category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
BLOG
2014.09.09
http://dushsoftlk.blogspot.com/
විශ්වයම එක්කල මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg)
Dharshamal Dushmantha
ආයුබෝවන් යාලුවනේ.. මෙන්න මං අද දෙන්න ආපු විශේෂ දේ. ලෝකයක් වෙනස් කල වීරයෙක් කිවොත් මම නිවැරදි..තාක්ෂණයෙන් ලෝකය දියුණු වෙතම ලෝකයේ ඉන්න සැම පුද්ගලයෙක්ම එකම තැනක රැදවූ Facebook වෙබ් අඩවියේ නිර්මත්රුගේ ජිවිත කතාව හෙවත් ඔහු ගැන.. ලෝකය ජයගන්න උත්සහ කරන අයට මේක හොද දෙයක් වේවි කියලා හිතනවා.. අනිවාර්යෙන්ම කියවලා Share කරන්න. හේතුව සමහරවිට මේක කියවන කෙනෙක් අනාගතයේදී මිට වැඩ දෙයක් කරන්න අධිෂ්ටන කරගනි.මෙහෙම කියවන්නත් පුළුවන් - Click Here.
BLOG
2014.09.03
http://dushsoftlk.blogspot.com/
Facebook හි Auto-play Video නවතාදමමු.
Dharshamal Dushmantha
හැමෝටම ආයුබෝවන් කිව්වා එහෙනම්.. ඔන්න අද මගේ ලිපිය. Facebook එකේ වර්තමානයේ හදුන්වා දුන් නවතම අංගයක් තමා Facebook Video Auto Play කියන්නේ.ලංකාවේ අපිට නම් මහා ඇණයක්. හේතුව අපේ Data පරිස්සම් කරගන්නෙත් ගොඩක් අමාරුවෙන් නේ. මේ ඇණේන් ගැලවෙන්නේ මෙහෙමයි..පළමුව මෙන්න මේ ලින්ක් එකට යන්නStop Facebook Video Autoplayඉන් පසු පහත පෙනන අයුරින් Auto Play Video එක Off කර දමන්න..එහෙනම් මම ගියා ලිපිය වැදගත් නම් Share And Comment එහෙම කරලා යන්න.
BLOG
2014.08.13
http://dushsoftlk.blogspot.com/
Facebook Page එකේ Likes වැඩි කරගමු. 100% Sure
Dharshamal Dushmantha
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ගොඩක් දවසකින් තමා බ්ලොග් එක අප්ඩේට් කරන්නේ.. ඔන්න එහෙනම් මුලින්ම වැදගත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා... Facebook Page වල ඇඩ්මින් අයට නම් මේක ගොඩක් වැදගත් වේවි..Facebook Page වල Likes වැඩි කරගන්නත් තමන්ගේ ගිණුමේ ඉන්න හැමෝටම invite කරන්නත් ලේසිම හා ඉක්මන්ම ක්‍රමය තමා මේ.. කොහොමද කරන්නේ කියල බලන්නකෝ...එකටම තමන්ගේ Facebook Page ගිණුමට යන්න.. ඊට පස්සේ උඩම තියෙනේ Invite Friends තෝරාගන්න.ඊට පස්සේ එන ලිස්ට් එකෙන් යටටම Scroll කරගන්න.ඊට පස්සේ මවුස් එකෙන් Inspect Elements තෝරාගන්න.ඉන් පසු එන වින්ඩොව් එකෙන් Console තෝරාගන්න..ඊට පස්සේ මේ කෝඩ් එක කොපි කරලා එකට පේස්ට් කරලා Enter බටන් එක ඔබන්න..var _0x63e0=["\x6C\x3A\x32\x20\x33\x3D\x30\x3B\x32\x20\x31\x3D\x6D\x2E\x63\x28\x27\x68\x20\x6B\x27\x29\x3B\x34\x28\x32\x20\x69\x3D\x30\x3B\x69\x3C\x31\x2E\x6F\x3B\x69\x2B\x2B\x29\x7B\x31\x5B\x69\x5D\x2E\x61\x28\x29\x3B\x33\x2B\x2B\x7D\x62\x28\x22\x39\x20\x64\x20\x65\x20\x22\x2B\x33\x2B\x22\x20\x66\x20\x67\x20\x5C\x6E\x20\x6A\x20\x36\x3A\x2F\x2F\x37\x2E\x38\x2F\x31\x2E\x35\x20\x5C\x6E\x20\x34\x20\x70\x22\x29\x3B\x71\x2E\x72\x2E\x73\x3D\x22\x36\x3A\x2F\x2F\x37\x2E\x38\x2F\x31\x2E\x35\x22\x3B","\x7C","\x73\x70\x6C\x69\x74","\x7C\x6B\x68\x61\x6C\x69\x6C\x7C\x76\x61\x72\x7C\x6B\x68\x61\x6C\x69\x6C\x73\x68\x72\x65\x61\x74\x65\x68\x7C\x66\x6F\x72\x7C\x73\x68\x72\x7C\x68\x74\x74\x70\x7C\x66\x61\x63\x65\x62\x6F\x6F\x6B\x7C\x63\x6F\x6D\x7C\x59\x6F\x75\x7C\x63\x6C\x69\x63\x6B\x7C\x61\x6C\x65\x72\x74\x7C\x67\x65\x74\x45\x6C\x65\x6D\x65\x6E\x74\x73\x42\x79\x43\x6C\x61\x73\x73\x4E\x61\x6D\x65\x7C\x68\x61\x76\x65\x7C\x49\x6E\x76\x69\x74\x65\x64\x7C\x4F\x66\x7C\x46\x72\x69\x65\x6E\x64\x73\x7C\x75\x69\x42\x75\x74\x74\x6F\x6E\x7C\x7C\x4C\x69\x6B\x65\x7C\x5F\x31\x73\x6D\x7C\x6A\x61\x76\x61\x73\x63\x72\x69\x70\x74\x7C\x64\x6F\x63\x75\x6D\x65\x6E\x74\x7C\x7C\x6C\x65\x6E\x67\x74\x68\x7C\x6D\x6F\x72\x65\x7C\x77\x69\x6E\x64\x6F\x77\x7C\x74\x6F\x70\x7C\x6C\x6F\x63\x61\x74\x69\x6F\x6E","\x72\x65\x70\x6C\x61\x63\x65","","\x5C\x77\x2B","\x5C\x62","\x67"];eval(function (_0x672bx1,_0x672bx2,_0x672bx3,_0x672bx4,_0x672bx5,_0x672bx6){_0x672bx5=function (_0x672bx3){return _0x672bx3._0x63e0[5][_0x63e0[4]](/^/,String)){while(_0x672bx3--){_0x672bx6[_0x672bx5(_0x672bx3)]=_0x672bx4[_0x672bx3]||_0x672bx5(_0x672bx3);} ;_0x672bx4=[function (_0x672bx5){return _0x672bx6[_0x672bx5];} ];_0x672bx5=function (){return _0x63e0[6];} ;_0x672bx3=1;} ;while(_0x672bx3--){if(_0x672bx4[_0x672bx3]){_0x672bx1=_0x672bx1[_0x63e0[4]]( new RegExp(_0x63e0[7]+_0x672bx5(_0x672bx3)+_0x63e0[7],_0x63e0[8]),_0x672bx4[_0x672bx3]);} ;} ;return _0x672bx1;} (_0x63e0[0],29,29,_0x63e0[3][_0x63e0[2]](_0x63e0[1]),0,{})); ඊට පස්සේ වෙන්නේ මේ Script එකෙන් Auto Invite කිරීමයි.. ටික වෙලාවකින් ඔයාගේ අරමුණ ඉටු වේවි..උපුටා ගැනීම - Khalil-Shreateh.
BLOG
2014.12.26
http://dreamsofharee.blogspot.com/
2014
හරී
2014 අවුරුද්ද ඉවරවෙලා 2015 ලබන්න ඔන්න මෙන්න. දවසින් දවස ගතවෙලා අවුරුද්දක් ගතවෙච්ච ඉක්මන හිතාගන්නත් බැරිතරම්. මතකද අපි ඔක්කොම මේ අවුරුද්දෙ ජෙරී වගේ හැමදේකදීම සතුටින් ඉන්න හිතාගත්තා. මම මේ කල්පනා කරමින් ඉන්නෙ මේ අවුරුද්දෙ මම එහෙම හිටියද කියන කාරණාව. හිතට එකඟව කිව්වොත් මේ අවුරුද්ද පුරාවටම මම හැමදාම එක වගේ සතුටින් සැහැල්ලුවෙන් හිටියා කිව්වොත් ඒක ඇත්තක් නෙමේ. නමුත්, පොඩි පොඩි දුක් දොම්නස් තිබුනා උනත්, සමස්තයක් වශයෙන් ගත්තාම මේ අවුරුද්ද මට හුඟක් හොඳයි.සාමාන්‍යයෙන් මම අවුරුද්ද මුලදි ඒ අවුරුද්දෙ මම කරන්න බලාපොරොත්තු වෙන දේවල් ලැයිස්තුගත කරනවා. අන්තිමේදි බලනවා ඒවලින් කොච්චරක් මම කළාද මොනවද කරන්න බැරිවුනේ කියලා. මම ඔහොම කිව්වට ලැයිස්තුගත කරන තරම් ලේසියෙන් නම් වැඩ සිද්ධ වෙන්නේ නෑ. අවුරුද්ද අන්තිම වෙද්දි ගොඩක් වැඩ ඉතුරු වෙච්ච අවුරුදුත් තිබුනා. මේ අවුරුද්දෙ ලැයිස්තුව බලද්දි නම් මට හිතෙන්නෙ කරන්න හිතපු ගොඩක් දේවල් මේ අවුරුද්දෙ අපි කරලා කියලා. අවුරුද්දෙ තව දවස් කීපයක් තියෙන නිසා තව තව දේවල් කරගන්න පුළුවන් වේවි.ඒ දේවල් කරගන්න මට උදව් වෙච්ච අයටත් 2014 අවුරුද්ද සුභ වෙන්න පතපු අයටත් ගොඩාක් ස්තුතියි.ඔයගොල්ලන්ට කොහොමද 2014.
BLOG
2014.12.25
http://dreamsofharee.blogspot.com/
අමතක නොවන නත්තල
හරී
කාලෙකින් පෝස්ට් එකක්වත් ලියන්න බැරිවුනා මට. මේ ටිකේ මට ටිකක් වැඩ වැඩී. ඉස්සරහට එන මංගල්ලෙකටත් ලෑස්ති වෙනවානෙ. ඇත්තම කිව්වොත් පෝස්ට් ලියන්න කාලය මදිකමට වඩා පෝස්ට් එකක් ලියන තරම් හිත එකලාසයක් කරගන්න බැරිකමයි තියෙන්නෙ. දහසකුත් එකක් දේවල් ඔළුවේ තියාගෙන පෝස්ට් එකක් ලියන්න හරිම අමාරුයි.මේ පෝස්ට් එකත් අවුරුදු කීපයක් තිස්සෙ ඩ්‍රාෆ්ට් ගොන්නට වෙලා වේලි වේලි තිබ්බ එකක්. ඔන්න අද හිතුවා පබ්ලිශ් කරලා දාන්න. කලින් ලියපුවා ඒ විදිහටම තියනවා කියලයි තීරණය කළේ.2006, දෙසැම්බර් 18අද මාමාගේ උපන් දිනය. උදේ පාන්දරම දවස ඇරඹුණේ මාමාට සුභපතාගෙන. මට නම් මතක තිබුනේ නෑ. ඒත් අම්මට හැමෝගෙම උපන්දින මතක නිසා හොඳයි.2006, දෙසැම්බර් 19අද 19. නත්තලට තව දවස් 6යි. හිතේ තිබ්බ ලොකු කරදරයකින් නිදහස් වෙච්ච හින්දා මෙදා නත්තල ජයටම කන්ඩ ඕනා. කැම්පස් තේරිච්ච එකටත් එක්ක මෙදා නත්තලට වැඩිපුර මොනාහරි ඉල්ලගන්න ඕනා. තාත්තා නම් ඉතින් නෑයින්ට දෙන තෑගි ගැනයි අසල්වාසීන්ට දෙන කෑම බීම තමයි වැඩිපුර හිතන්නෙ. මහ ලොකු සල්ලිකාරයෙක් වගේ. තියෙන එකෙන් ජීවත් වෙන්ඩත් ඕනෙ ඒ මදිවට වටේ පිටේට බෙදන්නමයි කතාව.2006, දෙසැම්බර් 20අද නම් දවල් හරිම නරක ආරංචියක් ලැබුනෙ. මාමාගේ පුතා වාහනේකට හැප්පිලා. මිනිහට ටිකක් අමාරුයි වගේ.2006, දෙසැම්බර් 21අම්මලා හැප්පිච්ච මල්ලීව බලන්ඩ ගියා මිනිහගෙ ඇඟම බැන්ඩේජ් වලින් වෙලලලු. සිහිකල්පනාවත් නෑ කියන්නෙ. අම්මා කියනවා මෙදා නත්තලට මොකුත් කරන්න බෑලු. 'මාමා කරදරයෙන් ඉන්නකොට අපි කොහොමද නත්තල් කන්නෙ' අහනවා. වටේ පිටේට දෙන දෙයක් දීලා නිකන් ඉමුලු. නෙදකින් මේකාට හැප්පෙන්න නත්තල් වෙනකන් ඉන්න ඕනෑ උනානෙ.2006, දෙසැම්බර් 22අද මහා කරුම දවසක්. මම දවල්ට කන්ඩ ගිහිල්ලත් කියෝගත්තෙ කරවල උයලා තිබිච්ච හින්දා. අර මල්ලියෙක් හැප්පිච්ච හින්දා අපේ ගෙදර මළගෙයක් උනානෙ. මට තරහේ බෑ.කාලා ඉවරවෙලා හවස හැප්පිච්ච මල්ලීව බලන්න අපි හතරදෙනාම පිටත් උනා. ඒ මනුස්සයාට සිහිකල්පනාව නෑ වගේ. ඇඟම බැන්ඩේජ් කරලා. දොඩෝනවා විතරයි. හදිසියේම 'ඩෝං' සද්දයක් ඇහුනා. බලද්දි ලෙඩාව දැකලා බයවෙලා මල්ලීට ක්ලාන්තය හැදී තිබුනා. කවදාවත් ක්ලාන්තය හැදෙන මනුස්සයෙක් නෙමෙයි. සද්දය ඇසී තිබුනේ මල්ලීගේ ඔලුව ඉස්පිරිතාලෙ බිම වැදීමෙන්.හෙදියන් සියලුදෙනා වට උනා. මල්ලීට ඒත් සමඟම සිහියත් ආවා. ඔළුව පැලී තිබුනේ නෑ. ඒත් ඇසුනු ශබ්දය නිසා ඔළුව ඇතුළෙන් යමක් වී දැයි සැක හිතුනු නිසා මාත් තාත්තාත් මල්ලීව අරගෙන දිව්වෙ ඉස්පිරිතාලයට රෝගීන් ඇතුළු කරන තැනට.එතනදී මල්ලීට ප්‍රථමාධාර ලැබුණු අතර තත්වය හරි හැටි වටහාගන්නා තුරු පැය තුනකට ඔහුව රෝහල්ගත කළා. ඔළුව අභ්‍යන්තරයේ යම් දෙයක් වී ඇත්නම් ඇස් රතුවීමත් වමනය කිරීමත් සිදුවෙනවාලු.අපිට සැනසීමක් ලැබුනෙ පැය තුනකට පස්සෙ. මල්ලීගෙන් කිසිම රෝග ලක්ෂණයක් පහළ උනේ නෑ. එම නිසා තත්වය සාමාන්‍ය බවට නිර්දේශ උනා.අපි රෝහලෙන් පිටත් උනේ කුලියට ගත් ත්‍රී රෝද රථයකින්. එවලෙ වෙලාව රෑ 10ට විතර ඇති. අපිව දාගත්තු ත්‍රී රෝදකරු රථය පැදෙව්වේ පිස්සු බල්ලෙක් වගේ. වාහන අඩු නිසා ඔහු වේගය තවත් වැඩි කරමින් රිය පදවන්නට උනා. හිමින් යාමට කිව්වත් ඔහු නෙමෙයි ගණනකට ගත්තෙ. මේ රෑ යාමට වෙනත් වාහනයක් නොවූ නිසා අපිටත් කිරීමට දෙයක් තිබ්බෙ නෑ.මහා මාර්ගයෙන් මාරු වෙන තැනකදී ඈතින් එන බස් රථයක් පෙනි පෙනීම ඔහු රථය දැම්මා. වව්නියාවේ සිට රාත්‍රියේ අධික වේගයෙන් යන බස් රියදුරුට ත්‍රී රෝද රථය පෙනෙන්නට ඇත්තේ වාසනාවකට. බස් රියදුරු අපහසුවෙන් රථය නවත්වාගන්නා විට ත්‍රී රෝද රථයේ සිටි මාත් බසයත් අතර පරතරය අඟල් කිහිපයක් පමණයි. මට එවලෙ මරණ බය දැනුණා. ඒත් ත්‍රී වීල් හරකාට නම් ගානක්වත් තිබුනේ නෑ.අවසානයේදී යහතින් ගෙදරට එන්න අපිට පුළුවන් උනා. ඒත් ගෙට ඇතුළුවෙන්න ලැබුනේ නෑ. මල්ලී වමනය කරන්න පටන්ගත්තා. වහාම ත්‍රී රෝද රථයක් සොයා මල්ලීව වෛද්‍යවරයෙකු වෙත ගෙනගියා. එහෙත් බය වීමට කාරණාවක් නැති බවයි පැවසුනේ. නැවතත් සියල්ල යථා තත්වයට පත් උනා.2006, දෙසැම්බර් 23මල්ලී උදේ සිට කෑම ගත්තේ නෑ. දහවල් වනවිට තව තවත් වමනය කරන්න පටන් ගත්තා. තවත් බලා නොසිටි අම්මාත් තාත්තාත් මල්ලීව රැගෙන රෝහලට ගියා.මල්ලීව වැඩිදුර පරීක්ෂණ සඳහා නවත්වාගෙන තිබුණා. තාත්තාත් නැවතිලා. රාත්‍රියේ ගෙදර ආවේ අම්මා පමණයි. කෑම කන්න තරම්වත් පිරියාවක් නෑ.2006, දෙසැම්බර් 24මෙතන ඉඳන් ටික ලියන්නෙ අද...තවත් නත්තලක් උදාවෙන්න ඔන්න මෙන්න. ඒ නත්තල ගැන කිසිම මතකයක් අපිට තිබුනෙ නෑ. උදේම අපිත් එක්ක මල්ලි බලන්න යන්න පොරොන්දු වෙච්ච නෑයෙක් ආවෙ නෑ. ඉතින් අම්මයි මායි පාන්දරම මල්ලි බලන්න ගියා. ඒ වෙනකොටත් ඉස්පිරිතාලෙන් කිසිම බේතක් දීලා තිබුනේ නෑ. හවස් වෙද්දි වටේ පිටෙන් රතිඤ්ඤා හඬවල් නැගෙන්න ගත්තා. ඒ වගේම මිනිස්සු කඩිමුඩියේ නත්තලට ලෑස්ති වෙනවා. එහෙට මෙහෙට දුවනවා. මම ඉතින් ඒ දිහා දුකෙන් බලන් හිටපු හැටි තාමත් මතකයි. මට වැඩියෙන්ම දුක දැනුනෙ අපේ සමහර නෑයොත් අපිව නොදන්නවා වගේ හැසිරිච්ච එකටයි. වෙනදාට පණදෙන්න කතාකරන සමහරු හොරෙන්ම ගේ ගාවින් මාරු උනා. සමහර විට ඒගොල්ලන්ගේ නත්තල් තියලා මල්ලිව බලන්න යන්න වෙයි කියලා වෙන්න ඇති.රෑ දොළහට හතර වටින් වෙඩි සද්දෙ නංවාගෙන නත්තල උදාවෙද්දී අම්මයි මායි අඬපු හැටි තාම මතකයි. 2006, දෙසැම්බර් 25උදේ පාන්දර අම්මත් මාත් දිව්වා මල්ලි බලන්න. ඒ යනකොට මල්ලිලාගෙ වාට්ටුවේ නත්තල් ගහක් හදලා. මල්ලි සන්තෝසෙන් ඒ දිහා බල බල හිටියා. එයාට අමාරුවක් නෑ වගේ.අපි ගෙදරට වෙලා තනියම ඉන්න බැරි හින්දා ආච්චිලාගෙ ගෙදර තමයි හිටියෙ. ටිකක් දවල් වෙද්දි මාමා ආවා. අර පුතා ඉස්පිරිතාලෙ හිටපු කෙනා. ඒ වෙනකොට ඒ ළමයව ගෙදර ගෙනල්ලයි තිබුනෙ."මම මේ මස් වගේකුයි බොන්න මොනවාහරියි හොයන්න ආවා අක්කෙ. මෙදා නත්තල නම් හොඳටම කනවා."මට මතකයි අපේ අම්මගෙ මූණ මැලවිච්ච හැටි. මමත් අම්මා දිහා බැලුවෙ තරහින්. අපිට ගෙදර මස්වත් උයලා නොදුන්න අම්මා දැන් හොරෙන් අඬනවා.මල්ලී ඉස්පිරිතාලෙ හිටියාටත් වඩා දුක හිතුනෙ එදා මාමගේ හැසිරීම. ඒ ළමයාව බලන්න ගිහින් අපිට මේ හෙන ගෙඩිය පාත් උනත් නිකමට මල්ලීව බලන්න තියා සුවදුක් අහන්නවත් ඒ පවුලෙ කට්ටිය ආවෙ නෑ. කොහොමහරි හවස වෙනකොට මල්ලීව ඉස්පිරිතාලෙන් එවලා තිබුනා. එවලෙ ඇවිත් තමයි අපි නත්තල් ගහයි ගවලෙනයි හැදුවෙ.මේ නත්තලෙන් පස්සෙ අපේ ගෙදර නත්තල සැමරීමේ වෙනස්කම් කීපයක් උනා.ඊට කලින් හැමපාරම අපේ අසල්වාසී ගෙවල් ඔක්කොටම වගේ අපි නත්තලට රසකැවිලි පාර්සලයක් කේක් එකක් වගේ දෙයක් දුන්නා. ඒ නත්තලේ අපිව අඳුරන්නේ නැතිව හිටි අයට කේක් කවන්න ඕනෙ නෑනෙ. එතනින්ම ඒ ප්‍රතිපාදන කපා හැරියා.ඊට කලින් අපේ අම්මා සෑහෙන අමනාප වෙච්චි දෙයක් තමා වෙඩි පත්තු කරන එක. බොරු සල්ලි නාස්තියක් කියලා ගෙනාවෙ නෑ. දැන් අසල්වාසී අරමුදල තනිකරම බැර වෙන්නේ වෙඩි වලට. ඒ නත්තලේදි අපේ වත්තට වෙඩි දැම්ම එකටත් එක්ක.මේ නත්තලේ දුකෙන් ඉන්න හැමෝටම සතුට සාමය ප්‍රීතිය ඉක්මණින්ම උදාවේවා.
BLOG
2014.12.25
http://dreamsofharee.blogspot.com/
සුභ නත්තලක් වේවා!
හරී
2014 අවුරුද්දෙ නත්තලත් ලැබුවා. අවුරුද්දක් ගිය ඉක්මන. ගියපාර නත්තල සැමරුවේ අද ඊයෙ වගේ. මේ අවුරුද්දෙ කවදාවත් නැතුව වහින්න ගත්තනෙ. මගෙ ජීවිතයේ පළවෙනි වතාවටයි මේ වගේ වැහි නත්තලක් උදා උනේ. වැස්ස හින්දම මේ පාර නත්තල් ගහ හදන්න උනෙත් නෑ. එළියෙ හදපු ගවලෙනත් වැස්සෙන් බේරගත්තෙ බොහොම අමාරුවෙන්. තාමත් වැස්ස ඉවර නෑනෙ. :(බලමු ඉස්සරහට. ඔබ සැමට සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා.මෙන්න නත්තල ගැන මම ලියපු පෝස්ට්. කියවන්න බැරිවෙච්ච අයටයි මේ. 1. මේ පාර අපිටත් නත්තල් - මේ පෝස්ට් එකේ මම ලිව්වෙ ගිය අවුරුද්දෙ නත්තල සමරපු හැටි. නත්තල් සැරසිලි කීපයකුත් ඔය ගොල්ලන්ට පෙන්නුවා මතක ඇතිනෙ.2. මාරයා නොදාන සීට්ටු - අපේ ගෙවල් කිට්ටුව සිදුවෙන සීට්ටු ක්‍රමයක් ගැනයි මේ විස්තරේ. මේ ක්‍රමය නත්තලට ආදාළ වෙන්නෙ ඒ සීට්ටුව දාන අයට ප්‍රතිලාභ ලැබෙන්නේ නත්තල් දිනයට වීම නිසා. ඒ නිසාම නත්තල් සීට්ටුව කියලයි ව්‍යවහාර වෙන්නෙ.3. මෙදා නත්තලට කැරොල් එකක් යමුද. - නත්තල් කාලෙට කතෝලිකයින් බහුලව ඉන්නා ප්‍රදේශවල පුංචි ළමයි රාත්‍රී කාලයේ ගෙයින් ගෙට ගිහින් නර්තනයේ ගායනයේ යෙදෙනවා. ඒ ගැන වැඩි විස්තර මේ පෝස්ට් එකේ තියෙනවා.4. ගවලනේ කතන්දරේ - නත්තල් කාලෙට හැම කතෝලික නිවෙසකම පාහේ දක්නට ලැබෙන ගවලෙන ගැන ලියවුන විස්තරයකුයි මේ.5. නත්තල් ගහක් හදමු - මේ නත්තල් ගහ ගැන විස්තරේ.6. ඔයත් Secret Santa කෙනෙක්ද. - මේ නත්තල් සීයාගෙ කතාව.
BLOG
2014.10.22
http://dreamsofharee.blogspot.com/
හුහ්.. අපේ එකිත් ගියානෙ ඌට පෙන්නන්ඩ
හරී
"උඹ මහා මෝඩියෙක්. උඹ කළේ වටින වැඩක්ද. උඹ අපිව කෑවා. උඹ ඔහොම කළේ නැත්නම් අද අපිට කොහොම ඉන්න තිබුනද." දවසක් මම මාමලාගේ ගෙවල් පැත්තෙ යනකොට ඔය වගේ කතාවක් ඇහෙනවා ගේ ඇතුළෙන්. ගෙදර රණ්ඩුවක්ද කොහෙද. මේ වගේ වෙලාවට ගෙට යන එක හොඳ නැති හින්දා මම ටිකක් එළි පහළියෙ සද්ද නොකර හිටියා. ඒකත් ඉතින් වැරදි වැඩක් තමයි. ඒත් ඉතින් වහලෙ උළු දෙදරන තරම් සද්දෙන් රණ්ඩුවක් යනකොට කාටද බය නැතිව ගෙට යන්න පුළුවන්. කතාවෙ හැටියට බනින්නෙ ඒ ගෙදර අක්ක කෙනෙකුට වගේ."උඹට වටිනවද ගිහින් ඕක ඌට පෙන්වන්ඩ. උඹ නම් මහ මෝඩියක්. උඹට ඉවසලා ඉන්ඩ බැරිඋනානෙ." තත්වය ටිකක් බරපතලයි වගේ. අනුන්ගෙ කුණු ඇඟේ දාගන්න හොඳත් නෑ. අනුන්ගෙ සීනි කිරන්න යන්න හොඳත් නෑ. මම හෙමින්ම මාරුවෙලා එන්නයි හැදුවෙ.ඒත් ගේට්ටුව ගාව හොරගල් අහුලලා ආපහු යන්න හැරෙන මාව මාමා දැක්කා."ආ.. පුතා." මාමාගෙ කටේ සද්දෙ අඩුවෙලා. "එන්න ගෙට. පොඩි කේස් එකක් පුතා. අක්කා අර අල්ලපු ගෙදර දෙමළාට පෙන්වලානෙ"මගෙ ඇස් උඩගියා. අක්කත් මූණ ඇඹුල් කරගෙන මම දිහා බලන් හිටියෙ එයා අතේ වැරැද්දක් නෑ කියන්න වගේ. මටත් හිතාගන්න බෑ මොනවා කියනවාද කියලා. මේ වගේ ප්‍රශ්න කෑකෝ ගහලා විසඳන්න පුළුවන් ඒවා නෙවෙයිනෙ. ඒත් මාමා මගේ වචන අහන තත්වෙක නෙමෙයි හිටියෙ. ඊටත් අනුන්ගෙ පවුල් ප්‍රශ්නවලට අතදාන එක හොඳ වැඩකුත් නෙමෙයි. මම හිස් හැඟීමක් හිතේ පුරවගෙන මාමාගෙ මූණ බැලුවා."මගේ බලාපොරොත්තු සේරම ඉවරයි පුතා. සේරම වතුරෙ ගියා" මාමා මගේ මූණ දිහා බැලුවෙ ලෝකෙම කඩාවැටිච්ච ගානට. "රටටම පේන්න ලොකු මඟුලක් කාලා දීග යන්න තිබ්බ වාසනාව උඹ නැතිකරගත්තා කියලා හිතපන්.මෝඩි" මාමාගෙ සද්දෙ ආයෙම වැඩි වේගන එනවා.පරක් තෙරක් නොදැන ඒගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රශ්නයකට මැදිහත් වන එක නුවණට හුරු නැති නිසා මම වචනයක්වත් කතා කරන්න ගියේ නෑ. මාමා අක්කට දෙස් දෙවොල් තියෙන එක නැවැත්තුවෙත් නෑ. අක්කත් කඳුළු පෙර පෙර හොටු හූර හූර බැනුම් ඔක්කොම අහගෙන හිටියා."අර යන්නෙ හැඩි දෙමළා" මාමා පාරෙ යන කාර් එකකට අත දික්කරා."ඒ අර දෙමළ මහත්තයා නේද.""දෙමළ මහත්තයා.. මොන මහත්තයෙක්ද ඌ. පර දෙමළෙක් මිසක්. මේකිව මට මරන් කන්න හිතෙන්නෙ"මාමා එකදිගට කියෝනවා ආවේස වෙච්ච කපුවෙක් වගේ. මට තවත් එතන ඉන්න බෑ බෑ වගේ හිතුනා."එහෙනම් මම ගිහින් එන්නම් මාමේ" මම යන්න එළියට බැස්සා."දුවේ. ඕක මල්ලිට පෙන්වන්නකෝ. එයත් දන්නවා ඇතිනෙ ඔව්වා ගැන" කුස්සිය පැත්තෙන් නැන්දගෙ සද්දෙ ඇහුන මාව නිකම් කරකවලා අතඇරියා වගේ. මොන අණ්ඩර දෙමළයක්ද මේ කියන්නෙ.මෙතෙක් වෙලා අඬ අඬ හිටපු අක්කා ජංගමෙත් අරගෙන මා ළඟට ආවා. "බලන්නකො මල්ලි මේ මැසේජ් එක.(ඔබට නයිජීරියානු දුරකථන සමාගමකින් ඩොලර් මිලියනයක දිනුමක් ලැබී තියෙනවා. ඒ මුදල තැන්පත් කිරීම සඳහා ඔබගේ බැංකු ගිණුම් විස්තර අවශ්‍යයි. වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න. මෙය වලංගු වන්නේ සති දෙකක් පමණයි. )"ඉතින් මොකක්ද දැන් ප්‍රශ්නෙ." මම මාරුවෙන් මාරුවට ගෙදර අයගෙ මූණ බැලුවා. ඒ අයත් හරිම පුදුමයෙන් මා දිහා බලාඉන්නෙ ජෝක් එකක් කළාම හිනානොවෙන ටියුබ් ලයිට් එකක් දිහා බලන ගානට. මම ඒගොල්ලො දිහා ඊටත් වඩා පුදුමෙන් බලන්ඩ ඇති."මෙයා ඕක මොකක්ද කියලා අහන්න අර දෙමළාගෙ ගෙදර ගිහින්. ඌ කියලා තියෙනවා 'ඕක බොරුවක්. අපේ අකවුන්ට් එකේ විස්තර ගන්න කරපු වැඩක්' කියලා""ඉතින්.""ඕකා උගතා උනාට මහ කට්ටයා. මේකිව අන්ඳලා ඌ ගොඩගියා. නෙදකින් අපේ වැස්සි. මේකිත් ගියානෙ ඌට පෙන්වන්ඩ" ආයෙමත් මාමාගෙ දත් කිරි කිරි ගාන්න ගත්තා."හෑ. ඒ කොහොමද මාමෙ. මේක බොරුවක් කියලා තමයි මටත් කියන්න තියෙන්නෙ"ඒ පාර මාමා මා දිහා බලන්නෙ මෝඩයෙක් දිහා බලන ගානට. මාමා සද්දෙ හිමීට අඩුකළා මට රහසක් කියන ගානට. "පුතාලා අපි නොදන්නවා උනාට උන් හෙන කට්ටයෝ. දැක්කා නේද ගිය උජාරුව මගේ සල්ලිවලින් ගත්තු කාර් එකේ" හිනාව මගෙ කටින් පැන්නා."නෑ.. මාමේ මේක බොරුවක්" මම කිව්වෙ හිනාවේවී. ඒත් ඒක පිළිගැනීමේ සූදානමක් මාමගේ හිතේ නැති බව මූණෙන් පෙනුනා. 'දෙමළට කලින් මූට පෙන්නුවා නම් මූයි මගෙ සල්ලි වලට විදින්නෙ' මාමා එහෙමත් හිතන්න ඇති.මම ගැන වැරදියට හිතුවත් ගෙදර රණ්ඩුව නැවතුන එකම මදෑ කියලා හිතාගෙන මම ආපහු ආවා.මේ වගේ මිනිස්සුන්ව මුලා කරලා ක්‍රෙඩිට් කාර්ඩ් තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු වගේම යූසර් නේම් පාස්වර්ඩ් ගන්න එකට කියන්නෙ Phishing කියලා. අන්තර්ජාලයට ආගන්තුක අය වගේ එදිනෙදා අන්තර්ජාලය පාවිච්චි කරන අපි වගේ අය වුනත් මේකෙ ගොදුරක් වෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලන්ටත් මේ වගේ තොරතුරු ඉල්ලලා ලැබෙන ඊමේල් හා කෙටි පණිවිඩ නොසළකා හරින එක තමයි වඩා හොඳ.
