category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n14061018
ලබන ජනවාරියේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයක
ක්‍රිස්ටි මහේෂ් ද සිල්වා
‍ලෝක කතෝලික සභාවේ නායකයාණන් වන ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ලබන ජනවාරි 13, 14 සහ 15 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ‘දිනමිණ’ට ඊයේ (9දා) පැවැසීය.උන්වහන්සේ මෙරට රාත්‍රී 2ක් රැඳී සිටින අතර එම කාලයේ දී මෙරට රාජ්‍ය නායකයන් හා විපක්ෂ නියෝජිතයන් හමුවීමට නියමිතව ඇත.එසේම උන්වහන්සේ ගාලුමුවදොර ක්‍රීඩාංගණයේ දී මෙන්ම කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී විශේෂ දේව මෙහෙයකට සහභාගිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මේ සම්බන්ධයෙන් ‘දිනමිණ’ කළ විමසීමක දී මෙරට කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨ පියතුමකු පැවැසීය.මේ අතර පාප් වහන්සේ‍ෙග් මෙරට සංචාරය සඳහා කතෝලික සභාව හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර ඒ අනුව සංචාරය සංවිධානය කෙරෙනු ඇතැයි කොළඹ නැ‍ඟෙනහිර කලාපීය භාර සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී වැඩිදුරටත් පැවැසීය. .
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n14061019
‘ඔබ නැතුව ඔබ එක්ක’ ප්‍රථම වරට ඉන්දියාවේ සිනමා ශාලා 17ක
null
මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්‍රදර්ශනය වීම 13 වැනි දා ආරම්භ වේ. ඒ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නවතම සිනාම කෘතිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයයි. මෙය තිරගත වනුයේ ඉන්දිය සුප්‍රකට චිත්‍රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය. එහි නගර පහක ඇති සිනමාහල් දාහතක ඔබ නැතුව ඔබ එක්ක තිරගතවීම ආරම්භ වනු ඇත.ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’(With You, Without You) චිත්‍රපටයේ රඟපෑ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබුවාය. පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා හොඳම නිළිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන සිව්වැනි වතාවක් දිනා ඇත. .
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n1406104
කරච්චි ගුවන්තොටට ත්‍රස්ත ප්‍රහාරයක්
කරච්චි (සී.එන්.එන්.)
පාකිස්තානයේ කාර්යබහුලතම හා විශාලතම ගුවන්තොටුපළ වන කරච්චියේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළට පෙරේදා රාත්‍රියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් යුද හමුදා සෙබළු 10දෙනකු ඇතුළුව විසිඅටදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 14දෙනකු තුවාල ලබා ඇත.පෙරේදා රාත්‍රී 11.30ට පමණ එල්ල වූ මේ ප්‍රහාරය අතරතුර ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුගේ මළ සිරුරු ඇතුළුව තවත් මළ සිරුරු 14ක් ජින්නා රෝහලට රැගෙන ආ බව එම රෝහලේ ප්‍රකාශකයකු සී.එන්.එන්.පුවත් සේවයට පැවසීය.පැය පහකට අධික කාලයක් පුරා පැවැති මේ ප්‍රහාරයෙන් ගුවන් මගීන්ට හෝ ගුවන්යානාවලට අනතුරක් සිදුවී නැතැයි එරට ආරක්ෂක හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. මේ ප්‍රහාරයෙන් පාකිස්තාන ආරක්ෂක හමුදාවේ 10 දෙනෙකු මියගිය බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ආසිම් බජ්වා කියයි. ඊයේ අළුයම් කාලය වනතුරු ප්‍රහාර එල්ලවූ බව කී හමුදා ප්‍රකාශක අනතුරුව ප්‍රහාරය සාර්ථකව මැඩ පැවත්වූ බව සී.එන්.එන්. පුවත්සේවයට ප්‍රකාශ කළේය. ප්‍රහාරය මැඩ පැවැත්වීමෙන් අනතුරුව ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් 10කගේ මළ සිරුරු ද, මැෂින් තුවක්කු 4ක් සහ රොකට් විදිනයක් ද සොයා ගත් බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් කරාච්චි ගුවන්තොටුපලේ පුද්ගලික ගුවන්යානා ‍ගොඩ බස්වන පර්යන්තයක දොරටු තුනකින් ඇතුල් වී ඇති අතර ප්‍රහාරයට ලක්වූ ගොඩනැගිල්ල ගින්නට හසුවී ඇත. මගී පර්යන්ත හා ජාත්‍යන්තර ගුවන් යානා ‍ගොඩබස්වන පර්යන්තයට කිලෝ මීටර් භාගයක පමණ දුරින් එම ගොඩනැගිල්ල පිහිටා තිබේ.ප්‍රහාරය මැඩ පැවැත්වීමෙන් පසුව එම ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත්, එහිදී මැෂින් තුවක්කු හා රොකට් විදිනයක් සොයාගත් බවත් යුද හමුදා ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි. ජින්නා ගුවන්තොටුපළ මේ වනවිට යුද හමුදා භාරයට ගෙන තිබේ.පාකිස්තානයේ ක්‍රියාත්මක වන තලිබාන් ත්‍රස්ත සංවිධානය මේ ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇතැයි සී.එන්.එන්.පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරයි..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n1406105
මෙරට මත්ස්‍ය අපනයනය මේ වසරේ මුල් කාර්තුවේදී 20%ක වර්ධනයක්
# බුද්ධිකා ඉඹුලාන
මෙම වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය සියයට 20 ක වර්ධනයක් පෙන්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.මේ අනුව 2014 මුල් කාර්තුව තුළ මත්ස්‍ය අපනයනයෙන් උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 95.68ක් හෙවත් රුපියල් මිලියන 12,384ක් වේ. මේ තත්ත්වය කෘෂිකාර්මික අංශයේ අපනයනයන් අතර ඉදිරියෙන්ම සිටින අතර කෘෂි අපනයනය සියයට 19ක වර්ධනයක් ද, තේ අපනයනය සියයට 14.4ක වර්ධනයක් ද පෙන්වයි. එසේම ගෙවී ගිය 2014 මුල් කාර්තුව තුළ ඇඟලුම් අපනයනයේ වර්ධනය සියයට 2කි.වාර්ෂික මත්ස්‍ය අපනයනයද ගෙවී ගිය වසර 4ක කාලය තුළ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර එයින් උපයා ගන්නා ලද අදායම ද වැඩි වී තිබේ. මේ අනුව 2010 මුල් කාර්තුව තුළ මත්ස්‍ය අපනයන ආදායම රුපියල් මිලියන 5710 ක් වු අතර, එය 2011 දී රුපියල් මිලියන 6850 දක්වා වර්ධනය විය. එසේම 2012 දී මුලු කාර්තුවේදී මත්ස්‍ය අපනයන ආදායම රුපියල් මිලියන 9009 ක් වු අතර එය 2013 මුල් කාර්තුවේදී රුපියල් මිලිනය 10,187 දක්වා වර්ධනය විය.එසේ වාර්ෂික මත්ස්‍ය අපනයනය ද ගෙවී ගිය වසර තුන තුළ ක්‍රමානුකූලව වර්ධනය වී තිබේ. එනම් 2011 වසරේදී මත්ස්‍ය අපනයනයෙන් ලද ආදායම රුපියල් 21.876කි. එය 2012 දී රුපියල් මිලියන 26.363ක් දක්වාත් 2013 දී රුපියල් මිලියන 31,792ක් දක්වාත් ක්‍රමානුකූලව වර්ධනය විය. මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබෙන අතර 2015 වසර අවසන් වන විට මත්ස්‍ය අපනයනයෙන් මිලියන 4000කට වැඩි විදේශ විනිමයක් ඉපැයීමට අපේක්ෂා කෙරේ.මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කරමින් 2016 වන විට මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස මත්ස්‍ය අපනයනයෙන් මිලියන 50000 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.මෙම වසරේ මුල් කාර්තුව තුළ ධීවර ක්ෂේත්‍රයේ මත්ස්‍ය අපනයනය තුළින් අප රුපියල් මිලියන 12384 කට වැඩි විදේශ විනිමයක් උපයමින් ගෙවී ගිය වසරට වඩා සියයට 20 ක වර්ධනයක් පෙන්වීම අපේ රටේ ධීවර ප්‍රජාව ලද ජයග්‍රහණයක් ලෙස හැදින්වීමට පුලුවන්‍. ඒ වගේම අපි ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ගෙවී ගිය කාලය තුළ මෙරට ධීවරයා සවිබල ගැනීවීමට ගනු ලැබු පියවර නිසා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මෙන්ම වැඩිම මත්ස්‍ය අස්වැන්නද ලබා ගෙන සිටිනවා. මම ඇමැතිධුරය භාර ගන්නා විට මෙරට වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,3900 යි. එය මේ වෙද්දි 513000 වෙලා. අපි ඉතිහාසයේ වාර්තාගතම මත්ස්‍ය අස්වැන්න ලබලා තිබෙනවා. අපි භාර ගන්න කොට තිබුණේ යාත්‍රා 43000 යි. මේ වෙද්දි යාත්‍රා 62000 ක් වෙන කල් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ධීවරයන් එදා සිටියේ 170000 යි. ගිය වසරෙ වෙද්දි 222000 කින් වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ ධීවරයින් 51000 කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම අපේ අපනයනය සියයට 39 කින් වැඩි කර ගෙන තිබෙනවා. අපිට ජීපීඑස් සහනය නැතුව ඉතාමත් අවාසිදායක තත්ත්වයක ඉදලා තමයි මේ ජයග්‍රහණය ලබා ගෙන තිබෙන්නේ. අපේ රටට මාලදිවයිනට තිබෙන සහනවත් නැතිව, සියයට 39 කින් අපේ අපනයනය වැඩි කරලා සියයට 17 කින් අපේ ආනයනය අඩු කරලා තිබෙනවා. ඒ වගේම දෛනික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් 30 සිට මේ වන විට ග්‍රෑම් 41.5 ක් දක්වා වැඩි කිරිමට හැකි වී තිබෙනවා. මෙය 2014 වසර අවසන් වන විට ග්‍රෑම් 50 දක්වා වැඩි කිරීමටත් එය ‍2016 වන විට ග්‍රෑම් 60 දක්වා වර්ධනය කිරීමටත් ඉලක්කයක් අපට තිබෙනවා. මේ ඉලක්කය ජය ගැනීමෙන් අපිට අපේ රටෙන් මන්ද පෝෂණය සම්පුර්ණයෙන්ම දුරු කිරීමට හැකි වෙනවා. මේ අනුව අපි අපේ කාර්යභාරය ජනාධිපතිතුමා වෙනුවෙන් ඉටු කර තිබෙනවා. අපි විශාල විදේශ විනිමයක් එතුමාට හිමි කර දීලා තිබෙනවා. යැයි පැවසීය..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n1406106
රහස් පොලිස් කණ්ඩායම් 4කින් පරීක්ෂණ
විජයානි එදිරිසිංහ
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා සහ කොට්ටාව මාතර අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ පොලිස් නිලධාරියකු අතර ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ පවත්වනු ලබයි.මේ සිද්ධිය සම්බන්ධව තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා නියෝජ්‍ය ඇමැතිවරයා ඊයේ (09) වෙ‍ෙළඳ අමාත්‍යාංශයේදී මාධ්‍ය කැඳවා කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකළේය.එහිදී නි‍යෝජ්‍ය ඇමැතිවරයා කරුණු ඉදිරිපත් කරමින් කීවේ තමා පසුගිය 20 වැනිදා වැලිගම සිට කොළඹ බලා පැමිණි රථය අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් පැමිණීමේ වරද පිළිගන්නා බවයි. ඒ සමඟම ඊට අදාළව කොට්ටාව අධිවේගී පිවිසුමේදී පොලිස් නිලධාරියා ලබා දුන් දඩ කොළයට අදාළ මුදල ගෙවා රියැදුරු බලපත්‍රය ලබාගත් බවද ලිඛිත ලේඛන ඔස්සේ ඔප්පු කළේය.තවද එම අවස්ථාවේදී එම පොලිස් නිලධාරියා තම රියැදුරාට සහ තමාට බිරිඳ දරුවන් ඉදිරියේ ඉතා පහත් ආකාරයෙන් කතා කළ ආකාරයත් තමා සහ ඔහු අතර වචන හුවමාරුවක් ඇතිවීමෙන් පසු තමා එම අවස්ථාවේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ අධිවේගී මාර්ගය භාර අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට පැමිණිලි කළ බවත් පෙන්වා දුන්නේය.තවද නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේ එදින එම සිද්ධියෙන් දින ගණනාවකට පසු අදාළ පොලිස් නිලධාරියාට අයත් යැයි කියන වාහනයක් ගිනි ගැනීමේ සිද්ධියට තමා සැකකරු යැයි එම පොලිස් නිලධාරියා මාධ්‍ය හරහා ප්‍රකාශකර ඇතත් තමා කිසිසේත් ඊට සම්බන්ධ නැති අතර තමා මේ වන විට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව එම පොලිස් නිලධාරියාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත සැලසුම්සහගතව එම ගිනි තැබීමේ සිද්ධිය සිදුවී ඇති බවය.කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරු සොයා නිසි දඬුවම් දෙන ලෙසට නියෝජ්‍ය ඇමැතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින අතර තමා වැරැද්දක් කර සිටී නම් ඊට දඬුවම් විඳීමට සූදානම් බවද මාධ්‍ය හරහා පවසා සිටියේය. නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා පවසන ආකාරයට සිද්ධිය මෙසේය,පසුගිය 20 වැනිදා නියෝජ්‍ය ඇමැතිවරයා සිය බිරිඳ සහ දරුවකු සමඟ වැලිගම සිට දහවල් 12.00ට පමණ අධිවේගී මාර්ගය හරහා පැමිණ ඇත්තේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවට පෙනී සිටීම සඳහාය. වැලිගම නිවසේදී ප්‍රමාද වීම නිසා වාහනයට ඉක්මනින් යාමට රියැදුරුට පැවසීම නිසා එය පැයට කිලෝමීටර් 140 වේගයට පැමිණ ඇත.අනතුරුව කොට්ටාව පිවිසුමේදී වාහනය නවත්වා දඩ කොළය ලබා දී තිබේ. අදාළ පොලිස් නිලධාරියා රියැදුරුට ආවේගශීලීව කතා කළ නිසා නියෝජ්‍ය ඇමැතිවරයා පවසා ඇත්තේ එසේ පහත් ලෙස කතා නොකරන ලෙසයි.එවිට පෙලිස් නිලධාරියා නියෝජ්‍ය ඇමැතිවරයා සිටි අසුන දෙසට ළංවී නිලධාරියාගේ නිල ඇඳුමේ පොලිස් අංකය පෙන්වා “මෙන්න මගේ අංකය ඕනෑ දෙයක් කරපන්” කියා තිබේ.දෙදෙනා අතර වචන හුවමාරුව ඇති වී තිබුනේ ඒ අවස්ථාවේය. ඇමැතිවරයා පැමිණිල්ල කර තිබුනේද ඒ අවස්ථාවේය.පසුව 30 වැනිදා රාත්‍රියේ මෙම පොලිස් නිලධාරියාට අයත් වාහනය ගිනි තබා තිබුණි. නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා 30 වැනිදා පෙරවරුවේ 8.30ට විවාහ මංගල්‍යයකට අත්සන් කර පසුව තවත් විවෘත කිරීම්, මළගෙවල් කිහිපයක් ඇතුළු ස්ථාන ගණනාවකට ගොස් නැවතත් දහවල් විවාහ මංගල උත්සවයෙන් ආහාර ගෙන නැවතත් ප්‍රදේශයේ උත්සව කිහිපයකට සහ මළ ගෙවල් දෙකට ගොස් පස්වරු 6.30ට නිවසට ගොස් රාත්‍රියේ ගුවන් හමුදා කඳවුරට ගොස් නැවත බිරිඳ සහ දරුවන් සමඟ තානායමින් රාත්‍රී ආහාරය ගෙන නිවසට පැමිණ රාත්‍රී 12.00ට පමණ නින්දට ගොස් ඇති බවද ආගිය තැන් ආහාර ගත් ස්ථානයේ බිල්පත් ආදිය ද මාධ්‍යයට පෙන්වා සිටියේය.ඊට අමතරව සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා විදෙස් ගතවීමට කරන සැලසුමක තොරතුරු සහ ඔහු විසින් ෆිනෑන්ස් සමාගමකින් ලබාගත් වාහනයට ලක්ෂ දෙකකට වැඩි මුදලක් හිඟ මුදල් ගෙවීමට ඇති ලියවිලි සහ ඔහුගේ සොහොයුරු විශේෂ කාර්ය බළකායේ සිට ඇමරිකාවට ගොස් ඇති ආකාරයත් මොහුද එහි යාමට උත්සාහ කර පසුව වෙනත් ආකාරයකට එහි යාමට ඇති සැලසුමක් පිළිබඳවත් තොරතුරු හෙළිකර සිටියේය.තමා මෙතරම් තොරතුරු සොයා ගත්තේ තමාගේ නමට මෙම සිද්ධිය නිසා ඇතිවී තිබෙන අපකීර්තිය සහ තමා නිදොස් නිවැරදි පුද්ගලයකු නිසා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.තවද මෙම සිද්ධිය හා සම්බන්ධ සියලු සත්‍යතාව දින කිහිපයක් ඇතුළත හෙළිවනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.යම් හෙයකින් පොලිස් නිලධාරියා සිදුකර ඇති වංචාව පිළිගෙන සමාව ඉල්ලා සිටිය හොත් තමා සමාව ලබා දෙන බවද හෙතෙම පැවසීය.සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණ- පොලිස් මාධ්‍ය ප්‍රකාශකකොට්ටාව - මාතර අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා සහ පොලිස් නිලධාරියකු අතර ඇති වූ සිද්ධිය සහ ඉන් පසු වාහනයක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.ඒ අනුව රහස් පොලිස් සහ පොලිසිය පරීක්ෂණ සිදුකරයි. එම පරීක්ෂණ අවසානයේදී සියලු තොරතුරු හෙළිවීමෙන් පසු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n1406107
නව මාර්ගය හෙට ජනපති අතින් ජනතා අයිතියට
ඡායාරූපය - පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර
රුපියල් මිලියන 3500ක වියදමකින් රජය මඟින් ඉදිකරන ලද පොළොන්නරුව නගරයේ සිට ඓතිහාසික සෝමාවතිය පුදබිම දක්වා වූ මන්තීරු දෙකකින් යුත් මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් හෙට (11) දින විවෘත කිරීමට නියමිතය.සෑම වසරකම මහ කන්නයේ දී ජලයෙන් යටවන සෝමාවතිය මාර්ගය - සුංගාවිල සිට කිලෝමීටර් 12ක් කොන්ක්‍රීට්වලින් මන් තීරු දෙකක් නිමවා තිබේ. පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 26ක් සුංගාවිල දක්වා මන්තීරු දෙකක් කාපට් කොට ඇත.මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ තැනූ මේ මාර්ගයෙන් පොළොන්නරුව නගරයේ සිට විනාඩි 45ක දී සෝමාවතිය පුදබිම වෙත රථ වාහනයකින් පැමිණිය හැක..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n1406108
ජංගම සේවාවේ මුල්තැන දෙන්නේ ජනතාවගේ පෞද්ගලික ගැටලු විසඳීමටයි
@ මහින්ද අලුත්ගෙදර
ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ජංගම සේවා වැඩසටහනේදී ජනතාවගේ පෞද්ගලික ගැටලු විසදීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවැසීය.ග්‍රාමීය ප්‍රදේශවල පවතින පොදු අවශ්‍යතා ඉටු කිරීම සදහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අයවැය යටතේ විශාල මුදල් සම්භාරයක් වෙන් කර ඇති බවත් ගමකින් ගමකට ගෙයකින් ගෙයකට වැඩසටහන මගින් අපේක්‍ෂා කරන්නේ ජනතාවගේ මෙතෙක් විසදී නොමැති උප්පැන්න සහතික, ජාතික හැදුනුම්පත්, වාහන බලපත්‍ර, ඉඩම් ඔප්පු යනාදිය මෙන්ම රෝද පුටු, ඇස් කණ්ණාඩි, බෝ නොවන රෝග හදුනාගැනීම ආදී වූ පුද්ගලික අවශ්‍යතාවන් රැසක් ඉටු කිරීම බවත් හෙතෙම කියා සිටියේය.ජංගම සේවා වැඩසටහන පිළිබඳව බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ආසනයට අයත් සොරණාතොට, කන්දකැටිය සහ මීගහකිවුල යන ප්‍රාදේශය ලේකම් කොට්ඨාශ තුනෙහි ග්‍රාමසේවා වසම් 71ක මහජන නියෝජිතයින්, රජයේ නිධාරීන් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරිම සදහා කන්දකැපූ උල්පත මහා විද්‍යාලයේදි පසුගියදා පැවති දැනුවත් කිරීමේ හමුව අමතමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26ක දැනුවත් කිරීමේ වැඩසටහන් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මේ දිනවල ග්‍රාමසේවා මට්ටමින් ජංගම සේවා ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ජංගම සේවාවලදී ජනතාව දෙනුවත් කිරීම, සායන සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම, ජනතාවගේ පුද්ගලික ගැටඵ හදුනාගෙන ඒවාට කඩිනමින් විසදුම් ලබාදීම සිදු කෙරේ. බදුල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය 811,759ක් වන අතර මොනරාගල දිස්ත්‍රික්කයේ ජනගහනය 448,142කි. දිස්ත්‍රික්ක දෙකට අයත් ග්‍රාමසේවා වසම් සංඛ්‍යාව 886ක් වේ. මේ සෑම පුද්ගලයෙකුගේම පුද්ගලික අවශ්‍යතා හදුනා ගැනීමට හැකිවන පරිදි ජංගමසේවා පැවැත්වීම සංවිධානය කර තිබේ. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහාය.ග්‍රාමසේවා මට්ටමින් විසදීමට නොහැකි ජනතා ගැටලු ඉහළ රජයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආසන මට්ටමින් පවත්වනු ලබන ජංගම සේවාව දහා යොමු කරන බවත්, එම අවස්ථාවේදීද විසදීමට නොහැකි ගැටළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ජාතික මට්ටමින් පවත්වනු ලබන ජංගම සේවාවේදී විසදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.මේ අවස්ථාවට ඇමැතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, ලක්‍ෂමන් සෙනෙවිරත්න, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සහ පළාත් සභා මැති ඇමතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ රජයේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n1406109
“පිළිකාවේ සැබෑ තතු” ශිරන්ති මැතිනියට
null
මහරගම ජාතික පිළිකා ආයත‍නයේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන සහ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ රචනා කළ “පිළිකාවේ සැබෑ තතු” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඉකුත්දා සිදුකෙරිණි. කෘතියේ කතුවරුන් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියට පිළිගැන්වූ අයුරුයි මේ. ඡායාරූපය - ලලිත් වැලිවිටිගොඩ.
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n14061010
රුපියල් බිලියන 1.2 ක වියදමින් යාප‍නයට සංස්කෘතික මධ්‍යස්ථානයක්
null
රුපියල් බිලියන 1.2 ක වියදමින් යාප‍නයේ ඉදිවන සංස්කෘතික මධ්‍යස්ථානය සදහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි. කේ සිංහ මහතා අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු විය. එහදී බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේ ගිවිසුම් හුවමාරු කර ගත් අයුරු.
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n14061011
චූදිත ජූඩ්ගේ මරණීය දණ්ඩනය මහාධිකරණය ප්‍රකාශයට පත් කරයි
රෝෂන් තුෂාර
රෝයල් පාක් ඝාතන නඩුවේ චූදිත දොන් ජූඩ් ශාමන්ත ඇන්තනි ජයමහ තරුණයාට අභියාචනාධිකරණය මගින් නියම කැර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සනාථ කළ මරණීය දණ්ඩනය කොළඹ මහාධිකරණය ඊයේ (9)ප්‍රකාශයට පත් ‍ෙකළේය.මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක මහත්මිය මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමේ තීන්දුව ප්‍රකාශයට පත් කළාය.චූදිත බන්ධනාගාර අධිකාරිය මඟින් කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කැර තිබිණි.මහාධිකරණ ශාලාවේ දොරවල් වසා දමා විදුලි පංකා නිවාදැමීමෙන් පසුව පැමිණි සිටි පිරිස නැඟී සීටිමෙන් අනතුරුව නැගී සිටි විනිසුරුවරිය චුදිත වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසුව ජනරජයේ ජනාධිපතිවරයා නියම කරන දිනයක ප්‍රාණය යනතුරු බෙල්ලෙන් එල්ලා තැබීමට නියෝග කරමින් එම තීන්දුවට අත්සන් තබා පෑන කඩා දැමුවාය.2005 ජුලි මස 01 වැනි දින රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරිම ඇතුළු චෝදනාවන්ට වරද කරුවු ජුඩ් ශාමන්තට මේ මරණ දඩුවම නි‍යම කෙරිණි.නීතිපතිවරයා ගොනු කළ අධි චෝදනා විභාග කොළඹ මහාධිකරණය 2010 ජුලි මස 28 වැනි දින ලබාදුන් තීන්දුව අනුව ශාමන්ත වසර 12 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරිණි . රුපියල් ලක්ෂ තුනක දඩයක්ද නියම කළ මහාධිකරණය එය නොගෙවන්නේ නම් තවත් වසර තුනක දඩුවමක් නියම ‍ෙකළේය.එම තීන්දුවට එරෙහි චුදයා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරපත් කළ අතර නීතිපතිවරයාද එම දඩුවම ප්‍රමාණවත් නොවන බවට කරුණු දක්වමින් අභියාචනාවක් ඉදිරිපත් ‍ෙකළේය.පෙත්සම් දෙක විභාග කළ අභියාචනාධිකරණය 2012 ජුලි 11වැනි දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චුදිතට මරණ දඩුවම නියම කළ අතර චූදිතගේ පෙත්සම නිශ්ප්‍රභ ‍ෙකළේය.අභියාචනාධිකරණය ලබාදුන් එම තීන්දුවට එරෙහිව චූදිත යළිත් වතාවක් ‍ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ඉදිරිපත් ‍ෙකළේය. එම අභියාචන පෙතසම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණ තීන්දුව යළිත් සනාත කරමින් සිය තීන්දුව 2013 ඔක්තෝම්බර් මස 22 වැනි දින ප්‍රකාශයට පත් ‍ෙ‍කළේය.එම තීන්දුව අනුව ඊයේ (09) මහාධිකරණය මඟින් මරණ දඩුවම නිය ‍ෙකළේය..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n14061012
ශ්‍රී ලන්කන් කොළඹ-කරච්චි ගුවන් ගමන් නතර වෙයි
ක්‍රිස්ටි මහේෂ් ද සිල්වා
පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි අන්තර්ජාතික ගුවන් තොටුපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතු කොට ගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා ගුවන් ගත කිරීම ඊයේ (09දා) සිට නතර කැර දැමීමට සිදු වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා පැවැසීය.දැනට කරච්චි ගුවන් තොටුපොළ වසා දමා ඇති බව සඳහන් කළ විධායක නිලධාරිවරයා ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන් යානා එම ගුවන් තොටුපොළ වෙත යැවීම තාවකාලිකව නතර කැර දැමීමට තම සමාගමට සිදු වූ බව සඳහන් කෙළේය.වසා දමා ඇති ගුවන් තොටුපොළ නැවතත් විවෘත කරනු ලැබුවහොත් ඉදිරියේ දී පාකිස්තානය වෙත ගුවන් යානා ගුවන් ගත කිරීමට පෙර කාල සටහන අනුව සිදුකරනු ලබන බව පැවසූ විධායක නිලධාරිවරයා ගුවන් තොටුපොළ විවෘත කරනු ලබන ඕනෑම දිනක සිට ගුවන් යානා යැවීමට තම සමාගම අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද පැවැසීය..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n14061013
මිනී මැරීමේ චෝදනාවට අයියා මලෝ‍ ඇතුළු 4ක් එල්ලුම්ගහට
මීගමුව විශේෂ
මිනී මැරීමේ චෝදනාවට වරදකරුවන් වූ අයියා මලෝවරුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට මීගමුව මහාධිකරණ විනිසුරු එච්.එම්.ඒ. ගෆූර් මහතා ඊයේ (09) මරණීය දඬුවම නියම ‍ෙකළේය.මේ සිද්ධියේදී මරණ දඬුවම නියම වූ පළමු වැනි විත්තිකරු මීගමුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි.පිළි‍ෙවළින් මරණ දඬුවම නියම වූයේ කොච්චිකඩේ පෝරුතොට පදිංචිකරුවන් වූ හුස්ති රාස් මොහොමඩ් හුසේන් (මීගමුව මහ නගර සභාව් හිටපු නාගරික මන්ත්‍රී) , සියාම් රාස් මොහොමඩ් හුසේන්, මොහොමඩ් සුබෙදූර්, මොහොමඩ් ෆරීස් යන හතර දෙනාටයි. පළමු වැනි විත්තිකරු වූ හුස්ති රාස් සහ මොහොමඩ් හුසේන් යන දෙදෙනා අයියා මලෝවරුන්ය. මේ නඩුව විභාගයට ගැනුනේ එක, දෙක හා හතර යන විත්තිකරුවන්ට නොමැතිවයි. නඩු විභාගයට පෙනී සිටියේ තෙවෙනි විත්තිකරු වූ මොහොමඩ් සුබෙදුරේ නැමැති අය පමණි. සෙසු විත්තිකරුවන් තිදෙනා රටින් පැන විදේශගතවී ඇතැයි පැමිණිල්ලෙන් කියනු ලබයි.2001 ජූලි මස 24 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මෙම අධිකරණ කලාපයට අයත් කොච්චිකඩේ පෝරුතොට දී මොහොමඩ් ලියබ්දීන් මොහොමඩ් කසික්දීන් (39) නමැත්තාට වෙඩි තබා මරා දමන ලදැයි ද එදින එකී වේලාවේදී නීති විරෝධී ලෙස රංචු ගැසී යැයිද නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා කොට තිබිණි.මෙම සිද්ධියෙන් වසර 13කට පසුවයි දීර්ඝ නඩු විභාගයකින් පසු වරදකරුවන් වූ විත්තිකරුවන්ට මරණීය දඬුවම නියම වූයේ..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n14061014
මුලතිව් අම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවය නිම වෙයි
රක්ෂණ ශ්‍රියන්ත මුලතිව් සිට
මුලතිව් වට්ටක්කුලී අන්නහි අම්මාන් කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවයේ අවසාන දිනය වූ ඊයේ (09) සිංහල, දෙමළ හා විදේශීය බැතිත්හු ලක්ෂ 08ක සහභාගිත්වයෙන් නිමාවට පත්විය.ආගමික සහජීවනය, ජාතීන් අතර සමඟිය ඇතිකරලීමට ඉවහල් වූ මෙම උත්සවය මෙවර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ යුද හමුදාපති දයා රත්නායක මහතාගේ උපදෙස් මත මුලතිව් ආඥාපති මේජර් ජෙනරල් ජගත් ඩයස් මහතා‍ෙග් මෙහෙයවීම මත යුද හමුදාවේ මූලිකත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි. දෙමළ ජනතාවගේ ඉතාමත් ගෞරවාදරයට පත් වූ මේ කෝවිලේ මුහුදු වතුරෙන් දෙවියන් සඳහා පහන් දැල්වීම විශේෂත්වයකි.වැසිකිළි, කැසිකිළි, පහසුකම්, දන්සල් ප්‍රවානය හා වෛද්‍ය පහසුකම් කෝවිලේ අලුත්වැඩියා කටයුතු ප්‍රදේශය පිරිසිදු කිරීම් යනාදිය කටයුතු සඳහා යුද හමුදාව මූලිකත්වය ගෙන කටයුතු කැර තිබේ.අවසන් දිනය වූ ඊයේ යුද හමුදා හෙලිකොප්ටර් යානා මඟින් කෝවිලට අහසින් මල් දැමීම ද සිදු කළ අතර, බැතිමතුන්ගේ පුද පුජා හා භාරහාර ඔප්පු කිරීම, හවස ගිනි පෑගීමේ උත්සවය, අලුයට කිරි ඉතිරවීම, කිරිබත් පිසීම වැනි කටයුතුවලින් අනතුරුව උත්සවය නිමාවට පත්විය..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n14061015
ඉන්දීය ධීවරයන් 80 නිදහස් කරන්න ජනපතිගෙන් උපදෙස්
null
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් අසූ‍ දෙදෙනා වහාම නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.දෙරට අතර හොද හිත වර්ධනය කරගැනීමේ අරමුණෙන් එම පියවර ගත් බව ය ජනාධිපති ප්‍රකාශකවරයා පැවසුවේය..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=n14061016
ශාක වර්ධන රසායන වර්ග මිනිස් සිරුරට විසයි
සන්ධ්‍යා කරුණාරත්න
වෙළෙඳ පොළේ අලෙවි කිරීමට තිබෙන ශාක වර්ධන රසායන වර්ග මිනිස් සිරුරට විස වීමේ අවදානමක් පවතින බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානි ‍විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.ශාක වර්ධන රසායන වර්ග මිනිස් සිරුරට විස වීම හේතුවෙන් පසුගිය කාලය තුළදී සැලකිය යුතු රෝගීන් පිරිසක් රෝහල් ගත වූ බවත් ඔහු පැවැසුවේය.සාමාන්‍යයෙන් මිනිස් සිරුරට විසවන බවට තොරතුරු පැවැතියේ පළිබෝධනාශක පමණක් බව වුවත් වර්තමානය වන විට එය පමණක් නොව මේ ශාක වර්ධන රසායන වර්ගද විස වන බවට තොරතුරු පවතින බව වෛද්‍ය ගුණතිලක මහතා ප්‍රකාශ කෙළේය..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=r1406101
වවුනියාවේදී රන් ආභරණ සොරකම් කළ අහිගුණ්ඨික කාන්තාවන් තිදෙනෙක් දැලේ
@ උතුරු පළාත් සමූහ - යාපනය නිමල් රත්නායක
වවුනියාව නගරයේදි ලක්ෂ 15කට අධික රන් භාණ්ඩ සොරකමක් කළ කාන්තාවන් පිරිසක් පෙරේදා (8) වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිය ඇති වවුනියාව ප්‍රදේශයේ තාවකාලික කූඩාරම් තනාගෙන ජීවත් වන අහිගුණ්ඨික කාන්තාවන් තිදෙනෙකි.මඩකලපුව සිට යාපනය දක්වා ගමන් කරන ලද ලංගම බස් රථයක යාපනය ප්‍රදේශයේ මංගල උත්සවයක් සදහා ගමන් ගත් කාන්තාවකගේ රන් භාණ්ඩ අසුරන ලද බෑගයක් අස්ථාන ගතවීමක් සම්බන්ධව වවුනියාව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත කරන ලද විමර්ශන කටයුතුවලදී මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙදි මොවුන් සතුව තිබි රුපියල් ලක්ෂ 15 අධික පවුම් 31.5 පමණ වන රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂයක් පමණ වටිනා නවීන දුරකතනයක් හා තවත් දුරකතන ‍දෙකක් ද, රුපියල් 50000 පමණ වටිනා අත් ඔරලොසුවක්ද සොයා ගෙන ඇති අතර මේ භාණ්ඩ ද සොරා ගන්නා ලද ඒවා යැයි පොලිසිය සැක මතු කරයි.මේ විමර්ශන කටයුතු වවුනියාව හා මන්නාරම භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ, එම කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරික්ෂක චන්න අබේරත්න, වවුනියාව අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. ජයතිලක මහත්වරුන් ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. වැඩිදුර පරික්ෂණ වවුනියාව පොලිසිය මගින් සිදු කරයි..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=r1406102
මත්පැන් වැඩි මිලට විකිණූ ගොවිජනසේවා නිලධාරියකු අත්අඩංගුවට
@ අනුරාධපුර මධ්‍යම විශේෂ
මත්පැන් වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ ගොවිජන සේවා නිලධාරියකු උතුරු මැද පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (8) මත්පැන් බෝතල් 12 1/2ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.ඉපලෝගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන නිලධාරියෙකු විසින් වැඩි මුදලට මත්පැන් විකුණන බවට ලැබුණු තොරතුරක් මත විශේෂ ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් උපාය දූතයෙකු යොදා මත්පැන් බෝතල් 1/2ක් රුපියල් 500ක මුදලකට විකිණීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු ඉපලෝගම කුංචිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු නිවෙස ඉදිරිපිට පිහිට වසා දැමු කඩයක තබාගෙන මත්පැන් විකුණන බවද විශේෂ ඒකකය සදහන් කරයි. සැකකරු සගවා තිබු රජයේ මත්පැන් බෝතල් 12 ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ වැඩි මුදලට මත්පැන් විකීණීමේ නිරත වී ඇති බවත් පොසොන් සමයේ අධික මිලට විකිණීම සදහා මේ මත්පැන් තොගය රැගෙන එන්නට ඇති බව පොලීසිය පවසයි.උතුරු මැද පළාතභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හර්ෂද සිල්වා මහත්වරුන් ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකොට සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=r1406103
අවසන් ගමනටත් ගංවතුර හරස් වෙලා...
