category
stringclasses 5
values | date
stringlengths 9
14
| link
stringlengths 22
753
| topic
stringlengths 1
11.6k
⌀ | author
stringlengths 1
1.98k
⌀ | content
stringlengths 1
187k
⌀ |
---|---|---|---|---|---|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=s1406127
|
ශක්ති සැහැල්ලු පන්දු ක්‍රිකට් අද
|
වලස්මුල්ල සමූහ
|
වීරකැටිය මුරුතවෙල ශක්ති යෞවන සමාජය සංවිධාන කරන එක් පිලකට අටදෙනා බැගින් වු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අද (12) මුරුතවෙල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.තරගාවලියේ ජයග්‍රාහකයන්ට රු.25000ක්, අනුශූරතාවට රු.15000ක් හා තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා සඳහාද ත්‍යාග පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=s1406128
|
මැලේසියාවේ දස්කම් දක්වනමැරතන් ක්‍රීඩක අසන්ත
| null |
ක්‍රීඩා දස්කම් හරහා මවුබිමට කීර්තිය ගෙන දෙන දක්ෂයින් රැසක් ලොව පුරා සිටින අතර ඔවූන් විවිධ ක්‍රීඩා තරගවලින් ජයලබා පදක්කම් දිනා මවු රටට ගෞරව දිනා දීමට සමත්ව සිටිති.මීට අමතරව තම මවු රටේ දී ක්‍රීඩාවේ නියැලෙමින් දස්කම් දැක්වූ ඇතැමුන් අධ්‍යාපන හා රැකියා කටයුතු සදහා විදෙස් ගතව ඒ රටවල දී පවා ක්‍රීඩාවේ නිරතවී මවු රටට කීර්තිය දිනා දෙති.එසේ මැලේසියාවේ පදිංචිවී සිටින 26හැවිරිදි අසන්ත ක්‍රිස්ටි ද මැරතන්, අර්ධ මැරතන් හා මාර්ග ධාවන තරග ඉසව්වල දී දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයෙකි.මහනුවර දුනුවිල ප්‍රදේශයෙන් බිහිවූ අසන්ත ඔහු අධ්‍යාපනය ලැබූ මහනුවර දුනුවිල රත්නපාල විදුහලේ හා පසුව කැළණියේ පදිංචියට පැමිණ මහර කුමාර විදුහලේ දක්ෂතම දුර ධාවකයකු ලෙස පාසල් වියේ දස්කම් පෑවේය.සිය දස්කම් ජාත්‍යන්තර රටවලට ගෙනයමින් මැලේසියාවේ ප්‍රකට මැරතන් තරගයක් වන මයිලෝ ධාවන තරගාවලියේ අර්ධ මැරතන් තරගවලට සහභාගි වෙමින් රන් පදක්කම් දිනාගැනීමට අසන්ත සමත්විය.මීට අමතරව මැලේසියාවේ විවිධ මැරතන් තරගවලට ඉදිරිපත් වී ඔහු ලැබූ ජයග්‍රහණ අපමණය. ලබන ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කලම්බූ එල්.එස්.ආර්.මැරතන් තරගයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අසන්ත මැලේසියාවේ ප්‍රවීන පුහුණුකරුවකු වන එල්වින් නාදන් යටතේ පුහුණුව ලබයි..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f1406121
|
හතළිස් දහසක සේනාව එදා දුනු ඊතල බිම තිබ්බා
|
සාකච්ජා කෙලේ නිලූකා ඩී. තිලකරත්න
|
මිහිඳු මාහිමි මෙරටට වැඩම වීමත් ඊට සමගාමීව මිහින්තලය ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන සුවිශේෂී කාරණා පිළිබඳත් පොසොන් සැමරිය යුතු ආකාරය පිළිබඳත් මිහින්තලය මෙරට සංස්කෘතියේ උල්පත බවත් දිනමිණ සංවාදයට එක්වෙමින් මිහින්තලය රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිෙයා් පවසති.ස්වාමීන් වහන්ස මිහින්තලය සදහම් ආලෝකය විහිදුවාලූ බිමයි. ඒ පිළිබඳ කතා කළොත්?මිහින්තලය කියන්නේ කකුසඳ, කෝනාගම, කාශ්‍යප ගෞතම ආදී බුදුවරුන් වැඩි ස්ථානයක්. මේ මහා භද්‍ර කල්පයේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයේම ලක්දිව බුදු සසුන පිහිටන්නේ මිහින්තලයේයි.එකී බුදුන් වහන්සේගේ සමයන්හිදී මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ සුබ කූඨය, පිල් කූඨය ලෙසයි. ඒ සියලු බුදුවරුන් බුද්ධත්වයට පත්වන්නේත් ඉන්දියාවේ බුද්ධගයාවේයි. එලෙසින් සියලු බුදුවරුන් ගත් මඟ ඔස්සේයි. සෙසු අනුගාමිකයන් වහන්සේ ගමන් කරන්නේ ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 238කට පසුව මෙරටට මිහිඳු හිමියන් වැඩම කරන්නේ. බුදුන් වහන්-සේ ජීවමාන කාලයට වඩා ධර්මය ව්‍යාප්ත වන්නේ මෙරටයි.මිහිඳු හිමි මෙරටට වැඩම කිරීම බෙහෙවින් සැලසුම් සහගතව සිදුවූ දෙයක් මිස අහඹුවක් නොවේ. මේ රටේ තිස්ස රජු රාජ්‍යය කරන සමයේ දී මිහිඳු මාහිමි මෙරටට වැඩම වන්නේ. තිස්ස රජුත් මිහිඳු හිමිත් තරුණ අවදිය ගත කරමින් හුන් අය නිසා මිනිසුන්ගේ සිතිවිලි එක තැනකට ගොනු කළ හොඳම අවදිය එය නිසා විය හැකියි. මිහින්තලය එදා රාජකීය වන උද්‍යානයක්. මුහුදු මට්ටමේ සිට උස අඩි 1014 යි. දුර්ලභ ඖෂධ, සතුන් පවිත්‍රතාව, ජලය ඉහළින් පවතින බිමක් මිහින්තලය.මේ සියල්ල පාදක කරගෙන මෙතැනට මිහිඳු හිමි මල් මාසය ලෙස හඳුන්වන පොසොන් මාසයේ පෝදා මෙබිමට වැඩියා. මේ සියල්ල සිදුකෙරෙන්නේ රාත්‍රී කාලයේදීයි. රජු හා පිරිවර 40,000ක් දෙනා එදා දුනු ඊතල බිම තබනවා.අඹ පැන අහනවා. එකී බුද්ධි පරීක්ෂණය අදත් අපට කියන්නේ මෙරට මිනිසුන් සතුව පැවැති ඉහළ බුද්ධි මට්ටමයි. මිහිඳු හිමියන් සිදුකළේ එකී දැනුම ඔපමට්ටම් කිරීමයි. චුල්ල හත්ථි පදෝපම සූත්‍රය එතැනදි දේශනා කරනවා. ලෝකයේ ප්‍රථම වතාවට 40,000ක් දුනු හීතල බිම තබලා තිසරණ සරණ යන ස්ථානය මිහින්තලාවයි.ස්වාමීන් වහන්ස, මහින්දාගමනයත් සමඟ මිහින්තලාව තවත් සුවිශේෂී කරුණු කීපයක් නිසා වැදගත් වනවා. බොදු සමාජය මේ පිළිබඳ දැනුවත්විය යුතුයි නේද?ෙබාදු සමාජය දැනුවත් විය යුතු එවැනි කාරණා කිහිපයක් තිබෙනවා. කෙනෙකු මිහින්තලය වැඳ පුදා ගැනීමට පැමිණෙන විට එකී කාරණා පිළිබඳ අධ්‍යයනයක් කොට තිබීම ඉතා වැදගත්.පළමු කාරණය මිහිඳු හිමි සමඟ වැඩි හත් නම අතර උපසම්පදා ලත් තෙරුන් වහන්සේ පස් නමක් සිටියා. එවිට විනය කර්ම පැවිදි කිරීම, උපසම්පදා කිරීම සිදුකළ හැකියි. ඒ අනුව ලක්දිව පළමුවන පැවිද්ද හා උපසම්පදාව සිදුවන්නේ භණ්ඩුක උපාසක මහණ කිරීමෙන්. ඒ අනුව ලක්දිව පළමු පැවිද්ද හා උපසම්පදා සිදුවන්නේ මිහින්තලා පුදබිමේදීයි.මිහිඳු හිමිගේ බෑණනුවන් වන සංඝමිත්තාවගේ පුතණුවන් වන අභිඤ්ඤාලාභී සුමන සාමනේර වහන්සේ මිහිඳු හිමිගේ අනුදැනුම මත ගල් පර්වතය මුදුනට විත් මේ පෘතුවි ධාතුවට පමණක් අධිශෘහිත දෙවිවරුන්ට බණ අහන්නට ආරාධනා කළා.“සග්ගේ කාමේච රූපේ ගිරි ශිඛර කටේ”ආදී වශයෙන් ඒ පිළිබඳ පොත පතේ සඳහන් වෙනවා. මේ පර්වතය දේවාරාධනාගල බවට පත්වන්නේ එලෙසයි. ඒ අනුව දෙවියන්ට ප්‍රථම වතාවට අඬගහලා ධර්මය දේශනා කිරීමේ ස්ථානය මිහින්තලාවයි. එය දෙවැනි කාරණය ලෙස දැක්විය හැකියි. එවලේ මිහිඳු හිමි සමචිත්ත පරියායෙන් ධර්ම දේශනා කළ ස්ථානය මෙයයි.තෙවැන්න, ප්‍රථම ආරාම පුජාව හා වස් විසීමයි. මිහින්තලාවේ සිට සමධියෙන් අනුරාධපුරය බලා වඩිනා මිහිඳු හිමි දින 28ක් එහි වැඩ සිටිනවා. එළඹෙන වස් කාලයේ අනුරාධපුරයෙන් පිටව යන්නට අදහස් කරන මිහිඳු හිමි තිස්ස රජු නවතා ගන්නවා. උන්වහන්සේලාට වස් විසීම සඳහා මිහින්තලය අටසැට ලෙන් පූජා කරනවා. ඒ අතරතුර ලංකාවේ ප්‍රථම භික්ෂූන් වහන්සේ ලෙස අරිට්ඨ තෙරුන් සමඟ 68 දෙනා වහන්සේ නමක් පැවිදි කොට උපසම්පදා කොට ප්‍රථම වස් විසීම මිහින්තලාවේ දී සිදුවනවා.සිව්වැන්න, බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බෙදා හරිනු ලැබූ මධ්‍යස්ථානය මිහින්තලාව වීමයි. වන්දනාමානය සඳහා බුද්ධ ධාතුන් වහන්සේ වැඩම වන්නැයි දේවානම්පියතිස්ස රජු ඉල්ලා සිටිනවා. ඒ අනුව සුමන සාමනේර වහන්සේ හා අරිට්ඨ තෙරුණ් සමඟ ගොස් පාත්‍රා ධාතුව පුරා බුද්ධ ශරීර ධාතූන් වහන්සේ සමඟ දකුණු අකු ධාතු වහන්සේ, ඌර්ණ රෝම ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවනවා. එම ධාතූන් වහන්සේලා බෙදාහැරීමත් සෙසු ධාතූන් වහන්සේ තැන්පත් කිරීමත් ප්‍රථම වතාවට මිහින්තලාවේ දී සිදුවුණා.පස්වැන්න ලොව ප්‍රථම ලිඛිත සාක්ෂි හමුවන අභය භූමිය මිහින්තලාව වීමයි. අක්ෂර, මූර්ති, කැටයම් ආදී කලා ශිල්ප සියල්ලත් ආදී හින්දු ධර්මය පැවැති බවට සාක්ෂිත් මිහින්තලාවේදී හමුවනවා. රමණීය වෙහෙර විහාර ඉදිවන්නේත්, අධ්‍යාපනය කලාව පණ ගන්වන්නේත් මහින්දා ගමනයත් සමඟයි. මේ රටේ පවතින්නේ මිහිඳු සංස්කෘතියක්. ඒ අනුව අපේ රටේ ජාතික සත්්වයා විය යුත්තේ මුවායි. ජාතික වෘක්ෂය විය යුත්තේ අඹ ගස බවයි මගේ අදහස.මේ පොසොන් සමයේ එදා විහිදූ දහම් ආලෝකය අදත් දැකිය හැකි යැයි ඔබ වහන්සේ සිතනවාද?අද දකින්නට ලැබෙන්නේ කානිවල් වෙසක් කලාප, පොසොන් කලාපයි. අද පවතින මේ “කලාප” යන අදහසට මා විරුද්ධයි. එක කලාපයක් නොවේ රටම මේ අසිරියෙන් බැබළිය යුතුයි. එදා පැවතුණේත් එහෙමයි. එහෙම නොවුණොත් වෙළෙඳ කලාපයක් වගේ පේන්න ගන්නවා. රජතුමා හෝ ජනාධිපතිතුමා ප්‍රධානත්වය ගන්නා තැනක වන රාජ්‍ය උත්සවය හා සමගාමීව රටම එය සැමරිය යුතුයි. බෙදා නොගත යුතුයි. මහින්දාගමනයෙන් පෝෂණය වූ රටකට මිහින්තලාව අමතක විය නොහැකියි. ලංකා සිතියමේ එවන් ස්ථානයක් තිබුණා දැයි අමතකව ගිය යුගයක් පැවතුණා.මේ කානිවල් සැමරීම පිළිබඳ ඔබ වහන්සේගේ මතය කෙබඳුද?පැහැදිලිව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ජාතික උත්සව සඳහා නිශ්චිත ක්‍රියාදාමයකට යා යුතුයි. සංගීත සංදර්ශන කියන තත්ත්වයට එය නොපැවතිය යුතුයි. ආමිස, ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැන ලැබිය යුතුයි. එය තනි පුද්ගලයකුට කළ නොහැකි දෙයක්. පොසොන් පෝය කියන්නේ මිහිඳු හිමියන්ට කෘතගුණ සැලකීමක්. 1505 පස්සේ මේ රටේ මිශ්‍ර සංස්කෘතියක් පවතිනවා. ඒ අතර මේ රටේ අනන්‍යතාව සංස්කෘතිය හඳුනාගෙන අප කටයුතු කළ යුතුයි.මෙරට ශිෂ්ටාචාරවත් කළ මිහින්තලා පුදබිම ආලෝවත් කිරීම 52 වැනි වතාවටත් ලේක්හවුස් අනුග්‍රහයෙන් සිදුෙවනවා. ඒ පිළිබඳ කතා කළොත්?1962 දී ඩී. ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් විසින් ඇරඹූ එකී පුණ්‍යකර්මය ශ්‍රී ලංකාවාසීන්ට ආදර්ශයක්. ආලෝක පූජාව යන සංස්කෘතිය ආරම්භ වන්නේ ඒ හරහායි. ඒ කාලේ මිහින්තලය එන බැතිමතුන් තමන්ගේ අන්තිම කැමැති පත්‍රය ලියාදී එන බව කියැවෙනවා. එවන් යුගයක ඇරඹි මේ ආලෝක පූජාව විදුලි ජනක යන්ත්‍ර භාවිතයෙනුයි සිදුකළේ. ප්‍රජා සත්කාරක සේවා රැසක් මේ හරහා සිදුකෙරුණා. අදත් රාජ්‍ය උත්සවය ලෙස ආලෝක පූජාව මිහින්තලයේ දී සිදුකෙරෙනවා.වෙළෙන්දන්ගෙන් ඉතිරී ගිය මිහින්තලා පුදබිම ඉන් මුදාගෙන පවිත්‍රව පවත්වාගෙන යාමට ඔබ වහන්සේ මැදිහත්ව කටයුතු කළා. අද තත්ත්වය කෙබඳුද?මිහින්තලය අපේ සංස්කෘතියේ උල්පතයි. ලංකාවේ පළමුවැනි ස්ථානය මෙයයි. ඒ අනුව මේ ස්ථානය තිබිය යුතු ආකාරය පිළිබඳ මා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2013 වර්ෂයේ පටන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ත්‍රිවිධ හමුදාවන්ගේ මැදිහත්වීමෙන් අද රමණීය මිහින්තලයේ සුන්දරත්වය දැක්ක හැකියි. ඉතිහාසයේ පැවැති විභූතිය යළි ගෙන එන බව එදා ජනාධිපතිතුමා පොරොන්දු වුණා.අවිධිමත්ව තිබූ මේ ස්ථා-නය ව්‍යාපාරිකයන්ගෙන් පිරී තිබුණා. වන සංහාරයත් සිදුවුණා. අද ඒ හැම දේටම නැවතීමේ තිත තියලා තියනවා. සංඝාවාසයක අඩුව තවමත් අප සතුව පවතිනවා. කාල ප්‍රාසාදය නමින් මිහින්තලයේ පිරිවෙණක් පැවැත තිබෙනවා. ඒ ඔස්සේ භාෂා ඥානයෙන් පිරිපුන් ඇත්තෝ බිහිකොට තිබෙනවා. එලෙසින් ත්‍රිපිටකය පිළිබඳ උසස් දැනුම මෙතැනින් ලබාදී භාෂා ඥානයෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය දේශනා කිරීම සඳහා ලෝකයට යැවීම මාගේ අභිප්‍රායයි. ඒ ආකල්පය ඉදිරියට ගෙන යාමට රජයේ මැදිහත්වීම මා අපේක්ෂා කරනවා..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f1406122
| null |
සටහන කාංචනා අමිලානි
|
මිස්සක පව්ව මතුයෙහි මහත් ආලෝකයක් පැවතුණි. සර සර හඬ නඟමින් අඹ ගසක කොළ සෙලැවෙමින් පැවතියේ වෙන්නට නියමිත දෙයක පෙර නිමිත්තක් මෙනි. දෙවනපෑතිස් රජ දවසය. විනෝද කෙළිය පිණිස දඩයමට හැරුණු සිත් ඇතිව රජු මිස්සක පව්ව ආසන්නයට එළැඹිණි.ඒද මහත් වේගවත් දිවීමකිනි. හේ ලුහුබඳින්නේ දඩයමකි. අතක මනාව තැනූ දුන්නෙකි. ඒ මත සකසුරුවමට හිර කළ හීයකි. මුහුණ පුරා දා බිඳු නැඟී ඇත. කැරැළි ගැසුණු කොණ්ඩය නළල පුරා විසිරී හිසටම ඇලී ගොසිනි.කසී සළු ගත දැවටී හෙයින් දාහය එතරම් ඔහු දවන්නේ නැති සැටියකි. ඔහු ඉදිරිපසින් හැල්මේ දුවන මුව පොව්වෙකි. ඒ බියෙන් තැති ගෙනය. ජීවිතාශාව නැඟී ආයෙන් සියලු බාධක හැරපියා නිල්ල නිලන වනාන්තරය ඇතුළට වැදුණු මුව පොව්වා පසුපස විදුලි වේගයෙන් දුවන්නට සැරසෙන රජු නවතාලිය හැකි කටහඬක් මිස්සක පව්ව මතුයෙන් නැඟි නැඟී ආයෙන් හේ විපිළිසරව බලන්නට වූයේය.රජෙකුට නවතින්නැයි කියන්නේ කවුරුන්ද? එමතු නොව තමන්ගේ මුල් නමින් අමතන්නේ කවුරු නම් විය හැකිද? මේ තිගැස්ම රජු මොහොතකට නවතාලීය.‘තිස්ස’ යැයි අමතා ‘නවතින්න’ යැයි කීයෙන් හේ නැවතුණි.‘රජ තෙමේ මා දකීවා; අනික් තැනැත්තන් නොදකීවා’ යි අධිෂ්ඨාන කොට මිහිදු හිමියන් රජු ඇමතීයෙන් සතළිස් දහසක් පුරුෂයන් පිරිවරා දඩ කෙළියට වන් අරමුණ අමතක කරවා දැමීය.‘සමණා මයං මහාරාජ ධම්මරාජස්ස සාවකා තමවව අනුකම්පාය ජම්බුදීපා ඉධා ගතා’යනුවෙන් වදාලේ මහත් කරුණාවෙනි. ‘මහරජ අපි ධර්මරාජයන් වූ සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝය;තොපට අනුකම්පාකොට ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියෙමු’ කී හෙයින් ඒ සා බලසම්පන්න රජ තෙමේ ඒ වදනට අවනතම විය. ධර්මාශෝක රජු වෙතින් මහත් උතුම් දහම් පඩුරක් ලබන්නට යන්නේ යැයි උද්දාම සිත් ඇතිවුණ දේවානම්පියතිස්ස රජු වහ වහා දුනු හී බිම හෙළා එකත්පස් විය. ‘මේ බුද්ධපුත්‍ර ආර්යයෝය’ යන ක්ෂණික සිතිවිල්ලට පත් රජු සතුටු සාමීචිය පිණිසම වාඩි විය.නොපෙනෙන්න සිටි හතලිස් දහසක් පුරුෂයන්ද එකල්හිම රජු පිරිවරාගෙන අම්බස්තලය අවටින් මතු විය. එමතු නොවේ මා හැර අන් අය නොපෙනේවා යැයි අධිෂ්ඨාන කොට නොපෙන්වා සිටි සහ පිරිවර රජු ඇතුළු පිරිසට පෙනෙන්නට සැලැස්වීය. සතුටු සාමීචිය පිණිස බිම හොත් රජු මහත් පුදුමයට පත්ව අසන්නට වූයේ මේ පිරිස කොහි නම් සිටියේදැයි කියාය.රජු අසන්නට වූයේ තවත් පැනයකි. ඒ දඹදිව තවත් බුද්ධ පුත්‍රයෝ ඇති දැයි කියාය.‘මහරජ එසේය;මේ කාලයෙහි දඹදිව කාසාය වස්ත්‍රයෙන් බබළන්නේය;ත්‍රිවිද්‍යා ඇත්තාවූද,සෘධිබල සම්පන්නවූද,අනුන්ගේ සිත්භේද දැනීමෙහි දක්ෂවූද,රහත්වූද බුද්ධපුත්‍රයෝ බොහෝ සිටිති’රජු වඩාත් සැප පහසුවෙන් මිහිඳු හිමි විචාරන්නට විණ.‘ඔබ වහන්සේලා කුමකින් වැඩිසේක්ද?’‘දියෙන් හෝ ගොඩින් හෝ නො ආයෙමුයි’ කීයෙන් අහසින්ම වඩින්නට ඇතැයි රජු තනි තීන්දුවකට පත් විය.යළිත් අඹ ගස් ඇතුළු තවත් නොයෙකුත් ගස් වර්ගයෝ සිලි සිලියෙන් යුක්තව මෘදු ශබ්ද ඇති කරන්නට විණ. සුළඟ පවා කොළ පාටැති,රඹ පාටැති කොළ සොලවමින් එකිනෙකට ආවේණික ශබ්ද නඟන්නට විණ. හතළිස් දහසක් සෙනඟ රජු ආසන්නයෙන් මෙන්ම තරමක දුරකින් තැන තැන වදනකුදු නොබිනමින් හුන් හෙයින්ම මේ ප්‍රිය කතාබහ තවත් දිගු විය. මිහිඳු මාහිමියෝ රජුගේ ඥානය පිරික්සනු වස් ඉතා සියුම් ප්‍රශ්න රාශියක් අසන්නට විය. ඉතිහාසයේ අසන්නට ලැබෙන ප්‍රථම බුද්ධි පරීක්ෂණය ඒම විය. එහි මූලය අඹ ගසක්ම විය.‘මහරජාණෙනි,මේ රුක කිනම්ද?’‘මේ රුක අඹ නම් වේ’‘මෙය හැර තවත් අඹ රුකෙක් ඇද්ද?’‘බොහෝ අඹ රුක් ඇත්තාහ’‘මේ අඹ රුකද ඒ අඹ රුක්ද හැර වෙන රුක් ඇත්ද?’‘වහන්ස,බොහෝ රුක් ඇත්තාහ. ඒ රුක් අඹ නොවෙති’දැන් දැන් බුද්ධි පරීක්ෂණය ගැඹර කරා ඇදෙනු පෙනෙයි. මිහිඳු හිමියෝ මද සිනාවෙන් යුක්තය. කසාවතින් බබළන සිවුර මිස්සක පව්ව අසලට මහත් ආලෝකයක් රැගෙන පැමිණි සැටියකි. අම්බස්තලය මුදුණේ මිහිඳු හිමියන් සමඟ සපැමිණි දූත පිරිසේ ඉත්තිය,උත්තිය,සම්බල,භද්දසාල,සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක යන අයය.විවේකයක් නොගෙනම ප්‍රශ්න විචාරන මිහිඳු හිමියෝය.‘ඒ අඹත් නො අඹත් හැර වෙන රුක් ඇද්ද?’‘ස්වාමීනී,මේ අඹ රුකය’‘මහරජ තොපගේ නෑයෝ ඇද්ද?’‘බොහෝ දෙනෙක් ඇත්තාහ’‘නොනෑයෝත් ඇද්ද?’‘බොහෝ නොනෑයෝ ඇතියහ’‘ඒ නෑයනුත් නොනෑයනුත් හැර අන්‍ය කෙනෙක් ඇද්ද?’‘ස්වාමීනි,එසේය;මමමය’මිහිඳු හිමියෝ මද සිනාවෙන් යුක්තවම රජුගේ නුවණ පිළිබද පැහැදුණු සිත් ඇතිව චුල්ලහත්ථි පදෝපම සූත්‍රය රජතුමා ප්‍රධානකොට ගත් හතළිස්දහසක් පිරිවරට දේශනා කරනු ලැබීය.මහත් දිවීමෙන් යුක්තව පසු වූ දේවානම්පියතිස්ස රජු ඇතුළු රට වැසියා පොසොන් කෙළිය වෙනුවෙන් මුව දඩයම වෙනුවට පොසොන් උත්සව පවත්වන්නට යෙදුණි. ඒද ශරීරය පිනවීම පිණිස නම් නොවේ. මනසට ආහාර පිණිසය.ඒ ආහාරය ධර්මය නම් වූයෙන් මහින්දාගමය පූර්ව හැරවුම් ලක්ෂයක් සේ සලකා ඉතිහාසය විග්‍රහ කළ යුතුය. එදා මිස්සක පව්වෙන් ඒ හැරවුම් ලක්ෂය පටන් ගත්තා සේම වත්මන වන විට ලක්දිවට බුදු දහම ගෙන ආ දිනය සේ සලකා මහත් බුහුමණින් යුක්තව සමරනු ලබයි. මේ එවන් මහානාර්ඝ පොසොන් පෝ දිනයි..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f1406123
| null |
සටහන නිලුෂා නිරංජලා ඡායාරූපය-සමන් ශ්‍රී වෙදගේ
|
පැළෑටියක් අතු ඉති විහිදුවා මහ ගසක් බවට පත්වෙමින් දසත සෙවණ සදන්නේ, ඊට අවැසි ජලය, පොහොර, හිරුඑළිය ආදි පරිසර සාධක මනාව ලැබුණු විට ය. එසේම සිරිලක බුදුදහම මහ රුකක්ව හැම අත ශාඛා විහිදුවමින් දහම් සිසිලස පතුරුවාලීමට ද බොහෝ සාධක මුල් වී තිබිණි. විශේෂයෙන් මිහිඳු හිමි මෙරට වැඩම කර සද්ධර්මය දේශනා කිරීමට පෙරාතුවම බුදුදහම ලක්දිව මුල්බැස ගැනීමට වුවමනා පසුබිම සකස්ව තිබිණ. මේ පසුබිම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ පටන්ම අනුක්‍රමයෙන් නිර්මාණය වූවකි.විශේෂයෙන් නාවිකයන් හා වෙළෙඳ කණ්ඩායම් හරහා ලක්වැසියෝ ඉන්දියාවේ පතළ බුද්ධාගම ගැන යම් දැනුමක් ඇතිකර ගෙන සිටියහ. උදාහරණයක් ලෙස එකල කැලණියේ විසූ නාග ගෝත්‍රිකයන් නාවිකයන් ලෙස හඳුනාගත හැකි අතර, ඔවුන් මුහුද, ගංගා ආශ්‍රිතව වෙළෙඳාම් කළ පිරිසකි. ත්‍රිකුණාමලයේ ද මෙවැනිම වෙළෙඳ පිරිසක් ජීවත් වූහ.බුදුහිමි බුද්ධත්වයට පත්වීමෙන් පසු උන්වහන්සේගෙන් කේෂ ධාතු ලබාගත් ත්‍රිකුණාමලයේ වෙළෙඳුන් කිහිප දෙනෙකු එම කේෂ ධාතු නිධන් කොට, මෙරට ස්ථූප කරවූ බව ද සඳහන් වේ. ඒ අනුව අපට වටහාගත හැකි වන්නේ වෙළෙඳුන් ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේ දී බෞද්ධ පරිසරයකට වුවමනා කරුණු මෙරට රැගෙන ආ බවයි.මේ වෙළෙඳ කණ්ඩායම් හරහා බෞද්්ධාගම ගැන පණිවිඩය ලංකාවට ලැබී තිබිණි. අපගේ වංශ කතාවල සඳහන් අන්දමට මණිඅක්ඛික නා රජු බුදු හිමියන්ට ලක්දිවට වැඩම කිරීම සඳහා ආරාධනා කළේ ජේතවනාරාමයට ගොසිනි. බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන නිසා බුදුදහම පිළිබඳ යම් දැනුවත් භාවයක් ලක්වැසියන් තුළ ඇතිවී තිබිණි.එහෙත් මිහිඳු හිමි ලංකාවට වැඩම කිරීමට පෙරාතුව එසේ මෙරට නිර්මාණය වී තිබූ බෞද්ධ පරිසරය මහා පරිමාණයෙන් නිර්මාණය වූවක් නොවේ. ඒ බව සනාථ කිරීමට එක් උදාහරණයක් වන්නේ පණ්ඩුකාභය රජ සමයේ මෙරට පැවැති ආගමික විශ්වාස ගණනාව යි.විවිධ විශ්වාසනිගන්ඨයන් හට වැඳුම් පිදුම් කිරීම ඉන් එකකි. ගිරි නිගණ්ඨයා, කුම්භාණ්ඩ ඬගණ්ඨයා ආදින් අනුරාධපුරයේ ජීවත්ව සිට ඇත. ඔවුනට ශ්‍රාවක පිරිසක් සිටි අතර පණ්ඩුකාභය රජතුමා ඔවුනට කුටි තනා දී ඇත. එයින් පැහැදිලි වන්නේ නිගණ්ඨයන්ගේ දහම වැටහෙන පිරිසක් මෙරට සිට ඇති බවයි.නිගණ්ඨයන්ගේ අනුගාමිකයන් සිටියා නම් අනිවාර්යයෙන්ම බෞද්ධ අනුගාමික පිරිස් ද ලක්දිව සිටිය යුතුය. මන්ද යත් බුදුහිමි ජීවමාන සමයේ නිගණ්ඨයන්ගේ ඉගැන්වීම්වලට වඩා බුදුදහම ඉන්දියාව පුරා ප්‍රචලිතව තිබූ බැවිනි. එහෙත් අප දැනගත යුතු වන්නේ මහා පරිමාණයෙන් බුදුදහම ප්‍රචලිත වීමක් නොතිබූ බවයි.පණ්ඩුකාභය රජ සමයේ මෙරට යක්ෂයන් ඇදහීමත්, දේව වන්දනාවත් පැවැතිණි. ඒ අතර වෘක්ෂ වන්දනාව ද පැතිර තිබුණි. එබැවින් එකල මෙරට පැවැති ආගමික පරිසරය සංකීර්ණය. විවිධ ආගමික සංකල්ප, විවිධ විශ්වාස දැරූ පුද්ගලයන් ජීවත් වූ අතර, මිථ්‍යා ඇදැහිලි හා විශ්වාසවලට තැනක් ලැබී තිබිණි. මේ අතර බුද්ධාගම ගැන දැනගත් පිරිසක් නොසිටියේ නම් මිහිඳු මහ රහතන් වහන්සේට මෙතරම් පහසුවෙන් ලක්දිව බුදුසසුන ව්‍යාප්ත කිරීමට ඉඩ ලැබෙන්නේ නැති බව ද කිව හැකිය.මිහිඳු හිමියන් ලක් දිවට පැමිණ දේ්ශනා කළ සූත්‍ර වන චුල්ලහත්ථිපදෝපම, අනන්තලක්ඛන සූත්‍ර ආදිය සැලකූ® විට චතුරාර්ය සත්‍ය දේශනාදී ගැඹුරු දහම් කරුණු තේරුම් ගැනීමට සමත් පිරිසක් මෙරට ජීවත්ව සිට ඇති බව පැහැදිලි ය.ඔවුන්ගේ ඉහළ බුද්ධි මට්ටම නිසා මහා මහින්ද හිමියන්ට මෙරට ධර්ම ප්‍රචාරය පහසු විය. විශේෂයෙන් දේවානම්පියතිස්ස රජතුමා ද හොඳ බුද්ධිමතකු වූ බව මිහිඳු හිමියන් විමසූ ප්‍රශ්නවලට රජතුමා ලබාදුන් පිළිතුරු ආදියෙන් ද පැහැදිලි ය.මිහිඳු හිමියෝ ලක්දිව වැඩම කිරීමට ප්‍රථම දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයේ නිරත වී සිටියහ. ඒ අතරතුර කාලයේ උන්වහන්සේ මෙරට භාෂාව ඉගෙන ගත්හ. සාහිත්‍ය යනු භාෂාවත් සමඟ ගොඩනැඟෙන්නකි. සාහිත්‍යයෙන් තොරව භාෂාවක් නිර්මාණය වන්නේ නැත. එබැවින් එවකටත් සාහිත්‍යයට අනුගත වුණු ඒ අනුව මනැස සකස්කර ගත් පිරිසක් මෙරට ජීවත්ව සිට ඇති බව පැහැදිලි ය. එහෙයින් මිහිඳු හිමියන් දෙසූ දහම මේ පිරිසට වටහා ගත හැකි විය. බුදුහිමි පස්වග තවුසන්ට දේශනා කළ දම්සක් පැවැතුම් සූත්‍රය මෙහිදී සලකා බලමු. එම සූත්‍රයේ අන්තර්ගතය වූයේ චතුරාර්ය සත්‍යය යි.එසේ නම් සමස්ත බුදුදහමට ඇතුළත් දම්සක් පැවැතුම් සූත්‍රය වටහා ගැනීමට පස්වග තවුසන්ට හැකි වූයේ විමුක්ති මාර්ගය වටහා ගැනීම සඳහා කාලාන්තරයක් තිස්සේ ඔවුන්ගේ මනස සකස්ව තිබූ නිසයි. ඔවුන් තපස් ජීවිතය සම්බන්ධ කරුණු පරිශීලනය කරමින් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සිටි අයයි. එබැවින් වටහා ගැනීමේ බුද්ධිමය හැකියාව ඔවුන් සතු ෂය.එසේම මිහිඳු හිමියන් ලක්වැසියන්ට ධර්මය දේශනා කිරීමේ දී, සමස්ත බුදුදහමම කැටිකොට දේශනා කිරීමත්, එය වටහා ගැනීමට ග්‍රහණය කර ගැනීමට සමත් පිරිසක් සිටීමත් යන කරුණු දෙකම එක විට සාධනය වී තිබිණි. දාන කතා, ශීල කතා, සග්ග කතා, කම්මානං ආදීනවං ආදි වශයෙන් අනුක්‍රමයෙන් නිර්වාණය දක්වා විස්තර කෙරෙන ධර්ම දේශනා රටාව අතික්‍රමණය කරමින් මිහිඳු මහ රහතන් වහන්සේ එක්වරම චතුරාර්ය සත්‍ය පිළිබඳ දහම් දෙසන විට එය අවබෝධ කරගත හැකි බුද්ධි මණ්ඩලයක් එතැන සිටිය යුතුය.එවන් බුද්ධි මණ්ඩලයක් නිර්මාණය වීමට ශාස්ත්‍රීය දැනීමක් තිබිය යුතුය. එසේම සමකාලීන ආගම් පිළිබඳ අවබෝධයක් ද පැවැතිය යුතුය. එසේම නිදහස් චින්තනයකින් ද යුක්ත වීම අවැසිය. මේ සියලු දේ එම පරිසරය තුළ නිර්මාණය වීම නිසා මිහිඳු හිමියන්ට දහම් දෙසීම පහසු විය.සාංසාරික සබඳකම්ධර්මාශෝක රජු, දෙවනපෑතිස් රජු, මොග්ගලිපුත්ත තිස්ස තෙරුණ් සහ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ආදීන් පිළිබඳ සාංසාරික කතා ප්‍රවෘත්තීන් ද අපේ බෞද්ධ ග්‍රන්ථවල දැකිය හැකිය. බෞද්ධයන් වශයෙන් අප දන්නා කරුණක් වන්නේ සාමාන්‍යයෙන් හැමදෙයක්ම ඉබේ සිදුවනා රටාවක් නොමැති බවයි. බොහෝ සිදුවීම් සංසාරයට සම්බන්ධ ය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස බවට පත්වූයේ ද සාංසාරික ගමන තුළ උන්වහන්සේ සමඟ පැමිණි පිරිස යි.ඒ ආකාරයෙන්ම, මිහිඳු හිමියන් මෙරට ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කරවීම සම්බන්ධයෙන් ද මෙසේ සාංසාරික කථා ප්‍රවෘත්තියකින් ද ඉදිරිපත්ව ඇත. පූර්ව ජන්මවලින් එන්නා වූ යම් යම් කරුණු මෙහි පසුබිමෙහි ඇත.වංශකතාකරුවා සඳහන් කරන තවත් එවැනි කතා ප්‍රවෘත්තියක් වන්නේ දෙවනපෑතිස් රජුගේ අවධානය පැහැරගත් මුවා සම්බන්ධව ය. රජු ඇතුළු පිරිස මුව දඩයමේ ගියේ සැණකෙළි දිනෙක ය. එදින රජුගේ අවධානය මිහිඳු හිමියන් වෙත යොමුකරවීමට මුල් වූයේ මුව වේශයෙන් පැමිණි දෙවියන් යැයි කියැවේ. එය පසුකාලීනව ආදේශ කළ කතාවක් වන්නට ද ඉඩ තිබේ. කෙසේ නමුත් මෙවැනි කරුණු ගැනත් වංශකතාවල සාකච්ඡා කෙරී තිබේ.මහා මහින්ද හිමියන් මෙරට ධර්ම ප්‍රචාරයට වැඩම කරවීම පසුබිමෙහි දේශපාලනික පසුබිම් කතාවක් ද පවතින බව කරුණු සලකා බැලීමේ දී අපට පැහැදිලි වේ. ධර්මාශෝක රජතුමා ධර්ම ප්‍රචාරය සඳහා වෙනත් දේශයන් වෙත එක් දූතයකු බැගින් යවද්දී ලංකාද්වීපයට තම පුතණුවන් ප්‍රමුඛ පිරිසක් එවීමට පියවර ගත්තේ ය.ධර්මාශෝක රජු අධිරාජයකු වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ අවංකකම ගැන වැඩිපුර සලකා බලා ඇත. දෙවනපෑතිස් රජු රාජාභිෂේකය ලැබුවේ ද ඉන්දියානු ක්‍රම රටාවට අනුවය. දේවානම්පිය යන විශේෂ නාමය ද අශෝක රජතුමා වෙතින් ලැබුණකි. දිග් විජයට වඩා ධර්ම විජය මනා යැයි සැලකු දම්සෝ රජතුමාට මෙහිදී තමනට දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ලංකා ද්වීපයේ රජුගේ අවංකකම සුවිශේෂී විය.තම පුත් මහින්ද හිමියන් මෙරට ධර්ම ප්‍රචාරය සඳහා එවීමෙන් කලාපීය දේශපාලන ස්ථාවරත්වයට වුවමනා පසුබිම නිර්මාණය කිරීම ද සිදු වී ඇත. කලාපීය දේශපාලනික ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවේ පවතින වැදගත්කම එදා මෙන්ම අද ද සුවිශේෂී වන බව ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා දෙස බැලීමේ දී පැහැදිලි වන්නකි.විශේෂයෙන් මනා පළපුරුදු තානාපතිවරුන්ගේ සේවය අද ද ඉස්මතු වී පෙනෙයි. සැබැවින් ම කිව යුත්තේ ඉන්දියාව සහ ලංකාව අතර පවතින මුල් සම්බන්ධය ආගමික මෙන්ම දේශපාලනික ද වන බවයි. එය ඉතිහාසය පුරාම දක්නට ලැබෙන සාධකයකි. අදට ද එය එසේම ය. එම යහපත් සබඳතාව අතික්‍රමණය කිරීම, ඉක්මවීම නොමනා ය. මෙවැනි කරුණු ද අද වන් සුවිශේෂි දිනයක සලකා බැලීම සුදුසු ය..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f1406124
| null |
සාකච්ඡා කෙළේ - එප්පාවල බණ්ඩාර ඒකනායක
|
ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන, භණ්ඩුක යන පිරිස සමඟ පොසොන් පෝදා මිහින්තලා පව්වට වැඩම කළ අරහත් මාහිමියෝසමනා මයං මහ රාජ – ධම්ම රාජස්ස සාවකා තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතායන ගාථා පදයෙන් තමන් හඳුන්වා දෙමින් ඒ මොහොතේ මිහින්තලා වන වැද සිටි මහරජුට ‘තිස්ස’ යයි අමතා - මුළු රට පුරා බුදුදහම වපුරා පෙරැළියක් කළහ.ඒ සමයේ රජතුමන් පෙරටුකොට දියකෙළි, උයන්කෙළි, සැණකෙළි, දඩකෙළි, වනකෙළි ආදී වශයෙන් විනෝදාංශ සමාජය තුළ පැවතින. තිස්සගේ මෞලි මංල්‍යයෙන් මසකට පසු හතළිස් දහසක් සෙනඟ පිරිවරා තිස්ස රජු දඩකෙළියට හා වන කෙළියට මිහින්තලා පව්වට ගියබව වංශ කථාවල දැක්වේ.සතුන් මරා දැමීම දඩකෙළියේ පරමාර්ථය නොවීය. සතුන් හමු වූ විට දුනුදිය පොලා දුන්න හඬ නංවා සතුන් බිය ගන්වා ඔවුන් ලුහුබැඳ යෑම දඩ කෙළියේ විනය විය.මෙහිදී තිස්ස විසින් හඹායන්නට යෙදුණු තරුණ මුව නාම්බා මුවකු නොව මුව වෙස් ගත් රුක් දෙවියෙකි. මිහිඳු මහ රහතන් වහන්සේට තිස්ස මුණ ගැස්වීම සඳහා එය රුක් දෙවියන් යෙදූ උපායක් විය.‘තිස්ස’ යැයි ඇමතූවිට මට නමින් ඇමතිය හැකි බලවතා කවුරුන් දැයි තිස්ස රජු වටපිට බැලීය. එවිට පව්ව උඩ වැඩ සිටින සංඝරත්නය ඇසගැසිණ. “සමනා මයං මහ රාජ” යයි මිහිඳු මා හිමියන් තමන් හඳුන්වා දුන්නේ එවිටය.මිහිදු මා හිමියෝ අඹ ගසේ ප්‍රශ්නය, ඥාති ප්‍රශ්නය, ආදිය විමසීමෙන් තිස්ස රජු බුද්ධිමත් බව තේරුම්ගෙන ඒ මොහොතේම තිස්ස රජු ඇතුළු පිරිස පන්සිල්හි පිහිටුවා ඔවුන්ට සිංහල භාෂාවෙන්ම ‘චුල්ල හත්ථි පදෝපම’ සූත්‍රයෙන් ධර්මය දේශනා කොට රජු ඇතුළු පිරිස බුදුදහමට අනුගත කළහ.එදින රාත්‍රි දෙව් – බඹුන්ට දහම් දෙසනු පිණිස සුමන සාමණේරයන් මගින් මිස්සක පව්වේ ආරාධනාගලෙහි සිට කාලඝෝෂා කරනු ලැබ පැමිණි දෙව් – බඹුන් පිරිසට එහිදී දම් දෙසනු ලැබීය.පසු දින හිමිදිරියෙන්ම මිස්සක පව්වේ සිටි සංඝරත්නය අනුරාධපුරයට වැඩමවාගෙන ඒමට තිස්ස රජු විසින් සිය මංගල රථය යවන ලද නමුත් සංඝරත්නය ඍද්ධියෙන් අනුරාධපුර ඇතුළු නුවරට වැඩම කළහ. රජ ගෙදරින් ලද දිවා දානයෙන් පසුව ‘දේවදූත’ සූත්‍රයෙන් දම්දෙසු මිහිදු මා හිමියන් අනුලාදේවි ප්‍රධාන කාන්තාවන් පන්සියයක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිට වූ බව වංශ කථාවල දැක්වෙයි.එවකට ශ්‍රී ලාංකික ජනතාව රුක්දෙව් පිදීමට ඇබ්බැහි වී සිටීමේ සිරිත හරහා දඹදිව ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව මහ මෙව්නා උයනට වැඩමවා රෝපණය කොට පුදපඩුරු පූජා, ගරු බුහුමන් දැක්වීමෙන් එවකට විසූ ශ්‍රී ලාංකික ජනතාව සම්බුද්ධ ශාසනයට වඩාත් සමීප කළහ. ශ්‍රී මහ බෝධි ශාකාව සමඟ මෙහි පැමිණි සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විශේෂයෙන් ලංකාවේ කාන්තා පරපුර තුළ ධර්මාවබෝධයක් ඇති කරලීමට කටයුතු කළහ.දේවානම් පියතිස්ස යුගයේ දී මිහිඳු මා හිමිපාණන් විසින් ඇති කරන ලද බෞද්ධාගමික නවෝදය නිසා සිංහල ජනතාව බෞද්ධයන් බවට පත්වීමෙන් ආගමික, සාමාජික හා සංස්කෘතික වශයෙන් මානව සමාජය තුළ ශුභවාදී පෙරැළියක් ඇති විය. සිරිත්-විරිත්, සාරධර්ම – ගුණධර්ම, ඇවැතුම් – පැවතුම්, සදාචාරය යන මේ මානව චර්යාවේ සියලු ශිෂ්ටාචාරයන් වර්ධනය වූයේ සම්බුද්ධ ශාසනය පදනම් කරගෙන ය.අද සිංහල ජන සමාජය තුළ පවත්නා සංස්කෘතිය බුද්ධධර්මය පදනම් කොට ගොඩනැඟුණු චර්යා රටාවකි. සිංහල ජනතාව මනුසත් බව තුළින් හැඩගැසුණේ බුද්ධධර්මය නිසාය. පොසොන් පොහෝ දිනය සිංහල ජාතිය පුනරුත්පත්තිය ලැබූ දවස බවට පත්වන්නේ ඒ නිසාය.එහෙත් මෑත යුගයේ විවෘත ආර්ථිකය හරහා රටට කඩා වැදුණ විවිධ අසංවර, දුශ්ශීල ගතිපැවැතුම් නිසා බෞද්ධ සංස්කෘතිය පුපුරා හැලී දියවී යන්නට පටන් ගෙන ඇත. කිරට හදන එළදෙන පසුව මසට විකුණා දමන්නට, ගෙදර පෝෂණයට බිත්තර ලබා ගන්නා කිකිළිය පසුව මසට විකුණා දමන්නට තරම් අපේ ඇතැම් බෞද්ධයෝ දුසිල්වත් වී සිටිති.පවුල් අවුල් වී යන්නට, මානව ගති සිඳී යන්නට ඇනකොටා ගෙන මැරෙන්නට තරම් දුරාචාරයට පොළඹවන මත්පැන්, මත්කුඩු සමාජය පුරා ඉහවහා යන්නට මහ ගංවතුරක් ආ පරිද්දෙන් මානව ගුණධර්ම මිනිසාගෙන් සේදී යෑම හේතු වී ඇත. දන්දීම උතුම් පින්කමකි. දන්සලෙන් කෙරෙන්නේත් දන් දීමය. නමුත් පොසොන් පෝදා නිමිතිකොට අද පැවැත්වෙන ඇතැම් දන්සල් නියම පරමාර්ථවලින් පිටපැන කටයුතු කරන හැටි දකින්නට ලැබේ.ආගමට දහමට සම්බන්ධවන විට, විහාරයට පන්සලට එනවිට, සිල්වත්ව සංයමයෙන් හා සංවරයෙන් යුතු ඇඳුම් පැලැදුම් ඇඳගෙන ඒම බෞද්ධයාගේ උතුම් පිළිවෙතකි. නමුත් පොසොන් දා ට ආගමට, දහමට බුදුපුදට අනුරාධපුරයට එන ඇතැම් තරුණ තරුණියන් ඇඳ පැලද එන ඇඳුම් ආයිත්තම් එතරම් සුදුසු නොවේ. දුසිල්වත් හැසිරීම්වලින් කෙරෙන්නේ බුදුදහමට නිගාවකි.පොසොන් පොහොයට අනුරාධපුරයට එන ඔබද සැබෑ බෞද්ධයකු ලෙස ජීවිතය හැඩගසා ගැනීමට සැලකිලිමත් වන්න. පොසොන් පොහොයෙන් ඔබට උගත හැකි දේ එයයි..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f1406125
| null |
කට්ටඹුවාගම විජයපාල කුමාරසිංහ
|
ලේක්හවුස් ආයතන නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, 1963 වසරේ ප්‍රථම වරට මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කරනු ලැබීය. එවක් පටන් අද දක්වා අඛණ්ඩව වසර පනස් දෙකක් පුරාවට ලේක්හවුස් ආයතනය සිය උත්තරීතර ආගමික මෙහෙවර උදෙසා ඇප කැපවී සිටී.පූර්ව තුන්වැනි සියවසේදී මිස්සක ගිරි හිසින් පායා ආ සදහම් රැස් දහරින් තුන්හෙළයම එකලු විය. අනුබුදු මහින්ද මහරහතන් වහන්සේ දෙසා වදාහල සම්බුද්ධ සද්ධර්මයේ බල මහිමයෙන් හෙළ දිවයින ධර්මද්වීපයක් විය.මේ අසිරිමත් සිදුවීමට උපස්ථම්භක වූ අඹතලා පින්බිම ශ්‍රී ලාංකේය බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය වූ අතර, දේශීය සංස්කෘතියේ ද තිඹිරිගෙය විය. මිහින්තලා පින්බිම අනෙකුත් බෞද්ධ වෙහෙර විහාර අතරින් සුවිශේෂ වන්නේ එකම ගිරි හිසක පූජ්‍යස්ථාන රාශියක් පිහිටා තිබීම හා මේ පුදබිම් කරා යන ප්‍රවේශ මාර්ග පියගැටපෙළ ආදියෙහි පවතින විශේෂත්වයයි.මේ ගිරි සිරස සිසාරා පැතිර ඇති පුදබිම් ඒකාලෝක කිරීම පෙර රජදවස පටන් සිදුව ඇත්තේ තෙලේ ගැල්වූ පහන් වැටි මඟිනි. පොසොන් සමයේ රජරට පවතින සුළං තත්ත්වය මේ පහන් පූජාවට බාධකයක් වූවා නිසැකය. කෙසේ වතුදු මේ පින්බිම එකවර ආලෝකවත් කිරීම අසීරු කරුණක් වූයේ ගිරිහිස සිසාරා සුවිශාල භූමි භාගයක මේ පූජ්‍යස්ථාන විසිර පැතිර පැවති හෙයිනි.මිහින්තලා ආලෝක පූජාව පිළිබඳ ඓතිහාසික මූලාශ්‍ර විමසීමේදී ගෝඨාභය රජ සමයෙහි මිස්සක ගිරි හිස ඒකාලෝක කිරීම සඳහා පහන් දහසක් දල්වා පින්බිම ආලෝකවත් කළ බව සඳහන් වෙයි. මේ හැර නොයෙකුත් රජවරුන්ගේ කාලවලදී පුදබිමේ පැවැත්වූ පින්කම් සඳහා පහන් පූජා පවත්වා ඇති බව සඳහන් වේ.පස්වැනි මිහිඳු යුගයෙන් අනතුරුව අභාවයට ගිය අනුරාධපුර රාජධානියත් සමඟ මිස්සක පින්බිම ද වනස්පතීන්ට මුවාවී අභාවයට යන්නට ඇත. පසුකාලීනව සිදු වූ නුවර කලාවිය ජනාවාසවීමෙන් පසුව මිස්සක පින්බිම ක්‍රම ක්‍රමයෙන් දියුණු වන්නට පටන් ගත්තේය.මිස්සක පින්බිම හා පින්බිමට අයත් භූමියේ අයිතිය පවා සුදු අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් හේතුවෙන් තර්ජනයට ලක්ව පැවතුණි එහෙත් දහ අටවැනි සියවසටත් පෙර සිටම ගරුතර සංඝ පීතෘන් වහන්සේලා අනූපමේය කැපකිරීම් කරමින් මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරගන්න දවසට කීප වාරයක් මේ බිමේ වනපෙත කටු අකුල් අස්සෙන් කැඩීබිඳී ගිය ගල් පඩි නඟිමින් නටබුන් වූ වෙහෙර විහාර අබියස පුද පූජා කළේ උන්වහන්සේලාට අලි කොටි වලසුන් ගහන මිස්සක ගිරි හිස හිරු අවරට යත්ම අඳුරින් අඳුරු වූ පූජා භූමිය පොල්තෙල් පහනින් කලාමැදිරි එළි දැල්වූවෝ ඒ ගරුතර හිමිපාණන් වහන්සේලාය.රැයපුරා අලි, කොටි, වලස් හඬ මෙන්ම විෂඝෝර සර්ප තර්ජනය අතරින් ලන්තෑරුම් එළියෙන් ගිරි හිස තරණය කළේ ඒ ගරුතර මහ සඟරුවනයි. මිහින්තලාවට අයත් පූජා භූමිය රජ සමයේ සිට පැවැති ඉඩකඩම් සීමාමායිම් පසුකර නීති පැනවූ සුද්දන්ට එරෙහිව පෙරමුණ ගත්තෝ මේ සඟපියවරුන් ය.මිහින්තලා පින්බිමට රැකවල් වූ එම පින්බිම අවට දායක ගම්මානවල ගම් වැසියන්ද මේ උතුම් පින්බිම වෙනුවෙන් ප්‍රවිශාල කැපකිරීම් කළහ. කුරහන් රොටියෙන්, කොච්චි සම්බෝලයෙන් මහ සඟරුවනට දානමාන කරමින්, දිවා රෑ උන්වහන්සේලා රැකවල් කළ මේ ගම්මුන් හා බැඳි පවතින මිස්සක ජන ප්‍රවාද බොහෝය. ඈත අතීතය තුළ චේතියගිර නම් වූ මේ පුද බිම දඬුවැට පහනින් ආලෝක කළ රජ සමයෙන් පසු, අපේ ගැමියන් පන්දම් එළියෙන් ආලෝක කළහ.මිස්සක ගිර සඳහා පැවැත්වූ සුවිශාල ආලෝක පූජාවක් ගැන අපේ ගැමියන්ගේ මතකයේ පවතින්නේ 1892 හෝ ඊට ආසන්න වර්ෂයක් ගැනය. එවකට මේ පින්බිමෙහි වැඩ විසූ සඟ පරපුරේ නායකත්වය දැරූ හිමිපාණන් වහන්සේගේ අනුශාසනා අනුව දමිළ ව්‍යාපාරිකයකුගේ ද අනුග්‍රහයෙන් පහන් පූජා සියයකින් මේ පින්බිම ඒකාලෝක කර, පොසොන් පෝය වර්ණවත් කළ බව ජන ප්‍රවාදයේ සඳහන් වෙයි.මේ කාලය වනවිටත් දායක ගම්වලින් පොසොන් පෝය වෙනුවෙන් පහන් පූජා පෙරහර මේ බිමට වැඩම කළහ. එදා ගම්මානවල සෑදූ පහන් පූජාව සකසන ලද්දේ විශාල කෙසෙල් කොටයකිනි. විශාල කෙසෙල් කොටයක් ගෙන එහි පිට සුඹුලු ගලවා නොවැටී බිම තැබිය හැකි ලෙස කෙසෙල් කොටයට කණු තුනක් සවිකරයි. ඉන් පසුව තල් ඉරටුවල එතූ පොල්තෙලේ පොඟවාගත් රෙදි පටිවලින් පන්දම් සාදාගෙන, පන්දම් 25ක් පමණ කෙසෙල් කොටයේ සවිකරගනී.පන්දම් අතරින් වනමල්ද ගසා, මේ පහන් පූජාව සරසා ගන්නා ලද අතර, දල්වන ලද පන්දම් සහිත කෙසෙල් කොටය ඔසවාගත් බැතිමතුන් සිය ගම්මානවල සිට සාධු නාද පවත්වමින්, හේවිසි හොරණෑ සහිතව පහන් පූජා පෙරහර නම් වූ මෙවැනි පෙරහර සියයක් 1892 වසරේ මිහින්තලා මලුවට වැඩම කළ බව අතීත මතක ඔස්සේ අපේ ගැමි සැදැහැවතුන් අදටත් සිහිපත් කරති.මේ සංවිධානාත්මක පහන් පෙරහරටත් පෙර සිටම අවට ගම්මානවල දායක පිරිස් පොසොන් පෝය දිනවල කෙසෙල් කොට හෝ ගස්ලබු කඳන් යොදා ගනිමින් පහන් පූජා පෙරහර පවත්වා, මිස්සක පින්බිම එළි කළහ.පොසොන් පෝය දිනවල බැතිමතුන්ගේ පැමිණීම පිළිබඳ එවකට සිටි ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ වාර්තා අනුව 1908දී පැමිණි සංඛ්‍යාව තිස්දහස ඉක්මවූ අතර, 1913 වනවිට මේ සංඛ්‍යාව අසූදහසද ඉක්මවා තිබුණි. ඉන් අනතුරුව දිනෙන් දින වැඩි වූ මේ බැතිමතුන් සියලු දෙනාම අනුරාධපුරය මෙන්ම මිහින්තලාවද වන්දනාමාන කළ බව නිසැකය. ඊට හේතු වන්නේ පොසොන් පෝය කේන්ද්‍රවී ඇත්තේ මිහින්තලාව පසුබිම් කරගෙන වීමයි. මේ බැතිමතුන් සඳහා ආරක්ෂාව, ප්‍රවාහනය, සෞඛ්‍ය පහසුකම් මෙන්ම ආලෝකයද අත්‍යවශ්‍ය සාධකයක් විය.මුල්ම යුගවල විලක්කුවලින් එළිය වූ මිහින්තලා පින්බිම අනතුරුව මෑත අතීතයේදී පොල්තෙල් පහනින්, පන්දම්වලින් හා පහන් පූජා පෙරහරවලින් ද ආලෝකය සැලසී තිබුණි. අනතුරුව ලන්තෑරුම් එළියෙන්ද, පසුව ගෑස් ලාම්පුවලින් ද පොසොන් පෝ දිනවල මිස්සක ගිරි හිස ආලෝකවත් වූ බව පැරැන්නෝ සඳහන් කරති.එක්දහස් නවසිය විසි ගණන්වලදී දකුණින් පැමිණ අනුරාධපුරයේ වෙළෙඳාම් කළ ව්‍යාපාරිකයෙක් ගිතෙල් පහන් දහසකින් මිහින්තලාවට ආලෝක පූජාවක් පැවැත් වූ බවද ග්‍රාමීය ආරංචිමාර්ග අනාවරණය කරයි.පසුකාලයේදී පැට්ට්‍රොමැක්ස් නමැති ලාම්පු වර්ගයකින් මිහින්තලාව ආලෝක කළ අතර, ජෙනරේටර් මඟින් සෑගිරිය ආලෝකවත් වූයේ ඉන් පසු කාලයේය. මේ කුමන ආකාරයේ ආලෝක පූජාවන් පැවැත්වුවද, මේ සුවිශාල පූජා භූමිය සියලු තැන්හි ආලෝකවත් කිරීම දුෂ්කර කාර්යයක් විය. කඳු මුදුනේ සිද්ධස්ථානවල රාත්‍රී කාලයේ පැවැති අඳුර හේතුවෙන් වන්දනාකරුවන් නොයෙකුත් පීඩාවන්ට ලක්වූ අතර, නොයෙකුත් අනතුරුවලටද මුහුණ දුන්න.මේ තත්ත්වය මැනවින් අවබෝධ කරගත් ලේක්හවුස් ආයතන නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, 1963 වසරේ ප්‍රථම වරට මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කරනු ලැබීය. එවක් පටන් අද දක්වා අඛණ්ඩව වසර පනස් දෙකක් පුරාවට ලේක්හවුස් ආයතනය සිය උත්තරීතර ආගමික මෙහෙවර උදෙසා ඇප කැපවී සිටී.එදා මෙදා තුර මිහින්තලා පින්බිමට අධිපති නාහිමිපාණන් වහන්සේලා වෙතින් මේ ආලෝක පූජාව අර්ථවත් කිරීමට ලැබූණු කාරුණික අනුග්‍රහය අතිමහත්ය. අතීත මිස්සක පින්බිමේ අධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම, නූතන මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශ්‍රාස්ත්‍රවේදී වලවාහැංඟුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේද, ජනාධිපතිතුමන්ගේ සුවිශේෂ අනුග්‍රහය මත මේ පින්බිම දහම් සුවඳින් සුවඳවත් කිරීමට සුවිශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටිති.මෙවරද මිහින්තලා ආලෝක පූජාව ජූනි මස 11, 12, 13 දිනවල පැවැත්වෙන අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජූනි 11 වැනි දින මේ ආලෝක පූජාව විවෘත වෙයි. 12 වැනි දින ආලෝක පූජාව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා අතින් විවෘත වන අතර, 13 වැනි දින ආලෝක පූජාව විවෘත වන්නේ ලේක්හවුස් සභාපති බන්දුල පද්ම කුමාර හා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල යන මහත්වරු අතිනි.අඩසිය වසකටත් වැඩි කාලයක් පුරා මේ මහා බොදුබිම පොසොන් අසිරියෙන් අසිරිමත් කරමින්, මේ පින්බිම ඒකාලෝක කිරීමේ මහා පින්කමට ඇප කැප වන ලේක්හවුස් ආයතනය, රජරට බොදු බිමට නිරන්තර ආශිර්වාදයක්ව සිටී..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f1406126
| null |
වළවාහැංගුණවැවේ මහින්දරතන හිමි කථිකාචාර්ය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුරය
|
අත්‍යෝත්තම, අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් ඇරඹි ලක්දිව බුදු සසුනේ කේන්ද්‍රස්ථානය වූ ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය අරිට්ඨ කුමරුන්ගේ ප්‍රවෘජ්ජාවේ පටන්, ලක්දිව දහස් සංඛ්‍යාත මහ රහතන් වහන්සේලා විසින් සේවිත, පාරිශුද්ධ මහරහත් නිකේතනයයි.ලක්දිව ප්‍රථම රාජධානිය වූ අනුරාධපුරයට නැගෙනහිරින් සැතපුම් අටක් පමණ දුරින් පිහිටි මනස්කාන්ත, කඳ ශිඛරයට ආගමික වූත්, සංස්කෘතිකමය වූත්, සදාචාරාත්මක වූත් වටිනාකමක් එක්කාසු කරනුයේම මිහිදු මහ රහතන් වහන්සේ හා අනෙකුත් නික්ලේශීන් විසින් සඳහම් කිරණ නමැති ප්‍රඥාවේ ආලෝකය ලක්දිව සිසාරා පැතිරවීමේ ක්‍රියාවලියේදී මෙම ස්ථානය ප්‍රදීපස්ථම්භය කරගත් නිසාවෙනි.එදවස මිස්සක පබ්බත ලෙසින් දැනහැඳිනගත් මෙම ස්ථානය වර්තමාන භාවිතාව තූළ මිහින්තලය ලෙසින් ව්‍යවහාරයට පැමිණ ඇත. අට්ඨකථා කරුවන් විසින් චේතියගිරිය හා චේතිය පබ්බත ලෙසින් ව්‍යවහාරයට ගැනුණු මෙම ස්ථානය අප ගෞතම බුදුන්ගේ පහසලත් සිද්ධස්ථානයක් බැව් වංශකථාගත තොරතුරු මගින් ඉදිරිපත් වේ.එපමණක් නොව සමන්තපාසාදිකා අට්ඨකතා බාහිර නිදාන වර්ණනාව තුළ අප ගෞතම බුදුන්ගේ පහස ලැබූ මෙම පූජනීය ස්ථානය මිස්සක පබ්බත ලෙසින් මෙකල්හි හැඳින්වූවාක් මෙන්ම, මෙම කල්පය තුළ පහළ වූ සිව් බුදුවරුන්ගේ ම පහසින් පූජණීයත්වට මෙම ස්ථානය පත් වූ බවත්, ඒ ඒ බුදුවරුන්ගේ කාලයන් තුළ වෙනත් වෙනත් නාමයන් ගෙන් මෙම එකම ස්ථානය හැඳින් වූ බවත් වර්ණීතය.එම විස්තරයට අනුව කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී දේවකූඨය ලෙසත්, කෝණාගම බුදුන් දවස සුභ කූඨය ලෙසත්, කාශ්‍යප බුදුන් දවස සුවණ්ණ කූඨය ලෙසත් මෙම ස්ථානය හදුන්වා ඇත.ක්‍රි.පූ. තුන්වන සියවස පටන් දීර්ඝතම අනුරාධපුර රාජධානී යුගය අවසානය තෙක් මෙහි පැවතියා වූ ආරාම පද්ධතියේ ස්වරූපය හා ශ්‍රී විභූතිය දැනට ශේෂව පවතින පුරාවිද්‍යාත්මක සාධක අනුව පැහැදිලි වෙයි. ලංකීය ප්‍රධාන වංශකථා දෙක තුළ හා බොහොමයක් වූ අට්ඨකථා ග්‍රන්ථයන් තුළ මෙම ස්ථානය සම්බන්ධයෙන් දක්වන ලද වාර්තා, ශිලා ලේඛනගත තොරතුරු මගින් තහවුරු වේ.මෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වනුයේ මිහින්තලාව යනු, එක් පාර්ශ්වයක් වූ හෝ එක් නිකායක් වූ භික්‍ෂූන් වහන්සේලාට පමණක් අයත්ව පැවැති ස්ථානයක් නොවූ බවයි. උදාහරණයක් ලෙස මහාවිහාරය යනු ථෙරීය භික්‍ෂූන් වහන්සේලාගේ වාසස්ථානය වූවා පමණක් නොව ලක්දිව ථෙරවාදීන්ගේ ප්‍රධාන මූලස්ථානය ද වූවේ ය.එමෙන්ම අභයගිරිය හා ජේතවනය වෛතුල්‍ය අදහස් දැරූ මහායානයිකයන්ගේ ප්‍රධාන මූලස්ථානයන්ය. එහෙත් මිහින්තලාව කලෙක මහාවිහාරිකයන්ගේ ප්‍රධාන ශාඛාවක් බවට පත්වනවාක් මෙන්ම තවත් වරෙක අන්‍ය සම්ප්‍රදායිකයන්ගේ වාසස්ථානයක් බවට පත් වෙයි.මෙය දිගුකාලීනව සිදුවූවක් නොවූවත් අනුරපුර ඒ ඒ නිකායිකයින් රාජානුග්‍රහය ප්‍රධාන වශයෙන් තමන් වෙත නතු කර ගත් කාලපරිච්චේදයන් තුළ සිදුවූවකි.ඒබ ව මිහින්තලා පූජා භූමිය තුළ ස්ථානගතව පවතින ථෙරීය සාම්ප්‍රදායික නොවූ පූජාවිධීන් රැගත් හා අනුගමිත චෛත්‍ය ස්ථාපනයන්ගෙන් හා ඒවා තුළ තැන්පත් කොට තිබූ ලේඛන වාර්තාවගෙන් හා සංස්කෘත භාෂාවෙන් රචිත ශිලා ලේඛනයන්ගෙන් සනාථ කර ගත හැකිය. මෙලෙස සියළු සම්ප්‍රදායයන්ගෙන් පෝෂණය ලද මිහින්තලා පූජා භූමිය ඉතා දියුණු ආරාම පද්ධතියකින් හා ධර්ම ශාස්ත්‍රීය සේවාවකින් පිරිපුන් ආයතනයක් පවට පත්ව තිබුණි.මිහින්තලය නමි වූ මෙම පරම පූජණීය පින්බිම1. මිහින්තලේ කන්ද2. ඇත්වෙහෙර කන්ද3. අනෛකුට්ටි කන්ද4. රාජගිරිලෙන් කන්දයන පර්වත හතරකින් හාත්පසින් පිරිවරා පවතී. මීටර් සියයක් පමණ උසකින් සමන්විත මෙම එක් එක් කන්දක් මගින් වට කොට පැවතියා වූ භූමි ප්‍රදේශය අක්කර 560ක් පමණ වේ. නැගෙනහිර කෙළවර දීර්ඝ බෑවුමකින් යුත් අතර භූමිය හාත්පසින් ශෛලමය පර්වතයන්ගෙන් පිරිපුන් ය. ස්විභාවික වූත් නිර්මාණය කරන ලද්දාවූත් ලෙන් හා විශාල වපසරියකින් යුත් භූමි ප්‍රදේශයක් වසා පැතිරුණු දැවැන්ත වෘක්‍ෂයන් දකින ඕනෑම කෙනෙකුහට කායික මානසික ඒකාග‍්‍රතාවයකින් යුත් ශාන්ත හැඟීම් ජනිතවනු නිසැක ය. භාවනානුයෝගී යෝගාශ්‍රමයකු හට මේ තරම් යෝග්‍ය ස්ථානයක් වෙනත් කිසිදු තැනකින් හමු නොවන තරම් ය.අනුරාධපුර නගරයට නොදුරුව, නොළංව පිහිටි මෙම පුණ්‍ය භූමිය සොළොස්මස්ථානයන් අතර වඩාත් ප්‍රකට ස්ථානයක් බැවින්, දෙස් විදෙස් සැදැහැවතුන්ගේ හා සංචාරකයන්ගේ නොමද ගෞරවාදරයට මෙන්ම ආකර්ශනයට පත් වූ ස්ථානයකි. අනුරාධපුරයෙන් පටන් ගත් මිහිනතලා අවට ප්‍රදේශ සංචාරය හා කඳ තරණය පාගමනින්ම සිදුවූවක් බවට අතීතයේ පටන් තොරතුරු හමුවේ.රජු පවා සතුන් දඩයම පිණිස මේ වූ දුර ප්‍රමාණය පා ගමනින්ම ගොස් තිබේ. මෙහි පැවතියා වූ උපශාන්තභාවය, නිස්කලංකභාවය මෙන්ම මනරම්භාවය පැවිද්දෙකුට උචිත වූ නිසාවෙන්ම මිහිදු මහරහතන් වහන්සේ ද උන්වහන්සේගේ වාසය සදහා මෙන්ම පළමු වස් විසීම සදහා ද මෙම භූමිය ම තෝරාගත්හ. පිරිසුදු, පැහැදිලි, සිසිල් ජලයෙන් යුත් ස්වාභාවික පොකුණුවලින් මෙම භූමිය සමන්විත ය. අනුරාධපුර සිට නැවත වරක් මිහින්තලයට පැමිණි මිහිදු මහ රහතන් වහන්සේ ස්නානය කොට සිය සිරුර සතප්වාගත් අයුරු වංශකතා තුළ මැනවින් නිරූපිත ය.ආරම්භයේ දී මෙම ස්ථානය මිහිදු හිමියන් පෙරටුකොටගත් රහතන් වහන්සේලාගේ වාසස්ථානයක් පමණක් වූවද ඉතා කෙටි කලක දී ඉතා දියුණු විහාරාංගයන්ගෙන් උපලක්‍ෂිත ආරාම සංකීර්ණයක් බවට පත් වූ අයුරු පෙනේ. මිහින්තලය ආශ්‍රීතව අක්කර පන්සිය හැටක පමණ වපසරියකින් යුත් භූමියක් තුළ විහාරාංග සහිත බොහෝ පුරාවිද්‍යා ස්මාරක ස්ථානගතව පවතී.ප්‍රධාන වශයෙන් පූජනීය හා නේවාසික අංගයන්ට අයත් වාස්තු විද්‍යාත්මක සාධක කැපී පෙනේ. ලෙන් ආරාම, නිදහස් ආරාම, දානශාලා, සන්නිපාතශාලා, පඩිපෙළ, පෙත්මග, පිවිසුම්, වෙදහල, ජන්තාඝර, පංචාවාස, බෝධිඝර ආදිය මෙම පුරාවස්තු අතර දක්නට ඇත.විශේෂ හැඩයන්ගෙන් සමන්විත ස්තූප ගණනාවක්ම මිහින්තලා පුදබිමේ පැවතීම සැලකිය යුතු කරුණක් වන්නේ ය. අම්බස්ථල දාගැබ මහා සෑය, කණ්ඨක චෛත්‍ය, ඉදිකටු සෑය, ගිරිභණ්ඩසෑය, ඇත්වෙහෙර ඉන් සමහරකි. මහා වංශය පෙන්වා දෙන ආකාරයට මෙම මිස්සක පර්වතය චේතිය ගිරි නමින් හැදින්වීමට හේතු වී ඇත්තේ සුමන සාමණේරයන් විසින් ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගෙන් ලබා ගෙන මෙරටට වැඩම වූ සර්වඥධාතූන් වහන්සේලා පළමුවරට තාවකාලිකව මෙහි තැන්පත් කිරීමේ සිදුවීමයි..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f1406127
| null |
කිවිපති පාතකඩ කුලතිලක
|
මිහි කත මිහිඳු හිමි සමරා පැතුම් බලෙන් මහිමය කියන්නට උප බුදු මුදුන් මලෙන් බිහි වී අලුත් යුගයක මල් සසුන් විලෙන් විහිදෙයි බුදුන්ගේ බුදුරැස් මිහින් තලෙන්කුමටද වැළපිලා දැක බව ගමනෙ දිග අම සුව පතා පීනන්නට සසර ගඟ කිම නැති සතුටකින් දැක අරි අටඟි මග මම වැඳ වැටෙමි සිරිමා බෝ සමිඳු ළඟ අඳු රෙන් මිදී පිරුවට ඇඳ සුදෙන් සුදෙන් නිදු කාණන් පුදා ඉහළම උතුම් පුදෙන් බුදු ගුණ කියන්නට ලොව්තුරු දහම් පදෙන් සුදු සඳ කිරණ වැගිරේවා පොසොන් සඳෙන්පුන් සඳ ඇසළ පෝයට හිත ඇළුම් කළෙන් දම් සෝ නිරිඳු දැක ඉටුමිතු පැතුම් බලෙන් පින් වත් දෙවන පෑතිස් රජු නිසන් සලෙන් පෙන් වයි මුහුණ මතුවී විත් මිහින් තලෙන් උයනට ගිහින් බිඳලීමට සසර බැමී මනසට “මහාමෙව්නා, බුදු සුවඳ දෙමී නිවසට නොපෙනුණත් බෝධිය දෙසට නැමී දවසට තුන් වරක් නමදිමි මිහිඳු හිමීපින් රැස් කරන්නට ගස් ගල්වලට වැඳ මන් මත් ජාතියක් නොව අපි නුවණ මඳ අනුබුදු සමිඳුගෙන් රට ජාතියම ලද සේවය නිසා නමදිමු කළුගලට අදවසන්තයේ තුරු මුදුණේ මල් පිපුණා බිඟු කැල ඔකඳ වී ගී පද වැල් ගැයුනා මිහින්තලාවම කල එළි වී පෙනුනා සොමි සඳ රැසින් මුළු ලෝකෙම දිලුනානො ඇසූ දහමකට ගත සිත දෙක ම යොමා විමසූ අඹ පැනය මුසුකොට රසය අමා සමිඳුනි, අවසරයි මට දුන මැනවි සමා හෙළ බිම පුබුදු කළ බුදුමිණ ඔබ ම තමාසූවිසි බුදුන්ගේ ලොව්තුරු රස පෙව්ව සම්බුදු සසුන මේ සිරිලක පිහි ටෙව්ව අනුබුදු පියාණෙනි, සම්බුදු ගුණ බිව්ව හිමි අද නැතත් නමදිමු මිස්සක පව්වපිවිතුරු නිලඹරේ පලවා වලා රොද රන්තරු පිරිවරා පායන පොසොන් සඳ විහිදා සුවඳ හදවිල් බැති කුසුම් කොඳ සමරයි බුදු සසුන පිහිටෙව් දිනය අදමී අඹ වනය සඳ සිසිලෙන් නැහැවෙන්නේ මද නල ලතාවට තුරු පත් සෙලවෙන්නේ මිස්සක පව්ව සිට දම් හඬ පැතිරෙන්නේ දෙව් පිය නිරිඳු තුන් සරණේ නමදින්නේඅදහස් අපේ වල් වැඳ ගිය සිහල රට ඉවතට දමා එහි දන යහ මඟට බට උත්තම පොසොන් පොහොදා සඳ නැගෙන විට නමදිමි මිහිඳු හිමි දල්වා පහන් වැටනිල්දිය රැළි නගයි නිරතුරු කලාවැවේ සෙල්ලිපි අතර බුදුගුණ ගී පද ලියැවේ යුගයෙන් යුගය හෙළ උරුමය ගැන කියැවේ මගේ පින් බිමට ජයසිරිමා බෝ රජුවේ .
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f1406128
| null |
සාකච්ඡා ෙකළේ උමේෂා සිරිවර්ධන
|
අපි අභිමානවත් ශිෂ්ටාචාරයක උරුමකරුවෝ වෙමු. ඒ ශිෂ්ටාචාරය අපට උරුමවන්නේ මහින්දාගමනයත් සමඟිනි. පොසොන් පොහොය දා බුදුදහම රැගෙන ලක්දිවට වැඩි මිහිඳු හිමියන්ට කෘතගුණ සලකන්නට දහස් ගණන් බෞද්ධ ජනතාව පෙළගැසී සිටිති. එම කෘතගුණ සැලකීම අර්ථවත්ව, අරමුණු දැන සිදුකරන්නට යම් ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා කරන්නට අපි සිතුවෙමු. පොසොන් පොහොය සැණකෙළියක් නොවන බවට කරුණු පහදා දෙමින් එහි සැබෑ අර්ථය ඔබට වටහා දෙන්නට අප සිතුවේ ඒ නිසා ය. මේ ඒ පිළිබඳ පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් විද්‍යායතනයේ පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් දැක්වූ අදහස් ය.පොසොන් පොහොය සැණකෙළියක් නොවන්නේ ඇයි?මීට වසර 2300 කට පමණ පෙර පොසොන් පොහොය ශ්‍රී ලාංකේය ජනතාවට සැණකෙළියක්ම වුණා. එදා ලංකාවේ පැවැති ‘නක්කත්ත කේලි’ නැකත් කෙළි ක්‍රමයට අනුව නැකැත් කෙළි සැමරීම සඳහා රජතුමා මුව දඩයමේ ගිය අතර රට වැසියන්ටද ක්‍රීඩා කිරීම සඳහා නිදහස ලබාදී තිබුණා.පෙර පැවති නක්කත්ත කේලි ක්‍රමය මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමඟ ආගමික උත්සවයක් බවට පත්වුණා. මහින්දාගමනය ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ විශාල පරිවර්තනයක් සිදුකළ බවට කියැවෙන ඒ කියමන යථාර්ථයක් බවට පත්වන්නේ එහෙයින්. එදා පැවති මුව දඩයම වැනි අධාර්මික විනෝදජනක ක්‍රීඩා වෙනුවට දන්දීම, පරෝපකාරය වැනි කුසල ක්‍රියා ආදේශ වුණා. රට තුළට ධාර්මිකත්වය අවශෝෂණය වන්නේ මහින්දාගමනයත් සමඟින්.එදා රජ මාලිගයේ මුළුතැන්ගෙය තුළ මුවන්, මොනරුන් වැනි සතුන් මසවුළු බවට පත්වුණා. එහෙත් මහින්දාගමනයෙන් පසුව එම සංස්කෘතිය වෙනස් වී එම සත්ත්වයන්ට පවා අභය ලැබුණා. ධාර්මිකත්වය රට තුළට කොතරම් අවශෝෂණය වනවාද කිවහොත් එදා විනෝද චාරිකා සඳහා ගිය ගමන් මහින්දාගමනයෙන් පසුව විහාර චාරිකා බවට පත්වුණා.ශ්‍රී ලාංකේය ජනතාව තුළ එතරම් සංස්කෘතිමය වෙනසක් ඇතිකළ ෙපාසොන් පොහොය සැණකෙළියක් නොවන්නේ ඒ නිසා.නැතිවී ගිය හික්මීම අප වෙත නැවත ලබාගත යුත්තේ කෙසේද?සංස්කෘතිය යනු එකතැන පල්වෙන දෙයක් නොවේ. ගලන ගඟක් මෙන් සංස්කෘතිය විටින් විට වෙනස් වනවා. කලක් ගත වනවිට සංස්කෘතියේ මූලික අරමුණුවලින් බැහැරවන අවස්ථා තිබෙනවා. සංස්කෘතියේ මුල් උරුමකරුවන්ට තිබූ හැදියාව එම සංස්කෘතියේ දෙවැනි උරුමකරුවන්ට නැහැ.එක් දේවාලයක සිටි පූජකවරයකුට ගැටලුවක් පැන නැඟී තිබුණා. එනම්, දේවාලයේ පූජාවට්ටි මී උවදුරකට ලක්වි තිබීමයි. මේ උවදුරට පිළියමක් ලෙස පූජකවරයා දේවාලයට බළලකු ගෙනැවිත් දැම්මා. ඉන්පසු දේවාලයේ මී උවදුර නැති වී ගියා.පූජකවරයාගේ මේ ක්‍රියා කලාපය නොදත් පූජකවරයාගේ පුත්‍රයා පියාගේ මියයාමෙන් පසුව දේවාලයේ වැඩ කටයුතු බාර ගත්තා. එහෙත් මී උවදුරට පිළියම් ලෙස ගෙනා බළලා කාලයත් සමඟ දේවාලයේ පෙනෙන්නට සිටියේ නැහැ. දේවාලයේ පූජකවරයාගේ මියයෑමත් සමඟ බළලා දේවාලයේ නොසිටි නිසා පසුව දේවාලයට පැමිණෙන පිරිස සිතන්නට වූයේ බළලා පෙනෙන්නට නැති නිසා ඒ වනවිට දේවාලයේ යාතිකාව පෙරමෙන් සාර්ථකව සිදු නොවන බවයි.සංස්කෘතියේ වෙනස්වීම පිළිබඳ ගොඩනැඟී තිබෙන මෙම කතාව වර්තමාන තරුණ පරම්පරාවට කදිම නිදසුනක්. එපමණක් නොවෙයි. වැඩිහිටියන්ටද මෙහිදී වගකීමක් තිබෙනවා. අතීත සංස්කෘතිය පිළිබඳ තරුණ පරම්පරාව දැනුම්වත් කිරීමට, ඔවුන්ට හොඳ නරක කියාදීමට වැඩිහිටියන්ට වගකීමක් තිබෙනවා.නොසැලකිය යුතුදේ සැලකිය යුතු දේ ලෙස ගෙන සැලකිය යුතු දේ නොසැලකිය යුතු දේ ලෙස ගැනීම මේ නැතිවී ගිය හික්මීමට බලපෑ ප්‍රධානතම සාධකය ලෙස පෙන්වා දිය හැකියි. එබැවින් පොසොන් පොහොයෙහි මූලික වැදගත්කම මෙනෙහි කරමින් සම්මත ආකාරයට මෙවැනි උතුම් සැමරීමක් තුළින් ඒ නැතිවී ගිය හික්මීම නැවත ලබාගත හැකි බව විශ්වාසයයි. ස්වාමීන් වහන්සේට ද එම කටයුත්තේ ප්‍රධාන වගකීමක් පැවරී තිබෙනවා.තොරණ ඉදිවෙන්නෙ ධර්ම ප්‍රචාරයට වූවත් සමහරු ඒවා බලන්නට පැමිණෙන්නෙ හුදෙක් විනෝදය සඳහායි. මේ ආකල්ප වෙනස් කළ හැක්කේ කොහොම ද?නරඹන්නාට කිසියම් ධර්මාවබෝධයක් ලබාදීමට තොරණ ඉදිවුණත් සමහරුන් මේවා නරඹන්නට පැමිණෙන්නේ අරමුණු නොදැනයි. ඇතැම් පුද්ගලයින් අරමුණු දැන තොරණ නරඹා තමන්ටත් එම කර්තව්‍යට උරදුන් පිරිසටත් කුසල් එකතු කරමින් යම් ධර්මාවබෝධයක් ලබා ගන්නවා. එහෙත් අරමුණු නොදැන පැමිණෙන පුද්ගලයා තොරණේ තිබූ විදුලි බුබුළුවල අලංකාරය පමණක් බලා විනෝදය පමණක් අත්විඳ තමන්ටත් එයට උරදී කටයුතු කළ පුද්ගලයන්ටත් අකුසල කර්මයන් එකතු කරමින් නික්ම යනවා.සාමාන්‍ය ජන වහරට එකතු වී ඇති අලුත් පදයක් වන්නේ ‘දන්සල් වඳිනවා’ යන්න යි. එහෙත් දන්සල් වඳිනවා වෙනුවට දන්සලට පිවිසීම, වැදීම සුදුසුයි. මෙවැනි නොගැළපෙන වචන භාවිතයෙන්ද පුද්ගලයා අකුසල කර්මයන් රැස් කර ගන්නවා. දන්සලක් දෙනු ලබන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ලබන්නාට හිතසුව පිණිස එය ලබාදිය යුතුයි. සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරුන් පැමිණ දන්සල් පරීක්ෂාවට ලක්කරන බවද මතකයේ තබාගත යුතුයි.පිරිසුදුව එම කටයුත්ත සිදු කරයි නම් එමඟින්ද රැස් කරන්නේ කුසල කර්මයන්. එමෙන්ම දන්සලෙන් ප්‍රයෝජන ලබන තැනැත්තන් ද එම සිතිවිල්ලෙන්ම ක්‍රියා කළ යුතුයි. එවිට දෙන්නාටත් ලබන්නාටත් යන දෙපක්ෂයටම කුසල කර්ම රැස්කරගැනීමට හැකියාව ලැබෙනවා.තමාටත් නොදැනීම තමාගේ සිතට කුසල කර්මවල වේෂයෙන් අකුසල කර්ම ඇතුළු විය හැකියි. බුදුදහමෙහි ‘වංචක ධර්ම’ යනුවෙන් හඳුන්වන්නේ කුසල සිතුවිලි කියා තමන් රැවටීමට පත්වන කෙලෙස් සිතුවිලිවලටයි.“ගින්න පිලිස්සෙන බව නොදැන සිටීම ගින්නට අතදැමූ විට නොපිලිස්සීමට හේතු නොවේ.”ඒ ආකාරයට තමා නිරතුරුව කරන සැම කාර්යයක්ම අරමුණු දැන ඉටුකිරීමෙන් කුසලකර්මයක්ම වනවා.පොසොන් පොහොය සැණකෙළියක් බවට පත්ව තිබෙන්නේ ඇයි? මිනිසුන්ගේ ආකල්ප එයට බලපෑම් ඇති කළා ද?අද සමාජයේ ජීවත්වන බොහෝ දෙනා ගතකරන්නෙ සිරවුණ ජීවිත. මිනිසුන් සියලු දෙනා රැල්ලේ දුවන්නේ මුදල් පසුපස. එම රැල්ලේ දුවන මානසිකත්වයේදී පුද්ගලයන්ට විවේකයක් ලැබුණු සෑම විටම උත්සාහ දරන්නේ විනෝදයෙන් ඒ විවේකය භුක්ති විඳින්නට. පොහොය සමයට ලැබෙන විවේකයත් සමඟ පුද්ගලයන් විනෝදයෙන් සිටීමට දන්සැල්, තොරණ අවස්ථාවන් කරගැනීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙනවා.වාණිජ අරමුණු මඟින් හසුරුවනු ලබන පුද්ගලයන්ට අරමුණු දැන මෙවැනි සුවිශේෂී දින සැමරුම් පිළිබඳ කියාදීම තරමක් දුරට අපහසු කාර්යයක්. එහෙත් කුමන මානසික පීඩන තිබුණත් මෙවැනි සුවිශේෂි දින අරමුණු දැන ඉතා ප්‍රයෝජනවත් ආකාරයට සැමරීම මඟින් පීඩාකාරී මනැසට සහනයක් ලැබෙනවා. මේ එලොව මෙලොව දෙලොවටම වැඩදායී කුසලකර්ම රැස්කරගැනීමට ලැබෙන අවස්ථාවක් බව වටහාගැනීම වැදගත්..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f1406129
| null |
මිහින්තලේ සමූහ ප්‍රියදර්ශනී කරුණාරත්න
|
මිහින්තලාව හඳුනාගත හැකි සංකේතය වන්නේ මිහින්තලා මහ සෑයයි. මිහින්තලා කඳු මුදුනේ ශ්වේත වර්ණයෙන් බැබළෙන චෛත්‍ය රාජයාණන් නෙතට දිස්වන්නේ ගව්ගානක් ඈත දුර සිටය. ගෞතම බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති මෙම සෑය පූජාවලියේත් සතරවැනි මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේත් සඳහන් කර ඇත්තේ අම්බුළු දාගැබ යනුවෙනි.මෙම දාගැබ් පාදයේ විශ්කම්භය අඩි 136 ක් වන අතර උස අඩි 45ක් පමණ වේ. අනුරාධපුර හා ඒ අවට ප්‍රදේශවල නිර්මාණය කර ඇති ස්ථූප දෙස බලන විට මෙම අම්බස්තල චෛත්‍ය ගොඩනැඟීම සඳහා විශාල මුදලක් වැය වන්නට ඇතැයි සිතිය හැකිය.එයට හේතුව නම් මහා උස් කඳු ගැටයක ඉදිකර ඇති චෙත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීමට අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය කඳු මුදුනට ගෙන යෑමේ දුෂ්කරතාවයයි. මේ දුෂ්කරතාවය නිරීක්‍ෂණය කිරීමේදී සිතට දැනෙන තව කරුණක් නම් මෙවන් අසීරු කාර්යක් කිරීම සඳහා මුදලට වඩා වැඩි ශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවකි.ස්ථූපයේ පේසා වළලු තුනකි. එක් පේසා වළල්ලක් සහ අනෙක් පේසා වළල්ල අතර පරතරය අඩි 4 ක් පමණ වේ. වර්ෂ 1890 දී දාගැබේ කොත් කැරැල්ල මුළුමනින්ම විනාශ විය.මෙම දාගැබට නිදන් සොරුන්ගෙන් අලාභ හානි දැඩි වශයෙන් සිදු වී තිබුණි. මිහින්තලා මහාසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිහිප අවස්ථාවක දී සිදුකිරීමෙන් අනතුරුව පසුකාලයේ දී නැවත වරක් සියම් රටේ කුමරුවකුගේ මැදිහත්වීමෙන් සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුවද නැවත කාලයක් ඉක්ම ගිය පසු චෙත්‍යය ගරා වැටෙන්නට විය.මෙහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම හා කැපවීම මත සෑයේ ප්‍රතිසංස්කරණය කටයුතු කිරීමෙන් වර්තමාන තත්ත්වයට නිම කරන ලද්දේ මීට අවුරුදු කිහිපයකට උඩදීය. මිහින්තලා මහාසෑයේ අතීත තොරතුරු මෙලෙස වුවත් වර්තමාන මිහින්තලා මහාසෑය සිංහලයාගේ ප්‍රෞඩත්වයේ අභිමානයේ සංකේතය වී හමාරය.වසර කිහිපයකට උඩදී මිහින්තලා මහා සෑයේ පළඳවා තිබූ චූඩාමාණික්‍ය අකුණු සැරවැදීමෙන් විනාශ වූ පසු යළි චූඩාමාණික්‍යයක් පැළදවීම සඳහා වර්තමාන මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් කටයුතු කිරීමෙන් සියලු බෞද්ධ හිතකාමී ජනතාවගේ ප්‍රසාදය උන්වහන්සේ වෙත හිමිවන්නේ ය.වසර විස්සක කාල පරිච්ඡේදයක් ගෙවී යන තෙක් මිහින්තලාව කිසිදු රාජ්‍ය නායකයකුගේ පිහිටක් නො ලැබ හුදකලා වූ අවධියක දේශයේ පිනට පහළ වූ එකම රාජ්‍ය නායකයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යටතේ මිහින්තලාව ලොව අංක එක දක්වා ගෙන යෑමේ අතිඋදාර කර්තව්‍යය සිදු විය.මෙහිදී බැතියෙන් සිහිපත් කළ යුතු පුණ්‍යකර්මයක් වන්නේ ලේක්හවුස් ආයතනය මීට වසර 52 කට පෙර පොසොන් පොහොයට සමගාමීව ලැන්තෑරුම් එළියෙන් ආරම්භකළ මිහින්තලා ආලෝක පූජාව වර්තමානය වන විට විදුලි බුබුළු ලක්ෂ ගණනක එළියෙන් ආලෝකමත් වීම දක්වා වර්ධනය වී තිබීමය. මිහින්තලා පින්බිම එසේ ගොඩනැඟීමට, ඒකාලෝක කිරීමට දායක වන සැමට අපි පින් දෙමු. .
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f14061210
| null | null |
ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී අඹතලා ගිරිහිසින් ගලාගිය සද්ධර්ම රශ්මි මාලාව මුළු ශ්‍රී ලංකාද්වීපයම එකාලෝක කළේ ය. එවක් පටන් අනුරාධපුර යුගයේ අවසානය දක්වා වන්දනීය වූ පූජනීය වූ මහා පින්බිමක්ව පැවැති චේතිය ගිර නොහොත් මිහින්තලා පින්බිම පසුකාලීනවද වරින් වර බැතිමතුන්ගේ වන්දනා මාන කිරීම් සඳහා කල එළි වූ බැව් ඓතිහාසික මුලාශ්‍රවල දැක්වේ.අනතුරුව නටබුන්ව වනගතව පැවැති මිහින්තලා පින්බිම අනුරාධපුරයෙහි සිදුවූ වලිසිංහ හරිස්චන්ද්‍ර ප්‍රබෝධය ඔස්සේ බැතිමතුන්ගේ අවධානයට ලක්විය. ක්‍රමයෙන් අනුරාධපුර අටමස්ථානය හා මිහින්තලා පූජා භූමිය සුවහසක් බොදු බැතිමතුන්ගේ ගෞරවනීය පූජාවන්ට ලක්වෙමින් පැවැති අතර අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කළ පසුව අනුරාධපුරය හා මිහින්තලේ පුද බිම් පොසොන් පොහොය දිනවල බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන්නට විය.එහෙත් එවකට සිංහල බෞද්ධ ජනගනහය අනුරාධපුර නගරයේ සිටියේ 1063කි. එවකට එනම් 1901 දී නගරයේ මුළු ජනගහනය 3672 ක් වූ අතර ඉන් වැඩි පිරිස වූයේ දෙමළ ජාතිකයන්ය.1908 දී ලේඛනගත තොරතුරු අනුව බැතිමතුන් 34000ක් පොසොන් පොහොය දිනවල වන්දනාවේ පැමිණ ඇති අතර 1913 දී බැතිමතුන් 85000ක් පැමිණි බව වාර්තාවේ එවකට අනුරාධපුර නගරයේ වූ 5357 ක් මුළු ජනගහනය අතරට බැතිමතුන් 85000ක් පැමිණිවිට ඇතිවන තත්ත්වය කෙබඳුවේදැයි සිතාගැනීමටත් අපහසුය. මේ සියලු වන්දනාකරුවන් නිසැකවම මිහින්තලේටද පැමිණි බව විශ්වාස කළ හැක්කේ පොසොන් පෝයට ප්‍රස්තුත වන ප්‍රධාන ආගමික ස්ථානය මිහින්තලේ වන නිසාය. පොසොන් පොහොය අද දක්වා ආගමනේ මංසලකුණු එසේ සටහන් වී ඇත.පෙර රජ සමයෙන් පසුව මිහින්තල පින්බිම හා අනුරාධපුර අටමස්ථානය යළි කළඑලි වෙමින් ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පුරාවිද්‍යා කැනීම්වලට ලක්වෙමින් පැවැත ආ අතර මේ වනවිට දේශයේ මුදුන් මල් කඩවන් මේ පූජා භූමි සියල්ලම යළි රජසිරියෙන් බැබළෙමින් පවතී. ජනපතිතුමන්ගේ පදවි ප්‍රාප්තියෙන් අනතුරුව සිදුවූ ආගමික ප්‍රබෝධය ඔස්සේ අනුරාධපුර හා මිහින්තලා පින්බිම සුවිශාල දියුණුවක් ලබමින් පුදබිම්වල ආගමික ගෞරවය සුරක්ෂිත කිරීමට විශාල වැඩ කොටසක් ඉටුකර ඇත.මිහින්තලා විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි මේ වනවිටත් මිහින්තලා පින්බිම සංරක්ෂණය වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් ඉටුවෙමින් පවතී. මේ පින්බිම ධර්මද්වීපයක් කිරීමට උපස්ථම්භක වූ මහින්ද මහරහතන් වහන්සේගේ ආගමික මෙහෙවර සමරමින් වර්ෂයක් පාසා කෙරෙන ජාතික පොසොන් ආගමික මහෝත්සවය මෙවරද අනුරාධපුරය හා මිහින්තලාව කේන්ද්‍රකොට ගනිමින් අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු විධිවිධාන යොදා ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන මෙවර පොසොන් උත්සවය සෑම අංගයකින්ම සංවිධිතව බැතිමතුන් සඳහා සියලු පහසුකම් සලසන මහෝත්සවයක් කිරීමට ජාතික පොසොන් කමිටුව මේ වන විටත් ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකරමින් සිටී.බැතිමතුන් සඳහා දන්සල් විශාල සංඛ්‍යාවක් පැවැත්වීමට කටයුතු කරන අතර එම දන්සල්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට නිලධාරීන් රැසක්ම යොදවා ඇත. ඒ හැර බැතිමතුන්ගේ සෞඛ්‍ය පහසුකම් මෙන්ම ආරක්ෂක විධි විධාන ගැනද ප්‍රවාහන පහසුකම් ගැනද නිරන්තර අධීක්ෂණයකින් පසුවන අතර ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ස්වේච්ඡා ආයතන සමඟ ආරක්ෂක අංශයද විශේෂ වැඩපිළිවෙළ දියත් කර ඇත.මේ විශේෂ පොසොන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී අනුරාධපුර දිසාපතිතුමන්, අනුරාධපුර මහ නගර සභාව, මිහින්තලේ ප්‍රාදේශීය සභාව මෙන්ම ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු අනෙකුත් සියලු රජයේ හා පෞද්ගලික අංශවලින් කෙරෙන විශාල කැප කිරීම කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. ඒ හැර කටයුතු සංවිධානයෙහිලා මා හා එක්ව මේ වැඩපිළිවෙළට සහයෝගය දක්වන මැති ඇමැතිවරුන් පළාත් සභා මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රිවරුන් ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ද කාරුණිකව සිහිපත් කරමි.2014 පොසොන් අනුබුදු මංගල්‍ය සඳහා පැමිණෙතැයි අපේක්ෂා කරන ලක්ෂ තිහක් පමණ වූ බැතිමතුන් ගෞරවයෙන් පිළිගැනීමට උතුරුමැද පළාත් වාසී ජනතාව සැදී පැහැදී සිටින බව කාරුණිකව සඳහන් කරන අතර මෙවන් ජාතික හා ආගමික කර්තව්‍යයන්හිදී නිරන්තරව උපදෙස් හා අනුශාසනා කරන ගරුතර මහා සංඝරත්නයටත් මේ පින්බිම අති උතුම් පින් බිමක් කිරීමට සුවිශේෂ අනුග්‍රහ දක්වන ජනාධිපතිතුමන් ප්‍රමුඛ සියලු ලක් වැසියන්ටත් අනුබුදු පිහිට හා ජයසිරිමාබෝ රැකවරණ ලැබේවා’යි ප්‍රාර්ථනා කරමි..
|
NEWSPAPER
|
2014.06.12
|
http://www.dinamina.lk/2014/06/12/_art.asp?fn=f14061211
| null |
- කිවිපති මාබිම ශ්‍රියානි රසිකා කාරියප්පෙරුම
|
ධනවතා තර කරයි තම මඩිය සැම දිනේ ගුණ දහම් නොතකමින් එකිනෙකා පිරි හුනේ මොන දෙයක් වුනාදෝ අගතියයි රජ වුනේ සැනසීම නැත කිසිත් මිහිඳු හාමුදුරු වනේසැනසීම තිබෙන මුත් කාට වුව බුදු බණේ පණ වගේ සිටි අයෙකු නසනු ඇත හෙට දිනේ ගුණ දහම් අගුණ වූ වරදින්න අර මුණේ වන සතුන් වර්ගයා රකිනු ඇත පා සෙනේඅමන කම් රජ කරයි මේ දහම් දිව යිනේ කුමන දේ වුව කරයි මුදල ගෙන පා සෙනේ බමන මත නිසාවෙන් සැමියගෙන් වෙන් වුනේ හමන මඳ නල පවා වියරු වී ඇත වනේළමා අවදියේ සිට අගතියට සිත යොමයි සමාවක් නැතිව යව්වන වියද කා දමයි තමා කවුදැයි කියා හඳුනන්නෙ නැහැ ලමයි කමා වුව රැකදෙන්න බුදු දමයි මව් බිමයිසඳහන් කළ නමුත් පින් පව් දෙකම බණේ පෙන්වූ නමුදු ඔහු සත හැම දෙනම සෙනේ නොඇසූ කන්ය නොපෙනුන ඇස් ඇතිය අනේ මාහිමි මිහිඳු තව සැරයක් වඩිනු මැනේමව්පියො මහ මඟය නැත කිසි සැලකිල්ල දරුවන් අසරණය තැන තැන වැලපිල්ල යහගුණ අමතකය දුසිරිතෙ පැටලිල්ල කාට කියන්නද මේ දුක් ගැනවිල්ලතෙරුවන් වඳින්නට ගෙයි පහනක් නැත්තේ අකුසලයටයි හැම මොහොතෙම තැන ඇත්තේ පෝ දිනකවත් නොගොසින් පන්සල පැත්තේ පවිටුන් කෙලෙස නිරයෙන් ගැලවිය යුත්තේපින්වත පින්වතිය ඔබ සැම පොසොන් දිනේ න්සල වෙතට අවුදින් බණ අසනු මැනේ පෙහෙවස් සමාදන් වී සිල් රකිනු අනේ දන්සිල් භාවනා පෙන්වයි මඟ නිවනේදෙවන පෑතිස් රජිඳු සිරිලක වන ගතව වසරෙහි එක දිනක මුවන් දඩ කෙළියේ යෙදෙන එක සිරිත විය, දැන් ගනිමු එය දැකරජතුමා පිරිසගෙන් වෙන් වුන මුවෙක් ලුහුබැඳ යද්දි දිවයන මිහින්තල ගල මතින් විහිදුන හඬකි වැටුනේ රජගෙ දෙසවන‘තිස්ස නවතිනු’ අණ ඇසීලා කවුද මට මගෙ නම කියාලා අමතන්නෙ රජු ගල් ගැහීලා ගල මුදුන දෙස නෙත් යොමාලාවිමතියකි අසිරියකි ගල මත පුංචි පිරිසකි දැරුව කහ වත දුන්න ඊතල වැටුනි මිහි මත දහම් හඬ පැතුරුණා දස අතමී අඹ පිරුණු මිගදායම රසවත් ය ගී හඬ රැඳුණු පරිසරයම පින්වත් ය නෑ හිත-මිතුරු සමඟින් රජු ඔදවත් ය පෑ තිස් නිරිඳු සැනකෙළි මැද තෙදවත් යඅවි හිංසක සතුන් හට ගින්දර දීම සවි බල රැඳුණ රජෙකුගෙ සතුටක් වීම තැවි තැවි දිනෙක ඉන් ලතවෙනු වැළ කීම ඇවි දින් මිහිඳු හිමි ලැබදුණි! සැන සීමමිස් සක පා ඉමෙහි සිටි රජු සිහළ පුරේ තිස් සය යන හඬින් කැළැඹුණු ඇසුණු සැරේ විස් තර පවසමින් යළි - යළි එපුර වරේ පස් පියුමන් පිපී බැබළෙති! අනුර පුරේහිං සක හැගුම් පිරි රජෙකුගෙ නැණ වැඩුම යං තම් නමුත් දැනගනු වස් එක වරම සන් සුන් සිතින් අනුබුදු - හිමි මුල සිටම වං හුන් කියා ඇසුවේ පැනයකි! අරුමඅඹ පැනයට පසුව නෑදෑ පැනය තුළින් සුබ මොහොතකට හරවා මුණ ගැසුම මුලින් සබ මැද පබාමත් කොට රජු මනස කලින් නුඹ දිලි සඳක් මෙන් පිරිවර වඩිති පෙළින්දසුනින් අරුම ගිලිහුණි! දුණු රජුගෙ අති න් සැනෙකින් අන් සැමත් අවි හැර රැදුණි බැති න් දැහැමින් සරණ ගිය තෙරුවන් පිරිස වෙති න් අලුතින් රටක් ඉදිවෙන මං සැදුනි නිති න්මහ මෙවුනාවේ සිරිමා බෝධිය වැඩුණි මහ රජ අණින් ථූපාරාමය බැඳුණි මහ දන සිල්වතුන් වී සිවු - දෙස රැඳුණි මහ පෙළහරක සිතුවම් හෙළඹර පෙනුණි.
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n1406131
|
මේ රජයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සියැසින් බලා ආඩම්බරවීමට පැමිණෙන්න
|
ධනුෂ්ක ගොඩකුඹුර පොළොන්නරුව සිට
|
වර්තමාන රජය රට පුරා ඉටු කරන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල අඩුපාඩු සොයන්නට නොව ඒවා දැක බලාගෙන ආඩම්බර වන්නට පැමිණෙන්නැයි තමන් සැමට ආරාධනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.රජය ඉටු කරමින් යන වැඩ බැලීමට ඇතැමුන් එන්නේ අඩුපාඩු සෙවීමේ අරමුණින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් කරන මෙම සංවර්ධන ව්‍යාපෘති දෙස ඊර්ෂ්‍යාවෙන් නොබලා ඒ පිළිබඳ ආඩම්බර වන්නැයි ඉල්ලා සිටියේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ඉදිකිරීම් රැසක් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට පෙරේදා (11) එක්වෙමිනි. රාජකීය විද්‍යාලයේ නව පරිපාලන සංකීර්ණය සහ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රතිසංස්කරණය කළ සී. පී. ද සිල්වා අනුස්මරණ රඟහල සිසු අයිතියට පවරා දුන්නේය.පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් පූර්ණ ප්‍රතිසංස්කරණයකට විද්‍යාලය ලක් කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3200කි. රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වීමත් සමඟ ආණ්ඩුවට බැණ වදින පිරිස වැඩි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අතීත ශ්‍රී විභූතිය ඇති කළ හැක්කේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමෙන් පමණක් බවත් අවධාරණය කළේය .ඇතැමුන් කියන අන්දමට රටේ ආර්ථික සංවර්ධනයක් වී නැති නම් ජනතාවගේ ජිවන තත්ත්වය මෙසේ ඉහළ ගොස් ඇත්තේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා අද අපේ රට යැපුම් ආර්ථිකයක සිට මධ්‍ය ආර්ථිකයකට පැමිණ තිබෙන බවත් ජනතාවගේ ජීවන රටාවන් පවා එදාට වඩා වෙනස් වී තිබෙන බවත් පැවසීය. පොළොන්නරුව සිට කොළඹට යාමට පැය හත අටක් ගත වූ කාලය නිමා කොට පැය එකහමාරකින් කොළඹ යා හැකි යුගයක් වසර දෙකක් තුළ උදා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත් වන 120,000 කට ආසන්න දරුවන් සංඛ්‍යාව අමතක නොකර ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකසන ලෙස තමන් අධ්‍යාපන ඇමැතිවරයාට උපදෙස් දුන් බවත් ඒ දරුවන් පාසල්වලින් එළවා දැමීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත් ඇමැතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන, දුමින්ද දිසානායක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති අයි. කේ. කේ. රවිලාල් විජයවංශ මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වුහ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n1406132
|
මේ වසරේ පළමු මාස පහේකොටස් වෙළෙඳ පොළේ ශීඝ්‍ර වර්ධනයක්
|
මහින්ද අලුත්ගෙදර
|
පසුගිය 2013 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ (2014) පළමු මාස පහ තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගැනීමට සමත් වෙයි.2013 වර්ෂයේ මුල් මාස පහට සාපේක්ෂව 2014 වර්ෂයේ පළමු මාස පහ අවසානයේදී ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර පසුගිය මැයි මස 30 වැනිදා වනවිට සියලු කොටස් මිල දර්ශක අගය සියයට 5.9 ක වර්ධනයක් සටහන් කරමින් ඒකක 6263.46 ලෙස ද S & P ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 5.8 වර්ධනයක් සටහන් කරමින් ඒකක 3454.61 ක් ලෙස සටහන් වූ බවද කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක මහතා පවසයි.ස්ථාවර තැන්පතුවල මිල ගණන් සියයට 5 සිට සියයට 6 දක්වා අව ප්‍රමාණය වුවද විකල්ප ආයෝජන මාර්ගයක් ලෙස කොටස් වෙළෙඳපොළ ආකර්ශනීය තත්ත්වයකට පත්ව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වලින් දළ වශයෙන් සියයට 46ක් ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවද කියාසිටී.එහිදී සමාගම් 293න් 137ක් සියයට 5කට වඩා ඉහළ ප්‍රතිලාභ පෙන්නුම් කර ඇති අතර ඒ තුළ සමාගම් 49ක් සියයට 20කට වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රතිලාභ ලබා දී තිබෙන බවද සමාගම් 51ක් සියයට 10 - 20ත් අතර ප්‍රමාණයකින් මිල වර්ධනයක් සිදුකරගෙන තිබෙන අතර සමාගම් 37ක් සියයට 5ත් 10 ත් අතර ප්‍රමාණයකින් තම වටිනාකම වර්ධනය කරගෙන තිබෙන බවද සභාපතිවරයා පෙන්වා දෙයි.ව්‍යාපාරික ආයතන අතර ද කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත වීමේ දැඩි උනන්දුව පෙන්නුම්කරමින් මෙම කාල සීමාවේදී නව සමාගම් 7ක් ලැයිස්තුගත වෙමින් ලැයිස්තුගත මුළු සමාගම් සංඛ්‍යාව 293ක් දක්වා ඉහළ නැංවී තිබේ.වසරේ පළමු මාස පහ තුළදී මූලික කොටස් නිකුතුන් 3ක් හරහා කොටස් ලැයිස්තුගත කරමින් රුපියල් මිලියන 2,584 සහ මූලික කොටස් නිකුතූන් මඟින් ණයකර ලැයිස්තුගත කිරීම් හතරක් හරහා රුපියල් මිලියන 5,500 ක් උපයාගෙන තිබෙන අතර එයට එක කොටස් හදුන්වාදීමක් ද අන්තර්ගත වෙයි. කොටස් මූලික නිකුතුවකින් රුපියල් මිලියන 2,584 ක් ප්‍රාග්ධනය රැස් කරගැනීම 2011 සිට සලකා බැලීමේ දී ඉහළම අගය වන අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් හඳුන්වා දෙන ලද දස වැදෑරුම් වෙළඳපොළ සංවර්ධනය කිරීමේ සැලසුමට අනුව විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි සමාගම් කොටස් වෙළෙඳපොළට ආකර්ෂණය කරගනිමින් වසරේ ඉදිරි අර්ධය තුළදී සාර්ථක වර්ධනීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමෙහි කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නිරතව සිටින බවද වජිර කුලතිලක මහතා කියයි..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n1406133
|
කරච්චියට යළිත් ශ්‍රී ලංකන් ගුවන් ගමන්
|
සුභාෂිණී සේනානායක
|
පාකිස්තානයේ කරච්චි ගුවන් තොටුපොළ ආසන්නයට පසුගියදා (10) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව අවලංගු කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත. පෙරේදා (11) උදෑසන 9.46 ට කරච්චි නුවර බලා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඒ 330 වර්ගයේ ගුවන් යානයක් පිටත් වූ අතර එහි මඟීන් 207 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ගමන් කර ඇත.කරච්චි ගුවන් තොටුපොළ ආසන්නයේ ගුවන් හමුදා නේවාසිකාගාරයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග කරච්චි ගුවන් තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නතර කළ බැවින් කටුනායක සිට කරච්චි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය අවලංගු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගත්තේය.මීට පෙරද පසුගිය ඉරිදා රාත්‍රියේදීද තලේබාන් සටන්කාමීන් විසින් කරච්චි ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරනු ලැබු අතර එම අවස්ථාවේදීද කටුනායක සිට කරච්චි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කළේය..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n1406135
|
අඳුරු දේශය ඒකාලෝක කළ අභීත නායක ජනපති මහින්දටඋතුරු මැද ජනතාවගෙන් උණුසුම් පිළිගැනීම්
|
ධනුෂ්ක ගොඩකුඹුර පොළොන්නරුව සිට
|
අඳුරින් අඳුරට ගිය දේශය ආලෝකයෙන් ආලෝකයට ගෙනා අභීත රාජ්‍ය නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උතුරු මැද ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වෙයි. පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සහ ආගමික වැඩසටහන් රැසකට මේ දිනවල සහභාගී වෙමින් සිටින ජනාධිපතිතුමන්ට එම ජනතාව සිය ආදර ගෞරවාදරය මෙසේ පුද කළහ.සිය කාර්ය බහුලකම හමුවේ වුවද තමා පිළිගන්නට මඟ දෙපස රැස්ව සිටි ජනතාව පසු කර නොගිය ජනාධිපතිතුමා ඔවුන් අතරට යමින් ඔවුන්ගේ සුවදුක් විමසුවේය. පෙරේදා (11) උදෑසන සෝමාවති මාර්ගය විවෘත කිරීමට ගිය ජනාධිපතිතුමා නැවත පොළොන්නරුව බලා පැමිණෙමින් සිටින අතරතුර පාසල් කිහිපයක් අසලදී පාසල් දරුවන් හමු විය. තම ආදරණිය නායකයා දැක ගන්නට ප්‍රදේශයේ පාසල් දරුවන්ද මහත් උද්යෝගයෙන් සිටිනු දක්නට ලැබුණු අතර සැමදා දරුවන්ට මහත් සෙනෙහසක් දක්වන මහින්ද රාජපක්ෂ මැතිතුමා එම සියලු දරුවන් අතරට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීමට අමතක නොකළේය. ජනාධිපතිතුමා පළමුව පාසල් දරුවන් හමුවූයේ පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් විද්‍යාලය අසලදීය.තමා එනතුරු පාසල ඉදිරිපසට වී බලා සිටී මෙම දරුවන් අතරට මහත් සෙනෙහසින් යුතුව ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ සුව දුක් විමසීය. අනතුරුව පලුගස්දමන මහා විද්‍යාලය අසලදීද එම විද්‍යාලයේ දරුවන් හමු වූ ජනාධිපතිතුමා ඔවුන් සමඟ ටික වේලාවක් රැදී සිටියේ ය.තඹාල අල් හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ද ජනාධිපතිතුමා පැමිණෙන තුරු නොවිසිල්ලෙන් පාසල ඉදිරියට වී බලා සිටිනු දක්නට ලැබුණි. එම දරුවන් අතරටද ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද කෙටි කතා බහක නිරත වෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබද විමසා සිටියේය.සෝමාවතී පොළොන්නරු මාර්ගයේ පුලතිසිපුර ප්‍රදේශය පසුකරගෙන ගිය ජනාධිපතිතුමාට දක්නට ලැබුණේ එහි පැවැත්වෙන ඔසු පැන් දන්සලකි. ප්‍රදේශවාසීන්ද දන්සල වෙත රැස්ව සිටිනු දුටු ජනාධිපතිතුමා ඒ වෙතද ගොස් තම ආදරණීය ජනතාව සමඟ කතාබහ කළේය. පුලතිසිගම සිරි පැරකුම්බා පිරිවෙනේ දායක සභාව විසින් මෙම ඔසුපැන් දන්සල සංවිධාන කර තිබූ අතර එහි දහම්පාසල් සිසුන් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාද ඊට එක්ව සිටියහ .මහත් සෙනෙහසින් යුතුව මෙහිදී ජනාධිපතිතුමා පිළිගත් එම පිරිස එතුමන්ට ඔසුපැනින් සංග්‍රහ කළහ. තම කුඩා දන්සල වෙත පැමිණ තම නිහතමානී රාජ්‍ය නායකයාට ඔවුහූ මෙහිදී සිය හදපිරි ගෞරවය පුද කර සිටී අතර ප්‍රදේශයේ තොරතුරු තම ලෙන්ගතු රාජ්‍ය නායකයා සමඟ ප්‍රකාශ කළහ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n1406136
|
පොත් දන්සලට මහ සෙනඟක්
|
සුභාෂීණී සේනානායක
|
මිහින්තලේ ඊයේ (12) පැවැති පොත් දන්සලට අති විශාල සිසුන් පිරිසක් එක් වී ඇත . අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කළ මෙම පොත් දන්සල සඳහා සිසුන් සහ මවුපියන් ලක්ෂ ගණනින් පෝලිමේ සිටි බව මිහන්තලා පුදබිම ආරංචි මාර්ග පවසයි.මිහින්තලා පුද බිමේ මැද මළුවේ පිහිටි මෙම පොත් දන්සලට උඩ මළුවේ සිට කිලොමීටර්දෙකකට වැඩි පිරිසක් පෝලිම් ගැසී දන්සලට පැමිණ පොත් ලබා ගෙන ඇත. මෙම පොත් දන්සල සඳහා පොත් ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබේ.මිහින්තලය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් ඊයේත් (12) පොත් රැගෙන විත් පරිත්‍යාග කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව පළමුවරට පැවැත්වූ මේ දන්සල සඳහා ඊයේ (12) අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද එක්ව සිටියහ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n1406137
|
මාගම්පුර වරායේතෙල් ගබඩා සංකීර්ණය 22දාජනපති අතින් විවෘත වෙයි
|
නිරූෂි විමලවීර
|
මාගම්පුර රුහුණු මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් ගබඩා සංකීර්ණය සහ ඉන්ධන පර්යන්තය මේ මස 22 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරේ .නෞකාවන් හා ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සහ LP gas අවශ්‍යතා සැපයීමට මාගම්පුර ජාත්‍යන්තර වරාය මෙම 22 වැනි දින සිට සූදානම් බව මහාමාර්ග,වරාය හා නාවික ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඝන මීටර් 80000ක ධාරිතාවකින් යුත් තෙල් ගබඩා සංකිර්ණයේ නාවික ඉන්ධන ගුවන් යානා ඉන්ධන හා ද්‍රවීය වායු (LP gas) ගබඩා කොට ඇතැයිද ඝන මීටර් 10000ක ධාරිතාවේ ඉන්ධන ගබඩා ටැංකි තුනක් ද ඝන මීටර් 5000 ධාරිතාවේ ඉන්ධන නව ටැංකි තුනක්ද ඝන මීටර් 3000 ධාරිතාවේ ඉන්ධන ගබඩා ටැංකි තුනක්ද ඝන මීටර් 2000 ධාරිතාවේ (LPgas) ගබඩා ටැංකි තුනකින් එය සමන්විත යැයිද හෙතෙම අනාවරණය කළේ ය. ජාත්‍යන්තර නැව් මාර්ග බොහොමයක් හම්බන්තොට වරාය ආසන්නයේ පිහිටා තිබීමෙන් විදේශ නෞකාවලට ඉන්ධන ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාව උදා වන්නේ යැයි ද ඇමැතිවරයා කීය.විපක්ෂ චෝදනා පුස්සක් බවට පත් කරමින් මාගම්පුර රුහුණු මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය ශ්‍රි ලංකාව ජාත්‍යන්තර නාවික කේන්ද්‍රස්ථානය බවට පත් වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.කොළඹ වරායට සීමාවී තිබූ වාහන ආනයනය හා ප්‍රති අපනයනය (Ro-Ro Operations) මෙහෙයුම් ක්‍රියාවලිය මාගම්පුර වරායට ගෙනයාමේ කොළඹ වරායේ තිබූ තදබදය අවම වූ බවත් 2013 වර්ෂයේ ජනවාරි සිට මැයි දක්වා මාගම්පුර වරායට පැමිණි නෞකා ගණනට සාපේක්ෂව 2014 වර්ෂයේ එම කාල සීමාවේ පැමිණි නෞකා ගණන සියයට 160 කින් වර්ධනය වී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.මෙම වසරේ සෑම මසකම නෞකා 35 කට අධික සංඛ්‍යාවක් මාගම්පුර වරායට පැමිණ ඇති බවද එයින් මෙහෙයවන ලද වාහන ඒකක සංඛ්‍යාව 13186ක් බවද ඒ අනුව 2014 වර්ෂය තුළ මෙහෙයවා ඇති වාහන ඒකක ගණන 72612 ක් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.නෞකාවකට තෙල් ලබා දෙන අවස්ථාව පාසල් දරුවන්ට සහ රටේ ජනතාවට සියැසින් දැක බලා ගැනීමට මාගම්පුර ජාත්‍යන්තර වරාය මහජනතාව සඳහා මේ මස 22 වැනි දින විවෘතව තැබෙන බව කීවේය..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n1406138
|
යුද ගැටුම් සමයේ
|
මහින්ද අලුත්ගෙදර
|
යුද ගැටුම් පැවති 1990 වසරේ දී පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංගමය අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවෙන් ඉල්ලයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතවරු පිරිසක් අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා හමුවී මේ ඉල්ලීම කර තිබෙන බව එම ජනාධීපති කොමිෂන් සභාව පවසයි.එහිදී ඔවුන් 1990 දී නැඟෙනහිර පළාතේ සිදු වූ පොලිස් නිලධාරීන් 600 දෙනාගේ ඝාතනය සම්බන්ධ විමර්ශන කරුණු හා අදාළ සන්දේශයක් ද සභාපතිවරයාට බාරදුන් බව අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කරයි.යුද ගැටුම් පැවති සමයේ දී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් මෙම ජනාධිපති කොමිෂම විසින් පැමිණිලි ලබා ගන්නා අතර මේ වනවිට උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයන් රැසකට ගොස් සාර්ථක ලෙස පැමිණිලි ලබාගෙන තිබෙන බවද ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n1406139
|
කිලෝ 85ක මත්කුඩු තොගයසැප රියකින් ගෙන ගිය දෙදෙනා දැලේ
|
විජයානි එදිරිසිංහ
|
රුපියල් කෝටි සියයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 85ක් නවීනතම හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් ගෙන යමින් සිටියදී සැකකරුවන් දෙදෙනකුද සමඟ ඊයේ (12) පෙරවරුවේ බියගම දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.විශේෂ කාර්ය බළකායට ලැබුණු ඔත්තුවක් මත මේ වාහනය පසුපස ලුහුබැඳ මෙය අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.දැනට පාකිස්තානයේ පැන සිටින ප්‍රබලතම කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයකුගේ සම්බන්ධතාව මත මෙම කුඩු තොගය මෙරටට එවා ඇතැයි සැකකෙරෙන අතර ඒවා කොළඹ ප්‍රබල කුඩු ජාවාරම්කරුවකුගේ බෙදාහැරීම් මධ්‍යස්ථානයකට ගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිසියට තොරතුරු ලැබී තිබේ.කුඩු ප්‍රවාහනය කරමින් තිබු මෙම මෝටර් රථය නැවැත්වීමට විශේෂ කාර්ය බළකාය අණ කළ අවස්ථාවේ එහි සිටි සැකකරුවන් වාහනය නොනවත්වා පලායාමට උත්සාහ කළත් විශේෂ කාර්ය බළකා නිලධාරින් ඔවුන්ගේ ශක්තියෙන් පලායාමට නොදී එය නවත්වාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කුඩු තොගය සමඟ මෙරටට තවත් කුඩු තොගයක් ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන අතර ඒවා ගෙන්වූ ආකාරය මෙම සැකකරුවන්ට ඒවා ලබාදුන් ස්ථානය ඇතුළු සියලු තොරතුරු හෙළිකර ගැනීම සඳහා සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ඊයේ (12) භාරදීමට නියමිතව තිබිණි.විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n14061310
|
පවුල් රැසක් එක්ව කළහොර අටපිරිකර ජාවාරම මාට්ටු
| null |
පාරිභෝගික අධිකාරියේ වැටලීම් නිලධාරීන් විසින් කළුතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී ප්‍රමිතියෙන් තොරව සකස් කර අලෙවි කරන පූජා භාණ්ඩ (අටපිරිකර) විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. මෙම අටපිරිකර තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ට ආසන්න බව නිලධාරින් පැවසීය.විවිධ ස්ථානවලින් රැගෙන එමින් ප්‍රමිතියෙන් තොර අටපිරිකර හා පූජා භාණ්ඩ ඉකා අඩු මිලට රැගෙන ඒවා එක්රැස් කර නැවත අටපිරිකර ලෙස සකස්කර මහා පරිමාණයෙන් වෙළෙඳපොළට නිකුත් කරන බවටද කරුණු අනාවරණය වී ඇත.නිලධාරින් විසින් වැටලීම් සිදුකරන අවස්ථාවේදී එම නිවෙස්වල පිරිස් විසින් අට පිරිකර සකස් කරමින් සිට ඇති අතර එම නිවෙස්වල ඇඳන්වල ඇඳ ඇතිරිලි හා කොට්ට උර ආදිය සඳහා ද මෙම සිවුරු භාවිතා කර ඇති අතර පාත්‍ර ආදී පූජා භාණ්ඩ තොගයක් වසා තිබුණේ කාන්තා රාත්‍රි නිදන ඇඳුම් වලින් බව නිලධාරින්ට දැකගත හැකිවී තිබේ.මෙම අට පිරිකර සැකසීමට ගන්නා සිවුරු ඉතා බාල රෙදි වන අතර පාත්‍ර හා අනෙකුත් පූජා භාණ්ඩ පරණ ඒවා වූ අතර දුර්වර්ණව භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබූ බව වැටලීම් නිලධාරීන් පවසයි. මෙම දුර්වර්ණ පැරණි අට පිරිකර නැවත පිරිසුදු කර වෙළෙඳපොළට එවීමට සකස් කර තිබුණි.අටලුගම ප්‍රදේශයේ පවුල් කිහිපයක් විසින් මෙම ජාවාරම සංවිධානාත්මකව දිගු කලක සිට සිදුකරගෙන ගොස් ඇති බවට කරුණු හෙළිදරව් වී ඇත.අටලුගම ප්‍රදේශයේ පවුල් කිහිපයක් විසින් මෙම ජාවාරම සංවිධානාත්මකව දිගුකලක සිට සිදුකරගෙන ගොස් ඇති බවට කරුණු හෙළිදරව් වී ඇත.මෙවැනි කූට ජාවාරම් පවත්වාෙගන යන වෙළෙඳුන් හට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර ඇත..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n14061311
|
උ. පෙළ සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට නිවෙස්වල සිටින කාලය අවම කරන පියවර
|
සමන්මලී ප්‍රියශාන්ති
|
අ. පො. ස උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ අපේක්ෂාවෙන් නිවසේ රැඳී සිටින කාලය අවම කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි අවධානය යොමුව තිබේ.විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඊට අදාළ කටයුතු කඩිනමින් සුදානම් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිබුරේගම මහත්මිය ප්‍රකාශ කළාය.විශ්වවිද්‍යාල වලට ඇතුළත් වන අහිංසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොකිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහ විශ්ව විද්‍යාල පරිපාලනයට වගකීමක් තිබෙන බැවින් මෙම තීරණය ගත් බවද ඇය පැවසුවාය.විශ්වවිද්‍යාලවල කලබල කාරි තත්ත්වයක් ඇති බව පෙන්නුම් කිරීමට කිහිපදෙනෙක් ක්‍රියාකරන බව පෙනී යන නමුත් විශ්වවිද්‍යාල පද්ධතියෙහි ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ආචාර්ය මහාචාර්යවරු සිටින බවද හිරිබුරේගම මහත්මිය කීවාය.සමස්තයක් ලෙස ගත්කළ විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින ආචාර්ය මහාචාර්යවරු ඉහළ මට්ටමකින් තම සේවය හා පර්යේෂණ කටයුතු සිදුකරන බවද ඇය කීවාය.ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්පියන්ගෙන් හා ඇතැම් විශ්ව විද්‍යාල වලින් යම් යම් ගුරුවරු පිළිබඳ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබෙන බැවින් ඒ පිළිබඳව ඉදිරියේ දී සොයා බැලීමට කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් සදහන් කළාය..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n14061312
|
රජ දවසින් පසු මිහින්තලාවේ ඉහළම සංවර්ධනයක් සිදු වුණේමහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ යුගයේදී
| null |
සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ පමණක් නොව දෙස් විදෙස් සියලු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය භූමියක් වන මිහින්තලා පුද බිම රජ දවසින් පසු ඉහළම සංවර්ධනයක් සිදු කළ යුගය ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ යුගය හැඳින් විය හැකි බව මිහින්තලා රාජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ප්‍රකාශ කළහ.උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කෙළේ ලේක්හවුස් ආයතනය 52 වැනි වරටත් සංවිධාන කළ මිහින්තලා ආලෝක පූජාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (12) විවෘත වීමෙන් පසු මිහින්තලාවේ පැවැති දහම් හමුව අමතමිනි.උන්වහන්සේ එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළහ.රටට ජනතාවට ආදරයක කරන ජනාධිපතිතුමා ලක්දිව වෙහෙර විහාරස්ථාන ගොඩනඟන්නට කරන මෙහෙවර පැසසුම් සහගතයි. ජනාධිපතිතුමාට රට ගොඩනඟන්නට එක්සේසත් කරන්නට ආශිර්වාදය ලැබුණේ සිංහල බෞද්ධයකු ලෙස එතුමා කරන සේවයේ අනුහස නිසායි.මෙයට වසර 2321කට පෙර ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී ධර්මාශෝක මහ රජතුමා තුන්වැනි ධර්ම සංඝායනාව පවත්වලා බුදු රජාණන් වහන්සේ ජීවමාන සිටිය කාලයටත් වඩා ඒ ධර්මය ව්‍යාප්ත කරන්න කටයුතු සංවිධාන කළා. එතුමන් යුද බෙරය වෙනුවට දහම් බෙරය සකස් කරමින් රටවල් නවයකට දහම් පණිවිඩය යවන්නට සූදානම් කළා. ඒ රටවල් නවය අතරින් තමන්ගේ දුවත් පුතාත් එවන්නට මේ හෙළ බිම තෝරා ගත්තා. බුදුන් වහන්සේ ගිය මඟ යමින් අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ මේ වගේ පොසොන් පොහොය දිනයක මේ මිහින්තලාවට වැඩම කර දඩ කෙළියේ ගිය දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු හතලිස් දහසක් පිරිසට අවිහිංසාවේ පාඩම ඉගැන්නුවා.මෙරට බුදු දහම ස්ථාපිත කරලා මිහිඳු මහා රහතන්වහන්සේ අනුරාධපුරයේ වැඩසිටින විට දේවානම් .පියතිස්ස රජතුමා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා බුදු රජාණන් වහන්සේගේ පූජනීය වස්තු තමන්ට ලබා දෙන්න කියලා. ඒ අනුව මිහිඳු හිමියන් ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවූවා අර උඩින් පෙනෙන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඒ ධාතූන් තැන්පත් කළා. මේ පිංබිම ධාතූන් වහන්සේලා බෙදා හරින මධ්‍යස්ථානයක් ලෙස පැවතුණා. අපේ සංස්කෘතිය, සදාචාරය මේ හැමදෙයක්ම ආරම්භ කෙරුණේ මේ ස්ථානයෙන්.අනතුරුව මේ ස්ථානය විවිධ අවස්ථාවල හානියට පත් වෙනවා. මේ ස්ථානය වල්බිහි වෙමින් තිබුණා. පසුව එච්. සී. පී. බෙල් මහතා වැනි පුරාවිද්‍යාඥයන් එකතු වී මේ ස්ථානය නැවත සොයා ගෙන සංරක්ෂණය කරලා තිබෙනවා. අපේ මිහින්තලා රජමහා විහාරාධිපතිව වැඩ විසූ වලවාහැංගුණවැවේ රතනජෝති හිමියන් මේ ස්ථානය දියුණු කළා. එදා සිට මේ දක්වා ලේක්හවුස් ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය සමග එකතු වෙලා මේ පිංබිම ආලෝකමත් කළා.මේ කාලය අතරතුර අපේ ලක්වැසියන් මේ පොසොන් පිංකම නොනවත්වා පවත්වා ගෙන ආවා. තිස් වසරක් පැවැති යුද්ධයෙන් පවා මේ ස්ථානයේදී එකම ජීවිත හානියක්වත් කරන්නට එල්. ටී. ටී. ඊ සංවිධානයට පුළුවන් වුණේ නැහැ. ඒ තමයි ජනාධිපතිතුමනි මේ ස්ථානයේ තිබෙන බලය හා ශක්තිය. මීටත් වඩා පින්බිමක් මේ ලක් දෙරණේ නැහැ. යුද්ධය පවතින කාලසීමාවේදී අපි මේ ස්ථානයේ විවිධ ආශිර්වාද පූජාවන් කළා මේ රටට සාමය උදා වෙන්න කියලා. ඒ අධිෂ්ඨානයේ ප්‍රතිඵල අද අපිට භුක්ති විඳින්නට ලැබිලා තිබෙනවා.වෙනත් දිනවල අපි පොසොන් පොහොයට මේ ස්ථානයට එන්නේ ජීවිත බියෙන්. කොයි වෙලාවේ බෝම්බයක් පුපුරයිද දන්නේ නැහැ. අද අපට එහෙම බියක් නැහැ. රට වැසියන් වෙනුවෙන් තමයි ජනාධිපතිතුමා මේ පරිත්‍යාගය කළේ. ඒ පරිත්‍යාගය කරලා දැන් වසර ගණනාවක් ගෙවුණා. ඒ කාලය තුළ රට කොතරම් සංවර්ධනය වෙනවාද ? ජනාධිපතිතුමා විහාරස්ථාන ගොඩනංවන්න ලබාදෙන ප්‍රමුඛතාව අපි දන්නවා. අටමස්ථාන, සොළොස්මස්ථාන පමණක් නොවෙයි මුළු රට පුරා තිබෙන සියලු විහාරස්ථාන දියුණු කරන්නට එතුමා කැපවී සිටිනවා.විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි මේ සියලු කටයුතු කරන්නට හැකි වී තිබෙන්නේ. යුද්ධය නිමා කරන්නට හැකි වුණෙත් විධායක ජනාධිපති ක්‍රමයි තිබුණු නිසායි. වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පෙනෙනවා මිහින්තලාව අද ලබා තිබෙන දියුණුව. එදා මිහින්තලාව අක්‍රමවත්ව තිබුණා. රටට විරුද්ධව තිබුණු විවිධ බලවේග පරාජය කරලා අද රටම දියුණු වී තිබෙනවා. මේ කාරණා සමහරුන්ට දරා ගන්නට බැහැ. දෙස් - විදෙස් පිරිස්වල පෙනෙන්නේ මේ ජනාධිපති ක්‍රමයේ වැරැදි විතරයි. නමුත් ඒ ක්‍රමය තිබුණු නිසයි මේ සියලු කටයුතු කරන්න හැකි වුණේ.ඔබතුමා එළවා දමන්නට ජාත්‍යන්තර බලවේග විවිධ කුමන්ත්‍රණ කළත් ඒක කරන්නට පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් අපි ලැබූ නිදහස බන්දේසියක තියලා එල්. ටී. ටී. ඊ.යට පූජා කළා වගේ වෙනවා. අපේ රණවිරුවන්, ජනතාව පරිත්‍යාග කළ ජීවිතවල කිසිදු වටිනාකමක් නැතුව යනවා. මේ රට පාලනය කළ පවුල් රැසක් සිටියා. සේනානායකවරුන්, බණ්ඩාරනායකවරුන් රැසක් සිටියත් මහින්ද රාජපක්ෂලා මේ ස්ථානයට සිටින්නේ එක්කෙනයි. අද මේ රටේ ඉහළම සංවර්ධනයක් සිදු වෙන බව අපි දකිනවා.අපි රාජ්‍ය නායකයන් රැසක් ළඟින් සිටියා. ඒ රාජ්‍ය නායකයන් අතරින් අපේ ජනාධිපතිතුමා ඉතා හොඳ සිංහල බෞද්ධයෙක්. ජනාධිපතිතුමා රටට, ජනතාවට ආදරය කරන නායකයෙක්. ඔබතුමා හමුවෙන හැම අවස්ථාවකම කතා කරන්නේ රටේ ප්‍රශ්න ගැනයි. පැය ගණන් කතා කළත් ඉවත දමන්න දෙයක් නැහැ. සියලු ප්‍රශ්න කතා කරලා විසඳන්නට ජනාධිපතිතුමා කටයුතු කරනවා. ඔබතුමා අගමැති වූ පසු ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් අරලියගහ මන්දිරයේ රෝපණය කරලා පුද පූජා පවත්වලා ආශිර්වාද ලබා ගන්නවා. ජනාධිපති මන්දිරයෙත් ධාතූන් වහන්සේලා වඩම්වා පුද පූජා පවත්වනවා. ඒ ආශිර්වාදයන් නිසයි මේ රට ගොඩනඟන්නට, එක්සේසත් කරන්නට හැකියාව ලැබුණේ.රජ දවසින් පසු මේ ස්ථානය සංවර්ධනය කෙළේ අපගේ ජනාධිපතිතුමයි. එදා මේ ස්ථානය මිහිඳු මහා රහතන් වහන්සේට පූජා කළ දේවානම් පියතිස්ස රජතුමා ශිලා ලිපියක් මෙහි ස්ථාපිත කළා. මේ ස්ථානය ඊළඟ වසරේ සියලු අඩුපාඩු සකස් කරලා සංවර්ධනය කළාට පස්සේ අනාගත පරපුරට මේ බව දැන ගන්නට මේ ස්ථානයේ ශිලා ලිපියක් පිහිටුවන්න කියලා මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා.ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරමද පවන් හමා යන මේ සොඳුරු සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට බුදු දහම ගෙනා බෞද්ධ සංස්කෘතිය හඳුන්වා දුන්, ලොව ප්‍රථම අභය භූමිය ලෙස ජනාධිපතිතුමන් වරක් හඳුන්වා දුන් මේ භාග්‍යවන්ත භූමියේ සිට ඔබ පිළිගන්නට ලැබීම මට ඉතාම සතුටක්. මෙයට වසර සියයකට අධික කාලයකට පෙර ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික, සංස්කෘතික පුනර්ජීවනය උදෙසා බිහි වූ ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන මැතිතුමාගේ සිහිනයක් වී තිබුණා මේ මිහින්තලා පුද බිම ආලෝකමත් කිරීම. අතීතයේ සිට මේ පින්බිම වැඳ පුදා ගන්නට ශ්‍රී ලංකාවේ දසදෙසින් ජනතාව පැමිණියේ දුෂ්කර ගමන්මඟක් ගෙවා ගෙනයි.කොතරම් දුෂ්කරද කියනවා නම් ඒ බෞද්ධ ජනතාව සිය ගේ දොර පවා නෑදෑයන්ට පවරලයි මේ ගමන ආවේ. ආපසු යන්නට පුළුවන්කමක් තිබේදැයි ඒ අයට විශ්වාසයක් තිබුණේ නැහැ. ඩී. ආර්. විජයවර්ධන මැතිතුමා කලක් තිස්සේ මේ ගැන කල්පනා කළා, සැලසුම් කළා.නමුත් අවාසනාවකට වගේ එතුමා ජාතියෙන් සමුගත් නිසා මේ පින්කමට දායකත්වය දෙන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ.එතුමාගේ පුත් රංජිත් විජයවර්ධන මහතා වර්ෂ 1963 දී මේ පිංකම ආරම්භ කළා. වසර ගණනාවකට පසු ලේක්හවුස් ආයතනය සහ මිහින්තලා රජමහා විහාරස්ථානයේ නායක හාමුදුරුවන් ඇතුළු පිරිසක් එකතු වී මිහින්තලා ආලෝක භාරය ආරම්භ කළා.1983 දි ලේක්හවුස් ආයතනය විදුලි බල මණ්ඩලයට ආරාධනා කළා මේ පින්කමට දායකත්වය ලබා දෙන්න කියලා. අදත් ලේක්හවුස් ආයතනය සහ විදුලි බල මණ්ඩලය එකතු වී ජනතාව වෙනුවෙන් මේ පින්කම සිදු කරනවා.පසුගිය වසර කිහිපය පුරා ආලෝක පූජාවෙන් එහාට ගිය මෙහෙවරක් කරන්නට ලේක්හවුස් ආයතනයට පුළුවන්කම ලැබුණා. අපට පාසල්වලට උපකාර කරන්නට වගේ පින්කම් රැසකට දායක වෙන්නට ලේක්හවුස් ආයතනයට අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාවේ අපේ ආරාධනය පිළිගත් ලංකාවේ ප්‍රමුඛතම වෙළෙඳ නාමයක් වන අබාන්ස් ආයතනය අපට බැතිබර දායකත්වය ලබා දුන්නා.ජනාධිපතිතුමා අපට පසුගිය වසරේ දැනුම් දුන්නා මේ ආලෝක පූජාවට සහභාගී වන්නට පැමිණෙන බව. ඒ නිසා අපි ඉතාම සතුටින් ජනාධිපතිතුමා පොසොන් පෝ දිනයේ සහභාගී විය යුතුම ස්ථානයක් සේ සළකා ඒ කාර්යය භාරය ඉෂ්ඨ කළා. ජනාධිපතිතුමන්ගේ අවිවේකී දිනපොතට අනුව මේ වසරේ එතුමන්ට සහභාගී වන්නට පුළුවන්කමක් නොලැබෙතැයි අප සිතුවා. නමුත් පින්වත් බෞද්ධයකු වශයෙන් එතුමා මේ අවස්ථාවට එක් වීම මේ භාග්‍යවන්ත පින්බිමට මෙන්ම අපටත් කරන ලද ගෞරවයක් ලෙස අප සළකනවා. ඒ නිසා ලබන වසරේ පමණක් නොවෙයි තවත් වසර ගණනාවක් යන තුරුර ලේක්හවුස් ආයතනය මේ පින්කමට බැතිබර දායකත්වය ලබා දෙනවා.විදුලි බල හා බලශක්ති ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, විශේෂ ව්‍යාපෘති ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී.ගනේගල, ලේකහවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්ෂ රසාංග හරිශ්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරි අභය අමරදාස ,ප්‍රධාන අලෙවි හා ශාඛා කර්යාල ප්‍රධානි සුනිල් සෙන්දනායක ,අබාන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී ධම්මික ප්‍රසන්න මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n14061313
|
රාමේෂ්වරම් මුහුදේ ගිළෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණයාධීවරයන් බේරා ගනිති
|
මහින්ද අලුත්ගෙදර
|
ඉන්දියාවේ තමිල්නාඩු හි රාමේෂ්වරම් වෙරළාසන්න මුහුද ප්‍රදේශයේ දියේ ගිළෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණයකු බේරා ගැනීමට රාමේෂ්වරම් ධීවරයින් පිරිසක් සමත්ව තිබේ.රාමේෂ්වරම් වෙරළේ සිට මිටර් 200ක් පමණ නුදුරු මුහුදු ප්‍රදේශයේ දියේ ගිළෙමින් සිටියදී මෙම ශ්‍රි ලාංකිකයා බේරා ගෙන ඇති අතර ඔහු කිලිනොච්චියේ පදිංචි 23 හැවිරිදි ජී. සින්දුජාන් (G Sindhujan) බවට හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි.දියේ ගිලෙමින් සිටියදී බේරාගත් මේ ශ්‍රී ලාංකික තරුණයා අනතුරුව තමිල්නාඩු ධිවරයින් එරට කියු පොලිසිය වෙත භාර දී ඇත.අදාළ පුද්ගලයා සරණාගත භාවය ලබා ගැනීම සඳහා මෙයට වසරකට පමණ පෙර තමිල්නාඩුවට පැමිණ ඇති බවට පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය කැර ගෙන තිබේ.මේ තරුණයා චෙන්නායි හි උතන්ඩි ප්‍රදේශයේ රැඳී සිටිය දී එහි ධිවරයින් පිරිසක් සමඟ බෝට්ටු සවාරියක ගොස් ඇති අතර එහිදී ඔහුව දූපතක රඳවා සෙසු පිරිස පැමිණ ඇත.එම ධිවරයින් නැවත නොපැමීණීම හේතුවෙන් බලාපොරොත්තු සුන් වූ අදාළ ශ්‍රී ලාංකිකයා පිහිනා ගොඩබිමට පැමිණෙමින් සිටිය දී රාමේෂ්වරම් ධිවරයින් පිරිස බේරා ගෙන තිබෙන බව වාර්තා වෙයි..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n14061314
|
දිඹුලාගල ආරණ්‍ය සේනාසන පුද බිමේසංවර්ධන කටයුතු කඩිනම් කරන්න
|
ධනුෂ්ක ගොඩකුඹුර දිඹුලාගල සිට.
|
දිඹුලාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ සංවර්ධන කටයුතු කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.පූජා භූමියේ සංවර්ධන කටයුතු සඳහා සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ යුද හමුදාව වෙත දැනුම් දුන්නේය.දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ සුව දුක් විමසන්නට පෙරේදා (11) උදෑසන ගිය ජනාධිපතිතුමාගෙන් උන්වහන්සේ කරන ලද ඉල්ලීමක් අනුව ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට මෙසේ උපදෙස් දුන්නේ ය.දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පූජා භූමියක් ලෙස ගැසට් කැර ඇති නමුත් එහි සංවර්ධන කටයුතු මේ වන තුරු ක්‍රියාත්මක නොවූ බවට උන්වහන්සේ මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළහ.ඒ කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම අවස්ථාවේදිම අදාළ නිලධාරින් කැඳවා මෙම උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව දානශාලාව, ආවාස ගෙය, චෛත්‍ය, පිරිවෙන් ගොඩනැගිල්ල, සහ බැතිමතුන්ගේ විශ්‍රාම ශාලාවේ ඉදිකිරීම් ඇතුළු පූජා භූමියේ සංවර්ධන කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා ඉන් අනතුරුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත ගොස් සේනාසනාධිපති හිමිපාණන් වහන්සේගේ සුව දුක් විමසීය.තමන්ගේ සැප දුක් විමසන්නට ජනාධිපතිතුමා පැමිණීම පිළිබඳ මෙහිදි හදපිරි සතුට පළ කැර සිටී උන්වහන්සේ පැවසූවේ අතීතයේදී රට පාලනය කළ රජවරු නිරන්තරයෙන් මහා සංඝරත්නයේ සුව දුක් විමසීමට පැමිණි බවයි. අද තමන්ට හැඟෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමන් තමන් බැලීමට පැමිණ ඇතැයි යන සිතුවිල්ල බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.මල්දෙණියේ ජීනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා උන්වහන්සේට නිදුක් නීරෝගි සුවයද ප්‍රාර්ථනා කැර සිටියේය..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=n14061315
|
පොසොන් දා වන්දනාවේ යන්නලංගමෙන් බස් රථ 4000ක්
|
නිරූෂි විමලවීර සහ මානෙල් පුෂ්ප කුමාරි
|
පොසොන් දින බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට යන බැතිමතුන්ගේ පහසුව සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය ඊයේ (12) දින නගරාන්තර සහ කෙටි ගමන් සේවා බස් රථ 4000 ක් ධාවනයට එක් කැර තිබුණි.මගී අවශ්‍යතා මත බස් රථ ප්‍රමාණය වැඩි කිරීමෙන් එක් දිනකදී රුපියල් මිලියන 55 ක වාර්තා ගත ආදායමක් ලංකා ගමනා මණ්ඩලය උපයා ගත් බව ලංගම මෙහෙයුම් අධ්‍යක්ෂ එච්.එම්. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කෙළේ ය.කොළඹ , කුරුණෑගල ආදී ප්‍රධාන නගරවල සිට නගරාන්තර බස් රථ දහසක් ධාවනයට යොදවා තිබූ බව කී ඒ මහතා ඓතිහාසික මිහින්තලා පුද බිම ඇතුළු අනුරාධපුර පුද බිම වැද පුදා ගන්නා බැති මතුන්ගේ පහසුව සඳහා තවත් බස් රථ දහසක්ද යෙදවා තිබූ බවත් එමගින් වාර්තාලත ආදායමක් ඉපැයූ බවත් සඳහන් කෙළේ ය.අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා බස් රථ 50 ක් පමණ යොදවා තිබූ බව ඒ මහතා කීය.අනුරාධපුර සිට කොළඹ බලා පැමිණෙන බැති බතුන්ගේ පහසුව සඳහා අද සහ හෙට විශේෂ දුම්රිය 6 ක් යොදවා ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරී බී.ඒ.ඩී. ආරියරත්න මහතා ප්‍රකාශ කෙළේ ය.අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 3 ක් අද (13) ක්‍රියාත්මක වන බව කී ඒ මහතා උදේ 8.00 ට උදේ 11.20 ට සහ සවස 3.00 ට ඒවා ධාවනය වන බවද සඳහන් කෙළේ ය.හෙට(14) අනුරාධපුර සිට කොළඹ බලා දුම්රිය 3 ක් ධාවනය වන බව කී හෙතෙම උදේ 8.00 ට උදේ 11.20 ට සහ සවස 5.00 ට ඒවා ධාවනය වන බව හෙතෙම කීය..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=r1406131
|
නාලන්ද ජලාශයේ අමතර ජලයවෑමැඩිල්ල සහ දේවහූවට හරවන සැලසුමක්
|
ගලේවෙල මධ්‍යම සමූහ - පී. ජී. ගුණතිලක
|
මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ජලාශයේ ප්‍රයෝජනයට ගත නොහැකිව ගබඩාවී පවතින අක්කර අඩි 2200ක ජල ධාරිතාවක් වෑමැඩිල්ල හා දේවහූව ජලාශවලට ලබා ගැනීමේ සැලසුමක් වාරිමාර්ග නිලධාරීන් විසින් සකස්කර තිබේ.නාලන්ද ජලාශයේ සිට එබවල රෙගියුලේවරය දක්වා ඇති කි.මි.1.6ක දුර පිවිසුම් ඇළ පුළුල්කර එහි ඇති ගල අඩි 8ක පමණ ගැඹුරට කඩා ඉවත්කිරීම එම සැලසුමයි.එම ඉදිකිරීම් සිදුකිරීමට රුපියල් මිලියන 250ක් පමණ වැය වෙතැයි වාරිමාර්ග නිලධාරීහු අපේක්ෂා කරති.කෙසේ වෙනත් මේ ඉදිකිරීම් සිදු කළහොත් නාලන්ද ජලාශයෙන් අතිරේක ජලප්‍රමාණයක් ගොවිතැන් සඳහා යොදවා ගත හැකි වෙතැයි නිලධාරීහු විශ්වාස කරති.දැනට නාලන්ද ජලාශයේ ගබඩා කළ හැකි ජල ධාරිතාව අක්කර අඩි 12400කි.අදාළ සැලැස්ම මහනුවර වාර්මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී. එස්. ඇලකන්ද හා වාරිමාර්ග ඉංජිනේරු එස්. ඩී. මැදිවක විසින් සනාථ කර ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඇමැතිවරයා විසින් වේලි ආරක්ෂණ හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර ඒ සඳහා වැයවෙන මුදල ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.මේ අතිරේක ජල ප්‍රමාණය ලබා ගැනීම සඳහා ගොවීහු දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බලධාරීන්ගේ ඉල්ලීම් කර තිබේ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=r1406132
|
බීමත් සැමියාට පාඩමක් උගන්වන්නඅක්කා නංගීගේ සහාය පතලා
|
ඇඹිලිපිටිය සමූහ
|
ඒ පවුලේ අක්කා හා නංගී අතුරින් අක්කා විවාහ වී ඇති අයියා නිතර මධුවිතට හුරුපුරුදු වූ අයෙකි. විනෝදකාමියෙකු ද වූ ඔහු කිසිවිටෙකත් තරහ නොගනී. ඔහුගේ බීම නැවැත්වීමටද කිසිවකුටත් නොහැක. බීමත් කමින් සිදුවන වරදවල් හා විපාක කියා දුන්නද ඔහු පිළිනොගනී.දිනක් අක්කා ඔහු සමඟ නංගිලාගේ ගෙදර ගිය අවස්ථාවක අක්කා හා නංගී එකතුව සැලසුමක් ක්‍රියාත්මක කළාය. මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමේදී අක්කා හා නංගී නිවුන් සොහොයුරියන් වීමද පහසුවක් විය. නැගණිය අවිවාහක වුවද සැලසුම ක්‍රියාත්මක කිරීමට පසුබෑවේ නැත.එදින රාත්‍රී ඔහු බීමත්ව පැමිණ නන් දොඩවමින් සිටියේය. වේලාව රාත්‍රී 11.00ද පසුවී ඇත. කතිකාකර ගත් පරිදි අක්කා හා අයියාට සූදානම් කළ කාමරයට පළමුව නංගී ඇතුල්වී හිස සිට පොරවාගෙන නිදා ගන්නා ස්වරූපයෙන් සිටියාය. අක්කා පමණක් වෙනත් කාමරයකට ගියාය. එසේ යන ගමන් නිදා ගන්න එන්නේ නැත්දැයි ඇසීමටද ඇය අමතක කළේ නැත.ඒ අනුව, අයියාද සිද්ධිය නොදැන, නංගී සිටි කාමරයට ඇතුල්වී යහන් ගත විය. කරුණු කාරනා කිසිවක් නොදැන, නිදාසිටින්නේ තමන්ගේ බිරිය යයි සිතා සිටින අයියාගෙන් තමන්ට අතවරයක් වේදෝයි ඇයට සිතුනද නිශ්ශබ්දව සිටියාය. ටික වේලාවකින් ඔහු ඇගේ ඇඟ පත ස්පර්ශ කරන්නට විය. එයද, ඇය ඉවසා සිටියාය. දෙවනුව, පොරෝණය ඉවත් කිරීමට ඔහු සැරසෙත්ම එකනෙහිම අයියේ! මම අක්කා නොවෙයි.. නංගී යයි පවසමින් කාමරයෙන් පැන අක්කාගේ කාමරයට දිව ගියේ... අන්න අයියා.. මොකටදෝ අක්කාට... කථා කරනවායයිද පවසමිනි.නංගීගේ සැලසුමෙන් පාඩමක් ඉගෙනගත් අයියාට මත් පැන් පානයද එපා වී ඇත..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=r1406133
|
දුම්වැටි අලෙවිය නවත්වන්න පා ගමනක්.....
|
අයි.එම්.වී.සී.ගුණසේකර.ඇල්පිටිය සමුහ
|
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ මෙහෙය වීමෙන් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ,ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ,හා ඇල්පිටිය පොලිසියේ සහය ඇතිව ඇල්පිටිය නගරයේ දුම්වැටි අලෙවිය නතර කරන ලෙස වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටීමේ වැඩසටහනක් ඇල්පිටිය නගරයේදී ක්‍රියාත්මක විය.එම වැඩසටහනට ඇල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නාවලපිටියේ ඥාණනන්ද හිමියෝ ද, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කැලුම් විජේනායක, ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති අමිල කාරියවසම්, සමෘද්ධි මහා සංගමයේ කළමනාකර අධ්‍යක්ෂක දීපිකා වීරතුංග,සමාජ සංවර්ධන නිලධාරී රුවන් ත්‍රිමා විතාන , බෞද්ධ කටයුතු සමායෝජක චන්ද්‍ර කාන්ති විතානාච්චි යන මහත්ම මහත්මීහු හා දහම්පාසල් දරුවෝද සහභාගී වුහ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=r1406134
|
නිකවැරටිය පොළඅලුත්වෙන හැඩ
|
එල්. පී. තිලකරත්න - පොල්ගහවෙල සමූහ
|
රුපියල් ලක්ෂ 1300ක වියදමින් නිකවැරටිය පොළ සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත. මෙමඟින් ව්‍යාපාරිකයන් 1200කට පමණ සෙත සැලසේ.නිකවැරටිය නගර මධ්‍යයේ පිහිටි නිකවැරටිය සතිපොළ පියවර කිහිපයකින් අලුත්වැඩියා නොකිරීමෙන් ව්‍යාපාරික ප්‍රජාව සහ පොළ වෙත පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියහ.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මඟ පෙන්වීම යටතේ නිකවැරටිය ප්‍රමුඛ සංවර්ධන ක්‍රියාවලියක් ලෙස පොළ සංවර්ධන කටයුත්ත ක්‍රියාත්මක වේ.නිකවැරටිය ආශ්‍රිත ගම්මාන විසි ගණනක ජනතාව බඩු මිලදී ගැනීමටත්, විකිණීමටත්, නිකවැරටිය පොළට පැමිණේ. මෙසේ පොළ සංවර්ධනය කිරීම පිළිබඳ පාරිභෝගික හා ව්‍යාපාරික ප්‍රජාව ජනපතිතුමාටත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාටත් සිය කෘතවේදීත්වය පළ කර සිටිති..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=r1406135
|
ගල්ගමුව වැව් රැසක් යටතේ කුඹුරු ගොවිතැන සාර්ථකව
|
සකුන්තලා ජයසිංහ
|
උස්ගල සියඹලන්ගමුව, අබකොළවැව, අතරගල්ල, පාලුකඩවල,මහගල්කඩවල,නාන්නේරිය යන මහ වැව් යටතේ මෙවර වී වගාව සාර්ථකව සිදු කර ඇති බැව් ගල්ගමුව වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන උස්ගල සියඹලන්ගමුව ජලාශය යටතේ කුඹුරු අක්කර දෙදහස් හාරසියයක වී වගා කර ඇති අතර පාලු කඩවල වැව යටතේ කුඹුරු අක්කර එක් දහස් එකසියයක් ,අබකොළවැව ජලාශය යටතේ අක්කර අටසිය හතළිහක් ද අස්වද්දා තිබේ.ගල්ගමුව කලාපයේ වැව් බොහොමයක් ඉකුත් සමයේ වර්ෂාවෙන් වාන් දැමුව ද යල කන්නයේ දේශගුණික රටාව ට ගැළපෙන පරිදි බෙත්ම ක්‍රමය ට වගාකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවි සංවිධාන එකඟ වීමෙන් අතරගල්ල වැව යටතේ අක්කර හයසිය අසුවක්, නාන්නේරිය සහ මහගල්කඩවල යටතේ අක්කර අටසිය විස්සක් මෙවර වගා කර ඇත.වී වගාවට අමතරව උස්ගල සියඹලන්ගමුව ජලාශය යටතේ කෘෂීකර්ම අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපාතියක් ලෙස අක්කර විස්සක බී ලුනු සහ අක්කර සියයක මුං ද වගා කර තිබේ.ගල්ගමුව කලාපයේ වගා කටයුතු වලදී ක්‍රමවත් ජල කලමනාකරණයක් සිදු වන බැවින් මෙවර යල කන්නයේ සාර්ථක අස්වැන්නක් අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන්ගේ මඟපෙන්වීම සහ ගොවි සංවිධානවල එකඟත්වය ඊට මනා පිටුවහලක් වී ඇති බැව් ගල්ගමුව වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේය ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=s1406131
|
මයිලෝ පාසල් නෙට්බෝල් අවසන් අදියර 21දා සිට
|
ප්‍රින්ස් ගුණසේකර
|
මයිලෝ කුසලාන පාසල් නෙට්බෝල් තරගාවලියේ අවසන් අදියර මේ මස 21වැනිදා සිට 23වැනිදා දක්වා බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.රටපුරා මධ්‍යස්ථාන 15කින් සුදුසුකම් ලැබූ කණ්ඩායම් 360ක පාසල් ක්‍රීඩිකාවන් 4000කට අධික ප්‍රමාණයක් මේ අවසන් තරග වටයට එක්වෙති. වයස 13න්, 14න්, 16න් හා 18න් පහළ වයස් කාණ්ඩ යටතේ මූලික වටයේ තරගවලට කණ්ඩායම් 1150ක් එක්වූ අතර තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගත්තේය.අවසන් වටයේ තරග පැවැත්වෙන පළමු දිනයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා එක්වන අතර අවසන් දින ජය සංකේත ප්‍රදානය තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව පාසල් නෙට්බෝල් සංගමයේ සභාපති කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනි සඳමාලී අවිරුප්පොල මහත්මිය සඳහන් කළාය. වසර 23ක් අඛණ්ඩ අනුග්‍රහය සැපයූ නෙස්ලේ ලංකා ආයතනය පාසල් ක්‍රීඩාව දියුණු කිරීමට ලබාදෙන සහයෝගය අගය කරන බව ද අවිරුප්පොල මහත්මිය පැවසුවාය.මයිලෝ පාසල් නෙට්බෝල් තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ සී.ආර්.ක්‍රීඩාගාරයේ පැවැති අතර එහිදී මයිලෝ නෙට්බෝල් ශූරතා කුසලානය පාසල් නෙට්බෝල් සංගමය වෙත භාරදීමක් ද සිදුවිය.මෙම තරගාවලියේ පසුගිය වසරේ 14න් පහළ හා 16න් පහළ ශූරතා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දිනාගත් අතර 18න් පහළ ශුරතාව කලුතර බාලිකා විදුහලට හිමිවිය.'බී' කාණ්ඩයේ 14න් පහළ ශූරතාව කෑරගල සංඝරාජ, 16න් පහළ ශූරතාව වාරියපොල මහකෙළිය හා 18න් පහළ ශූරතාව කුරුණෑගල මහා විදුහල් දිනා ගත්හ.අවසන් තරග ආරම්භ කිරීමට පෙරදින (20දා) තරගාවලිය විනිශ්වය කරන සියලු දෙනාට නෙට්බෝල් නීති -රීති පිළිබඳ දැනුම යාවත්කාලීන කිරීමේ විශේෂ වැඩමුළුවක් ද පැවැත්වේ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=s1406132
|
පාපන්දු ලොක්කාට යුරෝපයෙන් විරෝධයක්
| null |
ලෝක පාපන්දු සම්මේලයේ සභාපතිධුරය දරන සෙප් බ්ලැටර් එම තනතුරෙන් ඉවත්විය යුතු බවට යුරෝපා පාපන්දු බළධාරීහූ කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධව තමා දැඩි කෝපයට පත්වූ බව පසුගියදා බ්‍රසීලයේ පැවැති ලෝක පාපන්දු සම්මේලන කමිටු රැස්වීමේ දී බ්ලැටර් කියා සිටියේය.ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තම ඉලක්ක හා අරමුණු තවම නිමාවට පත්නොවූ බව කී බ්ලැටර් ඒ සඳහා තවත් කාලයක් අවශ්‍ය බව පැහැදිලි කළේය. ඒ අනුව ඔහු 5වැනි වරටත් ලෝක පාපන්දු සම්මේලන සභාපතිධුරය බලාපොරොත්තු වන බවට ඉඟියක් පළ කොට තිබේ. 78හැවිරිදි ස්විස් ජාතික බ්ලැටර්ගේ සිවුවැනි නිල කාලය ලබන වසරේ නිමාවට පත්වීමට නියමිතය.මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාව ආජෙන්ටිනාවේ ලයනල් මෙසී හා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අතර ද්වන්ධ සටනක් බවට පත්වනු ඇතැයි ජගත් පාපන්දු විචාරකයෝ අනාවැකි පළ කරති. චැම්පියන් ලීග් කුසලාන පාපන්දු තරගමාලාවේ එක හා සමානව ගෝල රැස් කළ ද මෙසී හා රොනල්ඩෝ පසුගිය ලෝක පාපන්දු තරගමාලාවට එක්වූවත් කුසලානය තම රටට දිනා දීමට අසමත්වූහ. ඒ අනුව මෙවර තරගමාලාවේ දී ආජෙන්ටිනාව මෙසී කෙරෙහි ද, පෘතුගාලය රොනල්ඩෝ කෙරෙහි ද ඉමහත් බලාපොරොත්තු රඳවාගෙන සිටිති. අඩි 6කුත් අඟලක් උසැති 29 හැවිරිදි රොනල්ඩෝ හා අඩි 5කුත්, අඟල් 7ක් උසැති 26හැවිරිදි ලයනල් මෙසී කරට කර සටනක නිරතවෙමින් සිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉටු කරනු ඇතැයි දෙරටෙහිම ක්‍රීඩාලෝලීහූ බලා සිටිති.පාපන්දු ලෝක කුසලාන තරගමාලාවේ සත්කාරක ක්‍රීඩාංගණයක් පිහිටා තිබෙන බ්‍රසීලයේ නතාල් නුවර බස් රියැදුරන් සමාරම්භක උත්සවය පැවැති ඊයේ දිනයේ වර්ජනයක නිරතවීමට සූදානමින් සිටියහ. ඒ තම වැටුප 16% කින් ඉහළ නංවන ලෙස කළ ඉල්ලීමට මෙතෙක් එරට රජය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනි. බ්‍රසීලයේ උතුරු පළාතේ ප්‍රවාහන සේවයට අයත් මේ බස්රථ රියැදුරන්ගේ වර්ජනයෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවනු ඇතැයි පැවැසේ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=s1406133
|
කොදෙව් පිල පරදි
| null |
නවසීලන්ත ටෙස්ට් පිලට පළමුවරට එක්වූ පිටදඟ පන්දු යවන 27හැවිරිදි මාක් ක්‍රෙග් සුපිරි පන්දු යැවීමක නිරතවෙමින් බටහිර ඉන්දියා කොදෙව් පිල සමග පෙරේදා ජැමෙයිකාවේ සබීනා පාක් හී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 186ක විශිෂ්ට ජයක් සිය කණ්ඩායමට ලබාදුන්නේය. කොදෙව් පළමු ඉනිමේ හා දෙවැනි ඉනිමේ දී කඩුලු 4 බැගින් දවාගත් මාක් ක්‍රෙග් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.නවසීලන්තය පළමු ඉනිම – 508/ 7 කේන් විලියම්ස් 113, ජිමී නීෂම් 107, බී.ජේ.වෝල්ටිං 89, ටොම් ලැතැම් 83, රොස් ටේලර් 55 (සුලෙයිමාන් බෙන් 142/3, ශේන් ශිලිංෆෝඩ් 145/3) සහ දෙවැනි ඉනිම – 156 /8 ටොම් ලැතැම් 73 (ජෙරොම් ටේලර් 28/3)කොදෙව් පිල පළමු ඉනිම – 262 ශිවනරීන් චන්දර්පොල් නොදැවී 84, දිනේෂ් රාම්ඩීන් 39 (ටිම් සවුති 19/4, මාක් ක්‍රෙග් 91/4) සහ දෙවැනි ඉනිම 216 (සියලුදෙනා දැවී) ශේන් ශිලිංෆෝඩ් නොදැවී 53, දිනේෂ් රාම්ඩීන් 34 (මාක් ක්‍රෙග් 97/4, ඉෂ් සෝදි 42/3).
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=s1406134
|
ජනශක්ති අනුග්‍රහය ලබන ක්‍රීඩකයෝයොවුන් ඔලිම්පික් වරම් දිනති
|
ප්‍රින්ස් ගුණසේකර
|
ජනශක්ති ග්‍රාමීය මලල ක්‍රීඩක අනුග්‍රාහකත්ව වැඩ සටහන යටතේ ඉදිරියට යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලබන අගෝස්තු මස චීනයේ නැංජින් හී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව උදාකර ගනිමින් සිටිති.ජනශක්ති අනුග්‍රාහකත්වය ලබන අකිල රවිසංඛ මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වට දැනටමත් සුදුසුකම් ලබා සිටී. ඔහු පසුගිය ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිකර දෙමින් තත්පර 13.36කින් එම ඉසව්ව නිමා කොට වැඩි අවධානයක් හිමිකර ගත්තේය. රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ 12වැනි වසරේ ඉගෙනුම ලබන අකිලගේ පියා පොළේ වෙළඳාම් කරමින් ආර්ථික අපහසුතා මැද ක්‍රීඩා දිවියට අත්වැල සපයයි. එහෙයින් ජනශක්ති ආයතනයේ අනුග්‍රහය අකිල රවිසංඛගේ ක්‍රීඩා දිවියට මහත් පිටුබලයක්ව තිබේ.එමෙන්ම අහංගම කතලුව ජාතික පාසලේ නිර්මාලී මධුෂිකා ද ජනශක්ති අනුග්‍රහය ලබන්නීය. ඇය ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම හා දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කම දිනා ගත්තාය.කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලෙන් බිහිවූ මීටර් 200 ශූරිය රුමේෂිකා රත්නායක, රත්නපුරයෙන් බිහිවූ මීටර් 400 ශූර සමිත ලක්මාල්, මීටර් 110 කඩුලු මතින් දිවීමේ යොවුන් ක්‍රීඩක රත්නපුර වේල්ස් කුමර විදුහලේ මලිත් උදය කුමාර, හලාවතින් පෙරට එන කවපෙත්ත වීසිකිරීමේ ක්‍රීඩක අශාන් ජයවර්ධන , කහවත්ත ප්‍රදේශයෙන් බිහිවූ මීටර් 110 හා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී හර්ෂනී වත්සලා, ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් පැමිණි මීටර් 5000 හා මීටර් 10000 ඉසව් නියෝජනය කරන ප්‍රසාද් මධුරංග ජනශක්ති අනුග්‍රාහකත්වයට හිමිකම් කියති.මෙවර ජනශක්ති අනුග්‍රාහකත්වය යටතේ රටපුරා පාසල් 12ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12ක් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා සිටිති. මෙයින් 6ක් සමාගමේ සේවක කාණ්ඩයට ඇතුලත්වන අතර මසක දීමනාවක්, ජාත්‍යන්තර තරගවලට සහභාගීවීමේ දී මූල්‍ය අනුග්‍රහ පිරිනැමේ. එයට අමතරව තරගාවලියෙන් තරගාවලියට පෙන්නුම් කරන ප්‍රගතිය පදනම් කොට ඇගැයීම් සිදුකෙරේ. මෙම අනුග්‍රාහකත්වයේ විශේෂත්වය වන්නේ තාක්ෂණික පුහුණු සහයෝගිතාව හා මානසික ශක්තිය වැඩිකිරීමේ වැඩසටහන් ද ඇතුලත්වීමය.ජනශක්ති ආයතනයේ උප සභාපති චන්ද්‍ර සාෆ්ටර්, කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රකාශ් සාෆ්ටර් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම අනුග්‍රාහකත්ව වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=s1406135
|
අන්තර් සමාජ සත් සාමාජික රගර් තරගාවලිය හෙට ඇරැඹේ
|
ෆවුස් මොහොමඩ්
|
දේශීය සත් සාමාජික රගර් තරගබිමේ ප්‍රධානතම තරගාවලියක් වන අන්තර් සමාජ රගර් තරගාවලිය හෙට (14) සහ අනිද්දා (15) පෙරවරු 9.00 සිට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා රගර් සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ තරගාවලියේ මෙවර විශේෂත්වය වන්නේ පසුගිය වසරේ ශුරතාව දිනූ අප්කන්ට්‍රි ලයන්ස් පිල මෙවර තරගාවලියට එක් නොවීමය.අප්කන්ට්‍රි ලයන්ස් රගර් කණ්ඩායම මේ වනවිට නවත්වා දමා ඇති අතර එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වෙනත් කණ්ඩායම්වලට එක්වී සිටිති.පසුගිය වසරේ කුසලාන වටයේ අවසන් මහා තරගයේදී ලකුණු 14-12කින් හැව්ලොක්ස් කණ්ඩායම පරදවා ශූරතාව දිනා ගැනීමට අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම සමත්විය.මෙවර අන්තර් සමාජ සත් සාමාජික රගර් තරගාවලියට ගුවන් හමුදාවෙන් හා යුද හමුදාවෙන් කණ්ඩායම් තුන බැගින් ද, මහනුවර ක්‍රීඩා සමාජය, නාවික හමුදාව හා සී.ආර් ක්‍රීඩා සමාජයෙන් කණ්ඩායම් 2බැගින් ද ඇතුලත් වෙති. හැව්ලොක්ස්, පොලිසිය, සී.එච්.කණ්ඩායම, හම්බන්තොට ෂාක්ස් සහ පීටර්සන් ක්‍රීඩා සමාජය සෙසු කණ්ඩායම් වෙති. එක් කාණ්ඩයකට කණ්ඩායම් 4බැගින් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වෙන අතර කුසලාන, පළඟ, බඳුන හා පළිහ ශූරතා සඳහා කණ්ඩායම් තරග වදිති..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=s1406136
|
නැඟෙනහිර බාලිකා ක්‍රිකට් ශූරතාව රජඇලට
|
කන්තලේ සමූහ
|
ත්‍රිකුණාමලයේ රජඇල විද්‍යාලයීය බාලිකාවෝ නැගෙනහිර පළාත් අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ හා කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ ශූරතාව දිනූ රජඇල විද්‍යාලයීය පිල පසුගිය වසරේ සමස්ත ලංකා බාලිකා ක්‍රිකට් තරගාවලියේ දී කොළඹ ප්‍රධාන බාලිකා කණ්ඩායම් රැසක් පරාජය කරමින් ශූරතාව දිනාගත් කණ්ඩායම වේ.නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකළපුව දිස්ත්‍රික් නියෝජනය කරමින් සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් 16ක බාලිකා කණ්ඩායම් මේ තරගාවලියට සහභාගි විය.මෙවර තරගාවලියේ අනුශූරතාව හිමිවූයේ ත්‍රිකුණාමලය මොල්ලිපතාන සිංහල මහා විද්‍යාලයීය කණ්ඩායමටය. කන්තලේ අල්හිරා මුස්ලිම් බාලිකා විදුහලට තුන්වැනි ස්ථානය හිමිවිය. අවසන් තරගය අග්‍රබෝධි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=s1406137
|
එංගලන්තය කඩුලු 5කට ලකුණු 344යි
| null |
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ඊයේ ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන එංගලන්තය දිනය නිමාවනවිට කඩුලු 5ක් දැවී ලකුණු 344ක් රැස්කරගෙන සිටියේය.ජෝ රූට් ලකුණු 102ක් හා මැට් ප්‍රයර් ලකුණු 76ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. දෙදෙනා එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 135ක නොබිදුණු සබඳතාවක් ගොඩනැගූහ. තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ රූට් පන්දු 190කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් ක්ද, ප්‍රයර් පන්දු 103කදී හතරේ පහර 9ක් එල්ල කර තිබිණි.ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළේය.ශ්‍රී ලංකා පිල පන්දු රැකීමට ගත් තීරණය සාර්ථක කරමින් නුවන් ප්‍රදීප් යැවු ඉනිමේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවෙන් එංගලන්තයේ පළමු කඩුල්ල බිඳ වැටිණි.මුළු ලකුණු 14දී තම මංගල ටෙස්ට් තරගයට එක්වු සෑම් රොබ්සන්ගේ ඉනිම එක් ලකුණකට සීමා වු අතර ලකුණු 22ක් වෙද්දී නායක ඇලිස්ටෙයාර් කුක් (17) ද ක්‍රීඩාගාරයට හරවා යැවීමට නුවන් කුලසේකර සමත්විය.ගැරී බැලැන්ස් (23) සමග තෙවැනි කඩුල්ලට එක්වු ඉයන් බෙල් මුළු ලකුණු සංඛ්‍යාව 74 දක්වා ඉදිරියට ගෙන ගියේය. එම සබඳතාව ද ලකුණු 52කට සීමා කිරීමට නුවන් ප්‍රදීප් හා ප්‍රසන්න ජයවර්ධන යුගලය සමත්වුහ.දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට එංගලන්තය කඩුලු 3කට ලකුණු 98ක් රැස් කරගෙන සිටියේය. දිවා විවේකයෙන් අනතුරුව ක්‍රියාත්මක කළ ඉනිමේ 29 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් ඉයන් බෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු බවට ශමින්ද එරංග ඉල්ලා සිටියේය. පිටියේ විනිසුරු එය ප්‍රතික්ෂේප කරද්දී නායක මැතිව්ස් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය වෙත එය යොමු කිරීමෙන් අනතුරුව දැවී යෑමක් බවට තීරණය විය.බෙල් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් හා හයේ පහරක් සමගින් ලකුණු 56ක් රැස්කර ගත්තේය. පළමු ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය අහිමිකරගත් මොයීන් අලී ලකුණු 48කට දැවී ගියේ පස්වැනි කඩුල්ලට ගොඩනැගූ 89ක සබඳතාවටද තිත තබමිණි. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවාගත් අතර නුවන් කුලසේකර, ශමින්ද එරංග හා රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවාගත්හ.අද තරගයේ දෙවැනි දිනයයි..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=f1406131
|
තර්ස්ටන් විද්‍යාලයේදී ගුරු ගෝල හමුවක්
|
අන්දොස් හොයන්නේ නිරුෂි විමලවීර
|
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අභිනව පරිගණක විද්‍යාගාරය සහ තෙමහල් ගොඩනැගිල්ල පසුගිය සඳුදා විවෘත කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින්ය. ජනාධිපතිතුමා තෙමහල් ගොඩනැගිල්ලේ සමරු ඵලකය නිරාවරණය කළේ සිසු දරුවන්ගේ අත්පොළසන් මධ්‍යයේය. එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, තර්ස්ටන් විදුහලේ විදුහල්පති කර්නල් දයා බණ්ඩාර, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති රේ ෆජයෑන්, මහාචාර්ය සුදත් ලියනගේ මහත්වරු එක් වූහ.චීන මහජන සමූහාණ්ඩුවෙන් පරිත්‍යාග කෙරුණු පරිගණක 100ක් ජනාධිපතිවරයා තමා සිප් සතර හැදෑරූ තර්ස්ටන් විද්‍යාලයට පරිත්‍යාග කළේ කෘතගුණ සැලකීමක් වශයෙනි. තෙමහල් ගොඩනැගිල්ලේ පියගැට පෙළ නැඟි ජනාධිපතිතුමා “අපි ඉස්සර මේ භුමියේ නොගිය තැනක් නැහැයි” සිනාසෙමින් කීය. දරුවන් නිහඬව අධ්‍යාපන කටයුතු කරන අයුරු පන්ති කාමරවලට යමින් නැරඹූ එතුමා දරුවන් සමඟ කතා බස් කිරීමට ද අමතක නොකළේය. පසුව ප්‍රධාන ශාලාවේ පැවැති උත්සවයට එක් වූ ජනාධිපතිවරයා වේදිකාවේ සිට සුපුරුදු රුවක් දෙස දෑස නොහෙළා බලා සිටියේය. පසුව උත්සවය නිමාවෙත්ම එතුමා එම සුපුරුදු රුව අසලට ළඟා වූයේ සිහින් සිනාවක් මුවේ රඳවාගෙනය. “දළුවත්ත මිස් මිස්ගෙ කිසිම වෙනසක් නෑ එදා වගේමයි.” ජනාධිපතිතුමා කීවේය. අදහාගත නොහැකි හමුවීමෙන් තැති ගත් ඈ “මම දැන් නාකියි බොරු කියන්න එපා සර්” යැයි කීවේ දෙනෙතේ සතුටු කඳුළු පුරවාගෙනය.“අපි වගේ ගෝලයො ඉන්න කොට මිස්ලා කවදාවත් වයසට යන්නේ නැහැ. මිස් ඉස්සරටත් වඩා ලස්සන යැ”යි ජනාධිපතිතුමා කීවේ ගුරු මෑණියන්ගේ මුහුණ දෙස බලාගෙනමය.පසුව ප්‍රධාන ශාලාවෙන් පිටතට පැමිණි ජනාධිපතිතුමා තර්ස්ටන් ක්‍රීඩා පිටිය අද්දර පිහිටි කුඩා ගොඩනැගිල්ල පෙන්වමින් අර මොකක්දැයි ඇසීය. පසෙක සිටි තර්ස්ටන් නියෝජ්‍ය විදුහල්පති ලක්ෂ්මන් ගුණතිලක මහතා සර් ඒ අපේ පාසලේ ප්‍රාථමික අංශය යැයි කීය. ප්‍රාථමික අංශය... එතැනට ප්‍රාථමික අංශය ගැළපෙන්නේ නෑ. ප්‍රාථමික අංශය එතැනින් ගලවලා ඒ ගොඩනැගිල්ල වෙන දෙයකට යොදා ගන්න. ජනාධිපතිතුමා පැහැදිලි කළේය. හොඳමයි සර්. නියෝජ්‍ය විදුහල්පති කීවේය. සර් අපි මේකේ ප්‍රාථමික අංශය අයින් කරලා මේක ද්විතියික පාසලක් (ප්‍රාථමික අංශය නැති) කරමු දැයි අසල සිටි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ඉතා උනන්දුවෙන් ඇසීය.ඒ කතාවෙන් ජනාධිපතිතුමාට සිහින් සිනහවක් පහළ විය.ඩෙංගු මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය පසුගිය සඳුදා අරලිය ගහ මන්දිරයේ දී රැස්වූවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැති මහින්ද අමරවීර, උතුරු මැද මහ ඇමැති එස්. එම්. රංජිත්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ඇතුළු නගරාධිපතිවරු අමාත්‍යංශ ලේකම්වරු හා ආරක්ෂක අංශ ඊට එක් වූහ. සාකච්ඡාව නිමවා තේ පැන් සංග්‍රහයට පිරිසට ආරාධනා කළ ජනාධිපතිවරයා කොළඹ නගරය මූලිකව යුද හමුදාව, පොලිසිය, අමාත්‍යාංශ ඒකරාශි වී මෙහෙයුම් දියත් කළ යුතුයි. පුවත්පත්වලට මාධ්‍යයට ප්‍රවෘත්ති සඳහා නොවෙයි රටේ ජනතාව ඩෙංගු උවදුරින් ආරක්ෂා කිරීම සඳහා එය කළ යුතුයි. පාකිස්ථානය අපේ රටේ තාක්ෂණය අරන් ඩෙංගු පාකිස්ථානයෙන් තුරන් කළා. අපිට අපේ තාක්ෂණය තිබියදිත් ඩෙංගු මර්දනය කර ගන්න බැරි වුණා. මේකට ප්‍රධානම හේතුව නිලධාරීන්ගේ කඹ ඇදිල්ලයි. ඒක නොවන්න අපිට ඩෙංගු මට්ටු කිරීම ගැටලුවක් නොවෙයි කීවේය. පිරිස හිස සොළවමින් එය අනුමත කළහ.ගිලන්ව පසුවන දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර හිමියන්ගේ සුවදුක් විමසා බලන්නැයි ජනාධිපතිවරයා උතුරු මැද මහ ඇමැති එස්. එම්. රංජිත් මහතාට උපදෙස් දුන්නේය. ඒ අනුව හෙතෙම දිඹුලාගල ජිනාලංකාර හිමියන් බැහැ දැකීමට උන්වහන්සේ වැඩ සිටින ආරණ්‍ය සේනාසනය බලා නික්ම ගියේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවය. මහ ඇමැතිවරයා දුටු නායක හිමියෝ රෝහණ දේශය සියතට ගෙන සිටි කොටි ත්‍රස්තවාදීන්ගෙන් එය බේරා දුන්නේය. රුහුණේ පුතෙක්. ඒ අන් කිසිවෙකු නොව සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා බව පැවසූවේ දීප්තිමත් දෑසින් යුතුවය. නායක හාමුදුරුවනේ මම අද පැමිණියෙත් ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව. එතුමා බදාදා ඔබ වහන්සේ බැහැ දැකීමට එනවා යැයි මහ ඇමැතිවරයා කීය. නායක හිමියෝ රෝගී බව පසෙකලා “අපේ ජනාධිපතිතුමාගේ ඇති කරුණා මහිමය කිසිවකුටවත් සම කරන්න බැහැ” යැයි කීවේ සතුටිනි.කුරුණෑගල දිස්ත්‍රික් කමිටු රැස්වීම, සම සභාපතිවරුන් වන ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සහ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය සඳුදා රැස් විය. පළාත් පරිසර කණ්ඩායම සිටිය දී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පළාතේ විමර්ශන සිදු කරන බවට මෙහිදී සාකච්ඡාවට ගැනුණි. මම ඒ ගැන සුසිල් ඇමැතිතුමා එක්කත් කථා කළා. මේ වැඩවල ප්‍රශ්නයක් තියෙනවා කියමින් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වද්දී පරිසර අධිකාරියේ නිලධාරියෙක් මහ ඇමැතිවරයාගේ කථාව ජංගම දුරකථනයෙන් පටිගත කරනු මහ ඇමැතිවරයා නෙත ගැටිණි. එම පරිසර නිලධාරියා ඉදිරියට කැඳවූ මහ ඇමැතිවරයා සවුත්තු වැඩ කරන්න එපා. ඔයා කාට දෙන්න ද ඕක රෙකෝඩ් කළේ. ඕක මේ දැන්ම ඩිලීට් කරන්න යැයි දැඩි ස්වරයෙන් කීය.රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශේෂ ප්‍රණාම සම්මාන දෙකෙන් එකකට හිමිකම් කීවේ ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මිය යි. ඇය තමාට හිමි සම්මානය ලබා ගැනීමට සිනාමුසු මුහුණින් පැමිණියා ය. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, මහ ඇමැති දයාසිරි ජයසේකර හා මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් වේදිකාවේ සිටියහ.“අක්කෙ ඔයාගෙ කටහඬ පොඩි කාලේ ඇහුවා වගේමයි, අද වෙනකම් වෙනසක් වෙලා නැහැ. එදා ඔයා නිවුස් කියන විදිය අවුරුදු 15-20ක් ගෙවී ගියත් අපේ හිත්වල තියෙනවා යැයි වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසද්දී වනිගසේකර මහත්මියගේ දෙනෙතට සතුටු කඳුළු නැඟිණි.කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දස දෙනකු ඉදිරි සතියේ ඔස්ට්‍රේලියානු සංචාරයකට එක්වීමට නියමිතය. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මහත්මිය ඔවුන් වෙනුවෙන් පසුගිය අඟහරුවාදා රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කළාය. රාත්‍රී භෝජනයෙන් පසු පිරිස සුහද කථාබහකට එක්වූහ.ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කටයුතු කෙසේදැයි ඇය එහි සභාපති කබීර් හෂීම් මහතාගෙන් ප්‍රශ්න කළාය. ඉතා හොඳින් සංවිධාන කටයුතු සිදුකරනවා. එජාපය ඉදිරි මැතිවරණය ජයගන්නා බව කබීර් හෂීම් ඊට පිළිතුරු දුන්නේය.මේගොල්ල හැම මැතිවරණයකදීම කියන්නේ අපි දිනනවා කියලයි. නමුත් මැතිවරණ ප්‍රතිඵලවලදී මෙයාල හැමදාම පරාදයි දිනන්නේ අපි යැයි ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීතුමිය ඇතුළු පිරිස සිනා සාගරයක ගිල්වමින්ය.කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ දී පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දෙදිනදි පැවැති “තරුණෝදය” ප්‍රදර්ශනය විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුරතින් ය. උත්සව භූමිය ජනතාවගෙන් අතුරු සිදුව නැතුව පිරී ගොස් තිබීම දුටු රාජපක්‍ෂ මහතා සිනා සෙමින් ඔවුනට දෑත් එසවීය. දහස් සංඛ්‍යාත තරුණ තරුණියෝ ජයවේවා කියමින් ප්‍රීති ඝෝෂා කළහ. නාමල් රාජපක්‍ෂ මහතා සිය ආරාධිත දේශනය ආරම්භ කළේ තරුණ පාසල් දරුවන්ගෙන් ‘ඔයාල කනක හේරත් මන්ත්‍රීතුමා අමතන්නේ කනක අයියා කියාද එසේ නැත්නම් කනක මාමා කියා ද? යනුවෙන් ප්‍රශ්න කරමින්ය. එයින් මුළු සභාවම එකම හිනා හඬක් බවට පත් විය. ඔයාල කනක මන්ත්‍රීතුමාව කොහොම අමතන ව ද මම දන් නෑ, ඒත් හැමදාම වගේ අදත් කනක අයියේ කියා මම ආමන්ත්‍රණය කරමින් මේ රැස්වීම අමතනවා යැයි සිනා හඬ මැකී යන්නත් පෙරාතුව රාජපක්‍ෂ මන්ත්‍රිවරයා කීය.හැම මාපියෙක් ම කැමති තමන්ගේ දරුවො දොස්තරලා ඉංජිනේරුවො නීතිඥයො වෙනවා දකින්න යි. මගේ මාපියන්ටත් මා ගැන තිබෙන්න ඇත්තෙ ඒ වගේ සිහිනයක්. මම නීතිඥයෙක් වෙලා ඔවුන්ගේ එක් සිහිනයක් සැබෑ කළා. දෙවැනි මල්ලි නාවික හමුදාවට බැඳුණා, පොඩි මල්ලි ඔන්න හඳට යන්න හදනවා. බොහෝ දේශපාලනඥයන්ට තරුණ පරපුර මතක් වෙන්නේ මැතිවරණ ළං වෙන කොටයි. තරුණයන් ආවේගශීලියි. රාජපක්‍ෂ මහතා චතුර ලෙස අදහස් දැක්වීය. ප්‍රදර්ශන භූමියේ ඇවිද ගිය නාමල් රාජපක්‍ෂ මහතා සමඟ ඡායාරූප ගැනීමට ඇතැමෙක් පොර කෑහ, කනක හේරත් මහතා ඡායාරූප ශිල්පියාගේ කාර්ය ද ඉටු කළේ ය. අපි කොතෙකුත් තරුණ නායකයො දැකලා තියෙනවා, ඒ අය තම නායකත්වය ප්‍රදේශයකට පළාතකට සීමා කරගෙන. නමුත් නාමල් රාජපක්‍ෂගේ සේවය පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ජාති ආගම් කුල භේදයෙන් තොරව රටම වැලඳ ගත්තා. හෙට මේ රට ඉල්ලා සිටින්නේ ඔබ වැනි නායකයෙක් යැයි කනක හේරත් නාමල් රාජපක්ෂ මහතාගේ උරහිසට අත තබමින් කීවේය.ඔබේ පියාගේ වෑයම මුළු රටේම දේ්ශපාලඥයන්ට ආදර්ශයක් යැයි රාජපක්‍ෂ මහතා උත්සව භූමියෙන් සමු ගැනීමට සූදානම්ව කීය. තරුණෝදය ප්‍රදර්ශනයේ දෙවැනි දින ප්‍රධාන ආරාධිතයා වූයේ ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා ය. අපේ රටේ පැරන්ණන් අතර කියමනක් තිබෙනවා හකුරු කෑවත් ඒකට පුහුණුවක් තියෙන්න ඕනෑ කියලා. පුරුද්දක් පුහුණුවක් නැතුව හකුරු කෑමට ගියොත් අත පුරායි කට පුරායි ඇඟ පුරායි හකුරු ගා ගන්න වෙනවා. පුහුණුවේ වැදගත්කම තරුණයන්ට සෙනෙවිරත්න ඇමැතිවරයා පෙන්වා දුන්නේය.එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව මණ්ඩලය පසුගිය සිකුරාදා සිරිකොතේ දී රැස් වූයේ කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මොනරාගල දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළේ දී සංවිධායකවරු දෙදෙනෙකුගේ දුර්වලතා හඳුනා ගත්තා ඒ ගැන නායකතුමාට දැනුම් දෙන්න ඕනෑ යැයි, කරු ජයසූරිය මහතා කීය.මාධ්‍ය ඒකකයේ හා සන්නිවේදන ඒකකයත් එක් කොට එහි වගකීම් මංගල සමරවීර මහතාට පැවරීමට පක්‍ෂ නායකත්වය තීන්දු කර තිබෙනවා යැයි ද ජයසූරිය මහතා කීවේ ය.පසුව විපක්‍ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේ දී “අපි විපක්‍ෂයක් වෙලා මොනවද කරන්නේ? කිසිම දෙයක් විපක්‍ෂය කරන්නේ නැතැයි රවි කරුණානායක මහතා තරමක් නොසතුටින් කීය.පක්‍ෂය වැඩ කරපු නිසයි ඔයයි මංගලයි පාර්ලිමේන්තුවේ ඉන්නේ, ඔයාලට පක්‍ෂයේ ඉන්න බැරි නම් යන්න (යූ කැන් ගෝ අවුට්) විපක්‍ෂ නායකවරයා තරමක් කේන්තියෙන් කීවේය.කරුණානායක මහතා බිම බලා ගත්තේ ය.මධ්‍ය පළාත් හිටපු විපක්‍ෂ නායක කේ. කේ. පියදාස මහතාගේ දියණියගේ මංගල්‍ය උත්සවය මහනුවර අර්ල් රියෙන්සි හෝටලයේ පසුගිය සඳුදා පැවැතියේ අතිඋත්කර්ෂවත් අයුරින් ය. වික්‍රමසිංහ මහතාට විවාහයට අත්සන් කිරීමට නියමිතව තිබූ බැවින් හෙතෙම මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සමඟ කල් වේලා ඇතිව හෝටලයට සේන්දු විය. එජාප ක්‍රියාකාරීන් විශාල පිරිසක් ඊට එක් වී සිටියහ. පිරිස පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නැවත පත් කිරීමේ සීතල මෙහෙයුමක් ද දියත් කළහ.විජිත හේරත්, ටිල්වින් සිල්වා, සෝමවංශ අමරසිංහ, ලාල් කාන්ත මහත්වරු බදුල්ල මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින්නේ ඌව පළාත විසුරුවා ඇති ආකාරයට ය.පිල්ලේ පත් කළ කමිටුව ලංකාවට එනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට පවරන බව ජනාධිපතිතුමා කියා තිබෙනවා. අපි ඒ ගැන අපේ ස්ථාවරය රටට කියන්න ඕනෑ, බදුල්ලේ සිටින සෝමවංශ අමරසිංහ මහතා දුරකථනයෙන් පක්‍ෂයට සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.ජවිපෙ ප්‍රතිපත්ති මාලාව පිළිබඳ දැනුවත් කිරීමට මහනුවර, කෑගල්ල, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව, අවිස්සාවේල්ල ඇතුළු දිස්ත්‍රික් ගණනාවක සම්මන්ත්‍රණ මාලාවක් පක්‍ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට එම පක්‍ෂය තීරණය කළේ ය. එහි ප්‍රථම සම්මන්ත්‍රණය පසුගිය සඳුදා මහනුවර දී පැවැති අතර ඊට ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ පළාත් මන්ත්‍රීවරයෙක් හා එජාප පාක්‍ෂිකයන් පිරිසක් එක් වී සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=f1406132
|
සෙල්ලිපි අරුතින්මිහින්තලය තරණය කරමු
|
අශෝක සේනාරත්න අනුරාධපුර සමූහ
|
ශ්‍රී ලංකාවට මහින්ද තෙරුන් සමග දූතයින් පැමිණීම පිළිබඳ ව ඓතිහාසික මූලාශ්‍ර බොහෝමයක් ඇත. මේ ඓතිහාසික සිද්ධිය සනාථවන සාධක ලැබී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගලින් ලැබුණු ක්‍රි.පූ. තෙවන සියවසට අයත් බ්‍රාහ්මී සෙල්ලිපියකිනි. එම ලිපියේ සඳහන් වනුයේ “යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරග තුබේ” යනුවෙනි.මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ ස්ථූපය මෙය බව මේ ලිපියෙන් කියැවෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වේ. මේ ලිපිය කොටා ඇත්තේ රජගල කඳුමුදුනේ ඇති ගල්පර්වතයකය. “ඉදිය අගතත” යන්නට ඍද්ධියෙන් වැඩි යන අරුත දිය හැකි බව මහ ඇඳුරු පරණවිතාන සූරීන්ගේ අදහසයි.මෙම ලේඛනය හේතු කොටගෙන අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකාගමනය ඓතිහාසික සිද්ධියක් ලෙසින් සනාථ වේ. සිංහලයේ අනභිභවනීය ඉතිහාස ග්‍රන්ථය ලෙස සැලකෙන මහාවංශයද මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය ගැන සඳහන් කරයි. මහින්දාගමනය සම්බන්ධයෙන් මහා වංශයේ කියමන රජගල සෙල්ලිපිය තුළින් සනාථ වේ.මිහිඳු හිමියන්ගේ නමත් සමඟ ඉට්ඨිය තෙරුන්ගේ නමද මේ සෙල්ලිපියේ සඳහන් වීමෙන් පෙනී යන්නේ මහා වංශය කියන පරිදි මිහිඳු හිමියන් ඇතුළු ධර්මදූත පිරිස මිහින්තලයට වැඩි බවයි.මෙම ඓතිහාසික සෙල්ලිපියේ අඩංගු අනෙක් කරුණ ලෙස හැඳින්වෙන්නේ මිහිඳු සහ ඉට්ටිය තෙරුන්ගේ ස්ථුපය පිළිබඳව සඳහන් වීමයි. ඉන් අදහස් වන්නේ එම ස්ථූපය එම තෙරුන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් නිදන් කළ ස්ථූපයක් බවය. මහා වංශයේ 45 - 6 ගාථාවලට අනුව මහින්ද තෙරුන්ගේ පරිනිර්වාණයෙන් පසු උත්තිය රජු උන්වහන්සේගේ ශ්‍රී දේහය දවා ධාතුන් ගෙන්වා සෑගිරි වෙහෙරද කරවා සියලු විහාරස්ථානවලට මිහිඳු හිමියන්ගේ ධාතුන් වහන්සේ බෙදාදුන් බව කියැවේ.මේ අනුව රජගල පිහිටි පැරණි විහාරයේ ද මිහිඳු හිමියන්ගේ ධාතු ;කාටසක් තැන්පත්කැර ඇති බව මේ ලිපියෙන් හෙළිවේ.මහින්දාගමනයේ සත්‍යතාවය පිළිබඳව ලිඛිත තොරතුරු හෙළිවන ඉතා වැදගත් අභිලේඛනයක් මිහින්තලයෙන් හමු වී ඇත. එය ක්‍රි.ව. දෙවන සියවසට අයත් ගිරි ලිපියකි. මහාදාඨික මහානාග රජුගේ ප්‍රදානයක් පිළිබඳව මේ ගිරි ලිපියේ සඳහන් වේ.මහින්ද, ඉට්ඨිය උත්තිය සහ භද්‍රපාල යන තෙරුන්ගේ ප්‍රතිමා වන්දනය පිළිබඳ මේ ගිරිලිපියෙන් කරුණු අනාවරණය වේ.මෙතෙක් ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති අභිලේඛන අතුරින් ක්‍රි.පූ. තෙවන සියවසේ සිට පළමු සියවස තෙක් කාල නිර්ණය කළ හැකි බ්‍රාහ්මී ලෙන් ලිපි 1300ක් පමණ සොයාගෙන ඇත. මේ ලිපි සියල්ලම මහා සංඝයා වහන්සේට වාසය සඳහා ලෙන් පූජා කිරීම පිළිබඳය.දෙවනපෑතිස් රජුගේ මහා රිට්ඨි ඇමැති පැවිදි වූ පිරිසට කණ්ඨක චෛත්‍යය ස්ථානයෙහි අට සැට ලෙනක් පිළිසකර කොට එම භික්‍ෂූ පිරිසට පූජා කළ බව සඳහන් වේ. කණ්ඨක චේතිය අසලින් මහා සංඝයාට පිදු ලෙන් රාශියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සොයා ගෙන ඇත.මිහින්තලේ කණ්ඨක චේතිය අසලින් ලැබෙන ලෙන් ලිපිවල “ගමණී උති මහරක්ඛ” යනුවෙන් සඳහන්ව ඇත. මෙහි මහරක්ඛ යනු නියත වශයෙන්ම සාමාන්‍ය වැසියකු නොවේ. එකල රට පාලනය කළ මහරජකු වන්නට පුළුවන. මහා වංශයේ රජවරුන් අතර “උති හෙවත්” උත්තියනම් වූ රජකු ගැන සඳහන් වේ. මේ අන්කිසිවකු නොව දෙවන පෑතිස් මහරජුගේ සොහොයුරු උත්තිය බව මහා වංශය කියයි. දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් පසු උත්තිය රජවිය. උත්තිය රජු ඓතිහාසික පුද්ගලයෙකු බව මේ ලෙන් ලිපි පරිශීලනය කිරීමෙන් තහවුරු කෙරේ.මිහින්තලයේ ඇති තවත් ලෙන් ලිපි දෙකක “මහරකධ ගාමිණී තිස” යනුවෙන් සඳහන්ව ඇත. මේ අන් කිසිවෙකු නොව දේවානම්පියතිස්ස රජු වශයෙන් පරණවිතාන මහතා හඳුනා ගෙන ඇත. මිහින්තලේ සිව්වන මිහිඳු රජුගේ පුවරු ලිපි දෙක ලක්දිව ජනතාවගේ සැලකිල්ලට භාජනය වූ සුවිශේෂ ගණයේ ලිපි දෙකකි. එසේ වීමට හේතු වී ඇත්තේ මේ බෞද්ධ ස්ථානය පාලනය කිරීමට බොහෝ කෙත්වතු පිරිනැමීමෙන් හා එහි අභ්‍යන්තරික ජීවිතය පිළිබඳ කරුණු විදහා දැක්වෙන වැදගත් අණ පනත් මේ ලිපියෙහි අඩංගු වී තිබෙන නිසාය.අනුරාධපුරයට සැතපුම් අටක් දුරින් පිහිටි මිහින්තලා පව්ව පසුකාලයෙහි චේතිය පබ්බත, වෙස්ස ගිරිග හෝ සෑගිරි පර්වතය හැටියට මුඛ පරම්පරාගතව එයි. අම්බස්ථල නම් වූ මේ පර්වත මුදුනෙහි මිහිඳු මා හිමිපාණන් වහන්සේ ස්ථිරව වැඩ හුන් බවට තොරතුරු අනාවරණය වෙයි.දේවානම්පියතිස්ස රජු විසින් ක්‍රි.ව 307 -267 චේතිය පබ්බතාරාමයෙහි ;බීධියක් රෝපණය මෙහි දිරාපත් වූ ගොඩනැගිලි පිළිසකර කරවූ බව මහාවංශයෙහි සඳහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ උත්තිය රජු දවසේ ක්‍රි.ව. 267 - 257 දී පිරිනිවන් පෑවේද චේතිය පබ්බතාරාමය නොහොත් මිහින්තලය්ම බව සඳහන් වේ.අනුරාධපුර රාජධානියේ රජකළ සෑම රජ කෙනකුම පාහේ මිහින්තලය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇති බවට ඓතිහාසික තොරතුරු හෙළි කරයි. කණනරජානුතිස්ස විසින් සෑගිරි වෙහෙර පොහෝගෙයි ඇති වූ ආරවුලක් සමතයට පමුණුවා රාජද්‍රෝහී භික්‍ෂුන් සැට නමක් සෑගිරියෙහි කර්‍ණරගුවාවෙහි සිරකර තබන ලද බව සඳහන් වේ.එදා මිහින්තලයේ භික්‍ෂූන් වහන්සේ දෙදෙහසක් පමණ වැඩ සිටි බව පාහියන්ගේ සටහන්වල සඳහන් වේ. මේ වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ අතුරින් රටවැසියන්ගේ අසහාය සත්කාර ගෞරවයට පාත්‍ර වූ ධර්ම ගුප්ත නම් තෙර කෙනෙකු වැඩහුන් බවත් උන්වහන්සේ ගල්සෙනසුනෙහි සතළිස් වසරකටත් වැඩි කාලයක් වැඩහුන් බව කියනු ලැබේ. හතරවන මිහිඳු රජුගේ පුවරු ලිපියේ බී පැත්තේ පේළි (13) ආරාම පාලක හිමියන්ට දවස්පතා සහල් එක් නැළියක්ද වැසි ආරම්භ වීමත් සමගම බණ කීම සඳහා රන් එක් කළඳකුත් දිය යුතු බව සඳහන්කොට තිබේ.භාරකාර ජේ්‍යෂ්ඨ නිලධාරීන්ට ජීවනෝපාය සඳහා ඉඩම් පස් කිරියකුත් දිනපතා එක් සහල් නැළියකුත් දිය යුතු බව මේ පුවරු ලිපියේ සඳහන් වේ.බුදු රජාණන් වහන්සේගේ අනුගාමී බුද්ධ පුත්‍රයකු වූ මිහිඳු මහ රහතන් වහන්සේ ද ගස් කොළන් පණ මෙන් ආරක්ෂා කළ බවට තොරතුරු අනාවරණය වේ. සිව්වන මිහිඳු රජුගේ පුවරු ලිපියේ ද පේළි (50 - 54) හී තල්ගස් මීගස් ආදි ඵල දරන ගස් කැපීම තහනම් බව සඳහන් කොට ඇත. සිංහල සංස්කෘතියේ අතීත යට ගියාව වර්තමානයට ඉතිරි කැර ඇත්තේ ද සෙල්ලිපි, පුවරුලිපි, ටැම් ලිපි හා ගිරිලිපි , සෙල්ලිපි නමින් හැඳින්වෙන මේ පුරාවස්තු සිංහල සාහිත්‍ය, වාරිකර්මාන්තය හා රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්න රාශියකටම පිලිතුරු දෙයි. සිංහල භාෂාවේ අක්ෂර පරිණාමය විදහා පායි.මිහිඳු හිමියන් ප්‍රමුඛ දූත පිරිස මිහින්තලයට පැමිණීමත් සමග එවකට ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල් බැසගෙන පැවති මිථ්‍යා විශ්වාස බැහැර වීමට අඩිතාලම දැමිණි.එදා දේවානම්පියතිස්ස මහරජු දවස මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එනු ලැබූ බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බවට ඓතිහාසික තොරතුරු රැසක්ම අදත් ඉතිරිව ඇත. මිහිඳු හිමියන් අතින් පැවිදි වී විවේක හරණය සඳහා පන්සීයක් වෛශ්‍යයන් අනුරාධපුර වෙස්සගිරි ආරාම සංකීර්ණයේ වැඩ හුන් බවට ඓතිහාසික තොරතුරු ඇත. මිහිඳු හිමියන් මිහින්තලයේ ස්ථිරව වැඩ සිටියත් උන්වහන්සේ දිනපතාම ධර්ම දේශනා පැවැත්වීම සඳහා අනුරාධපුරයට වැඩම කැර ඇත.ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාසයත් ශාසනික බෞද්ධ අධ්‍යාපනයත් අතර ඇත්තේ දිගු කලෙක සිට පැවත එන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි.“මහරජ යම් දිනෙක හෙළදිව මව්පියන්ට දාව හෙළිදිව උපන් දරුවෙකු හෙළදිව පැවිදිව හෙළදිවදීම විනය උගෙන හෙළදිව දීම උගත් විනය උගන්වයි ද බුදු සසුනේ මුල්බැස ගැනීම සිදුවන්නේ එවිටය.” යනුවෙන් මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස මහරජුට කළ ප්‍රකාශය අනුව විමසා බලන කල බුදු සසුනත් බෞද්ධ අධ්‍යාපනයත් අතර පවත්නා සම්බන්ධතාවය කෙබඳුදැයි අවබෝධකර ගත හැකිය.ලක්දිවට බුදුදහම පතුරුවා හළ කේන්ද්‍රස්ථානය වූයේ මිහින්තලයයි. එසේ වූවත් ලක්දිව බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානය වූයේ අනුරාධපුර මහා විහාරයයි. මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙනෙන ලද ත්‍රිපිටකයත් එම අර්ථ කථාත් මහා විහාරයේ එවකට වැඩ සිටි සිංහල භික්‍ෂුන් වහන්සේලා විසින් ඒවා සිංහල භාෂාවට නගන ලද බව බුද්ධඝෝෂ හිමියන් සිංහල අට්ඨකථා පාලි භාෂාවට නගන ලද අවස්ථාවේ ප්‍රකාශ කැර ඇත..