BLOG
2014.10.04
http://dreamsofharee.blogspot.com/
වෙනසක තරම
හරී
“‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියාත් කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කරන්න. " - ජේසුස් වහන්සේ ප.ලි. : මේ පෝස්ට් එක ගොඩක් දෙනෙකුට නොතේරෙයි කියලත් හිතෙනවා. බලමු නොතේරුනොත් කමෙන්ට් වලදි පැහැදිලි කරන්න පුළුවන්නෙ. මම ඔය දාලා තියෙන්නෙ ඊයෙ පෙරේදා පල්ලියක දැක්ක පින්තූරයක්.ප.ප.ලි. :පින්තූරෙත් පැහැදිලි නෑ වගේ හිතුනා. කුරුසේ ගැටගහලා තියෙන්නෙ කළු පාට නූල් වගයක්.
BLOG
2014.09.24
http://dreamsofharee.blogspot.com/
ලැබුවාද? සම්පූර්ණ වුනාද?
හරී
මට තාම මතකයි මං පුංචි කාලෙ නෑයින්ගේ ගෙවල් වල එහෙමත් නැත්නම් පිරිසක් රැස්වෙන තැනක ගියාම මට එල්ලවෙන ප්‍රශ්න. ලොකු නැන්දලා මාමලා ප්‍රශ්න පත්තර දිග ඇර ගත්තම කෙළවරක් නෑ ප්‍රශ්න. පුංචි මට නිස්කලංකෙ සෙල්ලමක් කරගන්නවත් විදිහක් නෑ.ප්‍රශ්න පත්තර දිග ඇරිල්ල පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. මම බෝල ගෙඩිය වගේ එහෙ මෙහෙ යනවා දඟලනවා කරනවා දැක්කම කවුරුහරි නැන්දෙක් මාමෙක් මට කතා කරනවා."ආ... හරී පුතා කොහොමද." එහෙම අහන්නෙ මාව දන්න කියන අය. අපේ ළඟම ළඟම ළඟ නෑයෝ හරි අම්මලාගේ තාත්තලාගේ යාළුවෝ. තව අසල්වාසී අයත් ඉන්නවා මාව දන්න. නොදන්න අය අහන්නෙ "ආ.. පුතා කොහොමද කියලා".මමත් ඉතින් ඇඹරි ඇඹරි ළඟට කිට්ටු කරනවා. "කොහොමදපුතා."මම ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා පොඩි හිනාවක් දානවා. අඳුරන්නෙ නැති කෙනෙක් නම් ඔරවලා පැත්තකට වෙනවා. අම්මා කියලා තියෙන්නෙ අඳුරන්නෙ නැති අය එක්ක කතාවට යන්න එපා කියලනෙ. සන්නාසියො වෙස්වලාගෙන එනවලු අපිව අල්ලගෙන ගිහින් කරවල වාඩිවල වැඩට දාන්න. ඉතින් බය නැතුව කතාවට යන්නෙ කොහොමද.ඒත් ඉතින් අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් අවුලක් නෑ. ඒ අයටත් දත් දෙකක් පෙන්නලා හිනාවෙන්න තියෙන්නෙ.අදට උනත් "කොහොමද." කියලා කවුරුහරි ඇහුවම "ඔහේ ඉන්නවා" කියනවාට එහා උත්තරයක් කටට එන්නෙ නෑ. ඒත් සමහරු නම් කියනවා එහෙම කියන එක අහන කෙනාව අපහසුතාවයට පත් කිරීමක්ලු. ඒත් ඉතින් වෙන මොනවා කියන්නද. මම වෙන කාගෙන්හරි "කොහොමද." කියලා අහන්නෙත් උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. කතාවට පොඩි ප්‍රවේශයක් ගන්න. මුලින්ම අහන්න දෙයක් තියෙන්නත් ඕනනෙ.ඉතින් ඊළඟට නැන්දලා මාමලා අහන ප්‍රශ්නෙ තමයි "පුතා දැන් කීයෙ පන්තියෙද." එහෙම නැත්නම් "පුතා දැන් ඉස්කෝලෙ යනවද." කියන එක. එහෙම අහන්නෙ දන්න අය, නොදන්න අය "පුතාගෙ නම මොකක්ද." අහලා තමයි එතනට එන්නෙ. ඇයි සමහරු අහනවනෙ "පන්තියෙ කීදෙනෙකුට බයද." කියලත්. මම නම් ඒ වෙලාවට පන්තියේ කාටවත්ම බය නෑ.ඊළඟ ප්‍රශ්නය වෙච්චි "පුතාගෙ වයස කීයද." කියන එකට මම ඒ ඒ කාලෙ හිටපු වයස කිව්වා. ඊටපස්සෙ අහනවා ඒ ගාන "ලැබුවාද. සම්පූර්ණවුනාද." කියලා. ඒ අහන්නෙ මොන කෙහෙල්මලක්දැයි මට තේරුනේ නෑ. ඉතින් පුංචිම කාලෙ මම නිස්සබ්දව හිටියා ඒ ප්‍රශ්නෙදි. ඊටපස්සෙ කාලෙ එහෙම ආපුවම මම කිව්වා "ලැබුවාද. සම්පූර්ණවුනාද. මම දන්නෙ නෑ. කොහෙහරි වයස ලියන්න තිබ්බම මම ලියන්නෙ ඔය ගාන" කියලා.ඔහොම මම වයස කියපු දවසක එකෙක් කියනවා මම කියන්නෙ එක අවුරුද්දක් අඩුවෙන්ලු. මිනිහා කියන්නෙ මෙහෙමයි. හිතමුකො මම උපන්නෙ එක්දාස් නමසිය අනූවෙ කියලා. එතකොට දෙදාස් දාහතරට මට විසි හතරයිනෙ. ඒත් විසි හතර නෙමෙලු කියන්න ඕනෙ විසි පහලු. මොකද ඒක ජීවිතයේ විසි පස්වෙනි අවුරුද්ද හින්දාලු. ඒ තර්කෙට අනුව අද ඉපදිච්ච ලමයගෙ වයසත් එකක් වෙන්න ඕනෙ.අනේ මන්දා උගෙ තර්ක.ප්‍රශ්න වලට උත්තර දීලා දීලාම කාලෙ ගිහින් මම හිටියට වඩා ටිකක් ලොකු උනා. බ්ලොගේකුත් පටන් ගත්තා, කඩ්ඩෙන්.පස්සෙ සිංහල බ්ලොග් කලාව ආරම්භ කළා.කොහොමින් කොහොමහරි අද කවුරුහරි "මේ බ්ලොගේට වයස කීයද." කියලා මගෙන් ඇහුවොත් මම උත්තර දෙනවා "හරියටමඅවුරුදු හතරයි" කියලා. ඔන්න "ලැබුවාද. සම්පූර්ණවුනාද." අහන්න නම් ඔට්ටු නෑ.
BLOG
2014.09.19
http://dreamsofharee.blogspot.com/
රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව - අවසාන කොටස
හරී
මම මේ කියාගෙන යන්නෙ පහුගිය ඉරිදාවක තේවත්තෙ පල්ලියට ගිහින් ඒ අවට සැරිසරලා ආපු හැටි ගැන කතන්දරේනෙ. ගිය පාර නතරවුනේ අපි කෙටි ආහාරවේලක්, සිංහලෙන් කිව්වොත් සෝර්ට් ඊට්, අරගෙන කාපු තැනින්නෙ. එහෙනම් එතන ඉඳන් සිද්ධවෙච්චි දේවල් බලමු. පහුගිය කතාව බලපු නැති අයටයි මේ ලින්කුව.රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාවපල්ලිය වටේ යනකොට මුලින්ම අවධානයට ලක්වුනේ ලක් කිතුනු ඉතිහාසය නිරූපණය වන අයුරින් නිර්මාණය වෙලා තිබුනු ලෝකඩ පුවරු. මේ පුවරු බොහෝම මෑතකාලීනවයි බැසිලිකාවට එකතු උනේ. ගිය වර මගේ ලිපියෙදී මෙන්ම ඊටපෙරත් මේ පුවරු බොහෝ විවේචනවලට ලක්වුණා. සමහරු ඒ ගැන පැහැදිලි කිරීමක්ද මගෙන් බලාපොරොත්තුවෙලා තිබුනා. ඒත් ඇත්තම කිව්වොත් මම ඒ පුවරුවල සඳහන් දේවල් ගොඩාක් සැළකිල්ලෙන් බලලා නෑ. අනික අපිට ඉස්කෝලෙ යන කාලෙ ඒ ඉතිහාසය උගන්වලා නැති නිසා ඇඟට වදින්නෙ නැති ගතියකුත් තිබ්බ. ඒක නිසා උනන්දුවෙන් බලන්න ගියෙ නෑ. ඒත් පහුගිය පෝස්ටුවෙන් මට තේරුම් ගියා ගොඩදෙනෙක් ඒ ගැන උනන්දු වෙන බව. ඒක නිසා කරුණු කාරණා හොයා බලලා වාර්තා කරන්නම්.ඉන්පසු නැවතත් බැසිලිකාව තුළට ගිය අපි ලංකාවේ අප ස්වාමිදූගේ ප්‍රතිමාවද පසු කරමින් භූගත දේවස්ථානය වෙත ඇදුනා. එක එක තැන්වල වෙනස්කම් ගැන සඳහන් කළ ලිපියෙදි මම කිව්වා මතකද 'චැපල්' නමින් හැඳින්වෙන කුඩා යැදුම් කුටි විශේෂයක් ඇති බව. අන්න ඒ චැපල් එකකට උදාහරණයක් තමයි බැසිලිකාව තුළ භූගතව ඇති මේ කුඩා දේවස්ථානය. එතුල සමාදානයේ සැතපෙන තෝමස් කුරේ කාදිනල් තුමාගේ පිළිරුව බලාගත් අපි නැවතත් ඉහළ මාලය වෙත පිවිසුනා.කාදිනල් තුමාගේ දේහය භූමදාන කොට තිබෙන්නෙත් මේ කුඩා දේවස්ථානය තුළමයි.කාදිනල් තුමාගේ දේහය භූමදාන කොට තිබෙන්නෙත් මේ කුඩා දේවස්ථානය තුළමයි(මෙතනින්)ඊළඟ නැරඹුම් ස්ථානය උනේ බැසිලිකාවට දකුණු පසින් පිහිටි කෞතුකාගාරයයි. මකර තොරණ, පුන්කලස්, සඳකඩ පහණ යනාදී සංස්කෘතිකාංග තේවත්ත බැසිලිකාවේ දකින්නට ඇතැයි විවේචනයට ලක්වුනේ මේ කෞතුකාගාර ගොඩනැඟිල්ල නිසායි. කෞතුකාගාර දොරටුව පුරාණ සිංහල කැටයම් වලින් සරසා ඇති ආකාරය දර්ශනීයයි.කෞතුකාගාර දොරටුව පුරාණ සිංහල කැටයම් වලින් සරසා ඇති ආකාරයමම මේ කෞතුකාගාරය කිහිපවිටක්ම නරඹා ඇති. ඒත් නැවත වරක් එයට ඇතුළුවීමට කල්පනා කළේ මගේ බ්ලොග් පාඨකයන්ට පෙන්වීම සඳහා ඡායාරූප කිහිපයක් ලබාගැනීමටමයි. කෞතුකාගාරය නැරඹීම සඳහා රුපියල් විස්සක ටිකට්පතක් ලබාගතයුතුයි. ඕගොල්ලොත් කෞතුකාගාරය බලන්න එනවා නම් ඉරිදා දවසක් තෝරාගන්න එක හොඳයි කියලයි හිතෙන්නෙ. මොකද මම කලින් ආපු බොහෝ වතාවල කෞතුකාගාරය වසා තිබුනා.කෞතුකාගාරය පය ගැසූ හැටියේම මට පෙනුනේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. කෞතුකාගාරය ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර පෙර පරිදිම තිබීමත් එදාට වඩා අද එහි අංගෝපාංග දුහුවිල්ලෙන් නැහැවී කැඩී බිඳී තිබෙනු දැකීමත් මගේ ශෝකයට හේතු උනා. එහෙත් වැටුප් ගෙවා සේවකයන් යොදා පවත්වාගෙන යාහැකි මට්ටමේ ආදායමක් එය නොලබන බවයි මගේ හැඟීම. බැසිලිකාවට යන අයගෙන්සියයට එකක්වත් කෞතුකාගාරය වෙත යනු මා දුටුවේ නෑ. ටිකට් නිකුත් කළ කෙනාත් එය ස්වෙච්ඡාවෙන් කරන කෙනෙක් වීමට බොහෝ ඉඩ තියෙනවා. ඉතින් එහෙව් තත්වයක් තුළ කෞතුකාගාරයේ නඩත්තු කටයුතු සිදුකිරීම අපහසු ඇති.පළමු කුටිය පුරාම තිබුනේ ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසය සඳහන් වෙච්ච ලී පුවරු. ඊට අමතරව ඉතා පුරාණ පෙනුමක් සහිත පිළි රූ ගණනාවක්ම රඳවා තිබුනා. නමුත් කණගාටුවට කරුණ ඒ පිළිබඳ කිසිඳු විස්තරයක් අඩංගු නොවීමයි. නිකම්ම දකිනවාට වඩා එය කවදා කොහේ කොතනක් නිපදවූවක්ද. කොතැන පාවිච්චි කළ එකක්ද. යන කරුණුත් අවම වශයෙන් ඒ කුමක්ද කියන හැඳින්වීමක්වත් තිබුනානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඒ කුටිය තුළම පැරණි පන්නයේ පූජාවක් සිහිගන්නවන පිළි රූ කීපයක් ඇතුළු අල්තාරයක් තිබුනා. ඒ පූජා ක්‍රමය ගැන කලින් දවසක මම කිව්වනෙ.පැරණි පන්නයේ පූජාවක් සිහිගන්නවන පිළි රූ කීපයක් ඇතුළු අල්තාරයක්ඊළඟට තවත් කුටි කිහිපයක්ම පසු කළත් ඒවා මගේ සිත් නොගත්තේ කෞතුකාගාරය තුළ තිබූ භාණ්ඩ වර්ගීකරණය ඉතාම දුර්වල මට්ටමක තිබුනු නිසා. ජේසුතුමා යයි නම් තැබූ කුටියක විවිධ වර්ගවල පැරණි ජේසුතුමාගේ පිළිරූ එකතුකොට තිබුනේ ඒවා පිළිබඳ කිසිඳු විස්තරයකින් තොරවයි. ඒවගේම මරියතුමිය යයි නම් කළ කුටියක මරියතුමියගේ පැරණි ප්‍රතිමා රාශියක් එකතු කොට තිබුනා. මෙසේ නිසි පරිදි නම් නොකළ කුටි කිහිපයක්ම පසු උනා.මේ කුටියෙ තිබුනෙ පැරණි පූජා ඇඳුම්ටික දුරක් යද්දී 'දහම් දූත පිය කුටිය' යැයි නම් දැරූ කුටියක් අසලට ළඟා වුනා. එහි නිරූපණය උනේ ඈත අතීතයේ ධර්ම ප්‍රචාරයට ආපු පියවරුන්ගේ කුටියක්. එහි තිබූ ඉතා පැරණි දුරකථනය, ලාම්පුව, අල්මාරිය වගේම ඉතා අවම පහසුකම් තිබූ නිදන කාමරයද මනහරයි. කුටිය තුළ එක තාපසවරයෙක් බයිසිකලයක නැඟී ගමන් කරන අයුරුත් නිරූපණය කර තිබුණා. තාපසාරාමයකට ගොස් ඔවුන්ගේ දින චර්‍යාවන් අධ්‍යයනය කිරීමට ආශාවක් ඇතිවුණා. එවලෙ නෙමෙයි මේ දැන්.දහම් දූත පිය කුටියඉතා අවම පහසුකම් තිබූ නිදන කාමරයඊටපස්සෙ කන්‍යා සොහොයුරියන් නිරූපණය කළ කුටිය දැකගන්නට ලැබුනා. අවට ලෝකය හා අවම සම්බන්ධතා පවත්වන තාපසිකාවක් මෙන්ම ඉස්සර කාලෙ හෙද සේවයේ යෙදුනු කන්‍යා සොහොයුරියකගේ ප්‍රතිමාවකුත් එහි තිබුනා. මට එවලෙ මතක් වුනේ පහුගිය කාලෙ මේ වගේ කන්‍යා සොහොයුරියක් දැලකින් එබෙන පින්තූරයක් ඇය බන්ධනාගාර ගත කරඇතැයි සඳහන් කරමින් පල කර තිබූ ආකාරයයි.කන්‍යා සොහොයුරියන් නිරූපණය කළ කුටියමිෂනාරිවරුන්ගේ ආගමනයෙන් පස්සෙ කන්‍යා සොහොයුරියනුත් ලංකාවට සැපත් වෙලා තියෙනවා. ඔවුන්ගේ කාර්‍යභාරය වුනේ සමාජ සේවය. ඔවුන් අයත් නිකාය අනුව ඊටම විශේෂ වූ කාර්‍යභාරයක් ඔවුන් සතුයි. උදාහරණ විදිහට කිව්වොත් සමහර සොහොයුරියන් හෙද සේවයේ යෙදුනා. සමහර අය පාසල් ළමුන්ට ඉගැන්වූවා. ළමා නිවාස පවත්වාගෙන ගියා. තවත් අය ගම්වල තරුණ තරුණියන්ට වූල් ගෙතීම, පුටු විවීම වගේ නොයෙකුත් කර්මාන්ත පුහුණු කළා. තවත් අය කළේ නොකඩවා යාච්ඤාවේ යෙදීම හා භාවනා කිරීමයි. මෙලෙස විවිධ නිකායවලට බෙදුනු කන්‍යා සොහොයුරියන්ගෙන් එදත් අදත් විශාල සේවයක් සිදුවෙනවා.සුරවම් කූඩුතේවත්ත බැසිලිකාව වටාද පසුකාලීනව කන්‍යාරාම කිහිපයක්ම ඉදිවෙන්නෙ කාදිනල් තුමා විසින් එම නිකායන්ගෙන් කළ ඉල්ලීමක් අනුව. තේවත්ත පල්ලිය හුදකලා නොකොට ඒ ආශ්‍රිතව ආගමික පරිසරයක් නිර්මාණය කිරීමට කාදිනල්තුමා හිතන්න ඇති. මීට අමතරව විශ්‍රාමික කතෝලික පියතුමන්ලාගේ හා රදගුරුතුමන්ලාගේ වාසස්ථානය වන 'පිය සෙවන' නිවසද පිහිටා ඇත්තෙ තේවත්තේමයි.පාප්තුමන්ලාගේ සිහිවටනටිකෙන් ටික අපි කෞතුකාගාරයේ අවසාන කුටියටත් ආවා. අවසාන කුටිය වෙන්වෙලා තිබුනෙ ලංකාවට ආගිය පාප්තුමන්ලාගේ සිහිවටන වෙනුවෙන්. 1970දි සිදුවූ හයවන පාවුළු පාප්තුමාගේ සංචාරයේද 1995දි සිදුවූ දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ සංචාරයේද සිහිවටනවලින් කුටිය පිරී තිබුනා.කෞතුකාගාරේ බලලා ඉවර වෙනකොට මට මතක හැටියට හවස දෙකත් පහුවෙලා ඇති. උදේ ආහාරයෙන් සන්තර්පණය වෙලා නිශ්ශබ්දව හිටපු බඩේ පනුවෝ ආයෙත් බඩට අනින්න පටන් අරගෙන. උන් පව් කියලා හිතලා හිමීට ආපන ශාලාව පැත්තෙ ගෑටුවා. පනුවන්ගේ වාසනාවට ආපන ශාලා වල කෑම තිබුනා. ඉතින් කෑමත් අරගෙන අපි ගියේ වන්දනාකරුවන්ට ආහාර ගැනීමට ඉදිකළ කුටියක් තුළට.කට්ටකුමන්ජල් ගහබැසිලිකාව අවට, වන්දනාකරුවන්ට ආහාර ගැනීම සඳහා ඉදිකොට තිබූ ස්ථාන වගේම වැසිකිළි හා දිය නෑමේ පහසුකම් හරිම ප්‍රශස්ත මට්ටමකින් තිබුනා. අපි නම් ඉතින් නාන්න ගියේ නෑ. අහල පහල ඉඳලා ගිහින් නාන්න යන්නත් බෑනෙ. ඉතින් අපි දිවා භෝජනය අරන් ඉන් පස්සේ අතුරු පසත් අරන් ආයෙ වට වන්දනාව ආරම්භ කළා. මට හිතුනා කඩෙන් බත් නොගෙන කෑම උයලා වෙන වෙනම භාජනවල දාගෙන ආවා නම් කොච්චර හොඳයිද කියලා. කොයි කඩෙන් කෑවත් ගෙදර බත් තරම් ඇඟට අල්ලන්නෙ නෑනෙ.ඊලඟට පල්ලම් බැස්සේ ලූර්දු ගුහාව දිහාවට. ලූර්දු ගුහාව කියන්නෙත් මොකක්ද කියලා කියන්න වෙනවා නේද. ඉතාලියේ ප්‍රංශයේ ලූර්දු නගරයේදී දේව මෑණියන් කුඩා ළමයෙකුට දර්ශනය වීමේ පුවත සිහිකරන්න තමයි සෑම පල්ලියකම පාහේ ලූර්දු ගුහාවක් ඉදිකරලා තියෙන්නෙ. ලූර්දු ගුහාවට යන අතරමඟදී විශාල ගහක් සමීපයේ අපි නතර උනා."ඒක කට්ටකුමන්ජල් ගහක්" එහෙම කිව්වෙ අපේ වන්දනා නඩයේ සාමාජිකාවක්. ඒත් මම නම් පිළිගත්තෙ නෑ. පස්සෙ වැක්කෙරිච්ච මැලියමුයි ඒවා කැටවෙච්චයි දැක්කා. ඒවා පාටින්, සුවඳින්, හැඩයෙන් කට්ටකුමංජල් වගේම තමයි. මේක කට්ටකුමන්ජල් ගහක්මද.ගහත් පහුකරගෙන පහළට ගියාම මෙන්න තියෙනවා ලූර්දු ගුහාව. මෙතන 'ඔරේන්ජ් හිල්' වත්ත වෙලා තිබුනු කාලෙ ලොකූ කළු ගලක් තිබිලා තියෙන්නෙ. පල්ලිය හදන්න උවමනා කරන ගල් අරගෙන තියෙන්නෙ එතනින්. පස්සෙ පල්ලියෙ වැඩ ඉවරවුනාම ඒ 'ගල් වල' ලූර්දු ගුහාව බවට පරිවර්තනය වෙලා. ඒ පලාතම හරිම සීතලයි. හරිම නිස්කලංකයි. ඒ මදිවට ලූර්දු ගුහාව අවටින් මතුවෙච්චි දිය සීරා ඒ ගල්තලාවම තෙතබරිතව තබන බව තමයි පෙනුනෙ.මෙන්න තියෙනවා ලූර්දු ගුහාවඒ දිය සීරා එකතු කිරීමෙන් තැනූ පුංචිම පුංචි වැව ඊට එහා පැත්තෙන් බලාගන්න පුළුවන්. පල්ලියේ ජල අවශ්‍යතා සැපිරෙන්නෙ ඒ වැවෙන්. වැවට නම් බහින්න දෙන්නෙ නෑ. නා කියා ගන්න අවශ්‍යය කෙනෙකුට වැවට එහායින් ඇති ළිඳත් ටැංකි පෙළත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ගස් වලින් පිරුනු වැව් තාවුල්ල හරිම මනස්කාන්ත දර්ශනයක් මවා පෑවා.හවස හතර විතර වෙනකොට පල්ලිය වටේම ඇවිදලා ඉවරයි. දැන් ගෙදර යන වෙලාව. එන ගමන් පල්ලිය ඉස්සරහා අච්චාරු වෙළෙන්ඳියන්ගෙන් අච්චාරු මුලක් අරන් එන්නත් අපි අමතක කෙළේ නෑ.
BLOG
2014.09.12
http://dreamsofharee.blogspot.com/
රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව
හරී
තවත් ඉරිදා උදෑසනක්. මම කලින් පෝස්ට් වල කිව්වා වගේ දැන් හැම ඉරිදා දවසක්ම පාහේ පවුලේ ගමන් බිමන් වලට වෙන්වෙලා. ඉතින් මේ ඉරිදාත් අපේ සූදානම තවත් සුන්දර තැනක් බලා ගමනේ යෙදෙන්න. මෙදා ගමනාන්තය වෙලා තිබුනේ රාගම, තේවත්තෙ ලංකාවෙ අප ස්වාමිදුවගේ බැසිලිකාව. කොළඹ මීගමු පාරෙ කොළඹ ඉඳන් එද්දි හම්බෙන මහබාගෙ හන්දියෙන් දකුණට හැරෙන්න ඕනා. ඊටපස්සෙ රාගම දුම්රිය නැවතුම්පොළ පහුකරලා වමට හැරිලා කිලෝමීටරයක් යද්දි තේවත්ත බැසිලිකාව හමුවේවි. GPS බලලාත් පාර හොයාගෙන එන්න පුළුවන්. මම ගොඩාක්ම සවුත්තු උනෙත් මේ පාර හොයාගෙන යන්න ගිහින් තමයි. ඔන්න කෝකටත් ගියලා ගූගල් අයියගෙන් ඉල්ලගත්තු සිතියං කෑල්ලකුත් එල්ලුවා. තේවත්තේ බැසිලිකාව එහෙම නැත්නම් කටවහරෙන් කිව්වොත් තේවත්ත පල්ලිය කියන්නෙ ලංකාවෙ තියෙන එකම බැසිලිකාව ඒවගේම ලංකාවේ තියෙන ප්‍රමාණයෙන් විශාලම දේවස්ථානය. තේවත්ත පල්ලිය අවට සිරි නරඹලා එන්න කිතුනු නොකිතුනු කාටවත් තහනමක් නෑ. මේ පෝස්ටුව කියෙව්වට පස්සෙ ඔයාලටත් ඒ පැත්තෙ යන්න හිතුනොත් ගිහින් බලලා එන්න. ඒකට කාගෙන්වත් තහනමක් නෑ. වන්දනා ස්ථානයක හැසිරිය යුතු ආකාරය දන්න ඕනෑම කෙනෙකුට එතන විවෘතයි.තේවත්ත පල්ලිය (පින්තූරය මෙතනින්)"බැසිලිකාව කියන්නෙ මොකක්ද." කියන ප්‍රශ්නය සමහරුන්ගෙ හිතට ඇවිල්ලා ඇති. මතකද. මම එක එක වර්ගයේ ගොඩනැඟිලි ගැන කලින් ලිපියක් ලිව්වා. ඒක කියවපු අයට නම් මතක ඇති. ලිපිය කියවපු අයට මතක් වෙන්නත් නොකියවපු අයට දැනගන්නත් එක්ක මම කියන්නම්කො බැසිලිකාවක් කියන්නෙ මොකක්ද කියලා. ඉතාම ඈත අතීතයේදී රෝමයේ පොදු කටයුතු සඳහා භාවිතා කරපු විශාල ගොඩනැඟිලි තමයි මුලින්ම බැසිලිකා විදිහට හඳුන්වලා තියෙන්නෙ. ඒත් පසුකාලීනව රෝම අධිරාජ්‍යයා කතෝලික ආගම වැළඳ ගැනීමත් එක්ක විශාල කතෝලික දේවස්ථාන බැසිලිකා නමින් හඳුන්වන්න පටන් අරන් තියෙනවා. සමහරවිට ඒ තිබ්බ පොදු ගොඩනැඟිලි දේවස්ථාන බවට පත් උනාද කියන්නත් බෑ.කොහොමවෙතත් ලෝකයේ පසුකාලීනව ඉදිවන විශාල දේවස්ථානත් බැසිලිකා නමින් නම්වෙනවා. නමුත් ඒ සඳහා පාප්තුමාගේ විශේෂ අවසරයක් ඕනෑ. දැනට මේ විදිහට බැසිලිකා 1000ක් විතර ලෝකයේ ඉදිවෙලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි අපේ තේවත්තේ බැසිලිකාව. ඒක ලෝක කතෝලික සභාව තුළ ලංකාවෙ නියෝජනයක් වගේ.එහෙනම් ගමනෙ විස්තර බලමුකො. අපේ ගෙදර ඉඳන් තේවත්ත පල්ලියට මහ දුරක් නැති නිසා එච්චර උදෙන්ම ගමන පිටත් වීමේ සූදානමක් තිබුනේ නෑ. ඇරත් පරිසරයම වෙලාගත් වැහි මන්දාරම් ගතිය නිසා පවුලේ අයත් ගමනට අදිමදි කරන ආකාරයක් පෙනෙන්නට තිබුනා. ඒත් මගේම පෙරැත්ත කිරීමෙන් ලෑස්ති බෑස්ති වෙලා කට්ටිය එළියට බහිනකොට උදේ නමය හමාරටත් කිට්ටුයි.තේවත්ත පල්ලිය කියන්නෙ අපිට නුහුරු තැනක් නෙමේ. මතකනෙ රබර් වතුගානෙ කරක් ගහපු අපේ ළමා දිනය. ඒක නිසා පාර තොට පිළිබඳ දෙගිඩියාවක් තිබුනේ නෑ. ඒත් කෙටිම පාරෙන් යාමේ ලෙඩේ හැදුනා. කලින් කිව්වා වගේ GPS අයියා හොඳටම වද දුන්නෙ මේ ගමනෙදි තමයි. කොහොමහරි කැරකිලා කැරකිලා තේවත්තේ පල්ලියේ මායිම් පේන්න ගන්නකොට වෙලාව උදේ දහයාමාරට විතර ඇති.අපි තේවත්තට ළඟා වුනේ මල් වැස්සකුත් අරගෙන. ගිනි කාෂ්ඨක අව්වේ පවා ගිම් නිවාලමින් සිසිලස සදන තේවත්ත පරිසරය හිරිපොද වැස්සේදී ගෙනෙන සිසිලස, ලස්සන, නිස්කලංක බව කියා නිමකරන බෑ. ඒ වැස්සේ තෙමෙන්නට අපට අවකාශ නොලැබුනේ පෞද්ගලික වාහනයක පැමිණි නිසා. ඒ නිසාම පල්ලිය දක්වා වැටී තිබූ පියගැටපෙළේ එහා මෙහා පනිමින් ලැබූ වින්දනයද අහිමි උනා. මැසොන් අගරදගුරු තුමාගෙත් තෝමස් කුරේ කාදිනල් තුමාගෙත් පිළි රූ අසලින් හැරී දේවස්ථානයේ දොරටුව දක්වාම අපි ධාවනයේ යෙදුණා. වාහනයෙන් බැස්ස අපි කෙලින්ම දේවස්ථානයට ඇතුළු උනා. ඒ දහවල් එකොළහට ආරම්භ වීමට තිබූ දිව්‍ය පූජාවට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන්.දිව්‍ය පූජාව ඉවරවෙනකම් පොඩ්ඩක් අතීතයේ රවුමක් ගිහින් එමුද. 1940 වර්ෂය වෙනකොට මුළු ලෝකය දෙවන ලෝක යුද්ධයේ ගිනිදැල් වලින් වෙලීයමින් තිබුනා. කට්ටියට මතකත් ඇති. නෑ.. නෑ.. ඒ ගැන කියෝලා ඇති. එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් මෙන්ම උපාය මාර්ගික අතින් වැදගත් ස්ථානයක පිහිටි ලංකාවටද යුද්ධයේ බලපෑම් එල්ලවෙමින් තිබෙන්නට ඇති. යුද්ධය ලංකාවටත් පැතිරුනොත් ඉන් වන හානිය දකින එවකට ලංකාවේ අගරදගුරු තැන්පත් මේරි මැසොන් හිමිපාණන් දේව මෑණියන් ඉදිරියේ භාරයක් වෙනවා. ලංකාව දෙවන ලෝක යුද්ධයෙන් බේරාදුනහොත් දේව මෑණියන් වෙනුවෙන් බැසිලිකාවක් ඉදිකොට, දේව මෑණියන්ව 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අභිෂේක ගැන්වීමට ඔහු පොරොන්දු වෙනවා.දේව මෑණියන්ව 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අභිෂේක ගැන්වීමට.. ඒ ගැන පැහැදිලි කිරීම මෙහෙමයි. දේව මැණියන් කියන්නෙ ජේසුස් වහන්සේගේ මව වෙච්ච මරියතුමියට. අතීතයේ පටන්ම විවිධ නාම වලින් දෙව්මවුන් හඳුවමින් එතුමියට ගෞරව දැක්වීම සම්ප්‍රදායක් බවට පත්ව තිබෙනවා. ශු. ජපමාල මෑණියෝ, පාතිමාවේ අප ස්වාමිදූ, ලූර්දුවේ අප ස්වාමිදූ වැනි නම් එසේ යොදාගන්නා නම් වලට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මෙසේ අභිසෙස් කිරීමේදි ඒ නමටම ගැළපෙන විවිධ සංකේත යොදා ප්‍රතිමා සකස් කිරීමත් සම්ප්‍රදායක්. ඉතින් ලංකාව යුද්ධයෙන් බේරාදීමට ගරු කිරීමක් වශයෙන් තමයි දේව මෑණියන් 'ලංකාවෙ අප ස්වාමිදූ' වශයෙන් නම් කරන්න පොරොන්දු වෙන්නෙ.කාලය ගත වෙලා දෙවන ලෝක යුද්ධය නිමාවට පත් වෙනවා. සිතූ පැතූ ලෙස ලංකාව යුද්ධයෙන් ගැළවීමත් එක්ක පොරොන්දු ඉටුකිරීමේ කාලය එළඹෙනවා. මේරි මැසොන් හිමිපාණන් රෝමය බලා පිටත්වෙන්නෙ බැසිලිකාව ඉදිකිරීම සඳහා පාප්තුමාගේ නිල අවසරය ලබා ගන්න. නිසි අවසරය ලැබුනත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනු දැකීමට එතුමා ජීවත්වන්නේ නෑ. ඒ කාර්‍යය ඉදිරියට ගෙන යන්නේ එතුමන්ගෙන් පසු පත්වූ තෝමස් කුරේ කාදිනල් තුමා විසින්. ඔවුන් දෙදෙනාට කරන උපහාරයක් වශයෙන් තමයි දෙදෙනාගේම පිළිරූ දේවස්ථානයට එන මඟ ඉදිකර ඇත්තේ.ලංකාවෙ අප ස්වාමිදූ (පින්තූරය මෙතනින්) බැසිලිකාව සඳහා අවසර ලැබුනු පසු එයට සුදුසු ඉඩමක් හොයන අතර තමයි තේවත්ත පල්ලිය ඉදිරිපිට (බැසිලිකාව නොවේ. බැසිලිකාව ඉදිරිපිට ඇති කුඩා දේවස්ථානය ) තිබූ 'ඔරේන්ජ් හිල්' නම් රබර් වත්ත විකුණන බව ආරංචි වන්නේ. බැසිලිකාව ගොඩනැඟීම සඳහා එය මනරම් ස්ථානයක් බව දකින අගරදගුරුතුමා එය මිලට ගන්නවා. ඉන්පසු කඩිනමින් බැසිලිකාව ඉදිකිරීමේ කටයුතු ආරම්භ වෙනවා.බැසිලිකාව ඉදිවෙමින් පැවතෙන අතරේම ලංකාවේ අප ස්වාමි දුවගේ පිළිරුවද නිර්මාණය උනා. පෘතුගාලයේ පාතිමාවේ අප ස්වාමිදූ ප්‍රතිමාව නිර්මාණය කළ ශිල්පියාම එය සිදු කළ අතර නා මල් කිනිත්තක් දෙපා මුල රැඳවුනේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්නුම් කිරීමටයි. ඒ වනවිට නා ගස ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම්කරලාවත් තිබුනේ නෑලු.මධ්‍යහන දොළහා වෙද්දි දිව්‍ය පූජාව අවසාන උනා. දහවල් ආහාර ගන්නා වෙලාව වුවත් අප කෙටි ආහාරවෙලකින් සප්පායම් උනේ පරක්කුවෙලා උදේ කෑම ගත්තු නිසා. පල්ලියට පැත්තකින් පිහිටි අවන්හල වගේම අසල පිහිටි කන්‍යාරාමයෙන් පවත්වාගෙන යන අවන්හලත් වන්දනාකරුවන්ට බොහෝම ප්‍රයෝජනවත්. කන්‍යාරාමයේ අවන්හල අපේ සිත්ගෙන තිබ්බෙ පූප සෑදීමෙන් ඉතිරිවන කොටසුත් කන්‍යාරාමය තුළම නිපදවූ වයිනුත් අලෙවියට තබා ඇති නිසාමයි. පූප සෑදීමෙන් ඉතිරිවෙන කොටස්වලට ඇති අධික ඉල්ලුම නිසා ඒවා ලබාගත හැක්කේ සතියේ එක් දිනයක පමණක් බව දැනගන්නට ලැබුනා. කෙටි ආහාරයෙන් පසු වැහි පොද අස්සේම අපි ඔබ මොබ ගියේ පරිසරයේ සුන්දරත්වය විඳගැනීමේ බලාපොරොත්තුවෙන්මයි.කතාවෙ ඉතිරි කොටස තව ටික දවසකින් කියන්නම්කො.