ඡායාරූප - @ ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලගැල්මට ලක්ව ඇති සමහර ප්‍රදේශවල ගංවතුර තවමත් බැස නොයෑම නිසා එම ප්‍රදේශවල ජනතාව බොහෝ දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.හොරණ, වල්පිට ප්‍රදේශයේ පැවැති අවමඟුල් උත්සවයකට සහභාගි වූ පිරිස මෙන්ම එම නිවැසියෝද එම ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හමුවේ දැඩි අසීරුතාවකට මුහුණ දුන්හ.දේහය සුසාන භූමිය තෙක් රැගෙන යෑම, පාංශුකූලය සඳහා ස්වාමින් වහන්සේ වැඩමවීම වැනි සියලු කටයුතු ගංවතුර මතින් සිදුකරන්නට සිදුවූ අතර, එම කටයුතු බෝට්ටු ආධාරයෙන් සිදුකළ අයුරු ඡායාරූප වල දැක්වේ..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=r1406104
අටවැනි වරටත් කසිප්පු පෙරා හසුවෙයි
ගම්පොළ සමූහ
කසිප්පු පෙරීම සම්බන්ධයෙන් පෙර වැරැදි 7කට වරදකරුවකු වී දඬුවම් ලැබූ අයකු 8 වැනි වරද කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා බෝතල් 152ක් හා උපකරණ සමඟ හසුවීම නිසා ඔහුට ගම්පොළ ප්‍රධාන මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා රුපියල් 85000/-ක දඩ මුදලක් නියම කරනු ලැබීය.ගම්පොල දුණුකේමුල්ල ප්‍රදේශයේ කාලයක් තිස්සේ හොර රහසේ පවත්වාගෙන ගොස් තිබූ මේ කසිප්පු තිප්පොළ ඔත්තුකරුවන් යොදා සොයාගෙන ඇත. මොහු විවිධ ස්ථානවල මේ ලෙස කසිප්පු පෙරීම සිදු කර තිබුණද පොලිසිය මගින් හත් වරක්ම මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. ගෝඩා බෝතල් 152 සඳහා රුපියල් 70000/-ක් ද උපකරණ සඳහා රුපියල් 15000/-ක් ද ලෙස මහේස්ත්‍රාත්වරයා දඩ නියම කෙළේය.කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ගම්පොළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා මහතා, සහකාර පොලිස් අධිකාරි චූලනී වීරරත්න මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශ ස්ථානාධිපති අයි. ආර්. ජයන්ත මහතා ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කළහ‍..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=r1406105
නිදන් හෑරූ හයදෙනෙක් පොලිසියට කොටු
පොළොන්නරුව දිසා සමූහඇම්. පී. සරත්
ළිඳක් හාරන මුවාවෙන් නිවෙස පිටුපස නිදන් හාරමින් සිටි හයදෙනෙක් මින්නේරිය පොලිසිය මඟින් ඊයේ (09) අලුයම 2.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.මින්නේරිය කටුකැලියාව එකේ කණුව (01) ප්‍රදේශයේ ගෙවත්තක නිවෙසක පිටුපස නිදන් හාරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ අඩි 12ක ගැඹුරු වළක් හාරමින් සිටි අතර නිදන් හෑරීමට උපයෝගී කරගත් උදලු, අලවංගු ඇතුළු තවත් උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇත.නිවෙස් හිමියා ඇතුළු අනිකුත් අය පානදුර, මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. මොවුන් අතර කාන්තාවක් ද සිටී.සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මින්නේරිය පොලිසිය කටයුතු කරගෙන යයි..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=r1406106
බාලවයස්කාරියකට අතවර කර වසර හතළිහක් හිරේට
@ මුන්නේශ්වරම සමුහඊ.සි.ප්‍රනාන්දු
හලාවත මුන්නේශ්වරම් ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක කැලයකට ඇද ගෙන ගොස් අතවර කර ඇය පැළඳගෙන සිටි රන් කරාබු දෙක කොල්ලකා පලා යෑමේ චෝදනාවන් මත පවරා තිබු නඩුව හලාවත මහාධිකරණය හමුමෙහි විභාගයට ගත් විනිසුරු එචි.එම්.අමල් තිලකරත්න මහතා ඉදිරිපත් වු සියලු සාක්කිවලින් සියලු චෝදනා ඔප්පු කර ඇති නිසා විත්තිකරු වරදිකරු කරමින් ඔහුට බරපතළ වැඩ සහිතව වසර හතළිහක සිර දඩුවමක් සහ රුපියල් පනස් දහසක දඩයක් ද නියම කරමින් අතවරයට පත් දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ පහළොවක වන්දි මුදලක් ගෙවන ලෙසත් නියම කෙළේය.1997 සැප්තැම්බර් මස 17 වන දින හෝ ඊට ආසන්න දිනයක දි හලාවත මහාධිකරණ බල සීමාවේ මුන්නේශ්වරම තිඹිල්ලේදි වයස 12ක් වු බාල වයස්කාර දැරියක බලහත්කාරයෙන් පාලු ස්ථානය කදි කැලයකට ඇද ගෙන ගොස් ඇගේ විරෝධය මැද ඇයට කාම අපරාධයක් කර ඇගේ කන පැළද සිටි රන් කරාබු ජෝඩුවක් ගලවා ගෙන මංකොල්ලකෑමේ චෝදනාවන් මත මේ නඩුව පවරා තිබුණි.විත්තිකරු දඩය නොගෙවන්නේ නම් වසරක කාලයක් සදහා සැහැල්ලු සිරදඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් වසරක පහක කාලයක් සදහා සැහැල්ලු සිර දඩුවමක් ද වශයෙන් සියලු සිර දඩුවම් අනු පිළිවෙළට ගෙවියන ලෙසින් විඳිය යුතු බවත් නියෝග කෙළේය..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=s1406101
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා පිල අද චීන තායිපේ යයි
ප්‍රින්ස් ගුණසේකර
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල චීන තායිපේ බලා අද පිටත්වෙයි. රටවල් 39ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1000ක් පමණ සහභාගි වන මේ මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 12වැනිදා සිට 15වැනිදා දක්වා තායිපේ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.ශ්‍රී ලංකා පිලට ක්‍රීඩකයන් 12ක්, ක්‍රීඩිකාවන් 8ක් හා නිලධාරීහූ 5ක් එක්ව සිටිති.මේ ශූරතාවලිය අවසන් වරට 2012දී කොළඹ සුගතදාස ක්‍රීඩාගංණයේ පැවැති අතර එහි දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 2ක් හිමිවිය. චීනය රන් 15ක්, රිදී 5ක් හා ලෝකඩ 3ක් ලබා පෙරමුණේ පසුවූ අතර චීන තායිපේ රන් 6ක්, රිදී 3ක් හා ලෝකඩ 6ක් දිනා දෙවැනි තැන පසුවිය.ශ්‍රී ලංකාවට එම ශූරතාවලියේ මීටර් 400 කාන්තා තරගයේ දී ශිවන්ති කුමාරී හා මීටර් 400 පිරිමි තරගයේ දී දුලාජ් මධුසංඛ රන් පදක්කම් දිනා දුන්හ.මෙවර තරගාවලියේ දී ද පදක්කම් 6ක් පමණ දිනාගනු ඇතැයි මලල ක්‍රීඩා සම්මේලනය අපේක්ෂා කරයි.චීනයේ නැංජින් නුවර පසුගිය වසරේ පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ගෞරවය ගෙනදුන් අනුරාධ විදුසංඛ, නිර්මාලී මධුෂිකා හා නිශාන්ති දිල්හානි කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා තිබේ. අනුරාධ විදුසංඛ මීටර් 400 තරගයේ දී, නිර්මාලී මධුෂිකා මීටර් 400 තරගයේ දී හා නිශාන්ති දිල්හානි මීටර් 800 තරගයේ දී ලෝකඩ පදක්කම් දිනා ගත්හ.ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල මෙසේය.පිරිමි- හිමාෂ ඒෂාන්, මී.100, මී.100x4 (කලුතර ම.ම.වි.), නිසල් සචින්තන මී.100, මී.100x4 (නාලන්දා), සුරංජය ද සිල්වා මී.100x4 (යුද හමුදාව), අරෝෂ කාරියවසම් මී.100x4 (ආනන්ද), නවීන් මුතුආරච්චි මී.100x4 (සාන්ත ජෝශප් කොළඹ), විනුර ලක්මාල් මී.400, මී.400x4 (මාරිස්ටෙලා), කුපුන් කුෂාන්ත මී.800මී.400x4(නාලන්දා), සතිර ශානුක මී.400x4 (මාතර රාහුල), ආර්.එම්.පී.කේ.රත්නායක මී.400x4 (ත්‍රිත්ව), අනුරාධ විදුසංඛ මී.400x4 (සා.මේරි), අතීත එන්.කරුණාසිංහ තුන්පිම්ම (යුද හමුදාව), සමිත් ලක්මාල් මී.100x4 (රත්නපුර සීවලී)කාන්තා - නිර්මාලී මධුෂිකා මී.400, මී.400x4 (කතලුව ම.ම.වි.), ඊ.පී.කේ.මධූෂිකා මී.400 කඩුලු, මී.400x4 (කුලියාපිටිය ම.ම.වි.), එම්.ඩී‍.උදයංගනී මී.400x4 (වැලිමඩ ම.ම.වි.), මෙත්මා කමන්ති මී.400x4 (නාවල ජනාධිපති බා.), රුවන්ති ෆර්ඩිනැන්ඩිස් මී.400x4 (ගේට්වේ), නිශාන්ති දිල්හානී මී.800 (කුලියාපිටිය ම.ම.වි.), සාරංගී ද සිල්වා දුර පැනීම (පානදුර සුමංගල බා.), විදූෂා ලක්ෂානී (නිව්ස්ටඩ් -මීගමුව)නිලධාරීන් - එච්.ඩබ්ලිව්. නිමල්සිරි (කළමනාකරු), පිලිප් රංජිත්, එම්.සී.කේ.පෙරේරා (පුහුණුකරුවන්), ඉමල්කා රණවීර (කාන්තා කණ්ඩායම භාර නිලධාරිනී), ධම්මික සේනානායක (වෛද්‍ය).
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=s1406102
ක්‍රිස් ගේල් ටෙස්ට් තරග 100
null
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පෙරේදා සබීනා පාක් හී ආරම්භ වූ බටහිර ඉන්දියා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට එක්වූ කොදෙව් පිලේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් සිය ටෙස්ට් තරග දිවියේ 100වැනි ටෙස්ට් කඩඉම පසු කළේය. කොදෙව් ටෙස්ට් තරග ඉතිහාසයේ තරග 100කට සහභාගි වූ 9වැනි ක්‍රීඩකයා ඔහු විය.35හැවිරිදි ‍ගේල් මේ දක්වා ටෙස්ට් තරග 99කට සහභාගිවී ඉනිම් 174කදී ලකුණු 6933ක් රැස් කිරිමට සමත්විය. ඊට ශතක 15ක් සහ අර්ධ ශතක 34ක් ඇතුළත්ය. පන්දු යැවීමෙන් දස්කම් පාමින් ටෙස්ට් කඩුලු 72ක් බිඳ දැමීමට ද ඔහු සමත්විය.‍ ගේල් සිය ටෙස්ට් තරග දිවියේ රැක ගත් උඩපන්දු සංඛ්‍යාව 90කි.දෙපිල අතර ඊයේ ආරම්භ වූ ටෙස්ට් තරගයට එක්වී සිටින කොදෙව් පිලේ ශිවනාරින් චන්දර්පොල් කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගී වූ ක්‍රීඩකයා වේ. ඔහු පෙරේදා ආරම්භ වූ ටෙස්ට් තරගයට පෙර තරග 153කට ක්‍රීඩා කර තිබිණි. කර්ට්නි වොල්ෂ් (තරග 132), බ්‍රයන් ලාරා (තරග 130), විවියන් රිචඩ්ස් (තරග 121)‍, ඩෙස්මන්ඩ් හේන්ස් (තරග 116), ක්ලයිව් ලොයිඩ් (තරග 110), ගෝර්ඩන් ග්‍රිනිජ් (තරග 108) සහ කාල් හූපර් (තරග 102) කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 100 කඩඉම පසු කළ සෙසු ක්‍රීඩකයන් වෙති..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=s1406103
ගම්පහ කලාප ක්‍රීඩා ශූරතාව වේයන්ගොඩ බණ්ඩාරනායකයට
කේ.කේ.එස්.ආරියදාස
ගම්පහ අධ්‍යාපන කලාප ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල ලකුණු 164ක් රැස්කළ අතර ගම්පහ බණ්ඩාරනායක විදුහට ලකුණු 150ක් ලබාගනිමින් අනුශූරතාව හිමිකර ගත්තේය.ගම්පහ, අත්තනගල්ල හා දොම්පේ අධ්‍යාපන කොට්ඨාසවල පාසල් 150පමණ එක්වු තරගාවලිය දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගම්පහ අධ්‍යාපන කලාප ක්‍රීඩා අධ්‍යක්ෂිකා ධම්මිකා කුළතුංග මහත්මියගේ මුලිකත්වයෙන් තරගාවලිය සංවිධානය කර තිබිණි.තරගාවලියේ මලල ක්‍රීඩා අංශයේ බාලක ශූරතාව ගම්පහ බණ්ඩාරනායක ම.ම.වි දිනාගත් අතර අනුශූරතාව නිට්ටඹුව සංඝබෝධි ම.ම.විදුහලට හිමිවිය. එහි බාලිකා ශූරතාව වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහලත්, අනුශූරතා සිරිකුරුස බාලිකා විදුහලටත් හිමිවිය.තරගාවලියේ දක්ෂත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය. අවු.15න් පහළ බාලක-රනේන් විදුලංග (ගෝතමී ක.වි), බාලිකා-නෙත්මිණි විරසිංහ (ගෝතමී බා.).17න් පහළ බාලක-කේ.ජී.දයාන් ධර්මවර්ධන (ග.බණ්ඩාරනායක), බාලිකා-එස්.එස්.සිරිවර්ධන (ලයිසියම් ජා.පා), සී.සී.උදිතා කුමාරි (ඌරාපොල මැ.වි), ආර්.ඒ.එම්.පී.රණතුංග (වේයන්ගොඩ ම.වි), සජීවා රාජපක්ෂ (රත්නාවලී).19න් පහළ බාලක-අංජන දෙනෙත් සඳරුවන් (කිරිඳිවැල ම.වි), බාලිකා-සචිනි ජයනෙත්ති, ලක්නා අයේෂානී (වේයන්ගොඩ ම.වි).21න් පහළ බාලක-විරංග චාමර (යක්කල අනුර ම.ම.වි), ඉසුරු ගනේපොල (ග.බණ්ඩාරනායක), බාලිකා-ඒ.ඒ.ඉරේෂා සංජිවනී (වේයන්ගොඩ ම.වි), මේනකා සන්ධ්‍යා කුමාරි (දංගල්ල ම.වි).
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=s1406104
මියුසියස් 13න් පිහිනුම් සම ශූරතාව ෂවිනිට
null
මියුසියස් විද්‍යාලයීය වාර්ෂික පිහිනුම් තරගාවලිය පසුගියදා එස්.එස්.සී. පිහිනුම් තටාකයේ දී පැවැත්විණි. එහි දී අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ සම ශූරතාව අත්කර ගැනීමට ෂවිනි සූරියආරච්චි සමත්වූවාය.ඔටර්ස් ක්‍රීඩා සමාජයේ සුමිත් ධර්මදාස යටතේ පුහුණුව ලබන ඇය මේ තරගාවලියේ දී අවුරුදු 13න් පහළ නිදහස් ආර හා පසු ආර තරග ඉසව්වල පළමු ස්ථානය දිනාගත් අතර සමනල ආර තරග ඉසව්වේ තෙවැනි තැන අත්කර ගත්තාය..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=s1406105
ක්‍රිකට් විනිසුරු දඬුවමට විදුහල්පති විරෝධතාවක්
ඉන්දික පොල්කොටුව
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මහනුවර විද්‍යාර්ථ හා කෑගලු විද්‍යාලය අතර පැවැති ක්‍රිකට් තරගයේදී විනිසුරුවන්ගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව පැවැති පරික්ෂණයේදී වැරදිකරුවන් වු එම විනිසුරුවන්ට ක්‍රිකට් තහනමක් පනවා ඇත.ක්‍රිකට් තරග නොමැති කාලයේදී පැනවු මේ දඬුවම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැව් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති අශෝක දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.මෙහි පිටපත් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතාට යවා ඇත.පසුගිය ජනවාරි 13 හා 14 දෙදින කෑගල්ලේ පැවැති විද්‍යාර්ථ හා කෑගලු විද්‍යාලය අතර ක්‍රිකට් තරගයේදී තරගය පැවැත්වීමට පන්දු වාර හා කාලය තිබියදී විනිසුරුවන් එම තරගය අතරමග නවතා විද්‍යාර්ථ විද්‍යාලයට ජය ගැනීමට තිබු තරගයක අවස්ථාව අවහිර කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස විද්‍යාර්ථ විද්‍යාලය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ක්‍රිකට් තරග නොමැති මාර්තු-මැයි කාල වකවානුවක එම විනිසුරුවන්ට තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය ක්‍රියා කර තිබුණි..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=s1406106
වත්තල සා.අන්තෝනි විදුහලට කඩුලු 8ක ජයක්
null
වත්තල සාන්ත අන්තෝනි විදුහල් පිල සහ නාලන්දා විදුහල් පිල අතර වත්තල දී පසුගියදා පැවැති අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සාන්ත අන්තෝනි විදුහල් පිල සමත්විය.පළමුව පන්දුවට පහරදුන් නාලන්දා විදුහල ඕවර 33.4කදී ලකුණු 96කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වත්තල සාන්ත අන්තෝනි විදුහල ඕවර 22.4කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය අත්කර ගත්තේය.නාලන්දා - 96 (ඕවර 33.4) ගීතික නඳුන් 8/3, ඔෂාන් ප්‍රියමන්ත 11/2, අරින්ද චතුරංග 16/2)සා.අන්තෝනි - 100/2 (ඕවර 22.4) ඩිලාන් ප්‍රසන්න 40, කවිඳු හෙට්ටිආරච්චි නොදැවී 15, සුවන් ප්‍රභාෂ් නොදැවී 14යි..
NEWSPAPER
2014.06.10
http://www.dinamina.lk/2014/06/10/_art.asp?fn=f1406101
පොදු අපේක්ෂක කතිකාව ජනාධිපතිතුමාගේ ප්‍රබල බව කියාපෑමක්
null
විධායක ජනාධිපති ධුරය පිළිබඳ මේ වනවිට ඇති සංවාදාත්මක තත්ත්වය, විපක්ෂයේ පොදු අපේක්ෂක, යන දේශපාලන කරුණු හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ හා එහි රැඳවියන්ගේ පුනරුත්ථාපනය සිදුවන්නේ කෙසේද යන කරුණූ ගැන ඇමැති චන්ද්‍රසිරි ගජදීර සමඟ සිදුකළ සංවාදයකි.ජනාධිපතිවරණයක් ගැන නිල වශයෙන් මට දැන ගැනීමට ලැබිලා නැහැ. ඒ නිසා නිල නොවන දෙයක් ගැන දිගින් දිගටම කතා කිරීම ප්‍රථිඵල විරහිතයි. ඒත් ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වූවහොත් ජනාධිපතිතුමාට නැවත ජයග්‍රහණය කිරීමට පුළුවන්කම තිබෙනවා. අද ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයට අභියෝග එල්ල කළ හැකි ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයකු විරුද්ධ පක්ෂ දේශපාලන ක්ෂේත්‍රයේ නැහැ.එක්සත් ජාතික පක්ෂය කියන්නේ අතීතයේ දී දැවැන්ත දේශපාලන පක්ෂයක්. ඒත් අද එජාපය ශක්තිය හීන වූ දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙලා. ඒ නිසා තමයි විපක්ෂයේ පක්ෂ තමන්ගේ අපේක්ෂකයකු වෙනුවට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලසුම් කරන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රබලත්වය පොදු අපේක්ෂක උත්සාහයත් සමඟ කැපී පෙනෙන්ට පටන් ගෙන තිබෙනවා.ඉදිරි කොයි කාලයේ දී ජනාධිපති මැතිවරණයක් තිබ්බත් ජනාධිපත්තුමාට ජයග්‍රහණය කිරීමට පුළුවන්. ඒ ගැන අප අතිශයෝක්තියෙන් කියනවා නොවෙයි. යථාර්ථවාදී දේශපාලන අර්ථයෙන් ගත්තහමත් මේ තත්ත්වය ඉතාමත් පැහැදිලිව දැක ගැනීමට පුළුවන්.විධායක ජනාධිපතිධුරය පාර්ලිමේන්තුවට වගකියන පාලන ක්‍රමයක් ඇති කිරීම ගැන සංවාදාත්මක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මෙහිදී එක් එක් පාර්ශව විවිධ මත පළ කරන්න පුළුවන්. ඒත් වමේ දේශපාලන පක්ෂ විදිහට අප සංවාදාත්මකව සිටිනවා පාර්ලිමේන්තුවට වගකියන පාලන ක්‍රමයක් ඇති කිරීම ගැන.ඇත්තෙන්ම වමේ දේශපාලන පක්ෂ විදිහට අපේ ස්ථාවරයයි අප පැහැදිලි කළේ. තවත් කෙනෙකුට මේ කරුණ ගැන තවත් මතයක් තිබෙන්නට පුළුවන්. මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කර සංවාදාත්මකව අදහස් හුවමාරු කිරීමෙන් තමයි අවසාන විසැඳුමකට අවසාන නිගමනයකට එන්නට පුළුවන්කම ලැ‍බෙන්නේ.විපක්ෂයේ වගකීම කුමක්ද කියන එක අපේ විපක්ෂය තේරුම් ගෙන නැහැ. ඒ නිසා තමයි ඔවුන් මොන හොඳ දේ කළත් ඒ හොඳ දේට විරුද්ධ වෙන්නේ. නරක දේ කළත් විරුද්ධ වෙනවා. මේ විදිහට හැසිරෙන්න විපක්ෂයක් ඕන වෙන්නේ නැහැ.වෙනත් රටවල විපක්ෂය ට ඉහළ වගකීමක් ති‍බෙනවා. ඒත් කනගාටුවට කාරණය වෙන්නේ අපේ විපක්ෂයට කිසිදු ජාතික වගකීමක් නැහැ. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයකු විදිහට නෙවෙයි මම කතා කරන්නේ සාමාන්‍ය පුරවැසියකු විදිහටයි. මේ කාලය ඇතුළත මේ ආණ්ඩුව විශාල සංවර්ධනයක් දකුණු පළාතට පමණක් නොවෙයි මුළු රටට ම ඉටුකර තිබෙනවා. මම හිතන විදිහට මෑත යුගයේ දී විශාල ම වගකීමක් සංවර්ධන කාර්යභාරයක් තිබෙන්නේ මේ ආණ්ඩුවයි. ඒ ගැන කිසිදු විවාදයක් නැහැ.රටක් දියුණුව වෙත පිය නගන්නනම් මූලිකව ඉටුකළ යුතු කාර්යභාරය බවට පත්වෙලා තිබෙන්නේ යටිතල පහසුකම් ඉහළ දැමීමයි. යටිතල පහසුකම් ඉහළ නංවනවා කියන්නේ සංවර්ධනය වෙත වේගවත් ලෙස ගමන් කිරීමට පුළුවන්කම ලැබීමයි. මේ වේගවත් සංවර්ධන ගමනට අවශ්‍ය ගෞරවය හිමිවිය යුත්තේ මේ ආණ්ඩුවටයි.වැරැදිකරුවන් විශෝධනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමයි බන්ධනාගාර ක්ෂේත්‍රයේ මූලික ඉලක්කය.මේ වනවිට එල්. ටී.ටී.ඊ. සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ වෙලා සිටිය දහතුන් දහසක් පමණ පුනරුත්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා. දැනටමත් මේ අය බොහෝ පිරිසක් සමාජගත කිරීමට පුළුවන් වෙලා තිබෙනවා. මෙය අප අමාත්‍යාංශයක් විදිහට ලැබූ ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.ප්‍රතිපත්තිමය කාරණයක් විදිහට ගත්තහම පුනරුත්ථාපනය ඉතාමත් ඉහළින් තැබිය හැකියි. ඒ වගේම වෘත්තිය පුහුණු කටයුතු වෙත යොමු කිරීමටත් කටයුතු කර තිබෙනවා. එන්. වී. කියූ (NV*) පුහුණු පාඨමාලා වෙත යොමු කිරීමට පවා කටයුතු කර තිබෙනවා.අද බොහෝ පිරිස් බන්ධනාගාර ගතවී සිටින්නේ මත්ද්‍රව්‍ය පානය කිරීම වැනි වැරැදි මූලික කරගෙනයි. ඔවුන් පුනරුත්ථාපන සමාජගත කිරීමට පසුබිම සකස් කර තිබෙනවා. එම වැරැදි සඳහා කන්දකාඩු ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඇති කර තිබෙනවා. මෙමගින් විශෝධනය කිරීම ඉතාමත් ඉහළ විශෝධනයක් සිදුකර කර තිබෙනවා.වැරැදිකරුවන්ට දඬුවම් කිරීමෙන්වත් ඔවුන්ව පීඩනයට පත්කිරීමෙන් වත් වැරැදි යළිත් සිදුවන එක වැළැක්වීමට බැහැ.රැඳවියන් නිවැරැදි මගට ගැනීමේ හොඳම පිළිවෙත යැයි මා සිතන්නේ පුනරුත්ථාපනය කිරීමයි.මරණ දඬුවම කියන්නේ සියල්ලට ම විසැඳුම නොවෙයි. මරණ දඬුවම අත්හිටවූ 1970 දශකයේ අගභාගයට වඩා අද තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා. අද අපරාධවල තත්ත්වය එදාට වඩා ඉතාමත් සැහැසිවෙලා තිබෙන්නේ. මේ සැහැසි බව පාලනය කිරීමට නම් අධිකරණය මගින් නියම කරන ලද දඬුවම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ.බන්ධනාගාරවල මූලික අරමුණ වෙලා තිබෙන්නේම රැඳවියන් යහපත් පුරවැසියන් බවට පත් කිරීමයි. ඒක අරමුණ කරගෙන තමයි අප කටයුතු කරන්නේ. රැඳවියන් පුනරුත්ථාපනයට ලක් කළ හැකි ඉඩකඩ හා පහසුකම් ඇති ස්ථාන බවට පත් කළ යුතුයි. ඒ වගේම මෙම බන්ධනාගාර අලුත් ලෝකයට ගැළපෙන තැනක් බවට පත් කළ යුතුයි..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n1406111
ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා රටට කඩාවැදීම හරිද
ධනුෂ්ක ගොඩකුඹුර මැදිරිගිරිය සිට.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට පත්කර ඇති පුද්ගලයන් හට මෙරටට පැමිණෙන්නට ඉඩ දෙනවාද නැතිද යන්න තීන්දු කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරීමට තීරණය කර තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.මෙරට යුද අපරාධ පිළිබඳ සොයා බලන්නට පත් කර ඇතැයි කියන පුද්ගලයකු මෙහි පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට, පරීක්ෂණ කරන්නට අවසර ඉල්ලා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඊට ඉඩ දෙනවාද නැද්ද යන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තුවෙන් විමසා සිටීමට සූදානම් බවත් ප්‍රකාශ කළේය.ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් රට සංවර්ධනය කරා ගෙන යාම නිසා මාස හයෙන් හයට ජිනීවා ගොස් වග උත්තර බඳින්නට අපට සිදු ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඩොලර්වලට යට වූ පිරිස්වලට රට පාවා දීමට ඉඩ තැබීමට පුළුවන්කමක් නොමැති බව අවධාරණය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ මැදිරිගිරිය ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ඊයේ (10) විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජනහමුවකට එක්වෙමිනි.රට පුරා මහින්දෝදය පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකෙරුණු මේ විද්‍යාගාරය අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25 කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40 කින් සමන්විත පරිගණකාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් සමන්විතය.මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලුවේය. විද්‍යාලයේ සෞඛ්‍යාරක්ෂිත ජල පිරිපහදු ඒකකයද මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.ජනාධිපතිවරයා දැකගන්නට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් විද්‍යාලය වෙත මෙන්ම ඒ අවට රැස්ව සිටී අතර ඔවුන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කථා බහකද නිරත විය.පහරදීම, අපහාස කිරීම ඇතැමුන්ගේ කලාවක් වී තිබෙන නමුත් තමා නම් කිසිවකුටත් පුද්ගලිකව පහර නොදෙන බව පැවසූ ජනාධිපතිවරයා එහෙත් අසත්‍ය ප්‍රචාරවලට නම් උත්තර දෙන්නට සිදුව තිබෙන බව ප්‍රකාශ කළේය. රට කොතරම් සංවර්ධනය කළත් දරුවන් සංවර්ධනය නොවුණහොත් කිසිදු ඵලක් නොමැති බවත් රජය අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒ නිසා බවත් ජනාධිපතිවරයා පැවසීය.නිදහසින් පසු ආපස්සට ගිය රටක් නැවත ගොඩනංවා අපේ දරුවන් ඉහළට ගෙනැවිත් තිබීම සම්බන්ධයෙන් අපට දොස් කියන්නට කිසිවකුටත් අයිතියක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නගරයේ ඇති අයිතිවාසිකම් ගමේ දරුවන්ටත් ලැබිය යුතු බවත් ඒ වෙනුවෙන් සිය යුතුකම නොපැකිළ ඉටු කරන බවත් අවධාරණය කළේය.මේ දෙස බලා සිටිය නොහැකි ඇතැමුන් මේවාට ඊර්ෂ්‍යා කළත් ගමේ උපන කෙනකු ලෙස ගම පිළිබඳ තිබෙන හැඟීම ප්‍රසිද්ධියේ කියන්නට තමා කිසිවිටෙකත් බිය නොවන බවත් වැඩිදුරටත් පැවසීය.ඇමැති මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සේදර සෙනරත් මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n1406112
ජිනීවා යෝජනාවලටරජය කිසිසේත් එකඟ නෑ
ඉන්දික පොල්කොටුව
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු යෝජනාව අසාධාරණ, ඒකපාර්ශ්වීය ‍යෝජනාවක් බැවින් ඔවුන්ගේ එම යෝජනාව හරහා ක්‍රියාත්මක කිසිදු වැඩපිළිවෙළකට රජය එකඟ නැතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.නිවැරැදි දත්ත හා සොයා බැලීමකින් තොරව පදනම් විරහිතව ද්වේශ සහගත ලෙස ගෙන ආ එම කමිටු යෝජනාව රට රටවල ඡන්ද වලින් ඔවුන් කෙලෙස විග්‍රහ කළත් එයට එය මුළුමනින්ම ඒකපාර්ශ්වීය බව ඇමැතිවරයා පෙන්වා දෙයි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බැව් පැවසීය.ස්වෛරී රාජ්‍යයක් ලෙස මෙරට සම්බන්ධයෙන් තීරණ ගැනීම රටෙහි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ප්‍රමුඛ රජයට පැවැරී ඇතැයිද ඒ අනුව රටට අහිතකැර කිසිදු ක්‍රියාවලියකට කිසිවකුට ඉඩක් නැතැයිද ඒ මහතා කීය. ත්‍රස්තවාදය නිවැරැදිව පරාජය කැර ලොවම මවිත වන අන්දමින් අද රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ නිසා විවිධ අයුරින් එල්ල වන බාධා අතර මෙවැනි බාධා නිරන්තරයෙන් ජයගත් බවද ඇමැතිවරයා පැවසීය..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n1406113
පරීක්ෂණ සඳහාකිසිදු සහායක් දෙන්නේ නෑ
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා කිසිඳු සහායක් ලබා නොදෙන බව ශ්‍රී ලංකා රජය ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි.ජාතීන් අතර සංහිඳියාව ක්‍රියාවලිය මෙන්ම ජාතිය ගොඩනැඟීමේ හා වගවීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කරයි.රාජ්‍යයන් සමඟ මෙන්ම රටේ සංවර්ධනය හා සුබසාධනය වෙනුවෙන් ම කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඇත්ත වශයෙන්ම කැපවී තටයුතු කරන බවද ඔවුන් සමඟ ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දෙයි.ස්විට්සර්ලන්තයේ ජිනීවිහි දී ඊයේ (10) ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සලයේ 26 වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා තානාපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.විශ්‍රම යාමට නියමිතව සිටින ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා තානාපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් රවිනාථ ආරියසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු දක්වා තිබෙන බව ද එම අමාත්‍යාංශය කියයි.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී සම්මත කරගත් යෝජනාවට අනුව සිදුකරන පරීක්ෂණය සහ ඒ සඳහා පත්කෙරෙන කමිටුවේ කාර්යභාරය සම්බන්ධයෙන් මෙහි දී නවනීදන් පිල්ලේ විසින් කරුණු දක්වා තිබේ.ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා පෙන්වා දී තිබෙන්නේ මේ වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවක් ජගත් මානව හිමිකම් කවින්සලයේ දී සම්මත කරගත්තද ඒ සඳහා සහාය දී තිබෙන්නේ සාමාජික රටවලින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි.එසේ සම්මත කරගත් යෝජනාව අභියෝගයට ලක්කරමින් රවිනාථ ආරියසිංහ මහතා පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටක ස්වාධීනත්වය, අන්තර්ජාතික නීතිය උල්ලංගනය සහ එකිනෙකට පරස්පර විරෝධී ‍එකක් වශයෙන් අදාළ යෝජනාව නම්කරන බවයි.එම යෝජනාව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතාවයන්ට විරුද්ධව සම්මත කරගෙන තිබෙන බව පෙන්වා දී තිබෙන තානාපතිවරයා කිසිඳු පැහැදිලිතාවයකින් තොර යෝජනාව වැරැදි පූර්වාදර්ශයක් ලබාදෙන බවද ඊට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සඳහා වන දේශීය විසඳුම හා ජාතික සංහිඳියාව අතර ඇති සමබරතාවය නැතිකර තිබෙන බවද සිහිපත්කර ඇත.නවනීදන් පිල්ලේගේ ඒකපාර්ශවීය යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒ මහතා ප්‍රකාශකර ඇත්තේ මෙහි සම්බන්ධීකාරක සම්බන්ධයෙන් ඇති විශ්වාසය පිළිබඳ විවිධ වාර්තා මතුවන බවයි..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n1406114
