comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේදී පැවැත්වුණු උද්ඝෝෂණයේදී සිදු වූ දේ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් සපයන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට ඊයේ (30) නියෝග කර ඇත.මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ සවසම එම ස්ථානයට යැවූ බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පැවැසීය.පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් නිදහස් වෙළෙඳ කලාප ඉවත් කරන බවට රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබියදී මේ උද්ඝෝෂණයේ යෙදුණු සේවක සේවිකාවන් කිසියම් පිරිසක් විසින් නොමඟ යවනු ලැබීදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් විශේෂයෙන් සොයා බලන බව පොලිස්පතිවරයා සඳහන් කළේය.උද්ඝෝෂණයේ යෙදුණු සේවක සේවිකාවන් පාලනය කිරීමේදී පොලිස් නිලධාරීන් අතින් වරදක් වී ඇත්දැයි යන්නත් සොයා බලන බව කී හෙතෙම එසේ වරදක් කර ඇත් නම් ඔවුන්ට එරෙහිව වියානුකුල පියවර හෝ නීතිමය පියවර හෝ ඒ දෙකම ගන්නා බව කීවේය.පොලිස්පතිවරයා මේ අදහස් පළ කෙළේ පොලිස් මූලස්ථානයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.උද්ඝෝෂණයට එක් නොවූ සේවක සේවිකාවන්ට එක්වන ලෙස බලපෑම් කෙරී ඇතැයි දැන ගන්නට ඇති බව සඳහන් කළ පොලිස්පතිවරයා පොලිස් නිලධාරින්ගේ ජීවිතවලට හා ආයුධවලට ඇතිවූ තර්ජනයක් නිසා මේ සිද්ධිය හට ගෙන ඇති බවත් පැවැසීය.සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් යට ගැසීමට, සැඟවීමට අවශ්‍යතාවක් නැති බවත් හෙතෙම සඳහන් කළේය..
NEWS
වසර 100ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන මෙරට පැරැණිතම රගර් තරගාවලිය වන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රගර් සූරතාවලියේ ගුවන් හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජය තරග වදින අවසන් පූර්ව තරගය අද (10) මහනුවර බෝගම්බර පිටියේදී පැවැත්වේ.චෙව්රෝන් ලුබිරිකන්ට් සමාගමේ (කැල්ටෙක්ස්) අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා රගර් සංගමය සංවිධානය කරනු ලබන කැල්ටෙක්ස් ක්ලිෆර්ඩ් කුසලාන රගර් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදි ලකුණු 27-25 ක් ලෙස පසුගිය වසරේ අනුසූරයන් වූ ප්‍රබල සී. ආර්. පිල පරාජය කිරීමට ගුවන් හමුදාව සමත් වූ අතර ලකුණු 28-13 ක් ලෙස සී. එච්. පිල පරාජය කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.2007 වසරේ සිට ක්ලිෆර්ඩ් කුසලානයට හිමිකම් කියන මහනුවර ක්‍රීඩා සමාජය මෙවර ද සූරතාව අත්කර ගැනීමේ අරමුණින් යුතුව තරගවදින අතර වසර 25කට පසුව ක්ලිෆර්ඩ් කුසලාන රගර් සූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිස ගුවන් හමුදාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අරමුණින් අද තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජයට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු නිසැකය.නාවික හමුදා – හැවිලොක්ස් තරගය හෙටමේ අතර පසුගිය වසරේ ක්ලිෆර්ඩ් කුසලාන අනුසූරයන් වන නාවික හමුදාව සහ හැවිලොක්ස් පිල අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (11) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.අර්ධ අවසන් පූර්ව වටයේදී පොලිසිය ලකුණු 15-12 ක් ලෙස පරාජය කිරීමට නාවික හමුදාව සමත්වූ අතර ලකුණු 24-6 ක් ලෙස යුද හමුදාව පරාජය කිරීමට හැවිලොක්ස් පිල සමත් විය..
NEWS
පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම දැන් තහනම් කර තිබෙන්නේ මීට සිවු වසරකට පෙර එරටදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් කරමින් සිටි බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙනි.2009 වසරේ එම සිද්ධියෙන් පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමේ අයිතිය අහිමි වී සිවු වසරකටත් වැඩි කාලයකට පසුව යළිත් එරටට එම අයිතිය ලබා දෙන කණ්ඩායම ද ශ්‍රී ලංකාව ම වීමට ඉඩ තිබෙන සැටියකි.මේ අනාගත දෛවෝපගත සිදුවීමක් ගැන කරුණු අනාවරණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු රජිත ප්‍රනාන්දු මහතා පාකිස්තාන ප්‍රවෘත්ති චැනලයකට කර තිබෙන ප්‍රකාශයකිනි.“දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකාවේදී ප්‍රචණ්ඩත්වය දැක තිබෙන නිසා අපට එය අලුත් දෙයක් නොවේ.2009 සිදුවීම අවාසනාවන්ත එකක්. නමුත් ප්‍රමාණවත් ආරක්ෂාවක් සැකසීම ගැන සහතික වෙන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවට නැවත වතාවක් පාකිස්තානයේ සංචාරය කරන්න පුළුවනි’ යැයි ප්‍රනාන්දු මහතා පවසා තිබේ.“අසීරු අවස්ථාවන්වලදී පාකිස්තානයෙන් ලැබුණු සහාය ශ්‍රී ලංකාව ඉතා ඉහළින් අගය කරනවා. පාකිස්තානයේ මහත් පීඩාව අපට තේරෙණවා. හැකි සෑම අයුරකින්ම උපකාර කරන්න අප ලෑස්තියි” යනුවෙන් රජිත ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර නිළ සාකච්ඡාවක් ගැනද ඉඟියක් කරමිණි.පාකිස්තාන ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති නජාම් සෙති හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දැන් පැවැත්වෙන තරග නැරඹීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමේ ළඟ එන බංග්ලාදේශ සංචාරය ගැනද කරුණු දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු නියමිත පරිදි එම තරග සංචාරය සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කියා තිබේ.“ඒ සංචාරය අහෝසි කිරීමට අපි මේ වනතුරු තීරණයක් අරගෙන නැහැ. නමුත් අවසන් තීරණය ගනු ඇත්තේ ප්‍රබල පරීක්ෂාවකින් පසුවයි. බංග්ලාදේශයේ මහ මැතිවරණයෙන් පසුව එහි තත්ත්වය හොඳ අතට හැරේවි කියා අපි ප්‍රාර්ථනා කරනවා” රජිත ප්‍රනාන්දු මහතා පවසා තිබේ.බංග්ලාදේශය ජනවාරි 27 වැනිදා සිට ආරම්භ වන ටෙස්ට් තරග 2ක්, විස්සයි20 තරග 2ක් හා එක්දින තරග 3ක් සඳහා ශ්‍රී ලංකාවට සත්කාරකත්වය දැරීමට නියමිතව තිබේ..
NEWS
වැලිවේරිය පොලිස් බල ප්‍රදේශයේ ජුබිලි මාවත ආසන්නයේදී පාරේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ මුහුණ බලෙන් සිප ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකු චෝදනාවට වරද පිළිගත් හෙයින් රුපියල් 1500/- ක දඩයක් නියමකළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මැකි මොහොමඩ් මහතා මාස 06 ක සිරදඬුවමක්ද නියම කර එය වසර 10 කට අත්හිටුවීමටද නියෝග කළේය.පැමිණිල්ල වැලිවේරිය පොලිසියේ උ. පො. ප. නන්දසිරි මහතා ගෙනු කර තිබුණි. දඬුවම් නියමවූවේ එස්. මොහොමඩ් නැමැත්තෙකුටය..
NEWS
මතුගම ලංගම ඩිපෝවේ බස් ධාවන කටයුතු දිනෙන් දින පිරිහෙමින් පවත්වන නිසා පළපුරුදු, සුදුසුකම් ඇති ඩිපෝ කළමනාකාරවරයකු පත්කිරීමට පියවර ගන්නැයි මගී අයිතීන් සුරකීමේ සංවිධානය ඉල්ලීමක් කරයි.මේ වනවිට ප්‍රධාන මාර්ග රාශියක බස් ධාවනය සම්පූර්ණයෙන්ම අඩපනව ගොස් ඇත.කාලසටහන් මත බස් ධාවනයන් සිදු නොවන අතර මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගත් රජයේ සේවකයන් පාසල් සිසුන්ට නැවතත් මුදල් ගෙවා පෞද්ගලික බස්වල ගමන් කිරීමට සිදුව ඇත.මේ ඩිපෝවට අධිකරණ තීන්දුවකින් පත්කර ඇති ඩිපෝ අධිකාරිවරයා පත් කිරීමට පියවර නොගන්නේ ඇයිදැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් මගී අයිතීන් සුරකීමේ සංවිධානය ලිඛිතව ප්‍රශ්න කැර තිබේ.
NEWS
ඉංගිරිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බල ප්‍රදේශයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇති හෙයින් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ඉංගිරිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහේෂ් කරුණාතිලක මහතා පවසයි.
NEWS
කැළණිය ගුරුකුල හා ධර්මාලෝක අතර පැවැති "කැළණි සටනේ" පළමු ජය ගුරුකුල විදුහල සතුවිය.මහා තරගය ආරම්භ වී වසර 23 ක්ම ජය පරාජයෙන් තොරව නිමාවූ "කැළණි සටන" ගුරුකුල විදුහල ජය ගැනීම ඓතිහාසික ජයග්‍රහණයක් විය.මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ ජයග්‍රහණ 9 ක් අත්කරගෙන ඉදිරියෙන් සිටි කැළණිය ගුරුකුල විදුහල මහා තරගය ජය ගත්තේ කඩුලු 10 කිනි.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ගුරුකුල - ධර්මාලෝක විදුහල් අතර තරගයේ මුලින් පන්දුවට පහර දුන් විදුහල ලකුණු 115 කට දැවී ගියේය.ගුරුකුල ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 200 ක් ලබා ගත්හ. ධර්මාලෝක විදුහලේ දෙවැනි ඉනිම ලකුණු 113 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඉලක්කය කිසිවෙකු නොදැවී ලබා ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.ධර්මාලෝක විදුහලේ දුර්වල පහරදීම හේතුවෙන් මුල සිටම තරගයට අවතීර්ණ වීමට ගුරුකුල විදුහලට හැකි විය. ධර්මාලෝකයේ රවිදු තිවංකගේ දක්‍ෂ පන්දු යැවීම හේතුවෙන් හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය හිමි විය.ගුරුකුල විදුහල වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 84 ක් ලැබූ ලිසුල ලක්ෂාන් තරගයේ වීරයා හා හොඳම පිතිකරුට හිමි සම්මානය දිනා ගත්තේය.ගුරුකුල විදුහල පසුගිය වසරේදී දෙවැනි පෙළ තරගාවලියේ සිට මේ වසරේදී පළමු පෙළ තරගාවලිය දක්වා උසස්වීමක් ලද ක්‍රිකට් කණ්ඩායමකි.ගුරුකුල ක්‍රිකට් පිල පුහුණුකරු ලාල් සේනාරත්න මහතාගේ මඟපෙන්වීම මත දස්කම් දැක්වීම විශේෂත්වයකි.ධර්මාලෝක විදුහල පළමු ඉනිම ලකුණු 115 - ටී. මධුසංඛ 31 (රොෂාන් අනුරාධ 29/3)ගුරුකුල විදුහල පළමු ඉනිම ලකුණු 200 - ලිසුල තිවංක 84, නලින් පෙරේරා 20, හේෂාන් දුමින්ද 20, නාමල් පැතුම් 17 (ගයන ගීතාංජන 46/2, රවිදු තිවංක 31/4, ජනක පැතුම් 30/2)ධර්මාලෝක විදුහල දෙවැනි ඉනිම ලකුණු 113 - තරිඳු මධුසංඛ 22, ගයන ගීතාංජන 26, සුලාජ් ගයාෂාන් 30 (හේෂාන් දුමින්ද 20/3, නාමල් පැතුම් 27/3, නිපුල් මධුක 35/2)ගුරුකුල දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 32 - චමෝද සුලක්‍ෂණ නොදැවී 12, ලිසුල ලක්ෂාන් නොදැවී 19.
NEWS
අධිවේගී මාර්ග ඉතිහාසයේ ප්‍රමුඛයා වන දක්ෂිණ අධිවේගී මාර්ගය දෙවසරක් ඇතුළත රුපියල් මිලියන 2210 ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය පවසයි .දෙවසර ඇතුළත දක්ෂිණ අධිවේගි මාර්ගයේ රථ වාහන හැත්තෑපන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ධාවනය කර ඇති බවත් ඒ යටතේ කාර්, වෑන්, ස්ටේෂන් වැගන්, කැබ් රථ, ට්‍රක් රථ, ලොරි රථ ආදි රථ වාහන ගණනාවක් ධාවනය වී ඇති බවත් මහාමාර්ග වරාය හා නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ ‍කරයි.2011 නොවැම්බර් මස 27 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කරීමට ලැබීම රටේ ජනතාවගේ වාසනාවක් බවද අධිවේගි මාර්ග යනු ගල් ගොඩවල් , මඩ ගොඩවල් හා නඩු ගොඩවල් යැයි එදා හඳුන්වා දුන් විපක්ෂයේ දේශපාලනඥයන්ට මෙය කදිම පිළිතුරක් යැයි ද ඇමතිවරයා කීය.කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය මාසයක් ඇතුළත රුපියල් මිලියන110ක වාර්තා ගත ආදායමක් උපයා ඇති බව කී ඇමතිවරයා මසක් ඇතුළත කොළඹ-කටුනායක අධිවේගි මාර්ගයේ රථ වාහන ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් අන්තර් පිවිසුම් ස්ථානය හරහා අධිවේගයට ඇතුළු වී ඇති බව අනාවරණය කෙළේය..
NEWS
ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග ප්‍රමෝදය වික්‍රමසිංහ, හේමන්ත වික්‍රමරත්න, චමින්ද මෙන්ඩිස් හා එරික් උපශාන්ත යන තේරීම් කමිටු සාමාජිකයන් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඊයේ පත් කරන ලදි.නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් ඊයේ පස්වරුවේ ඇමැතිවරයා අතින් පත්වීම් ලිපි ලබා ගත්තේය.මෙතෙක් වසර ගණනාවක් ක්‍රිකට් තේරීම් කමිටුවේ සිටි අසන්ත ද ‍මැල් හා දොන් අරුණසිරි යන මහත්වරුන් මෙවර නම් නොකිරීම විශේෂත්වයකි. එහෙත් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ හේමන්ත වික්‍රමරත්න මහතාට තවදුරටත් ස්ථානය හිමිව ඇත.මෙවර ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ඇතුලු සියලු සාමාජිකයන් වයස 40ත් 45ත් අතර වියෙහි පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කළ අය වීම ද විශේෂත්වයකි.සනත් ජයසූරිය මහතා 43 වියෙහි පසුවන අතර ‍ඔහු ටෙස්ට් තරග 110කට හා එක්දින තරග 445කට ක්‍රීඩා කර තිබේ.ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ 41 හැවිරිදි ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා ටෙස්ට් තරග 40කට හා එක්දින තරග 134කට ක්‍රීඩා කළේය.40 හැවිරිදි එරික් උපශාන්ත මහතා ටෙස්ට් තරග 2කට හා එක්දින තරග 12කටත්, 41හැවිරිදි හේමන්ත වික්‍රමරත්න මහතා එක්දින තරග 3කට හා 44හැවිරිදි චමින්ද මෙන්ඩිස් මහතා එක්දින තරගයකට ද ක්‍රීඩා කර ඇත.නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු කාර්ය වනුයේ ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින පිලට නායකයන් දෙදෙනකු පත්කිරිමයි.ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් සංචාරය අතරතුර දී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ හෙයින් 2013 මාර්තු මුල දී ආරම්භ වන බංග්ලාදේශ සංචාරයට ශ්‍රී ලංකා පිල සූදානම් කිරීමේ වගකීම සනත් ජයසුරිය මහතා ප්‍රමුඛ තේරීම් කමිටුවට පැවැරී ඇත. .
NEWS
ඕල්කට් පාසල් ආදි ශිෂ්‍ය සංගම් විධායක කමිටු සාමාජිකයන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා සභා රැස්වීම අද (01) පෙ.ව.10.30ට කොළඹ නාලන්ද විද්‍යාලයීය භාෂා විද්‍යාගාර ශාලාවේදී පැවැත්වේ.සංගමයේ සියලුම සාමාජිකයන්ට නියමිත වේලාවට රැස්වීමට සහභාගී වන මෙන් සංවිධායකයෝ දන්වා සිටිති..
NEWS
ඓතිහාසික කෝට්ටේ පුරවරයේ සිටින බුද්ධිමත් ජනතාව සෑම අවස්ථාවකම නිවැරැදි තීන්දු තීරණ ගන්නා බව පසුගිය මැතිවරණවල දී පෙන්නුම්කර තිබෙනවා.පසුගිය ජනාධිපතිවරණයෙන් මෙන් ම, මෑතක දී පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද ප්‍රමාණය මේ වන විටත් නොකැඩී තිබෙන බව අපට සහතික කර කියන්න පුළුවන්. එම මැතිවරණයෙන් අප ලබාගත් 12000ක ඡන්ද ප්‍රමාණය අතේ තබාගෙනයි මෙවර මැතිවරණ සටනට අවතීර්ණ වෙන්නේ. කෝට්ටේ මැතිවරණ බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් විස්ස වෙනුවෙන් ප්‍රචාරක රැස්වීම් සංවිධානය කර තිබෙනවා.සන්ධානයට සම්බන්ධ සියලු ම පක්ෂ මේ රැස්වීම් නියෝජනය වන අයුරින් සහභාගි කරමින් ජනතාව දැනුවත් කරනවා. අපි 20,000ක ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සෑම නිවසකට ම අපේ නියෝජිතයන් යවමින් දැනුවත් කරනවා.අප මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ නායකත්වයෙන් යුතු මැතිවරණ කමිටුවට, නාගරික මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් ද ඇතුළත් ව කටයුතු කරනවා. එම නිසා ඉදිරි ජනාධිපතිවරණයෙන් වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසැකව ම වාර්තාගත වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ජයග්‍රහණය කරන බව ප්‍රකාශ කර සිටින්න කැමතියි.
NEWS
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට වැළඳී ඇති වකුගඩු රෝග සමනය කිරීම සඳහා පියවර ගැනීමට රජය තීරණය කරයි.වකුගඩු රෝගය සමනය කිරීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලය විසින් පත්කළ සථාවර නිලධාරී කමිටු වාර්තාවේ දීර්ඝකාලීන හා මධ්‍යකාලීන යෝජනාවන් ක්‍රියාත්මක වන අතරතුර කෙටිකාලීන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම මඟින් අදාළ ප්‍රදේශවල ජනතාවට සහන සැලසිය යුතු බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවට වැළ‍‍දෙන වකුගඩු රෝගය සමනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ සථාවර නිලධාරී කමිටු වාර්තාවේ කෙටුම්පත සාකච්ඡාවට භාජනය කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා පැවසූවේ සංවිධිත පාසල් ජාලය උපයෝගී කර ගනිමින් සිසු පරපුර හරහා අදාළ ප්‍රජාව දැනුවත් කිරීම වඩාත් ඵලදායී වන බැවින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ නිලධාරීන් අදාළ ප්‍රදේශවල පාසල් වෙත යොමු කරවමින් සිසු ප්‍රජාව හා ගුරුවරුන් දැනුවත් ‍කොට ඒ හරහා සමස්ථ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවයි.දැනටමත් පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර ප්‍රාදේශීය රෝහල් වෙත දැනටමත් අදාළ ඖෂධ යොමුකොට රෝගය හඳුනාගන්නා අවස්ථාවේදීම සුවපත් කිරීමට කටයුතු යොදා ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙහිදී පැහැදිලි කළහ.ඒ අනුව තෙමසක විශේෂ වැඩසටහනක් සකස් කොට සෑම පාසලකින්ම හඳුනාගත් ගුරුවරයකු, සෞඛ්‍ය සේවා නිලධාරීන් හරහා පුහුණු කොට, කඩිනම් දැනුවත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමටද මෙහිදී තීරණය විය.ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද මඩිහහේවා මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශ වල ලේකම්වරු හා ආයතනවල නියෝජිතයින් රැසක්ද සහභාගී වූහ..
NEWS
කුරුණෑගල නගරයේ අනවසර ඉදිකිරීම් වහාම නවත්වන ලෙසට නගර සභාව නාගරික ජනතාවගෙන් ඉල්ලා සිටී.රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු වටා තිබෙන තාප්පවල දැන්වීම් ප්‍රදර්ශනය කිරීම (ඇලවීම) තාප්ප වටා තිබෙන කඩ බක්කි, සහ කුණු කසළ ගොඩවල් වහා ඉවත් කරන ලෙසත් නියෝග කොට ඇත.නගරයේ අනාරක්ෂිත ලෙස තැනින් තැන නවතා තිබෙන ත්‍රිරෝද රථ නිසා පදික වේදිකාවල ගමන් කරන මගීන්ට හිරිහැරයක් නිසා ත්‍රිරෝද රථ නැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් සලසා දීමේ වැඩ පිළිවෙළක් ද සකස් කරගෙන යයි.නගරයේ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට නවතා තිබෙන වාහන නිසා ගමනාගමනයට විශාල හිරිහැරයක් නිසා එකී වාහන හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට පොලිස් රථවාහන අංශයට උපදෙස්දී ඇත.ඒවගේම නගර මධ්‍යයේ පිහිටා තිබෙන උමං මාර්ගයේ සහ බස් නැවතුම්පොළේ රෑ මනාලියන් ගැවසෙන නිසා ඔවුන් එම ස්ථානවලින් පලවා හරින ලෙසටද රාත්‍රි මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීහු ඉල්ලා සිටිති..
NEWS
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් කළුතර දිස්ත්‍රික්කය තුළ ආහාර නිෂ්පාදනය කිරීමේ හා සැපයීමේ නිරත ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබුණි.මෙහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පාරිභෝගික සේවා අධිකාරිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය, මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිවැරදි ආකාරයට ආහාර නිෂ්පාදන ව්‍යාපාර පවත්වාගෙන යාම පිළිබඳව මෙම පිරිස දැනුවත් කෙරිණි.කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේ පැවැති මෙම විශේෂ වැඩමුළුව කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ජී. කොළඹ ආරච්චි මහතා ප්‍රමුඛ එහි නිලධාරීන් විසින් සංවිධානය කළ මෙම විශේෂ වැඩමුළුවට එම ආහාර නිෂ්පාදන ව්‍යාපාර පවත්වාගෙන යන කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයෝ රැසක් සහභාගි වූහ.
NEWS
එළවළු ප්‍රවාහනය කිරීමේදී ඊයේ (01) සිට පෙට්ටි භාවිතා කිරීම අනිවාර්ය කිරීමත් සමඟ එයට විරෝධය පාමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ ඊයේ කොළඹට එළවළු එවීමෙන් වැළකී සිටියහ.මේ හේතුව නිසා ඔවුන්ට බලපා ඇති ප්‍රශ්න හා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ දී එළවළු ව්‍යාපාරිකයින් සමග සාකච්ඡාවක් පැවැත්වූහ.මෙහිදී ඔවුන්ගේ ගැටලු හඳුනා ගෙන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබාදෙන බව එම ව්‍යාපාරිකයන්ට ඇමැතිවරයා පවසා සිටියේය. විසඳුම් ලැබෙන තෙක් පෙර පරිදි එළවළු ප්‍රවාහනය කිරීමට ව්‍යාපාරිකයන්ට අවසර දෙන ලදී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, නුවරඑළිය දිසාපති ඩී. පී. ජී. කුමාරසිරි, නුවරඑළිය නගරාධිපති ඇතුළු එළවළු ව්‍යාපාරිකයින් සහභාගි විය..
NEWS
බොරැල්ල සුසමයවර්ධන හා කොලොන්නාවේ ඕල්කට් විද්‍යාලය අතර ප්‍රථම වරට පැවැති කොළඹපුර හරඹය එක් දින ක්‍රිකට් තරගය ලකුණු 11 කින් ජය ගැනීමට ඕල්කට් විදුහල සමත් විය.සරවනමුත්තු පිටියේ පැවැති මේ තරගයේ ඕල්කට් විදුහල් පිල ඕවර 39 කදී කඩුලු 8 කට ලකුණු 182ක් රැස් කළේය. සුසමයවර්ධන පිල ඕවර 25 අවසානයේ කඩුලු 5 කට ලකුණු 119 ක් රැස් කරමින් සිටියදී වර්ෂාව ඇද වැටීමේ හේතුවෙන් පැරබෝලා ක්‍රමවේදය අනුව ජයග්‍රාහකයා තේරීමට සංවිධායකවරුන්ට සිදු විය. තරගයේ වීරයා ලෙස ඕල්කට් විදුහලේ නුවන් සංකල්ප සම්මාන දිනූ අතර, හොඳම පිතිකරු ලෙස එම විදුහලේ සජිත් ප්‍රසාද් ද, හොඳම පන්දු යවන්නා ලෙස සුසමයවර්ධන විදුහලේ කණිෂ්ක ප්‍රබෝධන් තේරී පත් වූහ.ඕල්කට් පිල - 182/8 (ඕවර 39) - සජිත් ප්‍රසාද් 50, නුවන් සංකල්ප නොදැවී 64 (කණිෂ්ක ප්‍රබෝධ 10/2 )සුසමයවර්ධන පිල 119/5 (ඕවර 25) කසුන් හිමාෂ 28, දිලිප් රන්දීප 22..
NEWS
හම්බන්තොට සූරියවැවදී අද පැවැත්වෙන දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය වර්ෂාවෙන් බාධා නොවන සම්පූර්ණ තරගයක් වනු ඇතැයි ශ්‍රී ලංකාව හා නවසිලන්තය යන දෙපිලේම නායකයෝ ප්‍රාර්ථනා කරති.වර්ෂාව හරස් වීම හේතුවෙන් පෙරේදා තරගය අහෝසි කෙරිණි. එහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 9කට ලකුණු 288ක් රැස් කළ අතර නවසිලන්තය එක් කඩුල්ලකට ලකුණු 13ක් ලබා ගෙන සිටියදී තරගය නතර කෙරිණි.ලකුණු 288ක මුළු ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීමට හැකිවූ නිසා ශ්‍රී ලංකාව අද තරගයට මුහුණ දෙනු ඇත්තේ දැඩි විශ්වාසයකින් යුතුවය. එම ඉනිමේදී ශ්‍රී ලංකා පළපුරුදු පිතිකරුවන් වන තිලකරත්න ඩිල්ෂාන් (81) හා කුමාර් සංගක්කාර (79) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක අගනා සබඳතාවක් පිහිටුවීමට සමත් වූහ. නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 64කින් නොදැවී ලකුණු 74ක් ලබා ගත්තේය.“ලකුණු පුවරුවට 288ක් එක් කිරීමෙන් පසුව හා ලකුණු හතේදී නවසිලන්ත කඩුල්ලක් ලබා ගැනීමෙන් පසුව තරගය දිනන්න අපට හොඳටම අවස්ථාව තිබුණා. මුළු ලකුණු ප්‍රමාණය 300 ට ළඟා වෙන්න අප සැලසුම් කර තිබුනත් මැද පෙළ අසාර්ථක වීම නිසා ඒ ඉලක්කයට යන්න බැරිවුණා” යැයි මැතිව්ස් කියා සිටියේය.පළමු ඕවර දහයේදී ශ්‍රී ලංකාව වේගයෙන් ලකුණු ලබා ගත්තද තරගයේ ඉතිරි කාලයේදී තම ක්‍රීඩකයන් ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ලකුණු 288කට සීමා කළ බව නවසිලන්ත නායක කයිල් මිල්ස් තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.“තරගයට වර්ෂාවෙන් බාධා වීම ඉතාමත් කලකිරීමට හේතුවකි. මොකද, අපි මෙහි ඇවිත් ඉන්නේ ප්‍රතිඵලයක් ලබා ගැනීමටයි” මිල්ස් කීවේය.සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තණතීරුව ඉතාමත් හොඳ තත්ත්වයේ තිබෙන බව සංචාරක නවසිලන්ත නායකයා අවධාරණයෙන් කියා සිටියේය.“එය සම්ප්‍රදායික ඉන්දියා උප මහාද්වීප ක්‍රිකට් තණතීරුවක් නොවේ. පන්දුවට දෝලනයක් ලබා ගත හැකියි. බවුන්ස් වීමක්ද තියෙනවා” යනුවෙන් පවසන කයිල් මිල්ස් මේ තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ටද යෝග්‍ය එකක් බවට විශ්වාස කරයි..
NEWS
රාජ්‍ය සේවයට බඳවාගනු ලැබූ අභ්‍යාසලාභී උපාධිධාරීන් 50000ක් ඉක්මවූ පිරිසක් ස්ථිර කිරීමේ කටයුතු රජය ආරම්භ කර ඇත. පසුගිය වසරේ පුහුණුවට බඳවාගනු ලැබූ මේ අභ්‍යාසලාභී උපාධිධාරීන් අතරින් වසරක පුහුණු කාලසීමාව අවසන් කළ සියලු උපාධිධාරීන් වෙත මේ ස්ථිර පත්වීම් ලිපි පිරිනමන බවත් රජය දන්වා සිටී.පසුගිය පෙබරවාරි 02 වැනිදා සිට මේ ස්ථිර කිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර එම පත්වීම් ලියාපදිංචි තැපෑලෙන් ඔවුන් වෙත යැවීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මකව පවතී.ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 298 දෙනෙකු සඳහා මේ වන විට ස්ථිර පත්වීම් ලිපි යවා අවසන් යැයිද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න මහතා පැවසීය.උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් නොලැබෙන බව විවිධ කටකතා පැතිර ගියද පසුගිය වසරේ පෙබරවාරි 15, පෙබරවාරි 21 හා මාර්තු 01 ආදී වශයෙන් අදියර කිහිපයකින් බඳවා ගනු ලැබූ වසරක පුහුණු කාලය අවසන් කළ සියලුම උපාධිධාරීන් වෙත ක්‍රමානුකූලව රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලිපි කිසිදු ප්‍රමාදයකින් තොරව ඔවුන් අතටම යැවීමට සියලු කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා කීය.මෙවර රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබූ සියලුම උපාධිධාරීන් සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කරනු ලබන අතර උපාධිධාරියකු සඳහා මාසික වැටුප සියලු දීමනා සහිතව රුපියල් 23000කට ආසන්න වන බවද ඇමැතිවරයා අමාත්‍යාංශ උසස් නිලධාරීන් සමඟ ඊයේ (13) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කළේය..
NEWS
කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ අවසන් අදියර (මෙගවොට් 100) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (25) ජනතා අයිතියට පත් වෙයි.අමෙරිකා ඩොලර් මිලියන 309 ක වියදමින් ඉදිකෙරුණු මේ බලාගාරය මෙගවොට් 300කින් යුක්ත වන අතර පළමු අදියර මෙගවොට් 200 පසුගිය වසරේ ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි.මහින්ද චින්තන ප්‍රතිපත්ති යටතේ බලශක්ති අර්බුදයට කඩිනම් විසඳුම් ලබා දෙමින් ඉදිකෙරුණු මේ විදුලි බලාගාරයේ අවසන් අදියර මෙගවොට් 100 වාෂ්ප මගින් නිපදවෙන අතර එමගින් විදුලිය ඒකකයක මිල රුපියල් 30 සිට රුපියල් 12 දක්වා අඩු කෙරේ.ජාතික විදුලිබල ඉල්ලුමෙන් 20%ක් සපුරාලන මෙම විදුලිබලාගාරය වර්ෂයකට විදුලි ඒකක මිලියන 1800ක් නිපදවනු ලබයි. මෙහි ඉදිකිරීම් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලක්දනව් සමාගම සිදුකර තිබේ.මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය ආයෝජන පමණක් උපයෝගී කරගත් බවත් එයට සහභාගිවූ ඉංජිනේරුවරුන් දේශීය අය පමණක් වන බවත් එහෙයින් විදේශ උපදෙස් පවා ලබා ගැනීමට අවශ්‍ය නොවූ බවත්, අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා පෙන්වා දුන්නේය. කුරිරු යුද්ධයක් සඳහා විශාල වියදමක් දරන්නට තිබියදීත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම නිසා රටේ ඇතිවන්නට තිබූ විදුලි අර්බුදය මගහැරවීමට සමත්වූ අතර එමගින් දවසකට පැය 6ක් පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට තිබූ අවදානම දුරු කර ගත හැකි විය.තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අපේ‍්‍රල් මාසයේදී බිහිවන නව රජය සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම ඉතා ඉක්මනින් නිම කිරීමට කටයුතු කරන බවය. රටේ යුද වාතාවරණයක් නොමැති නිසා බලගතු ජනාධිපතිවරයෙකු හා රජයක් යටතේ මේ රට සම්බන්ධව විදේශීයන් තුළ ඇති විශ්වාසය දැඩිවනු ඇති අතර එමගින් මෙරටට විදේශ ආධාර හා විදේශීය ආයෝජනද වැඩි වනු ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
NEWS
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා විසින් කිරුළපන, ස්ටැපඩ් මාවතේ පවත්වාගෙන යන “D PAVILION INN” සුපිරි සංචාරක හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පෙරේදා (21) විවෘත කළ අයුරු. ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, ඔහුගේ බිරිය මංජුලා තිළිණි හා දරුවන්ද මේ අවස්ථාව‍ට එක්වූහ. ඡායාරූපය-සුදත් සිල්වා
NEWS
වගකීම් රැසක් ඇතිව සුළු ලාභයක් වෙනුවෙන් සිදු කරන සේවාවක් පාසලේ ළමයින් ප්‍රවාහන සේවාව. මෙම සේවාව සිදු කරන වෑන් රථවලට ලබන ජනවාරි මස සිට කහ පැහැති වර්ණ ආලේප කිරීම අපහසු නිසා, මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කර යම් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව බස්නාහිර පළාත් පාසල් ළමයින් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත පෙරේරා මහතා පැවැසීය.ඒ මහතා එසේ පැවැසුවේ කොළඹ 06 පාමංකඩ පිහිටි බස්නාහිර පළාත් පාසල් ළමයින් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.සභාපති පෙරේරා මහතා මෙසේ පැවැසීය.පාසල් සිසුන් වැඩි වශයෙන් වෑන් රථවලින් පැමිණෙන්නේ කොළඹ නගරයට යි. දිනකට කොළඹ නගරයට ප්‍රධාන මාර්ග හතරක් (නුවර පාර, ගාලු පාර, හයිලෙවල් සහ මීගමු පාරවල්) ඔස්සේ වෑන් රථ හය දහසක් පමණ පැමිණෙනවා. කොළඹ පිහිටි පාසල්වලින් සිසුන් 80% ක්ම පැමිණෙන්නේ පාසල් වෑන් රථ මගින්. රට පුරා පාසල් වෑන් රථ තිස් දහසක් පමණ තිබෙනවා.මෙම සේවා කරගෙන යන්නේ රජයෙන් කිසිදු සහනයක් හෝ අනුග්‍රහයක් ලබා නොගෙනයි.සාමාන්‍යයෙන් සතියේ දින පහ පාසල් සේවයේ යෙදූ විට සෙසු දින දෙක වාහනයේ විවිධ සේවාවන්වලට යොමු කිරීමට සිදු වෙනවා. නිවාඩු දිනවලදී ඇතැම් අවස්ථාවල දී වෙනත් කුලී ගමන් යෑමට ලැබෙන නිසා අමතර මුදලක් ලබා ගැනීමට හැකි වෙනවා.එයයි පාසල් වෑන් හිමියන්ට ඇති එකම ශුද්ධ ලාභය. ජනවාරි මස සිට සම්පූර්ණ කහ වර්ණය ආලේප කිරීමෙන් පසු වෙනත් කුලී ගමන් යෑමට ලැබෙන අවස්ථාව නැති වෙනවා. අවශ්‍යතාවකට වෑන් රථය අලෙවි කර ගැනීමට අපහසු වෙනවා.වෑන් රථයක කහ වර්ණ ආලේප කිරීමට රුපියල් අසූ දහසක් පමණ වැය වෙනවා. මෙවැනි මුදලක් වැය කිරීමට තරම් ආර්ථික තත්ත්වයක් පාසල් වෑන් රථ හිමිකරුවන්ට නැහැ. මෙවැනි කරුණු සැලකිල්ලට ගෙන අපට යම් සහනයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.මේ අවස්ථාවට සංගමයේ ලේකම් බී. ඩී. උබේසේන, භාණ්ඩාගාරික නන්දන ෂක්‍රමසිංහ, සංවිධායක එම්. එස්. එම්. එෆ්. හුසේන් යන මහත්වරුන් සමඟ සංගමයේ නිලධාරීහු රැසක් සහභාගි වූහ..
NEWS
ජාතිවාදය හා බෙදුම්වාදය අවුළුවමින් දේශපාලන ගැටුමකට මඟපාදා ගැනීමට දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණය තුළින් ‍ උත්සහා ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.මේ රට නැවත අස්ථාවර කර අනාථ කිරීමේ මෙහෙයුමක දෙමළ ජාතික සන්ධානය නිරතවී සිටින බවද ඇමැතිවරයා පවසයි.ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (16) බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණේ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා ......මෙවර පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය පමණක් සුවිශේෂී වු මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. නමුත් වෙනත් කිසිදු පක්ෂයකින් එවැන්නක් ‍කළේ නෑ. මේ මැතිවරන ප්‍රකාශයෙන් දෙමළ ජාතික සන්ධානය පැහැදිලිවම ස්වයංපාලනයකට යාමට උත්සහ දරන බව පෙනී යනවා.ඉඩම් හා පොලිස් බලතල, උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කිරීම, නීති සම්පාදනය මුදල් පාලනය මේවා ඔවුන‍්ගේ ඉලක්කගත දේශපාලනය වී තිබෙනවා.විග්නේශ්වරන් මහතා දෙමළ ජනතාව විසින් මහ ඇමැති අපේක්ෂකයා ලෙස පත් කර ගත් කෙනකු නොවෙයි තානාපති කාර්යාලවල න්‍යාය පත්‍රයට අනුවයි ඔහු පත්කරගෙන ඇත්තේ.පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් මගේ සියලු ශක්තිය යොදවනවා යනුවෙන් නවනීදන් පිල්ලේ මහත්මිය කර ඇති ප්‍රකාශයෙන්ද මල් කළඹවල් තැබීමට උත්සහා කිරීම්වලින්ද සිදු‍වන්නේ දෙමළ ජනතාව නැවතත් බෙදුම්වාදයට තල්ලු කිරීමයි. මේ දිනවල එම පළාත්වල පළාත් සභා මැතිවරණය සඳහා තාවකාලික හැදුනුම්පත් ලබාදෙන්නෙත් දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන්ට පමණයි.රජය 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිරීමට උත්සහා දැරුව අවස්ථාවේ එය වළක්වන්නට උත්සහා දැරූ අය ඉදිරියේදී ඇතිවිය හැකි බෙදුම්වාදයට වගකිවයුතුයි.උතුරින් ලැබෙන්නේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන ජනමතයක්නම් වයඹින් මධ්‍යමින් ලැබෙන්නේ එයට ‍එරෙහි ජනමතයක් බවත් බෙදුම්වාදී අන්තවාදී පිරිස් දැනතයුතුයි.මේ අවස්ථාවට ජාතික නිදහස් පෙරමූණේ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ මහ නගර සභා මන්ත්‍රී මො‍හොමඩ් මුසම්මිල් මහතා ද එක් විය..
NEWS
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බල්ලපාන පොදු සුසාන භූමියේ තිබූ පොල් ගස් 17ක් සහ ලුනුමිදෙල්ල ගස් 3ක් කිසියම් පිරිසක් විසින් කපා දමා ඇති බව දිවුලපිටිය ප්‍රාදේශීය සභාව පවසයි.මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් සිටින බව ද ප්‍රදේශීය සභාවේ උසස් නිලධාරිනියක් පැවැසුවාය..
NEWS
හයිටි සාමසාධක හමුදා සේවය සඳහා තෝරාගත් ත්‍රිවිධ හමුදාවේ 850ක පිරිසක් ලබන 13 – 18 අතර දින අතර දින කිහිපය තුළ මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබේ.යුද්ධයෙන් පසු හයිටි සාමසාධක හමුදා සේවයට යන 20 වැනි බළඇණිය මෙය වෙයි. යුද්ධ හමුදාවේ නිලධාරින් 54ක් සහ සෙසු නිලයන් 708ක්, නාවික හමුදාවේ නිලධාරින් 2ක් සහ සෙසු නිලයන් 42ක්, ගුවන් හමුදාවේ නිලධාරින් 2ක් සහ සෙසු නිලයන් 42ක් එම කණ්ඩායමට ඇතුළත් වෙයි.හයිටි සාමසාධක හමුදා සේවයට ආරක්ෂක අංශවල පිරිස් යෙදවීම මාස හයෙන් හයට සිදුවන අතර ත්‍රිවිධ හමුදාවේ සෑම අංශයකම භට පිරිස් නියෝජනය වන පරිදි ඒ සඳහා තෝරා ගැනීම් සිදුකෙරෙයි.
NEWS
විදෙස් රැකියාවල නියුක්තව සිට නැවත මවු රටට පැමිණෙන කාන්තාවන් සතු දේපළ කොල්ලකෑමේ යෙදෙන එක්තරා කල්ලියක් පිළිබඳ පසුගිය කාලය පුරා දඹුල්ල ආශ්‍රිත පෙදෙස්හි සිදු වූ සිදුවීම්වලින් අනාවරණය වෙයි.එවැනි එක් සිදුවීමක් ඉකුත් සෙනසුරාදා සීගිරිය නව නගරයට නුදුරු ස්ථානයකදී සිදුවී ඇත.‍මේ සම්බන්ධයෙන් විසිහැවිරිදි උදුමා ලෙබ්බේ නමැත්තා පැවැසුවේ මෙසේය.සෞදි අරාබියේ සිට පැමිණෙන ලොකු අම්මා ගෙනඒමට පසුගිය සිකුරාදා මම කොළඹ ගොස් එහි එදින රාත්‍රී නතරවී පසුදා එනම් සෙනසුරාදා කටුනායක ගුවන් තොටුපොළට ගොස් ලොකුඅම්මා සමඟ මම පිටකොටුව බස්නැවතුම් පොළට ආවා.එහි මූතුර් බසය එනතුරු අප සිටිනවිට අප ළඟට පැමිණි අයෙක් සුහඳව අපට කතාකර ඔවුන් ද වෑන් එකෙන් මූතුර් යන බැවින් අපට ද යන්ට පුළුවන් කීවා. පසුව අපි ඒවෙත යනවිට එහි තිබුණේ කාර් එකක්. එහිදී ඔවුන් කිවා තියෙන්නේ කාර් එකක් එයින් යමු කියලා.පසුව අපි කාරයට ගොඩවුණා. මෙහි රියැදුරත් තවත් දෙදෙනකුත් සිටියා. අතර මඟදී තෙල් ගහන්ට කියා ඔවුන් අපෙන් රුපියල් දෙදහක් ඉල්ලා ගත්තා.ඒ එන අතරමඟ මංසන්ධියකින් කාරය හරවා නතරකළා. පසුව ඔවුන්ගෙන් එක් අයෙක් කාරයෙන් බැස අසල කඩයකට ගොස් බීම බෝතල් තුනක් සහ බනිස් තුනක් ගෙනත් අපි දෙදෙනාට බිම බෝතල් දෙකක් සහ බනිස් දුන්නා. අපි ඒ බීම බිව්වා.පසුව සෑහෙන දුරක් එනවිට ලොකු අම්මට හොදට නින්ද ගියා. මටත් නිදිමත ආවා. ඒ සමඟම මට දැනුනා මා කව්දෝ අදින බව. පසුව මට යන්තම් සිහිය ඇවිත් බලනවිට පාළු පාරක් අයිනේ අපිදාලා කාරය ගිහිං. ලොකු අම්මා වැටී සිටියා. ඇයට සිහිය තිබුණේ නෑ. එහිදී මම ඇය අමාරුවෙන් රැගෙන පාරට ආවා. ටික වේලාවකට පසු එම ස්ථානයට මහත්තයෙක් ආවා.අප ඔහුට සියලු විස්තර කීවා. එහිදී පොලිසියෙන් ඇවිත් අපි රෝහලට ගෙනාවා.මේ පුද්ගලයන් මෙසේ අතරමඟ සිටිබව දැනගත් වහාම ක්‍රියාත්මකවූ පොලිසිය සිගිරිය තල්කොටේ ගම්මානයට නුදුරු තැනක සිටි මේ පුද්ගලයන් දඹුල්ල මුලික රෝහල වෙත රැගෙනවිත් ඇත. ඒවනවිට ඔවුන් සන්තකයේ තිබූ රුපියල් 23000ක් පමණ වටිනා මුදල් සහ භාණ්ඩ අතුරුදන්ව තිබුණි.මේ අතවරයට ගොදුරුව රෝහල් ගත කර ඇත්තේ මුතුර් පෙදෙසේ පදිංචි 53 හැවිරිදි සි. අදිෂා නමැති කාන්තාව සහ ඇගේ නැගණියගේ පුත්‍රයා වන යු. ලෙබ්බේ නමැත්තාය.මේ සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි..
NEWS
විපක්ෂ නායකවරයා සූදානම් වනුයේ 2015 ජනාධිපතිවරණයකට නොව 2021 ජනාධිපතිවරණයකට බව බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා (2) කොළඹ පැවැති උත්සවයකට සහභාගි වෙමිණි.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණා ඌවෙන් ආණ්ඩුවට ඌයි කියන්න දෙනවා කියා. ඔවුන් හැමදාමත් ඔයවගේ කතා කියනවා. ඡන්ද ප්‍රතිඵල එනකම් විවිධ දේ ප්‍රකාශ කරනවා. මේ වගේ කතා කියන විට අපට රා බීලා වෙරි වෙච්ච මී පැටියා මතක් වෙනවා..එක්සත් ජනතා නිදහස් සන්ධානය ඌව පළාත් සභා මැතිවරණයෙන් පමණක් නොවේ ඊට පසුව පවත්වන ජනාධිපතිවරණයෙන්ද අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. විපක්ෂ නායකතුමා මේ දිනවල අමතන්නෙ ඡන්ද දායකයන්ව නොවේ ටියුෂන් පන්තිවල පුංචි ළමයිවයි. ඒ ළමයින්ට මෙවර ඡන්ද අයිතිය නැහැ. වර්තමාන තරුණ පරපුර, වැඩිහිටියන්ව දිනාගැනීමට නොහැකිව එතුමා දරුවන්ව දිනාගන්න හඳනවා. ඒ නිසා 2021 ජනාධිපතිවරණයට සූදානම් වෙන්න විපක්ෂ නායකවරයා ටියුෂන් පංතිවලට යන බවද පළාත් ඇමැතිවරයා කීය.