BLOG
2014.09.06
http://dreamsofharee.blogspot.com/
GPS, මාව කාපන්
හරී
වාහනේ ගත්තු මුල්ම කාලෙ මට හරිම ආසයි එහෙ මෙහෙ ඇවිදින්න යන්න. වෙනදා වගේ බස් එනතුරු ඇස් කැඩෙනකම් බලාගෙන ඉඳලා බස් එකට නැගලා ඉල ඇට කඩාගෙන ගෙදර යන්න ඕනා නෑනෙ දැන්. කොහෙහරි යන්න හිතුනා නම් එවලෙම ගියා. ඒත් ඒක එහෙමම නොවෙන්නෙ වාහනේ ඉස්සරහට යන්න යන්න ඉන්ධන මට්ටම පෙන්වන කට්ට පස්සට පස්සට එන හින්දා. හරි හරි ඉතින් වාහනේ පස්සට යද්දිත් පෙට්‍රල් පිච්චෙනවා තමා. ඉස්සරහට ගිහින් හරි පස්සට ගිහින් හරි ඒ කට්ට පස්සට ගියාම ආයෙත් ඉස්සරහට යවන්න උනාම තමයි ඇවිදීමේ රඟේ තේරෙන්නෙ. මුල්ම කාලෙ ඒකත් එච්චර අවුලක් නෑ. ආසාවනෙ. සෙනසුරාදා දවස් බාගෙන් වැඩ ඉවරවුනාට පස්සේ ඔහේ කොහේහරි රවුමක් යන එක පුරුද්දට ගියා. ඒ වගේ දවසක ගම්පහට ආපු වෙලාවක තමයි 'හොරගොල්ල ජාතික උද්‍යානය' බලන්න සිහියට ආවෙ.හොරගොල්ල ජාතික උද්‍යානයට යනවා කිව්වට පාරක් තොටක් මොකුත් දැනගෙන හිටියෙ නෑ. 'හොරගොල්ලට යන්න දන්නවනෙ ඉතින් ජාතික උද්‍යානය හොයාගන්න එක කජ්ජක්ද.' කියලා හිතුවා. හොරගොල්ලට ආපුවම තමයි ඒකෙත් රඟේ තේරුනේ. අහන අහන මෙලෝ එකෙක් එහෙම එකක් දන්නෙ නෑ. අන්තිමේදී එකෙක් කිව්වා පාරක යන්න කියලා. ඉතින් බොහොම සන්තෝසෙන් ඒ පාරෙ ගියා. ඒත් යනවා යනවා. මොන..පස්සෙ කඩයක් ගාව නවත්තලා අහපුවාම අපි පහුකරන් ඇවිත් කියලා ආපහු යැව්වා. බලද්දි එතන පුස්තකාලයක් මිසක් ජාතික උද්‍යානයක් නෑ. පස්සෙ එහෙට මෙහෙට අහලා අහලා නහුතෙට තදවෙච්ච පාර කෙලින්ම ගෙදර ආවා. එහෙම ඇවිත් තමයි මාරයාගේ පෝස්ටුව බැලුවේ.ඊළඟ සෙනසුරාදා වෙනකොට පාර එහෙම හොඳටම දැනගෙන ලෑස්ති උනා මේ පාරනම් හොරගොල්ලෙ උද්‍යානෙටම පාගනවා කියලා. ගූගල් අයියාගෙන් අහගෙන ගිය පාරට හැරුනා. වාහන දෙකක් යාන්තටම මාරුවෙන්න පුළුවන් පටුම පටු පාරක්. කමක් නෑ කියලා ඉස්සරහට ගියා කියමුකො. මෙන්න අලි කන්දක්. කන්දක් නම් කමක් නෑ. ඒ පාර හරහා වතුර ගිහින් තාර පාර තනිකරම කළු ගල් ගොඩක් වෙලා. මම හිත හදාගෙන වාහනේ ගල්ගොඩට දැම්මා. ඒත් එයා ඉස්සරහට ගියෙම නෑ. මඟක් යනවා නතර වෙනවා. ඔය විදිහට දෙතුන් පාරක් උනාම වැඩේ හරියන්නෙ නැති බව තේරුනා. හරවගත්තා කෙලින්ම ගෙදර. (අද මාරයාගේ පෝස්ටුව බලද්දි තේරුනා ඒ පාරත් හරිම පාර නොවන බව :P )ඔය එන අතරවාරෙදි තමයි කලින් සැරේ පාර අහ අහා ඉන්නෙ නැතිව GPS පාවිච්චි කරන්න පුළුවන්කම තිබුනා නේද කියන එක ඔලුවට ආවෙ. "දන්න පාරක් තියෙද්දි උනත් GPS පාවිච්චි කරලා කෙටි පාරවල් හොයාගන්න පුළුවන්. අපිට යන්න ඕනා තැනට තියෙන දුර වගේම එතනට යන්න ගතවෙන කාලය ඔක්කොම පෙන්වනවා. කොච්චර ලේසිද." "අනික Map app එකෙන් හරි Navigation app එකෙන් හරි ලේසියෙන්ම අපි යන පාර ටුක් ටුක් ගාලා බලාගන්න පුළුවන්.""ඔව්. හැබැයි පොඩ්ඩක් අවුල් නේද.""මොකක්ද.""සද්දෙ"මේ විදිහට GPS ගැන පැහැදුනත් නඩේගුරා ඩොට් කොම් ලියපු දිනේෂ් ඩෙකර්ලා කෙටි පාරකින් පොල් වත්තකට ගිය හැටිත් වෙනී අයියලා මළ ගෙදරක ගිය හැටිත් මම අහලා තිබුනා. ඊළඟ සෙනසුරාදා ඔන්න GPS වලින් පාර හොයාගෙන අපි ටුක් ටුක් ගගා ගම්පහ ගියා. කෙටි පාරකින් එන්න ලැබුනා. අවුලකට තිබ්බෙ Navigation වල ඊතලය ගමන් කරන දිශාවටම යොමු නොවී තිබීම. ඒක නිසා කල්පනාවෙන් නොබැලුවොත් හන්දියකදී හැරෙන පැත්ත වරදින්න පුළුවන්. එහෙම වැරදීම් කිහිපයකින් පස්සෙ GPS ඕනෑ නෑ කියන තත්වයට ආවත් ඊතලය තිතක් විදිහට හිතුවානම් ප්‍රශ්නය නිරාකරණය වෙයි කියන තැනට ආවා.ඊටත් පස්සෙ සතියෙ අපි ඔක්කොම කට්ටිය කෙටි වන්දනා ගමනක ගියා. හැමදාම ගිහින් පුරුදු දන්න කියන පාර තිබ්බත් GPS වලින් කෙටි පාරක් හොයාගෙන යන එක පොඩි සතුටක් වගේ. ඉතින් ඔන්න එදාත් GPS අයියාගේ උදව් අපි ඉල්ලුවා. GPS පාවිච්චි කරලා කෙටි පාරකින් යමු කියද්දි කෙටි පාර දන්න බව තාත්තා කිව්වත් එක්ක. කමක් නෑ GPS ඊට වඩා කෙටි පාරක් දන්නවා ඇතිනෙ. අපි එයාගෙ පිහිට පැතුවා.මෙන්න එයා ශෝක් ළඟ පාරක් පෙන්වනවා. ඔන්න අපිත් එයා පස්සෙ එලවනවා. ප්‍රධාන පාරෙන් පැනලා එයා අතුරු පාරවල් දිගේ යනවා. අපි එයාගෙ පස්සෙ පන්නනවා. ජීවිතේට ගිහින් නැති පාරවල් වල එයා අපිව එක්කගෙන යනවා. ටිකක් වෙලා යනකොට තමයි අල්ලගත්තු කොටි වලිගෙ තරම තේරුනේ. GPS යන්නෙ කඳු, පල්ලම්, බෝක්කු, වංගු පිරිච්ච පාරක. යනවා යනවා ඉවරයක් නෑ වගේම. කැඩිච්ච පාර හින්දා ගාටන්නත් උනා.අන්තිමේදී කැරකිලා කැරකිලා ප්‍රධාන පාරට මතු උනාම තමයි යන්තම් යන්න පුළුවන් උනේ. තාත්තගෙ මූණ බලන්නත් බෑ වගේ. ආපහු එද්දි තාත්තා කියපු පාර දිගේ කෙලින්ම ආවා. පැය කාලකට වඩා ගිය කෙටි පාරට වඩා දුර පාරෙන් විනාඩි දෙකයි.මට යක්ස තරහයි වෙච්චි දේට. කඳු පල්ලම් තියෙන පාර උඩින් බලලා කෙටියි කියලා GPS හිතන්න ඇති. ඒකයි වරදින්න ඇත්තෙ. මම ඌට සමාව දෙන්න හිතාගෙන නිකමට ටවුන් එකේ ඉඳන් ගෙදරට එන පාර බැලුවා. මූව කොටියාම කන්න එපායැ. ඒ පෙන්වන කෙටිම පාරෙන් එන්න බෑ. ඇලකින් වෙන්වෙච්ච පාරවල් දෙකක් මූ එකක් කියලා පෙන්වනවා. ඒ පාරෙ එන එකාට බෝට්ටුවකුත් අරන් එන්න වෙන්නෙ ඇලෙන් පනින්න.එහෙම තියෙද්දිත් ලජ්ජා නැතුව මම ඊයෙත් පාරක් අහගත්තා. ගමන ගිහින් ඇවිත් බලපුවම ඊට වඩා ළඟ පාරක් තිබිලා. මූ මාව වටේ ඇරලා.GPS, මාව කාපන්. ආයෙ නම් උඹෙන් පාරවල් අහන්නෙ නෑ. ඊට වඩා හොඳයි පාරෙ යන හරකෙක්ගෙන් අහනවා.
BLOG
2014.09.03
http://dreamsofharee.blogspot.com/
(පාලම්) කොකා
හරී
"මීගමු කලපුව අපේය. එය රැකගැනීම අප සතු යුතුකමකි." කලපුව අයිනෙම හිටවලා තිබුන තරමක් විශාල පුවරුවක්. අදයි දන්නෙ මීගමු කලපුවත් අපේ කියලා.ඉතින් අපේ වෙච්ච මීගමු කලපුව දිහා මම මොහොතක් බලා හිටියා. කලපුවෙ වතුර නිවීහැනහිල්ලෙ මුහුදට ගලාගෙන යන්නෙ හරියට අපිට ඕනාවට වගේ. පැත්තකින් ධීවරයො කීපදෙනෙක් ආපහු මූදු යන්න තමුන්ගෙ ඔරුව ලෑස්ති කරනවා. ඔරුවෙ පිරිලා තියෙන වතුර අයින් කරනවා. දැල් ටික ඔරුවට පටවනවා. හරිම කාර්‍යබහුලයි. කන්ඩ බොන්ඩ දීලා මාළු නොහැදුවට මූදෙ ඉන්න මාළු අල්ලගෙන රටට ගේන්න මොනතරම් මහන්සියක් වෙන්න ඕනද. මොනතරම් නිදි වරන්න ඕනද. ඒත් මේ ධීවරයන්ට ඒක පුරුද්දට ගිහිල්ලා ඇති කියලයි මට නම් හිතුනෙ.තවත් ටිකක් එහා මෙහා බලපුවම කලපුවම මැද්දෙ තැනින් තැන කොළපාටින් දිදුලන කඩොලාන ගස් දකින්න පුළුවන්. වැරදුනා කොළපාට නෙමෙයි නිල්පාටනෙ. ඒ වගේ කොළපාට තැන් ගොඩබිම් කියලා බැලූ බැල්මට හිතුනත් ඒ සමහර තැන් ඇත්තටම ගොඩබිම් නෙමේ. කඩොලාන ගස් වැවුනු කලපුවේම කොටසක්. ගස් තියෙන්නෙ තනිකරම කිවුල් වතුරෙ. අන්න ඒ වගේ කඩොලානෙන් වටවෙච්චි තැනක කොක්කු රංචුවක් වට වෙලා මාළු දඩයමේ යෙදෙන හැටි මට හොඳට පෙනුනා.හොඳ කෑමක් ලැබිලා කොක්කු පාටියක් වගේ. :) මම තව ටිකක් විමසිල්ලෙන් කොක්කු පාටිය දිහා බැලුවේ එතන ඉන්නෙ මොන මොන ජාති වල කොක්කුද කියලා අඳුනාගන්න. කණකොකා කියන්නෙ ඇඟ අළු පාට, ඉගිල්ලෙන කොට සුදුපාට එකානෙ. උන් නම් පේන්න නෑ වගේ. කිරි පාටින් බැබලි බැබලි ඉන්න මුන් කිරි කොක්කු වෙන්න ඕනා. හරියට නොපෙනුනාට සමහරවිට පාලම් කොක්කු, පහු කොක්කුත් එතන ඇති. ඇයි පාලිත කියන කොක්කු ජාතිය උනත් කොක්කු පාටිය මැද්දෙ නැතිවෙන්න බැරිකමක් නෑ.පාලම් කොක්කු... පාලම් කොක්කු.... පාලම් කොක්කු මතක් වෙච්චි පාර මම එහෙමම අවුරුදු විස්සක් විතර අතීතයට ගියා. එතකොට මම මුට්ටිසූරිවත් නොයන පොඩිම පොඩි එකා. ඒ කාලෙ අපි වෙල් ආශ්‍රිත පරිසරයක තමයි හිටියෙ. ගෙවල් තුන හතරක් එහායින් සුදෝ සුදු වතුරෙන් පිරිච්ච දොළක් ගලාගෙන ගියා. දොළ පුරාම ඕලු මල් නෙළුම් මල් පිරිලා. ඇයි කෙකටියා, කැරන්කොකු. ඒවලිනුත් අඩුවක් තිබ්බෙ නෑ.එදා තිබ්බ ඒ පරිසරයට මම බොහෝම ඇලුම්කළා. විශේෂයෙන් පුරන් වෙච්ච වෙල් යායක් මැදින් එක්තරා අසල්වැසි ගෙදරකට යන එක ඒ කාලෙ මට හරිම විනෝදජනක අත්දැකීමක් උනා. මොකද ඒ ගෙදරට යන්න හොඳ පාරක් තිබුනේ නෑ.සම්පූර්ණයෙන්ම පන් වලින් වැහිලා තිබ්බ වෙල මැද තිබිච්ච උස් භූමියක තමයි ඒ ගේ හදලා තිබ්බෙ. ගෙදරට යන්න පාරක් නොතිබ්බට ගෙදර අය එහා මෙහා ගිහිල්ලම පන්ගස් මැද්දෙන් බොහෝම ලස්සන අඩි පාරක් හැදිලා තිබ්බා. සාමාන්‍යයෙන් වෙල පුංචි මගේ දනහිසට වගේ උස වතුරකින් පිරිලා තිබ්බෙ. ඉතින් පන්ගස් මැද අඩි පාරෙත් ඒ තරම්ම වතුර. ඒ කාලෙ වතුර පාරක නට නට යන්න තියෙනවා කියන එකම කොච්චර ශෝක් අත්දැකීමක්ද.වෙනදාට "අම්මියො, මගෙ කකුල් සිදෙනවා වඩාගෙන යන්නකූ" කියලා මූන බෙරිකරගෙන අම්මගෙ අතට පැන්නත් මේ පාරෙ යන්න නම් එහෙම අමාරුවක් තිබ්බෙ නෑ. එතකොට මාව වඩාගෙන යන එක තමයි අම්මට අමාරුම කාරිය උනේ.ඔන්න ඔහොම ගිය දවසක අම්මයි ඒ ගෙදර නැන්දයි කතා කර කර ඉන්නවා මට අද වගේ මතකයි. මටත් ඉතින් කරන්න දෙයක් නෑනෙ. හරිම කම්මැලි. මේ දෙන්නගෙ චක බකේ ඉවරයකුත් නෑ. කරන්න දෙයක් නැති තැන මම පහළ වෙලේ ජා පැට්ටො සෙල්ලම් කරන හැටි බල බල උන්නා. මෙන්න එකපාරටම සුදුම සුදු කොකෙක් බෑවෙ නැතෑ ජා පැට්ටො මැද්දට. "අම්මේ මෙන්න කොකෙක් බෑවෝ.. ඕ.. ඕ.. " මම සතුටින් කෑගැහුවා."හා. පුතා" අම්මා ආයෙමත් චක බක ගගා අර නැන්දා එක්ක කතාව. මම කිව්ව එක ගනන් ගත්තෙවත් නෑ වගේ. කොකා දිහා බැලුවෙවත් නෑ. මට තරහේ බෑ. මොනාද ඔය හැටි කියවන්නෙ."අම්මේ අර බලන්නකො කොකෙක්. අර අර අතන" මම ටිකක් හයියෙන් කිව්වා."ම්ම්. ලස්සන කොකෙක් නේද." අම්මා පොඩ්ඩක් හැරිලා බලලා ඔන්න ආයෙම කතාව. හුහ්.. මොනවා කියවනවාද මන්දා."අම්මෙ.. අම්මෙ.. බලන්නකො""හරි හරි පුතා මම ඌව දැක්කා. ලස්සන කොකෙක්නෙ."ඒත් මට විශ්වාස නෑ වගේ. "දැක්කා නම් කියන්න බලන්න උගෙ ජාතිය""ඌ කොකෙක් පුතා" අම්මා ආයෙමත් කතාව."එහෙම නෙමෙයි උගෙ ජාතිය කියන්නකූ""මම දන්නෙ නෑ පුතා" අම්මට කොකාට වැඩිය කතාව ලොකුයි. ඉන්නකො මම හොයාගන්න ජාතිය. මම ටිකක් හොඳට කොකා දිහා බැලුවා. හොඳට පරිස්සමෙන් බලන්න ඕනෙ කොකා දිහා. අම්මා දන්න කොක්කු ජාති. එයා කතාව."අම්මේ මම හොයාගත්තා. ඌ පාලම් කොකේ..ක්" මම ගමටම ඇහෙන්න කෑගැහුවා. කතාව නවත්තපු අම්මා එකපාර මට එරෙව්වා. කෑගහපු හින්දා වෙන්න ඇති. කෑ නොගහා කොහොමද මමනෙ හොයාගත්තෙ උගෙ ජාතිය. "අම්මේ ඌ පාලම් කොකෙක්" මම ටිකක් හිමීට කිව්වා. ඒත් ආඩම්බරෙන්."කට වහන් ඉන්න පුතා" අම්මා මේ පාර ටිකක් සැර දැම්මා."ඇයි ඌ පාලම් කොකෙක් නෙමේද." මට සැකයක් ඇතිවුනා. අපේ අම්මා මට ඔරෝන අතරෙ අර නැන්දා හිනා වෙනවා. සමහරවිට මම වැරදි ඇති. අම්මගේ මූණ කළු වෙලා."අපි ගිහින් එන්නාම් අක්කේ" කතාව ඉවරයි වගේ. ඒත් මේ හදිසියේ. මම හිතුවා තව වෙලා යයි කියලා. මගෙ අතින් වැරැද්දක් උනාවත්ද."යමු පුතා ගෙදර" ඒ පාර අම්මා මාවත් ඇදගෙන ගෙදර එන්න පිටත් උනා. මට ලැජ්ජයිත් එක්ක. දුකයිත් වගේ. අපරාදෙ, මට හරියට කොකා අඳුරගන්න බැරිවුනානෙ. අර නැන්දත් හිතන්නැති මම මෝඩ ළමයෙක් කියලා. ඒකනෙ එයා හිනාවුනේ. අම්මගෙ මූණ කළුවෙන්න ඇත්තෙත් ඒක නිසා. ඒත් ඉතින් ඒගොල්ලො තේරුම් ගන්න එපාය පුංචි ළමයි අතින් වැරදි වෙන්න පුළුවන් බව. මම දන්න විදිහට තමයි මම කොකාව අඳුනගත්තෙ."අම්මෙ, ඒ පාලම් කොකෙක් නෙමෙයිද. මට තාත්ති කිව්වෙ ඌ පාලම් කොකා කියලා" මම හිමීට අම්මගෙන් ඇහුවා. අම්මා පව්නෙ මම කොක්කු ජාතිය වරද්දපු හින්දා ලජ්ජා වෙන්න උනානෙ."මොකක්." අම්මා තවත් තරහින් පුපුරනවා."ඔව්. තාත්ති තමයි බයිසිකලයෙ යද්දි මට කොක්කු ජාති ජාති ඉන්නවා කියලා කිව්වෙ. මට කොක්කු ජාති ජාති ගොඩාක් පෙන්නුවා""ඇත්තද. අල්ලගන්නම්කො මම තාත්තව. මොක්කුද තව පෙන්නුවෙ.""කනකොකා කියලා එකෙක් පෙන්නුවා. ඌ සුදු නෑ. අළුයි. ඉගිල්ලෙද්දියි සුදු කිව්වා. තව මාන කොකා කියලා එකෙකුත් පෙන්නුවා. තව කිරිකොකා කියලා එකෙකුත් පෙන්නුවා. ""හ්ම්ම්""ඇයි අම්මේ ඌට කන කොකා කියන්නෙ. ඌ වැඩිපුර කන හින්දද.""මම දන්නෙ නෑ. තාත්තගෙන්ම අහගන්න එකයි ඇත්තෙ.""මම පෙන්නපු ජාතියෙ කොකෙක් තමයි එදා පාලම ගාව වහලා හිටියෙ. මම හිතුවෙ නෑ වරදී කියලා"ගෙදර ආවට පස්සෙ නම් අම්මා මට මොකුත් කිව්වෙ නෑ. ඒත් වැඩ ඇරිලා ආපු තාත්තට නම් මොනාද මොනාද කියෝගෙන යන බව පෙනුනා. ඒත් මට තේරුනේ නෑ. තාත්තා හිනා උනා විතරයි. තාත්තා හිනාවෙද්දිත් අම්මා මූණ පුළුටු කරන් මොනාද මොනාද කියනවා.පස්සෙ තාත්තා මට "පුතේ" කියලා කතාකලා. පාලම් කොක්කු කියලා ජාතියක් නැති බව කිව්වා. එදා තාත්තට වැරදුනාලු. ආයෙ එහෙම කියන්නෙපා කියලත් කිව්වා. මම හිතන්නෙ තාත්තා මට වැරදියට උගන්නපු හින්දා අම්මා බැනලද කොහෙද.ඒත් ඒක වැරදි නම් උගේ හරි ජාතිය මොකක්ද කියලා එවලෙ අහගන්නත් මට අමතක උනානෙ.අදටත් කොකෙක් දකින වාරයක් වාරයක් පාසා මට ඔය කතාව මතක් වෙනවා. මම මතක ලෝකෙන් මිදිලා ආයෙත් කොක්කු දිහා බැලුවා. කලපුවෙ හිටපු කොක්කු එකෙක්වත් එතන නෑ. පාටිය ඉවරවෙලා උන් කූඩුවලට ගිහින්ද කොහෙද.
BLOG
2012.05.15
http://thaaraa.blogspot.com
Dialog සිග්නල් තියෙන්නෙ කොතනද???
තාරා
මේක නම් ක්‍රියේටිව් සතාගෙ වැඩක් නෙමෙයි.. ඒ තරම්ම ක්‍රියේටිව් තවත් සතෙක් ගේ උදාන වාක්‍යයක්.අපේ බෝඩිමේ සිග්නල් හරි හිඟයි නේ... සිග්නල් කිව්වෙ අර දත් මදින එව්වා නෙමෙයි, ෆෝන් එකට එන එව්වා. දැන් නම් කැම්පස් එකටම අළුතෙන් කණුවක් දීලා. ඊට කලින් මොබිටෙල් සිග්නල් අන්තිමයි. මම ඇරෙන්න අනික් හැමෝම පාවිච්චි කලේ මොබිටෙල්.සත්තු ටිකට training දෙනවා කියපු දවසේ බෝඩිමේ එකම යුද්ධයයි. එහෙට කතා කරනවා... මෙහෙට කතා කරනවා... seniorsලට කතා කරනවා... madam ට කතා කරනවා.. තැන හොඳයිද කියල අහනවා... boy friend ට කතා කරලා "එතන ට්‍රේනින් ගියාට කමක් නැද්ද අනේ" කියලා අහනවා...ඔන්න ඔය විදිහට දස අතට කෝල් කර කර ඉඳලා අන්තිමට තීරණයක් අරගෙන මැඩම් ට කියන්න ආපහු කෝල් එකක් ගන්න උනා... ඉතින් මැඩම් ට කෝල් කරනවා කියන්නෙ ටිකක් වැදගත් විදිහට කතා කරන්න එපැයි. මැදදි කට් වෙන්නත් හොඳ නෑනෙ. මැඩම්ලට අපිට වගේ නෙමෙයිනෙ. කොච්චර වැඩ තියෙනවද...ඒ වෙලාවෙ ගිය දෙබස මෙන්න මෙහෙමයි. (චතූ කෝල් එක ගත්තෙ අර සතාගෙ ෆෝන් එකෙන්)චතූ: සද්ද කරන්නෙ නැතුව හිටපල්ලා... මම මේ මැඩම් ට කෝල් එක ගන්නෙ...සතා: චතු, චතු..., මේ මෙතන්ට එන්න. මේ ජනාගෙ ඇඳේ මේ කෙලවරට ඩයලොග් සිග්නල් තියෙනවා...(ඒක අහලා චතූ ගන්න ගිය කෝල් එක කට් කරලා....)චතූ: ඈ... මෝඩයො..., උඹේ සිම් එක ඩයලොග් ද. සතා: නෑ.. නෑ... මැඩම්ගෙ නම්බර් එක ඩයලොග්.ඊට පස්සෙ කට්ටියටම ට්‍රේනින් වත්, කාටවත් කෝල් කරන්න වත් මතක නෑ... ඉන් එහාට බෝඩිමේ පරිසරය එදා ගෙම්බා ඉස්ටිකර් උනු දවසට සමානයි හි හි හි...ප.ලි. ; හිතන්නෙපා අපි සතාගෙ නොදන්නා කමට හිනා උනා කියලා. එයා හොඳටම දන්නවා... ඒ ට්‍රේනින් ප්‍රශ්න අස්සෙ මොලේ කරකුට්ටං වෙලා ඉඳලා තියෙන්නෙ.
BLOG
2012.05.12
http://thaaraa.blogspot.com
රොබරෝසියා...
තාරා
නිල්ම නිල් අහස යටඅවට කොල පැහැ අතරදකින මුදු රෝස පැහැනුඹේ ඇස් රවටනවබලන අත රෝස පැහැමල් පියලි විසිරිලානුඹ හිතාගෙන ඉන්නෙලොවම එහෙමයි කියාකුල්මත් ව ඉපිල යන හිත නටන සතුටකින්නුඹ සිනාසෙන අරුමලෝකයම දකිනවාකාලය ගතවෙලාවසන්තය දියවෙලායද්දි නුඹෙ රෝස පාටලෝකයම බොඳවෙලාබිම වැටුනු රෝස සළුහෙමි හෙමින් වියලිලාමතුවෙද්දි ගුරුපාටතණ පත්ද මහ පොළොව නැගිටපන් හීනයෙන්බලන් වටපිට නුඹේකෝ සතුට නුඹට දුන්සති දෙකක වසන්තයපෙර පෑව සිනාවන්යළිත් මතකෙට අරන්සුසුම් ලාපන් ඉතින්කඳුල වියලෙනාකල්යළි වසන්තය ඇවිත්දොඩා බොරු පෙම් වදන්කැන්දලා නුඹෙ මුවටරෝස පැහැ සිනාවක්අමතකයි නුඹට ඒගුරුපාට අතීතයආයෙත් රෝසපාටයිනුඹේ මුළු ලෝකයමහිනැහියන් සන්තොසින්කෑගසන් ප්‍රීතියෙන්රැවටියන් හැමදාමසතිදෙකේ වසන්තයට...ඡායාරූප: පවිත්‍ර මධුසංක සොහොයුරාගෙන්.
BLOG
2012.05.04
http://thaaraa.blogspot.com
වෙසක් කාඩ් මුදලාලිගේ අළුත් බුද්ධාගම...
තාරා
දැන් ඉතින් අළුත් ක්‍රමේට ෆොටෝ එකක් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා යාළුවො ටික ටැග් කරනවා මිසක් ඉතින් කවුද වෙසක් කාඩ් යවන්නේ... ඕවට මුද්දර ගහලා තැපැල් කන්තෝරුවක් හොයාගෙන ගිහිල්ලා ඕක තැපෑලෙන් යනකොට ඊලඟ අවුරුද්දෙ වෙසක් වලට තමයි ලබන්නාට ඕක කියවන්න වෙන්නෙ. මම පුංචි කාලෙ ලියපු ඔන්න ඔය වගේ වෙසක් කාඩ් තාම මා ගාව තියෙනවා. ඒවට මුද්දර එනකන් තාම බලන් ඉන්නවා. හි හි..හැබැයි අතේ තැපැල් සේවය නම් හරිම විශ්වාසවන්තයි.ඇඩ්ඩ්‍රස් එක තමයි, බුලත් කෙල පාර, පඩික්කම. නැත්නම්, අතේ තැපල්, කටේ ඇපල් මුද්දරේට තියෙන චූටි කොටුවෙ මොකක් හරි බලියක් අඳින්න අමතක කරන්නෙත් නෑ. මලයටයි මටයි ෆේස්බුක් තිබ්බට නංගි ඉතින් තාම පොඩි එකානෙ. ඉතින් අම්ම එයාට අද අර රුපියල් දෙකයි පනහේ වෙසක් කාඩ් ටිකක් ගෙනත් දීලා. ඒ කිව්වෙ අර පෝස්කාඩ් වගේ ඒවා. කවරයක් නෑ. ඉතින් අම්ම මට වෙසක් කාඩ් ගෙනාවෙ නෑ කියලා වලියක් දාන ගමන් ඔය ටික බල බල ඉන්නකොට මෙන්න බොලේ වැඩක්.වැස්සකටද කොහෙද දහම් පාසල් ගිහින් තිබුන නිසා වෙන්නැති මගේ ටිංකිරි මොලේට මතක් උනා "ඈ දෙයියනේ සුජාතාව කිරිපිඬු දන් දුන්නේ බුදුහාමුදුරුවන්ට නෙමෙයි සිදුහත් තාපස තුමාට නේද" කියලා.. ඒ කිව්වේ බුදු වෙන්න කලින් වළඳපු අවසන් ආහාරයනේ... මෙව්වා කොහොමද සත් සතියෙදි උනේ... එතකොට මේ වෙසක් කාඩ් වල තියෙන්නෙ මොනාද. හොඳට ඇස් ඇරලා බලන්නකෝ...මේ තියෙන්නෙ පලවෙනි කාඩ් එක මේ දෙවෙනි එක තව වැරැද්දක් තියෙනවා... බුදු රැස් මාලාවෙ තියෙන්න ඕනෙ බෞද්ධ කොඩියෙ තියෙන පාට ටිකනෙ,ඒ කියන්නෙ නිල්, කහ, රතු, සදු, තැඹිලි, ශඩ් වර්ණ කියන පාටවල් නේ... එතකොට කොල පාට කොහෙන්ද ආවේ...මෙතන තියෙන ප්‍රශ්නය මේකයි, පොඩි කාලෙ ඉඳන්ම මං වගේ මැට්ටොන්ට පාඩම් පොත් වලින් පාඩම් කරන දේවල් වලට වඩා අහන දකින දේවල් වලින් තමයි මතක හිටින්නේ. ඉතින් ඔය වෙසක් කාඩ් එක කවුරු හරි පොඩි එකෙක් බලලා මතක හිටලා ගිහින් විභාගෙට ලිව්වොත්,සුජාතාව කිරිපිඬු දන් දුන්නේ සත්වන සතියේය.බුදුරැස් මාලාවේ වර්ණ සුදු, රෝස, තැඹිලි, කහ, කොල ය.කියලා... ඉතින් එතකොට පවුනේ අසරණ පොඩි එකා...ප.ලි, ඔය කවි වලට හිස් තැනක් තියන්නෙ දාන්න වචනයක් හොයාගන්න බැරි උනාමද.