පාරිතෝෂිකය බැංකු හරහා විශ්‍රාමිකයන් 1100‍ක් අරන්
උදුලා පීරිස්
විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය බැංකු හරහා ගෙවීමේ ක්‍රමයට මේවන විට විශ්‍රාමිකයන් 1100‍ දෙනෙකු වෙත ගෙවා අවසන් බවත් තවත් 600‍ දෙනෙකු ‍ඒ ක්‍රමය හරහා විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය අයදුම්කර ඇති බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් එස්. එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය. මේ ක්‍රමය හරහා පාරිතෝෂිකය ගෙවීම සඳහා බැංකුවෙන් රුපියල් කෝටි 1500ක (බිලියන 15ක) ණයක් ලබාගත් බව ද ඒ මහතා අනාවරණය කෙළේය.නව ක්‍රමය හරහා විශ්‍රාම වැටුප් ලබා ගැනීම විශ්‍රාමිකයාට ලාභ හා පහසුදායක ක්‍රමයක් බව ද පෙන්වා දෙන ඒ මහතා ඇතැම් වෘත්තීය සමීති වලින් ගෙනහැර දක්වන සාවද්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙසද ඒ මහතා සමස්ත විශ්‍රාමිකයින්ගෙන් ඉල්ලා සිටී. විශ්‍රාම වැටුප් ගෙවන ක්‍රම දෙක සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පෙරේදා (09) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ කීය.විශ්‍රාම වැටුප් ගෙවීමේ නව ක්‍රමය හා පැරණි ක්‍රමය තවමත් සිදු කරමින් පවතින බවත් විශ්‍රාමිකයාගේ කැමැත්ත මත ඕනෑම ක්‍රමයකින් විශ්‍රාම වැටුප් ඉල්ලුම්කළ හැකිය. එහෙත් පැරණි ක්‍රමය මගින් විශ්‍රාම වැටුප් ගෙවීමේදී පොරොත්තු ලේඛයේ රැදී සිටිය යුතු අතර ඇප කරුවන් හා විශාල ලිපි ලේඛන ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ නිසා විශ්‍රාමිකයාට සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා කාලයක් බලා සිටිය යුතුවේ. එහෙත් නව ක්‍රමය මගින් පාරිතෝෂිකය ඉල්ලුම් කළ දිනම රාජ්‍ය බැංකුවක් මගින් ලබා ගැනීමේ අවකාශ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සකසා තිබේ.රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා මහා භාණ්ඩාගාරය යන රාජ්‍ය ආයතන ත්‍රිත්වය එක්ව විශ්‍රාමිකයාගේ පහසුව වෙනුවෙන් මේ නව ක්‍රමය හදුන්වාදී ඇත.අතීතයේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබුවේ වසරකට ඉතා සීමිත ප්‍රමාණයක් බවත් එහෙත් වර්ත‍මානයේදී වසරකට රාජ්‍ය සේවයට දහස් ගණනක් බදවා ගන්නා බවත් එකවර විශ්‍රාම යන පිරිස ඉදිරියේ දී වැඩිවිය හැකියැයි ද හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත්කියා සිටියේය.නව ක්‍රමයේදී විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය වසර 18ක් තුළ පොළී රහිතව ආපසු අයකර ගනු ලබන අතර වසර 18කින් පසුව විශ්‍රාමලාභියා අඩු නොකළ විශ්‍රාම වැටුපට හිමිකම් ලබයි.එසේම වසර 18ක් තුළ විශ්‍රාමලාභීන්ගෙන් අය නොවන ප්‍රමාණනයක් වෙතත්නම් සහ එම කාලයට පෙර වි‍ශ්‍රාමිකයා මිය ගිය හොත් බැංකුව වෙත ගෙවිය යුතු මුදල රජය මගින් ගෙවනු ලබන බවත් මේ නිසා නව ක්‍රමය ඉතා කඩිනම් හා වාසිදායක බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂජනරාල්වරයා කියා සිටියේය..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n1406115
ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවජනපති අතින් අද විවෘත කෙරේ
null
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය පනස් දෙවැනි වරටත් සංවිධාන කරන මිහින්තලා අලෝක පූජාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද දින පස්වරුවේ විවෘත කෙරේ.මිහින්තලය රජ මහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මෙම පින්කම පැවැත්වේ. ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ආලෝක පූජාවට සම අනුග්‍රාහකත්වය දක්වයි.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද, විදුලිබල හා බලශක්ති ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද, අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු මැති ඇමැතිවරු ද, ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ද, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ද, විදුලි ආලෝක පූජාවට මූල්‍යමය අනුග්‍රාහකත්වය සපයන අබාන්ස් ආයතනය නියෝජනය කරමින් එම ආයතනයේ සාමාන්‍යාධිකාරි ධම්මික ප්‍රසන්න මහත්වරු ද, මහාභාරකාරවරයා ද මෙම අවස්ථාවට සහභාගී වෙති.පෙසොන් පොහොය නිමිත්තෙන් දිනමිණ පුවත්පත සමඟ පිරිනැමෙන "අනුරපුරේ ශ්‍රියා" විශේෂ අතිරේකය ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම උත්සවයේදී පිළිගැන්වීමට නියමිතය.මිහින්තලය විදුලි ආලෝක පූජාවට සමගාමීව 24වැනි වරටත් පැවැත්වෙන දහම්පාසල් සිසු දරුදැරියන්ගේ සීල සමාදාන වැඩසටහන මෙවරත් පොසොන් පුර පසළොස්වක පොහෝදා (12) මිහින්තලා උඩමළුවේ පැවැත්වේ.දෙවැනි දිනය යෙදී තිබෙන 12වැනිදා විදුලි ආලෝක පූජාව විවෘත කිරීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපපක්ෂ මහතා අතින් සිදුකැරේ.විශේෂ ව්‍යාපෘති ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරු ඇතුළු උතුරු මැද පළාත් දේශපාලනඥයන් සහභාගී වීමට නියමිත ය. විදුලි ආලෝක පූජාවේ තෙවැනි දිනය යෙදී තිබෙන 13වැනිදා විදුලි ආලෝක පූජාව විවෘත කැරෙන්නේ අනුරාධපුර දිසාලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා අතිනි.ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී.ගනේගල මහත්වරු සහභාගී වෙති.ලේක්හවුස් ආයතනයේ දිනමිණ හා බුදුසරණ පුවත්පත් විසින් පවත්වන ලද රචනා හා කථික තරගවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම මෙදින මිහින්තලා මැද මළුවේ පැවැත්වෙන විදුලි ආලෝක පූජා උත්සවයේදී සිදු කෙරේ. මිහින්තලය පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ජල සිසිලනයක් පූජා කිරීමට ද ලේක්හවුස් ආයතනය කටයුතු යොදා ඇති අතර එම ජල සිසිලනය අද (11) සිට මිහින්තලේ උඩමළුවේදී විවෘත කැරේ.මිහින්තලය ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා ඇතුළු එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු ද, මිහින්තලේ ප්‍රාදේශිය සභාපති ඇතුළු දේශපාලන අධිකාරිය ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මිහින්තලය පොලිස් ස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය ද, ආරක්ෂක අංශ ද ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව සාර්ථකව පැවැත්වීම සඳහා නොමඳ අනුග්‍රහය දක්වන බව ලේක්හවුස් ආයතනයේ ප්‍රධානී අලෙවි හා ශාඛා කාර්යාල සුනිල් සෙන්දනායක මහතා පැවැසීය. මෙම මහඟු පුන්‍ය මහෝත්සවයට සහභාගී වන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් අදාළ අංශ විසින් සළසා තිබෙන බවත් පැවැසූ ඒ මහතා එම අවස්ථාවට සහභාගී වන ලේක්හවුස් ආයතනය සියලු ලක්වැසි බෞද්ධ ජනතාවට ගෞවරයෙන් යුතුව ආරාධනා කරන බවත් පැවැසීය..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n1406116
“අනුරපුරේ ශ්‍රියා” හෙට
null
ඓතිහාසික අනුරාධපුර රාජධානියේ එදා සහ අද තොරතුරු ඇතුළත් “අනුරපුරේ ශ්‍රියා” පිටු හැටකින් සමන්විත විශේෂ අතිරේකය “දිනමිණ” පුවත්පත සමග හෙට (12 දා) නොමිලයේ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n1406117
කොරියානු රැකියාවලට කිසිදුබාහිර පුද්ගල මැදිහත්වීමක් නෑ
මහින්ද අලුත්ගෙදර
කොරියානු රැකියා සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිඳු ආකාරයකින් මැදිහත්මක් සිදුකළ නොහැකි වන හෙයින් අන්තර්ජාල මුදල් ගනුදෙනුවල දී වඩාත් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන් වඩාත් පුළුල්ව හා කඩිනමින් මහජනතාවට සැපයීම සඳහා අන්තර්ජාලය හා ජාල ගත කිරීම නිරන්තරව සිදුකරන බවද එබැවින් මහජනතාව විදේශ රැකියා සඳහා මුදල් ගෙවීමේ දී, රාජ්‍ය ආයතනවලට හැර වෙනත් කිසිඳූ බාහිර පුද්ගලයන්ට මුදල් ගෙවීමේ දී දැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම කාර්යාංශය සඳහන් කරයි.රාජ්‍ය ආයතන කිසිවිටෙක අවිධිමත් ලෙස මුදල් ගනුදෙනු නොකරන අතර, විශාල වශයෙන් මුදල් ගෙවීමේ දී ඒ ගැන සොයාබැලීම විදේශ රැකියා අපේක්‍ෂිතයන්ගේ වගකීමක් බවද සැකයක් ඇත්නම් විදේශ සේවා කාර්යාංශයේ හෝ 1919 රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රයෙන් තොරතුරු විමසා සිටිය යුතු බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට සමාන ලෙස සැකසූ වෙබ් අඩවියක් හරහා කොරියානු රැකියා අපේක්‍ෂකයන්ගෙන් මුදල් වංචා කිරීමේ දැවැන්ත ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට එම කාර්යාංශය සමත්ව තිබෙන අතර කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය, තොරතුරු තාක්‍ෂණ අංශය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුමක දී මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.මෙම වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැර දින පහක දී සොයාගැනීමට කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයට හැකි වූ බවද ඒ සම්බන්ධයෙන් දැනට ලැබී තිබෙන තොරතුරුවලට අනුව මුදල් ජාවාරම මීට මාස කිහිපයකට පමණ පෙර සිදුකර තිබෙන බවද එම කාර්යාංශය සඳහන් කරයි.මෙවැනි මහා පරිමාණ මූල්‍ය ජාවාරම්කරුවන් බිහිවී සිටින බැවින්, ඔවුන් පිළිබඳව පොලීසිය නිරන්තරව පරීක්‍ෂණ පවත්වන අතර, මහජනතාව ද ඔවුන් ගැන අවධියෙන් සිටිය යුතු කාලය එළඹ තිබේ. සයිබර් අවකාශය භාවිතා කරමින් සිදුකළ බරපතළම මූල්‍ය වංචාව මෙය විය හැකිවන අතර ඔවුන් වංචා කළ මුදල් ප්‍රමාණය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයෙන් පසුව හෙළි කිරීමට හැකි වෙතැයි එම කාර්යාංශය පවසයි.කොරියානු රැකියා අපේක්‍ෂකයන්ගේ නම් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවට යොමුකළ හැකි එකම ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වන අතර එය කාර්යාංශ නිල වෙබ් අඩවිය මගින් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවට යොමුකෙරේ. වෙනත් කිසිඳූ බාහිර පුද්ගලයකුට හෝ ආයතනයකට මේ සඳහා කිසිඳූ ආකාරයක මැදිහත්මක් සිදුකළ නොහැක.එවැනි තත්ත්වයක දී මෙවැනි වංචනික පුද්ගලයන්ට කොරියානු රැකියා අපේක්‍ෂකයන් හසු නොවන ලෙස කාර්යාංශය ඉල්ලා සිටී. කොරියානු රැකියා ක්‍රමවේදය ශ්‍රී ලංකා රජය හා කොරියානු රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව පමණක් සිදුකරන අතර එය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් කෙරෙන බවද කාර්යාංශය සඳහන් කරයි.කාර්යාංශයේ නිල වෙබ් අඩවිය www.slbfe.lk පමණක් වන අතර, ඒ හා සමාන හෝ වෙනත් කිසිඳූ වෙබ් අඩවියක් කාර්යාංශය භාවිතා නොකරන බවද එබැවින් www.slbfe.lk වෙබ් අඩවියට පමණක් පිවිස තොරතුරු ලබා ගන්නා ලෙස කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.ව්‍යාජ වෙබ් අඩවි හරහා මූල්‍ය වංචා සිදු කරන චාකරුවන්ට හසු නොවන ලෙසත්, එවැනි අවස්ථාවල දී කාර්යාංශයෙන් විමසා සිටින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.මෙම මහා වංචාව හෙළිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතාගේ උපදෙස් පරිදි නීති හා විමර්ශන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු ප්‍රධාන පොලිස් පරීක්‍ෂණක ඩබ්.සී.එස්. ජයවර්ධන, පොලිස් පරීක්‍ෂක (නීති කි‍්‍රයාත්මක කිරීමේ නිලධාරී) කුඩාගොඩගේ මනෝහරන් හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ පොලිස් පරීක්‍ෂක කේ.එස්. සේනාරත්න මහත්වරුන් කටයුතු කළහ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n1406118
පාන් - සීනි සම්බල්දන්සල ගනේමුල්ලේ
null
ගනේමුල්ල, කේ මාර්ට් සුපර් වෙළෙඳ ආයතනය සහ සීතා සමූහ ව්‍යාපාරය එක්ව තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන උදෑසන පාන් හා සීනි සම්බල් දන්සැල පොසොන් පොහෝදා උදෑසන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n1406119
අධ්‍යාපන අමාත්‍යාංශයේ පොත් දන්සල ‍හෙට
සුභාෂිණී සේනානායක
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන පොත් දන්සල හෙට (12) මිහින්තලයේ දී පැවැත්වේ.අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව මිහින්තලේ පැවැත්වෙන පොත් දන්සල සඳහා පොත් පරිත්‍යාග ලබා ගැනීමේ අවසන් දිනය වූ පෙරේදා (09) පාසල් සහ අධ්‍යාපන කලාපවල පොත් පරිත්‍යාගයන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දුන්හ.දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පොත් පරිත්‍යාගයන් මේ වන විට ලැබී ඇති බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දිනමිණට කියා සිටියේය.මෙම පොත් දන්සල මගින් දරුවන් පරිත්‍යාගය සඳහා හුරු කරවීමත් පොත් කියවීමට නුපුරුදු දරුවන් තමන්ට ලැබෙන පොත කියවීමට යොමු කෙරේ.මේ වන විට පොත් විශාල ප්‍රමාණයක් පිරිනැමෙමින් පවතින අතර දරුවන් තමන් එක්වරක් පාවිච්චි කළ අතිරේක කියවීම් පොත්, ළමා කතන්දර පොත්, පසුගිය ප්‍රශ්නෝත්තර පොත්, විෂය පොත්, සාහිත්‍ය පොත් යනාදිය කිසිදු අයකිරීමකින් තොරව මිහින්තලයට පැමිණිණෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන් වෙත ලබාදීම මෙම පොත් දන්සලේ අරමුණ වේ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n14061110
බටුවත්තේදී දුම්රියට පැන දිවි නසාගත් සිසුවිය ගැන බස්නාහිර අධ්‍යාපන ලොක්කන්ගෙන් පරීක්ෂණයක්
සුභාෂිණී සේනානායක
රාගම - බටුවත්ත ප‍්‍රදේශයේ දී දුම්රියට පැන සියදිවි හානිකර ගත් පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මෙලෙස දුම්රියට පැන සිය දිවි හානි කරගෙන තිබුණේ රාගම - හපුගොඩ ශාන්ත මරියා විදුහලේ 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සෙව්මිණි අයේෂා නැමැති සිසුවියයි.සිය දිවි හානි කර ගත් දැරියගේ මිතුරියක ළඟ තිබූ පාසලේ ගුරුවරියකගේ දර්ශන ඇතුළත් චිප් පතක් ලබාදෙන ලෙස ඉල්ලා එම ගුරුවරිය මෙම ශිෂ්‍යාවට තරවටු කිරීම සිය දිවි හානි කර ගැනීමට හේතු වී ඇති බව මියගිය සිසුවියගේ පවුලේ ඥාතීන් සිදු කළ ප්‍රකාශයේ සඳහන්ව ඇත.මේ වන විට චෝදනාව එල්ල වන එම ගුරුවරියන් දෙදෙනා පරීක්ෂණ නිම වන තුරු ජාඇළ අධ්‍යාපන කොට්ඨාසයට අනුයුක්ත කර ඇති බව මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා සිටී..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n14061111
විශ්‍රාම වැටුප් වංචාවට වරකාපොළ හිටපු විශ්‍රාම වැටුප්නිලධාරිනිය සමඟ ඇගේ සැමියාලබන 24දා තෙක් රිමාන්ඩ්
සිරන්ජනී කුමාරි , සබරගමුව සමූහ හා කෑගල්ල දිස්ත්‍රික් සමූහ
පරිගණක දත්ත වෙනස් කර විශ්‍රාමිකයන්ගේ හිඟ වැටුප් ගෙවන මුවාවෙන් එක්කොටි විසිපන්ලක්ෂයක මුදලක් වංචා කළ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු විශ්‍රාම වැටුප් භාර නිලධාරිනිය හා ඇගේ සැමියා වන කෑගල්ල මීපිටිය වසම භාර ග්‍රාම නිලධාරිවරයා මේ මස 24වන දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මෙ‍හොමඩ් සහබ්දීන් මහතා ඊයේ (10) නියම කෙළේය.රහස් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකාර යුවළ ඊයේ අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසූවේ මොවුන් වංචා කළ මුදලින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සම්බන්ධයෙන් තොරතරු මේවනවිටත් අනාවරණය කර ගත් බවය.අංක1, බංගලාවත්ත , හෙට්ටිමුල්ල පදිංචි වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් භාර ව ක්‍රියා කළ ගීතානී දම්මිකා කුමාරි හා කෑගල්ල මීපිටිය වසම භාර ග්‍රාම නිලධාරි අනුරුද්ධ බණ්ඩාර යන අය මෙසේ රක්ෂිතබන්ධනාගාර ගත කෙරිණ.විශ්‍රාමිකයන්ගේ හිඟ වැටුප් ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කොට සිය ඥාතීන්ගේ ගිණූම් අංකයන් සඳහන් කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විගණන අංශය වෙත යොමු කරමින් මෙසේ මුදල් සිය ඥාතීන්ගේ ගිණුම්වලට බැර කරගෙන තිබේ.‍රුපියල් එක්කොටි විසිපන්ලක්ෂයක මුදලක් මෙසේ සැකකරුවන් ව්‍යාජ ලේඛන සකස් කර වංචා කොට සාවද්‍ය පරිහරණය කර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණ.හේරත්මුදියන්සේලාගේ කල්‍යාණි කුමාරි හේරත් මෙම සිද්ධියේ පැමිණිලිකරු වේ.වංචා කරන මුදලින් සැකකරුවන් ලබා ගත් බව කියන කෑගල්ලේ ඉඩමක් විකිණීම අන්සතු කිරීම තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා ඊයේ පොලිසියේ ඉල්ලීමකට අනුව තහනම් නියෝගයක් ද කෙළේය.2013/2012 යන වසරවල විශ්‍රාමිකයන්ට යා යුතු මුදල් පරිගණක මෘදෘකාංග ක්‍රමවේදයට අනුව ස්ලීප් ක්‍රමයට සැකකරුවන් වංචා කොට තිබේ.රහස් පොලිසියේ පොලිස් පරික්ෂක ජයමහමුදලි හා වාසල සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළහ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n14061112
නැණසල 790 මධ්‍යස්ථානය ජනපති අතින් අද විවෘත වෙයි
මහින්ද අලුත්ගෙදර
හත්සිය අනූවෙනි (790) නැණසල මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, තඹලවැව ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ දී අද (11) විවෘත කෙරේ.ග්‍රාමීය ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “නැණසල දහස” වැඩසටහන යටතේ මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.පොළොන්නරුව දිස්ත්‍රිකයේ මේ වනවිට ස්ථාපිතකර තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන 27 කි.අන්තර්ජාල පහසුකම් සහිත ‍නවීන තොරතුරු තාක්ෂනණ අංගෝපාංගයන්ගෙන් මෙම නැණසල මධ්‍යස්ථානය සමන්විත වන අතර එය විවෘත කිරීමේ අවස්ථාවට විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතයි..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n14061113
පාකිස්තාන ගුවන් තොටුපළට එල්ල වූත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා
මහින්ද අලුත්ගෙදර
පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි මොහොමඞ් අලි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව රජය අවධාරණය කරයි.මේ ත්‍රස්ත ප්‍රහාරය ජාත්‍යන්තර ගුවන් ගමන් සහ වාණිජ කටයුතුවලට අදාළ අතිශය වැදගත් පොදු පහසුකම් විනාශ කිරීමට දරණ ලද ම්ලේච්ඡ උත්සාහයක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.එම සන්නද්ධ ප්‍රහාරයෙන් තලෙයිබාන් සාමාජිකයන් දස දෙනෙකු, පාකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන් 11 දෙනෙකු මෙන්ම ගුවන් සේවකයක් සිවු දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් පුද්ගලයින් 14 දෙනෙකු එහිදී තුවාල ලබා තිබේ.පාකිස්තාන ආරක්ෂක අංශයන් හි වෘත්තීමය හැකියාව හේතුවෙන් අදාළ ත්‍රස්ත ප්‍රහාරය සාර්ථක ලෙස මැඩ පැවැත්වීමට හැකිව තිබෙන බව පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශය සැබවින්ම එය පැසසුමට ලක් කළයුතු බවද පෙන්වා දෙයි.මෙම ප්‍රහාරයත් සමඟ සියලු ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර සාර්ථක ලෙස මැඩ පැවැත්වීමට ජාත්‍යන්තර සහයෝඟීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්ෂණික අවශ්‍යතාව මැනවින් පිළිබිඹු කරන අතර ගෝලීය සාමය හා ආරක්ෂාවට එය අතිශයින්ම වැදගත් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.අදාළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා ජනතාව සිය සාතිශය සංවේගය පාකිස්තාන රජය හා ජනතාව වෙත පිරිනම බව පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වල ඥාතීන් සමඟ ශෝකය බෙදා ගන්නා බවද කියාසිටී..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n14061114
තරුණයෙක් උදලුතල ප්‍රහාරයෙන් මරුට
ඉන්දික පොල්කොටුවසහ එල්.එස්. එගොඩවිට මධ්‍යම පළාත් සංචාරක
කඩුගන්නාව, කඳන්ගම ප්‍රදේශයේ පිය පුතු හා සහෝදරයන් අතර ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් විසි හය හැවිරිදි තරුණයෙක්ට එල්ල වූ උදලු තල ප්‍රහාරයකින් එම තරුණයා මියගොස් ඇත. උදාර ජානක වත්තේගෙදර (26) යන පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙක් වූ තරුණයෙක් මෙලෙස මිය ගොස් ඇත.පෙරේදා (09) රාත්‍රී 8.00ට පමණ සිදුවූ මේ ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය අයගේ පියා සහ වැඩිමහල් සහෝදරයා කඩුගන්නාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉඩම් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් තිදෙනා අතර මේ ගැටුම සිදුවී ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n14061115
කඳාන මැසිනොද් විද්‍යාලයේ සිදුවීමට චෝදනා ලැබ සිටි රියැදුරුට මුදල් හා ශරීර ඇප
null
කඳාන මැසිනොද් විද්‍යාලයේ ප්‍රධාන රථගාලේදී අපරීක්ෂාකාරීව වෑන් රථයක් පදවා සිදුවූ අනතුරකින් සිසුවෙකු මියගොස් තවත් සිසුන් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වෑන් රථයේ රියැදුරුට රු 25000ක මුදල් ඇප හා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් සහිතව මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණ ගමගේ මහත්මිය නියෝග කළාය.මුදාහැරුනේ අංක 313, දළුපිටිය කඩවත පදිංචි නැදගමුගේ හෙන්රි බෙනඩික් පෙරේරා (74) නැමැති වෑන් රථයේ රියැදුරුය. රිය අනතුරින් මිය ගොස් ඇත්තේ කඳාන මැසිනොද් විද්‍යාලයේ තුන්වන වසරේ ඉ‍ෙගනුම ලබන කඳාන රිලවුල්ල ප්‍රදේශයේ පදිංචි තරිඳු දිල්හාර ජයකොඩි (08) සිසුවාය..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=n14061116
ශ්‍රී ලංකා-චීන වෙ‍ළෙඳ ආදායම ඩොලර් මිලියන 3084 දක්වා ඉහළට
චමීර ඇල්ලදෙණිය
ශ්‍රී ලංකාව හා චීනය අතර වෙ‍ළෙඳ ආදායම අමෙරිකානු ‍ඩොලර් මිලියන 3084 දක්වා වර්ධනය වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය කියයි.ජාත්‍යන්තර වෙ‍ළෙඳ ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන දකුණු ආසායනු වෙ‍ළෙඳ ප්‍රදර්ශනයේදී මේ කරුණු අනාවරණය විය. මේ ප්‍රදර්ශනය චීනයේ දී පැවැත්වෙන අතර, නව වන වර‍ට පවත්නු ලබන මේ ප්‍රදර්ශන නිසා ශ්‍රී ලංකවේ අනයනයන් වර්ධනය කිරීමට හැකියාව පවතින බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කියයි.ශ්‍රී ලංකාවට ආනායනය කරන භාණ්ඩ අතුරින් සියයට 17ක් ‍ආනයනය කරනු ලබන්නේ චීනයෙන් බව ද චීනය හා ශ්‍රී ලංකාව අතර මිතුදම 205 සිට වර්ධනය වී ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.මේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාගම් 117ක් ද සහභාගී වී ඇත..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r1406111
හොර සල්ලි දීමාළු අරන්
බළපිටිය සමූහ
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී මාළු මිලදී ගෙන පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව අහුන්ගල්ල පොලීසිය පවසයි.ඉකුත් (03) දා බළපිටිය නගරයේ මාළු වෙළඳ සැළකින් මාළු මිලදී ගෙන ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් ලබා දී ඉතිරි මුදල්ද මාරු කරගෙන සැකකරු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.මාළු ව්‍යාපාරිකයා රුපියල් පන්දහසේ නෝට්ටුව ලබාගෙන මාළු මිලදී ගත් පුද්ගලයාට ඉතිරි මුදල් ගෙවීම හේතුවෙන් මාරු මුදල් නොමැති වීම නිසා රුපියල් පන්දහසේ නෝට්ටුව මාරු කර මුදල් ලබා ගැනීමට බළපිටිය ඉන්ධන පිරවුම් හලට ගිය විට බළපිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකු මේ මුදල් නෝට්ටුව ව්‍යාජ එකක් බව ප්‍රකාශ කර ඇති බව පොලීසිය පවසයි.මෙම සිද්ධිය පිළිබඳව බළපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වෙත කරුණු වාර්තා කර ඇති බවත් සැකකරු ළඟ තවත් ව්‍යාජ පන්දහසේ නොට්ටු තිබෙන බවට හෙලි වී ඇති නිසා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව පොලීසිය පවසයි..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r1406112
ත්‍රිරෝද රියක් කහ ඉර උඩදී කොස්තාපල්වරිය හප්පගෙන ගිහින්
ඉන්දික පොල්කොටුව
මහනුවර කලෙයිමගල් විදුහල ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි කාන්තා පොලිස් නිලධාරිනියක හා පාසල් සිසුවකු පදික මාරුව මතදී අනතුරට ලක්කැර ධාවනය කළ ත්‍රීරෝද රථ රියැදුරකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මේ විදුහල ඉදිරිපිට තිබෙන පදික මාරුවේ රාජකාරි කරමින් සිටි කාන්තා කොස්තාපල්වරියක මෙලෙස තුවාල ලබා තිබේ.අනතුරින් තුවාල ලැබූ කාන්තා පොලිස් කොස්තාපල් සුභාෂිණී (5451) යන අය ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.එසේම තුවාල ලැබූ 11 හැවිරිදි සිසුවාද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කැර තිබේ.මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r1406113
වියපත් කතකගේ මළසිරුරක්ලඳු කැලෑවකින් හමුවේ
පදියතලාව සමූහ - චන්ද්‍රදාස විජයසිරි
2014.06.01 වෙනි දින සිට අතුරුදහන්ව සිටි පදියතලාව කෙහෙල්ල කඩුපහර ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිංගිරි‍ගේ ගුණසෝමා නමැති 85 වියැති කතකගේ මළ සිරුර නිවෙසට කිලෝ මීටර් 3ක් පමණ ඈතින් තිබිය දී ‍සොයා ගෙන තිබේ.මහියංගන පොලිස් වසමේ වේවත්ත ග්‍රාම සේවා නිලධාරි වසමේ ලඳු කැළෑවක තිබී මෙය සොයාගෙන ඇත.මැය අතුරුදහන් වූ දින සිට ඇය සොයා ගැනීමට විශාල උත්සාහයක් දරා තිබේ.කඩු පහර වැවද නාවික හමුදා නිලධාරීන් කැඳවා පරීක්ෂා කිරීමට පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්ධු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැක සිතිය හැකි ස්ථාන මෙන්ම ලඳු කැලෑ ද පරීක්ෂා කරමින් යද්දී නිවෙසට සැතපුම් පහකටත් වඩා දුරින් පිහිටි ලඳු කැලෑවෙන් හැමූ දුර්ගන්ධයක් නිසා ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේ දී හඳුනා ගැනීමට නොහැකි තරමට නරක් වූ මුනින් අතට වැටී තිබූ මළ සිරුර සොයා ගන්නා ලදී..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r1406114
පික් පොකට් ගහන හැටි උගන්වන්න නැන්දම්මා-ලේලිය බැංකුවට ගෙන ගිහින්
දිලීප් නිශ්ශංක - බළපිටිය සමූහ
ලේලියට පිට් පොකට් ගැසීමට පුරුදු කිරීමට පැමිණී නැන්දම්මා සහ ලේලි යන දෙදෙනාම අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බළපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉකුත්දා නියම කළේය.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඇල්පිටිය ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි පතිරගේ මල්ලිකා (45) ශෂිකලා මදුෂානී (19) යන දෙදෙනාටය.එක් දරු මවක් වන ලේලියට පිට්පොකට් ගැසීම පිළිබඳව පුහුණුවක් ලබා දීමට අම්බලන්ගොඩ ප්‍රදේශයට පැමිණි තම නැන්දණිය ලේලිය සමඟ අම්බලන්ගොඩ මහජන බැංකුවට ගොස් එහි ගනුදෙනු කරන පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඇත.එහිදී වයසක කාන්තාවක් බැංකුවෙන් මුදල් ගන්නා දුටු නැන්දම්මා සහ ලේලිය එම කාන්තාව සමඟ හිතවත් වී ඈ සමඟ කඩේකට ගොස් තේ බී වයසක කාන්තාව බිල ගෙවීමට ගිය අවස්ථාවේ ඇයගේ අත්බෑගයේ තිබී රුපියල් එක්ලක්ෂ අනූදහසක මුදලින් රුපියල් අනූදහසක මුදලක් රැගෙන පලාගොස් තිබේ.හදිසි අවශ්‍යතාවයකට බැංකුවෙන් මුදල් ගත් කාන්තාව නිවසට ගොස් මුදල් සොයා බැලීමේදී රුපියල් ලක්ෂයක් පමණක් තිබේනවා දැක ඒ පිළිබඳව සොයා බැලීමට බැංකුවට පැමිණ තිබේ.ඒ අවස්ථාවේ බැංකුවේ සිටි පුද්ගලයන් පිළිබඳව බැංකුවෙන් ලැබුණු තොරතුරු මත සොය බැලීමේදී මෙම කාන්තාවන් දෙදෙනා පිළිබඳව ඇති වූ සැකය පිළිබඳව අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සිදු කළ පරික්ෂණයේදී ඇල්පිටිය ගනේගොඩ ප්‍රදේශයේදී මෙම කාන්තාවන් දෙදෙනා රුපියල් අනූදහසක මුදල සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.සැකකාර නැන්දම්මා සහ ලේලිය රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා කුඩා දරුවෙකු සිටින ලේලිය පිලිබඳව සලකා එක් කාන්තාවකට රුපියල් විසිපන්දහස බැඟින් රුපියල් පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට (05) නියෝග කළේය.අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරික්ෂක නිරෝෂන් රූපසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පෙරේරා ඇතුළු නිලධාරින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r1406115
මංගල සාදයකට ගිහින්රෝහලේ නවතින්න වෙලා
කෑගල්ල දිස්ත්‍රික් සමූහ
වරකාපොළ හැලගල හෝටලයක පැවැති මංගල ප්‍රිය සාදයකදී ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් දෙපාර්ශ්වයක් අතර ගුටිබැට හුවමාරුවකින් පසුව හයදෙනෙකු තුවාල ලැබ වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත. හෝටලයේ දොර ජනෙල් සහ භාණ්ඩවලට ද අලාභ හානි සිදුව තිබේ.මීගමුව ප්‍රදේශයේ පදිංචි මනාලිය වරකාපොළ පදිංචි මනාලයාගේ නිවෙසට කැඳවාගෙන ඒමේ උත්සවය පසුගියදා මේ හෝටලයේ සූදානම් කර තිබිණි.දෙපාර්ශ්වයේ ඥාතීන්ට සංග්‍රහයක් ලෙස මත්පැන් සූදානම් කර තිබිණ. මනාලයාගේ පාර්ශ්වයේ අතර ඇතිවූ කලහකාරී තත්ත්වයක් නිසා මෙම පහරදීම සිදුව ඇත. දෙපාර්ශ්වයේ ඥාතීන් සහ හෝටලයේ සේවකයන් මැදිහත් වී ගැටුම නවතා තුවාල ලැබූ අය වරකාපොළ ‍මූලික රෝහලට ඇතුළත් කර තිබේ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r1406116
පණුවන් සහිත හරක්මස්විකුණා දඩ කයි
පුත්තලම සමූහ
පාරිභෝජනයට නුසුදුසු පණුවන් සහිත හරක් මස් විකිණූ මස්කඩ හිමියෙක් එම චෝදනාවට වරදකරු කළ පුත්තලම මහේස්ත්‍රාත් භාරතී එන්. විජයරත්න මෙනෙවිය ඔහුට රුපියල් 10,000ක දඩයක් නියම කළාය.පණුවන් සහිත හරක්මස් විකුණා මෙසේ දඩ කෑවේ කන්දතොඩුවාව හරක්මස් කඩයක අයිතිකරුවෙකි.මහජන පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් චුදිත අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ මඳුරන්කුලිය සහ මුන්දලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වන තිලංග පියුමාල් සහ සම්පත් නිරෝෂන් යන මහත්වරු විසිනි..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r1406117
කොළඹ කොට්ඨාස 13ක් සංවර්ධනයට දිවි නැඟුමෙන් දස ලක්ෂ 260ක්
මැද කොළඹ සමූහ වයිමන් හෙට්ටිආරච්චි
දිවිනැගුම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය වෙත රුපියල් දසලක්ෂ 260ක් වෙන්කර ඇති බව කොළඹ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස් හර්ෂනී සිරිනාම මහත්මිය පැවැසුවාය.කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොටගෙන මේ ප්‍රතිපාදන වැය කිරීමට අදහස් කරන බවත් මැතිවරණ කොට්ඨාස 13ක් සඳහා ප්‍රතිපාදන දස ලක්ෂ 20 බැගින් එක් මැතිවරණ කොට්ඨාසයකට වෙන්කර ඇති බවත් කෘෂි කටයුතු සත්ව හා ධීවර කර්මාන්ත අලෙවි හා සේවා යන අංශ 4 යටතේ ප්‍රතිපාදන යොදවන බවත් ව්‍යාපෘති හඳුනා ගැනීමේදී මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන ජංගම සේවා හා සමෘද්ධි සමිති හරහා ජනතා යෝජනා ලබා ගැනීමටත් එම යෝජනා සඳහා පමණක් මේ ප්‍රතිපාදන වැය කිරීමටත් කටයුතු යොදා ඇති බවත් සමෘද්ධි ‍ෙකාමසාරිස්වරිය පැවැසුවාය.දැනට කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් විශේෂ ව්‍යාපෘති අතර සතුන් අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීම, අළෙවි මධ්‍යස්ථාන පිහිටුවීම, ප්‍රතිලාභීන් පුහුණු කිරීම සිදු කෙරෙන අතර, මේ ප්‍රතිපාදන ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් දිවි නැගුම දෙපාර්තමේන්තුව හරහා කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අංශය වෙත ලැබී ඇත..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r1406118
අත්තනගල්ලේ යටිතල පහසුකම්සංවර්ධනයට දස ලක්ෂ 485ක ව්‍යාපෘති
ජයවීර සුගතපාල අත්තනගල්ල විශේෂ
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය මට්ටමේ විෂය මූලික යටිතල පහසුකම් සංවර්ධනය සහ මහජන උපයෝගිතා ව්‍යාපෘති සඳහා රුපියල් දසලක්ෂ 485ක් වෙන්කර ඇතැයි අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් ඩී. එම්. රත්නායක මහතා පැවසීය.ඒ මහතා එසේ පැවසුවේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.මේ යටතේ ග්‍රාම සේවා වසම් 151ක් සඳහා එක් ගමකට එක වැඩක් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් දසලක්ෂ 151ක් වෙන් කර ඇත.දිවි නැඟුමට රුපියල් දසලක්ෂ 75ක් ද පාසල් සංවර්ධනයට රුපියල් දසලක්ෂ 50ක් ද පාලම්, බොක්කු ප්‍රතිසංස්කරණයට දසලක්ෂ 30ක් ද සුළු වාරිමාර්ග සඳහා දසලක්ෂ 20ක් ද මාතෘ සායන සඳහා දසලක්ෂ 50ක් ඇතුළුව ග්‍රාමීය මට්ටමේ විවිධ විෂය මූලික යටිතල පහසුකම් සංවර්ධනයට ලබා දී ඇති මුළු මුදල රුපියල් දසලක්ෂ 485ක් වන බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති ග්‍රාම සේවා වසම් මට්ටමින් තෝරා ගෙන දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතියට ඉදිරිපත් කෙරේ. එහිදී අනුමැතිය ලබන සියලුම ව්‍යාපෘති කඩිනමින් ඇස්තමේන්තු සකස් කිරීම සඳහා ප්‍රාදේශීය සභාවල කාර්මික නිලධාරින් වෙත යොමු කෙරේ. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 151ක මෙම වසරේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r1406119
බොරලැස්ගමුව නගර සභාවටරථ ගාලක් ඕනෑ
කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර
බොරලැස්ගමුව නගර සභාවෙන් විවිධ වූ සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ වාහන නතර කර තැබීම සඳහා රථ ගාලක් නොමැත.මේ නිසා රථවාහන හිමියන් ඉමහත් දුෂ්කරතාවලට මුහුණ පාති.බොරලැස්ගමුව නගර සභාව වෙත පැමිණෙන ජනතාවගේ වාහන නතර කර තැබීම සඳහා යම් පහසුකමක් සලසා දීමට අවශ්‍ය කටයුතු කළ යුතු බව ඉකුත් දා පැවැති මාසික සභා රැස්වීමේදී ද උප සභාපති අනුර අතුකෝරල මහතා (එජනිස) පෙන්වා දුන්නේය..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r14061110
බස්-ත්‍රිරෝද රථ අනතුරින් දෙදෙනෙක් මිය යති
මල්වාන සමූහ - මහානාම විතානගේ
රදාවාන - දෙකටන මාර්ගයේ තාච්චිවිල ප්‍රදේශයේදී පසුගියදා පස්වරු 5.30ට පමණ සේවකයන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රථයේ ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනකු මරුමුවට පත්වූ අතර සෙසු තැනැත්තා බරපතළ තුවාල ලබා ඇත.මේ අනතුරින් මරුමුවට පත්වූයේ කිරිඳිවැල, බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ ත්‍රිරෝද රථයේ රියැදුරු කේ. එම්. ගුණරත්න (56) නමැති දෙදරු පියකු සහ පී. දුලියානා (86) නමැති අටදරු මවකි.ත්‍රිරෝද රථයේ රියැදුරු රදාවාන දිසා රෝහලට රැගෙන යන අතරතුරදී අටදරු මව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවත් මියගිය අතර බරපතළ ලෙස තුවාල ලැබූ තැනැත්තා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.කිරිඳිවැල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවකයින් ප්‍රවාහනය කරන බව රථයක් හා දෙකටන සිට කිරිඳිවැල දෙසට ධාවනය කළ ත්‍රිරෝද රථයක් මෙසේ අනතුරට පත්විණි.මේ අතර මේ මාරක රිය අනතුරේ බස් රථ රියැදුරා පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත් එම්. ඩී. සිරිවර්ධන මහතාට ඉදිරිපත් කරන ලදුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r14061111
දැරණියගල පහරදීමේ සිද්ධියේ සැකකරුවන්පොලිසියට බාර දෙයි
බුලත්කොහුපිටිය සමුහ - ඩබ්ලිව්.රෝහණ
දැරණියගල නක්කාවිට පනාවලකන්ද ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් සදහා කදාන ප්‍රදේශයේ සිට ගිය පිරිසක් පනාවලකන්ද ප්‍රදේශයේ පුද්ගලයකුට පහර දීමෙන් දැරණියගල රෝහලට ඇතුළත් කර ඇත.පසුව පහරදුන් පිරිස රැගත් බස් රථය ආපසු යද්දී අවිස්සාවේල්ල පොලීසිය විසින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පොලීසිය භාරයට ගෙන සැකකරුවන් තිදෙනකු අත්තඩංගුවට ගෙන බසය මුදා හැර ඇත.සැකකරුවන් තිදෙනා දැරණියගල පොලීසියට බාර දී ඇත..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=r14061112
අලවල  රක්ෂිතයේ දැව කැපීම ජයටම
ජයවීර සුතතපාල අත්තනගල්ල විශේෂ
අත්තනගල්ල අලවල රක්ෂිත වනාන්තරයේ කජු ගස් හොරෙන් කපා ප්‍රවාහනය කිරීම නැවැත්වීමට වන සංරක්ෂණ නිලධාරින් පියවර නොගන්නේ මන්දැයි ප්‍රදේශයේ ජනතාව ප්‍රශ්න කරති.ලී මෝලවලින් ඉවත් කරන ලී කුඩු, ලෑලි පිටපලු ප්‍රවාහනයට පමණක් බලපත්‍ර ලබාගත් ‍ෙලාරිවලින් මෙසේ හොරෙන් කපන කජු දැව කඳන් ප්‍රවාහනය කරන බව අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එරික් සුසන්ත කීනවින්න මහතා පැවැසීය..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=s1406111
ක්‍රීඩා පනත සංශෝධන 80%කින් නිමයි බැඩ්මින්ටන් නිලවරණය මාස 6කට කල්යයි
ප්‍රින්ස් ගුණසේකර
ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීමේ කටයුතු සියයට අසුවකින් පමණ නිමාවෙයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයන් එක්ව මේ සංශෝධන කටයුතු කඩිනමින් සාකච්ඡා කරමින් සිටිති. ක්‍රීඩා පනතේ හා ක්‍රීඩා රෙගුලාසිවල සංශෝධන ඉදිරි සති දෙකක කාලය තුළ නිමා කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළේය.එම කමිටුව ක්‍රීඩා පනතේ හා ක්‍රීඩා රෙගුලාසිවල සිදුවිය යුතු සංශෝධන කොට කෙටුම්පත ඇමැතිවරයාට භාර දිය යුතු වේ. අනතුරුව එය නීතිපති දෙපාර්තමේන්තුවට, කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරවා ගත යුතු වේ. මේ සඳහාද වසරකට ආසන්න කාලයක් ගතවන බැවින් කෙටුම්පත සැකසීම ඉක්මනින් නිමා කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ස්විස්ටර්ලන්තයේ ලූසෑන්හිදී පැවැත්වු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩා පනතේ හා රෙගුලාසිවල ඇතැම් වගන්ති සංශෝධනයට ලක් කෙරේ. එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධිත ක්‍රීඩා සංගම් 25ක ව්‍යවස්ථා සංශෝධනයද සිදු කළ යුතුයි.මේ ව්‍යවස්ථා සංශෝධන කටයුතු මේ මස 20වැනිදාට පෙර සිදුකළ යුතු බවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දන්වා තිබුණද ක්‍රීඩා අමාත්‍යාංශය හා ඔලිම්පික් කමිටුව එක්ව එම සංශෝධන තවත් මාස 6ක කාලයකට කල් දමා ඇතැයි වාර්තා වේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධන හා නිලවරණ කටයුතුවලට තවත් මාස 6ක කාලයක් ලබාදෙන ලෙසය.ඒ අනුව බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය හා ව්‍යවස්ථා සංශෝධන කටයුතු ද තවත් මාස 6කින් කල්යනු ඇත.ක්‍රීඩා සංගම්වල ව්‍යවස්ථා කෙටුම්පත් අධීක්ෂණයද ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි සංශෝධනයට පත්කළ විශේෂ කමිටුවටම පැවරී තිබේ. එම කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි, නීතිඥ පන්ඩුක කීර්තිනන්ද, ඔලිම්පික් ලේකම් මැක්ස්වෙල්ද සිල්වා, බී.එල්.එච්.පෙරේරා, ඩිල්ෂාන් ජයසූරිය හා වෛද්‍ය මයියා ගුණසේකර ඇතුළත්ව සිටියහ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=s1406112
සචිත්‍ර වටා දැවැන්ත පවුරක්
ප්‍රින්ස් ගුණසේකර
පන්දුව දමා ගසන බවට සචිත්‍ර සේනානායකට එල්ල වී ඇති චෝදනාවෙන් නිදහස් වීමට අවශ්‍ය සියලු සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදීමට ඉදිරිපත් වෙයි. මෙයට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ද සචිත්‍ර සේනානායක තනි නොකොට මේ ගැටලුවේදී ඔහුට අවශ්‍ය මානසික ශක්තිය ලබාදීමට කැපවී සිටිති.සචිත්‍ර සේනානායක ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව හමුවට කැඳවා කරුණු විමසා සම්පූර්ණ සහාය දීමට විශ්වාසය පළකොට ඇත.සචිත්‍ර සේනානායක එංගලන්තයෙන් මෙරටට පැමිණීමට පෙර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කළ විශේෂ සාදයකට එක්ව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සියලු සාමාජිකයන්ද ඉදිරියේ පැවැත්වෙන පරීක්ෂණ කටයුතුවලට ධෛර්යය ලබාදී තිබේ.පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණ කටයුතු දින 21ක කාලය අතරතුරදී පැවැත්වීමට නියමිත අතර එය එංගලන්තයේ කාඩිෆ් මෙට්රෝපොලිටින් විශ්වවිද්‍යාලයේදී සිදු කෙරේ. එහිදී සචිත්‍ර සේනානායක තරගයකදී පන්දු යවන ආකාරයෙන්ම පන්දු යැවිය යුතු අතර පන්දු යවද්දී වැලමිටෙන් අත නැමීම අංශක 15කට වඩා අඩුවිය යුතුය.යම් හෙයකින් ඔහුට නොදැනීම නියමිත අංශක ප්‍රමාණයට වඩා අත නැමීමක් සිදුවන්නේ නම් එය නිවැරදි කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සාධාරණ කාලයක් ලබාදෙයි. ඒ සඳහා විශේෂඥ දඟ පන්දු පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමටද උපදෙස් දෙනු ඇත.එවැනි අවස්ථාවක් උදාවුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම සියලු කටයුතු භාර ගන්නා බව සචිත්‍ර සේනානායකට විධායක කමිටු රැස්වීමේදී පවසා ඇතැයි වාර්තා වේ.සචිත්‍ර පවසා ඇත්තේ තමාගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බැවින් ඕනෑම පරීක්ෂණයකට නොබියව මුහුණදීමට සුදානම් බවයි.ලෝඩ්ස් පිටියේ පැවැති ශ්‍රී ලංකා-එංගලන්ත සිවුවැනි එක්දින තරගයේදී දකුණු අප්‍රිකාවේ එම්.එරාමුස් හා එංගලන්තයේ ජේ.ගව්ල්ඩ් විනිසුරුවන් විසින් සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව අභියෝගයට ලක් කළහ.එහෙත් අවසන් එක්දින තරගයට හොඳ මානසික ශක්තියකින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පසුබිම සහෝදර ක්‍රීඩකයන් සචිත්‍රට උදාකරදීම විචාරකයන්ගේ පැසසුමට පවා ලක්විය. එම තරගයේදී එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් දුවද්දී දවාගැනීමට සමත්වීමද ක්‍රිකට් ලෝකයේ අවධානයට ලක්වු විශේෂ අවස්ථාවක් විය.පන්දු දමාගසන බවට ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් මුත්තයියා මුරලිදරන්ට වසර 1995දී චෝදනා එල්ල වු අතර පසුව පැවැති පරීක්ෂණයකදී නිදහස් විය. එහෙත් එම විද්‍යාත්මක පරීක්ෂණයටද විනිසුරු ඩැරල් හෙයාර් අභියෝග කරමින් පැවැසුවේ මුරලිගේ ඉරියව්ව සැක සහිත එකක් බවය. එම අවස්ථාවේදී ද මුරලිට සහාය දැක්වීමට ක්‍රිකට් ආයතනය, නායක අර්ජුන රණතුංග ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයන් සමග විශාල පවුරක් ඉදිව තිබුණි..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=s1406113
රගර් තරගාවලිය අද හැව්ලොක්ස් පිටියේ දී
ෆවුස් මොහොමඩ්
බස්නාහිර රගර් සංගමය විසින් ශ්‍රී ලංකා කාන්තා රගර් සංවර්ධන කමිටුව හා එක්ව සංවිධානය කරනු ලබන අන්තර් සමාජ කාන්තා සත් සාමාජික රගර් තරගාවලිය අද (11) හැව්ලොක්ස් පිටියේ දී පැවැත්වේ. අද දහවල් 12.00 ට ආරම්භ වන මේ තරගාවලියේ අවසන් වටයේ තරග රාත්‍රී විදුලි ආලෝකධාරා මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.පසුගිය වසරේ ආසියානු සත් සාමාජික කාන්තා රගර් තරගාවලියේ විශිෂ්ට දස්කම් දක්වමින් පළඟ ශූරතාව දිනා ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා කාන්තා රගර් පිලේ ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් නියෝජනය කරන මේ තරගාවලියට කණ්ඩායම් 10ක් සහභාගි වෙති.යුද, ගුවන්, නාවික, රත්ගම ටයිග්‍රස්, රත්ගම ක්‍රී.ස, තලාතුඹය බ්ලැක් ඒන්ජල්ස්, බණ්ඩාරවෙල ක්‍රී.ස, බදුල්ල ක්‍රී.ස, සීතාවක ක්‍රී.සමාජය සමග අම්පාර බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය තරග වදින මේ තරගාවලිය දේශීය කාන්තා රගර් ක්ෂේත්‍රයේ උන්නතියට අතිශයින්ම වැදගත් වනු ඇත. මෙරට කාන්තා රගර් ක්ෂේත්‍රයේ වැඩි ජනප්‍රියත්වයක් ඇති කරලීමේ අරමුණ ඇතිව මේ තරගාවලිය සංවිධානය කර තිබේ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=s1406114
ඉෂානිගෙන් ශතකයක්
null
ජාතික කාන්තා ක්‍රිකට් පිලේ තුන්ඉරියව් ක්‍රීඩිකා ඉෂානී ලොකුසූරියගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් අන්තර් පළාත් කාන්තා එක්දින තරගාවලියේ රුහුණ කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 36කින් ජයගැනීමට වයඹ කණ්ඩායම සමත්විය.මුවර්ස් පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයඹ කණ්ඩායම ඕවර 49.4කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 183කි. සිය ක්‍රිකට් තරග දිවියේ පළමු ශතකය වාර්තා කළ ඉෂානි ලකුණු 115ක් රැස් කරමින් වයඹ කණ්ඩායමේ ඉනිම ‍ගොඩ නැගුවාය.පන්දු 113කට මුහුණදුන් ඇය හතරේ පහර 13ක් සහ හයේ පහර තුනක් එල්ල කළාය. එය මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු ශතකය ද වේ. පන්දු යැවීමේ දී ඕෂධී රණසිංහ කඩුලු 3ක් බිඳ දැමුවාය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රුහුණු පිල ඕවර 43කදී ලකුණු 147කට දැවී ගියේය. යසෝධා මෙන්ඩිස් නොදැවී ලකුණු 61ක් රැස් කළාය. පන්දු යැවීමේ දී චන්දිමා ගුණරත්න කඩුලු 3ක් දවාලූ අතර එන්.ජේ.අයිඩා කඩුලු 2ක් බිඳ දැමුවාය.වයඹ, රුහුණ, කඳුරට හා බස්නාහිර පළාත් කණ්ඩායම් සහභාගිවන මේ තරගාවලියේ අවසන් මහා තරගය ලබන 16වැනිදා එන්.සී‍.සී.පිටියේ දී පැවැත්වේ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=s1406115
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට ඇරැඹේ
- වර්නන් ගුණසේකර
2014 ලෝක කුසලාන පාපන්දු වේදිකාවේ තිරය විවර කරමින් සත්කාරක බ්‍රසීලය හා ක්‍රොඒෂියාව හෙට තරග වදිති.දකුණු අමෙරිකානු රටක් වන බ්‍රසීලය මෙවර කිරුළ දිනා ගැනීමේ තරගකරුවන් අතර පෙරමුණේම සිටින කණ්ඩායමක් ලෙසින් තරගාවලිය ආරම්භ කරද්දී යුරෝපීය රටක් වන ක්‍රොඒෂියාවට පැහැදිලිවම ඔවුන්ගේ ගමන ධනාත්මක පියවරකින් ආරම්භ කිරීමට වුවමනා වනු ඇත.බ්‍රසීලය මෙවර තරගාවලියේ සිටින හොඳම කණ්ඩායමක් වීමට හේතු සෑහෙන්නට ඇත. ඔවුන්ගේ ලෝක කුසලාන පාපන්දු චාරිකාව සාර්ථකව ආරම්භ වූයේ පසුගිය ජූනි මාසයේ පැවැති අවසන් සුහද තරග දෙකේදී බ්‍රසීලය පිට පිටම පැනමාව ගෝල් 4–0කින්ද, සර්බියාව ගෝල් 1–0කින්ද පරාජය කළ නිසාවෙනි.දැල ආරක්ෂා කරන ජූලියෝ සීසර්ද, ආරක්ෂක ක්‍රීඩාවේ නියැලෙන නායක තියගො සිල්වාද, මැදපෙල සිටිමින් ක්‍රීඩාව සකස්කරන්නන් වන ඔස්කාර් වැන්නවුන්ගෙන්ද, හල්ක් - ෆ්‍රෙඩ් - නෙයිමා ක්‍රීඩක ත්‍රිත්වය ප්‍රතිවාදීන්ට එල්ල කරන ප්‍රහාරයෙන්ද ශක්තිමත්ව සිටින බ්‍රසීලය මේ තරගයේදී තියුණු ක්‍රීඩාවක නිරත වනු නොඅනුමානය.ක්‍රොඒෂියාවද ඔවුන්ගේ පූර්ව ලෝක කුසලාන සුහද තරගවලදී මාලි ගෝල් 2–1කින් හා ඔස්ට්‍රේලියාව ගෝල් 1–0කින් පරාජය කිරීමට සමත් විය. කෙසේ වෙතත්, කණ්ඩායමේ එක් ප්‍රධාන ක්‍රීඩකයෙකු වන ඉදිරි පෙලේ මාරියෝ මැන්ඩ්සුකික් මේ තරගයට ක්‍රීඩා නොකරයි. ඒ, මේ තරගාවලියේ අයිස්ලන්තය සමග පැවැති මූලික තරගයේදී රතු කාඩ්පතක් පෙන්වීම නිසා ඔහු එක් තරග තහනමකට ලක්ව සිටින හෙයිනි.කණ්ඩායමේ සිටින වඩාත්ම බලපෑමක් ඇති කිරීමට සමත් ක්‍රීඩකයා වනුයේ මාරියෝ ය. ඔහු යුරෝපයේ සිටින වඩාත්ම කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයන් අතරින් කෙනෙකි. මාරියෝ නැති තැන කණ්ඩායමට දළය නැති වෙයි. මැදපෙල ක්‍රීඩක ලුකා මොඩ්රික් ට විශාල පීඩනයක් එල්ල වී තිබේ. මාරියෝ නොමැතිව ක්‍රොඒෂියාව තරග බිමේ ගණුදෙනු කරන්නේ කෙසේද කියා බලා සිටීම වටී.බ්‍රසීලය හා ක්‍රොඒෂියාව එකිනෙකාට එරෙහිව මීට පෙර දෙවතාවක් ක්‍රීඩා කර තිබේ. බ්‍රසීලය එක් තරගයක් ජය ගත් අතර අනෙක් තරගය ජය පැරදුමින් තොරව අවසන් විය. බ්‍රසීලය ගෝල් 2ක්ද, ක්‍රොඒෂියාව ගෝල් 1ක්ද ලබා ගත්හ. ක්‍රොඒෂියාව හෙට තරගයේදී බ්‍රසීලයට එරෙහිව ආරක්ෂාකාරී ක්‍රීඩාවක නිරත වනු ඇතැයි අනුමාන කෙරේ.ඒ, බ්‍රසීලයට එරෙහි ප්‍රතිඵලය ජය පැරදුමින් තොර එකක් වූවත් එය ක්‍රොඒෂියාවට වටිනා එකක් වනු ඇති බැවිනි. එහෙත් බ්‍රසීලය වැනි ආක්‍රමණශීලී කණ්ඩායමකට එරෙහිව රඟ දක්වන ආරක්ෂාකාරී ක්‍රීඩාව භයානක ප්‍රතිඵල ගෙන දීමට ඉඩ තිබේ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=f1406111
අපේ රජය නිදහස් අධ්‍යාපනය සුරැකීමට බැඳී සිටිනවා
සංවාද සටහන බුද්ධිකා බ්‍රාහ්මණගේ
රජයේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය විය යුතු බවයි. එසේ වුවද අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයක් ඇති බව ඇතැමකුගේ අදහසයි. ඒ පිළිබඳවත් රටේ වත්මන් ‍ෙද්ශපාලන තත්ත්වය පිළිබඳවත් අදහස් දක්වන්නේ උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතායි.* සම සෞඛ්‍ය උපාධිධාරි ගැටලුව ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමෙන් විසඳුණා. ජනාධිපතිතුමන් මැදිහත් වනතුරුම මෙම ගැටලුවට නිසි විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම නිසා ඊට මැදිහත් වූ ශිෂ්‍යයින්ට ඒ වෙනුවෙන් දිගු කාලයක් අරගල කිරීමට සිදුවුණා නේද?මේ උපාධි පාඨමාලාව මේ රටේ විශ්වවිද්‍යාල කිහිපයකම පවත්වනවා. කොළඹ, ජයවර්ධනපුර, යාපනය. නමුත් උපාධියට අදාළ කාලය පිළිබඳ ගැටලුව ඇති වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පමණයි. මේ පිළිබඳව ශිෂ්‍යයින් සමඟ සාකච්ඡා කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අමාත්‍යාංශයෙන් විසඳුම් ලබාදුන්නත් ඊට විරුද්ධ වුණේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය. ඒ වගේම මේ ශිෂ්‍යයින්ට රෝහල තුළ ප්‍රායෝගික පුහුණුවීම්වලට යාමේදී ගැටලු ඇති කළේ අපි නොවෙයි.මේ ගැටලුවලට විසඳුම් දීම අපහසු නිසයි අපි ඔවුන්ට උපදෙස් දුන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙස.‍ශිෂ්‍යයින්, වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සැමගේ එකඟතාවයකට අනුව අපි දැන් මේ සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අවුරුදු තුනකින් තුන හමාරකින් හෝ හතරකින් ක්‍රෙඩිට් 120ක් සම්පූර්ණ කිරීමෙන් උපාධිය ලබාගත හැකියි.වසර තුන, හතර ලෙස උපාධියේ වටිනාකම මැනීම දැන් යල් පැනගිය අදහසක්. ලෝකයේ විශ්වවිද්‍යාල බොහෝමයකම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ පිටත සිට අධ්‍යාපනය ලබා ක්‍රෙඩිට් 70වක් ‍‍හෝ 80වත් අරගෙන. ඒ අය ඉතිරි ක්‍රෙඩිට් ගණන සම්පූර්ණ කිරීමයි විශ්වවිද්‍යාලයේ දී සිදුකරන්නේ. එකිනෙකාට ඇති අවකාශය හා ඉඩ ප්‍රස්ථාව අනුවයි උපාධිය සම්පූර්ණ කිරීමට ගත වන කාලය තීරණය වන්නේ. ගතවන කාලයෙන් උපාධියේ වටිනාකම තීරණය වන්නේ නෑ.* ආචාර්යවරුන්ගේ සංගමය ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට මාසයක කාලයක් ලබාදෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අනුගත වන බවට දන්වා තිබුණා?ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය තවදුරටත් ලොකු ගැටලුවක් වන්නේ නෑ. ඒ අයත් සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමකට ඒමට හැකිවේවි.ඔවුන්ගේ ඉල්ලීම් අතරින් ප්‍රසිද්ධ වේදිකාවේ කරන ඉල්ලීම් මෙන්ම ප්‍රසිද්ධියට නොකරන ඉල්ලීම් වශයෙන් ඉල්ලීම් වර්ග දෙකක් තිබෙනවා. අධ්‍යාපනය සඳහා 6%ක මුදලක් වෙන් කරන්න කියලා ඉල්ලන්නේ ප්‍රසිද්ධියේමයි. නමුත් පර්යේෂණ නොකරම පර්යේෂණ දීමනාවක් ලබාදෙන ලෙසත් ඔවුන් අප්‍රසිද්ධියේ ඉල්ලනවා.අද අපේ විශ්වවිද්‍යාලවල ඇතැම් ඇදුරෝ තවමත් උගන්වන්නේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල උගන්වපු දේවල්. අලුතින් පොතක් ලියන්නෑ. පර්යේෂණ කරන්නේ නෑ. දැනුම වර්ධනය කරගන්නේ නෑ. එහෙම අය නිකන්ම ඉඳලා පර්යේෂණවලට දීමනාවක් ඉල්ලනවා. පර්යේෂණ සඳහා දීමනා දිය යුතු විශාල පිරිසක් අපේ විශ්වවිද්‍යාලවල ඉන්නවා. තමන්ගේ ක්ෂේත්‍රය පිළිබඳව දැනුම අලුත් කරන, ශිෂ්‍ය ප්‍රජාව පර්යේෂණ සඳහා යොමු කරන, තමන්ගේ වගකීම ඉතා හොඳින් ඉටුකරන මෙවැනි ආචාර්යවරුනට පර්යේෂණ දීමනාව ලබාදීම වැදගත්.* අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කළ යුතුයි යන ඉල්ලීම සාධාරණ නොවන බව ද ඔබතුමා පවසන්නේ?එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකින් සාක්ෂරතාව 50%ට වඩා අඩු රටවල් අධ්‍යාපනය සඳහා ජාතික ආදායමෙන් 6%ක් වැය කළ යුතු ‍බවට දක්වා තිබුණා. මේ අය කොන්දේසියක් ලෙස සලකන්නේ මෙයයි. මේ කොන්දේසියට නතුවිය යුත්තේ සාක්ෂරතාවය 50%ට අඩු රටවල් මිස සාක්ෂරතාව 96% ක් වන අප වැනි රටවල් නොවෙයි.* අප රටේ සාක්ෂරතාව ඉහළ මට්ටමකට පැමිණියේ අප අනුගමනය කළ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති නිසායි. ආචාර්යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඒ ප්‍රතිපත්ති ආරක්ෂා විය යුතු බව නේද?අපි නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට බැඳී සිටින රජයක්. ජනාධිපතිතුමා නිරතුරුව උපදෙස් දෙන්නේ නිදහස් අධ්‍යාපනයේ අරමුණු වඩාත් සාර්ථක කරගෙන අධ්‍යාපනයේ ඉහළ අරමුණුවලට දරුවන් ළඟා කරවීම පිළිබඳවයි.අනෙකුත් රටවලට සාපේක්ෂව අපේ රටේ අමාත්‍ය මණ්ඩලය විශාලයි. ඇමැතිවරු 100කට වඩා නඩත්තු කිරීමට රජයට සිදුවී තිබෙනවා. ඒ නිසාම අධ්‍යාපනය ක්ෂේත්‍ර කිහිපයකටම බෙදී ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, යෞවන කටයුතු අමාත්‍යාංශය, වෘත්තීය නිපුණතා අමාත්‍යාංශය, අධ්‍යාපන සේවා අමාත්‍යාංශය ආදී වශයෙන්. මීට අමතරව පාසල් අධ්‍යාපනය, රජයේ පාසල් සහ පළාත් සභා වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ සෑම අංශයකින්ම වියදම් කරන්නේ අධ්‍යාපනය සඳහායි. මේ සියල්ලගේම එකතුව සලකනවිට රජය 6%ක් නොවේ ඊටත් වැඩි මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා.* රුහුණු විශ්වවිද්‍යාලයේ දැයට කිරුළ පැවැත්වීමට යෑම ගුටිකෙළියක් දක්වා දුරදිග ගියා නේද?රුහුණු විශ්වවිද්‍යාලය තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් විසින් හදපු එකම විශ්වවිද්‍යාලය. ඔවුන්ගේ සැලසුමට අනුව විශ්වවිද්‍යාලය තුළ එකම නේවාසිකාගාරයක් හෝ ඉදිකර තිබුණේ නෑ. දැයට කිරුළ විශ්වවිද්‍යාලය තුළ පැවැත්වූවානම් විශ්වවිද්‍යාලයේ අඩුපහසුකම් ලෙස ඇති ගොඩනැගිලි රාශියක් ඊට ලබාදීමට සැලසුම් කර තිබුණා. පසුගිය වතාවේ වයඹ විශ්වවිද්‍යාලයේ දැයට කිරුළ පැවැත්වීමෙන් ඒ විශ්වවිද්‍යාලයට සම්පත් රාශියක් ලබාදීමට හැකිවුණා. මේ රටේ කිසිදු විශ්වවිද්‍යාලයක නැති තරම් නවීන අංගෝපාංගයන්ගෙන් සපිරි ශ්‍රවණාගාරයක්, ගෘහස්ථ ක්‍රීඩාගාරයක් වගේම ප්‍රදේශයේ පාරවල් සහ පොදු පහසුකම් රැසක්ම සම්පූර්ණ කිරීමට හැකිවුණා.“ණයට කිරුළ අපට එපා” කියමින් ශිෂ්‍යයින් උද්ඝෝෂණය කරන විට කුපිත වූ ප්‍රදේශවාසිනුත් ඊළඟ දවසේ බෝඩ් අරගෙන පාරට ආවා. ගැටුම ඇතිවුණේ මේ දෙපිරිස අතරයි.* රටේම විශ්වවිද්‍යාල පද්ධතිය යම් අර්බුදයකට ගොස් ඇති බවයි පොදු චිත්‍රයෙන් පෙනෙන්නේ?මෙතෙක් ශිෂ්‍යයින් පාලනය කළ, ඇතැම් අන්තගාමී දේශපාලන පක්ෂ පාලනය කළ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පාලනය අතට ගැනීම නිසයි මෙබඳු අර්බුදයක් ඇතිවී තිබෙන්නේ.නමුත් අපි අපේ විශ්වවිද්‍යාලවල මට්ටම ඉහළට ඔසවා තිබෙනවා. මේ අමාත්‍යාංශය මා භාර ගැනීමට පෙර ඒ මට්ටම ඉතාමත් පහළ අගයකයි පැවතුණේ. අපි ඉගෙනුම් ක්‍රමවේද වෙනස් කරමින් ශිෂ්‍ය කේන්ද්‍රීය නිමැවුම් පාදක අධ්‍යාපන ක්‍රමවේදයකට පාඨමාලා සකස් කළා. දැනුමින්, පෞරුෂයෙන් නායකත්වයෙන්, විවිධ භාෂා හැකියාවන්ගේ පොහොසත් පරිගණක සාක්ෂරතාව මෙන්ම සන්නිවේදන නිපුණතා ඇති දක්ෂයකු අපගේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිකිරීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කරනවා.* අමාත්‍ය මණ්ඩලය එක හඩින් කතා කළ යුතු බවයි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. තවත් විදියකින් කීවොත් ගෙයි ගිනි පිටත නොදිය යුතු බවයි. මේ තත්ත්වය මේ වනවිට වෙනස් වෙලාද?අපේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. මේක ඇතුළේ විවිධ මත තිබෙන අය සිටිනවා. ඒ අය ඇතැම්විට ප්‍රසිද්ධියේ ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ අදහස් ඉදිරිපත් කරනවා. එය එසේ නොවනවා නම් වටිනවා කියලයි මමත් හිතන්නේ.නමුත් අපි තේරුම් ගත යුතුයි මේ ආණ්ඩුව ඇතුළේ සිටින සෑම පක්ෂයක්ම ආණ්ඩුවේ ශක්තිමත් බවට වැදගත්. ඒ වගේම ඒ ඒ පක්ෂ කෝකත් ශක්තිමත් වෙන්නේ එක්ව සිටීමෙන් පමණයි.* ආණ්ඩුවේ පක්ෂ අතර ඇති මත ගැටුම් ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවේ අවාසියට හේතුවනු ඇතැයි මත පළ වෙනවා?කුමන මත ගැටුම් තිබුණත් අපේ ආණ්ඩුව ශක්තිමත්. ‍මම මේ බව කියන්නේ අත්දැකීමෙන්. අපි රජයක් ලෙස මුලින්ම ඡන්දය දිනුවේ යුද්ධ ජයග්‍රහණයන් සමඟ. එදා මේ රටේ ඡන්දය දෙන නොදෙන කොයි කවුරුත් ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා. ඊයේ පෙරේදා තිබුණ ඡන්දයේ දී ඡන්ද තුන් හාරදාහක් අඩුයි කියලා එය ආණ්ඩුවේ පසුබෑමක් විදියට කවුරු හරි අර්ථ දක්වනවානම් වැරදියි. මම එක උදාහරණයක් කියන්නම්. බස්නාහිර ඡන්දයේ දී අපේ එක අපේක්ෂකයකු වූ ප්‍රසන්න රණතුංග ලබාගත් මනාප ප්‍රමාණයවත් මුළු එක්සත් ජාතික පක්ෂයට ගන්න ලැබුණේ නෑ..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=f1406112