|
NEWSPAPER
|
2014.06.13
|
http://www.dinamina.lk/2014/06/13/_art.asp?fn=f1406133
|
බුදුදහම රැකුණොත් අපේ උරුමයත් රැකෙනවා
|
සාකච්ඡා කළේ -ඉන්දික පොල්කොටුව ඡායාරූප - සුනිල් ගුණවර්ධන (කුණ්ඩසාල සමූහ)
|
මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනයෙන් පසු මෙරට සිදුවූ ආගමික, සංස්කෘතික, ආර්ථික, සාමාජීය ප්‍රබෝධය, පන්සිල් සුරකින සාරධර්ම පිරි සමාජයක් ගොඩනැන්වීම උදෙසා මහා සංඝරත්නයේ වගකීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ හාරිස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික මැදවෙල රජමහා විහාරාධිපති පණ්ඩිත දෙහිගම චන්දරතන නාහිමියන් සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.ලොව්තුරා බුදුදහමෙන් හැඩගැසුණු සමාජයක් මෙරට බිහි කැරලීමට අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම වැදගත් වුණා. බුදුදහමින් හැඩගැසුණු එම සමාජයේ විකාශනයයි අද දක්වා වසර දෙදහස් ගණනක් අඛණ්ඩව පවතින්නේ.චුල්ලහත්ථි පදෝපම සූත්‍රය, පේත වත්ථු විමානවත්ථු ආදී දේශන පිළිබඳ සලකා බලන විට ලංකාවාසී ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ඉතාමත් වැදගත් වන දේශනා සමුදායක් මිහිඳු මාහිමියන් මුලින්ම හඳුන්වා දී තිබෙන බව පෙනී යනවා. තෙරුවන් යනු කුමක්දැයි චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ මැනැවින් පෙන්වා දී තිබෙනවා. එකල සිටි ජනතාව විවිධ ඇදහිලිවලින් මුළා වී අතරමං වෙලා සිටියේ.එලෙස විවිධ ඇදහිලිවල එල්බසිටි ජනතාවගේ සිතුවිලිවල ගැටුමක් ඇති නොවන ආකාරයට බුදුදහම ඔවුනට පැහැදිලි කර දුන් ආකාරය ඉතිහාසය අපට පෙන්වා දෙනවා.මේ අනුව බලන කල අපේ රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා මූලික චින්තන විපර්යාසයක් සිදු කළ වැදගත්ම සිදුවීම තමයි මිහිඳු හිමියන්ගේ වැඩම කිරීම. හොඳ ශිෂ්ටාචාරයක් ඇති ජාතියක් ලෙසට ඉන්පසු අපි ක්‍රමානුකූලව හැඩ ගැසුණා.විවිධ වකවානුවල රටෙහි සිදුවූ විදේශ ආක්‍රමණ, විපර්යාස, කැරැලිකෝලහල සියල්ල ඉදිරියේ වුවද අපේ ජනතාව ථෙරවාදී බුදුදහමින් ලබාගත් පන්නරය ඔස්සේ පණගැන්වෙමින් ආගමික, සංස්කෘතික, ආර්ථික, සාමාජීය ආදී සෑම අංශයක්ම ආරක්ෂා කර ගනිමින් අද දක්වා අඛණ්ඩව ඒ උරුමය රැකගෙන විත් තිබෙනවා.අපට උරුම ඒ ප්‍රෞඪ ඉතිහාසය අභිමානය ලෝකයේ කිසිදු ජන කොටසකට ලැබී නැහැ. මේ තත්ත්වය අපට උරුම වූයේ උතුම් ථේරවාදී බුදුදහම අපට හිමිවීමත් සමඟයි. එනිසා බුදුදහම සමඟ මේ සියල්ල එකට බැඳී තිබෙනවා. රුවන්මැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි මහා දාගැබ් දෙස බලන්න.ඒ සියල්ල තුළින්ම අපි ලෝකයාට ලබා දී තිබෙන්නේ අපේ ප්‍රෞඪ ඉතිහාසය නොවේද? නමුත් කනගාටුවෙන් වුවත් කිව යුතුයි ඇතැම් බටහිර බලපෑම් හා ගෝලීයකරණ නිසා අපේ ප්‍රෞඪත්වය අපම පහළට ඇද දමා ගත් අවස්ථා තිබෙනවා. එහෙත් අපට උරුම ථෙරවාදී බුදුදහමේ ශක්තිය නිසාවෙන් බුදුදහමත් සමඟ ගොඩනැංවුණු මූලික සමාජ පසුබිමට තවමත් කිසිදු හානියක් සිදුව නැහැ.නිර්මල බුදුදහම පවතින තාක් අනාගතයට වුවද අපට උරුම මේ ප්‍රෞඪ ඉතිහාසය නිසැකවම රැකෙනවා.එක පැත්තකින් ඒක අපට කනගාටුවක්. නමුත් අපි එම තත්ත්වය වෙනස් කර ගැනීමට උත්සහා ගත යුතුයි. තවත් පැත්තකින් අපි පැහැදිලි කරගතහොත් අවුරුදු තිහක ම්ලේච්ඡ ත්‍රස්තවාදයේ බලපෑම්ද මේ අපරාධවලට එක් හේතුවක් වී තිබෙනවා.ඒ වකවානුවේ අපිට හැම පැත්තෙන්ම අසන්නට ලැබුණේ මරනවා, කපනවා කොටනවා වැනි වචනයි. ඒ විතරක් නොවේ ඒ අවස්ථාවන්ට අපේ මිනිසුන්ට මුහුණදීමට සිදුවුණා. කරුණාව, මෛත්‍රිය, දයාව පෙරදැරිව සිටි ජනතාවට මේ තත්ත්වයනට මුහුණදීමට සිදුවන විට තමන්ගේ ගුණ ධර්ම පවා අහිමි වන තත්ත්වයක් තිබෙනවා.ථෙරවාදී බුදුදහම සමඟ හැඩ ගැසුණු ජාතියක් වන අපට සාරධර්ම තිබෙනවා. අපට ඒ සාරධර්ම මොනම තත්ත්වයක් යටතේ වුවත් අමතක කිරීමට හැකියාවක් නැහැ.මවුපිය උපස්ථානය, වැඩිහිටියනට ගරු කිරීම, ප්‍රිය වචන කීම, ආචාරශීලීත්වය, නම්‍යශීලීත්වය, ඉවසීම, පන්සිල් සුරැකීම මේවා කොහොමත් අපට අමතක කිරීමට බැහැ. සිගාලෝවාද සූත්‍රය තුළින් තවත් පැහැදිලි කැර තිබෙනවා අපේ යුතුකම් හා වගකීම් මොනවාද කියා. තර්ක විතර්ක තිබුණත් අද රටේ කොතනක සිටියත් අපට උදේ හවස පැය විසි හතර පුරා බොදු බණ අසන්නට ලැබෙනවා.මේ ආකාරයට ධර්මය දේශනා කරන තරමට එම ධර්මය ජනතාව කොතරම් පිළිපදිනවාද කියන කාරණයේ කුමන හෝ තැනක වැරැද්දක් තිබෙනවා. මං දකින විදිහට මිනිසුන් අසීමිත ආශාවන් පසුපස හඹා යෑම ඊට හේතුවයි. අල්පේච්ඡතාවය වැනි බුදුදහමේ ඉගැන්වීම් පිළිබඳ මිනිසුන් යළි සිතිය යුතුයි. ලෝකයේ තිබෙන හැම දේම තමා වෙත ළඟා කරගත යුතුය කියන අසීමිත ආශාවන් පසු පස හඹා යෑම තුළින් අපේ තිබෙන සාරධර්ම ක්‍රමයෙන් පිරිහී යනවා.අපි මේ ක්‍රමය වෙනස් කිරීමට නම් මෙය නිවසින්ම ආරම්භ කළ යුතුයි. ඉන්පසු පන්සල, ගම, සමාජය මුල් කරගෙන අපට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකියි. සාරධර්ම පිරි සමාජයක් තුළින් ආදර්ශමත් පිරිසක් ඉන් අපට සකසාගත හැකියි.මහින්දාගමනයෙන් පසු ඉතිහාසයේ අපේ සමාජ ක්‍රමය ගොඩනැන්වී තිබුණේ ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සංකල්පය මතයි. එනිසා අපේ සමාජ ආර්ථික සංස්කෘතික ආදී සියලු ක්ෂේත්‍රයන්හි බැඳීම ගමේ පන්සල කේන්ද්‍ර කරගෙනයි තිබුණේ. මේ නිසා පන්සිල් සුරකින සාරධර්මවලින් පිරිපුන් පිරිසක් එදා බිහි කිරීමට හැකි වුණා. අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා.තරගකාරි සමාජ ක්‍රමය මෙයට ප්‍රධානව බලපානවා. තරගකාරි ක්‍රමය ලිහිල් කරන ක්‍රමයක් අපි විසින්ම සකසාගත යුතුයි. මේ සඳහා මහා සංඝරත්නය පෙරමුණ ගැනීම හැමදාමත් සිදුවුණා. නමුත් අවශ්‍යවන්නේ ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතු කාර්යභාරය ඉටුකිරීමයි.අපේ සමහර මවුපියන් දරුවන් ඉරිදට දහම් පාසල් යවන්නේ නැහැ. ඒ වගේම පොහොය දවසටවත් දරුවන් එකතු කරගෙන පන්සලකට යන්නේ නෑ. මේ වගේ තත්ත්වයන් තුළ මහා සංඝරත්නයට පමණක් සාරධර්ම සුරකින සමාජයක් ඇති කළ නොහැකියි.ආගමික නිදහස බුදුරජාණන් වහන්සේ ඉහළින්ම අගය කළා. කිසිදු විටක බෞද්ධ ආගම වෙනුවෙන් නීති-රීති පනවා නැහැ. ගිහි සමාජයටත් පැවිදි සමාජයටත් උපරිම ආගමික නිදහස ලබා දී තිබෙනවා. අවබෝධය තුළින් හික්මීම හැඩගස්වා තිබෙන්නේ.අපේ සංඝ සමාජය, ගිහි සමාජය අතීතයේ සිට හික්මවා තිබෙන්නේ නීතියෙන් නොවේ. විනයෙන්. ඒ වගේම ආදර්ශයෙන්. අනෙක් ආගම් දෙස බලන විට මොනතරම් නිදහසක් අපේ ආගමේ තිබෙනවාද? එම ආගම් නීති-රීතිවලින් පාලනය කරලයි ක්‍රියාත්මක වන්නේ. නමුත් බෞද්ධ ආගම ඊට බොහෝ ලෙසින් වෙනස්. මේ වෙනස අපි යහපත් පැත්තට යොමු කර ගත යුතුයි.ඒ ක්‍රියාමාර්ග මහා සංඝරත්නය විදිහට අපි ප්‍රශංසාත්මකව අගය කළ යුතුයි. බොහෝ විට ඉරිදා දිනවල ළමයින් දහම් පාසල්වලට නොඑන්නේ උපකාරක පන්ති නිසා බව අපට පැහැදිලියි. තරගකාරි අධ්‍යාපන ක්‍රමය තුළ මෙවැනි තත්ත්වයන් සිදුවෙනවා. නමුත් සමස්තයක් ලෙස පොදුවේ මෙවැනි තීරණ ගැනීම හරහා ළමයින් දහම් පාසල් කරා පැමිණීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වෙනවා.විශේෂයෙන් පොහෝ දිනවල උපකාරක පන්ති නොපැවැත්වීම හරහා සිසු දරු දැරියනට තරුණ කණ්ඩායම්වලට පන්සල් වෙහෙර විහාරස්ථාන කරා ගොස් ආගමික වතාවත්වල නිරත වෙමින් අපි කවුරුත් බලාපොරොත්තු වන සාරධර්ම වලින් පිරිපුන් සමාජය කරා යෑමට නිසි අවස්ථාව උදා වෙනවා.ඒ වගේම ධර්මාචාර්ය සමත් දහම් පාසල් ගුරුවරුන්ට ගුරුපත්වීම් ලබා දීම හරහා සමස්ත දහම් අධ්‍යාපනයම අගය කර තිබෙනවා. දැන් එදාට වඩා දහම් පාසල් සිසුන්ට නිසි ඉලක්කයක්ද ලැබී තිබෙනවා..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n1311259
|
බිරිය කපා කොටා මරා දමාසැමියාත් වස බී මරු දකී
|
නිරූෂි විමලවීර, උපාලි කරුණාරත්න සහ මානෙල් පුෂ්ප කුමාරි
|
කොට්ටාව මත්තේගොඩ දී ඊයේ (24) උදේ 7.30 ට පමණ දෙනෝදාහක් ජනතාව බලා සිටිය දී තම බිරිඳ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර වස පානය කළ සැමියෙක් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.දස හැවිරිදි දියණිය දහම් පාසලට දමා එමින් සිටිය දී මග රැක සිට මෙම ඝාතනය සිදු කර ඇත. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මත්තේගොඩ ස්වර්ණ ප්‍රදේශයේ පදිංචි එච්.එම්.අනුලා හේරත් (40) නමැති කාන්තාව හා සඳුන්පුර නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ෂෙල්ටල් ඩයපාල(53) යන ඇගේ සැමියා බව පොලීසිය අනාවරණය කරයි.පවුල් හා ඉඩම් ආරවුල් මත මෙම අඹු සැමි යුවළ නිවාස දෙකක ජීවත්ව ඇති බවත් දරුවන් නොමැති වීමෙන් මෙම දැරියද හදාගත් දරුවෙක් බවත් පොලීසිය කියයි.මීට පෙර අවස්ථාවකදීද මේ ආකාරයටම කාන්තාව කපා කොටා වස පානය කර ඇති මෙම සැමියා රෝහල් ප්‍රතිකාර වලින් පසුව දිවි ගලවාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.වැඩිදුර පරීක්ෂණ කිරිවත්තුඩුව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය ශාන්ත සහ අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර දන්තනාරායන යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදු කරති..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112510
|
අධිසැර විදුලි කම්බි වැටක පැටලීසිවුදෙනකුගෙන් යුත් වන අලි රංචුව මියයති
|
සූරියවැව සමූහ - පී. එස්. ගුණසේකර, තංගල්ල විශේෂ
|
හම්බන්තොට වනජීවී කලාපයට අයත් හැඩිල්ල ප්‍රදේශයේ දී අධිසැර විදුලි කම්බි වැටක පැටලීමෙන් සිවුදෙනකුගෙන් සමන්විත කුඩා වන අලි රංචුවක් එතැනම මියගොස් තිබේ.පෙරේදා (23) අලුයම් කාලයේ අලි දෙදෙනෙක් ගැබ්බර ඇතින්නක් සහ අලි පැටවකුගෙන් සමන්විත කුඩා වන අලි රංචුව විදුලිසැරට ලක්වීමෙන් මියගොස් තිබිණි. වයස අවුරුදු 20 – 25ත් අතර අලි තිදෙනාද (3) අවුරුදු 7ක අලි පැටියාද මෙසේ මියගොස් ඇති බව හම්බන්තොට කලාපීය වනජීවී නිලධාරීන් පැවසූහ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයේ අනවසර වගා බිමක් ආරක්ෂා කර ගැනීමට ඉදිකරන ලද විදුලි කම්බි වැටට අධි විදුලිසැර යෙදවීම නිසා මෙම ඛේදජනක විපත සිදුවී ඇති බව වාර්තා විය. මේ ප්‍රදේශය නිරන්තරයෙන් වන අලි සැරිසරන ප්‍රදේශයකි.පානීජ ජලය සොයා “හැඩිල්ල වැවට” යමින් සිටියදී මෙම වගාබිමට ඇතුළුවීමට උත්සාහ කිරීමෙන් මෙම අනතුරට ලක්වී ඇති බවද වනජීවී නිලධාරීහු පැවසූහ. මේ පිළිබඳ එක් සැකකරුවකු හම්බන්තොට මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට වනජීවී කාර්යාලය සහ පොලිසිය මඟින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112511
|
සිවුරට ආදරය කරන ජනපතිතුමන්ටමුළු රටේම සඟරුවන ආසිරි පතනවා
|
කිත්සිරි වනසිංහ, අමිල ප්‍රභාත් වනසිංහ සහ අනුරාධපුර විශේෂ
|
සිවුරුට ආදරය කරන ජනාධිපතිතුමන්හට මුළු රටේම හාමුදුරුවරුන් ආදරය හා ආශිර්වාද කරන බව අනුරාධපුර ලංකාරාම චෛත්‍යරාමාධිති රලපනාවේ ධම්මජෝති නාහිමියෝ පැවසුහ. පිනෙන් පිරී ඉතිරීගිය ජීවිතය පෙර බවයේ පින්වලට මේ පින්කමද එක්රුස් කරගෙන ඒ මහිමයෙන් පොදු මහජනතාවහට ද යහපතක් සෙතක් සිදුවීම මහා භාග්‍යක් බව ද උන්වහන්සේ සඳහන් කළහ.ජනාධිපතිතුමන්ගේ ජන්ම දිනය, පදවිප්‍රාප්තිය හා පොදුරද මඩලු සභාපති දුරයට සෙත්පතා ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කළ මහාසංඝයා වහන්සේ දහසක් දෙනා උදෙසා වූ සාංගික දානමය පින්කම අනුරාධපුර මහාවිහාර සංනිපාත ශාලාවේ දී ඊයේ(24) පැවති අවස්ථාවේ අනුශාසනාව සිදු කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.දිවයිනේ සතර දෙසින් වැඩමවා වදාළ ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේගෙන් ඊයේ(24) උදෑසන මහාවිහාර භූමිය පිරී පැවතිණි. මනස්කාන්ත මහමෙව්නා ශුද්ධ භූමිය ද සුදුවතින් සැරසුන බැතිමතුන්ගෙන් පිරිතිබුණි.පෙර රජ බෙරහඬ දවස පැවති ශ්‍රී විභූතිය යළිත් මහමෙව්නාවෙන් දිස්වන බව ඇසුදුටුවන්ගේ අදහස වුහ. හේවිසි බෙරහඬ මැදින් මහා සඝරුවන සංනිපාත ශාලාව වෙත වැඩම කරද් දී ඇසුනාවූ සාධුනාදයෙන් පුන්‍ය භූමිය ඒකාලෝක විය. ජනාධිපතිතුමන් එතෙනට පැමිණෙන තෙක්ම බලාසිටි ජනතාව එතුමන්හට ද ආශිර්වාද කරමින් මහාවිහාර භූමියේ රුස්ව සිටුණු දක්නට ලැබුණි.අටමස්ථානාධිපති ආහාචාර්ය පල්ලේගම සිරිනිවාස, රුවැන්වැලි චෛත්‍ය රාමාධිපති පල්ලේගම හේමරතන යන මහානාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන අටමස්ථාන නාහිමිවරුන්ගේ අනුශාසනා මත මෙම පින්කම සංවිධානය කර තිබුණි. ශ්‍රී පාදස්ථානය, කොළඹ ගංගාරාමය ඇතුළු දිවයිනෙහි සතර දෙසින් ජනාධිපතිතුමන්ට සෙත්පැතීමට ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියසට වැඩමකර තිබීම විශේෂත්වයක් වේ.රළපනාවේ ධම්මජෝති නාහිමියන් විසින් දානය සඟ සතුකොට පුජා කිරීම වෙනුවෙන් වු ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු ජනාධිපතිතුමන් දානය පිළිගැන්වීමේ කටයුතුවල නියැලින. ශිරන්ති රාජපක්ෂ මැතිනිය ද මේ අවස්ථාවට එක්ව සිටියහ.උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුනා රත්න දිවුල්ගනේ, ඇමැති එස්.එම් චන්ද්‍රසේන, උතුරු මැද මහ ඇමැති එස්.එම් රංජිත් සමරකෝන්, ඇමැති තිස්ස කරල්ලියද්ද, නි.ඇමැති දුමින්ද දිසානායක, ඩබ්ලිව්.බී ඒකනායක, එස් .සි මුතුකුමාරන, එච්.බි සේමසිංහ, ශෙහාන් සේමසිංහ, අනුරාධපුර නගරාධිපති එච්.පි සෝමදාස යන මහත්වරුන් ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කය හා අනෙකුත් පළාත් නියෝජනය කරමින් පාර්ලිමේන්තු පළාත් සභා හා ප්‍රාදේශිය සභා නියෝජනය කරමින් මැති ඇමැතිවරු රුසක් ද එක්ව සිටියහ.දානය සඳහා වැඩම කළ වදාළ හිමිවරුහට පිරිකර පූජා කිරීමේ කටයුතු ද ජනාධිපතිතුමන් ප්‍රධාන මැති ඇමැතිවරුන් විසින් සිදු කෙරිණි. මහා ගංඝයා වහන්සේලා ජනාධිපතිතුමන්හට නිදුක් නිරෝගි සුවපතා ආශිර්වාද කළහ.රජවරු සියගණනක් රජකම් කළ මේ භූමියේ , වසර දහස් ගණනක් පැරණි ඉතිහාසය නැවත පිළිභිබු කිරිමට හැකිවුයේ ජනපතිතුමන් නිසායැයිද ධම්මජෝති හිමියන් පැවසුහ. බුදුන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩියෙන්ම තැන්පත් කර ඇත්තේ මේ ශුද්ධභුමියේ. මහමෙවිනාවේ.ජිවමාන බුදුන් ලෙස අප සලකන ශ්‍රි මහා බෝධින් වහන්සේත් වැඩහිටින්නේ මේ භූමියේ එමනිසා මේ සියලු පින්කම් ජීවමානයි. මහා බලසම්පන්නයි. මහරහතන් වහන්සේලාට , පෙර රජ දරුවන්ට මෙන්ම මුළුමහත් ජනතාවටම කරන ගෞරවක් ලෙසද මේ පින්කම හඳුන්වා දිය හැකිය. ජනාධිපතිතුමනි ඔබ වීරයෙක්, පොඩි අවධියේ සිට මේ දක්වා පැමිණි හැටි ආපසු හැරි බලන්න. කොපමණ සතුටක් ඇතිවේවිද ඔබට ඒ සතුට මහා සඝරුවනටත් තිබෙනවා. ජනතාවටත් එසේමයි. පෙර දැහැමි රජවරුන් මේ බිම ඉතා උත්තරීතර සේ සැලකුවා. අනුස්මරණය කළා. ඒ දෙය අදත් සිදුවීම වාසනාවක්.රට ජාතිය ආගම හා සකලවිද ජනීජනයාහට සිදු කළ අපරමිත මෙහෙවර වෙනුවෙන් මහාසඟ රුවනද ආශිර්වාද පතන බව රළපනාවේ ධම්මජෝති නාහිමියන් වැඩිදුරටත් පැවසුහ.අනුරාධපුර දිසාපති මහින්ද සෙනවිරත්න මහතා ඇතුළු සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් නිළධාරින් රැසක් එක්ව සිටියහ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112512
|
දිනාගත් නිදහස කිසිවකුටත් වැරදි ලෙස භාවිත කිරීමට ඉඩ දියයුතු නෑ
| null |
ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් නිදහස කිසිවකුට කොතැනකදී හෝ වැරදි විදියට භාවිතා කිරීමට ඉඩ නොදියයුතුබවත්, සමහර දේශපාලනඥයින් මෙන්ම වගකිව යුතු ඇතැම් දෙනාගේ ක්‍රියාකාරීත්වය රටට සුබදායක නැති බවත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය. අද අපට අවශ්‍ය වී ඇත්තේ ජාතික හා ආගමික සමගිය වර්ධනය කෙරෙන පරිසරයක් ගොඩ නගාගැනීම බව කී ඒ මහතා ඒ සඳහා මානව දයාව පෙරදැරිව සියලු දෙනා එක්විය යුතුව ඇතැයි ද සඳහන් කළේය.හෙට්ටිගේ මහතා එසේ කීවේ හක්මන බෙරලපනාතර මොරගල කිරිළිපන තිරුවානගඟ වතුයායේ මාරිමුත්තු අම්මාන් කෝවිල් නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.එහිදී ඒ මහතා මෙසේද කීය.අපට සමාජය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. සියලු දෙනාගේ ගෞරවය රැකගෙන ජීවත්වීම කාගෙත් බලාපොරොත්තුවයි. ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වය යටතේ රණවිරුවන් අපට නිදහස ලබා දුන්නේ එවැනි පරිසරයක ජීවත් වෙන්නයි.සමහර වගකිව යුතු අය තමන්ගේ බාහු බලයෙන් ප්‍රශ්න විසඳන්න යනවා. බාහු බලයෙන් පශ්න විසදන්න බැහැ. අවශ්‍ය වන්නේ උසස් සිතුවිලිවල බලයයි. රටේ දැන් එකම නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නෙ. කිසිවකුට ජනතාව පීඩනයට පත් කරන්න බලතල දීල නෑ. එහෙම ජනතාවට පීඩා කරන්න කිසිවකු හෝ කටයුතු කරන්නේ නම් ඔහු සමාජ ද්‍රෝහියෙක්. දැන් රටේ ප්‍රාදේශීය රාජ්‍ය නෑ. රටේ සිටින්නේ එක නායකයායි. ඒ නායකයාගේ දර්ශනය සියලු අනුගාමිකයන් තේරුම් ගත යුතුයි. නායකත්වයේ විශ්වාසයට, කීර්තියට හානි වන කිසිදු ක්‍රියාවකට ඉඩ තැබිය යුතු නෑ. මහින්ද චින්තනය තුළ හිතුවක්කාරකම්, චණ්ඩිකම් නෑ. ලස්සන සමාජයක් නිර්මාණය කරගන්න පුලුවන් දැක්මක් එහි තියෙන්නේ.ආගම් තිබෙන්නේ සමාජය නොසන්සුන් කිරීමට නොවේ. සාමය සමඟිය සහජීවනය ගොඩ නගන්නයි. මනුෂ්‍යත්වය උසස් තත්ත්වයට ගෙන එන්න. ආගම් මඟින් දෙන පිටුබලය විශාලයි. අප රටේ බුද්ධාගමට සුවිශේෂී තැනක් තිබෙන්නෙ. ඒ වගේම අන්‍ය ආගම් වලටත් ගරු කරනවා. එය තේරුම් ගෙන ක්‍රියා කළොත් සමාජ සහජීවනයට ගැටලුවක් පැන නගින්නේ නෑ. බෞද්ධයන් අන්‍ය ආගම්වල අය තම ආගමට බඳවා ගන්නේ නෑ. ඒ වගේම බෞද්ධයන් ද අන්‍ය ආගම්වලට බඳවා ගන්න යමෙක් උත්සාහ කරනවා නම් එය ද නතර විය යුතුයි.ගැටබරු රාජමහා විහාරාධිකාරී දක්ෂිණ ලංකාවේ ද්විතීයික සංඝනායක පූජ්‍ය බෙරලපනාතර චන්දවිමල හිමි :-බෞද්ධයන් හැටියට අපට සමාජ වගකීමක් ද තියෙනවා. ආගම්වලින් සමාජගත කළ යුතු නිවැරදි පණිවුඩය ආගමික නායකයින් පළමුව තේරුම් ගන්න ඕනෑ. දෙමළ ජනතාව පදිංචිව සිටින වතුයායක කෝවිල දියුණු කරන්න අප මැදිහත් වෙන්නෙ ඒ අරමුණින්. හැම දෙනාගේම ආගම, සංස්කෘතිය රැකගන්න ඕනෑ. එවිට සියලු දෙනාට සතුටින් ජීවත්වෙන්න පුළුවන්. අධ්‍යාත්මික දියුණුවක් ලබන්න පුළුවන්.පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා කුමාරි, මාතර නියෝජ්‍ය නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ, තිරුවානගඟ වතුයායේ කළමනාකාර උද්දික මහදිවුල්වැව සහ උත්සවයේ සංවිධායක ටී. විජේකුමාර් යන මහත්ම මහත්මීන්ද මෙහිදී කතා කළහ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112513
|
පොදු රද මඬුලු සභාපති ජනපතිටරුසියාවෙන් සුබපැතුම්
| null |
පසුගිය 21වැනිදා දුරකථනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇමතූ රුසියානු ජනාධිපති ව්ලැදීමර් පුටින් මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වයෙන් පිදුම් ලැබීම පිළිබඳව තම ශුභාශිංසන පුද කළේය.ශ්‍රී ලංකාව සමඟ පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තම රජයේ අපේක්ෂාව බව පුටින් මැතිතුමා සඳහන් කළේය. තම අභිප්‍රාය ද එය බව ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීය.2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් 17 වැනි දින අවසන් විය. සත්කාරක රාජ්‍යයේ නායකයා ලෙස ජනාධිපති රාජපක්ෂ මහතා ඉදිරි දෙවසරක කාලය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය භාර ගත්තේය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112514
|
වියට්නාම නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ
|
මහින්ද අලුත්ගෙදර
|
තෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමැති ෆාම් බින් මින් මහතා (Pham Binh Minh) ශ්‍රී ලංකාවට පැමිණෙයි.ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ඊයේ (24) මෙරටට පැමිණි ඒ මහතා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තුවන අතර ඊට අමතරව විශේෂ වැඩසටහන් කිහිපයකටද සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.වියට්නාම නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට රැඳීසිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ෆාම් බින් මින් මහතා හෙට (26) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112515
|
ආණ්ඩුවේ මුල්‍ය කළමනාකරණය උසස් බව ලෝකයේ මුල්‍ය සමාගම් තහවුරු කරලා
|
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
|
ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියට ලෝකයේ මූල්‍ය අයතනවලින් පැසසුම් ලැබී ඇතැයි සභානායක, වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23) ප්‍රකාශ කළේය. මෙවර අය වැය මඟින් ද එය සනාථ වන බව පෙන්වා දුන් ඇමැතිවරයා ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය ඉතා උසස් බව ලෝකයේ මූල්‍ය සමාගම් තහවුරු කර ඇතැයිද කීවේය. 2014 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරිමෙන් අනතුරුව කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරේදා (23) පෙරවරු 9.30 රැස්විය.නිවේදන, ලිපි ලේඛන, වාර්තා පිළි ගැන්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරිණ. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රිරු අසන ලද ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.2014 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ විවාදය ආරම්භ කරමින් කතා කළ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කරූ ජයසූරිය මහතා (එජාප):-ජනතව තුළ අය වැය පිළිබඳ විශ්වාසයක් නැහැ. අය වැය බාල්දු කිරීම සම්බන්ධයෙන් වගකිම මේ ආණ්ඩුව භාර ගත යුතුයි. අද අය වැය කියන දේ පවුලේ ව්‍යාපාරයක ගිණුම් හදනවා වගේ වී තිබෙනවා. එහෙම නැතිව මේ අය වැයෙන් සමස්ත ආර්ථිකය පිළිබඳ චිත්‍රයක් මැවෙන්නේ නැහැ. තමන්ගේ ලාභය පමණක් ගැන බලමින් මේ අය වැය සකස් කර තිබෙන්නේ. ජනාධිපතිතුමා මේ සභාවට ඉදිරිපත් කළ ඉලක්කම් දිහා බැලූ විට එය පැහැදිලි වෙනවා.සමස්ත වියදම් වලින් සියයට 47ක් වෙන් කර තිබෙන්නේ රාජපක්ෂ පවුලටයි. අද ව්‍යාජ ව්‍යාපාර ගණනාවක් බිහි වෙලා. ඒ සම්බන්ධව වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩ ලබාදී නැහැ. ඍජු හා වක්‍ර මාධ්‍ය මර්දනයක් රට පුරා තිබෙනවා. නමුත් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන මාධ්‍යවේදීන් සුළු පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ නිසා ජනතාව තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත වෙලා තිබෙනවා. බොරු ඉලක්කම් හා වචන හරඹ සිමා වු අය වැයක් ලෙසයි මා දකින්නේ.මේක එදාවේල ටුවර්ස් අය වැයක් කියා කියන්න ආර්ථික විද්‍යා උපාධි උවමනා නැහැ. අපි අය වැයක් ඉදිරිපත් කළ යුත්තේ දැක්මක් ඇතිවයි. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට අඩුම මුදලක් වෙන් කළ ආසියානු රට ශ්‍රී ලංකාවයි. උගතුන් බිහි කරන්න මේ ආණ්ඩුව කැමැති නැහැ. යුද්ධය අවසන් වෙලා වසර හතරක් ගත වෙනවා. නමුත් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 253ක් වෙන් කර තිබෙනවා.නීතිය හා සාමය අමාත්‍යාංශයට තවත් රුපියල් බිලියන 53ක් වෙන් කර තිබෙනවා.වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා:- මෙවර අයවැය තුළ සාධනීය ලක්ෂණ රැසක් දක්නට ලැබෙනවා .රනිල් වික්‍රමසිංහ මහතා රවී කරු යන අයගේ අදහස් වලට මම සවන් දුන්නා. රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම රවී කරුණානායක මහතාත් පුන පුනා කියන්නේ අපගේ රජය විශාල වශයෙන් ණය පොලියට ණය ලබාගෙන තිබෙනවා යැයි කියනවා.2013 සැප්තැම්බර් මාසය වන විට විදේශිය ණය රුපියල් බිලියන 6798.7ක් ලෙන තිබෙනවා.දේශීය ණය රුපියල් බිලියන 3827ක් ගෙන තිබෙනවා.සියලු ණය වලට අපි පොලී වශයෙන් ගෙවන්නේ සුළු ප්‍රමාණයක්. බොරු කියලා ජනතාව රවට්ටන්නට මුළා කරන්නට උත්සාහ කරනවා.ජනතාව මේ අයගේ කතා විශ්වාස කරන්නේ නැහැ. අපි දේශිය හා විදේශිය වශයෙන් ණය ලබාගෙන තිබෙන බව ඇත්ත. නමුත් අපි ණය ලබාගෙන තිබෙන්නේ පාර්ලිමේන්තුව අනුමත කර, නියම කර ඇති නිවැරැදි ක්‍රමවේදයට අනුවයි.ණය ලබාගැනීමේ සීමාව අපි ඉක්මවා ගොස් නැහැ. ලෝකයේ සෑම රටක්ම පාහේ ණය ලබා ගන්නවා. එක්සත් ජනපදය, එක්සත් රජධානිය, ජපානය මේ හැම රටක්ම ණය ලබා ගෙන තිබෙනවා. ශක්තිමත් ආර්ථිකයක් ඇති මහ රටවල් වලට වඩා හොඳට අපේ ආර්ථිකය අපි කළමනාකරණය කර තිබෙනවා. ඒ වගේම අය වැය පරතරය අඩු කර ගැනීමටඅපේ ආණ්ඩුවට හැකිවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ වගේ නොවෙයි නිවැරැදි මූල්‍ය කළමනාකරණයක් මහින්ද රාජපක්ෂ රජය යටතේ සිදු කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ රජයේ මූල්‍ය පරිපාලනය අති ඉහළයි. අපි මේ ණය ලබාගෙන තිබෙන්නේ පරිභෝජනය සඳහා නොවෙයි. ශ්‍රී ලංකාව ණය ලබාදීමට ණය ලබා ගැනීමට සුදුසු අවදානම් රහිත රටක් ලෙස ලෝකයේ මූල්‍ය සංවිධාන විසින් හොඳ තහවුරුවක් ලබාදී තිබෙනවා. රටේ ප්‍රාථමික සෞඛ්‍ය, මූලික පහසුකම් කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අපගේ පාලනය යටතේ සහල් අතිරික්තයක් ඇති කර තිබෙනවා. සහල් අපනයන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.සෝයා බෝංචි වැනි බෝග පිටරටින් ගෙන්වන්නේ නැහැ. සෑම ක්ෂේත්‍රයක් සංවර්ධනය කිරීම සඳහා නව ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. අපගේ සංචාරක ව්‍යාපාරයේ සැබෑ සංවර්ධනයක් ඇතිවී තිබෙනවා. සාමාන්‍ය කුඩා ව්‍යවසායකයින්ට පවා දැනෙන සංවර්ධනයක් මේ ආණ්ඩුව සිදු කර තිබෙනවා. ජනතාව වෙනුවෙන් සහනදායි ව්‍යාපෘති රැසක් අප ක්‍රියාත්මක කර තිබෙනවා. එයර් ලංකා යනු අපේ ජාතික ගුවන් සේවයයි. එයට මුදල් වෙන් කළ යුතුයි.ඕනෑම රටක රාජ්‍ය ගුවන් සේවයක් හෝ පෞද්ගලික ගුවන් සේවයක හෝ ගැටලු ඇතිවිය හැකියි. අපගේ විරැකියා ප්‍රතිශතය අඩු කර තිබෙනවා. උපාධිධාරීන් විශාල පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා. දේශපාලන අරමුණු සහ ජනතා අවශ්‍යතා මෙන්ම සිතුම් පැතුම් හඳුනාගෙන ඇති නිසා මේ තරම් කාලයක් සේවය කිරීමට අපගේ ආණ්ඩුවට හැකවී තිබෙනවා.මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී පී සෙල්වරාසා මහතා(ද්‍රජාස) සාම්පූරිහි අපගේ ජනතාව පදිංචි ඉඩම් රජය පවරාගෙන තිබෙනවා. මේ ඉඩම් ජනතාවට ලබා දිය යුතුයි. මෙවර අයවැයෙන් ගොවි විශ්‍රාම වැටුපක් යෝජනා කර තිබෙනවා. මීට පෙරත් ගොවි විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මක වුණා .ඒකට මොකද වුණේ. මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන්නේ අවුරුදු 63ට වැඩි ගොවියන් වෙනුවෙන් විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කිරීමටයි. ඇයි අනිත් අය වෙනුවෙන් එය ක්‍රියාත්මක නොකරන්නේ.අමුණුගම මහතා මීට පෙර ක්‍රියාත්මක ගොවි විශ්‍රාම වැටුපෙන් ගෙවනු ලැබුවේ රුපියල් 500ක දීමනාවක්. මෙවර අයවැයෙන් 1250ක් ගොවි විශ්‍රාම වැටුප ලෙස යෝජනා වී තිබෙනවා.අවුරුදු 63ට අඩු ගොවියන් වෙනුවෙන්ද මෙය ලබා දීමට ඇති හැකියාව අපි සොයා බලනවා.සෙල්වරාසා මහතා-උතුරු නැඟෙනහිර පළාත්වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. මේ අයවැයෙන් ජනතාවට ලැබී ඇති දෙයක් නෑ.රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකර නැහැ. රජයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාව ඉතා කුඩා ප්‍රමාණයකිනුයි වැඩිකර තිබෙන්නේ.මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා -අය වැය මඟින් ජනතාවට ජයග්‍රහණ රැසක් ලැබී තිබෙනවා. අපේ ආණ්ඩුව 2004 සිට මේ දක්වා ආර්ථික උපාය මාර්ග නිවැරැදිව ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. වසර 10කට පසුව විපක්ෂ නායකතුමා අය වැය විවාදයක් ඇමැතීම සම්බන්ධව මා සතුටු වෙනවා.වෙළඳපළ හා රජ්‍ය මැදිහත්වීම සමාන්තරව ගමන් කිරීමට සැලැස්වීමයි අපේ ආර්ථික උපාය මාර්ගික සැලැස්ම. ආර්ථිකය හා මානව සම්පත් සංවර්ධනය කිරීම මඟින් සෑම අංශයකම පරිපූර්ණ වර්ධනයක් ඇති කිරීම ආණ්ඩුවේ අරමුණයි. එය මේ අය වැයෙන් පෙනෙන්ට තිබෙනවා. මීට පෙර කිසිදු රජයක් භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා අය වැය මඟින් අවධානය යොමු කර තිබුණේ නැහැ. මෙවර අය වැය මඟින් මානව සම්පත් සංවර්ධනය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.ඒක පුද්ගල ආදායම වර්ධනය වී තිබෙනවා. ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් බවට පත්වී තිබෙනවා. එයින් අපට වාසි හා අවාසි තිබෙනවා. අපට මේ දක්වා ලැබුණ සහන ණය නොලැබීම මෙයින් සිදුවන අවාසි සහගත තත්ත්වයක්. නමුත් අපට සෑමදාම ණය වලින් යැපෙන්න බැහැ. අපේ විනිමය සංචිතය ශක්තිමත් කළයුතුයි. එවිට ලෝකයේ සිදුවන මූල්‍ය අර්බුදවලට ශක්තිමත්ව මුහුණ දිය හැකියි. නවීන තාක්ෂණය සමඟ වෙළෙඳපළ තරඟයට අප සූදානම් විය යුතුයි.අවිධිමත් ආර්ථිකය පිළිබඳ අපි අවධානය යොමු කළයුතුයි. මෙවර අය වැයෙන් අවිධිමත් ආර්ථිකය පිළිබඳ කතා කර තිබෙනවා.රාජ්‍ය ආදායම 1977පසුව පහත වැටෙමින් තිබෙනවා. මෙය ශක්තිමත් කළ යුතුයි. මීට වඩා බදු ප්‍රතිපත්තියකට යා යුතු යැයි මා විශ්වාස කරනවා.දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18 ක ප්‍රමාණයකවත් රාජ්‍ය ආදායම තිබිය යුතුයි.අද එය තිබෙන්නේ සියයට 13ක මට්ටමකයි. කෝප් වාර්තාවේ නිර්දේශිත කරුණු අය වැයට ඉදිරිපත් කර තිබීම පිළිබඳව මා සතුටු වෙනවා. මේ අය වැය මේ රටේ ආර්ථිකය ගොඩනැගීමට මහත් පිටුවහලක් වෙනවා.මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (එජාප)- අද බැංකුවලින් ණය දෙන්නේ රටේ ජනතාවට නොවෙයි ආණ්ඩුවටයි. ඒ නිසා ව්‍යපාර බිඳ වැටෙමින් තිබෙනවා.රජයේ ආදායම ණය පොලි වාරික ගෙවීමටවත් ප්‍රමාණවත් නැහැ. ඉතිං කොහොමද ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන්නේ. ගිය වසරේ රාජ්‍ය ආදායම සියයට16කින් අඩුවෙලා තිබෙනවා. ලබන වසරේ බදු වලින් බිලියන 40ක් බලාපොරොත්තුවන ආණ්ඩුව එයින් බිලියන 31ක් අය කරගන්න් හදන්නේ ආහාර බදුවලිනුයි.මෙය ජනතාවගේ බඩට ගැහීමක්. මධ්‍යම පළාතට කිසිදු අලුත් ආයෝජකයෙක් පැමිණ නැහැ. මේ රටේ අවිනීතය තිබෙන නිසා ආයෝජකයින් එන්නේ නැහැ. ගොවි විශ්‍රාම වැටුප ලබා දෙන්න ගොවීන්ගෙන් මුදල් එකතු කළේ මීට වසර දෙකක සිටයි. ඔවුන්ට පසුගිය වසර දෙකේ විශ්‍රාම වැටුප ලබාදීමට ආණ්ඩුව සමත් වෙලා නැහැ.දිවා විවේකයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 සභාව යළි රැස්විය.පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා- ගිය මාසේ අපේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූවා. මෙය මාසයක් තුළ ලැබු වැඩිම ආදායමයි.විශාල ඇණවුම් ප්‍රමාණයක් අපිට ලැබෙමින් පවතිනවා. එජාපය බහුල ලෙස රැදී සිටින්නේ රටේ සංඛ්‍යා ලේඛන මත නෙමෙයි. අපේ ආදායමේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරනවා.එදා එජාපය යෝජනා කළේ අපේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමටයි.උතුරු නැගෙනහිර ප්‍රදේශවල දශක තුනක් තිස්සේ සිදු කළ නොහැකි වූ සංවර්ධනය ආරම්භ කිරීමට මේ රජයට හැකි වුණා. එම ප්‍රදේශවල වේගවත් සංවර්ධනයක් සිදු කෙරෙනවා.එම ප්‍රදේශවල අද කැපී පෙනෙන සංවර්ධනයක් සිදු කර තිබෙනවා. උද්ධමන අනුපාතයට වඩා ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන යාමට අපට හැකි වී තිබෙනවා.සංචාරක ඉපයීම් සියයට 24න් වැඩි වී තිබෙනවා.නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් රාධක්‍රිෂ්ණන් මහතා (එජනිස)- මේ රටේ කොදු නාරටිය වන වතු කම්කරුවන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 750ක් වියදම් කර නිවාස තනා දෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.මහල් නිවාස කදුකරයට ගැලපෙන්නේ නෑ. මෙයට පෙර සිටි රජයන් පවා මහල් නිවාස යෝජනා කළා.ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ප්‍රමාණවත් ඉඩ ඇති නිවාස ලබා දිය යුතුයි.මහින්ද චින්තනයේ සඳහන් පරිදි එක් වතු කම්කරුවෙකුට පර්චස් 10ක් වත් ලබා දිය යුතුයි.මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා (එජාප)- සාමාන්‍ය භාණ්ඩ මිල වැඩිවෙද්දී දුම්වැටිවල මිල වැඩි වීම ඉතා හෙමින් සිදුවන්නේ.මේ රටේ සංවර්ධනය යෙදු මුදලට වඩා වැඩි මුදලක් දුම්වැටි භාවිතයට යොදවා තිබෙනවා.ශ්‍රී ලංකාවේ දුම්වැටි පරිභෝජනය අඩු වූවත් දුම්වැටි නිෂ්පාදන සමාගම් ලබන ලාභය වැඩි වී තිබෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද?. අධිවේගී මාර්ග,වරාය, ගුවන්තොටුපළවල් හදන වියදමට වඩා වැඩි මුදලක් දුම්වැටි සඳහා යොදවා තිබෙනවා.මේ මුදල් මහාභාණ්ඩාගාරයට අහිමි වෙලා. නැවතත් මේ රටේ බදු මුදල් සමාලෝචනය කළ යුතුයි.වසර 6ක් තිස්සේ දුම්වැටි නිසා රුපියල් බිලියන 100ක් පමණ රජයට අහිමි වෙලා තිබෙනවා.පත්කළ මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා (එජනිස)- අස්වර් මහතා සිය අයවැය කතාව කවියක් මගින් සිදු කරයි.අස්වර් මහතා-ආයෝජන ඔස්සේ අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ලැබී තිබෙනවා.ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ.ස්වයංපෝෂිත අයවැයක්.රාජ්‍ය සේවකයින් විශ්‍රාමිකයන් කෙරෙහි අවධානය යොමුකරමින් සියලු දෙනා සතුටු කළ හැකි අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා.කොළඹ නගරය ඉතා දීප්තිමත් නගරයක් පවට පත් කර තිබෙනවා.මැදමූලනින් පැමිණි නායකයා රට එක්සේසත් කර තිබෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා (එජනිස)-පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අවසන් කීරීමෙන් පසුවයි මෙවර අයවැය සකස් කර තිබෙන්නේ.මෙවර අයවැය සකස් කර තිබෙන්නේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරමිනුයි.මානුෂිය මෙහෙයුම දියත් කර ත්‍රස්තවාදය අවසන් නොකළා නම් මෙවැනි රාජ්‍ය නායක සමුළු රටේ පවත්වන්නට හැකි වන්නේ නෑ.අද අපේ රට සහලින් ස්වයංපෝෂිතයි. සමහර බෝග ආනයනය කරන්නේ නෑ.පොහොර සහනාධාරය අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත්.අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය ආදී සෑම අංශයක් කෙරෙහිම වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (එජාප)- මෙවර අයවැය මගින් අමාරුවෙන් ජිවත් වන ජනතාව තව තවත් පීඩාවට පත් කර තිබෙනවා.අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විශාල වශයෙන් බදු පනවා තිබෙනවා. මෙවර අයවැයෙන් පනවා ඇති බදු නිසා භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල වැඩි වෙනවා.ජනතාවට මේවා දරා ගැනීම අපහසුයි.ජනතාවට දරා ගැනීමට නොහැකි ජීවන බරක් තිබෙනවා.විදුලි බිල වැඩි කළා.නමුත් විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත් කරගන්නට මොවුන්ට බැරි වෙලා තිබෙනවා.සමහර අමාත්‍යාංශ වලට අයවැයෙන් වෙන් කළ මුදල ප්‍රමාණවත් නැහැ.බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණි ලොකුගේ මහතා - රැජින ලංකාවට ගෙනැල්ල ගෞරව කළේ එජාපයයි. ග්ලොස්ටර් හා එඩිම්භරෝ ආදිපාදතුමන්ලා රතුඵලසේ ගෙන්වා ගෙන ගෞරව දැක්වුයේ එජාපයයි. නමුත් අද නලීන් බණ්ඩාර මහත්තයා මේ ගැන නොදැන කතා කිරීමම එජාපයට කරන අගෞරවයක් ලෙසයි මා දකින්නේ. යුද්ධය තිබුණ කාලයේදී පාර්ශවයන් තුනක් පීඩාවට පත්වුණා. නමුත් චැනල් ෆෝ නාලිකාවට එජාපය කතා කරන්නේ එක් පාර්ශවයක් ගැන පමණයි. අනෙක් ජනජීවිත එජාපයේ හදවතට දැනෙන්නේ නැහැ.මෙවර අය වැය මඟින් රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව 1200කින් වැඩි කර තිබෙනවා. එය පෞද්ගලික අංශයට ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා. මිනිස් බල ආයතනවල සේවය කරන සේවකයින්ට මේ දීමනාව ලබාදෙන මෙන් මා ඉල්ලීමක් කරනවා. ආණ්ඩුව මෙතෙක් ජනතාවට ලබාදුන් කිසිදු සහනාධාරයක් කප්පාදු කිරීමට පියවර ගෙන නැහැ.පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ එම් එල් අතාවුල්ලා මහතා - ඩී එස් සේනානායක මහත්තයා මේ රට නිදහස් කර ගත්තේ යුද්ධයකින් නොවෙයි. නමුත් අපේ රටේ වසර තිහක් පැවැති ත්‍රස්තවාදී යුද්ධයෙන් මේ රට නිදහස් කිරීමේදී විශාල කැපකිරීම් සිදු කරන්න සිදු වුණා. අපේ රටේ සාගින්නේනන් ජනතාව මිය ගියේ නැහැ. නමුත් යුද්ධයෙන් විශාල පිරිසක් මිය ගියා. දැන් අපට නිදහස් රටක් ලැබී තිබෙනවා. එය ලබාගැනීමට ජනාධිපතිතුමා නායකත්වය ලබාදුන්නා. අද නිදහස් රටක් හැටියට සංවර්ධන වේගය වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.එය මේ අය වැයෙන් පෙනෙන්නට තිබෙනවා. මෙය 2014 වසර සඳහා පමණක් නොවෙයි දිගුකාලීන අය වැයක් ලෙස මට හඳුන්වන්න පුළුවන්. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දී දේශීය නිෂ්පාදන පහතට දැමුවා.සෑම භාණ්ඩයක්ම ආනයනය කිරීම නිසා ශ්‍රී ලංකාව කුණු ගොඩක් බවට පත්වුණා. අද ඒ තත්ත්වයෙන් මිදී දේශීය නිෂ්පාදන නංවාලීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී පී සරවනබවන් මහතා (දෙජාස) - මේ අය වරය මඟින් අපේ ජනතාවට සහන ලැබී නැහැ. දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අය වැයේ ඉලක්කම් සමත් නැහැ. උතුරේ පළාත් සභාවට නිසි බලතල ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැහැ.සමාජ සුබසාධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා - උතුරට අප ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව නිසා මේ රට සංවර්ධනය වුණා. අද කොළඹ නගරය අංලකාර වෙලා.විදේශ නායකයින් කොළඹ සුන්දරත්වය දැක පුදුම වුණා. එයින් අපේ රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට හැකියාව තිබෙනවා. පෙර නොවූවිරූ ලෙස මේ රට සංවර්ධන වෙමින් තිබෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ මහතා (එජනිස) - ආර්ථික වර්ධන වේගය සියයට7.8 දක්වා වැඩි කර ගැනිමට ආණ්ඩුව සමත්වෙලා. අය වැය පරතරය අඩු කර තිබෙනවා. සහලින් මේ රට ස්වයංපෝෂිත වෙලා.පත්කළ මන්ත්‍රී එන් එස් එම් අස්ලම් මහතා (එජනිස)- ත්‍රස්තවාදයෙන් මේ රට මුදවා ගෙන ආසියාවේ සංවර්ධනම රට බවට පත්කිරීමට මේ අය වැය මඟින් යෝජනා ගෙනැවිත් තිබෙනවා. රටේ සංවර්ධන ඉලක්ක පිළිබඳ පැහැදිලි දැක්මක් අය වැය මඟින් පෙන්නුම් කර තිබෙනවා.ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූස නානායක්කාර මහතා (එජනිස) - ලෝක ආර්ථිකය කඩා වැටෙද්දි තිරසාර ආර්ථික වර්ධනයක් රට තුළ ගොඩ නගන්න දූරදර්ශීව ඉදිරිපත් කළ අය වැයක්. සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම මෙමඟින් අවධානය යොමු වෙලා තිබෙනවා. ගාල්ල නගරයේ සංවර්ධනය අමෙරිකානු ඩොලර් මිලියන100ක් ලබාදී තිබෙනවා.පත්කළ මන්ත්‍රී කමලා රණතුංග මෙනවිය (එජනිස)-එදා සිටි නායකයින් අය වැය සකස් කළේ ලෝකය දෙස බලාගෙනයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ සෑම අංශයක් සමඟ සාකච්ඡා කර මේ අය වැය නිර්මාණය කර තිබෙනවා. එහි හොඳ ආර්ථික දැක්මත් තිබෙනවා.සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා- ආණ්ඩුවේ ඉදිරි ආර්ථික සැලසුම් මේ අය වැය මඟින් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් ආරක්ෂාවට හා නාගරික සංවර්ධනයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. එය ඉතා වැදගත්. අප දැනට ඉන්නේ පශ්චාත් යුද සමයකයි. ඒ අතරම අද නගර සංවර්ධනය කඩිනමින් සිදු වෙනවා. නගර සංවර්ධනය මගින් අපේ ප්‍රතිරූපය පෙනෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා අය වැය මඟින් මුදල් වෙන් කර තිබෙනවා. අපනයන ආදායම වසරින් වසර වැඩිවී තිබෙනවා.ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා- ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමාජිය හා දේශපාලන වශයෙන් සංවර්ධනය කළ හැකි අය වැයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ජනතාවට ලබාදී තිබු සහන කිසිවක් කප්පාදු කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළේ නැහැ. ගොවි ජනතාව ආරක්ෂා කරමින් දේශිය නිෂ්පාදනවලට මුල් තැනක් ලබාදී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීමට පියවර ගෙන තිබෙනවා.නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මුලසුනට පැමිණියේය.දිසානයාක මහතා - උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීමට අප කටයුතු කළා. අපේ ආණ්ඩුව පත්වන විට උපාධිධාරීන් විශාල වශයෙන් රැකියා නොමැතිව හිටියා. ඔවුන් සියලුදෙනා රජයේ සේවය බඳවා ගත්තා. රාජ්‍ය ත්‍රන්ත්‍රික මට්ටමින් පවා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අගයනවා. නමුත් විපක්ෂය එය පෙනෙන්නේ නැහැ.පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා (එජනිස)- මේ රටේ බිහිවුන දුර්වලම විපක්ෂය අද පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂයයි. විපක්ෂය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් අපට තිබෙනවා.මේ රටේ නායකයා පිළිබඳ ජනතාව විශ්වාසය තබා තිබෙනවා. මහින්ද රාජක්ෂ මහතාගේ නිවැරැදි ආර්ථික දැක්ම මේ රට ආසියාවේ ඉහළට ඔසවා තබා තිබෙනවා.විවාදය නිමා විය.පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 9.30 යළි රැස්වේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112516
|
මහා සංඝරත්නයෙන් සමාව ගැනීමඅපහාසයක් හෝ මදිපුංචිකමක් නොවේ
|
අසේල කුරුළුවංශ
|
කුමන හෝ වරදක් සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් සමාව ගැනීම මදිපුංචිකමක් හෝ අපහාසයට කරුණක් ලෙස එජාපය නොසැලකිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සි හිමියෝ පවසති.මහා සංඝරත්නය එජාප කාර්යාලය වැටලුවේ එහි රටට එරෙහි බලවේගයන්ට සහාය පළකරන යමක් සිදු වූ බවට ලද තොරතුරු මත බවත්, එවැන්නක් සඳහා මහා සංඝරත්නයට අයිතියක් තිබෙන බවත් උන්වහන්සේ කීහ.අතීතයේ පටන් රජුන්ට අවවාද අනුශාසනා කරමින් රට පාලනයට මහා සංඝරත්නය මැදිහත් වූ සේම රටට අයහපතක් වන අවස්ථාවන්හි දී ද සංඝරත්නය පෙරට ආ බවත් පැවසූ අනුනාහිමියෝ රටට එරෙහිව යමක් සිදුවන්නේද සොයාබලන්නට එජාප මූලස්ථානයට මහා සංඝරත්නය ඇතුළුවීම සම්බන්ධව වරදක් ලෙස කතා කිරීම අනුමත කළ නොහැකි බවද අවධාරණය කළහ.එම ස්ථානයේ වරදක් සිදුනොවූයේ නම් ඒ පිළිබඳ ගැටලුවක් නොමැති බවත් මහා සංඝරත්නයෙන් අපි සමාව නොගත්තේ යැයි පැවසීමට ඇතමුන් උත්සහ කිරීම කනගාටුවට කරුණක් බවත් අනුනාහිමියෝ කීහ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112517
|
ජගත් විදු දින සැමරුම අද
|
උපාලි කරුණාරත්න සහචමීර ඇල්ලදෙනිය
|
ජගත් විදු දින සැමරුම තාක්ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක සහ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ( 25 ) පෙරවරු 9ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.'ජීවන රටාව සහ සෞඛ්‍ය ' තේමා කර ගනිමින් පසුගිය මාස ගණනාවක් පුරා පාසල් දරු දැරියන් වෙනුවෙන් ජාතික විද්‍යා පදනම සංවිධානය කළ තරග වැඩසටහන්වලින් ජයගත් දරු දැරියන්ට සම්මාන සහතික පිරිනැමීම, විද්‍යා හා ඉංජිනේරු සංදර්ශනය මෙහිදී පැවැත්වේ. විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා වූ මහාචාර්ය එම්.ටී.එම් ජිෆ්රි සම්මානය පිරිනැමීමට ද කටයුතු යොදා ඇත..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112518
|
අන්තර්ජාතික සාගරික ආරක්ෂකසම්මන්ත්‍රණය අද ගාල්ලේදී
| null |
‘ගාලු කතිකාව - 2013’ අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය අද (25) සහ හෙට (26) දෙදින ගාල්ල ලයිට් හවුස් හෝටලයේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.රටවල් 35ක සාගරික හා නාවික කටයුතු පිළිබඳ විශේෂඥයින් මීට සහභාගිවීමට නියමිතය. ‘ඉන්දීය සාගර කලාපයේ මතුවෙමින් පවත්නා ප්‍රවණතා’ තේමාව යටතේ පැවැත්වෙන ආරක්ෂක සම්මන්ත්‍රණයේ පළමු සැසිවාරයේ දේශනය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් පවත්වනු ලබයි.ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වීමට නියමිත අතර පිළිගැනීමේ කතාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් පවත්වනු ලබයි.ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන “ගාලු කතිකාව” සම්මන්ත්‍රණය වසරක් පාසා පැවැත්වෙන අතර සිව්වන වරට මෙවර පැවැත්වේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112519
|
මෙදා යල කන්නයේ මෙට්‍රික් ටොන් මිලියන 2කවාර්තාගත වී අස්වැන්නක්
|
සමන්මලී ප්‍රියශාන්ති
|
පසුගිය යල කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 2 ක වාර්තාගත වී අස්වැන්නක් ලබා ගෙන ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.එය යල කන්නයක ලද ඉහළම වී අස්වැන්න බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.යල කන්නයේදී කිසිවකුට නොදන්වා රසායනික පොහොර සියයට 25 කින් අඩු කළ බවත් පොහොර සහනාධාරය අඩු කළ නිසා අස්වැන්න අඩු වු බවට විවිධ පාර්ශවයන් විවිධ ප්‍රචාරයන් ගෙන ගිය බවත් අබේවර්ධන මහතා කීවේය.ඒ සියලු ප්‍රචාරයන් පරදා මෙවර යල කන්නයේදි ඉතිහාසයේ වැඩිම වි අස්වැන්න ලබා ගැනීමට හැකියාව ලැබුණු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.රසායනික පොහොර නොමැතිව සාර්ථක අස්වැන්නක් ලබා ගත නොහැකියි යන මතය අසත්‍යයක් බව කී ඇමැතිවරයා මෙවර යල කන්නයේදී ලද අස්වැන්න පිළිබදව සලකා බැලීමේදී ගොවියා දේශීය බීජ වලට හා කාබනික ගොවිතැනට වැඩි නැඹුරුවක් දක්වන බව පැහැදිලි වන බවද කීවේය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112520
|
සමුපකාර සේවකයන්ටත්අයවැයෙන් වැඩිකළජීවන අංක දීමනාව ලබා දෙනවා
|
තිලක් පුෂ්පකුමාර සේනානායක
|
රජයේ සේවකයන්ට වැඩි කළ ජීවන වියදම් දීමනාව සමුපකාර සේවකයන්ටත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ලැබෙන්නට සලස්වන බව මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා පැවැසීය.හෙතෙම මේ අදහස් පළ කළේ (22)දා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී 91 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය නිමිත්තෙන් පැවැති මධ්‍යම පළාත් සැමරුම් දින උත්සවයේදීය. මෙහිදී සමුපකාර සේවකයින්ගේ තරග රැසක් සංවිධානය කොට තිබිණි.එහිදී ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා මෙසේද පැවැසීය.තමන්ගේ සමුපකාර සමිතිය ඉහළම තලයකට ගේන්න සේවක සේවිකාවන්ගේ සහ පාලන අංශයේ අරමුණ විය යුතුයි. වැටුප් වැඩිකරන තරමට තමන්ගේ කැපවීමක් තිබිය යුතුයි. අද සමුපකාර සේවක සේවිකාවන්ට විශ්‍රාම වැටුප් ලැබෙනවා. මධ්‍යම පළාතේ සමුපකාර කුමරියන්ගේ තරගයෙන් ජයග්‍රහණය ලබන අයට ඉන්දියාවේ සංචාරයක් සඳහා යාමට අවස්ථාව උදාවෙනවා. මේ රටේ සමුපකාරය පිළිබඳව ජනතාවගේ ඉහළම විශ්වාසයක් ලැබී තිබෙනවා. හොඳ වර්ගයේ භාණ්ඩ සමුපකාරයෙන් සාධාරණ මිලකට ගන්න පුළුවන්. මධ්‍යම පළාතේ සමුපකාර සේවක සේවිකාවන්ගේ තත්ත්වය නංවන්නට ඉදිරියේදී කටයුතු කරනවා.මෙහිදී මධ්‍යම පළාත් සමුපකාර කොමසාරිස් ඒ. වීරසේකර මහතා පිළිගැනීමේ කතාව සිදුකළ අතර ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මානෙල් බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රී ගාමිණී විජයබණ්ඩාර යන මහත්වරුන් අතින් සිදුවිය. මේ උත්සවය මහනුවර විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කොට තිබුණි..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112521
|
ජනපති ජන්ම දිනය සමරා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක්
|
ඡායාරූපය - තනුජ ප්‍රදීප්
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය සමරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා සභානායක කාර්යාලය ඒකාබද්ධ සුභ සාධක සංගමය මඟින් සංවිධානය කළ බොරැල්ල ගෝතමී පාර ‘ලක්විදු සෙවණේ’ දරු දැරියන් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවූ අවස්ථාව.‘ලක්විදු සෙවණේ’ අනුශාසක ඇල්ලේ ගුණවංශ හිමි, ජල සම්පාදන හා ජලාපවහන ඇමති දිනේෂ් ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් තිලක් දේවගිරිබණ්ඩාර, සභානායක ලේකම් සුමිත් විජේසිංහ ඇතුළු කාර්යමණ්ඩලය මේ අවස්ථාවට සහභාගී විය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112522
|
මා වෙත පැවරූ වගකීමඅවංකව අකුරටම ඉටුකරනවා
|
තෙන්නකෝන් කුලසේකර
|
නව කැබිනට් ඇමැති තනතුරක් ලබාදී ජනාධිපතිතුමා රටේ සංවර්ධනය වෙනුවෙන් තමා වෙත පැවරූ වගකීම නාස්තියෙන්, දූෂණයෙන්, වංචාවෙන් තොරව අකුරටම ඉටුකරන බව නව විශේෂ ව්‍යාපෘති ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට කළ උපහාරයක් සේ තමා වෙත නව ඇමැති පදවිය පිරිනැමීම සළකන බවත් එම ජනතාවගේ ගෞරවය හා ජනාධිපතිතුමා තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදාක කඩනොකරන බවත් ඇමැතිවරයා කියයි.මහින්ද රාජපක්ෂ රජය යටතේ තමා දැරූ ඇමැති පදවිය ද නියෝජ්‍ය ඇමැති පදවියද උපයෝගී කොට ගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයට සේම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ද සැබෑ ලෙසත් අවංක ලෙසත් උපරිම මෙහෙවරක් ඉටුකිරීමට තමාට ධෛර්ය හා ශක්තිය තිබු බවත් විශේෂයෙන්ම අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ද නුවර කලාවිය ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ද ප්‍රමුඛ අටමස්ථානාධිපතින් වහන්සේලාගේද ගරුතර මහා සංඝරත්නයේ ද නිරන්තර අවවාද අනුශාසනා ලැබ ලද නව ඇමැති පදවියෙන් මේ රටේ සංවර්ධනයටත් ජනතා සුබසෙතටත් දිවි පරදුවට තබා සේවය කරන බවට උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිඳු ඉදිරියේ ප්‍රතිඥා දෙන බව ද කීය.නව ඇමැති පදවියෙන් පිදුම් ලැබූ එස්. එම්. චන්ද්‍රසේන මහතා පෙරේදා (23) ජයශ්‍රී මහා බෝ සමිඳු වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් පසු මෙම අදහස් “දිනමිණ”ට පැවැසීය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112523
|
පිළිකා රෝගීන් වෙනුවෙන් ජනපති ආර්යාවගේ සේවය මානව සමාජයට ආදර්ශයක්
| null |
පිළිකා රෝගයෙන් පීඩා විඳින අහිංසක දරුවන් ඇතුළු රෝගීන් වෙනුවෙන් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉටුකරන සේවාව සමස්ත මානව සමාජයට සහ අනෙකුත් රටවල නායිකාවන්ට ද ආදර්ශයක් බව මහරගම ජාතික පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න මහතා පවසයි.තමාගේම සිතට නැගුණු කාරුණික සිතිවිල්ලක් අනුව, මෙරට පිළිකා රෝගීන් හට නන් ආකාරයෙන් උදව් උපකාර කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටින ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ද එකී උතුම් මිනිස් කොට්ඨාසයට අයත් උදාර මාතාවකි.රාජපක්ෂ මැතිනිය පෙරේදා පෙරවරුවේ (23) මහරගම පිළිකා රෝහල සඳහා රු.මිලියන 2කට වැඩි වටිනාකමින් යුත් පිළිකා රෝගය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන විශේෂ වෛද්‍ය උපකරණ කට්ටල, ලක්ෂ 05කට අධික අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා කුඩා දරුවන්ගේ දැනුම වර්ධනය සදහා අවශ්‍ය පරිගණක, සෙල්ලම් බඩු, වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් බෙදාදීම මහරගම පිළිකා රෝහල් පරිශ්‍ර ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.මෙම කටයුක්ත විශේෂයෙන් සංවිධානය කෙරුණේ පසුගියදා පැවැති ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙනි. මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යාංශය සහ මග නැඟුම ව්‍යාපෘතිය මඟින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.ජාතික පිළිකා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කනිෂ්ක ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කර සිටියේ ජනාධිපති ආර්යාව සති දෙකකට වරක් රෝහලට පැමිණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා කුඩා හා වැඩිහිටි රෝගීන්ගේ අඩුපාඩු සොයා බලා නිසි පහසුකම් සැලසීමට කටයුතු කරන බවත් කුඩා දරුවන් වෙතට ගොස් සෙනෙහබර මාතාවක් ලෙස ඔවුන් පිළිබඳ පෞද්ගලිකවම සොයා බලා සංවේදීව කටයුතු කරන මෙම උතුම් සත්ක්‍රියාව හා මහත් දයානුකම්පාව, සමස්ත මානව සමාජයටම හා අනෙකුත් රටවල නායිකාවන්ටද උතුම් ආදර්ශයක් බවයි.මෙහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ රාජපක්ෂ මැතිනිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මූල්‍ය අපහසුතා ඇති දරුවන්ට අවශ්‍ය ආධාර උපකාර ලබාදීමට එකඟ වූවාය.නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන 200කට අධික ළමා රෝගීන් පිළිබඳ පෞද්ගලිකව සොයා බලා ඔවුන් අසලටම ගොස් සුවදුක් විමසු ජනාධිපති ආර්යාව, ඔවුන් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සෙල්ලම් උපකරණ බෙදාදීමට ද කටයුතු කළාය.ජනාධිපති ආර්යාවගේ මැදිහත්වීමෙන් මහරගම පිළිකා රෝහලට නවීන පහසුකම්වලින් යුක්ත රුපියල් මිලියන 1500ක නව ගොඩනැගිලි සංකීර්ණයක් සඳහා ද පසුගියදා මුල්ගල් තැබිණ. එහි ඉදිකිරීම් ද මේ වනවිට ක්‍රියාත්මකව පවතී.මෙම අවස්ථාවට මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මග නැඟුම, ව්‍යාපෘතිය සභාපති කිංස්ලි රණවක ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112524
|
සමස්ත දූ දරුවන්-කාන්තාවන්ගේ අභිවෘද්ධියටමෙවර අය-වැයෙන් මිලියන 300ක්
|
බුද්ධිකා ඉඹුලාන සහ චින්තා රණසිංහ
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමස්ත දූදරුවන්ගේ සහ කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා මෙවර අය-වැයෙන් රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කර තිබේ.මෙරට අනාගත භාරකරුවන් වන දූ දරුවන් සඳහා මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා අමිල මෙහෙයක් සිදු කරන කාන්තාවන්ගේ සංවර්ධනය සඳහා සුවිශේෂී අවධානයක් යොමු කර ඇතැයි ද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පවසයි. ප්‍රථම වරට කාන්තා ව්‍යවසායකයන් සඳහා පොලී රහිතව රුපියල් දෙලක්ෂ පනස් දහසක් දක්වා ණය පහසුකම් ලබා ගැනිමට අවස්ථාව උදා කර දිමෙන් දිරිය කාන්තාවන් වෙනුවෙන් ඉමහත් සේවයක් සිදු වන බව ද ඔවුන්ගේ කර්මාන්ත දියුණු වීම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හේතු වනු ඇති බව කරල්ලියද්ද මහතා පෙන්වා දෙයි.ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීම සඳහා මෙන්ම හිංසනයට පත් දරුවන් හා කාන්තාවන් සඳහා ඉදි කර ඇති රැකවරණ මධ්‍යස්ථානවල පහසුකම් පුළුල් කිරීමට මෙන්ම සෑම පොලිස් ස්ථානයකම දැනට පිහිටුවා ඇති ළමා හා කාන්තා කාර්යාංශ ශක්තිමත් කිරීමටත් මෙවර අය-වැයෙන් වැඩි ඉඩක් ලබා දී තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් දරුවන්ගේ හා කාන්තාවන්ගේ වටිනාකම ජාතියට තහවුරු කර දී ඇති බව සඳහන් කරන ඇමැතිවරයා, ගැබිණි හා කිරිදෙන මව්වරුන්ගේ මෙන්ම දරුවන්ගේ පෝෂණ මට්ටම වැඩි දියුණු කිරීම සඳහා වූ භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීමට රජය සෑම වර්ෂයකම රුපියල් මිලියන 7000 ක් පමණ වෙන් කිරීම සතුටට කාරණාවක් යැයි ද වැඩි දුරටත් පවසයි..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112525
|
ඉන්ධන ලබා ගැනීමේදීසිදුවන වංචා ගැන පියවර ගැනීමට වැඩපිළිවෙළක්
|
නුවන් කොඩිකාර
|
පාරිභෝගිකයන් පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගන්නා අවස්ථාවලදී සිදු කරන වංචා සම්බන්ධයෙන් ඒ අවස්ථාවේම පියවර ගැනීමට හැකි වැඩපිළිවෙළක් තෙල් සංස්ථාව විසින් සකස් කොට ඇතැයි ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.තෙල් අඩුවෙන් ගැසීම ගැන වැඩි සැකයක් මතු වුවහොත් පාරිභොගිකයාට එම ඉන්ධන හලෙහි කළමනාකරු හමුවී ඒ මොහොතේම පරීක්ෂා කරගත හැකි අන්දමට මෙම වැඩපිළිවෙළ සකස් කර ඇති බවත් ඒ සඳහා තෙල් සංස්ථාව විසින් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් අනුමත කොට ඇති ලීටර් පහේ සුදු යකඩ කෑන් එකක් සෑම ඉන්ධන හලකටම ලබාදී ඇති බවත් හෙතෙම කීවේය.පැමිණිල්ලක් ලද විට ඉන්ධන පිරවුම්හලෙහි කළමනාකරු අදාළ තෙල් සැපයූ පොම්පයෙන් එම සුදු යකඩ කෑන් එකට ඉන්ධන ලීටර් 5ක් සැපයිය යුතු බව පැවැසු ඒ මහතා පාරභෝගිකයා හට අදාළ පොම්පයෙන් නිසියාකාරව ඉන්ධන ලීටර් පහ නිකුත් වනවාදැයි යන්න පිළිබද දැකගත හැකි බව ප්‍රකාශ කෙළේය.එසේ නොවුණහොත් දුරකථන අංක 0115234234 ඔස්සේ පාරිභොගිකයාට අදාළ ඉන්ධනහල පිළිබඳ දන්වා ඒ මොහොතේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශයේ පාරිභෝගික සේවා ඒකකයට පැමිණිලි කළ හැකි බවද ඇමැතිවරයා කියා සිටියේය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112526
|
සංවර්ධනාත්මක ප්‍රතිපත්ති රැසකින් යුත් අය-වැයක් මෙවර ඉදිරිපත් කළා
| null |
පක්ෂ විපක්ෂ කිසිවකුටවත් චෝදනා කළ නොහැකි සංවර්ධනාත්මක ප්‍රතිපත්ති රැසකින් යුතු අය - වැයක් මෙවර ඉදිරිපත් කැර තිබෙන බව අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.රටට හිතකර පසුගිය අයවැයයන්හිදී පවා ඊට චෝදනා එල්ල කරන සංවිධාන්තමක පිරිස් මෙවර අය වැය හමුවේ නිරුත්තර වී සිටින බව ද අගමැතිවරයා පැවසීය.ඉදිරි මුදල් වර්ෂය වෙනුවෙන් අය වැය වාර්තාවක්ඉදිරිපත් කරන්නේ ආදායම් උපයා මුදල් වියදම් කිරීමට නොව රට වඩාත් ජවසම්පන්නව සංවර්ධනය කිරීමට යැයි ඉකුත්දා (22) කටාන, කඩවල පිහිටි මැලේසියානු බෞද්ධ මධ්‍යස්ථානයේ විහාර මන්දිරයට මුල් ගල්තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් එහි පැවැති උත්සවයේදී අගමැතිවරයාය මේ බව සඳහන් කෙළේය.මැලේසියාවේ පිනෑන් ශ්‍රි මහින්දාරාම විහාරස්ථානයට අනුබද්ධව කටාන, පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය ඉදිකිරීම සඳහා මංගල පස් පිඩැල්ල කපා, මුල් ගල් තැබීම, භාවනා කුටි විවෘත කිරීම සහ වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.එහි පැවැති උත්සව සභාවේදී තවදුරටත් අදහස් පළ කළ අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතා මෙසේ පැවසීය.මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ වසර 2014 - 2016දී රට දැවැන්ත සංවර්ධනාත්මක මාවතකට යොමු කිරීම ද අරමුණු කර ගනිමිනුයි ජනාධිපතිතුමා මේ අය වැය ඉදිරිපත් කෙළේ. ජාත්‍යන්තර අස්ථාවර භාවය සහ ශීඝ්‍රයෙන් ඉහළ ගිය ඉන්ධන මිල ආදිය හමුවේ පවා රට සියයට හයකට වඩා ඉහළ අඛණ්ඩ ආර්ථික වර්ධන වේගයකින් පවත්වා ගැනීමට අප රජයට හැකියාව ලැබුණා.විදේශීය සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීම මෙන්ම එක්සත් ජනපද ඩොලර් මිලියන 1500ක වාර්තාගත ආදායමක් සංචාරක කර්මාන්තයෙන් ඉපයීම මෙවර අය වැයෙන් අපේක්ෂා කරනවා. රජයේ සේවක ජීවන වියදම් දීමනාව ඉහළ දැමීම, ගොවි විශ්‍රාම වැටුප් ඉහළ දැමීම, කාන්තා ව්‍යාපාරිකයන්ට පොළී රහිත ණය ලබා දීම ආදී අය වැය යෝජනා මඟින් අප ආණ්ඩුව උත්සහ කරන්නේ ජනතාවගේ සුභ සාධන කටයුතු තව දුරටත් ශක්තිමත් කිරීමටයි.අඩු අවධානයක් තිබුණු පිරිවෙන් අධ්‍යාපනය රජයේ ගුරු සේවයට සමාන කරමින් පිරිවෙන් ගුරු වෘත්තීයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට මෙවර අය - වැයෙන් අවධානය යොමු වුණා. අප නිතරම උත්සහ කෙළේ වඩා යහපත් පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමටයි. ඒ වෙනුවෙන් කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම කෘතවේදී ස්තුතිය පිරිනමනවා.වර්තමානයේදී සමාජයේ නිවැරැදි නොවන ක්‍රියා කරන චීවරධාරීන් පිළිබඳව මාධ්‍යයෙන් විවිධ ප්‍රවෘත්ති වාර්තා පළ කරනවා. චීවරයේ ගෞරවය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නය අවධානය ෙයාමු කරන බව අපට පැහැදිලිව දක්නට ලැබෙනවා. එනමුත් ඉතාම සුළු පිරිසක් ශාසනයේ සහ චීවරයේ ගෞරවයට හානි කරන අයුරින් හැසිරෙන බව ජනමාධ්‍ය ඔස්සේ පවා අසන්නට දක්නට ලැබෙනවා. ඒ අය භික්ෂූන් වහන්සේ ගණයට අයත් නොවන පිරිසක් බව කිව යුතුයි.නමුත් විවිධ බාධක මධ්‍යයේ ශාසනය සුරක්ෂිත කිරීමට ඉදිරිපත් වන මහා සංඝරත්නය ආරක්ෂා කිරීමට බෞද්ධයන් මෙන්ම අප ආණ්ඩුව ද නොපැකිළී ඉදිරිපත් වන බව මෙහිදී අවධාරණය කරනවා යැයි අගමැති ආචාර්ය දි.මු.ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.කටාන, පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගතාරේ ඥානාලංකාර හිමිපාණන් වහන්සේ, මැදගොඩ ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙන් පරිවේණාධිපති දිඹුල්කුඹුරේ විසුද්ධානන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා, මැලේසියාවේ බටර්වර්ත් බෞද්ධ මධ්‍යස්ථානයේ සභාපති කිං හොක් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගීව සිටියහ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112527
|
කැමරන්ට හා චැනල් 4 කණ්ඩායමටමුත්තයියා හයේ පහරක් දුන්නා
|
- ඇමැති විමල් වීරවංශ
|
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා හා චැනල් 4 නාළිකාවේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාව පිළිබඳ අඳුරු චිත්‍රයක් ලෝකයට ගෙනියාමට සූදානම්වූ අවස්ථාවේදී මුත්තයියා මුරලිදරන් ක්‍රීඩකයා දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැතිතුමා හා සමානවම මේ රටට ආදරය කරන පුරවැසියෙක් බව ඔප්පු කර පෙන්වූ බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. එමනිසා රටේ අභිමානය වෙනුවෙන් ක්‍රියාකළ මුත්තයියා මුරලිදරන්ට සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය හිමිවිය යුතු බවද ඇමැතිවරයා අවධාරණය කෙළේය.ඇමැතිවරයා මෙම අදහස් පළකෙළේ වසර 31කට පසුව රුපියල් ලක්ෂ 153ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන ලද කොළඹ මාළිගාවත්තේ පිහිටි දිසානායකවත්ත නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පෙරේදා (23) දින පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ ඇමැතිවරයා “මේ රටේ ඇතිවන පරිවර්තනය දරාගන්න බැරුව වියරු සහගත ප්‍රතික්‍රියාවන් මේ රටට ලැබෙනවා. අපේ රටේ වටිනාම ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් ක්‍රීඩකයා ශ්‍රී ලාංකික දෙමළ සහෝදරයෙක්. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ඇතිවූ කළු ජූලියෙන් ඔහු හා ඔහුගේ පවුලේ උදවිය බැටකාපු අය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112528
|
එජාපය ඉතිහාසයේ දරුණුමඅර්බුදයට මුහුණ දී තිබෙනවා
| null |
එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයට මුහුණදී ඇති බවත්, නාගරිකව හා ග්‍රාමීය වශයෙන් සිටින සාමාජිකයන් පක්ෂයෙන් ඉවත්වීම හා පාක්ෂිකයන් තුළ නායකයින් කෙරෙහි තිබෙන විශ්වාසය නොමැතිකම ඊට හේතුව බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.අද එක්සත් ජාතික පක්ෂයට තිබෙන ප්‍රබලම අභියෝගය තමයි පක්ෂයේ අර්බුද. එම අර්බුද තුළ පක්ෂයේ නාගරික මට්ටමේ, ග්‍රාමීය මට්ටමේ, බිම් මට්ටමේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් අද වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස්කම් සාමාජිකයින් දක්වා ගමන් කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට ගොඩ එන්න බැරි ප්‍රධාන කාරණය තමයි නගරය හා ගම තුළ සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් රැකගැනීමට බැරිකම. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයට තිබෙන ප්‍රශ්නය.සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඉකුත්දා (22) බස්නාහිර පළාතේ වාද්දුව තල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ඇමැති රෙජිනෝල්ඩ් කුරේ සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා.සෞඛ්‍ය අමාත්‍යාංශයට 2014 වර්ෂයේ වෙන්කර ඇති මුදල් ප්‍රමාණය මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයට කවදාවත් වෙන්කර දීලා නැහැ. ජනාධිපතිතුමා අයවැය යෝජනා තුළ රුපියල් බිලියන 155ක් 2014 වර්ෂයට වෙන් කරලා තිබුණා. එතකොට අපිට 2013 වර්ෂයේ දීලා තිබුණේ රුපියල් බිලියන 120ක් වගේ මුදලක් මට මතකයි. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ බිලියන 110ක් විතර. එතකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වාර්ෂිකව ඒ වැඩිවීම සිද්ධවෙලා තිබෙනවා. ඒක නිසා අපි ලබාදෙන සංවර්ධනයේදී පුළුල් ආයෝජනයක්. ඒ වගේම ජනතාවගේ දේශපාලන ගුණාත්මකභාවය සංවර්ධනය කිරීමට ඕනි. ජනතාවගේ දේශපාලන ගුණාත්මකභාවය තුළ මේ අපේ රට, රටේ ජනතාව පොදු කටයුතු කියන කාරණය ප්‍රධාන වශයෙන් ගොඩනැගෙන්නේ. මේ රටේ පසුගිය අවුරුදු ගණනාවක් ගත්තාම මේ රටේ ජනතාවගේ පොදු වගකීම් අපි භාර අරගෙන තිබෙනවා.අද මේ රටේ විපක්ෂය අන්ත අසරණ විදිහට පිරිහිලා. අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ද, වෙනත් දේශපාලන පක්ෂ ද, අද පුළුල් වශයෙන් පිරිහිලා. එක්සත් ජාතික පක්ෂය මම හිතන්නේ ඉතිහාසයේ මෙවැනි මහා ශෝචනීය ඛේදවාචකයකට මීට පෙර පත්වෙලා නැහැ. අභ්‍යන්තර අර්බුද. අඩුගානේ තමන්ගේ පක්ෂ කාර්යාලය රැකගන්න සාමාජිකයින්ට පුළුවන්කම ලැබිලා නැහැ.එක් කාලයක අපේ පක්ෂයේත් අර්බුද තිබුණා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ. අපේ පක්ෂය තුනට කැඩුනා. නමුත් තමුන්නාන්සේලාට මතක් කරන්නට ඕනි. අෙප් පක්ෂය තුනට කැඩුණේ ජේ. ආර්. ජයවර්ධන යුගයේ දී අපි ගම්වල පාක්ෂිකයින් නොසෙල්වී සිටියා. අපේ නායකයන් වෙනස් වුණා. අපේ නායකයන් එක්සත් ජාතික පක්ෂයට ගියා. වෙනත් පක්ෂ හැදුවා. නොයෙකුත් දේවල් සිද්ධ වුණා. හැබැයි ඒ යුගය තුළත් අපේ පාක්ෂිකයින් වෙනස් වුණේ නැහැ. අද එක්සත් ජාතික පක්ෂයට තිබෙන ප්‍රබලම අභියෝගය තමයි පක්ෂයේ අර්බුද තුළ පක්ෂයේ නාගරික මට්ටමේ ග්‍රාමීය මට්ටමේ බිම් මට්ටමේ ඉන්න එක්සත් ජාතික පක්ෂය පාක්ෂිකයන් අද වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස්කම සාමාජිකයින් දක්වාම ගමන් කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට ගොඩ එන්න බැරි ප්‍රධාන කාරණය තමයි නගරය හා ගම තුල සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ රැකගැනීමට බැරිකම. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයට තිබෙන ප්‍රශ්නය.ඒක නිසා ජයවර්ධන යුගය අපි දේශපාලන කාර්යයන් කරන කොට උද්ඝෝෂණයක්, පිකටින් එකක් විරෝධතාවයක් කරනකොට, ගමේ ඡන්දදායකයෝ, පාක්ෂිකයෝ එකතු වුණා. අද එක්සත් ජාතික පක්ෂයේ මහා සෝදාපාළුවක් තියෙනවා සාමාජිකත්වයේ. එම සෝදාපාළුව, පක්ෂ නායකයින්ගේ හැසිරීම පක්ෂයේ පිරිහීම තුල ගම තුල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයනුත් කල්පනා කළේ මේ රටේ අනාගතයට එරෙහි ජනතාවගේ අනාගතය වගේම, ජනතාවගේ සුබසිද්ධිය සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයට එනවා. ඒ නිසා තමයි පසුගිය සියලූම ඡන්ද ජයග්‍රහණය කළේ. අපි දැන් මාස ගණනකට කලින් කල්පනා කළේ විශේෂයෙන්ම වයඹ, මධ්‍යම පළාත් විශිෂ්ටව ජයග්‍රහණ ලැබුවා. දැන් ලබන අවුරුද්දේ මුළු බස්නාහිර පළාත් සභාවෙම ඡන්දය තියෙනවා..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112529
|
අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ඉදි කිරීමටසණස සමඟ ලෆාජ් එක්වෙයි
| null |
අඩු ආදායම්ලාභී පවුල් සඳහා අඩු වියදමින් නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සණස සංවර්ධන බැංකුව සහ ලෆාජ් මහවැලි සිමෙන්ති ආයතනය පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.කොළඹ කිරුලපන පිහිටි සණස සංවර්ධන බැංකු ප්‍රධාන කාර්යාලයේදී එම ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ ලෆාජ් මහවැලි සිමෙන්ති ආයතනයේ සාමාන්‍යාධිකාරී අනුරාග් කාක් සහ සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මෙහ්න්ද්‍ර ගල්ගමුව යන මහත්වරුන් විසිනි.මෙහිදී අදහස් දැක්වූ ලෆාජ් මහවැලි සිමෙන්ති ආයතනයේ සාමාන්‍යාධිකාරී අනුරාග් කාක් මහතා පැවසුවේ ලෆාජ් මහවැලි සිමෙන්ති ආයතනය සණස සංවර්ධන බැංකුව සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකරදීමේදී තම ආයතනය නිවාස ණය ලාභීන් සඳහා නිවාස සැලසුම් සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය නොමිලේ ලබා දීමටත් කැපවී කටයුතු කරන බවයි.එමෙන්ම නිවාස ඇස්තමේන්තු සකස් කරගැනීමටත් නිවාස ඉදිකිරීම් ක්‍රියාවලියේදී අවශ්‍ය තාක්ෂණික සහයෝගය නොමිලයේ ලබාදීමටත් බලාපොරොත්තු වන බව අනුරාග් කාක් මහතා සඳහන් කෙළේය.ග්‍රාමීය ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන මෙම නව වැඩපිළිවෙළ හරහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයෙන් නිවාස 75ක් ඉදිකිරීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි මහේන්ද්‍ර ගල්ගමුව මහතා පැවසීය.ඔහු අවධාරණය කෙළේ තම ආයතනය ලෆාජ් මහවැලි සිමෙන්ති ආයතනය සමග අත්වැල් බැඳගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් සණස සමිති මඟින් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරන බවයි.එමෙන්ම නව නිවසක් ඉදි කරගැනීම සහ නිවසේ අලුත්වැඩියාවක් සිදු කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 7 දක්වා සහනදායී කොන්දේසි යටතේ ණය පහසුකම් ලබා දීම සණස සංවර්ධන බැංකුව විසින් සිදුකරන බව ගල්ගමුව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම අවස්ථාවට ලෆාජ් ආයතනයේ උසස් නිලධාරීන් සහ සණස බැංකුවේ උසස් නිලධාරීන්ද සහභාගී වුහ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112530
|
බුද්ධිමය දේපොළ රැකීමට ලෝකයේ රටවල් එක්සත්ව වැඩ කළ යුතුයි
|
මහින්ද අලුත්ගෙදර
|
සංවර්ධනය වෙමින් පවතින සහ ඌණ සංවර්ධිත රටවල් අතර බුද්ධිමය දේපළ සහ සංවර්ධනය පිළිබද දකුණු දකුණු සහයෝඟීතාවය ගොඩනැඟීම වෙනුවෙන් ලෝක බුද්ධිමය දේපළ සංවිධානය නිරතුරුව සහාය වියයුතු බව ශ්‍රී ලංකාව පවසයි."බුද්ධිමය දේපළ සහ සංවර්ධනය" තේමාව යටතේ දකුණු දකුණු සහයෝඟීතාවය වැඩිදියුණු කළයුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති සහ ජී 15 කණ්ඩායමේ සභාපති රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ සංවර්ධනය සහ බුද්ධිමය දේපළ පිළිබද කමිටුවේ 12 වැනි සැසිවාරයෙන් අනතුරුව පැවැති බුද්ධිමය දේපළ සහ සංවර්ධනය පිළිබද දකුණු දකුණු සහයෝඟීතා සංගමයේ දෙවැනි වාර්ෂික සමුළුව අමතමින් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112531
|
“අරහත් මඟ අරහත් ඵල”කෘතිය 3 වැනිදා දොරට වඩී
| null |
ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කළ “අරහත් මඟ අරහත් ඵල” කෘතිය දොරට වැඩීමේ උත්සවය දෙසැම්බර් මස 3 වැනිදා උදේ 10.00 ට කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=n13112532
|
රුසියානු නාවික හමුදාවට අයත් නෞකා 5ක් කොළඹ වරායට එයි
| null |
රුසියානු නාවික හමුදාවේ පැසිපික් නාවික බලමුළුවට අයත් නෞකාවන් පහක් ඊයේ උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම නෞකාවන් පිළිගත්තාය. මධ්‍යධරණී මුහුදේ සිය මෙහෙයුම් කටයුතුවලින් අනතුරුව තම මව් වරාය වන වැලඩ්වොට්ස්ටොන් වෙත යන අතරතුර මෙම නෞකාවන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.සබ්මැරින් නාශක නෞකාවන් වන “අද්මිරාල් පැන්ටලේයව්” නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් පළමු පංතිය ඕලේග් වි පුසිංග් කටයුතු කරනු ලබයි. එහි දිග මීටර් 162ක්, බරින් ටොන් 7,595ක් හා කාර්යමණ්ඩලය නාවිකයින් 428ක ගෙන් සමන්විතය.භාණ්ඩ සහ භට පිරිස් ගොඩබෑම සඳහා යොදාගන්නා නෞකා වර්ගයට අයත් “අද්මිරාල් නෙවල්ස්කි” සහ “පෙරස්වෙට්” නෞකාවන් හි අණදෙන නිලධාරි ලෙස කපිතාන් දෙවැනි පන්තිය ඊගෝර් ඒ අකුලොව් සහ කපිතාන් තුන්වන පන්තිය ඕලේජ් වි පොටැපෝව් කටයුතු කරනු ලබයි. මෙම නෞකාවන් දිගින් මීටර් 112ක්, බරින් ටොන් 4,000ක් වන අතර, කාර්යය මණ්ඩලය පිළිවෙළින් 139ක් සහ 145ක් ගෙන් සමන්විතය.අනතුරට පත් නෞකාවන් බේරා ගැනීමේ නෞකාවක් වන “ෆොට් ක්රෙලෙව්” නෞකාවේ අණදෙන නිලධාරි ඇලෙක්සැන්ඩර් ඒ. ස්මිරනොව් කටයුතු කරනු ලබයි. මෙම නෞකාව දිගින් මීටර් 98ක්, බරින් ටොන් 7,542ක් වන අතර, එහි කාර්යය මණ්ඩලය 65 ගෙන් සමන්විතය.සැපයුම් නෞකාවක් වන “පෙවෙන්ගා” නෞකාවේ අණදෙන නිලධාරි ලෙස වසිලි එම්. ශෙයිල්යෙව් කටයුතු කරනු ලබයි. මෙම නෞකාව දිගින් මීටර් 130ක්, බරින් ටොන් 11,140ක් වන අතර, කාර්යය මණ්ඩලය 63 දෙනකුගෙන් සමන්විතය.මෙම නෞකාවන්ගේ ආගමනය කරුණු කිහිපයක් නිසා ශ්‍රී ලංකාවට වැදගත්වේ. රුසියානු නාවික හමුදාවේ පැසිපික් නාවික බලමුළුවට අයත් නෞකාවන් වසර කිහිපයකට පසුව මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, එය රුසියානු නාවික හමුදාව කළාපීය සමුද්‍රීය කටයුතු පිළිබඳව දක්වන උනන්දුව පිළිබිඹු කරයි. මෙම නෞකාවන් ශ්‍රී ලංකාව පසුකර යාම ශ්‍රී ලංකාව නාවික පෙර අපරදෙදිග මුහුදු මාර්ගයන් යාකෙරෙන නාවික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ ඇති වැදගත් භාවයද සනිටුහන් කරන්නකි.තවද ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් මත නාවික හමුදාව පවත්වනු ලබන ගාලු කථිකාව වාර්ෂික නාවික සම්මන්ත්‍රණය පැවැත්වෙන කාල සීමාව තුළ මෙම නෞකාවන් සම්ප්‍රාප්ත වූ අතර, රුසියානු නෞකා සමූහයේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන කපිතාන් පළමු පන්තිය මැක්සිම් එස්. එලලෙකින් මෙම නාවික සම්මන්ත්‍රණය සඳහා සහභාගිවීමටද නියමිතය. මෙවර එම සම්මන්ත්‍රණයේ තේමාව “ඉන්දීය සාගර කලාපයේ මතුවෙමින් පවත්නා ප්‍රවනතා” වේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r1311251
|
ගම්පහ සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වය නංවන්න අටකෝටියක ණය
|
ගම්පහ සංචාරක - නිමල් ජයසිංහ
|
ගම්පහ දිස්ත්‍රික්කය පුරා ගම් මට්ටමින් විසිරී ඇති සමෘද්ධි බැංකු පද්ධතිය හරහා ක්‍රියාත්මක වන සමෘද්ධි ජීවනෝපාය චක්‍රීය ණය අරමුදල යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මෙම වර්ෂයේ රුපියල් 82659581/- ණය මුදලක් ව්‍යාපෘතිලාභීන් සඳහා නිකුත් කර ඇත.සමෘද්ධිලාභීන්ගේ හා අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණ පෙරදැරිකොට මෙම ණය ප්‍රදානය කර ඇති අතර ඔවුන්ගේ ස්වයංරැකියා ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර උපකරණ, පැළ වර්ග හා බීජ, බිම්මල් හා සත්ත්ව පාලනයට අවශ්‍ය සතුන් ලබාගැනීම සඳහා මේ යටතේ ණය නිකුත් කරනු ලැබේ.5% ක් වැනි ඉතා කුඩා වාර්ෂික හීනවන පොලී අනුපාතයකට මෙම ණය නිකුත් කරන අතර මෙතෙක් ණය ලබා නොගත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන ප්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු හරහා මෙම ණය ලබාගත හැකි බව ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි සහකාර කොමසාරිස් කේ. ඒ. එස්. එල්. ගුණතිලක මහත්මිය පැවසුවාය.දැනට මෙම වැඩසටහන යටතේ මෙම වසරේ කෘෂිකර්ම, සත්ත්ව පාලන, අලෙවි හා සේවා හා කර්මාන්ත ක්ෂේත්‍රයට අයත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘති 2128 සඳහා රුපියල් 82659581/- මුදලක් ලබා දී ඇති අතර මේ හරහා දිස්ත්‍රික්කය පුරා ඉතා සාර්ථක ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ.ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ හා ගම්පහ දිස්ත්‍රික් ලේකම්ගේ පූර්ණ සහයෝගය මත ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් පුරා වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.ක්ෂේත්‍ර මට්ටමේ සමෘද්ධි නිලධාරීන්ගේ පසුවිපරම් මත සිදුකරගෙන යනු ලබන මෙම වැඩසටහනේ ණය වාරික අයවීමේ ප්‍රගතිය ද සාර්ථකව සිදුවන බව සමෘද්ධි සහකාර කොමසාරිස්වරිය පවසයි..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r1311252
|
මානසික රෝහල්වල ප්‍රතිකාර ලැබ සුවය ලැබූ භාරකරුවන් නැතිඅසරණ පිරිසක් වන්දනා චාරිකාවක රැගෙන යති
|
සබරගමුව සමූහ
|
රෝගියෙක් වූ නිසා ඥාති මිත්‍රාදීන් භාරකරුවන් අහිමි වී ජීවිතයේ අවසානය තෙක් කල් බලා සිටින අසරණ වූ මිනිසුන් කණ්ඩායමක් අනුරාධපුර පූජා භූමියේ වන්දනා චාරිකාවක රැගෙන ගිය තවත් සොදුරු මිනිසුන් කණ්ඩායමක් ගැන පසුගියදා කෑගල්ල මහරෝහලේ සිත් සුව පියස දී දකින්නට ලැබුණි.මානසික රෝහල්වල දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා මේ වනවිට සුවය ලබා සිටියත් කිසිම ඥාතියෙක් භාරකරුවෙක් ඔවුන් කැඳවාගන යෑමට ඉදිරිපත් නොවීමෙන් මේ පිරිස තවදුරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ භාරයේ පසුවන්නන් පිරිසකි.මේ පිරිස අපට හමුවූයේ කෑගල්ල දෙබටම්පිටිය ග්‍රාමිය රෝහලේදීය. කෑගල්ල මහ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ විශේෂඥ මනෝ වෛද්‍ය එම්. සුමනතිස්ස මහතාගේ උපදෙස් පරිදි ප්‍රජා මානසික සෞඛ්‍ය හෙද නිලධාරි ශ්‍රි ලාල් , සිත් සුව සෙවණ ඒකකයේ වැඩසටහන් සංවර්ධන සහකාර සම්පත් ගුණසිංහ මහත්වරුන් ඇතුළු කාර්යමණ්ඩලය සංවිධානය කර තිබූ මෙම වන්දනා චාරිකාව පිළිබඳව සංවිධායකවරු මෙසේ විස්තර කළහ.දීර්ඝ කාලයක් රෝහල් ගතව ඇති මේ පිරිස ලබා ඇති වාසනාවක් වේ නම් ඒ තවදුරටත් රජයේ සෙවණ යටතේ ජීවත්වීමට ලැබීම පමණයි. ජීවිතයෙන් හරි අඩක් පමණ මේ අය දැන් ගෙවා තිබෙනවා.ඔවුන්ගේ තවදුරටත් ආගමික ප්‍රබෝධයක් ලබාදීමට මෙම වන්දනා චාරිකාව සංවිධානය කළා. බොහෝ දෙනෙක් අනුරාධපුර පූජා නගරයට පය ගසා තිබුණේවත් නෑ. ඔවුන්ට ප්‍රසිද්ධ ස්ථානයක පූජා භූමියක හැසිරෙන අයුරු අපි නැවත මතක්කර දුන්නා.ඒ තුළින් ඔවුන් මහත් චිත්ත ප්‍රිතියක් ඇතිකර ගත්තා. අපි සති දෙකකට පෙර ඒ පිරිස දැනුවත් කළා. වන්දනා ගමන ගැන ඔවුන්ට සුදු ඇදුම් පිළියෙල කර දුන්නා. රෝද පුටුවෙන් යන දෙදෙනෙක් භික්ෂුන් වහන්සේ නමක්, කාන්තාවන් 9ක් සහ තවත් පිරිමින් 23ක් වූ නේවාසික රෝගීන් පිරිසක් මෙම ගමනට එක්වුණා..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r1311253
|
නයකු දෂ්ට කළ කතකටපොළොන් විසට ප්‍රතිකාර කරලා
|
මධ්‍යම පළාත් සංචාරකඑල්.එස්. එගොඩවිට
|
නයකු දෂ්ට කළ කාන්තාවකට තත් කාලය බලා වෙලාවට දෂ්ටකර ඇත්තේ පොළඟෙකු බව සිතා පොළොන් විසට වෙදකම් කිරීමෙන් මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් රජයේ ලියාපදිංචි නොවූ වෙද මහතකු අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරනලෙසට මේ පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකළ හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියම කළේය.සර්පයකු දෂ්ට කර මෙසේ මරණයට පත්ව ඇත්තේ ලේවැල්ල සිරිමල්වත්ත පදිංචිව සිටි පහලගමගේ බේබිහාමිනේ නැමති 59 හැවිරිදි මවකි.පේරාදෙණිය රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිට මෙසේ මියගිය ඇයගේ හදිසි මරණ පරීක්ෂණය එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක එච්.එම්.පී.බී. උඩන්ගමුව මහතා හමුවේ එම රෝහලේදී පැවැත්විණි. මෙම මරණ පරීක්ෂණයේදී සාක්කිදුන් මියගිය අයගේ සැමියා වූ ඩබ්ලිව්. ජී. රත්නපාල 59 නමැති අය මෙසේ පැවසීය.මෙම සිද්ධිය වූ දින රාත්‍රී 7.30ට පමණ මගේ බිරිය අසල්වැසි නිවෙසට ගොස් එනවිට රාත්‍රියේ කෝපිපඳුරක් ළඟදී නාගයකු දෂ්ට කළ බව කීවා.ඒ අවස්ථාවේම බිරිය අසල සර්පවිෂ වෙද මහතෙකු ළඟට කැඳවාගෙන ගියා. මේ වෙද මහතා ලියාපදිංචි වෙද මහතෙක් නොවෙයි.ඒ අවස්ථාවේ වෙද මහතා තත්කාලය බලා කීවා මේ අවස්ථාවේ ඇයට දෂ්ටකර ඇත්තේ නයෙක් නොවෙයි පොළඟෙකු බව කියා පොළොන් විසට අලුයම 2.00වන තුරු ප්‍රතිකාර කර බිරිය නිවෙසට රැගෙන එන ලෙසට කීවා.බිරිය නිවසට රැගෙන ආවා. ඇගේ රෝගී තත්ත්වය වැඩිවුණා. මම වෙද මහතා හමුවෙලා සිද්ධිය කීවා. වෙද මහතා කීවා බිරිය වහාම රෝහලකට රැගෙන යන්න කියල. එසේ ඇය පේරාදෙණිය රෝහලට රැගෙන ආවා.බිරිය මෙහිදී මියගියා. මෙහිදී දැන ගැනීමට ලැබුණා සර්පයෙකු දෂ්ට කර පැය 13ක් ඇතුළත රෝහලට රැගෙන ආවානම් ඇගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබුණු බව යැයිද කීය.මෙහිදී මියගිය ඇයගේ දියණියක වූ රෝහිණී සමන්කුමාරි නමැති ඇයගෙන්ද සාක්කි ලබාගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව පශ්චාත් අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරී අමින් ඉෂාක් මහතා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවද සැලකිල්ලට ගනිමින් සර්ප විෂ ශරීරගතවීමෙන් සිදුවී ඇති හදිසි මරණයක් බවට තීරණය කළේය.මෙහිදී ලියාපදිංචි සහතිකයක් නොමැතිව ප්‍රතිකාර කර ඇති අදාළ වෛද්‍ය වරයා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙසට පොලිසියට නියම කළේය.මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ කටයුතු වත්තේගම පොලිසියේ පොලිස් සැරයන් 47041 බාලසූරිය මහතා පැවැත්වීය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r1311254
|
විදුලිය විසන්ධි කිරීම් නිසාජනතාව අසීරුවට
|
බූලත්සිංහල සමූහ
|
විදුලි බල මණ්ඩලයේ හොරණ ඩිපෝවේ මහයාල උප පොළින් සේවය ලබන විදුලි පාරිභෝගිකයන් මේ දිනවල මහත් අපහසුතාවකට පත්ව ඇත.එනම් සතියේ වැඩි දිනක් කිසිදු දැනුම් දීමකින් තොරව විදුලිය විසංධි කිරීමයි. පෙ.ව. 8.00 විසන්ධි කළ පසු සමහර දිනවල ප.ව. 8.30 දක්වා විදුලිය නැත. මෙසේ විදුලිය විසන්ධි කරන්නේ එම ප්‍රදේශයේ මාවත් පුළුල් කිරීම නිසා විදුලි කණු වෙනස් කිරීමටය.එහෙත් විදුලි රැහැන්වලට බරවී ඇති අතු ඉවත් කිරීමද එවැනි දිනවලදී සිදු නොකර වෙනත් දිනවලදී සිදු කිරීම නිසා එම ජනතාව මහත් අපහසුවකට පත්ව ඇත. .
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r1311255
|
සංවර්ධනයට විමධ්‍යගතප්‍රතිපාදන රු.හය කෝටියක්
|
වාද්දුව සමූහ එස්. ආර්. පියදාස
|
කළුතර දිස්ත්‍රික්කයට විමධ්‍යගත ප්‍රතිපාදන රුපියල් හයකෝටි එකොළොස් ලක්ෂ පනස් තුන් දහස් හයසිය පණහක (රු. 6,11,53,750) මුදලක් වෙන්කර ඇති බව කළුතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට ඉදිරිපත් කර තිබු විමධ්‍යගත ප්‍රතිපාදක වාර්තාවේ දක්වා තිබුණි.එම මුදල වෙන්කර ඇත්තේ දිස්ත්‍රික්කෙය් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහතක සංවර්ධන ව්‍යාපෘති හාරසිය හතළිස් දෙකක් (442) සඳහා බවද එම වාර්තා වේ සඳහන්ව තිබුණී.මේ වනවිට එම ව්‍යාපෘතිවලින් ව්‍යාපෘති අනු එකක වැඩ අවසන් කර තිබේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r1311256
|
විමසීම් කවුළුවේකවුරුවත් නෑ
|
ආරියවංශ ජයවීරමහනුවර විශේෂ
|
මහනුවර අක්ෂි වෛද්‍ය ඒකකයේ විමසීම් කවුළුවේ නිතර නිලධාරීන් නොසිටීම නිසා කෙනෙකුට අවශ්‍ය කරුණක් දැන ගැනීම සඳහා සෑහෙන වේලාවක් එහි රැඳී සිටීමට සිදුවී ඇත.හදිසි අවස්ථාවකදී යමක් දැන ගැනීමට හැකියාවක් නැති මෙවැනි විමසීම් කවුළුවලින් වැඩක් නැතැයි ජනතාව පවසති..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r1311257
|
පාසල් 84කටකෘෂි උපකරණ
|
ගම්පහ මධ්‍යම සමූහ - පී. ඒ. ඔලිවර් පෙරේරා
|
ගම්පහ දිස්ත්‍රික්කය පුරා පාසල් කෘෂි සමාජ ව්‍යාපෘතිය යටතේ පාසල් 84කට රුපියල් 50,000ක කෘෂි උපකරණ හා බීජ වර්ග මේ වන විට බෙදා දීම ආරම්භ කර ඇතැයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සුභාෂිනී පේමරත්න මහත්මිය පැවසුවාය.මෙම ප්‍රතිපාදන දෙනු ලබන්නේ පාසල් කෘෂි සමාජ සංසදය පිහිටුවා පාසල් ගෙවත්ත සකස් කර පෙන්වූ පාසල්වලට පමණක් වන අතර කෘෂි උපකරණ ලෙස ජල ටැංකි, කොම්පෝස්ට් පොහොර බැරල් ආදියද පාසලට උපකරණ සහ පහත රට එළවළු බීජ වර්ගද බෙදා දෙනු ලැබේ.පාසල් කෘෂි සමාජ සංසදය හොඳම ගෙවත්ත තෝරා තෑගි බෙදා දීම සිදු කරන අතර ඊට සමගාමීව පැවැති ප්‍රශ්න විචාරත්මක වැඩසටහන් මෙම පාසල් 84 හරහා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මේ මගින් පාසල් සිසු සිසුවියන් කෘෂිකර්මාන්තය හරහා උනන්දුවක් ඇති වෙන බව අධ්‍යක්ෂකවරයා පැවසුවාය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r1311258
|
ජාතික ශිල්ප සභා අලෙවි මධ්‍යස්ථානය ඉවත් කිරීමෙන් වෙළෙඳුන් 500ක් අසීරුවට
|
කෝට්ටේ මධ්‍යම සමූහ - නන්ද ඒකනායක
|
බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයේ ජාතික ශිල්ප සභාව යටතේ තිබූ අලෙවි මධ්‍යස්ථානය ඉවත්කිරීම හේතුවෙන් ජාතික ශිල්ප සභාව අතරමංවු තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වේ.මේ නිසා එම අලෙවි මධ්‍යස්ථානයට අත්කම් නිෂ්පාදන සැපයූ නිෂ්පාදකයින් 500ක් පමණද තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට මධ්‍යස්ථානයක් නැතිවීම නිසා බලවත් දුෂ්කරතාවට පත්ව ඇති බව ජාතික ශිල්ප සභාවේ බුද්ධි කීර්තිසේන මහතා පැවැසීය.මේ පිළිබඳ අදහස් දැක්වූ කීර්තිසේන මහතා, මෙයට මාස දෙකහමාරකට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා හා බස්නාහිර පළාත් සභාවේ ඇමැති නිමල් ලංසා මහතාත් ප්‍රමුඛව නව වැඩපිළිවෙළක් ආරම්භ කළා.ජාතික ශිල්ප සභාව අද මේ භූමියෙන් වෙනත් කොටසකට හිරකර තිබෙන තත්ත්වයක් අපි දකිනවා. රටපුරා සිටින ශිල්පීන් 500ක් පමණ මේ ශිල්ප සභා ප්‍රදර්ශනාගාරයට අත්කම් නිෂ්පාදන සැපයුවත් අද එම වැඩපිළිවෙළද සම්පූර්ණයෙන් නතරවී තිබෙනවා.නව වැඩපිළිවෙළ යටතේ ලක්සල ආයතනයට නව ගොඩනැගිලි සහිතව සියලු පහසුකම් ඇතිකර තිබෙනවා. නමුත් අප ආයතනය මගින් ඇති කළ ශිල්ප සභා අලෙවි සල කඩා ඉවත් කිරීම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා. .
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r1311259
|
ගම්පහ හෝටල්වර්ගීකරණයටසැලසුම්
|
ගම්පහ මධ්‍යම සමූහපී. ඒ. ඔලිවර් පෙරේරා
|
ගම්පහ නගර සභා බලප්‍රදේශයේ හෝටල් වර්ග කිරීම ලබන ජනවාරි මස ආරම්භ කරන බව ගම්පහ මහ නගරාධිපති එරංග සේනානායක මහතා පැවැසීය.ආහාර පාන සැකසීම, පවිත්‍රතාව, හෝටල් සහ එහි වටපිටාව මෙන්ම ආහාර ගබඩාකොට තැබීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් සහ හෝටල් සේවකයන්ගේ පවිත්‍රතාව සොයා බලමින් ඒ සහ බී වශයෙන් වර්ගීකරණයට ලක්කොට පාරිභෝගිකයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරති.මේ වර්ගීකරණ අවස්ථාවට රජය වෙනුවෙන් සෞඛ්‍ය අධිකාරි කාර්යාලය, සෞඛ්‍ය පරීක්ෂකවරු, මහ නගර සභාවේ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r13112510
|
පින්නවලට ඵන සංචාරකයන්ටඅලිත් ඵක්ක සෙල්ලන් කරන්න වරම්
|
රඹුක්කන දකුණ විශේෂ@ විපුල එස් කුමාරතුංග
|
අපේ රටට පැමිණෙන සංචාරකයන්ගෙන් විදේශිය සංචාරකයන් 800කට අධික පිරිසක් දිනකට පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන බව ප්‍රධාන පාලක (සත්ව) නිලධාරි එච්.එස්.එස්. සීලරත්න මහතා පැවැසීය.මෙසේ පැමිණෙන සංචාරකයන් වැඩි වෙලාවක් පින්නවල රදවා ගැනිමේ අරමුණින් සංචාරකයන් ලවා අලි පැටවුන්ට කිරි පෙවිම, පළතුරු කැවිම සහ දිය නෑවීම සදහා පහසුකම් සලසා තිබේ. මේ සදහා ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරිමටද පියවර ගෙන තිබේ.අලින්ට කිරි පෙවිම සදහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 250 ද, පලතුරු කැවිම සදහා රුපියල්200ක්ද, දිය නෑවීම සදහා රුපියල් 100ක්ද වන බව සිලරත්න මහතා පැවැසීය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r13112511
|
දසලක්ෂ 109කසංවර්ධන ව්‍යාපෘති
|
මැදකොළඹ සමූහ - වයිමන් හෙට්ටිආරච්චි
|
විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ මේ දක්වා ලැබී ඇති ව්‍යාපෘති යෝජනා 873 අතරින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ලද සියලු ව්‍යාපෘති මේ වන විට කොට්ඨාසවලට අනුමත කර යවා ඇති බව කොළඹ දිස්‍ත්‍රික් ලේකම් එච්. ටී. කමල් පද්මසිරි මහතා පැවැසීය.මේ සඳහා වෙන්වී ඇති මුදල රුපියල් මිලියන 109.64 ක මුදලක් බව පවසන දිසා ලේකම්වරයා, මේ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව නිසි අවධානය යොමුකර වාර්තා කරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් දී ඇත.බස්නාහිර පළාත් සභා අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව 1663 ක් බව ද අනුමත ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 806.6 ක් බව ද, එයින් මේ වන විට රුපියල් මිලියන 15 කට සමීප මුදලක් වැය වී ඇති බව ද වාර්තා වී තිබේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=r13112512
|
ඩෙංගු මදුරුවන් බෝකළ නිවාස 27ක් වටලයි
| null |
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු සතිය නිමිත්තෙන් පසුගියදා ගම්පහ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඩෙංගු මදුරු කීටයන් බෝවන සේ ගෙවත්ත අපිරිසුදුව පවත්වාගෙන ගිය නිවැසියන් 27 දෙනකුට එරෙහිව නඩු පවරා ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මර්වින් සිල්වා මහතා පැවැසීය.යක්කල ප්‍රදේශයේ නිවැසියන් හයදෙනකුට රුපියල් 24000 ක් ද, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ නිවාස 14 න් එක් නිවැසියකුට රුපියල් 9000 ක් ද, බැන්ඩියමුල්ල ප්‍රදේශයේ නිවාස පහෙන් හතරකට රුපියල් 16000 ක් ද, අමුණුගොඩ ප්‍රදේශයේ නිවැසියන් දෙදෙනකුට රුපියල් 8000 ක් ද වශයෙන් දඩ නියම කර ඇත..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=s1311251
|
පාපන්දු විධායක කමිටු සාමාජිකයන්ට මාධ්‍ය වාරණයක්
|
ප්‍රින්ස් ගුණසේකර
|
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයන්ට මාධ්‍ය වාරණයක් පැනවෙයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අදාළ කරුණු කාරණා කිසිවක් පිළිබඳව තොරතුරු හෝ ප්‍රකාශන නිකුත් කිරීම පාපන්දු විධායක සාමාජිකයන්ට කළ නොහැකි බව දැනුම් දී තිබේ.පසුගිය මස 15වැනිදා දාතමින් යුතුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ මහතා ලියාපදිංචි තැපෑලෙන් සියලු විධායක කමිටු සාමාජිකයන්ට දැනුම් දී ඇති අතර මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමේ බලය ඇත්තේ මාධ්‍ය අධ්‍යක්ෂකට හා සභාපතිවරයාට පමණක් බව අවධාරණය කර ඇත.පාපන්දු සම්මේලනයේ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දී ඇත්තේ තමන්ට අදාළ මාධ්‍ය නිවේදන මාධ්‍ය අධ්‍යක්ෂකට ලබාදී අනතුරුව පාපන්දු ලේකම් හෝ සභාපතිගෙන් අනුමැතිය ලබාගත යුතු බවයි. එලෙස ඉදිරිපත් නොවන සියලු මාධ්‍ය නිවේදන පාපන්දු සම්මේලනයේ පිළිගැනීමකට ලක් නොවන බවද ලිපිය මගින් විධායක කමිටු සාමාජිකයන්ට දන්වා ඇත.මේ පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ කමිටු වාර්තාවක් පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කිරීම හෙතුවෙන් මේ තීරණයට එළැඹි බවයි. එහි විධායක කමිටු සාමාජිකයන්ගේ නම්ද ඇතුළත්වු හෙයින් ඉදිරියේදී එවැන්නක් නොවීමට පියවරගත් බව ඒ මහතා පැවැසීය.“පාපන්දු ක්‍රීඩාවට අදාළ සාමාන්‍ය ප්‍රකාශවලට වාරණයක් නැ. යම් කරුණක් සම්බන්ධ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට විධායක සාමාජිකයන් ක්‍රියා කළ යුතු නැ. එහෙම වුනාම පරිපාලන කටයුතු අවුල් වෙනවා. පාපන්දු දියුණුව වෙනුවෙන් යම් විධායක සභිකයකුට ප්‍රකාශයක් කරන්න අවශ්‍ය නම් මාධ්‍ය අධ්‍යක්ෂ මගින් එය කළ හැකියි. කිසිදු වාරණයක් නෑ” හේවගේ මහතා පැවැසීය.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය ඒකකය මගින් එවන ලද නිවේදන සත්‍ය තොරතුරු පදනම් කරගෙන නිකුත් කරන ඒවා බැවින් ගැටළු පැන නොනගින බවද ඒ මහතා පෙන්වා දුන්නේය. .
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=s1311252
|
චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් තරග ලබන සතියේ
|
ප්‍රින්ස් ගුණසේකර
|
ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට කොළඹ පාපන්දු සමාජය, රත්නම්, අනුරාධපුර සොලිඩ්, ගුවන් හමුදාව, යුද හමුදාව, දොන්බොස්කෝ, රිනවුන් හා කළුතර බ්ලුස්ටාර් යන කණ්ඩායම් සුදුසුකම් ලබාගත්හ.මෙම අර්ධ අවසන් වටයේ තරග දෙසැම්බර් මුල් සතියේ සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත.චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට කණ්ඩායම් 20ක් එක්වු අතර මුල්වරට එක්වු කොළඹ පාපන්දු සමාජය හා අනුරාධපුර සොලිඩ් යන කණ්ඩායම් අර්ධ අවසන් වටයට එක්වීම කැපී පෙනේ. ප්‍රධානතම පාපන්දු තරගාවලියේ ශූරතා දිනා සිටින රත්නම්, බ්ලුස්ටාර්, යුද හමුදා, දොන්බොස්කෝ, රිනවුන් කණ්ඩායම්වලට අමතරව මෙතෙක් ශූරතාව දිනා නොමැති ගුවන් හමුදාවද සුදුසුකම් ලැබීම තරගාවලියේ තවතවත් උණුසුම වැඩි කිරීමට හේතුවක්ව තිබේ.අර්ධ අවසන් වටයේදී කොළඹ පාපන්දු සමාජයට දොන්බොස්කෝ පිල මුණ ගැසෙන අතර රත්නම් පිලට අනුරාධපුර සොලිඩ් හමුවේ. බ්ලුස්ටාර් -රිනවුන් හා ගුවන් හමුදාව හා යුද හමුදාව අතර තරගද අර්ධ අවසන් පූර්ව වටයේදී පැවැත්වීමට නියමිතය.මෙවර චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්ෂ 7ක්, අනුශූරයන්ට රුපියල් ලක්ෂ 5ක් පිරිනැමෙන අතර වැඩිම ගෝල් වාර්තා කළ ක්‍රීඩකයාට ගෝල්ඩන් බූට් සම්මානය පිරිනැමේ. දැනට වැඩිම ගෝල් සංඛ්‍යාවක් ලබාගෙන ඉදිරියෙන්ම යුද හමුදා ක්‍රීඩා සමාජයේ මොහොමඩ් ඉසෙදීන් සිටී.සෝන්ඩර්ස්-ජාවාලේන් තරගයේ රතු කාඩ් 3ක්බැද්දගාන පාපන්දු සංකීර්ණයේ පැවැති සෝන්ඩර්ස්-ජාවාලේන් අතර තරගයේදී නීති විරෝධී හැසිරීම හේතුවෙන් දෙපිලේ ක්‍රීඩකයන් තිදෙනකු රතු කාඩ්පත් අවවාද ලබාදී පිටියෙන් නෙරපීමට විනිසුරු පියවර ගත්තේය. සෝන්ඩර්ස් පිලේ දිමු හෙට්ටිආරච්චි, ජාවාලේන් පිලේ එම්.නජිම්ඩීන් හා රනික ද සිල්වා එලෙස රතුකාඩ්පත් අවවාද ලැබු අතර ඉදිරියේ පැවැත්වෙන තරගයකට ක්‍රීඩා කිරීමද තහනම් වේ.සෝන්ඩර්ස් නිත්‍ය ගෝල් රකින්නාගේ ප්‍රමාදයක් හේතුවෙන් තරගය මිනිත්තු 15ක් ප්‍රමාදවී ආරම්භවු අතර මිනිත්තු 10කට පසු තරගය පැවතෙද්දී එම ගෝල් රකින්නා කණ්ඩායමට එක්විය. ක්‍රීඩකයාගේ ප්‍රමාදය හේතු ලෙස දැනුම්දී තිබුණේ වෙනත් සත් සාමාජික තරගාවලියකට සහභාගිවීම හේතුවෙන් නියමිත වේලාවට පැමිණීමට නොහැකි වු බවයි.කෙසේ වුවද අයහපත් කාලගුණය හේතුවෙන් තරගය මිනිත්තු 66ක් පවත්වා අතහැර දැමීමට සිදුවිය. එවිට දෙපිලම ගෝල් ලබා නොසිටියහ.මේ අතර සී.ආර්.පිටියේ පැවැති රත්නම්-ගුවන් හමුදා තරගයෙන් ගෝල් 2-1ක ජයක් රත්නම් පිලට හිමිවු අතර මාතරදී පැවැති බ්ලුස්ටාර්-මාතර සිටි අතර තරගය ගෝල් 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමාවිය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=s1311253
|
පැකියාඕගේ දෙවැනි ගමන
| null |
අන්තර් ජාතික බොක්සිං වළල්ලේ සිය දෙවැනි ගමන ඇරැඹූ පිලිපීන බොක්සිං ශූරයා වන මැනී පැකියාඕ අමෙරිකාවේ බ්‍රෙන්ඩන් රියෝස් පරාජය කරමින් ලෝක බොක්සිං සංවිධානයේ වෙල්ටර් වේට් කිරුළ දිනා ගැනීමට සමත්විය.මීට පෙර පැවැති තරග දෙකක්ම පිට පිට පරාජයට පත්වී බොක්සිං වළල්ලට තාවකාලික විරාමයක් ලබාදුන් පැකියාඕ වට 12කින් සමන්විත මේ තරගයේ දී ලකුණු 120 -108, 119-109ක් හා 118-110ක් ලෙස ලකුණු රැස් කරමින් කිරුළට හිමිකම් කීවේය.'සැබැවින්ම මේ මගේ දෙවැනි ගමන නෙවෙයි. සුළි කුණාටුවෙන් විපතට පත් අපේ ජනතාවගේ දෙවැනි ගමනයි.' ජයග්‍රහණයෙන් අනතුරුව ඔහු එසේ ප්‍රකාශ කළේය. ඔහුගේ මීළඟ බලාපොරොත්තුව වන්නේ පසුගිය දෙසැම්බරයේ දී මෙක්සිකෝවේ ජුවාන් මැනුවෙල් මාර්කස් හමුවේ ලැබූ අන්ත පරාජය මකා දැමීමට නැවත ඔහු සමග තරග වැදීමය. 'මට හුඟාක් සතුටුයි. මොකද මගේ කාලය තවම ඉවර නැති නිසා...' ඔහු කීවේය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=s1311254
|
විවෘත කැරම් තරගාවලිය දෙසැ.7දා
| null |
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධාන කරන විවෘත කැරම් තරගාවලිය ලබන මස 7වැනිදා කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වේ. වසරේ අවසන් ජාතික තරගාවලිය වන මෙය මුදල් ත්‍යාග පිරිනැමෙන තරගාවලියක් වන අතර පළමුවරට කාන්තා හා පිරිමි දෙපාර්ශවයම එක්ව ක්‍රීඩා කිරීම විශේෂත්වය වේ.මේ තරගාවලියේ ඉල්ලුම්පත් භාර ගැනීම මේ මස 28 වැනිදා අවසන් වේ. තරගාවලියේ ඉල්ලුම්පත් කැරම් සම්මේලනය වෙත යොමුකළ යුතු අතර වැඩි විස්තර දු.ක 0774454323 (රෝහිණී මතායස්) මගින් ලබාගත හැකිය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=s1311255
|
හැව්ලොක්ස් පිලට දැවැන්ත ජයක්
|
ෆවුස් මොහොමඩ්
|
අන්තර් සමාජ ඩයලොග් ලීග් රගර් තරගාවලියේ සී.එච්. කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට සහභාගි වූ හැව්ලොක්ස් පිල ලකුණු 51-20ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඊයේ සමත්විය. හැව්ලොක්ස් පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 20-7ක් ලෙස හැව්ලොක්ස් පිල ඉදිරියෙන් පසුවිය. ගෝල් 3ක් සහ උත්සාහක දිනුම් 6ක් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාවට එක්වූ අතර සී.එච්.පිල රැස් කළේ ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් හා දඬුවම් පහරක් පමණි.ෂාක්ස් - ගුවන් දෙපිලමගෞරවය රැක ගනිතිකෝඩුකාර හම්බන්තොට ෂාක්ස් හා ගුවන් හමුදා කණ්ඩායම අතර ඊයේ බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගය ලකුණු 13-13 බැගින් ලකුණු සමවීමෙන් ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 13-10ක් ලෙස හම්බන්තොට ෂාක්ස් පෙරමුණේ සිටියද දෙවැනි භාගයේ වඩාත් ආක්‍රමණශීලි තරග රටාවක නිරතවූ ගුවන් හමුදා පිල තරගය ජයපැරදුමෙන් තොරව නිමා කර ගත්තේය. හම්බන්තොට ෂාක්ස් පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝලයක් හා දඬුවම් පහර 2ක් ඇතුළත් වූ අතර උත්සාහක දිනුම් 2කින් හා දඬුවම් පහරකින් ගුවන් හමුදාවේ ලකුණු සංඛ්‍යාව වාර්තා විය.නාවික හමුදාවට ජයනාවික හමුදා කණ්ඩායම හා පොලිස් පිල අතර ඊයේ වැලිසර දී පැවැති තරගයෙන් ලකුණු 46-10ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්විය. පෙරේදා පැවැති මේ තරගය අයහපත් කාලගුණය හේතුවෙන් පළමු භාගයෙන් පසුව අත්හැර දැමූ අතර දෙපාර්ශවයේම එකඟතාව පරිදි ඊයේ දෙවැනි භාගය පැවැත්විණි. පෙරේදා තරගය නතරකරන විට ලකුණු 22-3ක් ලෙස ඉදිරියෙන් පසුවූ නාවික හමුදා පිල ඊයේ තවත් ලකුණු 24ක් රැස් කළේය.නාවික හමුදාව ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 5ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් ඇතුළත් විය. පොලිස් කණ්ඩායම රැස් කළේ ගෝලයක් හා දඬුවම් පහරක් පමණි.යුද හමුදාවට තියුණු ජයක්ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 22-20ක තියුණු ජයක් වාර්තා කළ යුද හමුදා පිල මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්විය.දියගම පැවැති මේ තරගයේ දී පළමු භාගය නිමාවනවිටත් ලකුණු 10-7කින් පෙරමුණ ගත් අප්කන්ට්‍රි ලයන්ස් පිලට එරෙහිව දෙවැනි භාගයේ දී සාර්ථක තරග රටාවක නිරතවූ යුද හමුදාව නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයකු වූ ෆිජී ජාතික ලා ජේ තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා විය.යුද හමුදාව රැස් කළ උත්සාහක දිනුම් තුනටම හිමිකම් කීවේ ඔහුය. ගෝල් 2ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් යුද හමුදාව වාර්තා කළ අතර අප්කන්ට්‍රි ලයන්ස් රැස් කළේ ගෝල් 2ක් හා දඬුවම් පහර 2ක් පමණි.මහනුවර පිල 29-15කින් ජය ගනීමේ අතර මහනුවර ක්‍රී.ස. හා සී.ආර්. කණ්ඩායම අතර ලොන්ඩන් පෙදෙසේ පැවැති තරගයෙන් ලකුණු 29-15ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට මහනුවර පිල සමත්විය. ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ෆසීල් මරිජා, සාලිය කුමාර, රොෂාන් වීරරත්න හා ලවංග පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළහ. ගෝල් 3ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් මහනුවර කණ්ඩායම රැස් කළ අතර සී.ආර්.පිල දඬුවම් පහර 4ක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළේය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 21-9ක් ලෙස මහනුවර කණ්ඩායම ඉදිරියෙන් පසුවිය..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=s1311256
|
අළු බදුන පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්
| null |
ඔස්ට්‍රේලියාවේ බ්‍රෙස්බේන් හීදී පැවැති අළු බදුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 381ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත්විය. ලකුණු 561 දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිලට දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකි ලකුණු 179ක් පමණි. මේ පරාජය එංගලන්ත පිලට හිමිවු දෙවැනි විශාලම පරාජයද විය.තරගය පුරාම එංගලන්තයට දැඩි අභියෝගයක් එල්ල කළ මිචෙල් ජොන්සන් දෙවැනි ඉනිමේ දී ලකුණු 42කට කඩුලු 5ක් දවාගත් අතර සමස්ත තරගයේදී ලකුණු ලකුණු 103කට කඩුලු 9ක් දවාගත්තේය. ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ ලකුණු 64ක් රැස් කරමින් පිත්තෙන් ද දස්කම් දැක්වූ ඔහු තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ එංගලන්ත ලකුණු පුවරුව 130ක් වනවිට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු අතර තවත් ලකුණු 49ක් එක්වෙද්දී ඉතිරි කඩුලු 6 දවාගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වුහ. එංගලන්තය වෙනුවෙන් ඇලිස්ටෙයාර් කුක් ලකුණු 65ක් රැස් කළේය. ඊයේ දිනයේදී විටින් විට වර්ෂාවෙන් තරගයට බාධාවීම නිසා ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය ප්‍රමාදවිය.ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 295ක් රැස්කළ අතර දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 401ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනිමට ලබාගත හැකිවුයේ ලකුණු 136ක් පමණි. දෙවැනි ඉනිම ලකුණු 179කට බිඳ වැටීමත් සමග තරග 5කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගත්තේය. දෙවැනි තරගය දෙසැම්බර් මස 5වැනිදා ඇඩිලේඩ් හිදී පැවැත්වේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=s1311257
|
ඩයලොග් පවර්බෝට් ශූරතාවලියේ හමුදා තරග ඉසව්වේ ජය රෙහාන්ට
|
ෆවුස් මොහොමඩ්
|
දේශීය මෝටර් බෝට්ටු තරග ක්ෂේත්‍රයට නව අත්දැකීමක් එක් කරමින් ඩයලොග් සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පවර්බෝට් සංගමය පළමුවරට මෙහෙයවනු ලැබූ අධිවේගී මෝටර් බෝට්ටු ශූරතාවලියේ හමුදා තරග ඉසව්වේ ජය අත්කර ගැනීමට ගුවන් හමුදාවේ රෙහාන් ගුණතිලක සමත්විය.විදේශිය තරගකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ බේරේ වැවේ දී පැවැති මේ තරගාවලියේ ප්‍රධානතම තරග ඉසව් අතර කැපී පෙනෙන දස්කම් දැක්වූ රෙහාන් ගුණතිලක ත්‍රිවිධ හමුදාව නියෝජනය කළ සෙසු තරගකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් පළමු ස්ථානය අත්කර ගත්තේය.හමුදා තරග ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිවූයේ නාවික හමුදාව නියෝජනය කළ රෝහන කුමාරටය. යුද හමුදාවේ සමන් කුමාර තුන්වැනි තැන අත්කර ගත්තේය.අන්තර් ජාතික මට්ටමේ අධිවේගී මෝටර් බෝට්ටු තරග ඉසව්වක් වන එෆ් 2 තරග ඉසව්වේ පළමු ස්ථානය බ්‍රිතාන්‍යය නියෝජනය කළ බැරි හෝල් දිනා ගත් අතර දෙවැනි හා තුන්වැනි ස්ථාන ද බ්‍රිතාන්‍යයට හිමිවිය.දෙවැනි තැන ජෝන් මාස්ටර්ස්ට හිමිවූ අතර රේ බර්නි තුන්වැනි තැන අත්කර ගත්තේය.පැයට කිලෝමීටර් 180කට අධික වේගයෙන් ධාවනය වන මේ පවර්බෝට් තරගාවලියේ ප්‍රදර්ශනාත්මක තරග ඉසව් කීපයක් ද ඇතුළත්විය.තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග බෙදාදීම ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලී නානායක්කාර මහත්මිය අතින් සිදු කෙරිණි..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=s1311258
|
ගම්පහ පාපන්දු 30දා
|
ගම්පහ මධ්‍යම සමූහ
|
ගම්පහ නගර සභාව සංවිධාන කරන ගම්පහ නගරාධිපති අභියෝගතා විවෘත පාපන්දු තරගාවලිය මේ මස 30 වැනිදා ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.දිවා-රාත්‍රි තරගාවලියක් වන මේ සඳහා එක්වන කණ්ඩායම් 30 වැනිදා පෙ.ව 9.30ට පෙර ලියාපදිංචි විය යුතු බව සංවිධායකයෝ පවසති..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=s1311259
|
කෝට්ටේ නගර සභා පාපන්දු පිලට ජයක්
|
නන්ද ඒකනායකකෝට්ටේ මධ්‍යම සමූහ
|
කෝට්ටේ පාපන්දු ලීගය හා කෝට්ටේ මහ නගර සභාව එක්ව සංවිධාන කරන ආරාධිත රාජ්‍ය සේවා පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයකින් මාතලේ නගර සභා පිල ගෝල් 5-0කින් පරාජය කිරීමට කෝට්ටේ මහ නගර සභා පිල සමත්විය.කෝට්ටේ පිලේ නායක ඉසුරු ප්‍රියන්ත ගෝල් 3ක්ද, මනෝජ් හා මලින්ද එක් ගෝලය බැගින් වාර්තා කිරීමට සමත්වුහ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=f1311251
|
භෞතික හා මානව සම්පත් දියුණු කිරීම අයවැයේ ඉලක්කයයි
|
සාකච්ඡා කළේ ජයසිරි මුණසිංහ
|
2014 වසර සඳහා වූ අය-වැය හා එය ඉදිරිපත් කළ අවස්ථාවේ එජාපයත්, ජවිපෙත් දැක්වූ විරෝධය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ දිනමිණ සමඟ මෙසේ අදහස් පළ කළේ ය.ජනාධිපතිතුමා, වසර 2005 සිට අයවැය වාර්තා අටක් ඉදිරිපත් කළා. ඒ අතරින් 2014 අයවැය ඔබ දකින්නේ කොහොමද ?ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුල්වරට මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වන්නේ 2005 නොවැම්බර් 17 තිබුණු පස්වැනි ජනාධිපතිවරණය ජය ගෙනයි. එදා එතුමා රටට ජනතාවට මහින්ද චින්තනය ඉදිරිපත් කළා. ඒ මහින්ද චින්තනයට අනුව රටත්, ජනතාවත් දිනවන්න එතුමා මුල් පාලන කාලයේ කටයුතු කළා.දෙවැනි පාලන කාලය වසර 2010 න් ඇරඹිලා මේ වන විට රටටත්, ජනතාවටත් විශාල සේවාවක් ඉටු කරමින් ඉන්නේ. 2005 සිට මේ දක්වා අයවැය නවයක් ඉදිරිපත් කළා. ඒ සෑම එකකින්ම රටේ භෞතික සම්පත්, මානව සම්පත් දියුණු කරන්න වැඩ කළා. යෝජනා කළා. ඒ සියල්ල කිව්වා වාගේම අපේ මහ පොළොවේ යථාර්ථයන් බවට පත් කළා.ඒ නිසා පසුගිය අයවැය අට වාගේම මේ නව වැනි අයවැයත් රටත්, ජනතාවත් දිනවන, දියුණු කරන සංවර්ධනාත්මක, ජනතාවාදී අයවැයක් කියා බය නැතිව කියන්න පුළුවන්.අයවැය ලේඛනවල සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම තමයි ඉතා වැදගත් වන්නේ. ඒ අනුව මේ ගත වූ ඉතිහාසයේ කිවූ දේ සිදුෙවලා තිබෙනවා ද?ඇයි? නැත්තේ! ජනාධිපතිතුමා රට භාර ගන්න කොට මහපොළොවෙන් තුනෙන් එකක්, මහ සයුරෙන් තුනෙන් දෙකක් කොටි සංවිධානයේ මිලේච්ඡ ත්‍රස්තවාදයට යටවෙලා තිබ්බේ. කොටි ත්‍රස්තවාදය රණබිමේදී පරාජයට පත්කරන්න වුවමනා දැක්ම තිබ්බේ අපේ ජනාධිපතිතුමාට විතරයි.එතුමා එදා 2005 අයවැයෙන් ලබා දුන් දිරිය ශක්තිය මත මානුෂීය මෙහෙයුම් අතිසාර්ථකව නිමා කළා. එතුමා ඕනෑම වේලාවක කියන දෙයක් ඒ වාගේම කරන උදාර ගතිගුණය තිබෙන නායකයෙක්.අපේ රටේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඡන්දය දිනලා ඒවාගේම ක්‍රියාවට නංවපු එකම ජන නායකයා ජනාධිපතිතුමා පමණයි. අනික් නායකයෝ ඡන්දය කාලයට කියන කරන ප්‍රකාශ දිනපුවාම විසි කරනවා අපි දැකලා තිබෙනවා. නමුත්! ජනාධිපතිතුමා එහෙම කෙනෙක් නොවෙයි.අපේ රටේ ජාතික ආරක්ෂාව, සංවර්ධනය, සුබසාධනය යන කරුණු තුනම එකවර සාර්ථකව ක්‍රියාත්මක කළේ ජනාධිපතිතුමා බව ජනතාවට තේරුම් ගිහින් තිබෙනවා. නමුත්! විපක්ෂය මේ දේ දකින්නේ නැහැ.ඔව්. ඔබ මතු කරන කරුණ නිවැරැදියි. ජනාධිපතිතුමා 2005 අයවැයෙන් පටන් ගත්තු ජනතාවගේ ආර්ථික තත්ත්වය, රටේ සම්පත් ගොඩනැඟීම එලෙසම ඉටු කළා. එදා ජනාධිපතිතුමා බලයට පත්වෙන විට අපේ රටේ දරිද්‍රතාවය සියයට 15.2යි. අද එය සියයට 6.4 දක්වා අඩු කර තිබෙනවා. ඒවාගේම රටේ ආර්ථික වර්ධන වේගය සියයට 4ට අඩුවෙන් තිබුණේ. අද වනවිට විවිධ බාධක මැද ආර්ථිකය සියයට 7.5 කින් 8කින් වැඩිවී තිබෙනවා.විරැකියාව, උද්ධමනය, පොලී අනුපාත ඉතිහාසයේ පහළ අගයන් වාර්තා කළා. මේවා ඉබේ සිදු වූ දේ නොවෙයි. ඒ සඳහා අපේ ආණ්ඩුව පසුගිය වසර අට තුළ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මේවායේ ප්‍රතිඵල අද නොවෙයි හෙට දිනයේ යි ලැබෙන්නේ.වසර 2010 න් පසුව ලංකාව ආසියාවේ ආශ්චර්යවත් ම රට බවට පත්වීමට අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂා ජය ගත හැකිද?අනිවාර්යෙන්ම අප ජය ගන්නවා. ජනාධිපතිතුමා කාටවත්, කවදාවත් කරන්නට බැරි වූ දේ තමයි කරන්නේ. එතුමා යුද්ධය ජය ගත්තා. දැන් ආර්ථික යුද්ධය ජය ගනිමින් ඉන්නේ. අනාගතය වඩාත් සෞභාග්‍යවත් එකක් වෙනවා.අපි එහෙම කියන්නේ වැඩ කරලා. පෙන්වා තිබෙන නිසයි. අපේ රටේ 2005 දී විදුලිය තිබුණේ සියයට කීයකටද? අද මුළු ලංකාවේම සෑම දිස්ත්‍රික්කයකටම සියයට සීයයක් ම දවසේ පැය 24 පුරා අඛණ්ඩව විදුලිය ලබා දෙන්න පුළුවන් තරමට අපි ස්වයංපෝෂිත වෙලා තිබෙනවා.එහෙම වුණේ කොහොමද? ඒ ජනාධිපතිතුමා බය නැතිව කාගේවත් විරෝධතාවලට යට නොවී ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වාගේ විදුලි ව්‍යාපෘති ආරම්භ කළ නිසයි.එතුමා බලයට එනවිට අපේ රටේ එක ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපළයි තිබ්බේ. අද වනවිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කළා. ජාත්‍යන්තර මට්ටමේ වරාය පහක් එකවර ඉදි කරන අපේ කලාපයේ එකම රට ලංකාවයි.ඒවාගේමයි අධිවේගී මාර්ග, ගුවන්පාලම්, කාපට් ඇතිරූ මාර්ග, ගම් දනව් යා කරන දැවැන්ත පාලම් වාගේම ඈත පිටිසර ගම්දනව් පුබුදුවාලන මාර්ග පද්ධතියක් සකස් කළා. ගම නැඟුම, මඟ නැඟුම, දිවි නැඟුම, ජාතික සවිය වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ වාගේම උතුරු වසන්තය, නැඟෙනහිර නවෝදය, සෑම පළාතක්ම ඉලක්ක කළ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. මේවායේ ප්‍රතිඵල තමයි, අඩුම විරැකියා, අඩුම උද්ධමනය, වැඩිම ආර්ථික වර්ධන වේගය, දුප්පත්කම අඩුවීම, වී අස්වැන්නෙන් ස්වයංපෝෂිතවීම වාගේ ඕනෑම දර්ශකයකින් සුබවාදීවීමට බලපෑවේ.ආර්ථික ඉලක්කම්වලින් හරඹ කෙළාත් ජනතාවට ජිවත් වෙන්නට අමාරු බවයි විපක්ෂය කියන්නේ ?විපක්ෂය සෑමදාම කළොත් කරන්නේ, ආණ්ඩුවේ නිවැරැදි ආර්ථික වැඩපිළිවෙළ ඉතාම නිර්දය ලෙස විවේචනය කිරීම පමණයි. ජීවන වියදම අද නොවෙයි දවසින් දවස වැඩි වෙනවා. ඒක කාටවත් නතර කරන්න බැහැ. අපි කළ යුත්තේ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීමයි.ආර්ථික තත්ත්වය නංවාලීමයි. ජනාධිපතිතුමා බලයට එන විට අපේ රටේ මාර්ග පද්ධතියෙන් කීයෙන් කීයද කාපට් පාරවල් ලෙස තිබුණේ ග්‍රාමීය අතුරු මාර්ග වැඩිදියුණු වෙලා තිබුණද? එදා ඒ දේවල් අභාවයට ගිහින් තිබුණේ.අද ඒ සම්පත් දියුණු කිරීම නිසා රටේ ආර්ථිකය වසරින් වසර සියයට 7. 8 වේගයකින් ඉහළට යනවා. නමුත්! රටේ භෞතික සම්පත් වැඩි දියුණුවම සංවර්ධනයක් සිදු වුණා කියන්න තරම් අපි ඉක්මන් වෙන්නේ නැහැ. භෞතික සම්පත් වාගේම මානව සම්පත් දියුණු කරන්නත් ජනාධිපතිතුමා ගත වූ අයවැය අට තුළ යෝජනා කළා. ඒවා ක්‍රියාත්මක කළා. විපක්ෂය මේ සුබවාදී ප්‍රතිඵල දැක දැක ඒවා නොදැක්කා වාගේ බොරු කියනවා. ඒක රටක දියුණුවට බාධාවක්. විපක්ෂය ජනතාවට වඩාත් හොඳ සේවයක් කරන්න, අපිට සහාය දෙන්න ඕනෑ. නිකම් තැන තැන බොරු දේ කියන්න හොඳ නැහැ.මෙවර අයවැයේ විශේෂ සලකුණු මොනවද ?මෙවර අයවැයේ මම දකින විශේෂම දේ තමයි, ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පුළුල් ඉඩ ප්‍රස්ථා ලබාදීම, මෙතෙක් ඉතිහාසයේ රටේ ජනතාවට විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම ගැන එතරම් කථා කොට නැහැ. මෙවර අයවැයෙන් ඒ දේ ඉටු කර තිබෙනවා.අපේ රටේ දුප්පත්කම සියයට 03ට අඩු කරන්න, අයවැය හිඟය සියයට 5.2ට අඩු කරන්න. රටේ ණය බර සියයට 65ට අඩු කරන්න. අපේ ජනතාවගේ ආදායම ඩොලර් 4000ක් කරන්න, අපනයන ආදායම ඩොලර් බිලියන 20ක් කරන්න, නව තාක්ෂණික දැනුම, නිල් අහස, සාගරය රටේ ආර්ථික දියුණුවේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න වැඩ යෝජනා කොට තිබෙනවා.මේ වාගේ රටේ සෑම අංශයක්ම, සෑම පුද්ගලයෙකුම ආර්ථික අතින්, මානුෂීය ගුණාංගවලින් සර්ව සම්පූර්ණ කිරීමට රුකුල් දෙන අයවැයේ යෝජනා පනහකට වඩා තිබෙනවා. මේ වාගේ අයවැයක් ඉදිරිපත් කළ ජනාධිපතිතුමාට ගෞරවය, ස්තුතිය පුද කරන්න ඕනෑ.ගමේ ගොවියාගේ, කිරි ගොවියා වාගේම අත්කම් භාණ්ඩ, පුංචි පුංචි නිෂ්පාදන කරන කෙනාගේ පවා දියුණුවට මින් අතදී තිබෙනවා.අයවැයේ දක්වා ඇති ආර්ථික සමාජීය සංවර්ධන ඉලක්ක ජය ගත හැකි ද?ඇයි බැරි? අපි නිතරම ජාතියක් ලෙස කැපවීමෙන්, උනන්දුවෙන් වෙහෙස වී වැඩ කරන්න ඕනෑ. පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා තමන්ගේ කාර්යය ඉටු කරන්න ඕනෑ. මේ අයවැයෙන් ඒ සෑම දෙනාටම හොඳ දිරියක්, ශක්තියක් ලබාදී තිබෙනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයාට, ස්වයං රැකියා කරන කෙනාට රජයේ සේවකයාට පෞද්ගලික අංශයට, ආගමික අංශයට, සංචාරක, ආයෝජන, වෙළෙඳ, බැංකු හා මූල්‍ය අංශවලට මේ සෑම දෙනාටම අතදීම් කර තිබෙනවා. ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට ජාතිය මෙහෙයවිය යුතුයි.රජයේ සේවකයින්ට ලබා දුන් ජීවන වියදම් දීමනවා ප්‍රමාණවත් නැහැ කියා මැසිවිලි නඟනවා.මේ ජීවන වියදම් දීමනාව මාසයකට රුපියල් 1200ක් තරම් ලෙස මතුපිටින් පෙනුනාට, මේ දීමනාව ලක්ෂ 14කට ලැබෙනවා. මාසයකට ලක්ෂ 14කට මේ දේ දෙන්න අවුරුද්දකට රුපියල් බිලියන 17ක කිට්ටු මුදලක් වැය වෙනවා. රුපියල් බිලියන 17ක් කියන්නේ, රජයට අතිරේකව දරන්න වන විශාල වියදමක්, අපි රාජ්‍ය සේවය, සේවකයා ආරක්ෂා කරන ආණ්ඩුවක්.එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයදා පාර්ලිමේන්තුව වර්ජනය කළා. එය ඔබ දකින්නේ කොහොමද?ඔවුන් දිනෙන් දින ජනතාවගෙන් ඈත් වෙමින් ඉන්නේ. ඒවාගේම දැන් ඒ අය තමන්ගේ වගකීම්වලින් ද දිනෙන් දින ඉවත් වෙන බවක් තමයි අපිට පේන්නේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=f1311252
|
ඩයස්පෝරා කඩුල්ල මුවා කළ කැමරන් මුරලිගේ දුස්රාවට එල්.බී.ඩබ්ලිව්. වෙයි
|
ජනතා මිත්‍ර
|
“මං ගිහින් මහින්දට දෙන්නම් වැඩක්” කියමින් බ්‍රිතාන්‍යයේ කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන්ට සහ දෙමළ ඩයස්පෝරාවට පොරොන්දු වූ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාට දැන් සිදු වී තිබෙන්නේ කුමක්ද? බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේදී එරට විරුද්ධ පක්ෂය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට යාමේදී කැමරන් මහතාගේ බළලා මල්ලෙන් එළියට පැන්නේය.පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට ගිය ගමන විශේෂයෙන්ම යාපනයට ගිය සංචාරය කැමරන් මහතා ලබා දුන් පිළිතුරෙන් ඔහු වැඩ කරන්නේ කුමන න්‍යාය පත්‍රයකටද? කියා ඉතා පහසුවෙන් දැනගත හැකිය.මීළඟ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේදීය. එම නිසා කැමරන් මහතා ශ්‍රී ලංකාවේදී මුළු ලෝකයේ සිටින දෙමළ ඩයස්පෝරාවට ඇසෙන්න පොර ටෝක් එකක් දුන්නේ ලබන වසරේ මාර්තු මාසය ගැන ද යම් සඳහනක් කරමිනි.“ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර නිසි පරීක්ෂණයක් නොකොළොත් මෙම චෝදනා ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියලා මහා බ්‍රිතාන්‍ය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගෙන් ලිඛිතව ඉල්ලීමක් කරනවා” යනුවෙන් ඩේවිඩ් කැමරන් මහතා පැවසීය.ඔහු දැඩි ලෙස අවධාරණය කළේ ලබන වසරේ මාර්තු මාසයට පෙර ශ්‍රී ලංකාව අදාළ පරීක්ෂණ කටයුතු අවසන් නොකොළොත් මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි. මාර්තු මාසයේදී බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වුවහොත් එහිදී දෙමළ ඩයස්පෝරාවේ වාසි උපරිම වශයෙන් ලබාගැනීම සඳහා කැමරන් මහතා විසින් මෙම දින වකවානු ලබා දෙන ලදී.ඩේවිඩ් කැමරන්ගේ ඡන්ද කොට්ඨාසය වන බුලින්ටන් ප්‍රදේශය දෙමළ ජනතාව වැඩියෙන්ම වාසය කරන ප්‍රදේශයක් ලෙස සැලකේ. එම නිසා ඒ ජනතාවගේ ඡන්ද, දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද සහ මැතිවරණ ව්‍යාපාරයට ලැබෙන ස්ටර්ලිං පවුම් ලබා ගැනීම සඳහා කැමරන් මහතා ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ජනතාව ගැන මෙසේ කිඹුල් කඳුළු හෙළයි. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අසන ප්‍රශ්නවලට ඔහුට පිළිතුරු ලබා දීමට සිදු වී තිබේ.ඩේවිඩ් කැමරන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තනිකරම කොටි සංවිධානයට සහාය ලබා දෙන දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවන්ට අනුව සිදු වී ඇති බව මේ වන විට ඉතා පැහැදිලිය. ඒ බව ඩේවිඩ් කැමරන් මහතාද පිළිගෙන තිබේ.ඩේවිඩ් කැමරන් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී ක්‍රියා කළේ කිසිදු ආකාරයකින් රාජ්‍ය නායකයෙකුට ගැලපෙන ආකාරයකින් නොවේ. ඔහු යාපනයේ සංචාරය කරන විට චැනල් ෆෝ වැනි තවත් චිත්‍රපටයක් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් සකස් කර තිබුණි.උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා යාපනය පුස්තකාලයේදී ඩේවිඩ් කැමරන් මහතා හමු වූයේ වේවැල් කැඩිච්ච පුටුවකය. අතුරුදන් වී ඇති දෙමළ තරුණ තරුණියන්ගේ මවුපියන් ඇතුළු ඥාතීන්ට උපදෙස් ලබා දී තිබුණේ තම දරුවන් ඉල්ලා බිම පෙරළි පෙරළි හඬන ලෙසටය. මෙම ජවනිකා වාර්තා කිරීමට කැමරන් මහතා සමග පැමිණියේද මෙවැනි අසත්‍ය වාර්තා සකස් කිරීම සම්බන්ධයෙන් ලෝක පූජිත වී සිටින ‘චැනල් ෆෝ’ නාලිකාවේ මාධ්‍ය කණ්ඩායමයි.අසත්‍ය තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා ‘චැනල් ෆෝ’ නාලිකාවේ මාධ්‍ය කණ්ඩායමට අවශ්‍ය වස්තු බීජ යාපනයේ දී දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ඩයස්පෝරාව ලබා දෙන විට ඉතිරි ලුණු ඇඹුල් ටික සිරිකොත මූලස්ථානයේදී මංගල සමරවීර, වික්‍රමබාහු කරුණාරත්න, මනෝ ගනේෂන් යන මහත්වරු එක්වී ලබා දුණි.23 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ගැන ඉතා යහපත් වාර්තාවක් කොළඹින් ලෝකයටම යද්දී අසත්‍ය තොරතුරු රැසක් ඇතුළත් වාර්තාවක් යාපනයෙන් ලෝකයට ගෙන ගියේ ‘චැනල් ෆෝ’ මාධ්‍ය කණ්ඩායමයි. ඩේවිඩ් කැමරන් මහතා ‘චැනල් ෆෝ’ කණ්ඩායමත් සමග පැමිණියේ මේ නිසාය.යාපනයේදී දෙමළ ජනතාව තම දරුවන් යුද්ධයේදී අතුරුදන් වූ බව ප්‍රකාශ කරති. කොටි සංවිධානය විසින් ළමා සොල්දාදුවන් බලහත්කාරයෙන් බඳවාගෙන බෙල්ලේ සයනයිඩ් කරල ගැටගසා යුද්දෙට යොමු කළ බව මුළු ලෝකයම දනී. කොටි සංවිධානය විසින් පැහැරගෙන ගිය දරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කළාට වැඩක් නැත. ඒ ගැන විමසිය යුත්තේ කොටි සංවිධානය වෙනුවෙන් තවදුරටත් කඩේ යන දෙමළ ජාතික සන්ධානයෙනි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ආරක්ෂක අංශ විසින් කොටි ත්‍රස්තවාදි සංවිධානය මුළුමනින්ම පරාජය කරන ලදී. එසේ නොවන්නට දෙමළ තරුණ තරුණියන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකිවන්නේ නැත.එසේ බේරාගත් තරුණ තරුණියෝ පුනරුත්ථාපනය වී යළිත් සමාජගත වී සිටිති. බොහෝ දෙනෙක් රැකියා කරති. තවත් දෙනෙක් ආරක්ෂක හමුදාවට හා පොලීසියට එක්ව සිටිති. තවත් කෙනෙක් ගොවිතැන් හෝ ස්වයං රැකියාවක් කරමින් තමන් මුලින්ම පදිංචි ප්‍රදේශවලම ජීවත් වෙති.එම නිසා නියම තත්ත්වය දැන ගැනීමට නම් කැමරන් මහතාට හා ‘චැනල් ෆෝ’ නාලිකාවට හමුවීමට තිබුණේ එම පිරිසයි. නමුත් කොටි සංවිධානයේ හා දෙමළ ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාට ඒ කිසිවක් අවශ්‍ය වන්නේ නැත.ඩේවිඩ් කැමරන් මහතා කොළඹ දී කරන ලද ප්‍රකාශය මේ වන විට ඔහුටම පාරා වළල්ලක් වෙමින් පවතී. මේ බවක් දන්නවානම් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ යාපනයේ සංචාරය කරන්නේ නැත.පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව රටවල් 53ක සහයෝගීතාව වෙනුවෙන් පැවැත්වුණත් මෙහි මූලිකව ක්‍රියා කරන්නේ බ්‍රිතාන්‍යයේ රජ පවුලයි. බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබෙත් මහ රැජිනගේ ප්‍රදානත්වයෙන් මීට පෙර පැවති පොදු රද මඩුළු රාජ්‍ය නායක සමුළුව පැවැත්වුවද මහ රැජින නියෝජනය කරමින් ඔටුන්න හිමි චාල්ස් කුමරු සමුළුව නියෝජනය කිරීම සඳහා පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමත් එහිදී සිය 65 වෙනි උපන්දිනය ශශ්‍රී ලංකාවේ සැමරීමත් තමන්ට විශේෂත්වයක් වූ බව චාල්ස් කුමරු පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර පිළිබඳත් ශ්‍රී ලංකාව රටක් වශයෙන් අත්පත්කරගෙන තිබෙන ප්‍රගතිය ගැනත් චාල්ස් කුමරු ඉතා ප්‍රශංසනීයව මුළු ලෝකයටම ප්‍රකාශ කළේ ය.ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශයෙන් පසුව චාල්ස් කුමරු ශ්‍රී ලංකාව පිළිබඳව මෙවැනි ප්‍රකාශයක් කිරීම කැමරන් මහතාට වැදුණු හොඳ කනේ පාරක් ලෙසද හැඳින්විය හැකි ය. එපමණක් නොව ඩේවිඩ් කැමරන් මහතා සිතුවේ තමන්ගේ මාධ්‍ය හමුවෙන් පසු තවත් රටවල ශ්‍රී ලංකාවට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කරනු ඇති කියායි. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊට පසු දින කැමරන් මහතාට කදිම පිළිතුරක් ලබා දුන්නේ ය. ජනාධිපතිතුමා කීවේ වීදුරු ගෙවල්වල සිට ගල් නොගහන ලෙසයි. එමගින් තවත් අදහසක් ලබා දුන්නේ ය. මහා බ්‍රිතාන්‍යයේ පැටිකිරිය ගැනත් අවශ්‍ය නම් කතා බහ කළ හැකි බවය.ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට් මහතා ඊට පසු දින කළ ප්‍රකාශයෙන් කැමරන් මහතාගේ මුහුණ තවත් රතු වූවාට සැකයක් නැත. “ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව හොඳින් මානව හිමිකම් සුරකින රටක්. පොදු රාජ්‍ය මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නව වැඩපිළිවෙළක් රටවල සහයෝගය වෙනුවෙන් කරගෙන යයි” යනුවෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට් මහතා ප්‍රකාශ කළේ ය.එතෙකින් නොනැවතී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවට විශේෂ නෞකා 2ක්ද ලබා දුන්නේ ය. ඉන්දීය සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල වැඩ කොටසක් සිදු කරන බවත් ඊට අමතරව සරණාගතයින් ලෙස මිනිස් කොල්ලය ජාවාරමක් ලෙස කරගෙන යනු ලබන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ සිදුකරගෙන යනු ලබන ක්‍රියාවලිය ගැනද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමි විය.ඉන්දියානු විදේශ අමාත්‍ය සල්මන් රුෂ්ඩි මහතාගෙන්ද කොළඹදී ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කැමරන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ගැන ඉන්දියාවේ ස්ථාවරය කුමක්දැයි විමසීය. ඊට කදිම පිළිතුරක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලබා දුන්නේ ය. “ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ” යම් ගැටලුවක් පවතිනවා නම් එය විසඳාගත යුතු ක්‍රමවේදය ගැන දෙරටට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා” යනුවෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයෙන් ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයාගේ මුහුණ තව තවත් රතු විය.අඩුම ගණනේ ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරනු ඇතැයි කියන කැනඩා රජයවත් ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. එම නිසා කැමරන් මහතා මේ වන විට මහා බ්‍රිතාන්‍ය තුළත් ජාත්‍යන්තරවත් හුදෙකලා වී සිටී. අද ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ කොටි හිතවාදීන් සහ දෙමළ ඩයස්පෝරාව පමණි.ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයාට ආගන්තුක සත්කාර ගැන මතක හිටින පාඩමක්ද ශ්‍රී ලංකා සංචාරයෙන් ඉගෙන ගැනීමට හැකි විය. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර මහ ඉහළින් ලබාගෙන ශ්‍රී ලංකා රජය ලබාදුන් හෙලිකොප්ටර් යානයකින් ‘චැනල් ෆෝ’ කණ්ඩායමත් දමාගෙන ගොස් යාපනයේ සිට ශ්‍රී ලංකාවට එරෙහි පණිවිඩයක් ලෝකයට යැවීමට කැමරන් මහතා ක්‍රියා කළද ඒ සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාව හැරෙන්නට කිසිවෙකුගෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණි.ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ පැවති සමුළුවකට සහභාගි වීමට ගිය අවස්ථාවේදී කරන ලද ආගන්තුක සත්කාර කැමරන් මහතාට මෙහිදී සිහිපත් කළ යුතුය. හීත්‍රෝ ගුවන් තොටුපොළ දෙමළ ඩයස්පෝරාව විසින් වටකර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව විරෝධතා නඟන විට කැමරන් මහතා සිටියේ කොහේද? ශ්‍රී ලංකාව ගැන අසත්‍ය චෝදනා එල්ල කරමින් රට තුළදීත් තවත් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩේවිඩ් කැමරන් මහතා කටුනායක ගුවන් තොටුපොළේදී පිළිගන්නා ලද්දේ ඉතා උණුසුම් ආකාරයෙනි. ඉන් අනතුරුව සමුළුව ආරම්භ වූ නෙළුම් පොකුණ රඟහලේදී කැමරන් මහතාගේ දෑතින්ම අල්ලාගෙන ඉතා සුහදශීලීව පිළිගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනි.ඒ අවස්ථාවේදී කැමරන් මහතාගේ තිගැස්සෙන හදවතින් යුත් දෙබිඩි පිළිවෙත පෙන්වන මුහුණ සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සුහදශීලීත්වය ඉතා හොඳින් රූපවාහිනී සමීප රූප හරහා ලෝකයට දැකගත හැකි විය. එම නිසා ශ්‍රී ලංකා සංචාරය කිසිදු ආකාරයකින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාට අමතක නොවනු ඇති. ඩේවිඩ් කැමරන් මහතාගේ ප්‍රකාශයෙන් බලවත් අපහසුතාවයකට පත්වූයේ වෙන කවුරුත් නොවේ, බ්‍රිතාන්‍යයේ රජ පවුලේ ඔටුන්න හිමි චාල්ස් කුමරුයි. කැමරන් මහතා කෑ පතේ පහරා යන්න ගියද චාල්ස් කුමරු දින කිහිපයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටියේ ය.මානව හිමිකම් සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ පැටිකිරිය ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් වෙනම මානව හිමිකම් සමුළුවක් වුවද පැවැත්විය හැකි ය. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල මර්දනය කරමින් ඉංග්‍රීසීන් මේ රටට කළ විනාශය අවුරුදු ගණනක් යනතුරුම කතා කළ හැකිය.අපේ මුතුන් මිත්තන් සමූල ඝාතනය කරමින්, ගේ දොර, හරකා බාන, ගොවිතැන් ජල මූලාශ්‍ර ඇතුළු සියල්ල විනාශ කරමින් ගම්පාළු ප්‍රතිපත්තිය ලොවට මුලින්ම හඳුන්වා දුන්නේ කැමරන් මහත්තයලාගේ පරම්පරාව බව සිහිපත් කර දීමට කැමතිය.ඉරාකය අසාධාරණ ලෙස ආක්‍රමණය කර විනාශ කිරීමට ඇමෙරිකාවට මහා බ්‍රිතාන්‍ය සහයෝගය ලබා දුන් නිසා එවකට හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතාට යුද අපරාධ චෝදනා එල්ල වූයේ ඉරාක ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ නිසා ය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ගෝඩ්න් බ්‍රවුන් විල්කොට් කොමිසම පත් කළද මේ වනතුරු එහි වාර්තාව නිකුත් වී නොමැති බව කැමරන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.මහා බ්‍රිතාන්‍යයේ සිටි විශිෂ්ටතම රසායනික විද්‍යඥයා වූ ආචාර්ය කෙලී මහතා ඉතා පැහැදිලිව කියා සිටියේ ඉරාකයේ රසායනික අවි නොමැති බවයි. ඉරාකයේ රසායනික අවි තිබෙන බව පවසමින් ඇමෙරිකාව හා මහා බ්‍රිතාන්‍ය ඉරාකය ආක්‍රමණය කළේ ය.කෙලී මහතාගේ මෙම ප්‍රකාශයෙන් මෙම රටවල් හෙල්ලුම් කෑ අතර ඊට ටික දිනකට පසු අභිරහස් ලෙස මියගිය කෙලීගේ මළ සිරුර මහා බ්‍රිතාන්‍යයේදී හමු විය. සත්‍ය වසන් කිරීම සඳහා විශිෂ්ට විද්‍යාඥයින් ඝාතනය කරන රටක් වෙනත් රටවල මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක් බව කැමරන් මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කිරීමට කැමතිය. එම නිසා කොටි දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් කඩේ යන කැමරන් මහතා දේශපාලනික වශයෙන් හුදෙකලාවීම ලෝකයේ අනෙක් රටවල නායකයින්ද බලා සිටින්නේ දැඩි වගකීමකිනි.ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයාට තවත් හොඳ පාඩමක් ඉගැන්වූයේ ලෝකයේ අංක එකේ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ය. මුරලි ලව්වා ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයක් ලබාගැනීම කැමරන් මහතාගේ මාධ්‍ය නඩයේ න්‍යාය පත්‍රය වුවත් මුරලි යැවූ දුස්රා පන්දුවෙන් කැමරන් දැවී ගියේ ය.“කැමරන් මහතා උතුරේ සැබෑ තත්ත්වය නොදැන යම් යම් අය කියන දේවල් අනුව ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් කිසිදු ආකාරයකින් උල්ලංඝනය වී නොමැති බවයි” ඒ ප්‍රකාශයෙන් පසුව කොටි සංවිධානය චෝදනා එල්ල කරමින් මෙරට හිටපු විශිෂ්ට දේශපාලනඥයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාට ගහපු ලේබලයම මුරලිට ගහන්නට පටන්ගෙන ඇත.නමුත් මුරලිට එරෙහි ප්‍රහාර එල්ල කරන ඩයස්පෝරාවටත් ඩේවිඩ් කැමරන් මහතාටත් හොඳ හයේ ප්‍රහාරයක් එංගලන්තයේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඉයන් බෝතම් එල්ල කර ඇත. ඔහු පවසා ඇත්තේ මුරලිගේ ප්‍රකාශය නිවැරැදි බවයි. කැමරන් හා දෙමළ ඩයස්පෝරාවට තවත් ප්‍රහාරයක් එල්ල කරමින් ලෝක බලවතෙකු වන රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ සභාපති ධුරයට පත්වීම ගැන දුරකථනයෙන් සුබ පතා ඇත. .
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=f1311253
|
පදවි ප්‍රාප්තිෙය් සැබෑ ආශ්චර්යය අත්විඳිමු
|
රත්නසිරි පතිරණ
|
දවසක් උදා වී දවසක් ගෙවී යන පැය 24 ක හෝරා කීපය, ජීවිතයත් මරණයත් අතර ගෙවී ගිය අවිනිශ්චිත යුගයක් අප මීට වසර පහකට පෙර අත්වින්දෙමු. 2009 මැයි 19 වැනිදා තෙක් ඒ යක්ෂයාගේ හෝරාව යළි යළිත් උදාවිය. කොතරම් කටුක වුවද ඒ අමිහිරි කාල වකවානුව අකමැත්තෙන් වුවද මේ මොහොතේ යළි සිහිපත් වෙයි.උතුරු නැඟෙනහිර සීමාවේ මායිම් ගම්මාන තිබුණා අපට මතකය. රාත්‍රිය උදාවත්ම ඒ මායිම් ගම්මානවල මිනිසුන්ගේ අහිංසක ජීවිතවලට ද යක්ෂයාගේ හෝරාව උදාවිය. ඈත ගම්මානය කෙළවරින් මරලතෝනි හඬ ඇසෙනවාත් සමඟ, මවු ඇකයේ කිරි සිහින දකිමින් නිදා සිටි දරු පැටවුන් ද තුරුළු කරගත් අම්මලා, තාත්තලා දිවි බේරාගැනීමට ගණ අන්ධකාරය මැදින් කැලෑවලට රිංගූහ. එසේත් නැතිනම්, පොළොව යට කැපූ බංකර්වලට රිංගූහ.ඇඳිවත පමණක් උරුම වූ මේ අහිංසක මිනිසුන්ට යළි හිරු උදා වන විට අල්ලපු ගමේ ඥාතීන්, හිතවතුන් අමු අමුවේ කැතිවලින්, කඩුවලින් කපා මරා දමා ඇති අයුරු දක්නට ලැබිණි. නිදිවර්ජිතව සිටි දරු පැටවුන් පසුදා උදේ අකුරු කරන්නට පාසලට ගියද අකුරු කරන්නට තරම් මානසික මට්ටමක් ඔවුනට නොතිබිණි. බෝම්බ හඬින් තිගැස්සුණු පුංචි අත්වලින් අකුරු ලියූ විට ඒ අකුරු ඇදවුණි. චිත්‍ර පොතේ ඇඳි සිතුවම් බොඳවුණි. කුඹුරට, කමතට ගිය අම්මලා, තාත්තලාට යළි නිවෙසට එන්නට වරම් නොලැබුණි.දිනෙන් දින ගමේ මිනිසුන් ජීවිත බේරාගැනීමට ගම්බිම් හැර යන විට ගමේ මිනිසුන් රැකගන්නට ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පෙරමුණ ගත්හ. එසේ පෙරමුණ ගත් අපේ මහා සඟරුවනට ද අවසානයේ සිදුවුණේ කොටි වෙඩි පහරට බිලිවීමටයි.අපේ සිංහල මිනිස්සු ජීවත් වූ ගම්බිම් දිනෙන් දින ජනශූන්‍ය ප්‍රදේශ බවට පත්වන්නට විය. එපමණක් නොව, මුස්ලිම් දේවස්ථානයට ආගමික වතාවත් සඳහා ගිය බැතිමතුන්ට කෝවිලට ගිය දෙමළ වැසියන්ට සිදුවුණේ කොටි වෙඩි පහරට ගොදුරුවීමටය.මේ පව්කාර යුද්ධයේ උණුසුම උතුරට, නැඟෙනහිරට පමණක් නොව, දකුණේ කොළඹටත් තදින් දැනෙන්නට විය. කාර්යාලයට, වැඩබිමට පැමිණි මිනිස්සු ආපසු නිරුපද්‍රිතව නිවෙසට එනතුරු දරුවන් බිරින්දෑවරු සිටියේ අවිනිශ්චිත හැඟීමකිනි.මෙසේ හෙටක් ගැන සිතන්නට නොහැකි වාතාවරණයක් තිබූ රටක, මරණය වෙනුවට ජීවිතයත්, අවිනිශ්චිතතාවය වෙනුවට බලාපොරොත්තුවත් උරුම කර දුන් ඒ මහා පෙරළිය සිදුවූයේ 2009 වෙසක් මාසෙ 19 වැනිදා කියා අද බොහෝ දෙනකුට අමතකය. ඒ අතීතය අමිහිරි වුවත්, ආත්ම ඝාතක ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වය කිසිසේත් සිත් සතන්වලින් බැහැර කළ යුතු නැත. මෙරට සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභීත නායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස ආත්ම ඝාතක ප්‍රභාකරන්ගේ අවසානයත් සමඟ මේ රටේ දෙකෝටියකට ආසන්න ජනතාවකට යළි ජීවත්වීමේ පරම අයිතිය ආරක්ෂා කර දුන්නේය.වීරෝදාර රණවිරුවන්ගේ ලේ, කඳුළු, දහඩිය මුසුකර එක්සේසත් කර දුන් මේ මාතෘ භූමිය තුළ සියලු ජාතීන්ට එක මවකගේ දරුවන් සේ යළි ජීවත්වීමේ අයිතිය දිනා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෘතගුණ දැක්වීම සමස්ත ජාතියේම යුතුකම හා වගකීම වන බව මේ මොහොතේ සඳහන් කළ යුතුමය.අද මායිම් ගම්මාන හෝ තර්ජනයට ලක්වූ ගම්මාන මේ රටේ නැත. තැන තැන බෝම්බ පිපිරීම් හෝ වෙඩි හඬ ඇසෙන්නේ නැත. බංකර් හෝ යුද අගල් නැත. අම්මලාගේ තාත්තලාගේ උණුසුමේ දරුවන් රැය පහන්වනතුරු නිදි සුව විඳිති. සිතුවම් බොඳවන්නේවත්, අකුරු ඇදවන්නේවත් නැත. පුංචි උන් සිත් සේ අකුරු උගනිති. කුඹුරු යාය, හේන් යාය කිරි වැදී ඇත. මංමාවත් සියල්ල අලුත්වැඩියා කර ඇත. පාලම්, බෝක්කු සියල්ල ඉදිකර අවසන් ය.මේ සැබෑ වෙනස දෙනෙතින් දකින්නට දැන් අවස්ථාව උදා වී ඇත. ඒ සැබෑ ආශ්චර්ය අත්විඳින්නට කාලයයි මේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=f1311254
|
දැයට කිරුළෙන්දැයට සවියක්
|
ජයසිරි මුණසිංහ
|
ශ්‍රීලාංකේයීය ජාතිය සතු ප්‍රෞඪ ඉතිහාසයත්, ජයග්‍රාහී වර්තමානයත්, සෞභාග්‍යමත් අනාගතයත් පිළිබඳ ලොවට කරුණු කියාපාන කැඩපත ‘දැයට කිරුළයි’. දැයට කිරුළ ජාතික සංවර්ධන හා ප්‍රදර්ශන වැඩපිළිවෙළ මීට වසර හතකට පෙර ආරම්භ වූයේ, ‘අපට බැහැ! දැන් රට ඉවරයි!” යන මානසිකත්වයෙන්, කොන්ද බිඳී ගිය හැඟුමින් පිරි ජාතියට, “අපිට පුළුවන්! අපි දිනන්නෙමු!” යන සුබවාදි පණිවුඩය ලබා දී සිත් හදන්නටය.එදා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණය කළත්, සමහරු එය කඩාකප්පල් කරන තැනට කටයුතු සැලැස්වීමට පියවර ගත්හ. මේ බව මනාව තේරුම්ගත් ජනාධිපතිතුමා, මේ ඉතා උසස් ක්‍රියාදාමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට එවකට රාජ්‍ය ආදායම් හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ වත්මන් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට භාර කෙළේ ය.වසර 2007 දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනයක් ලෙසින් රාජ්‍ය හා පෞද්ගලික අංශ රැසක දායකත්වයෙන් ඇරැඹි දැයට කිරුළ, වසර 2008,2009 තුළදී ද පැවැත්වූයේ ඒ බිමහි ය. ඒ එවකට රටේ මානුෂීයය මෙහෙයුම ක්‍රියාත්මකව යුද්ධය අවසන් අදියරේ පැවැතියදී ය. එවකට තිබූ ආරක්ෂක තත්ත්වය මත දැයට කිරුළ වැනි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹන ප්‍රදර්ශනයක් කොළඹින් පිට පැවැත්වීමට හැකියාව නොතිබුණි.වසර 2010 දැයට කිරුළ වැඩපිළිවෙළ මුල්වරට කොළඹින් පිටතට රැගෙන යමින්, මහනුවර, පල්ලේකැලේ දී පැවැත්වීය. ආරම්භයේ ප්‍රදර්ශනයකට සීමා වූ මේ ජාතික වැඩපිළිවෙළට, සංවර්ධනය යන ක්‍රියාවලිය එක් වූයේ මෙහිදීය. දැයට කිරුළට සමගාමී පල්ලේකැලේ ප්‍රධාන මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස සෑම එකකම යටිතල පහසුකම් දියුණු කිරීම මින් ඇරැඹිණි.ඉන්පසුව මොනරාගල,බුත්තල දී වසර 2011 දැයට කිරුළ වැඩපිළිවෙළ පැවැත්විණි. මෙහිදී මහා මාර්ග, විදුලිබල, නිවාස, වාරිමාර්ග, රෝහල්, පාසල්, බැංකු, තැපැල් කාර්යාල, මාතෘ නිවාස හා ග්‍රාමීය ජනතාවගේ බොහෝ අවශ්‍යතා ඉටු කරලීමට රජය සමත් විය.වසර 2012 දැයට කිරුළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූයේ ඓතිහාසික අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රදේශය කේන්ද්‍රගත කරමිනි. එහිදී අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රධාන සෙසු සියලු දෙනාටම හිමි වූ ප්‍රතිලාභ ප්‍රමාණය අතිමහත්ය.මේ අන්දමට දිස්ත්‍රික්කයක් පාදක කොට පැවැත්වීමට මුලින් තීරණය කොට තිබූ දැයට කිරුළ වැඩපිළිවෙළ, ඉන් ඔබ්බට ගොස් එක් වර්ෂයක් ඇතුළත දිස්ත්‍රික්ක හතරක ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේ, වසර 2013 දී ය. අම්පාර හාඩි උසස් තාක්ෂණ විද්‍යාල භූමිය කේන්ද්‍රකොට ප්‍රදර්ශනය පැවැති අතර, ඉන් අම්පාර, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ නැඟෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේත්, උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් යටිතල පහසුකම් දියුණුවට මඟපාදා දුණි.මෙලෙස ඉදිරියට ආ දැයට කිරුළ වැඩසටහන වසර 2014 දී පැවැත්වෙනුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ ය. එහි මධ්‍ය මහා විද්‍යාලය, කාර්මික විද්‍යාලය හා උසස් අධ්‍යාපන විද්‍යාලය යන භූමි තුනේම යටිතල පහසුකම් ඉහළ නැංවෙන පරිදි දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වේ. ඊට අමතරව වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේත්, සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේත් සියලු අංශ යටිතල පහසුකම් දියුණු කිරීම මේ යටතේ සිදුවෙමින් පවතියි.වසර 2014 දැයට කිරුළ වැඩසටහන පෙර කවරදාකවත් සිදු නොකළ ආකාරයට මහජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරන, මහජනතාවගේ දුක් ගැනවිලිවලට කඩිනම් විසඳුම් ලබාගෙන ජංගම සේවා වැඩපිළිවෙළක් සමඟින් ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිතුමා තීන්දුවක් ලබා ගත්තේ ය. ඒ අනුව ඒ ගැන විශේෂයෙන් කරුණු සොයා බලා ක්‍රියාත්මක කිරීමට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ ය.දැයට කිරුළ සංවර්ධන හා ප්‍රදර්ශන කමිටුවේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රධාන පිරිසට මෙය සුවිශාල ශක්තියක් විය. ජනතා දුක්ගැනවිලිවලට ගම්මට්ටමට ගොස් සවන් දී ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සැපැයීමට කටයුතු කරන්න යැයි ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ඉහත දිස්ත්‍රික්ක තුනේ සෑම මැතිවරණ ලේකම් කොට්ඨාසයකටම ගොස් රාජ්‍ය අංශ, පෞද්ගලික අංශ හා ආගමික නායකයින්ට කරුණු පහදා දෙමින් ඉල්ලීමක් කෙළේ ය.එය ඉතාම සාර්ථක ප්‍රයත්නයක් වූයේ, මේ වනවිට එම දිස්ත්‍රික්ක තුනේ සෑම ගමක ම පාහේ ජංගම සේවා වැඩසටහන පවත්වා, ගමේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් බොහෝමයක් ලබා දී ඇති හෙයිනි.හිසට සෙවණක් නොමැති අඩු ආදායම්ලාභින්ට නිවසක්, පිරිසුදු පානීය ජලය, ගොවිතැනට ජලය, විදුලිය, නිවසට ම යා හැකි දියුණු කළ මාර්ග, වෙළෙඳාම දියුණු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් මේ යටතේ සැපැයෙන සේවා ය.ඊට අමතරව ඉසුරුමත් නිවසක්! අසිරිමත් මවුබිමක්! තේමාව ජය ගන්නට අවශ්‍ය සියලු සහාය මේ යටතේ ලබා දෙමින් සිටියි. ගමේ ජනතාවගේ දෙපතුළ ළඟට රාජ්‍ය සේවකයා පැමිණ ඔවුන්ට සේවා අවශ්‍යතා ඉටු කරන මේ ජංගම සේවා වැඩසටහන සැබැවින්ම ගමේ ජීවත්වෙන පුද්ගලයින්ට සපයා දෙනුයේ මිල කළ නොහැකි වූ සේවාවකි. ජාතික හැඳුනුම්පත, විවාහ, උප්පැන්න, මරණ සහතික බෙහෙත් හේත්, ඇස් කණ්ණාඩි, රෝද පුටු, ජීවන තත්ත්වය ඉහළට නැංවීමට ආධාර, ස්වයං රැකියා , ණය ප්‍රවාහන අංශ ගණනාවක සේවා මේ හරහා ජනතාවට ලබාදීමට කටයුතු යොදා ඇත.ඊට අමතරව කුරුණෑගල, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු කරමින් පවතී.වසර 2014 ජාතික නිදහස් උත්සවය කෑගල්ල නගරයේදී පැවැත්වේ. ඒ සඳහා විශේෂ මාර්ග, යටිතල පහසුකම් කෑගල්ලේ දියුණු කෙරේ. මේ සියලු කටයුතු සිදු කිරීමට රජය රුපියල් කෝටි හතළිස් පන්දහසකට වඩා මේ දිස්ත්‍රික්ක තුනට ලබා දී තිබේ.කුරුණෑගල, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ දේශපාලන නායකත්වය, ආගමික නායකයෝ, ජනතාව, මේවායේ ප්‍රතිඵල වැඩි වශයෙන් ලබා ගැනීමට උනන්දුවෙන් කටයුතු කරති. ඒ මෙන්ම දැයට කිරුළට සමගාමීව පැවැත්වෙන ජංගම සේවා වැඩසටහනේ සාර්ථකත්වය හැඳිනගත් රජය ලබන වසරේ සිට සෑම දිස්ත්‍රික්කයකම ජනතා ප්‍රශ්න විසඳීමට මේ ජංගම සේවා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට දැනටමත් තීරණය කොට ඇත. එය “දැයට කිරුළ” වැඩපිළිවෙළ ලැබූ මිල කළ නොහැකි සමාජ අගය කිරීමක් ද වේ.මිලියන විස්සක් ඉක්මවන ශ්‍රී ලාංකේයීය ජනතාවගේ අනාගතය වඩාත් සමෘධිමත් සෞභාග්‍යමත් එකක් බවට පත් කිරීමට රජය පියවර ගන්නා මොහොතක දැයට කිරුළ සාර්ථක කිරීමට රාජ්‍ය අංශයෙන් ලැබෙන සහාය අතිවිශාලය. ආගමික නායකයෝ, දේශපාලන නායකත්වය මෙය ජනතාව අතරට ගෙන යෑමට දිවා රෑ වෙහෙස වෙති. ඒ සියලු දේ හරහා දැයට කිරුළ ජාතික වැඩපිළිවෙළ ඔස්සේ, ජාතියට උරුම වන අභිවෘද්ධිය රුපියල් ශතවලින් මැන මිල කළ හැකි නොවේ..
|
NEWSPAPER
|
2013.11.25
|
http://www.dinamina.lk/2013/11/25/_art.asp?fn=f1311255
|
ගහගන්න වරෙන් කියන්නේ; මෝඩ ගුස්තිකාරයෝ
|
සංවාද සටහන උපාලි කරුණාරත්න ඡායාරූප - ගයාන් පුෂ්පික
|
කඩුව, පිහිය, පොල්ල. මේවායින් යමෙක් පහර දුන්නොත් බේරෙන අන්දම අයිකිඩෝ සටන් පුහුණුවේදී උගන්වනවා.හිරොනොබු යමධ ජපානයේ සිටින ප්‍රබල අයිකිඩෝ ගුරුවරයෙකි. ඔහු හොකුසෝ අයිකිකායි සංගමයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි. වයස අවුරුදු අසූව ආසන්නයට පැමිණ සිටින ඔහු තවමත් ඉතා උද්යෝගිමත්ව ප්‍රබල අයිකිඩෝ සටන් කරුවන් ලෝකය පුරා බිහි කරමින් සිටී. ශ්‍රී ලාංකික තරුණයෙකු වන ලෙස්ලි තරංග මහතාද හිරොනොබු යමධ යටතේ වසර පහළොවකට ආසන්න කාලයක් අයිකිඩෝ සටන් ක්‍රමය හැදෑරූවෙකි. තවමත් එම ගුරුවරයා යටතේ ඔහු අයිකිඩෝ සටන් ක්‍රමය හදාරමින් සිටී. මෙවර ගුස්ති පිටුවේ සංවාදයට එක්වනුයේ ලෙස්ලි තරංග මහතාය.ඔබ අයිකිඩෝ සටන් ක්‍රමයේ ප්‍රබලයෙක්ද?මට වඩා ප්‍රබලයො ඇති. මට නිවැරදිව අයිකිඩෝ උගන්වන්න පුළුවන්.මල්ලවපොරකරුවෙකු සමග සටන් කළ හැකිද?තවම සටන් කරල නැහැ.අයිකිඩෝ සහ මල්ලවපොර කියන්නෙ සටන් ක්‍රම දෙකක්.අයිකිඩෝ මාරාන්තික සටන් ක්‍රමයක් කියා යමෙකු ප්‍රකාශ කළොත් ඔබ ඒක පිළිගන්නවද?මාරාන්තික ලෙස අයිකිඩෝ සටන් ක්‍රමය යොදා ගත හැකියි. අයිකිඩෝවලින් අතපය කඩල දාන්න පුලුවන්. අතපය අඹරන ක්‍රම අයිකිඩෝවල තිබෙනවා.අයිකිඩෝ කියන්නෙ කුමක්ද?අයිකිඩෝ කියන්නෙ නිවැරදි මාර්ගය කියන එකයි.මේ සටන් ක්‍රමයේදී යොදා ගන්නා ක්‍රමවේදය මොකක්ද?සටනක් වේලාවේ ප්‍රතිවාදියාගේ ශක්තිය උපයෝගී කරගෙන ඔහුව මෙල්ල කිරීමයි.අයිකිඩෝ අති ප්‍රබල ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් කියල ඔබ පිළගන්නවාද?මෙම සටන් ක්‍රමය ප්‍රබල බවට ලෝකය පිළි අරන් තිබෙනව. ජපානයේ නම් අවුරුදු 7 - 8 වයස් කාණ්ඩවල සිට අවුරුදු 70 -80 වයස් කාණ්ඩ දක්වා අයිකිඩෝ හදාරනවා.ඔබේ ගුරුවරයා වන හිරොනොබු යමධ පිළිබඳ සඳහන් කළොත්?ඔහු කළු පටි අටවන ශ්‍රේණියේ සිටින්නේ. මීට අවුරුදු පනහකට කලින් හිරොනොබු යමධ අයිකිඩෝ සටන් ක්‍රමය හැදෑරීම ආරම්භ කර තිබෙනවා. ඔහු ඉපදිලා තිබෙන්නේ චීනයේ.ජපන් ජාතිකයෙකු වන යමධ ජපානයේදී තමයි අයිකිඩෝ හැදෑරීම ආරම්භ කළේ. ජපන් එයාලයින් එකේ ඔහු රැකියාව කර තිබෙනව.කළු පටි අටවන ශ්‍රේණියේ ගුරුවරුන් තව කොපමණ සංඛාවත් ජපානයේ ඉන්නවද?ටෝකියෝවල අයිකිඩෝ මුලස්ථානයේ ගුරුවරුන් ගණනාවක් සිටිනව. මගෙ ගුරුවරයත් එයට සම්බන්ධයි. මගෙ ගුරුවරයට ජපාන්යේ හොඳ පිළිගැනීමක් තිබෙනවා.ඔබේ ගුරුවරය ලෝකයේ කොයි කොයි රටවලද අයිකිඩෝ උගන්වන්නෙ?ශ්‍රී ලංකාව ,රුසියාව , ඕලන්දය , සිංගප්පූරුව යන රටවල. රුසියාවෙ දහදාහක විතර ගෝලයන් පිරිසක් මගෙ ගුරුවරයට ඉන්නවා.අයිකිඩෝ හැදෑරීම ඔබ ආරම්භ කළේ කවදද?එක්දහස් නවසිය අනූ අටේදි. මම දැනට සිටින්නෙ කළු පටි දෙවන ශ්‍රේණියේ. තුන්වන ශ්‍රේණියට හෙට අනිද්දම උසස් වෙනවා. කළු පටි පළමු ශ්‍රේණිය ගන්න අවුරුදු පහක් විතර යනවා. දෙවන ශ්‍රේණිය අවුරුදු අටකින් පමණ ලබා ගන්න පුළුවන්. නිවැරදිව පුහුණු වීම් කළා නම් තුන්වන ශ්‍රේණිය අවුරුදු දොළහකින් ගන්න පුළුවන් . හැබැයි මගේ ශ්‍රේණිගත කිරීම් පමාවීමට බලපෑවෙ පුහුණුවීම් අඩුකම නොවේ.අයිකිඩෝ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට කොතරම් ප්‍රයෝජනවත්ද?ව්‍යායාම මනුෂ්‍ය ජීවිතයට ඉතා වැදගත්. අයිකිඩෝවලට ආස කරන කෙනාට ඒක වටිනවා.හැබැයි අයිකිඩෝ කියන්නෙ සටන් ක්‍රමයකට. යම් පුද්ගලයෙක් අයිකිඩෝ දැනගෙන සිටියහොත් එම සටන් ක්‍රමය ප්‍රයෝජනයට ගන්න පුලුවන්. අතුගාන එකත් ව්‍යායාමයක්.වෙනත් සටන් ක්‍රමයක් හදාරපු ශිල්පියෙකුට අයිකිඩෝ හැදෑරීම පහසුද?කිසිම ගැටලුවක් ඇති වන්නෙ නැහැ. ක්‍රීඩා කරන අයට, සටන් ක්‍රම කරන අයට අයිකිඩෝ පහසුවෙන් හඳුනාගන්න, හදාරන්න පුලුවන්. මමත් කරාතේ සටන් ක්‍රමයත් හදාරල තිබෙනවා.කරාතේ සටන් ක්‍රමය කොපමන කාලයක් තිස්සේ හැදෑරුවද?සුසන්ත රූපසිංහ ගුරුවරයාගෙන් 1988 දී මම මුලින්ම කරාතේ සටන් ක්‍රමය හැදෑරුවේ . පසුව ජපානයට ගියා. එහිදීද මම කරාතේ හැදෑරුවා. ටකාසි කියන ගුරුවරයාගෙන් ෂෝටෝකාන් කරාතේ ශෛලියයි මම හැදෑරුවේ. කළු පටි තුන්වන ශ්‍රේණිය මට හිමිවෙලා තිබෙනවා. මම කරාතේ සටන් ක්‍රමයද මෙරට තරුණ පරපුරට උගන්වනවා.කොහොමද අයිකිඩෝවලට යොමු වුණේ?ජපානයේදී මම කරාතේ ඉගෙන ගත් පංතිය අසල අයිකිඩෝ සටන් ක්‍රමයද ඉගැන්වුවා. මම එහි ගොස් අයිකිඩෝ ඉගෙන ගැනීමට කැමැති බව ඔවුන්ට පැවසුවා. එම සටන් ක්‍රමය ඉගෙන ගැනීමට පැමිණෙන ලෙස ඔවුන් මට දැන්වුවා.ජපානයේ විවිධ සටන් ක්‍රම ගණනාවක් තිබෙනවා.ඔබ වැඩි අවධානයක් යොමු කරන්නෙ කරාතේවලටද අයිකිඩෝවලටද?මම අයිකිඩෝවලටයි මේ වන විට වැඩි අවධානය යොමු කරල තිබෙන්නේ. ලංකාවෙ අයිකිඩෝ කරන පිරිස අඩුයි. හිරොනොබු යමධ යටතේ පාලනය වන හොකුසෝ අයිකිකායි ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියාත් මමයි පමණයි ලංකාවේ ඉන්නේ.අයිකිඩෝ පුහුණු කිරීම සඳහා අවශ්‍ය මෙට්ට පවා මට මවු සංගමයෙන් ලබා දීල තිබෙනවා.මොකද අයිකිඩෝවල උස්සලා පොළොවෙ ගහනව වගේ සටන් ක්‍රමනේ තිබෙන්නේ.වෙනත් සටන් ක්‍රමයක් හදාරා ඇති සටන් ශිල්පියෙකු ප්‍රබල පහරක් අයිකිඩෝ සටන් ශිල්පියෙකුට එල්ල කළොත්?එල්ල කරන ඕනෑම පහරක් මෙල්ල කරන්න අයිකිඩෝ සටන් කරුවෙකුට පුලුවන්.අයිකිඩෝ සහ කරාතේ අතර වෙනස ඔබ දකින්නෙ කොහොමද?කරාතේ සටන් ක්‍රමයේදී පහරක් එල්ල කිරීමෙදී හා එය වැලැක්වීමේදී ශක්තියක් යොදන්න ඕනේ. අයිකිඩෝවල එහෙම නොවේ. ප්‍රතිවාදියාගේ ශක්තියෙන් ප්‍රයෝජන ගන්න පුලුවන්. ප්‍රතිවාදියාගේ සමබරතාවය නැති කරන එක තමයි අයිකිඩෝවලින් කරන්නෙ.මෙරට සටන් ශිල්ප උගන්වන බොහෝ ගුරුවරුන් තම ගෝලයන්ට සටන් පුහුණුව දීමට පෙර දැඩි ව්‍යායාම්වල යොදවනව. අයිකිඩෝවලත් එහෙමද?අයිකිඩෝවල තියෙන්නෙ අත පය අඹරන උපක්‍රමයි.ප්‍රතිවාදියාගෙ අතින් අල්ලා ඔහුව අඹරල දාන එක තමයි කරන්නෙ. එම නිසා කරාතේවල වගේ දැඩි ව්‍යායාම කරන්නෙ නැහැ. අතපය ඇඹරීමට අවශ්‍ය කරන ව්‍යායාම අයිකිඩෝවල කරනවා.මරු නිලවලට පහරදීමක් , ඇල්ලීමක් අයිකිඩෝවල තිබෙනවද?අයිනිඩෝවල නිලවලට පහරදීමක් නැහැ. ඒ වුණාට අපි හිතමු අපට පහර දීමට උත්සාහ කරන පුද්ගලයා අත පිහියක් තිබෙනවා කියල. එවිට අප කරන්නෙ පිහිය අල්ලන්නෙ නැතිව එයාගෙ අතේ නිලයක් අල්ලල පිහිය අතහැරීමට සැලැස්වීමයි.ඒ කියන්නෙ අයිකිඩෝවල මරු නිල ශාස්ත්‍රය උගන්වනව කියන එකද?නැහැ. නමුත් එම සටන් ශිල්පයේ උගන්වන දේ තුළ නිල අල්ලනවා.අයිකිඩෝ සටන් ශිල්පය නොදත් පුද්ගලයෙකුට අයිකිඩෝ දන්නා පුද්ගලයෙකු පහර දුන්නොත් දැඩි හානි සිදු විය හැකියි නේද?අනිවාර්යයෙන්ම. ඒ වගේම අයිකිඩෝ දන්න පුද්ගලයන් දෙදෙනෙකු සටනකට පිවිසුනහොත් එක් පුද්ගලයෙකු අනෙකාගේ අතපය අඹරන විට අතපය ඇඹරීමට ලක්වන පුද්ගලයා හානියක් නොවී වැටිය යුතු ආකාරය දන්නව. ඒව අයිකිඩෝවල උගන්වනවා.මොන වගේ පුද්ගලයින්ද ඔබෙන් අයිකිඩෝ ඉගෙන ගැනීමට පැමිණෙන්නෙ?මගෙන් අයිකිඩෝ ඉගෙන ගැනීමට ඉස්කෝලෙ දරුවො පැමිණෙනවා. අවුරුදු 30 - 35 වයස් කාණ්ඩවල රැකියා කරන කීප දෙනෙක් පැමිණෙනවා.ආරක්ෂක අංශ සාමාජිකයින්ට අයිකිඩෝ කොතරම් වැදගත්ද?විශාල ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. හොකුසෝ අයිකිකායි සංගමයේ සිංගප්පූරු ශාඛාවේ සාමාජිකයින්ගෙන් එරට ආරක්ෂක අංශ අයිකිඩෝ පුහුණුව ලබා ගන්නවා. වයසක කෙනෙකුටත් අයිකිඩෝ සටන් ක්‍රමය සතුරාට පහර දීමට පහසුවෙන් යොදා ගන්න පුලුවන්.අයිකිඩෝ ඉගෙන ගත් ඔබේ ගෝලයෙකු වෙනත් අයිකිඩෝ උගන්වන ගුරුවරයෙකු ළඟට ගොස් ඔබට අභියෝග කළොත් කුමක්ද කරන්නෙ?මගෙන් යමෙක් ඉවත්වෙලා යන්නෙ අනෙක් ගුරුවරයා මට වඩා හොඳයි කියල සිතන නිසයි. ඒක අදාළ පුද්ගලයගෙ තීරණයක්. මට එහෙම දෙයක් වෙයි කියල සිතන්නෙ නැහැඅයිකිඩෝ ආත්මාරක්ෂාව සඳහා ඉගෙන ගැනීමට කොපමණ කාලයක් ගත වෙනවද?සතියකට එක දවසක් ලෙස අයිකිඩෝ ඉගෙන ගැනීමෙන් ප්‍රබල තත්ත්වයට ළඟා වීමට කාලයක් ගත වේවි. අයිකිඩෝ පුහුණුවීම සඳහා කරන කැපවීම මතයි එය කොතරම් ප්‍රබල ලෙස යොදා ගත හැකි දැයි තීරණය වන්නෙ. අපි සිතමු යම් පුද්ගලයෙකු සතියකට දින තුනක් අයිකිඩෝ නිවැරදිව පුහුණු වීම් කරනව කියල. ඒ පුද්ගලයාට අවුරුද්දක් යන විට අයිකිඩෝවල මූලික දේ ඉගෙන ගැනීමට හැකි වෙනවා. මෙවැනි පුද්ගලයෙකුට තම ආත්මාරක්ෂාව සලසා ගැනීමට දැනුම තිබෙනවා.ජපානයේදී අයිකිඩෝ පුහුණු වන විට හිරොනොබු යමධ ගුරුවරයාද අයිකිඩෝ පුහුණු වෙනව ඔබ දකින්න ඇති. ඔහු කොහොමද පුහුණුවීම් කළේ?සතියේ දවස් හතේම ඔහු පුහුණුවීම් කරනවා. තම ගෝලයන්ට පුහුණුවීම් කිරීමේදී උපදෙස් පමණක් නොදී අයිකිඩෝ සටන් ක්‍රමයන් නිරන්තරව ඔහු ප්‍රායෝගිකව කරල පෙන්වනවා.ඔබ කොහොමද අයිකිඩෝ පුහුණුවීම් කරන්නෙ?මමත් නිරන්තරව පුහුණුවීම් හි යෙදෙනවා. දරුවන්ට අයිකිඩෝ ඉගැන්වීමේදී මගේ ගුරුවරයා වගේ උපදෙස් පමණක් නොදී ඔවුන් සමඟ පුහුණුවීම් කරනවා.ජපානයේ අයිකිඩෝ පුහුණුවීම්වලදී ඔබට අනතුරු සිදු වී නැද්ද?විවිධ අනතුරු සිද්ධ වෙලා තිබෙනවා.ඇඟේ පිටිපස්සෙන් අල්ලා සතුරෙකුට පහරදෙන ක්‍රමයක් අයිකිඩෝවල උගන්වනවා. උස්සල පොළොවේ ගැසීමක් තමා මෙහිදි සිදුවන්නේ. මා සමඟ පුහුණු වූ ජපන් ජාතිකයාටද නිසි පුහුණුවක් තිබුනේ නැහැ. එය පුහුණුවීමේදී මම වැටුනෙ වැරදි ආකාරයට. මගෙ කොඳු ඇට පෙළට හානි වුණා. මාස හයක් පමණ විවේක ගැනීමට සිදු වුණා.අයිකිඩෝවල තිබෙන ප්‍රබල සටන් උපක්‍රම මොනවද?බොහෝ සටන් ක්‍රම පහර දීමකින් උස්සල පොළොවේ ගැසීමකින් අවසන් කරන්න පුලුවන්. අයිකිඩෝවලදි උස්සල පොළොවේ ගහල හිර කරන්නත් පුලුවන්.හිරොනොබු යමධ ගුරුතුමා පසුගිය දිනවල මෙරටට පැමිණ අයිකිඩෝ පුහුණු කඳවුරු පැවැත්වුවා නේද?ඔව්. ජපානයේ අයිකිඩෝ මූලස්ථානයේ දැනුම් දීම මත මෙරට සිටින අයිකිඩෝ සටන් ශිල්පය උගන්වන ගුරුවරුන් ගණනාවක්ද මේවාට සහභාගි වුණා. ශ්‍රී ලංකා අයිකිඩෝ සංගමය ( ශ්‍රී ලංකා අයිකිකායි ) හි ලේකම් ගාමිණී වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක්ද මීට එක් වුණා.අයිකිඩෝ නිර්මාතෘවරයා කවුද?මොරිහෙයි උයිෂිබා තමයි අයිකිඩෝවල නිර්මාතෘ ලෙස සලකන්නේ.චීනයට ගොසින් වූෂු ප්‍රබල ලෙස හැදෑරූ සටන් ශිල්පියෙකු සටනකට පැමිණෙන්න කියා අභියෝග කළොත්?මම සූදානම්. කවුරු හරි අයිකිඩෝ වැඩකට නැති සටන් ක්‍රමයක් කියල ප්‍රකාශ කළොත් එම ක්‍රීඩාවේ ප්‍රබලත්වය අපට පෙන්වා දෙන්න වෙනවා. හැබැයි වූෂු හෝ වෙනත් ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් නියමාකාරයෙන් හැදෑරූ සටන් ශිල්පියෙකු එවැනි අභියෝග කරන්නෙ නැහැ. සමහර සටන් ගුරුවරුන්ගේ අභියෝග කිසිම තේරුමක් නැහැ. ඔවුන් කටයුතු කරන්නෙ සටන් ශිල්ප පිළිබඳ කිසිම දැණුමක් නැතුව වගේ.ඔබ අයිකිඩෝ පිළිබඳ පර්යේෂකයෙක්ද?ඔව්. මම දිගින් දිගටම අයිකිඩෝ හදාරනවා.පළමුව කරාතේද දෙවනුව අයිකිඩෝ ද ඔබ හැදෑරුවා. ඉදිරියේදී තවත් සටන් ක්‍රමයක් හදාරන්න අදහසක් නැද්ද?වෙනත් සටන් ක්‍රමයක් හදාරන්න කාලයක් නැහැ. හැබැයි අවස්ථාව ලැබුණොත් කැමැතියි.කවුරු හරි ප්‍රකාශ කළොත් ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් ඉගෙන ගැනීමට කාලයක් නැහැ කියල?මම කරාතේ හැදෑරීමටත් අයිකිඩෝ හැදෑරීමටත් කාලය වෙන් කරගෙන තිබෙනවා. ක්‍රීඩාවක් හෝ සටන් ශිල්පයක් හැදෑරීමට කාලයක් වෙන් කර ගන්න හැකියි කියන මතයේයි මම ඉන්නෙ. අවශ්‍යතාවය තිබෙන පුද්ගලයා කොහොම හරි කාලය වෙන්කර ගන්නවා. රැකියාව අවසන් වී සටන් ශිල්ප ඉගෙන ගන්නා පුද්ගලයින් අප අතර ඉන්නවා.මෙරට අයිකිඩෝ උගන්වන අනෙකුත් ගුරුවරුන් පිළිබඳ ඔබේ අදහස කුමක්ද?මම ලංකාවෙ ගුරුවරුන්ගෙන් අයිකිඩෝ ඉගෙන ගෙන නැහැ. මෙරට ගුරුවරුන් සමග විවිධ අවස්ථාවල පුහුණුවීම්වලට සහභාගි වෙලා තිබෙනවා. විවිධ අයිකිඩෝ ගුරුවරුන්ගෙන් පුහුණු වූ ශිෂ්‍ය කොටස් මගෙන් පුහුණු වීමටද පැමිණි අවස්ථා තිබෙනවා.ජීවිතයේ හදිසියේ සිදු වූ කරදරයකදී අයිකිඩෝ යොදා ගත් අවස්ථාවක් මතක නැද්ද?මම ගැටුම්වලට යන පුද්ගලයෙක් නොවෙයි. සටන් ශිල්පයන් හැදෑරීම තුළින් අපි හොදට ඉවසීම පුරුදු පුහුණු කරල තිබෙනවා.අයිකිඩෝ සටන් ක්‍රමයේදී භාවිත වන ආයුධ මොනවද?කඩුව, පිහිය, පොල්ල. මේවායින් යමෙක් පහර දුන්නොත් බේරෙන අන්දම අයිකිඩෝ සටන් පුහුණුවේදී උගන්වනවා.රාත්‍රියේ කිසිඳු ආලෝකයක් නොමැතිව ගමන් ගන්නා අයිකිඩෝ සටන් කරුවෙකුගේ ඔලුවට පිටුපසින් පැමිණි තරහ කරුවෙකු පොල්ලකින් පහර දුන්නොත් ඔහු මරණයට පවා පත්වීමට ඉඩ තිබෙනවා නේද?කළුවරේ පිටුපසින් පැමිණ පොලු පහරක් ගහන්න පුළුවන්. වෙඩි තියන්න පුළුවන්. පහරදීමකට ඉදිරියෙන් පුද්ගලයෙක් පැමිණියහොත් සටන් කරන්න පහසුයි. කළුවරේ ගමන් ගන්නා පුද්ගලයා අයිකිඩෝ සටන් ක්‍රමය හදාරා තිබෙන නිසා සාමන්‍ය මනුෂ්‍යකුට වඩා ඉවක් තිබෙනව. ක්ෂණයකින් පහරදීමක් සිදුවේ යයි දැනුනොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන්.බස් රථයක ගමන් ගන්නා අවස්ථාවක තරුණයින් කණ්ඩායමක් ඔබට බොරු අයිකිඩෝ ගුරුවරයෙක් යයි කියමින් පහර දීමට උත්සාහ කළොත්?මම ඔවුන්ට පහර දෙන්න යන්නෙ නැහැ. මම කවුද කියල ඔවුන්ට පැහැදිලි කර දෙනවා. ගහනවට වැඩිය වචනයෙන් බොහෝ දේ කරන්න පුළුවන්. විවිධ සටන් ක්‍රම හැදෑරූ වර්තමානයේ සිටින ඇතැමුන් ඇඟේ හැප්පුනත් තමා සටන්කරුවෙකු බව අඟවමින් ගහ ගන්න යනව. සටන් ශිල්ප ඉතා ගැඹුරට හැදෑරූ පුද්ගලයින් ඉතා ඉවසීමෙන් කටයුතු කරනවා. අඩුම තරමින් අසල්වැසියන්වත් දන්නෙ නැහැ තමන්ගෙ නිවස අසල එවන් පුද්ගලයෙකු සිටින බවවත්.මංකොල්ලකරුවෙකු හිසට පිස්තෝලයක් තියල තර්ජනය කළොත් මොකද කරන්නෙ?අයිකිඩෝ සටන් ක්‍රමය යොදා ගන්න සිද්ධ වෙනවා.කොහොමද අයිකිඩෝ යොදා ගන්නෙ?එවැනි අවස්ථාවන්ට මුහුණ දෙන අන්දම අයිකිඩෝවල උගන්නවා.අයිකිඩෝ හැදෑරීමේදී භාවිත කරන ඇඳුම සටනකදී කරදරයක් නොවේද?නැහැ.අයිකිඩෝ කියන්නෙ මොන මොන සටන් ක්‍රමයන්හි එකතුවක්ද?මෙහි නිර්මාතෘවරයා විවිධ සටන් ක්‍රමයන්හි ආභාසය අයිකිඩෝ නිර්මාණය කිරීමේදී යොදා ගන්න ඇති.ජපානයේ ප්‍රසිද්ධ කරාතේ සටන් ක්‍රමය නේද?අයිකිඩෝත් ඉතා ප්‍රසිද්ධයි.බෲස්ලි කොයි ආකාරයේ සටන් ශිල්පියෙක් ලෙසද ඔබ දකින්නෙ?දක්ෂයෙක්. ලෝකයේ බිහිවූ ප්‍රබල සටන් ශිල්පියෙක්..
|
NEWSPAPER
|
2013.11.26
|
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n1311262
|
සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකය විසුරුවා හැර නෑ
|
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
|
සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකය විසුරුවා හැර නැති බවත් එය තවදුරටත් ශක්තිමත් කරනු පිණිස කාර්යක්ෂම නිලධාරීන් අනුයුක්ත කොට ඇති බවත් අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) අවධාරණය කළේය.සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකයේ හිටපු නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව පහළ මට්ටමක පැවති නිසාත් හැසිරීම සැක සහිත නිසාත් මේ අංශය ප්‍රතිසංවිධානය කිරීමට හිටපු නිලධාරීන් මාරු කර යවා ඇති බවද අගමැතිවරයා අනාවරණ කළේය.ස්ථාවර නියෝග 23(2) යටතේ පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජයරත්න මහතා මේ බව කීවේය.මේ ඒකකය සුපුරුදු පරිදි රාජකාරියේ යොදවා ඇති බවත්, ස්ථාන මාරු කරන ලද නිලධාරීන් වෙනුවෙන් නව පොලිස් පරික්ෂකවරයකු, උප පොලිස් පරික්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරුන් අනුයුක්ත කොට ඇති බවත් හෙතෙම කීය.එසේම සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකය කැසිනෝ සූදු ඔට්ටු ඇල්ලීමක් සිදු කළ ස්ථානය මීට පෙර අවස්ථා 04කදී වැටලිම් සිදු කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව කී අගමැතිවරයා නිලධාරීන් මාරු කළ ද එහි නඩු කටයුතු කිසිවක් බිඳ නොවැටෙන බවත් අදාළ සාක්ෂි සඳහා එම නිලධාරීන් අධිකරණය වෙත කැඳවන බවත් පෙන්වා දුන්නේය.සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකයේ රාජකාරී සිදු කරන්නේ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) යටතේ පවතින බවත් මේ මාරු කිරීම සම්බන්ධයෙන් දේශපාලන බලපෑමක් නැති බවත් අගමැති දි.මූ. ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය..
|
NEWSPAPER
|
2013.11.26
|
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n1311263
|
අධිරාජ්‍යවාදයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව සැමවිටම පෙරමුණේ සිටියා
|
මහින්ද අලුත්ගෙදර
|
ශ්‍රී ලාංකිකයන් කිසිවිටෙකත් ආක්‍රමණවලට යටත්ව ජීවත්වීමට සූදානම් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ශ්‍රී ලංකාව නිදහසත්, ස්වාධීනත්වයත් ඉතා ඉහළින්ම අගය කරන රටක් බව පෙන්වා දෙන ඒ මහතා අධිරාජ්‍යවාදයට එරෙහිව ආසියාවේ සටන් මෙහෙයවන සෑම අවස්ථාවකදීම ඒ ඒ ජනතාවට සාහාය ලබාදෙන්නට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබෙන බවද සිහිපත් කරයි.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ඉදිකළ වියට්නාමයේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම නිදහස් සටනේ නායකයා වන හෝ චින් මින් මහතාගේ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් හෝ චින් මින් මහතාගේ පිළිරුවක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ඉදිකර තිබේ.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ, පසුගිය 2005 වර්ෂයේදී මහින්ද චින්තනය හඳුන්වා දෙමින් මේ රටේ ජනතාවගේ ස්වාධීන අරඟලවල සාරය උකහාගෙන. බෙදුම්වාදය පරාද කිරීමේ සිට දේශීය ගොවියා නඟා සිටුවා සහලින් රට ස්වයං පෝෂිත කළ බවත් රාජ්‍ය ව්‍යාපාර විදේශීය ව්‍යාපාරිකයින්ට විකුණා දැමීමේ වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කිරීම ආදී සෑම කාරුණක්ම මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ගන්නා ලද පියවරයන් බවත්ය.බුදු දහම වියට්නාමයට හඳුන්වාදීමත් සමඟ වියට්නාම ජනතාවත් ශ්‍රී‍්‍ර ලංකාවේ ජනතාවත් ඉතා ඈත අතීතයේ සිට සමීප හැගීම්, ආකල්ප සහිතව එක්ව කටයුතු කළ ජාතීන් දෙකක් බව සිහිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපි දෙපාර්ශවයම නිදහස්ව ස්වාධීනව ජීවත් වෙන්න කැමති පිරිස් දෙකක් බවද සදහන් කළේය.වියට්නාමයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමැති ෆාම් බින් මින්, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන ඩීව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එච්.එම් ෆවුසි, ඇමැතිවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස්, මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්දා, චන්ද්‍රසිරි ගජදීර, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සරත් කුමාර ගුණරත්න, පණ්ඩු බණ්ඩාරනායක, ගීතාංජන ගුණවර්ධන, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ටොම් සිං ටැන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. .
|
NEWSPAPER
|
2013.11.26
|
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n1311264
|
චිලිපේස්ට් හදන්න නරක් වූ පණුවන් ගැසූ කූණිස්සන් යොදාගන්නා ජාවාරමක්
|
විජයානි එදිරිසිංහ
|
කොළඹ සහ ඒ අවට චීන හෝටල්වල චිලිපේස්ට් සෑදීම සඳහා කල් ඉකුත් වී නරක් වී ආහාරයට නුසුදුසු පණුවන් සහිත කූණිස්සන් සැපයීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළිකරගත් පාරිභෝගික අධිකාරිය එවැනි කූණිස්සන් ගෝනි දෙදහසකට වැඩි ප්‍රමාණයක් ගොඩගැසූ ගබඩාවක්ද පිටකොටුවෙන් සොයාගෙන තිබේ.මේ ගබඩාවේම කල් ඉකුත් වූ ආහාරයට නුසුදුසු සහල් ගෝනි තුන්දහස් එකසියයක්ද සොයාගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.ඊයේ (25) දහවල් මේ වැටලීම සිදු කෙරුණි. ඒ වන විටත් එම ගබඩාවෙන් කූණිස්සන් තොග නිකුත් කරමින් තිබිණි.කොළඹ චීන හෝටල් විශාල ප්‍රමාණයක් මෙම කල් ඉකුත් වී පණුවන් ගැසූ කූණිස්සන් අඩු මිලට ලබා ගන්නා බවටද කරුණු අනාවරණය වී තිබේ.එහි තිබූ සහල් තොග මාස තුනකටත් වඩා කාලයක් කල් ඉකුත් වී තිබූ ඒවා වෙයි. මේවා මිලදී ගෙන චිලිපේස්ට් හදන චින හෝටල් සහ සෙසු හෝටල් පිළිබඳව වැටලීම් සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද පියවර ගෙන ඇත.අදාළ ව්‍යාපාර ගබඩා පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය නඩු පැවරීමට පියවර ගෙන තිබේ..
|
NEWSPAPER
|
2013.11.26
|
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n1311265
|
ගණිකාවන්ගේ අඩුවීමක් ඇතත් ඒඩ්ස් පැතිරයාමේ ඉහළ අවදානමක්
|
සන්ධ්‍යා කරුණාරත්න
|
මෙරට කාන්තා ලිංගික වෘත්තිකයන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව මේ වසරේ සිදු කළ අලුත්ම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.වසර 2012 දී 35,000 ත් 45,000 ත් අතර වූ කාන්තා ලිංගික වෘත්තිකයන්ගේ සංඛ්‍යාව මේ වසර වන විට 20,000 දක්වා අඩු වී ඇති බව ඇස්තමේන්තුවලට අනුව වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසුවේය.සමස්ත සමාජයටම යහපතක් වන වැඩපිළිවෙළක් සකස් කර රජය ගෙන යන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ප්‍රගතියක් අත් කර ගැනීමට හැකි වී ඇතැයි ද ඒ මහතා කීය.කාන්තා ලිංගික වෘත්තිකයන් ස්ථානගත කරගෙන යන විවිධ ව්‍යාපාරයන් වැටලීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළ මීට එක් හේතුවක් බවත් එමඟින් ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම බොහෝ දුරට වළක්වා ගත හැකි බවත් හෙතෙම පැවැසීය.ගණිකා නිවාස සංඛ්‍යාව අඩු වීම, හෝටල්වල කාන්තා ලිංගික වෘත්තිකයන් යොදා ගැනීම අඩු වීම කාන්තා ලිංගික වෘත්තිකයන්ගේ සංඛ්‍යාව අඩු වීමට හේතු වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.නීති විරෝධී ලෙස සිදු කර ගෙන යන කාන්තා ලිංගික වෘත්තිකයන්ගේ සේවය හේතුවෙන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් එච්.අයි.වී. ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය ලියනගේ මහතා පැවැසුවේය.එච්.අයි.වී. වෛරසය ශරීරගත වූවන් සාමාන්‍ය ජනතාව අතර ගැවසෙන බවත් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නොපැවැත්වීමෙන් වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකි බවත් ඔහු පැවැසුවේය..
|
NEWSPAPER
|
2013.11.26
|
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n1311266
|
ආවේණික සමනල විශේෂ 10ක්කුරුලු විශේෂ 7ක් වඳවෙන ලකුණු
|
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
|
ශ්‍රී ලංකාවට ආවේණික සමනල විශේෂ 10ක් හා කුරුලු විශේෂ 7ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි වනජීවි සම්පත් සංරක්ෂණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. මෙරටට අවේණික සමනල විශේෂ 26ක් හා කුරුලු විශේෂ 72ක් හඳුනා ගෙන ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.මේ දක්වා ශ්‍රී ලංකාව තුළ හඳුනාගෙන ඇති සමනල විශේෂ සංඛ්‍යාව 245ක් බවත් නේවාසික කුරුලු විශේෂ 237ක් බවත් ඇමැතිවරයා කීවේය.සංචාරක කුරුලු විශේෂ ද ඇතුළුව කුරුලු විශේෂ 482ක් ශ්‍රී ලංකාව තුළ හඳුනා ගෙන ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී. හැරිසන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයට පිළිතුරු සෙමින් ඇමැතිවරයා මේ බව කීවේය..
|
NEWSPAPER
|
2013.11.26
|
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n1311267
|
හිඟ අතීකාල දීමනා ගෙවීමට සූදානම්ව සිටියදී වැඩවර්ජනය කිරීම කිසිසේත්ම සදාචාර නැහැ
|
හිදෝගම සමුහ චිත්‍රාරත්න කළුආරච්චි
|
උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල හිඟ දීමනා එක් මාසයක දෙසැම්බර් මස 10 වන දිනට ගෙවීමටත් ඉතිරි මාස තුනක හිඟ මුදල් 2014 ජනවාරි මස 15 වන දිනට ගෙවීමට සියලු කටයුතු සුදානම් කර තිබියදීත් ඊයේ (25) දින රෝගීන් අපහසුතාවට පත් කරමින් පවත්වාගෙන යනු ලබන වැඩ වර්ජනය කිසිසේත්ම සදාචාරාත්මක නැතැයි උතුරු මැද පළාත් සෞඛ්‍ය , දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු, නිවාස හා ප්‍රවාහන ඇමැති එච්. බි. සේමසිංහ මහතා අවධාරණය කර සිටී.වෘත්තීය සමිති නියෝජිතවරුන් වන සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති ප්‍රධාන ලේකම් අජිත් පී. තිලකරත්න , ශ්‍රී ලංකා ජනරජයේ සෞඛ්‍ය සේවා සංගණනයේ සභාපති ටෙරන්ස් ගාමිණි, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ එච්.එම්.අයි කරුණාරත්න, රාජ්‍ය ඖෂධවේදින්ගේ සංගමයේ කේ.එන්.සී රාජපක්ෂ, මහජන සෞඛ්‍ය පරීක්ෂක ශිල්‍පී සංගමයේ ජී.එම් .එස්. කුමාරසිරි, ශ්‍රී ලංකා ජනරජ පොදු සේවා සංගමයේ පී ධනපාල, රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තුමේන්තු රියදුරු සංගමයේ ලේකම් කේ.පී. ධනපාල, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා ආයුර්වේද සංගමයේ ලේකම් එච්.එම්. චමීර ගුණවර්ධන මහත්වරු සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී වැඩිදුරටත් පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.මේ අතිකාල ගෙවීමේ ප්‍රශ්නය මීට වසර ගණනාවක සිටම පැවතුණු සිද්ධියක්. මා විෂය භාර ඇමැතිවරයා ලෙස වැඩභාරගත් පසු මේ ප්‍රශ්නය අවධානයට ලක් කරමින් අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කර 2014 උතුරු මැද පළාත් සභා අය වැයෙන් රුපියල් මිලියන 481ක් මාස 16ක අතිකාල ගෙවීම සඳහා වෙන් කරවාගෙන ඇත. 2014 වසරේ සිට මේ අතිකාල හිඟ වීමේ ප්‍රශ්නය නැවත උද්ගතවන්නේ නැහැ. මේ සියල්ලම මම වෘත්තීය සමිති නායකයින් සමඟ ද සාකච්ඡා කර ඔවුන්ට කරුණු පැහැදිලි කර දුන්නා. නමුත් වැඩ වර්ජන කරමින් රෝගීන් අපහසුතාට පත් කිරිම අනුමත කරන්නේ නැහැයි පැවැසීය..
|
NEWSPAPER
|
2013.11.26
|
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n1311268
|
වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ 1043කට සීමාවාසික පත්වීම්
|
සන්ධ්‍යා කරුණාරත්න
|
වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ 1043 දෙනකුට සීමාවාසික පත්වීම් ලබාදීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සිදුකෙරේ.දෙමළ භාෂාව හොඳින් ප්‍රගුණ කළ වෛද්‍යවරුන් විශාල පිරිසකට එක්වර පත්වීම් ප්‍රදානය කිරීම මෙරටදී සිදු කරන ප්‍රථම අවස්ථාව මේ අවස්ථාව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සීමාවාසික පත්වීම් ලබාදීමට පෙර මේ වෛද්‍ය උපාධිධාරීන්ට දෙමළ භාෂා පුහුණුව ලබාදීම සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රාජ්‍ය භාෂා හා ජාතික ඒකාග්‍රතා අමාත්‍යාංශය සහාය ලබාදී ඇත.මේ වසර තුළදී වෛද්‍යවරුන් 1458 දෙනකුට වෛද්‍ය පත්වීම් ලබාදී තිබේ. වෛද්‍ය පත්වීම් ලබාදුන් උපාධිධාරීන් ග්‍රාමීය ප්‍රදේශවලට අනුයුක්ත කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇත. විශේෂඥ වෛද්‍ය සේවය රට පුරා පුළුල්ව ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් කරවනැල්ල, කුලියාපිටිය රෝහල්වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමත්, මෙවර පත්වීම් ලබාදෙන වෛද්‍යවරුන්ගෙන් කිහිපදෙනකු ඇල්පිටිය මූලික රෝහලට අනුයුක්ත කිරීමට සිදු කර තිබේ.දෙමළ භාෂාව හොඳින් ප්‍රගුණ කළ වෛද්‍ය පත්වීම් ලබන වෛද්‍යවරුන් ස්වේච්ඡාවෙන්ම උතුරු පළාතේ සේවය සඳහා ඉදිරිපත් වී ඇති බව ද අමාත්‍යාංශය පවසයි..
|
NEWSPAPER
|
2013.11.26
|
http://www.dinamina.lk/2013/11/26/_art.asp?fn=n1311269
|
මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය විවේචනය කිරීමට වඩා අගය කිරීමයි
|
නුවන් කොඩිකාර සහ දකුණු පළාත් සංචාරක ගාල්ල සිට.....
|
විවේචනය හෝ තරවටු කිරිමට වඩා ශ්‍රී ලංකාවේ ආර්ථිකකයේ දියුණුවට රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබාදීම මිත්‍ර රටවල යුතුකම බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.එසේ නොමැතිව විවේචනය කිරීමෙන් පලක් නොවන බව හෙතම කීවේය.ඇතැම් රටවල් සිය න්‍යාය පත්‍රයේ මුලටම යොදාගෙන ඇත්තේ ශ්‍රි ලංකාව විවේචනය කිරීමට හා තරවටු කිරීම යැයිද ඒ මහතා ප්‍රකාශ කෙළේය.“ඉන්දිය සාගර කලාපයේ මතුවෙමින් පවත්නා ප්‍රවණතාව“ යන මැයෙන් ගාල්ල ලයිට්හවුස් හෝටලයේ පැවැති ගාලු කථිකා හෙවත් අන්තර් ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණයට ඊයේ (25) සහභාගිවෙමින් ආරක්ෂක ලේකම්වරයා එසේ පැවැසීය.මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය විවේචනය කිරීමට වඩා අගය කිරීම බව පැවැසු ඒ මහතා ඒ මඟින් සුවිශේෂී ගමනත් යාමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන බව කීවේය.සම්පත්වලින් අනූන ලොව වැදගත්ම වෙළෙද මාර්ගයක් වන ඉන්දිය සාගරය නව ලොවෙහි භූගෝලිය මෙන්ම දේශපාලන අවධානයක් ගන්නා වැදගත්කමක් කේන්ද්‍රස්ථානයක් බවද හෙතෙම කියා සිටියේය.මුහුදු කොල්ලකෑම්. මත්ද්‍රව්‍ය, නීති විරෝධි අවි අයුධ හා අනවසර සංක්‍රමණිකයන් ප්‍රවාහනය හා සමුද්‍රීය ත්‍රස්තවාදය යන කරුණු හේතුවෙන් වර්තමානයේහි වැඩි අවධාණයට ලක්ව ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.මේ ගැටුළුව විසදා ගැනීමට නම් ඉන්දිය සාගර කලාපයේ තිබෙන රටවල් අතර හොද සම්බන්ධතාවයක් ඇතිවිය යුතු බවත් ඊට බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම, නිලධාරීන් අතර ඇති සම්බන්ධතාවය වැඩි දියුණුකර ගැනීම අත්‍යවශය බවත් රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය.කිදසිදු රටකට මේ ප්‍රහ්නය තනිව විසදා ගැනීමට නොහැති බව පැවැසු ඒ මහතා තනිව ගමන් කිරිමෙන් ජයග්‍රහණයක් අත්කර ගැනිමට නොහැකි බව ප්‍රකාශ කෙළේය.ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව සහයෝගයෙන් කටයුතු කරන නිසා නීති විරෝධි මිනිස් ජාවාරම අවම කරගැනිමට හැකි වු බවත් ඒ හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගි විම සඳහා පැමිණි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා තමන් හමුවී මෙය තවදුරටත් වලක්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට එකඟවු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසිය.මේ පහසුකම් ලබාදීමත් සමඟ කලාපයේ ආරක්ෂාව තව දුරටත් තහවුරු කිරිමේ හැකියාව ශ්‍රී ලංකාවට පුවවන්කම ලැබෙන බවද ඒ මහතා කීවේය.මේ ආරක්ෂක සමුළුව සඳහා ඉන්දායානු නාවික හමුදාපති අද්මිරාල් ඩී. කේ ජෝසී මහතා ඇතුලු රටවල් 35 ක නාවික හමුදාවන්හි ඉහළ නිලධාරින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ. ගුවන් හමුදාපති එයා මාෂල් හර්ෂ අබේවික්‍රම, සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහත්ම මහත්මීන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ..
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.