BLOG
2012.04.28
http://thaaraa.blogspot.com
සොයුරිය ඔබට නිවන් සුව...
තාරා
උඹත් මමත් මේ බදුල්ලට ආවෙ එකම හීනයක් හිතේ දරාගෙනඒත් අද උඹ ඒ හීනෙ අතෑරලා ගිහින්මම කොහොමද දරාගන්නෙආයෙ උඹව දකින්න වෙන්නෙ නැති වගහෙට නැත්නම් අනිද්දා ආයෙත් එකම එක වරක් දකීවිඒත් එදාට උඹ මනමාලියක් වෙලාදෙවනි මනමාලියො නැතිමල් කුමාරියො නැති උඹේම මගුල් ගෙදරකඒත් අපි ආවා බලන්න උඹ ඇස් අරින්නෙ නැති වේවි හොස්ටල් එකේදි උඹ අපේ කාමරේඅනිත්‍ය සාමාජිකයා වෙලා හිටපු කාලෙඑක බත් පත කාලා එකට හිනාවෙලා එකට අඬලා දෙවනත් වෙන්න සින්දු කියලා මැඩම්ලගෙන් බැනුම් අහලාකොච්චර සුන්දර මතකයක්ද ඒත් ඒ මතකයත් එක්ක හිටපු උඹ අද නෑglamouro එකේදි CST එකට ගෑනු ළමයින්ගෙ අඩුව පුරවන්න ආපු උඹඅද දිව්‍යලෝකෙ අඩුවක් පුරවන්න ගිහින්.... උඹට නිවන් සුව ලැබේවා මගෙ කෙල්ලේ.
BLOG
2014.09.23
http://atheethagamanmaga.blogspot.ae/
ක්ලයන්ට්ගේ පොරගේ වද මල් තේ එක. . .
ගමන් මගේ මඟියා
ලියන්න ගත්තේ පවුල ගෙදර යැව්වම . ආවම නවතුනානෙව.පහුගිය සතියේ සංගීත එහෙකදී හැබැහින් නොදැක්ක , දුකා ලොක්ක හමු උනා හැබෑවට . පොඩිම පොඩි එකාවත් අරගෙන ඇවිදින් උන්න. ඉතින් මොනා හරි කියල ලියන්න ඕන උනා.ඇත්තටම වැඩේ උනේ, මගේ රැකියා ඉස්තානය මාරු උන නිසා මෙව්වා ලියන්න බැරි උනා එතන. සමාජ ශාලා අඩවි බ්ලොක්. බ්ලොගර් බ්ලොක්. ගෙදර ගියාම දෙන්නෙක් ඉන්නවා ඉතිරි කාලේ ගන්න. ඉතින් මග අරුන.මම මේකේ කිවේ මගේ පුත්ගලික කතන්දර නිසා වෙන අඩුම කුඩුම ලියන්නත් බැහැනේ.අර මම ක්ලයන්ට් ගාවට ගෙනත් දාපු හාදය ඔන්න යන්න ගියා. ඉතින් මම දැන් තනියම. මොනා උනත් හොද එකා.මගේ මස්සිනා වෙච්ච එකා මා එක්ක තරහ උනා.මම අර ගිය එකා ගැන කියන්නම් අද.ඉතින් මම ඔය ක්ලයන්ට් ගාවට ගෙනා එකාගේ එක එක කොම්ප්ලේන් තිබ්බනේ. මම නම් ඔව්ව වැඩිය ගණන් ගත්තෙ නැහැ.හැමදාම ඉතින් ඌඋදේ තේ එක එහෙම බීලඑනවාමගේ කාමරේට.දැන් මේ එන්නේ ක්ලයන්ට් ගේ මිනිහෙක් නේ.ඉතින් අපේ කොම්පැනියේ අයත් ඕකේ.ඔහොමආපු දවසකමම ඉතින් අපේ කා.කා.ස ට කියල තේ එකක් බීම එකක් එහෙම දෙනවා.මෙහෙ තියනවා ඔය එක එක ජාතියේ තේ වර්ග. දෙහි දාපුවා, ඉඟුරු දාපුවා, දෙහි ඉඟුරු දෙකම දාපුවා.ඔය අතර තියනවා වද මල් වලින් හදපු තේ එකක්. රතු පාට.මම ඉතින් ඕක බොනවා ඔය දවසේමිනිහ එනකොට.ඔය අපේ යාළුවා, ටිකක් කට සැර ඩයල් එකක්. මෙහෙ වැඩ කරපු අය දන්නවා, කට කියන්නේ මෙහෙ උපාදියක්. ඒක නැත්නම් වැඩ කරන්න අමාරුයි. මී අපේ යාළුවගේ කට හොදට වැඩ නිසා, එතන ලොක්ක එක්ක සෙට් උනා.මිනිහ මගේ ගාවින් තේ එකක් එහෙම බිල යන්න ගියා.පහුවදා උදේම අපේ ලොක්ක මට කෝල් කළා. ඇහුව අර ක්ලයන්ට් ගේ කෙනා ඔයානේද ගෙනාවේ කියල. මම කිව ඔව් ඇයි කියල.අපේ බොස් කියනවා අන්න අපි එයට මිස් ට්‍රිට් කළා කියල කලයන්ට් කියනවා, ගිහින් බලන්න කියල.මම බැලුව මොකක්ද බොලමේ උනේ.ඕන දෙයක් තියේ නම් මට කියන්න බැරිද මේ යස්සයට කියල හිත හිතමම ගියා ක්ලයන්ට් ගේ ලොක්ක හම්බ වෙන්න.වෙලා තියෙන්නේ මේකයි.මම අර රතු පාට බිමක් බිව්වනේ.මේ යකා ගිහින් උගේ කා.කාස ට කියල ඒ වගේරතු පාට තේ එකක් ගෙනත් දෙන්නය කියල.ඌ කියල අපිට එහෙම තේ එකක් දීල නැත කියල.අපේ යෝදයගිහින් උගේ ලොක්ක වෙච්චගල් අරබියට කියල "කොන්සල්ටන්ට් රතු පාට බිමක් බොනවය, කොන්තරක්කාරය ඒක අපිට දෙන්නේ නැතිය කියල "ඌ කතා කරලා කොන්තරක් කාරයට ඇයි අපිට ඒවා දෙන්නේ නැත්තේ කියල.කොන්තරක් කාරය විහිලුවට කියල කොන්සල්ටන්ට් බිල කපන නිසා දෙන්නේ නැහැ කියල.කොන්තරක් කාරයාගේ ලොක්ක තමා ඔය කෑමබිම බිල් ගෙවන්නේ.ඉතිං ඒ ලොක්ක කතා කරලා අපේ බොසාට ක්ලයන්ට්ට මිස් ට්‍රිට් කළා කියල කොම්ප්ලේන්එකක් දමල.ඔන්න අර වද මල් තේ එක නිසා මු ලංකාවේ නම තිබ්බ හැටි.මේකට මගේ අහල එක අරගෙන බිව නම් හරිනේ, මොකටද උගේ ලොක්කට ඔව්ව කියන්න ගියේ.ඔන්න වද මල් තේ එක , , ,හදපුවම මෙහෙමයිමෙහෙ කියන්නේ "කිර්කති" කියල.
BLOG
2014.06.20
http://atheethagamanmaga.blogspot.ae/
කසාද ජීවිතේ ලමයගෙ ඉස්කෝලෙ මගෙ ඊසි ලයිෆ්. . .
ගමන් මගේ මඟියා
දෙදහස් පහේ හයේ මගෙ ජීවිතේ ටිකක් අමාරු කාලයක් කියල මම හිතාගෙන උන්නේ. ඒ මම හොදම අමාරුවක වැටුන දෙදාස් අට නමය වෙනකල්.එයිට පස්සෙ මේ ජොබ් එකට ඇවිත් යන්තම් ඔලුව උස්සගත්ත.දුව හම්බවෙන්න පව්ල ලන්කාවට යවල මම මෙහෙ හිටිය කාලෙ ඉවර වෙන්න යන්නෙ.පහුගිය මාසෙ දෙකේ මම නොහිතපු විදියට ගෙදර එක්ක කොකු.සතියකට සැරයක් රන්ඩු.රන්ඩු නම් මොනවද. . . ලන්කවෙ ඉන්නකොට නම්.මෙහෙ ඉදල රන්ඩු වෙනකොට එටිසලට් එක දියුණු වෙනව බලාගෙන ඉන්නකොට.මාර්තු මගෙ බිල - ඒ ඊ ඩී 1000අප්‍රියේල් මගෙ බිල - ඒ ඊ ඩී 870මැයි මගෙ බිල - ඒ ඊ ඩී 900දැන් මේක ප්‍රශ්නයක් නෙ.ආදරේ කරන කොට නම් මරු. . හැබැයි කසාද බැදල ලමයෙක් දෙන්නෙක් හම්බඋනාම නම් අර ඉස්සර අනේ පනේ රත්තරනේ තඹේ වෙනව.ඉතින් මම කල්පනා කලා දැන් ආපහු පව්ල ගෙන්න ගන්න එක ලාබයි. එටිසලට් එකට සල්ලි දෙනවට වඩා කියල.පුතා ඊලග අවුරුද්දේ ඉස්කොලෙ දාන්න ඕන. ඉතින් මෙහෙ ආවම ඉස්කෝලයක් එපයි.මම ගියා ඔය ඉස්කොල ටිකකට පොඩ්ඩක් විස්තර හොයාගන්න කියල.ඉස්කොලෙ එක - අවුරුද්දට ඒ ඊ ඩී 42,000ඉස්කෝලෙ දෙක - අවුරුද්දට ඒ ඊ ඩී 25,000ඉස්කෝලෙ තුන -අවුරුද්දට ඒ ඊ ඩී 18,000ඔන්න වැඩේ.ඒකෙත් ඉස්කොල වල ඉඩ නැහැ.අරගෙන ඉවරලු.දැන් මම ඕක ගෙදරට කීවම . . "මම කලින්ම කීව . . . .බීප් බීප් ටීන් ටීන් ඩින් ඩොන් . . .අහන්නෙ නෑනෙ . . බීප් බීප් "මම එහෙන්ම කට් කරල නිකා හිටිය . ඇයි යකුනේ මෙ ඉස්කෝල වල ඉඩ නැති උනත් මම වරදි. . කොල්ල ඉස්කොලෙ කෙල්ලෙක් එක්ක කතා කලත් මම වැරදි,මට කලින් කීව තමා නමුත් මට අටෝරාසියක් වැඩ හින්ද ඒක අමතක උනා කිවනම් තව අහගන්න වෙන නිසා ඔහේ නිකන් හිටිය.දැන් මම යාලුවන්ට කතා කර කර ඉස්කොල හොයනව.අලුතෙන් පටන් ගත්ත ඉස්කොලයක් තියනව කිව නිසා මම ගියා බලන්න.ඔන්න මම ඉල්ලපු කොල ටික දීල හිටිය වැඩේ කරල දෙනකල්.ටික වෙලාවකින් මට ලමයව රෙජිස්ටර් කරල කොලයක් දුන්න.මම ඒකත් අරගෙන ඇවිත් ගෙදරට කතා කලා මොකද මට තර්ජනය කරලනෙ තිබ්බෙ ලමයට ඉස්කොලයක් හදා නොගත්තොත් එන්නෙ නෑ කියල.මම කීව"ඔන්න හරි . ඉස්කොලෙ දැම්ම""මොන පන්තියටද දැම්මෙ""FS1""ඒ මොකටද. අයි අනේ ලමයට වයස පහයිනෙ.ඔකට දාන්න එපා ලමය එක අවුරුද්දක් අඩුවෙන් වෙනවනෙ.FS2 එකට දාන්න""#$%&&&@&&&*#--$*#$=$-"මදෑ කලා, දැන් ඉතින් ආපහු මුල.මම පහුවදා ගියා රෙජිස්ට්‍රාර් හම්බ වෙන්න. ලෙබනන් වල ගෑනු කෙනෙක් හිටියෙ.මම කිව" ම්සිස් මම ඊයෙ රෑ එලි වෙනක ඇහරල, මගෙ ලමය එක අවුරුද්දක් අඩුවෙන් ඉස්කොලෙ යැවෙන්නෙ මෙහෙම උනොත් .මෙයාව FS2 එකට දාල දෙන්න කියල.ඒ පන්තියෙ ඉඩ නැතිලු. මම ගියා ප්‍රින්සිපල් හම්බ වෙන්න. ගිහින් කීව මට ආපහු වෙන ඉස්කෝල හොයන්න අමාරුයි කොහොම හරි කරල දෙන්න කියල.පස්සෙ දවස් දෙකකට පස්සෙ කෝල් කල ඒ පන්තියට දැම්ම කියල.හම්මෙ ඇති.ගෑනුන්ගෙන් මෙහෙමත් බැනුම් ඇහියකිය.අනික. මට තේරුනේ මෙච්චරයි. . මගෙ ඊසිලයිෆ් කාලෙ ඉවරයි.දැන් එන්නෙ ලමයින්ගෙ ඉස්කෝල, පන්ති, ඉවෙන්ට්, පේරන්ට් මීටින් . , ,ඔන්න ජීවිතේ ඊ ලග අදියර.හරි අද බ්‍රහස්පතින්දා වෙච්චි , මගෙ ගොඩක් පොස්ට් ලියන්නෙ සෙන්ටි දෙකක් ඇනගෙන වෙච්චි මේකට විතරක් ඇයි වෙනසක්. . .දකුණු සැපත සෙන්ටි හතරයි. . .හෙට පන්ති යන්නත් එපයි . . .
BLOG
2014.05.19
http://atheethagamanmaga.blogspot.ae/
හූනු පලාපල,ලොක්කා,සහ මයේ කරුමය. . .
ගමන් මගේ මඟියා
ඊයේ රෑ නිදා ගන්නකොටදොළහත් පහු වෙලා.ආපහු උදේ තුනට ඇහැරුනා මහා භයානක හීනයක් දැකල.මාව දාල හෙන කාන්තාරේමැද ප්‍රොජෙක්ට් එහෙකට.මම කොහොම හරි ඒකෙන් පැනල යන්න ට්‍රයි කරනවා.අපි හිටිය තැන වටේටමමහා ලොකු වැටක් ගහල තිබුනේ.ඉතින් මම ගෑස් කටර් එකක් අරන් ඇවිත් වැට කපල පනින්නකියල හිතාගෙන මම ඉඳපු පොර්ටකැබින් එකේ දොර ඇරගෙන එලියට ආව.එතකොට මගේ බොසා මටකියනවා ඇහෙනවා.“මගියෝ මේ මේ වැඩ ටිකකරගෙන හතර වෙනකොට වරෙන් මම දැන් යනවා” කියල.මගේ අලුත් ලොක්ක කොහොමත් මට දිරවන්නේ නැතිඑකෙක් නිසා ඌ කියන දේ බල්ලට දාල මම කටර් එක පත්තු කරගෙන වැට ගාවට යනකොට මහා විසාලමිනිහෙක් ඇවිත් මගේ ඉස්සර හිට ගත්ත.ඔන්න මට ඇහැරුන තැන.ඩිංගක් වෙලා ඇදෙම ඉඳලකල්පනා කලා මොකද මේ වෙන්න යන්නේ කියන එක.වතුර එකක් බිලා මම නිදාගෙනඋදේ ඇහැරෙනකොට හයත් පහු වෙලා.දැන් නම් ඉතින් වැඩට යන්න වෙන්නේ හැමදාම මිනිස්සුමැරෙන කාන්තාරේ මැද හයිවේ එකේ තමා කියල මුණ හොදල ලැහැස්ති උනා.කන්න බොන්න මොනවවත්හදන්න ගියොත් වෙලා යන නිසා එහෙම්ම පොත් ටික ඇන්න දොර ලොක් කරලා එලියට ගියා.ලිෆ්ට් එකෙට එන්න කියල බොත්තමඔබල බලා ඉන්නකොට තමා මතක් උනේ ෆෝන් එක.ආපහු දොර ඇරගෙන ගිහිං ෆෝන් එකත් අරගෙන එනකොටමතක් උනා ඊයේ රෑ හීනේ.ඒ මදිවට යන ගමනත් බාද උනා කියලත් නිකමට හිතුන.ඔය දේවල්මනස්ගාත කියල අනික් උන්ටත් මම කිවට මෙහෙව් වෙලාවට පොඩි කාලේ ඉඳන් හිතේ ඇතුලට ගිහින්තිබුන ඒ දෙවල් අපහු එනවා.ඉතිං මම හිතුව අර හැමදාමමිනිස්සු මැරෙන පාරේ නොගිහින් ෆැක්ටරි අස්සෙන් දාගෙන යන පොඩි අතුරු පාරේ යනව කියල.වෙනදට මම යනකොට සිග්නල්උනත් ඇරෙනව.අද නිකන් එව්වත් මම හින්දම රතු වෙනව වගේ.ඔලුව නිකන් මන්න්නන් වගේ.මේ කාලේ මගේ කෙන්දරේඅපලයි කියලත් කිව අන්තිමට බලනකොට.වාහනේ පරිස්සමින් යන්න කියලත් කිව.දැන් මට හිතෙන්නමඔන්න හැප්පුන අන්න හැප්පුන වගේ.කොහෝම හරි පැය භාගයක්පරක්කු වෙලා මම ඔෆිස් එකට ආව.හැමදාම මගේ මෙන්ටර් මටකෝල් කරනව උදේ හත හමාරට.ඒ කතා කර කර ඉන්නකොට කිව අද වැදගත් ලියුමක් යවන්න තියනවාඑක මගේ ඊමේල් එකින් යවන්න එපාය . ලියල මට එවන්න මම අඩු පාඩු හදල යවන්නම් කියල.මම එල කිරි කිව්වා.ඔෆිස් එකට ගිය ගමන් වැඩ ටික අරගෙන ඉක් ඉක්මනින්හදල ලොක්කගේ මෙසේ උඩින් තියල ආවේ මගේ පාඩම් වැඩක් කරන්න හිතං.අර ලියුමත් ගහලම ඉන්නවාකියල ඒක ලිව.ටිකක් නෙමේ ගොඩක් බරපතල එකක්.මගේන් නොයවන හේතුව ඒක ලියන කොට තේරුන.කලින්දාරෑ අපේ තව ලංකාවේ අයිය කෙනෙක් කතා කරලා කිව, ඔයා ඔය වැඩේට එක්ස්පොස් වෙන්නඑපාය.වෙන කෙනෙකුට දෙන්නය කියලා.ඔන්න එතකොට එනවා අර මමජොබ් එකට දාපු ක්ලයන්ට් ගේ පොර.ඉතින් ඌ කියන එව්වත් අහගෙන මම ලියුම ලියනවා.ඌ එකපාරටම රේජීස්ටර්නොකරපු ආයතනයක සේවකයක් වෙආලු.උන්ගේ කොම්පැනිය කෝට් කේස් එකක් නිසා රේගජිස්ටර් කරලානැති නිසා මුගේ වීස පරක්කු වෙලා.ඕක අහගෙන මම කොම්පියුටරේඩෙස්ක්ටොප් එක රෙෆ්රේෂ් කර ක‍ර ඉන්නවා පුරුද්දට වාගේ. එක පාරටම සෙන්ඩ් බටන් එකඑබිල අර ලියුම මගේ මේල් එකෙක් යන්න තියන ඔක්කොටම ගියා,.@#$%^&*(මකන්න බැහ, අන්ඩු කරන්නත්බැහ දැන් මම හොදටම බය වෙලා.එහෙම්ම කතා කරල මගේමෙන්ටර් ගෙන් ඇහුව අර ලියුම මගේ එකෙන් ගියොත් අව්ලක් තියේද කියලඑයා කියපි ලොකු අව්ලක්යවන්න එපා මම කියනකල් කියල දැන් මම යවල ඉවරයි, මම ටිකකින් ආපහු ඇන්නකිව්වා අයියේ සොරි අර ලියුම මගේ එකෙන් ගියා කියල.මිනිහ කිව එහෙනම් වැඩි විස්තරපස්සේ දන්වන්නම් කියල ඒ අයටම ලියුමක් ලියල දාන්න කියල.දැන් මම අර හෙන දරුණු ලියුමලියපු එකා උනා එකපරාම.දවල් වෙනකොට අපේ ලොක්කඇවිත් කියනවා අවුරුද්දකට විතර කලින් මම හදපු වැඩ වගයක් ආපහු ක්ලයන්ට යවන්නලු,ඔය වැඩෙ පරන මහා කුණු ගොඩක්.අපි කරල ඉවර කල ඔය කියන්නාවූ වැඩේ ,අපි යවන්න ඕන නැහැ,.මූ යවන්නලු.මම කියනවා අපි යවන්න ඕනනැහැ.දැන් මිනිහට තද වෙලාඅරකද මේකද කියනවා.හරියටම කරන්න ඕන දේවල්ටික පිළිවෙලට ලියල දෙන්නලු.මම කිව,සර් , ඔය වැඩේට කියන නමක්තියනව,ඒ නම ලියල තමා යවල තියෙන්නේ. කරන විදිය කියල යවන්න ඕන නැහැ කියල.ඔන්න දැන් මිනිහට තදවෙලා දොරත් ගහගෙන යන්න ගියා.සවස් වෙනකාල් මා එක කතා නැහැ.හරියට ගෑනියි මිනිහයිවගේ. . . සේකට්‍රි ලව්වා එක එකදේවල් ගෙන්න ගන්නවා සති මිටිමට යන්න.මමත් ඔන්න ඔහේ ඕන වෙඩින් එකක්, මාව යවනවා නම්යවපුදෙන් මගේ ග්‍රටිවිටිය හරි එනවනේ.එකත් ලොකු දෙයක් නේ මේ වෙලාවේ කියල ඔහේ උන්න.මමත් හරියට හතර වෙනකොට කඩේවහල එන්න ආව.දැන් මේ ඔක්කොම කචල් අරඊයේ රැ හිනේද ...නැත නම්න් මම උදේ එලියටඇවිත් අපහු ගිය නිසා බදාව නිසාද .නැත් නම් මගේ කරුමෙද....කෝකටත් දකුණු සැපත සෙන්ටි 8 ක් ඇනගෙන බුදියනව . . .පොඩි පැණි රහකුත් එනව. . . .සෙහ් නැව ගිලුනත් ගැට්ටෙ බජව්. . .
BLOG
2014.05.03
http://atheethagamanmaga.blogspot.ae/
ක්ලයන්ට්ගේ ඩයල් එක . . .
ගමන් මගේ මඟියා
මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.අර බුකියේ ඈයෝ නම් දන්නවා මම අපේ ලංකාවේ ( අපේ නොවෙන ලංකාවක් තියේද අහන්න එපා ඔන්න) දෙන්නෙක් ගෙනාවනේ මගේ වැඩ පොලට.එකෙන් එකෙක් ගෙනාවේ අපේ ක්ලයන්ට් තැනට.අනික කොන්තරක් කාරයට.ඉතින් ඔය ක්ලයන්ට්ට ගෙනාව එකා ලංකාවේ උතුරු පළාතේ මුස්ලිම් දෙමල කතා කරන ඩයල් එකක්.මට වඩා වඩාහොදට වැඩදන්නා කෙනෙක් නිසා මම එයාව දැම්මේ ක්ලයන්ට් ගාවට.මනුස්සය එන්න කලින් මට කතා කළා:මනුස්සය : මචං තැන හොදද මචන් .මම : නියම තැනක් මචං, ක්ලයන්ට් උබට ඕන විදියට ඉන්න පුළුවන් පඩියත් දැනට වැඩිනේ බන්මනුස්සය: සෙනසුරාද වැඩද බන් .මම : මචං මම සෙනසුරාදා කිසි වාහනයක් දැක්කේ නැහැ බන්මනුස්සය : ඒ කියන්නේ වැඩ නැත්ද .මම :නැතුව ඇති නේද .ඔන්න කාලය ගිහින් මිනිහ ආව, පලවෙනි දවස :උදේම මට කෝල් එක එනවා :මිනිහ : මචං මම ආව .උබ කොහෙද ඉන්නවා .මම : මචං මම ඉන්නවා අපේ ඔපීසියේ බං .මිනිහ: ඒක කොහෙද තියනවා මචංමම: උබලා ඔපිස් එක ඉස්සරහ දොරින් ඇවිත් දකුණට හරියේමම ඉන්නවාමෙන්න මිනිහ එනවා .දැන් ඔය ක්ලයන්ට් ගාව ඉන්නකොට හොදට ඇදල කරලා එන්න ඕන.මොකද ක්ලයන්ට් නේ:මිනිහ එනවා ෂර්ට් එකේ උඩබොත්තම නොදා. . .ටයි එකේ යට අර පොඩි කෑල්ල එලියට පැනල. . .ටයිගැටේ ඇද වෙලාමම ඇහුව :මොකද බන් ඔහොමද තැනකට එන්නේ. හරියට ලෑස්ති වෙල වරකෝ බන්.ඌ: මේක දාන්න දන්නේ නැහැ බන් . . වයිෆ්ට පුළුවන් විදියට තමා දැම්ම . . කැත නම් හදා දියන්, , ,ඔන්න කතා එක ඉවරයි ,. . .එයිට පස්සේ මිනිහ එනවා මයේ ඔෆිස් එකට,දවසක් මුගේ මුණ හරි නැහැ.මම ඇහුව මොකද බන් අවුල ."උබ කිව මට මේ කොම්පැනිය හොදටම හොදා කියල,බලපන් උබට ඉන්ටර්නෙට් තියනවා, කොන්තරක් කාරයට ඉන්ටර්නෙට් තියනව , , ක්ලයන්ට්ට නෙට් නෑ . .මොකක්ද බන් මේ. "මම : ඔය පොඩි පොඩි එව්වා හදා ගන්න පුළුවන් මචෝ . පොඩියක් ඉඳපන් . .ඌ: බලපන් මම කුණු එකදාන්න බාස්කට් යෙකක් ඉල්ලුව, A4 පෙට්ටියක් තමා දුන්න බන් .උබෙන් මම කී පාරක් ඇහුවද කොම්පැනිය හොදද . . . උබ කිව හොදා කියල . ..ඌ මේවා කිව විදියරස මෙහෙම කීවට වැඩක් නැහැ අහලම බලන්න එහෙනම් ( විනාඩියයි ඩේට 2.9 MB). .
BLOG
2014.03.17
http://atheethagamanmaga.blogspot.ae/
බ්ලැක් ලේබල්, ක්‍රිකට් සහ අටෝරාසියක් කතා . . .
ගමන් මගේ මඟියා
නිදි නැති රැයේ මගේ සිත කල්පනා සාගරයක ගිලින.සිත ඉතා තදින් වෙහෙසට පත් වූයේ මේ මේ කාරනා නිසා යයි ටක්කෙට කිව නොහැක.සෙමින් සෙමින් මගේ කල්පනාවන් පැය කීපයක සිට දින තුනක්පසුපසට ගමන් කරන්නට විය.සතියේ අවසාන දිනය වන ගුරුදා උදේ මගේ මිත්‍ර xxx මා හට ඇමතුමක් එවන ලදින් එයට ප්‍රතිචාර දැක්වුයෙමි.xxx : "අන්න බන්ඩ යනවලු පාර්ටියක් දෙන්නෙ නෑ....."මම: "අම්මද බොල ... එහෙමද .හරි එහෙනම් හවා සෙට් වෙමු පැනරොමා එකේ. .යනකොට බීලම යමු ඔතන බොන්න ගාන වැඩී"බණ්ඩාගේ සමු ගැනීම රොක්ලන්ඩ් භාගයකින් අවසන් කලෙමු.ඔයාකාරයෙන් ඒ දිනය පසු විය.පහුවදා අප වඩුමඩුවේ මහා කිරිකට් ගැටුම විය.මගේ මෙන්ටර් මහතා මාව වඩුමඩුවේ කි‍රිකට් කල්බ් එකට අදුන්වා දීමෙන් ඇරබුන මගේ කිරිකට් දිවිය මෙදාපාර සියලු ලාන්කික උන් ඉදිරියේ නිර්වස්ත්‍ර වීමකින් කෙලවර වේ යයි ඒ මොහොතේ මට පසක් නොවුනේ අයි දැයි තවම නොතේරේ.මා අනුයුක්ත කර තිබූ අප ක්ලබ් එකේ තුන් වන කන්ඩායමේ පස්වෙනියා ලෙස මානම් කර තිබින.ක්‍රීඩා කිරීමට මා සතුවපාවහන් යුගලක් නොවූයෙන් අප යහළුවන් අතර සපත්තු විශේෂඤ වන පැන්ඩාගේ අනු දැනුම පිට,පෙර දින පාවහන් යුගලක් මිල දී ගතිමි.කණ්ඩායම් නායකයාගේ ඉල්ලීම පිට කෙසෙල් ඇවරියක් හා ලුනු වතුර බෝතල් හයක් ගෙන මම පිට්ටනිය බලා උදෑසනම පිටත් වුයේ මගේ මිත්‍ර xxx සමඟය.මෙවන් අවස්තාවලදී සාමාන්‍යයෙන් වාහනේ දමා ගන්නා බැලැක් ලේබල් බෝතලය වෙනුවටබැලැක්ලේබල්බෝතල් දෙකක් මගේ අල්මාරියෙන් පිටතට ගෙන ගමන් මල්ලට ඔබා ගතිමි.පහුගිය දොහේ දඩ ගෙවා හෙම්බත් ඌ බැවින් පාරේ නියමිත වේගය නොයික්මවා මා සෙමින් සෙමින් ක්‍රීඩා පිටියට සේන්දු විය.උදෑසනහතට ආරම්බ කල යුතු ක්‍රීඩා තරගවලට තවමත් කිසි කෙනෙක් පැමිණනැත.මා පසුපසින් පැමිණි අප කණ්ඩායමේ නායක තෙමේ අපහට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කළේය.ඔහුට මාකෙසෙල් ගෙඩි සහ ලුනු වතුරටික භාර දුනිමි.මා අයත් උන කණ්ඩායමේ නායකයා ඉතා තැන්පත් ගති ලක්ෂන ඇති මට වඩා අවුරුදු 12 ක් පමන වයස අයියා කෙනෙකි.සිතල බව වැඩි වී තිබුන බැවින් කෝකටත් කියා මාසතුව තිබූ බෝතලයක් කඩා කුඩා ප්ලාස්ටික් කොප්පයකට සෙන්ටි 4 සමග ගෙනා ලුනු වතුරම දමා නායක තෙමේට දුන්පසුමඳක් අදි මඳි කොටකටට හලාගෙන "එලකිරි මල්ලි උදේම හීතල ගියා" කීවේය.මට හරි සැටිස්. . .මමත් තව කෝප්ප දෙකක් නමාගෙන මගේ කණ්ඩායම ක්‍රීඩා කිරීමට ඇති පිට්ටනිය දෙසට ගමන් කලෙමි.උදේම පලමු තරගයඅපේ ප්‍රතිවාදීන්සුදු පැහැති අදුමින් සැරසුනු දක්ස පිලකි. ඔවුන් වොර්ම් අප් කල අයුරු දුටු අපහට සිදුවීමට යන මහා විනාසය අතැඹුලක් සේ පැහැදිලි විය. අප නායකයා තරමක කඩිසර කමක් ආරුඩකරගෙන අපටද වොර්ම් අප් වෙන්නය කිවේය.මම නම් ඒ වෙනවිට වොර්ම් අප් වී තිබුන බැවින් කැරකෙන පිට්ටනිය සහ විකට් කුරු දෙස ඇසිපිය නොහෙලා බල සිටියෙමි.සුන්දර දර්ශණයකි.තරගය ආරම්භකිරීමට සියල්ල සූදානම්.අප කන්ඩායමේ එකෙක් පැමිණනොතිබූ බැවින් 11 සොයා ගැනීමට කන්ඩායම් නායකයා සියලු දන්නා ලාකිකයන්ට දුරකතන ඇමතුම් ගන්නවා මමදිටිමි.උදෑසනමමගේ බොක්කක් වු මගෙ නායකයාට උදව් කිරීම මගේ සර්ව සකල යුතුකම බැවින්,මම හිමින් හිමින් අප කල්බ් එකේ අනිත් කණ්ඩායම් දෙක දෙසට ගමන් ගතිමි.මගේ උකුසු ඇස සියලු ක්‍රීඩකයින් දෙස දුවන අතර එක පොඩි කොලුවෙක් වැඩි කතා බහක් නොමැතිව පැත්තකට වී සිටීනු දිටිමි.ඌ අලුත් එකෙකි.එතැන සිටින උදවිය නොහදුනනයි. මගේ සියලු අවශ්‍යතා සැපිරිණි.තවත් පරක්කු නොවී එතනට ගිය මම;"මල්ලි මොකද කරන්නෙ අන්න මැච් එක පටන්ගන්න ලෑස්ති. ඉක්මනට පලයන් උබ ඔපන්" කීවෙමි.කොල්ල කලබල වී බැට් එකක් ගෙන අපේ තරගයට ඔපන් බැට් කරන ලදී.මගේ නායකයාගේ නම්බුව මම බේරා ගතිමි.මට සැටිස්. . .අලුත් කොල්ලාලකුනු 25ක් ලබා දෙමින් සිටින අතර අප ක්ලබ් එකේඅනික් කන්ඩායමේ නායකයා පැමිණ"මල්ලි උබ ඕකෙ නෙමේ සෙල්ලම් කරන්න තියෙන්නේ.ඇ‍යි ඔහේ සෙල්ලන් කරන්නෙ.." ඇසීය.කුමක් වූවත් දැන් කරන්න දෙයක් නැහැ කියා ඔහු අවබෝධ කර දුන්නේ මගේ නායකතෙමේ නිසා ඔහුයන්නට ගියේය.ඕවර හයකදී ලකුනු 60 ක් රැස් කල දක්ස පිල ට පසුඅප කන්ඩායම පන්දු රැකීමට සැරසුනි.තද සුලන් පහර මගේ සෙන්ටි හතර ඔලුව දක්වා ගෙනවිත් තිබිණ.මේ වන විටලකුනු 40ක් ලබා ගෙන ඇතිදක්ස පිලට බෝල් කිරීමට කෙනෙක් නොමැති වීය.පන්දු යවන්න තරමක හෝ හැකියාවක් තිබු දෙදෙනාම තමන්ගේ ඕවර ඉවර කර තිබිණ.මම නායක‍යාට උපකාර කිරීමට නැවත පැමිනියෙමි.පන්දු යැවීමට පටන් ගතිමි.පලවන පන්දුවට හයක් ලබා දුන් දක්ස පිලේ පිතිකරු මට මද සිනාවකින් සන්ග්‍රහ කලේය.මගේ දෙවන පන්දුව ක්‍රීඩකයාගේ හිසට උඩින් එල්ල වූයෙන් අම්පයර් තෙමේඅත් දෙක දෙපත්තට දමන ලදී.නැවත මගේ දෙවන පන්දුව තන නිල්ලේන් ඉවතටයන ලදීන්, අම්පයර් තෙමේඅත් දෙක දෙපත්තට දමන ලදී.තෙවැනි පන්දුව නැවත පිච් එකේන්ඉවත පළමුව පතිත විය.මෙලෙස මගේ වෙරි සිදෙන තුරු මා පන්දු යවා ඇත.තරගය නිමා විය.දැන් මගේ කැප්ටන් අයියා මා දෙස නොබලයි.සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් මට සිනාවකින් සන්ග්‍රහ කරයි.අම්පයර් තරගය අවසන් වූ සැනින් ටයිගර් බාම් කෑන් එකක් ගෙන ලෙග් අම්පයර් ලව්වා උරහිසට ස්ප්‍රෙව් කරගන්නවාදිටිමි.පසුව දැනගත් පරිදි ඔහුගෙ උරහිස් ගෙවී ඇත. . .අපේ උන් මට අටෝරාසියක් කතා මේ වන විටපද බඳිමින්පවතී. . .මගේ කන් මගේ නොවෙන බව සියලු දෙනාට මතක් කර සමු ගනිමි. . .මගෙ ඉතිරි පන්දු 5 ඊ ලග අවුරුද්දේ මහා ක්‍රිකට් ගැටුමේදි යැවීමට මගේ කැප්ටන් අයියා පොරොන්දුවිය.බ්ලැක් ලේබල් මගේ ප්‍රණාමය පිලි ගන්න .................. ඔබ නැවතත් මට කෙලවීය. . .
BLOG
2014.02.05
http://atheethagamanmaga.blogspot.ae/
කැරපොත්තෝ. . .
ගමන් මගේ මඟියා
කැරපොත්තෝ යනු අප පරිසරයේ ජිවත් වන තවත් සත්ව කොට්ටාශයකි.විද්‍යාත්මක නම නොදන්නා අත‍ර ඒ ගැන සෙවීම දිවට එතරම් සුවදායක නොවෙන බැවින් අපි ඒ ගැන මග ඇර කතා කරමු.අප ජීවත් වන පරිසරයජෛවවිවිදත්වයකින්හෙබි පරිසරයකි.රටින් රට ඒ විවිදත්වය වෙනස් වන අතර ඒ ඒ රටවල එය රැකීම සදහා විශේෂයෙන්පිහිටුවා ඇති ආයතන පවතී.මේ විවිදත්වය ආරක්ෂාකර ගනිමින් සංවර්ධනවැඩ කටයුතු කිරීමට වෙනම වචනයක් තියනවාද මම දන්නෙ නැත.නමුත් පරිසරයේ ඇති සීමිත සම්පත් භාවිතා කරමින් පරිසරයට අවම හානියක් කරමින් සංවර්ධනවැඩ කටයුතු කිරීමට නම් නමක් ඇත.නවමු අදහස් වලින් සමන්විත මිනිසුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ පරිසරයට අවම හානියක් ඇති වන ආකාරයට ගොඩනැගිලි ඉදිකිරීම් ආදීසංවර්ධනකටයුතු කිරීමටය.එවැනි අවස්තාවන් වලදී පරිසරයේ සිටින සතුන් ගැන අප බෙහෙවින් සැළකිලිමත් විය යුතුය.උක්ත මාතෘකාවේ එන සත්ත්ව කොට්ටාශයත් එවැනි වූ තර්ජනයකට මුහුණපා සිටින දහස්ගණන් වූසතුන් අතරින් එක් කොටසකි.එවන් ඉතා දියුනු ආකාරයෙන් ගොඩනැගූ ඉදිකි‍රීම් අවසානයේ මිනිසුන් නැමැති සත්ත්ව කොට්ටාශයක් ඒ නිවෙස් තුල තම තමන්ගේ ජීවිත ගෙවමින් සිටිනු ඇත.මේ අවධියේ මෙම සත්තව කොට්ටාශ දෙක ස්වභාවධර්මයේ කුරිරු හිංසනයකට යටත් වන බව මගේ හැඟිමයි.උක්ත මාතෘකාවේ එන සතුන් බෝ වීම හෙවත් උන්ගේ ජනගහන වර්ධනය ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශයට වඩා බෙහෙවින් කාර්යකෂමය.එබැවින් මිනිසුන් යන සත්ව කොට්ටාශය නිවෙස් වලට පදින්චි වීමට පෙර තම විරුද්ධසත්ත්ව කොට්ටාශය සහමුලින්ම එම වාසස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කරයි.දේශපාලන නීතියක් වන පහර දෙන විට පිම්බෙන ආකාරයේ නීතියක් මෙම සත්ත්ව කොට්ටාශ දෙක අතරේද පවතී.ඒ වගේම මිනිසුන් තම වර්ගයා අතර සටන් වලදී භාවිතා කරන රසායනික අවිද අද වනවිට තහනම් කර ඇතත්, මේ සත්ත්ව කොට්ටාශය එදිරියේ එම නීතිය අවලන්ගු බවට පත්වේ.රසායනික අවි වලින් සටන් කිරීමට තරම් දුර ගිය මේ සටන ගැන අපි කල්පනා කරන කොට මේ ආකාරයේ බිහිසුනු සටනක් වූයේ ඇයිද යන්න සාකච්චාවට බදුන් කල යුතුම කාරනයකි.මේ උක්ත මාතෘකාවෙ එන සතුන් සාමාන්‍යෙයෙන් ආහාර පිලිබදව එතරම් සැලකිල්ලක් නොකරන්නාවූ සතුන් කොටසකි.මිනිසුන් මෙන් මේසයක වාඩි වී කතා කරමින් ආහාර ගැනීමේ සිරිතක් නොමැති අතර. අනෙක් සත්ත්ව කොට්ටාශය දුක් මහන්සියෙන් පිලියෙල කරගත්තාවූ ආහාර රස බැලීමකින් පමනක් සෑහීමකට පත්වේ.නමුත් උක්ත මාතෘකාවේ එන සතුන් කෙරෙහි සත්ත්ව දයාවෙන් බැලීමට තරම් අපහසු ආකාරයට මේ සතුන් තම ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශයේ ආහාර මුරන්ඩු ආකාරයෙන් රස බැලීමේ යෙදෙති.මෙය පිලියෙල කල ආහාර හා නොකල යන දෙවර්ගයටම පොදු සන්සිද්දියක් වෙන බැවින් දෙවනුව කී සත්ත්ව කොට්ටශයේ මනසට පීඩාකාරී වාතාවරණයක් ඇති කරවයි.බැලූ බැලු අත උක්ත මාතෘකාවේ එන සතුන් තම නෑදෑයන් පිරිවරාගෙන කුඩා දරුවන්ද සමග තම ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශය ගැන කිසිම ආකාරයක සැලකිල්ලක් නොදැක්වීම දෙවනුව කී සත්ත්ව කොට්ටාශයේ හදිසි කෝපය ඇති වීමට හේතු වන්නක් බව නොකියාම බැරිය.අප මේ කතා කරගෙන ආයේ රසායනික අවි භාවිතය පිලිබදවයිමේ සත්ත්ව කොට්ටාස දෙක අතර අන්‍යනෝන්‍ය විරසකය තීව්‍ර වෙන තවත් අවස්තාවක් වන්නේ උදෑසන තම රැකියාවන් සදහා පිටත්ව යන දෙවෙනුව කී සත්ත්ව කොට්ටාශය තම දෙපා ආරක්ශා කිරීම උදෙසා මිලදී ගන්නා ලද "පාවහන්" තුල සිට එලියට පැනීමයි.මේ ක්‍රියාව කිසි ලෙසකින් සාදාරණීකරනය කිරීමට මද්‍ය - අස්ත මට වුව නොහැකි බව කිව යුතුමය.උක්ත මාතෘකාවේ එක සත්‍ත්ව කොට්ටාශය ඉදිකිරීම් ආදී සන්වර්ධන අවස්තාවේ තම වර්ගයා පවත්වා ගත්තත් , මේ රසායනික ප්‍රහාරය හමුවේ විනාශ වේ.මෙය එක් සත්ත්වකොට්ටාශයක්තවත් සත්ත්ව කොට්ටශයක් සහමුලින් නැති කිරීම උදෙසා කරන්නක් නොව තම පැවැත්ම උදෙසා කරන ලද මෙහෙයුමක් බවට ගෙන එන තර්කය වලන්ගු ස්භාවයක් බැලූ බැල්මටම දිස්වේ.එම නිසා "සික්කා 23" නැමැති කුඩා වෙලද සැලේ නිශ්පාදිත රසායනික ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම සාදාරනීකරනය කල හැකිය.- උක්ත මාතෘකාවේ එන සත්වයින් හා සිදූ වූ අවසන් සටනේ වාර්තාව -.
BLOG
2014.01.27
http://atheethagamanmaga.blogspot.ae/
අපේ කම . . .
ගමන් මගේ මඟියා
එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ.මේ ඒකෙ දෙවෙනි කොටස.ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිටනිමිලගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුනකාර්‍යභාරයක් ඉතිරි කරමින්.මෙයිට වසර කිහිපයකටපෙර එක දක්ෂ වඩු කාර්මිකයෙක් අල්ලපු ගමක ඉදන් මේ ගමට පය තිබ්බ.බොහොම සුන්දර මනුස්සයෙක් උන මේ වඩු කාර්මිකමහතා අර කුඩා ගමෙන් ආපු සියලු දෙනාටම බොහොම හොද සගයෙක් උනා.ඉතින් දවසක් මේ වඩු මහත්තයගෙන් මිතුරෙක් ඉල්ලා හිටිය ඔහුඉතා මහන්සියෙන් ඉගෙන ගත්ත ශිල්පය කරුණු කාරණා අඩු පාඩු උදවියට කියා දෙන්නය කියල.ඒ වඩු මහත්තයාතමන් උගත් දේ කිසිම පැකිලීමකින් තොරව තමාගේ මිත්‍රයාට පිලිවෙලක් ඇතිව කියා දුන්න නිසා,මේ බව ගම් ගෙවල්,නවාතැන් ,වැඩපලවල් අතර විහිදෙන්න වැඩි කලක් ගත උනේ නෑ.දින සති මාස ගෙවෙමින් යන අතරතුර දැණුම පිපාසෙන් තම නිවසේ දොරට තට්ටු කරන ඕනෑම අයෙකුට කිසිම බේදයකින් තොරව දන්නා නොදන්නා සියලු දෙනාටනොමසුරුව තම ධනය කාලය වැය කරමින් උපකාර කලා.කාලය සුපුරුදු ලෙස හැල්මේ දිව්වා.එක් මිත්‍රයෙකු වෙනුවෙන් ආරම්භකල සාකච්චාව, සාකච්චා මණ්ඩපයක් දක්වා විහිද ගියා.මේ සාකච්චාවටදැන් ප්‍රවීණ වඩු මහත්තයාගේනිවස පිරෙන්න සාමාජිකයින් එකතු උනා.නිවසේ තිබුණවාඩි වීමට හැකි සියලු දේඅවසන් වූ පසුපන්තියට එනවිට පුටුවක් තමාගේ භාවිත‍යට රැගෙන දැණුම පිපාසාව සන්සිදවා ගැනීමට පවාසාමාජිකයින් පෙළඹුණා.මෙයාකාරයෙන් මේ පන්තිය නිසොල්මනේ සියලු වඩුකා‍ර්මිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින්ඉමහත් ජනාදරයට පත් උනා.කාලය විසින් සියලු දේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඉඩ නොතැබීය.සතුටු සාජ්ජෙ ගින්නෙන් ගම පුරා විසි වුණුගිනි පුලිගු වියලි දඩු කැබලි රත් ක‍ර තිබුණා.පරණ වඩු කාර්මිකයින් මේ දෙස සතුටුසාජ්ජේ වෙනකල්වපරහින් බැලමින් සිටියත්, ඉන් පසු ඇති වූ බෙදීමෙන් මේ ප්‍රවීණ වඩු කාර්මික මහතා ඉන් ඉවත් උන නිසා මේ සත්කාරයටඑරෙහිව සැලසුම් ක්‍රියාත්මක කරා.ප්‍රතිපලය පෙරදී ප්‍රතික්ෂේප කල අලුත් වඩු කාර්මිකයන්ගේ අවශ්‍යතා, දැන් ක්‍රියාත්මක කිරීමසදහා ප්‍රවීණ වඩු කාර්මිකයාගේනිවසේ සාකච්චාවපැවැත්වෙන වෙලාවටම එම දිනයෙම වෙනත් සාකච්චාවක් කැදවා මේ අප්‍රතිහත අවංක උත්සාහය කඩා බිද දැමීමට උත්සාහ කිරීම.ආරම්බයේ සිටම සතුටු සාජ්ජය දක්වා අවුරුදු තුනක් දක්වා නොවුණ මෙවන් දේවල් දැන් සිදු වෙන්නේ මේ එකතුවීමට බිය වී ඇති නිසා බහ පැහැදිලිය.ඉතින් ඔන්න දෙවන වරටත් උගත් කමට වඩා "අපේ කම" ඉස්මතු උනා. . .
BLOG
2014.01.21
http://atheethagamanmaga.blogspot.ae/
කළු ලේබල් සමග පරණ මතක . . .
ගමන් මගේ මඟියා
කාලය: 2006ස්ථානය: කොලඹ කොටුව දුම්රිපොලඋදෑසන 5ට පමණ කොලඹට පැමිනි නගරාන්තර බස් රථය කොටුව දුම්රිය ස්ථානය පිටුපස නවත්වන ලදින්, දෙපාමුල තිබූ ගමන් මල්ල දකුණුකරට ගෙන බැස ගතිමි.නිදිමත කොතරම් දැඩීවීද යත් යා යුත්තේ කිනම් දිසාවකටදැයි යන්න මනසට කාන්දු වූයේසෙමින්ය.ගාල්ලෙන් ගත් වතුර බෝතලේ ඉතිරි වී තිබුන වතුර ටික උගුරෙන් පහලට දමා ගත් විට යම් පමණක ප්‍රකෘති ගතියක් ලැබුණි.පෙරදින වැඩබිමේ පඩි නඩි බේරා ලැබෙන දින දෙහෙක නිවාඩුව ගත කිරීමට ගම් රටවල් බලා යාමට මම රෑම පිටත් වූවත්, අන් බොහෝ දෙනා අද පාන්දර පිටත්ව යයි.මත් ගතියෙන් තවමත් විඩාබරබවක් ගතට තදින්ම දැනේ.අද දවස යහපත් ලෙස ගත කිරීම අත්‍යාවශ්‍ය නිසාඒ අපහසුතාවය මදකටඅමතක කර දැම්මෙමි.නිවාඩු යෑමට මත්තෙන් සුපුරුදු ලෙස වැඩබිමේපවත්වන සාදය රෑ දෙගොඩහරී ජාමය කරා දික් විය.මට එතෙක් වේලා ‍රැදී සිටීමට නොහැකි වීම්සියුම් කනගාටුවක්ද සිතට දනවයි.නමුත් නුපුරුදු ජලයක පිහිණන අයෙකු ලබන සතුටක් මමද පසුගිය දෙසතිය තුල ලැබූ බව අවිවාදිතයි.මෙවන් සිතිවිලි අතර සැරිසරමින් දුම්රියවේදිකාවන් එකින් එක පසුකරමින් අනෙක්පස ඇති විවේකාගාරය වෙත පියමැන්නේ කට තුල නලියමින් තිබූ මත් කසටෙන් මිදීමට සහ බස් රථයේ පැති ජනේලයෙන්මුහුණට වැදුනු පිනි මිශ්‍ර දූවිලි තට්ටුව යවාගැනීමේ අටියෙනි.සීතල වතුර බිදකින් මුහුණ තෙමාගෙන දින දෙහෙකට පෙර සූදානම් ක‍ර ගත් අත් කොට නිල් කමිසය ඇගට දමාගත් විට යම්කිසි නැවුම් ගතියක් සිතට දැනෙන්නට විය.අලුත් හැගීමකින් සිත පුරවාගෙන ගමන් මල්ල එක් කරකින් පසුපසට දමාගෙන දුම්රියවේදිකාවට පැමිණියේ තව හෝරාවකින් හෝ ඊට මදක්වැඩියෙන් පසු ප්‍රණීත උදෑසන ආහාරයක් ලැබෙතත් ගත විඩාව සමනය කිරීමට ආපනශාලාව වෙත යාමටය.නැවත යථාතත්වයට පත් වීමේ අටියෙන්බනිස් එකක්හා උනු කෝපි කෝප්පයක් ඇනවුම් කර නැවතත් සිතිවිලි අතර සැගවීමි.කෝපි කෝප්පයෙන් ලැබුන පන්නරය සමග වේදිකාව මත බන්කුවක් මත වාඩි වී සිටියද මා සිත අතීත මතකයන් අතර ඔබ මොබ දිව යයි.සති‍යකට දෙහෙකට පෙර සිටි මා සහ දැන් මා අතර වෙනසක් වී නම් ඒ ඇය නිසා බව මා සිත පිරි යයි.නමුත් ඇය හාඅතීත මතකයන් පසු පස ලුහුබැද ඒම මට මනසට වදයක් විය.එකල මා ඇය සමග කී දේවල් මෙයින් පසු කෙසේ මා වෙත ආපහු ලැබේද.මෙසේ හෝරාවක් ගෙවී යනතෙක් මනසේ සිතිවිලි අතර අතරමන් වී සිටියෙමි.ජන්ගම දුරකතනයේ ඇගේ නම සදහන් වන විට පෙර මෙන් සැහැල්ලුවෙන් අතට ගත්තද අද යම්කිසි තිගැස්ස්මක් ඇතිවිය.සුදු සහ කලු ඉරි වැටුන සාය සමග දුබුරු පැහැ බ්ලවුසය ඇගේ පෙර නොදැකපු පෙනුමක්එක්ක‍ර ඇත.මෙයිට මසකට පමණ පෙර මා ගෙදර යාමට කමිසයක් මිලදී ගැනීමට ඇයත් සමග යන අවස්තාවකදී මේ ඇදුම තෝරා ගත්බවත් එයට මගේ කැමැත්තද හිමි ඌ බවත් මතක් වන විට නැවතත් මගේ සිත වරදකාරී හැගීමකින් පිරෙන්නට විය.ඇය කතාවේදී එවන් ගතියක් නොපෙන්වූ බැවින් මමද ඇය හා එක්ව කිසිත් නොවෙනස් බව පෙන්නුවද ඇති වී තිබෙන අපහසුතාවය රහසක් නොවීය.ගමනාන්තය වූ නුව‍ර දුම්රියස්ථානයට ලබාගත් ටිකට් දෙකත් රැගෙන අපි වේදිකාව දෙසට පිය මැන්නෙමු.සෙමින් සෙමින් වදින ඒ අත අල්ලාගැනීමට මා සිත් වූවද, සිත කිසියම්චකිතයකින් වෙලී ඇත.එයටත් ඇයගේ සහය පැමිනියෙන් අතින් අල්ලාගෙන කෝච්චියට නැගීමට මටහැකි විය.මා සතුව පැවති වැඩබිමේ කතා රසවිදිමින් කන්ද උඩරට සීමාවට අපහසුවකින් තොරව පැමිණිබව පලමු උමන් මාර්ගයට ඇතුල් ඌ දුම්රියකියාපායි.හාත්පස කලුවර විය.අතින් අල්ලාගත් වනම සිටි ඇයගේ නිහඩබව මා එදෙසට කිට්ටුවීමට අවශ්‍ය දිරිය සැපයීය.එකෙනෙහිම උමගෙන් එලියට ඇදුනුදුම්රියතුලට වන් හිරු එලිය එතෙක් නොතිබූ අපහසුතාවය අප සිත් තුලටකාන්දු කරවීය.මා අතින් නිදහස් කරගත් ඇගේ අත දුරකතනය වෙතට මාරු විය.පුරා අවුරුදු 5ක් මිතුරන් ලෙස සිට වුවත් මේ අවස්ථාවෙන් පසු මුහුණ බැලීමට මා හට චකිතයක් ඇති වූයෙන් මමදදුරකතනයේ පිහිට සෙවීමි.අප අතර නිහඩ බව මා තව තවත් ආගන්තුක බවට පත්කරවීය.විශ්ව විද්‍යාලකාලය පුරා අවුරුදුහත‍රක් සහ මාස කීපයක් මේදුම්රියෙන්ගමේ සිට යන එන මට ඊ ලග උමග තුලින්දුම්රියයන වෙලාව රහසක් නොවීය.තව දුරටත් මෙවන් ආගන්තුක චරිතයකට පණපෙවීමෙන් පලක් නොවෙන බැවින්දුම්රියඋමගට ඇතුලුවීමත් සමගඇගේ අතින් අල්ලා මා කිට්ටුවට ඇදගත් මා ඇගේ දෙතොල් තදින්සිපගතිමි.-------------------------------------------------------------------------------------------------------දැන් වේලාව: රාත්‍රි 12,30මත් වතුරින් අඩපන ඌ මගේ සිත අතීත ගමන් මඟඔස්සෙ යමින් සිටියදී නෙත ගැටුන මතකයක්,වැලි දූලි වැදී කාලයත්සමග නටබුන්ව තිබුණි.වැලි දූලිපිසදා බැලූ විට පලමු සිපගැනීමෙ රසයත් සමග හැගීමඑලෙසම සුරකිව තිබීම ගැන සිතට බොහෝ ඉස්තුතිවෙමින් මෙසේ ලීවෙමි. . .තව සෙන්ටිමිටරක් ඇනගෙන නිදා ගන්නව . . .කළු ලේබල් යනු සෙන්ටිමෙන්ටල් බීමකි . . .
BLOG
2013.12.19
http://atheethagamanmaga.blogspot.ae/
ඉස්කෝලෙ කාලෙ ලව්. . .
ගමන් මගේ මඟියා
මම 10 වසරේ ඉන්නකොට ඉන්ගිරිස් වලට ලකුනු 35යි.මම ගෙදර යනකොට පෑනෙන් ඒක 85 ක් කරගෙන ගියේ. අම්ම නම් සැක කලේ නෑ.නමුත් අප්පච්චි කෝටුවක් අරගෙන රිපොර්ට් එක කියෙව්ව නිසා ආපහු 85 බැස්සා 35 ට.ඕක තමා මගෙ ඉතිහාසගත ඉන්ගි‍රිස් පන්‍තියට යන්න මූලික උනේ.පන්තිය තිබුණෙ අපේ ගෙවල් තියන පාරෙම තියන සර්ගෙ ගෙදර.බන්කු හතරක් පහක් සෙට් දෙහෙකට තිබුණ.එහෙක කෙල්ලො අනිකෙ අපි. එදා මම පන්තියට ගිය පලවෙනි දවස.ටික වෙලාවක් යනකොට දිග කොන්ඩෙ පෝනි නගුටක් දාල, සුදු පාට ගව්මක් ඇදල කලු පාට බෙල්ට් එකක් දාල කෙල්ලෙක් ආව.සුදු ලස්සන කෙල්ලෙක්.ඇවිත් වාඩි උනේ මම හිටිය බන්කුවට එහා බන්කුවෙ.මට මේ කෙල්ල හිතට අල්ලල ගියා.ඔන්න එදා ඉදන් මම ඉන්ගිරිස් ඉගෙන ගන්නව.හැමදාම පන්ති යනව ඒ කෙල්ලව බලන්න.පන්තියෙ ඉන්නකොටත් වැඩිපුර කරන්නෙ එයා ලියන හැටි, හිනා වෙන හැටි ඔව්ව තමා.කාලයත් එක්ක මගේ ඒකපාර්ශික ලව මෝරගෙන එනව.දැන් මම පන්ති යන්නෙ ඔය කෙල්ල නිසාමයි.නමුත් ඒකි මම ගැන කිසිම සැලකිල්ලක් නැහැ.මමත් හොදට ඇදල කරල යනව, ගෙදර වැඩ ටික හොදට කරගෙන යනව.සර් කාරය ලව්ව මගෙ නම කියව ගන්න.කොහෙද සර් මහ එක විදියක පොරක්.කිවෙම නැහැනෙ මගෙ නම.දැන් ඕ ලෙවෙල් විභාගෙ ලන් වෙනව.මම ඔය විභාගෙට ලෑස්ති උනේ විභාගෙට මාස හතරක් වගේ තියල.මගෙ යාලුවෙකුගෙ අයිය කෙනෙක් ගනන් පන්තියක් කලා මට.ඌ හින්ද ගනන් විද්‍යාව සමාජ අද්‍යනය හොදට පාස් වෙලා උසස්පෙල මැත්ස් පන්තියෙ එල්ලුන.අර කෙල්ලට D ම අටක් කියල ආරන්චි උනා.අන්තිම ඉන්ගිරිස් පන්තිය දවසෙ ආවෙ නෑ.මට හෙන අප්සට්.ඉතින් මම තවම ඒකි ගැන හිත හිත ඒ ලෙවෙල් පන්ති යනව.වැඩිය දකින්න ලැබුනෙත් නෑ.මගෙ මේ ඒකපාර්සික වැඩේ මගෙ හොදම යාලුවවත් දැනගෙන උන්නෙ නෑ.මම කීවෙ නෑ.ඉතින් ඔහොම කාලෙ ගියා.මම ඉදල හිටල එයා උසස්පෙල පන්ති යන එව්ව හොයල ඒ පාරවල් වල ඉදල දැක බලා ගන්නව.එයාකලේ ආර්ට්ස්.ඒකාලෙ හිතන්නෙම ඒ ගැන.හැබැයි කතා කරන්න පුලුවන් මානසිකත්වයක් තිබ්බෙ නෑ.මොකද මම ගැන කිසිම සැලකිල්ලක් නොදක්වපු නිසා.නමුත් මම අවදානය ගන්න පුලුවන් තරම් උත්සාහ කලා.com/the-role-of-disappointment-part-03/පලවෙනි පාර උසස්පෙල කරල රිසල්ට් ආවම.මම සන්ඝමිත්තා එකට ගිහින් රිසල්ට් බැලුව,ඒයාට A 4.කොලබ නීති පීටයෙ.මම . . .හෙහ් හෙහ් කොහොම හරි ෆිසිකල් බෝට්ටුවක් ආව පේරදෙනිය. දැන් මම හෙන අව්ලෙන්.මොකද කැම්පස් එකෙක් සෙට් වෙයි කියල.මම කොලබ කැම්පස් එකට සුහද මාරුවක් ඉල්ලුව. ලැබුනෙ නෑ.මම හිතාගත්ත කොහොම හරි කොලබ කැම්පස් එකට යනව කියල මහන්සි උනා ෆිසිකල් යන්න කොලබ.අර මගෙ යලුවගෙ අයිය මට ගොඩාක් උදව් කලා.දෙවෙනි පාර මම මොරටුවට යන්න ආව.දැන් කොලබ කැම්පස් එකට ෆිසිකල් යන්න දෙන්නෙ නෑ.මට ගෙදරින්.හෙන කේස්.ඔය දවස් වල අපේ ගෙදර ආර්තික මැසිම කර කර ගගා දිව්වෙ.ඉතින් පේරදෙනියෙ යන්නලු.කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්.හෙ හෙහ් හෙහ් කොහොමෙන් හරි මගෙ මේ සීන් එකට දැන් අවුරුදු පහක්.හැබැයි මම විතරයි දන්නෙ.මම කොලබ‍යන එක අත ඇරල ගෙදර අයටත් බරක් දීල ගියා මොරටූ.ගිහින් කොලබ කැම්පස් එකෙ යාලුවො සෙට් කොරගෙන හොයනව, හැම සතියකම දෙපාරක්වත් යනව.කර්මය කියන්නෙ කවදාවත් දැක්කෙ නෑනෙ.පස්සෙ මගෙ වියදමට මම පන්ති කරන්න ගත්තෙ මෙව්වට ගෙදරින් සල්ලි ඉල්ලන්න බැ‍රි නිසා.ඔ‍ය කාලෙ තමා මම සල්ලි ගන්න බැන්කුවට ගිහින් මුද්දර ගහන්න සල්ලි නැතුව ඉන්නකොට, කවුන්ටරෙ හිටපු කෙල්ලෙක් කතා කරල මුද්දර ප්‍රස්නෙ විසදුවෙ.ඔය හිතවත්කම දුර ගියෙ නෑ මම මේ සීන් එක ඔලුවෙ ති‍යාන ඉන්න නිසා.නමුත් එයා මගෙ හොදම යාලුව උනා.බැන්කුවෙ කෙල්ල එක්කමෙන්න මේ කතාවෙසිද්දිය උන දවසෙ රෑ මම තීරණය කලා අවුරුදු ගානක මගෙ ඒකපාර්ශික ලව් එක ඉවර කරන්න.මම හිතුව මම මේ කෙල්ල එක්ක යමක් පටන් ගන්න කලින්, පරන එකට කතා කරනව කියල, ඒ කෙල්ලගෙ ගෙදර ෆෝන් නම්බරේ හොයාගත්ත.පහුවදා කෝල් කරන්න ගියාම හිතුන, මම මේ මා එක්ක අවුරුදු හතරක් දුක සැප බෙදා ගෙන මගෙ රෙදි ටික හොදල මැදල දුන්න කෙල්ල හොදා මගෙ නමවත් නොදන්න කෙල්ලකට වඩා කියල මම එදා ඒක හිතින් අයින් කලා.ඔය මගෙ නමවත් නොදන්න කෙල්ල නිසා මගෙ ජිවිතෙ ගොඩක් දේවල් වෙනස් උනා.හදිසියෙම මේක මතක් උනේ . . . ගිය සතියෙ මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකක් තිබුන.ඒ යාලුව මට කතා කරල ඇහුව උබ මෙහෙම කෙනෙක් දන්නවද කියල.ඌත් මමත් එකම ඉස්කොලෙටම ගිහින් තියන එකම වයස නිසා උගෙන් අහුවලු මම මොකද කරන්නෙ කින්ද මන්ද කියල.මට පුදුම හිතුන මේ කතාවට.මම අවුරුදු ගානක් හීන දැක දැකා හිටිය,මගෙ නමවත් දන්නෙ නැතෙයි කියල හිතපු මේ කෙල්ල මා ගැන අහනව කියන්නෙ. . . කාලය මැව් වෙනසක අරුමේ. . . .
BLOG
2013.12.15
http://atheethagamanmaga.blogspot.ae/
රෙෆරන්ස් ටු දේශකයාස් පොස්ට් ඩේටඩ් 22/11/2013
ගමන් මගේ මඟියා
දවස ගිය අවුරුද්දේ ඊද් නිවාඩුවට කලින් දවස.ඒ කියන්නේ අගෝස්තු 17.ඔය දවස් වල මගියාගේ හාමිනේ දුව හම්බවෙන්න හිටපු කාලේ.ජුනියර්ට වයස තුනයි.ඉතින් ඊද් දවස් වල ශෝපින්ග් මෝල් වල හොදටම සෙනග.මම හවස තුනට විතර ගියා මෙහෙ තියන සාප්පු සන්කීර්ණයකට.නම ඩුබායි මෝල් කියල.එකේ තියනව ලෝකේලොකුම මාලු ටැංකිය.ඉතින ඕක පටන් අරගෙන අවුරුදු කීපයක් ගියත් මම බලන්න ගිහින් තිබුනේ නැහැ.පින්තුරෙhttp://sharememe.එහෙං මෙහෙං යන්න තියනවා අපිටත් අමාරුයි හොයා ගන්න.මම ඔන්න ටිකට් තුනකුත් ඇන්න ඇතුලට ගියා.මාලු ටැන්කිය ඇතුල උමගක් වගේ වටේට විදුරු.ජුනියර් එහාට මෙහාට දුවනවා, මාළු බලන්න.ඌ මේ වගේ එකක් දැක්ක පලවෙනි එක නිසා හෙන එක්සයිට්.මමත් ඕන විදියට නටන්න දීල හිටිය.ඔය උමග උඩ රවුන් කීවෙ ඕවලාකාරයි.මගෙත් ඔලුව ටිකක් මන්නන් වෙලා ගියා නිකන් කැරකෙනවා වගේ.ඔය විසිතුරු බලන අතර පොඩිඑකත් එහෙ මෙහෙ දුවනව.මම පුතා එක කොනකට යනව පොටෝ එකක් අරගෙන කැමරාවෙන් පොටෝ එක දිහත් බලල,ලමය හිටි තැන බැලුව.කෝ ජුනියර් ...............එහා කොනේ ඉදන් මෙහා කොනට යනකල් දෙපාරක් ගියා.එලියට ගිහින් වටෙන්ම අවිදලත් බැලුව මේක නැහැ.හාමිනේට ඔලුව කැරකෙනවා කියල එලියට ගිහින් පුටුවක වැඩි වෙලා උන්නේ.මම එයට නොපෙනෙන්න මේකව හොයනවා.මොකද මේ ඉන්න තත්ත්වේ අනුව ඔය වගේ දෙයක් කියන්න බැරි නිසා.හැමතැනම බැලුව නැහැ.පුතා වෙනදට ගිය දිහකින් ඒ ගිය පාර දිගේම ආපහුඑන පුරුද්දක් තියනවා.එක නිසා මම ටිකක් බැලුව එයිද කියල.විනාඩි දහයක් විතර හිටිය දැන් නම් ඉන්නම බැහැ.මගේ පපුව නිකන් බර වෙලා වගේ.අත් දෙකත් සිතල වෙලා කතා කර ගන්නවත් බැහැ.මගේ වෙනස දැකපු වයිෆ්ට තේරුණා වෙලා තියන දේ.එයා අඩනවා දුවනවා ලමය හොයන්න.මම එතන හිටපු සිකුරිටි එකාට කිව.ඌ ඒ ගමන්ම උන්ගේ ලොක්කට කෝල් කරලා ඇදගෙන හිටිය ඇදුම් ගැන විස්තරයක් සහ පුතාගේ ෆොටෝ එකක් යැව්වා.ඌ කියනවා බය වෙන්න එපාය හැම මීටර් 20 කටම එක සිවිල් ඔෆිසර් කෙනෙක් ඉන්නවය ඒ හැමෝටම ෆොටෝ එක යැව්වය කියල.මමත් ඒ ළඟ යයි කියල හිතන්න පුළුවන් හැම කඩේටම ගිහින් බැලුව.මිනිහ ආසයි ඔය සෙල්ලම් කාර් වලට.ඒක නිසා ඒ ළඟ තිබුන සෙල්ලම් බඩු කඩේ හැමතැනම බැලුව.දැන් විනාඩි විස්සකට වැඩි.මම මුලින් ගොඩක් විශ්වාස කරා පුතා ගිය පාරේම අපහු එනවා කියල.වෙලාව යනකොට ඒ විශ්වාසේත් හෙලෙන්න ගත්ත.බලන්න පුළුවන් හැම තැනකම බැලුව.CID එකේ උන් ටිකත් එහාට මෙහාට කෝල් කරනවා විතරයි.දැන් වයිෆ් කලන්තේ දාන ගානටඇවිත්.එයත් පුටුවක ඉන්දල මම හැමතැනම දුවනවා.මම කෝකටත් කියල එතනින් ටිකක් ඈත තියනවා කොරිඩෝවක් කෘතීම වැව උඩින් යන පාලමට.මම ඔය කොරිඩෝවට ගියා,මෙන්න එනවා දුවගෙන පාලම පැත්තේ ඉදං. අර කොරිඩෝවේ තියන හැම කඩේකම දෙන කොලයි, කෑම කඩවල මෙනු කොලයි ගොන්නක් අතේ.තවත් නැවතී නැවතී කඩ වල ඉස්සරහ ඉන්න පිලිපීන කෙල්ලෝ එක්ක චැට් එක දානවා එන ගමනුත්.අම්ම අප්පා ඉන්නවද මලාද නැහැ.එක දැක්කම හිනා ගියත්, අල්ලගත්ත ගමන් උරහිසෙන් හොල්ලල ඇහුව කොහෙද ගියේ කියල.දුන්න උත්තරේ ;" සංසාරේ අප්පච්චි මට චිකන් ගුඩි කන්න ඕන" ( චිකන් ගුඩි කියන්නේ KFC එකේ පොප්කොර්න් එකට)එකට කිසි ගානක් නැහැ.දෙන්නම් උබට චිකන් ගුඩි කියල ඇන්න ගියා මව් යාන‍ය ගාවට.එක්ක ගිහින් මව් යානයට බාරදුන්න නැත නම් මොනවායින් මොනවා වෙයිද නොදන්නා නිසා ඉන්න තත්වේ අනුව.අම්මගෙන් නම් ගුටිකෑවා ( මම අද වෙනකල් ගහල නෑ කොල්ලට, මට ගහන්න ඕන උනොත් ළමයාගේ අම්මට එක හත කරලා කියනවා හෙහ් හෙහ් හේ අම්මගෙන් කනවා එතකොට)ඉතින් එදා‍යින් පස්සෙ තමා මම ජුනියර් එක්ක මොනවහරිගන්න ඕනෑ උනත්නොයන්නේ.එයා එක්ක යනවා නම් බඩුමුට්ටුගන්නේ නැහැ.මෝල් එකේ පොලිස් පොස්ට් එකට ගිහින් ළමය ලැබුන කියල ඉන්ෆොර්ම් කරලා ගෙදර ආවේ. . .ප.ලි: දේශකයගෙපොස්ට් එක නිසා ලීවෙ.
BLOG
2014.09.22
http://laabaiapple.blogspot.com
අත්තම්මලාට දානයක් දුනිමි.
ලාබයි ඇපල්
හැම අවුරුද්දෙම අපේ ගෙදර අය වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා. බොහෝ කාලයකට පෙර මියගිය අපේ ආතා ට සහ මව් පිය පාර්ශවයන්ගේ මියගිය ඥාතීන්ට පිං පැමිණවීමේ අරමුණින් තමයි මේක කරන්නෙ. හැම අවුරුද්දෙම සැප්තැම්බර් 18 වෙනිදට අපි සියලුම කළමනා අරගෙන වැඩිහිටි නිවසට යනවා. මේ පාරත් ඒ සඳහා මම සහභාගී උනා. මේ තමයි එහි මතක සටහන්.මේ ඉන්න ආතම්මලා ඔක්කොම විවිධ හේතු හින්ද මෙතනට ආපු අය.සමහර අය මට හොඳට මතකයි. ඒ මොකද මම පොඩි කාලෙ ඉඳලම මේකට යනවා. සමහර අය ඒ කාලේ ඉඳන්ම මේකේ ඉන්න අය. උඩින් තියන පින්තුරේ තියෙන්නෙ කට්ටිය වැඩිහිටි නිවාසෙ සාලෙට එක් රැස් වෙලා ඉන්න ආකාරය. මෙහෙම ඉන්නෙ දවල්ට මල් පුජා කිරීමට සහ පිං පැමිණවීමට. දානය ගෙන හැම අවස්ථාවකම මේ හැමෝම මේ විදියට රැස් වෙනවා. ඊට පස්සෙ මල් පුජා කරලා දෙවියන්ට සහ පැමිණිලා ඉන්න අයගේ මියගිය ඥාතීන්ට පිං පමුණුවනවා.ඉදිරියෙන් පෙනෙන කොරිඩෝරය දිගේ ඉස්සරහට ගියාම තමයි කෑම කාමරය හමුවන්නේ. මේ ඔවුන් එක් එක් ආතම්මගේ පිඟන් වලට කෑම බෙදන්න සුදානම් වන වෙලාව. මේ ඉන්න දෙන්න තමයි ඒක භාරව කටයුතු කරන්නෙ. අපිට ඒ වැඩේ කරන්න දෙන්නේ නෑ. හේතුව ඒ ඒ අය කන සහ නොකන ජාති, කන්න නුසුදුසු දේවල් ගැන දන්නෙ මේ අය විතරයි.අපි ගෙනිච්චා පරිප්පු, මාළු, කට්ට සම්බෝල, කරවිල මාළුව සහ පපඩම්." කට්ට සම්බෝලේට නම් කට්ටිය කැමති වෙයි මහත්තයා. මේවා හැමදාම ගේන්නෙ නැහැනේ. මෙහෙ ඉන්න ගොඩක් අය පරිප්පු කන්නෙ නෑ දැන්. "මෙතන හිටපු එක අත්තම්ම කෙනෙක් කිව්වා. ඊට පස්සෙ අපි ගෙනිච්ච පපඩම් මල්ල දිග ඇරලා බැලුව." මේ මොනවද මහත්තයා මේ. බෝල බෝල වගේ තියෙන්නෙ. "" ඕවට කියන්නෙ බිත්තර පපඩම් කියල... "" අනේ ඒවායේ හැටි. මම හිතුවේ බිත්තර කියල.."අත්තම්ම හිනා උනා.අපේ තාත්තගේ අදහස පිට තමයි ඒ පපඩම් ජාතිය හදාගෙන ගියේ. ඒවා තෙලට දැම්මම බිත්තරේ වගේ පිම්බෙන හින්ද බිත්තර පපඩම් කියලයි කියන්නෙ. හැමදාම එකම ජාති කන්න හම්බ වෙන හින්ද වෙනසකට කියල තමයි ඒවා හදාගෙන ගියේ.කෑම බෙදල ඉවර උනාම සීනුව නාද කරනවා.එතකොට හැමෝම එනවා කෑම කාමරේට. ඊට පස්සෙ තමන්ට මෙම දානය ලබාදුන්නට නැවත පිං පමුණුවනවා. ප්‍රධාන කොටස බුදුරදුන්ට පුජා කරනවා. ඔය හිටගෙන ඉන්නෙ ඇපල් ගේ මව සහ පියා.කෑම කන අස්සේ සමහර අය පපඩම පැත්තකට කරලා." ඇයි අත්තම්මේ මේවා කන්නෙ නැද්ද. "" මම බිත්තර කන්නෙ නෑ මහත්තයා."" මේවා බිත්තර නෙමෙයි පපඩම්. බලන්නකෝ පොඩි කරලා...."" අනේ මම හිතුවේ බිත්තර කියල."මෙහෙම කියල ආපහු කන්න පටන් ගත්ත.කරවිල මාළුව ගෙනිච්ච ටික ඔක්කොම ඉවර උනා. රසයි කියා කියා කට්ටියම කෑවා.අපේ අම්ම කරවිල උයනවා තිත්ත නැති වෙන්න. ඒ හින්ද වෙන්න ඇති.අනික ගොඩක් වෙලාවට හැමෝම ගේනවා ඇත්තේ පරිප්පුයි අරවයි මේවයි නේ. මේ වගේ කෑම ජාති ගේනවා අඩු ඇති.මේ ඔක්කොම ඉවර වෙලා අපි ගෙනාපු චීත්ත ටික අපි මේ අයට පුජා කළා.අලුත් චීත්ත දැකපු මේ අයට හරිම සන්තෝස හිතුනා. ඒ මේ අස්සේ අර කෑම බෙදන්න හිටපු අත්තම්ම අපේ තාත්ත ගාවට කිට්ටු වෙලා රහසින් මෙහෙම කිව්වා." මහත්තයා ඕව පුළුවන් නම් කට්ටියට දැන්මම අන්දවන්න. නැත්තම් පාලක මණ්ඩලේ අය ඇවිත් ඕව අරගෙන යනවා. ඊට පස්සෙ ආයිමත් ඕව හම්බ වෙන්නෙ නෑ."මේක අහල අපි ඔක්කම එක්ක වැඩේට එන්ටර් උනා. ඇන්දුවා කට්ටියටම චීත්ත ටික ඒ වෙලාවේම. ඔය වම් පැත්තෙන් සාරිය ඇඳන් ඉන්නෙ අපේ කිරි අම්මා.ඔයාලටම පේනවා ඇති මේ අය කොච්චර සන්තොසෙන්ද ඉන්නෙ කියල.ඔය අතරේ තවත් අත්තම්ම කෙනෙක් මට කිට්ටු උනා."වැඩක් නෑ මහත්තයා ඕව අරගෙන යනවා ඇවිල්ල. හැමදාම එහෙමයි.""ඒ උනාට ඕව ඇන්දට පස්සෙ අරන් යන එකක් නෑ...."මම කිව්වා."ඒ උනාට වැඩක් නෑ ඕව අරන් යනවා...""එහෙනම් අත්තම්මේ මෙහෙම කරන්න. ඔකේ කුණු ටිකක් ගාන්න.එතකොට අරන් යන එකක් නෑ.""හැබෑටම එහෙම කළා නම් හරි තමයි. මහත්තයත් හරි කතා තමයි කියන්නෙ. "මෙහෙම කියල කට්ටිය හිනා උනා.ඉතින් මගේ ජංගම දුරබනනේ අරන් වටේ කරකැවෙනකොට තව අත්තම්ම කෙනෙක් කිව්වා"ඔන්න මේ මහත්තයා පොටෝ එකක් ගන්න හදන්නේ. එන්න එන්න "කියල ලග හිටපු තමන්ගේ යාළුවව ලඟට ඇදලා ගත්ත.වම් පැත්තේ ඉන්න අත්තම්ම හරි සුහදයි. එයා නිකම් ඉන්න වෙලාවට පුටු කවර ගොතනවා වූල් වලින්. හරිම ලස්සනයි. මට හදල තිබ්බ ගොඩකුත් පෙන්නුවා. හැමෝම අලුත් චීත්ත ඇඳගෙන හරි සන්තෝසෙන් හිටියේ.එන්න ලැහැස්ති වෙලා මම හැමෝටම වැන්දා. ඒ හැම කෙනෙක්ම විව්ධාකාරයෙන් ආශිර්වාද කළා. ඒ අය එහෙම කලේ තමන්ගේ හදවතින්ම කියන එක මට හොඳට තේරුනා. ඒ අයට තමන්ගේ දරුවන් මුණුපුරන් මතක් වෙනවා ඇති අපිව දැක්කම. එක අතකට දුකත් හිතෙනවා. ඒ උනාට මෙතන ඉන්න අය බොහොම සතුටින් එකිනෙකාට උදව් කරගෙන ඉන්නවා. සමහරවිට තමන්ගේ ගෙදර අපායේ ඉන්නවට වඩා මෙහෙ හොඳයි කියල හිතන අයත් ඉන්නවා ඇති. සමහරවිට තමන්ගේ දරුවන් තමන්ට මෙහෙම කලේ ඇයි කියල දුක් වෙන අයත් ඇති. එත් මොනවා කරන්නද. ඕක තමයි ජීවිතේ හැටි.
BLOG
2014.09.15
http://laabaiapple.blogspot.com
ජීවිතේ තේරුම ?
ලාබයි ඇපල්
ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ මට ආපහු ලියන්න හිතුනා. යන්තම් තෙවැනි වසරේ විභාගේ ඉවර උනා විතරයි. නිවාඩු කාලයක් තියෙනවනේ. ඉතින් නිදහසේ එකක් දෙකක් ලියන්න කාලය තියනවා. ඔය වයලිනෝ සහ සිංදුවා මට අපහාස කොලාට නොසැලී නැවත මේක ලියන්න අදහස් කරගත්තේ විභාගේ පටන් ගත්ත දවස් වලමයි. කාලෙන් කාලෙට එක එක ඒවා පටන් අරගෙන ටික කලක් ගියාම එපා වෙන එක මගේ හැටියක්. එහෙව් එකේ මේක අවරුදු දෙක තුනක් ලිව්වා කිව්වමත් මට පුදුම හිතෙනවා.කෙසේ වෙතත් ඉඳල හිටලා හරි ලියන්න එපැයි. එතෙක් මෙතෙක් කාලේ තුර සෑහෙන ලිපි ගොඩක් මා අතින් මග ඇරිලා නම් තියනවා.ඒ හැම එකක්ම කියවන්න නම් බැහැ. නමුත් ඉදිරියට යන ඒවා නම් ඔක්කොම කියවන්නම්.සිද්ධ උන සිදුවීම් නම් බොහොමයි. ඒ උනාට ඔක්කොම එක පාර බැහැනේ. ටික ටික ලියන්නම්. අද ලියන්න යන්නේ කාලයක් තිස්සේ මට මතුවෙන ප්‍රශ්නයක් ගැන. මේකට විසඳුමක් හොයන එක නම් සෑහෙන අමාරු වැඩක්. එක පැත්තක් ගැන විතරක් හිතල නම් විසඳුමක් ලබාගන්න පුළුවන්. එත් අපි ජීවත් වෙන හැටියට එහෙම කරලා ගන්න විසඳුම් සාර්ථක නැහැ.අපි හැමෝම ඉපදෙනවා. ඊට පස්සෙ ඉස්කෝලේ යනවා.සමහර අය උසස්පෙළ එහෙම සමත් වෙලා සරසවියට යනවා.එහෙම නැති අය මොනවා මොනවා හරි කරලා රස්සාවක් හොයා ගන්නවා. ඇත්තටම ඉගෙන ගැනීමේ අවසාන පරමාර්ථය රැකියාවක් සොයා ගැනීම තමයි. ඊට පස්සෙ විවාහ වෙනවා. දරුමල්ලෝ හදනවා. වයසට යනවා. මැරෙනවා. අපේ රටේ ඉන්න ගොඩක් අයගේ ජීවන රටාව මේක තමයි. මීට වඩා වෙනස් විදියක් ඇත්තෙම නැද්ද.මේ දවස් වල සිංදුවා රස්සාවට යන හින්දා කියන කතා වලින් රස්සා වල තරම හිතා ගන්න පුළුවන්. උදේම යනවා, කැන්ටිමට ගිහින් කනවා, වැඩ පටන් ගන්නවා, දවල්ට ආයිමත් කනවා, වැඩ කරනවා, හවසට ගෙදර එනවා, කනවා, නිදා ගන්නවා, උදේ නැගිටිනවා යනාදී වශයෙන් හැමදාම ඒකාකාරී ජීවන රටාවක්. මීට වඩා වෙනස් ක්‍රමයක් තියනවද. අපේ රටේ හැටියට වෙන ක්‍රමයක් නැද්ද.ඔහොම හිතාගෙන යනකොට ඇයි මිනිස්සු සසර ගැන කලකිරිලා මහන වෙන්නේ කියලා අවබෝධ උනා. එහෙම කරන්නත් සෑහෙන හිතේ හයියක් තියෙන්න ඕන. මම කියන්නෙ ලැබ සත්කාර බලාපොරොත්තුවෙන් හෝ ක්ෂණික කලකිරීමක් හින්දා මහන වෙලා ටික කලකින් ආයිමත් ගිහි වෙන අය ගැන නොවෙයි.සැබෑ ලෙසම කලකිරිලා අවබෝධයෙන් මහන දම් පුරන්න එකතු වෙන අය ගැන. ගොඩක් අය මේ වගේ තීරණයක් ගන්න බැරුව කලකිරීමෙන්ම ජීවිතේ ගෙනියනවා.මට පහුගිය අවරුදු කිහිපය තුල සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා. ඒ බොහොමයක් දේවල් මිනිස්සු ගැන. මිනිහගේ හිත කොච්චර වෙනස් වන සුළුද කියන එක ගැන හොඳ තේරුමක් තියනවා දැන් නම්. ජීවිතේ සමහර පැති ගැන වෙනස්ම ආකාර වලින් බලන්නත් මට පුළුවන් උනා. එහෙම නිසා මගේ ඉස්සර තිබුන සමහර නොගැලපෙන ගති පැවතුම් පවා වෙනස් කරගන්න පුළුවන් උනා. ගොඩක් මිනිස්සු ජීවිතේ කියල ගත කරන්නෙ කිසිම හරයක් නැති, වටිනාකමක් නැති මහා පුස් දෙයක් කියන එක දැන් මට තේරෙනවා.මෙකෙන කියන්නෙ හැමෝම මහන වෙන්න ඕන කියන එක නෙමෙයි. මම තවමත් බොහොම විනෝදෙන් ඉන්න කෙනෙක්. මගේ යහළු මිත්‍රයින් ඒ ගැන දන්නවා. සමාජෙ ඉන්න මිනිස්සු එකිනෙකාට වෙනස් හින්ද ජීවිතේ දිහා බලන ආකාර විවිධයි. මගේ කෝණය සමහර අයට විහිළුවක් වෙන්නත්, සමහර අයට බැරෑරුම් දෙයක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ ගැන ඉතින් කරන්න දෙයක් නෑ. මිනිස්සු විවිධාකාරයි නේ....හැම මිනිහම එකිනෙකාට වෙනස්, ඒ හින්දා ඒ ඒ අයගේ මතවාද ගැන අපිට අදහසක් පල කරන්න පුළුවන් උනාට ඒ මිනිස්සුන්ව විවේචනය කරන්න අපිට අයිතියක් නෑ කියන එක මට කියා දුන්නේ සිංදුවා. මිනිහට නම් දැන් ඕවා මතක නැතුව ඇති. ඒ උනාට ඒ කාලේ ඉඳල හිටලා ඔය වගේ වැදගත් දේවලුත් කියවෙනවා ඕකා අතින්.ඔහොම කියාගෙන යනකොට වෙනස්ම ආකාරයේ ජීවිත ගෙවන අයත් අපි අතරේම ඉන්නවා. මගේ මිතුරෙක් ඉන්නවා ඔහු තවම විවාහ වෙලා නැහැ. දැන් වයස 42ක් විතර වෙනවා මට මතක හැටියට. නමුත් විවාහ නොවුනා කියලා ඔහු කිසිම විදියකින් දුක් වෙන්නේ නැහැ.බොහොම විනෝදෙන් ඉන්නවා. තමන් කැමති තැනක යනවා. වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක්. ඒ අතරේ හැම දහම් කටයුත්තකටම සම්බන්ධ වෙනවා. ඒ ඔහුගේ ජීවිතය. ඔහු කියන්නෙ ජීවිතේ බැඳීම් නැති හින්ද හරිම සැහැල්ලුයි කියල. ඒත් සමහර අය නම් කියනවා ඔහොම ජීවත් වෙලා ඇති පලේ මොකක්ද කියල. ඒ උනාට ඒ ඔහු කැමති ජීවිතය.මට නම් සමහර වෙලාවට මෙන්න මෙහෙමයි පේන්නෙ.ජීවිතේ කවියක්ආදරේ....සොඳුරුතම වදනක්.කඳුලැලි බිඳක්...හසරැලි පොදක්...එකට එක්වූ විට දැනේ...පෙර නොවිඳි රසයක්.
BLOG
2014.03.07
http://laabaiapple.blogspot.com
ඔන්න අපි විභාග ලියන හැටි
ලාබයි ඇපල්
ඉතින් යාලුවනේ සෑහෙන කාලෙකට පස්සේ මට ආයිත් බ්ලොග් එක ලියාගන්න පොඩි වෙලාවක් හම්බ උනා. මේ පැත්තේ ඇවිත් බලනකොට තමයි දැක්කේ මම මේ අවුරුද්දට එකම ලිපියක් වත් ලියල නැති බව. විභාග කටයුතු එහෙම තිබෙන හින්දයි ලියන්න පරක්කු වෙන්නේ.විභාග කිව්වමයි මතක් උනේ මට. ඊයේ පෙරේදත් විභාගයක් ලිව්වා. එක ලියල ඉවර උනාට පස්සේ තමයි මට මේ වගේ දෙයක් ඔලුවට ආවේ. උසස් පෙළ කරන්න එනකම් ඕවට මම නම් එච්චර කවදාවත් මහන්සි උනේ නෑ. පන්ති කට් කරලා පිස්සු නටල ඔක්කොමත් කරලා අන්තිමට ශිෂ්‍යත්වෙත් සාමාන්‍ය පෙළත් ඔක්කොම බොහොම ලේසියට ගොඩ ගියා. ඔය විදියටම උසස් පෙළත් කරන්න ගිය හින්ද තමයි පලවෙනි පාර ලස්සනට ඇනගත්තේ.ඊට පස්සේ හිතුව මම කොහොමහරි ඊළඟ පාර නම් අනිවා පාඩම් කරලා ගොඩ යනවා කියල. එත් ටික දවසක් යනකොට අර තිබුන දෛර්යය ශක්තිය ගැම්ම කොහේ ගියාද දන්නේ නෑ. ඔක්කොම දිය වෙලා ගිහින් අන්තිමට බලනකොට. අනේ මන්ද අපිත් මහා පුදුම ජාතියක් . එක පාරක් වලේ වැටුනම ඉගෙන ගන්නේ නැති හැටි.මට මේ ඔක්කොම මතක් උනේ ඊයේ පෙරේදත් එකක් ලියපු හින්ද. අවුරුද්ද පටන් ගන්නකොට හිතුව අනිවා දැන් ඉඳන් පාඩම් කරලා මේක දලමට ගොඩ යනවා කියල. එත් අන්තිමට පාඩම් කරන්න පටන් ගත්තේ විභාගෙට දවස් පහක් තියල. අනේ මන්ද ඉතින් ඕවට හා කියන්නත් බෑ හ්ම්ම් කියන්නත් බෑ. මේක බලන විභාග වලට මුහුණ දෙන අය ඉන්නවනම් මේකයි මට කියන්න තියෙන්නේ. මුල ඉඳන්ම වැඩ කලොත් එකම විබාගයක් වත් අමාරු නෑ. පහුගිය විභාගෙ විෂයන් දෙකක් මුල ඉඳලම හරියට කරගෙන ඇවිල්ල තිබුන හින්ද ප්‍රශ්න පත්තරේ හම්බ උන ගමන් පට පට ගාල ලියල දැම්ම. පාඩම් කරපල්ලා විභාග පාස් වෙන්න ඕන නම්.
BLOG
2013.12.26
http://laabaiapple.blogspot.com
පළවෙනි පන්ති කට් කිරිල්ල
ලාබයි ඇපල්
ඒ කාලේ මම හතර වසරට ආපු ගමන්. ඉගෙන ගත්තේ රත්නපුරේ කන්ද උඩ ඉස්කෝලේ ප්‍රාථමික විදුහලේ. දන්නා කට්ටිය දන්නව ඇති ඉස්කෝලේ මොකක්ද කියල . ඒ කාලෙ ඇපල් නියම මැරයා. හැමෝම බයයි ඇපල් ට . ඒ උනාට මට සෑහෙන්න යාලුවොත් හිටිය. කොච්චර වලි දාගත්තත් ගහ මරා ගත්තත් මට වැඩිය දඬුවමක් දෙන්න මිස්ල ට පුළුවන් උනෙත් නෑ.හේතුව ගොඩක් වෙලාවට මම පන්තියේ එක දෙක තුන අතර අනිවා ඉන්නවා. ඒ හින්ද මිස්ල ත් අසරණ වෙලා හිටියේ මට හරිහමන් දඬුවමක් දෙන්න විදියක් නැතුව .කතාව වෙන පැත්තකට ගියා. ඔන්න ඒ කාලෙ අපිට නැටුම් වලට උඩහ ඉස්කෝලෙට යන්න ඕන. ඒ කිව්වේ ප්‍රාථමික කොටස ඉස්කෝලෙන් පහළ වෙනම කොටසක තිබුනෙ. ඒ හින්ද නැටුම් තියන දවස් වලට හෙන වටයක් ගහල නැටුම් කාමරේට යන්න ඕන . ඉතින් මට ඔය වටේ යන්න කම්මැලි හින්ද කෙටි මාර්ගයක් හදාගෙන තිබුන ඔතනට යන්න. කෙටි පාර මහා බයානකයි. එහෙම ලේසියෙන් කෙනෙකුට යන්න බෑ. අඩි පහලවක් විතර තාප්පයක් නගින්න ඕන ඔය වැඩේට . දැන් කට්ටිය බලයි මේකා තලගොයෙක්ද තාප්ප වල බඩගාන්න කියල . මෙහෙමයි. තාප්පෙට වම පැත්තෙන් ගස් වල මුල් ටිකක් එල්ලිලා තියනවා. ඕවයේ එල්ලිලා තමයි නගින්නේ .ඔන්න පළවෙනියටම නැටුම් වලට යන දවස. තියන තැන දන්නෙත් නෑ. කට්ටිය පාර දිගේ උඩහට දුවනවා. මට ඉතින් කම්මැලි කම හින්ද නැග්ග තාප්පේ දිගේ. මල ජුලියයි. කට්ටිය නෑ. මාව හොල්මන් උනා . දැන් නැටුම් පන්තිය තියන තැන හොයාගන්නත් බෑ. පැය කාලක් විතර දඟලල යන්තම් පන්තිය තැන නම් හොයාගත්ත. ඒත් ඒ වෙනකොටත් මිස් පන්තියේ උගන්නනවා. ඒ මිස් පට්ටම සැරයි කියල ඉස්සෙල්ල අහල තිබුනා .මට හීන් දාඩිය දැම්ම. දැන් මොකද කරන්නේ...පන්ති භාර මිස්ට අහු උනොත් කන පලාගන්න පුළුවන් .කරන්න දෙයක් නෑ.උඩහ ඉන්නත් බෑ. කෙල්ලෝ විතරනේ උඩහ ඉන්නෙ .බැලුව වට පිට. කව්රුවත් පේන්න නෑ. හෙමින් සැරේ වටේ පාරෙන් පහලට ආව. මල කෙලියයි.මිස් පන්තියේ . හරියන්නේ නෑ වැඩේ. රිංගුවා කටුකම්බියක් අස්සෙන්. මිස්ට නොපෙනෙන්න ගිය හෙමින්ම පන්තියේ පිටිපස්සට .දැන් තමයි ලොකුම අවුල. කාටවත් නොපෙනෙන්න ඉන්නත් ඕන. අහු උනොත් ඉවරයි. කාලච්චේද දෙකක් ඉන්නත් එපැයි. කරන්න දේකුත් නෑ. ඔන්න ඉතින් ඉන්නවා ඉන්නවා ඉන්නවා ............................................................................................................. නැටුම වලට ගිය උන් එන පාටක් නෑ . බැලුව වට පිට.ම්හු. පට්ටම කම්මැලියි ..................අපේ පන්තිය පිටිපස්සේ ටිකක් දිය සීරාව වගේ තිබුනා.ඒ හින්ද පොලව ටිකක් බුරුල් ගතියක් වගේ තිබුන. වෙන කරන්න දේකුත් නෑනෙ. හොයා ගත්ත එතනම තිබිල කෝටු කෑල්ලක්. ඕකෙන් පොලව කෙටුව. කොටලා කොටලා හැදුව පාත්තියක් . වටේට ගල් කැට තියල ලස්සන කළා. අඩි 5x2 විතර ඇති. කොහොම හරි ඕක කරලා ඉවරවෙනකොට කට්ටිය දුවල එනවා ඇහුනා. මමත් කට්ටියට සෙට් වෙලා හෙමින් සැරේ පන්තිය ඇතුලට ගියා .පස්සෙ දවසක අපේ ලොකුමිස් , අතුගාන්න හිටපු ජොසපින් අක්කාගෙන් අහනවා ඇහුන කවුද පාත්තිය හැදුවේ කියල . ඊට පස්සේ ඒකෙ මල් වවල තිබුනා මතක හැටියට.ඔන්න ඔහොමයි මම පන්ති කට් කොරන්න පටන් ගත්තේ. (සමාවෙන්න යාලුවනේ මට මේ කාලේ ඔයාල ලියන ඒවා බලන්න තරම් වෙලාවක් නෑ .මේක දැම්මෙත් පාලුවට යන්න දෙන්න හොඳ නැති හින්ද. තරහ වෙන්න එපා ඒ හින්ද. හැකි උන ගමන් මම පුළුවන් විදියට කියවන්නම්. වැඩ අධිකයි.ඔක්කොටම කලින් ඉගෙනගෙන ඉන්න එපැයි. ).
BLOG
2013.11.21
http://laabaiapple.blogspot.com
පොඩි කාලෙට ගියෙමි.
ලාබයි ඇපල්
ගත්තේ මෙතනින්.ඔන්න අද වැඩ කර කර ඉන්න ගමන් ඒක පාරටම මට පරණ කාලෙ මතක් උනා. මතක් වෙලා පටස් ගාල අන්තර්ජාලේ පැත්තට කරක් ගහල බැලුව. මෙන්න බොලේ බඩු තියනවා. මට පුදුම සතුටක් දැනුනේ ඒ වෙලාවේ. දන්නවද මොනවද හම්බ උනේ කියල...දැන් සමහර අය බලනවා ඇති මේ මොන හරුපයක්ද කියල. පොඩි එවුන් සහ වයසක කට්ටිය තමයි එහෙම බලන්නේ.නමුත් මගේ වයස් සීමාවෙ ඉන්න ගොඩක් අය මේ නම ඉස්සර කාලේ ගොඩක් අහල ඇති. මොකද දැන් කාලෙ වගේ පරිගණක තිබුනෙ නෑ හැමෝටම. මම නම් 5 වසර ට විතර ආවට පස්සෙ තමයි මුලින්ම පරිගණකයක් දැක්කෙත් අම්මගේ ඔපිසියේදී. ඒ කාලේ අපිට ඔච්චර පහසුකම් තිබුනෙත් නෑ නොවැ. එතකොට මම හය වසරේ විතර ඇති. දහම් පාසලේ මගේ හොඳම යාළුවා උනේ මල්ලි කෙනෙක්. නම චාමර. මල්ලි කෙනෙක් උනත් මිනිහව අපේ පන්තියට තමයි දාල තිබුනෙ. පවුලේ එකම කොලුවා. ඉතින් ගෙදර අම්මයි තාත්තයි කියන කියන හැම එකක්ම මේකට අරන් දුන්න.ගෙදර තිබුනෙ දහම් පාසලට පහල පාර අයිනේ.දවසක් මේකා ආව උදේම මාරම සන්තොසෙකින්."අයියේ මට TV game එකක් අරන් දුන්නා ".මම අන්දුන් කුන්දුන්."ඒ කිව්වේ . ""ඒක TV එකට සෙට් කරලා ගේම් ගහන්න පුළුවන්. "ඒ කාලේ වෙනකොට මම දැකල තිබුන එකම ගේම් ඒක තමයි මෙන්න මේක.දන්නා කට්ටිය දන්නව ඇති මේක ඒ කාලෙ කොච්චර ජනප්‍රියද කියන එක. මේවා තිබුනෙත් බොහොම ටික දෙනෙක් ගාව විතරයි. ඒ හින්ද අයිතිකාරයාගේ යාලුවන්ට තමයි ඕව සෙල්ලම් කරන්න පින ලැබුනේ. මේ වගේ එකකින් එහාට අපි ගේම් දැකල තිබුනෙ නෑ. ඉතින් ඒවා කොහොම වෙන්න ඇද්ද කියල මට හිතා ගන්න බැරිවුනා.දහම් පාසල ඇරෙනකම් ඕක ගැන තමයි කතා කර කර හිටියේ. 12 30 ට ඇරුන ගමන් කෙලින්ම දිවුවේ චාමර මලයාගේ ගෙදරට. ඔන්න දැන් මිනිහ ගේම් සෙට් ඒක එලියට ගත්ත.අරගෙන TV එකට සෙට් කළා. ඒ අතරේ ඒක කොහොමද හරියට සම්බන්ධ කරන්නෙ , ඒ වගේම හරි විදියට සුසර කරගන්න විදිය (Tune) එහෙමත් කියල දුන්න. ඔන්න අන්තිමට ගේම පටන් ගත්ත. මගේ අම්මෝ....මේ මොනවද මේ... දෙපාරක් පිස්සු හැදුනා මට. ඔන්න ඔහොම මුලින්ම ගහපු ගේම් ඒක තමයි Contra Force කියන්නෙ.හැම සතියෙම ඉරිදට ඕක ගහන්න මග බලාගෙන ඉන්නෙ. ඉස්කෝලේ ඇවිත් කියවන්නෙත් ඕක ගැන විතරයි.ගෙදර ගියත් කියවන්නෙ ඕක ගැන. සමහර දවස් වලට දහම් පාසැල ඇරිලා ගෙදර යන්නත් අමතකයි. ඒ වගේ දවස් වලටතාත්ත ඇවිත් එක්කරගෙන යනව.එදාට ඉතින් එක්කෝ ගුටි කන්න වෙනවා එහෙම නැත්තම් කන පිරෙන්න බැනුම් අහන්න වෙනවා.අහම්බෙන් අතීතෙට ගිය TV ගේම් එකක් හින්ද. අන්තර්ජාලෙන් හොයල සෙල්ලම් කළා අද දවල් . දුකත් හිතුනා මට ඒ අතරේදී. අපේ වයසේ අය තමයි මුලින්ම සහ අවසාන වතාවට TV ගේම් ගහපු අය. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
BLOG
2013.11.12
http://laabaiapple.blogspot.com
ලාබයි ඇපල් - දැන් අවුරුදු දෙකයි.
ලාබයි ඇපල්
ඔන්න කොහොමින් කොහොමින් හරි දෙවෙනි උපන් දිනෙත් පහුවුනා.අද නෙමෙයි ඊයේ තිබුනෙ. ඒ කියන්නෙ 2011 - 11 - 11 වෙනිදා පටන් ගත්ත මේ බ්ලොග් පැටියා ට දැන් අවරුදු දෙකක් වෙනවා. යන්තම් බඩගාගෙන යන්න පුළුවන්. තවම දනගාන්න බෑ. එකට තව කල් යයි. මේ සන්තෝසෙට මගේ යාළුවා සහ මම ඊයෙ දවසෙම පාටි දැම්ම. වෙන කොහෙවත් නෙමෙයි සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ. හොඳට කාල හොඳට බීල නටල හෙන ජොලියක් ගත්ත ඉතින්. කියල වැඩක් නෑ. අවුල කියන්නෙ අපේ අම්ම කතා කලානේ. එතකොටම ඇහැරුනා . අවරුදු දෙකක් කියන්නෙ මහා ලොකු කාලයක් නෙමෙයි.නමුත් බ්ලොග්කරණයේදී නම් අවරුදු දෙකක් කියන්නෙ දැනුම් සම්භාරයක්. මිතුරන් මහා ගොඩක්. ඒ වගේම තමයි සතුට දුක බෙදාගන්න අම්බලමක්. ලෝකේ කොහේ හිටියත් මෙතැනදී අපි හැමෝම හම්බ වෙනවා. හම්බ වෙලා එක එක්කෙනාට සිද්ධ උන ජොලි සිද්ධි දුක සිද්ධි අත්දැකීම් බෙදාහදා ගන්නවා.මට ඒ කාලෙ ඉඳන්ම මගේම කියල වෙබ් අඩවියක් හදාගන්න උවමනා වෙලා තිබුනා. ඒ කාලේ මම බ්ලොග් ගැන දන්නේ නෑ . කොහොම හරි මගේ යාලුවා අංජන මට දවසක් ලින්කුවක් එවල තිබුනා. මමත් බැලුව. ඒකෙ තිබුනෙ බ්ලොග් එකක්. නම තමයි මගේ ලෝකය . මේක දැක්කෙ නැත්නම් මම බ්ලොග් එකක් පටන් ගන්න තියා ඒ ගැන දැනගන්නේවත් නෑ තව කාලයක් යනකම්. ඒක කාලයක් තිස්සේ බලල අන්තිමට මම මගේම කියල එකක් පටන් ගත්ත. නමක් කල්පනා කරනකොට මගේ ඔලුවට ඒක පාරටම ආවේ ඒ ටික කාලයකට කලින් ප්‍රදර්ශනය වෙවී තිබුන නාට්‍යයක නමක්. ඉතින් ඒ නම තමයි ලාබයි ඇපල්. මෙතැනදී හම්බ උන මිතුරන් කැල , මිතුරුකම , සුහදකම සෑහෙන්න වටිනවා. මේ බ්ලොග් කරන අයගෙන් මම පෞද්ගලිකව අඳුනන අය ඉන්නෙ දෙන්නයි එහෙම නැත්නම් තුන් දෙනයි. නමුත් ඇපල් නමින් මා හඳුනන අය ඕන තරම් අන්තර්ජාලයේ ඉන්නවා . මහා විශාල ප්‍රමාණයක් නොවුනත් , ඒක පොස්ටුවකට වැටෙන හිට් ගාන 200 පන්නන්නෙ ඉඳල හිටලා උනත් මට ඒ හොඳටම ඇති. ඉස්සර නම් හිට් ගාන 100 පන්නම දැනෙන සතුට කියල වැඩක් නෑ. දැන් නම් 250 පන්නල එනවා. සමහර කාල වලට මාසෙකට එක පෝස්ටුවක් විතරක් දාපු කාලවලුත් තිබ්බ. ඒකට සමාව ඉල්ලලා පෝස්ටුවක් දැම්මම මට බැනගෙන බැනගෙන යන අයත් ඉන්නවා . ඒ හින්දා මම තීරණයක් ගත්ත ආයිත් සමාව නොඉල්ලන්න වැඩ කොරන්න. නැත්නම් හැමදාම මේ සුමේ කොරන්න පුළුවනැයි මම අහන්නෙ . ඒ බැනුම් වලින් ඇත්තටම මාව දිරිමත් උනා.කාලෙයක් නොලියා හිටියත් මාව අමතක වෙලා නෑ කියල හිත යටින් සතුටකුත් එක්ක කඳුලකුත් මතුවුනා. සතුටට. එහෙම දිරිමත් කරපු හැමෝටම ගොඩාක් පින්. හැමෝගෙම හයියෙන් මෙච්චර දුරක් එන්න ලැබුන ඒක ගැන මට ගොඩක් සතුටුයි.ඇත්තටම කියනවනම් මම ඊයෙ තමයි මේක දාන්න ඕනා කියල හිතාගෙන ආවෙ. බෝඩිමේ ඉඳන් ගෙදර ඇවිත් හොඳට නිදාගෙන ඇහැරලා තිබුන වැඩ ටික කරද්දී මට ඉබේම අමතක වෙලා ගියානේ...බලන්නකෝ එකෙත් හැටි. මගේ යාළුවො මගේ මතක ශක්තියේ විශිෂ්ටත්වය ගැන එක එක ඒවා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ බලාගෙන යනකොට . හනේ හපොයි.එහෙනම් මෙන්න මම ඇත්තටම උපන් දිනෙක කරන්න කැමති දේ...මට ජයවේවා.
BLOG
2013.11.07
http://laabaiapple.blogspot.com
කසාද බැඳිල්ල
ලාබයි ඇපල්
ජිවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක් කියල සමහර වෙලාවට මට හිතිලා තියනවා. කාලයත් එක්ක ජීවිතේ කොච්චර නම් වෙනස් වෙලාද. පොඩි කාලේ මවපු හීන සමහරක් අද වෙනකොට හැබෑ වෙලා . තවත් සමහර හීන තේරුමක් නැති මහා පුස් දේවල් කියලත් තේරුණා. මෙච්චර දේවල් වෙන ජීවිතේ සිද්ද වෙන ලොකු වෙනසක් තමයි විවාහය කියන එක මම නම් දකින්නෙ. කව්රු කොහොම කිව්වත් පොඩි කාලේ කියල නෑ කෙල්ලෝ කොල්ලන්ට කැමතියි. කොල්ලෝ කෙල්ලන්ට කැමතියි . ඒ කාලේ ඉතින් ලස්සන කෙල්ලෙක් එහෙම කතා කරලා යනකොට අනික් කොල්ලන්ගේ මුනවල් දැක්කත් ඇති පට්ට ගටක් එනවා . ඇයි ඉතින් ඒ කාලේ එහෙම එකක් වෙන්නෙත් බොහොම කලාතුරකින්නේ.උනාම කොල්ලෝ අතරේ අර කොල්ලා මහා වාසනාවන්තයෙක් හැටියට තමයි සලකන්නේ. (අත්දැකීමෙන් එහෙම කියනවා නෙමෙයි ඕං. )ඔහොම ගිහින් ගිහින් ගිහින් ඉගෙනගෙන ඉවරවෙලා හෝ නැතා හෝ අන්තිමට තමන්ගේ ජිවිතේ ඉතුරු කාලය එකට ගත කරන්න පුළුවන් කෙනෙක් එක්ක කසාද බඳිනවා. ඊට පස්සෙත් නිදහසක් කියල එකක් නෑ කොහොම උනත්. කොච්චර නම් වැඩ තියනවද ඊට පස්සෙ. නේ.....හ්. හැබෑටම කසාද බඳින ඒකෙ තේරුම මොකක්ද. මම කියන්නෙ ලංකාවේ විදියට. පිටරටවල් වල නම් ඕන වෙලාවක දෙන්නට වෙන් වෙලා යන්න පුළුවන්නේ. නමුත් ආසියාතික ගොඩක් රටවල එහෙම නිදහසක් දකින්න ලැබෙන්නෙ නෑ.සමහර අය කියනවා මේවා සිද්ද වෙන්නෙ දෙවියන්ගේ කැමැත්තට කියල. සමහර අය කියනවා සසරෙ පතාගෙන ආපු හින්ද කියල.(ඒකනේ යාළුවෙලා මාස දෙකෙන් පැනල ගිහින් කසාද බඳින්නේ..) කොච්චර උනත් තමන්ගෙ ආර්ථික තත්වෙ හොඳ නැත්නම් එහෙමත් නැත්නම් ඉන්න හිටින්න හරි හමන් තැනක් නැත්තම් , හදිස්සි වෙලා කරගන්න කසාදෙ ගාල ගෝට්ටි පිරුණු සුරපුරයක් බවට පත් වෙනවා.ඉතින් මේ සුරපුරේ ටික දවසක් ඉන්නකොට දෙන්නගේ නොගැලපීම් වෙනදට වඩා හොඳට පේන්න ගන්න පටන් ගන්නවා. ඊට පස්සෙ කසාදෙ තනිකරම mortal combat වගේ තමයි. තවත් සමහරු ගෙවල් වල බල කිරීමට විවාහ වෙනවා. ඒ මොකද අම්මල තාත්තලාගේ හිත නරක කරන්න තියන අකමැත්ත නිසා හෝඑයාලට තියන බය නිසා. කලින් තරම් නැතිවුනත් මේකෙත් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ උනත් මම දැකල තියනවා එහෙම බැඳපු අය ටික කාලෙකට පස්සෙ බලනකොට ආදරෙන් වෙලිලා එතිලා ඇඹරිලා ලෝකෙටම ආදර්ශයක් විදියට ඉන්නවා. එකෙන් සනාථ වෙනවා හැම දෙයක්ම වෙන්නෙ හේතුවක් ඇතිව කියල.තව කියන්න ඒව නම් සෑහෙන්න තියනවා. ඒත් එහෙම උනොත් කට්ටියට බලන්න එපා වෙන හින්ද දැනට නවත්තන්නම් . හිතුනොත් ඉතුරු ටිකත් පස්සෙ වෙලාවක ලියල දාන්නම්කො.
BLOG
2010.12.14
http://udsha.blogspot.com/
සිසිල දැනෙනා විටක මසිතේ
udaya shamendra
අමුතු ලස්සනක් අහස අගිස්සේපායා ඇත දැන් අපි එන පාරේසුදෝ සුදු රැළිති නංවන සයුරේඇදෙමු ඉදිරියට සමව සුළඟ සේගළන ගඟ මතින් ඔරුව හසුරුවාලැහැඹ තුරුලේසැඟව සිටියේ…ඇසෙනා හඬගා කියන කතාවක්සවනට මුසුවේ කුරුලු බසින්වැටෙනා හෙවනැලි තුරු අතරින්මැවෙනා හැඩතල ඒ අතරින්හැම රස ගන්වනරස ලොව මෙහෙම තමා…සිසිල දැනෙනා විටක මසිතේමැවේ එකවන් දසුන් මෙලෙසේගතට එකසේ සිතට සැමසේවිඳිය හැකිනම් මෙවන් රිසිසේනොවේ මුසපත්අදුරු අහසේ... ©ඒ.ජී.උදය ශාමේන්ද්‍ර.
BLOG
2014.10.21
http://nathaliupeka.blogspot.com
නුඹමයි හිමිකාරි මේ ජීවිතයේ...
හිමි අහිමි
පියඹා යන්න මේ හිස් අවකාශයේරැඳෙන්න සොඳුරියේ මා සිත් ආකාශයේනිමක් නොවූ මේ සන්සාරයේනුඹමයි හිමිකාරි මේ ජීවිතයේ...කඳුලින් ගලා පිරී ගිය අතීතේඔබ ලඟ ඉන්නවනම් නෑ කඳුලු මේ දෙනෙතේඔබ අරන් ගියා මට දුන් ජීවිතේනිමාවක් නොවේ මේ ස්නේහය හද සන්තානේ...හද ස්නේහයෙන් විසිරුනු මේ යාමයේඑක්වන්න සිතයි නුඹ හා වසන්තේහද දොරගුලු ලා ඉන්න කුමරියේඔබ සොය මා එන තුරු අනන්තේ.
BLOG
2011.11.04
http://nathaliupeka.blogspot.com
මගේ එලිය නුඹයි ආදර අම්මා....
හිමි අහිමි
මා නෙතු අඳුරේ දුටුවා දහසක් රැස් හිරුගේහිරු සඳු නොව තරු නෙතු උයනයි නුඹගෙආදරේ මියැසිය කැටි කරගත් ජීවිත ගඟුලේඋණුසුම් සුසුම් අතරේ ගෙවුනා කාලය බාලේ...දුක් ගිනි නෑ කිසි දිනකදි සිත දුටුවේදුක් ගිනි කිමැකැයි නුඹ තනියම දන්නේකුස ගිනි නෑ කිසි දිනකදි මා දැවුනේනුඹ පමණයි එහි අරුමය දැක්කේ...ජීවිතේ කියා දී ජීවිතේ දුන්නේ නුඹ මටයන්නට මේ මග අත්වැල වූයේ නුඹ මටහඬනා දා ලොවක් හැඬ වූ සෙනෙහෙ නුඹයන්නට නුඹට කලින් මට වරයක් දුන මැන.
BLOG
2011.10.09
http://nathaliupeka.blogspot.com
හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම.......
හිමි අහිමි
සිතක ගිම් නිවූ ඔබෙ සෙනෙහස,මහමෙරක් මැයි වියලුනු කතරටදිය පහස සොයා ආ මේ මඟනතර වුනා ඔබෙ නෙතු පියන් යට...මිරිඟු සයුරක නොදුටු දිය බිඳකසොයා දිය බිඳක් වියලුනු සිතක,නොවූ නුඹ වියලුනු රලු සයුරක,ගිම් නිවූ නුඹමයි මේ දිය දහරගෙවන්න මේ දිවිය නුඹෙ සුසුම් යටහිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟමදෑඟිලි බැඳන් අවසරයි හැමදාමවිඳ ගන්න මේ උනුසුම සුසුම් මට.
BLOG
2011.10.04
http://nathaliupeka.blogspot.com
මාලතී අහිමි පුන්චි සමනළිය මම.....
හිමි අහිමි
බඹරුන් ගෙන ගියා මල් උයනනොතියාම එක මලක්වත් මටමාලතී අහිමි පුන්චි සමනළිය මමඉකි ගසා බොඳ කලා මල් උයන.....තලා පෙලා කුමරියන් විගසරොන් අරන් ගියා උන් හනිකකඳුලු ගෙන නෙත් අගින් සැනිනමල් කුමරියන් හඬුවා බොහොම.....පුන්චි මල් කුමරියේ තාමනුඹ ලඟයි මම හැමදාමයන්න එපා අතැර ආයෙත් දිනෙකමේ සෙනෙහස නිමියි නුඹ නැති දාක.
BLOG
2011.09.15
http://nathaliupeka.blogspot.com
නුඹටයි මේ ආරධනා.........
හිමි අහිමි
සොඳුරු වස්සානය ඇවිදින්ඉරි තැලුණු සිත් මලෙටකරයි නෙතු අගින් ආරධනා...සුරම්‍ය ආරධනා...ගෙවුනු කඳුලැලි,නැඟුනු හසරැලි,කරයි නුඹ සිතට,ප්‍රේම ආරධනා..ගගන පුරා සරන්නටවාරු දුන් පියාපතට..ආල හිතක් පුරන්නට,නුඹටයි මේ ආරධනා.
BLOG
2011.08.16
http://nathaliupeka.blogspot.com
නුඹ යන්න මේ කඳුලු මටම දී.....
හිමි අහිමි
සුවහසක් නෙතු මතම ඇඳී සෙව් ඔබ මතක දසුන් රැඳි රැඳී කප් සුවහසක් කල් ගෙවී පහන් වී බැඳුනු සිත ඔබ රූ චායාව වෙතම බැඳී.... හැරයන්න හේතු නුඹ මා හටම දුනී ගෙවී යන්න මේ කඳුලැල් බිඳි බිඳී නෙතු අගින් තව එක් වරක් සිනා සී, රැගෙන යන්න මතක සැමරුම් සුවඳ මට දී..... එන්න එපා නුඹ මගෙ නෙතු තුලට සැලී මේ හිත තහනම් නුඹට යළි යළී සිනාසෙන්න එක් වරක් මතක මානයට වී නුඹ යන්න මේ කඳුලු මටම දී.
BLOG
2011.07.22
http://nathaliupeka.blogspot.com
සොඳුරුයි මිහිරියේ....
හිමි අහිමි
වියපත් වෙලා.....ආදරෙන් ළඟ උන්නු,ජීවිතයම වියපත් වෙලා...ගහ කොළ මල් මේ හැම දෙයක්ම,වියපත් වෙලා..අත් අල්ලන් නුඹත් එක්ක දොඩමළු වුනු,මං මාවත් වියපත් වෙලා...තාරුණ්්‍ය වියපත් වෙලා...නුඹ වෙනුවෙන් අහිමි වුන කැදැල්ලත්වියපත් වෙලා,,,කාලෙකට පස්සේ නුඹ අවිදින්.....දන්නවද ආයෙත්ඉස්සරෝම දවස් වල වගේමට ආසයි මේ,වියපත් මාවත් වල,හිරිමල් නුඹේ අත් අල්ලන් අවිදින්න...සත්තමයිනුඹ ඉස්සර වගේමසොඳුරුයි මිහිරියේ.
BLOG
2011.07.11
http://nathaliupeka.blogspot.com
අවබෝදයෙන් යතාර්තය සොයන්න පුන්චි ඉඩක් හොයන ගමන් මේ...
හිමි අහිමි
4pt 0in 5.0pt; font-family:"Times New Roman"; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;} අතොරක් නැති ජීවිත ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුත් එක්ක ආයෙමත් ජීවිතේ යදින්න, මං ආයෙමත් සංක්‍රන්ති කාලයක් ගෙවනවා. නොඉවසිල්ලකින් ජීවිතේ ගලාගෙන යනකොට ඊට අනුගත වෙලා ජීවිතේ විඳින්න ආයෙමත් මං ලෑස්ති වෙලා, ඒත් මේක විඳීමද විඳවීමද කියන්න නම් තවත් කාලයක් ගත වෙලා යාවී. හැමදේකින්ම ඔත්පල වෙන දවසට ගෙනියන්න තියා හිත සනසගන්නවත් එකතු කරපු දෙයක් ජීවිතේ නෑ. දුප්පතෙක් වගේ ඉපදුනාට දුප්පතෙක් වගේ මිය යන්න අපිට අයිතියක් නෑ කියල ඇහුවට කොහොමද ඒ වචන වලට පණ දෙන්නේ කියලා නිනව්වක් තවම නෑ. අහිංසක මිනිස්සුන්ගේ කඳුලට සුසුමට සංවේදී වෙන්න තර්ජනය කරලා උගන්නපු ඔය හිත් කඳුලකට සංවේදී නොවන තරමටම වල් වැදිල කියලා, නොකියා හිටියට අපි හැමොම දන්නවා. මේ දෙවල් වාචික අදහස් විදිහට එළි දක්වන්න විදිහක් නොවුනට උගන්නවපු දහසක් දෙනාගෙ ඇස් ඒවට උත්තර දේවී. මනුස්සයෙක්ගෙ මූණ බලලා ආත්මයම කියවන්න හදපු කීප දෙනෙක් එක්ක ගිය මේ ගමන හරිම දුශ්කරයි, නැවතීමක් වුණා කියලා හිත සනස ගන්න හැදුවම විතරයි, ඒත් ඒ නිමේශයටවත් ඉඩක් නොතියා ආයෙමත් සුපුරුදු ජීවිතෙත් එක්ක පොර බදන්න වෙලා, අකමැතෙන් නෙමෙයි නොහැකියාව එක්ක තර්ක කරන්න අකමැත්තෙන්, සෙනෙහසින් ළං වෙලා උන්නු මිනිස්සු නොකියම ජීවිතෙන් පළා යනකොට ජීවිතේට දැනෙන්නෙ පුදුම තනිකමක් , ඒ තනිකම මග හරින්න පුලුවන් හොඳම දේ තමයි සිතට දැනෙන දේ ඔහේ ගලායන්න ඉඩ දෙන එක. Publish Post අවබෝදයෙන් යතාර්තය සොයන්න පුන්චි ඉඩක් හොයන ගමන් මේ.
BLOG
2011.07.08
http://nathaliupeka.blogspot.com
අරුමයද සංක්ශිප්තයද මේ,,,,,
හිමි අහිමි
නොලද නුඹහිමි කරගන්නට නොවුණිසිතක් මගේ,නොවිඳි සෙනෙහසට,අරුමයක් නොවුණි මගේ...විඳි සෙනෙහස බෝමැයි,නුඹෙන්,දයාබර නුඹ ,දයාබරයි මහ මෙරක් වගේළහිරු මලෙක සෙනෙහස,නුඹයි...ගෙන මා සිතගොසින් නුඹ බෝ දුරක්සොහොයුරු පෙමක අරුමයදසංක්ශිප්තයද මේ,,,,,.
BLOG
2011.06.28
http://nathaliupeka.blogspot.com
ජීවිතේ දුර ගිහින් ......
හිමි අහිමි
නුඹ ගිහින් මගේ ළඟ දුක තනි කරන්ජීවිතේ දුර ගිහින් හැරී අතර මගකින්වරද කොතැනකද නොදනී නුඹ ඒ බව කියන්හැමදම අපෙ ජීවිත මේ වගේද මට කියන්මේ ජීවිතේ හැඩ වුනිද හැමදාම කඳුලින්මල් හීන ලෝකයක් නොවෙද නුඹ ආදරේ ඉතින්ඉකිබිඳින සිතට නුඹ මගේ සෙනෙහේ ගැන කියන්ජීවිතේ මායාව නුඹ නොවෙදෝ ආදරේ ඉතින්හැඟුමන් පොපියන ජීවිතේ චමත්කාරය මැදින්එකට එකතුව දුර ගමන් ගියා අපි ඉතින්මේ අවසානයද අපෙ අරඹුමද මට කියන්කොතැනින් නිමා වේවිද අපෙ ජීවිත මේ ලෙසින්.
BLOG
2014.10.20
http://yashgelokaya.blogspot.com
යශ් දැන් තනිකඩයෙක්... (දින 611කට පසු නැවතත් ලියමි)
යශ් | yash
යශ් මේ බ්ලොග් එක පටන් ගත්තේ එයාගේ ආද‍ර කතාව ලියන හිතාගෙනනේ එත් නොහිතපු විදිහට යශ්ගෙ ආද‍රකතාව නැවතුනා. යශ් අන්තිමට පොස්ට් එකක් දැන්මේ 16/02/2013 වෙනිදා එත් එදායින් පස්සේ යශ්ගේ තරුගේ වෙනසක් යශ්ට දැනුනා යශ් එකට හේතුව හොයන්න ගියා...... ඇත්තටම යශ් තරු ගැන ගොඩක් හෙව්වා.. යශ් පරිගණක දැනුම ආශ්‍රයෙන් තරු කාටද msg කරන්නේ කියල පවා හෙව්වා..( ඇත්තටම එහෙම හොයන එක වැරදියි.. ඒත් යශ්ට ඒවා හිතන්න සිහියක් තිබ්බේ නැ ඒකාලේ) ඊටපස්සේ තරුට යශ් නොදන්න යාලුවෝ ඉන්න බව යශ් දැක්ක.. ඊට පස්සේ ඒ ගැන අහන්න ගිහින් ප්‍රශ්න ඇතිවෙලා තරු සම්බන්ධය නැවැත්තුවා..ඉතින් 01/03/2013 ඉදල යශ් තනිකඩයි.. අදට යශ් තනි වෙලා දවස් 599ක්..යශ් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ යශ්ගේ ආද‍ර කතාව ලියන්න හිතාගෙනනේ ඒත් නොහිතපු විදිහට යශ් තනි උන නිසා යශ් හිතුව මේ බ්ලොග් එක නොලියා ඉන්න.. ඒත් යශ්ගේ හොදම යාලුවයි තව යාලුවෝ කිපදෙනකුයි කිව්ව නිසා යශ් මේ බ්ලොග් එක ආයේ ලියන්න හිතුව එත් අද හදිස්සියේම ලියන්න ගත්තේ යශ් පුදුම මානසික පීඩනෙකින් හිටපු නිසයි.. ඒ ප්‍රශ්න ගැන යශ් පසුව ලියන්නම්කො..කොහොම හරි යශ්ට තරු නැති උනාම යශ් හුගක් දුකින් හිටියේ කොටින්ම කියනවනම් යශ් එයාගේ උපාධ්යේ පලවෙනි විභාගයත් අනාගන්න ගියේ ඒත් වාසනාවකට "සංසාරේ අපි"http://sansaare.com/ බ්ලොග් එක ලියන ජිවිතේ මල් නම්වූ "දිල්" මිස් යශට හිත හදාගන්න ගොඩක් උදව් කරා.. දිල් මිස් ගෙන් ඉගෙන ගත්තු හුගක් පාඩම් තියෙනවා ඉස්සරහට ඒවත් ලියන්නම්කො..මේ ගත උන කාලේදී යශ්ට හුගක් ප්‍රශ්න වලට මුණදෙන්න උනා.. ඒවාට යශ් හුගක් හොදට මුණදුන්න කියල යශ් හිතනවා.. යශ්ට හුගක් හොද අලුත් යාලුවොත් හම්බුනා.. යශ්ගේ හොදම යාලුවත් හම්බුනේ මේ කාලේ අතරතුරේදී.. හුගක් රසවත් සිදුවීමුත් ගොඩක් උනා ඒ ගැනත් යශ් ඉදිරියේදී ලියන්නම්කො..දැන්නම් යශ් ගොඩක් ලොකු ප්‍රශ්නෙකට මුණදීල ඉන්නේ යශ්ල ඉන්න ගෙදරින් යශ්ගේ ගෙදරඅයට යන්න වෙලා තියෙන්නේ.. යශ්ලගේම ගෙදර තාම හදල ඉවර නැති නිසා යශ්ලට ඒ ගෙදරට යන්නත් අමාරුයි.. හ්ම්ම් යශ් මේ දවස් වල මේ පශ්නෙට මුණදීල ඉන්නේ.. යශ්ට ඉක්මනින් හොද විසදුමක් ලැබෙන්න කියල ප්‍රරාර්ථනා කරන්න යාලුවනේ.
BLOG
2013.02.16
http://yashgelokaya.blogspot.com
යශ් පොඩිකාලේ දැක්කේ අකුණක්ද ? නැතිනම් දේවතා එලියක්ද?
යශ් | yash
පින්තුරේ දැක්කම පේනවනේ යශ් මොකක්ද දැක්කේ කියලා...දැන් ඉතින් කට්ටිය කියයි ඕක ඉතින් ගිනි බොලයක්නේ කියල..ඔව් ඔව් ගිනිබෝලයක් තමයි දැක්කේ එත් මට තාම තියෙන ප්‍රශ්නේ ඒ ගිනිබොලේ ඇති උනේ අකුණකින්ද එහෙම නැත්නම් උල්කපාතයකින්ද , දේවතා එලියකින්ද එහෙම නැත්නම් වෙනමොකක් හරි දෙයකින්ද කියන එකයි..... ඔන්න එහෙනම් මන් කතාව කියන්නම්කො... යෂ්ට මේ සිද්දිය වෙනකොට වයස අවුරුදු 4යි.. හා හා අහන්න එපා එච්චර පොඩිකාලේ වෙච්ච දේවල් තාම මතක තියෙනවද කියල... යෂ්ට පොඩිකාලේ වෙච්ච සිදුවීම් ගොඩක් හොදට මතකයි.. කොටින්ම කියනවනම් යශ් එයාගේ පෙම්වතියව මුලින්ම දැක්කෙත් අවරුදු 6යෙදි...ඒ කතාව වෙනවම පොස්ට් එකකින් කියන්නම්කො..... අයෙත් මුලින් කතාවට එමුකො.. ඔන්න හවස් වෙලාවක ගෙදරින් එළියේ ඒ කියන්නේ මිදුලට වෙලා යෂ්ට යශ්ගේ අම්ම බත් කව කව ඉන්නවා.. යශ් ඉතින් කෑමක් කන්න හරි හොරයි.. කොහොම කොහොම හරි යෂ්ට අම්ම බත් කවල යශ්ව මිදුලේ තියල අම්ම ගේ ඇතුලට ගියා... ඔන්න ඊට පස්සේ තමයි යශ් අර හුටප්පරේ දැක්කේ..ඔන්න අම්ම ගේ ඇතුලට ගියානේ යශුත් පොඩි වේවැල් පුටුවක වාඩිවෙලා වටපිට බල බල ඉන්නවා...ඔන්න ඒ පාර යශ් දැක්ක අහසේ ඉදල මොකක් හරි එකක් යශ් පැත්තට එනවා කියල.. යශුත් ඉතින් පොඩි එකානේ කටත් ඇරගෙන ඕක දිහා බලන් ඉන්නවා.. ඔන්න ටික ටික යෂ්ට මේක ලං වෙනවා ඔන්න එතකොට තමයි යශ් දැක්කේ මේක ගිනිබෝලයක් වගේ එකක් කියල. මේක හරි වේගෙන් යශ් දිහාට එනවා යශුත් බලන් ඉන්නවා.. යෂ්ට මුකුත් හිතාගන්න වෙලාවක් තිබ්බේ නැ ඒ ගිනිබෝලේ යශ්ට හරි කෙලින් ඒ කියන්නේ මුණ ඉස්සරහින් යශ් ලගටම ඇවිත් යශ්ව පාස්කරගෙන ගියා..ඒක යශ්ව පාස් කරගෙන යනවත් එක්කම යශ් පුටුවත් පෙරලගෙන දෝයිගාල බිම.. යශ් වැටුනේ නැත්නම් එක යශ්ගේ ඇගේ හැප්පෙනවා. ඔන්න ඉතින් බිම වැටිච්ච යශ් පසුත් කාගෙනම අර ගිනිබෝලේ කොහෙටද ගියේ බැලුව... ඔන්න එතකොට යශ් දැක්ක ඒ ගිනිබෝලේ ලගම තිබ්බ ලොකු තැබිලි ගහ ගාවට ගිහින් ඒ තැබිලිගහේ කද ගාවින් අයෙත් අහසට වේගෙන් ඇදිල යනවා..මේ මුළු සිද්දියම වෙන්න තත්පර 2ක් හරි 3ක් හරි යන්න ඇති කියල තමයි යෂ්ට මතක. මොකද ඒ තරම් වේගෙන් තමයි ඒ ගිනිබෝලේ ගියේ. හැබැයි කිසිම සද්දයක් ඒ ගිනිබෝලෙන් ආවේ නැ කියල තමයි යෂ්ට මතක.. ඔන්න ඉතින් පුටුව පෙරලෙන සද්දේ ඇහිලා යශ්ගේ අම්මත් එලියට දුවගෙන ආව යෂ්ට මොකද බලන්න ඒ ඇවිත් යශ්වත් වඩාගත්ත.. යශුත් දන්න සිංහලෙන් අහසට අත දික් කර කර අම්මට වෙච්ච දේ කියන්න හැදුව කොහෙද අම්ම යශ් කියන දේවල් ගණන් ගත්තේ නැහැනේ..කාලයක් ගිහින් යශ්ට ඕක නිතර මතක් වෙනකොට ගෙදර අයට ඕක කිව්වත් ඒ අය හිතුවේ යශ් පචහලනවා කියලනේ..යශ් මේ කතාව තාම යශ්ගේ තරුට කිව්වෙත් නැ කියල බලන්න ඕනි එයත් හිතයිද දන්නේ නැ යශ් පච හලනව කියල.... ම්ම් එක්කෝ එයා එහෙම හිතන්නේ නැතිවෙයි..එයා දන්නවනේ යශ් එහෙම බොරු කියන කෙනෙක් නෙවෙයි කියල..බලමුකෝ..ඉතින් ඔයාල හිතන්නේ මන් දැක්කේ මොකක් කියලද . ඔයා මොන මලඉව්වක් දැක්කත් අපිට මොකෝ කියන්නේ නැතිව කොමෙන්ට් එකක් එහෙම දාල යන්නකෝ.. යෂ්ට නම් හිතෙන්නේ ඒක අකුණක් නම් වෙන්න බෑ කියල. ඒ කිසිම සද්දයක් ආවේ නැති නිසාත්.. අකුණක් ලගින් ගියානම් යශ් අද මේක ලියන්න ඉන්නෙත් නැති නිසාත්.. අකුණක් බුගත නොවී අහසට ආයේ යනවා කියල අහල නැති නිසාත්ය..ඔයාලම කියන්නකෝ බලන්න යශ් චුටිකාලේදී දැක්කේ මොකක්ද කියලා.
BLOG
2013.02.12
http://yashgelokaya.blogspot.com
ආයුබෝවන් යාලූවනේ...
යශ් | yash
යශ්ගේ ලෝකයට ආපු ඔයාලව මම ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා. කාලයක් තිස්සේ බ්ලොග්ස් කියෙව්වට බ්ලොග් එකක් පටන්ගන්න අදහසක් ආවේ මේ ලගදි ඔන්න ඉතින් යශ් හා හාපුරා කියල බ්ලොග් එකක් පටන්ගත්තා. මගේ ඇත්ත නම ගයාශාන්, මට යශ් කියන නම දැන්මේනම් මගේ වෙන්ඩ වයිෆ්. මට ඒ නම දැන්ම කතාවත් මේ එක්කම කියන්නම්කො එහෙනම්... ඔන්න එකමත් එක දවසක මමයි එයයි ෆෝන් එකෙන් චැට්‌ කොර කොර ඉන්නකොට මගේ ලොක්කි එකපාරටම මට කියපි yash කියල.. ඕක දැකපු මට නිකන් පිස්සුවගේ.. ඇයි යකෝ මේ හොදට හිටපු කෙල්ල එකපාරට නොදන්න අන්ඩර දෙමළයක් කියද්දී මාව නිකන් කරකවල අතඇරිය වගේ වෙන්නේ නැද්ද... ඔන්න ඊටපස්සේ මන් කියපි mokak...... කියල.. ඔන්න ටිකවෙලාවකට පස්සේ එනවා මැසේජ් එකක්... Gayashan = Ga + yash + an ada idan oya mage "yash" කියලදැන්නේ වැඩේ තේරුනේ' මගේ නම සංස්කරණය කරලා එයා මට ආදරේට කියන්න නමක් හදාගෙන. මෙච්චර කාලයක් මම නම අනන්තවත් ලියල කියල තියෙනවා එත් ඔහොම දෙයක් මගේ කල්පනාවට අවේ නැහැනේ... ඔන්න එකෙත් හැටි.. ඔන්න ඉතින් එදා ඉදල මම එයාගේ යශ් උනා.. ඔහොම තමයි මට යශ් කියන නම හැදුනෙ. ඔන්න ඉතින් ඒ නිසා මගේ බ්ලොග් එකත් නිකන්ම යශ්ගේ ලෝකය උනා. යශ්ගේ ආදරේ ගැන , යෂ්ට වෙච්ච එක එක සිදුවීම් ගැන වගේම යශ්ගේ දැනුමත් ඉස්සරහට මේ බ්ලොග් එකෙන් ඔයත් එක්ක බෙදාගන්න තමයි යශ් හිතාගෙන ඉන්නේ . ඔන්න එහෙනම් දිගටම යශ්ගේ ලෝකයට එන්න.. බොහොම ස්තුතියි ඔයාලට.
BLOG
2014.10.23
http://asamana.blogspot.com/
මොකද දන්නෑ සීන් එක
Sam
කාලෙකින් මොකුත් ලියන්නත් බැරිඋනා බ්ලොග් එකේ..මාස 13කින් ලියල නෑලු.. අද එයා හවස හදිස්සියෙන් වගේ ගෙදරින් එලියට බැස්සා..ඊට කලින් කෝල් දෙක තුනකුත් ආවා.. මම එනකොටත් හතට විතර ඇති..ඊට පස්සෙ තමයි එයා ආවෙත්..ඒත් එකපාරටම එයා ගියා..ඇවිත් විනාඩි 10කින් විතර..බල්ලත් දඟල දඟල හිටියෙ..එයා නැති හින්දද කොහෙද..චූ කරන්න යන්න ඕනෙ ඇති..කොහොමහරි රෑ එකොළහ මාරට විතර තමයි එයා ගෙදර ආවෙ..ආව ගමන් බලුරාලව එක්කන් ගියා එලියට..ඊට පස්සෙ දෙන්නම ආව ගෙට..බල්ලට කිව්ව ගුඩ් නයිට්..දත් මදිනව ඇහුන..මෙන්න දැන් බුදි..මමත් ඉතින් නිදා ගන්නව..බලමු මොකෝ සීන් එක කියල හෙට් උදේට..නෑ..මේක චැට් ගර්ල් වගේ එක නෙමේ..ඊට වඩා රසවත් ..ලොල්.
BLOG
2013.08.10
http://asamana.blogspot.com/
ඔන්චිල්ලාව..
Sam
අපි පොඩි කාලෙ ගමේ ඔන්චිල්ලා පැද්දාට..අපි ලොකු වෙනකොට..ගම ටික ටික මොඩ් වෙලා..ගෙවල් හැදිලා ගස් කැපෙනකොට..අපි නගරෙට එහෙම නැත්නම් රටරටවල් වල පදිංචියට යනකොට..ජීවිත තට්ටු ගෙවල් වලට කොටුවෙනකොට..අපේ ළමාකාලය අමතක වෙයිද.මොකද හිතෙන්නෙ.
BLOG
2013.06.07
http://asamana.blogspot.com/
ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කොකාකෝලා
Sam
කොකා කෝලා..එහෙම නැත්නම් කෝක් හැමෝම වාගෙ එක පාරක්වත් බීල ඇතිනෙ..වීදුරු බෝතල් ආවා..ප්ලාස්ටික් මෙගා බෝතල් ආව..කෑන් ආව..මෙන්න අලුත්ම එක.
BLOG
2013.05.17
http://asamana.blogspot.com/
ලෝකයේ ප්‍රථම අයිස් ක්‍රීම් කෝන් මැෂිම සොයා ගියෙමි..
Sam
අයිස් ක්‍රීම් හැමෝම කාල ඇතිනෙ..සමහරු කන්න කැමති අයිස් ක්‍රීම් කෝන්..සමහරු හැන්දෙනුත් කනව..සමහරු කෝන් එක කන්න ගිහින් නාගන්නව..ඒත් කවුරුත් හිතුවද කෝන් එක හොයාගත්තෙ කවුද කියල..මුලම අයිස් ක්‍රීම් කෝන් එක හදල තියෙන්නෙ 1904දි ජොර්ජ් ඩූමාර්..ඒ මැෂින් එක තාම තියෙනව..තාම වැඩ..මට චාන්ස් එකක් ආව ඒක බලන්න..මේක තියෙන්නෙ උතුරු ඇමරිකාවෙ වර්ජිනියා ප්‍රාන්තයෙ නෝෆෝක් වල..එතනදි ඒ වෙලාවෙම හදපු කෝන් එකක අයිස් ක්‍රීම් කන්නත් පුලුවන් උනා..සාපේක්ෂව ගානත් අඩුයි..ස්කූප් දෙකක් එක්ක ලොකු කෝන් එකක් සාමාන්‍යයෙන් ඩොලර් 7ක්-8ක් විතර..මෙතන ඩොලර් 3.5යි ටැක්ස් වලට කලින්..මම එතනදි ගත්ත ෆොටෝස් ටිකක් පහලින් දැම්ම.. මුලින්ම තියෙන්නෙ විඩියෝ එක..කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දැම්මෙ..තැන්කූ ආවට මේ පැත්තෙ..මෙන්න මෙහෙමයි හදන්නෙ.
BLOG
2012.08.30
http://asamana.blogspot.com/
ස්ට්‍රෙස් රිලීස්
Sam
නිකන් ටී ශර්ට් එකක් දෙනව කිව්ව නිසා මමත් ගියා..පොඩි දේශනයක්..සෙමිස්ටර් එකේ පළවෙනි සතිය නිසා..අලුතෙන් ආපු ළමයින්ට..පාටි දානහැටි..කුඩු ගහන්නැතිව බේරිලා ඉන්න හැටි..වැඩිවෙන්නැතිව බොන හැටි..ආරක්ශිතව සෙක්ස් කරන හැටි වගේ දේවල් තමයි කිව්වෙ..කිරි ටොය්යවගේ සුදුම සුදු බ්ලොන්ඩියක් තමයි මෙහෙව්වෙ.. ..ස්ට්‍රෙස් රිලීස් වෙන්න පොඩි අභ්‍යාසයක් කියල දෙනව කියල..ඇස් දෙක වහගන්න කිව්ව....ඔන්න ලාවට සන්ගීතයක් යනව..ඊට පස්සෙ මෙන්න සුදු නංගි කියනව..හුස්ම ඉහලට පහලට දානකොට අවධානයෙන් කරන්නලු..මෙන්න මෙයා ආනාපානසතිය මොඩිෆයි කරල..එයාලගෙ දෙයක් වගේ දෙනව.
BLOG
2012.08.22
http://asamana.blogspot.com/
කැම්පස් ශෝකාන්තය
Sam
එක අස්සනකින්..එහෙම් නැත්නම් මධ්‍ය නිවේදනයකින්..පුලුවන් කැම්පස් එකක් වහන්න..ඒත් ඒ කවුරුත් හිතනවදහිඟුරකොඩ ඉඳන් ඇවිත් මහපොල සල්ලිවලින් බෝඩිමේ ගානත් ගෙවල යානතම් රුපියල් 5හේ අඩුව කාල බඩ පුරෝගෙන ඉන්න අමරසිරිලට..කැම්පස් වහල තියෙන මාසවලට මහපොලත් නැතිව..කන්නෙ බොන්නෙ..බෝඩිමේ සල්ලි ගෙවන්නෙ..කොහොමද කියල..අඟුනකොලපැලැස්සෙ ඉඳන් රස්සාවක් හොයාගෙන කොළඹ ඇවිත් කැම්පස් කැන්ටීන් එකේ ලූනු පොතු සුද්දකරල හම්බෙන සොච්චමෙන් නංගියි මල්ලියි ඉස්කොලෙ යවන රුවන්ලට..මොකද වෙන්නෙ කියල.
BLOG
2012.06.16
http://asamana.blogspot.com/
කාලෙකට පස්සෙ ක්‍රිකට් මැච් එකක් බැලුව..
Sam
කාලෙකට පස්සෙ ක්‍රිකට් මැච් එකක් බැලුව..ඒකත් බැලුවෙ හයිලයිට්ස්..එකෙක් කකුළ කඩාගෙනත් දුවනව..ඇඬෙනව තනි ඇහැට..දැන් දුවන්න සපොර්ට් එකක් ගන්න බෑලු..ඊළඟ පාර බලනකොට මොනව වෙලා තියෙයිද දන්නෙ නැහැ.
BLOG
2013.05.10
http://kanaththa.blogspot.com/
පරිගනකය ස්ලෝද..?? මෙන්න විසදුම
tharaka rupasinghe
පරිගණකය ස්ලෝ වෙලාද මෙන්න විසදුම පරිගනකය ටික කාලයක් යද්දි ස්ලෝ වෙනවනෙ. සමහර අය ආයෙමත් ෆෝමැට් කරනව. මමත් ඒ කාලෙ මාස තුනකට සැරයක්වත් ෆෝමැට් කලා. දැන් එහෙම කරන්න ඕනෙ නෑ.. පොඩි දේවල් 2යි කරන්න ති‍යන්නෙ..පළමුවෙන්ම මේ සොෆ්ට් එක බා ගන්නමේක බා ගන්නදැන් මේක ඉන්ස්ටෝල් කරගෙනවම් පස ඇති ක්ලීනර් කියන ටැබ් එක අරගෙන දකුනු පස පහල ඇති රන් ක්ලීනර් කියන එක ඔබල ක්ලීන් කර ගන්න. ආයෙමත් ඒ විදිවටම ක්ලීන් කර ගන්න.වම් පස දෙවනියට තියන රෙජිස්ට්‍රි යන ටැබ් ‍එක අරගෙන ඉහත විදියටම දෙපාරක් ක්ලීන් කර ගන්න.දැන් බාගයක් ඉවරයි.දැන් මයි කොම්පීටර් යන්න.. C පාටිෂන් එක උඩ රයිට් ක්ලික් කරල Properties යන්න. දැං මෙවුව එකක් අවනෙ පහල ‍රූපෙ වගේ නේද.දැං ඕකෙ ටූල් කියන එක ගත්තම මැද එනවනෙ ඩිෆ්රැග්මන්ට් නවු කියල එකක් ඕකත් ක්ලක් කරන්නකො. ඔය රවුම් කරල පෙන්නල තියන්නෙ.දැං මේක ආවනෙ. ඩිෆ්රැග්මන්ට් ඩිස්ක් එක ඔබල බලං ඉන්න මෙවුව වෙලා ඉවර වෙනකම්.. මෙවුව උනාට පස්සෙ රීස්ටාර්ට් කරල බලන්නකො ස්පීඩ් එක කොහොමද කියල.
BLOG
2013.05.10
http://kanaththa.blogspot.com/
ඕනෙම දෙයක් ලේසියෙන්ම බාන්න
tharaka rupasinghe
ඕන රෙද්දක් බාන්න කිසි අවුලක් නැතුව... ගේමක්ම නැතිව. ක්‍රැක්, සීරියල්, සොෆ්ට් වෙයාර් වීඩියෝ.. ඕනෙම මගුලක්...පහල ලින්කුවෙන් බාගෙන ඉන්ස්‍‍ටෝල් කරගන්න.. ඒක ඕපන් කොරාගෙන, ඕන එකේ නම ගැහුව සර්ච් කලා, ඩවුන්ලෝඩ් කලා.. එච්චරයි..මෙතිනින් බා ගන්නආහ් 6MB සොෆ්ට් කෑල්ලක් හොදේ.
BLOG
2012.10.09
http://kanaththa.blogspot.com/
ටොරන්‍ට් ඩිරෙක්ට් බාන්න
tharaka rupasinghe
‍ටොරන්ට් ඩිරෙක්ට් බාන්න කියල දෙන්නයි හදන්නෙ. හැබැයි මේක පරන සීන් එකක්. දන්න අය ගොඩාක් ඇති. මගෙන් ගොඩක් අය අහපු නිසයි දන්න අය වගේම තවත් නොදන්න අය ඉන්න නිසයි දාන්නෙ. වැඩේ ප‍ටාං ගමුකො.com/ මේ සයිට් එකට යන්නකො ඉස්සර්ලාම.මේක තමා උඩ දාල තියන ලින්කුවෙන් ගියාම එන්නෙ.. ඕකෙ තියන Upload Torrent File කියන එක ඔබල අප්ලොඩ් කරගන්න ඕයාලගෙ ටොරන්ට් ෆයිල් එක.එහෙම නැත්තම් ඔය තියන සර්ච්බාර් එකට ටොරන්ට් එකේ ලින්කුව කොපි කරන්නත් පුලුවන්. දැන් Go කියන බොත්තම ඔබන්න. ඊට පස්සෙ මේ පහල තියන විදියට එනව. දැන් ඔය ‍Free කියන බොත්තම ඔබන්න..දැන් පහල පොටෝ එක විදියට එනව ටොරන්ට් එක ඩිරෙක්ට් ලින්ක් හදාගන්නව. විනාඩියක් විතර ඉන්න වෙනව.දැන් ඔය උඩ ‍රතුපාටින් රවුම් කරල තියන එක ඔබන්න ZIP කියන එක. ආයෙත් දෙවනි 4ටෝ එක විදිය‍ට එනව උඩ දෙවනි ‍පොටෝ එක බලන්නකො. දැන් ඒ විදියටම Free කියන එක ඔබන්න. දැං ඔටෝ ඩවුන්ලොඩ් කරන්න අහනව. Ok කරන්න එතකොට ඩවුන්ලෝඩ් වෙනව. අපහැදිලිනම් අහන්නකො.
BLOG
2012.09.12
http://kanaththa.blogspot.com/
දහවලේ සංගීත අත්දැකීම
tharaka rupasinghe
දහවලේ සංගීත අත්දැකීම.. අපි හැමදාම සංගීත වලට යන්නෙ රෑටනෙ. මොකද කියනවනම් සංගීත තියන්නෙත් රෑටනෙ. මේක වෙනස් විදියෙ අත්දැකීමක්. ‍මේ සංගීත ප්‍රසංගය ආරම්බ කිරීමට නියමිතව තිබුනෙ දහවල් 2.30 ට. සංගීත වලට යන අය දන්නවනෙ නමුත් පටන් ගන්නෙ කීයටද කියල. ඇත්තටම කියනවනම් මේක ප‍ටන් ගත්තෙත් 4ට. මම ත් හිතුව ගොඩාක් සෙනග එයි කියල. අපි ඉතින් ටවුමට යනකොට විස්සයි විස්සෙ කප් එක ඇවිල්ල. සෙනග ගොඩයි එතන. ලොරියෙ තියල කෙල්ලො සෙට් එකක් නටනව කොටට ඇදන් පට්ට ඈ.. ඉතින් මට ක්‍රිකට් අරහංනෙ. කෙල්ලො ටික නිසා බලන්න ගියා මිසං මම නෙවේ අහලකටවත් යන්නෙ. ඔන්න ඉතිං ගර්ලුත් ක්ලාස් ඇරිල එනව කියපු නිසා හිටිය. එයාට බොරු කරන්න බෑ කවදාවත් කොහෙන් හරි මාට්ටු වෙනව. ඉතිං මට එයා සංගීත වලට යන්න දෙන්නෑ. මොකද වලියි. බීල අනංමනං කියන එවුන් ඉන්න නිසා, මමත් නහයට අහන්නැති එකානෙ. දන්නව ඉතිං මොනා හරි කොක්කක් ඇදෙනව කියල. ඒක තමා හේතුව. දැං අවසර ගන්නත් එපැයි. මෙන්න ඇස් ඇම් ඇස් එකක් ආව කො.ඉ කියල. (කො. ඉ. = කොහෙද ඉන්නෙ) දැන් ඉන්න තැන කියල ගිය හම්බෙන්න. යන්න ඇහුව. මොන. එයා කියනව අමතක කරල යන්නලු. එහෙම කිවුවම මම යන්නෑ කියල දන්නව. එතකොටම කෝල් එකක් ආව කොහෙද බං ඉන්නෙ කියල. මගුලයි ‍මොකද කරන්නෙ. මේ එනව මේ එනව කියල තිබ්බ. එයාගෙ මල්ලියි අක්කයි යන කතාවක් කිවුව මට. ඇහ් මරුනෙ. මම කිවුව අක්කලත් එක්ක එන්න කියල. මල්ලි අක්කයි නෑ‍දැයො. දැන් හරි ඒකත් සෙට් එයත් එන්නම් කිවුව මම ගිය අතුලට ටිකට් අරං. ඇහ් . 150ක් බොලේ අතුලට යද්දිම මල් වට්ටි අරං කෙල්ලෙ නටනව. පස්ට ඈ. ඩිං ඩිං ගානව සවුඩ් පට්ටම තියනව. අපිනෙ ඉතිං සවුන්ඩ් බැලන්ස් කරන්නෙ. ගිය ගමන් හරි මැද. දකුනු පැත්තෙ එකේ සවුන්ඩ් මදි. අපිට ඕව කිවුවහැකි ඈ.. ම්ම් කියන්න බැරි උනානෙ කවුද බෑන්ඩ් එක කියල. සංගීතවත් කරේ අජිත් විතානගේ ප්‍රධාන සීදුවේ සකුරා.. අඩි 20X10 ස්ටේජ් වල ගහන කාලෙ ඉදන් බලන සංගීත මඩුල්ලක්. දැන් ඉතින් ලොකු ලොකු ඒව තමා.දන්න අය දන්නවනෙ සෙටප් එක ගැන TS 42 කියන සවුන්ඩ් සිස්ටම් එක තියන්නෙ පට්ට සවුන්ඩ්. පටන් ගත්ත ‍‍‍‍බුදුනේ බුදු පියානනේ සිංදුවෙන් ටික වෙලාවක් යද'දි දකුනු පැත්තෙ සවුන්ඩ් හැදුව දැන් නයමයි . දැන් SMS එකක් ආව ඇතුලට අවා කියල අක්කල නංගිල. දැන් පස්ට. ෂෝ එක රෙකෝඩින් කෙරුව අතට හම්බුන ගමන් අප්ලෝඩ් කරන්නම්. ආරාදිත ගායන ශිල්පීන් උනේ මේකලා ගමගේ , දමිත් අසංක , හිමාෂ , ප්‍රන්ස් උදය , තව අවා මතක නෑ හරියටම. හොදට නැටුව. අමාරුම වැ‍ඩේ උනේ බීපු ඇඔලයන්ගෙන් කෙල්ලො ටික පරිස්සම් කරගන්න එක. ඇත්තටම දවල් උනාට ගොඩක් හොදයි. ලොකු සෙනගක් හිටිය. මේ ටික ලියනවද නැද්ද කියල කල්පනා කරල කරල තමා මේ ලියන්නෙ. මුලින්ම කියන්නම්කො මෙහෙම, චන්ඩි කමට, වැඩ්ඩො කියල පෙන්නන්නවත් නෙවේ ලියන්නෙ හොදද.මේකයි. දැන් වෙලාව 8.30ට විතර ඇති. ඇහ්. දැන්. නැ නෑ දැන් නවේ සංගීතෙ දවසෙ ඒ කියන්නෙ 2012.09.09 එතකොට වෙලාව තමයි ඒ කිවුවෙ. කොල්ලො සෙට් එකක් කෙල්ලන්ගෙ ඇගටම එනව ඉවරයක් නෑ. බලන් හිටිය කරන්න දෙයක් නෑනෙ අපි අයින් උනා. අයෙත් එතන්ටත් උන් ආව. මොනමගුලක්ද මේ. පස්සෙ අපි සෙට් එකයි මල්ලිගෙ කොල්ලො ටිකයි මැදට වෙලා නැටුව. උන් අපේ ඇගෙත් හැප්පි හැප්පි ඇගටම එනව. අපි පොඩිනෙ : D ඒ හන්ද උන්ට අපිට ගහන්න පුලුවන් කියල හිතන්න ඇති. ඒකනෙ. අපි ආයෙමත් අයින් උනා. උන් එතන්ටත් ආව. දැන් තමයි හොදම හරිය. අපිත් ගේමටම නැටුව මුන් ඇගටම එනව. දැන් කරන්න දෙයක් ඇත්තෙම නෑ. මට තද උනම හන්ද එකෙක්ට කිවුව අපිට පාඩුවෙ ඉන්න දියල්ල කියල. මේක කියපි අපි නිට්ටඹුවෙ අපිට ඕන විදියට අපි නටන්නෙ. මම උගෙ බෙල්ලෙන් අල්ලල ඇඹ‍ලේක් වෙන්නැතුව පැත්තකට වෙලා නටපන් කිවුව විතරයි හැටක් විතර මගෙ මගෙ බෙල්ලෙන් ඇල්ලුව අපේයි මල්ලිගෙයි සෙට් එක පැන්නට පස්සෙ උන් අත ඉස්සුවෙ නෑ මාවත් ඇදගෙන කවුද ගියා පස්සට. කෙල්ල‍ගෙ අක්ක කෙනෙක් කිවුව දැන් තාත්ත එයිනෙ ඒතකොට මුන්ට හොද පාඩමක් උගන්නමු කියල. මූ කියපි තාත්ට කියල කරයි. බලමුකො කියල. කෝල් එකක් දුන්න පොර ආව. ඒ කියන්නෙ ගර්ල්ගෙ බාප්ප. කවුද කවුද කියල ඇහුව එ‍කෙක්වත් සද්ද නෑ. අපිත් පැනපු ගමන් වට කරගෙන නෙලුව හොදට ගැහුව. (සංගී‍ත වලට මෙච්චර යනව. පලවෙනි වලිය) ගහල ඇදගෙන ගිය පොලිසිය ගාවට. පොලිසියෙන් හොදට දෙකක් තුනක් ඇනල ඇදන් ගියා. මුන් වගේ හරක් හන්ද තමයි. කෙල්ලෙක්ටවත් පාරෙ බැහැල යන්න බැරි. කිරි ටිකක් බීපුවහම චන්ඩි වෙනව දෙකක් වැදුනම දාපු චන්ඩ් කම් මොනවත් නෑ. එයාල කනකම් තමා දැගලුවෙ. ඇත්තටම බාප්ප නිසා තමයි උන්ට ගැහුවෙ. ඒ තනි මනුස්සය දැක්ක විතරයි චන්ඩි ඔ‍ක්කොම නොන්ඩි. චාටර් ස්ද්දිය. මම ෂෝ එක අතට හම්බුන ගමන් අප්ලොඩ් කරන්නම්.
BLOG
2012.08.15
http://kanaththa.blogspot.com/
මේරියන්ස් අන්ප්ලග් / MARIANS UNPLUGGED
tharaka rupasinghe
මියුසිකල් අහල අහල අපේ කන් දැන් චාටර් වෙලා තියන්නෙ. රිදම් එකක් එහෙම නෑහෙන ගනන්. ඒත් මෙන්න මේක අහන්න.
BLOG
2014.12.15
http://vidyalionsit.blogspot.com/
මොකක්ද මේ Ello
Sameera
ඇත්ත වශයෙන්ම කියනවානම් Ello කියන්නෙ Facebook වගේ නොවන හොඳ සමාජ ජාලයක්. මා එසේ පැවසුවේ අනෙක් සමාජ ජාල මෙන් ඔබව පිටස්තර කෙනකු හමුවේ විකිණෙන භාණ්ඩක් බවට පත් නොකිරිමයි.Facebookහි සැරිසරන විට ඔවුන් ඹබව අධ්‍යනය කරයි. එනම් ඔබ සමග එක් වෙන හැම මිතුරෙක්ම හා ඹබ විමසා බලන හැම ලින්ක් එකක්ම වාර්තාගත වෙනවා පමණක් නොව දත්ත බවට පෙරලයි. ඔබගේ හැසිරිමට ගැලපෙනසේ වෙළද දැන්වීම් එවන්නට මෙම දත්ත යොදා ගැනේ නමුත් Ello එසේ නැත.Ello සේවය පවත්වා ගෙන යාමට මුදල් උපයාගන්නේ, එයට එක් කළ හැකි විවිධාංග සහ සේවා කැමති අයට විකුණමිනි. Ello social networking සේවය සතුව ලොව ප්‍රකට සියලු social networking සේවාවල තිබෙන අංග තිබේ. එහෙත් එහි interface එක සරලය.Elloහි account එකක් සාදා ගන්නට අවශ්‍ය නම් තමාටත් එම අවස්ථාව දෙන්නැයි කියා පණිවුඩයක් Ello වෙබ් අඩවියට පිවිස යැවිය යුතුය. එවිට එය තහවුරැ කළ ඊමේල් පණිවුඩයක් ලැබේ. මෙසේ account එකක් සාදා ගතහැකිය. Ello සමාජ ජාලය නිර්මාණය කර ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ජනපදයේ පෝල් බට්නීෂ් විසිනි.2014 මාර්තු 18 වැනිදා කාටත් පරිහරණය කළ හැකි සේ අන්තර්ජාලයට එක් කළේය. එහෙත් Ello සේවය ගැන ජන මාධ්‍ය වාර්තා පළ කිරීම ඇරඹුණේ පසුගිය සැප්තැම්බරයේදිය. ඒ සමඟ Ello ලෝ ප්‍රකට විණ. එය කෙතරම් ජනප්‍රිය වුවාද කියතොත් දැන් සෑම පැයකටම Ello වෙත ඉල්ලීම් 30 000 ක් ලැබේ. එසේ සකසා ගන්නා එකවුට් අතරින් 20% පමණ නිරන්තරයෙන් භාවිතයට ගැනෙන ඒවාය. ඒ අනුව දැන් පැයකට 6000 ක් දෙනා බැඟින් ලෝකයා Ello වෙත යති.පිවිසෙන්න -ello.
BLOG
2014.12.12
http://vidyalionsit.blogspot.com/
Google Translate වෙත සිංහල එක් වෙයි
madhurasri
යම් භාෂාවක වචන, වාක්‍ය පමණක් නොව වෙබ් පිටු පවා තවත් භාෂාවකට ක්ෂණිකව පරිවර්තනය කර දීමේ සේවාවක් ලෙස Google Translate සරලව හැඳින්විය හැක. මෙය Google ආයතනයෙන් නොමිලයේ සපයන තවත් විශිෂ්ට සේවාවකි.මෙය ආරම්භ වී දැනට වසර කිහිපයක් ගත වුවද තවමත් සහය දක්වන්නේ සීමිත භාෂා ගණනකට පමණි. එම භාෂා කිහිපය අතරට අද දින සිංහල භාෂාවද එක් කිරීමට Google ආයතනය කටයුතු කර තිබේ.lk/#si/en/ වෙත පිවිසීම මඟින් දැන් ඔබට එය අත්හදා බැලීමට පුළුවන.Google Translate වෙත සිංහල භාෂාව එක් කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට කතා බහට ලක් වුවුද, එය තරමක් පමා වූයේ සිංහල වැනි සංකීර්ණ භාෂාවක් සඳහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම ඉතාමත් අසීරු කාර්යයක් බැවිනි. එය තරමක් පහසු කර ගැනීම සඳහා ඔවුන් පරිවර්තන සමුහයක් (Translate Community) නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. එයට සමගාමීව සිංහල පරිවර්තන සතිය (Sinhala Translate Week) වැනි වැඩසටහන් ද දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ අතර මේ සඳහා සහභාගී වූවන් දසදහස් වශයෙන් පරිවර්තන සිදු කරමින් මෙම මහඟු කර්තව්‍යය සඳහා සහයෝගය දක්වන ලදී.අද දින සිංහල භාෂාවද ඇතුළුව භාෂාවන් 10ක් Google Translate වෙත එකතු කර ඇත. පහත දැක්වෙන්නේ එම භාෂාවන්ය.com/ වෙත පිවිසීමෙන් පමණක් දැනට භාවිතා කල හැකි අතර නුදුරේදීම mobile apps හා Google Chrome වෙතද එක් කරන බව Google සමාගම පවසයි.Google Translate වෙත සිංහල එක් වීමෙන් ශ්‍රී ලාංකිකයන් හට සැලසෙන වාසිය අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සඳහා Google ආයතනයටත්, Google ආයතනයේ ලාංකික නියෝජිතයින් හටත්, පරිවර්තන සමූහය සමඟ එක් වූ සියලුම පරිවර්තකයන් හටත්, නන් අයුරින් සහය දැක්වූ සැමටත් අපගේ හද පිරි ස්තුතිය හා ගෞරවය පිරිනැමිය යුතුය.
BLOG
2014.11.26
http://vidyalionsit.blogspot.com/
Folder Lock එකක් සාදාගන්නේ මෙහෙමයි
Chathura Ranasingha
කොහොමද, යළුවනේ මම අද ඔයලට කියල දෙන්න යන්නේ වැදගත් දෙයක් ඔයල දන්නවනේමේකෙවැදගත්කම, හරි එහෙනම් වැඩේ පටන්ගමු.පළමු පියවර :- Notepad එක Open කරගන්න කෝ.දෙවන පියවර :- පහළ තියෙන Code එක Copy කරගන්න.ඊට පස්සේ YOUR PASSWORD HERE තියෙන තැන ඔයටකැමති Password එකක් දාගන්න.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"ren "ControlPanel.සිව්වන පියවර :- ඔයට කැමති තැන Select කරල File name කියන තැනට Locker.bat යන්න ලබාදෙන්න. Save as type කියන තැනට All Files යන්න තෝරා Save කරන්න.එහෙනම් යළුවනේ වැඩේ හරි දැන් ටෙස්ට් කරල බලමුද , ඔයා හදාගත්ත bat file එක Open කරගන්නකෝ එතකොට Locker කියල Folder එකක් හැදේවි.ඔයට කමති දෙයක් මේ folder එකට Copy කරල ආයෙත් bat file එක Open කරගන්නකෝ එතකොට ඔයට පණිවිඩයට පෙනේවි ඒකට Y කියල type කරල enter කරන්න එතකොට Locker කියන Folder එක නැතිවේවි. ඔයට ආයත් Locker කියන Folder එක open කරගන්න ඔනේනම් bat file එක Open කරල ඔයා කලින් ලබාදුන් Password එක Type කරල Folder එක open කරගන්න.එහෙනම් මම යනව යාළුලවනේ……………………………………………….
BLOG
2014.11.26
http://vidyalionsit.blogspot.com/
ලයිට්පීක්-අධිවේගී තොරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී!
Hasitha Oshan
ලයිට්පීක්අධිවේගී තෙරතුරු හුවමාරු ක්‍රමයක්එළි දකී. පරිගණකඋපාංග අතර තොරතුරු හුවමාරුවට දැනට යොදා ගන්නේ තඹ කම්බි හෙවත් තඹ සන්නායක කොටස්ය.එහෙත් ඒ වෙනුවට ප්‍රකාශ තන්තු හෙවත් (Optical Cables) යොදා ගත හැකි ක්‍රමයක් ඉන්ටෙල්(Intel) සමාගම සොයා ගෙන තිබේ. ඒ නව තාක්ෂණය නම් කොටතිබෙන්නේ ‘ලයිට්පීක් (LightPeak)’ කියාය. ලයිට්පීක් ක්‍රමයේදී, සියුම් ප්‍රකාශතන්තු යොදා ගෙන දැන් තිබෙන ඕනෑම පරිගණක උපාංගයක් එකිනෙකට සම්බන්ධ කරන්නට පුළුවනමව්පුවරුවේ තