category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112610
ශ්‍රී ලංකා-වියට්නාම සහයෝඟීතාව ශක්තිමත් කරගැනීමට දෙරටේ අවධානය
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ක්ෂේත්‍ර රැසකින් පවතින ද්වීපාර්ශ්වික සහයෝඟීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි දෙරටේ රජයන් අවධානය යොමු කරයි.ඒ අනුව අදාළ සහයෝඟීතා ගිවිසුම සඳහා ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත අතර එය ක්ෂේත්‍ර කිහිපයකින් ආවරණය වෙයි. තාක්ෂණික හුවමාරුව, ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙන්ම කෘෂිකර්මය, ජලජීවී ක්ෂේත්‍රය, සංචාරක, ගුවන් සේවා, අධ්‍යාපන හුවමාරුව, අන්තර්ජාතික සහයෝඟීතාවය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඒ අතර වෙයි.නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමැති ෆාම් බින් මින් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (25) විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවූ අතර එහිදී පැවැති විශේෂ සාකච්ඡාවේ දී මේ බව අනාවරණය විය.නුදුරේදීම වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක් හරහා විදේශ සම්බන්ධතා ගොඩනඟා ගන්නා බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික හා විදේශ ආයෝජන සම්බන්ධතා තවදුරටත් වැඩිකිරීමට බලාපොරොත්තු වන බව සදහන් කළ ඇමැතිවරයා නිදහස් වෙළඳ ගිවිසුමට පෙර ඒකාබද්ධ ආර්ථික කමිටුවක් පත් කිරීමට නියමිත බවද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සම්බන්ධතා වැඩිදියුණු කිරීමට ඉදිරියේදී වියට්නාම කෘෂි නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද සදහන් කළේය.මේ අතර ධීවර ක්ෂේත්‍රයේ වඩා ශක්තිමත් සම්බන්ධතාවයන් ඇති කරගැනීම කෙරෙහිද අවධානය යොමුව ඇති අතර වියට්නාමය තාක්ෂණ විෂය සම්බන්ධයෙන් දියුණු රටක් බැවින් විශ්වවිද්‍යාල අතර විෂයන් සම්බන්ධ සම්බන්ධතා ආරම්භ කිරීම කෙරෙහි ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය. ඉදිරියේ දී දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමටද බලාපොරොත්තු වන අතර ඒ හරහා සංචාරක ක්ෂේත්‍රය මෙන්ම ව්‍යාපරික ක්ෂේත්‍රයේ ද සැලකිය යුතු වර්ධනයක් බලාපොරොත්තු වියහැකි බවද අනාවරණය විය.වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර අංග සම්පූර්ණ සම්බන්ධතාවයක් පවතින බවද ඉදිරියේ දී ඇතිවන මේ නව සම්බන්ධතා රටවල් දෙකෙහි සුබසිද්ධියට හේතුවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.දෙරට අතර වෙළඳාමේ අගය එළඹෙන 2015 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කරන බව වියට්නාමයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමැති ෆාම් බින් මින් මහතා මෙහිදී පැවසීය.දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරනු ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ව හෙතෙම ප්‍රසාදය පළ කළේය.ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2009 වසරේදී වියට්නාමයේ කළ සංචාරයේ සහ එරට ජනාධිපති ට්‍රෘන් ටැන් සැන්ග් මහතා පසුගිය 2011 වසරේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් පසුව මේ වනවිට ලබා තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112611
ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර සංවර්ධනය දෙස මුළු ලොවම බලා සිටිනවා
කෝට්ටේ මධ්‍යම සමූහ
තිස් අවුරුදු යුද්ධයකින් පසු ශ්‍රී ලංකාවේ ඇතිවෙමින් පවතින ශීඝ්‍ර සංවර්ධනය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන් පළකළ අදහස්වලින් පැහැදිලිවන අතර, අද මුළු ලෝකයම ශ්‍රී ලංකාව දෙස බලා සිටින බව, කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා කීය.කෝට්ටේ මහනගර සභාව මඟින් රුපියල් ලක්ෂ 200ක් වැයකර ඉදිකරන ලද ඔබේසේකරපුර දෙමහල් උත්සව ශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් බෝගොල්ලාගම මහතා එසේ පැවසීය. බෝගොල්ලාගම මහතා තවදුරටත් මෙසේද කීය. රටට ඉදිරියට යාමට ඇති අවස්ථාව අද උදාවී තිබෙනවා. මුළු රට පුරාම ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිවෙමින් පවතිනවා. ඔබේසේකරපුර ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශය සුළු වැස්සකටත් යටවෙනවා. බණ්ඩාරනායකපුරයත් එහෙමයි. අද ඒ අවට ඇළවේලි ප්‍රතිසංස්කරණයවීම තුළින් වර්ෂා ජලය නිසි පරිදි ගලාගෙන යනවා. කෝට්ටේ සංවර්ධනය, නුගේගොඩ, කැස්බෑව දක්වාද පැතිරෙමින් පවතිනවා.කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා - “මීට මාස කිහිපයකට පමණ පෙර සම්පූර්ණයෙන්ම නවතා දැමීමට හැකිවූ කුඩු වසංගතය, පසුගිය පොහොය දිනයේ සිට යළිත් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.බස්නාහිර පළාත් මන්ත්‍රී ඉසුරු දේවප්‍රිය නාගරික මන්ත්‍රී දීපාල් චන්ද්‍රකාන්ත මහතාද කතා කළ අතර, මහජනසේවා ඇමැති මර්වින් සිල්වා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, නාගරික කොමසාරිස් ශාන්තා පී. ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් ද මේ අවස්ථාවට සහභාගි වූහ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112612
‘අපේ ගම’ සාර්ථකයි
null
බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියේ නිර්මාණය කරන ලද “අපේ ගම” ඉතාමත් සාර්ථකව නිමකර ඇති බවත් එය නැරඹීමට දිනපතා විශාල ජනකායක් පැමිණෙන බව ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන මහතා ප්‍රකාශ කරයි.ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව “අපේ ගම” නිර්මාණය කළ බවත් පවසන කීර්තිසේන මහතා මෙසේද කියා සිටියි.එය සැලසුම් කිරීමේදී විශේෂ කැපවීමක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා විසින් කරන ලදී. ඉදිකිරීම් කටයුතුවලදී බස්නාහිර පළාත් ඇමැති නිමල් ලංසා මහතාගේ විශේෂ අධීක්ෂණය යොමු වූ අතර එම දෙදෙනාම මාස දෙකහමාරක් වැනි කෙටි කාලයකදී ව්‍යාපෘතිය නිමකිරීම සඳහා දිවා රෑ කැපවී කටයුතු කළ බව සඳහන් කළ යුතුය.ජාතික ශිල්ප සභාව සතුව තිබූ ශිල්පීය සුබසාධක අලෙවිසල ඉවත් කිරීමෙහිලා එම මහත්වරුන්ගේ කිසිදු බලපෑමක් සිදුනොවුණු බව අවධාරණය කරමි..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112613
තිස්ස අබේසේකර අභිනන්දන ‘සමීප රූප’ හෙට
සමන්මලී ප්‍රියශාන්ති
ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංසදය මඟින් සංවිධාන කරන “සමීප රූප” - තිස්ස අබේසේකර අභිනන්දන උළෙල හෙට (27) පස්වරු 6 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.විශිෂ්ට සිනමාකරුවකු, ටෙලි නාට්‍ය නිර්මාණවේදීයකු, සාහිත්‍යධරයකු මෙන්ම විචාරකයකු වශයෙන් දිවංගත තිස්ස අබේසේකරයන්ගෙන් සමාජයට හා කලා ක්ෂේත්‍රයට සිදු වු සේවය ඇගයී‍ම සඳහා මේ උළෙල සංවිධාන කෙරේ.අජිත් ගලප්පත්ති මහතා රචනා කරන ලද “තිස්ස....තිස්ස” ග්‍රන්ථය හා දේශීය විද්වතුන්ගේ ලිපි එකතුවක් වන “නික්ම නොගිය අප්‍රමාණ මිනිසා” ග්‍රන්ථය එළි දැක්වීමද මෙහිදී සිදු කිරීමට නියමිතය.තිස්ස අබේසේකර කෙටි චිත්‍රප‍ට තරඟාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කිරීමටද නියමිත අතර සුදත් රෝහණ නිර්මාණය කළ “තිස්ස අබේසේකර” වාර්තා චිත්‍රපටය ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.මීට අමතරව තිස්ස අබේසේකර සමරු දේශනයක් ද පැවැත්වේ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112614
දාහේ නෝට්ටුව මාරු කරන්න‍ට ලොතරැයි කූඩුව වෙත යන්නා මෙන්න තවත් දිනුමක් කියලා ලොතරැයි වෙළෙන්දා මොර දුන්නා
- ලයනල් පී. පෙරේරා - කැලණිය විශේෂ
ජාතික පුවත්පතක මාධ්‍යවේදියකු වූ ඔහු පසුගිය දිනෙක පිටකොටුවට පැමිණියේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් රැගෙන යාමටය. පැය තුන හතරක් පමණ ගතකර තමන්ට අවශ්‍ය බඩු මිලදී ගත් ඔහු පිපාසය සංසිඳවා ගැනීම පිණිස සිසිල් බීම බෝතලයක් පානය කිරීමට ආපනශාලාවකට ගොඩවිය.මහන්සිය ඇරගත් ඔහු ආපසු නිවෙස බලා යාම සඳහා බස් රථයකට නැග ප්‍රවේශ පතක් මිලදී ගැනීමට පසුබිම්බියට අත යවද්දී එහි තිබුණේ රුපියල් දාහේ නෝට්ටුවක් පමණි. මාරු සල්ලි කිසිවක් ඉතිරිව නැති බව ඔහුට වැටහුණේ එවිටය.රුපියල් දාහේ නෝට්ටුවක් දී බස් කොන්දොස්තරගෙන් බැණුම් අසනවාට වඩා කෙසේ හෝ එය මාරු කර ගත යුතු බව ඉටා ගත් ඔහු වහාම බසයෙන් බැස ගත්තේය. අසල තිබූ වෙළඳසැල්, ආපනශාලා හා නොයෙකුත් තැන්වලට ගියත් ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක විය. සල්ලි මාරු කර ගැනීම සඳහා තව තවත් උත්සාහ කරද්දී මුදල් බෙදා දෙන හඬක් ඔහුට ඇසෙන්නට විය.ඒ හඬ ආවේ ලොතරුයි කූඩුවකිනි. එහි සිටි ලොතරැයි පත් අලෙවි කරන්නා ශබ්ද විකාශන යන්ත්‍රයකින් නිවේදනය කරමින් ජයග්‍රාහකයනට එවේලේම මුදල් බෙදයි.“දැන් ප්‍රශ්නයක් නැහැ” යි සිතා ගත් මාධ්‍යවේදියා ලොතරැයි අලෙවිකරු වෙත ගොස් තම අත තිබූ රුපියල් දාහේ නෝට්ටුව දිගු කර එය මාරුකර දෙන ලෙස ඉල්ලා සිටියේය.දාහේ නෝට්ටුව ලබා ගත් ලොතරැයි අලෙවිකරු ඉදිරියට පැමිණෙන ලෙසට මාධ්‍යවේදියාට කියා සිටියේය. මාධ්‍යවේදියා ද ලොතරැයි කූඩුව වෙත ගොස් සිනාවක් පෑවේය. මයික්‍රපෝනය අතේ තබා ගෙන සිටි ලොතරැයි අලෙවිකරු මහා හඬින් මෙසේ කියා සිටියේය.“මෙන්න තවත් ජයග්‍රාහකයෙක්! එන්න මහත්මයා ඉස්සරහට එන්න. මෙන්න ඔබේ ජයග්‍රාහී මුදල. ගන්න, ගන්න. සීයයි..දෙසීයයි..තුන්සීයයි..හාරසීයයි...”මෙසේ කියමින් අලෙවිකරු රුපියල් දාහක් වන තුරුම මුදල් නෝට්ටු පිරිනැමීය. සිනාමුසු මුහුණින් යුතුව මාධ්‍යවේදියා ද රුපියල් දාහේ නෝට්ටුව වෙනුවට රුපියල් සියයේ නෝට්ටු දහයක් ලබා ගත්තේය.නැවත බසය වෙත යන ඔහුට, ලොතරැයි අලෙවිකරු ශබ්ද විකාශන යන්ත්‍රයෙන් යළි ඔහු අමතනු ඇසෙන්නට විය.“ආයෙත් එන්න මහත්තයා, ඕනෑම ජයග්‍රාහී මුදලක් මම එවේලේම දෙනවා. ජයවේවා!..ජයවේවා!”.
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112615
චරිත නිරූපණයෙහිලා මොහාන්රාජ් මඩවල සතු හැකියාව සිත්ගන්නා සුළුයි
සන්ධ්‍යා කරුණාරත්න
නවකතාවකට ගැ‍ළපෙන පරිදි මනා ලෙස චරිත නිරූපණය කිරීමේ හැකියාව මොහාන් රාජ් මඩවලට ඇති බව දිනමිණ කළමනාකරණ කර්තෘ රන්ජන් අමරරත්න මහතා පවසයි. මඩවල විසින් රචිත “ලොවීනා සහ මාගම් සෝලිය” නව කතා දෙකෙහිම චරිත නිරූපණය මනරම් ලෙස සිදු කර ඇති බව ද ඒ මහතා පැවැසුවේය.ලොවීනා නව කතාව අළලා පසුගියදා මහවැලි කේන්ද්‍ර ‍ශ්‍රවණගාරයේ පැවැති සාහිත්‍ය කතිකාවේ දී අමරරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.ඔහු මෙසේ ද පැවැසුවේය. මාගම් සෝලිය නව කතාව සුන්දර නව කතා ලියන්නෙක් විදියට රචනා කිරීමට කතුවරයා සමත් වී තිබෙනවා. ස්වර්ණ පුස්තක සම්මානයෙන් “මාගම් සෝලිය” අශ්ලීල කතාවක් කියා කපා හැරියා. එහි විනිශ්චය මණ්ඩලය දැක ඇත්තේ මේ නව කතාවේ අශ්ලීල බව විතරයි. එම නවකතාවේ කතුවරයාගේ ආඛ්‍යානයෙහි ඇති අපූර්වත්වය ඔවුන් දැක නැහැ. කතුවරයා මතු කරන ඓතිහාසික යථාර්ථයන් ඔවුන් හඳුනාගෙන නොමැති වීම කනගාටුවට කරුණක්.මොහාන් විසින් රචිත “ලොවීනා” ග්‍රන්ථය ෆොනොග්‍රෆි ගණයට අයත්ද යන්න සොයා බැලිය යුතුයි. ෆොනොග්‍රෆි වචනයට අර්ථ රැසක් තිබෙනවා. ලොවීනා රචනයේදී මොහාන් තමන්ගේ අනන්‍යතාව බිඳ ගෙන තිබෙනවා. මාගම් සෝලිය සුන්දර නව කතාවක්. යථාර්ථවාදීව සිදු නොවිය හැකි ඇතැම් සිදුවීම් අති‍ශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම‍ ලොවීනා කෘතියෙන් සිදු කර තිබෙනවා. එහෙත් මාගම් සෝලිය සහ ලොවීනා ‍නවකතා දෙකෙහිම පවතින නවකතාවට උචිත ශෛලීන් භාවිතා කිරීමෙන් අනාගතයේදී මීටත් වඩා හොඳ නවකතාවක් රචනය කළ හැකි යි.‍“ලොවීනා” නවකතාවේ කර්තෘ මොහාන් රාජ් මඩවල මහතා - මේ නවකතාව රචනයේ දී පුංචි පුංචි පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට ස්ථාන කිහිපයකට මං ගියා. මහනුවර මැණික්හින්න ප්‍රදේශයටත් ගියා. රොඩී තරුණියක් මුල් කර ගනිමින් මේ නව කතාව ලියැවෙනවා. “මාගම් සෝලිය” නව කතාව කෙරෙහි පාඨකයින් දැක්වූ ප්‍රතිචාරය “ලොවීනා” කෘතිය ඉක්මනින්ම පාඨකයන් අතට පත් කිරීමට හේතු වුණා. මිනිසුන් වුවත් තිරිසන් සතකු තරමටවත් නිදහසේ ජීවත් වන්නට අවස්ථාවක් හිමි නොවුණ රත්නවල්ලි පරම්පරාවේ මිනිසුන් පිළිබඳ ඇති කළ කම්පනය “ලොවීනා” සම්පාදනය කිරීමට හේතු වුණා.කේ.කේ. සමන් කුමාර, මධුමාධව අරවින්ද, 2013 ‘ස්වර්ණ පුස්තක’ විනිශ්චය මණ්ඩල සාමාජික දයා දිසානායක මහත්වරු ද අදහස් ඉදිරිපත් කළහ. නුවන් ලියනගේ උත්සවය මෙහෙය වීය..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112616
වකුගඩුවක් දන් දී ජීවිතයක් බේරා ගන්න
null
මාතර, වල්ගම උතුර, විජයතිලකාරාම මාවතෙහි පදිංචි කේ. රේණුකා මහත්මියගේ වකුගඩු දුර්වල වී ඇති බැවින් ඇයට වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කරන ලෙස වෛද්‍යවරුන් දැනුම් දී ඇත.එබැවින් ඇයට “O” පොසිටිව් වර්ගයේ හෝ “O” නෙගෙටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දීමට හැකි පින්වතකු වෙතොත් කරුණාකාර පහත දුරකථන අංකවලට හෝ ඉහත ලිපිනයට දන්වන ලෙස ඉල්ලා සිටියි දුරකථන අංක - 071 1565335/ 077 5773576..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112617
මේ අය-වැයෙන් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුක්ෂේත්‍රවලට එකසේ අවධානය යොමුකර තිබෙනවා‍
 ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
සඟ වෙද ගුරු ගොවි කම්කරු සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම එකසේ අවධානය යොමු කර ඇති මෙවර අය-වැය විශිෂ්ඨ ලේඛනයක් බව අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ ෙකළේය.2014 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීවේය.වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරිමෙන් අනතුරුව කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (25) පෙරවරු 9.30 රැස්විය.මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරිණ. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රිරු අසන ලද ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.2014 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ආරම්භ කරමින් කතා කළ අගමැති දි.මු ජයරත්න මහතා:- මැදමුලනේ නායකයා ඉදිරිපත් කළ නව වැනි අයවැය ලේඛන ඉතා ශ්‍රේෂ්ඨ ලේඛනයක්. මෙය සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ඉදිරිපත් කළ අය වැයක්. සෑම අංශයක්ම ආවරණය වන පරිදි අය වැයක් ඉදිරිපත් කිරීම අපහසුයි. නමුත් ඒ අපහසු කාර්යය ජනාධිපතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යංශය විසින් ඉටු කර තිබෙනවා. මෙවර අය වැයෙන් සොබාදහමටත් සාධාරණයක් ඉටු කර තිබෙනවා. මෙවර අය වැයෙන් සෑම අංශයකටම අවධානය යොමු කර තිබෙනවා. අපි දැන් විදුලියෙන් ස්වයංපෝෂිත වෙනවා.ඉදිරියේදී නිවස්වලට පමණක් නොවෙයි ගස් ගල් වලටත් විදුලිය ලබාදිය හැකියි. ජලය සනීපාරක්ෂාවටත් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත් කර තිබෙනවා. ලංගමයට බස් මිලදී ගැනීම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. සාමාන්‍ය ජනතාවට අය වැයෙන් කිසිම දෙයක් ලබාදී නොමැති බව විපක්ෂය කියනවා. නමුත් මේ හැමදේම ලබාදෙන්නේ සාමාන්‍ය ජනතාවටයි. මාර්ග, පාලම්, ගුවන්තොටුපළවල්, වරායන් ඉදිරිකරන්නේ ජනතාවටයි. ජනතාව මේ බව දන්නවා.අය වැය හිඟය සියයට 5.8 දක්වා අඩු කර තිබෙනවා. පොහොර සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මකයි. අද රට සහලෙන් ස්වයංපෝෂිතයි. ගොවිතැන නවීකරණය කිරීමට හා ගොවියා ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙනවා.අපේ ගම්වල ජනතාව මේ අය වැය ලේඛනයට වැදගෙන ගරු කරාවි. මේ අය වැය ඒ තරමට හොඳයි. ගොවි විශ්‍රාම වැටුප අවුරුදු 63 ඉදලා ගොවියාට ලබා දෙනවා. 62 නෙමෙයි 83 දී දුන්නත් කමක් නැහැ. අපේ ගොවියන් ඒ තරමට ශක්තිමත්. කාන්තා ව්‍යවසායන්ට ණය ලබාදනෙවා. අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට රුපියල් 1000ක මුදලක් ලබා දෙනවා. අබාධිතයින් රුපියල් 3,000ක් ලබාදෙනවා. පිරිවෙන් අධ්‍යාපනය, අධ්‍යපනෙය, උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය මේ හැම අංශයක් කෙරෙහිම මේ අය වැයෙන් අවධානය යොමු වෙලා තිබෙනවා.(අගමැතිවරයා සිය කතාව කවි පන්තියකින් සිදු කරයි.)පත්කළ මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා (එජාප):- අගමැතිතුමා කිව්වා මෙවර අය වැයෙන් ජනතාවට අවශ්‍ය සියල්ල ලබා දුන්නා කියලා. එහෙම නම් ලබන වසරේ අය වැයෙන් ජනතාවට දෙන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. මෙවර අය වැයෙන් ජනතාවට ලැබෙන දෙයක් නැහැ. පාවිච්චි කළ වාහන වල මිලත් ඉහළ යනවා. රජයේ සේවකයින්ට වැටුප් වැඩි කර නැහැ. අපේ විදේශ විනියම විදේශ සංචිත ප්‍රමාණය අපනයනය කඩා වැටිලා. ගෝලීය ආර්ථිකයක් තුළ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම අපට තිබෙනවා. අපේ රුපියල අවප්‍රමාණය වූ නිසා ගිය මාසේ බඩුමිල වැඩිවීමේ වේගය සියයට 6.5ක්.අපනයන සියයට 42කින් කඩාවැටිල.(නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මුලසුනට පැමිණියේය)ධීවර ඇමති රාජිතසේනාරත්න මහතා:-අධ්‍යාපන,සෞඛ්‍යය, ග්‍රාමීය කටයුතු මෙන්ම විවිධ අංශ සඳහා මෙවර අයවැයෙන් අවධානය යොමුකර තිබෙනවා.මමත් එ.ජා. ප. යේ සිටි අයෙක්.හර්ෂ ද සිල්වා මහතා සමඟ එකට කතා කළා.මම දේශපාලනයට ආවේ මේරටේ දිළිඳුකම නැතිකරන්නයි. 2006දී මේ රටේ දිළිදුකම15.7ක්මේ වනවිට එය 6.7 දක්වා අඩු කර තිබෙනවා. බස්නාහිර ,දකුණු පළාත්වල විදුලිය සියයට සියයක් ලබාදී තිබෙනවා.අනෙකුත් පළාත්වල විදුලිය සියයට 90 ඉක්මවා ලබා දී තිබෙනවා. ඉදිරි වසරේ මුළු රටම විදුලියෙන් ස්වයංපෝෂිත වෙනව. 2000-2003 එක රැකියාවක් දෙන්න පුළුවන් වුණාද?ජිවත්වීමේ පහසුකම් වැඩිවී තිබෙනව. ඒකපුද්ගල ආදායමෙන් රටේ සංවර්ධනය මනින්න බැහැ. සමාජ දර්ශකත් එකතු කරගෙනයි රටක ආර්ථිකය මනින්නේ. සෑම ක්ෂේත්‍රයකම එදාට වඩා පස් ගුණයක පමණ වර්ධනයක් දැන් ලැබී තිබෙනවා.ආහාර පරිභෝජනය වැඩි වෙලා තිබෙනවා. මන්දපෝෂණය අඩු වී ඇති බව මින් ඔප්පු වෙනවා.කර්මාන්ත තුන් ගුණයකින් පමණ වැඩිවෙලා. කර්මාන්ශාලා සේවකයින් ලක්ෂ තුනකින් පමණ වැඩිවෙලා.ජනාධිපතිතුමා අයවැය කතාව අවසානයේ කිව්වේ ජාතික සමගිය ඇතිකිරිමට එක් වෙන්න කියලයි. එයයි අපි කළ යුත්තේ.විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති තිස්ස විතාරණ මහතා:- අප රට නියම සංවර්ධන ගමනකට මෙහෙයවීමට අග්නිදිග ආසියානු සංකල්පය මත සිට කටයුතු කරනවා.එජාපය කියනවා වගේ රට සූරා කන සංවර්ධනයක් ගැන මේ රජය අවධානය යොමු කර නැහැ. රට සංවර්ධනය කිරිමට ණය ගත යුතුයි.වෙළඳපළ පාලන ක්‍රමයක් තමයි අපි අනුගමනය කරන්නේ .ජනාධිපතිතුමා දැඩිව කීවා කිසිම ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බව. විදේශිකයන්ට ඉඩම් විකිණීම විකිණීම නවතා තිබෙනවා.රාජ්‍ය අංශය කාර්යක්ෂම කරමින් කටයුතු කරනවා. පුද්ගලික අංශය පාලනය කරන වතු අංශය ඉතා හොඳ තත්ත්වයකට පත්ව .තිබෙනවා. ලෝකයේ තිබෙන ආර්ථික අර්බුදය මෙන්ම කලු ආර්ථිකයද අපි සලකා බලා තිබෙනවා.අෙමරිකානු අධිරාජ්‍යවාදයේ බලාපොරොත්තුව රටවල් වල ගැටලු ඇතිකර ආයුධ විකිණීමටයි.ඔවුන් උත්සාහ කරනවා තිබෙන රජයන් පෙරළා දමන්නට. කැමරන් මහතාගේ කුමන්ත්‍රණය තුළ අපිට ඇති බලපෑම අපිට හැගී ගියා.මේ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. මෙවර අයවැයේදී මේවාට මුහුණ දීමට අවශ්‍ය පියවරයන් ගෙන තිබෙනවා.දිවා විවේකයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර මුරුගේසු මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 යළි රැස්විය.විතාරණ මහතා:- රාජ්‍ය ආදායම වැඩි කර ගත යුතුයි. ඒ සඳහා සියයට 45ක බදු ප්‍රතිපත්තියකට යා යුතුයි. සුඛොපභෝගී භාණ්ඩ ආනායනයේදී බදු වැඩි කළ යුතුයි. නැනෝ තාක්ෂණ ගම්මානය පිළිබඳ මෙවර අය වැයෙන් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ නිසා අගය එකතු කළ භාණ්ඩ අපනයනය කිරීමෙන් විශාල ආදායමක් ඉදිරියේදි අපට ලබාගත හැකියි. ඒ වගේම දුප්පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදිය යුතුයි.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා (දෙජාස):- යුද්ධය අවසන්වී වසර හතරක් ගත වී තිබියදී මෙවර අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ ආරක්ෂාවටයි. මෙය අපට පැහැදිලිකමක් නැහැ. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත වැනි ක්ෂේත්‍රවල මුදල් අවශ්‍යව තිබියදී ආරක්ෂාවට වැඩිම මුදලක් වෙන් කිරීමට අපට ගැටලුවක්. උතුරේ දිස්ත්‍රික්ක පහක තවමත් ආරක්ෂක අංශයේ 150,000ක් පමණ සිටිනවා. මේ රටේ ජාතික ආර්ථිකය දායක විය හැකි උතුරේ සශ්‍රික ඉඩම් ආරක්ෂක අංශ අල්ලාගෙන ඉන්නවා. මේ අය වැය ජනතාව වෙනුවෙන් හදපු අය වැයක් නෙමෙයි ආණ්ඩුව වෙනුවෙන් අදපු අය වැයක්.අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා:- දෙමළ ජාතික සන්ධානය පොදු රාජ්‍ය සමුළුව වර්ජනය කළා. නමුත් අපි එය සාර්ථකව නිමා කළා. යුදධය නිමා විමත් සමඟ ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති දියුණුව පිළිබඳ අනෙත් රටවල් ප්‍රශංසා මුඛයෙන් කතා කළා. එවා දෙමළ ජාතික සන්ධානයට නොපෙනිම කනගාටුවට කරුණක්.ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අය වැය නවයම රට එක් ආර්ථික ඉලක්කයකට ගෙනැවිත් තිබෙනවා. එහි කේනද්‍රිය තේමාව ජාතික දියුණුවයි. මේ අය වැය සකස් කරන විට ජනාධිපතිතුමා සෑම පාර්ශවයක් සමඟම සාකච්ඡා කළා. ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්තිය ඉතාම පැහැදිලියි. අය වැය පරතරය අඩු කර තිබෙනවා. 2005දි අපේ ආණ්ඩුව ඉදිරිපත් කළ සහස්‍ර සංවර්ධන සැලැස්මේ ඉලක්ක 15න් 13ක් මේ වන විට සපුරා ගෙන තිබෙනවා.අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්ම, ජලය, සනීපරක්ෂ, විදුලිය ආදී අංශ සංවර්ධන කර තිබෙනවා. මාතෘ මරණ, උපත් මරණ සංඛ්‍යාව අඩු වී තිබෙනවා.වනජීවී සංරක්ෂණ ඇමැති විජිත් විජිතමුනි සොයිසා මහතා:- සුරේෂ් මන්ත්‍රීතුමා ජාතිවාදී වයි කතා ෙකළේ. ත්‍රස්තවාදය තිබුණ කාලේ දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කීදෙනෙක් ගතනය කළාද?නීලන් තිරුචෙල්වම්, අමිත්තලිංගම් වැනි නායකයින් ඝාතනය කළා. වර්තමානය වන විට උතුරේ උගත් දේශපාලන නායකයකු සොයා ගැනීමේ ලොකු ඌණතාවයක් තිබෙනවා. ඒ නිසයි දෙමළ ජාතික සන්ධානය දකුණේ අගවිනිසුරුවරයකු උතුරේ මැතිවරණය සඳහා යොමු කළේ. ශ්‍රී ලංකාව කියන්නේ අතීතයේ සිට සියලු ජාතීන් සමගියෙන් සිටි රටක්. අපේ රටේ පමණයි උත්සව සම කිහිපයක් තිබෙන රට. සිංහල, දෙමළ හා මුස්ලිම් සියුල ජාතීන්, බෞද්ධ, ක්‍රිස්ත්‍රියානි, ඉස්ලාම්, හින්දු කියන ආගම් අපේ රටේ තිබෙනවා. ඒවාට පොදු වූ උත්සව සම අපට තිබෙනවා. මෙහෙම තත්ත්වයක් තිබෙන ලෝකයේ එකම රට ලංකාවයි. මේ රටට අවශ්‍යව තිබෙන්නේ සතුට මූලික කරගත් ආර්ථිකයක්. පරණ ආර්ථික විද්‍යාඥයින් ගෙනා න්‍යායන් අදට ගැලපෙන්නේ නැහැ. අපි ආර්ථිකය විවිධාංගිකරණය කිරීමේ වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙනවා. අපි ලොකු අභියෝගයක් ජගගෙන තිබෙනවා. ත්‍රස්තවාදය තිබෙන රටවල් ඉදිරියට යන්නේ නැහැ.ඇෆ්ගනිස්ථානය, ඉරානය, සිරියාවට අද වෙලා තිබෙන්නේ ඒ දේයි. නමුත් අපේ රටේ අද බෝම්බ පිරිරෙන්නේ නැහැ. අපට එහි හොඳම ප්‍රතිඵල ලෙස ආර්ථිකය සාර්ථකව ඉහළට ගෙනයා හැකියි.අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා (එජාප):- එජාපයත් මේ රටට ආදරෙයි. අපි කොයිම වෙලාවකවත් රටේ රාජ්‍ය නායකයාවත්,හමුදා සොල්දාදුවන්වත් ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යන්න ඉඩ තබන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් රට වෙනුවෙන් පෙනි සිටිනවා. අද වන විට පොලිසිය පිළිබඳ විශ්වාසය ජනතාවගෙන් ඈත් වෙලා. සමහර නඩුකාරවරු අල්ලසට නඩු අහනවා. උගත් පාඩම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සමත්වෙලා නැහැ.පත්කළ මන්ත්‍රී ජානක බණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.හැරිසන් මහතා:- මේ අය වැයේ අඩු පාඩු තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපට එය පෙනෙනවා. මේ අය වැයෙන් ජනතාවට සහන ලබාදී නැහැ. ගොවි ජනතාවට සහන ලබා දෙනවලු. ගොවි ජනතාවගේ ට්‍රැක්ටර් ටිකටත් බදු ගහලා. සියලු ඇට වර්ග විදේශ වලින් ආනයනය කරන්න සිදු වෙලා. අය වැයේ හොඳ යෝජනා ගණනාවක් තිබෙනවා. අපි ඒවා ඇගයීමට ලක් කරනවා. වකුගඩු රෝගීන් සිටින පළාත් වෙනුවෙන් අවශ්‍ය ජල ව්‍යාපෘති ඇති කිරීමට මුදල් වෙන්කර තිබෙනවා.ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරලියද්ද මහතා:- දකුණට මෙන්ම උතුරටත් සංවර්ධන ප්‍රතිලාභ ලබාදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. ළමා සොල්දාදුවන් හදමින් ළමා මනස විනාශ ෙකළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්. උතුරු මැද පළාතේ පවතින වකුගඩු රෝගයට ජනාධිපතිතුමාගේ උපදෙස් මත විසඳුම් දෙන්න රජයක් ලෙස උපරිම උත්සාහයක යෙදෙනවා. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, දිරියක් ලබාදීමට අයවැය සකස් කිරීමට පෙර කාන්තා ව්‍යවසායකයන්ගේ අදහස් ලබා ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තා ව්‍යවසායකයන් සඳහා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ණය ආධාර ලෙස දෙමින් කාන්තාවන්ට ශක්තියක් වීමට මෙවර අයවැයෙන් ක්‍රියා කර තිබෙනවා.සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය නංවන්න විශාල මුදලක් වෙන් කර තිබෙනවා. රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර භාවිතයට ගොවියා යොමු කරන්න කටයුතු කර තිබෙනවා. වන අලි ජීවත් වන ප්‍රදේශ සංවර්ධනය කරමින් වන අලි ගැටුමට විවිධ උපක්‍රම යොදා තිබෙනවා.නැවත පදිංච් කිරීමේ නියෝජ්‍ය ඇමැති විනයාග මූර්ති මුරලිදරන් මහතා:- ඕනෑම දෙයක වැරැදි සෙවිම පහසුයි. නමුත් එය ඇගයීම සිදු කරන්නේ අඩුවෙන්. මෙවර අය වැයෙන් සහන මල්ලක් හමි වී තිබෙනවා. විශේෂයෙන්ම සරසවි සිසුන්ට සහන හිමි වී තිබෙනවා. උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර ප්‍රශ්නය විසඳීමට මෙවර ඇය වැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාතේ හමුදා පාලනයක් ඇති බව පෙන්විමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරනවා. එවැනි පාලනයක් උතුරේ තිබේ නම් මැතිවරණය ජය ගන්නේ කොහොමද? පෙර නොවූ විරූ සංවර්ධනයක් උතුරට නැගෙනහිරට අද ලැබී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අප ප්‍රශංසා කළ යුතුයි. අපි අද සහලින් ස්වයංපෝෂිතයි.පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කැනඩාව වගේ රටවල් ආවේ නැහැ කියලා චෝදනා කරනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (එජාප):- එජාපය මේ රටට ආදරෙයි. චෝගම් එකට චැනල් ෆෝ මාධ්‍යවේදීන් පැමිණිම බරපතල ප්‍රශ්නයක්. ඔවුන්ට මේරටට පැමිණිමට ඉඩ ලබා නොදීමට අාණ්ඩුවට අවස්ථාව තිබුණා. ඒ වගේම ඩේවිඩ් කැමරන් මහතාගේ හැසිරීමත් අනුමත කරන්න බැහැ. මොන ප්‍රශ්න තිබුණත් එජාපය ලෙස අපි ආණ්ඩුවත් එක්ක එකට සිටියා.උතුරු නැගෙනහිර පළාත්වල දැවැන්ත සංවර්ධයක් සිදු කර තිබෙනවා. යුද්ධය අවසන් කර තිබෙනවා. නැවත පදිංචි කිරීම සිදු කර තිබෙනවා. මේවා කඩිනමින් නැවත පදිංචි කළ රට ශ්‍රී ලංකාවයි. ඒ ගෞරවය අප ආණ්ඩුවට ලබා දියයුතුයි. නමුත් මේ අය වැය පුස්සක්. අපේ විදේශ ප්‍රතිපත්තිය හරි නැති නිසා ඉදිරියේදී විශාල විනාශයක් සිදු වෙනවා.චොගම් එකට කොතරම් විශාල මුදලක් වැය වුණාද?. එහෙම වියදම් කරලත් චාල්ස් කැමරන් අපිට ටොක්කක් ඇනලා ගියා. පාර්ලිමේන්තුවේ අපේ දවල් කෑම එක රුපියල් 1000ක් 1200ක් විතර වටිනවා. ගොවියාගේ මාසික විශ්‍රාම වැටුප කීයද ගෙවන්නේ.අධිවේගී මාර්ග වලට විශාල මුදලක් වැය කළා. ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදු කළ නිසා විශාල ලෙස කොමිස් ගැසීම් සිදු වෙලා.නිවාස පොදු පහසුකම් හා ඉංජිනේරු සේවා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා:- ජනාධිපති තුමා මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත් ඵලදායී අයවැයක්.(රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය මූලාසනයට පැමිණීයේය)අලගියවන්න මහතා:- මේ කාලය අපේ රටේ නව යුගයක ඇරඹුමක් ඇති වී තිබෙන බව කිව යුතුයි. සෑම විපක්ෂයක්ම අයවැය විවේචනය කිරීම සිදු කරනවා. දශකයක් පුරා අයවැය විවේචනය කළත් ඒවා යථාර්තයක් බවට පත් කරලීමට විපක්ෂයට හැකිවුනේ නැහැ. පොදු ව්‍යාපාර කාරක සභාව තුළ අපේ වගකීම අපි හරියාකාරව ඉටුකරනවා. රටක දියුණුව කියන්නේ මොකක්ද කියලා විපක්ෂය දන්නේ නැහැ.සංවර්ධනය කියන්නේ රටක ආර්ථික, සමාජීය, දේශපාලන සහ ආගමික වශයෙන් ඇතිවන දියුණුවයි. වසර 2009ට පසුව පවුලක ආදායමට වඩා වියදම අඩු වී තිබෙනවා.රටේ ඇති වී තිබෙන සංවර්ධනය දෙස බලා සැබෑ ලෙසම සතුටු වී එම තත්ත්වය වර්ධනය කරගනිමින් රට දියුණු තත්ත්වයට ගෙන ඒම විපක්ෂයේත් වගකීමක්.පුද්ගලික ප්‍රවාහන ඇමැති සී බී රත්නායක මහතා:- නිරෝගී පරපුරකට උරුමකම් කියන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා.සුපිරි රටවල් වල ආර්ථිකය කඩා වැටෙද්දී ශ්‍රී ලංකාව හොඳ තත්ත්වයක පවත්වාගෙන යාම අගය කළ යුතුයි.ව්‍යවසායකත්ව අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා.තරුණයින් හා කාන්තාව බලගන්වා ව්‍යවසායකත්වය මෙන්ම නිපුණතාවයට විශාල ඉඩක් ලබා දී තිබෙනවා.රුපියල් කෝටි 7500 ක් අධ්‍යාපනය සඳහා වෙන් කර තිබෙනවා. සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා බෙදුම්වාදය හා ත්‍රස්තවාදයට උඩගෙඩි දීම ගැන මා කණගාටු වෙනවා.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා (එජාප):- මේ අය වැයෙන් බඩු මිල වැඩි ෙකළේ නැති වුණාට පසුදා ගැසට් මඟින් භාණ්ඩ මිළ වැඩි කළා. හෙට අනිද්දා ඉන්ධන මිල වැඩි වෙනවා. මහ බැංකු වාර්තාව අනුව හතර දෙනෙකුගෙන් සමන්විත පවුලකට ජීවත් වෙන්න රුපියල් 47,000ක් අවශ්‍ය වෙනවා. නමුත් අපේ රටේ ජනගහණයෙන් සියයට60ක් රුපියල් 30,000ක මුදලකට අඩුවේ උපයන්නේ.පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතා:- පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අපි සාර්ථකව නිමා කළා. සෑම ජාතියක්ම සාමයෙන් ජීවත්වන පරිසරයක් නිර්මාණය වී තිබෙන බව මුළු ලෝකයටම ඔප්පු කළා. රාජ්‍ය සේවකයා ගැන මෙවර අය වැයෙන් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසා කළ යුතුයි.පත්කළ මන්ත්‍රී ජේ ආර් පී සූරියප්පෙරුම මහතා (එජනිස):- ජේ ආර් ජයවර්ධන මහතාගේ ගෝලීය ආර්ථිකය නිසා අමෙරිකාව සමඟ අප බද්දවෙලා ඉන්නේ. 21 වැනි ශත වර්ෂයේ ඉන්දියන් සාගරයේ රටවලට බලය නතු වෙමින් තිබෙනවා. ඊට සරිලන අයුරින් දැනුමින් සන්නද්ධ කිරීමට ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ජනාධිපතිතුමා ඉදිරිය දකින නායකයෙක් හැටියට ගණිත, භෞතික විද්‍යාව, තාක්ෂණවේදය වැනි විෂයන් ඉදිරියට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.බුද්ධශාසාන කටයුතු නියෝජ්‍ය ඇමැති එම් කේ ඩී එස් ගුණවර්ධන මහතා:- අද වන විට රට තුළ සාමකාමී වාතාවරණයක් තිබෙනවා. ත්‍රස්තවාදය අවසන් කරලා. අය වැයෙන් කිසිම දෙයක් ලබාදී නැහැ කියලා චෝදනා කරනවා. මෙවර අය වැයෙන් ජනතාවට සහන රැසක් ලබාදී තිබෙනවා. ගොවි විශ්‍රාම වැටුපක් ඇතිකිරිම, රාජය සේවකයාගේ ජීවන වියදම් දීමනාව වැඩි කිරීම ඉතා වැදගත්. පිරිවෙන් අධ්‍යාපනයටද මෙවර විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. පොළවත් එක්ක පොරබදින ගොවි ජනතාවට කෘතගුණ සැලකිය යුතුයි.පත්කළ මන්ත්‍රී ජානක බණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.ගුණවර්ධන මහතා:- මෙවර අය වැය අපේ රජයේ නව වැනි අය වැයයි. මෙමඟින් සෑම අංශයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප):- මෙවර අය වැය පුස්ස බින්ද වගේ. ගන්නඇති දෙයක් නැහැ.පසුගිය අය වැය මඟින් බොහෝ පොරොන්දු ලබාදී තිබෙනවා. නමුත් ඒවා සියල්ල ඉටු කර නැහැ. ඉතිං එහෙම තිබියදී මේ ආණ්ඩුව කාන්තාවන්ට පොලී රහිත ණය ලබා දෙයිද? විදෙස් රටවල් අපේ රටට ලබාදීපු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති තිබෙනවා. රාජ්‍ය සේවකයාට වැටුප් වැඩි කර නැහැ.රාජ්‍ය සම්පත් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති පියසේන ගමගේ මහතා:- ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව ඉදිරිපත් කරන 5 වැනි අය වැයයිමේ. දැන් අය වැය ඉදිරිපත් කරන්නෙ එක වසරක් ඉලක්ක කරමින් නෙවෙයි. වසර කිහිපයක් ඉලක්ක කරමිනුයි මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙන්නේ. එජාපය එකම අයකුටවත් රැකියා ලබා දුන්නේ නැහැ.බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමික බුද්ධදාස මහතා (එජනිස):- මෙවර ඇය වැය ජනහිතකාමී අය වැයක්. මේ අය වැය සකස් කිරිමට පෙර ජනාධිපතිතුමා සියළු අංශවලින් අදහස් විමසුවා. අය වැය පුස්සක් ලෙස හුවා දැක්වීමට විපක්ෂය උත්සාහ කළා. නමුත් මෙවර අය වැය සමාජයේ සෑම කොටසකටම අවධානය යොමු කළ එකක්.නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මුලසුනට පැමිණියේය.සාම්ප්‍රදායික හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතා:- ආර්ථිකය ඉදිරියට ගෙනඒමට උපාය මාර්ගික සැලැස්මක් සහිත මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙනවා. එජාපය අද ඍණ වෙලා. ඔවුන්ට සධාරණ විවේචනයක්වත් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ.පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසේන මුතුකුමාරණ මහතා:- තාක්ෂණයෙන් මේ රටේ බාලපරපුර සංවර්ධනය කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. තිරසාර අධ්‍යාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එය ආනාගත ආයෝජනයක්. ජනාධිපතිතුමා තීන්දු තීරණ ගන්නේ රටේ අනාගයතය උදෙසයි. මේ අය වැයෙන් ඒ සඳහා පියවර ගෙන තිබෙනවා.ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා:- අය වැය මඟින් සාමාන්‍ය ජනාතවට සහන රැස්ක ලබාදී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ආදර්ශවත් නායකයෙක්. එතුමාගේ දේශපාලනය දැනුම නිසා මුළු ලෝකයම වසඟයට ගන්න පුළුවන් වුණා. රාජ්‍ය සේවයින්ට වැටුප් වැඩි කළා.ගොවි විශ්‍රාම වැටුප ලබාදෙන්න කටයුතු කළා. ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට යෝජනා ගණනාවක් මෙවර අය වැයෙන් ගොනැත් තිබෙනවා. මේ රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු එකම නායකයා මහාන්ද රාජපක්ෂ මහතායි.විවාදය නිමා විය.පාර්ලිමේන්තුව අද (26) පෙරවරු 9.30 යළි රැස්වේ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112618
උත්තරීතර
- රන්ජිත් පද්මසිරි
තෙවැනි දිනයට අය-වැය විවාදය ආරම්භ කෙළේ අගමැති දි. මු. ජයරත්න මහතාය. චමල් රාජපක්ෂ කථානායකවරයා මූලාසනයේ විය. වියපත් අගමැතිවරයා වෙනදා මෙන් නැගී සිටියේ වේගවත් කතාවකට බව පෙනුණි. එහෙත් මේ ණය වැය කියා පටලවාගත් කට නිවැරදි නොකරම ජයරත්න මහතා අය-වැය හැදින්වූයේ මෙයට පෙර කිසි කාලෙක මෙවැනි අයවැයක් ඉදිරිපත් නොවූ බව කියමිනි. සියලුම අංශ කෙරෙහි අවධානය යොමුකර සකස් කළ අය-වැයක් බව කියමින් සිය කතාව ආරම්භ කළ අගමැතිවරයා ගතේ සවියට වඩා හිතේ හයියෙන් කතා කෙළේය.හැත්තෑව අසූව දශකවල ජයරත්න මහතා තරම් වේගයෙන් කතා කළ මන්ත්‍රීවරයකු සභාවේ සිටියේ නැත. වේගවත් බව නිසාම කතාව ලියා ගැනීමට ද එකළ අපහසුවිය. ඒ තත්ත්වයෙන්ම බැරිවුවත් අදත් එතුමා ඒ පාරේම ගියේ අයවැය ගැන පුළුල් විග්‍රහයක යෙදෙමිනි. කොළඹට කිරි ගමට කැකිරි යුගය අවසන් කළ රාජපක්ෂ යුගය කොළඹට වගේම දැන් ගමටත් කිරි දෙන බව කී ජයරත්න මහතා අනතුරුව මූලාසනයෙන් අවසර ඉල්ලා සිටියේ තමන් ලියූ කවි කිහිපයකින් අය-වැය ගැන විස්තරයක් කිරීමටය. කවි කියන්න නොවෙයි දැන් ඔබතුමාට ලබාදී ඇති කාලය නම් ඉවරවෙලා යැයි කථානායක කියද්දී ආචාර්ය සරත් අමුණුගම මහතා කියන්න කියන්න යැයි කීය. එයින් ප්‍රීතියට පත් ජයරත්න මහතා කවි කියන්නට පටන් ගත්තේය. අය-වැය ලේඛනයේ තිබූ කරුණු ගෙඩිය පිටින් ජයරත්න මහතා කියන විට විපක්ෂය සාදු සාදු යැයි කියන්නට විය.කවි කීපයක් කියූ ජයරත්න මහතා ඉතිරි ටිකත් කියන්න දැයි විමසූවිට ඔයටික සභාගත කළානම් හොඳනේ දැයි කථානායකවරයා කීය. එහෙත් ජයරත්න මහතා යළිත් කවි කියන්නට විය. මේ අවස්ථාවේදී යාබද අසුනේ සිටින දිනේෂ් ගුණවර්ධන මහතා ජයරත්න මහතාගේ මේසය මත කොලයක් තැබීය. ඒ දෙස නොබලාම තම කවි කතාව දිගින් දිගටම කරන අතරේ ඊළඟ කථිකයා ලෙස නම් කැර සිටි විපක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැගී සිටියේය. අනතුරුව දිනේෂ් ගුණවර්ධන මහතා, මේසය මත කලින් තිබූ කොලය ජයරත්න මහතාගේ අතට දුන්නේය.එය කියවා ජයරත්න මහතා යළිත් සිය කවි කතාව කරන්නට විය. කාල සීමාව ඉක්මවාගොස් ඇති බව මූලාසනයෙන් කළ මතක් කිරීම නිසා හොඳයි මම එහෙනම් මේ කවිටික සභාගත කරන්නම් කියා සිය කතාව නතර කෙළේය. අනතුරුව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විපක්ෂය වෙනුවෙන් කතාව කිරීමට නැගී සිටි විට කතා බැහැ, අගමැතිතුමාගේ කවි කතාවට පිළිතුරු කතාව කවියෙන් ම ඕනෑ යැයි ආණ්ඩු පක්ෂය යෝජනා කෙළේය. එවිට ආචාර්ය සිල්වා රිද්මයක් නැතිව කවි දෙකක් කීය. විවාදයට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඇමැතිවරු බොහෝ දෙනකු සහභාගි වූහ. සියලු දෙනාම අය-වැය ලේඛනයෙන් සිදුවන යහපත ගැන කීහ.එජාපයේ පී. හැරිසන් මහතා ගොවියා ගැනත් තම පළාතේ වකුගඩු රෝගය ගැනත් කතා කෙළේය. සුජීව සේරසිංහ මහතාගේ ප්‍රහාරය වේගවත් විය. රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ නාස්තිය හා දූෂණය ගැන විශාල කරුණු ගණනාවක් ඔහු කීය.ඩීව් ගුණසේකර මහතා කළ කතාව උපුටා දක්වමින් විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් කතා කෙළේ ප්‍රසංශාවෙනි. ලසන්ත අලගියවන්න මහතා විවාදයට සහභාගි වූයේ ගුණසේකර මහතාගේ කතාව නැවතවරක් කියවමිනි. විපක්ෂය කියන පරිදි ගුණසේකර මහතා සිය කතාවෙන් අය-වැයට දොස් පවරා නැති බව පෙන්වා දුන් අලගියවන්න මහතා, වසර 10කට පසු විපක්ෂ නායකවරයා අය-වැය විවාදය ආරම්භ කිරීම ගැන ගුණසේකර මහතා කැර ඇති ප්‍රකාශය ගැන සභාව දැනුවත් කෙළේය. සී. බී. රත්නායක මහතා කතා කරමින් සිටියදී නැගී සිටි පී. හැරිසන් මහතා සභාවේ ඝන පූර්ණය නොමැති බව කීය. රජයේ ඇමැතිවරු සභාවේ නැති බව කී හැරිසන් මහතා රත්නායක මහතාගේ කතාවට ඇමැතිවරු අකමැතිදැයි විමසීය. දෙපැත්තේම ආණ්ඩුවේ මන්ත්‍රීවරු සිටින බව ආණ්ඩුව කී අතර මන්ත්‍රීවරු කැඳවීමේ සීනුව නාද කෙළේ නැත. යළි සිය කතාව ආරම්භ කළ සී. බී. රත්නායක මහතා හැරිසන් මහතා තමාගේ දුක්ගන්නාරාළ වීම ගැන සතුටුවන බව කීය.අය-වැයේ ශාස්ත්‍රීය අංශය ගැන මෙතෙක් කිසිවකු කතා කර නැතැයි චෝදනා කළ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ජනාධිපතිතුමාට සිය ආචාරය පුදකෙළේ මොලේ ඇති ළමයින් පිරිසක් ඇති කිරීමට ගත් පියවර විස්තර කරමිනි.උදේ අගමැති ජයරත්න මහතා අය-වැය ගැන කවි කීය. ආචාර්ය හර්ෂ ද සිල්වාත් සභාවේ කවියක් කීය. විජයමුණි සොයිසා මහතාත් කවි කීය. ආණ්ඩුවේ දෙදෙනා ජනාධිපතිතුමාට ප්‍රසංශා කරමින් කවි කීවත් ද සිල්වා මහතා කීවේ කඩේ යාම ගැනය.සවස් වනවිට සභාවේ බොහෝ දෙනකු නොවීය. එජාපය වරක් ගණ පූර්ණය විමසා සිටියත් සවස් වනවිට සභාව තුළ සිටියේ එජාපයේ එක් මන්ත්‍රීවරයකු පමණි. විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන් ද කිසිවකු නොවීය. විවාදය හොඳින් තබා ගැනීමට විපක්ෂයේ බහුතරය සභාව තුළ රැදී සිටීම ඔවුන්ගේ වගකීමවේ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112619
කායික-මානසික හිංසනයට ගොදුරුවන කාන්තාවන්ගේ පෞද්ගලික තොරතුරු මාධ්‍යයෙන් හෙළිකරන්න එපා
චින්තා රණසිංහ
කායික හෝ මානසික වශයෙන් හිංසනයන්ට ගොදුරුවන කාන්තාවන්ගේ අනන්‍යතාවය තහවුරු වන අන්දමට ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ කිසිඳු සඳහනක් නොකිරීම මාධ්‍ය ආයතවල වගකීමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.මාධ්‍ය ආයතන අතර ඇති තරඟකාරීත්වය හේතුවෙන් කාන්තා හෝ ළමා හිංසනයක් සිදු වූ විගස මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීම නිසා හිංසනයට ලක් වන්නන්ගේ අනාගතය අඳුරු වීමේ අවධානම මාධ්‍ය ආයතන වටහා ගත යුතු බව ද ඒ මහතා ප්‍රකා‍ශ කළේ ය.‍‍නොවැම්බර් 25 වැනි දිනට යෙදී තිබූණු ‘කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය ලොව පුරාම සැමරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ක්‍රියාකාරී දින 16 සැමරුම’ වැඩසටහට සහභාගි වෙමින් පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මේ අදහස් පළ කළේ ය. ස්ත්‍රි පුරුෂ හා සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය මේ වැඩසටහන සංවිධානය කර තිබිණ.‍‍ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචන්ඩත්වය කිසිසේත්ම ඉඩ නොදෙමු තේමාව යටතේ මේ වසරේ පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාරය නිවෙස්වල පාසල්වල හා සේවා ස්ථානවල මෙන්ම පොදු ප්‍රවාහන හා ස්ථානවල සිදු කිරීමට එම සංගමය කටයුතු යොදා තිබේ.සංඛ්‍යාලේඛන සසඳා බැලීමේ දී මෙරට කාන්තාවන්ට එරෙහිව සිදු වන හිංසන සිදුවීම් වැඩි වී ඇති බව සඳහන් කළ පොලිස් අධිකාරීවරයා, එවැනි හිංසන වැළැක්වීම හා කාන්තා අපචාරකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වගකීමෙන් ක්‍රියා කරන බව ද සඳහන් කළේ ය.ළමා හා කාන්තා කාර්යාංශ ඇතුළු ඒකක, කාන්තා පොලිස් නිලධාරිනියන්, වි‍ඩියෝ පටිගත දත්ත ලබා ගැනීමේ ඒකකය, රහසිගතභාවය, භාෂා ප්‍රවීණතා ඇති නිලධාරීන් වැනි විශේෂ පොලිස් විධිවිධාන යොදා ගනිමින් කාන්තාවන්ට එරෙහිරව සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් ‍පොලිසිය නිරන්තර අවධානයෙන් සිටින බව ද ඒ මහතා කීය. වරදකරුවන් සම්බන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ද රෝහණ මහතා පැවැසීය.ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ සේවා, අවධි වැඩමුළු ආදිය පවත්වමින් කාන්තා හිංසනයන් වැළැක්වීමට කටයුතු කරන බවත් කුඩා මල් කැකුළු කඩා බිඳ දැමීමෙන් මල් පිබිදිමට ඇති ඉඩකට අහුරන්නාක් මෙන් කුඩා කාලයේ සිට ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මුළු මහත් සමාජයේම අවධානය යොමු විය යුතු යැයි ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්පාරච්චි මහතා එම අවස්ථානවට සහභාගී වෙමින් කාන්තාවන්ට එරෙහි හිංසනය කාන්තාවන්ගේ ජීවිත අදුරු අපැහැදිලි පැතිකඩකට පත් කරන බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කාන්තා හිංසන වැළැක්වීම තෙරෙහි දැඩි අවධානයෙන් පසු වන බවත්පැවැසීය.ග්‍රාමීය මට්ටමේ කාන්තාවන් හිංසනයට පත්වීම පිළිබඳ අවධානය යොමු කරවීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ග්‍රාම නිලධාරීන් 1200 ක් පමණ සේවයේ යොදවා ඇති බව ද සමස්ත කාන්තා වින්දිතයන්ගේ (අපචාරයට පත්) හඩට සවන් දිය යුතු බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.මානව හිමිකම් පිළිබඳව වන 2011 - 2016 කාර්ය සැලසුමේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සමඟ පැවැත්වීම, තෝරාගත් පාසල් කීපයක මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විශේෂ වැඩසටහන්, දෙසැම්බර් 6 වැනි දින සමූහ සාකච්ඡාව හා වීදි සරණිය, මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන් ඇතුළු වැඩසටහන් කිහිපයක් මහජන පිබිදීම පෙරදැරි කොට ගනිමින් පැවැත්වීමට මේ සංසදය කටයුතු යොදා ඇත.UNFPA නියෝජිත ස්ත්‍රි පුරුෂ හා සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි සංසදයේ සභාපති අලයින් සයිබනේලර්, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති නීතිය පිළිබඳ මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය සුබාංගි එම්.කේ.හේරත්, මානව හිමිකම් සංවර්ධනය පිළිබඳ විලිතු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ශාන්ති සචිතානන්දම්, කාන්තා පිහිට සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සාවිත්‍රි විජේසේකර යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවේදි අදහස් පළ කළහ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112620
බස් ගාස්තුව 7%කින් වැඩි කිරීමබල රහිත කරන ලෙස ඉල්ලා රිට් පෙත්සමක්
නෙල්කා මැදගෙදර
බස්ගාස්තුව සියයට 7කින් වැඩි කිරීමට ඉකුත් ඔක්තෝබර් මාසයේදි ගනු ලැබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙහි සභාපති ගැමුණු විජේරත්න, එම සංගමයෙහි ලේකම් ඩබ්ලිව්. ජී. විජේතුංග, උප සභාපති ජේ.එම් ජයවීර විසින් මේ පෙත්සම ඉදිරි පත් කර තිබේ.පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී.බී රත්නායක, ජාතික ගමනා ගමන කොමිසම , එහි සභාපති රොෂාන් ගුණවර්ධන සහ නිතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.වාර්ෂික බස් ගාස්තු සංශෝදනය අනුව 2013 වසර සඳහා සියයට දහයකින් බස් ගාස්තු වැඩි කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලිමක් කර තිබේ.එහෙත් බස් ගාස්තු ඉකුත් 2013 ඔක්තෝබර් මස 25 දින සිට සියයට දහයකින් වැඩි කිරිමට වගඋත්තරකරුවන් තීරණය කර ඇතැයි පෙත්සම්කරුවෝ පවසති.එහෙත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජාතික ගමනා ගමන කොමිසමට කිසිදු නිතිමය බලයක් නැතැයි පෙත්සමෙහි සඳහන් වේ‍.1991 වසරේ දි ජාතික ගමනා ගමන කොමිසම පිහිටුවන ලද පනත මගින් බස් ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයට උපදෙස් දිම මිස බස් ගාස්තු සංශොදනය සම්බන්ධයෙන් මැදිහත් විමට නොහැකි යැයි පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. එබැවින් වාර්ෂික බස් ගාස්තු සංශෝදයේදි වගඋත්තරකරුවන් ඊට මැදිහත් වීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112621
රණවිරු ප්‍රණාම සුහද හමුව ඇමැති විමල් ගේ ප්‍රධානත්වයෙන්
චන්දිමා එදිරිමාන්න
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය හා දෙවන පදවි ප්‍රාප්තියේ තෙවන වර්ෂ පූර්ණය සැමරීම වෙනුවෙන් “ රණවිරු ප්‍රණාම සුහද හමුව ” ඉදිකිරීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් බෙල්ලන්විල,අත්තිඩිය “ මිහිඳු සෙත් මැඳුර ” හිදී පැවැත්විණ.අවසාන මානුෂීය මෙහෙයුම පැවති කාලයේ හා ත්‍රස්තවාදී යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ට ජීවිතයේ ඉදිරි කාලය සෙනෙහෙසින්, දයාවෙන් ආධ්‍යාත්මික සුවයෙන් සපිරි නිවසින් පිට නිවහනක් ලබාදීම සඳහාත් මේ මිහිදු සෙත් මැදුර ඉදි කර තිබේ.මේ වන විට මේ “ මිහිඳු සෙත් මැඳුරේ ” පූර්ණ ආබාධිත රණවිරුවෝ 51 දෙනක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබති.ඔවුන් සඳහා පැය 24 පුරාම වෛද්‍ය සේවා ක්‍රියාත්මකය. වෛද්‍යවරයෙකු ඇතුළු 19 දෙනකුගෙන් සමන්විත සුවසේවා කණ්ඩායමක් ඒ සඳහා සේවයේ නිරත වී සිටිති. මේ පූර්ණ ආබාධිත සෙබළුන් 51 දෙනාගේ අත්පා මෙහෙවර සඳහා යුධ හමුදාවේ සෙබළු 41 දෙනෙක් පමණ සුව සේවකයෝ ලෙස ස්වේච්ඡාවෙන්ම සේවය කරති.මෙහිදී ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසූ ඇමැතිවරයා ඔවුන් සමඟ රාත්‍රි භෝජනයකට හා සංගීත සන්ධ්‍යාවකට සහභාගී විය.ආබාධිත රණවිරු සෙබළුන් හා ඔවුන්ගේ උපස්ථායක සෙබළුන් සියලු දෙනාටම ත්‍යාග බෙදාදීමක්ද සිදුකරනු ලැබීය.මේ අවස්ථාවට ඉදිකිරීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) ජී.එස්.එල්. සේනාධීර,ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) ඒ.එම්.ආර්.ජේ. කේ. ජයසිංහ, මිහිඳු සෙත් මැදුරේ ප්‍රධානී කර්නල් වජිර කාරියවසම්, එහි මණ්ඩලික නිලධාරී මේජර් රෝහණ මාදුගොඩ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතීඥ පාලිත ගමගේ මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112622
ඉදිරි මැතිවරණ විනිවිද භාවයකින් කාර්යක්ෂමව පැවැත්වීමට පියවර
රක්ෂණ ශ්‍රීයන්ත
ඉදිරි මැතිවරණ මීට වඩා විනිවිද භාවයකින් යුතු හා කාර්යක්ෂම හා ක්‍රමවත් ලෙස පැවැත්වීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර රාශියක් ගැනීමට සැරසෙයි.ඒ අනුව ස්වාධින මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීම මැතිවරණ,ඡන්ද දායකයන්ට පහසුකම් සැලසීම, මැතිවරණ රාජකාරියේ යෙදෙන නිලධාරීන් රක්ෂණය කිරීම ,අපේක්ෂකයන්ට අංක ලබාදීමේ ක්‍රමවත් පිළිවෙළක් ඇතුළු ක්‍රියාමාර්ග ගන්නාබව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.මැතිවරණ කොමසාරිස් වරයා මේබව පැවසූවේ ඊයේ(25) මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.මේ නව පියවර පක්ෂ ලේකම් වරු ඇතුළු පක්ෂ නියෝජිතයන් සමඟ ඉදිරියේදී සාකච්ඡාකර ඔවුන්ගේ එකඟතාවය ලබාගෙන ඇරඹීමට අදහස් කරනවා.ඉදිරි ඡන්ද විමසීම් වලදී අංක ලබාදීමේදී සියලුම අපේක්ෂකයන් මැතිවරණ කොමසාරිස් වරුන් ඉදිරියේ පෙනී සිටිය යුතුයි.මනාප ගනන් කරන විටදී සියලු අපේක්ෂකයන්ට තමන්ගේ නියෝජිතයෙකු ගණන් කරන මධ්‍යස්ථානයට එවීමටත් ඔහුට ලැප්ටොප් පරිගණකයක් රැගෙන ඒමටත් අවස්ථාව ලබාදෙනවා.මැතිවරණ නිරීක්ෂකයන්ට අමතරව ස්වාධින පුද්ගලයන් එනම් වෛද්‍යවරුන්, ගණකාධිකාරීවරු,විධායක නිලධාරීන්,ජනමාධ්‍යවේදීන් වැනි අය මැතිවරණ කටයුතු නිරීක්ෂණය සදහා යෙදවීමට අදහස් කරනවා.එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට මේ අය දෙදෙනකු බැගින් යෙදවීමටද පියවර ගන්නවා.මේ අය දේශපාලනයට සම්බන්ධ නොවන පුද්ගලයන් ‍විය යුතුයි.එක් එක් පක්ෂ වල ඡන්ද ගණනය කිරීමෙන් අනතුරුව එම කාමර සීල්තබා ආරක්ෂිතව වසා දමා වෙනත් ගණනය කිරීමේ නිලධාරීන් යොදා පසුදා මනාප ජන්ද ගණනයකිරීමට පියවර ගැනීමට අදහස් කරනවා.මේතුළින් නිලධාරීන්ගේ වෙහෙසකර බවත් නැතිවී පහසුවක් ලැබෙනවා.ඡන්දය ලබාදීමට ඡන්ද පොළ වෙත පැමිණෙන ගැබිනි මාතාවන්, ජේෂ්ඨ පුරවැසියන්, ආබාධිතයන් ඇතුළු අය සදහා පෝලිමේ නොසිට ඡන්දය ලබාදීමට සලස්වා දෙනවා.මැතිවරණ රාජකාරිවල යෙදෙන නිලධාරීන්ට සිදුවන යම් යම් ගැටළු වලට විසදුමක් ලෙස විශේෂ රක්ෂණ ක්‍රමයක්ද හදුන්වාදෙනවා.මේ සියල්ලම පක්ෂ නායකයන් හමුවී සාකච්ඡාකර එන එකඟතාවයන් අනුව ක්‍රියාවේ යොදවීමට බලාපොරොත්තුවනවා..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112623
ලක්ෂ 3ක් වටිනා යකඩ තොගයක් සහ කුකුළන් 50ක් සමඟ නම ගිය අපරාධකරුවන් 2ක් ගණේමුල්ලේදී අත්අ‍ඩංගු වට
නිමල් රාජපක්ෂ
පුරා සති දෙකක් ගණේමුල්ල ප්‍රදේශයේ ජනතාව භීතියට පත් කරමින් සොරකම් රැසක් සිදුකළ නම ගිය අපරාධ කරුවන් දෙදෙනකු කොටුකර රුපියල් ලක්ෂ තුනක් වටිනා යකඩ තොගයක් සහ කුකුළන් පනස්දෙනකු සමඟ ගණේමුල්ල පොලීසිය මගින් අත්අ‍ඩංගුවට ගෙන ඇත‍.සැකකරුවන් දෙදෙනා සුමේධ මාවතේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් ළග තිබී හෙරොයින් පැකට් හතක්ද සොයාගත් බව ගණේමුල්ල පොලිස්ථානාධිපති දමින්ද සෝමජිත් මහතා පවසයි.එකම පවුලේ අයියා මලෝ දෙදෙනා සති දෙකක් ඇතුළත නිවාස දහයකින් සොරාගෙන තිබු කුකුළන්ද, සොරාගත් යකඩ තොගයක්ද පෑලියගොඩ ප්‍රදේශයේදී සොයාගැණීමට ගණේමුල්ල පොලිස් නිලධාරීන් සමත්වී ඇත.සොරාගත් භාණ්ඩ අළුයම ධාවනය වන බස්රථ මගින් රැගෙන ගිය බවට සැකකරුවන් පොලිස් නිලධාරීන් ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.කඩවත පොලීස් වසමේ ගෙලබැදි රන් මාල සොරකම් සදහා වරෙන්තු දෙකක් ඇතැයිද පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් කේ. ඩබ්ලිව්. ජනක ප්‍රසන්න හා කේ.ඩබ්ලිව්. ශසින් ඉෂාන් යන සැකකරුවන් දෙදෙනා ඊයේ(25) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.‍ග‍ණේමුල්ල පොලිස්ථානාධිපති දමින්ද සෝමජිත් මහතාගේ උපදෙස් මත,අපරාධ අංශයේ ස්ථානාධිපති සුනිල් ප්‍රියන්ත, ‍උපපරීක්ෂක පී .කේ. සුනිල්, සැරයන්වරුන්වන බන්ඩාර, එදිරිසුරිය, කොස්තාපල් වරුන්වන රත්නායක, තිලකරත්න, ආරක්ෂක සහකාර ඒකනායක යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112624
දස හැවිරිදි සිය දියණිය දූෂ්‍ය කළ පියාට වසර 100ක සිරදඬුවමක්
ගම්පහ සංචාරක නිමල් ජයසිංහ
වයස අවුරුදු 10ක සිය දියණිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ 48 හැවිරිදි පියකුට බරපතළ වැඩ සහිත වසර 100ක සිර දඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඊයේ 25 දින නියම කළාය.වර්ෂ 2010 අගෝස්තු 1 දින සිට 2012 ජූලි 30 දක්වා කාලය තුළ තම දියණිය දූෂණය කිරීම සම්බන්ධ චෝදනා 12කට වරදකරු බවට තීන්දු කළාය.සිර දඬුවමට අමතරව රුපියල් අනූදහසක දඩයක් ද නියම වූ අතර දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමටද නියෝග කළාය.තමාගේම දියණිය ආරක්ෂා කිරීමට සිටින පියා ඇයව දූෂණය කළ පියා ඇමතීමට සිංහල භාෂාවේ වචන නැති බවද, සිවිල් සමාජයේ තැබිය යුතු හොඳ පුරවැසියෙක් නොවන බවද ප්‍රකාශ කළ අතර කර ඇති වරද ඉතා නින්දිත බවද ප්‍රකාශ කළාය.පැමිණිල්ල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් ගොනුකර තිබුණේ පී. ජී. චන්ද්‍රසිරි නැමැත්තෙකුටය..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n13112625
සරසවි නේවාසිකාගාර 60ක් අලුතින් සාදා සිසු පහසුකම් නැංවීමට පියවර ගෙන තිබෙනවා
ධනුෂ්ක ගොඩකුඹුර මින්නේරිය සිට.
නායකත්ව පුහුණුවෙන් පසු විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට යන දරුවන්ට මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ විශ්ව විද්‍යාල තුළ සිදුව ඇති දැවැන්ත පරිවර්තනය දක්නට අවස්ථාව උදා වනු ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.අද විශ්ව විද්‍යාල තුළ දැවැන්ත සංවර්ධනයක් වෙමින් ක්ෂිතිජයට ඉහළින් ලොව දකින්නට දරුවන්ට සියලු පහසුකම් ලබා දෙමින් තිබෙන බව පැවසූ ඇමැතිවරයා අපේ විශ්ව විද්‍යාල අද ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම් අතරට එකතු වෙමින් තිබෙන බවත් පැවසීය.විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ලබාදෙන නායකත්ව හා ධනාත්මක ආකල්ප වර්ධන පුහුණුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මින්නේරිය යුද හමුදා කඳවුරේදී පෙරේදා (24) පැවැති සමාරම්භක උළෙල අමතමින් ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.දරුවන්ගේ පෞරෂය ගොඩනංවන්න, නායකත්ව හැකියාව ඉහළට ගෙනෙන්න, ශාරීරික හා මානසික ශක්තිය නංවන්න පුහුණුවක් දිය යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළාම ආරක්ෂක ලේකම්තුමා, හමුදාපතිතුමා මැදිහත් නොවන්න අපට මේ කාර්යය කරන්නට අපහසු වෙන්න තිබුණා. උසස් පෙළ විභාගයේ තරගකාරීත්වය නිසා වසර දෙක තුනක් විෂයය බාහිර ක්‍රියාවන්ගෙන් ඈත්වෙලා සිටීම මේ දරුවන්ට ලොකු පාඩුවක්.නායකත්ව හැකියාවන් වර්ධනය කර ගැනීමට, සාමූහිකව වගකීමක් බාර ගැනීමට, පෞරුෂය වර්ධනය කර ගැනීමට මෙම නායකත්ව පුහුණු දරුවන්ට මහත් පිටිවහලක් වෙනවා. මේ දරුවන් පුහුණු කඳවුරුවලින් එළියට එන්නේ තමන්ගේ ජීවිතයට අලුතෙන් යමක් එකතු කර ගත් බවට තෘප්තිමත් හැඟීමකින් යුක්තවයි. මේ දරුවන් අනාගතයේ කුමන විශ්ව විද්‍යාලයට ගියත් ඒවා තුළ දැවැන්ත සංවර්ධනයක් දැක ගන්නට පුළුවන්.ජනාධිපතිතුමා පසුගිය දවසක ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවක දරුවන්ගෙන් විමසා සිටියා මොනවද තියෙන අඩුපාඩු කියලා. එක දරුවෙක් ප්‍රකාශ කළා නේවාසිකාගාර තමයි අඩු කියලා. දැන් ඒ අඩුපාඩුව සම්පූර්ණ කරන්න නේවාසිකාගාර 60ක් රට පුරා විශ්ව විද්‍යාලවල ඉදි කරමින් යනවා.අලුතෙන් ඉංජිනේරු පීඨ, වෛද්‍ය පීඨ, තාක්ෂණ පීඨ ඉදිවෙනවා.ජනාධිපතිතුමා අද මෙතැනට ආ ගමන් මගෙන් ඇහුවේ මේ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කරන්නට මොනවද කරන්නේ කියලයි. මම ප්‍රකාශ කළා ඒ සඳහා වැඩපිළිවෙළ දියත් වෙමින් තිබෙන බව. අපිට පුළුවන් සෑම පාඨමාලාවක්ම ඉංග්‍රීසි මාධ්‍යයට හරවාගෙන යනවා. මේ දරුවන් ලෝකයටම වටිනා සම්පතක් කරන්නට අපි මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව කටයුතු කරමින් යනවා.හෝමාගම ප්‍රදේශයේ බිලියන 18ක වියදමින් තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ගොඩනැංවෙමින් පවතිනවා. මේ දරුවන්ට පෙනෙයි විශ්ව විද්‍යාල තුළ අද මහා පරිවර්තනයක් සිදුවෙමින් පවතින බව. මහින්ද චින්තන ඉදරි දැක්ම අනුවයි ඒ සියල්ල සිදුවෙන්නේ. ඒ බව අපි අමතක කළ යුතු නැහැ.උසස් පෙළ විභාගයට පෙනී සිටින 150000ක් වන සිසුන්ගෙන් විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ 25000ක් පමණයි. අපේ දරුවන් 16000ක් පමණ පිටරට විශ්ව විද්‍යාලවලට යනවා අධ්‍යාපනය ලබන්නට. මුදල් තිබෙන මාපියන්ට එය ප්‍රශ්නයක් නොවෙයි. නමුත් මුදල් නැති මාපියන්ගේ දරුවන් නේපාලය, ඉන්දියාව, බංගලාදේශය වගේ රටවලට ගොස් දුක්විඳිනවා.අපි ඒ දරුවන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලබන්නට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරිම අපරාධයක්ද? අද විශ්ව විද්‍යාල අතර තරගයක් තිබෙනවා. අපේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල වේගයෙන් ඉදිරියටම එනවා. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල දහස, දෙදහස අතර අපේ විශ්ව විද්‍යාලත් තිබෙනවා.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා.වසර තිහක් තිබුණු යුද්ධය නිසා ත්‍රිවිධ හමුදාවල 20000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් විශාල සංඛ්‍යාවක් ආබාධිත තත්ත්වයට පත් වුණා. යුද්ධයෙන් පසු ප්‍රමුඛතාව දිය යුත්තේ අධ්‍යාපනයට බව රජයේ විශ්වාසයයි. ඒ අනුව පටන් ගත් මෙම නායකත්ව පුහුණු වැඩපිළිවෙළට මුලදී විශාල විවේචන එල්ල වුණා. ජනාධිපතිතුමාට, ආරක්ෂක ලේකම්තුමාට විවිධ චෝදනා එල්ල වුණා. ඒ විවේචන මැදින් අද මේ පුහුණුව ඉදිරියට ඇවිත් තිබෙනවා.ඔබගේ අධ්‍යාපනය සඵල කරගන්න මේ සහෝදර සෙබළ සෙබළියන් තමන්ගේ ඇඳ පරිත්‍යාග කර බිම නිදා ගන්නවා. ඒ අය ඒ ගැන චෝදනා කරන්නේ නැහැ. ඒ ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමටයි. ඒ ගැන සිතන්න. ලෝකයේ හැමෝම බැහැ කිව්ව යුද්ධයක් සාර්ථකව නිම කරන්නට අපට හැකි වුණා. ඔබට නායකත්ව පුහුණුව දෙන්න පුළුවන් එහෙම අයට මිසක් වැදි බණ කියන අයට නොවෙයි.නියෝජ්‍ය ඇමැතිවරුන් වන නන්දිමිත්‍ර ඒකනායක, චන්ද්‍රසිරි සූරියආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහත්වරුන් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනී ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=r1311261
දැයට කිරුළෙන් දඹදෙණියට පානීය ජල ව්‍යාපෘති රැසක්
අලව්ව විශේෂ - ඒ. කීර්තිසිංහ
දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ දඹදෙණි ආසනයේ රුපියල් කෝටි 5 1/2 ක දැවැන්ත පානීය ජල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.මේ යටතේ ක්‍රියාත්මක කෙරෙන ජල ව්‍යාපෘති නම් තලානකන්ද පානීය ජල යෝජනා ක්‍රමය, තුඹුළුකන්ද, මිරිහෙලිය, යාංගල්මෝදර, පංගොල්ල, ඉහළ වළකුඹුර, පහළ වළකුඹුර, කොහොලාන, මිල්ල, උරුලෑමුල්ල, පල්ලෙකැකුලාවල, ගල්ලොලියාව යන ව්‍යාපෘති වේ.මේ සියලු පානීය ජල යෝජනා ක්‍රම ලබන වසරේ නිමකිරීමට පියවර ගන්නා බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දඹදෙණිය ශ්‍රී. ල. නි. පක්ෂ ප්‍රධාන සංවිධායක ශාන්ත බණ්ඩාර මහතා පසුගියදා අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති අලව්ව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්‍වීමේදී පැවැසීය..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=r1311262
ගවයන් බැඳීමට ගිය මාමා රබර් වත්තක වැටී සිටියදී හමුවුණා
හෝමාගම සංචාරක - මංජුල හිරිපිටිය
අපි මාමාව සොයන්නට යන විට යතුරුපැදිවල විදුලි ආලෝකයෙන් දැක්කා රබර් වත්තක කළු පැහැති ගවයකු ඇදවැටී සිටිනවා. එවිට යතුරුපැදිවලින් බැස ගවයා අසලට යන විට ඒ අසලම මාමා බිම වැටී සිටියා යැයි අකුණු සැරක් වැදී මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී කළුබෝවිලගේ දොන් රුවන් නිලන්ත (28) යන අය සාක්කි දෙමින් කීවේය.මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක වේරගල භාවනා මධ්‍යස්ථානය පාරේ අංක 152 නිවෙසේ පදිංචිව සිටි කුරුවිටආරච්චිගේ සරත් රොහාන් (50) නමැති අයෙකි.මේ පිළිබඳ මරණ පරීක්ෂණය පාදුක්ක රෝහලේදී පාදුක්ක හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය නන්දසේන පන්නිපිටිය මහතා විසින් සිදුකළ අතර මෙහිදී සාක්කිකරු මෙසේ ද කීය.මියගොස් ඇත්තේ මාගේ මවගේ දෙවැනි සහෝදරයායි. මා රැකියාවට ගොස් නිවෙසට පැමිණෙමින් සිටි අවස්ථාවේදී මියගිය මාමාගේ නිවෙසේ අය, ඒ අසල්වැසියකු වන ලක්ෂිකාට කියා අප නිවසට රාත්‍රී 9.00 ට පමණ දුරකථන ඇමතුමක් දී තිබුණා. මාමා සවස ගවයන් බැඳීමට ගොස් නැවත නිවෙසට පැමිණි නැති බව. එය දැනගත් විට මා අපගේ ලොකු මාමාගේ පුතා වන සම්පත් සමඟ මාමලාගේ නිවෙස අවට වතුවලට ගොස් බැලුවා.එසේ බලන විට මාමාගේ ගවයන් දෙදෙනකු වගා පාත්තිවලට පැමිණ හානි කළා කියා ගවයන්ව අල්ලා බැන්ද බව අයෙකු පැවසුවා. පසුව අසල තවත් වත්තකට ගොස් නැවත මාමා සොයා බලන්නට ගිය විට රබර් වත්තක කළු පැහැති ගවයෙකු වැටී සිටිනවා දැක්කා. ඒ අසලට ගිය විට මාමා බිම වැටී සිටියා. මාමාට කතා කළත් මාමා කතා කළේ නැහැ.කොන්නිගොඩ කන්කානම්ගේ රංජනි සිල්වා නමැති අය ද සාක්කි දුන්නාය.පශ්චාත් මරණ පරීක්ෂණය පාදුක්ක රෝහලේ වෛද්‍ය අධිකාරි ක්ලිෆඩ් ගුණතිලක මහතා සිදු කෙළේය. ඉදිරිපත් වූ සාක්කි හා වෛද්‍ය වාර්තා අනුව අකුණු සැරක් වැදීමෙන් සිදුවූ හදිසි අනතුරු මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කෙළේය.පාදුක්ක පොලිසියේ පො. කො. කමල් මහතා සාක්කි මෙහෙයවීය..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=r1311263
සිවු නිවුන් දරුවන් හදා ගන්න උදව් උපකාර කළොත් පින්
බියගම විශේෂ රංජිත් අම්පිටියාවත්ත
නිවුන් දරු උපත් සිදුකළ මවුපියන් අතළොස්ස අතරට එක්වූ දකුණේ ප්‍රථම සිවු නිවුන් දරුවන්ගේ මවුපියන් තමන්ට ලැබුණු සිවු දරු සම්පත ගැන පසුවන්නේ ඉතාමත් සතුටෙනි.කොළඹ කාසල් රෝහලේ දී පසුගියදා ඉපදී මසකට අධික කලක් වෛද්‍ය වරුන්ගේ රැකවරණයේ මැද සිට පසුගියදා මේ සිවු නිවුන් දරුවන්ව නිවෙස්වලට ගෙන යෑමට මවුපියන්ට ලබා දී තිබුණි.මාකොළ සඟබො‍්මාවත පදිංචි එච්.කේ. හේමපාල මහතාගේ දියණිය එච්.කේ. එච්.පී. දුල්මිණිත් සැමියාවන බී‍.ආර්. සංජීව චාමරත් පදිංචිව සිටින්නේ අම්මාගේ මහගෙදරවන ගාල්ලේ මහ ඉඳුරුව නෙලුම්පොකුණගම අංක එන් 13 නිවසේය.පුද්ගලික ආයතනයක මුද්‍රණ අංශයේ රැකියාවක් කරන සංජීව හා බිරියගේ ප්‍රථම දරුවා සුමාන සදිත්මා මෙත්සිරිනි තවමත් අවුරුදු 2යි මාස 8ක දියණියකි. අලුතෙන් උපන් නිවුන් දරුවන් 4 අතර එක් පිරිමි දරුවකුද ගැහැනු දරුවන් 3 දෙනකුද සිටිති.විවාහ වීමෙන් පසුව තමන් කරමින් සිටි රැකියාවෙන් ඉවත්වූ දුල්මිණි දරුවන් රැක බලා ගැනීමට නැවතී ඇත.බලපිටියේ මූලික රෝහලේ දී මාස 3න් කරන ලද පරීක්ෂණයේදී දරුවන් 4ක් කුස තුළ සිටින බව දැන ගෙන ඇත. පසුව කොළඹ කාසල් රෝහලෙන් සායන සේවාව ලබාගෙන ඇත. මාස 8කින් සීසර් සැත්කමකින් දරු ප්‍රසූතිය සිදුකළ බව දුල්මිණි වැඩිදුරටත් කීවාය.සුළු රැකියාවක් කරන සංජීවට නිවෙසක් නොමැත. දරුවන් 5ක් ලොකු මහත් කර ගැනීමට ඔහුට බෙහෙවින් අපහසුය. මේ අසරණ දරුපවුලට කවුරුන් හෝ පිහිට වී ඔවුන්ට උදව් උපකාර කරන්නේ නම් මහඟු පිනකි..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=r1311264
ගල්ඔය කැලෑ පාළුවන් නිසා ‘කුඩුම්බේරිය’ නැත්තටම නැති වෙයිද?
කුරුණෑගල මධ්‍යම විශේෂආරියපාල වංශතිලක
කැළෑ පාළුවන් ගල්ඔය ජාතික වනෝද්‍යාන අවට ඇති ප්‍රදේශයේ “කු‍ඩුම්බේරිය” ගස් විනාශ කිරීමේ හේතුවෙන් බීඩි කර්මාන්තයට කණකොකා හඬයි.කුඩුම්බේරිය ශාක පත්‍ර බීඩි කර්මාන්තය සඳහා විශාල වශයෙන් යොදාගන්නා අතර කැලෑ පාළුවන් නිසා වනෝද්‍යානයට යාබදව ස්වභාවිකව වැවෙන කුඩුම්බේරිය ගස් විනාශ කිරීම නිසා එම ප්‍රදේශය පාරිසරික අසමතුලිතතාවකට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.විශේෂයෙන් ගල්ඔය මිටියාවතේ නිල්ගල්තලාව කුඩුම්බේරියවලට ප්‍රසිද්ධියක් උසුලයි.කුඩුම්බේරිය ‍ගසේ ශාක පත්‍ර සහ පට්ටා බීඩි එතීම සඳහා උපයෝගී කර ගනිති.අක්කර 25,000 ක් පමණ විශාල ප්‍රදේශයක කටයුතු කිරීමට සිටින නිලධාරි පිරිස සීමිත බැවින් වන අපරාධ සිදුවෙන බැව් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=r1311265
වයඹ-සබරගමුව යා කෙරෙන කරඳන පාලමත් අලුත් වෙයි
null
2014 දැයට කිරුළ අභිමංසල වැඩසටහන ලෙස ආරම්භ කරන ලද පොල්ගහවෙල - කෑගල්ල යා කරන කරඳන පාලමේ ඉදිකිරීම් කටයුතු දැන් ආරම්භ කර ඇත.රුපියල් කෝටි 25 ක වියදමින් මේ පාලම ඉදිකරනු ලබයි. මෙහි ඉදිකිරීම් කටයුතු පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පරාක්‍රම වනිගසිංහ මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් වසර 100 කට ප්‍රථම කරඳන පාලම ඉදිකරනු ලැබ ඇත. නමුත් මේ පාලම වාහන දෙකක් එකවර මාරුවීමට තරම් ප්‍රමාණවත් නොවීය.ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම මත 2014 දැයට කිරුළ සංවර්ධන වැඩසටහන යටතේ අභිනව කරඳන පාලම ඉදිකරනු ලැබේ.සබරගමුව පළාතත්, වයඹ පළාතත් යා කරමින් වසර සියයක් පමණ පැරැණි කරඳන පාලම වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලබන කරඳන පාලම නිසා පළාත් දෙක තුළම සිටින ජනතාවට මහත් සේවයක් ඉටුවනු ඇත..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=r1311266
අලව්වෙන් උස්සපු ඉඟුරු ගෝනි නාරම්මල කඩවලින් මතුවෙයි
අලව්ව විශේෂ - ඒ. කීර්තිසිංහ
අලව්වේ ඉඟුරු ගොවීන්ගේ ඉඟුරු ගෝනි 17 ක් නාරම්මල නගරයේ මුස්ලිම් වෙළෙඳසල්වල තිබී අලව්ව පොලිසිය විසින් සොයාගෙන ඇත.අලව්වේ මහරච්චිමුල්ල, ගල්ගමුව, බුරුසේගොඩ, වෑත්තෑව, තුඹුල්ල, කන්දේගෙදර, හෙන්ඩුවාව ගම්වල ගොවීන්ගේ ඉඩම්වල වගාකර තිබුණු ඉඟුරු කිසියම් හොර කල්ලියක් විසින් රාත්‍රී කාලයේ හොරෙන් ගලවා නාරම්මල ‍නගරයේ මුස්ලිම් කඩවලට මෙසේ කුණුකොල්ලයට විකුණා ඇත.මේ සම්බන්ධයෙන් ඉඟුරු ගොවීන් දසදෙනෙක් අලව්ව පොලිසියට පැමිණිලි කර තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අලව්ව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්. ඇම්. ජී. බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කිලෝ 500 ක් පමණ වන එම ඉඟුරු තොගය සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙයට සම්බන්ධ තවත් සැකකරුවන් සිටින බව පවසන පොලිසිය ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි. .
