category
stringclasses 5
values | date
stringlengths 9
14
| link
stringlengths 22
753
| topic
stringlengths 1
11.6k
⌀ | author
stringlengths 1
1.98k
⌀ | content
stringlengths 1
187k
⌀ |
---|---|---|---|---|---|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=s1311304
|
අන්තර් සමාජ ඩයලොග් රගර් තුන්වැනි වටයේ තරග අද සිට
|
ෆවුස් මොහොමඩ්
|
අන්තර් සමාජ ඩයලොග් ලීග් පළමු කොටසේ රගර් තරගාවලියේ තුන්වැනි වටයේ තරග අද (30) ඇරැඹේ. මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව දෙවැනි ස්ථානයේ පසුවන නාවික හමුදා කණ්ඩායම අද පස්වරු 4.15ට නාවලපිටියේ දී අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම සමග තරග වදින අතර හම්බන්තොට ෂාක්ස් හා පොලිසිය අතර තරගය එම වේලාවටම හම්බන්තොට දී පැවැත්වේ.ප්‍රසාද ලකුණු සටහනේ පහළින් සිටින සී.ආර් හා සී.එච්. කණ්ඩායම් අද පස්වරුවේ සී.එච්. පිටියේ දී තරග වදිති. මෙවර තරගාවලියේ පළමු රාත්‍රී තරගය සටහන් කරමින් අද පස්වරු 6.30ට හැව්ලොක්ස් පිල හා ගුවන් හමුදා කණ්ඩායම හැව්ලොක්ස් පිටියේ දී තරග වදිති. මේ අතර සහභාගි වූ තරග දෙකම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මහනුවර කණ්ඩායම හා අපරාජිතව තුන්වැනි තැන සිටින යුද හමුදා කණ්ඩායම අතර තරගය හෙට පස්වරු 4.15ට නිත්තවෙල දී පැවැත්වීමට නියමිතය..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=s1311305
|
පාපන්දු පරිපාලන සහ කළමනාකරණ වැඩමුළුවක් මැලේසියාවේදී
| null |
ආසියානු පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ සියලු පාපන්දු ක්‍රීඩා සමාජ ලේකම්වරුන්ට පාපන්දු පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් මැලේසියාවේදී පවත්වයි. එම වැඩමුළුවට සහභාගීවන පිරිස සභාපති රංජිත් රුද්‍රිගු මහතා සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=f1311301
|
දීර්ඝකාලීන ඉලක්ක ජයගත් අය-වැයක්
|
සාකච්ඡා කෙළේ -උදිත ගුණවර්ධන ජායාරූප - රංජිත් අසංක
|
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මා වෙත පැවරී තිබූ වගකීම් ඇතුළත්ව තමයි විශේෂ ව්‍යාපෘති කැබිනට් ඇමැති ධුරය මා වෙත හිමිවුණේ. විශේෂ ව්‍යාපෘති කියන්නේ අලුත් අමාත්‍යාංශයක් වුවද එහි ඇති වගකීම් ප්‍රමාණය විශාලයි.මෙහිදී විශේෂයෙන්ම සලකා බැලෙන්නේ ජනාධිපතිතුමා යටතේ තිබෙන ව්‍යාපෘතියි. එම ව්‍යාපෘති සාර්ථක ලෙස ඉෂ්ඨ කිරීම තමයි මෙහි ප්‍රමුඛ වගකීම වෙලා තිබෙන්නේ. මේ සියලු කරුණු ගත්තාම විශේෂ ව්‍යාපෘති ඇමැතිවරයා විදිහට ලොකු විෂය පථයක් තිබෙනවා. මේ හැම දෙයක්ම මූලික කරගෙන තමයි මගේ ඇමැති ධුරයේ වගකීම් විදිහට හඳුන්වන්න පුළුවන්.සාමාන්‍යයෙන් මෙතෙක් කල් ඇමැති ධුරයක දිවුරුම් දීමක් සිදු වුණේ ෙකාළඹදී. එහෙත් මෙවර මගේ දිවුරුම් දීම සිදුවුණේ අනුරාධපුර නගරය මූලික කරගෙනයි. මෙය ජනාධිපතිතුමා රජරට ජනතාවට කළ විශේෂ ගෞරවයක් විදිහට හඳුන්වා දීමට පුළුවන්. මගේ බලාපොරොත්තුව වෙලා තිබෙන්නේ මුළු රජරටටම මගේ සේවය සිදු කිරීමයි.මෙවර අයවැය මඟින් විශාල සහන ප්‍රමාණයක් මෙන්ම රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමක් තමයි මෙවර අයවැය මඟින් සිදුකර තිබෙන්නේ.වෙනත් විදිහකට සඳහන් කළොත් කෙටිකාලීන ඉලක්ක වෙනුවට දීර්ඝකාලීන ඉලක්ක ඇතිව සකස් කළ අයවැයක් විදිහට මෙවර අයවැය හඳුන්වාදීමට පුළුවන්. මෙහි වැඩි අවධානය යොමුකර තිබෙන්නේ කෘෂි ක්ෂේත්‍රය මූලික කරගෙන එහි සංවර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි.කෘෂි කර්මාන්තය දියුණු කිරීම, එයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම තමයි සිදුවන ප්‍රමුඛ කාර්යවෙලා තිබෙන්නේ. මෙම අයවැය මඟින් රටේ කෘෂි කර්මාන්තයේ විශාල දියුණුවකට අවශ්‍ය කරන පසුබිම සකස් කර තිබෙන්නේ.පසුගිය කාලයේ දී හඳුන්වාදුන් ප්‍රතිපාදන නිසා වී වගාව ඇතුළු බොහෝ කෘෂි නිෂ්පාදනවලින් මෙරට ස්වයංපෝෂිත වී තිබෙන්නේ. ගොවි විශ්‍රාම වැටුප ගැන පසුගිය කාලයේ දී අර්බුදකාරී තත්ත්වයකයි තිබුණේ. ඒ අර්බුදකාරී තත්ත්වය විසඳීමට අවශ්‍ය පසුබිම මෙවර අයවැය මඟින් ලබාදී තිෙබනවා. මෙය හොඳ ප්‍රවනතාවක් විදිහට හඳුන්වන්න පුළුවන්.මූලිකව බැලුවාම කෘෂි කර්මාන්තයට අවශ්‍ය පසුබිම සකස් කළ අයවැයක් විදිහට හඳුන්වන්න පුළුවන්.නැහැ. හැම අංශයක් පිළිබඳවම මෙවර අයවැයෙන් අවධානය යොමුකර තිබෙනවා. රජයේ සේවකයන් පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා. ඔවුන්ගේ ජීවනාධාර දීමනාව රුපියල් 1200 පමණ වැඩිකර තිබෙනවා. මෙය වැඩ කරන ජනතාවගේ පැත්තෙන් ගත් වැදගත් පියවරක් යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවෙයි, එපමණක් නොවෙයි රාජ්‍ය සම්පත් සුරැකීමට ගත් තීන්දුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමක්ද එමඟින් සිදුකර තිබෙනවා. තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳවද මෙවර අයවැය මඟින් විශාල අවධානය ෙයාමුකර තිබෙනවා. ආණ්ඩුවේ සැලැසුම බවට පත්ව තිබෙන්නේ මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ දැමීමට අවශ්‍ය සැලැසුම් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.ඒ වගේම වෘත්තීයමය අවස්ථා ඉහළ දැමීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා. මෙය මෙවර අයවැෙය් සුවිශේෂ අංගයක් විදිහට හඳුන්වන්න පුළුවන්.කුමන විදිහේ මැතිවරණයක් තිබුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කිරීමට තමයි ප්‍රමුඛම අවස්ථාව තිබෙන්නේ. මම ඒ දේ කියන්නේ නිකම්ම නොවෙයි. හේතු සාධක ඇතිවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාව අබියසට එන්නේ නිකම්ම නිකම් දේශපාලන පක්ෂයක් විදියට නොවෙයි. ජනතාවට පොරොන්දු ඉටු කළ ජනතාවට අවශ්‍ය කරන කාර්යයන් ඉෂ්ඨ කළ ආණ්ඩුවක් විදිහටයි. වෙනදා දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවට එන්නේ විවිධ දේ ඉටු කරන බවට පොරොන්දු දෙමින්. ඒත් අප එහෙම නොවෙයි විශාල කාර්යයක් ඉටු කරමින් සංවර්ධන කටයුතු ඉටු කරමින් තමයි ජනතාව ඉදිරියට එන්නේ.ගම්පහ දිස්ත්‍රික්කය සම්ප්‍රදායිකවම එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසිදායක දිස්ත්‍රික්කයක්. පසුගිය මැතිවරණ ප්‍රතිඵල ගෙන විග්‍රහ කර බැලුවාම අපට ඒ තත්ත්වය මනාලෙස විග්‍රහ කර ගැනීමට පුළුවන්. කලුතර දිස්ත්‍රික්කය වුණත් අද අපට වාසිදායක ලෙසයි සකස් වී තිබෙන්නේ. කොළඹ නගරයේ ආසන කිහිපයක් එජාපය ජයග්‍රහණය කළත් දිස්ත්‍රික්ක තුනම ජයග්‍රහණය කිරීමට අපට පුළුවන්කමක් තිබෙනවා. පසුගිය පළාත් සභා මැතිවරණය 2009දී තිබුණේ. අද තරම් සංවර්ධිත තත්ත්වයක නොවෙයි මහා මාර්ග, වුණත් අද ඉතාමත් ඉහළ මට්ටමට සංවර්ධනය වෙලා තිබෙනවා. මේ හැම කර්යයක්ම ඉටු කළේ ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඒ සියල්ල සලකා බැලීෙමන් පසුව තමයි ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ. ඒ තත්ත්වය තුළ අපට නිසැකවම කියන්න පුළුවන් බස්නාහිර දිනුම ගැන අපට කිසිදු සැකයක් නෑ කියලා.බස්නාහිර පමණක් නොවෙයි දකුණු පළාත් සභා මැතිවරණය, ඌව පළාත් සභා මැතිවරණයද මීළඟට පැවැත්වීමට නියමිතයි. මේ මැතිවරණ දෙකත් අපට ජයග්‍රහණය කිරීම ගැන කිසිදු සැකයක් නැහැ.මීළඟට ජාතික තලයේ මැතිවරණයක් පැමිණියත් ඒ මැතිවරණය ජයග්‍රහණය කිරීමට පූර්ණ අවස්ථාවක් තිබෙනවා.එක්සත් ජාතික පක්ෂය කියන්නේ කලක් මෙරට දැවැන්ත බලයක් ගොඩනඟාගෙන තිබූ දේශපාලන පක්ෂයක්. එහි සිටියේ ජාතික නායකත්වයට පවා පත්වීමට සුදුසුකම් තිබූ නායකයන් පෙළක්. එදා තිබුණේ එතරම් ප්‍රබල එක්සත් ජාතික පක්ෂයක්. එදා තිබූ එජාපය තමයි අද මේ විදිහට බාල්දුවෙලා බිඳවැටිලා තිබෙන්නේ. එයට මූලික වෙලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දුර්වලතා. මේ බිඳවැටීම මොන මණ්ඩලයක් දැම්මත් නැවත ගොඩනඟා ගැනීම දුෂ්කර කාර්යයක් විදිහට පෙන්වා දීමට පුළුවන්.අනෙක රටක් හෝ දේශපාලන පක්ෂයක් ඉදිරියට ගෙන ඒමට නම්, දියුණු කිරීමට නම් ඍජු තීරණ ගැනීමට පුළුවන් නායකත්වයක් තිබිය යුතුයි. එජාපය තම පක්ෂය පාලනය කිරීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීම කියන්නේ අතීසාරයට අමුඩ ගැසීමක් විදිහට හඳුන්වා දීමට පුළුවන්.දේශපාලන පක්ෂයක් පමණක් නොවෙයි රටක් වුණත් පාලනය කළ යුත්තේ ඍජු නායකත්වයක් යටතේයි. එහෙම දියුණු වූ රටවල් විශාල ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. ශ්‍රී ලංකාව වුණත් අද මෙතරම් දියුණු තත්ත්වයකට පත්වුණේ ජනාධිපතිතුමාගේ ඍජු නායකත්වය යටතේයි. ඒ නිසා මූලික විදිහට ගත්තහම මණ්ඩල මඟින් සිදු කරන පාලනයකට කිසිඳු විටෙක සාර්ථකත්වයක් ලබා ගැනීමට පුළුවන්කමක් නැහැ.රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය අවුලට ගියානම් මේ නායකත්ව මණ්ඩලය නිසා එජාපය අවුලෙන් අවුලට යාම වැළැක්වීමට බැහැ..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=f1311302
|
පොදුජන ‘හයිය’ ඇති නායකත්වය
|
ඡායාරූප සහ සටහන චිත්‍රාරත්න කළුආරච්චි, හිදෝගම සමූහ
|
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු හා උතුරුමැද දෙපළාතේ ද්විතීයික ප්‍රධාන සංඝනායක අනුරාධපුර පූර්වාරාමාධිපති රජරට භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පොතානේ ධම්මානන්ද නාහිමි සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි.මෙතෙක් බිහි වු රාජ්‍ය නායකයන් හට කළ නොහැකිව තිබු බොහෝ දේවල් කළ, ඒවාගේම රටට ගෞරවය ලබා දුන් පෞරුෂත්වයෙන් පිරිපුන් අනාගත පරම්පරාවක් වෙනුවෙන් ඉදිරිය බලා වැඩ කරනු ලබන රටේ පිනට පහළ වූ මහින්ද රාජපක්ෂ නම් වූ යුග පුරුෂයාට සුභාශිංසන පතවා. එතුමාට මේ රට තවදුරටත් පාලනය කරගෙන යාමටත් ජනතාවට සේවය කිරීමටත් ශක්තිය ධෛර්ය ලැබේවා යි මහා සංඝරත්නය හැටියට අපි හැමවිටම ආශිර්වාදය කරනවා. දුටුගැමුණු, විජයබාහු, පරාක්‍රමබාහු වැනි රජවරු කලින් කලට රටට ආශ්චර්ය ලබාදෙමින් සේවාවන් රැසක් ඉටුකළා.මහින්ද රාජපක්ෂ මහතා අභීත රජදරුවන්ට සමානව රජෙක් වාගේම වැඩ කටයුතු කරනවා. මීට වසර ගණනකට පෙර සහ අද රට දිහා බලන විට ඇස් පනාපිටම ශීඝ්‍ර සංවර්ධනයක් පේනවා. වෙහෙර විහාර පන්සල් දාගැබ්, පල්ලි, කෝවිල් ආදී සිද්ධස්ථානවලට ජාතිභේදය, ආගම් භේදය නොමැතිව උදව් කර තිබෙනවා. ඇත්තෙන්ම ඔටුණු පලන් රජ්ජුරුවෝ කියලා කීවත් එය නිවැරැදියි. උතුරුකරයේ සමහරු කියා සිටියා යුද හමුදාව ඒ පළාත්වලින් ඉවත් කරන්න කියලා. හොඳයි ඉවත් කළා කියමු.එතකොට දකුණේ අය කියනවා දකුණෙන් ද යුද හමුදාව ඉවත් කර ගන්න කියලා. එතකොට රටට මොකද වෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එයට අතිශය ධුර දර්ශී පිළිතුරක් ලබාදී තිබුණා. මහාසංඝරත්නය හැටියට එතුමා ගත් තීරණයට අපගේ ගෞරවය පුද කරනවා. ධර්මයේ සඳහන් වන්නේ හැම තැනකම ශ්‍රේෂ්ඨ පුද්ගලයන් උපදින්නේ නැහැ කියලා. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් යම්කිසි පළාතක ඉපදුණාම ඒ පළාතට රටට ඔහු ඉතා වටිනවා. ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් විශාල සේවාවක් සිදුකරනවා. ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හැටියට තම උපන් භූමියට ආදරය කරමින් ජනතාවටද ආදරය කරමින් යන මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි ගමන සාර්ථකයි. මිල කළ නොහැකි දියුණුවක් රට තුළ සිදුවී ඇති බව අපට පේනවා. ඒ දියුණුව කුහක මිනිස්සු දකින්න කැමැති නෑ. ඒ වාගේම ඊර්ෂියාකාරයන්ටත් ඒ දියුණුව පේන්නේ නෑ.නමුත් බහුතරයක් රට තුළ ඇති තිබෙන දියුණුව දකිනවා. අදට වඩා එය ඉදිරියේ දී ඒ වටිනාකම දැනේවි. සමහර අයගේ පටු අරමුණු ඉෂ්ට කර ගැනීමට ඊර්ෂියාවෙන් ක්‍රෝධයෙන් රටේ සංවර්ධන වැඩ ගැන නායකයා පිළිබඳ අභූත චෝදනා නඟනවා.මහින්ද රාජපක්ෂ කියන්නේ මහා පින් ඇති ජනතා හයියක් ඇති ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක්. එතුමාට ජනතාව ඉන්න තාක් කල් තව බොහෝ කාලයක් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. ලෝකයේ වෙනත් කිසිම රාජ්‍ය නායකයකුට ජනාධිපතිතුමාට තරම් ජනතා එකතුවක් නැහැ. සමහර සිද්ධි සොයා බලනවිට මීට පෙර සිටි රාජ්‍ය නායකයන් ළඟට යන්නත් බැහැ. ජනාධිපතිතුමා ආසන්නයටම යන ජනතාව එතුමාගේ දෙඅත් අල්ලා සිප ගන්නවා. ඒ තරමට ජනතාව එතුමාට ළංවී සිටිනවා. ලෝකයේ එකම රාජ්‍ය නායකයකුටවත් එතුමා දෙවැනි වීමට කැමැති නැහැ. අවශ්‍ය පරිදි රටට අවශ්‍ය දේ ජනතාවට ඕනදේ එතුමා නොබියව ඉටුකරනවා. ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ යහපත සඳහා ඕනෑම අවස්ථාවක හරි තීරණ සෘජුව ගන්නවා.මෛත්‍රීපාල සේනානායක මහතාගේ පිළිමයක් අනුරාධපුරයේ දී නිරාවරණය කරන උත්සවයට මහින්ද රාජපක්ෂ මහතාත් පැමිණියා. එදා එතුමාගේ අත අල්ලාගෙනම මම ප්‍රසිද්ධියේ කීවා “ ඔබතුමා කවදා හරි මේ රටේ අගමැති වෙනවා කියලා. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී කෙනෙක් විදියට කරන ලද කතාබහ හැසිරීම් අපි නිතර දුටුවා. ඔබතුමාගේ දේහ ලක්ෂණ අනුව අනිවාර්යෙන්ම නායකත්වයට එනවා”. මම එහෙම කියන විට මහින්ද රාජපක්ෂ මහතා ඒ ගැන වැඩි තැකීමක් කළේත් නැතුවා වාගේ මට දැනුණා. මට ලොකුම විශ්වාසයක් එදා තිබුණා. ඒ අනුව තමයි මම එහෙම කීවේ. ඊට පසු කාලයක එතුමා විපක්ෂනායක වශයෙන් පිළිගැනීමට අනුරාධපුර භික්ෂු පෙරමුණ හැටියට අපි සංවිධානය කර එතුමාට ආරාධනා කළා. බුද්ධශාසන අමාත්‍යවරයා වශයෙන් සිටි වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාටත් ආරාධනා කළා. අනුරාධපුර යොවුන් නිකේතනයේ තමයි එම උත්සවය තිබුණේ. අනුරාධපුර සිටි ප්‍රධාන පෙළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන නායකයන් සමඟ භික්ෂූන් වහන්සේලාද විශාල පිරිසක් මෙහි පැමිණ සිටියහ. එහිදී මට අනුශාසනාව ලැබුණා.එහිදී මා එතුමා අගමැති වන බව කීවා. ඔය අතරෙදි එතුමා අගමැති වුණා. ඊට පස්සේ ජනාධිපති අපේක්ෂක වශයෙන් නම් කළාට පසු එතුමා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ආශිර්වාද ලබා ගැනීමට පැමිණියා. මගේ වාසනාවකට මට එදත් අනුශාසනාවක් ලැබුණා.බණ්ඩාරනායකවරුන් හැමදාම හැමවිටම වැඩක් පටන් ගන්න යනවිට අනුරාධපුරයට පැමිණ ආශීර්වාදය ලබා ගන්නවා. ඔබතුමාත් අද මුල්ම අවස්ථාව ලෙස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ජයශ්‍රී මහා හාමුදුරුවන් ඉදිරිපිට ඉඳගෙන මම මේ කියන්නේ ඔබතුමා මේ කිසිවකට බය වෙන්න එපා. මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම ජනාධිපති වනවා වනවාමයි කියලා මම අනුශාසනාව කළාම අනුර බණ්ඩාරනායක මහතාගේ කතාවේදී එය අනුමත කරමින් එතුමාගේ කතාව කළා. 2007 වසරේදී මම දිනමිණ පුවත්පතට කියා සිටියා යුද්ධය අවසන් කරන්නේ මහින්ද රාජපක්ෂ බව. මහින්ද සමඟ සෙල්ලම් බෑ කියා මම එදා කියා සිටියා. මහින්ද රාජපක්ෂ නම් වූ ඒ අභීත සෙන්පතියා අගමැති වන බව දෙවරක් ම සහ ජනාධිපති වන බව ලංකාවේ මුලින්ම කියා සිටියේ මම. ඒ පිළිබඳ අද මම සතුටු වෙනවා. එහෙම කියලා එදා ජනාධිපතිවරණයේදී මම එතුමා වෙනුවෙන් දේශපාලන වේදිකාවල අනුශාසනා කළා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ සති ගණන් රාත්‍රියේ ජනාධිපතිවරණය දිනන තෙක් ම බෝධි පූජා තබමින් ආශීර්වාද කළා.ඒ වෙන කිසිදෙයක් නිසා නොවෙයි. රුහුණේ ඉපදුන මේ ආශ්චර්යාත්මක නායකයා කවදා හරි මේ රට දියුණු කරනවා කියලා දැඩි විශ්වාසයක් මට තිබුණ නිසයි. එතුමා රට තුළ තිබූ අඳුරු යුගය අවසන් කළා. එය මට එදා ඉවෙන් වාගේ දැනුණා. අද වනවිට එතුමා මුළු ලෝකයටම ලංකාවේ වටිනාකම පෙන්වා දී තිබෙනවා. මුළු ලෝකයේම ඇස් ලංකාව දිහා බලන්න පටන් අරගෙන.ඒ සියල්ල එතුමා කළේ ඔහුගේ වාසනාවට එම පවුලේ උදවිය එකතුව එතුමන්ට උදව් කිරීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාවාසී ජනතාවගේ පින නිසා. එතුමාට ජනතාවගෙන් සහ පවුලේ උදවියගෙන් ලැබුණ සහයෝගය ආශිර්වාදයක් කර ගනිමින් වැඩි වැඩියෙන් වැඩ කරන්න පටන් ගත්තා. ඒ හේතුව නිසාම එතුමා ශක්තිමත් වුණා. ඕනෑම දේකට මා සූදානම් යන මතය එතුමාට ඇති වුණා. ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ලැබුණා. විනාශ වීමට ගිය රට දියුණුවෙන් දියුණුවට ගෙනාවා. එය ආශ්චර්යක් තමයි. ඊර්ෂියා කරන අයට ඇත්ත පෙණුනේ නෑ. ඊර්ෂියා කාරයන් දිහා හැරිලාවත් එතුමා නොබලා කළ යුතු රාජකාරිය හරියට කරමින් ජනතා හර සර ලබා ගත්තා.ඒ නිසා තමයි ජනාධිපතිතුමා එනවා කීවාම කිලෝමීටර ගණන් දුර ගෙවාගෙන දරු මල්ලන්ද රැගෙන එතුමා හමුවීමට පැමිණෙන්නේ ඒ මේ නායකයා බැලීමට යම් තැනක මාස ගණනක් හිටියත් එතුමා බලන්න එන ජනතාව එන්න එන්නම වැඩිවෙනවා මිස අඩු වන්නේ නෑ. ජනතාව ඒකරාශී කරගෙන ජනතාව අතරට යාමට හැමෝටම බැහැ. ආගම් ජාති කුල මල භේදවලින් තොරව මහා සංඝරත්නයට අනෙක් ආගම්වල නායකයන් හට දරුවන්ට මහලු අයට, තරුණ තරුණියන්ට, කාන්තාවන්ට, එක හා සමානව ආදරය කරනවා. ජනතාව අතර වැඩිපුර සිටීමටත් රතු පළස උඩ හැමවිටම යන්නත් හැමෝටම වාසනාව ලැබෙන්නේ නෑ. ඒ වාසනාව ලැබෙන්නේ අතලොස්සක් දෙනාට පමණයි. මුළු ලෝකයේම ශ්‍රී ලංකාව පිළිබඳ ව තිබූ දුර්මත නැති කර ලංකාව ලෝකයේ ම පිළිගත් රටක් හැටියට පත් කිරීමටත් ලෝක නායකයින් මෙල්ල කර ගැනීමටත් එතුමාට හැකිවුණා. අප රටට භාග්‍යවන්ත කාලයක් උදාවෙමින් පවතිනවා. රටක් ගැන හිතන ජනතාවට ආදරය කරන මේ ශ්‍රේෂ්ඨ නායකයාට මහා සංඝරත්නය හැටියට අපි ආශිර්වාද කරනවා.පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ රාජ්‍ය නායකත්වයෙන් වසර දෙකකට නායකත්වය ලැබු මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ රටවල් 53ක නායකයින්ගේ නායකයෙක්. ඒ අවස්ථාව සුළුවෙන් සිතිය නොහැකියි..
|
NEWSPAPER
|
2013.11.30
|
http://www.dinamina.lk/2013/11/30/_art.asp?fn=f1311303
|
ස්වදේශිකත්වය පෙරටු කරගත්පොදු ජන නායකයා
|
සකස් කළේ උපනන්ද නන්දිමිත්‍ර
|
මෙරට ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කළහොත් මහාවංශයේ සඳහන් වන ආකාරයට රුහුණ කියන්නේ පරසතුරු උවදුරු කාලවලදී වළගම්බා, මහා විජයබාහු වැනි රජවරුන්ට ආරක්ෂාව සැපයූ පුරවරයක් මෙන්ම රජවරුන් බිහිකළ පුරවරයකි. දැදුරුඔය හා මහවැලි ගඟින් සීමා වූ රුහුණට විශාල භූමි ප්‍රමාණයක් හිමිව තිබුණි. භවබෝග සම්පතින් ආඪය වූ රුහුණ එදා හැඳින්වුයේ රටට බත සපයන පුරවරය ලෙසයි. එසේම රුහුණ යනු බුද්ධිමතුන් හා වීරයන් රැසක් දැයට දායාද කළ ප්‍රදේශයකි. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ගැමුණු රජතුමාගේ දස මහ යෝධයන්ගෙන් නවදෙනෙක්ම බිහිවුයේ රුහුණෙනි. රුහුණේ අදටත් සිටින්නේ එවැනි බුද්ධිමතුන් සහ වීරයන්ගේ ජාන පරපුරෙන් පැවත එන්නන්ය.ඩී. එම්. රාජපක්ෂ, ඩී. ඒ. රාජපක්ෂ යනු ද රුහුණෙන් බිහිවූ දේශපාලන නායකයන්ය. ඔවුන්ගේ සමාජ සේවයට එන කාලයේ රුහුණේ තිබුණේ ඉතා දුෂ්කර දිළිඳු සමාජ වටපිටාවකි. හම්බන්තොට හිටපු දිසාපති ලෙනාඩ් වුල්ෆ්ගේ ලියවිලි එකතු කර සකස් කෙරුණු බැද්දේගම නවකතාවේ සිලිඳුලා බැබුන්ලාගේ චරිත ඒ කාලයේ ජීවමානව රුහුණේ දැකගත හැකිවිය.නමුත් මැදමුලන රාජපක්ෂ පවුල ගොවිතැන් කටයුතු හා ගව පාලනය වැනි දේ මඟින් යම් ආර්ථික මට්ටමක සිටියේය. ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පියා ඒ කාලේ සිටි විදානාරච්චි රාලහාමි කෙනෙකි. ඒ නිසා රාජපක්ෂ පවුල එදාත් සමාජයේ පිළිගැනීමට පාත්‍ර වූ ප්‍රභූ පවුලක් විය.ඩී. ඒ. රාජපක්ෂ මහතා දේශපාලනයට ප්‍රවිශ්ට වූ කාලයේ ප්‍රදේශයටම තිබුණේ සිංහල උළු සෙවිලි කළ ගෙවල් කිහිපයක් පමණි. 1917 – 18 කැරැල්ලෙන් පසු රුහුණ සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ඉඩම් කිසිවක් වගා කළ නොහැකි විය. මේ ආකාරයට ආර්ථිකමය වශයෙන් රුහුණ කඩා වැටෙද්දි එකල ව්‍යාප්ත වූ මැලේරියාව, ක්ෂය වැනි රෝග හේතුවෙන් පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහුණි.මෙවන් තත්වයක් තුළ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා දේශපාලනයට ප්‍රවිශ්ට වූයේ සැබෑ දේශප්‍රේමියකු ලෙසිනි. එකල ගොවියකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආවේ වක්කඩෙන් අත සෝදාගෙන යන්න ප්‍රසිද්ධ කියමනකි. ජනතාවගේ බලවත් ඉල්ලීම හේතුවෙන් දේශපාලනයට ප්‍රවිශ්ට වූ එතුමාගේ දේශපාලන කටයුතු සාර්ථක කරගැනීමට ඔහුගේ දයාබර බිරිය දොන් දන්දිනා සමරසිංහ මැතිනියගෙන් ලැබුණු සහයෝගය ඉතා විශාලය. දරුවන් නවදෙනෙකුගෙන් යුත් පවුලක වගකීම් සියල්ල ඇය කරට ගත්තේ සිය සැමියාගේ දේශපාලන දිවිය සාර්ථක කරගැනීම උදෙසායි.දන්දිනා මැතිනියගේ නමෙන් කියැවෙන පරිදිම ඇය දන් දෙන තැනැත්තියකි. මාතර නාගරික පරිසරයක හැදී වැඩුණු ඇය ඩී. ඒ. රාජපක්ෂ මහතා සමඟ විවාහ වූයේ මන්ත්‍රී බිරියක් ලෙස නොව ගොවියකුගේ බිරිඳක් ලෙසිනි. අන්ත දුගී පරිසරයක පිහිටි මැදමුලන නිවසට යාමට එදා හැතැප්ම එකහමාරක් දෙකක් පයින් යාමට සිදුවිය.මේ කුමන දුෂ්කරතාවයක් තිබුණද ඇය ඩී. ඒ. රාජපක්ෂයන් සමඟ විවාහ වූයේ ඔහුගේ තැන්පත් ස්වරූපය, පෞරුෂය හා ආකල්ප පිළිබඳ ඇති වූ පැහැදීම නිසාය. එසේම ඔහු දයාබර සැමියෙක්, සෙනෙහෙබර පියෙක් වේයැයි ඇය විශ්වාස කළාය. සැබවින්ම ඩී. ඒ. රාජපක්ෂයන්ගේ දේශපාලන දිවිය අර්ථවත් කරගැනීමට ඇය යෝධ ශක්තියක් වූවාය.ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ඩී. ඒ. රාජපක්ෂයන් අකුරු කළ පාසැලයි. එදා එම පාසල බටහිර ගති ලක්ෂණ පුරුදු කරන පාසැලක් වුවද ඩී. ඒ. රාජපක්ෂයන් කිසිවිටෙකත් ඒවාට යටවුණේ නැත.ඔහු සැමවිටම දේශීයත්වයට, අපේකමට ආදරය කළේය. විශේෂයෙන් නායකත්ව හැකියාව ඔහුට ලැබුණේ පාසල් පරිසරයෙනි. එදා පාසල් ක්‍රිකට් කණ්ඩායමේ හා පාපන්දු කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ ඩී. ඒ. රාජපක්ෂයන්ටය. කුඩා කළ පටන් ඉංග්‍රීසි පරිසරයක හැදී වැඩුණු නිසා ඔහුට ඉංග්‍රීසි භාෂාව ව්‍යක්තව කතා කිරීමේ හැකියාවද තිබුණි. නමුත් ඔහු මවු භාෂාවට නිතරම ගරු කළේය.ඔහුගේ පවුල් ඒකකය තුළ තිබුණේ ස්වදේශීකත්වයයි. කුරහන් සාටකය පැලඳගෙන ජාතික නායකත්වය පිළිබඳ කතා කළ මේ සොඳුරු මිනිසා නිතරම මිනිසුන් අතර සිටි දේශපාලන නායකයෙකි.එසේම ඔහු ආගම දහමට බොහෝ ලැදි උපාසක මහතෙකි. ඔහුගේ නිවසේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටි ඊට ඒ සඳහා පුද පුජා පැවැත්වීම ඔහුගේ පුරුද්දක් විය.ඔහුගේ නායකත්ව හැකියාව දරුවන්ටත් ලැබුණි. චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන ඔහුගේ දරුවන් අද මෙරට දේශපාලන කරළියේ ප්‍රසිද්ධ චරිතය. විශේෂයෙන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අද වනවිට මේ මුළු ලෝකයෙහිම කතාබහට ලක්වී සිටින රාජ්‍ය නායකයෙකි. දක්ෂ, බුද්ධිමත් පියකුගෙන් ලැබුණු මනා ගුරුහරුකම් හේතුවෙන් ඔවුහු අද රටට, ජනතාවට ආදරය කරන සැබෑ දේශහිතෛෂීන් ලෙස කටයුතු කරති. විශේෂයෙන් ජනාධිපතිතුමා පියාගේ අඩිපාරේ යමින් මහින්ද චින්තන ප්‍රතිපත්තිය මඟින් රටේ දියුණුවට විශාල වැඩකොටසක් සිදුකරමින් සිටී.දිවංගත ජයන්ති රාජපක්ෂ හෙට්ටිආරච්චි මහත්මිය වැඩිමහල් සහෝදරියකට වඩා මවගේ භූමිකාව ඉටුකළ මාතාවකි. නීතිඥ ප්‍රීති රාජපක්ෂ. චන්ද්‍රාදාස මහත්මියද, ගාන්ධිනී රාජපක්ෂ රණවක මහත්මියද, චන්ද්‍රා රාජපක්ෂ මහතාද, විද්‍යාඥ ඩඩ්ලි රාජපක්ෂ මහතා ද, එක් වූ මේ පවුල කණ්ඩායම් හැඟීමෙන් එකමුතුව වගකීම බෙදාගෙන මහජන සේවයේ යෙදෙන ආදර්ශවත් පවුල් සංස්ථාවකි. ඩී. ඒ. රාජපක්ෂ මහතා සහ එම මහත්මිය ලොවට දායාද කළේ එවන් වූ ආදර්ශමත් නායකත්වයකි.1917 – 18 කාලවකවානුවේ ඇතිවුණු කැරැල්ලත් සමඟ විනාශවී තිබූ මෙරට වාරිකර්මාන්තයට හා කෘෂිකර්මාන්තයට නව පණක් ලබා දුන්නේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාය. දැවැන්ත වාරි තාක්ෂණයක් හඳුන්වා දෙමින් නව වාරි ප්‍රබෝධයක් ඇති කළ අතර චන්ද්‍රිකා වැව නිර්මාණය වූයේ ද එතුමාගේ නායකත්වයෙනි. එතුමා අනුව යමින් පසුකාලීනව චමල් රාජපක්ෂ මැතිතුමාද මවුආර ජලාශය නිර්මාණය කර එම ප්‍රදේශ සශ්‍රික කිරීමට කටයුතු කළේය.ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ ජනතා සේවය රුහුණට පමණක් සීමා වූවක් නොවේ. එදා නිවාස නොමැතිව අසරණ තත්ත්වයේ සිටි ජනතාවට බෙලිඅත්තෙන් පොල් අතු පටවාගෙන ගොස් නිවාස ඉදිකරදීමට එතුමා කටයුතු කළේය.බෙලිඅත්ත කොලණිය, සිංහල කොලණිය, මිහිදුපුරය, ජයන්තිපුරය ඔහු ඉදිකළ ජනපද කිහිපයකි. මේ ආකාරයට රුහුණේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ඉමහත් සේවයක් කළ ඩී. ඒ. රාජපක්ෂ නැමැති කෘතහස්ත දේශපාලනඥයා දැයෙන් සමුගත්තද එතුමාගේ නාමය කිසිදා මියයන්නේ නැත.ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සුභාරතී සංවාදයේදී අමරසිංහ කුඩගල්ආර මහතා පැවසු අදහස් ඇසුරින් සකස් කරන ලදී..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n1312021
|
රටට කොකේන් ගෙනෙනමහ ජාවාරමක් හෙළි වෙයි
|
විජයානි එදිරිසිංහ
|
“කොකේන්” නමැති මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා සංචාරකයන්ට හොර රහසේ අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක යෙදී සිටි බවට සැකකරන සිල්වාන් ලුබ්ලිස් නමැති ප්‍රංශ ජාතික මහා පරිමාණ ජාවාරම්කරුවා ඇතුළු සිවුදෙනකු ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශයට කොටු වී තිබේ.සංචාරක වීසාවලින් මෙරටට පැමිණ නීතිවිරෝධී ව්‍යාපාරවල යෙදී සිටින විදේශිකයන් කොටු කරගැනීම සඳහා ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය රට පුරා සිදුකරන මෙහෙයුමේ දී මෙම ජාවාරම්කරුවා කොටුවී තිබේ.හික්කඩුව ප්‍රදේශයේ නීතිවිරෝධී හෝටල් ව්‍යාපාරයක් කරගෙන යාම සම්බන්ධව මොහු බුද්ධි නිරීක්ෂණ අංශය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර රටින් පිටුවහල් කර තිබේ. පසුව මොහුගේ ගෝලයන් සිවුදෙනෙකු කොටුකර ගත් පසු හෙළිවී ඇත්තේ හික්කඩුව ප්‍රදේශයට එන දහස් සංඛ්‍යාත සංචාරකයන්ට කොකේන් අලෙවි කරන ජාවාරම්කරුවා මොහු බවයි.මොහුගේ මෙම ජාවාරමට සම්බන්ධ කල්ලියක්ම සිටී. මොවුන් කණ්ඩායම සංචාරක වීසා හරහා දින දෙක තනකට මෙරටට පැමිණෙන අතර සපත්තු හා වෙනත් සූක්ෂම තැන්වල සඟවාගෙන කොකේන් ගෙන එන බවට තොරතුරු හෙළිවී තිබේ.මොවුන් ස්කයිප් හරහාද කතාකරමින් ජාවාරම කරගෙන ගොස් ඇත. හික්කඩුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින මෙරට ව්‍යාපාරිකයන් පවා මොහුගේ කොකේන් ජාවාරම පිළිබඳ තොරතුරු දැන නොසිටි බව අනාවරණය වී තිබේ.මොවුන් කොකේන් අලෙවි කර ඇත්තේ විදේශිකයන්ට පමණි. මෙරට පුද්ගලයන්ට අලෙවි කළෙහාත් පොලිසියට තොරතුරු අනාවරණය වේ යැයි යන බිය නිසා ශ්‍රී ලාංකිකයන්ට කොකේන් අලෙවි කර නැතැයි පැවසේ. මේ ජාවාරම්කරුවා මෙරටින් පිටුවහල් කළ පසු හික්කඩුව ප්‍රදේශයේ දේශීය ව්‍යාපාරිකයෝ රැසක් ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශයට ප්‍රශංසා කර ඇත.ආගමන විගමන පාලක ජෙනරාල් චූලනන්ද පෙරේරා මහතාගේ උපදෙස් මත ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය සිදුකළ මෙහෙයුමකදී සැකකරු ඇතුළු කණ්ඩායම කොටුවී ඇත.ගෝලයන් සිවුදෙනා අතර කාන්තාවක්ද වෙයි. මොවුන් තවමත් රටින් පිටුවහල් කර නැති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n1312022
|
සුළඟ සැර වෙයි
|
නිරූෂි විමලවීර සහ මානෙල් පුෂ්ප කුමාරි
|
ශ්‍රී ලංකා මුහුදු තීරයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ක් වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගාල්ල , මඩකළපුව හරහා යාපනය දක්වා වූ මුහුදු තීරයේ ඇති විය හැකි දැඩි කැළඹිලිකාරී තත්ත්වය හේතුවෙන් ධීවර හා නාවික කටයුතු දැඩි අනතුරුදායක බව ද එම දෙපාර්තමේන්තුව කියයි.මිලිලීටර 150 කට වැඩි වර්ෂාපතනයක් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ඕනෑම වේලාවක ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n1312023
|
සමන් ද සිල්වාටබන්ධනාගාරයේ දී පහර දීම ගැන පරීක්ෂණ
|
විජයානී එදිරිසිංහ
|
වැලිකඩ බන්ධනාගාරය තුළ පෙරේදා (30) රාත්‍රියේ පැවැති සජීවී සංදර්ශනයක දී ගායක සමන් ද සිල්වාට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගන්ධීර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පහරදීම සිදුකළ බවට පැමිණිලි ලැබී ඇති බවයි.දෙදෙනා අතර වූ වචන හුවමාරුව දිග් ගැස්සෙද්දී මාධ්‍ය ලේකම්වරයා විසින් සමන් ද සිල්වාට පහර දී තිබේ. පසුව එම ආරවුල නැවැත්වීමට මැදිහත් වූ බන්ධනාගාර නිලධාරීන්ට ද පහර දී ඇතැයි වාර්තා වෙයි.බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කරගෙන යයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n1312024
|
දක්ෂ දරුවන් පමණක් නොවසියලු දරුවන් මැණික් සේ ඔප දමමු
|
මහින්ද අලුත්ගෙදර
|
දක්ෂ දරුවන් පමණක් තෝරාගෙන මහා ප්‍රතිඵල පෙන්වනවා වෙනුවට සියලු දරුවන් බාරගෙන මැණිකක් සේ ඔප දැමීම වටිනාකමින් ඉහළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.දක්ෂ දරුවන් පමණක් තෝරාගෙන පාසල් වෙත ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදයක් මේ රටේ පවතින බව පෙන්වාදෙන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දක්ෂ දරුවන් ටික එක් තැනෙකට ගෙනැවිත් එම දරුවන් පිරිස පමණක් හොඳයි යනුවෙන් පැවසීම පාසලක වටිනාකම නොවන බවද පෙන්වා දෙයි.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ නව තෙමහල් රංග ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 1929 වසරේ මැයි මස 29 දා ආරම්භ කර තිබෙන මේ විශ්ව විද්‍යා පීඨය මහා පිරිවෙන්, මූලික පිරිවෙන, පාසල සහ විද්‍යායතන පිරිවෙන යන සියල්ල එකම ස්ථානයක පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම විශ්ව විද්‍යා පීඨය වන අතර එම පීඨ ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය ලෙසද ඉතිහාසයට එක් වෙයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ දරුවන්ගේ දුර්වලකම් නැති කොට දක්ෂතා මතුකර යහපත් මිනිසෙක් නිර්මාණය කිරීම අධ්‍යාපනයේ අරමුණ බවත් දක්ෂ දරුවන් අදක්ෂ දරුවන්, විනය ගරුක දරුවන් විනය විරෝධී යනුවෙන් දරුවන් වර්ග කොට අත්හරින්න මනුෂ්‍යත්වය අගයන බෞද්ධ අධ්‍යාපනයකට නොහැකි බවත්ය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සනිටුහන් කරමින් ඒ මහතා අතින් හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ පීඨාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඕපල්ලේ ඤාණසිරි නාහිමියන් වෙත විශේෂ තිළිණයක් පිරිනැමූ අතර මේ ඵෙතිහාසික අවස්ථාවට සහභාගි වීම වෙනුවෙන් උන්වහන්සේ අතින් ජනාධිපතිවරයාටද තිළිණයක් පිළිගැන්වූහ.ඊට අමතරව හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ පීඨාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඕපල්ලේ ඤාණසිරි නාහිමියන්ගේ මෑණියන් වෙතද ජනාධිපතිවරයා අතින් විශේෂ තිළිණයක් පිළිගැන්වීය...
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n1312025
|
BMICH ගින්න ගැන පරීක්ෂණ පුළුල් වෙයි
|
රක්ෂණ ශ්‍රියන්ත
|
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කැනපි ශාලාවේ ඇති වූ ගින්න පිළිබඳ තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වනු ලබයි.මෙම ගින්න කිසිම කඩාකප්පල්කාරී හෝ අපරාධමය ක්‍රියාවකින් සිදු වූවක් නොවන බව මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.පෙරේදා (30) උදෑසන 11.15 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කැනපි ශාලාවේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් ශාලාව සම්පූර්ණයෙන් විනාශ විය.මේ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර සාක්ෂි කරුවන් රැසකගේ සාක්ෂිද සටහන් කර ගෙන තිබේ.එමෙන්ම රජයේ සහකාර රස පරීක්ෂක රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් ස්ථානය නිරීක්ෂණය කර ඇත.පොලිස් විමර්ශන හා සහකාර රස පරීක්ෂක වරයාගේ මතය අනුව ගින්න ඇතිවීමට හේතුව නව නිපයුම් අඩු වියදම් උදුනකට පෙට්‍රල් වාෂ්පය රුගෙන එන බටයක සිදු වූ කාන්දුවක් බව අනාවරණය වී තිබේ. මෙම ගිනිබත් වූ ශාලාවේ නව නිපයුම් සම්බන්ධව ප්‍රදර්ශනයක් තිබී ඇති අතර මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ පර්යේෂණ හා තාක්ෂණ අමාත්‍යංශයට අනුබද්ධ නව නිපැයුම් කොමිසම මගිනි.මෙම ශාලාවේ 121ක් වෙනි ප්‍රදර්ශන කුටියේ නව නිපයුම් ලෙස ප්‍රදර්ශනය කර තිබුනේ අඩු වියදම් උදුනකි. මෙම උදුන මගින් මාසයකට ගෑස් සිලින්ඩරයකට වඩා අඩුවෙන් එනම් රුපියල් 1500 ක පෙට්ට්‍රල් සඳහා යන වියදමකින් නිවසේ ආහාර පාන සකසා ගත හැකි බව එහි නව නිපයුම් කරු වන 24 හැවිරිදි තරුණයා පවසයි.මෙම උදුන දහවල් 11.15 ට පමණ දැල්වීමේදී ටැංකියේ සිට උදුනට පෙට්‍ට්‍රල් වාෂ්පය රුගෙන එන බටයේ සිදුවූ කාන්දුවීමකින් මෙම ගින්න හටගෙන තිබේ. ඒ අනුව මෙම ගින්න කිසිම කඩාකප්පල්කාරී සිදුවීමක් නොවන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n1312026
|
මීගහපිටියේ දී බස් රථය පෙරළී 17කට තුවාල
|
මොනරාගල සමූහ, මඩුල්ල සමූහ සහඌව පළාත් සමූහ
|
මාරිඅරාවේ සිට මොනරාගල බලා ඊයේ උදෑසන (1) ධානය කළ පෞද්ගලික බස් රථයක් මිගහපිටිය අල්පිටිය හන්දිය අසල බෝක්කුවෙන් පෙරළීම නිසා එහි ගමන් ගත් මගීහු 17 දෙනෙක් තුවාල ලැබූහ.මෙයින් මගීන් 9 දෙනෙක් බරපතළ තුවාල ලබා මොනරාගල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු මඟීන් 08 දෙනා දඹගල්ල ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබති.ඒ අවස්ථාවේ බස් රථයේ ගමන් කර තුවාල ලබා දඹගල්ල ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබන ඒ.ජී. සදුන් අරුණජිත් දිනමිණට ප්‍රකාශ කරමින් - උදේම වැස්ස තිබුණා.බස් රථය වේගයෙන් ආවා. බෝක්කුව ළඟට එන විට ඉදිරියෙන් බස් රථයක් ආව. අප ගිය බස් රථය බ්‍රේක් කළා. එවිටම බස් රථය ලිස්සා ගොස් බෝක්කුවේ වැදී පෙරළුණා යැයි පැවසීය. දඹගල්ල පොලීසියේ ස්ථානාධිපති වේහිත දේශප්‍රිය පො.ප. සේපාල රත්නායක, පො.කො. චාමර, පො.කො. අත්තනායක යන මහත්වරු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n1312027
|
වැඩිම විදෙස් සංචාරකයන් පැමිණි 2013 ඉතිහාසගත වෙයි
|
මහින්ද අලුත්ගෙදර
|
ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ වැඩිම විදේශීය සංචාරකයන් ප්‍රමාණයක් පැමිණි වර්ෂය ලෙස මේ වර්ෂය (2013) ඉතිහාසයට එක් වෙයි.ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වීමටත් ප්‍රථම පසුගිය වසරේ දී (2012) මෙරටට පැමිණි සමස්ත සංචාරක පැමිණීම ඉක්මවා යාමට හැකිව තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.පසුගිය වසරේ මෙරටට පැමිණි සමස්ථ සංචාරකයින් ගණන 1,005,605 වන අතර මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වීමටත් පෙර පසුගිය වසරේ (2012) සමස්ථ සංචාරක පැමිණීම ඉක්මවා යාම මෙරට සංචාරක කර්මාන්තය අත්කර ගනිමින් සිටිනා ශීඝ්‍ර සංවර්ධයේ ප්‍රගතිය පෙන්නුම් කරයි.රුසියානු ජාතික බෙලොවා ටාටියා මහත්මිය සහ ඇගේ ස්වාමි පුරුෂයා වන මිකාලෙව් විටලි මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට ගොඩබැසීමත් සමඟ වාර්තාගත විදේශීය සංචාරක පැමිණීම වාර්තා වන බවද ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් මහත් හරසරින් පිළිගැනීමට කටයුතු යොදා තිබු බවද එම කාර්යාංශය සඳහන් කරයි.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරණ අධ්‍යක්ෂ රූමි ජවුෆර්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අලෙවි අධ්‍යක්ෂිකා මධුභානී පෙරේරා, ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති මහේන් කාරියවසම්, කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති සුරේෂ් ද මෙල් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික මර්වින් ප්‍රනාන්දු පුල්ලේ මහත්ම මහත්මීන් ඇතුළු මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් විසින් ඔවුන් පිළිගන්නා ලද අතර රුසියානු සංචාරක දෙපළ රුසියාවේ මොස්කව් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 543 දරණ ගුවන් යානයෙන් පැමිණි බවද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.මොවුන් දෙපළ වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙරට ආකර්ෂණීය ස්ථාන නැරඹීම සඳහා නොමිලේ සංචාරක චාරිකා තිළිණ පැකේජයක් පිළිගන්වනු ලැබූ අතර ඔවුන්ගේ මීළඟ ශ්‍රී ලංකා සංචාරය සඳහා මෙය වලංගු වන බවද දින හතක් මෙරට සංචාරය කිරීමට එමඟින් අවස්ථාව හිමිවන බවද කියාසිටී.රුසියාවේ Pthnethsa රූපවාහිනී නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විකාශය වූ Arol e Reshka සංචාරක වාර්තා වැඩසටහන නරඹා මෙම දෙපළ මෙරටට පැමිණීමට තීරණය කර තිබේ. මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන1.5කි.මේ වසරේ මේ දක්වා සියයට 17 ක සංචාරක පැමිණීමේ වර්ධනයක් වාර්තා වන අතර ඒ අතුරින් ඉන්දියාව, එක්සත් රාජධානිය, මැද පෙරදිග රටවල්, රුසියාව, ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, චීනය වැනි රටවලින් සංචාරකයින් පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.2016 වන විට මෙරටට මිලියන 2.5 ක සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කරගනිමින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සක්‍රීය දායකත්වයක් සපයන ක්ෂේත්‍රයක් බවට සංචාරක ව්‍යාපාරය පත්කිරීම රජය විසින් දියත්කර ඇති මේ සියලූ සැලසුම් හා ප්‍රවර්ධන වැඩසටහන් වල අරමුණ වෙයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n1312028
|
ශ්‍රී ලාංකිකයෙකු අමෙරිකාවේ දී ට්‍රක්රථ අනතුරකින් මරුට
|
මහින්ද අලුත්ගෙදර
|
අමෙරිකාවේ රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු ට්‍රක්රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.71 හැවිරිදි මේ ශ්‍රී ලාංකිකයා අමෙරිකාවේ රථවාහන පාලනය කිරීමේ නිලධාරියෙකු වශයෙන් සේවය කර තිබෙන අතර රාජකාරියේ නිරතව සිටි අවස්ථාවකදී වේගයෙන් පැමිණි ට්‍රක්රථයක හැපීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.අමෙරිකාවේ මැන්හැටන් ප්‍රදේශයේදී පෙරේදා (30) මේ අනතුර සිදුව තිබෙන අතර රථවාහන පාලනය කිරීමේ නිලධාරින් 3,000 ක් පමණ නිව්යෝර්ක් හි සේවය කරන බවද එම වාර්තා සඳහන් කරයි. මීට වසර 20 කට පෙර අමෙරිකාවේ පදිංචියට ගොස් තිබෙන මේ ශ්‍රී ලාංකිකයාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භකර ඇත..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n1312029
|
පාසල් පෙළ පොත් බෙදා දීමේ උත්සවය කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දී
|
නිරුෂි විමලවීර
|
පාසල් පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය හෝමාගම මහා විද්‍යාලයේදී කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 06 වන දින උදේ 7.30 සිදුකෙරේ .මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන්ලාල් ග්‍රේරු යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.ජාතික උත්සවයේදී සංකේතාත්මකව දරුවන් 200 කට පමණ පෙළ පොත් බෙදාදීමට නියමිත බවත් ඊට සමගාමීව පෙළ පොත් වර්ග 437 ක් යටතේ පෙළ පොත් මිලියන 37,441,264 ක් රට පුරා පිහිටි සියලු පාසල් දරුවන්ට බෙදාදීමට නියමිත බවත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.වැඩිම පෙළ පොත් සංඛ්‍යාවක් බෙදා හරිනු ලබන්නේ බස්නාහිර පළාතට බවත් එය මිලියන 9,081, 607 ක් පමණ බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් තිස්ස හේවාවිතාන මහතා ප්‍රකාශ කළේ ය.මේ යටතේ රටපුරා සිටින පාසල් සිසුන් ලක්ෂ 41 සඳහා පෙළ පොත් මෙම සතිය ඇතුළත බෙදා අවසන් කරන බව හෙතෙම කීය..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120210
|
වකුගඩුවක් දන් දී ජීවිතයක් බේරා ගන්න
| null |
දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන මොරටුව සොයිසාපුර 29 හැවිරිදි දමිත සඳරුවන් තරුණයාගේ ජීවිතය බේරාගැනීම සදහා ඕ පොසිටිව් වර්ගයේ හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව තිබේ.මොහු මාලිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර රුධිර කාන්දු කිරීමට හා ශල්‍ය කර්මයට අතුළු ඖෂධ හා පරීක්ෂණ සඳහා රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලක් වැයවේ.එබවින් පරිත්‍යාගශීලී අයවෙතොත් සම්පත් බැංකුවේ රත්මලාන ශාඛාවේ 101853503154 ගිණුමට පරිත්‍යාග කරන ලෙසත් ඉල්ලා සිටී. වැඩි විස්තර 0776138992 අංකයට ඇමතීමෙන් ලබාගත හැක..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120211
|
හෙරොයින් විකුණූ පියපුතුන් අත්අඩංගුවට
|
කෝට්ටේ මධ්‍යම සමූහ නන්ද ඒකනායක
|
පුතුන් දෙදෙනෙක් සමඟ එක්වී හෙරොයින් ජාවාරම් කළ පියෙක් හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 100ක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන අංශයට හැකිවී ඇත.එම අවස්ථාවේ එක් පුතෙකු පැනගොස් ඇත.අත්අඩංගුවට ගත් දෙදෙනා අලුත්කඩේ අංක 5 දරන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු කපිල දූෂාන්ත එපිටවෙල මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ලබන 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. එම අවස්ථාවේ පැනගිය පිට්ටනිගොඩගේ වසන්ත කුමාර නැමති අය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු කරමින් සිටිති.රක්ෂිත බන්ධනාගාර ගත කළ පිට්ටනිගොඩගේ ගුණදාස නැමති අය හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් කිහිපවරක්ම අධිකරණයෙන් දඬුවම් ලබා සිටි අයෙක් බවද පොලිසිය කියයි.වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න රජීව් මහතා සමඟ පොලිස් කොස්තාපල්වරුන් වන දිසානායක (60099) හා වෙලගෙදර (88637) යන අය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120212
|
යතුරු පැදියේ ගැටුණුඋ. පොලිස් පරීක්ෂක මියයයි
|
ආර්. සෝමසිරි
|
රාජකාරිය අවසන් කර තම නිවස බලා යතුරු පැදියකින් ගමන්කළ මාවතගම පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකු කුරුණෑගල නගරයේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක හැපී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.පසුගිය 26 වන දින සවස 6.00ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල උයන්දන තිස්හය මාවත පදිංචිව සිටි පියසෝම විතාන ආරච්චිගේ ප්‍රදීප් රාජකරුණා නැමැති (43) දෙදරු පියෙකි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120213
|
මගීන්ගේ මුදල් හා ගමන් මලු සොරාගන්නා කල්ලියක 5ක් දැලේ
|
රක්ෂණ ශ්‍රීයන්ත
|
ගල්කිස්ස කොට්ටාව බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් හා ගමන් මලු සොරාගන්නා සංවිධානාත්මක සොර කල්ලියක සැකකරුවන් පස් දෙනකු පෙරේදා (30) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් ළඟ තිබී සොරාගන්නා ලද මුදල් රුපියල් 11600 ක්, ගමන් මලු කිහිපයක්ද ගමන් මලු කැපීමට උපයෝගි කර ගන්නා බ්ලේඩ් කිහිපයක්ද, හෙරොයින් මිලි ග්‍රෑම් 180 ක්ද සොයාගෙන ඇත.සැකකරුවන්5 දෙනා ඊයේ(01) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.ගල්කිස්ස පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශණ මෙහෙයවයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120214
|
හිරෙන් නිදහස් වූ පියා විසි හැවිරිදි දියණිය දූෂ්‍ය කරයි
|
සිරිසේන රාජපක්ෂ
|
අවුරුදු නවයක් හිරබත් කා හිරෙන් නිදහස් වී ගෙදර ඇවිත් දින දෙකකට පසු තම විසි හැවිරිදි දියණිය දූෂ්‍ය කළ බව කියන පියකු දෙසැම්බර් 13 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ තැබීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය (29)දා නියෝග කළාය.මෙසේ රිමාන්ඩ්භාරයට පත් කෙරුණේ මරදාන ප්‍රදේශයේ පදිංචි මනතුංග නමැති තිදරු පියෙකි.කිසියම් අපරාධයක් සඳහා අවුරුදු නමයක් සිරගතව සිටි මේ සැකකරු පසුගිය 14 වැනිදා හිරෙන් නිදහස් වී ගෙදර පැමිණ ඇති බවත් ඒ වන විට ඔහුගේ බිරිය අනියම් සැමියකු සමඟ සම්බන්ධවී සිට ඇත.හිරෙන් නිදහස් වූ සැමියාට බියෙන් බිරියත් අනියම් සැමියාත් දරුවන් අතහැර වෙනත් පළාතකට පැන ගොස් තිබේ. හිරෙන් නිදහස් වී ගෙදර පැමිණි පියා දින දෙකකට පසු පසුගිය 16 වැනිදා සිය විසි හැවිරිදි දියණිය දූෂණය කර ඇතැයි අධිකරණයේදී හෙළිවිය..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120215
|
සොර කල්ලියක 5ක් දැලේ
|
රක්ෂණ ශ්‍රීයන්ත
|
ගල්කිස්ස කොට්ටාව බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් හා ගමන් මලු සොරාගන්නා සංවිධානාත්මක සොර කල්ලියක සැකකරුවන් පස් දෙනකු පෙරේදා (30) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් ළඟ තිබී සොරාගන්නා ලද මුදල් රුපියල් 11600 ක්, ගමන් මලු කිහිපයක්ද ගමන් මලු කැපීමට උපයෝගි කර ගන්නා බ්ලේඩ් කිහිපයක්ද, හෙරොයින් මිලි ග්‍රෑම් 180 ක්ද සොයාගෙන ඇත.සැකකරුවන්5 දෙනා ඊයේ(01) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120216
|
‘මධ්‍යම පළාත් විපක්ෂ නායකටපරිවාස කාලයක් ලබාදීමට සූදානම්’
|
අසේල කුරුළුවංශ
|
තමන්ට සිදුකරන කෙනෙහිලිකම් නතර කිරීම සඳහා මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අළුවිහාරේ මහතාට මාස තුනක පරිවාස කාලසීමාවක් ලබාදීමට තමන් සූදානම් බව මධ්‍යම පළාත් සභා එජාප මන්ත්‍රීවරුන් වන සංජීව කවිරත්න මහත්වරු හා රෝහණ බණ්ඩාරනායක යන එජාප නායකත්ව මණ්ඩල සභාපතිවරයාට දැනුම්දී තිබේ.මේ පරිවාස කාලසීමාව තුළ ඔහු තම වැරැදි නිවැරැදි කර නොගතහොත් පළාත් සභාව තුළ ඔහු සමඟ සහයෝගයෙන් ක්‍රියා නොකරන බවත් ඊට තවත් මන්ත්‍රී පිරිසක් සහය දීමට සූදානමින් සිටින බවත් මේ මන්ත්‍රීවරු එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතාට පවසා ඇත.මේ ගැටලුව විසඳීම සඳහා පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මත මධ්‍යම පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරුන් සභාව තුළ ක්‍රියාකරන ආකාරය තීරණය වන බවත් විපක්ෂ නායකවරයා අද අභියෝග කරන්නේ විපක්ෂයට නොව තමන්ට අභියෝගයක් වන පක්ෂයේම මන්ත්‍රීවරුන්ට බවත් සංජීව කවිරත්න මහතා පවසයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120217
|
බස් හෝල්ට් එකේ වහලයෙන් වැටී පුද්ගලයෙක් මියයයි
|
ආර්. සෝමසිරි
|
හෝමාගම බස් නැවතුම් පොළ පිරිසුදු කිරීමේදී බස් හෝල්ට් එකේ වහලය මතට නැඟි සේවකයකු වහලය කඩාගෙන බිම ඇද වැටී මියගොස් තිබේ.මිය ගොස් ඇත්තේ මහරගම පදිංචිව සිටි රාජසූරියගේ නිමල් (51) නමැති අයෙකි.මියගිය අය සිද්ධිය වූ දින තවත් පිරිසක් සමඟ බස් නැවතුම්පළ ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී බස් හෝල්ට් එකේ වහලයට නැඟ තීන්ත ගෑමට සැරසෙද්දී සීට් එක කඩාගෙන බිමට වැටී තුවාල ලබා ඇත. පසුව හෝමාගම රෝහලටත් එතනින් කොළඹ මහ රෝහලටත් ගෙනවිත් ඇත..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120218
|
කොළඹට ගංජා ගෙනා පිරිස අත්අඩංගුවට
|
කැලණිය විශේෂ
|
යුධ හමුදා නිලධාරියකු වැල්ලවායේ සිට ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කි. ග්‍රෑම් 01ක් අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලිසිය සමත් වෙයි.යුධ හමුදා සෙබළකුට අයත් යැයි කියන මෙම ත්‍රිරෝද රථය ගංජා කොළඹට ප්‍රවාහනය කරමින් සිටියදී ලැබුණු තොරතුරක් මත බියගම දී සැකකරුවන් ඊය් (1) අත්අඩංගුවට ගෙන ඇත.මේ සම්බන්ධව ක්‍රියාත්මක වූ පෑලියගොඩ පොලිසිය ත්‍රිරෝද රථය සමඟ මෙම ගංජා තොගයද අත්අඩංගුවට ගෙන කඩවත මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති එල්.පී. කුලරත්න මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස අධ්‍යක්ෂ ජගත් වීරකෝන් මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති උපුල් සමරසිංහ, උ.පො.ප. සුමිත් ජයසේකර, 28511 සැරයන් ලක්මාල්, 6878 ප්‍රේමදාස, පො.කො. 46671 සම්පත්, 78960 සුදේශ්, 73134 සාලින්ද, 82493 ජනක, 66266 සුජීව යන නිලධාරීන් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120219
|
තානාපති කාර්යාල නිලධාරියාදියේ ගිලී මිය යයි
|
උපාලි කරුණාරත්න, මහින්ද අලුත්ගෙදර
|
ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාර්යාලයේ සේවය කළ සෞදි අරාබියානු ජාතිකයෙකු පිහිනුම් තටාකයක දිය නාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇත.බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයක උඩු මහලේ පිහිටි පිහිනුම් තටාකයක සිය පුතණුවන් සමඟ දිය නාමින් සිටියදී මේ පුද්ගලයා මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාර්යාලයේ ගණකාධිකාරීවරයා වශයෙන් සේවකර තිබෙන මේ පුද්ගලයා දියේ ගිළුණු අවස්ථාවේදී ඔහුගේ පුත්‍රයා විසින් නිවෙසට දැනුම් දී තිබෙන අතර එයින් අනතුරුව බම්බලපිටියේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් තිබෙන බවද ඒ වනවිටත් මියගොස් තිබෙන බවද පොලීසිය සදහන් කරයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=n13120220
|
දුම්රිය හරස් පාර වසා තිබිය දීජීප් රථයක් ගමන් කැර 3කට තුවාල
| null |
වාද්දුව, මොල්ලිගොඩ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා තිබියදී ඒ බව නොතකා ජීප් රථයක් දුම්රිය මාර්ගය හරහා යාමට ගත් උත්සාහයේදී එම ජීප් රථය සමඟ තවත් රථයක් අනතුරට ලක්වී තිදෙනකු තුවාල ලබා තිබේ.දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු මුරකරු දුම්රිය පැමිණෙන බවත් ජීප් රථය ධාවනය නොකරන්නැයි කළ දැනුම්දීමත් නොතකා හිතුවක්කාරී ලෙස එහි රියදුරු ජීප් රථය ධාවනය කිරීම නිසා අනතුර සිදුවී තිබේ.රියදුරුගේ එම හිතුවක්කාරී ක්‍රියාව නිසා ඔහුගේ ජීප් රථය දුම්රියේ ගැටී විසිවී ගොස් පාරේ තිබූ වෙනත් රථයක වැදීමෙන් එහි සිටි මවක් සහ කුඩා ළදරුවෙක් තුවාල ලබා ඇත.පෙරේදා (30) රාත්‍රී 11.00ට පමණ මේ අනතුර සිදුවී ඇත. ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.මේ රථයේ රියදුරුද බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ දුම්රිය හරස් මාර්ගවල අනාරක්ෂිත බව නැති කර මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.ඒ අතර දුම්රිය ගේට්ටු දමා තිබියදී එහි අණ නොතකා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද කීය..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r1312021
|
හම්බන්තොටින් ඛනිජ නිධි මතුවෙයි
|
බන්ධුල ගුණසේකර
|
දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඛණිජ නිධි කිහිපයක් හමු වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අනාවරණය කරයි. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව කාර්යාංශයේ විශේෂ අවධානය යොමු වී ඇත.මේ වන විට හෙළි වී ඇති තොරතුරු මත ගුරු පොකුණ ප්‍රදේශයේ සිට බූන්දල දක්වා හුනුගල් සහ බෙලි කටු ස්ථර ස්ථානගත වී ඇති බව අනාවරණය වී තිබේ.හඳුගල ප්‍රදේශයේ සිට කටුවන දක්වා මිණිරන් නිධි පවතින බවට හඳුනා ගෙන ඇති අතර දීර්ග කාලයක් ඒවා පැතිර ගොස් ඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.රන්න , ගැටමාන්න , ලුනුගම් වෙහෙර හා මිරිජ්ජවිල ආදී ප්‍රදේශවල ද වටිනා මැණික් නිධි පවතින බවට හඳුනා ගෙන ඇති අතර ඉදිරි කාලසීමාව තුළ ඒවා වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීම කෙරෙහි අදාළ අංශවල සුවිශේෂී අවධානය යොමුවී තිබේ..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r1312022
|
කඹුරුපිටිය ගොවි පියසේ ගබඩාව කඩාලක්ෂ 7ක රසායනික ද්‍රව්‍ය උස්සලා
|
බන්ධුල ගුණසේකර
|
කඹුරුපිටිය නගරයේ 'ගොවි පියස'කෘෂි රසායන ද්‍රව්‍ය ගබඩාව කඩා එහි තිබූ රසායනික ද්‍රව්‍ය සොරකම් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.මාස එක හමාරකට අධික කාලයක් තිස්සේ මේ සොරකම දිගින් දිගටම සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර රුපියල් හත් ලක්ෂය (700000.00) ඉක්ම වූ වටිනා කමකින් යුත් කෘෂි රසායන ද්‍රව්‍ය සොරකම් කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.සිද්ධියට සම්බන්ධ සැකකරු කඹුරුපිටිය කුඩගලහේන ප්‍රදේශයේ පදිංචි ට්‍රැක්ටර් රථ රියදුරෙකි.ගොවි පියස ආයතනය තුළ සවි කර තිබූ කැමරා පද්ධතිය උපයෝගී කර ගනිමින් මේ පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ.කඹුරුපිටිය පොලිස් ස්ථානාධි පති පොලිස් පරීක්ෂක ඩී. එම්. අබේසේකර මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කර ගෙන යයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r1312023
|
වාර විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය කොටපොළ ටියුෂන් ගුරාලා ඇදලා
|
බන්ධුල ගුණසේකර
|
පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු ගේ මාර්ගයෙන් කොටපොළ අධ්‍යාපන කලාපයේ පාසල්වල මෙවර පැවැති වාර විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය කලින් පිට වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පළාත් අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.කොටපොළ - බෙරලපනාතර - දෙනියාය ආදී ප්‍රදේශයන්හි පාසල්වල ගණිත ප්‍රශ්න පත්‍රය මෙසේ කලින් පිට වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.අදාළ පාසල්වල ගුරුවරුන් පිරිසක් විසින් අනුමාන කොට සිදු කළ තීක්ෂණ පිරික්සුමකදී මේ බව හෙළි වී ඇත.මේ පිළිබඳ වහාම පරීක්ෂණක් පැවැත්වීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ විශේෂ විමර්ශන නිලධාරී කණ්ඩායමක් දැනටමත් එම ප්‍රදේශයට යවා ඇති බව පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා පැවැසීය..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r1312024
|
පැන ගිය සෙබළියෝ මාට්ටු
|
ඉමදූව සමූහ
|
ආරක්ෂක අංශයේ සේවය කළ හමුදාවෙන් පැන ගිය කාන්නා සෙබළියෝ දෙදෙනෙක් ඉමදූව පොලිසිය මඟින් 30 වැනි දින අත්අඩංගුවටගෙන තිබේ. මේ සෙබළියන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉමදූව මැවැල්ල ගොඩඋඩ නිවෙසක සිටිය දීය.කාන්තාවක් පමණක් පදිංචිව සිටින නිවෙසක කාමරයක් දෙදහස් පන්සියක මාසික කුලියකට මේ සෙබළියන් බද්දටගෙන තිබූ බව පොලිසිය කළ මුලික පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී ඇත.එක් සෙබළියක් නිවෙසේ බදුකාමරයේ සිටින අතර අනෙක් සෙබළිය ප‍්‍රදේශයේ කුලී වැඩ කිරීම,තීන්ත ආලේප කිරීම,තේ හා කුරුඳු හේන්වල වැඩට යෑම සිදුකර තිබේ..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r1312025
|
දුවට වස පොවා අම්මාත් වස බීලා
|
සොරණාතොට සමූහ
|
34 හැවිරිදි මවක් සිය 10 හැවිරිදි දියණියට වස පොවා ඇයද වස බී අසාධ්‍ය තත්ත්වයෙන් පෙරේදා (30) බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබූ බව පොලිසිය පවසයි.බදුල්ල වේවැස්සවත්ත දෙබැද්ද කොටසේ මවක් සහ දියණියක මෙලෙස රෝහල් ගත කර සිටිති. මව විදේශ රටක රැකියාවක් කර මෙරටට පැමිණ ඇති බවත් ඇය සිය දියණිය සමඟ සිය සහෝදරයාගේ නිවසේ සිට ඇති බවත් පොලිසිය කීය.මැගේ සැමියා නොමැත. වස බීමට හේතුව අනාවරණය වී නැති අතර බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r1312026
|
කැත්තකින් කොටාමහ උළුගෙට
|
මාවරල සමූහ
|
කැත්තකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදු කරන ලද සැකකරුවකු ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දෙයියන්දර මහේස්ත්‍රාත් එන්.ජී.ප්‍රියදර්ශණී මෙනවිය පසු ගිය දා නියෝග කළාය.මෙසේ බන්ධනාගාර ගත වූයේ මාකදුර බැරගම පදිංචි එච්.ජී.කසුන් චාමර නමැති අයෙකි.බැරගම පන්සල අසල දී පසුගිය 22 වැනි දින රාත්‍රී 9.45 පමණ සමන් කුමාර නමැති අයට කුරුඳු කපන කැත්තකින් පහර දී තුවාල සිදු කරන ලදැයි ,මාවරල පොලිසියට බැරගම පදිංචි ,හේවා ගමගේ රුවන් ජනක නමැති අය කරන ලද පැමිණිල්ලකට අනුව මාවරල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එස්.ලලිත් කුමාර මහතා නඩු පවරා තිබේ..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r1312027
|
මහපාරේ පිස්සු නැටූ ඩබලකට දඩ
|
මාවරල සමූහ
|
ප්‍රසිද්ධ ස්ථානයක බීමත්ව අශෝභන ලෙස හැසිරීමේ වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනකුට ,එක් අයකුට රුපියල් 2500 බැගින් වූ දඩ මුදලක් ගෙවන ලෙස දෙයියන්දර මහේස්ත්‍රාත් එන්.ජී.ප්‍රියදර්ශණී මෙනවිය පසු ගිය දින නියම කළාය.මෙසේ වරද පිළිගනු ලැබුවේ කැටියපේ උතුර පදිංචි විජේසේකර ගමාච්චිගේ සාමෙල් සහ මාකදුර බැරගම පදිංචි කංසාව ගමගේ කසුන් බුද්ධික නමැති අයයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r1312028
|
කුඩ්ඩොයි ත්‍රිවිලයයිඔක්කොම කොටු
|
අවිස්සාවේල්ල විශේෂ
|
කොළඹ සිට පුවක්පිටියට හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිවීල් රථයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු සමත් වූහ.ලැබුණු ඔත්තුවකට අනුව අලුත් අම්බලම ප්‍රදේශයේදී මේ ත්‍රීවීලරය පරීක්ෂාකිරීමේදී රියදුරා සන්තකයේ හෙරොයින් පැකට් 15ක්ද, පිටුපස අසුනේ සිටි පුද්ගලයා සතුව පැකට් 25ක්ද සොයා ගත හැකි විය.රාග්සූරියගේ රසික ප්‍රදීප් කුමාර (27) කට්ටඩිගේ ශනුෂ තුෂාන් නමැති සැකකරුවන් අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r1312029
|
පොදු ළිඳේමළ සිරුරක්
|
මැදමුලන සමූහ සහ වීරකැටිය සමූහ
|
වලස්මුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඕමාර ගමෙහි පදිංචි වයස අවුරුදු දාහත තරුණියකගේ මළ සිරුරක් එම ගමෙහි පොදු ළිඳක තිබී වලස්මුල්ල පොලීිසය මගින් සොයාගෙන ඇත.මේ මළ සිරුර ඕමාර ගුළුගහ කොරටුව පදිංචිව සිටි ගීගනගමගේ හිරෝෂා නමැති අයගේබවට හඳුනාගෙන තිබේ. මැය අතුරුදන්වී ඇති බවට මව විසින් වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r13120210
|
කටුගස්තොට නිවෙසක මෙහෙකාරකමට පැමිණ දෙවැනි දිනයේම මුදල් රෙදිපිළි අරන් ගිහින්
|
හාරිස්පත්තුව මධ්‍යම විශේෂ - ගාමිණී බී. දිසානායක
|
කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල පදිංචි අඹු සැමි යුවළ රජයේ රැකියාවල නියුක්තව සිටින නිවෙසක මෙහෙකාරකමට පැමිණි කාන්තාවක් දෙවැනි දිනයේදීම නිවෙසේ තිබූ මුදල් හා රෙදිපිළි සොරාගෙන ගොස් ඇත.ගෙහිමියා දහවල් දොළහට පමණ රැකියා ස්ථානයේ සිට ළදරු පාසලට රැගෙන ගිය ළමයා නිවසට රැගෙන ආවාද කියා දැනගැනීමට නිවසට දුරකථනයෙන් කිහිප වරක් ඇමතුම් දී ඇතිමුත් ප්‍රතිචාර නොමැති නිසා අල්ලපු නිවසට කතා කර නිවෙස පරීක්ෂා කරන ලෙස පවසා ඇත.දොර විවෘත කර ඇති බවත්, ළදරු පාසලට රැගෙන ගිය ළමයා ගෙනවිත් නොමැති බවත් දැක ඒ බව නිවැසියාට ඇමතුමක් දී පවසා තිබේ.නිවෙසට පැමිණි නිවැසියා නිවෙස පරීක්ෂා කිරීමේදී අල්මාරිය විවෘත කර තිබෙනු දැක ඇති අතර එහි තිබූ කාන්තා රෙදිපිළි රැසක් සහ සඟවා තිබූ රුපියල් විසිදහසක් අතුරුදන් වී ඇති බව දැක වහා ක්‍රියාත්මක වූ මොහු කටුගස්තොට පොලිසියේ අපරාධ අංශයට ගොස් සියලු තොරතුරු පවසා පැමිණිලි කර ඇත.මේ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ අපරාධ අංශයේ ස්ථානාධිපති ශාන්ත බණ්‍ඩාර මහතා, අපරාධ අංශයේ නිලධාරිනියක් ඇතුළු කණ්ඩායමක් ඇය ලබා දුන් ලිපිනය අනුව හැටන් දික්ඔය පොලිස් ස්ථානයට ගොස් උපක්‍රමශීලීව ඇය සිටින නිවසට සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් පිරිසක් යවා රුපියල් දහඅටදහසක වැටුපකට නිවෙසක රැකියාවක් දෙන බව පවසා ඇය හැටන් දික්ඔය පොලිසිය වෙත ගෙනවිත් ඇගෙන් ප්‍රශ්න කර සොරකමට අදාළ සියලු තොරතුරු හෙළිකරගෙන සොරාගත් රෙදිපිළි පමණක් සොයාගෙන සැකකාරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.සොරබඩු කටුගස්තොට පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරිය මහනුවර මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r13120211
|
අරණායක ප්‍රා: සභාවේ අයවැය සම්මතයි
|
අරණායක සමූහ රෝහණ ජයරත්න
|
අරණායක ප්‍රාදේශිය සභාවේ 2014 වර්ෂය සඳහාවු රුපියල් තුන්කෝටි විසිඑක්ලක්ෂ තිස්තුන්දහසක අය වැය ඇස්තමේන්තුව ඒක මතිකව සම්මත වෙයි.ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැති මාසික මහා රැස්ව්මේදි සභාපති දිනේෂ් ගුණරත්න මහතා විසින් අය වැය සභාවට ඉදිරිපත් කෙළේය.සභාවේ බලය හිමි එක්සත් ජනතා නිදහස් සංධානය සඳහා සභිකයන් 12 හ විපක්ෂව එක්සත් ජාතික පක්ෂය සදහා සභිකයින් සිවුදෙනකුගෙන් සමන්විතව ඇත..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r13120212
|
පොලිස් වෙස්ගෙන කැබ්රිය කොල්ලකෑහිටපු පොලිස් නිලධාරියෙක් රිමාන්ඩ්
|
අත්තනගල්ල විශේෂ ජයවීර සුගතපාල
|
පොලිස් නිල ඇඳුමින් සැරසී කොළඹ - නුවර පාරේ කළගෙඩිහේනේදී රු. ලක්ෂ තිස් පහක් වටිනා කැබ් රථයක් පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන වේයන්ගොඩ පොලිසියට භාරදීමෙන් අනතුරුව අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 4 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.මෙසේ රිමාන්ඩ් කෙරුණේ හිටපු පොලිස් නිලධාරියෙකි. 2013 මාර්තු 29 වැනිදා රාත්‍රි කළගෙඩිහේනේදී, තිහාරියේ පදිංචි නිලන්ත ජයසේකර යන අයට අයත් කැබ්රිය පැහැරගෙන යාම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි මේ සැකකරු ජාතික හැඳුනුම්පත් 4ක්ද සමඟ පසුගියදා ගල්කිස්සේ දී පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැනිණි.පැහැරගත් කැබ්රථය ඉකුත් පළාත් සභා මැතිවරණ සමයේදී ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන තිබියදී නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.හිටපු පොලිස් නිලධාරියකු වන සැකකරු විවිධ නම්වලින් පෙනී සිටිමින් අපරාධ ගණනාවක්ම කර ඇති අයකු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න සැරයන් (19089) පද්මසිරි, සැරයන් (27586) නිශාන්ත යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r13120213
|
අලව්වේ හරි - හරියට මී උණ සහ ඩෙංගු
|
අලව්ව විශේෂ ඒ. කීර්තිසිංහ
|
අලව්ව ප්‍රදේශයෙන් පසුගිය මාස කිහිපය ඇතුළතදී ඩෙංගු රෝගීන් 68 දෙනෙක්ද මී උණ රෝගීන් 13ක්ද වාර්තා වී ඇතැයි අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.මේ තත්ත්වය අවම කරගැනීම සඳහා පාසල්, රාජ්‍ය ආයතන සහ රෝහල් සහභාගිත්වයෙන් සෑම මසකම ඩෙංගු දිනයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද මී උණ පැතිර යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගොවියන් මෙන්ම අනෙකුත් අදාළ අය මී උණ සඳහා නොමිලයේ දෙනු ලබන බෙහෙත් පෙති ගැනීමට උනන්දුවක් නොදැක්වීමයැයිද පසුගියදා පැවැති අලව්ව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අයෙක් කීය..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=r13120214
|
පානදුර ප්‍රාදේශීය සභාවේඅයවැය සම්මතයි
|
වාද්දුව සමූහ - එස්. ආර්. පියදාස
|
පානදුර ප්‍රාදේශීය සභාවේ 2014 අයවැය වැඩි ඡන්ද අටකින් සභා සම්මත විය.ලබන වසරේ එම ප්‍රාදේශීය සභාවේ අයවැය ඉදිරිපත් කිරීම පසුගිය රැස්වීම් වාරයේදී සිදුකෙරුණි. මේ රැස්වීම පානදුර ප්‍රාදේශීය සභා සභාපති (එ. ජ. නි. ස.) නීල් සුනේත්‍රලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර ප්‍රාදේශීය සභාවේ වාද්දුව විජය කුමාරතුංග සමරු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.අයවැයට පක්ෂව එ. ජ. නි. ස. මන්ත්‍රීවරු පහළොස් දෙනෙක් (15) ඡන්දය ප්‍රකාශ කළහ. විරුද්ධව එ. ජා. ප. මන්ත්‍රීවරු හත්දෙනා ඡන්දය ප්‍රකාශ කළේය.එම ප්‍රාදේශීය සභාවේ ජ. වි. පෙ. මන්ත්‍රීවරයා අසනීප වී රෝහල්ගතවී ප්‍රතිකාර ලැබීම නිසා එම සභා වාරයට සහභාගි නුවූ අතර ප්‍රාදේශීය සභාවේ හිටපු (එ. ජ. නි. ස.) සභාපතිවරෙයකු වූ නිහාල් දේවින්ද මහතා ද මේ රැස්වීම් වාරයට සහභාගි වූයේ නැත..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=s1312021
|
පැපුවා නිව්ගිනියාව ලකුණු 76-52කින් ශ්‍රී ලංකාව පරදවයි
|
ප්‍රින්ස් ගු ණසේකර සිංගප්පූරුවේ සිට
|
නේෂන් කුසලාන නෙට්බෝල් ශූරතාවලියේ ඊයේ පැවැති ශ්‍රී ලංකාව හා පැපුවා නිව්ගිනියාව අතර තරගයේදී ලකුණු 76-52ක ජයක් පැපුවා නිව් ගිනිය පිලට හිමි විය. ප්‍රබල ක්‍රීඩා විලාසයක් තරගය පුරාම පෙන්නුම් කළ පැපුවා නිව්ගිනියා කලු කෙල්ලන් ශ්‍රී ලංකාව හුවමාරු කරගනිමින් සිටි පන්දුව උපක්‍රමශීලීව පහලොස් වතාවක් පමණ උදුරා ගනිමින් මේ ජයග්‍රහණය වාර්තා කළහ. ශ්‍රී ලංකා පිලේ ගෝල් ෂූටර් හා ගෝල් ඇටෑක් ක්‍රීඩිකාවන් දෙදෙනාට මැද පෙළ ක්‍රිඩිකාවන්ගෙන් හොඳ සහයක් නොලැබීමත් ආරක්ෂක පෙළ දුර්වලතාවයත් ශ්‍රී ලංකා පිලේ කැපී පෙනෙන දුර්වලතා විය. පැපුවා නිව්ගිනියාව වසර 2011දී ශ්‍රී ලංකාව වෙතින් පරාජයවූ කණ්ඩායමකි.තරගයේ පළමු කාර්තුවේදී ලකුණු තත්ත්වය 13-21ක් ලෙස පැපුවා නිව්ගිනියාව ඉදිරියෙන් සිටි අතර දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු පරතරය අඩුකර ගනිමින් 17-17ක් ලෙස සම මට්ටමකට පැමිණියහ. පැපුවා නිව්ගිනියා පිල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අනවශ්‍ය කළබලකාරී තත්ත්වය තේරුම් ගෙන නැවැත තරගයේ පාලනය සියතට ගත් අතර එහි ප්‍රතිඵලය වූයේ 13-19ක් ලෙස තෙවැනි කාර්තුව නිම වීමය.තරගයේ අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව ක්‍රමයෙන් හීනවීමත් සමග පැපුවා නිව්ගිනියා පිලට ලකුණු 19ක් එක්වෙද්දී ශ්‍රී ලංකාවට තවත් ලකුණු 9ක් විය.ශ්‍රී ලංකා පිලේ ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම් උත්සහයන් 48කදී ලකුණු 47ක් රැස් කරගත් අතර ගෝල් අටෑක් ක්‍රීඩිකා සෙමිණී අල්විස් උත්සහයන් 7කදී ලකුණු 4ක් ලබා ගත්තාය.මිනිත්තු 3ක් පමණ කාලයකට ගෝල් ෂූටර්වූ ගයනී දිසානායක උත්සහයන් දෙකකදී ලකුණක් ලබා ගත්තාය. පැපුවා නිව්ගිනියා පිලට ගෝල් ෂූටර් ටී.බල්ඩීන් උත්සහයන් 62කදී ලකුණු 48ක් හා ගෝල් ඇටෑක් එම්.රොබර්ට්ස් උත්සහයන් 31කදී ලකුණු 28ක් ලබා ගත්තහ. මේ තරගයේදී ශ්‍රී ලංකා පිල උත්සහයන් 57කදී ලකුණු 52ක් ලබා ගනිද්දී පැපුවා නිව්ගිනියා ක්‍රීඩිකාවෝ උත්සහයන් 93කදී ලකුණු 76ක් ලබා ගත්හ.ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගය ආරම්භයේදී ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම්, සෙන්ටර් තිළිණි වත්තේගෙදර, වින්ග් ඇටෑක් මරීෂා ප්‍රනාන්දු, ගෝල් ඇටෑක් සෙමිණී අල්විස්, ගෝල් ඩිෆෙන්ස් දර්ශිකා අබේවික්‍රම,වින්ග් ඩිෆෙන්ස් ගයනී දිසානායක හා ගෝල් කීපර් තිසාලා අල්ගම ක්‍රීඩා කළහ. එහෙත් තුන්වැනි කාර්තුවේදී තිසාලා අල්ගම ඉවත් කොට ගයනි දිසානායකට ගෝල් කීපර් ස්ථානය ලබා දුන් අතර සෙන්ටර් ක්‍රීඩිකාව ලෙස ගයාංජලී අමරවංශ කැඳවීමට පුහුණුකාරිනිය තීරණය කළාය.එහෙත් සිවුවැනි කාර්තුවේදී ගයාංජලී ඉවත්කොට සෙන්ටර් ස්ථානය තිළිණි වත්තේගෙදරටම නැවැත ලබාදුණි. තරගයේ අවසන් මිනිත්තු තුනේදී ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම් ඉවත්කොට එම ස්ථානය සෙමිණී ද අල්විස්ට ලබා දුන් අතර ගෝල් ඇටෑක් ක්‍රීඩිකාව ලෙස චතුරාංගනී මල්කාන්ති කැඳවීය. එහෙත් ප්‍රතිඵලයේ වෙනසක් නොවීය.තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ පුහුණුකාරිනී සොමිතා ද අල්විස් මහත්මිය පැවැසූවේ මේ ප්‍රතිඵලය තමා කලින්ම දැන සිටි බවයි. “පැපුවා නිව්ගිනි පිල ඉතාම හොඳ කණ්ඩායමක්.අපට අවශ්‍ය වුණේ ක්‍රීඩිකාවන්ට හොඳ අත්දැකීමක් ලබා දෙන්නයි. අද තරගයේදී අපි හොඳින් දුටුවා අපේ ක්‍රීඩිකාවන්ට පුහුණුව මදිබව. මාස දෙකකින් මේ වගේ තත්ත්වයට පැමිණීම හොඳයි. එක් කාර්තුවක අපි ලකුණු සම කර ගත්තා. නමුත් මෙයට වඩා යමක් අපේ ක්‍රීඩිකාවන් කරන්න තිබුණා. ප්‍රතිවාදී පීඩනය හමුවේ අලුත් ක්‍රීඩිකාවන් පසු බැස්ස බවක් පෙනුනා” ශ්‍රී ලංකා පුහුණුකාරිනිය පැවැසුවාය. ශ්‍රී ලංකාව අද ඇමෙරිකාව සමග තරග වදින අතර එම තරගයද ශ්‍රී ලංකාවට යම් පීඩනයක් ගෙන දෙනු ඇතැයි ඇය පැවැසුවාය.සිංගප්පූරුව 42යිඅයර්ලන්තය 31යිසත්කාරක සිංගප්පූරුව හා අයර්ලන්තය අතර තරගයෙන් සත්කාරක සිංගප්පූරුවට ලකුණු 42-31ක ජයක් හිමි විය.උගන්ඩාව අතරමගඋගන්ඩා කණ්ඩායමට ගුවන් යානය මග හැරීමේ හේතුව මත ඊයේ වන විටත් තරගාවලියට එක් නොවූහ. සංවිධායකයන් පැවැසූවේ උගන්ඩා කණ්ඩායම ඊයේ රාත්‍රිය වන විට සිංගප්පූරුවට පැමිණෙනු ඇති බවයි. කෙසේ වුවද ඊයේ ඇමෙරිකාව සමග තරගයට උගන්ඩාව සහභාගී නොවූයෙන් ඇමෙරිකාවට නිතරග ජයක් හිමි විය.උගන්ඩා තරගය වෙනුවට ඇමෙරිකාව හා සිංගප්පූරු ‘ඒ’ කණ්ඩායම් අතර ප්‍රදර්ශන තරගයක් පැවැත්වුණි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=s1312022
|
ආසියානු කාන්තා බාස්කට්බෝල් ශූරතාව චීනයට
|
නිරෝෂාන් ප්‍රියංකර
|
ආසියානු බාස්කට්බෝල් සංගමය හා ශ්‍රී ලංකා බාස්කට්බෝල් සංගමය එක්ව සංවිධාන කළ තුන්වැනි 16න් පහළ කාන්තා බාස්කට්බෝල් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට චීනය සමත්විය.කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී චීනය හමුවේ ජපානය ලකුණු 62-50ක් ලෙස පරාජයට පත්විය. තරගයේ පළමු කාර්තුව නිමාවනවිට ලකුණු 9-17ක් ලෙස චීනය පසුපසින් සිටියේය. දෙවැනි කාර්තුවේදී ක්‍රියාත්මක වු චීන ක්‍රීඩිකාවන් ලකුණු 21ක් ලබාගත්තේ ජපානයට ලකුණු 10ක් පමණක් ලබාගැනීමට අවස්ථාව දෙමිනි. ඒ අනුව පළමු භාගයේදී චීනය 30-28ක් ලෙස ඉදිරියට පැමිණියේය.තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා චීන තායිපේ කණ්ඩායම සමග පැවැති තරගයෙන් ජයගැනීමට කොරියාව සමත්විය. තරගයේ මුල සිටම පෙරමුණ ගැනීමට කොරියාව සමත්ව සිටියේය. අවසන් කාර්තුවේදී සම ලකුණු (19) ලබාගත්තද තෙවැනි කාර්තුවේදී කොරියාව තායිපේ පිලට වඩා ලකුණු 21ක් ඉදිරියෙන් පසුවිණි.ඒ අනුව තරගාවලියේ පළමු ස්ථාන තුන හිමිකර ගත් චිනය, ජපානය හා කොරියාව ලබන වසරේ ස්ලොවැක් ජනරජයේ පැවැත්වීමට නියමිත 17න් පහළ ලෝක කාන්තා බාස්කට්බෝල් ශූරතාවලියට ආසියාවෙන් සහභාගීවන කණ්ඩායම් ලෙස තේරී පත්වුහ.සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් කසකස්තානය පරාජය කළ ඉන්දියාවත්, මැලේසියාව පරාජය කළ තායිලන්තයත් ජය අත්කර ගත්තේය.කණ්ඩායම් 12ක් සහභාගීවු තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමිවුයේ අවසන් ස්ථානයයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=s1312023
|
ආසියා රගර් සංගමයේ ලේකම් තනතුර අසංගට
|
ෆවුස් මොහොමඩ්
|
මෙරට රගර් ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලමින් ශ්‍රී ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා ආසියානු රගර් සංගමයේ ලේකම් තනතුරට නිතරගයෙන් පත්වී සිටියි.ඉන්දියා හා ජපාන රගර් සංගම් මගින් ආසියානු රගර් සංගමයේ ලේකම් ධුරයට අසංග සෙනෙවිරත්න මහතාගේ නම යෝජනා කර ඇති අතර එය ස්ථීර කරනු ලැබ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසිනි. මේ මස 6 දින සිට 8දක්වා කාම්බෝජියාවේ පැවැත්වෙන ආසියානු රගර් සංගමයේ වාර්ෂික මහ සමුළුවේ දී සෙනෙවිරත්න මහතාට නව තනතුර පිරිනැමෙනු ඇත.ශ්‍රී ලංකා රගර් සංගමයේ සභාපතිධුරය දරමින් දේශීය රගර් ක්‍රීඩාව නඟාසිටුවීමට කැපවීමෙන් හා උනන්දුවෙන් යුතුව කටයුතු කරන ඒ මහතා පසුගිය වසර කීපය තුළ අන්තර්ජාතික මට්ටමේ අවධානයක් රගර් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අත්කරදීමට සමත්විය.මේ වසරේ ආසියානු සත් සාමාජික රගර් පිටියේ ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් ඉදිරියට පැමිණිමත්, පළමුවරට 15සාමාජික ජාත්‍යන්තර තරගාවලියක් (සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය) ශ්‍රී ලංකාවේ පැවැත්වීමත් ඒ මහතාගේ මඟපෙන්වීම අනුව සිදුවිය.විශිෂ්ට පරිපාලන නිලධාරියකු වන අසංග සෙනෙවිරත්න මහතා ආසියානු රගර් සංගමයේ ලේකම්ධුරයට පත්වීම ආසියාවේ රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධියට මෙන්ම දේශීය රගර් ක්‍රීඩාවට ජාත්‍යන්තරයේ දායකත්වය වැඩි වැඩියෙන් ලබා ගැනීමට ද හේතුවක් වනු ඇතැයි රගර් ක්‍රීඩා ප්‍රවීණයෝ පවසති..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=s1312024
|
රාගම ක්‍රිකට් කණ්ඩායමට‘මල්ටි ෆයිනෑන්ස්’ අනුග්‍රහය
|
ෆවුස් මොහොමඩ්
|
අන්තර් සමාජ පළමු කොටසේ ප්‍රිමියර් එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වී සිටින ප්‍රබලතම කණ්ඩායමක් වන රාගම ක්‍රීඩා සමාජයට යලිත් වරක් අනුග්‍රාහකත්වය ලබා දීමට මල්ටි ෆයිනෑන්ස් සමාගම ඉදිරිපත්වී සිටියි.දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායමක් ලෙස ප්‍රචලිත රාගම ක්‍රිකට් පිල පසුගිය වසරේ අන්තර් සමාජ එක්දින ශූරයන් ද වේ.මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භ කළ අන්තර් සමාජ පළමු කොටසේ කණ්ඩායම්වලට මූල්‍යමය දායකත්වය ලබාගැනීමේ සැලසුම අනුව රාගම ක්‍රීකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීමට මල්ටි ෆයිනෑන්ස් ආයතනය ඉදිරිපත් වූ අතර 2013-14 තරගවාරය සඳහා එය නැවතත් දීර්ඝ කරනු ලැබීය.සමීර සොයිසාගේ නායකත්වයෙන් මෙවර තරගබිමට පිවිසෙන රාගම කණ්ඩායමට ළහිරු තිරිමාන්න, මාලිංග බණ්ඩාර, උදාර ජයසුන්දර, මයිකල් වැන්ඩොට්, ඉයන් ඩැනියෙල්, චතුර පීරිස්, සජීව වීරකෝන්, නිලූෂාන් නෝනිස් වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් එක්වී සිටිති. ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා රාගම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=s1312025
|
යුද හමුදාවෙන් පාණදුරට ප්‍රහාරයක්
|
නිරෝෂාන් ප්‍රියංකර
|
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පාණදුර ක්‍රීඩා සමාජය සමග පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත්විය.පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාණදුර ක්‍රීඩා සමාජයට ඕවර 22.2කදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 60ක් පමණි.පාණදුර ඉනිම බිඳ දැමු රවින්ද්‍ර පල්ලේගුරුගේ ඕවර 2.2ක් යවමින් කිසිදු ලකුණක් ලබානොදී කඩුලු 4ක් බිඳ දැමීම ඊයේ තරගයේදී කැපී පෙනුණි. ඔහුට අනගි සහයක් ලබාදුන් අජන්ත මෙන්ඩිස් කඩුලු 3ක් හා සීකුගේ ප්‍රසන්න කඩුලු 2ක් දවාගත්තේය. ජයග්‍රාහී ඉලක්කය ඕවර 14.2ක් තුළ කඩුලු 2ක් දැවී තිබියදී සපුරාලීමට යුද හමුදාවට හැකිවිණි.කෝල්ට්ස් කඩුලු 7කින් ජයගනීකෝල්ට්ස් පිටියේ පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට කෝල්ට්ස් පිලට හැකිවිය.බදුරලිය පිල ලකුණු 81කට සීමාවිය. තිසර පෙරේරා හා දිල්රුවන් පෙරේරා කඩුලු 3 බැගින් දවාගත්හ. කඩුලු 3ක් බිඳවැටී ලකුණු 82ක් රැස් කළ කෝල්ට්ස් පිල වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 41ක් රැස් කළේය.නිලන්ක-ළහිරු විශිෂ්ට පන්දු යැවීමකනිලන්ක ප්‍රේමරත්න හා ළහිරු ජයරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොළඹ ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයෙන් ලකුණු 113ක ජයක් හිමිකර ගැනීමට රාගම ක්‍රීඩා සමාජය සමත්විය.ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ පළමු පන්දුවට පහරදුන් රාගම පිල කඩුලු 4කට ලකුණු 207ක් රැස්කළ අතර පිළිතුරු ලෙස කොළඹ ක්‍රීඩා සමාජය ලබාගත හැකිවුයේ ලකුණු 94ක් පමණි. කොළඹ පිලට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිතරවු නිලන්ක ප්‍රේමරත්න ලකුණු 23කට කඩුලු 5ක් දවාගත් අතර ළහිරු ජයරත්න ලකුණු 21කට කඩුලු 4ක් දවාගත්තේය.එන්.සී.සී.පිලට ජයනිරෝෂන් දික්වැල්ලගේ සහ කුමාර් සංගක්කාරගේ විශිෂ්ට පිති හරඹයන් හේතුවෙන් බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව ලකුණු 85ක ජයක් වාර්තා කිරීමට එන්.සී.සී පිල සමත්විය.එන්.සී.සී පිල ලබාගත් ලකුණු 315ට පිළිතුරු ලෙස ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 37.3කදී ලකුණු 263ක ඉලක්කයක් බ්ලූම්ෆීල්ඩ් පිලට හිමිවිය. ඒ වනවිට ඔවුන් ලබාසිටියේ ලකුණු 178ක් පමණි.එන්.සී.සී පිල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල පන්දු 133කින් ලකුණු 133ක් රැස් කළේය. ඊට හතරේ පහර 13ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය. කුමාර් සංගක්කාර ලකුණු 102ක් රැස්කළේය.මේ අතර ඊයේ පැවැති මුවර්ස්-ද්‍රවිඩ සංගම් තරග ජය පරාජයෙන් තොරවු අතර වරාය අධිකාරි-එස්.එස්.සී තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=s1312026
|
මහනුවර-නාවික අපරාජිතව ඉදිරියට
| null |
අන්තර් සමාජ ඩයලොග් ලීග් රගර් පළමු කොටසේ තරගාවලියේ තුන්වැනි වටය යටතේ ඊයේ නිත්තවෙල පිටියේ පැවැති තරගයෙන් යුද හමුදා පිල පරදවා ලකුණු 38-25ක ජයක් අත්කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය. ගෝල් 3ක්, උත්සාහක දිනුමක්, දඬුවම් පහර 3ක් හා ඩ්‍රොප් ගෝලයක් මගින් මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව සම්පූර්ණවූ අතර යුද හමුදාව ගෝලයක්, උත්සාහක දිනුම් 3ක් හා දඬුවම් පහරක් රැස් කළේය.නාවිකයෝ ජය ලබතිඅප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 24-15ක ජයක් අත්කරගත් නාවික හමුදා කණ්ඩායම සිය අපරාජිතභාවය තවදුරටත් රැක ගැනීමට සමත්විය.නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 15 -14ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක අප්කන්ට්‍රි ලයන්ස් පිල සමත්වූවද දෙවැනි භාගයේ දී ඔවුන් අබිබවා ගිය නාවිකයෝ ආක්‍රමණශීලී තරග රටාවක නිරතවෙමින් ජයග්‍රහණය වාර්තා කළේය. ගෝලයක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහර 4ක් නාවික හමුදා කණ්ඩායම රැස් කළ අතර අප්කන්ට්‍රි ලයන්ස් පිල වාර්තා කළේ ගෝලයක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් පමණි.සී.ආර්.පිලට වාර්තාගත ජයක්මේ අතර සී.එච්.පිලට එරෙහිව ලකුණු 81-10ක වාර්තාගත ජයක් අත්කර ගැනීමට සී.ආර්.පිල සමත්විය. රාජකීය විදුහල් පිටියේ පැවැති මේ තරගයේ දී මෙතෙක් වාර්තාවූ දැවැන්තම ජයග්‍රහණය මෙය විය. සී.ආර්.පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 8ක් හා උත්සාහක දිනුම් 5ක් ඇතුලත් විය. සී.එච්.පිල ගෝලයක් හා දඬුවම් පහරක් රැස් කළේය. පළමු භාගය නිමාවට පත්වූයේ ලකුණු 47-3ක් ලෙස සී.ආර්.පිලට වැඩි ගෞරවය අත්කර දෙමින්ය.සඳුන් හේරත්ගෙන්උත්සාහක දිනුම් 4ක්ගුවන් හමුදා කණ්ඩායම සමග හැව්ලොක්ස් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 48-8ක ජයක් අත්කර ගැනීමට හැව්ලොක්ස් පිල සමත්විය.ජාතික සත් සාමාජික ක්‍රීඩක සඳුන් හේරත් හැව්ලොක්ස් පිල වෙනුවෙන් උත්සාහක දිනුම් 4ක් වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය. පළමු භාගය නිමාවනවිට ලකුණු 24-8ක් ලෙස පෙරමුණ ගත් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ගෝල් 4ක් හා උත්සාහක දිනුම් 4ක් වාර්තා කළහ. ගුවන් හමුදා පිල උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් වාර්තා කළේය.පොලිසියට 12-9ක ජයක්‍පොලිස් කණ්ඩායම සහ හම්බන්තොට ෂාක්ස් කණ්ඩායම අතර බෙලිඅත්ත ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු භාගය අවසානයේ දී ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඒ වනවිට ලකුණු 12-9ක් ලෙස පෙරමුණ ගත් පොලිස් කණ්ඩායමට ජය හිමිකර දෙමින් තරගය නතරකිරීමට සංවිධායකයන් පියවර ගත්හ.පොලිස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක් හා උත්සාහක දිනුමක් ඇතුලත්වූ අතර හම්බන්තොට ෂාක්ස් පිල රැස් කළේ දඬුවම් පහර 3ක් පමණි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=f1312021
|
කොයි අතින් බැලුවත්මේ අය - වැයඉතා සාර්ථකයි
|
සාකච්ඡා කළේ ධම්මික සෙනෙවිරත්න
|
2014 වර්ෂය සඳහා ඉදිරිපත් වූ අයවැය පිළිබඳ විග්‍රහයක යෙදෙමින් අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සමඟ කළ සංවාදයකි.* මෙවර අය-වැය පිළිබඳ ඔබේ දැක්ම කෙබඳු ද?මේ අය-වැයේ ප්‍රධාන ඉලක්කය අපේ රට දැනට ලබා ඇති ආර්ථික ජයග්‍රහණ නොකඩවා ඉදිරියට ගෙන යාම. අයවැයක මූලික අංග දෙකක් ඇතුළත්. එකක් නම් යෝජිත වර්ෂයේ (2014) අය සහ වැය පිළිබඳ විමර්ශනය. අනෙක යෝජිත වර්ෂයට අදාළ වන්නා වූ ආර්ථික ප්‍රවණතා මධ්‍ය කාලීනව හා දීර්ඝ කාලීනව ඉදිරියට ගෙන යන උපාය මාර්ග හා අභිප්‍රායන් මොනවාදැයි විස්තර කිරීම. මේ නිසා අයවැයක් එක් වර්ෂයක් පිළිබඳ වන අතරම, එය නුදුරු මධ්‍ය කාලීන අනාගත සැලැසුම් පිළිබඳ ප්‍රකාශනයක්.අපේ අභිප්‍රාය වන ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය සහ මධ්‍යම මට්ටමේ සංවර්ධනය වන රටක් බවට පත්වීම ගැන මුලින්ම කතා කරමු. පසුගිය වසර ගත්තොත්, අපි 6.4% ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගත්තා. ඊට පෙර වසර හයේදීම 7% ක පමණ වර්ධනයක් පෙන්නුම් කළා. 6.4% ක වර්ධනයක් ලබාගත්තේ, ඉතා දුෂ්කර පරිසරයක් තුළ. බටහිර ආර්ථිකය කඩාවැටීම, තෙල් මිල ඉහළ යාම, දැඩි නියං කාලය ආදී කාරණා අතර මේ වර්ධන වේගය ලබාගැනීම තුළින් පෙනෙන්නේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක ඇති බවයි.ඊට හොඳම සාක්ෂිය තමයි අපි මේ වර්ෂයේදී (2013) නැවතත් බාහිර අභියෝග අභිබවා යමින් 7% - 8% ක වර්ධනයක් ලබාගැනීම. 2014 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයෙනුත් අපි ඒ වර්ධන වේගය පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා.ලෝකයේම ආර්ථික වර්ධන වේගය අඩු මට්ටමක තියෙද්දී ශ්‍රී ලංකාවට ඉහළ මට්ටමක වර්ධනයක් පෙන්වීමට හැකි වෙලා තිබෙනවා. ආසියාවෙන්ම අප අබිබවා යන්නේ චීනය පමණයි. ඉන්දියාව කලින් හොඳ වර්ධන වේගයක් පෙන්වූවත්, අද වන විට එය පහත වැටිලා. අපි මේ ආර්ථික වර්ධන වේගය ලබාගත්තේ උද්ධමනයත් සීමා කරමිනුයි. 2014 දී අපේක්ෂිත උද්ධමනය 5% - 6% ට සීමා කරන්න බලාපොරොත්තු වෙනවා.සාමාන්‍යයෙන් ආර්ථික දියුණුව ලකුණු කරන සාධකයක් තමයි, සංවර්ධන වේගය උද්ධමන වේගයට වඩා ඉහළින් රඳවා ගැනීම. සංවර්ධනය හා උද්ධමනය කියන දෙකම කළමනාකරණය කළ යුතුයි. විපක්ෂය කියන විදියට උද්ධමනය දැඩි ලෙස පාලනය කරන්න පුළුවන් වෙන්නෙ, සංවර්ධනය අතහැරලයි. ඒත් ආර්ථික කළමනාකරණය කියන්නෙ මේ දෙකම සමබරව ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව බලන කොට, අපේ ආර්ථික සැලසුම් ඉතා සාර්ථකයි.ආර්ථිකය විග්‍රහ කරන විට සාමාන්‍යයෙන් අංශ 3 ක් වෙත අවධානය යොමු කරනවා. ඒ කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන අංශයි. අපේ අරමුණ මේ ක්ෂේත්‍ර තුනේම ප්‍රතිපත්ති සැකසීම තුළින් ශීඝ්‍රව වර්ධනය කිරීමයි.* රාජ්‍ය හා පෞද්ගලික අංශය කෙරෙහි ඇති අවධානය හැරුණු විට සෙසු ජනකොටස් සඳහා ලබා දී ඇති සහන ගැන ඔබ මොකද කියන්නෙ?බොහෝ දෙනෙක් කතා කරන්නේ වැටුප්, ජීවන වියදම් දීමනා, විශ්‍රාම වැටුප් වැනි දේ ගැනයි. හැබැයි, මේ රටේ වැඩිම ජනකොටස එනම්, 65% ක් ශ්‍රමික ජනතාව යෙදී සිටින්නේ ස්වයංරැකියාවලයි. ඉතිරි 35% තමයි රාජ්‍ය අංශයට 10% ක් හා පෞද්ගලික අංශයට 25% ක් ලෙස බෙදෙන්නෙ. මේ නිසා අය-වැයක් විග්‍රහ කිරීමේදී, දැනටමත් යම් යම් වරප්‍රසාද භුක්ති විඳින රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් පමණක් මුල්කරගෙන කෙරෙන විග්‍රහ, හුදෙක් දේශපාලන අරමුණු ඇතිව කෙරෙන ඒවා මිස, අන් යමක් නෙවෙයි. ශීඝ්‍ර සංවර්ධනයේ ප්‍රතිලාභ ගැන වැඩියෙන් හඬ නොනඟන පිරිස මේ ස්වයංරැකියාවන්හි නියුතු කණ්ඩායමයි. ගොවීන්, සුළු වෙළෙන්දන්, කාර්මිකයන්, ගම්බද ව්‍යවසායකයන් වැනි පිරිස් නියෝජනය වෙන්නේ මේ කණ්ඩායමෙන්. අය-වැයෙන් ඔවුන්ට ලබා දී ඇති වරප්‍රසාද හා සහන ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ.* අයවැයෙන් ඇඟට දැනෙන දෙයක් ලැබී නැති බවටත් විවේචන තිබෙනවා නේද?ඇඟට දැනෙන පළමු දේ තමයි මුළු රටටම විදුලිය ලබාදීමට අපට හැකිවීම. අපේ රජය බලයට පත් වන විට 35% ට අඩු ප්‍රමාණයකට විදුලිය තිබුණෙ නෑ. විදුලිය බොහෝ විට නාගරික වරප්‍රසාදයක් වුණා. ඒත්, අද සෑම ගමකටම, පන්සලකටම, පාසලකටම වගේ විදුලිය තිබෙනවා. එහි අතුරු ප්‍රතිඵල ලෙස රූපවාහිනි, රේඩියෝ, ශීතකරණ ආදී දේවලුත් අද ගමට ගිහින්. මේ දේ ඇඟට දැනෙන වෙනසක් නෙවෙයිද? විදුලිය දුන්නා විතරක් නෙවෙයි, අඛණ්ඩවම දවස පුරා විදුලිය ලැබෙනවා. වෙන රටවල් වර්ණනා කරනා විපක්ෂය, ඒ රටවල් එහෙම අඛණ්ඩව විදුලිය දෙනවා දැයි කියන්නෙ නෑ.ඊළඟ ඇඟට දැනෙන දේ තමයි, අධ්‍යාපනය හා සෞඛ්‍යයට මේ තරම් රාජ්‍ය මුදල් යොදවන්නෙ ලෝකයේ වෙන මොන රටේද? බාලාංශයේ පටන් උපාධිය දක්වාම අධ්‍යාපනය නොමිලේ. නිදහස් සෞඛ්‍ය පහසුකම් ජනතාව වෙනුවෙන් ලබාදීමත් සිදුවෙනවා. වැඩි වැඩියෙන් මේවාට මුදල් ආයෝජනය කරමින්, ඒවා පවත්වාගෙන යාම ඇඟට දැනෙන සහනයක් නෙවෙයිද? ඉස්සර මඩ ගොහොරුවලින් පැන පාසල් ගිය දරුවො අද කොන්ක්‍රීට් පාරෙන් පාසල් යනවා. මේවා ඇඟට දැනෙන සහන නෙවෙයිද? මේවා සහන නෙවෙයි කියනවා නම් එහෙම කියන්නෙ වරප්‍රසාද ලත් කොටස පමණයි.* කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මේ අය-වැයෙන් යොමුකර ඇති අවධානය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක් ද?අපේ රජය විශාල වියදමක් දරාගෙන පොහොර සහනාධාරය ලබාදෙමින් සිටිනවා. පොහොර, සමෘද්ධි ආදී සහනාධාර සඳහා රජය රුපියල් බිලියන 267 ක් වැය කරනවා. දැන් පොහොර සහනාධාරය වී වලට පමණක් නෙමෙයි, වෙනත් බෝගවලටත් ලබා දෙනවා. 2013 යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2 ක්. මෙය ශ්‍රී ලංකාවේ වාර්තාගත වී අස්වැන්නක්. මේ වෙනකොට අපේ රට සහලින්, බඩඉරිඟුවලින් සහ කුකුළු මස්වලින් ස්වයංපෝෂිතයි. අපේ අරමුණ බඩඉරිඟු, සෝයා, මුංඇට, ලොකු ලූණු, අල, එළවළු සහ පලතුරුවලිනුත් ස්වයංපෝෂිත වීමයි.ඒ වගේම කිරි, බිත්තර, මාළු ආදී නිෂ්පාදනත් දැන් වර්ධනීය මට්ටමක තියෙනවා. එය තව තවත් ඉහළ නැංවීමට අවශ්‍ය යෝජනා මේ අයවැයේ අන්තර්ගතයි. ගොවි විශ්‍රාම රක්ෂණ ක්‍රමය ස්ථාපිත කිරීම නිසා අවුරුදු 63 ට වැඩි මේ රක්ෂණ ක්‍රමය හා සම්බන්ධ ගොවි මහත්වරුන්ට මාසිකව රු. 1250/- ක දීමනාවක් ලැබෙනවා. මීට කලින් දුන්නේ රුපියල් 500/- යි. මේ දේවල්වලට අමතරව බීජ වර්ග, තේ - රබර් පැළ ආදිය සඳහාත් සහන සලසා තිබෙනවා.* ඇතැම් ආහාර වර්ග සඳහා බදු පනවා තිබීම පැහැදිලි කළ හැකිද?මෙතැනදී ඉතාමත් අවශ්‍ය ප්‍රකාශයක් කරන්න මම කැමැතියි. ඇතැම් ආහාර වර්ග මත බදු පැනවීම විශාල ප්‍රශ්නයක් ලෙස විපක්ෂය උලුප්පා දක්වනවා. නමුත්, ඇත්ත තත්ත්වය තමයි මේ බද්ද අදාළ වෙන්නෙ පිටරටින් එන ආහාරවලට පමණයි කියන එක. ඒ ආහාරවලට සමාන දේශීය ආහාරවලට කිසිම බද්දක් නෑ. උදාහරණයක් හැටියට මාලදිවයිනෙන් එන උම්බලකඩවලට, තායිලන්තයෙන් එන හාල්මැස්සන්ට රේගුවෙන් මේ බද්ද ගහද්දි, මෙහෙ උම්බලකඩ, හාල්මැස්සන්ට, කරවලවලට කිසිම බද්දක් නෑ. කොළඹ ඉඳන් හම්බන්තොටට යද්දී, දේශීය කරවල, උම්බලකඩ පාර අයිනෙ තැන් තැන්වල විකුණන තැන් කොච්චරවත් තියෙනවා.මේ ඉතාමත් වටිනා එඩිතර දේශීය නිෂ්පාදකයන් - වෙළෙන්දන් අපි අගය කළ යුතුයි. විපක්ෂය අද මේ ගැන කෑ මොර ගැහුවාට ඔය බද්ද නොදැම්මා නම් මේ නිෂ්පාදකයො, වෙළෙන්දො සේදී යනවා. ඒ නිසා මේවා ලාබෙට කන්න ඕන නම් අපට තියෙන්නෙ ආසන්නම තියෙන මුහුදුකරයෙන් අපේ හාල්මැස්සන්, කරවල, උම්බලකඩ මිලට ගන්න එකයි. ඒවායේ මිල වැඩිවුණේ නෑ. මේ බද්ද පැනවීම නිසා තව අවුරුදු 2 – 3 ක් යද්දී අපි කරවල නිෂ්පාදනවලින් ස්වයංපෝෂීත වනවා විතරක් නෙවෙයි, පිටරටටත් යවන්න පුළුවන් වෙනවා. ඒ නිසා මට අහන්න තියෙන්නෙ උම්බලකඩ කන්න මාලදිවයින දිහාත්, හාල්මැස්සන් කන්න තායිලන්තය දිහාත් බලාගෙන ඉන්නවා තරම් අමනෝඥ වැඩක් තවත් ඇද්ද කියලයි.අද ජේ. වී. පී. යයි, යූ. එන්. පී. යයි අය-වැයට විරුද්ධව පෙළපාලි යන්න කතා කරන්නෙ දේශීය නිෂ්පාදකයා ගැන හිතලා නෙවෙයි, පිටරටවල් ගැන හිතලා. මෙතැනදි දෙන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි රතුපස්වල කම්හලේ සිද්ධිය. ඒ නිසා අද මුළු රබර් කර්මාන්තයම කඩා වැටිලා. කිලෝව රුපියල් 550/- ට විතර ගිය රබර් ෂීට්, අද රුපියල් 250/- ට විතර බැහැලා. ඒ නිසා මගේ මතය නම් මේ රටේ රබර් වවන සුළු පරිමාණ වැවිලිකරුවන්, රබර් වෙළෙඳුන්, ප්‍රවාහනකරුවන් ආදී මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත පොඩි මිනිස්සු යූ. එන්. පී. යටත්, ජ. වි. පෙ. ටත් ශාප කළ යුතු බවයි. දේශීය ව්‍යවසායකයන්ට නැඟී සිටීමට ඉඩ නොදෙන ආර්ථික ඝාතකයන් වන මේ උදවියට එරෙහි විය යුතුයි.* කර්මාන්ත හා සේවා අංශ පිළිබඳ අය-වැයේ අවධානය කෙබඳුද?බටහිර රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා කර්මාන්ත ක්ෂේත්‍රයට අභියෝගයක් තියෙන්නෙ. ඒ රටවල් ආනයන සීමා කරලා. ඒ නිසා ජාත්‍යන්තර වෙෙළඳ පොළට ඇතුල්වීම පෙරටත් වඩා අභියෝගාත්මකයි. නමුත් වාසනාවට අපට දක්ෂ කළමනාකරුවන් සිටින නිසා ඇඟලුම්, තේ, විදුලි උපකරණ ආදී අංශ ගණනාවකින් ජාත්‍යන්තර වෙළෙඳ පොළට යාමට හැකි වී තිබෙනවා. මේ කර්මාන්ත සඳහා මෙවර අයවැයෙන් අතහිත දී තිබෙනවා.* අය-වැය පරතරය අවම කර ගැනීම ගැනත් කෙටියෙන් යමක් කිව හැකිද?මූල්‍ය කළමනාකරණය ගැන දීර්ඝව පැහැදිලි කරන්න යන්නෙ නෑ. ඒත් අය-වැය පරතරය සීමා කරගැනීම අතිනුත් අපි සාර්ථක බව කියන්න ඕන. කලකට පෙර දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් විතර වුණු අපේ අයවැය පරතරය, දැන් 5.8% මට්ටමට අඩු කරගෙන තිබෙනවා. ෙමය ඓතිහාසික ජයග්‍රහණයක්. 2014 දී එය 5.2% ට ගෙනැත් 2016 වෙනකොට 3.8% ට අඩුකරන්න අපි අපේක්ෂා කරනවා. මේ තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය කළමනාකරණ අංශවලත් ප්‍රසාදයට ලක්වුණා. මේ අනුව බලනකොට මේ අය-වැය කොයි අතින් බැලුවත් ඉතා සාර්ථකයි..
|
NEWSPAPER
|
2013.12.02
|
http://www.dinamina.lk/2013/12/02/_art.asp?fn=f1312022
|
ආර්ථික යුද්ධය ජය ගැනීමේසුබ ආරංචිය
|
ජනතා මිත්‍ර
|
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය නූල කැඩුණු සරුංගලයක් වගේ” යැයි හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ප්‍රකාශ කළේ වරක් සමඟි පෙරමුණු ආණ්ඩුව වෙනුවෙන් අය - වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. නූල කැඩුණු සරුංගලයකට සිදු වන්නේ කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර ගණනාවක් පැවතුණේ ඒ ආකාරයෙනි.1948 වසරේ නිදහස ලැබුණු පසුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගමන් කළේ අභියෝග රැසක් මධ්‍යයේය. වසර ගණනාවක් යටත් විජිතයක්ව පැවතීම ඊට ප්‍රධාන හේතුවකි. නමුත් යටත් විජිත වශයෙන් වසර ගණනාවක් පැවති ඇතැම් රටවල් ඒ යටත්විජිත මානසිකත්වයෙන් මිදී තම රටට අනන්‍ය වූ ආර්ථික රටාවක් සොයාගෙන සාර්ථක වූ අවස්ථා කොතෙකුත් ඇත.ශ්‍රී ලංකාවේ පැවති සංවෘත ආර්ථිකය විවෘත වූයේ 1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වීමත් සමඟය. ඊට පෙර තිබුණේ “සියරට දේ සිරි සැපදේ” තේමාව යටතේ දේශීය ආර්ථීකය නඟාසිටුවීම සඳහා යයි පවසමින් සමඟි පෙරමුණු ආණ්ඩුව ගෙන ගිය ආර්ථික ක්‍රියාවලියයි.එහිදී ඕනෑවට වඩා සංවෘතවීම ද පොදු මහජනතාවට එතරම් දිරවූවේ නැත. එම ආර්ථිකයේ හිඩැස් වැසීමට සමඟි පෙරමුණු ආණ්ඩුව කඩිනමින් ක්‍රියා කළේ නම් 1977 මහ මැතිවරණයේදී ඔවුන්ට අන්ත පරාජයක් හිමි නොවනු ඇත. පෝලිම් යුගයට අකමැති වූ ජනතාව 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන එති. නමුත් සමඟි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය අමාරුවෙන් හෝ තවත් වසර කිහිපයක් ගෙන යාමට මේ රටේ පොදු ජනතාව තීරණය කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසි මඟකට යොමුකර දේශීය ආර්ථිකය, ජාතික නිෂ්පාදනය හොඳ මට්ටමකට ගෙන ඒමට හැකිවන බව අදටත් ඇතැම් ආර්ථික විශේෂඥයෝ ප්‍රකාශ කරති.පෝලිම් යුගය අවසන් කරන බවට මැතිවරණ වේදිකාවලදී කෑමොර දුන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් බලය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථීකය විවෘත කරන්නේ කිසිදු සීමාවකින් තොරවය. ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන ආකාරයෙන් වෙළෙඳපොළ විවෘත කිරීම නිසා දේශීය ආර්ථීකය ශක්තිමත් කිරීමට නොහැකි වූ බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ අදටත් ප්‍රකාශ කරති. 1977 වසරේ සිට 1994 දක්වා පුරා වසර 17 ක් පැවතියේ විවෘත ආර්ථිකයයි.මෙම වසර 17 තුළ විවෘත ආර්ථිකය හේතුවෙන් රටට ලැබුණු යහපත් දේට වඩා අයහපත් දේවල් බොහෝය. වෙළඳපොළ විවෘත කිරීමත් සමඟ සෑම භාණ්ඩයක්ම ආනයනය කිරීමට හැකි වූ අතර දේශීය වෙළෙඳපොළ, ජාතික ආර්ථිකය, රටේ ආදායම නිවැරදි ආකාරයෙන් ශක්තිමත් කිරීම සඳහා කිසිදු දැක්මක් හෝ සැලැස්මක් නොවීය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වරක් ප්‍රකාශ කළ නූල කැඩුණු සරුංගලේ කතාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා හොඳින් ගැළපෙන්නේ විවෘත ආර්ථිකය මෙරට ආර්ථිකයට හඳුන්වා දුන් කාලයේදීය.මෙම නූල කැඩුණු සරුංගලයට කෙසේ හෝ නූල සවි කරමින් මෙරට විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් 1994 වසරේදී එක්සත් ජාතික පක්ෂ පාලනයට තිත තබමින් රටේ පාලන බලය දිනාගන්නේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවයි. නමුත් කැඩුණු සරුංගලයට නූල සම්බන්ධ කිරීමටවත්, විවෘත ආර්ථිකයට මානුෂීක මුහුණුවරක් ලබා දීමටවත් පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට හැකිවෙන්නේ නැත.2001 සිට 2004 දක්වා යළි බලයට පත්වන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සිදු කරන්නේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් විවෘත ආර්ථිකයෙන් ඇවිළුණු ගින්නට පිදුරු දැමීමය. එමඟින් ආර්ථිකය තව තවත් ප්‍රපාතයට ගිය බව අමුතුවෙන් කිව යුතු නැත. 2001 වසරේ ආරම්භයේදී පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව යටතේ රටේ ආර්ථීකය සෘණ වූ අතර එය ධන කිරීමට එක්සත් ජාතික පක්ෂය යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නේ ඉඟුරු දී මිරිස් ගත්තා වැනි ප්‍රස්ථා පිරුළු සිහිපත් කරමිනි.මේ රටේ ආර්ථිකයේ ඉදිරි සැලසුම්, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම, ජාතික ආදායම ශක්තිමත් කර ගැනීම, අය - වැය යෝජනා සකස් කිරීම වැනි රටේ ආර්ථිකයට ඉතා ප්‍රබලව බලපාන අංග සකස් කිරීමට බොහෝ ආණ්ඩු හා රට පාලනය කරන ලද රාජ්‍ය නායක නායිකාවන් ක්‍රියා කළේ කිසිදු දැක්මක් හා සැලැස්මකින් තොරවයි. 2005 වසර වනතුරු මේ රටේ ආර්ථීකය නූල කැඩුණු සරුංගලයක් ලෙස ගමන් කළේ ඒ නිසාය. දේශීය ආර්ථිකය කඩාවැටුණේ ඒ නිසාය. අය - වැය පරතරය දරාගත නොහැකි ආකාරයෙන් වැඩිවුණේ ඒ නිසාය. රාජ්‍ය ආයතන කඩාවැටුණේ ඒ නිසාය. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළේ ඒ නිසාය.නමුත් 2005 ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ “මහින්ද චින්තනය” වැඩසටහනත්, 2010 වසරේදී රට හමුවේ තැබූ “මහින්ද චින්තන ඉදිරි දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මඟිනුත් ආර්ථිකය පමණක් නොව මුළු රටම නව විප්ලවීය පරිවර්තනයකට ලක් කෙරිණි. වසර 30 කට අධික කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වී වසර තුනහමාරක් ගතවන විටය.ත්‍රස්තවාදයෙන් මුළුමනින්ම මුදාගත් රට ශීඝ්‍ර සංවර්ධනයකට පත් කරමින් එම ප්‍රතිලාභ ජනතාවට, රටට ලබා දීමට ද මේ වන විට ක්‍රියා කරමින් සිටී. මහින්ද චින්තන ඉදිරි දැක්ම මේ රටට නිවැරදි දැක්මක් ලබා දී තිබෙන බව මේ වන විට ප්‍රධාන කරුණු 2 ක් ඇතුළු තවත් කරුණු රැසකින් ඔප්පු කර හමාරය. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම, අයවැය හිඟය සැලකිය යුතු මට්ටමින් අඩු කිරීම ඇතුළු රට හා ආර්ථිකය සංවර්ධනය කිරීම වෙනුවෙන් මේ වන විටත් ගෙන ඇති ක්‍රියාමාර්ග බොහෝය.මෙරටට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින් රැසක්ම ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම හා රට ස්ථාවරව පවත්වාගෙන යමින් සංවර්ධනයක් කරා යොමුවීම යන කරුණු පිළිබඳ ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළකිරීම තුළින් මේ බව මනාව කැපී පෙනේ.අයවැය ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරති. පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වාද විවාදවලින් දියවන්නා ඔය ද උණුසුම් වන අවස්ථා ඇත. නමුත් අය - වැය ගැන හරවත් කතාබහක් සිදුවේද යන්න පිළිබඳවද අවධානය යොමුවීම වැදගත් වේ. අය - වැය විවාදය පැවැත්වෙන අවස්ථාවේදී රට පුරා වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කිරීමට ද විරුද්ධ පක්ෂය උත්සාහයක් ගනිමින් සිටී. අය - වැය විවාදය වැඩි වශයෙන් වැදගත් වෙන්නේ විරුද්ධ පක්ෂයටයි. අය - වැය විවාදය ඉල්ලා සිටින්නේ ද විරුද්ධ පක්ෂය විසිනි. නමුත් ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරන විට විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටියේ නැත. නමුත් මේ වන විට අය - වැය සම්බන්ධයෙන් සාධාරණ විවේචන නොමැතිව මඩ ප්‍රහාර එල්ල කරමින් විවාදවලට සහභාගි වන තත්ත්වයක් දක්නට ලැබේ.මෙවර අය - වැය සමස්තයක් වශයෙන් රටේ අනාගතය බලා ඉදිරිපත් කළ අයවැයක් බවත්, එමඟින් රටට හා පොදු ජනතාවට සහන රැසක් සැලසී ඇති බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මෙය දිරවා ගැනීමට නොහැකි විරුද්ධ පක්ෂය සාධාරණ විවේචනවලට නොගොස් මඩ ප්‍රහාර එල්ල කරමින් සුපුරුදු විරෝධතා දක්වයි. එපමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන දියත් කරමින් ඔවුන් සූදානම් වන්නේ ආණ්ඩුව රිදවීමටය. නමුත් සාකච්ඡා මාර්ගයට පිවිසෙන්නේ නොමැතිව අසාධාරණ ලෙස වැඩ වර්ජනවල නිරතවනවාට බහුතරයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති අකමැති නිසා දැනටමත් මෙම විරෝධතාව අසාර්ථක වී තිබේ. මීට අමතරව තවත් ක්ෂේත්‍ර කිහිපයක වැඩවර්ජන ක්‍රියාත්මක කිරීම කෙරෙහිද විරුද්ධ පක්ෂයේ අවධානය යොමුවී තිබේ.පොදු මහජනතාවගේ සැබෑ ගැටලු ගැන කැක්කුමක් විරුද්ධ පක්ෂයට තිබෙනවා නම් ඔවුන් සිදුකළ යුත්තේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ ඒවා පිළිබඳ ඉතා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමයි. නමුත් අවසානයට ඔවුන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන වැඩ වර්ජන ක්‍රියාත්මක කරමින්, මාධ්‍ය හමු පවත්වමින්, මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ කුමක්ද? ජනතාව රවටමින් ඔවුන්ගේ පටු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් විරුද්ධ පක්ෂය නටන නාඩගම රටේ පොදු මහජනතාව ඉතා හොඳින් දනිති.පාර්ලිමේන්තුවේ ජනතා ගැටලු තර්කානුකූලව අදාළ විෂය භාර ඇමැතිවරුන්ට ඉදිරිපත් කර ඒ ඒ අමාත්‍යාංශ හරහා ජනතාව යම් යම් සේවාවන් කිරීම හා සහන සැලසීම සඳහා විරුද්ධ පක්ෂයට ඇති අවස්ථාවෙන් ඔවුන් නිසි ප්‍රයෝජන ගන්නා බවක් නොපෙනේ. මේ සඳහා කථානායකතුමාගේ සහායද ලබා ගැනීමට විපක්ෂයට හැකිය. චමල් රාජපක්ෂ මහතා අපක්ෂපාති කථානායකවරයකු වශයෙන් ක්‍රියා කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පිළිගෙන තිබේ. නමුත් ජනාධිපතිතුමාගේ අය-වැය කතාව හා 2014 වර්ෂයේ අය-වැය යෝජනා ගැන විපක්ෂයට කියන්නට දෙයක් නැති නිසාදෝ ඔවුන් මෙසේ තම වගකීම පැහැරහරින බව සිතිය හැකිය.එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සුපුරුදු අය-වැය විරෝධතා දක්වයි. ඒ ඒ විරෝධතාවල බොහෝ විට දක්නට ලැබෙන්නේ මඩ ගසා ගැනීම්ය. දෙමළ ජාතික සන්ධානයද සුපුරුදු කොටි හඬට පණදීමට අසාර්ථක උත්සාහයක යෙදේ. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පසුගිය 26 වෙනිදා පාර්ලිමේන්තුවේ අය-වැය විවාදයට සහභාගි වෙමින් කියා සිටියේ කොටි නායක ප්‍රභාකරන් ජාතික වීරයකු හා විමුක්තිකාමියකු බවයි. මෙය ඉතා බරපතළ ප්‍රකාශයකි. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී නායකයා මෙසේ හැඳින්විය හැකිද? මියගිය කොටි ත්‍රස්තවාදීන්ට යළි පණදීමේ අරමුණින් පවත්වන මහවිරු දිනය ගැනද සඳහන් කරමින් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත.පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම ජනතා නියෝජිතයකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙන්නේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවට සපථ කරමිනි. එය එසේ වූවත් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් රට බෙදීමට සටන් කළ ත්‍රස්තවාදී කල්ලියක නායකයකු විමුක්තිකාමියකු ලෙස හැඳින්වීමෙන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා උත්සාහ කර ඇත්තේ රට බෙදීමට කැසකවමින් සිටින පිරිසට උල්පන්දම් ලබාදීමයි. එම නිසා ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් පමණක් ඉවත් කර ප්‍රතිචාර දැක්වීම සුදුසු නැත. කළ යුත්තේ කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත්කිරීමට අමතරව ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකර රටේ ඒකීයභාවයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි.මීට පෙරද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙවැනි ප්‍රකාශ කොතෙක් සිදුකර තිබුණද එම ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වනතුරු කිසිදු නීතියක් ක්‍රියාත්මක වී නැත.ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි මේ රටේ ජනතාව ප්‍රශ්න කර සිටිති. එම නිසා රට බෙදීමට උඩගෙඩි දෙන ඕනෑම කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ වගකිවයුත්තන්ගේ සහ ආයතනවල දැඩි අවධානය ඉතා කඩිනමින් යොමුවිය යුතුයි.එසේ නොකළහොත් යළි රට බෙදීමට කැසකවන, බෙදුම්වාදයට කත් අදින පිරිස්වලට ඔවුන්ගේ අරමුණු කරා ගමන් කිරීමට අවශ්‍ය වටපිටාව සඳහා වූ මතවාදයන් ගොඩනැඟෙණු ඇත. ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා, ශ්‍රීධරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කථාව අනුමත නොකරන බව ප්‍රකාශ කිරීම අගය කළ යුතුය. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, තිස්ස අත්තනායක, සෝමවංශ අමරසිංහ, අනුර කුමාර දිසානායක, වික්‍රමබාහු කරුණාරත්න, මනෝ ගනේෂන් යන මහත්වරු ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන තවමත් මුනිවත රකිති.ජනාධිපතිතුමාට, ආණ්ඩුවට, අය වැය යෝජනාවලට එරෙහිව දෙහි කපන මෙම පිරිසට ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ මෙම භයානක ප්‍රකාශය ගැන කිසිදු තැකීමක් නැත්තේ ඇයි? ජනතාවට තිබෙන ප්‍රශ්නයත් ඒකයි. නමුත් පුදුම විය යුතු නැත. විරුද්ධ පක්ෂය මැතිවරණවලදී අන්ත පරාජයන් ලබා තවදුරටත් විරුද්ධ පක්ෂයේ රැඳී සිටින්නේද මෙම නිසාය.අය වැය ගැන කෑගහන හර්ෂ සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, තිස්ස අත්තනායක, අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඇතුළු විරුද්ධ පක්ෂෙය් ජනතා නියෝජිතයන්ට මතක් කර දිය යුතු දෙයක් ඇත.2001 වර්ෂයේ දෙසැම්බර් 05 වෙනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජය ලබාගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2002 වර්ෂය සඳහා අය වැයක් ඉදිරිපත් කළේය. 2001 වර්ෂයේදී රටේ තිබුණු සෘණ ආර්ථිකය ධන කිරීමේ අරමුණෙන් මෙම අය වැය ඉදිරිපත් කළේ එවකට මුදල් ඇමැතිවරයා වශයෙන් සිටි කේ. එන්. ෙචාක්සි මහතාය. විරුද්ධ පක්ෂය වෙනුවෙන් අය වැය විවාදය ආරම්භ කළ එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා “මේක නරි අය වැයක්. නරිමස් චොක්සි මහතා මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. නරිමන්ගේ නරි අය වැය “එන්” අකුරෙන් කියන්නේ නරිමන් කියලා. නරිමන් නොවෙයි, නරිමෑන් කියා නම් හරියට හරි” යනුවෙන් අය වැය විවේචනය කිරීමට පටන් ගත්තේය.මංගල සමරවීර මහතා නරිමන් කියමින් අපහාස කරන විට ෙචාක්සි මහතා අසලින්ම අසුන්ගෙන සිටියේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ මංගල සමරවීර මහතා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ අසල සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විවේචනය කරයි. එතකොට නියම නරිමෑන් කවුද? යන්න අවබෝධ කරගැනීමට එතරම් අපහසු නොවනු ඇත.එදා අය වැයෙන් කිසිදු සහනයක් ලබා දුන්නේ නැත. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දමමින් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසුවේය. රාජ්‍ය අංශයේ කිසිදු රැකියාවක් ලබාදුන්නේ නැත. ත්‍රස්තවාදයටද විසඳුමක් නොවීය. සිදුවූයේ රටත් ජනතාවත් තව තවත් ප්‍රපාතයට යෑම පමණි.නමුත් 2005 සිට මේ දක්වා ඉදිරිපත් කරන ලද සෑම අය වැයකින්ම රට ඉදිරියට ගිය බව ඉතා පැහැදිලිය. 2009 වර්ෂයේදී පැවැති අය වැය හිඟය 9.9%කි. 2012 වසරේදී එය 6.4% දක්වා අඩුවූ අතර 2013 වර්ෂයේදී එය 5.81% දක්වා අඩුවිය. 2014, 2015 වන විට එය 5%කට වඩා අඩුකිරීම මහින්ද චින්තන ඉදිරි දැක්මේ අරමුණයි. ත්‍රස්තවාදයෙන් මුළුමනින්ම නිදහස් කරගත් රට ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරන්නේ සියලු අභියෝග ද ජය ගනිමිනි..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n1312032
|
රාජ්‍ය-පෞද්ගලික කර්මාන්ත නංවන්න රුපියල් කෝටි 1575ක්
|
මහින්ද අලුත්ගෙදර
|
රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා අංශවලට සහාය ලබාදීම වෙනුවෙන් යුරෝ මිලියන 90 ක (රුපියල් කෝටි 1,575) මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා සංගමය තීරණයකර ඇත. විවිධ අංශයන්හි සංවර්ධන කටයුතු වෙනුවෙන් මේ ආධාරය ශ්‍රී ලංකාවට ලබාදෙන අතර ඒ සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ යුරෝපිය සංගමය අතර අත්සන් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.ක්ෂේත්‍ර රැසක සංවර්ධනය වෙනුවෙන් මේ ආධාරය යොදවන බව සදහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් දායකත්වයක් ලබාදෙන කර්මාන්ත, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ප්‍රාදේශීය පෞද්ගලික අංශය සංවර්ධනය වෙනුවෙන් සහාය දක්වන කර්මාන්ත හා සේවා ආදිය ඒ අතර වෙයි.මෙය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් බව පෙන්වාදෙන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දිඟුකාලීන මුදල් යෙදවීම් මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැඩිදියුණු කිරීමත් ගැටුම් අවධියෙන් පසුව නැඟීඑන ආර්ථිකය යළි තහවුරු කිරීමට සහාය වීමත් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණයි.ඒ සමඟම යුරෝපිය සංගමයේ ගෝලීය අරමුණක් වන දේශගුණික විපර්යාස අවම කිරීම සඳහාද මේ ව්‍යාපෘතිය මඟින් දායකත්වය ලබාදෙයි. ඊට අමතරව ශ්‍රී ලංකා රජයේ අරමුණක් වශයෙන් 2015 දී පුනර්ජණනීය විදුලිබල හා බලශක්තිය සපුරා ගැනීමේ ඉලක්කයටද සහාය වෙයි.ඊට අමතරව රැකියා උත්පාදනය, දිළිදුකම දුරළීම හා මානව සුබසාධනය වැනි ක්ෂේත්‍රයන් කෙරෙහිද මුදල් ආයෝජනය කෙරේ. 2005 - 2015 සදහා යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර ප්‍රමාණය දළ වශයෙන් යුරෝ මිලියන 670 ක් පමණ වන අතර එයින් යුරෝ මිලියන 250 ක් යුරෝපා ආයෝජන බැංකුවෙනි..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n1312033
|
නත්තලට අලුත් මුද්දර දෙකක්
|
උපාලි කරුණාරත්න සහ නුවන් කොඩිකාර
|
නත්තල් උත්සවය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් 5.00 සහ 30.00ක වටිනාකමකින් යුතු නව තැපැල් මුද්දර 2ක් නිකුත් කෙරේ.මීට සමඟාමීව මුල් දින කවරය සහ තැපැල් පතක් නිකුත් කෙරිණි.මේ මුද්දර දෙක හලාවත රදගුරු අති උතුම් දේවාශ්‍රිත වැලන්ස් මෙන්දිස් හිමිපාණන් සහ අගමැති, ආචාර්ය දී.මු.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත ආසන දෙව්මැදුරේදී පෙරේදා (01) නිකුත් කරනු ලැබිණ.නව තැපැල් මුද්දර සහිත මුල් දින කවර රුවන් ඉන්ද්‍රජිත් උපසේන මහතා විසින් නිර්මාණය කර ඇති අතර රදගුරු හිමිපාණන් වෙත සහ අගමැතිවරයා වෙත නියෝජ්‍ය තැපැල්පති (වයඹ) ආර්.ප්‍රේමචන්ද්‍ර මහතා විසින් සංකේතාත්මකව පිරිනැමුවේය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n1312034
|
ඇපකරුවන්ට හොරෙන් සැකකරු රට පැනලා
|
සිරිසේන රාජපක්ෂ
|
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකිවූ නිසා හෙරොයින් ජාවාරම්කරුවෙකුට ඇපවූ දෙදෙනකුට මාළිගාකන්ද අතරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා විසින් සැකකරුවන් එකිනෙකාට රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප ඊයේ (02) නියම කරන ලදී.මෙසේ ඇප නියම කෙරුණේ ඇම්.කේ. සුනිල් සහ ආර්.ඒ. සුජීවා නමැති දෙදෙනෙකුටය. හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට මහාධිකරණය මඟින් ඇප ලබා සිටි ඩබ්ලිව්. එම්. මනරංජන නැමැත්තකුට මේ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකකට ඇපවී ඇත.ඇප ලබා සිටි සැකකරු ඇපකරුවන් දෙදෙනාට හොරෙන් රට පැන ඇති නිසා අධිකරණය මගහැර තිබිණ. ඊයේ නඩුව අධිකරණය හමුවේ කථා කළ අවස්ථාවේ සැකකරු අධිකරණයේ නොසිටි බැවින් මහේස්ත්‍රාත්වරයා විසින් ඇපකරුවන් දෙදෙනාට මෙසේ ඇප නියම කරන ලදී.අද රුපියල් පනස් දහස බැගින් ගෙවන ලෙස සැකකරුවන් දෙදෙනාට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉතිරි ලක්ෂ නමය මාස දෙකක් ඇතුළත ගෙවන ලෙසට නියෝග කළේය. එතෙක් සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කර පසුව ඇප නියම කළාය. බොරැල්ල පොලිසියේ රංග මහතා 40172 මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර ලොයිඩ් ඩෙන්සිල් ග්‍රේ මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n1312035
|
සැකකාර නව නිපැයුම්කරුගේ සොහොයුරු පොලිස් ඇප මත
|
සිරන්ජනි කුමාරි
|
BMICHහි උප ශාලාවක ඇති වු ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු ඉලෙක්ට්‍රෝනික හයිබ්‍රිඩ් පෙට්රෝ මැක්ස් කුකරයේ නව නිපැයුම්කරුගේ සහෝදරයා පොලිස් ඇප මත මුදා හැරි බවට කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (2) කොළඹ වැඩබලන ප්‍රධාන මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා වෙත දැනුම් දුන්නේ ය.ගින්නක් හෝ ඇවිලෙන සුළු ද්‍රව්‍යක් පිළිබඳ නොසැලිකිලිමත්ව සිදු වු ගින්නක් සම්බන්ධයෙන් වරද කියා දී සැකකරු අත්අඩංගුවට ගෙන මෙසේ ඇප මත මුදා හැරි බවට පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේ ය.ඉකුත් 30 වන දින සිට 02 වන දින දක්වා ශ්‍රි ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධාන කරනු ලැබු සහසක් නිමැවුම් ප්‍රදර්ශනය හා තරඟය වෙනුවෙන් කුටි 271ක් තිබු බවත්පෙරවරු 10.30ට පමණ හදිසියේ ගින්නක් ඇති වු අතර එය 121 කුටියේ මැක්ස් කුකරයේ ඇති වුවක් බවට පැමිණිල්ලේ සදඳන් වේ.අංක 70 ඩි පල්ලිය වත්ත , උතුර ජා ඇල පදිංචි හෙට්ටිආරච්චිගේ ප්‍රසාද් සංජිව නැමැත්තා මේ උඳුනේ නිර්මාණකරු වන අතර කුකරය ක්‍රියා කිරිම සම්බන්ධයෙන් සිය වැඩිමහල් සහෝදරයා වෙත උපදෙස් ලබා දී ඔහු එදින විභාගයකට පෙනි සිටිමට ගොස් ඇත.මිට අමතරව පෙට්ට්‍රල් ලීටර් 5ක බූලීයක් ද කුටියේ තිබි ඇති අතර එය ගිනී ගැනිම නිසා මේ ගින්න ක්ෂණිකව ක්‍රියාත්මක වි ඇත.මේ ගින්නේන් සැකකරුගේ වම්පාදයේ ඇගිලි පිළිස්සීමකට ලක්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර සඳහා ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවට පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේ ය. එච්. රෝෂන් ඉන්දික නිරෝෂන් නැමැත්තා මෙසේ පොලිස් ඇප මත මුදා හැර තිබේ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n1312036
|
ලක්ෂ 19ක රත්රන් සමඟ අයෙක් කටුනායකදී රේගු දැලේ
|
නිමල් රාජපක්ෂ සහ කටුනායකගුවත්තොටුපළ කුමාරසිරි ප්‍රසාද්
|
චෙන්නායි බලා ගමන්කිරීමට පැමිණි පනස් අට හැවිරිදි පුද්ගලයකුගේ ගුද මාර්ගයේ සඟවා තිබු රුපියල් දහනම ලක්ෂ තිස්පන් දහසක් වටිනා රන්කැබලි හතරක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් ඊයේ (02) අලුයම හතරට පමණ අත්අඩංගුවට ගෙන ඇත.අතඅඩංගුවට ගත් රන්කැබලි හතර ග්‍රෑම් 387ක් බර බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රියදුරකු බවත් රේගු නිලධාරීන් පවසයි. රේගු නිලධාරීන් නොමඟ යැවීමට රන්කැබලි හතර කාබන් කඩදාසිවල ඔතා ගුද මාර්ගයේ සගවා තිබු බවද ලෙස්ලි මහතා පැවසීය.මීට පෙරද කිහිප වතාවක් විදේශ ගතවී ඇති සැකකරු පිළිබඳ පරීක්ෂණ පැවැත්වු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සරත් බෝපේ ආරච්චි මහතා රත්රත් තොගය රාජසන්තක කොට ඇත. සැකකරුට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දඩමුදලක් ගෙවන ලෙස නියම කළේය.රේගු අධිකාරී ඩී.එස් . ප්‍රේමචන්ද්‍ර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරීවරුන්වන මංජුල ප්‍රසාද්, පී. ඤාන මෝහන්, ආර්.ඒ.ඩී. රණතුංග, ඒ.ඒ.ඩී.එල් . රණසිංහ, ඩී.එම්.එස්. කරුණාරත්න, කේ. කේ.ඩී. ප්‍රියදර්ශණී යන අය මේ වැටලීම සිදු කළහ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n1312037
|
ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය අද
|
බුද්ධිකා ඉඹුලාන
|
ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය අදට (03) යෙදී ඇත. මේ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය මේ මස 06දා උදේ 9.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය යෙදෙන අද (03) උදේ 7.30ට මොනරාගල මහානාම විද්‍යාල මංසන්ධියේ සිට මොනරාගල පුස්තකාලය දක්වා පාගමනක් සංවිධාන කර ඇත.කථානායක චමල් රාජපක්ෂ, ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආබාධ සහිත ජනතාවගේ සහභාගීත්වයෙන් මේ පා ගමන පැවැත්වේ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n1312038
|
බීම වර්ග වැඩි මිලට වික්කොත් දඩ
|
විජයානි එදිරිසිංහ
|
දිවයින පුරා අලෙවි කිරීමට ඇති සිසිල් කළ බීම බෝතල්, ජල බෝතල් සහ බීම පැකට් එහි සඳහන් උපරිම ශීත කළ මිලට වඩා වැඩි මිලකට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.පාරිභෝගික අධිකාරියේ වැටලීම් කණ්ඩායම් ඊයේ සිට මේ සම්බන්ධ විශේෂ අවධානය යොමු කර තිබේ.සිසිල් කළ බීම රට පුරා වෙළඳුන් විසින් හිතූ මිල ගණන් වලට අලෙවි කරමින් පාරිභෝගිකයා විශාල වශයෙන් ගසා කන බවට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ පාරිභෝගික අධිකාරියට විශාල වශයෙන් පැමිණිලි ලැබී තිබේ.දිනකට රටපුරා වෙළෙඳ සැල්, හෝටල් සහ වෙනත් ආයතනවලට සිසිල් කළ බීම බෝතල් ලක්ෂ පනහකට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n1312039
|
මුහුදු ප්‍රදේශවලට තද සුළං
|
උදුලා පීරිස්
|
පැයට කිලෝ මීටර් 70ක වේගයෙන් හමායන තද සුළං තත්ත්වය හේතුවෙන් අද (03) ගාල්ල , මඩකළපුව හරහා යාපනය මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළු විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.මේ තත්ත්වය මත මුහුදු හා නාවික කටයුතු සම්බන්ධයෙන් වඩා සැලකිලිමත්වන ලෙසද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.වායු ගෝලයේ කැළඹිලි තත්ත්වය තවමත් පවතින බවද පෙන්වාදෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රටපුරා වැසි අඩුවීමක් පෙන්නුම් කර ඇති බැවින් සුළං අඩුවීමේ හැකියාවක්ද පවතින බවයි.උතුර, නැඟෙනහිර, ඌව, උතුරු මැද පළාත්වල කඩින්කඩ වැසි ඇතිවන බවත් සෙසු ප්‍රදේශවල අපරභාගයේදි ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කියයි. ඒ සමඟ තද සුළං හා ප්‍රබල අකුණු අවධානමක් ඇතිවිය හැකි බැවින්අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න මහතා කියා සිටී. ගාල්ල සිට මඩකළපුව හරහා යාපනය දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළං ඊශාන දෙසින් හමන බවත් දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ පැයට කිලෝ මීටර් 50ක වේගයෙන් විටින්විට රළු ස්වභාවයෙන් සුළං හමනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවඅනාවරණය කර සිටී. .
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120310
|
අද ශාසනේට පූජා කරන්නවත් පවුල්වල ළමයි නෑ: එන්න එන්නම සිංහල ජාතිය වදවීගෙන යනවා
|
තිළිණි අධිකාරි
|
අපි බෞද්ධයෝ විදියට වසර 2300ක ශක්තිමත් ගමනක් ඉදිරියට ඇවිත් තිබෙන අතර බෞද්ධකමත්,සිංහලකමත් ශ්‍රී ලංකාවේ අදීන පෞරුෂය බවට මෙතෙක් පත්ව තිබුණ බවද ශතවර්ෂ කිහිපයක් ඇතුළත සිංහල,බෞද්ධාගමේ ශක්තිය යම් ආකාරයකට නැතිකර අපගේ කොදු නාරටි බිද ආත්මාර්ථකාමි ලෙස,පරගැති චින්තනයෙන් හිතන පිරිසක් බිහිකිරීමට අප රට තුළ යම් පිරිසක් වෙර අදින බවද එහි ප්‍රතිඵල බලා ඔවුන් සතුටු වන බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මේ බව පැවසුවේ ඉකුත්දා දුම්මලසූරිය වතුවත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ පැවැත්වු උඩුබද්දාව එක්සත් බෞද්ධ බල මණ්ඩල මහා සභා රැස්වීමට එක්වෙමිනි.අද සිංහල,බෞද්ධයා පන්සලෙන් ඈත්වි ඇති බවත් බෞද්ධ බල මණ්ඩල පිහිටුවිමට සිදුව ඇත්තේ ඒ හේතුවෙන් බවත් එහිදී උන්වහන්සේ පැවසූහ.වැඩිදුරටත් අදහස් දක්වමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ ද පැවසූහ.එදා අපේ රටට ආවේනික වු කර්මාන්ත තිබුණා.අද වනවිට අපේ රටේ තිබුණ ස්වයංපෝෂිත වගා ක්‍රමය නැති කරගෙන වෙනත් රටවල භාණ්ඩ වලට මුලිකත්වය දීලා තියෙනවා.එදා අපිට ඕනෑ කරන දේ අපි ගමේම වවා ගත්තා.එදා ගෙවත්ත කියන්නේ ඔසු උයනක්.කොස්,දෙල් තිබුන ස්වයංපෝෂිත බිමක්.මේ හැමදේම විනාශ කරලා කඩෙන්ම කන්න තමයි අද මිනිස්සු බලන් ඉන්නේ.බෞද්ධයා අද වනවිට දිනෙන් දිනම බලයෙන්,ධනයෙන් පිරිහෙන කොටසක් බවට පත්වෙලා.එදා පවුල්වල ළමයි හත් අට දෙනෙක් හිටියා.අද ශාසනේට පුජා කරන්නවත් පවුල්වල ළමයි නෑ.එන්න එන්නම සිංහල ජාතිය වදවිගෙන යනවා.ලෙයින්,මසින් හැදුන දරුවෝ ශාසනේට නොදුනනොත් කොහොමද අපි මේ සම්බුද්ධ ශාසනය ඉදිරියට ගෙනියන්නේ.අදවන විට බුද්ධ ශාසනේ විවිධ සංස්කෘතින් බිහිවෙලා තියෙනවා.සමහර අය විවිධ නිකායන් හදාගෙන ඉන්නවා.අද බෞද්ධයව දීන කරන්න ගොඩක් අය බලන් ඉන්නවා.අද බුදුදහම විකෘති කරනවා කෙළවරක් නෑ.ඒ නිසා සෑම බෞද්ධයෙකුගෙන්ම මම ඉල්ලිමක් කරනවා ශ්‍රී සම්බුද්ධ ශාසනය රැකගන්න උනන්දු වෙන්න කියලා..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120311
|
දක්ෂ අදක්ෂ කියා වෙන් නොකර සියලු දරුවන් දැනුමෙන් ඔප මට්ටම් කර සමතුන් කළ යුතුයි
|
මහින්ද අලුත්ගෙදර
|
දක්ෂ දරුවන් පමණක් තෝරාගෙන පාසල්වලට ඇතුළත් කර ගැනීමේ සිරිත වෙනුවට අදක්ෂ දරුවන් ද තෝරාගෙන සමතුන් බවට පත්කිරීමට හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය ගෙන තිබෙන පියවර අගය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.දරුවන් දෙස ඉතා මෛත්‍රී කරුණාවෙන් බලන අධ්‍යාපන ප්‍රතිපත්තියක් එම විද්‍යා පීඨයේ පවත්වාගෙන යන බව පෙන්වා දුන් ඒ මහතා ඉගෙන ගතයුතු කිසිඳු දෙයක් අදාළ නැතැයි පවසා අත්හළ යුතු නැති බවද භික්ෂු අධ්‍යාපනය නිතරම නවීන වියයුතු අතරම අපේ මහ සඟරුවන පාලි, සංස්කෘත මෙන්ම ඉංග්‍රීසි භාෂාව හැදෑරීම අත්‍යවශ්‍ය බවද කීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ නව තෙමහල් රංග ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 1929 වසරේ මැයි මස 29 දා ආරම්භ කර තිබෙන මේ විශ්ව විද්‍යා පීඨය මහා පිරිවෙන්, මූලික පිරිවෙන, පාසල සහ විද්‍යායතන පිරිවෙන යන සියල්ල එකම ස්ථානයක පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම විශ්ව විද්‍යා පීඨය වන අතර එම පීඨ ඉතිහාසයේ ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව මෙය ලෙසද ඉතිහාසයට එක් වෙයි.එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.මේ හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පිඨය ඉතා ශාස්ත්‍රීය වගේම ඉතාම සෞන්දර්යාත්මක ඉතිහාසයකට හිමිකම් කියන අධ්‍යාපන ආයතනයක් වෙනවා. මේ විද්‍යාරත්න විශ්ව විද්‍යා පිඨයේ ඉගෙන ගත්ත "කෝ ආනන්ද" හිමියෝ 1970 දශකයේ ලියූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් හේ සිද්ඨාර්ථ නම් වෙයි නවකථා පොත ගැන සිහිපත් කරන්න කැමැතියි. මේ නවකථා පොතේ ඉතාම රසවත් විදිහට ඉතාම තාත්ත්විකය විද්‍යාරත්න විශ්ව විද්‍යාල පිඨයේ ශිෂ්‍යයන් ගත කරන ජීවිතය විස්තර කර තිබුණා. තරුණ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්න ආකාරය, ඒ අයට තිබුණ ආර්ථික අපහසුතා ගැන විද්‍යාරත්නයේ තිබුණ නිදහස් පරිසරය යටතේ ඉගෙන සිසුන් නොයෙක් වාද විවාදවල යෙදෙන ආකාරය විද්‍යාරත්තයේ මහා ඡන්දයක් පවත්වපු ආකාරය ඒ පොතේ විස්තර කර තිබුණා.ඒ වාඟේම එදා තිබුණ නවීන සමාජයට තරුණ භික්ෂුන්වහන්සේලා හුරුවෙන ආකාරය හේ සිද්ධාර්ථ නම් වෙයි කියන පොතේ හොඳින් විස්තර කර තිබුණා. ඒ මතකය නිසා මේ ස්ථානයට පැමිණි පසු අහන්න හිතුණා කෝ ආනන්ද හාමුදුරුවෝ කියලා. කොන්ගස්දෙණියේ ආනන්ද හාමුදුරුවෝ දැන් විදේශයකට වැඩම කර ඒ රටේ විශාල ධර්මදූත සේවයක යෙදෙන බව දැනගන්නට ලැබුණා.ඒ වාගේම මේ භික්ෂුන් වහන්සේලා අතරේ හොඳ අනාගතයක් තිබෙන භාෂාව සාහිත්‍යට විශාල සේවයක් කරන්න පුළුවන් පිරිසක් අධ්‍යාපනය ලබන බව මම දන්නවා. විද්‍යාරත්නය කියන්නේ මේ රටේ පිරිවෙන් අධ්‍යාපනයේ වෙනස් ආකාරයක තිබූ ආයතනයක්. මේ රටේ අතීතයේ බිහිවුණ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපන ආයතනය තමයි නුරාධපුර මහා විහාරය. ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨ දේශයක් බවට පත්කළේ අනුරාධපුර මහා විහාරයයි පැවසූවොත් මම නිවැරැදියි. එදා මහා විහාරයේ ධර්මය විතරක් නොවෙයි තවත් බොහෝ විෂයන් ඉගැන්නුවා. සෞන්දර්ය කලා විෂයන් වාගේම අෂ්ඨා දශ ශිල්ප ඉගැන්වුවා. ඒක තමයි මහා ජාතීයක් ගොඩනඟන්න තිබෙන හොඳම මඟ. හොරණ විද්‍යාරත්නයත් මේ මඟ තේරුම් ගත් අධ්‍යාපන ආයතනයක් යැයි මට සිතෙනවා.අතීතයේ වාසය කළ හාමුදුරුවරු භාෂා රාශියක් දැනගෙන හිටියා. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ශඩ් භාෂා පරමේෂ්වර හිමිනමක්. වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ මේ රයිගම් කොරළයේ වැඩවාසය කළ භාෂා ගණනාවක් දන්න මහා උගත්, වියත් හිමිනමක්. ඒ නිසා නොයෙක් භාෂාවන් ඉගෙන ගන්න ඕනෑ. භික්ෂුන් වහන්සේලා නූතන සමාජය ගැන වැටහීමක් ලබා ගන්න අවශ්‍යයි. එහෙම නැතිනම් පවතින්න බැහැ. නූතනවීම වරදක් නොවේ.බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වයස අවුරුදු අනූවේදීත් පරිගණකයක් ළඟ තබාගෙන පරිගණකයෙන් ලියන්න කියවන්න පුරුදු වුණා. වල්පොල රාහුල හාමුදුරුවෝ ජීවිතයේ අවසාන යුගයේ පරිගණක සාක්ෂරතාව ලබා ගත්තා. මේ මහා චරිතවලින් ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. පැවිදි උතුමන් වාගේම අපේ ගිහි ශිෂ්‍යයන්ටත් මේ බව වැටහෙන්න ඕනෑ. සමහර පාසල් ශිෂ්‍යයෝ උදේට පාරේ වාහන හසුරුවන රාජකාරිය කරන සිසුන් මම දැක තිබෙනවා. ඒ අයට අනාගතයේ දී විධාන දෙන්න හොඳ සංවිධාන ශක්තියක් ලැබෙනවා.පරිසර සංගම් සාදාගෙන ඒවායේ වැඩකරන අයට මහා නගර ගොඩ නඟන්න අලංකරන කටයුතු ගැන අවබෝධයක් ලැබෙනවා. එදා පාසල්වල ගෙවතු වගාවෙ යෙදුනු අය පසු කාලේ දී මහා වැවිලි කරුවෝ වුණා. මේ විද්‍යාරත්න පාසල් වේදිකාවේ නාට්‍ය කළ අය පසුකාලේ මහා සිනමාකරුවෝ, නාට්‍යකරුවෝ වුණ බව ඔබ අත්දැකීමෙන් දන්නවා.සෞන්දර්ය කලාව ඉගෙන ගැනීම ජීවිතය ගොඩනඟන්න ඉතාම වැදගත් මාර්ගයක්. සෞන්දර්ය, කලාව වගේ විෂයන් හැදෑරීමෙන් ලෝකය ජය ගන්න පුළුවන් බව හොඳටම ඔප්පු කළ තැනක් ලෙස මේ විද්‍යාරත්න විද්‍යාපීඨය හඳුන්වන්න පුළුවන්. අද බොහෝ දරුවන්ට ආවේගශීලී ආත්මාර්ථකාමියි කියන චෝදනාව තියෙනවා. මේ ආවේගශීලීත්වය, ආත්මාර්ථකාමීතවයෙන් රට නිදහස් කරගන්න, පුළුවන් වන්නේ කලාව සෞන්දර්ය කියන විෂයන්වලට දරු පරපුර යොමු වුණොත් පමණයි.නාට්‍යකාරයෙක් වෙලා නොයෙක් චරිතවලට රඟපාන කොට තිරපිටපත් ලියනවිට මනුෂ්‍යත්වය තේරුම් ගන්න ලැබෙනවා. කලාවේ යෙදෙන අයට නාට්‍ය ධර්මය වගේම ලෝක ධර්මයත් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ජීවිතයේ ඉතාම කනස්සලුසහගත යුගවල ටෙලි නාට්‍යවල චිත්‍රපටවල රඟපාන්න ගියවිට මට විශාල සැනසීමක් ලැබුණු අවස්ථා මතක් වෙනවා. ලොකු ඉවසීමක් ලැබුණා. කලාව සෞන්දර්යයට යොමුවන දරුවා වීරයෙක් හැටියට සලකන්න අවශ්‍යයි.විද්‍යාරත්නය මේ රටේ කළ ලොකුම මෙහෙවර තමයි දරුවන් දිහා ඉතා මෛත්‍රී කරුණාවෙන් බලපු අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන යාම. දක්ෂ දරුවන් පමණක් තෝරාගෙන පාසල්වලට ඇතුළත්කර ගැනීමේ සිරිතක් මේ රටේ තිබෙනවා. ඒ වුණත් මෙහි අදක්ෂ දරුවෝත් තෝරා ගන්නවා. ඒ අයට අධ්‍යාපනය දෙමින් සමතුන් බවට පත් කරනවා.එක්තරා අවස්ථාවක දී පාසලකට නොගත් දරුවන් පිරිසක් මේ පාසලට බාරගෙන හරි මඟ යවලා හොඳ පුරවැසියන් බවට පත් කරපු පාසලක් බව පෙන්වා දෙන්න කැමතියි.අද බොහෝ දෙනෙක් තමන්ගේ පාසලේ ප්‍රතිඵල විශිෂ්ට බව පෙන්වන්න උනන්දු වෙනවා. ලංකාවේ දක්ෂයෝ ටික එක තැනකට ගෙනැවිත් ඒ දරුවෝ ටික විතරක් හොඳයි කියන එක නොවෙයි පාසලක වටිනාකම. දරුවෝ කියන්නේ මැණික් වාගේ. මැණික ගොඩගන්න විට මැණික වටා තිබෙන දුවිලි මඬ දිහා බලලා විසිකරන එක මැණික් ගැන දන්න අයගේ සිරිත නොවේ. දරුවා කියන මැණික වටා තිබෙන දුවිලි පිහදමන්න තමයි අධ්‍යාපනය තිබෙන්නේ. අපි අලුත් තාක්ෂණ විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙනවා.මහින්දෝදය විද්‍යාගාරයක් මේ පාසලටත් දෙන්න හැකිදැයි මම අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළා. ඊට කැමැත්ත ලැබුණා. දැන් එය හදන්න ඉඩකඩ සොයා ගැනීම අවශ්‍ය වෙනවා. දරුවන්ගේ දුර්වලකම් නැති කර දක්ෂතා මතුකර යහපත් මිනිසෙක් නිර්මාණය කිරීම අධ්‍යාපනයේ අරමුණ වෙනවා. දක්ෂ දරුවන් අදක්ෂ දරුවන්, විනය ගරුක දරුවන් විනය විරෝධී කියලා දරුවන් වර්ග කර අත් හරින්න මනුෂ්‍යත්වය අගයන බෞද්ධ අධ්‍යාපනයකට බැහැ.දක්ෂ දරුවෝ විතරක් තෝරා ගෙන මහා ප්‍රතිඑල පෙන්වනවාට වඩා සියලු දරුවන් බාරගෙන මැණික් වාගේ ඔප දාන එක වටිනවා. විද්‍යාරත්නය ඒ මහා සේවය කළ බව මම බොහෝම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා මේ වාගේ පිරිවෙන්වල අධ්‍යාපනය නඟා සිටුවන්න අයවැයෙන් රුපියල් මිලියන 382ක මුදලක් වෙන් කළා. පිරිවෙන් ශිෂ්‍යාධාර වැඩි කළා. පිරිවෙන් කියන්නේ මේ රටේ අධ්‍යාපනයේ ඉතාම වැදගත් කොටසක්. නමුත් පිරිවෙන් අධ්‍යාපනයට යොමුකළ මුදල ගැන නොයෙක් දෙනා විවේචන කරනවා.ඒ මුදල ශිෂ්‍යයන්ගේ ගණනින් බෙදලා එක්කෙනෙකුට ලැබෙන මුදල මෙපමණයි කියලා විවේචනය කරනවා. එක් අයෙකුට ලැබෙන ගණන ගැන විතරක් හිතන්න එපා. අපි සිතිය යුත්තේ එක් අයෙකුට ලැබෙන ගණන නොවේ. රටටම ලැබෙන වටිනාකම ගැන සිතිය යුතු වෙනවා. අපි පිරිවෙන් ගුරුවරුන්ටත් රජයේ ගුරුවරුන්ට වගේම සලකන්න වැඩපිළිවෙළ සකස් කරනවා. දේපළ ණය, ආපදා ණය, අග්‍රහාර රක්ෂණය, නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර ආදී වරප්‍රසාද අපි ගුරුවරුන්ට ද ලබා දුන්නා.පිරිවෙන් අධ්‍යාපනය ඉතාම වැදගත් කොටසක් හැටියට අපි විශ්වාස කරනවා. වෙනදා නම් ඈත ගම්වලට ගියවිට කියන්නේ පාර හදා දෙන්න කියලයි. ඒත් දැන් කියන්නේ පාර කාපට් කරලා දෙන්න කියලයි. මුළු ලංකාවට අපි සියයට 90ක්ම විදුලිය සපයලා තිබෙනවා. ජලය සපයලා තියෙනවා. අධිවේගී මාර්ග හදලා තිබෙනවා. ගුවන් තොටුපළ, වරාය, නොරොච්චෝලේ විදුලි බලාගාරය හදලා තිබෙනවා. මේවා හදනවිට මේවා ගැන විවේචනය කරනවා.අද අපි රට හදන්න ණය ගන්න එක විවේචනය කරනවා. එදා පාන් කන්න ණය ගත්තා. අපි ඒවා ගෙවනවා. ණය අරගෙන අපි මේ රටට කළ දේවල අද වටිනාකම කොපමණ ද කියලා මම අහන්න අවශ්‍යයි. අපි ණය අරගෙන කරපු වැඩ දෑසට පේනවා. නමුත් එදා තිබුණ ආණ්ඩුව කොළඹ කටුනායක අධිවේඟී මාර්ගයක් හඳන්න ඒ කාළේ ජපානයෙන් 1990 වසරේ දී ණය ගත්තා. එය තමයි ඉතිහාසය. නමුත් ඒ කාලේ හඳපු අධිවේඟී මාර්ගයක් නැහැ. අධීවේගී මාර්ගයට මොනවා වුණාද මම දන්නේ නැහැ. නමුත් ඒ මාර්ගය හදන්න ගත්ත ණය නම් අපි තවම ගෙවනවා.අපි නෙළුම් පොකුණ මහා රංග ශාලාව ඉදි කළා. නෙළුම් පොකුණ චීන රජයෙන් ලංකාවට ලැබුණු පරිත්‍යාගයක්. නමුත් ඒකත් විවේචනය කරන අය මට හමුවෙලා තිබෙනවා. හොඳ රංගන ශිල්පීන් වේදිකාවට ගොඩවෙන්නේ වේදිකාවට වැඳලා. ඒ අපි ජීවත්වෙන අපට උපකාර කරන සම්පත්වලට ගරු කිරීම සඳහායි. ඒක මහා ශ්‍රේෂ්ඨ සිරිතක්. අපි අපේ යහපත සඳහා ගොඩනඟලා තිබෙන දේට එහෙම ගරු කරන්න ඕනෑ. මේ වටිනා රංග ශාලාවට වාගේම මේ රටේ ගොඩනඟලා තිබෙන සෑම දෙයක්ම ඔබ වෙනුවෙන්. ඒවාට අපහාස කරන්න එපා. සුළුකොට තකන්නත් එපා. අපේ දරුවන් ගුණවත් නැණවත් පරපුරක් බවට පත් කරන්න මහසඟරුවන ගන්නා වූ වැඩපිළිවෙලට කෘතහතාවය පුද කරනවා. එසේම මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සියලු දෙනාටම සුබ පතනවා.හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ පීඨාධිපති ශාස්ත්‍රපතිය ඕපල්ලේ ඤාණසිරි නාහිමි,මේ විශ්ව විද්‍යාපීඨ ඉතිහාසය සම්බන්ධයෙන් කතාකරන විට අද ඵෙතිහාසික දිනයක් වෙනවා. 1929 වර්ෂයේදී ඇරැඹි හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයට ජනාධිපතිවරයකු පැමිණි ඵෙතිහාසික අවස්ථාව මෙයයි.දශක තුනකට වැඩි කාලයක් පැවැති ත්‍රස්තවාදය නිමාවට පත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජාතීන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඒ මහතා එම යුද්ධය ජය ගැනීමට යන ගමන වෙනුවෙන් අපි ආශිර්වාද කළා.දේශීය මෙන්ම විදේශීය වශයෙන් එල්ල වූ විවිධ බලපෑම් මධ්‍යයේ වුවද යුද්ධය ජය ගැනීමට අපේ ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට අවශ්‍ය නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් අපේ ආයතනයෙන් ඉගෙනගෙන තිබෙනවා. පොලිස්පතිවරයකු බිහි කළ ආයතනයක් ලෙස ද අපේ ආයතනය සඳහන් කරන්න පුළුවන්.අප, අපේ රට සංවර්ධනය අතින් ඉදිරියට ගමන් කරනවා. අදටත් විවිධ අයුරින් අපේ රටට එරෙහි අඳුරු සෙවණැලි තිබෙනවා. නමුත් ඒ සියල්ල ජය ගන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශක්තිය, ධෛර්යය තිබෙනවා.රටේ අනාගතය බාර ගන්නට සිටින දරු පරපුර යහපත් පිරිසක් බවට පත් කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පය අර්ථවත් කරන්න අප ක්‍රියාකරනවා. මේ රටේ 500ක් තරම්වන පිරිවෙන් අතරින් ප්‍රමුඛතම ආයතනය වශයෙන් මෙන්ම ගිහි සහ පැවිදි වැඩිම සිසුන් පිරිසක් ඉගෙනුම ලබන පිරිවෙන ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අපේ මේ රට, ශාසනය සහ ජාතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මහ සඟරුවන රටට දායාද කරනවා.1976 වසරේ දී හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව 2013 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිත්වයට පත්වුණා.මෙය අපේ රටට සුවිශේෂී අවස්ථාවක්. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එරෙහිව විවිධ බාධක පැමිණියත් ඒ සියල්ල ජය ගනිමින් සාර්ථකව පවත්වන්නට හැකියාව ලැබුණා. අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ මානව හිතවාදියකු වශයෙන් ද කටයුතු කරනවා.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමි, ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක, වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන, ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විදුර වික්‍රමනායක, දුමින්ද සිල්වා මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120312
|
දැයේ දරුවන්ට නොමිලේ නිල ඇඳුම් බෙදාදීම ඇරැඹෙයි
|
ධනුෂ්ක ගොඩකුඹුර
|
පාසල් දරු දැරියන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ ජාතික උළෙල අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (2) පැවැත්විණි.දැයේ අනාගත පරපුරට අධ්‍යාපනය ලැබීමට සියලු පහසුකම් ලබාදීමේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාරව අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පාසල් දරු දැරියන් සඳහා නිල ඇඳුම් ලබා දීමට රුපියල් මිලියන 2000ක වියදමක් දරා ඇත.නිල ඇඳුම් රෙදි සඳහා දේශීය කර්මාන්තකරුවන්ගෙන් රෙදි මිල දී ගත යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් උපදේශය අනුව ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකේය කර්මාන්තකරුවන්ගෙන් රෙදි මීටර් මිලියන 11. 2ක් මේ සඳහා මිල දී ගෙන තිබේ.නව වසරේ පාසල් යන දරුවන්ට නැවුම් හා පිරිසිදු සිතින් අධ්‍යාපන වරම් ලැබීමේ වරම් හිමිකරමින් මෙම වසරේ අවසන් වාරය නිමවීමට පෙර පාසල් නිමි ඇඳුම් ලබා දීමට අධ්‍යාපන සේවා අමාත්‍යාංශය කටයුතු කර තිබේ.පාසල් නිල ඇඳුම් බෙදා දීමට අමතරව ජනාධිපතිතුමාගේ උපදෙස් මත පාසල් පෙළ පොත් මිලියන 37ක් බෙදාහැරීමට ද කටයුතු කර ඇත.දුෂ්කර පාසල්වල දරුවන්ට සපත්තු සහ අතිරේක නිල ඇඳුම් කට්ටල ලබා දීම, දිවා ආහාරය සහ කිරි වීදුරුවක් බැගින් ලබා දීම, පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම යනාදී වැඩපිළිවෙළ අධ්‍යාපන සේවා අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.නිල ඇඳුම් ලබා දීම සංකේතවත් කරමින් රටේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණ සිටි දරු දැරියන් වෙත අගමැතිතුමාගේ අතින් නිල ඇඳුම් ප්‍රදානය කෙරිණ.අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, නන්දිමිත්‍ර ඒකනායක මහත්වරුන් සහ අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම් කාන්ති පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120313
|
ජ’පුර සිසු සමන්ත ඝාතනයේ සැක 22න් 11ක් නිදහස්
|
රෝෂන් තුෂාර
|
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඕවිටිගලවිධානගේ සමන්ත සිසුවාට පහර දී බරපතළ තුවාල සිදු කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් විසි දෙදෙනාගෙන් 11 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය ඊයේ (2) නියෝග කළාය.නිදහස් කළ සැකකරුවන්ට එරෙහිව සාක්ෂි නොමැති බවට රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ තුසිත් මුදලිගේ මහතා කළ කරුණු දැක්වීමෙන් පසුව ඔවුන් නිදහස් කෙරිණි.2011 නොවැම්බර් 7 දින ගංගොඩවිල දී අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් සමන්ත සිසුවා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි.නාලක ලියනගම, චන්ද්‍රසෝම දේශප්‍රිය, වසන්ත චන්ද්‍රකුමාර, සංඛ ශාන්ත ප්‍රසාද්, ඉන්දික කුමාර, චමින්ද ගුණසේකර, දිනේෂ් සුසන්ත, රුවන් වසන්ත, නාමල් ජගත් පතිරාජ, ගාමිණී සෙනෙවිරත්න සහ විජිත කුමාර යන සැකකරුවන් මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණි. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ලසන්ත මනෝජ් නානායක්කාර, නිමල් වීරක්කොඩි මහතා ඇතුළු නීතිඥ පිරිසක් නඩුවට පෙනී සිටියහ. නඩු විභාගය පසුවට කල් තැබිණි..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120314
|
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය අහෝසි කරයි
|
ධනුෂ්ක ගොඩකුඹුර සහ චමීර ඇල්ලදෙණිය
|
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබේ.රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ මෙම මධ්‍යස්ථානය එම අමාත්‍යාංශයේ තීරණයක් මත අහෝසි කර ඇති බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා දිනමිණට ඊයේ (2) පැවසීය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120315
|
ලබන වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්තාගත සංවර්ධනයක් අගමැති කියයි
|
නුවන් කොඩිකාර
|
ශ්‍රී ලංකාවේ වාර්තාගත සංවර්ධනයක් ලබන වසර තුළ සිදුවන බව අගමැති හා බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති ආචාර්ය දි.මු.ජයරත්න මහතා පැවැසීය.මෙවර අය-වැයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන්කිරීම මීට ප්‍රධාන හේතුව බව හෙතෙම කීවේය.ගම්පොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ දොළුව අගමැති නිවසේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව කියා සිටියේය.එමෙන්ම මෙවර අය-වැයෙන් රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයද ශක්තිමත් වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කෙළේය.නගරයක් දියුණු වෙන කොට ව්‍යාපාරික අවස්ථා පුළුල් වීමත්, රැකියා අවස්ථා සුලභ වීමත් සිදුවන බව පැවැසු ඒ මහතා එවිට රැකියා ප්‍රශ්ණය හා දුප්පත්කම තුරන් වෙන බව කීය.මේවා තේරුම් නොගෙන ඇතැම් අය ජනතාවට බොරු කියලා නොමග යවන බවත් රට ගැන නොසිතා තමන්ට බලය ලබා ගන්න ජනතාව රැවටීමෙන් සිදු වන්නේ රටේ තත්වය පහලට වැටීම සිදුවන බවත් ජයරත්න මහතා පැවැසීය.අපි කරන මේ හැම දේම කරන්නේ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් බව සිහි තබා ගත යුතු බවත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන හා සතුට වෙනුවෙන් පටු වාද බේද ඉස්මතු කර කටයුතු කිරීමෙන් සිදුවන හානිය හැම දෙනාටම එක සේ අත්විදින්නට සිදුවන බවත් අගමැතිවරයා ප්‍රකාශ කෙළේය.අගමැති දි. මු ජයරත්න මහතා මෙසේද කියා සිටියේය.ගම්පොල නගරය දියුණු තත්වයකට පත් කරගන්න දිගු කාලයක ඉදලා සැලසුම් කළා.නමුත් නගරයේ අයගෙන් අපට ලැබුණු සහයෝගය ප්‍රමාණවත් උනේ නැහැ.නමුත් දැන් අපි ගම්පොල නගරය විධිමත් සැලසුමකට අනූව හදන්න සූදානම් කරලා එහි වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා.මේ නගරය ලංකාවේ තිබෙන ලස්සනම නගරය වගේම සුවිශේෂී ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම අපේ අරමුණයි.මේ සඳහා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් ලැබෙන සහයෝගය අගේ කරනවා.ඒ වගේම පුස්සැල්ලාව නගරයත් සංචාරක නගරයක් ලෙස දියුණු කරන්න කටයුතු ආරම්භ කර තිබෙනවා.පුංචි එංගලන්තය නමින් දැනටමත් නම් කර ඇති පුස්සැල්ලාව නගරයේ නව වෙළද සංකීර්ණයේ ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර තිබෙනවා..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120316
|
අලුත ගෙනා ලේලියගේ වට්ටක්කා ව්‍යංජනේ රස කර බැලු නැන්දම්මා එතැනම දැම්මයි වමනේ
|
තෙන්නකෝන් කුලසේකර
|
පුත්‍රයා නගරයේ තරුණියක නිවසට කැන්දා ගෙන ආවේය. මව මනාලිය ආදරයෙන් බාර ගත්තාය. දින සති ගෙවී පුතා නගරයේ වෙළඳසැලේ රැකියාවට ගියේය. මනමාලියත් නැන්දම්මාත් නිවසේ තනි වූහ. ලේලිය ඇගේ දිවි දෙවැනි කොට නැන්දම්මාට සැලකුවාය. දිනෙක හිස කකියන්නට පටන් ගත් නැන්දම්මා ඇඳේ හාන්සි වී සිටියාය. ලේලිය නැන්දම්මාගේ හිස තෙල් ගා පිරිමදින අතරවාරයේ නැන්දම්මා මෙසේ කියා සිටියාය.“අනේ අපේ වට්ටක්කා මල් පිරිලා. වට්ටක්කා මල් ව්‍යංජනේ හරි රසයි. ඒ වගේම ගුණයි. තෙලෙන් බැදලා ගනිංකෝ.”මනමාලිය මින් පෙර කිසිම දිනෙක වට්ටක්කා මල් ව්‍යංජනයක් දැක නැත. වට්ටක්කා මල් හත අටක් කඩාගෙන ඒවා දෙකට තුනට කපා ඊට ලුණු මිරිස් අඩුමකුඩුම එක්කොට තෙලේ දමා බැද රසවත් ව්‍යංජනයක් සකසා ගත් ඇය ළිඳට ගොස් දිය නාන්නට පටන් ගත්තාය. ලේලියගේ වට්ටක්කා මල් ව්‍යංජනයේ සුවඳින් හිසේ ඇම්මද සුව වූ නැන්දම්මා බත් පිඟානට ඒ ව්‍යංජනය බෙදාගෙන කන්නට පටන් ගත්තාය.එක්වරම ඇගේ ඇස් ඉහළ ගියාය. වට්ටක්කා මල් ව්‍යංජනයේ කටු නැති මස් රසක් සෙවලට කටට දැනෙන්නට පටන් ගත් නැන්දම්මා ඒ කුමක්දැයි විපරම් කළ බැලුවාය. තමා රසකර කර ගිල ඇත්තේ මස් ගොම්බෙල්ලන්ගේ කැපී ගිය කැබලි බව දුටූ ඇයට මහත් අප්‍රියාවක් දැනිණි. ඇය එතැනම වමනය කරන්නට වූවාය.පසුව සොයා බලද්දී දැනගන්නට ලැබුණේ වට්ටක්කා මල්වල රිංගා ගෙන සිටි මස් ගොම්බෙල්ලන් සමගම ලේලිය ව්‍යංජනය සකසා ඇති බවය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120317
|
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
|
සන්ධ්‍යා කරුණාරත්න
|
ඩෙංගු උණ රෝගීන්ගේ වැඩි වීමක් මේ දිනවල පවතින බව මුල්ලේරියාව උණ රෝහලේ (IDH) කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.වරින් වර පවතින වර්ෂාව ඩෙංගු මදුරුවාට බෝ වීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වීම මීට හේතුව බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. දින තුනකට වඩා යම් අයකුට උණ පවතින්නේ නම් රුධිර පරීක්ෂාවක් සිදු කර ගත යුතු බවත් විවිධ වේදනා නාශක ඖෂධ ගැනීමෙන් වැළකිය යුතු බවත් ඒ මහතා පැවැසුවේය.උණ හා වේදනාව පවතින්නේ නම් පැරසිටමෝල් පමණක් භාවිත කළ යුතු බවත් විවිධ වේදනා නාශක ඖෂධ ගැනීමෙන් බරපතළ සංකූලතා හට ගෙන ජීවිත අවදානමට ද ලක් විය හැකි බවත් වෛද්‍ය විජේවික්‍රම මහතා කීය. තමන් ජීවත් වන අවට පරිසරය මදුරුවන් බෝ වීමට නොහැකි ලෙස පිරිසිදුව තබා ගැනීමෙන් රෝගයෙන් වැළකී සිටීමට හැකි බව ද ඔහු පැවැසුවේය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120318
|
ප්‍රසිද්ධ ව්‍යාපාරික දුනිදු අබේසිරි විජේරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව
|
ඡායාරූපය - නලින් හේවාපතිරණ
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරික අභාවප්‍රාප්ත දුනිදු අබේසිරි විජේරත්න මහතාගේ දේහයට ඒ මහතාගේ නුගේගොඩ නිවසේදී අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය ද පළ ෙකළේය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120319
|
නව නිපැයුම් ප්‍රදර්ශනය ශ්‍රී ලාංකීය ජාතිය විශිෂ්ටත්වයට රැගෙන යෑමක්
|
උපාලි කරුණාරත්න
|
සහසක් නිමැවුම්' ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය ශ්‍රී ලාංකීය ජාතිය විශිෂ්ටත්වයට රැගෙන යාමට මාර්ගය විවෘත කිරීමට ගන්නා උත්සාහයක් බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ ෙකළේ 'සහසක් නිමැවුම්' ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේ අවසන් දිනයේ ආරම්භක අවස්ථාවට ඊයේ (02) සහභාගි වෙමිනි.කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම ප්‍රදර්ශනය පැවැත්විණ. මෙය නැරඹීම සඳහා ඊයේ දිනයේද පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් පැමිණ සිටියහ.නව නිපැයුම් රටක ජාතියක ශ්‍රේෂ්ඨත්වය, අනාගතය මනින මිම්මක් බවට අද පත් වෙලා. අන්තර්ජාලයට පිවිස ලෝකයේ විවිධ ජාතීන් කරන නව නිපැයුම් පිළිබඳව අපට සොයා බැලිය හැකියි. එහිදී අප කොයි හරියෙ සිටින්නේදැයි සිතා ගන්න පුළුවන්. 2011 වර්ෂය පදනම් කර ගතහොත් අෙමරිකා එක්සත් ජනපදය නව නිපැයුම් 46596 ක්ද , ජපානය 38888 ක්ද , ජර්මනිය 18568 ක්ද , චීනය 16406 ක්ද , ඉන්දියාව 1470 ක්ද ඉදිරිපත් කර තිබෙනවා. එම වර්ෂයේ අපට පේටන් බලපත්‍ර ලැබිල තිබෙන්නෙ දොළහකට.අප වැඩි වශයෙන් පාසල් , කාර්මික විද්‍යාල , විශ්ව විද්‍යාලවල දරුවන් නව නිපැයුම් කෙරෙහි උනන්දු කරවන්න ඕනෙ. අතීතයේ නව නිපැයුම් කරුවන් දිරිගැන්වීම සඳහා ශක්තිමත් වැඩ පිළිවෙළවල් තිබුණෙ නැහැ. එහෙත් වර්තමානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව නිපැයුම් කරුවන් දිරිගැන්වීමේ වැඩ සටහන් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ක්‍රියාත්මක කරනවා.තාක්ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා - මෙම ප්‍රදර්ශනය ආරම්භයේදී ඇතිවූ ගින්නෙන් විනාශ වූ නිර්මාණ පිළිබඳව සාධාරණය අප ඉෂ්ඨ කරනවා. ලබන වර්ෂයේදී නව නිර්මාණ කරුවන්ට ඉතාමත්ම ප්‍රයෝජනයට ගත හැකි විද්‍යා මධ්‍යස්ථානයක් සාදනවා..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120320
|
ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට එනවානම් අප එය අගය කරනවා
|
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණී සේනානායක
|
උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී.විග්නේෂ්වරන්ගේ ආරාධනාවකට අනුව ඉන්දීය අගමැති මන් මෝහන් සිං යාපනයේ සංචාරය කරන්නේනම් එය අගය කරන බව අගමැති දි.මු.ජයරත්න පැවසීය.වෙනත් අය දැක කියන දෙයට වඩා යාපනයේ තත්ත්වය තමාගේ ඇස් දෙකෙන් බලා දැකගැනීම හොද යැයිද පාර්ලිමේන්තුවේදී ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අගමැතිවරයා පැවසුවේය. ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිණීමට උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා කර ඇති ආරාධනාව සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් නිල ස්ථාවරයක් දක්වා නොමැති අතර මෙය තමන්ගේ පුද්ගලික ස්ථාවරය බවද ඔහු කීවේය.ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයක් පිළිබදව අාණ්ඩුව මෙතෙක් දැනුවත්වී නොමැති බවද අගමැතිවරයා පැවසුවේය. ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිණි‚ විට දෙමළ ජාතික සන්ධානය සමග පමණක් සාකච්ඡා නොකර අප සමගත් සාකච්ඡා කරන්නැයි දි.මු.ජයරත්න පැවසුවේය.බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ උතුරේ සංචාරය පිළිබද සිහිපත් කළ දි.මු. ජයරත්න ඔහු ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයන් නිකුත් කර ඇත්තේ ඡන්ද බලාගෙන බවද කීය. ඡන්ද ගන්න ඕන වුනාම අපිත් මොනවා හරි සපෝට් එකක් දීලා ඡන්ද ගන්නවානේ. කැමරනුත් ඒ වගේම තමයි. බ්‍රිතාන්‍යයේ ජීවත්වන දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගැනීමට තමයි මේ වගේ ප්‍රකාශයක් කර තිබෙන්නේ යැයි අගමැතිවරයා පැවසුවේය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120321
|
ජාතික ප්‍රශ්නයට විසඳුම් දිය යුත්තේ ලාංකීය ජනතා අභිලාෂයට අනුවයි
|
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
|
ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබා දිය යුත්තේ ශ්‍රී ලංකික ජනතාවගේ අභිලාෂයන්ට අනුව බවත් ජාත්‍යන්තරය සිදු කරන තර්ජන ගර්ජන වලට හමුවේ අාණ්ඩුව නොසැලෙන බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජි එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප්‍රකාශ ෙකළේය.ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මට්ටමින් විවිධ බලපෑම් සිදුවන අතර, ජාතික ප්‍රශ්නය විසඳුමි වෙනුවෙන් ශ්‍රි ලංකාවට පනවන කාලසීමාවන්වලට අාණ්ඩුව යටත් නොවන බවද ඇමැතිවරයා සඳහන් ෙකළේය.අාණ්ඩුව සෑම මොහොතකදීම නිවැරැදි දේ නිවැරැදි ආකාරයට සිදු කරන අතර, ලංකාවට පමණක් කාල සීමාවන් පනවමින් බලපෑම් කිරීම බරපතළ අසාධාරණයක් බවද ඇමැතිවරයා කීවේය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120322
|
දේශපාලන ස්ථාවරභාවයක් තිබීමෙන් ආර්ථිකයේ වර්ධනයක් ඇතිවී තිබෙනවා
|
# ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණී සේනානායක
|
සැලැසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළක් රජය සතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (2) ප්‍රකාශ කළේය.වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (2) පෙරවරු 9.30 රැස්විය.නිවේදන, ලිපි ලේඛන, වාර්තා පිළි ගැන්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම් මහජන පෙත්සම්කාරක සභාවට යොමු කෙරිණි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු අසන ලද ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.2014 විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කරමින් කතා කළ,ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා (එජාප):-අද ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය. විග්නේෂ්වරන් මහතාගේ ආරාධනාවකට ඉන්දීය අගමැතිතුමා යාපනය සංචාරයකට එනවා. ජනාධිපතිතුමාගේ ආරාධනාවකින් තොරව ඉන්දීය අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඉඩ දිය යුතු නැහැ. අපේ රට ආරක්ෂා කරන්න ඕන. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට එන්න බෑ කිව්ව කෙනා යාපනය සංචාරකයට එනවා. මෙය විශ්වාස කරන්න බැහැ. අය වැය සියලු බලතල තබා තිබෙන්නේ ජනාධිපතිතුමා අතේයි. ඉන්දියානු අගමැතිවරයාගේ පැමිණීම පිළිබඳ රජය ප්‍රකාශයක් කළ යුතුයි. සමුළුවට රාජ්‍ය නායකයන් ගෙන්වා ගන්න ජනාධිපතිතුමා විශාල උත්සාහයක් ගත්තා. එහෙත් අඩුවෙන්ම සහභාගී වූයේ මෙවරයි. රාජ්‍ය නායකයන් 22ක් සහභාගී වුණා. විපක්ෂ නායකවරයා සහභාගි වෙන්න කැමැත්තෙන් හිටියා. සමුළුවට දින දෙකකට පෙර ඔහුට පහර දුන්නා. සමුළුවට රුපියල් කෝටි 1980ක් වැය වූ බවට දැනට වාර්තා වි තිබෙනවා. මේ සමුළුවට ආණ්ඩුවේ ඇමැතිවරුත් විරුද්ධයි.දිනේෂ් ගුණවර්ධන මහතා:-මොන ඇමැතිවරයාද විරුද්ධ? බොරු කතා කියන්න එපා.අමරතුංග මහතා:-මානව හිමිකම් කඩවීම ගැන ශ්‍රී ලංකාව අපක්ෂපාතීව පරීක්ෂණයක් තියන්නේ නැතිනම් ජාත්‍යන්තර පරීක්ෂණයක් තබන බව කැමරන් කිව්වා. අප ජනාධිපතිතුමාට සුබ පතන්න සිටියත් මේ සිද්ධීන් නිසා එය කළ නොහැකි වුණා. මේ රජයේ ආශ්චර්යවත් කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. විශාල ජනගහණයක් ඉන්න රටවලවත් මේ තරම් කැබිනට් මණ්ඩලයක් නැහැ. පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්තාව ක්‍රියාත්මක කරනවාද යන්න තීරණය තිබෙන්නේ ජනාධිපතිතුමා අතේයි. ඇමැතිවරු බොහෝ පිරිසකට අල්ලස් චෝදනා තිබෙනවා. මන්ත්‍රීවරුන්ට නිවාස සංකීර්ණයක් හදන්න, සෞඛ්‍ය රක්ෂණයට ඉහළ තැනක් ලබාදීම සම්බන්ධයෙන් ස්තුති කරනවා. විපක්ෂ නායකතුමාට නිසි ගෞරවයක් ලබා දී නැති එක කනගාටුවක්. එතුමාගේ කාමරයට මාපිලෙක් දැම්මා. මාපිලාට ටයිල්වල එන්න බැහැ. බඩුත් එක්ක බෝම්බයක් තියන්නත් පුළුවන්. ස්වාධීන මැතිවරණ කොමිසමක් ස්ථාපිත කළ යුතුයි. කනිෂ්ඨ විනිශ්චයකාරවරයන් උසස්වීම්වලට පත් කරන්න යනවා.අගමැති දී මූ ජයරත්න මහතා:-විපක්ෂනායකවරයාට නවීන ගොඩනැඟිල්ලක් ඇතුළු පහසුකම් ලබාදීමට යෝජනා කර තිබෙනවා. විපක්ෂය ශක්තිමත් කිරීමයි මෙහි අරමුණ.විපක්ෂ නායක:-විපක්ෂය ශක්තිමත් කරන්න ගොඩනැඟිලි වලින් බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි.ජයරත්න මහතා:-මින් පෙනෙනවා කොතරම් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවාද කියා. විපක්ෂනායකවරයාට නව ගොඩනැඟිල්ලේ සිට තම පක්ෂයේ කටයුතු ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකියි. උතුරු නැඟෙනහිර ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර පාරවල් නිවාස ලබා දී වෙළහෙළදාම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඉතා සුළු පිරිසක් තම උවමනාවන් මත සිට ක්‍රියා කරනවා. විනිශ්චයකාරවරුන්ගේ උසස්වීම් ඉතා හොඳින් ලබාදීමට කටයුතු කරනවා. මේ රටේ ඉතා හොඳ අධිකරණ පද්ධතියක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇති වූ ලස්සනම වැඩපිළිවෙළ තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව. කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා පවා ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතාව ඔවුන් දුටුවා. ජනාධිපතිතුමා සමුළුවේ සභාපති වුණා. රාජ්‍ය නායකයන් කිහිප දෙනෙක් ආවේ නැහැ කියනවා. අතීතයේත් මෙහෙම වුණා. මැලේසියාව සමුළුවෙන් අයින් වෙනවා කියා තිබෙනවා. සමුළුව අනෙකුත් රටවල්ට ඇගිලි ගහනවා කියා. අපේ රජය නගරය මෙන්ම ගමත් සංවර්ධනය කර තිබෙනවා.පත්කළ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා (දෙජාස):-පාර්ලිමේන්තු තේරීම් කරක සභාවේ දෙමළ ජාතික සන්ධානය නැහැ. එයට සහභාගීවීම අපි ප්‍රතික්ෂේප කළා. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග වාර්තාව නීතිවිරෝධී බව විවිධ අය අර්ථ දක්වා තිබුණා. ජනාධිපතිතුමා වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ගැන අවධානය යොමු කළ යුතුයි. සමුළුවට ඉතිහාසේ අඩුවෙන්ම සහභාගීවී තිබුණේ මෙවරයි. පැමිණි අයත් පැමිණියේ ගැටලු ගැන තකා කරන්නයි.හකීම් මහතා:-සංයුතිය ගැන සලකා බලන ලෙස මම ඉල්ලා තිබෙනවා.සුමන්තිරන් මහතා:-අපේ රටේ විශාල ඇමැති මණ්ඩලයක් සිටිනවා. ජනතාව අපේක්ෂා කරන්නේ යහපාලනයක්.දිනේෂ් ගුණවර්ධන මහතා:-කාරක සභා අවස්ථාවේ විවාදයේ දී එක කථිකයකුට විනාඩි 50ක් දීම සාධාරණ නැහැ. මේ ගැන පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවකට ආ යුතුයි.විදේශ කටයුතු ඇමැති ජී එල් පීරීස් මහතා:-ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ප්‍රතිපත්තිය අපේ රටට පමණක් නොව පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලුම රටවල අඩිතාලම ලෙස පිළිගත හැකියි. යම්කිසි රටක ප්‍රශ්න විසඳිය යුත්තේ ඒ රටේ ක්‍රමවේද හා ජනතාවගේ අභිලාෂයන් අනුව බව පොදුරාජ්‍ය මණ්ඩලයේ දියුණුවන රටවල් පිළිගන්නා කරුණක්. පිටස්තර රටවල ප්‍රතිපත්ති ඒ රටට ගැළපෙනවා මිස වෙනත් රටවලට ගැළපෙන්නේ නැහැ. මේ රටවල් පොදුවේ මුහුණදිය යුතු අභියෝගයි. අද මානව හිමිකම් දේශපාලන ආයුධයක් ලෙස පාවිච්චි කිරීම මේ රටවලට ඇති පොදු ගැටලුවක්. සාධාරණ ලෙස මේ ප්‍රශ්න ගැන සිතා බලන්න කියා ජාත්‍යන්තරයට කියනවා.යුද්ධයෙන් පසු අවතැන් ජනතාව 2 ලක්ෂ 96000ක් සිටියා. ඔවුන්ගේ ප්‍රශ්න මේ වන විට විසඳීලා. යුද්ධයට සම්බන්ධ වූවන්ට වෘත්තීය පුහුණුව ලබාදෙමින් අලුත් ජීවිත අරඹන්න පදනම සකස් කළා. උතුරේ ආර්ථිකය නංවන්න රටේ අනෙකුත් ප්‍රදේශවලට වඩා යටිතල පහසුකම් සපයා තිබෙනවා. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හරහා රටේ සංහිඳියාව ඇති කිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1,320ක මුදලක් වෙන් කරලා. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු රාශියක් මෙයට සම්බන්ධ නිසා මහා පරිමාණ වැඩසටහන් අරඹා ක්‍රියාත්මක කරමින් පවතිනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා (ප්‍රජාස):-විධායක ජනාධිපති ධූරය රටට බරක්. ඒ නිසා මෙය අහෝසි කළ යුතුයි. අපට වත්මන් ජනාධිපතිවරයා සමග ප්‍රශ්නයක් නැහැ. පරමාධිපත්‍ය බලය ශක්තිමත් කරන නව ක්‍රමයක් ඇති විය යුතුයි. අයවැය යන අතරතුර තව ඇමැතිවරයෙක් පත් කළා. අයවැයෙන් එම ඇමැතිවරයාට ප්‍රතිපාදන වෙන් කරන්නේ නැද්ද?.සරත් අමුණුගම මහතා:-ඒක මහලොකු ගැටලුවක් නෙමෙයි. ඒ වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ හැකියි.හදුන්නෙත්ති මහතා:-මේ අමැතිධුරය රටට ගැලපෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට හදපු ඒවා නෙමෙයි.අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව තම කාර්යබාරය ඉටුකරනවාද? මේ දවස්වල ඇමැතිවරු පස්සේත් අල්ලස් කොමිසම පන්නනවා. ඇමැතිවරු සම්බන්ධයෙන් අපිටත් ප්‍රශ්න තිබෙනවා. අල්ලස් කොමිසම අද ක්‍රියාත්මක වන්නේ රටේ අල්ලස් හා දූෂන පිළිබඳව සොයන්නට නෙමෙයි.කතානායක චමල් රාජපක්ෂ මහතා:-මා ඒ සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් සිදු කරන්නම්.ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා:-කුඩු කිලෝ අටක් ගෙනා පුද්ගලයෙක් නිදහස් කර ඇති බව හදුන්නෙත්ති මහතා කියනවා. ඔබතුමා මොන ලේඛන පදනම් කරගෙනද එහෙම කියන්නේ.අනුර දිසානායක මහතා:-පුවත්පත්වල සඳහන් වුණා.නානායක්කාර මහතා:-අපට කිසිදු දේශපාලන අභියෝගයක් නැහැ. නමුත් අපිට බාහිරින් අභියෝග තිබෙනවා. අධිරාජ්‍ය විරෝදීන් ඉන්නවා නම් ඔවුන් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටිය යුතුයි. අපි අධිරාජ්‍ය ගැත්තන්ට මේක කියන්නේ නැහැ. අපට බාහිරින් එන අභියෝගවලට අපි මුහුණ දෙන්නේ ජනතා ශක්තියෙන්. අප වැනි රටවල් දණ ගස්වන්නට ජාත්‍යන්තරය උත්සාහ දරනවා. නමුත් අපි ජාත්‍යන්තරය හමුවේ දණ ගසන්නේ නෑ. සියලු ජාතීන් ඒකරාශි කර සමගියෙන් කටයුතු කළ යුතු කාලය උදා වෙලා. දෙමළ ජාතික සන්ධානය සහ රජයේ මතය අතර පරස්පරතා තිබෙනවා. නමුත් අපි ඔවුනගේ අයිතියට ගරු කළ යුතුයි. ඒ වගේම අපිට ඇති අයිතීන්වලට අපි ගරු කළ යුතුයි. දෙමළ ජාතික සන්ධානයේ මතය දැරීමට ඇති අයිතිය අපි ඔවුන්ට ලබා දීතිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. අද වන විට උතුරේ පළාත් සභාවක් පිහිටුවා තිබෙනවා. ජාතින් ලෙස අපි සියලු දෙනා ඒකරාශි වුනොත් ජාත්‍යන්තරයට අපිට බලපෑම් කිරීමට අසිරුයි. ජාතික සමගිය යනු එයයි. ජනාධිපතිතුමාට අද ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස විශාල වගකීමක් පැවරී තිබෙනවා. දිවා විවේකයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර් මුරුගේසු මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 ට යළි රැස්විය.ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කරූ ජයසූරිය මහතා (එජාප):-විධායකය විසින් අධිකරණය හා ව්‍යවස්ථාදායකය නතු කරගෙන සිටිනවා. ඒ ඒ ආයතනවල සිදුවන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නැහැ. විපක්ෂ නායකවරයාට, අගවිනිසුරුවරයාට ලැබිය යුතු ගෞරවය ලබාදී නැහැ.පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා (එජනිස):-කරූ ජයසූරිය මහත්තයා රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස රාජ්‍ය සේවකයන් ශක්තිමත් කිරීමට කිසිදු පියවර ගත්තේ නැහැ.අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා:-ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ආයතන 24ක් සම්බන්ධ වැය ශීර්ෂය පිළිබඳ අද සාකච්ඡා කරනවා. එහිදී මානව හිමිකම් කොමිෂන් සභාව ශක්තිමත් කිරීමට මුදල් වෙන් කර තිබෙනවා. එය ඉතා වැදගත්. විගණන දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් යෝජනාකර තිබෙනවා. විශේෂයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.දේශපාලඥයන් අල්ලස් හා දූෂණ කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේ සඳහා ඇති වන අක්‍රමිකතා වළක්වා ගැනීම අවශ්‍ය යි.රජයට බලතල ලැබී ඇත්තේ ව්‍යවස්ථාව මඟිනි. කොමිසම් සභාවල ධූරය දරන කාලවලදී ව්‍යවස්ථාව තුළින්ම ආරක්ෂා වෙනවා. එසේම නීතිරීති මඟින් ආරක්ෂා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට නිර්දේශ ඉදිරිපත් කර ඇත. කලින් පැවැති පාලන සමයේ මේ කොමිසමේ නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ගැටලු මතු වුණා. රාජ්‍ය ආයතනවල මුදල් නාස්තිය වළක්වා ගැනීමට නිසි විගණනය කිරීමෙන් පුළුවනි.මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (එජාප):-නීතියේ ස්වාධීනත්වය නැති කරගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඔවුන් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ දුන්න නිසා අද ඔවුන්ගේ ස්වාධීනත්වයට බාධා එල්ල වෙනවා. ජනාධිපති ධුරය කීපාරක් දැරීමට පුළුවන්ද කියන එක අපට ගැටලුවක් නැහැ.විදුලිබල හා බලශක්ති ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය :-අපේ පක්ෂයේ සිටි කෙනෙක් හැටියට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හිතේ වේදනාව චිත්‍රපටයක් ලෙස පිට කළා. පොදු රාජ්‍ය නායක සමුළුවට පැමිණි නායකයන් මේ රට පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා. අප ලබාගෙන තිබෙන සංවර්ධනය දැක ඔවුන් පුදුම වුණා. ජනාධිපතිතුමා යටතේ ආයතන 27ක් තිබෙනවා.2020 දී මේ රටේ සිසුන් දෙමළ කතා කිරීමටයි ජනාධිපතිතුමාගේ දැක්ම.ඉංග්‍රීසි ඉගැන්වීම වැරදිද? ඊ ශ්‍රී ලංවක් ගොඩනැඟීමට අපේ දරුවන් දැනුවත් කිරීම ආරම්භ කර තිබෙනවා. මීට පෙර පොහොසත් මවුපියන්ගේ දරුවන් පමණයි පරිගණකයක් ඇල්ලුවේ. අද ගමේ දරුවාත් පරිගණක යුගයේ ඉන්නේ. මේ ජනාධිපතිතුමා තුන්කල් දකින නායකයෙක් විදිහට රට අනාගතයට අවශ්‍ය පරිදි නිර්මාණය කරමින් සිටිනවා.ලේඛකයන්, මාධ්‍යවේදීන් සඳහා මුදල් වෙන් කර තිබෙනවා.පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (එජාප):-ආණ්ඩුව දිගින් දිගටම පොරොන්දු දුන්නා.ඉන්දියාවට දුන් පොරොන්දු නිසා රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට රට යොමු වේවි. ණය සීමාව වැඩිකරගන්න සංශෝධනයක් ගෙනත් තිබෙනවා. ගන්න ණය සීමාව වැඩිවන විට ජනතාව පීඩාවට පත් වෙනවා.පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනෙන්නේ අත්‍යවශ්‍ය අවස්ථාවක විතරයි.මැතිවරණ දෙපාර්තමේන්තුව ස්වාධීනව ක්‍රියාත්මක කළ යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම කීවා.විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා:-ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න මහත්වරුන් කිව්වා මේ ආණ්ඩුවට ආයෝජන ගේන්න බැහැයි කියලා. තිස්ස අත්තනායක මහතා රටවල් ගණනක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කර තිබෙන බව පෙන්වා දුන්නා.එජාපයට පිළිතුරු දුන්නේ මේ පැත්තට එන්න අදහසක් තිබෙනවාද දන්නේ නැහැ. ආයෝජකයන්ට අහසේ ගොඩනැඟිලි හදන්න බැහැ. ඉඩම් අවශ්‍යයයි. පසුගිය වරේ අය-වැයට උතුරු පළාත් සභාව පිහිටුවලා තිබුනේ නැහැ. ජනාධිපති තුමා ජනාධිපති වෙන්න පෙර නැඟෙනහිර පළාත් සභාව පිහිටුවලා තිබුනේ නැහැ.13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව තහවුරු කළේ ජනාධිපතිතුමා. පළාත් සභා පිහිටුවීමේ අයිතිය ජනතාවට ලබා දීලා. නැගෙනහිර පළාත් සභාවේ අද මහ ඇමැති මුස්ලිම් ජාතිකයෙක්.මෙතන කතා කරන අය තේරීම් කාරක සභාවට එන්නේ නැහැ.කොළඹ නගරයට වසර 5කට පස්සේ විදේශගතව සිටි අයෙක් ආවොත් හිතේවී මේ කොළඹ නගරයද කියලා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (එජාප):-ඩිලාන් පෙරේරා මහතා එජාපයට විශාල වාග් ප්‍රහාරයක් එල්ල කළා. හොරකම් නොකරන ඇමැතිවරයෙක් අපිට ප්‍රහාර එල්ල කළත් කමක් නැහැ. කැසිනෝ 8ක් ගේනවා.ජනාධිපතිතුමාගේ විදේශ ගමන් බිමන් බලන්න කී දෙනෙක් යනවාද? වියදම කීයද?අපිත් ගියා එංගලන්තයට. අපිට කන්න දුන්නේ එළවළුයි බතුයි. අපි කොයිතරම් සුද්දන්ට කන්න වියදම් කළාද? මේ මුදල රටේ ජනතාවගේ මුදල්.ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා:-ජනාධිපතිතුමා ඓතිහාසිකව ලියැවෙන මොහොතක විපක්ෂයේ ද්වේශ සහගත අදහස් දැක්වීම ගැන පුදුම වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පවත්වන්නට උත්සාහ කළ මෙහොතේ පටන් එයට විරුද්ධ වුණා. චොගම් සමුළුවට යන වියදම වැඩියි කිව්වා. සමුළුව මෙරට පැවැත්වූවාට එජාපය විරුද්ධද?. රාජ්‍ය නායකයන් අවාම ත්‍රී රෝද රථයක ගෙන යන්නට බෑ. රාජ්‍ය තාන්ත්‍රිකයකුට විදෙස් රටකට ගියාම ඔවුන්ට ලබා දිය යුතු පහසුකම් තිබෙනවා. ඒවා ලබා දිය යුතුයි. මොවුන් මේ විවේචනය කරන්නේ රටට ලැබුන කීර්තිය නාමයයි. චැනල් ෆෝ මාධ්‍යවේදීන් සිරිකොතට ගෙන ගියා.එය අහම්බයක් නෙමෙයි.මෙය සැළසුම් සහගතව කළ වැඩපිළිවෙළක්.නමුත් ඔවුන්ගේ සියලු බලා පොරොත්තු ඉටු වුනේ නෑ.රටක පැවැත්මට දේශපාලන ස්ථාවර බවක් අවශ්‍යයි.එජාපය අවස්ථා 26ක් පැරදුණා. මේ දේශපාලන ස්ථාවරභාවය ඇති කළේ ජනාධිපති රාජපක්ෂ මහතායි.ඒ ස්ථාවරභාවය නිසා රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වී තිබෙනවා. වසර 30කට පසුවයි මේ වර්ධනය ඇති වී තිබෙන්නේ. මහා බ්‍රිතාන්‍යයේත් රන් පවුමක මිල කඩා වැටිලා. ඔබගේ න්‍යාය පත්‍රය වෙනස් වී නැහැ.මේ අයගේ ස්ථාවරය කෙසේ හෝ ආණ්ඩුව පෙරලා දමා බලය ලබා ගැනීමයි.චොගම් සමුළුවට එජාපයට ආරාධනා කළා.සිරිමාවෝ මැතිනිය ඉන්දු -ලංකා ගිවිසුම අත්සන් කිරීමේදී එවකට විපක්ෂනායකව සිටි ඩඩ්ලි සේනානායක මහතාට ඒ පිළිබඳව දැනුම්දීමක් කළා. සේනානායක මහතා ඊට එකඟ වුණා. එදා රටක ඉදිරි ගමන පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළේ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහතාව යහමඟ ගෙන යාමට කටයුතු කිරීම විපක්ෂයේ වගකීමයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුයි. පාර්ලිමේන්තු රැස්වීම් විද්‍යුත් ජනමාධ්‍යයට නිදහස් කිරීමට පියවර ගැනීම හොඳයි. එමගින් අනවශ්‍ය දේ සිදුවීම පාලනයකට ලක් වෙනවා. හැන්සාර්ඩ් සහ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තන අංශ දෙක ඉතා වැදගත්. විපක්ෂනායකතුමා ඉල්ලන හැමදේම අපි ලබා දෙනවා.එතුමාගේ කාර්යාලයේ මාපිලෙක් සිටීම ගැන අපි කනගාටු වෙනවා. එතුමා අපිට භාර දෙන්න. අපි බලා ගන්නම්. එතුමාට තර්ජන තිබෙන්නේ පක්ෂය ඇතුළෙන්මයි.(බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා මූලාසනයට පැමිණීයේය.)සමාජසේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා;-මේ වැය ශිර්ෂය වෙන් කර තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නෙමෙයි. එම තනතුරටයි. මේ අය වැය සකස් කළේ අරලිය ගහ මන්දිරය නම් විද්‍යාගාරයේදීයී. ඒ වගේම මෙයට ජන සහභාගීත්වයක් ලැබුණා. මේ රටේ මැතිවරණ සිතියම හකුලා දමා තිබුණා. නමුත් අද මැතිවරණ පවත්වනවා.අල්ලස් කොමිසම කාර්යක්ෂම කර තිබෙනවා. නව ගොඩනැඟිල්ලක් පවා ලබා දුන්නා. කුඩු කිලෝ 8ට සම්බන්ධව නිදහස් කර ඇත්තේ රියදුරායි. ඔහු වැරැදිකරුවෙක් නොවෙයි.ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා (එජාප):-ජිනීවා සම්ළුවේදී එකඟ වූ කාරණා තිබෙනවා. නමුත් ජී.එල් පීරිස් මහතා ජාත්‍යන්තරයට කියන දේ අපි කරන්නේ නෑ කියලා කියනවා. කොමිෂන් සභා මීට වඩා ශක්තිමත් විය යුතුයි.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා (එජනිස):-අපේ රට ආර්ථික නව යුගයකට ගමන් කරමින් සිටිනවා. අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති විමර්ශන ඒකකයත් සක්‍රියව ක්‍රියාමත් වෙනවා. එයින් වංචා දූෂණ අවම කර ගත හැකියි.ක්‍රීඩා ඇමැති මහින්දා නන්ද අලුත්ගමගේ මහතා:-2005 වසරේ සිට විපක්ෂය ජනාධිපතිතුමා විවේචනය කළා. ඔවුන් විවේචනය කරන්නේ මේ රටේ ශක්තිමත්ම නායකයායි. අද වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජාත්‍යන්තරය පවා ජයගෙන තිබෙනවා. විපක්ෂය ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරන්නේ මැතිවරණයකින් නොවෙයි. ජාත්‍යන්තරයට කේළාම් කියමින් ආණ්ඩුව පෙරළීමටයි ඔවුන් උත්සාහ කරන්නේ.සුජීව සේනසිංහ මහත්තයා කිව්වා ජනාධිපති උපදේශකවරුන්ට විශාල මුදලක් වෙන් කර තිබෙනවා කියලා. නමුත් 2002 -2004 දී රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දුන්නේ ජෝන් අර්ල් කියලා සුද්දෙක්. ඔහුගේ මාසික වැටුප ඩොලර් ලක්ෂ 7ක් වෙනවා. ඒ ගැන සුජීව මන්ත්‍රීතුමා කතා කළේ නැහැ.පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා (එජාප):-ජාත්‍යන්තර සබඳතා සඳහා රුපියල් මිලියන1000ක මුදලක් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වෙන් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයටත් මුදල් වෙන් කර තිබිය දී මෙලෙස ජනාධිපති වැය ශීර්ෂය යටතේ මුදල් වෙන් කළේ ඇයි?පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා:-ජෝන් අමරතුංග මහතා අගවිනිසුරුවරිය ඉවත් කිරීම පිළිබඳ කතා කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි එතුමිය ඉවත් කළා.මහජන කටයුතු හා මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා:-විපක්ෂය අඩු ගණනේ මහාවංශයවත් බැලිය යුතුයි. ජේතවනාරාමයට පමණක් කෝටි 54ක් වියදම් කළා. උත්සවයට කෝටි 18ක්. එදා විපක්ෂය හිටියා නම් ජේතවානාරමයත් නැහැ බදුන් වහන්සේත් නැහැ. එදා මේ අය සතර අපයේ ඉන්න ඇති.පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා (එජාප):-18 වැනි සංශෝධනය හදිසියේ සම්මත කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒකාධිපතිකමට පාර කැපුවා.වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා:-අපේ රටට මේ තරම් සම්පත් ප්‍රමාණයක් ගෙනාවේ ජනාධිපතිතුමාගේ විශිෂ්ටත්වය නිසයි. එක් පුද්ගලයකුට මේ තරම් කාර්යභාරයක් කරන්න බැහැ. ජනාධිපති ලේකම්තුමා විශාල සේවයක් කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා කවුද ගැහුවා කියා සමුළුවට අවේ නැහැ. මේක තමයි කුහකත්වය. රනිල් මෙසේ හැසිරිය යුතු නැහැ. සමුළුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළ ගියා. රාජ්‍යතාන්ත්‍රික ආකාරයටයි අපි කටයුතු කළේ. වැය කළ සියලු මුදල් සුවිශේෂි ආයෝජනයි.විවාදය නිමා විය.සංශෝධන සහිතව සම්මතවිය.පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 9.30 යළි රැස්වේ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120323
|
උත්තරීතර
|
- රන්ජිත් පද්මසිරි
|
අය වැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ ආරම්භ කෙරිණි. පනත් කෙටුම්පතක් සම්මත කිරීමට පෙර කාරක සභාවක සාකච්ඡා කිරීම තෙවැනි වර කියැවීමේ විවාදය ලෙස හැදින්වේ. එහෙත් විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අය වැය කාරක සභාව පුළුල් එකකි. සාමාන්‍ය පනත් කෙටුම්පතක් කාරක සභා අවස්ථාවකදී සංශෝධන ඉදිරිපත් කිරීම සිදු කෙරේ. අය වැය කාරක සභා අවස්ථාව සඳහා මෙවර වෙන් කළ දින ගණන 16කි. එම කාලය තුළ අමාත්‍යාංශ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සභාවේදී සිදු කෙරේ. මෙහිදී පක්ෂ විපක්ෂ සියලුදෙනා ඒ ඒ විෂයන්ට අදාළ කරුණු කාරණා ඉදිරිපත් කිරීම සිදු කරයි.එහෙත් මේ කාරක සභාවලදී ඉදිරිපත් කරන සාධනීය කරුණු පිළිබඳව සැලකිල්ලක් ලැබෙන බවක් අසන්නට ඇත්තේ කලාතුරකිනි. මේ වන විට අමාත්‍යාංශ 65ක් ක්‍රියාත්මක වේ. එයින් අමාත්‍යාංශ 34ක වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවට එක එල්ලේම යොමු කර ඇත. ජ්‍යෙෂ්ඨ අමාත්‍යධූර 10ක් හා තවත් අමාත්‍යාංශ 25ක වැය ශීර්ෂ විශේෂ කාරක සභාවක් තුළ පිටත දී සාකච්ඡා කිරීමට මෙවරත් තීරණය කර තිබුණි. නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම විශේෂ කාරක සභාවේ වාර්තාව සලකා බැලීම සඳහා මෙවර අය වැය කාරක සභා අවස්ථාවේ පැය 16ක් එනම් දින දෙකක කාලයක් ලබාදීම විශේෂත්වයකි.අමාත්‍යාංශයකට වග නොකියන ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට වග කියන ආයතන 22ක් පිළිබඳව කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ සිදු කෙරිණි. ජනාධිපති අගමැති, පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධීකරණය, විගණකාධිපති දෙපාර්තමේන්තුව ඊට ඇතුළත් වුණි.වැය ශීර්ෂවලින් රුපියල් 10ක් කපා හරින ලෙස මේ අවස්ථාවේ යෝජනා කරමින් විපක්ෂයේ ජෝන් අමරතුංග මහතා විවාදය ආරම්භ කළේය. කෝටි ගණන් වූ වැය ශීර්ෂවලින් මෙසේ රුපියල් 10ක් කපා හරින්න යැයි යෝජනා කළද එසේ සිදු කළ අවස්ථාවක් පිළිබඳ අසන්නට ලැබී නැත. මෙය සම්ප්‍රදායික ක්‍රියාවකි. රුපියල් 10ක් අඩුවෙන් වියදම් කිරීම මෙහි අරමුණු විදිහට බැලූ බැල්මට පෙනී ගියද එයින් හැඟවෙන්නේ අරපරිස්සමින් රජයේ අරමුදල් පරිහරණය කරන ලෙසට කරන නියමයකි. එවැන්නක්ද අද දක්නට නොලැබේ.චෝගම්වලට ශ්‍රී ලංකාවට එන්න බැරිව සිටි ඉන්දීය අගමැතිවරයා යාපනය සංචාරයකට සූදනම් වන බවට සභාවේ අවධානය යොමු කළ අමරතුංග මහතා ඊට විරෝධය පළ කළ යුතු බව යෝජනා කළේය. එහෙත් චෝගම් පැවැත්වීම ගැන අසතුටකින් කතා කළ පැරණි පෙරකදෝරුවකු වූ අමරතුංග මහතා ඊට දැරූ වියදම් ගැන කියන්නට වූ විට රජය පැත්තෙන් බාධා එල්ල විය. සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් ත්‍රීවිල් වලින් යවන්නද කියන්නේ කියා ඇසූ දිනේෂ් ගුණවර්ධන මහතා සමුළුව ලංකාවේ පැවැත්වීම ගැන විරුද්ධ වන්නේ දැයි ප්‍රශ්න කළේය. නැහැයි කියා ඊට පිළිතුරු දුන් අමරතුංග මහතා ඒකාධිපති ගමනක් යනවා කියා කීවද අවසානයේදී ජනාධිපතිවරයාගේ හොඳත් කීය.ඇමැතිවරුන්ට අල්ලස් චෝදනා තිබෙන බව අමරතුංග මහතා කී විට ඊට විරෝධය පළ විය. එහිදී නැඟී සිටි අතාවුද සෙනෙවිරත්න මහතා නම් ගම් නොකියා පොදුවේ කතා කිරීම වැරැදි යැයි කීය. තොප්පිය හරිනම් දාගන්න කියා අමරතුංග මහතා කියද්දී අසුනෙන් නැගිට පිටව යාමට සූදානම්ව සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එතුමා කියනවා නම් එතුමාට හැර අනෙක් අයට චෝදනා තිබෙනවා කියා අපි ඒක පිළිගෙන වැඩ කරමු යැයි කියා කීවේ සභාව සිනාගස්සමිනි. කියන තරමටම ඕවා ගණන් ගන්න එපා යැයි කියා මුලසුනේ සිටි කතානායක චමල් රාජපක්ෂ මහතා කීය. විවාදය පසුව එක් වූ සුනිල් හඳුන්නෙත්ති මහතාද ඇමැතිවරුන් ගේ අල්ලස් චෝදනා ගැන කතා කළේය. අල්ලස් කොමිසම ඇමැතිවරුන් නිහඩ කිරීමට යොදා ගන්නා බව කී හඳුන්නෙති මහතා කොමිසමෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අමැතිවරුන් බව කීවේය.විපක්ෂ නායකවරයාට දිය යුතු ගරුත්වය ගැන දෙන්නැයි ඉල්ලා සිටි අමරතුංග මහතා මාපිලා කාමරයට පැමිණි අයුරු ප්‍රශ්නයක් බව කීවේ විපක්ෂ නායකවරයාට නිසි ආරක්ෂාව ඉල්ලා සිටිමිනි. ඊට පිළිතුරු දුන්නේ අගමැති දී.මූ ජයරත්න මහතායි. අලුත් ගොඩනැඟිල්ලක්, වාහනයක්, විපක්ෂ නායකවරයාට ලබාදීමට පියවර ගෙන ඇති බව කී ජයරත්න මහතාට ස්තුතිය පළ කළ වික්‍රමසිංහ මහතා ලබා දෙන දේවල් මදි යැයි කීවේ විපක්ෂයට දේශපාලනය කිරීමට ප්‍රජාතන්තවාදී සමාජයක්ද ඉල්ලමිනි. එකම පවුලකට බලය කේන්ද්‍රගතවී ඇති බව එම් ඒ සුමන්තිරන් මහතා විස්තර කළේ නමක් ගමක් සඳහන් කොකරමිනි. ඔහුට බාධා කළ සරත් වීරසේකර මහතා ඔබ කියන පවුලේ සියලුදෙනාට මේ රටේ ජනතාව ජනවරමක් දී තිබෙනවා යැයි කීවේ කතානායකවරයා නිහඩව අසා සිටියදීය. ජනාධිපතිධූරයේ ජනවරම හා බලතල නිසා මහින්ද රාජපක්ෂ මහතා විශාල කාර්යභාරයක් සිදු කළ බව පෙන්වාදුන් මහාචාර්ය ජී එල් පීරීස් මහතා කවුරු මොනවා කීවත් අභියෝගවලට මුහුණ දී ජනාධිපතිවරයා ක්‍රියාකළ ආකාරය විස්තර කළේ සුමන්තිරන්ට පිළිතුරු වශයෙනි. නෑදෑකම් හා පවුල් සබඳතා යම් කාර්යක් කිරීමට, වගකීමක් දැරීමට සුදුසු කමක් මෙන්ම නුසුදුසු කමක්ද නොවන බව මහචාර්ය පීරිස් මහතා පෙන්වා දුන්නේය. තත්ත්වය එසේ වූවත් විවාදයේ දී රාජපක්ෂවරු තිදෙනකු ගැන එජාපයෙන් හොඳ අසන්නට ලැබිණි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරක් පිළිබඳ අතුරු ප්‍රශන්යක් නැගූ රෝසී සේනානායක මහත්මිය ගෝඨාභය රාජපක්ෂ මහතාට චරිත සහතිකයක් දුන්නේ මා දන්නා විදිහට ආරක්ෂක ලේකම්තුමා යම් පොරොන්දුවක් දුන්නොත් එය ඉටු කරනවා යැයි කියමිනි.ජනාධිපතිතුමාට ප්‍රශංසා කරන්න සුබපතන්න හිටියත් ඒක කරගන්න බැරි වුණා යැයි නෝක්කාඩුවක් කී ජෝන් අමරතුංග මහතා චෝගම් සමුළුවට යන්න උවමනාවෙන් බලා සිටියත් සූදානමින් සිටියත් ඊට දින දෙකකට පෙර සිදු වූ සිද්ධීන් නිසා එය වැළකී ගිය බව කීය.මුලසුනේ සිටි කතානායකවරයාගේ ක්‍රියාකලාපය ගැන කරූ ජයසූරිය මහතා සිය කතාවේ දී සතුට පළ කළේය.ජනාධිපතිවරයාට දිනකට ලක්ෂ 234ක් වැය වන බවට ජවිපේ කළ ප්‍රකශයට හොඳ පිළිතුරක් පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය දුන්නාය.ජනාධිපතිතුමාගේ යටතේ ඇති ආයතනවල වියදම් ජනාධිපතිතුමාගේ වියදම ලෙස උලුප්පා පෙන්වීමට තරම් ජවිපේ බංකළොත්වී ඇතැයි ඇය කීවාය. අධිකරණයේ ස්වාධීනත්වය ගැන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ප්‍රශන්යක් තිබිණි. ආණ්ඩුව පැත්තෙන්ද හොඳ සහතික ලැබිණි. ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත නිසා අභ්‍යන්තර අර්බුද නැති වූ බව පෙන්වා දුන් වාසුදේව නානායක්කාර මහතා බාහිර බලවේගවලින් ජනාධිපතිතුමා ආරක්ෂා කර ගත යුතු බව පෙන්වා දුන්නේය.බාහිර බලවේගවලට කියුබාවෙන් උදාහරණ දුන් ඒ මහතා රටේ අඛණ්ඩතාව රැකගත්තා මෙන් ජාතික හදවතේ අඛණ්ඩතාව රැකගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.ජනාධිපතිතුමාගේ වැඩ එතුමා යටතේ ඇමැතිවරුන්ට දී තිබීම ප්‍රශංසාවට ලක් කළ ඒ මහතා එයින් ඇමැති මණ්ඩලය වැඩිවුවත් එය රුදාවක් කර ගන්න එපා යැයි විපක්ෂයට කීය.නානායක්කාර මහතාගේ විරෝධයක් මෙන්ම දුක්ගැනවිල්ලක්ද තිබුණි. ඒ පාර්ලිමේන්තුව අසල තිබූ අහිංසකයන්ගේ ආරාමය ගැනය. එය කඩා ඉවත් කිරීම ගැන සිය විරෝධය පළ කළ ඒ මහතා 1987-89 කාලයේ අතුරුදන් වූවන් වෙනුවෙන් යළිත් එවැනි සිහිවටනයක් ඉදිකිරීමට පියවර ගත යුතු බව කීය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120324
|
අයවැයෙන් රුපියල් බිලියන 125ක් අධ්‍යාපනයට වෙන් කර තිබෙනවා
| null |
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කර පෝෂණය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු භේදයකින් තොරව අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කරමින් අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා 2014 අයවැයෙන් රුපියල් බිලියන 125ක විශාල ප්‍රාග්ධනයක් වෙන් කර තිබෙන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.කොළඹ මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සිව් මහල් ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඊයේ පැවැති අතර එහිදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.පාසල් නඟා සිටුවීම සඳහා සියලු සම්පත් රජයට පමණක් ලබාදිය නොහැකි බව ප්‍රකාශ කළ ඇමැතිවරයා ආදි ශිෂ්‍යයන්, දානපතීන්, සුබ සාධනයන් ඒ සඳහා යොදා ගත හැකි බව ද පෙන්වා දුන්නේය.ඒ අනුව මේ පාසලේ මේ සිව් මහල් ගොඩනැඟිල්ල සඳහා මහාචාර්ය මිෂාර් මහතාගේ කෝටි ගණනක පෞද්ගලික ධන පරිත්‍යාගක් ලබා දී තිබෙන බව ප්‍රකාශ කළේය.මේ පරිත්‍යාගය සියලු දානපතීන්ට ආදර්ශයක් බවද වැඩිදුරටත් පැවසීය.ෙජ්‍යෂ්ඨ ඇමැති ඒ.එච්.එම් ෆවුසි, කතානායක චමල් රාජපක්ෂ, තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=n13120325
|
2020 වන විට ආසියාවේ හොඳම ළමා රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල
| null |
රිජ්වේ ආර්යා ළමා රෝහල වසර 2020 වන විට ආසියාවේ හොඳම ළමා රෝහල බවට පත් කිරිම සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරිමට මෙවර අයවැයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.දැනට ඉඩ පහසුකම් නොමැති ඒකකවලට ඉඩ පහසුකම් ලබාදීමටත් ආසියාවේ මේ වන විට ලබාදෙන උසස් ප්‍රතිකාර ලබාදීමටත් මෙමඟින් බලාපොරොත්තු වේ. මේ ප්‍රතිපාදන චීන රජයේ පරිත්‍යාග ලෙස ලබා ගැනීමට නියමිත බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවැසුවේය.ශ්‍රී ලංකාවට පැමිණි චීන රජයේ ආසියා කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වෙයි ලයි (Wei Lai) මහත්මිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ සංවර්ධන කටයුතු සඳහා චීනයෙන් ආධාර කිරීමට ලැබීම ගැන සතුටු වූ අතර රෝහලේ කරන සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට කටයුතු කළාය.ඒ මහත්මිය රෝහලේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා ද මෙහි වේ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=r1312031
|
මහනුවර තැන්නකුඹුරේ සතොසට පැන කැෂියර් බය කර ලක්ෂ 6ක් කොල්ලකාලා
|
අසේල කුරුළුවංශ
|
ආයුධ සන්නද්ධව මහනුවර තැන්නකුඹුර සතොස වෙළෙඳ සලට ඇතුළු වී එහි සේවකයන් බිය ගන්වා රුපියල් 6,38000/=ක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.යතුරු පැදි 02කින් පෙරේදා (01) රාත්‍රී 8.45ට පමණ පැමිණි පුද්ගලයන් තිදෙනෙකු හිස් ආවරණ සහිතව වෙළෙඳ සලට ඇතුළු වී ගිනි අවි පෙන්වා සේවකයන් බියකර කොල්ලය සිදුකර තිබෙන බව පොලිසිය පවසයි.වෙළෙඳ සල වැසීමට යන අවස්ථාවේ ඒ තුළට ඇතුළු වී ඇති සැකකරුවන් එහි දුරකතනය විසන්ධිකොට සේවකයන්ගේ ජංගම දුරකතනද ඔවුන් අතට ගෙන කොල්ලය සිදුකොට පලාගොස් ඇත.සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත. පොලිසිය පරීක්ෂණ පවත්වයි..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=r1312032
|
ගවයෝ 5ක් දුමිරියට බිලි
|
@ ඡායාරූප සටහන - අනුරාධපුර මධ්‍යම විශේෂ
|
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය අසල පිහිටි ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ තොග ගබඩා සංකීර්ණය අසල සිදුවූ අනතුරකින් ගවයන් 05 දෙනෙකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ අතර තවත්ගවයන් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලැබීය.කිළිනොච්චියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දැයට කිරුළ දුම්රියේ ගැටුණු ගවයන් 05 දෙනා විසිවී ගොස් මැදවච්චිය දෙසට ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ ගැටීමෙන් මරණයට පත්විය. එමසතුන් ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරද්දී මෙම අනතුරට මුහුණ පෑ අතර අයාලේ යන ගවයන් මෙසේ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමෙන් බරපතළදුම්රිය අනතුරු සිදුවීමට ඉඩ ඇති බවත් ගවයන්ගේ අයිතිකරුවන්ට ගවයින් දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම තහනම් කර තිබියදීත් ඒ පිළිබඳව අවධානයක් යොමු නොකොට දුම්රිය මාර්ගයට ප්‍රවිෂ්ට කරන බව දුම්රිය සේවකයෝ පවසති..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=r1312033
|
ඇඟ හදාගෙන පොරක් වෙන්න සල්ලි නැතිව යතුරු පැදි උස්සලා
|
කොච්චිකඩේ විශේෂ ඩී. මිහිඳුකුල
|
සමාජයේ කැපීපෙනෙන ලෙස සිටීමට කායවර්ධන ව්‍යායාමයෙහි යෙදෙමින් සිරුර පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා යතුරු පැදි සොරකමේ යෙදුනු අයකු සහ ඊට අනුබල දුන් අයෙක් සොරකම් කළ බව කියන යතුරුපැදි හතරක් සමඟ මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට පත්ව ඇත්තේ බසියාවත්ත හා තලාහේන යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි. අයෙක් 31 හැවිරිදි විවාහකයෙකි. අනෙකා 28 හැවිරිදි තරුණයෙකි.විවාහක අය කායවර්ධන මධ්‍යස්ථානයට බැඳී ව්‍යායාම් කටයුතුවල යෙදෙයි. ඔහුට මනා ලෙස වැඩුනු දේහයක් ඇත. සිරුර පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාරපාන, විටමින් වර්ග මිලදී ගැනීමටත් සුවපහසු ජීවිතයක් ගතකිරීමටත් ඔහු මුදල් උපයා ගැනීමට නවීන මාදිලියේ වටිනා යතුරුපැදි සොරකම් කර අලෙවි කරයි.නිවාස ඉදිරිපිට හැඬල් ලොක් දමා නවතා තිබෙන යතුරු පැදි විශේෂ යතුරු උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට ඔහු දක්ෂයෙකි. සොරකම් කළ යතුරු පැදිවලට වෙනත් වර්ණයක් ආලේප කර අංක තහඩු වෙනස් කර අලෙවි කරති. සොරකම් කළ මුදල්වලින් සංචාරක හෝටල්වල නැවතී කුමාර සැප ගතකරමින් ජීවත්වීම කර ඇත.පිරිපුන් දේහයක් පවත්වාගෙන යාමට දැඩි ලෙස ආශා කළ අයෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී තිබුණි. සොරකම් කළ යතුරු පැදිවල වටිනාකම රුපියල් ලක්ෂ 18ක් පමණය. මීගවුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සජිත් රත්නායක මහතාට ලැබුණු තොරතුරක් මත සොරකම් කළ යතුරු පැදියක් සැකකරු වෙනත් වර්ණයක් ආලේප කර වෙනස් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.දෙවැනි සැකකාර තරුණයා පළමු සැකකරුට මේ සොරකම් කිරීමට සහය වෙමින් කටයුතු කර තිබේ.කොට්ඨාස පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ උපදෙස් පිට මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හල්ලව මහතාගේ අධීක්ෂණය යටතේ වැටලීම සිදු කෙරිණි..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=r1312034
|
වයඹ පෞද්ගලික බස්වලින්කප්පම් ගැනීම් තවම නතරවී නෑ
|
කුරුණෑගල මධ්‍යම විශේෂආරියපාල වංශතිලක
|
වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති නිසා තවමත් කප්පම් ගැනීම දිගටම සිදුවන බව වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන විදුලි බල හා බලශක්ති ඇමැති ගුණදාස දෙහිගම මහතා පවසයි.ඒ මහතා එසේ පැවසුවේ වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.බස් හිමියාත් මගියාත් ආරක්ෂා වන පරිදි ජනතාවට හොඳ මගී ප්‍රවාහන සේවයක් ලබාදීම තමාගේ එකම අරමුණ බව කී දෙහිගම මහතා මගී ප්‍රවාහන අධිකාරියේ මසකට රුපියල් 18,000ක් පමණ වැටුප් ලබන කොන්දොස්තරවරුන්ට, සහ වේලා සටහන්කරුවන්ට බස් රථවලින් මුදල් ලබා ගැනීමට අවශ්‍යතාවක් නැති බවත් කීය.මෙහිදී තවදුරටත් මාධ්‍ය දැනුවත් කළා පළාත් අමාත්‍යවරයා මේ වනවිට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට විරුද්ධව පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් හිටපු නිලධාරීන් ලක්ෂ 10 – 15 ලබාගෙන මාර්ගවලට බලපත්‍ර නිකුත් කොට තිබෙන බවත් මින් ඉදිරියට එවැනි දේවල් කිරීමට තමා ඉඩ නොතබන බවත් කීය.බස් රථවල කැසට් දමාගෙන මග දෙපස සිටින තරුණ කාන්තාවන්ට උසුළු විසුලු කරන කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=r1312035
|
බස් ගාස්තුව වෙනුවට කොන්දොස්තරට අරක්කු කාලක්
| null |
සිය බස් ගාස්තුවට අදාළ මුදල වෙනුවට මත්පැන් කාලේ බෝතලයක් කොන්දොස්තර මහතා වෙත ලබාදුන් රසවත් පුවතක් පසුගිය දිනක ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා විය.වාර්තාවන වන අන්දමට සිද්ධිය මෙසේය.වේලාව රාත්‍රී 8.20ට පමණයි. එය තරමක් වැසි සහිත දිනයක්ද විය. ප්‍රධාන නගරයෙන් පිටත්වන අවසන් බසය තවත් විනාඩි දහයකින් පමන ආරම්භ කරනු ලබයි. බසය පිරෙන්නට සෙනගද විය. මගීන්ට ප්‍රවේශපත් ලබාදීම කොන්දොස්තර මහතා ඇරැඹීය.ප්‍රවේශපත්‍ර නිකුත් කරමින් පිටුපස අසුන වෙත කොන්දොස්තර මහතා ළඟා විය.ඔය මාමා කොහාටද?ආ... පුතේ මට... ටිකට් එකක් දෙන්න.මෙන්න මාමා ටිකට් එක. ගාන රුපියල් 32යි. අනේ පුතේ මං ළඟ එච්චර සල්ලි නැහැනේ. තරමක් බමන මතින් සිටි කමලසිරි මාමා කොන්දොස්තරට පැවසීය.පුතේ සල්ලි වෙනුවට මේන් මෙතන කාලක් තිබෙනවා කියා... මත්පැන් කාලේ බෝතලයක් කොන්දොස්තර මහතාට දිගු කරන්නට විය.“අනේ මාමා මට එපා. ඕක මාමාම බොන්න...” මම කොහොමත් අරක්කු බොන්නේ නැහැ. කියා කියමින්, බසයේ සිටි සියලුම දෙනාට මෙම දෙබස මහත් රස ගුලාවක් විය.පසුව ළඟ තිබූ රුපියල් 22ක් දුන් කමලසිරි ප්‍රවේශ පත්‍රයක් ලබා ගෙන “මොනවා කරන්නද එතන ඉඳලා මම පයින් යන්නම්...” කියත්ම බොහෝ දෙනකු මේ මිනිහාගේ බේබදු කමක මහත යැයි සෙමින් මුමුනන්නට විය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=r1312036
|
කොග්ගල කළපුවේ කරදිය පිරීමිරිදිය මසුන් වඳ වෙලා
|
@ රවිදු ලසිත දීයගහගේ අහංගම සමූහ
|
කොග්ගල කළපුවට විශාල වශයෙන් කරදිය ගලා ඒම නිසා කළපුවේ මිරිදිය මසුන් මේ වනවිට වැඩි ප්‍රමාණයක් වඳවී ගොස් ඇතැයි කළපුව ආශ්‍රිත ධීවරයෝ පවසති. කොග්ගල ඔය මුහුදට වැටෙන මෝයකටේ තිබූ ස්වාභාවික වැලි බැම්ම ඉවත් කිරීමෙන් පසුව මේ තත්ත්වය උදාවී ඇතැයි ඔවුහු කියති.කොග්ගල කළපුවට කරදිය ගලා ඒම පාලනය කිරීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොග්ගල මෝයකටේ ගල්වැටි දෙකක් ඉදිකර ඇතත් ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබී නැතැයිද මිරිදිය ධීවරයෝ පවසති.මේ පිළිබඳ තොරතුරු සොයාගිය ගමනේදී හමුවූ දූව මලලගම ගෙදරවත්ත තොටුපොළේ එච්.එච්.ප්‍රේමලාල් මහතා මෙසේ කීය.මෝයකට කලින් තිබූ විදියට වැලිවලින් වැහෙන්න ඕන.වැලිවලින් වැහුනට පස්සේ මෝයකට උදලුවලින් කපා වතුර බස්සවන්න පුලුවන් විදියට තිබිය යුතුයි.එහෙම නැතුව වෙනත්ක්‍රම යොදා මේකට හරියන්නේ නැහැ.මේ කොග්ගල කළපුවට කරදිය ගැලීම නිසා අද අපේ ධීවර කර්මාන්තයට විශාල පහරක් එල්ල වෙලා.ලූලා, වැලිගොව්වා, කොරලියා, කටිල්ලා,මරන්දා, කකුළුවා සහ ඉස්සන්ගෙන් එදා කළපුව පිරී තිබුණා.උදේ ගඟට බැස්සම දවල් දහය එකොළහ වෙනකොට මාළු කිලෝ තිහ හතළිහක් අල්ලා ගන්නවා.ඒත් අද මුළු දවසම ගගේ හිටියත් මාළු කිලෝ තුන හතරක් අල්ලා ගන්න බැහැ.එච්.එස්.කුමාර මහතා - කොග්ගල කළපුව නිසා මේ ප්‍රදේශයේ පවුල් සිය ගණනක් ජීවත් වුණා.ඒත් මේවනවිට කළපුවේ මසුන් වඳවීම නිසා ධීවරයන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවෙලා.කළපුවට කරදිය ගලා ඒම බැසයෑම ස්වාභාවිකව සිදුවුණා.එහෙත් මෝයකට විශාල කිරීම නිසා කළපුව කරිදියෙන් පිරී ගියා.මාළු වඳවීමට හේතුව ඒකයි.හවසට කළපුවේ එළන දැල් උදේ බලනකොට පහළට ගහගෙන ගිහිල්ලා.දැල් කැපිලා ගල්වල වැදිලා විනාශ වෙනවා.ඒ වගේම කළපුව දෙපස අනවසර ඉදිකිරීම් බහුලව සිදුකෙරෙනවා.කඩොලාන කැපීමත් මසුන් වඳවී යෑමට තවත් හේතුවක්..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=r1312037
|
නියං හතක් ආවත් නොසිඳෙන පැනෑටියන ගම්මානයේ කෙල්ල මළ දොළ
|
@ ලංකින්ද නානායක්කාර - ඉමදුව සමුහ
|
පැනෑටියන ගමේ කෙල්ල මළ දොළ ආදි කාලයේ සිට පැවැත එන විවිධ ජන ප්‍රවාදවලින් ගහන වු ගම්මානයකි. පැනෑටියන ගම්මානය අදට ද එදා මෙන් ආයුර්වේදයට හා විෂ වෙදකමට,මන්ත‍්‍ර ගුරුකම්වලට මහත් ප්‍රසිද්ධියක් ඇති සුන්දර ගම්මානයකි. ගමේ කා අතරත් ජනප්‍රියව ඇති කෙල්ල මළ දොළ ප්‍රදේශයේ මහා ආන්දොලකයක් ඇති බියකරු වු කතාන්දරයකි.අභිරහස් සිද්ධි ගණනාවක හෙළිනොවු යටගියාව සටහන් කෙරෙන කෙල්ල මල දොළ අසළ ගැවසෙන්නට අදටද එදා මෙන්ම කිසිවකු කැමැති නැත. කෙසේ වූවත් අපි එම දොළ අසළට ගියෙමු. ඒ සඳහා අපට එක්වුයේ කෙල්ල මළ දොළ අසලම ජීවත්වන හැටපස් හැවිරිදි බක්කිනිය වත්තේ පියදාස මහතාය.මේ දොළ අසළ දැන්නම් හොදින් එළිය තියෙනවා. නැතිනම් මහා කළුවරක් තමයි තියෙන්නේ. මේ ගම් තුලාවටම පානීය ජලය දෙන්න හැකි තරම් මේ දොළේ ජලය තියනවා. අවුරුද්දේ එක්කාලයක දී මේ දොළ දෙගොඩ තලා යනවා. මහා ජල කඳක් තමයි ගලාඑන්නේ යැයි බක්කිනිය වත්තේ පියදාස මහතා පවසයි.ඉහළ විතානගේ අමරාවති මාතාව (86) කියන්නේ මෙවැන්නකි. මේ දොළට කෙල්ලෙක් වැටිලා මළා. ඒ නිසා තමයි මේ දොළට කෙල්ල මළ දොළ කියලා කියන්නේ. මේ කෙල්ල මළ දොළ ළඟ මහා අද්භුත දේ සිදුවනවාය කියලා අපේ වැඩිහිටියන් කියනවා මම අහලා තියනවා. නුල් බෝලයක ගලක් ගැටගහලා මෙම කෙල්ල මළ දොළ ගාව තියන මහා ගැඹුරු වළට දැමු විට නුල අවසන්වන තුරු දියයට යනවාය කියනවා.ඒ තරම්ම මහා වළක් තමයි තියෙන්නේ.මේ දොළ අසල ගල්පරය යට මහා නිධානයක් ඇති බවත් නිධානය ආරක්ෂා කරන කිසියම් බලයක් ද මෙහි ඇත් බව පැරැන්නන් පවසා තිබෙන බවත් අපට පැවසුවේ ගමේ වැඩිහිටි පරපුරේ තවත් එක් මාතාවක් වු ගොඬේ විතානගේ රෝසාහාමි මාතාවයි (90) - හොල්මන්, අවතාර, නිධානය, තෙරක් නොපෙනෙන ගැඹුරු මහා ආගාධය සහිත මේ දොළේ කිසිදු නියඟයක දී ජලය සිඳී යෑමක් නොවන බවද ගැමියෝ අදටද පවසති.කෙල්ල මළ දොළ පරම්පරා ගණනක විකසිත බියකරු වූ කතාන්දර රැසක් සඟවාගෙන නිසලව ගලා බසියි. මේ පුදුම සහගත වූ කතාන්දරය තවත් එක් අද්භූත සිද්ධීන් රැසක් එක් කරමින් අදටද අතීතයේ මෙන් අනාගතයේද පවතිනු ඇත. ඒ කෙල්ල මළ දොළ හඬතලා කියන්නා වු කතාන්දරයයි..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=r1312038
|
කටුගස්තොට නිවෙසක මෙහෙකාරකමට පැමිණ දෙවැනි දිනයේම මුදල් රෙදිපිළි අරන් ගිහින්
|
හාරිස්පත්තුව මධ්‍යම විශේෂ - ගාමිණී බී. දිසානායක
|
කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල පදිංචි අඹු සැමි යුවළ රජයේ රැකියාවල නියුක්තව සිටින නිවෙසක මෙහෙකාරකමට පැමිණි කාන්තාවක් දෙවැනි දිනයේදීම නිවෙසේ තිබූ මුදල් හා රෙදිපිළි සොරාගෙන ගොස් ඇත.ගෙහිමියා දහවල් දොළහට පමණ රැකියා ස්ථානයේ සිට ළදරු පාසලට රැගෙන ගිය ළමයා නිවසට රැගෙන ආවාද කියා දැනගැනීමට නිවසට දුරකථනයෙන් කිහිප වරක් ඇමතුම් දී ඇතිමුත් ප්‍රතිචාර නොමැති නිසා අල්ලපු නිවසට කතා කර නිවෙස පරීක්ෂා කරන ලෙස පවසා ඇත. දොර විවෘත කර ඇති බවත්, ළදරු පාසලට රැගෙන ගිය ළමයා ගෙනවිත් නොමැති බවත් දැක ඒ බව නිවැසියාට ඇමතුමක් දී පවසා තිබේ.නිවෙසට පැමිණි නිවැසියා නිවෙස පරීක්ෂා කිරීමේදී අල්මාරිය විවෘත කර තිබෙනු දැක ඇති අතර එහි තිබූ කාන්තා රෙදිපිළි රැසක් සහ සඟවා තිබූ රුපියල් විසිදහසක් අතුරුදන් වී ඇති බව දැක වහා ක්‍රියාත්මක වූ මොහු කටුගස්තොට පොලිසියේ අපරාධ අංශයට ගොස් සියලු තොරතුරු පවසා පැමිණිලි කර ඇත.මේ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ අපරාධ අංශයේ ස්ථානාධිපති ශාන්ත බණ්‍ඩාර මහතා, අපරාධ අංශයේ නිලධාරිනියක් ඇතුළු කණ්ඩායමක් ඇය ලබා දුන් ලිපිනය අනුව හැටන් දික්ඔය පොලිස් ස්ථානයට ගොස් උපක්‍රමශීලීව ඇය සිටින නිවසට සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් පිරිසක් යවා රුපියල් දහඅටදහසක වැටුපකට නිවෙසක රැකියාවක් දෙන බව පවසා ඇය හැටන් දික්ඔය පොලිසිය වෙත ගෙනවිත් ඇගෙන් ප්‍රශ්න කර සොරකමට අදාළ සියලු තොරතුරු හෙළිකරගෙන සොරාගත් රෙදිපිළි පමණක් සොයාගෙන සැකකාරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.සොරබඩු කටුගස්තොට පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරිය මහනුවර මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=s1312031
|
ශ්‍රී ලංකාව ඉදිරියේ අමෙරිකාව දණ නමයි
|
ප්‍රින්ස් ගුණසේකර සිංගප්පූරුවේ සිට
|
නේෂන් කුසලාන නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවූ දෙවැනි තරගයෙන් අමෙරිකාව පරදා ලකුණු 67-34ක දැවැන්ත ජයක් ඊයේ හිමිකර ගත්තේය. ඇමෙරිකාව ආසියානු රටකින් ලද මුල්ම පරාජය ලෙස නෙට්බෝල් ඉතිහාසයට එක්වීම ද ශ්‍රී ලංකා ජයග්‍රහණයේ විශේෂත්වයකි.ලෝක නෙට්බෝල් කණ්ඩායම් අතර 19වැනි ස්ථානයේ සිටින ඇමෙරිකාව, 23 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවෙන් ලද පරාජය හේතුවෙන් ශ්‍රේණිගත කිරීමේ පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනු ඇත.තරගයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 14-10ක් ලෙස පෙරමුණේ සිටි අතර දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් ලකුණු පරතරය වැඩිකර ගනිමින් 21-10ක් කරගත් අතර තෙවැනි කාර්තුවේදී ලකුනු 15-10 ක් හා සිවුවැනි කාර්තුවේදී 17-09ක් විය. ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක් කිරීමට කළමනාකාරීත්වය තීරණය කර තිබූ අතර එම සෑම ආදේශනයක්ම ජයග්‍රහණයේ වාසියට හේතුවීම ප්‍රශංසා කළ යුතුය.පැපුවා නිව් ගිනියාවට එරෙහි පළමු තරගයට ක්‍රීඩා කළ ගෝල් කීපර් තිසාලා අල්ගම ඊයේ තරගයට එක් නොවූ අතර ඒ වෙනුවට ගයනි දිසානායක එම ස්ථානයේ ක්‍රීඩා කළාය. එමෙන්ම පළමු තරගයට ක්‍රීඩා නොකළ සුරේඛා කුමාරී වින්ග් ඩිෆෙන්ස් ක්‍රීඩිකාව ලෙස කැඳවා තිබුණි. එහෙත් පළමු කාර්තුවෙන් පසුව එම ස්ථානයට නවුජලී රාජපක්ෂ කැඳවීමට පුහුණුකාරිනිය තීරණය කිරීමද ප්‍රතිඵලදායක විය.මහනුවර උසස් බාලිකා විදුහලේ 18 හැවිරිදි ගයාංජලී අමරවංශ සෙන්ටර් ක්‍රීඩිකාව ලෙස පළමු කාර්තු දෙකේ ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ අතර ඇය වෙනුවට අවසන් කාර්තු දෙකේදී පිටියට පිවිසි නවක ක්‍රීඩිකා තිළිණි වත්තේගෙදර ද ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය.මේ දෙදෙනාගේ කල්පනාකාරී ක්‍රීඩාව හේතුවෙන් මැද පෙළ තිබූ දුර්වලතාව ඊයේ තරගයේදී බොහෝ දුරට මගහැරී ගිය අතර ගෝල් කණුව දෙසට පන්දු යොමුවීම් යම් දුරකට සාර්ථක විය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවට ලකුණු ලැබීමේ උත්සාහක අවස්ථා 71ක් ලැබීමය. ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම් උත්සාහයන් 57කදී 55ක් හා ගෝල් ඇටෑක් සෙමිණි ද අල්විස් උත්සාහයන් 14කදී ලකුණු 12ක් වාර්තා කිරීමට සමත් වූහ.ශ්‍රී ලංකා ආරක්ෂක කලාපය ශක්තිමත් කරමින් කොළඹ විශාඛා විදුහලේ ගයනි දිසානායක අමෙරිකානු ගෝල් ෂූටර් ඩයලාන් මැකාරූතීට ප්‍රබල තර්ජනයක් ගෙනදුන් අතර ගෝල් ඩිෆෙන්ස් ක්‍රීඩිකා දර්ශිකා අබේවික්‍රම ද පීඩනය වැඩි කළාය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ගෝල් කණුව දෙසට යන පන්දුව අවස්ථා හතරකදී පමණ අමෙරිකාව වාසියට හරවා ගැනීම හැරෙන්න ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා විලාශය ආකර්ශනීය තත්ත්වයක තිබුණි.සුලු දුර්වලතා ද සිදුවූයේ අනවශ්‍ය කලබලකාරීත්වයකින් බව පැහැදිලි විය. එය ශ්‍රී ලංකා පුහුණුකාරීනී සොමිතා ද අල්විස් මහත්මිය ද තහවුරු කළාය.“අපේ ළමයි ඕනෑවට වඩා වේගයක් පෙන්වා අත් වැරදීම් කර ගන්නවා. ගේම් එක වේගයෙන් ගෙනත් රටාව වෙනස් කරන්න ඕනෑ තැන තේරුම් ගන්නේ නෑ. කොහොම වුනත් ලැබූ සුලු පුහුණුවට සාපේක්ෂව හොඳට සෙල්ලම් කළා. ඇටෑකින් හොඳයි. ඩිෆෙන්ස් ලයින් එකත් වාසි වුණා. මැද පෙළ ආදේශන ඔක්කොම බලාපොරොත්තුවූ දේ ඉටු කළා. අමෙරිකාව සිතූ තරම් අභියෝගයක් එල්ල කළේ නෑ“.සිංගප්පූරුව සමග තරගය ඉතාම තියුණු වනු ඇතැයි ද ඇය අනාවැකි පළ කළාය. සිංගප්පූරුවේ ශාරීරික අධ්‍යාපන ගුරුවරියක් ලෙස සේවය කරන එංගලන්ත ජාතික ඔලිවියා ෆ්ලැනර්ගන් මැද පෙළ ක්‍රීඩිකාවක් ලෙස එක්ව සිටීම සිංගප්පූරු පිලට ශක්තියක් බව නිමාවූ තරග දෙකේදීම දක්නට ලැබුණි.කෙසේ වුවද අද පෙරවරුවේ පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී සිංගප්පූරුව පරාජය කිරීමේ සැලසුම සාකච්ඡා කරන බව සොමිතාද අල්විස් මහත්මිය දිනමිණට පැවැසුවාය..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=s1312032
|
වසර 16කට පසුව අන්තර් සමාජ ස්නූකර් තරගාවලියක්
|
ෆවුස් මොහොමඩ්
|
දේශීය ස්නූකර් තරගබිමේ නව පිටුවක් පෙරලමින් වසර 16කට පසුව අන්තර් සමාජ ස්නූකර් තරගාවලියක් පැවැත්වීමට ජාතික ස්නූකර් හා බිලියඩ් සංගමය කටයුතු යොදා ඇත.දේශීය හා විදේශීය ස්නූකර් ක්‍රීඩා ක්ෂේත්‍රයට යොවුන් ක්‍රීඩකයන් බිහිකිරීමේ තෝතැන්නක් ලෙස සැලකෙන අන්තර් සමාජ ස්නූකර් තරගාවලිය නැවත ආරම්භ කිරීම ක්‍රීඩාවේ උන්නතියට වැදගත් සාධකයක් වනු ඇතැයි හිටපු ක්‍රීඩකයන් පවසති.රවුන්ඩ් රොබින් ක්‍රමයේ තරග වටයකින් ඊයේ (2) ආරම්භ කළ මේ තරගාවලිය ලබන 23වැනිදා දක්වා පැවැත්වෙන අතර අවසන් වටයේ තරග ලබන වසරේ ජනවාරි මාසයේ මුල් සතියේ දී පැවැත්වීමට නියමිතය.කාණ්ඩ හතරක් යටතේ යුද, ගුවන්, මුවර්ස්, එම්.අයි.සී.එච්, වයි.එම්.සී.ඒ, ඔටර්ස්, එස්.එස්.සී, ස්ටාර්ලයිට්, පෝර්ට් ඔෆ් පූල්, බී.ආර්.සී, ඒ.ඒ.සී, එස්.එස්.සී, වෙන්නප්පුව ක්‍රී.ස, ඔරියන්ට්, සීලෝර්ඩ්, ගාල්ල ක්‍රී.ස, සී.ඊ.බී, වයි.එම්.බී.ඒ. ඇතුළු කණ්ඩායම් රැසක් තරගාවලියට එක්වී සිටිති..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=s1312033
|
වත්තල සා.අන්තෝනි විදුහලට ඉනිමක ජය
| null |
ෂමෙල් නිශාන්තගේ විශිෂ්ට තුන්ඉරියව් දස්කම් හා යෝගරාජ් ඉලංගවන්ගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් අවුරුදු 13න් පහළ 'බී' කොටසේ තුන්වැනි කාණ්ඩයේ තරගයෙන් බටුවත්ත මහ විද්‍යාලයට එරෙහිව ඉනිමක හා ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට වත්තල සාන්ත අන්තෝනි විදුහල් පිල සමත්විය.ප්‍රතිවාදී කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කළ ෂමෙල් ලකුණු 11කට කඩුලු 7ක් දවාලූ අතර දෙවැනි ඉනිමේ දි තවත් කඩුලු 2ක් බිඳ දැමුවේය. සාන්ත අන්තෝනි ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේ ද ෂමෙල්ගේ පිත්තෙනි. ඔහු ලකුණු 33ක් රැස් කිරීමට සමත්විය. බටුවත්ත විදුහල් දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් දවාලීමට ඉලංගවන් සමත්විය.සාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩා පිටියේ පසුගියදා පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටුවත්ත විදුහල් පිල ලකුණු 48කට දැවී ගියේය. දෙවැනි ඉනිමේ දී ඔවුන් රැස් කළේ ලකුණු 45ක් පමණි. සාන්ත අන්තෝනි පළමු ඉනිමේ දී කඩුලු 7ක් දැවී ලකුණු 160ක් ලබා ඉනිම නතර කළේය.බටුවත්ත පළමු ඉනිම – 48 (ෂමෙල් නිශාන්ත 11/7) සහ දෙවැනි ඉනිම – 45 (යෝගරාජ් ඉලංගවන් 4/4, ෂමෙල් නිශාන්ත 10/2)අන්තෝනි පළමු ඉනිම – 160/7 (ඉනිම අත්හිටුවන ලදි) ෂමෙල් නිශාන්ත 33, ඕෂධ ජයතිලක 23, කනිෂ්ක දරණියගල 22 (ඉෂාන් විමුක්ති 44/3).
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=s1312034
|
වෙළඳ සේවා ක්‍රිකට් ශූරතාව මාස් යුනිචෙලා කණ්ඩායමට
| null |
වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ‘ඒ’ කොටසේ ශූරතාව මෙවර දිනා ගත්තේ මාස් යුනිචෙලා කණ්ඩායමයි.මාස් යුනිචෙලා හා ජෝන් කීල්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසාන මහා තරගයේදී වර්ෂාව හේතුවෙන් ජයග්‍රාහකයන් තීරණය කෙරුණේ ඩක්වර්ත්/ලුවිස් ක්‍රමවේදයට අනුවය.තරගයේ පළමුව පන්දුවට පහර දුන් මාස් යුනිචෙලා කණ්ඩායම සීමිත ඕවර 50 ඇතුළත කඩුලු 9ක් දැවී ලකුණු 251ක් රැස් කළේය. තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට ජෝන් කීල්ස් පිල ඕවර 23යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගෙන සිටියේ ලකුණු 89ක් පමණි. ඩක්වර්ත්/ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ජෝන්ස් කීල්ස් කණ්ඩායම ලකුණු 222ක් ලබා ගෙන සිටිය යුතුව තිබිණි. ඒ අනුව මාස් යුනිචෙලා පිලට ලකුණු 133ක ජයක් හිමි විය.ජයග්‍රාහී මාස් යුනිචෙලා පිල වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 54ක්ද, චාමර සිල්වා ලකුණු 79ක්ද, ඩිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 45ක්ද රැස් කළහ. ලහිරු ජයරත්න ලකුණු 23කට කඩුලු 2ක්ද, සොහාන් බොරලැස්ස ලකුණු 4කට කඩුලු 2ක්ද ලබා ගත්හ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=s1312035
|
අනුරාධපුර මැදි විදුහල කඩුලු 5කින් ජයගනී
|
ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා
|
අනුරාධපුර මැදි විදුහලත්, පානදුර ශ්‍රී සුමංගල විදුහලත් අතර පානදුරේ දී පැවැති අන්තර් පාසල් අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට අනුරාධපුර මැදි විදුහල් පිල සමත්විය.පළමුව පන්දුවට පහරදුන් අනුරාධපුර මැදි විදුහල් පිල සිය පළමු ඉනිමට ලකුණු 230ක් රැස් කළ අතර ශ්‍රී සුමංගල විදුහල් පිල පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 125කි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා යළි පිටියට පිවිසි ශ්‍රී සුමංගල විදුහල් පිල දෙවැනි ඉනිමට ලකුණු 173ක් වාර්තා කළේය. ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව කඩුලු 5ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට අනුරාධපුර මැදි විදුහල් පිල සමත්විය.අනුරාධපුර පළමු ඉනිම – 230යි. මහේෂ් ෂශික 56, ප්‍රභාත් තිලක්ෂණ 44, කසුන් වීරරත්න 32 ( එච්. තිලක්ෂණ 74/4, එස්.සඳමාල් 59/3) සහ දෙවැනි ඉනිම – 72/5යි. ප්‍රභාත් බුද්ධික 22 (එල්.වී. විමුක්ති 34/2)ශ්‍රී සුමංගල පළමු ඉනිම – 125යි. එච්.ධනුෂ්ක 25 (මහේෂ් ශෂික 35/5, ජගත් සඳරුවන් 19/2) සහ දෙවැනි ඉනිම – 173යි. එච්. ධනුෂ්ක 40, එන්.රුක්ෂාන් 28 ( ජගත් සඳරුවන් 60/5, කසුන් විරංග 17/2).
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=s1312036
|
විශ්ව විද්‍යාලයීය මේසපන්දු තරගාවලිය:ශූරයෝ මොරටුවෙන්;ශූරියෝ කැලණියෙන්;
| null |
සමස්ත ලංකා අන්තර් විශ්ව විද්‍යාලයීය මේසපන්දු තරගාවලියේ කණ්ඩායම් පිරිමි ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයීය පිල සමත්විය. එහි කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම විසිනි.තරගාවලියේ කණ්ඩායම් පිරිමි අනුශූරතාව කැලණියට හිමිවූ අතර අනුශූරියන් ලෙස ඌව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තේරී පත්වූහ. මිශ්‍ර කණ්ඩායම් ශූරතාව දිනාගනු ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයීය පිල විසිනි. එහි අනුශූරතාව මොරටුවට හිමිවිය.පිරිමි හා කාන්තා කේවල ශූරතා කැළණිය විශ්ව විද්‍යාලයට හිමිවීම කැපී පෙනුණි. කැලණිය විශ්ව විද්‍යාලයේ හසිත බණ්ඩාර පිරිමි කේවල ශූරතාව දිනාගත් අතර කෝෂිලා විජේබණ්ඩාර කාන්තා කේවල ශුරතාවට හිමිකම් කීවාය. මොරටුව විශ්ව විද්‍යාලයේ දුලාන් නාකන්දල පිරිමි කේවල අනුශූරතාව අත්කර ගත්තේය. කාන්තා කේවල අනුශූරතාව කැලණිය විශ්ව විද්‍යාලයේ කුමරනී බස්නායකට හිමිවිය.පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත්විය. එම කණ්ඩායමේ දුලාන් නාකන්දල හා චමුද ඉෂාන් යුගල ශූරතාවට හිමිකම් කී අතර අනුශූරතාව දිනාගනු ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයේ හසිත බණ්ඩාර හා මේනුක කෝදාගොඩ විසිනි. කාන්තා යුගල ශූරතාව දිනාගැනීමට කැලණිය විශ්ව විද්‍යාලයේ කුමරනී බස්නායක හා යුගාන්ති සමත්වූහ. එහි අනුශුරියන් වූයේ ඌව විශ්ව විද්‍යාලයේ රුවිනි හා මේනකාය.ශ්‍රී ලංකා මේසපන්දු සංගමය, කැලණිය විශ්ව විද්‍යාලයීය මේසපන්දු සංගමය හා එක්ව සංවිධානය කළ මේ තරගාවලියට රාජ්‍ය විශ්ව විද්‍යාල 6ක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල 4ක් සහභාගි විය.තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උපසභාපති, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් සහ කැලණිය විශ්ව විද්‍යාලයේ භෞතික අධ්‍යයන අංශයේ මහාචාර්ය කාලිංග මුදලි යන මහත්වරු සහභාගි වූහ..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=f1312031
|
2014 අය-වැයෙන් මානව සම්පත් සංවර්ධනයට අතහිත දීම වැදගත්
| null |
2014 වර්ෂය සඳහා ඉදිරිපත්වූ අය-වැය පිළිබඳ හා ජයගත යුතු ඉදිරි ආර්ථීක අභියෝග පිළිබඳවත් එහිදී මානව සම්පත් සංවර්ධනය වැදගත් වන්නේ. කෙසේද යන්න ගැනත් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අැමැති හා රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති ඩිව් ගුණසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකි.නිදහසින් පසු, මේ අය-වැයෙන් මානව සම්පත් සංවර්ධනයට විශේෂ තැනක් ලබාදී තියෙනවා. ඒ සඳහා මුදල් වෙන්කිරීමත් සිදුවුණා. මේක තමයි වෙනත් අය-වැයට වඩා මේ අය-වැයේ මා දකින ප්‍රධාන වෙනස. මෙතෙක් අඩුවෙන් අවධානයට ලක්වූ ආර්ථිකයේ අවිධිමත් ක්ෂේත්‍රයට විශේෂ අවධානයක් යොමු කිරීම තමයි සාර්ථකත්වයේ රහස. අධ්‍යාපනයට පමණක් නෙවෙයි නිපුණතා සංවර්ධනය වෙනුවෙනුත් අවධානය යොමු කෙරුණා.මානව සම්පත් අභිවෘද්ධි ඇමැතිවරයා හැටියට අපි මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් පිළියෙල කළා. අධ්‍යාපනයට ප්‍රතිපත්තියක් තියෙනවා. 1 ශ්‍රේණියේ පටන් උපාධිය දක්වාම නිදහස් අධ්‍යාපනය එයින් පිළිගන්නවා. හැබැයි, මානව සම්පත් සංවර්ධනයට එහෙම ප්‍රතිපත්තියක් තිබුණෙ නෑ. ඒ නිසා, දැන් මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ප්‍රායෝගිකව හැකිවෙනවා.උදාහරණයක් හැටියට මේ අය-වැයේදී ජනාධිපතිතුමා වෛද්‍යවරු සඳහා පශ්චාත් උපාධි ආයතනයක් පිහිටුවීමටත් මුදල් වෙන්කළා. දැනට පශ්චාත් උපාධි සඳහා විදේශ ගත වීමට වෛද්‍යවරුන්ට සිදුවී තියෙනවා. හැබැයි මේ අංගසම්පූර්ණ ආයතනය බිහිවීමත් සමඟ විශේෂඥ වෛද්‍යවරු 1500කට පමණ එහි අවස්ථා ලැබෙනවා. අද ගම්වල මිනිස්සු පවා විශේෂඥ වෛද්‍යවරු වෙත යාමට පෙලඹී සිටිනවා. ඒත් විශේෂඥ වෛද්‍යවරු හිඟයි. බොහෝවිට කොළඹ ඉහළ පැළැන්තියට විතරක් ඒ පහසුකම් ලැබෙන තත්ත්වය මේ ආයතනය පිහිටුවීමත් සමඟ වෙනස් වෙනවා.2005 පටන් ඉදිරිපත්වූ අය-වැය මූලික වශයෙන් අපේ ආර්ථික උපාය මාර්ගයේ වෙනසක් ඇති කිරීමට යොමුවුණා. අඛණ්ඩව පෙරට ගෙන ගිය එම උපායමාර්ගයේ විශිෂ්ට ලක්ෂණ කිහිපයක් මා දකිනවා. පළමුව, එය වෙළෙඳ පොළ මත පමණක් පදනම් නොවූ සැලසුම හා වෙළෙඳ පොළ යන දෙකම මත රාජ්‍ය මැදිහත්වීම තිබූ උපාය මාර්ගයක්. දෙවනුව එය ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය සමඟ මුසුවූ උපාය මාර්ගයක්. තුන්වනුව, එය වර්ධනය හා සමාජ සාධාරණත්වය සමඟ මුසුවූ උපාය මාර්ගයක්. සිව්වනුව මෙවර එය වඩාත් පරිපූර්ණව ස්වභාවික සම්පත්, භෞතික සම්පත්, මානව සම්පත්, මූල්‍ය සම්පත් යන මේ සියල්ල සමාන්තරව සංවර්ධනයට යොමුකළ උපාය මාර්ගයක්.ආර්ථිකයේ නියෝජනය වන විධිමත් කොටස රාජ්‍ය හා පෞද්ගලික අංශය. අපේ රටේ රාජ්‍ය අංශය 14%ක් පමණ සහ පෞද්ගලික අංශය 24%ක් පමණ වෙනවා. ඉතිරි 62%ම අවිධිමත් කොටස වන ස්වයං රැකියා ආදියේ යෙදෙන පිරිස. මේ කොටසට විශ්‍රාම වැටුප්; සේවක අර්ථසාධක ආදී කිසිවක් නෑ. සාමාන්‍යයෙන් අය-වැයේදී පවා මේ කොටසට අවධානය අඩුයි. ඔවුන්ට බොහෝවිට හෙට්ටුකිරීමේ හැකියාවකුත් නෑ. මොකද වෘත්තීය සමිති වගේ එකතු නෑ. තනි තනිවයි ඉන්නෙ. නමුත්, දැන් මේ අවිධිමත් ආර්ථිකය ඉලක්ක කළ බොහෝ දේ සිදුවෙනවා. ‘දිවි නැඟුම’ වැඩපිළිවෙළ, මෙවර අය-වැයෙන් යෝජනා වූ කාන්තා ව්‍යවසායකයන් සඳහා වන පොලී රහිත ණය ආදිය උදාහරණ, මේ නිසා දැන් තත්ත්වය කලින්ට වඩා වෙනස්. වැඩි කොටස වන අවිධිමත් ආර්ථිකයට අයත් පිරිසට අවධානය යොමුවී තියෙනවා.මේ වනවිට අපි පහළ මැද ආදායම් ආර්ථීකයක් ඇති රටක්. ගතවූ 8 වසර තුළ ඒකපුද්ගල ආදායම ඇ. ඩො. 1550 සිට 3000 දක්වා ඉහළ ගියා. දළ දේශීය නිෂ්පාදනය ඇ. ඩො. බිලියන 24 සිට 60 දක්වා වැඩිවුණා. ඒ කියන්නේ මේ දෙකම දෙගුණයකටත් වැඩියෙන් ඉහළට ආවා. එතකොට අපට තවදුරටත් සහනදායී ණය ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ අඩු පොළියට ණය ලැබෙන්නෙ නෑ. ඉදිරියේදී මේක ලොකු ප්‍රශ්නයක්. ඒකට මුහුණ දීමට අපි සූදානම් විය යුතුයි. එහිදී පසුගිය අය-වැයවලින් ආර්ථිකය පණගැන්වීමට ගත් ක්‍රියාමාර්ග වඩාත් පෙරට ගනිමින් මානව සම්පත් සංවර්ධනයට මෙවර ගත් පියවර ඉතාමත් වැදගත්.ආසියාවෙන් ම අපි සාක්ෂරතාව ඉහළම මට්ටමක් ඇති රටක්. එය 94%යි. අනෙක් රටවල් 60%ට අඩුයි. මේ මට්ටමට එන්න අපට එදා සිට ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවුණා. අද සමාජයේ ඕනෑම මට්ටමක අයෙක් මූලික අධ්‍යාපනයවත් සපුරා තියෙනවා. අවිධිමත් ආර්ථිකයට අයත්වන ශ්‍රම බලකාය තවදුරටත් සවිබලගැන්වීමට මේ අය-වැයෙන් පළමුවරට ගත් පියවර වඩා වැදගත් වෙන්නේ ඉදිරි අභියෝගවලට මුහුණ දීමේදීයි.පහළ මැද ආදායම් ආර්ථිකයක් ඇති රටක් වීම නිසා මූලිකව අප කළ යුතු කාර්යයන් දෙකක් තියෙනවා. පළමුව, අපේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් පදනමක තබාගත යුතුයි. ඒ සඳහා අපේ අපනයන, විදේශ රැකියාවලින් ලැබෙන විනිමය සහ සංචාරක සේවා දායක වෙනවා. රජයේ ඉහළම ප්‍රමුඛතාව ලැබිය යුතු ක්ෂේත්‍රය මෙයයි. දෙවනුව, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම, කවුරුත් කතාකරන්නේ වැය ගැන විතරයි. ඇයි ආදායම ගැන කතා කරන්නෙ නැත්තෙ? රාජ්‍ය ආදයම 1978 සිට පහත වැටෙමින් තියෙනවා. එය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 24 සිට 13 දක්වා පහත වැටිලා. ඒ ප්‍රවණතාව නතර කිරීමට කිසිඳු ආණ්ඩුවකට හැකිවූයේ නෑ. අපේ මට්ටමේ ආර්ථික වර්ධනයක් ඇති රටක් 18%ක රාජ්‍ය ආදායමක් ලබාගත යුතුයි. මෙවර අය-වැයෙන් අපි 14%ක වර්ධනයක් අපේක්ෂා කරනවා. ගියවරත් එය අපේක්ෂා කළා. හැබැයි ලැබුණේ නෑ. ඒ නිසා අපි වර්ධනය සහ සමාජ සාධාරණත්වය අරමුණු කරනවා. තවදුරටත් රාජ්‍ය ආදායම වැඩි කර ගත යුතුයි.රේගුව, දේශීය ආදායම් සහ සුරාබදු කියන ආදායම් මන්දිර 3 ප්‍රතිසංස්කරණයට ලක්කරන බව අය-වැයේ සඳහන් වෙනවා. අභියෝගාත්මක කාර්යභාර-යක් වුණත් එය කළ යුතුයි.මූල්‍ය ක්ෂේත්‍ර ආර්ථිකයේ ප්‍රබල ක්ෂේත්‍ර ලෙස හඳුනාගනිමින් බැංකුව මත බදු මුළු මූල්‍ය ක්ෂේත්‍රයටම පුළුල් කර තියෙනවා. එය හොඳ දෙයක් ලෙසයි අප දකින්නෙ.අපේ බදු ප්‍රතිපත්තිය, බදු නීතිය හා බදු පරිපාලනය යන තුනම වෙනස් විය යුතුයි. සමාජය තුළ පවතින ආදායම් පරතරය අවධානයට ලක්විය යුතු කාරණයක්. යුද්ධයෙන් පසු අපේ පරිභෝජනය 70% කින් වැඩිවෙලා. ඉතිහාසයේ විශාලම මධ්‍යම පංතිය දැන් බිහිවී තියෙනවා. ඔවුන් ඉතිරි කරන්නෙත්, බදු ගෙවන්නෙවත්, ආයෝජනය කරන්නෙවත්, නෑ. පරිභෝජනය කරනවා පමණයි. මේ ඇති හැකි අයගෙන් බදු අය කළ යුතුයි. බදු මග හැරීමට ඉඩ තැබිය යුතු නෑ. වක්‍ර බදු අඩුකර ඍජු බදු තවදුරටත් වැඩිකළ හැකියි.ණය ගැනීම සම්බන්ධයෙන් අපි භයානක තත්ත්වයක නෑ. ණය කළමනාකරණය කළ හැකි මට්ටමකයි ඉන්නෙ. එසේ නැත්නම් ණය දෙන්නෙත් නෑ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී මූල්‍ය වගකීම් පනතක් ගෙනාවා. දළ දේශීය නිෂ්පාදනයෙන් කිනම් ප්‍රතිශතයක් දක්වා ණය ලබාගත හැකිද කියල ඒකෙ තියෙනවා. අපි ඒ සීමාව ඉක්මවා ගිහින් නෑ.ජනාධිපතිතුමා අය-වැය කතාවේදී කෝප් එකට ප්‍රශංසා කළා. පසුගිය දෙවසරක කාලය තුළ මේ රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් තදින් සිටීමට අපට සිදුවුණා. වාණිජ රාජ්‍ය ව්‍යවසායන් වැඩි ගණනක් මේ වනවිට ලාභ ලබන තත්ත්වයට ඇවිත් තියෙනවා. පාඩු ලබන ආයතන ගැන සොයා බැලීමේදී ඒවායේ වාර්ෂික වාර්තා නෑ, මූල්‍ය වර්තා නෑ. නොයෙක් ප්‍රශ්න. කෝප් එකට එන්න කලින් මේවා ගැන ඒ ඒ අමාත්‍යංශ ලේකම්වරුන් විසින් සොයා බැලිය යුතුයි. මේවා සම්බන්ධයෙන් අප කළ නිර්දේශ ගැන ගරු ජනාධිපතිතුමා ඇමැතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. නිර්දේශ ක්‍රියාත්මක කරනවාද කියන එක අපි අධීක්ෂණය කරනවා. අවශ්‍ය දැනුවත් කිරීම් කරමින් දැන් අපි රට පුරා යමින් ඉන්නෙ. ප්‍රසිද්ධියේ කියන්න බැරි දේ අප ඒ ඒ ආයතනවලට අභ්‍යන්තරව පෙන්වා දෙමින් ඒවා නිසි මගට ගැනීමට මග පෙන්වනවා..
|
NEWSPAPER
|
2013.12.03
|
http://www.dinamina.lk/2013/12/03/_art.asp?fn=f1312032
|
විදු මවු කිතුගොස දසතෙහි පතුරන කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය (ජාතික පාසල)
| null |
තිස්ස මධ්‍ය විද්‍යාලයය ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය අද දින (3) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ නිදහස් අධ්‍යාපනය මල්ඵල ගැන්වීමේ නවමු මංපෙත් විවර කළ රජයක් වූවා නම් ඒ වත්මන් රජයයි. ජනාධිපතිතුමාගේ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය වන'මහින්ද චින්තන ඉදිරි දැක්ම’ ප්‍රකාරව දරුවන්ගේ මනසෙහි බාරකාරත්වය රඳා පවතින්නේ අප සතුවයි. එකී මනස උත්තේජනය කරමින් දරුවන් සතු අභ්‍යන්තර ධන නිධානයේ දොරටු විවර කර ගැනීමට සුසාධක වීම අපගේ මෙහෙවර වන්නේය.මධ්‍ය විද්‍යාල සංකල්පයට අනුව තිස්ස මධ්‍ය විද්‍යාලය නවීකරණය කොට ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත් කිරීම මගේ අපේක්ෂාවයි. ඒ සඳහා මා හට සුවිසල් ශක්තියක් මෙන්ම මහා සම්පතක් වූයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු ඇමැති විමල් වීරවංශ මැතිතුමාය.පාසලේ භෞතික පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මගපෙන්වීම මත රජයෙන් රුපියල් මිලියන පනහක පමණ ප්‍රතිපාදන ලැබිණි. මේ මොහොත වන විටත් පාසලේ භෞතික පහසුකම් අභිනවයෙන් ඉදිවෙමින් පවතී. තව ටික කලකින් ප්‍රදේශයේ දරුවන්ට සුපිරි පාසලක් අත්වනු ඇත.කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයේ මාගේ සේවා කාලය වසර 2කි. එම කාලය තුළ මා විශාල ජයග්‍රහණයක් අත්කර ගත්තෙමි. ඉතිහාසයේ නොවූ ඉහළම ප්‍රතිඵලය සා. පෙළින් වාර්තා විය. එය 91%කි. දැල්පන්දු ක්‍රීඩාව මඟින් ජාතික සංචිතයට දරුවකු දයාද කිරීමටහැකි විය. මේ නිසා විශිෂ්ඨ පාසලක් බිහිකිරිමේ මාගේ සිහිනය නුදුරේදීම යථාර්ථයක් වනු නිසැකය.බුදු සිරිපා පහස ලද සමනොල ගිරින් ගලාබස්නා කළුගං කොමළියගේ ගමනාන්තය වූ කළුතර ඓතිහාසික පුරවරයේ විරාජමාන තිස්ස මධ්‍ය විද්‍යාලය ජාතික පාසල දශක හතකට අධික කාලයක් සිට සිසු දූ පුතුන් දහස් ගණනින් රටට දායාද කළ ගුරු මාතාවකි.අද එම දූ පුතුන් ලක් දෙරණ බබළවන්නේය. හෙටටත් එය එසේමය. නාගස් හන්දිය නාගස් පෙළකට මායිම් වු කළුතර හොරණ ප්‍රධාන මාර්ගය දෙපස මනරම් බිම නවාතැන කරගත් තිස්ස ජාතික පාසල වත්මනෙහි කළුතර පුරවරයේ දූ දරුවන් තුන්දහස් දෙසීයක් අකුරු කරන විශාලම මිශ්‍ර පාසල යි. මාර්ගය දෙපස අක්කර නමයක භූමි භාගය සිය සීමාව කරගත් මේ පාසල ප්‍රාථමික අංශය හා ද්විතීක අංශය වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. දෙමහල් තෙමහල් උස්මිටිකමින් යුත් ගොඩනැඟිලි 26කින් වටවූ විශාල ක්‍රීඩාපිටියක් හිමි ‘තිස්ස’ විදුහලේ ඉතිහාසය මෙරටට නිදහස ලැබීමට පෙර ලියැවුණකි. ඒ 1936 නොවැම්බර් 05 වනදාය.මේ ජාතික වස්තුව බිහි කිරීමට උර දෙමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවෝදයක් අපේක්ෂා කළ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ කාර්යය මල් ඵල ගන්වමින් මේ විදු පියස 1945 ජුනි 30 දින රජයේ පාසලක් ලෙස නම් කෙරිණි. එවකට මෙරට අධ්‍යාපන ඇමති ධුරය හෙබවූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ සංකල්පයකට අනුව බිහි කළ මධ්‍ය විද්‍යාල 54 අතරට මේ විදු පියසේ නාමය ද එක් වී තිබිණි.මෙරට නිදහස් අධ්‍යාපනයේ පියා වූ කන්නන්ගර ශ්‍රී මතාණන්ගේ මග පෙන්වීම යටතේ හැදී වැඩුණු තිස්ස මධ්‍ය විද්‍යාලයේ නව ගමනක ආරම්භය නැවත සනිටුහන් වූයේ 2006 වසරේ සිටය. එම වර්ෂයේදී ජාතික පාසලක් බවට පත් වූ තිස්ස මධ්‍ය විද්‍යාලය 2012 වර්ෂයේ සිය75 වන සංවත්සරය සමරන විට නව පුනරුද මාවතකට පිවිස සිටී.75 වන සංවත්සරයට සමගාමීව වත්මන් විදුහල්පති එල්. ඩබ්ලිව්. මෛත්‍රීපාල ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ වූ ‘තිස්ස පුනරුද’ සංවර්ධන සැලැස්ම මේ වන විට මනා සාර්ථකත්වයක් අත්පත් කර ගනිමින් තිබෙන බව විද්‍යාලයීය නව පිබිදීම පිරික්සන ඕනෑම අයකුට මනාව පැහැදිලි වන්නේය. එමසංවර්ධන ක්‍රියාදාමයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් පිළිබඳ ඇමැති විමල් වීරවංශ මහතාය. සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන හා අධ්‍යාත්මික ගුණ වගාව මෙන්ම පාසලේ භෞතික සංවර්ධනය තුළින් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බිහි කිරීමේ වැඩපිළිවෙළට යෝධ ශක්තියක් වෙමින් සංවර්ධන සැලැස්ම තවත් ඉදිරියට ගෙන ඒමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාදී ඇති දායකත්වය මෙහිදී සිහිපත් කළ යුතුය. රුපියල් කෝටි පහකින් අරමුදලක් ආරම්භ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු ගණනක් ගරා වැටෙමින් තිබූ පාසලේ භෞතික සම්පත් කන්නන්ගර ශ්‍රිමතාණන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පයට ගැළපෙන අයුරින් නවීකරණය කිරීමට උපදෙස් ලබා දී ඇත.එම උපදෙස් අනුව සංවර්ධනය වන පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් විදුහල්පතිතුමා සහ ගුරුමණ්ඩලය සමඟ අත්වැල් බැඳ සිටින විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඉටු කරන සුවිසල් මෙහෙයද අගය කළ යුත්තකි. ඇමති විමල් වීරවංශ මහතා අතින් පසුගියදා විවෘත වූ ‘දන්ත ශල්‍යාගාරය’ එම මෙහෙයට කදිම නිදසුනකි. අභිනවයෙන් ඉදි වු මේ ශල්‍යාගාරය මගින් ප්‍රදේශයේ පාසල් සිසුන් විශාල පිරිසකට දන්ත සෞඛ්‍ය සේවාවන් සැපයෙන්නේය. ‘තිස්ස පුනරුදය’ තුළ බිහි කළ නවීන පන්තිකාමර සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනපතිතුමාගේ සුරතින් සිසු අයිතියට පැවරී තිබිණි. තවත්තෙමහල්ගොඩනැගිල්ලක් නොබෝ දිනකින් විවෘත කිරීමට නියමිතය. එපමණක් නොව නව ක්‍රීඩා ඉසව්වකට මග පාදා දෙමින් ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ වීරවංශ මහතාගේ උපදෙස් අනුව යමින් පාසලට පිහිනුම් තටාකයක් ස්ථාපිත කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී. එහි සමාරම්භක උළෙල ජනවාරි මාසයේදි පැවැත්වෙන බව විදුහල්පතිතුමා අප සමග පැවසුවේ හදපිරි සතුටිනි.රුක් ගොමු පෙළකින් වට වූ සුවිසල් ක්‍රීඩාපිටිය නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත සුපිරි ක්‍රීඩා පිටියක් බවට පත් කිරීමේ සූදානමක්ද පවතී. මෙම කටයුත්තට උරදී ඇත්තේ වරාය, මහාමාර්ග හා නාවික ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාය.එම ක්‍රීඩා පිටිය ප්‍රදේශයේ අවට පාසල් සිසු දරු දැරියන්ටද ඉන් සේවා සැපයීම බලාපොරොත්තු වන අරමුණකි. පාසල් අධ්‍යාපනය නිම කළ දරුවන්ට ශක්තියක් වෙමින් ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය පුහුණුවක් ලබාදීමට හැකි පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් පාසල සතුව ඇත. එමගින් එන්.වී.කිව්. (NVQ) සහතික පත්‍ර පාඨමාලාව ලබන මාසයේදී ආරම්භ කෙරේ.පරිගණක ඒකකය පමණක් නොව රසායනික විද්‍යාගාරය හා, භෞතික විද්‍යාගාරය නව ගමනක් ආරම්භ කිරීමට සැරසෙමින් සිටියි. උසස් පෙළ දරු දැරියන්ට එමගින් සිය ප්‍රායෝගික කුසලතා තව තවත් ඔප මට්ටම් කර ගත හැකි වන්නේය.භෞතික සංවර්ධනය මෙන්ම දරු දැරියන්ගේ අධ්‍යාපන සංවර්ධනයේද ප්‍රගතිය පෙන්නුම් කරමින්පසුගිය පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල සටහන ප්‍රදේශයේ පාසල් අතර ප්‍රමුඛස්ථානය හිමිකර ගත්තේ සමත් දරුවන් ගණන 43ක් ලෙස සනිටුහන් කරමිනි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරු දැරියන් ලබාගත් ප්‍රතිඵලයද සියයට 91 දක්වා ඉහළ නැගී ඇත්තේ වාර්තාවක් තබමිණි. එය තිස්ස මධ්‍ය විද්‍යාල ඉතිහාසයේ ඉහළම ප්‍රතිඵලය වන අතර ජාතික තලයේ ප්‍රතිශතය අභිබවා යෑමකි. එය විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලය ලද සුවිශේෂී ජයග්‍රහණයකි. උසස් පෙළ සියලු විෂය ධාරා තුළින් සමත්ව ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වන සිසු පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතී.‘සිය මව්බිමට ආදරය කරන, පරිසර හිතකාමී,පූර්ණ පෞරුෂයකින් හෙබි, වගකීමෙන් යුත්,’පුරවැසියකු බිහි කිරීම සිය “දැක්ම” කරගත් තිස්ස පාසලින් සමාජයට බිහි කළ උගතුන් රටපුරා විසිරි ඇත. ඉතා විශිෂ්ඨ දස්කම් දැක්වු මේ විදු මෑණියන් බිහිකළ වෛද්‍ය,ඉංජිනේරු,දේශපාලන,රාජ්‍ය තාන්ත්‍රික,ව්‍යාපාරික,අධිකරණ , හා රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ මුල්පුටු හොබවන පිරිස බොහෝය. මේ විදු මවු බිහිකළ වෛද්‍යවරුන් කොපමණද යන්න පසුගියදා පාසලේ පැවැති වෛද්‍ය සායනය තහවුරු කළ බව විදුහල්පතිවරයා අප සමග පැවසීය. අද දින උත්සවයේ මුලසුන හොබවන්නේද ආදි ශිෂ්‍යයෙකි. ඒ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ. කේ. ඩී. එස්. රණවීර මහතාය.‘ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය අගයමින් රටේ අනාගත සෞභාග්‍යය වෙනුවෙන් කැපවුණු ජාතික සමගිය අගයමින් විවිධ කුසලතා වලින් පිරිපුන් හිස හදවත හා අත සංවර්ධනය වූ දරු පිරිසක් දැයට දායාද කිරීම අපගේ උදාර මෙහෙවරයි.’ එකසිය දස දෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලය විවිධ අංශයන් යටතේ සිසුන්ගේ කුසලතා වර්ධනයට දායක වන්නේය. මාධ්‍ය ඒකකය, භාෂා ඒකකය මෙන්ම ශිෂ්‍යභට, බාලදක්ෂ, බාලදක්ෂිකා, පරිසර භට, ක්‍රිකට්, චෙස්, දැල්පන්දු හා අත්පන්දු බැඩ්මින්ටන්යන තරඟ ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයන් අතර ප්‍රධාන තැනක් ගනි. 23 දෙනෙකුගෙන් සමන්විත අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් පාසලට ලැබෙන සහායද අති මහත්ය. විද්‍යාලාන්තර ක්‍රිකට් තරඟ අතර‘මැංගුස් සටන’ ක්‍රිකට් ගැටුම තිස්සට සුවිශේෂීය. පසුගිය වසර කිපය තුළ විද්‍යාලීය සිසුන් ජාත්‍යන්තර තරගවලට සහභාගි වු අවස්ථා බොහෝය. ශ්‍රි ලංකා පැසල් නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කරමින් හංසනී අරෝෂා ශිෂ්‍යාව 2010 වසරේදි මලයාසියා සංචාරයටද, 2011 ඕස්ට්‍රේලියා සංචාරයටද සහභාගි වුවාය. සේනානි පාලිකා ශිෂ්‍යාව 2012 වසරේ මැලේසියා සංචාරයට සහභාගි වෙමින් එම කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කළාය. ඇය 2013 දි ශ්‍රි ලංකා පාසල් නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියා සංචාරයට තේරි පත් වු අතර ශ්‍රි ලංකා කණිෂ්ඨ කණ්ඩායමේ අවසන් 15 දෙනාට තේරි පත් වෙමින් විද්‍යාලයට කීර්තියක් අත්කර දුන්නාය. ඒ අනුව දැල්පන්දු ක්‍රිඩිකාවන් වාර අටකදිම විදේශ සංචාරවලට එක් වි තිබිණ. ජාතික දැල්පන්දු සංචිතයට දැරියක තේරී පත්විමද විශේෂයකි.බෲනායිහි ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන තරගයට ඇය පසුගියදා සහභාගී වුවාය.සමස්ත ලංකා මධ්‍ය විද්‍යාලීය තරගාවලියේ 2011 නෙට්බෝල් ශුරතාවයත් 2012 අනු ශුරතාවයත්, වයස 19න් පහළ සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම 2012 දි බස්නාහිර පළාත් අනුශුරතාවයත් බැට්මින්ටන් තරග වලින් සමස්තලංකා ජයග්‍රහණයත් හිමිකරගෙන ඇත චෙස් කණ්ඩායම ද සමස්ත ලංකා ජයග්‍රහණ අත්කරගේන ඇති අතර ආසියානු චෙස් තරගවලට සහභාගි විමට වරම් ලැබීය.අප මෙහි සනිටුහන් කළ ජයග්‍රහණවලට අමතරව සාහිත්‍ය කලා, නර්තන ගණිත, විද්‍යා යන විවිධ අංශයන්ගෙන් ජයගෙන විදුමව් කිතු ගොස දසත පතුරුවන ශිෂ්‍යයෝද බොහෝ සිටිති.ලොව දිනු දරුවන් තැනු ප්‍රෞඪ ඉතිහාසයක් හිමි මේ විදු මාතාවගේ තිස්ස නාමය ලොව ඉදිරියේ බබළවන්නට ගුරු සිසු සැමට හැකිවේවා! යි ප්‍රාර්ථනා කරමු..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n1312042
|
යුද ගැටුම් හානි ගැන සොයනරජයේ සංගණනය ප්‍රශංසනීයයි
|
මහින්ද අලුත්ගෙදර
|
දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම් හේතුවෙන් සිදුවූ ජීවිත හානි සහ අතුරුදන්වීම් ආදිය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම සඳහා ජාතික සංගණනයක් සිදුකිරීමට රජය තීරණය කිරීම සැබවින්ම ප්‍රශංසනීය බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා අවධාරණය කරයි.ජීවිත හානි හා අතුරුදන් වීම්වලට අමතරව තුවාල ලැබූවන් හා ආබාධිත තත්ත්වයන්ට පත්වීම, දේපළ හානි ආදි සියල්ල සම්බන්ධයෙන් මේ මඟින් සොයා බලන බවද ඒ පිළිබඳව ප්‍රසාදය පළකරන බවද මහලේකම්වරයා සඳහන් කරයි.මේ සංගණනය විධිමත් හා කාර්යක්ෂම ආකාරයෙන් සිදුකිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙන අතර එය උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ වැඩිදුරටත් ක්‍රියාත්මක කිරීමක් බවද ඒ මහතා පෙන්වාදී තිබේ.අතුරුදහන් වූවන් පිළිබඳව පැමිණිලි කොමිෂන් සභාව මඟින් මේ කාර්යය සිදුකරගෙන යන අතර එම කාර්යය වඩාත් නිවැරැදිව ක්‍රියාත්මක කරනු ඇතැයිද අදාළ තොරතුරු එක්රැස් කිරීම සම්පූර්ණ වූ වහාම ප්‍රසිද්ධියට පත්කරනු ඇතැයිද පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා විශ්වාසය පළකරයි.වසර තිහකට ආසන්න යුද ගැටුම් සමයේ සිදු වූ ජීවිත සහ දේපළ හානි පිළිබඳ දීපව්‍යාප්තව සිදුකෙරෙන පුළුල් සමීක්ෂණය පසුගිය (28) දා නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එය මාස 6ක කාලයකින් නිම කිරීමට නියමිතය.වර්ෂ 1982 - 2009 මැයි දක්වා ගැටුම් සමයේ සිදු වූ මරණ, අවතැන්වීම්, ශාරීරික ආබාධිත වු අයවලූන් හා දේපළ හානි සම්බන්ධයෙන් මෙහි දී සමීක්ෂණය කෙරෙනු ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකරන මේ සමීක්ෂණය ග්‍රාම නිලධාරී කොට්ඨාස පදනම මත කෙරෙන අතර ගණන් ගැනීමේ නිලධාරීන් වශයෙන් ග්‍රාම නිලධාරීන් පත්කර සිටිති.ග්‍රාම සේවා කොට්ඨාස 14,021 ම ආවරණය වන සේ කෙරෙන සමීක්ෂණයට නිලධාරීන් 16,000 ක් යොදවනු ලැබ ඇත.උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කාර්ය සාධක කමිටුව,වෘත්තීය මට්ටමින් සැලසුම් කරන සමීක්ෂණයක් මඟින් විපතට පත් පවුල් සහ සිවිල් වැසියන්ගේ මරණ පිළිබඳව මෙන්ම දේපළ හානි ද ආවරණය වන පරිද්දෙන් කළ යුතු බවට නිර්දේශ කර තිබේ..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n1312043
|
පොලිස් කොස්තාපල්ගේනිවස හදාදෙන්න ඇමැති විමල් තීරණය කරයි
|
චන්දිමා එදිරිමාන්න
|
මත්කුඩු ජාවාම්කරුවන් විසින් ඝාතනය කරන ලද මාතර පොලිස් කොට්ඨාස දූෂණ මර්දන විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල් වැලිගම ලියනආරච්චිගේ සුනිල් මහතාගේ අඩක් නිමකළ නිවස මුළුමනින්ම ඉදිකරදීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය තීරණය කරයි.කඹුරුපිටිය මාස්මුල්ල, උල්ලල පදිංචිව සිටි පොලිස් කොස්තාපල් සුනිල් මහතා සහ ඔහුගේ බිරිය සිය නිවස තුළදි මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව මියගියහ. සුනිල් මහතාගේ දරුවන් දෙදෙනා දැනට රැකබලාගනු ලබන්නේ සුනිල් මහතාගේ බිරියගේ මවුපියන් දෙදෙනා විසිනි.සුනිල් මහතා මත්කුඩු ජාවාරම තුරන් කිරීම සඳහා අභීතව නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරියෙකු බවත් මත්කුඩු ජාවාරම්කරුවන් විසින් සුනිල් මහතාත් ඔහුගේ බිරිඳත් ඝාතනය කර ඇති නිසා ඔවුන්ගේ දරුවන් දෙදෙනා දැඩි කම්පනයට පත්ව සිටින බවත් රට වෙනුවෙන් ආදර්ශමත් ලෙස නීතිය අභීතව ක්‍රියාත්මක කළ මේ පොලිස් නිලධාරියා රටට ආදර්ශයක් බවත් එම නිලධාරියා වෙනුවෙන් ඔහු අඩක් නිම කළ නිවස ජනසෙවණ නිවාස වැඩ සටහන යටතේ මුළුමනින්ම අවසන් කරදීමට ක්‍රියා කරන බවත් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.ඒ අනුව කඹුරුපිටිය, මාස්මුල්ල උල්ලල පිහිටි සුනිල් මහතාගේ අඩක් නිමකළ නිවසේ වැඩකටයුතු ඒ මහතාගේත් බිරියගේත් තුන් මාසයේ පින්කමට පෙර අවසන් කර දෙන ලෙස ඇමැතිවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n1312044
|
අය වැයෙන් පසු රන් මිල පහළට
|
චින්තා රණසිංහ
|
රන් බිස්කට් ආනයනය කිරීමේ දී රජය පවරා තිබූ 10% ක බදු මුදල මෙවර අය වැයෙන් 7 1/2 % ක් දක්වා අඩු කිරීමත් සමඟ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව තිබේ.එම මිල පහළ යාමත් සමඟ මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 46200 ක් දක්වා පහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උපදේශක සී.එදිරිසිංහ මහතා පැවැසීය.කැරට් විසි දෙකක රන් පවුමක මිල රුපියල් 42500 ක් දක්වා පහළ ගොස් ඇති බව ද ඒ මහතා පැවැසීය.ආනයනික රන් බදු මුදල සියයට හතහමාර දක්වා පහළ බැසීමත් සමඟ රන් මිල පහළ ගිය ද ලෝක වෙළඳපොළෙහි මිල ගණන් අනුව එම මිලෙහි සුළු වෙනස්කම් ඇති විය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.පාරිභෝගිකයන් මිල දී ගන්නා රත්‍රන්වල නියම ප්‍රමිතිය මැන බැලීමේ පර්යේෂණ අංශයක් කොළඹ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ තිබෙන බවත් එවැනි මධ්‍යස්ථානයක් ලබන වසරේ දී ගාල්ලේ ආරම්භ කිරීමට අධිකාරිය කටයුතු කරගෙන යන බවත් ඒ මහතා පැවැසීය. එවැනි පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කිරීමට අධිකාරිය අදහස් කරන බව වැඩිදුරටත් ඒ මහතා පැවැසීය..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n1312045
|
රාජ්‍ය නිලධාරීන් 5500කට අල්ලස් දූෂණ චෝදනා
|
විජයානි එදිරිසිංහ
|
2012 - 2013 වර්ෂවලදී රාජ්‍ය නිලධාරීන් පන්දහස් පන්සියයකට පමණ අල්ලස් දූෂණ සහ වත්කම් චෝදනා එල්ල වී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ප්‍රකාශ කරයි. ඒ අතරින් 2012 වර්ෂයේදී රාජ්‍ය නිලධාරීන් 3160 දෙනකුටද 2013 වර්ෂයේ පසුගිය සැප්තැම්බර් දක්වා රාජ්‍ය නිලධාරීන් 2310 කටද එම චෝදනා එල්ල වී ඇත.මේ රාජ්‍ය නිලධාරීන් අතරින් අල්ලස්, දූෂණ සහ වත්කම් චෝදනා වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ අධ්‍යාපන, පොලිස්, සෞඛ්‍ය සහ ප්‍රාදේශීය ලේකම් යන ක්ෂේත්‍රවල නිලධාරීන්ට වෙයි.දේශපාලනඥයන් 9 දෙනකුටද අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් වැඩි පිරිසකට එල්ල වී ඇත්තේ වත්කම් සහ දූෂණ චෝදනා වලට අදාළ පැමිණිලි වෙයි.2012 වර්ෂයේදී අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි 3160න් 440ක් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධව එල්ල වූ ඒවා වෙයි. පොලිසියට පැමිණිලි 378, ප්‍රාදේශීය ලේකම් 170ක් සහ සෞඛ්‍ය 177ක් ද වෙයි. 2013 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ලැබුණ පැමිණිලි සංඛ්‍යාව 2310කි. ඒ අතරින්ද ඉදිරියෙන්ම සිටින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විදුහල්පතිවරු, අමාත්‍යාංශ නිලධාරීන් ආදිය වෙයි.රාජ්‍ය නිලධාරීන් විසින් අල්ලස් ගැනීම්, දූෂණ වංචා හරහා රාජ්‍ය වැඩකටයුතුවලදී සිදු කරන විවිධ අක්‍රමිකතා, රාජ්‍ය සේවයේ යෙදී සිටියදී උපයාගත නොහැකි තරම් වූ ආදායම් උපයා ගැනීම් විශාල ප්‍රමාණයක්ද වෙයි. අල්ලස් කොමිසම වෙත ලැබුණ එහෙත් අල්ලස් පනත යටතේ විභාග කළ නොහැකි පැමිණිලි රාශියක් අධ්‍යාපන හා ඒවාට අදාළ ආයතන වෙත යවා ඇත.එහෙත් එම ආයතන එම පැමිණිලි සම්බන්ධව නිසි විභාග කිරීමක් සිදු නොකරන බව අල්ලස් කොමිසමට පෙනී ගිය නිසා අල්ලස් කොමිසම මඟින් අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනකු ගෙන්වා එම පැමිණිලි සම්බන්ධව ක්‍රියා නොකිරීමට හේතුවද විමසූ බව කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බාලපටබැඳි මහතා පැවසීය.අල්ලස් කොමිසම වෙත මහජනතාව එවන පැමිණිලි අතරින් වැඩි ප්‍රමාණයක් අල්ලස් පනත යටතේ විභාග කළ නොහැකි ඒවා බැවින් පනත යටතේ විභාග කළ හැකි ඒවා එවන ලෙස කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්, විදුහල්පතිවරු අල්ලස් ගැනීම් වැඩි වශයෙන් සිදු කර ඇත්තේ අතරමැදියන් හරහාය.දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී සහ ඇතුළත් කිරීමෙන් පසු විවිධ පාර්ශවයන් සඳහා යැයි අල්ලස් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිවරු රැසකට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මේ පැමිණිලි සම්බන්ධව කොමිසම සිදු කළ පරීක්ෂණවලින් විශාල ප්‍රමාණයකට සාක්ෂි ද සහිතව හෙළිදරව් කර ගැනීමට හැකිවී තිබේ.ඒවාට සම්බන්ධ පුද්ගලයන් ගණනාවකට එරෙහිව නඩු පවරා ඇත. තවත් ඒවා විමර්ශනය වෙමින් පවතින බවද අල්ලස් කොමිසම පවසයි. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් ඊයේ(03) එම කොමිසමේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කොමිසමේ සභාපතිවරයා මේ තොරතුරු හෙළිදරව් කළේය.කොමිසමේ සෙසු සාමාජිකයන් වන හිටපු පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න, හිටපු අභියාචනාධිකරණ විනිසුරු එල්.කේ. විමලචන්ද්‍ර, කොමිසමේ ජෙනරාල් ලක්ෂ්මී ජයවික්‍රම මහත්මියද මේ අවස්ථාවට සහභාගී වූහ..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120423
|
මා වෙනුවෙන් ලියුම් දෙන්න එපා
|
ස්වර්ණා විජේකෝන් චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණී සේනානායක
|
තමා වෙනුවෙන් ලිපි නිකුත් නොකරන ලෙසට සිය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව අගමැති දි. මු .ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (3) ප්‍රකාශ කළේය.තමා හමුවට ජනතාව විශාල සංඛ්‍යාවක් පැමිණෙන නිසා ඒ සෑම දෙනාටම ලිපියක් නිකුත් කිරීම තමන්ට කළ නොහැකි බැවින් ඔවුන්ට ලිපි නිකුත් කිරීම සිය ලේකම්වරුන්ට පවරා තිබූ බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පත්කළ මන්ත්‍රී අනුර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තුවේ දී පෙරේදා (2) කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.2013 අගෝස්තු 30 වැනිදා බහලුමේ තිබී ඇත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය වන හෙරොයින් ප්‍රමාණයේ බර දවටන සමඟ කිලෝ ග්‍රෑම් 261 යි ග්‍රෑම් 292, රසපරීක්ෂකවරයාට යොමු කළ පසු එම හෙරෝයින් ප්‍රමාණයේ ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 131 ග්‍රෑම් 148ක ලෙස හඳුනා ගෙන ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120422
|
ආරක්ෂක - නීතිය වැය ශීර්ෂවැඩි ඡන්ද 117කින් සම්මතයි
|
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණී සේනානායක
|
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නීතිය හා සාමය පළිබඳ අමාත්‍යාංශ යටතේ වැය ශීර්ෂය පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 117 කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (3) සම්මත විය.වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 126ක්ද, විපක්ෂව ඡන්ද 9ක්ද ලැබිණි. මෙම වැය ශීර්ෂය පිළිබඳ විවාදය කාරක සභා අවස්ථාවේ එක් විවාදයක් සේ පැවැති අතර ඡන්ද විමසීම වෙන් වෙන් වශයෙන් සිදු කෙරිණි.මෙම අමාත්‍යංශ දෙකේ වැය ශීර්ෂ සඳහා ඡන්ද විමසීම ත්‍රිකුණාමලය දිස්ත්‍රක් මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා විසින් ඉල්ලා සිටියේය.එක්සත් ජාතික පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවා දී ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර, දෙමළ ජාතික සන්ධානය හා ගාල්ල දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතා ද වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. .
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n1312046
|
හෙරොයින් ළඟ තබාගත් නීතීඥයෙක් අනුරාධපුරයෙන් අත්අඩංගුවට
|
අනුරාධපුර මධ්‍ය විශේෂ
|
හෙරොයින් පැකට් තුනක් සන්තකයේ තබාගෙන සිටි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නීතීඥ වරයෙකු උතුරුමැද පළාත භාර නීයෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතා යටතේ ක්‍රියාත්මක වන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරි විසින් ඊයේ 03 අනුරාධපුර බන්ධනාගාර නිල නිවාස ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර නීතිඥවරයා දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටින බවට විශේෂ විමර්ෂණ ඒකකයට ලැබුණු තොරතුරු මත මේ වැටලීම සිදුකර සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගෙන ඇත.ඔහු පරික්ෂාවට ලක් කරද්දි ඇද සිටි කලිසම් සාක්කුවේ හෙරොයින් මිලිග්රෑම් 60 ක් තිබී සොයා ගත් බව විශේෂ විමර්ෂණ ඒකකය පවසයි.සැකකාර නීතිඥවරයා හොදින් හැදපැළදගෙන බන්ධනාගාර නිල නිවාස ඉදිරිපිට (පුංචි බණ්ඩා ඇණ පැක්ටරිය අසල) සිටිද්දි අත්අඩංගුවට ගත් බවත් හෙරොයින් පානය කිරීම සදහා භාවිතා කරන මෙවල් කිහිපයක්ද ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බව ද විශේෂ විමර්ශන ඒකකය සදහන් කළේය.සැකකරු අනුරාධපුර වැව පාර පරසන්ගස්වැව පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ බිරිය රජයේ සේවිකාවක බවද පරීක්ෂණ සිදුකළ විමර්ෂන ඒකකය අනාවරණය කරගෙන ඇත.මෑත ඉතිහාසයේ හෙරොයින් ළග තබාගෙන සිටි බවට සැකපිට අත්අඩංගුවට පත් වූ ප්‍රථම නීතිඥ වරයා බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. උතුරුමැද පලාත භාර නීයෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ඩබ්ලිව් බණ්ඩාර පොලිස් සැරයන් වරැන් වන 16876 ධර්මසිරි 36588 ජයවර්ධන 24133 පියරත්න කොස්තාපල් වරුන් වන 2991 ප්‍රියන්ත 6998 වන්නිනායක 48265 වීරසිංහ 48334 බණ්ඩාර 48498 පොඩිකාර 62662 විජේකෝන් 62665 අශෝක නිලධාරින් වැටලීම සිදුකර සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගෙන ඇත..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n1312047
|
පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය 6 වැනිදා
| null |
2014 වර්ෂය සඳහා පිරිවෙන් සිසුන් ඇතුළු සියලුම සිසුන් වෙත නොමිලේ පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 6 වැනි දින පෙරවරු 7.30ට හෝමාගම,මාගම්මන මහා විද්‍යාලයේදී පැවැත්වෙන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.මේ උත්සවයට සමගාමීව දිවයිනේ සියලුම පාසල් සිසුන්ට පෙළපොත් බෙදාදීමේ උත්සව පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ. ඒ අනුව මේ වර්ෂයේ තෙවන පාසල් වාරයේ අවසන් දිනය වන 6 වැනි සිකුරාදා උතුරු නැඟෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙත පෙළපොත් ලබාදීම සිදු කෙරේ.රජය මඟින් 2014 වර්ෂය සඳහා රුපියල් මිලියන 2700 ක් වැය කර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් පොත් වර්ග 435 ක පිටපත් දසලක්ෂ 37කට අධික ප්‍රමාණයක්, ගිහි- පැවිදි ලක්ෂ 42 ක් පමණ ශිෂ්‍ය ප්‍රජාව වෙත නොමිලේ බෙදාදීම සිදු වේ.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලපවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක , අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් මේ අවස්ථාවට එක්වීමට නියමිතයි..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n1312048
|
ලයිසියම් ඉංග්‍රීසි පාඩම් මාලා කූපනය අද ‘තරුණි’ සමඟ
| null |
දිවයිනේ වැඩිම පිරිසක් හදාරන ඉංග්‍රීසි පාඩම් මාලාවට ඇතුළත්වීමට කූපනය අද (දෙසැ. 04දා) තරුණී පුවත්පත සමඟ නොමිලේ ලබාදේ.මෙරට ඉංග්‍රීසි භාෂා දැනුම ව්‍යාප්ත කිරීමේ පුරෝගාමී ලයිසියම් ජාත්‍යන්තර පාසලට අනුබද්ධිත මොහාන් ලාල් ග්‍රේරු පදනම තරුණී පුවත්පත සමඟ එක්ව සුවිශේෂ ඉංග්‍රීසි පාඩම් මාලාවක් ආරම්භ කර තිබේ.නොමිලේ පවත්වන මේ පාඨමාලාව අවසන් කරන සැමට වටිනා සහතිකයක් හිමිවන අතර ප්‍රවීණ ඉංග්‍රීසි දේශකයන් විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n1312049
|
දකුණු අප්‍රිකානු සහ ශාන්තිකර කලාපීය රටවල් 15ක් සමඟ තානාපති සබඳතා
|
මහින්ද අලුත්ගෙදර
|
දකුණු අප්‍රිකානු සහ ශාන්තිකර කලාපීය රටවල් 15 ක් සමඟ තානාපති සබඳතා ආරම්භ කිරීමට රජය තීරණය කරයි.මේ වෙනුවෙන් ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද ඒ සඳහා දැනටමත් සාර්ථකව සාකච්ඡා කරගෙන යන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.මේ දක්වා තානාපති සබඳතා ආරම්භ කර නොමැති රටවල් 15 ක් සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් තානාපති සබඳතා ආරම්භ කිරීම වෙනුවෙන් 2012 වසරේ ජූලි මාසයේදී ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණු බවද මේ වනවිට රටවල් 5 ක් සමඟ සාර්ථකව සාකච්ඡා පවත්වා තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.ද්වීපාර්ශවික සහයෝඟීතාව ශක්තිමත් කරගනිමින් විවිධ අංශයන් සමඟ සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් මේ තානාපති සබඳතා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බවද මැරුටානියා, බර්කිනෝ පාසෝ, ඩිජිබුටි, ටොංගෝ, ගැමන්, අයිවරි කෝස්ට්, ගැම්බියා, සියරාලියොන්, මලාවි, චැඩ්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කැමරන්, නිවර්තන ගිනියාව, කේප් වර්ඩ් සහ නයිජර් යන රටවල් සමඟ මෙලෙස අදාළ තානාපති සබඳතා ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පවත්වන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල, රටේ ගෞරවය සහ අභිමානය සුරැකෙන පරිදි ක්‍රියාකිරීමට මෙන් ම, විදේශීය රටවල ආකර්ෂනය වර්ධනය කරගැනීමට ද අවශ්‍ය නව වැඩපිළිවෙළ රැසක් හඳුන්වාදී තිබෙන අතර ලොව සංවර්ධිත රටවල් මෙන් ම, සංවර්ධනය වෙමින් පවත්නා සහ නොදියුණු රටවල් රැසක් සමඟ සමීපව කටයුතු කිරීම කැපී පෙනෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.ත්‍රස්තවාදය ජය ගනිමින් නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමට ලෝකයේ බොහෝ රටවල් දැඩි උනන්දුවක් දක්වන අතර මෑත කාලයේදී රටවල් කිහිපයක් සමඟ නිල වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමටද ශ්‍රී ලංකා රජය පියවර ගත්තේය..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120418
|
එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ උතුරේ සංචාරයක
|
උතුරු පළාත් සමුහ නිමල් රත්නායක
|
උතුරු පළාතේ වත්මන් තත්ත්වය දැක ගැනීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් හා අවතැන් වූවන් සම්බන්ධ ජාත්‍යන්තර නියෝජිත චලෝකා බෙයේනි මහතා ඊයේ (3) යාපනයේ සංචාරයක නිරත විය.මෙම සංචාරය අතර තුර උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ . චන්ද්‍රසිරි මහතා අතර හමුවක්ද සිදුවිය.මෙම සාකච්චාවේදී යුද්ධය අවසන් වී අවතැන් වූවන් නැවත පදිංචි කරවීම ඔවුන්ට යටිතල පහසුකම් ලබා දීම සඳහා රජය විසින් ගත් ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනයේහිලා දැනට ගෙන ඇති වැඩ සටහන් පිළිබඳවත් උතුරු ආණ්ඩුකාරවර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා විසින් බෙයේනි මහතා ව දැනුවත් කරන ලදී..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120419
|
දැම්මා අත නැග්ගා වාහනයට මහ රෑකවැරදුණාලු කුරුමානම ඇය දැන් හිර ගේක
|
-විජය ශ්‍රී ගම්මන (කඩවත විශේෂ)
|
වේලාව : රාත්‍රී 9.30 ට පමණ මහ මඟ ධාවනය වෙමින් තිබූ මෝටර් රථය හදිසියේම නතර වන්නේ කාන්තාවක් අත ඔසවා කළ සංඥාවක් නිසාවෙනි. ඉදිරි අසුනේ දොර ඇරගත් ඇය වාහනයට ගොඩවූයේ ගෙදර යන බව අඟවමිනි.රථය ඉදිරියට ඇදෙත්ම ඇය කතා කළාය. “මහත්තයට මොනවද ඕන. ඕන ජාතියක් මා ළඟ තියෙනවා.” වාහනය පදවමින් සිටි පුද්ගලයා අන්දමන්ද විය. වහාම මෝටර් රථය නතර කළ ඔහු වාහනයෙන් බසින ලෙසට ඇයට නියෝග කළේය. එහෙත් කාන්තාව ඉන් සැලුනේ නැත.“මේක සෙල්ලමක් නෙවෙයි. අල්ලනවා පොලිසියට. මම කියන්නම් තමුසේ මාව බලහත්කාරයෙන් නග්ග ගත්තා කියලා. මම තමුසෙගෙ පවුලත් විනාශ කරනවා. එපා නම්, මට රුපියල් 2000ක් දෙනවා. මම වාහනෙන් බහින්නම්” ඇය තර්ජනය කරන්නට වූවාය.“මං ළඟ සල්ලි නැහැ” යැයි ඔහු කියද්දී ඔහුගේ කමිස සාක්කුවට බලෙන් අත දැමූ ඇය එහි තිබූ රුපියල් 1000 නෝට්ටුව ඩැහැ ගත්තාය.ඒ ගැන තැකීමක් නොකළ වාහනයේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා දොර සියල්ල ලොක් කළේය. අනතුරුව කඩවත පොලිසියට වාහනය පදවා ගෙන පැමිණ එහි මිදුලේ නතර කළේය. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගැමුණු ගුණරත්න මහතාට කරුණු පහදා දී කාන්තාව ඔහුට බාර කළේය.රාත්‍රී කාලයේ මහ මග ධාවනය වන සුඛෝපභෝගී වාහන හිමියන් කොටුකර ගන්නා අබිසරුලියන්ගේ නවතම වැඩපිළිවෙලක් අනාවරණය වූයේ මේ අයුරිණි.වාහන අයිතිකරුට ස්තූති කළ ගුණරත්න මහතා කාන්තාව මහර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි..
|
NEWSPAPER
|
2013.12.04
|
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120420
|
පොදු රද මඬුලු සමුළුවටආයෝජකයන් වැඩි පිරිසක් එක් වුණා
|
නුවන් කොඩිකාර
|
ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් වැඩිම ආයෝජකයින් පිරිසක් සහභාගී වූ සමුළුවක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාර සමුළුව සැලකිය හැකි බව ආයෝජන ප්‍රවර්ධන කටයුතු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව විදේශීය ආයෝජකයින් 655 දෙදෙනෙකු ව්‍යාපාර සමුළුව සඳහා සහභාගී වු බවද හෙතෙම කීවේය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවේදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.ව්‍යාපාර සමුළුව සඳහා චීනයෙන් අයෝජකයින් 85ක්ද, ඉන්දියාවෙන් 77ක්ද,මැලේසියාවෙන් 18ක්ද,නයිජිරීයාවෙන් 22ක්ද, එක්සත් රාජධානියෙන් 138ක්ද, ඇමෙරිකාවෙන් 32ක්ද,ඕස්ට්‍රේලියාවෙන් 25ක් සහභාගී වී සිටී බවත් මොවුන් සියල්ල එම රාජ්‍යයන්හී ප්‍රධාන ආයෝජකයන් බවත් ඒ මහතා කියා සිටියේය.බොහෝ සංචාරකයන් ලංකාව කෙරෙහි නැඹුරු වන්නේ පවතින දේශපාලන ස්ථාවරභාවය,සාමය රටේ ආකර්ෂණියභාවය හේතුවෙන් බවද අබේවර්ධන මහතා පැවැසීය.එසේම ව්‍යුහගත ව්‍යාපෘති 50ක් හඳුන්වා දී ඇති බවත්,ඒ අනුව මෙම වසරේ ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජන සිදු කරන ලද රටවල් අතරින් චීනය 24%ක දායකත්වයක් සපයමින් ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇති අතර, හොංකොං 12%ක්ද, සිංගප්පුරුව 10%ක දායකත්වයක් ලබාදෙමින් පිළිවෙළින් දෙවන සහ තෙවන හිමි කර ඇති බවද ඇමැතිවරයා අවධාරණය කෙළේය.මේ වන විට වවුනියාව සහ කිලිනොච්චිය ඇතුළු ආයෝජන කලාප කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ආයෝජන මණ්ඩයේ රැකියා 10,000 ක් මේ වන විට රටට ලැබී ඇති බවත් ඔහු කියා සිටියේය.හම්බන්තොට වරායේ මෙහෙයුම් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව පැවැසු ඒ මහතා එම වරාය වාහන හුවමාරු මධ්‍යස්ථානයක් බවට මේ වන විට පත්ව ඇති බවත් එහිදි අබේවර්ධන මහතා පැවසීය..
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.