comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින සියලු අපේක්ෂකයෝ නාමයෝජනා භාර දීමෙන් පසුව ඊයේ සිය ප්‍රදේශවල (26) ආගමික වතාවත් වල නිරත වූහ. නාමයෝජනා භාර දී අවසන් කිරීමෙන් පසුව සියලු දිස්ත්‍රික්වල සන්ධාන අපේක්ෂකයෝ ආගමික සිද්ධස්ථානවලදී ආගමික වතාවත්හි නිරත වූහ.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිස්ත්‍රික් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් සිදු කෙරිණි. නාම යෝජනා භාරදීමෙන් පසුව පෙළපාලි යාම වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ අපේක්ෂාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් ආගමික වතාවත්හි නිරත වීම මෙවර මැතිවරණ ව්‍යාපාරය ආරම්භයත් සමඟ දක්නට ලැබුණු සුවිශේෂි සිද්ධියක් ද වේ.එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දීමෙන්පසුව ආගමික වතාවත් හි නිරත වීම , ශ්‍රමදාන පැවැත්වීම , ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීම , සහ කිරිබත් දන්සැල් පවත්වනු ආකාරයද දක්නට ලැබිණි.කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අපේක්ෂක කණ්ඩායම ඊයේ (26) උදේ හුණුපිටිය ගංගාරාමයට ගොස් ආගමික වතාවත්වලට සහභාගී වී ආශීර්වාද ලබා ගත්හ.හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ මූලිකත්වයෙන් ආශීර්වාද පූජාවක් ද මෙහි දී පැවැත්විණි.ලෙඩක්, දුකක් ,කරදරයක් නොමැතිව මැතිවරණ කටයුතු සාර්ථකව කරගනිමින් තමාගේත් තම පක්ෂයේත් ජයග්‍රහණය හිමිකර ගැනීමටත් තමාගෙන් රටට සිදුවිය යුතු යුතුකම් වගකීම් හරියාකාරව ඉටු කරමින් රට දියුණු කිරීමටත් ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ඤාණිස්සර හිමියෝ ආශීර්වාද කළහ.පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව අපේක්ෂකයන් අත පිරිත් නූල් ගැට ගැසීමද සිදුකැරිණි.සුසිල් පේ‍්‍රමජයන්ත, පාඨලී චම්පික රණවක, ඒ. එච්. එම්. ෆවුසි , ජීවන් කුමාරතුංග , දිනේෂ් ගුණවර්ධන ගාමිණී ලොකුගේ , බන්ධුල ගුණවර්ධන , විමල් වීරවංශ , ආර්. දුමින්ද සිල්වා ගීතාංජන ගුණවර්ධන රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ඇතුළු අපේක්ෂකයන් මෙම අවස්ථාවට සහභාගි විණි.
|
NEWS
|
පුද්ගලයන් විදේශ රටවලට යවන බව පවසා මුදල් ලබාගෙන ඔවුන් මුහුද මැදට ගෙන ගොස් අතරමං කර දමන වංචාකාරී ව්‍යාපාරිකයන් තිදෙනෙක් මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.පෙරේදා (29) පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගන්නා විට පිටරට යැවීම සඳහා බාරගත් තවත් දෙදෙනෙක් ද සිටි බව පොලිසිය පවසයි. ඊට අමතරව තවත් බෝට්ටු දෙකක් මුහුද මැදට යවා තිබිණි. එම බෝට්ටු දෙක පුද්ගලයන් 15 දෙනෙකු සමඟ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඕස්ට්‍රේලියාවට යවන බව පවසා මොවුන් විවිධ පුද්ගලයන්ගෙන් ලක්ෂ 8 – 10 මුදල් ලබාගෙන ඇතත් ඔවුන් කිසිම පුද්ගලයෙක් විදේශ ගත කර නොමැත.සැකකරුවන්ගෙන් මීගමුව පොලිසිය ප්‍රශ්න කර වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසියට බාර දී තිබේ.රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි..
|
NEWS
|
ගාල්ල මත්ද්‍රව්‍ය දුෂණ මර්ධන අංශයෙන් ගංජා කිලෝ 5ක් පෙරේදා (09) ගාල්ල ගිංතොටදී අත්අඩංගුවට ගත් බව ගාල්ල මත්ද්‍රව්‍ය දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රසන්න ජයරත්න මහතා පවසයි.ඌව පරණගම තණමල්විල පදිංචිකරුවෙක් පාසල් බෑගයක ගංජා අසුරාගෙන ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට මේ ගංජා තොගය භාර දීමට පැමිණ තිබේ.පොලීසියට ලද තොරතුරකට අනුව ඔවුන් වෙස්ගෙන ගොස් ගිංතොටදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.ගාල්ල මුලස්ථාන පොලීසියේ ස්ථානාධිපති කේ. ඒ. උදය කුමාර මහතාගේ උපදෙස් මත, ගාල්ල මත්ද්‍රව්‍ය දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රසන්න ජයරත්න, පො.සැ. 58987 හසන්ත, පො.සැ. 28031 මෙන්ඩිස්, පො.සැ. 33645 රංජිත්, පො.සැ. 88625 උපාලි යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.සැකකරු ඊයේ 10 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි..
|
NEWS
|
සෞදි අරාබියාවේදි මරණ දඬුවම නියම වී සිටින රිසානා නෆීක් නැමැති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව නිදහස් කර ගැනීම සඳහා එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මැදිහත් විය යුතු බවට හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.මෙම ගෘහ සේවිකාවට සමාව දෙන ලෙස සෞදි අරාබියානු රජුගෙන් ඉල්ලීමක් කරන ලෙසට ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව හියුමන් රයිට් වොච් සංවිධානයේ අධ්‍යක්‍ෂ (නීති වැඩසටහන්) බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.බිළිඳකු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරු කරමින් රිසානා නෆීක්ට මරණ දඬුවම නියම වී තිබෙන අතර ඇයව එම දඬුවමෙන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සෞදි අරාබියානු රජුගෙන් ඉල්ලීමක් කර ඇත..
|
NEWS
|
මහනුවර ප්‍රදේශයේ ප්‍රථම වතාවට පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලංකාවේ නිළි රැජින වන පාර්ලිමේන්තු මන්ත්‍රී මාලනී ෆොන්සේකා මහත්මියට “ලයිෆ් ටයිම්” සම්මානය පිරිනැමීමට කටයුතු යොදා ඇත.මාලනී ෆොන්සේකා මහත්මිය මෙරට සිනමා ක්ෂේත්‍රයට කළ මෙහෙවර අගයමින් මෙම සම්මානය ලබාදීමට කටයුතු කර ඇත.මෙම සිනමා උළෙල සඳහා ලෝකයේ රටවල නිපදවූ ස්වාධීන චිත්‍රපට 15ක් ඉදිරිපත් කර ඇත. මහනුවර තිලංකා හෝටලයේදී පැවැත්වෙන මෙම සිනමා උළෙල ජුනි 22 සිට 26 වෙනිදා දක්වා මහනුවරදී පැවැත්වේ..
|
NEWS
|
තැපෑලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ.තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් මෙම කමිටුව පත්කර තිබේ.විශ්‍රාමලත් විනිසුරු සී. එන්. නිහාල් සිල්වා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීතිඥ එස්. විරිතමුල්ල, තැපැල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සී. මාලියද්ද යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විතය. තැපැල්පතිවරයාගේ බලතල අමාත්‍යාංශ ලේකම්වරයා පසුගියදා පවරා ගනු ලැබූ අතර ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන කටයුතු අවසාන වන තෙක් මෙම බලතල එසේම ක්‍රියාත්මක වේ. .
|
NEWS
|
තීරු බදු නොගෙවා මෙරටට ගෙන් වූ රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනා විදේශ සිගරට් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු මිනුවන්ගොඩ නිවසකදී අත්අඩංගුවට ගැනීමට සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය පෙරේදා (14) සමත්විය.අත්අඩංගුවට ගත් සිගරට් තොගයේ ගොල්ඩ්සීල් වර්ගයේ සිගරට් ලක්ෂ 23ක් තිබුණ බව පැවසේ.සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතාට ලද පැමිණිල්ලකට අනුව කළ මේ වැටලීමේ දී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ සිගරට් තොග වෙළෙදුන්ගෙන් එක් අයකු කොටුකර ගැනීමට සුරාබදු නිලධාරින් සමත් වී ඇත.චීනයේ සිට නැව් මගින් කාලයක් තිස්සේ සිගරට් ජාවාරම සිදුකොට මෙරටට ගෙන්වා මිනුවන්ගොඩ නිවසේ ගබඩාකොට ශ්‍රී ලංකාව තුළ තොග වශයෙන් බෙදාහැර ඇතැයි සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සිගරට් තොගයෙන් රජයට කෝටි 4ක බදු ආදායමක් අහිමි වී ඇතැයි පැවසේ.නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් මත සුරාබදු මත්ද්‍රව්‍යනාශක අංශයේ අධිකාරි ප්‍රභාත් ජයවික්‍රම, ස්ථානාධිපති නන්දන පෙරේරා, පරීක්ෂක එම්. අයි. මහවත්ත, නියාමකවරුන් වන උක්වත්ත, කුලතුංග, බණ්ඩාර, කුමාර, අනුර ඇතුළු නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ..
|
NEWS
|
රජයේ ගුරුවරුන්ට හිමි වන සියලු වරප්‍රසාද පිරිවෙන් ගුරුවරුන්ටත් ලබාදීමට සක්‍රීය ලෙස දායක වන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.සියලු බාධා ඉවත් කොට ඊට අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාළ බලතළ අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසයි.මේ සඳහා මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පිරිවෙන්දෙක වන විද්‍යෝදය හා විද්‍යාලංකාර පරිවෙණාධිපති ස්වාමීන් වහන්සේලා හා විද්වතුන් සමඟ සාකච්ඡා කොට දීර්ඝ කාලීන සැලැස්මක් සකස් කරන බව ද හෙතෙම පැවැසීය. එසේම පිරිවෙන් පනත වෙනස් කිරීම සඳහා සහාය ලබා දෙන ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටියේය.ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පිරිවෙන්වල පැවිදි ගුරුවරුන් 2939 දෙනෙකු හා ගිහි ගුරුවරුන් 3190 දෙනෙකු සේවය කරනවා. පිරිවෙන් ගුරුවරයාට පිරිවෙන් නියෝග අනුව කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේගේ අභිමතය අනුව කටයුතු කිරීමට සිදු වෙනවා.මේ නිසා ණය ලබාදී ආපසු අය කර ගැනීමේ දී ගැටලු ඇති විය හැකියි. නමුත් පාසල් ගුරුවරුන්ට එම වරප්‍රසා ද හිමිවන්නේ ගුරු ව්‍යවස්ථාව අනුවයි. මේ පිළිබඳ සැලකිල්ලක් දක්වා ජනාධිපතිතුමා මෙවර අයවැය ලේඛනයේ පිරිවෙන් ගුරුවරුන්ට වන අසාධාරණය අවම කිරීමට කටයුතු යොදා ඇතැයි අමැතිවරයා පෙන්වා දුන්නේය..
|
NEWS
|
චන්ද්‍රිකා බණ්ඩාරනායක තම පවුල විනාශ කළ ප්‍රජාතන්ත්‍රවාදය වැනසූ අහංකාර ස්ත්‍රියක් යයි හිටපු පළාත් සභා මන්ත්‍රි අචාර්ය බද්දේගම සමිත හිමියෝ (එජනිස) පසුගිය 01දා අක්මීමණදි පැවසූහ.සමිත හිමියෝ මේ බව කීවේ අක්මීමණ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිණි. චන්ද්‍රිකා දැන් පොදු අපේක්ෂිකාවක් හැටියට ජනපතිවරණයට ඉදිරිපත් වීමට සිහින දකිනවා. ඇය රට පාලනය කළ සමයේදි කළ කී දෑ ජනතාවට අමතක නැහැ.වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පුළුවන් තරම් ද්‍රෝහිකම් කළා. ජනතාවට ද්‍රෝහිකම් කළා. දැන් නැවතත් ජනාධිපතිවීමේ සිහින මවන්නේ ජනතාවත් රටත් විනාශ කරන්නයි.සරත් ෆොන්සේකා පසුගිය දිනක කියා තිබුණා ජනාධිපතිතුමා ප්‍රභාකරන්ගේ ලෝම ගහක් තරම්වත් වටින්නේ නැහැයි කියලා. මම කියනවා ජනාධිපතිතුමාගේ හිසේ තිබෙන කෙස් ගසක් තරම්වත් එඩිතර කමක් ෆොන්සේකාගේ තුනටියේ නැහැයි කියලා.ත්‍රස්තවාදි ප්‍රහාරයකින් තුවාල ලබා බඩවැල් අතින් අල්ලාගෙන සිටි ෆොන්සේකා විදේශ රටකට යවා සුව කර නැවත ලංකාවට පැමිණියාට පසුව යුද්ධයට අවශ්‍ය බලයත් උපකරණත් යුද්ධය කිරීමට නියෝගත් ලබා දුන් ජනාධිපතිවරයාට මෙවැනි අපහාස කිරීම කිසිවෙක් අනුමත කරන්නේ නැහැ.මේ රටේ දරුවන්ගේ අනාගතය වඩාත් යහපත් කිරීම සදහා භාෂා තුනකට වඩා වැඩි ප්‍රමාණයක් ඉගෙන ගැනීම අත්‍යාවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දෙන ලෙසද සමිත හිමියෝ ඉල්ලීමක් කළහ..
|
NEWS
|
ගාලුපාර හා මතුගම ප්‍රධාන පාර යාකෙරෙන නාගහදූව මාර්ගයේ නාගහදූව පාලම අලුත්වැඩියා කිරීම අතරමග නවතා දැමීමෙන් ගැටලු රැසක් පැන නැගී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.පාලම ගලවා දමා මාස කිහිපයක් ගත වුවද කොන්ක්‍රීට් කර ඇත්තේ එක් පැති බැම්මක් පමණි. පාලම ගලවා දැමීම නිසා තාවකාලිකව ඉදිකර ඇති අතුරුමාර්ගයද මේ වනවිට දැඩි ලෙස අබලන්ව ඇත.දිනපතා වාහන විශාල සංඛ්‍යාවක් ගමන්කරන මේ මාර්ගයේ පාලම කඩිනමින් පිළිසකර නොකරන්නේ නම් ප්‍රදේශවාසී ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීම ගැටලුවක් බව ඔව්හු පවසති.
|
NEWS
|
කැස්බෑව නගර සභා ප්‍රධාන කාර්යාලයේ රැස්වීම් ශාලාව සඳහා සවිකර තිබෙන ශබ්දවාහිනී පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවේ.මේ පිළිබඳව සභාපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමු වී නැත..
|
NEWS
|
ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු පද්ධතිය අද (27) උදේ 10.30ට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.කුලියාපිටිය දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ පිහිටා ඇති පොලිස් ප්‍රදර්ශන කලාපයේදී මෙම ඇඟිලි සලකුණු පද්ධතිය විවෘත කෙරේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරුන්, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ කථිකාචාර්යවරු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වෙති..
|
NEWS
|
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සභාව කල්තබන අවස්ථාවේදී විවාදයක් ඉල්ලා සිටියා.එම විවාදයේදී ඔහුගේ ප්‍රශ්නය වූයේ 2010 යල කන්නයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු ශශ්‍රී ලංකාවේ සමස්ත වී නිෂ්පාදන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවගේ ප්‍රධාන කටයුත්ත වන වී ගොවිතැනින් යල කන්නයේදී ලද අස්වැන්න නියමිත මිලට අලෙවි කර ගත නොහැකිව අද අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත.ඒ ඔහු යෝජනාව ඉදිරිපත් කළ ආකාරයයි.සජිත් පේ‍්‍රමදාස මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මෙම ප්‍රශ්නය බලපෑවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නාමල් රාජපක්‍ෂ මහතාටයි. ඒ මෙම ගැටලුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින ගොවීන්ගේ ප්‍රශ්නයක් වීම මෙන්ම නාමල් රාජපක්‍ෂ මහතාද ගොවි පරපුරකින් පැවත එන කෙනෙක් වීමයි.නාමල් තමන්ට පිළිතුරු දීමට සිදුව ඇති යෝජනාව දැක පුදුමයට පත්වුණා. ඒ කොළඹින් හම්බන්තොට පැමිණි සජිත් පේ‍්‍රමදාස මහතා යල මහ කන්න දෙක ගැන වැටහීමක් නොමැති නිසාය. මාර්තු අපේ‍්‍රල් මාසවල ගොයම් කැපුයේ මහ කන්නයේ ය. ඒත් සජිත් එයට කියන්නේ යල කන්නය කියාය.සජිත් යල මහ හඳුනන්නේ නැති බව අවබෝධ කරගත් නාමල් රාජපක්‍ෂ මහතා ඊට අදාළ සියලු තොරතුරු ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට හා නියෝමාල් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන්නා.සජිත්ගේ යෝජනාවේදී කතා කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ “ඔබ යල මහ හඳුනන්නේ නැහැ. ගොයම් කැපුවේ මහ කන්නයේ. ඔබ ගමට යන්න. හැබැයි නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා එක්ක නම් හෙල්ලෙන්නට බෑ. මොකද මං පසුගිය කාලේ නාමල් එක්ක හම්බන්තොට, කිලිනොච්චියේ ඇවිද්දා.මගේ රටේ ගොවියෝ දැන් වහ බොන්නේ නැහැ. ඔබ යල මහ දන්නේ නෑ. දැනුයි යල අස්වද්දන්නේ.ඉදිරියේදී ගොයම් කැපෙනවා. ගිය සතියේ කිලිනොච්චියේ විතරක් කිලෝ පන්දාහක් මිලට ගත්තා. හම්බන්තොට මිලදී අරගෙන ඉවරයි. යල කන්නේ මුළු රටේම වී ගන්න අපි ලෑස්තියි. හැබැයි ;ලාකු ප්‍රශ්නයක් තියෙනවා. 1992 දී ඔබතුමාගේ පියා වී අලෙවි මණ්ඩලය අහෝසි කළා. ගබඩා තිබුණා 386ක්. දැන් ඉතිරිවෙලා තියෙන්නේ 136යි.ඔබතුමා ඉන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් ඔබේ පියා වී ගබඩා වහලා ඇඟලුම් කර්මාන්ත 3ක් විවෘත කළා. දැන් ඔබට ගමේ ඉන්න බෑ, හොඳම දේ තමයි ඔබතුමා දැන් මැද කොළඹට ඇවිත් ඡන්දය ඉල්ලන්න.මෙම යෝජනාව පිළිබඳ විවාදය අවසන්වී නාමල් රාජපක්‍ෂ මහතා අසලට පැමිණ සජිත් පේ‍්‍රමදාස මහතා “ජොනී ඔයාගේ කොන්ත්‍රාත්තුව හොඳට කළා” යැයි පැවසීය.මට කරන්න දෙයක් නෑ අයියේ. ඔයා යල මහ හඳුනන්නේ නැති එකට යැයි නාමල් උත්තර දුන්නේය.
|
NEWS
|
රාජාංගන වැවු තාවුල්ලේ අනවසර වගා කරන වගා කරුවන්ට දේශපාලන රැකවරණ නිසා රාජකාරි හරියට කරන්නට බැරිබව උසස් නිලධාරීහු පවසති.රාජාංගන වැවු තාවුල්ලේ අනවසර වගා කරන සුළු පිරිසක් නිසා රාජාංගන වැවට ඇති හානිය පිළිබඳ අදහස් දැක්වූ උසස් නිලධාරීහු මෙසේ ද කියා සිටිති.මේ වැව නිසා රාජාංගන ප්‍රදේශයේ ගොවි පවුල් 40000ක් රැකෙනවා. නමුත් හැම කණ්නයකම දේශපාලන හිතවතුන්ගේ පිරිස් වැව තුළ වගා කටයුතු කරනවා. රසායනික තෙල් පොහොර භාවිතය නිසා වැව අපවිත්‍ර වනවා. දේශපාලන අත ගැසීම් වැඩි නිසා ඔවුනට නීති මඟින් කටයුතු කිරීමට බැරි තත්ත්වයක් උදා වෙලා.නිලධාරීන් හැටියට අපට කළ හැක්කේ නීතියට අනුව ඔවුන්ගේ වගා විනාශ කර ඉවත් කිරීමයි. ඒ සඳහා මුලින් පොලිසියේ සහයොගය නොමදව ලැබුණා.නමුත් වගා විනාශ වී යාමේ දී පොලිසියේ සහයෝගය නොලැබී ගියා.පොලිස්පති තුමාගේ සහාය පිට විශේෂ පොලිස් කණ්ඩායමක් ලබා දෙන්නේ නම් රාජාංගනය වැවේ වගා කර ඇති අනවසර වගා ඉවත් කළ හැකියි. දිගින් දිගටම වැව තුළ වගා කිරීම නිසා රාජාංගන වැව දිනෙන් දින විනාශ වෙමින් පවතිනවා. දේශපාලන අධිකාරිය මේ ප්‍රශ්නයේ දී ඉවත් විය යුතුයි. ගොවි සංවිධාන පවා ලබා දෙන සහාය ඉතා අල්පයි. සිවිල් නිලධාරීන්ට ආරක්ෂාව අවශ්‍යයි යැයි ද උසස් නිලධාරීහු වැඩිදුරටත් පැවැසූහ..
|
NEWS
|
අන්තර් පොලිස් කොට්ඨාස වොලිබෝල් තරගාවලියේ සී.සී. දිසානායක අභියෝග කුසලානය වවුනියාව කොට්ඨාසය දිනාගත් අතර කාන්තා සූරතාව කොළඹ මධ්‍යම කොට්ඨාසයද හිමිකර ගනු ලැබීය.පසුගියදා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තරගාවලියේ පිරිමි අනුසූරතාව පොලිස් විශේෂ කාර්ය බලකායට හිමි වූ අතර තෙවැනි ස්ථානය කොළඹ උතුර කොට්ඨාසයට හිමි විය. කාන්තා අනුසූරතාව ජනාධිපති ආරක්ෂක අංශ පිලට හිමි වූ අතර තෙවැනි ස්ථානය වවුනියා කොට්ඨාසයට හිමි විය.තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා වව්නියාව කොට්ඨාසයේ එම්.ජී.දිසානායකද, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස කොළඹ මධ්‍යම කොට්ඨාසයේ ඩබ්ලිව්.ඩබ්ලිව්. අයි. මධුමාලි ද, දක්ෂතම පන්දු ඔසවන්නා වව්නියාව කොට්ඨාසයේ ඒ.එම්.එස්.එස්.බණ්ඩාර ද දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස කො/මධ්‍යම කොට්ඨාසයේ ඩබ්ලිව්. එම්.අයි.හේරත් ද දක්ෂතම පන්දු ලබා ගන්නා ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ චතුරංග ද දක්ෂතම පන්දු ලබා ගන්නිය ලෙස ජනාධිපති ආරක්ෂක අංශයේ එන්.ඒ.චාන්දනී ද , දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ එස්.අයි.බොතේජු ද දක්ෂතම පන්දු පිරිනමන්නිය ලෙස එච්.ඒ.ඩී. දිනුෂා ද දිනා ගනු ලැබූහ. පිරිමි තරග සඳහා කණ්ඩායම් 200ක් පමණ ද කාන්තා තරග සඳහා කණ්ඩායම් 100ක් පමණද තරගාවලියට එක් වී සිටියහ.
|
NEWS
|
වසර 11කට පසුව යාපනයේ කොඩිකාමම් - පේදුරුතුඩුව මාර්ගය ඊයේ (15) යළි කෙරිණි.ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් වසර ගණනාවක් වසා දමා තිබූ මේ මාර්ගය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.මේ මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් යාපනය, වරනි ප්‍රදේශයේ ඊයේ (15) පැවති උත්සවයක් ඇමතූ රාජපක්ෂ මහතා සඳහන් කළේ දශක තුනක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත්වූ බවත් උතුරේ ජනතාව එයින් වැඩි වශයෙන් පීඩාවිඳී බවත්ය.සාමයේ නියම ප්‍රතිඵලය ලෙස සමෘද්ධිමත් ජනතාවක් රටේ සිටිය යුතු බව පෙන්වා දුන් ආර්ථික සංවර්ධන ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව ජාති ආගම් භේදයකින් තොරව රටේ සියලු දෙනාටම සාමය හා සමෘද්ධිය ළඟා කරදීම බවද සඳහන් කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තැබූ මේ රටේ බහුතර ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදුන් බව සිහිපත් කළ ඒ මහතා මේ මාර්ගය ජනතා අයිතියට පත් කළේද “මහින්ද චින්තනයට”අනුව යටිතල පහසුකම් සංවර්ධනය කර ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට බව කීවේය.ඇතැම් පුද්ගලයන් මෙවැනි සංවර්ධන කටයුතු සිදුවෙනවා දකින්න කැමැති නැතැයි පෙන්වාදුන් ආර්ථික සංවර්ධන ඇමතිවරයා එවැනි පිරිස් උත්සාහ කරන්නේ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කර බලය ලබා ගැනීමට බවද පැවසීය. සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමති ඩග්ලස් දේවානන්දා, කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි හා යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
සිම්බාබ්වේ භූමියේ තුන්කොන් කුසලානයක් අත්පත් කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල අද (9) හරාරේ නුවර දී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ මයික්‍රෝ මැක්ස් කුසලාන තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත.පෙරේදා (7) පැවැති දෙවැනි වටයේ අවසන් තරගයේදී සිම්බාබ්වේ පිල වෙතින් කඩුලු 8 ක පරාජයක් ලැබූවද මීට පෙර සිම්බාබ්වේ දේශයේ තරග වැදුණු එක්දින තරගමාලා දෙකකදීම 5 – 0 ක් ලෙස ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පිල ප්‍රබල මානසිකත්වයෙන් යුතුව අද තරගයට මුහුණ දෙනු ඇත.සිම්බාබ්වේ පිල මේ තරගමාලාවේ තරග 4 කට සහභාගි වී ජයග්‍රහණ 3 ක් අත්කර ගනිමින් පෙරමුණේ පසුවන අතර තරග 4 කදී ජයග්‍රහණ 2 ක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල දෙවැනි ස්ථානයට පත් විය.මේ තරගමාලාවේ වැඩිම අර්ධ ශතක ප්‍රමාණය ලෙස අර්ධ ශතක 3 ක් රැස්කළ ලකුණු අතර සිටින ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වැනි ස්ථානයේ පසුවෙයි.දෙවැනි වටයේ ඉන්දියාවට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් ශතකයක් රැස්කළ 20 හැවිරිදි දිනේෂ් චන්දිමාල්, ආරම්භක පිතිකරු උපුල් තරංග, චාමර කපුගෙදර සහ උප නායක ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේදී පිතිහරඹ අංශය ශක්තිමත් කරනු ඇත.තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන සුරාජ් රන්දීව්, තිලාන් තුෂාර, දිල්හාර ප්‍රනාන්දු, නුවන් කුලසේකර සහ අජන්ත මෙන්ඩිස් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරනු ඇත.තුන් ඉරියව් ක්‍රීඩකයින් වන තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරන අතර පන්දු යැවීමේ බලඇණියට ද මහඟු සහයක් දෙනු ඇත.2003 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවැති සාජා කුසලාන තරගාවලියේ පකිස්තානය සමඟ අවසන් තරගයට සහභාගි වූ සිම්බාබ්වේ පිල ඉන් අනතුරුව එක්දින සූරතාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ.සිය භූමියේ පැවැත්වෙන බැවින් නරඹන්නන්ගේද සහාය සිම්බාබ්වේ පිලට නොඅඩුව ලැබෙනු ඇත.පෙරේදා ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක ජයග්‍රහණයක් කරා තම පිල ;මහෙයවමින් නොදැවී ශතකයක් රැස්කළ බ්‍රෙන්ඩන් ටේලර් මේ තරගමාලාවේ තරගයේ වීරයා සම්මාන 3 කට හිමිකම් කීමට සමත් විය.හැමිල්ටන් මැසකඩ්සා, ටටෙන්ඩා තායිබු සහ චමූ ඩිබාබා, ටේලර් සමඟ එක්වී තම කණ්ඩායමේ පිතිහරඹ අංශය ශක්තිමත් කරනු ඇත.පන්දු යැවීමේදී දස්කම් දැක්වූ ක්‍රිස් පෝෆු, ග්‍රෙග් ලැම්බ්, ගී‍්‍රම් ක්‍රීමර් සහ ප්‍රොස්ටර් උට්සෙයා ශශ්‍රී ලංකාවේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරනු නිසැකය.අද තරගයේ ජයග්‍රහණය එළැඹෙන ආසියානු කුසලාන තරගමාලාව සඳහා ශශ්‍රී ලංකා පිලට කදිම උත්තේජනයක් වනු නොඅනුමානය.
|
NEWS
|
දික්වැල්ල නගර මධ්‍යයේ පිහිටි ෆුඩ් සිටි වෙළඳ ආයතනයට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියකු බැඳ දමා දොරගුළු කඩා ඇතුළු වී රුපියල් අට ලක්ෂයක පමණ මුදල් තැන්පත් කළ සේප්පු දෙකක් පැහැරගෙන ගොස් ඇති බව දික්වැල්ල පොලිසිය කියයි.මේ වෙළෙඳ ආයතනයේ පිටුපස දොර කඩා ඇතුළු වී මෙසේ පැහැගෙන ගොස් ඇති සේප්පු දෙකෙහි පමණක් වටිනාකම රුපියල් පනස් ලක්ෂය ඉක්මවන බව ද පොලිසිය පවසයි. මේ ආයතනයේ තිබූ භාණ්ඩ තොගයක් ද කොල්ලකරුවන් පැහැරගෙන ගොස් ඇති අතර එම භාණ්ඩවල වටිනාකම මෙතෙක් ගණනය කර නැත. මාතර මූලස්ථාන පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (14 දා) පෙරවරුවේම පරීක්ෂණ කටයුතු සිදු කළ අතර දික්වැල්ල ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් ධර්මසේන මහතාගේ මග පෙන්වීම මත වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යයි..
|
NEWS
|
තරුණියක් බියවද්දා ඇයට ලිංගික අපරාධයක් සිදුකිරීමේ අරමුණින් එම තරුණිය පොළඹවා ගැනීමට තැත් කළේ යැයි චෝදනා ලැබූ සැකකරුවකුට එරෙහිව වාද්දුව පොලිසිය පැවරූ නඩුවක විභාගය පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා විසින් කල් දමන ලදී.වාද්දුව ගාලු පාරේ ධාවනය වූ පෞද්ගලික බස්රියක සිටි තරුණියකගේ ඡායාරූපයක් කැමරාවක් සහිත ජංගම දුරකථනයකින් ඡායාරූපගත කර ඇය බියවද්දා අතවරයක් කිරීමට තැත් කළේ යැයි සැකකරු චෝදනා ලැබ සිටියේය.සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ වාද්දුව පොලිසියේ සැරයන් සුගත් ප්‍රනාන්දු සහ කොස්තාපල් අනුරුද්ධ පලිහේන (77179) යන නිලධාරීන් විසිනි.රුපියල් 5000ක ශරීර ඇපයක් මත විත්තිකරු මුදා හැරිණි..
|
NEWS
|
ශ්‍රී ලංකා පිහිනුම් ඇකඩමිය පළමුවරට මෙහෙයවනු ලබන වාර්ෂික පිහිනුම් තරගාවලිය 11දා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ.යොවුන් පිහිනුම් ක්‍රීඩකයින්ගේ හැකියාවන් ඔප්නංවාලීමේ අරමුණින් යුතුව සංවිධානය කෙරෙන මේ පිහිනුම් තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ස්වාධීන රූපවාහිනී සේවයේ අධ්‍යක්‍ෂවරයකු වන අල්හාජ් හෂීම් ඔමාර් මහතා සහභාගි වේ.
|
NEWS
|
ක්‍රිකට් ක්‍රීඩාවේ පැතිරී යන දූෂණයට එරෙහිව කෙරෙන කටයුතු සඳහා අනුබලයක් වශයෙන් අයි.සී.සී. යේ සෑම සාමාජික රටක්ම තම රටවල්වල දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට දූෂණ වංචා විරෝධී ක්‍රමවේද හඳුන්වා දිය යුතු යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේය.එංගලන්ත සංචාරය අතරතුරදී පකිස්තානු ක්‍රීඩකයන් තිදෙනකු මුදලට තරග පාවාදීමේ චෝදනාවට හසුවීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිදුවෙමින් පවතින දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ කටයුතු දියත් කිරීමටත් ඒ පිළිබඳව අවධානය යොමුකිරීමටත් අයි.සී.සී. යට සිදුව තිබිණි.පසුගියදා සිය සාමාජික රටවල බලධාරීහු සමඟ දුරකතන ඔස්සේ සාකච්ඡාවක යෙදුනු අයි.සී.සී. ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සෑම සාමාජික රටක්ම ක්‍රිකට් ක්‍රීඩාවේ පැතිරී තිබෙන දූෂණවලට එරෙහිව කටයුතු කිරීමට එකඟ වූ බවය.එමෙන්ම අයි.සී.සී. යේ දූෂණ වංචා විරෝධී ආරක්ෂක ඒකකය සමඟ සමීපව කටයුතු කරමින් දූෂණ වංචා පිළිබඳව ලැබෙන තොරතුරු හුවමාරු කරගැනීමේ ගිවිසුමකට අස්සන් කරන ලෙස අයි.සී.සී. ය සෑම සාමාජික රටකම නිලධාරීන්ගෙන් හා ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියි..
|
NEWS
|
ශ්‍රී ලංකාවේ වයඹ පළාත හා ජපානයේ ගුන්මා පළාත අතර මිත්‍රත්ව නගර සංකල්පය යටතේ් ජාත්‍යන්තර සහයෝගිතා වැඩසටහන ආරම්භ කිරීම සඳහා වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ සහ වයඹ සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වසන්ත ප්‍රේමතිලක යන මහත්වරු දිවයිනෙන් බැහැරව ජපානයේ නිල සංචාරයක නිරත වී සිටිති.ලබන 10 වැනිදා දක්වා ඔවුන් එහි රැඳී සිටිනු ඇත.මෙහිදී ගුම්මා පළාතේ ආණ්ඩුකාර ඔසාමා මසකි මහතා සමඟ නිල සාකච්ඡාවක නිරත වන අතර ගුම්මාහි නගර 3 ක නගරාධිපතිවරුන් ද මුණගැසෙනු ඇත. සංචාරක ප්‍රවර්ධන, ආයෝජන ප්‍රවර්ධන, ආර්ථික හා සංස්කෘතික ප්‍රවර්ධනය මේ වැඩසටහනේ මූලික අරමුණයි.මේ ජපන් සංචාරය සංවිධානය කරනු ලබන්නේ ව්ර්‍ථර්‍ණ – බ්ව්උ ජාත්‍යන්තර සහයෝගිතා සංවිධානයේ සභාපති සයිතෝ මොතොගරු මහතා විසිනි..
|
NEWS
|
ඩෙංගු රෝගය මේ දිනවලදී යළිත් ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු බිත්තර සක්‍රීය වී මදුරු ගහනය වැඩි වීම මඟින් රෝගීන්ගේ සංඛ්‍යාව ද වැඩි වීමේ අවදානමක් පවතියි.ගත වූ මාස පහ තුළදී රිජ්වේ ආර්යා ළමා රෝහලට ඩෙංගු ළමා රෝගීන් 1508 දෙනකු වාර්තා වී ඇති අතර මරණ 5 ක් සිදුව තිබේ. මේ අතරින් ඩෙංගු රක්තපාතයට ලක් වූ දරුවන් 227 දෙනෙකි. මේ වසරේ ආරම්භයේ සිට ගත වූ කාලයේදී මේ වන විට රට පුරා ඩෙංගු රෝගීන් 13,500 ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 38 ක් පමණ වාර්තා වී තිබේ.මදුරුවන් බෝ විය හැකි ජලය එක් රැස් වන ස්ථාන විනාශ කිරීමෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය සියයට 60 කින් අඩු කර ගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.විශේෂයෙන්ම යෝගට් කෝප්ප, පොල් කටු වැනි ජලය එක්රැස් වන කුඩා ස්ථානවල ඩෙංගු මදුරුවා වැඩිපුර බෝ වීම සිදු වන බවත් ජලය රැඳෙන කුඩා ස්ථානවල ඩෙංගු මදුරුවා බෝ වීම සිදු වන බවත් එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය උදය රණසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු මරණ සිදු වීම අවම කර ගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් රෝගී සත්කාර සේවා ඉහළ නැංවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වී ඇති බව ද ඔහු පැවැසුවේය.කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම සිදුවේ.තමා ජීවත් වන අවට පරිසරයේ මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කළ හැකි වේ..
|
NEWS
|
ඩෙංගු රෝගය ව්‍යාප්ත කළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා රුපියල් තුන් කෝටි නව ලක්ෂ පහළොස් දහසක දඩ මුදලක් අයකරගෙන තිබේ.මේ දඩ මුදල අයකරගෙන ඇත්තේ පසුගිය මාස හත තුළ පුද්ගලයන් 13461 දෙනෙකුට එරෙහිව නඩු පැවැරීමෙනි.රත්නපුර, ගම්පහ, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත්‍රික්කවල පුද්ගලයන් වැඩිදෙනෙකුට මෙසේ නඩු පැවරූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.මේ වසරේ මුල සිට ඩෙංගු රෝගීන් 15,024 ක් වාර්තා වී තිබේ. ඉන් 114 ක් දෙනෙකු මියගිය බව වංසගත රෝග විද්‍යා අංශය කියයි.රෝගීන් 5826 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, 2222 ක් ගම්පහින් ද 817 ක් කළුතරින් ද වාර්තා වී තිබේ. මදුරුවන් බෝනොවන ස්ථාන ලෙස තම ගෙවත්ත පවත්වාගෙන යාමටත්, නිසි වේලාවට කසළ බැහැර කරලීමට ජනතාව අනුගත කිරීමටත් කටයුතු කිරීමෙන් ඩෙංගු රෝගය අවම කළ හැකි බව ඒ මහතා කීය..
|
NEWS
|
මොරටුවේ සිට මුහුදු ගොස් අනතුරට පත් බෝට්ටුවක සිටි ධීවරයින් තිදෙනකුගේ මළ සිරුරු කොළඹ මෝදරදී නාවික හමුදාව මඟින් සොයාගනී.මොරටුවේ පදිංචිකරුවන් වන 46 හැවිරිදි සුදත් රවීන්ද්‍ර පීරිස් 42 හැවිරිදි ටී.සෝමසිරි මිල්ටන් පීරිස් සහ 59 හැවිරිදි බී.එම්. සිල්ටන් පීරිස් බවට ඔවුන්ගේ ඥාතීන් හඳුනා ගෙන තිබේ.මේ පිළිබඳ මරණ පරීක්ෂණ උතුරු කොළඹ කොට්ඨාස අතිරේක නාගරික හදිසි මරණ පරීක්ෂක සිරිමල් පීරිස් මහතා පැවැත්වීය.මෝදර පොලිසියේ කොස්තාපල් චන්ද්‍රකුමාර (67774) මහතාගේ මෙහෙයවීම යටතේ මෙහිදී සාක්කි දුන් නාවික හමුදා නිලධාරී මනෝජ් ජානක ජයසේකර මහතා මෙසේ කීය.මුහුදු ගිය ධීවර බෝට්ටු කිහිපයක් අතුරුදහන් වී ඇති සිද්ධිය එදින මොරටුව නාවික කඳවුරෙන් මෝදරට දැනුම් දුන්නා. ඔවුන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙසත් එම පණිවුඩයේ සඳහන් වුණා. ඒ අනුව මේ පිළිබඳ තොරතුරු සෙවීම 9 වැනි දින පාන්දර 7.45ට පමණ ආරම්භ කළා. අප ගිය නාවික යාත්‍රාවේ ලුතිනන් සමරතුංග මහතා ඇතුළු 14 දෙනකු සිටියා.අනතුරට පත් බෝට්ටුවක් මුනින් අතට පෙරළී තිබුණ බව උදේ 9.15ට පමණ මෝදර දී දැක්කා.එහි කොනක දැලක් ගැට ගසා තිබුණා. මියගිය අයකුගේ මළ සිරුරක් එහි පැටලී තිබුණු බව දැක්කා. එම තැනැත්තාගේ මළ සිරුර අපි මුහුදෙන් යාත්‍රාවට ගත්තා. එවිට වේලාව උදේ 10.15ට පමණ ඇති.ඉන් පසු බෝට්ටුව ඇදීමට ගියා. එවිට තවත් මළ සිරුරු දෙකක් බෝට්ටුව යට හිරවී තිබී සොයා ගත්තා. මළ සිරුරු තුනම ගොඩබිමට ගෙනැවිත් පොලිසියට භාර දුන්නා. ගොඩබිම සිට එතැනට මුහුදු සැතැපුම් 10ක් පමණ ඇති.මියගිය සිල්ටන් පීරිස්ගේ පුතාවන 26 හැවිරිදි ඩී. ඉන්දික පීරිස් නම් අය සාක්කි දෙමින් මෙසේ කියා සිටියේය.මගේ පියා 7වැනිදා තවත් දෙදෙනකු සමඟ මොරටුවේ සිට මුහුදු ගියා. “සමීර පුතා” නමැති මෙම බෝට්ටුවේ සුදත් රවීන්ද්‍ර සහ සෝමසිරි මිල්ටන් යන අයද සිටියා. එදින තද සුළං සමඟ මුහුද කැළඹිලි ස්වභාවයෙන් තිබ්බා.පසුදින උදේ 4ට පමණ මම තාත්තාගේ ජංගම දුරකථනයට කතා කළා. එය නාද වූ නමුත් තාත්තා කතා කෙළේ නැහැ. මට සැක සිතුනා. ඉන්පසු මේ ගැන මොරටුව නාවික කඳවුරට දැනුම් දුන්නා. එතැනින් කොළඹට දැන්නුවා. මේ අයගේ මළ සිරුරු නාවික හමුදාව මඟින් සොයා ගෙන ඇති බව එදින දහවල් මගේ මිතුරකු වන නිශාන්ත මෝදර වැල්ලේ සිට දුරකථනයෙන් මට කිව්වා.මියගිය අයවළුන්ගේ ඥාතීන් වන මධුරංග පීරිස් සහ ජී.බී. සුනීතා අපෝන්සු යන අයවළුන්ද සාක්කි දුන්හ.මෙම මරණ දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුව ඇති මරණ බවට මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ කොළඹ නියෝජ්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන මුදිත කුඩාගම සහ එම්.එන්. රාහුල් හක් යන මහත්වරුන් නිගමනය කළහ.ඉදිරිපත් වූ සාක්කි සමඟ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මේවා දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදු වූ හදිසි අනතුරු බවට තම තීන්දුව ප්‍රකාශයට පත් කෙළේය..
|
NEWS
|
හෙම්මාතගම පොලිසිය සහ සිවිල් ආරක්ෂක කමිටුව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ ‘සුරකිමු ශ්‍රී ලංකා’ පොලිස් ජංගම සේවය හෙම්මාතගම ගිනිහප්පිටිය දේවී බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි.මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය සභාව හෙම්මාතගම මාවනැල්ල රජයේ රෝහල් හෙම්මාතගම මාවනැල්ල පොලිස් ස්ථාන ඇතුළු රාජ්‍ය සහ ජනතා සංවිධාන එයට සහයෝගය දක්වන ලදී.එදින හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අවශ්‍ය ජාතික හැදුනුම්පත් හා වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීම, ඉඩම් ආරවුල් සුළු පැමිණිලි, පහසුවෙන් නිරාකරණය කරදීම, ගොවීන් සඳහා නොමිලේ පැළ බෙදා දීම, අක්ෂි සායන පවත්වා නොමිලේ ප්‍රතිකාර ලබා දීම, ඇස් කණ්ණාඩි ලබාදීම, විවාහ සහතික ලබා දීම සිදු කෙරිණි..
|
NEWS
|
ව්‍යාජ නමකින් හැඳුනුම්පත් සකස් කරගෙන ව්‍යාජ රඟපෑමක යෙදුන බව කියන කලහපිටියේ චීවරධාරියකු මාර්තු 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය නියෝග කළාය.කටුනායකදී අත්අඩංගුවට ගත් මේ චීවරධාරියා විශ්වවිද්‍යාල සිසුවකු බව අනාවරණය වී ඇත.කටුනායක පොලිසියේ සැරයන් 32995 විජේරත්න මහතා මේ බව අධිකරණයට දැන්වීය.
|
NEWS
|
රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය ඇඹිලිපිටිය වැලිකඩයාය, අභිමාන තරුණ සංසදය සහ දේදුණු ක්‍රීඩා සමාජය සමග එක්ව සංවිධානය කළ පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න අභියෝග ශූරතා රත්නපුර දිස්ත්‍රික් විවෘත වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වලව ක්‍රීඩා සමාජය සමත් විය..
|
NEWS
|
වසර 40 ක් වැනි කාලයක් සේවය කරමින් සිටියදී ජීවිතයෙන් සමුගත් සේවිකාවකට පින් පැමිණවීම දුර්ලභ ගණයේ වැදගත් පිංකමක් බව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්ත දෙමලියේ ඉන්දසර නාහිමියෝ පැවැසූහ.ඉතාමත් කලාතුරකින් සිදුකෙරෙන මෙවැනි පින්කම්වලින් සමාජයට විශාල ආදර්ශයක් ලබාදෙන බවද සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයත් සමස්ත සේවක මණ්ඩලයත්, නිරතුරුවම පින්දහම්වල නියැලෙන බවද නාහිමියෝ පවැසූහ.වසර 40 කට වැඩි කාලයක් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ලෙස සේවය කළ සරෝජ් වික්‍රමසිංහ මහත්මිය පරලෝ සැපත් වී තෙමසක් පිරීම නිමිතිකොටගෙන එහි සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සේවක මහත්ම මහත්මීන් කොටුව සම්බුද්ධාලෝක විහාරයේදී පැවැත්වූ දානමය පින්කමකට සහභාගි වෙමින් උන්වහන්සේ එසේ පැවැසුහ.එහිදී මහාචාර්ය ඉත්තදෙමලියේ නාහිමියෝ මෙසේද පැවැසූහ. ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා සෑමවිටම මනා ආදර්ශයක් ලබාදෙන නායකත්වයක් ඇති සභාපතිවරයෙක්. සභාපතිතුමාගේ උපදෙස් මත වසර පුරාම සේවකයන්ගේ නමින් මිය පරලොව ගිය ඥාතින් වෙනුවෙන් මාසික දානය ලේක්හවුස් ආයතනය මෙම විහාරස්ථානයට ලබා දෙනවා. මාසික දානයක් පිරිනැමීමට සේවකයන් පුරුදු පුහුණු කිරීමෙන් ඔවුන් පින්කම් සඳහා යොමු කරවීම ඉතා හොඳ කරුණක්. ලේක්හවුස් ආයතනය නිරන්තරයෙන් සම්බුද්ධාලෝක විහාරය හා එක්ව විවිධ පින්කම් සිදුකරනවා.මේ සියලු පින්කම් සිදුකිරීමෙන් සේවකයන් කෙරෙහි සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කෙරෙහි යම් විශ්වාසයක් ඇති වෙනවා. යම් ස්ථානයක දියුණුව සඳහා පාලක පක්ෂය සහ සේවක පක්ෂයේ අන්‍යොන්‍ය විශ්වාසය තිබිය යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. මෙවැනි පින්කම් දකින සේවකයන්ට පාලක පක්ෂය කෙරෙහි විශාල විශ්වාසයක් ගොඩ නැඟෙනවා. කරදරයක් වූ විට ඔවුන් පිහිට වේයැයි විශ්වාස කරනවා. මේ තුළින් ආයතනය දිනෙන් දින දියුණු කිරීම සඳහා සේවක කැපවීම ලබා දෙනවා.ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා නිරතුරුව සේවකයන්ගේ සුබසාධනය කෙරෙහි කටයුතු කරන බව මා පෞද්ගලිකව දන්නා කරුණක්. සරෝජ් වික්‍රමසිංහ මහත්මියට මේ පින් අනුමෝදන් කරනවා.ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමියෝ, වසර 40ක් පමණ කාලයක් සේවය කළ මියගිය සේවිකාවකගේ තුන් මාසයේ දානමය පින්කම ආයතනය මගින් සිදුකරවීම දුර්ලභ ගණයේ මහඟු පින්කමක්.බුද්ධ දේශනාවට අනුව මෙවැනි පින්කම් සිදුකිරීමෙන් පින්වතුන් බවට පත්වීමට හැකියි.සහෝදරාත්මක බැඳීමකින් දීර්ග කාලයක් ඇසුරු කළ අයකුට පින් පැමිණවීමට කටයුතු කිරීමෙන් සහෝදර බැඳීම කැපී පේනවා.අනෙකුත් කාර්යාලවලට මෙවැනි පින්කම් සිදුවෙනවා දැකීම ආදර්ශයක්. බුදුන් වහන්සේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම පැහැදිලි කළා මෙන්ම එහි අරුත ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය හොඳින් දැන සිටිනවා.ජීවිතය නමැති රථය ඉදිරියට ගෙනයාමට කුසල නමැති ඉන්ධනය අවශ්‍යයි. කළගුණ සැලකීම මහඟු පින්කමක්. මේ උදාර පින්කම ජීවිත කාලය පුරාම හිතන්න කල්පනා කරන්න පුළුවන් මහඟු පින්කමක්. බුද්ධ පූජාව පැවැත්වීමත් සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවත එන ආර්ය පුද්ගල මහා සංඝරත්නයට මේ දානය පූජා කිරීමත්, මෙයට තෙමසකට පෙර මියගිය සරෝජ් වික්‍රමසිංහ මහත්මියට මේ පුන්‍යකර්මය සිදුකරමින් පින් පැමිණවීමෙනුත් ඔබ සියලුදෙනා සිදුකර ගත්තේ විශාල කුසලයක්.මේ පින්කම ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත පැවැත්විණි.මෙම අවස්ථාවට ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර, සාමාන්‍යාධිකාරි අභය අමරදාස, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්ම මහත්මීහුද ලේක්හවුස් බෞද්ධ සංගමයේ නිලධාරිහුද සරෝජ් වික්‍රමසිංහ මහත්මියගේ සැමියා සහ ඇයගේ පුතුද සහභාගි වූහ.
|
NEWS
|
ප්‍රංශ සවාරියේ තුන්වන අදියරේදී 7 වතාවක් පාපැදි සූරයා වූ ලාන්ස් ආම්ස්ටේරාං අභිබවා යමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට නෝර්විජියානු පාපැදි සූර තෝර් හස්ක් හොබ් සමත්විය. බෙල්ජියමේ වාන්ස් නගරයේ සිට ඇවන්බර්ග් දක්වා වූ මේ ධාවන වටයේදී ඔහුට කොළ පාට ජර්සිය දිනා ගැනීමට හැකිවිය.ඉකුත් දින රාත්‍රියේදී මුලින්ම තරගය නිමාකළ සිල්වේන් චවනේර් මේ වටයේදී පරාජය ලැබීය. මේ වටයේදී සැක්සෝ බෑන්ක් කණ්ඩායමේ ෆ්රෑන්ක් ස්ටෙව්ලර් අනතුරකට භාජනය වීම එම කණ්ඩායමට විශාල පාඩුවකි.මේ තරගවටයේදී බොහෝ බලාපොරොත්තු තබා තිබූ ස්පාඤ්ඤය පාපැදි සූර ඇල්බටෝ කොන්ටාඩෝට ද සුපුරුදු දස්කම් පෙන්වීමට නොහැකිවිය. සමස්ත තරගාවලියේදී එතරම් ජනප්‍රියතාවක් ලබා නැති කැන්සිලාරා ස්කයි කණ්ඩායමේ මුල්තැනට පත්වී ඇත.
|
NEWS
|
”අනේ අම්මෙ මගෙ වැඩ කරන්න ඉස්සෙල්ල අම්මගෙ බේත් පෙත්ත බීල ඉන්න කියල ඉස්පිරිතාලෙ හිටපු දවස් තුනේම දුව මට කිව්ව. එතරම් හොඳ ගති පැවතුම් ඇති දරුවෙක් මට නැතිවුණේ යැයි කියමින් මහදුරුපිටියේ මවක් හඬා වැලපුණාය. ඒ ඇගේ දෙවන දියණිය අකාලයේ වියෝවීම නිසාය.හුලංකීරිය ගස සමඟ ගැලවී ආ නියගල ගසේ අලය හුලංකීරිය අල යැයි සිතා ආහාරයට ගැනීමෙන් මේ අවාසනාවන්ත මරණය සිදු වී තිබේ.කරුණාමුණි රම්‍යලතා හා නම්මුනි කිත්සිරි සිල්වා දෙපළට දාව 1993 – 04 – 05 වැනි දින උපත ලැබූ ඒ දියණිය නමින් එන්. නිලූෂා පි‍්‍රයංගනීය. වැඩිමල් සොයුරිය අනූෂා (20), රෙෂිකා (13), චන්න (19), හෂිනි (6) යන සොයුරියන් තිදෙනාටත් එකම සහෝදරයාටත් මැදිව කෙළිදෙලෙන් කාලය ගත කළාය.උඩුවර කනිෂ්ඨ විද්‍යාලයේ 9 වන වසර දක්වා අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව නිලූෂා පාසල් ගමන නතර කළේ ඇඟලුම් ආයතනයක රැකියාවකට යෑමට බලාපොරොත්තුවෙනි. තම පියාට නිවසේ ආර්ථිකය තනිවම ගොඩනඟා ගැනීමට අපහසු බව අවබෝධ කර ගත් නිසාය.සම්මුඛ පරීක්‍ෂණයට යෑම සඳහා සූදානම්ව සිටි නිලූෂා ඇඳුම් පැළඳුම් පවා පිළියෙල කර ගැනීමට කටයුතු කළාය. නමුත් ඒ සියලුම අපේක්‍ෂා බොඳ කරමින් ඇයට අනපේක්‍ෂිත අයුරින් පසුගිය 06 දා මරුවා සමඟ යන්නට සිදුවිය.රම්‍යලතා මහත්මිය මෙසේ ද කීවාය.පහුගිය 03 වෙනිදා වගේම අපි ගෙදර වැඩ කළා. මහත්තයා ළඟ තියෙන ඉඩම ශුද්ධ කරන්න ගිහිල්ල හිටියා. හිනාවෙන් සෙල්ලමෙන් අනිත් දෙන්නත් එක්ක නිලූෂා එළියෙ හිටියා. දවල් බත් කෑවට පස්සේ දුවට වමනය ගියා. ඒ ගැන අහනකොට පොල් ගහ ළඟ තිබිල හුලංකීරිය අල කෑව කියල කිව්වා.අපි එතනට ගිහින් බලනකොට ගලවපු හුලංකීරිය ගහ ළඟ නියගල ගහකුත් ගලවල තිබුණා. අපි හොරණ ඉස්පිරිතාලෙට දුවව ගෙනාවට පස්සෙ වෛද්‍යවරු බලල ප්‍රතිකාර කරල දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. 6 වෙනිදා බලන්න යනකොට දුව අපිව දාලා ගිහිල්ල තිබුණා.අසල්වැසි නිවෙසක වෙසෙන ලීලාවතී නම් ආබාධිත කාන්තාවකට කවා පොවා නහවා උවටැන් කරමින් රෝද පුටුවේ තබාගෙන නිතරම පන්සල් රැගෙන යෑම ද දිනපතාම බෝධි පූජා පිංකම් සඳහා සහභාගි වීම ද නිලූෂාගේ සිරිතය. කාටත් පි‍්‍රයමනාපව හිතවත්කම් පෑ නිලූෂා දියණිය පසුගියදා මහදුරුපිටිය පවුලේ සුසාන භූමියේ මිහිදන් වුවද ඇගේ ගුණකඳ මහදුරුපිටිය පුරා පැතිරී ගිය බව සත්‍යයකි..
|
NEWS
|
පසුගියදා හදිසි අවශ්‍යතාවක් සඳහා වලපනේට ගිය මා යළි මහනුවර බලා එන්නට බස් නැවතුමට වී සිටියේ දහවල් එකට පමණය.හිටි ගමන් මා අසළ නතර වූ ත්‍රිරෝද රථයකි. රියැදුරා “සර් කොහෙටද යන්නෙ” යැයි මගෙන් ඇසූ විට “නුවර” යනුවෙන් මම පිළිතුරු දුනිමි. “නගින්න මාත් යන්නෙ නුවර” යයි ත්‍රිරෝද රියදුරා කී නිසා මමද රියට ගොඩවී වාඩි වීමි.දැන් ත්‍රිරෝද රිය නුවර බලා ධාවනය වෙයි. කාංසියටත් එක්ක මම රියැදුරා සමග කථාවට වැටුනෙමි.“කොහෙද හයර් දුවන්නෙ” මා ඇසූ පැනයට රියැදුරා දුන්නේ අරුම පුදුම පිළිතුරකි. “මම හයර් දුවන්නේ නෑ සර් වැඩ කරන්නෙ ඉස්පිරිතාලෙ.’ඉතින් අද වැඩ නැද්ද? මම අසුවෙමි.“වැඩ සර් ඒකයි මේ 4 ට කලින් යන්න බලන්නෙ” රාජකාරි වෙලාවෙ මේවගේ රෝහලෙන් පිටත පෞද්ගලික වැඩ කරන එක හරි නෑ නේද? මම පෙරළා ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. “ඒක නම් එහෙම තමයි සර්. ඒත් ඒක දිග කථාවක්” ඔහු මට කථාව කීවේය.මෙම පුද්ගලයා රෝහලේ සුළු සේවකයෙකි. ඔහු විවාහකය. දරුවන් නැත. ඔහුගේ මවට ඉතා ආදරය කරන මොහු මවද තම නිවෙසේ තබා ගත්තත් මොහුගේ බිරිය නිතර මේ මව හා කලහ කර ගත්තාය. මේ කලහය නතර නොවූ නිසා මේ තැනැත්තා මේ මව වෙනම ගෙයක් කුලියට ගෙන නවත්තා ඇගේ තනියට සේවිකාවකද තැබුවේය.මොහුගේ බිරිය සැර පරුෂය. මාසෙ පඩි තිතට ගණන් බලා ඇය අත පත්කළ යුතුය. එවිට අම්මාට සළකන්න මොහු අත මුදල් ඉතිරි නොවේ.මොහු උපායක් කල්පනා කොට බැංකු ණයක් ගෙන ත්‍රිරෝද රියක් මිලට ගත්තේය. උදේ එම රියෙන් වැඩට එන ඔහු වැඩ කරන වෙලාවේ දවසකට එක කුලී ගමනක් සොයා ගෙන රුපියල් දාහක් එක්දහස් පන්සියයක් සොයා ගනී. ඈත පළාත් වලින් රෝහලට රොගීන් එන නිසා එය ඔහුට අසීරු නැත. මේ උප්පරවැට්ටිය බිරිය නොදනියි. මාසෙ වැටුප අඩු නැතිව බිරියට දෙන ඔහු ත්‍රිරෝද රියෙන් හම්බ කරන මුදල් මවට දී ඇය පෝෂණය කරයි. දැන් මවත් බිරියත් දෙදෙනාම සතුටින් සිටිති. මේ කතාව ඇසූ මම මොහු කරන මේ වැඩේ හොඳ නරක විසඳාගත නොහැකිව අන්ද මන්ද වීමි..
|
NEWS
|
මහවිලච්චිය වැව් හා වාරි පද්ධතිය අබලන්ව තිබියදී 1955 - 1957 වසර වලදී එවකට පැවැති රජය විසින් ප්‍රතිසංස්කරණය කොට ගොවි පවුල් පදිංචි කරවමින් මහවිලච්චිය ගොවි ජනපද ව්‍යාපාරය අරඹන ලදී.අද වන විට හතළිස් අවුරුද්දකින් ප්‍රතිසංස්කරණය කැර නැති කැඩී බිඳී ගිය වාරි පද්ධති හරහා තම කුඹුරුවලට ජලය ලබා ගත නොහැකිව ගොවීහු අන්ත අසරණ වී සිටීති. ඒ පිළිබඳ අදහස් දැක්වූ මහවිලච්චිය පැරකුම් ගොවි සංවිධානයේ සභාපති ආර්. පී. වික්‍රමසිංහ මහතා.මහවිලච්චිය වැවේ අක්කර අඩි තිස් දෙදහස් පන්සියයක ජල ධාරිතාවක් රඳවා ගන්න පුළුවන්. වම් ඉවුරේ අක්කර 1050 ක් ද දකුණු ඉවුරේ අක්කර 1614 ක් වගා කරන්න පුළුවන්. මේ කුඹුරු අද එක කන්නයි වගා කරන්නේ. ඒ ජල හිඟය නිසා. මාස් කන්නයේ වැව පිරුණත් ඒ වතුර යල් කන්නයට මදි. යල් කන්නයේ අක්කර භාගයක් හෝ අක්කරයක් වී වගා කර ඉතිරි ඒවා උඳු, මුං, වට්ටක්කා වගා කරනවා. අපි අන්ත අසරණ වෙලා. වී වගාවෙන් ආදායමක් නෑ. මාස් කන්නයේ වැවට එක්වන වතුර ටික රැකගත්තොත් කන්න තුනක් කුඹුරු වගා කරන්න පුළුවන්. අවුරුදු තිහ හතළිහකින් වාරි පද්ධති අලුත්වැඩියා කර නෑ. ඇළ මාර්ග සියල්ල අබලන් වෙලා. කැඩී බිඳී ගිහින්. මහවිලච්චියේ වම දකුණ ගොවි සංවිධාන හතක් තියෙනවා. අදාළ බලධාරීන්ට අපි මේ පිළිබඳ දැනුම් දුන්නත් ප්‍රශ්නයට විසඳුම් නැත. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලුව විසඳා දෙන ලෙසය.ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ආර්. එච්. සුමනවංශ මහතා. ඇළවල් කැඩිලා උමං ගියේ වතුර අපතේ යනවා. ඇළක් හදන්න රු: 18000 ක් 20,000ක් ගොවි සංවිධාන අරමුදල් වියදම් කරනවා. ඒ සල්ලි ඇළේ උමං මකන්නවත් මදි. අපේ වැවේ වතුරටික රැකලා දෙනව නම් මුළු රටටම ‘’බත්’’ අපිට දෙන්න පුළුවන්. මේ වැව හදා දෙන්න කියල ඉල්ලා සිටිනව.මහවිලච්චියේ එච්. පියදාස මහතා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රජය කාලේ 1956 අපිට මේ ඉඩම් ලැබුණා. අපි ඒ කාලේ දෙකන්නය හොඳට වගා කළා. අපිට කිසි අඩුවක් තිබුණේ නැහැ. අද වැව කැඩිලා. ඇළ කැඩිලා කුඹුරට වතුර ගන්න විදියක් නෑ. අපි අසරණයි. මහවිලච්චිය වැවට වතුර එන්න තැනක් නැහැ. තලාවේ වැව වාන් දමන වතුරින් තමයි මහවිලච්චිය වැව එන්නේ.ඇයි මහවිලච්චියට මහවැලි වතුර දෙන්න බැරි. නිලධාරීන්ගේ වුවමනාවක් නැතිකම. මේ වෙනකොට ගොවි පවුල් 2000ක් විතර විලච්චිය ව්‍යාපාරයේ ඉන්නවා. මේ උදවියගේ ජීවිත ගොඩ නගන්න ජනාධිපතිතුමනි පියවර ගන්න..
|
NEWS
|
මනා සංයමයකින් සහ ඉවසීමකින් යුතු පිතිහරඹයක නිරතවූ නායක රොස් ටේලර් සහ කේන් විලියම්සන් පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට නවසීලන්ත ඉනිම කඩුලු 2කට ලකුණු 223 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූහ. වර්ෂාව හේතුවෙන් දිනය නිමාවීමට ඕවර 9.1ක් ඉතිරිව තිබියදී තරගය නතරකළ අතර ඒ වනවිට ටේලර් නොදැවී ලකුණු 119ක් සහ විලියම්සන් නොදැවී ලකුණු 95ක් ලබා සිටියහ. දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 209ක් විය.මුලු ලකුණු සංඛ්‍යාව 14ක්ව තිබියදී දෙවැනි කඩුල්ල බිඳවැටීමෙන් අනතුරුව විලියම්සන් සමග එක්වූ නායක ටේලර් සිය ටෙස්ට් දිවියේ 8වැනි ශතකය වාර්තා කළේ ඊයේ සවස තේ පානයෙන් ඕවර 5කට පසුව එරංගගේ පන්දුවකින්ය. එය ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ පළමු ටෙස්ට් ශතකය ද මේ වසරේ රැස්කළ 3වැනි ශතකය ද විය.ඊයේ දිවා ආහාරය වනවිට කඩුලු 2කට ලකුණු 96ක් රැස්කරගෙන සිටි නවසීලන්තය තේ පානය වනවිට සිය ඉනිම ලකුණු 175 දක්වා ඉහළ නැංවූ අතර ඒ කාලයේ දී කඩුලු දවාගැනීමට ශ්‍රී ලංකා පිලේ පන්දුයවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත. තේ පානය වනවිට විලියම්සන් ලකුණු 73ක් සහ නායක ටේලර් ලකුණු 93ක් ලබා සිටියහ.වේගපන්දු යවන්නන්ට උචිත සරවනමුත්තු තණතීරුවේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ද නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් නුවන් කුලසේකර යැවූ තරගයේ පළමු ඕවරයේ දීම ලකුණු 4කට දැවීගියේ ඇන්ජෙලෝ මැතිව්ස් අතට උඩපන්දුවක් ලබාදෙමිනි. අනතුරුව තරගයේ 4වැනි ඕවරයේ දී බ්‍රෙන්ඩන් මැකලම් ද ලකුණු 4කට දවාලීමට ෂමින්ද එරංග සමත්විය. මැකලම් දැවීගියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙනි. ඒ වනවිට නවසීලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව 14ක් විය. ශ්‍රී ලංකාවට හිසරදයක් වූ කේන් විලියම්සන් සහ නායක රොස් ටේලර්ගේ සම්බන්ධතාවය ආරම්භ වූයේ ඉන් පසුවය.මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ සිදුවූ එකම වෙනස්කම වූයේ තිලකරත්න ඩිල්ෂාන් නැවත කණ්ඩායමට ඇතුලත්වීමය. ආබාධයකට ලක්වී සිටීමේ හේතුවෙන් ගාල්ල ටෙස්ට් තරගයට ඔහු ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට කණ්ඩායමට එක්වී සිටි දිමුත් කරුණාරත්නට ඊයේ තරගයේදී සිය ස්ථානය අහිමිවීය.නවසීලන්ත කණ්ඩායම ද ගාල්ල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ තුන්ඉරියව් ක්‍රීඩක ජේම්ස් ෆ්‍රැන්ක්ලීන් වෙනුවට නවක ක්‍රීඩක 26 හැවිරිදි ටොඩ් ඇස්ල් කණ්ඩායමට කැඳවා තිබිණි.අද තරගයේ දෙවැනි දිනයයි.එම්.ගප්ටිල් ඇ.මැතිව්ස් ප. කුලසේකර 4 බී.මැකලම් ක.මු.ක. ප. එරංග 4 කේ.විලියම්සන් නොදැවී 95 ආර්.ටේලර් නොදැවී 119 අතිරේක 1 මුලු ලකුණු කඩුලු 2කට (ඕවර 80.5) 223 කඩුලු බිඳවැටීම 1-4, 2-14 පන්දු යැවීම - කුලසේකර 13.5-2-42-1, එරංග 14-0-70-1, මැතිව්ස් 5-1-14-0, හේරත් 21-2-45-0, රන්දීව් 23-3-47-0, ඩිල්ෂාන් 4-0-5-0.
|
NEWS
|
ප්‍රධාන දුම්රිය මාර්ගයේ හීන්දෙණිය පට්ටිගොඩ දුම්රිය ස්ථානයට ජල සැපයුමක් නොමැතිවීම නිසා එහි ඇති එකම වැසිකිළියද පාවිච්චියට ගත නොහැකිව වසා දමා ඇතැයි මගීහු පවසති.අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගිහාන් චින්තක මහතා මෙසේ කීවේය.2007 වසරේ මේ දුම්රිය මගී සංගමය පිහිටුවා ගත්තේ මේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම සඳහායි. අප සංගමය 2007 සැප්තැම්බර් 30 වැනි දින සිටම දුම්රිය මූලස්ථානයේ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් ලිපි යැවුවා.වරින් වර ගොස් නිලධාරීන් හමුවී ඇවිටිලි කළත් තවම වැඩක් වී නැහැ. නැවත ගොස් විමසීමේදී වතුර ටැංකියක් සහ මෝටරයක් ඇණවුම් කළ බව පැවසුවා. මේ දක්වා වරින්වර ගම්පහ ගොඩනැගිලි පරීක්ෂක හමුවී ලිඛිතව හා වාචිකව ඉල්ලීම කළද ස්ථානය පරීක්ෂා කිරීමටවත් කිසිවකු පැමිණියේ නෑ..
|
NEWS
|
දැයට කිරුළ ජාතික වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසැල් හා රූපලාවන්‍ය ආයතන පරීක්ෂාවට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ඒ අනුව බලපත් රහිතව පවත්වා ගෙන ගිය ඔසුසැල් කිහිපයක්, නිසි අයුරින් ගබඩා නොකළ ඖෂධ තිබු ඔසුසැල් කිහිපයක්, නිසි ප්‍රමිතියට ඖෂධ ප්‍රවාහනය නොකළ ලක්ෂ 10 ක් වටිනා ඖෂධ තොගයක්, නිසි උෂ්ණත්ව පරාසයක තබා නොතිබුණු ලක්ෂ 2 ක් වටිනා ඖෂධ තොගයක් අත්අඩංගුවට ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත්විය.රූපලාවන්‍ය ආයතනවල තිබූ ලේබල් නොකරන ලද හා නිෂ්පාදිත දිනය රහිත විලවුන් වර්ග විශාල ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගැනීමට මෙම වැටලීම්වලදී හැකි විය. මේ සියලුම වංචාකරුවන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවැසීය..
|
NEWS
|
රන් පදක්කම්ලාභි මංජු වන්නිආරච්චි විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් තමා මීට මසකට පෙර ප්‍රතිකාර ලබාගත් පෞද්ගලික වෛද්‍යවරයාගේ සුදුසුකම් පරීක්ෂා කරන ලෙස ඉල්ලා ඇත.එම පැමිණිල්ල අනුව ඊයේ (25) කුරුණෑගල නගරයේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරයෙකුගෙන් කුරුණෑගල පොලිසිය විසින් කටඋත්තර සටහන් කර ගත්තේය.එම වෛද්‍යවරයා එම්. බී. බී. එස්. (MBBS) නොවන බව මෙතෙක් කළ පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත්, එම සහතිකය ඉදිරිපත් කිරීමට වෛද්‍යවරයා අපොහොසත් ව සිටින බවත්, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මහතා පවසයි..
|
NEWS
|
දඹුල්ල හීන්මොරගොල්ල ප්‍රදේශයේ නිවසක් ඇතුළත නිධානයක් ලබා ගැනීමට බව පවසමින් කැණීම් කැරමින් සිටි සිව් දෙනෙකු දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවෙස් හිමි කාන්තාව සහ තවත් පිරිමි තුන්දෙනෙකු බව පොලිසිය කියයි.දින ගණනාවක් තිස්සේ මෙම නිවසේ කාමරක් තුළ විශාල වලක් හාරා ඇත. පොලිසිය එම ස්ථානය වටලන විටත් අඩි 30කට වඩා ගැඹුරට වල හාරා තිබිණි. නිවස තුළ කාමරය විශාල කැර වෙනමම වහලයක්ද සකසා එහි ඉවත් කරන පස් ගෙවත්තේම දමා තිබිණි..
|
NEWS
|
වැලිමඩ වෙළෙඳ සලක තබාගෙන පුද පූජා පැවැත්වූ ‘ලාෆින් බුද්ධා’ ප්‍රතිමාවක් බිම වැටීමෙන් බිඳීගිය අවස්ථාවේ එම පිළිමය ඇතුළත ‘හිස නැති ගෞතම’ බුද්ධ ප්‍රතිමාවක් තිබී හමුවීමත් සමඟ ඊයේ (29) වැලිමඩ නගරයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබුණි. මේ ‘ලාෆින්’ ප්‍රතිමාව අත්වැරදීමකින් බිම වැටීකැඩී ගිය අවස්ථාවේ එහි අභ්‍යන්තරයේ හිසනැති ගෞතම බුද්ධ ප්‍ර‍්‍රතිමාවක් තිබූ බවත් ඊට අමතරව සිද්ධාර්ථ චරිතය නිරූපණය වන ආකෘති ද දක්නට තිබූ බව සිද්ධියට මුහුණ දුන් ටී. එම්. ශාන්ත කුමාර මහතා පවසයි.මේ ප්‍රතිමාව බණ්ඩාරවෙල නගරයෙන් මිලදී ගෙන තම ව්‍යාපාරයේ දියුණුව පතා කාලයක් තිස්සේ පුද පූජා පැවැත්වූ බවද ඒ මහතා පැවසීය. මෙය තවදුරටත් සොයා බැලීම සඳහා වැලිමඩ නගරයේ ධාවනය වන බස් රථවල තබා තිබූ ලාෆින් බුද්ධ ප්‍රතිමා ද සෝදිසි කර බැලීමේදී ඒවා ඇතුළත ද ගෞතම බුදුන්වහන්සේගේ සිරස නොමැති ප්‍රතිමා දැක ගැනීමට හැකි වූ බව බස් රථ රියදුරෝ පවසති.මේ පිළිබඳව උඩරට අමරපුර නිකායේ අනුනායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ මෙසේ අදහස් දැක්වූහ.‘ගෞතම බුද්ධ ධර්මය අපකීර්තියට පත් කිරීමට ඇතැම් අන්තවාදීන් මෙවන් අන්දමට කටයුතු කිරීම හෙළා දකින බවත් ලාෆින් ප්‍රතිමා තුළින් බුදුන්වහන්සේගේ කරුණාගුණය මතු නොවන බවත් බුදු දහම ආශාව අත්හැරීමට උගන්වන බැවින් ලාෆින් ප්‍රතිමාවලට බුද්ධ යන වචනය යෙදිය නොහැකි බව උන්වහන්සේ පැවසූහ..
|
NEWS
|
පාණදුර සාන්ත අන්තෝනි (පිරිමි) විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය අතර දෙවැන වරට පැවැත්වෙන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය අද (25) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සාන්ත අන්තෝනි කණ්ඩායමේ නායකයා ලෙස ටිෂාන් තාමර කටයුතු කරන අතර දුමිදු එරංග උපනායකයා වේ.ගිහාන් මහේෂ්ගේ නායකත්වයෙන් ලලිත් ඇතුලත්මුදලි විදුහල තරගයට එක්වන අතර උපනායකයා ලෙස මලිඳු කනිෂ්ක කටයුතු කරයි..
|
NEWS
|
කැනඩාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී තරුණයන් කිහිප දෙනෙකුගෙන් රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑදහසක් සාපරාධි ලෙස වංචා කළේ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් පානදුර පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා විමර්ශන අංශයේ නිලධාරින් පරීක්ෂණ පවත්වා පානදුර මහේස්ත්‍රාත් ආර්. එස්. දිසානායක මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සම්බන්ධතාවක් පවත්වන සැකකරු රත්මලානේ කාර්යාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. මේ පුද්ගලයාට එරෙහිව මුදල් වංචා නඩු කිහිපයක් ගල්කිස්ස අධිකරණයේ විභාග වන බවද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී අනාවරණය විය..
|
NEWS
|
මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අන්තර් සමාජ මලල ක්‍රීඩා උළෙල ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.තරගාවලියේ විශේෂ ආරාධිතයන් ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක, මාතලේ පුරපති හිල්මි මොහොමඩ් කරිම්, ප්‍රාදේශීය සභා සභාපති කපිල හේන්දෙණිය හා මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ පරාක්‍රම නිශ්ශංක යන මහත්වරුන් සහභාගිවීමට නියමිතය. ප්‍රාදේශීය ලේකම් කේ.පී.කේ.එල්.ජී.මධුවන්ති මහත්මියගේ උපදෙස් මත ක්‍රීඩා නිලධාරිනී උදයංගනී ආරියවංශ මහත්මිය තරගාවලිය සංවිධාන කරයි.සරෝජනී මැදිවකකුසලාන නෙට්බෝල්මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා අංශය සංවිධාන කළ සරෝජනි මැදිවක අභියෝගතා කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ නෙට්බෝල් තරගාවලියේ අවසන් තරග අද පස්වරුවේ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මාතලේ ආදී සංඝමිත්තා හා විජයපාල ක්‍රීඩා සමාජ අවසන් තරගයට එක්වන අතර බණ්ඩාරපොළ ම.වි සහ විජයපාල 'බී' ක්‍රීඩා සමාජ කණ්ඩායම් තෙවැනි ස්ථානය සඳහා තරග වැදීමට නියමිතය..
|
NEWS
|
දුම්කොළ විරෝධී වැඩපිළිවෙළ ප්‍රබලව ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳීන්විය හැකි බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසීය.දුම්කොළ වගාව, දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන රට තුළින් ඉවත් කිරීම එක රැයකින් කෙරිය නොහැකි බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එසේ ප්‍රකාශ කළේ, “ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය කෙරෙහි දුම්කොළ හා විකල්ප බෝග වගාවන්හි බලපෑම” පර්යේෂණ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේදී මෙම උත්සවය ඊයේ (22) පැවැත්විණ. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන හා මද්‍යසාර නිෂ්පාදන මානව විරෝධී ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. දුම්කොළ හා මද්‍යසාර හේතුවෙන් රටට විශාල හානියක් සිදුවන බව ද, උන්වහන්සේ ප්‍රකාශ කළහ.සිගරට් භාවිතය නිසා පිළිකා සෑදුන ජනතාව සඳහා රෝහලක් සාදන ලෙස දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන කරන සමාගම්වලින් ඉල්ලා සිටිය යුතු බව ද රතන හිමියෝ මෙහිදී පැවසූහ.දුම්කොළ හා මද්‍යසාරවලින් ජනතාවට සිදුවන විනාශය පිළිබඳව අපි කතා කරන්න ඕනෙ. එම මානව විරෝධී ක්‍රියාව පිළිබඳව මානව හිමිකම් සංවිධාන ද කතා කළ යුතුයි. මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට් භාවිතය අඩු කළහොත් එමඟින් සමාජයට සිදුවන යහපත ගැන ඒවා භාවිතා කරන්නන් සිතිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.මහාචාර්ය එච්. එම්. එස්. පි‍්‍රයනාත් මහතා - “ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය කෙරෙහි දුම්කොළ හා විකල්ප බෝග වගාවන්හි බලපෑම” කෘතිය ඉතා සරලවයි රචනා කර තිබෙන්නෙ. අපි මෙමඟින් බලාපොරොත්තු වන්නෙ සමාජයට යම් දැනුමක් ලබා දීමටයි. දුම්කොළ වගාවේදී ගොවීන්ට අධික කායික හා මානසික වෙහෙසක් දැරීමට සිදුවෙනවා. ඒ සඳහා ගොවීන් යොමු වී ඇත්තේ සමාගම් ක්‍රියාත්මක කර ඇති ආකර්ෂණීය පහසුකම් හේතුවෙන්. එමෙන්ම දුම්කොළ වගාව ගොවීන්ට අහිතකර බව අද ඔප්පු වී තිබෙනවා. අප රටේ දුම්කොළ වගාවේ නියැලෙන ගොවීන් හයදහසක් පමණ සිටින බව සිතිය හැකියි. සමහර ගොවින් දුම්කොළ හඳුන්වන්නෙ “දුක්කොළ” නමින්..
|
NEWS
|
ශ්‍රී ලංකා පරිපාලන සේවයට 2000 වර්ෂයේ දී එක් වූ කණ්ඩායම සංවිධාන කරන “තඹරවිල” සොඳුරු ගී සුයාමය තෙවන වරටත් නොවැම්බර් මස 8 වැනි දින සවස 6.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වෙයි.මෙවර ප්‍රසංගය වෙනුවෙන් ඔබ හා ගීතවත් වීමට ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද එඩ්වඩ් ජයකොඩි, බණ්ඩාර අතාවුද, නිර්මලා රණතුංග, අමිතා වැදිසිංහ සමඟින් සමිතා එරන්දතී මුදුන්කොටුව ගායන ශිල්පී ශිල්පිනීන් රැසක් සහභාගිවීමට නියමිතය.එහි සභාපති සුසන්ත කහවත්ත මහතා දිනමිණට මෙසේ අදහස් දැක්වීය.තඹරවිල ගී ප්‍රසංගයේ විශේෂත්වය කුමක්ද?අවසන් වරට සංවිධාන කළ “තඹරවිල” ගී ප්‍රසංගය උපරිම ගුණාත්මක භාවෙයන් යුතුව සංවිධාන කළා. එහිදී ගායන ශිල්පීන් ඉදිරිපත් කරන ලද සියලුම ගීත රචනා කළ ගේය පද රචකයන්ට දීමනාවක් ඔවුන්ගේ කර්තෘ භාගය ලෙස ලබාදීමට කටයුතු කළා. මෙවරත් ඒ කටයුත්ත එසේම සිදු වෙනවා. පාසල් පුස්තකාල සංවර්ධනයට ද මුදල් පරිත්‍යාග කිරීම මේ අවස්ථාවේදී සිදු වෙනවා.ප්‍රසංගය සඳහා ප්‍රවේශපත්?තඹරවිල ප්‍රසංගය වෙනුවෙන් අද වන විට වෙනමම රසික රසිකාවියන් පිරිසක් සෑදී සිටිනවා. පළමු හා දෙවන ප්‍රසංගය සඳහා විශාල පිරිසක් සහභාගි වුණා. මෙවර තඹරවිල ප්‍රසංගය වෙනුවෙන් ප්‍රවේශපත් නුගේගොඩ, මහරගම සරසවි පොත්හල්වලින් ද, බොරැල්ල සදීපා සහ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලෙන් ද ලබාගත හැකියි.ඔබ සංගමයේ ඉදිරි අපේක්ෂා මොනවාද?අප සංගමයේ වැඩපිළිවෙළ තව තවත් දියුණු කර ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. පාසල් සංවර්ධනය, පුස්තකාල සඳහා ආධාර ලබාදීම, අවශ්‍යතා ඇති පාසල් දරු දැරියන්ට පිහිටවීමට හා සාමාජික සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.මෙවැනි කාර්යයන් ඉටුකිරීමේදී සාමාජික දායකත්වය කෙබඳු ද?සාමාජිකයන් සියලු දෙනාගේම උපරිම කැපවීම අගය කළ යුතුයි. ඔවුන් එකාවන්ව සෑම කාර්යයක් සඳහාම පෞද්ගලික කාලය, ශ්‍රමය, ධනය කැප කරමින් මේ කාර්යයන් සඳහා දායකත්වය ලබා දෙනවා.අවසන් වශයෙන් යමක් සඳහන් කළොත්?අප සංගමය සාමාජිකයන් 180 කින් පමණ සැදුම්ලත් ලාබ නොලබන පරමාර්ථයෙන් පවත්වාගෙන යන ස්වේච්ඡා සංවිධානයක්. මෙහි පරමාර්ථය සාමාජික හා සමාජ සුබසාධනයයි.තුන්වන වරටත් සංවිධාන කරන තඹරවිල ගී ප්‍රසංගය හුදෙක් සුබාවිත ගීයට මුල් තැන දුන් ප්‍රසංගයක්. ඒ නිසා අපි ඔබ සැමට ආරාධනා කරනවා නොවැම්බර් 8 දා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලට පැමිණ මේ සොඳුරු අත්දැකීම අපිත් සමඟ බෙදාගන්න.
|
NEWS
|
තෛ‍්‍රභාෂික ශ්‍රී ලංකාවක් සඳහා වූ දස අවුරුදු වැඩපිළිවෙල එළිදැක්වීම හා 2012 වසර ශ්‍රී ලංකාවේ තෛ‍්‍රභාෂික වසර ලෙස ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පෙරේදා (21) සිදුකෙරිණි.ශ්‍රී ලාංකේය ජාතිය සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන භාෂා ත්‍රිත්වයෙන් සන්නද්ධ කිරීම මෙන්ම විවිධ ජන වර්ග අතර සහයෝගය හා එකමුතුකම ඇති කිරීමට මේ මඟින් හැකි වනු ඇත. ඉදිරියේදී ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමේ පියවර සඳහා විශාල පිටිවහලක් මේ නිසා අත්වනු ඇත.උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ සමාජයේ උදාරත්වය රඳා පවතින සමහර ප්‍රායෝගික අංගයන් වන්නේ දිළිඳු බව, කුසගින්න හා ලෙඩ දුක් තුරන් කිරීම බවයි. මේ සඳහා ජාතියේ මූලික ශක්‍යතාවන් මත පදනම් වූ සංවර්ධන න්‍යාය පත්‍රයක් අවශ්‍ය බව ද ආචාර්ය කලාම් මහතා පෙන්වා දුන්නේය.ලොව පුරා සටන්, වෛරය හා ප්‍රචණ්ඩත්වය වැපිරීමට දරිද්‍රතාවය, නූගත්කම, විරැකියාව හා අහිමි කිරීම් හේතු වී ඇති බව පෙන්වා දුන් හිටපු ඉන්දීය ජනාධිපතිවරයා ජාතියක් ලෙස එකට බැඳී සිටීමට නම් සංවර්ධනයේ ප්‍රතිලාභ එම ජාතිය නිර්මාණය වී ඇති සියලු කොටස්වලට ලැබීම සහතික කිරීම අවශ්‍ය බව ද පැවසීය.ලොව පුරා අන්තවාදය වැපිරීමට ඉහත කරුණු බලපාන බව ද, ඒ සම්බන්ධව ?ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ද අත්දැකීම් ඇති බව ද කලාම් මහතා සඳහන් කළේය.උත්සවයේ පිළිගැනීමේ කථාව කළ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා තෛ‍්‍රභාෂික ?ශ්‍රී ලංකාවක් පිළිබඳ සංකල්පය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම සඳහන් කළේ 1971 දී බව පැවසීය. 1972 දී අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ අයවැය විවාදයට එක්වෙමින් “දකුණේ දරුවන් දෙමළ හා උතුරේ දරුවන් සිංහල උගත යුතු බව“ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි රාජපක්ෂ මහතා පැවසූ බව ද හෙතෙම සිහිපත් කළේය.2005 දී එළිදැක්වූ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි මෙන්ම 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි ද තෛ‍්‍රභාෂික ?ශ්‍රී ලංකාවක් පිළිබඳ සංකල්පය ගැබ්ව ඇති බව ද ලේකම්වරයා පැවසුවේය. පාලම් යොදාගන්නා සේ ජාතීන් අතර අන්‍යෝන්‍ය සහෝදරත්වය වර්ධනය කර ගැනීමට භාෂාව උපයෝගී කරගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභිප්‍රාය බවද වීරතුංග මහතා පැවසීය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රධානි මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහතා සිංහල හා දෙමළ භාෂා සාහිත්‍යය අතර පවතින සම්බන්ධතාව පිළිබඳ දේශනයක් කළේය.සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජන කොටස් නියෝජනය කරමින් පාසල් සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ සංස්කෘතික අංගයකින් උත්සව සභාව අලංකාර වූ අතර මුන්දලම දෙමළ විද්‍යාලයේ ආර්. සහනා සිසුවිය සිංහල භාෂාවෙන් ද, තෙල්දෙණිය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. ලක්මාලි විජේසූරිය සිසුවිය දෙමළ භාෂාවෙන් ද අක්කරෙයිපත්තු මුස්ලිම් විද්‍යාලයේ ෆාතිමා ජෙමීමා සිසුවිය ඉංගී‍්‍රසි භාෂාවෙන් ද ස්තූති කථා පැවැත්වූහ.මෙම අවස්ථාවට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර, විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් ඇතුළු අමාත්‍යවරු, පළාත් ආණ්ඩුකාරවරු, විදේශ තානාපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ..
|
NEWS
|
ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ වරාය හා මහා මාර්ග අමාත්‍යාංශවල උපදේශක කාරක සභා රැස්වීම්වලට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවට ගියේ ය.ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පිරිසක් ද මේ අතරතුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපතිතුමා හමුවූහ.විවිධ පිරිස් විසින් මාතෘ භූමියට එරෙහිව අද දේශීය හා විදේශීය වශයෙන් ගෙන යන වැරදි ප්‍රචාරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූහ.නීතිය හාදරණ පිරිසක් ලෙස එම වැරදි මත නිවරැදි කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේ යුතුකම් බවත්, මාතෘ භූමියේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාව බවත් ජනාධිපතිතුමා මෙහිදි සිසුන් වෙත පෙන්වා දුන්නේ ය.එමෙන්ම රට තුළ විටින් විට මතුවන විවිධ ප්‍රශ්න හමුවේ ඒවාට විසඳුම් සෙවීමට රටට ආදරය කරන පිරිසක් ලෙස සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක බණ්ඩාර, ශාන්ත බණ්ඩාර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
තිස් වසරක් පුරා මවුබිම ලෙයින් කඳුළින් තෙත් කළ මිනීමරු ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදය සුණු විසුණු කොට හෙටට හරියටම වසරකි. විශ්වයම විස්මයට පත් කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි විරෝදාර රණවිරුවන් එදා ලද විස්මිත විජයග්‍රහණයේ සුවිශේෂී අවස්ථා කිහිපයකි මේ.
|
NEWS
|
මේ වසරේදී හඳුනාගත් ඩෙංගු රෝගීන්ගෙන් 75% ක් අවුරුදු 20 ට අඩු පුද්ගලයින් යැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.පසුගිය වසරට වඩා මේ වසරේ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ද නාගරික සැලසුම්කරණයේ සිට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අක්‍රමවත්වීම මීට ප්‍රධාන හේතුව බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.විශේෂයෙන් කොළඹ නගරයේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමේදී ඩෙංගු මදුරුවන් බෝනොවන අයුරින් නිසි සැලසුම්කරණයකට අනුව ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදිය යුතු බවද කාරියවසම් මහතා කියා සිටී. අද සොයාගෙන ඇති අලුත්ම සමීක්ෂණවලට අනුව ඩෙංගු මදුරුවෙක් කෙලින් මදුරු බිත්තරයෙන් බිහිවන බවත්, එය සියයට 1 ක් වැනි අවම අවස්ථාවක් බවත් හඳුනාගෙන ඇතැයි වෛද්‍ය කාරියවසම් මහතා පෙන්වා දෙයි.තමන්ගේ නිවස හෝ ආයතනය අවට යාර 150 ක කලාපය අනිවාර්යයෙන්ම පවිත්‍ර කර තබාගත යුතු බවත්, එසේ නොවුනහොත් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි. මේ මාසයේ පමණක් කොළඹ නගරයේ ඩෙංගු රෝගීන් 357 ක් හඳුනාගෙන ඇති අතර, මේ වසරේ ජූලි මාසය වනවිට ඩෙංගු රෝගීන් 1359 ක් රෝහල්ගත කර ඇත.
|
NEWS
|
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නැවත වරක් හිටපු ආණ්ඩුකාර අල්හාජ් අලවි මවුලානා මහතා පත් වී තිබේ.මවුලානා මහතා ඊයේ (1) පස්වරු 4.30 ට අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දුන්නේය.මෙරට ඉතිහාසයේ තෙවැනි වරටත් ආණ්ඩුකාරවරයෙක් ලෙස පත් වූ එකම පුද්ගලයා අලවි මවුලානා මහතා වන අතර, ඉදිරියට අවුරුදු පහක් හෙතෙම මෙම තනතුරේ සේවය කිරීමට නියමිතය.ඒ මහතාගේ සේවා කාලය පෙරේදා (01) අවසන් වූ අතර, ඉකුත් වසර 10ක් අඛණ්ඩව ආණ්ඩුකාර ධුරයේ කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.මවුලානා මහතා අද(02) පෙරවරු 10.30 ට බම්බලපිටිය යුනිටි ප්ලාසා හි පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය..
|
NEWS
|
ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය, ස්ලාඩා සංගමය හා රජරට මෝටර් රථ සංගමය එක්ව සංවිධාන කරන 'රෝඩ් රේස්' මෝටර් රථ තරගාවලිය අද (28) සහ හෙට (29) දෙදින අනුරාධපුරයේදී පැවැත්වේ.පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්.රංජිත් මහත්වරුන්ගේ සහයෝගයෙන් පැවැත්වෙන තරගාවලියේ අද දිනයේ පුහුණු තරග පැවැත්වෙන අතර හෙට (29) තරගාවලිය අනුරාධපුර වික්ටරි රෝහල අසලින් ආරම්භ වේ. තරගය ජයන්ති වටරවුමෙන් වමට හැරී පොලිස් වටරවුමෙන් බැංකු පෙදෙස මාර්ගයෙන් ඔරලෝසු කණුව වටරවුමෙන් යළි ආරම්භක ස්ථානයට පැමිණීමට නියමිතය. මෝටර් රථ තරග ඉසව් 14ක් හා යතුරු පැදි තරග ඉසව් 10ක් ඇතුළත් වන තරගයට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරගකරුවන් 150ක් පමණ සහභාගී වෙති.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයන් දිරිමත් කිරීම හා තරගාවලිය තුළින් පිහිටුවන අරමුදල මගින් දිස්ත්‍රික්කය තුළ ක්‍රීඩා දස්කම් දක්වන්නන්හට අනුග්‍රහය දැක්වීම තරගාවලිය සංවිධානය කිරීමේ අරමුණ බව සංවිධායකයෝ පවසති..
|
NEWS
|
මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය සඳහා සුදුසු අයකු පත්කිරීමට සභා වාර දෙකක් යනතුරුත් එජාපයට නොහැකි වීමෙන් පැන නැඟී තිබුණු අර්බුදය විසඳාලමින් මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් මහතා එජාප මන්ත්‍රී රංජිත් අළුවිහාරේ මහතා ඊට පත්විය යුතු බවට ඊයේ (5) තීරණයක් ලබා දුන්නේය.මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන එජාප මන්ත්‍රීවරු සමඟ පැය දෙකහමාරකට ආසන්න කාලයක් කළ සාකච්ඡාවකින් පසු මන්ත්‍රී කණ්ඩායම පොදු එකඟතාවකට නොපැමිණීම නිසා සභාපතිවරයා අදාළ තීරණයට එළඹුණේය.එජාප මහලේකම්වරයා අදාළ තනතුරට රංජිත් අළුවිහාරේ මහතා පත්විය යුතු බව දන්වා සභාපතිවරයාට යොමුකර තිබූ ලිපියක් සැලකිල්ලට ගනිමින් මහින්ද අබේකෝන් මහතා එය පිළිගන්නා බව සභාවට දැනුම් දුන්නේය.එජාප මහලේකම්වරයා ලිපිය මගින් කළ දැනුම් දීමට අභියෝග කරමින් පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරු 12 දෙනෙකු අදාළ තනතුරට ලකී ජයවර්ධන මහතා පත්විය යුතු බවට සිය අත්සන් සහිත ලිපියක් සභාපතිවරයාට දී තිබිණි.මේ හේතුවෙන් විපක්ෂ නායක තේරීම ගැටලුවක් බවට පත්වූ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී පිරිස සිරිකොතට කැඳවා ප්‍රශ්නය නිරාකරණය කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය.පසුව උපදේශක සභාව වෙත අදාළ ගැටලුව යොමු වූ අතර එමඟින් ද නිසි එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබිණි.මධ්‍යම පළාත් සභාව ඊයේ (5) පල්ලේකැලේ පළාත් සභා සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේ මෙම ගැටලුව පැනනැඟුණු අතර සභාව කල් තබමින් සභාපතිවරයා එජාප මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡාවක් කිරීමට තීරණය කළේය.එහිදී ඊළඟ සභා වාරය තෙක් විපක්ෂ නායක තේරීම කල් තබන ලෙස පිරිසක් යෝජනා කැර තිබේ. පක්ෂ ලේකම්වරයාගේ ලිඛිත දැනුම්දීම පිළිගත යුතු බව තවත් පිරිසක් ප්‍රකාශ කැර තිබෙන අතර මේ යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන සභාපතිවරයා අවසන් නිගමනයට එළඹ ඇත..
|
NEWS
|
දිනමිණ පුවත්පත සමඟ නිකුත් කරන ‘නැණස’ තක්සලාව ශිෂ්‍යත්ව අතිරේකය 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මහඟු අත්වැලක් සපයන්නේ් යැයි ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ විශ්ව අසේනිය තෙන්නකෝන් සහ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහලේ 5 වසර ඉගෙනුම ලබන රන්ගීව විමන්ස ජයවර්ධන සිසුහු පවසති.‘දිනමිණ’ පුවත්පත වැඩිහිටියන්ට දැනුම ලබාදෙන පුවත් පතක් වුවද 5 වසර ශිෂ්‍යත්වයට සූදානම් වන දරුවන්ටද විශාල පිටිවහලක් ලබාදෙන බවද ‘දිනමිණ’ පුවත් පතේ ළමා පිටුව ඔවුන්ට දැනුම විනෝදය රැගෙන එන බවද එම සිසුවෝ පවසති.ශිෂ්‍යත්ව වැඩමුළු පවත්වා තමන්ව දැනුම්වත් කරන ‘දිනමිණ’ පුවත්පත ප්‍රශ්න ඉදිරිපත් කර ජයග්‍රාහකයන්ට තිළිණ ලබාදීමෙන් ඔවුහු ධෛර්යමත් කිරීම අගයන බවද ජයග්‍රාහී සිසුවෝ කියති.දිනමිණ පුවත්පත සංවිධානය කරන මන්චි – නැණස දිනමිණ 5 වසර ශිෂ්‍යත්ව වැඩමුළුව නයිවල - වේයන්ගොඩ පැවැත්විණි. එම වැඩමුළුවට සහභාගි වී එහිදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී ජයග්‍රහණය කළ සිසුන් දෙදෙනා ජයග්‍රාහීන්ට පොත් පාර්සල් තිළිණ කළ උත්සවයේදී එසේ පැවැසූහ.නිට්ටඹුව ගංගා පොත්හලේදී මෙම පොත් ප්‍රදානය ඉකුත්දා පැවැත්වුණේ. දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතාගේ සහ ගංගා පොත්හල අධිපතිනි රමණී නාරංගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවේදී දිනමිණ සමඟ අදහස් දැක්වූ විශ්ව අසෙනිය සිසුවාගේ පියා වන යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ කිඩගම්මුල්ල ගම්පහ පදිංචි වර්ණසිරි තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.‘දිනමිණ’ පුවත්පත ඉතාම පැරැණි පුවත්පතක් ලෙස මෙවන් සමාජ මෙහෙවරයන් ඉටු කිරීම ඉතා හොඳ දෙයක්.අපේ දරුවන්ටත් දිනමිණ පුවත්පත මගින් 5 වසර ශිෂ්‍යත්ව අතිරේකයක් ලබාදෙනවා. ඒ වගේම ඔවුන් එහි දැනුම ලබාගන්නවා. ඒවගේම ලේක්හවුස් ආයතනය දිනමිණ පුවත්පත ශිෂ්‍යත්ව වැඩමුළුද පවත්වනවා. මෙය අනෙක් සියලු දෙනාටම ආදර්ශයක්.වේයන්ගොඩ නයිවල පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව දිනමිණ - මන්චි නැණස වැඩමුළුව සඳහා දරුවන් දහස් ගණනක් සහභාගි වී සිටියා. මගේ දරුවන් ප්‍රශ්නවලට උත්තර දුන්නා. එහිදී දිනමිණ පුවත්පත පොත්පත් ත්‍යාග පාර්සල් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙය හොඳ වැඩක්. ඉන් දරුවන් දිරිමත් වෙනවා. මම ලේක්හවුස් ආයතනයට මෙන්ම දිනමිණ පුවත්පතට ස්තුතිවන්ත වෙනවා.දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා - සියවැනි වසර උපන් දිනය සමරන දිනමිණ පුවත්පත සැමදාමත් දරුවන්ගේ අධ්‍යාපනයට තෝතැන්නක් වුණා.5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට වඩා වෙහෙසෙන්නේ දෙමාපියන්. දරුවන් හොඳ ජනපි‍්‍රය පාසලකට ඇතුළත් කර ගැනීම මෙම විභාගය සඳහා වෙහෙසීමේ එක් අරමුණක්.දිනමිණ පුවත්පත සැමවිටම හරවත් යමක් ලබාදීමට වෙහෙසෙන අතර මෙය ඉන් එක් අංගයක්. මෙම දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට සමාර්ථයක් ලැබේවායි පතනවා.නිට්ටඹුව ගංගා පොත්හලේ අධිපතිනි රමණී නාරංගොඩ මහත්මිය - වසර 40 කට ආසන්න කාලයක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් නියෝජිතයකු ලෙස කටයුතු කරනවා. දිනමිණ පුවත්පත සැමවිටම නිවැරැදි යමක් කරන පුවත්පතක්.දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දිනමිණ පුවත්පත විවිධ වැඩසටහන් සිදුකරනවා. මමත් දහම් පාසල් ගුරුවරියක්.’ මම ඉතා සතුටට පත්වෙනවා මේ සඳහා දායකවීමට ලැබීම ගැන. දරුවන්ට වැඩමුළු පවත්වා ඔවුන් දිරිගැන්වීමට පොත්පත් පවා පිරිනමමින් දිනමිණ ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක වේවා කියා පතනවා.මෙම දරුවන්ට පොත් පාර්සල් පිරිනැමීම සඳහා අනුග්‍රාහය දක්වා ඇත්තේ මන්චි ආයතනය මගිනි.මෙම අවස්ථාවට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බෙදාහැරීමේ නියෝජ්‍ය කළමනාකරු අසෝක විජේසේකර, ප්‍රාදේශීය ක්ෂේත්‍ර නිලධාරී කපිල ෆර්ඩිනැන්ඩස්, ගංගා පොත්හලේ සමන් නාරංගොඩ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
|
NEWS
|
ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ විද්වත් සමුළුව අද කොළඔ දී ආරම්භ වෙයි.ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ අද සහ හෙට පැවැත්වීමට නියමිත මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මඟිනි.ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ ආයතන 200ක් පමණ නියෝජනය කරමින් නියෝජන කරමින් නියෝජිතයන් මෙයට සගභාගී වෙයි.සංවර්ධිත රටවල් රැසක සහයෝගය ලබා ගනිමින් විද්‍යාත්මක දැනුම සහ දක්ෂතා හුවමාරුව තුළින් කෘෂිකාර්මික ගැටලු විසඳා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ.ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන යන අමාත්‍යවරුගේ ප්‍රධානත්වයෙන් මෙහි. මහතාගේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ දී ආරම්භ වේ.
|
NEWS
|
මතුගම මෝල්කාව හරහා කෙළින්කන්ද මාර්ගයේ පාසල් සේවා බස්රථයක් යොදවන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලති.මතුගම , අගලවත්ත, බෙල්ලන කඹුරාවල ආදි විදුහල් කරා අධ්‍යාපන කටයුතු සඳහා යන මෝල්කාව , කපුගෙදර, පැලෑඳ , කොස්ගුලන කෙළින්කන්ද මේ ආදි ප්‍රදේශ රැසක දැරු දැරියෝ මේ නිසා ගැටලු රැසකට මුහුණ පා සිටිති..
|
NEWS
|
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන එමින් සිටි ඉන්දියා ජාතිකයෙකු ඊයේ (21) කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රි ලංකා රේගු නිළධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා මෙම හෙරොයින් තොගය ඊයේ (21) අලුයම 5.00 ට පමණ මෙරටට පැමිණි සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.මෙම ඉනිදීය ජාතිකයා රැගෙන පැමිණි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 720 ක් පමණ අත් අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව සඳහන් කරයි.ගමන්මලු රහිතව පැමිණෙන පර්යන්තයෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී ඇති වු සැකයක් හේතුවෙන් රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සැකකරු පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ඔහුගේ ගමන් මල්ලේ තිබු මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර සැකකරු මීට පෙර අවස්ථා කිහිපයක දී ද දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත.සිදුධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රේගුව පරීක්ෂණ සිදුකරයි..
|
NEWS
|
රඹුක්කන පොලිසියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමෙන් එම නිලධාරීන් මෙන්ම මහජනතාව ද බලවත් අපහසුතාවකට පත්වෙති. මීට වසර හතළිහකට පමණ පෙර දැනට රඹුක්කන අශෝක වැඩිහිටි නිවාසය පවතින ස්ථානයේ තිබූ පොලිසිය, ජනතාවගේ පහසුව සඳහා වඩාත් ඉඩකඩ ඇති ස්ථානයකට ගෙනඒමේ අරමුණින් දැනට පිහිටි ස්ථානයට ගෙන ආ බව කියති.දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබූ මෙම ඉඩමට යාබදව පිහිටි මහනුවර කතරගම දේවාලයේ ඉඩම් කොටසක් ද පොලිසිය සඳහා පවරා ගැනීමට එවකට යෝජනා විය. එහෙත් විවිධ පුද්ගලයන් එම ඉඩම් මිලදී ගැනීමත් සමඟ රඹුක්කන පොලිසිය පටු බිම් තීරුවකට සීමා වී තිබේ.රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් හැට අටක ජනතාවට රඹුක්කන පොලිසියෙන් සේවා සැපයේ. දළ වශයෙන් එම පිරිස ලක්ෂයක් පමණ වෙති. මෙම සේවා සැලසීමේ දී පොලිසිය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.රඹුක්කන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහා වූ නිල නිවාසය ද අබලන් තත්ත්වයේ පවතින අතර, එහි දැනට කිසිවකු පදිංචිව නැත. වර්ෂා කාලයට ජලයෙන් තෙමීයන, වහලය හා සිවිලිම දිරාපත්ව එහි පදිංචි වී සිටීමද අනතුරුදායකය. රඹුක්කන පොලිසියේ කාන්තා හා පිරිමි පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉදිකර ඇති තනිකඩ භට නිවාස දෙකෙහි ද පහසුකම් ඉතා අල්පය..
|
NEWS
|
හෙද ආචාර්යවරුන්ගේ ගැටලුවලට රජය විසැඳුමක් ලබානොදීම හේතුවෙන් සමස්ත හෙද ආචාර්ය මණ්ඩලයම රජයේ සේවයෙන් අද (14) දිනයේ දී ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ අනුව සමස්ත හෙද ආචාර්ය මණ්ඩලයම රජයේ සේවයෙන් ඉවත්ව පෞද්ගලික හෙද විදුහල්වල සේවයට අනුයුක්ත වීමට නියමිතය.දිවයිනේ පිහිටි හෙද පාසල් දහනවයේ ආචාර්යවරු 250ක් ඉගැන්වීම් කටයුතුවල යෙදෙති. දෙදහසක් පමණ හෙද සිසුන් පිරිසක් ඔවුන්ගෙන් ඉගෙනුම ලබන අතර ඉකුත් 02 වැනිදා සිට ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට හෙද ආචාර්යවරුන් ගත් තීරණයෙන් සිසුහු අපහසුතාවට පත්ව සිටිති.ලබන මාසයේදී තවත් සිසුන් 4000 ක් බඳවා ගැනීම සිදුකෙරේ.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 02/19/2009 චක්‍රලේඛය හේතුවෙන් හෙද ආචාර්යවරුන්ට අතිකාල දීමනා අහිමිවීම, සෙනසුරාදා දින හා රජයේ නිවාඩු දිනයන් සේවා අවශ්‍යතාව මත සේවාව සඳහා යොදා ගැනීමට තිබූ අයිතිය අහිමිවීම යනාදි අයිතීන් අහිමි වී ඇතැයි රාජ්‍ය සේවා හෙද ආචාර්ය සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.මෙම ගැටලුව පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළද කිසිදු විසැඳුමක් මේ වන තෙක් ලබා නොදීම හේතුවෙන් මෙසේ සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.හෙද ආචාර්යවරුන් සේවයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධරියෙකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡා වට දෙකක් පැවති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා, කළමනාකරණ දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් එක්ව අනිද්දා (16) තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ය.
|
NEWS
|
ආත්මාර්ථය මුල් කොට ගත් ඇතැම් බාහිර කොටස් ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් රටවල අභ්‍යන්තර ක්‍රියාදාමයන්ට මැදිහත්වීමට උත්සාහ දැරීම එම රටවල් මෙන්ම කාලපය ද අස්ථාවර වීමට හේතු වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.කලාපයක සාමය හා ස්ථාවරත්වය ගොඩනැඟීමේ දී ජාතීන‍්ගේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වීම අත්‍යාවශ්‍ය නමුත් කනගාටුවට මෙන් එම මූලික අයිතිය ලොව පුරා උල්ලංඝණය වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.ගෝලීය වශයෙන් වෙළෙඳ, මූලෝපායික ලාභය නිසා හෝ දේශීය වශයෙන් දේශපාලන බලය තහවුරු කර ගැනීමේ අභිලාශයෙන් පොළඹවනු ලැබූ අවශ්‍යතාවන් හඹා යන මෙම බාහිර බලවේගයන්ගේ බලාපොරොත්තුව වන්නේ අස්ථාවරය ඇති කිරීමදැයි සැක සංකා මතු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.අභ්‍යන්තර අසමඟිය ඇති කිරීම ඔවුන්ගේ මුල් පියවර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අභ්‍යන්තර නොසන්සුන් බව ඇති කිරීමට හා සයිබර් අපරාධ කිරීමට අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන් දූෂිත ලෙස භාවිත කිරීම අප දැක තිබෙන කීවේය.මොවුන්ගේ ඉලක්කය තරුණයන් බවත් ඔවුන් බාහිර කණ්ඩායම්වල වැරැදි න්‍යාය පත්‍රයන්ගේ ඉත්තන් බවට පත්ව ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමුළුවෙන් ග්‍රහණය කර ගත යුතු හා ආමන්ත්‍රණය කළ යුතු භයානක උපනතීන් මේවා බවත් ප්‍රකාශ කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියාමාර්ග පිළිබඳ හතරවන සමුළුවට චීනයේ ෂැංහයි නුවර දී ඊයේ (21) එක්වෙමිනි.බාහිර බලවේග විසින් එකිනෙකාගේ දේශ සීමාවන්ගේ භෞමික අඛණ්ඩතාවයට එල්ල කෙරෙන තර්ජනවලින් ආරක්‍ෂා වීම සඳහා ශක්තිමත් සහයෝගීතාවක් ඇති කර ගැනීමට ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ සාමාජිකයන්ට ක්‍රියා කළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.දශක තුනක් පුරා පෙළුණු ත්‍රස්තවාදයේ කෲරත්වයෙන් ශ්‍රී ලංකාව මින් පස් වසරකට පෙර මිදුණු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපගේ මිතුරන්ගේ සහයෝගය හා උපකාරය නොමැති වූයේ නම් තම රටට මේ අභියෝගය ජය ගත නොහැකි වනු ඇති බවත් ප්‍රකාශ කළේය.රට ආර්ථික සමෘද්ධි මාවතේ තවදුරටත් ගමන් කිරීමට ඉඩ සලසමින් රටේ සියලු ජනතාවට එකසේ සෙත සලසන්නා වූ සාමයේ යුගයක් සිය රජය සාර්ථකව උදා කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය අතුගා දැමීම, සිය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් ගෙන යන දණ්ඩනීය ක්‍රියාමාර්ගයට මං පාදා තිබීම කනගාටුවට කරුණක් බවත් ජනාධිපතිවරයා කීවේය.මෙම ක්‍රියාමාර්ගය විසින් අඛණ්ඩ බාධක පැනවීම අවාසනාවක් බවත් කෙසේ වෙතත් සාමයට, ස්ථාවරත්වයට හා සෞභාග්‍යයට එරෙහි විශ්ව අභියෝග ජය ගැනීම සඳහා අද දවසේ අවශ්‍යතාව වන්නේ හොඳ හිත හා සහෝදරත්වය බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියාමාර්ග පිළිබඳස මුළුවේ සභාපති, චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ඇතුළු රාජ්‍ය නායකයන් පිරිසක් ද මේ අවස්ථාවට එක් වී සිටියහ..
|
NEWS
|
නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට සූදානම් වූ 47 දෙනකු මාරවිල පොලිස් වසමට අයත් කුඩාමඩුවැල්ල වෙරළ තීරයේදී ඉකුත් 13 දා අලුයම 2.00ට පමණ මාරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.කාන්තාවෝ පස් දෙනෙක්, කුඩා දරුවෝ හය දෙනෙක් අත්අඩංගුවට පත් පිරිස අතර වෙති. ඔවුන් අතරින් 42 දෙනෙකු යාපනය සහ කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි අය වන අතර සෙසු පිරිස මීගමුව ප්‍රදේශයේ පදිංචි අය වෙති.මෙම පිරිස ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථය හා වෑන් රථයක්ද වියළි ආහාර රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ජාවාරම සිදු කළ ජාවාරම්කරු ද අත්අඩංගුවට ගත් අතර ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.කුඩා මඩුවැල්ල වෙරළ තීරයෙන් කුඩා බෝට්ටු මඟින් මීගමුව ප්‍රදේශයේ සූදානම් කර තිබූ ටෝලර් යාත්‍රාවකට යාමට සැලසුම් කර තිබූ බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.මාරවිල පොලිස් ස්ථානාධිපති චන්දන හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කළහ. අත්අඩංගුවට පත් පිරිස මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි..
|
NEWS
|
ශ්‍රී ලංකාවට වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩාව මුල්වරට හඳුන්වාදුන් නිගම්බු යුත් ක්‍රීඩා සමාජයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා මාර්තු 9 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරේ වැඩ භාරගනී. නිතරගයෙන් පාපන්දු සභාපති තනතුරට පත්වන ඒ මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වසර 17ක් විවිධ නිලතල දරා ජ්‍යෙෂ්ඨත්වයට පත්වු අයෙකි.මුදල් කමිටු සාමාජික හා මුදල් කමිටු සභාපති ලෙස වසර 4ක් භාණ්ඩාගාරික ලෙස වසර 7ක් උපසභාපතිවරයෙකු ලෙස වසර 3ක් හා ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස වසර 3ක් රංජිත් රුද්‍රිගු මහතා කටයුතු කළේය. එයට අමතරව මීගමුව පාපන්දු සංගමයේ සභාපති ලෙස වසර 13ක් අඛණ්ඩව කටයුතු කරමින් සිටී.මේ සියළු අත්දැකීම් අනුව පාපන්දු ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීම තම අරමුණ බව රංජිත් රුද්‍රිගු මහතා 'දිනමිණ'ට පැවැසීය.“පාපන්දු ක්‍රීඩාව ගමට ගෙන යෑම රජයේ අරමුණයි. ක්‍රීඩා ඇමැතිතුමාගේ පූර්ණ සහයෝගය අපට ලැබී තිබෙනවා. ඒ දැක්ම සාර්ථක කිරීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අපේක්ෂාවයි” රුද්‍රිගු මහතා පැවැසීය.“අන්තර්ජාතික මට්ටමේ අත්දැකීම් ඇති මනිලාල් ප්‍රනාන්දු මහතා අපට සම්පතක්. විධායක සභාවේ සහයෝගය මත හොඳ ගමනක් යා හැකියි. පැරණි හා අලුත් සියළු ක්‍රීඩකයන‍්ගේ අදහස් ලබාගෙන අඩුපාඩු සකසා ගත යුතුයි. ප්‍රධානතම පාපන්දු තරගාවලියට නව මුහුණුවරක් දී ක්‍රීඩා සමාජ තුළ ප්‍රබෝධයක් ඇති කළ යුතු වෙනවා”.ක්‍රීඩා ඇමැතිතුමාගේ අදහසක් අනුව පැවැත්වු ප්‍රාදේශීය ලේකම් මට්ටමේ පාපන්දු තරගාවලිය තව තවත් ශක්තිමත් කළ යුතු බවද නව සභාපති රංජිත් රුද්‍රිගු මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නිතරගයෙන් තේරී පත්වන නිලධාරී මණ්ඩලය මෙසේය.සභාපති-රංජිත් රුද්‍රිගු (මීගමුව), ජ්‍යෙෂ්ඨ උපසභාපති-එල්.නේරුජී (නුවරඑළිය), උප සභාපතිවරු-සුනිල් සෙනවීර (ගම්පොළ), ආනන්ද පීරිස් (සිවිල් ආරක්ෂක ක්‍රී.ස), ආර්.පුවේන්දිරන් (සිටිලීග්), මනිල් ප්‍රනාන්දු (කළුතර), ලේකම්-උපාලි හේවගේ (ත්‍රිකුණාමලය), නියෝජ්‍ය ලේකම් (පරිපාලන)-රාහුල සිරිවර්ධන (කළුතර), නියෝජ්‍ය ලේකම් (තාක්ෂණ)-රෝහිත ප්‍රනාන්දු (වෙන්නප්පුව), භණ්ඩාගාරික-කේ.එම්.ජවුසි (පුත්තලම), නියෝජ්‍ය භාණඩාගාරික-කේ.වී.කොන්ඩ්‍රඩ් පෙරේරා (වත්තල)..
|
NEWS
|
උතුරු නැෙඟනහිර පළාත් ද්‍රවිඩ ජනතාවගේ පමණක් යැයි කවුරුන් හෝ ප්‍රකාශ කරයිනම් ඊට ඇති සාධක කුමක්ද යැයි තමා ප්‍රශ්න කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.දිවයිනේ කොතැනකවත් දෙමළ ජනතාවට නිජබිමක් නොමැති බවත්, එමෙන්ම එය ඔප්පුවකින් ලියා දී ඇති භුමියක් නොවන බවත් පවසන මේධානන්ද හිමියෝ, යම් ජනකොට්ඨාසයක් වැඩියෙන් ජීවත්වන ප්‍රදේශ නිජබිම් ලෙස බෙදීමට ගියහොත් මේ රටේ නොයෙක් ප්‍රදේශ නිජබිම් ලෙස බෙදීමට සිදුවන්නේ යැයි ද උන්වහන්සේ පෙන්වා දෙති.ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ වැඩසටහනකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්කරුණු දක්වමින් මේධානන්ද හිමියෝ මේ බව පැවසූහ.මෙහිදී වැඩිදුරටත් "දිනමිණ" ට අදහස් දැක්වූ මේධානන්ද හිමියෝ මෙසේ ද කීහ.උතුර අයිති දෙමළ ජනතාවට පමණක් නොවේ යැයි ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා උතුම් සත්‍යය ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එල්ටීටීඊ කොටි කණ්ඩායම් කිව්වෙත් උතුරු නැගෙනහිර පළාත ද්‍රවිඩ ජනතාවගේ නිජබිම කියලයි. ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු කියන්නෙත් උතුරු නැගෙනහිර පළාත් ද්‍රවිඩ ජනතාවගේ නිජබිම් කියලයි.නමුත් සාමාන්‍ය දෙමළ ජනතාව එසේ කියන්නේ නෑ. අපි සාමාන්‍ය දෙමළ ජනතාව විශාල පිරිසක් සමග කතා කර තිබෙනවා. ඔවුන් කියන්නේ සෑම ජාතියක්ම සමගිසම්පන්නව ජීවත් විය යුතුය කියායි.ඇත්ත වශයෙන්ම ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙන්නේ මේ සියවසේ කියවුණු උතුම්ම ඉහළම සත්‍ය කතාවක්. මේ රටේ ජාතිවාදයක් නැති, ආගම්බේදයක් නැති සියලු ජනතාව විසින් එතුමාට දන ගහල වැදීය යුතු ප්‍රකාශයක්.දකුණු ඉන්දියාව පිළිබඳ විශිෂ්ඨ ඉතිහාසයක් ලියූ කෙනෙක් තමයි වේලකන්ද ශාස්ත්‍රී පඬිතුමා. එතුමා එම ග්‍රන්ථයෙන් පෙන්වා දී තිබෙනවා දකුණු ඉන්දියාවටත් දෙමළ ජනතාව පැමිණියේ වෙනත් ප්‍රදේශයකින් කියලා.එසේනම් කොහොමද ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ජනතාවගේ නිජබිමක් පිහිටන්නේ. දෙමළ ජනතාව විනාශ කිරීමට උත්සාහ කරන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මම අභියෝග කරනව ලංකාවේ උතුරෙන් දකුණෙන් හෝ අනෙක් ඕනෑම ප්‍රදේශයකින් හෝ වේවා ද්‍රවිඩ උරුමයේ නිජබිම සංකල්පය තහවුරුකර පෙන්වීමට හැකි අල්පැනිත්තක සාධකයක් ඇත්නම් ඉදිරිපත් කරන්න කියා. පුරා විද්‍යාවෙන් හෝ ලිඛිත ග්‍රන්ථයකින්.මේ රටේ ජාතිවාදය අවුස්සල නිජබිම් කතා කියලා ඔහොම කියන්න පටන්‍ගත්තොත් පොළොන්නරුව කාලේ කාලිංග මාඝගේ පිරිස යාපනය පැත්තට ගිහිල්ල පාලනයක් ඇති කර ගත්තා. ඒක තමයි ආර්ය චක්‍රවර්ති පාලනය කියන්නේ. ඔවුන් ලංකාවේ රජ පෙළපතට අයත්කාලිංග වංශිකයෝ. හැබැයි ඔහු ගෙනආවේ කේරළ භටයෝ.ඒ නිසා තමයි ආර්ය චක්‍රවර්තීන් දෙමළ ගණයට දාල කටයුතු කරන්නේ. නමුත් ඒ පාලකයා සිංහලයන්ට නෑදෑකම් කියාපු කලිඟු දේශයෙන් ආපු ආර්ය රාජ්‍ය නායකයෙක්. පාලකයෙක්. ආක්‍රමණිකයෙක්. ඒ නිසා මොනම අන්දමකවත් දෙමළ නිජබිමක් කියන්ඩ පුළුවන් සංකේතයක්, සාධකයක්, ඔය ප්‍රදේශවල නෑ. ඒවා අමූලික බොරු. ඒකයි නියම ඓතිහාසික තත්ත්වය.ඒ වගේම දහස් ගණනක් අතීතය අරගෙන බැලුවොත් උතුරු පළාතේ තියන දහස් ගණනක් පැරණි පුරා විද්‍යාත්මක ස්ථාන සියල්ලම ගොඩනගා ඇත්තේ මේ රටේ ජනතාවයි. ඒවා සියයට 99 ක් ම බෞද්ධ ස්ථාන. මේවා නිර්මාණය කර තිබෙන්නේත් සිංහල බෞද්ධයින් විසින්.එදා නාගදීපය කියල කිව්වේ එලිෆන්ට්පාස්ට්වලින් උතුරට කුඩා දිවයින් සහිත යාපන අර්ධද්වීපයටයි. ඒක පැහැදිළිවම වසභ රජ්ජුරුවන්ගේ කාලෙ ලියල තියෙන වල්ලිපුරම් රන්පතේ පැහැදිළිවම කියල තියෙනවා. ඒ වගේම අපේ අට්ඨ කතාවල සඳහන්ව තියෙනවා.අද නාගදීපය කියල හඳුන්වන කුඩා දූපතේ එක පැත්තක තියෙන්නේ නාගදීප විහාරය කියන විහාරයයි.අනෙක් පැත්තේ තියනව නාගපූසානි අම්මාන් කෝවිල. මේ කෝවිල හදල තියෙන්නේ විශාල සිද්ධස්ථානයක් මත. මෙහි සෙල්ලිපියක සඳහන් වෙනවා පොළොන්නරු කාලේ පළවන පරාක්‍රමබාහු රජතුමා ඌරාතොට අද කයිට්ස් කියලා හඳුන්වන ස්ථානයේ වරාය නීති රීති පිළිබඳව. එතකොට පොළොන්නරු යුගය වන විටත් කයිට්ස්වල තිබුණු වරායේ අයිතිය හා එහි පරිපාලනය තිබුණෙ මේ රටේ බහුතර ජනතාව වූ සිංහල රජ්ජුරුවන්ට නම් මොකද්ද මේ නිජබිම කියලා කියන කතාව.ඒ නිසා මම කියන්න කැමතියි දෙමළ ජනතාව වලපල්ලට ගෙන ගිය ත්‍රස්තවාදය පරාජය කර රටේ ජනතාවට ජීවත්වීමට මග සලසා රට සංවර්ධනය කිරීමට කටයුතු කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වා උතුරු නැගෙනහිර පළාත් දියුණු කර ගැනීමට කටයුතු කරන්න කියා. එයයි ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ වචනයේ හරය..
|
NEWS
|
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා මගින් ලංගමයේත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති රාජිත සේනාරත්න මහතා මගින් ධීවර අමාත්‍යාංශයේත් රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් වංචා සහගතව මුදල් ලබා ගත් බව කියන පුද්ගලයෙකු අළුත්ගම පොලිසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.මොහු අළුත්ගම කන්දේ විහාරය පාරේ පදිංචිකරුවෙකි.ධීවර අමාත්‍යාංශයේ රැකියාවක් ලබා දෙන බව පවසා වැලිකන්ද අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් රුපියල් 30,000ක මුදලක් ද, ලංගමයේ රැකියාවක් ලබා දෙන බව කියමින් තවත් තරුණයෙකුගෙන් රුපියල් 5000ක මුදලක් ද ලබා ගත් බවට ලැබුණු පැමිණිලි අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (26) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.අළුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවිදු සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂකවරුන් වන පි‍්‍රයංක සිල්වා හා තිරිමාන්න, සැරයන් (14504) රාජකරුණා යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති..
|
NEWS
|
ඈත දියඹට යන ධීවර යාත්‍රා සඳහා රක්ෂණ ආවරණයක් සහ එහි ධීවරයන් සඳහා ආරක්ෂිත කබා භාවිතය අද (1) සිට අනිවාර්ය වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ධීවර යාත්‍රා හිමියන් සහ එහි යාත්‍රා කරන ධීවරයන් මේ නීති උල්ලංඝනය කරන්නේ නම් එම යාත්‍රාවල බලපත්‍ර අවලංගු කිරීම සහ රුපියල් 25,000කදඩයක් නියම කිරීම අද (1) සිට සිදු කරනු ඇත.මේ නීති ක්‍රියාත්මක කරමින් මෙරට ධීවරයන් දියඹේදී ධීවර කර්මාන්තයේ යෙදෙන්නේද යන්න සොයා බැලීමට නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් අරඹන බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි මහතා කියයි.එමෙන්ම අද (1) සිට සෑම ධීවර යාත්‍රාවක්ම ලියාපදිංචිය අනිවාර්ය වන අතර මසුන් ඇල්ලීම සඳහා මෙහෙයුම් බලපත්‍රයක් ලබාගැනීමද සිදු කළ යුතුම වෙයි. මේ නීති කඩකරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදී තිබේ.ජනවාරි - පෙබරවාරි දෙමස තුළ ධීවර යාත්‍රා සියල්ලක්ම පාහේ තම ලියාපදිංචිය, මෙහෙයුම් බලපත්‍ර, රක්ෂණය, අලුත් කිරීම සිදු කරන අතර එම කටයුතු නිසි ලෙස ධීවරයන් සිදු කරන්නේද යන්න සොයාබැලීමට ධීවර සම්මේලනයද සම්බන්ධ කර ගැනීමට නියමිතය.මෙයට අමතරව බලපත්‍ර නොමැතිව ඈත මුහුදේ වෙනත් මුහුදු තීරවලට ඇතුළුවී අනවසරයෙන් මසුන් අල්ලන ධීවර යාත්‍රාවලට පනවන දඩ මුදල්ද වැඩිකර ඇති අතර මෙවැනි ධීවර යාත්‍රා වලට රුපියල් ලක්ෂ 15කට අඩු නොවන දඩයක් හෝ වසර 2කට නොවැඩි කාලයක සිරදඬුවමක්ද සංශෝධිත ධීවර පණත මඟින් නියම කර ඇත..
|
NEWS
|
යෝජිත නුවරඑළිය අභ්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මේ සඳහා සුදුසු බිම් ප්‍රදේශ හඳුනාගෙන එම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නැයි ඒ මහතා සඳහන් කළේය.ඒ මහතා මේ බව සඳහන් කළේ එම ගුවන් තොටුපළ පිළිබඳව අරලියගහ මන්දිරයේදී ඊයේ (28) පැවැති සාකච්ඡාවකදීය.සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන නුවරඑළිය ප්‍රදේශයට ගුවන් තොටුපළක් ලබාදීමෙන් මෙරට සංචාරක කර්මාන්තය නව ප්‍රවේශයක් කරා ගමන් කරනු ඇතැයි මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා එහි අවශ්‍යතාවය හඳුනාගනිමින් මේ වසර අවසන් වීමට පෙර ගුවන් තොටුපළේ වැඩ අරඹන්නැයි ද නිලධාරීන්ට වැඩි දුරටත් උපදෙස් ලබා දුන්නේය.මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විණි.ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රජයේ නිලධාරීහු රැසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ..
|
NEWS
|
වයස අවුරුදු 16ක තරුණියක් තනිපංගලමේ නිවසෙහි සිටියදී බලෙන් ඇයව දූෂණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ තැනැත්තෙකුට කුරුණෑගල මහාධිකරණයේදී රුපියල් 25,000ක දඩයක් සමඟ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම විය.මහව පදිංචිව සිටි ජේ. පී. ප්‍රේමදාස නමැත්තකුට මෙසේ දඬුවම් නියම විය. 2009 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනි දින හෝ ඒ ආසන්න දිනකදී මේ තරුණියව දූෂණය කිරීම සම්බන්ධයෙන් චූදිත එහිදී වැරැදිකරු විය.අවුරුදු දෙකක සිර දඬුවම වසර දහයකට අත්හිටවූ මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා දූෂණයට ලක්වූ තරුණියට වන්දි වශයෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ගෙවන ලෙසට ද නියම කළේය..
|
NEWS
|
කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වගාකරුවන් විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් තේ වගාවේ නියැළෙන බවද, මේ වන විට ඔවුන් හෙක්ටයාර හයදහස් තුන්සියයක තේ වගා කැර ඇති බවද කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පවසයි.2005 වර්ෂයේදී හෙක්ටයාර 5374ක තේ වගා කළ අතර, මේ වනවිට එය හෙක්ටයාර 6333 දක්වා වර්ධනය වී තිබේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන්ගෙන් සියයට අසූ තුනක්ම කුඩා තේ වගාකරුවන් වෙති.මහා පරිමාණ තේ වගාකරුවන් ප්‍රමාණය සියයට දහහතක් වන අතර, දිස්ත්‍රික්කයේ හෙක්ටයාර අට දහස් තුන්සිය හැත්තෑ හතරක තේ වගා කෙරේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්ත ශාලා විස්සක් ක්‍රියාත්මක වේ.දැනට දිස්ත්‍රික්කයේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහසය දහසක් පමණ වන අතර, ඉදිරි වසර තුනක කාලය තුළ එය මෙට්‍රික් ටොන් දහඅටදහස් පන්සිය හැට එකක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිත බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.ඒ සඳහා නිවැරැදි ඝනත්වයකින් වගා බිම්වල පැළ සිටුවීමත්, පොල් වගා වැනි වෙනත් වගාවන් අතර තේ වගාව සඳහා ගොවීන් උනන්දු කිරීමත් යෝජිතය.තේ දළු නෙලීම හා ප්‍රවාහනයේදී සිදුවන හානි වළක්වා ගනිමින් තේ කුඩුවල ප්‍රමිතිය ඉහළ නැංවීමටද මේ යටතේ කටයුතු කරන බව වනිගසිංහ මහතා වැඩිදුරටත් කීය..
|
NEWS
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය සිදුකෙරෙනු ලබන 19 වනදා පැවැත්වෙන්නේ ජාතික උත්සවයක් බවත් එදිනට පැමිණෙන ජනතාව තමන්ග් මන්ත්‍රීවරුන්ගේ දස්කම් පෙන්වන්නට ඒ මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප රැගෙන එමෙන් හා විවිධ ප්‍රදේශවල නම් ගැසූ ටී ෂර්ට් ඇඳ පැලඳගෙන ඒමෙන් වළකින ලෙසත් ජනපති පදවි ප්‍රාප්ති සමරුම් කමිටුවේ සභාපති ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.ජාතික උත්සවයකට අනුරූපව ගැලපෙන ලෙස ඇඳ පැළඳගෙන එන ලෙසද ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.පක්ෂයේ පැවැත්වෙන විවිධ උත්සව හා සහභාගී වුවහොත් එය ජාතික උත්සවයකට බාධාවක්. ජාතික උත්සවයකට රටේ සියලු දෙනාටම පැමිණිය හැකියි.ආකල්පමය වෙනසකුත් ඇතිකරමින් 19 වනදා මේ රට නැවතත් අලුත් යුගයකට යොමු කරන බව ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසීය..
|
NEWS
|
කොළඹ අසෝක විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විදුහල අතර 4 වැනි ‘රත් – රන්’ මහ ක්‍රිකට් ගැටුම ලබන 5 වැනි දින එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.ප්‍රමිති දනංජය අසෝක විද්‍යාල පිල මෙහෙයවන අතර පි‍්‍රයාන් පෙරේරා ජනාධිපති විදුහල් පිලේ නායකත්වය දරයි.අසෝක විදුහල් පිලේ ආරම්භක පිතිකරුවකු වන දනංජය 8 වැනි වසරේ වර්ණලාභියෙකි. තරග 15 කදී ලකුණු 420ක් ලබාගෙන ඇති ඔහු මේ ක්‍රිකට් වාරයේදී කඩුලු 15ක් බිඳහෙලා තිබේ.උප නායක සිතිජ මදුෂාන්ද 8 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකි. මුල් පෙළ පිතිකරුවකු වන ඔහු මෙවර පාසල් ක්‍රිකට් වාරය තුළ තරග 15කදී ලකුණු 610ක් වාර්තා කොට තිබේ. බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලබාගත් ලකුණු 159 මදුෂාන්ගේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වේ.හිටපු නායක චානක හේමචන්ද්‍ර තරග 14 කින් ලකුණු 876ක් වාර්තා කොට සිටින මුල් පෙළ පිතිකරුවෙකි.
|
NEWS
|
යුනිවර්සල් ෂෝතෝඛාන් කරාතේ දෝ ජත්‍යන්තර සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රථම කරාතේ ශූරතාවලිය හෙට (15) පෙ.ව 9. 00 සිට වරකාපොල නගර ශාලාවේදී පැවැත්වේ. තරගාවලිය ප්‍රධාන උපදේශක සෙන්සේ එච්.ආර්.එස් ජයකොඩි සහ සබරගමු පළාත් ප්‍රධාන උපදේශක හා නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි සෙන්සෙ ඩී ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විමට නියමිතය. ඡායාරූපයේ ප්‍රධාන උපදේශක හා නියෝජිත සබරගමු පළාත් ප්‍රධාන උපදේශක වෙති..
|
NEWS
|
සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය චක්‍රවර්තී මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ මියන්මාර රාජ්‍යයෙන් පිදෙන අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති. සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්ම ශාස්ත්‍රීය සේවයේ යෙදෙන වියත් යතිවරයාණන් වහන්සේලා උදෙසා මියන්මාරය පිරිනමනු ලබන උසස්ම ගෞරව සම්මානය එයයි.සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති පදවියට අමතරව විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති ධුරය හොබවන වජිර නා හිමියෝ ජාතිය සමඟිය සඳහා වන සර්ව ආගමික සංවිධානයේ හා සමස්ත ලංකා පැවිදි සංවිධානයේ සභාපති පදවිය ඇතුළු ජාතික ආගමික සංවිධාන රැසක නායකත්වය දරමින් ධර්ම ශාස්ත්‍රීය සේවා මෙන්ම සාමය සහජීවනය වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉටු කරන වියත් පඬිවරයෙකි.උන් වහන්සේට අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමෙන රාජ්‍ය උත්සවය මියන්මාර්හි අගනුවරදී මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතය..
|
NEWS
|
දැනට ශ්‍රී ලංකාවේ නොකඩවා දිනපතා පළවන සිංහල පුවත්පතක්වන දිනමිණ පුවත්පත ආරම්භ වීම හා එය ගොඩනැගුණු ආකාරය පිළිබඳ පැරණි පොත් පත් හා පුවත්පත්වල පළවූ ලිපි වලින් උපුටාගත් කොටස් කිහිපයක් පහත දැක්වේ.සිංහල මහජනයා වෙත නිසිලෙස දිනපතා සිංහල ප්‍රවෘත්ති පත්‍රයක් නොමැතිව තිබූ පාඩුව පිරිමසනු සඳහා ආරම්භ කළ දිනමිණ පත්‍රයේ ආදි කර්තෘ වූ එච්.ඇස්. පෙරේරා මහතා සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම මනාලෙස ව්‍යක්තව ලියන්නට කියන්නට උගත් කෙනෙකි. ඔහු පාසලෙන් අස්වූ විගසම මහනුවර උසාවියේ ලිපිකරුවකු ලෙස සේවයට එක්විය.එම වකවානුව වන විට තිබූ “සඳරැස” පත්‍රයට විවිධ ලිපි ලිවීමට පටන් ගත් අතර මහනුවර පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට බැඳී ක්‍රියා කළේය. දක්ෂයකු වූ ඒ මහතා ගේ හැකියාව ගැන පැහැදුනු එම සමාගම ඔහු කොළඹ පරමවිඥානාර්ථ සමාගමේ කටයුතුවලට පත් කරන ලදී.‘සඳ රැස’ පත්‍රයේ කළමනාකාර ධුරයට 1893දී අප්‍රේල් මාසයේදී පත්කරන ලද එතුමා 1903 දී එහි ප්‍රධාන කර්තෘ ධුරයට පත්වන ලදී. ඔහුගේ කර්තෘ ධුරයත් සමඟ ‘සඳරැස’ පත්‍රයේ අලවිය පිටපත් 5000 දක්වා වැඩිවිය.1909 දී ඔහු සඳරැස කර්තෘ ධුරයෙන් ඉවත් කළ පසු 1909 දෙසැම්බර් මස 17 දින දිනමිණ පුවත්පත ආරම්භ කරන ලදී. රොබට් බටුවන්තුඩාවේ මහතාගේ ලන්කාභිනව විශ්‍රැත යන්ත්‍රාලයේ මුද්‍රණ කටයුතු ඇරැඹි දිනමිණ පුවත්පතට දිනමිණ යැයි නම තබන ලද්දේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් විසිනි.දිනමිණ පුවත්පත ආරම්භ කර මාස 6ක් යන්නට ප්‍රථම ආණ්ඩුවේ ඒ.ඒ. දෙපාර්තමේන්තුවල දැන්වීම් දිනමිණ පුවත්පත මඟින් ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුවේ මහ ලේකම් තුමා විසින් නියම කරන ලදී. ආණ්ඩුවේ දැන්වීම් ඉතා ඉක්මනින් දිනමිණ පුවත්පතේ පළකිරීම නිසා දිනමිණ එකල ඉතා ජනප්‍රිය විය.මෙසේ පස් අවුරුද්දක් ගිය කළ හිටි හැටියේ එච්.එස්. පෙරේරා මහතා රෝගාතුර විය. එවිට දිනමිණ පුවත්පත ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් මිලට ගන්නා ලදී. එදා පටන් අද දක්වා නොකඩවා දිනමිණ පුවත්පත ප්‍රකාශයට පත් වේ.සඳරැස කර්‍තෘධුරයෙන්එච්.ඇස්. පෙරේරා උන්නැහේ අස්කිරීමසඳරැස ප්‍රධාන කර්‍තෘභූත එච්.ඇස්. පෙරේරා උන්නැහේ ස්වධුරයෙන් අස්කරණු ලැබූ බැව් දැනගත් අපි වයස්‍යයෙක් වශයෙන් අවශ්‍යයෙන්ම කනගාටුවීමු.පසුගිය 16 වෙනි දින බෞද්ධ මන්දිරයේදී පවත්වනු ලැබූ කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ සාමාන්‍ය මහාසභාව පිළිබඳ වාර්තාවේ මේ සඳහා මෙසේ සඳහන් කර තිබේ.1909 නොවැම්බර් 19 සඳරැසින් “සඳරැස කර්‍තෘභූත එච්.ඇස්. පෙරේරා මහතා සමාගමේ නියමයට ද විරුද්ධව සමාගමට හානි ගෙණ දෙන අන්දමේ කර්‍තෘවාක්‍යයක් මේ මස 12 වෙනිදා පත්‍රයේ පළකිරීමට උත්සාහ කිරීමෙන් හා පත්‍රය නිකුත් කිරීමට ආණ්ඩුවෙන් බලය ලැබ සිටි උන්නැහේ විසින් අත්සන් කොට ආණ්ඩුවට යවන පිටපත යැවීමට බැරිය කිමෙන් ද පත්‍රයේ මුල පටන් පැවති බුද්ධවර්‍ෂය තම හිතු කැමැත්තෙන් වෙනස් කිරීමෙන්ද පත්‍රයට ප්‍රයෝජනවත් ලියුම් ලිවූ ඩේවීස් මහත්මයාට කර්‍තෘ වාක්‍යයකින් නින්දා කිරීමෙන්ද උන්නැහේගෙන් ඉල්ලා යවන ලද නඩු වියදම් ලැයිස්තු නොඑවීමෙන්ද උන්නැහේ ලේකම් මහතාට එවන ලද අයොග්‍ය ලියුමක් නියමයේ හැටියට අහක්කර නොගැණීමෙන්ද සමාගමට අකීකරුව ඊට හානි පැමිණෙන්නාවූද අපකීර්තිය ඇති වෙන්නාවූද දේ කිරීම ගැණ සමාගම කල්පනා කොට එච්.ඇස්. පෙරේරා මහත්මයා සඳරැස කර්‍තෘධුරයෙන් අස්කිරීමට සම්මත කරගන්නා ලදී.”1909 නොවැම්බර් 30 සඳරැසින්“දැන්වීමයිකොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමට අයිති සරසවි සඳරැස පත්‍රයේ ප්‍රධාන කර්‍තෘධුරය ඉසුලූ එච්.ඇස්. පෙරේරා මහතා මේ 16 වෙනි දින එම ධුරයෙන් අස්කළ බැව් සියලු දෙනා වෙත මෙයින් දැනුම්දෙමි.මේවගට - ජී. රොබට් ද සොයිසාකො.ප. වි. බෞ. ස. ලේකම්තැන”“දිනමිණ” ආරම්භ කරණ ලද්දේ 1909 දෙසැම්බර් 17 වන දා ය..
|
NEWS
|
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශිෂ්ට ජයග්‍රහණය සමරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ජයඝෝෂා කරමින් රතිඤ්ඤා දල්වමින් සතුටු වූ අයුරු ඊයේ (22) සවස් වරුවේ මැතිවරණ කොට්ඨාස 14ක් පුරා දක්නට ලැබුණි.ඒ අතර කුරුණෑගල නගර මධ්‍යයේ ඉතා දිගු රතිඤ්ඤාවැල් දල්වමින් ජය ගත් අපේක්ෂකයන් පිළිගත්හ..
|
NEWS
|
ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට අයත් ඩිපෙන්ඩර් රථය කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේදී ඊයේ (18) දහවල් අනතුරකට ලක්වී තිබේ.අනතුර සිදුවන අවස්ථාවේ සුසන්ත පුංචිනිලමේ මහතා එහි නොසිටි අතර රියදුරු හා තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇත. වාහනයට බරපතළ ලෙස හානි සිදුවී ඇතැයි වාර්තාවෙයි.ගොකරැල්ල 15 වෙනි සැතපුම් කණුව අසලදී ඊයේ දහවල් 11.30ට පමණ එම අනතුර සිදුවී ඇත.
|
NEWS
|
යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් රටේ විවිධ පළාත්වල පාසල් දරුවන් රෝගී වී රෝහල් ගතකරද්දී එවැනි පාසල් දැරියකට ප්‍රතිකාර කොට රුපියල් 250ක් ගත් රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍යවරියක් පිළිබඳ ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලෙන් වාර්තා වේ.ගම්පොළ ජිනරාජ බාලිකා මහ විද්‍යාලය හා ගම්පොළ පන්විලතැන්න මහ විද්‍යලයේ සිසු සිසුවියෝ රෝගී වී රෝහල් ගත කර සිටියදී පසුගිය සිකුරාදා ගම්පොළ අටබාගේ උඩගම මහ විද්‍යාලයේ 3, 4, 5 ශ්‍රේණි වල දරු දැරියෝ 40 ක්ද රෝගී වූහ.උදෑසන පාසල තුළදී රෝගී වූ මේ දරුවන් පිළිබඳව විදුහල්පතිවරයා වහාම පාසල අසල ඇති උඩගම ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය හට දැනුම්දෙනු ලැබීය. ප්‍රතිකාර පමා වීම නිසා මවුපියන් නොසන්සුන් අයුරින් සිටියදී එක් මවක් හා පියෙක් තම ළමයා රෝගී වීම පිළිබඳව බලා සිටීමට නොහැකිව එම දරුවා රැගෙන මේ වෛද්‍යවරිය වෙත රැගෙන ගොස් ඇත.ඒ වන විටත් රෝහල් නිල නිවසේ සිටි මේ වෛද්‍යවරිය ළමයාට ප්‍රතිකාර කොට රුපියල් 250ක් මේ මවුපියන්ගෙන් ලබාගෙන ඇත.උඩගම මහ විද්‍යාලයේ 5 වසර ඉගෙනුම ලබන රසාංජලී පේශලා රූපසිංහ නමැති මේ දැරියගේ පියා වන ඩී. ජී. රූපසිංහ එම සිද්ධිය මෙසේ විස්තර කෙළේය.අපේ ළමයා රෝගී වුණා කියලා අපි දැනගත්තට පස්සේ අපි ඉක්මනට ළමයි ළඟට ගියා. එතකොට අපිට දැනගන්නට ලැබුණේ රෝහලේ බෙහෙත් දෙන්නේ 9 ට. එතකල් ළමයින් අරන් එන්න එපා කියලා දොස්තර නෝනා කීවා කියලා. අපට ළමයා ගැන බලා ඉන්න බැරි වුණා. ඒ නිසා ඉක්මනට ළමයත් අරගෙන දොස්තර නෝනා ළඟට ගියා. නෝනා ළමයට බෙහෙත් දීලා රුපියල් 250 ක් ගත්තා.ලංකාවේ හැම තැනම ළමයින් ලෙඩ වෙනවා. ඉතින් හදිසි වෙලාවක අපි හිතුවේ රජයේ රෝහලේ දොස්තර නෝනා කෙනෙක් ළමයින්ට නොමිලේ බෙහෙත් දෙයි කියලා. නමුත් එහෙම කළේ නැහැ. අපි මේ ගැන වගකිවයුතු අයට පැමිණිලි කරන්න කටයුතු කරනවා.මේ දොස්තර නෝනා රෝහලේ හිටියට ලෙඩෙක් ආවම ක්වාටස් එකේදී බෙහෙත් දීලා මේ විදියට හැමෝගෙන්ම සල්ලි ගන්නවා. රු. 50 වත් අඩුවුනොත් බෙහෙත් දෙන්නෑ.මේ පිළිබඳ එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය දිල්රුක්ෂි මහත්මියගෙන් අප විමසීමක් කළා.රෝහලේ බෙහෙත් දෙන්න ඉස්සර තමයි මේ ළමයා මගේ ක්වාටස් එකට අරන් ආවේ. විදුහල්පතිවරයත් ඒ එක්ක ආවා. ක්වාටස් එකේ මම නොමිලේ ප්‍රතිකාර කරන් නෑ. රෝහලට ආව නම් නිකම් බෙහෙත් දෙන්න තිබුණා. මේ සිද්ධිය පිළිබඳව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. හදිසි අවස්ථාවකදී රෝහලක් තුළ වෛද්‍යවරයකු අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. එයට වෙලාවක් අවශ්‍ය නෑ. රෝහල් පරිශ්‍රය තුළදී මුදල් ගැනීමක් සිදුවී තිබෙනවා නම් ඒ පිළිබඳව පැමිණිල්ලක් ලැබුණු වහාම විධිමත් පරික්ෂණයක් කිරීමට මම පියවර ගන්නවා..
|
NEWS
|
හතළිස් දහසකට අධික සමුපකාර සේවක සේවිකාවන්ට මේ මස සිට විශ්‍රාම වැටුප් හිමිවේ. අවුරුදු ගණනාවක් තිස්සේ එම පිරිස තුළ වූ බලපොරොත්තුව මල්ඵල ගන්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සමුපකාර සේවක ප්‍රථම කණ්ඩායමට ඒ සඳහා වන විශ්‍රාම ඔප්පු ප්‍රදානය අද (08) සිදුකෙරේ.සමූපකාර සේවක කොමිෂන් සභාවත් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මේ විශ්‍රාම වැටුප් ක්‍රමය සමුපකාර ඉසුරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා සමුපකාර ඉසුරු සුරැකුම් විශ්‍රාම වැටුප් ක්‍රමය වශයෙන් හැඳින්වෙයි.ප්‍රතිලාභ 1 යටතේ අවුරුදු 60 සම්පූර්ණ වූ සමුපකාර සේවක සේවිකාවනට මාසිකව විශ්‍රාම වැටුපක් ලබාදීමත් 2 යටතේ මාසිකව විශ්‍රාම පූර්ණ හා අර්ධ දුබලතාවලදී රක්ෂණ දීමනාවක් ලබාදීමත් සිදු කෙරේ.මුදල් අමාත්‍යාංශයේත්, ශ්‍රී ලංකා මහ බැංකුවේත්, සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේත් වෙළඳ අළෙවි සංවර්ධන සමුපකාර හා පාරිභෝගික අමාත්‍යංශයේත් දායකත්වය මේ සඳහා ලැබී ඇත.මේ විශ්‍රාම වැටුප් ලබාදීම වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටියදී දුන් ප්‍රතිඥාවක් අනුව සිදුවන බවත් තම මණ්ඩලය මගින් සමුපකාර සේවක කොමිෂන් සභාව වෙත කරන ලද යෝජනා අනුව වැටුප් ක්‍රමය සකස් වී ඇති බවත් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.අද (08) උදේ 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ජාතික සමුපකාර මහා සම්මේලනයේදී ජනාධිපතිවරයා අතින් සමුපකාර සේවක පිරිසකට සංකේතාත්මකව ඔප්පු පිරිනැමීමට නියමිතය.
|
NEWS
|
දික්වැල්ල මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ පෙරේදා (31) තෙමහල් ගොඩනැගිල්ලක හටගත් දෙදරීමක් නිසා එහි ඉගෙනුම ලබන සිසුන් වහාම එම ගොඩනැගිල්ලෙන් ඉවත් කොට තාවකාලිකව වෙනත් පන්තිකාමරවලට යොමුකරන ලද බව විදුහල්පතිවරයා කියයි.ඉදිකොට තිස් දෙවසරක් (32) පමණ වන මේ ගොඩනැගිල්ල විදුහලේ ප්‍රධාන ශාලාවට යාබදව පිහිටා ඇති අතර මෙහි ඉදිකිරීම් කටයුතුවලදී සිදුවී ඇති අක්‍රමිකතාවන් මත පසුගිය සමය වන විට ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් තට්ටු පුපුරා කම්බි පවා මතු වී තිබූ බවද ගුරු-දෙගුරුන් පෙන්වා දෙති.විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කරන්නේ මේ තත්ත්වය සවිස්තර වීඩියෝ පට සමඟ අධ්‍යාපනයේ අදාළ බලධාරීන් වෙත කල්තබාම යොමු කර ඇති බවයි.පාසලේ ගුරුවරුන් මෙන්ම දරුවන්ගේ මවුපියන්ද පවසන්නේ මේ ගොඩනැගිල්ලෙහි අඩුපාඩුව පාසලේ දරු දැරියන්ට බලවත් වූ ගැටලුවක් ලෙස ඉදිරි කාලය තුළ පැන නගින බැවින් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කොට නිසි පිළියමක් යෙදීමට වගකිවයුතු ඇත්තන් ඉක්මන් පියවර ගත යුතුව ඇති බවයි..
|
NEWS
|
කුරුණෑගල වයඹ රාජකීය විදුහල සහ ශ්‍රීමත් ජොන් කොතලාවල විදුහල අතර හයවැනි වරට පැවැත්වෙන සිංහ සටන වාර්ෂික එක්දින තරගය අද (3) කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මේ දක්වා පැවැති එක්දින තරග පහෙන් තරග 4ක් ජයගැනීමට වයඹ රාජකීය විදුහල සමත්ව ඇති අතර ජොන් කොතලාවල විදුහලට එක් තරගයක ජයහිමිව තිබේ.මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී අන්තර් පාසල් තරග හයකට විදුහල් දෙකම සහභාගී වී ඇති අතර එම තරගවලදී විදුහල් දෙකේ ක්‍රීඩකයන් විශේෂ කුසලතා දක්වා ඇත.පස්වැනි වසරේ ක්‍රීඩක ආර්.එම්.ඩී.බී.රාජපක්ෂ කොතලාවල පිල මෙහෙයවන අතර සිවුවැනි වසරේ ක්‍රීඩක අකිල විතනගේ වයඹ රාජකීය පිල මෙහෙයවයි.ආර්.එම්.ඒ.එම්.රත්නායක කොතලාවල පිලේ උපනායකත්වයත්, තිලින සම්පත් රාජකීය විදුහල් පිලේ උපනායකයා ලෙසත් කටයුතු කරයි..
|
NEWS
|
මාතර රාහුල විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සදර්න් මෝටර් ක්‍රීඩා සමාජය සමග එක්ව දෙවැනි වරට සංවිධානය කරන මෝටර් රථ රැළිය අගෝස්තු 4වැනිදා පෙරවරු 9.00ට රාහුල විද්‍යාලය අසළින් ආරම්භ වීමට කෙරේ. ධාවකයන්ට අභියෝගයක් වන කිලෝ මීටර 100 කට ආසන්න දුරකින් යුත් මේ රැළියේ ගමන් මග සදර්න් මෝටර් ක්‍රීඩා සමාජයේ ප්‍රවීණ රැළි මාර්ග සකසන්නෙකු වන ඇන්ඩෘ ද සිල්වා විසින් සකසා ඇත.2013 රහල් මෝටර් රථ රැළියට අයදුම්පත් බාර ගැනීම අගොස්තු 3 දා පෙරවරු 10 දක්වා පමණි. අයදුම්පත් රාහුල විද්‍යාලයෙන් සහ රහල් මෝටර්ස් වෙතින් ලබාගත හැකිය. වැඩි විස්තර සදහා 0712000362 (ශානක) අමතන ලෙස සංවිධායක මණ්ඩලය දන්වා සිටියි..
|
NEWS
|
ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර දෙවැනි හා අවසාන එක්දින ක්‍රිකට් තරගය අද ඩබ්ලින් නුවරදී පැවැත්වෙයි. දෙපිල අතර පෙරේදා තරගය සෙල්සියස් අංශක 13ක ශීත දේශගුණයක ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම ප්‍රශංසනීය වෙයි. ඕනෑම කාළගුණික තත්ත්වයන් යටතේ ජයග්‍රාහී ක්‍රීඩාවක නිරත වීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මේ තරගයේදී ප්‍රදර්ශනය කර තිබේ.එම ජයග්‍රාහී රිද්මය තවදුරටත් එලෙසම රඳවා ගනිමින් අද තරගයද ජය ගෙන එංගලන්තය සමග තරගමාලාවට හොඳින් මුහුණදීමේ වාතාවරණය ඇතිකර ගැනීම ශ්‍රී ලංකා කඳවුරට වැදගත් වෙයි. පළමු තරගයේදී අයර්ලන්තය ලකුණු 79කින් ශ්‍රී ලංකාවට පරාජය විය.එම තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 95 හා කඩුලු 8කට ලකුණු 176 තත්ත්වයන්ට පත් කිරීමට අයර්ලන්තය සමත් වූවද අජන්ත මෙන්ඩිස් හා නුවන් කුලසේකර අවසාන පන්දු 22දී ලකුණු 43ක් රැස් කරමින් ශ්‍රී ලංකාව 219–8ක මුළු ලකුණු සංඛ්‍යාවකට ගෙන ගියහ.අයර්ලන්තය ලකුණු 5කට කඩුලු 2ක් අහිමි කරගෙන සිටියද විලියම් පොටර්ෆීල්ඩ් හා නියාල් ඕබ්‍රයන් ලකුණු 58ක සබඳතාවක් ගොඩනගමින් අයර්ලන්තය තුළ බලාපොරොත්තු ජනිත කළහ. නායක පොටර්ෆීල්ඩ් ලකුණු 37ක් රැස්කර ගනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා විය.එහෙත් ‘තරගයේ වීරයා’ අජන්ත මෙන්ඩිස් ලකුණු 26කට කඩුලු 3ක් ලබා ගනිමින් අයර්ලන්තය ලකුණු 140කට දවාලීමට උපාකාරී විය. කුසල් ජනිත් පෙරේරා පෙරේදා තරගයේ සිවුවැනි පන්දුවෙන්ම දැවී ගියේය. ඉන්පසුව ලහිරු තිරිමාන්න ලකුණු 8කට දැවී ගියේය.අශාන් ප්‍රියන්ජන හතරේ පහර 4ක් එල්ල කරමින් පන්දු 44කින් ලකුණු 31ක් රැස් කළේය.සචිත්‍ර සේනානායක ලකුණු 3කට දැවී ගියේය. 48 වැනි ඕවරය යැවූ ඩොක්රෙල්ගෙන් ලකුණු 17ක් උදුරා ගැනිණි. එම ඕවරයේදී මෙන්ඩිස් පිට පිට හතරේ පහර 3ක් එල්ල කළේය. මෙන්ඩිස් පන්දු 9කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තේය. නුවන් කුලසේකර පන්දු 34කින් නොදැවී ලකුණු 42ක් ලබා ගැනීමට සමත් විය..
|
NEWS
|
බස් රථයේ ගමන්ගත් මඟීන් එකොළොස් දෙනකු මරුමුවට පත්කරමින් හා තවත් මගීන් හතළිහකට අධික ප්‍රමාණයකට තුවාල සිදුකරමින් ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ සිදුවූ ලංගම බස් අනතුර සම්බන්ධ නඩුව ඉකුත්දා මහාධිකරණයේදී විභාගයට ගත් අතර පැමිණිල්ලේ සහ විත්තියේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩු විභාගය ඔක්තෝබර් 13 වැනි දිනට කල්තබනු ලැබීය.නඩුව විභාගයට ගැනුණේ කුරුණෑගල මහාධිකරණ විනිශ්චයකාර ලලිත් ජයසූරිය මහතා ඉදිරියේය.වර්ෂ 2003 ජූලි මස 04 වැනි දින ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ දීයාව අසල දී සිදුවූ මෙම දරුණු අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල උතුර ඩිපෝවේ රියැදුරකුවන හේරත් මුදියන්සේලාගේ ප්‍රේමරත්න නමැත්තාට, සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහය යටතේ චෝදනා ගොනුකර ඇත.නඩුව විභාගයට ගැනුණු අවස්ථාවෙහි මහාධිකරණ විනිසුරුවරයා ඇමතූ විත්තිකරු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ රවි ජයවර්ධන මහතා පැවසුවේ අනතුරට ලක්වූ බස්රථය මෙම විත්තිකරුවන රියදුරු වෙත භාරදී තිබුණේ එයට පෙර දිනදී බවත්, එහි තිරිංග ඉතා අබලන් තත්ත්වයක පැවතීම නිසා බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීම මත අනතුරට භාජනය වූ බව සිතිය හැකි බවත් කීය.එම හේතුව මත කරුණු සලකා බලා නඩු විභාගයේදී ඔහුට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීම පිළිබඳව සලකා බලන ලෙසත් ඉල්ලා සිටියේය.රජයේ නීතිඥ උදාර කුරුණාතිලක මහතා සිද්ධිය පිළිබඳව කරුණු දක්වමින් අනතුර පිළිබඳව කරන ලද පරීක්ෂණ වාර්තාව අනුව බස් රථය අනතුරට භාජනය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තෙ එහිදී දුනු කැඩීයාම බවත්, තිරිංග පිළිබඳව එහි ප්‍රශ්නයක් ඇතිවී නැති බවත් කීය. ඉදිරියෙන් ගමන් කළ තවත් බස් රථයක් පසුකිරීම සඳහා මෙම බස් රථය පිටුපසින් හඹායාමක් පිළිබඳවද මෙහිදී සැලකිල්ල යොමු කළ යුතු බවත් කී ඒ මහතා, අනතුරින් මියගිය මගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවනට අදාළව වෛද්‍ය සාක්කි විමසීමක් කළ යුතුව ඇති බවද සඳහන් කළේය..
|
NEWS
|
පානදුර උයන්කැලේ වැඩ සිටින භික්ෂුවකගේ භාරයෙන් සොරකම් කරන ලදැයි කියන ගවයකුගේ වයස ස්ථිර වශයෙන්ම සොයා ගැනීමට එම සතාට උප්පැන්න සහතිකයක් නොවීය. මෙය අධිකරණයට ප්‍රශ්නයක් විය.භික්ෂුවට අයත් එක් ගවයකුගේ වයස අවුරුදු 2ක් බවට සැක කළ හැකි බවත්, සැකකාර කාන්තාව ගව ඝාතකාගාරයකින් මිලදී ගත්තේ යැයි කියන ගවයාගේ වයස අවුරුදු 10 1/2ක් පමණ බවත් සැක කළ හැකි යැයි සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරු පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා හමුවේ පැවැසීය.මෙම ගවයන්ට උප්පැන්න සහතික නැති බව මහේස්ත්‍රාත්වරයාට පෙනී ගියේය.ගවයන් දෙදෙනා පානදුර පශු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වයස ගැන අනුමාන සහතිකයක් ලබාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පානදුර පොලිසියේ අපරාධ අංශයේ සැරයන් එදිරිසිංහ මහතාට නියෝග කෙළේය.පළමුවැනි විත්තිකරුට රුපියල් දහදාහක මුදල් හා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනෙක් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කෙළේය.ගවයන්ගේ අයිතිකරු පානදුර නගරයේ දිවා රාත්‍රී නිදැල්ලේ යන එන ගවයන් බේරාගෙන ඇති කරන පානදුර විහාරස්ථානයක වැඩවසමින් පානදුර නගරයේ ගවමස් වෙළෙඳ සල වසා දැමීමට පානදුර නගර සභාවට පසුගියදා බලකර සිටි භික්ෂුවක් බව අනාවරණය විය.එම භික්ෂුන් වහන්සේට අයිති යැයි කියන ගවයින් දෙදෙනකු සොරකම් කිරීම ගැන පානදුර පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.සැකකාරියගේ නීතිඥවරුන් අධිකරණයට කියා සිටි කොළඹ ප්‍රදේශයේ ගව ඝාතකාගාරයකින් මෙම ගවයන් මිලදී ගත් බවය. එම ගවයින් භික්ෂුවගෙන් ෙසාරකම් නොකළ බවය. මෙම ගවයන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුරේ එළුවිල හොර හරක් මරණ ස්ථානයකට නොදුරුව ගස් බැඳ සිටියදී යැයි පොලිසිය පැවැසීය..
|
NEWS
|
නන්දමිත්‍ර ඒකනායක අභියෝගතා කුසලාන මාතලේ අධ්‍යාපන කලාපීය අන්තර් විද්‍යාලයීය නෙට්බෝල් තරගාවලියේ වැඩි දස්කම් දැක්වීමට මාතලේ විජයපාල මහ විදුහල් ක්‍රීඩිකාවෝ සමත්වුහ. මෙහිදී මාතලේ ප්‍රධාන පෙලේ පාසල් පරදවමින් අඩු පහසුකම් සහිත ග්‍රාමීය පාසලක් වන බණ්ඩාරපොල මහ විද්‍යාලයේ කණ්ඩායම් ඉදිරිපත් වු තරග දෙකෙන්ම ප්‍රථම වරට අනුශූරතා හිමිකර ගැනීම විශේෂ සිදුවීමක් විය.අවුරුදු 15න් පහළ, 17න් පහළ ශූරතා සහ අවුරුදු 19න් පහළ අනුශූරතාව දිනාගැනීමට විජයපාල ක්‍රීඩිකාවන්ට හැකිවු අතර බණ්ඩාරපොල විදුහලට අවුරුදු 15න් පහළ සහ 17න් පහළ අනුශූරතා හිමිවිය.මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවන් ලෙස අවුරුදු 15න් පහළ අංජලී කවිෂා ලංකාතිලක (විජයපාල ම.වි), 17න් පහළ නිලක්ෂි සඳරෙණු හෙට්ටිආරච්චි (බණ්ඩාරපොල ම.වි) සහ 19න් පහළ උපේකෂා රණසිංහ (ශ්‍රී සංඝමිත්තා බා.ජා.පා) සම්මාන ලැබූහ.මේ තරගාවලියේ වැඩි දස්කම් දැක්වු මාතලේ විජයපාල ම.වි. පුහුණුකාරිනිය ලෙස විදුහලේ ක්‍රීඩා උපදේශිකා උදේශිකා රණසිංහ මහත්මිය කටයුතු කරන අතර බණ්ඩාරපොල ම.වි. පුහුණුකාරිනිය ලෙස ක්‍රිෂ්ණා ජානකී සිරිවර්ධන මහත්මිය කටයුතු කරයි.මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස්.යාපා මහතාගේ මඟ පෙන්වීම මත සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ධම්මික හේවාවසම් සහ ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරි දන්ත මාරපන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රීඩා ගුරු උපදේශිකා රම්‍යා හේන්දෙණිය මහත්මිය විසින් සංවිධානය කළ මේ තරගාවලිය පසුගියදා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අවසන් තරග ඉනෝකා සේනාධීර, යසන්ති කඩවත ආරච්චි, වජිර ලක්ෂ්මි විජේරත්න, අනුලා විජේතුංග සහ සුමිත්‍රා වනසිංහ විසින් විනිශ්චය කළහ.ජයග්‍රාහී ක්‍රීඩිකාවන්ට ජය සංකේත ලබාදීම සඳහා අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා විසින් අනුග්‍රහය දැක්වීම විශේෂත්වයකි.තරග ප්‍රතිඵල මෙසේය.අවුරුදු 15න් පහළ ශූරතාව මාතලේ විජයපාල ම.වි, අනුශූරතාව-බණ්ඩාරපොල ම.වි.අවුරුදු 17න් පහළ ශූරතාව- විජයපාල ම.වි, අනුශූරතාව-බණ්ඩාරපොල ම.විඅවුරුදු 19න් පහළ ශූරතාව-ශ්‍රී සංඝමිත්තා බා.ජා.පා, අනුශූරතාව-විජයපාල ම.වි..
|
NEWS
|
මෙසේ දහසක් බලාපොරොත්තු ඇතිව සොම්නස උතුරා යන මොහොතක තම අනාගත හිමිකරු සමග දෙහිවල ප්‍රදේශයේ මහ මග කහ ඉරි මතින් පාර මාරු වෙද්දී වේගයෙන් ආ මග මරුවකු ඒ ගමන්මගට කඩා වැදුණේ ඒ සියලු අපේක්ෂාවන් බොඳ කරමිනි.බරපතළ තුවාල ලත් ඔවුන් දෙදෙනා රෝහලේ ගත කළ නමුත් ඒ වන විටත් ඇය මෙලොවින් තුරන් වී සිටියාය. ඔහු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.මේ දුක්මුසු සිදුවීමෙන් අද ඇගේ මුළු පවුල පමණක් නොව ගම්මානයම කම්පා වී සිටියි.දෙහිවල ප්‍රදේශයේදී සිදුවූ මේ මාරක අනතුරින් දුක්මුසු මරණයකට ගොදුරු වූයේ හිනිදුම් පත්තුවේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳු වලල්ලෙන් වටවූ සීත මිහිදුම් පටල වෙලාගත් මියනවතුර ගම්මානයේ පහළ ගමගේ හර්ෂි තමරා කුමාරි නමැති 28 හැවිරිදි උපාධිධාරිනියකි.මේ ඛේදවාචකයේ සුල මුල සොයන්නට මියනවතුර ග්‍රාම නිලධාරී පද්ම සුජීව මහතාගේ මග පෙන්වීමෙන් එම නිවෙසට ගොඩවෙද්දී ඇයගේ මව විජේසේකර ලියනගේ වයලට් මහත්මිය දිග සුසුමක් හෙළමින් මෙසේ පැවසුවාය.අපේ පවුලේ දරුවන් පස් දෙනයි. ඒ සේරම ගෑණු දරුවෝ. දෙවැනි දරුවා තමයි හර්ෂි. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ අවුරුදු 4 ක් ඉගෙන ගෙන උපාධිය අරන් රක්ෂාවක් ලැබෙන කල් ගෙදර සිටියා. නිකන් ඉඳලා පවුලේ ආර්ථිකය හොඳ අතට ගේන්න බැරිය කියලා අගනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රක්ෂාවක් කළා.මේ අතර තුරේදී තමයි ඇය බඳින්න ඉන්න මහත්තයා එක්ක අවුරුදු තෑගි බෝගත් අරගෙන ගමට එන්න හිතාගෙන ගිය මේ ගමන අවසන් ගමන වුණේ.මේ දෙන්නා කහ ඉර උඩින් පාර හරහා යද්දී යට කළ රිය පැදවුයේ බීමත්වූ රියැදුරෙක්. අනේ බලන්න මහත්තයෝ සුක්කානම අතට ගත්තාම කොහේ යනවද කියලා හිතන්න බැරි හිතක් පපුවක් නැති අය නිසා අද අකාලයේ ජීවිත කීයක් විනාශ වෙනවාද ?දරුවන්ට සිප් සතර උගන්වා ඔවුන් සමාජයට බරක් නොවන අන්දමේ ගුණ ගරුක යහපත් පුරවැසියන්බවට පත් කිරීමට මවුපියන් වෙහෙස දරද්දී මෙවැනි මග මරුවන් දරුවන් බිලි ගැනීම සමාජ ශාපයක් බව නොකියාම බැරි යැයි රට දැයට හිතැති දනන්ගෙන් නැගෙන හඬයි.
|
NEWS
|
ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන හා සංවිධාන අංශය සංවිධානය කරනු ලබන විවිධ දක්‍ෂතා ඇති තරුණ තරුණියන් (ආබාධිත) සඳහා වෙන්වූ ක්‍රීඩා උළෙලක් මාර්තු මස 20 සහ 21 යන දිනවලදී ජාතික තරුණ සේවා සභාවේ මහරගම ශ්‍රී ලංකා යූත් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.සාමාන්‍ය තරුණ තරුණියන් භුක්ති විඳින සෑම අයිතිවාසිකමක්ම ආබාධිත තරුණ තරුණියන්ට ලබාදිය යුතුය යන මහින්ද චින්තන අපේක්‍ෂාව අනුව මෙම විශේෂ දක්‍ෂතා ඇති තරුණ තරුණියන් වෙනුවෙන් වෙනමම ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට සැලසුම් කළ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මහතා පැවසීය.තරගාවලියට හිමිකම් ඇත්තේ වයස 13 – 29 අතර තරුණ තරුණියන්ටය.පූර්ණ දෘෂ්‍යාබාධිත, අර්ධ දෘෂ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත, කථනාබාධිත, සෙමෙන් මනස වැඩීමේ අය හා රෝද පුටු වශයෙන් කොටස් හයකින් තරගාවලිය පැවැත්වේ.තරගාවලියට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් 68 ක් සහ රිලේ ධාවන තරගයක් ද තරගාවලියට ඇතුළත් වේ.මාර්තු මස 20 වනදා පෙරවරු 9 ට තරගාවලිය ආරම්භ කෙරෙන අතර, ඒ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා සහභාගි වෙයි.මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රවණාබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සංඥා භාෂාව දත් විනිසුරුවන් යොදා ගැනීමය.21 වන දින පස්වරු 4 ට ජය සංකේත හා ත්‍යාග ප්‍රදානෝත්සවය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්. හේවාපතිරණ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරු ද මේ අවස්ථාව වර්ණවත් කරනු ඇත..
|
NEWS
|
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් හා පාරිතෝෂික ගැටලු විසැඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට නියෝග කළේය. සේවකයන් ආරක්ෂාකර ගනිමින් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (21) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය.මණ්ඩලයේ දැනට උද්ගතව ඇති අර්බුදයන්ට හේතුව පෙර පැවැති රජයන්ගේ අකාර්යක්ෂම පාලනය හා දූෂණ බව වෘත්තීය සමිති නියෝජිතයෝ හා නිලධාරීහු පෙන්වා දුන්හ.පෞද්ගලික අංශය හා තරගකාරීව ලංගමය සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙළ ජනාධිපතිතුමන්ට පැහැදිලි කෙරිණ.ඇමැතිවරුන් වන කුමාර වෙල්ගම, සී. බී රත්නායක, නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධම්මික පෙරේරා මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ..
|
NEWS
|
රාජ්‍ය සේවය අකාර්යක්‍ෂම වීමට බලපාන කරුණු සොයා බැලීම සඳහා ස්වාධීන පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමැති මණ්ඩලයට උපදෙස් දී තිබේ.ඉදිකිරීම්, කළමනාකරණ සහ පරිපාලන ක්‍ෂේත්‍රයන්හි පවතින අනවබෝධය, ගැටුම් සහ අකාර්යක්‍ෂමතා මෙයට සම්බන්ධ යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ විමල් වීරවංශ මහතා අනවබෝධය, නොසලකා හැරීම්, වැඩ අතපසුවීම්, ප්‍රමාදවීම් සහ විවිධ කටයුතු පසෙකට දැමීම අකාර්යක්‍ෂමතාවට හේතු වී ඇති බව පෙන්වා දී තිබේ.ඵලදායි ප්‍රථිපල ලබා ගැනීමට සියලු ක්‍ෂේත්‍රයන් තුළ මනා අවබෝධයක් සහ සම්බන්ධතාවක් ඇති කර ගත යුතු බව ද විමල් වීරවංශ මහතා පෙන්වා දී තිබේ..
|
NEWS
|
වැලිපැන්න පොලිස් වසමේ පිහිටි හොරවල තොටුපලේ පාලම් පාරුවෙන් 09 දින රාත්‍රී කාලයේ, එගොඩ වෙමින් සිටියදී, ගඟට වැටීමෙන් මිය ගිය අයෙකුගේ මළ සිරුර 10 දින සවස වනවිට සොයා ගැනීමට හැකිවී ඇත.ඉත්තෑපාන හීන්තුඩුව වත්තක ග්‍රාමයේ පදිංචිව සිටි 32 හැවිරිදි එච්.රෝහණ රණවක යනුවෙන් හඳුනාගෙන ඇති මෙම අවිවාහක තරුණයාගේ සිරුර සොයා ගන්නා ලද්දේ, ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් පිරිසක් විසිනි.මේ පිළිබඳ මූලික සාක්ෂි විභාගය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර නාගොඩ මහ රෝහල වෙත යොමු කරන ලෙස වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා පොලීසියට නියෝග කරන ලදී.වැලිපැන්න පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
|
NEWS
|
ත්‍රස්තවාදය අවසන් කිරීමේ හරි වැරැද්ද තීන්දු කිරීමේ බලය ඇත්තේ මේ රටේ ජනතාවට මිස වෙනත් කිසිවකුට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.එය වැරැදි යැයි ජනතාව තීන්දු කළොත් එම තීන්දුවට හිස නැමීමට තමා සූදානම් නමුත් අධිරාජ්‍යවාදීන් හෝ ඔවුන්ගේ ගැත්තන්ට හිස නැමීමට තමා කිසි විටෙකත් සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.මෙරට දී නොහැකි නම් පිටරටදී හෝ මේ රටේ ජනතාවගේ මතවාද වෙනස් කිරීමට ඇතැමුන් උත්සාහ කළත් තමන් මේ රටින් ඉවත් කළ හැක්කේ ජනතාවට පමණක් බවත් අවධාරණය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ එළැඹෙන බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කරන විජග්‍රාහී ජන රැලි මාලාවේ මංගල ජන රැලියට ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේ දී පෙරේදා (9) එක්වෙමිනි.සතුටයි නිදහසයි දිනවමු තේමාව ඔස්සේ පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණය පැවැත්වෙන කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික් හයේ ජනපති ජන රැලි රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු හතර දෙනෙක් ජනාධිපතිතුමා මෙම ජන රැලියේදී මුණගැසී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට ප්‍රතිඥා දුන්හ.මීරිගම ප්‍රාදේශීය සභාවේ දර්ශන රණසිංහ, තිලක් අශෝක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ඩෙස්මන් ගුණවර්ධන සහ චන්දිම නානාපිටිය යන මහත්වරු මෙසේ ජනාධිපතිතුමා මුණගැසී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.මේ රටේ මානව හිමිකම් කඩ නොවූ බව ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බවත් අප මානව හිමිකම් කඩ කළා නොව ඒවා ආරක්ෂා කළ පිරිසක් බවත් ජනාධිපතිවරයා පැවසීය.මේ රට සංවර්ධනය කරන්නට හැකි වුණේ වසර තිහක ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගන්නට හැකි වූ නිසා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට නිදහස් කිරීමේ එක් ප්‍රතිඵලයක් ලෙස රට සංවර්ධනය වෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය.එසේම රට නිදහස් කිරීමේ තවත් ප්‍රතිඵලයක් ලෙස මාස 6කට වරක් ජිනීවා ගොස් මානව අයිතීන් කඩවීම පිළිබඳ උත්තර බඳින්නටත් සිදුව ඇති බව ජනාධිපතිවරයා පැවසීය.මනුෂ්‍යයන්ට තිබෙන ලොකුම අයිතිය වන ජීවත් වීමේ අයිතිය තහවුරු කළේ වර්තමාන ආණ්ඩුව බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.ඇමැතිවරුන් වන ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ෆීලික්ස් පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, මර්වින් සිල්වා, නියෝජ්‍ය ඇමැතිවරුන් පණ්ඩු බණ්ඩාරනායක, ලසන්ත අලගියවන්න මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ..
|
NEWS
|
බොල්ගොඩ ගඟේ නෙළුම්, මහනෙල් මල් නෙළා දිවි සරුකර ගන්නා මල්කරුවෝ ජීවිත අවදානමකට මුහුණ පා සිටිති. එනම් බොල්ගොඩ ගඟේ වෙසෙන කිඹුලන් නිසාය. ඊට පිළියමක් සොයා දෙන්නැයි ඔව්හු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.හිරණ, රුක්ගහතොටුපළ, නිව්ඩාව, බොල්ගොඩ, කිට්ටන්තුඩාව හා පනාපේ ආදි ප්‍රදේශවලට කි.මී. 6,7 ක් දුර ඔරුවලින් ගොස් රතු හා සුදු නෙළුම් මල් මෙන්ම කෙකටිය, වැටකෙයියා වැනි මල් නෙළා ගෙන එන මේ පිරිස ඒවා අතරමැදියන්ට අලෙවි කර සුළු මුදලක් උපයා ගනිති.කළුතර, බෙල්ලන්විල, පානදුර ආදී ප්‍රදේශවල සිද්්ධස්ථාන අසල වැඩි මුදලකට ඔවුන් ගේ දහදිය කඳුළු අලෙවි වන්නේ සැදැහැතියන්ගේ දෝත් පුරා හිනැහෙමිනි.තමන්ට වගාකර ගැනීමට නෙළුම් පැළ ලබාදෙන්නේ නම් එය තමන්ට කරන විශාල උපකාරයක් බව ඔව්හු කියති.උරාකටුව, අළුබෝමුල්ල පදිංචි උක්වත්තගේ කරුණාදාස මෙසේ කීවේය.මම ඉස්සර කළේ මාලු අල්ලන එක. දවසක් රෑ දැල් එලන්න ගිහිල්ල මාලු අල්ලන කොට දන්නෙම නෑ කිඹුල ඇවිත් ඔලුව පුපුරන්නම ගැහුව. ඊට පස්සෙ තමයි මල් රස්සාව පටන් ගත්තෙ. දැනුත් කිඹුල් කරදරේ ඉවරයක් නෑ. පස්සෙන් එලවනව.යූ. ප්‍රියදර්ශන මහතා - ඉස්සර අපි පොඩි ඔරුවලයි ගියෙ. ඒකට පහර දෙන්න කිඹුලට ලේසියි, ඒක හින්ද දැන් ලොකු ඔරුවල යනව.ඒත්... තනියම කොයි වෙලාවකවත් යන්නෙ නෑ. කට්ටියම එකට යන කොට කිඹුල ටිකක් පහු බහිනව.ඉන්දික කස්තුරිආරච්චි මහතා - අපි හිරණ පාලම ළඟ ඉඳල බොල්ගොඩ ගඟ දිගේ පනාපෙ නිම්මන්තුඩාව දක්වා කි. මී. 7, 8ක් දවසකට යනව.සමහරදාට මල් 50ක් වත් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. අපෙන් මල් ගන්න වෙළෙන්දො තමයි ලාභ ගන්නෙ. අපිට මලකට ගෙවන්නෙ රු. 2 යි.ජී. ඩී. වසන්ත මහතා - අපි ගෙවල් ලඟ බොල්ගොඩ ගගේ නෙළුම් පැළ ටිකක් හිටවගෙන තියෙනව.අපිට මේක දියුණු කර ගන්න රතු, සුදු නෙළුම් පැළ ටිකක් දෙනව නම් ලොකු උදව්වක් වෙනව. එතකොට අපිට මෙච්චර දුර ඔරු පදින්න ඕනැ නෑ..
|
NEWS
|
කොළඹ – අවිස්සාවේල්ල මහා මාර්ගයේ කොස්ගමට නුදුරු “රන්දෙවි දෙවොල” සහ “රන්දෙවි දහම් පාසල” බෙහෙවින් ම ජනාදරයට - භක්තියට ලක්වූ පිවිතුරු පුද බිමක් ලෙස ප්‍රකට ය. මෙම ස්ථානය පසුකැර යනෙන බොහොමයක් රියැදුරන් පුද පඬුරු දැමීම කාලාන්තරයක් තිස්සේ ම සිදු වෙයි.කොස්ගම රන්දෙවියන් ලෙස ප්‍රකට වී ඇත්තේ කලෙකට පෙර ගම මැදින් ගලන ගඟේ මගීන් එගොඩ - මෙගොඩ කිරීමෙහි යෙදී සිටි කුළුණුබර තොටියෙකැ යි ද කියැ වේ.එම තොටියා, මියගිය පසුව ප්‍රදේශවාසීන් “අළු පුහුල් පහන් වැටක්” ගං ඉවුරේ පිහිටුවා තොටියාට ගෞරව කළ බව ද, ගඟෙහි නෑම, ගෙඟන් එතෙර වීම සහ මාළු ඇල්ලීම වැනි කටයුතු වලදී ආරක්ෂාව පතා තොටියාගේ ආත්මයට පුද පූජා පැවැත්වීම තුළින් තොටියා දේවත්වයට පත් වූ බව ද විශ්වාස කැරේ.එම ස්ථානය එන්න එන්නම දියුණු වන බවක් ද පෙනෙන්නට තිබේ..
|
NEWS
|
බළපිටිය වැලිතර සිරි සොයිසා ගම්මානයේ 'කුඩු කෙරී' නැමැති කාන්තාවකගේ කුඩු ජාවාරම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බව ගම්වාසීහු කියා සිටිති.මේ කාන්තාව බොහෝ කාලයක සිට මේ ජාවාරම සිදු කරන බවත් පොලීසිය කිහිප විටක් මේ කුඩු ජාවාරම අල්ලා ගැනීමට උත්සාහ ගත්තත් නොහැකි වී තිබේ.ආබාධිත තත්ත්වයේ සිටින මේ කාන්තාව ආබාධිත කකුල සඳහා යොදා ගෙන තිබෙන ප්ලාස්ටික් කකුලේ කුඩු පැකට් සඟවාගෙන කුඩු ජාවාරම සිදු කරන බව ගම්වාසීහු වැඩි දුරටත් කියා සිටිති.සුනාමියෙන් අසරණ වූ ජනතාව වෙසෙන මේ ගම්මානයේ සිදු කෙරෙන කුඩු ජාවාරම නිසා ගම්වාසීහු දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් කුඩු ජාවාරම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ගම්වාසීහු පොලීසියෙන් ඉල්ලා සිටිති.
|
NEWS
|
බොක්සිං ක්‍රීඩාවෙන් මේ වසරේ දී ශ්‍රී ලංකාවට පළමු ජාත්‍යන්තර පදක්කම් ද්විත්වය අත්කර දීමට මලිත් ප්‍රභාෂ්වර හා කෝසලා නිල්මිණී සමත්වූහ. රටවල් 16ක සහභාගිත්වයෙන් චීන තායිපේ හී පසුගියදා පැවැති චීන තායිපේ බොක්සිං ශූරතාවලියේ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ඔවූහූ මේ දස්කම් දැක්වූහ.මේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු ප්‍රභාෂ්වර එහිදී තරග වට 3-0කින් මැකාවෝ ක්‍රීඩකයා පරාජයට පත්කළ අතර අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත්වූයේ එම බර පන්තියේ රන් පදක්කම දිනාගත් ඉන්දුනීසියානු ක්‍රීඩකයා හමුවේ ය. ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ප්‍රභාෂ්වර මෙවර චීන තායිපේ බොක්සිං ශූරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා ද විය.කාන්තා තරග අංශයේ කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග වැදුණු කෝසලා නිල්මිණී හොංකොං ක්‍රීඩිකාව තරග වට 3-0කින් පරාජයට පත්කිරීමට සමත්වූවාය. අවසන් පූර්ව තරගයේ දී ඇය උතුරු කොරියානු ක්‍රීඩිකාව හමුවේ පරාජයට වූවාය. සිය මංගල ජාත්‍යන්තර පදක්කම දිනූ කෝසලා මාස් සදර්න් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවකි.මේ අතර කිලෝග්‍රෑම් 51ක බර පන්තියෙන් තරග වැදුණු එරන්දි ද සිල්වා මූලික වටයේ දී ඉන්දුනීසියානු ක්‍රීඩිකාව පරාජයට පත්කළ අතර අර්ධ අවසන් පූර්ව වටයේ දී කොරියානු ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වූවාය. සමස්ත තරගාවලියේ ශූරයන් ලෙස තායිලන්තය කුසලානය අත්කර ගත් අතර ඉන්දුනීසියාව දෙවැනි ස්ථානයත්, සත්කාරක චීන තායිපේ තුන්වැනි ස්ථානයත් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාවට 7වැනි ස්ථානය හිමිවිය.ලේට්න් කුසලාන තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6ක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස හර්ෂ කුමාර මහතාත්, ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස චම්පක මාතර ආරච්චි මහතාත් කටයුතු කළ අතර කණ්ඩායමේ කළමනාකරු ලෙස ආධුනික බොක්සිං සංගමයේ හිටපු ලේකම් හේමන්ත වීරසිංහ මහතා කටයුතු කළේය..
|
NEWS
|
දකුණු පළාතේ මාතර - ගාල්ල යන දිස්ත්‍රික්ක ඇතුළුව දිවයිනේ දිස්ත්‍රික්ක දොළහක (12) නව පාලම් තිස් හතක ඉදිකිරීමේ කටයුතු ළඟදීම ආරම්භ කෙරෙන බව මහා මාර්ග වරාය හා නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි.ඉදිකිරීම් කටයුතු ජපාන රජයේ මූල්‍යාධාර යටතේ සිදු කෙරෙන අතර මේ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් කෝටි එක්දහස් පන්සිය හැට හයක් පමණ වේ.ගාල්ල - මාතර - මොණරාගල - රත්නපුර - කළුතර - කොළඹ - කෑගල්ල - කුරුණෑගල - පුත්තලම - මන්නාරම - කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්ක තුළ මෙම නව පාලම් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.මේ යටතේ දකුණේ කතළුව , පොල්වත්ත , පොල්අතු මෝදර , හල්පාතොට , දෙනගම , දෙනිපිටිය , ගොයියාපාන , යන පාලම් සමඟ පාලම් 37 ක් ඉදිවෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහා මාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පාලම් නිර්මාණ කටයුතු සිදු කෙරෙයි.මීට අමතරව කුවේට් , සෞදි , ප්‍රංශ , බ්‍රිතාන්‍ය , කොරියාව යන රාජ්‍යවලින් ලැබෙන ආධාර යටතේද පාලම් ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන බව ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි..
|
NEWS
|
ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබමින් වයඹ පළාතේ ගමින්ගමට ගොස් පක්ෂ භේදයකින් තොරව ජනතාව ජනතාව එක්සේසත් කර ඔවුන්ට සේවය කරනවා.මම එදා වගේම අදත් ජනතාව සමඟ සිටිනවා. වයඹ මහ ඇමැති වී සැමටම වැඩ කරන විට වයඹ පළාතේ අය පමණක් නොව රටේම අය දැනගනීවී දයාසිරි ජයසේකර කවුද කියා? යැයි දයාසිරි ජයසේකර මහතා සිංගක්කුලියේදී පැවැසීය.කොළඹ සිට රථ පෙරහරකින් පඬුවස්නුවර දක්වා පෙරේදා (25) ගමන් කරමින් සිටි ජයසේකර මහතා සිංගක්කුලිය අයියනායක දේවාල පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී එහි පැමිණ සිටි ආධාරකරුවන් අමතා එසේ පැවැසීය.මේ අවස්ථාවට එක්වූ ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර යාපා මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් සමඟ දේවාල පරිශ්‍රයේ බුදුමැදුරට ගොස් මල්පූජා කළ දයාසිරි මහතාට වයඹ පළාත් ප්‍රධාන සංඝනායක තිස්සව රජමහා විහාරාධිපති මුගුණුවටවන ශ්‍රී සිද්ධාර්ථ හිමි ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා විසින් පංචශීලයෙහි පිහිටුවා පිරිත් දේශනා කර සෙත් පැතූහ. එහිදී අනුශාසනාවක් කළ වයඹ පළාත් ප්‍රධාන සංඝනායක සිද්ධාර්ථ හිමියෝ මෙසේ පැවසූහ.දයාසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව, නැවැත ජනබලය උරගා බැලීමට සූදානම් වෙනවා. ඔබතුමා බලාපොරොත්තු විශාල පිරිසක් වයඹ පළාතේ සිටිනවා. ඒ අය ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලබාදේවි. අපි ඈත සිට ඔබ දෙස බලා සිටිනවා. ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා කියා මා ප්‍රාර්ථනය කරනවා යැයි උන්වහන්සේ පැවසූහ.ඉන් අනතුරුව අයියනායක දොවොලට පූජා වට්ටියක් භාරදුන් දයාසිරි මහතාට දේවාලයේ ප්‍රධාන පූජක නන්දන මහතා විසින් දේවාශිර්වාද ප්‍රාර්ථනා කළේය.පසුව දයාසිරි මහතා අතර මග තිබූ පිළිගැනීම් වලට සහභාගී වෙමින් පන්නල, කුලියාපිටිය හරහා පඬුවස්නුවර බලා ගමන් කළේය. .
|
NEWS
|
බාලවයස්කාර දැරියක අපහරණය කිරීම සහ දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි චූදිතයකු මහාධිකරණය මග හැර සිටීම නිසා චූදිත නොමැතිව නඩුව විභාග කළ හලාවත මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලනී ගුණරත්න මහත්මිය චූදිතට අවුරුදු 17 ක සිර දඬුවම් සහ රුපියල් 15000 ක දඩ මුදලක් නියම කළාය.චූදිත වූයේ මණ්ඩලාන ඉහළ තම්මන විසූ විජේසිංහ ආරච්චිලාගේ ජානක දීපාල් තිලකරත්න නම් අයෙකි.අධිචෝදනා බාරදීමට චූදිතට සිතාසි නිකුත් කර ඇතත් චූදිත ප්‍රදේශය අතහැර ගොස් සිටියෙන් ඔහුට අධිචෝදනා බාරදීමට නොහැකිව තිබේ.මේ සිද්ධිය වන විට පැමිණිලිකාර දැරියට වයස අවුරුදු 14 ක්ද චූදිතට අවුරුදු 24 ක්ද වී තිබේ. චූදිතට වරෙන්තු නිකුත් කළද චූදිත සොයා ගත නොහැකි වූයෙන් චූදිත නොමැතිව මේ නඩුව විභාග කර ඇත.පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූ පසු සාක්ෂි පිළිගත හැකි බවට තීරණය කරන ලද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලනී ගුණරත්න මහත්මිය චූදිත චෝදනා දෙකටම වරදකරු කරනු ලැබුවාය.බරවැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් 5000 ක දඩයක් පළමුවන චෝදනාවට ද බරවැඩ සහිත වසර පහළොවක සිර දඬුවමක් හා රුපියල් 10000 ක දඩයක් දෙවන චෝදනාවටද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හය බැගින් සාමාන්‍ය සිර දඬුවම්ද නියම කළාය.සිර දඬුවම් සමගාමීව ගෙවී යාමටද නියම කරනු ලැබූ අතර පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවීමටද නියම කර වන්දි මුදල නොගෙවන්නේ නම් බරවැඩ සහිත වසර තුනක සිර දඬුවමක්ද නියම කළාය.මේ දඬුවම් චූදිත අත්අඩංගුවට ගෙන මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබු දින සිට ක්‍රියාත්මක විය යුතු බවටත් නියම කර චූදිතට විවෘත වරෙන්තු නිකුත් කළාය..
|
NEWS
|
තායිලන්තයේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16ක් නම් කොට ඇත. තරගාවලිය මේ මස 23වැනිදා සිට නොවැම්බර් 3වැනිදා දක්වා පැවැත්වේ.තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නේවාසික පුහුණු කඳවුරක් නාවලපිටිය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන අතර එම කඳවුර මේ 19දා අවසන් වේ.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාතික පුහුණුකරු ශන්කර් අන්නමලේ හා ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට යන ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු පවිත්‍ර අබේසිරිගුණවර්ධන යන මහත්වරු මේ පුහුණු කඳවුර මෙහෙයවයි. මේ පුහුණු කඳවුරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුගේ මව්පියන් විරෝධය පළ කළද දින නියමකරගත් පරිදි පැවැත්වීමට බැඩ්මින්ටන් සංගමය කටයුතු යොදා තිබුණි. තායිලන්තයට යන 19න් පහළ බැඩ්මින්ටන් පිල මෙසේය.පිරිමිබුවනෙක ගුණතිලක (රිච්මන්ඩ්), කමෝද් හැලඹගේ (ගේට්වේ), ක්‍රිෂාන් ධනුෂ්ක (සා.සෙබස්තියන්), තිසල් යටවර (ඩී.එස්.), පමෝද්‍ය රණවීර (රිච්මන්ඩ්), මහේන් අංජන (නාලන්දා), ඉමේෂ් හසරංග (සා.පීතර), සචින් ඩයස් (සා.සෙබස්තියන්)කාන්තාතිළිණි හෙන්දහේවා (විශාඛා), කවිදි ඉෂාදිකා, මනිෂි ෆොන්සේකා (සිරිමාවෝ), මධුෂිකා දිල්රුක්ෂි (ධර්මාශෝක), යෂ්මිතා වෙදමුල්ල, චාම්‍යා නන්දසිරි (ජයලත් අප ස්වාමිදුවගේ පා.), ලකිනි සෂිභානි (අනුලා), භාග්‍යා දිමන්ති (ධර්මාශෝක).
|
NEWS
|
විෂ රසායනික ද්‍රව්‍ය අඩංගුයැයි තහවුරු වී තිබෙන කිරිපිටි වර්ග සහ අධි සාන්ද්‍රීය ප්‍රෝටීන් අඩංගු ළදරු කිරිපිටි වර්ග වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ කටයුතු හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම ආරම්භ කර තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආහාර හා ඖෂධ පරීක්ෂක අජිත් ගොඩකන්ද මහතා කීය.හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව් කරුණාරත්න මහතාගේ උපදෙස්මත දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ ජයසුන්දර මහාතගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් පළමු මෙහෙයුම තිස්සමහාරාම නගරයේදී පෙරේදා (10) සිදු කෙරිණි.නගරයේ සියලුම කිරිපිටි අලවිකරණ වෙළෙඳසල් මෙම පරීක්ෂා කිරීමට ලක්කළ බව අජිත් ගොඩකන්ද මහතා කීය.ලංකා කාර්මික තාක්ෂණික ආයතනය මගින් ඩී.ඩී.ඩී. නැමැති විෂ රසායනික ද්‍රව්‍යය අඩංගු බවට තහවුරු කරන ලද කිරිපිටි අඩංගු කාණ්ඩ අළෙවිකිරීමට ඉඩ නොදී ඒවා මුද්‍රාකිරීමටත්, අධිසාන්ද්‍රිය ප්‍රෝටීන් අඩංගු ළදරු කිරිපිටි වර්ගද මුද්‍රාතබා සාම්පල් වෛද්‍ය රසායනාගාරය වෙත යැවීමටත් කටයුතු කරන බව ගොඩකන්ද මහතා කීය.කතරගම ඇසළ උත්සවය නිමිත්තෙන් තිස්සමහාරාමය සහ කතරගම යන ප්‍රදේශවල මුලින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශවල ඉදිරියේදී මෙම පරීක්ෂාකිරීම් සිදුකරන බවද අජිත් ගොඩකන්ද මහතා කීය..
|
NEWS
|
හිදෝගම උතුරු කළුවිල 4 ඇල පදිංචි රාජපක්ෂ ආරච්චිලාගේ අනුරසිරි රාජපක්ෂ මහතා (51) ඊයේ (22) දහවල් හැදුනු හෘදයාබාධයෙන් මිය ගිය අතර හිදෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ආචාරිණී රූපා රංජනී මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ බන්ධනාගාර නියාමක අනුරසිරි රාජපක්ෂ මහතා දෙදරු පියෙකි..
|
NEWS
|
දෙමළ ජාතික සන්ධානය සමඟ සරත් ෆොන්සේකා මහතා ගිවිසුම අස්සන් කළ දිනයේදී විවිධ රටවල ජීවත්වන එල්ටීටීඊ හිතවාදීන්් සැණකෙළි පවත්වා ඇතැයි බස්නාහිර පළාත් සභා ඇමැති ජාතික හෙළ උරුමයේ නීති සම්පාදක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.ගිවිසුමේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කළහොත් නැවත එල්ටීටීඊයේ අරමුණු මල්ඵල ගැන්වෙන බවද ඒ මහතා කීය. ජනවාරි 27 වැනිදායින් පසුව උතුරු නැඟෙනහිර පාලනය කරන්නේ දෙමළ සන්ධානය විසින් බව රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර තිබෙන බවද, ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.දෙමළ සන්ධානය යනු කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පෙනී සිටිමින් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය පහසුකම් සැලසූ කණ්ඩායම බවද, ජනතා විමුක්ති පෙරමුණ එකතු වී සිටීමෙන් පෙනී යන්නේ රටේ ෆෙඩරල්වාදයක් ඇති කිරීමට ඇති කැමැත්ත බවද ගම්මන්පිල මහතා පවසයි.මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ උදේ පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ කරුණු අවධාරණය කෙළේය.
|
NEWS
|
කළුතර සිට කලපුගම නාන්දුව හරහා මොරොන්තුඩුව දක්වා ධාවනය වන බස් සේවාව සවස 6.30 න් පසු ක්‍රියාත්මක නොවන නිසා එම ගම්වල ජනතාවට දැඩි ගමනා ගමන දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවී තිබේ.මෙසේ නිසි අයුරින් බස් සේවාවක් නොමැති නිසා රාත්‍රියේ සේවා අවසන් කර එන පිරිසට විශාල ගැටලුවකි. මේ නිසා ඔවුන්ට පයින් ගමන් කිරීමට සිදුවී ඇත..
|
NEWS
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.