category
stringclasses 5
values | date
stringlengths 9
14
| link
stringlengths 22
753
| topic
stringlengths 1
11.6k
⌀ | author
stringlengths 1
1.98k
⌀ | content
stringlengths 1
187k
⌀ |
---|---|---|---|---|---|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112823
|
රසායනික අනතුරු වැළැක්වීමට කර්මාන්තකරුවන් දැනුවත් කරයි
|
ශීලා උඩුවර
|
නිෂ්පාදන ක්‍රියාවලියේ දී සිදුවිය හැකි රසායනික අනතුරු වැළැක්වීම හා ඒ සඳහා පෙර සූදානම පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා හා සේවා ස්ථානවල කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද ( 28 ) පැවැත්වේ.පරිසර පුනර්ජනනීය හා බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ හා එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වේ..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112824
|
රෝගීන් අසීරුතාවට පත් නොකරසේවයට වාර්තා කරන්න
|
සන්ධ්‍යා කරුණාරත්න
|
අසරණ රෝගීන් අසීරුතාවට පත් නොකර නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා සේවයට වාර්තා කරන ලෙස වැඩ වර්ජනයට සහභාගී වූ සියලුම හෙද හා පරිපූරක වෘත්තිකයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කාරුණික ඉල්ලීමක් කරයි.හෙද හා පරිපූරක වෛද්‍ය සේවාවල පිරිසක් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලමින් සෞඛ්‍ය සේවාවට බාධා වන අයුරින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ඊයේ (27) දිනයේ දී පියවර ගෙන තිබිණි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ සහ 1994 පොදු පෙරමුණු රජය පත්වන අවස්ථාවේ සිටත්, සෞඛ්‍ය සේවාවේ සියලු අංශවලට වැටුප් හා දීමනා වැඩි කිරීම ඇතුළු වරප්‍රසාද රැසක් ලබාදී ඇත.හෙද හා පරිපූරක වෘත්තීන්ට අයත් මේ පිරිස විසින් කරන ඉල්ලීම් සමස්ත රාජ්‍ය සේවාවටම බලපාන අතර ජනාධිපතිවරයා 2014 අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා ජාතික කොමිසම් සභාවක් පත් කිරීම ප්‍රකාශයට පත්කෙරිණ.වැටුප් වර්ධක සහ දීමනා පිළිබඳ රජය විසින් පත් කිරීමට යෝජිත මේ කොමිසම් සභාව මඟින් අවශ්‍ය විසඳුම් ලබා දෙන අතර, 2006/6 චක්‍රලේඛය යටතේ ඇති වැටුප් විසමතාවන් ද ඉදිරි කාලයේ දී ඉවත් කිරීමට ජාතික කොමිසම් සභාව කටයුතු කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=n13112825
|
කළුතර තිස්ස මැදි විදුහලේආදි සිසු හමුව 30 දා
| null |
කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ආදි සිසු හමුව මේ මස 30 වැනි සෙනසුරාදා ප.ව .5.00 සිට කළුතර උතුර පැනොරාමා හෝටලයේ දී ආදි සිසු විශේඥ වෛද්‍ය රංජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.ආදි සිසු ඔබට කරන සුහද ඇරයුමයි මේ. චාමර 071 4169279 මනේෂ් 071 4448829 .
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r1311281
|
මිල්ලනිය පාතකඩ දූව වැසියන්ගේපය පැටලුනොත් ජීවිත අවදානමේ
|
ඉංගිරිය සමූහ - කුමාරි ගමගේ
|
බණ්ඩාරගම මැතිවරණ බල ප්‍රදේශයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්පාත, පාතකඩ දූවේ එල්ලෙන පාලමේ ගමන් කිරීම මරු කැඳවන ගමනක් බව ප්‍රදේශවාසීහු පවසති.1993දී ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව මේ පාලම ඉදිකර දුන් බව ප්‍රදේශයේ ජනතාව පවසති.පාතකඩ, මහදුරුපිටිය, නානවැල්ලව, දෙල්ගොඩ, තලාහේන ප්‍රදේශවල වැසියන් ගල්පාතට පැමිණ එතැනින් හොරණ හා කළුතර ප්‍රදේශවලට ගමන් කිරීමට හැකි කෙටි මාර්ගය ලෙස මේ පාලම භාවිත කෙරේ.මහදුරුපිටිය, පාතකඩ යන ග්‍රාම සේවා වසම් දෙක හරහා මේ පාලම සම්බන්ධව ඇත.නිලන්ත කුමාර මහතා,- දෙල්ගොඩ, මහදුරුපිටිය, තලාහේන ප්‍රදේශවලට යන්න තියන කෙටිම පාර මේකයි.පහුගිය කාලේ මැතිවරණය වෙලාවේ පාලම හදල දෙනවා කියා පොරොන්දු වෙලා ගියා. ඒත් ඡන්දෙ පහුවුනාට පස්සේ ඒ පොරොන්දු කාටවත් මතක නෑ.පාලමේ ලෑලි ටික දිරලා ගියාම අපිම ලෑලි ගහලා හදා ගන්නවා. රටේ හැම තැනම පාලම් පාරවල් හැදෙනවා. අපේ ගමට විතරක් කුඩම්මාගේ සැලකිලි ඇයි.හංසනී ගුණවර්ධන මහත්මිය - අපේ දරුවෝ ඉස්කෝලෙට දහම් පාසලට යන්නේ එන්නේ මේ පාරෙන්. කීප සැරයක් ළමයි කීප දෙනෙක් ගඟට වැටුණා. මේ ළමයින්ට පීනන්න පුළුවන් නිසා ජීවිතේ බේරුණා. අපි ඉල්ලන්නේ මේ අහිංසක දරුවෝ ගැන හිතලා හරි පාලම හදල දෙන්න කියලා.එම්. ඩී. ගුණවර්ධන මහතා - පහුගිය මැතිවරණ කාලවල පාලම හදලා දෙන බව පොරොන්දු වෙලා මිනිස්සු රවටලා ඡන්දය ලබාගෙන දේශපාලනේ ඉහළ පුටුවලට ගියා. ගොවීන් වන මේ ගම්වැසියන්ට මේ පාලම ඉදිකර දුන්නොත් පින්..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r1311282
|
ජපන් රැකියා පෙන්වාමුදල් වංචා කර අසුවෙයි
|
කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිඳුකුල
|
ජපන් රටේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් පන්ලක්ෂ පනස්පන්දහසක් වංචා සහගතව ලබාගෙන විදේශ රැකියාවක් ලබා නොදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පාසල් ගුරුවරියක් කියන තැනැත්තියක් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කෙළේය.මෙසේ මුදාහැරුනේ ලියනගේමුල්ල, සීදූව පදිංචි ගුරුවරියකය.රුපියල් 4100000ක් සැකකාරියගෙන් පැමිණිල්ලිකරුට ලැබී ඇති බවත් ඉතිරි මුදල රු: 40000 බැගින් වාරිකවලින් පැමිණිලිකරුට ගෙවීමට සැකකාරිය අධිකරණයේදී කගවූ බවත් නඩු වාර්තා වෙහි සඳහන්ය. ජා-ඇළ පොලිසිය අධිකරණයට පැමිණිල්ල ගොනුකර තිබුණි..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r1311283
|
වැසෙන්නට ගිය පහළ බුජ්ජොමුවවිදුහලට සංවර්ධනයේ අරුණලු
|
අලව්ව විශේෂ ඒ. කීර්තිසිංහ
|
ප්‍රාථමික පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අලව්වේ පහළ බුජ්ජොමුව ප්‍රාථමික විදුහලේ සියලු ගොඩනැඟිලි අලව්ව විවිධසේවා සමුපකාර සමිතිය මගින් පිළිසකර කර ඇත.1956 දී ආරම්භ කරන ලද මේ විදුහල වැසීයෑමට ඔන්න මෙන්න කියා තිබියදී වත්මන් විදුහල්පති ටී.ඒ. ලෙස්ලි ගුණවර්ධන මහතාගේ උත්සාහය මත නැවත විදුහල සංවර්ධිත තත්ත්වයට පත්ව ඇත.එහි පිළිසකර කරන ලද ගොඩනැඟිලි බාරදීමේ උත්සවයක් පසුගියදා එම විදුහලේදී පැවැත්විණි.එම අවස්ථාවට පැමිණි අලව්ව විවිධසේවා සමුපාකාර සමිතියේ සභාපති සුමිත් පතිරණ මහතා කීවේ සමුපකාරය යනු ලාභ ලබන ආයතනයක් පමණක් නොවන බවත් ගමින් ආරම්භ වූ සමුපකාරය ගමට සේවය කිරීමට බැදී සිටින බවත්ය.අලව්ව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමිත් ප්‍රියන්ත, විදුහල්පති ටී.ඒ. ලෙස්ලි ගුණවර්ධන ඇම්. ආර්. සාමෙල් ප්‍රනාන්දු යන මහත්වරු ද කතා කළහ..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r1311284
|
කළුතර පුරහල නවිකරණයට
|
@ සැම්සන් ප්‍රේමසිරි කළුතර සමුහ
|
කළුතර දිස්ත්‍රික්කයේ පැරැණිම පුරහල ලෙස සැලකෙන කළුතර පුරහල නවිකරණය කිරිමට කටයුතු යොදා තිබේ.එහි නවීකරණ කටයුතු දැන් ආරම්භකර තිබේ. මේ සදහා රුපියල් ලක්ෂ 98ක මුදලක් වැයකෙරන බව නගර සභාපති එම්.එම්.ජව්ෆර් මහතා කීය. මේ පුරහල කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරිම නිසා මහජනතාවට මහත් දුෂ්කරතා විදීමට සිදුවිය..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r1311285
|
පයාගල සිංහගම මාර්ගයේ ගමන අසීරුයි
|
කටුකුරුන්ද සමූහ කපිල කුලසිංහ
|
පයාගල හල්කඳවිල සිට බේරුවල දක්වා කෙටි දුරකින් ගමන් කළ හැකි සිංහගම මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.දිගු කලකින් ප්‍රතිසංස්කරණය නොකළ මේ මාර්ගයේ මේ වන විට පා ගමනින් වත් යා නොහැකි තරමට අබලන්වී ඇත.බේරුවල ප්‍රාදේශීය සභාවේ අවධානය මේ සදහා යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු කියති..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r1311286
|
පාසලට නොගැලපෙන කරාබු පැළැඳුවැයිගුරුවරියගෙන් සිසුවියට කනේ පහරක්
|
කළුතර මධ්‍යම සමූහ
|
සිසුවියක් පැළඳ සිටි කරාබු පාසලට නොගැලපෙන බව පවසමින් එම 15 හැවිරිදි සිසුවියගේ කනට පහර දුන් බව කියන බුලත්සිංහල ජාතික පාසලේ ගුරුවරියක් රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් චාමරී විජේබණ්ඩාර මහත්මිය නියම කළාය.හර්ෂණී කුමාරි නම්වූ තම දියණිය පාසල් පුස්තකාලය අසල තවත් ශිෂ්‍යාවක් සමඟ කතා කරමින් සිටියදී ගුරුවරිය ඇයට පහරදී ඇති බවත් පහරකෑමට ලක්වූ දියණිය බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හොරණ මූලික රෝහලට මාරු කර යවා ඇති බවත් නන්දාවතී අතුකෝරල යන අය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ගුණරත්න මහතා අධිකරණයට වාර්තා කර තිබුණි.මෙහිදී සැකකාර ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසන්ත ජයසිංහ මහතා මේ සිසුවියට ඇගේ සහෝදරයා ඊට පෙරදින පහරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අධිකරණයට කරුණු දක්වමින් කීය.වඩිදුර විභාගය 2014 මාර්තු මස 19 වනදිනට කල් තැබිණි..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r1311287
|
මාමා දියවැඩියාවට බොන බෙහෙත්තාත්තා විහිළුවට කටේ හලා ගත්තා
|
හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ
|
මාමා දියවැඩියාවට බොන බෙහෙත් ටික ත්‍රිරෝද රථයේ තබා ආවා. එය රැගෙන එන ලෙස තාත්තාට පැවැසුවා. එවිට මේකත් මට වැඩක්ද කියා පැවැසු තාත්තා එම බෙහෙත් ටික රැගෙනවිත් කටට දමා ගත්තා යැයි දියවැඩියා බෙහෙත් පෙති ගිලීම නිසා මිය ගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් අසුරුමුනි සඳනි අනුරුද්ධිකා කීවාය.මෙසේ මියගොස් ඇත්තේ අසුරුමුනි ලලිත් කුමාරසිරි (47) නමැති පෙදරේරු වෘත්තියේ නියැලී සිටින එක් දරු පියෙකි.හොරණ මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ සාක්කි දුන් මිය ගිය අයගේ දියණිය මෙසේද කීවාය.මගේ අම්මා වලිසිංහ අමිතා කරුණාරත්නයි. ඇය කම්කරු රැකියාවක නිරත වනවා. අම්මාත් තාත්තාත් සමග මා ගෙදර සිටිනවා. දැනට සතියක පමණ සිට තාත්තාත් මාමාත් එකතු වී ගිනිකූරු ගස්වගයක් කැපුවා. තාත්තා නිතරම මත්පැන් පානය කරනවා. ඒත් ඒ වෙලාවේ තාත්තා මත්පැන් පානය කර තිබුණේ නෑ. තාත්තා නැවත ආවේ රාත්‍රි 10.30ට විතර. ඒ ආවේ මාමා සමගයි.එවිට තාත්තා හොඳටම බිලා සිටියා. තාත්තා මාමා සමග ගෙට ආවා. එවිට මාමා පැවැසුවා දියවැඩියා රෝගයට රැගෙන ආ බෙහෙත් වගයක් ත්‍රිරෝද රථයේ තිබෙනවා. ඒවා රැගෙන එන ලෙසට.මේකත් මට වැඩක්ද කියා තාත්තා ඒ බෙහෙත් ටික කටට දමා ගත්තා. මාමා දුවල ගිහින් බෙහෙත් ටිකට අතින් ගැහුවත් ටිකක් කටට ගියා. මාමා අත දමා ඒ බෙහෙත් ටික ගන්න හැදුවා. තාත්තාට වමනය කෙරෙව්වා. එවිට තාත්තා ලිඳ ළඟට ගිහිල්ලා කට හෝදගෙන ආවා.මමා බෙහෙත් ගේන්න යන්න කතා කළා. මම මැරෙන්න බීවේ නෑ. මට මොන බේත්ද කියලා තාත්තා කීවා. තාත්තා ගෙට ආවේ නැතුව ත්‍රිරෝද රථයේ නිදා ගත්තා.රෑ වමනේ කැර තිබුණා. ගෙදර සිටිය බලු පැටියා තාත්තා දැමූ වමනය කෑම නිසා දඟලා එකවරම මැරුණා. තාත්තාට මැරුණ බලු පැටියා පෙන්වන්න කාමරයට යන විට ඔහුගේ ඇඟේ කොටසක් ඇඳ උඩත් අනික් කොටස බිමත් තිබුණා. තාත්තේ බලුපැටියා මැරිලා මේ බලන්නකෝ කියල කීවත් තාත්තා කතා කළේ නෑ. ත්‍රිරෝද රථයකින් තාත්තාව හොරණ රෝහලට රැගෙන ගියත් ඔහු මියගොස් තිබුණා.මිල්ලනිය පොලිසියේ 35212 රැටියල මහතා සාක්කි විමසීම සිදු කළ අතර වලිසිංහ අමිතා කරුණාරත්න යන අයද සාක්කි දුන්නාය.හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රශාන් විජේතුංග මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරන බව හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කෙළේය..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r1311288
|
කෑගල්ල තේ වගාකරුවන්ගේඅත මිට සරුවෙලා
|
පී.එම්.පී. පොල්වත්ත
|
කෑගල්ල දිස්ත්‍රික්කයේ තේ දලු මිල ඉහළ යෑමට පටන් ගෙන ඇත.මේ නිසා තේ වගා කර ඇති වගාකරුවන්ට හොඳ කාලයක් උදාවී ඇත.පසුගිය දිනවල රුපියල් 60ට තිබූ අමු තේ දලු කිලෝව රුපියල් 80 දක්වා මිල ඉහළ නැග ඇත.මේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියෝ 20,000ක් පමණ සිටිති.අක්කර 15000ක පමණ තේ වගා කර ඇත. තේ නැවත වගා කිරීමට හෙක්ටයාර් එකකට වාර පහකදී රුපියල් 350000ක් පමණ මුදලක් ආධාර වශයෙන් ලබා දේ.අලුතෙන් තේ වගා කරන තේ වතු හිමියන්ට හෙක්ටයාරයකට රුපියල් 250000ක් පමණ වාර පහකදී ලබා දේ.අලුතින් තේවගා කිරීමට දිස්ත්‍රික්කයේ ඉඩම් හිමියෝ ඉල්ලුම් කර ඇතත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ෙනාමැතිවීම නිසා අයැදුම් එවන සියලු දෙනාටම තේ වගා කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වී ඇති බව තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r1311289
|
මාර්ග පුළුල් කිරීම ගැනජනතාවට ගැටලු
|
ඡායාරූපය - කෑගල්ල දකුණ සමූහ
|
කෑගල්ල නගරයේ තදබදය අවම කිරීම සඳහා නගරය හරහා දිවෙන මාර්ගය අඩි 66ක් දක්වා පළල් කිරීමට මාර්ග සංවර්ධන අදිකාරිය ගොඩනැඟිලි හිමියන්ට දැනුම් දී ඇත.ඒ අනුව බොහෝ දෙනකු එම සීමාවේ තිබෙන ගොඩනැඟිලි කඩා නියමිත සීමාව තුළ නව ඉදිකිරීම් සිදු කරමින් සිටී. එම සීමාවේ මාර්ගය අඩි 66ක් පළල්වේ.මාර්ගයේ පළල අඩි 100ක් පළල් විය හැකි බව වැඩි දෙනකුගේ නිගමනය වී ඇත. ඒ අනුව ඉදිරියේදී නැවත ඉවත් කිරීමක් සඳහා උපදෙස් ලබා දුනහොත් ඉදිකිරීම් සඳහා වැයවන මුදල් අපතේ යනබව ගොඩනැගිලි හිමියෝ කියති.මේ නිසා බොහෝ ව්‍යාපාරිකයෝ නව ඉදිකිරීම් අඩි 50ට සීමාව දක්වා සිදු කිරීමට කටයුතු කරයි..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=r13112810
|
කළුතර අවට ප්‍රදේශවලටමී උණ රෝගය පැතිරෙයි
|
කළුතර මධ්‍යම විශේෂ එච්.එල්. සුනිල් ශාන්ත
|
කළුතර අවට ප්‍රදේශවල මී උණ රෝගය වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.කළුතර වස්කඩුව, පොතුපිටිය ආදි ප්‍රදේශවලින් මී උණ වැළඳි රෝගීන් 8 දෙනකු හමුවී ඇති අතර මේ රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා කළුතර පොතුපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි. ගාමිණී ගුණතිලක මහතා මී උණට ලබාදෙන ප්‍රතිකාර පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ ප්‍රජා සෞඛ්‍ය සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නුගගොඩ, කුඩාවස්කඩුව, ලිට්ල්ටන්වත්ත හා පොතුපිටිය ආදී ගම්මානවල නිවෙස්වලට ගොස් මහජනතාව හමුවී ඔවුන්ට මී උණ රෝගයෙන් වැලකීමට උපදෙස් ලබාදීම සිදුකෙරේ..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=s1311289
|
ජාතික ඔලිම්පික් නිලවරණය කල් දමන්න අන්තර්ජාතික කමිටුවෙන් නියෝගයක්
|
ප්‍රින්ස් ගුණසේකර
|
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය දින නියමයක් නොමැතිව කල් යයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කොට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හිමි ක්‍රීඩා සංගම්වලින් ඒ සඳහා අනුමැතිය ලබාගත් පසුව ජාතික ඔලිම්පික් නිලවරණය පැවැත්වීමට අවස්ථාව හිමිවේ.ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයන් පිරිසක් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයන් පිරිසක් සමග අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ස්විට්සර්ලන්තයේ ලුසේන් නුවර පිහිටි මූලස්ථානයේදී ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ නියෝගය නිකුත් කෙරුණි.ක්‍රීඩා රෙගුලාසිවල කරුණු 24ක් පිළිබඳව සාකච්ඡා සිදුවී ඇති අතර එහිදී අහිතකර රෙගුලාසි ඉවත්කර ක්‍රීඩා පනත සංශෝධනය කරන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දැනුම්දී තිබේ.ඔලිම්පික් කමිටුව අදාළ ජාතික ක්‍රීඩා සංගම්වල ව්‍යාවස්ථාව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සකසා තිබේදැයි නැවැත විමර්ශනය කරන ලෙසට ජාතික ඔලිම්පික් කමිටු නියෝජිත පිරිසට දන්වා ඇත.ඔලිම්පික් කමිටුවට අදාළ සියළු ජාතික සංගම්වල ව්‍යවස්ථාවන් අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලනවලට ලබාදෙන ලෙසත්, එම ජගත් සම්මේලනවලින් ඒවා අනුමතකර එවු පසුව ඔලිම්පික් ක්‍රීඩා සම්මේලන නිලවරණ නැවැත පවත්වන ලෙසත් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට දන්වා ඇතැයි වාර්තා වේ. එබැවින් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය මේ සියළු ක්‍රියාදාමයන් සිදුවු පසුව තීරණය වනු ඇතැයි පැවැසේ. ක්‍රීඩා පනත සංශෝධනය කිරීම හා ඔලිම්පික් ක්‍රීඩා සංගම්වල ව්‍යවස්ථා පිළිගත් ක්‍රමවේදයක් අනුව සැකසීම ඉක්මන් වුවහොත් ඔලිම්පික් නිලවරණයද කඩිනම් වනු ඇතැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දැනුම්දී ඇත.මේ අනුව ලබන මස 27වැනිදා ඔලිම්පික් නිවහනේ පැවැත්වීමට නියමිතවු ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට අදාළ නාමයෝජනා ද අහෝසි වනු ඇත. ඔලිම්පික් කමිටු සභාපති තනතුරට ඇමැති ඩිලාන් පෙරේරා මහතා හා රොහාන් ප්‍රනාන්දු මහතා නාමයෝජනා ඉදිරිපත්කර තිබු අතර ලේකම් තනතුරට තුන්කොන් සටනක් නිර්මාණයවී තිබුණි. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී තනතුරු 12ක් සඳහා නාමයෝජනා 23ක් ඉදිරිපත්වීමද මෙවර විශේෂත්වයකි.වසර ගණනාවක් සභාපති තනතුරේ සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා මෙවර ඔලිම්පික් නිලවරණයට නාමයෝජනා ලබා නොදුන්නේය. ඔලිම්පික් කමිටු නිලවරණයත් සමග ඇතිවු අර්බුදනය ගැන ලුසේන් නුවර පැවැති සාකච්ඡාවට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, නීතිඥ පන්ඩුක කීර්තිනන්ද, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන, වෛද්‍ය මයියා ගුණසේකර හා ඩයන් ගෝමස් යන මහත්වරු එක්ව සිටියහ.ජාතික ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ලේකම් මැක්ස්වල්ද සිල්වා, විධායක කමිටු සභික රොහාන් ප්‍රනාන්දු, නීති උපදේශක ඩිල්ෂාන් ජයසූරිය හා ප්‍රිතිරාජ් පෙරේරා යන මහත්වරු එක්වුහ..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=s1311281
|
නේෂන් කුසලාන නෙට්බෝල් තර ගාවලියට ශ්‍රී ලංකා පිල අද සිංගප්පූරු යයි
|
ප්‍රින්ස් ගුණසේකර
|
නේෂන් කුසලාන නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා නෙට්බෝල් පිල අද පස්වරු 2.45ට සිංගප්පූරුව බලා පිටත් වෙයි.අටවැනි වරටත් පැවැත්වෙන නේෂන් කුසලාන නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල සහභාගී වන්නේ සිවුවැනි වතාවටය.ශ්‍රී ලංකාව සමග තවත් රටවල් 5ක් තරගාවලියට එක්වන අතර අමෙරිකාව, අයර්ලන්තය හා උගන්ඩාව පළමු වරට නියෝජනය කරති. ලෝක නෙට්බෝල් කණ්ඩායම් වර්ගීකරණයේ 19වැනි ස්ථානයේ අමෙරිකාව සිටින අතර අයර්ලන්තය 28 වැනි ස්ථානයේ සිටී. පසුගිය කාලයේ අන්තර්ජාතික තරගවලට සහභාගිවී නොමැති හෙයින් උගන්ඩාව ලෝක නෙට්බෝල් කණ්ඩායම් වර්ගීකරණ ලැයිස්තුවේ නොමැත.එහෙයින් අන්තර්ජාතික තරග අත්දැකීම් අඩුම කණ්ඩායම ලෙස උගන්ඩාව සැලකේ.මේ තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස විචාරකයන්ගේ පැසසුමට පැපුවා නිව්ගිනියාව ලක්වුවද දෙසැම්බර් 1දා තරගාවලිය ආරම්භක දිනයේ ශ්‍රී ලංකාව වෙතින් අමතක නොවන තරගයක් ලැබෙනු ඇතැයිද සැලකේ.අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන්ගේ සංකලනයකින් සැදුම්ලත් ශ්‍රී ලංකා නෙට්බෝල් පිල නේෂන් කුසලාන තරගාවලියේ “භයානකම කණ්ඩායම” ලෙස අවධානයට ලක්ව ඇත.පැපුවා නිව්ගිනියාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 17වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව 23වැනි ස්ථානයේ පසුවේ. සත්කාරක සිංගප්පූරුව 21වැනි ස්ථානයේ සිටියද පසුගිය වසරේ තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙතින් පරාජයට පත්විය.ශ්‍රී ලංකාව සිවුවතාවක් ආසියානු නෙට්බෝල් කිරුළ දිනා ඇති අතර නේෂන් කුසලාන නෙට්බෝල් තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්විය. මෙවර අවසන් මහා තරගය දක්වා පැමිණීම ශ්‍රී ලංකා පිලේ සැලසුමවී තිබේ.ශ්‍රී ලංකා පිලට නායකත්වය දෙන මරීෂා ප්‍රනාන්දු පවසන්නේ තරගයෙන් තරගයට සැලසුම් වෙනස්කොට ප්‍රතිවාදී කණ්ඩායම් අසීරුතාවට පත්කිරීම බලාපොරොත්තුව බවයි.“පැපුවා නිව්ගිනියාව සමග තරගය අපට තර්ජනයක්. එය පළමු තරගය නිසා ජයග්‍රහණය වැදගත්. ඒකට අපි සුදානම්. අපට දෙවැනි තරගය අමෙරිකාව සමගයි. එයත් තර්ජනාත්මක ප්‍රබල තරගයක් වෙනවා. අමෙරිකාව සමග ආසියාවේ රටවල් ක්‍රීඩා කර නෑ. අපි අමෙරිකාව ක්‍රීඩා කරන රටාව විඩීයෝ දර්ශන මගින් හදාරා තිබෙනවා” මරීෂා ප්‍රනාන්දු පැවැසීය.“මට ලැබුණේ අලුත්ම කණ්ඩායමක්. ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම් හැරුනාම අනෙක් අය මට වඩා කනිෂ්ඨ අය. නමුත් ගොඩක් දක්ෂයි. ඒක අපට වාසියක් සෙමිනි, තිසාලා, ගයනි කනිෂ්ඨ පිලේ ප්‍රබල ක්‍රීඩිකාවන්. නවුජලී, තිළිණි හා ගයාංජලී පළමුවරට ශ්‍රී ලංකා පිලට එක්වුණේ. මාස 2ක් පුහුණුවී අලුත් අයගේ දක්ෂතා මතුකොට ජය ගැනීම බලාපොරොත්තුවයි” මරීෂා ප්‍රනාන්දු පැවැසීය. නේෂන කුසලාන නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස සොමිතා ද අල්විස්, කළමනාකරු ලෙස ඒ.එන්.ඩී.ප්‍රසාදි සහභාගීවන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස ලාල් ඒකනායක මහතා කටයුතු කරයි.ශ්‍රී ලංකා නෙට්බෝල් පිලමරීෂා ප්‍රනාන්දු (නායිකාව), සෙමිනි අල්විස් (උපනායිකාව), තර්ජනී සිවලිංගම්, තිසාලා අල්ගම, ගයනි දිසානායක, තිළිණි වත්තේගෙදර, නවුජලී රාජපක්ෂ, දර්ශිකා අබේවික්‍රම, කාංචනා ජයවීර, චතුරාංගනී මල්කාන්ති, සුරේකා කුමාරි, ගයාංජලී අමරවංශ.
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=s1311282
|
කඩු හරඹ තරගාවලියේදීචාමර-උදයංගනී සම්මාන දිනති
| null |
ජාතික කඩු හරඹ ක්‍රීඩා සංගමය දෙවැනි වරටත් මෙහෙයවූ ජාතික කඩු හරඹ ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන අත්කර ගැනීමට ස්ලිම්ලයින් කඩු හරඹ ක්‍රීඩා සමාජයේ චාමර නුවන් ප්‍රියදර්ශන සමත්විය. දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය දිනාගනු ලැබුවේ සිලුවෙටා කඩු හරඹ ක්‍රීඩා සමාජයේ අශෝකා උදයංගනී විසිනි.පිරිමි, කාන්තා හා කණ්ඩායම් තරග ඉසව් වශයෙන් තරග ඉසව් 7කින් යුත් මේ තරගාවලියේ දී රන් පදක්කම් 4ක්, රිදී 3ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනූ ස්ලිම්ලයින් කණ්ඩායම සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්විය. ප්‍රදීප් සාලිය (ස්ලිම්ලයින්), චාමර නුවන් (ස්ලිම්ලයින්) හා මංජුල ප්‍රනාන්දු (යුනිචෙලා), අශෝකා උදයංගනී (සිලුවෙටා), නිරංජලා වීරරත්න (ස්ලිම්ලයින්) හා අනුරුද්ධිකා ධනංජලී (ස්ලිම්ලයින්) රන් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙති.කොග්ගල, අහංගම සාරිපුත්‍ර විද්‍යාලයීය ශාලාවේ දී පසුගියදා පැවැති මේ තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ජාතික කඩුහරඹ ක්‍රීඩා සංගමයේ උප සභාපති හා මාස් ඉන්ටිමේට් සමාගමේ සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් මහතා අතින් සිදුකෙරිණි..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=s1311283
|
ප්‍රවීණයන්ගේ කෙටිදුර පිහිනුම් ශූරතාඑස්.එස්.සී. හා පොලිසියට
| null |
ප්‍රවීණයන්ගේ කෙටිදුර පිහිනුම් ශූරතාවලියේ සමස්ත කාන්තා ශූරතාව සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) දිනාගත් අතර සමස්ත පිරිමි ශූරතාව ශ්‍රී ලංකා පොලිසියට හිමිවිය. පසුගියදා සිංහල ක්‍රීඩා සමාජ පිහිනුම් තටාකයේ පැවැති මේ ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනාගත් සිංහල ක්‍රීඩා සමාජය ලකුණු 175ක්, අනුශූරතාව දිනූ ඔටර්ස් ජල ක්‍රීඩා සමාජය ලකුණු 172ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව ලකුණු 31ක් ලබා ගත්හ.ශ්‍රී ලංකා පොලිසිය ලකුණු 574ක් ගෙන පෙරමුණ ගනිද්දී 'ෆිෂ්ටේල්' ජල ක්‍රීඩා සමාජය ලකුණු 313ක් ගෙන අනුශූරතාවත්, සිංහල ක්‍රීඩා සමාජය ලකුණු 250ක් ගෙන තෙවැනි ස්ථානයටත් පත්වූහ.මේ පිහිනුම් ශූරතාවලියේ ඒකල කාන්තා ශූරතා අරණ්‍යා රාජසිංහම් (ඔටර්ස්), දුෂානී ධර්මරත්න (ඔටර්ස්), සබීතා ඕමාරා (එස්.එස්.සී.), දොහොතී මිහිඳුකුලසූරිය (එස්.එස්.සී.), සොරායා හුසේන් (එස්.එස්.සී.), අසීරා එසියුෆාලී (එස්.එස්.සී.), දිලිනි දොලපිහිල්ල (ඔටර්ස්), ජානකී වික්‍රමසිංහ (ඔටර්ස්) දිනාගත්හ. පිරිමි ඒකල ශූරතා අක්ෂයෆ් රාජසිංහම් (ඔටර්ස්), එම්.පී.දමින්ද (නාවික), ටී.එම්.ෆස්මීන් (පොලිසිය), කේ.ඩී.එච්.විජේරත්න (පොලිසිය), එච්.පී.කුලරත්න (එස්.එස්.සී.), බී.ඩී.ගුරුගේ (පොලිසිය), පී.නවගමුව (පොලිසිය), එඩ්වඩ් වැන්ඩෙන්රියන් (එස්.එස්.සී.), රොඩ්නි සිල්වා (ෆිෂ්ටේල්), පියසේන ලබුතලේ (ෆිෂ්ටේල්) දිනා ගත්හ..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=s1311284
|
එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට
| null |
සංචාරක බටහිර ඉන්දියා කොදෙව් පිලට එරෙහිව කාන්පූර් හී පැවැති තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගත් ඉන්දියාව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඊයේ සමත්විය.පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ඕවර 50 අවසානයේ කඩුලු 5කට රැස් කළ ලකුණු 263 හඹාගිය ඉන්දියාව ඕවර 46.1කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය. ඉන්දියා පිලේ ජයග්‍රහණයේ දොරටු විවර කළ ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් ශතකයක් රැස් කිරීමට සමත්විය.ඔහු ලැබූ ලකුණු 119ට පන්දු 95ක් වැයවූ අතර ඊට හතරේ පහර 20ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් යුව්රාජ් සිං ලකුණු 55ක් රැස් කළේය. දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 129ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.කොදෙව් පිල - 263/5 (ඕවර 50) මාලන් සැමුවෙල්ස් 71, කීරන් පවේල් 70, ඩැරන් බ්‍රාවෝ නොදැවී 51, ඩැරන් සැමී නොදැවී 37 ( රවිචන්ද්‍රන් අශ්වින් 45/2)ඉන්දියා පිල - 266/5 (ඕවර 46.1) ෂිකර් ධවාන් 119, යුව්රාජ් සිං 55, සුරේෂ් රයිනා 34, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 23 (රවී රාම්පෝල් 55/2, ඩ්වේන් බ්‍රාවෝ 57/2) .
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=s1311285
|
මඩුල්ල ක්‍රීඩාංගණය නවීකරණය කෙරේ
|
සියඹලාණ්ඩුව ගුනපාල ලියනගේ
|
මඩුල්ල ප්‍රාදේශීය සභා පොදු ක්‍රීඩාංගණය නවීකරණය කිරීම පසුගියදා වන ජීවී ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ මේ සඳහා ප්‍රතිපාදන ලෙස රුපියල් ලක්ෂ 98ක මුදලක් ලබා දී ඇත.ඒ අනුව මේ වර්ෂය අවසාන වනවිට ක්‍රීඩාංගණයේ වැඩ නිමකිරීමට නියමිත බව මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද පුෂ්පකුමාර මහතා පැවැසීය.වන ජීවී ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා, ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ගේ ඉල්ලීම මත මේ ප්‍රතිපාදන වෙන්කර ඇතිබව සභාපතිවරයා වැඩි දුරටත් පැවැසීය..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=s1311286
|
කසකස්තානය 69-45කින් ශ්‍රී ලංකාව පරදයි
|
නිරෝෂාන් ප්‍රියංකර
|
අවුරුදු 16න් පහළ ආසියානු කාන්තා බාස්කට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා පිල සමග පෙරේදා පැවැති තරගයෙන් ලකුණු 24ක ජයක් හිමිකර ගැනීමට කසකස්තානය සමත්විය.කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පෙරේදා රාත්‍රියේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 45ක් ලබාගත් අතර කසකස්තානය ලකුණු 69ක් ලබාගනිමින් තරගයේ ජය හිමිකර ගත්තේය.කසකස්තාන පිලට එරෙහිව ඩිලුමි ගුණවර්ධන තෙවැනි මිනිත්තුවේදී ලකුණක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළාය.පළමු කාර්තුවේ අටවැනි මිනිත්තුව වනවිට ලකුණු 11-10ක් ලෙසින් තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවද එම කාර්තුව අවසන් වුයේ ලකුණු 16-13ක් ලෙස කසකස්තානය ඉදිරියට පැමිණෙමිනි. දෙවැනි කාර්තුවේදී එම පරතරය වැඩිකරගත් කසකස්තාන ක්‍රීඩිකාවෝ ලකුණු 25ක් එක් කරගත්තේ ශ්‍රී ලංකා ලකුණු 10ක් ලබාගනිද්දීය. ඒ අනුව තරගයේ පළමු භාගය නිමාවුයේ ලකුණු 41-23ක් ලෙස කසකස්තානය පෙරමුණ ගනිමිනි.තරගයේ තෙවැනි කාර්තුව ආරම්භවනවිට ලකුණු 18ක්ව පැවැති පරතරය කාර්තුව අවසන් වනවිට ලකුණු 13 දක්වා අඩුකර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. එම කාර්තුවේදී ශ්‍රී ලංකා පිල ලකුණු 17ක් ලබාගත් අතර කසකස්තානයට ලබාගත හැකිවුයේ ලකුණු 12ක් පමණි. යළිත් ආක්‍රමණශිලී ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වු කසකස්තාන ක්‍රීඩිකාවෝ අවසන් කාර්තුවේදී ලකුණු 16ක් එක් කරගත්තේය.ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවුයේ ලකුණු 5ක් පමණි. ඒ අනුව කසකස්තානය තරගය ලකුණු 24කින් ජය ගත්තේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිර්මා සසන්ති ලකුණු 18ක් හා සනුරි ද සිල්වා ලකුණු 10ක් රැස්කළ අතර ඇලෙක්සෙන්ඩර් කොවලෙවෙස්කි (19), කරීනා ඔලෙන්බර්ග් (12) ජයග්‍රාහී කසකස්තානයට ලකුණු එක් කළහ.මේ පරාජය ශ්‍රී ලංකා පිල තරගාවලියේ පිට පිට ලද සිවුවැනි පරාජය ලෙසින් සටහන් විය.පෙර පැවැති තරගවලින් හොංකොං (57-46), ජෝර්දාන් (77-50) හා තායිලන්තය (82-51) කණ්ඩායම් හමුවේ ශ්‍රී ලංකා පිල පරාජයට පත්ව තිබිණි.චීනයට දැවැන්ත ජයක්පෙරේදා මැලේසියාව සමගින් පැවැති පළමු කොටසේ තරගයෙන් ලකුණු 62ක දැවැන්ත ජයක් හිමිකර ගැනීටම චීනය සමත්විය. තරගයේ ආරම්භයේ සිටම මැලේසියාවට දැඩි පීඩනයක් එල්ල කළ චීනය පළමු කාර්තුව නිමා කළේ ලකුණු 27-6ක් ලෙසිනි.දෙවැනි කාර්තුවේ ලකුණු 18-6ක් සමගින් පළමු භාගයේ චීනය ලකුණු 33ක් ඉදිරියෙන් පසුවිය. තෙවැනි හා සිවුවැනි කාර්තුවලින් මැලේසියාව ලකුණු 7හා 9ක් ලබාගනිද්දී චීනය ලකුණු 23හා 22ක් ලබාගනිමින් තරගය පහසුවෙන් ජයගත්තේය. චීනය ලකුණු 90ක් ලබාගනිද්දී මැලේසියාවට ලබාගත හැකිවුයේ ලකුණු 28ක් පමණි.පෙරේදා සිවුවැනි දිනයට පැවැති තරගවලින් පළමු කොටසින් ජපානය, චීන තායිපේ ද, දෙවැනි කොටසින් හොංකොං හා තායිලන්තය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළේය.හොංකොං පිල හමුවේ ඉන්දුනීසියාව ලකුණු 38-33ක්, තායිලන්තය හමුවේ ජෝර්දානය ලකුණු 87-51ක්, ජපානය හමුවේ කොරියාව ලකුණු 50-83ක් ලෙසින් ජයග්‍රහණ වාර්තා කළ අතර ඊයේ පස්වරුවේ පැවැති තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 105-50ක ජයක් චීන තායිපේ කණ්ඩායම හිමිකර ගත්තේය.සිවුවැනි දිනය නිමාවනවිට ජපානය හා තායිලන්තය ප්‍රසාද ලකුණු සටහන අනුව පළමු හා දෙවැනි කාණ්ඩවලින් පෙරමුණ ගැනීමට සමත් සිටී. එම කණ්ඩායම් දෙකකම සහභාගීවු තරග 4ම ජයග්‍රහණය කිරීමට සමත්විය..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=s1311287
|
යුද හමුදා මලල ක්‍රීඩා උළෙලින්...
| null |
සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන යුද හමුදා මලල ක්‍රීඩා උළෙල ඊයේ දෙවැනි දිනයේ නව තරග වාර්තා බිහිකිරීමට යූ.ආර්.කේ.මදුරිකා හා එම්.එන්.පී.සිල්වා සමත්විය.මදුරිකා මීටර් 10000 ඇවිදීම විනාඩි.34:31.50කින් නිමකළ අතර සිල්වා කාන්තා රිටි පැනීම මී.2.60ක දක්ෂාතයක් දක්වා මේ වාර්තා බිහිකළාය. ඡායාරූප-ගයාන් පුෂ්පික.
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=s1311288
|
උහුලාපු දුක්ගිනි හැටියටදිනූදා ඉස්සුවේ බරක් නෙවෙයි
|
ගාමිණී ඔබේසේකරපොලොන්නරුව විශේෂ
|
නොයෙකුත් අඩුපාඩු මැද ජාත්‍යන්තර තරගයකට ගොස් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් ලබා දීමට තම දියණිය සමත්වීම ඉමහත් ආඩම්බරයක් බව මැලේසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර කාන්තා බර ඉසිලීමේ තරගයකින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම අත්කර දීමට සමත්වූ දිනුදා අබේසේකරගේ මව ආර්.පී.ප්‍රේමාශාන්ති මහත්මිය 'දිනමිණ'ට පැවැසුවාය.කුඩා නිවසක ජීවත්වන දිනුදාගේ පියා කුලී රැකියාවක නිරතවන අතර දිනුදා ඇතුළු සෙසු දරුවන් ඉමහත් ආර්ථික දුෂ්කරතා මැද අධ්‍යාපන කටයුතුවල නිතර වන බවත් ඇය පැවැසුවාය.'මේ දරුවාගේ ක්‍රීඩා කටයුතුවලට අවශ්‍ය උපකරණ සපයා ගැනීම හුඟාක් අසීරුයි. එයාට අවශ්‍ය විටමින් වර්ග පවා ලබාදෙන්නේ දුෂ්කරතා මැදයි. මේ සැරේ මැලේසියා යන්න දරුවට අවශ්‍ය ක්‍රීඩා ඇඳුම පවා මහගන්න විදිහක් තිබුණේ නෑ. තවත් කෙනෙක් පාවිච්චි කළ ඇඳුම් කට්ටලයක් තමයි එයා අරගෙන ගියේ. හිතවත් අයගේ උදව් උපකාර නිසයි දරුවට මේ ගමන යන්න පුළුවන් වුණේ.' දිනුදාගේ මව කීවාය.එවැනි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වූවත් දිනූදා දියණියට ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට හැකිවීම ගැන සතුටට පත්වන බව ප්‍රේමශාන්ති මහත්මිය පැවැසුවාය.පොලොන්නරුව රාජකීය මැදි විදුහලේ අධ්‍යාපනය ලබන දිනූදා කුඩා වියේ සිටම ක්‍රීඩාවට දක්ෂ බවත්, ඇය විසින් මේ වනවිට දිනා ඇති රන්, රිදී හා ලෝකඩ පදක්කම් ප්‍රමාණය 30කටත් අධික බවත් ඇය කීවාය..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=f1311281
|
ව්‍යවසායකයන්ට වැඩිම දිරිගැන්වීමක් ලැබුණේ මේ අය-වැයෙන්
|
සාකච්ඡා කළේ ජයසිරි මුණසිංහ
|
මෙවර අය-වැය නිසි කළමනාකාරීත්වයකින් යුතුව දිගුකාලීන සංවර්ධන දැක්මක් සහිතව සකස් කළ එකකැයි විදුලි සංෙද්ශ හා ෙතාරතුරු තාක්ෂණ අැමැති රංජිත් සියඹලාපිටිය පවසයි. දිනමිණ සමඟ සාකච්ජාවකට එක්වමින් දැයට කිරුළ හා වත්මන් දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද හෙතෙම ෙමසේ අදහස් දැක්විය.වසර 2014 සඳහා ඉදිරිපත් කළ මෙවර අය-වැය ගැන ඔබේ විග්‍රහය කෙබඳුද?ජනාධිපතිතුමා මේ ඉදිරිපත් කළේ එතුමාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ අටවැනි අය-වැයයි. මේ අය-වැය 2005 සිට මෙතෙක් ආණ්ඩුව කරගෙන ආ සංවර්ධන ක්‍රියාදාමය, ජනතාවගේ සුබසාධන වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දෙන එකක්. මෙය දිගුකාලීන සංවර්ධනයක් පිළිබඳ වගකීමෙන් යුතුව සකස් කළ හොඳ මූල්‍ය කළමනාකරණ ගති ලක්ෂණ තිබෙන අය-වැයක්.ෙහාඳ මූල්‍ය කළමනාකරණයක් සහිතයි කියන්නට තිබෙන සාධක මොනවාද?අපේ රටේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 4යි 5යි මට්ටමේ තිබුණේ. ඒ වර්ධන වේගය අඩුම තරමේ සියයට අටක්වත් ඉක්මවා යන ලෙස පවත්වා ගැනීමට ජනාධිපතිතුමා 2005 සිට ඉලක්ක කළා. ඒ ඉලක්ක ජයගන්න කටයුතු කළා. ඒ අනුව නිදහසින් පසුව ලංකාවේ අඛණ්ඩව වසර දෙකක් ඒ කියන්නේ 2010-2011 ආර්ථික වර්ධන වේගය සියයට 8 ඉක්මවුවා. එය ගිය අවුරුද්දේ සියයට 6.4යි.මේ ජයග්‍රහණය ලබා ගත්තේ බොහෝ අභියෝග තිබියදීයි. ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යෑම, ලෝක ආර්ථිකයේ මන්දගාමී වර්ධනය, ලංකාවේ පැවැති යුදමය වාතාවරණය, ස්වභාවික විපත් රැසක් මැදයි මේ ජයග්‍රහණ ලබා ගත්තේ.කාලයකට පසු අඩුම අය-වැය හිඟය විදේශ ණය බර ශිඝ්‍රයෙන් අඩුවී සියයට 75ක් අඩුවීම, උද්ධමනය අවුරුදු හයක් එක දිගට තනි ඉලක්කමේ තබා ගැනීම විශේෂත්වයක්. විරැකියාව අඩුම තත්ත්වයක් සියයට 3ක් 4ක්, දරිද්‍රතාවය සියයට 6.5කට අඩු වෙලා තිබෙනවා. මේවා තමයි අපි යහපත් මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යනවා කියන්නට තිබෙන මිනුම්.මේ ඇතැම් ආර්ථික ඉලක්ක ළඟා කර ගන්නට සහශ්‍ර සංවර්ධන ඉලක්ක ළඟා කර ගන්නට ලෝක බැංකුව පුරෝකථනය කළේ වසර 2016 වනවිටයි. එක උදාහරණයක් කියන්නම්, රටේ දරිද්‍රතාවය සියයට 13.5ට අඩු කර ගන්නට ඉලක්ක කළේ 2016 වන විටයි. අපි දැනටමත් ඒ ඉලක්කය සපුරා ගෙන තිබෙනවා. ඒක ඉතාම වැදගත්. මේ දර්ශක සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් එළිදැක්වූ ඒවායි. ඔවුන් තමයි මේවා කියන්නේ.රෙට් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට මෙවර අය-වැයෙන් ලබාදී ඇති දිරිගැන්වීම් මොනවාද?ජනාධිපතිතුමා, අද ඊයේ නොවෙයි 2005 සිටම රටේ ආර්ථිකය, ජනතාවගේ ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමටයි දිරිගැන්වීම් ලබා දී තිබෙන්නේ.මෙවර අය-වැයෙන් තමයි ඉතාම කුඩා ව්‍යවසායකයාගේ පටන් මහා පරිමාණ ව්‍යවසායකයා දක්වාම වූ පිරිස්වලට වැඩි දිරිගැන්වීම් ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ.යෝජනා එකින් එක කියන්නට වුවමනා නැහැ. අපි බලමු ගමේ ජීවත්වෙන දිරිමත් ව්‍යවසායක කාන්තාවට රුපියල් ලක්ෂ දෙකහමාරක් පොලී නැතිව ව්‍යාපාරයක් කරන්න මුදල් දෙන්න තීන්දු කිරීම ගැන, ඉන් කීදෙනෙක් මේ රටේ ඈත පිටිසර කාන්තාවෝ ආර්ථික අතින් ශක්තිමත් වීමට උනන්දු වෙයිද? විශාල පිරිසක් ඉදිරියට එයි. ඔවුන්ගේ වයස අවුරුදු 68 දක්වා බැංකු ණයක් ගන්න පුළුවන් තරමට වැඩි කළ අපේ රටේ බැංකුවලින් ජනතාවට ලබා දෙන කඩිනම්, කාර්යක්ෂම පහසු සේවා ඇති කරන්නට යෝජනා කළා. මේවා තමයි නිෂ්පාදනය වැඩි කිරීමට කළ යෝජනා.අපි කිරි සම්පතින්, මත්ස්‍ය සම්පතින්, ආහාරවලින්, පලතුරු එළවළුවලින් ස්වයංපෝෂිත වෙන්න මේ වාගේම දිවි නැඟුමට ලබා දුන් දිරිගැන්වීම් බලපානවා. සමහරු මේ පොඩි මිනිසාගේ හැඟීමට අවශ්‍ය යෝජනා ගැන එතරම් තැකීමක් නැහැ. නමුත් ගමේ ජනතාවත් එක්ක ඉන්න අපි දන්නවා ෙම්වායින් ගමේ අය ඉදිරියට එනවා කියා.පුංචි මිනිසාගේ ආර්ථික මට්ටම් ඉහළට ඔසවා තබන්නට යෝජනා නිකම්ම අය-වැයට ඇතුළත් වන්නේ නැහැනේ, ඒවා එහේම අය-වැයට එන තරමට කටයුතු සිදු වුණේ කොහොමද?අපේ රටේ ඉතිහාසයේ සිටි කිසිම නායකයෙක් ක්‍රියා නොකළ දෙයක් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළා. ඒ තමයි මුදල් ඇමැතිවරයා ලෙස අය-වැය හදන්නට ඉස්සර මේ රටේ වෘත්තීය සමිති නියෝජිතයෝ, වාණිජ මණ්ඩල, ව්‍යාපාරික සංගම්, වෘත්තීයවේදීන්, පොදු ජන සංවිධානවල අය, මහජන නියෝජිතයෝ කැඳවලා ඒ අයගෙන් කරුණු අහන එක.අය-වැයට යෝජනා ලබා ගන්න එක. එහෙම ජනතාවගෙන් අහලා අය-වැය හැදීම තමයි මේ පුංචි මිනිස්සු නඟාසිටුවන යෝජනා ඊට ඇතුළත්වීමට හේතුව. මේ අය-වැය මේ රටේ සෑම ජන කොටසකගේම වෘත්තීයවේදියකුගේම අදහස් කැටි වූ එකක්. කවුරුත් කියන්නේ අපේත් යෝජනා මෙහි තිබෙනවා කියලා. මේක ජනතාවගේ අය-වැයක් කියන්-නේ ඒකයි. එහෙම අය-වැයක් හදන්නට හැමෝටම බැහැ.ඒ කියන්නේ?අපේ රටේ පාලනය කළ නායකයෝ බලයට පත්වූ විට ඡන්ද කාලයට ජනතාවට කියන දේ නොවෙයි කරන්නේ. ඔවුන් ජනතාවගේ හඬට කන්දෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා නිතරම ජනතා හඬට සවන්දෙනවා. බොහෝම සංවේදී නායකයෙක්. ඔය වෘත්තීය සමිති වාගේ වෘත්තීයවේදීන් වාගේ නියෝජිතයෝ එක්ක සාකච්ඡා කරන්න හැමෝටම බැහැ. සමහරුන්ට කේන්ති යනවා. ඉවසීම නැතිව කටයුතු කරනවා. නමුත් ජනාධිපතිතුමා ඕනෑම කෙනෙක් එක්ක කතා කරලා සාකච්ඡා සම්මුතියට එන්න පුළුවන්කම තිබෙන උදාර නායකයෙක්.විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අංශයට අය-වැයෙන් ලැබුණු දිරිය ගැන කතා කළොත්?අපේ අමාත්‍යාංශය මේ රටේ පරිගණක හා තොරතුරු තාක්ෂණ විෂය අධ්‍යාපනය දැනුම ඉහළට ගෙන ඒමට කටයුතු කරනවා. ජනාධිපතිතුමා අපට ඊ-ශිල්පාගාර හදන්න රුපියල් ලක්ෂ හත්දහස් පන්සියයක්, ඊ-නැණසල හදන්න ලක්ෂ 5000ක්, ඒවාගේම දැයට කිරුළ යටතේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ පරිගණක පද්ධතිය ඇතුළු සම්පත් ගොඩනඟනන්න රුපියල් ලක්ෂ 2500ක් ලබා දුන්නා.මේ සියලු මුදල් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ තුනට ලබා දුන් ප්‍රතිපාදනවලට අමතරවයි. ඒ අනුව මේ රටේ පරිගණක අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශල් ජයග්‍රහණ අපිට ඉදිරි අවුරුදු දෙක තුන තුළ ලබා ගන්න පුළුවන්.අපේ රටේ පරිගණක සාක්ෂරතාවය දැනට කීයද?2005 දී සියයට 5 ක මට්ටමේ තිබුණු පරිගණක සාක්ෂරතාවය දැන් සියයට 35 – 40 මට්ටම ඉහළට ඇවිත් තිබෙනවා. අපි 2016 දී සියයට 75 ඉලක්කයටයි යන්න ඉන්නේ. අපේ අංශයෙන් ඩොලර් මිලියන 400ක් ආදායමක් දැන් රටට ලැබෙනවා. එය වසර 2016 දී ඩොලර් බිලියන දෙකක් බවට පත්කර ගැනීමයි අපේ ඉලක්කය.අය-වැය දා විපක්ෂයේ ආසන හිස් පාර්ලිමේන්තුවක් අපි දැක්කා?අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ගරු කරන රටක්. නියමිත වේලාවට මැතිවරණ පවත්වන රටක්. එදා විපක්ෂයේ එ.ජා.ප. සහ ජනතා විමුක්ති පෙරමුණේ අය පාර්ලිමේන්තුවේ සභා ගැබේ නොසිට කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ගැරහීමක්. ඕවා පොඩි ළමයි තමන්ට අවධානය ගන්න කරන ළපටි ක්‍රියා ලෙසයි මා දකින්නේ. සාම්ප්‍රදායිකව අය වැය විවාදය ආරම්භ කරන්න තිබෙන්නේ විපක්ෂයටයි. ඒ නිසා ඔවුන් අය-වැය දා මුලින්ම කළ යුත්තේ ඊට සවන්දීමයි. අසාගෙන නොසිටි අය වැයක් ගැන පසුවදා විවාද කරන්න කටයුතු කිරීම විහිළුවක්.2014 දැයට කිරුළ වැඩපිළිවෙළහි ප්‍රගතිය කොහොමද?අපි ඕනෑම අභියෝගයක් භාර ගන්නා ජාතියක්. ඒ නිසා කොතරම් බාධා ආවත් පටන්ගත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අපි ඒ නිසා නියමිත ආකාරයට සාර්ථකව මේ කටයුතු සිදු කරනවා.දැයට කිරුළ යටතේ අපි ජාතික මට්ටමින් වොලිබෝල්, පාපැදි, එල්ලේ තරග මාලාවක් සැමදාම සංවිධානය කළා. පාපැදි තරගය සැමදාම ආරම්භ කළේ ජනාධිපතිතුමාගේ කාල්ටන් නිවස අසලින්. අපි මේ පළමු වැනිදා, ජාතික මට්ටමේ එල්ලේ තරගය ආරම්භ කරනවා. ඒක කරන්නේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයෙන්..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=f1311282
|
මගේ රංගනය මට විශ්වාසයි
|
- සමදරා ජයසිංහ
|
පුරා දශක තුනකටත් වැඩි කාලයක් සිංහල වේදිකා නාට්‍ය දිවියට සමීප කරගත් ඇය මෙන් ම ඔහු, වේදිකාවට ආගන්තුක නොවන්නා සේම, ඔහුට හා ඇයටද වේදිකාව ආගන්තුක නොවේ. වේදිකාව හරහා මුළු රටම හඳුනා ගත් ඇය, ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා ලාලනීය, ඔහු ඇගේ සෙවණැල්ල බඳු වූ ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් ය. වසර තිහක රංගන අත්දැකීම් ඔස්සේ එක් කරගත් සැමැරුම් ගොනු කරගනිමින් වේදිකා නාට්‍ය උළෙලක් පැවැත්වීමට සූදානම් වන මේ දෙපළ එළඹෙන දෙසැම්බර් මාසයේ 17 වැනිදා සිට 23 දක්වා නාට්‍ය පෙළක් නව නගර ශාලාවේදී ප්‍රේක්ෂකයන් හට තිළිණ කිරීමට සැදී පැහැදී සිටී. මේ පිළිබඳ තොරතුරු රැගෙන රංගන ශිල්පිනී රත්නා ලාලනී රසමංජරිය හා මෙසේ කතා බහට එක්විය.'අභිනයන සම්පත් රත්නා රංග භූමිකා' කරළියට පිවිසෙන්නේ අතීත සැමැරුම් සමඟයි. කතා කරමු ඒ ගැන.....මමත් සම්පතුත් වේදිකාවට පය තබලා වසර තිහක් ගත වෙලා. 1981 දී මමත්, 1975 දී පමණ සම්පතුත් පළමුවරට වේදිකා නාට්‍ය රංගනයට සම්බන්ධ වුණේ. මේ වනවිට නිර්මාණ 50ට අධික සංඛ්‍යාවකට සහභාගි වී තිබෙනවා. එයින් අපි දෙන්නම එකට රඟපෑ නාට්‍ය 20ක් පමණ තිබෙනවා.91 වසරේදී පළමුවරට මෙවැනි නාට්‍ය උළෙලක් පැවැත්වුවා. රත්නා ලාලනී නාට්‍ය උළෙල නමින්. ඇත්තටම එය සම්පත්ගේ දැඩි ඉල්ලීම මත පැවැත්වූ නාට්‍ය උළෙලක්. මෙවර පවත්වන අභිනයන නාට්‍ය උළෙල අපි පවත්වන්න සැලසුම් කර තිබුණේ ගිය වසරේදී. නමුත් හදිසියේ මගේ අයියාගේ අසනීප තත්ත්වය නිසා එය නවත්වන්න සිදුවුණා.නැවත මේ මස 17 වැනිදා සිට 23 දක්වා අපි දෙදෙනාම එකට රඟපෑ නාට්‍ය 7ක් සමඟින් ප.ව.6.45ට කොළඹ නව නගර ශාලාවේදී අභිනයන සම්පත් රත්නා රංග භූමිකා නාට්‍ය උළෙල පැවැත්වෙනවා. අප සියලූම ප්‍රේක්ෂකයන්ට ඉතා ආදරයෙන් මේ උළෙල නැරැඹීමට පැමිණෙන ලෙස ආරාධනා කරනවා.මෙවැනි නාට්‍ය එකතුවක් සංවිධානය කිරීමේ අරමුණ කුමක්ද?වර්තමානය වනවිට වේදිකා නාට්‍ය කලාවේ නව ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. ලැබූ නිදහස හා සාමයත් සමඟ ඇති වූ ඒ අවස්ථාවෙන් රසික ප්‍රජාවට උසස් රසවින්දනයක් ලබාදීමට අපට අවශ්‍ය වුණා.ඒ වගේම අප ලත් අත්දැකීම්, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිට මෑතකාලීන තරුණ නාට්‍යවේදීන්ගේ නිර්මාණවලටද දායක වෙමින් අඛණ්ඩ වේදිකා නාට්‍ය සමඟම රැඳී සිටි නිසා, ඒ ලැබූ අත්දැකීම නැවැත කරළියට ගෙන ඒමට සිතුවා.ඒ අනුව සුභ සැන්දෑවක්, මායාදේවි, පුත්‍ර සමාගම, ගුරුතරුව, ජගත් මාතා, රෝමය ගිනි ගනී 2, අන්තර්ජාලේ, තලමල පිපිලා සමඟ නැවැත වේදිකාවට පිවිසෙනවා.අවරගණයේ වේදිකා නාට්‍ය නිර්මාණත් බිහිවෙන මේ යුගයේ මෙවැනි සම්භාව්‍ය ප්‍රශස්ත මට්ටමේ නාට්‍ය මාලාවක් ප්‍රේක්ෂකයාට නැරඹීමට ලබාදීමට සුදුසුම කාලය මෙය ලෙසයි මම හිතන්නේ.මෙහි රංගන ශිල්පීන් පිළිබඳ කතා කළහොත්?ඇත්තෙන්ම එය තමයි මෙහි විශේෂත්වය වන්නේ. මොකද මේ නාට්‍යවලට රඟපාන සියලුම රංගන ශිල්ප ශිල්පිනියන් බොහෝ දෙනෙක් 80 අවදියේ රඟපෑ අයමයි. 1980 දී පිහිටුවා ගනු ලැබූ 80 කණ්ඩායම සමඟ එක්වයි මේ උළෙල සංවිධානය වන්නේ. මෙය මගෙයි සම්පත්ගෙයි උළෙලක් නොවෙයි. ප්‍රේක්ෂකයා දකින්නේ වේදිකාව මත රඟන නළු නිළියන් පමණයි.ඒත් තිරයේ පිටුපස මහා වැඩ කොටසක් කරන පිරිසක් ඉන්නවා. ආලෝකරණය, වේශ නිරූපණය, ඇඳුම් පැළඳුම් නිර්මාණය, පසුතල නිර්මාණය, සංගීතය මේ ආදී කොටගත් මේ සියලු දෙනාගේම එකතුවෙන් තමයි වේදිකා නාට්‍යයක් සාර්ථක වන්නේ. අපි දෙන්නා පැමිණි ගමන් මඟට අත්වැලක් වූ මේ සියලුදෙනාටම උපහාර පිදීමටත් මේ උළෙල අවස්ථාවක් කර ගන්නවා.එදිනට අපි විශේෂ සමරු කලාපයක් නිකුත් කරනවා. එය වෙනත් සමරු කළාපවලට වඩා මදක් වෙනස්. මේ වේදිකා නාට්‍යයන්ට සම්බන්ධ වුණු සියලු ශිල්පීන්ගේ වගතුග, අත්දැකීම්, පෞද්ගලික තොරතුරු සියල්ලම එහි අඩංගු කර තිබෙනවා.වේදිකා නාට්‍ය උළෙලක් පැවැත්වීම ලේසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ සඳහා කාලය, ශ්‍රමය, ධනය වැය කළ යුතුයි. එහිදී මෙය සංවිධානය කිරීම ගැටලුවක් වුණේ නැද්ද?එය නම් පොඩි අභියෝගයක් වුණා. මුලදී අපට අනුග්‍රහය දක්වන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. කියන්න කනගාටුයි වේදිකා නාට්‍යය සඳහා මුදල් යොදවන්න ඇතැම් අය කැමැති නැහැ. ඒකට හේතුව වේදිකා නාට්‍යයකින් මූල්‍ය ප්‍රතිලාභ බලාපොරොත්තු වන්න බැහැ.මෙයින් ලැබෙන්නේ උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයාට ලබාදීමෙන් ලැබෙන තෘප්තිය එයයි වැදගත්. ඒ නිසා බොහෝ ආයතන මැලි වුණා අපට අනුග්‍රහය දක්වන්න. විදේශ රටවල සිටි අපේ මිතුරන් කිහිපදෙනෙක්ම අපි දෙන්නා මේ රටේ වේදිකා නාට්‍ය කලාව උදෙසා කළ සේවය අගයා මුදල් ලබා දුන්නා. ඇත්තටම එය විශාල ශක්තියක් වුණා. මේ කරුණු නිසාම මේ උළෙල සඳහා ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නත් අපට සිදුවී තිබෙනවා.ඔබ රඟපෑ නාට්‍ය 50ක් අතරින් නාට්‍ය 7ක් තෝරා ගැනීම අපහසු වූයේ නැද්ද?එය අසීරුයි. ඒත් අපි දෙන්නම එකට රඟපෑ නාට්‍ය අතරින් දෙදෙනාගේම හැකියාවන් වඩා හොඳින් නිරූපණය කළ හැකි වූ නාට්‍ය 7ක් තෝරා ගනු ලැබුවා. මේ හැම නාට්‍යයක්ම රාජ්‍ය නාට්‍ය උළලේදී සෑම අංශයක්ම සඳහාම සම්මාන ලැබූ නාට්‍ය. මෙවැනි නාට්‍ය උළෙලක් සංවිධානය කරන ප්‍රථම අඹුසැමි යුවළ අපි කියලයි මගේ විශ්වාසය. රංග හා නාට්‍ය කලාව හදාරන අලුත් පරම්පරාවටත් මේ නාට්‍ය උළෙල වැදගත් වේවි. අපි හැමදාම රඟපාන්නේ නැහැනේ. අපි මේ හැමදේම හැර දමා යන්න කලින් අපේ කලාව වෙනුවෙන් කළ හැකි හොඳම දේ අපි කරනවා.එදා මායාදේවි නාට්‍යයේ රඟපාන අවස්ථාවේ ඔබ ලාබාල යුවතියක්. අද ඒ චරිතය සමඟ ඔබ බද්ධ වන්නේ කොහොමද?මම විතරක් නෙමෙයි. මේ නාට්‍ය පෙළ මෙහි රඟපාන ජයලත් මනෝරත්න අයියා, චාන්දනි සෙනෙවිරත්න, සම්පත්, ලාල් කුලරත්න, වසන්ත විට්ටච්චි, බන්දුල විතානගේ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක්ගේ පුනරාගමනයක් වගේ දෙයක්. අපි හැම දෙනාම එදාට වඩා ශරීරයෙන්, වයසින් වෙනස් වුණත් රංගන හැකියාව එදාටත් වඩා හොඳට තියෙනවා. මායාදේවි නාට්‍යයේ 1985 දී මම රඟපාන විට අධ්‍යක්ෂ කියන දේට අනුව රඟපෑම මිස චරිතය පිළිබඳ එතරම් අවබෝධයක් තිබුණේ නැහැ.ඒත් මම හිතන්නේ එදාටත් වඩා අද මම ඒ චරිතය අවබෝධ කරගෙන තිබෙනවා. වයසින් මුහුකුරා යත්ම සමාජයට මේ චරිතය යොමු කළ යුත්තේ කෙසේද කියන එක වැටහෙනවා. හැකියාව තිබේනම් ඕනෑම චරිතයක් කරන්න වයස හෝ ස්වරූපය බලපාන්නේ නැහැ.එදා වගේම මගේ රංගනය ගැන අදත් මා තුළ විශ්වාසයක් තිබෙනවා. අද නවකයන්ට දෙබස් කටපාඩම් කරන්න ඕනේ. ඒත් අපිට එදා තිබු දෙබස් අදටත් හොඳින් මතකයි. වේදිකාවට ගොඩවුණාම අපට ඒ දෙබස් ගලාගෙන එනවා. ඒත් අද රඟපාන ඇතැම් නවක රංගන ශිල්පීන්ට ඒ හැකියාව නැහැ. ඒ ඔවුන්ගේ කැපවීම හා උනන්දුව මදිකම නිසයි.පුංචි තිරයෙන් සමුඅරන්ද?ෙව්දිකාවට නිරතුරු දායක වුවත් එදා සිටම මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ අඩුවෙන්. ගෘහණියක්, මවක් හා ගුරුවරියක් ලෙස මගේ කාලයෙන් වැඩි කොටසක් වැය කළේ ඒ වෙනුවෙන්. සම්පත්ගෙන් මගේ රංගන දිවියට විශාල අත්වැලක් සැපයූවත්, ඔහුගෙන් මට කිසිදු බලපෑමක් නොවුවත් මමම යම් සීමාවක් පනවා ගත්තා. සම්පත්ට නිදහස දී තිබනෙවා. ටෙලිනාට්‍ය හරහා ඔහුගේ රංගන කාර්යයට. එය මට සතුටක්. පවුල වෙනුවෙන් හා මගේ සිසු දරුවන් වෙනුවෙන් ඒ කාලය මම යොමු කරනවා..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=f1311283
|
පුංචි තිරය විචිත්‍රවත් කරනහැඩකාර කටකාරිය
|
චම්පිකා දීපානි රණසිංහ
|
ඇයගේ භාෂණය සුබය. ඇයගේ දැකීම සුපුෂ්පිත මලක් දැකීම මෙන් සුන්දරය, “සුභාෂිණී හේමමාලා” ස්වාධීන රූපවාහිනී සේවයට ආලෝකයක් වූ නිවේදිකාවකි. වැඩසටහන් නිෂ්පාදිකාවකි. පුංචි තිරයේ තරුවක් වීමට සිහින නොදැක්කත් ඇයගේ ඉරණම් ගමනට ක්‍රම ක්‍රමයෙන් පාර කැපුණේය. ඒ ප්‍රේක්ෂක ජනතාවගේ වාසනාවටය.සුභාෂිණී ඉපදුණේ කුරණ කටුනායකයි. පියාගෙන් දායාද වුණු බුදු දහමත්, මවගෙන් උරුම වුණු කතෝලික දහමත් ඇයගේ කලාකාමී සිත අවදි කළේය. හත වසර දක්වා බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සුභාෂිණී ඊළඟට පා තැබුවේ, කොළඹ දේවි බාලිකා විද්‍යාලයටයි.පොත අතේ තබාගත් මිතුරියන් අතරේ සුභාෂිණී හේමමාලා යන චරිතය තරමක් වෙනස් චරිතයක් වූවාය. සාහිත්‍ය සංගමයේ සභාපතිනිය වූයේත් ඇයයි. ඇය නැතිව ගද්‍යයක් පද්‍යයක් කියවුණේ ගායනා කෙරුණේ නැති තරම්ය.උසස් පෙළ විභාගයට විද්‍යා අංශයෙන් පෙනී සිටි සුභාෂිණීට සරසවියට ප්‍රවේශ වීමට තරම් ලැබුණු ලකුණු ප්‍රමාණවත් වූයේ නැත. පන්තියේ වැඩි දෙනෙක් වෛද්‍ය විද්‍යාලයට තේරුණත් පොත අතේ තබාගත් චරිතයක් නොවූ නිසාම සිතට එතරම් දුකක් නොදැනුණි. විභාගයෙන් පසු උදාවූ ජීවිතයේ නොනගත කාලයේදී ඇයගේ ඉරණමට පාර කැපුණේ නොසිතූ පරිදිය.“ඒමන් කාරියකරවන මහතා මගේ බාප්පා කෙනෙක්. නැවත විභාගය කරන අරමුණක් නොතිබුණු නිසා එතුමා මාව ගුවන්විදුලි සංස්ථාවේ පුහුණුවකට රැගෙන ගියා. පුහුණුවෙන් සමත් වෙලා සහන නිවේදිකාවක්, සහාය නිෂ්පාදිකාවක්, නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කළා. මං හරිම වාසනාවන්තයි.කුසුම් පීරිස්, ඇග්නස් සිරිසේන, කේ. ඩී. කේ. ධර්මවර්ධන, පුණ්‍යා කත්‍රිආරච්චි, දයා ද අල්විස් වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගේ ආශිර්වාදය, අවවාද , අත්දැකීම්, උපකාර මඟින් බොහෝ දේ ඉගෙන ගත්තා, ඉන්දීවරී ආරියසිංහ, කමල් දේශප්‍රිය, පුණ්‍යා කුමාරි ලොකුලියන මගේ සමකාලිකයන්දවසක් වැඩ සටහනක් කරමින් සිටිද්දී සංගීතඥ පි. එල්. ඒ. සෝමපාල ස්වාධීන රූපවාහිනියේ නිසි බලධාරි තේවිස් ගුරුගේ මහත්වරු මාව දැකලා, මේ කෙල්ල ඉන්න ඕන මෙතැන නෙවෙයි කියලා ස්වාධීන රූපවාහිනියට කැඳවා ගෙන ගියා.ඒ දවස මට තවමත් මතකයි. 1983 අගෝස්තු මාසයේදී ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ තිර පරීක්ෂණයට පෙනී සිටියා. කැමරාව ඉදිරියේ පෙනී සිටීම ගැන පුහුණවකුත් ලබා දුන්නා.සුභාෂිණීගේ ඒ රසබර අතීතය කිසිදා ප්‍රේක්ෂක මහතකයෙන්ද ගිලිහී යන්නක් නොවෙයි. එකල තිරයේ ඇඳුණු කටකාරම හැඩකාරම ටෙලි දියණිවරුන් අතර ඇය අතිසුවිශේෂී වීම ඊට හේතුවයි.චිත්‍රගීත, විචිත්‍රගීත, ගීතවාහිනී, හින්දිගීත, සාරභූමි, ලෝ වටා ප්‍රවෘත්ති, හැඩ වූයේ ඇයගේ සොඳුරු රුවිනි ඇයගේ මිහිරි හඬිනි. ඒ හඬ, රුව නිසාම පුංචි තිරයේ මහගෙදරට සමීපවූවෝ අපමණය.ස්වාධීන රූපවාහිනී ඉතිහාසයේ ඇයගේ නම වාර්තාගතය. “මුලින්ම රූපවාහිනියේ කාන්තා වැඩසටහනක් කළේ මායි. ඒ කාන්තා ලෝකය’යි බාහිර වැඩසටහනක් නිවේදනය කළ පළමු කාන්තාව වීමටත් වරම් ලැබුණා ‘ නිකාඩෝ රස බඳුන’ එළිමහනක කළ පළමු රූගත කිරීමයි. ලංකාවේ දිගම විද්‍යුත් කාන්තා වැඩසටහනත් නිෂ්පාදනය වෙන්නේ මගෙන්. සිරිමැදුර කාන්තා වැඩ සටහන දැන් දහස් වැනි වැඩසටහනටත් ළං වෙලා.අයිටීඑන් කාන්තා වැඩසටහන් අංශයේ ආරම්භක නිෂ්පාදිකාව වුණා. වර්තමානයේ එහි විධායක නිෂ්පාදිකා තනතුර දරනවා. මා කරන කුක්විත් දොන් ලස්සන ගෙදර වැනි වැඩසටහන් අතිශයින් ජනප්‍රියයි. කාන්තාවන් වෙනුවෙන් කරන වැඩසටහන් විවිධයි. ඒ නිසා වැඩසටහන් කළ පසු විශාල සතුටක් ලැබෙනවා. ගමින් ගමට ගොස් සුවිශේෂී කාන්තාවන් හඳුන්වාදුන් ‘ගැහැනිය’ වැඩසටහනත් මං හරිම කැමැතියි.‘ගැහැනිය’ වැඩසටහනින් සුනාමියෙන්, සියල්ල විනාශවුණු බීරලු ගෙතීම ජීවනෝපාය කරගත් කාන්තාවන් ගැන වැඩසටහනක් කළා. එයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්මානයක් පිරිනැමුණා. සම්මානයට වඩා මට සතුටු වැඩ සටහන විකාශය වුණාට පසුව ඒ අයට බීරලු කොට්ට, ලැබුණු නිසයි.වෙනත් නිවේදකයකුට නොලැබෙන වරමක් මට ලැබී තිබෙනවා. ඒ එක් විද්‍යුත් මාධ්‍යයක වැඩ කරන අතරේ තවත් විද්‍යුත් මාධ්‍යයක වසරක් වැඩසටහනක් කිරීමේ දුර්ලබ වරමයි. ජාතික රූපවාහිනියේ ‘චතු මධුර’ පැයක සංගීත වැඩසටහන ස්වාධීන රූපවාහිනියේ සේවය කරන අතරේදීම ඉදිරිපත් කළා. රන්වන් ගී ප්‍රසංගය’ ඉතා කැමැත්තෙන් කළ වැඩ සටහනක්”.සුභාෂිණී මේ සපුරන්නේ කලා දිවියේ තිස් වැනි වසරයි. ප්‍රේක්ෂකයන්ට පරිපූර්ණ වින්දනයක් ලබා දෙන ඇයගේ වැඩ සටහනක් පිටුපස ඇත්තේ ආදරයයි. ළබැඳි මන්දහාසයයි.“වැඩ සටහනක් කරද්දී රියැදුරුගේ පටන් හැමෝම සතුටින් තියන්න ඕන. සාර්ථක නිර්මාණයක් බිහි වෙන්නේ එවිටයි. නිෂ්පාදනයේ සිට විකාශය දක්වාම පැවරී ඇති වගකීම සුළු පටු නැහැ.මේක අතුරේ යනවා වගේ අත්දැකීමක් දවසක් “ චිත්‍රගීත” වැඩ සටහන බාහිර ලෙස පටිගත කරද්දී මයික් එකට අකුණක් වැදුණා. අපි හැමෝම විසිවුණා. ටික කාලයක් යනකම් මයික් එකක් ගහද්දී හිත බයෙන් ගැස්සුණා”. පුංචි තිරයේ තිස් වසරක අත්දැකීම් සමඟ ඇයට ක්ෂේත්‍රයේ ආධුනිකයන්ට පවසන්නට ඇති දේ ද බොහෝය.“අලුත් පරපුරේ තාක්ෂණික දැනුම ඉහළයි. ඒත් රස වින්දනය අඩුයි. පැරැණි දේ ගැන ඇති දැනුම ගැන සතුටු වෙන්නත් බෑ. මේ ක්ෂේත්‍රයට එන්න ඕන හොඳින් භාෂාව හැසිරවීමේ හැකියාවත් එක්කයි. ඒ නිසා අලුත් අය සිරිත් මල්දම වැනි පැරැණි පොත් කියවන්න ඕන ..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=f1311284
|
තබ්ලා වාදනයෙන් පෙළහර පාන හරේන්ද්‍ර
|
මහේෂි කෝෂිලා
|
නිට්ටඹුව, පත්තලගෙදර කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයට ඇතුලත්ව උසස් අධ්‍යාපනය ලද ඔහු නමින් හරේන්ද්‍ර සුජිත් දේශප්‍රිය වේ.කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා උපාධිය ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබා ගනිමින් දැනට බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන හරේන්ද්‍ර, සුජිත් ධර්මවර්ධන ගුරුතුමා යටතේ තබ්ලා වාදනයට අත් පොත් තබා ඇත.1993 වසරේ සිට බරණාසි තබ්ලා වාදන ගුරුකුලයේ ශ්‍රී පර්තසාරථි මුකර්ජි ගුරුතුමා යටතේ තබ්ලා වාදනය හැදෑරීමට හැකි වීම පිළිබඳව හරේන්ද්‍ර සිහිපත් කරන්නේ සතුටු සිතිනි. තබ්ලා වාදනයේ දක්වන සහජ දස්කම් නිසාත්, ඒ පිළිබඳ ඇති ආශාව නිසාත් අමරදේව පදනමෙන් පවත්වන ලද තබ්ලා වාදන වැඩමුළුවට සහභාගී වූ ඔහුට එහි පෑ දස්කම් නිසාම ශිෂ්‍යත්වයක් ලැබී ය.තබ්ලා වාදනයේ පෑ පෙලහර නිසාම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ තබ්ලා වාදකයකු ලෙස මොහු කටයුතු කරයි.අමරදේව සූරීන්ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 6 වැනි දින සවස 6.00 ට ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්වෙන ශාස්ත්‍රීය ප්‍රසංගයේදී තබ්ලා වාදකයකු ලෙස ජනතාවට හඳුන්වා දීමට කටයුතු සම්පාදනය කර ඇති අතර අඩ හෝරාවක දිවෙන ඒකල තබ්ලා වාදනයක් ඔස්සේ එහිදී මොහුගේ හැකියාවන් ප්‍රකට කෙරේ.තබ්ලා වාදනයෙන් කලා ලොව පියනගන මොහුගේ වෑයම වන්නේ ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් හොඳ ගෝලයන් පිරිසක් බිහි කිරීමයි. ශාස්ත්‍රීය නිර්මාණ සඳහා දායකත්වය සපයමින් ශ්‍රී ලාංකේය රසිකයන්ගේ රසඥතාව පුළුල් පරාසයකට ගෙන යාමට උත්සාහ දරන මොහුගේ උත්සාහයට අපි සුබ පතන්නෙමු..
|
NEWSPAPER
|
2013.11.28
|
http://www.dinamina.lk/2013/11/28/_art.asp?fn=f1311285
|
දැයක් පෝෂණය කළරුහුණේ දිය කදුර
|
සකස් කළේ උපනන්ද නන්දිමිත්‍ර
|
රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම සංවිධාන කරන ඩී .ඒ රාජපක්ෂ ගුණානුස්මරණ දේශනය අද (28) වැනි දින ප.ව. 4.30 ට අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත් වේ. හිටපු තානාපතිවරයෙකු හා උතුරු-නැෙඟනහිර ආණ්ඩුකාරවරයෙකු වූ ලයනල් ප්‍රනාන්දු මහතා 'රාජ්‍ය සේවාව හා සමාජ ඒකාබද්ධතා හා අප උගත් පාඩම්' යන මැයෙන් මේ දේශනය පවත්වනු ලබන අතර උත්සව සභාවේ මුලසුන සම්මානිත මහාචාර්ය, දේශමාන්‍ය ඒ. එච්. ෂෙරිෆ්ඩීන් මහතා විසින් හොබවනු ලබයි. මේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගී වෙති.මෙරට ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කළහොත් මහාවංශයේ සඳහන් වන ආකාරයට රුහුණ කියන්නේ පරසතුරු උවදුරු කාලවලදී වළගම්බා, මහා විජයබාහු වැනි රජවරුන්ට ආරක්ෂාව සැපයූ පුරවරයක් මෙන්ම රජවරුන් බිහිකළ පුරවරයකි.දැදුරුඔය හා මහවැලි ගඟින් සීමා වූ රුහුණට විශාල භූමි ප්‍රමාණයක් හිමිව තිබුණි. භවබෝග සම්පතින් ආඪය වූ රුහුණ එදා හැඳින්වුයේ රටට බත සපයන පුරවරය ලෙසයි. එසේම රුහුණ යනු බුද්ධිමතුන් හා වීරයන් රැසක් දැයට දායාද කළ ප්‍රදේශයකි. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ගැමුණු රජතුමාගේ දස මහ යෝධයන්ගෙන් නවදෙනෙක්ම බිහිවුයේ රුහුණෙනි. රුහුණේ අදටත් සිටින්නේ එවැනි බුද්ධිමතුන් සහ වීරයන්ගේ ජාන පරපුරෙන් පැවත එන්නන්ය.ඩී. එම්. රාජපක්ෂ, ඩී. ඒ. රාජපක්ෂ යනු ද රුහුණෙන් බිහිවූ දේශපාලන නායකයන්ය. එතුමන්ලා සමාජ සේවයට එන කාලයේ රුහුණේ තිබුණේ ඉතා දුෂ්කර දිළිඳු සමාජ වටපිටාවකි. හම්බන්තොට හිටපු දිසාපති ලෙනාඩ් වුල්ෆ්ගේ ලියවිලි එකතු කර සකස් කෙරුණු බැද්දේගම නවකතාවේ සිලිඳුලා බැබුන්ලාගේ චරිත ඒ කාලයේ ජීවමානව රුහුණේ දැකගත හැකිවිය.නමුත් මැදමුලන රාජපක්ෂ පවුල ගොවිතැන් කටයුතු හා ගව පාලනය වැනි දේ මඟින් යම් ආර්ථික මට්ටමක සිටියේය. ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පියා ඒ කාලේ සිටි විදානාරච්චි රාලහාමි කෙනෙකි. ඒ නිසා රාජපක්ෂ පවුල එදාත් සමාජයේ පිළිගැනීමට පාත්‍ර වූ ප්‍රභූ පවුලක් විය.ඩී. ඒ. රාජපක්ෂ මහතා දේශපාලනයට ප්‍රවිශ්ට වූ කාලයේ ප්‍රදේශයටම තිබුණේ සිංහල උළු සෙවිලි කළ ගෙවල් කිහිපයක් පමණි. 1917 – 18 කැරැල්ලෙන් පසු රුහුණ සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ඉඩම් කිසිවක් වගා කළ නොහැකි විය. මේ ආකාරයට ආර්ථිකමය වශයෙන් රුහුණ කඩා වැටෙද්දි එකල ව්‍යාප්ත වූ මැලේරියාව, ක්ෂය වැනි රෝග හේතුවෙන් පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහුණි.මෙවන් තත්වයක් තුළ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා දේශපාලනයට ප්‍රවිශ්ට වූයේ සැබෑ දේශප්‍රේමියකු ලෙසිනි. එකල ගොවියකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආවේ වක්කඩෙන් අත සෝදාගෙන යන්න ප්‍රසිද්ධ කියමනකි. ජනතාවගේ බලවත් ඉල්ලීම හේතුවෙන් දේශපාලනයට ප්‍රවිශ්ට වූ එතුමාගේ දේශපාලන කටයුතු සාර්ථක කරගැනීමට ඔහුගේ දයාබර බිරිඳ දොන් දන්දිනා සමරසිංහ මැතිනියගෙන් ලැබුණු සහයෝගය ඉතා විශාලය. දරුවන් නවදෙනෙකුගෙන් යුත් පවුලක වගකීම් සියල්ල ඇය කරට ගත්තේ සිය සැමියාගේ දේශපාලන දිවිය සාර්ථක කරගැනීම උදෙසායි.දන්දිනා මැතිනියගේ නමෙන් කියැවෙන පරිදිම ඇය දන් දෙන තැනැත්තියකි. මාතර නාගරික පරිසරයක හැදී වැඩුණු ඇය ඩී. ඒ. රාජපක්ෂ මහතා සමඟ විවාහ වූයේ මන්ත්‍රී බිරිඳක් ලෙස නොව ගොවියකුගේ බිරිඳක් ලෙසිනි. අන්ත දුගී පරිසරයක පිහිටි මැදමුලන නිවසට යාමට එදා හැතැප්ම එකහමාරක් දෙකක් පයින් යාමට සිදුවිය.මේ කුමන දුෂ්කරතාවයක් තිබුණද ඇය ඩී. ඒ. රාජපක්ෂයන් සමඟ විවාහ වූයේ ඔහුගේ තැන්පත් ස්වරූපය, පෞරුෂය හා ආකල්ප පිළිබඳ ඇති වූ පැහැදීම නිසාය. එසේම ඔහු දයාබර සැමියෙක්, සෙනෙහෙබර පියෙක් වේයැයි ඇය විශ්වාස කළාය. සැබවින්ම ඩී. ඒ. රාජපක්ෂයන්ගේ දේශපාලන දිවිය අර්ථවත් කරගැනීමට ඇය යෝධ ශක්තියක් වූවාය.ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ඩී. ඒ. රාජපක්ෂයන් අකුරු කළ පාසැලයි. එදා එම පාසල බටහිර ගති ලක්ෂණ පුරුදු කරන පාසැලක් වුවද ඩී. ඒ. රාජපක්ෂයන් කිසිවිටෙකත් ඒවාට යටවුණේ නැත.ඔහු සැමවිටම දේශීයත්වයට, අපේකමට ආදරය කළේය. විශේෂයෙන් නායකත්ව හැකියාව ඔහුට ලැබුණේ පාසල් පරිසරයෙනි. එදා පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ හා පාපන්දු කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ ඩී. ඒ. රාජපක්ෂයන්ටය. කුඩා කළ පටන් ඉංග්‍රීසි පරිසරයක හැදී වැඩුණු නිසා ඔහුට ඉංග්‍රීසි භාෂාව ව්‍යක්තව කතා කිරීමේ හැකියාවද තිබුණි. නමුත් ඔහු මව් භාෂාවට නිතරම ගරු කළේය.ඔහුගේ පවුල් ඒකකය තුළ තිබුණේ ස්වදේශීකත්වයයි. කුරහන් සාටකය පැලඳගෙන ජාතික නායකත්වය පිළිබඳ කතා කළ මේ සොඳුරු මිනිසා නිතරම මිනිසුන් අතර සිටි දේශපාලන නායකයෙකි.එසේම ඔහු ආගම දහමට බොහෝ ලැදි උපාසක මහතෙකි. ඔහුගේ නිවසේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටි ඊට ඒ සඳහා පුද පුජා පැවැත්වීම ඔහුගේ පුරුද්දක් විය.ඔහුගේ නායකත්ව හැකියාව දරුවන්ටත් ලැබුණි. චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන ඔහුගේ දරුවන් අද මෙරට දේශපාලන කරළියේ ප්‍රසිද්ධ චරිතය. විශේෂයෙන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අද වනවිට මේ මුළු ලෝකයෙහිම කතාබහට ලක්වී සිටින රාජ්‍ය නායකයෙකි. දක්ෂ, බුද්ධිමත් පියකුගෙන් ලැබුණු මනා ගුරුහරුකම් හේතුවෙන් ඔවුහු අද රටට, ජනතාවට ආදරය කරන සැබෑ දේශහිතෛෂීන් ලෙස කටයුතු කරති. විශේෂයෙන් ජනාධිපතිතුමා පියාගේ අඩිපාරේ යමින් මහින්ද චින්තන ප්‍රතිපත්තිය මඟින් රටේ දියුණුවට විශාල වැඩකොටසක් සිදුකරමින් සිටී.1917 – 18 කාලවකවානුවේ ඇතිවුණු කැරැල්ලත් සමඟ විනාශවී තිබූ මෙරට වාරිකර්මාන්තයට හා කෘෂිකර්මාන්තයට නව පණක් ලබා දුන්නේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාය. දැවැන්ත වාරි තාක්ෂණයක් හඳුන්වා දෙමින් නව වාරි ප්‍රබෝධයක් ඇති කළ අතර චන්ද්‍රිකා වැව නිර්මාණය වූයේ ද එතුමාගේ නායකත්වයෙනි. එතුමා අනුව යමින් පසුකාලීනව චමල් රාජපක්ෂ මැතිතුමාද මවුආර ජලාශය නිර්මාණය කර එම ප්‍රදේශ සශ්‍රික කිරීමට කටයුතු කළේය.ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ ජනතා සේවය රුහුණට පමණක් සීමා වූවක් නොවේ. එදා නිවාස නොමැතිව අසරණ තත්ත්වයේ සිටි ජනතාවට බෙලිඅත්තෙන් පොල් අතු පටවාගෙන ගොස් නිවාස ඉදිකරදීමට එතුමා කටයුතු කළේය.බෙලිඅත්ත කොලණිය, සිංහල කොලණිය, මිහිදුපුරය, ජයන්තිපුරය ඔහු ඉදිකළ ජනපද කිහිපයකි. මේ ආකාරයට රුහුණේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ඉමහත් සේවයක් කළ ඩී. ඒ. රාජපක්ෂ නැමැති කෘතහස්ත දේශපාලනඥයා දැයෙන් සමුගත්තද එතුමාගේ නාමය කිසිදා මියයන්නේ නැත.ගුවන් විදුලියේ සුභාරතී සංවාදයේදී අමරසිරි කුඩගල්ආර මහතා පැවසු අදහස් ඇසුරින් සැකසුනි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n1311291
|
ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, මලයාසියාව, රුසියාවෙන් ඇවිත්
|
විජයානි එදිරිසිංහ
|
සංචාරක සහ නේවාසික වීසාවලින් පැමිණ එම වීසා කාලය ඉකුත් වී ගියත් ආපසු නොගොස් රැඳී සිටින දහසකට ආසන්න පිරිසක් සොයා ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය මෙහෙයුමක් දියත් කර තිබේ. මෙසේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පිරිසගේ අනන්‍යතාව තහවුරු කරන ලේඛන එම නිරීක්ෂණ අංශය මඟින් ලබාගෙන තිබේ. ඇතැම් පුද්ගලයන්ගේ වීසා කාලය ඉකුත් වී වසර 4 - 5 ගත වී ඇතත් මෙරටින් පිටව ගොස් නැත.ඇතැමුන් විවිධ ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටිති. තවත් අය විවාහ වී ඇත. තවත් පුද්ගලයන්ට සිදු වූ දෙයක් සොයා ගැනීමට නොහැක. එම නිසා මෙම පුද්ගලයන් පිළිබඳ වහාම සොයා බලා ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශයට උපදෙස් දී තිබේ.ඒ අනුව එම නිලධාරීන් රටපුරා මෙහෙයුම් දියත් කර 'over stay' පුද්ගලයන් සොයා මෙහෙයුම් දියත් කර තිබේ. ඉන්දියාව, චීනය, බංගලාදේශය, මලයාසියාව, රුසියාව ඇතුළු බොහෝ රටවල් ගණනාවකින් පැමිණි විදේශිකයන් මේ පිරිසට ඇතුළත් වෙති.වීසා අවසන් වූ පුද්ගලයන්ට නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටීමට සහාය දෙන පුද්ගලයන්ට එරෙහිවද නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.මෙවැනි පුද්ගලයන් පිළිබඳව යම් ආකාරයකින් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n1311292
|
සංචාරක වීසාවලින් රැකියාවලට යන්න එපා
|
මහින්ද අලුත්ගෙදර
|
සංචාරක වීසා මත රැකියා අපේක්‍ෂාවෙන් කිසිඳු විදේශ රටකට නොයන් නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.සංචාරක වීසා මඟින් විවිධ රටවල රැකියා බලාපොරොත්තුවෙන් විදේශ ගතවීම මෙන්ම එලෙස පුද්ගලයන් විදේශ රටවලට ගෙන්වා ගැනීම ද "මිනිස් වෙළෙඳාම" යන අපරාධයට සම්බන්ධ වරදක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පෙන්වා දෙයි.සංචාරක වීසා මඟින් රැකියා අපේක්ෂාවෙන් විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව සඳහන් කරන ඒ මහතාඔවුන් කිසිඳු ස්ථානයක ලියාපදිංචි පිරිසක් නොවන හෙයින් සාධාරණයක් ඉටුකිරීම මැදිහත්වීමට ඉඩකඩ නොමැති බවද කියා සිටී.සංචාරක වීසා මත විදේශ රටක රැකියාවක නියැළෙන පුද්ගලයන්ට නීත්‍යානුකූල පිළිසරණයක් නොමැති අතර රැකියා ගිවිසුමක්, රැකියා වීසා බලපත්‍රයක් නොමැති බවද ඒ හේතුවෙන් ඒ ඒ රටවල නීතිය ඉදිරියේ ඔවුන් වැරැදිකරුවන් බවද ඒ මහතා ප්‍රකාශ කරයි. වංචනිකයන් වෙත විශාල මුදලක් ගෙවා රැකියා අපේක්ෂාවෙන් මෙලෙස විදේශ ගත වුවද එරටට ගියපසු කිසිඳු රැකියාවක් හෝ සහනයක් නොලැබෙන බවද අවසානයේ දී තමා වියදම් කළ මුදල නොලැබෙන බවද හෙතෙම පෙන්වා දෙයි. මේ අතර මංගල රන්දෙනිය මහතා පෙන්වාදෙන්නේ සංචාරක වීසා මත රැකියාවක් අපේක්ෂාවෙන් විදේශ රටකට ගියද ඒ මඟින් රැදී සිටිය හැක්කේ උපරිමය මාස තුනක කාලයක් බවයි. එයින් පසුව කිසියම් හෝ පුද්ගලයකු රැඳී සිටින්නේ නම් ඔහු හෝ ඇය නීති විරෝධී සංක්‍රමණිකයකු බවවට පත්වන බවත්ය.ඒසේ වන්නේ නම් නීති විරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව පවතින නීතිමය තත්ත්වයන්ට යටත් වීමට සිදුවන බවද එහිදී සිර දඬුවම් හෝ දඩ මුදල් ගෙවීමට සිදුවන බවද පවසන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා එවැනි පුද්ගලයකුට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ දී වැයවන සියලු වියදම් දැරීමට සිදුවන බවද අවධාරණය කරයි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n1311293
|
විපක්ෂය කියන ආකාරයට අය-වැයෙන් බඩු මිල ඉහළ ගිහින් නෑ
|
මානෙල් පුෂ්ප කුමාරි සහ චින්තා රණසිංහ
|
මෙවර අය - වැය ඉදිරිපත් කිරීමෙන් පසුව සාමාන්‍ය වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බවට විපක්ෂ දේශපාලනඥයන් ගෙන යන ප්‍රචාරය සාවද්‍ය බව වෙළඳසල් හිමියෝ සහ පාරිභෝගිකයෝ පවසති.පිටකොටුවේ පිහිටි මැනිං මාර්කට් වෙළෙඳසල් සංකීර්ණය ඇතුළු තොග වෙළෙඳ සංකීර්ණයේ කළ නිරීක්ෂණයක දී වෙළෙඳසල් හිමියෝ 'දිනමිණ' ට ඊයේ (28) මේ බව කියා සිටියහ.උත්සව සමය හේතුවෙන් භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම සාමාන්‍ය සිරිත බවත් මේ දිනවල එවැනි මිල ඉහළ යාමක් ද දක්නට නොමැති බවත් ඔවුහු පැවසූහ. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම ඉකුත් සතියේ පැවැති මිල ගණන් මේ වන විට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව සඳහන් කළ වෙළෙඳසල් හිමියෝ, ඉදිරියේ දී එම මිල ගණන් තවත් පහළ යනු ඇති බවද ප්‍රකාශ කළහ.බී ලූනු සහ අල හිඟයක් ඇති වීමෙන් ඒවායේ මිල ගණන් ඉකුත් සතියේ එකවර ඉහළ ගිය බව සිහිපත් කළ වෙළෙඳසල් හිමියෝ මේ වන එම හිඟය පියවී ඇති නිසා නැවතත් එම මිල ගණන් ශීඝ්‍රයෙන් පහත යමින් තිබෙන බව ද ප්‍රකාශ කළහ. අස්වැන්න හිඟවීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඒ ඒ පාරිභෝජන භාණ්ඩ මිල උච්චාවචනය වීමක් සිදු වන බව ද එය සාමාන්‍ය තත්ත්වයක් බව ද මෙහි දී අනාවරණය විය.දෙවන හරස් වීදියේ තොග වෙළෙඳසල් හිමියන්ගෙන් මේ පිළිබඳව කළ විමසුමේ දී ඔවුන් ලබා දුන් අත්‍යවශ්‍ය භාණ්ඩවල තොග මිල සහ සිල්ලර මිල ගණන් මෙසේ ය, බී ලූණු කිලෝවක තොග මිල රුපියල් 85.-90ක් බවත් අර්තාපල් කිලෝවක මිල රුපියල් 90-95 බවත් රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් 195ක් බවත් මිල දර්ශකවල සඳහන් කර තිබුණි.පිටකොටුව මැනිං මාර්කට්හි බී ලූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 110ත් - 120ත් ලෙස ද පකිස්තාන් ලූනු කිලෝවක් රුපියල් 100 ක් ලෙසද මිල ගණන් පහත වැටී තිබේ. එය ඉදිරියේ දී තවත් පහළ යනු ඇතැයි වෙළෙන්දෝ පැවසූහ. සුදු ලූණු කිලෝවක සිල්ලර මිල ද රුපියල් 150 කි.සුදු කැකුළු සහල් සිල්ලර මිල කිලෝවක් රුපියල් 56ත් 57ත් අතරය. සම්බා සහල් කිලෝවක් රුපියල් 70 ක් ලෙස ද නාඩු සහල් 58 ක් ලෙස ද රතු කැකුළු කිලෝවක් රුපියල් 52ක් ලෙස ද මිල සටහන් වී තිබිණි. රතු පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 140 කි.දේවගිරි එන්ටර්ප්‍රයිසස්හි සසිත් කුමාර මහතා ඔහුගේ තොග වෙළඳ සලේ මිල ගණන් මෙසේ දක්වා තිබුණි. ඉන්දියන් බී ලූනු කිලෝවක මිල රුපියල් 90 වන අතර පාකිස්තාන් බී ලූණු කිලෝවක මිල රුපියල් 75කි.පාකිස්තාන් අර්තාපල් කිලෝවක මිල රුපියල් 75ක් වන අතර ඉන්දියන් අර්තාපල් කිලෝවක මිල රුපියල් 70කි. ලංකා අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 115 කි. එම භාණ්ඩ සඳහා වන බදු අඩු කිරීමත්, ඉන්දියාවෙන් මෙම භාණ්ඩ ආනයනය කිරීමත් නිසා මෙසේ එම භාණ්ඩ මිල අඩු වූ බව ඔහු පැවසීය.තායිවාන් හාල්මැස්සන් කිලෝවක සිල්ලර මිල රුපියල් 400 ත් 520ත් අතරය . මන්නාරම් හාල්මැස්සන් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 සිට ඉහළට ඇත. හාල්මැස්සන් තොග මිල රුපියල් 340සිට ඉහළට ඇත.කරච්චියේ කට්ටා කරවල සිල්ලර මිල රුපියල් 500ත් 600 ත් අතර පවති. බල කරවල කිලෝවක උපරිම සිල්ලර මිල 540කි. ආනයනය කරන කරවල එම මිලට වඩා රුපියල් 140 ක් අඩු වී ඇත. බිත්තරයක තොග මිල ලෙස සටහන් වූයේ රුපියල් 12.50 කි. සිල්ලර මිල රුපියල් 13ත් 14 ත් අතර පවතී.කුකුළු මස් කිලෝවක සිල්ලර මිල 350ත් 360ත් ක් ලෙස සටහන් වී තිබිණ.වියලි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 178 කි. පොල් ගෙඩියක තොග මිල රුපියල් 48ක් වන අතර සිල්ලර මිල රුපියල් 50කි.පිටකොටුව මැනිං මාර්කට්හි එළවළු සිල්ලර මිල ගණන් මෙසේ ය.ගෝවා කිලෝවක් රුපියල් 30, බණ්ඩක්කා 40, කැරට් 60, තක්කාලි 40, වම්බටු 50, කරවිල 90 -100ත් අතර, මාළු මිරිස් 150මේ අනුව සාමාන්‍ය වෙළෙඳපොළේ පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය විශේෂ මිල වැඩි වීමක් සිදු නොවී ඇති අතර උත්සව සමය වෙනුවෙන් එම ආහාර ද්‍රව්‍ය විශේෂ ඉහළ යාමක් සිදු නොවීම ද විශේෂත්වයක් බව වෙළෙඳසල් හිමියෝ සහ පාරිභෝගිගයෝ'දිනමිණ' ට පැවසූහ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n1311294
|
ඡන්දය අද
|
ස්වර්ණා විජේකොන්, චමීර ඇල්ල දෙණිය සහ සුභාෂීණී සේනානායක
|
අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය ඡන්ද විමසීම අද (29) පස්වරු 5ට පැවැත්වේ.2014 වසර සඳහා වන අය-වැය යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 21වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය නොවැම්බර් 22දා ආරම්භ වූ අතර එම විවාදය දින හතක කාලයක් පාර්ලිමේන්තුවේ දී පැවැති අතර එහි ඡන්ද විමසීම අද (29) පස්වරුවේ සිදු කෙරේ.අය-වැය තෙවන වර කියැවීම හෙවත් එක් එක් අමාත්‍යාංශ වලට වෙන් කෙරෙන වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ විවාදය දින දහයක් පුරා පැවැත්වේ.අය-වැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම ලබන 20 වැනි දා පස්වරුවේ සිදු කෙරේ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n1311295
|
සුළි කුණාටුවකට හසු වීමෙන් ධීවරයෝ 30ක් අතුරුදන්
|
බුද්ධිකා ඉඹුලාන සහ ජස්ටින් කොඩිකාර මාතර දිසා විශේෂ
|
නැඟෙනහිර මුහුදේ ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් 300ක් පමණ ඈත ඇති වූ සුළි කුණාටුවකට හසුවීමෙන් බහුදින යාත‍්‍රා 10ක පමණ ධීවරයෝ 30කට වැඩි සංඛ්‍යාවක් අතුරුදන් වී තිබේ.පෙරේදා (27) ඇති වූ මෙම කුණාටුවෙන් බෝට්ටු පෙරළී එහි සිටි ධීවරයන් 10 දෙනෙකු පමණ වෙනත් යාත‍්‍රා මඟින් බේරා ගෙන ඇති අතර පෙරළුන එක් යාත්‍රාවක් සොයාගෙන තිබෙන බව ධීවර අමාත්‍යාංශය පවසයි. එම යාත්‍රාවලින් අවසන් වරට ඇමතුමක් ලැබී ඇත්තේ පෙරේදා (27) රාත්‍රී 8-9 අතරය.ගොඩබිමේ පිහිටි රේඩියෝ මධ්‍යස්ථාන සහ එම බහුදින යාත්‍රා අතර සියලූම සංනිවේදන සම්බන්ධතා විසන්ධි වී පැවතීම නිසා ඔවුන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු දිනමිණට කීය. අතුරුදන් වු ධීවර යාත්‍රා සහ ධීවරයන් සෙවීමේ කටයුතු පිළිබඳව ධීවර අමත්‍යාංශය නාවික හමුදාවට දැනුම් දී තිබේ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n1311296
|
වී මිල දී ගන්න සූත්‍රයක් අවශ්‍ය නැහැ
| null |
වී මිල දී ගැනීමේ දී මිල සූත්‍රයක් අවශ්‍ය නොවන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) ප්‍රකාශ කළේය.සම්බා කිලෝවකට රුපියල් 35ක් සහ නාඩු කිලෝවකට රුපියල් 32ක මිලක් නියම වී ඇති බවද ඒ මහතා කීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද චින්තනය අනුව 2005 දී දුන් පොරොන්දුවක් පරිදි ගොවියාට සාධාරණයක් ඉටු කරන්න කටයුතු කර ඇති බවත් රුපියල් 14ට 15ට තිබූ වී මිල අද රුපියල් 32 දක්වා වැඩි වී ඇති බවත් ඇමැතිවරයා කීවේය.රජයක් ලෙස ස්ථාවර මිලක් ඇති කරමින් පුද්ගලික අංශයේ ද වී මිල ස්ථාවර මිලකට ගෙන ඒම අපේක්ෂා කරන අතර මේ වන විට වී අතිරික්තයක් ඇති බවද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.රුපියල් 26 ත්-27 ත් වී මිල පැවති යුගයක් තිබු අතර එසේ වන්නේ වී අස්වැන්න ලැබෙන කාලයට බවද හෙතෙම කීය.මහින්ද චින්තනය අනුව සියයට සියයක් මිල ඉහළ ගිහින් ඇති බවත් ගොවියා රකින්න සහතික මිලක් නියම කර ඇති බවත් අමැතිවරයා මෙහි දී අවධාරණය කළේය.ස්ථාවර වී මිලක් පවතින්නේ නම් මගේ වී ටිකද මිල දී ගන්නා ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටියේය.අමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n1311297
|
වර්ජන කාල සීමාවේ දී රජයේ රෝහල්වල තුණ්ඩුවලට ඔසුසල්වලින් නොමිලේ බෙහෙත්
|
සන්ධ්‍යා කරුණාරත්න
|
හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා වැඩ වර්ජන කාල සීමාව තුළදී රජයේ රෝහල්වලින් දෙන බෙහෙත් තුණ්ඩු සඳහා රජයේ ඔසුසල්වලින් ඖෂධ නොමිලේ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව ඊයේ (28) සහ පෙරේදා (27) දෙදින තුළ කළ වැඩ වර්ජනය හේතුවෙන් ඖෂධවේදීන් රජයේ රෝහල්වලින් ඖෂධ නිකුත් නොකිරීම සඳහා පිළියමක් ලෙස මේ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවැසුවේය.පෙරේදා (28) දිනය තුළදී පමණක් කොළඹ 07 ප්‍රදේශයේ රජයේ ඔසුසලෙන් පුද්ගලයන් 700 කට නොමිලේ ඖෂධ නිකුත් කළ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. මේ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ඔසුසල්වල ඖෂධවේදීන් වැඩි කර, වැඩ කරන සේවා මුරය වෙනස් කර ඖෂධවේදීන්ගේ සේවාව මහජනතාවට ලබාදුන් බව ද ඔහු කීය. ඖෂධවේදීන් වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ කාල සීමාව තුළදී රෝගීන් අපහසුතාවට පත් නොකර රෝගීන්ගේ සුවසෙත වෙනුවෙන් ජාතික මෙහෙවර ඉටු කිරීමේ කාර්ය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ඉටු කළ බව ද ඒ මහතා පැවැසුවේය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n1311298
|
ජීවිත-දේපළ හානි ගැන දීපව්‍යාප්ත සමීක්ෂණය ඇරැඹෙයි
|
ධනුෂ්ක ගොඩකුඹුර සහ නුවන් කොඩිකාර
|
වසර තිහක යුද ගැටුම් සමයේ සිදු වූ ජීවිත සහ දේපළ හානි පිළිබඳ දීපව්‍යාප්තව සිදු කෙරෙන පුළුල් සමීක්ෂණය ඇරැඹේ. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි නිර්දේශයක් මත සිදු කෙරෙන මෙම සංගණනය ඊයේ (28) නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එය මාස 6ක කාලයකින් නිම කිරීමට නියමිතය. වර්ෂ 1980- 2009 මැයි දක්වා ගැටුම් සමයේ සිදු වූ මරණ, අවතැන්වීම්, ශාරීරික ආබාධිත වු අයවලූන් හා දේපළ හානි සම්බන්ධයෙන් මෙහි දී සමීක්ෂණය කෙරෙනු ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරන මෙම සමීක්ෂණය ග්‍රාම නිලධාරී කොට්ඨාස පදනම මත කෙරෙන අතර ගණන් ගැනීමේ නිලධාරීන් වශයෙන් ග්‍රාම නිලධාරීන් පත් කිරීමට නියමිතය.ග්‍රාම සේවා කොට්ඨාස 14,021 ම ආවරණය වන සේ කෙරෙන සමීක්ෂණයට නිලධාරීන් 16,000 ක් යොදවනු ඇත.උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කාර්ය සාධක කමිටුව,වෘත්තීය මට්ටමින් සැලසුම් කරන සමීක්ෂණයක් මඟින් විපතට පත් පවුල් සහ සිවිල් වැසියන්ගේ මරණ පිළිබඳව මෙන්ම දේපළ හානි ද ආවරණය වන පරිද්දෙන් කළ යුතු බවට නිර්දේශ කර තිබිණ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n1311299
|
බෞද්ධ විහාරය වඳින්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව
|
නුවන් කොඩිකාර
|
සිදුහත් කුමරුගේ උපත සිදු වූ ලුම්බිණි සල් උයනෙන් සොයා ගත් ලොව පැරණිතම බෞද්ධ විහාරය වන්දනාමාන කර ගැනීමට ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ට අවස්ථාව සලසා දෙන බව සමස්ත ලංකා දඹදිව වන්දනාකරුවන්ගේ සංගමය පවසයි. මේ පිළිබඳව තම සංගමයේ සියලූ සාමාජිකයන්ට මේ වන විටත් දැනුම් දී ඇති බවත් ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු දැනගැනීමට තම සාමාජිකයන් එම ප්‍රදේශයට ගොස් ඇති බවත් සමස්ත ලංකා දඹදිව වන්දනාකරුවන්ගේ සංගමය සභාපති අයි.පී.එස්. ගුණසේකර මහතා පැවසීය. තමන්ගේ සංගමය ඉදිරියේ දී කරන වන්දනා චාරිකාවන් සඳහා මේ ස්ථානය ද ඇතුළත් කරන බව හෙතෙම කිවේය.ලෝකයේ මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය බවට අනුමානය කෙරෙන මේ විහාරය ලුම්බිණි සල් උයන අසළ පිහිටි මහාමායා දේවි විහාරය ආසන්නයේ කළ කැනීම්වල දී සොයා ගැනිණි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112910
|
අදින් පසු තමුන්නාන්සේලාගේ සටන් පාඨ අවසන් වෙනවා
| null |
අද බොහෝ පිරිසක් රාජ්‍ය සේවකයන් එකතුවෙලා ඉන්නවා. මහ අද පත්වීම් ප්‍රදානය කිරීමට ලැබීම ගැන සන්තෝෂ වෙනවා. මමත් 1984 දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට හිටියේ. මම නීතිය හැදෑරුවේ. ඒ දවස්වලත් කලා විෂයන් කරපු අය ලොකු පෝලිමක හිටියේ. මටත් ඒ දවස්වල උසස් පෙළ සමත් වෙලා අවුරුදු දෙක තුනක් ඉන්න වුණා විශ්වවිද්‍යාලයට යන්න. අපි විශ්වවිද්‍යාලය ඇතුළේ සාධාරණත්වය වෙනුවෙන් විශාල සටන් මෙහෙයවපු අය. භීෂණය අවසානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පළවෙනි ශිෂ්‍ය සංගමය හැදුවේ අපි යැයි වයඹ පළාත් මහ ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.උපාධිධාරී පත්වීම්ලාභීන්ට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය 27 වැනි දින වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා එසේ පැවසීය.එහිදී ප්‍රධාන ඇමැතිවරයා මෙසේ ද පැවසීය.උපාධිධාරීන් බඳවා ගත් පසු තමුන්නාන්සේලා වෙනුවෙන් අපි විශේෂ කටයුතු ටිකක් සිදු කළා. එදා විවිධ මන්ත්‍රීවරු ලැයිස්තු පුරවනකොට මට සිදුවුණා උසාවි යන්න. එදා සියලු උපාධිධාරීන්ගේ අයිතිය වෙනුවෙන් නඩුවකට ගියේ දයාසිරි ජයසේකර. මට ඒ ලැයිස්තු අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔප්පු කරන්න සිදුවුණා. දේශපාලන හා නොවන පත්වීම් පිළිබඳව ජනාධිපතිතුමා මේ රටේ වැඩිම උපාධිධාරීන්ට වැඩිම රස්සා දුන්න නායකයා ලෙස ඉතිහාසගත වෙනවා. ඉතින් පසුව මම අර නඩුව ඉල්ලා අස්කර ගත්තා. උපාධිධාරීන් කියන්නේ මේ අපි ඔක්කොටමයි. අපි විශ්වවිද්‍යාලයේදී හැමදේම කළේ එකට. ඉතින් තමන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් මත නොවන තීන්දුවක් උසාවියෙන් ගන්න මං උත්සාහ කළා.ජනාධිපතිතුමා අවුරුද්දෙන් පත්වීම් දෙනවා කීවා. අවුරුද්දකට ටිකක් වැඩි වුණත් අපි ඔබට ස්ථිර පත්වීමක් අද දුන්නේ. එදා රුපයල් 10,000 ක පඩියට තමුන්නාන්සේලා මෙතැනට පැමිණියේ. ලබන මාසෙ වෙනකොට රුපියල් 24,500 ක වැටුපක සාඩම්බර හිමිකරුවෙක් බවට ඔබ පත්වෙනවා. ජනවාරියේදී තවත් රුපියල් 1200 කින් එය වැඩි වෙනවා.අපි සන්තෝෂ විය යුතුයි. මෙම කාලයේදී වයඹ පළාත් සභාව තමයි මෙය මුලින්ම ප්‍රදානය කළේ. ඒ නිසා අදින් පසු තමුන්නාන්සේලාගේ සටන් පාඨ අවසන් වෙනවා. තමුන්නාන්සේලා මේ පත්වීම් ගන්නකොට තරුණ අරුණ උපාධිධාරීන්ගේ ප්‍රශ්න 99 සහ උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරීන්ගේ නම් ඉතුරුවෙලා තියෙනවා. සෞන්දර්ය, ඉංග්‍රීසි උපාධිධාරීන්ගේ ප්‍රශ්න ද යම් කිසි විධියකට අවසන් කරන්න අපි කටයුතු කරනවා. අපිට කරන්න තියෙන්නේ කලා උපාධිධාරීන්ගේ පුරප්පාඩු පුරවන්න. අපේ රටේ 52% ක් කලා උපාධිය හදාරන්නේ. ඉතුරු 48% හදාරන්නේ විද්‍යාව, ගණිතය සහ වාණිජ විෂයයන්.විද්‍යාව, ගණිතය, වාණිජ අයට රස්සා තියෙනවා. නමුත් කලා අයට නෑ. ඒ නිසා ජනාධිපතිතුමා මේ විෂය ධාරාව වෙනස් කර විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවෝ රැකියාවලට හරියන විදියට බිහිකරන්න කටයුතු කරනවා.මම ඔබගෙන් ඉල්ලන්නේ අපේ අහිංසක මිනිස්සු හෙට ඉඳල ඔබගාවට එයි. එයාලා තමා අපිට පඩිය ගෙවන්නේ. එයාලා බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සේවයෙන් ඔවුනට සෙතක් වෙයි කියලා. ඒ නිසා එයාලව දෙවියෝ වගේ පිළිගන්න, ගෞරව කරන්න, අවශ්‍යතා ඉටුකර දෙන්න මහන්සි වෙන්න. මම රාජ්‍ය සේවයට සම්බන්ධ වුණේ 1994 දී ඇමැතිවරයෙකුගේ ලේකම්වරයෙක් විදියට. එදා සිට අද දක්වා ප්‍රශ්න ගැටලු පිළිබඳ මට අවබෝධයක් තියෙනවා.අපි 1995 දී ගාල්ලේ ජනාධිපති ජංගම සේවයක් කළා. ඉතින් මම ඉල්ලන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ට නිහතමානී වෙන්න. නිර්මාණශීලී වෙන්න, අපි වයඹ පළාත් සභාව නිර්මාණශීලීන් බිහිකරන පරමාදර්ශී පළාත් සභාව බවට පත් කරමු.කලින් අපේ අය වෙන දිස්ත්‍රික්කවලට ගිහින් වැඩ කර තිබුණා. කෙසේ හෝ ඔබ මේ පළාතෙම ඉන්න වාසනාවන්ත වෙලා තියෙනවා. මම සමහරුන්ට කිව්වා අපි පුත්තලමෙන් පටන් ගමු කියලා. සමහර අය එකඟ වුණා පුත්තලමට යන අය එහේ ගිහින් හොඳින් වැඩ කරන්න. එහි රාජ්‍ය සේවකයෝ හිඟයි.ඔබගේ අලුත් යෝජනා අදහස් අපට ලියන්න. අපි එකට එකතුවෙලා කණ්ඩායමක් විදියට වැඩ කරමු. පළාත් සභාව කියන්නේ අපි ඔක්කොම එකයි. ඔබ අලුත් අය හැටියට ඔබ ගොඩක් දේවල් හිතලා ඇති. ඒවා අපිට කියන්න, අපිට ලියන්න, අලුත් දේ නිර්මාණය කරන්න. මේ ආදරණීය වැඩපිළිවෙළට අපිට සහාය දෙන්න.ඉතිහාසයේ ප්‍රශ්න නැති තත්ත්වෙකට අපි පත්කරනවා වගේම ඊළඟට එන මහ ඇමැතිවරයාටත් කරදරයක්, ගැටලුවක් නොවන අන්දමින් අපි මේ දේවල් විසඳමු.ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ කියලා තිබ්බා අපි ණයකරුවෝ කියලා. අපි ණයකරුවෝ වුණත් අපි ණය ගත්තේ රට සංවර්ධනය කරන්න. මේ හැදෙන පාරවල්, විදුලිබල යෝජනා ක්‍රම, දැදුරුඔය ව්‍යාපෘතිය උදාහරණ. ඉතින් මම ඔබට සුබ පතනවා. ඔබගේ අනාගතේට හැමෝම එකට එකතු වෙලා වැඩ කරන්න..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112911
|
හිටපු කොටි දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්
|
@ අනුරාධපුර මධ්‍යම විශේෂ
|
විල්පත්තුව කැලයේ සැඟව සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 26 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ගුවන් යානය බිම හෙළා 37දෙන කු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් වසර 05 කට ආසන්න කාලයක් නොකඩවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල්.ටී.ටී.ඊ මිසයිල බළකායේ හිටපු සාමාජිකයන් දෙදෙනා තවදුරටත් ලබන වසරේ ජනවාරි 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ ඉම්රාන් පාණ්ඩියන් මිසයිල බළකායේ හිටපු ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකු වු යාපනය මාකඩ් පටුමග ලිපිනයේ පදිංචි රාසදොරේ ජෙගන් නොහොත් පුලවන් හා යාපනය පිරිපිඩ්ඩි දකුණ නීර්වේලි ලිපිනයේ පදිංචි නල්ලාන් සිවලිංගම් නොහොත් සින්නතිලකන් යන දෙදෙනායි.27 වනදා නඩුව විශේෂ මහාධිරණය හමුවේ විභාග කිරීමට නියමිතව තිබුණත් මෙම සිද්ධියේ 41 වන සහ 58 වන සාක්ෂිකරුවන් එදින මන්නාර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩුවකට සාක්ෂිදීම සඳහා ගොස් සිටි නිසා සාක්ෂි කැඳවීම ලබන වසරේ ජනාවාරි 20 වෙනිදා තෙක් කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරු වරයා නියෝග කළේය.මෙම සිද්ධියට අයත් නඩු භාණ්ඩ දෙකක් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ තිබෙන නිසා ඒවා මෙම අධිකරණය වෙත ලබා ගැනීමට අවශ්‍ය බවත් රජයේ රස පරීක්ෂකවරයාගේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නැති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥවරියෝ අධිකරණයට දන්වා සිටියහ.එම භාණ්ඩ සහ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරන ලෙස පරීක්ෂණ කණ්ඩායමට නියෝග කළ විනිසුරුවරු වරයා නඩුව විභාගයට ගැනීම සඳහා ජනවාරි මස 20 වනදා භාෂා පරිවර්තක නිලධාරියා අධිකරණය වෙත කැඳවන ලෙසද නියෝග කළේය. එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණි.සැකකාර එල්.ටී.ටී.ඊ සාමාජිකයන් විසින් 2010 වර්ෂයේ මාර්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පලාලි පිහිටි ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුරේ සිට රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර දක්වා විල්පත්තු කැලයට ඉහළ අහසින් යාත්‍රා කරමින් තිබු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝ 26 වර්ගයේ ගුවන් යානයට විල්පත්තු කැලයේ සැඟව සිට ස්ටෙලා 3 වර්ගයේ අධිබලැති මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබුණි. මිසයිල ප්‍රහාරයට ලක් වු ඇන්ටනෝ 26 වර්ගයේ ගුවන් යානය විනාශ වී තලාව කීරීවැව ප්‍රදේශයේ පිහිටි තේකක කැලයට කඩා වැටී විනාශයට පත් වු අතර එහි ගමන් ගත් යුද හමුදා ලුතිනන්වරුන් තිදෙනෙකු රුසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකු ගුවන් යානා කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු හා යුද ගුවන් නාවික පොලිස් ඇතුළු නිලධාරීහූ 37 කු ජීවිතක්ෂයට පත්වූහ.මෙම ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් එවකට පරීක්ෂණ පැවැත්වු ශ්‍රී ලංකා ගුවන් හමුදාව එය කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැටුණු බවට තහවුරු කළත් කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකය සිදුකළ පරීක්ෂණ වලදී, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විල්පත්තු කැලයේ ස්ථානගතවී අධිබලැති මිසයිල ප්‍රහාරයක් එල්ල කර ගුවන් යානය බිම හෙළා තිබු බව අනාවරණය කරගෙන තිබුණි. ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලින් පසුව ඉම්රාන් පාණ්ඩියන් බළකායට අනුයුක්තව කර්නල් ගඩාෆි නැමැත්තා යටතේ සේවය කළ මෙම එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙදෙනා 2008 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී 1995 වර්ෂයේ සිට මිසයිල ප්‍රහාර එල්ල කරමින් ඇන්ටනෝ එම්.අයි 24 , පුකාරා, වයි 8 යානා විශාල ප්‍රමාණයක් හා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අධිබලැති ප්‍රහාරක නාවික යාත්‍රා වන ඩෝරා යාත්‍රා කිහිපයක්ද විනාශ කළ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන පනතින් අධිචෝදනා 37 ක් යටතේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.සැකකාර එල්.ටී.ටී.ඊ සාමාජිකයන් විල්පත්තු කැලයේ සැඟව සිට ප්‍රහාරයට යොදාගත් බවට සැකකෙරෙන රුසියාවේ නිෂ්පාදිත මිසයිල විදිනයක්ද ත්‍රස්ත විමර්ශ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.කොළඹ ත්‍රස්තවිමර්ශන කොට්ඨාශයභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රාවාකිශ්ඨ මහතාගේ උපදෙස් මත ත්‍රස්ත විමර්ශන ඒකකය පරීක්ෂණ සිදුකර තිබුණි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112912
|
මීසාලේ ප්‍රා.සභා මන්ත්‍රී නිවසට ගල්මුල් ප්‍රහාර
| null |
ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රි රන්ජන් මහතාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් සිදු කොට අලාභ හානි කර තිබේ . මීසාලේ නැගෙනහිර මාවේඩිපුල්ලේ කෝවිල අසල පිහිටි මේ නිවසට ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය 26 වන දින රාත්‍රියේය.සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර , සිද්ධිය වන අවස්ථාවේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිය නිවසේ පිටු පසින් පැනගොස් ඇත. පසුව මන්ත්‍රීවරයා මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කොට තිබේ. එදින දවල් කාලයේදි අදාළ මන්ත්‍රීවරයා චාවකච්චේරිය රෝහලේ වෛද්‍ය වරයෙකු සමග බහින් බස් වීමක් සිදු වී ඇති අතර පසුව වෛද්‍ය වරයා මේ පිළිබඳ චාවකච්චේරි පොලිසියට පැමිණිල්ලක් කිරිමෙන් අනතුරුව සිද්ධිය සමථයකට පත් කොට ඇත. මෙම සිද්ධි දෙක අතර යම් සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක පළ කරයි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112913
|
ගෙදර කුණු පාරට දැමූ සූරියගොඩ තුෂාරට දඩ
|
@ දිලිප් නිශ්ශංක - බළපිටිය සමූහ
|
නිවසේ එකතු කරන ලද කසල ප්‍රධාන මාර්ගයට බැහැර කළ පුද්ගලයෙකු බෙන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බළපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් එක්දහස් පන්සියයක දඩයක් ගෙවන ලෙස නියෝග කළේය. මෙසේ දඩ ගෙවන ලද්දේ බෙන්තොට සූරියගොඩ පදිංචි තුෂාර නමැති අයෙකි.සැකකරු නිවසේ කසළ ප්‍රධාන මාර්ගයට බැහැර කර පරිසරයට හානි කරන බවට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.බෙන්තොට පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112914
|
මොනරවිල කැප්පෙටිපොළගේ මඟ පෙන්වීම අද ජාතියට අවශ්‍ය වී තිබෙනවා
|
ජානිපෙ දේශපාලන මණ්ඩල සභික සේනාරත්න ද සිල්වා
|
අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයාට එරෙහිව සටන් වැදිය යුතු නිවැරැදි මඟ ජාතියට දුන් විශිෂ්ටතමයා වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමෙතුමන් යැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සේනාරත්නද සිල්වා මහතා පෙන්වා දෙයි.ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ කැප්පෙටිපොළ තරුණ ව්‍යාපාරය විසින් පසුගිය 26දා කොළඹ 07, සව්සිරිපාය ශ්‍රවණාගාරයේ පැවැත්වූ වීර මොනරවිල කැප්පෙටිපොළ විරු සමරුවේ සමරු දේශනය පවත්වමින් සේනාරත්න ද සිල්වා මහතා මෙසේ පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සේනාරත්න ද සිල්වා මහතා මෙසේද පැවසීය.මොනරවිල කැප්පෙටිපොළ විරුවාණන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ හෙන්රි මාෂල් කියන ශල්‍ය වෛද්‍යවරයා මරණයෙන් පස්සේ ඔහුගේ හිස එංගලන්තයට රැගෙන ගියා. මේ යටත් විජිත පාලන සීමාවන් ඇතුළෙදී හමුවුණු විවිධ ස්වදේශීය ජනතාවන් නිදහස කරා රැගෙන යන්න සටන් කරපු නායකයන් පිළිබඳව තොරතුරු අරගෙන වෛද්‍ය හෙන්රි මාෂල් කැප්පෙටිපොළ විරුවාණන්ව ඔවුන් හා සන්සන්දනය කරලා තිබුණා. කැප්පෙටිපොළ සමාන වන්නේ ස්කොට්ලන්තයේ ජනප්‍රිය වීරයා වූ විලියම් වොලස්ට පමණයි කියලයි ඔහු කිව්වේ.ලෝකය පුරා හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩනඟපු සුදු අධිරාජ්‍යවාදීන්ට, යටත් විජිත ජනතාවගේ උස් නිදහස පතා සටන් කරපු විශිෂ්ට නායකයො දෙන්නෙක් මුණ ගැහිලා තියෙනවා.වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියන විදියට, පළමුවැනියා විලියම් වොලස්, ඊළඟට ඔවුන් යටත් කරපු, සමස්ත ලෝකයෙන් පහෙන් එකක් වුණු භූමියෙන් හමු වූ දැවැන්තම මිනිසා තමයි මොනරවිල කැප්පොටිපොළ කියන්නේ. 1818 නිදහස් අරගලය පදනම් කරගෙන ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු ලංකාවේදී ලබා ගත් මේ අත්දැකීම තුළින් ඔහු විසින් ලියපු එකම කෘතියට මාතෘකා කොට ගන්නේ මොනරවිල කැප්පෙටිපොළ ඔහු පෙන්වා දුන්නා ‘ ස්කොට්ලන්තයේ වීරයා හැරුණු විට මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරපු ලොව දියුණුම මිනිසා වීර මොනරවිල කැප්පෙටිපොළ. ඒ නිසා මම ඔහුගේ හිස එඩින්බරෝ නුවර කපාල ලක්ෂණ සංගමයේ කෞතුකාගාරයට පරිත්‍යාග කළා කියලා.අද ඩේවිඩ් කැමරන්ලා ඇවිල්ලා අපට මිනිස් අයිතිවාසිකම් ගැන කියලා දෙනවා. කැමරන්ලාගේ සීයලාගේ කෲරත්වයෙන් බැටකාපු ජාතීන් ආපසු නැඟී සිටින්න උත්සාහ කරන විට ඒකට එරෙහිව මානව අයිතිවාසිකම්, එහෙමත් නැත්නම් වෙනත් ක්‍රියාකාරකම් ඉස්සරහට දාගෙන, තමන් අතීතයේ ගොඩනඟා ගත් අධිරාජ්‍යය රැකගැනීම සඳහා තමයි කැමරන්ලා දත කන්නේ. අද ලෝකය පුරාම බටහිර අධිරාජ්‍යවාදීන් ගොඩනඟලා තිබෙන මේ මායා පටලය ඉවත් කරන්න. සැබෑ සාධාරණත්වය, යුක්තිය , මානව ගුණධර්ම, මානව අයිතිවාසිකම් යළි මතුකර ගැනීමේදීත් අපට මේ කැප්පෙටිපොළ මොනරවිල විරුවාණන් ගත් මඟ සහ ඔහුගේ වාක්‍යයන් අනිවාර්යයෙන්ම සිහිපත් කරන්නට අවශ්‍ය වෙනවා. අද යුගයත් එක්ක අපි පොර බදන්නෙ කොහොමද? ඒ පොර බදන්න ‘මොනරවිල’ අපට මොනවද කිව්වේ කියන එක සොයාගන්න තමයි මේ කැප්පෙටිපොළ තරුණ ව්‍යාපාරය කැප්පෙටිපොළ විරුවාණන් සමරමින් ඔහුගේ මඟ පෙන්වීම අද ජාතියට අවශ්‍ය යැයි පවසන්නේ. අද අපි මුහුණ දෙන අභියෝගවලට තවමත් වලංගුයි කැප්පෙටිපොළ මොනරවිල විරුවාණන්ගේ දැක්ම.අදින් අවුරුදු 195කට කලින් මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලෝකය කොල්ල කන්න යන විට ඔවුන් කරන ක්‍රියා මාර්ගවල වැරදි සහගතභාවය නැති කරලා එයින් රට මුදාගන්න තියෙන එකම මඟ නම් ලෙළ දෙන කඩුපත පමණමයි කියන ටික එදා පැහැදිලි කරලා ඒ නිදහස් සටන යන සංකල්පය ජාතියට කියා දීලා දැනුවත් කළ මේ ශ්‍රීමතාණන්ගේ ඒ මඟ අප අනුගමනය කළ යුතුයි. කැප්පෙටිපොළ යෞවන සම්මාන ප්‍රදානයක්ද පැවැති අතර එම යෞවන නිර්මාණ තරගාවලියේ විනිසුරු මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයන් විසින් නිර්මාණකරණය පිළිබඳ විශේෂ දේශනයක්ද මෙහිදී පවත්වනු ලැබිණි.එසේම සාහිත්‍යසූරි ගුණදාස අමරසේකර, ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහාචාර්ය වෝල්ටර් මාරසිංහ සහ මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම යන මහත්වරුන් අතින් යෞවන සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.මෙහිදී සඳැස් / නිසැඳැස් නිර්මාණ අංශයේ පළමු ස්ථානය මුතුවාඩිගේ ප්‍රදීප් නිදර්ශන ප්‍රනාන්දු, දෙවන ස්ථානය තීසර සාරංග පතිරණ වීරසිංහ , තෙවන ස්ථානය එම්. ගම්හේවගේ යන අයද,ගීත නිර්මාණ අංශයේ පළමු ස්ථානය ඩබ්ලිව්. ඒ ප්‍රියංකා සුභාෂිණි උභයසිංහ, දෙවන ස්ථානය ඊ. කේ. ටී. ආර්. තිලකසිරි, තෙවන ස්ථානය කේ. පී. නදීශානි පතිරණ යන අයද හිමි කරගත්හ.මීට අමතරව මේ අංශ දෙක සඳහා ඉදිරිපත් කළ නිර්මාණ කිහිපයකට කුසලතා සහතිකද පිරිනමන ලදී..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112915
|
කෝටි තුනක මැණිකක් විකිණූ සැක දෙදෙනෙක් අත්අඩංගුවට
|
ඇලහැර සමූහ - සරත් වෙලගෙදර
|
ලග්ගල, හත්තොටඅමුණ, දාස්ගිරිය ප්‍රදේශයේ මැණික් පතලකින් රුපියල් කෝටි 03ක් පමණ වටිනා මැණික් ගලක් සොරකම් කර රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමේ චෝදනාවක් මත පුද්ගලයන් දෙදෙනකු ලග්ගල පොලිසිය විසින් පෙරේදා සවස අත්අඩංගුවට ගෙන ඇත.දාස්ගිරිය ප්‍රදේශයේ මැණික් පතලක සැකකරුවන් වැඩ කරන අවස්ථාවේ එම මැණික් ගල සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.හත්තොටඅමුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ලග්ගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ළඟ තිබී රුපියල් දෙකෝටි අනූහත්ලක්ෂ දාහතරදහසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි මුදල් සැකකරුවන් විසින් වියදම්කර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.සැකකරුවන් ඊයේ උදේ නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. එම්. පනාගොඩ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112916
|
ගම කෑ ‘බණ්ඩප්පු’ කහ සිවුරක් පොරවා පිණ්ඩපාතෙ යන හැටි නුවර දි දුටුවා
|
- තෙන්නකෝන් කුලසේකර
|
උදයගිරියේ ‘බණ්ඩප්පු’ අම්පාරේ ‘සුමංගල හිමි’ වී හුන්නස්ගිරියේ පිඬු සිඟා යෑමේ අපූරු පුවතක් අම්පාරෙන් වාර්තා වෙයි.අම්පාරේ උහන උදයගිරිය හන්දියේ පදිංචිව සිටි බණ්ඩප්පු වයස අවුරුදු හැට පසුකළ මැරෑටියෙකි. අනුන් සතු ගවයන් සොරකම් කොට මසට විකිණීම, අනුන්ගේ කුඹුරුවල වී අස්වැන්න හොරෙන් කපා ගැනීම හා අනුන්ගේ හේන් තමන්ගේ බව පවසා පිටගම්කාරයන්ට විකිණීම ඔහුගේ ජීවනෝපාය විය.දිනක් අසල ගමක තරුණියකට අයුතු යෝජනාවක් කළ බණ්ඩප්පු ට ඇගේ නෑදෑයන් “හොඳ පාඩමක් උගන්වමු” කියා මග රැක සිටින බව ආරංචි විය. එන පොට හොඳ නැති බව අවබෝධ කරගත් බණ්ඩප්පු අතුරුදන් විය.කාලය කෙමෙන් ගෙවී ගියේය. මාස දෙක තුනකට පසුව, උහන උදයගිරියේ පදිංචිකරුවෙකු වන ගුණපාල නමැත්තෙකු මහනුවර යාමට බසයකට ගොඩවිය. බසය ‘තේ බීම’ සඳහා හුන්නස්ගිරියේ නතර කළ විට තමාට හුරුපුරුදු භික්ෂුන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිනු දැක ගුණපාල විස්මයට පත්විය. වහා එතැනට ගිය ඔහු වැඳ නමස්කාර කොට, “ඔබ වහන්සේ මට හොඳට දැකලා පුරුදුයි. ඒත්....නිච්චියටම මතක නැහැ” යි කියා සිටියේය.“උපාසක මහත්තයෝ මම අම්පාරේ සුමංගල හාමුදුරුවෝ. මෙහේ පන්සලක ඉන්නේ” යැයි පැවසූ එහිමි වහා එතැනින් ඉවත්ව ගියේය.ගුණපාලගේ මතකය අවදි වූයේ එවිටය. “යකෝ මේකා බණ්ඩප්පුවා නෙව” යැයි තමාටම මුමුණා ගත් ඔහු භික්ෂුව පසුපස දිව ගොස්, “අඩා බණ්ඩප්පුවා, තෝ ගම කෑවා මදිවට සාසනෙත් කන්නද හදන්නේ” යැයි අසා සිටියේය.මෙයින් කෝපයට පත්ව ඔහු දෙස රවා බැලූ බණ්ඩප්පු යළිත් ගමේ චණ්ඩි ‘පාට්’ දමන්නට විය.“මේ..ගුණපාල, උඹ ආ අතක් බලාගෙන පලයං. බණ්ඩප්පු කවුද කියලා හොඳට මතක තියා ගනිං!”.
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112917
|
මානව හිමිකම් චෝදනා පිළිකුලෙන් හෙළා දකිනවා
|
සිරිසේන රාජපක්ෂ
|
ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකළැයි කරන චෝදනාව පිළිකුලෙන් හෙළා දකින බව පූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පැවසූහ.ඊයේ (28) කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී බටහිර ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට එල්ල කරන මානව හිමිකම් චෝදනාවට එරෙහිව අන්තර් ආගමික නායකයින් විසින් කරන ලද මාධ්‍ය සාකච්ඡාවේදී නාහිමියෝ එසේ පැවසීය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ කඹුරුගමුවේ වජිර නාහිමියෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ඩේවිඩ් කැමරන් දරන දුර්මතය පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් ත්‍රස්තවාදීන් සමරන්නට ගන්නා උත්සාහය හෙළා දකින අතර චැනල් 4 කණ්ඩායම දේශයට කළ ප්‍රකාශය රටට කළ ද්‍රෝහිකමක් ලෙස සලකන බවත් පැවසීය.ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක පූජ්‍ය ගලගම ධම්මරංසි හිමිපාණන් කථා කරමින් 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුණායින් පසුවත් අප රට යටත්විජිතයක් ලෙස සලකන්නටත් බොහෝ දේ කළා. ඒ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලපෑම් කරන්නටත් ත්‍රස්තවාදය හරහා මිනිස් ඝාතනය කිරීමටත් මාන බැලූ බවත් ඒවායේ නෂ්ඨාවශේෂ තවමත් පවතින බවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව හෙළාදකින බවත් ආගමානුකූලව දෙපයින් නැගී සිටීමට සුදුසු වාතාවරණයක් රට තුළ ඇති කළ යුතු බවත් කීය.හින්දු ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකාරක රාමචන්ද්‍රන් බාබුෂර්මාතුමා කතා කරමින් දීර්ඝ කාලයක් රට තුළ පැවති කුරිරු ත්‍රස්තවාදය පරාජය කර රට තුළ සාමය උදාකිරීම නිසා පොදුරාජ්‍ය මණ්ඩල නායකයින්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකිවූ බවත් ඒ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත්වූ බවත් එහි ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත් අරුනාචලම් චෙල්වනායගම් අමිර්තලිංගම් වැනි උගත් අය ත්‍රස්තවාදය පිළිනොගත් බවත් පැවසීය.කිතුනු ආගමික ජනාධිපති සම්බන්ධීකාරක සරත් හෙට්ටිආරච්චි මහතා කථා කරමින් මෙසේ පැවසීය. විදේශිකයින් මේ රට ජාතියට ආගමට විශාල විනාශයක් කළ බව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඩේවිඩ් කැමරන්ලට මේව පෙනෙන්නෙ නෑ.මානව හිමිකම් ගැන ඒ අයට කියන්න තරම් ප්‍රෞඪ ඉතිහාසයක් අපට තියෙනවා. මේ කථාබහ දෝලනය වන්නේ රටට ආදරය කරන සුළු කොටසක් හා රටට වින කරන කොටසක් අතරයි කැමරන්ගේ උත්සාහයන් සපල කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකාරක ආචාර්ය හසන් මවුලානා මහතා කථා කරමින් මෙසේ පැවසීය. යුද්ධයක ඇති දුර්විපාක දන්න නිසා සියලු ආගමික නායකයින් එක්ක සම්බන්ධ වී යුද්ධය නතර කරන්න කියලා එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් ඉල්ලා සිටියත් ඒ ඉල්ලීම් ගණනකට ගත්තෙ නෑ. යුද්ධය නැති කිරීම සඳහා ඇප කැපවූ රණවිරුවන් අප ආරක්ෂා කළ යුතුයි. යුද්ධය නැති කිරීම මානව හිමිකම් කඩ කිරීමක් වන්නේ කෙසේද? යුද්ධය නැති කිරීම නිසා පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීම තියන්න හැකි වුණා. ඒ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගරු කළ යුතුයි.කුරුණෑගල ලංකා සභාවේ අති උතුම් ශාන්ත ප්‍රැන්සිස් රදගුරුතුමා කථා කරමින් මෙසේ පැවසීය. අනවබෝධය නිසා බටහිර සමහර රටවල අප රට ගැන ඇති හැඟීම නිසා ත්‍රස්තවාදය ජාතිවාදය ඇතිවී තිබෙනවා. ආගමික නායකයින් හැටියට අනවබෝධය නැති කරන්න අප උත්සාහ කළ යුතුයි. සාමයෙන් සපිරි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණයි. එයට අපගේ සහයෝගය ලබාදිය යුතුයි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112920
|
ගම්පහ නගර සභාවේ අය-වැය සම්මතයි
|
ගම්පහ සංචාරකගම්පහ මධ්‍යම සමූහ
|
ගම්පහ මහනගර සභාවේ 2014 වසර සඳහා නගරාධිපති එරංග සේනානායක මහතා විසින් 2014 වසර සඳහා ඊයේ (28) ඉදිරිපත් කරණ ලද අයවැය ලේඛනය ඒකඡන්දයෙන් සම්මත විය.එහිදී විශේෂත්වයක් වූයේ එජාප නාගරික මන්ත්‍රී සුසන්ත ගුරුගේ මහතා විසින් ප්‍රකාශයක් කරමින් මෙම සභාවේ විපක්ෂ නායක කෙනෙකු නැති බවත්, විපක්ෂයේ සංවිධායකවරයා ලෙස තමා කටයුතු කරන බවත්, මෙම අයවැයට තමාගේ පූර්ණ සහාය ලබාදෙන බවත් පැවසීය.නාගරික මන්ත්‍රී (එජනිස) මංජුශ්‍රී කුලරත්න මහතා කතා කරමින් ගම්පහ මහනගර සභාවේ සියලුම මන්ත්‍රීවරුන් සමඟිව කටයුතු කිරීම ලංකාවේ සෑම පළාත්පාලන ආයතනයකටම ආදර්ශයක් බව පැවසීය.ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා (එජනිස) විසින් ඉදිරිපත්කළ අයවැය යෝජනාව රවී ජයවර්ධන (එජනිස) මහතා යෝජනාකළ අතර නාගරික මන්ත්‍රී ප්‍රේමසිරි කාරියවසම් (එජනිස) මහතා විසින් ස්ථිර කරන ලදී. නගරාධිපති එරංග සේනානායක මහතා කතා කරමින් තමා කෙරේ විශ්වාසය තබා කටයුතු කළ හා සමඟිව එක්ව සිටි සියලු මන්ත්‍රීවරුන්ටද නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයටද ප්‍රණාමය පුදනලදී. ලංකාවේ ආදර්ශවත් නගර සභාවක් බවට පත් කිරීමට කැපවෙමු යැයිද කීය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112921
|
ගියවර සරත් ෆොන්සේකා බිල්ලට දුන් රනිල් මෙවර කරූ ජයසූරිය බිල්ලට දීමට සැරසෙනවා
|
චන්දිමා එදිරිමාන්න
|
මීළග ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එන්නේ රෙද්ද බැනියම අඳින දේශබන්ධු කරූ ජයසුරිය මහතා බවත්, ගියවර සරත් ෆොන්සේකා මහත්මා බිල්ලට දුන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා මෙවර දේශබන්දු කරූ ජයසූරිය මහතාව බිල්ලට දීමට සැරසෙන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.මේ වන විට පරාජයට අයිතිකාරයෙක් සොයමින් පරාජයන් විසි තිස් ගාණක් ලබාගෙන සිටින රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා ඉදිරි ජනාධිපතිවරණ පරාජයේ වගකීම තමා ලබා නොගෙන ඒකට අයිතිකාරයෙක් සොයමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.ඇමතිවරයා මේ අදහස් පළ කළේ 2013 නගමු පුරවර වැඩසටහන යටතේමොරටුව, එගොඩඋයන ධීවරපුර මහල් නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙ වෙමිණි. මෙම උත්සවය මොරටුව, එගොඩ උයන ධීවරපුර මහල් නිවාස ව්‍යාපෘතියේදී පැවැත්විණ.මහල් 4 බැඟින් වූ ගොඩනැගිලි 4 කින් සමන්විත මෙම නිවාස ව්‍යාපෘතියේ සමස්ථ නිවාස ගණන 64 කි. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 18 ක පමණ මුදලක් වැයවේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ. මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබන්නේ වසර 12 කට පසුව වීම විශේෂත්වයකි.විමල් වීරවංශ ඇමතිවරයා මෙසේද කීයවිරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පාර අයවැය කතාව අහන්න පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ.විරුද්ධ පක්ෂය අද හිටියත් නැහැ වගේ. මොනවද අද විරුද්ධ පක්ෂයේ තියෙන ප්‍රවෘත්ති. එයාලා පක්ෂය ඇතුළේ කවුරුහරි බැණගන්න, මරාගන්න දෙයක් ඇරෙන්න වෙන ප්‍රවෘත්තියක් නැහැ.කරූ ජයසූරිය මහත්තයව මොකක්ද මණ්ඩලයක සභාපති කරලා ඊළග ජනාධිපතිවරණයේදී රෙද්ද, බැනියම අඳින කරූ ජයසූරිය මහත්මාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉස්සරහට දාන්න බලනවා. එහෙම දාලා පරාජයේ වගකීම කරූ ජයසූරිය මහත්මයගෙ පිටට දාලා ගැලවෙන්න මාර්ගය රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් හදාගෙන තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්නේ නැහැ. ඊළග ජනාධිපතිවරණයට. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ නායකකම එතුමා වෙන කාටවත් දෙන්නේ නැහැ.කරූ ජයසූරිය මහත්තයට වැඩිය දුරපේන්නේ නැහැ. එතුමා ආණ්ඩුවට ආවෙත් වැඩිය දුර බලලා නෙවෙයි. එතුමා ආණ්ඩුවෙන් ගියෙත් දුර බලලා නෙවෙයි.උතුරේ ටී.එන්.ඒ. එකත් බලාගෙන ඉන්නේ ඒවගේ බල පෙරළියක් ඇති වෙනකන්. මොකද එහෙම ආණ්ඩුවක් ආවොත් ඒ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ප්‍රාණ ඇපයට අරගෙන ඒ ආණ්ඩුව නටවලා ගන්න තියෙන සියළු දේ ගන්න තමයි ටී. එන්. ඒ. එක බලාගෙන ඉන්නේ. හමුදාව උතුරෙන් එළියට දාන්න, පොලිස් බලතල උතුරට ගන්න වගේ අරමුණු ගොඩක් ඒ අයගේ ඔළුවල තියෙනවා. ඒ නිසා ඔවුනුත් බලාගෙන ඉන්නේ කොයිවෙලේද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එළියට වැටෙන්නේ කියලා. ඒ නිසා ඔවුනුත් කරූ ජයසූරිය මහත්මයට උදව් නොකර ඉන්න එකක් නැහැ. මේ සියළුදෙනා එකතු වුණත් ඔවුන්ට ජයග්‍රහණය නම් කරන්න බැරි වෙනවා. එහෙම බැරි වුණාම ඒ පරාජයේ කරුමය කරූ ජයසූරිය මහත්තයාගේ කරට වැටෙනවා.එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අන්න බලන්න දැන් මගේ ප්‍රශ්නයක් නෙවෙයි නේද තිබුණේ කියලා. පරදිනකොට බොහෝ දෙනෙක් කිව්වේ පරදින්නේ මගේ ප්‍රශ්නයක් නිසා කියලා. බලන්න ෆෙන්සේකා ඉල්ලුවා එයත් පැරදුණා. කරූ ඉල්ලුවා එයත් පැරදුණා. එහෙම බලාගෙන යනකොට ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. අන්න එහෙම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ කියන්නේ.දැන් එක්සත් ජාතික පාක්ෂිකයින් එරමිණිය ගොතාගෙන බලාගෙන ඉන්නවා කරූ ජයසූරිය නායකත්ව මණ්ඩල සභාපතිතුමා ඇවිල්ලා මේ නින්දා සහගත පරාජයේ ඉරණමෙන් ගොඩ ඒමේ මාර්ගය පාදයි කියලා. ජාතික නිවාස සංවර්ධන අධිකාරි ඉතිහාසයේ එක් ව්‍යාපෘතියකට අයවැයකින් ලබාදුන් වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා.මීට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අවුරුද්දකට ප්‍රතිසංස්කරණ කටයුතු වලට දීලා තිබුණේ රුපියල් මිලියන 1000 ක් පමණ මුදලක්. ඒ මුදල දෙගුණයක් දක්වා එනම් රුපියල් මිලියන 2000 ක් දක්වා මෙවර අයවැය යෝජනා වලින් වැඩිකළා. ඒ සල්ලි ටික කාටද? මේ වගේ අබල දුබල වෙච්ච නිවාස යෝජනා ක්‍රම හදලා දෙනකොට ඒ මුදලේ ප්‍රතිලාභ යන්නේ මේ රටේ මහජනයාටයි.ලුණාවේ නිවාස තුන්සිය ගණනක් හා අඟුලානේ නිවාස පන්සිය ගණනක් ඒ අනුව ඉදිවෙනවා. ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2015 වර්ෂය අවසන් වන විට පවුල් 20,000 ක් කොළඹ නගරය තුළ මහල් නිවාස යෝජනා ක්‍රම වල පදිංචි කරවීමට කටයුතු සම්පාදනය කරමින් සිටිනවා.කොළඹ ඉන්න පවුල් 20,000 කට ගෙවල් 20,000 ක් දෙනවා කියලා කියන්නේ දේශපාලන භේද බලල නෙමෙයි. කොළඹ නගරය තුළ 60,000 ක් ඉන්නවා පැල්පත්වල. ඒකෙන් 20,000 ක් 2015 වෙනකොට මහල් නිවාස යෝජනා ක්‍රම වලට ගේනවා..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112922
|
මැතිවරණවල දී ජවිපෙ නායකයන් ව්‍යාජ නම් සහිත නාමයෝජනා ඉදිරිපත් කරනවා
|
අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සංචාරක
|
ජවිපෙ නායකයන් සෑම මැතිවරණයකදීම මැතිවරණ කොමසාරිස්වරයා ද නොමග යවමින් ව්‍යාජ නම් සහිත නාමයෝජනා පත්‍ර බාර දෙන බව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ ජ.වි.පෙ. මන්ත්‍රී සුනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අද ජවිපෙ රෝහණ විජේවීර ප්‍රතිපත්ති පාවා දෙමින් ලිබරල්වාදී ක්‍රමයක් වෙත ඇදගෙන යෑමට සෝමවංශ, ටිල්වින් ක්‍රියාකරන බවද ඒ මහතා කීය.උඩුනුවර ප්‍රාදේශීය සභා රැස්වීමේදී සුනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) මේ බව පැවසීය.සභාපති බන්දුල සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.විජිත හේරත්ට, අනුර කුමාර දිසානායකට අද වාහනයක් නොමැතිව මළ ගෙදරකටවත් යාමට නොහැකි බවත් විජේවීර සහෝදරයා ජ.වි.පෙ. බිහිකළේ මෙවැන්නක් සඳහා නොවන බවත් හෙතෙම කීවේය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112923
|
ස්ව උත්සාහයෙන් උගතකු වූ තිස්ස අබේසේකර විවිධ නිර්මාණ ඔස්සේ රටටත් දැනුම බෙදා දුන්නා
|
මහින්ද අලුත්ගෙදර
|
උගත්කම ස්ව උත්සාහයෙන්ම ලබාගත් ආචාර්ය තිස්ස අබේසේකරයන් මේ රටේ පහළ වූ ආදර්ශමත් උගතකු බව ප්‍රවීණ නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, සාහිත්‍ය නිර්මාණවේදියකු, පරිවර්තකයකු, විචාරකයකු, චිත්‍රපට හා ටෙලිනාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා පවසයි.තිස්ස අබේසේකරයන් පිරුණු මනසක් ඇති පරිණත පුද්ගලයකු බවත් ඔහු තම දැනුම සහ අත්දැකීම් මත නිර්මාණ සිදු කර තිබෙන බැවින් ඒ සඳහා කිසිවකුගෙන් චෝදනා එල්ල වී නොමැති බවත් සිහිපත් කළේය.ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා(27) පැවැති "සමීප රූප" තිස්ස අබේසේකර අභිනන්දන උළෙලේ ගුණසැමරුම් දේශනය පවත්වමිනි.මෙරට බිහිවූ විශිෂ්ටතම සිනමාවේදියකු, ටෙලි නාට්‍ය නිර්මාණවේදියෙකු, ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු, රංගධරයෙකු සහ විචාරකයකු වශයෙන් ආචාර්ය තිස්ස අබේසේකර මහතා කළ සේවාව අගයමින් මේ අභිනන්දන උළෙල පැවැති අතර ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය විසින් එය සංවිධාන කෙරිණි.ක්ෂේත්‍රයට අදාළ විෂය සම්බන්ධ ගුරුවරයකු හා ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ආයතන කිහිපයකම සභාපති/අධ්‍යක්ෂ වැනි තනතුරු හොබවමින් ආයතන පරිපාලකයකු ලෙස ද ක්‍රියා කළ දිවංගත ආචාර්ය තිස්ස අබේසේකර මහතා, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ආරම්භක සභාපතිවරයා වන අතර එම සංසදයට වසර 20 ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් සැමරුම ද මීට සමගාමීව පැවැත්විණි.එහිදී සෝමවීර සේනානායක මහතා වැඩිදුරටත් මෙසේද කීය.ආචාර්ය තිස්ස අබේසේකර මහතා විවිධ ක්ෂේත්‍රවල මහා වෘක්ෂයක් වශයෙන් හැඳින් විය හැකි යි. වෙනත් වෘක්ෂ සමඟ සංසන්දනය කරන්නත් බැහැ. එය විවිධ මල් වගේම විවිධ ඵල හටගන්නා වෘක්ෂයක්. මේ අසාමාන්‍ය මිනිසා ගැන කතා කිරීමේදී බොහෝ දේ කතා කරන්න පුළුවන්. ලේඛනයේදී අංශ දෙකක සිට කටයුතු කර තිබෙනවා. විද්‍යුත් මාධ්‍යයේදී මෙන්ම මුද්‍රිත මාධ්‍යයේදී මෙය භාවිතා කළ බව සඳහන් කරන්න පුළුවන්.තිර රචනයේදී කිසියම් චිත්‍රයක් හෝ රූප රාමුවක් සම්බන්ධයෙන් මුලින්ම දකින්නේ තිර රචකයාගේ මනසයි. ආචාර්ය තිස්ස අබේසේකර මහතා තුළ මේ කලා ගුණාංග පිහිටීම හේතුවෙන් සුවිශේෂී කලාකරුවෙක් වෙනවා. ඒ වගේම ඒ මහතා ශ්‍රී ලංකාවේ හොඳ තිර රචකයෙක්. ඒ නිසා සිනමා 23ක් වෙනුවෙන් තිර රචනාකර තිබෙනවා. ඊට අමතරව ඒකාංගික ටෙලිනාට්‍ය රචනා කර තිබෙනවා.ලෝකයේ ලේඛකයන්ට වඩා ඉතාම දුර්ලභ වන්නේ තිර රචකයන් වීමයි. මේ රචනා කලාවට තාක්ෂණ ඥාණය අවශ්‍ය වෙනවා. කැමරාව වෙනුවෙන් තිර රචකයා ලියනවා. එය ආචාර්ය තිස්ස අබේසේකර මහතා මැනවින් හඳුනාගෙන සිටියා. ඇත්තටම එය දුර්ලභ අවස්ථාවක් වෙනවා. ඒ මහතා මුද්‍රිත මාධ්‍යය සම්බන්ධයෙන් ද දක්ෂතා දැක්වුවා. ඔහු සිංහල ග්‍රන්ථ 10ක් සහ ඉංග්‍රීසි ග්‍රන්ථ 3ක් රචනා කර තිබෙනවා. ඊට අමතරව සිනමාව සම්බන්ධයෙන් ද පොත් ලියා තිබෙනවා.මේ හේතුවෙන් ඔහු විවිධ විෂයයන් සම්බන්ධයෙන් පරිණත දැනුමක් සහිත පුද්ගලයෙක් වෙනවා. පිරුණු මනසක් ඇති පරිණත පුද්ගලයෙක්. සිංහල, ඉංග්‍රීසි භාෂා ද්විත්වයම ලේඛන කලාවට යොදා ගත්තා. ලෝකයේ සිටින ඉංග්‍රීසි ලේඛකයන් ද ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ලේඛන කලාව අගය කර තිබෙනවා.විවිධ විෂයන් සම්බන්ධයෙන් පොතපත ලියා තිබෙනවා. ඊට අමතරව චිත්‍රපට, ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කර තිබෙනවා. චිත්‍රපට තුනක් පමණක් අධ්‍යක්ෂණය කොට මහා සිනමාකරුවෙක් වුණා. කරුමක්කාරයෝ, මහගෙදර, විරාගය චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙනවා. තිස්ස අබේසේකර ලෝක සිනමාව සම්බන්ධයෙන් දැන සිටියා. ඔහු සිනමාව ගැන දන්නවා. ඒවා ලෝක සිනමාවෙන් අනුකරණය කළේ නැහැ.තම අනන්‍යතාව රැක ගත්තා සේම දේශීයත්වය ද හොඳින් රැක ගත්තා. ඇතැම් චිත්‍රපට නරඹන විට ඒවා ලෝකයේ වෙනත් රටවලින් අනුකරණය කළ ඒවා බව පේනවා. නමුත් තිස්ස අබේසේකරයන්ගේ චිත්‍රපට වෙනුවෙන් කිසිවෙකුගෙන් චෝදනා එල්ල වූයේ නැහැ. ඒ නිසා ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් වෙනවා. ධර්මපාල විද්‍යාලයෙන් උසස් පෙළ විභාගය දෙවරක් අසමත් වුවත් ගෞරව ආචාර්ය උපාධියක් ලබාගන්නට සමත් වුණා.එය මුදලට ලබාගැනීමක් නොව සුදුසුකමට, උගත්කමට ලබා දුන් උපාධියක්. උත්සාහයෙන් පරිණත පුද්ගලයෙක් බවට පත්ව ඒ දැනුම ජනමාධ්‍යය රටටම බෙදා දෙන්නට කටයුතු කළා. මේ නිසාම ඒ මහතා අසාමාන්‍ය උගතෙක් වෙනවා."සමීප රූප" තිස්ස අබේසේකර අභිනන්දන උළෙලට වැඩසටහන් රැසක් එක්කර තිබූ අතර තිස්ස අබේසේකර පිළිබඳ දුර්ලභ ඡායාරූප ඇතුළත් කොට මාධ්‍යවේදී අජිත් ගලප්පත්ති මහතා විසින් රචිත “තිස්ස....තිස්ස” ග්‍රන්ථය සහ දේශීය විද්වතුන්ගේ ලිපි එකතුවක් වන“නික්ම නොගිය අප්‍රමාණ මිනිසා” ලිපි සරණිය එළි දැක්වීම ද ඒ අතර වෙයි. තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණ ජීවිතය හා නිර්මාණ පිළිබඳව දේශීය විද්වතුන් රාශියක් රචනා කරන ලද ශාස්ත්‍රීය ලිපි ඇතුළත් මෙය රෝහණ දන්දෙනිය විසින් සංස්කරණය කර ඇත.ඊට අමතරව සෝමවීර සේනානායකයන් විසින් තිර රචනය කළ සුදත් රෝහණ නිර්මාණය කළ තිස්ස ලකුණ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය, තිස්ස අබේසේකර කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කිරීම සහ තිස්ස අබේසේකරයන්ගේ සේවය අගයන සමරු දේශනය පැවැත්වීම මෙන්ම තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණ මගින් එළිදැක්වූ ගීත ඇතුළත් ප්‍රාසාංගික වැඩසටහනක් ඉදිරිපත් කිරීම ද ඊට අයත් විය.මේ අතර ආචාර්ය තිස්ස අබේසේකර මහතා වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද ටෙලි නිර්මාණවේදීන්ගේ සංසඳය සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් කැබැල්ලක හිමිකම ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිණි.සංස්කෘතික කටයුතු ඇමැති ටී.බී ඒකනායක, ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීනී මාලනී ෆොන්සේකා, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපති සුරේෂ් අබේසේකර මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112924
