comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
පරිසරයට හානි වන අන්දමින් ක්‍රියාකිරීම හා පරිභෝජනයට අහිතකර ආහාර අලෙවිය සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු 01 දා සිට මේ දක්වා පොලිසිය මගින් විවිධ පුද්ගලයන්ට එරෙහිව නඩු 4585ක් පවරා තිබේ.කසළ නිසි පරිදි ඉවත් නොකිරීම, මදුරුවන් බෝවන සේ කටයුතු කිරීම, පදිකවේදිකා අවහිරවන අන්දමින් කටයුතු කිරීම අනවසර ඉදිකිරීම් ආදී කරුණු සම්බන්ධයෙන් ද පරිසරය සුරැකීමේ පොලිස් ඒකක මගින් මෙසේ නඩු පවරා ඇත. මෙවැනි පරිසරය සුරැකීමේ පොලිස් ඒකක රටපුරා ක්‍රියාත්මක වන පරිදි 136ක් පිහිටුවා ඇති බව පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා පවසයි.ඩෙංගු මර්දනය හා ජල කාණු පද්ධතිවල කසල සිරවීම වළකා ගැනීම මේ පොලිස් ඒකකවලට පැවරී ඇති ප්‍රධාන වගකීම් බව හෙතෙම කීය. නාගරික ප්‍රදේශවල වැසිජලය උතුරා පිටාර ගැලීමට මූලික හේතුව කසළ නිසිපරිදි ඉවත් නොකිරීම බව රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ පරීක්ෂණයකදී හඳුනාගෙන තිබේ. මේ අනුව නගර සභාව හා පොලිසිය එක්ව කසළ ඉවත් කිරීමට ක්‍රියාත්මක වියයුතු බවට තීරණය වී ඇත.‘ පරිසර ආරක්‍ෂණ කොට්ඨාස ‘ නමින් ඒකක පිහිටුවා පරිසරය සුරැකීම හා පිරිසිදුව තබාගැනීම සඳහා එම ඒකක අධ්‍යක්ෂක වරයෙකුගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමට මේ අනුව තීරණය කළබව පොලිස්පතිවරයා පවසයි..
NEWS
නැගෙනහිර පළාතේ ගංවතුරෙන් අවතැන්වූවන් සඳහා සුබ සාධන කඳවුරු පිහිටුවා ඇති පාසල් 15ක් හැර අනිත් සියලුම පාසල් මේ වන විට විවෘත කර ඇත.පාසල්වල සිසුන්ගේ පැමිණීම අඩු බව බලධරයෝ සඳහන් කරති.මේ අතර මඩකළපුවේ ඇතැම් ගම්මානවල පිහිටි විවිධ පාසල් ගොඩනැගිලි කීපයක් තවමත් ගංවතුරෙන් යටවී ඇත.සුබ සාධන කඳවුරු ලෙස යොදවා තිබෙන පාසල් සියල්ල ලබන සතියේ විවෘත කිරීමට හැකි වෙතැයි මඩකළපුව අධ්‍යාපන කාර්යාලයේ නිලධරයකු පැවසීය..
NEWS
පසුගිය වසරේ නිකුත් කරන ලද අ.පො.ස උසස් පෙළ විභාගයෙහි ප්‍රතිඵල බල රහිත කරනලෙස ඉල්ලා සිසුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අද ( 25) අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශ කිරීමට නියමිතය.විසල් ප්‍රභාසිත කවිරත්න ඇතුලුව උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් සහ ලංකා ගුරු සංගමය විසින් ගොනු කර තිබු මෙම පෙත්සම අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, කේ. ශ්‍රි. පවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම විභාග කෙරිණි.විභාග කොමසාරිස් ජෙනරාල්වරයා , අධ්‍යාපන සහ ඇමැතිවරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, මහාචාර්ය අර්.ඕ. තට්ල්,සහ නීතිපති මෙහි වග උත්තරකරුවෝ වෙති.මෙවර යොදාගෙන ඇති විෂයය නිර්දේශ දෙකටම පොදු ලෙස ඉසෙඩ් අගයන් ගණනය කිරීමේ ක්‍රමය නිසා සිසුන් විශාල පිරිසකට අසාධාරණයකට ලක් වීමට සිදුව ඇති බැවින් එම ගණනය කිරීම් අනුව නිකුත් කරන ලද ප්‍රතිඵල මත පදනම්ව සිසුන් සරසවි වලට ඇතුළත් කර ගැනීම වළක්වන්නැයි මෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.එහෙත් එලෙස එකම ගණයක් ලෙස සලකා ඉසෙඩ් අගයක් ගණනය කිරීමෙන් කිසිවකුට අසාධාරණයක් වන්නේ නැතැයි වගඋතතරකරුවෝ කරුණු ඉදිරිපත් කළහ.නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත නීතිඥ ජේ. සී.වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.නීතිඥ සේනානි දයාරත්න මහතා මැදිහත් පෙත්සම් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනි සිටියේය.ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා , මහාචාර්ය ආර්.ඕ. තටිල් මහතා , සහ රජයේ නීතිඥ නෙරිල් පුල්ලේ යන මහත්වරු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.මේ අතර මේ තීන්දුව ප්‍රකාශයට පත්විමත් සමඟ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.මේ වනවිටත් සූදානම් කර ඇති නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු නිකුත් නොකරන ලෙස නිතිපතිවරයා විභාග දෙ‍පාර්තමේන්තුවට උපදෙස් දී තිබුණි..
NEWS
ධනුෂ්ක ගොඩකුඹුරඋතුරේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට කර ගෙන යාමට රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.සෑම ශ්‍රී ලාංකිකයකුටම ආගම, ජනවර්ගය හෝ ජීවත් වන ප්‍රදේශය හෝ පිළිබඳ කිසිදු භේදයකින් තොරව එකම පහසුකම් භුක්ති විඳීමට ඉඩ සැලසීමට රජය කැපව සිටින බවත් ජනාධිපතිවරයා පවසයි.සෑම ශ්‍රී ලාංකිකයකුටම තමන්ගේ ආගම, ජනවර්ගය හෝ ජීවත්වන ප්‍රදේශය හෝ පිළිබඳ කිසිදු භේදයක් නැතිව එකම පහසුකම් භුක්තිවිඳීමට හිමිකම් ඇති බැවින් උතුරු පළාත අඛණ්ඩව සංවර්ධනය කිරීමට රජය කැපවී සිටින බව එතුමා පෙන්වා දුන්නේය.ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ මන්නාරම මන්නාරම දියෝකීසයේ පූජක හිමිවරුන් සහ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් කණ්ඩායමක් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී ය.ප‍්‍රදේශයේ සිදුකර ඇති සියලූ සංවර්ධන වැඩ ගැන ජනාධිපතිතුමාට ප‍්‍රසාදය පළ කළ පූජක හිමිවරු ජනාධිපතිතුමා පෞද්ගලිකවම මුණගැසී ප‍්‍රදේශයේ පවත්නා ගැටලු සෘජුව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳව කෘතඥතාව පළ කළහ.ජනාධිපතිවරයා කර ඇති විශාල වැඩකොටස සම්බන්ධයෙන් එතුමාට සහ රජයට විශේෂ ස්තුතිය පළ කරන බව පැවැසූ එම කණ්ඩායමේ සාමාජිකයෝ අවුරුදු තිහක යුද්ධයෙන් පසු මන්නාරමේ ජනතාව සාමයේ සතුට භුක්තිවිඳිනවා ලෙස කීහ.ප‍්‍රදේශයේ වත්මන් යථාර්තය එහි ජීවත්වන පිරිසකගෙන් සෘජුවම දැන ගැනීමට ලැබීම තමා බෙහෙවින් අගය කරන බව ජනාධිපතිවරයා පැවසීය.පූජක හිමිවරු සහ ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ මන්නාරමේ ජනයා මුහුණපා ඇති ඇතැම් ගැටලු පිළිබඳව ජනාධිපතිතුමා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට එකී ගැටලු කඩිනමින් විසඳිය හැකි මාර්ග ගණනාවක් හඳුනා ගත්හ.විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන, වාරිමාර්ග හා ජලසම්පත් කළමණාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ..
NEWS
ඉන්දියානු සාගර ටූනා කොමිසමේ (IOTC)18 වැනි සැසි වාරය හෙට( 1) දා උදේ 8.30 ට කොළඹ ,බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වෙයි .මෙම මස 5 වැනි දා දක්වා පැවැත්වෙන සමුළුවෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතායි.ඉන්දියානු සාගර කලාපයේ වඳවෙමින් පවතින ටූනා මසුන් සම්පත නිසි කළමනාකාරිත්වයකින් , සහයෝගිතාවයකින් යුතුව නෙලා ගැනීම සඳහා වූ ස්ථීරසාර වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම මෙම සමුළුවේ අරමුණ වෙයි.ඉන්දියානු සාගරය ආශ්‍රිතව මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ඕස්ට්‍රේලියාව ,බෙලීස් ,චිනය ,කොමරොස් ,එරිත්‍රියා,යුරෝපීය සංගමය,ප්‍රංශය,ගිනියාව ,ඉන්දියාව,ඉන්දුනීසියාව,ඉරානය,ජපානය කෙන්යාව,කොරියාව ,මැඩගස්කරය,මැලේසියාව,තායිවානය ,මොරිසස්,මොසැම්බික්,ඕමානය ,පකිස්ථානය , පිලිපීනය,සීෂෙල්ස්, සියෙරා ලියොන් ,සුඩානය,ශ්‍රී ලංකාව,ටැන්සානියාව,තායිලන්තය ,එක්සත් රාජධානීය,වනඅටු,සහ යේමනය ඉන්දියානු සාගර ටූනා කොමිසමේ ඡන්ද බලයහිමි රටවල් වන අතර මාලදිවයින,ෂෙනගල්, දකුණු අප්‍රිකාව,සහ උරුගුවේ රටවලට ඡන්ද බලයහිමි නැත.ඉන්දියානු සාගර ටූනා කොමිසම අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 14 වන වගන්තිය යටතේ 1993 දී පිහිටුවන ලද්දකි.රටවල් 35 ක් මේ වන විට එහි සාමාජිකත්වය දරනු ලබයි.මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත් වෙන්නේ දෙවන වරට වන අතර විදේශීය නියෝජිතයින් 250 ක් පමණ එයට සහභාගී වනු ඇත.වසර 2010ට පෙර වසර 4ක කාලයක් ශ්‍රී ලංකාව මෙම සමුළුවට සහභාගී වී නොතිබුණු අතර 2010 දී පැවැත්වුණු සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා රැසක් එල්ල කැර තිබිණි.එහෙත් එම චෝදනා සඳහා නිසි පිළිතුරු ලබා දීමට අප රටේ නියෝජිතයින් නොසිටීම නිසා අපේ ධීවර කර්මාන්තයට යුරෝපීය සමාජයේ බලපත්‍ර සහතිකය අවලංගු කිරීමේ අවදානමක් උද්ගත ව තිබිණි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර ඇමැතිවරයා වීමෙන් පසු 2010 වසරේදී ඕස්ට්‍රේලියාවේ දී පැවැති IOTC සමුළුවෙහිදී අප රටට එල්ල කළ සියලු චෝදනාවලට ඇමැතිවරයා පිළිතුරු දෙන ලදි.එම කොමිසමේ එවකට විධායක ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණ ධීවර ඇමැතිවරයා සම එම අමාත්‍යංශය ඉදිරිපත් කළ සියලුම කරුණු සත්‍ය බව සියැසින්ම දැක ඒ සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව ද පළ කැර 2011 වසරේ එම සමුළුව අප රටේදී පැවැත්වීමටද පියවර ගන්නා ලදි. ..
NEWS
ජනාධිපති කුසලාන අන්තර් පාසල් රගර් තරගාවලියේ තවදුරටත් අපරාජිත බව රැක ගනිමින් රාජකීය හා සාන්ත පීතර් විදුහල් ජයග්‍රහණය අත්කර ගත්හ. මේ කණ්ඩායම් දෙකම මෙතෙක් තරග 4 බැගින් සහභාගී වී එම සියලු තරගාවලින් ජය ලබා ප්‍රබල ස්ථානයක පසුවේ.රාජකීය 35සා. අන්තෝනි 18පසුගිය වසරේ සූරතාව දිනා සිටින රාජකීය ක්‍රීඩකයන් ලකුණු 35 - 18 කින් මහනුවර සාන්ත අන්තෝනි පිල පරාජයට පත් කෙළේ ය. කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා පිටියේ පැවැති මේ තරගයේ දී රාජකීය විදුහල ගෝලයක්, ට්‍රයි 5ක් හා පෙනෙල්ටියක් වාර්තා කෙළේ ය.සාන්ත අන්තෝනි පිල ට්‍රයි 3ක් හා පෙනෙල්ටියක් ලැබීය. සාන්ත අන්තෝනි විදුහල පසුගිය වසරේදී ද රාජකීය වෙතින් ලකුණු 39 - 6 කින් පරාජයට පත් විය. මෙවර තරගාවලියේදී සාන්ත අන්තෝනි පිල ලැබූ තෙවැනි පරාජය මෙය විය.සා. පීතර් 58ධර්මරාජ 00සාත්ත පීතර් විදුහල ලකුණු 58 - 0 කින් ධර්මරාජ විදුහල පරාජයට පත්කෙළේ ගෝල් 4ක් හා ට්‍රයි 6 ක් වාර්තා කරමිණි. මේ දැවැන්ත ජයක් සමඟ සාන්ත පීතර් ක්‍රීඩකයෝ තව තවත් ඉදිරිට පැමිණීමට සමත් වූහ.බම්බලපිටිය සාන්ත පීතර් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ ප්‍රථම භාගය නිමා වෙද්දී ලකුණු 31 - 0 කින් සාන්ත පීතර් පිල ඉදිරියෙන් සිටියේය.කිංගස්වුඩ් 99වේල්ස් කුමාර 11ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගණයේ පැවැති කිංග්ස්වුඩ් - වේල්ස් කුමාර අතර තරගයෙන් ලකුණු 99 - 11ක දැවැන්ත ජයක් කිංග්ස්වුඩ් පිලට හිමි විය. තරගයේ ප්‍රථම භාගයේ දී 53 - 8 ක් ලෙස කිංග්ස්වුඩ් ඉදිරියෙන් සිටියේ ය.කිංග්ස්වුඩ් පිල ගෝල් 7ක් ට්‍රයි 10ක්ද වේල්ස් කුමාර පිල ට්‍රයි එකක් හා පෙනෙල්ටි 2ක් වාර්තා කළහ.වේල්ස් කුමාර විදුහල මෙවර තරගාවලියේ දී ලැබූ සිවුවැනි පරාජය මෙය වන අතර කිංග්ස්වුඩ් පිල තරග 4කදී ජයග්‍රහණ 2ක් හා පරාජ 2ක් වාර්තා කර ඇත.සා. තෝමස් 40ත්‍රිත්ව 30ත්‍රිත්ව විදුහල පරදා මෙවර සාන්ත තෝමස් විදුහල ලැබූ තෙවැනි ජයග්‍රහණය පෙරේදා පල්ලේ කැලේ දී වාර්තා කෙළේ ය.සාන්ත තෝමස් විදුහල ගෝල් 3ක්, ට්‍රයි 2ක් හා පෙනෙල්ටි 3ක් ලැබූ අතර ත්‍රිත්ව විදුහල ගෝල් 2ක් ට්‍රයි 2ක් හා පෙනෙල්ටියක් ලැබීය.
NEWS
අලුත්වල කයිකාවල ප්‍රදේශයේ තිබී හමු වූ කිඹුල් බිත්තර 32ක් වනජීවි දේපාර්තමේන්තුවේ නිළධාරින් විසින් හියාරේ වන සංරක්ෂකයන්ගේ සංගමයට භාරදීමෙන් පසු එම බිත්තර වලින් කිඹුල් පැටවුන් 18 දෙනෙක් උපත ලබා ඇත.කිඹුලියකගේ රැකවරණයක් නොමැතිව මෙම කිඹුල් පැටවුන් 18 දෙනා බිහි වී තිබේ. කිඹුල් පැටවුන් සියලු දෙනාම නිරෝගි සුවයෙන් සිටීමත් එම සතුන් ගැට කිඹුලන් විශෙෂයකට අයත් බවටත් දැනට කරුණු අනාවරණය කර ගෙන තිබේ.හියාරේ වන සංරක්ෂණ සංගමයේ නිළධාරින් විසින් තමන් වෙත ලැබුණු කිඹුල් බිත්තර ස්වභාවික පරිසරයට ගැලපෙන ලෙස සැකසු කෘතිම පරිසරයක රැක්ක වීමෙන් පසුව මෙම කිඹුල් පැටවුන් බිහි වී ඇත. දැනට මාසයකුත් දින නවයක් වයස ඇති මෙම කිඹුල් පැටවුන් වනජීවි නිළධාරින්ගේ අධීක්ෂණය යටතේ ඉදිරි දින කීපය තුළදි මුදා හැරීමට කටයුතු යොදා ඇත..
NEWS
ජනාධිපති කාර්ය සාධක බළකායේ හා ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ සහාය ඇතිව ශිෂ්‍යත්ව වැඩමුළුවක් පවත්වන බව කියමින් ඊට සහභාගි වූ ළමයින්ට රුපියල් 300/= ක මුදලකට ප්‍රශ්න පත්‍ර අලෙවි කළ සිවු දෙනකු සම්බන්ධව තෙල්දෙණිය පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කැර තිබේ. තෙල්දෙණිය ජාතික පාසලේ දීඊයේ (18) පෙරවරු 8.00 සිට පස්වරු 12.30 දක්වා මෙම සම්මන්ත්‍රණය තිබී ඇති අතර ඊට ළමයින් දහසක් පමණ සහභාගි වී ඇත.මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අදාළ ස්ථානයට යවා ඇති අතර ඒ වනවිටත් සම්මන්ත්‍රණ මෙහෙයවූ පිරිස් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.මෙවැනි සම්මන්ත්‍රණයක් අදාළ පාසලේ පවත්වන බවට තමන් දැනුවත්වී නොසිටි බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විජයසිරි හේරත් මහතා පැවසීය.ජනාධිපති කාර්යසාධක බළකායේ හෝ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ නමට මුවාවී මෙම පිරිස් ජනතාව රැවටීම සඳහා ප්‍රෝඩාවක් කළේද යන්න පිළිබඳ සොයා තෙල්දෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
NEWS
කටුගස්තොට රණවන - කොටුවවත්ත ප්‍රදේශයේදී ඊයේ (26) දහවල් පෞද්ගලික බස් රථයක ගැටී වයස අවුරුදු එකහමාරක දැරියක් එම ස්ථානයේම මියගොස් ඇත.අනතුරින් මියගොස් ඇත්තේ හෂිණි තරුෂිකා පීරිස් නැමැති දැරියකි. මියගිය දැරිය තම මිත්තණිය සමඟ නිවසේ සිට එක්වරම ප්‍රධාන මාර්ගයට දිවගොස් ඇති අතර එම අවස්ථාවේ මහනුවර සිට මැදවල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයට යට වී තිබෙන බව පොලිසිය පවසයි.මෙම දැරියගේ මව සහ පියා දෙදෙනාම රැකියාවන්හි නිරතව සිටින බැවින් දිවා කළ ඇය මිත්තණිය සමඟ නිවසේ සිටින බව පොලිස් පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ.කටුගස්තොට පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (26467) එස්. එම්. පී. බණ්ඩාර මහතා අනතුර පිළිබඳ පරීක්‍ෂණ පවත්වා බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත..
NEWS
ඉතාලි ඔලිම්පික් කමිටුව වසර 4 කට වරක් ප්‍රදානය කරනු ලබන “ගෝල්ඩන් ස්ටාර්” සම්මානය මෙවර හිමිකර ගන්නේ ශ්‍රී ලාංකිකයෙක් වන කැලුම් අසංක පෙරේරා ය. එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද අනූපමේය සේවය වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමුණි. සිවු වසරකට වරක් ප්‍රදානය කරනු ලබන මෙම සම්මානය 26 වැනි වියේ පසුවන කැලුම්ට හිමිවන්නේ මෙම සම්මානයට හිමිකම් කියූ එකම ආසියාතිකයා මෙන්ම විදේශිකයා ද ලෙසය. ඉතාලි ඔලිම්පික් කමිටුවේ පරිපාලන නිලධාරියෙක් ලෙස ද සේවය කරන කැලුම් ඉතාලි ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන්ම පුහුණුකරු ද වන්නේය.”මට ලැබුණ මෙම සම්මානය පිළිබඳව මම සතුටට පත්වෙනවා. මේ ඇගයීම ලබන්න මම වෙහෙසකර කාර්යයක් කළා. ඉතාලියේ ශ්‍රී ලංකාවෙ වගේ ක්‍රීඩා අමාත්‍යාංශයක්වත්, ක්‍රීඩා ඇමැතිවරයෙක්වත් නෑ. සියලුම ක්‍රීඩාවන් පාලනය වෙන්නෙ ඉතාලි ඔලිම්පික් කමිටුව මගින්. එහි පරිපාලන නිලධාරියෙක්ට විශාල කාර්යයක් පැවැරෙනවා.ඒ වගකීම ඉටුකිරීමේ ඇගයීමයි මේ.” කැලුම් පෙරේරා “දිනමිණ” හා පැවසුවේය.දක්‍ෂ පාපන්දු ක්‍රීඩකයෙක් ද වන කැලුම් වයස අවුරුදු 14 දී එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරීමත් සමඟ පාපන්දු ක්‍රීඩාවට ආයුබෝවන් කීමට සිදුවිය. කැලුම්ගේ පියා කුමාරදාස පෙරේරා මහතා දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. කොළඹ ආනන්දයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු ලේක්හවුස් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ද වී තිබේ. කැලුම්ගේ මුල්ම ක්‍රිකට් ගුරුවරයා වන්නේ ද කුමාරදාස මහතාය.”මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න තාත්තට තිබුණ උනන්දුව මට තිබුණෙ නෑ. ඒ දවස්වල මමත් තාත්තත් එකම කණ්ඩායමට සෙල්ලම් කළා. ඔය අවදියේ ලංකාවෙන් ආව අනූෂ සමරනායක, ජේ. සී. ගමගේ සහ දිලුම් රාමනායක කියන මහත්වරුන් ද මෙහේ සෙල්ලම් කළා.තාත්තගෙ හිතවතුන් වූ ඔවුන්ටත් ලොකු උවමනාවක් තිබුණා මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න.ඔවුන් මට හොඳ පුහුණුවක් ලබා දුන්නා. අද මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් ලෙස යම් තැනක ඉන්නවා නම් ඒ ගෞරවය මේ තිදෙනාටත්, තාත්තාටත් හිමිවිය යුතුයි.”ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග තව නොබෝ දිනකින් ඉතාලියේ දී පැවැත්වීමට නියමිත බැවින් කැලුම් මේ දිනවල සම්පූර්ණ කාලය ගතකරන්නේ ඒ සඳහාය. ඉතාලි ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් දියුණු කිරීමට මෙම අවස්ථාව වඩාත් වැදගත් බව කැලුම් පවසයි.තරගාවලියට සහභාගි වන ඉතාලි කණ්ඩායමට කැලුම් ක්‍රීඩා කරන්නේ ද යන පැනයට පිළිතුරු දුන් කැලුම් පැවැසුවේ ඔහු මේ දිනවල ඇසක පවතින ආබාධයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත්, වෛද්‍යවරුන් තමන් පෙර තත්ත්වයට පැමිණ ඇති බවට නිර්දේශ කරන්නේ නම් කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තු වන බවත්ය.‘මම විශ්වාස කරනවා ක්‍රීඩකයෙක් ලෙස මට කණ්ඩායමට එක්වෙන්න ලැබෙයි කියලා. එහෙම නොවුණත් මම පුහුණුකරු ලෙස කණ්ඩායම සමග එක්වෙනවා’ කැලුම් පැවැසුවේය.
NEWS
සිත කඳුකරයේ රන් සටන ලෙසින් හදුන්වන,නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් අතර මෙන්ම සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් දෙකක් අතර මෙරට පවත්වන එකම මහා ක්‍රිකටි තරගය වූ හැටන් ශ්‍රි පාද විද්‍යාලය හා හයිලන්ඩ් විද්‍යාලය අතර 13 වැනි වතාවට පැවැත්වු ක්‍රිකටි තරගය ජය පරාජයකින් තොරව අවසන්විය.පසුගියදා දික්ඔය ඩි.එම්.සි.සි. ක්‍රිඩාංගනයේදි තරගය පැවැත්විණි තරග ඉතිහාසයේ එක් තරගයක් හයිලන්ඩ් විද්‍යාලය විසින්ද තරග දෙකක් ශ්‍රිපාද විද්‍යාලය විසින්ද ජයග්‍රහනය කර තිබේ. තරග 10ක් ජය පරාජයන් තොරව අවසන් වී ඇත.මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් හයිලන්ඩ් විද්‍යාලය මුලින්ම පන්දුවට පහර දි සියළු ක්‍රිඩකයින් දැවි ලකුණු 151ක් ලබාගත්තේය.  පිළිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රිපාද විද්‍යාලය ලබාගත් ලකුණු සංඛ්‍යාව 148කි.දෙවැනි ඉනිම සදහා හයිලන්ඩ් විද්‍යාලය පන්දුවට පහරදෙමින් කඩුළු 3 ට ලකුණු 47 ලබා සිටියදි වර්ෂාව ඇද වැටිම නිසා තරගය නතර කිරිමට සිදුවිය.හොදම පන්දු යවන්නා මිලාන් - හයිලන්ඩ් විද්‍යාලය,හොදම පන්දු රකින්නා -ආසිරි සම්පත් ශ්‍රි පාද විද්‍යාලය,හොදම පිතිකරු නිලාර් -හයිලන්ඩ් විද්‍යාලය තරගයේ වීරයා ලක්මන් -හයිලන්ඩ් විද්‍යාලය.ජය සංකේත ප්‍රදානය කිරිමේ අවස්ථාව ශ්‍රිපාද විද්‍යාලයේ විදුහල්පති උපාලි තිලක රත්න,හයිලන්ඩි විද්‍යාලයේ විදුහල්පති එස්.විජෙසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය..
NEWS
පසුගිය පෝය දිනයක පන්සලේ සිල් සමාදන් වී සිටි ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ සැකකරු එම දැරියන් දෙදෙනා විසින් ඊයේ හඳුනා ගැනිණි.එසේ හඳුනා ගනු ලැබුවේ කලුබෝවිල පන්සලේ ආවතේවකරු ලෙස කටයුතු කළ නිරෝෂන් සුජීව හෙවත් පිස්සා යන අයයි.සැකකරු රුපියල් දෙදහස් පන්සියයක මුදල් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිණි. අවුරුදු දොළහක සහ අටක දැරියන් දෙදෙනා ලිංගික අපයෝජනය කළේ යැයි කොහුවල පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි..
NEWS
එජාපය බලයට පැමිණීම වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ මහතා එල්ටීටීඊය සමඟ පවත්වාගෙන ගිය රහස් සබදතා රටට ජනතාවට හෙළිදරව් කළ යුතුයි. එම අරමුණ සාක්ෂාත් කිරීමට රූපවාහිනි සංවාදයේදී අදහස් දැක්වූ බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා ඊයේ (15) කොළඹ දිසා අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවැසීය.රූපවාහිනි “විසංවාදය” වැඩසටහනේදී වීරවංශ මහතා කළ ප්‍රකාශ හේතුවෙන් තම කීර්ති නාමයට හානි වූයේ යැයි පවසමින් මේජර් ජනරාල් වසන්ත ඩබ්ලිව් පෙරේරා පැවරූ නඩුවේ සාක්කි ලබාදෙමින් වීරවංශ මහතා එසේ පැවැසීය.කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ලෆාර් තාහීර් මහතා ඉදිරියේ නඩුව විභාග කෙරිණි.නීතිඥ ගොමීන් දයාසිරි මහතා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වීරවංශ මහතා මෙසේ පැවැසීය.මේජර් ජනරාල් වසන්ත පෙරේරා මහතාව මා පුද්ගලිකව හඳුනන්නේ නෑ. ඔහු සමඟ අමනාපයක් නෑ. වෙනත් සම්බන්ධයකුත් නෑ. මේ නඩුවට අදාළ (රූපවාහිනි වැඩසටහනේ) ප්‍රකාශ කෙළේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ දී. මෙය රූපවාහිනි විවාදයක්. විවාදය පැය 02 ක් පුරා තිබුණා. මේ සංවාදයේදී එජාපය බලයට පැමිණීම වැළැක්වීමට උත්සහ කළා.රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාපය විවේචනය කළා. පැමිණිලිකරු ගැනද සුළුවට කතා කළා.එජාපය 2002 දී බලයට පැමිණීමෙන් පසුව යුද්ධයේදී පරාජිතයන්ට (හමුදා නිලධාරින්) ඉතා විශේෂ වරප්‍රසාද සහිත තනතුරු දුන්නා. රට පාවා දුන්නු නායකයින් මහජන ආයතනවලට පත් කරලා. යුද්ධය ජය ගැනීමට කැපවීමෙන් කටයුතු කළ හමුදා ප්‍රධානින් අධෛර්යවත් කළා.මෙහෙම කරලා රනිල් වික්‍රමසිංහ එල්.ටී.ටී.ඊ.ය සමඟ පැවැත්වූ රහස් සබඳතා රටට හෙළිදරව් කිරීම මගේ බලාපොරොත්තුව වුණා.පරාජිතයන් මහජන ආයතනවලට පත් කෙළේ විශේෂ ගැසට් පත්‍ර මගින් විශාල වැටුපක් ඉන්ධන දීමනාද සහිතවයි.2004 බලයට පත්වූ විෂය භාර ඇමැති (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය භාර ඕර්‍ණධ්) අනුර බණ්ඩාරනායක මහතා පැමිණිලිකාර වසන්ත පෙරේරාව තනතුරෙන් පහ කළා. බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා.මගේ වත්කම පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පමණයි. පැමිණිලිකරු මහජන මුදලින් වැටුප් ලබන අයෙක්. ආයෝජන මණ්ඩලයේ එම තනතුර සඳහා ඉල්ලා තිබුණු සුදුසුකම් පැමිණිලිකරුට තිබුණේ නෑ. වසන්ත පෙරේරා හමුදා සේවයෙන් අනිවාර්ය විශ්‍රාම යැවූ අයෙක්.වන්නි ප්‍රදේශයේ හමුදා පසු බැසීම, කනගරායකුලම් කඳවුර අහිමිවීම පිළිබඳව කොමිෂමක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත් කළා. මේ පිළිබඳව පුවත්පත්වල පළවුණා. ඒ අනුව පැමිණිලිකරු අනිවාර්ය විශ්‍රාම ගිය නිලධාරියෙක්.පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් වීරවංශ මහතා සාක්කි ලබාදෙමින් මෙසේද පැවැසීය.මම 1987 සාමාන්‍ය පෙළට පෙනී සිටියා. පැමිණිලිකරුට එල්.ටී.ටී.ඊ.ය මරාගෙන මැරෙන බෝම්බ එල්ල කළාද කියලා මම දන්නේ නෑ. එල්.ටී.ටී.ඊ.ය හිතන ආකාරයට හිතන්න මට අවබෝධයක් නෑ. පාසල් කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ වූ නිසා පාසල් දිවිය නතර කළා.ජනරාල්වරයාට රණවීර, රණශූර, රණවික්‍රම පදක්කම් පිරිනමා ඇති බවට පැමිණිල්ලෙන් කරුණු ඉදිරිපත් කෙළේය.වන්නි ප්‍රදේශයේ කනගරායකුලම් කඳවුර පසු බැස්මට වග කිවයුතු හමුදා නිලධාරියකුට බී.අයි.ඕ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර පිරිනැමුවා. වන්නි ප්‍රදේශය අහිමිවීම ගැන පරීක්ෂණයක් ඔහුට තිබුණා.නුසුදුසු පුද්ගලයන් තනතුරුවලට පත්කරලා රාජ්‍ය පාලනය කිරීමට රනිල් වික්‍රමසිංහට වුවමනාව තිබුණු බව රටට හෙළිදරව් කිරීමට මම මේ සංවාදයේදී කටයුතු කළා.නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 10 දින සිදුකෙරේ.
NEWS
පිළිකා රෝග සත්කාර ඒකකරට පුරා පවතින ප්‍රධාන රෝහල්වල පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි.එහි ප්‍රථම පියවර ලෙස රුපියල් කෝටි 12ක් වැය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදි කළ නව පිළිකා ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (4) විවෘත කෙරිණි.මහල් තුනකින් සමන්විත මේ පිළිකා රෝහලේ නේවාසික රෝගීන් 100කට එකවර ප්‍රතිකාර පහසුකම් ලබා ගැනීමේ හැකියාව පවතියි.මීට අමතරව කරාපිටිය, කුරුණෑගල, මහනුවර, අම්පාර, මඩකළපුව, අනුරාධපුරය, යාපනය, වවුනියාව යන ශික්ෂණ රෝහල්වල ද මේ පිළිකා රෝගී සත්කාර ඒකකයන් ආරම්භ කිරීමට කටයුතු යෙදා තිබේ.පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙතෙක් පැවතියේ මහරගම පිළිකා රෝහල පමණක් බවත් කොළඹින් බැහැර ඈත පළාත්වල සිට බොහෝ රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන අතර ඔවුන් ගැටලු රැසකට මුහුණ දෙන බවත් ඇමැතිවරයා පැවැසුවේය.මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනකට රෝගීන් 5000ක් පමණ පැමිණෙති. මෙසේ එම රෝගීන් දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණ මුහුණ දෙන ගැටලු අවම කිරීමේ අරමුණෙන් රට පුරා පිළිකා ප්‍රතිකාර ඒකකයන් පිහිටුවීමට තීරණය කළ බවත් ඇමැතිවරයා කීය.නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට රෝගීන්ට ලබා දීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 9000ක් වැය කරන අතර ඉන් රුපියල් කෝටි 350 ක් පිළිකා රෝගීන්ගේ ඖෂධ සඳහා වැය කෙරේ. පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ ඇතැම් විට රුපියල් 80,000 සිට ලක්ෂ 03 දක්වා මිල ගණන් අධිකය. එසේ වුවත් රජය කිසිදු හිඟයකින් තොරව මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදීමට පියවර ගෙන ඇත.පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා ටෙන්ඩර් බාර ගත් සමාගමක් එම ඖෂධ පසුගිය වසරක සිට සැපයීමට පියවර ගෙන නොමැත. මේ නිසා පිළිකා රෝගීන් මහත් අපහසුතාවට පත්ව ඇති බවත් එම අපහසුතාව මඟ හැරවීම සඳහා මිල අධික ඖෂධ ගෙන්වා හෝ රෝගීන්ට ඖෂධ සැපයීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය..
NEWS
කොටින් අතින් මිය ගිය අය ගැන තොරතුරු නෑඑල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව රජය විසින් ගෙන යන ලද මානුෂීය මෙහෙයුමේ සමාප්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ අවසන් වාර්තාවද පදනම් විරහිත හා සාවද්‍ය එකක් බවත් එය පක්ෂග්‍රාහී බවත් රජය අවධාරණයෙන් කියා සිටී."ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ කාර්යභාරය පිළිබඳ මහ ලේකම්වරයාගේ අභ්‍යන්තර සමාලෝචන මණ්ඩල වාර්තාව" නැතහොත් පෙට්ට්‍රි වාර්තාව පූර්ව නිගමනවලින් බහුල පක්ෂග්‍රාහී වාර්තාවක් වන අතර එය ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දොස් පැවරීමට දැරූ උත්සාහයක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය තව දුරටත් පෙන්වා දෙයි. මේ වාර්තාව ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවැති සමයේදී මෙරට එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලිය ගැන අභ්‍යන්තර සමාලෝචනයක් බව පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජයට එල්ල කර ඇති නිරවද්‍යතාව ඔප්පු නොකළ, වැරැදි සහගත සහ අනුමාන කිරීම්වලින් මෙන්ම පක්ෂපාතිත්වයෙන් යුතු චෝදනා සම්බන්ධයෙන් ඇති ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානය යොමුකර තිබෙන බවද කියයි.අහිංසක සිවිල් වැසියන් පළිහක් ලෙස යොදා ගනිමින් එල්.ටී.ටී.ඊ සංවිධානය එදා ක්‍රියාකළේ මුරන්ඩු ප්‍රතිපත්තියක් වන අතර නිදහස පතා පළායාමට උත්සාහ කළ දමිළ ජාතිකයන් විශාල පිරිසක් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් අදාළ වාර්තාවේ කිසිඳු තොරතුරක් අන්තර්ගතකර නොමැති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.මේ නොමනා ක්‍රියාව මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමට එරෙහිව මහලේකම්වරයාගේ කාර්යාලය වෙත ශ්‍රී ලංකා රජය විරෝධය පළකර තිබෙන අතර පෙට්ට්‍රි වාර්තාව යනු දරුස්මාන් වාර්තාව හා සමාන වාර්තාවක් බව මහලේකම්වරයා විසින් ප්‍රකාශ කර ඇත.මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වාර්තා දෙකම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා අභ්‍යන්තර වශයෙන් උපදෙස් ලබාදෙන වාර්තාවක් වන අතර මේ වාර්තාවේ අඩංගු සියලු කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව නොවන අතර එම වාර්තාව මඟින් මතුකොට ඇති ඇතැම් ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලවන බවද ඒ ගැටළු පිළිගත් ස්ථාවරයන් ලෙස අර්ථකථනය නොකළයුතු බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.යුද ගැටලු පැවැති අවසන් අදියරේදී මරණයට පත්වූ සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව වැඩිකර දක්වමින් දරුස්මාන් වාර්තාවේ ඇතුළත්කර තිබූ පදනම් විරහිත හා අපකීර්තිය ගෙන දෙනු ලබන චෝදනා අනුමත කර ගැනීමක් මේ වාර්තාව මඟින් පෙන්නුම් කරන අතර පෙට්ට්‍රි වාර්තාවේ එන සංඛ්‍යාත්මක අඟයන්, දරුස්මාන් වාර්තාවේ උපුටා දක්වා ඇති නම් සඳහන්කර නොමැති ප්‍රභව මත හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම එක්සත් ජාතීන්ගේ පහළ මට්ටමේ ඇතැම් නිලධාරීන් මඟින් සිදුකරන ලද ඇතැම් සාවද්‍ය චෝදනා මත පදනම්ව තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.මේ අතර එල්.ටී.ටී.ඊය තම කාලතුවක්කු සාමාන්‍ය ජනතාව අතර රඳවා තිබූ බව "ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ කාර්යභාරය පිළිබඳ මහලේකම්වරයාගේ අභ්‍යන්තර සමාලෝචන මණ්ඩල වාර්තාව" නැතහොත් පෙට්ට්‍රි වාර්තාව මඟින් පිළිගන්නා නමුත් සාමාන්‍ය ජනතාව රැසිවී සිටින ස්ථානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබුවා යැයි රජයට ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වයං ආරක්ෂණ මූලධර්ම හෝ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සාධාරණත්වය හෝ ෂෙල්වෙඩි එල්ල කරන ලද්දේ කුමන ස්ථානයක සිටද යන්න සොයා ගැනීම සඳහා එල්ල කරනලද ෂෙල්වෙඩි වල ගමන් මාර්ග පිළිබඳ තාක්ෂණික විශ්ලේෂණයක් කිරීම පිළිබඳ සැලකිල්ලට ගෙන නොමැති බවද කියා සිටී.උතුරු පළාතට යැවූ ආහාර සහ ඖෂධවලින් වැඩි කොටස අවසානයේදී ත්‍රස්තවාදීන් අතට පත්වන බව නිසැකයෙන්ම දැන සිටියද එම පළාතට ආහාර හා ඖෂධ ලබාදීමට වගකීමක් ඇති රජයක් වශයෙන් ගන්නා ලද ප්‍රයත්න ගැටුමේ මුල් කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇඟයීමට ලක්වූ බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව මේ අවධියේ නිකුත් කරන ලද සමකාලීන වාර්තා මඟින් එය තහවුරු වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි..
NEWS
ඇල්පිටිය බටුවන්හෙනේ පදිංචි සමින්ද රුක්ෂාන් ගුරුසිංහ බැටරියෙන් හා ඉන්ධන (පෙට්රල් ) වලින් ධාවනය කළ හැකි හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් නිපදවා තිබේ.2013 වසරේදී මෝටර් යාන්ත්‍රික ශිල්පය හැදෑරීම සඳහා ජපන් ටෙක් ආයතනයට ඇතුළත් වී ඇති සමින්ද ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. මොහු පාසල් අවධියේ දී ද දිස්ත්‍රික් මට්ටමින් විවිධ දස්කම් දක්වා ඇත.” සහසක් නිපැයුම් 2013 “ වැඩ සටහන වෙනුවෙන් මෙම රථය ඔහු නිපදවා ඇත.දැනට වෙළෙඳ පොළේ ඇති හයිබ්‍රිඩ් රථයට වඩා ඉදිරි පියවරවල් රැසක් සහිතව මෙම රථය නිර්මාණය කළ බවද සමින්ද ගුරුසිංහ පවසයි. බැටරියෙන් පනගැන් වී ධාවනය වන මෙම රථය බැටරියේ බලය අඩු වූ විට පෙට්‍රල් මගින් ධාවනය වේ.ඒ අතර බැටරිය චාජ් වනු ඇත. එවිට යළි බැටරියෙන් ධාවනය කළ හැකිය. මෙය පැයට කි.මි. 30-70 ත් අතර වේගයකින් ධාවනය කළ හැකිය.රුපියල් 2500/-කට 125 cc එන්ජිමක් මිලටගෙන ඉවත දමා තිබු මෝටරයක් සාදා ගෙන පරණ ටයර් හතරක් රීම් හතරක් මේ සඳහා යොදාගෙන ඇත. ලෑන්ඩ් මාස්ටරයක හෙඩ් ලයිට් දෙකක් ,බ්රේක් පැඩ්ල් එක හා ගියර් ලිවර් එකද වෙනත් වාහන වලින් ඉවත දමා තිබු ඒවාය.සමින්ද විසින් ඉන්වෙටරයක් ඔටෝ ස්ටාර්ඩ් සර්කිට් එකක් වයරින් එකත් අලුතින් සාදා ඇත.ත්‍රිවිල් ඩිපරෙන්සල් එකක් ගෙන ස්පොකට් කපල් කර සාදාගෙන ඇත.තහඩුව අගල් දෙකේ යකඩ පයිප්පයකින් සාදා ඇත. මෙහි පෙට්‍රල් ලීටර් හතරක ටැංකියක් ඇත. පෙට්‍රල් ලීටරයකින් කි.මි.50ක් පමණ ධාවනය කළ හැකි බව සමින්ද පවසයි.ඉන්ධන ඉතිරි කීරීමේ හා පරිසර දුෂණය අවම කිරීමේ බලපොරෝත්තුවෙන් මෙය නිමවා ඇති බවත් තමන්ට මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත හැකි වුව හොත් ඉදිරියේ දී මෙම වාහන නිෂ්පාදනයට අත් ගැසිමට ඔහු බලාපොරොතු වෙයි..
NEWS
අන්තර් පළාත් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ රුහුණු හා කඳුරට පළාත් කණ්ඩායම් අතර ඊයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් රුහුණු පළාත් පිලට ලකුණු 40 ක ජයක් අත්විය.පළමුව පන්දුවට පහරදුන් රුහුණු පිල කඩුලු 7 කට ලකුණු 154 ක් ලබාගත් අතර කඳුරට පිල ඕවර් 20 කදී කඩුලු 7 කට ලකුණු 114 ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම හඹාගිය කඳුරට පිලේ කඩුලු 6 ක් ලකුණු 30 කට දැවී අසීරුතාවට ලක්ව සිිටියදී හසන්ත ප්‍රනාන්දු හා ෆර්විස් මහරූෆ් එක්ව ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනගා දරුණු පරාජයෙන් තම පිල ගලවා ගත්හ. රුහුණු පිල වෙනුවෙන් සනත් ජයසූරිය පන්දු 12 කදී හතරේ පහර 2 ක් හා හයේ පහරක් සමඟ ලකුණු 20 ක් ලබාගත් අතර දිනේෂ් චන්දිමාල් හතරේ පහර 6 ක් හා හයේ පහරක් සමඟ ලකුණු 63 ක් ලබා ගත්තේය.මේ තරගයේදී කඳුරට පිල නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ආරම්භක පිතිකරු තරංග පරණවිතාන හා චාමර කපුගෙදර ලකුණු නොලබාම දැවී ගියහ.කඳුරට පිලට ප්‍රබල තර්ජනයක් ගෙනදෙමින් රුහුණු පිලේ ආරම්භක පන්දු යවන්නා වූ ජනක ගුණරත්න කඩුලු 2 ක් බිඳ හෙලීය.රුහුණු පිල කඩුලු 7 කට ලකුණු 154 (20) සනත් ජයසූරිය 20, දිනේෂ් චන්දිමාල් 63, ටී. එන්. සම්පත් 20 (මුරලිදරන් 30/2, මහරූෆ් 34/2)කඳුරට පිල කඩුලු 7 කට ලකුණු 114 (20) මුබාරක් 17, හසන්ත ප්‍රනාන්දු 27, මහරූෆ් නොදැවී 55 (ජනක ගුණරත්න 1/2, ජයසූරිය 24/1, රන්දිව් 14/2)වයඹට ජයඊයේ පෙරවරුවේ පැවැති බස්නාහිර හා වයඹ අතර තරගයෙන් බස්නාහිර පිලට ජය අත්විය. නියමිත කාලයේ දී ක්‍රීඩාංගණයේ තෙත බරිත තත්ත්වය හේතුවෙන් ජයග්‍රහණය පිණිස කඩුල්ලට පන්දු යවා 4 – 1 ක් ලෙස වයඹ පිල ජය වාර්තා කළේය..
NEWS
ඇස්වැද්දුම, තුම්මෝදර වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් දහදෙනකුගෙන් එක් සිසුවෙක් දියේ ගිලී මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය ඇස්වැද්දුම කණිටු විදුහලේ 11 වසර ඉගෙනුම ලැබූ 16 හැවිරිදි කවිඳු ගංගානාත් පතිරාජ නමැති සිසුවාය.මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී ඇත්තේ පෙරේදා (13) සවස හතරට පමණය. පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මියගිය සිසුවා හැර අනෙක් මිතුරන් දහදෙනාම බීමතින් වැවට බැස ඇති අතර මියගිය සිසුවා වැවේ පාසිවල පැටලීමෙන් මියගොස් ඇත.ශාන්ත සහ උපාලි යන මිතුරන් දෙදෙනා විසින් මියගිය අය ගොඩට ගෙන ඇත.මේ සම්බන්ධයෙන් මියගිය අයගේ මිතුරන් දහදෙනාගෙන් කුලියාපිටිය පොලිසිය කටඋත්තර ලබාගෙන ඇත.පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ 14 පැවැත්වීමට නියමිතව තිබිණි..
NEWS
ශිෂ්‍ය නායක පදවියක් ලබාදීමට සිසුවකුගෙන් මත්පැන් බෝතලයක් ඉල්ලා සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයකු පිළිබඳ පුවතක් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.පාසල් සංවර්ධන රැස්වීමේදී එම සිසුවාගේ පියා, තම පුතාට ශිෂ්‍ය නායක තනතුරක් දීමට එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මත්පැන් බෝතලයක් ඉල්ලා ඇති බවත් එය පාසලකට සුදුසුදැයි ප්‍රශ්න කොට ඇත.පදවි, තානාන්තර මුදලට හෝ මත්පැන්වලට ලබාදීමේ පිළිවෙත පාසල් සිසුන් අතරට ගෙන ඒම නොහොබිනා ක්‍රියාවක් බව මෙහිදී මවුපියෝ පැවසූහ.මේ කථාව විහිළුවට කළ එකක් බව එම‍ නි. විදුහල්පතිවරයා පවසා ප්‍රශ්නය එතනින් අවසන් කෙළේය.කෙසේ වෙතත් මේ ප්‍රශ්නය පැන නගිත් ම එම නියෝජ්‍ය විදුහල්පතිවරයා නැගිට ඉවත්ව යාම, එය දුරදිග නොගොස් අවසන් වීමට මග පෑදිණි..
NEWS
හීරෝ පාපැදි 33 වැනි ජ්‍යෙෂ්ඨ හා 20 වැනි කණිෂ්ඨ ආසියානු පාපැදි ශූරතාවලිය මාර්තු 7 සිට 17 දක්වා නවදිල්ලියේදී පැවැත්වේ.මෙහි ධාවන පථ හා මාර්ග තරග සඳහා රටවල් 28ක් නියෝජනය කරමින් තරගකරුවන් 567 දෙනෙකු සහභාගි වන අතර එය මේ තරග ඉතිහාසයේ වැඩිම සහභාගිත්වය වේ. ධාවන පථ තරග මාර්තු 7 සිට 11 දක්වා ඉන්දිරා ගාන්ධි පාපැදි වෙලොඩ්‍රොම්හි පැවැත්වෙන අතර මාර්ග ධාවන තරග අනෙක් දිනවල බුධ් ජාත්‍යන්තර එෆ් 1 තරග මාර්ග පද්ධතියේ පැවැත්වෙනු ඇත.ධාවන පථ ලන්ඩන් ඔලිම්පික් ද්විත්ව රිදී පදක්කම්ලාභී චීනයේ ගුඕ ෂුඅන්ග් මේ ශූරතාවලියේ ජනප්‍රිය ක්‍රීඩකයා වෙයි. 2016 රියෝ ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භය ලෙසද මේ ශූරතාවලිය සැලකේ.1989 (නවදිල්ලිය) හා 2005 (ලුධියානා) ට පසුව මේ ශූරතාවලිය නැවත ඉන්දියාවට පැමිණෙන්නේ තෙවැනි වතාවටය. මාර්තු 5 වැනිදා නේරු ක්‍රීඩාංගණ පර්යන්තයේ පැවැත්වෙන පැරා–පාපැදි තරගාවලියට ඉන්දියාව ඇතුළු රටවල් හතරක් සහභාගි වන අතර එය ශූරතාවලියට පෙරහුරුවක් ලෙස සැලකේ.ජ්‍යෙෂ්ඨ ශූරතාව සඳහා වැඩිම සහභාගිත්වය වන තරගකරුවන් 55 දෙනා ජපානයෙනි. ඊළඟට වැඩිම සංඛ්‍යාව වන 54 ඉන්දියාවෙනි..
NEWS
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයට අයත් අංගමුව 'සමාධි' යෞවන සමාජය සංවිධාන කරන පොදුරද මඬුලු මිත්‍රත්ව වොලිබෝල් තරගාවලිය මේ මස 17දා පෙ.ව.9.00 සිට අංගමුව රජයේ කනිෂ්ඨ විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.ශූරතා හා අනුශූරතා හිමිකර ගන්නා කණ්ඩායම් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමෙන අතර තරගාවලිය අවිස්සාවේල්ල වොලිබෝල් කණ්ඩායම් සඳහා පමණක් සීමා වේ. තරගාවලිය පිළිබඳ විස්තර දු.ක 0113189740 මගින් ලබාගත හැකිය..
NEWS
බුදුරදුන්ගේ ලලාඨ ධාතු නිදන් කළ සේරුවිල පුදබිමේ සිට පොළොන්නරුව සෝමාවතී සෑ රදුන් දක්වා ඉදි කළ නව ප්‍රවේශ මාර්ගය පෙරේදා (25) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් විවෘත විය.සේරුවිල සෝමාවතී මාර්ගයේ කන්දකාඩු පාලම විවෘත කරමින් මෙම මාර්ගය නිල වශයෙන් විවෘත කිරීම අමාත්‍යවරයා විසින් සනිටුහන් කළේය. මෙම ඓතිහාසික අවස්ථාව සිහි ගන්වමින් සේරුවිල සිට සෝමාවතී සෑ රදුන් දක්වා ‍රථ පෙරහරකින් ගෙන ගිය බුදු පිළිමයද එම සෑ රදුන්ට පූජා කෙරිණි.සේරුවිල සෝමාවතී යා කරමින් ඉදි කළ නව මාර්ගයේ කන්දකාඩු පාලම ඉදි කිරීමට රජය කෝටි 70ක් වැය කර ඇත. සෝමාවතී වැඳ පුදා ගන්න එන බැතිමතුන් නව මාර්ගය ඔස්සේ කිලෝමීටර් 54 ක දුරක් ගෙවා ඉතා පහසුවෙන් සේරුවිල පුදබිමට පැමිණීම සඳහා මේ මාර්ගය ඉදි කර තිබුණි.සේරුවිල පුදබිම ලෝක උරුමයක් ලෙස නම් කිරීමට මැදිහත් වූ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් මේ මාර්ගය ඉදි කිරීමට පසුගිය කාලයේ කටයුතු කල නිසා එය සරත් නන්ද සිල්වා මාවත ලෙස නම් කෙරිණි.මේ අවස්ථාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, මහ ඇමැති අබ්දුල් මජීඩ්, නියෝජ්‍ය අමාත්‍යවරු වන සුසන්ත පුංචි නිලමේ, සිරිපාල ගම්ලත්, මහත්වරු සේරුවිල මංගල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති හිමියෝද සහභාගී වූහ..
NEWS
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නිත්‍ය පුහුණුකරු තනතුර සඳහා විදෙස් පුහුණුකරුවන් තිදෙනෙකු අතර තරගයක් හටගෙන ඇත.ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරුවෙකු වූ ඔස්ට්‍රේලියාවේ ටොම් මුඩි, එංගලන්ත ජාතික මැතිව් මේනාඩ්, ශ්‍රී ලංකා හිටපු සහය පුහුණුකරු සිම්බාබ්වේ ජාතික ට්‍රෙවර් පෙනී යන මහත්වරු ක්‍රිකට් පුහුණුකරු තනතුර අපේක්ෂාවෙන් සිටිති.මේ තිදෙනාට අමතරව හිටපු ඔස්ට්‍රේලියානු පුහුණුකරු ජෝන් බචනන් හා ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ යන මහත්වරුන් මේ තනතුරට අයැදුම්පත් යොමු කර තිබු අතර ඒවා මූලික වටයේදීම ඉවත් කෙරුණි.ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමෙන් අනතුරුව පුහුණුකරු ධුරයෙන් සමුගත් ට්‍රෙවර් බේලිස්ගේ පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි. හිටපු පුහුණුකරු ටොම් මුඩි මහතා සමග දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඔහු මේ තනතුර ලබා ගැනීමේදී ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ. 1965 දී දකුණු ඔස්ට්‍රේලියාවේ උපත ලද ටොම් මුඩි මහතා ටෙස්ට් තරග 8 කට හා එක් දින තරග 76 කට ක්‍රීඩා කර ඇත. මුඩි මහතා දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිංග්ස් පන්ජාබ් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.මැතිව් මේනාඩ් මහතා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 4 කට හා එක් දින තරග 14 කට ක්‍රීඩා කර තිබේ. කඩුළු රකින්නකුද වන ඔහු 1998 දී විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් වසරේ ක්‍රීඩකයා ලෙස නම් කර තිබුණි. එංගලන්ත ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු ලෙස මේනාඩ් මහතා කටයුතු කළේය.එංගලන්ත ප්‍රාන්ත තරගවලදී දස්කම් දක්වා ඇති ට්‍රෙවර් පෙනී මහතා 2007 වසරේදී ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු විය.පළමු පෙළ තරග 158 කට ක්‍රීඩා කර ඇති පෙනී මහතා ශතක 15 ක් හා අර්ධ ශතක 36 ක් වාර්තා කළ දක්ෂ පිතිකරුවෙකි..
NEWS
පංච මහා බලවේගය ලෙස පොදු ජන බලය රොද බැද නැංවූ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.අර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 115 වන ජන්ම දින සැමරුම හෙට (8) සවස 4.00ට ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අබියසදි පැවැත්වේ.මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පාක්ෂිකයන් හා අනුබද්ධ සංවිධානවල සාමාජික සාමාජිකාවන් සහභාගිවිමට නියමිතයි..
NEWS
මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධාන කළ මධ්‍යම පළාත් බාලිකා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වත්තේගම බාලිකා විදුහල සමත්විය.කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා විදුහල් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත්තේ පොරමඩුල්ල විද්‍යාතර විදුහලයි. මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් නියෝජනය කරමින් කණ්ඩායම් 30කගේ සහභාගිත්වයෙන් පැවැති තරගාවලියේ පසුගිය වසරේ ශූරියන් වු මහමායා බාලිකා විදුහලට මෙවර තෙවැනි ස්ථානය හිමිවීම විශේෂ සිදුවීමක් විය..
NEWS
වරාය හා ගුවන් සේවා හිටපු ඇමැති, වත්මන් කතානායක චමල් රාජපක්‍ෂ මහතා මෙහිදී අදහස් දක්වමින්, මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ඉදිකිරීමට ලැබීම ගැන සතුට පළ කළේය.කොළඹ වරාය පෞද්ගලික අංශයට විකිණීමේ දී ඇති කරගත් ගිවිසුමක් අනුව හම්බන්තොට වරාය සිහිනය වසර 25 කට තහනම් කර තිබූ බවත් ඒ බාධාව ජය ගැනීමට හැකි වූ බවත් චමල් රාජපක්ෂ මහතා මෙහිදී කීය..
NEWS
සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට කංසා (ගංජා) ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්වරයෙකු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා (20) සවස අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.රඹෑව වැලිඔය හන්දිය ප්‍රදේශයේදී සිදුකළ සෝදිසියකදී මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවාගෙන රැගෙන ආ ගංජා කිලෝග්රෑම් (10.180)ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය, තණමල්විල හා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.මෝටර් රථයේ හිමිකරු තණමල්විල ප්‍රදේශයෙත්, පොලිස් සේවයෙන් ඉවත් කළ කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය..
NEWS
තමා වෙනුවෙන් ලිපි නිකුත් නොකරන ලෙසට සිය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව අගමැති දි. මු .ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (3) ප්‍රකාශ කළේය.තමා හමුවට ජනතාව විශාල සංඛ්‍යාවක් පැමිණෙන නිසා ඒ සෑම දෙනාටම ලිපියක් නිකුත් කිරීම තමන්ට කළ නොහැකි බැවින් ඔවුන්ට ලිපි නිකුත් කිරීම සිය ලේකම්වරුන්ට පවරා තිබූ බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පත්කළ මන්ත්‍රී අනුර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තුවේ දී පෙරේදා (2) කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.2013 අගෝස්තු 30 වැනිදා බහලුමේ තිබී ඇත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය වන හෙරොයින් ප්‍රමාණයේ බර දවටන සමඟ කිලෝ ග්‍රෑම් 261 යි ග්‍රෑම් 292, රසපරීක්ෂකවරයාට යොමු කළ පසු එම හෙරෝයින් ප්‍රමාණයේ ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 131 ග්‍රෑම් 148ක ලෙස හඳුනා ගෙන ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය..
NEWS
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කඳුුබැද්ද රක්ෂිතයේ වසර සියගණනක් පැරැණි ඉතා දුර්ලභ ගණයේ වටිනා ගස් හා ඖෂධ පැළෑටි විනාශ කරමින් සිදුකරගෙන යන මහා පරිමාණයේ කැලෑ විනාශය නතර කිරීමට වනසංරක්ෂණ නිලධාරින් පියවර නොගන්නා බවට තලාවේගම ගම්වාසීහු චෝදනා කරති.මේ කැලෑ විනාශයේ සුලමුල සොයා ගිය ගමන අපට දුෂ්කර විය. මහියංගණ – පදියතලාව මාර්ගයේ පනස් අටේ සැතපුම් කණුව අසලින් දකුණට හැරී වේවත්ත කනිටු විදුහල පසුකොට ගුරුපාර දිගේ සැතපුම් අටක් පමණ දුරගෙවා ගියවිට මේ තලාවේගම ගම්මානය හමුවේ.ඌව පළාතේ ඉතාම දුෂ්කරම ගමවන මේ ගම්මානය කඳුබැද්ද රක්ෂිතයෙන් වටවී ඇත. මේ ගමෙහි සියලු දෙනා ම ජීවත්වන්නේ හේන් ගොවි තැනෙන් හා අහස්දියෙන් වගා කරන වී ගොවි තැනෙන් ලැබෙන අස්වැන්න නෙළා ගැනීමෙනි.මේ ගමට වසර සියගණනක ඉතිහාසයක් ඇත. හේන් ගොවිතැන් කලත් වටිනා ගස්වලට කැලයේ වැවෙන ඖෂධ පැළෑටිවලට කිසිම හානියක් නොකර ඔවුන් ඒවා ආරක්ෂා කරමින් ජීවිකාව කරගෙන ගොස් ඇත.කජු වගා කරන මුවාවෙන් මෑතකදී කඳුබැද්ද රක්ෂිතයට ඇතුළු වී වාඩිගහගෙන නතර වුණු දැව ජාවාරම්කරුවන් මේ වන විට අක්කර දහසකට අධික ප්‍රමාණයක් විනාශ කොට ගම්මාලු , බුරුත, කලුමැදිර, අරළු, රදන, කොලොන්, පලු, වීර,, වා ඇතුළු වටිනා විශාල පැරැණි ගස් මැෂින් යොදා කපා කදන් කුට්ටි කොට ඩෝසරයක ආධාරයෙන් ලොරිවල පටවා කොළඹට ප්‍රවාහනය කිරීමේ මහා පරිමාණයේ දැව කොල්ලයක යෙදී සිටී.මේ දැව කොල්ලකරුවන් කුලියට ලබාගත් ගමේ කීපදෙනකු ද ඔවුන්ට එක් වී සිටින බව ගම්වැසියන්ගෙන් අපට දැකගන්නට ලැබිණි.මේ කැලෑ විනාශය පිළිබඳව අපට මුලින් ම විස්තර හෙළිකළේ තලාවේගම පදිංචි ගොවියකු වන ඩබ්. ඇම්. සෙනවිරත්න (62) මහතා ය. මම මේ ගමේ උපන් කෙනෙක්. ගමේ මිනිස්සු කීප දෙනකු කුලියට අරගෙන කැලේ කූඩාරම් ගහලා මැෂින් දමලා වටිනා ගස් කපනවා. මේ ගැන මහියංගණයේ වනරක්ෂණ කාර්යාලයට පැමිණිලි කළා. පලක් වුණේ නැහැ. රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම්ට ලීවා ගිහින් කිව්වා පෙත්සම් යැව්වා අපි පරාදයි.කඳුබැද්ද ගමේ පදිංචි දෙදරු පියෙකු වන කේ. ඩබ්. ඇම්. සුමනපාල මහතා (42) කජුවවනවා කියලා කැලේ විනාශ කරනවා. දැන් අක්කර දහසක් පමණ ප්‍රමාණයේ විශාල ගස් කපලා. මේ කැලේ නිල්ගල වනයට අයත් කොටසක් බුද්ධදාස රජ දවස බෙහෙත් වගා කළ වනය. දැව හොරු කැලේ විනාශ කරනවා. ගම්වාසීන්ට කැලේට යන්න බැහැ.මේ පිළිබඳව මහියංගණ අඩවි වන නිලධාරියකුගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ කාලයක් තිස්සේ කඳුබැද්ද රක්ෂිතයේ කැලෑ විනාශය සිදු වන බවකි.ඔහු එසේ කියා හිටියත් 2009. 08. 10 වනදින කඳුබැද්ද හතේවෙල ගැමුණු ගොවි සංවිධානය විසින් 185 දෙනකු අස්සන් කොට පෙත්සමක් මහියංගණ අඩවි වන නිලධාරියාට හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම්වරියට භාර දී ඇතත් මේ දක්වා ඔවුන් නිහඩබව ගම්වාසීන් පෙන්වා දෙති.
NEWS
ආයුර්වේද පර්යේෂණ සඳහා රජය මඟින් ලබා දි ඇති රුපියල් ලක්ෂ 3000ක මුදල ඒ සඳහා යොදා ගැනීමට නොහැකි වී ඇත්තේ එම විෂය පිළිබඳ මනා දැනුමක් ඇති අය නොමැති වීම නිසා බව දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.අදාළ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට තරම් දැනුම ඇති පුද්ගලයන් ආයතනයේ නොමැති බවත් ඊට සුදුස්සන් පත් කර ගැනීම සඳහා ඉඩ කඩ නැති බවත් හෙතෙම පෙන්වා දෙයි.මේ ස්ථානයේ සිටින වැඩ බැරි අය ඉවත් නොවන නිසා අවශ්‍ය දැනුම ඇති අය පර්යේෂණ සඳහා පත් කර ගැනීමට නොහැකි වී ඇති බවද ‍ඇමැතිවරයා අවධාරණය කළේය..
NEWS
”අම්මෙ මම කොච්චර දුරට ඉගෙන ගත්තත් වෙන රැකියාවකට යන්නෙ නැහැ. කොච්චර පඩි ලැබුණත් වෙන රස්සාවල් එපා. මම ආස රට රකින පරපුරට එක්වෙන්න. ඒ නිසා මගේ දැනුමත් එකතු කරලා රට රකින ගුවන් හමුදාවට යනවා. ඊට පස්සෙ මගෙ අම්මයි තාත්තයි දෙන්නව හොඳින් බලාගන්නම්. මේ ගේ ලස්සනට හදලා ඔය දෙන්නට හොඳින් ජීවත්වෙන්න විදියට වැඩ කරනවා. මගෙන් රටටයි මවුපියන්ටයි වෙන්න ඕනෑ යුතුකම් මා ඉටු කරනවා.”රෝගාතුරවී මිය ගිය දොඩන්ගොඩ ලූල්ඇල්ලමුල්ලේ පදිංචි ශශ්‍රී ලංකා ගුවන් හමුදා නිත්‍ය සේවා බළකායේ සේවය කළ අසංක මධුරත්න සිල්වා කීවේ යැයි ඔහුගේ මව වන චන්ද්‍රිකා පත්මසීලි මහත්මිය පැවැසුවාය.දොඩන්ගොඩ ලූල්ඇලමුල්ල අංක 296 නිවසේ පදිංචි අනිල් ද සිල්වා හා චන්ද්‍රිකා දෙමහල්ලන්ට සිටි එකම පිරිමි දරුවා අසංක මධුරත්න සිල්වා ය. 1986 ජූලි මස 13 දින උපත ලද හෙතෙම පාසල් අධ්‍යාපනය ලැබුවේ මිරිස්වත්ත මහ විද්‍යාලයෙනි. පාසල් අවධියේ දක්‍ෂ සිසුවෙකු වූ අසංක අ. පො. ස. (උසස් පෙළ) විභාගය ඉහළින් ජය ගත්තේය.පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසටත්, ඉසුරුපුර දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසටත් පත් වූයේ ඔහු තුළ තිබූ දක්‍ෂතාව හා නිහතමානී බව නිසාය. උසස් පෙළ විභාගය වානිජ විෂය ධාරාවෙන් හැදෑරූ නිසා වෙළඳ ක්ෂේත්‍රයේ රැකියා රැසක් ඔහු කරා පැමිණිය ද හෙතෙම සියල්ල ප්‍රතික්‍ෂේප කෙළේය. කුඩා කළ තම ආශාව වූයේ ගුවන් හමුදාවට එක්වීම බැවින් ඔහු එය 2009 ජනවාරි 20 වන දින ඉටු කර ගත්තේය. ඒ අනුව ගුවන් හමුදා නිත්‍ය බළ සේවා ඒකකයේ දියතලාව ඒකකයට හෙතෙම ඇතුළත් විය.අසංකගේ මව සහ පියාමේ පිළිබඳව අදහස් දැක්වූ ඔහුගේ පියා වන අනිල් ද සිල්වා මහතා, “පුතාට අවශ්‍ය වුණේ රටට සේවය කරන්න. ඒ වගේම මවුපියන්ට සලකන්න වෙන රැකියාවකට යන්න අපි කීවත් එයා ගියේ නැහැ. එයා එදා ඉඳන් විවිධ අත්හදා බැලීම් කරනවා. ගුවන් හමුදාවට ආසයි. ඒ නිසා ආධුනික ගුවන් යානා සැකිලි ශිල්පී තනතුර සඳහා ගියා. මුළු ගමම එයාට ආදරෙයි.රට දැයට අමිල සේවාවක් කරමින් තම මවුපියන් සුරකින්නට සිටි එකම පුතු තම ඡායාරූපය ගැනීමට යෑමේදී සිදු වූ හදිසි අසනීප තත්ත්වයෙන් රෝගාතුර වී අප හැර ගියේය.ලෝක ධර්මතාව කිසිවකුටත් වෙනස් කළ නොහැකි බව පෙන්වා දෙමින් අසංක මධුරත්න සිල්වා රණවිරුවා ගමක් හඬවමින් පසුගියදා රුවන්මග පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේය.
NEWS
වංචනික ලෙස විදුලි මීටරයේ ක්‍රියාකාරීත්වය වෙනස් කර විදුලිය ලබාගත්තේ යැයි කියන වරද පිළිගත් අයකුට එලෙස විදුලිය ලබාගත් ඒකක ගණන වෙනුවෙන් එක්ලක්‍ෂ හැත්තෑදහස් හැත්තෑවයි ශත දහයක මුදල ද, (170070.10) අමතරව රු. 10000 ක දඩයක් ද ගෙවන ලෙසට මීගමුව මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය හේවගේ මහත්මිය නියෝග කළාය.මෙලෙස මුදල් ගෙවීමට සිදුවූයේ දොන් බොස්කෝ මාවත, ඒත්තුකාල පදිංචි කන්දසාමි සච්චි නන්දසිවම් නැමැති පුද්ගලයකුටයි.විදුලි මීටරයේ ඉහළ මනු කවරය සිදුරු කර ඒ තුළින් කම්බි කැබැල්ලක් වැනි යමක් ඇතුළත් කර ධාවන තැටියේ ගැටීමට සලස්වා එම ධාවන තැටියේ වේගය අඩාල කොට මෙම විදුලි වංචාව කර ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.කොළඹ විදුලිබල මණ්ඩලයේ විමර්ශන නිලධාරීන් හා එක්ව මීගමුව පොලිසියේ අධිකරණ කටයුතු භාර නිලධාරි උප පොලිස් පරීක්‍ෂක රංජිත් ප්‍රේමසිරි මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි..
NEWS
අන්තර් පාසල් 15න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ ආනන්ද විදුහල, සාන්ත ජෝන් විදුහල සහ මාරිස්ටෙලා විදුහල පරාජය කිරීමට පසුගියදා තර්ස්ටන් විදුහල සමත්විය.තර්ස්ටන් – ආනන්දතිමිර ජයසිංහගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ආනන්ද විදුහල සමඟ පැවැති තරගයෙන් කඩුළු 4ක ජයක් හිමිවිය.ආනන්ද විදුහල-254(සියළුදෙනා දැවී) අෂේන් දසනායක 43, නිසාල් ෆ්‍රැන්සිස් 41, පසිඳු ලක්ෂාන්ත 38 (සෙනාල් විජේසිංහ 62/3)තර්ස්ටන් විදුහල-255/6-තිමිර ජයසිංහ 101, සජිත් ගුණතිලක 62, චරණ නානායක්කාර නොදැවී 52 ( චමෝද් උදයංග 32/2 )තර්ස්ටන් - සාන්ත ජෝන්සෙනාල් පෙරේරා, ගිහාන් ශෂිර සහ තිමිර ජයසිංහගේ පන්දු යැවීමේ දස්කම් හේතුවෙන් සාන්ත ජෝන් විදුහලට එරෙහිව ලකුණු 95ක ජයක් අත්විය.තර්ස්ටන් විදුහල-267/8- උදාර මල්වරගේ 70, තිමිර ජයසිංහ 32 ( නලින් ධනුෂ්ක 48/3 )සාන්ත ජෝන් විදුහල – 172 (සියළුදෙනා දැවී) නලින් ධනුෂ්ක 44 (සෙනාල් පෙරේරා 26/4, ගිහාන් ශෂිර 31/3, තිමිර ජයසිංහ 35/3 )තර්ස්ටන් – මාරිස්ටෙලාතිමිර ජයසිංහ සහ රවීන් සමරසිංහ කඩුළු 4 බැගින් දවාලමින් මාරිස්ටෙලා විදුහලට එරෙහිව ලකුණු 163ක දැවැන්ත ජයක් තර්ස්ටන් විදුහලට හිමිකර දීමට සමත්විය.තර්ස්ටන් විදුහල- 288 (සියළුදෙනා දැවී ) සජිත් ගුණතිලක 66, තිමිර ජයසිංහ 62, තනුර සිල්වා 52 (අශේන් ප්‍රනාන්දු 36/3 )මාරිස්ටෙලා විදුහල – 125 (සියළුදෙනා දැවී ) නවෝද් ප්‍රනාන්දු 35 (තිමිර ජයසිංහ 13/4, රවීන් සමරසිංහ 30/4).
NEWS
පාක්ෂිකයන් හට නිසි මඟපෙන්වීමක් හෝ නායකත්වයක් හෝ ලබාදිය නොහැකි එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇතැයි උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පැවසීය.මේ නිසා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල බලකණු අද වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බව ද ඒ මහතා පැවසීය.අනුරාධපුරයේ හා මිහින්තලා ප්‍රදේශයේ පැවති උතුරුමැද පළාත් සභා මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ගණනාවකට සහභාගි වෙමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මෙසේ ද කීය.”මෙවර උතුරුමැද පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ වීමත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා ලොකු පෙරළියක් ඇතිවීමට පටන්ගෙන තිබෙනවා.ශ්‍රී ලංකා, යූ. එන්. පී, ජේ. වී. පී. මේ සියලු පක්‍ෂ අද එකම වේදිකාවකට එකතුව සිටිනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල බලකණු අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපත් සමඟ එක්වෙමින් සිටිනවා.එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර වෙනත් පක්‍ෂයක ඉඳලා තේරුමක් නැති බව ගම්වල පාක්ෂිකයාගේ ඉඳලා ප්‍රාදේශීය සභා, පළාත් සභා මහජන නියෝජිතයින් දක්වා හැම කෙනාම අවබෝධ කරගෙනයි ඉන්නේ.මේ නිසා අද එක්සත් ජාතික පක්‍ෂය නන්නත්තාර වෙලා. මේ නිසා තව තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන්.ගියවර පළාත් සභාවේ අපට මන්ත්‍රීවරු දහතුන්දෙනයි හිටියේ. මෙවර පවතින තත්ත්වය අනුව අපට මන්ත්‍රීවරු දහඅට දෙනෙක්වත් ලැබේවි කියා හිතෙනවා.ජනතා විමුක්ති පෙරමුණේ හිටපු උතුරුමැද පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකවරු තරුණ සංවිධාන ක්‍රියාකාරිකයින් ආදී විශාල පිරිසක් අපත් සමඟ එකතු වෙනවා.ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කළේ ජනතාව බොරුවෙන්, කපටිකමෙන් රැවැටීම. පක්‍ෂයේ නායකයින් යැයි කියාගන්නා අයට හැමදාම ජනතාව රවට්ටන්න බෑ. ජනතාව අද එදාට වඩා බුද්ධිමත්. මේ නිසයි බුද්ධිමත් ජනතා විමුක්ති පෙරමුණ පාක්ෂිකයෝ අද සන්ධානය වටා රොද බැඳ ගන්නේ.අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් තව වසර පහක් මේ රටේ විධායක ජනාධිපතිවරයායි.වසර පහක් නෙවේ මැරෙනකම්ම මේ රටේ විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මැරෙනකම්ම මේ රටේ විධායක ජනාධිපති වගේම මැරෙනකම්ම උතුරුමැද මහ ඇමැති බර්ටි දිසානායකයි.අපි එහෙම බය නැතුව කියන්නේ මේ රටට වැඩක් කළ වැඩ කරන ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නිසයි.උතුරුමැදට වැඩ කරලා පෙන්නපු, වැඩ කරලා තියෙන, ජනතාව සමඟ සිටින ජනතා විශ්වාසය දිනාගෙන තියෙන නිසයි අපි කියන්නේ් මැරෙනතුරුම උතුරුමැද මහ ඇමැති බර්ටි දිසානායකයි කියල. මැතිවරණයෙන් මැතිවරණයට අප ලබාගත් ඡන්ද සංඛ්‍යාව හෝ මනාප සංඛ්‍යාව වැඩිවුණා මිස අඩුවෙලා නෑ. මෙවර පළාත් සභා මැතිවරණයත් විශිෂ්ට ජයග්‍රහණයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබනවා. ඒ සඳහා ශ්‍රී ලංකා, යූ. එන්. පී, ජේ. වී. පී. සියලු දෙනා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ අද එකට ඒකරාශී වෙමින් සිටිනවා..
NEWS
බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාව ලකුණු 874 ක් ලබා ගනිමින් බස්නාහිර පළාතට හිමිවූ අතර අනුශූරතාව ලකුණු 612 ක් ලබාගත් මධ්‍යම පළාතටද ලකුණු 577 ක් ලබාගත් සබරගමුව පළාතට තෙවන ස්ථානයද හිමි විය. දුර පැනීමේ ඉසව්වෙන් මීටර 7.43 ක් වාර්තා කල වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ ඒ. ඩී. ඒ. ප්‍රනාන්දු තරගාවලියේ දක්‍ෂතම මලල ක්‍රීඩකයා ලෙසද පැණීමේ ඉසව් වල දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙසද සම්මාන ලද අතර කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවේ පබසරා සේනානායක තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.සමස්ත බාලක ශූරතාව ලකුණු 117 බැගින් ලබාගත් වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලත් මීගමුව මාරිස්ටෙලා විදුහලත් සම ශූරයන් වූ අතර සමස්ත බාලිකා ශූරතාව සඳහා ලකුණු 167 බැගින් ලබාගත් කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවන් හා වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය හිමිකම් කීහ. ලකුණු 90 ක් ලබා ගනිමින් වලල ඒ. රත්නායක විදුහල බාලක සූරතාව තෙවන තැනටත් ලකුණු 161 ලබා ගනිමින් රත්නපුර සුමන බාලිකාව තෙවන ස්ථානයටත් හිමිකම් කීහ.ජවන සහ පිටිය තරග ඉසව් 124 ක් පැවැත්වූ අතර දින පහ තුළ තරග වාර්තා දහතුනක්ම බිඳ දැමීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.නව තරග වාර්තා මෙසේය.1. මීටර 5000 21 පහළ බාලිකා - එච්. එම්. මිලීනා කුමාරි සෙනෙවිරත්න (ශ්‍රී රාහුල ජාතික පාසල කටුගස්තොට) විනාඩි 18 තත් 16.212. රිටි පැනීම 17 පහළ බාලිකා - හර්ෂණී සමුද්‍රා කුමාරි ධර්මරත්න (මලල ඒ රත්නායක ම.වි.)මීටර 3ට3. මීටර 5000 19 පහළ බාලක - ඩබ්ලිව්. එම්. එම්. තරිඳු මධුෂාන් (ලුණුවත්ත ම.වි. වැලිමඩ) විනාඩි 15 තත් 27.14. මීටර 400 කඩුළු 19 පහල බාලක - ජේ. ලහිරු ප්‍රසන්ජිත් (තක්ෂිලා ම.වි. හොරණ) තත් 53.565. යගුලිය දැමීම 19 පහල බාලක - ඩී. සංජුන සුමනවීර (රෝයල් ජා. පාසල කොළඹ) මීටර් 14.866. රිටි පැනීම 19 පහල බාලිකා - අරින්ද්‍රවන් පවිත්‍රා (අරුණෝදය විද්‍යාලය යාපනය) මීටර් 3.017. මිටර් 100 x4 සහාය 17 පහල බාලක - කොළඹ නාලන්දා විද්‍යාලය තත් 43.788. රිටි පැනීම 21 පහල බාලිකා - ශන්මුගරාජා තනුජා (අරුණෝදය විද්‍යාලය යාපනය) මීටර් 3.119. මීටර් 400 කඩුළු 17 පහල බාලිකා - එම්. කුමාරි වීරසිංහ (වලල ඒ රත්නායක ම.වි.) තත්67.610. කවපෙත්ත විසි කිරීම 19 පහල බාලිකා - අමන්ති සිල්වා (සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය) මීටර් 39.4611. රිටි පැනීම 19 පහල බාලක - එම්. එච්. ඉෂාර සඳරුවන් (වලල ඒ රත්නායක ම.වි.) මීටර 4.3112. මීටර 100 21 පහල බාලිකා - එස්. ආර්. ජේ. පී. සේනානායක (සාන්ත ජෝසප් බාලිකා කෑගල්ල) තත්පර 12.3013. මීටර 100x4 සහාය 15 පහල බාලිකා - සාන්ත ජෝසප් බාලිකා විදුහල කෑගල්ල විනාඩි 4 තත් 12.114‍.කිලෝමීටර 21.098 ක දුරකින් යුත් අර්ධ මැරතන් තරගයේ බාලක ශූරතාව පැය 01 විනාඩි 13 යි තත් 53 කින් තරගය නිම කල වැලිමඩ ලුණුවත්ත ම. විදුහලේ ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. තරිඳු මධුෂාන් ට හිමි විය. පැය 01 යි විනාඩි 27 තත්පර 55 කින් තරගය නිමා කරමින් පොල්පිතිගම ජාතික පාසලේ ඩී. එම්. මහේෂිකා මධුෂානි බාලිකා ශූරතාව හිමිකර ගත්තාය..
NEWS
දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබාදුන් එජාප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත් විමට එජාපය විසින් තීරණය ඇති බවත්, එය අභියෝගයට ලක්කරමින් අධිකරණය හරහා තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.දෝෂාභියෝගයට පක්ෂව ජන්දය දිම ගැන කරුණු දක්වන ලෙස දන්වමින් එජාපයෙන් එවා ඇති ලිපියට කිසිඳු නෛතික පදනමක් නොමැති බවද හෙතෙම කිවේය.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් නානායක්කාර මහතා එසේ ප්‍රකාශ කළේය.ෆයිසර් මුස්තාපා නීතිඥ සමාගම හරහා තමන් අධිකරණයට කරුණු දැක්වීම සිදුකරන බව පවසන මනූෂ නානායක්කාර මහතා මීට කලින්ද දීර්ඝකාලීනව බලපාන ලෙස තහනම් නියෝගයක් ගෙන ඇති බව පැවසීය.ශ්‍රී ලංකාවේ කීර්තිනාමය යටපත් කිරීමට කටයුතු කරන පිරිසක් දෝෂාභියෝගයට විරුද්ධව කටයුතු කළ බවත් රටට වළ කපන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තමාට නොහැකි බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.දෝෂාභියෝගයට පක්ෂව, විපක්ෂව හෝ ඊට ඡන්දය භාවිතා නොකර සිටීම ඕනෑම මන්ත්‍රීවරයකුට අයිතිය තියෙන බවත්, තමන් හෘද සාක්ෂියට එකගව නිවරදි තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා කීවේය.දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය නොදෙන ලෙසට ජනවාරි 8 වැනිදාත්, 10 වැනිදාත් ලිපි දෙකක් එවා තිබු බව පවසන ඒ මහතා ඒ හරහා ඒකාධිපතිත්වයක් පෙන්නුම් කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.විනය පරික්ෂණ ගෙන ඒම එජාපයට පුරුද්දක් වී ඇති බවත්, එවැනි සංදර්ශන මිට පෙරද බොහෝ අවස්ථාවල දක්නට ලැබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.කවුරුන් කුමන බලපෑම කළද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය ගෙනයන සංවර්ධන වැඩපිළිවළ කිසිදු අයුරකින් අඩාල කිරිමට කිසිවෙකුට නොහැකි බවද නානායක්කාර මහතා පෙන්වාදුන්නේය.එජාපයෙන් ඉවත් වී ඇද්දැයි මාධ්‍යවේදියකු මන්ත්‍රීවරයාගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙසේද කීවේය.එජාපය උත්සහ කළේ හිටපු අගවිනිසුරුවරිය හරහා සෝෂාභියෝගයට ඡන්දය ලබාදීම වැරදි බවට පෙන්වමින් අපගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න. ඒ අය එවපු ලිපිවලින් කරපු ප්‍රකාශවලින් තේරුම් ගත හැකියි මෙය දීර්ඝ කාලීන සැළසුමක් කියළා. ඒත් ඒ අයගේ සැළසුම අපට පුළුවන් වුණා පරාජය කරන්න. විපක්ෂ නායකවරයා බිස්කට් එකක් පෙන්වලා කිවුවා එහි දිනය 2014 වසරෙන් අවසන් වෙනවා වගේ රජයේ කාලයත් අවසන් කියළා.එතුමා දන්නේ නැහැ ඒ බිස්කට් එකේ කාලය 2013 වසරෙන් ඉවරයි කියළා. එතුමා කරන්නේ ඉතිරි වෙලා ඉන්න පාක්ෂිකයෝ කිහිප දෙනාට ජිල්මාට් දැමීමක් විතරයි, එයින් වෙන්නේ එතුමා විහිළුකාරයෙක් වෙන එක පමණයි. ඒ නිසා අදත් කියනවා මම හෘද සාක්ෂියට අනුවයි වැඩ කරන්නේ කියළා..
NEWS
එච්. ආර්. ජෝතිපාල කියන්නෙ මෙරට බිහිවූ අසහායම ගායකයා. සදහටම සමුගෙන වසර විසිහතක් ගතවුණත් ‍ජෝතිගේ ගීත ගුවනින් අදද අපට ඇ‍හෙන්නේ ඒ හින්දාමයි. තම සංගීත දිවිය ආලෝකවත් කරගන්න ‍ජෝති ගීත ගයන නව පරපුරේ ගායකයෝ අනන්තයි. අප්‍රමාණයි. ඒ අතරින් ජෝතිගේ ගීත රී-මේක් කරන්නෝ නැතුවාම නොවෙයි.උදිත සංජය අන්න ඒවගේ කෙනෙක්. ඔහු ජෝතිගේ ජනප්‍රියම ගීත ද්විත්වයක් වන රෑ, දවල් මල් හැඟුම් සහ ආදරේ හිතෙනවා දැක්කම නව ආරකින් ගැයුවා. මේවනවිට ඒ ගීත යුවළ නිතර දෙවේලේ ප්‍රචාරය වනු අපට දැකිය හැකියි. උදිතට අප ඇමතුවේ ඒවා ගැන අහනගමං ඔහුගේ සංගීත දිවියෙහි අලුත් විස්තර පිළිබඳ අසා දැනගන්න.උදිත, පැරැණි ගීත යළි නිර්මාණය කරන්න හිතුණේ ඇයි?ඇත්තම කිව්වොත් අලුත් ගීතවලට වඩා පැරැණි ගීත මිනිස්සුන්ට මතකයි. නමුත් අලුත් පරපුරේ අය මෙවන්වූ ගීත තිබුණද කියලාවත් දන්නෙ නැහැ. අඩුමගානේ රීමේක් කරපු සිංදු දෙක අහලවත් ඔවුන් ඒවා දැනගනීවි. කාලයක් ජනප්‍රියත්වයේ තිබුණු ගීත දෙකකට යළි ඊටත් වඩා ජනප්‍රියත්වයක් හිමිකර දුන්නා කියලා නිහතමානී සතුටක් මගෙ හිතේ තියනවා.ඔබට අවසර ලැබුණද මෙම ගීත යුගළ රී-මේක් කරන්න?ඔව්. මං ඔය අනිත් අය වගේ අයිතිකාරයින්ට හොරෙන් පැරැණි ගීත ගයන ගායකයෙක් නොවෙයි. එහෙම කරලා මට පුරුදු නැහැ. මෙම ගීතවලින් ආදරේ හිතෙනවා දැක්කම ගීතයයි පළමුව මා රීමේක් කළේ. එහි වර්තමාන හිමිකාරීත්වය තිබෙන්නේ නීල් රූපසිංහ මහතා යටතේ. ඉතිං මං ඔහුව හමුවෙලා මේ ගීය ඉල්ලා සිටියා. වාසනාවට ඔහු මං ගැන දැනගෙන හිටියා.ඒ කොහොමද?සිරස සුපර් ස්ටාර් හතරවැනි අදි‍යරේ අනුසූරතාවය දිනාගත්තෙ මමනෙ. ඔහු එහි මං ගායනා ඉදිරිපත් කරන අයුරු දැකලා තියනවා. ආයෙ අමුතුවෙන් ඔහුට මා ගැන හඳුන්වලා දෙන්න වුවමනා වුණේ නැහැ. ඒ පැහැදීම නිසාම ඔහු මට දෙවතාවක් නොසිතා ගීතය දුන්නා.උදිත ගැයූ නව නිර්මාණ තිබෙනවා. ඒත් ඒවා වැඩිය ජනප්‍රිය වුණේ නැහැ. මොකද ඒ?අලුතින් සිංදුවක් හදලා මාකට් කරගන්න හරිම අමාරුයි. ඇතැම් මාධ්‍යයන් වෙන වෙන උපක්‍රම භාවිත කරමිනුයි අලුත් ගීත ප්‍රචාරය කරන්නෙ. මං මගේම ගීත ජනප්‍රිය කරගන්න පුදුම වෙහෙසක් ගත්තා. ඒත් හරිගියේ නැහැ.ඒත් රී-මේක් කරපු සිංදු දෙක ඉතාම ඉක්මනින් මිනිසුන් අතරට ගියා.ඇතැම් අය කියනවා නව පරපුරේ අය පැරැණි ගීත රී-මේක් කරන්නෙ සිංදු කියන්න බැරි හින්දා කියලා?ඔබ ඔය අහන්නෙ තාක්ෂණය මගින් ඕනම කෙනෙකුට ගායකයකු වන්න පුළුවන් කියන කාරණයනේ.‍තාක්ෂණයත් එක්ක ගොළුවකුට වුණත් අද සිංදු කියන්න පුළුවන්. හැබැයි පැවැත්මක් නැහැ. සිංදු කියන්න බැරි අය රී-‍මේක් කරනවා කියන්නෙ මුල් ගීතය මරලා දානවා වගේ වැඩක්. මුල් ගීතය මිනිස්සුන්ගේ කනට හුරුයි. සිංදු කියන්න බැරිකෙනෙක් කිව්වොත් මිනිස්සුන්ට ඒක හොඳට තේරෙනවා.නියම ගායකයකුට ලයිව් සිං කරන්න පුළුවන් වෙන්න ඕන. බොරුවට කට හොලවන අය ගායකයො නෙවෙයි. තාක්ෂණයත් එක්ක ගී ගයපු අය ලයිව් ස්ටේජ් එකේදි අපහසුතාවයන්ට පත් වන්නෙ ඒකයි.රෑ දවල් සහ ආදරේ හිතෙනවා දැක්කම ගීත යුගල ඔබ විසින් මරලා දාලා කියලා කවුරුවත් පවසලා නැද්ද?මොකද නැත්තෙ. ටිකදෙනෙක් එහෙම කියනවලු. හැබැයි කවුරුවත් මගෙ මූණට බනින්න බයයි.අද වනවිට ගීතයක් ජනප්‍රිය කරගන්න මියුසික් වීඩියෝවක් අත්‍යවශ්‍යමද?අනිවාර්යයෙන්ම ඕන. අපේ රසික රසිකාවියො වීඩියෝවලට හුරුවෙලා සිංදුවක් කරලා වීඩියෝවක් නොකළොත් වැඩක් නැහැ.රෑ දවල් ගීතයේ මියුසික් වීඩියෝව ගැන කතාකළොත්?එය අධ්‍යක්ෂණය කළේ දුමින්ද අලහේන්ද්‍ර. මෝෂන් කන්ට්‍රෝල් කියන තාක්ෂණය මුල්වරට අපි ලංකාවට මෙමගින් හඳුන්වා දුන්නා. මම වගේ දහදෙනෙක් වීඩියෝව තුළ මැවෙන්නෙ ඒ තාක්ෂණය හින්දා.උදිතගේ පවුලේ විස්තරත් කියමු?මගෙ තාත්තා බිස්නස් කරන්නෙ. අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි පවුලෙ ඉන්නෙ, ගම මොරටුව.ඔබේ ඊළඟ නිර්මාණයත් රී-මේක් එකක් කියලා මට දැනගන්නට ලැබුණා.හරියට හරි. නමුත් මට ඒ ගීත මොනවාද කියලා දැන්මම කියන්න බැහැ.දිගින් දිගටම රී-මේක් කළොත් ඔබේ අනන්‍යතාවය ඔබටම අහිමිවේවිනෙ?මං හිතන්නෙ නැහැ එහෙම වෙයි කියලා. මොකද මං ජෝති‍පාල මහත්මයාගෙ ගීත ගැයුවෙ ඔහු විදිහට නෙවෙයි. මගෙම ශෛලියටයි ඒවා කිව්වෙ. අනෙක් ගීතත් එහෙමයි. මං මගේ විදිහටයි රී-මේක් කරන්නෙ.අනුන්ගේ ගීත ගයලා පැවැත්මක් හදාගන්න පුළුවන්ද?අනුන්ගේ ගීත නෙවෙයි තමන්ගේම ගීත ගයලා පැවැත්මක් හදාගන්න බැරි ගායකයෝ ඕනතරම් ඉන්නවා. මේ හැම දෙයක්ම තීරණය වෙන්නෙ හැකියාව රසික ආදරය සහ වාසනා ගුණය මත.
NEWS
මාතලේ සින්නකට්ටි කඳු මුදුනේ කෝවිල් භූමියක “ඕම් ශක්ති” නමින් කලක පටන් පවත්වාගෙන ගිය නීනි විරෝධී ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ඊයේ (20) වැටලූ මධ්‍යම දිසා පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ගුවන් විදුලි උපකරණ සමග එය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.දෙමළ බසින් සංඛ්‍යාත 96.1 ඔස්සේ මෙහි විකාශන කටයුතු සිදු කර තිබෙන බව පොලිසිය පවසයි.කෝවිල් භූමියේ තහඩු වලින් සකස් කරන ලද අඩි 12 ය 8 ප්‍රමාණයේ කාමරයක් තුළ මෙම නීති විරෝධී ගුවන් විදුලි මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබේ.මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් මධ්‍යම දිසා ත්‍රස්ත විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් යටවර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ. විකාශන කටයුතු සඳහා යොදාගත් ට්‍රාන්ස්මීටරය, පරිගණක, දුරකථන, ඇතුළු උපාංග රැසක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත..
NEWS
අවශ්‍ය සියලු පහසුකම් ලබා දී උතුරේ ජනතාවටත් ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බරයෙන් යුතුව ජීවත් වීමේ ඉඩකඩ සලසා දෙන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ප්‍රසාදයට ලක්ව ඇතැයි කී ඒ මහතා එම ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, ත්‍රිවිධ හමුදාව සහ රජයේ නිලධාරින්ටත් හිමි වන බවත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (9) මේ බව ප්‍රකාශ කළේය.අවතැන් වූ ජනතාව ඉතාම කෙටි කලක දී පදිංචි කළ රටක් වශයෙන් ලෝකයේ ගෞරවයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සඳහන් කළ ඇමැතිවරයා ඒ පිළිබඳ ආඩම්බරයට පත් වන බවත් කීවේ ය.උතුරේ අවතැන් වූ ජනතාව සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් එකක් හැර අනෙක් සෑම කොට්ඨාසයකම එක ගමක හෝ ජනතාව නැවත පදිංචි කිරීමට රජය සමත්ව ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා ඇතැම් කොට්ඨාසවල මේ වන විට සියයට සියයක් ජනතාව නැවත පදිංචිකර තිබෙන බවත් සඳහන් කළේය.වසර ගණනාවක් තිස්සේ උතුරේ පැවැති ත්‍රස්තවාදයෙන් ඒ ප්‍රදේශ මුදා ගැනීමේ දී අවතැන් වූ මේ ජනතාව නැවත පදිංචි කිරීමේ දී මතු වූ ප්‍රධාන ගැටලුව නම් බිම් බෝම්බ ඉවත් කිරීම බවත් ඇමැතිවරයා කීය.බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා රජය ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත් කළ බව කී ඇමැතිවරයා විශාල මුදලක් වැය කර ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර මෙරටට ගෙන ආ බවත් නැව් මගින් ගෙනඒමේ දී දිගු කලක් ගත වන බැවින් ඒවා ගුවන් මගින් ගෙන ඒමට පියවර ගත් බවත් කීවේ ය.බිම්බෝම්බ ඉවත් කළ විගස ජනතාව නැවත පදිංචි කළ නොහැකි බව කී ඇමැතිවරයා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ නිර්දේශය අවශ්‍ය බවත් පැවැසීය. බිම් බෝම්බ ඉවත් කළ පසු ඒ ප්‍රදේශවල මාර්ග, පානීය හා වාරිජල පහසුකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෝහල්, පාසල් ආදී සියලු පහසුකම් ඉහළ නැංවීමට පියවර ගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.එසේ ම ඒ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායන් වන ගොවිතැන, ධීවර සහ සත්ත්ව නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය උපකරණ, නොමිලේ ලබාදුන් බවත් වී ගොවීන්ට කන්න දෙකක් සඳහා බීජ, පොහොර ලබාදුන් බවත් මිරිදිය ජලාශවලට වහාම මාළු පැටවුන් ලබා දීමට පියවර ගත් නිසා ධීවරයන්ව නැවත පදිංචි කළ විගස ඒ ධීවර කටයුතු ඇරඹීමට හැකිවූ බවත් කීවේ ය.නැඟෙනහිර මෙන් ක්‍රමානුකූලව උතුරේත් නැවත පදිංචි කිරීමට තිබූ අවස්ථාව විවිධ බලපෑම් නිසා අහිමි වූ බව කී ඇමැතිවරයා උතුරේ සිටින ධෛර්මත් ජනතාවට පහසුකම් දුන් පසු ඔවුන්ට ස්වශක්තියෙන් නැගී සිටිය හැකි බවත් කීවේය.උතුරේ නිවාස 160,000ක් තැනිය යුතු බව කී ඒ මහතා එක නිවසකට රුපියල් 325,000 බැගින් දුන්නත් ඒ සඳහා රුපියල් මිලියන 52000ක් වැය වන බවත් එය ශ්‍රී ලංකාව වැනි රටකට ඉසිලිය නොහැකි මුදලක් බවත් කීවේ ය.දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට උතුරේ සංචාරය කරන්නට ඉඩ ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් ඉදිරියේදීත් ඔවුන් සමඟ සාකච්ඡා කර සහාය ලබා ගන්නා බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
NEWS
නව මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට මසකට රුපියල් ලක්ෂ තිහකට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නොයෙක් ක්‍රම මගින් ලැබෙන බව අනාවරණය වී තිබේ.නව අධිකාරිවරයෙකු පත් කිරීමෙන් පසු බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ගෙන යාම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. බන්ධනාගාරයේ ගැටුම්කාරි තත්ත්වයක් ඇති වීමට ප්‍රධානතම හේතුව මෙය බව මේ වන විට ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් සහ බන්ධනාගාර නිලධාරී කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ. ‘ටෙනිස් බෝල’ තුළට හෙරොයින් සහ ගංජා බහා එම බෝල නව මැගසින් බන්ධනාගාරය තුළට විසිකිරීම හරහා වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට යැවීම සිදු කර තිබේ.කෑම පාර්සල් තුළට මත්ද්‍රව්‍ය දමා ඒවා බන්ධනාගාරයට යවති.මෙම මත්ද්‍රව්‍යවලට මුදල් ගෙවීම ජංගම දුරකථන හරහා සිදු කර ඇති බව පැවසේ..
NEWS
සපුගස්කන්ද සමෘද්ධි මාවතේ පවර් හවුස් මංසන්ධියේ සිට බියගමට ඇති එකම විකල්ප මාර්ගය කොට්ටුන්න මාර්ගයයි.කොට්ටුන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කළ මුත් කිලෝමීටරයක පමණ දුරක් කිසිදු ලෙසකින් සංවර්ධනය නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙන්ම දෛනිකව මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව සිටී.දිනකට රථවාහන රැසක් බියගම, මල්වාන, කඩුවෙල, මාලඹේ, පාර්ලිමේන්තුව, අවිස්සාවේල්ල මාර්ගයටත් ප්‍රවිශ්ඨ වීමටත් අනෙක් පසින් මාකොළ, කිරිබත්ගොඩ, කඩවත ප්‍රදේශයන්ට හුවමාරු වීමටත් භාවිත කරන විකල්ප මාර්ගයත් මෙය වෙයි.නමුත් කාපට් අතුරූ මෙම මාර්ගයේ දෙපස සිරිදේවමිත්ත, යෝගාශ්‍රම සහ කොට්ටුවන්න ඔය, හරහා දිවෙන කි. මී.1ක දුර දැඩිලෙස අබලන් වී ඇත.යතුරු පැදියකටවත්, මගියකුටවත් මාර්ගයේ පයින් ඇවිද යාමටවත් නොහැකිවන අයුරින් මාර්ගයේ විශාල වළවල් සෑදී ඇත.වැසි දිනකට මාර්ගය මඩ ගොහොරුවකි. පවර් හවුස් මංසන්ධියේ සිට බියගම නව නුවර පාර දක්වා දිවෙන කොට්ටුන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට මිලියන 50ක මුදලක් වෙන්කර තිබුනද මෙම කි. මි1ක පමණ දුර මඟහැර සෙසු දුර කාපට් අතුරා සංවර්ධනය කිරීම අනුවණ ක්‍රියාවක් බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.බලධාරීන්ගේ කුඩම්මාගේ සැළකිල්ලට ලක්ව ඇති කොට්ටුන්න මාර්ගයේ මෙම කොටස සංවර්ධනය කර දෙන ලෙස ගම්වාසීහු බලධාරීන්ට කොතෙකුත් දැනුවත් කළත් ඒ සියල්ලම ගඟට කැපූ ඉනි සේ පළක් වී නැත.කොට්ටුන්න ප්‍රදේශයේ ජනතාවගේ මේ ඉල්ලීමට බලධාරීන් සතුටුදායක පිළිතුරක් ලබාදෙනතුරු ප්‍රදේශයේ ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිති..
NEWS
ගම්පොළ, ගල්පාය හරහා කරගල කොහොවල මාර්ගයේ වළවල් නිසා ග්‍රාම නිලධාරි වසම් 5ක ජනතාවට ගමනාගමන පහසුකම් අහිමිවී ඇත.ගම්පොළ රාජධානියේ සැලව දේවාලයට ගිය මාර්ගය ලෙස ද මෙමඟ හඳුන්වයි.නමුත් එමඟ පයින් යන්න බැරි තරමට අබලන් ය.කරාබු, කෝපි, ගම්මිරිස්, එනසාල්, තේ, සාදික්කා බෝග වගාකර ඇති මෙම ගම්වැසියන් කෙරෙහි පළාත් සභාවෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති බව ගම්වාසීහු ම පවසති.මාර්ගයේ ධාවනය වූ එකම බස් රථයත් නවතා ඇත. පෞද්ගලික වෑන් රථ 6ක් අක්‍රමත්ව ධාවනය කෙරේ.පෞද්ගලික වෑන්රථ රියදුරන් පවසන්නේ අළුගොල්ල හන්දියේ සිට කරගල හා කොහොවල දක්වා මාර්ගයේ වළවල් නිසා වෑන් රථ ධාවනය සීමාකර ඇති බවයි.පාර සම්බන්ධව ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් පවසා සිටියේ “අපට මෙම මාර්ගය අයිති නෑ, බස් රථ ධාවනය වන සියලුම මාර්ග අයිති වන්නේ පළාත් සභාවට” බවයි.උදේ සවස ප්‍රවාහන පහසුකම් ක්‍රමවත්ව සිදු නොවීම නිසා පාසල් සිසුන් රජයේ සේවකයින් ද අපහසුතාවයට පත්ව ඇත.මීට අමතරව යටපාන හන්දියේ සිට වැටකේදෙණිය මාර්ගය ද උඩුවැල්ල බෙරවිල මාර්ගයද අබලන් වී ඇත.ජීවිත, දේපළ හානි සිදුවීමට පෙර මාර්ග සංවර්ධනය කර දෙන ලෙස ගම්වාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.ඡායාරූප - ගඟඉහළකෝරළේ සමූහ.
NEWS
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඒකාබද්ධ බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායමක් වෙනුවෙන් සිය උපන් නගරය වන ලන්ඩනයේ ක්‍රීඩා කිරීමේ ඩේවිඩ් බෙකම්ගේ බලාපොරොත්තු, කළමනාකරු ස්ටුවර්ට් පියර්ස්ගේ සංචිතයේ අළුතින්ම සිදු කෙරුණු කපා හැරීම්වලින් පසුවත් කඩ වී නැත.එංගලන්ත පාපන්දු කණ්ඩායමේ භාරකාර ප්‍රධානියාද වන පියර්ස්, ක්‍රීඩකයින් 191 දෙනෙකුගෙන් සමන්විත මුල් ලැයිස්තුව පෙරේදා 80 දක්වා අඩු කළේය.ලබන මාසයේ 37 වැනි වියට පිවිසෙන බෙකම් මනා ශරීර සෙෘඛ්‍යයකින් සිටියොත්, හිටපු එංගලන්ත ‘ෆුල් බෑක්’ ක්‍රීඩක පියර්ස් ඔහුගේ 18 දෙනාගේ සංචිතය මැයි මස අගදී නම් කරන විට බෙකම් ඊට ඇතුළත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ..
NEWS
මතුගම නගරයේ මහජන පුස්තකාලයේ තිබෙන අඩුපාඩුකම් නිසා තමන්ට මහත් අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව පාඨකයෝ පවසති.මෙම පුස්තකාලය මතුගම ප්‍රාදේශීය සභාවෙන් පාලනයවන අතර නිදහස් අධ්‍යාපනයේ පියා වන “සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර” මැතිතුමා නමින් හඳුන්වාදී ඒ නමින් නම් කර ඇත.අද වනවිට පුස්තකාලයේ ලියාපදිංචි පාඨකයෝ එකොළොස් දහසකට වැඩි ප්‍රමාණයක් ඇති අතර දිනපතා පුවත්පත් කියවීමට පැමිණෙන පිරිසද දහස් ගණනකි.වැඩි පිරිසක් පැමිණීමෙන් පුවත්පත් කියවීම සඳහා තබා ඇති මේස ප්‍රමාණවත් නැති අතර නිසි පරිදි හිඳගැනීමේ පහසුකම්ද නොමැති නිසා සිටගෙන සිටීමේ අපහසුතාවය ඇති අයට පීඩාවට පත්වීමටද සිදුවනු ඇත.දහස් ගණනින් දිනපතා පැමිණෙන මෙම පුස්තකාලයේ පාඨකයන් සඳහා වැසිකිළි පහසුකම් හා ආහාර පානාදිය ගැනීමට ස්ථානයක් නොමැති අතර තිබෙන එකම පහසුකම ජල කරාමයක් පමණි. පුස්තකාලයට නිසි වාතාශ්‍රයක් හෝ නොමැති ස්ථානයක පිහිටා ඇති මෙහි ඇතුළත කියවීම් සඳහා ඉඩ පහසුකම්ද ඉතාම අඩුය.මෙහි ඇති අඩුපාඩුකම් සම්බන්ධව මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.ජී. ලියනආරච්චි මහතා මෙසේ පැවසීය.දීප ව්‍යාප්ත “පුර නැගුම” වැඩ සටහන යටතේ ප්‍රතිපාදනයන් ලබාගෙන මතුගම අධිකරණ සංකීර්ණයට යාබද නිසංසල භූමිභාගයක මේ සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා. එහි ගෘහස්ථ හා එළිමහන් කියවීම් නිකේතන සඳහා පහසුකම් සැලසීමටත්, අවශ්‍ය කටයුතු මේ වනවිට සැලැසුම් කර තිබෙන අතර වැඩි කාලයක් ගතවීමට මත්තෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා..
NEWS
උසස් පෙළ උත්තර පත්‍ර බැලීම වැළැක්වීමට කවුරුන් හෝ ක්‍රියා කරන්නේ නම් එය වෘත්තීය සමිති ආඥා පනතට අනුව නීති වීරෝධි ක්‍රියාවක් බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පැවසීය.ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව එවැනි කටයුතු සඳහා ඉඩක් නොමැති බවද හෙතෙම කීවේය.ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පෙරේදා (03) පැවැති මාධ්‍ය හමුවේ දී මහාචාර්යවරයා එසේ ප්‍රකාශ ක‍ළේය.ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය බිහි කිරිමේ පුරෝගාමී වු කිහිප දෙනා අතර තමන්ද සිටින බව පැවසු ඒ මහතා අද සිටින ඇතැම් අය එහි ව්‍යවස්ථාව හරි හැටි කියවා ඇද්දැයි ප්‍රශ්නයක් පැන නගින බව කීවේය.ඩබ්ලිව්. එස් කරුණාරත්න, දොරකුඹුර, ඕස්මන් ජයරත්න වැනි කීර්තිමත් මහාචාර්යවරුන් ආචාර්ය සංගමයේ සභාපතිත්වය දරූ බවත්, ඔවුන් කිසි දවසත කිසිවකු පීඩනයකට හෝ අපහසුතාවයකට පත්කර ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු නොකළ බවත් සිල්වා මහතා පැවසිය.තමන් අචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිත්වය උසුලන අවධියේ කිසිවතු පීඩනයකට පත්නොකර ඉල්ලීම් දිනාගත් බව පවසන නලින්ද සිල්වා මහතා එම වැටුප් වැඩිකිරිම දැනට සිටින අචාර්යවරුන්ද භුක්ති විදින බව ප්‍රකාශ කළේය.වත්මන් ආචාර්යවරුන් ගෙන යන වෘත්තීය ක්‍රියා මාර්ගය පිටුපස ඇතැම් දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන ආයතන හා ජාත්‍යන්තර ගැත්තන් සිටින බවත් දවසින් දවස එය පෙන්නුම් කරමින් සිටින බවත් මහාචාර්යවරයා කීවේය.අධ්‍යාපනය සඳහා රජයදළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 6ක් වෙන් කළ යුතු බවට යුනිස්කෝ වාර්තාවේ කිසිම තැනක සදහන් වී නොමැති බව පවසන ඒ මහතා එය ඉලක්ක කරගෙන වෘත්තීය ක්‍රියා මාර්ගයන්වල නිරත වන්නේ නම් එය අසාධාරණ බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පැවසීය.මේ අවස්ථාවට උසස් අධයාපන ඇමැති එස්. බී දිසානායක, ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහත්වරුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරු රැසක් සහභාගී වී සිටියහ..
NEWS
දකුණු කොරියාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේ දී දකුණු කොරියානු නෞකාවක් ඊයේ (16) අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති අතර සියයකට අධික පිරිසක් අතුරුදන් වී ඇත.මගීන් 477 දෙනකු රැගෙන යාත්‍රා කරමින් සිටි මේ නෞකාව අනතුරට පත් වීමෙන් පසුව කෙරුණු ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී මගීන් 368 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති අතර ඉන් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා තිබේ.සිය ගුරුවරුන් සමඟ දකුණු කොරියාවේ සෝල් නුවර සිට ජේජු දූපත් කරා ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා යමින් සිටි සිසුන් 338 දෙනකු සහ වෙනත් මඟීන් ඇතුළු 477ක පිරිසක් මේ යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇත. නෞකාව අනතුරට ලක් වීමට නිශ්චිත හේතුවක් හෙළිදරව් වී නොතිබිණි.අනතුර සිදු වූ මුහුදු ප්‍රදේශය මඩ සහිත බැවින් සෙවීම් කටයුතු දුෂ්කර වී ඇති බවත් ජලයේ අධික ශීතල ස්වභාවය හේතුවෙන් අනතුරට පත් මඟීන්ට පැය දෙකකට වඩා කලක් එම ජලයේ ජීවත්වීම අපහසු බවත් දකුණු කොරියාවේ ආරක්ෂක හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.වෙරළාක්ෂක සහ කුඩා නාවික බෝට්ටු 34ක් හෙලිකොප්ටර් යානා 18ක් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබුණු අතර මගීන් 110ක පමණ පිරිසක් මෙසේ අතුරුදන්ව සිටින බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.මීටර් 146ක දිගකින් සහ මෙට්‍රික් ‍ටොන් 6586ක බරකින් යුත් මේ නෞකාව 1994 වසරේදී ජපානයේ නිෂ්පාදනය කරන ලද්දක් බව අනාවරණය වී ඇති අතර මගීන් 477 දෙනාට අමතරව වාහන 150ක් ද නෞකාවෙන් ප්‍රවාහනය කරමින් තිබුණු බව හෙළිදරව් වී ඇත..
NEWS
දොම්පේ සියනෑ ජාතික පාසලේ වාර්ෂික නිවාස ක්‍රීඩා උළෙල පෙබරවාරි 3 වැනි දින පස්වරු 2.00ට විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙයි. දොම්පේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායක උපාලි ගුණරත්න මහතා විශේෂ අමුත්තා වශයෙන් සහභාගි වේ..
NEWS
මහජන බැංකුව විසින් නම් කරනු ලැබ ඇති වනිතා මාසය ඇතුළත දී වානිතාවන් වෙනුවෙන් ණය පහසුකම් රැසක් ඇතිකර ඇතැයි කතරගම මහජන බැංකුවේ කළමනාකාර ඩබ්ලිව්. ඇම්. ජයවීර මහතා කීවේය.ඒ මහතා මෙසේ ද පැවැසීය.මේ කාලසීමාව ඇතුළතදී මහජන බැංකුවේ ඉතුරුම් සහතික පත්‍ර අලෙවි කරනවා රු. 1000, රු. 5000, රු.10000 හා රු. 50000 ආදී වශයෙන් ඉතුරුම් සහතික පත්‍ර තිබෙනවා. මිලදී ගන්නා ඉතුරුම් සහතික වෙනුවෙන් අපි‍්‍රයෙල් මස 08 දිනයෙන් පසුව දිනුම් ඇදීමක් සිදුකෙරෙනවා.මේ දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය කරන ඉතුරුම්පත්වල මුදල දෙගුණයක් වෙනවා.දිනුම් නොලද ඉතුරුම්පත්වල මුදල් මාස 12 ක් කාලය පිරීමෙන් පසුව තමන්ට ඉතුරුම් සහතික ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමට පුළුවන්.දිරිය කාන්තාවන්ට ස්වයං රැකියා සඳහා ණය මුදල් ලබාදී එයින් ප්‍රයෝජන ලබාගෙන සාර්ථක ව්‍යාපාර ගෙනයන කාන්තාවන් ඇති කිරීමට මහජන බැංකුව දායකවීම පිළිබඳව සතුටු වෙනවා යැයිද හෙතෙම කීවේය.තරගම මහජන බැංකුවේ ගිණුම් හිමි කාන්තාවකට ජයග්‍රහණය කළ රන්කාසියක් පිරිනැමීමද මෙහිදී සිදු වූ විශේෂ සිදුවීමක්.කතරගම මහජන බැංකු සංකීර්ණයේදී පසුගියදා කාන්තාවන් වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට සහභාගී වෙමින් ජයවීර මහතා මේ බව කීවේය.
NEWS
රංගන ශිල්පී පි‍්‍රයංකර රත්නායක ගේ නවතම වේදිකා නාට්‍ය ‘අද වගේ දවසක ඇන්ටීගනී’ මංගල දැක්ම පසුගිය 16 සහ 17 වැනි දෙදිනෙහි ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්විණි. මීට ප්‍රථම ‘ඊඩිපස්’ සහ ‘තටු ඇවිදින්’ නමින් පරිවර්තික වේදිකා නාට්‍ය දෙකක් නිර්මාණය කළ පි‍්‍රයංකර රත්නායක ගේ තෙවැනි වේදිකා නාට්‍ය නිෂ්පාදනය මෙය වෙයි. මෙය ප්‍රවීණ ලේඛක ආරියවංශ රණවීර ගේ පරිවර්තනයකි. ‘අද වගේ දවසක ඇන්ටීගනී’ නැවැතත් දර්ශන වාර දෙකක් මේ මස 30 සහ 31 වැනිදා ලුම්බිණි රඟහලේ දී සවස 6.30 ට වේදිකාගත වේ. එය නිමිති කොට ගනිමින් අපි ඔහු හා කතා කළෙමු.* ‘අද වගේ දවසක ඇන්ටීගනී’ නාට්‍යයට ඔබ පදනම් වෙන්නේ ගී‍්‍රක නාට්‍යය ‘ඇන්ටීගනී’ බව දැන ගත්තා. මෙවැනි කතා තේමාවක් වර්තමාන සමාජයට ගැළපේ යැයි ඔබ විශ්වාස කරනවා ද?මේ නාට්‍යය මම නිෂ්පාදනය කළේ සොනකිලස් ගේ ‘ඇන්ටීගනී’ නාට්‍යයෙන්. මේ නාට්‍යය තෝරා ගන්නට ඇත්තට ම මට හේතුව වුණේ මෙහි අන්තර්ගත වී තිබෙන සර්වකාලීන වැදගත්කම යි. ‘ඇන්ටීගනී’ නාට්‍යයේ එදා සොනකිලස් ගෙනා චරිත, ඒ පරිසරය, ඒ සමාජ කාරණා අදටත් අපගේ සමාජයේ දකින්නට තිබෙනවා. එවකට තිබූ ප්‍රශ්න අදටත් අදාලයි. ඒ අදාලත්වය නිසා තමයි මම ‘අද, වගේ දවසක ඇන්ටීගනී’ කියන ඒ වචනය පාවිච්චි කෙළේ.* ඔබ තුළ විශාල රුචිකත්වයක් පරිවර්තන නාට්‍ය වලට තිබෙන බව පෙනෙනවා?පරිවර්තන ස්වතන්ත්‍ර කියලා මට විශේෂත්වයක් නැහැ. මට අවශ්‍ය කරන්නේ ඉතා හොඳ පිටපතක්. මට දැනෙන විදියට... අපේ රටේ හොඳ ස්වතන්ත්‍ර රචකයන්ගේ හිඟයක් දකින්නට තියෙනවා. මේ මගේ පෞද්ගලික මතයක්. ස්වතන්ත්‍ර නිර්මාණශීලී රචකයන් සිටින්නේ ඉතාම සීමිත පිරිසක්.පරිවර්තනයක් හෝ වේවා ස්වතන්ත්‍ර පිටපතක් හෝ වේවා මම බලාපොරොත්තු වෙන්නේ අපේ සමාජයට අපේ ජීවිතයට ගැළපෙන විදියට නිර්මාණයක් ගොඩ නඟන්නටයි. ඒ කටයුත්තට පහසු ඕනෑම හොඳ පිටපතකට මගේ අකමැත්තක් නැහැ. කොහොමත් නාට්‍යයක් කරනවා කියන්නේ අසීරු වැඩක්. අපේ වින්දනයත් ජනතාවගේ වින්දනයත් දෙකම සමබරව පවත්වා ගෙන යා හැකි විදියට නාට්‍යයක් ඉතාම වටිනාකමක් ඇතිව නිර්මාණය කළ යුත්තක්.* බොහෝ වෙලාවට ඔබ නාට්‍ය නිර්මාණයේ දී විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා. මේ යොමුකිරීම හරහා ඔබ බලාපොරොත්තු වන්නේ නව පරපුර අතර නාට්‍ය කලාව පිළිබඳ උනන්දුවක් ඇති කිරීමට ද? නැතිනම් ඔබ විශ්වවිද්‍යාලය තුළ ආචාර්යවරයකු වන නිසා ඔබට පහසු නිසා ද?මම නාට්‍ය නිෂ්පාදනයට යොමු වූ දා පටන්ම මගෙත් එක්ක වැඩ කෙළේ නාට්‍ය කලාව විෂය හැදෑරූ අයයි. සාමාන්‍යයෙන් තමා නියැළෙන ක්ෂේත්‍රය පිළිබඳ උපාධියක් ලබනවා කියන්නේ එක්තරා සංධිස්ථානයක්. එයින් මම අදහස් කරන්නේ නැහැ මේ ක්ෂේත්‍රයේ නියැළෙන අනෙකුත් පිරිස විෂය නොදන්නා බව. නමුත් මේ ක්ෂේත්‍රයේ දී නාට්‍ය කලාව ඉගෙන ගැනීම විශේෂ සුදුසුකමක්.කාලාන්තරයක් තිස්සේ විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න විද්‍යාර්ථයින් මගෙත් එක්ක දිගටම නාට්‍ය කටයුතුවලදී එකතු වුණා. මේ නාට්‍යයේත් ඒ සුපුරුදු ලක්ෂණය දකින්නට තිබෙනවා. වේදිකා නාට්‍ය තුළ ප්‍රවීණත්වයක් දක්වන බාහිර පිරිස සමඟ විශ්වවිද්‍යාල ශිෂ්‍යයනුත් රංගනයෙන් වගේම අනෙකුත් අංශවලින් නාට්‍යයට සම්බන්ධ වී සිටිනවා. අනෙක් හේතුව කාලාන්තරයක් තිස්සේ වැඩ කරලා තියෙන නිසා අපි එකිනෙකා හඳුනනවා. ඒනිසා මම වැඩක් කරද්දී ඒ අය දන්නවා; මම බලාපොරොත්තු වන්නේ මොනවාද කියලා. ඒ අවබෝධය නිර්මාණය සාර්ථක කර ගන්නට හුඟක් වැදගත් සාධකයක්.* පසුගිය කාලේට සාපේක්ෂව බලනවිට නාට්‍ය කලාව ගැන නාට්‍යකරුවන් ගේ වගේම ප්‍රේක්ෂකයන්ගේත් විශාල ප්‍රබෝධයක් දකින්නට ලැබෙනවා නේද?නාට්‍ය කලාව හා නාට්‍යකරුවන් අතර විශාල ප්‍රබෝධයක් අපි දැක්කේ 60, 70 දශකවල දී. නමුත් 80, 90 දශකවල දී ඒ උනන්දුව දකින්න තිබුණේ නැහැ. නාට්‍ය කලාව විතරක් නෙවි සමස්ත පිරිහීම කලාවට බහුල වශයෙන් මේ කාලවලදී අපි දැක්කා. එහෙම වෙන්න එක හේතුවක් වුණේ ඒ කාලය තුළ රටේ තිබූ වාතාවරණයයි. එක පැත්තකින් යුද්ධයක්.තවත් පැත්තකින් විප්ලවකාරී භීෂණයක්. රටේ ජනතාවට නාට්‍යයක්, චිත්‍රපටයක් බලන්න තරම් මානසික තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් අද වෙනකොට ඒ සමාජ වටපිටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ආර්ථික අපහසුතා මඟ හැරී නොතිබුණත් අද රටේ පරිසරය යහපත්. එනිසා ජනතාවට දැන් ප්‍රසිද්ධ ස්ථානවලට සෙනඟ ගැවැසෙන ස්ථානවලට යන්නට බයක් නැහැ.
NEWS
බම්බලපිටියේ ආපනශාලාවකින් ආහාරය සඳහා මිලදීගත් ඇඹුල්තියල් මාළු ව්‍යංජනයක පණුවන් සිටීම සම්බන්ධයෙන් පොලිසිය මගින් ආපනශාලාකරු අත්අඩංගුවට ගෙන තිබේ.පසුව එම පණුවන් සහිත මාළු ව්‍යංජනය කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඉදිරිපත් කර තිබේ. පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව බම්බලපිටිය පොලිසිය මෙම ආපනශාලාකරු අත්අඩංගුවට ගෙන තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාවත් සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය..
NEWS
2011 සමස්ත ලංකා කනිෂ්ඨ පාසල් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ඉසව්ව තත්පර 50.05කින් නිමකර නව තරග වාර්තාවක් පිහිටුවමින් කඳාන සෙබස්තියන් විදුහලට විශාල කීර්තියක් හිමිකරදුන් යොමාල් රවිසර ක්‍රීඩකයාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි.දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති ක්‍රීඩා උළෙලේදී අවුරුදු 16න් පහළ මීටර් 200 ඉසව්වේ දෙවන ස්ථානයද හිමිකර එම ක්‍රීඩා උත්සවයේ 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද ලබා ගැනීමට ඔහු සමත්විය.ඔහු විසින් බිඳ හෙළනු ලැබුවේ 2000 වසරේදී මනෝජ් පුෂ්ප කුමාර තත්පර 51.08කින් නිම කර පිහිටුවා තිබූ වාර්තාවය..
NEWS
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය හා රට ගොඩනගන වැඩ පිළිවෙළ වූ මහින්ද චින්තන ඉදිරි දැක්ම යළිත් වරක් ජනතාව අනුමත කර ඇතැයි ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.එක්සත් ජනතා නිදහස් සන්ධානය කෙරෙහි ජනතාව තුළ පවතින දැඩි විශ්වාසය ද මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් යළිත් වරක් තහවුරු වී ඇතැයිද ඇමැතිවරයා කියා සිටී.ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමෙන් පසුව නව සංවර්ධන මාවතකට රට යොමු කිරීම සඳහා ශක්තිමත් රජයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් මහජනතාවට කරන ලද ඉල්ලීමට මේ ප්‍රතිඵලයෙන් ඉහළ ප්‍රතිචාර දක්වා ඇතැයිද කීය.මේ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඡන්දය ප්‍රකාශ කළ සැමට ස්තූතිය පිරිනමන බවද පැවසීය.ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කිරීමට කැපවී ක්‍රියා කරන බවත් මේ වන විට මැතිවරණය අවසන් වී ඇති අතර දැන් අප සැම වෙත විශාල වගකීම් සම්භාරයක් පැවරී තිබෙන බවත් පැවසීය.අනාගත පරපුර වෙනුවෙන් මේ රට ගොඩනැගීම අද වන විට අප වෙත පැවැරී තිබෙන ප්‍රමුඛ වගකීම වන අතර ජනාධිපතිතුමාගේ නිවැරැදි නායකත්වය යටතේ ඒ සඳහා කැප වෙන බව කීය.
NEWS
ගාල්ල දිස්ත්‍රික් එජාප බලමණ්ඩලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උළුවිටිකේදී ඊයේ (19) පැවැති රැස්වීමට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ගයන්ත කරුණාතිලක මහතා සහභාගි නොවීම කැපී පෙනුණි.එ. ජා. ප. හිටපු මන්ත්‍රීවරයකු වන වජිර අබේවර්ධන මහතාගේ නිවසේදී මෙම රැස්වීම පැවැති අතර අබේවර්ධන මහතා විසින් මේ රැස්වීම සංවිධාන කර තිබිණි. බද්දේගම ආසනය නියෝජනය කරමින් කිසිදු සංවිධායකවරයකු මෙයට පැමිණ සිටියේ ද නැත.බද්දේගම හිටපු ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පසුගියදා එජාපය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවීය.විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු එජාපයේ ප්‍රබලයන් රැසකගේ සහභාගිත්වයෙන් පූර්ව ප්‍රචාරයක් සහිතව පැවැති මේ රැස්වීමට පන්දහසක පමණ පිරිසක් බලාපොරොත්තුව සිටියත් ඉතා අඩු ජනසහභාගිත්වයකින් මෙය පැවැත්වීමට සංවිධායකයන්ට සිදුවිය.එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිසා සමුළුව සඳහා බෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධාන කටයුතු මට නොදී වෙනත් පිරිසකට භාරදී තිබුණා. ඒ නිසා එම පිරිසට බාධා නොකර මම නිහඬව සිටියා. කොහොම වුනත් එක්කෙනෙකුට දෙන්නෙකුට එක්සත් ජාතික පක්ෂයෙන් මා යවන්න ඕනකම තියනවා. නමුත් මම එක්සත් ජාතික පක්ෂය අතහැර යන්නේ නැහැ.එම යනවා නම් යන්නේ ගෙදර යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතාගෙන් මේ රැස්වීමට සහභාගි නොවීම පිළිබඳ අප කළ විමසුමේදී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුද සහභාගී වූහ..
NEWS
මාතලේ අධ්‍යාපන කලාපීය පාසල් වොලිබෝල් තරගාවලියේදී 2014 මෙවරද ඉතා දිගු කලක සිට මාතලේ පාසල් වොලිබෝල් අධිපත්‍යට හිමිකම් කි යටවත්ත අධ්‍යාපන මණ්ඩලයේ පාසල් වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුහ. මෙහිදි වයස් සිමා ශුරතා දෙකක් දිනා ගැනීමටද යටවත්ත අධ්‍යාපන මණ්ඩලයේ මා/මාතලාපිටිය විදුහල් කණ්ඩායම් සමත් වුහ.මෙම තරගාවලිය පසුගියදා මා/ අලුවිහාරේ ම.වි ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.මාතලේ අධ්‍යාපන කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස් යාපා මහතාගේ උපදෙස් මත සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රිඩා) ධම්මික හේවාවසම් මහතාගේ සහ ක්‍රිඩා සම්බන්ධිකරණ නිලධාරි දන්ත කුමාර මාරපන මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රිඩා ගුරු උපදේශක නිමල් රත්නායක මහතා විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.තරග ප්‍රතිඵල මෙසේය.15න් පහල බාලක ශුරතාවය - මා/මඩවල උල්පත නාවෝද්‍යා පාසල, අනු ශුරතාවය - මා/ සාන්ත තොමස් ජාතික පාසල, තෙවන - මා/ දුල්ලෑව ම.වි-බාලිකා ශුරතාවය - මා/ අනගාරික ධර්මපාල විදුහල උඩස්ගිරිය, අනු ශුරතාවය - මා/ වීර පරාක්‍රම ම.ම.වි යටවත්ත, තෙවන - මා/ ශ්‍රී සංඝමිත්තා බා.ජා.ප.17න් පහල බාලක - ශුරතාවය - මා/මාතලාපිටිය ක.වි., අනු ශුරතාවය - මා/ දුල්ලෑව ම.වි., තෙවන- මා/ මඩවල උල්පත නවෝද්‍යා පාසලබාලිකා - ශුරතාවය - මා/ මාතලාපිටිය ක.වි., අනු ශුරතාවය - මා/ශ්‍රී සංඝමිත්තා බා.ජා.ප , තෙවන - මා/දුල්ලෑව ම.වි.19න් පහල බාලක - ශුරතාවය - මා/ ක්‍රිස්තුදේව ජා.ප., අනු ශුරතාවය - මා/විර පරාක්‍රම ම.ම.වි, තෙවන - මා/මඩවල උල්පත නවෝද්‍යා පාසල-බාලිකා - ශුරතාවය - මා/ඕවිලිකන්ද ම.වි , අනු ශුරතාවය - මා/ දුල්ලෑව ම.වි. , තෙවන - මා/මඩවල උල්පත නවෝද්‍යා පාසල.
NEWS
බේරුවල මැතිවරණ කොට්ඨාසය හරහා ගොස් දුම්මලමෝදරට වැටෙන වඩිග ඇළ රුපියල් ලක්ෂ අටක වියදමින් පිළිසකට කර ඇත. මෙමගින් පුරන් කුඹුරු අක්කර 175ක් නැවත වගා කිරීමට අවස්ථාව උදාවන බව ගොවීහු කියති.කදුරුගස්මුල්ල, මුංහේන සහ කැන්දගහවිල යන ප්‍රදේශවල පදිංචි ගොවි පවුල් 250කට මින් සෙත සැලසේ.පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ මේ ඇළ පිළිසකර කර තිබේ.කළුතර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ඒ. එම්. ආර්. ආරිප් සහ පලදුවර්ධන නිලධාරි අයි. ඩී. ජී. එස්. හේමචන්ද්‍ර මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ ඇළ පිළිසකර කර ඇත..
NEWS
යක්කල කොස්කඳවල තරුණ කැල සංවිධානයක කළ ගම්පහ දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය මෙහෙයවූ කිලෝ මීටර් 90ක් දුරැති විවෘත ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද හමුදාවේ සමන් කුමාර ද දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න ද තෙවැනි ස්ථානය රුක්ගහවිල උපුල් නිශාන්තට ද හිමිවිය. එල්.එස්.ආර්. අධිපති තිලක් වීරසිංහ මහතා අතින් ජයග්‍රාහක සමන් කුමාරට තිළිණ පිරිනැමූ අවස්ථාව..
NEWS
එදා කුරිරු යුද්ධය පවතිද්දී සරත් ෆොන්සේකලාගේ හා ප්‍රභාකරන්ලාගේ දරුවන් ඇමරිකාවට යවා අධ්‍යාපනය ලබා දෙන විට කවදත් තම මවුබිමට පණ මෙන් ආදරය කරන ජනාධිපතිතුමා සිය පුත් යෝෂිත හමුදාවට භාරකමින් යුද්ධය අවසන් කරන්න පියවර ත්තේ යැයි ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.ඇමැතිවරයා එසේ පැවැසුවේ බියගම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ල.නි.ප. ක්‍රියාකාරීන් දැනුවත් කොට ජනපතිට සහාය ලබාගැනීම සඳහා පසුගියදා මාකොළ පැවැති විශේෂ සම්මන්ත්‍රණයකදීය. මෙය බියගම ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබිණි.ඇමැතිවරයා මෙසේ ද කීවේය.2006 මාවිල්ආරු සටනේදී ත්‍රිවිධ හමුදාපතිවරු කැඳවා ආරක්ෂක මණ්ඩලයේදී ජනපති කිව්වා ඔබලාට අවශ්‍ය මුදල් අවි ආයුධ දෙනවා මොන බලවේගය ආවත් මා සිටිනවා කොටි ත්‍රස්තයන්ට ගහලා මේ යුද්ධය අවසන් කරන්න කියලා. එවිට හමුදාපතිවරු කිව්වේ ආඩම්බරයි අපිට ඔබතුමා ගැන.නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. 1,50,000 ක් හමුදාවට බඳවාගත යුතුයි. අපි දැන්වීම් දැම්මට 11,000 යි බැඳිලා ඉන්නේ යුද්ධය දිනන්නේ නැහැ කියන මතය සමාජයේ තියනවා මේ මතවාදය නිසා තරුණයන් ත්‍රිවිධ හමුදාවට බැඳෙන්නේ නැහැ කියයි. ඉන්පසුවයි ජනපති තම දරුවන් හමුදාවට බඳවන්න වුවමනා කියා තීරණය කර ආදර්ශවත් නායකත්වයක් ලබා දුන්නේ.තව වසර 150 - 200 කින් මේ රටේ නායකයා කව්ද කියා අපි දන්න් නැහැ. නායකයා කවුරු වුණත් එකක් දන්නවා මේ රටේ පාරවල් හදන්න අන්තර් ජාතික ගුවන් තොටුපළ හදන්න වෙන්නෙ නැහැ. වරාය, අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර පහක් ඉදිවෙනවා. 2012 දී කව්රු ප්‍රවාහන ඇමති වුනත් කොළඹින් විදුලි දුම්රිය ආරම්භ කිරීමට ජනාධිපතිතුමා සැලසුම් කර තිබෙනවා. ඉතිහාසයේ දුටුගැමුණු යුද්ධ කරන විට මේ රටේ විපක්ෂයක් තිබුණේ නැහැ. ජාත්‍යන්තර බලවේග තිබුණේ නැහැ.බොහෝ දෙනා කකුලෙන් අදිද්දී ජනාධිපතිතුමා සියලු බලවේග පරාජය කළා. මොන විදිහේ කෙණෙහිලිකම් කළත් ජනවාරි 26 දාට ජනපතිගේ ජයග්‍රහණය ඉර හඳ සේ අපට විශ්වාසයි. ඒ අනුව අපි ශ්‍රී ලාංකිකයන් කියා මහින්ද රාජපක්ෂ මැතිතුමාට කෘතවේදිත්වය පළකර ලෝකයට පණිවිඩයක් ලබාදෙමු. බියගම ශ්‍රී ල.නි.. ප්‍රධාන සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාලිත විජේසුන්දර මහතා - කුරිරු යුද්ධය නිමකර රටට සාමය ගෙනදුන් ජනාධිපතිතුමාගේ ඉදිරි කාර්ය භාරය වී ඇත්තේ යුද්ධයෙන් විනාශ වූ රට ගොඩනැගීමටයි.ඒ නිසා මෙවර ජනපතිවරණයේ එතුමාගේ ජයග්‍රහණය තහවුරු කොට ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට බියගම ජනතාව කටයුතු කළ යුතුයි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහත්වරු මෙහිදී කථා කළහ.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි, මහාමාර්ග ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම් රජීව් සූරියආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. එස් අලහකෝන්, බියගම ප්‍රාදේශීය සභාවේ, උප සභාපති ආනන්ද ගනේපොල, විපක්ෂ නායක නලින් දිසානායක යන මහත්වරුද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.
NEWS
නාලන්දා විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක මැදි විදුහල අතර පැවැති 15න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගයකින් ලකුණු 155ක ජයක් හිමිකරගැනීමට ධර්මාලෝක විදුහල් පිල සමත්විය.ශ්‍රී ධර්මාලෝක පිල 254 සියලු දෙනා දැවී (ඕවර 49.1) තරිඳු මධුසංඛ 69, ගිහාන් මධුසංඛ 41 (ඩිල්ෂාන් අසේල 28/3)නාලන්දා පිල – 99 සියලු දෙනා දැවී (ඕවර 27.2) චමෝද් රත්නායක 19 (තරිඳු මධුසංඛ 10/3, පුන්සර ගිම්හාන් 16/3).
NEWS
දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුද්ධය සාර්ථකව නිමා වීමෙන් පසු ලක්ෂ 5කට ආසන්න අවතැන් වූවන් නැවත සමාජගත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ගය එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) කොමිසමේ පැසසුමට ලක්වෙයි.පසුගිය 2009 වසරේ යුද්ධය නිම වීමත් සමඟ මෙරට සිටි අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව 573,651ක් වන අතර ඔවුන් සාර්ථක ලෙස නැවත පදිංචි කරන්නට ශ්‍රී ලංකා රජයට හැකිවී තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල පවසයි.ඔවුන් නැවත පදිංචි කරලීම සහ සමාජගත කිරීම සඳහා ශ්‍රී ලංකාව දැඩි ප්‍රයත්නයක නිරත වුණු අතර එමඟින් ඉහළ ප්‍රගතියක් ප්‍රදර්ශනය වන බව එම කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම ඉතිරිව සිටින අවතැන්වූවන් සඳහා තිරසාර විසඳුමක් ලබාදීමට ලක් රජය කටයුතු කරනු ඇතැයි ද විශ්වාසය පළකරයි.අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් න්‍යායන්ට අනුගතව මේ රටේ නැවත පදිංචි කිරීම් සිදුකර තිබෙන අතර අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ජීවනෝපාය සංවර්ධනය ආදිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශ කරයි.ඉන්දීය සම්භවයක් සහිත රටක් නොමැති ජනතාවට මෙන්ම 1940 දශකයේ සිට මෙරට සිටින චීන සුළු ජන කොටසට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ප‍්‍රවේශයක් ඇති කර තිබෙන බවද ඒ හේතුවෙන් රටක් නොමැති ජනතාව පිළිබදව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කලාපයට පූර්වාදර්ශයක් සපයන බවද එම මහ කොමසාරිස් කාර්යාල කියයි..
NEWS
විශිෂ්ට වාර්තාවක් තබමින් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් තව වසර 2 ක් හෝ තුනක් ඕවර විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාවේ සහ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට බලාපොරොත්තු වන බැව් නිවේදනය කළේය.අවසන් ටෙස්ට් පන්දුවෙන් සිය 800 වැනි කඩුල්ල දවා ටෙස්ට් පිටියේ කඩුලු 800 ක් බිඳ හෙලූ ප්‍රථම පන්දු යවන්නා බවට පත්වෙමින් මුරලිදරන් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.“මං ශ්‍රී ලංකා තේරීම් කමිටුවට පැවසුවා ඔයාලට ඇත්තටම මාව ඕනෙ නම්, ඊළඟ ලෝක කුසලාන තරගාවලියට මං ක්‍රීඩා කරන්නම් කියලා. එහෙම නැතිනම් මං තව අවුරුදු 2 - 3 ක් ඕවර විස්සයි20 තරගත් ප්‍රාන්ත තරගත් ක්‍රීඩා කරනවා” මුරලිදරන් ප්‍රකාශ කළේය.ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම කිසිදු ශාරීරික ආබාධයක් නිසා සිදු වූවක් නොවූවක් බව පැවසූ මුරලිදරන් විශිෂ්ට ලෙස ක්‍රීඩාවේ නිරතව සිටින කාලයේදීම ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම තම අදහස වී තිබූ බැව් ප්‍රකාශ කළේය. චැම්පියන් ලීග් ක්‍රිකට් තරගමාලාවේ ප්‍රථම මාධ්‍ය හමුවේදී මුරලි මේ අදහස් පළකර සිටියේය..
NEWS
කළුතර, කටුකුරුන්ද මාතෘ හා ළදරු සායනයේ දැනට බොහෝ කලක සිට ත්‍රිපෝෂ පිටි ලබාදීමක් සිදු නොවන බව ප්‍රදේශවාසී ගැබිනි මාතාවන් සහ ළදරුවන් සිටින මාතාවන් පවසති.ළදරුවන්ට හා ගැබිනි මාතාවන්ට ත්‍රිපෝෂ පිටි නොලැබෙන නිසා ඔවුන් සෞඛ්‍ය අතින් පහත තත්ත්වයකට වැටීමට පුළුවන් බව ජනතාව සඳහන් කරති.මෙම සායනයට ත්‍රිපෝෂ පිටි නිකුත් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් එම බල ප්‍රදේශයේ බොහෝ ළදරු සායනවලට දැනට ටික කලකට ඉහත සිට ත්‍රිපෝෂ පිටි ලබා නොදෙන බවද ප්‍රදේශයේ ගැබිනි මාතාවෝ පවසති..
NEWS
කළුතර පාපන්දු ක්‍රීඩා සමාජය පළමු වරට සංවිධාන කරන දීප ව්‍යාප්ත වෙරළ පාපන්දු තරගාවලිය මේ මස 7-8 දෙදින පෙ‍.ව.9.00 සිට කළුතර කැළිඩෝ වෙරළ තීරයේදී පැවැත්වේ.වර්නන් ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය සඳහා පැවැත්වෙන මේ තරගාවලියට සමාගමීව ආරාධිත පාසල් අවු.19න් පහළ වෙරළ පාපන්දු තරගාවලිය 6වැනිදා පැවැත්වේ.කළුතර පාපන්දු ලීගයේ සභාපති වෛද්‍ය මහිල් ප්‍රනාන්දු, කළුතර ග්‍රින්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සභාපති මලික් ප්‍රනාන්දු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ ශූරයන්ට, අනුශූරයන්ට, දක්ෂතම ක්‍රීඩකයන් හා දක්ෂතම දැල්රකින්නන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.මේ පිළිබඳ වැඩි විස්තර දු.ක. 0779373832 (පන්ඩුල සිල්වා) හෝ 0718874329 (රොෂාන් මාලිංග) ලබාගත හැකිය.
NEWS
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා වන මාස 6 තුළ දී රුපියල් 278 099 470 ක වාර්තා ගත ආදායමක් ලබා ඇතැයි පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය කියයි.ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය වර්ෂයේ ලබා ඇති ආදායම රුපියල් 37,06,95, 500ක් වන අතර ඒ අනුව මේ වසරේ වාර්ෂික ආදායම අභිබවා යාමට අධිකාරියට හැකියාව ලැබී තිබේ. මේ වසරේ ජූනි මාසයේ සිට දෙසැම්බර් දක්වා රුපියල් 225 950 000 ක ආදායමක් ලබා ගැනීමට අධිකාරිය අපේක්ෂා කරයි.පරිසර හා පුනර්ජනනිය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදුවන අනවසර මැණික් කැණීම් නතරකර විධිමත් ලෙස නව ව්‍යාපෘති ආරම්භ කිරීම නිසා වාර්තාගත ආදායම ලබා ඇත.සීතාවක ගගේ තල්දූව පාලම අසළ කළු ගඟ ආශ්‍රිතව හරණියාවක හා අයගම, බලංගොඩ යන ප්‍රදේශවල සිදු වූ බොහෝ අනවසර මැණික් ගැරීම් නතර කර ක්‍රමවත් නව ව්‍යාපෘති ඇරඹීමට අධිකාරිය පියවර ගැනීම නිසා ආදායම ඉහළ ගොස් ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අමිත ගමගේ මහතා පවසයි.මැණික් කැණීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී ඉඩමේ අයිතිය තහවුරු කරවා ගැනීමට සමහර පුද්ගලයන් ව්‍යාජ ඔප්පු සකස් කිරීම නිසා ඇති වී තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වයට විසඳුමක් ලෙස නව ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.
NEWS
අනුරාධපුර සාලියපුර පසුගියදා පැවැති ගජබා සුපර්ක්‍රොස් ධාවන තරගාවලියේ එස්.එල්.ජී.ටී.අශ්වබල 3500 සුපිරි මෝටර් රථ ධාවන තරග ඉසව් 2කම ජයගැනීමට මෝතුල් අනුග්‍රාහකත්වය දරන අශාන් සිල්වා සමත්විය.එම තරග ඉසව්වේ පළමු තරගයේ දෙවැනි තැන මිස්සක නවීන් දිනාගත් අතර රියාස් ෆාරුක් තුන්වැනි ස්ථානය අත්කර ගත්තේය. දෙවැනි තරගයේ දී අරවින්ද ප්‍රේමදාස දෙවැනි ස්ථානයට පත්වූ අතර මිස්සක නවීන් තුන්වැනි තැන ලබා ගත්තේය..
NEWS
කැළණි ගඟ අවට සංචාරක මුර සේවාවක් සහ තහනම් පුවරු සවිකිරීමේ වැඩ පිළිවෙළක් පොලිස් නාවික කොට්ඨාශය මඟින් ආරම්භ කර ඇත.එහ ස්නානය කරන්නන්ගේ ජීවිත ආරක්ෂා කිරීම, අනවසර වැලි ගොඩ දැමීම සහ අපද්‍රව්‍ය නළ ගඟට දැමීම වැළැක්වීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරේ.මේ අනුව අඹතලේ සිට වත්තල දක්වා පොලිස් බල ප්‍රදේශ පහක් ආවරණය වන පරිදි කැළණි ගඟ දෙපස අවවාද සටහන් ඇතුළත් පුවරු 18ක් මේ වනවිටත් සවිකොට තිබේ.
NEWS
අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණයෙන් ජාතික රූපවාහිනිය හා යුනිලීවර් සමාගම හා එක්ව සංවිධාන කරන බ්‍රයිට් ස්ටාර් රියැලිටි වැඩසටහනින් දරුවන්ගේ බුද්ධි මට්ටම් මැන බැලෙන බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කර සිටී.මෙම වැඩසටහන සඳහා වයස අවුරුදු 13 ත් 15 ත් අතර දරුවන්ට සහභාගිවිය හැකි බව පවසන මොහාන් ලාල් ග්‍රේරු මහතා වාචසික, භාෂාමය, සංගීතය, රිද්මයානුකූල, තාර්කික, ගණිතමය, දෘශ්‍ය අවකාශමය, කායික - සංචලනමය, පුද්ගල ඇතුළාන්ත, අන්තර්පුද්ගල හා සොබාධර්ම බුද්ධිය පිළිබඳ ගවේෂණාත්මක නිර්ණායක තුළින් සුපිරිම පාසල් ශිෂ්‍යා තේරීම මෙම වැඩසටහනේ අරමුණ බව පවසයි.මෙරට රූපවාහිනී ළමා රියැලටි කලාවේ නව මානයකට ගෙන ඒමට හැකිවනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේය. මේ වන විට සියලු රජයේ පාසල් විදුහල්පති වරුන්ට මෙම තරඟය පිළිබඳ දැනුවත් කර ඇතැයිද මේ සඳහා ඉදිරිපත්වීමට අපේක්‍ෂා කරන දරුවන්ට විදුහල්පති වරයා හමුවී වැඩි විස්තර ලබා ගත හැකැයි ද ග්‍රේරු මහතා ප්‍රකාශකර සිටියේය.බ්‍රයිට් ස්ටාර් සුපිරි ජයග්‍රයහකයාට රුපියල් දසලක්ෂයක් ද අනු ශූරතාවය සඳහා මුදලින් රුපියල් අටලක්ෂකයක් ද දෙවන ස්ථානය සඳහ රුපියල් පන්ලක්ෂක්යක් ද හිමි වේ.මෙයට අමතරව අවසන් වටය සඳහා තේරී පත්වන දරුවන්ට විශේෂ ත්‍යාග සහ සහභාගිවන සෑම සිසුවෙකුටම සහතික පත්‍රයක් ද හිමි‍ වේ. අයදුම් පත්භාරගන්නා අවසාන දිනය ජූලි මස දෙවන දින වේ. දුරකථන අංක 0772720710 තුළින් වැඩි විස්තර දැනගත හැකි වේ.
NEWS
ආසියානු රගර් කණ්ඩායම් ‍ශ්‍රේණිගත කරන එච්.එස්.බී.සී. රගර් තරගාවලි ත්‍රිත්වයේ දෙවැනි තරගාවලිය වන ෂැංහායි සෙවන්ස් රගර් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ නායකත්වයට මහනුවර ක්‍රීඩා සමාජයේ ෆසීල් මරිජා නම් කර තිබේ.ආසියානු සත් සාමාජික රගර් තරගබිමේ ප්‍රවීණ ක්‍රීඩකයකු වන මරිජාගේ නායකත්වයෙන් මෙවර ෂැංහායි තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික රගර් තේරීම් කමිටුව විසින් පසුගියදා තෝරාගනු ලැබීය.මේ කණ්ඩායමට අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් 4ක්, නාවික හමුදා පිලේ ක්‍රීඩකයන් 3ක්, හැව්ලොක්ස් සහ මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් ද, යුද හමුදා පිලේ ක්‍රීඩකයෙක් ද ඇතුළත් වෙති.මේ මස 22 සහ 23 වැනිදා චීනයේ ෂැංහායි නුවර පැවැත්වෙන මේ තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12ක් තරග වදිති. ජපානය, කසකස්තානය සහ තායිලන්තය 'ඒ' කාණ්ඩය යටතේ ද, කොරියාව, පිලිපීනය සහ සිංගප්පූරුව 'බී' කාණ්ඩය යටතේ ද තරග වදින අතර 'සී' කාණ්ඩයෙන් චීනය, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ත්, 'ඩී' කාණ්ඩයෙන් හොංකොං, චීන තායිපේ සහ මලයාසියාවත් තරග වදිති.ශ්‍රී ලංකා කණ්ඩායම- ෆසීල් මරිජා (නායක- මහනුවර ක්‍රී.ස.), ෂෙනාල් ඩයස් (හැව්ලොක්ස්), නයිජල් රත්වත්ත (අප් කන්ට්‍රි ලයන්ස්), චූල සුසන්ත (නාවික), මොහොමඩ් ෂෙරිෆ් (හැව්ලොක්ස්), සජිත් සාරංග (අප් කන්ට්‍රි ලයන්ස්), සයුරී ඇන්තනී (නාවික), දිනූෂ චතුරංග (නාවික), විශ්වමිත්‍ර ජයසිංහ (අප් කන්ට්‍රි ලයන්ස්), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (අප් කන්ට්‍රි ලයන්ස්), සාලිය කුමාර (මහනුවර ක්‍රී.ස.), සාලිය හඳපාන්ගොඩ (යුද) කර්නල් මොහාන් රත්නායක(කළමනාකරු), බෙන් ගොලින්ස්(පුහුණුකරු), අමිත් ජයසේකර ( භෞත චිකිත්සක ).
NEWS
වරදකරුවන් වී බන්ධනාගාර ගත වන දරුවන්ගේ පාසල් අධ්‍යාපනය නොකඩවා සිදුකරගෙන යාම සඳහා බන්ධනාගාර පාසලක් පිහිටුවීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.වටරැක ඉදිකෙරෙන මේ බන්ධනාගාර පාසලට මුල්ගල් තැබීම මේ 16දා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. මේ එහිදී ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ ගිවිසුම් අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අස්සන් තැබිණි.අධ්‍යාපන අමාත්‍යාංශයේ මුල්‍ය පරිත්‍යාගයෙන් සහ සම්බන්ධීකරණයෙන් ආරම්භ කෙරෙන මේ බන්ධනාගාර පාසල තුළ, රජයේ අනෙකුත් පාසල්වල පවත්වාගෙන යන විෂය නිර්දේශයනට අනුවම අධ්‍යාපන කටයුතු සිදුකෙරෙනු ඇත.රජය මගින් ලබාදෙන පෙළපොත් සහ අනෙකුත් පහසුකම් ද මේ බන්ධනාගාර පාසලට ද හිමිවන බව එම අමාත්‍යාංශ ලේකම් ඒ. දිසානායක මහතා ‘දිනමිණ’ට කීය.පාසල් යන වයසේ දරු දැරියන් විවිධ වැරැදි සම්බන්ධයෙන් දඬුවම් නියම වී බන්ධනාගාර ගත වීමෙන් ඔවුනගේ අධ්‍යාපනය කඩාකප්පල් වන අතර එයින් ඔවුන්ගේ අනාගතය මුළුමනින්ම අඳුරු වන බව පෙන්වා දුන් දිසානායක මහතා ඔවුන් රටට වැඩදායී පුරවැසියන් ලෙස උගතුන් ලෙස සමාජගත වීමට මේ බන්ධනාගාර පාසල යොදා ගැනීමට හැකිවන බවද පෙන්වා දුන්නේය..
NEWS
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බල ප්‍රදේශවල මේ මස 17 වැනිදා සුරාසල් වසා තබනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.මැතිවරණය නොපැවත්වෙන ප්‍රදේශවල මේ නීතිය ක්‍රියාත්මක නොවනු ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ටී. වසන්ත කුªමාර මහතා පවසයි. එදින මැතිවරණ පැවැත්වෙන ප්‍රදේශවල බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවි කළහොත් ඔවුනට දැඩි දඬුවම් පැමිණවීමට පියවර ගන්නා බවද වසන්ත කුමාර මහතා පැවසීය..
NEWS
අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහා මාර්ගවලට කසළ ගෙනැවිත් දැමීම දිනෙන් දින ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. ඒ. පුංචිහේවා මහතා මෙවර ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී පැවැසීය.සභාවට වරිපනම් බදු ගෙවන ජනතාවගේ කසළ බැහැරකරලීමට නෛතිකව බැඳී සිටින ප්‍රාදේශීය සභාවට මෙසේ පිටතින් ගෙනැවිත් දමන කසළ හිසරදයක් වී ඇතැයි ප්‍රාදේශීය සභාව පවසයි..
NEWS
රියැදුරු බලපත්‍ර හා වටිනා භාණ්ඩ උකසට තබා ගනිමින් මෙන්ම විවිධ භාණ්ඩ අඩු මුදලට මිලදී ගනිමින් හෙරොයින් සඳහා ඇබ්බැහිවූවන්ට ඉතා සූක්ෂම අයුරින් හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ මහනුවර තල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු හෙරොයින් පැකට් 05ක් ජංගම දුරකථන 07ක්, රියදුරු බලපත්‍ර 05ක්, රන් මාලයක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණි.මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත මේ වැටලීම කෙරිණි. විවිධ පුද්ගලයන්ගෙන් සොරාගන්නා ලද භාණ්ඩ අදාළ ජාවාරම්කරුට උගසට තබා හා අඩු මුදලට අලෙවි කරමින් ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට මහනුවර ප්‍රදේශයේ පුද්ගලයන් රැසක් පසුගිය වකවානුව තුළ ක්‍රියා කැර ඇති බවට තොරතුරු පොලිසිය අනාවරණය කැරගෙන ඇත.ප්‍රධාන සැකකරුට අමතරව තවත් සැකකරුවන් සිවුදෙනකුද මෙහිදී හෙරොයින් පැකට් 04ක් සමඟ පොලිස් අත්අඩංගුවට ගැනිණි.මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කෝට්ටගේ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගේ රියදුරු බලපත්‍ර මෙහි තිබූ බව පවසන පොලිසිය සොයා ගැනුණු ජංගම දුරකථන ද ඉතා වටිනා දුරකථන බැව් පවසයි..
NEWS
ගමේ ගැටලු සොයා බැලීමට රජයේ ඉහළ නිලධාරීන් ගමට එවන බව ජනාධිපතිතුමාපැවැසීය.කොළඹ පවත්වන සාකච්ඡාවල දී ජනතාවට සහන සළසමින් ගන්නා ඇතැම් තීන්දු තීරණ ග්‍රාමීය මට්ටමින් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ගමට ගොස් ඒවා පිළිබඳ සොයා බැලීම අමාත්‍යාංශ නිලධාරීන්ගේ වගකීමබව ද අවධාරණය කෙළේය.සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් සමඟ ඊයේ (8) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී රජයෙන් ලබාදෙන ලද සහන තමන්ට නිසි ලෙස නොලැබෙන බවට ඔවුන් කරන ලද දැනුවත් කිරීමකින් අනතුරුව ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.තමන්ගෙන් ජනතාවට ඉටුවිය යුතු යුතුකම් නිසි ලෙස ඉටු නොකිරීම රටටත්, ජනතාවටත් සිදුකරන බලවත් අසාධාරණයක් බව ද පැවසූ ජනාධිපතිතුමා ජනතාවගේ ගැටලු පිළිබඳ සංවේදිව බලා ඒවාට හැකි විසඳුම් ලබාදීම සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවද පැවැසීය.2014 අය-වැය සැකසීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයනගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට මෙම හමුව කැඳවා තිබුණි.දිවයිනම නියෝජනය වන ආකාරයෙන් කාන්තා ව්‍යාවසායක නියෝජිතවරියන් මීට එක්ව සිටියහ. ගොඩ නඟා ඇති නව වරායන්, ගුවන් තොටුපළ මෙන් මහා මාර්ග පද්ධතියෙන් අද තමන්ගේ කර්මාන්ත කටයුතු ඉතා පහසුකර ගැනීමට අවස්ථාව සැළසී ඇති බව ද මෙහි දී ඔවුහු පෙන්වා දුන්හ.2014 අය-වැය සඳහා අදහස් හා යෝජනා රැසක් ද මෙහි දී ඉදිරිපත් කළ අතර කර්මාන්ත කටයුතු සඳහා නව තාක්ෂණය ලබා ගැනීම, දිස්ත්‍රික් මට්ටමින් ප්‍රදර්ශන සංවිධානය කිරීම, සහන ණය ලබා ගැනීම, මෙන්ම ව්‍යාපාර නාම ලියාපදිංචියේ දී සහන ලබාගැනීම පිළිබඳ ද කරුණු ඉදිරිපත් කළහ.ආහාර නිෂ්පාදන, පශු සම්පත් හා එළකිරි, යෝගට් නිෂ්පාදන, අත්කම් නිර්මාණ, බතික් සහ ඇඟලුම් නිෂ්පාදන, කොහු ආශ්‍රිත නිෂ්පාදන, බිරලු , ලී කැටයම් නිෂ්පාදන, විසිතුරු මසුන් නිෂ්පාදන, රූපලාවන්‍ය ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතවරියන් මීට එක්ව සිටියහ.අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, තිස්ස කරලියද්ද, ජගත් පුෂ්පකුමාර , අබ්දුල් කාදර් යන අමාත්‍යවරුන්ද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරිහු මීට සහභාගි වී සිටියහ..
NEWS
ආර්ථික දියුණුව සඳහා කටයුතු කරන අතරම ලංකාවේ පාරිසරික තත්ත්වයන් හා ජෛව විවිධත්වය වර්තමාන හා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීම සඳහා ආවේණික ක්‍රමවේද උපයෝගි කර ගන්නා බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවට ආවේණික හා වඳවී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව සංරක්ෂණය සඳහා අවධානය යොමු කරමින් සකස් කළ ජාතික රතු දත්ත නාමාවලිය 2012 එළිදැක්වීම නිමිත්තෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවැති උත්සවයේ දීය.පරිසර අමාත්‍යාංශයට අනුබද්ධිත ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය ප්‍රමුඛ ජාතික පැළෑටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකාවේ ජාතික උද්්භිද උද්‍යාන කාර්ය මණ්ඩලය මේ සඳහා දායකත්වය ලබා දී තිබේ.අද තිබෙන ප්‍රධානම අභියෝගය වන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් රට බවට පත් කිරීම බවත්, ඒ සඳහා වන ආර්ථික ඉලක්ක ජයගන්නා අතරේ අපේ රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම ප්‍රධාන වගකීමක් බව ඇමැතිවරයා කීවේය.සත්ත්ව වර්ග 2264ක් අධ්‍යයනයට ලක් කළ අතර එයින් 936 ක් ආවේණික බවත්, ශාක වර්ග 3492 ක් අධ්‍යයනයට ලක් කළ ඇති අතර 743 ක් ආවේණික බවත් ඇමැතිවරයා කීය.කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේවක වීරකෝන් මහතා - “ජෛව විවිධත්ව සංරක්ෂණය අප රටට පමණක් නොව මුළු ලෝකයටම වැදගත් වන බවත් එය වගකීමක් පමණක් නොව යුතුකමක් බවත් සඳහන් කළේය.ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් හා වෘක්ෂලතා තාක්ෂණික සම්බන්ධීකාරක සිරිල් විජේසුන්දර මහතා - 2016 වන විට උද්භිත උද්‍යාන 10 ක් විවිධ කාලගුණික ප්‍රදේ්ශවල ස්ථාපිත කරන බවත් සඳහන් කළේ ය.පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතා ද මෙහිදී කථා කළේය..
NEWS
මහියංගන පූජා නගර කොටසේ අලුත ඉපදෙන දරුවන්ගේ නම ලියාපදිංචි කර රජයෙන් නොමිලේ ලබාදෙන උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී මුදල් අය කිරීම හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයට පත්වන බවට චෝදනා කරති. මේ වනවිට මුදල් අය කිරීම ඉහළ ගොස් ඇති බවට පැමිණිලි රාශියක්ද ලැබී ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.දරුවකු ඉපදී දින 14ක් ඇතුළත දරුවාගේ නම ලියාපදිංචි කර රජයෙන් නොමිලේ ලබාදෙන උප්පැන්න සහතිකය නිකුත් කිරීම සඳහා මහියංගන මූලික රෝහල හා පූජා නගර කොටසේ විවාහ මරණ උප්පැන්න රෙජිස්ටාර් ලෙස සේවය කරන තැනැත්තිය එක් උප්පැන්යක් වෙනුවෙන් මුදල් අය කරන බවත් වෙහෙර විහාරස්ථාන සඳහා ආධාර පත්‍රද සේවාව ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට අනිවාර්යෙන්ම නිකුත් කර මුදල් එකතු කිරීම හේතුවෙන් කලක සිට ජනතාව දැඩි අපහසුතාවයට පත්වන බව චෝදනා කරති.මේ වනවිට ටිකට්පත් නිකුත් කිරීමට අමතරව උප්පැන්නයක් නිකුත් කිරීමේදී වෙනම රුපියල් 400ක මුදලක් අය කිරීමට පටන් ගැනීමෙන් අසරණ දුප්පත් ජනතාව විශාල පීඩාවට පත්ව ඇතැයි ඔවුන් පවසති. මේ සම්බන්ධයෙන් මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත දිනෙන් දින ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට ආරංචිමාර්ගවල සඳහන් වේ.මේ සම්බන්ධයෙන් බදුල්ල ඉහළ නිලධාරින් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් අසරණ දුප්පත් ජනතාව පීඩාවට පත්වීම වැඩිවී ඇති බවට ජනතාව සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටී.තවද මේ තැනැත්තියගෙන් මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ඕනෑම පුද්ගලයකුගේ උප්පැන්න මරණ සහතික ලබා ගැනීමට බොහෝ කාලයක් බලා සිටීමට සිදුවීම කනගාටුවට කරුණක් බවට පත්වී ඇත.සුහදශීලී මහජන සේවය වෙනුවට මුදල් උපයන ආදායම් මාර්ග බවට උප්පැන්න ලියාපදිංචිය පත්කරගෙන සිටීම විමතියට කරුණකි. මහජන මුදලින් වැටුප් ලබන ඉහළ වගකිව යුතු නිලධාරින් ඇස් කන් පියාගෙන මුනිවත රැකීම විමතියට කරුණක් නොවන්නේ කුමක් නිසා දැයි ජනතාව ප්‍රශ්න කරති..
NEWS
කොළඹ සිට පැල්මඩුල්ල දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීම ලබන සැප්තැම්බර් මස ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.2018 වසරේදී මෙම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බවද කී ඇමැතිවරිය කොළඹ සිට පැයක කාලයකින් රත්නපුරය හරහා පැල්මඩුල්ලට පැමිණිය හැකි යුගය අත ළඟ බවද කීවාය. කිලෝමීටර් 71යි දශම අටක් වන මේ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී එක් උමගක්ද ස්ථාන හතකදී කුලුනු මත ඉදිකිරීමද සිදුකිරීමට නියමිතය.දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රවේශයෙන් ආරම්භ වී හොරණ ඉංගිරිය රත්නපුර ඔස්සේ පැල්මඩුල්ල දක්වා අධිවේගී මාර්ගය ඉදි කෙරේ.චීන ආධාර යටතේ ඉදිකිරීමට නියමිත පැල්මඩුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් චීන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයේ දී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ සංවර්ධනය මුළු රටේම පතුරවාලීම බවත් මේ අධිවේගී මාර්ගය නිසා රත්නපුර දිස්ත්‍රික්කය ශීඝ්‍ර සංවර්ධනයකට යොමුවෙන බවත් විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය “දිනමිණ”ට පැවැසුවාය.
NEWS
බර්මිංහැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී නවසිලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අහෝසි කෙරිණි. දෙපිලටම ලකුණක් බැගින් ලැබුනු අතර මේ අනුව නවසිලන්තය දැන් ලකුණු 3ක් හිමිකර ගෙන සිටී. ඔස්ට්‍රේලියාව එක් ලකුණකි.ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසිලන්තය ඕවර 15කදී කඩුලු 2කට ලකුණු 51ක් රැස්කර ගෙන සිටියදී මහ වැසි ඇද හැලිනි.ලූක් රොන්චි පළමු පන්දුවටම එල්ල කළ හතරේ පහරක් මගින් නවසිලන්තය ඔවුන්ගේ පිළිතුරු ඉනිම ආරම්භ කළේය. නවසිලන්ත ඉනිමේ මුළු ලකුණු 18දී පළමු කඩුල්ල බිඳ වැටිණි. මාටින් ගප්ටිල් ලකුණු 8ක් ලබා ගෙන සිටියදී සිවුවැනි ඕවරයේ ක්ලින්ට් මැකේ ගේ පන්දුවට ‘බැක්වර්ඩ් පොයින්ට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ග්ලෙන් මැක්ස්වල් අතට උඩ පන්දුවක් ලබා දුන්නේය.වැසි පතිත වීම හේතුවෙන් ඕවර 15ක් අවසානයේ තරගය නතර කෙරිණි. ඒ වන විට නවසිලන්තය කඩුලු 2කට ලකුණු 51ක් ලබා ගෙන සිටියේය. කේන් විලියම්සන් හා රොස් ටේලර් පිළිවෙලින් ලකුණු 18ක් හා 9ක් ලබා ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියහ.නවසිලන්තය, කාඩිෆ්හිදී ශ්‍රී ලංකාව පැරදවූ කණ්ඩායම ම මේ තරගය සඳහා යොදවා තිබිණි. ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් මිචල් ස්ටාක් වෙනුවට සේවියර් ඩොහර්ටි ද, ඩේවිඩ් වෝනර් වෙනුවට ග්ලෙන් මැක්ස්වල් ද කැඳවා තිබිණි.කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8කට ලකුණු 243ක් රැස් කළේය. මිචල් මැක්ලෙනගන් ඊයේ ඔහුගේ තෙවැනි පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය. ඒ, ආක්‍රමණශීලී පිතිකරු ෂේන් වොට්සන්ගේ වටිනා කඩුල්ලයි. කඩුලු රකින ලූක් රොන්චි වෙත උඩ පන්දුවක් දෙමින් තරගයේ දෙවැනි ඕවරයේ වොට්සන් දැවී යන විට ලබා ගෙන සිටියේ ලකුණු 5ක් පමණි.සිවුවැනි ඕවරය ආරම්භයේදීම පිල් හියුස් (0) දුවද්දී දැවී ගිය අතර ඒ අනුව ඔස්ට්‍රේලියා දෙවැනි මුළු ලකුණු 10දී බිඳ වැටිනි.අනතුරුව පිටියේ එක්වූ මැතිව් වේඩ් හා නායක ජෝජ් බේලි තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 15යි පන්දු 5කදී ලකුණු 64ක් එක් කරමින් සිටියදී වේඩ්, නේදන් මැකලම්ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. එම තීරණයට වේඩ් අභියෝග කළද තෙවැනි විනිසුරුගේ තීරණයද දැවී යාම ම විය. පන්දු 57කට මුහුණ දුන් වේඩ් හතරේ පහර 3ක් සමග ලකුණු 29ක් රැස් කළේය.වේඩ්ගේ දැවී යාමෙන් පසුව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සබඳතාවක් ගොඩනැගිනි. බේලි හා ඇඩම් වෝග්ස් මේ සබඳතාව පිහිටුවූයේ ඕවර 16කිනි. නේදන් මැකලම් විසින් ඔස්ට්‍රේලියානු ‘බැටිං පවර් ප්ලේ’ ක්‍රීඩාවට පෙර අවසන් පන්දුවෙන් බේලිගේ කඩුලු බිඳ දමමින් එම සබඳතාවට තිත තබනු ලැබිණි.හතරේ පහර 5ක් එල්ල කළ බේලි පන්දු 91කින් ලකුණු 55ක් රැස් කළේය. මිචල් මාෂ් 5 වැනි කඩුල්ල ලෙසින් මුළු ලකුණු 193දී දැවී ගියේ ඇඩම් වෝග්ස් සමග ලකුණු 42ක් (ඕවර 7කදී) පස්වැනි කඩුල්ලට එක් කිරීමෙන් පසුවය. මැක්ලෙනගන්ගේ පන්දුවට කඩුලු රකින රොන්චි වෙත උඩ පන්දුවක් දෙමින් මාෂ් දැවී යන විට ඔහු හතරේ පහර 3ක් සමග පන්දු 24කින් ලකුණු 22ක් රැස්කර ගෙන සිටියේය.ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලබා ගත් පිතිකරු ඇඩම් වෝග්ස් ඊළඟට දැවී ගියේය. 44 වැනි ඕවරයේ මුළු ලකුණු සංඛ්‍යාව 196ක්ව තිබියදී ඔහු දැවී ගියේ මැක්ලෙනගන්ගේ පන්දුවට ‘ෂෝට් කවර්’හි පන්දු රකිමින් සිටි බ්‍රෙන්ඩන් මැකලම් ට උඩ පන්දුවක් ලබා දෙමිණි. පන්දු 76කින් වෝග්ස් ලබා ගත් ලකුණු 71 ට හතරේ පහර 7ක් ඇතුළත්ව තිබිණි. ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 6කට දැවී ගිය අතර ඉන්පසුව පිටියට පිවිසි මිචල් ජොන්සන් හතරේ පහර දෙකක් එල්ල කර ආපසු ක්‍රීඩාගාරයට ගියේය.9 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ ග්ලෙන් මැක්ස්වල් හා ක්ලින්ට් මැකේ (නොදැවී 2) ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව 219 සිට 243 දක්වා ඉහළ නැංවූහ. මැක්ස්වල් හතරේ පහරක් හා හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 22කින් නොදැවී ලකුණුු 29ක් රැස් කළේය.නවසිලන්තය වෙනුවෙන් වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වෙමින් වේග පන්දු යවන මිචල් මැක්ලෙනගන් ලකුණු 65කට කඩුලු 4ක් ලබා ගත්තේය.ඔස්ට්‍රේලියාව-243/8යි. (ඕවර 50) ඇඩම් වෝග්ස් 71, ජෝර්ජ් බේලි 55, මැතිව් වෙඩ් 29, ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 29 (මිචල් මැක්ලෙනගන් 65/4, නේදන් මැකලම් 46/2)නවසිලන්තය-51/2 (ඕවර 15) කේන් විලියම්සන් නොදැවී 18, රොස් ටේලර් නොදැවී 9 (මැකේ 10/2).
NEWS
ආගමික අරමුණකින් පවත්වන බිලි පූජාවලදී වුවත් සත්ත්වයින් ඝාතනය කිරීම සඳහා ගෝ ඝාතක පනත යටතේ බලපත්‍රයක් ලබා ගත යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (3) තීන්දු ක‍ළේය.ආගමට සම්බන්ධ ක්‍රියාවළියකදී වුවද කිසිවකුට රටේ නීතීය අභිබවා යා‍ නොහැකි යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් අවධාරණය කෙළේය.අග විනිසුරු මොහාන් පීරිස් ,කේ.ශ්‍රීපවන් සහ රෝහිණි මාරසිංහ යන විනිශ්චය මණ්ඩලය මෙම තීන්දුවට එනු ලැබුවේ මුන්නේශ්වරන් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික බිලි පූජාව සඳහා සිදු කෙරෙන සත්ත්ව ඝාතනය මගින් ගෝ ඝාතන පනත සහ සත්ත්ව හිංසන පනත උල්ලංඝණය වන බැවින් සත්ත්ව බිලී පූජාව සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු යැයි අභියාචනාධිකරණය දී තිබූ තීන්දුව අනුමත කරමිනි.මෙම බිලි පූජාවේදී ගෝ ඝාතක පනත සහ සත්ත්ව හිංසන පනතට පටහැනිව නීතී වි‍රෝධි ලෙස සත්ත්වයින් ඝාතනය කරන බව සඳහන් කරමින් සත්ත්ව විරෝධි සහ ‍බෞද්ධ සංවිධාන කිහිපයක් විසින් අභියාචනාධිකරණයේ පවරා තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් පසු දී තිබු තීන්දුවට එරෙහිව මුන්නේශ්වරන් කෝවිලේ පාලක මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනය විභාගයට ගැනීමෙන් පසු එළැඹුණු තීන්දුව අග විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළේය.අභියාචනාධිකරණයේදී මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්වුණු පෙත්සම් විභාගවලදී මුන්නේශ්වරන් පාලක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ මතය වූයේ බිලි පූජාවේදී සත්ත්ව ඝාතනය සිදු කරනු ලබන්නේ විකිණීම සඳහා නොවන බැවින් ඒ සඳහා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවයි.එසේ වුවත් සත්ත්වයින් ඝාතනයේදී ප්‍රවාහණය කිරීම ,ඝාතනය කිරීම සහ මස් කිරීම යන කරුණු ‘වෙළඳාම’යන නිර්වචනයට ඇතුළත් වන හෙයින් ඒ ක්‍රියාවන් ආගමික කටයුත්තකදී සිදු කිරීමේදී වුව ද බලපත්‍රයක් ලබා ගත යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.නීතියට පටහැනිව සත්ත්ව බිලි පූජා සිදු කළහොත් එයට එරෙහිව පියවර ගැනීමට ‍පොලිසියට බලය ඇති බව ද තීන්දුව වැඩිදුරටත් සඳහන් කරයි.නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ ,බෞද්ධ සංවිධාන වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා සහ සත්ත්ව හිංසන සංවිධාන වෙනුවෙන් රාජා ඩෙප් මහත්වරුන් පෙනී සිටියහ.
NEWS
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මගින්, හොරණ ප්‍රදේශයට කාලාන්තරයක් සිටම පවතින, අඩු පාඩුවක් සපුරාලමින්, හොරණ නගර සභා මහජන පොදු වෙළෙද පොළ අලුතින් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.හොරණ නගර සභා මෙහෙයවීමෙන් ඉදි කෙරෙන මෙම යෝජිත නව පොදු වෙළෙඳ පොළ ඉදි කිරීමේදී, දැනට පවතින පැරැණි පොදු වෙළෙඳ පොළ කඩා ඉවත් කර එම ස්ථානයේම නව පොදු වෙළෙඳ පොළ ඉදි කිරීම සිදු වේ.පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මගින් මේ සඳහා රුපියල් ලක්ෂ හතළිහක මුදලක් යෙද වේ.මෙම පොදු වෙළෙද පොළ ඉදිකිරීමේ ඉදිකිරීම් කටයුතු තව මාසයක් ඇතුළතදී ක්‍රියාත්මක වේ.හොරණ නව පොදු වෙළෙඳ පොළ ඉදිකිරීම පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක පසුගියදා , පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආර්. ආර්. කේ. රණවක මහතා හොරණ නගර සභා කාර්යාලයේ හා හොරණ නගර සභා දැනට පවතින පැරැණි පොදු වෙළෙඳ පළ භූමියේ නිරීක්ෂණ චාරිකාවක යෙදිණි.හොරණ පොදු වෙළෙඳපළ අලුතින් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආර්. ආර්. කේ. රණවක මහතා, හොරණ නගර සබා සභාපති ග්‍රැන්විල් රාජපක්ෂ මහතාද සමගින් එක්ව නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.එම අවස්ථාවට හොරණ නගර සභා සභාපති ග්‍රැන්විල් රාජපක්ෂ, පළාත් පාලන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ දර්ශන බණ්ඩාර සමරකෝන්, හොරණ නගර සභා උප සභාපති ජාලිය පුලසිංහ, නාගරික මන්ත්‍රී ඩබ්ලිව්. සිරිසෝම, හොරණ ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරු ටී. සිංහබාහු, හොරණ නගර සභා තාක්ෂණ නිලධාරී - අජිත් වසන්ත පෙරේරා, හොරණ නගර සභා ලේකම් - ගීතිකා රුද්‍රිගෝ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ..
NEWS
නායක උපුල් තරංග සමගින් මාධව වර්ණපුර දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගු ලකුණු 134ක නොබිඳි සබඳතාව හේතුවෙන් එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි නිල නොවන සිවුදින තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දෙවැනි දිනය නිමාවනවිට ලකුණු 166ක් රැස්කරගෙන සිටියේය.ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමු ඉනිමට එංගලන්තය ලකුණු 461ක් රැස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 295ක් පිටුපසින් සිටී.ඊයේ දිනය නිමාවනවිට උපුල් තරංග නොදැවී ලකුණු 102ක් හා මාධව වර්ණපුර නොදැවී ලකුණු 47ක් ලබාසිටියේය. තරංගගේ ඉනිමට පන්දු 136කදී හතරේ පහර 18ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා පිලේ දැවී ගිය පිතිකරුවා වුයේ දිමුත් කරුණාරත්නය. ලකුණු 11ක් ලබාසිටියදී ග්‍රැහැම් ඔනියන්ස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දිමුත් හසුවනවිට මුළු ලකුණු සංඛ්‍යාව 32ක් විය.. ලකුණු 130කින් හයවැනි කඩුල්ලට ගොඩනැගී තිබු එංගලන්ත පිලේ සබඳතාව ඊයේ දිනයේදී තවත් 197 දක්වා ඉදිරියට ගෙන යෑමට ක්‍රිස් වොකස් හා ස්කොට් බ්‍රොත්වික් සමත්විය. විශ්ව ප්‍රනාන්දු ශතකයට එක් ලකුණක් පසුපසින් සිටි බ්‍රොත්වික් දවාගැනීමෙන් එම සබඳතාව බිදි ගියේය. ඔහුගේ ඉනිමට පන්දු 161කදී හතරේ පහර 15ක් ඇතුළත් විය. ලයාම් ප්ලන්කට් හා වොකස් එකතුව හත්වැනි කඩුල්ලට ලකුණු 72ක් එක් කළේය. වොකස් ලකුණු 137කට දැවී ගිය අතර ප්ලනකට්ට රැස්කළ හැකි වුයේ ලකුණු 40ක් පමනි. වොකස් පන්දු 232කට මුහුණදී හතරේ පහර 16ක් එල්ල කර තිබිණි. සුරාජ් රන්දිව් කඩුලු 5ක් දවාගත් අතර ළහිරු ගමගේ කඩුලු 2ක් දවාගත්තේය.අද තරගයේ තෙවැනි දිනයයි..
NEWS
ව්‍යාජ ගමන් බලපත්‍ර මඟින් පුද්ගලයන් පිටරට යැවීම හා පිටරටවල සිට ව්‍යාජ ගමන් බලපත්‍ර මඟින් විදේශිකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපාරයක නියුතු වූ බොරැල්ල ප්‍රදේශයේ සැකකරුවකු අපි‍්‍රයෙල් මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා මහත්මිය නියෝග කළාය.මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ බොරැල්ල ගොරකගහ පාරේ පදිංචිකරුවකු වන ගමගේ සුමනතිලක නමැත්තෙකි. යුද හමුදා බුද්ධි අංශය සහ බොරැල්ල පොලිසිය කරන ලද වැටලීමක දී ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.ඊයේ (22) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බොරැල්ල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පො. ප. කණ්ඩුල දිසානායක මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් ඉහත කී සිද්ධියට අදාළ ව මේ අධිකරණයෙන් සැකකරුට ඇප දිය නොහැකි බවත්, ඇප දීමට විරුද්ධ වන බවත් දන්වා සිටියේ ය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ නිවෙසේ තිබී ජාතිත හැඳුනුම්පත් නවයක්, විදේශ ගමන් බලපත්‍ර දහ අටක්, අධ්‍යාපන සහතික දහයක්, උප්පැන්න සහතික තිස් හයක්, රියදුරු බලපත්‍රයක්, විවාහ සහතිකයක් හා නිල මුද්‍රා දෙකක් ඇතුළු තවත් භාණ්ඩ රාශියක් ද සොයා ගත්බව පො. ප. කන්ඩුල දිසානායක මහතා අධිකරණයට දැන්වීය..
NEWS
2011 වසරේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනා අතරටත්, එම වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරමුණේ පසුවන ක්‍රීඩකයා ලෙසටත් සුප්‍රකට විස්ඩන් සඟරාව මගින් පසුගියදා කුමාර් සංගක්කාර තෝරාගනු ලැබීය.මෙලෙස විස්ඩන් සඟරාවේ එකම වසරකදී සම්මාන 2ක් සඳහා තෝරාගනු ලැබූ ප්‍රථම ක්‍රීඩකයා ලෙස සංගක්කාර ඉතිහාස ගතවේ.ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නෙකු ලෙස ද හඳුන්වන සංගක්කාර 2004 වසරේ විස්ඩන් සඟරාව මගින් වසරේ පෙරමුණ ගත් ක්‍රිකට් ක්‍රීඩකයාට සම්මාන දීම ඇරැඹීමෙන් පසුව සම්මාන 2කට සුදුසුකම් ලැබූ ලොව මුල්ම ක්‍රීඩකයාය.සංගක්කාර 2011 වසරේ දී ජගත් ක්‍රිකට් බිමේ ලකුණු 2267ක් රැස්කර තිබේ. ටෙස්ට් හා එක්දින තරග ලකුණු 1000 බැගින් එකම වසරකදී රැස් කරමින් එම දස්කම වසර 3කදීම පෙන්නුම් කළ ලොව එකම ක්‍රීඩකයා ද ඔහුය.34 හැවිරිදි සංගක්කාර මේ වනවිට ටෙස්ට් තරග 108ක දී ලකුණු 9000 සීමාව පසුකිරීමට සමත්ව සිටියි. ඔහුගේ ලකුණු 9000ට ශතක 28ක් ද ඇතුලත්ය..
NEWS
හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම්ස් 20ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරද පිළිගත් පුද්ගලයකට රුපියල් 10000.00 දඩයක් පාණදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා නියම කළේය.පාණදුර උතුරු පොලිසියේ කොස්තාපල් හේරත්, විත්තිකරු අධිකරණය වෙත ඉදිරිපත් කළේය..
NEWS
මාතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අන්තර් සමාජ ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව හිමිකර ගැනීමට ලකුණු 118ක් ලබාගත් නිල්මිණි ක්‍රීඩා සමාජය සමත්විය. තරගාවලියේ අනුශූරතාව ලකුණු 78ක් ලබාගත් රාහුල ක්‍රීඩා සමාජයට හිමිවිය.සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නිල්මිණි ක්‍රීඩා සමාජයේ අනිල් නිලවීර සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එම ක්‍රීඩා සමාජයේ නිමේෂි සෙව්වන්දි සම්මාන ලැබීය‍.ක්‍රීඩා සමාජ 22කගේ සහභාගිත්වයෙන් තරගාවලිය පසුගිය දිනවල මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ජය‍ සංකේත හා තිළිණ ප්‍රදානය මාත‍ර ප්‍රාදේශිය ලේකම් බී.රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දකුණු පළාත් සභා මන්ත්‍රී විරසුමන වීරසිංහ, මාතර බන්ධනාගාර ප්‍රධාන ජේලර් කේ.ධම්මික, මාතර නාගරික මන්ත්‍රී රාජ්‍ චන්ද්‍රලාල් මහත්වරුන්ද එම අවස්ථාවට එක්විය.නිල්මිණි ක්‍රීඩා සමාජයට.
NEWS
මෙරට ආයෝජන අවස්ථා සොයා බැලීමට ලෝකයේ පිළිගත් ආයතන රැසක නියෝජිතයෝ ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවැසීය.යුරෝ කොප්ටර්, සෝලා ඩිරෙක්ටි, ටොටල්, අල්ස්ට්‍රොමි, ඩෙගි‍්‍රරිමොන්ටි, ඇස්ටෝන්ටි ඇතුළු ලෝකයේ පිළිගත් ආයතන රැසක නියෝජිතයෝ මෙලෙස සංචාරයක යෙදීමට නියමිත බව හෙතෙම කිවේය.මෙරට ආයෝජන අවස්ථා හඳූනා ගැනීම හා ඊට ලබා දෙන පහසුකම් ඇතුළු අංශ ගනණාවක් පිළිබඳ සාකච්ඡා කිරීම මේ සංචාරයේ මූලික අරමුණ වී ඇති බව ඒ මහතා කියා සිටියේය.ඉකුත්දා (18) සිට (20) වැනිදා දක්වා ප්‍රංශයේ පැවති ආයෝජන ප්‍රවර්ධන සමුළුට සහභාගීවීමෙන් අනතුරුව දිවයිනට පැමිණීමෙන් පසු නියෝජ්‍ය ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේය.සමුළුවට පැමිණි සිටි ලොකයේ පිළිගත් ආයතන රැසක හිමිකරුවන් හා ඉහළ නියෝජිතයන් විශාල සංඛ්‍යාවක් සමඟ තමන් සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන් මෙරට ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළ බවත් ඒ මහතා කියා සිටියේය.තිස් වසරක කුරිරු යුද්ධය අවසන් වී කෙටි කාලයක දී ශ්‍රී ලංකාව ලබා ඇති සංවර්ධනය හා සාමකාමී පරිසරය පිළිබඳ තමන් සමුළුවට එක්ව සිටි පිරිස් දැනුවත් කළ බවද ඇමැතිවරයා කීවේය.මේ වන විටත් ලෝකයේ දැවැන්ත ආයතන රැසක් මෙරට ආයෝජනයන්වල යෙදී සිටින බවත් තවත් රටවල් බොහෝමයක් ආයෝජනයන් කිරීමට අවස්ථාව ඉල්ලා සිටින බව තමා සමුළුවේ දී පෙන්වා දුන් බවත් මුස්තාපා මහතා පැවසීය..
NEWS
ඉදිරි වසර සඳහා ශශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශය මගින් පැවැත්විය යුතු බැවින් ඒ සඳහා වන නාම යෝජනා එවන ලෙසට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කබඩි සම්මේලනයේ ලේකම් එම්. ටී. ප්‍රනාන්දු මහතාට ලිඛිතව දන්වා යවා තිබියදීත් කබඩි නිලවරණ පවත්වා නිලධාරීන් පත් කර ගැනීමට එහි බලධාරීහු කටයුතු කර ඇත.පසුගිය මාර්තු මස 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමූ කබඩි බලධාරීහු පෙරේදා (25) ක්‍රීඩා අමාත්‍යාංශ සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඉදිරි වසර සඳහා වන නිලවරණ පැවැත්වූයේ එහි ලේකම් එම්. ටී. ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා එවූ ලිපිය කියවනු ලැබීමෙන් ද පසුවය.අනුබද්ධිත කබඩි සංගම් 28 අතරින් සාමාජිකයන් 24 දෙනෙකුම පැමිණ සිටි බැවින් නිලවරණය පැවැත්විය යුතු බවට බලධාරීහු ඒකමතිකව තීරණය කළහ. ඒ අනුව නව නිලධාරී මඩුල්ල පත්වූයේ නිතරගයෙන් ය. මේ නිලවරණ සඳහා නාම යෝජනා භාර දීමේ අවසන් දිනය වූයේ මැයි 15 වැනිදා ය. නව නිලධාරී මඩුල්ල නිතරගයෙන් පත්වූයේ නාමයෝජනා භාරදුන් ප්‍රමාණය සීමිත වීම නිසාය.හිටපු කබඩි සභාපති සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා නව සභාපති ලෙස පත් වූ අතර උප සභාපතිවරුන් ලෙස ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර, ඒ. එස්. බී. එස්. ගුණරත්න, එයාර් කොමදෝරු ජානක අමරසිංහ, කපිතාන් ඒ. එච්. යූ. හෙට්ටිආරච්චි, රත්නපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර සහ යාපනය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක උදය සිල්වා යන මහත්වරුන් පත්වූහ.හිටපු ලේකම් එම්. ටී. ප්‍රනාන්දු මහතා නව ලේකම්වරයා වශයෙන් පත්වූ අතර උප ලේකම්වරයා ලෙස පත්වූයේ කපිතාන් උපුල් කිත්සිරි මහතාය. භාණ්ඩාගාරික ලෙස විංග් කමාන්ඩර් පී. එන්. ප්‍රනාන්දු මහතා පත්වූ අතර උප භාණ්ඩාගාරික ලෙස පත්වූයේ නාවික හමුදාවේ ඒ. එන්. සිල්වා ය.කෙසේ වුවද නිතරගයෙන් තේරී පත් වූ කබඩි සම්මේලනයේ නව නිලධාරී මඩුල්ල රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පෙර ක්‍රීඩා ඇමැතිවරයා සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා මුණගැසී කරුණු අවබෝධ කරදීමට තීරණය කර ඇත.
NEWS
ඔස්ට්‍රේලියාවේදී ප්‍රථම එක්දින ක්‍රිකට් තරගාවලි ජය වාර්තා කළ ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා ඇමැති සී. බී. රත්නායක මහතා උණුසුම් සුභ පැතුම් එක් කළේය. ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා පිලට වත්මන් ලෝක සූරයන් ඔස්ට්‍රේලියාවේදීම පරාජය කිරීමට හැකිවීම විශාල ධෛර්යය ඇතිකරවන්නක් බව ඒ මහතා “දිනමිණ” ට වැඩිදුරටත් පැවැසීය..
NEWS
ඉංගිරිය, දුම්බර වතුයායේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයට අනතුරුදායක වන ලෙස එම ස්ථානයේම පවත්වාගෙන ගිය බෙහෙත් ගබඩාව වෙනත් ස්ථානයකට රැගෙනයාමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.ළමා සංවර්ධන මධ්‍යස්ථානයත්,වතුයායේ තේ,රබර් සඳහා යොදන වස බෙහෙත්වර්ගද තිබෙන බෙහෙත් ගබඩාවත් එකම ස්ථානයක පවත්වාගෙන යෑම නිසා ඉන් කුඩා දරුවන්ගේ අනාරක්ෂිතභාව පිළිබඳව වෘත්තිය සමිති මගින් පෙන්වාදීමෙන් අනතුරුව වත්මන් පාලනාධිකාරිය මේ පියවර ගෙන ඇත..
NEWS
“අනේ ගිලුනා - ගිලුනා බේරා ගන්න එන්න” දවසේ කුලියක් කර ගෙට ගොඩ වන මට ගැහැණු කෙනකුගේ අෙඳීනා හඬක් ඔය දෙසින් ඇහුණා. අතේ තිබුණු කළමනා ටික ගෙට විසි කළ මම ඔය දෙසට දිව්වා. එතන වැලපෙමින් සිටි ගැහැණු ළමයෙක් කෙනෙක් දියේ ගිලුණු බව කීවා.මම දියේ කිමිදී බලන විට කෙනෙක් මුනින් අතට ඔය පතුලේ වැටී සිටියා. මම ඔහු ගොඩට ගෙනාවා.ඔහු කථා කළේ නෑ. ගොඩ සිටි අය ඔහුට ප්‍රථමාධාර දී රෝහලට රැගෙන ගියා.බුලත්කොහුපිටිය පොලිස් වසමේ ලැවල ප්‍රදේ්ශයේ දී රිටිගහ ඔයේ දියේ ගිලුණු අයෙක් ගොඩට ගෙන ඒමට උපකාර කළ එම ස්ථානය අසල පදිංචිකරුවකු වූ බුලත්කොහුපිටිය ලැවල පී. සුනිල් ආනන්ද මහතා පසුගියදා කරවනැල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේ දී රෝහල් හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු එච්. එම්. ජී. ඩබ්ලිව්. පරුස්සැල්ල මහතා ඉදිරියේ දී සාක්කි දෙමින් පැවැසීය.එසේ මිය ගොස් ඇත්තේ බලන්ගොඩ – හල්පේ, තුඹතැන්න පදිංචි කේ. ඩී. ගීත් කමල් දේශපි‍්‍රය නම් 25 හැවිරිදි තරුණයෙකි.මෙහිදී සාක්කි දුන් ඩබ්ලිව්. එම්. ලක්‍ෂිකා නිරෝෂණී මෙනෙවිය - මිය ගොස් ඇත්තේ මම විවාහවීමට සිටි අයයි. අප දෙදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික වෙළෙඳ ආයතනයක සේවය කරනවා. අපේ මවුපියන් අපේ සම්බන්ධය ගැන දැනුවත් කර තිබෙනවා. දෙපාර්ශවයේම කැමැත්ත ලැබී තිබෙනවා.මම පුංචි අම්මලගේ නිවසේ සිට වැඩට යනවා. ඔහු වෙනත් නවාතැනක සිට සේවයට එනවා.අප දෙදෙනා පසුගියදා බුලත්කොහුපිටියේ ඥාති නිවෙසකට ආවා. එහිදී පස්වරු 4.00 ට පමණ එම නිවසේ කුඩා දරුවන් දෙදෙනකු ද සමග රිටිගහ ඔයට නාන්න ආවා.මම දිය නෑමට ඇඳුම් මාරුකරන අතරේ කමල් දිය නෑමට ඔයට බැස්සා. ඔහු දිය යට ගිහින් උඩට ආවා මා දෙස බලමින් දිය නාන අතරේ ඔහු දෑත් උඩට උස්සමින් දඟලනවා වගේත් මම දැක්කා. මම හිතුවේ ඔහු මට විහිළු කරනවා කියලයි.දිය යට ගිය ඔහු නොපෙනී ගියා. මම ඒ වෙලාවේ කෑ ගැසුවා. ඒ වෙලාවේ ආපු අයෙක් දියට බැහැල කමල් උඩට ගෙනාවා. ඒ වන විටත් විනාඩි දහයක් විතර ගිහින්. ඔහු කථා කළේ නෑ. රැස්ව සිටි අය ඔහුට ප්‍රථමාධාර දීලා කරවනැල්ල රෝහලට රැගෙන ගියා. කමල් කථා කළේ නෑ. මට රෝහලේ ඉන්න එපා කියල ඥාතීන් මාව රැගෙන ගියා. පසුව දා උදේ රෝහලට ආවිට ඔහු මියගොස් ඇති බව දැන ගත්තා.මිය ගිය අයගේ මව වන බලන්ගොඩ හල්පේ තුඹතැන්න එච්. කල්යානි සමන්තා ඩයස් මහත්මිය - මට දරුවන් තිදෙනෙක් සිටිනවා. මිය ගොස් ඇත්තේ වැඩිමහල් දරුවායි. ඔහු මේ තරුණිය සමග විවාහ වීමට සිටින බවට මා දැනුවත් කර තිබුණා. මෙදින බුලත්කොහුපිටිය ඥාති නිවෙසට පැමිණෙන බව මට කියා තිබුණා.මරණය ගැන මා දැනගත්තේ පොලිසියේ දැනුම් දීමෙන්. දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බව විශ්වාස කරනවා.මා දේහය භාර ගෙන අවසාන කටයුතු සඳහා බලන්ගොඩ ප්‍රදේශයට ගෙන යනවා.මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කරවනැල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ජීවන්ත විමලරත්න මහතා විසින් සිදුකරන ලදී. වෛද්‍ය වාර්තා නිරීක්‍ෂණ හා සාක්කි සැලැකිල්ලට ගත් රෝහල් හදිසි මරණ පරීක්‍ෂකවරයා මරණය දියේ ගිලීමෙන් සිදු වුවක් බවට තීරණය කරනු ලැබීය.බුලත්කොහුපිටිය පොලිසියේ පො. සැ. බණ්ඩාර මහතා සාක්‍ෂි මෙහෙය විය..
NEWS
ගම්පහ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු නැවත වගාකිරීමේ වැඩ සටහන යටතේ 2010 - 2011 මහ කන්නයට ප්‍රතිපාදන මුදල වශයෙන් රුපියල් මිලියන 4ක් වෙන්කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් චන්දන කුමාරසිංහ මහතා පවසයි.ඒ අනුව හෙනරත්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ වැලිවේරිය දකුණ කැල්ලවෙලයාය, නිඩගම්මුල්ල අඹුගහවෙලයාය, පහලගොඩ යාගොඩයාය, පහල ඉඹුල්ගොඩ රෑනගලයාය, වගා කෙරේ.යක්කල ගොවි ජන සේවා මධ්‍යස්ථානය යටතේ යක්කල නැගෙනහිර කිරිමැටිකුඹුරයාය ද ඌරාපොල ගොවි ජන සෛවා මධ්‍යස්ථානය යටතේ ඌරාපොළයාය , කරස්නාගල යායද වගා කෙරේ. නිට්ටඹුව ගොවිජන සේවා යටතේ වීරඟුල දකුණ උඩවෙලයාය සංවර්ධනය කිරීමට නියමිතය..
NEWS
ශීඝ්‍ර සංවර්ධන වැඩපිළිවෙළක් ඉලක්ක කර ගැනීමට ලබන වසර තුළ වැඩකරන ජනතාවගේ සහ අනෙකුත් සියලු ජනතාවගේ කැපවීම අත්‍යාවශ්‍යව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.ලබන නොවැම්බර් මාසයෙන් පසු තම දෙවන ධූර කාලය එළැඹීමත් සමඟම ශ්‍රී ලංකාව පියමං කරන තීරණාත්මක කාල පරිච්ඡේදය උදාවන බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවකදී යවැඩකරන ජනතාව රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළ රාජපක්ෂ මහතා යුද සමයෙන් පසු රට මහා සංවර්ධන වැඩපිළිවෙළක් කරා මෙහෙයවීමට රජයට හැකි වී ඇති බවද සඳහන් කෙළේය.ඉදිරි ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය සැලසුම් දැනටමත් සකස් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරි වසර 20 දක්වා රටේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට වැඩපිළිවෙළ මේ වන විටත් සකස් කර ඇති බවද සඳහන් කෙළේය.ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා වෘත්තීය සමිති දායකත්වය අත්‍යවශ්‍යය බව පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා එහි ප්‍රතිලාභ සමස්ථ ජනතාවටම ලැබිය යුතු යැයිද පෙන්වා දුන්නේය. වෘත්තීය සමිති නියෝජිතයින්, මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ..
NEWS
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු සංගමය සංවිධානය කරන අන්තර් ජාතික තුන්කොන් මේසපන්දු තරගාවලිය මේ මස 10-11 දෙදින කොළඹ කොටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවැත්වේ.කණ්ඩායම් තරග 10වැනිදා සවස 4.30ට පැවැත්වෙන අතර කේවල තරග 11වැනිදා සවස 3.00සිට පැවැත්වේ.ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය තරගාවලිය සඳහා එක්වන අතර කූල් ප්ලැනට් ආයතනය අනුග්‍රහය දක්වයි.    .
NEWS
“මම මගේ දඟ පන්දු යවන්නන් විශ්වාස කළා. රංගන හේරත් අදහා ගත නොහැකි පන්දු යවන්නෙකි” යැයි නවසිලන්තයට එරෙහිව ලකුණු 59ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවූ ලසිත් මාලිංග කියා සිටී.තරගය පැවැති බංග්ලාදේශයේ චිතගොං නුවර සහුර් අහමඩ් චවුද්රි ක්‍රීඩාංගණයේ තණතිල්ල එක දිගට මන්දගාමීව තිබුණු බව මාලිංග පෙරේදා ජයග්‍රහණයෙන් පසුව කියා සිටියේය.“මේ වගේ අවස්ථාවක් එනකම් තමයි අපි බලාගෙන හිටියේ. අපි එයින් ප්‍රයෝජන ගත්තා. රංගනත් බලාගෙන හිටියේ එයාගෙ අවස්ථාව උදාවන තුරුයි. එයා එයාගෙ දක්ෂතාව ඔප්පු කළා. පින්න නොතිබුනු එකත් අපට අවසානයේ වාසියට හේතු වුණා.”අජන්ත මෙන්ඩිස් හා සීකුගේ ප්‍රසන්න වැනි තවත් දක්ෂ දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බවත් ඩකා නුවර පන්දුව දඟ කැවෙන තණතිලිවල කණ්ඩායමට හොඳ අවස්ථාවක් තිබෙන බවත් මාලිංග ප්‍රකාශ කළේය.“මට උදව් කරන්න ඇන්ජලෝ, මහේල, ඩිල්ෂාන් සිටීම මට හරි වාසනාවකි. ඔවුන්ට ගොඩක් පළපුරුද්ද තියෙනවා” යැයි මාලිංග කීවේය.“තරගය ක්‍රීඩා කරන්න කළින් අපි දැන සිටියා මේ තණතීරුවේ තරග පහක් හයක් සෙල්ලම් කරලා තියෙන නිසා අනිවාර්යයෙන්ම එහි මන්දගාමී ස්වරූපයක් තියෙනවා කියලා. අපේ තරගයට පෙර තිබුනු තරගයේදී අපි දැක්කා පන්දුවට පහර දීම ටිකක් අමාරුයි කියලා. පන්දුව හොඳට පිත්තට එන්නේ නැති බව අපි දුටුවා. ඉතින් අපි පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වුනේ හැකි උපරිම ලකුණු සංඛ්‍යාවකට යන්නයි.අපි ලකුණු ප්‍රමාණයක් ‘ටාගට්’ කළේ නැහැ. ඕවර විස්ස ඇතුළත තමන්ට හැකි උපරිම ලකුණු ප්‍රමාණයට යන්නයි. මොකද අද පිටියේ වැඩිය වතුර තිබුනේ නැහැ. පින්න තිබුනේ නැහැ” යැයිද ලසිත් මාලිංග කියා සිටියේය.අසීරු වැඩ කොටසක් කරන්න තියෙන බව තම කණ්ඩායම දැන සිටි බව පරාජිත නායක බ්‍රෙන්ඩන් මැකලම් කියා සිටියේය.“පළමු ඕවර හයේදී ධනාත්මකව සිටිය යුතු බව අප දැන සිටියා. අපි හිතුවාට වඩා තණතිල්ල ටිකක් වේලිලා තිබුණා. හේරත් හා සචිත්‍ර පන්දු යැවූ අයුරු අති විශිෂ්ටයි. ලකුණු දහයක් වැනි සංඛ්‍යාවකට ඒ දෙන්නා අපේ කඩුලු අටක් පමණ මකලා දැමුවා. අපට වැඩිපුර පීඩනයක් තිබුනා කියලා කියන්න බැහැ. කොහොමටත් තරගය අර්ධ අවසන් පූර්ව එකක් වුණා. ඊට හරියට හැඩ ගැසෙන්න අපට බැරි වුණා. අප කළේ අමනෝඥ ක්‍රිකට් ක්‍රීඩාවකුයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් අපි දැන් ගුවන්යානයේ නැගලා ආපසු ගෙදර යනවා” යැයි නවසිලන්ත නායකයා ප්‍රකාශ කළේය..
NEWS
ජලාශ අශ්‍රිත ප්‍රදේශවලට වැසි නොලැබීම හේතුවෙන් පසුගිය දින දෙක ඇතුළත විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 8කින් පහතවැටී ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.ඊයේ (30) උදේ හයවන විට විදුලි බලය නිෂ්පාදනය කරන කිසිදු ජලාශයකට වැසි නොලැබුණු බවත්, ඉදිරියේදී මේ තත්ත්වය මෙලෙස පැවතුණහොත් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවත් විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පවසයි. එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සභාපතිවරයා ජනතාගෙන් ඉල්ලීමක් කරයි..
NEWS
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු සම්මේලනයේ සභාපති ලෙස එම්.එම්.එම්.ලාෆිර් මහතා නිතරගයෙන් තේරී පත්විය.දෙස් විදෙස් තරග නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාසිටින ඒ මහතා මේ තනතුරට පත්වූ 13වැනි අවස්ථාව මෙය විය.ඔටර්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාගාරයේදී පැවැති වාර්ෂික මහ සභා රැස්වීමේදී තේරී පත්වූ අනෙකුත් නිලධාරී මණ්ඩලය මෙසේය. උප සභාපතිවරු-දයා සමරවීර, රජීව විජේතුංග, එස්.එස්. ද සිල්වා, ජී.ජී.විරක්කොඩි, සී.ප්‍රනාන්දු, ලේකම්-ජී.එන්.ලුකස්, උප ලේකම්-අගුල රත්නවීර, භාණ්ඩාගාරික-සරත් විජේසූරිය, උප භාණ්ඩාගාරික-පුෂ්පා කොළඹතන්ත්‍රී, කාරක සභාව-ඩී.එම්.බන්දුල, ආර්.ඒ.විමලසේන, අයිරා රුවන්පතිරණ, එන්.එම්.පියදාස, දීපාක් නරේන්ද්‍රස්, තමාරා හේවගේ, තරග කමිටුව-එච්.ගමගේ, අයිරා රුවන්පතිරණ, සරත් විජේසූරිය, අමා සුරවීර, ජී.ජී.විරක්කොඩි
NEWS
මහරගම ජේ. එම්. සී ජාත්‍යන්තර පාසලේ අන්තර් නිවාස ක්‍රීඩා උත්සවය හෙට (25) පෙරවරු 8 සිට මහරගම නගර සභා ක්‍රීඩාංගනයේදී (නාවින්න) පැවැත් වේ.උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාතේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ උපාලි අමරතුංග මහතා සහභාගි වන අතර ආසියානු ක්‍රීඩා රන් පදක්කම්ලාභී ධාවනශූර සුගත් තිලකරත්න මහතා ගෞරවනීය අමුත්තා ලෙස සහභාගිවීමට නියමිතය..
NEWS
ආසියානු සත් සාමාජික රගර් පිටියේ දැනට තුන්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමු අදියර වන ‘හොංකොං සෙවන්ස්’ හී මූලික වටයේ දී චීන තායිපේ හා චීනය සමග ‘සී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.රටවල් 12ක සහභාගිත්වයෙන් හෙට (23) හොංකොං ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ දී ඇරැඹෙන මේ තරගාවලියේ මූලික වටයේ දී අදාළ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ෆාසිල් මරිජා පවසයි. ආසියානු සත් සාමාජික රගර් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන හා දෙවැනි තැන පසුවන ජපානය හා ‍‍හොංකොං කණ්ඩායම් ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ දී ද අවසන් පූර්ව තරග වටයට පිවිසීමේ විශාල අවස්ථාවක් උදාවී තිබේ.අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණීමෙන් ශ්‍රී ලංකාව දැනට රැඳී සිටින තුන්වැනි ස්ථානය තහවුරු කරගැනීමට හෝ ඉන් ඉදිරියට යාම මෙවර ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව වී ති‍බේ. ජපානය සමග මැලේසියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර ‘බී’ කාණ්ඩයෙන් දකුණු කොරියාව, තායිලන්තය හා සිංගප්පූරුව තරග වදිති.ශ්‍රී ලංකාව සමග චීන තායිපේ හා චීනය ‘සී’ කාණ්ඩයෙන් ද, හොංකොං, පිලිපීනය හා කසකස්තානය ‘ඩී’ කාණ්ඩයෙන් ද තරග බිමට එක්වෙති. මේ අතර පිරිමි තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගාවලියේ මූලික වට‍යේ දී ශ්‍රී ලංකාව ‘එක්ස්’ කාණ්ඩය යටතේ චීනය, හොංකොං හා තායිලන්තය සමග තරග වැදීමට නියමිතය.රටවල් 8ක් තරග වදින කාන්තා තරගාවලියේ අනෙක් කාණ්ඩය වන ‘ඩබ්ලිව්’ කාණ්ඩය ලෙස නම් ක‍ර ඇති අතර ජපානය, කසකස්තානය, සිංගප්පූරුව හා පිලිපීනය එම කාණ්ඩය යටතේ තරග බිමට එක්වෙති. 
NEWS
රබර්සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මෙම වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රබර් වගා කිරීමට තිබූ ඉලක්කය ඉක්මවා ගොස් ඇතිබව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රාදේශීය අධ්‍යක්ෂ ආර්.කේ. සමන් අනුර මහතා පැවසීය.මෙම වසරේ රබර් වගා කිරීමට තිබූ ඉලක්කය හෙක්ටෙයාර් 1573ක් පමණ වෙයි.මේ අනුව නැවත රබර් වගාව, හෙක්ටයාර් 550ක්ද, නැවත වගාව රාජ්‍ය වතු හෙක්ටෙයාර් 525ක් නව වගාව හෙක්ටයාර් 500ක්ද පමණ වෙයි.මේ වනවිට මෙම වසරේ හෙක්ටෙයාර් 2000ක පමණ අලුතෙන් හා නැවත රබර් වගා කර ඇත.මෙම දිස්ත්‍රික්කයේ අලුතෙන් රබර් වගා කිරීමට ඉඩම් හිමියන් මහත් උනන්දුවක් දක්වනනිසා වසරකට ලැබෙන ප්‍රතිපාදන අනුව ඉල්ලුම්කරුවන් සියලු දෙනාටම රබර් වගා කිරීමට අවසර පත්‍ර දීමට නොහැකි බව අධ්‍යක්ෂ වරයා පැවසීය.රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් රබර් වගා කිරීමේ සහනාධාර යටතේ නැවත වගාවට හෙක්ටෙයාරයකට රුපියල් 70000ක් ද නව වගාවට රුපියල් 60000ක්ද බැගින් ලබා දෙයි.මේ වනවිට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන මීරිගම හා අත්තනගල්ල යන රබර් පැළ තවාන් වලින් රබර් පැළ ලක්ෂ 8ක් පමණ වගාකරුවන්ට නිකුත් කර ඇත.කෑගල්ල දිස්ත්‍රික් රබර් කලාපයට කෑගල්ල ගම්පහ කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක අයත් වෙයි.රබර් වගා කරන අක්කර 5කින් වසර 5කදී වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 7 ½ ක් පමණ ලබා ගැනීමට හැකි වන නිසා රබර් වගා කිරීමට ඉඩම් හිමියෝ මහත් උනන්දුවක් දක්වන බව අධ්‍යක්ෂ වරයා පැවසීය..
NEWS
දේශීය පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වන විශිෂ්ටතම ක්‍රීඩකයන් ඇගැයීමට ලක් කෙරෙන ප්‍රධානතම සම්මාන උළෙල වන 'සන්ඩේ ඔබ්සවර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන රාත්‍රිය අද (15) පස්වරු 5.30 සිට ‍කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.36වැනි වරටත් පැවැත්වෙන මේ සම්මාන රාත්‍රියේ දී පසුගිය වසරේ පාසල් ක්‍රිකට් තරගවාරයේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට සම්මාන පිරිනැමෙන අතර වසරේ හොඳම ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඇතුලුව වසරේ හොඳම පිතිකරු, වසරේ හොඳම පන්දු යවන්නා, වසරේ හොඳම පන්දු රකින්නා, වසරේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා සහ වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා, පිට පළාත්වලින් වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුලු සම්මාන 37ක් පිරිනැමේ.මෙවර සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1989 වසරේ මේ සම්මාන රාත්‍රියේ වසරේ ක්‍රීඩකයා සම්මානය දිනූ හිටපු ටෙස්ට් හා එක්දින තුන්ඉරියව් ක්‍රීඩක කුමාර් ධර්මසේන සහභාගී වේ.
NEWS
මීගොඩ නගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරුණ කාන්තාවකට, හෝමාගම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සුමිත් පෙරේරා මහතා විසින් රුපියල් දෙදහසක දඩ මුදලක් නියම කරනු ලැබ නැවත මෙවැනි සිද්ධියක් සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළහොත් සිර දඬුවම් ලබාදෙන බවට අවවාද කර සිටියේය.මෙලෙස දඩ මුදල් ගෙවීමට සහ සිර දඬුවම් ලබා දෙන බවට අවවාද කරනු ලැබුවේ ගොඩගම පැල්පොළවත්ත ප්‍රදේශයේ පදිංචි මාලිනීගේ මාලිනී බුලත්සිංහල නැමැති කාන්තාවකටය.පාදුක්ක පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට බීමතින් මහමග යන අයට බැණ වදිමින්, අශෝභන අයුරින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි..
NEWS
ධීවර යාත්‍රා සඳහා රජය ලබා දෙන ඉන්ධන සහනාධාරය වෙනුවෙන් වූ මුදල්, අදාළ ඉන්ධනහල් වෙත ලබාදීම ඊයේ (15) සිට ආරම්භ කර තිබේ. මේ සඳහා මාසයකට රජය වැයකරන රුපියල් කෝටි 25 කට අධික මුදල් අදාළ බැංකු වෙත තැන්පත් කිරීම දැන් ක්‍රියාත්මකව ඇත.ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි සිදු කළ මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහය ලබාගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා “දිනමිණ” ට කීය.මේ ඉන්ධන සහනාධාරය ධීවරයින්ට ලබාදෙන ඉන්ධනහල් ලැයිස්තුගත කිරීමටත්, සහනාධාරය හිමිවන ධීවර කාර්මිකයන් සහ යාත්‍රා ලැයිස්තු පිළියෙළ කිරීමට ධීවර සහකාර අධ්‍යක්‍ෂවරුන් සහ ධීවර පරීක්‍ෂකවරුන් යොදා ගත් බව ද ඇමැතිවරයා කීය.මේ සම්බන්ධයෙන් වූ තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම්වරුනට “ෆැක්ස්” මගින් යවා ඇති බව ද ඇමැතිවරයා පැවැසීය. මෙතෙක් ධීවරයාට ලබා දී ඇති හොඳම ඉන්ධන සහනාධාරය දැන් ලබා දී ඇති බවත්, ධීවරයින් සිදුකළ යුත්තේ විවිධ සංවිධානවල උසිගැන්වීම්වලට අවනත නොවී මේ සහනාධාරය ද ලබාගෙන ධීවර රැකියාවේ යෙදී ආදායම් සරුකර ගැනීම බව ද ඇමැති රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.නව ඉන්ධන සහනාධාරය මගින් බහුදින ධීවර යාත්‍රාවකට රුපියල් 30,000 ක පමණ මාසික සහනාධාරයක් ද, එක්දින ධීවර යාත්‍රාවකට රුපියල් 18,000 ක මාසික සහනාධාරයක් ද හිමිවෙයි..
NEWS