null
සාකච්ඡා කෙළේ ඉරෝෂිණී දීපිකා ඡායාරූපය සමන්ත වීරසිරි
සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා ඒ ඒ යුගවල දී බිහි වූ නෙක් කෘතහස්ත කෘති බෙහෙවින්ම ඉවහල් වී ඇත. මේ අප්‍රමාණ කෘති නිසා ම අපේ බස රැකුණ අතර, අපට අනගි සාහිත්‍යයක් උරුම විණි. අනුරපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා බිහිවුණු ගද්‍ය, පද්‍ය කෘති අතරින් දැනට ශේෂව පවතින පැරැණි කෘතිවල ඓතිහාසික වූත්, සාහිත්‍යමය වූත් තොරතුරු කෙසේ වේද යන්න විග්‍රහ කරමින් ‘සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශය’ රචනා කිරීමට ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ කටයුතු කර ඇත. මේ එම කෘතිය පිළිබඳ කතාබහකි.* ‘සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශය’ යැයි මේ කෘතිය නම් කෙරුණෙ ඇයි?අනුරාධපුර යුගයේ රචනා කළ සීගිරි ගී සමූහයේ සහ සියබස්ලකර ග්‍රන්ථයේ සිට දැනට ශේෂව පවතින හැත්තෑ දෙකක් පමණ වන සිංහල සාහිත්‍ය නිර්මාණවල අන්තර්ගතය සහ ඓතිහාසික තොරතුරු හෙළිකරමින් ‍ෙම් කෘතිය නිර්මාණය කෙරුණා. මෙහි අන්තර්ගත කර තිබෙන්නේ අනුරාධපුර සමයේ පටන් සිංහලෙන් ලියැවුණු සාහිත්‍ය නිර්මාණ ලෙස ගැනෙන ගද්‍ය සහ පද්‍ය කෘති පමණයි. ඒ නිසා මෙය ‘සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශය’ යනුවෙන් නම් කෙරුණා.* අනුරපුර යුගයෙන් ඇරැඹි සිංහල සාහිත්‍ය ප්‍රබෝධයෙන් නිර්මිත සියලු කෘති මෙයට ඇතුළත්ව නැහැ. එසේ වීමට හේතුව මොකක්ද?අනුරාධපුර සමයේ පටන් අටුවා, සන්න, ගැටපද, ව්‍යාඛ්‍යාන, වර්ණනා, පිටපොත් වැනි කෝෂ ග්‍රන්ථ බොහෝ ප්‍රමාණයක් සිංහලෙන් ලියැවී තිබෙනවා. ඒත් ඒවා පිළිබඳ විස්තර ‍ෙම් කෘතියට අන්තර්ගත කරලා නැහැ. සිංහල සාහිත්‍ය නිර්මාණ විදිහට ගැනෙන ගද්‍ය පද්‍ය කෘති පමණක් මේ සඳහා එක්තැන් කෙරුණා. අනුරපුර යුගයේ සිට ලියැවුණු ගද්‍ය, පද්‍ය කෘති බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඒත් මේ කෘතියට මා යොදා ගත්තේ ඒ අතරින් දැනට ශේෂව පවතින පැරැණි කෘතිවල ඓතිහාසික සහ සාහිත්‍ය තොරතුරුයි. එම තොරතුරු විග්‍රහ කරමින් සිංහල සාහිත්‍යයේ ඉතිහාසය වංශ කතාවක් විදිහට කාලක්‍රමානුගතව දැක්වීම මේ පොතේ පරමාර්ථය වුණා.* කෘතිවල කාලවකවානු නිර්ණය කරමින් සාහිත්‍ය ග්‍රන්ථ වංශයේ කාල ක්‍රමානුගතව දැක්වීමේ දී, එම පිළිවෙළ සකසා ගැනුණේ කොහොමද?මේ කෘතියට ප්‍රස්තුත වුණ ඇතැම් පැරැණි කෘති ගත්තොත්, ඒවායේ කාලවකවානු පිළිබඳ විවිධ මතවාද පවතිනවා. ඒ වගේ අවස්ථාවල දී බහුතර සම්මතයට අනුකූල වන විදිහට කාල නිර්ණය කිරීම සිදුවුණා.ශ්‍රී බුද්ධ වර්ෂ හෝ ශක රාජ වර්ෂ හෝ යනුවෙන් කාල වකවානු දැක්වීම පුරාතනයේ ඉඳන් ම පැවැති ලිත් ක්‍රමයයි. ඒත් ඒවා පවා ක්‍රිස්තු වර්ෂවලට පෙරළීමෙන් මෙහි වර්ෂ දැක්වීම සිදුවී තිබෙනවා. ඒකට හේතුව එය වර්තමාන ව්‍යවහාර වර්ෂ ක්‍රමය වන නිසයි. ඒ විදිහට ගත්තහම කාල ගණනය කර බැලීම පහසුයි.* පැරැණි සිංහල සාහිත්‍ය කියන්නේ බණ කතාවලින් පොහොණි වුණ එකක්. ඒ පිළිබඳ ඔබේ මතය මොකක්ද?මිහිඳු හිමියන් වැඩම කළ කාලයේ පටන් ම සිංහල භාෂාවෙන් පොත පත ලියැවුණු බවත්, එහෙම ලියැවුණු මුල් පොත් හෙළටුවා නමින් ප්‍රකට වූ බවත් අප දන්නවා. අටුවා ලියැවුණේ මගධ බසින් ආ ධර්ම කාරණා පැහැදිලි කිරීමටයි. ඒ කාලය වනවිට පවා සිංහල භාෂාව ගැඹුරු අර්ථ නිරවුල්ව ප්‍රකට කිරීමේ පොහොසත් උසස් භාෂාවක් විදිහට පැවැති බව සිතාගන්න පුළුවන්. පළමුවෙන් ම ලියැවුණු අටුවා, ගැටපද, සන්න ආදියෙන් ලද ආභාසයෙන් ඥානය ලබලා, සිංහල භාෂාවෙන් ම තවත් විවිධ ධර්ම ග්‍රන්ථ ලිවීම පටන් ගැනුණා.ඒ නිසා අනුරාධපුර සමයේ මුල් කාලයේ ලියැවුණු මුල් සිංහල ග්‍රන්ථ, බෞද්ධ ග්‍රන්ථ වුණ බව පැහැදිලියි. ඒ ආකාරයට බුදුදහම ආශ්‍රයෙන් උපත ලබලා පෝෂණය වුණ නිසා සිංහල සාහිත්‍ය කියන්නෙ බෞද්ධ සාහිත්‍ය බවට පත්වුණා. සිංහල සාහිත්‍ය කියන්නේ දේශීය බෞද්ධ සංස්කෘතියේ ම අංගයක් බවට පත්වුණා. ඒත් පැරැණි සාහිත්‍ය කෘති සියල්ල ම බණ කතා සාහිත්‍ය නෙමෙයි. එනමුත්, එවකට ලියැවුණු පැරැණි සාහිත්‍ය කෘති බොහොමයක් බුදුදහම කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙලා තිබෙනවා වගේම එයින් පෝෂණය වෙලා තිබෙන බව පැහැදිලි කාරණයක්.* අනුරාධපුර යුගය ගත්තොත් නාමමාත්‍රිකව බොහෝ පොතපත පිළිබඳ කියැවුණත්, වර්තමානය වනවිට ඒවා දකින්න ලැබෙන්නේ නෑ. මේ පිළිබඳ ඔබේ මතය මොකක්ද?ඒ පැරැණි කෘති, එම සමයේදී ම දකින්නට, කියවන්නට නොලැබෙන ආකාරයට විනාශ වී යාම ඒකට ප්‍රධානතම හේතුවක්. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට අයත් බොහොමයක් කෘති ස්වභාවික ව්‍යසනවලටත් වඩා කුරිරු විදිහට විනාශ කර දැමීම නිසා අභාවයට ගොස් තිබෙනවා. සිංහල වගේම ‍පාලි, සංස්කෘත බොහෝ අනර්ඝ පත පොත මේ සංහාරවලට ගොදුරු වුණා. ආගම දහම ඔස්සේ උපන් පත පොත ආගමික මතවාද හේතුවෙන් ම ව්‍යසනයට පත්වුණා.වෝහාරිකතිස්ස රජතුමා මහායාන සාහිත්‍ය කෘති විනාශ කරලා අඩසිය වසරක් පමණ කාලයක් ඇතුළත මහසෙන් රජතුමා ථෙරවාදී සාහිත්‍ය කෘති විනාශයට පත් කර තිබෙනවා. ඊට පසු කාලිංග මාඝගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොත් විනාශ වී තිබුණා. ශිව ආගම වැලඳගත් රාජසිංහ රජතුමා කර තිබෙන්නෙත් එවැනිම නිර්දය ක්‍රියාවක්. මේ වගේ අභාග්‍ය සිදුවීම් නොවුණානම්, වඩාත් විශාල සම්භාව්‍ය සාහිත්‍යයකට උරුමකම් කියන්නට අපට හැකියාව ලැබෙන්න තිබුණා.අනුරාධපුර යුගයේ වගේම පොළොන්නරු යුගයේත්, එයින් පසුවත් අටුවා, ගැටපද, සන්න, පිටපොත්, වර්ණනා ආදී වශයෙන් විවරණ පොත් ගණනාවක් ලියැවී තිබෙනවා. ඒත් ඒවායින් බොහොමයක් අදෘශ්‍යමානයි.* අනුරපුර යුගයේ සිට මහනුවර සමයේ අවසානය දක්වා ලියැ වී ඇති ගන්ථ නාම රටාව කොළඹ යුගය වනවිට වෙනසකට ලක්ව තිබෙනවා. මේ පිළිබඳ ඔබේ පැහැදිලි කිරීම කෙබඳුද?ඒ යුගවල දී ග්‍රන්ථ නාම යෙදීමේ සිංහල පිළිවෙත නිවැරැදිව අනුගමනය වී තිබෙනවා. සියලුම කුදු මහත් ග්‍රන්ථ නාම ප්‍රථමාවිභක්ති, නපුංසකලිංග, ඒකවචනයෙන් පිහිටුවා තිබෙනවා. ග්‍රන්ථනාමය සමාසගත තනි වචනයකින් හෝ නැතහොත් වචන දෙකකින් හෝ තුනකින් හෝ පැවසුණත්, ග්‍රන්ථ නාම සම්ප්‍රදාය නිවැරැදිව ආරක්ෂා වී තිබෙනවා. මහා පණ්ඩිත ලේඛකයාගේ සිට, ගැමි ජනකවියා දක්වා සියල්ලෝම ඒ සිරිතෙන් බැහැර වී නෑ. පුද්ගල නාම, බහු වචන, ක්‍රියා පද, වාක්‍ය කණ්ඩ ආදී විවිධාකාර වූ ග්‍රන්ථ නාම පොත්පත්වලට යොදන්නට පටන්ගෙන තිබෙන්නේ නූතන කොළඹ යු‍ගයේ සිට බව අපට පැහැදිලිව දකින්න පුළුවන්.* ජාතක කතා පොතේ නොඑන ‘මහා පදරංග ජාතකය’ පිළිබඳත් සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වශයෙන් සඳහන් වෙනවා. මොකක්ද මේ මහා පදරංග ජාතකය?පන්සිය පනස් ජාතක පොතේ නො එන ජාතක කතාවක් පදනම් කරගෙන මහනුවර සමයේ ලියැවුණු පද්‍ය කාව්‍ය කෘතියක් විදිහට ‘මහා පදරංග ජාතකය’ හඳුන්වන්න පුළුවන්. මෙහි නාමය ගැන සිංහල ජනතාව අතර ඉතාමත්ම ප්‍රකට වුණත්, මේ ජාතක කතාව හෝ මේ‍ පොත පිළිබඳ දන්නා අය ඉතාමත්ම විරලයි. මහනුවර රාජ්‍ය කාලයේදී සිංහල පද්‍ය සාහිත්‍යයේ පෝෂණය සඳහා ජාතක පොත බොහෝ සේ ඉවහල් වුණත්, මේ පදරංග ජාතකය සිංහල ජාතක පොතේ තබා ඊට පදනම් වුණ පාලි ජාතකට්ඨකතාවේවත් දකින්න නෑ. චරියා පිටකයෙත් නෑ. සංස්කෘත ජාතක කතා සංග්‍රහයක්. වන ජාතක මාලාවේ පවා දකින්න ලැබෙන්නෙ නෑ. මෙය, ප්‍රමාණයෙන් විශාල, අන්තර්ගතයෙන් දීර්ඝ වුණ, විකසනයෙන් සංකීර්ණ වුණ කාව්‍යයක් මහා පදරංග ජාතකය වගේ යැයි ප්‍රස්තාවපිරුළක් පවා ජනතාව අතර මුල්බැසගෙන තිබෙන්නෙ මේ කාරණය හේතු කරගෙනයි.* එදා සාහිත්‍යමය අතින් පෝෂණය වුණ ග්‍රන්ථ රචනා වුණත්, අද බිහිවන නිර්මාණ එබඳු පුළුල් සාහිත්‍යමය රසාස්වාදයක් ලැබිය හැකි පරිදි රචනා නොවන්නට තුඩුදුන් කරුණු කාරණා මොනවාද?අද වනවිට බොහෝදෙනා පැරැණි සාහිත්‍ය කෘති පරිහරණය කරන්නේ නෑ. සාහිත්‍ය කෘතියක් රසාස්වාදනය කරන්නේ නෑ. මේ නිසා ම භාෂාවේ වැරැදි කෙරෙනවා. ඒකට හේතුව මේ අය සතුව පොහොසත් භාෂාවක් නොතිබීමයි. බොහෝ එෆ්. එම්. නාළිකා අපේ බස වැනසීමේ ජාතික අපරාධයක නියැළී සිටිනවා. මේ අයට ඇසූපිරූ තැන් නෑ. පත පොත කියවන්නේ නැති නිසාම අනවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. අද වනවිට සාරවත් සාහිත්‍ය කෘති බිහි නොවන්නේ මෙන්න මේ නිසයි.එදා අසභ්‍ය ‍දේ පවා සංවරව පැවසීමට භාෂාවෙන් පොහොසත් වුණු ‍අපේ සාහිත්‍යකරුවන්ට හැකියාව තිබුණත්, භාෂාව පිළිබඳ නොදැනුවත්භාවය නිසාම වර්තමාන පරම්පරාවට ඒ වගේ නිර්මාණ කිරීමට අපහසුවී තිබෙනවා. වර්තමාන‍ය වනවිට බස නසන්නේ භාෂාව පිහිට කොටගෙන ජීවත්වන අයයි. මේ නිසා ගුරුවරු, මාධ්‍යවේදීන්, ලේඛකයන්, ප්‍රකාශකයන් භාෂාව ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුයි.ජාතියකට උතුම් ම වස්තුව වන්නේ ජාතියේ මවුබසයි. ජාතියේ උතුම් ම උරුමය මවුබසින් රචිත සාහිත්‍යයයි. මවු බසට නිගරු කිරීම කියන්නෙ තම මවට නිගරු කිරීමක් හා සමාන කටයුත්තක්..
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=f1406113
“චිරං ජයතු” ගුණ සිළුමිණ මැතිඳු ගරු
ශාස්ත්‍රපති සිරිමෙවන් සේනක ධර්මවංශ හිටපු විදුහල්පති
නරපති සදිසි කොටි බල මුළු නැසුවාය තරුපති සිසිල දී සිරිලක දිනුවාය ජනපති හැඳින ගෙන ඔබෙ ගුණ සමුදාය කුලපති කළෙ රජරට කුමරි සනසායසොඳුරු දැනුම යහ ගුණය ද අගය කොට විදුරු නැණින් කළ සේවයට ගරු කොට ඇදුරු තනතුරක් සරසවියෙන් පුදන විට මහරු පඬිවරුන් සිහිවෙයි විසුව රටගැමිකම හා ගොවිකම ගෙන එකිනෙකට දුක්බර දිවිය විවරණ කර යස රඟට අසරණ සරණ වී එම ගැමි සමාජෙට මිහිබට සුරකුමරු ඔබ සුරලොවින් බටපෙත්සම හා අත්සන ගැන කියන කතා රන්මල් දමක් එකිනෙක පිළිවෙළට ගොතා ගැමි පරිසරය දුටු සරසවි බැල්ම පතා තව සියවස් ගණන් පවතියි සිතින් ඉතාතන් වැසි නුවණ උපතින් ලද බලයක්ය නන් වැසි දනන් ඉදිරියෙ දිය සිසිලක්ය මන්නද වඩන මිහිරැති රස වදනක්ය මින් හැම එකට එක් කළ තැන මිහිරක්යදිත් රුපු මැඩ ජීවන ගඟ ගැලුවාය උස් මිටි භේද කිසිදා නැති පඬුවාය ඉක්මන් නොවුන තැන්පත් මහ වියතාය දෙස් මෙන් විදෙස් රටවල ජය ලැබුනායගජකුඹු හළ එකසර ඒ කෙසර යුරූ ගියගිය හැම තැනකම මුල් පුටුව දැරූ ජාතියෙ පිනට පහළ වූ පින්වත් මහරූ චිරං ජයතු ගුණ සිළුමිණ මැතිදු ගරූ.
NEWSPAPER
2014.06.11
http://www.dinamina.lk/2014/06/11/_art.asp?fn=f1406114
කොලනියේ ශාන්තී ටවුමට කඩා වදී!
රන්ජන් අමරරත්න
ප්‍රබන්ධයක් සඳහා තමන් හොඳින් ම හඳුනන චරිත යොදා ගත යුතු යැයි පිළිගැනීමක් තිබේ. එවිට පුද්ගලයාගේ බාහිර ස්වරූපය පමණක් නොව; ඔහුගේ ඇතුළාන්තය ද නිරූපණයට අවස්ථාව ලැබෙනු ඇතැ’යි කියති.ආර්. කේ. නාරායන් විශ්වයට ම පොදු ළමා චරිත කිහිපයක් නිර්මාණය කළේ තමන් සමීපයෙහි සිට ඇසුරු කළ දරුවන් කිහිපදෙනෙකු නිසා යැයි කියයි. හෙමිංවේ මේ තත්ත්වය තවදුරටත් විකාශය කොට චරිත පමණක් නොව කතුවරයා දක්වන පසුබිම පවා සත්‍යයෙන් සමන්විත යුතු යැයි කියයි. ඒ අනුව ඔහු ස්ථාන නාම පවා නිවැරැදිව සඳහන් කරයි. ජීවමාන චරිත හා සත්‍ය සිදුවීම් ඒ මඟින් නිරූපණය කළ හැකි බව හෙමිංවේ පැහැදිලි කරයි.අප මේ කුඩා පූර්විකාව ලියා තැබූවේ ශාන්ති දිසානායක නම්; නවකතාකාරියගේ අලුත් ප්‍රවේශය පැහැදිලි කිරීම සඳහා ය. ශාන්ති සිය කතාවලින් මෙතෙක් ගෙනහැර දැක්වූයේ කොලනියේ මිනිසුන් ගැන ය. ඔවුන් තමා හා සැබෑ ලෙස ම උරෙනුර ගැටී කොලනියේ ජීවත්වන චරිත බව ඇය ම කියා තිබේ. වාලුකා නවකතාවේ එන පීතර අප්පු, කර්තේලිස් මෙන් ම කොයින් මැණිකා ද ඇගේ සමීපතමයෝ වූහ.ඔවුන්ගේ හැසිරීම් හා සිතුම් පැතුම් ද කතුවරිය අතින් නිරූපණය වන්නේ ආකර්ෂණීය ලෙස ය. පාඨකයා මේ තත්ත්වයට වහ වැටෙයි. මෙතෙක් ඇගේ සියලු ප්‍රබන්ධවල චරිත කොලනියේ ඇත්තෝ වූහ. ඒ නිසාම කතුවරියට එල්ල වූ චෝදනාවක් වූයේ ශාන්තී කොලනියෙන් එළියට යා යුතු බව ය. මේ චෝදනා හේතුවෙන් ඇය කොලනියේ කඩුල්ල පැන ටවුමට කඩා වදී.ශාන්ති දිසානායකගේ අභිනව කෘතිය “ද්වාර” ලෙසින් නම් කොට තිබේ. ඓතිහාසික අනුරාධපුර නගරය මුල්කොට මේ කතාව විකාශය වේ. නූතන අනුරාධපුරය ‍ෙජ්තවනාරාමයෙන්, මිරිසවැටියෙන් හා තිසා වැවෙන් පමණක් සමන්විත නිහඬ නිස්කලංක ඓතිහාසික ස්ථානයක් නොවේ. යුද්ධය, වෙළෙඳාම, ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය, දේශපාලනය ආදී කරුණු නිසා ඓතිහාසික අනුරාධපුරය හොංකොං රාජ්‍යයක් බවට පත්ව තිබේ.ලෝකයේ නූතන නගරයක සිදුවන සියලු දූෂණවලින් හා අපචාරවලින් එය සමන්විත ය. කතුවරියගේ අභිලාසය වී ඇත්තේ ද මේ අබග්ගයන් පාඨකයා හමුවේ සියුම් ලෙස චිත්‍රණය කිරීම ය. එහෙත් එය සාර්ථක වී තිබේ ද යනු ගැටලුවෙකි.ඉතා සංකීර්ණ විෂයයන් ගණනාවක් සාකච්ඡා කිරීමට කතුවරිය වෑයම් කරයි. ගණිකා වෘත්තිය, සමලිංගිකත්වය, මජර දේශපාලන සංස්කෘතිය, බිඳී විසිරුණු පවුල් සංස්ථාව, අවජාතක දරුවන්, නිදන් හෑරීම ඉන් කිහිපයක් පමණි.මේ සියල්ල එක් කතා වස්තුවක් තුළ රැඳවීම ඉතා අපහසු ය. ඒ හැරත් කතුවරිය මතු කරන ප්‍රධාන තේමාවක් නැත. එරන්දිගේ චරිතය ප්‍රධාන වුව ගණිකාවකගේ ජීවිතයේ ඇතුළාන්තය ඇය කෙරෙන් විශද නො වේ. බොහෝ දේ කියන්නට ගොස් එකක්වත් නො කියන තැනකට කතුවරිය පත්වැ සිටී.නව ප්‍රබන්ධ විෂයයෙහි අර්ථ දක්වන ආකෘතිකවාදී විචාරකයෝ නවකතාවක සාර්ථකත්වය සඳහා ඉවහල් වන ශිල්පීය ලක්ෂණ කිහිපයක් දක්වති.I. කතා වස්තුවII. චරිත නිරූපණයIII. පසුබිමIV. වාග් විලාසයV. පරිකල්පනයVI. උචිතභාවය හෙවත් ගැළපීමVII. දෘෂ්ටි කෝණයඒ අතරින් කිහිපයෙකි. කතා වස්තුව යන්නෙන් අපේක්ෂා කරනුයේ මනාව සිද්ධි ගළපා විස්මිත කතාවක් ඉදිරිපත් කිරීම ය. බටහිර ඇතැම් කතාකරුවන්ගේ පිළිගැනීමට අනුව අපහසුම කාර්යය කතා වස්තුව ගොඩනැඟීම ය. එහි සමාප්තිය යනු නවකතාවෙන් අර්ධයක් අවසන් වීම ය. ශාන්තී කතා වස්තුව ගැන අවධානයක් යොමු කර නැත. ඇය එහෙන් ‍- මෙහෙන් සිදුවීම් අහුලාගෙන කතා වස්තුව දුර්වල කරගෙන තිබේ. ශාන්තී දිසානායක කොලනියේ චරිත මැනැවින් නිරූපණය කරයි. ඒ චරිතවල ජීවමාන ගතියට අදත් අපි වශීකෘත වෙමු. එහෙත් නගරයේ චරිත ඇයට ආගන්තුක ය.ත්‍රිවීල් - දීපාල්, තිස්ස අයියා, රාජු, උත්පලා පමණක් නො ව එරන්දිගේ චරිතය පවා කෘත්‍රීම ය. එම චරිතවල හැසිරීමට කිසිදු භෞතික හේතුවක් නැත. එරන්දිගේ ගණිකා ජීවිතයට තර්කයක් නැත. ධීරරත්න නම් මන්ත්‍රීවරයා ද, තිස්ස නම් ඥාති සහෝදරයා ද ඈ සමඟ යහන් ගත වෙති. මේ දෙදෙනාගෙන් පමණක් ඈ ගණිකාවක් වන්නේ කෙසේ ද? එරන්දිගේ පුරුෂ ආශ්‍රය පරිපූර්ණ ලෙස නිරූපණය නො වේ. ශාන්තී කරනුයේ හිතලු ලිවීමකි. ඇය දක්වන සංකීර්ණ චරිත පිළිබඳ ගැඹුරු වැටහීමක් හා අධ්‍යයනයක් ඇයට නැත. මෙහි එන නාගරික පරිසරය හා එහි කටුක බව කතුවරියට දැනී නැත. කතුවරිය ඒ ඒ චරිතවල මුවට ළංකර ඇති සංවාද හාස්‍යජනක ය.“මං ඒකිට කැමැතියි. රැකගන්න දෙයක් තිබ්බ හින්දනෙ මාත් එක්ක ඔය තරම් පොර බැද්දෙ... මට බයේ සද්ද නැතිව හිටියේ නෑ ඒකි... මූණ නං තාම දැවිල්ලයි තමා.... ඔය යස්ස නියපොතු කප්පල දාලා මිසක මං නං ආයෙ ඕකි ළඟට කිට්ටු වෙන්නේ නෑ”පොතෙහි පිටකවරයෙන් පවා උලුප්පා ඇති ඉහත වාක්‍ය කිහිපය ශාන්තිගේ හිතලුවක් මිස තරුණියකගේ කන්‍යාභාවය විනාශ කරන මන්ත්‍රීවරයකුගේ හිතට නැ‍ඟෙන සිතුවිල්ලක් නො වේ. කතුවරිය මවන මෙබඳු කෘත්‍රීම සිතිවිලිවලින් ද, ආඛ්‍යානවලින් ද, සංවාදවලින් ද මේ පොත පිරී තිබේ. පරිකල්පනය යන්න ඕනෑ ම කලාකරුවකුට අතිශයින් ම වැදගත් ය. එහෙත් පරිකල්පනය ඉබේ පහළ වන්නේ නැත. ඒ සඳහා අත්දැකීම් ලැබිය යුතු ය. අභ්‍යාසයේ නිරත විය යුතු ය. භාෂා ශිල්ප ප්‍රගුණ කළ යුතු ය. ශාන්තිට මේ කිසිවක් ම නැති බව ඇගේ ලියැවිල්ලෙන් පැහැදිලි වේ.අපේ පාඨකයෝ විස්මිත කතාවක් සමඟ බලසම්පන්න කූටප්‍රාප්තියක් ද ඉල්ලා සිටිති. ඇතැම් විට එය අපේ සංස්කෘතික ගතිකයක් වන්නට ද පුළුවන. සංස්කෘතිය හා භාෂාව අතරත්; භාෂාව හා නවකතාව අතරත් ඇත්තේ අවියෝජනීය සම්බන්ධයෙකි. නුග්ගුවා තියෝන් ගෝ, චිනුවා අචෙබෙ වැනි මහා ලේඛකයෝ මේ තත්ත්වය මැනැවින් විග්‍රහ කරති. ශාන්තිගේ කතාව තුළ කූටප්‍රාප්තියක් නැත. ඇය කතාව අවසන් කර ඇත්තේ බලහත්කාරයෙන් ය. තිස්සගෙන් එරන්දීට දරුවකු ලැබීමට සිටීම කදිම හා උද්වේග කර අවස්ථාවක් වුව එම ගැටුම නිමාවකට පත්කර ඇත්තේ හැඟීමක් දැනීමක් නැති ලෙස ය.ආකෘතිකවාදී විචාරකයන් දක්වන ලෙස සාර්ථක නවකතාවකට විචිත්‍ර හා ආකර්ෂණීය ආරම්භයක් සේ ම කූටප්‍රාප්තියක් සහිත හැඟුම්බර නිමාවක් ද තිබිය යුතු ය. ‘ද්වාර’ නවකතාවේ ආරම්භය ඉතා විචිත්‍ර ය.“පුළුල් අත්තටු සලිත නො කොට ඉහළ අහසේ සැරිසරන උකුස්සාගේ තියුණු නෙත් සඟල පොළොව මත ගොදුරක් දකිනා බව විශ්වාස කළ නො හැකි ය. එහෙත් බොහෝ වේලාවක සිට නිරත වන වෘත්තාකාර පියාසැරිය ගොදුරකට කුරුමානම් අල්ලන පක්ෂියකුගේ පළමු පියවරය. රුදුරු සිව්පාවෙකු පඳුරක් තුළ සැඟවී ගොදුරක් වෙත කඩා පනින්නට සැරසීමත් මේ පියාසැරියත් එක හා සමාන ය.”කතුවරිය ලබාගන්නා ප්‍රවේශය ඇගේ කතාවට, තේමාවට හා ඉදිරියේ ඇති අවස්ථා නිරූපණයට හැම අතකින් ම ගැළපෙයි. එහි රිද්මය, සංකේතාත්මක භාෂා භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. එහෙත් පරි‍ච්ඡේදයෙන් පරිච්ඡේදයට ඇගේ කතා පෞරුෂය බිඳී යයි. චරිත නිරූපණය දුර්වල වෙයි. අවසානයේ ඇය ඇගේ කතාවට සාධාරණය ඉටු කරන්නේ නැත.කොලනියේ සරල හා ඒකාකාරී ජීවිත තුළ ඇති කඩා වැටීම, ජීවන ගැටලු හා විශේෂයෙන් ගැහැනියගේ විලාපය නිරූපණයේ දී ඉතා සාර්ථක වූ ශාන්ති දිසානායක නාගරික ජීවිතයේ සංකීර්ණතාව ඉදිරි‍ෙය් බෙහෙවින් ආධුනික ලේඛිකාවක බවට පත්වෙයි. අපේ දේශපාලනයේ මජර ස්වරූපය විවරණය කිරීමට බොහෝ ලේඛකයෝ උත්සාහ දරති. ඉන් එකක් දෙකක් හැරෙන්නට අන් සියල්ලම අසාර්ථක ය. මේ කතාකරුවන්ගේ අවධානයට ලක්ව ඇත්තේ අසා දැනගත් දේශපාලන සිදුවීම් ය. සුවිශේෂී අත්දැකීම් බොහෝමයක් කතාකරුවන්ට නැත. ශාන්තිගේ ද්වාර නවකතාවේ එන ධීරරත්න, දිස්නා හා තිස්ස යන දේශපාලන චරිත තුනම කතුවරියගේ අතාර්කිත පරිකල්පනයට හේතුසාධක සපයති.සමලිංගික ජීවිත දෙකක් මේ කතාවට ඈඳා ඇත්තේ මොන හේතුවකටදැ’යි සිතා ගත නො හැකි ය. එය එරන්දිගේ ගණිකා වෘත්තියට අදාළ යැයි සිතිය හැකි’මුත් ප්‍රධාන සිදුවීම් සමඟ අවියෝජනීය ලෙස ගැළපී නැත. සාගර හා කාලිංග නවකතාව තුළ හුදෙකලා වෙති.“හැඩිදැඩි තරුණයාගේ ආක්‍රමණශීලීබව ඉවසා ගැනීම අපහසු වුව ද කාලිංග මද විරෝධයක් හෝ දක්වන්නට නො සිතුවේ ය. පිපාසයෙන් පීඩිත වූ මිතුරාට තබා සිහිල් දිය පිරි පොකුණක් බවට ඔහු දනියි.” (පිටුව - 54)මේ කතුවරියගේ විගඩමක් මිස සමලිංගිකයන්ගේ සිතිවිල්ලක් යැයි සිතිය නො හැකි ය. සමලිංගිකත්වය පිළිබඳ ලියැවුණු බොහෝ දේ තිබේ. ඒවා කතුවරියගේ සැලැකිල්ලට ලක්වූයේ නම් වටී. ශාන්ති දිසානායක කොලනියේ කඩුල්ල පැන ටවුමට හෙවත් සේලමට සේන්දු වුව තව ම ඇය පාරවල් හරි හැටි නොදන්නා බව පෙනී යයි..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n1406121
ව්‍යාජ ද්‍රවිඩ සරණාගතයන්ගේඉල්ලීම් ලක්ෂ ගණනක් ඉවතට
විජයානි එදිරිසිංහ
සරණාගතයන් සේ විදෙස් රටවල තවදුරටත් රැඳී සිටීමේ අරමුණෙන් කරන ලද ශ්‍රී ලාංකික සරණාගතයන්ගේ ඉල්ලීම් ලක්ෂ ගණන් එම රටවල් විසින් මේ වන විට ප්‍රතික්ෂේප‍ කොට තිබේ.ලංකාව විවිධ අපරාධවලින් ගහන මානව අයිතීන් උල්ලංඝනය වන රටක් බවට ජාත්‍යන්තරය ඉදිරියේ වැරදි චිත්‍රයක් මවා පා විදෙස් රටවල සිටින සරණාගතයන්ට තවදුරටත් එම රටවලම ගත කිරීමට අවසර ඉල්ලා කොටි ඩයස්පෝරාවේ මැදිහත්වීම මත කරන ලද ඉල්ලීම් ලක්ෂ ගණනක් මෙසේ එම රටවල් විසින් ප්‍රතික්ෂේප කර ඇත. එංගලන්තය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක සරණාගත ඉල්ලීම් මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.එසේ ප්‍රතික්ෂේප වූ සෑම ඉල්ලීමකටම ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ මෙරට තුළ ජීවත්විය නොහැකි තරම් වූ තත්ත්වයක් ඇති බවයි.මේ වන විට ඉතා සාමකාමී මානව අයිතීන් සුරැකෙන විදේශීය සංචාරකයන්ට පවා නිදහසේ සැරිසැරිය හැකි දියුණුව කරා ශීඝ්‍රයෙන් ගමන් කරන රටක් බවට ලංකාව පත්ව ඇති බව පෙන්වා දෙමින් එම රටවල බලධාරින් සරණාගත ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප කර තිබේ.විදෙස් රටවල ගතකරන ශ්‍රී ලාංකික සරණාගතයන් එම රටවලින් පිටුවහල් කිරීම වළක්වා ගැනීම සඳහා කොටි ඩයස්පෝරාව මෙරට ගැන සම්පූර්ණ වැරදි චිත්‍රයක් එම රජයන් වෙත ඉදිරිපත් කර තිබෙන බවත් මෙරට තුළ වෙනම රාජ්‍යයක් බිහිකරගැනීමේ සිහිනය බොඳව පශ්චාත්තාපයට පත්ව සිටින කොටි ඩයස්පෝරාව එවැනි දුර්මත ජාත්‍යන්තරයට පෙන්වීමට උත්සාහ කරන බවත් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන 'ලිංගික හිරිහැර අපහසුතා' පිළිබඳ සමුළුවකදීද කොටි ඩයස්පෝරා සාමාජිකයන් පෙන්වාදී ඇත්තේ ලංකාවේ කාන්තාවකට පාරක බැස යා නොහැකි ආකාරයට ආරක්ෂක හමුදා සාමාජිකයන්ගෙන් හිරිහැර කරදර සිදුවෙන බවයි.‍එම සමුළුවේදී එසේ කරුණු දැක්වූ කොටි ඩයස්පෝරාව ලංකාවේ එම තත්ත්වය නිසා එංගලන්තයේ සිටින සරණාගතයන්ට එරට තුළ තවදුරටත් ගත කිරීමට ඉඩ දෙන ලෙසද ඉල්ලා තිබේ.කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑම් නිසා උතුරේ නිදහ‍සේ ගත කිරීමට නොහැකිව විදෙස් රටවලට පැනගත් දෙමළ සරණාගතයන් දේශපාලන සහ විවිධ ජීවිත තර්ජන ඇති බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙරටින් පැනගත් පුද්ගලයන්, කොටි සංවිධානයට සමීපව කටයුතු කර කොටි පරාජයත් සමඟ මෙරටින් පලාගිය මාධ්‍ය නඩ ඇතුළු විවිධ කණ්ඩායම් කොටි සාමාජිකයන් ඇතුළු විවිධ හේතුමත ජාත්‍යන්තර රටවල් ගණනාවකට ගොස් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනක් සරණාගතයන් සේ ජීවත් වෙති. එම රටවල පුරවැසිභාවය නොලබා මෙම පුද්ගලයන් ජීවත්වීම එම රටවල්වල රජයන්ට විශාල බරක් වී තිබේ.තවද විදෙස්ගත දෙමළ ජාතිකයන් ලක්ෂ ගණනකගෙන් තවමත් ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාවට කප්පම් වශයෙන් ගෙවන කෝටි ගණනාවක ආදායම් ලැබේ.එම සරණාගත පිරිස් රටවල්වලින් පිටුවහල් කළ හොත් ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාවේ කප්පම් ආදායමටද පහර වදින බව ඔවුහු දනිති.තවද මෙරටට එරෙහිව කටයුතු කර විදෙස් රටවලට පැනගත් පිරිස් මෙරටට පැමිණියහොත් ආරක්ෂක අංශවලට හසුවේ යැයි බියකින්ද සිටිති. මේ නිසා ඔවුහු කෙසේ හෝ සරණාගත තත්ත්වයේ සිටීමට ආයාචනා ඉදිරිපත් කරති.එහෙත් මෙරට තත්ත්වය හොඳින් තේරුම් ගෙන ඇති ජාත්‍යන්තර රටවල් ගණනාවක් සරණාගතයන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අතර එසේ ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව හොර රහසේ රැඳී සිටින පුද්ගලයන් කොටු කර ගැනීමට මෙහෙයුම්ද සිදු කෙරේ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061218
මිහින්තලා ආලෝක පූජාවජනපති සුරතින් විවෘත වෙයි
ධනුෂ්ක ගොඩකුඹුර, චූල බණ්ඩාර කුලසේකර,කිත්සිරි වනසිංහ, ගයාන් රාජපක්ෂ සහ අමිල ප්‍රභාත් වනසිංහ මිහින්තලය සිට...
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය පනස් දෙවැනි වරටත් සංවිධාන කරන මිහින්තලා ආලෝක පූජාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (11) පස්වරුවේ විවෘත කෙරිණි.මිහින්තලය රජ මහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ මඟපෙන්වීමෙන් සංවිධාන කෙරෙන මෙම මහඟු පින්කමේ ආලෝකය විවෘත කරන්නට ජනාධිපතිවරයා සැපැත් වූ දෙවැනි වසර මෙය වේ.අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බුදු දහම වැඩම කරවූ මිහින්තලා පුද බිම විදුලි ආලෝකයෙන් එළිය කරවන මිහින්තලා ආලෝක පූජාවට අබාන්ස් ආයතනය බැතිබර දායකත්වය සහ ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රාහකත්වය දක්වයි.මිහින්තලා ආලෝක පූජාව විවෘත කරන්නට ජනාධිපතිතුමා ඊයේ සවස 6.30ට පමණ මිහින්තලා පුද බිම වෙත සැපැත් විය. මිහින්තලා පුද බිමේ මැද මළුවේ කෙටි ධර්ම සභාවක් පැවැති අතර ජනාධිපතිතුමාගේ සුරතින් මිහින්තලා පූජා භූමිය ආලෝකවත් කෙරුණේ සැදැහවතුන්ගේ සාධු කාර මධ්‍යයේය. වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙහිදී අනුශාසනාවක් කළ අතර ලේකහවුස් සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා පිළිගැනීමේ කථාව සිදු කළේය.පොසොන් පොහොය නිමිත්තෙන් දිනමිණ පුවත්පත සමඟ පිරිනැමෙන “අනුරපුරේ ශ්‍රියා” විශේෂ අතිරේකය ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද පොත් දන්සල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර ජනාධිපතිතුමන් දරුවන් වෙත පොත් පිළිගැන්වුයේය.මිහින්තලය විදුලි ආලෝක පූජාවට සමගාමීව 24වැනි වරටත් පැවැත්වෙන දහම් පාසල් සිසු දරුදැරියන්ගේ සීල සමාදාන වැඩසටහන මෙවරත් පොසොන් පුර පසළොස්වක පොහෝදා (12) මිහින්තලා උඩමළුවේ පැවැත්වේ. දෙවැනි දිනය යෙදී තිබෙන 12වැනිදා විදුලි ආලෝක පූජාව විවෘත කිරීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපපක්ෂ මහතා අතින් සිදුකැරේ.විදුලි බල හා බලශක්ති ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, විශේෂ ව්‍යාපෘති ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී.ගනේගල, ලේකහවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්ෂ රසාංග හරිශ්චන්ද්‍ර, අබාන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී ධම්මික ප්‍රසන්න මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n1406122
ලක්දිව බෞද්ධ ශිෂ්ඨාචාරයේ මුල්
null
අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයයි. වසර 2321ට පෙර මිහිඳු මහා රහතන් වහන්සේ ඇතුළු පිරිස ලක්දිව මිහින්තලයට වැඩමකොට බුදුසසුන ව්‍යාප්ත කිරීමට මුල්වූයේ අදවැනි පොසොන් පුන් දිනයක බව සිහිපත් කරමි.මිහින්තලාවෙන් තොර ලක්බිමක් ගැන කතා කළ නොහැකිය. මහින්දාගමනයෙන් පසු ලක්දිව බුදු සසුන මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය, අක්ෂර, මූර්ති, කලා ශිල්පය, දේශීය වෛද්‍ය ශිල්පය, අධ්‍යාපනය, සෞඛ්‍ය, වාරි කර්මාන්ත හා කරුණාව දයාව මේ සියලු දෑ මේ ලක් දෙරණට දායාද වුණේ අද වගේ දිනකය.මිහිඳු මාහිමියන් අනුස්මරණය කිරීම බෞද්ධයන් මෙන්ම ලංකාවාසී අප සැමගේ යුතුකමක් හා වගකීමක් වෙනවා.ශිෂ්ටාචාරය, ආගම, දහම, හැදියාව, චාරිත්‍රවාරිත්‍ර හා පුද සිරිත් වලින් පරිපූර්ණ වී ශිෂ්ඨසම්පන්න ජාතියක් බිහි කිරීමට මුල්වූයේ මේ මිහින්තලය පුණ්‍ය භූමියයි.වෙස්සන්තර චරිතයේ, පරිත්‍යාගය, ලෝභ, ද්වේෂ, මෝහය යටපත් කර අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන් ඔප් නැංවෙන්නේ මහින්දාගමනයෙන් පසුවයි. මනුෂ්‍ය ජීවියා සියලු දේ හරිහැටි වටහා ගනිමින් අති උතුම් වූ බෞද්ධ දර්ශනය වටා සියල්ල බද්ධ වෙන්නේ මිහිදු මාහිමියන්ගේ ආගමනයෙන් පසුවයි.ගමයි පන්සලයි වැවයි දාගැබයි නිර්මාණය වෙන්නේ පුදසිරිත් චාරිත්‍රවාරිත්‍ර හෙළ දෙරණ තුළ මුල්බැස ගත්තේ බුදුදහම වැළඳ ගැනීමෙන් පසුවයි.මිහිදු සංස්කෘතිය කියන්නේ පොසොන් පොහොයයි. මේ ලංකාද්වීපය තුළ බුදු දහම මහින්දාගමනයෙන් බැහැරවී කටයුතු කරන්න නොහැකියි.එදා ගස්ගල් ඉර හඳ ඇදහූ මිනිසුන් පසුව තුණුරුවන් හා පංචශීලය කෙරෙහි අවබෝධය ඇති කරගනිමින් ධර්මානුකූලව කටයුතු කිරීම තුළින් මේ දක්වා වූ දියුණු ගමනකට අවතීරණය වන්නට හැකියාව ලැබුණා.ලෝකයේ ප්‍රථම වරට, තිස්ස රජතුමන් ඇතුළු හතළිස් දහසක පිරිසක් අවි ආයුධබිම තියලා එකවර පන්සිල් සමාදන් වුණ එකම පුණ්‍ය භූමිය මිහින්තලාවයි. මානව හා සතුන්ගේ අයිතිවාසිකම් කියා දුන්නේ මේ පුණ්‍ය භූමිය තුළයි.මෙහිදී පළමුව භණ්ඩුක උපාසක ඇත්තා මහන කිරීම උපසම්පදා කිරීම, දෙවියන්ට ආරාධනා කරල ධර්ම දේශනා කිරීම, චුල්ලහත්තිපදෝම සූත්‍රය දේශනාව, පළවන වස් විසීම, දේවානම්පියතිස්ස රජු රාජාභිශේක ලැබූ තැන, අපේ ශිෂ්ඨාචාරයේ මූලාරම්භය සිදු වුණ තැන වගේම ලංකාවේ සම්බුද්ධ ශාසනය රඳා පවතින්නේ අරිට්ට තෙරුන්ගේ මහන උපසම්පදාවෙන් පසුවයි. මහින්දාගමනය, මිහිඳු සංස්කෘතිය කියන්නේ මේ සියලු දෙයින් පෝෂණයවූ අති උතුම් වූ බෞද්ධ සංස්කෘතියයි.කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන් වැඩමවූ මේ මහා පාරිශුද්ධ වූ මිහින්තලා පුදබිම ලෝක බෞද්ධ උරුමයක් ලෙස ඉතිහාසගත වෙනවා.තෙරුවන් සරණයි.  .
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n1406123
ජී 77 සමුළුවට ජනපති අද බොලීවියා යයි
ධනුෂ්ක ගොඩකුඹුර
පනස් වන සංවත්සරය සමරන ජී 77 කණ්ඩායමේ සමුළුවට සහභාගී වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) බොලීවියාව බලා පිටත්ව යයි.මෙමස 14 සහ 15 දිනවල බොලවීයාවේ සැන්ටා කෘස්හි දී මුළුදෙන ජී 77 සමුළුවට ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකු බොලීවියාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.එක්සත් ජාතීන් නියෝජනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක් එකමුතුව 1964 ජූනි මස 15 දින පිහිටුවා ගන්නා ලද ජී 77 කණ්ඩායමේ වර්තමාන සභාපතිවරයා වශයෙන් බොලීවියා ජනාධිපති ඊවෝ මොරාලස් මහතා කටයුතු කරනු ලබයි.ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජී 77 සමුළුව ඇමැතීමට ද නියමිතය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n1406124
ජනතාවාදී ප්‍රතිපත්ති කිසිවිටෙකත් වෙනස් කිරීමට සූදානම් නෑ
ධනුෂ්ක ගොඩකුඹුර සෝමාවතිය සිට.
කිසිදිනෙක රට පාවා නොදුන් වර්තමාන රජයේ ජනතාව වෙනුවෙන් ගන්නා නිවැරැදි ප්‍රතිපත්ති කිසිවිටෙකත් වෙනස් කිරීමට සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.මේ රජය රට පාවා දෙන රජයක් නොව පාවා දුන් අයගෙන් රට බේරා ගත් රජයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජය අනුගමනය කරන්නේ ජනතාවාදී ප්‍රතිපත්ති පමණක් බවත් ජනතාවගේ පහසුකම් කිසිවකුටත් පාවා දීමට සූදානම් නොමැති බවත් පැවසීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ සංවර්ධනය කරන ලද පොළොන්නරුව - සෝමාවති මාර්ගය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට ඊයේ (11) පෙරවරුවේ එක්වෙමිනි.පොළොන්නරුව සිට සෝමාවතී පුදබිම දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 3500 කි.මෙහි සමස්ත ආයෝජනය ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය දරා ඇති අතර මෙම මාර්ගය බෝක්කු 109 කින්, විශාල පාලම් 4 කින් සමන්විතය.මෙම මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 38 ක් වන අතර එහි කිලෝ මීටර් 26 ක් කාපට් අතුරා සංවර්ධනය කොට ඇත. ඉතිරි කිලෝ මීටර් 12 ක ප‍්‍රමාණය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ඇත. සතුන්ට එහා මෙහා ගමන් කළ හැකි මංකඩද සහිතව මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර තිබීම විශේෂත්වයකි.මාර්ගය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා ඉන් අනතුරුවද සෝමාවතී රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.විශේෂ කිරි ආහාර පූජාවක්ද මෙහිදී පැවැත්වුණ අතර ඊයේ උදෑසන සිදු කෙරුණු කප්රුක් පූජාවටද ජනාධිපතිතුමා සහභාගී විය.සෞඛ්‍ය සහ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ගමේ දරුවන්ට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළ වැළැක්වීමට බොරු මත ප්‍රචාරයක කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම සතියකටම වරක් බොරු මතයක් ප්‍රචාරය කිරීම මොවුන්ගේ සිරිත බව පැවසීය.බොරුවක් සිය වතාවක් ප්‍රචාරය කළ විට මිනිසුන් පිළිගන්නා බවට කී ගොබෙල්ස්ගේ න්‍යාය අනුව යමින් බොරුවෙන් රට ඇවිස්සීම මොවුන්ගේ අරමුණ වුවත් බය නැතිව ඒවාට පිළිතුරු දෙන්නට අපේ ඇමැතිවරුන්ට ශක්තිය තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, නිර්මල කොතලාවල, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සේදර සෙනරත්, මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ආර්. ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මිට එක්ව සිටියහ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n1406125
ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ දෙවැනි දිනය අදයි
අමිල ප්‍රභාත් වනසිංහ
මාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම(ලේක්හවුස්) මගින් පනස් දෙවන වරටත් පවත්වනු ලැබූ මිහින්තලා ආලෝක පූජා පුණ්‍ය උත්සවයේ දෙවන දිනය (12) අදයි.මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඊයේ(11)ආරම්භ වූ ආලෝක පූජා උත්සවය අද (12) සහ හෙට (13) පැවැත්වේ. ලංකා විදුලි බලමණ්ඩලයේ සම අනුග්‍රහකත්වය මත හා අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වය මෙවරද ලබා දී තිබේ.ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිහිනතලා මැද මළුවේදි අද පස්වරු 6.00ට පැවැත්වෙන ආලෝක පූජා උත්සවය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු රැසක්ද මහා භාරකාර සරත් සෙනවිරත්න,ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, අබාන්ස් ආයතනයේ සාමාන්‍ය අධිකාරි ධම්මික ප්‍රසන්න, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වය ඇතිව මෙය සිදු කිරීමට කටයුතු යොදා ඇත..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n1406126
පිල්ලේගේ පරීක්ෂණයටඑරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක්
ස්වර්ණා විජේකෝන්,
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණයට ඉඩ නොදිය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අස්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ඊයේ (11) භාරදී තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අචල ජාගොඩ, ජානක බණ්ඩාර, උදිත ලොකුබණ්ඩාර, ඒ.එච්.එම්. අස්වර්, ශාන්ත බණ්ඩාර, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, නිමල් විජේසිංහ, දුමින්ද සිල්වා මහත්වරු සහ මාලිනී ෆොන්සේකා මහත්මිය මෙකී යෝජනාවට අස්සන් කැර ඇත.ලබන සිකුරාදා (13) රැස්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී මෙකී යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, විවාදය සඳහා දිනයක් ද වෙන් කෙරෙනු ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා දිනමිණට කීය.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිදුකිරීමට යන මෙකී පරීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් වන හෙයින් එයට කි‍සිසේත් ඉඩ නොදිය යුතු බව මෙකී මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n1406127
ආපස්සට ගිය රට යළි නංවා දරු පරපුර අධ්‍යාපනයෙන් ඉහළටම ඔසවා තැබීම ගැන චෝදනා කරන්න කාටවත් අයිතියක් නෑ
ධනුෂ්ක ගොඩකුඹුර
නිදහසින් පසු වසර ගණනාවක් ආපස්සට ගිය රට යළි ගොඩනංවා අපේ දරු පරපුර ඉහළටම ඔසවා තැබීම සම්බන්ධයෙන් රජයට චෝදනා කිරීමට කිසිවකුටත් අයිතියක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.දරුවන් සංවර්ධනය නොවුණහොත් රට කොතරම් සංවර්ධනය කළත් ඵලක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන්නේ ඒ නිසා බව පෙන්වා දුන්නේය.නගරයේ දරුවන්ට තිබෙන අයිතිවාසිකම් ගමේ දරුවන්ටත් ලැබිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා මේ දෙස බලා සිටිය නොහැකි පිරිස් මේවාට ඊර්ෂ්‍යා කළත් ගමේ උපන් තමාට ගම පිළිබඳ ඇති හැඟීම ප්‍රසිද්ධියේ කියන්නට බියක් නොමැති බවත් අවධාරණය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ මැදිරිගිරිය ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය පෙරේදා (10) විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජනහමුවකට එක්වෙමිනි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.මම ඉතාම සතුටු වෙනවා මේ මැදිරිගිරියට පැමිණීමට ලැබීම ගැන. මම මෑත කාලයේ මුලින්ම ආවේ අගමැති කාලයේ. ධීවර ඇමැති කාලයේ ඇවිත් ධීවර ගම්මානයක් විවෘත කරලා, දවල්ට කෑම කාලත් ගියා. ඊට පස්සේ අගමැති කාලයේ ඇවිත් පාරවල් ටික හදන්න පටන් ගත්තා. ඒ එනකොට මේ පැත්තට ටිකක් එහායින් කොටි එහා මෙහා යනවා. එදා ඔබ අවට කොටි ත්‍රස්තවාදීන් පහර දුන් ගම්මාන තිබුණා. පල්ලියගොඩැල්ල ප්‍රදේශයට වගේම තවත් ගම්මානවලට පහර දුන් බව ඔබට මතක ඇතැයි මම විශ්වාස කරනවා.එහෙම තිබුණු කාලයක 2005 දී මම ජනාධිපතිවරණයට මුහුණ දෙන විට මේ ලංකාවේම ජනතාව අපෙන් ඉල්ලුවේ අපිව මේ කොටි උවදුරින් බේරා ගන්න කියලයි. වෙන කිසිම දෙයක් මගෙන් ඉල්ලුවේ නැහැ. මම ඇහුවාම තව මොනවද ඕනේ කියලා මොනවත් ඕනේ නැහැ මේක කරලා දෙන්න මුලින් කිව්වා. අපි මහින්ද චින්තන වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කළා. දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණ ප්‍රකාශනයක් ස්ථිර වැඩපිළිවෙළක්, ප්‍රතිපත්ති මාලාවක්, චින්තනයක් බවට පත් වූ යුගය අපි ආරම්භ කළා.අපි රට නිදහස් කර ගත්තා. කොටින්ට අයිති වී තිබූ තුනෙන් දෙකක මුහුදු තීරය අපි බේරා ගත්තා. මුළු රටක්ම අපි නිදහස් කර ගත්තා. ඊළඟට අපිට තිබුණු පියවර තමයි මේ රටේ සංවර්ධනය කිරීම. අපි රටක් සංවර්ධනය කරන්න මුලින්ම පාරවල් ටික හදන්න පටන් ගත්තා. එදා මම මැදමුලන සිට එනවිට කොළඹ, රත්මලානෙදී තමයි කාපට් පාරට ඇතුළු වුණේ. එහෙම යුගයක් තිබුණා. පැය ගණන් මම ආවා. අතරමඟදී නතර කරලා තේ බොනවා. බත් කනවා. කාලා තමයි කොළඹ යන්නේ. එහෙම යුගයක අපි සිටියා.අද ඒක වෙනස් වෙලා. මම පැයයි විනාඩි පහළොවකින් කොළඹට එනවා. එදා පැය අටක් ගිය ගමන අද මම පැයයි විනාඩි පහළොවකින් විස්සකින් කොළඹ එන තරමට පත් වුණා. පොළොන්නරුවේ සිට එන මන්ත්‍රීවරුන්ට එදා පැය ගණන් ගියා කොළඹ එන්න. අද ඒ අය උදේ නැගිටලා තේ බොන්න කොළඹට යනවා. මේ වෙනස ක්‍රමානුකූලව ඇති වුණා. මේ මැදිරිගිරියට, පොළොන්නරුව දිස්ත්‍රික්කයට තවත් මාර්ග කිලෝමීටර් 200ක් කාපට් කරන්න අපි දැන් මුදල් වෙන් කරලා තිබෙනවා.ඒ සංවර්ධනය. සංවර්ධනය සමඟ තමයි අපි ගමන් කරන්නේ. රටක් සංවර්ධනය කරන්න ඕනේ. පාරවල් ටික හදන්න ඕනේ. එදා විදුලිය සියයට 46යි තිබුණේ. අද සියයට 96.5ක් විදුලිය තිබෙනවා ගෙවල්වලට. මාසයකට පෙර බැන්නේ මට සියයට 40යි. දැන් සියයට 96.5ක් බනිනවා විදුලි බිල වැඩියි කියලා. බිල් ගෙවන්න පටන් ගත්තම තමයි අපිට බනින්න ගත්තේ. එතකන් ලයිට් දාගෙන ඉන්නවා. හැබැයි අපි සන්තෝෂ වෙනවා සියයට 96.5කට විදුලිය දෙන්නට පුළුවන් වීම ගැන.දැන් අපිට තිබෙනවා කාර්යයක්. ඊළඟ පියවර තමයි රටේ සියලු ජනතාවට, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සියලු ජනතාවට බීමට පිරිසිදු ජලය ටිකක් ලබා දීම. දැන් අපි මුදල් වෙන් කරලා තිබෙනවා මැදිරිගිරියටත් දැවැන්ත ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්නට. හෙට අනිද්දා වෙන විට තමුන්නාන්සේලාටත් බීමට පිරිසිදු ජලය ටිකක් ලැබේවි. ඒ වැඩපිළිවෙළ තමයි අපි දියත් කරන්නේ. දැන් අපට තිබෙනවා ඊට වඩා කාර්යයභාරයක්. අපි රට කොච්චර සංවර්ධනය කළත් දරුවන් සංවර්ධනය වෙන්නේ නැත්නම් සමාජයට වැඩක් නැහැ.ඒ නිසා තමයි අපි දරුවන් වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේ. කොළඹ තිබෙනවා සුපිරි කාණ්ඩයේ පාසල්. මම 1970 මන්ත්‍රිවරයෙක් වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයට තිබුණේ විද්‍යාව ඉගෙන ගන්න ඒ ශ්‍රේණීයේ පාසල් තිබුණේ එකයි. යාපනයට තිබුණා ඒ ශ්‍රේණියේ පාසල් 37ක්. ඒක තමයි එදා අපේ දිස්ත්‍රික්කවල තිබුණු වෙනස. අපි දැන් ඒ වෙනස වෙනස් කරලා තිබෙනවා.අද තිබෙන වෙනස කුමක්ද ? මේ පාසලේ විද්‍යාව, කලා අංශ තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයට, විශාඛා විද්‍යාලයට නොමැති විෂයය ධාරාවක් තිබෙනවා. ඒ තමයි තාක්ෂණ විෂය ධාරාව මේ පාසලට තිබෙනවා. ඒ පාසල්වලට නැහැ, මැදිරිගිරියට තාක්ෂණ විෂයය ධාරාව තිබෙනවා. එදා කොළඹ අවට තිබුණු පහසුකම, හැමදේම කොළඹට කියා තිබුණු තත්ත්වය වෙනස් කරලා අපි කොළඹින් ගමට පහසුකම් ගෙනත් තිබෙනවා. ඒකෙන් තිබෙනවා වාසියක්.හොඳ පාසලක් තිබෙන විට වටේ තිබෙන අනෙක් පාසල් සියල්ල වැසෙනවා. මම දන්නවා ළමයින් දහදෙනයි ගුරුවරුන් විසිපහයි. එහෙම පාසල් තිබුණා. ඒවා වැහිලා. අධ්‍යාපනයක් නැහැ. ළමයි ටික කොච්චර දුර වුණත් හොඳ පාසලට එනවා. දැන් ඒක ක්‍රමානුකූලව වෙනස් වෙලා තිබෙනවා. දැන් මේ පාසලට අපිට ඕනේ තරම් ඉඩකඩ තිබෙනවා තාක්ෂණ විෂයය ධාරාවට පහසුකම් සලසලා මේ පාසල් දියුණු කරන්නට. අපි ඒක කළ යුතු කාර්යයක් සේ දකිනවා.නිදහස ලැබුණු පසු වසර ගණනාවක් පස්සෙන් හිටපු රටක දරුවන් ඉහළට ඔසවා තැබීම ගැන කිසිවකුටත් දොස් කියන්න පුළුවන්කමක් නැහැ. එය අපේ වගකීමක් හා යුතුකමක්. ගමේ ඉපදුණු නිසා අපට තිබෙනවා ගම ගැන හැඟීමක්. ඒක ප්‍රසිද්ධියේ කියන්න අපි බය නැහැ. ඒකෙන් කියන්නේ නැහැ අපි නගරයට වෙනස්කමක් කරනවා කියලා. නමුත් නගරයේ තිබෙන පහසුකම් ගමේ දරුවන්ටත් ලබා දිය යුතු බවට දැඩි විශ්වාසයක හා මතයක අපි සිටිනවා. ඒ නිසා අපේ යුතුකම හා වගකීම ඉටු කරන්නට අපි සූදානම්. ඒකෙන් ප්‍රයෝජන ගන්නට ඔබ සූදානම් විය යුතුයි.මම උඩින් එන විට දැක්කා තොරණක් ගහලා තිබෙනවා. මේ තොරණ හැදුවේ මැදිරිගිරියේ දානපතියෝ වෙන්න ඇති කියලා මම හිතුවා. එතකොට කිව්වා නෑ නෑ මේ තොරණ හැදුවේ මේ පාසලේ තාක්ෂණ විෂයය ධාරාව හදාරන දරුවෝ කියලා. ඒක කියන විට මට ලොකු සන්තෝෂයක් වගේම ආඩම්බරයක් ඇති වුණා. අපේ දරුවන්ට එවැනි කාර්යයභාරයක් කරන්න ආත්ම ශක්තියක් හදලා තිබෙනවා. ඒක මේ මවුපියන්ට වගේම පළාතේ සෑමකෙනකුටම සන්තෝෂයක් කියලයි මම හිතන්නේ. ඒක මටත් සන්තෝෂයක්. ඒක ඔවුන්ගේ හැකියාව. දෑත හුරුවීම.මම තාක්ෂණ විෂයය ගැන පුන පුනා කියන්න ඕනේ නැහැ. ඒක අධ්‍යාපන ඇමැතිතුමා ඇති තරම් කියන්න ඇති. මේකේ තියෙන වැදගත්කම අවබෝධ කරන්නට එතුමා විශාල මහන්සියක් ගන්නවා. මේ වැඩපිළිවෙළ අපි දියත් කරද්දී සමහරුන්ට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. සමහරු මේක දිහා ඊර්ෂ්‍යාවෙන් බලනවා. මාධ්‍යවලින් අධ්‍යාපනයට ගහනවා. පරිගණක තාක්ෂණය නැතිලු. මම 2005දී රට භාර ගන්න විට මේ රටේ තොරතුරු තාක්ෂණ දැනුම තිබුණේ සියයට තුනයි. ඒකත් කොළඹ අවට පමණයි. අද ඒක සියයට පනහ ඉක්මවා ගිහින්.ඒකට හේතුව කුමක්ද ? අද ගමට තොරතුරු තාක්ෂණය ගිහින් තිබෙනවා. නැණසල, පාසල හරහා පරිගණකයට ගමට ගියා. ඒ පිළිබඳ අවබෝධයක් ලැබුණා. ඒ ගැන උනන්දුවක් ඇති වුණා. අද සමහර ගම්මාන තිබෙනවා තොරතුරු තාක්ෂණයෙන් ඒ අය ඉහළටම ගිහින්. ගොවීන් අන්තර්ජාලය හරහා මිල ගණන් දැන ගන්නවා. සමහරු ඒක හරහා පුවත්පත් කියවනවා. දවසේ පත්තරය ගමට එන්න පෙර ඔවුන් පත්තරය කියවන්න පුරුදු වී සිටිනවා. ඒ තත්ත්වයට අපි ගම අරගෙන ගිහින් තිබෙනවා.මේකේ හොඳ පැත්ත තමයි ඒ. මේකේ නරකත් තිබෙනවා. මේ නරක දෙයින් අපේ දරුවන් බැහැර කරන්නට වැඩිහිටියන් පුරුදු විය යුතුයි. නරක එනවා කියලා හොඳ දේ වහලා දාන්න අපි සූදානම් නැහැ. මේ අය ප්‍රචාරය කරනවා අපි අන්තර්ජාලය වහලා දාන්න හදනවා කියලා. මේ වගේ ප්‍රශ්නවලටත් මුහුණ දෙමින් තමයි අපි ඉදිරියට යන්නේ.මේවා එතරම් ගණන් ගන්නේ නැහැ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. පහර දීම, අපහාස කිරීම සමහරුන්ගේ කලාවක්. එය අපි බැහැර කරලා තියෙන්නේ. අපි උපදෙස් දී තිබෙන්නේ අපේ අයට පුද්ගලික වශයෙන් අපහාස කරන්න එපා. නමුත් බොරු කියන වෙලාවට අපිට උත්තර දෙන්න සිදුවෙනවා. ඒක තමුන්නාන්සේලා මතක තියා ගන්න.අපි යුද්ධයක් කරලා, යුද්ධය අවසන් කරලා, රට සංවර්ධනය කරලා, අධ්‍යාපනය දියුණු කරලා, යටිතල පහසුකම් දියුණු කරලා තිබෙනවා වගේම ගොවි ජනතාවට තවමත් රුපියල් 350ට පොහොර දීලා රක්ෂණයකුත් දෙන්න පියවර ගත්තා. 2750ට පමණක් නොවෙයි අටදහස් ගණනට පොහොර ගියාමත් අපි රුපියල් 350ට පොහොර දුන්නේ අපේ රට ස්වයංපෝෂිත විය යුතුයි කියලා විශ්වාස කරන නිසයි. මේ ප්‍රදේශයේ ජනතාව මුළු රටට බත් දුන්නා. හැබැයි අපිට නියඟය පාලනය කරන්න බැහැ. ජල ගැල්ම පාලනය කරන්න පුළුවන්කමක් නැහැ.ස්වභාව ධර්මයෙන් යම් යම් අවස්ථාවල ඇති වන ක්‍රියාකාරකම්වලට මුහුණ දෙන්න අපිට සිදු වෙනවා. අපි ඒකත් අවබෝධ කරගෙන තමයි ගමනක් යන්නේ. මොරගහකන්ද දැන් වැඩකරගෙන යනවා. පවුල් තුන්සිය ගණනක් එනවා පිටින්. මේ අයට ජලය ලැබෙනවා. එහේ තිබෙන ඉඩම් යට කරලා මේක හදන විට ටික දෙනෙක් මේ පැත්තටත් එනවා. මේකටත් නොයෙක් දේවල් කියයි. කළ යුතු දේ පැකිළීමක් නැතුව අපි කරනවා. ඒ නිසා නියං කාලයට වුණත් ජලය ටික ලැබෙනවා ගොවිතැනට.මේ වැඩපිළිවෙළත් සමඟ රට නිදහස් කරගෙන යන විට ඒ වගකීම ඉටු කිරීමට නිසා අපිට මාස හයකට වතාවක් ජිනීවා ගිහින් උත්තර බඳින්න වෙලා. ඊයේද පෙරේදාද අපිට ලියුමක් එවනවා කෙනෙක් පත් කළා කියලා. එයා ගැන කියන්න යන්නේ නැහැ. අපිට විරුද්ධව පත් කරපු කෙනා තව ටික දිනකින් දැන ගනියි. ඒ පුද්ගලයා දැන් අපෙන් ඉල්ලනවා පරීක්ෂණ පවත්වන්න, යම් යම් තැන්වලට යන්න, හාරාවුස්සන්නට. යුද අපරාධ කළයි කියලා. ඒ වගකීම පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා. රට පාවා දෙන්න පුළුවන්කමක් නැහැ.අපිව පාවා දෙන්න ඩොලර්වලට යට වූ කාක්කෝ ටිකකුත් අපේ රටේ ඉන්නවා. මේ ගමට ඇවිත් ඔබ අමතන්න ලැබීම ගැන සතුටු වෙනවා. මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නට කටයුතු කරන අපේ දේශපාලන නායකයන්ට අපේ ස්තුතිය පුදකරනවා.සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා- 2005 වසරෙන් පසු රට තුළ සිදු වූ තිහාසික සිදුවීම් තුළ යුද්ධය අවසන් වී සාමය උදා වීම, පුළුල් ආර්ථික වර්ධනය, ගුණ යහපත් සමාජයක් ගොඩනැගීම මේ සියලු කාර්යයන් ප්‍රමුඛ කරගනිමින් ජනාධිපතිතුමා ජාතික වශයෙන් ගෙන යන වැඩපිළිවෙළ රටේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. මැදිරිගිරියේ ඉතිහාසය අපි දන්නවා.w1977 අලුත් මැතිවරණ කොට්ඨාසයක් වශයෙන් බිහි වීම තුළ මැදිරිගිරියේ ආර්ථික සහ සමාජ සංවර්ධනය අපි දන්නා දෙයක්. නමුත් බොහෝ වෙලාවට යුද්ධයත් සමඟ මේ ප්‍රදේශවල ඇති වූ මහා ඛේදවාචක සමඟ සංවර්ධනය ඇනහිටලා, ජනතාවගේ බලාපොරොත්තු කඩ වූ සමාජයක තමයි අපි ජීවත් වුණේ.එදා තිබුණු තත්ත්වය අනුව මැදිරිගිරියේ වගේම රටේ ජනතාව යුද්ධය ජය ගත නොහැකි කියන මානසිකත්වයට පත් වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වීමත් සමඟ තමුන්නාන්සේලා අපි බලාපොරොත්තු නොවූ ආකාරයට වසර තුනක් ඇතුළත ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය නිමා කරලා රටට සාමය උදා කර දෙන්නට සමත්කම ලැබුණා. ඒ සාමයත් සමඟ අද ආර්ථික සංවර්ධනය සහ විවිධ ක්ෂේත්‍රවල විශාල සංවර්ධනයක් ඇති වෙනවා. එදිනෙදා ජන ජීවිතයට මේ සංවර්ධනයේ බලපෑම පැහැදිලිව පෙන්නුම් කරනවා. 1948 නිදහසින් පසු ලංකාවේ මෙතරම් යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු වුණේ ජනාධිපතිතුමාගේ කාලයේ පමණයි.අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය අතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය ඵෙතිහාසික යුගයක්. අපි දන්නවා විරුද්ධ පක්ෂය බලයට පත් වූ අවස්ථාවල අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති වූ විවිධ බලපෑම් සහ පසුබෑම්. අධ්‍යාපනය සහ සෞඛ්‍ය නොමිලේ ලබා දෙන සේවාවන් ලෙස මුළු ලෝකයේම ගෞරවයට අප රට පත් තිබෙනවා. ඒ නිසා මේ සියල්ලෙහි ප්‍රතිඵලය අද ජීවත් වන ජනතාවටත් වඩා හෙට උපදින දරුවන්ටයි. මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නව තාක්ෂණය දරුවන්ට ලබා දීමේදී තාක්ෂණයේ පියා ලෙස ජනාධිපතිතුමා හඳුන්වන්න පුළුවන්.අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූ අතර ඇමැති දුමින්ද දිසානායක, නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සේදර සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n1406128
බියෙන් සැකෙන් තොරව පොසොන් සැමරීමෙන්රටේ ආගමික නිදහස ලොවට පෙනෙනවා
සකුන්තලා ජයසිංහ