|
රෑ කෑමට දුන් සෝයා මීට්වල තිත්ත රසයක් දැනුණා
|
මහියංගන මාපාකඩවැව සමුහ එච්.එම්.ආර්. කරුණාවීර
|
රංදෙනිගල ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ ආහාර විස වීමෙන් අසූ එක් දෙනකු මහියංගන මුලික රෝහලට පෙරේදා ( 27) ඇතුළත් කර තිබේ.රංදෙනිගල ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ ඉකුත්දා (26) රාත්‍රි ලබා දුන් ආහාර වේල විස වී ශිෂ්‍ය භට පුහුණුව සඳහා පැමිණි පාසල් ළමයි 56ක් හා පුහුණු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ 25ක් ඇතුළු 81ක් මෙලෙස මහියංගණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.රාත්‍රී ආහාර වේලෙහි අඩංගු සෝයා මීට් මෙලෙස විස වී ඇති බවට අනුමාන කරන අතර රෝගාතුර වු ළමයි එම ආහාර තිත්ත රසයකින් වු බවට අදාළ අංශ වෙත දැනුම් දුන් බවත් පැවසේ.කෑම පිළියෙළ කරන ස්ථානයේ අපිරිසිදු බව හා කෑම පිළියෙළ කරන කාර්ය මණ්ඩලයේ ඇඳුමේ අපිරිසිදුකම දකින කිසිවකුත් එහි ආහාර ගැනීමට ප්‍රියක් ඇති නොවන බවත් භෝජනාගාරය මැස්සන්ගෙන් පිරී සිටින බවත් රෝගී වූ දරුවෝ කියති. ඉතා අපිරිසිදු තත්ත්වයේ පවතින කුස්සියයේ තවත් අඩුපාඩු බොහොමයක් ඇති බවත් කියති..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=n13112925
|
සෝම හිමිගේ 10 වැනි ගුණ සැමරුම දෙසැ. 8දා මහරගමදී
|
උදුලා පීරිස්
|
ගංගොඩවිල සෝම හිමිගේ 10 වැනි ගුණ සැමරුම් වැඩසටහන දෙසැම්බර් මස 8දා සවස 3.00ට මහරගම, වත්තෙගෙදර ඉසිපතනාරාම විහාරයේදී පැවැත්වේ."සදාචාර ජාතියක සෞභාග්‍ය උදාකරයි" යන තේමාව යටතේ මෙදින සෝම හිමි ගුණ සමරු පෙරහර, ගුණසමරු ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය එළිදැක්වීම, දහම් පාසල් ගුරුභවතුන්ට සහතික පත්‍ර ප්‍රදානය සහ ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෝම හිමි ගුණ සැමරුම් දෙසුම ද පැවැත් වේ.මෙම සැමරුම සෝම හිමි ගුණ සමරු පදනම හා ජාතික හෙළ උරුමය සංවිධානය සංවිධාන කරයි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r1311291
|
ජල ජීවීවගා සංවර්ධන අධිකාරියෙන් දීප ව්‍යාප්තව මිරිදිය මත්ස්‍ය විද්‍යාගාර
|
එච්.එල්. සුනිල් ශාන්ත කළුතර මධ්‍යම විශේෂ
|
ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුක්ත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සඳහා දිවයින පුරා, විද්‍යාගාර පිහිටුවීමට, ශ්‍රී ලංකා ජාතික ජලජීව හා වගා සංවර්ධන අධිකාරිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන ප්‍රවෘත්ති නිලධාරී ඩබ්ලිව්. එම්. ශාන්තප්‍රිය මහතා ‘දිනමිණ’ට පැවැසීය.මේ යටතේ ස්ථාපනය කරන ලද ප්‍රථම විද්‍යාගාරය කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටුවා ඇති අතර අනෙක් විද්‍යාගාරය ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටුවීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.මිරිදිය මත්ස්‍යන් සඳහා වැළඳෙන විවිධ රෝගාබාධ හේතුවෙන් මත්ස්‍ය නිෂ්පාදනය පහළ බැසීමක් සිදුවේ. මත්ස්‍ය පර්යේෂණ විද්‍යාගාර නොතිබීම නිසා දේශීය හා විදේශීය වෙළෙඳපොළට ඉහළ ප්‍රමිතියෙන් යුක්ත වූ මිරිදිය මාළු සැපයීම අද ප්‍රබල ගැටලුක් වී ඇත.මත්ස්‍යයනට වැළඳෙන විවිධ ලෙඩ රෝග පාලනය කර ගැනීම මෙම විද්‍යාගාර මඟින් බලාපොරොත්තු වේ.මේ සඳහා අවශ්‍ය කරන ඖෂධ විද්‍යාත්මක උපකරණ, ශ්‍රී ලංකා ජලජීවී සංවර්ධන අධිකාරිය මඟින් සපයනු ලබන අතර, ඊට අවශ්‍ය සේවකයන් හා පුහුණු කිරීම්ද අධිකාරිය මඟින් සපයනු ලැබේ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r1311292
|
කොළොන්නාවේ ඇළ මාර්ග සංවර්ධනය කරයි
|
මැදකොළඹ සමූහවයිමන් හෙට්ටිආරච්චි
|
ඉදිරියේ ඇතිවිය හැකි ගංවතුර වැනි ආපදාවනට මුහුණදීම සඳහා කොළොන්නාවේ ඇළ මාර්ග 12ක් සංවර්ධනය කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයත් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවත් දැන් සිටම සූදානම් වෙයි.මෙම ආයතන දෙක එකතු වී අවුරුදු 9ක් තිස්සේ (2004 වර්ෂයේ සිට) ප්‍රදේශයේ ඇළ මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු කරගෙන යන අතර එහිදී ලද අත්දැකීම් අනුව මෙම සූදානමේ යෙදෙන බව ඒවායේ නිලධාරිහු පවසති.මෙම කටයුතු සඳහා මැෂින් 40ක් මේ වනවිට ලැබී ඇති අතර තවත් මැෂින් 40ක් ලැබීමට නියමිත බවද පවසන ඔවුහු අවහිර වී ඇති ඇළ මාර්ග මෙම මාසය (නොවැම්බර්) වන විට සකස් කරන බවද දන්වා සිටිති.සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති ඇළ මාර්ග අතර මේවාද වෙයි.කිත්තම්පහුව කළුපාලම අසල ඇළ ඛනිජ තෙල් සංස්ථාව සිට වෙලේවත්ත වැල්ලම්පිටිය, පාලම පෙදෙස වැලිවල, තලතෙල් බෝක්කුව සහ කැලණිමුල්ල වැල්ලම්පිටිය කිත්තම්පහුව ඇළ මාර්ග ප්‍රශ්නය පිළිබඳව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමුකර ඇති බව කියන මෙම නිලධාරිහු වෙලේවත්ත අවහිර වූ ස්ථානය අසල පාර කැඩෙන අතර බර්න්ස් ඇළ පිරිසුදු කිරීමට කටයුතු කර ඇති බවද සඳහන් කරති.හේනවත්ත පන්සල් බැම්ම කැඩී ඇති අතර ඒ පිළිබඳව කොළොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ විශේෂ අවධානයට යොමුකර ඇති බවද දන්වා සිටිති..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r1311293
|
මාබෝදලට අක්කර 30ක දූරියන් ගම්මානයක්
|
ගම්පහ සංචාරක - නිමල් ජයසිංහ
|
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාබෝදල ප්‍රදේශයේ අක්කර 30ක දූරියන් ගම්මානයක් ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ආරම්භ කර ඇත.කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලතුරු ගම්මාන පිහිටුවීමේ දීපව්‍යාප්ත වැඩ සටහන යටතේ මේ වැඩ සටහන ආරම්භකර ඇති බව ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ නෙල්සන් ද සිල්වා මහතා පවසයි.‘මහින්ද චින්තන’ ඉදිරි දැක්ම අනුව යමින් රට තුළ කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීමේ අදහසින් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක වේ.මාබෝදල දූරියන් ගම්මාන ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ගම්පහ දිසාපති ජේ. ජේ. රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය. එහිදී තෝරාගත් ගොවීන් 30 දෙනකු පුහුණුකර ඔවුන් වෙත දූරියන් පැළ 150ක් ලබා දෙන ලදී. ඉන් අනතුරුව එහි දෙවැනි අදියර ඉකුත් 22 දින තවත් දූරියන් පැළ 450ක් එම ගොවීන් අතරේම බෙදා දීම සිදුවිය. මේ අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණික) ඇතුළු උසස් නිලධාරීහු ද සහභාගි වූහ.ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුත් මේ දූරියන් පැළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ තවාන්වල බද්ධකොට නිපදවන ඒවා වේ. මේ විවිධ වර්ගයේ පලතුරු පැළ පලතුරු ගම්මාන පිහිටුවීමේ වැඩ සටහන යටතේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව වෙත බෙදා හැරීම සිදු කෙරේ.දූරියන් ඉහළ ඉල්ලුමක් ඇති පලතුරක් නිසා දැනට දේශීය වෙළෙඳ පොළට පවා ප්‍රමාණවත් දූරියන් ප්‍රමාණයක් නොලැබේ. මේ නිසාම දූරියන් මිලද රුපියල් 300 – 400 පමණ වේ.දූරියන් සඳහා ඇති දේශීය වෙළෙඳපොළ මෙන්ම, අපනයන වෙළෙඳපොළද ඉලක්ක කර ගනිමින් මේ වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.මේ බෙදා දෙනු ලබන බද්ධ දූරියන්වල විශේෂත්වය වන්නේ, අඩු කාලයක් තුළ වැඩි ඵලදාවක් ලබාගත හැකි වීමයි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r1311294
|
දොඩන්ගොඩ ගොවියෝ තැටි අැතුළේ වගා කරන
|
නාගොඩ විශේෂ - එන්. විජේරත්න
|
ගොවි ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබෙන වී වගා ක්‍රමයක් වන පැරිෂුට් ක්‍රමයට වී වගා කිරීමේ ආදර්ශන කීපයක් මෙවර මහ කන්නයේදී දොඩන්ගොඩ ගොවි ජනසේවා බල ප්‍රදේශය තුළ ඇතිකිරීමට පියවර ගෙන තිබේ.බ. පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ මෙහෙය වීම මත දොඩන්ගොඩ කෘෂිකර්ම උපදේශක ගයාන් සංජීව මහතාගේත්, දොඩන්ගොඩ ගොවිජන සංවර්ධන නිලධාරිනි එම්. ඩී. ඩී. ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම ඒ සඳහා ලැබී ඇත.මේ පැරිෂුට් ක්‍රමයේ වී වගා ආදර්ශන ඇති කිරීමේදී කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, ගොවි සංවිධාන හා ගොවීන් සිය දායකත්වය ලබා දී තිබේ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r1311295
|
පින්නවල ‘නෝනී’ බේරා ගන්න පශු වෛද්‍යවරු දැඩි සටනක
|
රඹුක්කන උතුර සමූහ විපුල එස් කුමාරතුංග
|
පින්නවල අලි අනාථාගාරයේ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන නෝනී ඇතින්නගේ ජීවිතය බේරාගැනීමට එහි පශු වෛද්‍ය කණ්ඩායම දැඩි වෙහෙසක් දරති.දැනට වසර හයකට ආසන්න කාලයක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින නෝනී ඇතින්නගේ පාද හතරටම ආතරයිටිස් (හන්දිපත් රෝගය) රෝගය වැළඳී ඇති බව එහි පශු වෛද්‍ය නිලධාරී චන්දන රාජපක්ෂ මහතා පැවසීය.වෛද්‍ය රාජපක්ෂ මහතා පවසන ආකාරයට නෝනී ඇතින්න අලි නිවහනේ අනිකුත් අලි ඇතුන් සමඟ රංචුවේ සිටියද වරින්වර මෙම රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලැබූ බවත් ඒ හැම අවස්ථාවකදීම පාහේ නෝනී ඇතින්න සුව අතට පත්ව නැවත රංචුවත් සමඟ එකතුවී සිටියද මෙවර රෝගය උත්සන්න වීමත් සමඟ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතව සිටින බවත් ඇතින්නගේ ජීවිතය බේරා ගැනීමට දැඩි වෙහෙසක් දරන බවත්ය.නෝනී ඇතින්න මේ වනවිට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා දැව කණු ආධාරක මත පාදවලට බර නොවැටෙනසේ චේන් බොලොක්ක ආධාරකයක් උපයෝගී කරගෙන ඔසවා තබා සිටිනු දක්නට ලැබුණි.රුපියල් 1500ක් වටිනා විශේෂ බෙහෙතක් නෝනීට ලබා දීමට සිදුව තිබෙනවා. එම බෙහෙත් දහයක් දිනකට දෙන බවත් පැවසූ රාජපක්ෂ මහතා, ඇතින්න සුළු වශයෙන් ආහාර ගන්නා බවද අප සමඟ පැවසීය.අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රේණුකා බණ්ඩාර මහතා ඇතුළු සියලු නිලධාරීන් මේ සඳහා සහයෝගය ලබා දෙන බවද පැවසීය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r1311296
|
මිරිදිය මාළු අස්වැන්නත් මෙදා පොටේ සරුයි පුතේ
|
වයඹ පළාත් සංචාරක - සේන ඉදිරිසිංහ
|
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් 855.608 ක් වන බව ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසයි.විශාල පරිමාණ ජලාශ, මධ්‍ය පරිමාණ ජලාශ, සුළු පරිමාණ ජලාශ, කාලීන ජලාශ හා වෙනත් ජලාශවල මේ මිරිදිය මසුන් යොදා ඇත.මත්ස්‍ය නිෂ්පාදනයේ වාර්ෂික ඉලක්කය මෙට්‍රික් ටොන් 5000 කි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r1311297
|
පුස් පාන් කුඩු හැදූ කඩකාරයාට බඩේ බඩු
|
මීගොඩ සමූහ-ඩබ්ලිව්.ඩී.ජයතිස්ස
|
ශරීර සෞඛ්‍යයට අහිතකර පාන් කුඩු නිෂ්පාදනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් හෝමාගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා රුපියල් හය දහසක දඩ මුදලක් නියම කළේ ය.මෙසේ දඩ නියම වූයේ හෝමාගම දැඩිගමුව ජය මාවතේ පදිංචිකරුවකුට ය.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පුස් කෑ පාන් ගෝනි දොළහක් ද බිස්කටි ගෝනියක් ද පාන් කුඩු නිෂ්පාදනයට සූදානම් ව තිබූ බව ආටිගල මහජන සෞඛ්‍ය පරීක්ෂක උදිත නලීන් රණසිංහ මහතා පැවැසීය.මේ වැටලීමට හෝමාගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩග්ලස් මහතා ද එක් විය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r1311298
|
රඹෑව තඹලගොල්ලෑව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට
|
අමිල ප්‍රභාත් වනසිංහ
|
රජරට ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන වකුගඩු රෝගයෙන් ආරක්ෂාවීම සඳහා රඹෑව තඹලගොල්ලෑව ප්‍රදේශයේ ජනතාවට රුපියල් ලක්ෂ 55ක වියදමින් ඉදිකළ නව පානීය ජල ව්‍යාපෘතිය ජනපති පදවි ප්‍රාප්තියට සමගාමීව ජනතා අයිතියට පත් කෙරේ.මහින්ද චින්තන ඉදිරිදැක්ම අනුව සැමට පානීය ජලය ලබාදීමේ වැඩසටහන යටතේ ඉදිකළ මේ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද සහ ජල සම්පාදන හා ජලාප්‍රවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.සෞඛ්‍ය අංශ මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා කළ සමීක්ෂණයට අනුව වකුගඩු රෝගීන් වැඩි පිරිසක් සිටින ප්‍රදේශයක් ලෙස මේ ප්‍රදේශය හඳුනාගෙන ඇති අතර මෙහි ජීවත්වන ගම්වාසීන්ගෙන් 5%ක් පමණ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගයට ගොදුරු වි ඇති බවද අනාවරණය විය.පානය කිරීම සහ ආහාර පිසීම සඳහා පමණක් භාවිතා කිරීමට අවශ්‍ය ජලය, නවීන තාක්ෂණික උපකරණ මගින් පවිත්‍රකර ජනතාවට ලබාදීම අරමුණු කරගෙන නව පවිත්‍රාගාරය ඉදිකර ඇත. මේ මඟින් ප්‍රදේශයේ පවුල් 1200කට පමණ සෙත සැලෙසයි. මීට අමතරව සුදුසු ජල මූලාශ්‍ර නොමැති ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයීමටත්, වැසි ජල ටැංකි මගින් ජලය ලබා ගැනීමටත් අවශ්‍ය පහසුකම් සපයා ඇත.ජල සම්පාදන හා ජලාපවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා -වර්තමානයේ රජරට ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක්ව පවතින වකුගඩු රෝගයට පිළියමක් ලෙස ඉදිකළ මේ ජල ව්‍යාපෘතිය මඟින් රෝගයට ගොදුරුවීමේ අවදානමෙන් මිදියහැකියි. මේ නිසා පිරිසිදු පානීය ජලය සොයා දුරබැහැර යෑමට වැයවෙන මුදල් හා කාලයද ඉතිරි වෙනවා.එසේම මේ හරහා නවීන තාක්ෂණය ගමට ලැබීමත්, පවතින පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලෙස ගම තුළින්ම ශ්‍රමිකයන් බිහිවීමත් ගමට ලැබෙන අතුරු ප්‍රතිලාභ ලෙස හැඳින්විය හැකියි.ඒ වගේම රජරට ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන මේ මාරාන්තික වකුගඩු රෝගය මැඩපැවැත්වීම සඳහා ලබන වසරේදී විශේෂ කාර්යයන් රාශියක් සිදුකිරීමට ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වී තිබෙනවා.ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා -භෞතික සංවර්ධනයෙන් කොතරම් ඉදිරියට ගියත්, නිරෝගී ජනතාවක් නොමැතිනම් කිසිඳු සංවර්ධනයකින් ඵලක් වන්නේ නෑ.රජරට වකුගඩු උවදුර මඩින්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වී තිබීම ඉමහත් සතුටට කරුණක් මෙන්ම ජනතාවගේ වාසනාවක්.මේ අවස්ථාවට අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්ය ඇමැති එස්.සී.මුතුකුමාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ, රඹෑව ප්‍රදේශීය සභා සභාපති ප්‍රසන්න තෙන්නකෝන්, නාගරික මන්ත්‍රි දුමිදු දයාසෙන් රැටියල යන මහත්වරු සහ ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r1311299
|
තල්පේ ‘ගැමි ගෙදර’ බලන්න යමු...
|
ගාල්ල දිසා සමුහ - නන්දසිරි වැලිගමගේ
|
සියවස් ගණනකට පෙර අපේ ජන සමාජයේ තිබූ පැරැණි සෙක්කුව යළිත් වර්තමාන ජන සමාජයට ප්‍රතිනිර්මාණය කිරීමට හබරාදුව තල්පේ ලේක්හවුස් පුවත්පත් නියෝජිත වෛද්‍ය සුමිත් ප්‍රියන්ත මහතා සමත් විය.දකුණු දිග වෙරළබඩ ප්‍රදේශය පසුකර යන්නනට නිතර නිතර දකින්නට හැකි මේ සෙක්කුව එදා හඳුන්වනු ලැබුවේ සෞභාග්‍යයේ සංකේතයක් ලෙසටය.මෙය එදා නිවෙස් මට්ටමින් හා වාණිජ මට්ටමින් කරගෙන එන්නට වු අතර කාර්මික විප්ලවය ඇතිවිමෙන් පසුව ඇති වු නවීන දියුණුවත් සමඟම සෙක්කුව ජන සමාජයෙන් ගිලිහී ගියේ සෙක්කුව අප ජන සංස්කෟතියේ කෞතුක වස්තුවක් බවට පත් කරමිනි.සුමිත් ප්‍රයන්ත මහතා තම නිවෙස පිටුපස භූමියේ ප්‍රතිනිර්මාණය කර ඇත්තේ සෙක්කුව පමණක් නොව එදා සෙක්කුව තිබු ගැමි ගෙදරද එලසින්ම නිර්මාණය කොට ඇත් තේ ඉතා මනරම් ලෙසටය.ගැමි ගෙදරට යන මාවතේ වැටී තිබූ ලී පාලම ඒ දෙපස ගහ කොළ පැරැණි කටුමැටි නිවෙස එහි තිබූ වැල් ඇඳ සහ එදා එම නිවෙස්වල පරිහරණය සඳහා තිබු ගල් වැසිකිළියක්ද මෙහි තැන්පත් කොට එදා තිබු සැබෑ ගැමි නිවෙසක් හරි අපූරුවට නිර්මාණය කොට ඇත.කොළඔ මාතර මහා මාර්ගයේ 78 පැරැණි සැතපුම් කණුව අසල පිහිටි තල්පේ හංදියෙන් මාතර දෙසට යන විට හමුවන වම් පැත්තට ඇති තාර පාරෙන් හැරී රේල්පාර පසුකරනවාත් සමඟ මේ සෙක්කුව සහිත ගැමි ගෙදර සොයා ගත හැකිය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=r13112910
|
මාර්ග දහයකට මගී ප්‍රවාහන බලපත්‍ර
|
මාවරල සමූහ - පී.මද්දුමගේ
|
පොදු මගී ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් හඳුනාගත් මාර්ග දහයක් සඳහා නිත්‍ය මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇත.ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව-යක්කලමුල්ල මාර්ගය,මාපලගම පනංගල- පිටිගල මාර්ගය, හබරාදුව - කරාපිටිය මාර්ගය, දික්කුඹුර - අහංගම මාර්ගය, තලගහ-ගාල්ලමාර්ගය, ඌරගස්මංහන්දිය - කරාපිටිය මාර්ගය,මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ - පස්ගොඩ මාර්ගය, අකුරැස්ස - බෝපගොඩ මාර්ගය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හත්පෝරුව - සූරියවැව මාර්ගය මෙසේ හඳුනා ගෙන ඇති මාර්ග වේ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=s1311291
|
මහාචාර්ය අර්ජුන ‘ගුඩ්බායි’ කියයි
|
ප්‍රින්ස් ගුණසේකර
|
ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සිය ධුරයෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. වසර 2ක කාලයක් එම ධුරයේ කටයුතු කළ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ තනතුරෙන් සමුගන්නේ ඉතා සතුටින් බවයි.‘මා ක්‍රීඩා වෛද්‍ය ආයතනයට පැමිණෙද්දී සේවය කළේ හුඟාක් සතුටින්. යන්නේ ඊටත් වඩා සතුටින්. මා කටයුතු කළ වසර 2ක කාලයේ කිසිම දේශපාලන බලපෑමක් තිබුණේ නෑ.ජනාධිපතිතුමාටයි, ක්‍රීඩා ඇමැතිතුමාටයි මා ස්තූතිවන්ත වෙනවා නිදහසේ කටයුතු කරන්න ඉඩ ලබාදීම ගැන’ අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ විශාල වෙනස්කම් ඇතිකොට දියුණු තත්ත්වයකට ගෙන ආ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් සමුගැනීමට හේතුව රාගම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට ඉගැන්වීමේ කටයුතු නිසි පරිදි සිදු කිරීමේ අවශ්‍යතාව බව පවසයි.මහාචාර්යවරයා රාගම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානියා ලෙස වසර කීපයක් තිස්සේ රාජකාරී කටයුතු කරමින් සිටී.‘ආයතන දෙකක වැඩ කරන්න අපහසුයි. තවදුරටත් තනතුරේ ඉන්න විශාල ඉල්ලුමක් තිබෙනවා. ඉදිරියේදීත් ක්‍රීඩාවට සම්බන්ධ කටයුතුවලදී මා සහයෝගය දෙනවා. නමුත් අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ ඉන්න අදහසක් නෑ’ සිල්වා මහතා පැවැසීය.‘ශේක්ස්පියර් කියලා තියෙනවා යමකු යා යුත්තේ ජනතාව මල් විසිකරන විටදී කියා. ගල් වදිනතුරු තනතුරේ ඉන්න හොඳ නෑ’ මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලය මෙයට වසර 2කට පෙර 50කට අඩු පිරිසක් සිටිය ද අද 74ක් දක්වා ඉහළ ගොස් ඇත. එමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසිය හැකිව තිබේ. අන්තර්ජාතික ප්‍රජාවේ විශාල ප්‍රසාදයක් හිමිවූ ක්‍රීඩාවේ දී තහනම් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත පාර්ලිමේන්තුවේදී සම්මතවීම ඓතිහාසික බව මහාචාර්යවරයා පැවැසීය.‘තහනම් උත්තේජක ගැනීම පිළිබඳ පාර්ලිමේන්තු පනත මේ රටේ වැදගත්ම තීරණයක්. එය සම්පාදනය කොට නීතිගත කිරීමට ලැබීම ගැන මට ඇත්තේ විශාල සතුටක්. මේ වගේ දැඩි නීති තිබෙන්නේ ප්‍රංශයේ හා ඔස්ට්‍රියාවේ පමණයි. මේ ගැන ලෝකයේ රටවල් ගණනාවක පැසසුම් ශ්‍රී ලංකාවට ලැබුණා.ක්‍රීඩා වෛද්‍ය ආයතනයට නව තාක්ෂණය ගෙන එන්න හැකිවුණා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලිය හැකි VO2 MAX යන්ත්‍රය ශ්‍රී ලංකාවට ගෙන ආවා. එයින් ක්‍රීඩකයන්ගේ ඔක්සිජන් ධාරිතාව මැන ඉදිරි පරිසාධක මට්ටම කිව හැකියි. ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට නියමිත ආහාර වට්ටෝරුවක් හඳුන්වා දුන්නා. රට පුරා ක්‍රීඩා වෛද්‍ය ඒකක 11ක් ආරම්භ කළා. භෞත චිකිත්සක හා සම්බාහක අතර වෙනසක් තිබුණේ නෑ. නමුත් මා විසින් එම කාර්යයන් දෙක වෙන වෙනම ප්‍රයෝජනවත් වන ලෙස අංශ දෙකක් කළා. අද ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරු අවශ්‍ය ප්‍රමාණයට ඉන්නවා. මා එනවිට දෙතුන් දෙනයි හිටියේ. හෙදියන් ගණනත් වැඩි කළා’.‘අපේ රටේ පහසුවෙන්ම ඔලිම්පික් දක්වා දියුණු කළ හැකි ක්‍රීඩාව වන්නේ දුනුවිදීම හා වෙඩි තැබීමයි. දකුණු ආසියා තරගවලට ඉසව් 20ක්, ආසියා මට්ටමේ දී ඉසව් 15ක් හා ඔලිම්පික් යාමේදී ඉසව් 5ක් ගැන කල්පනා කළ යුතුයි.ඒ සැලැස්ම අනුව යායුතු බව මා ඇමැතිතුමාටත් දැනුම් දුන්නා.' මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.ඒ මහතාගේ වැඩ පිළිවෙළක් අනුව ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් වෙන්කොට ස්වාධීන ආයතනයක් ලෙස ජාතික තහනම් උත්තේජක ඒජන්සිය පවත්වාගෙන යෑමට ද කටයුතු සූදානම්ය.‘මා යනවිට තනතුරට එන විශේෂඥ වෛද්‍යවරයාට කටයුතු කරන්න ඉතා පහසුයි. ඔහු මටත් වඩා හොඳින් ක්‍රීඩාවට සේවය කරයි කියා මා හිතනවා’ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=s1311292
|
එක්දින තරගාවලියෙන් පාකිස්තානය ජය ගනී
| null |
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබූ පාකිස්තානය තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයගත්තේ තවත් තරගයක් ඉතිරිව තිබියදිමය.මේ ජයග්‍රහණය පාකිස්තාන කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙස ද වාර්තාවේ.ඕවර 45කට සීමා වූ මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලැබූ ලකුණු 262 හඹාගිය දකුණු අප්‍රිකාවට රැස්කර ගතහැකිවූයේ කඩුලු 6කට ලකුණු 261ක් පමණි. උණුසුම් මුහුණුවරක් ගත් මේ තරගයේ ජය අත්කර ගැනීමට දකුණු අප්‍රිකාවට සයීඩ් අජ්මාල් යැවූ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දු 4ට ලකුණු 8ක් අවශ්‍යව තිබූ අතර ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 6ක් පමණි. දකුණු අප්‍රිකානු ඉනිමේ දී හෂීම් අම්ලා ලකුණු 98ක් හා ඒ.බී.ඩිවිලියර්ස් ලකුණු 74ක් රැස් කළ ද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය. පාකිස්තාන ඉනිමේ දී ආරම්භක පිතිකරු අහමඩ් ශෙහ්සාඩ් ලකුණු 102ක් රැස් කිරීමට සමත්විය.විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඩේල් ස්ටේන් සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් කඩුලු 6ක් දවාලීය.පාකිස්තානය – 262 (ඕවර 45) අහමඩ් ශෙහ්සාඩ් 102, සොහේබ් මක්සූඩ් 42, උමර් අක්මාල් 42 (ඩේල් ස්ටේන් 39/6)ද.අප්‍රිකාව – 261/6 (ඕවර 45) හෂීම් අම්ලා 98, ඒ.බී.ඩිවිලියර්ස් 74, ක්වීන්ටන් ඩි කොක් 47 (ජුනෙයිඩ් ඛාන් 42/3, ෂහීඩ් අෆ්රිඩි 38/2).
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=s1311293
|
පළමු තරගයෙන් පසුව ශ්‍රී ලංකාව ගැන අනාවැකි කියන්නම්
|
ප්‍රින්ස් ගුණසේකර
|
නේෂන් කුසලාන නෙට්බෝල් ශූරතාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ පසු ශ්‍රී ලංකා පිල ගැන යම් අනාවැකියක් කිව හැකි බව පුහුණුකාරිනී සොමිතා ද අල්විස් මහත්මිය පවසයි. තරගාවලියට අවතීර්ණ වනතුරු ඉදිරි ජයග්‍රහණ ගැන කිසිවක් නොකියමින් පුහුණුකාරිනිය පරිස්සම් වන්නේ කෙටි කලක් තුල ලැබූ පුහුණුව අන්තර්ජාතික තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට බලපාන අන්දම මැන බලනතුරුය. ඒ දවසට තවත් ඇත්තේ දින දෙකක් පමණි.නේෂන් කුසලාන නෙට්බෝල් ශූරතාවලිය දෙසැම්බර් 1දා සිංගප්පූරුවේ ටෝයෝ පායෝ ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භවේ. එම පළමු දිනයේ දී ශ්‍රී ලංකාව හා පැපුවා නිව්ගිනියාව අතර තරගය පැවැත්වෙනු ඇත. පැපුවා නිව්ගිනියාව ලොව ප්‍රබලතම නෙට්බෝල් කණ්ඩායමක් බැවින් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගන්නා බව ශ්‍රී ලංකා පුහුණුකාරිනී සොමිතා ද අල්විස් මහත්මිය පවසයි. වසර 1995දි සොමිතා ද අල්විස් ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරද්දී පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයෙන් ජයගත් ආකාරය ද ඇය සිහිපත් කළාය. එහෙත් අද පැපුවා නිව්ගිනියා නෙට්බෝල් පිල විශාල දියුණුවක් ලබා ඇතත් ශ්‍රී ලංකාව එයට සාපේක්ෂව පෙරට පැමිණ නැති බව ද පුහුණුකාරිනිය හොඳින්ම දැන සිටී.‘පළමු තරගය අලුත්ම අත්දැකීමක් වෙනවා. ක්‍රීඩා කරලා තමයි බලන්න ඕනෑ. හැම කණ්ඩායමක්ම හිතන්නේ අවසන් තරගයට එන්නයි. නමුත් මේ තරගාවලියේ කණ්ඩායම් හයෙන් දෙකකටයි ඒ අවස්ථාව තියෙන්නේ. අපි උපරිම දේ කරනවා. සැලසුම් ගොඩක් තියෙනවා. තරගයෙන් තරගයට හොඳ දේ කරන්නයි හිතාගෙන ඉන්නේ’සොමිතා ද අල්විස් මහත්මිය පැවැසුවාය.ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික දක්ෂතා එතරම් යහපත් නොවූව ද කණ්ඩායමක් ලෙස ඉදිරියෙන් සිටින බව ඇය පැවැසුවාය.‘පුහුණුවිමට කාලය මදි වුණා. හොඳම තත්ත්වයට ගේන්න ෆිට්නස් ට්‍රේනින් එක දෙන්න ඕනෑ. ඒකට වෙනම විශේෂඥයෙක් අවශ්‍යයි. අපේ සමහර ළමයින්ට දුවන්න බැ. මොකද මෙයට පෙර ඒ ළමයින්ට එවැනි පුහුණුවක් දීලා නැ. උදාහරණයක් තර්ජනී සිවලිංගම්. එයාට දුවන්න කීවාම මෙයට කලින් එහෙම ට්‍රේනින් එකක් කරලා නැහැ කියනවා’ මේ තත්ත්වය මත දියුණු මට්ටමේ නෙට්බෝල් ක්‍රීඩාවක් අපේක්ෂා කළ නොහැකි බවද පැවැසුවාය.‘අත්දැකීම් කියන්නේ වැඩි තරගාවලි ප්‍රමාණයකට සහභාගිවීම නොවෙයි. තීරණ ගැනීමේ හැකියාව හොඳින්ම ඇති ක්‍රීඩිකාවකට වැඩි තැනක් ලැබෙනවා. තරග ගොඩක් ගැහුව්වාට තීරණ ගැනීමේ හැකියාව නැතිනම් ඒ ක්‍රීඩිකාවගෙන් නියම ප්‍රයෝජනය ලැබෙන්නේ නැ. දැන් කණ්ඩායමේ හොඳ ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම සිටීම අපට වාසියක්’ ශ්‍රී ලංකා පුහුණුකාරිනිය සඳහන් කළාය.නේෂන් කුසලාන නෙට්බෝල් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිලට තරග 5ක් ලැබී තිබේ. .
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=s1311294
|
ආසියානු කාන්තා බාස්කට්බෝල් දෙවැනි වටය අද
|
නිරෝෂාන් ප්‍රියංකර
|
ආසියානු කාන්තා 16න් පහළ බාස්කට්බෝල් තෙවැනි ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චීනය, කොරියාව, ජපානය හා චීන තායිපේ කණ්ඩායම් සමත්විය. ඉන්දියාව, කසකස්තානය, මැලේසියාව හා තායිලන්තය සුදුසුකම් ලැබීමේ වටයට පිවිස සිටිති.ජාත්‍යන්තර කාන්තා බාස්කට්බෝල් වර්ගීකරණයේ 6වැනි ස්ථානයේ සිටින චීනය හා 18වැනි වැනි ස්ථානයේ පසුවන කොරියාව අතර පළමු අවසන් පූර්ව තරගය පස්වරු 5.00ට පැවැත්වෙන අතර ජපානය (13) හා චීන තායිපේ (23) තරගය රාත්‍රි 7.00ට පැවැත්වේ. සුදුසුකම් ලැබීමේ තරග වටයේ පළමු තරගය ඉන්දියාව-කසකස්තානය අතර පස්වරු.100ටත්, මැලේසියා-තායිලන්ත තරගය පස්වරු 3.00ටත් පැවැත්වේ.තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා තරගය හෙට පස්වරු 3.00ට පැවැත්වේ. අවසන් පූර්ව වටයේදී පරාජය වු කණ්ඩායම් දෙක මේ සඳහා තරග වදින අතර එහි ජයග්‍රාහී කණ්ඩායම් 2ක සවස 5.00ට අවසන් මහා තරගයට එක්වේ. තරගාවලියේ අවසන් තරග හෙට (30) පැවැත්වීමට නියමිතය.මේ තරගාවලියේ පළමු ස්ථාන තුන හිමිකර ගන්නා කණ්ඩායම් ලබන වසරේ ස්ලොවැක් ජනරජයේ පැවැත්වීමට නියමිත 17න් පහළ ලෝක කාන්තා බාස්කට්බෝල් ශූරතාවලියට ආසියාවෙන් සුදුස්සන් වනු ඇත.තරගාවලියේ පළමු වටය නිමාවනවිට වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා පිලේ නිර්මා සසන්ති ඉදිරියෙන් සිටී. ඇය තරග 5කදී ලකුණු 72ක් රැස්කරගෙන ඇති අතර ශූද්ධ ලකුණු වේගය 14.4කි.දෙවැනි ස්ථානය හොංකොං හී වා සිං චෙන්ග්ද, ජෝර්දානයේ තාල් සබ්බාග් තෙවැනි ස්ථානයේද පසුවෙති.සහභාගීවු තරග 5න් පරාජය වු ශ්‍රී ලංකා පිල හා හොංකොං, ඉන්දුනීසියාව, ජෝර්දානය මුලික වටයෙන් ඉවතට විසිවිය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=s1311295
|
බස්නාහිර පළාතට කායවර්ධන මධ්‍යස්ථාන 12ක්
|
මැදකොළඹ සමූහවයිමන් හෙට්ටිආරච්චි
|
බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක ත්‍රිත්වයේ ශක්ති වර්ධන හා කායවර්ධන මධ්‍යස්ථාන 12ක් ඉදිකිරීමට එම පළාත් සභාව පියවර ගෙන ඇත. එහි ඉදිකිරීම් කටයුතු මේ වනවිට නිමාවට පත්වෙමින් තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 45ක මුදලක් වැයවී තිබේ.කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක තුනේ පිහිනුම් තටාක තුනක් ද ඉදිකෙරේ. පළාත් ක්‍රීඩා අමාත්‍යංශය මගින් ඉකුත් වසරේ රුපියල් මිලියන 53ක් වැය කර ක්‍රීඩා පිටි 44ක් සංවර්ධනය කළ බව ද ප්‍රධාන ඇමැතිවරයා කීවේය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=s1311296
|
කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය 15දා
|
ෆවුස් මොහොමඩ්
|
ලාංකීය මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට නව අත්දැකීමක් එකතුකළ කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය දෙසැම්බර් මස 15වැනිදා කොළඹ කොටුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ දේශීය මෝටර් රථ ධාවන තරග ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාතික 'ෆෝමියුලා වන්' මෝටර් රථයක් තරගාවලියට ඇතුළත් කර තිබීමය. ජාත්‍යන්තර ඉන්ෆිනිටි රෙඩ්බුල් රේසින් ෆෝමියුලා වන් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඩැනියෙල් රිකාඩෝ සිය ෆෝමියුලා රථයෙන් තරගයට එක්වීමට නියමිතය.තුන්වැනි වරටත් පැවැත්වෙන කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලියේ තරග ඉසව් ප්‍රමාණය මෙවර 7දක්වා අඩු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. 2011 වසරේ පළමුවරට පැවැති මේ තරගාවලියට තරග ඉසව් 22ක් ඇතුළත් වූ අතර පසුගිය වසරේ දී එය 9දක්වා අඩු කොට තිබිණි.කාලවේලාව හා ජනතාවගේ පහසුව තකා එසේ තරග ප්‍රමාණය අඩු කිරීමට තීරණය කළ බැව් තරග අධ්‍යක්ෂ කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති දිනේෂ් ජයවර්ධන මහතා තරගාවලිය සම්බන්ධව පෙරේදා ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.ඒ අනුව මෙවර තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 5ක් හා යතුරු පැදි තරග ඉසව් 2ක් ඇතුළත්ය.එස්.එල්- ජී.ටී.3500 සී.සී, එස්.එල්- එච්. 1600සී.සී, එස්.එල්- එස්.1500සී.සී, ෆෝමියුලා මැක්ලරන්ස් 1300සී.සී. සහ ෆෝමියුලා - 1 මෝටර් රථ තරග ඉසව් අතරට එක්වෙයි. 250 සී.සී. එම්. කාණ්ඩයේ නවීකරණය කරනු ලැබූ යතුරුපැදි හා සුපර් මෝටාර්ඩ් තරගය තරගාවලියට ඇතුළත් වන යතුරු පැදි තරග ඉසව් 2වේ.තරගාවලිය එදින පස්වරු 5.00 සිට රාත්‍රී 11.30 දක්වා පැවැත්වීමට නියමිතය.මෙවර තරගාවලියේ ගමන් මාර්ගය කිලෝමීටර් 3.3 දක්වා කෙටි කිරීමට ද සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත. පසුගිය වසරේ තරගාවලියේ ගමන් මාර්ගය කිලෝමීටර් 4.3ක් විය.මේ වසරේ තරගාවලියට විශේෂාංග රැසක් එක්වන අතර තරගයට සහභාගි වන ෆෝමියුලා වන් මෝටර් රථයට අමතරව තවත් එවැනිම මෝටර් රථයක් ගෙන්වීමට තීරණය කර තිබේ.කොළඹින් බැහැර ක්‍රීඩාලෝලීන්ට දැකබලා ගැනීම සඳහා එම රථය ගාල්ල නගරය ආශ්‍රිතව ප්‍රදර්ශනය කෙරේ. මීට අමතරව ක්ලැසික් මෝටර් රථ සමාජය මගින් ක්ලැසික් මෝටර් රථ ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද නියමිතය.කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ආසියානු මෝටර් රථ රේසින් සමාජය, ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය පැවැත්වෙන දිනයේ කොළඹ කොටුව ආශ්‍රිත රථවාහන සැලැස්ම ඉදිරි සතියේ දී නිවේදනය කෙරේ..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=s1311297
|
බ්ලූබර්ඩ්ස් ග්‍රීන්ෆීල්ඩ් ට ක්‍රිකට් ශූරතා
| null |
ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය සංවිධානය කරනු ලබන ඕවර විස්සයි20 දිස්ත්‍රික් තරගාවලියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් අවසන් තරගයෙන් ජය අත්කර ගැනීමට කින්නියා බ්ලූබර්ඩ්ස් ක්‍රීඩා සමාජය සමත්විය. කින්නියා ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති අවසන් තරගයේ දී ඔවුන් වෙතින් පරාජයට පත්වූයේ කන්තලේ පරමේෂ්වරා ක්‍රීඩා සමාජයයි.මේ අතර සාන්ත සේවියර් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මන්නාරම දිස්ත්‍රික් තරගාවලියේ අවසන් තරගයෙන් උප්පුකුලම් සාන්ත සේවියර් කණ්ඩායම පරදවා ශූරතාව අත්කරගැනීමට මන්නාරම ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත්විය.දිස්ත්‍රික් ශූරතා දිනූ බ්ලූබර්ඩ්ස් හා ග්‍රීන්ෆීල්ඩ් කණ්ඩායම් සමස්ත ලංකා ක්‍රිකට් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්හ.මෙම තරගාවලියේ හම්බන්තොට, මාතර, නුවරඑළිය හා කෑගල්ල දිස්ත්‍රික් තරග ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=f1311291
|
ජනපති එස්.එම්ට රහසක් කියයි
|
අන්ෙදාස් ෙසායන්ෙන්
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිය සති අන්තයේ සිටියේ අනුරාධපුරයේය. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ අභිනව සභාපතිවරයා ලෙස ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගැනීම ඊට හේතු විය. පසුගිය සිකුරාදා සවස 4.30ට පමණ අනුරාධපුර ජනාධිපති මන්දිරය අබියස පිහිටි සුනාත යුද හමුදා ගුවන් පථයට ජනාධිපතිතුමා රැගත් හෙලිකොප්ටර් යානය සේන්දු විය. නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, මහ ඇමැති එස්. එම්. රංජිත්, උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. පී. ඒකනායක, නගරාධිපති එච්. පී. සෝමදාස යන මහත්වරු ජනාධිපතිතුමාව පිළිගත්තේ මහත් හරසරින්ය. “කොහොමද එස්. එම්. මෙහේට දැන් වැස්ස අඩුවක් නෑ නේද” එස්. එම්. චන්ද්‍රසේන නියෝජ්‍ය ඇමැතිවරයාගේ උරහිස ස්පර්ශ කරමින් ජනාධිපතිතුමා ඉතා ළෙන්ගතු අයුරින් ඇසීය.ඔව්, සර් වැස්ස අඩුවක් නැහැ. එස්. එම්. චන්ද්‍රසේන මහතා සිනාසෙමින් කීය. එස්. එම්. චන්ද්‍රසේන මහතා සමඟ මෝටර් රථයේ නැඟුණු ජනාධිපතිතුමා අනුරාධපුරයේ පිහිටි ජනාධිපති මන්දිරය බලා පිටත්විය.රාත්‍රී භෝජන සංග්‍රහයරාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපතිතුමා පිරිසට ආරාධනා කළේය. රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු එස්. එම්. මට ඔයාට රහසක් කියන්න තියෙනවා යැයි ජනාධිපතිතුමා කීවේ සිනාසෙමින්ය. සර් ඒක සතරකන් මන්ත්‍රණයක් දැයි අසමින් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් නැගිට ගියහ.එස්. එම්. හෙට වැදගත් දිනයක්. ජනාධිපතිතුමා කීය. ඔව් සර් කිරි මෑණිවරු දහසකට රුවන්වැලි සෑ මළුවේ දානය පැවැත්වෙන්නේ හෙටනේ. එස්. එම්. කීවේ ජනාධිපතිතුමාගේ මුහුණ දෙස බලමින්ය. ඒකත් එකක්. තව දෙයක් තියෙනවා ජනාධිපතිතුමා එස්.එම්.ට ප්‍රශ්නාර්ථයක් ඇති කරමින් පැවැසීය. මොකක්ද සර් ඒ එස්. එම්. අන්දමන්ද වී ඇසීය.හෙට ඔයා ඇමැතිවරයෙක් හැටියට දිවුරුම් දෙනවා. ඒකට සූදානම් වෙන්න ජනාධිපතිතුමා කීවේ එස්. එම්. ප්‍රීතිප්‍රමෝදයට පත්කරමින්ය.කිරිමෑණිවරු දහසකගේ දානයට සහභාගිවීම සඳහා පාන්දර 4.30ට පමණ ජනාධිපතිතුමා රුවන්වැලි සෑ මළුව අබියසට පැමිණියේය. දානය පිළිගැන්වූ ජනාධිපතිතුමා රුවන්වැලි සෑයේ අලුතින් ඉදි කළ බුදු ගෙය නිරීක්ෂණය සඳහා එක්විය.ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයට පැමිණෙන විටත්, පල්ලේගම හේමරතන හිමි, පල්ලේගම සිරි නිවාස හිමි, නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි යන හිමිවරු ඇතුළු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ජනාධිපති මන්දිරයට වැඩම කර සිටියහ.උදේ 11.05ට යෙදුණු සුබ හෝරාවේදී පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කොළඹින් බැහැරව, කැබිනට් ඇමැතිවරයෙක් දිවුරුම් දුන් ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ විශේෂ ව්‍යාපෘති ඇමැතිවරයකු ලෙස එස්. එම්. චන්ද්‍රසේන මහතා ජනාධිපතිතුමා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරුද, උතුරුමැද පළාත් සියලු ආසන සංවිධායකවරු දුමින්ද දිසානායක, තිස්ස කරලියැද්ද ඇමැතිවරුද, ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. පී. ඒකනායක, වීරකුමාර දිසානායක, ෂෙහාන් සේමසිංහ මහත්වරු ඇතුළු විශාල පිරිසක් ඊට එක්වී සිටියහ. අභිනව විශේෂ ව්‍යාපෘති ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාට පැමිණ සිටි සියලු මැති ඇමැතිවරු සුබ පැතූහ. මහ ඇමැති එස්. එම්. රංජිත් මහතා තම සොහොයුරා වැළඳ ගනිමින් සුබ පැතූ අවස්ථාව හැඟීම්බර විය.ප්‍රථම අවස්ථාවඑස්. එම්. චන්ද්‍රසේන ඇමැතිවරයා අසලට පැමිණි ජනාධිපතිතුමා එස්. එම්. ඔයාට දුන්නේ මහින්ද විජේසේකර ඇමැතිතුමා දැරූ අමාත්‍යාංශයයි. මමයි බැසිලුයි කැබිනට් එකේ ඉන්න නිසා කලින් කිව්වේ රාජපක්ෂ සහෝදර සමාගම කියලයි.දැන් ඔයයි මල්ලියි දෙන්නම කැබිනට් එක නියෝජනය කරනවා. චන්ද්‍රසේන සහෝදර සමාගම නමින් තවත් සමාගමක් ඇතිවුණා. හම්බන්තොට රාජපක්ෂ සමාගම අනුරාධපුරේ චන්ද්‍රසේන සමාගම ජනාධිපතිතුමා සිනාසෙමින් කීවේ පිරිස සිනාසයුරේ ගිල්වමින්ය.එස්. එම්. චන්ද්‍රසේන ඇමැතිවරයා සමීපයට පැමිණි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එස්. එම්. ඉතිහාසයේ කවදාවත් කැබිනට් ඇමැතිවරයෙක් කොළඹින් පිට දිවුරුම් දීලා නැහැ. ප්‍රථම අවස්ථාව මෙයයි. ලේකම්තුමා මේක මට ලැබුණු වරප්‍රසාදයක් නොවේ. මේ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටි පූජා භූමියටත්, රජරට ජනතාවටත් දුන් උපහාරයක් යැයි චන්ද්‍රසේන ඇමැතිවරයා කීවේය.අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපිත කරන ලද පුස්තකාල 22ක සංකේතාත්මක යතුරු භාරදීමේ උත්සව පැවැතියේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදීය.එහිදී කැබිතිගොල්ලෑව පාසලක කුඩා දැරියක් කළ ස්තුති කතාව ඉතා හැඟීම්බර සංවේදී එකක් විය. යුද්ධ කාලයේ බෝම්බ ශබ්දයට අපි ලියන ලියන අකුරු ඇද වුණා. අපිට කවදාවත් ලස්සනට අකුරක් ලියා ගන්න එදා බැරිවුණේ යුද්ධය නිසා යැයි ඇය කීවාය. ජනාධිපතිතුමා දැරිය සමීපයට කැඳවා තොරතුරු විමසා ඇයට තෑගි බෝග ලබාදීමට අමතක නොකළේය.සෙනසුරාදා රාත්‍රී ජනාධිපතිතුමාගේ ජන්ම දිනය පදවිප්‍රාප්තිය සමරා ජනාධිපති කාර්ය මණ්ඩලය විසින් රුවන්වැලි සෑ මළුවේ විශේෂ පිරිත් මණ්ඩපයක සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සූදානම් කර තිබුණි. ජනාධිපති ලේකම් සහ කාර්ය මණ්ඩලයද, උතුරුමැද ආණ්ඩුකාරවරයා, මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් එක්රැස් වී සිටියහ.දැපනේ වැටීමසෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමා දෙස දෑස් අයා බලා සිටි පිරිමි දරුවකු ජනාධිපතිතුමා සිය සමීපයට කැඳවා අසුන් ගැන්වීය. වයස අවුරුදු තුනක් පමණ වූ එම දරුවා මධ්‍යම රාත්‍රිය ළඟාවත්ම ජනාධිපතිතුමා සමීපයේ අසුන්ගෙන සිටියේ නිදිමත පෙරමින්ය.පුතාට දැන් නිදිමතයි නේද දැන් යන්න පුතේ ජනාධිපතිතුමා හිස පිරිමදිමින් කීවේ දැඩි ස්නේහයෙන්ය. සර් මේ ළමයා සර්ට දැපනේ වැටිලා මේ ළමයා අද යන්නේ නැහැ. පේනවනේ දැන් එජාපයෙන් ආපු අය ඔක්කොමලා දැපනේ වැටිලානේ කවුරුවත් යන්නේ නැහැ. ඉතින් මේ පොඩි ළමයා යයිද යැයි උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා කීවේය. හෙමින් හෙමින් ආණ්ඩුකාරතුමා පිටිපස්සේ ජොනී ඉන්නවා ඇහෙයි එස්. එම්. චන්ද්‍රසේන මහතා ආණ්ඩුකාරතුමාගේ කනට කොඳුරා කීය.පසු දින දහස් නමක් විෂයෙහි දහවල් සාංඝික දානමය පුන්‍යකර්මයක්ද සංවිධාන කර තිබුණි.ලංකාරාමාධිකාරී රළපනාවේ ධම්මජෝති හිමියෝ,ජනාධිපතිතුමනි, ඔබතුමා ගිය ආත්මයේ මහා පින් කම් කළ කෙනෙක්. ඒ නිසා මේ ආත්ම භාවයේත් මහානුභාව මහා පින් ඇති කුසල් කරනවා. මහා සංඝයා වහන්සේට දානය දී උන් වහන්සේලාට ආරක්ෂාව සපයනවා. ජනතාවගේ අවශ්‍යතා ඉටුකරනවා.සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව ජනාධිපතිතුමා සමීපයට පැමිණි ෂෙහාන් සේමසිංහ මහතා, සර් කවදාවත් රටේ තරුණ තරුණියෝ වෙනුවෙන් බජට් එකෙන් මුදල් වෙන් කරලා තිබුණේ නෑ නේද ඇසීය. තරුණයන්ට විතරක් නෙමේ පොලිසියටත් මුදල් වෙන් කරලා තියෙනවානේ ජනාධිපතිතුමා කීවේ සිනාසෙමින්ය. අනතුරුව හෙලිකොප්ටර් යානයෙන් ජනාධිපතිතුමා මින්නේරිය බලා පිටත්ව ගියේය.තිස්සගේ රතු ඉර පනීපසුගිය සතියේ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සිටියේ දැඩි නොසන්සුන්තාවයෙන්ය. සිරිකොත ඉදිරිපිට වූ සත්‍යග්‍රහ පිළිබඳ විවිධ ආකාරයට මාධ්‍ය වාර්තා පළවීම ඊට හේතු විය. සිරිකොත නිලධාරීන් සමඟ ඒ පිළිබඳ අදහස් දැක්වූ මහ ලේකම්වරයා පක්ෂය කඩල රාජාලියා හදපු පිරිසයි ආණ්ඩුවෙ ඉන්න කාලේ එජාපය විනාශ කරපු පිරිසයි දැන් එජාපයේ රජ කරන්න හදනවා.ඒ අයගේ පාට් අපි බලන්න ඕනෑ, ඇමැතිකමක් ගන්න බැරි නිසා ආණ්ඩුවට ගියේ නැහැ. ඒත් ආණ්ඩුව එක්ක යටින් ඩීල් දානවා. මේව අපේ නායකයට තේරෙන්නේ නැහැ’නේ යැයි කීය. ඕව ඔහොම තමා සර්. පිටින් ආපු අය තමා අඟේ ඉඳන් කන කන්නේ යැයි සිරිකොත නිලධාරියා මහ ලේකම්වරයා අස්වසමින් කීවේය.බදාදා පාර්ලිමේන්තුවේදී නායකත්ව මණ්ඩල රැස්වීම පිළිබඳ දැනුම්දීම සඳහා කරු ජයසූරිය ඇතුළු පිරිස විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.සර්, නායකත්ව මණ්ඩලයෙන් ඉවත් වූ සජිත් හා තලතාගේ පුරප්පාඩු වූ තනතුරු දෙකෙන් එකකට රංජිත් මද්දුමබණ්ඩාර නම් කරමුද පිරිස විපක්ෂ නායකගෙන් විමසීය. රංජිත් ඒ තනතුරට පත් කරන්න බැහැ. විපක්ෂ නායකවරයා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.ගිය සඳුදා මහ ලේකම්වරයා හා මංගල සමරවීර මහත්වරු මාතර අධිකරණය බලා පිටත්වූයේ මාතර නගරයේ පසුගිය දිනක ඇතිවූ කුරුඳු පොලු ප්‍රහාරයට අදාළ නඩුවට සහභාගි වීම සඳහාය. එම අවස්ථාවෙන් තවත් ප්‍රයෝජනයක් ගත් මංගල සමරවීර මහතා මහජනයා කුපිත කරමින් වෛරී මාධ්‍ය කලාවක් සිරස මාධ්‍ය මඟින් ගෙන යන බව කියමින් මාතර මහාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළේය. ඒ වෙනුවෙන් දෙසැම්බර් 11 දින එම මාධ්‍ය ආයතනය නියෝජනය කරමින් කිලි රාජ මහේන්ද්‍රට උසාවියට පැමිණෙන ලෙස සිතාසි නිකුත් කෙළේය. එය දැනගත් එජාප පාක්ෂිකයන් පිරිසක් උසාවි භූමියේදී මහලේකම්වරයා සමීපයට යමින් සර්, මේ වැඩේට කල් ගත්තත් වැඩියි. දැන් ඒක ඔඩු දුවලා තියෙන්නේ. දැනට අවුරුදු 2 කට කලින් කරන්න තිබුණු දෙයක් ඒක යැයි කීවේය.නායකතුමා ඒවගේ දේකට කැමැති වුණේ නැහැනෙ මහලේකම්වරයා පිරිස අස්වසමින් කීය.ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මඟින් ජනතා කලා උළෙලක් පසුගිය අඟහරුවාදා මරදාන ටවර් රඟහලේදී සංවිධාන කර තිබුණි. කේ. ඩී. ලාල්කාන්ත මහතා වේදිකාවට කැඳවා නිවේදකයා අපූරු පූර්විකාවක් කළේය. ලංකාවේ වැඩිපුර තියෙන්නේ ජපන් වාහන. එවයේ සමහරක අකුරු කේ. ඩී. දැන් ඒවා කේ. ඩබ්ලිව්. වෙලා. ගොඩක් වෙනස් වෙලා. හැබැයි මේ කියන කේ. ඩී. නම් හැමදාම එක වගේ. හැබැයි අදහස් විතරක් අලුත් වෙනවා. මොකද ඒ ඔහු සමාජවාදියෙක් නිසා යැයි කියමින් කේ. ඩී. ලාල්කාන්ත වේදිකාවට කැඳෙව්වේය. මම වාහන කතාවට අලුත් දෙයක් එක්කරනවා.ජපානේ කොයි තරම් පරීක්ෂණ කරලා මෙහේට ගෙනාවත් පාරට දාන්න දෙහි ගෙඩි තුනයි, මිරිස් කරල් හතරයි ඕනෑමයි. එතකොට තමා ඒක මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙන්නේ යැයි ලාල්කාන්ත මහතා සිනාසෙමින් කීවේ පිරිස සිනා සාගරයක ගිල්වමින්ය.මං මළේ නෑමෙවර සබරගමුව පළාත් සභා අය වැය විවාදයේදී සභාව මවිතයට පත්වන සිදුවීමක් විය. වසර එකහමාරක් බරපතළ ලෙස රෝගාතුරව රෝද පුටුවෙන් ගමන් ගත් පළාත් ඇමැති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතා අත්වාරුවකින් තොරව දෙපා වාරුවෙන් නැඟී සිටිනු දුටු ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු වික්ෂිප්ත වී ඒ දෙස බැලීය. කවුරුවත් හිතුවේ නැහැ මම ආයි කවදාවත් මේ සභාවේ කතා කරයි කියලා. ලෙඩ ඇඳේ හිටියත් ජනතාව මට මනාප දුන්නා. මං මැරෙනකල් අපේ පක්ෂයේ ඇතැමුන් ඇඟිලි ගැන්නා.ඒත් මම මලේ නැහැ. 2012 වසරේ සබරගමුව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිතුමා සහභාගි වූ අවසන් ජන රැලිය තිබුණේ කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ. අසාධ්‍ය තත්ත්වයෙන් හිටිය මම ඒකට ආවේ නැහැ. ඒත් රැස්වීම අතරතුර ජනාධිපතිතුමා ගිලන් රථයක් එවා මාව අවසන් රැලියට සහභාගි කර ගත්තා. ගිලන් රථයට වෙලා අපේ ජනාධිපතිතුමාගේ කතාව මම අසා සිටියේ දෑසෙන් කඳුළු රූ රා වැටෙද්දියි. ඒ අපේ ජනාධිපතිතුමාගේ තියෙන අප්‍රමාණ ගුණ ස්නේහය නිසයි..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=f1311292
|
සුබ අනාගතයකට පසුබිම සැකසූ අය-වැයක්
|
සටහන
|
මහින්ද චින්තන ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබා ගත් ආර්ථික සංවර්ධනය ගැන හා එකි පරමාර්ථ සපුරා ගැනීම සඳහා සකස් කළ ඉදිරි අයවැය පිළිබඳ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා සමඟ 'සුභාරතී' සංවාද මණ්ඩපයට එක්වෙමින් දැක්වූ අදහස් මෙසේය.l මෙවර ඉදිරිපත් වූ අයවැය පිළිබඳව ඒ අයවැය සකස් කිරීමට මූලික වූ රාජ්‍ය නිලධාරියකු විදියට ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?මෙවර අයවැයේ මූලික අරමුණත් පරමාර්ථයත් වී තිබෙන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරන අතර, ගම්වල හා ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථිකයත් ශක්තිමත් කිරීමයි. මේ අයවැය යෝජනා ගෙන ඒමට පෙර විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පාර්ශ්ව සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් ඔවුන්ගේ යෝජනා ගෙන ඒමටත් කටයුතු කළා. මෙහිදී අප සියලු අංශයන් පිළිබඳ අවධානය යොමු කළා. ඒ අනුව තමයි මෙවර අයවැය යෝජනා නිර්මාණය වෙලා තිබෙන්නේ.ඒවගේම දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමත් ඒ කාර්ය සඳහා අවශ්‍ය කරන මඟ නිර්මාණය කිරීමත් තමයි සිදුවෙලා තිබෙන්නේ. මෙමඟින් දේශීය නිෂ්පාදනවලටත් විදේශීය භාණ්ඩ සමඟ තරග කළ හැකි විදිහේ පසුබිමක් ඇති කිරීමට පුළුවන් වෙලා තිබෙනවා.අපට පුළුවන්කම තිබෙන්න ඕනෑ අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට. දේශීයව නිෂ්පාදනය කරන දේවල්වලට බදු පැනවීමක් සිදුකර නැහැ. මේ අයවැය ලේඛණය බලද්දී අපට විශාල හැඟීමක් ඇති වෙනවා.පසුගිය අයවැය අටේදී සිදුකළ කාර්යභාරය හා ඇති කළ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා අපට අද වී වලින් ස්වයංපෝෂිතවීමට පුළුවන් වෙලා තිබෙනවා. බඩ ඉරිඟු කරලින් පවා අපට ස්වයංපෝෂිත වීමට පුළුවන් වෙලා තිබෙනවා. මෙය අප රට ලැබූ ජයග්‍රහණයක් විදිහට හඳුන්වා දීමට පුළුවන්. අප එදා කිරිපිටි බීවේ නැහැ. බීවේ ගෙදර ගව පට්ටියෙන් ගත් කිරි. අද වුණත් අපට දේශිය වශයෙන් දියර කිරි නිෂ්පාදනය කරන වැඩපිළිවෙළකට යන්න පුළුවන්නම් එමඟින් විශාල ආර්ථික වාසියක් රටට ලබා ගැනීමට පුළුවන්.l ගොවිකම හා ගොවියා වෙනුවෙන් මේ අයවැය මඟින් මොන විදියේ අවස්ථාවක්ද ලබා දී තිබෙන්නේ?ගොවියාට සහතික මිලක් ලබාදීමට පුළුවන් වීම පමණක් වුණත් හොඳ දෙයක් විදිහට පෙන්වා දීමට පුළුවන්. ගොවිකම කියන්නේ යම් අවදානමක් ඇති රැකියාවක්. මේ තත්ත්වය තුළ සහතික මිලක් ලබා දීම වුණත් හොඳ දෙයක් වගේම සාර්ථක දෙයක් විදිහට පෙන්වා දීමට පුළුවන්. අපි කොහොම හිතුවත් අද වුණත් රටේ 70% පමණ සිටින්නේ ග්‍රාමීය ජනතාව. ඔවුන් පමණක් නොවෙයි නගරවල පවා සිටින්නේ ගමෙන් නගරයට පැමිණි අය දිවි නැඟුම, ගම නැඟුම වගේ ව්‍යපෘති මඟින් ගැමියා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් තැනකට පත්වෙලා තිබෙනවා. ඒ වගේම දේශීය කිරි කර්මාන්තය අද වනවිට යළිත් ප්‍රචලිත වෙමින් තිබෙනවා.l අයවැයට පෙර ජනාධිපතිතුමා ඇතුළු නිලධාරීන් ගොවීන් හමුවුණා. අයවැය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මොනවගේ කරුණු පිළිබඳවද අවධානය යොමු කළේ?මෙතැනදී ගොවීන් අපෙන් ඉල්ලුවේ ප්‍රධාන කරුණු තුනක් ගැන පමණයි. ඒ ඉල්ලීම් අතරින් ප්‍රධානම තැන වුණේ වගාවට ජලය, වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කිරීම, හා පානීය ජලය ලබාදීම යන කරුණුයි. ගොවීන් අපට කියා සිටියේ මේ ප්‍රශ්න තුන විසඳන්න පුළුවන්නම් ඉතාමත් කඩිනමින් ගොවිතැනෙන් රට ස්වයංපෝෂිත කිරීමට තමන්ට පුළුවන් කියලා. ඔවුන් ප්‍රකාශ කළ තවත් කරුණක් වුණේ ජනාධිපතිතුමා යුද්ධය ජයග්‍රහණය කිරීමට කැප වුණේ කෙසේද ඒ තරමටම තමන්ට ගොවිතැනෙන් අවශ්‍ය ජයග්‍රහණ ලබාදීමට පුළුවන් කියලා.l මෙවර අයවැය දක්වා රටේ මහජන උන්නතිය හා සංවර්ධනය සඳහා ගත් පියවර පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?ජනපතිට උතුරු දකුණු භේදයක් නැහැ. මුළු රටටම අවශ්‍ය කරන ජනතාවට වටිනාකම් ලබාදෙන කාර්යභාරයකුයි ඉටුකරන්නේ. එතුමාගේ ප්‍රමුඛ පරමාර්ථය වෙලා තිබෙන්නේ ජනතාවගේ මූලික අයිතීන් සුරක්ෂිත කිරීමයි. උතුරේ අවශ්‍යතා සඳහා ජනපති මැදිහත් වෙන්නේ, ඔවුන්ට අවශ්‍ය වන වාරි පහසුකම් ලබාදෙන්නේ ඒ නිසයි.l මෙවර අයවැයේ තීන්දු තීරණ හා පසුගිය අයවැය මඟින් රටට ලැබුණ ප්‍රතිඵල හා ප්‍රතිලාභ හා ඒවා රටේ පෙර ගමනට බලපෑම් එල්ල කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?මෙවර අයවැය මඟින්ද අප විශාල ප්‍රතිඵල ප්‍රමාණයක් ප්‍රතිලාභ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. පුද්ගලිකරණය පිළිබඳ අද අවශ්‍යතාවක් නැහැ. අපට පුළුවන් වෙලා තිබෙනවා රාජ්‍ය ආයතන පවා දියුණු ආයතන බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති වැදගත් අංගයක් බවට පත්ව තිබෙන්නේ මේ නිසයි. අද වෙද්දී විදුලිය ලබාදීම 95% දක්වා ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. අද විදුලිය කැපීම් නැහැ. 2002, 2003 වෙද්දී විදුලිය තිබුණද, විදුලිය කැපීම් බරපතළ ලෙස තිබුණා.මෙය බරපතළ කරුණක් බවට පත්වයි තිබුණේ. සියල්ලන්ටම විදුලිය ලබාදීම නොවෙයි ප්‍රධාන කරුණවන්නේ, අඛණ්ඩව විදුලිය ලබාදීමට පුළුවන් වීමයි.විදුලිය පමණක් නොවෙයි පානීය ජල අවශ්‍යතා සපිරීමටද ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ජනාධිපතිතුමා සියලු කාර්ය ඉෂ්ඨකර තිබෙන්නේ හොඳ දැක්මක් හා දර්ශනයක් ඇතිවයි. ඒ නිසා තමයි අද හොඳ ජල සම්පාදන ක්‍රම පවා මෙරට තුළ ඇති කිරීමට පුළුවන් වෙලා තිබෙන්නේ. මේ දර්ශනය, වැඩපිළිවෙළ තමයි රටේ ඉදිරි ගමන වඩාත් හොඳට ශක්තිමත් කරන්නේ.l ඒ ගැන අපට වැඩිදුර පැහැදිලි කිරීමක් කළ හැකිද?මේ කාලයේදී විශාල කතාබහකට ලක්වූ මාතෘකාවක් වී තිබෙන්නේ රජරට වකුගඩු රෝගයයි. මේ රෝගය මර්දනයට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්ති මෙවර අය-වැය මගින් ඉදිරිපත් කර තිබෙනවා. එහි මූලිකම දේ තමයි ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පාදනය කිරීමත් එයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමත්.මේ අය-වැය තුළ සෞඛ්‍ය අංශය, අධ්‍යාපන අංශය වැනි අංශත් සංවර්ධන අංශයත් ගැන අවධානය යොමුකර තිබෙනවා. ගොවි අවශ්‍යතා සපිරීමට වාරිමාර්ග අංශය ගැන ද අවධානය යොමුකර තිබෙනවා. මේ අවශ්‍යතා සෑම ගමකම ඉහළ ගිහින් තිබෙනවා. මේ අවශ්‍යතා පූර්ණය කිරීම තමයි මේ අයවැයේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ. මේ නැගීසිටීමට ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ කාර්ය සඳහා තමයි ණය මුදල් ලබා ගන්නේ. මේ ණය ගන්නේ වෙනත් අවශ්‍යතාවකට නොවෙයි. රටේ සුබසිද්ධිය මූලික කරගෙනයි.l ඒත් ඇතැම් අය කියන්නේ මේ ව්‍යාපෘතිවලට විශාල මුදලක් වියදම් වන බවයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?සෑම අංශයක්ම දියුණු කිරීමට නම් එහි ආකර්ෂණීය බවක් තිබිය යුතුයි. චෝගම් ගනිමු. මෙය අතිවිශාල වැඩක්. මෙමගින් ක්ෂණිකව ප්‍රතිලාභයක් ලබා ගැනීම නොවෙයි බැලිය යුත්තේ දීර්ඝකාලීන වාසිය ගැනයි. ඇත්තෙන්ම අපට රටක් විදිහට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශාල ප්‍රචාරක වාසියක් ලබා ගැනීමට පුළුවන් වුණා. අපට මේ දේ මුදල් ගෙවලා වෙනම ප්‍රචාරය කරන්න ගියානම් මේ වගේ කිහිප ගුණයක මුදලක් මේ දේවල්වලට වියදම් වීමට පුළුවන්.සංචාරක ක්ෂේත්‍රයේ වුණත් විශාල ප්‍රවර්ධනයක් හා වාසියක් මේ හරහා ලබා ගැනීමට පුළුවන්. අද කොහොමත් සංචාරක ක්ෂේත්‍රෙයත් විශාල ප්‍රගතියක් දක්නට තිබෙනවා. යුද්ධය තිබූ කාලයේදී සංචාරකයෙක් මෙරට පැමිණියත් ඔහු හෝ ඇය බලන්නේ පහුවෙනිදම රටෙන් යන්න. ඒත් අද තත්ත්වය වෙනස්. අද ඕනෑම සංචාරකයෙක් අඩුම ගානේ දින තුනක්වත් මෙරට තුළ නවතිනවා. මේ නිසා මෙරටට විශාල මුදල් ප්‍රමාණයකුත් ගලා එනවා.l අද අපේ රටට ආර්ථික වශයෙන් සතුටු විය හැකිද?රටේ තිබූ අවිනිශ්චිත තත්ත්වය නැහැ. දැන් ස්ථාවර තැනකයි රට තිබෙන්නේ. ආර්ථික වර්ධන වේගය සතුටුදායක තැනක රඳවා ගැනීමටත් උද්ධමනය පාලනය කරගෙන තනි ඉලක්කමක එය රඳවා ගැනීමටත් පුළුවන් වෙලා තිබෙනවා.ගොවි ආර්ථිකය ස්වයං ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ආණ්ඩුව සැලසුම් ඇති කර තිබෙනවා. එහි ආරම්භයක් තමයි ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් දිවි නැඟුම තරග ඇති කිරීම, එමගින් ජනතාව තුළ මේ ක්ෂේත්‍ර ගැන වඩාත් වැඩි උනන්දුවක් ඇති වෙනවා.l යුද්ධය තිබූ ප්‍රදේශවල වර්ධනීය ලක්ෂණ ඔබ දකින්නේ කොහොමද?යුද්ධයක් තිබී යුද තත්ත්වය නිමා වූ රටවල් ගනිමු. ඒ රටවල යුද්ධය නිමා වුණත් ස්ථාවරත්වයක් නැහැ. උදාහරණයක් විදිහට ගනිමු ඉරාකය, එහි සදාම් පරාජයවී යුද්ධය නිමා වුණත් තාම බෝම්බ පුපුරනවා. ඇෆ්ගනිස්තානය වුණත් එහෙමයි. එහෙත් මෙරට තුළ ස්ථාවරත්වයක් ඇති වෙලා පමණක් නොවෙයි යුද්ධය තිබූ ප්‍රදේශවල පවා විශාල සංවර්ධනයක් සිදුවෙලා තිබෙනවා. මෙය හොඳ තත්ත්වයක්.නුදුරේදීම උතුරේ අලුතින් නිවාස 5000ක් හැදෙනවා. මේ සියල්ලම නිසා අප රට අනාගතයේදී හොඳ රටක් බවට පත්වීම ස්ථිරයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මෙවර අයවැය මගින් සම්පාදනය කර තිබෙනවා. .
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=f1311293
|
මාධ්‍ය සහෘදයාට අන්තර්ජාතික ඇගැයුමක්
|
චන්දන ජයවීර
|
සම්මාන පදවි නාම තනතුරු පසුපස හඹා යන්නෝ සුලබය. එසේ නොවන අල්පතරයක් ද එවැන්නන්ට උපහාර පුදන්නෝ අන්‍යයන්ගේ ගෞරවයට ලක්වෙති.ලාංකේය සමාජයේ පැවැත්මට දීර්ඝ කාලීන සේවාවක් ඉටු කරන, එවැනිම මෙහෙවරක් කළ හැකි පිරිසක් සමාජයට හඳුන්වා දිය හැකි පුරෝගාමීන් ඇගැයීමට ලක් කෙරෙන සංවිධාන අල්පය. ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි මිහිඳු ළමා පදනම එකී සුළුතර කුලකයට අයත් සංවිධානයකි.මෙල්බර්න් හී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජීවත් වෙති. ඒ අතරින් පිරිසක් ශ්‍රී ලංකාවෙන් එරටට පැමිණි දෙවන හෝ තුන්වන පරම්පරාවට අයත් වෙති. මවුබිමෙන් දීර්ඝ කාලයක් ඈත්ව සිටීම නිසාම සමහර විට ඔවුන් එපමණටම දේශීය සංස්කෘතියෙන් හා සද්චාරිත්‍රයන්ගෙන් ඈත්වීම ද නිරායාසයෙන් සිදුවන්නකි.මිහිඳු ළමා පදනමේ අරමුණ මවුබිමේ ගුණ සුවඳ ඔස්ට්‍රේලියාවේ පැතිරවීමය. එරට ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට සිංහල බෞද්ධ සංස්කෘති යහගුණ කියා දීමය. මිහිඳු ළමා පදනමේ සේවය ඔස්ට්‍රේලියාවට පමණක් සීමා නොවේ. ඔවුන් මවුබිමේ ජාතික සිරිත් හා යහගුණ අනාගත පරපුරට ද හඳුන්වා දෙන්නට උත්සුක වෙති. ඔවුන් අපේ ජාතික සංස්කෘතිකාංගවලට (නැටුම් ගැයුම්වලට) විශේෂ තැනක් ලබා දෙමින් ප්‍රසංග පවත්වති. ඊට අමතරව දේශීය ජාතික උත්සව විචිත්‍රාකාරයෙන් සමරති.මෙම සේවාවන්ට අමතරව මිහිඳු ළමා පදනම දීර්ඝ කාලයක සිට තවත් බැරෑරුම් සේවාවක් ඉටු කරයි. එනම් ශ්‍රී ලාංකේය සමාජයේ යහපැවැත්මට අනූපමේය සේවාවක් ඉටු කරන්නවුන් සොයා ගොස් ඔවුන් ඇගැයීමයි. අපගේ පූර්විකාවට නිමිති වූයේ ඔවුන්ගේ තවත් එවැනි ඇගැයුම් අවස්ථාවකි.මිහිඳු ළමා පදනම සහ සංස්කෘතික පදනමේ අධ්‍යක්ෂිකා විනීතා විජේරත්න මහත්මිය සඳහන් කරන පරිදි වාර්ෂිකව ඔවුන් ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයට දෘඪතර සේවයක් කළ කලාකරුවෙක් තෝරා උපහාරයට ලක්කරනු ලබයි. එම පදනමේ ගෞරව බහුමානයට පාත්‍ර වූ සුවිශේෂී කලාකරුවන් අතර පසුගිය වසරයන්හි ප්‍රවීණ ලේඛක හා ගීත රචක සුනිල් සරත් පෙරේරා, කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැන්නෝ වෙති.ශ්‍රී ලාංකේය ගුවන් විදුලි, රූපවාහිනී සහ මුද්‍රණ ක්ෂේත්‍රයට කළ විශේෂ සේවය සලකා මෙල්බර්න් හි මිහිඳු පදනම 2013 වර්ෂයේ ඇගැයුම පිණිස තෝරා ගනු ලැබ ඇත්තේ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාය.එය මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලේක්හවුස් ආයතනයට ද වැදගත් වන්නකි. එයට හේතුව ඔහු පත්තර මහගෙදර පුවත්පත් සමූහයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වීමය.අප ආයතනය නවීන තාක්ෂණය සමඟ අත්වැල් බැඳගෙන ලේඛන කලාවේ නව යුගයක් කරා ගෙන යාමේ අවශ්‍යතාව සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා නිරන්තරයෙන් දක්වයි. එම කාලීන අවශ්‍යතාව වටහාගත් පත්තර සමූහයේ මෙහෙයුම් භූමිකාව ඉටුකරන්නෙකු අගැයුමට ලක්වීම පුවත්පත් ක්ෂේත්‍රය ද අගැයුමට ලක්වීමකි.සීලරත්න සෙනරත් මහතා අගැයුම තවත් ආකාරයකින් වැදගත්ය. අප බොහෝ දෙනා හොඳින් දන්නා පරිදි ඔහු වඩාත් ප්‍රකටව ඇත්තේ නිවේදන ක්ෂේත්‍රයේය. ගුවන් විදුලිය සන්නිවේදන ක්ෂේත්‍රයේ ජයකෙහෙළි නැංවූ සමයේ ප්‍රේක්ෂක හදවතට සමීප වූ නිවේදකයන් අතර ඔහු ප්‍රමුඛයෙකි.අනෙක් අතට මෙරට ජාතික සමඟිය ඇතිකිරීමේ ක්ෂේත්‍රයේදී ඔහු දක්වා ඇති දායකත්වය ද වැදගත්ය. එහිදී ඔහු ප්‍රමුඛයෙක් නොව එකම සාමාජිකයා යැයි ද කිව හැක.ඊට හේතුව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මෙරට පිළිගත් භාෂාත්‍රයෙන්ම ගුවන් විදුලි හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ එකම සන්නිවේදකයා ඔහු වීමය. ඒ අතින් ඔහු විශිෂ්ටයන් අතර ද සුවිශේෂ වූවෙකි.ගුරුවරයෙක්, සන්නිවේදකයෙක් හා මිත්‍ර සන්ථව ගොඩනඟන සම්බන්ධීකාරකවරයෙක් ලෙස සීලරත්න සෙනරත් මහතාගේ සේවය බෙදා දැක්විය හැක. ගුරු වෘත්තියෙන් ඔහුට දීර්ඝ කාලයක් සේවය කිරීමට ඉඩ ලැබුණේ නැත. දේශපාලන හේතු මත දඬුවම් මාරු හිමිවීම එයට හේතුවය. සමාජයට ඔහුගේ චරිතයෙන් ඉගෙනීමට පාඩම් රැසක් ඇත.ඒවා මෙවැනි කෙටි ලිපියක හකුලුවා දැක්විය නොහැකි වුවත් එකක් දෙකක් හෝ සිහිපත් කළ යුතුය. තමන්ට ලැබෙන අවස්ථා පවා උත්සාහය ඇත්තේ නම් යහපතට යොදාගත හැකි බව සීලරත්න චරිතය හදාරන්නෙකුට මනාව වැටහේ.දඬුවමක් ලෙස වවුනියාව සිප්පිමඩුව මහා විද්‍යාලයට ගුරු සේවයෙන් මාරුවක් ලැබුණු විට ඔහු එහිදී දෙමළ භාෂාව අධ්‍යයනය කිරීමට යොමුවිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා හැටියට කටයුතු කළ 2002 -2004 සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා හැටියටත් රත්නසිරි වික්‍රමනායක මහතා අගමැතිවරයා හැටියට කටයුතු කළ අවධියේ (2005 - 2010) ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා හැටියටත් සේවය කළේ මෙම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියායි. එහිදී ඔහුගේ ත්‍රිභාෂා දැනුම ජාතික මෙහෙවර වෙනුවෙන් කැපී පෙනෙන අයුරින් ලැබුණි.ඔහු ක්ෂේත්‍ර රැසකින් ඉහළට ගියද තවමත් මේ රටේ ජනතාවට ඔහු මතක “මා ඔබේ සීලරත්න සෙනරත්” යන වදනිනි. එය වචනයට පමණක් සීමා වූවක් නොවන බව දේශපාලනිකව ඔහු සමඟ එකඟ නොවන්නන් පවා අවිවාදයෙන් පිළිගනී.ඒ නිසා ගුවන් විදුලි නිවේදකයන් අධිරාජ්‍ය ගොඩනඟාගෙන සිටි සමයක සාමාන්‍ය ජනතාවට ඉතාමත්ම සමීප ළෙන්ගතු නිවේදකයා ලෙස එතුමන් සමහරු හඳුන්වති. එම ලෙන්ගතුකම චීන අන්තර්ජාතික ගුවන් විදුලියේ සිංහල සේවය ඔස්සේ ද ජාත්‍යන්තරය වෙත පැතිර ගියේය.ඔහුගේ ගුරු භූමිකාව කෙටි කාලීන වුවත් මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුට ගුරුවරයෙකි. ඔහු අත දුන්, හඳුන්වා දුන් පිරිස බොහෝය. පිබිදෙන ගායක පරපුර, ගුරුගේ මැණික් වාසනා උදාව, ජයනිත්‍ය කල්‍යාණි විනෝද මේලා, ඔව් නෑ බෑ, විනාඩියක් පමණයි, හෙලන්ස් මංගල සීනු වැනි ගුවන් විදුලි වැඩසටහන් මෙයට දශක කිහිපයකට පෙර ජනප්‍රියත්වයේ මුදුන් හිනිපෙත්තේ සිටි වැඩසටහන්ය. ඒවා සීලරත්න සෙනරත් ජනප්‍රියත්වයේ මුදුන් පෙත්තට එසවීය.යම් වැඩසටහනකට නිවේදකයෙක්ට ආරාධනාකළ විට බොහෝ නිවේදකයන් මුලින්ම අසන ප්‍රශ්නය වන්නේ ගාණ කීයක් දෙනවද යන්නය. නමුත් සීලරත්නයන් එයින් වෙනස්ව වේලාව කීයට ද තියෙන්නේ යනුවෙන් විමසන බව ගුවන් විදුලි නිෂ්පාදකවරු අදට ද කෘතවේදීව සිහිපත් කරති.ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ මාධ්‍ය මෙහෙවර අවස්ථා කිහිපයකදී ඇගැයුමට ලක්කර ඇත. සියම් මහ නිකාය “මාධ්‍ය ශිරෝමණි ලංකා පුත්‍ර” ගෞරව නාමය පිරිනැමීමත්, චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මඟින් ගරු සම්මානයට ලක්කිරීමත් එවැනි අවස්ථා දෙකකි.මේ සියලු සම්මාන මඟින් අගැයුමට ලක්කර ඇත්තේ ඔහුගෙන් මාධ්‍යයට වූ සේවයය. එහෙත් ඔහුගේ තාදී ගුණය මෙම සම්මානයන්ගෙන් අගැයුමට ලක්ව ඇත්දැයි නොදනිමි. දුෂ්කර අවස්ථාවන්හිදී සිය නායකයා වෙනුවෙන් කැපවෙමින් දැක්වූ කැපවීම අගය කෙරී තිබෙනවාදැයි නොදනිමි.ඔහුගේ එම සේවය අගය කෙරී ඇති අවස්ථාවක් ලෙස මම දකින්නේ ගුණසිරි සිල්වා රචකයාගේ “පිහාටු පෑන” නම් ස්වයං ලිඛිත චරිතාපදානයයි. එහිදී ප්‍රවීණ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා පොදු පෙරමුණ රජය 2001 දී විපක්ෂයට ගිය අවස්ථාවේ එය රැකගැනීමට දැක්වූ දායකත්වය විශේෂ සඳහනක් කොට අගය කර ඇත.ඒ අනුව මා නම් සලකන්නේ සීලරත්න සෙනරත් චරිතයේ ඇති සුවිශේෂ ලක්ෂණය කිසිවෙකු සමඟ තරහ නොවීමය. කිසියම් හේතුවක් මත අමනාපයක් ඇතිවූයේ නම් ඔහු තමන්ගේ ප්‍රවීණත්වය හා නිලතල අමතක කර කවර තරම් ආධුනිකයෙක් හමුවේ වුවද නිහතමානීව මිතුරෙක් බවට පත් වෙයි. මට ඒ බව වෙන කිසිවකුට වඩා ප්‍රත්‍යක්ෂ ලෙස පැවසිය හැක්කේ එවැනි සිදුවීම් මා සම්බන්ධයෙන් ද ඇති නිසාය..
|
NEWSPAPER
|
2013.11.29
|
http://www.dinamina.lk/2013/11/29/_art.asp?fn=f1311294
|
තුන් කල් දුටු පෙරගමන්කරුවා
|
මානෙල් පුෂ්පකුමාරී
|
නිදහස් ශ්‍රී ලංකාවක් පිළිබඳ කල්පනා කරන්නටවත් නොහැකි යුගයක් පසුකර එන්නට අපට සිදු විය. දසක තුනක් අප රට ගිලගත් කුරිරු ත්‍රස්තවාදය ශ්‍රී ලාංකික අපට කුරිරු අත්දැකීම් රැසක් ඉතිරි කළේ ය. එවන් ශාපලත් යුද්ධයක්, ශාපලත් ත්‍රස්තවාදයක් අවසන් කර රටට ජාතියට නිදහස් නිවහල් චින්තනයක් උරුම කර දීමට ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර නායකත්වය ඉවහල් විය.එතුමාගේ නොසැලෙන නායකත්වය නොවන්නට තිස් වසරක ත්‍රස්තවාදයෙන් මේ රට කෑලිවලට කැඩී වෙන්වී අවසානය. එවන් අමිහිරි අතීතයක සිටි ශ්‍රී ලාංකික මා මෙන් ම ඔබටත් නිදහසේ හුස්ම ගැනීමට හැකි වුවෙත්, දැයේ දූ දරුවන්ට සුබ අනාගතයක් ගොඩ නැගුවේත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. එවන් උදාර මෙහෙවරක් සිදු කළ ජනපතිතුමනි, ඔබගේ ජන්ම දිනය, පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුබපැතුම් පිරිනමමි.රටක දේශපාලනික, ආර්ථික, සමාජීය ස්ථාවරත්වය සඳහා ජනතා නායකත්වය, දේ්ශපාලන නායකත්වය අත්වශ්‍යය. එවන් ජනතා නායකත්වයක් නොමැති වකවානුව පිළිබඳ අප අත්දැකීම් ලබා ඇත්තෙමු. ජනාධිපතිතුමා එදා, ප්‍රථම වරට 1970 මහ මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් තේරීපත් විය. එතුමා එවක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා බවට ද පත් විය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිගරුක දේශපාලන පිළිවෙත ගරු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබාදෙමින් සිටියි. මහජනතාව වෙනුවෙන්, ගමේ මිනිසා වෙනුවෙන්, අසාධාරණයට එරෙහිව පෙනී සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා, කම්කරු හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් ව අභීතව සටන් කළ නායකයකි. ජනමනස අවබෝධ කරගත් ජනතා නායකයකුගේ ගුණ පෙන්නුම් කළ නායකයකු වශයෙන් එතුමා ජාතියේ සෙනෙහෙබර පියාද වෙයි.එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට මෙන් ම පාක්ෂිකයන්ට ද බරපතළ තාඩන පීඩන එල්ල වූ අතර, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෑත්වලට ද මාංචු දැමීමට එම පාලනය අමතක නොකළේ ය. එවන් කටුක මාවත් මතින් ඉදිරියට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 2005 දී ශ්‍රී ලංකාවේ පස්වැනි ජනාධිපතිවරයා ලෙස ජනතා ප්‍රසාදයෙන් තේරී පත් විය.ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියත් සමඟ එතෙක් ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන, සමාජ, ආර්ථික ක්‍රමවේදය වෙනස් වන්නට පටන් ගත්තේ, නව චින්තන ධාරාවකින් රටම ආලෝකවත් කරමිනි. මහින්ද චින්තනය නම් සර්වකාලීන සංවර්ධන දැක්ම ජනාධිපතිතුමා රටේ ස්ථාපිත කරන්නේ අද අපි දකින ආශ්චර්යයේ ගමනට ප්‍රවිශ්ට වෙමිනි.ගම නැඟුම, මඟ නැම වැනි දැවැන්ත ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති හරහා ගම දියුණු වන අයුරු අප දුටුවේ ය. ගමේ බොරළු පාර කාපට් විය. දසක ගණනාවක් අඳුරේ සිටි ජනතාවට විදුලිය ලැබුණි. ජනතාව අතරට ගිය ප්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස මහින්ද චින්තන වැඩපිළිවෙළ එලෙස ජන මනස අවදි කළේ ය.“මේ ගහකොළ, මේ මහ පොළොව ඔබගේ ය. එහෙත් ඒ සියල්ල ඔබගේ පමණක් නොව, මතු පරපුර වෙනුවෙන් ද රැකිය යුතුය. පාලකයා යනු ඔබේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව, තාවකාලික භාරකරුවා ය.” යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, සිය මහින්ද චින්තන ඉදිරි දැක්ම මඟින් ප්‍රකාශ කර තිබේ.රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එතුමා ත්‍රස්තවාදය පරාජය කළේ ය. රටේ දරුවන් වෙනුවෙන් එතුමා ආශ්චර්යයේ නැව්තොට, ගුවන්තොට, මහ මං තැනුවේ ය. ජනාධිපතිතුමා, “මහින්ද චින්තනයේ” සඳහන් කරන “ඔබ සැමගේ සිතුවිලි කැටිකොට, මිනිසා ගොඩනගා පවුල රකින්නටත්, පවුල ගොඩනගා ගම රකින්නටත්, ගම ගොඩනගා රට රකින්නටත්, රට ගොඩනගා ලොව දිනන්නටත්, වූ මහින්ද චින්තනය අද යථාර්ථයක් වී අවසන් ය.අද අප හමුවේ ඇති අභියෝගය ලොව දිනා ගැනීමය. ඒ සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය රටට ආදර්ශයකි. ජනාධිපතිතුමා ලෝකයේ සිිටින ජනප්‍රියම රාජ්‍ය නායකයෙකි. යුද්්ධය අවසන් වීමෙන් අනතුරුව ඉතාම කෙටි කාලයකින් රටේ ඇති වී තිබෙන භෞතික, මානව සංවර්ධනය ලෝක ප්‍රජාවේ මහත් කතාබහට ලක්විය.ලෝක ආර්ථික අර්බුද පැවැති අවස්ථාවේ අපේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට ජනාධිපතිතුමාගේ ආර්ථික දර්ශනය ශක්තියක් විය. මහින්ද චින්තන ඉදිරි දැක්ම බලාපොරොත්තුව එ.ජ.ඩොලර් 4000ක් ඉක්ම වූ ඒකපුද්ගල ආදායම් මට්ටමක් හා එ.ජ.ඩොලර් බිලියන 100ක සමස්ත ආර්ථිකයක් කරා යෑමයි. යුද්ධයෙන් පසුව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් මහින්ද චින්තනයේ පංචමහ බල කේන්ද්‍ර සංකල්පය අද යථාර්ථයක් කරමින් පවතී. නාවුක, ගුවන්, සංචාරක, බලශක්ති, වාණිජ, දැනුම පංච ආර්ථික කේන්ද්‍ර ශක්තිමත් සංවර්ධන ව්‍යාපෘති තුළින් ආලෝකවත් වන ආකාරය අපට දැකගත හැකිය. වසර 2016 දී සංචාරක පැමිණීම මිලියන 2.5ක ඉලක්කයක් සේම 2016 දී සංචාරක ආදායම එ.ජ.ඩොලර් බිලියන 2.8 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.උද්්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය ද රටේ සංචාරක කර්මාන්තය උදෙසා ශක්තියක් ලබාදීමට මේ වනවිටත් උද්‍යාන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය.ජාතික මෙන් ම ජාත්‍යන්තර කුමන්ත්‍රණ හමුවේ නොසැලෙන නායකත්වයකින් කටයුතු කරන ජනාධිපතිතුමාගේ ආර්ථික, සමාජීය, දේශපාලනික වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කැස කවන පිරිසක් තවමත් අඳුරු සෙවණැලි සේ ක්‍රියාත්මක වීමට උත්සාහ ගනියි. ඔවුන්ට අවශ්‍ය වන්නේ රටේ පවත්නා ස්්ථාවර සාමකාමි වාතාවරණය අවුල් කොට මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම මිස අන් කිසිවක් නොවේ. එවිට නැවතත් බඩගෝස්තරවාදී රාජ්‍ය නොවන සංවිධානවලට තම සිතැඟි රටේ ක්‍රියාත්මක කිරීමට පුළුවන.පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකත්ව සමුළුව ශ්‍රී ලංකාවට ලැබුණේ මේ උදාර නායකත්වය නිසාය.එවන් සමුළුවක් මඟින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට රුකුලක් වනවා නිසැකය. එවන් ඉහළ පෙළේ සමුළුවක් රටේ පැවැත්වීමට එරෙහිව ඇතැම් අන්තවාදී කණ්ඩායම් ජාත්‍යන්තරයේ ක්‍රියා කළත්, ජනාධිපතිතුමාගේ විශ්වාසවන්ත නායකත්වය විසින් සියල්ල පරාජය කර ඇත.අපට දැක්මක් තිබේ. උදාර නායකත්වය තිබේ. පරිපූර්ණ සැලසුමක් තිබේ. කාර්යශූර වැඩපිළිවෙළක් තිබේ. එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශක්තිය ලබාදීම අප සැමගේ පරම යුතුකමයි. එය නොපිරිහෙළා ඉටු කරන්නේ නම් මෙවන් උදාර නායකත්වයක් පිදුවා වැනිය. ජනාධිපතිතුමනි ඔබතුමාට දිගාසිරි පතමි..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n1311301
|
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේහිටපු ලොක්කෙක් අත්අඩංගුවට
|
විජයානි එදිරිසිංහ
|
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ අවදියේ ව්‍යාජ දත්ත යොදා හැඳුනුම්පත් සකස් කර දී ලක්ෂ ගණනින් මුදල් ඉපැයීමේ ජාවාරමක නිරත වූ පරිපාලන සේවාවේ ඉහළ නිලධාරියකු ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය මඟින් ඊයේ (29) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු දැනට යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දරයි.පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සේවය කරන කාලයේ මෙම නිලධාරියා විසින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව හරහා ව්‍යාජ දත්ත ඇතුළත් කර සැකසූ ව්‍යාජ හැඳුනුම්පත් දහයක් ද ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය මඟින් සොයාගෙන තිබේ.මොහොමඩ් රාසික් නැමති මෙම නිලධාරියා එම දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලයේ මේ ජාවාරම කරගෙන ගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අස්සන් රබර් මුද්‍රා ආදියද හොර රහසේ යොදා ගනිමිනි. මොහු විසින් එසේ සකස් කර ඇති හැඳුනුම්පත්වලට අවශ්‍ය උප්පැන්න, ග්‍රාම සේවා අස්සන්, රබර් මුද්‍රා, ලිපිනයන් ඇතුළු බොහෝ කරුණු ව්‍යාජ ඒවා වන අතර ඇතැම් නිවෙස්වල සත්‍ය ලිපිනයන්වලට එහි පදිංචි නැති පුද්ගලයන්ගේ නම් යොදා හැඳුනුම්පත් සකස් කොටදී තිබේ. කොළඹ, අහංගම, මහනුවර, බදුල්ල, ත්‍රිකුණාමලය, කින්නියා සහ මඩකළපුව යන ප්‍රදේශවල පුද්ගලයන්ට හැඳුනුම්පත් සාදා ඇති බව සොයාගත් හැඳුනුම්පත් වලින් අනාවරණය වෙයි.එක් දින සේවාව හරහා හැඳුනුම්පත් ලබාදීමේදී එම අයදුම් පත්‍රයට පළාතේ දිසාපතිගෙන්ද සහතික කරවාගත යුතු වෙයි. මොහු විසින් සකස් කළ හැඳුනුම්පත් සඳහා වූ අයදුම්පත් අතර එසේ දිසාපතිවරයාත් අත්සන යොදා නැති ඒවාද වෙයි. මොහු විසින් ව්‍යාජ තොරතුරු ලවා සකස් කළ හැඳුනුම්පත් හරහා විශාල පිරිසක් විදේශගතවී ඇති බවද හෙළිවී තිබේ. මෙරට සිටින පුද්ගලයකුට හැඳුනුම්පත් සකස් කිරීම සඳහා සහ විදේශගත වන අය සඳහා වශයෙන් එක් හැඳුනුම්පතකට වෙන වෙනම මුදල් අය කර තිබේ.මොහුගේ ජාවාරමට එම දෙපාර්තමේන්තුවේ තවත් අයගේ සහාය ලැබී ඇතැයි යන සැකය මත ඔවුන් හෙළිකර ගැනීම සඳහාත් පරීක්ෂණ සිදු කෙරේ.සැකකරු විසින් සකස් කළ ව්‍යාජ හැඳුනුම්පත් දෙකක අනාවරණය කරගත් සියලු තොරතුරු සමඟ සැකකරු ඊයේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. එහිදී සැකකරු ලබන 2වැනිදා දක්වා රිමාන්ඩ් ගත කර ඇත.සොයාගත් සෙසු ව්‍යාජ හැඳුනුම්පත් අට ලබන සඳුදා (2) පොලිසිය මඟින් එදිනට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ඉද්දමල්ගොඩ මහතාගේ උපදෙස් මත එම කොමිසමේ පොලිස් ඒකකයේ සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් සැරයන්වරුන් වන 38380 ගමගේ, 2986 දීප්ති, 3987 ප්‍රියන්ත සහ 1828 උපුල් යන නිලධාරීහු පරීක්ෂණ සිදු කර ජාවාරමේ තොරතුරු හෙළි කර සැකකරු අත්අඩංගුවට ගත්හ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n1311302
|
ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත එනතුරුඅන්තර්කාලීන හැඳුනුම්පතක්
|
නිරූෂි විමලවීර
|
පරිගණක දත්ත ඇතුළත් අන්තර්කාලීන ජාතික හැඳුනුම්පතක් ලබන වසරේ සිට හඳුන්වා දෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.දැනට අත් අකුරින් මුද්‍රණය කෙරෙන ජාතික හැඳුනුම්පත පරිගණක දත්ත ඇසුරින් සැකසීම සිදු කෙරෙන බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා ප්‍රකාශ කෙළේය.ජාතික හැඳුනුම්පත අත් අකුරින් සටහන් තැබීමේදී එහි තොරතුරු ඇතුළත් ලෙජරය මඟින් සිදුවන අක්‍රමිකතා අවම කිරීමත් 2014 වසරේ නොවැම්බර් හඳුන්වාදීමට යෝජිත ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතට පෙරහුරුවක් ලෙසත් මෙම අන්තර්කාලීන හැඳුනුම්පත හඳුන්වාදෙන බව ඒ මහතා අවධාරණය කළේය. මෙමඟින් ජාතික හැඳුනුම්පතේ ඇතුළත් සියලුම තොරතුරු ලෙජරයෙන් ඉවත් වී පරිගණක ගත වන බවද එමඟින් අක්‍රමිකතා අවම වනු ඇති බවද හෙතෙම අනාවරණය කෙළේය.අපොස සාමාන්‍ය පෙළ සඳහා අලුතින් ජාතික හැඳුනුම්පත් අයදුම් කර තිබූ ලක්ෂ හතරකට පමණ මේ වන විට හැඳුනුම්පත් නිකුත් කොට අවසන් බව කී ඒ මහතා කිසිදු දරුවෙක් පෝලිමේ නොතබා පසුගිය 23 දින වන විට සියලුම හැඳුනුම්පත් ලබාදී අවසන් කළ බවද ඒ මහතා වැඩිදුරටත් කීය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n1311303
|
උතුරේ වැඩ ගැන රජයටනෝර්වේ පැසසුම්
|
ධනුෂ්ක ගොඩකුඹුර
|
උතුරේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ගෙන ඇති උත්සාහය නෝර්වේ රජයේ ප්‍රශංසාවට ලක් කෙරේ. ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ග්‍රේට් ලොචෙන් මහත්මිය ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයේ දී ඊයේ (29) හමු වු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළාය.ජනාධිපතිතුමා සමඟ පැවැති කෙටි මිත්‍රශීලී සංවාදයේ දී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ‍්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව නෝර්වේ රජය සතුටු වන බව ද ඇය ප්‍රකාශ කළාය.උතුරේ ජනතාවගේ ආර්ථික හා සමාජ දියුණුව සහතික කිරීම සඳහා අලුතින් තේරී පත් වූ පළාත් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රජය සූදානම් යයි ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.පෝෂණය පිළිබඳ ජනාධිපති උපදේශක වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n1311304
|
ගොවි විශ්‍රාම වැටුප් අරමුදලටමිලියන 1000ක් වෙන් කළා
|
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
|
ගොවි විශ්‍රාම වැටුප් අරමුදල සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බවත් ගොවිසෙත ලොතරැයියෙන් ලැබෙන සියලු මුදල් ද මේ සඳහා බැර කරන නිසා ඉදිරියේදී මෙම අරමුදල ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය හා නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කළේය.අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී . හැරිසන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.ආර්ථික අංශ බලගන්වන්නේ නැතිව වාරික ගෙවීම වැඩි කළ නිසා ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම නතර කිරීමට හේතු වූ බවද, මෙය රක්ෂණ ක්‍රමයක් නිසා මාස්පතා වාරික ගෙවීම සිදු කළ බවද 2006දී මාවිල් ආරු වගා හානි වෙනුවෙන් ගොවි විශ්‍රාම වැටුපෙන් මුදල් ගෙවා ඇති බවද හෙතෙම පැවසීය.වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 120ක් ලබා දී ඇති අතර, එම මුදල් ගෙවීමේද වංචාවක් සිදු වී ඇති බවට කරුණු හෙළි වූ නිසා පරික්ෂණ පවත්වා නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n1311305
|
ඕනෑම ආයෝජනයකටලොව සුදුසුම රට ශ්‍රී ලංකාව
|
මහින්ද අලුත්ගෙදර
|
ලොව ඕනෑම ආයෝජකයකුට තම ආයෝජනයන් සිදුකිරීම සඳහා ලෝකයේ සුදුසුම රට ශ්‍රී ලංකාව බව පාකිස්තානය අවධාරණය කරයි.ශ්‍රී ලංකාව නව ආයෝජන ආරම්භ කිරීම සඳහා සුදුසු රටක් වන අතර තම රටේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට පියවර ගන්නා බවද පාකිස්තානයේ කර්මාන්ත හා නිෂ්පාදන ෆෙඩ්රල් ඇමැති ගුලාම් මර්ටා ෂාජටෝයි මහතා ප්‍රකාශ කරයි.මේ අතර ඒ මහතා සඳහන් කරන්නේ සීනි නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය සහ වානේ කර්මාන්තයට අදාල ආයෝජන අවස්ථා මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයන් දිරිමත් කරන බවයි.නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන කර්මාන්ත හා නිෂ්පාදන ෆෙඩ්රල් ඇමැති ගුලාම් මර්ටා ෂාජටෝයි මහතා මේ බව සඳහන් කළේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදීය.මෙහිදී අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ වසර තිහක් රටතුළ පැවැති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා රජයට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණු බවයි.ශ්‍රී ලංකාව තුළ විශාල ප්‍රමාණයක් ආයෝජන අවස්ථා ඇති බව පෙන්වා දුන් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා නව ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම සැලසීමට රජය නිරතුරුවම ක්‍රියාකරන බවද විදේශීය ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ආයෝජනය වෙනුවෙන් කැමැත්ත පළකර තිබෙන බවද පැවසීය.පාකිස්තාන රජය මඟින් මෙරට සංවර්ධනය සඳහා විශාල වශයෙන් සහයෝගය ලබාදි ඇති බව පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය සඳහා පාකිස්තාන රජයේ සහයෝගය ලැබුණු බවද එය අද වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවද සිහිපත් කළේය.මෙරට පාසල් කිහිපයක් සංවර්ධනය සඳහා ද පාකිස්තාන රජයේ සහයෝගය ලැබුණු බව පැවසු බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේය.මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පාකිස්තානයේ කර්මාන්ත හා නිෂ්පාදන ෆෙඩ්රල් ඇමැතිවරයා සඳහන් කළේ තම රටේ රාජ්‍ය අංශය විසින් මෙහෙයවන කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ඇති බවත් ශ්‍රී ලංකාවේද රාජ්‍ය අංශය මේ සඳහා යොමුවීම වැදගත් බවත්ය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n1311306
|
කොටි සංවිධානයේ ත්‍රස්ත වැඩ මුල්වරට වාර්තා චිත්‍රපටයකින්
|
මහින්ද අලුත්ගෙදර
|
එල්ටීටිඊ ත්‍රස්තවාදීන්ගේ සත්‍ය ක්‍රියාකාරකම් ප්‍රථම වතාවට බෙල්ජියමේ බ්‍රසල්ස්හි යුරෝපීය පාර්ලිමේන්තුවේදී තිරගත කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇත.“The Last Phase" යනුවෙන් නම්කර තිබෙන මෙම වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ස්වාධින චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරන ලද අතර ඒ මඟින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායමට එක්ව සිටි සටන්කාමියකගේ හා ඇගේ පවුලේ සාමාජිකයන් යුද්ධය පැවති අවසන් මාස කීහිපය තුළදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් මිනිස් පළිහක් ලෙස භාවිතා කරන ලද බව ද එහිදි ඔවුන් විසින් මුහුණ දුන් කනගාටුදායක ජීවිතය පිළිබද සත්‍ය කතාව මනාව පිළිබිඹු කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.මෙම වාර්තාමය චිත්‍රපටය පෙරේදා (28) යුරෝපීය පාර්ලිමේන්තුවේ තිරගත කිරිම සඳහා බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නියෝජිතයකු, යුරෝපිය පාර්ලිමේන්තුවේ සාමාජිකයකු හා යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායමේ සභාපති ජෙෆ්රි වෑන් ඕර්ඩන් මහතා විසින් අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.මෙම චිත්‍රපටය මඟින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් පවත්වාගෙන යනු ලැබූ සෙන්චෝලෙයි අනාථ නිවාසයේ වැඩුණු පසුව ඔවුන් විසින් ත්‍රස්තවාදි සංවිධානයට බඳවා ගන්නා ලද ජයවඩනී නැමති තරුණියගේ හා ඇගේ පවුලේ සාමාජිකයන්ගේ සත්‍ය ජීවිත කතාව දිගහැර තිබෙන අතර මරණයේ අඳුරු සෙවණැලිවලට මුවාවී එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් යුද්ධයේ අවසන් අදියරේදි ඔවුන් සිරකර තබා ගන්නා ලද කුඩා බිම්තිරුවේ මර උගුල් හා අනේකවිධ බාධක මධ්‍යයේ සිය ජීවිතය බේරාගෙන අද වනවිට සිය කඩා වැටී තිබූ ජීවිත නැවත සාර්ථකව ගොඩනගා ගන්නා ආකාරය ඇය විසින් මනාව පැහැදිලි කර ඇත.එසේම තමන්ගේම කණ්ඩායමෙන් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයකින් දරුණු ලෙස තුවාල ලබා සිය ජිවිතය බේරා ගැනිමට තරම් වාසනාවන්තියක වන ජයවඩනි නැමති මෙම තරුණිය නැවත සිය ජිවිතය ලබා ගැනිමෙන් අනතුරුව යුද්ධයේ අවසන් අදියරේදි සැඟවි තිබු රහස් හා එල්.ටී.ටී. ඊ. ම්ලේච්ජත්වය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් මෙමඟින් සිදුකර ඇත.එසේම මෙය ඇයගේම කතාව පමණක් නොව එල්.ටී.ටී.ඊ සංවිධානයට බඳවා ගන්නා ලද හා අද වනවිට නිදහසේ හා සාමයේ අරුණලු සුවය විදිමින් වඩා හොඳ ජීවිත ගත කරනු ලබන 12,000 ක් පමණ වන එල්.ටී.ටී.ඊ අනෙකුත් සාමාජිකයන්ගේද කතාව වන බව ජාත්‍යන්තරයට පසක් කරයි.මෙම වාර්තාමය වැඩසටහන තිරගතවිමෙන් අනතුරුව ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ සභාපතිවරයාගේ ආරාධනයට අනුව ඒ පිළිබඳ සිය අදහස් දැක්වූ බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති පී.එම් අම්සා මහතා සඳහන් කර ඇත්තේ මෙම වැඩසටහන මුලින්ම දැකීමෙන් අනතුරුව යුද්ධය පැවති අවසන් කාලය තුළදි එල්.ටී.ටී.ඊ ග්‍රහණයේ සිටි දස දහස් ගණනක් වූ ද්‍රවිඩ වැසියන් හා තරුණ තරුණියන් මෙතෙක් කල් ලොවට නොපවසන ලද හා ඔවුන් එකී කාලපරිච්ජේදයේ දි විදින ලද අනේකවිධ වූ දුක් කම්කටොළු පිළිබඳ තමාට ඉතා පැහැදිලි අවබෝධයක් ලැබුණ බවයි.එසේම ඔවුන් මෙන්ම ජාති කුල ආගම් භේදවලින් තොරව මෙකි කාලය තුළදි මෙම යුද්ධයට සම්බන්ධ වී සිටි හමුදා සාමාජිකයන්, වෛද්‍ය කාර්ය මණ්ඩල හා අනෙකුත් සියලුම පාර්ශ්වයන් විසින් මෙය නිමා කිරිම සඳහා දරන ලද උත්සාහයේදී ඔවුන් විසින් සිදුකරන ලද කැපකිරිම් හා විපතට පත් පිරිස බේරා ගැනීම සඳහා කරන ලද සියළු උදව් උපකාරයන් දකින විට ඕනෑම අයෙකුගේ සිතෙහි ඔවුන් පිළිබඳ දැඩි අනුකම්පාවක් මෙන්ම දැඩි ආදරයක් ද ජනිත වන බවද ඒ මහතා පෙන්වාදී තිබේ.තවද වරක් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයන් විශ්වාස කර ඔවුන් වෙනුවෙන් සිය ජිවිතයේ හොඳම කාලය කැප කර සටන් කරන ලද එම සංවිධානයේ සාමාජිකයන් පවා අවසානයේදී සිය සංවිධානයෙන් වෙන්වි තම ජිවිත බේරාගෙන රජය විසින් ප්‍රකාශ කරන ලද ප්‍රදේශවලට පැමිණීමෙන් ඔවුන් තුළ එකි නායකයන් පිළිබඳ එතරම් විශ්වාසයක් ගොඩනැගී නොතිබූ බව දෘශ්‍යමාන වන බව පවසා තිබෙන අම්සා මහතා තමන් විසින් මෙම වර්ෂය ආරම්භයේදී මෙම වාර්තාමය වැඩසටහන නැරඹීමෙන් අනතුරුව ඒ පිළිබඳ යුරෝපීය පාර්ලිමේන්තුවේ කරන ලද පැහැදිලි කිරීමට අනුව එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමට බ්‍රසල්හි යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණ මෙම වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට අවස්ථාව සැලසුණු බවද සඳහන්කර ඇත.ශ්‍රී ලංකාව වෙනුවෙන් තම අවංක අදහස් පැවසීමට කිසිවිටෙකත් පැකිලිය යුතු නැති බව පැවසූ යුරෝපිය පාර්ලිමේන්තු සාමාජික වෑන් ඕර්ඩන් මහතා එසේ වුවද නිවැරදි දැක්මකින් තොරව ඇතැමුන් විසින් අසමතුලිත හා අසාධාරණ නිරික්ෂණයන් කරනු ලබන බවද මෙම යුද්ධයේදී ශ්‍රී ලංකා රජයේ හමුදාවලට වඩා වැඩි ද්‍රවිඩ වැසියන් ප්‍රමාණයකට එල්.ටී.ටී.ඊ සංවිධානයෙන්ම විශාල විනාශයක් හා අසාධාරණයක් සිදුවි ඇති බව ප්‍රත්‍යක්ෂ වන බවද පවසා ඇත.ලොව පවත්නා ඕනෑම යුද්ධයක් බිහිසුණු බව පවසා සිටි ඒ මහතා එකි කාලයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග තුළින් මෙම බිහිසුණු බව තවදුරටත් වැඩිවුණු බවද වැඩිදුරටත් පවසා තිබේ.මෙම වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ජීවන් චන්දිමාල් මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙය හුදෙක්ම ජයවඩනිගේ ජිවිත කතාව අළලා නිෂ්පාදනය වුවක් වුවද එය ඇය මෙන් එම අවස්ථාවට මුහුණ දුන් ද්‍රවිඩ තරුණ තරුණියන් විශාල ගණනකගේ ජීවිත කතාව වන බවත් මේ අවස්ථාවේදී නැවත සිය ජීවිත ගොඩනගා ගැනීමට වෙර දරන ඔවුන් සියලුදෙනා වෙනුවෙන්ම නිෂ්පාදනය කිරීම සඳහා තමා පෙළඹුණු බවත්ය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n1311307
|
සෑම පොලිස් සංකීර්ණයකම නිවාස ඉදිකිරීමට සැලසුම්
| null |
ඉදිරියේදී සෑම පොලිස් සංකීර්ණයකම නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කළේය.පොලිස් දෙපාර්තමේන්තුව සඳහා අලුතෙන් ඇති කරන නිවාසවල ප්‍රමාණාත්මකව නිවාස වෙන් කර දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෛමින් ඇමැතිවරයා මේ බව කීය. පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් විශේෂ නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බවද, දැනට ඉදිකර ගෙන යන නිවාස යෝජනා ක්‍රමවල ඒ සඳහා අවස්ථා සලසා දී ඇති බවද හෙතෙම කීවේය.අලුත් වැඩසටහනක් යටතේ ඉදිරියේදී කොළඹ නිවාස 50,000ක වැඩ අරඹනු ඇති බවත් ඇමැතිවරයා හෙළි කළේය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n1311308
|
පාර්ලිමේන්තු භෝජනාගාරයේ දීසම්බන්ධන් මට තර්ජනය කළා
|
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සභාෂිණි සේනානායක
|
පාර්ලිමේන්තු භෝජනාගාරයේ දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා තමාට බැණ තර්ජනය කළ බවට පත් කළ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්වර් මහතා කතානායකවරයාට පාර්ලිමේන්තුවේදී ඊයේ (29) පැමිණිලි කළේය.සම්බන්ධන් මහතාගේ කතාවට බාධා සිදු කළා යැයි කියමින් ඒ මහතා මෙසේ තර්ජනය කළ බවත්, බාධා කිරීම්වලට තමාට අයිතියක් ඇති බවත් අස්වර් මහතා පෙන්වා දුන්නේය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n1311309
|
අය-වැය දෙවැනිවර කියවීමවැඩි ඡන්ද 99කින් සම්මතයි
| null |
අය වැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 99කින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.යෝජනාවට පක්ෂව ඡන්ද 154ක්ද විපක්ෂව ඡන්ද 55ක්ද ලැබිණි.යෝජනාවට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම මන්ත්‍රීවරු ඡන්දය දුන් අතර එජාපය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයද, ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පෙනී සිටින අජිත් කුමාර සහ අර්ජුණ රණතුංග යන මහත්වරු අය වැය යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්හ.මන්ත්‍රීවරු පහළොස් දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ දී සභාගැබෙහි නොසිටියහ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113010
|
දොඩම්පහළ චන්දසිරි මාහිමිටසන්නස් පත්‍රය පිරිනැමෙයි
|
ධනුෂ්ක ගොඩකුඹුර
|
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධූර ප්‍රාප්ත අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක, කලපළුවාවේ ගෝතම තපෝවනය ප්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති දොඩම්පහළ චන්දසිරි හිමියන් වෙත ධූරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (29) සවස පිරිනමිණි.වැලිතර ඤාණවිමලතිස්ස මාහිමියන් උපසම්පදාව ලබා වර්ෂ 1802 දී බුරුමයෙන් මෙරටට වැඩම කිරීමෙන් අනතුරුව අඹගහපිටිය මූල මහා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ස්ථාපනය කළ අමරපුර මහා සංඝ සභාව මේ වන විට නිකාය පාර්ශ්ව 22කින් හා භික්ෂූන් වහන්සේලා 12000කින් සමන්විත සංඝ සභාවකි.බෙදී වෙන් වී තිබුණු නිකාය පාර්ශ්ව 22ම එකතුව 1956 වසරේ එකමුතුව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව පිහිටුවා ගත් අතර එතැන් පටන් පස් වරකට වරක් සභාපති වහන්සේ නමක් තෝරා ගන්නා අතර පාර්ශ්ව 22ම නියෝජනය වන පරිදි වසර පහෙන් පහට එම කටයුතු සිදු කරනු ලබයි. අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමි, අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ නාහිමි වැනි උතුම් යතිවරයාණන් වහන්සේලා ඉසිලූ මෙම සභාපති ධූරයේ මෙතෙක් කටයුතු කරණු ලැබුවේ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් වන අතර මෙතැන් පටන් පස් වසක් දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ මෙහි සභාපති ධූරය උසුලති.දක්ෂිණ ලංකාවේ දොඩම්පහළ ග්‍රාමයේ 1939 වසරේ උපත ලැබූ දොඩම්පහළ චන්දසිරි හිමියෝ වසර 60කට අධික කාලයක් ශ්‍රී සම්මා සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ඉමහත් වෙහෙසකින් කටයුතු කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි.චන්ද්‍රසිරි හිමියන් වෙත සන්නස් පත්‍රය පිරිනැමූ ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත තිළිනයක් ද පිරිනැමුවේය. උන්වහන්සේ වෙත විජිනිපත පිළිගැන් වූයේ අමරපුර සංඝ සභාවේ නිකායාභිවෘද්ධි දායක සභාවේ ලේකම්, ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසිනි.ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක දවුල්දෙණ ඤාණිස්සර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත් මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වුහ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113011
|
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝකැමරන්ට විරෝධය පාති
|
මහින්ද අලුත්ගෙදර
|
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා නඟන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විරෝධය පළ කරති. මානව හිමිකම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා කළ ප්‍රකාශයට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මෙලෙස විරෝධය පළකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන විරෝධතා පෙත්සමක් බ්‍රිතාන්‍ය අගමැති නිල නිවෙස වෙත බාරදුන් බවද වාර්තා වෙයි.විසි දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන් විසින් සිදුකරන ලද " ශ්‍රී ලංකාව සිදුකර ඇතැයි පවසන යුද අපරාධ පිළිබඳ 2014 වසරේ මාර්තු මාසයට පෙර විමර්ශනය කිරීම සඳහා විශ්වසනීය යාන්ත්‍රණයක් ඇති කළයුතු බවත් එසේ නොවුන හොත් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බවත්" ප්‍රකාශ කෙරිණි.බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සංසඳය මඟින් විරෝතාව සංවිධානයකර තිබෙන අතර ඒ සඳහා එරට වෙසෙන ශ්‍රී ලාංකික සිංහල, දෙමල හා මුස්ලිම් සියලු ජාතීන්ම අයත්වන බවද එම වාර්තා සඳහන් කරයි. ඩේවිඩ් කැමරන් ඉකුත් දා කළ ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන් පිටත දී ද තවදුරටත් විරෝධතා එල්ලවෙමින් පවතින අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද විරෝධතාව ප්‍රකාශකර ඇත. ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අතරවාරයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා හැසිරුණු ආකාරය සහ සිදුකළ ප්‍රකාශයන්ට ශ්‍රී ලාංකිකයන් විසින් ඉදිරිපත් කළ පෙත්සම මඟින් අප්‍රසාදය පළකර තිබේ. අගමැතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු සකස් කළ ලිපි දෙකක් ද මෙම පෙත්සමට අමතරව බාර දී තිබීම ද විශේෂත්වයකි..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113012
|
නාසය සපා කෑමේ සිද්ධියේඑජාප මන්ත්‍රී දිනේෂ් නිදහස්
|
සිරිසේන රාජපක්ෂ
|
දෙපාර්ශ්වයේ කැමැත්ත මත සිද්ධිය සමථයකට පත්වීම නිසා පුද්ගලයකුට අතින් පහරදීම ඔහුගේ නාසය සපා කෑමේ චෝදනාවට ලක්ව සිටි රත්නපුර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හර්ෂ ගංකන්ද මහතා අවවාද කොට නිදහස් කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය.ගාලු පාර කොළඹ 3 පදිංචි ව්‍යාපාරිකයකු වන වයිකන්ඩන් නාඩා ශ්‍යාමාකරන් නැමැත්තකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොල්ලුපිටිය පොලිසිය මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරා තිබිණි. පසුගිය වසරේ මැයි මස 27 වෙනි දින ගෝල්ෆේස් හෝටලයේ මියුසියම් රාත්‍රි සමාජ ශාලාවේ දී දෙපාර්ශවය අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරයා පැමිණිලිකරුට අතින් පහරදී ඔහුගේ නාසය සපා කා ඇතැයි අධිකරණයේදී හෙළිවිය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113013
|
කැටයම් චින්තකගේ යැයි සැකමළ සිරුරක් තිහගොඩ වෙලක
|
නිරුෂි විමලවීර සහ රක්ෂණ ශ්‍රියන්ත
|
කඹුරුපිටිය ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන කැටයම් චින්තකගේ යැයි සැකකරන මළ සිරුරක් ඊයේ(29) කිතුලගම බටහිර තිහගොඩ වෙල් යායක තිබී හමුවී තිබේ. මොහු මරාදැමුවාද සියදිවි හානිකරගත්තා ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත් මොහුගේ මුහුණ විකෘතිවී ඇති බවත් වම් අත නොමැති බවත් පොලිසිය පවසයි.උඩුකය නිරාවරණය වී ඇති මළ සිරුරේ යටකට දුඹුරු ඉරි සහිත කලිසමකින් සැරසී සිටි මෙම මළ සිරුරේ මරණ පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයට යවා ඇති බව පොලිසිය පවසයි.වයස 38 ක් පමණ යැයි සැකකරන මෙම මළ සිරුර හඳුනා ගැනීමට ඥාතීන්ගේ ද සහාය පොලිසිය ලබාගැනීමට අපේක්ෂා කරයි. කඹුරුපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113014
|
දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූආයුර්වේද වෙදැදුරාණෝ
| null |
දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ආචාර්ය උපාලි පිලපිටිය (75) මහතාගේ අවසන් කටයුතු හෙට (01) කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. දේශීය වෛද්‍ය ආමත්‍යාංශයේ ලේකම්වරයකු, ආයුර්වේද වෛද්‍ය විද්‍යාතනයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇති පිලපිටිය මහතා කලක් රෝගාතුරව සිටි අතර පෙරේදා (28) සිය දිවියෙන් සමුගත් අතර ඒ මහතාගේ දේහය මහජන ගෞරවය පිණිස පිළියන්දල වෙදමැදුර නිවසේ තැන්පත් කර ඇත.ගම්පොළ කීර්තිමත් ආයුර්වේද විශේෂඥයකු වූ ඩබ්ලිව්. එච්. එම් පිලපිටිය මහතාගේ වැඩිමහල් පුතණුවන් වූ පිලපිටිය මහතා සිය පරපුරේ ගමන් මඟ යමින් බොරැල්ල දේශීය වෛද්‍ය විද්‍යාතනයෙන් ආයුර්වේද වෛද්‍ය ඩිප්ලෝමාව ලැබූ අතර පසුව එම විද්‍යාතනයේම කථිකාචාර්යවරයකු හා නියෝජ්‍ය විදුහල්පතිවරයකු වශයෙන් සේවය කිරීමේ භාග්‍ය ලැබුවේය.පිලපිටිය මහතා ඉන්දියාවේ ගුජරාට් ආයුර්වේද විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් පසුව ආචාර්ය උපාධියත් හිමි කර ගත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය යනාදී සංවිධානවලින් ශිෂ්‍යත්ව සහ අධිශිෂ්‍යත්ව රැසක් දිනා චීනය, කොරියාව, ජපානය, තායිලන්තය, නේපාලය, යුගෝස්ලාවියාව සහ චෙච් ජනරජය යනාදි රටවල් රැසක කටුචිකිත්සාව සහ අනෙකුත් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් හදාරා ඇත.බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් 1982 සිට 2001 දක්වා සේවය කර ඇති පිලිපිටිය මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සම්ප්‍රදායික වෛද්‍ය කටයුතු පිළිබඳ උපදේශකවරයකු ලෙසත් සේවය කර ඇත. පිලපිටිය මහතා විද්‍යානිධි, විශ්ව ප්‍රසාදිනී ගෞරව සම්මානවලින් ද පිදුම් ලබා ඇත.ඒ මහතාගේ සේවය ඇගයීමක් වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මීට සුළු කලකට පෙර පිළියන්දල වෙදමැදුර නිවසට ගොස් පිලපිටිය මහතාගේ සුව දුක් විමසුවේය. ආයුර්වේද වෛද්‍ය මල්ලිකා පිලපිටිය මහත්මියගේ ආදරණීය සැමියා වූ පිලපිටිය මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ශිරෝමී පිලපිටිය මහත්මියගේ සහ රජරජ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේනක පිලපිටිය මහතාගේ ආදරණීය පියාණන්ය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113015
|
නාලන්දා ගෙඩිගේ පිළිමගෙයහිල්වී වැසි ජලය දෝරෙ ගලයි
|
දඹුල්ල මධ්‍යම - අනුරාධ මහින්ද දිසානායක
|
ඓතිහාසික නාලන්දා ගෙඩිගේ පිළිමගෙයට වැසි ජලය කාන්දුවීම නිසා ගෙඩිගෙයි බිත්ති හා බුදුපිළිම විනාශවීමේ තර්ජනයකට මුහුණපා තිබේ.මාස් කන්නය උදාවීමත් සමඟ මේ දිනවල ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මේ අනතුරුදායක තත්ත්වය වර්ධනය වීමේ ඉඩකඩ දැකගත හැකිය. ගෙඩිගෙයි බස්නාහිර කොටසට අයත් බිත්තිවල දිය සෙවළ බැඳීමේ තත්ත්වයක් ද උද්ගත වී තිබේ. පල්ලව සම්ප්‍රදායට අයත් ශ්‍රී ලංකාවේ හරි මැද පිහිටි මෙම ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානය දැනට වර්ෂ ගණනාවකට ඉහත දී ගලින් ගල ඉවත්කොට බෝවතැන්න ජලාශය මායිමේ ඉදිකළ විශේෂ පීඨිකාවක ස්ථානගත කොට තිබේ.දේශීය හා විදේශීය සංචාරකයන්ගේ දැඩි අවධානයට ලක්වූ නාලන්දා ගෙඩිගෙයි පවතින මේ අවදානම් සහිත තත්ත්වය මඟහැරවීම සඳහා පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තු බලධාරීන්ගේ දැඩි අවධානය වහා යොමුවිය යුතු බව ප්‍රදේශවාසීහු “දිනමිණ” ට පැවැසූහ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113016
|
වෙඩි කා ‘චින්තක’ ඇවිත් මාතර රෝහල කැලෙඹයි
|
ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමුහ
|
වීරකැටිය ප්‍රදේශයේදී බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා කිරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා රාත්‍රි මාතර මහ රෝහලට මාරුකර එවූ පුද්ගලයකු චින්තක නමින් හැඳින්වීමත් සමඟ ඔහු කඹුරුපිටිය මාස්මුල්ල ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක ද යන්න මතුවූ සැකය තුළ පොලිස් කණ්ඩායම් කලබලයට පත්ව වහා විමර්ශනයක් පවත්වා ඇත.එහෙත් සතුන්ට ඇටවූ බදින තුවක්කුවක් පත්තුවීමෙන් එලෙස වෙඩිවැදී තුවාල ලබා ඇත්තේ මැදයාල හකුරුවෙල,වීරකැටිය ප්‍රදේශයේ පදිංචි චින්තක නුවන් දර්ශන වගාරච්චි නම් තරුණයෙකි. පෙරේද රාත්‍රි 7.30ට පමණ සිදුව ඇති අනතුරින් තරුණයාගේ පාදයක දණ හිසින් පහළ කොටසට හානි පැමිණ තිබූ බව මාතර රෝහල් පොලීසිය සදහන්කෙළේය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113017
|
නැන්දම්මාගේ බැංකු පොතෙන්ලේලිගේ නංගී හොරෙන් සල්ලි අරන්
|
ඇඹිලිපිටිය සංචාරකඩබ්ලිව් විදානපතිරණ
|
ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මොරකැටිය, ලියනෑගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ බැංකු පොත හොරෙන් ගත් එම කාන්තාවගේ පුතාගේ බිරියගේ නැගණිය විසින් හොරට අස්සන් යොදා රුපියල් හාරලක්ෂ අනූදාහක් සොරාගත් බවට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට අදාල බැංකු පොත අයත් කාන්තාව පසුගිය 26 දින පැමිණිලි කර ඇත.පසුගිය දින පැමිණිලිකාරියගේ නිවෙසේ දානමය පින්කමක් තිබූ බවත්, එදින තම පුතාගේ බිරියගේ නැගණිය වූ සැකකාර කාන්තාවද පැමිණ සිටි බවත්, සැකකාරිය බැංකු ෙපාත සොරාගෙන ඇඹිලිපිටිය නගරයෙන් තම නැන්දණියට සමාන කාන්තාවක් සොයාගෙන ඇය සමඟ ඇඹිලිපිටියේ බැංකුවට ගොස් හොර අස්සන් යොදා ඉහත මුදල් හොරාගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.සැකකාරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු හොදා ඇතත්, ඇය මේ වන විට පදිංචි නිවෙසින් පලාගොස් ඇත.මේ සිද්ධිය පිළිබඳ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො: ප: වික්‍රමසිංහ, පො: ප: අජන්ත ලාල්, පො: කො: තිලකසිරි නිලධාරීහු පරීක්ෂණ කටයුතු සිදු කරති..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113018
|
අඹන්පොළ කැත්තපහුව මහවැවේඉපැරැණි සොරොව්වක නටබුන්
|
සකුන්තලා ජයසිංහ
|
යාපහුව ආසනයේ අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කැත්තපහුව මහවැව ප්‍රතිසංස්කරණය කිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතින අතර සොරොව්ව අලුත්වැඩියා කිරීමට ජලය නිදහස් කිරීමෙන් පසු දැනට පවතින සොරොව්ව ආසන්නයෙන් ඉපැරැණි සොරොව්වක කොටස් හමු වී තිබේ.සද්ධාතිස්ස රජතුමා ඉදි කළේ යැයි ජනප්‍රවාදයේ එන බෙරුවැව මාගම්පුර හඳුන්ගිරි රජමහාවිහාරය ඉදිකිරීමට සමකාලීනව මේ වැවද ඉදිකර ඇති බවට විශ්වාස කෙරේ.ඉපැරැණි සොරෙව්ව මුළුමනින්ම ගලින් කර ඇති බවට සාධක පෙන්වන අතර සොරොව් කට චතුරශ්‍රාකාරව අඩි 2.5 x 3 ප්‍රමාණයේ සහ අඟල් 8ක පමණ ඝනකමින් යුත් ගල් පතුරුවලින් ඉදිකර තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. එමෙන්ම සොරොව්වේ දොරවල් ඇරීම වැසීම සඳහා ගලින් කරන ලද අගුලක් තනා තිබුණු බවට සිතිය හැකි නෂ්ඨාවශේෂ ද මේ සමඟ හමු වී තිබේ. වැව් වාන ස්වභාවික ගල් තලාවක් ආශ්‍රයෙන් සකසා තිබෙන අතර අද ද යොදා ගන්නේ මේ පැරැණි වැව් වානයි. වැවක් තැනීම සඳහා වඩාත් යෝග්‍යතම ස්ථානයක් තෝරා ගැනීමට පැරැන්නන්ට තිබුණු සූක්ෂ්ම ඥානය මේ මඟින් ප්‍රත්‍යක්ෂ කරයි.මැත භාගයේ කළ ප්‍රතිසංස්කරණයක දී සොරොව්වෙන් ජලය නිදහස් කරන උමඟට යොදා තිබුණූ අඩි 6ක් පමණ දිගැති පිත්තල බටයක් හමු වී ඇති බව ගම්වාසීහු දිනමිණට පැවසුහ.අක්කර එකසිය විස්සක් පමණ පුරා විහිදුණු ඓතිහාසික කැත්තපහුව වැව යටතේ කුඹුරු අක්කර දෙසීයක් පමණ වගා කෙරේ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=n13113019
|
ගොනයි කරත්තෙයි දෙකම වැවේ
|
සීගිරිය විශේෂ
|
සීගිරිය කායම්වල වැවේ වැටී ගිලෙමින් සිටි ගොන් බැඳි කරත්තයක් ගොනාත් සමඟ පැය භාගයක කාලයක් තුළ ගොඩ ගැනීමට හැකිවිණි.ඊයේ (29) දහවල් ගීතයකට පසුබිම් දර්ශනයක් වීඩියෝ ගතකරමින් සිටියදී මෙම අකරතැබ්බය සිදුවිණි.අවට සිටි තරුණයකු හා රූගත කිරීමට පැමිණි සිටි පිරිස වහා ඉදිරිපත්වී පිහියක් රැගෙනවිත් කරත්තය බැඳි ගොනාගේ බෙල්ලේ තිබු ලණුව කපා දමා ගොනා ගොඩ ගෙන පසුව කරත්තය ගොඩ ගත්හ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=r1311301
|
බස්නාහිර පළාතේ ප්‍රාථමික ගුරුවරුපුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක්
|
දෙල්ගොඩ සමූහ - සුදත් පුබුදු කීර්ති
|
බස්නාහිර පළාතට අයත් පාසල්වල පුහුණුව නොලත් සියලුම ප්‍රාථමික ගුරුවරු පුහුණු ගුරුවරු බවට පත්කිරීම සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බවත්, ඒ තුළින් ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාවය සහ යාවත්කාලීන බව වැඩිකිරීමට හැකිවනු ඇති බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් කැලණිය අධ්‍යාපන කලාපයේ බියගම අධ්‍යාපන කොට්ඨාසයේ සිසුන් අතරින් එම විභාගය සමත් සිසුන් දෙසිය තිස්දෙනෙකුට හා ඔවුන්ට අකුරු කළ ගුරු භවතුනට එම විදුහල්පතිවරුන්ට උපහාර තිළිණ ප්‍රදානය කිරීම වෙනුවෙන් ඉකුත් 25 දා සපුගස්කන්ද සෝභිත විද්‍යාලයේ පැවති උත්සව සභාවේ දී මහ ඇමැතිවරයා එසේ කීවේය.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතාගේ මෙහෙයවීම යටතේ ගුණසිරි ජයනාත් පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උපහාර උළෙල සඳහා සහභාගි වූ දරුවන් මාකොළ නගරයේ සිට පිළිගෙන දර්ශනීය පෙරහරකින් උත්සව ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබිණි.මෙම උත්සව සභාවේදී තවදුරටත් අදහස් දැක්වූ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.මෙම ගුරු පුහුණුව සමඟ දරුවන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ යනවා වගේම ප්‍රාථමික පංති දරුවන්ගේ කුසලතා නිර්මාණශීලී බව වැඩිදියුණු වෙනවා. ගුරු විභාගය ඉදිරියේදී පැවැත්වෙන අතර ගුරු විභාගය සමත් සියලු දෙනාට කඩිනමින් පත්වීම් ලබා දෙනවා යැයි ද කීවේය.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතා අදහස් දක්වමින්,වසර 14 ක් පුරා කොට්ඨාසයේ දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීමට අප පදනම කැපවී සිටිනවා. අප කරන වැඩ, කරන කාර්යන් ඉතා ගුණාත්මකව ප්‍රමිතියකට අනුව සිදුකරනවා. ඒ නිසා පසුගිය ශිෂ්‍යත්ව පෙරහුරු විභාග ප්‍රදර්ශනය බස්නාහිර පළාතේ සෑම අධ්‍යාපන කලාපයකම පැවැත්වීමට ප්‍රධාන ඇමැති අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා. අප දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් ඉටුකරන කටයුතු බස්නාහිර පළාතේම දරුවන් වෙනුවෙන් පළාත් සභාව ආදර්ශයකට ගෙන ක්‍රියාකිරීම ගැන නිහතමානීව මා සතුටු වෙනවා.ආපදා කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර, කැලණිය කලාප අධ්‍යක්ෂ එස්. චන්ද්‍රදාස මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=r1311302
|
මතුගම මහජන පුස්තකාලයේඅඩුපාඩු රැසයි
|
මතුගම මධ්‍යම නිමල් වීරසේන
|
මතුගම නගරයේ මහජන පුස්තකාලයේ තිබෙන අඩුපාඩුකම් නිසා තමන්ට මහත් අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව පාඨකයෝ පවසති.මෙම පුස්තකාලය මතුගම ප්‍රාදේශීය සභාවෙන් පාලනයවන අතර නිදහස් අධ්‍යාපනයේ පියා වන “සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර” මැතිතුමා නමින් හඳුන්වාදී ඒ නමින් නම් කර ඇත.අද වනවිට පුස්තකාලයේ ලියාපදිංචි පාඨකයෝ එකොළොස් දහසකට වැඩි ප්‍රමාණයක් ඇති අතර දිනපතා පුවත්පත් කියවීමට පැමිණෙන පිරිසද දහස් ගණනකි.වැඩි පිරිසක් පැමිණීමෙන් පුවත්පත් කියවීම සඳහා තබා ඇති මේස ප්‍රමාණවත් නැති අතර නිසි පරිදි හිඳගැනීමේ පහසුකම්ද නොමැති නිසා සිටගෙන සිටීමේ අපහසුතාවය ඇති අයට පීඩාවට පත්වීමටද සිදුවනු ඇත.දහස් ගණනින් දිනපතා පැමිණෙන මෙම පුස්තකාලයේ පාඨකයන් සඳහා වැසිකිළි පහසුකම් හා ආහාර පානාදිය ගැනීමට ස්ථානයක් නොමැති අතර තිබෙන එකම පහසුකම ජල කරාමයක් පමණි. පුස්තකාලයට නිසි වාතාශ්‍රයක් හෝ නොමැති ස්ථානයක පිහිටා ඇති මෙහි ඇතුළත කියවීම් සඳහා ඉඩ පහසුකම්ද ඉතාම අඩුය.මෙහි ඇති අඩුපාඩුකම් සම්බන්ධව මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.ජී. ලියනආරච්චි මහතා මෙසේ පැවසීය.දීප ව්‍යාප්ත “පුර නැගුම” වැඩ සටහන යටතේ ප්‍රතිපාදනයන් ලබාගෙන මතුගම අධිකරණ සංකීර්ණයට යාබද නිසංසල භූමිභාගයක මේ සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා. එහි ගෘහස්ථ හා එළිමහන් කියවීම් නිකේතන සඳහා පහසුකම් සැලසීමටත්, අවශ්‍ය කටයුතු මේ වනවිට සැලැසුම් කර තිබෙන අතර වැඩි කාලයක් ගතවීමට මත්තෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=r1311303
|
තෝලංගමුව වෙල් යායේවප් මඟුල් උළෙල
|
දයාරත්න බණ්ඩාරකෑගල්ල දිස්ත්‍රික් සමූහ
|
ගොවියාට ජීවය දුන් අම්බරුවන් අවතක්සේරුවට ලක් නොකළ යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති වයි. ජී. පද්මසිරි මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ තෝලංගමුව වෙල්යායේ පැවැති වප්මඟුල් උත්සවයකට සහභාගි වෙමිනි.තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද පැවසීය. මට නියෝජ්‍ය ඇමැති ධුරය ලැබුණාට පසුව පළමු වප් මඟුල් උත්සවයට ආරාධනය කිරීම ගැන සතුටු වෙනවා.දැදිගම කියන්නේ ගොවි ආසනයක්. පැරකුම්බා, වලගම්බා රජවරුන් දැදිගම ගොවිතැන් කර මහනුවරට අවශ්‍ය සහල් ලබා ගැනීමට වී ගබඩා ඇති කළා. ඒ සියලු වැඩ කළේ ගවයන්ගෙන්. දැන් ගව සම්පත විනාශවීගෙන යනවා. ලබන වසරේ සිට ගොවීන් සමඟ සාකච්ඡා කර ගව සම්පත ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා. ඇයි. ඇම්. ආර්. ඊරියගොල්ල මහතා තමයි මේ වප්මඟුල් උත්සව ආරම්භ කළේ. මමත් එවිට කුඩා ළමයෙක් ලෙස එයට සහභාගි වුණා.සබරගමුව ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා - මෙම වප් මඟුල් උත්සව තුළින් පැරණි ක්‍රමයන්ට වස විස නැති ආහාර ලැබෙනවා. මහා පරාක්‍රමබාහු රජු මේ රට ධාන්‍යාගාරයක් බවට පත් කළ එදා කෘෂිකර්මය දියුණු කෙළේ කෘමිනාශක සහ රට පොහොර නැතිවයි. අපි අද සිට ඒ ක්‍රම තෝලංගමුවෙන් ආරම්භ කරමු.මෙහිදී කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සබරගමුව පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක වරකාපොළ ප්‍රාදේශීය සභාපති කීර්තිසිරි විජේතුංග මහත්වරුද කතා කළ අතර, කෑගල්ල කෘෂිකර්ම අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ධනංජනී බණ්ඩාර මහත්ම මහත්මීහුද සහභාගි වූහ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=r1311304
|
ඉංගිරිය බෝතලේගම මාර්ගයේවිදුලි කණු පාර මැද
|
ඉංගිරිය සමූහ - කුමාරි ගමගේ
|
ඉංගිරිය-බුලත්සිංහල මාර්ගයේ බෝතලේගම සිට, ඈගල්ඔය දක්වා කාපට් දමා මාර්ගය සකස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.මාර්ගය පුළුල් කිරීමේදී විදුලි කණු මාර්ගයෙන් ඉවත් නොකිරීම ගැටලුවක් බව මගීහු කියති. මාර්ගය සකස් කර මංතීරු ද සළකුණු කර අවසන් වුවද, විදුලි කණු, පෙර තිබූ අයුරින් මාර්ගයේ තිබීම නිසා අනතුරක් සිදුවේදැයි කිව නොහැකි බව, එම මාර්ගයේ නිතර ගමනගන්නා රියැදුරෝ පවසති.මාර්ගය කාපට් අතුරා සකස් කර ඇති බැවින්, වාහන අධික වේගෙන් ගමන් කරන බවද ප්‍රදේශයේ ජනතාව පවසති.මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අදහස් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ මේ විදුලි කණු ඉවත් නොකිරීම මාර්ග සංවර්ධන කටයුතු වලට පවා බාධාවක්ව ඇති බවයි. මාර්ගයේ ඇතැම් ස්ථානවල මංතීරු සලකුණු පවා එහා මෙහා කිරීමට සිදු වූ බවද පැවැසීහ.මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙක් මේ විදුලි කණු තියෙන විදිය ඉතාමත් අනතුරුදායකයි. අපි නම් මේ පාරවල්වල නිතර යන එන අය. මේ පළාත නොදන්නා අය ආවොත් අනතුරු සිදු වන්න ඉඩ තියෙනවා. කණුව තියෙන්නේ පාරේ පාර කාපට් කරලා නිසා වාහන වේගෙන් යනවා. හරිම අවදානම් සහිතයි.මේ විදුලි කණු මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=r1311305
|
මගුර සංගිලි පාලමේ වැඩ නිමයි:ප්‍රදේශවාසීන්ට මහත් අස්වැසිල්ලක්
|
වාද්දුව සමූහ
|
මඟුර සහ ආඳාවල ගම් යා කරමින් ඉදි වූ මගුර සංගිලි පාලමේ ඉදිකිරීම් මේ වන විට අවසන් වී තිබේ. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රණවිරු විකුම් ගුණසේකර මහතා තම ප්‍රතිපාදන මුදලින් ලක්ෂ 50ක් පමණ වැය කරමින් ඉදිකරන ලද මගුර සංගිලි පාලමේ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සිදු කරන ලදී.කාලයක් තිස්සේ අබලන්ව පැවැති වැල් පාලම වෙනුවට ඉදිකරන ලද සංගිලි පාලම නිසා ප්‍රදේශවාසීන්ට තම එදිනෙදා ගමන්බිමන්, තම අස්වනු වෙළෙඳ පොළ කරා ගෙනයෑමටද මහත් අස්වැසිල්ලක් ලැබී ඇත.මෙහි නිරීක්ෂණ චාරිකාවට එක් වූයේ කළුතර දිස්ත්‍රික් නායක ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා සහ පළාත් සභා මන්ත්‍රී රංජිත් සෝමවංශ මහතායි..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=r1311306
|
දොඩන්ගොඩ නවෝද්‍යා මහ විදුහලට කෘෂිකාර්මික උපකරණ
|
නාගොඩ විශේෂ
|
දොඩන්ගොඩ නිවෝද්‍යා මහා විද්‍යාලයීය කෘෂි සමාජයට අවශ්‍ය කෘෂිකාර්මික උපකරණ ලබාදීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුමිත්ලාල් මැන්දිස් මහතා විසින් පියවර ගෙන තිබේ.මේ සඳහා පළාත් සභා විමධ්‍යගත මුදලින් රුපියල් 50,000ක් වැය කර ඇති අතර දොඩන්ගොඩ නවෝද්‍යා මහ විද්‍යාලයේ සියලු කෘෂිකාර්මික කටයුතු සාර්ථක කරගැනීමට එමගින් හැකි වේ.මේ අවස්ථාවට සහභාගි වූ සුමිත් ලාල් මැන්දිස් මහතා මෙසේ පැවැසීය.දිවි නැඟුම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වනවා. බස්නාහිර පළාත් සභාව මගින්ද මේ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.දොඩන්ගොඩ නවෝද්‍යා මහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=r1311307
|
අලව්වේ උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය දා...
|
අලව්ව විශේෂ - ඒ. කීර්තිසිංහ
|
අලව්ව අධ්‍යාපන කොට්ඨාසයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් පිරිසකට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදුවිය.මේ පත්වීම් ලිපි ප්‍රදානය කරන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දඹදෙණිය ශ්‍රී. ල. නි. ප. සංවිධායක ශාන්ත බණ්ඩාර මහතා විසිනි.එහිදී මන්ත්‍රීවරයා මෙසේ කීය.මේ රටේ රාජ්‍ය අංශය මේ තරම් ශක්තිමත් වූ යුගයක් මින් පෙර තිබුණේ නැහැ. පෞද්ගලික අංශයත් එහෙමයි.ලෝකයේ ඇතැම් රටවල අද රාජ්‍ය අංශයේ සේවක කප්පාදුවකට ලක්වෙලා. පඩි ගෙවීමට බැරි තත්ත්වයක් උදාවෙලා. ලංකාවේ එහෙම නැහැ. රාජ්‍ය අංශයේ පඩි ගෙවීමට පමණක් රුපියල් මිලියන 375 ක් යනවා.රටේ ක්‍රියාත්මක වන කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නතර වෙලා නැහැ. ඒ ජනාධිපතිතුමාගේ දූරදර්ශී නායකත්වය නිසයි.අලව්ව ප්‍රාදේශීය ලේකම් එම්. ඒ. එස්. බෙලිගොල්ල, වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන සුචිත් කුමාර රාජපක්ෂ, රෝහණ බස්නායක යන මහත්වරු ද කතා කළහ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=s1311301
|
නේෂන් කුසලාන නෙට්බෝල්හෙට සිංගප්පූරුවේ දී ඇරැඹෙයි
|
ප්‍රින්ස් ගුණසේකර
|
නේෂන් කුසලාන නෙට්බෝල් තරගාවලිය සිංගප්පූරුවේ ටෝයෝ පායෝ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 3.00ට ආරම්භ වේ. මහද්වීප කිහිපයක් නියෝජනය වන පරිදි ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, උගන්ඩාව, අයර්ලන්තය, පැපුවා නිව්ගිනියාව හා අමෙරිකාව නේෂන් කුසලාන නෙට්බෝල් තරගාවලියට සහභාගී වෙති. 8වැනි වරටත් පැවැත්වෙන නේෂන් කුසලාන නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වන්නේ සිවුවැනි වතාවටය. එම අවස්ථා හතරේදීම ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානයට වඩා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට නොහැකි වුවද මෙවර අවසන් මහා තරගයට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ සිංගප්පූරුවට පැමිණි අතර එරට යොවුන් කණ්ඩායමක් සමග පුහුණු තරගයකට අද එක්වීමට සුදානම් බව කළමනාකාරිනී වික්ටෝරියා ලක්ෂ්මී මහත්මිය පැවැසුවාය.තරගාවලියට එක්වන කණ්ඩායම් අතුරින් ලෝක ශ්‍රේණිගත කිරීමේ 17 වැනි ස්ථානයේ අමෙරිකාව, 21 වැනි ස්ථානයේ සිංගප්පූරුව, 23 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව හා 28 වැනි ස්ථානයේ අයර්ලන්තය සිටිති. උගන්ඩාව ලෝක වර්ගීකරණ ලැයිස්තුවේ නොමැති අතර එයට හේතුවී ඇත්තේ පසුගිය කාලයේ අන්තර්ජාතික නෙට්බෝල් තරගවලට සහභාගී නොවීමය.ශ්‍රී ලංකාව හා පැපුවා නිව්ගිනියාව අතර තරගය හෙට පැවැත්වෙන අතර 2 වැනිදා ශ්‍රී ලංකාව හා අමෙරිකාව තරග වදිති. 3 වැනිදා සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව, 4 වැනිදා ශ්‍රී ලංකා හා අයර්ලන්තය, 6 වැනිදා ශ්‍රී ලංකාව හා උගන්ඩාව තරග බිමට පිවිසෙති. 5 වැනිදා තරගාවලියේ විවේක දිනය වේ.ශ්‍රී ලංකාව හා පැපුවා නිව්ගිනියාව අතර තරගයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් යොදා ගැනීමට අපේක්ෂා කරන බවත් තරගය අතරතුරදී නවක ක්‍රීඩිකාවන්ට අවස්ථාව දීම කෙරෙහිද අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා පුහුණුකාරිනී සොමිතා ද අල්විස් මහත්මිය පවසයි.නේෂන් කුසලාන තරගාවලියේ පළමු තරගයේදීම ශ්‍රී ලංකාවට ප්‍රබලම කණ්ඩායම වන පැපුවා නිව්ගිනියාව හමුවීම තරගාවලියට හොඳින් අවතීර්ණවීමේ විශේෂ වාසියක් ලෙසද ඇය සලකයි. "පැපුවා නිව්ගිනි කණ්ඩායම මුලින්ම හමුවීම අපට ගොඩක් වාසියි. තරගාවලිය පුරාම අවශ්‍ය සැලසුම් ඒ තරගයේ ප්‍රතිඵලයත් සමග අපට සකසා ගත හැකියි" අල්විස් මහත්මිය පැවැසුවාය.නේෂන් කුසලාන තරගාවලියේ කාල සටහන.
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=s1311302
|
දැයට කිරුළ එල්ලේ තරගහෙට යාපනයෙන් ඇරැඹේ
|
නිරෝෂාන් ප්‍රියංකර
|
දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ජාතික එල්ලේ සම්මේලනය සංවිධාන කරන දැයට කිරුළ එල්ලේ 40 තරගමාලාවේ මූලික වටයේ තරග හෙට (1) යාපනය දොරේයියප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.පළමුව දිස්ත්‍රික් මට්ටමින් තරගමාලාව පැවැත්වෙන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම් අවසන් තරගාවලියට සුදුසුකම් ලබයි. අවසන් මහා තරග ලබන වසරේ පෙබරවාරි මස ඇරැඹෙන දැයට කිරුළ ප්‍රදර්ශන සතිය තුළ වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.තරගාවලියේ තරගකාරිත්වය වැඩි කිරීමත්, ක්‍රීඩාව ජනප්‍රිය කිරීමත් අරමුණු කරගනිමින් එක් කණ්ඩායමකට පන්දු 40කට සීමාවන ලෙස පැවැත්වෙන ප්‍රථම ජාතික මට්ටමේ තරගාවලිය මෙය වීම විශේෂත්වයකි.එල්ලේ ක්‍රීඩාව ජාතික මට්ටමින් රටපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව දැයට කිරුළ ප්‍රදර්ශනයට මේ තරගාවලිය ඇතුළත් කළ බව දැයට කිරුළ ජාතික සංවිධායක කමිටු සභාපති, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මේ පිළිබඳ එම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.ශ්‍රී ලංකා පුරා විසිරි සිටින කාන්තා/පිරිමි කණ්ඩායම් සඳහා විවෘත වන තරගාවලියට ආයතන මට්ටමින් කණ්ඩායම් ඇතුළත් කළ නොහැක.දිස්ත්‍රික් තරගවලට ඇතුළත් වන කණ්ඩායම් අනුව අවසන් තරග සඳහා කණ්ඩායම්වලට ලැබෙන අවස්ථාව තීරණය වන බව ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආනන්ද හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.තරගාවලියේ පිරිමි ශූරතාව සඳහා කුසලානය සමගින් රු.150000ක්, අනුශූරතාවට රු.75000ක්ද, කාන්තා ශූරතාවට කුසලානය සමගින් රු.100000, අනුශූරතාවට රු.50000ක් පිරිනැමේ. ඊට අමතරව තරගමාලාවේ ශූරයා (රු.25000), ශූරිය (15000), දක්ෂතම ප්‍රහාරකයා/උඩපන්දු රකින්නා (රු.7500), ප්‍රහාරිකාව/උඩ පන්දු රකින්නිය (රු.5000) මුදල් ත්‍යාග හිමිවන බව හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේය.දැයට කිරුළ ජාතික සංවිධායක කමිටුව, තොරතුරු හා තාක්ෂණ අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා සම්බන්ධීකරණයෙන් තරගමාලාව පැවැත්වේ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=s1311303
|
ක්‍රීඩා නීතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නිකුත් කළ නිවේදනය
| null |
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක්, ශ්‍රී ලංකවේ ජාතික ඔලිම්පික් කමිටුව, ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ, ජාතික ඔලිම්පික් කමිටු සංගමයේ නිලධාරීහු සහ ආසියානු ඔලිම්පික් සභාවේ නියෝජිතයෝ පසුගිය 27 වැනිදා ලූසේන්හිදී මුණ ගැසුණහ.මෙම හමුව පැවැත්වීමට හේතු කාරණාව වූයේ ශ්‍රී ලංකාවේ 1973 දී සිට ක්‍රියාත්මක වන ක්‍රීඩා නීතිය සහ රෙගුලාසි මගින් ක්‍රීඩා සම්මේලන සඳහා බලපාන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පැවැති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමටය. විවෘත ලෙස සාකච්ඡා කරමින්, වර්ෂ 1970 දශකය දක්වා දිවෙන ඉතිහාසයක් හිමි මෙම ප්‍රශ්නය විසඳාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ සුබවාදී මෙන්ම සුහදශීලී ඉදිරිපත්වීම සියලූ දෙනාගේම ප්‍රසාදයට හේතු විය.ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් වල ව්‍යවස්ථා, අදාළ ක්‍රීඩා සංගම් අනුබද්ධව සිටින අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලනවල අවශ්‍යතාවන්ට සහ ඒවායේ මූලික හර පද්ධතීන්ට අනුරූප වන පරිදි (විශේෂයෙන්ම ඒවායේ ස්වාධීනත්වය පිළිබඳව) මෙන්ම රටේ පවතින නීතියටද ගලපාගත යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු එකඟගතාවක් ඇතිකර ගැනීම සඳහා මෙම හමුව ඉතා වැදගත් විය.පහත දැක්වෙන එකඟගතා ඇතිව ඉහත සඳහන් හමුව සාර්ථකව අවසන් විය .l වර්ෂ 1973 සිට ක්‍රියාත්මක වන ක්‍රීඩා නීතිය මාස නවයක (9) ක කාලයක් අතුළතදි සංශෝධනය කෙරෙනු ඇත. එයින් පැන නැඟෙන විශේෂ රෙගුලාසි, ඔලිම්පික් ව්‍යාපාරයේ මූලික හරපද්ධතීන් වලට ගැලපෙන ආකාරයෙන් මාස හයක (6) කාලයක් තුළදී නැවත සකස් කෙරෙනු ඇත. ඒ සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබාගැනීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් හැකි ඉක්මනින් ස්ථාපිත කළ යුතුවන අතර එම කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙත්, ජාතික ඔලිම්පික් කමිටුවේ හා ජාතික ක්‍රීඩා සම්මේලන නියෝජිතයන් මෙන්ම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවද නියෝජනය කරමින් සාමාජිකයන් පත්විය යුතුය.l අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලනවල තත්ත්වයන්ට මෙන්ම ඔලිම්පික් ව්‍යාපාරයේ මූලික හර පද්ධතීන් වලට ගැලපෙන පරිදි තම ව්‍යවස්ථා නැවත සකස් කෙරෙන බවට සියලුම ජාතික ක්‍රීඩා සම්මේලන තම තමන්ගේ අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතුය. අදාළ අන්තර්ජාතික සම්මේලනවල අධීක්‍ෂණයද ඇතිව, මෙම ක්‍රියාදාමය මාස හයක (6) කාලයක් තුළදී නිමා කළ යුතුවන අතර ඒවා එකින් එක වෙන වෙනම ගෙන විමසා බැලීමකින් පසුව, ඒ ඒ ක්‍රීඩා සම්මේලන සඳහා නැවතත් නිලවරණයක් පැවැත්විය යුතුද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.l ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූලවීමත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අවශ්‍යතාවන්ට අනුරූප වීමත් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව පිළිබඳව නැවත විමසා බැලිය යුතුය. සකස් කරන ලද කෙටුම්පත පිළිගැනීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභා රැස්වීමකට ඉදිරිපත් කළ යුතුවන අතර නියමාකාරයෙන් එය අනුමත කරනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසිනි. ජාතික ඔලිම්පික් කමිටුවේ නව ව්‍යවස්ථාව පදනම් කරගනිමින් එහි නිලවරණය පැවැත්විය හැකිය. මෙම ක්‍රියාදාමය (ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව නැවත සකස් කිරීම සහ එහි නිලවරණය* මාස හයක (6) කාලයක් තුළදී සම්පූර්ණ කළ යුතුය. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය නැවත පැවැත්වෙන තුරු ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිලධාරීන් සිය තනතුරුවල රැදී සිටිනු ඇත.මෙම ක්‍රියාදාමය නිසා, ඔලිම්පික් ව්‍යාපාරයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පවතින නීතිරීති මාලාවටද අනුකූලව, තම තමන්ගේ පාලන ක්‍රමය සහ මෙහෙයුම් පැවැත්වෙන ආකාරය නැවත සකස් කරගැනීමට, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් වලට කදිම අවස්ථාවක් ලැබෙනු ඇතැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ එහි කොටස්කරුවෝ විශ්වාස කරති. ඊට අමතරව, මෙම ක්‍රියාදාමය මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන් සහ ඔලිම්පික් ව්‍යාපාරය අතර සාමකාමී සංහිඳියාවක් මෙන්ම ප්‍රතිඵලදායක සහයෝගීතාවක් ඇති කිරීමේ වාතාවරණයත් ඒ ඒ පාර්ශ්වයන්හි ස්වාධීනත්වය, අධිකරණ බලය සහ වගකීම් සඳහා නිසි ගෞරවයත් ලැබෙනු ඇත..
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.