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=s1311261
සතුටු සිතින් ක්‍රීඩා කරන්නැයි නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට ඇමැති කියයි
ප්‍රින්ස් ගුණසේකර
සිංගප්පූරුවේ පැවැත්වෙන නේෂන් කප් නෙට්බෝල් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සතුටු සිතින් ක්‍රීඩා කරන්නැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. ක්‍රීඩා අමාත්‍යංශයේ දී ජාතික නෙට්බෝල් පිල ඊයේ නිල ඡායාරූපයට පෙනී සිටීමෙන් අනතුරුව ක්‍රීඩා ඇමැතිවරයා මේ බව පැවැසීය.ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 47කට සහභාගී වී සිටින පළපුරුදු ක්‍රීඩිකා මරීෂා ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නෙට්බෝල් පිල මේ 28වැනිදා සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිතය.ආසියානු අනුශූරියන් වී සිටින ශ්‍රී ලංකා නෙට්බෝල් පිල දක්ෂතා රැසකින් හෙබි කණ්ඩායමක් බැවින් නේෂන් කප් නෙට්බෝල් තරගාවලියේ පෙරැළිකාර ජයග්‍රහණ ලබාගනු ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා විශ්වාසය පළ ‍කළේය.රටට ආදරය කරන ක්‍රීඩිකාවන් ලෙස රටේ අභිමානය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රීඩා කරනු ඇතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කළේය. නේෂන් කප් නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පැපුවා නිව්ගිනියා, අයර්ලන්තය, උගන්ඩාව හා අමෙරිකාව සහභාගි වෙති. ශ්‍රී ලංකාවට පළමු තරගය දෙසැම්බර් 1දා පැපුවා නිව්ගිනියාව සමග පැවැත්වේ.එම තරගයේ දී උපරිම දක්ෂතා අතරට පැමිණ ජය ගැනීම කණ්ඩායමේ එකම අරමුණ බව පුහුණුකාරිනී සොමිතා ද අල්විස් මහත්මිය පැවැසුවාය. තරගයෙන් තරගයට තම ක්‍රීඩිකාවන්ගේ තරග රටාව වෙනස් කිරීම තුලින් ප්‍රතිවාදීන්ට තර්ජනයක් ගෙනදීම බලාපොරොත්තුව වී ඇතැයි සොමිතා ද අල්විස් මහත්මිය 'දිනමිණ'ට පැවැසුවාය.ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී මේ තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්විය. රටවල් 6ක් සහභාගී වූ පසුගිය තරගාවලියේ දී ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට පත්වීම මෙතෙක් එහිදී ලැබූ හොඳම ප්‍රතිඵලය ලෙස සටහන් විය..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=s1311262
මලියදේවයේ ශෂික ලක් මවට රන් පළඳවයි
ප්‍රින්ස් ගුණසේකර
මැලේසියාවේ ක්වාලාලම්පූර් හී මේ දිනවල පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට ශෂික ඒකනායක ඊයේ සමත්විය.කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියට එක්වූ ශෂික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 114ක් ද, ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 84ක්ද එසැවීමට සමත්විය. ශෂික ඒකනායක කිලෝග්‍රෑම් 198ක් එම බර පන්තියෙන් එසැවීම පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලි නව වාර්තාවක් ද විය. කුරුණෑගල මලියදේව විදුහලේ අධ්‍යාපනය ලබන ශෂික ඒකනායක මෙයට පෙර පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත්තේය. එමෙන්ම ආසියානු යොවුන් තරගාවලියේ දී හා ලෝක යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේ දී රන් පදක්කම දිනා ගත්තේය.මේ ශූරතාවලියේ චින්තන ගීතාල් විදානගේ සහභාගීවන තරගය හෙට පැවැත්වීමට නියමිතය.තහනම් උත්තේජන ‍චෝදනාවට වරදකරුවී කලක් අන්තර්ජාතික තරගබිම තහනම්ව සිටි චින්තන ගීතාල් විදානගේ තහනමින් පසු සහභාගිවන පළමු තරගාවලිය මෙය වීම විශේෂත්වයකි.වසර 2006දී ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම දිනූ චින්තන ගීතාල් නැවත එම දස්කම් අතර පැමිණීමට අපේක්ෂා කරයි. මේ තරගාවලියට සහභාගීවීම උදෙසා ශ්‍රී ලංකා‍වෙන් පිටත්ව යද්දී ඔහු පැවැසුවේ ඉදිරියේ පැවැත්වෙන අන්තර් ජාතික තරගවලට සූදානම්වීමේ අපේක්ෂාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලිය වැදගත් වන බවයි.ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැලේසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ දී පදක්කම් කීපයක් දිනා ගනු ඇතැයි විශ්වාසය පළ වෙයි..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=s1311263
ප්‍රිමියර් ලීග් ක්‍රිකට් 1වැනිදා ඇරැඹේ
ෆවුස් මොහොමඩ්
දස්කම් සපිරි යොවුන් ක්‍රීඩකයන්ට ජාතික ක්‍රිකට් සංචිතයේ දොරටු විවර කෙරෙන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවාරයේ එක්දින තරගාවලිය ලබන දෙසැම්බර් මස 1වැනිදා ආරම්භ කෙරේ. දෙසැම්බර් 28දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ‘ඒ‘ සහ ‘බී‘ කාණ්ඩ යටතේ ක්‍රීඩා සමාජ 7බැගින් තරග වදිති.අන්තර් සමාජ එක්දින තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ රාගම ක්‍රිකට් සමාජය මෙවර ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වදින අතර ඊට කෝල්ට්ස්, සී.සී.සී, බදුරඑලිය, යුද, පානදුර හා ගුවන් හමුදා කණ්ඩායම් එක්වී සිටිති. ද්‍රවිඩ සංගම්, එස්.එස්.සී, බ්ලූම්ෆීල්ඩ්, එන්.සී.සී, මුවර්ස්, වරාය හා හලාවත මේරියන්ස් කණ්ඩායම් ‘බී‘ කාණ්ඩයට ඇතුළත් වෙති.මීට පෙර පැවැති එක්දින තරගාවලියට එක්වී සිටි සැරසන්ස්, බී.ආර්.සී, කුරුණෑගල යොවුන් පිල, ලංකන්, නාවික හා ගාල්ල කණ්ඩායම් මෙවර නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට එක්වී සිටිති. නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය හා සරා කුසලාන තරගාවලිය ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන අතර ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය ඇරැඹෙන්නේ ඉන් අනතුරුවය.මෙවර ප්‍රිමියර් ලීග් තුන්දින තරගාවලිය පැවැත්වෙන්නේ නව මුහුණුවරකින් යුතුවය.මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ දහයක් තරග වදින ප්‍රමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ දී එක් කණ්ඩායම් තරග 6කට බැගින් සහභාගි වෙති. අනතුරුව ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 ‘සුපර් 8‘ වටයට එක්වෙන අතර සෙසු කණ්ඩායම් 6 ‘ප්ලේට්‘ ශූරතාව සඳහා තරග වදිති. සුපර් 8 වටය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන්නේ පළමුවරටය. එම තරග වටය සිවුදින තරග වටයක් ලෙස ක්‍රියාත්මක වේ. ප්ලේට් ශූරතා අංශයේ තරග පැවැත්වෙන්නේ තුන්දින තරග ලෙසිනි.මෙවර එක්දින තරගාවලියේ පළමු තරග කීපයේ දී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දස්කම් දැකබලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට හිමිවේ. එහෙත් පාකිස්තානය සමග එමිරේට්ස් හී පැවැත්වෙන ක්‍රිකට් සංචාරයට එක්වන බැවින් තරගාවලියේ සෙසු තරග ඔවුන්ට මඟ හැරෙනු ඇත.කෙසේවෙතත් ජාතික කණ්ඩායමේ වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් ක්‍රීඩා කරන ද්‍රවිඩ සංගම් පිලට මෙවර තරගාවලියේ පළමු තරග කීපයේ වැඩි වාසි අත්වනු ඇත.ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක රෝයි ඩයස්ගේ පුහුණුකාරත්වයෙන් තරග වදින ද්‍රවිඩ සංගම් පිලට තිලකරත්න ඩිල්ෂාන්, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, සුරංග ලක්මාල්, චානක වෙලගෙදර, කිත්රුවන් විතානගේ, ෂාමින්ද එරංග හා රමිත් රඹුක්වැල්ල තරග වදිති.ජාතික ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා කරන කෝල්ට්ස් කණ්ඩායමට ද ජාතික ක්‍රිකට් සංචිතයේ ප්‍රබල ක්‍රිඩකයන් රැසක් ඇතුළත්ය. තිසර පෙරේරා, නුවන් කුලසේකර, කුසල් පෙරේරා, අකිල ධනංජය ඒ අතර වෙති. ජාතික පිලේ හිටපු ක්‍රීඩකයකු වන මුතුමුදලිගේ පුෂ්පකුමාර කෝල්ට්ස් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=s1311264
ද්විත්ව කැරම් ශූරතා ඛනිජ තෙල් සංස්ථා පිලට
null
ජනසතු සේවා කැරම් සංගමය සංවිධාන කළ අන්තර් සමාජ කැරම් තරගාවලියේ වැඩි දස්කම් දක්වමින් ශූරතා ද්විත්වයක් හිමිකර ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුහ.ඒ අනුව පිරිමි ‘ඒ’ කොටසේ ශූරතාව මෙන්ම කාන්තා ‘බී’ කොටසේ ශූරතාව ඛනිජ තෙල් සංස්ථාවට හිමිවිය.කාන්තා තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව දිනාගත් අතර එම කණ්ඩායම පිට පිට සිවුවතාවක් ශූරතාව දිනාගැනීම විශේෂත්වයක් විය.මහරගම කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැති තරගාවලියේ ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පිරිමි ‘බී’ හා ‘සී’ කාණ්ඩයන්ගේ ශූරයන් වුහ.ජනසතු සේවා ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය බැංකුවල කැරම් කණ්ඩායම් 52ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180ක් පමණ එක්වු තරගාවලියේදී ලේක්හවුස් ආයතනය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පිරිමි ‘ඒ’, ‘බී’ හා ‘සී’ කණ්ඩයන්ගේ අනුශූරතාත්, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය හා ජල සම්පාදන කාන්තා කණ්ඩායම් අනුශූරතා දිනාගත්හ.පිරිමි ‘ඒ’ කාණඩයේ අවසන් තරගයේදී ඛනිජ තෙල් සංස්ථාව නියෝජනය කරමින් අජිත් චන්ද්‍රසෝම, ඒ.ඩී.විජිත, එස්.කුමාරගේ හා චින්තක එස්.ගුණසේකර තරග වැදුණු අතර එන්.ඩී.පී.සී.විජේගුණවර්ධන, අයි.ඩී.බී.නයනසිරි, එච්.පී.සූරියකුමාර සහ එම්.පී.මංගල ලේක්හවුස් නි‍‍යෝජනය කරමින් තරගයට එක්වුහ.පිරිමි ‘බී’ ශූරතාව දිනු කණ්ඩායමට චමිත් පීරිස්, කුමාර කුරුකුලසූරිය, නිහාල් කල්පගේ සහ කේ.ජී.ආර්.රන්දුල ඇතුළත් වු අතර ‘සී’ කාණ්ඩයේ ශූරතාව දිනු පිලට ලෙස කේ.චන්දිමාල් නි‍රෝෂණ, බී.වී.නිලන්ත තුසිත කුමාර, කේ.පී.නොයාර් සහ ආර්.ඒ.ඩී.ඉන්දික ප්‍රසන්න එක්වුහ. ජයන්ති හේරත් සහ උදේනි කාංචනමාලා කාන්තා ‘බී’ කාණ්ඩයේ ශූරියන් විය..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=s1311265
මූලස්ථාන ක්‍රීඩිකාවෝ ටෙලිකොම් ශූරතාව දිනති
null
ශ්‍රී ලංකා ටෙලිකොම් නෙට්බෝල් සංගමය සංවිධාන කළ නෙට්බෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගැනීමට ටෙලිකොම් මූලස්ථානයේ ඒඑස්ඒ ඇන්ඩ් ඩී කණ්ඩායම සමත්වු අතර මිශ්‍ර අංශයේ ශූරතාව ජීඅයිසී 1919කණ්ඩායමට හිමිවිය.තරගාවලියේ නෙට්බෝල් රැජිණ ලෙස උෂානි ද සිල්වා දෙවැනි වරටත් කිරුළු පැළදි අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මොහොමඩ් රියාස් සම්මාන හිමිකර ගත්තේය.වැලිකඩ ශ්‍රී ලංකා ටෙලිකොම් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගාවලියේ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා, කළුතර දිස්ත්‍රික් නෙට්බෝල් සභාපතිනී රුක්ෂානි ද සිල්වා, කෑගල්ල දිස්ත්‍රික් නෙට්බෝල් සභාපතිනී අචලා සියඹලාපිටිය යන මහත්ම මහත්මීහු සහභාගී වුහ..
NEWSPAPER
2013.11.26
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=f1311261
ලෝකයේ අඩුවෙන්මබදු අයකරන්නේ අපේ රටේ
සාකච්ඡා කළේ චන්දන ජයවීර
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් අන්තර් ජාතික ප්‍රජාව මෙරටට විරුද්ධව නඟන චෝදනාවන්ට සාර්ථකව පිළිතුරු දීමට හැකියාවක් ලැබී ඇති බව පවසන වාසුදේව නානායක්කාර ඇමැතිවරයා 2014 අයවැය ආණ්ඩුවේ ගමන් මඟ ඉදිරියට ගෙන යන සාර්ථක අයවැයක් බව ප්‍රකාශ කළේ මෙසේය.ලෝකයේ සියලුම රටවල් අතරින් අඩු ආදායම් බද්දක් හා සමාගම් බද්දක් අය කරන්නේ ශ්‍රී ලංකාවයි. එය රජයේ ආදායමට අවාසියක්.අපි එහෙම කර තිබෙන්නේ ආයෝජකයන් දිරි ගැන්වීමට. නමුත් බදු සහන ලබාදෙන ප්‍රමාණයෙන්ම ආයෝජන ඉහළ යනවයි කියන්න බැහැ. රජය ලබා දී ඇති බදු සහන සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%ක් පමණ වැය වෙනවා. එම බදු සහන නිසා ඉහළ ගොස් ඇති ආයෝජන අනුපාතය බැලුවිට එයත් ඊට ආසන්න අගයක් ගන්නවා. ඒ අනුව බදු සහනවල අර්ථවත්භාවයක් නැහැ. ආයෝජන ඉහළ යන්න බලපාන හොඳ යටිතල පහසුකම් පද්ධතියක් ඇති කර තිබෙනවා. ඒ නිසා බදු සහන අහෝසි කිරීමෙන් රටට ඇති වන විශේෂ අවාසියක් නැහැ. අපි කියන්නේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අනෙකුත් රටවලට සාපේක්ෂව බදු අය කරන්න කියලයි.නැහැ. අනිකුත් කාරණා අතින් වාසිදායක වන විට එහෙම වෙන්න ඉඩක් නැහැ.ආයෝජකයන්ට ආරම්භක අවස්ථාවේ ලබා දෙන ශක්තියක් හැටියට බදු නොගෙවා ලාභ උපයා ගන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ඒක කෙටි කාලීන දෙයක්. අලුත් ක්ෂේත්‍රයක ආයෝජන සිදුවන විටත් එවැනි සහන ලබා දෙනවා. ආර්ථිකයකට ප්‍රයෝජනවත් නම්,, රැකියා ජනනය කරනවා නම් ආරම්භක අවස්ථාවේදී බදු සහන ලබාදිය හැකියි. නමුත් දීර්ඝ කාලීන බදු සහනවල තේරුමක් නැහැ. ආණ්ඩුව එවැනි බදු ගිවිසුම් කිරීම ගැනත් අවධානය යොමුකර තිබෙනවා. එය හොඳ දෙයක්.සහන දිය යුත්තේ ජනතාවට. ලාභය වැඩි කර ගැනීමට ඔවුන්ට වුවමනා මාර්ග සපයා දෙනවා නම් එය ආයෝජන ඉහළ යාමට හේතු වෙනවා. කම්කරු ශ්‍රමය ඵලදායි වන තරමට ඔවුන්ගේ ලාභය වැඩි වෙනවා. යටිතල පහසුකම් වැඩි වෙන තරමට ලාභය වැඩි වෙනවා. විදුලිය හා අනිකුත් සේවා ගාස්තු සඳහා අඩු මිලක් නියම කිරීමෙන් ලාභය වැඩි වෙනවා. හැබැයි රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට බදු ආදායම ඉහළ නැංවිය යුතුයි.අධ්‍යාපනයට හා සෞඛ්‍යයට විියදම් කරන ප්‍රමාණය ඉහළ නැංවීමට නම් රජයට ලැබෙන ආදායම ඉහළ යා යුතුයි. අප සමාජ සුබසාධන වියදම් ඉහළ නංවන්න කියන්නේ ඒ සඳහා මුදල් එක්රැස් කර ගත හැකි මාර්ග පෙන්වා දෙමින් ඊළඟට ආණ්ඩුවේ ආයෝජන ඉහළ නංවන්න නම් ඒ සදහාත් ආදායම ඉහළ නංවා ගැනීම වැදගත්.නොගැළපෙන ක්‍රියාවක්. එය කිසිසේත්ම ඔහුගේ අධිකාරියට අයත් නොවන ක්ෂේත්‍රයක් ගැන කළ ප්‍රකාශයක්. සංගමයට අයත් රටවල් අතර භේද ඇති වන ආකාරයට ප්‍රශ්න මතු නොකළ යුතුය යන පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මුතිය එය උපන් රටේම රාජ්‍ය නායකයා කඩකර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තීන් හා සම්මුතීන් පිළිබඳ එකඟතා රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර වළපල්ලට යවමින් කැමරන් කළ ප්‍රකාශය හෙළා දකිනවා.ඔහු කටයුතු කර තිබෙන්නේ එවැනි මානසිකත්වයකින්. අපට මේ රටවලට බලපෑම් නියම කිරිම කරන්න පුළුවන් කියලා බටහිර රටවල උප විඥානයේ තිබෙනවා. එහෙම හිතන්න පුළුවන් අපේ රටවල ස්වෛරීභාවය නොපිළිගන්නා රටකට පමණයි.ඔව්. දෙමළ ජනතාවගේ ඡන්ද දිනා ගැනීමට බ්‍රිතාන්‍ය පක්‍ෂ අතර තරගයක් තිබෙනවා. එය තමිල්නාඩුවේ තිබෙන තරගයට සමාන තත්ත්වයක්. පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මුතීන් කඩකරමින් කැමරන් මෙවැනි ප්‍රකාශයක් කළේ ඒ හේතුව මතයි.බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය දෙමළ ජනතාවගේ ඡන්ද දිනා ගැනීම සඳහා යම් යම් ප්‍රකාශ කරනවා. දක්‍ෂීණාංශික කොන්සවෙටිව් පක්‍ෂය විදේශ ගත දෙමළ ප්‍රජාවේ ප්‍රශ්න ලේබර් පක්‍ෂයට වඩා හොඳින් මතු කරන බව පෙන්වීම මෙම ප්‍රකාශයේ අරමුණයි. එයින් ඔහු බ්‍රිතාන්‍ය මැතිවරණ ක්‍රමය තුළ සිය පක්‍ෂයට රුකුලක් ගැනීමට භාවිතා කරනවා. එය ආසන දෙකක් හෝ තුනක වාසියක් ලබා ගැනීමට ජාත්‍යන්තර දේශපාලනය යොදා ගැනීමක්.නැහැ. එයින් අපිට තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබුණා මිස නැති ප්‍රශ්න ඇති වුණේ නැහැ.නැහැ. ඔය කතාව දැනට අවුරුදු හතරක සිට බටහිර රටවල් කියන කතාවක්. යුද්ධය අවසන් වූ මොහොතේ සිට ඔවුන් අපට පදනම් විරහිතව යුද අපරාධ චෝදනා නැඟුවා. ජිනිවාවලදී අවස්ථා තුනකදී මතු කළා. චෝගම් නිසා වුණ දේ තමයි අපිට ඒ චෝදනාවට ශක්තිමත් පදනමකින් මුහුණ දෙන්න ලැබීම.සමුළුව පැවැත්වීමෙන් අපට අන්තර්ජාතික කීර්තියක් හා පිළිගැනීමක් ලැබෙන බව ඔවුන් දැන සිටියා.ඒ නිසා ඔවුන් අවස්ථා ගණනාවකදී චොගම් ශ්‍රී ලංකාවේ පැවැත්වීම වළක්වන්න කටයුතු කළා.ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ කමිටුවල දී කැනඩාව මේ අදහස නැවත නැවතත් ඉදිරියට දැම්මා. අමෙරිකාවේ වුවමනාව මේ පිටුපස තියෙන විත්තිය අමතක කරන්න බැහැ. බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ලංකාවේ පැවැත්වීම ගැන මොකවත් කිව්වෙ නැහැ. නමුත් එතැනදී ලේකම්වරයා බලවත් ලෙස පෙනී සිටියා.අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලංකාවේ සමුළුව පැවැත්වීම ගැන අනෙකුත් රටවල් එකඟව සිටියා. ඒ මොහොතේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ප්‍රශ්නයක් මතු නොකර අවසාන මොහොතේ ඒ ගැන කතා කරන්නේ ඇයිද කියන ප්‍රශ්නය ඔහු ඇහුවා. එලෙස අන්තර්ජාතික සංවිධානයක නියෝජිතයෙක් අප වෙනුවෙන් හඬක් නැඟීම ජයග්‍රහණයක් නෙමෙයිද.මේ ප්‍රකාශය කරුණුමය වශයෙන් වැරැදියි. ශ්‍රී ලංකාවේ සමුළුවට හොඳ සහභාගිත්වයක් තිබුණා. එය මෑත කාලයේ පැවැති සමුළු අතරින් සාර්ථක එකක්. කාටහරි පැමිණි රටවල් සංඛ්‍යාව ගැන සැකයක් තිබෙනවා නම් අන්තර් ජාලයෙන් පරීක්‍ෂා කළ හැකියි.සමුළුවේ වියදම පැමිණි රාජ්‍ය නායකයන් සංඛ්‍යාවෙන් බෙදා එක් රාජ්‍ය නායකයෙක්ට ගිය වියදම දැක්වීම හාස්‍යජනකයි. දූත මණ්ඩලවල වියදම් ඔවුන් පියවා ගත යුතුයි. ඒ සඳහා අපේ රටට වියදමක් වැය වන්නේ නැහැ. යටිතල පහසුකම් සංවර්ධනයට ගිය මුදල් නාස්තියක් කියන්න බැහැ. එ. ජා. ප. ය බලන්නේ මොකක් හරි චෝදනාවක් කරන්නයි.ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර දීර්ඝකාලීන සංස්කෘතික බැඳීමක් තිබෙනවා. එයට පිටුපා ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී නොවීම ගැන ඉන්දීය ආණ්ඩුවේ බෙදීමක් තිබෙනවා. ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ මේ ප්‍රකාශයෙන් ඒ බව මනාව පෙනෙනවා.අද ඉන්දීය ආණ්ඩුව පත්ව තිබෙන්නේ මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී’ වගේ තත්ත්වයකට. දකුණු ඉන්දියාව නියෝජනය කරන ඇමැතිවරු කිහිපදෙනෙක් මධ්‍යම රජයේ සිටිනවා. ඒ නිසා ඔවුන්ගේ මතයට පිටුපෑමට හැකියාවක් මන්මෝහන් ආණ්ඩුවට නැහැ. ඒ නිසා දැන් කලාපීය දේශපාලනයෙන් ඉන්දියාව ආන්තික වෙමින් සිිටිනවා..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n1311271
වැලිකඩ හිරගේ ඇතුළේ සිටදුරකථනයෙන් සල්ලි ගරලා
විජයානි එදිරිසිංහ
වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරගෙන යන ව්‍යාජ දුරකථන ඇමතුම් හරහා මුදල් ලබාගැනීමේ ජාවාරමට මේ වන විට පන්දහසකට වැඩි පිරිසක් හසුවී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බන්ධනාගාර තුළ කාලයක් තිස්සේ විවිධ අපරාධ සඳහා අච්චු විඳින කණ්ඩායමකගේ සංවිධානයෙන් මේ කල්ලිය ජාවාරම කරගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.මෙරට පොලිස් නිලධාරීන්, දෙපාර්තමේන්තු, ‍ලොතරැයි මණ්ඩල අමාත්‍යාංශ, දේශපාලනඥයන් විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් මේ දුරකථන ඇමතුම් ලබාදෙන ආකාරයට ලබාදී පුද්ගලයන් රවටා මුදල් ගරාගැනීම සිදු වෙයි.ඇතැම් ආයතන නිලධාරීන් සිටින ස්ථානවල ෆැක්ස් අංක, ඊමේල් අංක පවා සොයාගෙන ඒවා දුරකථණ සහ කෙටි පණිවුඩ වලින් පුද්ගලයන්ට ලබාදී විශාල රැවටීමකට ලක් කර මෙසේ මුදල් ලබාගන්නා බවයි.ලොතරැයි වාසනා, විවිධ තරඟ වාසනා, බැංකු ගිණුම් වල මූල්‍ය තැන්පත් කිරීම්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව, විවිධ තරඟ ජයගැනීම්, හොඳම ගොවියා, හොඳම හෙදිය, හොඳම ගුරුවරයා, රියදුරා, කොන්දොස්තර, ව්‍යාපාරිකයා ඇතුළු විවිධ දේ වලින් තෝරාගෙන ඇති බව පවසා මුදල් ත්‍යාග, වාහන, රන් ආභරණ, රක්ෂණ නිවාස, ආදිය හිමි බව පවසා එහි මූලික වියදම් සඳහා ප්‍රවාහන වියදම් රක්ෂණ ගාස්තු ඇතුළු දේ වලට මුදලක් ගිණුම් ගත කරන ලෙස එම දුරකථන හරහා දැනුම් දෙයි.මේ පණිවුඩවලට රැවටෙන පුද්ගලයන් ජාවාරම්කරුවන් ලබාදනෙ ගිණුම්වලට රුපියල් පන්දාහේ සිට පනස් දහස දක්වා මුදල් තැන්පත් කර ඇති බව අනාවරණය වෙයි.මේ ජාවාරම්කරුවන් ඇතැම් මිය ගිය සහ ව්‍යාජ නම් වලින් පවා ගිණුම් විවෘත කර ඒවාට ඒ.ටී.එම්. මුදල් ලබා ගන්නා කාඩ්පත් පවා සකස් කර මුදල් ලබා ගැනීම සිදු කර තිබේ.මේ ජාවාරම සඳහා බන්ධනාගාරය තුළ සිටින කල්ලියට සහාය දෙන පිටස්තර කණ්ඩායමක්ද වෙයි.විවිධ පුද්ගලයන්ගේ තරාතිරම, වෙනත් විස්තර, දුරකථන ඇමතුම්, පවුල් වටපිටාව ආදිය සොයාදී බැංකු ගිණුම්වලට වැටෙන මුදල් ලබා ගැනීම සිදු කරන්නේද මෙම කණ්ඩායම විසිනි. මීට ඉහත සිදු කළ වැටලීම් වලදී මේ වන විට එම ජාවාරම කරගෙන ගිය කණ්ඩායම් කිහිපයක පහළොස් දෙනෙක් පමණ පොලිසියට කොටුවී තිබිණි.මේ පිළිබඳව මෙහෙයුම් සිදු කිරීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් නිරතුරුවම යොදවා තිබේ. මෙම ජාවාරම කරගෙන යන කල්ලියෙන් දුරකථන ඇමතුමක් ලැබුණහොත් ඒ අවස්ථාවේම ළඟම ඇති පොලිසියට 011 2421111, 119, 011 2854880 දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n1311272
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණයඅමෙරිකානු ඩොලර් බිලියන 8.3ක්
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 8.3 ක් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.රජය හා මහ බැංකුව සතුව අමෙරිකානු ඩොලර් බිලියන 7ක ප්‍රමාණයක් පවතින බවද වාණිජ බැංකු විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් බවද ඇමැතිවරයා අනාවරණය කළේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.ණය පිළිබඳ ස්ථාවරයක රජය සිටින බවද මූල්‍ය ස්ථාවර කිරීමේදී ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබෙන නිසා දළ දේශීය නිෂ්පාදනය අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය අඩු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.2013 වසරේ ජූනි වන විට මෙරට නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6518ක් බව පෙන්වා දුන් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ නියම කළ සීමාවන් තුළ සිට රජය ණය ලබා ගන්නා බවද කීවේය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n1311273
ජාත්‍යන්තරයට ගොස් මාතෘ භූමිය පාවා දී රටට එරෙහි චෝදනා ගොනු කිරීම ඇතමුන්ගේ වැඩපිළිවෙළ වෙලා
කඩුවෙල සමූහ සමන්ති මීරියගල්ල
ජාත්‍යන්තරයට ගොස් මාතෘ භූමිය පාවා දී ඔවුන් ලවා රටට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීම අද ඇතමුන්ගේ වැඩපිළිවෙළ වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.ඔවුන්ට අද කරන්නට ඉතිරිව ඇත්තේ පිටරටට ගොස් කේලාම් කියමින් අප දංගෙඩියට යවන්න සූදානම් වෙන එක පමණක් බව පැවසූ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යන ගමන මේ කිසිවකින් ආපසු හැරවිය නොහැකි බව පැවසීය. මාතෘ භූමිය වෙනුවෙන් සහ ජනතා සුබ සෙත වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටුකිරීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.පිබිදෙන කඩුවෙල දස දහස් ගණනක් මගී ජනතාවගේ අවශ්‍යතාවයක් ඉටුකරමින් ඉදි වූ කඩුවෙල නව බස් නැවතුම් සංකීර්ණය පෙරේදා (25) ජනතා අයිතියට පවරා දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතාගේ මෙහෙයවීමෙන් කඩුවෙල නගර සභාව විසින් මේ බස් නැවතුම් සංකීර්ණය ඉදිකර ඇත. මෙය තෙමහල් ගොඩනැඟිලි සංකීර්ණයක් වන අතර වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 1200 කි.උත්සව සභාව වැඩිදුරටත් ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මේ රට ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කිසිවෙකුටවත් නතර කර දැමිය නොහැකි බවයි. එය නවතා දැමිය හැක්කේ රටේ ජනතාවටම පමණක් බව ද කියා සිටි ජනාධිපතිතුමා වත්මන් රජය සැමදා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රජයක් බව ද කියා සිටියේ ය. රට සංවර්ධනය කරා ගෙන යන අතරම දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමටද රජය සුවිශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අතර රට තුළ ආගමික සහජීවනය ගොඩනැඟීමටද රජය කැපවී කටයුතු කළ බව සිහිපත් කළේය.අද රටේ ඇති වී තිබෙන සංවර්ධනයත්, සුන්දරත්වයත් ලෝක නායකයින්ගේ පවා පැසසුමට ලක්ව ඇති බවත් ආසියාවේ නැගී එන රටක් ලෙස ශ්‍රී ලංකාවේ ගමන් මග පිළිබඳ අද සියලූදෙනා ආඩම්බරයෙන් කථා කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ය.මහා සංඝරත්නයද, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n1311274
දළදා මාලිගාව ආසන්නයේ මත්පැන්හල වැසීම ගැන ජනපතිට ස්තූතිය පුද කරනවා
නිහාල් ජයවර්ධන සහ මධ්‍යම පළාත් සංචාරක එල්.එස්. එගොඩවිට
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ පිහිටි රැජින හෝටලය තුළ වසර හතළිහකට ආසන්න කලක් පවත්වාගෙන ගිය මත්පැන් හල ජනාධිපති මහින්ද රාජපක්ෂමහතාගේ මැදිහත්වීමෙන් වසා දැමීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කර සිටින බව මහනුවර එජාප නාගරික මන්ත්‍රී හා හිටපු නගරාධිපතිවරයකු වූ රාජා පුෂ්පකුමාර මහතා පැවසීය.ජනාධිපතිතුමන්ගේ උපන්දිනය මුල්කොට එතුමන් විසින් කළ විශේෂ ඉල්ලීමකට අනුව එම හෝටල් සමාගමේ සභාපති සංජීව ගාඩිනර් මහතා ඊට යහපත් ප්‍රතිචාර දක්වා අදාළ මත්පැන් හල වසා දැමීම දළදා සමිඳුන් වැඩසිටින ඓතිහාසික පූජා නගරය අවට ප්‍රදේශයේ පූජනීයත්වය තවතවත් වැඩි කිරීමටපිටිවහලක් වූ හෙයින් ඒ මහතා වෙතද තම ස්තූතිය පුද කරන බවද රාජා පුෂ්පකුමාර මහතා කීය.නාගරික මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (25) මහනුවර මහ නගර සභාවේ විශේෂ මාසික රැස්වීම අමතමිනි. මහනුවර පුරපති මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ මුලිකත්වයෙන් ‍එම රැස්වීම පැවැත්විණි.එම මත්පැන්හල පවත්වාගෙන යාමෙන් වර්ෂයකට රුපියල් ලක්ෂ 50ක පමණ ආදායමක් ඉපයීමේ හැකියාව තිබුණදමුදලට වඩා නගරයේ පූජනීයත්වය හා සදාචාරාත්මක පසුබිම පිළිබඳ සිතාබලා ගත් එම තීරණය මුළුමහත් සමාජයටම මහත් ආදර්ශයක් බවද රාජා පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් කීය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n1311275
සේතු සමුද්‍රම් ව්‍යාපෘතියෙන් සිදුවනබලබෑම් ගැන විශේෂ අවධානය
මහින්ද අලුත්ගෙදර
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, පෝක් සමුද්‍ර සන්ධිය සහ මන්නාරම් බොක්ක හරහා ඉදිකිරීමට යෝජිත සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබෙන බව රජය අවධාරණය කරයි.මෙහිදී ඇති වියහැකි බලපෑම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් මේ වනවිට ඉන්දීය රජයට බාර දී තිබුණ ද මේ දක්වා ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා 'දිනමිණ' ට පැවසීය.මේ අතර ලේකම්වරයා පෙන්වා දුන්නේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය පරිසර සංවිධාන කිහිපයක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙන බවයි. මේ පැමිණිල්ල ඊයේ (26) විභාගයට ගැනීමට නියමිතව තිබිණි.නාවික සැතපුම් 45ක් කැණීම් කර ඉදිකෙරෙන මෙම ඇළ මාර්ගය හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවට පාරිසරික සංවිධාන පෙන්වා දෙන අතර කිලෝමීටර් 167 ක් වන සම්පූර්ණ ඇළ මාර්ගය ඉන්දියාවේ නැ‍ඟෙනහිර සහ බටහිර වෙරළ තීරයන් අතර සමීප මාර්ගයක් බිහිකරන බවට ඉන්දීය රජය පවසයි.සේතු සමුද්‍රම් නෞකා ඇළ මාර්ගය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය පිළිබඳ ශ්‍රී ලාංකික විද්වතුන් සකස්කළ වාර්තාවක් ද ඉන්දීය රජයශ්‍රී වෙත ලබාදී ඇති බව වාර්තා වෙයි. මෙහිදී සිදුවන පාරිසරික හානිය මෙන්ම දකුණු ආසියාවේ බොහෝ දෙනකුට පූජනීය වූ රාම් සේතු නොහොත් ආදම්ගේ පාලමට සිදුවන හානිය ද එමඟින් පෙන්වා දී තිබේ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n1311276
ඔස්ට්‍රේලියාවේ එල්ටීටීඊ තහනම තවදුරටත් දීර්ඝ කරයි
මහින්ද අලුත්ගෙදර
එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය සඳහා පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කරයි.ඒ අනුව මීට පෙර පනවා තිබූ තහනම ඊයේ (26) අවසන් වීමට නියමිතව තිබූ අතර එය අවසන් වීමත් සමඟ යළිත් වරක් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට ඕසට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.ශ්‍රී ලංකාවේදී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජයට පත්කළද ඔස්ට්‍රේලියාවේ විවිධ අයුරින් ක්‍රියාත්මක වෙමින් මුදල් එකතු කිරීම වැනි ක්‍රියාවන්හි තවදුරටත් නිරව සිටින බවද මේ තහනම දීර්ඝ කිරීමත් සමඟ එවැනි ක්‍රියාවන් සඳහා නීතියෙන් ඉඩ නොලැබෙන බව ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා "දිනමිණ" ට පැවසීය.ඕස්ට්‍රේලියානු රජය ගන්නා ලද මේ තීර්ණය බෙහෙවින්ම අගය කරන බව සදහන් කළ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා එය කාලෝචිත ක්‍රියාවක් බවද ඉදිරියේදී තවදුරටත් එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වන බවද අවධාරණය කළේය.එම සංවිධානයට අමතරව තහනම් ත්‍රස්තවාදී සංවිධාන නාම ලේඛනය එරට රජය මඟින් ප්‍රකාශයට පත් කෙරුණු අතර ත්‍රස්තවාදී කල්ලි සාමාජිකයන්ට සහ ඔවුන් වෙත ආධාර කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිමද මේ මඟින් ප්‍රකාශයට පත්කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.ඒ අනුව වසර තුනක් සඳහා එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ඇතුළු ත්‍රස්ත සංවිධාන 87 කට එරෙහිව අදාළ තහනම ක්‍රියාත්මක වන බවද තානාපති වාර්තා සදහන් කරයි.ත්‍රස්තවාදියට එරෙහිව සෑම පියවරක්ම ගනිමින් ත්‍රස්තවාදය අවසන් කිරීම රජයේ අභිලාෂය වී තිබෙන බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමැතිනී ජුලියා බිෂොප් මහත්මිය සදහන්කර ඇත.මේ අතර ඒ මහත්මිය පෙන්වාදී ඇත්තේ ත්‍රස්තවාදය සහ ඊට මූල්‍යාධාර සපයන පාර්ශවයන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දී ඇති නීති රෙගුලාසි ක්‍රියාත්මක කතිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය බැදී සිටින බවයි. ලෝක නායකයන් ඝාතනය කිරීම, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, මුදලට මිනිස් ඝාතන සිදුකිරීම, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ඇතුළු විවිධ ක්‍රියාවන් සිදුකළ එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කිරීමට ලෝකයේ රටවල් වි‍ශාල ප්‍රමාණයක් පියවර ගෙන තිබෙන අතර ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව, නවසිලන්තය, පාකිස්තානය, ප්‍රංශය ඒ අතර වෙයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n1311277
කොරියා රැකියා සඳහා මේ වසරේශ්‍රී ලාංකිකයන් 4,379 ක් ගිහින්
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4,379 දෙනෙකු මේ වසරේදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි කොරියානු රජය පවසයි.මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මේ දක්වා කාලය තුළ මේ පිරිස දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන අතර ඔවුන්ගෙන් 3,894 දෙනකු මුල්වරට කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය පිරිසක් බවද සෙසු 485 දෙනා මීට පෙරද කොරියාවේ රැකියා කොට අත්දැකීම් ලැබූ පිරිසක් බවද කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සදහන් කරයි.මෙලෙස දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිෂ්පාදන, ධීවර, කෘෂිකර්ම සහ සේවා අංශයන්හි රැකියා වෙනුවෙන් පිටත්ව ගොස් තිබෙන අතර නිෂ්පාදන අංශය සඳහා 3,979 ක්ද, ධීවර අංශය සඳහා 394 ක්ද ඊට අයත් වෙති.ඊට අමතරව කෘෂිකර්ම අංශය සඳහා එක් අයෙක් සහ සේවා අංශය සඳහා පස් දෙනෙකුද දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙන බව කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් "දිනමිණ" ට පැවසුවාය.පසුගිය 2010, 2011 සහ 2012 වර්ෂයන්හි පැවැති කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් සමත්ව මේ දක්වා රැකියා සඳහා පිටත්ව නොගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස පිටත්ව ගොස් තිබෙන අතර එම විභාගයෙන් සමත් සෙසු පිරිසටද ඉදිරියේදී කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට අවස්ථාව සැළසෙනු ඇතැයි කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය විශ්වාසය පළකරයි.දකුණු කොරියානු රජය මඟින් පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් සමත්වන ශ්‍රී ලාංකිකයන් සඳහා එරට රැකියා අවස්ථා හිමිවන බව පෙන්වාදුන් එම ප්‍රකාශිකාව කොරියානු රැකියා සහ කම්කරු අමාත්‍යාංශයේ අධීක්ෂණය මත කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ මෙහෙයවීමෙන් එම විභාගය පවත්වන බවද සදහන් ක‍ළාය. මේ අතර ඇය පෙන්වා දුන්නේ මේ සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහාය ලබාදෙන බවයි.පසුගිය 2006 වසරේ සිට රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියේ වෙනසක් සිදුකිරීමට දකුණු කොරියානු රජය පියවර ගෙන තිබෙන අතර ඒ අනුව මේ කටයුතු වඩා විධිමත් හා කාර්යක්ෂම ආකාරයෙන් සිදුකෙරෙන බවද මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 26,000 ක් පමණ දකුණු කොරියාවේ විවිධ ක්ෂේත්‍රවල සේවය කරන බවද කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සිහිපත් කරයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n1311278
සියලුම ඉන්ධන පිරවුම්හල්වලපොම්ප පරීක්ෂාවට
නුවන් කොඩිකාර
දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වල පොම්ප පරිපථ පරීක්ෂා කිරී‍මේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඛණිජ තෙල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.වංචනික ක්‍රියාවලින් ඉන්ධන පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් ඉන්ධනහල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කල බවද අමාත්‍යාංශය පවසයි.ඒ අනුව නුදුරු දිනකදීම මේ වැඩසටනට ආරම්භ කරන බව ඛණිජ තෙල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n1311279
දක්ෂිණ අධිවේගයේපෞද්ගලික බස් රථ ගැන පැමිණිලි 0112 807279ට දැනුම් දෙන්න
null
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි දුරකථන අංක 0112 807279ට දැනුම්දෙන ලෙස පුද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය මගීන්ගෙන් ඉල්ලා සිටී.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ඇතැම් පෞද්ගලික බස් රථ ගුණාත්මක භාවයෙන් අඩු බවට මගීන්ගෙන් ලැබෙන චෝදනාව හේතුවෙන් පුද්ගලික මගී ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංවෙන බව එම අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පවසයි.ඇතැම් බස් රථවල වායු සමීකරණය අක්‍රීය වීම, මදුරුවන් ගැවසීම හා අපිරිසුදුභාවය පිළිබඳ පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇත. එබැවින් මගීන්ට සුවපහසු ගමනාන්තයක් කරා ළඟාවීමට හැකි වන පරිද්දෙන් මේ ක්‍රියාමාර්ගය ගැනිමට ඇමැතිවරයා උපදෙස් දී තිබේ.සතියේ දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා මේ දුරකථන අංක ඔස්සේ මඟී ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112710
ප්‍රභාකරන් මහවිරුවකුලෙසඔසවා තබන්නට උත්සාහ නොකරන්න
ස්වර්ණා විජේකොන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
ලක්ෂ්මන් කදිරගාමර්, මහේෂ්වරන්, නීලන් තිරුචෙල්වම් ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ නායකයන් රැසක් මෙන්ම සුදු කොඩි අතැතිව රජයේ පාලන ප්‍රදේශවලට පැමිණි ප්‍රභාකරන්ගේ අනුගාමින්ට පවා වෙඩි තබා මරා දැමූ ප්‍රභාකරන් මහවිරුවකු ලෙස ඔසවා තබන්නට උත්සාහ නොකරන්න යැයි උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.අහිංසක දෙමළ වැසියන්ගේ රන් ආභරණ කොල්ලකමින් රජයේ සේවකයන්ගේ පඩිපත කොල්ල කමින් අත දරුවන් පවා ඝාතනය කළ ප්‍රභාකරන් මහවීරයෙකු ලෙස පෙන්වමින් ජාතිවාදය වපුරන මෙවැනි කතා සිදු කිරීම පිළිකුල් සහගත බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා ඊයේ සිදු කළ කතාවකට විරෝධය පළ කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ජාතිවාදය ප්‍රචලිත වන ආකාරයට කතා නොකර සියලු ජන කොටස් එක්කොට එක්සේසත් රටක් නිර්මාණය කිරීමට සියලුදෙනා එක්විය යුතු බවද දිසානායක මහතා කීවේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, ප්‍රභාකරන්ට පහන් පත්තු කරලා මහා වීර දිනය සමරන්න යන ඔබතුමාලගෙනුයි උතුරේ මවුපියෝ අපේ දරුවෝ කෝ කියා ඇසිය යුත්තේ. වෙල්ල මුල්ලි වෛයික්කාල් වලදී ප්‍රභාකරන් රජයේ හමුදාවට හසුවුණා.ඒ හසු වුණේ ප්‍රභාකරන් අසල සිට හමුදාව පැත්තට ආපු කොටි හෙළි කරපු තොරතුරු අනුවයි. උතුරේ දේවල් විනාශ කළේ ප්‍රභාකරන්. ශ්‍රී ධරන් මන්ත්‍රීතුමා ප්‍රභාකරන්ගේ පීඩා වින්දේ නැතිවුණාට අහිංසක සියලු දෙනාම පීඩාවට පත්වුණේ නැද්ද්?.අපේ සිංහල ජනතාව මරපු එක ගැන කතාකරන්න එපා. කප්පම් ගත්තේ නැද්ද.එහෙම කෙනාටද මේ නිදහස් සටන් කාමීයා කියන්නේ. යාපනය විශ්ව විද්‍යාලයේ සිසු දරුවෝ 101ක් ප්‍රභාකරන් මරා දැම්මා. එයට හේතුව ත්‍රස්තවාදයට විරුද්ධ වීමයි. අවුරුදු 109කට පසුව උතුරේ ජනතාවට නිදහසේ අරුණාලෝකය උදාකලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112711
ප්‍රභාකරන් ජාතික වීරවරයෙක් යැයි කී ශ්‍රීධරන්ගේකතාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
ප්‍රභාකරන් ජාතික වීරවරයෙක් යැයි සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) සිදු කළ කතාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සිය විරෝධයපළ කළහ.මහවිරු දිනය සමරමින් මියගිය කොටි ත්‍රස්තවාදීන්ට ජීවයදීමේ අරමුණින් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ කතාව සිදු කරනු ලැබුවේ මහවිරු දේශනය සිදු කරන අයුරිනි. කොටි ත්‍රස්තවාදීන්ට පක්ෂපාති වන සහ සිංහල ජනතාව කුපිතවන අයුරින් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා විනාඩි 30කට අසාන්න කාලයක් සිය කතාව සිදු කළේය.මේ මන්ත්‍රීවරයා සිය කතාව ඔස්සේ ප්‍රභාකරන් හා කොටි ත්‍රස්තවාදීන් සාධාරණය කරන්නට උත්සාහ කළ අතර, රජය හා ආරක්ෂක අංශ දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කළේය. මේ කාතව සිදු කළේ මුලින් සකසා ගත් පිටපතක් බලාගෙන විමද විශේෂත්වයකි.එහිදී නැගී සිටි වන්නි දිස්ත්‍රික් මන්ත්‍රි හුනෙයිස් ෆාරුක් මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ, ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ව්‍යවස්ථාවට පටහැනි දේවල් කියමින් ජාතිවාදීව කතා කරන නිසා එම කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසය.එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර මුරුගේසු මහතා ස්ථාර නියෝගවලට පටහැනි සියලු කරුණු ඉවත් කිරීමට නියෝග කළේය. මේ ප්‍රකාශය සම්බන්දයෙන් වාසුදේව නානායක්කාර, එස් බී දිසානායක, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු සිය කතාවලදී විරෝධය පළ කළහ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112712
රටට-ජනපතිට සෙත් පතා නවග්‍රහ බලි ශාන්තිකර්මයක්
null
දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගයෙන් රටටත් ජනාධිපතිතුමාටත් ජනතාවටත් සෙත්පතා අතිශය දුර්ලභ නවග්‍රහ බලි ශාන්තිකර්මයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.ඒ අනුව එම බලියාග ශාන්තිකර්මය නොවැම්බර් 29 දින සවස 6.30ට බත්තරමුල්ල දියවන්නා ජාතික ආදර්ශ වෙල්යාය කමතේදී පැවැත්වේ. පාරම්පරික ශිල්පීන්ද හිඟ ශාන්තිකර්මයක් ලෙස අද එතරම් දක්නට නොමැති මෙම ශාන්ති කර්මයට බලි කප් සිටුවීම අද (27) උදේ 9.00ට දියවන්නා වෙල්යාය මධ්‍යයේ ඇති කමතේදී සිදු කෙරේ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112713
අඩි 10 ක දැවැන්ත පිඹුරෙක්
ජායාරුපය - ගිරිඋල්ල සමූහ - ඩබ්. ඒ. සරත්
බෝපිටිය, ලබ්බල ප්‍රදේශයේ අන්නාසි වත්තක සිටි අඩි 10 ක් පමණ දිග දැවැන්ත පිඹුරකු අල්ලා ගැනීමට ඉහළ ලබ්බල තරුණයින් පිරිසක් සමත් වූහ. බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් බැරලයකට දමා සිටි එම පිඹුරා පරිසර හිතකාමීන් දෙදෙනකු විසින් යක්විල කංකානියමුල්ල වන රක්ෂිතයට මුදාහැරීම සඳහා ගෙන යාමට සැරසුන අයුරු..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112714
ශ්‍රී ලංකා-ඉතාලි සබඳතා තරකර ගැනීමේ වෑයමක්
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි දෙරටේ රජයන් අවධානය යොමුකර ඇත.වෙළෙඳාම, කෘෂිකර්මය, සංචාරක සහ තාක්ෂණ අංශවල සබඳතා තවදුරටත් ව්‍යාප්තකර ගැනීමට ඇති හැකියාව කෙරෙහි දෙරටේ අවධානය යොමුව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කර සිටින නාවලගේ බෙනට් කුරේ මහතා සිය අක්තපත්‍රය ඉතාලි ජනාධිපති ගියෝගි නැපලිටානෝ මහතා වෙත බාරදීමෙන් අනතුරුව පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත.මෙහිදී දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සහයෝඟීතාවය සම්බන්ධයෙන් මෙන්ම එය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම කෙරෙහි විශේෂ අවධානය යොමු වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.වෙළෙදාම, අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සේවා සහ ගැටුම නිමවීමෙන් පසුව ශ්‍රී ලංකාව ආරම්භකර තිබෙන සංවර්ධන ක්‍රියාවලියට දායකවෙමින් ඉතාලිය ශ්‍රි ලංකාවට අංශ රැසකින් ලබාදුන් සහයෝගයෙන් අපේ රටට විශාල ලෙස ප්‍රතිලාභ අත්වූ බව ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී සිහිපත්කර තිබේ.ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ රැකියා අවස්ථා උදාවීම මෙන්ම ජී. එස්. පී සහනය පවත්වා ගෙන යාම ඒ මහතා අගය කර ඇති අතර ශ්‍රී ලකාව යුද්ධය නිමවීමෙන් පසුව ඇරඹු සංවර්ධන ‍වැඩසටහන් සහ අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ ජනතාව පදිංචි කිරීම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීමේ ක්‍රියාවලිය වැනි කාර්යයන් ගේ සාර්ථකත්වය පැහැදිලි කර තිබෙන බෙනට් කුරේ මහතා එල්.ටී.ටී.ඊ සංවිධානය ගෙනයන වැරැදි ප්‍රචාර සම්බන්ධයෙන් ඉතාලි ජනාධිපතිවරයා දැනුවත් කර ඇත..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112715
සල්ලිත් එව්වා ගේකුත් හැදුවා-බාරී සවුදියේ වැඩකාරී ලියුමක් එව්වා අවසර පැතුවා-දෙන්නාටම වන්නට බාරී
 තෙන්නකෝන් කුලසේකර
මැද පෙරදිග රටක තෙවසරක් ගෘහ සේවිකාවක ලෙස රැකියාව කළ බිරියක් තම අනියම් සැමියා සමඟ නිවසට ඒම සඳහා විවාහක සැමියාගෙන් ‘ලිඛිත’ අවසරයක් ඉල්ලා සිටීමේ මේ අපූරු පුවත අසන්නට ලැබෙන්නේ දඹුල්ල නගරයට ඉතා සමීප ගම්මානයකිනි.සිවු වසරක් ප්‍රේම කළ ඔහුත් ඇයත් අවසානයේ විවාහ වූයේ දෙපාර්ශ්වයේ ම දැඩි විරෝධයක් තිබියදීය. උපන් ගම අතහැර වෙනත් ගමකට පලා ගිය මේ දෙදෙනා දරුවකු ලැබෙන තුරු සතුටින් කාලය ගත කළත් ඒ බොහෝ අගහිඟකම් මැද ය.පවුලේ එක ම දරුවාගේ අනාගතය උදෙසා ඇය විදෙස්ගත වන්නට තීරණය කළේ ජීවන සටන තවදුරටත් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවූ නිසාවෙනි. ‘රන්මසු’ සොයා යන විට ඇගේ වයස අවුරුදු විසිපහක් විය. සයුරෙන් එහා ගමනට ඇයට, ඇගේ සැමියාගේ ද ආශිර්වාදය ලැබිණි. තෙවසරක් තිස්සේ බිරිය මාස්පතා එවූ ඇගේ වැටුප සැමියා බොහෝ අරපරෙස්සමින් පරිහරණය කර ඇයගේ සිහිනය වූ ‘ලස්සන පුංචි ගෙදරක්’ ඉදි කළේය.පසුගිය දිනක ඔහුට ඇගෙන් ලිපියක් ලැබිණි. එහි මෙසේ සඳහන්ව තිබිණි.“මගේ අවුරුදු තුනේ රස්සාව ඉවරයි. මේ අවුරුදු තුනේ මම හම්බකරපු හැම සතයක්ම මම ඔයාට එවලා තියෙනවා. මම ළඟදීම ලංකාවට එනවා.”ආදරණීය බිරියගේ ලියුම කියවා ගෙන යද්දී සැමියාගේ සතුට ඉහවහා ගියේය. ඔහු ප්‍රීතියෙන් කෑගසමින්, “පුතේ..පුතේ..අම්මා ළඟදිම එනවා ලු. ආයෙ යන්නෙ නැහැ ලු” යැයි කියමින් හත් හැවිරිදි පුතු තුරුළු කර ගත්තේය. ඉක්බිති ඔහු දෑස් තම පෙම්බර බිරියගේ අත් අකුරු දිගේ තවදුරටත් දිව ගියේය. සැණින් ඔහුගේ සිරුර දහඩියෙන් තෙත් වන්නට විය.මුහුණ මළානික වී ඇස් නිලංකාර ව ගියේය. ලිපියේ අකුරු අතරේ ඔහුගේ ලෝකය හදිසියේම කඩා වැටෙන්නට විය. “..මේ අරාබි රටේදී අවුරුදු තුනක්ම මාව බලා ගත්ත, මාව ආරක්ෂා කළ පෙම්වතෙක් මට ඉන්නවා. ඔයාට වගේම එයාටත් මම ආදරෙයි. එයත් එක්ක ගෙදර එන්න මට අවසර දෙන්න. පුතා එක්ක අපි තුන්දෙනා සතුටින් ඉඳිමු.”ලිපියේ තවදුරටත් මෙසේ ලියැවී තිබිණි.“ඔයා කැමැති නම් මම ගෙදර එනවා. අකමැති නම් එයාත් එක්ක මම මාතර එයාගෙ ගෙදර යනවා.”.
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112716
සුව සේවයට අලුතෙන් 10,000ක්
null
ලබන මාසය වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පත්වීම්10,000ක් ලබා දෙන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) අවධාරණය කළේය. මීට හෙදියෝ 6,500ක් හා පරිපූරක වෛද්‍යවරුන් 1750ක් මෙයට ඇතුළත් බව ද ඇමැතිවරයා අනාවරණය කළේය.ඇමැතිවරයා මේ බව පැවසුවේ 2014 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ විවාදයට එක්වෙමිනි. ප්‍රාග්ධන වියදම්වලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිකිරීම් පසුගිය වසරේ මේ රජය තරම් කිසිදු කාලයක සිදු කළේ නැහැ. විදේශ ආධාර හා ප්‍රදාන යටතේ යාපනය, හැටන්, තෙල්දෙණිය, ගල්ගමුව යන රෝහල්වල ඉදිකිරීම් සිදු කෙරිණි.මේ වන විටත් නෙදර්ලන්ත ආධාර යටතේ හම්බන්තොට රෝහලේ ඉදිකිරීම් සිදු කෙරේ. මේ රටේ 1948න් පසු පසුගිය අවුරුදු7,8 කාලයේ තරම් රෝහල්වල ඉදිකිරීම් කළ කාලයක් නැතැයි ඇමැතිවරයා කීය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112717
වීර කැප්පෙටිපොළ නාමය අපේ හදේ සදා රැඳිය යුතුයි
ඉන්ද්‍රාණි තෝරදෙණිය සහතිලක් පුෂ්පකුමාර
රටට හා ජාතියට තමා විසින් සිදුකළ යුතු මෙහෙය වගකීමක් හා යුතුකමක් ලෙස ග්‍රහණය කර ගනිමින් සිය ජීවිතය කැප කළ වීර කැප්පෙටිපොළ නිලමේ තුමන් ශ්‍රී ලාංකීය සියලු හදවත් තුළ සදා රැඳවිය යුතු චරිතයක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ ඊයේ (26) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ මහමලළුවේ මොනරවිල කැප්පෙටිපොළ පිළිරුව අභියස පවත්වන්නට යෙදුන කැප්පෙටිපොළ විරුවානන්ගේ 195 වන ගුණානුස්මරණ සැමරුම් දේශනය පවත්වමිනි. එහිදී ඒ මහතා මෙසේද කීය.අප ශ්‍රී ලංකා මාතෘභූමියට විදේශීය බලපෑම් එල්ල වූ සෑම අවස්ථාවකම ඉන් අප රට මුදවා ගැනීම සඳහා බිහි වූ ජාතික වීරවරයන්ගෙන් හෙළ ඉතිහාසය හිස් නොවීය. සොලීන්ගෙන් රට බේරා ගැනීම සඳහා දුටු ගැමුණු මහා පරාක්‍රමබාහු, විජයබාහු යන නරපතීන් විසින් ජාතියට දුන් නායකත්වය නොවන්නට අද මේ ශ්‍රී ලංකාවේ සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ඉතිරි නොවන්නට ඉඩ නොතිබූ බව මම විශ්වාස කරනවා.සිංහලේ අවසන් රාජ්‍ය සමය මෙරට ඉතිහාසයේ ඉතා දුර්භාග්‍ය සම්පන්න කාල සීමාවක් වුණා. වඩුග රාජ්‍ය පරම්පරාවකින් පැවත එන ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් සිදු කරන ලද දුර්දාන්ත තීරණ නිසා කන්ද උඩරට වැසියෝ රජු කෙරෙහි බලවත් කළකිරීමෙන් පසු වූහ. ඉතාමත් අභාග්‍යසම්පන්න සිදුවීම් රැසක ප්‍රතිඵලයක් ලෙස ලංකා ඉතිහාසයේ මහා ඛේදවාචකයක් වන වීර මද්දුම බණ්ඩාර හා ඇහැළේපොළ පවුල මුළුමනින්ම විනාශ කෙරුණා.මුළු රටම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහි වූ අතර උඩරට රදළ නායකයින්ට ඉංග්‍රීසීන්ගේ පිළිසරණ පතා යෑමට සිදුවුණා. මෙම අභාග්‍ය සම්පන්න වාතාවරණය යටතේයි 1815 දී උඩරට ගිවිසුම් අත්සන් කරන ලද්දේ. එය රට පාවා දීමේ ගිවිසුමක් ලෙස හැඳින්වුවද ඉන් උඩරට ප්‍රභූත් බලාපොරොත්තු වූයේ උන්මත්තක රාජ්‍ය පාලකයෙකු ඉවත් කර සිංහල ජාතියත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර ගැනීමයි.එහෙත් රොබට් බ්‍රව්න්රිග් නැමැති කපටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ගිවිසුමෙන් අපේක්ෂිත කොන්දේසි අමු අමුවේම උල්ලංඝනය කරමින් ඉංග්‍රීසීන්ගේ අභිමතාර්ථයන් අනුව කටයුතු කිරීමට පියවර ගත්තා. තමන් උගුලක අසුවී ඇති බව ගිවිසුම් අත්සන් කළ උඩරට නායකයින්ට තේරුම් ගියේ මෙහිදීය. මෙම ගිවිසුමට කැප්පෙටිපොළ නිලමේතුමා ද අත්සන් කල අතර ඉංග්‍රීසින් විසින් එතුමා මාතලේ දිසාව භාර අධිකාරම්වරයා ලෙස පත්කරන්නට යෙදුණා.1815න් පසු කන්ද උඩරට රාජධානිය තුළ ඉංග්‍රීසින්ගේ නොපනත්කම් දිනෙන් දින උත්සන්න වුණා. ගොවීන් සතු අටු කොටු පැහැර ගන්නා ලද අතර ඔවුන්ගේ හරකා බාන ද ගැමියන් ඉදිරියේදීම මරා අනුභව කිරීමටත්, සිංහල තරුණියන් සිය දෙමාපියන් ඉදිරියේ දූෂණය කිරීමට තරම් නිහීන වුණා. මේ අපරාධයට විරුද්ධව ඌව ප්‍රදේශවාසීන් 1817 නිදහස් සටන දියත් කරන ලද අතර මෙම කැරැල්ලේ දී ඌව දිසාපතිවරයාව සිටි විල්සන් හා ඔහුට සහාය දුන් ප්‍රධානියෙකු වන හජ්ජි මුහන්දිරම් කැරලිකරුවන් විසින් මරා දැමුණා.මෙම කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ඌවේ එවකට ජනප්‍රියව සිටි කැප්පෙටිපොළ නිලමේතුමා ඌවට යැවීමට ඉංග්‍රීසි රජය විසින් තීරණය කරන ලද අතර හමුදාවත් රැගෙන අප වීරයාණන් බදුල්ල බලා පිටත් වුණා. කැරැල්ල මෙහෙය වූ දේශප්‍රේමියෙකු වන බුටෑවේ රටේරාළ විසින් තම සටනේ නායකත්වය භාර ගන්නා ලෙස කැප්පෙටිපොල නිලමේතුමන්ට ආරාධනා කළා.එම ආරාධනය භාරගත් කැප්පෙටිපොළ නිලමේතුමන් ඉංග්‍රීසි හමුදාව ආපසු හරවා යැවීමටත් නියම යුද වීරවරයෙකු මෙන් ඉංග්‍රීසි හමුදාව සතු සියලු අවිආයුධ ආපසු හරවා යැව්වේ සතුරාගේ ආයුධවලින් සතුරාට පහර දීම නියම සිංහලයෙකුගේ කාර්යයක් නොවන බව දක්වමිනි.නැවතත් ඌව වෙල්ලස්ස සිංහලයා සතු වූ අතර දිනෙන් දින කැරැල්ල උග්‍ර අතට හැරෙමින් රටේ විශාල ප්‍රමාණයක් කැප්පෙටිපොල නිලමේතුමාගේ මෙහෙයවීම යටතේ සිංහල හමුදාව විසින් අත්පත් කර ගැනීමට සමත් වුව ද 1818 ඔක්තොබර් 28 නිදහස් සටනට නායකත්වය දුන් කැප්පෙටිපොළ නිලමේතුමා හා ඔහුගේ සගයින් ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගැනීමට යෙදුණා.ඒ අනුව 1818 නොවැම්බර් 01 වැනි දින අධිකරණය විසින් නීති ප්‍රකාරව එංගන්තයේ මහ රජු විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි රජය පෙරලා දැමීමට ක්‍රමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත කැප්පෙටිපොළ හා මඩුගල්ලේ යන නිලමේවරුන් හිස ගසා මරා දැමීමට නියම කළා.ඒ අනුව අප වීරවරයන් විශේෂ සිර මැදිරියක රැඳවූ අතර එතුමාගේ පැරණි මිත්‍රයෙක් වන ඉංග්‍රීසි ජාතික මාෂල් නැමති රාජ්‍ය නිලධාරියා කියා සිටියේ කැරැල්ල සාර්ථක වුණා නම් නිතැතින්ම කැප්පෙටිපොල නිලමේතුමන් සිංහල ඉතිහාසය වෙනස් කරන බවයි. 1818 නොවැම්බර් 26 වන දින තුන් හෙළයටම අඳුරු දිනයක් විය. අප වීරයාණන් තමන්ට අත් වන ඉරණම හොඳින්ම දැන සිටිය ද දෛනික වතාවත් ඒ අයුරින් සිදු කර වදකස්ථානයට යාමට කිසිදු වෙනසකින් තොරව සූදානම් වුණා.එතුමන්ගේ මුහුණේ කිසි ලෙසකින්වත් මරණ බියක් දිස් වූයේ නැත. තමා සතු එකම වත්කම වූ හැඳ සිටි තුප්පොට්ටිය මැනවින් නවා දළඳා සමිදුන්ට මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව පූජා කළ එතුමා ජීවිතයේ දුක්ඛිත අවස්ථාවන්හිදී කියවීමට පුරුදුව සිටි ධම්ම පදය ග්‍රන්ථය තමාගේ හිතවතෙකු වූ සෝයර්ස් නම් ඉංග්‍රිසී ජාතිකයාට ලබා දීමට කටයුතු කලා. මේ මොහොතේ මහත් මරණ භයෙන් කම්පිතව සිටි මඩුගල්ලේ දිසාවට මෙපමණ දිනක් වීරයන්ව සිටි අප මේ අවසන් මොහොතේ හඬා වැටීම ලැජ්ජාවට කරුණක් බවට තරයේ කියා සිටියා.අනතුරුව තමාම මිහිතලය වෙත දන ගසා දන්ගෙඩියට ගෙල තබා එක කඩු පහරින් ගෙල සිදින ලෙස ගහලයාට පවසා සිටියා. ඉමහත් භක්තියෙන් යුක්තව බුද්ධ නමස්කාර ගාථාව සජ්ඣායනය කළ අප රණවීරයා අරහං සම්මා සම්බුද්ධෝ යන වචනය කියා අවසන් වනවාත් සමග වධකයා එතුමන්ගේ බෙල්ලට එල්ල කළ පහර නිසි ලෙස නොවැදීම නිසා බෙල්ල කැපී වෙන් නොවූ හෙයින් තමාගේ බෙල්ලට එල්ල කළ යුතු පහර ගැසිය යුතු ස්ථානය ගහලයාට පෙන්වා දීමට තරම් එතුමන් නිර්භීත වුණා.ගහලයාගේ දෙවන කඩුපහරින් මේ ශ්‍රේෂ්ඨ රණවිරුවාගේ ගෙලවෙන් වූ පසු අප මාතෘ භූමියේ ගැලවුම්කාරයෙකු විය යුතුව තිබූ වීරෝදාර සිංහලයෙකුගේ නිමාව සනිටුහන් වුණා. මෙම සියලු සිදුවීම් දෙස බලා සිටි ඉංග්‍රීසි පාලකයින් මේ උදාර පුද්ගලයාගේ හිස වැලලීම නුසුදුසු යැයි තීරණය කර තම රටට ගෙන ගොස් සංරක්ෂණය කිරීමට පියවර ගත්තා. 1818 නොවැම්බර් 26 වන දින වසර 1500කට අධික කාලයක් අප මාතෘභූමියේ පැවති ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය මුළුමනින්ම අවසන්ව කැප්පෙටිපොල රණවිරුවාගේ මරණයත් සමග සමස්ත ශ්‍රී ලංකාවම ඉංග්‍රීසීන්ගේ පාලනයට නතු වුණා.තම ජීවිතයේ අවසන් මොහොත කෙතරම් කෲරතර එකක් වූව ද උපන් රටට හා ජාතියට තමාවිසින් සිදු කළ යුතු ‍මෙහෙය සිය වගකීමක් හා යුතුකමක් ලෙස ග්‍රහණය කර ගනිමින් සිංහල ජාතිය හා බුදු සමය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ වීර කැප්පෙටිපොළ නිළමේතුමන් ශ්‍රී ලාංකීය සියලු හදවත් තුළ සදා රැඳවිය යුතු ශ්‍රේෂ්ඨ චරිතයක් ලෙස හඳුන්වා දීමට කැමතියි. එතුමන් පිළිබඳව වන්දනීය මතකයන් සියලු ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදා තැන්පත් කර ගත යුතු බව මම තරයේ විශ්වාස කරනවා.මේ උතුම් යුග පුරුෂයා අද අප විසින් ස්මරණය කළ යුත්තේ එතුමන් විසින් අප සිංහල ජාතිය ලොව කිනම් ජාතියකට වුව ද නොදෙවෙනිය යන්න ක්‍රියාවෙන් ඔප්පු කර ඇති නිසාය. මෙම ශ්‍රේෂ්ඨ රණවිරුවා දැයෙන් සමුගෙන වසර 195ක් ගතවෙන මේ මොහොතේ අද ශ්‍රී ලංකාව මුහුණපා ඇති තත්ත්වය ද අපේවිශේෂ අවධානයට යොමුවිය යුතු යැයි මම විශ්වාස කරනවා. එදා 1815 උඩරට ගිවිසුම මඟින් වංචනික ලෙස අප මාතෘභූමිය ඩැහැගත්තාක් මෙන් අද ද අධිරාජ්‍යවාදී බූවල්ලන් විසින් තිස් වසරක් මෙරට වෙලා ගත් රුදුරු ත්‍රස්තවාදය පරාජය කර ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් නිදහස විනාශ කරන්නට කැස කවන පිරිසකගේ උත්සාහයක් අදත් ඉස්මතු වන බවක් පෙනී යන බව සඳහන් කරන්නට කැමතියි.එදා රොබට් බ්‍රවුන්රිග් උඩරට ගිවිසුම මඟින් කළ දෙය ඒ අයගේම පරපුරේ අනුප්‍රාප්තිකයින් විසින් මානව හිමිකම් හා යුධ අපරාධ වැනි ප්‍රලාපයන් ඉදිරියට දමමින් අද කරන්නට යන්නේ ද එකම දෙයකැයි මට සිතෙනවා. එපමණක් නොව එදා එක්නැලිගොඩලා මොල්ලිගොඩලා හජ්ජි මුහන්දිරම්ලා කළ දෙය අදත් මානව හිමිකම් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මිලි බෑන්ඩ්ලා මැක්රේලා හා එක සයනයෙහි නිදන අප රට වෙසෙන ඇතැම් දේශද්‍රෝහීන් කරන්නේ එකම කාර්යභාරයක් නොවේ දැයි මම ප්‍රශ්න කරනවා.වීර කැප්පෙටිපොල පරපුරේ වත්මන් පුරුක් ලෙස අප සතු වගකීම නැවත මතක් කර ගැනීමට මෙම අභීත රණවිරුවා ස්මරණය කරන මොහොතේ රටට ආදරය කරන අප සැමගේ යුතුකමක් ලෙස ද මම දක්වන්නට කැමතියි. නැවතත් අප මාතෘ භූමිය එදා බ්‍රවුන්රිග්ලා කළ විනාශය වෙනත් ආකාරයකින් සිද්ධ කරන්නට කැස කවන දේශීය හා විදේශීය බලවේගයන්ට ඉඩ නොතබමින් දේශීය චින්තනයක් සහ අප මාතෘ භූමිය පිළිබඳව ගැඹුරු හැඟීමක් ඇති වත්මන් නායකත්වය සමඟ ඉදිරියට යාම අප සැමගේ කාලීන අවශ්‍යතාවය බව අප සියලු දෙනා විසින් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බව මම ප්‍රකාශ කරන්නට කැමතියි.194 වැනි වීර කැප්පෙටිපොල ගුණානුස්මරණ උත්සවයේදී මවිසින් දක්වන්නට යෙදුණු එතුමාගේ හිස් කබල එම ස්ථානයෙන්ඉවත් කිරීමට යම් උත්සාහයක් වේ නම් එය ව්‍යර්ථ කිරීමටත් 1818 නොවැම්බර් 18 වන දින බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරන ලද අරගලයට සම්බන්ධ ප්‍රධානීන් රාජද්‍රෝහීන් ලෙස නම් ‍ෙකාට දේපල රාජ සන්තක කරන බවට නිකුත්කර ඇති රාජාඥාව අවලංගු කිරීමටත් කටයුතු කළ යුතු බවට වූ මගේ යෝජනා නැවතත් සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා වීර කැප්පෙටිපොල මොණරවිල වැනි ජාතිමාමක නායකයින් දහස් ගණනින් අප මාතෘභූමියෙහි ජනිත වේවායි ප්‍රාර්ථනය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ගරුතර මහා සංඝරත්නය දියවඩන නිලමේ ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112718
පිටි ගේන්න ගිය ලොරිය නවතා ලක්ෂ 15ක් කොල්ල කති
මිහිර විජේසේකර මාරවිල සමූහ
කුලියාපිටිය - මාදම්පේ මාර්ගයේ ගමන් ගත් ‍ෙලාරි රථයක් මාදම්පේ පොතුවිල ප්‍රදේශයේ නවත්වා රුපියල් ලක්ෂ පහළොවක් කොල්ලකා ඇති බව මාදම්පේ පොලිසිය කියයි.පාන් පිටි මිලදී ගෙන ඒම සඳහා කොළඹ බලා ගමන් ගත් ලොරි රථයේ සිටි ව්‍යාපාරිකයාගේ බෑගයේ තිබී මෙම මුදල් පැහැරගෙන ඇත. මුදල් පැහැර ගැනීමට තැත් කිරීමේදී ඊට විරුද්ධ වු ව්‍යාපාරිකයාට සහ ලොරි රථයේ රියැදුරුට තියුණු ආයුධවලින් කොල්ලකරුවන් පහර දී තිබේ.කොල්ලකරුවන් යතුරු පැදි 2කින් පැමිණ ඇති අතර, ඔවුන් කුලියාපිටිය දිසාවට පලාගොස් තිබේ. පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා සහ ලොරි රථයේ රියැදුරු හලාවත මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.සිද්ධිය පිළිබඳ මාදම්පේ පොලිසිය පරීක්ෂණ සිදු කරයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112719
නුවර පාසලක මල්ලීඅයියෙකුට පහර දී රෝහලේ
අසේල කුරුළුවංශ
මහනුවර පාසලක දෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුවකුගෙන් පහර කෑ පහවසර අධ්‍යාපනය ලබන සිසුවෙකු මහනුවර මහ රෝහලට පෙ‍රේදා (25) ඇතුළත් කැර තිබේ.පහරදීම සිදුකළ 2 වන වස‍රේ අධ්‍යාපනය ලබන සිසුවා පාසලේ ගුරුවරියකගේ පුතෙකු බව දැනගන්නට ඇත.රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවාගේ යටිබඩ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවී ඇත. මහනුවර පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශය මඟින් පරීක්ෂණ පවත්වයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112720
අපරික්ෂාකාරීව කාරයක් පදවාමරණයක් සිදුකළ අයකු රක්ෂිතයට
කොච්චිකඩේ විශේෂ ඩී. මිහිදුකුල
කඳාන පොලිස් වසමේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ අපරීක්ෂාකාරීව පදවන ලද කාර් රථයක් ඉදිරියෙන් ගිය තවත් කාර්රථයක පිටුපස හැපීමෙන් සිදුවූ මාරක රිය අනතුරක් හේතුවෙන් පෙරේදා (25) තරුණියන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා එක් තරුණියක් මියගොස් අනෙක් තරුණිය හා තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.මෙම සිද්ධියට චෝදනා ලැබූ කාර් රථ රියදුරෙකු කඳාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට 26 ඉදිරිපත් කළ පසු දෙසැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග ක‍ෙළ්ය.රක්ෂිත බන්ධනාගාර ගත වූයේ අංක 584/6 මාබෝල වත්තල පදිංචි බැස්ටියන් පිල්ලේ ක්‍රිස්ටි නැමති කාර් රථ රියදුරෙකි. රිය අනතුරෙන් මිය ගොස් ඇත්තේ අංක 299 කොළඹ පාර වැලිගම්පිටිය පදිංචි නාලිකා ශ්‍රීමාලි නමැති වයස අවු 17ක පාසල් ශිෂ්‍යාවකි.කපුවත්ත ජා ඇළ පදිංචි ඉරේෂා පෙරේරා (16) නමැති දැරිය බරපතළ තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර කඳාන අංක 23 වෙළඳසැලේ සේවකයකු වන රාජකුරේ ෂන්මුගන් යන අය රාගම රෝහලින් කොළඹ ජාතික ‍රෝහලට මාරු කර යවා ඇත. මෙම අනතුර නිසා ඔහුට දෙපා අහිමි වී ඇති බව කියයි.රක්ෂිත බන්ධනාගාරයට නියම වූ සැකකරු 2013.06.25 සවස 4.30ට පමණ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන පොලිස් වසම සීමාවේ කාර් රථයෙන් මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් සිට ඇත. ඉදිරියෙන් ගිය කාර් රථයක පිටුපසට මේ කාර් රථය ගොස් හැපී ඇත. පසුව කාර් රථය නොනැවතී ගොස් තරුණියන් දෙදෙනාද වෙළඳසැලක සේවකයෙකුද හප්පවා ගොස් නතර වී තිබේ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112721
කාන්තාවක් සෞඛ්‍ය නිලධාරියෙක් නිවාස අඩස්සියේ තැබීම කඩිනමින් විභාගයට
සිරන්ජනි කුමාරි
ඩෙංගු රාජකාරියේ නිරත වු මහජන සෞක්‍යය නිලධාරියෙකු කාන්තාවක විසින් සිය සැමියා එනතුරු නිවාස අඩස්සියේ සිරකර තැබිමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වු පැමිණිල්ලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මෙහොමඩ් සහබ්දින් මහතා විසින් කඩිනමින් විභාගය ගැනිමට (26) තිරණය කළේ ය.මහජන සෞක්‍යය නිලධාරින් අදාල නිවස පරික්ෂා කිරිම සදහා සිවිල් ඇදුමෙන් ගිය බවට අධිකරණයට කරුණු අනාවරණය විම නිසා සිද්ධිය කඩිනමින් විභාග කොට අදාළ පාර්ශවයන්ට සාධාරණ තිරණයක් ලබා දිය යුතු බව පවසමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ නඩු විභාගය සදහා දින නියම කළේ ය.කෝට්ටේ මහ නගර සභාවේ සේවයේ නියුතු මහජන සෞක්‍යය පරික්ෂක යු කේ සමන් කුමාර නැමැත්තා මෙසේ අයුතු ලෙස නිවෙසක විනාඩි 15 කට ආසන්න කාලයක් සිරකර තබා ඇත..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112722
සිසුවකුට අතවර කළැයි ගුරුවරයාගේ වැඩ තහනම්
කළුතර මධ්‍යම සමූහ
පාසල් සිසුවෙකුට ලිංගික අතවර කරන ලදැයි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර සිටි කළුතර විද්‍යාලය ජාතික පාසලේ ශිෂ්‍යත්ව පංති ගුරුවරයාගේ සේවය බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.කළුතර විද්‍යාලය ජාතික පාසලෙන් බුලත්සිංහල ජාතික පාසලට මාරු කර යැවීමෙන් පසුව ඔහුගේ සේවය මෙසේ අත්හිටුවා ඇත.කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්කා තුෂාරි සහ සැරයන් සිරිල් ආනන්ද යන මහත්ම මහත්මීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112723
අපේ අරමුණ රනිල් පන්නානියම නායකයකු පත්කර ගැනීමයි
සිරිසේන රාජපක්ෂ
අපේ අරමුණ දුර්වල විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පන්නා දමා කොන්ද පණ ඇති පක්ෂයේ උන්නතිය සඳහා ඇප කැප වන නායකයකු තෝරා පත් කර ගැනීම යයි ජාතික පවුර සංවිධානයේ සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා පැවසීය.පසුගියදා (25) කොළඹ මහජන පුස්තකාල රැස්වීම් ශාලාවේ පැවති ‘පැරදුණා ඇති - රනිල් යන්න’ තේමාව යටතේ පැවති ප්‍රසිද්ධ රැස්වීමේදී ලක්තිලක මහතා මෙසේ පැවසීය.ශිරාල් මෛත්‍රී එකතු වෙලා තිලාන්ගෙ මහරාජාගෙ කොන්ත්‍රාත්තුවක් හරි රජයේ කොන්ත්‍රාත්තුවක් හරි බාර අරගෙන ක්‍රියාකරනවා කියල සමහරු කියනවා කියල ආරංචියි කී ශිරාල් මහතා අපි කාගෙවත් කොන්ත්‍රාත්තු භාරගෙන නෑ.අපේ සටන කොන්ද පණ නැති විපක්ෂ නායකයා පන්නා දමා රට ගැන පක්ෂය ගැන ගැඹුරින් සිතා එඩිතරව ක්‍රියාකරන නායකත්වයක් බිහි කිරීම බව පැවසීය.දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා කතා කරමින් අතීතයේ මහජන ගෞරවයට පාත්‍ර වූ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් දුර්වල නායකත්වය නිසා කඩා වැටීමකට ලක්වූ අවස්ථාවේ එය යළි ගොඩනැඟීමේ සත් භාවයෙන් ‘ ජාතික පවුර’ සංවිධානය කළ බවත් එය කඩාකප්පල් කිරීමට නොහොබිනා ක්‍රියා සිදු කරන අතර ඒවාට ඉඩ නොතබා රට ජාතිය ආගම මෙන්ම පක්ෂය ගැනද උනන්දුවෙන් එඩිතරව ක්‍රියා කරන නායකයකු පත් කරන තුරුම අපේ මතය හා සටන ගෙනයන බවද පැවසීය.පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කතා කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්වූ රනිල් වික්‍රමසිංහ එළවා දැමීමට එ.ජා.ප. යට සම්බන්ධ භික්ෂු පෙරමුණ, නීතිඥ සංගමය, වෘත්තීය සමිති ඇතුළු වෙනත් සංවිධාන එකතු වී ක්‍රියා කළ බවත් ඒ සටන තවදුරටත් ගෙන යන බවත් කොන්ද පණ නැති රනිල්ට ඇති එකම හැකියාව විනය පරීක්ෂණ තියා පක්ෂයේ දක්ෂයින් පන්නා දැමීම බවත් දැනට පත් කර ඇති නායකත්ව මණ්ඩලය අමු ප්‍රෝඩාවක් බවත් නායකත්වය බේරා ගැනීම සඳහා රනිල් ඕනෑ ම නුසුදුසු ක්‍රියාවක්ද වුවද කිරීමට ඉදිරිපත් වන බවද පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ යු. එල්. එම්. පාරුක් මහතා කතා කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දුර්වලකම නිසා පක්ෂ සාමාජිකයින් සීසීකඩ වෙලා ඇති බවත් ජාති, ආගම්, කුල මල නොතකන ගෞරවණීය පක්ෂයක් හැටියට ජනතා ගෞරවය දිනා සිටි එක්සත් ජාතික පක්ෂය අද අවාසනාවන්ත තත්ත්වයට පත්ව ඇති බවත් පක්ෂය රකින්නට නම් නායකත්වය තුළ වෙනසක් ඇති කළ යුතු බවත් අපගේ අරමුණ ගම් මට්ටමට ගෙන යා යුතු බවත් පැවසීය.රණවිරු ජගත් ආරියදාස මහතා කතා කරමින් මෙසේ පැවසීය. එක්සත් ජාතික පක්ෂය අද ශෝචනීය තත්ත්වයට පත් වෙලා. ක්‍රියාකාරීත්වය සම්පුර්ණයෙන්ම අඩපණ වෙලා. එය මහින්දගෙ හැකියාව නිසා නොව රනිල්ගෙ දුර්වලතාවය නිසයි. එක්සත් ජාතික පාක්ෂිකයෝ කොටසක් සන්ධානයට ඡන්දය දීමත් කොටසක් ඡන්දය දීමෙන් වැළකී සිටීමත් බරපතළ ප්‍රශ්නයක්. එයට පිළියම් යෙදිය යුතුයි. අපේ බලාපොරොත්තුව එක්සත් ජාතික පක්ෂය දිනවීමයි. එයට ගම් මට්ටමින් වඩාත් සංවිධානය විය යුතුයි.ආනන්ද ලැනරෝල් මහතා කතා කරමින් මෙසේ පැවසීය. ජාතික පවුර ගොඩනගන්න අපි ලොකු සටනක් කළා. එය තුළින් එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යන්න අපි ලොකු කැපවීමක් කරනවා. රනිල් එළවනතුරු සටන දිගටම ගෙන යනවා. අලුත් නායකත්යක් ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා. අප එයට සහයෝගය දියයුතු කාලය එළඹ තිබෙනවා. ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝ සියයට හැත්තෑපහක් රනිල්ට විරුද්ධයි.මේ කොඩිවිනය කැපූ දාට පක්ෂය පිරිසිදු වෙයි. පක්ෂයේ තක්කඩින් එළවිය යුතුයි. නීතිඥ අතුල රණගල මහතා කතා කරමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් පක්ෂය තුළ සිටින දක්ෂ තරුණයින්ට ඉදිරියට එන්න දෙන්නේ නැති බවත් උද්දච්ච අහංකාර චරිතයක් ඔහුට තිබෙනවා. ජාතික පවුර සංවිධානය පක්ෂයට පමණක් නොව විශාල ලෙස ජාතික මෙහෙයක්ද ඉටු කරන බවත් පක්ෂයක නායකයකුට නායකකමට හැකියාවකුත් පක්ෂයට ලැදියාවකුත් තිබිය යුතු බවත් රනිල්ට ඒ දෙකම නැති බවත් පැවසීය.නායකත්වය මණ්ඩල ප්‍රෝඩාව හෙළිකරවා පැරදුනා ඇති රනිල් යන්න, එ.ජා.ප.ය දියකර හැරීමේ මහා කුමන්ත්‍රණය, එ.ජා.ප. පාක්ෂික බහුතර මතය පාවාදීලා යන මතය යටතේ තවත් කථිකයින් කීප දෙනෙක්ද කථා කළහ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112724
බස්නාහිර පළාත් සභාවේවැඩිම මුදල අධ්‍යාපනයට
නිරූෂි විමලවීර සහ වයිමන් හෙට්ටිආරච්චි
පළාතේ සේවා නියුක්තිකයා හා පවුලේ අයකුට රුපියල් දස ලක්ෂයකට උපරිමයකට යටත් වූ සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීමටත්, දැනට බඳවාගෙන ඇති රාජ්‍ය නිලධාරීන් 4122 ස්ථිර කිරීමත් ඇතුළු යෝජනා ගණනාවකින් සමන්විත 2014 බස්නාහිර පළාත් සභා අයවැය ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (26) දා පළාත් සභාවට ඉදිරිපත් කෙළේය.සේවා නියුක්තිකයන් 71000කට මේ යටතේ සෙත සැලසෙන බවද, ඒ සඳහා නියුක්තිකයා ගෙවිය යුතු රුපියල් 900ක් වූ රක්ෂණ වාරිකයෙන් රුපියල් 450ක් පළාත් සභාව ගෙවන බවද, ප්‍රධාන ඇමැතිවරයා සඳහන් කෙළේය.බස්නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ බත්තරමුල්ලේ පිහිටි පළාත් නව ගොඩනැගිල්ලේදී රැස්වූ අවස්ථාවේදී මහ ඇමැතිවරයා 2014 අයවැය ඉදිරිපත් කෙළේය.බස්නාහිර පළාත් පස්වන අයවැය ප්‍රධාන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතර බහුතර විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභාවේ රැඳී සිටීම කැපී පෙනුණි.2014 අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කොට ඇත්තේ අධ්‍යාපනයට බවත්, එය රුපියල් මිලියන 17936ක් වන බවත්, ප්‍රධාන ඇමැතිවරයා කීය.එය 2013 අයවැයේ වෙන්කළ මුදලට සාපේක්ෂව සියයට 7.46ක වැඩිවීමක් බවද, 2014 වසරේ පළාත් සභාවේ සමස්ත වියදමෙන් සියයට 41.04ක් වෙන්කර ඇතැයිද හෙතෙම පැවසීය.පළාතේ විශේෂ අධ්‍යාපනය ලබන, දිළිඳු පවුල්වල දරුවෙකුට මාසිකව රුපියල් 500ක දීනාවක් ලබාදීමට මා යෝජනා කරනවා යැයිද ඒ මහතා කීය.බස්නාහිර පළාතේ පළාත් ආයතන 24ක කොම්පෝස්ට් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18250 දක්වා ඉහළ නැංවීමටත් එමඟින් රුපියල් මිලියන 146ක ආදායමක් අපේක්ෂා කරනවා යැයිද හෙතෙම කීවේය.රෝහලකට රෝගියෙක් ඇතුළත් කොට පළමු පැය ඇතුළත මිය යාමේ ප්‍රතිශතය සියයට 15 දක්වා අඩු කිරීමටත්, බෝවන හා නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාව සියයට 70 දක්වා අඩු කර ගැනීමටත්, යෝජනා කරන බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 7823ක් වෙන් කොට ඇති බවත්, මහ ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.මහජන ආධාර මුදල් රුපියල් 1500 තවදුරටත් ඉහළ නැංවීමටත්, අනාථ අසරණ අත්හල හා අපයෝජනයට ලක්වූ දරුවන් 4800කට රැකවරණය සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 181ක් වෙන් කර තිබෙන බවත්, ඒ මහතා කීය.ග්‍රාමීය ජනතාවගේ ආදායම ඉහළ නැංවීම සඳහා දිවි නැගුම යටතේ කිකිළි පැටවුන් ලක්ෂයක් ඉදිරි වසරේ ලබාදීමටත් පාසල් දරුවන්ට අඩු මුදලින් පාසලට පැමිණිය හැකි අයුරින් “සිසු සැරිය ව්‍යාපෘතිය” යටතේ නව බස් රථ 150ක් අලුතින් යෙදවීමටත් යෝජනා කරන බවද, සිය ජීවිත කාලයම බස් රථයක කැපකිරීම් කරන බස්රථ රියදුරන්ට හා සහායක මහතුන්ට නව විශ්‍රාම ක්‍රමයක් හඳුන්වාදෙන බවද, සමුපකාර ගම්මාන 38ක් ස්ථාපිත කිරීමටත්, කෝප්සිටි ප්‍රාදේශික වෙ‍ෙළඳසල් 250ක් නවීකරණයටත්, අලෙවි මධ්‍යස්ථාන 10ක් හා ආර්ථික මධ්‍යස්ථාන 3ක් ඇරඹීමට සැලසුම්කොට තිබෙනවා යැයිද හෙතෙම පැවසීය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112725
විද්‍යාර්ථ - සුමංගල සිසුහුකිංග්ස්වුඩ් එකට පැන යකා නටති
අසේල කුරුළුවංශ
පාසල් වේලාවේ මහනුවර කිංග්ස්වුඩ් විදුහලට කඩාවැදී එම විදුහලේ සිසුන්ට පහරදුන්බව කියන මහනුවර විද්‍යාර්ථ හා සුමංගල විදුහල්වල සිසුන් 17දෙනකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් සේසිරි හේරත් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 50000/= බැගින් රුපියල් 850000/=ක ශරීර ඇපමත ඔවුන් මුදාහරිනු ලැබීය.මෙම සිසුන්ට යළි දෙසැම්බර් මස 05 දින අධිකරණයේ පෙනීසිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.මෙම සිසුන් පෙරේදා (25) පස්වරු 1. 45ට පමණ නිල ඇඳුමින් කිංග්ස්වුඩ් විදුහලට ඇතුළුවී එහි සිසුන්ට බටයකින් පහරදෙමින් සිටියදී විදුහලේ ගුරුවරුන් හා සිසු පිරිසක් එක්ව ඔවුන් අල්ලා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී පොලිසියට බාරදී ඇත.සිද්ධියෙන් සුමංගල විදුහලේ සිසුවෙකු බරපතළ තුවාල ලැබ මහනුවර මහ රෝහලට ඇතුළත් කැර තිබේ. එම සිසුවා උසස්පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන කෝකිල එදිරිසිංහ නැමැති අයකු බව පොලීසිය පවසයි.කිංග්ස්වුඩ්’ විදුහලේ සහ මෙම විදුහල් දෙකේ උසස්පෙළ සිසුන් අතර මෙයට සති කිහිපයක පටන් පැවති ගැටුමක් හේතුවෙන් මෙම සිද්ධිය වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. සැකකාර සිසුන් සතුව තිබී අඩි 1 ½ක් දිග ඇලුමිනියම් කූරක් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112726
රජයේ ඉඩමක් හොරෙන් විකුණුවැයි ආරච්චිකට්ටුව සභාපති ඇතුළු 2ක් රිමාන්ඩ්
ශිරෝමි අබයසිංහ
රජයට අයත් ඉඩමක් කූඨ ලේඛණ සකස් කර තමන්ට අයත් ඉඩමක් ලෙස රුපියල් මිලියන පනහකට විකීණීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු ආරච්චිකට්ටුවේ ප්‍රාදේශිය සභා සභාපති ජගත් සමන්ත පෙරේරා සහ තවත් දෙදෙනෙක් මෙම 29 දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (26) නියම කළාය.සුල්තාන් ඊබ්‍රාහිම් ෆයිනස් සහ සුසිල් ලක්ෂ්මන් ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයට පත් වූ අනෙක් සැකකරුවෝ වෙති.පුත්තලම කල්පිටියේ රජයට අයත් ඉඩමේ අයිතිකරුවන් ලෙස ඉදිරිපත් වී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනාය. ඒ සඳහා ව්‍යාජ ලේඛණ සකස් කර පැමිණිලිකරුට පෙන්වා ඇති බවද වාර්තා විය.එම සැකකරුවන් දෙදෙනාට අමතරව ප්‍රාදේශිය සභාපතිවරයා ඉඩම විකිණීම සඳහා මුලිකව කටයුතු කර මුදල් ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශණ අංක 3 ස්ථානාධිපතිවරයා‍ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සඳහන් කරයි.බෙල්ජියම් ජාතික ඇලන් මොරිස් ජුලියන් මහතා 2010 වර්ෂයේදී මෙරටට පැමිණ ලාංකික පිය පුතු දෙදෙනෙක් සමග පැරඩයිස් ඩ්‍රීම්ස් ඉන්වෙස්ට්මන්ට්ස් නමින් සමාගමක් පිහිටුවා ගෙන පුත්තලම කල්පිටියේ හෝටලයක් ඉඳි කිරීම සඳහා ඉඩමක් මිළදී ගැනීමට අදහස් කර ඇති බවත් තමන්ගේ ඉඩමක් ලෙස හඟවා රජයේ ඉඩමක් බෙල්ජියම් ජාතිකයාට විකිණීමට මෙම සැකකරුවන් තිදෙනාට අමතරව කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමට තවත් අය සම්බන්ධ බවත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.ෆයිනස් නමැති අයට රුපියල් 1.023,750ක්ද ප්‍රනාන්දු යන අයට රුපියල් 6,620,250 ක්ද ප්‍රාදේශිය සභාපතිවරයාට රුපියල් 7,155, 250ක්ද පැරඩයිස් ඩ්‍රීම්ස් ආයතනය විසින් ගෙවා ඇති බවද වාර්තා විය. වංචාවෙන් ලබා ගත් මිලියන පනහක මුදල සැකකරුවන් අතර බෙදා ගෙන ඇති ආකාරය පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවද අධිකරණයට වාර්තා විය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112727
ජ/පුර සරසවි සිසුවාට වසර 3කබරපතළ වැඩ සහිත සිරදඩුවමක්
කුමුදු හෙට්ටිආරච්චි
විශ්ව විද්‍යාල සිසුවෙකුව සිටිමින් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් විසින් එවන ලඳ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බවට වරඳ පිළිගත් විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් ඊයේ(26) නියම කරන ලදී.කුමාර් මෝහන් කුමාර් නමැති එල්.ටී.ටී.ඊ සාමිජිකයෙකුට එසේ දඩුවම් නියම වුණි.කොළඹ පිපිරීමක් සිදු කිරීම සඳහා කොටි සමාජිකයන් විසින් එවන ලඳ මේ පුපුරණ ද්‍රව්‍ය විත්තිකරු විසින් මෙසේ සන්තකයේ තබා ගෙන සිට ඇති බව කියයි.2009 ඔක්තොබර් 24 වැනිදා පාමංකඩදී අධි බලැති ආර්.ඩී.එක්ස් පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව හදිසි අවස්ථා රෙගුලාසි යටතේ අධි චෝදනා ගොනු කර තිබුණි.විත්තිකරු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍යයෙක්ව සිටියදී මේ අවාසනාවන්ත සිද්ධියට පටලැවී ඇති බවත් එම සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරු පශ්චත්තාපයට පත්වන බවත් පැවසූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලෂ්මන් පෙරේරා මහතා විත්තිකරුට ලිහිල් දඩුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.විත්තිකරු චෝදනාවන්ට වරඳ පිළිගැනීම මත විනිසුරුවරයා විසින් තුන් වසරක බරපතළ වැඩ සහිත සිරඳඩුවමක් එසේ නියම කරන ලදී.රජයේ අධි නීතීඥ හංස අබේරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=n13112728
සුපිරි පාසලකට දරුවකු දමන්නමුදල් ලබාගත්තැයි කතකට ඇප
සිරිසේන රාජපක්ෂ
මරදානේ ප්‍රසිද්ධ පිරිමි පාසලක පළමුවන ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් අනූදහසක මුදලක් ලබාගත් බවට සැක කාන්තාවක විසින් නීතිඥ ආර්.රජිත ලක්මාල් මහතාගේ මාර්ගයෙන් ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එන්. බෝගහදෙනිය මහත්මිය ඊයේ (26) අනුමත කළාය.ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් හා ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්ද සැකකාරියට නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇයගේ විදේශ ගමන්ද තහනම් කළාය.ඇප පනතේ ප්‍රකාරව නීතිඥ ආර්.රජිත ලක්මාල් මහතා මඟින් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් මරදානේ පන්සල පාරේ පදිංචිකාරියක විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පතේ වගඋත්තරකරු ලෙස කොළඹ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබිණි.තමා විවාහක කාන්තාවක් වන අතර ස්වාමි පුරුෂයා යුද හමුදාවේ සේවය කරන බවත් තමාගේ දරුවා කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන බවත් යම් හෙයකින් අත්අඩංගුවට පත් වුවහොත් තමාටත් ඔවුන්ටත්බලවත් අසාධාරණයක් සිදුවන බැවින් අපේක්ෂිත ඇපය අනුමත කරන මෙන් ඉල්ලුම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.ඉල්ලුම්කාරිය සිය දිවුරුම් ප්‍රකාශය මඟින් කර තිබූ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරියසැකකාරියට ඉහත කී ලෙස ඇප නියම කළාය. කොළඹ වංචා විමර්ශන අංශයේ පො.කො. විමලසිරි 74943 මහතා පැමිණිල්ල මෙහෙයවීය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=r1311271
පාසල් සිසුවෙක් මහවැලි ගඟට බිලි
ගම්පොල සමූහ
තමා වෙනුවෙන් දෙවියන් ඉදිරියේ යාඥා කරන ලෙස ගුරුවරුන්ට පවසමින් පාසල නිමා වී නිවෙසට පැමිණ මිතුරන් සමඟ මහවැලි ග‍ඟේ දිය නෑමට ගිය මෙවර අ. පො. ස සා/පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවකු මහවැලි ග‍ඟේ ගිලී මිය ගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ ගෙලිඔය කළුගමුව පදිංචි එම්. එස්. මනාස් නැමැති දසය හැවිරිදි සිසුවෙකි. ඔහු කළුගමුව මුස්ලිම් මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.පෙරේදා (25) දින සවස පාසල නිමා වී නි‍ෙවසට පැමිණ ඇති ඔහු ඥාතීන් වන මිතුරන් දෙදෙනකු සමඟ කළුගමුව මහවැලි ගඟට දිය නෑමට ගොස් තිබුණි.දිය නා ගොඩට විත් නිවෙසට යාමට සුදානම්ව තවත් වරක් නාමු යයි යෝජනා කොට දුවගෙන ගොස් කරනමක් ගසා දියට පැන ඇතත් ඔහු නැවත ගොඩට පැමිණ නැත.පසුව අනෙක් මිතුරන් දෙදෙනා මොහු සොයා දිය යටට ගොස් ගොඩ ගෙන ඥාතීන් සමඟ පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් තිබුණි.මියගිය සිසුවාගේ මියගිය ඥාතියෙකුගේ දානය තිබු නිවසක අයට මොහු මීට දින දෙකකට පෙර පවසා ඇත්තේ ඊළඟ දානය තමන්ගේ නිවසේ තිබෙන බවයි. මියගිය දිනද පාසලින් නිවසට එද්දී ගුරුවරුන්ට තමන් වෙනුවෙන් යාඥා කරන ලෙස ඉල්ලා ඇත..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=r1311272
අපිට ගේම් දෙන්නේ කෝප්‍රල් සුනිල් ඌව ඉවරයක් කරපන්
null
නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී නිර්භීතව තම වගකීම සහ රාජකාරිය ඉටුකළ පොලිස් කොස්තාපල්වරයකුගේ සහ බිරියගේ ඝාතනය සම්බන්ධයෙන් මුළු රටම කම්පා විය. අදත් එම කම්පිත සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව කතා කරන්නේ මහත් සංවේගයකින්. පසුගිය 16 වැනිදා රාත්‍රියේ කඹුරුපිටිය මාස්මුල්ල නිවෙස තුළදී ස‍ාහසිකයින් විසින් ඝාතනය කර තිබුණේ මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශ‍යේ පො. කො. 4930 ඩබ්ලිව්. ඒ. සුනිල් (33) සහ බිරිය යූ. ඒ. අප්සරා සඳමාලි (30) නමැති යුවළයි.වසර 3 කට පෙර බැඳි වෛරයක් කේලම්වලින් තව තවත් වර්ධනය වීමෙන් කොස්තාපල් සුනිල්ගේ මරණය සිදුවීමත්, බිරිය සමන්මලී ග්‍රාම සේවක තනතුරට පත්වීමෙන් කොස්තාපල් සුනිල්ගේ පවුල බලවත් වේය යන ඊර්ෂ්‍යාවත් මුල්කරගෙන මේ ඝාතනය සිදු වී ඇති බව හෙළිවිය.විශේෂ කාර්ය බළකායේ සිට පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත වීමෙන් පසු මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයට සම්බන්ධ වූ පො. කො. සුනිල් තම ගම්මානයේ සිදුවන අපරාධ වැළැක්වීම සඳහා නිර්භීතව කටයුතු කළ අතර එය ගමේ ජනතාවට මහත් අස්වැසිල්ලක් වුවත් එය දැනට මේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එම ගමේ පදිංචිව සිටි චින්තක නම් අයෙකුට නොරුස්සන්නක්ම විය.මේ වන විට චින්තකගේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබෙන්නේ කෙසේද? යනුවෙන් චින්තක සිතමින් සිටියේ ඉමහත් විමසිල්ලෙන්.මෙසේ කාලය ගතවෙමින් සිටින අවස්ථාවේ 2011 වර්ෂයේදී මාතර අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මාතර ප්‍රදේශයේ සිටි පාතාල සාමාජිකයකු ළඟ තිබී ගිනි අවියක් හසුවීමෙන් පසු එම සැකකරුට ගිනි අවිය ලබාගැනීමට සහාය වූයේ චින්තක බවට හෙළිවීමත් සමඟ පොලිස් කණ්ඩායම් මාස්මුල්ල ප්‍රදේශයට ගොස් චින්තක සොයා යන අතරවාරයේ මාස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් සුනිල් හමුවීම නිසා ජීප් රථය නතර කරගෙන ඔහු සමඟ මේ ගිනි අවි සිද්ධිය සම්බන්ධයෙන් කතා කිරීමට පොලිස් නිලධාරීන්ට සිදුවිය.මේ අවස්ථාව වන විට මාතර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාංචු දමා ජීප් රථයේ ආසනයක් යට දමා සිටින බව නොදුටු “සුනිල්” මේ සියලුම අපරාධ නීති විරෝධී කටයුතු කරන්නේ චින්තක බවට පවසා ඇත්තේ පොලිස් නිලධාරීන් ඔහුගේ ඇඟ කොනිත්තමින් දෙන ලද සංඥාව ගැන ද සැලකිල්ලක් නොදක්වමිනි.ජීප් රථයේ සීට් එක යට ගුලි ගැසී සිටියත් උසස් නිලධාරීන් සමඟ චින්තක ට එරෙහිව කතා කරන සුනිල් කවුදැයි හඳුනාගෙන ඇති ගිනිඅවි සැකකරු කතා කරන සියලු දේවල් ඔහුට නෑසුන ලෙස අසාගෙන සිට ඇත.තම මිතුරා වන චින්තකට එරෙහිව ගමේ පොලිස්කාරයා ඔත්තු සපයන බවට පැවැසීමට නොඉවසිල්ලෙන් සිටි ජීප් රථයේ සිටි සැකකරු බන්ධනාගාර ගතවීමත් සමඟ චින්තක අයියේ, නුඹට එරෙහිව ඔත්තු සපයන්නේ ගමේ සිටින “පොලිස්කාරයා” සුනිල් බවට දන්වා ඇත. 2011 වර්ෂයේ මුල සිදුවූ මේ සිද්ධිය සමඟ චින්තකගේ කැකෑරී ආ වෛරයට කොස්තාපල් “සුනිල්” ඉලක්ක විය.වසර 03 කට පෙර ලියලුණ වෛරය තව තවත් අලුත් කිරීමට ගමේ කිහිප දෙ‍නකුම ක්‍රියාකොට සුනිල් සම්බන්ධයෙන් බොරු ‍ෙක්ලම් යනාදිය කැටයම් චින්තකට දැන්වීමට පියවර ගෙන තිබුණේ ඔහුට ඇති බිය නිසා ඔහුට හිතෛෂී භාවය පළකරන පුද්ගලයින් බවට ප්‍රදර්ශනය වීමටයි.මේ වෛරය මෙසේ පවතින අතරවාරයේදී ඉබ්බන් ළිඳට දමා “චින්තක” පොලිසියට කොටුකරන බවත්, කටුගෙයි පුරාවස්තු සොරකමට ද කැටයම් චින්තක සම්බන්ධ බවට පොලිස් කොස්තාපල් සුනිල් පවසන බවට ගමේ කිහිපදෙනකු චින්තකට කේලම් කියමින් ඔහුගේ වෛරය අලුත් කිරීමට පියවරගෙන තිබුණ බවත්, ගමේ තොරතුරුවලින් හෙළි වී ඇත.පසුගිය අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු දින රාත්‍රියේ කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයේ බූරුවා පිටියකට රුපියල් පනස්දහසක පමණ හොර සල්ලි සංසරණය වීම සහ එම හොර සල්ලි ගම පුරා ඉරා දමා තිබීමත් සම්බන්ධව ද චින්තක සම්බන්ධ බවට පොලිසියට තොරතුරු සැපයූ බවට සිතමින් පොලිස් කොස්තාපල් සුනිල්ට එරෙහිව චින්තකගේ වෛරය දෙගුණ තෙගුණ විය.මේ ඝාතනය සිදුවූ පසුගිය 16 වැනි දින කොස්තාපල් සුනිල්ගේ බිරිය අප්සරා සමන්මලී ග්‍රාම සේවක තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගිය බව ගමේ ලැව් ගින්නක් මෙන් පැතිරීමට වැඩි කාලයක් ගත නොවීය.මෙය ඉවසීමට නොහැකි ඊර්ෂ්‍යාකාර කාන්තාවක් කඩේ ළඟ සිටි පිරිසට සහ චින්තකට “ඔන්න සුනිල්ගේ ගෑණිත් ග්‍රාම සේවක කමට යනවා ඔය පාර සුනිල් තවත් උඩ යාවී” කිය කියා ඇත්තේ ඇවිලෙන වෛරයේ පිදුරුවලට පැට්‍රල් දැම්මාක් මෙනි. මේ අවස්ථාවේ කඩය ළඟ සිටි චින්තක සුනිල් කෙරෙහි ඇති වෛරය ප්‍රකාශ කරමින් යම් යම් දේවල් පැවැසීම ගැන ආරංචිය ඇසූ සුනිල් කඩය ළඟ‍ට පැමිණ චින්තකට ආරංචි වෙන පරිදි බැණ වැදී ඇති බවට තොරතුරුවලින් හෙළිවේ.පොලිස් නිලධාරියකු හෝ ග්‍රාම සේවක නිලධාරියකු ගමේ සාම නිලධාරියකු වන අතර නීතිය හා බැඳුණු මෙවන් නිලධාරීන් සිටීම ගමේ ආරක්ෂාවට ප්‍රබල සාධකයක් වෙන බව නොසිතූ ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් පිරුණු කිහිපදෙනකු මේ තොරතුරු චින්තකට පැවැසුවේ ඔහුට ආදරයකට නොව ඔහුගෙන් ද පළිගැන්වීමට විය හැකි බව ගමේම පිරිසගෙන් දැනගන්නට හැකිය.සුනිල්ගේ බැණ වැදීම සුනි‍ල්ගේ සහ බිරියගේ ජීවිතය උදුරා ගැනීමට හොඳම අවස්ථාව ලෙස සැලකූ චින්තක 2011 වර්ෂයේ ඇතිකරගත් වෛරයේ පොත වසා දැමීම සඳහා පසුගිය 16 වැනි දින රාත්‍රියේ හොඳම වේලාව වශයෙන් තෝරාගෙන ඇත.එදින රාත්‍රියේ පුද්ගලයින් තිදෙනකු නිවෙසට කැඳවාගෙන ඇති චින්තක ඔවුන් සමඟ මත්පැන් සාදයක් පවත්වා ගිනි අවියක් ද ඉනේ ගසාගෙන කොස් ලී පටිත් රැගෙන රාත්‍රී 9.30 ට පමණ අවශ්‍ය ගොදුර ඩැහැගැනීමට නිශාචරයන් මෙන් ත්‍රිවීලර් රථයෙන් ගමන් කර ඇත්තේ තම නිවෙසේ සිට මීටර් 500 ක් පමණ දුරින් තිබෙන කොස්තාපල් සුනිල්ගේ නිවසටයි.සාදාගෙන යන නිවෙසේ එක් කාමරයක දොරක් ගසාගෙන ජීවිතය ගෙවූ සුනිල් යුවළ දරු පැටවුන් දෙදෙනා තුරුළු කරගෙන සුවබර නින්දකට යොමුවීම සඳහා ඇඳ මත දිගාවුණා පමණි. රාත්‍රී 10.05 ට පමණ එක විටම දොරට පයින් ගසා දොරගුළු කඩාගෙන පිරිස කාමරයට කඩාවදින බව දුටු සුනිල් වහාම නැගිට කාමරයේ තිබූ පියානෝ කබඩ් එකක් ඇද උළුවස්ස හරස් කිරීමට උත්සාහ ගත්තත් ඒ වන විටත් සැකකරුවන් හතරදෙනකු කාමරය තුළට කඩාවැදී ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇති අතර සුනිල් එම ප්‍රහාර වළක්වමින් තිදෙනෙක් සමඟ හොඳ හැටි ගහගෙන තිබෙන්නේ කොමාන්ඩෝ බළකායේදී ලැබූ පුහුණුව ශක්තියක් කොටගෙනයි.මේ අවස්ථාවේ සිද්ධියෙන් බියට පත් සය හැවිරිදි පුතා ඇ‍ඳේ මෙට්ටය යටට වී සැඟවීගෙන සිටි අතර බිරිය සමන්මලී සැකකරුවන්ට දෙඅත් එක්කර වඳිමින් “අනේ අයියා සුනිල් මරන්න එපා” යනුවෙන් පවසනවාත් සමඟ පිටුපසින් සිටි (දැනට පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ) දෙවැනි සැකකරු විසින් සමන්මලීගේ හිසට පොලු පහර එල්ල කිරීම නිසා සමන්මලී පුතා සමඟ කපා හෙලූ ගසක් මෙන් බිම ඇදවැටිණි. මේ අවස්ථාවේ චින්තකගේ අත රැඳුණු ගිනිඅවියෙන් සුනිල්ගේ හිසට වෙඩි ප්‍රහාර එල්ල කර සැකකරුවන් 04 දෙනා ත්‍රීවීලර් රථයේ නැඟී පලා ගොස් ඇත.විනාඩි 05 කට පමණ කාලයකදී ඝාතන ඉලක්කය සපුරා ගත් සැකකරුවන් පලා යාමෙන් පසු බිත්තිය අයිනේ මෙට්ටය යට සැඟවී සිටි සය හැවිරිදි පුතා එළියට පැන “අම්මා බේරගන්න” යනුවෙන් කෑගැසීම නිසා රැස්වූ අසල්වාසීන් තුවාලකරුවන් රෝහලට ගෙනගියත් ඒ වන විටත් සුනිල් සහ සමන්මලී යුවළ දෙහැවිරිදි සහ සය හැවිරිදි පුතුන් දෙදෙනා තනිකොට සියලු දෙනාට පොදුවූ මරණයට පත් වී තිබුණි.මේ අපරාධයට සම්බන්ධ වූ එනම් සමන්මලී ඝාතනය කළ දෙවැනි සැකකරු වන හමුදාවෙන් පලාවිත් අපරාධවලට සම්බන්ධ වූ හක්මණ මීඇල්ල ප්‍රදේශයේ පදිංචි අමිත් ප්‍රියදර්ශන නමැති පුද්ගලයා කඹුරුගමුව ඕවිටගම කැලයේදී පොලිසිය සමඟ 22 දින අලුයම සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියගොස් තිබේ.සිද්ධියට සම්බන්ධ චින්තක ඇතුළු අනිත් දෙදෙනා නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය අඛණ්ඩ මෙහෙයුම් දියත් කර ඇත. මේ සාහසික පිරිස නීතිය රකින නිලධාරියා සහ බිරිය ඝාතනය කර ලබාගත් දෙයක් නැත. ඔවුන් මේ වන විට සිතින්, මනසින් සිරකරුවන් වී ඇත. ඔවුන් ලබාගෙන ඇත්තේ සැකය, බිය, සංතාපය පමණයි.“අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යන පොදු ධර්මතාවය අනුව සිද්ධියේ දෙවැනි සැකකරු මේ වන විට මියගොස් ඇත. අපරාධයක් කර කිසිවකුට ගැළවීමට නොහැක. රටේ පොදු ජනතාවගේ ජීවිත, දේපළ ආරක්ෂා කරමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින 84000 ක් පමණ වන පොලිස් නිලධාරි බළකායෙන් පො. කො. සුනිල් නමැති අපරාධ වැළැක්වීමට කැප වී ක්‍රියා කළ එඩිතර පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමෙන් මේ රටේ අපරාධකරුවන්ට අපරාධ කරගෙන යාමට තිබූ බාධාවක් ඉවත් වූයේ නම් එය හිතලුවක් පමණි. එනමුත් අපරාධකරුවන් පසුපස නීතිය දිගු හස්තය එල්ල වී තිබෙන බව සියලු දෙනා සිතිය යුතුය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=r1311273
පියා ගංජා අලෙවි කරලා ලෙඩ පුතුට බෙහෙත් කරලා
ගලේවෙල මධ්‍යම සමූහ - ජී.ජී. ගුණතිලක
ගංජා අලෙවි කර ලබා ගන්නා මුදල් තම වයස අවුරුදු එකහමාරක් වූ “ලියුකේමියා” රෝගය වැළඳී ඇති පුතාගේ ප්‍රතිකාර සඳහා වැය කරන පියකු ගැන ගලේවෙල පොලිසියෙන් වාර්තා වේ.සිද්ධිය සැකෙවින් මෙසේය.ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාට ලැබුණ තොරතුරක් මත ඊයේ (25) දින රාත්‍රී 8.00ට පමණ මකුල්ගස්වැව මංසන්ධියේ දී දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චින්තක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මාර්ග බාධක යොදා වාහන පරීක්ෂාවේ නිරත වූහ.එහිදී අධික වේගයෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් රැගත් යතුරු පැදියක් නවත්වා පරීක්ෂාකිරීමේ දී ඔවුන් සතුව තිබූ ගමන් බෑගයක ගංජා ග්‍රෑම් 600ක් පමණ සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී මැල්සිරිපුර ප්‍රදේශයෙන් ගංජා මිලට ගෙන මකුල්ගස්වැව හා ඒ අවට ප්‍රදේශවල දීර්ඝ කාලයක් තිස්සේ ගංජා ජාවාරම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.එහිදී පැල්බැඳියාව පදිංචි වයස අවුරුදු 31ක් වූ පුද්ගලයා පවසා ඇත්තේ ලියුකේමියා වැළඳී ඇති තම පුතුට ප්‍රතිකාර කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මේ ජවාරම කරන බවයි. වයස අවුරුදු 18ක් වූ අනික් සැකකරු මැල්සිරිපුර නගරයේ පිහිටි මල් ශාලාවක සේවය කරන බව පවසා ඇති අතර දෙදෙනාම ඥාතීන් බව හෙළි වී ඇත.තමන්ගේ පුතාට ලේ ලබා දීමට ගංජා විකුණමින් සමාජයේ ලේ උරා බී මිනිසුන් මල් ශාලාවට යැවීමේ අලුත්ම ජාවාරමක් ලෙසට ‍ පොලිස් නිලධාරීහු මේ නීති විරෝධී ක්‍රියාව හඳුන්වති..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=r1311274
කළුතර පුරහල නවිකරණයට
සැම්සන් ප්‍රේමසිරි කළුතර සමුහ
කළුතර දිස්ත්‍රික්කයේ පැරැණිම පුරහල ලෙස සැලකෙන කළුතර පුරහල නවිකරණය කිරිමට කටයුතු යොදා තිබේ.එහි නවීකරණ කටයුතු දැන් ආරම්භකර තිබේ.මේ සදහා රුපියල් ලක්ෂ 98ක මුදලක් වැය‍කෙරන බව නගර සභාපති එම්.එම්.ජව්ෆර් මහතා කීය.මේ පුරහල කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරිම නිසා මහජනතාවට මහත් දුෂ්කරතා විදීමට සිදුවිය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=r1311275
පයාගල සිංහගම මාර්ගයේ ගමන අසීරුයි
කටුකුරුන්ද සමූහ කපිල කුලසිංහ
පයාගල හල්කඳවිල සිට බේරුවල දක්වා කෙටි දුරකින් ගමන් කළ හැකි සිංහගම මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.දිගු කලකින් ප්‍රතිසංස්කරණය නොකළ මේ මාර්ගයේ මේ වන විට පා ගමනින් වත් යා නොහැකි තරමට අබලන්වී ඇත.බේරුවල ප්‍රාදේශීය සභාවේ අවධානය මේ සදහා යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු කියති..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=r1311276
කුරුණෑගල කුකුළු ගොවිපළවලින් වාර්තාගත බිත්තර නිපැයුමක්
එල්. පී. තිලකරත්න පොල්ගහවෙල සමූහ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිත්තර නිෂ්පාදන ගොවිපළ පිහිටුවීම ඉලක්කගත ප්‍රගතිය ඉක්මවා වර්ධනයක් පෙන්වා ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරී එල්. බී. සි. එස්. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.2013 වර්ෂය තුළදී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ බිත්තර නිෂ්පාද ගොවිපළ 4438 ක් ඇති කිරීමට ඉලක්ක කර තිබූ අතර, එය සැප්තැම්බර් මාසය වන විට 5472 දක්වා ප්‍රගතියක් දක්වා තිබිණි.2013 වර්ස තුළ දී බිත්තර නිෂ්පාදනය මිලියන 663ක් වූ අතර, එය සැප්තැම්බර් මාසය වන විට මිලියන 472ක් තරම් විය.කුකුළු ගොවිපළවල හා බිත්තර නිෂ්පාදනය ඉහළ යෑම ප්‍රධාන හේතුව ලෙස ගොවීන් පෙන්වා දෙනු ලබන්නේ රජය මඟින් ලබාදුන් සහන හේතු වූ බවයි.මෙහිදී දිවි නැඟුම වැඩසටහන තුළින් ගොවීන් ලැබූ ප්‍රතිලාභ මෙම ප්‍රගතියට බොහෝ ඉවහල් වූ බව ගොවීන්ගේ මතයයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=r1311277
අරණායක වි. සේ. ස. සමිතියපරිහානියට පත්වෙලා
මාවනැල්ල සමූහ පී. සෙනෙවිරත්න
කෑගල්ල දිසාවේ සීමාසහිත අරණායක විවිධ සේවා සමුපකාර සංගමය මෙයට වසර ගණනාවක් පෙරදී ඉතාම දියුණු එහි සාමාජික පිරිස් වෙත අතිවිශාල සහනයක්ද ලබාදෙමින් පවත්වා ගෙන ගොස් ඇති වෙළෙඳ වාර්තා තබා තිබූ අයාතනයක් වන නමුත්, අතිවිශාල ශාඛා ගණනාවකින් යුතුව පැවති එම වෙළෙඳ සංගමය මේ වනවිට එහි ප්‍රගතිය බින්දුවට බැස ශාඛා පහකට සීමාවී අන්ත පරිහානියට පත්ව ඇති සමුපකාර සංවිධානයක් බවට පත්ව තිබේ.අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සෑම ග්‍රාමසේවා වසමකටම එක ප්‍රාදේශීය වෙළෙඳ සලක් බැගින් එකල පවත්වාගෙන ගිය මෙම සමුපකාර සංගමය මේ වනවිට ලබා ඇති පිරිහීම හේතු කාරණා කුමක්ද යන්න එම වෙළෙඳ සල්වලින් දිගුකලක් තිස්සේ තම පාරිභෝගික ද්‍රව්‍යයන් ඉතා ලාභයට ලබා ගත් අතිවිශාල ගම්බද නගර බව සාමාජික පිරිස් විමසා සිටිති.සමුපකාර වෙළෙඳ ශාලා තුළින් සමෘද්ධි සහනාධාර ලබා දෙන අවස්ථාවලදී මෙම සමුපකාර සංගමය කෑගලු දිසාවේ අංක 01 තත්ත්වයට පත්ව තිබූ නමුත් මේ වනවිට සමෘද්ධි සහනාධාර ලබාදීම පූර්ණ ලෙසටම නවත්වා ඇති නිසා ගනුදෙනු කරනු ලද පාරිභෝගික සංඛ්‍යාවද නැත්තටම නැතිවී ගොස් මේ වනවිට ගම්බද ශාඛාවල දොරවල් වසා දමා ඇත.මධ්‍යම රජයත්, සබරගමුව පළාත් සභාවත් ඉකුත් සමයේ මෙම සමුපකාර සංගමයට සමෘද්ධි සහනයක් ලබාදෙන්නට නියෝජිකත්වය ලබා දී ඇතත් සමෘද්ධි සහනාධාර ලබා දීමේ වැඩසටහන නැවැත්වීම තුළින් සමුපකාර වෙළෙඳ සේවා සමස්ත කෑගල්ල දිසාවම ආවරණය වන අයුරින් පිරිහීමකට ලක්ව ඇති බව එම අංශයන් මෙහෙවන ලද බලධාරීහු ද සඳහන් කර සිටිති.මෙම තත්ත්වය මඟහරවා ගෙන උස්සාපිටිය සමුපකාර සංගමය පෙර තත්ත්වයට පත් කැර ගැනීමට එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයද දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කැර ඇතත් උද්ගතව ඇති මෙම තත්ත්වය දුරුකැර ගන්නට ඉඩක් නොමැති බව එහි සභාපතිවරයාද අදහස් කර සිටිති..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s1311271
දිනුදා මැලේසියාවේදී බර උසුළා පළමු ජගත් රන් ජය දිනා දෙයි
ප්‍රින්ස් ගුණසේකර
මැලේසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ක්‍රිලෝග්‍රෑම් 48 බර පංතියෙන් තරග කළ දිනුදා අබේසේකර ඊයේ රන් පදක්කම දිනා ගත්තේය.කාන්තා බර ඉසිලීමේ තරග අංශයකින් ශ්‍රී ලංකාව පළමු ජාත්‍යන්තර රන් පදක්කම දිනා දුන් දිනුදා පොළොන්නරුව රාජකීය විදුහලේ ක්‍රීඩිකාවකි.ඇය කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රැම් 62ක් එසවු අතර ක්ලීන් ඇන් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 74ක් එසවුවාය. මුළු බර කිලෝග්‍රෑම් 136ක් එසැවීමේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට දිනුදා අබේසේකර ඊයේ සමත්වීමද විශේෂත්වයකි.ඇයගේ පුහුණුකරු ඩන්කන් ජයසිංහ මහතා වන අතර පසුගියදා නිමාවු ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී දිනුදා අබේසේකර ලෝකඩ පදක්කම දිනාගත්තාය.පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ශෂික ඒකනායක කිලෝග්‍රෑම් 50 බර පංතියේ රන් පදක්කම දිනාගත්තේය.ඔහු කිලෝග්‍රෑම් 198ක් ඔසවා පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ නව තරග වාර්තාවක් බිහි කළේය.ශ්‍රී ලංකාවට තවත් පදක්කම් බලාපොරොත්තුවක් වන චින්තන ගීතාල් විදානගේ අද දිනයේ තරග බිමට පිවිසෙනු ඇත. ඔහු මෙල්බෝල් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයායි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s1311272
යුද හමුදා මලල ක්‍රීඩා ඇරැඹේ
ඡායාරූපය-ගයාන් පුෂ්පික
යුද හමුදා මලල ක්‍රීඩා උළෙල ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි දී හෙල්ල වීසිකිරීමේ ජාත්‍යන්තර පදක්කම්ලාභී නදීකා ලක්මාලි හා හර්ජන් රත්නායක ඔලිම්පික් ගිනිසිළුව දැල්වූ අයුරු..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s1311273
ශ්‍රී ලංකා ස්නූකර් ශූරයා සමුගැනීමට සුදානම් ?
ෆවුස් මො‍හොමඩ්
වසර ගණනාවක් පුරා ජාතික ස්නූකර් ශූරතාව දිනා සිටින තමාට ‍මෙවර ලෝක ස්නූකර් ශූරතාවලියට සහභාගිවීමට කිසිදු සහායක් නොලැබීමෙන් දැඩි කලකිරීමට පත්ව සිටින බව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලැට්වියා රාජ්‍යයේ දී අද ඇරැඹෙන ලෝක ස්නූකර් ශූරතාවලියට සහභාගි වන ජාතික ස්නූකර් ශූර සුසන්ත බොතේජු 'දිනමිණ'ට ප්‍රකාශ කළේය.ලෝක ස්නූකර් ශූරතාවලියට සහභාගිවීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත්‍රය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා දී ඇතත්, අවශ්‍ය සෙසු වියදම් පියවා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවට ලක්වී සිටින බැවින් මින් ඉදිරියට ජාත්‍යන්තර තරගවලට සහභාගි නොවීමට තීරණය කළ බව ද ඔහු කියා සිටි‍යේය.'මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. මම අවුරුදු ගණනාවක් තිස්සේ ජාතික ස්නූකර් ශූරතාව දිනාගත්තු ක්‍රීඩකයෙක්. ඒ වගේම ලෝක ස්නූකර් ශූරතාවලියට මීට කළින් 6වතාවක්ම ශ්‍රී ලංකාව නියෝජනය කළා.පසුගිය වසරේ බල්ගේරියාවේ පැවැති ශූරතාවලියේ මම ‍22වැනි තැන ලබාගත්තා. සුසන්ත එසේ කීවේය. 'අනිත් හැම ක්‍රීඩා ක්ෂේත්‍රයකම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලුම පහසුකම් ලැබුණත් ස්නූකර්, බිලියඩ් ක්‍රීඩාවේ නිරතවෙන අපිට කිසිදු සහයක්, පහසුකම් ලැබෙන්නේ නෑ. අපිත් කරන්නේ ක්‍රීඩාවක්.අනිත් ක්‍රීඩාවලින් වගේම අපිටත් පුළුවනි මේ ක්‍රීඩාවෙන් රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙන්න’ ඔහු පැවැසීය.තරගාවලියට එක්වීම සඳහා සුසන්ත බොතේජු ඊයේ රාත්‍රී ලැට්වියා රාජ්‍යය බලා පිටත්වයාමට නියමිතව තිබිණි. අද සිට ලබන මස 7වැනිදා දක්වා තරගාවලිය පැවැත්වේ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s1311275
සුසන්තට අපි දුන් සහයෝගය ප්‍රමාණවත්
ෆ‍වුස් මොහොමඩ්
‍ලෝක ස්නූකර් ශූරතාවලියට සහභාගිවීමට සුසන්ත බොතේජුට තම සංගමය මගින් අවශ්‍ය සියලු පහසුකම් ලබාදුන් බව ජාතික ස්නූකර් හා බිලියඩ් සංගමයේ සභාපති ෂෆීක් රජාබ්දීන් මහතා 'දිනමිණ' කළ විමසුමකදී සඳහන් කළේය.ශූරතාවලියට සහභාගීවීමට අවශ්‍ය වීසා පහසුකම් මෙන්ම නවාතැන් පහසුකම් ද සපයා දුන් බවත්, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා‍ගේ මැදිහත්වීම මත ඔහුට ‍නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය ද ලබා දුන් බවත් රජාබ්දීන් මහතා කියයි.'ඇත්තටම මෙවර ශූරතාවලියට අපි ක්‍රීඩකයන් සහභාගි කරවන්න නෙවෙයි හිටියේ. ආසියාවේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක් අත්කර ගන්න බැරි නම් ලෝක ශූරතාවලියට යන එකේ කිසිම ප්‍රයෝජනයක් නෑ. සංගමයේ මුදල් හා රටේ මුදල් නිකරුනේ නාස්ති කරන්න අපි සූදානම් නෑ.අපිට එච්චර මුදලුත් නෑ. නමුත් තමාට අනුග්‍රාහකයෝ සොයා ගැනීමට හැකි බව සුසන්ත අපට දන්වා සිටි නිසයි අවශ්‍ය මූලික කටයුතු සූදානම් කර දුන්නේ.' ඔහු කීවේය. 'සුසන්ත ආසියාවේ අන්තිම 16දෙනා අතර නෑ. ඔහු ඉන්නේ 17වැනි තැනයි. ලෝක ශූරතාවලියේ මූලික වටයෙන් ඉදිරියට යාමට පවා ඔහුගේ දස්කම් ප්‍රමාණවත් නෑ.ඔහු ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් නෙවේ. මම ඔහුට කියන්නේ ලෝක ශූරතාවලියට යන්න කලින් ආසියාවේ අන්තිම 8දෙනා අතරට එන්න කියලයි. එහෙම වුනොත් සංගමයේ බිලියඩ් මේසයක් විකුණලා හරි මම ඔහුව ලෝක ශූරතාවලියට යවනවා.' රජාබ්දින් මහතා එසේ කීවේය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s13112711
කසකස්තානය 69-45කින් ශ්‍රී ලංකාව පරදයි
නිරෝෂාන් ප්‍රියංකර
අවුරුදු 16න් පහළ ආසියානු කාන්තා බාස්කට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා පිල සමග ඊයේ පැවැති තරගයෙන් ලකුණු 24ක ජයක් හිමිකර ගැනීමට කසකස්තානය සමත්විය. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 45ක් ලබාගත් අතර කසකස්තානය ලකුණු 69ක් ලබාගනිමින් තර‍ගයේ ජය හිමිකර ගත්තේය.කසකස්තාන පිලට එරෙහිව ඩිලුමි ගුණවර්ධන තෙවැනි මිනිත්තුවේදී ලකුණක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළාය.පළමු කාර්තුවේ අටවැනි මිනිත්තුව වනවිට ලකුණු 11-10ක් ලෙසින් තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවද එම කාර්තු‍ව අවසන් වුයේ ලකුණු 16-13ක් ලෙස කසකස්තානය ඉදිරියට පැමිණෙමිනි.දෙවැනි කාර්තුවේදී එම පරතරය වැඩිකරගත් කසකස්තාන ක්‍රීඩිකාවෝ ලකුණු 25ක් එක් කරගත්තේ ශ්‍රී ලංකා ලකුණු 10ක් ලබාගනිද්දීය. ඒ අනුව තරගයේ පළමු භාගය නිමාවුයේ ලකුණු 41-23ක් ලෙස කසකස්තානය පෙරමුණ ගනිමිනි.තරගයේ තෙවැනි කාර්තුව ආරම්භවනවිට ලකුණු 18ක්ව පැවැති පරතරය කාර්තුව අවසන් වනවිට ලකුණු 13 දක්වා අඩුකර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.එම කාර්තුවේදී ශ්‍රී ලංකා පිල ලකුණු 17ක් ලබාගත් අතර කසකස්තානයට ලබාගත හැකිවුයේ ලකුණු 12ක් පමණි. යළිත් ආක්‍රමණශිලී ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වු කසකස්තාන ක්‍රීඩිකාවෝ අවසන් කාර්තුවේදී ලකුණු 16ක් එක් කරගත්තේය.ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවුයේ ලකුණු 5ක් පමණි. ඒ අනුව කසකස්තානය තරගය ලකුණු 24කින් ජය ගත්තේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිර්මා සසන්ති ලකුණු 18ක් හා සනුරි ද සිල්වා ලකුණු 10ක් රැස්කළ අතර ඇලෙක්සෙන්ඩර් කොවලෙවෙස්කි (19), කරීනා ඔලෙන්බර්ග් (12) ජයග්‍රාහී කසකස්තානයට ලකුණු එක් කළහ.මේ පරාජය ශ්‍රී ලංකා පිල තරගාවලියේ පිට පිට ලද සිවුවැනි පරාජය ලෙසින් සටහන් විය.පෙර පැවැති තරගවලින් හොංකොං (57-46), ජෝර්දාන් (77-50) හා තායිලන්තය (82-51) කණ්ඩායම් හමුවේ ශ්‍රී ලංකා පිල පරාජයට පත්ව තිබිණි.චීනයට දැවැන්ත ජයක්ඊයේ මැලේසියාව සමගින් පැවැති පළමු කොටසේ තරගයෙන් ලකුණු 62ක දැවැන්ත ජයක් හිමිකර ගැනීටම චීනය සමත්විය. තරගයේ ආරම්භයේ සිටම මැලේසියාවට දැඩි පීඩනයක් එල්ල කළ චීනය පළමු කාර්තුව නිමා කළේ ලකුණු 27-6ක් ලෙසිනි.දෙවැනි කාර්තුවේ ලකුණු 18-6ක් සමගින් පළමු භාගයේ චීනය ලකුණු 33ක් ඉදිරියෙන් පසුවිය. තෙවැනි හා සිවුවැනි කාර්තුවලින් මැලේසියාව ලකුණු 7හා 9ක් ලබාගනිද්දී චීනය ලකුණු 23හා 22ක් ලබාගනිමින් තරග‍ය පහසුවෙන් ජයගත්තේය. චීනය ලකුණු 90ක් ලබාගනිද්දී මැලේසියාවට ලබාගත හැකිවුයේ ලකුණු 28ක් පමණි.ඊයේ සිවුවැනි දිනයට පැවැති තරගවලින් පළමු කොටසින් ජපානය, චීන තායිපේ ද, දෙවැනි කොටසින් හොංකොං හා තායිලන්තය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළේය.හොංකොං පිල හමුවේ ඉන්දුනීසියාව ලකුණු 38-33ක්, ‍තායිලන්තය හමුවේ ජෝර්දානය ලකුණු 87-51ක්, ජපානය හමුවේ කොරියාව ලකුණු 50-83ක් ලෙසින් ජයග්‍රහණ වාර්තා කළ අතර ඊයේ පස්වරුවේ පැවැති තරගයෙන් ඉන්දියාවට ‍එරෙහිව ලකුණු 105-50ක ජයක් චීන තායිපේ කණ්ඩායම හිමිකර ගත්තේය.සිවුවැනි දිනය නිමාවනවිට ජපානය හා තායිලන්තය ප්‍රසාද ලකුණු සටහන අනුව පළමු හා දෙවැනි කාණ්ඩවලින් පෙරමුණ ගැනීමට සමත් සිටී. එම කණ්ඩායම් දෙකකම සහභාගීවු තරග 4ම ජයග්‍රහණය කිරීමට සමත්විය.තරගාවලියේ පස්වැනි දිනට තරග හයක් හෙට පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර තරගය රාත්‍රී 7.00ට පැවැත්වේ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s1311274
ජාතික ඔලිම්පික් කමිටුව රජයට එරෙහි වූයේ නෑ
null
ජාතික ඔලිම්පික් කමිටුව රජයට එරෙහිව සෘජුව හෝ වක්‍රව කිසිම චෝදනාවක් එල්ල කොට නැති බවත් ජාතික ක්‍රීඩා සංගම් වල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ යුතුකම හා වගකීම අනුව ක්‍රීඩා රෙගුලාසිවල අහිතකර වගන්ති 24ක් වෙනස් කළ යුතු බව පෙන්වාදීම පමණක් කළ බවත් ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයන් සමග ක්‍රීඩා ඇමැතිවරයා පසුගියදා කළ සාකච්ඡාවේදි කරුණු පිළිගෙන අනවශ්‍ය අන්තරාදායක රෙගුලාසි ලිහිල් කිරීමට හෝ ඉවත් කිරීමට සූදානම් බව පැවැසීම හිතකර වර්ධනයක් බවය.ප්‍රශ්න විසඳිය යුත්තේ සාකච්ඡා මගින් මිස එකිනෙකාට මඩ ගසා ගැනීමෙන් නොවන බව අවධාරණය කරන හේමසිරි ප්‍රනාන්දු මහතා සදහන් කරන්නේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති වෙත යවන ලද කිසිම ලිපියක මේ රජයට එරෙහිව කිසිවක් ප්‍රකාශ කොට නැති බවයි.ජාතික ඔලිම්පික් කමිටුව ජාතික ක්‍රීඩා සම්මේලන වල ස්වාධීනත්වය හා ස්වෛරීභාවය රැකීමට බැඳී සිටින ආයතනයක් බව නොදන්නා පිරිසක් නිලවරණයක් පැවැත්වීමට ආසන්නව තිබියදී ඔලිම්පික් කමිටුවේ වත්මන් පරිපාලනය පිළිබඳවත් ජාතික ඔලිම්පික‍් කමිටුව පිළිබඳවත් ‍පෞද්ගලිකව තමා පිළිබඳවත් අසත්‍ය හා අභූත චෝදනා නඟන බැවින් කරුණු පැහැදිලි කිරීම ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීමක් ලෙස සලකන බව ඒ මහතා පෙන්වා දෙයි.අදාළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.අප විසින් ඉල්ලා ඇත්තේ අන්තර්ජාතික ආයතන වලින් ලැබෙන මුදල් එම ආයතනයන් හි විගණන නිලධාරීන් ලවා පරීක්ෂා කොට විගණනය කිරීමටත්, රජයෙන් ලැබෙන මුදල් රජයේ විගණකාධිපති මගින් විගණනය කිරීමටත් ඉඩ දෙන ලෙසය.වර්ෂ 1937 සිට පිළිගත් විගණන ආයතනයක් මගිනුත් 2006 සිට විගණන දෙපාර්තමේන්තුව විසින් නම් කළ පිළිගත් ආයතනයක් මගිනුත් වාර්ෂික ගිණුම් විගණනය කරනු ලැබූ අතර පසුගිය වසර4 කාලය සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම මත රජයේ විගණන දෙපාර්තමේන්තුව මගින් ගිණුම් විගණනය කළද කිසිදු විගණනයකදී අවවාද කිරීම් වලට ඔලිම්පික් කමිටුව ලක්ව නොමැත. ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ විධිමත් කර ගත යුතු කරුණු කිහිපයක් පමණි. ඔලිම්පික් කමිටුවේ පරිපාලන වියදම් සඳහා 100% මුදලක් සපයනුයේ අන්තර්ජාතික සංවිධාන වලිනි.ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික ඔලිම්පික් කමිටුවට මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ අන්තර් ජාතික තරඟවලට සහභාගී වන ක්‍රීඩා කණ්ඩායම් වෙනුවෙන් දැරිය යුතු වන වියදම් පියවා ගැනීම සඳහා පමණි.සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ කුඩා කාමර දෙකක ජාතික ඔලිම්පික් කමිටු කාර්යාලය කුලී පදනම මත පවත්වාගෙන ගිය කාලයේදී දැන් ඔලිම්පික් කමිටුව පවත්වාගෙන යන ගොඩනැගිල්ල එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි ජීවන් කුමාරණතුංග මැතිතුමා විසින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවක් මගින් ලැබුණි.ඉදිකිරීම් සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් කමිටුව රුපියල් මිලියන 170 ක් ලබාදෙන විට ක්‍රීඩා අමාත්‍යාංශය මිලියන 30ක් ලබා දී ඇත. අප විසින් වාර්ෂික පරිපාලන වියදම් සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් කමිටුව ලබා දෙන මුදලින් වසර 12 ක් පුරා ඉතිරිකරගන්නා ලද මුදලින් මෙම රුපියල් මිලියන 200ක වටිනාකමින් යුතු අංග සම්පූර්ණ සියලු පහසුකම් සහිත ගොඩ‍නැගිල්ල ඉදිකොට තිබේ. මීට අමතරව රුපියල් මිලියන 50 ක ස්ථිර තැන්පත්ද ජාතික ඔලිම්පික් කමිටුව සතුව ඇත.මේ පිළිබඳ සියලු ගිණුම් රජයේ විගණන දෙපාර්තමේන්තුව මගින් විගණනය කොට ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශය වෙතද ලබාදී ඇත.ජාතික ඔලිම්පික් කමිටුවක “බයිබලය” ලෙස හැඳින්වෙන්නේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථා මාලාවයි. එහි ඇති වගන්ති කිසිම රටක ජාතික ඔලිම්පික් කමිටුවකට උල්ලංඝනය ක‍ල නොහැක.එසේ කල හොත් එවැනි ජාතික ඔලිම්පික් කමිටුවකට විරුද්ධව නොයෙකුත් ක්‍රියා මාර්ග වලට එළැඹීමට හෝ අවසානයේදී තහනම් කිරීමටද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට පුළුවන. ඉතිහාසයේ නොයෙකුත් අවස්ථාවල ජාතික ඔලිම්පික් කමිටු වලට විරුද්ධව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කර ඇත.මේ මස 27 වන දින ස්විට්සර්ලන්තයේ “ලූසාන්” නගරයේ පිහිටා ඇති අන්තර්ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ පැවැත්වෙන සාකච්ඡාවකට ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් කැඳවා ඇත්තේ මේ අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් සුහදව විසඳාගැනීමේ අභිප්‍රායෙනි. අර්බුදය විසඳෙන ලකුණු පහළ වී ඇත.අවුරුදු 16ක් තුළ පූර්ණ වාර 4 කට පසු මා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති කමින් ඉවත් වීමට තීරණය කළේ කලකිරීමකින් හෝ පසු තැවීමකින් නොවේ. කිසිවකු සදාකාලිකව නිලතල නොදැරිය යුතු නිසාය. රුපි.16,000/- කින් පටන්ගෙන අවුරුදු 16ක් තුළ රුපියල් මිලියන දෙසිය පනහක් දක්වා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ඉහළට ගෙන ඒමට කැපවූ බවද හේමසිරි ප්‍රනාන්දු මහතා සිහිපත් කරයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s1311276
මහේල පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරාවිද?
null
මේ වසරේ අවසාන දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇරැඹෙන ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරග­ාවලිය සඳහා පළපුරුදු පිතිකරු මහේල ජයවර්ධන සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.දෙසැම්බර් 11 සිට 27 දක්වා දෙපිල අතර ඩුබායි, සාජා හා අබුඩාබි හි පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි20 තරග දෙකට හා එක්දින තරග පහට මහේල සහභාගි නොවේ. ඒ, දෙසැම්බරයේදී ඔහුගේ බිරිඳ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් සිටින බැවිණි.මහේල වෙනුවට කිත්රුවන් විතානගේ සංචිතයට කැඳවා තිබේ. මීට අමතරව පා දඟ පන්දු යවන සීකුගේ ප්‍රසන්න ද ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්ව සිටී.ප්‍රසන්න කැඳවා තිබෙන්නේ අජන්ත මෙන්ඩිස් වෙනුවටය. මෙන්ඩිස්, නවසිලන්තයට එරෙහිව මෑතකදී පැවැති එක්දින තරගමාලාවේ ක්‍රීඩා නොකළද ඔහු පාකිස්තාන සංචාරයට ඇතුළත් කර නැත.ප්‍රසන්න අවසන් වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේද පාකිස්තානයට එරෙහිවය. ඒ, පසුගිය වසරේ මාර්තුවේදී ධකා හි පැවැති ආසියානු කුසලාන තරගාවලියේදීය. විතානගේ තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරගයකට ක්‍රීඩා කර නැත.එහෙත් ඔහු පසුගිය මාර්තු මාසයේ බංග්ලාදේශය සමග ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කළේය. මේ අතර නවසිලන්තය සමග තරගමාලාවේදී දෙවතාවක්ම අසාර්ථක වීමෙන් පසුව කණ්ඩායමෙන් ඉවත් කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න තව දුරටත් එක්දින සංචිතයේ රඳවා ගෙන තිබේ.ඔහු, තිලකරත්න ඩිල්ෂාන් හා කුසල් ජනිත් පෙරේරාගේ ආදේශික ආරම්භක පිතිකරුවා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නවසිලන්තයට එරෙහිව පසුගිය සතියේ පල්ලෙකැලේ පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කරමින් කුසල් ජනිත් යළිත් ජාත්‍යන්තර ක්‍රීඩා දක්ෂතාවට පිවිස සිටී.වමතින් දඟ පන්දු යවන රංගන හේරත් පාකිස්තාන සංචාරයේ විස්සයි20 සංචිතයෙන් විශ්‍රාම ගන්වා තිබේ. කෙසේ වෙතත්, ඔහු එක්දින සංචිතයේ සිටී. විස්සයි20 සංචිතයට රමිත් රඹුක්වැල්ල තෝරා ගැනීම නවසිලන්තය සමග පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී ඔහුට සිදුවූ දණිස් ආබාධයේ සුවය මත රැඳී පවතී.වේග පන්දු යවන ශමින්ද එරංග වෙනුවට සුරංග ලක්මාල් එක්දින සංචිතයට ඇතුළත් කර තිබේ. එරංග ටෙස්ට් සංචිතයට නම් කිරීමට ඉඩ තිබේ..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s1311277
ආසියා බොක්සිං ශූරතාවලියටශ්‍රී ලංකාවෙන් තුනක්
ෆවුස් මොහොමඩ්
හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයේ එස්.පී.ඉඳුනිල් හා කේ.ඒ.එස්.භානුක සමග විද්‍යාර්ථ විදුහලේ ඩබ්.ඒ.අයි.සංජය ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමට සමත්වූහ.බරපන්ති තුනක් යටතේ පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියේ දී සංජය කිලෝ ග්‍රෑම් 48 (ලයිට් ෆ්ලයි)බර පන්තිය නියෝජනය කරන අතර කිලෝ ග්‍රෑම් 52 (ෆ්ලයි)බර පන්තිය සඳහා ඉඳුනිල් ද, කිලෝ ග්‍රෑම් 56 (බැන්ටම්) බර පන්තිය යටතේ භානුක ද එක්වී සිටිති.රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පසුගියදා පැවැති මේ තේරීම් තරගාවලියට දේශීය යොවුන් බොක්සිං වළල්ලේ ජාතික කණිෂ්ඨ, ස්ටබ්ස් පළිහ හා පාසල් කණිෂ්ඨ බොක්සිං තරගවල දී රන් හා රිදී පදක්කම් දිනූ ක්‍රීඩකයන් රැසක් තරගාවලියට එක්වී සිටියහ.වසර දෙකකට වරක් පැවැත්වෙන ආසියා යොවුන් බොක්සිං තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේ 24දා සිට 31 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වේ. ආසියාවේ ප්‍රබලතම රටවල් රැසක් මේ සඳහා තරග වදිති..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s1311278
රාජකීයට පළමු ඉනි‍මේ ජය
මහනුවර ක්‍රීඩා විශේෂ
මහනුවර ධර්මරාජ විදුහල සමග පැවැති ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය.තරගය මහනුවර ලේකවිච් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.ධර්මරාජ පළමු ඉනිම-190 (ඕවර 63.2) ඉමන්ත හේරත් 49, කවිශ්ක දිනාසානය 40 (අනුප තිලකරත්න 45/3, ලසිත් ඇඹුල්දෙනිය 44/3) සහ දෙවැනි ඉනිම-129/6 ආර්.රණසිංහ 37 (එරින් පද්මනාදන් 23/3).
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s1311279
වෙළෙඳ සංගම් ක්‍රිකට් ජය දික්වැල්ලට
ප්‍රියාන් ද සිල්වා මාතර ක්‍රීඩා
මාතර දිස්ත්‍රික්ක වෙළෙඳ සංගමය සංවිධාන කළ වෙළෙඳ සංගම් ක්‍රිකට් ශූරතාවලියේ ජය හිමිකර ගැනීමට දික්වැල්ල වෙළෙඳ සංගම සමත්විය.දිස්ත්‍රික්කයේ වෙළෙඳ සංගම් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන කළ තරගාවලිය හක්මණ වෙළෙඳ සංගමයේ සත්කාරකත්වයෙන් ඩැනී අබේවික්‍රම ක්‍රීඩංගණයේදී පසුගියදා පැවැත්විණි.වෙළද සංගම් නවයක් මෙවර කණ්ඩායම් ඉදිරිපත් කළ අතර පළමු වටයේදී අකුරැස්ස, හක්මණ, දික්වැල්ල, වැලිගම ජයග්‍රහණ වාර්තා කළේය. අවසන් පූර්ව වටයේදී අකුරැස්ස පිල හමුවේ කඩුලු 7ක පරාජයක් හක්මණ පිලට හිමිවු අතර මාතර පිල ලකුණු 42කින් පරාජය කිරීමට දික්වැල්ල පිලට හැකිවිය.අවසන් තරගයේදී පළමුව පන්දුවට පහරදුන් දික්වැල්ල පිල ඕවර 5 අවසානයේ එක් කඩුල්ලකට ලකුණු 104ක් රැස්කළ අතර අකුරැස්ස පිලට ලබාගත හැකිවුයේ ලකුණු 26ක් පමණි. පරාජිත කණ්ඩායම් අතර තරගයේ ජය පිටබැද්දර පිල පරාජයට පත්කළ මාතර පිලට හිමිවුණි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s13112710
තායිලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරදී
නිරෝෂාන් ප්‍රියංකර
අවුරුදු 16න් පහළ ආසියානු කාන්තා බාස්කට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවු තෙවැනි තරගයෙන් තායිලන්තය හමුවේ ලකුණු 82-51කින් පරාජයට පත්විය.කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු කාර්තුව නිමවුයේ ලකුණු 12-24ක් ලෙසින් තායිලන්තය පෙරමුණ ගනිමිනි. දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා පිල ලකුණු 19ක් ලබාගත්තද, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි තරගයක් දෙමින් තායිලන්තය ලකුණු 22ක් ලබාගැනීමත් සමග පළමු භාගය නිමාවනවිට ශ්‍රී ලංකාව ලකුණු 15ක් පසුපසින් සිටියේය.ලකුණු තත්ත්වය වුයේ 46-31ක් ලෙසිනි. තෙවැනි කාර්තුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 14ක් රැස්කළ අතර තායිලන්තය ලකුණු 20ක් ලබාගත්තේය. සිවුවැනි කාර්තුව 6-16ක් විය.ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සනුරි ද සිල්වා ලකුණු 21ක් හා එස්.ඒ.සසන්ති ලකුණු 15ක් රැස් කළහ. රුජීවන් බුන්සින්ප්‍රොම්, අමපාවා තුවුමෝන් ලකුණු 14 බැගින් ජයග්‍රාහී තායිලන්ත පිලට එක් කළේය.ශ්‍රී ලංකා පිල සහභාගීවු පළමු තරගයෙන් ලකුණු 57-46ක් ලෙස හොංකොං පිලට පරාජය වු අතර දෙවැනි තරගයේදී ජොර්දාන් පිල හමුවේ ලකුණු 77-50 ක පරාජයක් අත්විය.මේ අතර තරගාවලියේ තෙවැනි දිනට පැවැති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට හොංකො, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව හා ඉන්දියාව සමත්විය.පළමු කොටසින් තරග වදින ප්‍රබල ජපාන කණ්ඩායම හමුවේ ලකුණු 16ක පරාජයක් චීනයට අත්විය. තරගයේ පළමු භාගයේදී 41-32ක් ලෙසින් ජපානය පෙරමුණ ගෙන සිටියේය.මැලේසියාව හා ඉන්දියාව අතර තරගය තියුණු මුහුණුවරක් ගෙන තිබිණි. පළමු කාර්තුවේදී ලකුණු 17-10ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටි අතර දෙවැනි කාර්තුව ලකුණු 21-19ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් පළමු භාගය නිමාවුයේ ලකුණු 29-24ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටියදීය. තරගයේ අවසන් ලකුණු තත්ත්වය වුයේ 57-50ක් ලෙසිනි.දෙවැනි කොටස යටතේ තරග වදින හොංකොං පිල ලකුණු 83-50කින් ජෝර්දානය පරාජයට පත්කකළ අතර කසකස්තානය ලකුණු ලකුණු 63-54ක් ලෙස පරාජය කිරීමට ඉන්දුනීසියාව සමත්විය. ශ්‍රී ලංකා පිල සහභාගීවන සිවුවැනි තරග ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.ආසියානු බාස්කට්බෝල් සංගමය හා ශ්‍රී ලංකා බාස්කට්බෝල් සංගමය එක්ව සංවිධාන කරන තරගාවලිය මෙරටදී පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර කාන්තා බාස්කට්බෝල් ශූරතාවලිය වේ.තෙවැනි දින තරග ප්‍රතිඵල මෙසේය.හොංකොං-ජෝර්දානය 83-50ඉන්දුනිසියාව-කසකස්තානය 63-54ජපානය-චීනය 75-59කොරියාව-චීන තායිපේ 89-67ඉන්දියාව-මැලේසියාව 57-50තායිලන්තය-ශ්‍රී ලංකාව 82-51.
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=s13112712
දමිඳුගෙන් ශතකයක්
ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා
දමිඳු නිරන්ජන් වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් කෑගල්ල සාන්ත මරියා විදුහල සමග පැවැති තරගයේ පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කළුතර තිස්ස විදුහල සමත්විය.තිස්ස විදුහල පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 264ක් රැස් කළේය. දමිඳු නිරන්ජන් නොදැවී ලකුණු 136ක් වාර්තා කළ අතර දෙවැනි කඩුල්ල සඳහා නවීන් ධනුෂ සමග එක්ව ලකුණු 138ක සබඳතාවක් පිහිටුවීය. පිළිතුරු ලෙස සාන්ත මරියා විදුහලට පළමු ඉනිමට ලබාගත හැකිවුයේ ලකුණු 219ක් පමණි.තරගය කෑගල්ලේදී පැවැත්විණි.තිස්ස විදුහල පළමු ඉනිම-264/4 දමිඳු නිරන්ජන් නොදැවී 136, නවීන් ධනුෂ 72 (අයි.එම්.විජේරත්න 51/4) සහ දෙවැනි ඉනිම-65/6 (ඩී.සේනාරත්න 6/2, ආර්.සේනාධීර 6/2)සා.මරියා පළමු ඉනිම-219 ඊ.කේ.රත්නායක 77, එච්.ඩිල්රුක්ෂ 49, අයි.එම්.වි‍ජේරත්න 40 (මිලිඳු සම්පත් 76/4, දුලාජ් හර්ෂන 53/3, මලිඳු රවිශාන් 12/2).
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=f1311271
ජනපතිතුමන්ගේ ප්‍රතිරූපයට අභියෝග කළ හැකි කිසිවෙක් නෑ
සාකච්ඡා කෙළේ උදිත ගුණවර්ධන
මෙවර අය වැය යෝජනා මඟින් රටට ලැබෙන ප්‍රතිලාභ ආර්ථිකයට ලැබෙන සහයෝගය හා තවත් කාලීන සහ සමාජ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි.* මෙවර ඉදිරිපත් කළ අය වැය යෝජනා පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?මේ අය වැය යෝජනා මඟින් මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමත්, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමත් යන කරුණු පිළිබඳව සලකා බලා තිබෙනවා. ඒ වගේම ගොවියා පිළිබඳව තිබූ අවධානය හා ඔවුන් වෙත ලබා දුන් සියලු සහන ඒ ආකාරයට ආරක්ෂා කිරීමට ද ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ගොවි විශ්‍රාම වැටුප් යළිත් ලබාදීමට යෝජනා කිරීමත් මෙයට අදාළයි.පොහොර සහනාධාරය වී වගාවට ලබාදෙන අතර අනෙකුත් වගා සඳහා පොහොර සහනාධාරය ලබාදීමත් මෙයට අදාළයි.තවද රජයේ සේවකයන්ටත් රුපියල් 1200 ක දීමනාවක් ලබාදීම, විශ්‍රාමිකයන් වෙත දීමනා ලබාදීම ඇතුළු ප්‍රගතිශීලී යෝජනා රාශියක් අය වැය තුළ අඩංගුව තිබෙනවා. මෙවර අය වැය රටේ ආර්ථික තත්ත්වය හා මහින්ද චින්තනය ඉදිරියටත් රැගෙන යන අය වැයක් විදිහට හඳුන්වන්න පුළුවන්.* ඉදිරියේදී යළිත් මැතිවරණ පෙළක් පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී මූලිකව පැමිණෙන්නේ බස්නාහිර පළාත් සභා මැතිවරණයයි. මේ මැතිවරණයට මුහුණ දීමට ආණ්ඩුවේ සූදානම හා සැලසුම පැහැදිලි කළ හැකිද?මේ මැතිවරණ හදිසියේ පැමිණෙන මැතිවරණ නොවෙයි. නියමිත කාලයට නියමිත විදියට පවත්වන මැතිවරණ. මේ මැතිවරණවලට මුහුණ දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශේෂයෙන් සූදානම් වීමට අවශ්‍යතාවක් නැහැ. අපට පුළුවන්කම තිබෙනවා ජනතාව ඉදිරියට ගොස් අපි ඉටුකළ සේවය පෙන්වා දීමට. ජනතාව ඉදිරියට යාමටත් ඔවුන් ඉදිරියේ අප ආණ්ඩුව සිදුකළ සේවය පෙන්වා දීමටත් ජනතාවට ඉෂ්ට කළ සේවය පහදා දීමටත් පුළුවන්.මේ ආණ්ඩුව ජනතාවට අවශ්‍ය කරන සේවය ඉතාමත් ඉහළින් ඉෂ්ට කර තිබෙනවා.ඒ නිසා මැතිවරණ පිළිබඳව අපට කිසිදු සැකයක් චකිතයක් නැහැ. ඕනෑම මැතිවරණයක් ඉතාමත් ඉහළින් ජයග්‍රහණය කිරීමට පුළුවන්කම තිබෙනවා.බස්නාහිර මැතිවරණය වේවා, දකුණු පළාත් සභා මැතිවරණය වේවා ඕනෑම මැතිවරණයකින් අපට ජයග්‍රහණය කිරීමට පුළුවන්කම තිබෙනවා. එපමණක් නොවෙයි.ජනාධිපතිවරණයක්, මහා මැතිවරණයක් වගේ ජාතික මට්ටමේ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පූර්ණ අවස්ථාවක් තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයට, කීර්තියට අභියෝගයක් එල්ල කළ හැකි කිසිවකු නැහැ.ජනාධිපතිතුමාගේ කීර්තිය ඒ තරමට ඉහළයි.මීට කලකට පෙර දේශපාලන ක්ෂේත්‍රය ගෙන බැලුවොත් එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රබල ජනප්‍රිය වගේම දක්ෂ චරිත රාශියක් සිටියා. ඒත් අද එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම හිස් බිමක් බවටයි පත්ව තිබෙන්නේ. මේ තත්ත්වය තුළ ජනාධිපතිතුමාට අභියෝගයක් එල්ල කළ හැකි චරිතයක් සොයා ගැනීමට බැහැ.* චෝගම්වලට සමගාමීව පැවැත්වූ තරුණ සමුළුවෙන් මෙරට තරුණ පරපුර ලැබූ ප්‍රතිලාභ පිළිබඳව පැහැදිලි කළ හැකිද?තරුණ පරපුරට වගේම රටටත් මෙමඟින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. මෙහිදී එක් එක් රටවල තරුණ පිරිස්වල අත්දැකීම්, දැනුම හුවමාරු කර ගැනීමටත් පුළුවන්කම ලැබුණා. මෙය අපේ තරුණ පරපුරට උදාවූ අවස්ථාවක් විදිහට පෙන්වා දීමට පුළුවන්.ජනාධිපතිතුමා තරුණ පරපුරට ඉහළ අවස්ථාවක් ලබා දී තිබෙනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ වුණත් තරුණ නියෝජනය සඳහා විශාල අවස්ථාවක් ලබා දී තිබෙනවා.මේ තරම් තරුණයන් වෙනුවෙන් අවස්ථා ලබා දුන්, සහන ලබා දුන් පාලන යුගයක් නොමැත තරම්. එවැනි ආණ්ඩුවකට තරුණයන්ගේ ආකර්ෂණය දිනාගැනීම ඉතාමත් පහසු කාර්යයක් විදිහටයි හඳුන්වාදීමට පුළුවන්කම තිබෙන්නේ.චෝගම්වලට සමගාමීව ව්‍යාපාරික සමුළුවක් ද පවත්වනු ලැබුවා. අද වන විට මෙරට පසුබිම සමාජ වාතාවරණය සියයට සියයක් හොඳ අතට පත්ව ඇති බව තහවුරු කර ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. මෙය හොඳ අවස්ථාවක් වගේම රටේ ජයග්‍රහණයට, ආර්ථික ස්ථාවරත්වයට බලපානු ලබන අවස්ථාවක් විදිහට පෙන්වා දීමට පුළුවන්.* ඒත් විපක්ෂය කියන්නේ චෝගම්වලට වියදම් වූ මුදල් අය වැය මඟින් ජනතාව මත පැටවීමට කටයුතු කළ බවයි. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?මේ චෝදනා සම්පූර්ණයෙන්ම වැරැදියි. චෝගම් කියන්නේ මුදල් නාස්තියක් නොවෙයි. රටේ අනාගතය වෙනුවෙන් ඉටුකළ ආයෝජනයක් විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ. මෙහි ප්‍රතිඵල අනාගතයේදී මුළු රටටම ලබාගැනීමට අවස්ථාව තිබෙනවා.ජනතාව මුළාකිරීමට කිසිවකුට බැහැ. ඇතැමුන් හිතන්න පුළුවන් ජනතාව මුළාකිරීම පහසුයි කියලා. ඒත් විපක්ෂය කියන දේවල් පිළිගන්නේ නැහැ කියලා පසුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව ගත්තත් තහවුරු කරගැනීමට පුළුවන්.විදෙස් රාජ්‍යයන්ට අන්තර්ජාතික සංවිධානවලට අපිට පෙන්වා දීමට පුළුවන්කම ලැබුණා ශ්‍රී ලංකාව දැන් යථා තත්ත්වයට පත්ව ඇති බව. මෙය මෙරට අනාගතයට වගේම ආර්ථික ස්ථාවරත්වයට හොඳ අවස්ථාවක් විදිහට පෙන්වා දීමට පුළුවන්.යුද්ධයක් තිබූ රටක්, ආර්ථිකය බිඳ වැටී තිබූ රටක් විදිහට තිබූ මෙරට අද සාමකාමී දේශයක් බවට පත්වීම පමණක්ම මදි, ඒ ගැන ලෝකයට අවබෝධයක් ලබාදීමට ලැබූ මොහොතක් විදිහට චෝගම් හඳුන්වන්න පුළුවන්.ඒ සියලු කරුණු එක්ක ගෙන බැලුවාම චෝගම්වලින් රටට විශාල වාසි ප්‍රමාණයක් ලැබුණා. ජනතාව මත අමතර මුල්‍ය බරක් වැටුණා කියන කරුණ පිළිගන්න බැහැ.* මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව මඟින් විවිධ ආකාරයේ චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?මේ චෝදනාවලට තිබෙන පදනම කුමක්ද කියලා තමයි මාත් අහන්නේ. ඕනෑම කෙෙකුට චෝදනා එල්ල කරන්න පුළුවන්. ඒත් ඒ චෝදනාවට කිසි පදනමක් තිබෙනවා යැයි මා කියන්නේ නැහැ. අද ඇතැම් රටවල් අපට අපගේ රටට චෝදනා එල්ල කරනවා මානව හිමිකම් කඩකළ බවටත්, ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බවටත්. ඒත් මේ චෝදනා එල්ල කරන අයම තමයි ලෝකයේ ලොකුම මානව හිමිකම් කඩකරන්නන් බවට පත්ව සිටින්නේ. ඒ විදිහේ පිරිස් තමයි ලෝකයේ මානව හිමිකම් ගැන කතා කරන්නේ. ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ, ලිබියාවේ ප්‍රබල යුද අපරාධ සිදු වුවත් මේ බටහිර කඳවුරට මේවා පෙනෙන්නේ නැහැ.ඔවුන් සිතන්නේ තමන් නිවැරැදියි අපි වගේ රටවල් වැරැදියි කියලා.ඒත් මේ රටවල් ආසියාවේ අප වැනි නැඟී එන රටවලට තමයි එක් එක් විදිහේ අභියෝග එල්ල කරන්නේ, කුමන්ත්‍රණ කරන්නේ. ඔවුන්ට අවශ්‍ය කරන්නේ නැඟී එන රටවල් යටත් කොට තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමටයි. මේ තත්ත්වය ගැන මීට වඩා දීර්ඝ විග්‍රහයක් කිරීම කළ යුතු යැයි මා සිතන්නේ නැහැ.ශ්‍රී ලංකාව වැනි රටකට ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද, එහි මූලධර්ම කුමක්ද කියන එක අමුතුවෙන් පහදා දිය යුතු නැහැ. මෙරට තිබෙන්නේ ඉතාමත් දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් හා ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයකුයි.* ඔබ නියෝජනය කරන්නේ රටේ ග්‍රාමීය ප්‍රදේශයක්. එවැනි ග්‍රාමීය ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයකු විදිහට ගම්බද පළාත්වලට ආණ්ඩුව සිදුකරන සේවය පිළිබඳව ඔබේ මතය පැහැදිලි කළ හැකිද?මේ ආණ්ඩුව තමයි ගම්බද ජනතාව ගම්බද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කළේ. මීට කලින් තිබූ සෑම ආණ්ඩුවක් වගේම කොළඹ කේන්ද්‍ර කරගත් සංවර්ධන කාර්යයකුයි ඉටු කළේ. ඒත් පළමු වතාවට ගම්බද ප්‍රදේශවලට අවශ්‍ය කරන සේවාවන් ඉහළින් ඉටුකළේත් එම ප්‍රදේශවලට අවශ්‍ය කරන සංවර්ධන කාර්යයන් ඉෂ්ට කළේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලනය තුළ කියන එක දේශපාලන ගැතියන් තොරව මුළු රටම දන්නා දෙයක්..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=f1311272
null
සටහන ඉරෝෂිනී දීපිකා ඡායාරූපය රුක්මල් ගමගේ
රටක උන්නතිය රඳා පවතින්නේ, බහු ආගමික, බහු වාර්ගික ආදී සෑම ජන කොටසකම පවත්නා සහනශීලීභාවය මත ය. එම සහනශීලී බවේ පණිවිඩය සමාජය වෙත රැගෙන යා හැක්කේ ඒ ඒ ආගම්වලට අයත් පූජ්‍ය පක්ෂයට ය. මේ මාහැඟි අරමුණු පෙරදැරි කරගනිමින්, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ගලගම ධම්මරංසි හිමියන් විසින්, සරත් හෙට්ටිආරච්චි පියතුමා‍ගේ චරිතාපදානය රචනා කර ඇත. ‘ආශ්චර්යවත් යුගයේ පන්සලේ පියතුමා’ නමින් තව නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිත මේ කෘතිය පිළිබඳ ,ගලගම ධම්මරංසි හිමියන් සමඟ කළ කතාබහකි මේ.* ‘ආශ්චර්යවත් යුග‍ෙය් පන්සලේ පියතුමා’ කෘතිය පිළිබඳ හැඳින්වීමක් කළොත්?මේ කෘතියෙන් කතා කෙරෙන්නේ සරත් හෙට්ටිආරච්චි පියතුමා පිළිබඳයි. එතුමා විටෙක ආගමික නායකයෙක්. තවත් විටෙක අප වගේ භික්ෂූන් වහන්සේලාගේ කල්‍යාණ මිත්‍රයෙක්. දුකේදීත් සැපේදීත් එතුමා අප සමඟ එක්ව කටයුතු කරනවා. ඒ වගේ උත්තම ගණයේ පියතුමෙක් පිළිබඳ කතා කිරීම මං හිතන්නේ කාලීන අවශ්‍යතාවක්.බහුවාර්ගික, බහු ආගමික රටක ජීවත්වන සෑම සියලුදෙනාම, සියලු ජනවර්ග, ආගම්, සංස්කෘතීන් සමඟ සහජීවනයෙන් කටයුතු කළ යුතුයි. එකිනෙකාගේ හර පද්ධති තේරුම්ගත යුතුයි.එකිනෙකාගේ භාෂා, සංස්කෘතීන් පිළිබඳ අධ්‍යයනය කළ යුතු වෙනවා. සරත් හෙට්ටිආරච්චි පියතුමා පිළිබඳ කෘතියක් ලිවීමට මා අදහස් කළේ ඒ නිසයි. මේ කෘතිය ගුණ වර්ණනාවක් නෙවෙයි. මා මේ කෘතිය මඟින් බලාපොරොත්තු වන්නේ, ජාතිවාදී, ආගම්වාදී, පටු අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන මිනිසුන්ට, සැබෑ මිනිසකු මඟින් පාඩමක් කියාදීම යි. මේ වගේ මිනිසුන් අපේ රටේ තව තවත් බිහිවිය යුතුයි යන්න මගේ අදහසයි.ආගමික අන්තවාදය සහ ජාතිවාදය අප රටින් තුරන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ පියතුමා වගේ ක්‍රියාකරන මිනිසුන් අප රටේ බිහිවුණොත් පමණයි. ඒ නිසා එවන් උතුම් චරිතයක් පිළිබඳ කෘතියක් ලිවීම අද දවසේදී සිදුවිය යුත්තක්. ඒ ගැන හිතලා මං මේ කෘතිය රචනා කිරීමට අදහස් කළා.මං මේ පියතුමා දකින්නෙ, අප රටට පහළ වූ දෙවැනි මර්සලීනු ජයකොඩි පියතුමා විදිහටයි. මං එක දවසක් එතුමාගේ සමරු ඇල්බම් කීපයක් ඉතා ඕනෑකමින් පෙරළා බැලුවා.අන්තර් ආගමික, සංගීතමය, ළමා, ජනවාර්ගික, සමාජ ප්‍රශ්න කෙරෙහි යොමුවීම, අධ්‍යාපනය, ප්‍රගතිශීලී දේශපාලනය, ග්‍රන්ථකරණය, මානව හිතවාදය ආදී බොහෝ ‍මාතෘකා එහි අන්තර්ගතව තිබුණා. එම වැඩසටහන් යම්කිසි පුද්ගලයෙක් කරන්නට නම් අඩුම වශයෙන් ඔහු අවුරුදු 100ක්වත් අඛණ්ඩව වැඩ කළ යුතුයි. මේ සියල්ල ඇල්බමයකට පමණක් සීමා කිරීමෙන් සිදුවන්නේ කැලයේ පිපුණු මලක් කැලයේම පරව යාමට ඉඩහැරීමක්. ඒ නිසා මං මේ මාහැඟි කාර්යයඉටුකළා.* යම්කිසි පුද්ගලයකුගේ චරිත කතාවක් ලියනවා කියන්නෙ අභියෝගයක්. ඔබ වහන්සේ ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?තවත් කෙනෙක්ගෙ චරිතයක්, වෙනත් පුද්ගලයකු විසින් ලියනවා කියන්නෙ එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ආගමික පූජකවරයෙක්ගෙ චරිතාපදානයක් ලිවීම ඊට වඩා අපහසු කාර්යයක්. ඒ අභියෝගය ජයගැනීමට මං බොහෝසෙයින්ම වෙහෙසුණා. මට අවශ්‍ය වුණේ එතුමාගේ සමාජ ජීවිතයයි. මං එතුමාගේ චරිතාපදානය ගැඹුරින් අධ්‍යයනය කරමින් මේ කෘතිය රචනා කළා. මං හිතුවේ මේ අභියෝගය ජයගැනීම මගින් ශ්‍රී ලාංකේය බහුවිධ සමාජයට අර්ථවත් ආයෝජනයක් කිරීමට මට හැකිවන බවයි.* මේ කෘතියේ අන්තර්ගතය පිළිබද කතා කළොත්?පියතුමාගේ උප්පත්තියේ සිට අද්‍යතන කාලය තෙක් කරුණු කාරණා මං මෙහිදී එක්තැන් කළා. ඒ අනුව ළමාවිය, ඔහුගේ වාමාංශික දේශපාලන මතවාද, කලා දිවිය, ග්‍රන්ථකරණය, පූජක දිවිය, ජනවාර්ගික හා ආගමික කොටස් අතර වෙසෙමින් ඔහු කළ කාර්යභාරය, මිත්‍රත්වය ඇති කිරීම සඳහා කළ මෙහෙවර, උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දීම සහ විවිධ පුද්ගලයන් එතුමා පිළිබඳ දක්වන අදහස් මෙහි අන්තර්ගත කර තිබෙනවා.* බෞද්ධ භික්ෂුවක්, කිතුනු පූජකවරයකු පිළිබද චරිත කතාවක් රචනා කිරීම එක්තරා විදිහකින් සුවිශේෂී දෙයක්. මේ පිළිබඳ ඔබ වහන්සේ දරන්නේ මොනවගේ අදහසක්ද?අප මනුෂ්‍යයන් ලෙස මිනිසත්බව අගය කළ යුතුයි. පක්ෂ, පාට, ආගම් භේද තිබුණට අපි හැමෝම මනුෂ්‍යයෝ. භික්ෂුවක් ලෙස අප මේ විදිහට ක්‍රියාකිරීම මඟින් කරන්නෙ සැබෑ මිනිස්කම අගය කිරීමක්. බුද්ධ පුත්‍රයකු ඒ වගේ දෙයක් කරනවා කියන්නෙ සමාජයට ආදර්ශයක්. බුදුහිමියන් දේශනා කළ මෙත්තාව පදනම් කරගත් බුදු පුතකු ලෙස, අප ක්‍රියාවෙන්ම ඒ දේ ඔප්පු කර පෙන්විය යුතුයි.භික්ෂූන් වහන්සේලා, හින්දු, ඉස්ලාම්, කිතුනු පූජකවරුනුත් මෛත්‍රියේ බැම්මෙන් බැඳී සිටීම රටේ ඉදිරි ගමනට විශාල දිරියක්. ඒ නිසා තමයි අප මේ වගේ කටයුතුවල නිරත වෙන්න ඕනෙ. ඒ විදිහේ කටයුත්තක නිරතවීම, ඇත්තටම සුවිශේෂී කාර්යයක්.භික්ෂුවක් විදිහට අප හුදෙක් සිංහල බෞද්ධයන් අතරට පමණක් නෙමෙයි යා යුත්තේ. ආගමික සහනශීලී බව අප අගය කළ යුතු දෙයක්.මර්සලීනු ජයකොඩි පියතුමා ක්‍රියා කළෙත් ඒ විදිහටයි. ඒකයි එතුමාට අප මල්පැලේ උපන් පන්සලේ පියතුමා කියලා කිව්වේ. බුදු දහම පෝෂණය කරන්න, රැකගන්න වෙනත් ජාතීන්ගෙන්, වෙනත් ආගමික භක්තිකයන්ගෙන් විශාල සේවයක් ඉටුවුණා. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, ඒ අතරින් ප්‍රධාන වෙනවා. ඒ අය එබඳු සේවාවක් ඉටුකළේ නැත්නම්, අපි අධිරාජ්‍ය ගැති, අන්‍යාගමික මත සමඟ ජීවත්වන පිරිසක් වන්නට ඉඩ තිබුණා.ඒ නිසා, ආගමික සහනශීලීභාවයෙන් යුතුව ජීවත්වීමට එය ආදර්ශයෙන් පෙන්වීමටයි මං උතුම් වූ චරිතයක්, පියතුමෙක් පිළිබඳ මේ කෘතියෙන් කතා කළේ. මේ මඟින් අපැහැදුණු අය පහදවා ගැනීමටත්, පැහැදුණු අය තවත් පහදවා ගැනීමටත් හේතුවේ යැයි මා විශ්වාස කරනවා.* චරිත කතාවක් ලිවීමේදී ඒ පුද්ගලයාගේ චරිතයේ විවිධ ඉසව් පිළිබඳ ගැඹුරින් තොරතුරු සොයා ගැනීමට සිදුවෙනවා. මේ කෘතිය රචනා කිරීමේදී ඔබ වහන්සේ මේ චරිතය පිළිබඳ තතු එක්රැස් කර ගත්තේ කොහොමද?මේ සඳහා කිරීමට සිදුවූ ගවේෂණය එතරම් පහසු එකක් වුණේ නෑ. බොහෝ කරුණු කාරණා බොහොම සියුම්ව අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. එතුමාගේ ජීවිතයේ පෞද්ගලික තොරතුරු වැඩිපුරම මං සඳහන් කළේ නෑ. එතුමාගේ සමාජ මෙහෙවර අධ්‍යයනය කිරීමයි මගේ අරමුණ වුණේ. ඒ නිසා මම එතුමාගේ සමාජ, ආගමික, දේශපාලන මෙහෙවර පිළිබඳ හොඳින් අධ්‍යයනය කළා.මේ චරිතාපදානය ලිවීමේදී මං තෙවදෑරුම් පර්යේෂණ ක්‍රමවේදයක් අනුගමනය කළා. පියතුමා ඇසුරු කරන හා ඇසුරු කළ අය සොයාගෙන ගිහින් ඒ අයගෙන් සෘජුවම තොරතුරු ලබා ගත්තා. එසේ හමුවන්නට අපහසු පුද්ගලයන්ගේ දුරකථන අංක ලබාගෙන, ඔවුන් හා දුරකථනයෙන් සම්බන්ධ වුණා. තවත් අයගෙන් ලිඛිතව තොරතුරු ලබා ගත්තා. එතුමා විසින් ලියූ පොත්පත් හා පුවත්පත් ලිපි අධ්‍යයනය කළා. සදොස් තැන් පියතුමාගෙන්ම අසා දැනගත්තා. ඒ විදිහට තමයි මේ කෘතියට අවැසි තොරතුරු එක්රැස් කර ගැනීම සිදුවුණේ.* ජාතික හා ආගමික සමගිය ඇතිකරලීම සඳහා, සරත් හෙට්ටිආරච්චි පියතුමා විසින් කළ සමාජ මෙහෙවර, ඔබ වහන්සේ දකින්නෙ කොහොමද?පියතුමා, මල් වගේ ම ගල් වුණත් පිළිගැනීමට තරම් නිහතමානී වූ කාරුණික හදවතක් ඇති අයෙක්. එතුමා ආගමික සහනශීලී බව අගය කරන කෙනෙක්. ජනවාර්ගික හා ආගමික මිත්‍රත්වය, කුඩා වයසේ සිටින දරුවාගේ සිට ම ඇති කිරීමට එතුමා කටයුතු කරනවා. ඒ සඳහා එතුමා ග්‍රන්ථකරණයේත්, සංගීතකරණයේත් දිගින් දිගටම නිරත වෙනවා. ‘ගමටම නත්තල්’, ‘පන්සලයි පල්ලියයි සිංහල දමිළ අලුත් අවුරුද්දයි’, ‘සාමයේ ගීතය’ වගේ සාර්ථක නිර්මාණ එතුමා කළේ මේ උදාර අරමුණ පෙරදැරිවයි.මේ හැම වැඩසටහනක් ම කළේ කිතුනු භක්තිකයන් වෙනුවෙන් පමණක් නෙමෙයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආදී සැවොම වෙනුවෙනුයි. එතුමා ශ්‍රී ලාංකේය ජන සමාජයේ සැවොම වෙනුවෙන් කටයුතු කිරීමට ක්‍රියා කළේ 2005 වසරේ සිටයි. බොහෝ දෙනෙක් රට වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු නොකළ යුගයක, ජාතියේ ධජය අරගෙන රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට එතුමා අමතක කළේ නෑ. එතුමා යුද සම‍යේදී යුද්ධය පැවැති ප්‍රදේශවලට ගිහින්, යුද ටැංකිවල නැගී ගොස්, රණවිරුවන්ට දිරිදුන්නා.දෙස් විදෙස් බලවේග ක්‍රියාත්මක වෙද්දි, ඒ මතවලට විරුද්ධව ජාතික අනන්‍යතාව, දේශීය ගෞරවය වෙනුවෙන්, දේශයේ ආරක්ෂාව වෙනුවෙන් එතුමා දිගින් දිගටම ක්‍රියා කළා. පීඩිත දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් එතුමා ක්‍රියාත්මක වුණා.අද සමහර අය ආගම වෙනුවෙන් ජීවිත පූජා කරන්න පාරට බහිනවා. ආගමික, ජාතික ගැටුම්වලදී සියදිවි නසා ගැනීම, කලකෝලාහල, ආගමික ස්ථාන විනාශය, පූජකවරුන්ට හිරිහැර කිරීම වැනි දේ කරන්නේ ආගමික උන්මත්තකයෝ. ආගමික උමතුව විශාල පිළිලයක්. අපට අවශ්‍ය ආගමික උමතුව ඉස්මතු කිරීම නෙමෙයි. තමන් අදහන ආගම කුමක් හෝ වේවා, ඒ අනුව ජීවිතය පවත්වාගෙන යාමයි. පියතුමා සෑම විටෙකම කටයුතු කරන්නෙත් ආගමික සහනශීලී බව අගය කරමිනුයි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=f1311273
සිංදුවක් ලිව්වට; නවකතා ලියන්න බෑ!
රන්ජන් අමරරත්න
සිංදුවක් ලියූ පමණින් සාර්ථක නවකතාකරුවෙක් විය හැකි ද? කතාබහට ලක්වන කෙටිකතාවක් රචනා කළ පමණින් දැවැන්ත සිනමාකරුවෙක් විය හැකි ද? ජනප්‍රිය පත්තරකාරයකු වූ පමණින් අති - දක්ෂ රංගධරයෙක් විය හැකි ද? මේ සියල්ල ප්‍රශ්න කළ යුතු තැනෙක අපි අද රැඳී සිටිමු.අපේ සමාජයෙහි මුල් බැසගත් එක්තරා සාවද්‍ය මතයක් වන්නේ කලාකරුවා යනු සියල්ල දත්; සියල්ලෙහි නිපුණ පරිපූර්ණ මිනිසකු යන්න ය. මේ වැරැදි වැටහීම නිසා සමාජයත් - කලාකරුවාත් යන දෙපාර්ශ්වය ම අමාරුවේ වැටෙති. ශේක්ෂ්පියර් නාට්‍ය හා පද්‍ය රචනා කළ ද, නවකතා ලියන්නට උත්සාහ කළේ නැත.මාර්ටින් වික්‍රමසිංහ ප්‍රබන්ධ කථාකරුවෙකු හා විචාරකයකු වන නමුදු කවි හෝ සිංදු හෝ ලියන්නට ගියේ නැත. ඔහු විසින් රචනා කරන ලද නාට්‍ය කිහිපය ද අසාර්ථක ය. මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍යකරුවකු, නවකතාකරුවකු හා විචාරකයකු වන නමුදු චිත්‍රපටකරුවකු වන්නට ගියේ නැත. කලාකරුවකු සැබෑ වුව ඔහු සියලු ක්ෂේත්‍රයන්හි කෙළපැමිණි තැනැත්තකු වන්නේ නැත. කිසිවකුට ජයග්‍රහණ ලැබිය හැක්කේ ක්ෂේත්‍රයක් හෝ දෙකක් හෝ තුළ පමණි. මේ යථාර්ථය කලාකරුවා ද වටහා ගත යුතු ය.අපට ‍ෙම් පූර්විකාව ලියා තබන්නට සිත් වූයේ; යමුනා මාලනී පෙරේරා මහත්මියගේ “ඉනික්බිත්තෙන්” නම් වූ නව ප්‍රබන්ධය කියැවීමෙන් පසු ය. යමුනා මාලනී මහත්මිය ගීත රචනා ක්ෂේත්‍රයෙහි ද, සිංහල නූතන පද්‍ය ක්ෂේත්‍රයෙහි ද නමක් තැබූ ප්‍රසිද්ධ කාන්තාවෙකි. ඈ එම ක්ෂේත්‍ර තුළ යම් නිපුණතාවක් ප්‍රකට කර ඇත්තේ වුව නවකතාවට අතිශය ආගන්තුක බව පෙනී යයි.කවිය, ගීතය හා නවකතාව අතර අහසට - පොළොව බඳු දුරස්තතාවක් පවතී. කවිය හා ගීතය වචන මුල්කරගත් සංක්ෂිප්ත - සංගීතමය රචනාවක් වන අතර එය බොහෝ විට හදවතට කතා කරයි. ‍එහෙත් නවකතාව ඊට වඩා පුළුල් සමාජයීය ක්ෂේත්‍රයක් නියෝජනය කරමින් බුද්ධිය අවුළුවාලීමට වෑයම් කරයි. නවකතාවේ මූලධර්ම, ශිල්පධර්ම හා සම්ප්‍රදාය නො දැන කතා කලාවට පිවිසෙන තැනැත්තා එහි අතරමං ‍වෙයි. යමුනා මාලනීට සිදු වී ඇත්තේ ද ඒ ටිකම ය.නූතන නවකතාවේ මූලධර්ම කවරේ ද?1. කතාවස්තුව හා හැඩය2. චරිත නිරූපණය3. පසුබිම4. දෘෂ්ටිකෝණය5. භාෂාව හා ශෛලිය6. තේමාව‍7. උත්ප්‍රාසය හා සංකේත භාවිතයලෝකයේ විශිෂ්ට ම නවකතාවල දක්නට ලැබෙන ප්‍රධාන හා කැපී පෙනෙන ලක්ෂණය වන්නේ කුමක්දැ‍‍’යි කෙනකු ඇසුවහොත් ඊට දිය හැකි කදිම පිළිතුර වන්නේ ශූර චරිත නිරූපණය යන්න ය. චරිත නිරූපණයෙන් තොර නවකතාවක් නැත යන්න පිළිගත් මතය වේ. ගුස්ටාව් ෆෝබෙයා හා අර්නස්ට් හෙමිංවේ චරිත නිරූපණය ගැන සඳහන් කර ඇති බොහෝ කරුණු ශ්‍රී ලාංකේය සාහිත්‍යකරුවන් අතර ප්‍රකට ය. චරිත නිරූපණයේ දී සැලැකිල්ල යොමු කළ යුතු කරුණු කිහිපයක් ද සඳහන් කළ හැකි ය.‍1. චරිතයක හැසිරීමේ විශේෂතා හඳුනාගැනීම.2. චරිතයක බාහිර පෙනුමේ විශේෂතා අධ්‍යයනය කිරීම.3. චරිතයක පසුබිම හා මානව සම්බන්ධතා ගවේෂණය කිරීම.4‍. චරිතයක අධ්‍යාත්මය හෙවත් ඔහුගේ සිතිවිලි හඳුනාගැනීම.නවකතාකරුවාගේ ප්‍රධාන කාර්යය වන්නේ චරිත නිරූපණය නම්; කතාකරුවා ඒ සඳහා බරපතළ අභ්‍යාසයක යෙදිය යුතු ය. චරිතයක හැසිරීමට තර්කයක් තිබිය යුතු ය. චරිතයක මුවින් ගිලිහෙන වචනවලට විශ්වසනීය බවක් හා අව්‍යාජ බවක් තිබිය යුතු ය. ඇතැම් සාර්ථක ලේඛකයෝ චරිත ගවේෂණය සඳහා දීර්ඝ කාලයක් ගත කරති. වඩාත් වැදගත් වන්නේ තමාගේ තේමාව සමඟ බද්ධ වන ලෙස ප්‍රධාන චරිත මෙහෙයැවීම ය. එය සූක්ෂ්ම වූ තරමට සාර්ථක නවකතාවක් බිහිවනු ඇත.අවාසනාවකට මෙන් අපේ නූතන නවකතාකරුවෝ චරිත නිරූපණය තුට්ටුවකට නො සලකති. යමුනා මාලනී මහත්මිය ද ඒ ගණයට ම ඇතුළත් කළ හැකි ය. ඇගේ චරිත හැසිරෙන්නේ විකාර ලෙස ය. ඇතැම් විට එක තැන පල්වෙන ගතියක් ද, එක ම දේ වමාරන ගතියක් ද දකින්නට ලැබේ. නවකතාවේ ප්‍රධාන චරිතය ලෙස ගත හැක්කේ දීප්තා ය. ඇගේ චරිතයෙන් මතුවන්නේ බරපතළ අ‍ඳෝනාවක් පමණි. දීප්තා හැසිරෙන්නේ ද අභව්‍ය ලෙස ය.නැන්දා - ලේලිය හබය, මාමා - බෑණාගේ හුටපටය, පුංචි අම්මාගේ හා තාත්තාගේ නොගැළපීම, අම්මා හා බාප්පාගේ දබරය මෙරට සමාජයට මතු නො ව; සමස්ත ලෝක සමාජයට ම පොදු වූ ගැටලුවෙකි. ඒ ඒ සමාජ විසින් ස්වකීය සංස්කෘතියට අනුව ඒවා විඳ දරා ගනු ලැබේ. මේ සංවේදී විෂයය නවකතාවකට හොඳ අමුද්‍රව්‍ය සපයන’මුත් යමුනා මාලනී ඉන් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැත. නවකතාව ආරම්භයේ සිට අවසානය දක්වා ම එක ම යාං හෑල්ලක් අසන්නට ලැබේ. එය එක අතෙකින් නීරස ය. තව අතෙකින් වෙහෙසකර ය.කතුවරිය නවකතාව පිළිබඳ අවබෝධයකින් තොරව තමන්ගේ සිතැඟි හා සිහින කියාගෙන යන බවක් පෙනෙන්නට තිබේ. ඇයට තේමාවක් නැත. ඉලක්කයක් නැත. යටි පෙළක් නැත. සිංදු ලිවීමට වඩා නවකතා ලිවීම අපහසු බව යමුනා මාලනී තේරුම් ගත යුතු ය. හිරු, මල්කා, දම්මි, නිලංග, මිසිස් ජයවංශ, දේවේන්ද්‍ර, සැන්ඩ්‍රා යන සියලු චරිත කාඩ්බෝඩ් චරිත ලෙස ඔහේ හැසිරෙති. ඒවාට ලේඛිකාව විසින් ම බෝඩ් ලෑලි අලවා වර්ගීකරණයට ලක්කර තිබේ. ස්වාධීන හා ජීවමාන චරිත ගැන යමුනා දන්නා දෙයක් නැත. ඇතැම් චරිතවල හැසිරීම් හා සංවාද ‍දකින විට පාඨකයා සිනාසෙනු ඇත.කැරල් ඩෝසන්ගේ “ද මදර් ඉන් ලෝ” නම් කෘතිය අප සිහියට නැඟේ. මේ කෘතියෙන් මතු කරනුයේ ද නැන්දම්මා, ලේලිය හා පුතා - අම්මා අතර ඇති ගැටුම ය. එහි දී ලේලිය ඉතා බුද්ධිමත් ලෙස හැසිරෙන අයුරු ද, නැන්දම්මා අවසානයේ තැන්පත් වන අයුරු ද ඉතා මැනැවින් නිරූපණය කෙරේ. එහි එන ගැටුම් ඉතා ස්වාභාවික ය. කෘත්‍රීම නැත. එම කතාව අවසානයේ මනුෂ්‍යත්වය දෙසට යොමු වේ. වේගවත් හා විශ්වසනීය ශෛලියකින් ලියැ වී ඇති “ද මදර් ඉන් ලෝ” කෘතියෙන් ජීවිතය ගැන බොහෝ දේ උගත හැකි ය. එබඳු නවකතාවක් කියවන විට දැනෙන්නේ යමුනා මාලනීලා ඉන්නේ කොහේ ද කියා ය.මේ කතුවරිය නවකතාව යන විෂය ගැන මුලසිට උගත යුතු ය. ඇගේ කතා වස්තුව දුර්වල ය. භාෂාවේ කිසිදු භාවපූර්ණ බවක් නැත. අව ම ලෙස ඇඟට හා සිතට දැනෙන සංවාදයක් ගොඩනැඟීමටවත් කතුවරිය සමත් වී නැත. මෙබඳු යාන් හෑලි නොලියා තමන් දන්නා කලාවක් කරගෙන සිටීම කතුවරිය කළ යුතු හොඳ ම කාර්යය වන්නේ; ඒ මගින් සිංහල නවකතාවට සැලැකිය යුතු සේවාවක් ඉටු කළ හැකි බැවිනි.නවකතාව පිළිබඳ කිසිදු අධ්‍යයනයක් හා හැඟීමක් නැති හිස් පිරිසක විසින් සිංහල නවකතාව ආක්‍රමණය කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල ප්‍රබන්ධ කතාව අර්ථය අතින් පිරිහෙන්නට පටන්ගෙන තිබේ. යමුනා මාලනී වැනි අය සිංහල නවකතාවට බරපතළ හානි දෙකක් සිදු කරති. පළමුවැනි හානිය වන්නේ නවකතා නමින් බහුභූත ලිවීම නිසා, සිංහල නවකතාවේ අර්ථාන්විතභාවය කෙලෙසීම ය. දෙවැනි හානිය වන්නේ මෙබඳු නීරස කතා නිකුත් කිරීම නිසා නවකතා පාඨකයන් ඒ කෙරෙන් දුරස්වීමය.“ඉනික්බිත්තෙන් නවකතාවට පාදක වන්නේ ඉතා ම සරල කතා පුවතකි. නමුත් ඒ ඔස්සේ පාඨක මනස බොහෝ දුර දිග තැන්වලට ගමන් කරනු ඇතැ’යි යන්න මාගේ විශ්වාසයයි. එදිනෙදා සමාජයේදී අද බොහෝ විට හැබෑ ආදරය - ප්‍රේමය හැබෑ මව්පිය දූ දරු සෙනෙහස දකින්ට නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබේ. ඒ සංකීර්ණ ජීවන රටා ඔස්සේ ඔද්දල් වූ මනස සේ ම, වාණිජත්වය ආරෝපණය වනවාට වඩා සිදු වී ඇති අධ්‍යාත්මික දූෂණය ඔස්සේ සිදු වන දේවල් යැයි හඟිමි.” යමුනා මාලනී කියන කිසිවක් ඇගේ කෘතියෙහි නැත. එය සරල කතා ප්‍රවෘත්තියක් වුව එම කතා ප්‍රවෘත්තිය අයාලේ ගෙන ගොස් රටේ යෞවන යෞවනියන්ට නරක ආදර්ශයක් ද ලබා දෙයි.එම ආදර්ශය වන්නේ අඩු වයසින් ලව් කරපල්ලා, ඊට පසු ගෙදරින් පැනගොස් එකට ජීවත් වෙයල්ලා යන්න යි. ඊළඟට එන ප්‍රශ්න කෙසේ හෝ විසඳාගත හැකි බව ද ඇය කියයි. මේ නීරස - ඒකාකාරී මෝඩ ප්‍රබන්ධයට ඉනික්බිත්තෙන් යන නම තබන ලද්දේ කුමන හේතුවක් මතදැ’යි සිතා ගත නොහැකි ය.සරල කතා වස්තුවකින් සාර්ථක නවකතාවක් ගොඩනඟන ආකාරය බටහිර ඉංග්‍රීසි ප්‍රබන්ධ කථාවෙන් උගත හැකි ය. එම ප්‍රබන්ධවල ඇති භාෂාව, නිරූපණය, සංකේත භාවිතය, ශෛලිය ආදී මූලධර්ම සලකා බලන විට යමුනා මාලනීලා වැනි අය නවකතාව ගැන දන්නේ මොනවාදැ’යි සිතේ.අවසන් ලෙස කිව හැක්කේ” ඉනික්බිත්තෙන්” යනු නවකතාවක් නො ව; නිකම්ම පල්හෑල්ලක් බව ය. එය කියැවීමෙන් ලද හැකි කිසිදු ජීවන පරිචයක් නැත්තේ ය..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=f1311274
මතු පරපුරේ දියුණට පදනම දැමූ නායකයා
සටහන ජයසිරි මුණසිංහ
“කියන දේ කරන-කරන දේ කියන” උතුම් ගුණය සහිත රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. අපට මේ ප්‍රකාශය නොබියව පැවැසීමට හැකියාව ලැබුණේ කෙසේද? හැකියාව ලබා දුන්නේ කවුද? යන ප්‍රශ්න දෙකටත් පිළිතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්ම මේ වනවිට සපයා දී තිබේ.අප කවුරුත් දන්නා පරිදි මේ රට පුරා වසර තිහක් මහා විනාශකාරී කොටි ත්‍රස්තවාදී ව්‍යවසනයකින් පීඩා විඳි රටක් විය. කොටි ත්‍රස්තවාදය රණබිමේදී මුළුමනින්ම පරාජයට පත් කළ නොහැකියි යන මතය අපේ රටේ ජනතාවගේ මනසට ඇතුළත්ව තිබුණි. එය අප රටේ ජනතාවගේ සිත්වලට ඇතුළත් කළේ බටහිර ප්‍රබල රාජ්‍යයන් හා මේ රටේ කොටි ත්‍රස්තවාදයට බිය වූ, රටට එරෙහි දේශපාලනඥයන් කිහිප දෙනකු විසිනි.පුරා වසර තිහක් අප රට වෙළාගත් බිහිසුණු කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජයට පත් කිරීමට ජනාධිපතිතුමා සමත් විය. එතුමාට පෙර අප රටේ රාජ්‍ය නායකත්වය ඉසිළු කිසිදු නායකයකුට ඒ කාර්ය ඉටු කළ නොහැකි විය. කොටි ත්‍රස්තවාදය එදා උතුරෙන් ආරම්භ වී මුළු රටම භීතියට, විනාශයට ලක් කරද්දී, සමහර නායකයෝ රට පාවාදෙන ගිවිසුම්වලට එළැඹ කොළඹට සීමා වී හෝ බලය රැක ගැනීමට ක්‍රියා කළ අයුරු අප දැක තිබුණි.කොටින්ට බියේ, කොටියාට ‘කොටියා’ ලෙස හැඳින්වීමට පවා කොන්දක් නොතිබූ නායකයෝ රටේ පාලනය කෙටි කාලයක් තුළ හෝ ගෙන ගියහ. මෙවන් අඳුරු යුගයක් නිමා කරන්නට තමා බලයට පත් වූ පසු ක්‍රියා කරන බව ජනාධිපතිතුමා එදා අග්‍රාමාත්‍යධුරය දරමින් සිටින විට දී ප්‍රකාශ කෙළේ ය. එය වචනයට පමණක් සීමා නොකොට, ක්‍රියාවෙන්ම ඔප්පු කළ එතුමා වසර 2009 මැයි මස 19 වැනිදා අප රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර දුන්නේ ය.එදා කොටි බළමුළු මුළුමනින්ම රණබිමේදී පරාජයට පත් කළ එතුමා, කියන දේ කරන , කරන දේ කියන නායකයකු බවට මුළු ලොවටම නිහඬව ප්‍රකාශ කැරැ සිටියේ ඒ අයුරිනි. එතැනින් නතර නොවුණු ජනාධිපතිතුමා, යුද්ධය නිමා කරලීමෙන් පසු ඇතිවූ සාමය, සාමකාමී බව හා සංවර්ධන හිතකාමී පරිසරය ඇතුළත රට, රටේ ජනතාවගේ සුබසෙත සැලැසීමට කටයුතු කළේ, නිතර නිතර ඒ සෑම කාර්යයක් ගැන සොයා බලමින්ය.නිල් අහස, මහ සයුර, වෙළෙඳ, බලශක්ති හා දැනුම කේන්ද්‍රීය ආසියාවේ ආශ්චර්යවත් රට බවට අප රට පත්කරන බව එතුමා එදා වසර 2010 දී කියා සිටියේ ය. ඒ සඳහා අවශ්‍ය මූලික ආර්ථික යටිතල පහසුකම් වේවා, මහජන උපයෝගීතා පහසුකම් වේවා, නොපැකිළ ඉදිකිරීමට ජනාධිපතිවරයා පියවර ගතතේය.වසර 2005 රාජ්‍ය නායකත්වයට පත් මුල් අවස්ථාවේදීම ලෝක ආර්ථිකයේ මන්දගාමී වර්ධනය, ඉන්ධන මිල ගණන් ඉහළ යෑම, ස්වභාවික විපත්, ත්‍රස්ත ප්‍රහාර නිසා වන හානි ඉහළ යෑම වැනි අනේක දෙස් විදෙස් අභියෝග හමුවේ නොසැලී, ඊට මුහුණදීමට එතුමා සමත් විය.මහා විනාශකාරී යුද්ධය පැවැති සමයේ රාජ්‍ය නායකයා ලෙස, මානුෂීය මෙහෙයුමට නායකත්වය සපයන අතර, රටේ සෑම ප්‍රදේශයකම යටිතල පහසුකම් සංවර්ධනය, ජනතා සුබසාධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම හා ජාතික ආරක්ෂාව සැලසීම යන කරුණු තුනටම මුදල් ලබාදීම සැබැවින්ම අදහා ගත නොහැකි කාර්යක් විය.මීට පෙර රට පාලනය කළ නායකයෝ යුද්ධය කියා පවසමින් රටේ සංවර්ධන වැඩවලට ලබා දුන් මුදල අඩු කළේ ය. ජනතා සුබ සාධනයට ලබා දුන් මුදල අඩු කළේ ය. එනමුත් ජනාධිපතිතුමා කිසි විටෙකත් එසේ සිදු නොකොට සෑම අංශ දියුණුවකටම එක සේ මුදල් ආධාර ලබාදෙමින් ක්‍රියා කළහ. ඒ රාජ්‍ය නායකත්වයට පත්වීමට පෙර කී දේ එලෙසම ක්‍රියාවට නංවමිනි.යුද්ධයෙන් බැට කෑ අපි, උපන් උතුරු පළාතේ වව්නියාවේ, මඩුකන්ද වැනි අති දුෂ්කර ප්‍රදේශවල ජනතාව එදා විඳි දුක් ගින්දර නිමා කිරීමට පියවර ගත් ජනාධිපතිතුමා, අප පළාතේ ජනතාව ජීවිත කාලයට ම බලාපොරොත්තු නොවූ සංවර්ධනයක් ඒ ප්‍රදේශවල මේ වනවිට ඇතිකොට තිබේ. මේ දේ ඉටු කිරීමට ජනාධිපතිතුමා සමත් වූයේ එතුමා සැබෑ ජනතා හිතවාදි, මානව හිතවාදි නායකයෙකු ලෙස “ගම” “දේශීයත්වය” මුල්කොට ගත් උදාර පරපුරක උරුමකරුවෙකු වීම නිසා ය. සෑම තීන්දු තීරණයක් ම ගනිද්දී රටටත්, ජනතාවටත් සුවිසල් ජයග්‍රහණ ලබාදීම එතුමාගේ ඉලක්කයි. අපේක්ෂාවයි.කොටි ත්‍රස්තවාදය නිමා කිරීමත් සමඟ අප රටේ දැවැන්ත ඉදිරි සංවර්ධනයක් ඇති කළ යුතු යැයි කල්පනා කළ එතුමා, ඒ සඳහා සුදුසුම මෙහෙයුම, අධ්‍යාපන අංශයේ ගුණාත්මක බව ඉහළ නැංවීම යැයි කියා සිටියේ ය. එදා ඒ කිවූ ලෙසින්ම මේ වනවිට අප රටේ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කරලීමට එතුමා සමත් වී සිටියි.පාසල් පද්ධතියට අවශ්‍ය සෑම භෞතික පහසුකමක්ම ලබාදීමට පියවර ගන්නා අතර දරුවන්ගේ දැනුම, අවබෝධය සහ බුද්ධිය වැඩි කරලීමට අවශ්‍ය කටයුතු ද සම්පාදනය කළේ ය. කලා, වාණිජ, විද්‍යා, ගණිත යනාදී උසස්පෙළ විභාගයට පෙනී සිටින විෂය ධාරා හතරට තවත් එක් සුවිශේෂී විෂය ධාරාවක් වන තොරතුරු තාක්ෂණය එක් කළ ජනාධිපතිතුමා, අප රටේ දූ දරුවන්ට නව ලෝකය දිනීමට ඉඩකඩ ලබා දුන්නේ ය.“මහින්දෝදය” ද්විතියික පාසල් දහසක් සංවර්ධනය කිරීම, සිසු මිතුරු පාසල් ලෙස ප්‍රාථමික පාසල් පන් දහසක් වැඩිදියුණු කිරීම ඇතුළු අධ්‍යාපන අංශයේ භෞතික සම්පත් දියුණුවට වසර අටක පාලන කාලය තුළ වැඩිම මුදල ලබා දුන්, ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. මේ සියල්ල ඉටු කරන අතර, අලුතින් ගුරු සේවයට දස දහස් ගණනින් පිරිස් බඳවා ගැනීම, ඔවුන්ට ඉහළ පුහුණුවක් ලබා දීම පාසල් විෂය නිර්දේශ අලුත් කිරීම, දරු දැරියනට පෙළ පොත්, නිල ඇඳුම් , දිවා ආහාරය නොමිලේ ප්‍රදානය කිරීම සිදු කළේ ය.පාසැල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන් සැමට ඒ සඳහා ඉඩ කඩ හා අවස්ථා අනිවාර්යෙන්ම ඇති කළේ ජනාධිපතිතුමාය. පාසැල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලට එක හා සමානව සම්පත් ලබා දී ඒවා දියුණු කරනවාට අමතරව, මේවා සියල්ල අතර මනා සම්බන්ධීකරණයක් සහිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ඒ ආයතනවලට නායකත්වය ලබා දුන්නේද එතුමා ය.පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මවුබිමට ආදරය කරන්නැයි යන පණිවිඩය ජනහදවත්වලට කාන්දු කළ, මතු පරපුරේ දියුණුවට වර්තමානයේ ගොඩනඟන සියලු සම්පත් තිළිණ කළ ජන නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ය.කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජයට පත්කොට, රට එක් සේසත් කළ එතුමාට, මානව හිමිකම් කඩ කරනවා යැයි ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල විණි. ජාත්‍යන්තරය කරනු ලබන චෝදනා මුසාවක් බව ඔවුන්ට සියැසින් දැක බලා ගන්නට මේ වනවිට අවස්ථාව උදාවී ඇත. ඒ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අප රටේ පැවැත්වීම නිසා ය.මේ මොහොත වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සභාපතිවරයා අප රටේ රාජ්‍ය නායකයාය. මේ නව ධුරය එතුමා වසර දෙකක් පුරා හොබවනු ඇත. මේ කාලය ඇතුළත එල්ල වී ඇති සියලු චෝදනා, විවේචන මුසාවක් බවට පත් කිරීමට එතුමා ක්‍රියා කරන බවට අපට කිසිදු සැකයක් නොමැත. ඒ මන්ද අතිගරු ජනාධිපතිතුමා කියන දේ කරන, කරන දේ කියන නායකයෙකු බව ඉතිහාස තුළින් ඔප්පු කර ඇති බැවිනි..
NEWSPAPER
2013.11.27
http://www.dinamina.lk/2013/11/27/_art.asp?fn=f1311275
මහින්ද චින්තන මොඩලය අපේ රටට නියමෙට ගැළපෙනවා
null
හැමිටන් සහ ලිස්ට් යන ආර්ථික විද්‍යාඥයන් ආර්ථික සංවර්ධනය ක්‍රියාවලියට පසුව එක්වන රටවල් සම්බන්ධව තම ආර්ථික මොඩලය ඉදිරිපත් කරමින් දක්වා ඇත්තේ, මෙවැනි රටක් ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගැනීමට නම්, රජය සංස්කරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින්, කාර්මික අංශය ප්‍රරෝහණය කළ යුතු බවයි.එනම් සංවර්ධන ක්‍රියාවලියේ රජයේ භූමිකාව, පහසුකම් සපයන්නා සහ මඟ පෙන්වන්නා බවයි. 2005 වසරෙන් පසු ඇරැඹෙන මහින්ද මොඩලය ආර්ථික සංවර්ධනය ක්‍රියාවලියේ කුමන භූමිකාවක් රඟදක්වමින්, කුමන දිශානතියකට ශ්‍රී ලංකාව ගෙනයනු ලබයි ද?රටක ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ පෙරගමන්කරු සහ අභිප්‍රේරණය සපයන්නා රටක් සතු යටිතල පහසුකම් ව්‍යුහය වේ.වඩා උසස් මට්ටමේ යටිතල පහසුකම් ව්‍යුහයක් පැවැතීම රටේ ආර්ථික ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කිරීමටත්, වේගවත් කිරීමටත්, පෞද්ගලික ව්‍යාපාර අංශය පෙලඹවීමටත් ඍජුවම හේතු වන බව හැමිටන් සහ ලිස්ට් තම න්‍යාය මගින් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම එවැනි උසස් මානව සම්පත් සමඟ වඩාත් වර්ධනීය යටිතල පහසුකම් ව්‍යුහයක් පවතින රටක ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් සහ විස්වසනීයත්වයෙන් යුක්ත එකක් වනු ඇත.ජපාන-දකුණු කොරියා ආර්ථික මොඩලයන්ශ්‍රී ලංකාවේ මහින්ද මොඩලය විශ්ලේෂණය කිරීම සඳහා භාවිත කළ හැකි හොඳ ම ආදර්ශයන් වන්නේ, ජපාන සහ දකුණු කොරියානු ආර්ථික මොඩලයන් ය. ඉතා උසස් මානව සම්පත් වර්ධනයක් සහ ඉහළ මට්ටමේ යටිතල පහසුකම් ව්‍යුහයක් පවත්වා ගනිමින් මේ රටවල් දෙක දෙවැදෑරුම් මූලෝපායයන් භාවිත කරමින්, අවිච්චින්න ආර්ථික වර්ධනයක් අත් කරගනු ලැබූහ. පළමුව මේ මොඩල දෙක සංක්ෂිප්තව අවබෝධ කරගනිමු.ජපාන ආර්ථික සංවර්ධනයේ මූලික පිබිදීම සිදුවනු ලබන්නේ 1868 මෙයිජි ප්‍රතිසංස්කරණය සමගිනි. මෙයිජි ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය හරහා ගොඩනැංවුණු නව දැනුම, ගොවිපොළේ සිට කර්මාන්ත ශාලාව දක්වා ව්‍යාප්ත කළ අතර, නව දැනුම පාදක කරගෙන නව නිමවුම් සියලුම ක්ෂේත්‍රවල බිහි විය.මෙසේ නිර්මාණය වූ නව නිමවුම් මෙන් ම, නව නිමවුම් සඳහා අවශ්‍ය යෙදවුම් කාර්යක්ෂමව සහ අඩු පිරිවැයක් යටතේ සංචලනය කිරීම සඳහා මහා මාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ ‍ෙගාඩනැගිලි ආදී යටිතල පහසුකම් රජය විසින් ගොඩනංවනු ලැබූහ. නව නැගී එන ව්‍යාපාර පංතිය මේ තත්ත්වය හොඳින් ග්‍රහණය කරගත් අතරම, ඔවුන් වඩ වඩාත් අතිරික්ත නිර්මාණය කරමින් සහ ඒවා ප්‍රතිආයෝජනය කරමින් මේ යටිතල පහසුකම් උපරිමයෙන් සහ නිසි ආකාරයෙන් භාවිත කරනු ලැබීය.අවිච්චින්නව වර්ධනය වූ යටිතල පහසුකම්මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය වාණිජ කෘෂිකර්මයක් ස්ථාපිත වීම, කෘෂිකර්මාන්තය පාදක කරගත් කර්මාන්ත අංශයක් බිහිවීම සහ ඒවා බැර කර්මාන්ත දක්වා වර්ධනය වීම මඟින් රටේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් වීමයි.මෙයිජි ප්‍රතිසංස්කරණවල මූලික ප්‍රතිපත්තිය වූ යටිතල පහසුකම් ගොඩනැංවීම සහ රාජ්‍ය ආරක්ෂාව ගොඩනැංවීම හේතුවෙන්, රජයේ වියදම් අති විශාල වශයෙන් ඉහළ ගිය අතර, 1881 වසර වනවිට ආර්ථිකයේ උද්ධමනකාරී තත්ත්වයක් ද මෝදුවෙමින් පැවතිණි.එහෙත්, ශක්තිමත්ව, අවිච්චින්නව වර්ධනය වූ යටිතල පහසුකම් සහ රාජ්‍ය ආරක්ෂාව හේතුවෙන් අත් කරගන්නා වූ ආර්ථික වර්ධනය මේ තත්ත්වය ලත් තැනම සමනය කිරීමට තරම් ප්‍රබල විය. 1945 දී අත් වූ අන්ත යුද පරාජයෙන් පසුව වුව ද, ජපානයට සාර්ථක සංවර්ධන මාවතක ගමන් කළ හැකි වූයේ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැංවීම සහ තව තවත් මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් තොටුපොළ, පාලම්, වරාය, ජලය, විදුලිය, ගොඩනැගිලි ආදී යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම රජයේ ප්‍රධාන කාර්යභාරය ලෙස සැලකූ බැවිනි.මේ පහසුකම්වලින් උපරිම ඵල නෙළමින්, මානව සම්පතින් සන්නද්ධ වූ පෞද්ගලික ආයෝජන පන්තිය ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් සහ තිරසාර එකක් බවට පරිවර්තනය කළේ ය. අවසානයේ දී ජපන් මොඩලය, ජපන් ආර්ථිකය ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා බවට උස් කොට තැබීය. දකුණු කොරියා මොඩලයේ මෙවලම් මෙයට සමාන වුව ද, මූලෝපායයන් වෙනස්ය. විශේ්ෂයෙන් 1961 සිට 1979 දක්වා ජනාධිපති ධුරය දැරූ පාර්ක් ජනාධිපතිවරයා, සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන සැලසුම් සඳහා ඍජුවම මැදිහත් විය. ආර්ථික ක්‍රියාවලියේ සුක්කානම තම අධීක්ෂණය යටතේ ආර්ථික සැලැසුම් මණ්ඩලයට පවරන ලදී.මේ යටතේ ආර්ථික සංවර්ධනයේ පහසුකම් සපයන්නාගේ භූමිකාව රජය රඟදක්වමින්, මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් තොටුපළ, පාලම්, වරාය, ජලය, විදුලිය, ගොඩනැගිලි ආදී යටිතල පහසුකම් සඳහා රජයේ වියදම් මූලිකව යොදවන ලදී. එපමණක් ද නොව පෞද්ගලික ව්‍යාපාර පංතියේ දුර්වල බව හඳුනාගත් රජය මූලෝපාය ආර්ථික කටයුතු වන දුම්රිය, විදුලිය, ජලය, මූල්‍ය සහ රක්ෂණය, වාහන සහ නැව් තැනීම ආදී ව්‍යාපාරවලද ඍජුවම යෙදෙනු ලැබීය.සංවර්ධන ක්‍රියාවලියට දායක වන නැගී එන කර්මාන්ත ධෛර්යවත් කරමින් සහ සංවර්ධන ක්‍රියාවලියට දායක වන නැගී එන කර්මාන්ත ධෛර්යවත් කරමින් සහ සංවර්ධන ක්‍රියාවලියට දායක නොවන අංශ අධෛර්යවත් කරමින් නිසි ආර්ථික සැලසුම් මගින් රටේ සම්පත් කාර්යක්ෂමව භාවිත කරමින් සහ ඒ සඳහා මඟ පෙන්වමින් පෞද්ගලික ව්‍යාපාරික අංශය ද රටේ ආර්ථික ක්‍රියාවලියට පොළඹවා ගන්නා ලදී. දකුණු කොරියා මොඩලයේ මූලික හරය වූ යටිතල පහසුකම් වර්ධනය, මූලෝපාය ආර්ථික කටයුතු මෙහෙය වීම සහ රජයේ නිසි තීරණ ගැනීමේ ක්‍රියාවලියක් හරහා දකුණු කොරියාව ලෝකයේ ප්‍රබල රටක් බවට පත්කරනු ලැබීය.2005 වර්ෂයේ රටේ පාලන බලය සියතට ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආර්ථික සංවර්ධනය සඳහා භාවිත කරනු ලබන මහින්ද මොඩලය ඉහත ආර්ථික මොඩලයන් දෙකෙහි සම්මිශ්‍රණයක් ලෙස හඳුනාගත හැකිය. මන්ද යත් පසුගිය වසර දොළහක කාලයක් තුළ ආර්ථිකය සංවර්ධන ක්‍රියාවලියේ දී මූලික අවධානය යොමු කොට ඇත්තේ රටේ එක්සේසත්භාවය ඇති කොට, රට තුළ ස්ථාවරභාවය ගොඩනැංවීම සහ යටිතල පහසුකම් ප්‍රමාණාත්මකව ගොඩ නැංවීමයි. මේ අරමුණු දෙක, ආර්ථික සංවර්ධනයේ මූලික අඩිතාලම මෙන් ම, එය පවත්වාගෙන යාමේ බර දරන කශේරුකාවයි.අස්ථාවර වූ රටක් තුළ කිසිදු ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමේ හැකියාවක් හෝ පවත්වාගෙන යෑමේ හැකියාවක් නොපවතින බව ජපන් මොඩලය සාක්ෂි දරයි. එසේ ම, අස්ථාවර රටක ගොඩනංවන සංවර්ධන ක්‍රියාවලිය අධික පිරිවැයකින් යුක්ත වන අතරම, අධික අවදානමකින් ද යුක්ත වෙයි. මේ තත්ත්වය 1983 සිට 2009 දක්වා ශ්‍රී ලංකාවේ ආයෝජනවල වාසි අවාසි විශ්ලේෂණය කිරීමක් තුළින් පැහැදිලිව අවබෝධ කරගත හැකි වේ.2009 වර්ෂයේ රටට සාමය අත්කර දීම මගින් එම පිරිවැය සහ අවදානම පූර්ණ වශයෙන් ම සංවර්ධන මාවතෙන් අතුගා දමනු ලැබී ය. එපමණක් නොව, මෙතෙක් කලක් යුදමය කටයුතු සඳහා භාවිත කළ මානව සහ භෞතික සම්පත් අතිවිශාල ප්‍රමාණයක් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමේ හැකියාවක් නිර්මාණය වී ඇත. මේ තත්ත්වය කොළඹ නගරය තුළ සැරිසැරීමෙන් පමණක් වුවද පැහැදිලිව අවබෝධ කරගැනීමට අප සැමටම අවස්ථාව උදාවී තිබේ.මහින්ද මොඩලයේ මීළඟ අවධානය යොමුව ඇත්තේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ පෙරගමන්කරු සහ පෞද්ගලික ආයෝජන පොලඹවනු ලබන යටිතල පහසුකම් ප්‍රමාණාත්මක ව ගොඩනැංවීමයි. විශේෂයෙන්ම සමස්ත රජයේ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ එම කාර්ය සාධනය කර ගැනීම වෙනුවෙනි. සමස්ත රාජ්‍ය වියදමින් අතිවිශාල කොටසක් මේ සඳහා වැය කරනු ලබන අතර, මහා මාර්ග, වාරි මාර්ග, ජලය, දුම්රිය මාර්ග, ගුවන් තොටුපොළ, නිවාස සහ ඉදිකිරීම් ආදී වූ විශාල යටිතල පහසුකම්වල වර්ධනයක් භෞතික වශයෙන් දැක ගත හැකි වෙයි. මේ පහසුකම් දේශීය මෙන්ම, විදේශීය පෞද්ගලික ව්‍යාපාරිකයන් සඳහා දිරි දීමක් වන අතර, ඔවුන් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියන් සඳහා වැඩි වැඩියෙන් දායක වීමක් සිදු කරනු ලබයි.දකුණු කොරියානු මොඩලයේ දී මෙන් ම, ශ්‍රී ලංකාවේ දුර්වල පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය හඳුනාගත් මහින්ද මොඩලය, ආර්ථික සංවර්ධනයට ඍජුවම දායක වන මූලෝපාය ආර්ථික ක්‍රියාකාරකම්වල ආයෝජනය කොට පවත්වාගෙන යන අතරම, පෞද්ගලික අංශය ඍජුවම මැදිහත් නොවන මහජන සුබසාධනය වර්ධනය කරන ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මැදිහත් වීමද එකවිට සිදු කරනු ලබයි. එය ආර්ථික සංවර්ධනයේ මූලික කොන්දේසි වන කාර්යක්ෂමතා කොන්දේසියත්, සමානාත්මතා කොන්දේසියත් සම සමව පවත්වාගෙන යාමයි. මෙය ඉහත මොඩල දෙකෙන්ම වෙනස් වූ මහින්ද මොඩලයේ ඇති සුවිශේෂ ලක්ෂණය යි.සමාජීය සේවා යටිතල පහසුකම්2003 වර්ෂයේ රුපියල් බිලියන 77.9 ක් වූ රජයේ යටිතල පහසුකම් ආයෝජන වියදම 2009 වසරේ දී රුපියල් බිලියන 310.3 ක් දක්වා ද, 2012 වසරේ දී මෙය රුපියල් බිලියන 388.2 ක් දක්වාද, වර්ධනය වී ඇත. මෙම යටිතල පහසුකම් ආයෝජන වියදම් මූලිකම කොටස් දෙකකි. එනම් ආර්ථික සේවා වියදම් සහ සමාජීය සේවා වියදම් වේ.ආර්ථික සේවා වියදම් මගින් 2013 වන විට අවසන්කළ සහ පවත්වාගෙන යන ව්‍යාපෘති අතර ඉහළ කොත්මලේ ජල බලාගාර ව්‍යාපෘතිය, මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ, කොළඹ දකුණ වරාය ව්‍යාපෘතිය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටරවුම් අධිවේගී මාර්ගය, මාගම් රුහුණු පුර මහින්ද රාජපක්ෂ වරායේ දෙවැනි කොටස, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස, උතුර දුම්රිය මාර්ගයේ දිගු කිරීම ආදී දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති මෙන්ම, කුඩා හා ග්‍රාමීය යටිතල පහසුකම් වර්ධන ව්‍යාපෘති වන මග නැම, ගම නැම, ග්‍රාමීය විදුලිබල ව්‍යාපෘති, සුළු වාරිමාර්ග ව්‍යාපෘති සහ ප්‍රජා මූලික ජල සැපයුම් ව්‍යාපෘති හඳුනා ගත හැකි ය. සමාජීය සේවා යටිතල පහසුකම් වියදම් ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය සහ නිවාස සඳහා වියදම් දැක්විය හැකි වේ.විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් නම්, මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය වැනි රජයේ යටිතල පහසුකම් ආයෝජනවල ස්වභාවය, ඒවායේ ප්‍රතිලාභ කාලය සමඟ සම්බන්ධව පැවතීමයි. මෙවැනි සේවා මධ්‍යස්ථානවලින් සේවා ලබාගන්නා ආයතනය හෝ පුද්ගලයන් අති දැවැන්ත වටිනාකමින් යුත් නැව්, ගුවන් යානා පමණක් නොව, ඉතාමත් වටිනා ජීවිතද මෙවැනි ස්ථාන වෙත යොමු කළ යුතු වේ.එහිදී බොහෝ ආයතන හෝ පුද්ගලයන් කාලයක් විමසිලිමත්ව සිටින අතර, එම සේවා මධ්‍යස්ථාන පිළිබඳ විශ්වාසය සහ තමාට ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳ සෑහීමකට පත්වේ නම් පමණක් සේවා ලබා ගැනීමට ඉදිරිපත් වේ. මේ සඳහා අති විශාල අභ්‍යන්තර සහ බාහිර සීමාවන් ගණනාවක් සංතෘප්ත කළ යුතු ය. එම සීමා සංතෘප්ත කළ පසු මෙවැනි ආයෝජනයන්ගේ ප්‍රතිලාභ ජනනය වීම හෙවත් උත්පාදනය වීම සිදුවේ. ජපාන සහ දකුණු කොරියා මොඩල දෙකින්ම එය සනාථ කර ඇත.මින් පැහැදිලි වන කරුණ නම්, මහින්ද මොඩලය ශ්‍රී ලංකාව සතු විභවිතාව, භෞතික හා මානව සම්පත් සහ භූගෝලීය පිහිටීම නිවැරැදිව ආදර්ශ කොටගත් මොඩලයක් බවයි. එය රට ආර්ථික සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා යා යුතු මඟ නිවැරැදිව අවබෝධ කරගෙන, රටේ ආර්ථිකය නිසි දිසානතියකට නිවැරදිව යොමු කරවා ඇති මොඩලයක් බවයි. මහින්ද මොඩලය ශ්‍රී ලංකික අනන්‍යතාවෙන් යුත් ආර්ථික මොඩලයක් බවයි. ජපාන මොඩලය ජපානයටත්, දකුණු කොරියානු මොඩලය දකුණු කොරියාවටත් අත් කරදුන් ආර්ථික ජයග්‍රහණය, මහින්ද මොඩලය ශ්‍රී ලංකාවට අත් කරදීම ප්‍රත්‍යක්ෂ බවයි..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n1311281
ධනුෂ්ක සහ ජනක ආයුධ ටික පෙන්නාඑකපාරටම දෙනගම වැවට පැන්නා
විජයානි එදිරිසිංහ, මාතර සමූහ, ජස්ටින් කොඩිකාර, මාතර දිසා විශේෂ, ජයවික්‍රම සුරේන්ද්‍ර මාතර විශේෂ සහ මාවරල සමූහ
මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල් (4936) වැලිගම ලියනආරච්චිගේ සුනිල් (33) මහතා සහ ඔහුගේ බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වූ ධනුෂ්ක මදුශංක හෙවත් සුරංග සහ සමරසිංහගේ ජනක ප්‍රියන්ත අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් සඟවන ලද ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේ දී ඊයේ (27) අලුයම මාතර දෙනගම වැවට පැන පළා යාමට උත්සාහ කරද්දී වැවේ ගිලීමෙන් මිය ගොස් තිබේ.මාතර වලස්මුල්ල තනමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ලියනාරච්චි කොස්වත්තගේ ධනුෂ්ක මදුශංක හෙවත් සුරංග(24) සහ සමරසිංහගේ ජනක ප්‍රියන්ත (26) නැමැති සැකකරුවන් දෙදෙනා මෙසේ මියගොස් තිබේ.පොලිස් නිලධාරියා සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සිදුකිරීමේ සැලැසුමේ ප්‍රධාන සැකකරු වූ පාතාල නායක කැටයම් චින්තක නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් නවයක් මාතර හා ඒ අවට ප්‍රදේශවටලා මෙහෙයුම් සිදුකරති.ඊයේ අලුයම අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කැටයම් චින්තකගේ මත්කුඩු ජාවාරමේ සිටින ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකි.අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔවුන් සඟවා තිබු ආයුධ පෙන්වීම සඳහා දෙනගම වැව අසලට ගොස් තිබේ. එහිදී ඔවුන් විසින් සඟවා තිබු බෝර 12 පතරොම් තුවක්කුවක්, අත්බෝම්බයක්, කිනිස්සක් සහ කඩුවක් ඇතුළු ආයුධ කිහිපයක් පොලිසියට බාර දී දෙනගම වැවට පැන පළා යාමට උත්සාර කර තිබේ.ඔවුන් බේරා ගැනීමට පොලිසියද වැවට පැන ඇත. එහිදී දියේ ගිලුණ සැකකරුවන් දෙදෙනා සහ පොලිස් නිලධාරියකු සෙසු පොලිස් නිලධාරින් විසින් රෝහලට ගෙන ගොස් ඇත. එහිදී සැකකරුවන් දෙදෙනා ඇල්ලවෙල රෝහලේදී මියගොස් තිබේ. දියේ ගිලුන පොලිස් නිලධාරියා ගංගොඩගම රෝහලේ ප්‍රතිකාර ලබයි.පොලිස් කොස්තාපල් සුනිල් මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවකු පසුගියදා (22) මාතර ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් මියගොස් තිබිණි. තිස් හැවිරිදි සුමිත් ප්‍රියදර්ශන නැමැති මොහු සහ ඊයේ (27) දියේ ගිලී මියගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පාපොච්චාරණය කරමින් පොලිස් කොස්තාපල් සුනිල් සහ බිරිඳ ඝාතනය කළේ කැටයම් චින්තකගේ උපදෙස් මත බව කියා තිබේ. එම පාපොච්චාරණයේ සඳහන් පරිදි කැටයම් චින්තක මාතර ප‍්‍රදේශයටම මත්කුඩු බෙදාහරින ජාවාරම්කරුවෙකි.ඔහුගේ ජාවාරමට බාධා කරන යම් කිසිවකු සිටියද එම පුද්ගලයා ඝාතනය කිරීම හෝ මරණීය තර්ජන එල්ල කිරීම ඔහුගේ අරමුණ වෙයි. ඝාතනයට ලක්වූ මාතර දුෂණ මර්ධන කොට්ඨාස ඒකකයේ පොලිස් කොස්තාපල් සුනිල් මහතා මාතර ප්‍රදේශයේ මත් කුඩු ජාවාරම් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීම නැවැත්වීමට නම් ඔහු ඉවරයක් කළ යුතු බව කැටයම් චින්තකගේ අරමුණ වී තිබිණි.ඒ මහතා ඝාතනයට ලක්වූ දින පෙරවරුවේ සුමිත් ප්‍රියදර්ශනයට දුරකතනයෙන් කතා කළ කැටයම් චින්තක “අද වැඩක් දෙන්න තියෙනවා එකෙකුට. තව දෙන්නෙක් එක්ක ගෙදරට වරෙන්" යැයි පවසා තිබේ.ඒ වනවිට කුඹුරු කොටමින් සිටි ධනුෂ්ක සහ ප්‍රියන්ත සොයා ගිය සුමිත් ප්‍රියදර්ශන ඔවුන් දෙදෙනා සමඟ ත්‍රිරෝද රථයෙන් කැටයම් චින්තකගේ නිවසට ගොස් ඇත.එහිදී සිවුදෙනාම එකතුව කෑම කා මත්පැන් පානය කර රාත්‍රී 9.00 පසුවන තෙක් සිට පොලිස් කොස්තාපල් සුනිල්ගේ නිවසට ගොස් තිබේ. එහිදී නිවසේ දොර කඩා නිවසට පැන ගත් අපරාධකරුවන් සුමිත් මහතාට සහ බිරිඳටත් ඔවුන්ගේ පුතාටත් පහර දී ඇත.අපි මුන්ගේ අතපය කඩලා බය කරමු යැයි සැකකරු සුමිත් පවසා තිබිණි. නෑ මුන් ඉවරයක් කරමු යැයි කියූ කැටයම් චින්තක සුනිල් මහතාට වෙඩි තබා තිබේ. පසුව සිවුදෙනාම එකතු වී දෙදෙනාව කපා කොටා මරා ඇත.අපිව මරන්න එපා කියන දෙයක් කරන්නම් කියා සුනිල් මහතාගේ බිරිඳ කෑ ගසා ඇතත් ඊට සවන් නොදී ඝාතනය කළ බවත් ඝාතනයට සම්බන්ධ වූයේ කැටයම් චින්තකට ඇති ‍හිතවත්කමට බවත් අපරාධකරුවන්ගේ පාපොච්චාරණයේදී සඳහන් වෙයි.ප්‍රධාන සැකකාර කැටයම් චින්තක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය උපරිම කැපවීමෙන් මෙහෙයුම් සිදුකරන ලෙස පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා කීය.දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති මැකාති පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හපුගොඩ මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙහෙයුම් සිදුවෙයි..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n1311282
ඩී.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණදේශනය අද
ධනුෂ්ක ගොඩකුඹුර
සිය ජීවිත කාලයම මහජන සුබසෙත උදෙසා කැප කළ රුහුණේ ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍ර දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතා සමරමින් වාර්ෂිකව සංවිධාන කෙරෙන ගුණානුස්මරණ දේශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අද (28) සවස 4. 30ට පැවැත්වේ.රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම වාර්ෂිකව සංවිධාන කරන මේ දේශන මාලාවේ මෙවර දේශනය පවත්වනු ලබන්නේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුර නැ‍ඟෙනහිර පළාතේ ආණ්ඩුකාරයා ද වූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන නීතිඥ ලයනල් ප්‍රනාන්දු මහතා විසිනි.රාජ්‍ය සේවාව හා සමාජ ‍ඒකාබද්ධතා : අප උගත් පාඩම් මෙවර දේශනයේ තේමාව වන අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය විද්‍යාර්ථී සංගමයේ හිටපු සභාපති, ශල්‍ය වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාර්ථී සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික, කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ඒ. එච්. ෂෙරිෆ්ඩීන් මහතා උත්සවයේ මුලසුන හොබවයි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාව ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ ඥාති මිත්‍රාදීන්, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වීමට නියමිතය..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n1311283
චීන දූත පිරිසක් 29දා හම්බන්තොටට
@ ලුණම සමූහ සනත් ගමගේ
හම්බන්තොට මහ නගර සභා බල ප්‍රදේශයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා සඳහා සහාය දැක්වීමට චීනයේ ගුවන්සෝ නගරයේ නගරාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිසක් මේ මස29 දා හම්බන්තොටට පැමිණෙන බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.හත්දෙනෙකුගෙන් සමන්විත මේ පිරිස මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් පසුව විශේෂ රථ පෙරහරකින් මහ නගර සභාව වෙත කැඳවාගෙන විත් දෙපාර්ශවය අතර සාකච්ජා පැවැත්වීමට නියමිතය. හම්බන්තොට නගරයේ පැරණි ස්ථාන රැසක් නැරඹීමටද චීන දූත පිරිස එක්වෙති..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n1311284
උතුරේ පාසල් ආහාර වැඩසටහනටජපානයෙන් රුපියල් මිලියන 282ක්
මහින්ද අලුත්ගෙදර
උතුරු පළාතේ ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන282ක (ජපන් යෙන් මිලියන 220ක්) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ජපාන රජය තීරණයකර ඇත. මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙන අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අමීර් අබ්දුල්ලා සහ ඉතාලියේ ජපාන තානාපති මසහරු කෝනෝ මහත්වරු ඒ සඳහා ඉතාලියේදී අත්සන් කළ බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මඟින් මේ ආධාරය සැපයෙන අතර ආහාර ආධාර බෙදා දීම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් අධීක්ෂණය කරයි.අභ්‍යන්තර වශයෙන් අවතැන්ව සිට උතුරේ යළි පදිංචි කරන ලද ජනතාවගේ, විශේෂයෙන් ළමයින්ගේ පෝෂණ මට්ටම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමුකර තිබෙන බවද ජපාන තානාපති කාර්යාලය පෙන්වා දෙයි. ජපානය පෝෂණ වැඩසටහනක් වෙනුවෙන් පසුගිය 2012 වසරේදී රුපියල් කෝටි 18 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත.නිසි කායික වර්ධනයට සහ පාසල් අධ්‍යාපනය හොඳින් හැදෑරීමට මනා පෝෂණ තත්ත්වයක් ළමයින්ට අවශ්‍ය වන අතර ඒ හේතුවෙන් පෝෂණ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් ඇති බවද ඒ නිසාම මේ ආධාර ලබා දෙන බවද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.මේ ආහාර ආධාර වැඩසටහනේ කොටසක් ලෙස ජපානය ටිං මාලු ලබා දෙන අතර එම ආධාර සැපයීම දෙරටටම ඵලදායි බවද මෙමඟින් උතුරේ ළමයින්ගේ ජීවන මට්ටම ඉහළයාමක් සහ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය ජපාන රජය විශ්වාසය පළකරයි. .
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n1311285
මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමටසභා ගැබේ මන්ත්‍රීවරු නෑ:කතානායකවරයාගේ අප්‍රසාදය
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
මහජන පෙත්සම් කාරක සභාවට ජනතාවගේ පෙත්සම් ඉදිරිපත් කරන මන්ත්‍රීවරු එම පෙත්සම් ඉදිරිපත් කිරීමට සභාගැබට ඔවුන් නියමිත වේලාවට පැමිණිය යුතු බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය. මහජන පෙත්සම් ඉදිරිපත් කිරිම සඳහා මන්ත්‍රීවරුන් ඒ වෙනුවෙන් පහසු දිනයක් ලබා ගත්තද එම දිනයේදීවත් සබාගැබට නොපැමිණිම කණගාටුවට කරුණක් බවද කතානායකවරයා කීය.පාර්ලිමේන්තුව ඊයේ (27) රැස්වූ අවස්ථාවේ දිනට නියමිත ලිපිලේඛන ආදිය ඉදිරිපත් කිරීමෙන් පසු මහජන පෙත්සම් ඉදිපත් කිරීමට එකදු මන්ත්‍රීවරයකු සභාවේ නොසිටීම පිළිබඳ කතානායකවරයා සිය නොසතුට පළ කළේය.පෙත්සම් ඉදිරිපත්කිරීමට මන්ත්‍රීවරුන්ට දිනයක් ලබාදි ඇති නිසා එදිනවත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව කතානායකවරයා කීය..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n1311286
සුව සේවා වැඩවර්ජනය වළක්වමින් වාරණයක්
රෝෂන් තුෂාර
හෙද පරිපුරක අතුරු‍ වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ එකාබද්ධ බලමණ්ඩලය අද (28) සහ හෙට (29) කැඳවා තිබු දීපව්‍යාප්ත වැඩවර්ජනය වළක්වමින් වෘත්තිය සමිති 16කට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (27) නිකුත් කළේය.රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් 16කට නිකුත් කළ මේ වාරණය ලබන 11දින දක්වා ක්‍රියාත්මකය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හෘද රෝගියකු වන ආර්. එච්. එම්. පාලිත හේරත් පැවරූ පැමිණිල්ලක් සලකා බැලු කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා මේ වාරණය නිකුත් කළේය.අද සහ හෙට ක්‍රියාත්මක කිරිමට කැඳවා ඇති මේ හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවා වර්ජනය නීති විරෝධි, රජය මගින් සමස්ත රෝගින්ට නොමිලයේ සපයන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරන ක්‍රියාදාමයක් බවත් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.ඉල්ලීම් කිපයක් මුල්කරගනිමින් පවත්වන මේ වර්ජනය වෘත්තීය සමිති අඥා පනතට ගැනෙන කාර්මික ආරවුලක් මුල්කරගනිමින් පවත්වන වෘත්තීය අරගලයක් නොවන බවත් මේ මගින් රෝගින්ගේ ජීවිත පවා අවධානමකට ලක්වන බවත් පැවසු මුස්තාපා මහතා රටට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුකරන වර්ජනය අත්හිටුවන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමය, විද්යුත් විකර්පණ රේඛන ශිල්පී සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, ශ්‍රි ලංකා අක්ෂි තාක්ෂණවේදින්ගේ සංගමය, කන්තු රේඛන ශිල්පී සංගමය, රජයේ දත්ත ශිල්පී සංගමය, වෛද්‍ය පරික්ෂණ තාක්ෂණ විද්‍යාඥ සංගමය, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදි සංගමය, රජ‍යේ භෞත චිකිත්සක සංගමය, රජයේ කීට විද්‍යා සහකාරවරුන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි සංගමය, රජයේ කාසල් දන්ත චිකිත්සක සංගමය, ශ්‍රි ලංකා වෘත්තීය චිකිත්සක සංගමය,සමස්ත ලංකා සුව සේවා සංගමය හා ශ්‍රි ලංකා පවුල් සෞඛ්‍ය සේවා සංගමයට මේ වාරණ නියෝග නිකුත් කෙරිණි.නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ඉසුරු බාලපටබැදි, මෙහෙරාන් කරිම් මහත්වරුද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.පැමිණිල්ලේ කරුණු සලකා බැලු දිසා විනිසුරුවරයා විත්තිකාර සංගම්වලට වාරණ ‍නියෝගය ද අතුරු තහනම් දැන්වීම් නොතිසි නිකුත් කරමින් ලබන 11 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝග කළේය..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n1311287
අතක් වගේ අලයක්
ඡායාරූපය ඌව පළාත් සමුහ මාපා බණ්ඩාර
මැදගම පදිංචි කෝකිල නැමති අයෙකුගේ ගෙවත්තක තිබුණු වැල් අල වගාවක අල වැලක් හාරද්දී මතු වූ මිනිසකුගේ දකුණු අතට සමාන කිලෝ හතක් බරති වැල් අලයක් හමු‍වී තිබේ. අරුම පුදුම අලය මහජන ප්‍රදර්ශනය සඳහා මැදගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණි රාජපක්ෂ මහතාගේ නිවසේදී මහජනයාගේ ප්‍රදර්ශයට තබා තිබූ අයුරු..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n1311288
ඩෙල්ෆ්ට් ප්‍රා. සභාපති වෙඩි තබා මරා දමලා
විජයානි එදිරිසිංහ
ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභ‍ාවේ සභාපති (ඊ.පී.ඩී.පී.) දානියෙල් රෙක්සින් මහතා වෙඩි තැබීමකින් පෙරේදා (26) පස්වරුවේ මිය ගොස් තිබේ.සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන කයිට්ස් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වීරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම වෙඩි තැබීම කෙසේ කවුරුන් විසින් සිදු කළාද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.පෙ‍රේදා පස්වරු තුනට පමණ පුංගුඩුවේ පිහිටි ප්‍රාදේශීය සභා සභාපතිවරයා‍ගේ නිවස අසල ගරාජයේ සභාපතිවරයා වෙඩි වැඳී සිටිනු දුටු ඔහු‍ගේ කුඩා දරුවකු ඒ බව මවට දැනුම් දී තිබේ. බිරිඳ වහාම ඒ අවස්ථාවේ සභාපතිවරයා රෝහල්ගත කළද ඒ වන විට ඔහු මියගොස් තිබී ඇත.මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මෙය වෙඩි තැබීමකින් සිදුවූවක් බවයි. එහෙත් එම අපරාධය සිදුකළ කිසිවකුත් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.මේ වන විට අපරාධකරුවන් සොයා ගැනීම සඳහා පොලිස් සුනඛයන්ද යොදා පරීක්ෂණ සිදුකෙරෙයි. කයිට්ස් මූලස්ථාන පොලිස් පරීක්ෂක වීරසිංහ ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙවයි..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112821
දක්ෂිණ අධිවේගයේ වසර 2කආදායම රු. මිලියන 2210යි
null
අධිවේගී මාර්ග ඉතිහාසයේ ප්‍රමුඛයා වන දක්ෂිණ අධිවේගී මාර්ගය දෙවසරක් ඇතුළත රුපියල් මිලියන 2210 ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය පවසයි .දෙවසර ඇතුළත දක්ෂිණ අධිවේගි මාර්ගයේ රථ වාහන හැත්තෑපන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ධාවනය කර ඇති බවත් ඒ යටතේ කාර්, වෑන්, ස්ටේෂන් වැගන්, කැබ් රථ, ට්‍රක් රථ, ලොරි රථ ආදි රථ වාහන ගණනාවක් ධාවනය වී ඇති බවත් මහාමාර්ග වරාය හා නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ ‍කරයි.2011 නොවැම්බර් මස 27 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කරීමට ලැබීම රටේ ජනතාවගේ වාසනාවක් බවද අධිවේගි මාර්ග යනු ගල් ගොඩවල් , මඩ ගොඩවල් හා නඩු ගොඩවල් යැයි එදා හඳුන්වා දුන් විපක්ෂයේ දේශපාලනඥයන්ට මෙය කදිම පිළිතුරක් යැයි ද ඇමතිවරයා කීය.කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය මාසයක් ඇතුළත රුපියල් මිලියන110ක වාර්තා ගත ආදායමක් උපයා ඇති බව කී ඇමතිවරයා මසක් ඇතුළත කොළඹ-කටුනායක අධිවේගි මාර්ගයේ රථ වාහන ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් අන්තර් පිවිසුම් ස්ථානය හරහා අධිවේගයට ඇතුළු වී ඇති බව අනාවරණය කෙළේය..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n1311289
ප්‍රමිති ආයතනය මෙහෙයවන පා ගමන හෙට
null
ශ්‍රී ලංකාවේ ප්‍රමිතිකරණ හා තත්ත්ව ප්‍රවර්ධනයන් සඳහා වන පුරෝගාමී ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) හෙට 29 වැනිදා ප්‍රමිති පා ගමනක් සංවිධානය කරයි.ප්‍රමිතියත් එහි ප්‍රගමනයත් කෙරෙහි සියලු ක්ෂේත්‍රයන්හි ජනතාවගේ අවධානය යොමු කරනු පිණිස මේ පා ගමන සංවිධානය කෙරේ. සෑම නොවැම්බර් මස දෙවැනි බ්‍රහස්පතින්දා දිනය ලෝක ප්‍රමිති දිනය ලෙස 1990 වසරේ දී එක්සත් ජාතීන් විසින් නම් කළ බව ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක ආචාර්ය සෙනවීර පවසයි.ඒ අනුව මේ වසරේ නොවැම්බර් 14 වැනිදාට ලෝක ප්‍රමිති දිනය යෙදී තිබුණ බවත් එම මාසය තත්ත්ව මාසය ලෙස සැලකෙන බවත් එහෙයින් ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණේ ප්‍රමිතිකරණයේ වැදගත්කම පිළිබඳ ජනතාව අවදි කිරීමටයි. මේ වසරේ ලෝක තත්ත්ව දින තේමාව වූයේ ‘සහයෝගීතා එකමුතුවක් තැනීම’යි..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112810
ඉසෙඩ් අගය වෙනස් කළ නිසා මහාචාර්ය කරුණාරත්න මිය ගියා
ස්වර්ණා විජේකොන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණී සේනානායක
ඉසෙඩ් අගය ක්‍රමය වෙනස් කරමින් දුන් තීන්දුවෙන් සිදු වූයේ එම ක්‍රමය සැකසූ මහචාර්ය කේ. ආර්.එම්.ටී. කරුණාරත්න මහතා හෘදයාබාධයකින් මිය යාම පමණක් බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.උසස් පෙළ සමත් සිසුන්ට 2011 වසරේ ඉසෙඩ් ලකුණු ක්‍රමය ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු මුළුමනින්ම දේශපාලන තීන්දුවක් බවද ගුණවර්ධන මහතා සඳහන් කෙළේය.එම තීන්දුවෙන් පසුව එම වර්ෂයේ ඉසෙඩ් ලකුණු ක්‍රමය සැකසූ මහාචාර්යවරයා මිය ගිය බව ඇමැතිවරයා කීය. මේ හේතුවෙන් අධ්‍යාපන පීඨවලට හා විශ්වවිද්‍යාලට සිසුන් ඇතුළත් කිරීම ප්‍රමාද වූ බව කී ඇමැතිවරයා අලුත් ඉසෙඩ් ලකුණු ක්‍රමය යටතේ සිසුන් අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගත් බවද කීවේය.එම බඳවා ගැනීම් දේශපාලන තීන්දුවක් මත බඳවා ගැනීම් නොවන බවද අලුත් ඉසෙඩ් ලකුණු ක්‍රමය යටතේ බඳවා ගැනීමක් බවද කීය.2011 වසරේදී අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් 3,130 බඳවා ගෙන ඇති බවද හෙතෙම කීය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසූ පැනයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ කීවේය. .
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112811
දුම් පරීක්ෂණ වාර්තාව වාහනයේ තබා ගන්න
ශීලා උඩුවර
වාහන වායු වි‍මෝචන පරික්ෂණ වාර්තාවේ පිටපතක් සැමවිටම තම රථය තුළ තබා ගැනීම අනියවාර්ය බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පවසයි.මෙම පරික්ෂණ වාර්තාව අවශ්‍ය වූ වි‍ට දී පරික්ෂා කර බැලීමට ‍පොලිසියට බලය පවරා ඇති බවද, කොමසාරිස්වරයා සඳහන් කළේය‍‍‍. මෙය වඩාත්ම අවශ්‍යව තිබුණේ වාර්ෂික වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා පමණක් වුවද දැන් එය අවශ්‍යවූ විට පරික්ෂා කරන බවද කොමසාරිස්වරයා කියයි.වාහනවලින් පරිසරයට හානි දායක දුම් පිටවීම වැළැක්වීම සඳහා 2008 වසරේ දී ක්‍රියාත්මක කළ මෙම වායු විමෝචන වැඩ සටහන මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක ‍වන අතර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශයේ වාහන දුම් පරික්ෂණ අංශය මගින් ජංගම සේවා ද පවත්වයි.වාහන දුම් පරික්ෂා කිරීම සඳහා සමාගම් දෙකකට බලය පවරා ඇති අතර කොළඹ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය මගින් දිවයිනේ ඕනෑම විමෝචන පරික්ෂණ මධ්‍යස්ථානයක සිදුවන පරික්ෂණ නිරික්ෂණය කළ හැකිය.එසේම මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අරඹා ඇති ඔන්ලයින් ක්‍රමය නිසා වාර්ෂික වාහන ආදායම් බලපත්‍රය එම පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගැනීමට ද පහසුකම් සැලසී තිබේ..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112812
රාජ්‍ය ඉ-සේවාවන් ලබාගැනීමේ දීමුදල් ගෙවීම ජංගම දුරකථනයෙන්
මහින්ද අලුත්ගෙදර
රාජ්‍ය ඉ-සේවාවන් අන්තර්ජාලය ‍‍ඔස්සේ ලබා ගැනීමේ දී ඊට අදාළ මුදල් ගෙවීම් ජංගම දුරකථනය ඔස්සේ සිදු කිරීමේ පහසුකම පාරිභෝගිකයන් වෙත ලබාදීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවර ගෙන ඇත.එම නියෝජිතායතනය සහ ඩයලොග් සමාගම ඒකාබද්ධව මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර ලංකා ගේට් ගෙවුම් බිහිදොර මඟින් පුළුල් සේවාවක් ලබාදීමට මෙමඟින් හැකිවන බව ද සේවාලාභීන්ට මෙය විශාල පහසුවක් බව ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.මේ වනවිට රාජ්‍ය ආයතන විසිපහක සේවාවන් ඉ-සේවාවන් වශයෙන් ලබා ගැනීමට හැකියාව පවතින බව පෙන්වා දෙන එම ආයතනය රාජ්‍ය ඉ-සේවා ලබාගැනීම සඳහා 25,000 ක පමණ පිරිසක් මේ වනවිට www.srilanka.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වී සිටින බව ද ප්‍රකාශ කරයි.මෙම ගෙවීම් සේවාවට අදාළ ගිවිසුම හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ, අධ්‍යක්ෂ හා නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු, ඩයලොග් ආසියා පී.එල්.සී සමුහයේ ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජයසුරිය මහත්වරුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථානයේ දී සිදුකෙරිණි..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112813
දියවන්නා වෙල්යායවස-විස නැති කලාපයක් කරනවා
මානෙල් පුෂ්ප කුමාරි
දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් මෙරට සෞඛ්‍ය සංරක්ෂණය හරහා දියවන්නා ජාතික ආදර්ශ වෙල්යාය වස-විස නැති පාරිශුද්ධ කලාපයක් බවට පත් කරන බව දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(27) දියවන්නා වෙල්යාය මධ්‍යයේ, කමතේ පැවැති කෙටි මාධ්‍ය හමුවේ දී ය.පාරම්පරික යාග හෝම මඟින් විශ්වීය දැනුමක් ලබා ගත හැකියි. ඒ නිසා ඒවා ආරක්ෂා කර ගත යුතුයි. මෙම අලුත් ආරම්භය මඟින් ඉතිහාසයේ පැවැති දේ නැවත මතු කර ගත හැකි වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.පාරම්පරික ශිල්පීන් ද හිඟ ශාන්තිකර්මයක් ලෙස අද එතරම් දක්නට නොමැති නව ග්‍රහ බලි ශාන්ති කර්මයේ කප් සිටුවීම ඊයේ පෙරවරුවේ දියවන්නා වෙල්යාය මධ්‍යයේ ඇති කමතේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ලලිත් කන්නන්ගර මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගි වූ අතර ගොවීහු පිරිසක්ද සහභාගී වූහ..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112814
ඉන්දියානු නාවික හමුදාවට අයත් “ශිවලික්”(INS Shivalik) නැමැති යුද නෞකාව
null
ඉන්දියානු නාවික හමුදාවට අයත් “ශිවලික්” (INS Shivalik) නැමැති යුද නෞකාව ඊයේ (27) කොළඹ වරායට සේන්දුවිය. සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි මෙම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ උපදෙස් මත බටහිර නාවික විධානභාර ආඥාපති රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ඔවුන්ව සුහදව පිළිගන්නා ලදී. අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ශතිෂ් උනියල් (Satish Uniyal) මහතා නාවික හමුදා මූලස්ථානයේදී අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු එන්.පී.එස්. ආටිගල මහතා හමුවූ අතර, නාවික හමුදාවන්හි සුහදත්වය වර්ධනය කිරීම සනිටුහන් කරමින් මෙහිදී සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කරන ලදී. .
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112815
මෙවර අය-වැය සකසා තිබෙන්නේරට ඉදිරියට ගෙන යාම ඉලක්ක කොට ගෙනයි
 සිතාරා සේනානි,
මෙවර අයවැය සකසා තිබෙන්නේ 2014 වසර ඉලක්ක කොට ගෙන පමණක් නොව ඉදිරි වසර කිහිපයක් දක්වා රට ඉදිරියට ගෙන යාම ඉලක්ක කොට ගෙන බව ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.පසුගිය වසර අටක කාලසීමාව ඇතුළත ගෙන එන ලද අයවැය සියල්ල ද මෙලෙස එකිනෙකට සම්බන්ධතාවක් ඇතිව ඉදිරියට ගෙන එනු ලැබූ ඒවා බවද කීවේය. එසේම මෙවර අයවැය සෑම අංශයක් ම ආවරණය වන පරිදි සකස් කැරුණු සංවර්ධනාත්මක හා සුබසාධන අයවැයක් බවත් මෙතෙම පෙන්වා දුන්නේය.ඇමැතිවරයා මේ බව පැවැසුවේ අයවැය සහ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදී ය.විශේෂයෙන් ම ලෝක ආර්ථික අවපාතය හමුවේ වුවද උද්ධමන වේගය 5.6ක් වැනි අවම මට්ටමක පවත්වා ගැනීමටත්, උද්ධමන වේගයට වඩා රටේ සංවර්ධන වේගය 7.8ක් වශයෙන් ඉහළ අගයක පවත්වා ගෙන යාමටත් ශ්‍රී ලංකාව සමත්ව තිබීම වැදගත් බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.එසේම 2006 වසරේ 15.2ක්ව පැවැති දරිද්‍රතා අනුපාතය මේ වනවිට 6.4ක් දක්වා අඩු කර තිබෙන බවත්, අයවැය පරතරය අඩුකර තිබෙන බවත් කීය. එසේම කවුරුන් කුමක් පැවැසුවද රටේ ආර්ථිකය ඉතා හොඳ මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවීම ජයග්‍රහණයක් බවත් පැවැසීය. විශේෂයෙන් ම ආනයන ප්‍රමාණය අඩුකර, දැනට ආනයනය කරන භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කිරීමටත්, අතිරික්තය අපනයනය කිරීමටත් හැකි තත්ත්වයක් දක්වා රට ඉදිරියට ගෙන යාම ඉලක්ක කොට ගෙන මෙවර අයවැය සකස් කර තිබෙන බවත් කීය.රටේ ඒක පුද්ගල ආදායම වැඩිවී තිබෙන බවත්, භුමියෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් පසුගිය වසරේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 20,000 දක්වා වැඩි කර ගැනීමට හැකිවී තිබෙන බවත් පෙන්වා දුන්නේය. වී වගාව සහ වාණිජ භෝග වගාව සඳහා පොහොර සහනාධාරය ලබාදීම මඟින් එම අංශවල කැපී පෙනෙන වර්ධනයක් අත්කැර ගැනීමට හැකිව තිබෙන බවත් කීය.ඇමැතිවරයා මෙසේද පැවැසීය.කෘෂි නිෂ්පාදන අපනයනය ලබන වසරේ සියයට 20කින් වැඩි කර ගැනීමට අපේක්ෂා කරනවා. දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ලබන වසරේ කිරි දෙනුන් 20,000ක් ආනයනය කිරීමටත් මෙවර අයවැයෙන් මුදල් වෙන්කැර තිබෙනවා. මෙමඟින් අලුත් ක්ෂේත්‍ර රැසක රැකියා උත්පාදනය වෙනවා. කර්මාන්තවලට බලපාන කිසිම බද්දක් පනවා නොතිබීම නිසා එම කර්මාන්ත ස්ථාවර තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙනවා. සුබ සාධනය ද මෙමඟින් වැඩිකර තිබෙනවා. රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කැර තිබෙනවා.රාජ්‍ය සේවයට සේවකයන් බඳවා ගැනීමට අවශ්‍ය මුදල් වෙන් කැර තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය වැනි අංශවල අභිවෘද්ධිය වෙනුවෙන් ද විශාල මුදලක් වෙන් කැර තිබෙනවා. සරසවි ඇදුරන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ට වැටුප් වැඩිවීම් ලබාදී තිබෙනවා. කලාකරුවන්ට නිවාඩු නිකේතන 5ක් ඉදි කිරීමට නියමිතයි..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112816
එම්. බී. එස්. එල්. රක්ෂණ සමාගමේකළමනාකාර අධ්‍යක්ෂ අනිවාර්ය නිවාඩු යවයි
null
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්. බී. එස්. එල්) අනුබද්ධ ආයතනයක් වන එම්. බී. එස්. එල්. රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සිඩ්නි ගජනායක මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව එම්. බී. එස්. එල්. රක්ෂණ සමාගම පවසයි.එම්. බී. එස්. එල්. රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒකමතික තීරණයකට අනුව ඒ මහතා මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත. ඊට හේතුවී ඇත්තේ සිඩ්නි ගජනායක මහතාගේ කළමනාකාරීත්වය යටතේ එම්. බී. එස්. එල්. රක්ෂණ සමාගමේ සිදුවී ඇතැයි කියන රු. මිලියන 13ක අයතා මුදල් ගනු-දෙනුවක් සම්බන්ධව අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් පැවැත්වෙන හෙයින් එයට බාධාවක් වීම වැළැක්වීම සඳහා ය.එම්. බී. එස්. එල්. රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සිඩ්නි ගජනායක මහතා අනිවාර්ය නිවාඩු යැවීම දැනුම්දීම සඳහා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඒ මහතා කළහකාරී ලෙස හැසිරී ඇති බවත්, තවද ඔහුට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්. බී. එස්. එල්) සභාපති එම්. ආර්. ෂා මහතා පහරදුන් බවට අසත්‍ය පැමිණිල්ලක් ඔහු විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට සිදුකර, නවලෝක පෞද්ගලික රෝහලට නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත්වී ඇති බවත්, ඊට සම්බන්ධ නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බවත් එම්. බී. එස්. එල්. රක්ෂණ සමාගම වැඩිදුරටත් පවසයි..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112817
‘ලබන වසරේ සිට හයිබ්‍රිඩ් වාහනවලටදුම් සහතිකය අනිවාර්යයි’
නිමල් රාජපක්ෂ
ලබන වසරේ සිට හයිබ්‍රිඩ් වාහනවලටත් දුම් සහතිකය අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එස්.එච්. හරිශ්චන්ද්‍ර මහතා පවසයි.හරිශ්චන්ද්‍ර මහතා එසේ පැවසුවේ පිට පළාත්වල කාර්මික ශිල්පීන්හට නව තාක්ෂණය පිළිබදව පුහුණූ කිරීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම් අත්සන් කළ අවස්ථාවේදීය.මෙහිදී අදහස් දැක්වු මෝටර්රථ ‍ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා ,නව තාක්ෂණ ක්‍රමවේදයත් සමඟ මෙරටට ගෙන්වන නවීන වාහනවල දුම්පරික්ෂාව සකස් කිරීම සඳහා වායුවිමෝචන වැඩසටහන ය‍ටතේ කාර්මික ශිල්පීන් හට මනා පුහුණුවක් ලබා දිය යුතුයි . අද කාර්මික බොහෝ දෙනකු ඩෙස්බංකු උඩ ඉදගෙන ‍ඉගෙනගත් අය නොවෙයි . පාසල් අධ්‍යාපනයෙන් පසුව සියයට අනුවක් පමණ කාර්මික ශිල්පීන් ගරාජ් බාස්උන්නැහේගෙන් ඉගෙන ගත් අයයි.එම ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. එදා කාබිලේටර් ක්‍රමය ක්‍රමක් ක්‍රමයෙන් දියුණු වී පුල් ඉන්ජෙක්ටර් තාක්ෂණය දියුණු වී තිබෙනවා.ළගදීම යුරෝ පහ එංජිමත් ලංකාවට එනවා. එවැනි තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව කාර්මික ශිල්පීන් පුහුණු කළ යුතුයි.එසේ නොවුන හොත් මෙරට සිටින ජනතාව ස්වසන රෝගවලට ගොදුරුවනු නොඅනුමානයි.සමස්ත පරිසරයම වායු දුෂණයෙන් මුදා ගැනීමට මහාභාණ්ඩාගාරය කටයුතු කරගෙන යනවා. එසේ නොවුන හොත් පාසල් දරුවන් පවා ඇදුම වැනි රෝගවලට ගොදුරු වීමට ඉඩ ඇතැයිද පැවැසීය.වැඩිදුරටත් අදහස් දැක්වු හරිශ්චන්ද්‍ර මහතා , දුම් පරික්ෂාවට සියලුම වාහන ලක්කොට දුම්සහතිකය ලබා ගත යුතුයි. එයට නීතිරීති පනවා ඇතත් දුම්සහතික‍ය ලබා ගැනීමට ඉදිරිපත්වී දුම්පරීක්ෂණයෙන් අසමත් වුවන් ගැන කවුරුවත් කථා කරන්නේ නැත. නමුත් ඔවුන්ද කුමක් හෝ ක්‍රමවේදයක් යටතේ දුම්සහතිකය ලබා ගැනීමට පුරුදු වි තිබෙනවා. එයින් පරිසරයට වෙන හානිය ගැන කවුරුත් කථා කරන්නේත් නැහැ. මෙයට ක්‍රමවේදයක් සැකසිය යුතුයි. ඒ සඳහා දිවයින පුරා සිටින කාර්මික ශිල්පීන්ට පුහුණුවක් ලබා දිය යුතුයි.ඔවුන්ගේ දැනුම වැඩිකොට හොද සහතිකයක්ද ලබා දිය යුතුයි.ඒසඳහා දිවයින පුරා සිටින කාර්මික ශිල්පීන් හට සතියකට එක්දින බැගින් දින පහළොවක පුහුණුවක් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තුමේන්තුව හරහා ලබාදීමට පියවර ගන්නා බවද පැවසිය .කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස් . බාල සුබ්‍රමනියම්, මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් (පාලන )පී.පී.කේ . අබේසිරි ගුණවර්ධන, සහකාර‍ කොමසාරිස් එස්.ඒ.ප්‍රේමරත්න,වායු විමෝචන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ.ඩබ්ලිව් .දිසානායක,කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නෙවිල් එදිරිසිංහ, අතිරේක අධ්‍යක්ෂ ‍ජෙනරාල් ඩී.වී පි‍‍‍.වයි. කුලතුංග,අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගිවුහ..
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112820
උත්තරීතර
null
හිතේ අමාරුව ඇති පුද්ගලයා නිතරම උත්සාහ කරන්නේ තමන් වටා ඇති පුද්ගලයන් කෙටවීමටය. තමන්ට නැති දේ අනුන්ටත් නැති නම් අහිමි වේනම් ඔහු නිතරම සතුටට පත්වෙයි. පස්වැනි දිනයටත් ඊයේ පැවැති අය-වැය විවාදයේදී මේ බව දකින්නට ලැබුණි. තමන්ට ලැබුණු විදේශ ඇමැතිකම නැති කරගත් මංගල සමරවීර මහතා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ විදේශ ඇමැති ධුරය ගැන කතා කළේය.දිනේෂ් ගුණවර්ධන මහතා සිය කතාව අවසන් කළේ රටේ සංවර්ධනය ගැන මෙන්ම වරායක් ගොඩනැංවීම දිනයකින් දෙකකින් කළ නොහැකි බව කියමිනි. මුලසුනේ සිටි කථානායක චමල් රාජපක්ෂ මහතා ඊළඟ කථිකයා ලෙස මංගල සමරවීර මහතාට ආරාධනා කර මුලසුනෙන් නැගිට යාමට සූදානම් විය. නැගී සිටි සමරවීර මහතා මට පොඩි ප්‍රාර්ථනාවක් කරන්න කියනවා පොඩ්ඩක් ඉන්න යැයි කළ ඉල්ලීම අනුව කථානායකවරයා යළිත් මුලසුනේ වාඩි විය.ගුණවර්ධන මහතාගේ අගමැති සිහිනය ඔබතුමාගේ (චමල් රාජපක්ෂ මහතා) අගමැති සිහිනයට බාධාවක් නොවේවා කියා හේ ප්‍රාර්ථනා කළේය. “මගේ අගමැති සිහිනයක් නැහැ” කියා ඊට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා සිනාමුසුව මූලාසනයෙන් ඉවත්ව ගියේ සමරවීර මහතාට සිය කතාව කිරීමට ඉඩ ලබාදෙමිනි.චෝගම් සමුළුවේ සභාපති ධුරයට ජනාධිපතිතුමා පත්වීම නිසා රටට අත්වූ ප්‍රතිඵල ගැන දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අදහස ගැන කුඩුකේඩු කතාවක් කළ සමරවීර මහතා චෝගම් මහ ලේකම්වරයාට යැවූ ලිපියක්ද සභාවට ඉදිරිපත් කළේය.ලෝක ආහාර හා තෙල් අර්බුද හමුවේ ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් අර්බුදයකට යනතුරු බලාසිටි විපක්ෂයට සිදුවූ දේ ගුණවර්ධන මහතා විග්‍රහ කළේ දේශීය විදේශීය වාර්තා උපුටා දක්වමිනි. බිම්බෝම්බ ඉවත් කිරීම ගැන ජාත්‍යන්තරය පවා රජයට ප්‍රශංසා කළත් ඒ ගැන ඇත්ත දැකීමට විපක්ෂයට නොහැකිවීම ගැන කනගාටුව පළ කළ ගුණවර්ධන මහතාට බාධා කළේ ‍එජාපයේ සුජීව සේනසිංහ මහතාය. එජාපයේ නායකයන් ඝාතනය කළේ කවුරුන්දැයි නොදැනීම ගැන ගුණවර්ධන මහතා සේනසිංහ මහතාට කනගාටුව පළ කළේය. තමන්ගේ පියාත් කථානායකතුමාගේ පියාත් සුද්දන්ට එරෙහිව පාරට බැහැපු අය බව කී ගුණවර්ධන මහතා පොදුජන ප්‍රවාහනය ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු බව පෙන්වා දුන්නේය.පසුව කතා කළ ජගත් පුෂ්පකුමාර මහතා, කුරුඳු පොලු හමුදාවේ ආඥාපති කෙනෙක් ගැන කතා කළේය. සමරවීර මහතා රජයේ සිටියදී රනිල් දිනවන්න බැහැ කී මංගල දැන් දිනවන්න හදනවා.මංගල සිටිනතුරු රනිල්ට දිනන්නට බැහැ කියා පුෂ්පකුමාර මහතා කීවේය. බඩ කටපුරා පුෂ්පකුමාර මහතා දෙන්න පටන් ගත්විට සමරවීර මහතා නැගිට ගියේය. “ඇයි යන්නේ, එදා චන්ද්‍රිකා ජනාධිපතිනියට උපදෙස් දුන් මංගල රටේ ආර්ථිකය බින්දුවට ගෙනාවා යැයි කී පුෂ්පකුමාර මහතා, එහෙව් මංගල දැන් රටේ ආර්ථිකය පිරිහී ඇති බව කියනවා යැයි කීය.විවාදය ඊයේ ආරම්භ කළේ එජාපයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වූ ජෝෂප් මයිකල් පෙරේරා මහතාය.කලින් අසා පුරුදු තොරතුරු සියල්ල එම කතාවේ තිබුණි. එහෙත් පෞද්ගලික අංශයට පඩි වැඩිකිරීමට රජය මැදිහත් නොවීම ගැන පෙරේරා මහතා කනස්සල්ල පළ කළේය. මම කම්කරු ඇමැති කාලයේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට හදිසි නීතියක් යොදා ගත්තා යැයි පෙරේරා මහතා කීවේ මහත් ප්‍රීතියෙනි. රජය එවැනි ක්‍රියාවක නොයෙදීම ගැන ඒ මහතා කනගාටුව පළ කළේය.මේ විවාදයේදී විපක්ෂයේ බරපතළ චෝදනාව වූයේ අය-වැයෙන් සියයට 52ක් රාජපක්ෂ පවුලේ පාලනයට යටත්ව ඇති බවය. ඊට ඊයේ හොඳම පිළිතුර දුන්නේ සුමේධා ජයසේකර මහත්මියයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වැඩක් කරන්න සහෝදරයන් මෙන්ම පවුලක් නැති වුවත් රාජපක්ෂ පවුල රටට කළ සේවය ජයසේන මහත්මිය විස්තර කළාය.මෙහිදී 1947 තේරී පත්වූ රජයේ සංයුතිය පිළිබඳව විස්තරයක් කළ ජයසේන මහත්මිය එදා උන්නේ නෑදෑයින්ගේ පක්ෂය ‍යනුවෙන් එජාපය හැඳින්වූයේ ඇමැති මණ්ඩලයේ බහුතරය එකම පවුලක සාමාජිකයන් වීම නිසා නේදැයි විමසා සිටියේය. එදා අය-වැයෙන් සියයට 80ක් එම පවුල පාලනය කළ බව ජයසේන මහත්මිය කීවිට පිළිතුරු නොමැතිව විපක්ෂය නිහඬව අසා ගෙන සිටියේය.ඊළඟට කතා කිරීමට ඇරැයුම් ලැබුණේ මහින්දයාපා අබේවර්ධන මහතාටය. ඊට විරෝධය පළ කළ එජාපයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ආණ්ඩුවෙන් කතා කළාට පසුව කතා කිරීමට විපක්ෂයට අවස්ථාව දිය යුතු යැයි කීය. මෙහිදී අබේගුණවර්ධන මහතාත් පෙරේරා මහතාත් ඇද ගත් කොක්ක විනාඩි 5ක් ඇදුනි.විවාදයට ඊයේ පාර්ලිමේන්තු මිනිබිරියක් හා මුනුබුරකු ද එක්ව සිටියහ. මිනිබිරිය නිරුපමා රාජපක්ෂ නියෝජ්‍ය ඇමැතිවරියයි. මුනුබුරා ඇමැති නවීන් දිසානායක මහතායි. මේ දෙදෙනාට මිනිබිරිය හා මුනුබුරා යැයි කීවේ. ඔවුන්ගේ පියාත් පියාගේ පියාත් සභාවේ සිටි මන්ත්‍රීවරුන් නිසාය. රාජපක්ෂ මහත්මිය හම්බන්තොටත් දිසානායක මහතා නුවරඑළියත් පරම්පරා තුනම නියෝජනය කළහ.දීපිකා නිරුපමා රාජපක්ෂ නියෝජ්‍ය ඇමැතිවරිය අයවැය ගැන හොඳ විග්‍රහයක් කළාය. ඇයත් රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකාවකි. 1936දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැමිණි පළමු රාජපක්ෂ වූයේ ඇයගේ සීයා වූ ඩී. එම්. රාජපක්ෂ මහතාය.1960 සිට 1976 දක්වා මන්ත්‍රීවරයකු, මුදල් නියෝජ්‍ය ඇමැතිවරයකු හා සෞඛ්‍ය හා ධීවර ඇමැති ලෙස සේවය කළ ජෝර්ජ් රාජපක්ෂ මහතා ඇයගේ ආදරණීය පියාය. 1983 මුල්කිරිගල අතුරු මැතිවරණයට ප්‍රථම වරට ඉදිරිපත් වූ රාජපක්ෂ මහත්මිය 1994 සිට මේ දක්වා සිය පවුලේ පුරෝගාමීන්ගේ මග යමින් ජනතා සේවයේ යෙදී සිටින්නීය. එජාපයේ ගයන්ත කරුණාතිලක මහතා කළේ පත්තරවල මුල් පිටු ද ප්‍රදර්ශනය කරමිනි. ජගත් බාලසූරිය මහතා එජාපයේ විවේචන හැඳින්වූයේ කුඩුකේඩු විවේචන යනුවෙනි. බල්ලන් බිරුවත් තවලම ගමන් කරන්නා මෙන් රජයේ වැඩපිළිවෙළ ජනතාව අනුමත කර ඇති බව බාලසූරිය මහතා කීය.විදුර වික්‍රමනායක මහතා සිය කතාවේදී එජාපයේ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පිළිබඳව නම තුන්වරක් කියමින් කතා කරන විට එජාපයේ මන්ත්‍රීවරු ඇයි නම කියන්නේ තුන්වරක්ම දැන් කීවා කියා කීහ. ඒ නම මම සිය සැරයක් වත් කියන්න මැලි වෙන්නේ නැහැයි කියා වික්‍රමනායක මහතා කීවේ ඝෝෂාව මැදය. රාජකීය ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතාට පසුව තවත් රාජකීයයකු වූ නවීන් දිසානායක මහතා විවාදයට එක් විය.අය-වැය ලේඛනයේ ඉලක්කම් වැරදි බවට එජාපය කරන චෝදනාවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ දිසානායක මහතා ද්වේෂසහගත කතා නොකර බුද්ධිමතුන් ලෙස ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේය. සිය මාමණ්ඩිය කරු ජයසූරිය මහතා දැරූ අදහසට පටහැනි අදහසක් ඉදිරිපත් කළ දිසානායක මහතාගේ පියා ගාමිණී දිසානායක මහතාත් සීයා ඇන්ඩෘ දිසානායක මහතාත් සභාව නියෝජනය කළහ.මේ රටේ සිටින සියයට එකක් වන සුපිරි ධනවතුන් රකින අයවැයක් ලෙස මෙවර අය-වැය ලේඛනය හඳුන්වා දෙමින් විවාදයට එක්වූ රුවන් විජේවර්ධන මහතා සුපිරි ධනවතුන් කවුදැයි කීවේ නැත. විජේවර්ධන මහතාගේ සීයා, එනම් ඩී. ආර්. විජේවර්ධන මහතා මෙරට නිදහස් ව්‍යාපාරයේ තිරයෙන් පිටුපස විශාල වැඩ කොටසක් කළ විශිෂ්ටතමයකි.කාන්තාවන්ට වෙන් කළ මුදල රෝසි සේනානායකට මදි විය.විවාදයට ඊයේ වැඩි පිරිසක් එක් වුවද විවාදය සාමාන්‍ය තත්ත්වයක පැවැතුණි. හවස් වන විට රජයේ පාර්ශ්වයේ වගකිවයුතු කිසිවකු සභාවේ නොවීය. එජාපයේ වැඩිදෙනකු සභාව තුළ සිටියේ ඔවුන්ගේ නම් කථික ලයිස්තුවේ තිබූ හෙයිනි.රන්ජිත් පද්මසිරි.
NEWSPAPER
2013.11.28
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112822
මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමටසභා ගැබේ මන්ත්‍රීවරු නෑ:
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
මහජන පෙත්සම් කාරක සභාවට ජනතාවගේ පෙත්සම් ඉදිරිපත් කරන මන්ත්‍රීවරු එම පෙත්සම් ඉදිරිපත් කිරීමට සභාගැබට ඔවුන් නියමිත වේලාවට පැමිණිය යුතු බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.මහජන පෙත්සම් ඉදිරිපත් කිරිම සඳහා මන්ත්‍රීවරුන් ඒ වෙනුවෙන් පහසු දිනයක් ලබා ගත්තද එම දිනයේදීවත් සබාගැබට නොපැමිණිම කණගාටුවට කරුණක් බවද කතානායකවරයා කීය.පාර්ලිමේන්තුව ඊයේ (27) රැස්වූ අවස්ථාවේ දිනට නියමිත ලිපිලේඛන ආදිය ඉදිරිපත් කිරීමෙන් පසු මහජන පෙත්සම් ඉදිපත් කිරීමට එකදු මන්ත්‍රීවරයකු සභාවේ නොසිටීම පිළිබඳ කතානායකවරයා සිය නොසතුට පළ කළේය.පෙත්සම් ඉදිරිපත්කිරීමට මන්ත්‍රීවරුන්ට දිනයක් ලබාදි ඇති නිසා එදිනවත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව කතානායකවරයා කීය..