ජාත්‍යන්තරය කුමක් පැවසුවත් ශ්‍රි ලාංකේය ජනතාව අද භුත්කි විඳින නිදහසේ සැබෑ ස්වරූපය කිසිදු බිය සැක සංකාවකින් හෝ බාධාවකින් තොරව අසිරිමත් පොසොන් උත්සවය සැමරීම තුළින්ම ලොවට ඒත්තු ගැන්වෙන බැව් උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රි සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ පවසති.ත්‍රස්තවාදය නිමා කිරිමත් සමඟ අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගත් පොසොන් කලාපය පුළුල් වී ඇති අතර ම රටේ නන් දෙසින් පිහිටි පුජනීය ස්ථාන රිසි සේ වැඳ පුදා ගැනීමට ජනතාවට අවස්ථාව සැලසී ඇති බවත්, රටේ බෞද්ධ සහ අන්‍යාගමික සියලු දෙනා තමන්ගේ ආගමික නිදහස උපරිමයෙන් භුක්ති විඳීම තරම් නිදහස සහ ස්වෛරීත්වය මැනිය හැකි තවත් සාධකයක් නොමැති බවත් මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් දිනමිණට විශේෂ ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ මෙසේ පැවසුහ.රුදුරු යුද බිය පැවැති සමයේ අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට ද ජනතාව පැමිණියේ බිය සැක සිතිවිලි ඇතිව බැව් සිහිපත් කළ උන්වහන්සේ අද එදා කොටි කටේ පැවැති තන්තිරිමලේ, සේරුවිල, දීඝවාපිය , නාගදීපය ආදි සිද්ධස්ථාන කිසිදු බාධාවකින් තොරව වැඳපුදා ගැනීමට අවකාසය සැලසී ඇති බවද වැඩිදුරටත් පැවසුහ.අතීතයේ පැවැති අමිහිරි අත්දැකීම් අමතක නොකර අනාගතයට පිය මැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙන නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ රට බේරා ගත් නායකත්වයට කෘතගුණ සැලකීමට අමතක නොකිරීම කෙළෙහි ගුණ දත් ජනතාවගේ යුතුකමක් බවද කියා සිටියහ.උන්වහන්සේ මෙසේ ද පැවසුහ . මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් රටේ අස්සක් මුල්ලක් නෑර දන්සල් පැවැත්වෙයි. තමන් ට පහර දීම සඳහා යුද අවි අමෝරා ගෙන පැමිණි ත්‍රස්තවාදීන්ට ද ආහාරපානවලින් සංග්‍රහ කළ අපේ ජාතිය ලෝකයට අපුරු පුර්වාදර්ශයක් ලබා දුන්නේය. එවැනි ජාතියකට අමානුෂීය ලේබලයන් ඇලවීම කුහතක්වය නිසා කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයන් ය.අපේ රට සම්බන්ධයෙන් සැක මුසු ප්‍රතිරූපවලින් බලන ඇත්තන්ට සියලු ජාතීන් එකාවන්ව සමගි සමාදානයෙන් සමරන පොසොන් උත්සවය දැකබලා ගැනීම වඩාත් ප්‍රඥාගෝචර බැව් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n1406129
මිහිඳු හිමියන් ගෙනා බුදු දහමින්අපගේ දිවි මඟ ගොඩනැඟුනා
null
මේ පොසොන් සමයේ මිහිඳු හිමියන් සිහිපත් කිරීම වසර දහස් ගණනක් බුදුදහම රැකගත් ජාතියටද කළහැකි උපහාරයක් වන්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පොසොන් පණිවිඩයෙන් කියා සිටියි.එම පණිවිඩය මෙසේය.අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම සිහිපත් කරමින් ලංකාවාසී බෞද්ධ අප සැම අසිරිමත් පොසොන් මංගල්‍යය සමරන්නේ මහත් වූ ශ්‍රද්ධා භක්තිය පෙරදැරිව ය.මිහිඳු හිමියන් මෙයට වසර 2250කට පෙර වැඩම වූ ථෙරවාදී බුදු සමය එදා සිට අප දේශයේ සංස්කෘතිය, ජීවන මග ගොඩ නැගූ දහම විය. මිනිස් ජීවිත සේම ගහ කොළ, සතා සිව්පාවාගේ ද ඇළ දොළ ගංගාවල පැවැත්ම ද තහවුරු කිරීමට අපගේ දර්ශනය වූයේ බුදු සමයයි. එසේම ඉවසීම, කරුණාව, දයාව හුරු ජාතියක් වූ අප ලොව අන්‍ය ලබ්දිකයන්ගෙන් ද ජාතීන්ගේ ද ආදරයටත් ගෞරවයටත් පත්විය.අදත් රට නිවැරදි දිශානතියට යොමුව ඇත්තේ මිහිඳු හිමියන් පෙන්වා දුන් මග හැර වෙනත් මගක් රට ගොඩනැගීමට නැති බව අප දැඩිව පිළිගත් නිසා ය. එබැවින් ක්‍රෝධයෙන්, වෛරයෙන් මිඳුණු දයාව, කරුණාව පෙරට ගත් සමාජයක් අද ගොඩනැගී තිබේ. අන්‍ය මත ඉවසීමත් ගරු කිරීමත් අප විසින් තහවුරු කළ සහජීවනය තව තවත් වර්ධනය කරවයි. මිහිඳු හිමියන්ගේ පළමු අවවාදයෙන් අප දොහොත් මුදුන් දී පිළිගත් විචාරශීලී බව ජාතියට මහා පවුරක්ව තිබේ. බුදු වදනේ සඳහන්“උට්ඨානවතෝ සතිමතෝ”ගුණයෙන් හෙවත් උත්සාහයත්, යහපත් සිහියත් ඇතිව සැබෑ බෞද්ධයන් ලෙස තව තවත් අපගේ අධ්‍යාත්මික හා සමාජික දිවිය සරු කොට ගත යුත්තේ ය. එය මේ පොසොන් සමයේ මිහිඳු හිමියන් සිහිපත් කරමින් වසර දහස් ගණනක් බුදු දහම රැක ගත් ජාතියට ද කළ හැකි උපහාරය ද වන්නේ ය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061210
බුදුසරණ කථික තරගාවලිය:ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දෙඅංශයේමමුල්තැන අනුරපුර මැදි විදුහලට
අමිල ප්‍රභාත් වනසිංහ
මිහින්තලේ ආලෝක පූජාවට සමගාමීව ලේක්හවුස් ආයතනය මගින් පවත්වනු ලැබු බුදුසරණ කථික තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය හෙට (13) මිහින්තලා ආලෝක පුජා පුණ්‍ය උත්සවයේදි සිදු කෙරේ.උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසැල් දු දරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මිහින්තලේ මහා විද්‍යාලයේදි ඉකුත් 31දා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන අංශ දෙක යටතේ මේ කථික තරගය පැවැත්විණි. එහිදි අංශ දෙකෙන්ම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් දස දෙනා බැගින් තෝරා පත්කර ගැනිණ.මේ කථික තරගයේදි කනිෂ්ඨ අංශය සදහා 6 වෙනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වාත්, ජ්‍යෙෂ්ඨ අංශය සදහා 10 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දු දරුවන් එක්ව සිටියේය. එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ජාතික ඉතිරි කිරිමේ බැංකුව අනුග්‍රහයෙන් වටිනා ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමේ.කනිෂ්ඨ අංශයේ මුල් ස්ථාන තුනම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ දරු දැරියන් දිනා ගනු ලැබීය. පළවන ස්ථානය එස්.ඩබ්ලිව්.පී. යෂ්මිනි එරන්දී , දෙවන ස්ථානය එස්.එම්.එස්.සසිකා සෙනෙවිරත්න හා තුන්වන ස්ථානය ආර්.එම්.ඩබ්ලිව්.එච්.රාජකරුණා සිසු සිසුවියන් දිනාගත්හ.පිළිවෙළින් ආර්.එම් ශශිකා එරන්දනි රත්නායක (අ/ස්වර්ණපාලි බාලිකා මහ විදුහල), ඊ.එම්.එම් සමිත සදරුවන් දුෂාන්ත (මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක මහ විදුහල), කේ.එම් සෙව්මිණි රන්සරණි (අ/ ස්වර්ණපාලි බාලිකා මහ විද්‍යාලය), ආර්.එම්.ඩබ්ලිව් ඉමාෂා ප්‍රමුදි රත්නායක (සාමබෝධි විහාරයේ මිහිදු දහම් පාසල), බි.එම්. ලෝචන මිනුවන්සල (අ/ සිරි මිහිදු දහම් පාසල), එච්. භාෂිණි රස්මිකා (අ/ මධ්‍ය විද්‍යාලයේ) , ටි.ටි. තිලකරත්න (අ/ශාන්ත ජෝශප් මහ විද්‍යාලය) සිසු සිසුවියන් සිව්වැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා ජයග්‍රහණය හිමිකර ගත්හ.ඡ්‍යෙෂ්ඨ අංශයේ පළවන ස්ථානය එල්.එච්.පී.සුමින්ද විජේසිංහ (අ/මධ්‍ය විද්‍යාලය), දෙවන ස්ථානය තිළිණී අනුෂ්කා (අ/ දීපානී විද්‍යාලයේ ), තුන්වන ස්ථානය එම්.ඒ.එල්.දේදුනු මදුවන්තී කුමාරී (අ/නිවන්ත චේතිය විද්‍යාලය) ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිනා ගත්හ.පිළිවෙළින් ඩබ්ලිව්. තරංගා දිල්රුක්ෂි ප්‍රනාන්දු (අ/මධ්‍ය විද්‍යාලය), කේ. නෙත්මි චාන්‍යා පිරිස්( අ/මධ්‍ය විද්‍යාලය), ඒ.ඩබ්ලිව්. නිමේෂා මදුවන්ති රුද්‍රිගු(අ/වලිසංහ හරිස්චන්ද්‍ර මහ විද්‍යාලය), පවිත්‍රානි මධුෂා දිසානායක (අ/නිවත්තක චේතිය මහ විද්‍යාලය), හෂාන් ක්‍රිෂාන්ත ආරියදාස (කෑදැව ශ්‍රි ආනන්ද දහම් පාස‍ල), නිමේෂා පුෂ්පමාලි සෙනවිරත්න (අ/ මධ්‍ය විද්‍යාලය), ආර්.එම්.එස්. කාවින්ද්‍යා හේමචන්ද්‍ර (අ/නිවත්තක චේතිය මහ විද්‍යාලය) සිසු සිසුවියන් සිව්වැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා ජයග්‍රහණය හිමිකර ගත්හ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061211
උතුරේ ධීවර කර්මාන්තය සංවර්ධනයටවියට්නාමයේ සහායෙන් ව්‍යාපෘති රැසක්
උතුරු පළාත් සමුහ
උතුරේ මත්ස්‍ය සම්පත ලෝකයටම වටිනවා, වියට්නාම තනාපති ටොන් සිංහ් තාන්හ් මහතා පෙරේදා (10) යාපනයේ සංචාරයක නිරත වෙමින් පැවසිය.එතුමා වැඩිදුරටත් පැවසුවේ උතුරු පළාත අවට මුහුදු තිරයේ ව්‍යාප්තව පවතින මුහුදු කූඩැල්ලන්, කකුළුවන්, ඉස්සන්, පොකිරිස්සන් ඇතුළු ජලජ ජිවින්ගේ නිෂ්පාදනය ඉහළ නංවා සංවර්ධනය කිරිමට අවශ්‍ය තාක්ෂණය වියට්නාම රජය හා ශ්‍රි ලංකා රජය හා එක්ව 2013 වසරේ සිට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බවයි .එම ව්‍යාපෘතිවල සුභදායි ප්‍රතිලාභයන් මේ වන විට උතුරේ ජනතාව ලබා ගෙන තිබෙනවා. යාපනය වලෙයිපාඩු ප්‍රදේශයේ පොකිරිස්සන් බෝකිරිමේ ව්‍යාපෘතියත්, කිළිනොච්චිය කිරාංචි ප්‍රදේශයේ පවත්නා මුහුදු කූඩැල්ලන් බෝකිරිමේ ව්‍යාපෘතියත් අද වන විට වඩා හොදින් ක්‍රියාත්මක වනවා.ලෝකයේ අනෙක් මුහුදු තිරයන්හි දුර්ලභ මත්ස්‍යන්වන මෙවැනි ජලජ ජිවින් ව්‍යාප්ත කිරිම හරහා විශාල විදේශ විනිමයක් ලබා ගැනිමට හැකියාවක් තිබෙනවා. එමෙන්ම ජලජ ජිවින් සංවර්ධනය කිරිමේ අධිකාරිය හරහා මේ තාක්ෂණික ක්‍රමවේදයන් උතුරේ අනෙකුත් ප්‍රදේශවලත් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළහ.මෙතුමා මේ බව ප්‍රකාශ කළේ සංචාරය අතරතුර උතුරු පළාත් ආණ්ඩුකාර කර්යාලයේ පැවැති සාකච්ඡාවකදිය. එහිදි උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් අදහස් දක්වමින් කියා සිටියේ මේ තාක්ෂණික ක්‍රමවේදයන් පළාත තුළ ව්‍යාප්ත කිරිම සදහා දිසාපති කර්යාල ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා ධිවර කටයුතු අමාත්‍යාංශ හා එක්ව පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් වියට්නාම රජයේ මේ ආයෝජනය ඉතා අගය කළ යුතු බවයි..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061212
සමාජයට එල්ල වන අහිතකර බලපෑම්වලින්මාතෘ භූමිය රැක ගැනීම අප සැමගේ වගකීමක්
null
කලින් කළ අප සමාජයට එල්ල වන අහිතකර සමාජ බලපෑම්වලින් මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම අප සියලුදෙනා සතු වගකීමක් සහ යුතුකමක් බව අගමැති, බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති ආචාර්ය දී.මු ජයරත්න මහතා පැවැසීය.අප උරුමය අනාගත පරපුර උදෙසා දායාද කරලීම සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීම ගිහි පැවිදි අප සැමගේ පරම යුතුකම වන බවද පොසොන් මංගල්‍යය නිමිත්තෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කර තිබේ.ධර්මයන්ගෙන් ශික්ෂිත විනයකින් යුතු මනා ගුණවත් ජන පිරිසකගෙන් සමන්විත මාතෘභූමියක් බවට හෙළ ලක්දෙරණ පත් කරවීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ කළ මෙහෙවර ඉවහල් වූ බව එම නිවේදනයේ සඳහන් වේ.එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.හෙළවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වන මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දඹදිව සිට මෙහි වැඩම කොට සෑම ගමක්, නගරයක් පාසාම බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළේ ගුණවත් පරපුරක් බිහිකිරීමේ අ‍පේක්ෂාවනි.අනුකරණශීලි, බටහිරවාදී සමාජ සංස්කෘතිය නිසා බෞද්ධ සංස්කෘතියේ උරුමය සහ සාරධර්මවලට විවිධ බලපෑම් අත්වී ඇති බව කණගාටුවෙන් සඳහන් කරමි.ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අභිෂේක මංගල්‍යය සැමරීම හෙවත් මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සනිටුහන් කරන උතුම් පුර පසළොස්වක පොහොය දින සමරන මේ අවස්ථාවේ දී සියලු ජාතීන්ට සමානාත්මතාවයෙන් හා සාමයෙන් යුතු සමාජයක් ගොඩනැගීම සඳහා එක්වන ලෙස මම ආරාධනා කරමි..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061213
මාඕ සේතුංතුමාගේ චින්තනය අනුව ඉදිරියට යන චීනයකලාපයේ රටවල ගැටලුවලට බලපෑම් කරන්නේ නැහැ
බුද්ධිකා ඉඹුලාන
නව මහජන චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගේ චින්තනය අනුව ඉදිරියට ගමන් කරන චීනය, කලාපයේ අන් රටවල ගැටලුවලට අතපොවන්නේ බලපෑම් කරන්නේ නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති , චීන -දකුණු ආසියා කලාපීය මිත්‍රත්ව හා සහයෝගීතා සංවිධානයේ සභාපති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.කලාපයේ කුඩා රටවල සංවර්ධනය උදෙසා නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන චීනය සිය මිත්‍රත්වය ලොව පුරා පතුරවන බවද ඇමැතිවරයා කීය.ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ පසුගිය දා කොළඹ කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැති චීන මිත්‍රත්ව 60වැනි සංවත්සරික උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.එහිදී ඇමැතියො මෙසේද කීය.චීනය හා ආසියාකරයේ රාජ්‍යයන් අතර මිත්‍රත්වය වසර 60ක් සපිරෙන මොහොතේ දිගුකාලීන මිත්‍ර රටක් වශයෙන් අප චීනයට සුබ පැතුම් පිරිනමනවා. චීනය හා ඉන්දියාව කියන්නේ අපේ ආසියාකරයේ යෝධයන් දෙන්නෙක්. චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං නිර්මාණය කළ සමාජවාදී මහජන චීනය, ඩෙන්ෂියා ඕ පෙං ජනාධිපතිතුමා නව චීනයක් බිහි කරමින් චීනය ආසියාවේ යෝධයා බවට පත් කළා. එතුමා චීන ආර්ථිකය නිදහස් කරමින් චීනයේ ජනතාවට නව සමාජවාදී මාවතක් විවර කර දුන්නා.මේ නිසා අද චීන ජනතාවට හොඳ නිදහසක් ලැබී තියෙනවා. ඒ නිසා චීනය අද ආසියාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම ආර්ථික වශයෙන් යෝධ සංවර්ධනයක් ලබාගෙන තියෙනවා. අද චීනයේ ප්‍රධානතම ණයකරුවා බවට පත්වෙලා සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒ වගේම අනෙකුත් බටහිර රාජ්‍යයන් බොහෝමයක් චීනයේ ණයකරුවෝ බවට පත්වෙලා සිටිනවා. මේ නිසා බටහිර රාජ්‍ය ආර්ථික අර්බුදයට මුහුණ දී සිටිය දී චීනය යෝධයකු සේ සිය ආර්ථික ශක්තියෙන් නැඟී සිටියා.ඒ වගේම චීනය කවදාවත් රටවල්වල ප්‍රශ්නවලට අතදාන්නේ නැහැ. ඒවගේම බලපෑම් කරන්නෙත් නැහැ. ඔවුන් මිත්‍රත්වයේ හස්තය කලාපයේ රටවල්වලට යොමු කරනවා. සුහදතාව වර්ධනය කර ගනිමින් ඒ ඒ රටවල සංවර්ධනයටත් උදව් කරනවා.ඉන්දියාව ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටයි.එහෙත් චීනය ලොව අති දැවැන්තම ආර්ථික ශක්තිය තිබෙන රට ලෙස ඉදිරියෙන් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මානව හිමිකම්වලට , ජීවත්වීමේ නිදහසට , අදහස් දැක්වීමේ නිදහසට එහි නිසි කැන ලැබී තිබෙනවා. ඒවගේම ජනතාවට නිවසක් රැකියාවක් , අධ්‍යාපනයට පාසලක්, සෞඛ්‍ය පහසුකම්, ආදී දෑ චීන ජනතාවට ලැබී තිබෙනවා.ඉන්දියාව සහ අපේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය සමඟම ලැබී තිබෙන ප්‍රධානතම බාධකය වන්නේ දූෂණය-වංචාව සහ නාස්තියයි. නමුත් චීනයේ එයට ඉඩක් නැහැ. මේ නිසා චීනය ලෝකයේ බලවතුන් පසු කර ඉදිරියටම ගොස් සිටිනවා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ විධායක සභාපති ඉන්දානන්ද අබේසේකර, චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශ ප්‍රධානී ෂෙං මිං යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061214
යුද හමුදාවට අලුතින් 10,000ක්බඳවා ගැනීමට සැ‍රසෙති
විජයානි එදිරිසිංහ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ අංශවල පවතින පුරප්පාඩු සහ අලුතින්ම ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල කටයුතු සඳහා ආධුනික සෙබළුන් ඇතුළු දසදහසකට ආසන්න පිරිසක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ඊයේ (11) ප්‍රකාශ කළ පරිදි පාබල හමුදාවට 5000 පිරිසක්ද ‍ඖෂධවේදීන් 35 හෙද හෙදියන් 50, පළාත් මට්ටමින් ස්වේච්ඡා හමුදා සෙබළුන් සංවර්ධන කටයුතු සඳහා ඉංජිනේරුසේවා බළකායට 4000 කෘෂිකර්මාන්ත කටයුතු සඳහා 250, ලිපිකරු 60ක්ද බඳවා ගැනේ.මේ සඳහා අවශ්‍ය සුදුසුකම් සහ සෙසු විස්තර ගැසට් පත්‍ර මගින් පළකර ඇත. තවද ප්‍රදේශයේ ඇති හමුදා කඳවුරුවලින්ද එම තොරතුරු ලබාගත හැකිබව බ්‍රිගේඩියර් ජයවීර මහතා පැවසීය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061215
ශ්‍රී ලාංකික කිසිවකුට කිසිදු හානියක් නෑ
මහින්ද අලුත්ගෙදර
පාකිස්තානයේ කරච්චි අගනුවර පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික කිසිවකුටත් හානියක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එරට වාසය කරන සහ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන අතර ඒ සම්බන්ධයෙන් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.කෙසේ වුවද එම ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කිසිවෙකුටත් හානියක් සිදුවූ බවට මේ දක්වා වාර්තා වී නොමැති බවද ඒ සම්බන්ධව නිරන්තරයෙන් සොයා බලන බවද ඇය පැවසුවාය.පසුගිය දින දෙකේ කරච්චි ගුවන් තොටුපොළට සහ ගුවන් තොටුපොළේ ආරක්ෂක කඳවුරකට ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයක් එල්ල වූ අතර එයින් පුද්ගලයන් කිහිපදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.කරච්චි නුවර ආසන්නයේ පිහිටි විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික සිසුන් අධ්‍යාපනය ලබන අතර මෙම ත්‍රස්ත ප්‍රහාරවලින් ඔවුන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවද කරච්චි ගුවන් තොටුපලට එල්ල වු පළමු ප්‍රහාරයේ දී එහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බේරාගැනීමට කටයුතු කළ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061216
ගෞතම බුදුරජාණන්වහන්සේගේ කේෂ ධාතුන්වහන්සේ ගංගාරාම විහාරස්ථානයේ සිට . . .
ඡායාරූපය - සුමනචන්ද්‍ර ආරියවංශ
ගෞතම බුදුරජාණන්වහන්සේගේ කේෂ ධාතුන්වහන්සේ ගංගාරාම විහාරස්ථානයේ සිට සඳහිරු සෑය පූජා භූමිය වෙත ගුවනින් වැඩම කරවීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෙලිකොප්ටර් යානය වෙත ධාතු රැගත් කරඬුව වැඩම කළ අයුරු. මෙම අවස්ථාවේ දී සුදුවතින් සැරසුණ විශාල පිරිසක් ධාතු කරඬුව වෙත සමන්පිච්ච මල් ඉසිනු ලැබූහ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061217
දහම් අමා සිඳු රඟ ගී නළුව වේදිකා ගතවෙයි
null
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ අධීක්ෂණය යටතේ ඉදිරිපත් කළ දහම් අමා සිඳු රඟ - ගී නළුව නාට්‍යමය සංගීත ප්‍රසංගය පෙරේදා (10) ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.නව ආරක් ගත් මේ බැති ගී ප්‍රසංගය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ කාව්‍ය රචනයෙන් හා ප්‍රවීණ නර්තන ශිල්පී රවිබන්දු විද්‍යාපතිගේ නර්තන නිර්මානයක් ගෙන් උපාලි ආරියසිරිගේ රංගභූමි කළමනාකරණයෙන් ජනප්‍රිය ගායන ශිල්පී ශිල් පිනියන්ගේ බැති ගී ගායනාවන්ගෙන් හා නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ නර්තන දායකත්වයෙන් අලංකෘතවිය.ආචාර්ය කිරින්දේ අස්සජි හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශසේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍රීමා කොළඹගේ හිටපු නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්විය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061219
මදුරුවන් බෝ නොවන අයුරින් තමන්ගේ නිවෙස්පිරිසුදුව තබා ගන්නා පුද්ගලයන් ඇගයීමට පියවර
සන්ධ්‍යා කරුණාරත්න
මදුරුවන් බෝ නොවන විදියට තමන්ගේ නිවෙස් හා පරිශ්‍ර පිරිසුදුව පවත්වාගෙන යන පුද්ගලයන් ඇගැයීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරි සංගමය පවසයි.කීට විද්‍යා සමීක්ෂණවලට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 80ක් නිවෙස් හා පරිශ්‍ර මදුරුවන් බෝ නොවන විදියට පිරිසුදුව පවත්වාගෙන යන අතර ඉතිරි සියයට 20ක ප්‍රමාණය නිසා ‍ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ යන බව සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පැවැසුවේය.නොදැනුවත්කම හෝ නොසැලකිලිමත්කම නිසා මේ සියයට 20 ක ප්‍රමාණයේ මදුරුවන් බෝ වීම සිදුවන අතර ඉන් සිදුවන හානිය සමස්ත ජනතාවටම විශාල ගැටලුවක් ලෙස බලපාන බව ද ඒ මහතා කීය.ඩෙංගු මදුරු මර්දනය සඳහා ඉක්මන් විසඳුම් ලබා දිය යුතු බවත් එහෙත් සාර්ථක ඩෙංගු මර්දනයක් සඳහා කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් ලබා දීම අනිවාර්ය බවත් ඔහු ප්‍රකාශ කළේය. මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට දඩ ගැසීමෙන් හෝ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මේ ගැටලුව නිරාකරණය කළ නොහැකි බවත් ජනතාව සමඟ මිත්‍රශීලිව මදුරු මර්දන කටයුතු සිදු කළ යුතු බවත් ඔහු පැවැසීය.කීට විද්‍යා සහකාරවරුන්ගේ හිඟයක් පවතින අතර එම හිඟය මඟ හැරලීම සඳහා නව කීට විද්‍යා සහකාරවරුන් 50 දෙනකු අලුතින් සේවයට බඳවා ගැනීම සිදු කරන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය. කීට විද්‍යා පුහුණු කාර්ය මණ්ඩලය සේවයට බඳවා ගැනීමෙන් ඩෙංගු මදුරු ඝනත්වය අවම කිරීමට හැකි වන්නේ යැයි ද සුමනසේන මහතා කීය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=n14061220
ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට කොරියාවේ පූර්ණ දායකත්වය
නුවන් කොඩිකාර
ශ්‍රී ලංකාවේ කර්මාන්ත, ආයෝජන, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා සිය රජයේ දායකත්වය ලබාදීමට සූදානම් යැයි ශ්‍රී ලංකාවේ නව කොරියානු තානාපති, චෑන්ග් වොන් සම් මහතා පැවැසීය.අනාදිමත් කාලයක සිට දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර දැඩි මිත්‍ර සබඳතාවක් පවතින බවත්, ඒ සබඳතාව තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කොරියා රජයේ දායකත්වය ශ්‍රී ලංකාව වෙත ලබාදීමට කොරියානු රජය සෑමවිටකම සූදානම්ව සිටින බවත් ඒ මහතා කීවේය.නව කොරියානු තානාපතිවරයා වශයෙන් පත් චෑන්ග් වොන් සම් මහතා සිය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ඊයේ (09) පෙරවරුවේ අගමැති කාර්යාලයේ දී අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතා හමුවේ එසේ ප්‍රකාශ කෙළේය.කොරියානු රාජ්‍යයේ රැකී රක්ෂා සඳහා වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට අවස්ථාව ලබාදී ඇති බව පැවැසු ඒ මහතා එමගින් කොරියාවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලාංකික දායකත්වය ඉතා විශිෂ්ට බව කීවේය.කොරියාව දෙකට බෙදී අත්විඳින පීඩාව හොඳින් දැනෙන බවත් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය සඳහා කොරියාවේ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවත් නව තානාපතිවරයා කියා සිටියේය.අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතා-ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා කොරියානු රජය ලබාදෙන දායකත්වය ඉතා ඉහළයි. මේ දක්වා කොරියාව ලබාදුන් සහයෝගය තවදුරටත් අපි අපේක්ෂා කරනවා. කොරියානු ආධාර මෙරට සංවර්ධන කටයුතු සඳහා විශාල දායකත්වයක් ලැබී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කලාපීය වශයෙන් රටවල් රැසක දායකත්වය මේ වන විට අඛණ්ඩව ලැබෙමින් තිබෙනවා.ශ්‍රී ලංකාවේ තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය නිසා රටේ සංවර්ධනය අඩාළ වුණා. යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරමින් තිබෙනවා. එම සංවර්ධනය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ ප්‍රතිපත්ති සකස් කරන බවද කියා සිටියේය.මේ අවස්ථාවට අගමැති ලේකම්, එස්.අමරසේකර මහතා එක්ව සිටියේය ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=r1406121
එක ගමකට එක වැඩක් කරන්නදමන වසම් 33කට ප්‍රතිපාදන
රවීන්ද්‍ර මැදගෙදර අම්පාර සමූහ
2014 වර්ෂයේ “එකගමකට එකවැඩක් වැඩසටහන යටතේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමනිලධාරී වසම් 33ක් සඳහා රුපියල් ලක්ෂ තුන්දහස් තුන්සියයක් වෙන්කර ඇත.ඒ ඒ ග්‍රාමනිලධාරී වසම්තුළ ජනසභා විසින් යෝජනා කොට දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල ගුණවර්ධන මහතාගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත විවිධ අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ මුදල් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ ඇමැති පී. දයාරත්න මහතා විසින් ලබාදී ඇත..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=r1406122
වයඹ මාධ්‍යවේදීන්ටගමන් බලපත්‍ර
ඡායාරූපය - ගුණරත්න ලියනආරච්චි කුරුණෑගල දිස්ත්‍රික් සංචාරක
වයඹ පළාත් ජනමාධ්‍යවේදීන් සඳහා පෞද්ගලික බස් රථවල ගමන් කිරීමට නිදහස් ගමන් බලපත්‍ර පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන විදුලි බල, නිවාස හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ ඇමැති ගුණදාස දෙහිගම මහතා විසින් පසුගිය දා සිය අමාත්‍යාංශයේ දී ලබා දෙන ලදී.වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් මහතාට අමාත්‍යවරයා ප්‍රථම කාඩ්පත ලබා දුන් අයුරු..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=r1406123
අනුරාධපුර රෝහල් භූමියේ අංගසම්පූර්ණපිළිකා රෝහලක් ඉදිකිරීමේ වැඩපිළිවෙළක්
තෙන්නකෝන් කුලසේකර
අනුරාධපුර රෝහල් භූමියේ අංග සම්පූර්ණ නව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා රුපියල් ලක්ෂ එකසිය පනහක් ලබාදීමට කටයුතු කර ඇත.අනුරාධපුර රෝහලේ අංක 08 හා 38 වාට්ටු පිළිකා රෝගීන්ගෙන් පිරී ඇති බවත් නේවාසික රෝගීන් එක ඇ‍ඳේ දෙදෙනා බැගින් සිටින බවත් බාහිර රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී දැඩි අසීරුතා ඇති වී ඇති බවත් පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කිරීමෙන් පසු ප්‍රධාන ඇමැතිවරයා අනුරාධපුර රෝහල් කමිටු සභාපති ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේද අනුරාධපුර දිස්ත්‍රික් වානිජ මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක මහතා ප්‍රමුඛ වානිජ මණඩල ව්‍යාපාරික ප්‍රජාවත් සමග පැමිණ පිළිකා වාට්ටුවට පැමිණි වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මේ තීරණය ගෙන ඇත.පසුගිය වසරේ පිළිකා රෝගීන් තුන්සියයක් පමණ ප්‍රතිකාර ගත්තද මේ වසරේ මුල් මාස කීපයේදී රෝගීන් පන්සියයක් පමණ ප්‍රතිකාර ලබා ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්කයන්හි පිළිකා රෝගීන් විකිරණ ප්‍රතිකාර සඳහා මේ රෝහලට පැමිණෙන බවද අනාවරණය වූ අතර පිළිකා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ඇති බව පැවසීය.රෝහල් භූමියේ නව පිළිකා රෝහලක් ඉදිකිරීමට දානපතියන්, පරිත්‍යාගශීලීන් හා ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර ගත යුතු බවද පිළිකා රෝහල ඉදිකිරීමේ පළමු අදියර සඳහා ප්‍රධාන ඇමැතිවරයා රුපියල් ලක්ෂ එකසිය පනහක් ලබාදීමටද එකඟ විය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=r1406124
ඩෙංගු මදුරුවන්මට්ටු කරන්න ශාකසාර අලේපයක් සොයාගනී
කරල්ලියද්ද සමුහ