NEWS
ජගත් පිහිනුම් සූර මයිකල් පෙල්ප්ස් බීජිං ඔලිම්පික් උළෙලින් පසු පළමු වතාවට මීටර 400 පිහිනුම් ඉසව්ව තරග වැදීමට සූදානමින් සිටියි.අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය, චීනය, බ්‍රසීලය, කැනඩාව, දකුණු අප්‍රිකාව වැනි රටවල ප්‍රබල පිහිනුම් සූරයන් සහභාගිවන “පෑන් පැසිෆික්” පිහිනුම් සූරතාවලියේ එසේ තරග වැදීමට ඔහු සූදානම්න් සිටියි.2008 බීජිං ඔලිම්පික් උළෙලේ වාර්තාගත රන්පදක්කම් 8ක් දිනූ පෙල්ප්ස් එහිදී මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ ලෝක වාර්තාවක්ද පිහිටුවමිනි..
NEWS
[2014-08-20 ප.ව 03.30]මෙරට සිනමා ඉතිහාසයට සහ සිනමා රසිකයන්ට අමරණීය අත්දැකීමක් එක් කරමින් කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල එන මස 02 දා කොළඹ රීගල් සිනමා ශාලාවේදී ආරම්භ වේ.මහජන ප්‍රදර්ශනය 07 වැනිදා දක්වා රීගල්, මැජස්ටික්, එම්පයර් සහ තරංගනී යන සිනමාහල් වල පැවැත්වීමට නියමිතය.අන්තර් ජාතික සම්මානනීය මෙක්සිකානු සිනමාකරු කාලෝස් රිගාදාස් මෙම උළෙලේ ආරාධිතයකු වෙයි.බොහෝ රටවල ප්‍රවීන සිනමාකරුවන් සිය චිත්‍රපට සමඟ සහභාගී වීමට නියමිතය.ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මෙය මෙහෙයවයි. ප්‍රවේශ පත්‍ර පදනම් ආයතනයෙන් නොමිලේ ලබා ගත හැක.මේ පිළිබඳ වැඩි විස්තර හෙට සරසවිය පත්‍රයේ පළවේ.
NEWS
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම හෙට (22) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යති.වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ සහ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්වරු මෙලෙස ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිත අතර එම සැසිවාරය සඳහා සහභාගි වන විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (20) පිටත්ව ගියේය.මේ මස 27 දා ආරම්භ වන මෙම සැසිවාරයේදී අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර ඒ සඳහා සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.ජගත් මානව හිමිකම් සැසිවාරයට ප්‍රථම ඒ සඳහා සහභාගිවන සාමාජික රටවල් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම බලාපොරොත්තු වන බවද එහිදී ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය සහ මේ දක්වා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද දැනුවත් කිරීමට පියවර ගන්නා බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ජගත් මානව හිමිකම් සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මේ වනවිට පරිසර සමුළුවකට සහභාගි වීම සඳහා කෙන්යාවේ නයිරෝබි නුවරට ගොස් සිටින අතර එයින් අනතුරුව ජිනීවා නුවරට ළඟා වීමට නියමිතය. ඊට අමතරව මේ සඳහා හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතයි..
NEWS
පරිසරයට හා ප්‍ර‍දේශවාසී ජනතාවට හානිදායක විෂ වායුවක් නිකුත් වීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වූ පිළියන්දල එස්.ඇන්.ඩී. ඇසෝසියේටස් කර්මාන්තශාලාව එම ප්‍රදේශයේ පවත්වාගෙන යාම සඳහා අවසර නොදීමට පරිසර අමාත්‍යාංශය පියවර ගනී.එම කර්මාන්තශාලාව එම ප්‍රදේශයේ පවත්වා ගෙන යාමට අනුමැතිය ලබානොදෙන ලෙස පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියටද උපදෙස් ලබා දී ඇත.මෙම කර්මාන්ත ශාලාවෙන් සිදුවන හානිය පිළිබඳව සොයාබැලීමට පරිසර පුනර්ජනනීය හා බලශක්ති ඇමැති සුසිල් ‍ප්‍රේමජයන්ත මහතා විසින් පත්කරන ලද ත්‍රි පුද්ගල කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගෙන ඇති අතර, එම කමිටුවේ අතුරුවාර්තාව අමාත්‍යාංශයට බාරදී තිබේ. මීට අමතරව තාක්ෂණ කමිටු වාර්තාවක්ද ලබාදිමට නියමිතය.මෙම කමිටු නිලධාරීන් විසින් කර්මාන්තය හා ඒ අවට ක්ෂේත්‍රයද පරීක්ෂා කළ අතර , එහිදී හෙළිවූ කරුණු අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රය ඉල්ලුම් කරන විට එහි සඳහන් ප්‍රමිතියට වඩා රසායනික ද්‍රව්‍ය ගබඩා තුළ තිබූ බවත්, ගබඩා 4 ක් තිබූ නමුත් පාරිසරික නිර්දේශ තිබුණේ එක් ගබඩාවක් සඳහා පමණක් බවත් එම කමිටුවාර්තාව පෙන්වා දි තිබේ. එසේම කර්මාන්ත භුමිය අවට නේවාසික ප්‍රදේශයක් බවත්, රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීමේදී නිසි ආරක්ෂණ ක්‍රමවේද භාවිතා‍ කර නෙමැති බවත්, ස්වාරක්ෂිත කලාපයක් නෙමැතිව රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති බවත්, එම වාර්තාව මගින් හෙළිකර තිබේ..
NEWS
තුර්කියේ ජාතික ලීග් බාස්කට්බෝල් සූරතාවලියට ෆෙනර් බේස් කණ්ඩායම නියෝජනය කරන අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩිකාවක් වන ඩයනා ටෝරසි තහනම් උත්තේජක පරීක්ෂණයෙන් අසමත්වූ බව තුර්කි මාධ්‍ය වාර්තා කළේය. තුර්කි බාස්කට්බෝල් සම්මේලනය උපුටා දක්වමින් එම වාර්තාව මේ බව සනාථ කොට තිබුණි. මීට පෙරද මෙවැනි චෝදනාවක් යටතේ ඇය තරග තහනමකට ලක්ව සිටින්නීය.අමෙරිකාව නියෝජනය කරමින් ටෝරසි ඔලිම්පික් කිරුළු දෙකකට හිමිකම් කීවාය. අමෙරිකානු බාස්කට් බෝල් සංගමයේ වටිනා ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා අවස්ථා 4කදීම නිර්දේශ වූ ඇය රුසියාවේ ස්පාටැක් කණ්ඩායමට වසර 4ක් ක්‍රීඩා කළාය. ඇය තුර්කියේ ෆෙනබේස් කණ්ඩායමට එක් වූයේ මේ තරගවාරයේදීය..
NEWS
වැලිමඩ සානුවේ නැගෙනහිර හා බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි උමා ඔය හා හාල් ඔය ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයවන මලපොලගම හා කූරත්ත රක්ෂිතය අනවසර වගා කරුවන්ගේ හා වන විනාශ කරන්නන්ගේ ග්‍රහණයට හසුවීමෙන් මේ ජල පෝෂක ප්‍රදේශය විනාශ වීමේ තර්ජනයට ලක් වී ඇති බව ඌව පරණගම දැහිවල ගොවි සංවිධානයේ සභාපති රාසික් ෆරීඩ් මහතා පෙන්වා දෙයි.විශේෂයෙන් අඩි 3000 සිට අඩි 5000 දක්වා උසින් යුතු අධි රක්ෂිත කලාපයක් වන මෙම ප්‍රදේශය ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වුවත් එය නුවර එළිය හා බදුල්ල දිස්ත්‍රික් සීමාවේ පිහිටි වනාන්තර ප්‍රදේශයකි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන බලවතුන්ගේ රැකවරණ ලබන පිරිසක් මේ රක්ෂිතයේ අනවසර වගා කරමින් මේ වන විනාශය සිදුකරන බවත් ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීමට පෙළඹී සිටින බවට ද ගොවීහු චෝදනා නගති.රක්ෂිතයක් වූ මේ ප්‍රදේශය හරහා මාර්ගයක් කපා මේ ප්‍රදේශය ජනවාසයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබීම පිළිබඳ ව පරිසරවේදීහු සිය විරෝධය පළ කරති.මේ රක්ෂිතය සංරක්ෂණය කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් දරනු ලබන උත්සාහයට ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා අවශ්‍ය සහයෝගය ලබා දුන්න ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ හා නුවරඑළිය දේශපාලන බලවතුන්ගේ සහාය නොලැබෙන තාක්කල් මේ රක්ෂිතය සංරක්ෂණය කිරීම උගහට බව ගොවීහු පෙන්වා දෙති.
NEWS
දැයේ දරුවන්ට ජීවිතය අලුතින් දකින්නට මඟ සලසන EDEX Expo 2014 ප්‍රදර්ශනය ජනවාරි 24 සහ 25 දෙදින් තුළ මහනුවර නගර කේන්ද්‍රයේදී පැවැත්වේ.ජනවාරි 17, 18, සහ 19 දිනවලදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වූ අතර පනස් දහසකට ආසන්න පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී ඇත.ශ්‍රී ලංකාවේ ‍මෙන්ම ජාත්‍යන්තරයේත් පවත්වනු ලබන අධ්‍යාපන, තෘතියික අධ්‍යාපන මෙන්ම වෘත්තිය පාඨමාලා පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම ප්‍රදර්ශනය 11 වැනි වරට පැවැත්වේ. පසුගිය වසර 10 තුළ EDEX Expo 2014 ප්‍රදර්ශනය සඳහා පැමිණි තරුණ සංඛාව මිලියන පහ ඉක්මවා තිබේ.ශ්‍රී ලාංකීය තරුණ කැළ ජාත්‍යන්තරව සවිබල ගන්වමු යන තේමාව යටතේ පැවැත්වෙන EDEX Expo 2014 ප්‍රදර්ශනය නිර්මාණහීල ලෙස මෙන්ම ව්ප්ලවවාදීව තම අංග දිනෙන් දින වැඩි දියුණු කරමින් ඉදිරිපත් කිරීම මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වයක් ලෙස දැක්විය හැකය.EDEX Expo 2014 ප්‍රදර්ශනය අලුත්ම අංගය වන්නේ රැකියා වෙළඳ පොළ ඉලක්ක ගත කිරීම වන අතර අන්තර් ජාතික කම්කරු සංවිධානය මඟින්ද අනුමත කැර ඇති සම්භාවනීය ආයතන ඔවුනගේ රැකියා අවස්ථා මෙන්ම ඔවුන් බලාපොරොත්තුවන සුදුසුකම් හා නිපුණතා ඉදිරිපත් කිරීම මෙම ප්‍රදර්ශනයේදී සිදු කෙරේ.ESOFT Metro Campes සහ ANC ආයතනය මෙවරද එඩෙක්ස් සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දරන්නේ NIBM සහ NSBM සමඟ අත්වැල් බැඳ ගනිමිණි.CINEC , CIMA ශ්‍රී ලංකා ශාඛාව රෝයල් ආයතනය සහ Horizon Campes රන් අනුග්‍රාහක කාණ්ඩයේ සිටී.මෙම ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස ක්‍රියා කරන්නේ මහජන බැංකුව වේ.ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවවාදී වෙනසකට ලක් වෙමින් පවතින අවධියක EDEX එම සාර්ථකත්වයට මනාව සරිලන පරිදි හැඩගැහෙමින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මහා මෙහෙවරක් කිරීමට උරදී සිටින බව EDEX සභාපති කමල් අබේසිංහ මහතා EDEX ප්‍රදර්ශනය සම්බන්ධයෙන් දිනමිණ සමග අදහස් දක්වමින් පැවසීය. මෙම ප්‍රදර්ශනය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, පරිසර හා පුනර්ජනීනය බලශක්ති අමාත්‍යාංශය,කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය,එක් වන අතර එහි උපක්‍රමික සහයෝගීතාවය දරන්නන් ලෙස වාණිජ මණුඩලය, තෙරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය,ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා ආයතන එකතුව සහ සේවා නියුක්තිකනයන්ගේ ආයතන ක්‍රියා කරති.EDEX ප්‍රදර්ශනය රැකියා වෙළඳ පොළ සඳහා අනුග්‍රාහකත්වය දක්වන ආයතන අතර පිරිස් කළමණාකරුවන්ගේ ආයතනයසහ ශ්‍රි ලංකාවේ වෘත්තිය සංවිධාන එකමුතුවද වේ..
NEWS
2018 ලෝක පාපන්දු කුසලාන තරගමාලාවේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ලංසු තැබීමේ දී සිදු වූ බවට සැලකෙන සාමාජික ඡන්ද විකිණීමේ අක්‍රමිකතාව පිළිබඳ පරීක්ෂණ කටයුතු ඇරැඹූ බව ජගත් පාපන්දු සම්මේලනය ප්‍රකාශ කළේ ය.මේ පරීක්ෂණ කටයුතු සාමාජික සංගම්වලට එරෙහිව මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ද එරෙහිව පවත්වනු ඇත. 2018 ලෝක කුසලාන තරගාවලිය සඳහා ලංසු තැබීමේදී නයිජීරියාව හා ඔෂනියානු විධායක කමිටු සාමාජිකයින් තම ඡන්ද විකිණීමට ඉදිරිපත් වූ බවට බ්‍රිතාන්‍ය පුවත්පතක් පසුගියදා කළ ප්‍රකාශයකින් අනතුරුව ජගත් පාපන්දු සම්මේලනය මේ පියවර ගෙන ඇත.එංගලන්තය, රුසියාව, ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය සමඟ බෙල්ජියම 2018 ලෝක කුසලාන පාපන්දු සත්කාරය ලබා ගැනීමේ සටනට අවතීර්ණ වී සිටිති. මේ තරගමාලාවේ සත්කාරකත්වය ලබා දෙන්නේ කිනම් රටකට ද යන්න දෙසැම්බර් 2 වැනිදා නිවේදනය කරයි..
NEWS
මොරටු විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පැවැත්වෙන 61වැනි මහා ක්‍රිකට් තරගය අද (22) සහ හෙට දෙදිනත් 20වැනි එක්දින තරගය 24වැනිදාත් ‍මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.1948 ආරම්භවු මේ තරගය වසර 5ක් පවත්වා නැති අතර පැවැති තරග අතරින් 9ක් ජයැගනිමට සුමංගල විදුහල සමත්ව ඇති අතර මොරටු විදුහල තරග 7ක ජය හිමිව තිබේ.කල්හාර පීරිස්ගේ නායකත්වයෙන් මොරටු විදුහල 2010වසරේදී අවසන් වරට මේ තරගය ජයගෙන ඇති අතර සුමංගල විදුහලේ අවසන් ජයග්‍රහණය 2007 වසරේදී ඩිනේෂ් පුෂ්පකුමාරගේ නායකත්වයෙන් වාර්තා විය.සුමංගල විදුහලේ රොෂාන් ප්‍රනාන්දු 1996දී රුස්කළ ලකුණු 150 වැඩිම ලකුණු ලෙසින් වාර්තා වේ.මෙවර තරගවාරයේ තරග 16කින් එක් තරගයක් ජයගෙන ඇති මොරටු විදු‍හල් පිලේ නායකයා ලෙස ඉශාන් නිලක්ෂ පීරිස්ගේ කටයුතු කරයි. සමින්ද මධුරංග උපනායකත්වය දරණ අතර මේ වන විට කඩුලු 74ක් බිඳ හෙලීමට සමත්ව ඇත. ලකුණු 600 සීමාව පසුකර ඇති නායක ඉශාන්, තිලාන් කවිශ්ක දක්ෂතා අතර සිටින අතර පන්දු යැවීමෙන් ශානක රෝෂාන් කණ්ඩායම ශක්තිමත් කරයි.තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තාරුක නදීශාන් ප්‍රේමචන්ද්‍ර සුමංගල කණ්ඩායමේ නායකත්වය දරණ අතර මේ වනවිට ලකුණු 600ක් සහ කඩුලු 40ක් දවාගනිමින් දස්කම් දක්වා ඇත. උපනායකයා ලෙස ගීත් සංජය කටයුතු කරයි. අනෙක් ක්‍රීඩකයන් වැඩි දෙනෙකු නවකයන් වෙති. මේ තරගවාරයේ සුමංගල විදුහල තරග 2ක ජයගැනීමට සමත්ව ඇත්තේ තරග 16කට එක් වෙමිණි..
NEWS
හොරණ නගරයේ ප්‍රධාන මාර්ගය දෙපස හා රථගාල්වල නතර කර තබන වාහනවලින් බදු මුදලක් අයකරණ අතර, එම බදු මුදල හොරණ නගර සභාවේ පදිංචි වරිපනම් ගෙවන වාහන හිමිකරුවන්ගෙන් අය නොකිරීමට හොරණ නගර සභාව තීරණය කර තිබේ.මේ සඳහා හොරණ නගර සභාවේ වරිපනම් ගෙවන වාහන හිමියන්ට විශේෂ කාඩ්පතක් නගර සභාව මඟින් නිකුත් කරන බවත් දැනටමත් මේ කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක වන බවත් සභාපති ග්‍රැන්විල් රාජපක්ෂ මහතා පැවැසීය..
NEWS
බියගම ආයෝජන කලාපය තුළ සේවය කරන තරුණියන් පිරිසක් වැඩ නිමවී එමින් සිටියදී කලාපය තුළ ධාවනය වෙමින් තිබූ කන්ටේනරයක් අපරීක්‍ෂාකාරීව, නොසැලකිල්ලෙන් ධාවනය කොට තරුණියන් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදු කිරීම, කිහිප දෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීම, අනතුරක් වළකා නොගැනීම යන චෝදනා මත ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබූ කන්ටේනරය පැදවූ රියැදුරු චෝදනාවට වරද පිළිගත්තේ ය.තුවාල ලත් තරුණියන් 9 දෙනා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥවරයා පැවසුවේ තුවාලලත් අය වෙනුවෙන් මෙම අධිකරණයෙන් වන්දි නොඉල්ලන බවත්, ඒ සඳහා ඉදිරියේ දී රක්‍ෂණයෙන් වන්දි අයකර ගැනීමට කටයුතු යොදන බවය. මේ අධිකරණයෙන් වන්දි ඉල්ලුම් නොකරන බවට එම තරුණියෝ අධිකරණයේ දී සටහන් තබා සනාථ කළහ.චෝදනාවට වරද පිළිගත් රියැදුරුට රුපියල් 13000/= දඩයක් නියම කළ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා දඩ නොගෙවන්නේ නම් මාස 03 ක සිරදඬුවම් නියම වන වගද දැන්විය.පැමිණිල්ල බියගම පොලිසියේ රථවාහන අංශය ඉදිරිපත් කර තිබිණි. දඩ නියම වූවේ ඩී. කේ. චාමර පද්ම නැමැත්තෙකුට ය..
NEWS
ලෝක වැඩිහිටි දිනය නිමිතිකරගෙන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි මහතාගේ පළාත් සභා ප්‍රතිපාදන යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි සංවිධානවල සාමාජිකයන් වෙනුවෙන් සමාජ සත්කාර වැඩසටහනක් කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේදී අද (13) දවස පුරා පැවැත්වේ.බටහිර වෛද්‍ය සායන, ආයුර්වේද වෛද්‍ය සායන, වැඩිහිටි පැදුරු සාජ්ජ, සිල් රෙදි බෙදාදීම, ඇස් කණ්ණාඩි ලබාදීම, නීති උපදේශන වැඩසටහන් ඇතුළත් සමාජ සත්කාර සේවා රැසක් මෙයට ඇතුළත් ය..
NEWS
බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ඇතුළත සැබෑ වෙනසක් වූ පාසලක් පිළිබඳ තොරතුරු හොරණ අධ්‍යාපන කලාපයෙන් හෙළිවෙයි. එය ප්‍රධාන බස් මාර්ගයෙන් බැහැර කිරිගල හේන නම් ග්‍රාමයේ වූ ගුරුගොඩ කනිටු පාසලයි. අදින් දශක තුනකට පමණ පෙර සිසුන් 250ක් පමණ මේ පාසලේ අකුරු කර ඇත.පාසලේ දරුවන් සංඛ්‍යාව දිනෙන් දින අඩු වෙමින් 2010 වර්ෂයේ පළමු වසරට එකම දරුවකු වත් නැතිව මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 49 දක්වා අඩුවිය.එම වර්ෂයේ මැද භාගයේ පාසලට පත්ව ආ වර්තමාන විදුහල්පති අජිත් ප්‍රේමකුමාර මහතා පසුගිය බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍රවරු වන යසපාල කෝරළගේ,ලලිත් වර්ණ කුමාර(මංජු),පී.ඩි.අබේරත්න, ලාල් කුලරත්න යන මහත්වරුන්ගේ සහයෝගයෙන් ලබාදුන් ප්‍රතිපාදන සහ ගුරුගොඩ පෞද්ගලික ආයතනයකින් ලබාදුන් ප්‍රතිපාදන මඟින් පාසලේ භෞතික සම්පත් ටිකින් ටික සංවර්ධනය කර ඇත.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පාසල කෙරෙහි ප්‍රදේශවාශසීන් තුළ යළිත් විශ්වාශයක් ඇතිවිණි.2011දී යළිත් 01 වසරට දරුවන් 17ක් පාසලට ඇතුල්විය .එතැන් සිට මේ දක්වා පාසලේ දරුවන් සංඛ්‍යාව 150 ක් දක්වා වර්ධනය කර ගැනීමට විදුහල්පතිතුමා සමත් වි ඇත.එපමණක් නොව මේ පාසල් ඉතියාසයේ වාර්තාවක් තබමින් මෙවර නව වසරට සිසුන් 34 ක් ඇතුලත්කර ගැනීමටද හැකිවිය.අලුත් වසරට දරුවන් 34 ක් ඇතුලත්කර ගැනීමේ උත්සවය පසුගියදා හිටපු පළාත් සභා මන්තී‍්‍ර යසපාල කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයන් එම විද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණි..
NEWS
මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම හෙට (26) දහවල් 12.00 ට අවසන් වේ.ස්වාධීන කණ්ඩායම්වල ඇප මුදල් තැන්පත් කිරීම අද (25) දහවල් 12.00 ට අවසන් වීමට නියමිත යැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.මේ අතර දේශපාලන පක්‍ෂ හත ක් සහ ස්වාධීන කණ්ඩායම් දහ අටක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පෙරේදා (23) සවස් වනවිට නාමයෝජනා භාරදී තිබු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි. ස්වාධීන කණ්ඩායම් 170 ක් නාමයෝජනා සඳහා ඇප මුදල් තැන්පත්කර තිබේ.එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජන සෙත පෙරමුණ, සිංහලයේ මහා සම්මත භූ®මි පුත්‍ර පක්‍ෂය, තමිල් මක්කල් විස විසුදෙලෙප් පුළිකල්, ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂය, ජාතික සංවර්ධන පෙරමුණ, දේශප්‍රේමි ජාතික පෙරමුණ එසේ නාමයෝජනා දී තිබේ.
NEWS
වැලිවේරිය පොලිස් බල ප්‍රදේශයේ ගම්ප්‍රදේශ කිහිපයකම, රාත්‍රියේ නිවාසවලට ඇතුළුව භාණ්ඩ, මුදල් ආදී සොරකම් කිරීමේ චෝදනා යටතේ නඩු 6ක චූදිතයකු රිමාන්ඩ් භාරයේ සිට 24 දින නැවත ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.එක් එක් නිවාස වලින් රුපියල් 24000/- හා රුපියල් 21000/- 16000/- ආදී වශයෙන් නිවාස 06 කින් සොරාගත් භාණ්ඩ හා මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්නය.නීතිඥ සහායක් නොමැතිවම පෙනී සිටි සැකකරු චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකූඩුවේ සිට පැවසීය. මේ අනුව දෙසැම්බර් 15 දින දඬුවම් නියම කරන බව පැවසූ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මැකී මහතා එතෙක් සැකකරු නැවතත් රිමාන්ඩ් භාරයට නියම කළ අතර චූදිතගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙසද නියෝග කළේය.පැමිණිල්ල වැලිවේරිය පොලිසියෙනි..
NEWS
මාර්ග අංක 239 පාදුක්ක වග මාර්ගයේ රාත්‍රි 7.15 න් පසු බස් රථ ධාවනය නොවීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. දැනට අවුරුදු 4කට පමණ පෙර රාත්‍රි 9.45 ට බස් රථයක් ධාවනය වී ඇත. රාත්‍රි 7.15 ට පාදුක්කේ සිට පෞද්ගලික බස් රථයක් ධාවනය වන බවත් ශ්‍රී ලංගම බස්රථ රාත්‍රි කාලයේ ධාවනය නොවන බවත් එම මාර්ගයේ මගීහු පවසති.පෞද්ගලික අංශයේ විරෝධතා නිසා ශ්‍රී ලංගම බස් රථ ධාවනය මෙලෙස අඩු වී ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.කොළඹ ඇතුළු දුර බැහැර ප්‍රදේශවල රැකියා නිම කර පැමිණෙන ජනතාවට අධික මුදලක් ගෙවා ත්‍රිරෝද රථවලින් වග දක්වා ගමන් කිරීමට සිදුව ඇත. පිටුම්පේ , පිංතාලිය වේවැල්පනාව හල්පෙවත්ත, පන්සල්වත්ත, වග යන ගම්වල පදිංචි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති..
NEWS
මෙරට ග්‍රාමීය බැංකු ව්‍යාපාරයට අඩසියවසක් සපිරීම නිමිත්තෙන් මධ්‍යම පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ සැමරුම් වැඩසටහන් මාලාවේ සමාප්ති උත්සවය අද (28) පැවැත්වෙයි.සමාප්ති උත්සවයේ සමාරම්භය සනිටුහන් කැරමින් පෙරවරු 11.45ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටි එඩ්මන්ඩ් සිල්වා නාගරික ක්‍රීඩාංගණයේ සිට ගැටඹේ ක්‍රීඩාංගණය තෙක් පා ගමනක් සංවිධානය කැර ඇත.මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් පී.කේ.වීරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සමුපකාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය විය.කෝප් ස්ටාර් තේරීම, සමුපකාර කුමරිය තේරීම, ජාතික හැඳුනුම්පත් එක් දිනකින් නිකුත් කිරීමේ සේවාව, වෛද්‍ය සායන, රජයේ හා පෞද්ගලික අංශයේ වෙළෙඳකුටි ඇතුළු තරඟ හා සේවා රැසක් ගැටඹේ ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරෙනා බවත් මෝටර් රථයක් හිමිකර දෙන ලොතරැයි දිනුම් ඇදීමක් එදින පස්වරුවේ සිදු කරන බවත් මධ්‍යම ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා කීය.මෙදින පස්වරුවේ පැවැත්වෙන සමාප්ති උත්සවය සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
NEWS
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන්ට කිසිඳු හිරිහැරයක් සිදුවී නැතැයි තමිල්නාඩු ප්‍රාන්ත ධීවර ඇමැති කේ. ජයපෝල් අවධාරණය කර ඇත.මෙරට නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන්ට හිරිහැර සිදුවන බවට විවිධ චෝදනා නැඟු අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන්නැයි ප්‍රාන්ත මහ ඇමැතිවරිය කළ නියමයකට අනුව සිදුකළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙන බව වාර්තා වෙයි.තමිල්නාඩු ධීවරයින් පිරිසක් පසුගියදා කච්චතිව් දූපත අසළදී නාවික හමුදාව වෙතින් ප්‍රහාරයකට ලක්වූ බවට තමිල්නාඩුවේ දේශපාලනඥයන් බරපතල චෝදනාවක් එල්ල කළ අතර එවැනි චෝදනා එල්ල කළද ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී කිසිඳු ප්‍රහාරයක් එල්ල නොවූ බවට තහවුරු වී තිබෙන බවට තමිල්නාඩු ධීවර ඇමැති වරයා ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි..
NEWS
මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ කොලොන්වින්න කණහිටිතැන්න ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ හය දරු මවගේ මළ සිරුරක් හමුවී ඇත.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොණ්ඩදෙනි මුදියන්සේලාගේ කරුණාවතී (53) හැවිරිදි කාන්තාවකි. මෙම ඝාතනය සම්බන්ධව සැක කෙරෙනුයේ මිය ගිය මවගේ දියණියකි. ඇය ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.සැකකාර කාන්තාව අසාර්ථක විවාහය නිසා දෙමාපියන් ළඟ ජීවත් වූ මානසික ආබාධයකින් පෙළුන අයෙක් බව පවුලේ අය පවසයි.ම් පිළිබඳව අදහස් දැක්වූ මිය ගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා කේ. ඒ. විජයපාල අබේවික්‍රම පැවසුවේ මම හේනේ ඉදල 25 දා ගෙදර එනවිට රෑ වෙලා. ගෙදර අඳුරේ තිබුනේ. මා ලාම්පුව පත්තු කළා.එවිට දැක්කා තුවාල ලබා වැටී සිටි බිරිඳ. කෑගහලා අවට අයට කථා කළා. 119 ට කථා කරලා කිව්වා අසල්වැසියෝ පැමිණ බලා කීවා මැරිලා කියල. සිද්්ධිය පොලිසියට කීවා.මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණ 26 දා සිදුකිරීමට නියමිත ය..
NEWS
ඉතා දිගු කලක සිට ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයන් අතර ජනප්‍රියව තිබූ කොට්ටව වන උද්‍යානයේ “නාන තටාකය’ නිසි නඩත්තුවක් නොමැති වීමෙන් ජනතාවගෙන් ඈත් වෙමින් පවතින්නේ යැයි ඔවුහු පවසති.එකල හිටපු රාජ්‍ය පරිපාලන ඇමැති නීල් ද අල්විස් මහතා 1974 දී මෙම නාන තටාකය අලුත්වැඩියා කර ඇත.දා තිබුණේ වන උද්‍යානය මැදින් ගලා එන සීතල වූ ජලය පිරවූ ඉතා අලංකාර ලෙස නිම කරන ලද නාන තටාකයකි.තටාකයට බැස පීනා නෑමට පෙර පිරිසුදුවීමට ඊට ඉහළින් පීල්ලක්ද තනා තිබිණි.නමුත් අද වන විට එහි කලින් තිබුණු සුන්දරත්වය නැත. නිවාඩු දිනයන්හි මෙහි දිය නෑමට එන පිරිස දිය නෑමෙන් පසුව පැය කීපයක් නිදහසේ පරිසර සුවය විඳීමට එදා හැකි වී තිබුණා. අද එම තත්ත්වය එහි නොමැත.ජල නළ පලුදු වී දිය පිරවීමට බාධා ඇති බවත්, ඉහළින් තිබුණු පීල්ල අක්‍රියව පවතින බවත්, සම්පූර්ණයෙන් ම පිඟන් ගඩොල් අල්ලා නොමැති බවද ප්‍රදේශවාසීහු පවසති. එසේම විවේක ගැනීමට තිබුණු ශාලාවද කැඩී බිඳී ගොස් එහි වහලේ තිබුණු කොටස්ද සොරාගෙන ගොස් ඇතැයි ද පැවැසේ. දිය නෑමට එන අයට විවේකීව සිටීමට ගෙන එනු ලබන ආහාරය ගැනීමට ද තැනක් අවශ්‍යයි. මෙම ස්ථානය තව තවත් දියුණු කර ආදායම් ලබා ගැනීමට හැකි ස්ථානයක් බව ප්‍රදේශවාසීහු නිරතුරුව පවසති.මේ පිළිබඳව අදහස් දැක්වූ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා සභාපති චන්දිම ලියනගේ මහතා, අප බලය ලබන විටදී මෙම තටාකය තිබුණේ මෙලෙසයි.කොට්ටව වන උද්‍යානයේ නාන තටාකය සංවර්ධනය කළහොත් ආදායමක් ලබාගත හැකි බැව් පෙනී ගොස් තිබෙනවා. දැනට ලැබෙන මුදල් ප්‍රමුඛතාවය උදෙසා වැය කෙරෙන බැවින් මුදල් ප්‍රතිපාදන ලබාගෙන මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නවා..
NEWS
ආසියානු හොකී සම්මේලනය තෙවැනි වරටත් සංවිධානය කරන ආසියානු හොකී සම්මේලන කුසලාන අවුරුදු 21න් පහළ පිරිමි ජාත්‍යන්තර හොකී තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා අවුරුදු 21න් පහළ පිරිමි හොකී පිල හෙට (21) හොංකොං බලා පිටත්ව යාමට නියමිතය.මේ තරගාවලිය මේ මස 23-31දක්වා හොංකොංහි දී පැවැත්වේ. රටවල් නවයක සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව, ඉරානය, හොංකොං, චීන තායිපේ, ඕමානය, උස්බෙකිස්තානය, සිංගප්පූරුව, තායිලන්තය හා චීනය යන රටවල් තරග වදිති.මේ සංචාරයට එක්වෙන 21න් පහළ පිරිමි ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ නායකත්වය මාතලේ හොකී සංගමය නියෝජනය කරමින් කණ්ඩායමට එක්වී සිටින මුදිත බණ්ඩාර මාරපනට හිමිවී තිබේ. මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු වන මුදිත කණ්ඩායමේ ඉදිරිපෙළ ආක්‍රමණික ක්‍රීඩකයෙකි.කණ්ඩායමට එක්වී සිටින ගිමාල් සංදීප ඩයස් කණ්ඩායමේ උප නායකයායි.කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවන ගිමාල් මෙවර කණ්ඩායමට එක්ව සිටින දක්ෂ මැද පෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකි.ශ්‍රී ලංකා 21න් පහළ පිරිමි හොකී පිලේ පුහුණුකරු ලීලානන්ද ඉත්තෑපාන මහතායි. ජී.ජී. ධර්මරත්න මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.දහඅට දෙනෙකුගෙන් සමන්විත වයස අවුරුදු 21න් පහළ ශ්‍රී ලංකා හොකී පිලමුදිත බණ්ඩාර මාරපන (නායක), ගීමාල් සංදීප ඩයස් (උප නායක) නදුන් ලක්ෂිත වීරක්කොඩි, දමිත් මධුශංඛ බණ්ඩාර, රාජිත කුලතුංග, ශානක රත්නපාලගේ, කුසල් ප්‍රියනාත් සේනානායක, ජනිත් ඉසුරු විතාරණගේ, අමිල රත්නසිරි, ගැමුණු පි‍්‍රයදර්ශණ බොකරගොඩ, හේෂාන් තිළිණ ප්‍රනාන්දු, චාමිකර නිලවීර, සංජය අලස්, සුපුන් ඉරුගල් බණ්ඩාර, නුවන් දර්ශන ප්‍රේමතිලක, කසුන් දුනුවීර, මධුරංග විජේසිංහ සහ පුෂ්පකුමාර හේන්දෙණිය,කණ්ඩායම් ප්‍රධානී කේ. ජයරත්නම් මහතා, කළමනාකරු දර්ශන විජේසිංහ මහතා, උප කළමනාකරු ගයා පෙරේරා, ප්‍රධාන පුහුණුකරු ලීලානන්ද ඉත්තෑපාන මහතා සහ සහාය පුහුණුකරු ජී.ජී. ධර්මරත්න මහතා, ආසියානු හොකී සම්මේලනයේ ආරාධනයෙන් මේ තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස චන්දන හේරත් බණ්ඩාර මහතා සහ තරග තීරකවරයෙකු ලෙස එම්.එෆ්. ලාහීර් මහතා ද සහභාගී වෙති..
NEWS
ඕනෑම ආයතනයක උසස්වීම් සහ මාරුවීම් ලබා දීමේදී තීරණාත්මක සාධකය ලෙස, ඒ ආයතනයේ වෘත්තීය සමිති කටයුතු කරනවා. වෘත්තීය සමිති නිසාම විනාශ වී ඇදවැටුණු ආයතනත් අපේ රටේ ඕනෑ තරම් තිබෙනවා. මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව කටයුතු කරන වෘත්තීය සමිති ආයතනයට සම්පතක් යැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (15) කොළඹ දී ප්‍රකාශ කළේය.ජාතික තරුණ සේවා සභාවේ මාණ්ඩලික නිලධාරී තනතුරු ඇතුළු සෙසු තනතුරු 224ක් සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් කොළඹ නාරාහේන්පිට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.ඇමැති අලහප්පෙරුම මහතා මෙසේද කීය. ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය සමිති, ආයතනය ගැන සිතා කරන ලද මැදිහත්වීම පිළිබඳ ස්තුති කරනවා. ජාතික තරුණ සේවා සභාව නැවුම් ගමනකට අවතීර්ණ වූ වෙලාවකයි, ඔබ මේ උසස්වීම් ලබන්නේ. අපේ අමාත්‍යාංශය තුළ ආයතන ප්‍රධානීන් 14 දෙනෙක් ඉන්නවා. මේ 14 දෙනා අතර ඉතා ජනපි‍්‍රය බැඳීම් තිබෙනවා. මොවුන් අතර මාතර අය කවුරුවත් නැහැ. මට ඡන්දය දීපු අය, මා වෙනුවෙන් දේශපාලනය කළ අය නැහැ. එක් අයෙක්වත් මගේ ඥාතීන් නොවෙයි. මෙය අපේ රටේ දේශපාලනය තුළ විය හැකි දෙයක්ද? මේ වෙනස්වීම් ඔබේ ආයතනය තුළත් දකින්න ලැබෙන්න ඕනෑ.2014 වසරේ ජාත්‍යන්තර තරුණ සම්මේලනය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ නිසා තරුණ සේවා සභාව ජාතික මට්ටමින් හිතලා පමණක් ප්‍රමාණවත් නැහැ. ජාත්‍යන්තර විදියට හිතන්න ඕනෑ. තරුණයින් පිළිබඳ බෑන් කී මූන් හිතන විදියට තරුණ සේවා සභාව හිතන්න ඕනෑ. උසස්වීම් ලැබූ ඔබ රාජකාරීමය වශයෙන් වඩාත් ක්‍රියාශීලී විය යුතුයි. තරුණ සේවා නිලධාරීන් විදියට පත්වීම් ලැබූ බොහෝ අය විශ්‍රාම යන්නෙත් තරුණ සේවා නිලධාරීන් විදියටමයි. සෑම ආයතනයකම එහෙම අය ඉන්නවා. හැමෝටම උසස්වීම් ලබන්න බැහැ. උසස්වීම් ලබන්නේ වෘත්තීය ජීවිතයේ දී කැප කිරීම් කරපු අයයි. ඒ නිසා ඔබ අලුත් තරුණ පරම්පරාව ගැන සිතා සැලසුම් සකස් කළ යුතුයි.ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාද මෙහිදී කතා කළේය..
NEWS
මැතිවරණ ජයග්‍රහණය සඳහා නිරුවත් ජාතිවාදය ඈදා නොගන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයෙන් ඉල්ලීමක් කරයි.ජාතිවාදය ඇවිළවීමේ ප්‍රතිඵලයෙන් වසර 30 ක් බැට කෑ ශ්‍රී ලාංකීය ජාතිය බෙදුම්වාදය පරාජය කර නුතන ජාතියක් ලෙස නැගී සිටින මේ අවස්ථාවේ නිරුවත් ජාතිවාදය නැවත අවුළුවාලීමට කටයුතු කර සුවපත් වු දේශය යළි ඔත්පල නොකරන්නැයි ද එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයෙන් ඉල්ලීමක් කරයි.සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන් එකාවන්ව නැගී සිටිමට උත්සාහ දරන මේ මොහොතේ මැතිවරණ වාසි වෙනුවෙන් ජාතිවාදය වපුරන්නට එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂය දරන උත්සාහය පිළිකුල් සහගත බවත් එය දැඩිව හෙළා දකින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ පවසති‍.ඉලක්කම්වලින් ලබන ජයග්‍රහණයට වඩා ජනතාවගේ සහෝදරත්වය, සංහිදියාව, මිත්‍රත්වය වටින බව පවසන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා, මැතිවරණ ව්‍යුහයට ධනාත්මකව ඇතුළුවන්නැයි විපක්ෂයට ආරාධනා කරයි.නැගෙනහිර පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී මේ පිරිස් ජාතිවාදය මතු වන ආකාරයේ විවිධ ප්‍රකාශ කරන බවත් මැතිවරණය වෙනුවෙන් ජාතිවාදය අලෙවි කිරීම බාල ගණයේ ක්‍රියාවක් බවත් අලහප්පෙරුම මහතා මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ(22) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.ඉතිහාසය පුරාම වර්ණ බේදයකින් තොරව සියලු පක්ෂ ජාතිවාදය අලෙවි කිරීමේ කටයුතුවල නිරත වු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අවශ්‍යවම තිබු වසර තිහක් අපේ රටට අහිමි වු බවත් මේ නිසා අපේ රටේ සංවර්ධන කටයුතු පවා අඩාල වු බවත් අලහප්පෙරුම මහතා කීවේය.ඡන්දය වෙනුවෙන් ජාතිවාදී මත වපුරන දේශපාලන පක්ෂවලට නෙලීමට සිදු වන්නේ ද ජාතිවාදී අස්වැන්නක් බව මතක තබා ගත යුතු බවත් ඇමැතිවරයා පැවසීය.මැතිවරණය ලබන 8 වැනි දායින් අවසන් වන නමුත් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂය නැගෙනහිර පළාතේ වපුරන ජාතිවාදය කිසිම දිනක අවසන් කළ නොහැකි බව අවධාරණය කරන අලහප්පෙරුම මහතා, උමතුවෙන් ප්‍රතික්‍රියා නොදක්වා විචාරවත් හා ධනාත්මකව මැතිවරණ ව්‍යාපාරයට යොමු වන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය..
NEWS
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා වූ කොටස මේ වසරේ අගෝස්තු මාසය වනවිට නිමා කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.මාර්ගයේ කොන්ත්‍රාත් කටයුතු සිදුකරන චීන සමාගම් සහ අරමුදල් සපයන චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියාන්ගාඕ මහතා ද මේ මාර්ගයේ ඉදිකිරීම් නිම කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බවට එකඟත්වය පළ කෙරිණි.කොළඹ - දකුණ, කොළඹ - කටුනායක, කොළඹ - මහනුවර සහ උතුරු අධිවේගී මාර්ගයන්හි වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.කොළඹ සිට කටුනායක දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ මූලික ඉදිකිරීම් කටයුතු සියයට 75 ක් පමණ මේ වනවිට අවසන්කර තිබෙන අතර එම මාර්ගයද මේ වසරේ අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට නියමිත බව මෙහිදී හෙළිවිය. මේ අතර යෝජිත උතුරු අධිවේගී මාර්ගයේ ශඛ්‍යතා අධ්‍යයන කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන අතර කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මැණුම් හා සැළසුම් කටයුතු ලබන ජූනි මාසය වනවිට ආරම්භ කිරීමට සූදානම් වෙයි.මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඉදිකෙරෙන නව කැලණි පාලම ව්‍යාපෘතිය මෙන්ම කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ඉදිකෙරෙන ගුවන් පාලම්වල ප්‍රගතිය සම්බන්ධයෙන්ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය. වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ..
NEWS
මැලේසියාවේ සිට බණ්ඩාරගම ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය අපනයන සමාගමකට ගෙන්වු රුපියල් මිලියන අසුදෙකක් වටිනා එතනොල් කන්ටේනර් හතක් සමඟ සැකකරුවකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පසුගිය සිකුරාදා මෙරටට ගෙන්වු කන්ටේනර් හත ඔරුගොඩවත්ත අංගනයේ තබා තිබු අතර ඊයේ (04) පෙරවරුවේ කන්ටේනර් විවෘත කළ අවස්ථාවේ එහි තිබී එතනොල් ලීටර් 74480 ක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.බැරල් 392ක අඩංගු එතනෝල් තොගයට අමතරව තාර බැරල් 168ක් ද රේගු නිලධාරීන් සොයාගෙන ඇත.තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වු එතනෝල් තොගය නිසා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 112 ක බදු ආදායමක් අහිමි වී ඇතැයිද ලෙස්ලි ගාමීණී මහතා පවසයි.රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබද විමර්ශන සිදු කරති..
NEWS
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (26) පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන් ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත් ඇති අය පමණක් පැමිණෙන ලෙසත්, ප්‍රවේශ පත් නොමැතිව පැමිණ අනවශ්‍ය කලබල නොකරන ලෙසත්, කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.ප්‍රවේශ පත් දැනට සම්පූර්ණයෙන් විකිණී අවසාන වී ඇත. අද දිනයේදී එම ස්ථානයේදී කෙසේවත් ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදුවෙන්නේ නැත. ප්‍රවේශ පත් රැගෙන පැමිණෙන පිරිස පවා දැඩි පරීක්‍ෂාවට ලක්කෙරේ. ආරක්‍ෂක විධිවිධාන ද තර කර ඇත. එබැවින් ප්‍රවේශ පත් නොමැතිව පැමිණ අනවශ්‍ය කලබලකාරී තත්ත්වයක් ඇති නොකරන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියි..
NEWS
අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ සහයෝගයෙන් දීප්ති පාපැදි සමාජය සංවිධානය කළ ‘දීප්ති පාපැදි සමාජ ශූරතා’ තරගාවලියේ වැඩි දස්කම් පෑමට දීප්ති සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.මේ තරගාවලියේ ප්‍රධානතම ඉසව්ව වූ සුපිරි පිරිමි අංශයේ ශූරතාව දිනා ගත්තේ ධනුෂ්ක කුමාර ය. පිරිමි අවුරුදු 23න් පහළ ශූරතාව අයි.එම්.ටී.එස්.කුමාරසිංහ ද, කණිෂ්ඨ කාන්තා ශූරතාව කේ.එම්.කේ.උදේශානි ද, කණිෂ්ඨ පිරිමි ශූරතාව ඩී.එම්.අකිල සඳරුවන් ද දිනා ගත්හ.දීප්ති පාපැදි සමාජයට අත්කර ගැනීමට නොහැකි වූයේ ප්‍රවීනයන්ගේ පාපැදි තරගයේ කිරුළ පමණි. රංජිත් අනුර පාපැදි සමාජයේ රත්නසිරි අඹගහවිට එම ශූරතාව දිනා ගත්තේය. අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පොතානෙගම හන්දියේදී පැවැති මේ තරගාවලියට අනුරාධපුර පාපැදි සමාජවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.තරග ප්‍රතිඵල මෙසේය. සුපිරි පිරිමි අංශය – 1.ධනුෂ්ක කුමාර, 2.අරුණ සංහිඳ වීරසූරිය, 3.සුගත් කපිල නිරෝශන්. අවුරුදු 23න් පහළ පිරිමි – 1.ආර්.එම්.ටී.එස්.කුමාරසිංහ, 2.පී.එම්.සජිත් කුමාර, 3.ආර්.ජේ.උදය කුමාර. කණිෂ්ඨ කාන්තා – 1.එච්.එම්.කේ.උදේශානි, 2.ඩබ්ලිව්.සඳුනිකා චන්ද්‍රමාලි, 3.මර්සි මධුභානි. ප්‍රවීන – 1.රත්නසිරි අඹගහවිට, 2.සරත් මල්ලවආරච්චි, 3.එස්.එම්.ඩී.සුමනරත්න..
NEWS
සියනෑ කෝරලයේ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි ගොවිගම වාසීන් ප්‍රාදේශීය රජකු ලෙසින් සිටි සකලකලවල්ලභ රජුගේ පාලනය කාලයේ සිටම බෙර හේවිසි නිෂ්පාදනය මෙන්ම ඒවා වාදනයෙහිද දේශීය නර්තනය පිළිබඳවද පාරම්පරිකව හසල බුද්ධියක් ඇත්තෝ වූහ.ඈත අතීතයේ සිටි මුතුන් මිත්තන් මෙම කලාව තම ජීවනෝපාය කර ගනිමින් මහත් භක්තියකින් රැකගත්හ. වත්මන් පරපුර මෙම කලාව පිළිබඳ සැලකිලිමත් නොවීම සැබවින්ම ඛේදජනකය.මෙලෙසින් අභාවයට යන මෙම කලාව වැළලී යෑමට ඉඩ නොදී රැකගන්නට වෙර දරන කලාකරුවකු ගොවිගම ප්‍රදේශයෙන් බිහිවී ඇත. ඔහු රතුනැකතිගේ ගුණදාසයි.කිරිඇල්ල ගමෙහි උපත ලැබූ ඔහු සාවුරුද්දක් මූලික අධ්‍යාපනය ලබාගෙන ඇත්තේ එල්ලාවල පහලගම මහා විදුහලෙනි. දේශීය නර්තනයට හා වාද්‍ය භාණ්ඩ පරිහරණ කිරීමට විශේෂ ඇල්මක් හා කුසලතාවක් ඔහු නිරන්තරයෙන්ම දැක්විය.මොහුගේ සහජ කුසලතා අවබෝධ කරගෙන ඔහුගේ මවුපියන් ගබිච්චි සහ මාටින් යන ගුරුන්නාන්සේ වෙත මොහුව භාරකර ඇත්තේ සබරගමු නැටුම් ඉගෙන ගැනීමටයි.මෙලෙස මූලික නර්තන අධ්‍යාපනය ලබාගත් ඔහු 1971 දී උඩුගම්පොළ ගොවිගම සිටි ඔහුගේ පුංචිඅම්මා වෙත ගෙනැවිත් බාරදී තවදුරටත් කලා අධ්‍යාපනය ඉගෙන ගැනීමට මග සලසා දී ඇත.මෙගම පදිංචි ඔහුගේම ඥාතීන් වන තේමිස් එදිරිසිංහ සීටින්ගා (සිද්ධිනා පනික්කලේ) සේතුංග වැනි දක්ෂ ගුරුන්නාන්සේලා ගුණදාසගේ කලා ජීවිතය ඔපමට්ටම් කිරීමේ වගකීම බාරගෙන ඇත.උපතේ පටන්ම දක්ෂ බෙර වාදකයෙක් මෙන්ම තාල භාණ්ඩ අලුත්වැඩියා කිරීමෙහි ප්‍රවීණයකු වූයේ විවිධ ආචාර්යවරුන්ගේ ගුරුහරුකම් මතය.වත්මනෙහි බස්නාහිර පළාතේ පමණක් නොව රට පුරාම මොහුගේ කලා කුසලතාවන් ප්‍රචලිත වී හමාරය. පුරා වසර ගණනාවක් රජයේ පාසල් ඇතුළු කලායතනයන්හි අධ්‍යාපනය ලබන සිසු දරුවනට බෙර වාදනය උගන්වමින් කරන ලද සේවයද සුළුපටු නොවේ.පාසල් කලායතන පමණක් නොව පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ටද තූර්ය වාදන භාණ්ඩ බොහොමයක්ම ගුණදාස මහතා අතින් නිමවිය. තවද ඒවා අලුත්වැඩියා කළේද ඔහු විසිනි.මේ කලාව ඉතා මහන්සියෙන් රැකගැනීමට වෙර දරන ගුණදාසට ඥාතියකු වන එස්. පේමජෝති යන අයද සහය වෙයි.
NEWS
කැනඩාවේ මෙන්ම රටවල් බොහොමයක ත්‍රස්තවාදී ක්‍රියා දිනෙන් දින ඉහළ යනු දක්නට ලැබීම කනස්සල්ලට කරුණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.ජනාධිපතිතුමා මෙසේ ප්‍රකාශ කරන්නේ සිය නිල ට්වීටර් පිටුවෙහි සටහනක් තබමිනි. ජනාධිපතිතුමා සිය ට්වීටර් පිටුව වන @PresRajapakshaහි ඊයේ (23) උදෑසන මේ බව සටහන් තබා ඇත.මේ උවදුරට එරෙහිව සටන් වැදීමට අප සියලුදෙනා සම හවුල්කරුවන් ලෙස එක් විය යුතු බවත් ජනාධිපතිතුමා සිය සටහන මඟින් වැඩිදුරටත් පවසයි.
NEWS
තිහගොඩ යටියන උළු කර්මාන්ත ශාලාවේ සේවකයන්ට මාස තුනකින් වැටුප් නොගෙවීම හේතු කොට ගෙන සේවකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. බලධාරීන්වෙත කිහිප අවස්ථාවලදී මේ බව දැනුම් දුන්නද මේ වන තෙක් වැටුප් ගෙවීම ප්‍රමාද වී තිබේ. මේ හේතුවෙන් සේවකයන් හැට දෙනෙකු (60) පමණ සේවයේ යෙදී සිටින මේ කර්මාන්ත ශාලාව අද වන විට වැසී යන තත්ත්වයට පත් වෙමින් පවතී.
NEWS
ශ්‍රීලාංකික ද්‍රවිඩ සංක්‍රමණිකයන් පිරිසක් රැගත් තවත් නෞකාවක් කැනඩාවට ළඟා වීමේ සූදානමක් තිබෙන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව කැනඩාවේ ආරක්ෂක අංශ පවසයි.කොටි සංවිධානයට සම්බන්ධ මිනිස් ජාවාරම් කල්ලියක් මේ කටයුතු මෙහෙයවන අතර කැනඩාවට පැමිණීමට පෙර එම ද්‍රවිඩ සරණාගතයන් රැගත් නෞකාව දෙසතියක සංචාරක වීසා මත තායිලන්තයේ බැංකොක්වලට පැමිණ සංචාරකයින් බව අඟවමින් කුලී නිවාසවල රැඳී සිටි බව තානාපති ආරංචි මාර්ග පවසයි.මීට මාස කීපයකට පෙර කැනඩාවට පැමිණි ශ්‍රී ලංකික ද්‍රවිඩ සංක්‍රමණිකයන් 490 දෙනෙකු රැගත් සන් - සී නෞකාවද ඉකුත් අපේ‍්‍රල් මාසයේ දී කැනඩාවට පැමිණීමට පෙර සංචාරක වීසා මත තායිලන්තයේ බැංකොක්වලට පැමිණ තිබෙන බවද වාර්තා වෙයි.මේ පිරිස සම්බන්ධයෙන් දැනට කැනඩාවේ සිටින ද්‍රවිඩ සාංක්‍රමණිකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් සංචාරකයින් බවට ප්‍රකාශ කැර ඇතැයි ද සඳහන් වෙයි..
NEWS
මෙරට ඉතිහාසය තුළ ස්වර්ණමය සනිටුහන් කළ කීර්තිමත් ශ්‍රේෂ්ඨ රජවරයකුගේ නමක් සුළි කුණාටුවක් වෙනුවෙන් යෙදීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමස්ත ජාතියෙන්ම සමාව ඉල්ලා සිටී.එසේම මහසෙන් රජතුමාගේ කීර්ති නාමයට එසේම මහසෙන් රජතුමාගේ කීර්ති නාමයට කැළලක් හෝ යම් අගෞරවයක් වූයේ නම් ඒ සම්බන්ධයෙන් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. කාරියවසම් මහතා ඊයේ (28) එම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී දේශීය වාරි සංස්කෘතිය උරුමය සුරැකීම පිළිබඳ ජාතික සභාව ඉදිරියේදී එසේ සමාව ගැනීම සිදුකෙරිණි. .
NEWS
1992 වසරේ දී ගලේවෙල ප්‍රා. ලේ. කොට්ඨාසයේ මීවනපලාන ගම්මානයේ පේෂකර්මාන්තායතනයක් ආරම්භ කෙළේ ප්‍රදේශයේ තරුණ තරුණියනට රැකියා ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඇඟලුම් කම්හලක් මේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමත් සමඟම පේෂ කර්මාන්ත ශාලාවේ සේවය කළ තරුණයන් ඒ කරා ඇදී ගියේ වැඩි වැටුප් ලබා ගැනීම අදහසිනි. එම නිසා කර්මාන්ත ශාලාව වැසී ගියේය.පේෂ කර්මාන්තායතනයේ ආරම්භක සේවිකාවක් වන පී. ආර්. සුමනාවතී (50) - සේවය කළ තරුණයන් රැක ගැනීමට හෝ මේ කර්මාන්තය දියුණු කිරීමට ක්‍රමවේදයක් නොතිබීම නිසා මෙම කර්මාන්තශාලාව වැසී ගියා. අද වනවිට එය අබලන් වෙලා. මෙහි තිබූ පේෂකර්ම යන්ත්‍ර එම දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරගෙන ගියා. මේ ශාලාව ගමේ පොදු කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගත හැකියි.පී. ඒ. ජී. පි‍්‍රයන්ජිත් මහතා - මෙම ගොඩනැගිල්ලේ ගමට අවශ්‍ය පුස්තකාලයක් විවෘත කිරීමට ඉල්ලා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් මගින් මධ්‍යම පළාත් පේෂකර්ම අධ්‍යක්‍ෂවරයාට ලිපියක් යැව්වා. අද වනතුරු පිළිතුරක් නෑ.ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා ඇත. වහලේ උළු කැඩී ඇත. ලක්‍ෂ ගණනක් වැය කර ඇති මේ ගොඩනැගිල්ල බිමට සමතලාවීමට පෙර ප්‍රයෝජනවත් කටයුත්තකට යොදා ගන්නා ලෙස ගම්මු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති..
NEWS
යුද ගැටුම් නිමාවට පත්කොට ආසියාවේ ආශ්චර්යය කරා යන ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ ආර්ථික ජයග්‍රහණ රැසක් ලබා තිබෙන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතියක් ලබා තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා රට සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවද සඳහන් කරයි.ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්ථානය, ජර්මනිය, මාලදිවයින ඇතුලු රටවල් එකොළහකට තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස පත්වීම් ලබා ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත පිරිස සමඟ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවේදීය.මෙහිදී වැඩිදුරටත් අඳහස් පළකරමින් ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාව ලැබූ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.67 ක් බවත් එය මෙතෙත් ශ්‍රී ලංකාව එක් මසක් තුළ ලැබු ඉහළම ආදායම බවත්ය. මෙවැනි අපනයන ආදායමක් ලබා ගැනීමට අලුතින් ඉදිකරන ලද අධිවේගී මාර්ග ඇතුලු මාර්ග පද්ධතියේ සංවර්ධනය ද බෙහෙවින් ඉවහල් වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය. සංචාරකයින්ගේ පැමිණිම ද මේ වනවිට ඉතා ඉහළ අගයක් ගෙන ඇතැයි පෙන්වාදුන් ඇමැතිවරයා මේ වසර තුළ සංචාරකයන්ගේ පැමිණීම සෑම මසකම ලක්‍ෂය ඉක්මවා ඇති බවද පෙබරවාරි මාසය තුළ පමණක් සංචාරකයන් 147,000ක් පැමිණ ඇති බවද ඒ මහතා පැවසීය. මේ වසරේ අවසන් මාස හතර තුළ දී සංචාරකයන්ගේ පැමිණීම මසකට ලක්‍ෂ02 දක්වා වර්ධනය කර ගැනීම රජයේ අරමුණ බවද ඇමැතිවරයා මෙහීදී පෙන්වා දුන්නේය. අපේ රටට විදේශ රැකියාවල නියුක්ත පිරිසගෙන් ලැබෙන ආදායම විශාල ශක්තියක් වන අතර විදේශ රැකියාවලින් වැඩි ආදායමක් ලබාගත හැකි අංශයන් කෙරෙහි ශ්‍රී ලංකිකයන් යොමු කරන්න අවශ්‍ය බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා විශේෂයෙන්ම කාර්මික අංශයේ රැකියා සඳහා ගෘහ සේවයට යන පිරිස් අඩුකළ යුතු බවද පිරිමි පාර්ශවය වැඩියෙන් විදේශ රැකියා සඳහා යොමු කිරීම තුළින් ගැටලු අවමකර ගන්න හැකි බවද කියාසිටියාය.මේ වනවිට විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් ගොස් සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර මේ පිරිස සඳහා රට විරුවන් වැඩසටහන යටතේ නිවාස 500ක් ලබා දෙන්නට පියවර ගෙන තිබෙන බවද වැඩි පිරිසක් විදේශයන්ට යන්නේ ළමයින්ට හොද අධ්‍යාපනයක් ලබාදෙන්න ට සහ නිවසක් සාදා ගන්නට බවද හෙතෙම පෙන්වා දුන්නේය.අපේ රටේ වගාකළ හැකි උදු, සහල්, බඩඉරිගු වැනි බෝග ආනයනය නතර කර තිබෙන බවද ලොකු ළුණු සහ අර්තාපල් ආනයනය නතර කිරීමට බලාපොරොත්තු වන බවද කී ඒ මහතා ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය සහණාධාර සහ දිරිමත් කිරීම් කරන බවද ඒ වගේම පිටරටින් ගෙන්වන කාර්මික අංශයේ භාණ්ඩද මේ රටේදීම නිෂ්පාදනය කරන්න කර්මාන්ත අංශය දියුණු කරන්න වැඩ පිළිවෙලක් යොදා තිබෙන බවද පැවසීය. පළාත් පාලන සහ පාළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ශාන්ත බණ්ඩාර, ප්‍රියන්ත මායාදුන්න මහත්වරු ඇතුඵ රජයේ නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට පැමිණ සිටියහ. .
NEWS
රිජ්වේ ළමා රෝහලේ එම්.ආර්.අයි. යන්ත්‍රයක් ‍නැතිව පෝලිමේ සිටින ළමයි 1000ක ජීවිත අනතුරේ යන මැයෙන් දිනමිණ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා මෙසේ පවසයි.පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පළ වූ මේ පුවත පාඨකයා වෙත සාවද්‍ය අදහසක් ඇති කරවන අතර පුවතේ අන්තර්ගතය හා ශීර්ෂ පාඨය එකිනෙක පරස්පර අදහසක් ප්‍රකාශ කිරීම එයට මූලික හේතුවයි.පොරොත්තු ලේඛනය දිනෙන් දින වැඩි වෙයි යන්න සහ එක් දිනකට එක් දරුවෙක් ජාතික රෝහලට යැවීම මෙන්ම රෝහලට වසර 117 ක් යන්න ද සැබෑ නමුත් රිජ්වේ ආර්යා ළමා රෝහලට එම්.ආර්.අයි. යන්ත්‍රයක් චීන මහජන සමූහාණ්ඩුවේ පරිත්‍යාගයක් ලෙස ලබාදීමට මේ වන විටත් රජය කටයුතු කර ඇති බව නොරහසකි.එය ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි අවධානයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් මිලියන 250ක් වටිනා එම්.ආර්.අයි. යන්ත්‍රයක් ලබා දීමට කටයුතු ආරම්භ කර ඇත. මේ වසර අවසානය වන විට අඳාළ යන්ත්‍රය රෝහලේ ස්ථාපනය කිරීමට අවශ්‍ය කරන ගොඩනැඟිල්ල ද රුපියල් මිලියන 49ක වියදමින් සාදා නිම කර ඇත. තවද මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය නොයෙකුත් උපාංග ද රුපියල් මිලියන 88ක වියදමින් ලබාදීමට මිලදී ගැනීම් නියෝගය ද දැනටමත් අඳාළ දේශීය නියෝජිත ආයතන වෙත ලබාදී ඇත.තව ද මේ පුවත නිසා මේ යන්ත්‍රය ලබාදීමට කටයුතු කරන ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා, චීන මහජන සමූහාණ්ඩුවේ මේ සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් ඇතුළු සියලුදෙනා දැඩි අපහසුතාවකට පත් විය හැකි බව ද දන්වමි. .
NEWS
නවසීලන්තයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන පාකිස්තානය සමග ටෙස්ට් තරග කිහිපයක් හා එක්දින තරග වැඩි ගණනක් සඳහා අවධානය යොමු කිරීම එළඹෙන ලෝක සූරතාවලියට පෙර දෙරටටම හොඳ පෙරහුරුවක් බව නවසීලන්ත ක්‍රිකට් විධායක ජස්ටින් මෝගන් පවසයි. මේ අනුව ටෙස්ට් තරග 3 න් දෙකක් දක්වා අඩුකිරීමටත් එක්දින තරග 6 දක්වා වැඩිකර ඇත්තේ ඕවර විස්සයි 20 තරග 3ට අමතරව බව සඳහන් ය.මේ තරගවාරයේදී දෙරටටම වඩා වැදගත් වන්නේ සීමිත ඕවර ක්‍රිකට් තරග බැවින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග එකඟතාවකට පැමිණි බව නවසීලන්ත නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.ලෝක කුසලානයට පෙර පාකිස්තානයේ නවසීලන්ත සංචාරය නිමවෙන අතර 2011 පෙබරවාරි 19 සිට අප්‍රේල් 2 දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සම සත්කාරකත්වයෙන් ලොක කුසලාන තරගාවලිය පැවැත්වේ..
NEWS
ක්‍රීඩා විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුව ඊයේ ක්‍රීඩා විද්‍යායතනයේදී ආරම්භ විය. ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් යං, ඉන්දියාවේ අජිත් යාදෙව්, විද්‍යා සාගර හා සුරේන්ද්‍රම් යන විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පිරිසක් එක්වූ මේ සමුළුවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිගුකාලීනව පවතින අනතුරු වළක්වා ගැනීමට විකලාංග වෛද්‍යවරුන්ගේ සහය පිළිබඳ දේශනය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් හා තහනම් උත්තේජන කමිටු සභාපති වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා විසින් පැවැත්වූ අයුරු..
NEWS
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වන ඇතුන් හා දිවියන් මරා ඇත්දළ හා කොටිදත් ලබාගෙන ඒවා අලෙවිකිරීමේ ජාවාරමක් අණාවරණය කර ගැනීමට පොළොන්නරුවේ පුලස්තිගම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.පොලිසියට ලැබුණ තොරතුරක් මත කිරිමැටි දමන ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී ඇත් දළ දෙකක්. කොටි දත් තුනක්, ගෝනකුගේ අං තට්ටුවක්, බෝර 12 පතරොම් 2 ක් , ටී 56 ජීව උණ්ඩ 1 ක්, අත්අඩංගුවට ගැනීමට පුලස්තිගම පොලිසියේ නිලධාරින්ට හැකිවිය.පොලිසියට අනුයුක්තව සිටි ග්‍රාමාරක්ෂක භටයකු විසින් මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් මෙම සතුන් වෙඩි තබා ඇතැයි පොලිසිය සැකකරයි.මෙම සිද්ධිය පිළිබඳ සැකකරන ග්‍රාමාරක්ෂක භටයා වනෝද්‍යානය තුළ ජීවත්වන අලි - ඇතුන් හා කොටින් හා මුවන් මරා ඇත්දළ හා කොටි දත් , මුව අංතට්ටු රැගෙන ඒවා ඉහළ මිලකට අලෙවි කළ බවට තොරතුරු අණාවරණය කරගෙන තිබේ.සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවස වටලන අවස්ථාවේදී ඔහු නිවසෙන් පළා ගොස් ඇති අතර ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඇත් දළ ජෝඩුවක් ඇතුළු පතරොම් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (11) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.පුලස්තිගම පොලිස් ස්ථානාධිපති, ඒ.එම්.පී. පුෂ්පකුමාර, උප පොලිස් පරීක්ෂක ආර්.ඇම්.ලොකු බණ්ඩා මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය..
NEWS
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මිහින්තලේ රජමහා විහාරස්ථානයේ ඉදි කර ඇති පොහොය ගේ මේ පොසොන් පුන් පොහෝ දා (04) සවස 4 ට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සහ වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.ලේක්හවුස් ආයතන‍යේ හා මැලිබන් ආයතනයේ මුල්‍ය දායකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොහොය ගෙයි ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා මිහින්තලේ රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී විහාරස්ථානයේ අඩුපාඩු පිළිබඳ සොයා බලා තිබේ. එහිදි විහාරාධිපති හිමියෝ විහාරස්ථානයට අඩුපාඩුවක්ව පවතින පොහොය ගෙය පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.ඒ අවස්ථාවේදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අමතා පොහොය ගේ ඉදිකිරීමේ කටයුතු සිදු කර දෙන ලෙස උපදෙස් දී තිබේ. ඒ අනුව ලේක්හවුස් සභාපතිවරයා මැලිබන් ආයතනයේ මුල්‍ය අනුග්‍රහයෙන් මේ පොහොය ගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.පොසොන් පොහොය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය විදුලිබල මණ්ඩලය සමඟ ඒකාබද්ධව 50 වැනි වරටත් පවත්වන ‍ලේක්හවුස් මිහින්තලා ආලෝක පුජාවට සමගාමිම පොහොය ගෙය විවෘත කෙරේ.ලේක්හවුස් මිහින්තලා ආලෝක පුජාව සහ පොහොය ගේ විවෘත කිරීමේ සියලු කටයුතු මිහින්තලා රජමහාවිහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමිගේ අනුශාසකත්වයෙන් සිදු කිරීමට නියමිතය.මේ අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසුරිය, විදුලිබල ඇමැති පාඨලි චම්පික රණවක, ගොවිජන සේවා හා වනජීවි ඇමැති එස්.එම්.චන්ද්‍රසේන, නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක,ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මැලිබන් ආයතනයේ සභාපති හා කලමනාකරණ අධ්‍යක්ෂ ඒ. ජී. සමරජීව මහත්වරු හා ලේක්හවුස් ආයතනයේ හා මැලිබන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරිහු මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය..
NEWS
‘එකමත් එක රටක” සිංහල චිත්‍රපටය රහසිගත ලෙස සංයුක්ත තැටිගතකර අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම නිසා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ලලිත් ඒකනායක මහතා රුපියල් 50,000/- ක දඩයක් පෙරේදා (04) නියම කෙළේය.මෙසේ දඩ මුදල් ගෙවීමට නියමවූයේ ශානක ලලින්ද ලියනාරච්චි නමැති මහනුවර පදිංචි කරුවකුටය. මේ පුද්ගලයා සිංහල චිත්‍රපට රහසිගතව පටිගතකැර අළෙවි කිරීමේ ජාවාරමක කලක පටන් නිරතව ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මොහු සතුව සනත් ගුණතිලක මහතාගේ නිර්මාණයක් වන “එකමත් එක රටක” චිත්‍රපටයේ සංයුක්ත තැටි දෙකක් තිබූ බවත්, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ උපදෙස්මත බුද්ධිමය දේපොළ පනත යටතේ ඔහුට නඩු පැවරූ බවත් සහකාර පොලිස් අධිකාරී එස්. බී. රත්නායක මහතා කීය.මහනුවර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේකර, පොලිස් සැරයන් ජනක පද්මලාල් අය විසින් සැකකරු මහනුවර පොළ අසලදී අත්අඩංගුවට ගන්නා ලදී..
NEWS
ජාත්‍යන්තරයම අදහස් කැර සිටියේ මෙරට ත්‍රස්තවාදය කිසි දිනක අවසන් කර දැමීමට නොහැකි යැයි කියා බවත් ජනාධිපතිතුමා මෙරට දීර්ඝ කාලයක් පැවැති ත්‍රස්තවාදය අවසන්කැර දැමීමත් සමඟ රට වේගවත් සංවර්ධන ගමන් මාර්ගයකට යොමුවී ඇති බවත් විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පැවැසීය.ඒ මහතා එසේ පැවැසුවේ කොළඹ දිස්ත්‍රික්ක නිදහස් ආයුර්වේද සංගමය පහල බෝමිරිය මහවත්තේදී සංවිධානය කළ විශේෂ සම්මේලනයට සහභාගි වෙමිනි.ඇමැති බෝගොල්ලාගම මහතා මෙසේ ද පැවැසීය.නිදහස් ආයුර්වේද සංගමයේ සාමාජිකයන් ඇතුළු විවිධ සංගම් - සංවිධාන, සෑම ප්‍රදේශයකම ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහනය වෙනුවෙන් විශාල වශයෙන් ඒකරාශී වී සිටිනවා.ජනවාරි විසි හය වැනිදාට පැවැත්වෙන්නේ රටට විශාල වැදගත්කමක් ඇති, තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින පොදු අපේක්ෂකයා වටා සිටින්නේ පරස්පර අදහස් තිබෙන එක වේදිකාවේ සිටිය නොහැකි පක්ෂයි.අද එ.ජා.ප.ය පිළිගන්නවා ජ.වි.පෙ. ප්‍රතිපත්ති සමඟ එකඟතාවකින් කටයුතු කරන්නට බැහැ කියාල. මේ පක්ෂ රට පිළිබඳවත් ජනතා අවශ්‍යතාවන් හඳුනාගෙන නොවෙයි කටයුතු කරන්නේ. මෙයයි මෙහි ඇති භයානක තත්ත්වය.මෙරට පැවැති ත්‍රස්තවාදය අවසන් කැර දැමීමෙන් පසු එදාට වඩා අද අප රටට ජාත්‍යන්තර සහයෝගය ලැබෙන බව විපක්ෂය හොඳින් දන්නවා.මේ තත්ත්වය නැති කර දැමීමට විපක්ෂය විවිධ ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබෙනවා.විපක්ෂයට කියලා නොවෙයි අපේ හමුදාවන් කේ. පී. ව විදේශ රටක දී අත්අඩංගුවට ගත්තේ.ඔහු සිටි රට ප්‍රසිද්ධ කෙළේ නැහැ. රාජ්‍යතාන්ත්‍රික වගකීම් සමූහය ආරක්ෂා කිරීමට අවශ්‍ය වන නිසා අද විපක්ෂය කියන්නේ ත්‍රස්තවාදී නායකයන් සිටි රටවල්, ඔවුන්ගේ මුදල් තිබෙන රටවල් ප්‍රසිද්ධ කරන්න කියලා.මෙවැනි වගකීම්වලින් තොරව කරන ප්‍රකාශවලට පිළිතුරු දීමට ආණ්ඩුව සූදානම් නැහැ. විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා, කරන ප්‍රකාශ වගකීමෙන් යුතුව කරන්න කියලා.නිදහස් ආයුර්වේද සංගමයේ දිස්ත්‍රික් සංවිධායක වෛද්‍යාචාර්ය සිරි හේවාවිතාරණ මහතා - වත්මන් ආණ්ඩුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දියුණු කිරීමට පියවර රැසක් ගෙන තිබෙනවා. මෙරට පාලනය කළ ඇතැම් ආණ්ඩු දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කිරීමට සාර්ථක වැඩපිළිවෙළක් සැකසුවේ නැහැ.එවැනි ආණ්ඩු පාලනය කළ කාලයේදී විශේෂයෙන් නිදහස් ආයුර්වේද වෛද්‍යවරුන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවුණා.මේ අවස්ථාවට නිදහස් ආයුර්වේද සංගමයේ උප සභාපති ජයසිරි මෙන්ඩිස්, කේ. කේ. නන්දාවතී, සන්ධ්‍යා ජයසේකර වෛද්‍යාචාර්යවරියන්ද සංගමයේ සාමාජික සාමාජිකාවෝ ද සහභාගි වූහ.
NEWS
රට සෑදීමට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති බව, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ම පැහැදිලි වන බව, අපේක්ෂක ආර්. දුමින්ද සිල්වා ප්‍රකාශ කෙළේය. ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පසුගියදා පැවැති ජනහමුවකට එක්වෙමිනි. එහිදී මෙසේ ද කීය.එක්සත් ජාතික පක්ෂය රට හැදීම සඳහා ඉදිරිපත් කරන්නේ පිටු 3 ක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පමණයි. ඒක ඇතුලේ කාන්තාව ගැන එක වචනයක්වත් නෑ. කාන්තාව ගැන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා කියලයි යූ.ඇන්.පී. ය කියන්නේ. අපි අහන්නේ එහෙම වෙන වෙනම ඉදිරිපත් කරන්නේ නැතුව, තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළෙම කාන්තාව ගැන සඳහන් කරන්න බැරි ඇයි.“මහින්ද චින්තන ඉදිරි දැක්ම” ජනාධිපතිතුමා කොටස් වශයෙන් ඉදිරිපත් කෙළේ නැහැ. එහි සැලසුම් ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. 2005 දී ඉදිරිපත් කළ “මහින්ද චින්තනය” ප්‍රායෝගික බව ඇස් පනාපිට පැහැදිලි වෙලා තියෙනවා. “මහින්ද චින්තන ඉදිරි දැක්ම” ත් ඒ වගේම ප්‍රායෝගික වැඩපිළිවෙලක්.ඒක මේ රටේ ජනතාව හිස් මුදුනෙන් පිළිගත්ත බව පසුගිය ජනාධිපතිවරණයේදී ඔප්පු වුණා. අනික එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා සෑම පාසලකටම කුස්සියක් දෙනවා කියලා. කුස්සි දුන්නට කමක් නෑ. හැබැයි මේ රටේ ජනතාවට අමතක නෑ නිදහස් අධ්‍යාපනය වළපල්ලට යවන් හැදුවෙත් එක්සත් ජාතික පක්ෂය කියලා.පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරලා ධවල පත්‍රිකාව ඉදිරිපත් කෙළේ කවුද කියලා මේ රටේ ජනතාවට අමතක නෑ. රාජ්‍ය සම්පත් සියල්ල පෞද්ගලික අංශයට විකුණලා නිදහස් අධ්‍යාපනය නැති කරන්න හදපු එක්සත් ජාතික පක්ෂයට මේ පාරත් හිමිවෙන්නේ අන්ත පරාජයක්. දැන් විපක්ෂ නායකවරයා රටපුරාම කියව කියව යනවා මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි කියලා.මම කියනවා මේ රටේ ආර්ථිකය අගාධයට අරන් යන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි කියලා. යුද්ධය තියෙද්දීත් රට සංවර්ධනය කරා අරන් ගිය එකම නායකයා ජනාධිපතිතුමායි. දැන් යුද්ධයක් නෑ. දැන් තියෙන්නේ සංවර්ධන සංග්‍රාමය. මේ රට සංවර්ධනය කරා අරන් යන්න පුළුවන් තිස් වසරක ත්‍රස්තවාදී ශාපයෙන් රට බේරා ගත් ඒ නායකයාට විතරයි.
NEWS
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග ඉතිහාසයේ පැරණිතම තරගාවලිය ලෙස හැඳින්වෙන ‍ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් 21වැනි තරගාවලිය ලබන මස 20 වැනිදා දියතලාවේදී පැවැත්වේ.ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ඔටෝ ස්පෝට්ස් ඩ්‍රයිවර්ස් ඇසෝෂියේෂන් එක්ව සංවිධානය කරන මෙවර තරගාවලියෙන් ලැබෙන ආදායම යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් රැස්කිරීම අපේක්ෂා කෙරේ.මේ වසරේ විශිෂ්ඨතම රියදුරන් හා ධාවකයින් තෝරා ගැනීමේ තරග ද ඇතුලුව මෝටර් රථ ධාවන තරග 12ක් හා යතුරු පැදි ධාවන තරග 14ක් මෙවර ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියට ඇතුළත් වෙති.තරගාවලිය ශූරතා මෝටර් රථ තරග අශ්වබල 3500 හා 1600 කාණ්ඩයෙනුත්, යතුරුපැදි ධාවන තරග අශ්වබල 125 සහ 250 කාණ්ඩයෙනුත්, මේ වසරේ දෙසැම්බර් 31 දිනට අවුරුදු 16 සම්පූර්ණවන තරගකරුවන් සඳහා අශ්වබල85 කාණ්ඩයෙනුත් වර්ග කර ඇති අතර තරගයේ වැඩි උද්වේගයක් ඇති කිරීම සඳහා විශේෂ තරග ලෙස ඩිසල් ට්‍රක් සහ ජිප් රථ අශ්වබල 5500 හා 2500 ලෙසත් මෝටර් රථ අශ්වබල 1500 ලෙසත් වර්ග කර ඇත.ප්‍රධාන පෙළේ ඉන්දිය මෝටර් රථ ධාවකයින් දෙදෙනකු සහ යතුරුපැදි ධාවකයින් තිදෙනෙකු සමගින් දේශිය සහ විදේශිය තරගකරුවන් 200කට අධික පිරිසක් මෙවර තරගාවලියට සහභාගිවෙතැයි අපේක්ෂා කෙරේ.වසර 1913දී බ්‍රිතාන්‍යය “HMS FOX” නෞකාව මෙරටට පැමිණ නෞකාවේ කපිතාන් ඇතුළු පිරිස දියතලාවේ පිහිටි හමුදා කඳවුරක් වෙත ගිය අවස්ථාවේදී කදු මුදුනක් මත නෞකාවේ ලාංජනය වන නරියකුගේ රුවත් ඊට යටින් “HMS FOX” යන අකුරු හයත් “1913” ලෙස වර්ෂයත් සුදු පැහැති ගල් යොදාගනිමින් කළ නිර්මාණය හේතුවෙන් නරියා කන්ද ලෙසින් මේ කන්ද ප්‍රසිද්ධ විය. ඒ අනුව ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් ධාවන තරගාවලියේදී “HMS FOX” සිහිවටනයට ශත වර්ෂයක් පිරීමේ ඓතිහාසික අවස්ථාව සැමරීමද විශේෂත්වයකි..
NEWS
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20වැනි හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ආර්.එම්. දයා රත්නායක මහතා අද (01) එම ධුරයේ වැඩ භාර ගනී.දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරිය ලැබූ අවදියේ සිටම යුද සංග්‍රාමයේ අභීතව නියැළුනු ‍ලුතිනන් ජෙනරාල් දයා රත්නායක නැඟෙනහිර 23 වන පාබල සේනාංකයේ සේනාධිපති ලෙස පත්වීමත් සමඟ කොටි ත්‍රස්තවාදයේ නැඟෙනහිර බල‍කොටු සුණු විසුණු කිරීම මෙහෙයුම මෙහෙයවමින් මාවිල්ආරු සොරොව්ව නැවත හමුදාව අතට පත් කර ගැනීමේ සිට තොප්පිගල අවසන් මෙහෙයුම දක්වා ජීවිත පරිත්‍යාගයෙන් සටන් මෙහෙයවූ අභීත සෙන්පතියෙකි.ලුතිනන් ජෙ‍නරාල් දයා රත්නායක වසර ගණනාවක් තිස්සේ යුද්ධයට කැපවී රට වෙනුවෙන් කළ උදාර මෙහෙයට ගෞරව කරනු පිණිස පදක්කම් 20කින් පිදුම් ලබා තිබේ.ඒ අතරින් වීරවික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණශූර උත්තම සේවා සහ දේශපුත්‍ර පදක්කම් සුවිශේෂී වෙයි. යුද්ධයේ දරුණුම වකවානුවකදී ලුතිනන් ජෙනරාල් රත්නායක හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.රටවල් ගණනාවකින් උපාධි මෙන්ම ඩිප්ලෝමා පාඨමාලා රැසක් හදාරා ඇති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක විදේශ රටවල් ගණනාවක සමුළු, සම්මන්ත්‍රණ රැසකටද සහභාගී වී ඇත. කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ආදි සිසුවකු වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක පාසල් වියේ පාසලේ දීප්තිමත් සිසුවෙකි..
NEWS
වන සතුන්ට හිමිව තිබූ කැලෑ එළිපෙහෙළි වීමත් සමඟ වන අලි රංචු පිටින් ගම් වැදී ගොවිතැන්වලට සහ දේපළට හානි කිරීමෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විහාරගල 550 ගම්මානයේ ජනතාව අසීරුවට පත් වී සිටිති.වන අලීන් මේ ප්‍රදේශයේ කෙසෙල් වගාවට මෙන්ම නිවාසද කඩා බිඳ දමා තිබේ.පී. ජී. ඩී. සයිමන් අප්පු හෙවත් බැද්දෙවැවේ මද්දුම මහතා:-සිද්ධිය වූ දින රාත්‍රී අලි නිවෙසට ආවා. එවිට නිවෙසේ හිටියේ බෑණාත්, දුවගේ පොඩි දරුවන්් දෙදෙනාත් විතරයි.රාත්‍රී 11.45ට පමණ දොරට හයියෙන් ගහන හඬක් ඇසුණා. නැගිට බලනකොට අලියෙක් නිවෙසේ ඉදිරිපිට දොර කඩා ගේ ඇතුළේ තිබුණ වී ගෝනි ටික එළියට අදිනවා.අපි හතරදෙනා අනිත් කාමරයේ මුල්ලක හැංගුණා. ඒ එක්කම පොඩි දරුවා ඇඬුවා.ඒ සද්දෙට අලියා හොඬවැල ඒ කාමරය ඇතුළට දැම්මා. එවිට මම අලි වෙඩිල්ලක් පත්තු කළ විට අලියා පස්සෙන් පස්සට ගියා.උදේ බලනවිට ගේ ඇතුළේ තිබූ වී මලු ඔක්කොම අලි කාලා. මේ දරු පැටවුන්ට කන්න දෙන්න දෙයක් නැහැ.විහාරගල පදිංචි එච්. ජී. පියදාස මහතා:-මළ ගෙදරක ගිහින් රාත්‍රී එනකොට අලි මගේ නිවෙස බිමට සමතලා කරලා. ගේ තිබූ තැන තිබුණේ් සුන්බුන් විතරයි.සූරියවැව ප්‍රාදේශීය ලේකම් එන්. කේ. ආර්. පතිරණ මහතා:-අන්දර වැවේ සිට කිලෝමීටර් 28ක විදුලි වැටක් ඉදිකර තිබෙනවා. මේ විදුලි වැටේ ආරක්ෂාවට කම්කරුවන් දෙදෙනෙක් ද යොදා තිබෙනවා.ඇතමුන් මේ විදුලි වැටේ කම්බි කපාගෙන යනවා. සමහරු කම්බි ගලවා හෝ උස්සා ගවයන් ඇතුළු කරනවා. මේ පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුයි..
NEWS
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශිෂ්ට නායකත්වය සහ රට වෙනුවෙන් ගෙනයන යහපත් වැඩපිළිවෙළ ජනතාව විසින් හොඳින් අවබෝධකර ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය දිනෙන් දින පිරිහීමට ලක්ව තිබෙන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියෝ අවධාරණය කරති.රජයේ වැඩපිළිවෙළ ජනතාව විසින් අනුමත කිරීමත් සමඟ වත්මන් රාජ්‍ය නායකත්වය වටා රටේ ජනතාව රොඳ බැඳගෙන තිබෙන බව පෙන්වා දෙන උන්වහන්සේ ඒ නිසාම විරුද්ධ පක්ෂයට කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවද මේ නිසාම ඔවුන් විවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත්කරන බවද සඳහන් කරති.ඔවුන් නඟන අවලාද ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන බව පෙන්වාදුන් කුඹුරුගමුවේ වජිර නාහිමියෝ එවැනි පිරිස් රටට, ජාතියට කිසිඳු ඇල්මක් නොදක්වන පිරිසක් බවද විදේශ රටවල ඩොලර් මත යැපෙමින් තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා රටේ ඉදිරි ගමන් මඟ වැළැක්වීම වෙනුවෙන් විවිධ ක්‍රියාවන් සිදුකරන බවද කියා සිටිති.මේ අතර නාහිමියෝ පෙන්වාදුන්නේ අද වනවිට එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ගැටුම් හටගෙන තිබෙන අතර පොලු හරඹ තුළින් එම පක්ෂය තවදුරටත් පිරිහෙන බවත් පුද්ගලයන් වෙනස්කර ගමන වෙනස් කළ නොහැකි බවත්ය. ඊට අමතරව රටට අවශ්‍ය දේශපාලන නායකත්වය නිවැරැදි ලෙස ක්‍රියාත්මක වන මේ කාලවකවානුවේ ජනතාව එය හොදින් හඳුනාගෙන තිබෙන බවද ඒ නිසාම වෙනත් නායකත්වයක අවශ්‍යතාවක් නොමැති බවද උන්වහන්සේ අවධාරණය කරති.රජයේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මේ වැඩපිළිවෙළට සහාය ලබාදීම හැර වෙනත් යමක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් වජිර නාහිමියෝ දශක තුනක කාලයක් මේ රටේ ජනතාව විදි දුක්කරදර සහ වත්මන් නිදහස් හා සාමකාමී වාතාවරණය සම්බන්ධයෙන් රටේ ජනතාවට හොඳ අවබෝධයක් තිබෙන බවද රටපුරා සිදුවන වේගවත් සංවර්ධනය වෙනස් කරන්නට කිසිවෙකුට නොහැකි බවද ප්‍රකාශ කරති.මනා පෞරුෂත්වයක් සහ රට ගැන හැඟීමක් ඇති වත්මන් රාජ්‍ය නායකත්වයට හැර වෙනත් කිසිවෙකුට මේරට පාලනය කළ නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා තම මාතෘභූමිය වෙනුවෙන් යුතුකම ඉටුකළ නායකයා බවද සිහිපත් කරන උන්වහන්සේ මේ නායකත්වයේ වෙනසක් කිරීමට රටවැසි කිසිවෙකු ඉඩනොදෙන බවද විශ්වාසය පලකළහ..
NEWS
ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ කලාසූරී පණ්ඩිත වෙ.වි. අභයගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට (25දා) සවස 5 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.මියයන විට අනූඑක් වැනි වියෙහි පසු වූ ඒ මහතාගේ දේහය නුගේගොඩ, මහසෙන් මාවතේ අංක 27 බී දරන නිවසේ තැන්පත් කර තිබේ.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමකවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වූ හෙතෙම මිල පාලන පරීක්ෂකවරයකු ලෙස ද, පෙරමුණ, සවස, සියරට පුවත්පත්වල කර්තෘවරයෙකු ලෙසද සේවය කළේ ය.සිංහල ශබ්ද කෝෂයේ සංස්කාරක වරයෙකු ලෙසද, මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළ ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.සාහිත්‍යධරයෙකි. ගත්කතුවරයෙකි. අභයගුණවර්ධන මහතා සාහිත්‍ය ඇතුළු විවිධ විෂයයන් යටතේ ග්‍රන්ථ 15ක් පමණ රචනා කර තිබේ.
NEWS
ලන්ඩන් ඔලිම්පික් උලෙළට සහභාගීවන ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක හේෂාන් උණම්බුව හා රිෂිකා උඩ්ගම්පොල අද එංගලන්තය බලා පි‍ටත් වෙති.ඔලිම්පික් උලෙළට සහභාගීවන මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න හා මලල ක්‍රීඩිකා ක්‍රිස්ටීන් මෙරිල් දැනටමත් ලන්ඩන් නුවර සිටිති.මෙවර ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා සිටින බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිළිණි ජයසිංහ හා වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල සමරකෝන් මේ 24 වැනිදා ලන්ඩන් බලා පිටත් වීමට නියමිතව ඇත.ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන නිලුක කරුණාරත්න පෝලන්තයේ හා ඇමරිකාවේ පුහුණුව ලබා එංගලන්තයට පැමිණි අතර ක්‍රිස්ටීන් මෙරිල් ඇමරිකාවේ පදිංචිව සිට පැමිණියාය. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ කලක් සිට එංගලන්තයේ පදිංචිව සිටී.ඔලිම්පික් ක්‍රීඩා උලෙළ මේ මස 27 වැනිදා සිට අගෝස්තු 12 දක්වා පැවැත්වෙන අතර පාපන්දු තරග පමණක් මේ 25 වැනිදා ආරම්භ කෙරේ.ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන පිහිනුම් හා වෙඩි තැබීමේ ඉසව් මේ 28 වැනිදා ආරම්භ කෙරේ.ඔලිම්පික් ක්‍රීඩා උලෙළකදී ශ්‍රී ලංකාව මෙතෙක් රිදී පදක්කම් දෙකක් දිනා සිටින අතර ඩන්කන් වයිට් හා සුසන්තිකා ජයසිංහ එම අමරණීය සටහන් තැබුහ.මෙවර ඔලිම්පික් උලෙළට සහභාගිවීම උදෙසා අද ලන්ඩන් බලා පිටත්ව යන පිහිනුම් ක්‍රීඩක හේෂාන් උණම්බුව හා රිෂිකා අඩුගම්පොල යන දෙදෙනාම සදහන් කළේ තම පෞද්ගලික දක්ෂතා වැඩිකර ගැනීමට මේ ක්‍රීඩා උලෙළේදී හැකිවන බවයි.හේෂාන් උණම්බුව මීටර් 100 පසුපස ආර හා රිෂිකා උඩුගම්පොල මීටර් 100 නිදහස් ආර ඉසව්වලින් ඔලිම්පික් උලෙළ නියෝජනය කරති..
NEWS
නොකඩවා ඇද හැලුණු මහ වැසි නිසා මීරිගම ප්‍රදේශයේ ගම්මාන රැසක මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ පවුල් සිය ගණනක ජනතාව අපහසුතාවට පත්වූහ. ඊයේ 13 උදේ වන විට මීරිගම නගරයේ දංඹ්විට පාර යටවී තිබූ අතර දහවල් වනවිට එහි ජලය බැස ගොස් තිබිණි. ගිරිඋල්ල පස්යාල පාරේ ගල්අමුණ ප‍්‍රදේශයේ මාර්ගය ඊයේ 13 දහවල් වනතුරුම ජලයෙන් යටවී තිබීම නිසා යතුරු පැදි හා ති‍්‍රරෝද ආදිය ගමන් කරවීම අපහසු තත්ත්වයක පැවතිණි.පස්යාල නාඹුලූව පාර යටවීමෙන් වැඩි දෙනෙකු අපහසුතාවට පත්වූ අතර පල්ලෙවෙල ප‍්‍රදේශයේ මාර්ග රැසක් ද යටවී තිබිණි. පල්ලෙවෙල පූගොඩ පාර, පල්ලෙවෙල මැදගම්පිටිය පාර , පල්ලෙවෙල වල්බෝලාන ප‍්‍රදේශයේ මාර්ග කිහිපයක් ද යට වී තිබෙනු දැකිය හැකිවිය.මහ වැසි තත්ත්වය නිසා දරුවන් පාසල් පැමිණිම ද අඩු මට්ටමක පැවතුනු බව සොයා බැලීමේ දී දැන ගත හැකිවිය..
NEWS
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද (18) සුළගේ වේගය පැයට කි‍ලෝමීටර් 50 දක්වා වන බවත්ඒ නිසා එම මුහුදු ප්‍රදේශ තරමක් රළු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.දිවයින අවට මුහුදු ප්‍රදේශයේ වැසි තත්වය අඩුවන තත්වයක් පවතින අද දිනයේ කන්කසන්තුරේ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක වැසි හටගනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙ පාර්තමේන්තුව කියයි.සුළං ඊසාන දිශාවෙන් හමන බවත් එම මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 40ක් බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.ඉදිරි දින කිහිපයේ දිව‍යිනේ වැසි අඩුවන තත්වයක් පෙන්නුම් කරන බවත් කියන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ උතුරු මැද ,නැගෙනහිර, ඌව පළාත්වල වැසි ස්වල්ප වශයෙන් ඇතිවන බවද සවස සබරගමුව හා මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි වර්ධනය වන බවත් පසුව එම වැසි බස්නාහිර නිරිත දිග වෙරළබඩ ප්‍රදේශ දක්වා පැතිරයන බවද කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පවසයි..
NEWS
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත මර්දන කමිටුවේ ප්‍රධානී ජෝන් පෝල් ලැබෝඩ් මහතා චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.තෙදින චාරිකාවක් සඳහා ඊයේ (28) ශ‍්‍රී ලංකාවට පැමිණි ඒ මහතා දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත මර්දන කමිටුවේ ඉල්ලීමකට අනුව ඒ මහතා මෙරටට පැමිණි බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරයි.ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සහයෝගීතාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය මෙන්ම ඊට අදාළ ජගත් සංවිධානයේ තාක්ෂණික සහාය පිළිබදව ඇගයීමේ අරමුණින් ඒ මහතා මේ සංචාරයේ නිරත වෙයි. එම කරුණු ඇතුළත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2001 - 1373 දරණ සම්මුතිය ශ්‍රී ලංකාව ක්‍රියාවට නැංවීම පිළිබඳ එහිදී සලකා බලයි.ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට ත්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජන පිළිබඳ ජගත් සම්මුතිය, අන්තවාදය තුළින් පැන නැඟුණු ත්‍රස්ත ක්‍රියාවලට එරෙහි ගතයුතු පියවර සහ ත්‍රස්ත මර්දන පියවරක් ලෙස සංවාදයකට එළඹීම පිළිබදව ද ජගත් සංවිධාන නියෝජිතයාගේ අවධානයට යොමු වෙයි. ත්‍රස්ත මර්දනය, නීතිය සහ මානව හිමිකම් සුරකිමින් පවත්වාගෙන යාම, වැදගත්වන බවද ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ප්‍රකාශ කරයි.ත්‍රස්තවාදය යුදමය වශයෙන් පමණක් පරාජය කිරීමෙන් ඔබ්බට ගොස් අධිකරණ සහ නීතිය බලගැන්වීමේ පියවර දක්වා ඉදිරියට ගෙන යා යුතු බවද එම කාර්යාලය කියයි. එහිදී ප්‍රජාවන් සමඟ ඵලදායී සංවාදයක නිරත විය යුතු බවද ජගත් සංවිධාන කාර්යාලය අවධාරණය කරයි. ජගත් ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත මර්දන කමිටු ප්‍රධානියා යාපනයේ සංචාරයක නිරතවීමට ද නියමිතයි.
NEWS
මෙරට පාසල් මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරගයක් වන යාපනය සාන්ත ජොන්ස් විදුහල සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය අද (7) සිට 9වැනිදා දක්වා යාපනය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.සා.ජොන්ස් විදුහල් කණ්ඩායම ජෙයකුමාර් අමිදයාන් විසින් මෙහෙයවන අතර යාපනය මධ්‍ය මහා විදුහල් කණ්ඩායම පූබාලසිංහම් ඩර්වින්ගේ නායකත්වය ‍ය‍ටතේ තරග වැදීමට නියමිතය..
NEWS
හම්බන්තොටදී මේ මස 08 වන දින සිට 14 වන දින දක්වා පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල වෙනුවෙන් කාය වර්ධන තරග සඳහා බර පන්ති හයක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සය දෙනෙකු සහභාගි වන බව කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලේකම් කපිල කුමාරගේ මහතා පවසයි.ලෝක අයෝම ශූර ප්‍රසන්න පීරිස් කිලෝ ග්‍රෑම් 65 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය. සුරේෂ් කරුණාතිලක කි.ග්‍රෑම් 60 ද, ලසන්ත ෆොන්සේකා ක්‍රි. ග්‍රෑම් 70 ද, සංජීව රුවන් කුමාර කි. ග්‍රෑම් 75 ද, චානක පීටර් කි. ග්‍රෑම් 80 ද, උදාර මෙන්ඩිස් කි. ග්‍රෑම් 85 ද, තරගාවලියට සහභාගි වන සෙසු ක්‍රීඩකයෝ වෙති.මේ ක්‍රීඩකයින් සය දෙනා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය යටතේ කොළඹ ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කායවර්ධන හා ශක්ති වර්ධන මධ්‍යස්ථානයේ නේවාසික පුහුණුව ලබමින් සිටින අතර ඔවුන් මේ මස 06වන දින හම්බන්තොට බලා පිටත් වීමට නියමිතය..
NEWS
ආසියාවේ වැඩිම අවධානයකට පාත්‍ර වූ ප්‍රධානතම රගර් තරගාවලිය වන ආසියානු ෆයිව් නේෂන්ස් සුපිරි රටවල් පහේ තරගාවලියේ ජපානය මුහුණදුන් පළමු තරගයෙන් පිලිපීනයට එරෙහිව ලකුණු 121-0ක දැවැන්ත ජයක් වාර්තා කළේය.ජපානයේ පැවැති මේ තරගයේ පිලිපීනය ලැබූ අන්ත පරාජය මෙවර ආසියානු ෆයිව් නේෂන්ස් සුපිරි රටවල් පහේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජපානය පළ කළ අනාවැකියක් බව විචාරකයන් පවසති. පසුගිය වසරේ පිලිපීනයේ පැවැති ආසියානු ෆයිව් නේෂන්ස් පළමු කොටසේ තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කිරීමේ හේතුවෙන් මෙවර පිලිපීනය සුපිරි රටවල් පහේ තරගාවලියට සුදුසුකම් ලැබුවේය.එහෙත් ලබන වසරේ තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා සිටින බැවින් මෙවර තරගාවලියේ දී පිලිපීනයට සිය ස්ථානය අහිමිවනු ඇතැයි ද විචාරකයන් දැනටමත් ප්‍රකාශ කරති.ජපානය, පිලිපීනය සමග දකුණු කොරියාව, හොංකොං හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර සුපිරි රටවල් පහේ තරගාවලියට එක්වී සිටිති. පසුගිය 20වැනිදා ආරම්භ වූ මේ තරගාවලිය ලබන මැයි මස 18වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලියේ පළමු දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා තරග වැදුණු හොංකොං පිල ලකුණු 53-7ක ජයක් වාර්තා කළේය. එම තරගය පැවැත්වූයේ හොංකොං නුවරය.තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරමින් මේ මස 26වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා දකුණු කොරියාව අතර තරගය එමීර් රාජ්‍යයේදිත්, 27වැනිදා හොංකොං හා ජපානය අතර තරගය හොංකොං නුවරදීත් පැවැත්වේ.මැයි මස 4වැනිදා ජපානය හා දකුණු කොරියාව අතර තරගය ‍තෝකියෝහීදිත්, පිලිපීනය හා හොං‍කොං පිල අතර තරගය පිලිපීනයේදිත් පැවැත්වීමට නියමිතය. මැයි 10දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ජපානය අතර තරගය ඩුබායිහීදි පැවත්වෙන අතර මැයි 11වැනිදා දකුණු කොරියාව හා පිලිපීනය අතර තරගය දකුණු ‍කොරියාවේදිත් පැවැත්විමට නියමිතය. තරගාවලියේ අවසන් දිනය වන මැයි 18දා දකුණු කොරියාව හා හොංකොං පිල දකුණු කොරියාවේදිත්, පිලිපීනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය පිලිපීනයේදිත් පැවැත්වීමට නියමිතය..
NEWS
සේවක සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සී/ස ලංකා පොහොර සමාගමේ නිදහස් සේවක සංගමය සංවිධානය කරනු ලබන සුහද ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වනදා වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ..
NEWS
වික්ටෝරියා ජලාශයට කාලයක් තිස්සේ අපද්‍රව්‍යය සහිත ජලය බැහැර කළ තෙල්දෙණිය ගගසිරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට තෙල්දෙණිය දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ප්‍රසන්න ලියනගේ මහතා රුපියල් දසදහසක දඩයක් නියම කෙළේය.තෙල්දෙණිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බී. එස්. කේ. පෙරේරා මහතා සමඟ පොලිස් සැරයන් දිසානායක මෙම ස්ථානය පරීක්‍ෂා කර නඩු පවරනු ලැබීය..
NEWS
ළිඳ ළඟ දියනාමින් සිටි කාන්තාවන් පිරිසකගේ විවිධ ඉරියව් වීඩියෝ ගත කළ සිවුදෙනෙකුට වරකාපොළ මහේස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසූරිය මහතා රුපියල් ලක්ෂ 5 බැගින් පෞද්ගලික ඇප හා ශරීර ඇප නියම කෙළේය.සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ වරකාපොළ පොලිසිය මගිනි..
NEWS
පියා හදිසියේම මිය යාම නිසාත් තම වැදූ මව ඒ හේතුවෙන්ම මානසික විකෘතිතාවකින් පෙළීම නිසාත් හුදකලාව අයියා ළඟ හැදුණු වැඩුනු 8 හැවිරිදි දැරියක් නිසි ආරක්ෂාව, රැකවරණය හා පෝෂණය, අධ්‍යාපනය නොලැබීම යන කරුණු හේතුකොටගෙන කන්තලේ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පෙරේදා (19) කන්තලේ පරිවාස නිලධාරි ඩබ්ලිව්. ඩබ්ලිව්. දීපාල් මහතා විසින් බාරදෙන ලදී.කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය හඬා වැලපෙමින් තුෂ්නිම්භූතව ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණියද එහි සිටි කාරුණික නිලධාරිනියන් ඇයට මවකටත් වඩා වැඩි සෙනෙහසක් දක්වමින් ඉල්ලා සිටින හැම දෙයක්ම රැගෙනවිත් දී දැරියගේ බිය සැක නැති කිරීමට සමත් වූවාය..
NEWS
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන කැරොලින් වොස්නියැකි හා එලීනා දිමෙන්ටීවා අතර ටෝකියෝ නුවර පැවැති පෑන් පැසිෆික් කාන්තා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තගෙයෙන් ජය අත්පත් කර ගැනීමට වොස්නියැකි සමත්වූවාය.විවෘත ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් ලාභී රුසියාවේ දිමෙන්ටීවාට එරෙහිව ලකුණු 1 – 6 ක්, 6 – 2 ක් හා 6 – 3 ක් ලෙස ජය වාර්තා කිරීමට වොස්නියැකිට හැකිවිය.මේ ජයග්‍රහණයත් සමඟම තරගවාරයේ 5 වැනි සූරතාව හිමිකර ගත් වොස්නියැකි ඊළඟ තරගාවලියේදී ද සූරතාව අත්පත් කර ගනිමින් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය..
NEWS
තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම සිහි කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි.ලෝකවාසී බෞද්ධ ජනතාව මෙන්ම ශ්‍රී ලාංකීය බෞද්ධ බැතිමත්හුද බුදුන්වහන්සේගේ තෙමඟුල සැමරීම සඳහා මහත් භක්තියෙන් යුතුව සූදානම්ව සිටිති.දාන, සීල, භාවනා ආදි ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන ලබා දෙමින් දිවයින පුරා සෑම නගරයකම ආගමික උත්සව පැවැත් වේ.ජාතික වෙසක් උත්සවය මහනුවර ඓතිහාසික දළදා වහන්සේ අබියසදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.යාපනය, වවුනියාව ඇතුළු උතුරු පළාතේ මෙන්ම මඩකලපුව ත්‍රිකුණාමලය ඇතුළු නැගෙනහිර පළාතේද වෙසක් උත්සවය සමරමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ.දිවයිනේ ප්‍රධාන නගර සියල්ලේම වෙසක් තොරණ ඉදිකර ඇති අතර මහා පරිමාණයේ වෙසක් කූඩු ප්‍රදර්ශනය කෙරේ.කොළඹ නගරය අවට ප්‍රධාන තොරණ පහළොවක් ඉදිකර ඇත. බෞද්ධ ලෝක මාවතේ වෙසක් කලාපයක් නම් කර ඇති අතර පුරා සතියක් මෙහි නොයෙක් වෙසක් විශේෂාංග ඉදිරිපත් කෙරේ.රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය,බුද්ධ ශාසන අමාත්‍යාංශය, කොළඹ නගර සභාව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඇතුළු ආයතන රැසක් එක්ව මෙම වෙසක් කලාපය සංවිධාන කර තිබේ.ත්‍රිවිධ හමුදාව, පොලිසිය එක්ව දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙසක් බැති ගී,වෙසක් කූඩු සහ බෞද්ධ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. සෑම නගරයකම දන්සැල් විශාල සංඛ්‍යාවක් සංවිධානය කර තිබේ.2600 වෙනි සම්බුද්ධ ජයන්තිය සැමරීම් වෙනුවෙන් විවිධ ආගමික වතාවත් වල නිරත වූ මෙරට බෞද්ධයන් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් පෙළ ගැසී සිටිති.කොළඹ පිටකොටුව, බොරැල්ල, රාජගිරිය, නුගේගොඩ, මහරගම, ;හීමාගම , බත්තරමුල්ල, කඩවත, කිරිබත්ගොඩ, නවලෝක, කැලණිය රජමහාවිහාරය ඇතුළු කොළඹ අවට ප්‍රදේශ රැසක තොරණ ඉදිකර තිබූ අතර කොළඹ නගරය අවට පිහිටි රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් වෙසක් උත්සවය වෙනුවෙන් සිය ආයතන සහ ඒ අවට භූමිය අලංකාර කරනු දැක ගත හැකි විය.වෙසක් තොරණ බැලීම සඳහා කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.මීට අමතරව ප්‍රධාන නගර වල මෙන්ම කොළඹ නගරයේ විශේෂ රථවාහන පාලනයක් සිදු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත..
NEWS
තමන් විසින් පත් කරන ලද උපදේශක කමිටුවට ශ්‍රී ලංකාව පිළිබඳ තමාට උපදෙස් ලබා දීමේ මිස චෝදනා විමර්ශනය කිරීමේ බලයක් කිසි අයුරකින් පවරා නැතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ අවධාරණය කර තිබේ.මහ ලේකම්වරයා මේ බව අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී 24 වැනිදා පැවැති සාකච්ඡාවකදී ය. ශ්‍රී ලංකාවේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් රජය කටයුතු කරන ආකාරය පැසසුමට ලක් කර ඇති මහ ලේකම්වරයා පසුගිය මැතිවරණවලදී ජනාධිපතිතුමා ලත් ජයග්‍රහණයන්ට සුබ පතා තිබේ.ශ්‍රී ලංකාවට බලගතු පාර්ලිමේන්තු බලයක් ලැබී තිබෙන අතර එය දේශපාලන ප්‍රතිසංධාන සඳහා විශාල පිටු බලයක් බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලෝක නායකයකුට ලැබෙන්නේ කලාතුරකින් බවත් මහ ලේකම්වරයා විශේෂයෙන් සඳහන් කර තිබේ.ශ්‍රී ලංකාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අතර දීර්ඝ කාලීන සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර 2000 වසරේ සිට මේ දක්වා සාකච්ඡාවට හා ක්‍රියාවට නැංවෙන සහශ්‍ර සංවර්ධන අරමුණු කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.ශ්‍රී ලංකාව සහශ්‍ර සංවර්ධන අරමුණු සපුරාලීම සඳහා සියලු සංවර්ධන සැලැසුම් නිර්මාණය කර ඇති බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය. එමෙන් ම ත්‍රස්තවාදය හේතුවෙන් අවතැන් වූවන් පිළිබඳ අදහස් දැක් වූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය පරාජය කර කෙටි කලක් තුළ අවතැන් වූවන් යළි පදිංචි කිරීම ඉහළ මට්ටමක පවතින බවත් ත්‍රස්තවාදීන් වළ දැමූ බිම් බෝම්බ, මර උගුල් ඉවත් කරමින් ආරක්ෂිතව එම කටයුතු කෙරෙන බව පවසා තිබේ. උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පිළිබඳ මෙහි දී සඳහන් කළ ජනාධිපති ඒ කොමිසම මෙරට ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සමන්විත බවත් ඕනෑම සංවිධානයකට පුද්ගලයකුට ඒ හමුවේ අදහස් ප්‍රකාශ කළ හැකි බවත් පැවැසීය..
NEWS
නොබියව හා නොපැකිළිව හෙට (8) උදෙන් ම තමන්ට නියමිත ඡන්ද මධ්‍යස්ථානයට ගොස් 2010 මහා මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කරන්නැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සියලුම ඡන්දදායකයන්ට දැනුම් දෙයි.ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා වූ මැතිවරණය හෙට උදේ 7.00 සිට සවස 4.00 දක්වා මධ්‍යස්ථාන 11098 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා අවසන් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා පමණක් රජයේ සේවකයෝ 123000 ක් යොදවා ඇත. ඡන්ද ගණන් කිරීම ඇතුළු රාජකාරිවලට යොදවන පිරිස ද ඇතුළත් වූ විට මේ මැතිවරණය සඳහා තුන්ලක්ෂයකට ආසන්න පිරිසක් රාජකාරි කරනු ඇතැයිද එම කාර්යාලය පවසයි.ඡන්ද මධ්‍යස්ථාන බාර නිලධාරීන් ඇතුළු ඡන්ද විමසීමෙහි නිරතවන රජයේ සේවකයෝ අද තමන්ට නියමිත මධ්‍යස්ථාන කරා යනු ඇත. අද සවස ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් රාජකාරි පිළිබඳ පෙරහුරුවක නිරතවීමට ද නියමිතය.
NEWS
විධිමත් අගැයීමකින් තොරව සමහර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා අද පරිසරය වෙනස්වී ඇති බව යහපාලනය සහ යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා හොරණ ශ්‍රී මේධංකර මහා විදුහලේදී පැවසීය.පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හරිත රටක් – දැයට සෙතක් තේමාව යටතේ පැළ 11,000ක් රෝපණය කිරීම නිමිත්තෙන් නොවැම්බර් 15 වැනි දින පැවැති රුක් රෝපණ වැඩසටහනට ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය.ඒ මහතා මෙසේද පැවසීය. පසුගිය 2010 වසරේදීත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමෙන් අපි උත්සවයක් පැවැත්වූවා. .අද පරිසරය මුළුමනින්ම අපවිත්‍රවෙලා. පරිසරය විශාල තර්ජනයකට මුහුණපාලා. ලංකාවේ කවදාවත් නොඇසූ නායයාම් බඳු ව්‍යසන මතුවී තිබෙනවා. අපි සුනාමියකටත් මුහුණ දුන්නා. සොබාදහමට පටහැනි දේ සිදුවෙනවා. පරිසරය මගින් සියලු අංශ ආවරණය වෙනවා. ගොවිතැනට වගාවට සියලු දේට පරිසරය බලපානවා. අපේ රටේ 48% කැලෑව තිබුණා. අද එය 21% දක්වා අඩුවෙලා.සමහර පළාත්වල බීමට වතුර ගැනීම අපහසු වෙලා.පරිසර අධිකාරියක් ඒ යුගයේ තිබුණේ නෑ. විධිමත් ඇගයීමකින් තොරව මාර්ග ගොඩනැගිලි ආදී විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් අද පරිසරය වෙනස් වෙලා. ජනගහනයෙන් විශේෂයෙන් සිසු සිසුවියන් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. අපේ ආහාර පමණක් භාවිතා කිරීමට ගන්නවා නම් මේ දුර්විපාකයෙන් ආරක්‍ෂා වන්නට පුළුවන්.දවස අනාගතයේ වගකීම භාර ගන්නේ අපේ දූදරුවන් විසින්.අපේ පරිසරය විනාශයට බලපාන හේතු රාශියක් තිබෙනවා. රටේ සංවර්ධනය අප කල්පනාකාරීව කරන්නට අවශ්‍යයි. දවසින් දවස සමාජය වෙනස් වෙනවා. අපි ඉදිරියට යන්නට දැනුමෙන් සන්නද්ධ විය යුතු වෙනවා. අපි අභියෝග ජය ගන්නට අවශ්‍යයි. ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය දරුවන්ට ලබාදිය යුතුයි. අපි පෞරාණික ඉතිහාසයකට සංස්කෘතියකට නෑදෑකම් කියනවා. සතා සිවුපාවාට ආදරය කළ යුතු වෙනවා.ශ්‍රී මෙධංකර මහා විදුහලේ විදුහල්පති කේ. කේ. සේනාරත්න මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියත් රුක් රෝපණය දිනයත් මුල්කරගෙනයි මෙම වැඩ සටහන ක්‍රියාත්මක වූයේ. රටට වැදගත් ආදර්ශවත් වැඩ පිළිවෙළක් නිසා පාසල් දරුවන්ට ඉතා වැදගත් දෙයක්. හරිත වර්ණයෙන් යුත් රටක්, ජෛව විවිධත්වයෙන් යුත් රටක් ගොඩනැගීම අවශ්‍යයි. පරිසරයට ආදරය කිරීමත් රැක ගැනීමත් කළ ගුණසැලකීමක්. බෞද්ධයන් විදියට පරිසරය ආරක්‍ෂා කිරීම අවශ්‍යයි. පරිසරය රැක ගැනීම බෞද්ධයන් විසින් කළයුතු පුණ්‍යකර්මයක්.මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන කළමනාකාර ඉංජිනේරු ජී. ඩබ්ලිව්. අමරසිරි මහතා ද අදහස් දැක්වීය. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, හොරණ ප්‍රාදේශීය ලේකම් නිශාන්ති ජයසිංහ, කළුතර දිස්ත්‍රික් පාරිසරික නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ..
NEWS
වාද්දුව ශක්ති ක්‍රීඩා සමාජය සංවිධානය කළ ශක්ති ආබාධිත සවි එසවීමේ තරගාවලියේදී සිංහ ක්‍රීඩා සමාජයේ ඒ.ආර්.විනිටන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් කි.ග්‍රෑ 100ට වැඩි බර පංති‍ය ජයග්‍රහණය හිමිකර ගත්තේය. ඔහු විසින් කිලෝග්‍රෑම් 170ක් බර ඉසිලීමෙන් නව වාර්තාව පිහිටුවන ලදි‍. වාද්දුව විජය කුමාරතුංග ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවති තරගාවලියේ සමස්ත ප්‍රතිඵල මෙසේය.කි.ග්‍රෑ.48 බර පංතිය : බී.එම්.සදුන් වාසනා (හයිලැන්ඩර් ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.52 බර පංතිය : ආර්.ඩී.එස්.සිසිර කුමාර (පුනරුත්ථාපන ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ‍.56 බර පංතිය: ආර්.ඒ.කේ.ජී.එම්.රාජපක්ෂ (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.60 බර පංතිය : ‍කේ.යු.ප්‍රදීප් රත්නායක (ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.67.5 බර පංතිය : එම්.එච්.දුමින්ද කාරිවසම් (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.75 බර පංතිය : කේ.ඩී.චතුරංග (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.82.5 බර පංතිය : ආර්.එම්.චමින්ද රත්නායක (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.90 බර පංතිය : ඩබි.පී.දීපාල් සංජය (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.100 වැඩි බර පංතිය: ඒ.ආර්.විනිටන් (සිංහ ක්‍රීඩා සමාජය).
NEWS
හොරණ සිට ධාවනය වන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථවලින් 90%කට වැඩි ප්‍රමාණයක මගීන්ගේ ගමන් ගාස්තු සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව මගී ජනතාව පවසති. පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් ප්‍රධාන මාර්ගයන්හි අංක 120 හොරණ - කොළඹ, බස්රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේ රු 20ට වැඩි බස් ගාස්තු සඳහා පමණක් බවද ඔව්හු පවසති.විශේෂයෙන් අතුරු මාර්ගයන්හි ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන අතරම මේ නිසා ඉඳහිට ගමන් කරන මගීන්ගේ රු 1, 2, 3, ගෙවීමෙන්ද ලිස්සා යන බවද ගම්බද මගීහු පවසති. එහෙත් ඇතුළත බස් රිය තුළ ප්‍රවේශපත්‍රයක් නොගෙන ගමන් කරන මගීන්ගෙන් දඩ මුදල් අය කරන බව සඳහන් දැන්වීම් ද ප්‍රසිද්ධ කර ඇතැයි මගීහු පවසති.මෝටර් රථවාහන පනතේ 186 (4) වගන්තිය යටතේ බස් මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර ගාස්තු ලබා ගැනීම ඔවුන්ට දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් වේ. බස් රථය ඇතුළට ගොස් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමක් පෞද්ගලික බස් රථවල සිදු නොවන අතර ඉඳහිට තුංමං හංදිවල සිටින මාර්ග පරීක්ෂකවරු ලොග් පත්‍රය පරීක්ෂා කිරීම පමණක් සිදු කරන බව මගීහු පවසති.පෞද්ගලික බස් රථවල අඩුපාඩු සහ විෂමතා ගැන ගමනා ගමන කොමිෂන් සභාවට දන්වන්න යැයි මාධ්‍ය මඟින් දැනුවත් කරන නමුත් බොහෝ බස් රථවල ඇතුළත බස් රථ අංකය සඳහන් කර නැතැයි මගීහු පවසති.අතරමග හන්දිවල මගී බස් රථය බොහෝ වේලාවක් නතර කර තැබීම, මගීන් සහිත බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට පිවිසුම් පොළවල නතර කිරීම, බසය ධාවනය කරමින් මොබයිල් ෆෝන්වලින් අනෙක් බස් රියේ රියැදුරුට පණිවුඩ ලබා දීම ආදී අවස්ථා පරීක්ෂා කිරීමට විධිමත් ජංගම පරික්ෂවරුන්ගේ හිඟයක් පවතින බව ද අධිකාරියේ නිලධාරිහු පවසති.කෙසේ වෙතත් ජනතාව පීඩනයට සහ අපහසුතාවට පත් කරන මෙබඳු ක්‍රියා මාර්ග නතර කිරීමට අදාළ බලධාරින් පියවර ගෙන නැතැයි මගී ජනතාව පවසති..
NEWS
4 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය අභියසට පිවිස සිටින ශ්‍රී ලංකාව අද රාත්‍රියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ‘සුපිරි අට’ වටයේ අවසාන තරගයට මුහුණ දෙමින් එංගලන්තය සමග තරග වදී.ශ්‍රී ලංකාව අද තරගයෙන් ජය ගතහොත් අවසන් පූර්ව වටය සඳහා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇත. එංගලන්තය ද අද තරගයට මුහුණ දෙන්නේ තරගාවලියේ තව දුරටත් ජීවමානව සිටීමේ අරමුණිනි.“දැනට විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගෙන සිටින එංගලන්තය සමග තරගය අමුතුම එකක් වේවි. ඔවුන් අපට වෙනස් ආකාරයේ අභියෝගයක් ගෙන ඒවි. මම ඒ තරගය එළැඹෙන තෙක් බලා සිටින්නේ නොඉවසිල්ලෙනුයි. ජයග්‍රහණය කියන්නේ කෙනෙක් ළඟ තිබිය යුතු හොඳ පුරුද්දකි” යනුවෙන් නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.බටහිර ඉන්දීය කොදෙව් පිල ට එරෙහිව ඕවර 15යි පන්දු 2ක් ඇතුළත කඩුලු 9 ක ජයග්‍රහණයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකාව දළ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කර ගෙන තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුළත් වීමේ දැවැන්ත පියවරක් තබා තිබේ.මහේල ජයවර්ධනගේ කණ්ඩායම ‘සුපිරි අට’ වටයේ මීට පෙර සහභාගි වූ තරග දෙකේදීම නවසිලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පැරදවීමට සමත් විය. කොදෙව්වන් පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව දැන් ප්‍රසාද ලකුණු 4ක් අත්කර ගෙන +1.029 ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයකින් යුතුව තරගාවලියේ 1 කොටසේ ඉහළින් ම සිටී. එංගලන්තය තරග දෙකෙන් එකක් ජය ගෙන ප්‍රසාද ලකුණු 2ක් හා – 0.115ක් සමග ලකුණු සටහන් දෙවැනි ස්ථානයේ පසුවේ.මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ලකුණු අතරට පිවිස සිටීම ශ්‍රී ලංකා කඳවුරට මහත් අස්වැසිල්ලකි. ප්‍රෝඩාවෙන් පිතිකරුවන් රවටන අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකරගේ කඩුල්ල ඇතුළට පැමිණෙන පන්දු හා වේගය අඩාල කොට එවන පන්දු හා ලකුණු රැස් කිරීමේ වේගය ට ‘බ්‍රේක්’ දැමෙන ජීවන් මෙන්ඩිස්ගේ පා දඟ පන්දුවලින් විවිධ ආකාරයට සන්නද්ධව සිටින ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය ට ලසිත් මාලිංග තවත් ශක්තියකි. “තිසර පෙරේරාගෙන් මම තවම ප්‍රයෝජන ගත්තේ නැහැ” මහේල ජයවර්ධන කියයි.තණතීරුව හා ප්‍රතිවාදීන් අනුව කණ්ඩායමේ සංයුතිය වෙනස් කරන බවත් ඒ අනුව විවිධ තත්ත්වයන්ට ගැළපෙන විවිධ ක්‍රීඩකයන් යොදවා ගන්නා බවත් මහේල පවසයි. “අපි ඒ ඒ තරගයට සරිලන විදියට තරග සැලැස්ම හදනවා. කොදෙව් තරගයේදී අපේ සැලැස්ම සාර්ථක වුණා. ක්‍රීඩකයන්ගේ උත්සාහය ගැන මට හරි සතුටුයි. කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූවා.ලූක් රයිට් හා ඔවන් මෝගන් ඇතුළු එංගලන්ත කණ්ඩායමට පන්දු යැවීම හොඳ අත්දැකීමක් වනු ඇතැයිද අද තරගය තියුණු එකක් වනු ඇතැයිද ශ්‍රී ලංකා නායකයා කියා සිටී.කොදෙව් පිල සමග තරගයේදී මහේල ජයවර්ධන ඉතාමත් නුවණක්කාර ලෙස කණ්ඩායම මෙහෙයවීය. ඔහු විටින් විට ඔහුගේ පන්දු යවන්නන් මාරු කළේ ප්‍රතිවාදී පිතිකරුවන් අන්දමන්ද කරවමිණි.නවසිලන්ත තරගයේදී පන්දුව මුහුණේ වැදීම නිසා අකිල ධනංජයගේ ඇසකට ලේ ඇතුළු වීම නිසා ඔහුගේ මුහුණේ ඉදිමුම තවමත් පහව ගොස් නැතැයිද අද තරගය සඳහා අකිල යෙදවීම ඔහුගේ සුවය ලැබීම මත රැඳී පවතිනු ඇතැයිද මහේල පවසයි.ලකුණු රැස් කිරීමේදී එංගලන්තය ඔවන් මෝගන් කෙරෙහි පමණක් යැපෙන්නට වුවමනාවක් නැතැයි ප්‍රදර්ශනය කරමින් අංක 3 පිතිකරු ලූක් රයිට් පෙරේදා නවසිලන්තයට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. හතරේ හා හයේ පහර 5 බැගින් එල්ල කළ ඔහු පන්දු 43කින් ලකුණු 76ක් ලබා ගත්තේය.එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටීවන් ෆින් පිළිබඳ ජගත් ක්‍රිකට් කවුන්සලය නිහඬව සිටීම ප්‍රහේලිකාවකි. ඔහු පන්දු යවද්දී ඔහුගේ අන්තයේ කඩුල්ලේ ‘බේල්ස්’ ගලවා දමයි. එවිට පිටියේ තරග විනිසුරු එය අක්‍රිය පන්දුවක් ලෙසින් නම් කරයි. මෙය පිතිකරුවන් ට කෙරෙන මහත් අසාධාරණයකි. නවසිලන්තය හා එංගලන්තය අතර පෙරේදා තරගයේදී ෆින්ගෙන් මේ ක්‍රියාව කිහිප වරක් ම ප්‍රදර්ශනය විණි. එක් අවස්ථාවක පිතිකරුවා හතරේ පහරක් එල්ල කළද විනිසුරු විසින් එය අක්‍රිය පන්දුවක් ලෙස නම් කිරීම නිසා පිතිකරු ට ලකුණු හතරක් අහිමි විණි.අද තරගය පස්වරු 7.30 ට ඇරැඹේ. ඊට පෙර පස්වරු 3.30 ට බටහිර ඉන්දීය කොදෙව් හා නවසිලන්ත කණ්ඩායම් ගැටෙති..
NEWS
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ වගකීම ආණ්ඩුවට මෙන්ම විපක්‍ෂයටත් පැවරෙන බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු, ජනමාධ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පැවැසීය. වගකිව යුතු විපක්‍ෂයක් කිසි දිනෙක අධිකරණ භූමියක කලහකාරීව හැසිරෙන්නේ නැතැයි ද පෙරේදා (10) උසාවි භූමිය තුළ විපක්‍ෂයේ නායකයන් හැසිරුණු ආකාරය අනුව විපක්‍ෂයේ වගකීම් විරහිත භාවය මුළු රටම දුටු බව ද ඇමැතිවරයා කීවේය.අධිකරණයක දී ක්‍රියා කළ යුතු ආකාරය දැන දැනම විපක්‍ෂයේ නායකයන් කිහිප දෙනකු පාක්‍ෂිකයන් පිරිසක් සමඟ උසාවි භූමියේ පෙරේදා කලහකාරී ලෙස හැසිරීම පිළිබඳ කනගාටුවන බව ද ඇමැති අනුර යාපා මහතා කීවේය. ජනාධිපතිවරණය ඉතා සර්ව සාධාරණව පවත්වා ඇති බවට මැතිවරණ කොමසාරිස්වරයා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කොට තිබිය දී මෙවර මැතිවරණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව පැවැති බව දැන දැනම විපක්‍ෂය පරාජය පිළි නොගෙන රට තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වූ බව ද ඇමැතිවරයා කීවේය.ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මේ බව ප්‍රකාශ කෙළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවේදී ය.ජනාධිපතිතුමන්ගේ රුසියානු සංචාරය පිළිබඳ අදහස් දැක්වූ ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා වසර 31 කට පසු රාජ්‍ය නායකයකු රුසියාවේ සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද මේ සංචාරය බෙහෙවින් සාර්ථක වූ බව ද කීවේය.ලංකාව සහ රුසියාව අතර සබඳතා වර්ධනය වීමට ජනපතිතුමන් ගේ රුසියානු සංචාරය ඉවහල් වූ බව පැවැසූ ඇමැති අනුර යාපා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසර 4 තුළ රුසියාව ඇතුළු රටවල් රැසක් සමඟ සබඳතා යළි තහවුරු කැර ගත් බව ද කීවේය.රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආචාර්ය උපාධියක් පිරිනැමීම ජනාධිපතිතුමන්ට මෙන්ම මේ රටට කළ විශාල ගෞරවයක් බවද මේ රටේ සාමය සහ සංවර්ධනය සඳහා ජනාධිපතිතුමන් සිදු කළ සේවය අගයමින් මේ ගෞරව උපාධිය පිරිනැමූ බව ද එවැනි උපාධියකින් පිදුම් ලද 14 වන රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බව ද ප්‍රකාශ කෙළේ ය.ජනාධිපතිතුමන් ගේ දෙවැනි ධුර කාලයේ පැවැත්වෙන මහා මැතිවරණයේ දී 2/3ක බලයක් සහිත ස්ථාවර පාර්ලිමේන්තුවක් මඟින් පැහැදිළි ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීමට හැකි වනු ඇතැයි ද ඇමැති අනුර යාපා මහතා විශ්වාසය පළ කෙළේ ය.විශ්‍රාමික හමුදාපති සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම හමුදා නීතියට අනුව සිදු කැර ඇති බව ද යුද හමුදා සේවයේ සිටිමින් දේශපාලන පක්‍ෂ සමඟ සබඳතා පැවැත්වූ බවට මුල්ම සාක්‍ෂිය ඉදිරිපත් කෙළේ ජ.වි.පෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා බව ද ඇමැති අනුර යාපා මහතා කීවේය. ඔහු ප්‍රසිද්ධියේ මාධ්‍යයට කළ මේ ප්‍රකාශය කිසිවෙක් ප්‍රතික්ෂේප කොට නැතැයි ද ඇමැතිවරයා කීවේය.යුද අපරාධ සම්බන්ධයෙන් මෙරටට කිසිඳු චෝදනාවක් එල්ල වී නොතිබූ අවස්ථාවක බී.බී.සී සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ සරත් ෆොන්සේකා මහතා යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වුවහොත් තමා දන්නා සියලු තොරතුරු හෙළි කරන බවට කළ ප්‍රකාශය ද ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සිහිපත් කෙළේ ය. මේ ප්‍රකාශය මගින් ඔහු යුද හමුදාව පාවා දීමට උත්සාහ දරා නැද්දැයි ඇමැති අනුර යාපා මහතා ප්‍රශ්න කෙළේ ය.
NEWS
යක්කල, කිරිඳිවැල, නිට්ටඹුව, කඩුවෙල ප්‍රදේශ සඳහා ගම්පහ නගරයේ සිට ගමන් ආරම්භ කරන ඇතැම් පෞද්ගලික බස්රථවල ගමන් කරන මගීන්ට ගෙවූ මුදලට නියමිත ‍ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන බවට මගීහු චෝදනා කරති.මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට සඳහන් දැන්වීම් බස් රථය පුරා අලවා ඇතිමුත්, ඇතැම් කොන්දොස්තරවරුන් එම නීතිය ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරන බව පෙන්වා දෙන ඔව්හු ප්‍රවේශ පත්‍රවලට අමතරව ඉතිරි මුදල් ද නිසියාකාරව ලබා නොදෙන බවට චෝදනා කරන අතර, මේ සඳහා පියවර ගන්නා ලෙස ඔව්හු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති..
NEWS
හොරණ ප්‍රදේශයේ බැංකුවකට උකස් වූ ඉඩමක් හා ගෙයක් මිලට ගත් පුද්ගලයකුට වූ සිදුවීමකි මේ.මේ නිවස සහ ඉඩම පැරණි ගම්මානයක පිහිටා තිබූ අතර එහි රුපියල් ලක්‍ෂ 10ක පමණ වටිනා පොල් කොස්, දෙල් හා වටිනා ගස් සරුවට වැවී තිබුණි.මසකට වරක් මේ ඉඩමට පැමිණෙන මොහු කුලී කරුවකු යොදා එහි ඵලදාව නෙලාගත්තේය. වටිනා ගස්කොළන්ද කපා විකුණා ගත්තේය.නිවෙස ඉදිරිපිට ගෙඩිවලින් පිරුණු කුන්දිරා ගසේ පොල් කැඩීමට ගමේ කීප දෙනකුම පුරුදුව සිටියහ.මේ ගැන කිපුණු හිමිකරු ඵලදාව ආරක්‍ෂා කර ගැනීමට උප්පර වැට්ටියක් යෙදුවේය.පොල්ගස ළඟ බිම, කෙසෙල් කොළයක් එලා මල් පහන් හඳුන්කූරු තබා ගසේ කඳවටා ගොක් කොළයක් පටලවා මෙහි ඵලදාව අදින් පසු දෙයියන්ට භාර කරමි යනුවෙන් දැන්වීම් පුවරුවක් සවි කෙළේය.මෙය දුටු ගමේ එක් පුද්ගලයෙක් හැරෙන්නට අනිත් සියලු දෙනාම පොල් කැඩීම නතර කෙරිණි. දිනක් පුද්ගලයකු පොල් කඩමින් සිටිද්දී හිමිකරුට අතටම හසුවිය. ඔහු පොලිසියට පැමිණිල්ලක් කෙළේ දහස් ගණනක වන්දියක් ද ඉල්ලමිනි.පොලිස් පරීක්‍ෂණයේදී මේ පිළිබඳව නිදහසට කරුණු කියන ලෙසට පොලිස් පරීක්‍ෂකවරයා සොරාට පවසද්දි මොහු කියා සිටියේ අනේ මහත්තයෝ මගේ නම තේමිස්, මට ගමේ අය කියන්නේ දෙයියෝ කියලා. මම හිතුවා ගහේ බෝඩ් එක දැකලා මේ ගහේ පොල් භාර කරල තියෙන්නේ මටයි කියලා.මෙය ඇසූ පොලිස් නිලධාරියා සහ ඉඩම් හිමියා මූණට මූණ බලාගත්හ..
NEWS
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියේ කිතුල්උතුව ප්‍රදේශයේදී ගැටී මියගිය අලි අම්මලා දෙදෙනාගේ පැටවුන් දෙදෙනා ඒ අසල වනාන්තරයේ රැඳී සිටියදී වනජීවී නිලධාරීන් විසින් සොයා ගැනිණි.මෙයින් එක් අලි පැටවකු බරපතළ ලෙස තුවාල ලබා ඇත. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් විසින් ගිරිතලේ වනජීවී කාර්යාලයට මේ පැටවුන් දෙදෙනා ගෙනවිත් ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ..
NEWS
හැටහය වන නිදහස් උළෙලට සමගාමීව ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ (04) සිරකරුවෝ 1623ක් නිදහස ලැබූහ.මේ පිරිසට කාන්තා සිරකාරියන් 53 දෙනෙක් ද ඇතුළත්ව සිටින බව බන්ධනාගාර කොමසාරිස් මේජර් ජනරාල් වී. ආර්. සිල්වා මහතා “දිනමිණට” ට කීය.සුළු වැරැදිවලට හසුවී දඩමුදල් ගෙවාගත නොහැකි වූ දිවයින පුරා බන්ධනාගාරගතව සිට සිරකරුවෝ ඊයේ (04) මෙසේ නිදහස ලැබූහ..
NEWS
ඉසෙඩ් අගයන් වෙනස්වීම නිසා අසහනයට පත් දරුවන් පිළිබද සොයා බලා ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය ලැයිස්තු මේ වන විට සකස් කරමින් සිටින බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ ලයිස්තුව සකස් කරන බවත් ඉදිරි‍ දින කිහිපයේ දී එය ජනාධිපතිවරයා වෙත ලබා දීමට පියවර ගන්නා බවත් දිසානායක මහතා පැවසීය.මේ වන විට‍ එක් එක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට අමතරව ඇතුළත් කර ගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණදැයි යන්න එම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කරන බවද ඇමැතිවරයා කීවේය. එසේ ඇතුළත් කර ගන්නා සිසුන්‍ට අවශ්‍ය පහසුකම් ආදිය පිළිබදව ද උපකුලපතිවරු සමඟ සාකච්ඡා කරන බව කී ඇමැතිවරයා එම සිසුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපාදන ලබා දෙනු ඇති බවද කීවේය.ඉසෙඩ් අගය නැවත ගණනය කිරීම නිසා අසහනයට පත් දරුවන්ට සාධාරණය හා යුක්තිය ඉටු කර ඉසෙඩ් අගය සම්බන්ධ ගැටලුව විසදීමට උපරීමව කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය‍. මේ දරුවන් මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට උපරිමයෙන් කටයුතු කරන අතර තුන් වැනි වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි එහෙත් ඉසෙඩ් අගය වෙනස් වීම නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වු සිසුන් වෙනුවෙන් හතරවැනි අවස්ථාවේ දී උසස් පෙළ විභාගයට ඉදිරිපත් වී‍මේ අවස්ථාව ලබා දීමට පියවර ගන්නා බවත් ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීමට ක්‍රියා කරන බවත් ඒ මහතා පැවසීය‍. මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ අසහනයට පත් සිසුන් වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව බවද ඇමැතිවරයා කීය.දිසානායක මහතා මේ අදහස් පළ කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ(26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා‍වට සහභාගී වෙමිනි..
NEWS
හෝමාගම ඩිපෝවෙන් දිනපතා උදෑසන හෝමාගම සිට හංවැල්ල දක්වා මාර්ග අංක 219 මාර්ගයේ ධාවය වන බස් රථය හෝමාගමින් පෙ.ව. 6.30 ට පමණ ධාවනය ආරම්භ කිරීමට නියමිතය.එහෙත් බොහෝ දිනවල මෙම බස් රථය ධාවනය නොවන බව වාර්තා වේ. බලධාරීන් දැනුවත් කළත් පියවර නොගැනීම පිළිබඳව ඔවුහු කනගාටුව පළ කරති..
NEWS
බුදුරජාණන් වහන්සේ දන් වැළඳීමට ගත් පාත්‍ර ධාතුවේ භික්ෂා පාත්‍ර ධාතු (බිඳුණු පාත්‍ර කොටසක්) ප්‍රදර්ශනයක් මෙම වෙසක් පොහොයට පසු දින (6 දා) සහ 7 කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ දී පැවැත්වේ.බටහිර ඉන්දියාවේ සොපාරාහි දාගැබක් කැණීමේදී ඉන්දීය පුරා විද්‍යාඥයන්ට හමුවූ බුදුරජාණන් වහන්සේ දන් වැළඳීමට ගත් පාත්‍ර ධාතුවේ බිඳුණු කොටසක් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට එවකට බොම්බායේ ආණ්ඩුකාරවරයා විසින් ප්‍රදානය කිරීමෙන් පසු මේ දක්වා එම පාත්‍ර ධාතු කොටස කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ වැඩ සිටී.ඉතා දුර්ලභ වූ මෙම පාත්‍ර ධාතූන් වහන්සේ සියැසින් දැක බලා ගැනීමට බැතිමතුන්ට ලැබෙන දුර්ලභ වූ අවස්ථාවකි.මෙම ධාතු ප්‍රදර්ශනය මැයි මස 6 වැනිදා සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වාත් 07 වැනිදා උදේ 9.00 සිට රාත්‍රී 10.00 දක්වාද පැවැත්වේ..
NEWS