත් ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ, පළාත් සභා නියෝජ්‍ය සභාපති ධර්මසිරි දසනායක මහත්වරුන් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s1212087
සන්රයිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා උපකරණ  
null
.
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s1212088
සාහිල්ට කරාතේ රන් පදක්කමක්
බූස්ස සමූහ
රත්ගම සිරිසුමන කනිටු විදුහලේ ඉගෙනුම ලබන සාහිල් විවේක් දිල්රුක්ෂ පසුගියදා පැවැති විවෘත කරාතේ සූරතාවලියේ දී රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය.ශ්‍රී ලංකාව හා ඉන්දියාව නියෝජනය කරමින් පැවැති සූරතාවලියේ අවුරුදු 8න් පහළ කාතා සහ කුම්තේ ඉසව්වලදී මේ දස්කම් දැක්වීමට සාහිල් සමත් වු අතර ඉදිරියේදීද මෙවැනි දස්කම් දැක්වීමට ඔහු බලාපොරොත්තු‍ වන බව පවසයි.ඔහුගේ පුහුණුකරු ලෙස කරාතේ උපදේශක සුදත් මෙන්ඩිස් මහතා කටයුතු කරයි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s1212089
අන්තර් ජාතික තුන්කොන්මේස පන්දු තරගාවලිය 10-11 දෙදින
null
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු සංගමය සංවිධානය කරන අන්තර් ජාතික තුන්කොන් මේසපන්දු තරගාවලිය මේ මස 10-11 දෙදින කොළඹ කොටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවැත්වේ.කණ්ඩායම් තරග 10වැනිදා සවස 4.30ට පැවැත්වෙන අතර කේවල තරග 11වැනිදා සවස 3.00සිට පැවැත්වේ.ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය තරගාවලිය සඳහා එක්වන අතර කූල් ප්ලැනට් ආයතනය අනුග්‍රහය දක්වයි.    .
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s12120810
රාහුලයේ පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයන් සොයයි
ප්‍රියාන් ද සිල්වා - මාතර ක්‍රීඩා
වසර 2019දී පැවැත්වීමට නියමිත රන්දද පාපන්දු තරගය ජය ගැනීමේ අටියෙන් මාතර රාහුල විද්‍යාලයේ හතර සහ පහ වසරේ පන්ති වල සිසුන් අතර සුහද පාපන්දු තරගාවළියක් මාතර ශ්‍රී ලංකා ජර්මානු මිත්‍රත්ව පාපන්දු පිටියේ පසුගියදා පැවැත්විණි.රාහුල විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කෙරුණ මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය රාහුල විදුහල්පති කර්නල් නිමල් දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. පන්ති වශයෙන් වෙන් වූ කණ්ඩායම් දොලහක් තරගාවලියට ඉදිරිපත් වී සිටියහ..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=s12120811
අන්තර් ජාතික තුන්කොන්මේස පන්දු තරගාවලිය 10-11දෙදින
තුෂාන් ජයසූරිය
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු සංගමය සංවිධානය කරන අන්තර් ජාතික තුන්කොන් මේසපන්දු තරගාවලිය මේ මස 10-11 දෙදින කොළඹ කොටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවැත්වේ.කණ්ඩායම් තරග 10වැනිදා සවස 4.30ට පැවැත්වෙන අතර කේවල තරග 11වැනිදා සවස 3.00සිට පැවැත්වේ. ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය තරගාවලිය සඳහා එක්වන අතර කූල් ප්ලැනට් ආයතනය අනුග්‍රහය දක්වයි..
NEWSPAPER
2012.12.08
http://www.dinamina.lk/2012/12/08/_art.asp?fn=f1212081
දෝෂාභියෝගයඅමුතු දෙයක් නොවේ
සාකච්ඡා කෙළේ උදිත ගුණවර්ධන
ග්‍රාමීය සංවර්ධනය සඳහා ආණ්ඩුවේ සැලැසුම් හා ඒ සංවර්ධන කටයුතුවලින් ලැබන ප්‍රතිලාභ මොනවාද දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් ඇති වී ඇති කතාබහ හා තවත් කාලීන දේශපාලන සහ සමාජ කරුණු රුසක් පිළිබඳව ජේ්‍යෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.* අයවැය යොජනා මගින් ග්‍රාමීය සංවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව හඳුන්වා දීමක් කළ හැකිද?මේ ආණ්ඩුව නිතරම අවධානය යොමු කරන්නේ ග්‍රාමීය සංවර්ධනය හා ග්‍රාමීය යටිතල පහසුකම් ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳවයි. ජනාධිපතිතුමාගේ සැලසුම වෙලා තිබෙන්නේ තේමා පාඨය වෙලා තිබෙන්නේ ගම හදා රට හදමු යන තේමාව යටතේයි. මෙය හුදු තේමාවක් හෝ පාඨයක් නොවෙයි යථාර්ථවාදී වැඩ පිළිවෙළක්. එහි ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳීනවා.එදා ගමේ තොටේ යද්දී තිබූ තත්ත්වයයි අද තත්ත්වයයි අතර විශාල වෙනස්කමක් තිබෙනවා. එදා වළවල්වල වැටි වැටී දුෂ්කරතා මැද තමයි මේ ගමන් ගියේ. එත් අද පහසුවටත් ලෙහෙසියටත් මේ ගමන් යාමට පුළුවන් වෙලා තිබෙනවා. මෙරට ගමනාගමන පහසුව ඉහළ යාමක් සිදු වෙලා තිබෙනවා. එපමණක් නොවෙයි වාරි ක්‍ෂේත්‍රය ග්‍රාමීය පහසුකම් ඉහළ දැමීම ආදී සෑම අංශයකින්ම මේ සංවර්ධන කටයුතු සිදුවෙලා තිබෙනවා.ඒ මා සඳහන් කළේ එක් අංශයක් පමණයි. අපට දැනටමත් පුළුවන් වෙලා තිබෙනවා ගමේ සංවර්ධනය ඉහළ නැංවීමට. ඒ ගැන අපට ආණ්ඩුවක් විදිහට සතුටු වෙන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුව සෑම වෙලාවෙම කල්පනා කරන්නේ ගමේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.මෙවර අයවැය යෝජනා මගිනුත් මේ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකර ඒ ගැන ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. අපේ අරමුණ ඒ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටයි.* මාර්ග සංවර්ධනය, යටිතල පහසුකම් ඉහළ නැංවීම රටක ආර්ථිකයේ සංවර්ධනය හා ස්ථාවරත්වයට බලපාන්නේ කෙසේද?රටක මාර්ග හොඳට තිබෙනවා නම් යටිතල පහසුකම් ඉහළ නම් තමයි ආයෝජකයෝ එන්නේ. ආයෝජකයෝ එනවානම් තමයි රටක ආර්ථිකය ස්ථාවර වෙන්නේ. මේ ගැන ගැන තමයි අප අවධානය යොමුකර තිබෙන්නේ. අද රට පුරා ඇති මාර්ග වේගවත් සංවර්ධනයකට යොමුවෙලා තිබෙනවා. ඒ නිසා ගමනාගමනය පහසු දෙයක් බවට පත් වෙලා. මේ තත්ත්වය නිසා ගැමියාගේ ගොවිතැන විතරක් නොවෙයි ඔවුන්ගේ සෙසු නිෂ්පාදනත් දුර පළාත්වල ඇති වෙළෙඳපොළට ගෙන යාමට පුළුවන් වෙලා තිබෙනවා එමගින් ගැම් ආර්ථිකයේ ශක්තිමත්භාවය ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා.මේ හැම දෙයක් නිසාම ශක්තිමත් වෙන්නේ මෙරට ආර්ථිකයයි. යුද්ධය නිමාවත් සමඟ එහි ආර්ථික ප්‍රතිලාභ සමාජයටම ලැබෙනවා. එදා යුද්ධයට වියදම් වූ මුදල්වලින් විශාල ප්‍රමාණයක් මේ සංවර්ධන කටයුතුවලට යොදා ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා. මෙහි ආරම්භයක් විදියට තමයි වරාය ඉදිකිරීම්, ගුවන්තොටුපොළ ඉදිකිරීම් ඇතුළු සංවර්ධන කාර්ය රැසක් ආරම්භ කර තිබෙන්නේ.ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම ශක්තිමත් කිරීම කියන්නේ රටක ආර්ථිකය ශක්තිමත් වෙනවා දියුණු වෙනවා කියන කාරණයයි. මේ නිසා ආර්ථිකය ශක්තිමත් කරනවා කියන්නේ ඒ රට දියුණුව වෙත ගමන් කරන බවට සුබ පෙරනිමිත්තක් විදියට හඳුන්වන්න පුළුවන්.* ඒත් මේ සංවර්ධන කටයුතු හා ඉදිකිරීම් කටයුතු නිෂ්ඵල දේ විදිහට විපක්‍ෂයේ ඇතැමුන් මත පළ කරනවා. මේ ගැන ඔබේ මතය මොන වගේද?මේ විදිහට විවේචනාත්මකව කරුණු දැක්වීමට ඕනෑම කෙනකුට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම මේ විදිහේ විශේෂ මතයක් දැරීමට ඕනෑම කෙනෙකුට පුළුවන්කම තිබෙනවා. අපි ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒත් කෙනකුට විවේචනයක් කරද්දි ඒ විවේචනයේ සාධාරණත්වයක් වගේම පදනමක් තිබිය යුතුයි. එහෙම නොවෙයි නම් ඒ විවේචනය සාධාරණ විවේචනයක් වෙන්නේ නැහැ.අද විපක්ෂය චෝදනා එල්ල කරන්නේ පදනමක් හෝ නිශ්චිත අරමුණක් ඇතිව නොවෙයි. අවස්ථාවාදීව තම තමන්ගේ අරමුණු හා න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනවා. එය හොඳ දෙයක් විදිහට හඳුන්වන්න බැහැ.එදා රණවිරුවන් යුද්ධ කරද්දි විපක්ෂය කටයුතු කළ ආකාරය අපට මතකයි. ඔවුන් එදා යුද්ධයට කිසිදු සහයක් නොදී රණවිරුවන්ගේත් ආණ්ඩුවේත් කකුලෙන් ඇදීමයි සිදු කළේ. අදත් ඔවුන් කටයුතු කරන්නේ ඒ විදිහටයි. අද සිදුවන්නේ ජනතාවට යහපත සැලසෙන සංවර්ධන ක්‍රියා මාර්ගවලට අවහිර කර තම තමන්ගේ පටු දේශපාලන අරමුණු හා ඉලක්ක ජය ගැනීමයි.වගකිව යුතු විපක්ෂයක් විදිහට මේ විදිහට කටයුතු කිරීම සුදුසු නෑ. ඔවුන් එදා වගේම අදත් තමන්ගේ වගකීම් පැහැර හරින ස්වභාවයක් තමයි දක්නට තිබෙන්නේ. ආණ්ඩුව තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කරද්දි විපක්ෂය තමන්ගේ වගකීම්වලින් සුළු ප්‍රමාණයක් හෝ ඉටු නොකිරීම කනගාටුවට කාරණයක්.* ආණ්ඩුවේ සාමාජිකයන් සංවර්ධනය හා ඉදිකිරීම් ගැන කතා කළත් රටේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් දක්නට නැතැයි ඇතැම් විචාරකයන් අදහස් පළ කරනවා. මේ ගැන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු විදිහට ඔබේ අදහස පැහැදිළි කළ හැකි ද?කවුද ඔය කතාව කියන්නේ කියන එක මට අපැහැදිලියි. මේ රටේ විශාල ආර්ථික හා සමාජීය සංවර්ධනයක් දක්නට තිබෙනවා. පුංචි ළමයකුට වුණත් මේ දේ තේරෙනවා. එදා අප රට හැඳින්වූයේ දියුණු වෙමින් පවතින රටක් විදිහටයි. තවත් පිරිසක් අප රට හඳුන්වනු ලැබුවේ නොදියුණු රටක් විදිහටයි. ඒත් අද වෙනවිට තත්ත්වය සපුරා වෙනස් වෙලා තිබෙනවා. අද අපේ රටේ ඒකපුද්ගල ආදායම ඉහළ ගිහින් තිබෙනවා. ඒක පුද්ගල ආදායම ඉහළ යාම කියන්නේ රටක් දියුණුව වෙත ගමන් කිරීම යන සංකේතයයි. අප රට මධ්‍ය ආදායම් ලබන දියුණු රටක් බවට පත්වීමේ මූලික ලකුණු දක්නට තිබෙනවා. මේ හැම දේකින්ම තහවුරු වෙන්නේ අන් දෙයක් නොවෙයි. අප රටට නුදුරු කාලයේදීම දියුණු රටක් වීමට පුළුවන්ය යන බලාපොරොත්තුවයි.* අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කර ගැනීමට නුපුළුවන් වීම ගැනත් ආණ්ඩුවට විවිධ පාර්ශවයන් චෝදනා එල්ල කරනවා. මේ ගැන ඔබේ අදහස මොන වගේද?අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ පහළ යාම මොන ආණ්ඩුවකටවත් පාලනය කරන්න බැහැ. අපි කුඩා කාලයේදී ශත පහට දහයට ගත්තු දේට අද රුපියල් පනහක් හැටක් ගෙවන්න වෙලා තිබෙනවා. එය තමයි ස්වභාවය. මේ වගේ දේ මොන ආණ්ඩුවක් බලයට පැමිණියත් වෙනස් කිරීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දේශපාලන වාසි ගැනීම ගැන පමණක් හිතන අය තමයි බඩු මිල කාරණේ එල්ලීගෙන සිටින්නේ.භාණ්ඩ මිල පාලනයට නම් මූලිකව කළ යුතු දේ විදිහට මම විශ්වාස කරන්නේ රට ඇතුළත නිෂ්පාදනයන් ඉහළ දැමීමයි. උදාහරණයක් විදිහට ගනිමු දිවි නැඟුම ව්‍යාපෘතිය. එළවලු හා ගෙවතු වගා සාර්ථක වීම නිසා පසු ගිය කාලයේදී එළවලු මිල ගණන් පාලනය කර ගැනීමට පුළුවන් වුණා. ඒ මා පෙන්වා දුන්නේ එක් උදාහරණයක් පමණයි. මේ විදිහට රට ඇතුළත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න පුළුවන්නම් බඩු මිල වගේ දේවල් පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.* අගවිනිසුරුවරියට එරෙහිව එල්ල වී තිබෙන දෝෂාභියෝගය පිළිබඳව අද දේශපාලන, නීති ක්ෂේත්‍ර මෙන්ම පොදු සමාජය තුළ ද කතා බහ මතුවෙලා තිබෙනවා. මේ ගැන ඔබට ඇත්තේ මොන විදිහේ අදහසක් ද?මේ දෝෂාභියෝග යෝජනාව රටට හෝ මේ ක්ෂේත්‍රවලට අලුත් දේවල් නොවෙයි. මීට පෙරත් මේ විදිහේ දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. නෙවිල් සමරකෝන්, සරත් එන් ද සිල්වා වැනි අගවිනිසුරුවරුන්ට එරෙහිව මේ විදිහේ දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. මෙවර වත්මන් අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇත්තේත් එවැනි වූ දෝෂාභියෝග යෝජනාවක්. මේ දෝෂාභියෝග යෝජනාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව ගෙන ආ ව්‍යවස්ථානුකූල ලියැවිල්ලක්..
NEWSPAPER
2014.06.03
http://www.dinamina.lk/2014/06/03/_art.asp?fn=s1406032
පාපන්දු වාරණ නියෝගය අත්හිටුවයි
ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන කටයුතු වලට අදාල මුදල් ගෙවීම් හා විදෙස්සංචාර වලක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවයි.ඒ අනුව පාපන්දු සම්මේලනයේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා මුදල් වියදම් කිරීමේ බාධා ඉවත්වන අතර බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමගාමී ජගත් පාපන්දු විශේෂ සභාවට පාපන්දු සභාපති,ලේකම් හා භාන්ඩාගාරික යන අයට සහභාගීවීමේ අවස්ථාව උදාවී තිබේ.දෙවසරක නිල කාලයකට පත්ව සිටින පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගූ මහතා ප්‍රමුඛ නිළධාරී පිරිසට එරෙහිව හිටපු සභාපති ගාමිණී රන්දෙනි මහතා විසින් ගොණු කළ නඩුවට අදාලව තහනම් නියෝගය පනවා තිබුණී. එම නඩුවෙන් පෙන්වා දී තිබුණේ වත්මන් පාපන්දු පාලනය ව්‍යවස්ථාවට පටහැනි බවත් නිලවරණයකින් නව නිළධාරී මණ්ඩලයක් පත්කරගත යුතු බවත්ය..
NEWSPAPER
2014.06.03
http://www.dinamina.lk/2014/06/03/_art.asp?fn=s1406033
අයි. පී. එල්.ශූරතාව කල්කටා පිලට
null
කිංග්ස් පන්ජාබ් කණ්ඩායමට ‍එරෙහිව කඩුලු 3ක විශිෂ්ට ජයක් අත්කර ගත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉන්දියා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්විය.බැංග්ලෝර් නුවර පෙරේදා රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 199ක් රැස් කළ අතර කල්කටා පිල ඕවර 19.3කදී කඩුලු 7ක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.කල්කටා කණ්ඩායම අයි.පී.එල්. කුසලානය දිනූ දෙවැනි අවස්ථාව මෙය විය. මීට පෙර ඔවුන් 2012 ශූරතාවට හිමිකම් කීවේය.පන්ජාබ් පිල ලබා දුන් ඉලක්කය හඹාගිය කල්කටා පිලට ජයග්‍රහණය අත්කරදුන් පිතිකරු වූයේ මනීෂ් පාන්ඩේය. ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ පාන්ඩේ පන්දු 50කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමග ලකුණු 94ක් රැස් කිරීමට සමත්විය. ඔහුට අනගි සහායක් ලබාදුන් යූසුෆ් පතාන් ලකුණු 36ක් ලබාගත්තේය.පන්ජාබ් ඉනිමේ දි අගනා පිතිහරඹයක යෙදුණු රිද්දිමාන් සහා නොදැවී ලකුණු 115ක් රැස් කළේය. පන්දු 55ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් ඇතුලත් විය. මනන් වොහ්රා ලකුණු 67ක් රැස් කළේ පන්දු 52කින්ය.දෙදෙනා අතර තුන්වැනි කඩුල්ලට ලකුණු 129ක සම්බන්ධතාවක් ගොඩනැගිණි. මෙවර තරගාවලිය ආරම්භයේ සිටම පෙරමුණගත් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණ රැසකට දායකත්වය ලබාදුන් පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු නොලබා දැවීගියේය.කෙසේවුවත් තරගාවලියේ විරයා සම්මානය ඔහුට හිමිවිය. අවසන් තරග‍යේ විරයා ලෙස මනීෂ් පාන්ඩේ සම්මාන දිනුවේය. කල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායකත්වය දරනු ලබන්නේ ගෞතම් ගම්භීර් විසිනි.බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් කල්කටා පිලේ සම හිමිකාරත්වය දරනු ලබයි..
NEWSPAPER
2014.06.03
http://www.dinamina.lk/2014/06/03/_art.asp?fn=s1406034
වෙළෙඳ සේවා රගර් කිරුළ මාස් හෝල්ඩිංග්ස් ‘ඒ’ පිල දිනයි
ෆවුස් මොහොමඩ්
ඇක්සෙස් කණ්ඩායමට එරෙහිව ලකුණු 10-0ක විශිෂ්ට ජයක් වාර්තා කළ මාස් හෝල්ඩිංග්ස් 'ඒ' කණ්ඩායම වෙළෙඳ සේවා සත් සාමාජික රගර් කිරුළ දෙවැනි වරටත් අත්කර ගැනීමට සමත්විය.ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වූ මාස් හෝල්ඩිංග්ස් 'ඒ' කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ ප්‍රදීප් ලියනගේ විසිනි. අවසන් පූර්ව තරග වටයේ දී මාස් හෝල්ඩිංග්ස් පිල ලකුණු 19-0කින් ඩයලොග් 'ඒ' කණ්ඩායම පරාජය කළ අතර ඇක්සෙස් කණ්ඩායම හමුවේ ලකුණු 19-5කින් ජෝන් කීල්ස් 'ඒ' කණ්ඩායම පරාජයට පත්විය. අවසන් තරගයේ වීරයා ලෙස මාස් හෝල්ඩිංග්ස් පිලේ ෆාසිල් මරිජා සම්මාන දිනූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ එම කණ්ඩායමේ අනුරුද්ධ විල්වරටය.සී.ආර්.පිටියේ දී පෙරේදා නිමාවට පත්වූ ‍මේ තරගාවලියේ තුන්වැනි තැන හිමිවූයේ ජෝන් කීල්ස් 'ඒ' පිල ලකුණු 22-12කින් පරාජය කළ ඩයලොග් 'ඒ' කණ්ඩායමටය.කණ්ඩායම් 36ක් තරග වැදුණු මෙවර වෙළෙඳ සේවා සත් සාමාජික රගර් තරගාවලියේ පළඟ ශූරතාව දිනාගනු ලැබුවේ නේෂන් ලංකා ෆයිනෑන්ස් පිල විසිනි. අවසන් තරග‍යේ දී ලකුණු 31-0කින් ඩයලොග් 'බී' කණ්ඩායම පරාජය කිරීමට ඔවුන් සමත්විය. අනුශූරතාව දිනූ ඩයලොග් 'බී' කණ්ඩායමේ බුවනෙක උඩංගමුව පළඟ ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයා‍ ලෙස සම්මාන දිනාගත්තේය.සී‍.ඩී.බි.බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 17-5ක ජයක් ලැබූ කඳුරට කුඩ සමාගම් කණ්ඩායම බඳුන ශූරතාව හිමිකර ගත් අතර එම තරග ඉසව්වේ හොඳම ක්‍රීඩකයා ලෙස කඳුරට කුඩ සමාගම් කණ්ඩායමේ කේ.ඩී.කේ. ජනජය සම්මාන දිනා ගත්තේය. පළිහ ශූරතාව දිනාගනු ලැබුවේ හයිඩ්‍රාමනී ඇපරල්ස් කණ්ඩායම විසිනි. අවසන් තරගයේ දී ඔවුන් වෙතින් ලකුණු 41-0කින් පරාජයට පත්වූයේ මිලේනියම් අයි.ටී.කණ්ඩායමය. එම තරග ඉසව්වේ හොඳම ක්‍රීඩකයා ලෙස හයිඩ්‍රාමනී ඇපරල්ස් පිලේ කනිෂ්ක ලියනගේ සම්මාන දිනාගත්තේය. ඩය‍ලොග් සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යධිකාරී ෂාහී ෆලීල් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානොත්සවය පැවැත්විණි..
NEWSPAPER
2014.06.03
http://www.dinamina.lk/2014/06/03/_art.asp?fn=s1406035
නවුසර්ගේ පිතිහරඹයෙන් මුදල් අමාත්‍යාංශ පිලට ජය
null
මොහොමඩ් නවුසර්ගේ විශිෂ්ට පිතිහරඹ‍ය හේතුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ කණ්ඩායම සමග පැවැති රාජ්‍ය සේවා විස්සයි20 අවසන් පූර්ව ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක් ජයක් හිමිකර ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට මුදල් අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම සමත්විය.කොළඹ සෞඛ්‍ය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති අවසන් පූර්ව තරගයේදී රාජ්‍ය පරිපාලන පිල ලබාදුන් ලකුණු 172ක ඉලක්කය හඹාගිය මුදල් අමාත්‍යාංශ පිල තරගයේ ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් අහිමිකරගනිමින් ඕවර 17.1කිනි.මුදල් අමාත්‍යාංශයට ජය ගෙනදුන් මොහොමඩ් නවුසර් පන්දු 34කදී නොදැවී ලකුණු 57ක් රැස් කළේය.රාජ්‍ය පරිපාලන පිල-172 (ඕවර 20) හර්ෂ පෙරේරා 48, අකලංක ඉන්දුම 40 (නිලන්ත ජයසිංහ 30/4)මුදල් අමාත්‍යාංශ පිල-173/4 (ඕවර 17.1) මොහොමඩ් නවුසර් නොදැවී 57, නිලන්ත ජයසිංහ 25, චන්දන ප්‍රනාන්දු 23.
NEWSPAPER
2014.06.03
http://www.dinamina.lk/2014/06/03/_art.asp?fn=s1406036
ශ්‍රී ලංකා පාපන්දුවට සර්බියා පුහුණුකරුවෙක්
ප්‍රින්ස් ගුණ‍සේකර
ශ්‍රී ලංකා පාපන්දු නව පුහුණුකරු ලෙස සර්බියානු ජාතික නිකොලා කවසොවික් මහතා නම් කරයි. ඒ අනුව නි‍කොලා කවසොවික් මහතා මේ මස අගභාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙයි.යුරෝපා පාපන්දු සම්මේලනයේ 'ඒ' ශ්‍රේණියේ ඩිප්ලෝමාධාරියකු වන කවසොවික් මහතා ටජිකිස්තාන ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකරු ද වෙයි. ඔහු 2013 වසරේ ටජිකිස්තානයේ හොඳම පාපන්දු පුහුණුකරු සම්මානය ද දිනාගත්තේය.ඔහු ඉංග්‍රීසි භාෂාව මනාලෙස හැසිරවිය හැකි පුහුණුකරුවකු වන බැවින් මෙරට පාපන්දු ක්‍රීඩකයන්ට සන්නිවේදනයේ දී බරපතල ප්‍රශ්න මතු නොවන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශ්වාසය වී තිබේ.මෙයට පෙර සිටි ඉතාලි ජාතික පුහුණුකරුගේ උපදෙස් ශ්‍රී ලංකා පිලට ප්‍රයෝජනවත් පරිදි ලබා ගැනීමට නොහැකිවූයේ සන්නිවේදන අපහසුතා නිසා බවට ‍‍චෝදනාවක් ද එල්ල වී තිබිණි.පසුගිය වසරේ ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලානය දිනාගත් ටජිකිස්තාන ඉස්ටිකොලොල් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වූයේ ද නිකොලා කවසොවික් මහතාය. සර්බියානු අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ ප්‍රහාරාත්මක මැද පෙළ ක්‍රීඩකයකු ලෙස ද ඔහු වඩාත් ප්‍රකටය.වසර 1975දී උපත ලද ඔහු ශ්‍රී ලංකාවේ පාපන්දු පුහුණුකරු ලෙස වසර 2ක කාලයකට ගිවිසුම් අස්සන් කරන අතර මසකට අමෙරිකානු ඩොලර් 3000ක් ඇතුලුව පහසුකම් රැසකට හිමිකම් කියයි.නව පුහුණුකරු යටතේ පළමු වරට ජාතික පාපන්දු පිල ලබන දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට මුහුණදීමට නියමිතය.එම ශූරතාවලිය ලබන වසරේ ඉන්දියාවේ දී පැවැත්වේ.අවසන්වරට නේපාලයේ පැවැති දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය ඇෆ්ගනිස්තානය ජයගත් අතර ශ්‍රී ලංකාව පළමු වටයෙන් ඉවතට විසිවිය..
NEWSPAPER
2014.06.03
http://www.dinamina.lk/2014/06/03/_art.asp?fn=f1406031
පොල් සංවර්ධන‍ෙය් අපේක්ෂිත ඉලක්කයත් පසුකළා
null
කාලයක් අතහැර දමා තිබූ ඌව පළාත 2005න් පසු ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇති බව පවසන ජගත් පුෂ්පකුමාර ඇමැතිවරයා, එජාප ආණ්ඩුව විසින් කොල්ලකෑ ජනතා දේපළ මෙම රජය විසින් නැවත ජනසතු කොට එහි ප්‍රතිලාභ ගොවියන්ට ලබාදීම නිසා මෙවර අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව ප්‍රකාශ කළේ මෙසේය.ආහාර හා තෙල් අවශ්‍යතාවය සඳහා ගෙඩි දසලක්ෂ 3400ක් අවශ්‍ය වෙනවා. දැන් තෙල් අවශ්‍යතාව සම්පූර්ණ කරගන්ෙන පාම් ඔයිල්, සූරියකාන්ත තෙල් වගේ ආදේශක තෙල්වලින්. අපේ බලාපොරොත්තුව තෙල් අවශ්‍යතාව හා කර්මාන්ත අවශ්‍යතාව සම්පූර්ණ කර අපනයනය සඳහා ඉදිරිපත් කරන පොල් අස්වැන්නත් වැඩි කරන්නයි. ඒ අභියෝගය 2020 වන විට ජයගත හැකියි.1950 වසරේ සිට 2012 දක්වා ගතවූ වසර 62ක කාලය තුළ සාමාන්‍ය වාර්ෂික අස්වැන්න වන්නේ ගෙඩි දසලක්ෂ 2700යි. 1950 ජනගහනය ලක්ෂ 60යි. දැන් ලක්ෂ 210යි. එහෙම නම් පොල් නිෂ්පාදනය තුන්ගුණයකින් වැඩිවිය යුතුයි. ජනාධිපතිතුමා පොල් වගාව සඳහා විශේෂිත අමාත්‍යාංශයක් ඇති කළේ ඒ තත්ත්වය තේරුම් ගෙනයි. රටට අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට අපි යොමු වෙනවා.අපි 2011 දී පොල් පැළ ලක්ෂ 40ක් වගා කළා. 2012 දී ලක්ෂ 60ක් වගා කරනවා කිව්වා. මේ වැඩසටහනට “දිවි නැඟුම” වැඩසටහනේ සහය ලැබීම නිසා ඒ වසරේ ලක්ෂ 90ක් වගා කරන්න පුළුවන් වුණා. සැලැස්ම අනුව නම් අපි 2013 හිටවන්න ඕන පොල් පැළ ගණන ලක්ෂ 60යි. නමුත් අපි ලක්ෂ 70ක් හිටෙව්වා. අපි මේ වනවිටත් අපේක්ෂිත ඉලක්කය ඉක්මවා ගිහින් තිබෙනවා. 2016 වන විට වගා කරන්න ඉලක්ක කළේ පැළ ලක්ෂ 320යි. තව අවුරුදු දෙකක් තියෙනවා. මේ වනවිටත් ලක්ෂ 200ක් පැළ හිටවලා තිබෙනවා.2010 වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි දශලක්ෂ 2317යි. 2011 ඒ ප්‍රමාණය දශලක්ෂ 2808 දක්වා වැඩි කළා. 2012 ගෙඩි දශලක්ෂ 2940 දක්වා වැඩි වුණා. නමුත් අභාග්‍යයකට 2012 වසරේ දී නියඟයක් ආවා. පරාගණය හරියට වුණේ නැහැ. මල් වැටුණා. ඒ නිසා 2013 අස්වැන්න දශ ලක්ෂ 2550 කට සීමා වුණා.කාලගුණික දේශගුණික තත්ත්වයන් අපිට අභියෝගයක්. අපි සැලැස්මකට වැඩ කළත් කාලගුණික බාධක ජයගන්න අමාරුයි. අපේ බලාපොරොත්තුව 2016 වසර අවසන් වන විට ගෙඩි දශලක්ෂ 3650ක ඉලක්කයට යන්නයි. අපි 2011 හිටවපු පැළවල ප්‍රතිඵල තව වසර දෙකකින් ලැබෙනවා. අපේ උත්සාහයන්ගේ පැහැදිලි ප්‍රතිඵල ලැබෙන්නේ 2020 දී. එයට හේතුව 2016 හිටවපු පැළවල අස්වැන්න ලැබෙන්න වසර 5ක් ගත වන නිසාදැන් ඉස්සර වගේ පොල් ඉඩම් කට්ටි කිරීම වෙන්නේ නැහැ. පාලනයක් තියෙනවා. තේ, රබර් සහ පොල් ඉඩම් කට්ටි කිරීමේ මණ්ඩලය තිබෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ. ඒ කමිටුවේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයාත් ඉන්නවා. ඔහුගේ නිර්දේශ නැතිව පොල් ගස් කපන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ආවට ගියාට දැන් පොල් ඉඩම් කට්ටි කරන්න බැහැ.පොල් බීජ උයනක් පවත්වාගෙන යන විට මීටර් 500ක වපසරියක් තුළ වෙනත් කිසිම පොල් ගසක් පෙනෙන්නවත් තියන්න බැහැ. එහෙම තිබුණොත් ඒ පොල් ගහකින් පරාගණය වෙන්න පුළුවන්. අපේ පොල් උයන පවත්වගෙන යන්නේ කිලෝමීටර් 8ක් වටේට මහ කැලෑවක් තියෙන තැනක. එතකොට අහල පහලකට වෙනත් පොල් ප්‍රභේදයක් නැහැ. මල් පීදුණහම පිරිමි මල් ඉවත් කර අනික්වා කෘත්‍රිම ව පරාගණය කරනවා. මේක විශාල ක්‍රියාවලියක්.අවුරුද්දකට ලක්ෂ 2 – 3 විතර බීජ හදන්න පුළුවන්. ඉල්ලන ප්‍රමාණයට දෙන්න හැකියාවක් නැහැ. මේ ගැටලුව තේරුම් ගෙන අලුත් බීජ උයන් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා මෙවර අයවැයෙන් මුදල් වෙන්කර තිබෙනවා. අනෙක් තැන්වල අවශ්‍ය කරන විදිහෙ විශේෂිත ප්‍රදේශ සොයා ගැනීමට අපහසු නිසා උතුරු හා නැඟෙනහිර පළාත්වල නව බීජ උයන් ස්ථාපිත කිරීමට වැඩ ආරම්භ කර තිබෙනවා.2001 මැතිවරණයේ දී මුළු රටම පරදිද්දී අපේ දිස්ත්‍රික්කය ශ්‍රී. ලං. නි. පය ජයග්‍රහණය කළා. පරදින කොටත් දිනනව නම්, වැඩ කෙරුවයින් පස්සේ දිනන විදිහ බලාගන්න පුළුවන් ඡන්ද පෙට්ටි ගණින වෙලාවට.ඌව පළාත් සභාවට ජාතික නිදහස් පෙරමුණෙන් පත්වූ මන්ත්‍රීවරයා ජ.නි.පෙන් අයින් වුණේ මීට අවුරුදු 4කට කලින්. දැන් එතුමා ශ්‍රී. ල. නි. පයට බැ‍ඳෙන විත්තිය කියලා තිබෙනවා. ඒත් අයින් වුණේ අවුරුදු හතරකට කළින්.ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තිබෙනවා අපේ පක්ෂය සැලුන් දොර වගේ. ඕනෑ කෙනෙකුට එන්න පුළුවන්. යන්න පුළුවන්.මේ කිසිම පක්ෂයක් ආණ්ඩුවෙන් යන්නේ නැහැ. එහෙම ඉඟියක්වත් කියලා නැහැ. හෘද සාක්ෂියට අනුව ඒ අයගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඉඩදී තිබෙනවා. මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ආණ්ඩුවක් ලෝකයේ වෙන කොහේවත් නැහැ.ජනාධිපතිතුමා මේ කර්මාන්ත ශාලා දෙක පවරා ගත්තේ උක් ගොවියන්ගේ යහපත වෙනුවෙන්. එ.ජා.පය යටතේ පෞද්ගලීකරණය කළ මේ කර්මාන්ත ශාලා වහන්න ඔන්න මෙන්න තිබුණේ. සාමාන්‍යයෙන් නිෂ්පාදනයකින් ලාභ ලැබුවහම බෝනස් දුන්නේ ඒ නිෂ්පාදනය කළ සේවකයන්ට. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රජයට පවරාගත් කර්මාන්ත ශාලා සඳහා වගා කරන ගොවියන්ටත් බෝනස් දුන්නා. ලෝකේ වෙන කොහේවත් ඒ වගේ බෝනස් දෙන්නේ නැහැ. රටේ අනාගතය පැහැදිලියි වගේම උක් ගොවියගේ ආර්ථිකයත් ස්ථිරයි. ඒ ගැන සැකයක් තියාගත යුතු නැහැ.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ පෞද්ගලීකරණය කළ කන්තලේ සීනි කම්හල වැහිලා ගියා. හිඟුරාණ සීනි කම්හල පෞද්ගලීකරණය කළා. ඒකත් වැහිලා ගියා. පැලවත්ත, සෙවනගල දෙක වැහෙන්න ඔන්න මෙන්න තිබුණේ.සෙවනගල විකුණුවේ හොඳට ලාභ ලබන වෙලාවේ. 2002 වසරේ පෞද්ගලීකරණය කරන කොට කර්මාන්ත ශාලාව සතුව කෝටි 30ක ස්ථාවර තැන්පතු තිබුණා. කෝටි 15ක ස්ප්‍රීතු හා සීනි තිබුණා. කෝටි 12ක් පමණ අයවිය යුතු ණය තිබුණා. මේ තුනේ එකතුව කෝටි 57යි. විකුණුවේ කෝටි 55කට. ස්ථාවර තැන්පතුව හා ණය අය කරගත්තම තව කෝටි දෙකක් ලාබයි. ෆැක්ටරිය, ඩෝසර්, වගාවත් දීලා තව කෝටි දෙකක් වර්තමාන එජාප ජාතික සංවිධායකට නිකන් දුන්නා. තව ආයෝජකයෙක් කෝටි 85කට ගන්න ලෑස්ති වුණා. එයාට දුන්නේ නැහැ.අපේ ආණ්ඩුව පවරා ගෙන ඉතාම කෙටි කාලයක් තුළ සේවකයන් ලාභාංශ දීලා, අමුද්‍රව්‍ය සැපයූ ගොවියාටත් බෝනස් දෙන්න වැඩපිළිවෙළක් හැදුවා. යූ. ඇන්. පියේ ගජමිතුරන්ගේ සාක්කු පුරවන ආර්ථීකය වෙනුවට අපි ගොවියන්ගේ සාක්කු පුරවන ආර්ථිකයක් හැදුවා. සිරිකොතේ ලයිට් බිල් ගෙව්වේ, මැයි දින රැස්වීම් තිබ්බේ, ඡන්ද කාලේ මේ වගේ හොරෙන් ගසාකාපු සල්ලිවලින්..
NEWSPAPER
2014.06.04
http://www.dinamina.lk/2014/06/04/_art.asp?fn=n1406041
ඉන්දීය ධීවරයන් 29දෙනා  ජනපති නියමයෙන් නිදහස්
බුද්ධිකා ඉඹුලාන සහ මහින්ද අලුත්ගෙදර
නාවික හමුදාව විසින් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධිවරයන් 29දෙනා සහ ධීවර යාත්‍රා වහා නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.පසුගිය ඉරිදා(01) අලුයම තලෙයිමන්නාරමට උතුරු මුහුදේ දී ධීවර යාත්‍රා හයකින් මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයන් විසි නව දෙනෙකු මෙසේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් අදාළ ධීවරයින් වහාම නිදහස් කරන ලෙස උපදෙස් ලබාදී තිබේ. ‍මේ ධීවරයන් නිදහස් කිරීම සම්බන්ධ තොරතුරු ධීවර අමාත්‍යාංශය මඟින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇති අතර සිදු කෙරෙන අධිකරණමය ක්‍රියාමාර්ග වලින් පසු කඩිනමින් ඔවුන් නිදහස ලබනු ඇත..
NEWSPAPER
2014.06.04
http://www.dinamina.lk/2014/06/04/_art.asp?fn=n14060418
පීඩාවට පත් ජනතාවට කඩිනම්සහන දෙන්න ජනපති උපදෙස්
මහින්ද අලුත්ගෙදර
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ ජනතාවට කඩිනම් සහන ලබාදීම සඳහා සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ අංශ මඟින් සහන සැලසීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක සිදුව ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් වෙත සහන සැළසීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් ලැබී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.අධික වර්ෂාව, ජල ගැල්ම හා නායයෑම් වැනි ස්වභාවික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාව 6,000ක් පමණ වන අතර මේ වනවිට පුද්ගලයින් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිත හානියට පත්වූවන්ගේ පවුල් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කනගාටුව පළ කරයි.අවතැන් වූ පවුල් සඳහා පිසූ ආහාර පාන සහ වියළි ආහාර හිඟයකින් තොරව ලබා දීමට කටයුතුකර තිබෙන අතර අවතැන් වූවන් වෙනුවෙන් සහන සැළසීමට යුද හමුදාව සහ ගුවන් හමුදාව සීරුවෙන් තබා තිබේ. මේ අතර එම සහන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ හෙලිකොප්ටර් යානා ද යොදාගෙන ඇත.ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි අතර, අවට මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි..
NEWSPAPER
2014.06.04
http://www.dinamina.lk/2014/06/04/_art.asp?fn=n14060417
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්මශත සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්
මහින්ද අලුත්ගෙදර
ලාංකේය නාට්‍ය, සාහිත්‍ය හා විචාර ක්ෂේත්‍රයට සුවිශේෂී සේවාවක් ඉටුකළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (3) පැවැත්විණි.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ශත සංවත්සර උළෙල යුනෙස්කෝ සංවිධානය මඟින් ද පිළිගෙන තිබෙන අතර ඒ අනුව යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීමට ලක් වූ ප්‍රථම හා එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම පස්වැනි ආසියානුවා වීම ද විශේෂත්වයකි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සරච්චන්ද්‍ර පදනම, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය එක්ව මේ ජන්ම ශත සංවත්සර උළෙල සංවිධානය කළ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය, සාර්ක් මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව, ජාතික රූපවාහිනී සංස්ථාව, පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන්, ඉන්ට ඇක්ට් අර්ට් ආයතනය සහයෝඟය දී තිබේ.එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශේෂ ගුණසමරු දේශනය මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා විසින් පවත්වන ලදී. එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නිර්මාණයක් වන මනමේ නාට්‍යයේ දමිල පරිවර්ථනය කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය කවිතා රාජරත්න මහත්මිය අතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබූ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සමරු කලාපය ද පිළිගැන්වීය. ඊට අමතරව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් රචිත "මනමේ මතක් වී" ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.මේ අතර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර උපහාර තිළිණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සරච්චන්ද්‍ර පදනමේ උප සභාපතිනී ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය වෙත පිළිගැන්වීය.1914 වසරේ ජූනි මස 3 දා මෙලොව එළිය දුටු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් (1914 ජුනි 3 – 1996 අගෝස්තු 16) ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජ විවේචකයෙක් ලෙස ජනප්‍රියත්වයට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්වවිද්‍යා‍ලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවර‍යා ලෙස ද (1974 – 1977) සේවය කර තිබේ.1982 වර්ෂයේ දී යාපනය විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් සරච්චන්ද්‍ර මහතාට සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය ප්‍රදානය කරන ලද අතර එම වර්ෂයේ දී පේරාදෙනිය සරසවිය විසින් ඒ මහතාට ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්යය වරයකුගේ තත්ත්වය ලබාදෙනු ලැබිණි. 1983 වර්ෂයේ දී දකුණු ඉන්දීය කේරළ රාජ්‍යය විසින් සරච්චන්ද්‍ර මහතාට කුමාරන් ආසියානු ලෝක ත්‍යාගය ප්‍රදානය කරන ලද අතර 1988 වර්ෂයේ දී ඔහු සාහිත්‍යය සඳහා රාමන් මැග්සේසේ ත්‍යාගය දිනා ගත්තේය.ශ්‍රී ලාංකේය සංස්කෘතියට සහ කලා ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ මෙරට විශිෂ්ට කලාකරුවකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන අතර සමරු ග්‍රන්ථයක් නිකුත් කිරීම, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර අනුස්මරණ ජාත්‍යන්තර රංග කලා උළෙල පැවැත්වීම, ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේ දී සරච්චන්ද්‍ර සමරු ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා මනමේ නාට්‍ය, සිංහබාහු වේදිකා නාට්‍ය වේදිකා ගතකිරීම, ඒ මහතාගේ ගැමි නාටක කෘතිය දෙමල බසට පරිවර්ථනය කිරීම ඒ අතර වෙයි.ඊට අමතරව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා නමින් නාට්‍ය පුහුණු පාසලක් ආරම්භ කිරීම, ඒ මහතා ලියූ මෙතෙක් නිෂ්පාදනය නොකරන ලද නාට්‍ය 9ක් නිෂ්පාදනය කිරීම හා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යයන්හි රංගනයෙන් දායක වූ නළු නිළියන් උදෙසා ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වීමද සිදුකෙරේ.මේ අවස්ථාවට පැමිණි සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බී ඒකනායක මහතා උත්සව සභාව අමතමින් සඳහන් කළේ සරච්චන්ද්‍රයන්ගේ සමරු උළෙල සංවිධානය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අවස්ථා කිහිපයක දී සාකච්ඡා කළ බවත් ඒ මහතාගේ උපදෙස් සහ සරච්චන්ද්‍ර පදනමේ සහාය ඇතිව මෙය සංවිධානය කළ බවත්ය.යුනෙස්කෝ මූලස්ථානයේ දී පැවැත්වෙන සරච්චන්ද්‍ර සමරු උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් 30 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි වන බවත් එවැන්නක් පළමුවරට පැවැත්වෙන බව ද සඳහන් කළ ඇමැතිවරයා සරච්චන්ද්‍ර මහතා නවකතාකරුවකු, විචාරකයකු මෙන්ම දූත මණ්ඩල නියෝජිතයකු වශයෙන් ද සේවය කර තිබෙන බව කීවේය. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2014.06.04
http://www.dinamina.lk/2014/06/04/_art.asp?fn=n14060419
එස්. ඩී. බණ්ඩාරනායකඅභාවප්‍රාප්ත වෙයි
null
ශ්‍රී. ල. නි. පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එස්. ඩී. බණ්ඩාරනායක (සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක) මහතා (98) ඊයේ (3) කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.ඒ මහතා 1917 දෙසැම්බර් 01 මෙලොව එළිය දුටුවේය. මාතර හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයන්හිත්, මත්තල පිරිවෙනෙනුත් අධ්‍යාපන කටයුතු සිදුකර තිබේ.වසර 1939 දී කෘෂිකර්මය පිළිබඳ උසස් පාඨමාලාවක් සඳහා ඉන්දියාවේ මදුරාසියේ ට්‍රැවන්කෝර් මහා විද්‍යා පීඨයට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව අනුරාධපුරයේ ගොවි හමුදා කඳවුරේ විධායක ගොවි හමුදා නිලධාරියකු ලෙස පත් වී තිබේ.ඒ කාර්යයන්වලින් පසු එස්. ඩී. දේශපාලනයට පිවිසෙමින් වසර 1951 ඔක්තෝබර් 02 කොළඹ නගර ශාලාවේ ආරම්භ කරන ලද ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථම රැස්වීම සාර්ථක කර ගැනීමට වෙහෙස වී කටයුතු කළේය.වසර 1952 දී පැවැති මහා මැතිවරණයේදී ගම්පහ, මිනුවන්ගොඩ ආසනයෙන් වැඩි ඡන්ද 871 කින් ජයග්‍රහණය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථම මන්ත්‍රීවරුන් 09 දෙනා අතරට එක්වීමට හැකි විය. 1956 යේ මැතිවරණයෙන් ගම්පහ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ඔහු සමස්ත ලංකාවෙන් දෙවන ස්ථානයට පත් විය. එහිදී හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට පමණක් එස්. ඩී. මහතා දෙවැනි විය.පසුව වසර 1960 දී බෝසත් බණ්ඩාරනායක පෙරමුණ නැමති පක්ෂයෙන් ද මැතිවරණයට ඉදිරිපත් වී ගම්පහ අසුන රැකගත් ඒ මහතා 1977 දී යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් අටදෙනාට එක්වී සිටියේය.වසර 1952 මහ මැතිවරණයෙන් පසු සෝවියට් දේශය, චීනය, පෝලන්තය, නැ‍ඟෙනහිර ජර්මනිය, චෙකොස්ලෝවැකියාව වැනි රටවල් සමඟ රාජතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගත් දූතයෙක් ලෙස එස්. ඩී. බණ්ඩාරනායක මහතා චීනය සමඟ රබර් සහල් ගිවිසුම ඇතිකිරීමට කටයුතු කළේය.ඉඹුල්ගොඩ වීරයා ලෙස ද, එස්. ඩී. මහතා හැඳින්විය. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ජේ. ආර්. ජයවර්ධන මහතා කොළඹ සිට නුවරට ගිය පා ගමන කිරිල්ලවල කන්ද කපාපු හන්දියේදී නවතා දැමූ නිසා ඒ මහතාට එම නම පටබැඳිණි.ශ්‍රී. ල. නි. පක්ෂයේ නිර්මාතෘ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඥාති සොහොයුරෙකු වූ ඒ මහතා ජූලියන් ස්වර්ණා ඩයස් බණ්ඩාරනායක මහත්මිය සමඟ විවාහ විය. ඒ මහතාට පුතුන් දෙදෙනකු, දියණියන් දෙදෙනකු සිටියි. වැඩිමහල් පුතා චීනයේ පදිංචිව සිටින අතර දෙවන දියණිය එංගලන්තයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරයි. තෙවන පුතා වර්තමාන රජයේ දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක වේ. බාල දියණියක් ද වේ.ඒ මහතාගේ මෘත දේහය කොළඹ සිට රැගෙන ගොස් අද (04) යක්කල මඩුගස්වලව්වේ තැන්පත් කරනු ඇත. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ..
NEWSPAPER
2014.06.04
http://www.dinamina.lk/2014/06/04/_art.asp?fn=n14060420
එස්.ඩී.බණ්ඩාරනායකගේ අභාවයටජනපති ශෝකය පළ කරයි
null
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඩී.බණ්ඩාරනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කරයි.නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා‍ වෙත දුරකතනයෙන් අමතමින් ජනාධිපතිවරයා සිය සංවේගය පළකළේය.ගම්පහ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි කෘතහස්ථ දේශපාලනඋඥයකු වූ ඒ මහතාගේ අභාවය සැළ වූ වහාම ජනාධිපතිවරයා සිය සංවේගය පළකර සිටියේය.එස්.ඩී බණ්ඩාරනායක මහතා වත්මන් නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ පියාණන් වෙයි..
NEWSPAPER
2014.06.04
http://www.dinamina.lk/2014/06/04/_art.asp?fn=n1406043
කළු, ගිං, නිල්වලා, කැලණි ගංගා සුළු ගංවතුර මට්ටමට
නුවන් කොඩිකාර
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කැලණි ගඟ සුළු ගංවතුර මට්ටම දක්වා පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.මේ ගංගාවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් කළුගඟ, කුකුළේ ගඟ ප්‍රදේශයේ දී ප්‍රධාන ගංවතුර මට්ටමකට පැමිණ ඇති බවත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා පේ‍්‍රමා හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.රත්නපුර ප්‍රදේශයේදී කළු ගඟ සුළු ගංවතුර මට්ටමක් හා ගිංගඟ, බද්දේගම ප්‍රදේශයේ දී, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවමින් පවතින බව එම මහත්මිය කීවාය.කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර ඇති බැවින් කුඩා ගඟ දෙපස පහත්බිම්වල ජනයා අවධානයෙන් පසුවිය යුතු බවත් අත්තනගලූඔයෙහි ජල මට්ටම වැඩිවෙමින් පවතින අතර ඒ ගංඟා අවට පහත් බිම්වල ජීවත් වන ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය ඉල්ලා සිටියාය..