දුම්බර මිටියාවතේ දිගන රජවැල්ල ප්‍රදේශයේ දරුවකුට ඩෙංගු රෝගය වැළදිම නිසා ඵයින් තම දරුවා හා පවුලේ අය ලැබු වේදනාවන් හා දුක් පිඩාහා ලැබූ අත් දැකිම් උපයෝගි කරගෙන සෙසු දරුවන් ඵම උවදුරෙන් මුදා ගැනීම සඳහා ඩෙංගු මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වා ගැනීමට උපයෝගි වන ආලේප කළ හැකි දේශිය ශාක අඩංගු ආලේපයක් ඵම තිදරු පියා නිපදවා ඇත.දුම්බර මිටියාවතේ දිගන රජවැල්ල ස්වශක්ති ගම්මානයේ පදිංචි ඵම්.ඵච් ඵම්.අබේරත්න මහතා මේ දේශිය ශාක උපයෝගි කරගෙන ඩෙංගු මදුරුවන් දෂ්ඨ කිරිම වළක්වා ගැනිම සඳහා ආලේප කළ හැකි මේ ආලේපය සොයා ගෙන ඇත.මේපිළිබඳව අබේරත්න මහතා මෙසේ පැවැසිය.මම තිදරු පියෙක්.මගේ පුතාට මීට වසර දෙදකට ඉහත දි ඩෙංගු උණ රෝගය වැළදි සෑහෙන කාලයක් විවිධ රෝහල්වලින් හාදේශිය ඔසුවලින් ප්‍රතිකාර ලබා ගෙන සුවය ලබා ගත්තා.මේ දරුණු ඩෙංගු උණ රෝගය නිසා මගේ දරුවා මෙන්ම මමද අප පවුලේ අනෙක් අයද දැඩි ලෙස අසරණ වුණා.ඵ් වේදනාව සමඟ අපේ දරුවන් මෙවැනි මදුරුවන් සපා කෑම්වලින් වැළැක්විමට බෙහෙතක් හදන්න අවශ්‍යයි කියන සිතුවිල්ලක් මගේ හිතට ආවා.විස්ම කියා දේශිය ශාක උපයෝගි කර ගෙනආලේපයක් හැදුවා.ඵය ඩෙංගු මදුරුවන් දෂ්ඨ කිරිම වළක්වා ගත හැකි ආලේපයක් බව නිර්දේශය වුණා..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=r1406125
කුරුණෑගල ආබාධිත දරුවන් සමාජ ගත කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට
සකුන්තලා ජයසිංහ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආබාධිත දරුවන් සමාජ ගත කිරීමේ නිපුණෝද්‍යා පියස වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවේ.කිසිදා පාසල් නොගිය සහ පාසල් අධ්‍යපනය ලැබුව ද සමාජ ක්‍රියාකාරකම් විෂයෙහි අඩුපාඩුකම් සහිත ආබාධිත දරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනාගෙන ඔවුන් නිපුණෝද්‍යා පියස විශේෂ පාසල් සඳහා යොමු කිරීමමේ ව්‍යාපෘතියේ ප්‍රමුඛතම අරමුණයි.සමාජසේවා අමාත්‍යංශය, කුරුණෑගල දිස්ත්‍රික් සමාජසේවා දෙපාර්තමේන්තුව,සහ ප්‍රිස්කෝ ආයතනය ඒකාබද්ධව මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.ව්‍යාපෘතිය සඳහා මුල්‍යමය අනුග්‍රහය ප්‍රිස්කෝ ආයතනය විසින් ලබා දෙයි.ඇතැම් දරුවන් ආබාධිත නමුත් සමාජ ක්‍රියාකාරකම්වලදී වඩාත් ක්‍රියාශීලි සහ ධනාත්මක හැසිරීම්වලින් යුක්ත නමුත් කිසිදු ක්‍රියාකාරකමක නොයෙදන දරුවන් ද මේ අතර සිටි.මේ දරුවන් නිසි පුහුණුවීම් සහ මඟ පෙන්වීම තුළින් ක්‍රියාශීලි තත්ත්වයට පත්කිරීමේ හැකියාව පවතින බැව් කුරුණෑගල දිස්ත්‍රික සමාජසේවා නිලධාරි ආර්.එම් දයාරත්න මහතා පැවැසීය.මේ සක්‍යතාව හඳුනාගෙන එම දරුවන් සමාජානුයෝජනය කිරීමට නිපුණෝද්‍යා පියස ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. මේවන විට කුරුණෑගල දිසාවේ ස්ථාන දහ නවයක් කේන්ද්‍ර කර ගනිමින් පුහුණුවලත් ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් මේ වැඩසටහන පැවැත්වේ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=r1406126
සංවර්ධන ව්‍යාපෘති අරඹන්නරුපියල් ලක්ෂ හාරසිය තිහක්
ආර්. ඇම්. කරුණාතිලක උඩුබද්දාව සමූහ
උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ හාරසිය තිහක මුදලක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් වෙන් කර දී ඇත.එක ගමකට එක වැඩක් යන සංවර්ධන වැඩ සටහන යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන්, ග්‍රාමීය මාර්ග, පොදු ගොඩනැගිලි , ක්‍රීඩා පිට්ටනි ආදී ව්‍යාපෘති රැසක් ආරම්භ කරන බව උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ ප්‍රියන්ජිත් අබේසේකර මහතා කීය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=r1406127
පැවිදි දිවියට වසර 50යිගැබිනි මවුවරු 100කට දිවා ආහාරය
සීගිරිය විශේෂ
ඉනාමලුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහනායක හිමියන්ගේ පැවිදි දිවියට 50 වසරක් පිරීම සහ විහාරාධිපති ධුරයට පත්වී 35 වසරක් පිරීම නිමිත්තෙන් ගැබිනි මවුවරුන් 100ක් දෙනා වෙත සෙත් පිරිත් දේශනා කැර පිරිත් නූල් බැඳ දරු ප්‍රසූතියේදී අවැසි වන සියලු භාණ්ඩ ඇතුළත් කට්ටල පරිත්‍යාග කිරීම හා “ගැබ් පෙළහර” දිවා ආහාරය ලබාදීම ඊ‍ෙය් (11) දින සිදුවිණි‍.සුමංගල මහ නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය දඹුලු උයන්වත්ත විහාරස්ථානයට වැඩම කැර ගැබිනි මව්වරුන්ට පිරිත් දේශනා කරමින් රටට වැඩදායී දරුවන් බිහිකිරීමට අවැසි උපදෙස් ලබාදී සෙත් පිරිත් දේශනා කරමින් මවු පදවියේ ඇති ගුණය පිළිබඳව පැහැදිලි කර දුන්හ.දඹුල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිර්දේශ මත මවුවරුන්ට අවැසි භාණ්ඩ ලබාදීම විශේෂත්වයකි..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=r1406128
නාමල් උයන රෝස තිරිවානා නිධිය විකුණන කතාව අමූලික බොරු
චූල බණ්ඩාර කුලසේකර
නාමල් උයන රෝස තිරිවානා නිධිය විකිණීමේ කිසිම තත්ත්වයක් නැතැයි ද එවැනි දෙයක් කතා කිරීම ඵලක් නැති දෙයක් බව ද උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා පැවැසීය.උතුරු මැද පළාත් සභා රැස්වීමේ දී පළාත් සභා මන්ත්‍රී අනිල් රත්නායක මහතා (එජාප) යොමු කළ නාමල් උයන රෝස තිරිවානා නිධිය විකිණීමට සූදානමක් තිබේ ද යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ප්‍රධාන ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.මෙහිදී කරුණු පැහැදිලි කළ ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා මම මෙවැනි දෙයක් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. අනෙක එහෙම දෙයක් වෙන්නේ නෑ. එහෙම වෙනවානම් මුලින්ම විරුද්ධ වෙන්නේ මමයි. මේ ගැන සාකච්ඡා හෝ සමාජයේ කතා වීමක් හෝ කිසිම දෙයක් නෑ. එහෙම නැති දෙයක් ගැන කතා කිරීමත් ඵලක් නැතැයි ද ප්‍රධාන ඇමැතිවරයා සඳහන් කළේය.වනවාසී රාහුල හිමියන් විසින් මෙවැනි තත්ත්වයක් ඇතැයි ජනාධිපතිතුමාට දැන්වූ බවට පුවත්පතක සඳහන් වන බව අනිල් රත්නායක මහතා මෙහිදී පැවැසීය.ඒ නිසා පළ‍ාතේ ප්‍රධාන ඇමැතිවරයා වශයෙන් ඔබව දැනුවත් කිරීම කළ යුතු බව ද එවැනි තත්ත්වයක් ඇත්නම් එය වැළැක්වීම සැමගේ යුතුකමක් බව ද පළාත් සභා මන්ත්‍රීවරයා කීය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=r1406129
බුදු පිළිම නෙළන අපිටපිහිටක් වෙතොත් පින්
ලංකින්ද නානායක්කාරඉමදුව සමුහ
බුදු පිළිම නෙලන විකුණන රැකියාවල යෙදෙන බුදුපිළිම කාර්මිකයෝ වෙළෙන්දන් අසරණව සිටින බව පවසති. මේ ඇත්තන්ට සෙතක් වෙන්නට ශාන්තියක් වන්නට කවරකු හෝ නොමැත.මේ බුදු පිළිම නෙලන,බුදු පිළිම අඹන , බුදු පිළිම ලී යෙන් සකසන නිපැයුම් කරුවන්, වෙළෙන්ඳනගේ කතාන්දර එතරම් සුන්දර නොවේ.මුල් අවධියේ ලක්දිව බුදු පිළිමවලට මහායාන ආභාසය ලැබී ඇත්තේ අල්ප වශයෙනි.මෙයට, ප්‍රබල හේතුව එකල අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය අතිශයින් ප්‍රබලව පැවතීමය.පොළොන්නරු අවධියේ සිට මහායාන බලපෑම වැඩි වශයෙන් සිදු වීම නිසා බුදු පිළිමය විෂයෙහිද ඒ ආභාසය දක්නට ලැබේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ප්‍රතිමාවල විදේශීය ලක්ෂණද දක්නට ලැබේ.ලංකාවේ නිමැවුණු බුදු පිළිම ඉරියව් අනුව ප්‍රධාන කොටස් තුනකට වෙන් කළ හැකිය. හිඳි පිළිම ,හිටි පිළිම,සැතපෙන පිළිම යනුවෙනි.මේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන අපේ කලාකරුවන් ඔවුන් මවනා අසිරිමත් වු බුද්ධ ප්‍රතිමා රට පුරා මෙන්ම සෑම නිවසකම ඇත.අද වන විට බුදු පිළිම සකසන කලාකරුවන් , මිනිසුන් ගැටලු රැසකට මුහුණ දී සිටින අතර සිය කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ව සිටී. මැටි ලීයෙන්, , සිමෙන්තියෙන්, කිරිගරුඬ කඩදාසියෙන්, කළුගලින්, ප්ලාස්ටොප් පැරිස් වලින්ද පිළිම වත්මන් කාලයේ දි නිර්මාණය කෙරේ.වෙහෙර විහාරවලට ද නිවෙස්වලටද ව්‍යාපාරික ස්ථාන වලටද දිනපතා බුදු පුදට අවශ්‍ය වු පිළිම මේ කාලාකාමි ජනතාව සකස් කරති. ගාල්ලේ කලේගාන, ගල්වඩුගොඩ යන ප‍්‍රදේශවල ගම්පිටින්ම ලී ආශ්‍රිතව මනරම් වු බුදු පිළිම නෙලයි. සැතපෙන පිළිම,හිටි පිළිම ද විවිධ වු ප්‍රමාණයෙන් මේ කලාකරුවෝ නිර්මානය කරන බව ඔවුහු පවසති.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගාල්ලේ ඩබ්ලිව්.චමින්ද මහතා.අපි බුදු පිළිම විකුණාන්නේ කතරගම, සෙල්ල කතරගම,ගාල්ල,කොළඹ, ගැටබරු, දෙවුන්දර, උනවටුන, සීනිගම, නුවර, මාතලේ, සමන් දේවලය, කණ්ඩලම, හික්කඩුව ආදී ප්‍රදේශවලයි. අපට තියෙන ලොකුම ගැටලුව වන්නේ මැටි හිඟය හා ලීවල පවතින හිඟයයි.ආණ්ඩුවෙන් අපිට ආධාරයක් දෙනවානම් හොඳයි.ලක්සලෙන් නම් බඩුගන්නවා.අපි කඩවලටද දමනවා. ජංගම වෙළදාමේද යෙදෙනවා. සීසන් කාලයට පුදබිම්වලටගොස් කඩවල්වල තබාගෙන පිළිම වහන්සේ සාධාරණ මිලකට දෙනවා.අපි වැඩිය මුදල් ගන්නේ නැ. අපි සාධාරණ ආකාරයට තමයි මේ කර්මාන්තය කරන්නේ . උපකරණයක් ගන්න ණය මුදලක් දෙනවා නම් හොදයි , නමුත් එහෙම දෙන්නේ නෑ. බැංකු අපිව ගණන් ගන්නේ නෑ.සමහර බැංකුනම් මුදල් දෙනවා. කුඩා කාර්මාන්තවලට ආධාර දෙනවා කිව්වාට. තවම අපිටනම් දුන්න දෙයක් නැහැ.බුදු පිළිම වෙළඳ ව්‍යාපාරිකයකු වු ගාල්ල ඉමදුව ජානක කුමාර මහතා.මේ දිනවල බුදු පිළිමවලට හොඳ ඉල්ලූමක් තියෙනවා. සාමාන්‍යයෙන් හැමදාමත් තිබුණත් මේ කාලයේ වැඩි වී තියෙන්නේ පොසොන් උත්සවය නිසා. බොහෝ අය අනුරාධපුරය වැනි පළාත්වල චාරිකා යොදා ගෙන භාර හාර ඔප්පු කරන්න බුදු පිළිම අරගෙන යනවා. මේක ව්‍යාපාරයක් වගේම හරිම උතුම් දෙයක් කියලයි මට නම් හිතෙන්නේ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=s1406121
පාපන්දු උන්මාදය  අද සිට බ්‍රසීලයම සැණකෙළියක්
ලිව්වේ වර්නන් ගුණ ‍ෙස්කර ප්‍රින්ස් ගුණ ‍ෙස්කර ෆවුස් මොහොමඩ් නිරෝෂන් ප්‍රියංකර
හිරු දහසකගේ උණුසුමකින් යුත් ග්‍රීෂ්ම සෘතුවක අති උත්කර්ෂවත් දිනයක් බ්‍රසීලයට උදා කරමින් 20 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වෙයි.ලොව පාපන්දු ක්‍රීඩාව පාලනය කරන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය 1930 වසරේ පටන් සෑම අවුරුදු හතරකටම වරක් මේ තරගාවලිය පවත්වයි. ලෝක යුද්ධය හේතුවෙන් 1942 හා 1946 වසරවලදී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වූයේ නැත.ජූනි 12 සිට ජූලි 13 දක්වා සත්කාරක බ්‍රසීලයේ ක්‍රීඩාංගණ 12ක පැවැත්වෙන මෙවර තරගාවලියේ තරග සංඛ්‍යාව 64කි. ලොව මහාද්වීප පහක රටවල් 32ක් තරගාවලියට සහභාගි වෙති. තමන්ගේ මහාද්වීපවල තරග කර ඉහළටම පැමිණ ඔවූහු මේ තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.අද ඇරැඹෙන තරගාවලියේ මූලික වටයේදී මේ කණ්ඩායම් 32 හතර බැගින් කොටස්වලට වෙන්කර තිබේ. කොටසක සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් තුන සමග එක් වතාවක් තරග කරනු ඇත. ජයග්‍රහණයකට ලකුණු 3කි. ජය පැරදුමින් තොර තරගයකට එක් ලකුණකි. පරාජයකට කිසිම ලකුණක් හිමිවන්නේ නැත. ඒ ඒ කොටසේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක ’16 දෙනාගේ වටය’ට පිවිසෙති. එතැන් පටන් අවසන් ජයග්‍රාහකයා දක්වා පැවැත්වෙන්නේ එක් කණ්ඩායමක් බැගින් තරගාවලියෙන් ඉවතට වීසිවන තරග වැලකි.තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ජූලි 4 හා 5 යන දිනවල පැවැත්වේ. අවසන් පූර්ව තරග ජූලි 8 හා 9 දිනවල පැවැත්වීමට නියමිතව ඇත. ජූලි 13 වැනිදා අවසාන මහා තරගය පැවැත්වේ. ඊට පෙර දිනයේදී, අවසන් පූර්ව තරග පරාජිත කණ්ඩායම් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා තරග වදිනු ඇත.තරගකරුවන්ට පිදෙන සම්පූර්ණ ත්‍යාග මුදල ඩොලර් මිලියන 576කි. තරගාවලියට සත්කාරකත්වය දැරීම වෙනුවෙන් බ්‍රසීලයට ලැබෙන ආදායම ඩොලර් බිලියන 11ක් යැයි අපේක්ෂා කෙරේ.2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීම සඳහා වැයවන මුදල ඩොලර් බිලියන 14ක් බවට ඇස්තමේන්තු කර තිබේ. සන්සන්දනාත්මකව බලද්දී 2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති පසුගිය තරගාවලියේ වියදම වූයේ ඩොලර් බිලියන 4කි. ජර්මනිය සත්කාරකත්වය දැරූ 2006 තරගාවලියට වැයවූයේ ඩොලර් බිලියන 6කි.මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බ්‍රසීලයේ පැවැත්වීමට යන වියදමට එරෙහිව පසුගිය මාස කිහිපය තිස්සේ ම එරට මහා උද්ඝෝෂණ පැවැත්විණි. එහෙත්, මේ පෙළපාලිකරුවන්ද අවසානයේ බ්‍රසීලය වෙනුවෙන් ‘චියර්’ කරනු ඇත. ඒ, එරට ඒ තරමටම පාපන්දු ක්‍රීඩාවෙන් උන්මාදයට පත්ව සිටින බැවිණි. උද්ඝෝෂණවලින් පසුබට නොවුනු බ්‍රසීලය මේ තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා එරට පරිපාලනයේ ඉහළම තැනේ සිට විධිවිධාන යොදා තිබේ. බ්‍රසීලයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේද මේ වසෙර්ය.ආජන්ටිනාවේ ‘හින්නි විජ්ජාකාරයා’ – ලයනල් මෙසි, වර්තමානයේ ලොව සිටින හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් එකහෙළා සැලකේ. සිය කුසලාන රාක්කයට ලොව පාපන්දු ක්‍රීඩාවේ වටිනාම ත්‍යාගය එකතු කර ගැනීමට ඔහු අපේක්ෂා කරයි.පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ආබාධයකට ලක්ව සිටී. එහෙත් ඔහු යහපත් ශරීර යෝග්‍යතාවෙන් සිටින විට, මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වීමේ මෙසි ගේ වෑයමේ එකම ප්‍රතිවාදියා වනු ඇත්තේද රොනල්ඩෝ ම ය. රොනල්ඩෝගේ හොඳම දවසේ ඔහු සමග තරග කිරීමට සමත් වෙනත් කිසිවෙකු නැති තරම්ය.එංගලන්තයේ වේන් රූනි සාර්ථක්වය හා අසාර්ථකත්වය අතර මංමුලා වන චරිතයකි. 2010 ලෝක කුසලාන තරගාවලියේදී ඉතා ප්‍රබල ක්‍රීඩකයෙක් නොවූ ඔහුගෙන් පසුගිය තරග වාරයේදී ප්‍රදර්ශනය වූයේ දුර්වල ක්‍රීඩාවකි. එනමුදු රූනි, ඔහුගේ හොඳම හපන්කම් මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉතිරි කරගෙන සිටින බවට එංගලන්ත පාපන්දු ලෝලීහු බලාපොරොත්තු තබා සිටිති.මේ තරගාවලිය ලොව සැරිසරන්නේ වසර 84ක සිටය. මුල, 1930 වර්ෂය වෙයි. උරුගුවේදී පළමු තරගාවලිය පැවැත්වූ අවස්ථාවේදී ඊට සහභාගි වූයේ රටවල් 13ක් පමණි. එහිදී උරුගුවේ කණ්ඩායම තරගාවලියේ ඉහළටම පිවිසියේ කුසලානය දිනා ගැනීමෙන් පමණක් නොව වැඩිම ගෝල් ලබා ගත් ‘ගෝල්ඩන් බූට්’ සම්මානයද හිමිකර ගනිමිණි.මේ තරගාවලියේ ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන බ්‍රසීලය පස් වතාවක් කුසලානය දිනා ගෙන තිබේ. ගෝල් අතින් වඩාත්ම පල දරන කණ්ඩායම වන්නේද බ්‍රසීලයයි. 1958, 1962, 1970, 1994 හා 2002 වසරවල පැවැති තරගාවලියන්හි ඔවුන් කුසලානය දිනා ගෙන තිබේ. බ්‍රසීලය මේ තරග බිමේ ගෝල් 210ක් වාර්තා කර තිබේ. මෙතෙක් පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලි 19 ට ම සහභාගි වී ඇති එකම කණ්ඩායම බ්‍රසීලයයි.ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ළාබාළතම ගෝල් රැස්කරන්නා වී සිටින්නේ බ්‍රසීලයේ පේලේ ය. ලෝක පාපන්දු කුසලාන තුනක් දිනා ගත් එකම ක්‍රීඩකයාද ඔහු වෙයි.මේ තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල් ලබා ගත් ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ රොනල්ඩෝ ය. ඔහු වාර්තා කර ඇති ගෝල් සංඛ්‍යාව 15කි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් ප්‍රථම වතාවට බ්‍රසීලයේ පැවතියේ 1950 වර්ෂයේදීය. එදා ඊට සත්කාරකත්වය දැක්වූ බෙලෝ හොරිසොන්ටෙ, කුරිටිබා, පෝටෝ ඇලිග්රි, රෙසිෆි, රියෝ ඩි ජැනෙයිරෝ හා සාඕ පෝලෝ යන නගර හය ම මේ 2014 තරගාවලියේදීද එසේ සත්කාරකත්වය දැරුවද මේ තරගාවලි දෙකටම පාවිච්චි කළ ක්‍රීඩාංගණය වනුයේ රියෝහි මරකානා ක්‍රීඩාංගණයයි.මරකානා ක්‍රීඩාංගණය බ්‍රසීල ජනතාවට ගෙන එන්නේ අමිහිරි මතකයන්ය. 1950 වසරේ තරගාවලියේ පැහැදිලි ජයග්‍රාහකයන් ලෙසින් ඉස්මතුව සිටියේ සත්කාරක බ්‍රසීලයයි. එහෙත් බ්‍රසීල ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් බිඳ දමමින් අවසාන මහා තරගයේදී උරුගුවේ කණ්ඩායම බ්‍රසීලය පරාජය කළේය.මෙතෙක් පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් 19 දී සත්කාරක රටවල් හයක් කුසලානය දිනාගෙන සිටිති. 1930 වසරේදී උරුගුවේ ද, 1934දී ඉතාලිය ද, 1966දී එංගලන්තය ද, 1974දී ජර්මනිය ද, 1978දී ආජන්ටිනාව ද, 1998දී ප්‍රංශය ද සිය ක්‍රීඩා ලෝලීන් පිනවමින් ලෝක පාපන්දු කුසලානය දිනා ගත්හ. විදෙස් පුහුණුකරුවෙකුගෙන් යුත් කිසිම ජාතික කණ්ඩායමක් මෙතෙක් කුසලානය දිනා ගෙන නැත.ජයග්‍රාහී පුහුණුකරුවන් 19 දෙනාම බාරව සිටියේ ඔවුන්ගේ රටේ කණ්ඩායමය. මොවුන් අතරින් කුසලානය දෙවරක් දිනා ගත් එකම පුද්ගලයා ඉතාලියේ විටොරියෝ පොසෝ ය. ඔහු 1934 හා 1938 වසර දෙකේදීම ඉතාලිය ලෝක කුසලානය කරා මෙහෙයවීය.ලොකුම ජයග්‍රාහී පරතරයක් වාර්තා වූ ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරග තුනටම බ්‍රසීලය සම්බන්ධව සිටී. මෙයින් දෙවතාවකදීම බ්‍රසීලය ජයග්‍රාහකයන් විය. 1958 වසරේදී ගෝල් 5–2කින් ස්වීඩනය පැරදවූ බ්‍රසීලය ඉන්පසුව 1970දී ගෝල් 4–1කින් ඉතාලිය පරාජය කළේය. කෙසේ වෙතත් 1998 අවසාන තරගයේදී බ්‍රසීලය ගෝල් 3–0කින් ප්‍රංශයට පරාජය විය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=s1406122
ප්‍රධාන විනිසුරු ජපානයෙන්
null
ජපානයේ යුයිචි නිෂිමුරා බ්‍රසීලය හා ක්‍රොඒෂියාව අතර අද පැවැත්වෙන 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරයි. නිෂිමුරාගේ සහායකයන් ලෙස ඔහුගේ ස්වදේශිකයන් වන ටොරු සගාරා හා ටොෂියුකි නගි නම්කර තිබේ. සිවුවැනි තරග විනිසුරුවරයා ඉරානයේ අලිරේසා ෆඝානි ය.ෂිසුඕ ටකාඩා (1986 හා 1990) සහ ටොරු කමිකාවා (2002 හා 2006)ට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලි දෙකක තරග විනිශ්චයේ යෙදුනු තෙවැනි ජපන් ජාතිකයා බවට 42 හැවිරිදි නිෂිමුරා පත්වෙයි. ඔහු 2010 වසරේ දකුණු අපි‍්‍රකාවේ පැවැති තරගාවලියේදී නෙදර්ලන්තය හා බ්‍රසීලය අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ඇතුළුව තරග හතරක් විනිශ්චය කළේය.නිෂිමුරා ජාත්‍යන්තර පාපන්දු තරග විනිශ්චය කිරීම ආරම්භ කළේ 2004 වසරේදීය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=s1406123
ජෙනිෆර්-පිට්බුල්-ක්ලෝඩියා සුපිරි රංගනයක
null
අමෙරිකානු සුප්‍රසිද්ධ ගායිකාවක හා නළඟනක වන ජෙනිෆර් ලෝපස් බ්‍රසීලයේ සාඕ පෝලෝ නුවර ‘නිව් කොරින්තියන්ස්’ ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයේදී රංගනයේ යෙදෙනු ඇත.සුප්‍රකට රැප් ගායක පිට්බුල් හා බ්‍රසීලයේ ජනප්‍රිය ගායිකාවක් වන ක්ලෝඩියා ලෙයිට් යන සංගීත ශිල්පීන් සමග ලෝපස්, “අපි හැමෝම එකයි (ඔලෙ ඔලා)” - We Are One- නම් වන මේ තරගාවලියේ නිළ ගීතය ගායනා කරනු ඇත.ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මීට පෙර නිකුත් කරන ලද නිවේදනයකින් කියා තිබුණේ ලෝපස් මේ රංගනයට ඉදිරිපත් නොවනු ඇති බවය. එහෙත් ලෝපස් සමාරම්භක උත්සවයට සහභාගි වන බව ඇගේ නියෝජිතයන් පෙරේදා දන්වා සිටියහ..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=s1406124
අද තරග
null
බ්‍රසීලය – ක්‍රොඒෂියාවශ්‍රී ලංකා වේලාවෙන් හෙට( 13) අළුයම1.30ටමෙක්සිකෝ – කැමරූන්ශ්‍රී ලංකා වේලාවෙන් හෙට( 13) රාත්‍රී 9.30ට.
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=s1406125
තරගමාලාවේ තරු
null
 රොනල්ඩෝ - පෘතුගාලයපෘතුගාල කණ්ඩායමේ විශාලතම බලාපොරොත්තුව වන රොනල්ඩෝ සිය කණ්ඩායමට ලෝක කුසලානය හිමිකර දී තරගමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබේ.මෙසී - අජෙන්ටිනාවමෙසී යුරෝපීය පාපන්දු පිටිය දෙවනත් කරමින් අසහාය ක්‍රීඩා කෞශල්‍යයක් පෙන්නුම් කළ සුපිරි ක්‍රීඩකයෙකි. බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරන 26 හැවිරිදි මෙසී 2012 කැලැන්ඩර් වසරේ ගෝල් 86ක් රැස් කරමින් අසමසම වාර්තාවකට හිමිකම් කීෙව්ය.නේමර් - බ්‍රසීලයඅලුත්ම පාපන්දු වීරයා වන නේමර් වටා එරට මිලියන ගණනාවක ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ගොඩ නැගී තිබේ. ඔහුගේ දස්කම් සමග මෙවර ලෝක කුසලාන තරගමාලාවට සත්කාරකත්වය ලබා දෙන බ්‍රසීලය 6වැනි වරටත් ලෝක ශුරයන් වීමේ අරමුණින් යුතුව පසුවේ.රූනි - එංගලන්තය28 හැවිරිදි වේන් රූනී මෙවර එංගලන්ත කණ්ඩායමේ විශාලතම බලාපොරොත්තුවයි. ලෝක කුසලාන තරගමාලාවට සුදුසුකම් ලැබීමේ තරගවල දී ඔහු දැක්වූ විශිෂ්ට දස්කම් දුටු ජගත් පාපන්දු විචාරකයන් සඳහන් කළේ මෙවර ලෝක කුසලාන තරගමාලාවේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට කදිම අවස්ථාවක් උදාවී ඇති බවය..
NEWSPAPER
2014.06.12
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=s1406126
ඇන්ජලෝ මැතිව්ස්ගේ කණ්ඩායම අද ලෝඩ්ස් පිටියට
වර්නන් ගුණසේකර
එංගලන්තයේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවක ජයග්‍රහණයක් අත්කර දීමේ අරමුණින් යුතුව ඇන්ජලෝ මැතිව්ස්ගේ කණ්ඩායම අද ලන්ඩනයේ ලෝඩ්ස් තරග බිමට පිවිසෙයි.ශ්‍රී ලංකා කණ්ඩායම ද්විත්ව ටෙස්ට් තරගමාලාවක පළමු තරගයට අද සහභාගි වන්නේ ඊට පෙර පැවැති ජාත්‍යන්තර එක්දින තරගමාලාවේදී එංගලන්තය පරාජය කිරීමෙන් අත්කර ගත් ආත්ම විශ්වාසයෙන් සන්නද්ධවය. ටෙස්ට් තරගමාලාවට පෙර එක්දින තරගවල යෙදීම නිසා එංගලන්ත දේශගුණයට හුරු වීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වී තිබේ. එය ද කණ්ඩායමට මහත් වාසියකි.මීට පෙර එංගලන්තයේදී කළ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මේ අවස්ථාව හිමිවූයේ නැත. එහිදී ඔවුනට සිදුවූයේ මුලින් ටෙස්ට් තරගවලට මුහුණ දී ඉන්පසුව එක්දින තරග ක්‍රීඩා කිරීමටය. එබැවින් එංගලන්තයේදී ටෙස්ට් තරගමාලාවක් ජය ගැනීමේ හොඳම අවස්ථාවක් ශ්‍රී ලංකාවට දැන් උදාවී තිබේ. එයින් උපරිම ඵල නෙලා ගැනීමට මැතිව්ස්ගේ කණ්ඩායම වගබලා ගත යුතු වෙයි. දෙපිල අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතය.ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවෙන් පරාජය වීම නිසා එංගලන්තය මේ ටෙස්ට් තරගමාලාවේදී ඉතා තියුණු අන්දමින් තරග කරනු නොඅනුමානය. එය ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් දැන සිටී. එය අපේක්ෂාවෙන් සිටින ඇන්ජලෝ මැතිව්ස්ගේ කණ්ඩායම ඊට සාර්ථකව මුහුණ දීමටද සූදානමින් සිටී.ටෙස්ට් තරගමාලාවට පෙර එක්දින තරගමාලාවට සාර්ථකව මුහුණ දීමට හැකිවීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක තිබේ. කෙසේ වෙතත්, ඉන්දියා උපමහාද්වීපයේ මෙන් නොව එංගලන්තයේදී ටෙස්ට් තරගමාලාවක් ජය ගැනීම පහසු කාර්යයක් නොවන බව ශ්‍රී ලංකා කඩුලු රකින්නා වන ප්‍රසන්න ජයවර්ධන කියයි. “අපි සියළු දෙනාටම වුවමනා කරන්නේ ටෙස්ට් තරගමාලාව ජයග්‍රහණය කිරීමයි.ඒ සඳහා අපට මේ පාර හොඳ අවස්ථාවක් තියෙන බව මට දැනෙනවා. නමුත් පිතිකරණයේ මෙන්ම පන්දු යැවීමේදීද අපි මෙහි දේශගුණික තත්ත්වයන්ට හුරු විය යුතුයි. ඒ අනුව අපේ තාක්ෂණය සකස් කර ගත යුතුයි.”පෙර සංචාරවල මෙන් නොව මෙවර එංගලන්ත දේශගුණික තත්ත්වයන්ට ශක්තිමත් ලෙසින් මුහුණ දීමට සමත් ප්‍රහාරයක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබේ. සුරංග ලක්මාල් කණ්ඩායමේ නැතිවීම මහත් පාඩුවක් වුවද අනෙක් පන්දු යවන්නන් ඉතාමත් හොඳින් මෙතෙක් ඔවුන්ගේ කාර්යභාරය ඉටුකර තිබේ.ශ්‍රී ලංකාව 1998 හා 2006 වසරවල එංගලන්තයේදී ටෙස්ට් තරග ජයග්‍රහණය කර ඇතත් එක් තරගයකට වඩා අඩංගු ටෙස්ට් තරගමාලාවක් කිසිදා ජය ගෙන නැත. මීට තෙවසරකට ඉහත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන එංගලන්ත සංචාරයේදී ඔවුන් තරග තුනකින් සමන්විත තරගමාලාව ජය පැරදුමින් තොර තරග දෙකක් සමග 0–1කින් පරාජය විය. එම සංචාරයේ කාඩිෆ්හි පැවැති පරාජිත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 82කට බිඳ වැටිනි.කුමාර් සංගක්කාර ටෙස්ට් තරගවල කඩුලු රැකීමේ කාර්යයෙන් ඉවත් වූ පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කඩුලු රකින්නා බවට පත්වූ ප්‍රසන්න ජයවර්ධන කාඩිෆ් තරගයේ පළමු ඉනිමේ ලකුණු 400ක පළමු ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වෙමින් ලකුණු 112ක් වාර්තා කිරීමට සමත් විය.මේ අතර එංගලන්තය වෙනුවෙන් අද මංගල ටෙස්ට් ක්‍රිකට් වරම් ලබනු ඇතැයි අපේක්ෂා කෙරෙන මොයීන් අලි ඔහුගේ පිට දඟ පන්දුවලින් ජනතාව විස්මයට පත්කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.කෙසේ වෙතත්, ප්‍රධාන පෙලේ ටෙස්ට් දඟ පන්දු යවන්නකු වීමට මොයීන් සූදානම් බවට හිටපු එංගලන්ත දඟ පන්දු පුහුණුකරු පාකිස්තානයේ මුෂ්ටාක් අහමඩ් විශ්වාස නොකරයි. එහෙත් තමා විසින් නිර්මාණය කළ ‘දුස්රා’වෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් මුළා කිරීමට හැකිවනු ඇතැයි මොයීන් අලි විශ්වාස කරයි.“දීර්ඝ ක්‍රිකට් ක්‍රීඩාවේ මම පන්දු යවන අයුරු බොහෝ දෙනෙක් දැක නැහැ. ඒ නිසා කිහිප දෙනෙකුව පුදුමයට පත්කරන්න මට හැකිවේවි” යැයි මොයීන් කියයි. වූස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පිතිකරුවෙකුද වන මොයීන් අලි, මිඩ්ල්සෙක්ස් පිතිකරු සෑම් රොබ්සන් හා සසෙක්ස් වේග පන්දු යවන්නකු වන ක්‍රිස් ජෝඩන් යන තිදෙනාම අද ඇරැඹෙන තරගයේදී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.ග්‍රෑම් ස්වෝන් ටෙස්ට් තරග බිමෙන් සමුගැනීමෙන් පසුව ප්‍රධාන දඟ පන්දු යවන්නකු කණ්ඩායමට තෝරා නොගැනීමට එංගලන්තය තීරණය කර තිබේ. එබැවින්, විශාරද පිතිකරුවෙකු මෙන්ම ‘පාට්-ටයිම්’ පිට දඟ පන්දු යවන්නෙකුද වන ජෝ රූට් සමග මොයීන් දඟ පන්දු යැවීමේ කාර්යය බෙදා ගනු ඇත.ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් තරග 26ක් ක්‍රීඩා කර තිබේ. ශ්‍රී ලංකාව මෙයින් ජයගෙන ඇත්තේ තරග 7ක් පමණි. තරග 10කින් පරාජය වී ඇති අතර තරග 9ක් ජය පැරදුමින් තොරව කෙළවර වී තිබේ. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ..