category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=n14060617
නීති විරෝධී සිගරට් තොගයක් මත්තල ගුවන් තොටේ දී අත්අඩංගුවට
සූරියවැව සමූහ
කටුනායක ගුවන් තොටුපළේ සිට නීති විරෝධී අන්දමින් මත්තල ගුවන් තොටුපළට ගෙන එන ලද රුපියල් පන්ලක්ෂ හැටහතර දහසක් වටිනා සිගරට් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් මත්තල ගුවන්තොටුපළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.පෙරේදා (4) රාත්‍රී 7.30ට පමණ UL868 දරන ගුවන් යානය මඟින් කටුනායක සිට මෙම සිගරට් තොගය මත්තල ගුවන් තොටුපළට ගෙනවිත් තිබේ. කටුනායක නිදහස් තීරුබදු වෙළෙඳ මධ්‍යස්ථානයෙන් මිලයට ගන්නා ලද මෙම සිගරට් තොගය නීති විරෝධී ලෙස රට තුළට ගෙනවිත් තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මීගමුව සහ ඒ අවට පදිංචිකරුවන් වෙති.නියෝජ්‍ය රේගු අධිකාරී චන්දන සෙල්ලහේවා මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය රේගු අධිකාරී පී.එස්. ප්‍රේමචන්ද්‍ර, ඩී. බෝපගේ, ලක්ෂ්මන් වනිගසිංහ, සහකාර රේගු නිලධාරී ජේ.ඒ. සී. වයි. ජයවීර, කේ.එස්. ඩී. ජී. චමීර, සී.එස්. රත්නායක, එම්.ඒ.ඩී. දේමන්ත, කණ්ඩායම විසින් මෙම වැටලීම සිදුකරන ලදී. රේගු අධිකාරිය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=n14060618
එජාප නායකත්වයේ වෙනසකට ක්‍රිකට් ක්‍රීඩාවේ  මන්කාඩ් ක්‍රමය හෝ සොයා බැලිය යුතුයි
@ ඉමදුව සමුහ
එජාප නීති විශාරදයින් එජාපයේ ව්‍යවස්ථාව නැවත කියවා බලා එජාප නායකත්වය වෙනස් කිරීම සදහා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති මන්කාඩ් වැනි ක්‍රමයක් හෝ සොයා නොගත හොත් ඉදිරියේ දී එම පක්ෂය සොයා ගන්න වෙන්නේ කැනීම් කටයුතු කරන අයට පමණක් බව දකුණු පළාත් ප්‍රධාන අමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි.ඒ මහතා එසේ පැවසුවේ (4) පසුගිය දින අම්බලන්ගොඩ පොල්වත්තේ ඒ මහතාගේ නිවසේ පැවති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ස්තූතිය පළ කිරීම සදහා පැවති රැස්වීමක දීය.එහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රධාන අමැතිවරයා මෙසේ ද පැවසීය.පසුගිය දා පැවැති තරඟයේ දී අපේ කණ්ඩායම කියන දේ නාහන එංගලන්ත ක්‍රීඩකයාට නීති පොත අනුව නියම දඩුවම දුන්නා. එජාප පාක්ෂිකයන්ට සහ එජාපයේ නීති විශාරදයන්ට දැන් එවැනි ක්‍රමයක් වත් සොයා ගත යුතුයි . නැතිනම් පොදු අපේක්ෂක , අර අපේක්ෂක මේ අපේක්ෂක කුමන නමින් ආවත් සිදු වන්නේ පසුගිය වසර 20 ම සිදු වු දේමයි.පිට පිටම හයවැනි වතාවටත් අපිව දකුණු පළාතේ ජනතාව විශ්වාස කළා. ඒ වගේම ඉදිරියේ පැවැත්නෙ ජනාධිපතිවරණයේ දී ත් මුළු රටේම ජනතාව ජනාධිපතිවරයා පිළිබදව විශ්වාසය තබනවා.ප්‍රබල පොදු අපේක්ෂයෙක් අපි සමඟ සටනට ආවේ 2010 දී .එවකට එජාපය හා ජවිපෙ තම තමන්ගේ ප්‍රතිපත්ති පවා දෙමින් යුද ජයග්‍රහනයේ තරමක වාසියකුත් සමඟ පැමිණි සරත් ෆොන්සේකා මහතාට සහය දුන්නා.සිදු වුයේ අන්ත පරාජයක්. එම අවස්ථාවේ පොදු අපේක්ෂකයාට කරන්න බැරි වු දේ කරන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් මේ රටේ නෑ. මේ රටේ සිටින එකම පොදු අපේක්ෂකයා ජනාධිපතිවරයා පමණයි..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=n14060619
ගිං නිල්වලා ගංඟාවල වැඩි ජලය හම්බන්තොටට ගෙන යාමට වාරි යෝජනා ක්‍රමයක්
 රන්ජිත් පද්මසිරි , චමීර ඇල්ලදෙණිය සහසුභාෂිණී සේනානායක
ගිං නිල්වලා ගංඟාවල අතිරික්ත ජලය කොටපොළ හරහා උඩවලව ඔස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයට රැගෙන යාමේ වාරි යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.ගිං නිල්වලා ගංඟා ජල හැරවුම් යෝජනා ක්‍රමය ලෙස නම් කර ඇති පානීය හා වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමටත් ජල විදුලිය නිපදවා ගැනීමටත් ගංවතුර පාලනය කර ගැනීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.සභාව කල් තබන ලද අවස්ථාවේ දී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ ජල හැරවුම් යෝජනා ක්‍රමය පිළිබඳ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා තොරතුරු හෙළි කළේ මෙසේය.පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති - හම්බන්තොටට ජලය ගෙන යාම සඳහා එනම් ගිං - නිල්වලා ගඟ ජල හැරුම් යෝජනා ක්‍රමය සැලසුම් කරගෙන යනු ලබයි.මේ යෝජනාව අනුව පිටදෙනිය ප්‍රදේශයේ දී ගිං ගඟ හරහා ජල හැරුවුම් නිර්මිතයක් සැලසුම් කර උමං මඟක් මඟින් ගිං ග‍ඟේ වැඩිපුර ජලයෙන් කොටසක් ජලය කොටපොල දෙසට රැගෙන යාමටත්, කොටපොල දී නිල්වලා ග‍ඟේ අතු ගංඟාවක් හරහා ජල හැරවුම් නිර්මිතයක් තැනීම් කර නිල්වලා ග‍ඟේ වැඩිපුර ජලයෙන් ද කොටසක් හා ගිං ගඟ මඟින් කොටපොලට ලැබෙන ජලය ද සමඟ ජල ප්‍රමාණයක් කොටපොල සිට අම්පානගල ජල හැරවුම් ඒකකය හරහා මුරුතවෙල ජලාශය දක්වා ඉදිකරනු ලබන උමං මාර්ග මඟින් මුරුතවෙල ජලාශයට ජලය ලබාදීමට සැලසුම් කර ඇත.මුරුතවෙල ජලාශයට ලැබෙන්නා වූ ජලය චන්ද්‍රිකා වැව තෙක් ගෙන යාමට සැළසුම් කර ඇති ‍අතර මේ අනුව ගිං ග‍ඟේ හා නිල්වලා ගංඟාවල වැඩිපුර තිබෙන්නා වූ ජලය චන්ද්‍රිකා වැව තෙක් රැගෙන යාමේ දී උඩවලව දකුණ ඉවුර ව්‍යාපාරය මඟින් චන්ද්‍රිකා වැවට දෙනු ලබන ජල ප්‍රමාණය අඩුවන නිසා, උඩවලව වම් ඇළ මඟින් හම්බන්තොට ප්‍රදේශයට වැඩිපුර ජලයක් ලබාදීමට ද හැකියාවක් ඇති වේ. මීට අමතරව උඩවලව ජලාශයට ඉහළින් තනන ජල හැරවුම් නිර්මිතයක් හරහා මව් ආර ජලාශය සඳහා ජලය ලබාදීමට ද හැකියාවක් ද ඇතිවනු ඇත. මීට අමතරව කොටපොල සහ අම්පානගල ජල හැරවුම් ස්ථානවලින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා පානීය ජලය ලබාදීමට ද නියමිතය.මේ සැළසුම් ක්‍රියාත්මක කිරීම මඟින් මුරුතවෙල ජලාශයට අමතර ජලය ලැබෙන බැවින් දැනට අක්‍රියව පවතින මුරුතවෙල දකුණ ඇළ යටතේ වගාවන් ඵලදායී ලෙස ඉටු කිරීමට හැකියාවක් ලැබෙන අතර කිරම ඔය සහ ඌරුබොක්ක ඔය පද්ධති සඳහා ද ජලය ලබා දීමට අවකාශය ලැබෙන නිසා එමඟින් වීරකැටිය, කටුවන, තංගල්ල ප්‍රදේශ සඳහා පානීය ජලය ලබාදීමේ හැකියාවක් ද ඇතිවේ.උඩවලව ජලාශයේ ජලය ලබාදීමේ නම්‍යශීලීභාවය වැඩිවීමත් සමඟ ලියන්ගස්තොට අමුණ සඳහා ද අවශ්‍යතාව අනුව වැඩිපුර ජලය ලබාදීමේ හැකියාවක් ඇති වේ. මේ යෝජනාවලිය සැළසුම් කර තිබෙනුයේ ගිං ගඟ මෙන්ම නිල්වලා ග‍ඟේ අතිරික්ත ජලය හම්බන්තොට ප්‍රදේශයට හරවා යැවීමක් බැවින් ගිං ගඟ පහළ ප්‍රදේශවලට මෙන්ම නිල්වලා ග‍ඟේ පහළ ප්‍රදේශවලට ද ජල ගැටලුවක් ඇති නොවනු ඇත. තව ද මේ වැඩිපුර ජලය හැරවීම නිසා ගිං ‍ග‍ඟේ මෙන්ම නිල්වලා ගඟේ ද පහළ ප්‍රදේශවල ඇතිවන ගංවතුර තරමක් දුරට පාලනය වේ.තව ද පිට‍දෙණියේ සිට කොටපොල දක්වා ජල හැරවුම් කිරීමේ දී අතුරු ඵලයක් ලෙස ජල විදුලිය ද සෑහෙන ප්‍රමාණයක් උත්පාදනය වනු ඇත. හම්බන්තොට ප්‍රදේශයට අවශ්‍ය පානීය ජලය ලබාදෙන අතරතුර විවිධ කෘෂිකාර්මික වගාවන් කරගෙන යාම සඳහා ඉතා ඵලදායී ලෙස ඉටුකිරීමට හැකි වාතාවරණයක් ඇතිවනු ඇත. මේ යෝජනා සැළසුම් කිරීමේ දී ජල හැරවුම් කිරීම සඳහා ක්‍රමවේදයන් කිහිපයක් ම අධ්‍යයනය කර පරිසරයට මෙන්ම ජනතාවට ද වන හානි අවම කරගනිමින් දියත් කර ඇති ඉතා හොඳ ක්‍රමවේදයක් හඳුනාගැනීම සඳහා විමර්ශන කටයුතු කරගෙන යනු ලැබූ අතර ඒවායේ අවසන් සමීක්ෂණ හා මැනුම් කටයුතු මේ දිනවල කරගෙන යනු ලැබේ.අවසන් සැලසුම සැකසීමෙන් අනතුරුව යට වන නිවාස ප්‍රමාණය මෙන්ම ඉඩම් ප්‍රමාණය ද හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එසේ වුවත් දැනට හඳුනාගෙන තිබෙන තොරතුරු අනුව පහත සඳහන් පරිදි ඉඩම් හා නිවාසවලට බලපෑමක් සිදුවනු ඇත.පිටදෙණිය හැරවුම් නිර්මිතය තැනීමමේ ස්ථානයේ හෙක්ටයාර 5.6ක රජයේ ඉඩම් පමණක් යටවන අතර, සිංහරාජ වනයට හානි නොවන පරිදි ජල මට්ටම සැළසුම් කර ඇත. නිවාස කිසිවක් යට නොවනු ඇත.කොට‍පොල හැරවුම් නිර්මිතය තැනීමමේ ස්ථානයේ ජල හැරවුම් නිර්මිතය තැනීමේ දී හෙක්ටයාර් 5ක් පමණ පෞද්ගලික ඉඩම් යටවන අතර නිවාස 5ක් පමණ ජලයෙන් යටවනු ඇත. මීට අමරතව ජල මට්ටම ආසන්නයේ තිබෙන තවත් නිවාස 7කට පමණ දියසීරාව ඇති බැවින් ඒ ඒ පදිංචිකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු පරිදි විසඳුම් ලබාදීමට පියවර ගනු ඇත.මේ නිවාසවලට අමතරව හැරවුම් නිර්මිතයට තරමක් ඉස්මත්තෙන් පිහිටි පහත් බිම්වල තැනීම් කර ඇති නිවාස 10ක් පමණ දැනටමත් තරමක් අධික ගංවතුරක දී පවා යටවීම හෝ දියසීරාවට හසුවීම වන බව ක්ෂේත්‍ර පරීක්ෂණවලදී හඳුනාගත් නිසා, එම නිවාසලාභීන් සඳහා ද සුදුසු විසඳුම් ලබාදීමට කටයුතු කරගෙන යනු ලබයි.අම්පානගල ජලාශ හැරවුම් නිර්මිතයමේ නිර්මිතය තැනීම නිසා හෙක්ටයාර් 2ක පමණ පෞද්ගලික ඉඩම් යටවන අතර, නිවාස කිසිවක් බලපෑමකට ලක්නොවන බව දැනට හඳුනාගෙන ඇත.බලපෑමට ලක්වන ඉහත පැහැදිලි කරනු ලැබූ ඉඩම් මෙන්ම නිවාස ද හඳුනා ගැනීමෙන් අනතුරුව පූර්ණ සමීක්ෂණයක් ද සිදු කර රජයේ විධිමත් අත්පත් කර ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් හා රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන්ට අනුව වන්දි ලබාදීමට ද කටයුතු කරනු ඇත. ඊට අමතරව දැනටමත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය මඟින් ඉඩම් අත්පත් කර ගැනීමේ දී දෙනු ලබන සහනයක් වන නිවසක් තනා ගැනීම සඳහා ඉඩම් කොටසක් ද ජීවනෝපාය අහිමිවන්නන් සඳහා ජීවනෝපාය මාර්ගයක් ඇති කිරීමට ද කටයුතු කරනු ලැබේ.නිවාස අත්පත් කර ගැනීමේ දී ප්‍රතිස්ථාපනය කිරීමට වැයවන මුදල ද, ඉඩම් අත්පත් කර ගැනීමේ දී තක්සේරු වාර්තාව අනුව වර්තමාන වටිනාකමට ද වන්දි මුදල් ලෙස ලබාදෙනු ඇත..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=n14060620
හඬක් නැති ජනතාවට හඬක් වූ ඇන් ඇම්
මහාචාර්ය ‍රෝහණ ලක්ෂ්මන් පියදාස
යටත් විජිත වලින් උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තය ඇතුළු බටහිර රටවලට ගිය තරුණ සටන්කාමීහු තම රටවලට පැමිණි වෙනත් යටත් රටවල තරුණයන් සමඟ “යටත් විජිතවලට නිදහස ලබා ගැනීම සඳහා” සාකච්ඡා කළ අතර, විකල්ප දේශපාලන ක්‍රම අධ්‍යයනය කරමින් සිටියහ. 1917 ඔක්තෝම්බර් විප්ලවය ඔවුනට මහත් ආස්වාදයක් ගෙන දුන් අත්දැකීමකි.ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍ය පිළිබඳ ඔවුන් හදාරන්නට හා එම අත්දැකීම ඒ ඒ රටවලට ගොස් භාවිත කිරීම පිළිබඳ උනන්දු විය.මෙරට පු‍රෝගාමී වාමාංශික ව්‍යාපාරය බිහිවන්නේ මෙම පසුතලය මතය. විදේශ අධ්‍යාපනය හමාරකොට මෙරටට පැමිණෙන වාමවාදී ප්‍රගතිශීලී තරුණ සටන්කාමීන් ඒ සඳහා සංවිධාන දෙකක් ගොඩනඟන අයුරු හඳුනා ගත හැකිය. මේ වන විටත් යටත් විජිත යුද්ධ වල මැදිහත් වී සිටි ආබාධිත, යටත්විජිත හිමියන් හා යටත් රටවල සිටි සොල්දාදුවන් වෙනුවෙන් පුරුත්ථාපන සුබසාධන වැඩකටයුතු සඳහා අරඹා තිබුණු “පොපිමල් ව්‍යාපාරය” වෙනුවට මෙරට සමාජ පීඩාවන්ට පත් අසරණ සමාජ කණ්ඩායම් සඳහා සහනාධාර හා උපකාර ලබාදීම අරමුණින් “සූරිය මල් ව්‍යාපාරය” එහි ප්‍රධාන සංවිධානය විය. මීට අමතරව යාපනය, කොළඹ, ආදී නගරවල ඇරඹූ තරුණ සංගම් ව්‍යාපාරය ජනතාව අතරට ගෙනගිය සංවිධාන විය.1930 දශකයේ රට මැලේරියාවෙන් වැළලීයද්දී, විශේෂයෙන් කැලණි වැලි මිටියාවතේ මැලේරියාවෙන් පෙළෙන අසරණ ජනතාවට සහනාධාර ලබා දීමට ඉදිරිපත් වූ ප්‍රධාන සංවිධානය වූයේ සූරිය මල් ව්‍යාපාරයයි.මීට වසර 109කට පෙර එනම් 1905 ජුනි 06දින ජන්මය ලද මෙරට කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක් මෙරට පුරෝගාමී දේශපාලන පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයේ නිර්මාතෘවරයෙක් වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ගේ සමාජ, දේශපාලන මෙහෙවර සාකච්ඡා කළ යුත්තේ ඉහත වටපිටාව පසුබිම් කරගෙනය.සාමාන්‍ය මිනිසුනට තේරෙන බසින් අධිරාජ්‍යවාදයේ සහාසිකත්වය හා සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කිරීමේ වැදගත්කම මෙම සූරියමල් ව්‍යාපාරය, මැලේරියා සහනාධාර වැඩසටහන මඟින් කොතෙක් දුරට ගෙන ගියා ද කිවහොත් සම සමාජ නායකයන් සාමාන්‍ය ජනයාගේ සිත්ගත් පිරිසක් වූයේ හෘදයාංගමවය. සහනාධාර සඳහා පරිප්පු බෙදා දුන් ඇන්. ඇම්. පෙරේරා “පරිප්පු මහත්තයා” ලෙසත්. වෛද්‍යවරයෙක් ලෙස බෙහෙත් ලබාදුන් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ “දොස්තර මහත්මයා” ලෙසත් මිනිසුන් ලෙන්ගතුව ආමන්ත්‍රණය කළහ. සූරියමල් ව්‍යාපාරය, පොපිමල් ව්‍යාපාරයට විකල්පව අධිරාජ්‍යවාදය කුලපීඩනයට, වැඩවසම් වටිනාකම් වලට එරෙහිව මිනිසුන් අවදිකළ අතර, රටේ මුල් පෙළේ උගත් බුද්ධිමත් තරුණ නායකයන් සියල්ලම පාහේ මෙම පුළුල් සංවිධානයට එකතුකර ගැනීමට තරම් ඇන්. ඇම්. පෙරේරා ප්‍රධාන පුරෝගාමීන් දැක් වූ හැකියාව අතිශයින්ම නිර්මාණාත්මකය.මෙම පසුතලය මෙරට ප්‍රථම දේශපාලන පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය 1935 දෙසැම්බර් 18 දා කොළඹ මරදානේ දී පිහිටුවා ගැනීමට හේතුවිය. මෙම ආරම්භක රැස්වීම අමතා ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා හා එස් ඒ. වික්‍රමසිංහ යන නායකයන් කතා කළ අතර 1815 යටත් විජිතයක් වීමෙන් පසු මෙරට ජාතික නිදහස සඳහා දේශප්‍රේමීන් විවිධ පෙරමුණු ඔස්සේ ගෙනගිය අරගලය, සටන්. වල නූතන අවධිය ලෙස මෙම සම සමාජ පක්ෂය බිහිවීම විස්තර කර දීමටත් ඔවුන් අවංකවිය. එහි ප්‍රතිඵලය වූයේ පක්ෂය බිහිකර නොබෝ දිනකින්ම 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවන මැතිවරණයට මුහුණ දීමට සිදුවීමය.පාර්ලිමේන්තු ආසන 4ක් සඳහා ලංකා සම සමාජ පක්ෂය විසින් අපේක්ෂකයන් ඉදිරිපත් කරන ලදී. සටන ඉතා තියුණු විය. බලවත් රදළයන් මැරයන් ව්‍යාපාරිකයන් සමඟ සටන් කළ සම සමාජ නායකයන් අතරින් රුවන්වැල්ලට තරග කළ ඇන්.ඇම්. පෙරේරාත්, අවිස්සාවේල්ල අසුනට තරග කළ පිලිප් ගුණවර්ධනත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූහ. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ තරුණ ඇන්.ඇම්. පෙරේරා ගෙනා යෝජනා පදනම් කරගෙන වසරක් තුළ මෙරට සාමාන්‍ය ජනතාවට අත්පත් කර දුන් ජයග්‍රහණ කීපයකි. දිළිඳු දරුවන් සඳහා පාසල් දිවා ආහාර, ලබා දීම, බූදල් බද්ද ඉවත් කරවීම, උසාවි භාෂාව සිංහල හා දෙමළ විය යුතු බව, ගෙනා යෝජනා සම්මත කොට ක්‍රියාත්මක කරවීමට සමත් විය.රාජ්‍ය මන්ත්‍රණ සභාව පසුව පාර්ලිමේන්තුව ජනතාවගේ හඬ එළිදක්වන මත වේදිකාවක් හා උද්ඝෝෂණ මධ්‍යස්ථානයක් බවට පත්කර ගැනීමටත්, එමඟින් ලබාදිය හැකි සහනාධාර අත්පත් කර දීමටත් ඇන්.ඇම්.ප්‍රායෝගිකව ක්‍රියා කළේය.සිය දේශපාලන ජීවිතය තුළ කම්කරුවන් පීඩිතයන් සංවිධානය කරමින් ඔවුන් පන්ති ඉල්ලීම්, අයිතිවාසිකම් මත සටන් කළා පමණක් නොව, සමාජය තුළ හඬක් නැති මිනිසුන්ගේ අදහස් වෙනුවෙන් බුද්ධිය විග්‍රහයක් සමාජ ගත කිරීමට පෙනී සිටියේය.යටත් විජිත පාලන සමය, නිදහස් ශ්‍රී ලංකාවේ, නිදහස අත්පත් කරගැනීම, සමාජය තුළ සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, සමාජවාදී සමාජ අත්දැකීම් ව්‍යාප්ත කිරීම යන සමාජ අරමුණු ශ්‍රී ලංකාවේ සමකාලීන සමාජ පරිනාමයට සමාන්තරව වෙනස්කරමින් සටන්කිරීමට හැකිවීම, ඇන්.ඇම්. දේශපාලනය කැපී පෙනුණු සුවිශේෂී ලක්ෂණය ලෙස හඳුනා ගත හැකිය.යටත් විජිත පාලනයේදී ඔවුන්ගේ සභාසිකත්වය එළිදරව් කිරීම සඳහා 1915 ජාතිවාදී ගැටුම් හමුවේ ඉතා ප්‍රචණ්ඩ හා අමානුෂික ලෙස කටයුතු කළ හර්බට් ඩව්බ්ගින් පොලිස්පතිවරයාට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණ, විරෝධතා මඟින් ඔහු රටින් පිටමංකරවීම, බ්‍රිතාන්‍ය පාලනයේ නීතිරීති වලට අභියෝග කළ “බ්රේස් ගර්ඩල්” සඟවා ගනිමින් ඇති කළ උද්ඝෝෂණ දැවැන්ත කම්කරු සටන් රැලි, ඉන්දියානු වතු කම්කරු ප්‍රශ්නය, යටත්විජිත පාලකයින්ගේ පාලනය එළිදරව් කළඅතර, රටේ නිදහස් අරගලය වඩාත් සටන්කාමී මෙන්ම බුද්ධිමය ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඔහු දායක විය.විශේෂයෙන් දෙවන ලෝක යුද්ධය හමුවේ තහනමට ලක්වූ සම සමාජ නායකයින් හිරභාරයට ගැනීමත් ඉන් අනතුරුව ඇන්. ඇම්.ප්‍රධාන නායකයින් හිරගෙදරින් පලායාම හා නැවත බන්ධනාගාර ගත කිරීම හමුවේ ඇතිවූ උද්ඝෝෂණ, විවිධ පෙරමුණු වලින් ඇති කළ බලපෑම නිදහස් ශ්‍රී ලංකාවේ පළමුවැනි මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි බලපෑවේය.1946 මහා වැඩවර්ජනයට නායකත්වය දුන්නේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වෘත්තීය සංගම් නායකයෙකු මෙන්ම පන්නරය ලබමින් සිටී සටන්කාමී සංවිධායකයෙකු ලෙසිනි. රටම වෙළාගත් වැඩවර්ජනය පසුකාලීන ලාංකික සමාජයට නායකයින් රැසක් හඳුන්වා දුන් වේදිකාවක් බවට පත්විය.1964 ජූලි 30 දින සිය මංගල අය වැය ලේඛනය මුදල් ඇමැති ලෙස ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඉදිරිපත් කළේය. තිරසාර භාවය, නිෂ්පාදන ආර්ථිකයට පදනම දැමීම. විනිමය සම්පත් විදේශිකයින්ට කොල්ල කෑම සීමා කිරීම, ඉඩම් දේපළ හිමි ධනපතියන්ට බදු වැඩි කිරීම හා දුප්පතුන් සඳහා දිගුකාලීන ණය ආධාර ලබා දීම මඟින් ආර්ථිකයේ පහළ තීරුව සකස් කරවීම ඔහු හඳුන්වා දුන්නේය. පස් අවුරුදු සැලැස්ම ප්‍රථම වරට දිගු කාලීන සැලැසුම් සඳහා ප්‍රවේශයක් හඳුන්වාදුන් යෝජනාව ඔහුගේ අදහසකි.70 ආණ්ඩුව හඳුන්වා දුන් ඉඩම් සීමාව, ආදායම් සීමා,නිවාස සීමා පනත් තරුණ පුනරුත්ථාපනය, සංවර්ධන ප්‍රතිසංස්කරණ මෙරටට හඳුන්වා දීමේ ලා ආචාර්ය ඇන්. ඇම්. කැපී පෙනෙන මෙහෙයක් ඉටු කෙළේ කෘතහස්ත දේශපාලනඥයන් යුත් පරිනත කැබිනට්ටුවක දීය. 1977 ආණ්ඩුව පෙර ලී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව 1978 හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ එවකට සම සමාජ නායකයා ලෙස ආචාර්ය ඇන්.ඇම්. පළකළ අදහස් මගේ විග්‍රහයේ පරිදි මෙතෙක් ඔහු විසින් කළ ව්‍යවස්ථාව - පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තියුණු ගැඹුරුතම විශ්ලේෂණයයි. .
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=n14060621
ප්‍රෞඩ ශිෂ්ඨාචාරයක ඇරඹුම මිහින්තලාව
@ මිහින්තලේ සමුහප්‍රියදර්ශනි කරුණාරත්න
ශ්‍රී ලාංකේය වංශ කතාව පවසන පරිදී මීට අවුරුදු දෙදහස් තුන්සියයකට පෙර එනම් බුදුන් පිරිනිවන් පා වසර දෙසිය තිස්හයක් එළැඹුණු පුර පසලොස්වක පෝදා මිහිඳු මහා රහතන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝයා වහන්සේ ලා ගෞතම බුදුන්ගේ දහම් පනිවිඩය රැගෙන දඹදිව සිට මිස්සක පර්වතයට පැමිණිමෙන් පසු ලක්වැසියනට නව ජීවන මාර්ගයක් සේම දර්ශනයක් ද හිමි විය. එදා මිස්සක පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් ලක් වැසියාගේ ප්‍රෞඩ ශිෂ්ඨාචාරයේ ගමන් මඟ ඇරඹිණි.මිහින්තලා පුද බිමේ පෞරාණික ස්මාරක හා අක්කර 582 ක් පුරා පැතිර ඇති ලොව ප්‍රථම අභය භුමිය වන සතුන්ගේ හා මානව වර්ගයාගේ හිත සුව පිණිස සංරක්ෂණයට ලක් කරමින් මිහින්තලාවට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා වෙනුවෙන් අවශ්‍ය පොදු පහසු කම් සපුරාලීම සඳහා වත්මන් රජය මේවන විට මිලියන 35 ක් වැය කර ඇත.වසරින් වසර මිහින්තලාව අභාවයට යනු දැකීමෙන් මහත් කම්පාවට පත් වු වර්තමාන මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ උතුරුමැද පළාත් මහා ඇමැති එස්. එම් .රංජීත් සමරකෝන් මහතා හා එවකට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරය දැරූ එස් .එම් .චන්ද්‍රසේන මහත්වරුන් එක්ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මිහින්තලා පුද බිමේ ගරාවැටීමේ තත්ත්වය ගැන පෙන්වා දුන්නහ.මේ අනුව ජනාධිපති රජපක්ෂ මහතාගේ මිහින්තලා පුද බිමේ නිරික්ෂණ චාරිකාවකින් පසු මිහින්තලාවට වැටුණ ආලෝකය දිනෙන් දින තීව්‍රර වෙමින් පවතී. සියැසින් දුටු මිහින්තලාව ගැන අනෙක වාරයක් කම්පා වු ජනාධිපතිතුමා මේ සියලු අවශ්‍ය තා සපුරා ලීම සඳහා මිහින්තලා පුදබිමේ සිට අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ,ආදිමානව සමාජයේ පුනර්ජීවය හා ධාර්මික සමාජයක් ගොඩනැඟීමට හොඳම ස්ථානය මිහින්තලාව බව වැටහී ගිය හෙයිනි.දිනෙන් දින අභාවයට යමින් තිබු මිහින්තලාවේ සංවර්ධන කටයුතු කිරීමේ පූර්ණ වගකීම නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරවූ අතර නොපැකිලිව ඒ බාරධුර කර්තව්‍ය පුර්ණ අධික්ෂණයෙන් යුතුව පුදබිමේ සංරක්ෂණ හා සංවර්ධන කටයුතු කිරිමේ මෙහයුම ආරම්භ කළේය. වර්තමාන මිහින්තලාව ක්ෂේම භුමියක් බවට පත්වන්නේ මේ සද්ක්‍රියාවේ බලමහිමයෙනී.පුදබිමේ සංවර්ධන කටයුතු කිරිමේදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විධි නියමයන්ට අනුව නාගරික සංවර්ධන අමත්‍යංශ යටතේ මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙහි සියලු කටයුතු සංවිධානය කළේය.පුදබිමේ සංවර්ධන සැලැස්ම මෙන්ම ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක බලකායේ සහාය ඇතිව මිහින්තලා පුදබිමේ නගර උද්‍යාන හා වල් බිහිවී අපිරිසිදු ව පැවැති වනපෙත සිත්පිනවන ලෙස අද පවතී..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=n14060622
අර්ථ සාධක අරමුදලින් පාසලට බස් රථයක්
null
වසර 40ක් පුරා සේවය කළ ආයතනයෙන් ලැබුණු අර්ථ සාධක අරමුදලින් තමා වසර 4ක් පමණ කෙටි කලක් අධ්‍යාපනය ලැබූ පාසලට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අපූරු පුවතක් ගල්කිස්සෙන් වාර්තාවේ..සාමාන්‍යයෙන් මෙවැනි පරිත්‍යාග සිදුකරනු ලබන්නේ සමාජයේ ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් වූවද අදාල පරිත්‍යාග සිදුකොට තිබුණේ ගල්කිස්ස ප්‍රනාන්දු පාරේ පදිංචි මධ්‍යම පාන්තික පවුලකට අයත් පුද්ගලයෙක් විසිනි.ඔහු සරත් සිල්වාය. ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහ විද්‍යාලයට රුපියල් ලක්ෂ 25ක් වටිනා බස් රථයක් පසුගියදා ඔහු පරිත්‍යාග කළේ ෆයිබර් ග්ලාස් ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයක වසර 40ක කාලයක් සේවය කිරීමෙන් පසුව ලැබූ ඔහුගේ අර්ථ සාධක අරමුදලින් වීම විශේෂත්වයකි.සරත් සිල්වා , ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලයේ අධ්‍යාපනය ඇරැඹුවේ වර්ෂ 1963 දීය. ගල්කිස්ස පරම ධම්ම චේතිය පිරිවෙනේ දී නමක් නොමැතිව සිසුන් 24ක් හා ගුරුවරු 4කගෙන් ආරම්භ කළ මේ පාසල පසුව කජුවත්ත විදුහල ලෙස ප්‍රකට විය. එසේ වුවත් ගල්කිස්සේ ගාලු පාරේ සිට පාසලට යා හැකි ප්‍රධාන මාර්ගය හේන පාර වූ බැවින් පසුව එය හේන විදුහල ලෙස ප්‍රසිද්ධියට පත්විය. එය ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලය බවට පත්වූයේ පසුක‍ලෙකදීය . සිවු වසරක කාලයක් මේ විදුහලේ අධ්‍යාපනය ලැබූ සරත් සිල්වා මහතා පසුව මොරටුව වේල්ස් කුමර විදුහලට ඇතුළත් විය.සිල්වා මහතාගේ මේ උතුම් පරිත්‍යාගයට ඔහුගේ බිරිය ජෙහනාරා සකුන්තලා, පුතු දෙදෙනා වන ප්‍රියත් ලක්ප්‍රිය හා ජනිත් ජිත්පුර මෙන්ම ඔහුගේ මෑණියන්ගේ ද ආශිර්වාදය ලැබී තිබිණි..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=n14060623
අපේ රට දූපතක් වුවද පරිසරය පිළිබඳ කටයුතු කර තිබෙන්නේ මහාද්වීපයක් ලෙසින්
මහින්ද අලුත්ගෙදර
අපේ රට දූපතක් වුවද පරිසරය කියන කාරණයේ දී කටයුතු කර තිබෙන්නේ මහාද්වීපයක් ලෙස බවද ඉතිහාසයේ කිසිදු දිනෙක දූපත් මානසිකත්වයෙන් හෝ කුඩා රටක් යන මානසිකත්වයෙන් පරිසරය සමඟ කටයුතු කර නොමැති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් අදත් ලෝකයේ අතිශය දුර්ලභ ජෛව විවිධත්වයක් අපට උරුම වී තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා පරිසර විපර්යාස අද මුළු ලෝකයටම අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැති බව ද ඕසෝන් ස්ථරය ආරක්ෂා කරන්න ලෝක බලවතුන් අත්වැල් බැඳගෙන මහා සමුළු සම්මන්ත්‍රණ පවත්වන බවද මේ සියල්ලට අපි සහභාගී වන බවද පැවසීය. මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ එසේ කළද ඔවුන් උපදෙස් දෙන්නේ සහ වගකීම් පවරන්නේ තුන්වන ලෝකයේ රටවල් වලට බව ද කීවේය.ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ දී ඊයේ (5) පැවැති ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි."දේශගුණ විපර්යාසවල බලපෑමෙන් දූපත් රාජ්‍යයන් රැකගනිමු" යන්න තේමාව කරගත් මේ 41 වැනි ලෝක පරිසර දින සැමරුම් උත්සවය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් සංවිධානය කෙරිණි.එහිදී වැඩිදුරටත් අඳහස් පළකරමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 41 වන ලෝක පරිසර දිනයයි අද අපි සමරනවා. මේ වර්ෂයෙත් ලෝක පරිසර දිනය පවත්වලා අපේ දූ පුතුන්ට මේ උරුමයේ වටිනාකම පෙන්වා දෙන්න කටයුතු කිරීම ගැන මම සතුටට පත්වෙනවා. ලෝකයටත් අපි මේ වටිනා උරුමය රැකගත්ත ආකාරය පෙන්වාදීමත් අපේ යුතුකමක් වාගේම වගකීමක් කියලා මම විශ්වාස කරනවා.මීට අවුරුදු දෙදහස් පන්සිය පනහකට කළින් මේ වඟේ පොසොන් මාසයක අපේ රටේ තමයි ලෝකයේ පළමු අභය භූමිය ප‍්‍රකාශයට පත් වුණේ. ගහකොළ, සතා සිව්පාවා, ගංගා ඇළ දොළ මේ සියල්ලේ හිමිකරුවා පරිසරය බව එදා මිහිඳු හාමුදුරුවෝ දෙවනපෑතිස් රජුට වදාලා. අපි මේවායේ භාරකාරයින් මිසක් උරුමක්කාරයෝ නොවෙන බව එදා අපිට පැහැදිළි කළා. එය අපි පිළිගත්තා. අදත් අපි එහෙමයි හිතන්නේ.මේ වර්ෂයේ ලෝක පරිසර දින තේමාව මේ කලාපයට වගේම දූපත් රාජ්‍යයන්ට වැදගත් එකක්. දේශගුණික විපර්යාසවල බලපෑමෙන් දූපත් රාජ්‍යයන් රැකගන්න මේ වසරේ අවධානයට ලක් කරලා තිබෙනවා. අපිට මතකයි ලෝකයේ මේ අවධානය ගන්න අපේ අසල්වාසී මාලදිවයින මුහුදු පතුලේ කැබිනට් රැස්වීමක් පැවැත්වුවා.මිහිතලයේ උෂ්ණත්වය පාලනය කරන්න අද විද්‍යාඥයන් බලවත් රටවලට විවිධ නීති පනවලා තිබෙනවා. එක් රටකට 2050 වන තෙක් කාබන් පිටකරන්න අයිතිය දී තියෙන්නේ ගිගාටොන් 30 යි. ඒ වුණත් ඒ අය අද වෙන කොටත් ගිගාටොන් 90 ක් පිටකරලා තිබෙනවා. දැනටමත් තුන් ගුණයක් වැඩිපුර පිට කරළා. අනාගතයේ මිහිතලයේ උෂ්ණත්වය සෙන්ට්‍රෙග්‍ර්ඩ් අංශක 4 ට වඩා වැඩි වුණොත් අපේ වගා බිම් විනාශ වෙලා යනවා.මේ තත්ත්වය ඉපදෙන්න ඉන්න සත්ත්වයාගේ පටන් හටගන්න තියෙන පැලෑටියෙත් උරුමය උදුරා ගැනීමක් කියලයි අපි විශ්වාස කරන්නේ. මේ වාගේ අවස්ථාවක අපිට ලොකු වගකීමක් තිබෙනවා. අපි අනාගත පරපුර වෙනුවෙන් ඒ වගකීම හරියට බාරගෙන තියෙන බව කියන්න ඕනැ. මහින්ද චින්තනයට අනුව අපි බොහෝම දුරදිග බලලා තීරණ රාශියක් අරගෙන තිබෙනවා. අපේ රටේ පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය කරන්න අලුත් අධිකාරියක් පිහටුවලා ඒ සඳහා අපේ අවධානය අපි යොමු කරලා තිබෙනවා. අපගේ බලාපොරොත්තුව 2016 වන විට කුඩා ජල විදුලි, සුළං, විදුලිය වගේ විකල්ප වලින් රටේ විදුලිය ඉල්ලුමෙන් සියයට 10 ක් සම්පූර්ණ කරන්නයි. එතකොට තෙල් වලින් ගල් අඟුරු වලින් පරිසරයට නිකුත්වෙන කාබන් ප‍්‍රමාණය අඩු වෙනවා.විදුලිය නිපදවීමට හැකි ජල සම්පත පිළිබඳ ගැටළුවක් තිබෙනවා. මේ ජල සම්පතේ උපරිම ප්‍රයොජන ගන්න 2018 වන විට අපි බලාපොරොත්තු වෙනවා. ජල ගබඩා, පොම්ප විදුලි බලාගාර හැදීමේ මූලික කටයුතු අපි ආරම්භ කළේ ඒකයි. ඒ වගේම අපේ සාගර කලාපයේ තියෙන සුලං බලය, තරංග බලය, සමුද්‍රතාපය, දියවැල් හරහා එන බලශක්තිය මේ සෑම දෙයකින්ම අපි උපරිම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙන්න ඕනැ. අපේ සාගර ආර්ථිකයේ අලුත් මාවත් අපි රටට උදා කිරීමේ අභියෝගයත් භාර අරන් තිබෙනවා. ඒ වඟේම අඩුම කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදා හරින රට බවට අපි මේ රට අනිවාර්යයෙන්ම පත් කරන්න අවශ්‍ය වෙනවා.මම පසුගිය දවස්වල පුවත්පත්වල දැක්කා ඩෙංගු නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ පාසැල් ගණනාවක් වසා දාන්න වුණා. මේ කාගේ වරදක් ද? රජය මොනතරම් නීතිරීති පැනෙව්වත්, ගුවන්විදුලියේ, රූපවාහිනියේ කොතරම් කතා කළත්, මුදල්, සම්පත් යෙදෙව්වත් සමාජයේ යුතුකම් කොටස අපෙන් ඉටු නොවුනොත් මේ වසංගත වලින් අපට මිදෙන්න බැහැ. අපට වගකීමක් තිබෙනවා අපේ පාසල් පිරිසිදුව තබාගන්න. පරිසරය සකසන්න. ඩෙංගු නිසා අහිමි වුණු ජීවිතවල වටිනාකම අපිට මනින්න බැහැ. වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ ඉඳලා කුඩා දරුවන් දක්වා මිය ගිහින් තිබෙනවා. මෙයයි ඇත්ත තත්ත්වය. මේවා පිළිබඳ අපේ අවධානය යොමු කළයුතු වෙනවා. දරුවන් රැකගැනීම, පරිසරය රැකගැනීම, පාසල්වල තිබෙන පරිසරය මීට වඩා රැකගැනීම අපේ වගකීමයි. අපේ වගකීම අපි භාරගන්න ඕනෑ.අපි ලෝකයේ රටවල පරිසරය ගැන කතා කරනවා. ඒවායේ පිරිසිදුකම ගැන කතා කරනවා. එභෙම කියපු සමහර රටවලට අද අඩිය තියන්න බැහැ. අපේ රට ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. අපි මහින්ද චින්තනයේ කියපු විදිහට ගමේ පරිසරය කොළඹට ගෙනැත් තිබෙනවා. ඒ වගේම නගරයේ තිබෙන වඩාත් හොඳ සම්පත් අපි ගමට අරන් ගිහින් තිබෙනවා. අපි පරිසරය අතින් අද ආසියාවේ ගොඩනැගුණු රටක්. නගරය සංවර්ධනය කරළා තිබෙනවා. මෑතකදී තිබුණු නාගරික සංවර්ධනය පිළිබඳ ලෝක සම්මන්ත්‍රණයට අපේ රටට ආරාධනා කළේ. එහිදී කොළඹ නගරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා.අපේ රට පරිසරවේදීන්ට, පරිසරය ගැන ඉගෙන ගන්න ඔයාලවගේ දරුවන් මහා සම්පතක් බව මට විශ්වාසයි. මේ රට ලෝකෙට විද්‍යාගාරයක් වගෙයි. ඒ අපට උරුම ජෛව විවිධත්වය නිසා පමණක් නොවෙයි, මේ සම්පත් රැකගන්න අපේ මුතුන් මිත්තන් අනුගමනය කළ දේත් ලෝකය අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසා උරුමයෙන් ලැබිලා තියෙන දේ අපි අනාගත පරපුරටත් රැකදෙන්න කටයුතු කරන්න ඕනැ.අපි අපේ ආකල්ප පරිසරයට අනුකූලව සකසා ගන්න ඕනැ. ඔබ කුමන ක්ෂේත්‍රයක වෘත්තිකයෙක් වුණත් ඔබට එය කළ හැකියි. පරිසර අමාත්‍යාංශයට හෝ රජයට හෝ වෙනත් යම් කණ්ඩායමකට පමණක් එය අයිතියි කියලා හිතන්න එපා. අනුන්ට ඇඟිල්ල දික් කරමින් ඉඳලා අපිට අපේ පරිසරය රැකගන්න බැහැ. ඒ අභියෝගය ජයගන්න බැහැ. අපි අපේම දරුවා වෙනුවෙන් අපේම සුබසිද්ධිය වෙනුවෙන් මේ පරිසරය රැකගන්න ඕනෑ. අපිම තීන්දු කරන්න ඕනෑ. අපිත් අයිති පරිසරයටයි. අමෙරිකානු ගෝත්‍ර නායක සියටැල් එදා මේ පරිසරයේ වෙසෙන සතා සිව්පාවා, ගහකොළ අපේ සහෝදර සහෝදරියෝ කියන්න වසර දහස් ගණනකට කලින් අපි ඒ පණිවිඩය ලෝකයට දුන්න රටක්.ඒ නිසා අද අපිට නැවතත් ලෝකයට ඒ පණිවිඩය සිහිපත් කරනවා. අපේ පරිසරය, රට, ලෝකය රැකගන්න ඔබ සම්බන්ධ වන්න.පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා,1972 වසරේ ස්ටොක්හෝම් සමුළුවේ දී ගත් තීරණයකට අනුව ජගත් පරිසර දිනය සමරනවා. මෙවර එය සමරන්නේ 41 වැනි වරටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතන විසින් පරිසරය සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. විවිධ තේමාවන් ඔස්සේ මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා. මෙවර එහි තේමාව අපේ රටට සියයට 100ක් ගැලපෙනවා. අපි දූපත් රාජ්‍යයක්.ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් ග්ලැසියර දියවීම, මුහුදු ජල මට්ටම ඉහළ යාම ආදි අදටත් සිදුවෙනවා. විවිධ කාලවලට වැසි ලැබෙනවා. එය අද වෙනස් වෙමින් තිබෙනවා. ඒ අතර ස්වාභාවික විපත් හේතුවෙන් දේපල, ජීවිත හානි සිදුවෙනවා. මේ තත්ත්වය අවම කරමින් පරිසරය සුරක්ෂිත කරන්නට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපේ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව නිල්ල පිරුණු රටක්, හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්නට කටයුතු කරගෙන යනවා. 2020 වනවිට අපේ රටේ ඉඩම් හෙක්ටාර 350,000ක වන වගා කරන්නට සැළසුම් කර තිබෙනවා. එයින් හෙක්ටාර 30,000ක වන වගා කටයුතු මේ වසරේ දී ආරම්භ කරනවා. ආයතන රැසක් මේ වෙනුවෙන් වැඩ කරනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් වසරකට ශිෂ්‍යත්ව 200 ක් ලබාදෙන්නට පියවර ගෙන තිබෙනවා.ඒ වැඩසටහන අද සිට ආරම්භ වෙනවා.ලබන වසරේ සිට අපේ රටේ සෑම පාසලකටම පරිසර නියමු භට කණ්ඩායමක් ස්ථාපිත කරමින් පරිසරය රැක ගන්නට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ සතිය තුළ විවිධ පරිසර වැඩසටන් ක්‍රියාත්මක කරන්නට පියවර ගෙන තිබෙනවා.අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා,අද සමස්ත ලෝකයම පරිසර දිනය සමරනවා. පස් අවුරුද්දක් සඳහා පරිසර නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අමාත්‍ය මන්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඒකාබද්ධව මේ වැඩසටහන සෑම පාසලකම ක්‍රියාත්මක කරන්නට පියවර ගන්නවා. ලෝකයට, දරුවන්ට පරිසරය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීම වැදගත්. අද ගෝලීයකරණයත් සමඟ විශ්වය එකම ගම්මානයක් බවට පත්ව තිබෙනවා.දිනෙන් දින අවශ්‍යතා වර්ධනය වෙනවා. මූලික මිනිස් අවශ්‍යතා ඉටු වූ පමණින් තෘප්තිමත් වන්නේ නැහැ. ඒ හේතුවෙන් වුවමනා වැඩි වෙනවා. තාක්ෂණයේ දියුණුවත් සමඟ අලුත් දේ සොයා යනවා. අපි කුඩා කාලයේ දී අන්තර්ජාල උපකරණ දැක නැහැ. දුරකතනයක් තිබුණේ ඉතාම සීමිත පිරිසකට පමණයි. නමුත් අද වනවිට ජනගහනයට සමාන ලෙස දුරකතන තිබෙනවා. ජීවන වියදම සම්බන්ධයෙන් කතා කිරීමේ දී දුරකතන සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. මෙවැනි සාධක රැසක ඵලයක් ලෙස වැඩෙන වුවමනාවන් සමඟ අපි ජීවත් වෙනවා.පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතා,අපේ ජීවිත පරිසරය සමඟ බැඳී තිබෙනවා. ගස් වැල් නැතිනම් අපිට ජීවත් වන්න බැහැ. විවිධ හේතු නිසා පරිසරය විනාශ වෙමින් තිබෙන බව කියන්න කැමැතියි. පාරිසරික වශයෙන් අද ලෝකයට විවිධ ගැටළු තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට වැසි නැහැ. නමුත් තවත් සමහර ප්‍රදේශවලට ජග ගැලීම් තත්ත්වයන් තිබෙනවා. දේශගුණික ක්‍රමයන් වෙනස් වෙලා.මේ පාරිසරික ප්‍රශ්න සංවර්ධනය වෙමින් පවතින රටවලට තදින්ම බලපානවා. පරිසරය රැක ගැනීම වෙනුවෙන් අපේ අමාත්‍යාංශය මඟින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.මහාචාර්ය පියසේන අබේගුණවර්ධන මහතා,හැම අයෙකුටම පරිසරය අයිති වෙනවා. ඉදිරි පරම්පරාවට අයිති දෑ උදුරාගෙන සංවර්ධනය කළයුතු නැහැ. එවැන්නක් සිදුවී සංවර්දණයක් වුවද අපේ අනාගත පරපුර දොස් නඟනවා. ඕෂෝන ස්ථාරයට හානිකරන වායු වර්ග අපි පරිහරනය කරනවා. මේ හේතුවෙන් ලෝකයේ පරිසරය, දේශගුණික විපර්යාසයන් සිදුවෙනවා. දූෂිත වායු වලින් වැඩිම ප්‍රමාණයක් නිදපවන්නේ චීනය, ඇමෙරිකාව, යුරෝපා සංගමයට අයත් රටවල්, ඉන්දියාව හා රුසියාව යන රටවල් බව කිවයුතු වෙනවා.ලෝකයේ දේශගුණික විපර්යාසයන්ට හේතුවන ප්‍රධාන රටවල් අතරින් ඔවුන්ට ප්‍රධාන තැනැක් හිමිවෙනවා. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් හිමකඳු දියවී යාම, මුහුදු ජල මට්ටම ඉහළ යාම වැනි තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. පරිසර හානි තත්ත්වයටන් මුහුණ දෙන්නට වන්නේ එම රටවලට පමණක් නොව සමස්ත ලෝකයටමයි. දේශගුණ විපර්යාස නිසා සිදුවන හානි හේතුවෙන් ලොව සෑම අයෙකුම පීජනයට පත් වෙනවා. එයින් ආරක්ෂා වීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කලයුතු වෙනවා යැයි ප්‍රකාශ කළේය.දේශගුණ විපර්යාස දින චිත්‍ර තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ලබාදීම, සොබා චලන සිතුවම් කෙටි චිත්‍රපට තරඟාවලියේ කුසලතා සම්මාන ප්‍රදානය, මධ්‍යඹ පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ සළරූ නිර්මාණී පරිසර රූපවාහිනී කෙටි දැන්වීම් තරඟාවලියේ කුසලතා සම්මාන ප්‍රදානය, සුවසර තක්ෂලාව වැඩසටහනේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ත්‍යාග ලබාදීම, පාසල් සිසුන් සංකේතවත් කරමින් කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකුට පළතුරු පැළයක් පිරිනැමීම ද මෙහිදී සිදුවිණි.මැණික් පතල් වැඩ හවුල්කරුවන්ගේ අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය, බන්ධනාගාර රැදවියන්ගේ චිත්‍ර තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබාදීම මෙන්ම ජගත් පරිසර දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් මුද්දරයක් සහ මුල්දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදුකෙරිණි. මේ අතර පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දක්වන දැයකත්වය උදෙසා කොළඹ රාජකීය විද්‍යාලය වෙත විශේෂ තිළිණයක් පිරිනැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි.තැපැල් සේවා ජීවන් කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, දුමින්ද සිල්වා, ජේ.ආර්.පී සූරියප්පෙරුම, එම්.එච්.එම් අෂ්වර්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක, තැපැල්පති රෝහන අබයරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජේවන්ත ප්‍රතාපසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහපෙරුම මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=n14060624
අප දුටු සැබෑ යුග පුරුෂයා­ෙණා් එස්. ඩී. බණ්ඩාරනායක
null
1917 දෙසැම්බර් 01 වන දින මාතර දී උපත ලද සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක මහතා මූලික අධ්‍යාපනය සඳහා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත්ව සිංහල භාෂාව ඉගෙනීම සඳහා මාතර මහාමන්තින්ද පිරිවෙනට ඇතුළත් විය.ශාන්ත තෝමස් විදුහලින් මූලික අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ තිවේන්ද්‍රම් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව කෘෂිකර්මය පිළිබඳ උපාධියක් ලබා යළි දිවයිනට පැමිණියේය.ඉන්දියාවේ දී ලද ආභාෂය ගාන්ධි, නේරු, සුභාෂ් චන්ද්‍රබෝෂ් වැනි ඉන්දීය නායකයින් ඉන්දියාවේ නිදහස් සටනට පණ පොවමින් සිටින අවස්ථාවේදී එම සටනට එස්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ද දායක වී ඇත. ඔවුන් හා එක්ව ඉන්දීය නිදහස් සටනට ලබා දුන් දායකත්වයේ පන්නරයෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු කරමින් සිටින අවධියේ ලංකාවේ කෘෂිකර්ම අමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ ගොවි හමුදාවට සම්බන්ධව කඳවුරු ප්‍රධාන නිලධාරියා ලෙස පොළොන්නරුව, අනුරාධපුර, වීරවිල වැනි ප්‍රදේශවල සේවය කරමින් සිට පොළොන්නරුවට මාරුවීමක් ලබා පැමිණි පසු ගොවි හමුදා භටයින්ගේ පෝෂණ තත්ත්වය නංවාලීම සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව පෝෂ්‍යදායී ආහාර වේලක් සෑම අයෙකුටම ලබාදිය යුතු යැයි එතුමා යෝජනා කළ විට සේවකයින් එතුමා සමඟ එක්ව පාලකයින්ට විරුද්ධව වැඩ වැරුමක් දක්වා දික්ගැස්සිණි.ඒ අනුව මෙතුමා පිළිබඳව සොයා බැලූ රජය එවකට පැවති මහ රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීම මත ගොවි හමුදාවේ සේවයෙන් පහ කරන ලදී. ඉන් අනතුරුව ගම්පහ, යක්කල, මඩුගස්වලව්වට පැමිණි තරුණ බණ්ඩාරනායක ගම්පහ ප්‍රදේශයේ සමාජ කටයුතුවලට සම්බන්ධ වී ඉන්දියවේ දී ලත් ආභාෂයෙන් ලංකාවේ නිදහස් අරගලය ද ආරම්භ කළ යුතුයි යන මතවාදය තුළ එතුමා කටයුතු කළේය.අනතුරුව තම ඥාති සහෝදරයා වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ මුල් අවධියේ සිටම එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා 1951 පක්ෂය පිහිටුවන අවස්ථාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස පක්ෂයට එක්විය. 1952 පැවති මහා මැතිවරණයට ගම්පහ ආසනයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 9 දෙනාගෙන් මේ දක්වා ජීවත්ව සිටි එකම පුද්ගලයා එස්. ඩී. බණ්ඩාරනායක විය.ඉන්පසු 1954, 1955 වසරවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල්ම සම්මේලන පැවතියේ එස්. ඩී. ට අයත් ගම්පහ මඩුගස්වලව්වේ දීය. එහිදී ඔහු පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කර ගැනිණ. 1956 මහා මැතිවරණයේදී එස්. ඩී. ගම්පහ ජය ගත්තේ වැඩි ඡන්ද 26,000 ලබමින් ලංකාවේ දෙවන ස්ථානයටයි. එය දෙවැනි වූයේ අත්තනගල්ල ආසනයට පමණි. එතැන් සිට ඔහු දැරූ මතවාදය එළියට පැමිණියේය. නිර්ධන පන්තියට නායකත්වය ලබා දෙමින් වාමාංශික මතවාදයක් ඔස්සේ මැද මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කළ යුතුය යන මතයේ පිහිටා කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ගම්පහ සහ මිනුවන්ගොඩ ආසන එක් ආසනයක් ලෙස තිබූ අවධියේදී දිළිඳු පවුල් දහස් ගණනකට තම ඥාතීන්ගේ ඉඩම් පවරාගෙන කොළනි 18 ක් ගම්පහ සහ මිනුවන්ගොඩ ජනතාව අතර අක්කර ¼, ½ බැගින් බෙදා දෙන ලදී.එම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහ විද්‍යාල 17 ක් ද, එතුමා විසින් ආරම්භ කළේය. එහි ප්‍රධාන විදුහල ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසල ‍වේ.අපේ රට ආහාර අර්බුදයකට මුහුණ පෑ 1951 වසරේ දී ලංකාවට සහල් ලබාගැනීම සඳහා චීනයට ගිය නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස එස්. ඩී. කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෑතක් වනතුරු සහල්, රබර් ගිවිසුම ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවතිණි. 1956 දී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය දැරූ කිසිදු ඇමැති ධුරයක් බාර නොගත්තේ සන්ධානයක් ලෙස තරඟ කළ මහජන එක්සත් පෙරමුණ රජයේ ආරක්ෂාවටය. ඉන්පසු අගමැතිතුමාගේ ඉල්ලීම අනුව පක්ෂයේ ලේකම් ධුරය ද, තරුණ සමිති සංවිධානයේ සභාපති ධුරය ද, වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ධුරය ද ඔහුට ලැබිණි.පසුව මාස 06 ක නිවාඩුවක් පාර්ලිමේන්තුවෙන් ලබා දී ලෝකයෙන් කොන් වී සිටි ශ්‍රී ලංකාව සමඟ රාජ තාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමට චීනය, රුසියාව ඇතුළු සමාජවාදී රටවලට අගමැතිතුමන් පිටත්කර හැරිය පුද්ගලයා වූයේ එස්. ඩී. බණ්ඩාරනායක මැතිතුමායි. එදා ඒ ඇතිකළ සම්බන්ධතාවය අද දක්වා පවත්වාගෙන යාමේදී අප රටට එම රටවල් ලබා දෙන සහයෝගය මොනවට පැහැදිලිය. මහජන චීනයේ පළමු මිතුරා ලෙස ඒ මහතා එදා සිට මිය යන මොහොත දක්වාම පත්ව සිටියේය. මහජන චීනයේ ශ්‍රේෂ්ඨ නායක මාඕ සේතුං මැතිතුමා එතුමාගේ සමීප මිත්‍රයෙක් විය. රුසියාවේ ස්ටාලිං මැතිතුමා ද මුහුණට මුහුණ මුණගැසුණු ලංකාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා එස්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා වේ. එතුමා පසුගිය අවධියේ මහජන චීනයේ සංචාරයන්ට සහභාගි වූ සෑම අවස්ථාවකදීම ගුවන් තොටුපළේ රතු පලස එලූ රාජ්‍ය නායකයෙක් නොවන එකම පුද්ගලයා එස්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා වේ.යක්කල, වැරැල්ලවත්ත ලෝහ භාණ්ඩ සංස්ථාව පිහිටුවමින් දහස් ගණනකට රැකියා උත්පාදනය කර දුන් අතර, කැලණිය ටයර් සංස්ථාව, ඔරුවල වානේ සංස්ථාව සහ වේයන්ගොඩ, පූගොඩ වැනි පෙහෙකම්හල් රාශියකට විදේශ රටවල සහයෝගය ලබා දුනි. හොරම්පැල්ල, මල්කෝනවත්ත, කොරසෙවත්ත, නයිවලවත්ත, කෝපිවත්ත, අස්ගිරිය බණ්ඩාරනායක මාවත, යාගොඩමුල්ල, ගම්පහ මාහේන, අඹහේනවත්ත, වලව්වත්ත, වැලිවේරිය පල්ලියවත්ත, අමුණුගොඩ පරගහලන්දවත්ත, යක්කල දඹුව ඒ කොටස, දඹුව බී කොටස, අලුත්ගම, බෝගමුව, වැරැල්ලවත්ත ඇතුළු තවත් ඉඩම් රාශියක් දුප්පත් ජනතාව වෙත බෙදාදීමට එතුමා කටයුතු කළේය. ඉඳිගොල්ල විහාරස්ථානයට තම ඉඩම්වලින් මූලික ඉඩම් කොටස පවරා දුන්නේ ද එස්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ඉඩම්වලිනි. 1958 දී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රමුඛ පිරිස මහනුවර දක්වා යන පා ගමන ඉඹුල්ගොඩින් නවතා ආපසු හැරවීමට එස්. ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ගම්පහ ජනතාවට හැකි විය. එදා පටන් ඔහු ඉඹුල්ගොඩ වීරයා නම් විය.1952 සිට 1970 දක්වා නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කළේය. 1970 දී එතුමා වාමාංශික පීලි පැනීමකට ලක්ව ජනතා විමුක්ති පෙරමුණට සහාය දැක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දුරස් විය. එදා එම තරුණයින්ට අලවා තිබූ සී. අයි. ඒ. ලේබලය ඉවත් කිරීමට කොළඹ හයිඩ් පිටියේදී පැවති රැස්වීමේ ප්‍රධාන කථිකයා විය. එස්. ඩී. 1977 දී නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව 1984 දක්වා මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පත්වී කටයුතු කළේය. 1977 මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමඟ මුළු රට වටා ගිය ජ්‍යෙෂ්ඨතම කථිකයා එස්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විය. 1977 මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වෙද්දී ගම්පහ ආසනය ජය ගැනීමට එස්. ඩී. ට හැකි විය.එස්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=n14060625
පැරැණි රියැදුරු බලපත් සැප්තැම්බර් අවසානයට පෙර අලුත් කරන්න
එස්. කේ. සමරනායක
පැරැණි රියැදුරු බලපත්‍ර සියල්ල ලබන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර අලුත්කරවා ගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය පවසයි. සෑම දිස්ත්‍රික්කයකම පිහිටි මෝටර් රථ ප්‍රවාහන කාර්යාල මඟින් මෙම නව රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කළ හැකි අතර කොළඹ, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලදී ඔන් ලයින් ක්‍රමය යටතේ ඉල්ලුම් කළ හැක.රිය පැදවීමට ඇති යෝග්‍යතාව පරීක්ෂා කර බැලීම සඳහා මෙවැනි ක්‍රමයක් අනුගමනය කරන බව ද, බරවාහන රියැදුරන් වසර 4 කට වරක් හා සැහැල්ලු වාහන රියැදුරන් වසර 8 කට වරක් තම රියැදුරු බලපත්‍ර අලුත්කරවා ගත යුතු බව ද එම කාර්යාලය පවසයි..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r1406061
බිබිල මැණික් ගැරීමේ බලපත් නිකුතුවෙන් රුපියල් ලක්ෂ 70ක වාර්තාගත ආදායමක්
ඌව පළාත් සමූහ - ප්‍රසන්න බංඩාර
බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්වූ මැණික් ගැරීමේ බලපත්‍ර නිකුත් කිරීමේ ජංගම සේවයේදී රුපියල් ලක්ෂ 70ක ආදායමක් ලැබුණු බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියයි.ඌව ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ‘අපි හදමු’ නව ඌව වෙල්ලස්සක් වැඩ සටහන යටතේ ජාතික මැණික්හා ස්වර්ණාභරණ හා අදාල රාජ්‍ය ආයතන වල දායකත්වයෙන් මෙම ජංගම සේවය පැවැත්විය.ජංගම සේවයේදී මැණික් ගැරීමේ බලපත්‍ර නිකුත් කිරීම, පතල් කර්මාන්ත කරුවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම ගෙවුඩ තාප පිරියම්කිරීමේ වැඩමුළුව මැණික් කැපීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහිදී පැවැත්විණි. ලුණුගල, බිබිල, මැදගම බුත්තල, බඩල්කුඹුර, රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල හාල් කර්මාන්තයේ නිරත වී සිටින 123 දෙනෙකු ඉඩම්වල මැණික් ගැරීමට බලපත්‍ර ලබාගත් අතර බැකෝ යන්ත්‍ර යොදා පතල් කැපීමට 22 දෙනකු බලපත්‍ර එක් දිනකදී ජංගම සේයට සහභාගි වී ලබාගෙන තිබේ..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r1406062
මින්නේරියේ දලපූට්ටුවා...
ඡායාරූපය - ගාමිණී ඔබේසේකර පොළොන්නරුව විශේෂ
සෝමාවතිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල බොහෝ කලක් සැරිසැරූ මේ සත්දන්තයා මීට සති දෙකකට පෙර මින්නේරිය ජාතික වනෝද්‍යානයට පැමිණ සිටී. මෙම සත්දන්ත ඇතාට වයස 35ක් පමණ වේ. අඩි 4 ½ක් පමණ දිගින් යුත් දළ යුගල දෑත් එකට හාවෙමින් පවතී.මෙම ඇතාගේ සිරුරේ වෙඩි වැදුණු පහරවල් හතරක් දක්නට ඇතැයිද එයින් එක් ස්ථානයකින් ඕජස් ගලමින් තිබෙන බව වනජීවී නිලධාරිහු සඳහන් කරති. කිසිවකු විසින් ඇතාට වෙඩි තබා දළ යුගල ගලවා ගැනීමට උත්සාහකර ඇතැයි වන ජීවි නිලධාරීන් සැකපහළ කරති. තුවාල ලැබූ ඇති මින්නේරිය ජලාශයේ දිය නෑමට පැමිණි අයුරු..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r1406063
ණය එකතු කළ නිලධාරියාට පහරදී  මුදල් කොල්ලකෑ සැකකරු ෙකාටු
@ අනුරාධපුර මධ්‍ය විශේෂ
මැදවච්චියේ පිහිටි මූල්‍ය ආයතනයක ණය එකතු කිරීමේ නිලධාරියකුට පහර දී මුදල් මංකොල්ල කෑම සම්බන්ධයෙන් සැකපිට තරුණයකු මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂාද සිල්වා මහත්මිය නියෝග කළාය.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මහ කනදරවා දකුණු ඉවුර , වැලි වැව පදිංචි අයෙකි.සැකකරු පසුගිදා දහවල් මැදවච්චියේ පිහිටි මූල්‍ය සමාගමක ණය එකතු කරන්නකු තල්ගහ වැව සිට වැලිඔය හංදිය දෙසට යතුරු පැදියෙන් ගමන් කරද්දි ඔහු ගමන් ගත් මාර්ගය අහුරා පොල්ලකින් පහර දී රුපියල් 160000/- ක් බහා තිබූ බෑගය රැගෙන පළාගොස් තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් අදාල මූල්‍ය සමාගමේ ණය එකතු කරන්නා විසින් මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සිදුකළ විමර්ෂණ වලදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r1406064
තෙලිජ්ජවිල හිමිනමක් තිදරු පියකුට ධර්මශාලාවේ එල්ලා පහරදිලා
බන්ධුල ගුණසේකර, මාකඳුරේ ධර්මසිංහ, ධම්මිකා වෙලේගොඩ, අකුරැස්ස මධ්‍යම සමූහ, මාලිම්බඩ සමූහ, අකුරුස්ස මධ්‍යම විශේෂ
තෙලිජ්ජවිල, කඩුකන්න විහාරස්ථානයේ හිමිනමක විසින් පහරදුන් බව කියන තිදරු පියකු මිය ගොස් ඇති බව අකුරැස්ස පොලිසිය කියයි.මියගිය පුද්ගලයා එම විහාරස්ථානයේම ධර්මශාලා ගොඩනැගිල්ලක එල්ලා දමා මෙම පහරදීම සිදුකර ඇති බවද අනාවරණය වී තිබේ.පෙරේදා (04 දා) හැන්දෑවේ මියගිය පුද්ගලයාට පණිවුඩයක් ලබා දී විහාරස්ථානයට ගෙන්වා ගෙන මෙසේ පහරදීම සිදුකර තිබෙන අතර සිද්ධියෙන් පසුව විහාරස්ථ හිමි නමක විසින්ම මියගිය පුද්ගලයා රෝහල් ගත කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවට හෙලිවී ඇත. රෝහල වෙත ඔහු රැගෙන ගිය බව කියන ත්‍රීරෝද රථය සහ එහි රියදුරු අකුරුස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම මරණීය පහරදීමෙන් පසුව ආසන්න විහාරස්ථානයක සැඟ වී සිටි බව කියන චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් හිමි නමක අත්අඩංගුවට ගැනීමට අකුරුස්ස පොලිසිය කටයුතු සිදුකරගෙන යයි..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r1406065
ගංවතුරේ මාළු බාන්න ගිහින් ඩිමෝ බට්ටා පෙරලී උයන්වත්ත වැවට වැටිලා
@ හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ
දීර්ඝ නියගයකින් පසුව ඇතිවූ වර්ෂාවත් සමග බණ්ඩාරගම උයන්වත්ත වැව උතුරා වාන්දමා ඇත.මේ නිසා දැඩි අවදානම් තත්ත්වයක් එම ස්ථානයේ පවතී.. එහෙත් එම අවදානම පිළිබද නොසලකා පසු ගිදා වැවේ මාළු ඇල්ලීමට තරුණයන් පිරිසක් කටයුතු කළේ ජීවිත අවදානම පිළිබදවද නොසලකමිනි.එම අවස්ථාව දැකබලා විනෝද වීමට දහස් ගණන් ජනයා රොක් වී සිටියේ කුඩා දරුවන්ද කරපින්නා ගෙනය .තිලාපියා නැමති මිරිදිය මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා රු 2000 .00 ක් වැනි මිලකට අලෙවි කිරීමට ඔවුන් එහිදි කටයුතු කළහ.මාළු අල්ලිමට පැමිණි රයිගම සුනාමි නිවැසි තරුණයින් පිරිසක් රැගත් ඩිමෝ බට්ටා ලොරි රථයක් පිටවාන දිගේ ගසාගෙන ගොස් ඇළ මාර්ගය හරහා ඉදිකර තිබූ කොන්ක්‍රීට් බැම්මේ වැදී නතරවී තිබුණේ කිසිවෙකුටත් තුවාල සිදුනොකරමිනි.මෙම ස්ථානයට පැමිණි බණ්ඩාරගම පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති මහ සැරයන් ප්‍රේමසිරි මහතා ශබ්දවිකාශන යන්ත්‍ර මගින් නිවේදනය කර මෙම පිරිසට ඉවත් වන ලෙස දැනුම් දුන්නේ මෙම වැව ජීවිත ගණනාවක් බිලිගත් ස්ථානයක් වන බැවිනි ..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r1406066
වාරියපොළ ස්ථිර ඉඩම් නැති පවුල් 300කට ‘රන්බිම’ ඔප්පු
වයඹ පළාත් සංචාරක සේන ඉදිරිසිංහ
වාරියපොළ මැතිවරණ කොට්ඨාසයේ වසර ගණනාවක සිට රජයේ ඉඩම්වල පදිංචි ස්ථිර ඉඩම් නොමැති ග්‍රාමීය පවුල් 300 දෙනෙකු සදහා ඉඩම් අයිතිය තහවුරු කරමින් “රන්බිම” ඔප්පු ලබා දීම පසුගිය දා වාරියපොළ ශ්‍රී සුමංගල රැස්වීම් ශාලාවේදී ජ්‍යෙෂ්ඨ ඇමැති එස්. බී. නාවින්න මහතා අතින් සිදු කරනු ලැබිනි.ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති අනුව සෑම කෙනෙකුටම. තමන් ජීවත්වන භූමියේ අයිතිය ලබාදීමේ වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r1406067
 දුෂ්කර පුදබිම් පහකට චෛත්‍ය ඉදිකර දුන් උදාර පින්වතා
මහරගම විශේෂ - වේහැල්ලේ පියතිලක
තම ආදරණීය බිරියගේ ඉල්ලීමකට අනුව රුපියල් කෝටි දෙකක වියදමින් දුෂ්කර පළාත්වල චෛත්‍ය නොමැති විහාරස්ථාන පහකට චෛත්‍යයන් ඉදිකර පූජා කළ ආදර්ශවත් ව්‍යාපාරිකයෙක් ඉකුත්දා මාතර දිස්ත්‍රික්කයේ මාවරල ගොමිල ශ්‍රී නාගබෝධි විහාරස්ථානයේදී හමුවිය.මොහු උතුරු තලංගම, බත්තරමුල්ල, තලාහේන පදිංචි කේ. උදයනන්ද ලොකුගමගේ මහතාය. බිරියගේ මාපියන්ට තම මාපියන්ට පින් පතා සහ තම දරුවන් තිදෙනාට ආශීර්වාද පතා මෙම චෛත්‍ය පහ ඉදිකළ බව ඒ මහතා පැවසීය.බත්තරමුල්ල ශ්‍රී ලුම්බිණි සේනාසනය, මාතලේ ලේවත්ත බෝධිමළු විහාරය, බුලත්සිංහල, ගලහිටිය, මෝල්කාව මහමෙවුනා විහාරය, පොලොන්නරුව, වැලිකන්ද සේවාපිටිය ගිනිදමන විහාරය, මාතර, මාවරල, ගොමිල ශ්‍රීනාගබෝධි විහාරය යන පුදබිම්වලට මෙසේ ‍ෛචත්‍ය ඉදිකර දී ඇත.ඉකුත් වෙසක් පොහෝදා ගොමිල චෛත්‍ය මාවරලේ භද්දිය හිමියන් හා මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා අතින් විවෘත කෙරිණි. මේ පිළිබඳව අදහස් දී මෙම මහා පින්කමට ඒ මහතා යොමු කළේ මාවරලේ භද්දිය හිමියන් විසිනි.තම බිරියගේ ආශාවන් ඉටුකළ ඔහු තම මාපියන්ට පින් පතා තවත් චෛත්‍ය දෙකක් ඉදිකර සසුන්ගත කිරීමට අපේක්ෂා කරන බව මාවරලේ භද්දිය හිමියෝ ගොමිල චෛත්‍යය විවෘත කිරීමේදී පැවසූහ..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r1406068
බස්නාහිර ඩෙංගු මඬින්න සෞඛ්‍ය පරීක්ෂකවරු 175ක්
හොරණ සමූහ - බන්ධුල ආර්. ගුලවත්ත
බස්නාහිර පළාතේ සියයට 60ක ප්‍රමාණයකින් ඩෙංගු රෝගය වර්ධනය වෙලා. බස්නාහිර පළාතේ ජනගහණයත් වැඩියි. හොරණ කලාපයේ පොඩ්ඩක් වැඩිවෙලා. මේ පළාත දැන් වර්ෂාධික කලාපයක්. ඩෙංගු රෝගය බෝවීමේ ඉඩකඩ වැඩියි. මේ නිසා අප සියලු දෙනාම එකතු වී මේ ගැටලුවට මුහුණ දිය යුතු වෙනවා යැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති රංජිත් සෝමවංශ මහතා හොරණ නගර සභා පරිශ්‍රයේ දී පැවසීය.ඩෙංගුවලින් තොර හොරණ පුරවරයක් ගොඩ නගමු යන තේමාව යටතේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හොරණ රෝහල ඒකාබද්ධව හොරණ නගර සභාව මඟින් සංවිධානය කළ මේ වැඩසටහනට හොරණ මොරගහහේන පොලිස් පරිසර ඒකකය, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, එස්. ටී එෆ්.බළකාය, ගොවි ජනසේවා කාර්යාලය ප්‍රමුඛ රජයේ කාර්යාල සහ සිවිල් බළකාය නියෝජනය කරමින් බලධාරීහු සහභාගි වී සිටියහ.සියලු අංශයන් නියෝජනය වන ආකාරයෙන් කණ්ඩායම් අටක් මඟින් හොරණ නගර බල සීමාවේ රජයේ කාර්යාල පාසල් ගොඩනැගිලි වෙළෙඳ ආයතන නිවාස පරීක්ෂාවට ලක් කිරීමට මෙහිදී සිදුවිය.එම කණ්ඩායම් නියෝජිතයන් දැනුවත් කරමින් තවදුරටත් අදහස් දැක් වූ පළාත් සෞඛ්‍ය ඇමැති රංජිත් සෝමවංශ මහතා මෙසේ ද පැවැසීය.මම ඩෙංගු මර්දනය කිරීමේ අරමුණ වෙනුවෙන් පැය 24 තුළම ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මේ වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙනවා. අද හොරණ පුරවරයේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන්නේ හොරණ. අපි කාටවත් මේ ගැන ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. සියලු අංශයන් සම්බන්ධ කර ගෙන ඩෙංගු උවදුර නැති කිරීමයි අපේ ප්‍රධාන අරමුණ විය යුත්තේ.මැලේරියාව ක්ෂය රෝගය අපි මර්දනය කළා. ඒ ආකාරයට ඩෙංගු රෝගයත් මර්දනය කළ යුතු වෙනවා. විශේෂයෙන් පාසල් ගැන මතක් කරන්නට ඕන. පොඩි දරුවන් ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. නැත්නම් මව්පියන් තම දරුවන් පාසල් වෙත එවන්නේ නැහැ.ඩෙංගු රෝගය මර්දනය කරන්නට ලොකු මහන්සියක් ගන්නවා. සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් 175ක් අලුතෙන් බඳවා ගන්නට තීන්දුවක් ගත්තා. සෞඛ්‍ය නිලධාරි කාර්යාලවල වාහන අඩුයි. විශේෂයෙන් පාසල් තුළ විශේෂ පරිසර කමිටු ගොඩ නගනවා. සතියේ සඳුදා හා බ්‍රහස්පතින්දා ඒ පවිත්‍රතා පරිසර කමිටු ක්‍රියාත්මක කරනවා.නගර සභාපති ග්‍රෑන්විල් රාජපක්ෂ මහතා - අද මෙහිදී ඩෙංගු මර්දනය උදෙසා නගර සභාව ප්‍රාදේශීය සභාව ඇතුළු සියලු අංශයන්ගෙන් නියෝජනයක් සිදුවෙනවා. පරිසර හිතකාමී නගරයක් ගොඩ නැඟීමයි මූලික අරමුණ වන්නේ. නගර සභාව උපරිම ලෙස කැප වෙනවා.‍අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සද්ධර්ම වීරකෝන් මහතාතාක්ෂණික ගැටලුවක් පවතිනවා. බස්නාහිර පළාතේ ඩෙංගු උවදුර බරපතළ ලෙස පවතිනවා. මේ සඳහායි එක්දිනක වැඩසටහනක් සකස් ‍කළේ. හොරණ නගරය තුළ ඩෙංගු ප්‍රශ්නයක් නෑ. හිස ඔසවමින් පවතිනවා.අවදානමක් මතුවීමට පළමු අවශ්‍ය පියවර ගත යුතු වෙනවා.හොරණ නගර බල ප්‍රදේශයේ වැඩසටහනට පසු හොරණ සෞඛ්‍ය නිලධාරි වසම් තුළ මේ ආකාරයේ පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මකවන බැව් සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති. ඩෙංගු මදුරු කීට තිබුණු නිවාස හා වෙළෙඳසැල් රජයේ කාර්යාලවලට පළමුවරට උපදෙස්දුන් අතර දෙවැනි වරදී අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බවද අදාළ නිලධාරීහු පැවැසූහ..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r1406069
මිහින්තලා වන්දනාවේ යනවානම් ඇත් වෙහෙර කන්ද අමතක කරන්න එපා
@ මිහින්තලේ සමුහ ප්‍රියදර්ශනි කරුනාරත්න.
මිහින්තලාවේ උසින්ම පිහිටා ඇති කන්ද වශයෙන් සැලකෙන්නේ ඇත් වෙහර කන්දයි.ඇත් වෙහර ලෙසින් මේ කදු ගැටයට නාම මාත්‍රිකව භාවිතා කිරිමේ දි ඇතමුන් මෙය ඇතෙකුගේ හැඩරුවට සමානව පිහිටා කන්දක් යැයි සිතා මේ කන්ද සදහා ඇත් වෙහර යන භාවිතා කරනු ඇතැයි සිතුවද එය ඒසේ නොවන වග සක් සුදක් සේ පැහැදිළිය. ඇත්වෙහර යනුවෙන් භාවිතා කිරිමෙන් අදහස් වන්නේ ඇතුල් විහාරය බව කිමටයී පාලිභාෂවෙන් ඇත් වෙහර හදුන්වා ඇත්තේ අන්තෝ විහාර නමිනී.ඇත්වෙහර යනු මේ ඓතිහාසික ස්ථානයේ පුරාණ නාමය නොව අලුත් නාමය බව තොරතුරු අණාවරණය වෙති. නාග පොකුණේ සිට පියගැට පෙළ 600ක් පමණ ඉහළට නැගීමේන් මේ පුංච් රමණිය කදු ගැටයේ පිහිටි ස්තූපය හමුවේ.ඇත්වෙහර මිහින්තලාවේ පිහිටි අනෙකුත් ස්තූපයන් හා සසදා බැලිමේදි පෙනියන කරුණක් වන්නේ කුඩා ප්‍රමාණයේ දාගැබක් බවකී.මෙම ස්තූපයේ විශ්කම්භය මිටර 27කි. මිහින්තලාවේ උසම ස්ථානයේ පිහිටා ඇති වුවද මේ ස්තූපය මිහින්තලා මහා සැය මෙන් අභීමානවත් අයුරින් දිස් නොවිම මෙහි තවත් විශේෂත්වයකී.මෙලෙස වුවද ඇත් වෙහර කන්ද මුදුනට පැමිණ අවට පරිසරය සිසාර බැලිමේදි මුළු මහත් අනුරාධපුරවරයම එකවර නෙතට ගැටෙන ඇත. ඇත්වෙහර කන්දේ දාගැබට යනගල් පඩි පාරේ ඇතිගලක කොටා ඇති සෙල් ලිපියක මේ සෑයට මහාද්‍රායික මහානාග රජු සමයේ කරන ලද පුජාවක් ගැන සදහන් වේ. ඒම පුජාව සදහා භාජනය වු මේ ස්තූපය ලිපියේ හදුන්වා ඇත්තේ පරිබඩ චෙත යනු වෙනී.එය පරිභාණ්ඩ චෛත්‍යයයි. දහවැනි සියවස වන විට ඒම දාගැබ කිරිබණ්ඩ පව් දැගැබ යනු වෙන් මිහිදු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ සදහන් වේ. පරිභාණ්ඩ පබ්බත යනු පරිවාර පව්ව යන්නයී. මෙලෙස සලකා බැලිමේදි ඇත් වෙහර කන්ද මිහින්තලා කදුවැටියේ පරිවාර කන්දක් ලෙසින් අතීතයේ දි සැලකුණා විය හැකි බව මේ තොරතුරුවලින් අණාවරණයවෙයි.මිහින්තලා මැදමළුවේ සිට නාග පොකුණ වැටී ඇති මාර්ගයෙන් ‘දකුණදිශාවට හැරි කිලෝමීටර දෙකක් පමණ අතිදුෂ්කර ගමනකීන් පසුව ඇත් වෙහර කන්ද මුදුන මතට පැමිණිය හැකි වුවද ඒ සදහා වැටි ඇති මාර්ගය අතිදුෂ්කරය.කැලෑවෙන් යට වී ගල්පඩිපෙළක් හෝ සොයාගත නොහැකිව තිබුණ අවධියක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැඩී උත්සහය මත ප්‍රතිසංස්කරණය කිරිමෙන් ගමන් කිරිමට හැකි අයුරින් ගල්පඩීපෙළ සැකසීමට හැකි වි ඇත.නිදන් සොරුන්ගේ ග්‍රහණයට දැඩීව බලපෑ ඇත් වෙහර කන්ද මුලින් 1964 දි ප්‍රතිසංස්කරණ කටයුතු සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේය. 2011 වර්ෂයේ දී මහින්ද චින්තන වැඩසටහන යටතේ දැයට කිරුළ සංවර්ධිත වැඩසටහනේ දි රජය විශේෂ අවධානය යොමු කළේ මිහින්තලා පුජානගරය සංවර්ධනය කිරිමයට. වර්තමාන විහාරාධිපති හිමියන් වන වලවාහැංගුණවැවේ ධම්ම රතනනාහිමිපාණන් වහන්සේ විසින් ලංකිය ඉතිහාසයේ ප්‍රමුඛස්ථානය මිහින්තාලාවබවට පත් කිරිම සදහා දැඩී කැපවිම අගය කළ යුතුය.කටුපදුරු සහිත කැළෑ රොදකින් ඇත්වෙහර සදහා ගමන් මාර්ගය දෙපස පිහිටා ඇති හෙයින් ගමන් කිරිමේදි වඩාත් කල්පනාකාරි විය යුතුය. අඩි 300කටත් වැඩී උස ප්‍රමාණයකින් පිහිටි ඇත් වෙහර කන්ද පඩිපෙළ තරණය කිරිමේදි වඩාත් සැලකිලිමත් විය යුතුය..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=r14060610
යටියන දර උදුන්වලට ඉල්ලුම වැඩි වෙලා
@ තිහගොඩ සමුහ - පි.පි.ජි.සුගතදාස
මාතර-යටියන ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන පදනම නිෂ්පාදනය කරනු ලබන කාර්යක්ෂම දර උදුන් සඳහා ජනතාවගෙන් ඉහළ ඉල්ලුමක් ලැබෙමින් තිබෙන බව එම පදනමේ සභාපති එල්.පලිහක්කාර මහතා පවසයි.එකි දර උදුන් මුලු තැන්ගෙයි උදුන්, ගෘහස්ථ උදුන් සහ කර්මාන්ත උදුන් වශයෙන් වර්ග කර තිබේ.මුලු තැන්ගෙයි උදුන් උපයෝගි කරගනිමින් නිවෙස්වලට එදිනෙදා අවශ්‍ය කැම පිළියෙළ කර ගැනිම කළහැකි වේ.තවද,අවම දර ප්‍රමාණයකින් උපරිම බලශක්තියක් මේ උදුන්වලින් ලබාගත හැකිවේ.කැම වර්ග පිස ගැනිමට වැයවන කාලයද අවමකරගත හැකිවනු ඇත.ගෘහස්ථ උදුන් ප්‍රයෝජනයට ගනිමින් නිවෙස් මට්ටමින් පවත්වාගෙන යන රස කැවිලි නිෂ්පාදනය, පැණි හා හකුරු නිෂ්පාදනය, දියර කිර උණුකිරිම හා මිකිරි ආශ්‍රිත සුළු පරිමාණයේ කර්මාන්ත සාර්ථකව පවත්වාගෙන යාම සඳහා කිරි උණුකර ගැනිම පිණිස ප්‍රයෝජනයට ගත හැකිවේ.මෙයට අමතරව සියලුම ආකාරයේ විජලන තාක්ෂණය නිපදවා ගැනිම ද මේ උදුන්වලින් ඉටුකරගත හැකිවේ..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=s1406061
ශ්‍රී ලංකා අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලිය නිලූක-දිනූක පළමු තරගවලින් ජය ලබති
ප්‍රින්ස් ගුණසේකර
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ දී ඔලිම්පික් ක්‍රීඩක නිලුක කරුණාරත්න සහභාගී වූ පළමු තරගයෙන්ම පහසු ජයක්වාර්තා කළේය. දෙවැනි දිනට ඊයේ පැවැති තරගවල දී ශ්‍රී ලංකාවේ මුල් පෙළේ බැඩ්මින්ටන් ක්‍රීඩක දිනූක කරුණාරත්න හා ක්‍රීඩිකා තිළිණි ප්‍රමෝදිකා තම පළමු තරග‍යේදීම ජය වාර්තා කළහ. එමෙන්ම ඒකළ තරගවලට එක්වූ බුවනෙක ගුණතිලක ද ජයග්‍රහණ ලබමින් අද පැවැත්වෙන දෙවැනි වටයේ තරගවලට එක්ව සිටී.නිලුකගේ පිරිමි ඒකළ තරගය පෙ.ව.9.45ට හා දිනුකගේ තරගය පෙ.ව.10.20ට පැවැත්වීමට නියමිතය.මේ අතර හිටපු ජාතික ශූරියකු වු අචිනි රත්නසිරි සිංගප්පූරු ක්‍රීඩිකා ජෙන් චෙන් හමුවේ තරග වට 2-1කින් පරාජයට පත්වුවාය. ලකුණු තත්ත්වය වුයේ 21-12, 16-21 හා 21-8කි.නිලූක කරුණාරත්න මැලේසියාවේ ෂාෂේන් ෂා ලකුණු 21-6ක් හා 21-13ක් ලෙස පරාජය කළ අතර දිනූක කරුණාරත්න සිංගප්පූරුවේ ක්වාන් ටීන්ග් පරාජය කළේය. එහෙත් එම තරගය උණුසුම් මුහුණුවරක් ගත්තේ දිනුක පළමු වටය ජයගත් පසුව සිංගප්පූරු ක්‍රීඩකයා දෙවැනි වටය ජය ගැනීමෙනි.ලකුණු තත්ත්වය වූයේ 21-7, 15-21 හා 21-12ක් ලෙසය. තිලිණි ප්‍රමෝදිකා හා චීන තායිපේ ක්‍රීඩිකා ෂූ යේ චෙන් අතර පැවැති තරගයද උණුසුම් මුහුවරක් ගත්තේය. පළමු වටයේදී තිළිණි ප්‍රමෝදිකා 21-19ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි වටයේදී ප්‍රතිවාදි ක්‍රීඩිකාව හමුවේ 10-21ක් ලෙස පරාජයට පත්වුවාය.ඊයේ සවස් භාගයේ වැඩිම අවධානයක් තිබු අවසන් වටය 21-19ක් ලෙස තිළිණි ප්‍රමෝදිකා ජයග්‍රහණය කළහ. කාන්තා ඒකළ තරගයකදී මුධුෂිකා දිල්රුක්ෂි තරග වට 2-1කින් ඉන්දීය ක්‍රීඩිකා මොයිතා සාජෙන් පරාජය කළේය. මේ තරගයේ ලකුණු තත්ත්වය 23-21, 21-22 හා 21-13කි.මේ අතර පිරිමි යුගල තරගවලදී සජීර් මොහොම‍ඩ් හා තිළින ප්‍රියදසුන් මැලේසියාව හමුවේ පරාජය වු අතර නිලෙස් මදුරංග හා හර්ෂ පෙරේරා ශ්‍රී ලංකාවේම කසුන් චානක හා සචිත්‍ර මධුරංග හමුවේ පරාජයට පත්විය.ඒකළ තරගවලදී යොවුන් ක්‍රීඩක කසුන් මධුසංඛ හා බුවනෙක ගුණතිලක කැපී පෙනෙන දස්කම් දක්වමින් දෙවැනි වටයට පිවිසියහ. කසුන් මධුසංඛ 23-21 හා 21-18ක් ලෙස මැලේසියාවේ කේ ඊ යෝ පරාජය කළ අතර බුවනෙක ගුණතිලක 21-19 හා 21-19ක් ලෙස ශ්‍රී ලංකාවේම ක්‍රීඩක චාමික දිනූෂ පරාජයට පත්කළේය.මේ ශ්‍රේණිගත තරගාවලියේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාවේ අංක එක ක්‍රීඩක එච්.එස්.පරනෝයි ලකුණු 21-11 හා 21-17ක් ලෙස චීන තායිපේ ක්‍රීඩක චෙයි චී ලියූ පරාජය කළේය. රටවල් 18ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 190ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ තෙවැනි දිනය අදයි. .
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=s1406062
4x4 ධාවන තරග බිමට නව අත්දැකීම් රැසක් එක්වන කොමාන්ඩෝ රෙජිමේන්තු මෝටර් රැලිය අගෝස්තුවේ දී
ෆවුස් මොහොමඩ්
දශක තුනක කුරිරු යුද්ධය නිමා කොට රටට සාමය උදාකර දීමට විශාල මෙහෙවරක් ඉටුකළ යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුව පළමු වතාවට සංවිධානය කරන 4x4 ගවේෂණාත්මක මෝටර් රථ රැලිය සහ මෝටර් රථ ධාවන තරගය අ‍‍‍‍ගෝස්තු මස 4වැනිදා සිට 9වැනිදා දක්වා නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව පැවැත්වේ.ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි කොමන්ඩෝ රෙජිමේන්තුවේ සොයුරන්ගේ සුභසාධන කටයුතු හා ‍රෙජිමේන්තුවේ උන්නතිය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම අරමුණු කරගත් මේ මෝටර් රථ රැලිය අදියර දෙකකින් යුතුව ක්‍රියාත්මක කෙරේ.පළමු අදියර 4x4 මෝටර් රථ ගවේෂණාත්මක චාරිකාවක් ලෙස පේදුරු තුඩුවේ සිට ඌව කුඩාඔය දක්වා කිලෝමීටර් 775ක දුරක් ආවරණය වන පරිදි පැවැත්වෙන අතර දෙවැනි අදියර 4x4 අභියෝගාත්මක ‍මෝටර් රථ තරගාවලියක් ලෙස අගෝස්තු මස 9වැනිදා පැවැත්වීමට නියමිතය.ලබන අ‍ගෝස්තු මස 4වැනිදා පේදුරුතුඩුවෙන් ඇරැඹෙන 4x4 ගවේෂණාත්මක මෝටර් රථ චාරිකාවේ පළමු දිනය කිලෝමීටර් 148ක දුර ප්‍රමාණයකින් පසුව කොක්කුතුඩායි හී දී නිමාවට පත්වන අතර දෙවැනි දිනය කොක්තුතුඩායි සිට දෙහිවත්ත දක්වා කිලෝමීටර් 128ක දුර ප්‍රමාණයකින් පසුව නිමා කිරීමට නියමිතය.තුන්වැනි දිනයේ දී දෙහිවත්තේ සිට තොප්පිගල දක්වා කිලෝමීටර් 120ක දුර ප්‍රමාණයක් ආවරණය කෙරෙන අතර කිලෝමීටර් 182ක දුරකින් පසුව අරුගම්බේ මුහුදු තීරයෙන් සිවුවැනි දිනය නිමාවට පත්වනු ඇත. අරුගම්බේ සිට කුඩාඔය කොමාන්ඩෝ ‍රෙජිමේන්තු පුහුණු පාසල දක්වා කිලෝමීටර් 178ක් ආවරණය කරමින් මේ ගවේෂණාත්මක චාරිකාව නිමා කෙරේ.අනතුරුව දෙවැනි අදියර ලෙස අගෝස්තු මස 9වැනිදා කොමාන්ඩෝ පුහුණු පාසලේ ඉදිකළ දුෂ්කර ගමන් මාර්ගයකින් යුතු කිලෝමීටර් 2.5ක නව ධාවන පථයේ දි 4x4 අභියෝගාත්මක මෝටර් රථ තරගය පැවැත්වීමට නියමිතය. කාල ගණනය කිරීමේ තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගයේ දී ගවේෂණාත්මක චාරිකාවට එක්වූ තරගකරුවන්ට සිය දස්කම් උරගා බැලීමේ අවස්ථාව හිමිවනු ඇත.යුද සමයේ සාමාන්‍ය ජනතාවට විවෘත නොවූ නැගෙනහිර සුන්දර වෙරළ තීරය ඔස්සේ පැවැත්වෙන මේ 4x4 ගවේෂණාත්මක මෝටර් රථ චාරිකාව මගින් තරගකරුවන්ට මනරම් වෙරළ තීරය දැකබලා ගැනීමටත්, මනල්කාඩු ප්‍රදේශයේ වැලි කඳුවැටි, වලෙයි ප්‍රදේශයේ කලපු තීරයේ මඩ සහිත ගමන් මාර්ගයත්, නැගෙනහිර වනාන්තර හරහා නව අත්දැකීම් රැසක් ලබාගනිමින් චාරිකාවේ නිරතවීමට අවස්ථාව උදාවනු ඇත.එකිනෙකට වෙනස් ප්‍රදේශ 5ක නවාතැන් ගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ආවේනික ආහාරපාන භුක්ති විඳීමේ අවස්ථාවත් වෙනත් වි‍නෝද ක්‍රීඩාවල නිරතවීමටත් මෙහිදී තරගකරුවන්ට ලැබේ. 4x4 ගවේෂණාත්මක චාරිකාවට සහභාගි වන තරගකරුවන්ට ඒ සඳහා සිය පවුලේ සාමාජිකයන් එක් කර ගැනීමේ අවස්ථාව උදාවන අතර ත්‍රාසජනක විනෝද ගමන්වලට උනන්දුවක් ඇති සෙසු අයටත් මේ සඳහා එක්විය හැකි බව 4x4 ගවේෂණාත්මක චාරිකාව සම්බන්ධව පෙරේදා නෙලුම් පොකුණ රඟහලේ පැවැති මාධ්‍ය හමුවේ දී කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා ප්‍රකාශ කළේය.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත සංවිධානය කරන 4x4 ගවේෂණාත්මක චාරිකාව සහ තරගයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසින් සපයනු ලැබේ.කොමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රදීප් ද සිල්වා, යුද හමුදා ජනමාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහත්වරු ඇතුලු යුද හමුදා‍වේ උසස් නිලධාරීහූ මෙන්ම 4x4 ගවේෂණාත්මක චාරිකාව සහ තරගයේ අනුග්‍රාහක ආයතන නි‍යෝජිත මහත්වරු ද මාධ්‍ය හමුවට එක්වූහ..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=s1406063
‘එල්.එස්.ආර්.කළම්බු මැරතන්’ මෙවරත්
වර්නන් ගුණසේකර
මෙරට සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ සම්මානලාභී සමාගමක් වන ‘ලංකා ස්පෝට්ස්රයිසන්’ ආයතනය 14 වැනි වසරටත් සංවිධානය කරන ‘එල්.එස්.ආර්. කළම්බු මැරතන්’ තරගය ඔක්තෝබර් මස 5 වැනි ඉරුදින කොළඹ සිට මීගමුව දක්වා පැවැත්වේ.ජගත් ක්‍රීඩා ලෝකයේ අවධානය සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාව දෙසට යොමුවන දිනයක් බවට පත්කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා දිනදර්ශනයට ඇතුළත් වූ මෙරට එකම ක්‍රීඩා ඉසව්ව මෙය වෙයි.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට අනුබද්ධිත, දිගුදුර හා මැරතන් ධාවන තරග පිළිබඳ ජාත්‍යන්තර සංගමය වන ‘ඒ.අයි.එම්.එස්’ සංවිධානයේ පිළිගැනීමට පාත්‍ර වූ ලොව ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර මැරතන් තරග ලැයිස්තුවට ඇතුළත් වීමට සමත්ව සිටින මෙම ‘එල්.එස්.ආර්. කළම්බු මැරතන්’ තරගය ‘ඒ.අයි.එම්.එස්.’ ඡන්ද බලය හිමි සාමාජික රටවල් 110න් 54ක සහභාගිත්වයේ සවිය ලබන්නකි.2012 වසරේ චෙක් ජනරජයේ පැවැති ‘ඒ.අයි.එම්.එස්’ සංවිධානයේ 19 වැනි වාර්ෂික කොන්ග්‍රස් සැසියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම මෙම තරගය සංවිධානය කරන ‘ලංකා ස්පෝට්ස්රයිසන්’ ආයතනයට ලැබිණි.එහි 20 වැනි වාර්ෂික කොන්ග්‍රසය, අප්‍රිකානු කලාපයේ පැරණිතම ජාත්‍යන්තර මැරතන් තරගය වන ‘කොම්රාඩස් මැරතන්’ ඉසව්වට සමගාමීව පසුගියදා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පැවැති අවස්ථාවේදී ‘එල්.එස්.ආර්. කළම්බු මැරතන්’ තරගය නියෝජනය කරමින් එහි නිර්මාතෘ, ‘ලංකා ස්පෝට්ස්රයිසන්’ ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා ඊට සහභාගි විය.‘ඒ.අයි.එම්.එස්’ නිළධාරීන් මෙන්ම ජාත්‍යන්තර මැරතන් තරග ක්ෂේත්‍රයේ සංවිධාන කටයුතුවල යෙදෙන වැදගත් චරිත හමුවූ වීරසිංහ මහතා ඔවුන් සමග සබඳතා වර්ධනය කර ගනිමින් ‘එල්.එස්.ආර්. කළම්බු මැරතන්’ තරගය තවදුරටත් ප්‍රචාරනය හා ප්‍රවර්ධනය කිරීමේ පියවර රැසක් ගනු ලැබීය..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=s1406064
එල්.වී.ජයවීර අනුස්මරණ බොක්සිං අද ඇරැඹේ
ෆවුස් මොහොමඩ්
ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය මෙහෙයවනු ලබන 41වැනි එල්.වී.ජයවීර අනුස්මරණ සමස්ත ලංකා අන්තර් පාසල් බොක්සිං තරගාවලිය අද (6) නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. ලබන 10වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලිය වයස් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ.අවුරුදු 13-14, අවුරුදු 15-16 සහ අවුරුදු 17-18 වයස් කාණ්ඩ යටතේ ආධුනික බොක්සිං ක්‍රීඩකයන්ට පමණක් සහභාගී විය හැකි මේ තරගාවලියේ සියලුම ජයග්‍රාහකයන්ට, අනුශූරයන්ට හා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ක්‍රීඩකයන්ට පදක්කම් හා සහතික පත් ප්‍රදානය කෙරේ. තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට මෙන්ම හොඳම පරාජිත ක්‍රීඩකයාට සම්මාන හිමිවන අතර සමස්ත ශූරයන්ට එල්.වී.ජයවීර අනුස්මරණ කුසලානය පිරිනැමේ.කිලෝ ග්‍රෑම් 33-35, 35-37, 37-39, 39-41, 41-43 සහ 43-45 බර පන්ති යටතේ අවුරුදු 13-14 වයස් කාණ්ඩයේ තරග පැවැත්වෙන අතර අවුරුදු 15-16 වයස් කාණ්ඩයට කිලෝ ග්‍රෑම් 44-46, 46-48, 48-50, 50-52 සහ 52-54 බර පන්ති ඇතුලත්ය. කිලෝ ග්‍රෑම් 46-49 , 49- 52, 52-56, 56-60 සහ 60-64 බර පන්ති යටතේ අවුරුදු 17-18 වයස් කාණ්ඩයේ තරග පැවැත්වේ..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=s1406065
රංජිත් රුද්‍රිගූ පාපන්දු ලෝක සමුළුවට
null
අන්තර්ජාතික පාපන්දු සම්මේලයේ විශේෂ සම්මේලනයට සහභාගීවීම ‍උදෙසා ශ්‍රී ලංකා පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගූ මහතා බ්‍රසීලය බලා පිටත් වෙයි.ඉදිරි දිනවල පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර ආරම්භවන මේ විශේෂ සම්මේලනයේ දී පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිතය. 9වැනිදා සිට 11 වැනිදා දක්වා බ්‍රසීලයේ සාඕ පාවුලෝ හී පැවැත්වෙන විශේෂ සම්මේලනයේ දී ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව පිළිබඳ වාර්තාවක් ලෝක පාපන්දු සභාපති සෙ‍ෆ් බ්ලැටර් මහතාට භාරදීමට ද නියමිතව ඇත.ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් 12වැනිදා බ්‍රසීලය කොඒෂියාව අතර තරගය නැරැඹීමේ අවස්ථාව ද රංජිත් රුද්‍රිගූ මහතාට උදාවන බව පාපන්දු සම්මේලනය නිවේදනය කරයි..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=s1406066
ශ්‍රී ලංකා-බහරේන් ක්‍රීඩා අවබෝධතා ගිවිසුමක්
ක්‍රිස්ටි මහේෂ් ද සිල්වා
ශ්‍රී ලංකාව හා බහරේන් අතර ක්‍රීඩා උන්නතිය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට නියමිතය. මේ ගිවිසුම අනුව මලල ක්‍රීඩා, ක්‍රිකට්, පාපන්දු, බාස්කට්බෝල්, පාපැදි, රගර් ක්‍රීඩා කණ්ඩායම් සඳහා දෙරට අතර තරග සංවිධානය කිරීමට හැකිවෙයි. බහරේන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙ‍රටදී පුහුණුව ලබාදීමට නියමිත අතර මෙරට පාපන්දු ක්‍රීඩකයන්ට බහරේන් පුහුණුකරුවන් ලවා පුහුණුවක් ලබා දීමට මේ අවබෝධතා ගිවිසුම අනුව හැකියාව ලැබෙනු ඇත..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=s1406067
සය සමාජික ක්‍රිකට් ගල‍‍ගොඩ දී
null
ගල‍ගොඩ සමගි ක්‍රීඩා සමාජය පළමුවරට සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 21දා ගල‍ගොඩ සමගි ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. තරගාවලියට සුදුසුකම් ලබන්නේ පළමුවෙන් ඉදිරිපත් වන කණ්ඩායම් 32කට පමණක් බව තරග සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද, අනුශූරයන්ට රුපියල් තිස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමෙන බව සංවිධායක මණ්ඩලය පවසයි. මේ සඳහා සහභාගී වන කණ්ඩායම් දුරකතන අංක 0777286227 හෝ 0714265475 මගින් රොඩ්නි මහතා අමතන ලෙස සංවිධානය මණ්ඩලය නිවේදනය කරයි. .
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=s1406068
දීප්ති පාපැදි සමාජ ශූරතාවලිය හෙට අනුරාධපුර පොතනේගමදී
null
අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සමාජය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘දීප්ති පාපැදි සමාජ ශූරතාවලිය’ හෙට (7) අනුරාධපුර පොතානේගමදී පැවැත්වේ.ස්ටෑන්ඩර්ඩ් වර්ගයේ පාපැදි සඳහා පමණක් සීමිත තරගය කණිෂ්ඨ පිරිමි (වට 2), කණිෂ්ඨ කාන්තා (වට 1) සහ සුපිරි හා අවුරුදු 23න් පහළ පිරිමි (වට 6) යනුවෙන් අංශ තුනකින් පැවැත්වීමට නියමිතය. අනුරාධපුර පොතානේගම හන්දියෙන් ආරම්භ කෙරෙන තරගය වෙස්සගිරිය, ඉසුරුමුණිය, කුරුණෑගල හන්දිය, මිරිසවැටිය, තිසාවැව, පණ්ඩුලගම හරහා පොතානේගම හන්දියට පැමිණෙනු ඇත.අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ පූර්ණ සහයෝගයෙන් සංවිධානය කෙරෙන මේ ශූරතාවලියේදී දීප්ති පාපැදි සමාජය සමග ටූ වීල්, සෞම්‍ය. රංජිත් අනුර හා ශක්ති යන පාපැදි සමාජවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිනු ඇත..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=s1406069
ජාතික පාසල් පාපන්දු තරගාවලිය
null
.
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=f1406061
චක්‍ර‍ෙල්ඛ පැත්තකට දාලා විපතට පත්වූ අයට සහන සලසන්න
අන් දොස් හොයන්නේ නිරුෂි විමලවීර
නිරිත දිග මෝසම සක්‍රීය වීමෙන් පසුගිය සඳුදා සිට බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක හදිසි ආපදා තත්ත්වයක් ඇතිවිය. මිනිස් ජීවිත විසිපහක් බිලිගත් මෙම ව්‍යසන තත්ත්වය පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමු වී තිබුණි. නිදි වර්ජිතව සිටි ඒ මහතා අඟහරුවාදා අළුයම තුනට පමණ ඇමැති මහින්ද සමරසිංහ මහතාට දුරකථන ඇමැතුමක් ලබා ගත්තේ දැඩි නොඉවසිල්ලෙනි.මහින්ද කළුතර අලුත් තත්ත්වය කොහොමද එතුමා ප්‍රශ්න කළේය. සර් මේ පාන්දර අවදියෙන්ද? මහින්ද සමරසිංහ මහතා ඇසීය. මගෙ ජනතාවට කොහොමද කියල නොදැන මට නින්ද යන්නේත් නැහැ යැයි ජනාධිපතිවරයා කීය.සර් ජනතාව ගංවතුරින් අවතැන් වෙලා යැයි සමරසිංහ මහතා කීවේය. හෙලිකොප්ටර් යානා එවන ලෙස මම ගුවන් හමුදාපතිට උපදෙස් දෙන්නම්. නාවික හමුදාපතිටත් යුද හමුදාපතිටත් සහාය දෙන ලෙස උපදෙස් දෙනවා. මහින්ද ඔයත් ඒ අයට කථා කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.හොඳයි සර් මම ඒ අයට කතා කරන්නම් යැයි සමරසිංහ මහතා කීය.මේ තත්ත්වය පිළිබඳ සොයාබලා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම මහින්ද අමරවීර මහතාටත් උපදෙස් දුන්නා යැයි ජනාධිපතිතුමා පැහැදිලි කළේය.සර් ඒක නම් හොඳ දෙයක් යැයි මහින්ද සමරසිංහ මහතා කීය. ඔයා දිස්ත්‍රික්කයේ සෙසු මැති ඇමැතිවරු එක්කරගෙන ජනතාවට සහන සලසන්න කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට පැකිලෙන්න එපා.මම දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් ඒ ගැන සොයාබලන්න උපදෙස් ලබා දෙන්නම් යැයි එතුමා කීය. හෝරාවක් ගෙවී යත්ම, ගුවන් හමුදා නියමුවන් රැගත් හෙලිකොප්ටර් යානා කළුතර අහස් ගැබේ පියාසර කළේ විපතට පත්වූවන්ට යුහුසුළුව සහන සැලසීම සඳහාය.මැලේසියානු සංචාරයක නිරතව සිටි ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා අඟහරුවාදා අළුයම කටුනායක ‍ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවත්ම ඇමැතිවරයාට කළුතර දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දුරකථන ඇමතුම් ගලා ආවේය.ඒ මහතා කටුනායක සිට නිවසට යෑම පසෙකලා අගලවත්තේ ජනතාව හමුවීමට යා යුතු බව රියදුරාට උපදෙස් දුන‍්නේය. ඒ වනවිටත් ඇමැති නිර්මල කොතලාවල ඇතුළු මැති ඇමැතිවරු කළුතර දිස්ත්‍රික් ජනතාවට සහනාධාර බෙදා හරිමින් සිටියහ.ඇමැති සුමේධා ජයසේන මහත්මියගේ නායකත්වයෙන් යුතු මන්ත්‍රීවරියන් දස දෙනකුගෙන් සමන්විත කණ්ඩායම පසුගියදා වොෂින්ටන්හි ඩලාෂ් ගුවන් තොටුපළට ළඟාවූයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයකට අනුවය. ඊට ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, රෝසි සේනානායක, කමලා රණතුංග, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විජයකමලා මහේෂ්වරම්, ශ්‍රියාණි විජේවික්‍රම, අනෝමා ගමගේ, උපේක්ෂා ස්වර්ණමාලි යන ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරියන්ද එක්වූහ.ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනා පත්‍රය වොෂින්ටන් ගුවන් තොටුපළේදී ගුවන් තොටුපළ නිලධාරීන් පරීක්ෂා කළහ. එහෙත් කමලා රණතුංග මන්ත්‍රීවරිය සන්තකයේ ආරාධනා පත්‍රය නොවිණි. ඇය අත් බෑගය අදිමින් එය පරීක්ෂාවෙන් සොයා බැලුවද ආරාධනා පත්‍රය ඇය සන්තකයේ නොවීමෙන් පිරිස කලබලයට පත්වූහ.සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා රෝසි සේනානායක මන්ත්‍රීවරියන් කෙතරම් පැහැදිලි කළද කමලා රණතුංග මන්ත්‍රීවරිය රටට ඇතුළු කර ගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. හෝරාවක් ගෙවී යද්දී ගුවන් තොටුපළ නිලධාරීන් හමුවීමට ගිය ‍රෝසි සේනානායක, ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තත්ත්වය පැහැදිලි කිරීමෙන් අනතුරුව ඇයට රටට ඇතුළුවීමට අවසර හිමි විය.පසුව මන්ත්‍රීවරියන් සඳහා වෙන් කර තිබූ Shair Walkes හෝටලයට පිරිස පැමිණියහ. ඔවුන් වෙනුවෙන් කාමර දහයක් වෙන් කර තිබුණි. පසුව ඔවුන් හමුවට ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිෂ්වාල් (Nisha Biswal) මහත්මිය පැමිණියේ කමලා රණතුංග මෙනවිය දෙස දෑස් නොසෙලා බලා සිටිමින්ය. ගුවන් තොටුපළේ සිද්ධිය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරනවා යැයි ඇය රණතුංග මන්ත්‍රීවරිය දෙස බලමින් කීවාය. කමලා මන්ත්‍රීවරිය වෙන් කොට හඳුනා ගැනීම පිළිබඳ සෙසු මන්ත්‍රීවරියෝ විමතියට පත්වූහ.ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රශ්න, ගෘහස්ථ හිංසනය හා යුද්ධයෙන් පසු ඇතිවූ සංහිඳියාව ගැනත්, බිෂ්වාල් ලේකම්වරිය ප්‍රශ්න කළාය.සංහිඳියාව වෙනුවෙන් අපි මොනවද නොකළේ කළ හැකි හැම දේම කළා යැයි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තරමක් කේන්තියෙන් මෙන් ප්‍රකාශ කළාය.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා වීම පිළිබඳවද ලේකම්වරිය ප්‍රශ්න කළාය.මම යුද්ධයෙන් බැටකෑ කෙනෙක්. මගේ සැමියා ඝාතනය වූ අවස්ථාවේ මගේත් මගේ දරුවන්ගේත් මානව හිමිකම් ගැන කවුරුත් කථා කළේ නෑ. මගේ සැමියා මිය ගියේ දේශපාලන වේදිකාවකදී නොවෙයි. ක්‍රීඩා උත්සවයකදීයි. ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියාගෙන ගියාය.ඔබතුමියගේ සැමියා කවුදැයි බිෂ්වාල් මහත්මිය ඇසුවාය.ශ්‍රී ලංකාවේ ඇමැතිවරයෙක්ව සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පිළිබඳ පවිත්‍රා ඇමැතිවරිය පැහැදිලි කළාය.මද වේලාවක් නිහඬව සිටි බිෂ්වාල් මහත්මිය සමාවන්නැයි කියමින් කනගාටුව ප්‍රකාශ ක‍ළාය.ශ්‍රී ලාංකීය නාට්‍ය හා සාහිත්‍ය ක්ෂේත්‍රයන්ට අමිල සේවාවක් ඉටු කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී පැවතියේ අති උත්කර්ෂවත් අයුරින්ය. නියමිත වේලාවටත් පෙරාතුව උත්සවයට පැමිණි ජනාධිපතිතුමා විචිත්‍රවත් නාට්‍ය අංගයන්ගෙන් උළෙල ඒකාලෝක වෙද්දී දෑස් අයා ඒ දෙස බලා සිටියේ ය. ලලිතා සරත්චන්ද්‍ර මහත්මිය සිය අදහස් දැක්වීමේදී සරත්චන්ද්‍රයන්ගේ ශත සංවත්සර උළෙලට පැමිණීමට අවස්ථාව හිමිවීම දුර්ලභ අවස්ථාවක් බව කීවාය.සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බී. ඒකනායක මහතා දෙසට හැරෙමින් ජනාධිපතිතුමා ඒක නම් ඇත්ත. හරිම දුර්ලභ අවස්ථාවක් යැයි කීය. සරච්චන්ද්‍ර උපහාර තිළිණය සුරතටගත් ජනාධිපතිතුමා “ටී.බී. මේක හරිම බරයිනේ, මෙය අත ගැස්වීමට පමණක් ඉඩ සලස්වමු යැයි සිනාසෙමින් කීවේය.උත්සවය නිමාවීමෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයට පැමිණ සිටි කලාකරුවන්, විද්වතුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් අසලට සේන්දු වෙමින් ඔවුන් සමඟ සුහද කතා බහකට එක් වීමටද එතුමා අමතක නොකළේ ය. නාමල් මානෙල් වීරමුණි යුවළද ජනාධිපතිතුමා සමඟ කතාකරමින් සිටියේ ඔවුන්ගේ දශක ගණනක කලා ජීවිතය පිළිබඳවයි.ටී.බී. ඒකනායක ඇමැතිවරයාට කතා කළ ජනාධිපතිතුමා ටී.බී. වීරමුණි යුවළට අභින්දන උළෙලත් සූදානම් කරන්න යැයි කීය. සරච්චන්ද්‍රයන් යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීමකට ලක්වීම පිළිබඳ ජනාධිපතිතුමාට සරච්චන්ද්‍ර මහත්මිය තුති පුද කළාය.මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසිපස් වසරක් සපිරීම නිමිත්තෙන් මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට කථානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ, මහ ලේකම් තිස්ස අත්තනායක, සභාපති කබීර් හෂීම් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ. විපක්ෂ නායකවරයා රංජිත් මද්දුමබණ්ඩාර දෙස බලමින් රංජිත් තව උත්සවයක් තියන්න වෙයි යැයි කීවේ සිනා සෙමින්ය. කථානායකවරයා එයට යමක් එක් කරමින් ‘රංජිත්ලගෙයි අපෙයි පවුල් අතර තිබූ සබඳතාව අද ඊයේ එකක් නෙමේ.මම පොලිස් පරීක්ෂකවරයෙක්ව සිටි කාලයේ මට මොනරාගලට ස්ථාන මාරුවක් ලැබුණා. එදා මං මගේ තාත්ත එක්ක මොනරාගල පොලිසියට ආවේ නැහැ. මුලින්ම ඇමැති ධර්මදාස බණ්ඩාරව තමා මගේ තාත්ත හමුවුණේ” යැයි කීය. එය අසා සිටි සජිත් ප්‍රේමදාස මහතා කීවේ මෙතුමා ශක්තිමත් ස්ථිර ප්‍රතිපත්තියක් ඇති දේශපාලන වරප්‍රසාද තනතුරුවලට නතු වන අයෙකු නොවන බවය.අස්ගිරි පාර්ශ්වයේ කාරක මැදගම ධම්මානන්ද හිමි විපක්ෂනායක වරයා දෙස බලමින් “මොනරාගලට පැරිෂුට්කාරයො එවන්න එපා. මමයි රංජිතුයි හෝඩියෙ ඉඳල එකට හිටියේ. මම පැවිදි වුණා. රංජිත් දේශපාලන තෝරාගත්තා යැයි කීහ. සියලු බර කරටගෙන කටයුතු කළ තලතා අතුකෝරළ මහත්මිය උත්සවය නිම කළේ සැහැල්ලු සිතින්ය.පසුදින සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂනායකවරයා රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිස මොනරාගල නගරයේ වෙළෙඳ පළට යමින් ගමින් ගමටද ගියහ. කුරක්කන් පිට්ටු, කුරක්කන් තලප, විපක්ෂනායකවරයා ඇතුළු පිරිස දිවා ආහාරය ලෙස ලබා ගත්තේ සතුටු සිතින්ය.පසුගිය සිකුරාදා විපක්ෂනායකවරයා, තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් කොළඹ සිට කතරගම බලා පිටත් වූහ. කතරගම කිරිවෙහෙරේ හා මහා දේවාලයේ ආගමික වතාවත්වලට එක් වූ ඔවුන්ගේ පැමිණීම මහ ඇමැති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට දැන ගැනීමට ලැබුණි.හෙතෙම කතරගම බස්නායක නිල නිවසේ තේ පැන් සංග්‍රහයක් සූදානම් කර ඒ බව තිස්සට දැනුම් දුන්නේය. සිකුරාදා රාත්‍රී මොනරාගල පිහිටි සුමේධා ජයසේන ඇමැතිවරියට අයත් හෝටලයක නවාතැන් ගත් පිරිසට පසුදින උදෑසන ආහාරය සූදානම් කර තිබුණි.කොළඹ සහිරා විදුහල් පරිශ්‍රයේදී හිටපු ඇමැති ඉමිතියාස් බාකීර් මාකර් මහතා විසින් රචිත දේශප්‍රේමයේ කැඩපත (ටී.බී. ජයා චරිත ප්‍රදානය) ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල පැවැතියේ මහත් අභිමානයෙන් යුතුවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක,ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරු මෙම අවස්ථාවට එක් වීම සුවිශේෂී අවස්ථාවක් විය.ඇත්තෙන්ම මමයි තිස්සයි එක් කර ගැනීමට වඩා ප්‍රධාන පක්ෂ තුනේම ලේකම්වරු එක තැනකට එක් කර ගැනීම ලොකුම ජයග්‍රහණය යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා ඉමිතියාස් දෙස බලා සිනා සෙමින් කීය. මමත් දැක්කේ එවන් අවස්ථාවක් ප්‍රථම වරට යැයි තිස්ස අත්තනායක මහතාද කීවේය. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු ඇතුළු අති විශාල පිරිසක් එම අවස්ථාවට එක් වී සිටියහ.එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොතේදී පසුගිය බදාදා පැවැතියේ විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන්ය. පොදු අපේක්ෂකයා කියන වචනය මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කරමු යැයි රනිල් යෝජනා කළේය. ඡන්ද පොළ ආරක්ෂාවට සංවිධායකවරු 12000ක් පත්කළ යුතු බව මහ‍ෙල්කම්වරයා යෝජනා කළේය.බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බෙල්ජියමේ නිල සංචාරයකට එක්ව සිටින බැවින් මහ ඇමැති ධුරයේ වැඩ බැලීම සඳහා ඇමැති උපාලි කොඩිකාර මහතා පත් කර තිබුණි. පසුගිය අඟහරුවාදා බස්නාහිර පළාත් සභා රැස්වීමට වැඩ බලන මහ ඇමැති උපාලි කොඩිකාර මහතා පැමිණියේ එජාප මන්ත්‍රීවරුන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.එයින් උන්මාදයට පත් කොඩිකාර මහතා මහ ඇමැතිවරයාගේ අසුනේ වාඩි වූයේ ය. එජාප මන්ත්‍රීවරු එක දවසකට හරි මහ ඇමැතිනේ ජයවේවා කියමින් කෑ ගැසූහ. ඇමැති නිමල් ලන්සා මහතා කොඩිකාර ඇමැතිවරයාගේ අසුන ඔහුට පෙන්වමින් මහ ඇමැතිවරයාගේ අසුනෙන් නැඟීසිටින්නැයි කීය.එහෙම කොහොමද කියමින් කොඩිකාර මහ ඇමැතිවරයාගේ අසුනේ වාඩි වී නොසෙල්වී බලා සිටියේ දිගින් දිගටම ලන්සා ඇවිටිලි කරද්දීය. පසුව සභා ලේකම්වරයාගේ දැනුම් දීමකින් පසු කොඩිකාර මහතා සිය අසුනට ගියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂා මධ්‍යයේ ය. පුටුව නැති වුණා නේද? වැඩ බලන මහ ඇමතිකමත් නැති වෙන්නේ ඔහොමයි කියමින් ඔවුහු කෑ ගැසූහ..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=f1406062
වාණිජ රැල්ලට හසුවෙලා පොසොන් සමරන්න එපා
සටහන
මහින්දාගමනය නිසා හෙළ සංස්කෘතිය ඔපවත් වුණු ආකාරය පිළිබඳ හා පොසොන් පොහොයේ වැදගත්කම ගැන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක තිරිකුණාමලයේ ආනන්ද නාහිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.පොසොන් පොහොය දිනය ඉතිහාසයේ සැමරුවේ නැකැත් උත්සවයක් ලෙසයි. දේවානම් පියතිස්ස රජතුමා මුව දඩයමේ යමින් ක්‍රීඩා ලෝලීව දවස ගත කිරීමෙන් ඒ බව තහවුරු වෙනවා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ පොසොන් පොහොය දිනය නව පරිවර්තනයකට, අලුත් වෙනසකට ලක්වුණා.නැකැත් උත්සවයක් ලෙස පැවැති පොසොන් උත්සවය පුණ්‍ය උත්සවයක් බවට පත්වුණා. ඒ නිසා අදටත් අපි පොසොන් පොහොය දිනය නිකම්ම උත්සවයක් ලෙස නොව පුණ්‍ය උත්සවයක් ‍ලෙසයි සලකන්න ඕනේ. මහින්දාගමනයත් සමඟ අපේ සමා‍ජයේ කොතරම් පරිවර්තනයක් සිදුවුණා ද යන්න අපි නුවණින් කල්පනා කරලා බලන්න ඕනෑ.එහි පින් පැත්ත අමතක කරලා උත්සව කියන දේට පමණක් කොටු විමෙන් සිදුවන්නේ වාණිජ රැල්ලකට හසුවීමයි. විශේෂයෙන් බටහිර අනුකරණයන්ට හසු නොවී අපි පොසොන් උත්සවය ආගමික උත්සවයක් ලෙස සැමරිය යුතුයි. බොහෝ වෙලාවට නොදැනුවත්කමින් ජනතාව නොමඟ යනවා. ඒ නිසා අපි උත්සවයක හා පුණ්‍ය උත්සවයක වෙනස ජනතාවට නිවරැදිව පහදා දිය යුතුයි.මිහිඳු හාමුදුරුවෝ ලංකාවට පැමිණියේ ක්‍රි.පූ.3 වැනි සියවසේදීයි. ඉතිහාසඥයන්ට අනුව ඒ කාලේ ලංකාවේ යම්කිසි දියුණු තත්වයක් පැවතුණා. විශේෂයෙන් දියුණු වාරි සංස්කෘතියක් වගේම සමාජ, සංස්කෘතික උරුමයක් තිබුණා. ඒ වගේම මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් පසු එම උරුමයන් සියල්ල හොඳ පැත්තට පරිවර්තනය වුණා.අශෝක රජතුමා රාජ්‍ය අල්ලන්නට දූතයෙක් ලෙස මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එව්වාද යන්න පිළිබඳ එදා ඇතැම් දෙනා සැක කළත් උන්වහන්සේ පැමිණියේ ලංකා රාජ්‍ය අල්ලගන්න හෝ වෙනයම් බලාපොරොත්තුවක් ඇතිව නොවෙයි. ‘තවේව අනුකම්පාය ජම්බුදීපා ඉථාගථා’ උන් වහන්සේ දේශනා කළේ ‘මහරජ, අපි දඹදිව සිට වැඩම කළේ ඔබට අනුකම්පා පිණිසයි” යනුවෙන්.උන්වහන්සේගේ අරමුණ එම ප්‍රකාශයෙන්ම පැහැදිලි වෙනවා. ඒ වගේම උන්වහන්සේ ලංකාවට වැඩම කිරීමට පෙර අපේ රටේ භාෂාව, ආචාර ධර්ම, මිනිසුන්ගේ ආකල්ප යනාදිය පිළිබඳ හොඳින් අධ්‍යයනය කළා. ඒ නිසා උන්වහන්සේට සාර්ථක ධර්ම දූතයන් වහන්සේ නමක් වෙන්න පුළුවන් වුණා.මිහිදු මහ රහතන් වහන්සේ පැමිණීමෙන් පසු මෙරට ධාර්මික පරිවර්තනයක් ඇතිවුණා. සංවරය මුල්කරගත් සමාජ සම්මත අචාර විලාස ක්‍රමයක් අපිට ලැබුණා. අපේ සංස්කෘතිය කියන්නේ මිහිදු සංස්කෘතියයි. ඒනිසා අපේ රටේ මිනිස්සු මිහිඳු හාමුදුරුවෝ දෙවැනි බුදුන් ලෙස සැලකුවා. එපමණ‍ටම උන්වහන්සේ දුරදක්නා නුවණින් අපේ රටේ ශීඝ්‍ර වෙනසක් ඇති කළා.ඉන්දියාවේ උපන්නා කියලා උන්වහන්සේ එහෙ දේවල් මෙහෙට ගේන්න උත්සාහ කළේ නැහැ. මේ රටේ බුදු දහම ස්ථාපිත කරන්න කියලා දේවානම්පියතිස්ස රජතුමා ඉල්ලීමක් කළ අවස්ථාවේදි මිහිඳු හාමුදුරුවෝ දේශනා කළේ මහරජ, සිංහල මවුපිය දෙපළකට උපන්න දරුවෙක් මේ ශාස‍නයේ පැවිදිවෙලා හොඳට පෙළ දහම් ඉගෙනගෙන, හොඳින් විනය හදාරලා ඒ ධර්මය මේ රටේ සමාජයට දේශනා කළදාට තමයි මේ රටේ ශාසනය මුල්බැස ගන්නේ කියලා. උන්වහන්සේ අපේ ජනතාව තුළ මොනතරම් දේශජ චින්තනයක් ඇති කළා ද යන්න එයින් අපිට පැහැදිලි වෙනවා.උන්වහන්සේ එවැනි උදාර ආදර්ශ බොහොමයක් දුන්නා. අද අපේ රටේ ඇතැම් දෙනා සිංහලකම, භාෂාව වැනි අපේ දේවල් අමතක කරලා වෙනත් දේවල් ඉදිරියෙන් තියාගන්න උත්සාහ කරනවා. ඒ අයට මිහිඳු හාමුදුරුවන්ගේ ප්‍රකාශය නියම පිළිතුරක් සපයනවා.සංස්කෘතියක් කියන්නේ එකම ආකාරයට තිබෙන දෙයක් නොවෙයි. නොයෙකුත් හේතු නිසා සංස්කෘතික වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. හැමදාම අපිට ශුද්ධ සංස්කෘතියක් පවත්වාගෙන යන්න අපහසුයි. නමුත් කුමන සංස්කෘතියකට යටත් වුණත් අපේ මූලික හරපද්ධතීන්, සදාචාර ධර්මයන්, සංස්කෘතික උරුමයන් විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක්.මහත්මා ගාන්ධි ප්‍රකාශ කළ ආකාරයට ‘අවටින් එන ඕනෑම සුළගකට එන්න මම ගෙයි දොරපියන් ඇරලා තබනවා. නමුත් ඒ එක සුළගකටවත් මගේ ගේ ගලවාගෙනය යන්නට මම ඉඩ දෙන්නේ නැහැ’. එය ඉතා ශ්‍රේෂ්ඨ කියමනක්. ඒ වගේ අපිත් කුමන දේවල් පැමිණියත් අපේ මූලික දේවල් වෙනස් වෙන්න ඉඩ දිය යුතු නැහැ.සම්මිශ්‍රණය හොඳයි. නමුත් අපි එය තේරුම් ගන්නේ නැතිව ඕනෑවට වඩා අනුකරණශීලීව අපේ දේවල් අමතක කරලා බාහිරින් පැමිණෙන දේවල් ඒ ආකාරයෙන්ම බාරගන්නවා නම් එය විශාල අනුවණකමක්.අදටත් අපේ සමාජයේ එවැනි වෙනසක් ඇති කරන්න පුළුවන්. දැනටත් අපේ රටේ තිබෙන්නේ බටහිර ආකෘතියේ අධ්‍යාපන රටාවක්. අද ඉංග්‍රීසි මාධ්‍යයට සමාජයේ විශාල තැනක් තිබෙනවා. නමුත් රටක සියලුම දේ තීරණය වන්නේ භාෂාව මුල්කරගෙන.අපේකම, ජාතික චින්තනය මේ ආදී සියලුම දේ ගොඩනැ‍ගෙන්නේ භාෂාව සමඟ. අපේ භාෂාව අමතක කරලා විදේශිය භාෂාවක් මුල්කරගෙන යාමෙන් අපේ වටිනාකම් සියල්ල යටපත් වෙනවා. එයින් සිදුවන්නේ අපේකම නැති අපේ මුල්සිද ගත් පරම්පරාවක් ඇතිවීමයි.එදා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය හැදුවේ අපේ රටේ අනාගතය ගැන කල්පනා කරලා. නමුත් ඒ නිදහස් අධ්‍යාපනයේ විෂය මාලාවන්, අධ්‍යාපන ක්‍රමවේදයන් අද වෙනස්වෙලා. ඒ නිසා ඉතිහාසය වැනි විෂයයන් පිළිබඳ දරුවන්ට තිබෙන අවබෝධය අඩුයි.ඒ නිසා මම හිතන්නේ මේ අධ්‍යාපන ක්‍රමවේද මීට වඩා වෙනස් විය යුතුයි. අපේ දරුවන්ට මීටවඩා අපේ‍ දේවල්, අපේකම, ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ඇතිවන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතුයි. විශේෂයෙන් පාසල් අධ්‍යාපනයත්, දහම් පාසල් අධ්‍යාපනයත් ඒකාබද්ධ කර හොඳ දැනුමක්, පෝෂණයක් ළමයින්ට ලබා දිය හැකි ක්‍රමවේදයකට අපි යා යුතුයි.මේ ජාතිය ඒකාබද්ධ කළේ මිහිඳු හාමුදුරුවෝ. ඒ කාලෙත් අපේ රටට විවිධ බලපෑම් තිබෙන්න ඇති. නමුත් බුදු හාමුදුරුවන්ගේ දේශනාවට අනුව මේ සමාජයේ විෂමතා නැතිකරන්න ධර්මයේ පිහිට ලබාගන්න උන්වහන්සේ අපිට කියලා දුන්නා. මිහිඳු හාමුදුරුවෝ අපිට ගෙනාවේ බුදුහාමුදුරුවන්ගේ පාඩමයි.ඒ සමඟියේ පාඩම. ඒ ඒ ජාතීන්, ආගම්වල‍ට අනන්‍යතාවයන් තිබෙනවා. ඒ දේවල් තේරුම්ගෙන සියලුදෙනාම සමඟියෙන් කටයුතු කරනවානම් ගැටලු ඇතිවෙන්නේ නැහැ. ඒ වගේම අනෙකාගේ නිදහස අගය කරන්න මිහිදු හාමුදුරුවෝ අපිට කියලා දුන්නා.සියලුම ජාතින්ගේ නිදහස අගයකරමින් සමගියෙන් ඒකාබද්ධව කටයුතු කරනවානම් සිංහල ජාතිය කාටවත් නැති කරන්න බැහැ. විජාතික වුවමනාවන්ට අනුව යම් යම් භේද භින්නතා ඇති ‍කර නොගෙන ප්‍රඥා සම්පන්නව කටයුතු කරන්න..
NEWSPAPER
2014.06.06
http://www.dinamina.lk/2014/06/06/_art.asp?fn=f1406063
නැවතුණු තැනින් ඇරැඹුණු මහවැලි මහ සැලැස්ම
සටහන
“පුරං වුණ ඉඩං මෙන්න පණ අරං මහවැලි දියෙං ගොවීන් ජය අරං”මහවැලි දියෙන් පෝෂණය ලවන සරුසාර නිල්ල පිරුණු ගොයම දුටු කවියකුගේ සිතට නැගි කවි සිතිවිල්ලකි ඒ. මහවැලි ජලයෙන් පුරන් කුඹුරු අස්වද්දන්නට පමණක් නොව, ප්‍රධාන වශයෙන්ම විදුලිබල නිෂ්පාදනයට හා වාරිමාර්ග කටයුතු සඳහා මහවැලි ග‍ඟේ ජල සම්පත්වලින් මිලියන ඝණමීටර 6900ක් පමණ වූ ජලයෙන් එම සියලු කර්තව්‍ය කිරීම ඉටුකරගැනීම “මහවැලි මහ සැලැස්මේ” ප්‍රධාන අරමුණ විය.වියළි කලාපයේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා අවශ්‍ය ජලය සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ලෝක ආහාර සංවිධානය එක්ව මහවැලි මහ සැලැස්ම සකස්කර 1968දී ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කරනු ලැබීය.එම වාර්තාව අනුව ඉඩම් හෙක්ටයාර් 366,000ක් වගා කිරීම සඳහා වාරි ජලය සැපයීමට ජලාශ 15ක් ද, ජල විදුලිය ජනනය කිරීමට ජල විදුලි බලාගාර 11ක් ද, මහවැලි කලාප 13ක් ද (A – M) වසර 30ක් තුළදී ඉදිකිරීමට මහවැලි මහ සැලැස්මේ තවත් ප්‍රධාන අංගයක් ‍විය.මේ අයුරින් ආරම්භ කළ මහ සැලැස්මෙහි පළමු අදියර වූයේ (1969 – 1973) පොල්ගොල්ලේදී මහවැලි ගඟ හරහා සිරස් දොරටු සහිත කොන්ක්‍රීට් අමුණක් බැඳ, එමගින් පාලනය වන ජලය උමඟක් මගින් අඹන් ග‍ඟේ ශාඛාවක් වන සුදු ගඟට හැරවීමටත්, උමඟ අවසාන වන උකුවෙලදී මෙගාවොට් 40ක ස්ථාපිත ජවයක් සහිත විදුලි බලාගාරයක් ඉදිකරීමටත් සැලසුම්කරන ලදී.සුදු ගඟට ගලායන ජලය අඹන් ගඟට ලැබෙන අතර, අඹන් ගඟ බෝවතැන්නේදී හරස් කර තවත් කොන්ක්‍රීට් වේල්ලක් ඉදිකිරීමටත්, ඒ නිසා බිහිවන බෝවතැන්න ජලාශයේ සිට උමඟක් මඟින් කලා‍ඔයේ අතුගංගාවක් වන දඹුලු ඔයට යැවීමටත් යෝජනා කර තිබිණි.මේ අනුව දඹුලු ඔයට ලැබෙන ජලය කලා ඔයටත්, අනතුරුව එම ද්‍රෝණියෙ පිහිටි කන්ඩලම වැව, කලා වැව, රාජාංගණය ආදී වැව් යටතේ පිහිටි පැරණි ඉඩම්වලටත් ජලය සැපයීම සිදුකරන්නට යෝජනා කර තිබිණි.මෙලෙස ආරම්භවූ මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මකවීමේදී එවකට රටතුළ පැවැති විවිධ මතිමතාන්තර සහ දේශපාලන ගැටළු නිසා ඉදිරියට කරගෙනයාමට නොහැකි විය.මහවැලි කඩිනම් වැඩ සටහන පසුව ආරම්භ කළ අතර 1977 වසරේ ඔක්තෝබර් 12 වන දින කඩිනමින් මහවැලි ව්‍යාපාරය නිමාකළයුතු බවට වූ තීරණය එවකට පැවැති රජය විසින් ගන්නා ලදී.මහවැලි මහ සැලැස්මට අයත්ව තිබූ අත්‍යාවශ්‍ය ව්‍යාපෘති කිහිපයක් එවකට රට තුළ නිර්මාණය වී තිබූ දේශපාලන තීන්දු තීරණ සහ කුරිරු ත්‍රස්තවාදය හේතුවන් අවසන් කිරීමට නොහැකි වූ අතර, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා වීමෙන් පසු උදා වූ සාමකාමී වටපිටාවත් සමඟ නැවතත් මහවැලි මහ සැලැස්මට අයත්ව තිබූ ව්‍යාපෘති කිහිපයක වැඩ කටයුතු ඇරැඹිණි.ඒ අනුව ශතවර්ෂ ගණනාවක් පැවති ප්‍රධාන ගැටළුවක් වූ ‍උතුරු ජනතාවගේ ජල ගැටළුවට විසැඳුමක් ලෙස N. C. P. තැනලය මගින් රජරට හරහා උතුරට ජලය ගෙනයාමට හැකියාව ලැබිණි. ඒ අනුව මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව ආදී ප්‍රදේශ සඳහා ජලය සැපයීමට ලැබීම මහත් භාග්‍යකි.මෙරට කෘෂිකාර්මික රටක් කිරීමට රාජ්‍ය නායකයා තුළ තිබෙන අවශ්‍යතාවය ඉස්මතුකරමින් එතුමාගේ උපදෙස් පරිදි මෙම සියලුම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන්නට විය.යාන්ඔය, උමා ඔය වැනි ජල ව්‍යාපාපෘතීන්ගෙන් ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලට ජලය සැපයීමට හැකිවී තිබේ. ඉහළ වෙල්ලස්සේ සිට පහළ වෙල්ලස්සට ජලය ලබාදීම පමණක් නොව ඒ ඔස්සේ ඉදිවූ බලාගාර මගින් ප්‍රදේශයේ ජනතාවට විදුලිය ලබාදීමට හැකියාව ලැබී තිබේ.එකල කොටි ත්‍රස්තවාදයේ දැඩි බලපෑම් තිබූ මුලතිව් වැනි ප්‍රදේශ සඳහා ද අතරමග වැඩ නතර කර දමා තිබූ ව්‍යාපෘතීන් නැවත ආරම්භ කර එම ප්‍රදේශවල ජනතාවගේ ජල ගැටලුව විසඳීමට එමගින් හැකියාව ලැබිණි.එපමණක් නොව මල්වතු ඔය ජලාශය ඔස්සේ අනුරාධපුරය මහවැලි I කලාපයට ජලය ලබාදීම ආරම්භ කර තිබේ. එකල තරුණ නැගිටීම් පවා සිදුවුණේ විරැකියාව නිසයි. එහෙත් මේ වනවිට ජල ගැටළුව සඳහා විසඳුම් ලැබීමත් සමඟ තරුණ ගැටළු සඳහා ද විසඳුම් ලැබී තිබේ.යුද්ධය අවසන්වීමත් සමඟ උතුරේ ජනතාව තුළ තිබූ ප්‍රබලම ගැටළුව වූ ජල ගැටලුවට තවත් විසඳුමක් ලෙස ඉදිකෙරෙන අගිතිමුරුප්පු, ව්‍යාඩිකුලම් වැව් ද්විත්වයෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජල ගැටළුවට ස්ථිරසාර විසඳුම් ලැබී තිබෙන බව ඉතා සතුටින් සිහිපත් කළ යුතුය.මේ මීට අමතරව උතුරු පළාතෙහි සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමඟ ඔවුන්ට පැන නැගී තිබෙන දැවෙන ගැටළු සඳහා මේ වනවිටත් ස්ථිරසාර විසඳුම් ලැබෙමින් තිබීම ඒ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සතුටට හේතුවී තිබේ.ඊට අමතරව දේශීය ඉංජිනේරුවරුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉදිවුණ එඹකැන් ඔය ඒ ප්‍රදේශයේ ජනතාවට මහත් සම්පතකි. එයින් පෝෂණය වන කුඹුරුවලින් සරුසාර අස්වැන්නක් ලබාගැනීමට ඒ ප්‍රදේශයේ ගොවීන්ට හැකියාව ලැබී තිබේ.මෙහිදී කිවයුතු වැදගත්ම කාර්යයන් වන්නේ ශතවර්ෂ ගණනාවක් පුරා ජල හිඟයෙන් පීඩා විඳි වයඹ ජනතාවගේ ජල ගැටළුවට නිශ්චිත විසඳුමක් ලබාදීම සඳහා මහව, වාරියපොළ මැතිවරණ කොට්ඨාස ද්විත්වය මැදදී දැදුරු ඔය හරස් කර එම ජනතාවගේ ගොවිතැන් කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාදීමට ක්‍රියාකිරීම පිළිබඳව විශේෂයෙන්ම සිහිපත් කළයුතුය.මෙරට කිසිදු දේශපාලනඥයකු නොගත් එම තීන්දුව වත්මන් ජනාධිපතිවරයාගේම මැදිහත්වීමෙන්ම එම ගැටලුවලට විසඳුම් ලැබීම වයඹ ජනතාව ලද මහත් භාග්‍යයකි. එමඟින් වයඹ පළාතේ කුඩා වැව් විශාල සංඛ්‍යාවකට ජලය ලැබීම මගින් නිකවැරටිය, යාපහුව, වාරියපොළ, ගල්ගමුව වැනි ප්‍රදේශවල අලුත් ඉඩම්වල වගාකරන්නට ප්‍රදේශයේ ජනතාව පෙළැඹී තිබේ. තවද එමඟින් කුඩා විදුලි බලාගාර ඉදිකිරීමෙන් ප්‍රදේශයේ විදුලිබලය නොමැති ජනතාවට විදුලිබලය ලබාදීමට ද හැකියාව ලැබී තිබේ.සමස්තයක් ලෙස බැලූවිට පෙර පැවැති කිසිඳු රජයකින් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ගෙන නොමැති අභියෝගාත්මක තීන්දු තීරණ ගත්තේ වත්මන් රජයයි. එපමණක් නොව රට දැවැන්ත දියුණුවක් කරා ගෙනයන්නට වත්මන් රජය දරණ වෙහෙස මහන්සිය පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාව ලෙස අප තුළ ඇත්තේ මහත් අභිමානයකි. දියුණුව මෙ‍යැයි මෙයැයි කියා වචනයෙන් කිව නොහැකි දැවැන්ත සංවර්ධනය අප දැන් අභිමුවදීම දැකගන්නට ලැබීම අප සියළු දෙනා ලද භාග්‍යයකි..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n1406071
ජනාධිපති මහින්ද මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දී අදට වසර44ක්
null
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දී අද(07) ට වසර හතළිස් හතරක් සම්පූර්ණ වේ.ඒ මහතා බෙලිඅත්ත ආසනය ජය ගනිමින් 1970 දී මුලින්ම පාර්ලිමේන්තුවට පත්වු අතර ඒ වසරේ ජූනි මස 7වැනි දා හිටපු කතානායක ස්ටැන්ලි තිලකරත්න මහතා ඉදිරියේදි මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දී ඇත. එදිනම සිය පාර්ලිමේන්තු මංගල කතාව රාජපක්ෂ මහතා සිදු කොට තිබේ.එවකට කතානායක ලෙස කටයුතු කළ ස්ටැන්ලි මහතා නිතරඟයෙන් එම තනතුරට පත්වී තිබෙන අතර හිටපු ඇමැති මෛත්‍රීපාල සේනානායක මහතා ඔහුව යෝජනා කැර තිබෙන අතර හිටපු ජනාධිපතිවරයකු වු ජේ.ආර්. ජයවර්ධන මහතා එය ස්ථිර කැර තිබේ..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n1406072
සෞඛ්‍යයට අහිතකර ‍භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගන්න
null
ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ නීති විරෝධී අයුරින් වෙළෙඳපොළට යොමු කරන ව්‍යාපාරිකයින් පිළිබඳ සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්ව මේ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිතුමා මෙවැනි සමාගම් අසාදු ලේඛනයට (Black list) ඇතුළත් කැර ඔවුන්ගේ නීති විරෝධී ව්‍යාපාර වැළැක්වීමට පියවර ගන්නා ලෙසද උපදෙස් දුන්නේය.කල් ඉකුත් වූ ඖෂධ, සුවඳ විලවුන් මෙන්ම රූපලාවන්‍ය ක්‍රීම් වර්ග තොගයක කල් ඉකුත්වන දිනය වෙනස් කැර වෙළෙඳපොළට යොමු කළ සමාගමක් පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය කළ වැටලීමකින් අනතුරුව එම ද්‍රව්‍යවලින් කොටසක් ජනාධිපතිතුමාගේ අවධානයට පෙරේදා (05) අරලියගහ මන්දිරයේදී යොමු කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.කල් ඉකුත්වූ ඖෂධ වර්ග රැසක් වෙළෙඳපොළ තුළ පවතින බවට පාරිභෝගික සේවා අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත. ඒ පිළිබඳවද ඔවුන් මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ එම වැටලීම් කඩිනමින් සිදු කරන ලෙසයි. ජනතාවගේ සෞඛ්‍යයට හානිකර අන්දමින් ව්‍යාපාර කටයුතුවල නිරතවීමට කිසිවකුට ඉඩ තැබිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඉදිරියේදී ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසද පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දුන්නේය. .
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n1406073
කූට ව්‍යාපාරිකයන් අල්ලන්නපාරිභෝගික පනත වෙනස් කරනවා
විජයානී එදිරිසිංහ
අහිංසක රෝගීන්ට කල් ඉකුත් වූ ප්‍රමිතියෙන් තොර ‍ඖෂධ අලෙවි කරන සහ පාරිභෝගික ජනතාවට වස විස කවන කූට ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ‍තදින්ම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් මත දැනට තිබෙන පාරිභෝගික පනත වෙනස් කැර දැඩි දඬුවම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.මෙතෙක් කාලයක් මෙවැනි කූට ව්‍යාපාර ආයතනවලට නීතියෙන් දඬුවම් වශයෙන් නියම වූයේ රුපියල් ලක්ෂය දක්වා වූ දඩ මුදල් පමණි. එහෙත් ජනාධිපතිතුමා අපට උපදෙස් දුන්නා මේ රටේ අහිංසක ජනතාවට වංචා කැර වස විස කවන මෙවැනි කූට ව්‍යාපාර අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා ලෙස. ඒ අනුව ඊට ගැලපෙන පරිදි පාරිභෝගික පනත වෙනස්කැර දැනට සිදුකරන වැටලීම් තවදුරටත් වැඩි කරන බවද ඇමැතිවරයා කීය.විශේෂයෙන් අහිංසක රෝගී ජනතාවට වස විස සහිත ප්‍රමිතියෙන් තොර වසර ගණන් කල් ඉකුත් වූ ‍ඖෂධ වර්ග විකුණන කෝටිපති ව්‍යාපාරික ආයතන කැරගෙන යන ජාවාරම් පිළිබඳ තොරතුරු දැනගත් ජනාධිපති තුමා මේ රටේ අහිංසක ජනතාව රවටා ඔවුන්ගේ ජීවිත විනාශ කිරීමට කිසිදු ව්‍යාපාරික ආයතනයකට ඉඩ නොදෙන ලෙස පැහැදිලි කැර දුන්නා.පසුගිය කාලයේ පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම්වලින් හෙළිවූයේ මේ රටේ ජනතාවට කූට ව්‍යාපාරිකයන් අවුරුදු පනහකට වැඩි කාලයක් තිස්සේ වස විස කවා ඇති බවයි.එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව හැර වෙනත් කිසිම ආණ්ඩුවක් අහිංසක පාරිභෝගික ජනතාව ඉන් ගලවා ගැනීමට කටයුතු කෙළේ නැහැ.මේ රටේ ජනතාවගේ සෑම දෙයක් පිළිබඳවම අවධානය යොමු කැර කටයුතු කරන ජනාධිපතිතුමා පාරිභෝගික අධිකාරියට උපදෙස් බලතල ලබාදීම නිසා සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙන් කූට ව්‍යාපාරික ආයතන විශාල ප්‍රමාණයක් හෙළි කරගැනීමට හැකිවුණා.තවද රජයේ මුදලින් අහිංසක ජනතාවට රජයේ රෝහල්වලින් නොමිලේ ලබාදෙන බෙහෙත් වර්ග සොරකම් කැර පෞද්ගලික දොස්තරවරුන්ට විකුණන ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ජනාධිපතිතුමාට හෙළිවී තිබූ අතර, ඒ පිළිබඳවද වැටලීම් කිරීමට එතුමා උපදෙස් දුන් බවත් තරා තිරම නොබලා ර‍ෙට් අහිංසක ජනතාව ගැන සිතා වැටලීම් සිදු කිරීමට ජනාධිපතිතුමා ලබාදෙන උපදෙස් පාරිභෝගික අධිකාරියට විශාල ශක්තියක් බවද අමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දිනමිණට කීය..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n1406074
‍හිටපු ආදායම් බදු නි. කොමසාරිස් සියලුම දේපළ රාජසන්තකයි
ශිරෝමි අබයසිංහ
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු රුපියල් කෝටි හාරසියයකට ආසන්න මුදලක් වංචා කෙළේ යැයි වරදකරු කරනු ලැබ සිර දඬුවම් නියම වූ එහි ‍හිටපු ආදායම් බදු නි. නි. කොමසාරිස් ඥාණසිරි ද සොයිසා ජයතිලකගේ සියලුම චංචල සහ නිශ්චල දේපළ රාජසන්තක කරන‍ ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (06) නියම කළාය.විත්තිකරුට වසර එකසිය දෙකක සිර දඬුවමක් සහ වංචා කැර තිබූ මුදල මෙන් තුන් ගුණයක් වූ රුපියල් කෝටි 1198ක දඩ මුදලක් ගෙවන මෙන් නියම වී තිබූ අතර එම දඩ මුදල නොගෙවන බව විත්තිකරුගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් පසු විනිසුරුවරිය මෙම නියෝගය කළාය.විත්තිකරු වංචාවෙන් උපයා ගත් දේපල බවට පැමිණිල්ල ඔප්පු කැර තිබූ කොළඹ සහ කුරුණෑගල ප්‍රදේ‍ශයේ පිහිටි ඉඩම් සහ පෞද්ගලික බැංකුවල තැන්පත් කැර ඇති රුපියල් කෝටි සියයක මුදල් සහ එයට අදාළ පොලිය මෙසේ රාජසන්තක කිරීමට නියම විය. නිශ්චල දේපලවල වටිනාකම ඔප්පුවල සඳහන් මිලට වඩා ඉතා ඉහළ වටිනාකමක් ඇති බැවින් එම දේපල නීතීපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ තක්සේරු කැර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ශනිල් කුලරත්න මහතාට නියම කෙරිණි.දඩ මුදල් ගෙවීම සඳහා නඩුව ඊයේ කැඳවිණි.එය නොගෙන බව විත්තියේ නීතීඥ ,ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා අධිකරණයට සැල කිරිමෙන් පසු විත්තිකරුගේ දේපල වාර්තාවක් ඉදිරිපත් කළ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයා පොදු දේපල පනත යටතේ වරදකරු කරනු ලැබූ අයකුගේ සියලු දේපල රාජසන්තක කළ හැකි බවට අධිකරණයට පෙන්වා දුන්නේය. ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව අනුව කොළඹ 7,කොල්ලුපිටිය ,නාවල,නුගේගොඩ ,හයිඩ් පාක් රෙසිඩන්සීස්,යුනියන් පෙදෙස,තිඹිරිගස්යාය සහ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඉඩම් විත්තිකරුට හිමි වන බව සඳහන් විය.විත්තිකරුට එරෙහිව ඉදිරිපත් වී තිබූ ‍අධිචෝදනා 34කට 2014.04.25 දා විත්තිකරු වරද පිළි ගත් අතර වරදකරු කැර සිර දඬුවම් සහ දඩ මුදල් නියම වී තිබිණි.අනකුත් විත්තිකරුවන් අට දෙනා අධිකරණය මග හරිමින් සිටින අතර ඔවුන් නොමැතිව අගෝස්තු 01 වැනි දා නඩුව විභාගයට ගැනේ..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n1406075
රුහුණ විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධීන් පිටුපසරාජ්‍ය විරෝධී පක්ෂ සිටින බව සනාථ වී තිබෙනවා
රන්ජිත් පද්මසිරි, ස්වර්ණා විජේකෝන් සහ සුභාෂිණී සේනානායක‍
රුහුණ විශ්වවිද්‍යාලයේ ඇතිවූ සිද්ධීන් පිටුපස රාජ්‍ය විරෝධී දේශපාලන පක්ෂ කිහිපයක් සිටින බව සනාථ වී ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී.දාසානයක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) කීය.මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට නම් දේශපාලන අභිමථාර්ත ළගා කැර ගැනීමට සිසුන් යොදා නොගැනීම හොඳම විසදුම බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි කි දිසානායක මහතා ඒ සඳහා විපක්ෂ නායකවරාගේ සහයෝගය අපේක්ෂා කෙළේය.පිටස්තර පුද්ගලයන් රුහුණු විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වී සිසුන්ට පහර දී වාහනවලට අලාභහානි කිරිමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවද දිසානායක මහතා කීය.මේ සිද්ධින් පිළීබඳව කිසිම සිසුවකු හෝ ආචාර්යවරයකු විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයට හෝ මාතර පොලීසියට පැමිණිල්ලක් කැර නැති බව කී දිසානායක මහතා දැනට වසා දමා ඇති රුහුණු විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන් කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බවද කීය.විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (05) මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස එසේ කී දිසානායක මහතා රාජ්‍ය විරෝධී කටයුතු වල යෙදී සිටින පක්ෂ සිය දේශපාලන අභිමථාර්ත සපුරා ගැනීම සඳහා සිසුන් යොදා ගැනීම සුදුසු නැති බව අවධාරණය කෙළේය. රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන්ට පිටස්තර පිරිස් පහර දී ඇති බවට වික්‍රමසිංහ මහතා කළ චෝදනාව ප්‍රතික්ෂේප කළ ඇමැතිවරයා තමන්ට බාහිර පුද්ගලයකු බැන තර්ජනය කිරීමක් ගැන එක් ආචාර්යවරයෙක් රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට කළ පැමිණිල්ල පොලිසියට යොමු කැර ඇති බවත් මෙහිදී කිසිදු වාහනයකට පහරදීමක් සිදු වී නැති බවත් කීය. බාහිර පුද්ගලයන්ගෙන් සිසුන්ට තර්ජන ඇති බව පවසමින් පරිපාලන ගොඩනැගිල්ලට අතුලු වී එහි රැදී සිටීම නිසා තත්ත්වය පාලනය කිරීමට වැල්ලමඩම සංකීර්ණයේ පීඨ තහනම් කළ බව කී ඇමැතිවරයා සාමය ආරක්ෂා කැර ගැනීමට සියලු දෙනාගේම සහාය ඇතුළු වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව කීවේය..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n1406076
ඇතැම් දේශපාලනඥයන්ට තරුණයන් සිහිපත් වන්නේ මැතිවරණ ළඟාවන විටයි
ජයසිරි මුණසිංහ
ඇතැම් දේශපාලනඥයින්ට තරුණයින් සිහිපත් වන්නේ මැතිවරණයක් ළඟා වන විට බවත්, තවත් සමහර දේශපාලනඥයිනට තරුණයින් ඕනෑ වන්නේ රටක් සමාජයක් කැළඹීමට පමණක් බවත් එහෙත් අද ලොවට ගැලපෙන තාරුණ්‍යයක් බිහිකිරීමට වත්මන් ආණ්ඩුව ලබා දුන් පුළුල් ඉඩකඩින් උපරිම ඵල ලබා ගන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඒ මහතා එසේ සඳහන් කෙළේ ඊයේ (06) කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාල භූමියේ ආරම්භ වූ කෑගලු තරුණෝදය ප්‍රදර්ශනයේ සමාරම්භක දින උළෙලට එක් වෙමිනි.සබරගමු පළාත් සභාව, මහීපාල හේරත් ජන සහන පදනම සහ කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප තරුණ සංවිධානය සමඟ එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සංවිධානය කරන කෑගලු තරුණෝදය 6 සහ 7 දෙදින පුරා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ.පාසල් හැර ගිය තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා පාසල් සිසුන් සඳහා විශේෂ සම්මන්ත්‍රණ සහ සෘජු රැකියා බඳවා ගැනීම් ඇතුළු වෙළෙඳ සල් පිල් 100කින් පමණ සමන්විත කෑගලු තරුණෝදය සමාරම්භක දිනයට දස දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියහ.තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.ඇතැම් දේශපාලනඥයින්ට තරුණයින් සිහිපත් වන්නේ මැතිවරණ කාලයට පමණයි. තවත් සමහර දේශපාලනඥයින් තරුණයින් රට විනාශ කිරීමට බළල් අත් ලෙස පාවිච්චි කරනවා.රටේ සංවර්ධනයට තරුණයින් දායක කැර ගනිමින් රට නගාසිටුවන අතරතුර තාරුණ්‍යය නගාසිටුවීමට කටයුතු කරන අවස්ථා ඇත්තේ කලාතුරකින්. දැන් අපේ රටේ තරුණයින්ට එම අවස්ථාව උදා වී තිබෙනවා. ඔබේ දෙමාපියන් අත්විඳි යුද්ධය හෝ ත්‍රස්තවාදය දැන් රටේ නෑ. ඒ වෙනුවට දැන් ඔබට ලැබී ඇත්තේ ගොඩනැගෙමින් පවත්නා රටක්, එවන් ගොඩනැගෙන රටේ සංවර්ධනයට එක්වෙමින් රටත් ඒ සමඟම ඔබත් ගොඩ ඒමට කටයුතු කිරීම තරුණ ඔබේ වගකීමයි.තරුණ්‍යය ආවේගශීලියි. ඒ ආවේගශීලිත්වය ඇතැම් රටක රට ගොඩනැගීමට නොව රටක් බිඳවැට්ටවීමට ඇතැම් කණ්ඩායම් යොදවනවා. ඊජිප්තුවේ සිට යුක්‍රේනය දක්වා රටවල් රැසක බෙදීම් සහ බිඳවැටීම්වලට තරුණ ආවේගශීලිත්වය ඇතැම් බලවේග උපක්‍රමශීලී ලෙස යොදා ගන්නවා.බිඳවැටුනු රටවල් ගොඩ ගනු වෙනුවට, ගොඩනැගුණු රටවල් බිඳ දැමීමට අදිසි බලවේග එම රටවල තරුණයින් හරහා ක්‍රියාත්මක කරවනවා.අද මේ බිහි වී ඇත්තේ තාරුණ්‍යයට උපරිම ලෙස අවස්ථා සලසන ආණ්ඩුවක්. ඉන් ඵල ප්‍රයෝජන ගැනීම තරුණයන්ගේ වගකීමයි. දේශපාලනඥයින් ලෙස අපට කළ හැක්කේ ඒ සඳහා රටේ පසුබිම සකස් කිරීමයි. පාසල් දරුවන්ටත් පාසල් හැර ගිය තරුණ තරුණියන්ටත් මඟ හසර පෙන්වමින් සබරගමු පළාත් සභාව, මහ ඇමැති මහීපාල හේරත් මහතා, සහෝදර කනක හේරත් මැතිතුමා මේ රටේ සියලුම පළාත් සභාවලටත්, පළාත්වලටත් ආදර්ශයක් දී තිබෙනවා.නාමල් රාජපක්ෂ මහතා වෙතින් මෙරට තරුණ පරපුරට සිදු වන අනුපමේය සේවය අගයමින් මහීපාල හේරත් මහ ඇමැතිවරයා නාමල් රාජපක්ෂ මහතාට උපහාර තිළිණයක් ප්‍රදානය කිරීමද සිදු විය.මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් වන හර්ෂ සියඹලාපිටිය, උදයකාන්ත ගුණතිලක, ආනන්ද මිල්ලන්ගොඩ, චමිල දිසානායක, ඉමිටියාස් කාදර්, ඉඳුනිල් ශාන්ත ගුණසේන, වත්සලා ජනාදරී පද්මසිරි, තාරක බාලසූරිය, අන්නාමලේ බාස්කර් යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n1406077
නායයෑමෙන් හා ගංවතුරෙන් විනාශ වූ කළුතර දිසාවේ නිවාසවලට ආධාර
කළුතර විශේෂ සහ වාද්දුව සමූහ
නායයෑමෙන් හා ගංවතුරෙන් විනාශ වූ කළුතර දිස්ත්‍රික්කයේ නිවාස වෙනුවෙන් ආධාර ලබාදීමටත්, එක් නිවසකට රුපියල් ලක්ෂ පහක් බැගින් වූ මුදලක් ලබාදීමටත් පියවර ගෙන තිබේ.කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (6) පෙරවරුවේ පැවති විශේෂ රැස්වීමකදී එම තීරණය ගන්නා ලදී.දිස්ත්‍රික්කයේ පූර්ණ ලෙස හානි සිදු වී ඇති නිවාස සංඛ්‍යාව එකසිය විසි එකකි.එසේම නායයෑමේ අවදානමට ලක්ව ඇති එම ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත් කැර ඇති පවුල් වෙනුවෙන් ද නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් ද, පර්චස් දහයක ඉඩම් කොටසක් ද ලබාදීමට ද මෙහිදී තීරණය කෙරිණි.අවශ්‍ය ඉඩම් කොටස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමැතිවරයා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුනට වෙන්කර දී ඇති මුදල්වලින් රුපියල් ලක්ෂ පනහක් බැගින් එක් මන්ත්‍රීවරයකුගෙන් ලබාගෙන මෙම නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළට මුදල් ආධාර ලබාගන්නා බව ඇමැති වෙල්ගම මහතා මෙහිදී පැවසීය.කළුගඟේ ජලය කඩිනමින් බැස යාම සඳහා කළුගං මෝය මීටර් 160 ක් දක්වා පුළුල් කර ඇතැයි වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුමිත්ලාල් මෙන්ඩිස්, කළුතර දිස්ත්‍රික් ලේකම් චන්දන ජයලාල්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සිරිසෝම ලොකුවිතාන යන මහත්වරු ද, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ උසස් නිලධාරීන් ද, රාජ්‍ය නිලධාරීහු ද මේ රැස්වීමට සහභාගි වූහ..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n1406078
එස්.ඩී.ගේ අවසන් කටයුතු අද
null
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඩි. බණ්ඩාරනායක මහතාගේ අවමංගල්‍ය උත්සවයේ අවසන් කටයුතු අද (07) සවස 2.00ට යක්කල චන්ද්‍රජෝති විද්‍යාලීය ක්‍රිඩංගණයේ දි පැවැත්වේ.අවමංගල පෙරහර ඒ මහතා පදිංචිවි සිටි මඩුගස් වලව්වෙන් සවස 1.45ට පිටත්වන බව අවමංගල කමිටුව දන්වා සිටියි..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n1406079
දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාව එකට එක්වවකුගඩු රෝගයට කඩිනම් විසඳුම් සෙවිය යුතුයි
null
වකුගඩු රෝගයට විසඳුම් සෙවීමට දේශීය වෛද්‍ය විද්‍යාව සහ බටහිර වෛද්‍ය විද්‍යාව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ජනපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.ජාතික අවශ්‍යතාවයක් සේ සලකා එහිදී සියලුදෙනා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිතුමා සෑම අමාත්‍යාංශයකම සහායද ඒ සඳහා හිමි විය යුතු බව කියා සිටියේ ය.උතුරු මැද පළාත පමණක් නොව උතුරු නැ‍ඟෙනහිර ඇතුළු රටේ සියලු පළාත් එක සේ සලකා මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය ඊයේ (06) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී රැස් වූ අවස්ථාවේදීය.උතුරු මැද පළාතේ පැතිර යන, හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග සැළැස්ම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුව විසින් නිර්දේශිත 2014 සඳහා වූ යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරිණි.හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය අනුරාධපුර ප්‍රදේශයට අමතරව කුරුණෑගල , මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද ව්‍යාප්ත වෙමින් පවතින බව මෙහිදී අනාවරණය කෙරිණි.සෑම වසර 04කට වරක් මේ රෝගීන් ‍ප්‍රමාණය දෙගුණයක් වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දුන්නේ ය. වයස් බේදයකින් තොරව කුඩා ළමුන් අතරද මෙම රෝගය ව්‍යාප්තවීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවද ඔහු පෙන්වා දුන්නේ ය.කෘෂි රසායනික භාවිතය වකුගඩු රෝගයට ප්‍රබල හේතුවක්ව පවතින බැවින් එය ක්‍රමවත්ව අඩු කිරීමේ වැදගත්කමද මෙහි දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.කළුහීනටි, මඩතවාලු, පච්චපෙරුමාල් වැනි දේශීය සහල්වර්ග වකුගඩු රෝගයට ඖෂධයක් වන බැවින් ඉදිරියේ දී උතුරු මැද පළාතේ එම සහල් වර්ග ප්‍රචලිත කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව 2014 මහ කන්නයේදී උතුරු මැද පළාතේ අක්කර 50,000ක පමණ මෙම දේශීය වී වගාවන් සිදුකිරීමට නියමිත අතර ඒ පිළිබඳවද මෙහි දී සාකච්ඡාවට ලක් විය.අධ්‍යාපන අමාත්‍යාංශය උතුරු මැද පළාතේ පාසල්වල ක්‍රියාත්මක කර ඇති ඖෂධීය කැඳ ව්‍යාපෘතිය අනෙකුත් පළාත්වල පාසල් වලද ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.වකුගඩු රෝගී නිවාරණ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් රැසක් උතුරු මැද පළාත තුළ ක්‍රියාවට නංවා ඇත. එය වකුගඩු රෝගය පැතිර යන සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු කෙරිණි.අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න,බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, තිස්ස කරලියද්ද, ෆීලික්ස් පෙරේරා, එස්. එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක යන මහත්වරුන්ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n14060710
එස්.ඩී. බණ්ඩාරනායක නම රන් අකුරෙන්පක්ෂ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා
null
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පැරණිතම ක්‍රියාකාරී නායකයන් අතර එස්.ඩී. බණ්ඩාරනායක නාමය ස්වර්ණයම අකුරෙන් පක්ෂ ඉතිහාසයේ ලියවෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශෝකය පළ කරමින් නිකුත් කර ඇති පණිවිඩයෙන් ඇමැතිවරයා මේ බව සඳහන් කරයි.'ලෝකයේ ශ්‍රේෂ්ඨයන් දුර්ලභය' යන්න සනාථ කිරීමට ඇති එක් සාධකයක් වන්නේ එස්.ඩී.බණ්ඩාරනායක මහතා බවත් ඒ මහතා සැබැවින් ම දුර්ලභ ශ්‍රේෂ්ඨ නායකයෙක් බවත් ඒ මහතා සිය ශෝක පණිවිඩයෙන් පවසයි.එම පණිවිඩයේ මෙසේද දැක්වේ.1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ අවදියේ 1952 එවකට පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිම්න්තුවට තේරී පත් වු ප්‍රථම මන්ත්‍රීවරුන් 9දෙනා අතර එතුමා ද විය. එවක සිට එනම් 1952 සිට 1989 දක්වාත්, ඉන් අනතුරුවත් වාමවාදී දේශපාලනයේ රැදෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීම සහා ඒ මහතා කැප වී කටයුතු කළේය.මා තරුණයකුව සිටිය දී චීන කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් වාමවාදී දේශපාලනයට පිවිසෙන විට පොළොන්නරුවට පැමිණි තරුණ එස්.ඩී.බණ්ඩාරනායක මහතා වමේ දේශපාලනය අපිට කියා දුන් හැටි කිසි දිනෙක අමතක නොවේ. එමෙන්ම මම ඒ මහතාව පාපැදියේ තබා ගෙන පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දිගේ පැදගෙන ගිය අයුරු සිහිපත් වේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සඳහා ඇතැම් අවස්ථාවල දැරූ රැඩිකල් ස්ථාවරය ගම්පහ ජනතාවට මෙන්ම රටේ ජනතාවට ද අමතක නැත. ජේ.ආර්.ජයවර්ධන මහතා සැලසුම් කළ රජයට එරෙහිව මහනුවර දක්වා වු පාගමන ගම්පහ දී ස්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් නතර කළ ආකාරය දේශපාලන ක්ෂේත්‍රයේ තවමත් කතාබහට ලක් වේ.එතුමා ඒ තරම්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කළේය. එස්.ඩී බණ්ඩාරනායකයන් අප පක්ෂයට දායාද කළ එතුමාගේ පුත්‍රරත්නය වන පණ්ඩු බණ්ඩාරනායක සිය පියාගේ අඩිපාරේ යමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථාවරත්වය තව දුරත් ශක්තිමත් කර ඇත.අභාවප්‍රාප්ත එස්.ඩී.බණ්ඩාරනායක මැතිතුමාට නිවන් සුව අත්වේවායි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් ප්‍රාර්ථනා කරමි..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n14060711
මහ සයුර රැක ගැනීම අප සැමගේ වගකීමක්
null
සොබාදහම අපට දායාද කළ සුවිශේෂී පරිසර පද්ධතියෙන් අනූන අපගේ පැවැත්මට හා සංවර්ධන ප්‍රවාහයට දායක වන මහ සයුර රැක ගැනීම ඔබ හා අප සැමගේ වගකීම හා යුතුකම බව මාගේ විශ්වාසය යැයි ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසි.ලෝක සාගර දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඒමහතා මෙසේ පැවසීය. එහි මෙසේද සඳහන්වේසයුරු සම්පතේ ආරක්ෂාව සහ සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර සම්මුතීන් වල අප පාර්ශවකරුවන් වීම භාග්‍යයකි. එක්සත් ජාතීන්ගේ මිහිතල සමුළුවේ දී ජූනි මස 8වැනි දිනය, සාගර දිනය ලෙස නම් කිරීම සමුද්‍ර දූෂණයට එරෙහිව විවිධ ජන මතයන් ගොඩනැඟිය හැකි තිරසාර සංවර්ධන කි‍්‍රයාවලියේ එක් උපාය මාර්ගයක් බව මාගේ විශ්වාසයයි“ මුහුදු සම්පත අපතේ නොහැර එහි උපරිම ප්‍රතිඵල නොවළහා ලබා ගැනීම සඳහා මහින්ද චින්තනයේ ඉදිරිපත් කළ වැඩපිළිවළ ශක්තිමත් කර ඉදරියට ගෙන යාමද මාගේ ඒකායන ප්‍රාර්ථනය වී ඇත.”මේ නිසා සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරන කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව අපගේ දැඩි අවධානයට යොමු විය යුතු සුවිශේෂ කරුණකි.එමෙන්ම සාගර පරිසරයට සිදුවන අහිතකර බලපෑම් නිසා මත්ස්‍ය සම්පතට වන හානිය ද ප්‍රබලවේ.අපේ ආහාරවල අත්‍යවශ්‍ය සංඝටකයක් වන පෝට්‍රීන්වලින් විශාල ප්‍රමාණයක් ලබා ගන්නේ සාගර මත්ස්‍ය සම්පතිනිමෝය, කළපු, කඩොලාන, ලවන, වගුරු, කොරල්පර, මුහුදු තෘණ බිම් ආදියේ විනාශය ද, ගොඩබිමෙන් සාගරයට වන අහිතකර බලපෑම් ද යන හේතූ නිසා මත්ස්‍ය සම්පතට විශාල තර්ජනයක් වී ඇත.මේ නිසා ධීවර කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට එල්ලවන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.ප්‍රජා සහභාගීත්වයෙන් විධිමත් සාගර සම්පත් කළමනාකරණ ප්‍රවේශ මාර්ගයකට අප යායුතු හෙයින් ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය මාගේ අධීක්ෂණය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ලබා දෙන බවද මෙයින් දන්වමි.තවද 2014 වර්ෂයේ ලෝක සාගර දිය නිමිත්තෙන් “එක්සිත්ව එක්සත්ව රැක ගනිමු මහ සයුර” යන තේමාවට අනුව ඒ අපේක්ෂාව හෙට දින යථාර්තයක් බවට පත් කිරීමට මා ඇප කැප වී සිටිමි. එසේම ආශ්චර්යයමත් ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟීම සඳහා පරිසර හිතකාමී ඔබ සැමට ද මින් ආරාධනය කරමි..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n14060712
ලෝක රුධිරදායකයන්ගේ දිනය ලංකාවේසැමරීම මෙරට සෞඛ්‍ය සේවයට ගෞරවයක්
ඉන්ද්‍රාණි තෝරදෙණිය
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද මේ 14 දිනට යෙදෙන ලෝක රුධිර දායකයන්ගේ දිනය සැමරීමේ නිල උත්සවය පැවැත්වීමට අපේ රට තෝරාගැනීම මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳ අපට ඉමහත් අභිමානයක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසිය.ආණ්ඩුකාරවරයා එම අදහස් පළ කළේ ඊයේ (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පැවති රුධිර දායක දින සැමරුමට සමගාමීව ආරම්භ කොට ඇති දැනුවත් කිරීම සඳහා වු රිය පෙරහර මහනුවරින් පිටත්වීම සඳහා වූ උත්සවයට සහභාගී වෙමිනි.‍එහිදී ඒ මහතා මෙසේද කීය. අපේ රටේ සෞඛ්‍ය සත්කාරක සේවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා. අපේ සෞඛ්‍ය අමාත්‍යවරයා එම සංවිධානයේ උප සභාපතිවරයා වශයෙන් පත් කිරීම ද අපේ සෞඛ්‍ය සේවාව ඇගයීමට ලක් කිරීමක්..එම සංවිධානය ප්‍රකාශයට පත් කරන ලද මේ මස 14 දිනට යෙදෙන රුධිර දායකයින්ගේ දිනය සැමරීමේ නිල උත්සවයට අපේ රට තෝරාගෙන තිබෙනවා. රටවල් 25ක සහභාගීත්වයෙන් ජුනි 14 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඊට පෙර මෙම උත්සවයට මගාමීව රථ පෙළපාළියක් දිසා 4ක් ඔස්සේ කොළඹ නගරය වෙත පැමිණීමට කටයුතු යොදා තිබෙනවා. මෙහිදි ස්වේච්ඡා රුධිර දායකයන්ගේ හා රුධිර කඳවුරු සංවිධායකයන්ගේ අත්සන් ලබාගැනීමේ කටයුත්තක් ද සිදු කෙරෙනවා.අද මෙම විශේෂ රථ පෙරහර මහනුවරට ළඟා වී තිබෙනවා. මහනුවර නගරයේ පෞඪත්වය ලොවට විකාශය කිරීමට මෙය මහඟු අවස්ථාවක්.මානව දයාවෙන් පිරිපුන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීම සතුටක් මෙන්ම අභිමානයක්. නමුත් බටහිර රටවල් නොයෙක් අවලාද නගමින් අපේ රටට නගන චෝදනා හමුවේ ඔවුන්ට මෙවැනි සුබවාදී දේ නොපෙනීම කණගාටුවට කරුණක්. එම රටවල මෙවැනි සේවාවන් සිදු නොවන නිසා ඔවුන් අපේ රට ආදර්ශයට ගත යුතුයි.තිස් වසරක් පුරාවට මෙරට වෙලාගත් රුදුරු ත්‍රස්තවාදයේ ගිනිදලු රට තුළ ඇවිළෙද්දී ජාති, ආගම්, කුල, පාට, පක්ෂ භේදවලින් තොරව මේ රටේ ජනතාව තවකෙකුගේ දිවි ගලවාගන්න තම ලේ පරිත්‍යාග කළා. ඒ පරිත්‍යාග කරන ලද ලේ ජාති, ආගම්, පාට, පක්ෂ නොතකා අවශ්‍ය සෑම කෙනෙකුටම ලබා දුන්නා. එවැනි ගුණධර්ම වලින් පිරිපුන් සමාජයක ජීවත්වන අපි ඒ ගුණධර්ම අනාගත පරපුරට ද දායාද කළ යුතුමයි කොබ්බෑකඩුව මහතා පැවසිය.එම අවස්ථාවට සෞඛ්‍ය බලධාරීන්, නිලධාරීන් ඇතුළු විශාල ජනකායක් සහභාගී වූහ..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n14060713
පොසොන් පෝයට අනුරපුරයට ඇවිත් දිය නාන්නේ බලාගෙනයි
මිහින්තලේ සමූහ ප්‍රියදර්ශනී කරුණාරත්න
පොසොන් පෝයට සමගාමීව මිහින්තලේ හා අනුරාධපුර පූජා භුමි වැද පුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන් වැව්වලින් දිය නැමේ දී දැඩ අවධානයක් යොමු කරන ලෙස පොසොන් කමිටුව දැනුම් දෙයි.මහාකණදරා වැව, තිසාවැව, නුවරවැව, බසවක්කුලම වැව, නාච්චාදූව වැව ඇතුළු වැව් ගණනාවක් අනුරාධපුරය සඳහා පැමිණෙන බැතිමතුන් දිය නෑම සඳහා භාවිතා කරනු ලබයි. මෙම වැව්වල ජල මට්ටම පිරී තිබෙන හෙයින් දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාව වැව් ජලය පරිහරණය කිරීමේදි වඩාත් සැලකිලිමත් වෙන ලෙස කමිටුව පවසයි. මෙම වැව් සඳහා පොලිසිය, නාවික හමුදාව, ජීවිතාරක්ෂක සේවා සංගමයේ නිලධාරින් මෙන්ම විශේෂ පුහුණුව ලත් පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් සැදුම්ලත් ජීවිතාරක්ෂක කණ්ඩායම් 25ක් පමණ බෝට්ටු සහිතව යෙදවීමට පියවර ගෙන ඇත. මේ සද්කාර්ය සදහා රජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක දායකත්වය ලැබී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් හා පොසොන් කමිටු සභාපති මහින්ද සෙනවිරත්න මහතා පවසයි.එසේම වැව්වල දිය නෑමට සුදුසු ස්ථාන හා නුසුදුසු ගැඹුරු ස්ථාන පිළිබඳ දැන්වීම් පුවරු සවි කර ඇත. දිය නෑම සඳහා පැමිණෙන ජනතාව මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නිසි උපදෙස් පිළිපදින ලෙස ද ආරක්ෂක අංශ දන්වයි..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n14060714
සුළඟේ වේගය ඉතා සැරයිධීවර කටයුතු ප්‍රවේසමෙන්
උදුලා පීරිස්
බස්නාහිර හා දකුණු මුහුදට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 80 ක තද සුළඟක් හමනු ඇති බැවින් ධීවර හා නාවික කටයුතුවලදී ඉතා ප්‍රවේසම් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ඊයේ (6) සිට ආරම්භ වූ නිරිතදිග මෝසම තව දින කිහිපයක් ඉදිරියට පවතිනු ඇති බැවින් මධ්‍යම, සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.එසේම නිරිතදිග මෝසම ආරම්භවීමත් සමඟ කඳුකරයේ තරමක තද සුළං හටගනු ඇති බවත්, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා අනාවරණය කර සිටී..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=n14060715
හිටපු LTTE සාමාජිකයෝ 140ක් මැතිසබය නරඹති
@රන්ජිත් පද්මසිරි, ස්වර්ණා විජේකෝන් සහ සුභාෂිණී සේනානායක‍
වවුනියාවේ පුන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 140කින් සමන්විත පිරිසක් ඊයේ (6) සවස පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණියේය.මෙම චාරිකාව බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාංශය මඟින් සංවිධාන කර තිබුණි.මහජන ගැලරියට පැමිණි එල්ටීටීඊ සාමාජිකයන් පාර්ලිමේන්තුවේ රැස්වීම නැරඹූහ.මෙම කණ්ඩායම ගාල්ල හා හම්බන්තොට ද සංචාරය කෙරේ.එහිදී ප්‍රදේශවාසීන් සමඟ ක්‍රිකට් හා වොලි බෝල් තරගවලට ද සහභාගී වීමට නියමිතය..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=r1406071
33න් 11ක් පිහිටුවා අවසන්
කුරූණෑගල දකුණ සමූහ එම්. මහරුප්
වයඹ පළාත තුළ පිහිටි සියලුම පළාත් පාලන ආයතන ආශ්‍රය කරගෙන දේශීය වෛද්‍ය මධ්‍යස්ථාන ආරම්භ කිරීමට වයඹ පළාත් සභාව මඟින් පියවර ගෙන තිබේ.පළාත් පාලන දෙපාර්තමේන්තුව හා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ සඳහා උපයෝගී කරගනු ඇත. මහජනතාවට ඉතා පහසුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවකාශ ලබා ගැනීම මෙහි පරමාර්ථය යි.වයඹ පළාත තුළ මේ වනවිට පළාත් පාලන ආයතන 33ක් පිහිටුවා තිබෙන අතර, එයින් ආයතන 11ක දේශීය වෛද්‍ය මධ්‍යස්ථාන ආරම්භ කර තිබේ. ඉතිරි ආයතනවල ද ඉතා ඉක්මනින් වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමට ඉදිරියේ දී ක්‍රියා කරනු ඇත..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=r1406072
උපාධි ගුරුවරුන් 406කට පුහුණුව
හොරණ සමූහ බන්ධුල ආර්. ගුලවත්ත
බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උපාධි ගුරු තනතුරට පත් කර ගත් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3- 1 ශ්‍රේණියේ ගුරුභවතුන් 406ක් පුහුණු කිරීමේ කටයුතු ගුරු මධ්‍යස්ථාන කීපයක මේ දිනවල සිදු කෙරේ. මේ අනුව හොරණ ගුරු මධ්‍යස්ථානයට අයත් ගුරුවර ගුරුවරියන්ට විවිධ අංශ යටතේ පුහුණුව ලබා දීම සිදුකෙරේ. මේ දින 38ක් පුරා මේ වැඩමුළුව පැවැත්වෙන බව ගුරු මධ්‍යස්ථාන කළමනාකරු කේ. එස්. විජේසුන්දර මහතා පැවසීය.මේ වැඩමුළුවේ ආරම්භක උත්සව අවස්ථාව අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලලින්ද විජයකුමාර ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රේමා විජේතුංග, ප්‍රාථමික විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. ලලිතා, මධ්‍යස්ථාන කළමනාකරු කේ. එස් විජේසුන්දර, බුලත්සිංහල ‍ෙකාට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි රංජිත් රණවක මහත්වරු සහභාගි වූහ..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=r1406073
මාවනැල්ල අවට හොර වෙ‍ෙළන්දෝපාරිභෝගිකයන් හූරා කති
මාවනැල්ල සමූහ
මාවනැල්ල, අරණායක, හෙම්මාතගම සහ අවට පෙදෙස්වල එළවළු, පලතුරු, සහල් සහ අනෙකුත් භාණ්ඩ අලෙවි කරන විට වෙළෙඳසල්හි වෙළෙන්දෝ බිල්පතක් ලබා නොදී හිතූ හිතූ ගණන්වලින් මිල අයකරන බව ද, මේ පිළිබඳව පාරිභෝගික අධිකාරිය කිසිදා සොයා නොබලන බව ද පාරිභෝගික ජනතාව පවසති.රජය විසින් ඒ සෑම ද්‍රව්‍යයකම මිල පහත දැමූ අවස්ථාවලදී ද එය ගණන් නොගෙන වෙළෙන්දෝ ඉතා ඉහළ මිලකට වෙළඳ භාණ්ඩ අලෙවි කළ බවට පාරිභෝගිකයෝ දන්වති.කළුකඩ මුදලාලිලාගේ කූට වෙළඳ ව්‍යාපාරයන් ගැන පාරිභෝගික අධිකාරීහූ නිහඬව සිටීම පිළිබඳව ජනතාව බලවත් අප්‍රසාදය පළකරති..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=r1406074
එපා වාහේ ගෘහ මූලික ලයිස්තුවටත් එපා යැයි ග්‍රාම සේවකට කියූ බිරියක්
පොල්ගහවෙල සමූහ - එල්. පී. තිලකරත්න
ඡන්ද නාම ලේඛනයේ ඇති ‘ගෘහ මූලිකයාට ඇති සම්බන්ධය’ ඡේදය තුළ ‘නැත’ යන්න සඳහන් කරනු ලැබූ උපාසිකා මාතාවක් ගැන රසවත් පුවතක් පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයකින් වාර්තා විය.2014 ඡන්ද හිමි නාම ලේඛන පිරවීම මේ දිනවල රටපුරා ග්‍රාම නිලධාරි මහතුන් අතින් සිදු කරයි.තමන්ගේ වසමේ කමලාවතී මහත්මියගේ ගෙදරට කලින් ලබාදුන් ඡන්ද නාම ලේඛනය එකතු කිරීමට ග්‍රාම නිලධාරි මහතා පැමිණි පසු ඇය විසින් අදාළ පත්‍රිකාව ග්‍රාම නිලධාරි මහතාට ලබා දුන්නාය.එය කියවා බැලූ ග්‍රාම නිලධාරී මහතා ඇයි අම්මේ ගෘහ මූලිකයාට ඇති සම්බන්ධය ඡේදයට ‘නැත’ කියලා ලිව්වේ ආ... මහත්තයෝ මේ මිනිහා මාත් එක්ක තරහා වෙලා දැන් අවුරුදු දෙකක් විතර.... දුවලාගේ ගෙදර ඉන්නේ... ඒකයි ‘නැත’ කියලා ලිව්වේ” යැයි පැවැසුවාය.කාරුණික ග්‍රාම නිලධාරි මහතා කරුණු පහදා දීමෙන් අනතුරුව ‘නැත’ යන්න කපා හැර ‘බිරිය’ යැයි නැවත ලියා ග්‍රාම සේවා නිලධාරි මහතාට ඇය ඡන්ද නාම ලේඛනය දී ඇත..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=r1406075
කෝටියක වියදමින්යටිනුවරට දිවි නැඟුම අලෙවිසල්
මධ්‍යම පළාත් සංචාරක
රුපියල් කෝටියක වියදමකින් යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවි නැඟුම අලෙවිසල් පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ.ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදනය කෙරෙන එළවළු, පලතුරු ඇතුළු ද්‍රව්‍යයන් හි නිෂ්පාදනයට සරිලන මිලක් ඔවුන්ට ලබාගැනීමේ පහසුව පිණිස මේ අලෙවිසල් කුටි ඇතිකිරීම සිදුවේ.කොට්ඨාසයේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් ස්ථානවල මේ වෙළෙඳ කුටි ඉදිකර ගැනීමටත් අදාළ අලෙවි පහසුකම් ලබාදීම සිදු කෙරේ.යටිනුවර ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රා ජයතුංග මහත්මිය විසින් සංවිධානය කරන ලද යටිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව අදහස් දැක්වූ යටිනුවර ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායක වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා, ග්‍රාමීය ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන ගොවියාට මෙයින් විශාල ආර්ථික වාසියක් මෙන්ම උනන්දුවෙන් තම වගාවන් සරු කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බැවින් කඩිනම්ව මෙය ඉටුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවැසීය..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=s1406071
නිලූක පරදී: දිනූක ගොඩ එයි
ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා අන්තර්ජාතික බැඩිමින්ටන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඔලිම්පික් ක්‍රීඩක නිලුක කරුණාරත්න පරාජයට පත්වෙද්දී ඔහුගේ සොහොයුරු දිනුක කරුණාරත්න ශ්‍රී ලංකා ගෞරවය රැකගනිමින් අවසන් පූර්ව තරගයට පිවිසියේය. එයට අමතරව මිශ්‍ර යුගල තරග අංශයෙන් කසුන් මදුසංක හා උපුලි සමන්තිකා වීරසිංහ ඊයේ අවසන් පූර්ව වටයට පිවිසියහ. කසුන් හා උපුලි චීන තායිපේ නියෝජනය කළ මින් යැං හා චින් ටැං ලකුණු 21-19, 21-19ක් ලෙස පරාජයට පත් කළහ.දිනුක කරුණාරත්න හා ඉන්දියානු ක්‍රීඩක සමීර් වෙර්මා අතර උණුසුම් තරගයක් පැවැත්විණි. පළමු වටය 21-18ක් ලෙස ඉන්දියානු ක්‍රීඩකයා ජය ගනිද්දී දෙවැනි හා තෙවැනි වට 22-20 හා 21-15ක් ලෙස දිනුක ජයගත්තේය. දිනුක කරුණාරත්න සහභාගිවන අවසන් පූර්ව තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.අනෙක් අර්ධ අවසන් පූර්ව තරගයේදී නිලුක කරුණාරත්න වට 2-1ක් ලෙස ඉන්දියාවේ ප්‍රනෝයි කුමාර් හමුවේ පරාජයට පත්විය. ලකුණු තත්ත්වය වුයේ 21-16, 19-21හා 21-9ක් ලෙසිනි. ප්‍රනෝයි කුමාර් ඉන්යාව සතු ප්‍රබල බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන අතර ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක 42 ස්ථානයේ පසුවේ.‍නිලුක කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීමේ 96වැනි ස්ථානයේ පසුවුවද දෙදෙනා අතර මීට පෙර තරගයකදී නිලුක ජයගෙන තිබුණි.ප්‍රනෝයි හා නිලුක අවසන් වරට හමුව තිබුණේ වසර 2012දී බහරෙන් අන්තර්ජාතික තරගාවලියේදී වු අතර එහිදී 21-14 හා 22-20ක් ලෙස නිලුක ජයගෙන තිබුණි.පිරිමි ඒකළ දෙවැනි වටයේදී බුවනෙක ගුණතිලක ඉන්දීය ක්‍රීඩක චෙතන් ආනන්ද් හමුවේ පරාජයට පත්විය. ලකුණු තත්ත්වය වුයේ 21-11හා 21-16කි. කාන්තා ඒකළ තරගවල ඊයේ දෙවැනි වටයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට එතරම් යහපත් නොවු අතර සහභාගිවු සියලුම ක්‍රීඩිකාවන් පරාජයට පත්වීම කැපී පෙනුණි. මධුෂිකා දිල්රුක්ෂි 21-9 හා 21-8ක් ලෙස සිංගප්පූරුවේ ජියුවාන් චෙන් වෙතින් පරාජයට පත්වු අතර තිළිණි ‍ප්‍රමෝදිකා හෙන්දහේවා මලයාසියානු ක්‍රීඩිකා සනතාසා සනිරු හමුවේ පරාජයට පත්වුවාය. ඒ අනුව කාන්තා ඒකළ තරගවලින් ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමේ අවස්ථාව දැනටමත් අහිමිවී ඇත. පිරිමි යුගල තරගවලදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි වටයෙන් ඉවතට ගියහ. ශ්‍රී ලංකාවේ හසිත චානක හා කසුන් මදුසංක ඉන්දියාවේ කන්නන් ජෙරී හා අක්ෂේ දේවල්කාර් හමුවේ 21-14ක් හා 21-11ක් ලෙස පරාජයට පත්වුහ.කාන්තා යුගල තරගවලදීද ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමේ අවස්ථාවක් නොමැත. එම තරගවලදී ඔස්ට්‍රේලියාව, චීන තායිපේ, තායිලන්තය හා ඉන්දියාව අවසන් පූර්ව වටය දක්වා පැමිණ සිටී.මේ තරගාවලියේ සිවුවැනි දවස අදයි..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=s1406072
‘රග්බි රම්බ්ල්’ රගර් සැණකෙළිය14 -15 දෙදින හැව්ලොක්ස් පිටියේ දී
ෆවුස් මොහොමඩ්
මෙරට රගර් ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලතම ක්‍රීඩකයන් නැවත පිටියට එක්වන ‘රග්බි රම්බ්ල්’ සත් සාමාජික රගර් සැණකෙළිය මේ මස 14 හා 15 දෙදින හැව්ලොක්ස් පිටියේ දී පැවැත්වේ. ජාත්‍යන්තර රගර් ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත්ව ඇති ‘ටැග් රග්බි’ ආකාරයේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ‘රග්බි රම්බ්ල්’ රගර් සැණකෙළියට මෙරට පාසල් රගර් තරගාවලියට එක්ව සිටින ‘ඒ’ කාණ්ඩයේ පාසල්වල ආදි සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් තරග වදිති.මේ තරගාවලිය අවුරුදු 25න් ඉහළ හා අවුරුදු 35න් ඉහළ වශයෙන් කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර සියලුම තරග පස්වරු 3.00 සිට විදුලි ආලෝකධාර මැද පැවැත්වීමට නියමිතය. සැණකෙළියක ස්වරූපයකින් යුතුව විවිධ විනෝදාංශ රැසක් සමග ක්‍රීඩාලෝලීන්ට ඩී.ජේ.සංගීතයෙන් යුත් නව තාලයේ අත්දැකීමක් ලබාදෙන ‘රග්බි රම්බ්ල්’ රගර් සැණකෙළිය මෙරට පැවැත්වෙන්නේ පළමුවරටය.තරගාවලියට වැඩි ආකර්ශනයක් ලබාදීමේ අරමුණින් සෑම කණ්ඩායමකටම ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගී කරවීමට අවස්ථාව දී තිබෙන බව තරගාවලිය සම්බන්ධව පසුගියදා හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ පැවැති මාධ්‍ය හමුවේ දී තරගාවලි අධ්‍යක්ෂ ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා පැවැසීය.කුසලාන, පළඟ, බඳුන හා පළිහ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ කුසලාන ශූරයන්ට රුපියල් 250,000ක් ද, අනුශූරයන්ට රුපියල් 100,000ක් ද සමග සමස්ත තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම්වලට රුපියල් ලක්ෂ 7කට අධික තෑගි මුදලක් පිරිනැමෙන බව ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා කීවේය.ඩී.එස්.සේනානායක, ඉසිපතන, සාන්ත පීතර, සහිරා, සාන්ත අන්තෝනි, ත්‍රිත්ව, රාජකීය, සාන්ත තෝමස්, සාන්ත ජෝශප්, ධර්මරාජ, ආනන්ද, වෙස්ලි, කිංග්ස්වුඩ් සහ විද්‍යා විද්‍යාලයීය අවුරුදු 25න් ඉහළ හා අවුරුදු 35න් ඉහළ කණ්ඩායම් තරගාවලියට එක්ව සිටින අතර ග්‍රීන් ඩ්‍රැගන් හා රෝයල් රම්බ්ල්ස් නමින් විවිධ පාසල්වල ආදි සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් ද තරග වැදීමට නියමිතය.ඩීමෝ ආයතනය, කොකාකෝලා සමාගම, එච්.එස්.බී.සී.බැංකුව, ශ්‍රී ලංකන් ගුවන්සේවය හා ගල්කිස්ස මහා හෝටලය මේ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක‍යන් ලෙස කටයුතු කරති..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=s1406073
දෙව්මිත්-දිල්මි ජාත්‍යන්තර මේස පන්දු තරගාවලියකට
null
'වර්ල්ඩ් හෝප්ස් ඇන්ඩ් චැලෙන්ජ්' ජාත්‍යන්තර මේස පන්දු තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගැනීමට දෙව්මිත් වීරසේන හා දිල්මි කොළඹගේ සුදුසුකම් ලබා සිටිති.ස්ලෝවේනියාවේ ඔටෝසෙක් නුවරදී මේ මස 9වැනිදා සිට 15දා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට සුදුසුකම් ලද දෙව්මිත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩකයකු වන අතර දිල්මි අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා මහා විද්‍යාලයේ ‍ඉගෙනුම ලබන්නීය.තරගාවලියේ සම්බන්ධිකාරවරයකු ලෙස විජිර වික්‍රමසිංහ මහතා (ද නැෂනල් හෝප්ස්) සහභාගී වේ. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ හා විශාකා විද්‍යාලයේ මේස පන්දු පුහුණුකරු ලෙසද කටයුතු කරයි.මේ වසරේ පැවැති මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ අවු.12න් පහළ පළමු ස්ථානය දිනාගැනීමට දෙව්මිත් සමත් වු අතර 2012/13 වසරේ 12න් පහළ අංක 1ද, 2011 අවු.10 ශූරතාව හිමිකර ගෙන ඇත.දිල්මි කොළඹගේ 2013 වසරේ ජාතික කනිෂ්ඨ ශූරතාව හිමිකරගත් කණ්ඩායමේ සාමාජිකාවක වු අතර 2012 සිට 14 දක්වා අවු.12න් පහළ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන්නීය.වර්ල්ඩ් හෝප්ස් ඇන්ඩ් චැලෙන්ජ් තරගාවලිය ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 50ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් වීමට නියමිතය..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=s1406074
යූසුප් කුසලාන පාපන්දු අද සිට
ප්‍රින්ස් ගුණසේකර
කොළඹ සිටිලිග් ක්‍රීඩා සමාජය සංවිධානය කරන යූසුප් කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වෙයි. සිටිලීග් පිටියේදී තරගාවලිය ආරම්භ කරමින් මාලිගාවත්ත යුත් හා වික්ටරි ක්‍රීඩා සමාජය අද පස්වරු 3.30ට තරගයට පිවිසෙති. මේ සති අන්තයේ තවත් තරග 2ක් පැවැත්වෙන අතර හෙට සිටිලිග් පිටියේදී කොළඹ ප්‍රවීණ පාපන්දු පිල හා ජාවාලේන් අතර තරගයත්, රුද්‍ර ක්‍රීඩා පිටියේදී වයිකින් ක්‍රීඩා සමාජය හා රුද්‍ර ක්‍රීඩා සමාජය අතර තරගය පැවැත්වේ.තරගාවලිය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන අතර ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් 40000ක් පිරිනැමේ. අනුශූරයන්ට රුපියල් 25000ක් පිරිනැමෙන බව තරග කමිටු සභාපති එම්.ප්‍රේමදාස මහතා 'දිනමිණ'ට පැවැසීය.යූසුප් කුසලානය දිනා ගැනීමේ අදිටනින් වික්ටර් ක්‍රීඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, ජාවාලේන්, ස්ලෙව් අයිලන්ඩ්, මාලිගාවත්ත යුත්, යුනයිටඩ්, ආදි සහිරා, ෆර්ගියුෂන් තරුණයෝ, යොනෙක්ස්, රුද්‍ර, සෝන්ඩර්ස්, ලයිෆ්, වයිකින්, නිව් ඉලෙවන් යංග්ස්ටාර්, සොකර් ෆෑන්ස් හා කොළඹ ප්‍රවීණයෝ යන පාපන්දු කණ්ඩායම් තරග වදිති..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=s1406075
යතුරුපැදි තරගබිමේ දස්කම් දක්වනනුවරඑළියෙන් බිහිවූ ඉරන්ත හිරුක
null
දේශීය යතුරුපැදි ධාවන තරග බි‍මේ විශිෂ්ට දස්කම් දක්වන 18හැවිරිදි පාසල් සිසුවකු වන නුවරඑළියේ ඉරන්ත තාරුක මේ වනවිට ජාතික මට්ටමේ යතුරුපැදි ධාවකයකු ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටී. ඔහු පසුගියදා කාල්ටන් සුපර් ක්‍රොස් යතුරුපැදි තරගාවලියේ දී අත්දැකීම් බහුල ප්‍රවීන ක්‍රීඩකයන් අභිබවා සුපර් මෝටාඩ් 450 සී.සී. තරග ඉසව්වේ ජය හිමිකර ගැනීමට සමත්විය. එම තරගාවලියේ සුපර් මෝටාඩ් 250සී.සී. තරගයේ පළමු වටයේ දී අනතුරකට ලක්වූවද තුන්වැන්නා ලෙස තරගය නිමා කළ ඉරන්ත සමස්ත තරගාවලියේ කැපී පෙනෙන ලාබාලතම තරගකරුවකු විය.2007 වසරේ එවකට 11හැවිරිදි වියේ දී පාපැදි තරගවලට එක්ව සිටි ඉරන්තට යතුරුපැදියක් තෑගි කළේ ඔහුගේ පියා විසිනි. අනතුරුව එම වසරේ දීම නුවරඑළිය යතුරුපැදි ධාවන තරගයට එක්ව 13න් පහළ තරග ඉසව්වේ සිවුවැනි තැන හිමිකර ගැනීමට ඉරන්ත සමත්විය. ඔහු සුපර් මෝටාඩ් තරග ක්ෂේත්‍රයට එක්වූයේ පසුගිය වසරේදීය. එම වසරේ කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියට එක්වූ ඉරන්ත පළමු වටයේ අනතුරකට ලක්වූවත් 5වැන්නා ලෙස තරගය නිමා කිරීමට සමත්විය. අනතුරුව ගජබා, උඩවලවේ, ගනර්ස්, මීරිගම සර්කිට් මීට් සහ කටුකරුන්ද යතුරුපැදි ධාවන තරගබිමේ කැපී පෙනෙන දස්කම් දක්වමින් සෑම තරගාවලියකම දෙවැනි තැන දිනා ගත්තේය.සුපර්මෝටාඩ් තරග ඉසව්වෙන් ජාත්‍යන්තර තරගබිමට එක්ව ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීම තම බලාපො‍රොත්තුව බව ඉරන්ත 'දිනමිණ'ට පැවැසීය.මේ වනවිට නුවරඑළිය රිපබ්ලිකන් ජාත්‍යන්තර පාසලේ 12වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඉරන්තගේ පුහුණුකරුවන් වන්නේ සුපර්මෝටාඩ් තරග බිමේ ප්‍රවීන ක්‍රීඩක සුරාජ් පෙරේරාය. සිය ක්‍රීඩා දිවියට නිරතුරුවම අතහිත දෙන නුවරඑළියේ සරත් කුමාරසිංහ මහතා ඇතුලු රිපබ්ලිකන් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති, ගුරු මණ්ඩලය හා මිතුරන්ට ද, සිය පවුලේ සාමාජිකයන්ට ද ඔහු සිය ස්තූතිය පුද කළේය.ඔහු පසුගියදා නුවරඑළියේ පැවැති යතුරුපැදි ධාවන තරගාවලියේ දී අනතුරකට පත්වූ අතර මේ වනවිට කෙටි කලෙකට යතුරුපැදි තරගබිමෙන් ඉවත්ව ප්‍රතිකාර ගනිමින් සිටී. ඔහුට නැවත යතුරුපැදි තරගබිමේ දස්කම් පෑමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=s1406076
ක්‍රීඩාව හා අනුග්‍රාහකත්වය...
සටහන වැලැන්සි හේමන්ත ඩෙප්
ක්‍රීඩාවක ඉදිරි අනාගතය රදා පවතින්නේ අන්තර්ජාතික සම්බන්ධතාවයන් ඔස්සේය. එවන් පොදු සාධකයන් නිරන්තරයෙන්ම නිර්මාණය වී තිබියදීත් මෙරට කිසියම් ක්‍රීඩාවකට අසාධාරණයක් වන්නේ නම් ඒ පිළිබඳව අනාවරණය කිරීම අප සතු වගකීමකි.අප රටට ආසියානු කායවර්ධන ශූරතාවක් හිමිවුයේ වසර 30කට පසුවය. මෙය සමස්ත ආසියාතිකයන්ටම අප රටේ ක්‍රීඩාවේ අභිමානය හා එහි අන්‍යතාවය පිළිඹිඹු කරන අවස්ථාවක්ද වේ.48වැනි ආසියානු කායවර්ධන ශූරතාව සඳහා සත්කාරකත්වය අප රටට එසේ ලැබී ඇතත් ශ්‍රී ලංකා කායවර්ධන සංගමය මේ වනවිට යම් අපහසුතාවකට පත්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.රටවල් 22ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙන්ම නිලධාරීන් 45 දෙනකු මේ ශූරතාවලිය සඳහා තව දින කිහිපයකදී මෙරටට පැමිණීමට නියමිතය.මේ ශූරතාවලිය සඳහා ඇස්තමේන්තු කැර ඇති වියදම කෝටි 2ක් පමණ වෙතැයි ශ්‍රී ලංකා කායවර්ධන සංගමය ගණන් බලා ඇතත් මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රු‍‍.ලක්ෂ 50ක පමණ අනුග්‍රාහකත්වයක් ලබාදීමට එකඟතාවය පළ කැර ඇත.වසර 30කට පසුව මෙරට පැවැත්වෙන මේ ආසියානු කායවර්ධන ශූරතාවලිය වෙනුවෙන් අනුග්‍රාහකත්වය උදෙසා රාජ්‍ය හා රාජ්‍ය නොවන ‍(පෞද්ගලික) ආයතන 16ක නියෝජිතයන් සමග සාකච්ඡා කළද එය අසාර්ථක වී ඇතැයිද වාර්තා විය.සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන මේ ශූරතාවලිය ඔවුනට විශාල ප්‍රචාරයක් ලබාගත නොහැකි බව ඊට හේතුව ලෙස දන්වා ඇත.අපේ වගකීම රටේ කීර්තිය රැක ගැනීම උදෙසා නම් වසර 30කට පසු අප රටේ පැවැත්වීමට නියමිත මෙවන් අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා ශූරතාවලියකදී අනුග්‍රාහකත්වයෙන් මිදි පලායාම නොව එයට සත්කාරකත්වය ලබා දීමය.හෙට දවසේ සමස්ත ක්‍රීඩාවට මෙය ‍හොඳ පුර්වාදර්ශයක් වනු ඇත. මෙතෙක් මෙරට පැවැත්වු අන්තර්ජාතික ශූරතාවලියකදී රටේ ගරුත්වය, අනන්‍යතාව සුරැකීමට අනුග්‍රාහක භවතුන් සැපයු පිටිවහල අතිමහත්ය.ක්‍රීඩාව රටක කීර්තියේ කොඳු නාරටියට ජවසම්පන්න බවක් ලබා දෙන්නාසේම රටේ පැවැත්මේ සුහදත්වය වෙත දිගු කරන අපට නොපෙනෙන බලවේගයක් වැනිය..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=s1406077
මහජන බැංකු බදුල්ල කළාප ක්‍රීඩා අද
දෙමෝදර සමූහ
මහජන බැංකුවේ බදුල්ල ප්‍රාදේශිකය මගින් සංවිධාන කරන බදුල්ල කළාපීය ක්‍රීඩා උළෙල අද (7) පෙරවරු 9.00ට බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.බදුල්ල, මොණරාගල, අම්පාර, මඩකලපුව සහ නුවරඑළිය යන ප්‍රදේශවල සේවය නියුතු මහජන බැංකු සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවත්වෙන මේ ක්‍රීඩා උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මහජන බැංකුවේ සභාපති ගාමිණී සේදර සෙනරත් මහතා සහභාගි වීමට නියමිතය..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=s1406078
නැඟෙනහිර පාසල් බාලිකා ක්‍රිකට්
කන්තලේ සමූහ
නැඟෙනහිර පළාත් 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරඟාවලිය අද (7) සහ හෙට (8) කන්තලේ අ‍ග්‍රබෝධි ජාතික පාසල හා කන්තලේ මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණවලදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=f1406071
පෙර සූදානම නිසාහානි අවම වුණා
සාකච්ඡා කළේ ධම්මික සෙනෙවිරත්න
අධික වර්ෂාවත් සමඟ ගංවතුර, නායයාම් ආදිය නිසා ඇතිවූ ආපදාවන් සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වූ ආකාරය සහ ආපදා පෙර සූදානම හා පශ්චාත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරගනිමින් ආපදා කළමනාකරණ, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ කළ සාකච්ඡාවකි.අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ මේ ආපදා වලින් 05 වැනිදා වනවිට දිස්ත්‍රික්ක 10 ක පවුල් 26000 ක් පමණ බලපෑමට ලක්වුණා. පුද්ගලයන් වශයෙන් ගත්තොත් 107,000ක් පමණ ජීවිත හානි 23ක් සහ එක් පුද්ගලයකු අතුරුදහන් වශයෙන් වාර්තා වුණා. නිවාස 169 කට පූර්ණ වශයෙන් හානි සිදුවී 1250 කට ආසන්න සංඛ්‍යාවකට අර්ධ වශයෙන් හානි සිදුවී තිබෙනවා. ආරක්ෂිත ස්ථාන 128 ක පවුල් 5600 ගණනක් පුද්ගලයන් වශයෙන් ගත්තොත් 25800ක් පමණ රැඳී සිටිනවා.ඇතැම් ප්‍රදේශවල මහාමාර්ගවල හානි සිදුවීම නිසාත් ප්‍රවාහන කටයුතුවලට බලපෑම් ඇතිවුණා.පැහැදිලිවම, මේ ආපදාව සිදුවෙන්නත් කලින් ම අපි හොඳ ආපදා පෙර සූදානමක සිටියා. මෙ වැ නි තත්ත්වයක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හා උපදෙස් දිසාපතිතුමන්ලාට ලබාදීලයි තිබුණේ. ඒ නිසා වහාම අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ලැබුණා. ගරු ජනාධිපතිතුමාත් පැහැදිලිවම උපදෙස් ලබා දී ඇති පරිදි පළමු ආහාර වේලේ පටන්ම ඒ විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගත්තා. ඒ වගේම ආපදා තත්ත්වයෙන් ජනතාව මුදාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ගත් ගත්තා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ගෙන තිබූ විශේෂ තීන්දුවකට අනුව සෑම හමුදා කඳවුරකින්ම 25 දෙනා බැගින් තෝරාගෙන ඔවුන්ට හදිසි ආපදාවකදී ක්‍රියාත්මක විය යුතු අන්දම ගැන විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා. ඊට අමතරව අවශ්‍යතාව මත ත්‍රිවිධ හමුදාවේ සහාය තවදුරටත් ලබාගැනීමට හැකියාව තිබෙනවා. මේ සහන සේවා හා මුදාගැනීමේ කටයුතු වලදී ආරක්ෂක හමුදාවනුත්, ආපදා කළමනාකරණ නිලධාරීන් සමඟ විශාල කාර්යභාරයක් ඉටු කළා. මේ අන්දමට එම ආපදා තත්ත්වය හොඳින් කළමනාකරණය කිරීමට අපට හැකි වූ බව මා සිතනවා. ජීවිත හානි වැඩි වශයෙන් ඇතිවුණේ නායයාම් නිසා. නුසුදුසු, අනාරක්ෂිත ස්ථානවල නිවාස ඉදිකර තිබීම ඊට හේතු වුණා. ඒක ගැටලුකාරී තත්ත්වයක්.ඔව්! ඒ බව අපි පෙන්නුම් කරල තියෙනවා. මෙවැනි ආපදා තත්ත්වයක් නෙවෙයි, සුනාමි වැනි ආපදා තත්ත්වයක් සඳහා වුණත් අපි හොඳ පූර්ව සූදානමක සිටිනවා. එවැනි තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පෙරහුරු පවා වරින්වර සිදු කරනවා.මෙහිදීත්, අවශ්‍ය කරන බෝට්ටු, බවුසර් ආදී දේවල් අපි කල් තබාම ලබාදීලයි තියෙන්නෙ. ඒ නිසා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වශයෙන් පහසුවෙන් හා ඉක්මනින්ම ක්‍රියාත්මක වීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව තවදුරටත් අවශ්‍ය දේවල් සැපයීමට කටයුතු කළා.නුසුදුසු හා අනතුරුදායක ස්ථානවල නිවාස ඉදිකිරීම නායයාම් වලදී මෙවැනි ජීවිත හානි සිදුවීමට ප්‍රධාන හේතුවයි. මේ පිළිබඳ කල් තබා අනතුරු ඇඟවීම් කළත් බොහෝ දෙනා තමන්ගේ මුල් පදිංචි ස්ථානය හැරයාමට අකමැති බවක් පෙනෙනවා. ඇතැම් දෙනා කාලයක පටන් එම ස්ථානවල ජීවත් වූ අයයි. ඒ නිසා මේක ප්‍රශ්නයක්.අකුණු සැර පිළිබඳ කාරණය ගත්තොත් ඒක බරපතළ තත්ත්වයක්. මේ නිසා ජාතික කමිටුවක් පිහිටුවලා ඒ අවශ්‍ය ව්‍යාපෘති පිළියෙළ කිරීමට පියවර ගෙන තිබෙනවා. අකුණු නිසා වන හානි වළක්වා ගැනීමට වඩාත්ම අවශ්‍ය වෙන්නේ ඒ ගැන දැනුවත් භාවයෙන් සිටීමයි. නිතර නිතර මේවා ගැන අනතුරු ඇඟවීම්, තොරතුරු හා උපදෙස් ලබාදීම් කෙරුණත් මෙවැනි තත්ත්වයක් තවමත් දකින්න තියෙන නිසා පාසල් අධ්‍යාපනයට මේ දැනුම ඇතුළත් කර දරුවන්ට මේ පිළිබඳ අවබෝධයක් ලබාදීමට අපි ක්‍රියාකර ගෙන යනවා. එය වඩා ඵලදායක වේවි.ඔව්. පසුගිය කාලයේත් අප ඒ විදිහට ක්‍රියාත්මක වුණා. ලෝකයේ ‍ෙබාහෝ රටවල්වල මෙවැනි ආපදාවකින් පසු ඔය අන්දමේ වසංගත රෝග ආදිය ව්‍යාප්තියක් දකින්න තිබුණත් පසුගිය ආපදාවලදීත් අප එවැනි තත්ත්වයක් වළක්වාගෙන තිබෙනවා. එහිදී රටක් හැටියට අප ඉදිරියෙන් සිටින්නෙ.අපි දූපත් රාජ්‍යයක් වීමේ වාසි - අවාසි දෙකම තිබෙනවා. වාසි ගත්තොත් බෝවන රෝග, පාරිසරික වශයෙන් ඇතිවන තර්ජන වගේ දේවලින් අපි හුඟාක් දුරට ආරක්ෂිතයි. අපි දූපතක් නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් හරියාකාරව ඊට මැදිහත්වී ඒ අනතුරුවලින් රට රැකගැනීමේ හැකියාව තියෙනවා.අවාසි ගත්තොත්, විශේෂයෙන් අපි භූගෝලීයව කුඩා දූපත් රාජ්‍යයක් නිසා දේශගුණික බලපෑම් ඔස්සේ කාළගුණික තත්ත්වයන් ඉක්මනින් වෙනස් වෙනවා. සාගර ප්‍රදේශවලට අධික වර්ෂාවක් තියෙද්දි තවත් ප්‍රදේශවලට නියං තත්ත්වයක් තියෙන්නෙ ඒ නිසා. මෝසම් වැසි වල බලපෑමත් මුහුද හරහා වඩාත් දැනෙනවා.ස්වභාවික ව්‍යසනවලින් සහ දේශගුණික විපර්යාස නිසා ඇතිවන අහිතකර බලපෑම් වලින් ආරක්ෂා වීමට නම් පරිසරය රැකගත යුතුයි. පරිසරයට ආදරය කළ යුතුයි. මේ පිළිබඳ අපි අවබෝධයකින් ක්‍රියා කරනවා.මං ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස මේ වගකීම භාර ගත්තාට පසුව ආපදාවකදී විය හැකි හානි අවම කරගැනීමට කල්තබා ගත හැකි ක්‍රියාමාර්ග ගැන වැඩි අවධානයක් යොමු කළා. ඒ අනුව ගංඟා, වැව් ආදිය ආශි‍්‍රතවත්, ජලය බැස යන කානු පද්ධති තැනීම හා පිළිසකර කිරීමටත් අවශ්‍ය ව්‍යාපෘති දියත් කර ඒවා ඉටුකළා. මේවාට වැය කරන ලද මුදල් ආයෝජනයක් ලෙසයි අපි දකින්නෙ. ඒවා සිදු නොවෙන්න සිදුවන හානි මීට වඩා දෙතුන් ගුණයකින් වැඩිවෙනවා. ඉස්සර තරමක් තද වැස්සකටත් කොළඹ යටවුණා. හැබැයි දැන් මේ තරම් තද වර්ෂාවක් තිබිලත් කොළඹට එවැනි බලපෑමක් ඇතිවුණේ නෑ. දඹුල්ල, ගම්පහ වගේ නගරවලත් මේ ව්‍යාපෘති සිදු කළ නිසා වෙනදා තරම් හානියක් නෑ. එවැනි ක්‍රියාමාර්ග කල් තබා නොගත්ත නම් ජීවිත හානි පවා මීට වඩා ඉහළ යාමට ඉඩ තිබුණා. මං මේ වගකීම් භාර ගැනීමට කලිනුත් ආපදා පෙර සූදානම සහ පශ්චාත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් නොයෙක් ක්‍රියා මාර්ග අරගෙන තිබුණා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තමයි මේ කිසිම ආපදාවකදී අවතැන් වන ජනතාව එක වේලක්වත් කුසගින්නේ තියන්න අප ඉඩ තියන්නේ නෑ. එය ප්‍රමුඛ කාර්යයක්. ගරු ජනාධිපතිතුමා ඒ සඳහා පැහැදිලිවම උපදෙස් ලබා දී තිබෙනවා. අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. පළමු වේලේ පටන්ම ඒ ජනතාවට අවශ්‍ය ආහාරපාන සපයන්න අපි වගබලාගෙන තියෙනවා. එසේ තිබියදීත් නිලධාරීන් කවුරුන් හෝ ඊට එරෙහිව ක්‍රියාකරනවා නම් ඒකෙ තේරුම ඔවුන් රජය අපහසුවට පත්කිරීම සඳහා ක්‍රියාකරන බවයි. මේ වතාවෙත් එවැනි ඇතැම් සිද්ධීන් ගැන අපට වාර්තා වුණා. කවුරුන් හෝ මීට පටහැනිව ක්‍රියාකරනවා නම් ඔවුන්ට එරෙහිව නීතිමය වශයෙන් අවශ්‍ය පියවර ගන්නවා..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=f1406072
එගොඩ මෙගොඩ යා කළඑකමුතුකමේ පාලම
සටහන හා ඡායාරූප දයාසේන අබේවීරමාතලේ සමූහ
සොබාදහමේ අපූර්ව දායාදයෙන් මිනිසුන් වන අපට ලබාදෙන මෙහෙය අපමණ බව අපි දනිමු. වෙනකක් තබා ප්‍රාණ වායුව අපට ලබාදෙන්නේ ද ගහ කොළ බව අප අමුතුවෙන් කිවයුතු නොවේ. සොබාදහම අපට කොතෙක් උදව් උපකාර කළ ද අපෙන් නිරතුරුවම සොබාදහමට හානි සිදුවේ. සුනාමි, ගංවතුර, නාය යෑම්, සුළි සුළං වැනි ස්වභාවික ආපදා විටින් විට ඇති වන්නේ අපගෙන් ස්වභාවධර්මයාට වන අහිතකර බලපෑම් නිසාදෝ යි වරෙක සිතේ.2012 වසරේ දී රටම කම්පා කරමින් ජීවිත හයක් බිලි ගත් රත්තොට නිකලොය වත්තේ නායයාම මෑතක දී සිදුවූ හොඳම නිදසුනකි. එම නාය යෑමෙන් නිකොලොය වත්තේ පදිංචිකරුවන් ට අහිමි වූයේ ජීවිත පමණක් නොවේ. ගේදොර පවා ඔවුනට අහිමි විය. අවසානයේ දී ඔවුනට ඉතිරි වූයේ ඇඳීවත පමණි.එහෙත් ජීවිතයේ කඩා නොවැටුණු ඔවුන්ට ස්වභාව දහමේ පමණක් නොව දෛවයේ සරදමක් ලෙස තවත් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. එහෙත්, ඒ කිසිවකට විරෝධතා උද්ඝෝෂණ නොපවත්වමින් තම අවශ්‍යතා හැකි අයුරින් සපුරාගත් ආදර්ශවත් ගැමියන් පිරිසක් පිළිබඳ ලියැවුණ සටහනකි මේ...රත්තොට නිකලොය වත්තේ් නාය යාමෙන් කැඩී බිඳී ගිය පාලම මෙතෙක් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ගමේ ජනතාව එකතු වී ගස්වල කඳන් යොදා තාවකාලික ලී පාලමක් ඉදි කළ අතර ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් විසින් එය විවෘත කරන ලදී.වෙලංගහවත්ත, පත්තේකරස, මාඋස්සාගල, ගල්ලුමලේ පොයංගල, කොට්ටගහවෙල, කඩමුළන, තඹලගල යන ගම්මානවල වෙසෙන පවුල් 2000 කට අධික ජනතාවට රත්තොට නගරයට යාමට ඇති කිට්ටුම මාර්ගයේ පිහිටි හොරගොල්ල පාලම මුළුමනින් ම කැඩී ගොස් එහා මෙහා යාම ඇනහිට තිබුණි. ගමේ ජනතාව එතෙර මෙතෙර ගියේ ගඟට බැස වුව ද වැසි දිනවල දී එය ද අසීරු විය.වෙලංගහවත්තේ සිට රත්තොට නගරයට එන්නට ඇති අනික් මාර්ගය කි. මී. 14ක් පමණ වන නිසා ඉන් අඩකටත් අඩු දුරක් ඇති හොරගොල්ල මාර්ගය ඉක්මනින් ඉදිකර ගැනීම ඔවුන් ගේ අදහස වී තිබුණි.ගමේ සිට නගරයේ පාසල්වලට යන දරුවන්ට හා රාජකාරීවලට යන අයට ‍ෙම් නිසා දිනපතාම වාගේ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්නට සිදුවී තිබුණ අතර රෝගී අයෙකු රෝහලට ගෙනයාමටත් මේ නිසා විශාල මුදලක් වැය කරන්නට සිදුවී තිබුණි.බලධාරීන් හට මේ ගැන දැන්වීමෙන් පසු ඒ සඳහා ඔවුන්ගේ ප්‍රතිචාර ලැබී තිබුණත් විවිධ හේතුන් මත පාලමක් ඉදිකිරීම දිනෙන් දින පමාවිය.මීට මාස කීපයකට කලින් එම ජනතාව විසින්ම එම නාය යාමෙන් කැඩී බිඳී ගිය හොරගොල්ලේ අමුණ සහ ඇළ ද කිතුල් කොට යොදා ගනිමින් සකස් කරගත් නිසා මෙම පාලම ඉදිකර ගැනීමට ද ගමේ තරුණ පිරිස සමඟ කථා කරගෙන ඒ සඳහා අවශ්‍ය වන අඩි 60 ක් පමණ උස් වූ ගස් කීපයක් සොයා ගැනිණි. ඒවා කි. මී. 2ක් පමණ ඈත සිට විශාල වෙහෙසක් දරා ගෙනැවිත් පාලමේ ඉතිරිව තිබූ දෙපැත්තේ බැමි මත තබා තවත් ගස් කීපයක් කපා ලෑලි ඉරා ඒ මත තබා තුන් රෝද රථයක් ගෙන යන්නට හැකිවන පරිද්දෙන් දින කීපයක් ම වෙහෙස දරා පාලමේ ඉදිකිරීමේ වැඩ අවසන් කර ගත්හ.වෙලංගහවත්ත ගමේ ශ්‍රී ධම්මජෝති විහාරස්ථානයේ අධිපති පූජ්‍ය දික්කුඹුරේ ඉන්ද්‍රරතන හිමි මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් “එදා නාය යාම නිසා විශාල වශයෙන් ජනතාව ට දුෂ්කරතාවයන් ට මූණ දෙන්නට සිදුවුණා. ජීවිත 6 ක්ම බිලිගත්තා, නිවාස ගණනාවක්ම කැඩී ගියා. ඔවුනට විකල්ප නිවාස හදා ගන්නට රජය මගින් ඉඩම් ලබාදීමට ක්‍රියා කරගෙන යනවා.පාලමේ වැඩටත් ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. අමුණේ අලුත්වැඩියාවට මුදල් වෙන්කර ඇති බව දැන ගන්නට ලැබුණා. කෙසේ වෙතත් හදිසියේ මේවා හදා ගන්න බැරිවේවි. එහෙම වුනත් ඒවා කෙරෙන කම් බලාගෙන ඉන්න බැරි නිස යි ජනතාව එකතුවෙලා පාලමක් හදාගත්තේ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේක තාවකාලික පිළියමක් විතරයි. ඉක්මනින් අලුතින් පාලම හදා දෙන්න කියා.රත්තොට ප්‍රාදේශීය සභාවේ ප්‍රා. ස. මන්ත්‍රී යූ. ජී. අජිත් බණ්ඩාර මහතා - “එදා ගමේ අයට කරදර රාශියකට මූණපාන්නට සිදු වුණා. මගේ ගෙයත් මට අහිමි වුණා. මගේ පුංචි අම්මත් ගෙට යට වී මිය ගියා. රජයෙන් එසේ නිවාස අහිමි වූ අයට ගෙවල් හදාගන්නට ඉඩම් කොටසක් වෙන්කර තිබෙනවා. ඒවායේ පාරවලවලට හා නිවාස සාදා ගැනීමට මුදල් වෙන්කර තිබෙනවා.ගමේ කැඩුණු අමුණට මුදල් වෙන්කර තිබුණත් එහි වැඩ පමාවූ නිසා තරුණ පිරිස එකතු වී තාවකාලිකව ජලය ලබාගන්න වැඩ පිළිවෙළක් හදා ගත්තා. ඒ අනුව හොරගොල්ල තරුණ කණ්ඩායම මේ පාලම හදාගන්නත් ඉදිරිපත් වුණා. එම කණ්ඩායමේ නායකයා ටී. ජී. අමරවංශ මහතා, ගමේ අයගේ සහාය ලබාගෙන පාලම හැදුවා. ස්ථිරවම පාලමක් ඉක්මනින් සාදා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා.ගමේ ජනතාවගේ අපේක්‍ෂාව ඉටු කරමින් පාලමේ වැඩ අවසන් කොට පසුගිය 25 දා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් මඟින් පාලම විවෘත කොට පරිහරණයට ගත්හ..
NEWSPAPER
2014.06.07
http://www.dinamina.lk/2014/06/07/_art.asp?fn=f1406073
හූනා මෙච්චර වටිනවද?
අචලා ධර්මසේන
හූනා චුක් චුක් ගානවා. සාත්තරයක් කියනවා වගෙ. කිඹුලත් කියනවාලු මගෙන් බේරුනාට ගෙදර ගියාම මගෙ මල්ලිගෙන් නම් බේරෙන්න බැහැ කියලා. හූනු සාත්තරෙන් අමාරුවෙ වැටෙයි ද? ගෙදර ඉන්න හූනගෙන් සාත්තර අහන්න ගිහින් නෙමෙයි ගෙදර ඉන්න හූනා ලක්ෂ ගණන්වලට විකුණන්න ගිහින් නම් බොහෝ දෙනෙක් පසුගිය කාලෙ අමාරුවෙ වැටුණා. හැබැයි ප්‍රචාරය වුනෙ විකුණන්න හැදුවෙ ගෙදර ඉන්න හූන නෙමෙයි කැලයෙන් අල්ල ගන්න ලක්ෂ ගාණක් වටින කිඹුල් හූනන් කියලයි.කැලේ ඉන්න හූනා ගෙදර නැත්ද? කිඹුල් හූනන් කියන්නෙ වෙනත් විශේෂිත හූනු වර්ගයක් ද”? හූනන්ට ලක්ෂ ගණන් වලින් වටිනාකම් කියන්න පුළුවන් ද? ඒ සිද්ධි වලින් පසු ජන සමාජයෙන් නැගුන ඒ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සොයන්න නම් අහන්න වෙන්නෙ හූනන් පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙකුගෙනුයි.මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා මෙරට සිටින හූනන් පිළිබඳ පර්යේෂකයෙක්. දැනට හූනන් විශේෂ හයක් විද්‍යාත්මකව හඳුන්වා දී ඇති ඒ මහතා වසර ගණනාවක සිට හූනන් පිළිබඳ අධ්‍යනයේ යෙදෙන්නෙක්. ඔහුට අනුව මෙරටින් හූනන් විශේෂ 44ක් දැනට විද්‍යාත්මකව හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 35ක් මෙරටට‍ ආවේණිකයි. මෙරට තෙත්, අතරමැදි, වියළි මෙන්ම ශුෂ්ක කලාපයේ ද හූනන් තම ජීවිතය පවත්වා ගන්නවා.කිඹුල් හූනන් ලෙස මාධ්‍ය මඟින් මේ හඳුන්වන්නෙ නිවෙස්වල සිටින සාමාන්‍ය හූනන් විශේෂයක්. බොහොමයක් හූනන් විශේෂ අපිත් එක්කම සහජීවනයෙන් අපගේ නිවාසවල ජීවත්වෙනවා. මෑතක සිට ඒ හූනන් විශාල මිලගණන්වලට අලෙවි කරන්න පුළුවන් කියලා අසත්‍ය මතයක් ප්‍රචාරය වෙනවා මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා පවසයි.ශ්‍රී ලංකාවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත අනුව සතෙකු හෝ සතෙකුගේ කොටස් සන්තකයේ තබා ගැනීම මෙන්ම ජාවාරම් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. නමුත් වෙනත් රටවලදී සුරතල් සතුන් ලෙස ඇති කිරීමට හූනන්ට ආර්ථික වටිනාකමක් ලැබෙනවා. නමුත් ඒ ප්‍රචාරය වන තරම් මිල ගණන්වලට නෙමෙයි. ඩොලර් 10 සිට 250 දක්වා හෝ කලාතුරකින් ඩොලර් 500 වැනි මිල ගණන්වලටයි. රුපියල් ලක්ෂ 14ට 15ට හූනන් විකුණන්න පුළුවන් යන අසත්‍යය ප්‍රචාරයෙන් යම් යම් පිරිස් ඒ වැරදි ක්‍රියාව සඳහා නිශ්ශබ්දව පෙළඹෙනවා. නමුත් අවසානයේ ඔවුන්ට ලැබෙන්නෙ ආර්ථික ප්‍රතිලාභ නෙමෙයි. සත්ව ජාවාරම සම්බන්ධයෙන් වැරැදිකරුවෙක් වීමට හා තමන් සතු මිල මුදල් ඒ සඳහා වැය කිරීමටයි.මෙරටින් අල්ලා ගන්නා හූනන්ට එවැනි ලොකු වටිනාකමක් ඇත්තේ ඔවුන්ගේ ඖෂධීය ගුණ නිසයි. උන්ට පොලිතීන් පවා උණු කරන්න පුළුවන් කියලා සමහරුන් මිථ්‍යා ප්‍රචාරයක් සිදු කරනවා. ඒ පිළිබඳව මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාට ඇත්තේ මෙවන් අදහසක්.මාතර ප්‍රදේශයේ දී කළ වැටලීමක දී අල්ලගත්ත හූනො දෙන්නෙක් වැඩිදුර හඳුනා ගැනීමේ කටයුතු සඳහා දෙහිවල සත්වෝද්‍යානයට ගෙනාවා. එම හූනන් සන්තකයේ තබාගත් පිරිස් පවසා තිබුණේ මේ හූනන් හරි විෂයි. පොලිතීන් එකක දැවටුවහොත් එම පොලිතීන් කොලය උණුවී යනවා කියලා. ලෝකෙ ඉන්න කිසිම හූනෙක් විෂ නැහැ. මේ තියෙන්නේ මවා ගත්ත වැරදි මතයක්.පොලිතීන් උණුකළ හැකි කිසිම රසායනිකයක් හූනගෙ ශරීරයේ නැහැ. හූනන් කියන්නෙ චලතාපී සතුන් කොට්ඨාසයක්. ඒ නිසා ඔවුන්ගේ ශරීරයේ පොලිතීන් උනු කළහැකි අධික උෂ්ණත්වයකුත් නැහැ. මම විවිධ වර්ගයේ පොලිතීන් කොල හා කෑම වර්ග එතීමට භාවිතා කරන පොලිතීන් කොල වර්ග කිහිපයකම මේ සතුන් දමා බැලුවත් එසේ පොලිතීන් උණු කිරීමේ හැකියාවක් ඔවුන් සතු වුනේ නැහැ.ලෝකයේ සිටින කිසිම හූනෙක් විෂ නැහැ. එමෙන්ම ඔය කියන ආකාරයේ විශේෂත්වයකුත් එම හූනන්ගේ නැහැ.කිඹුල් හූනන් සඳහා ව්‍යාජ වෙළෙඳපොළක් නිර්මාණය කර බොරු මතයක් සමාජගත කර තිබෙන බව ඔහුගේ අදහසයි. එයට රැවටීමෙන් බොහෝ දෙනා විකිණීමට හූනන් අල්ලාගෙන යාමේ දී නීතියේ රැහැනට හසුවන බව ද ඔහු පවසයි.යම්කිසි පුද්ගලයෙක් මෙරටින් අල්ලන හූනා ගැනුම්කරුවකුට ලක්ෂ පහළොවකට විකුණනවා නම් ඔහු තවත් අතරමැදියෙකුට ඒ සතා විකුණන්නෙ රුපියල් ලක්ෂ විස්සකට යයි අනුමාන කරන්න පුළුවන්. එවිට වෙනත් රටක දී ඒ සතා විකුණන්න වෙන්නෙ අවම වශයෙන් ලංකාවෙ මුදලින් රුපියල් ලක්ෂ තිහකට හෝ තිස් පහකට. ඒ එවැනි විශාල මුදලක් දීලා හූනෙක් මිලදී ගන්නෙ කවුද? හූනන් කියන්නෙ සුලභ සත්ත්ව කොට්ඨාසයක්. හූනෙක් රුපියල් ලක්ෂ දහයක් පහළොවක් දීලා මිලදී ගන්නවාට වඩා ඔහුටම පුළුවන් ඒ සතා අල්ලාගන්න. ඕනෑම සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට පහසුවෙන් තේරුම් යන සරල සත්‍යය එයයි.මෙරට සිටින සියලුම හූනන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත සතුන්. ඒ අනුව මෙරට සිටින සියලුම හූනන් විශේෂ ස්වභාවික පරිසරයෙන් ඇල්ලීම, ළඟ තබාගෙන සිටීම, ප්‍රවාහනය, ප්‍රදර්ශනය හා විකිණීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක් කරන පුද්ගලයෙක් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට මෙරට පොලිසියට හා වනජීවි සංරක්ෂක දෙපාර්තමේන්තුවට බලය තියෙනවා.ආර්ථිකමය වටිනාකමක් නොමැති වුව ද හූනන් සතුව විශාල ජෛව විවිධාත්මක වටිනාකමක් තිබෙනවා. අහිතකර කෘමීන් ආහාරයට ගන්නා ප්‍රධාන විලෝපිතයෙක් ලෙස පරිසරය තුළ හූනන්ට වැදගත් ස්ථානයක් හිමිවෙනවා. ඒ නිසා මේ ආකාරයේ වැරැදි මතවලට නොරැවටී හූනන් තමන්ගේ ගෙවත්තේ නිවසේ ඉන්නවා දැකලා සතුටු වෙන එක වඩා හොඳයි..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n1406092
ආගමික පුනර්ජීවයක් ඇති වී තිබෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් සභ්‍යත්වයත් ආරක්ෂා කර ගනිමු
ධනුෂ්ක ගොඩකුඹුර සහ කොලොක්කාව සමූහ
රටේ සියලු ආගම් පිළිගන්නා ආගමික පුනර්ජීවනයක් අද රට තුළ ඇති වී ඇති බවත් අපගේ සංස්කෘතියත් සභ්‍යත්වයත් ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියටම ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.වෛරය, ක්‍රෝධය බැහැර කර සියලුදෙනාට එකට වැඩ කළ හැකි රටක් ගොඩනැඟිය යුතු බවත් වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ අභිනව සය මහල් දහම් පාසල් ගොඩනැගිල්ල සහ දාන ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා පෙරේදා (07) පැවසීය.ආඩම්බර විය හැකි සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් අපට ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පිට රටින් එන සියලු දේ අප වැළඳ ගත යුතු නැති බවත් අපේ දේ අගයන රටට ආදරය කරන දරු පරපුරක් ගොඩනැගිය යුතු බවත් කියා සිටියේ ය.අද අපේ දරුවන් ආගමික ස්ථාන වෙත වැඩි වශයෙන් නැඹුරු වීමක් දක්නට ලැබෙන බවත් ආගමට, දහමට ලැදි විනයවත් දරු පරපුරක් රට තුළ ගොඩ නැගීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලබුතලේ සුදස්සන හිමියන්ගේ අනුශාසකත්වය මත ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළේය.විහාරාධිපති ලබුතලේ සුදස්සන හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපතිතුමා සමරු තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූහ.දහස් සංඛ්‍යාත ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක ද නියැළුණේය.මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.මේ අතර අතුරුගිරිය ආර්ය නිකේතනාරාමාධිපති මාවරලේ භද්දිය හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය 07 වැනිදාට යෙදී තිබුණු අතර ඒ නිමිතෙන් එම විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා උන්වහන්සේට ජන්ම දින සුබ පැතුම් පළ කළේය. .
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n1406093
පරිසරය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ පළමු තැනට
මහින්ද අලුත්ගෙදර
වේගයෙන් දියුණුවන ශ්‍රී ලංකාව පරිසරය සුරක්ෂිත කරන ක්‍රමවේදයන් අනුගමනය කරන රටක් ලෙස පරිසර දායකත්ව දර්ශකයට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු තැන හිමිකර ගැනීමට සමත්ව ඇත.පරිසර දායකත්වය සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 178 ක් අතරේ සිදුකරන ලද සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ පළමු තැන හිමිකර ගෙන තිබෙන අතර අමෙරිකා එක්සත් ජනපදයේ යේල් (Yale) විශ්ව විද්‍යාලය විසින් මේ සමීක්ෂණය සිදුකර තිබේ.එම විශ්ව විද්‍යාලය නිකුත් කළ 2014 පරිසර දායකත්ව දර්ශක වාර්තාවට අනුව ශ්‍රී ලංකා 69 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙන අතර ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 53.88කි. එය ප්‍රතිශතයක් ලෙස ගත්කළ සියයට 9.94 ක් බව එම වාර්තාව පෙන්වා දෙයි.වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 66,264ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය 2,033,000 ක් පමණ වන බව පෙන්වා දෙන එම වාර්තාව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2,920ක අගයක් ගන්නා බවද සඳහන් කරයි.පාරිසරික සෞඛ්‍යය සහ පරිසර පද්ධතිවල වැදගත්කම යන මූලික අරමුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබෙන අතර ප්‍රධාන වශයෙන් මේ සඳහා සාධක 20 ක් සැළකිල්ලට ගෙන තිබේ.සෞඛ්‍යයට බලපෑම, වාතයේ ගුණාත්මක තත්ත්වය, වනාන්තර, ධීවර කටයුතු, දේශගුණය හා බලශක්තිය, කෘෂීකර්මය, ජෛව විවිධත්වය හා ජනාවාස, ජලය හා ලවණකරණය හා ජල සම්පත් ඊට අයත් වෙයි.යේල් (Yale) විශ්ව විද්‍යාලයේ පරිසර දායකත්ව දර්ශකයට අනුව ශ්‍රී ලංකාව එක් එක් සාධකයන් තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරන බව පෙන්වා දෙන අතර සෞඛ්‍ය වෙනුවෙන් ඇති දායකත්වය සියයට 82.82, වනාන්තර සියයට 33.76, ධීවර කටයුතු සියයට 62.43, දේශගුණය හා බලශක්ති සියයට 54.62, කෘෂිකර්මය සියයට 92.00 සහ ජෛව විවිධත්වය හා ජනාවාස සියයට 67.70 ක් වන බවද එම වාර්තාව පෙන්වා දෙයි.මේ සමීක්ෂණයට අනුව ස්විට්සර්ලන්තය පළමු ස්ථානයේ පසුවන අතර බෙල්ජියම දෙවැනි ස්ථානයට හා ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානය පත්ව තිබේ. ඊට අමතරව භූතානය 103 වැනි ස්ථානය ද, චීනය 118 වැනි ස්ථානය ද හිමිකරගෙන තිබෙන අතර පාකිස්ථානය 148 වැනි තැනට පත්ව ඇත. මේ අතර ඉන්දියාව 155 වැනි ස්ථානය ද බංග්ලාදේශය 169 ස්ථානයට ද පත්ව තිබේ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n1406094
එ.ජා.මානව හිමිකම් කොමසාරිස් ධුරයට ජෝර්දාන රජ කුමර හුසේන් යෝජනා වෙයි
මහින්ද අලුත්ගෙදර
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් ධුරය සඳහා ජෝර්දානයේ රජ කුමරෙකු වන සෙයිඩ් අල් හුසේන් කුමරු යෝජනා කර ඇත.මේ වනවිට එම ධූරයේ කටයුතු කරන නවනීදන් පිල්ලෙගේ විශ්‍රාම යාමෙන් අනතුරුව පුරප්පාඩු වන තනතුර සඳහා එම කුමරුගේ නම යෝජනා වී තිබෙන අතර එම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කි මූන් විසින් ප්‍රකාශ්‍යට පත්කර ඇති බව වාර්තා වෙයි.‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ පසුගිය 2012 වර්ෂයේ දී විශ්‍රාම ගැනීමට නියමිතව සිටිය ද ඇයගේ එම තනතුර තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන ලදී.මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස නවනීදන් පිල්ලේ මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ඇයගේ ධුර කාලය තවත් එළඹෙණ අගෝස්තු මාසයේ දී අවසන් වීමට නියමිත බවද ඒ අනුව ජෝර්දානයේ තානාපති ලෙස කටයුතු කරන සෙයිඩ් අල් හුසේන් කුමරු එම ධූරයේ කටයුතු කරනු ඇති බවද වාර්තා වෙයි. සෙයිඩ් අල් හුසේන් කුමරු දීර්ඝ කාලයක් පුරා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතුකර තිබේ.එක්සත් ජාතීන්ගේ නීති රාමුවට පරිභාහිරව යමින් ඇතැම් අවස්ථාවන් හිදී ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ කටයුතු කර තිබෙන අතර හුදෙක්ම එය ඇතැමුන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මෙන්ම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සතුටු කරවීමේ අරමුණින් බවට ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n1406095
හම්බන්තොට වරායෙන් මේ වසරේ වාර්තාගත ආදායම්
නිරූෂි විමලවීර
විපක්ෂය නැඟූ චෝදනා පුස්සක් බවට පත් කරමින් හම්බන්තොට වරාය මෙම වසරේ වාර්තාගත ආදායමක් උපයා ඇතැයි වරාය මහාමාර්ග සහ නාවික කටයුතු ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.වාහන ආනයනික නැව් සහ ප්‍රතිඅපනයනය කිරීමේ නැව් 298ක් ගෙවී ගිය පස් මසක් ඇතුළත හම්බන්තොට වරායට පැමිණ ඇති බවත් එය මෙරට නැවි ඉතිහාසයේ වාර්තාගත පැමිණීමක් බවත් ඇමතිවරයා කිය.එසේ වාර්තාගත නැව් ප්‍රමාණයක් හම්බන්තොටට පැමිණීමෙන් මසකට රුපියල් මිලියන 110-140 අතර ආදායමක් රජය උපයා ඇතැයි ද හෙතෙම පැවසීය.ඒ අනුව ඇතැම් මාසයන්හි නෞකා 50-60ක උපරිමයකට යටත්ව හම්බන්තොට වරායට පැමිණ ඇතැයි අනාවරණය කළේය.කොළඹ වරායේ තිබූ තදබදය හේතුවෙන්පසුගිය පස් වසරේදි ප්‍රතිඅපනයනය කිරිමෙන් ලැබු ආදායම සියයට 5 නොඉක්මවු බවද එහෙත් හම්බන්තොට වරායේ ප්‍රතිඅපනයනය ඉතා සාර්ථක වී ඇතැයි ද ඒ මහතා කීය.මහෙතෙම මෙසේද කීය.හම්බන්තොට වරායේ ඉදිකිරීමෙන් අනතුරුව විපක්ෂය එක එක චෝදනා කළා.ආසියාවේ ලොකුම පිහිනුම් තටාකය ලංකාවේ ඉදි කොට ඇති බවටද චෝදනා කළා‍.එපාය රජයක් යටතේ කෞතුකාගාරයක් බවට පත්කරන බවට ප්‍රකාශ නිකුත් කළා.නමුත් අවසානයේ ඒ සියල්ල පුස්සක් බවට පත් වුණා.හම්බන්තොට වරාය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වුණා. .
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n1406096
තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික දෙමළ සරණාගත බාලවයස්කරුවන් 17000කට උප්පැන්න සහතික නෑ
මහින්ද අලුත්ගෙදර
තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත බාල වයස්කරුවන් 17,000 කට පමණ උප්පැන්න සහතික නොමැති බව වාර්තා වෙයි.උප්පැන්න සහතික නොමැති පිරිස් සඳහා එය ලබාදීමට දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් කටයුතු කරන අතර ඔවුන් වෙත කඩිනමින් උප්පැන්න සහතික නිකුත් කිරීමට එම නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත.1983 න් පසුව තමිල්නාඩුවට පළාගිය ශ්‍රි ලාංකික දෙමළ සරණාගතයින් 66,000 ක් පමණ සරණාගත කඳවුරු 110 ක රැඳී සිටින අතර තවත් 34,000 ක් පමණ කඳවුරු වලින් පිටත රැඳී සිටින බව වාර්තා වෙයි.ඊට අමතරව සන්නද්ද කණ්ඩායම් වලට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පිරිසක් තමිල්නාඩුවේ විශේෂ කඳවුරුවල රැඳී සිටිති. කෙසේ වෙතත් මේ කඳවුරුවල රැඳී සිටින ළමුන්ට ඉන්දියාවේ ශ්‍රි ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා උප්පැන්න සහතික ලබාදීමට කටයුතු යොදා තිබේ.උප්පැන්න සහතික ලබාදීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශයන්හි ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබෙන අතර බාල වයස්කරුවන්ට උප්පැන්න සහතික නොලැබීම හේතුවෙන් ඔවුන්ට කිසිඳු රටක පුරවැසිභාවය හිමි වී නොමැති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n1406097
ඉලංගෝ අල්ලන්න මහජන සහාය පතයි
රක්ෂණ ශ්‍රියන්ත
කොටි සංවිධානයේ පුපුරණ ද්‍රව්‍ය අංශයේ නායකයකුව කටයුතු කළ ගුණසේකර මුදියන්සෙලාගේ නිංලක ජූඩ් ඇන්ටනී නොහොත් ඉලංගෝ නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.පසුගිය 4 වෙනිදා මඩු පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරීමේදී එක් අයෙකු පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා ලඟ තිබී ටී.එන්.ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය කළ පාපොච්චාරණය අනුව පළාගිය පුද්ගලයා මඩු හා කනගරායම් යන ප්‍රදේශවල බිම්බෝම්බ ඇතිරීමට ප්‍රධානීව ක්‍රියා කළ අය බවට හෙළිවී ඇතිබව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා පවසයි.අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරු වළ දමා ඇති බිම් බොම්‍බ ගොඩ ගෙන එම පුපුරන ද්‍රව්‍ය ධීවරයන්ට අලෙවි කර ඇතිබවටද , බිම්බෝම්බ වල දමා ඇති ස්ථානයන් පිළබඳව මොහු දැනුවත් අයෙකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.ගුණසේකර මුදියන්සෙලාගේ නිංලක ජූඩ් ඇන්ටනී නොහොත් ඉලංගෝ නැමැති මොහු ජීව නගර් මුරුක්කන් ප්‍රදේශයේ අයෙකු බවත් ‍ජතික හැදුනුම්පත් අංක 861634132V දරණ මොහු පිළිබඳ යම් තොරතුරක් දන්නා අයෙකු වෙතොත් 0112451636 හෝ 01122451634 දරණ දුරකථන අංක ‍මගින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n1406098
පොසොන් උළෙලට විද්‍යාල 15ක් අද සිට වැසේ
අනුරාධපුර මධ්‍යම විශේෂ
අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය යන පුජනීය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය වෙනුවෙන් එම ප්‍රදේශ වල පිහිටි විද්‍යාල 15 ක් අද (9) සිට 15 වන දින දක්වා වසා තබන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන පොලිස් නිළධාරීන්ට නවාතැන් ගැනීමට සහ වෙනත් සුබසාධන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමට මෙම විද්‍යාල 15 වසා දැමෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.මෙසේ පොසොන් උත්සවය වෙනුවෙන් අද (9) සිට 15 වන දින දක්වා වසා දැමෙන පාසල් වන්නේ අනුරාධපුර නගරයේ පිහිටි අ/මධ්‍ය විද්‍යාලය, අ/ස්වර්ණපාලී බාලිකා ජාතික පාසල, අ/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය, අ/වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, අ/සහීරා මුස්ලිම් මහා විද්‍යාලය, අ/විවේකානන්ද දෙමළ මහා විද්‍යාලය, අ/නිවත්තකචේතිය මහා විද්‍යාලය, අ/රත්මලේ තිස්ස මහා විද්‍යාලය, අ/අලුත්වැව කුමාර විද්‍යාලය, අ/ මහා බෝධීමහා විද්‍යාලය, අ/නීරාවිය දේවානම්පියතිස්ස විද්‍යාලය, තන්තිරිමලය විමලඥාන මහා විද්‍යාලය, මිහින්තලය මහා විද්‍යාලය සහ කනිෂ්ඨ විද්‍යාලය, කම්මලක්කුලම යන විද්‍යාලයි.පොසොන් උත්සවය වෙනුවෙන් වසා දැමෙන පාසල්වල අතපසු වන අධ්‍යයන කටයුතු සඳහා සති අන්තයේ හිළවු සැසි පැවැත්වීමටද කටයුතු කරන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයේම පිහිටා ඇති ඩී.එස් සේනානායක කනිෂ්ඨ විද්‍යාලය සහ අනුරාධපුර මහින්ද විද්‍යාලය වසා නොදැමුනු බවද උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n1406099
මාලුවලට සහතික මිලක් දෙන්න ක්‍රමවේදයක් සකසන්න
ධනුෂ්ක ගොඩකුඹුර
මාලුවලට සහතික මිලක් ලබා දීමට නිසි ක්‍රමවේදයක් සකසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට උපදෙස් දුන්නේය.එසේ සහතික මිලක් ලබා දීමෙන් ධීවර ජනතාවගේ ගැටලු රැසකට විසැඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ධීවර ප්‍රජාව, ධීවර අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්ව සාකච්ඡා කර මේ පිළිබඳ තීරණයකට එළඹෙන ලෙසත් ඇමැතිවරයාට උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ ධීවර ගැටලු සම්බන්ධයෙන් පසුගිය දා (6) අරලියගහ මන්දිරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.ඩයිනමයිඩ් යොදාගෙන මුහුදු පතුලේ පිපිරීම් සිදු කරමින් මාලු ඇල්ලීමට ඇතැම් ධීවරයන් කටයුතු කිරීම නිසා කුඩා මසුන් පවා විනාශ වී යාමේ තත්ත්වයක් උදාවී ඇති බවට ධීවර ඇමැතිවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම අවස්ථාවේ දී ම පොලිස්පතිවරයා අමතා නියෝග කළේ එවැනි ක්‍රියාවන්වල නිරතවන්නන් නීතියේ රැහැනට හසු කර ගන්නා ලෙසයි.ධීවර තොටුපළ සහ ධීවර නැංගුරම්පොළවල් සංවර්ධනය කිරීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළේ ප්‍රගතිය මෙහි දී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳ ජනාධිපතිතුමා කරුණු විමසීය.ධීවර කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප‍්‍රගතිය සම්බන්ධයෙන් මෙහි දී කරුණු ඉදිරිපත් කෙරුණු අතර පසුගිය වසර කිහිපය තුළ ධීවර කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා තිබෙන බව මෙහි දී හෙළිදරව් කෙරිණි.මෙරට ධීවර කර්මාන්තය මේ වන විට මෙට්‍රක් ටොන් 66,910 ක වර්ධනයක් ලබා තිබේ. කරදිය හා මිරිදිය කර්මාන්තයයෙන් මෙරට ධීවර කර්මාන්තය ලබා ඇති ප්‍රගතිය තායිලන්තය හා වියට්නාමය අභිබවා ගොස් ඇති බවත් මෙහි දී අනාවරණය කෙරිණි.කාලගුණ විපර්යාස හේතුවෙන් පසුගිය වසර10 තුළ මත්ස්‍ය සම්පතේ වැඩිවීමක් සිදු නොවූවත් ධීවර අමාත්‍යාංශය අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් මත්ස්‍ය වැඩිවීමක් සිදු කර ගැනීමට හැකි වූ බවත් ධීවර අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත්වීමට මිරිදිය ධීවර කර්මාන්තය හේතු වී ඇති බව ද අනාවරණය කෙරුණු අතර මේ වන විට රටේ ආදායම මාසිකව රුපියල් බිලියන 10 ඉක්මවීමට ජලජීවි කර්මාන්තය තුළින් හැකි වී ඇත.ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, ෆිලික්ස් පෙරේරා, මිල්රෝයි ප‍්‍රනාන්දු, ඩග්ලස් දේවානන්දා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරත් කුමාර ගුණරත්න, නියෝමාල් පෙරේරා, වික්ටර් ඇන්තනී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, අරුන්දික ප‍්‍රනාන්දු, මොහාන් සිල්වා, මනුෂ නානායක්කාර මහත්වරුන් ද ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n14060910
ව්‍යාජ වෙබ් අඩිවියකින් කොරියා රැකියා ලබාදෙනවා යැයිකෝටි 1.5ක් වංචා කළ යුවළ දැලේ
රක්ෂණ ශ්‍රියන්ත
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිතා කරමින් කොරි‍යාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් එක්කොටි හැට ලක්ෂයකට අධික මුදලක් වංචාකළ යුවළක් හා එම ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කළ සැකකරු ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කොල්ලුපිටිය ප්‍රදේශයේ මෙම සැකකරා යුවළ තවත් කාන්තාවක් සමග එක්ව මේ කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති බවත් ඔවුන්ට මේ සඳහා උපකාරීවු එම කාන්තාවක මේ වනවිට ඉතාලියට පැනගොස් ඇතිබවත් ඇය අත්අඩංගුවටගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත්‍ රෝහණ මහතා පවසයි.සිංහල ජාතිකයෙකු වූ ප්‍රධාන සැකකරු පානදුර ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් සමග විවාහ වී ඇති අතර ඇයත් සමග දෙහිවල තාවකාලික නිවසක පදිංචිව සිට ඇත.රත්මලාන ප්‍රදේශයේ පදංචි වෙබ් අඩවි නිර්මාණය කරන තැනැත්තෙකු ලවා රුපියල් පනස්දහසක මුදලකට මේ www.slbf.com නැමැති ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කරගෙන තිබේ. පසුව මේ ඔස්සේ කොරියාවේ රුකියා ලබාදෙන බවට පළ කරමින් එම රටේ රුකියා ලබාගැනීමට කැමැති අය යම් කිසි ගිණුමකට මුදල් තැන්පත් කර එම රිසිට් පත තමන් වෙත ඉදිරපත් කරන ලෙස වෙබ් අඩවිය තුළින් පවසා තිබේ.පසුව මුදල් තැන්පත් කර රිසිට් ඉදිරිපත් කළ තැනැත්තන්ගේ නාමලේඛනයක්ද රුකියා සඳහා තෝරාගත් පවසමින් මේ ව්‍යාජ වෙබ් අඩවියේ පළකර තිබේ. මේ ආකාරයට මාස තුනකට අධික කාලයක් මේ වංචාව සිදුකර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධිකරන ලේකම්වරයෙකු ලෙස තමා කටයුතු කරන බවට පවසමින් මේ සැකකරු සාවධ්‍ය ප්‍රකාශ කරමින් මහජනයා නොමග යවා ඇතිබවටත් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.මේ සැකකාර යුවළ හා පසුගිය 05 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ලග තිබී හැටලක්ෂ අනූහත්දහසක මුදලක් සොයාගෙන තිබේ. මොවුන්ට උපකාර කළ කාන්තාව රුපියල් කොටියක මුදලක්ද රුගෙන ඉතාලියට පලා‍ගොස් ඇති අතර ඇය ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ. ව්‍යජ වෙබ් අඩවිය නිර්මාණය කළ සැකරුද අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට අවශ්‍ය පියවර මේවන විට පොලිසිය විසින් ගෙන තිබේ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n14060911
එල්ටීටීඊ යේ නොමඟ ගිය 13000ක් පුනරුත්ථාපනය කර සමාජ ගත කළා
@ ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි සහ දෙයියන්දර සමූහ තමරසිරි විජේසේකර
ආර්ථිකය සවිමත් කර ගත හැකි පසුබිමක් තනා නොමඟට යොමුවූ එල්ටීටීඊ තරුණ, තරුණියන් දහතුන් දහසක් (13000) පුනරුත්ථාපනය කර සමාජ ගත කර ඇති බවත් ආර්ථික වශයෙන් සවිබල කර භෞතික වශයෙන් වෙනස් කර සිංහල, දෙමළ හා මුස්ලිම් අය අතර සමගිය හා යහපත් ආකල්ප සංවර්ධනය කිරීම ඊළඟ අරමුණ බවත් පුණරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා පැවසීය.මානව හිමිකම් ගැන කෑ මොර දෙන පිරිස් මුණරුත්තාපිත අහ්‍යාසලාභීන්ගෙන් තොරතුරු විමසුවහොත් හැබෑ තත්ත්වය ඔවුන් මනාසේ පවසනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ තරුණ, තරුණියන්ගේ උතුරු දකුණ මිත්‍රත්ව චාරිකාව ඉකුත් 7 දින මාතරට පැමිණි අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව පැවසූ අතර වැලිගම අර්ෆා ජාතික පාසලේදී පැවති උත්කර්ශවත් පිළිගැණීමේ උත්සවයේදී වැඩිදුරටත් කථාකළ ඇමැතිවරයා මෙසේද කීවේය.වෙනම රටක් ඉල්ලා සටන් කරපු අයයි අද මෙලෙස ඇවිත් දකුණේ අය සමග සමගියෙන් ගත කරන්නේ. මේක තමයි වෙනස. ඕනෑම කෙනෙක් වැරදි පෙළඹවීම් හමුවේ නොමගට යා හැකියි. එහෙත් එය තේරුම් ගත් පසු ඔවුන් නිවැරදි මගට එනවා. මේ එම අවස්ථාව. පසුගියදා මොවුන් පාර්ල්මේන්තුවට ගියා. එහි පැවති වාද විවාද බැලුවා. එකම රටක් තුළ තම ප්‍රශ්න විසඳාගන්න හැකි බව ඔවුන් එහිදී තේරුම්ගන්න ඇති.අපි හමුවේ නොඑක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එය විසඳාගත හැකිවන්නේ සංවාදශීලීවයි. එය තේරුම් නොගත් නිසා විඳිනා ආදීනව හොඳින් තේරෙනවා ඇති.අපි කවර ආගමකට කවර ජාතියකට අයත් වුවත් ආගම්, ජාතික වශයෙන් වෙනස්වුවත් ජාතික හා ආගමික සමගියක් ඇති ආකල්ප සංවර්ධනයක් ඇති හෙට දවසකට යා යුතුයි.පුණරුත්තාපන හා බණ්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජී. එස්. විතානගේ මහතා - උතුරේ සහෝදර සහෝදරියන් හා දකුණේ සහෝදර සහෝදරියන්ගේ සමගිය සහොදරත්වය වැඩිකරන්න තමයි මේ වැඩසටහන දියත් කළේ. හදවත්තුල සිංහල, දෙමළ, මුස්ලිම් සමගේ හැඟීම් තේරුම් නොගත්තේනම් මේ පුනරුත්ථාපන කාර්යය සාර්ථක වන්නේ නෑ. ඒ දේ ඉටු කිරීමේ උතුම් කාර්යය තමයි අපි මේ සිදුකරන්නේ.ඒ නිසා එකම රටක් තුළ විවිධ ජාතීන් එකම ජන කොට්ඨාසයක් ලෙස ජීවත්වීමේ ආකල්ප සංවර්ධනය කිරීමයි අවශ්‍ය.පුනරුත්ථාපනයවූ එල්ටීටීඊ තරුණයකු වූ කාලිමුත්තු සුදාහරන් මහතා - මම සිංහල ඉගෙනගත්තෙ පුණරුත්තාපනයවූ පසුවයි. අපේ රටේ භාෂා හැකියාව වර්ධනය කළහොත් ප්‍රශ්න නැතිව ඉන්න පුළුවන්. අපේ රටේ මේ ප්‍රශ්නවලට ප්‍රධානතම හේතුව භාෂා ප්‍රශ්නයයි. එයට කදිම විසඳුම් පුනරුත්ථාපනය හරහා අපට ලැබුනා.අපේ නංගිලා මල්ලිලා ඉදිරියේදී භාෂා දෙකම ඉගෙනගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා. මේ අවස්ථාව අමතා වැලිගම ප්‍රාදේශීය ලේකම් මානෙග් ලියනාරච්චි මහත්මියද කථාකළ අතර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජගත් විජේතිලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් හා ප්‍රදේශවාසීන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇත්ළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n14060912
මිහින්තලා යන බැතිමතුනගේ පහසුවට විශේෂ දුම්රිය සහ බස්
නිරූෂි විමලවීර
පොසොන් මංගල්‍ය නිමිත්තෙන් ඓතිහාසික මිහින්තලා පුද බිම වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ගේ පහසුව සඳහා හෙට 10දා සිට 14දා දක්වා විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.මේ යටතේ සාමාන්‍ය ධාවනයට අමතතරව විශේෂ බස් රථ 1000ක් සහ දුම්රිය 23ක් ධාවනයට එක් කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය අනාවණය කළේය.හෙට(10) මධ්‍යනය 12.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය බලා ධාවනය වන විශේෂ දුම්රියෙන් මිහින්තලා සේවාව අරඹන බව දුම්රිය සාමන්‍ය අධිකාරි බී. ඒ. ඩි ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.අනිද්දා(11)දා අළුයම 3.45, ට උදේ9.00ට උදේ 11.00ට 12.00ට සවස6.00ට 7.30ට රාත්‍රි11.15ට විශේෂ දුම්රිය හතක් කොළඹ කොටුවෙන් අනුරාධපුරය බලා ගමන් අරඹන බවත්උදේ 6.25ට අනුරාධපුරයෙන් කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය වන බවත් හෙතෙම පැවසීය.එසේම 11දා සවස 2.45ට අවිස්සාවේල්ලෙන් කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රිය සවස 6.00ටකොටුවෙන් අනුරාධපුරය බලා නික්ම යන බව කීවේය.12දා පාන්දර 3.45ට සහ පාන්දර 9.00ට කොළඹ කොටුවෙන්ද පාන්දර 2.45 ට උදේ 8.15ට හවස 5.00ට 6.20ට, 8.15ට රාත්‍රි 9.00ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය අටක් ධාවනයට එක්වන බවද හෙතෙම කීය.13දා උදේ9.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වාත්, උදේ8.00ට 11.20ට සහ සවස 3.00ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය හතරක් ක්‍රියාත්මක බව ප්‍රකාශ කළේය.14දින අනුරාධපුරයේ සිට කොළඹ බලා දුම්රිය තුනක් ධාවනය වන බව කී හෙතෙම උදේ8.00ට 11.20 සහ සවස 5.00 ඒවා ධාවනය වන බව අනාවරණය කළේය.පොසොන් මංගල්‍යට බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනීමට යන බැතිමතුන්ගේ ගමන් පහසුව සදහා සාමාන්‍ය ගාස්තු යටතේ විශේෂ බස් රථ 1000ක් ධාවනයට යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ එච්. එම් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.සාමාන්‍ය බස් සේවාවලට අමතරව මෙම විශේෂ සේවාව දිවා රාත්‍රි ක්‍රියාත්මක බව කී හෙතෙම කොළඹ- අනුරාධපුර, කොළඹ - පොලොන්නරු, කුරුණෑගල-අනුරාධපුරය සහ, මිහින්තලේ -අනුරාධපුරය ආදි ලෙස ක්‍රියාත්මක බව සදහන් කළේය.සෝමාවතිය සහ මිහින්තලේ වැද පුදා ගන්නන්ගේ පහසුව සදහා දිවයිනේ සෙසු නගර වල සිටද බස් රථ ධාවනයට කටයුතු සූදානම් බව ඒ මහතා අනාවරණය කළේය.අනුරාධපුරය සිට මිහින්තලය දක්වා බස් රථ 40-50 පමණ ධාවනයට යොදවා ඇතැයිද සෑම පැයකටම බස් රථ දෙක බැගින් ධාවනය වන බවද හෙතෙම සඳහන් කළේය..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n14060913
වසරේ විශිෂ්ටතම රූපවාහිනී නාළිකාව ලෙස ජාතික රූපවාහිනිය පිදුම් ලබයි
null
ලාංකීය රූපවාහිනී නාළිකා ඇගයීමේ සම්මාන උළෙල, රයිගම් ටෙලීස්, පසුගිය සිකුරාදා (6) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අවස්ථාවේ දී ජාතික රූපවාහිනිය සම්මාන දොළහක් (12) ලබාගනිමින් වසරේ විශිෂ්ටතම නාළිකාව (Best Media Channel of the year) ට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන ලෙස අතුල රන්සිරිලාල් විසින් අධ්‍යක්ෂණය කළ පොඩි හාමුදුරුවෝ වැඩසටහනෙහි පැණි කුරුල්ලා වැඩසටහනට ද, වසරේ විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන ලෙස රංග බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ රංග භූමි වැඩසටහන ද, වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන ලෙස ශිරාන් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ මිහිමඬලේ ගීතයට ද, වස‍රේ විශිෂ්ටතම හඬ කැවීමේ වැඩසටහන ලෙස රන්සිරිලාල් විසින් අධ්‍යක්ෂණය කළ අභීත දියණියට ද, වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන ලෙස චන්දන සෙනෙවිරත්න විසින් අධ්‍යක්ෂණය කළ අරුම පුදුම රෝද හතරට ද, වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස ජාතික රූපවාහිනියේ චමින්ද ගුණරත්නට ද, වසරේ ‍විශිෂ්ටතම සම්ප්‍රෙව්ශක (සිංහල) ලෙස ජාතික රූපවාහිනියේ වජිර ජයවර්ධනට ද, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය ලෙස විජිත මංජුල සිංහපෘථිවි විසින් අධ්‍යක්ෂණය කළ සල්මල් ලන්ද ටෙලි නාට්‍යයේ තේමා ගීතය රචනා කළ යූ. බී. රත්නායකට ද,වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායක ලෙස සල්මල් ලන්ද ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කළ අමරසිරි පීරිස්ට ද, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව ලෙස සල්මල් ලන්ද ටෙලි නාට්‍යයේ ගීත ගායනා කළ ධනෝධ්‍යා අයෝනි යාපාට ද, බොරළු පාර‍ ටෙලි නාට්‍ය යේ රංගනය වෙනුවෙන් ලයනල් වික්‍රමයන් හට කුසලතා සම්මානයක් ද හිමිවිය. ඒ අනුව ලැබුණු සම්මාන ගණන දොළහකි.මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය වශයෙන් මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා, සමාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය, මහාචාර්ය එස්. ජේ. යෝගරාජා මහතා, ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා, ජයන්තා රුක්මනි සිරිවර්ධන මහත්මිය, බුද්ධදාස ගලප්පත්ති මහතා, ගුණසිරි සිල්වා මහතා, හංසමාලා රිටිගහපොළ මහත්මිය යන විද්වතුන් කටයුතු කර ඇත.වර්තමාන රූපවාහිනී නිර්මාණ ජන මනස ව්‍යාකූලත්වයට පත් කළ ද ජාතික රූපවාහිනිය විසින් ජනතාවගේ පරිකල්පනය අවදි කරවීම, දැනුවත්භාවය වර්ධනය කිරීම, උසස් රසවින්දනයක් ඇති කරලීම හා එහි ගුණාත්මකභාවය, විෂය පථය, ජනතා ආකර්ෂණය ඇතුළු කරුණු රැසක් පදනම් කරගනිමින් වැඩසටහන් නිෂ්පාදනය කරනු ලබයි. ටෙලි නාට්‍ය මෙන්ම විවිධ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන කාර්යය වෙනුවෙන් සම්මාන ගණනාවක් ජාතික රූපවාහිනිය විසින් හිමි කරගත් අතර ඒ වෙනුවෙන් වසරේ විශිෂ්ටතම නාළිකාව (Best Media Channel of the year)ට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n14060914
ලක්ෂ 50ක වල්ලපට්ටා විකුණමින් සිටි 6ක් බේරුවලින් අත්අඩංගුවට
කළුතර දිස්ත්‍රික් සංචාරක
රුපියල් ලක්ෂ පනහක් 50, වටිනා වල්ලපට්ටා තොගයක් බේරුවල මරදාන ප්‍රදේශයේදී විකුණමින් සිටියදී බේරුවල පොලිසිය මගින් සැකකරුවන් හයදෙනකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.බේරුවල පොලිස් ස්ථානයේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව මේ වටිනා වල්ලපට්ටා තොගය බේරුවල මරදාන ප්‍රදේශයේදී ඉන්දියන් ජාතිකයෙකුට විකුණමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.එම වල්ලපට්ටා තොගය මිලදීගෙන යෑමට පැමිණි හයදෙනෙකු සමඟ ඔහුත් පැමිණි වාහනයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන අන්දමට මේ වල්ලපට්ටා තොගය මිලදී ගැනීමට දෙහිවල සිට තුන්දෙනෙකු පැමිණ තිබෙන අතර මතුගම කලවාන ප්‍රදේශයේ සිට බේරුවල මරදාන ප්‍රදේශයට ගෙන තිබේ.සැකකරුවන් සමග වල්ලපට්ටා තොඟය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.සිද්ධිය පිළිබඳ පරීක්ෂණ නියෝජ්‍ය පොලිස්පති බී. ඉන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන් සිල්වා, කළුතර පොලිස් අධිකාරී යසන්ත ගමගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද රාජපක්ෂ, උප පොලිස් පරීක්ෂක රණවීර උප පොලිස් පරීක්ෂක පියංකර, පොලිස් සැරයන්වරුන් වන 55240 ජයන්ත, 54352 ඉදුරුව, පොලිස් කොස්තාපල්වරුන් වන 88112 බුද්ධික, 83144 නිලංග, 62891 සිල්වා, 69062 නිර්මාෂන, 72180 රුවන්දික, පොලිස් ආරක්ෂක සහයක 2003 තිලංග යන මහත්වරුන් වැටලීම සිදු කළහ. .
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n14060915
සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට ප්‍රවාහන සේවාවේ සහයෝගය සුවිශේෂයි
මාතර දිසා විශේෂ ජස්ටින් කොඩිකාර සහ මාතර විශේෂ ජයා වික්‍රම සුරේන්ද්‍ර
අපේ රටේ මඟී ජනතාවට වඩාත් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීම තමාගේ ප්‍රධාන ඉල්කය බවත් අද සමස්ථ රට පුරා දියත්ව ඇති දැවැන්ත සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට බුක්ති විඳීමට හැකිවන්නේ රටේ ප්‍රවාහන සේවාවෙන් සුවිශේෂී සහයෝගයක් ලබාදීමෙන් බව තමා තරයේ විශ්වාස කරනවා යැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නව සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා පැවැසීය.ඉකුත්දා මාතර මයුර හෝටලයේ දී පැවති සී/ ස මාතර මඟී ප්‍රවාහන සංගමයේ වාර්ෂික නිලවරණ අවස්ථාවට සහභාගි වෙමින් එසේ පැවසූ ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය.ජනතාවට එසේ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදිය හැක්කේ බස් හිමියන්ගේ ශක්තියෙනුයි. ඔවුන්ගේ ගුණාත්මක ප්‍රවාහන සේවාව තුළිනුයි.1978 සිට පෞද්ගලික බස් සේවාව දියුණුවට පත්වුණා. නමුත් අද රටේ සංවර්ධනයට සමගාමීව බස් සේවාව දියුණුද යන්න ගැන අපට සිතන්නට වනවා.දකුණේ අධිවේගී මාර්ගය හා දුම්රිය ධාවනය සමඟ මාතර කොළඹ මාර්ගයේ බස්රථ හිමියන්ට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙලා. එයට සාධාරණීය විසඳුමක් ලබාදෙන්න කියා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ සඳහා මේ වන විට කමිටුවක් පත්කර තිබෙනවා.අධිවේගී මාර්ගයේ මෙන්ම සාමාන්‍ය රථ ධාවකයින්ටත් සාධරණයක් ඉටුවෙන ක්‍රමවේදයක් අප ක්‍රියාත්මක කරනවා. බස්රථ බලපත්‍ර ලබාදීමේ කිසිම බලපෑමකට මා යටවන්නේ නැහැ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n14060916
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටි 11ක් මුදාහැරලා
මහින්ද අලුත්ගෙදර
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රාණ ඇපයේ පසු වු ශ්‍රී ලාංකික නාවිකයන් තිදෙනකු ඇතුළු 11 දෙනකු මුදාහැර තිබේ.වසර තුනකට ආසන්න කාලයක් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි මේ නාවිකයන් පිරිස අතර ශ්‍රී ලාංකිකයන්ට අමතරව බංග්ලාදේශ ජාතිකයන් 6 දෙනකු, ඉන්දියානුවකු සහ ඉරාන ජාතිකයකු ඇතුළත් වන බව වාර්තා වෙයි.නිදහස ලැබූ මේ නාවිකයන් පිරිස සෝමාලියානු හොබ්යෝ වරායට ආසන්න ‘ගිලියාකිනි’ ප්‍රදේශයේ දී මුදාහැර ඇති අතර ඔවුන් එක්සත් ජාතීන්ගේ නිලධාරී කණ්ඩායමක් විසින් කෙන්යාවේ නයිරෝබි නුවර බලා රැගෙන යාමට නියමිතව තිබේ.මැලේසියාවට අයත් එම්.වී ඇල්බඩෝ නමැති කන්ටේනර් ප්‍රවාහන නෞකාවේ සේවය කරමින් සිටිය දී මේ පිරිස 2010 වසරේ නොවැම්බර් මාසයේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වු අතර ඒ වන විට ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ ඉරානය යන රටවල පුද්ගලයන් විසි තුන්දෙනකු එහි සිටි බව වාර්තා වේ.කොල්ලකරුවන් විසින් අමෙරිකානු ඩොලර් මිලියන අටක කප්පමක් මුදලක් ඉල්ලා තිබු අතර අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක මුදලක් ගෙවීමෙන් පසු පාකිස්ථානු ජාතිකයන් පිරිස මුදාහැරිණි.මේ පිරිස වැඩිම කාලයක් කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිට මුදාහැරි පිරිස වන අතර ඔවුන් නිදහස් කිරීමට හේතුව පිළිබඳ අනාවරණය වි නොමැති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.21 වැනි සියවසේ සෝමාලියානු සිවිල් යුද්ධයේ ආරම්භයත් සමඟින් දෙවන වකවානුවට ජාත්‍යන්තර නෞකාවල මුහුදු කොල්ලකෑම සෝමාලියානු වෙරළ තීරයේ ආරම්භ විය. වර්ෂ 2005 සිට මුහුදු කොල්ලකෑමට විරුද්ධව අණ පණත් බොහෝ ජාත්‍යන්තර සංවිධාන මඟින් ඉදිරිපත් කරන ලද අතර ඒ අතර ජාත්‍යන්තර සමුද්‍රාසන්න සංවිධානය සහ ලෝක ආහාර සංවිධානය ප්‍රමුඛ වේ.මුහුදු කොල්ලකෑම් නිසා නාවික වියදම් වැඩිවීම මෙන්ම ආහාර ප්‍රවාහනයේ දී ගැටලු ඇතිවන අතර ලොව සියයට 19ක ප්‍රමාණයක ආහාර හුවමාරුව සිදුවන්නේ මුහුදු මාර්ගයෙනි. මේ නිසා වෙරළ තීරයේ ආරක්‍ෂාව තර කිරීමට සිදුවී ඇත.එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව පෙනී යන්නේ සෝමාලියානු වෙරළ තීරය පසුකරගෙන ගිය වෙනත් රටවල නෞකා මඟින් නීති විරෝධීව මාලු ඇල්ලීම සහ විෂ ද්‍රව්‍ය මුහුදට එක්‌ කිරිම සිදුකිරීම නිසා සෝමාලියානු ධීවරයන්ට ධීවර කටයුතු කිරීමට තිබූ අවස්‌ථාවට බාධා පැමිණ ඇති බවයි. සෝමාලියානු ජනතාවගේ මූලික ජීවනෝපාය වූ ධීවර කර්මාන්තයට මෙලෙස බාධා පැමිණීමත් සමඟින් සෝමාලියානු ජනතාව මුහුදු කොල්ලකරුවන් බවට පත්ව තිබේ.සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් හට ආයුධ ලැබෙන්නේ යේමනියෙනි රටේ අගනුවර වන මෝගඩිෂු නගරයට ආයුද පැමිණේ. සෝමාලියාවට ලැබෙන ආයුධවලට කොල්ලකරුවන් විසින් මුදල් ගෙවනු ලබන්නේ හවාලා නමැති තැරැව්කරුවකු මාර්ගයෙනි.ඉන්පසු ආයුධ පටිලන්ඩ් නම් ප්‍රදේශයට ගෙන යයි. ආයුධවලට ගෙවිය යුතු ඉතිරි මුදල් කොල්ලකරුවන් විසින් එම ප්‍රදේශයේදී ගෙවනු ලැබේ.සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ මූලික අභිප්‍රාය වී ඇත්තේ මුදල් ලබා ගැනීමය. ඔවුහු ඒ සඳහා මිනිසුන් සිරභාරයට ලක්‌කොට ගෙන මුදල් ලබා ගනිති.2009 – 2010 කාල වකවානුවේ දී මොවුන්ගේ මුලු ආදායම යුරෝ මිලියන 39ක්‌ විය. සෝමාලියාවට අයත් ඉතා දිගු මුහුදු තීරයේ විෂ ද්‍රව්‍ය හඳුනාගත හැකි ලෙස පවතින අතර උතුරු සෝමාලියාවට සුනාමියෙන් පසුව විෂ ද්‍රව්‍ය මිශ්‍ර කොට ඇත්තේ යුරෝපීය ජාතිකයන් විසිනි. මේ විෂ ද්‍රව්‍ය නිසා විවිධ ලෙඩ රෝග, පරිසර දූෂණය වීම් සිදුවිය. මෙවැනි හිංසාකාරී ක්‍රියාකලාපයන් පාදක කොටගෙන සෝමාලියානු ජනයා මෙලෙස කොල්ලකෑම් කෙරෙහි යොමු වී ඇත..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n14060917
ගොවි කම්කරු ජනතාවගේ සැබෑ නායකයකු ලෙස එස්.ඩී.බණ්ඩාරනායක රටට කළ මෙහෙවර විශිෂ්ටයි
ගම්පහ සංචාරක නිමල් ජයසිංහ
ශ්‍රී ලංකාවේ දේශපාලන කරලියේ යුග පුරුෂයෙක් වූ එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අභාවය අසා අතිශය සංවේගයට පත්වුනෙමි. මේ රටේ කෘෂිකර්මය නංවාලීමට දායක වූ එස්.ඩී.බණ්ඩාරනායක මහතා දුගී දුප්පත් ගොවි කම්කරු ජනතාවගේ නායකයකු ලෙස රටට කළ සේවය අති මහත් යැයි හිටපු ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඩී.බණ්ඩාරනායක මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එවා තිබූ ශෝක පණිවුඩය අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කරමින් අගමැති දි.මු. ජයරත්න මහතා පැවසීය. ශෝකාකූල මොහොතක බැවින් අගමැතිවරයා ප්‍රකාශය කියවීමේදී හැඟුම්බර ස්වරයෙන් ප්‍රකාශ විය.ජනාධිපතිතුමාගේ ශෝක පණිවුඩය පරිදි එස්.ඩී. බණ්ඩාරනායක මහතා දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමඟ එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භයේ සිටම පක්ෂයේ සාමාජිකයකු වෙමින් පක්ෂයේ අභිවෘද්ධියට කැපවෙමින් ක්‍රියාකර ඇති බවද පැවැසීය. සටන්කළ යුතු තැන අභීතව සටන් කළ රටට හිතැති දේශමාමක‍යකු විය. පක්ෂ භේදයෙන් තොරව කා සමඟත් සහයෝගයෙන් ක්‍රියාකළ අයෙකි. එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ගමන් මාර්ගයට අවතීර්ණව පණ්ඩු බණ්ඩාරනායක පුතා ඇතුළු දරුවන් පියාගේ ගමන්මගට පිවිසීම වාසනාවකි. මගේ සාතිශය සංවේගය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු පවුලේ සැමට පළකර සිටින අතර දිවංගත එස්.ඩී. බණ්ඩාරනායක මහතාට උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා -දිවංගත එස්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කාලයේ සිටම මගේ මිත්‍රයෙකි. දිවංගත එස්.ඩබිලිව් ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමඟ එකට එක්වී මේ රට වෙනුවෙන් කැපවී ක්‍රියාකළ යුග පුරුෂයෙකි. දිවංගන ඩී.ඒ. රාජපක්ෂ වැනි මේ රටට සේවය කළ ශ්‍රේෂ්ඨයන් සමඟ එකට එක්වී මේ රට ගොඩනැඟීමට ක්‍රියාකළ අයෙකි. 1956 ගොවි කම්කරු ජය ලබමින් පොදු පෙරමුණු රජය පිහිටුවීමට එස්.ඩී.බණ්ඩාරනායක මහතා විශාල සහයක් ලබා දුන්නා.ඉඹුල්ගොඩ වීරයා බවට පත්වෙමින් මුළු රටේම නමක් ඇතිකරගත් එස්.ඩී.බණ්ඩාරනායක මුළු ජීවිතකාලයම සතුටින් කල්ගෙව්වා. පියෙකුගෙන් විය යුතු යුතුකම්ද නොපිරිහෙලා ඉටුකළ එස්.ඩී. බණ්ඩාරනායක මහතා මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ටම ආදර්ශ චරිතයක් වුණා. එතුමාට නිවන් සුව අත්වේවා.හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශෝක පණිවුඩක් එවමින් මෙසේ කීවාය.මේ මොහොතේ විදේශ ගතවී සිටින බැවින් මාගේ හදපිරි ශෝකය මෙයින් පළ කරමි. අභාවය අසා ශෝක වුනෙමි. 1952 පාර්ලිමේන්තුවට පත්ව ගම්පහට පමණක් නොව රටටම වැඩකළ විශිෂ්ට පුද්ගලයෙකි. එතුමාගේ කාර්ය ශූරත්වය එඩිතර තමා විශිෂ්ට මහත්මා ගතිගුණ ඇති එතුමාට උතුම් නිවන්සුව අත්වේවා.(එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා - එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු අප පක්ෂයේ සාතිශය ශෝකය පළකර සිටිමු. දිවංගත එස්.ඩී.බණ්ඩාරනායක මහතා සමඟ අප ඉතා සහයෝගයෙන් වැඩ කළා. එතුමා රට වෙනුවෙන් වැඩ කිරීමට කැපවී ක්‍රියා කළා. ඉන්දියාවේ නිදහස් සටන මෙහෙයවූ ජාතික නායකයන් ඇසුරු කිරීමෙන් මේ රටේ නිදහස ගැන හොඳ පන්නරයක් ලැබුවා. ගොවි හමුදා නියෝජනය කරමින් අපේ රටේ කෘෂිකර්මයේ දියුණුවට වැඩකළා. දේශපාලනය යනු රටට වැඩකිරීමයි. එතුමා එය හරියටම ඉටුකළා. එතුමාට නිවන්සුව අත්වේවා.සියනෑ කෝරලේ ප්‍රධාන සංඝනායක, චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ විදුහල්පති තෝරපිටියේ ආනන්ද නාහිමිගම්පහ දිසාවට අද්විතීය සේවයක් කළ දිවංගත එස්.ඩී.බණ්ඩාරනායක මහතා 1952 ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙමින් ජනතා සේවය වඩාත් පුළුල් ලෙස ඇරඹුවා. මෙම විද්‍යාලය පමණක් නොව ගම්පහ දිසාවේ පාසල් විශාල ප්‍රමාණයක් බිහි කිරීමට දායකවූවා. ඉඩම් නොමැති අයට ඉඩම්, ගේ දොර ලබා‍ෙදමින් විශිෂ්ට සමාජ මෙහෙවරක් කළා. දරුවන්ද සමාජ මෙහෙවරට යොමුකළා. ඔබ වැනි ජන නායකයන් අපේ රටට තව තවත් බිහිවේවා.මහාචාර්ය දේවාලේගම මේධානන්ද මහ නාහිමි - සතර ආකාරයකට ජීවත්වන මිනිසුන් ජීවිත ගෙනයන අතර, උදාහරණ වශයෙන් ගො‍රවනවා, වහින්නේ නැත. විදුලියද කොටනවා, වහින්නේ නැත. එහෙම චරිතද තිබෙනවා. කරන දෙයකුත් නැහැ කරපු දෙයකුත් නැහැ. ඒ අතර සමහරු කියනවා වාගේම කරනවා කියන දේ කරන අය ශ්‍රේෂ්ඨයි. එවැනි චරිතයක් ඉඹුල්ගොඩ වීරයා වූ දිවංගත එස්.ඩී. බණ්ඩාරනායක මහතාට තිබුණා ගො‍රව ගොරවා වහිනවා වගේ රටට වැඩකළා. අතිශයින් අවංකව දේශපාලනය කළ යුග පුරුෂයෙක් වුණා. සැදැහැවත් බෞද්ධයෙකි. රටේ දේශපාලනඥයන්ට නියම මඟ පෙන්වන්නෙකු වුණා යැයිද පැවසූහ.අමරපුර මහා නිකායේ මහ නායක ගන්තුනේ අස්සජි නාහිමි - එස්.ඩී. බණ්ඩාරනායක යනු ජාතික දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයකි. කලාතුරකින් රටට බිහිවන ශ්‍රේෂ්ඨ ජීවන චරිතයකි. එතුමා නිරතුරුවම සංඝරත්නය ඇසුරු කළා. ආගම දහමට නැඹුරු වුනා. රට ගැන කැක්කුමක් තිබුණා. අපේ නායක හිමිපාණන් කන්දෙදෙනියේ සුගතවංශ නාහිමියන්ද ළඟින් ඇසුරු කළා. අපි මෙසේ කෙනෙකු අභාවයට ගිය පසු එතුමාගේ චරිත ලක්ෂණ කියන්නේ ජීවත්ව සිටින අයටත් ශ්‍රේෂ්ඨයෙක් වීමටයි. අද සමාජයේ ඇහුම්කන්දෙනවා අඩුයි. මෙවැනි අවස්ථාවලද එසේය.එස්.ඩී.බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවට පත්වුණත් ඇමැතිකම් ගත්තේ නැහැ. නොගත්තේ ආදර්ශයක් දෙන්නයි. ඔහු එදා කීවේ තාමත් හරි හැටි නිදහසක් නැතුව ඇමැතිකම් එපා කියලයි. ඔහු කීවේ පාර්ලිමේන්තුව හොඳ තැනක්විය යුතු බවයි. අදවනවිට සමහර දිනක පාර්ලිමේන්තුවේ ගණපූර්ණයද නැතිවන අවස්ථා ඇත. රටට වැඩ කරන්න යනවා නම් එසේ නොවිය යුතුය. මන්ත්‍රීවරුන්ගේ බුද්ධිමත් කතා වෙනුවට මාධ්‍යයෙන් පළකරන්නේද විහිළු කතා පමණක් බවද කීහ.රාමඤ්ඤ නිකාය වෙනුවෙන් අධිකරණ සංඝනායක මකුලෑවේ විමල නාහිමි - මේ ලෝකයේ මෙවැනි ශ්‍රේෂ්ඨ පුරුෂයින් උපදින්නේ කලාතුරකිනි. එස්.ඩී. බණ්ඩාරනායක මහතා එවැනි ශ්‍රේෂ්ඨයෙකි. සංඝ පීතෘන් වහන්සේලා ඇසුරු කළා. ලෝකයේ ශ්‍රේෂ්ඨ ජනනායකයන්ද ඇසුරු කළා. අපේ රටේ කෘෂිකර්මය නංවාලීමට කැපවී ක්‍රියාකළා. මේ මරණය කාටත් පොදු දහමක්.ජීවත්වන කාලය තුළ රටට කළ යුත්තේ වැඩ බව මේ මරණින් පෙන්වනවා. එස්.ඩී.බණ්ඩාරනායක මහතා ගමන්ගත් මඟ යන්න පුතෙකු පාර්ලිමේන්තුවට පත්වුණා. වැලිවේරිය සාන්ත අන්තෝනි දේවස්ථානයේ මීසම් පාලක ලක්ප්‍රිය නෝනිස් පියතුමා, තිහාරියේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඇම්.ටී.එස්. නියාස් මවුලවි තුමා. ද සිය ශෝකයන් ප්‍රකාශ කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය සංවිධානයේ ලේකම් නෙල්සන් අමරසිංහ මහත්වරුද අදහස් දැක්වූහ. නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා පිළිගැනීමේ කතාව කළේය.සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, අමාත්‍ය ෆිලික්ස් පෙරේරා ඇතුළු මැති ඇමැතිවරු, පළාත් සභා ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු, ගම්පහ පුරපති ඇතුළු විශාල ජනතාවක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=n14060918
තරුණ පිරිස රැකියා සොයා දේශපාලනඥයන් පසුපස යන යුගය ඉතා ඉක්මනින් නිම කරනවා
සුභාෂිණී සේනානායක
නව අධ්‍යාපන සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ තරුණ පරම්පරාව රැකියා සොයා දේශපාලනඥයන් පසුපස යන යුගය ඉතා ඉක්මනින් නිම කරන බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කරයි. “නැණස පාදන දොරින් දොර” වැඩසටහන යටතේ හෝමාගම මුල්ලේගම ප්‍රදේශයේ තරුණ ප්‍රජාව සංවිධානය කැර තිබූ ප්‍රජා සාකච්ඡාවකට එක් වෙමින් ග්‍රේරු මහතා එසේ ප්‍රකාශ කෙළේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ මොහාන් ලාල් ග්‍රේරු මහතා මෙසේද කීය.-විපක්ෂයේ සිට ආණ්ඩුවට එක් වූ පසු ජනාධිපතිතුමා ඉතා විශ්වාසයෙන් මට වගකීම් කොටසක් පැවරුවා. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ සහ පහ වසර ශිෂ්‍යත්වයෙන් පසු දරුවන් ඇතුළත් කිරීමේ ජනප්‍රිය පාසල් සංස්කෘතිය වෙනස් කර සෑම ගමකම දරුවන්ට සමාන වරප්‍රසාද හිමිවන ද්විතීයික පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ මෙහිදි විශේෂයි. ඒ අතරින් අද ඒ පාසල් ප්‍රතිනිර්මාණය වෙමින් පවතිනවා. ඒ සෑම පාසලකම මහින්දෝදය තාක්‍ෂණික විද්‍යාගාර ඉදි වෙනවා. අංග සම්පූර්ණ ගණිතාගාරයක්, භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපන ඒකකයක්, පරිසර හා තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාරයක් දැකිම ගම්වල දරුවන්ට හීනයක් වෙලා තිබුණා. ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් අද ගමේ දරුවන්ටත් මෙවැනි අධ්‍යාපන අවස්ථා හිමි වෙලා. රුපියල් ලක්ෂ එකසිය පනස් හතරක් වුණ ඇස්තමේන්තු ගත තාක්ෂණික විද්‍යාගාරයක් රුපියල් ලක්‍ෂ හැටක් තුළ නිම කරන්නට මට මග පෙන්වන්න පුළුවන් වුණා. මේ පාසල් දහසේ ඉදි කෙරෙන විද්‍යාගාර දහස තුළින් රටට ඉතිරි කර දෙන්න පුළුවන් වුණ මුදල රුපියල්. මිලියන දහස් ගණනක්. නමුත් ඒ ගැන පුරසාරම් දොඩන්නට කාලයක් වෙන් කෙළේ නැහැ. පුරසාරම් දේශපාලනය කරන්න නෙමෙයි ජනතාව අපිව පාර්ලිමේන්තුවට පත් කරන්නේ. රට වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාවට නංවන්න.. ඒ විශ්වාසය රකින්න මහජන නියෝජිතයන් හැටියට අපිට බැරිනම් දේශපාලනයට එන්න අවශ්‍ය නැහැ.ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්යයන් මේ වන විට නිම වෙමින් පවතිනවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ පසු නිදහස් අධයාපනය වඩාත් ශක්තිමත් කරන සියවසේ විශිෂ්ටතම අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවළිය වන්නේ එයයි.පාසල් පාදක වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීමට වසර ගණනාවක් මා යෝජනා කළා. අපට පුළුවන් වුණා අ.පො.ස. උසස් පෙළට තාක්‍ෂණික විෂය ධාරාව හදුන්වා දෙන්න. ඒක මේ රටේ අනාගත තරුණ ප්‍රජාව වෙනුවෙන් ගත් විශිෂ්ටම අධ්‍යාපන තීන්දුවක්. මෙතෙක් උසස් පෙළට පැවතුනේ කලා, වාණිජ, විද්‍යා හා ගණිතය අංශයි. එයිනුත් වැඩි පිරිසක් කලා විෂයය ධාරාවට යොමු වෙනවා. නමුත් නූතන රැකියා වෙළෙඳ පොළ විවෘත වෙලා තිබෙන්නේ තාක්ෂණ නිපුණතාව පදනම් කරගත් අධ්‍යාපනයක් හිමි පරම්පරාවකටයි. මේ තාක්‍ෂණ විෂය හඳුනා දීම තුළ රැකියා සොයා තරුණ තරුණියන් දේශපාලනඥයන් පසුපස යන්න වෙන්නේ නැහැ. රැකියා දෙනවා කියා මහ පාරේ සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය භාර නියෝජ්‍ය අමැතිවරයා ලෙසත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී ලෙසත් ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා මේ අපේ උත්සහය හමුවේ රටේ දරුවන්ගේත් තරුණ ප්‍රජාවේත් අනාගතය අදුරු වන්නේ නැති බව..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=r1406091
සහය දුන්නොත් බලාගෙනයි!
ඡායා-කොචිචිකඩේ විශේෂ ඩී මිහිදුකුළ
කොටි ත්‍රස්තවාදීන්ට - සහයෝගය දක්වන මාධ්‍ය වැඩමුළුවක් ට්‍රාන්ස්පේරන් සී ඉන්ටනැෂනල් ආයතනය මඟින් මීගමුව ඒත්තුකාල ගෝල්ඩ් ෆෑන් හෝටලයේ පවත්වන බව පවසමින් 50 ක 60 ක පිරිසක් පැමිණ විවිධ සටන් පාඨ කියමින් එම වැඩමුළුව නවත්වන ලෙස බලකරමින් සෙනසුරාදා (07) සවස එම හෝටලය ඉදිරිපිටදී විරෝධතාවක් දැක්වූහ.කොටිහිතවාදීන් පනගන්වන වැඩමුළුවක් පවත්වන බව කියමින් විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ ඇතුළත් පෝස්ටර් හා බැනර් අතැතිව සිටියහ.මෙම වැඩමුළුව දමිළ මාධ්‍යවේදීන් සඳහා දින තුනක වැඩමුළුවක් වශයෙන් 6වෙනි සිකුරාදා ආරම්භ කර 8 වෙනි ඉරුදින අවසන් කිරීමට නියමිතව තිබූ බව සංවිධායකයෝ පැවැසූහ. විරෝධතා කරුවෝ මෙම වැඩමුළුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන්ගේ වැඩක් ලෙස පවසමින් එය වහාම නවත්වන ලෙස ඉල්ලා කෑකෝ ගසන්ට වූහ. පොලිසිය මැදහත් වී පවතින විරෝධතා මත වැඩමුළුව නවත්වන ලෙස සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියහ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=r1406092
කොළඹට කසිප්පු පුරුදු කළ ‘මීතොටමුල්ලේ පුතා’ කම්මුතුයි
ෙකාෙළන්නාව සමූහ - ඒ සුමන ෙස්න
කලක සිට කොළඹ ප්‍රදේශයට කසිප්පු පෙරා බෙදාහැරි මීතොටමුල්ලේ “පුතා” නමැති අයට අයිති බව කියන කසිප්පු තිප්පොල වැටලූ වැල්ලම්පිටිය පොලිසියට රුපියල් ලක්ෂ 15ක පමණ වටිනාකමකින් යුක්ත කසිප්පු හා ඒවා පෙරීමට ගන්නා උපකරණ රැසක්ද සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් වෙලේවත්ත ප්‍රදේශයේදී අල්ලා ගත් එම භාණ්ඩ අතර ත්‍රී රෝද රථ 2ක් ගෑස් ළිප් 2ක්, ගෑස් සිලින්ඩර් 5ක්, ගෝඩා කසිප්පු බෝතල් 9ක්, බැරල් 12ක්, හා සීනි පැකට් 54ක්ද වූහ.පොලිසිය විසින් මෙම සැකකරුවන් කොළඹ අංක 2 උසාවිය වෙත ඉදිරිපත් කරන ලදුව එම මහේස්ත්‍රාත් තිරූෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කොට තැබීමට නියම කළහ.කොළඹ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මර්වින් වික්‍රමසිංහ මහත්වරුන්ගේ අධීක්ෂණය හා වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පො.ප. ඕ.පී. අමරබන්ධු මහතාගේ මෙහෙයවීම යටතේ උ.පො.ප. රණසිංහ, පො.කො. 51544, සම්පත්, පො. කො. 67600 ජිනසේන, පො.කො. 31974 මර්වින්, පො.කො. 68629 හේරත් මහත්වරු මෙම වැටලීම සිදුකළහ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=r1406093
කඹුරුපිටිය ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැක අයෙක් කොටු
මාතර සමූහ ඩබ්ලිව්. පී.ධර්මසේන
මීට මාස 02කට පෙර කඹුරුපිටිය ගතාර ප්‍රදේශයේ නිවසක් තුළදී සිරුරට ගිනි තබා පුලුස්සා ඝාතනයට ලක්කර තිබූ ව්‍යාපාරිකයාගේ මරණ්‍ය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු කඹුරුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.කඹුරුපිටිය ගතාර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ඉඩම් හිමි වැවිලිකරුවකු වන රවින්ද්‍රනාත් සමරතුංග නමැති 56 හැවිරිදි එක්දරු පියෙකු 2014.03.29 දින රාත්‍රියේදී නිවස තුළදී ගිනි තබා පුලුස්සා දමා තිබුණි.මෙම මරණකරු බිරිය හා පුතා අතහැර දමා වෙනම නිවසක පදිංචි වී සිට ඇත. නිතරම බීමත්ව සිට ඇති මොහු බිරිඳ සහ දරුවා සමඟ රණ්ඩු සරුවල් නිතරම ඇතිකරගෙන ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත.පසුගිය මාර්තු 29 දින මෙම පුද්ගයා පදිංචි නිවසේත් දුමක් පිටවෙන බව දැක ඇති අසල්වැසියකු නිවසේ දොරකඩා බලන විට මෙම පුද්ගයා නිවස තුළ පිලිස්සී මියගොස් සිටින බව දැක ඇත..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=r1406094
බලන් මේ අරුමය...
ඡායාරූපය - ගාමිණී ඔබේසේකර පොළොන්නරුව විශේෂ
මරණයට කැපවී සිටි එළගවයින් දසදෙනෙකු නිදහස් කිරීම කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙළ ධර්මපාල හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුවිය. එම ගවයින්ට අභයදානය ලබාදීමෙන් අනතුරුව එහි සිටි ළාබාලම ගව පැටවකු ධම්මපාල හිමියන්ට නමස්කාර කළ අවස්ථාවයි මේ.පොළොන්නරුව ප්‍රදේශයේ බෞද්ධ සැදැහැවතුන් ගවමස් කෑමෙන් වැළකී සිටීමේ ප්‍රතිඥාවට සමගාමීව ඥාතීන්ට පිං පැමිණවීමේ අරමුණින් මෙම ගවයින් මරණයෙන් මුදාගැනීම සිදුවිය..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=r1406095
පාසල් ගොස් ගෙදර පැමිණි දැරිය සවස දරුවකු බිහිකරයි
@ මාපාකඩවැව සමුහ එච් එම් ආර් කරුණාවීර
පාසල් ගොස් ගෙදර පැමිණි 16 හැවිරිදි දැරියක් සවස බඩේ කැක්කුමක් සැදි රෝහල් ගත කර පසු දරුවකු බිහිකිරිමේ සිදු විමක් හසලක හිඹුටුව බලවර්ධන ඔය ප්‍රදේශයෙන් වාර්ථාවේ.දැරියගේ දෙමාපියන්ද පාසලේ ගුරුවරු, විදුහල්පති හා ඇගේ යෙහෙලියන් ඇය ගැබිණියක් බව නොදැන සිටිම පුදුමය දනවන කරුණකි.පසුගිය 03 දින පාසල් ගොස් නිවසට පැමිණි දැරිය බඩේ කැක්කුමක් ඇති බව දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව ඇය කොලොන්ගොඩ ග්‍රාමිය රෝහලටද දෙවනුව මහියංගන මුලික රෝහලටද ඇතුළත් කර ඇත. එදින සවස 7ට පමණ ඇය දරුවකු බිහිකර ඇත. දැරිය බිහිකළ දරුවා දැක අත්තම්මා (දැරියගේ මව) සිහිසුන්ව ඇද වැටි ඇත.දැරියගේ බාප්පා අතින් අපයෝජනයට ලක් වි ඇති බවත් ඉන්පසු පිරිමින් කිහිප දෙනෙක් සමග ඇසුරු කළ බවත් දැරිය පවසා ඇති අතර සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ එම් ආර් එස් බී කුමාරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=r1406096
ගේ මැද සාලේ නිධන් ගන්න වලක් හාරන්න ගිහින්
සීගිරිය විශේෂ
දඹුල්ල හීන්මොරගොල්ල ප්‍රදේශයේ නිවසක් ඇතුළත නිධානයක් ලබා ගැනීමට බව පවසමින් කැණීම් කැරමින් සිටි සිව් දෙනෙකු දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවෙස් හිමි කාන්තාව සහ තවත් පිරිමි තුන්දෙනෙකු බව පොලිසිය කියයි.දින ගණනාවක් තිස්සේ මෙම නිවසේ කාමරක් තුළ විශාල වලක් හාරා ඇත. පොලිසිය එම ස්ථානය වටලන විටත් අඩි 30කට වඩා ගැඹුරට වල හාරා තිබිණි. නිවස තුළ කාමරය විශාල කැර වෙනමම වහලයක්ද සකසා එහි ඉවත් කරන පස් ගෙවත්තේම දමා තිබිණි..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=s1406091
එංගලන්ත ක්‍රිකට් පිල වසර 7කට පසු ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියකට
ප්‍රින්ස් ගුණසේකර
වසර හතකට පසුව එංගලන්ත ක්‍රිකට් පිල අන්තර්ජාතික එක්දින තරගාවලියක් උදෙසා ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානම් වෙයි. මේ වසරේ නොවැම්බර් මැද භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත ක්‍රිකට් පිල අන්තර්ජාතික එක්දින තරග 7කට සහභාගී වෙයි.මීලඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර එංගලන්තය සහභාගීවන අවසන් එක්දින තරග කිහිපය මෙය වන අතර දිවා-රාත්‍රි ක්‍රිකට් තරග 4ක් ඇතුළත්ය.එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය නොවැම්බර් 26වැනිදා (දිවා-රාත්‍රි) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, දෙවැනි එක්දින තරගය 29වැනිදා එම ක්‍රීඩාංගයේදීම දිවා තරගයක් ලෙස පැවැත්වේ.තුන්වැනි එක්දින තරගය දෙසැම්බර් 3දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රි තරගයක් ලෙසද, සිවුවැනි එක්දින තරගය දෙසැම්බර් 6දා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ. පස්වැනි හා හයවැනි එක්දින තරග දෙක පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙසැම්බර් 10දා දිවා-රාත්‍රි හා දෙසැම්බර් 13වැනිදා දිවා තරගයක් ලෙස එය සංවිධානය කොට තිබේ.හත්වැනි හා අවසන් එක්දින තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රි තරගයක් ලෙස දෙසැම්බර් 16දා පැවැත්වේ.එංගලන්ත ක්‍රිකට් පිල නොවැම්බර් 21දා එස්.එස්.සී පිටියේදී හා නොවැම්බර් 23දා සරා ඕවල් පිටියේදී ශ්‍රී ලංකා 'ඒ' පිල සමග පුහුණු එක්දින තරග දෙකකටද සහභාගී වේ.ශ්‍රී ලංකාවේදී එංගලන්තය සමග අවසන් අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගාවලිය පවත්වා ඇත්තේ වසර 2007 ඔක්තෝබර් මාසයේදී වන අතර එහිදී එංගලන්තය තරග 3-2ක ජයක් හිමිකර ගත්තේය. එහිදී එංගලන්ත පිල පෝල් කොලිංවුඩ් හා ශ්‍රී ලංකා පිල මහේල ජයවර්ධන මෙහෙයවුහ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=s1406092
අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ දී දිනූක ලෝකඩ පදක්කමක් දිනයි
ප්‍රින්ස් ගුණසේකර
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ ඒකළ පිරිමි තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී දිනූක කරුණාරත්න ඉන්දියාවේ ආනන්ද් පවර් හමුවේ පරාජයට පත්වී ලෝකඩ පදක්කමකට හිමිකම් කීය.අවසන් පූර්ව තරග දෙකේදී පරාජිතයන් දෙදෙනාටම ලෝකඩ පදක්කම් හිමිවන බැවින් අනෙක් අවසන් පූර්ව තරගය පරාජය වු ඉන්දියාවේ එ.එස්.සන්‍යාටද ලෝකඩ පදක්කමක් පිරිනැමුණි. මේ තරගාවලියේ පිරිමි ඒකළ ශූරතාව ඉන්දියාවේ ආනන්ද් පවර් පරදා කොරියාවේ හුයින් ඉල් ලී දිනාගත් අතර කාන්තා ඒකළ ශූරතාව සිංගප්පූරුවේ ජියාන් චෙන් පරදා ඉන්දියාවේ පී.සී.තුල්සි දිනාගත්තාය.පිරිමි යුගල ශූරතාව සිංගප්පූරුව සතුවු අතර මිශ්‍ර යුගල ශූරතාව ඉන්දියාව සතුවිය. මේ තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60ක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණද දිනුක කරුණාරත්න අවසන් පූර්ව වටය දක්වා පැමිණි එකම ක්‍රීඩකයා බවට පත්විය.අවසන් තරග ඊයේ පැවැති අතර ඉන්දිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වැඩි ගෞරව අත්කර ගත්හ.දිනුක-ආනන්ද අතර තරගයේදී දෙවැනි වටය ජයගෙන ප්‍රබල පීඩනයක් දිනුකගෙන් එල්ල වුවද 21-12, 15-21 හා 21-11ක් ලෙස ඉන්දියාවට ජය හිමිවිය. දිනුක මේ තරගාවලියේදී ඉන්දියාවේ අභිෂේක් යෙල්ගර්, සමීර් වර්මා හා ආදිත්‍ය ප්‍රකාශ් පරාජය කිරීමට සමත්විය‍.ඔලිම්පික් ක්‍රීඩක නිලුක කරුණාරත්න හා කසුන් මධුසංක තුන්වැනි වටය දක්වා පැමිණ පරාජය පත්වු අතර බුවනෙක ගුණතිලක දෙවැනි වටයෙන් ඉවතට ගියේය.කාන්තා ඒකළ තරගවලදී මධුෂිකා දිල්රුක්ෂි හා තිළිණි ප්‍රමෝදිකා දෙවැනි වටවලදී පරාජයට පත්වුහ. අචිනි රත්නසිරි පළමු වටයේදීම සිංගප්පූරු ක්‍රීඩිකාවට පරාජය වුවාය.පිරිමි යුගල තරගවලට එක්වු සාදීර් මොහොමඩ් හා තිළිණ පියදසුන්, ඉරේෂ් මධුසංඛ හා හර්ෂ පෙරේරා පළමු වටවලදීද, හසිත චානක හා කසුන් මධුසංඛ දෙවැනි වටයේදී ඉවතට ගියහ. කාන්තා යුගල තරගවලට එක්වු සියලු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආරම්භක වටයේදීම පරාජයට පත්වුහ.දිනුෂි ගුණසේකර හා නයනතාරා ජයවීර ඉල්මි වරංගා හා රේණු චන්ද්‍රිකා, සඳුනිකා බින්විල හා පවනි නවෝද්‍ය, බුත්මි අසනි හා හසාරා චතුමිණි, සිතාරා ජිනිතාංජලී හා රුචිනි චතුරිකා, මධුෂිකා දිල්රුක්ෂි හා භාග්‍යා දීමන්ති, ඕෂධී කුරුප්පු හා නදීෂා ගයන්ති, කාවින්ද්‍යා බිනරි හා යස්මිතා දයාරත්න, අචිනි රත්නසිරි හා උපුලි සමන්තිකා, හසිනි නුසාකා හා ගිත්මි අබේරත්න, ළිහිණි රුවන්තිකා හා සචිනි සමරසිංහ එලෙස පළමු වටයේදීම පරාජය වුවෝ වෙති.මිශ්‍ර යුගල තරගවලදී කසුන් මධුසංඛ හා උපුලි සමන්තිකා තෙවැනි වටය දක්වා පැමිණීමට සමත්වුහ. හසිත චානක හා ඕෂධී කුරුප්පු, රොහාන් කුමාර හා දෙවිනි චතුරිකා මූලික වටයේදීම පරාජය වුහ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=s1406093
පාපන්දු මහා මංගල්‍යයට තව දින 3යි
ප්‍රින්ස් ගුණසේකර
ලොව පුරා බිලියන ගණන් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වන ලෝක කුසලාන පාපන්දු සැණකෙළියට ඇත්තේ තවත් දින 3කි. රටවල් 32ක් තරග වදින මේ දැවැන්ත තරගාවලිය 12වැනිදා පස්වරු 5.00ට බ්‍රසීලය හා ක්‍රොඒෂියාව අතර තරගයෙන් බ්‍රසීලයේ සාඕ පාවුළුහිදී ආරම්භ වේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් 13වැනිදා අළුයම 1.30ට වේ.තරගාවලියේ අවසන් මහා තරගය ජුලි 14වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 1.00ට රියෝද ජැනයිරෝ නුවරදී පැවැත්වේ.වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 35ක් (රුපියල් කෝටි 455ක් පමණ) සමග රන් ආලේපිත කුසලානය හිමිවේ. අනුශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 25ක් (රුපියල් කෝටි 325ක් පමණ) ප්‍රදානය කෙරෙන අතර තුන්වැනි ස්ථානයට අමෙරිකානු ඩොලර් මිලියන 22ක් (රුපියල් කෝටි 286ක් පමණ) හා සිවුවැනි ස්ථානයට අමෙරිකානු ඩොලර් මිලියන 20ක් (රුපියල් කෝටි 260ක් පමණ) හිමිවේ.‍ලෝක කුසලාන පාපන්දු තරග ශ්‍රී ලංකා වේලාවෙන් පැවැත‍්වෙන අයුරු මෙසේය. මේ තරග රූපවාහිනියේ චැනල් අයි ඔස්සේ විකාශනය කිරීමට කටයුතු යොදා ඇත..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=s1406094
ඉසිපතනයට දැවැන්ත ජයක්
ෆවුස් මොහොමඩ්
අන්තර් පාසල් අවු.20න් පහළ පළමු කොටසේ අපරාජිතව පෙරමුණේ සිටින ඉසිපතන විදුහල කුසලාන වටයේ ඊයේ හැව්ලොක්ස් පිටියේ පැවැති තරගයෙන් විද්‍යා විද්‍යාලයට එරෙහිව ලකුණු 55-7ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත්විය.තරගයේ පළමු භාගයේ විද්‍යාල විදුහලේ ක්‍රීඩකයන් වෙතින් තරමක අභියෝගයක් ඉසිපතනයට එල්ල වුවද තරගයේ දෙවැනි භාගයේ පාලනය සම්පූර්ණයෙන් සියතට ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත්වුහ.පළමු භාගය නිමාවනවිට ලකුණු 19-7කින් පෙරමුණගත් ඉසිපතනය තරගය නිමාකළේ ගෝල් 5ක් සහ උත්සාහක දිනුම් 4ක් වාර්තා කරමිනි.ඉසිපතන විදුහලේ ඩිලාන් ගාල්ලගේ උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළේය.චතුර දිල්ෂාන් උත්සාහක දිනුම් 5ක් ගෝල බවට පත්කරවීමට සමත්විය. විද්‍යා විදුහලට ලබාගත හැකිවුයේ ගෝලයක් පමණි..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=s1406095
ප්‍රංශ ටෙනිස් කිරුළ ෂරපෝවාට
null
රුමේනියාවේ සිමෝනා හලේප් ලකුණු 6-4, 6-7ක් සහ 6-4කින් පරාජයට පත්කළ රුසියාවේ මරියා ෂරපෝවා ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ අත්කර ගැනීමට සමත්වූවාය. අන්තර්ජාතික ‍ටෙනිස් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩිකාවක වන ෂරපෝවා ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනූ දෙවැනි අවස්ථාව මෙය විය.මීට පෙර ඇය 2012දී ප්‍රංශ ටෙනිස් කිරුළට හිමිකම් කීවාය. පසුගිය වසරේ දී ද මේ තරගාවලියේ අවසන් තරගයට එක්වූ ඇය එහි දී අමෙරිකාවේ සෙරීනා විලියම්ස් හමුවේ පරාජයට පත්ව අනුශූරතාව අත්කර ගත්තාය. 'මම ක්‍රීඩා කළ ඉතා අසීරුම අවසන් තරගය මෙයයි.අවුරුදු 27දී දෙවැනි වරටත් ප්‍රංශ ටෙනිස් කිරුළ දිනාගැනීමට මට අවස්ථාව ලැබේවි කියලා හිතුවේ නෑ.' තරගයෙන් අනතුරුව ෂරපෝවා ප්‍රකාශ කළාය..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=s1406096
14වැනි වරටත් සා.පීතර විදුහල ජය ගනී
ෆවුස් මොහොමඩ්
අන්තර් පාසල් අවුරුදු 20න් පහළ පළමු කොටසේ රගර් තරගාවලියේ කුසලාන වටයේ සිය සම්ප්‍රදායික ප්‍රතිවාදී කණ්ඩායම වන සාන්ත ජෝශප් විදුහල් පිල සමග තරග වැදුණු සාන්ත පීතර විදුහල් පිල ලකුණු 16-11ක ජයක් වාර්තා කිරීමට සමත්විය.බැසිල් වීරතුංග පියනම ශූරතා පළිහ සඳහා දෙපිල අතර වාර්ෂික රගර් තරගය ලෙස 44වැනි වරටත් පැවැති මේ තරගය සාන්ත පීතර විදුහල් පිල නොකඩවා ජයගත් 14වැනි අවස්ථාව මෙයවිය.හැව්ලොක්ස් පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 11-5ක් ලෙස පෙරමුණ ගැනීමට සාන්ත ජෝශප් විදුහල සමත්වූවත් දෙවැනි භාගයේ දී ඉතා විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ සාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ තරගය නිමාවට පත්කළේ උත්සාහක දිනුම් දෙකක් හා දඬුවම් පහර දෙකක් සමගිනි. සාන්ත ජෝශප් විදුහල් පිල රැස් කළේ උත්සාහක දිනුමක් හා දඬුවම් පහර දෙකක් පමණි. මේ අතර රාජකීය විදුහල් පිල හා කිංග්ස්වුඩ් විදුහල් පිල අතර බෝගම්බර පිටියේ පැවැති කුසලාන වටයේ තරගය ලකුණු 19-18කින් ජයගැනීමට කිංග්ස්වුඩ් විදුහල සමත්විය.කුසලාන වටයේ තවත් තරගයකින් ගල්කිස්ස‍ සාන්ත තෝමස් විදුහල ලකුණු 38-10කින් පරාජය කිරීමට ත්‍රිත්ව විදුහල සමත්විය..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=s1406097
කණ්ඩලමේ පිහිනුම් තරගාවලිය හෙට
සීගිරිය විශේෂ
දඹුල්ල කණ්ඩලම ජලාශයේ ප්‍රථම වරට සැතපුම් දෙකේ පිහිනුම් තරගයක් හා ඔරු පැදීමේ තරගයක් හෙට (10) දා පැවැත්වේ. පොලිස් ජීවිතාරක්ෂක සංගමය හා රංගිරි ජලක්‍රීඩා හා ජීවිතාරක්ෂක ආදි ශිෂ්‍ය සංගමය, මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව මේ තරගාවලියන් සංවිධානය කරයි.ජනක බණ්ඩාර තෙන්නකෝන් අභියෝගතා පිහිනුම් තරගය සඳහා ක්‍රීඩකයන් 300කට අධික පිරිසක් සහභාගිවන බව මධ්‍යම පළාත් ක්‍රීඩා ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.තරගාවලියට සමගාමීව කණ්ඩලම වැවේ ජීවිතාරක්ෂක කටයුතු සඳහා ඉදිකළ බැලුම් ජීවිත ආරක්ෂිත කුටිය විවෘත කිරීමද මෙදින සිදු කෙරේ. මේ කුටිය ඉදිකිරීම සඳහා වැයවු රුපියල් ලක්ෂ 15කට වැඩි මුදල ලබාදීමට කණ්ඩලම අමායාලේක් හෝටලය කටයුතු කර ඇත..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=f1406091
වාරි ක්ෂේත්‍රයේ සංවර්ධනය ගොවි ජනයාගෙ ජයග්‍රහණයක්
null
දශක දෙකක් ඉක්මවා ගියද අදත් පළාත්සභා ක්‍රමය ගැන එක් එක් ආකාරයේ අදහස් පළවේ. පළාත් සභා ක්‍රමය නිසා මධ්‍යම ආණ්ඩුව සිදුකරන සංවර්ධන කාර්යයන් වඩාත් හොඳින් ප්‍රාදේශීය තලයට ගෙන යා හැකි බව ඇතමකුගේ අදහසය. මේ ඒ පිළිබඳව හා කාලීන දේශපාලන කරුණු ගැන පළාත් සභා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු හා දකුණේ මහ ඇමැතිවරයා වන ශාන් විජයලාල් ද සිල්වා මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි.මහ ඇමැති ධුරයක් කියන්නෙ කැබිනට් ඇමැති ධුරයකටත් වඩා වැඩි වැඩ ප්‍රමාණයක් ඉටුකළ හැකි ඇමැති ධුරයක්. මා එම ඇමැති ධුරයේ වගකීම ඉතාමත් හොඳින් ඉටුකරනවා.ඒ නිසා තමයි මට යළිත් දකුණේ ජනතාව ඉහළ මට්ටමින් සහයෝගය ලබාදුන්නේ. අපට අවශ්‍ය කර තිබෙන්නේ අන් කිසිවක් නොවෙයි රටට වැඩකළ හැකි මහින්ද චින්තන වැඩපිළි‍වෙළ ජනතාව වෙත වඩාත් ළං කිරීමයි. ඒ කාර්යය අප ඉතාමත් හොඳින් කර තිබෙනවා.රට වෙනුවෙන් තම පළාත වෙනුවෙන් සේවය ඉටු කිරීම තරම් දෙයක් දේශපාලනඥයකුට නැහැ.ආණ්ඩුව ඉතාමත් හොඳින් කෘෂිකර්මාන්තය‍ෙත් ගොවිතටෙත් විශේෂ තැනක් ලබාදී තිබෙනවා. ඒ ගැන අපට වි‍ෙශ්ෂ ඇගැයුමක් තිබෙනවා. බලන්න මේ කාරණය එදා එක්සත් ජාතික පක්ෂය බලය හෙබැවූ කාලයේ දී කෘෂිකර්මාන්තයට, තිබුණේ කුඩම්මාගේ සැලකිල්ලක් බොහෝ වෙලාවට කෘෂිකර්මාන්තය නිකම්ම නිකම් රස්සාවක් නැතිනම් වැඩකට නැති දෙයක් විදිහටයි තිබුණේ. ඒත් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ගොවියාට විශාල සහන ප්‍රමාණයක් ලැබුණා. ගොවියාට හොඳ කලක් උදා වුණා. මේ තත්ත්වය දකුණේ ගොවියාටද ඉතාමත් ඉහළින් ලැබුණා. දකුණු පළාත කියන්නේ කෘෂිකර්මාන්තය මූලික කරගත් ප්‍රදේශයක්. මේ පළාතේ ගොවියාටද අතමිට සරුවුණ අස්වැන්න ඉහළ ගිය යුගයක් බවට මේ කාලය හඳුන්වන්න පුළුවන්.වී ගොවිතැන පමණක් නොවෙයි තේ වගාව, රබර් වගාව හේන් ගොවිතැන් ඇතුළු හැම අංශයකටම හොඳ කලක් උදාකිරීමට මහින්ද චින්තන වැඩපිළි‍වෙළ තුළ වි‍ෙශ්ෂ ඉඩක් ලබා දීලා තිබෙනවා. මේ අස්වැන්නට අද හොඳ මිලක් ලැබී තිබෙනවා. රබර් මිල ඉහළ ගිහින් තිබෙනවා. වී කිලෝවක් සඳහා ඉහළ මිලක් ලැබී තිබෙනවා. ගොවිතැන, රබර්, තේ. වගා ඉහළ වටිනාකමක් සහිත යැපුම් මාර්ග බවට පත්වෙලා තිබෙන්නේ මේ නිසයි.ඇත්තෙන්ම කෘෂිකර්මාන්තයට ගෞරවනිය තත්ත්වයක් ලබා දුන්නේ මේ ආණ්ඩුව විසිනුයි. මධ්‍යම ආණ්ඩුවේ මඟ පෙන්වීම තුළ අපත් පළාත් සභාවක් විදිහට ඉදිරියට ගමන් කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.දකුණු පළාත තුළ වාරිමාර්ග අවශ්‍යතා වලින් විශාලම ප්‍රමාණයක් තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයටයි. හම්බන්තොටට අවශ්‍ය ජලපහසුකම් වාරියෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී මෙම ප්‍රදේශවල වාරිමාර්ග පහසුකම් ඉහළ දැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.දකුණු පළාත් සභාවේ පමණක් නොවෙයි මුළු රටේම වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කර අලුතින් ජලාශ ඇතිකර වාරිමාර්ග ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කිරීමට ආණ්ඩුවට පුළුන්කම ලැබුණා. මෙය ගොවියා ලැබූ ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.මෑත කාලයේදී ගොවිතැන කෘෂිකර්මය ඉදිරියට පැමිණීමට මූලික වූ කරුණක් විදිහට මේ වාරිමාර්ග සංවර්ධනය හැදින්විය හැකියි. මේ ක්ෂේත්‍රය වෙත ‍ ඉහළම අවධානය යොමුකළ පාලන අවධිය මහින්ද රාජපක්ෂ මහතා ගේ පාලන යුගයයි.ගම්මට්ටමට විශාලම සේවයක් ඉටුකළ ආණ්ඩුවක් විදිහට වාරිමාර්ග කෘෂිකාර්මික ඇතුළු හැම අංශයකටම මේ ආණ්ඩුව ඉටුකළ කාර්යභාරය අපමණයි.කවුද මැතිවරණයක් ජයගැනීම ආණ්ඩුවට අභියෝගයක් කියලා කියන්නේ. පසුගිය අවුරුදු දහය ඇතුළත තිබූ සියලු මැතිවරණවලින් ජයග්‍රහණය කිරීමට පමණක් නොවෙයි ආණ්ඩුවේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමටත් පුළුවන්කම ලැබී තිබෙනවා. මේ ස්ථාවරත්වය දීර්ඝ කාලීනව ආරක්ෂා වෙන දෙයක් විදිහට හඳුන්වාදීමට පුළුවන්.ජනාධිපතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවේ ස්ථාවරත්වය තවදුරටත් ඉහළ යන එක ස්ථිරයි. ජනාධිපතිතුමාගේ දේශපාලන ප්‍රතිරූපයට අභියෝගයක් එල්ල කළ හැකි කිසිවකු විපක්ෂ දේශපාලන වේදිකාව තුළ දක්නට නැහැ. ඒ නිසා ජනාධිපතිවරණයකදී වුණත් අපට පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට පුළුවන්. මහ මැතිවරණයකදී වුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට සුවිශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියි. පුළුල් සැලැසුමක් හෝ විධිමත් වැඩපිළිවෙළක් නොමැති විපක්ෂයකට ජයග්‍රහණය ලැබීම කියන්නේ සිහිනයක් පමණයි. අද විපක්ෂයේ අය සිහින දකිනවා ඇති. ඒත් ඔවුන්ට ඒ අරමුණු සැබෑ කර ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.තවත් අවස්ථාවක විපක්ෂය උත්සාහ කරනවා පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට. ඒත් ඔවුන්ගේ මේ උත්සාහයත් ඉටු කර ගැනීමට පුළුවන්කමක් නැති බව ස්ථිරයි.සමහරු පසුගිය පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සලකා බලමින් එක් එක් අර්ථකථන ලබාදීමට උත්සාහ කරනවා. මගේ අදහස අනුව නම් 2009 මැතිවරණ ප්‍රතිඵලය හා 2014 මැතිවරණ ප්‍රතිඵලය සසඳන්න බැහැ. එහෙම සසඳනවානම් ඒක කිසිසේත්ම සාධාරණ නැහැ.පළාත් සභා ක්‍රමය කියන්නේ ජනතාවට ළංවිය හැකි හා ළංව වැඩකළ හැකි ආයතනයක්. අපට අවුරුදු ගණනාවක පළපුරුද්ද මඟින් මෙය වටහා ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා. ඇතැමුන්ට පළාත් සභා ක්‍රමය ගැන එහි ක්‍රියාකාරීත්වය ගැන විවිධාකාර පරස්පර අදහස් පළකරන්න පුළුවන්. පළාත් සභා සුදු අලියෙක් යැයි කියන්න පුළුවන්.ඒත් අවුරුදු විස්සකට කිට්ටු කාලයක් පළාත් සභාව නියෝජනය කළ දේශපාලනඥයකු විදිහට පළාත් සභාව හරහා විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බව තහවුරු කරන්න පුළුවන්.බලය ජනතාව වෙත ළං කිරීමේ කාර්යයේදීත් පළාත් සභාවට විශාල කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. එදා කොළඹට විත් කළ යුතුව තිබූ බොහෝ කාර්යයන් අද තමන්ගේ පළාතේදීම ඉටුකර ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා. මෙය තමයි පළාත් සභා ක්‍රමයේ ඇති ‍හොඳම අංගය ලෙස මා දකින්නේ..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=f1406092
ඌවේ දාහය නිවන ගං කොමළිය උමා
බුද්ධිකා බ්‍රාහ්මණගේ
ඕ විටක දඟකාරී ය, කෙළි ලොල් ය, බිහිසුණුය, රළු ය, මහා ගල්පර බාධක බිඳ දමමින් ඉදිරියටම ඇදෙයි. පිදුරුතලාගල කන්දේ නුවරඑළිය, බදුල්ල ප්‍රදේශයේ උල්පත් අතරින් උපන් ඇගේ ගමන අවසන් වන්නේ රන්ටැඹේ ජලාශයේ දී ය. ඒ මහවැලි ගඟ හා එක් වීමෙනි. මේ සොඳුරු රුවැත්තිය කා අතරත් ප්‍රචලිතව ඇත්තේ උමා ඔය ලෙසිනි.උස් කඳුකරයේ සිට ඇරැඹි වර්ග කි.මී. 720 ක් පමණ දුර ගෙවා පැමිණෙන වේගවත් ගමනේ විඩා නිවන්න විරාමයක් ලබන්නට ඇයට දැන් අවකාශ සැකසෙමින් තිබේ.ඒ දල්ගොල්ල ඔය හරහා වේල්ලක් බැඳ පුහුල්පොල දී ජලාශයක් ඉදි කර මහතොටිල්ල ඔය හරහා ඩයරබාහිදී වේලි බැඳ ජලාශ දෙකක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති හෙයිනි.වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන මෙම උමා ඔය ව්‍යාපෘතිය ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයටත්, දකුණේ හම්බන්තොටටත් ජලය ලබාදීමට සැලසුම් කර ඇති ප්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක්‍රමයකි.ස්වභාවික පිහිටීමට අනුව රට අභ්‍යන්තරයේ ඍජුකෝණික ව පිහිටා ඇති මධ්‍යම කඳුකරය හේතුවෙන් මෝසම් වැසි වැසීමේ දී රටේ ප්‍රදේශ කීපයකට වැසි නොලැබී යයි. විශේෂයෙන් ම රටේ උතුරු මැද ප්‍රදේශය මෙන්ම ගිනිකොන ප්‍රදේශයට වාර්ෂිකව වැස්ස ලැබෙන්නේ මාස තුනකට පමණි. මේ වැසි ලැබීම සීමා වන්නේ බාධක කඳු පංතිය හේතුවෙනි.මේ නිසා උතුරු මැද මෙන්ම රටේ ගිනිකොන ප්‍රදේශයට වසරේ මාස 8ක කාලයක් වර්ෂාව නොමැති වීමෙන් දිගු නියං කාලයට මුහුණ දෙයි. වසර දහස් ගණනක සිටම මහා වැව් බැඳ ජලය එක් රැස් කර තබා ඇළ මාර්ගයෙන් ජලය තැනින් තැනට ගෙන යන මහා වාරි සංස්කෘතියක් අප රටෙහි ඇති වන්නේ මේ ස්වභාවික සංසිද්ධිය හේතුවෙනි.උතුරු මැද පළාතේ අනුරාධපුරය හා පොලොන්නරුව රාජධානි පැවතීමත් රාජ අනුග්‍රහයත් හේතුවෙන් දියුණු වාරි සංස්කෘතින් ගොඩ නැගුණ ද රටේ ගිනිකොන ප්‍රදේශය සංවර්ධනය වූයේ ඉතා සෙමිනි. මේ අතරින් ඌව වෙල්ලස්ස ප්‍රදේශය ඉතා දියුණු වාරි සංස්කෘතියක් ගොඩ නැගී පැවතිය ද 1818 කැරැල්ලට අනතුරුව ඉංග්‍රීසීන් විසින් එහි වැව් අමුණු සියල්ල විනාශ කිරීම හේතුවෙන් එම ප්‍රදේශ කාන්තාර බවට පත් විය.උමා ඔය හරවා වේලි බැඳ මහා ජලාශයක් ඉදි කර ජලය ලබා දීම ට අදහස් කරන්නේ මෙසේ යුග ගණනක් පුරා ජල හිඟයෙන් පීඩා විඳින දිවයිනේ ගිනිකොන දිග දකුණු ප්‍රදේ්ශයේ මොනරාගල මෙන් ම හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවලට ය.2010 මාර්තු 15 දින ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 612 කි. ඉන් රුපියයල් මිලියන 450 ක් ණය ආධාර ලෙස ලබා දෙන්නේ ඉරාන රජය යි. ඉරාන ඉන්ජිනේරුවන් මෙන්ම ලාංකික ඉංජිනේරුවන් එකතුව ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.දිළිඳුකමේ පහළම අඩියේ පවතින ප්‍රදේශයක් ලෙස මොනරාගල දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැකිය. මේ ප්‍රදේශයේ අධ්‍යාපන මට්ටම ද කාලයක් පුරා පැවතියේ ඉතා පහළ මට්ටමකිනි. විදෙස් රැකියා නියුතු කාන්තාවන් ගේ ප්‍රතිශතය ද වැඩි මට්ටමක පවතින්නේ මේ ප්‍රදේශවලය. එවන් ප්‍රදේශයකට බහු කාර්ය ජල යෝජනා ක්‍රමයක් පැමිණීමෙන් ජන ජීවිතය ඉහළට ඔසවා තැබිය හැකිය.මෙම ව්‍යාපෘතියට අනුව පුහුල්පොල ජලාශයේ රැස් වන ජලය මීටර් 3975 ක් දිග භූගත උමඟක් දිගේ ගෙන ගොස් ඩයරබා ජලාශයට ගෙන යනු ලැබේ. පුහුල්පොල ජලාශයේ ජල ධාරිතාව ඝ. මී. 1,104,873 ක් ලෙසත් සක්‍රීය ධාරිතාව ඝ.මී. 250,000 ක් ලෙසත් ගණන් බලා තිබේ. දෙවැනි ජලාශය වන ඩයරබා ජලාශයේ ධාරිතාව ඝ.මී 1,370,505 ක් ලෙස ගණන් බලා ඇත. පුහුල්පොල ජලාශයේ සිට ඩයරබා ජලාශයට භූගත උමඟක් දිගේ ගෙන යන ජලය ඩයරබා ජලාශයට ලබා දෙයි. අනතුරුව වැල්ලවාය ප්‍රදේශයට ජලය ලබා දීමට සැලසුම් කර ඇත්තේ වැල්ලවායේ රක්තිතා කන්දෙහි කුලල්ගල නම් ස්ථානයේ සිට කි.මී. 15 1/2 පමණ කන්ද පසාරු කර ඉදිකරන දිගු උමඟක් හරහා ය. මෙය ලංකාවේ දිය ගෙන යන දිග ම උමං මග සේම කිලෝ මීටර් 15 දිග තනි කළු ගල පසාරු කර උමඟක් තැනෙන ප්‍රථම අවස්ථාව ද වේ.උමග තැනීමේ කටයුතු මෙන්ම වේලි ඉදිකිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර උමඟ හෑරීම සඳහා ජර්මනියේ නිෂ්පාදිත යන්ත්‍රය මුල් වරට ලංකාවේ භාවිත කරනු ලබයි.මෙම උමඟ තුළින් ගෙන යන ජලය යොමු කිරීමට නියමිත වන්නේ විදුලි බලාගාරය වෙත ය. විදුලි බලාගාරය ඉදි කෙරෙන්නේ භූ®ගතව ය. දිගින් මීටර් 70 ක් පලළින් මීටර් 18 ක් සහ උසින් මීටර් 35 ක් වන සේ කළුගල හාරා විදුලි බලාගාරය ඉදිකරන්නේ ඒ තුළ ඉදි කෙරන කුටියක ය.විදුලි බලාගාරයට පිවිසීම සඳහා කිලෝ මීටර් දෙකක පමණ දුර භූගත උමං මාර්ගයක් වැල්ලවායේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉපන් ආරාව නැමති ප්‍රදේශයේ සිට ඉදිකිරීම දැනටමත් ආරම්භ කර තිබේ.මෙම විදුලි බලාගාරයෙන් නිෂ්පාදනය ට අපේක්‍ෂා කරන විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි. බලාගාරයෙන් වාර්ෂික අපේක්‍ෂිත විදුලිබල ජනනය ඒකක මිලියන 250 කි. මෙම විදුලිය අඩු යටිතල පහසුකම් ඇති ප්‍රදේශ කරා ලබා දීමට සැලසුම් කර තිබේ. කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන, පොල්කටු ස්ත්‍රික්කයෙන් රෙදි මදින, ග්‍රාමීය ප්‍රදේශ කොතෙකුත් මෙම ප්‍රදේශවල තවමත් පවතී. එබඳු ගෘහ විදුලි අවශ්‍යතා මෙන්ම ප්‍රදේශයේ ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන නව කර්මාන්ත සඳහා ද විදුලිය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී තිබේ. මීට අමතරව හම්බන්තොට වරායේත්, ගුවන් තොටුපොළේ අවශ්‍යතා සඳහා විදුලිය මෙමගින් ලබා දීමට අපේක්‍ෂා කෙරේ.විදුලි බලාගාරයට ලබා දෙන ජලය නැවත කි.මී. 3ක් දිගැති උමඟක් දිගේ කිරිඳී ඔයේ ශාඛාවක් වන අලිකොට ආරට මුදා හැරේ. ප්‍රදේශයේ ජල අවශ්‍යතා ඉටු කිරීම සඳහා අලිකොට ආර හා කුඩා ඔය නමින් ජලාශ දෙකක් ඉදි කිරීමට නියමිත ය. මෙමඟින් පුරන් කුඹුරු අස්වැද්දීම මෙන්ම, අලුතින් ඉදි වන ඇළ මාර්ග ඔස්සේ සංවර්ධනය නොවූ විශාල ප්‍රදේශයකට ජලය ලබා දී අලුතින් කෙත් බිම් ඉදි කිරීමට අපේක්‍ෂා කරයි.මෙම බහුකාර්ය යෝජනාවලිය සාර්ථක වීමෙන් මෙතෙක් කලක් අඳුරු අගාධයක ගැලී සිටි රටේ සුවිශාල ප්‍රදේශයකට සංවර්ධනයේ හිරු උදා වන බව නියත ය. .
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=f1406093
ඩාබි
ඩී. එෆ්. කාරියකරවන
ඩාබි යනු එංගලන්තයේ මහ තුරුඟ තරග පිටි දෙකෙන් එකකි. අනෙක එස්කොට් ය. මේවා බොහෝ සෙයින් හැඳින්වෙන්නේ රෝයල් ඩාබි හා රෝයල් එස්කොට් යනුවෙනි.එංගලන්තයේ මහ රජු හෝ මහරැජන තුරඟ තරගවලට සහභාගි වන්නේ මේ දෙපළෙහි වාර්ෂික උත්සවවලදී ය.රේස් ක්‍රීඩාව රජුන්ගේ සූදුව නම් වූයේ මේ රාජකීය සහභාගීත්වය නිසා ය.මට මේ දෙපොළේම වාර්ෂික උත්සවවලට සහභාගි වන්නට ලැබී ඇත. එහෙත් රැජන දැක ගන්නට ලැබුණේ අවුරුදු ගණනාවකට පෙර එස්කොට් පිටියේ ය.ලන්ඩනයෙහි මගේ අඹ යහළු දෙන්නෙක් වූහ. ඒ එක් කෙනෙක් ලන්ඩන් ඩේලි මිරර් පත්‍රයේ මාධ්‍යවේදියකු වූ අයිවන් රත්නායක ය.අනෙක් තැනැත්තා කාලයක් ලේක්හවුසියේ සේවය කැර ලන්ඩනයට ගොස් එහි රටවැසිකම ලැබූ එම්.සී.පෙරේරා ය.මා ලන්ඩන් යන්නට පුරුදුව හුන් වකවානුවේ මාරුවෙන් මාරුවට නැවතුණේ මේ දෙන්නාගේ නිවාස දෙකේ ය.මට ඩාබි-එස්කොට් තුරඟ තරග නැරඹීමේ අවස්ථාව ලබා දෙන ලද්දේ ඒ දෙන්නා විසින්.ඩාබි -එස්කොට් තුරඟ තරග පිටිවලට මහරැජන සහභාගි වන දිනයන්හි ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් මණ්ඩප ප්‍රවේශපත්‍ර ලබාගැනීම හැමට ම කරනු හැකි දෙයක් නො වේ.මාධ්‍යවේදීන්ට නම් විශේෂ පහසුකමක් ඇත. එහෙත් මාස තුනකට කලින්වත් ආසන වෙන් කරවා ගත යුතුය.මෙයින් දසවසකට පමණ පෙර මා එස්කොට් පිටියට ගියේ අයිවන් හා එම් සී මටත් සමඟ තුන් මසකට කලින් වෙන් කරවා ගෙන තුබුණු ප්‍රවේශ පත්‍ර වලිනි.එදා එලිසබෙත් මහ රැජන ඇස්කොට් පිටියේ ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් මණ්ඩපයේ අසුන් ගෙන හුන්නී අපට අඩි පහළොවකට විස්සකට පමණ ඈතිනි. එතුමිය අනෙක් අය හා සමඟ කතාබස් කරමින් හැසුරුණේ රාජ තේජස් ඇතිව නොවේ.ජොකියකු ඇවිත් එතුමිය ඉදිරිපිට එකත්පස් හිටගෙන බොහෝවේලා කතාබස් කරන විට අයිවන් මට කීවේ “ඔහු තමා අද රැජනගේ අසු පිට නඟින ජොකියා” කියා ය. ලෙස්ටර් පිගොට් නම් වූ ලෝ පසිඳු ජොකියා ඔහු ය.“රැජනගේ අශ්වයා දිනන බවට අපිත් ඔට්ටුවක් දමමු දැ? යි මා ඇසූ විට එම් සී මගෙන් ඇසුවේ ඒ අශ්වයා රැජනගේ නිසා ඌට දිනන්ට අනෙක් අය ඉඩ දෙනවාය කියලද ඔබට සිතෙන්නේ?” කියා ය.“එහෙම වෙන්නෙ නැද්දැ?” යි මා ඇසූවිට අයිවන් - එම්.සී. දෙන්නාම කීවේ “ඒවා මෙහෙ නෑ” කියා ය.තුරඟ තරගය ඇරැඹිණි. මුල හරියේදී ඉදිරියෙන් ම දුවන්නට වූයේ රැජන ගේ අශ්වයා ය.මහ රැජනත් අනෙක් අය හා සමඟ ප්‍රීතියෙන් අත්පොළසන් දෙන්නට වූවා ය. සමහරු නම් නා නා ආකාර දේ කියමින් ප්‍රීති ඝෝෂා කරන්නට වූහ.තරගය අවසන් වූයේ මහ රැජනගේ අශ්වයා දෙවැනි වීමෙනි.මා විමසිල්ලෙන් බලා හුන්නේ මහරැජනගේ මුහුණ දෙස ය. එහෙත් එතුමිය දුක් වන පාටක් නම් නොපෙනිණි..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=f1406094
ඉලෙක්ට්‍රොනික් කුණු කන්දකට යට වී මැරෙමුද
null
මානව ශිෂ්ටාචාරයේ විවිධ යුග පසුකරමින් පැමිණි මානවයාගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත්වූයේ තාක්ෂණිකමය පුනර්ජීවයයි. එය මිනිසා අත්පත් කරගත් ජයග්‍රහණයක් ලෙස උදම්වනන්නා වූ යුගයක එහි අහිතකර ඵලවිපාක පිළිබ‍ඳ සිහිපත් කිරීම අප ලත් අභාග්‍යයකි. එය එසේ වූ නමුදු ප්‍රජාව ආරක්ෂාව හා සුබසිද්ධිය තකා මේ පිළිබඳ මුළු මහත් ප්‍රජාවගේම දැනුවත්භාවය අවධි කළ යුතු කාලය අද එලැඔ ඇත. එය වචනාර්ථයෙන් ගත් කළ “ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමණාකරණය” නම් වූ සංකල්පයයි. මෙය ඇසු පමණින් සිතට සහනය සතුට සලසන්නා වූ සංකල්පයක් හෝ හුදු වචනයක් පමණක්ම හෝ නොවේ.අර්ථානුකූලව විමසා බලන කළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙසින් හදුන්වන්නේ කැඩී බිදී ගිය භාවිතයෙන් පසු ඉවත ලද විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික මෙවලම් වේ. ඉතා සරලව පැවසුවහොත් ඔබගේත් මගේත් සියලු කාර්යයන් පහසුවෙන් පහසුවට පත් කරන්නා වූ රූපවාහිනී,පරිගණක,ශීතකරණ,ජංගම දුරකතන ඇතුළු මුළු මහත් විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ සමුදායයි. මේවා මානව සමාජයට මෙන්ම පාරිසරික වශයෙන් හානිකර අපද්‍රව්‍යයන් ලෙස හදුන්වන්නේ ඒවා බැහැර කිරීමෙන් පසු දිරා නොයන විෂ සහිත අහිතකර ද්‍රව්‍යයන් පරිසරයට මුදාහැරෙන නිසාවෙනි.වර්තමානයේ සමස්ත ලෝකයේම දිනකට බැහැර කරන අනෙකුත් අපද්‍රව්‍යයන්ට සාපේක්ෂව මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයන් තුන් හතර ගුණයක් ගන්නා බව ප්‍රකාශ කරනුයේ ආඩම්බර හැගීමකින් හෝ නොව අති විශාල අනතුරක් ඔබගේත් මාගේත් ජීවිතාසන්නයේ ඇති බවට අනතුරු අඟවමිනි. ඒ අනුව ලෝකයේ වාර්ෂිකව ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 50 ඉක්මවයි. ලෝකයේ තත්ත්වය මෙසේ වුවද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද ඊට දෙවැනි නොවේ.විවෘත ආර්ථිකයේ ආගමනයත් සමඟ බටහිර ගැති සමාජ දිවිපෙවෙතක් සරල සිංහල සමාජය වෙත ආරෝපණය කර ගැනීමේ අවසන් ප්‍රතිඵලය වූයේ අප රට ද මෙම ව්‍යසනයේ ගොදුරක් බවට පත් වීමයි. එබැවින් වර්තමානයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැරකරණය වඩාත් කතිකාවතකට ලක්විය යුතු කාරණාවක් බවට පත් කළ යුතු කාලය එළැඹ ඇත.සරල කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කළ ලාංකේය සමාජය වෙත නව තාක්ෂණික මෙවලම් විසරණය වීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ආර්ථිකයේ වර්ධනයත් සමඟ ජීවන තත්ත්වය ඉහළ යාමත් සමඟ ලාංකික සමාජය ශීඝ්‍ර තාක්ෂණික වෙනස්වීමකට ලක් වීමයි. වර්තමානයේ ලොව අන් රටවල් මෙම ව්‍යසනයෙන් ගැලවීම උදෙසා කඩිනමින් ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කරන්නා වූ වකවානුවක ඔවුන් එම සැලසුම් වඩාත් සාර්ථක කරගැනීමට උත්සාහ ගන්නේ එම රටවල නිසි ආයුකාලය අවසන් කළ තාක්ෂණික උපකරණ හා ඉලෙක්ට්‍රොනික මෙවලම් ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවලට ආනයනය කිරීම මගිනි.ලාංකිකයින් වන අප අන් රටවලින් ඉවත් කළ මෙම කසල මහ ඉහළින් පිළිගනුයේ අතිමහත් සම්පත් සමුදායක් වශයෙනි. නමුත් සිදුව ඇත්තේ අන් රටවල් දියත් කරණු ලබන උපායමාර්ග හමුවේ අප නොදැනුවත්වම මෙම ව්‍යසනයේ ගොදුරක් බවට පත් වීමය. ඒ නිසා මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයන් බැහැරකරණය පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනැගිය යුතු කාලය එළැබ ඇති බව ඔබ සැවොම පිළිගන්නවා නොඅනුමානය.ශ්‍රී ලංකාවේ මෙම ගැටලුවේ ස්වභාවය විමසා බැලීමේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයන් මෙට්‍රික් ටොන් 60ක් 65ක් අතර ප්‍රමාණයක් වසරකට පරිසරයට මුදාහැරෙන බවට අනාවරණය කරගෙන ඇත. මෙම අපද්‍රව්‍ය පාලනයකින් තොරව පුලුස්සා දැමීම, වෙනත් අවශ්‍යතා සඳහා එම උපකරණයන්ගේ කොටස් ඉවත් කිරීම, පහත්බිම් ගොඩ කිරීම සඳහා යොදා ගැනීම වැනි අක්‍රමවත් බැහැර කිරීම් හා භාවිතයන්ගේ අවසන් ප්‍රතිඵලය වන්නේ මානව හා ජෛවීය පරිසරයේ විනාශය දිනෙන් දිනම ළංවීමයි. මෙම තත්ත්වය අප අතර වඩාත් බහුලව භාවිත වන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් ඇසුරින් විමසා බැලීම වැදගත්ය.විශේෂයෙන්ම පරිගණකය හා රූපවාහිනිය යනු අප කාහටත් වඩාත් සමීපතම වූ මෙවලම් වේ. නමුත් පරිගණකයක ආයු කාලය වන්නේ වසර හතක් පමණි. අන් රටවල් නිසි ආයු කාලයෙන් පසුව පරිගණක අනෙකුත් රටවලට ආනයනය කිරීමට පෙළඹී ඇත. එවැනි විද්‍යූත් උපකරණ නැවත භාවිතයට ගත හැකිවන්නේ ඉතා සීමිත කාලයක් පමණි. ආයු කාලය අවසන් වූ විට නිසි ප්‍රමිතියකින් තොරව අවට පරිසරයට මුදා හැරීමේදී මෙම උපකරණයන්ගෙන් මනුෂ්‍ය ශරීරයට මෙන්ම ස්වාභාවික පරිසරයට ද ඉතා අහිතකර බැර ලෝහ වායු ගෝලයට මුදා හැරීම සිදුවේ. අනෙකුත් විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණයන්ගේ තත්ත්වයද මේ අයුරුමය.වර්තමානයේ වඩාත් අවධානයට ලක්ව ඇති ජංගම දුරකතන මෙම ගැටලුවේ තවත් කරදරකාරී මෙවලමක් ලෙස හදුන්වාදීම උචිතය. ලංකාව ඇසුරින් විමසා බැලීමේදී ජංගම දුරකතනයක් භාවිත නොකරන්නකු සෙවීම කළුනික සෙවීමක් හා සමානය. රසායනික ද්‍රව්‍යයන්ගෙන් හා දිරාපත් නොවන ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය වී ඇති මෙම දුරකතන හරහා සිදුවන ව්‍යසනය සුළුපටු නොවේ. මේ හරහා එකතු වන රසායන ද්‍රව්‍ය ප්‍රමාණය අති විශාලය. වර්තමානයේ ඉතා අඩු මිල ගණන් යටතේ ආනයනය කරනු ලබන ඇතැම් ජංගම දුරකතන මගින් ඇති කරනු ලබන පාරිසරිකමය බලපෑම පිළිබඳ මහජනතාව තුළ ඇති දැනුවත්භාවය ඉතා සීමිතය.ඉතා අඩු ප්‍රමිතියක් යටතේ නිෂ්පාදනය කරමින් ආනයනය කරනු ලබන මෙවැනි නිෂ්පාදන මගින් එක් අතකින් ශාරීරිකමය වශයෙන් බොහෝ අතුරු ඵලවිපාක අති කරන ආකාරය වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් අනාවරණය කරගත් කරුණකි. එමෙන්ම එහි අඩු ප්‍රමිති තත්වය නිසාවෙන්ම පාරිසරික වශයෙන් වන හානියද අතිවිශාල වන්නේමය. තවද සී.එෆ්.එල් බල්බ පරිසරයට රසදිය මුදාහරින ප්‍රධානතම මූලාශ්‍රයක් බව නොදන්නවා විය හැකිය. මෙමගින් සලසන්නාවූ වාසිදායක තත්වයන් පිළිබඳ පමණක් සිතා පාරිසරික ව්‍යසනයට දායකවීම අනුවණ ක්‍රියාවකි.සමස්තයක් වශයෙන් මෙම සියලු විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයන් අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් ඇති වන බලපෑම පිළිබඳ සඳහන් කිරීම අත්‍යවශ්‍යම කරුණකි. මෙම අපද්‍රව්‍යයන් අවිධිමත්ම බැහැර කිරීමෙන් පරිසරයට මුදා හැරෙන තඹ,යකඩ,ඊයම් මෙන්ම ලෙඩ්,කැඩිමියම්, බෙරලියම් වැනි බැරලෝහ වර්ග මගින් අප සියල්ලන්ගේම ආයු කාලය අඩු කරන අතරම දරුණු හදවත් රෝග,පිළිකා තත්ත්වයන්,ස්නායු ආබාධ, වකුගඩු හා ආමාෂගත රෝග මෙන්ම ජාන විකෘතිතා ඇති කිරීම නොවැළැක්විය හැකි වන්නේය. එමෙන්ම මේවා පසට එක් වීමේන් පස නිසරු වීමටත් ජල දූෂණයටත් හේතු වේ.මේ අකාරයෙන් පාරිසරිකමය හා සාමාජීය වශයෙන් මෙන්ම කායිකමය වශයෙන් අතිවිශාල ව්‍යසනයකට මං විවර කරන්නා වූ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැරණය විධිමත් කිරීමට සුදුසු කාලය දැන් එලැඹ ඇත. එබැවින් ඔබගේ කාර්යයන් පහසු කර ගැනීම උදෙසා විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංගයන් ඒකරාශී කරගැනීමේදීත් ඒවා බැහැර කිරීමේ දී දෙවරක් සිතිය යුතු බව අමතක නොකළ යුතු වන්නේ එය අපගේ පරිසරයේ සුරක්ෂිතතාවයත් අපගේ ජීවිතයේ සුරක්ෂිතතාවයත් උදෙසා බලපෑම් කරන නිසාවෙන්මය.මෙහිදී වර්තමානයේ ලංකාවේ ක්‍රියාවට නැංවෙන්නා වූ පිළිසරු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන අගය කළ යුතුමය. එහෙත් එය ක්‍රමවත්ව සිදුකිරීම උදෙසා මුළු මහත් ප්‍රජාවගේම සහය අත්‍යවශ්‍ය වන්නේය. කෙසේ වෙතත් නුදුරු අනාගතයේ අති විශාල ගැටලු සමුදායක් ඇති කිරීමට රුකුල් දෙන්නා වූ මෙවැනි සාමාජීය අවශ්‍යතාවන් පිළිබඳ කාලෝචිත සංවාදයන් හෝ කතිකාවත් අප සමාජයේ විද්වතුන් ඇසුරෙන් පැනනොනැඟීම කනගාටුවට කරුණකි..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=f1406095
විරෝධතා, උද්ඝෝෂණ යට තිබෙන දේශපාලන බංකොලොත්භාවය
ජනතා මිත්‍ර
ජනතා ඡන්දයකින් වත්මන් සන්ධාන ආණ්ඩුව පෙරළීමට නොහැකි බව හොඳීන් දන්නා වර්තමාන විරුද්ධ පක්‍ෂයට අවශ්‍ය වී ඇත්තේ කෙසේ මීළඟ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර රට තුළ යම් අරාජික තත්ත්වයක් ඇති කිරීමට යි.ඒ සඳහා ජිනීවා මෙහෙයුම දෙමළ ඩයස්පෝරාවේ සහය ඇතිව ජාත්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන අතර ඊට සමගාමීව රට තුළ ද යම් විරෝධයක් මතු කිරීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ හා පිරිස් පෙළ ගැසී සිටිති.වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩනැගීමට අපොහොසත් බැවින් ඒ සඳහා දේශීයව හා ජාත්‍යන්තරව යම් යම් උපක්‍රම සෙවීම බෙදුම්වාදයට කඩේ යන ආණ්ඩු විරෝධීන්ට අවශ්‍යව තිබේ.මැද පෙරදිග රෝස වසන්තය නමින් හැඳින්වෙන විවිධ වසන්ත එක් එක් රටවල් අස්ථාවර කිරීම සඳහා පසුගිය කාලය තුළ යොදාගත් අතර මෙහිදී මූලිකව ක්‍රියා කළේ ඇමෙරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ය.ලිබියාවේ, ඊජිප්තුවේ, සිරියාවේ මෙම රෝස වසන්තය ඇතිකොට එම රටවල් අස්ථාවර කර එමගින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇමෙරිකාව උපක්‍රමශීලීව ක්‍රියා කළ බව නොරහසකි. ඒ සඳහා එම රටවල විරුද්ධ පක්‍ෂ හා විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් බිලිබා ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණ. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිටි ගණන් වැය කිරීමට ද පසුබට නොවුණි.ලිබියාවේ ගඩාෆි මරා දැමීම සාධාරණීකරණය කරමින් ඉරාකයේ සදාම් හුසේන් එල්ලා මරා දැමීම සාධාරණ යැයි කියමින් ක්‍රියාත්මක වූයේ මෙම රෝස වසන්තයේ අදියර කිහිපයක් ය. දැනට ඊජිප්තුවේ සිදු කරමින් තිබෙන්නේ, සිරියාවේ සිදු වෙමින් තිබෙන්නේ මෙම සිද්ධීම ය.මැද පෙරදිග රෝස වසන්තය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඇතැම් බටහිර රටවල් දෙමළ ඩයස්පෝරාව, කොටි හිතවාදීන්, බෙදුම්වාදී බලවේග කෙතරම් උත්සාහ දැරුවත් තවමත් එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ඊට බලපාන හේතු සාධක කවරේ ද?ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය අස්ථාවර කිරීමට මෙරට අති බහුතරයක් පොදු මහ ජනතාවට අවශ්‍ය නැත. එය පසුගිය කාලවල පැවති සෑම මැතිවරණයකින්ම මනාව ඔප්පු විය. වසර 30කට අධික කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව තරම් බැට කෑ වෙන රටක් ලෝකයේ නැති තරම් ය. විශේෂයෙන්ම ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසින් සැලකෙන කොටි සංවිධානය සිදුකරන ලද විනාශකාරී ක්‍රියා හේතුවෙන් මානව සම්පත් මෙන්ම භෞතික සම්පත්වලට ද දැඩි ලෙස හානි සිදු විය. මෙමගින් ආර්ථිකයට සිදු වූ පාඩුව සුළු පටු නොවන අතර රටේ ආර්ථිකයට ද වසර 30 කට අධික කාලයක් ආපස්සට යාමට සිදු විය. එවැනි රටක් යළි ගොඩනැගෙනතුරු ජනතාව බලා සිටියේ ඇඟිලි ගනිමිණි.ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආර්ථිකය නංවාලීමේ යුද්ධය ජය ගැනීම සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්ම රට පුරා ක්‍රියාත්මක වේ. යම් යම් අඩුපාඩු තිබුණ ද සමස්තයක් ලෙස ආර්ථික අංශයෙන් රට විශාල වශයෙන් සංවර්ධනය වී ඇති ආකාරය ඉතා හොඳින් පෙනේ. එවැනි තත්ත්වයක් තුළ මේ රටේ පොදු මහජනතාවට රෝස වසන්ත ඇති කිරීමට අවශ්‍ය නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ වසර 30 කට අධික කාලයක් තිස්සේ මේ රටට නොලැබුණු සංවර්ධනය කඩිනමින් ලබා ගැනීමට ය. ඒ සඳහා රටකට දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය ය. දේශපාලන ස්ථාවරත්වයක් නොමැති ඇතැම් ආසියානු කලාපීය රටවල් ඇතුළු ලෝකයේ බොහෝ රටවලට අත් වී තිබෙන ඛේදජනක ඉරණමෙන් ඒ බව මනාව පැහැදිලි වේ.ඉරාකයේ දිනපතා ගැටුම්වලින් මැරෙන සංඛ්‍යාව මෙතකැයි කිව නොහැක. ලිබියාවේ ද තත්ත්වය එසේම ය. මැද පෙරදිග රෝස වසන්තය සමග රටවල් රැසක් දේශපාලනිකව අස්ථාවර කිරීමෙන් පසු එම රටවල අරාජික තත්ත්වයන් ඇති කිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට හැකි විය. එම අරාජිකත්වය තුළින් තම බලය තවත් පතුරවාලමින් එම රටවල ඉතිරි වී තිබෙන අන්තිම සාරයද උරා බීමේ නිර්ලජ්ජිත ක්‍රියාවලියක ඇමෙරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල් නිරත වේ.ඒ ඒ රටවල ඒ අරාජිකත්වයන් ඇති කිරීම සඳහා ඒ ඒ රටවල විරුද්ධ පක්ෂ දායක වූ අතර මේ වන විට ඒ විරුද්ධ පක්‍ෂවලටත් රටවල පොදු මහජනතාවටත් එක් කරුණක් ඉතා හොඳින් තේරුම් ගොස් ඇත. ඒ අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල කිඹුල් කඳුළු සැලීමේ න්‍යාය පත්‍රය යි. තම රටවල විරුද්ධ පක්ෂ රවටාගෙන ජනතාව උසිගන්වා ආණ්ඩුවලට එරෙහිව ජනතාව පාරට බස්සවා රෝස වසන්තයක් නිර්මාණය කර රටවල් අරාජික කිරීමෙන් පසුව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එම රටවල සාරය හොඳින් උරා දමන බව එම රටවල පොදු මහජනතාවට මේ වන විට ඉතා හොඳින් වැටහී ඇත.කුවේටය ගැන කිඹුල් කඳුළු හෙළමින් ඉරාකය ආක්‍රමණය කරන ලද ඇමෙරිකානු හමුදාව කුවේටයට ද දැඩි ලෙස බලපෑම් කළ බව නොරහසකි. මේ වන විට කුවේටයත් ඉරාකයත් ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලනි දෙකක් බවට පත් වී ඇති අතර එම රටවල තෙල් සම්පත කොල්ලකෑමේ ක්‍රියාවලිය ජයටම සිදු කෙරේ. වරක් කුවේටය ප්‍රකාශ කළේ තමන් ඇමෙරිකාවේ කොලනියක් නොවී ඉරාකයට යටත් වූවා නම් හොඳ බවයි. එමගින් පෙන්නුම් කෙරෙනුයේ ඇමෙරිකාව කුවේටයට කරනු ලබන බලපෑම් ය. කෙසේ නමුත් මැදපෙරදිග මුහුදේ නවතා ඇති ඇමෙරිකානු නෞකාවලට දිනපතාම වාගේ ඉරාකය හා කුවේටය යන රටවල ඛනිජ තෙල් ගෙන යන අතර මේ සඳහා ජෙට් යානා කිහිපයක ද සහාය ලබා ගන්නා බව දන්නේ සීමිත පිරිසක් පමණි.එම නිසා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිඹුල් කඳුළු සැලීමට පටන්ගෙන ඇත්තේ ඇයි කියා සිතා ගැනීම එතරම් අපහසු නැත. ශ්‍රී ලංකාව තවත් කොලනියක් කර ගැනීමට දරන උත්සාහය සඳහා එම රටවල් පාවිච්චි කරන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසම යි. ඊට අමතරව නවනීදන් පිල්ලේ නෝනාගේ ඒකපාර්ශ්වීය වාර්තා, දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම්, බෙදුම්වාදී බලවේගවල බලපෑම් ඇතුළු කරුණු කිහිපයක් ඉදිරියට දමාගෙන ශ්‍රී ලංකාවට බලපෑම් කර රට අරාජික කිරීමේ කාර්යයේ එම රටවල් නිරත වේ.දෙමළ ඩයස්පෝරාව ඇතුළු බෙදුම්වාදී බලවේග සහ මෙරට විරුද්ධ පක්ෂය සිතාගෙන සිටින්නේ රට අරාජික කර ආණ්ඩුව පෙරළීමෙන් පසු ශ්‍රී ලංකාව බන්දේසියක තබා ඇමෙරිකාව විසින් ඔවුන්ට බාරදෙනු ඇත කියා ය. මෙරට විරුද්ධ පක්‍ෂයට හා කොටි හිතවාදීන්ට වරදින්නේ එතැන ය. අනෙක් රටවලට කළාක් මෙන් ඇමෙරිකාව විරුද්ධ පක්‍ෂයට රට බාර දෙන්නේ නැත. අනෙක් රටවල මෙන් ඇමෙරිකාව රටේ සාරය උරා බොන විට විරුද්ධ පක්‍ෂයට හා කොටි හිතවාදීන්ට සිදු වෙන්නේ අත ලෙවකාගෙන උඩ බලාගෙන බකන් නිලාගෙන සිටීමට ය. එය මේ රටේ විරුද්ධ පක්‍ෂයට නොතේරුණාට කොටි හිතවාදීන්ට නොතේරුණාට මේ රටේ පොදු මහජනතාවට නම් ඉතා හොඳින් තේරේ. එම නිසා ඔවුන් මැදපෙරදිග වැනි රෝස වසන්තවලට හසුවන්නේ නැත. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් පොදු මහජනතාව එතරම් පහසුවෙන් රැවටිය නොහැක. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිට බටහිර ජාතීන් රටේ සාරය උරා බිව් ආකාරය කාටත් හොඳ හැටි මතක ය. එම නිසා යළිත් එවැනි තත්ත්වයන් ඇති කිරීමට රටේ පොදු මහජනතාව ඉඩ දෙන්නේ් නැත. එම නිසා වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි තවදුරටත් විශ්වාස තබා රටේ දේශපාලන ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මේ රටේ පොදු මහජනතාව කැප වී සිටී. ඒ බව දන්නා විරුද්ධ පක්‍ෂය ජනතාවගේ සහාය ලබා ගැනීමට නොහැකි නිසා බොළඳ සතුටක් ලබා ගැනීම පිණිස විරෝධතා ව්‍යාපාර ඔවුන් විසින්ම සංවිධානය කර ගනී.මෙම විරෝධතාවලට ජන සහභාගීත්වයක් නැත. එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් වෙන වෙනම මෙම විරෝධතා සංවිධානය කරන්නේ ද ඔවුන්ට එක්වීමට නොහැකි තරමටම වර්තමානයේ විරුද්ධ පක්ෂය දේශපාලන බංකොලොත් වී ඇති නිසාය.ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ඉතා හොඳ තත්ත්වයක පවතින බවත් අධිවේගී මාර්ග මෙන්ම ගම්බද මාර්ග ද ඉතා හොඳින් සංවර්ධනය වී ඇති බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙමගින් ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම වී එය රටේ සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් ලබාදේ. නමුත් කොහේ හෝ ස්්ථානයක මාර්ගයක වළවල් තිබෙනවා නම් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ට උපදෙස් ලබා දී ඇත්තේ දෙතුන් දෙනෙකු හෝ කැඳවාගෙන බෝඩ් ලෑලි කිහිපයක් අල්ලා විරෝධතාවක් සංවිධානය කරන ලෙස යි.ඒ සඳහා ඇතැම් රූපවාහිනි නාළිකාවලින් විශාල ප්‍රචාරයක් ලබා දෙන නිසා ප්‍රවෘත්ති නරඹන කෙනෙකුට ගම්‍ය වන්නේ රටේ හැමදාම හැම තැනම විරෝධතා සිදු වන බවයි. නමුත් මාධ්‍ය ඔස්සේ පමණක් එක්සත් ජාතික පක්‍ෂය සිදු කරන මෙම සංදර්ශන ජනතාව ඉතා හොඳින් දනී. ඔවුන් දිගින් දිගටම මැතිවරණවලින් පරාජය වෙන්නේ එම නිසාය.එක්සත් ජාතික පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ද සිදුකරමින් සිටින්නේ මාධ්‍ය සංදර්ශනය. ඔහු වෙනුවෙන් එක් රූපවාහිනී නාළිකාවක් සහ එක් පුවත්පතක් කැප වී සිටී. සජිත් ප්‍රේමදාස මහතාට කිවිසුමක් ගියත් එම මාධ්‍ය ආයතන දෙකට එය විශාල ප්‍රවෘත්තියකි. ඒ තරමට ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා පුම්බති. මරණාධාර සමිතියකට ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දුන්නත් එයද විශාල ප්‍රවෘත්තියකි. සජිත් ප්‍රේමදාස මහතා හැමදාම ආණ්ඩුව විවේචනය කරමින් ඔහු ගයන්නේ තමන් ගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ ය. නමුත් සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන ජාතික වැඩපිළිවෙළක් ගැන ඔහු කිසිදු සඳහනක් කරන්නේ නැත. සජිත් ප්‍රේමදාස මහතා ගේ දේ්ශපාලන ජීවිතය කඩාකප්පල් කරන්නේ ඔහු මෙසේ නිකරුණේ පුම්බන මාධ්‍ය ආයතන මිසක් රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව ඕනෑම කෙනෙකුට වැටහේ.ජනතා විමුක්ති පෙරමුණ ද තවදුරටත් බංකොලොත් වූයේ එහි වත්මන් නායක අනුර දිසානායක මහතා ලන්ඩන් නුවරදී බී.බී.සී ලෝක සේවයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා ය. 1988 – 89 භීෂණ සමයේ දී ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අංශය මගින් විය නොවිය යුතු දේවල් සිදු වූ බවත් ඒ ගැන ජනතාවගෙන් රටෙන් සමාව ඉල්ලන බවත් ඒ ගැන කනගාටු වන බවත් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. වසර 25 කට පසුව තමන්ගේ වැරදි ගැන ස්වයං විවේචනයක යෙදුණ එක වරදක් නැත. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ගැන යම් විශ්වාසයක් තබා සිටි කෙනෙකුවත් මින් පසු ජනතා විමුක්ති පෙරමුණ ගැන විශ්වාසයක් තබන්නේ කෙසේ ද? ඝාතන සංස්කෘතිය මේ රටට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය බව එදා චෝදනා කරමින් ගැලවීමට හැදු ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දෑත්වල ලේ තැවරී ඇති බව පිළිගෙන ඇත. ඉදිරියේ දී යළිත් එවැනි ඝාතන සංස්කෘතියකට හෝ ලේ තැවරීමකට නොයන බවට ජනතා විමුක්ති පෙරමුණට දිය හැකි සහතිකය කුමක්ද?ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඊනියා වාර්තාවලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කිසිම හඬක් නැගුවේ නැත. දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී ප්‍රකාශ ගැන කිසිවක් ප්‍රකාශ කළේ නැත. එම නිසා ජනතා විමුක්ති පෙරමුණට ද අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ මැදපෙරදිග රෝස වසන්තය වැනි දෙයක් මේ රටේ ද සිදු වී මේ රට අරාජික වනවා දැකීමට ය. එමගින් ඔවුන්ට අවශ්‍ය දේශපාලන වාසිය ලබා ගැනීමට හැකිවේ යැයි කියා ඔවුන් උපකල්පනය කරනු ඇත. ඒ හැරෙන්නට මේ රටේ පොදු මහජනතාව ගේ සහාය ඔවුන්ට ලැබෙන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ ඉතා හොඳින් දනී.මේ රටේ පොදු මහජනතාවගේ සහාය නොලැබෙන නිසා එක්සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් බංකොලොත් උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ උපදෙස් අනුව සරසවි සිසුන් පාරට බැස්සවීමේ ව්‍යාපාරයක් පසුගිය දින කිහිපය තුළදීම දක්නට හැකි විය. එකක් වූයේ සම සෞඛ්‍ය උපාධිය පිළිබඳ ගැටලුවයි. අනෙක රුහුණු විශ්වවිද්‍යාලයේ දැයට කිරුළ පැවැත්වීමට එරෙහිව සිදු කරන මැදිහත්වීම් ය.සම සෞඛ්‍ය උපාධිය ගැටලුව වවාගෙන කෑමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්‍ෂය දතකට මැදගෙන සිටියද ඉන් ඵලක් නොවූයේ එම ගැටලුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සාධාරණ විසඳුමක් ලබා දුන් නිසාය.එම සටන් පාඨයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඈත් වූයේ ඔවුන්ට කරන්ට් වැදුණා සේ ය. මෙතරම් කඩිනමින් මීට විසඳුමක් ලබාගැනීමට හැකි නොවෙතැයි ඔවුන් නොසිතූ අතර විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුහු ද අන්දමන්ද වී සිටිති. ඇතැම් සරසවි සිසුන්ට ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් දේශපාලනිකව බළල් අතක් ලෙස තමන් යොදා ගන්නා බව දැනී ඇති අතර සරසවි සිසුන්ගේ මවුපියන් ඇතුළු භාරකරුවන්ට නම් එය වේලාසනින් ම දැනුණු බව ඔවුහුම ප්‍රකාශ කරති.නමුත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මෙම ගැටලුවට විසඳුම් ලැබී නොමැති බව යි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමක දී මෙම ගැටලුව විසඳුවේ සියලු පාර්ශවවලට සාධාරණයක් වන පරිදි ය. විශේෂයෙන්ම සිසුන් ඉල්ලා සිටි වසර 4 සීමාව වසර 3 දක්වා සීමා නොකරන ලෙස කරන ලද ඉල්ලීමට මෙහිදී සාධාරණ විසඳුමක් ලැබීම ගැන සියලු පාර්ශව ජනාධිපතිතුමාට ස්තුතිය ප්‍රකාශ කළහ.මෙම ගැටලුව විසැඳීමෙන් අනාථ වූයේ මෙරට විරුද්ධ පක්‍ෂය යි. බංකොලොත් වී සිටින විරුද්ධ පක්‍ෂය දේශපාලනිකව ගොඩ ඒම සඳහා යොදා ගන්නා මෙවැනි උපක්‍රමත් ලත් තැනම ලොප් වූ විට විරුද්ධ පක්‍ෂය ක්‍රියා කරන්නේ දෙවියන්ගේ සහල් කැවුණු ආකාරයට ය.මෙමගින් ජනතා විමුක්ති පෙරමුණ කලබල වූ අතර ඊටත් වඩා කලබල වී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ය. “ගැටලුවට විසඳුම් ලැබුණේ නැහැ. සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටලුව ගැන ආණ්ඩුවේ අවධානය යොමු වුණේ නැහැ. එක එක ආයතන බෝලය පාස් කර කර හිටියා විතරයි” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙම ගැටලුව පැන නැඟුණු අවස්ථාවේ මේ ගැන කිසිවක් ප්‍රකාශ නොකළ වික්‍රමසිංහ මහතා විසඳුම ලබාදුන් විගස භූමිතෙල් තැවරුණු ගැරඬියෙකු සේ කලබල වී සිටින්නේ ඇයි? ඔහුට අවශ්‍ය කරනු ලබන දේශපාලන වාසිය මින් ලබා ගැනීමට නොහැකි වූ නිසා ඔහු මෙසේ කලබලයට පත් වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂය මේ තරමටම දේශපාලනිකව බංකොලොත් වී ඇත. මේ ගැන දිගින් දිගටම එක්සත් ජාතික පක්‍ෂය මාධ්‍ය හමු පවත්වන්නේ ඒ නිසාය.වත්මන් ආණ්ඩුව මෙසේ සරසවි සිසුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන විට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු සරසවි සිසුන්ට සැලකූ ආකාරය රනිල් වික්‍රමසිංහ මහතාට සිහිපත් කර දිය යුතුව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියදී ධවල පත්‍රිකා ඉදිරිපත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කරන ලද වියවුල වික්‍රමසිංහ මහතාට අමතක වී තිබීම කනගාටුවට කරුණකි. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව රට තුළ පාසල් සිසුන් මෙන්ම සරසවි සිසුන් ද පාරට බහින විට වික්‍රමසිංහ මහතා සිටියේ කොහේ ද?පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සරසවි සිසුන්ගෙන් එල්ල වන විට එයට එදා පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පිළිතුරු දුන්නේ ත්‍රීමාවිතාන වෛද්‍ය ශිෂ්‍යයාගේ හිසට පරාල ඇණ ගසමිනි. එම අතීතය රනිල් වික්‍රමසිංහ මහතාට අමතක ද? මීට අමතරව තවත් සරසවි සිසුන් රැසක් ඝාතනය කිරීමට ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිනි.රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ සත්‍යපාල වන්නිගම මහ පාරේ ඝාතනය කළේ කවු ද? දක්ෂ නීතිඥයෙකු වූ විජේදාස ලියනආරච්චි ඝාතනය කළේ කවුද? බටලන්ද වධකාගාරයේ දී සරසවි සිසුන් කෙතරම් සංඛ්‍යාවක් ඝාතනය වුණා ද? මේවාට රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දිය යුතුව ඇත. එසේ නොමැතිව වර්තමානයේ දී සරසවි සිසුන්ගේ ගැටලු නියමාකාරයෙන් විසඳන ආණ්ඩුවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කිරීම සුදුසු ‍ෙනාවේ.රුහුණ විශ්වවිද්‍යාලයේ දැයට කිරුළ පැවැත්වීමට එරෙහිව සරසවි සිසුන් පිරිසක් පාරට බස්සවා අමුතු සම්ප්‍රදායක් හඳුන්වාදීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළේ ය. රටක ජාතික සංවර්ධන වැඩසටහනකට මෙසේ විරෝධතාවයන් දැක්වූයේ මුල්වරට ය. ජනතා බලයකින් බලයට පත් වූ ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීමට තිබෙන අයිතිය කුමක් ද? එදා ගම් උදාවට මෙවැනි බාධා එල්ල කළා ද? වර්තමාන ආණ්ඩුවට පමණක් මෙවැනි බාධා එල්ල කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනිකව ඒ තරමටම බංකොලොත් වී තිබේ.දැයට කිරුළ පවත්වනවාට සරසවි සිසුන් ඇතුළු සැවොම කැමතිය. සිසුන් සුළු පිරිසක් විරුද්ධ වී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ වුවමනාවට ය. සරසවි සිසුන් ඝාතනය කරමින් සත්‍යපාල වන්නිගමලා ඝාතනය කරමින් එදා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගැටලුවලට විසඳුම් ලබාදුන් නමුත් අද එසේ නොවේ. එම නිසා නියම සටන් පාඨ හා නියම විසඳුම් හඳුනාගෙන අවස්ථාවාදී දේශපාලනයට නොරැවටී සිටීම සියලු දෙනාගේ යුතුකමකි..
NEWSPAPER
2014.06.09
http://www.dinamina.lk/2014/06/09/_art.asp?fn=f1406096
නාඩාර් කඩෙන් ගත් බෝතල් කුප්පිවල පිරවූ වේදනා නාශකය අද නැතිවම බැරි බෙහෙතක්
null
මීට අවුරුදු 26කට කලින්් එක සේවකයෙක්ගෙන් තමයි මේ ගමන ආරම්භ කළේ. 1983 කලබල කාලෙට කලින් මම හිටියේ අනුරාධපුරේ. ඒ කාලේ එහේ ගම්වල ඉන්න අය මැලේරියා උණෙන් පීඩා වින්දා. බෙහෙත් අරන් උණ හොඳ වුණත් ඇඟපත රුදාව , කොන්දෙ අමාරුව වගේ වේදනා සමනය වුණේ නෑ. මිනිස්සු මේ අපහසුතාවලට සහනයක් නැතුªවයි හිටියේ.මම වෛද්‍යවරයෙක් විදියට එහේ වැඩ කරද්දී මේ ගැන හිතලා ම මම ආයුර්වේදයේ එන වේදනා නාශක වට්ටෝරුවක් ඇසුරින් ආලේපයක් හැදුවා. කොළඹ නාඩාර් කඩෙන් බෝතල් කුප්පි අරන් ගිහින් ලේබල් මොකුත් නැතුව මේවා ලෙඩ්ඩුන්ට දුන්නා. ටවුමට එන යන වෙලාවේ දී මිනිස්සු තමන්ගේ ඇඟපතේ අමාරු මඟහරවා ගන්න මේ ආලේපය අරන් යන්න පුරුදු වුණා.හෝකන්දර සිරිපුර නිවාස සංකීර්ණය ඉදිරිපිට මගේ වෛද්‍ය මධ්‍යස්ථානය තිබුණා. මට හිතුණා, මේකට ලේබලයක් ගහලා ප්‍රසිද්ධ කරන්න ඕන කියලා. එතන ඉඳලා තමයි, මම සහනාලේප හැදුවේ. 'සහනයක් ගෙන දෙන ආලේපය' නිසා මේකට 'සහනාලේප' කියලා නම දැම්මා. එතැන් පටන් මේ නිෂ්පාදනය වෙළෙඳපොළ සිසාරා යන්න පටන් ගත්තා. මේ අතරේ දී තමයි, තරගකරුවෝ ඉදිරිපත් වෙලා මගේ ගමන වේගවත් කළේ.'සහනාලේප' නමට විරුද්ධ ව නඩු දැම්මා. සහනාලේප නම දින 27ක් ඇතුළත ඉවත් කරන්න කියලා අපට තහනම් නියෝගයක් ආවා.ඇත්තට ම අපිට කවුරු හරි ගහනවා නම් තමයි අපිත් අපේ අතේ පයේ හයිය දාලා ඒ අයට පහර දෙන්නේ. කවුරුවත් ගහන්නේ නැත්නම් අපි අපේ අතේ පයේ හයිය මෙච්චරයි කියලා දන්නේ නැහැනේ.තරගකාරයෝ ඒ කරපු දේ දිහා අද හැරී බලනකොට හිතෙනවා, ඒ නඩු දැමීම අපට විශාල ආශිර්වාදයක් වුණා කියලා.ඔව්. "වෙන්ඩෝල් බාම්" කියලා අලුතින් ම ලේබලයක් ගහලා රතු පාට රවුමක රතු පාටින් ම වෙන්ඩෝල් කියලා ලෝගෝ එක හැදුවා. ඒවා ඉතා ම ඉක්මනින් සියලු ම නිෂ්පාදනවල අලවලා වෙළෙඳපොළට නිකුත් කළා. ඇත්තට ම කියන්න සතුටුයි, අලුත් ම 'වෙන්ඩෝල්' ලේබලය අලවපු නිෂ්පාදන මාතර දක්වා ගෙනියන්න ලැබුණේ නෑ. කළුතරට යද්දී ම සියල්ල ම අවසන් වෙලා තිබුණා.දේශීය ඖෂධවලින් ගුණාත්මක දෙයක් වෙළෙඳපොළට නිකුත් කරන්න අපි කටයුතු කරනවා. “ඔබේ සුවය - අපේ සතුටයි” කියන පාඨය තමයි වෙන්ඩෝල් ලාංඡනය යටතේ ලොවට ගෙන යන්නේ.මේ නිෂ්පාදන හිස සිට දෙපතුල දක්වා ම මිනිසුන් සුවපත් කරන විදිහටයි අපි හදලා තියෙන්නේ. මැදපෙරදිග රටවල වෙනිවැල් සබන්වලට හොඳ ඉල්ලුමක් තියනවා. මේ රටෙන් යන අයටත් අපේ ම දෙයක් කියලා ගෙනියන්න තියන එක ම සබන් කැටය වෙනිවැල් සබන්.ශාකසාර නිපැයුම් ලෙස කේෂරාජ තෛලයේ සිට, හරිද්‍රාලේප, හරිද්‍රාපැක්, ඊ) ට් හෙළවයිට් දන්තාලේප, ඊ) ට් බාම්, වේදනාවට සහනය දෙන ඊ) ට් පෙති මේ වගේ ඖෂධීය හා රූපලාවණ්‍ය ඔප්නංවන නිෂ්පාදන රැසක් ම අපි වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.ගැස්ට්‍රයිටීස්වලට අම්ල පිත්ත හරණි, කොලෙස්ටරෝවලට මේද රෝග හරණි, දියවැඩියාවට මධු සමනා සුවය, ශරීර උෂ්ණයට දාහ රෝග නිවාරණ සිරප්, ඇඟපත අමාරුවට සන්දිරුදා, වාත රෝග නිවාරණයට වාත රෝග හරණි, සමේ රෝග සඳහා චර්ම රෝග හරණි වගේ නිෂ්පාදන ගණනාවක් ම එදිනෙදා අපට වැළඳෙන රෝග නිවාරණය සඳහා ම සැකසූ ඖෂධීය වටිනාකමෙන් යුත් නිෂ්පාදන පෙළක් ම වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.අපි වාහනයක් ගත්තා ම ඒකේ සර්විස් එකට දිනයක් දෙනවා. අපි ඒක හරියට කළොත් වාහනය සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ම තමයි අපේ ඇඟටත් සර්විස් එකක් දෙන්න ඕන.අපි ගන්න ආහාරවල තියන විස කොටස් ලේ එක්ක මිශ්‍ර වෙලා අපි නොදන්න ලෙඩ රෝග ඇති වෙනවා. අන්තිමේ දී හැල්මේ දුවලා දුවලා ලෙඩවෙලා ම මැරිලා යනවා. එහෙම නොවී ඉඳලා හිටලා හරි ඇඟට සර්විස් එකක් දෙන්න ඕන නිසා තමයි මම මේ 'හරිද්‍රා රිසෝට් ඇන්ඩ් ස්පා' හෝටලය වාද්දූවේ හදන්නේ.හෝටලයට ආපු සමහරු ගතට වගේ ම සිතටත් සැහැල්ලුවක් ලබාගත්ත ගමන් ම කියලා යන්නේ 'නිවන් ගියා වගේ' කියලා.'හරිද්‍රා රිසෝට් ඇන්ඩ් ස්පා' සුපිරි ගනයේ හෝටලයක් විදියට පවත්වාගෙන යනවා. වාද්දූව සංචාරක පුරවරයේ ස්ථාපිත හෝටලයෙන් සියලු ම පහසුකම් භුක්ති විඳිමින් විවේකය විනෝදයෙන් ගත කරන්න අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කර තිබෙනවා. ඒ එක්ක ම පසෙකින් වන මුහුද සංචාරක ආකර්ෂණය දිනාගන්න විශාල පිටුවහලක් වෙන බවත් සඳහන් කරන්න ඕන.නිදහසේ ඇවිද යා හැකි ආලින්දය, උඩ මහලේ ඇති සියලු පහසුකම් සහිත කාමර, මුහුදේ අසිරිය දිස්වන මැදිරි, සුවිසල් පිහිනුම් තටාකයට අමතරව කාමර සඳහා ම වෙන් වූ පිහිනුම් තටාක, සුපිරි ගණයේ ප්‍රණීත ආහාර පාන, නිදහස හා විවේකය උපරිමයෙන් විඳගත හැකි නිදහස් වටපිටාව වගේ ම දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය සියලු ම සුපිරි පහසුකම්වලින් හෝටලය සමන්විත කර තිබෙනවා.හිස සිට දෙපතුල දක්වා සුවපත් කරවන සම්බාහන කටයුතු ඉතා ම සෞඛ්‍යාරක්ෂිතව, නිවැරදිව වගේ ම ගත සිත සැහැල්ලු කරගැනීමේ ඔසු සත්කාර කරගන්න ලැබීමත් විශේෂත්වයක්.සහනාලේපය හදාගෙන මම නියර දිගේ ඇවිදගෙන ආවේ. මට නඩුවක් දාලා මාව ගම්සභා පාරකට ඇදලා දැම්මේ මගේ තරගකාරයෝ. එදා අපට කෙනෙහෙළිකම් කරපු අය තමයි අද මාව මෙච්චර දියුණුවකට ගෙනාවේ. ඒ නිසා ම මම කියන්න කැමතියි අපට ඊර්ෂ්‍යා කරන, අංචි අදින, මඟ අහුරන අයට පඩියක් ගෙවන්න ත් අද නම් මං කැමතියි. මොකද ඒ අය නැත්නම් අපි මෙච්චර ඉස්සරහට යන්නේ නෑ. ඒ අයට අභියෝගයක් වීම තමයි අපේ දියුණුවේ රහස.රෝස මල් යහනාවක ඉදන් ව්‍යාපාර කරගෙන යන්න බෑ. එහෙම කරගෙන යන්න මේ සමාජය ඉඩදෙන්නෙත් නෑ. ව්‍යාපාර කරද්දී අභියෝගවලට අභියෝග නොකර ව්‍යාපාර දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ.හැකියා, දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කෙනාට තමයි ව්‍යාපාරයක් හරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ම නායකත්වය දරන්න ත් ඒක ඉතා ම වැදගත් වෙනවා.මේ සඳහා මට උදව් උපකාර වුණේ බෞද්ධ දර්ශනය. ධනාත්මක ව හිතලා තමයි මේ තත්ත්වයට ආවේ. අනිත් එක මට ඕනෑ වුණා සතරාකාර සැප විඳින්න. ඒ සතරාකාර සැප ම අද මට අංග සම්පූර්ණ ව තියෙනවා. අත්ති සුඛ, අනත සුඛ, භෝග සුඛ, අනවද්‍ය සුඛ. අද මම මට ඇති කියන තැන ඉන්නවා. මම වැඩිය මහන්සි වෙන්නේ නෑ. තියන ටික හරියට ම කරගෙන යනවා. කිසිම බරක් නැතුව ඉතා ම සැහැල්ලුවෙන් ඉන්නේ.අනත සුඛය ගත්තම මම කාටවත් ණය නෑ. බැංකුවලට විතරයි ණය. විශේෂයෙන් ම ව්‍යාපාරිකයෙක් වුණා ම බැංකු ණය ගන්න ඕන. ඒ වගේ ම යි 100%ක් ම විශ්වාසය දරන්න ඕන. විශ්වාස නැතුව ව්‍යාපාර කරන්න බෑ. මම ගොඩනැගුවේ විශ්වාසය විතරයි. මුල සිට ම මම බැංකුවේ විශ්වාසය ගොඩනඟා ගත්තා. අද මම මගේ ණය ගෙවෙන ක්‍රම සකස් කරලා තියෙන්නේ.අපි අඩුපහසුකම් සහිත දහම් පාසල් සංවර්ධනය සඳහා රුපියල් 50,000ක මුදලක් ලබා දෙනවා. දහම් පාසල් 4ක් සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් මාසෙකට ලබාදෙනවා.ණය නොගෙන හිටියා නම් මම තවම ත් මගේ ගමන යන්නේ බඩගාමින්. මගේ අතේ සත පනහක්වත් නැතුව එකවර ම ලොරි 100ක් ගෙනාවා, බ්‍රෑන්ඩ්නිව්. ඒ වනකොට වැඩි ම ලොරි ගණනක් එකවර මිල දී ගෙන තිබෙන්නේ මම. ඒ ලොරි දුවන ගමන් මම ඒ සල්ලි ගෙව්වා. ඒකෙන් මගේ ව්‍යාපාරය සෑහෙන්න දියුණු වුණා.නැත්නම් මම මගේ සල්ලිවලින් කවදා එච්චර ලොරි ගණනක් ගන්න ද? ඒක කරන්න බෑ. අදටත් මම සමහර වාහනවල ණය ගෙවනවා. ඒ ගෙවීම් ඉවර වුණා ම වාහනවල අයිතිය ලැබෙන්නේ මට. ඒ නිසා මම නවක ව්‍යාපාරිකයන්ට අවවාදයක් දෙන්නේ ව්‍යාපාරයක් දියුණු වෙන්න නම් අනිවාර්යයෙන් ම බැංකු ණය ගන්න. ඒ වගේ ම බැංකු සමඟ විශ්වාසයෙන් කටයුතු කරමින් ඒ ණය පියවන්න. ව්‍යාපාරය කරගෙන යන ගමන් ණය ගෙවී යන ක්‍රමවේදයක් සකස් කරන්න. පස්සේ මං වගේ සැහැල්ලුවෙන් ඉන්න.  .
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n1406102
ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් හෙට විවෘත කෙරේ
null
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය පනස් දෙවැනි වරටත් සංවිධාන කරන මිහින්තලා අලෝක පූජාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් හෙට (11) පස්වරුවේ විවෘත කෙරේ.මිහින්තලය රජමහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මෙම පින්කම පැවැත්වේ. ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ආලෝක පූජාවට සම අනුග්‍රාහකත්වය දක්වයි.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද, විදුලිබල හා බලශක්ති ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද, අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු මැති ඇමැතිවරු ද, ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ද, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ද, විදුලි ආලෝක පූජාවට මූල්‍යමය අනුග්‍රාහකත්වය සපයන අබාන්ස් ආයතනය නියෝජනය කරමින් එම ආයතනයේ සාමාන්‍යාධිකාරි ධම්මික ප්‍රසන්න මහත්වරු ද, මහාභාරකාරවරයා ද මෙම අවස්ථාවට සහභාගී වෙති.පෙසොන් පොහොය නිමිත්තෙන් දිනමිණ පුවත්පත සමඟ පිරිනැමෙන "අනුරපුරේ ශ්‍රියා" විශේෂ අතිරේකය ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම උත්සවයේදී පිළිගැන්වීමට නියමිතය. මිහින්තලය විදුලි ආලෝක පූජාවට සමගාමීව 24වැනි වරටත් පැවැත්වෙන දහම්පාසල් සිසු දරුදැරියන්ගේ සීල සමාදාන වැඩසටහන මෙවරත් පොසොන් පුර පසළොස්වක පොහෝදා (12) මිහින්තලා උඩමළුවේ පැවැත්වේ.දෙවැනි දිනය යෙදී තිබෙන 12වැනිදා විදුලි ආලෝක පූජාව විවෘත කිරීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපපක්ෂ මහතා අතින් සිදුකැරේ. විශේෂ ව්‍යාපෘති ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරු ඇතුළු උතුරු මැද පළාත් දේශපාලනඥයන් සහභාගී වීමට නියමිත ය. විදුලි ආලෝක පූජාවේ තෙවැනි දිනය යෙදී තිබෙන 13වැනිදා විදුලි ආලෝක පූජාව විවෘත කැරෙන්නේ අනුරාධපුර දිසාලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා අතිනි. ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී.ගනේගල මහත්වරු සහභාගී වෙති.ලේක්හවුස් ආයතනයේ දිනමිණ හා බුදුසරණ පුවත්පත් විසින් පවත්වන ලද රචනා හා කථික තරගවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම මෙදින මිහින්තලා මැද මළුවේ පැවැත්වෙන විදුලි ආලෝක පූජා උත්සවයේදී සිදු කෙරේ.මිහින්තලය පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ජල සිසිලනයක් පූජා කිරීමට ද ලේක්හවුස් ආයතනය කටයුතු යොදා ඇති අතර එම ජල සිසිලනය හෙට (11) සිට මිහින්තලේ උඩමළුවේදී විවෘත කැරේ.මිහින්තලය ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා ඇතුළු එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු ද, මිහින්තලේ ප්‍රාදේශිය සභාපති ඇතුළු දේශපාලන අධිකාරිය ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මිහින්තලය පොලිස් ස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය ද, ආරක්ෂක අංශ ද ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව සාර්ථකව පැවැත්වීම සඳහා නොමඳ අනුග්‍රහය දක්වන බව ලේක්හවුස් ආයතනයේ ප්‍රධානී අලෙවි හා ශාඛා කාර්යාල සුනිල් සෙන්දනායක මහතා පැවැසීය.මෙම මහඟු පුන්‍ය මහෝත්සවයට සහභාගී වන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් අදාළ අංශ විසින් සළසා තිබෙන බවත් පැවැසූ ඒ මහතා එම අවස්ථාවට සහභාගී වන ලේක්හවුස් ආයතනය සියලු ලක්වැසි බෞද්ධ ජනතාවට ගෞවරයෙන් යුතුව ආරාධනා කරන බවත් පැවැසීය. .
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n1406103
තර්ස්ටන් විද්‍යාලයේ අභිනව පරිගණක විද්‍යාගාරය සහ තෙමහල් ගොඩනැඟිල්ල
ඡායාරූපය - චන්දන පෙරේරා
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අභිනව පරිගණක විද්‍යාගාරය සහ තෙමහල් ගොඩනැඟිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (09) විවෘත කෙරිණි. ජනාධිපතිතුමා තෙමහල් ගොඩනැඟිල්ලේ සමරු ඵලකය නිරාවරණය කළ අයුරු. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ශ්‍රි ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති රේ ෆෂියෑන්, තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති කර්නල් දයා බණ්ඩාර මහත්වරුද මෙහි වෙති..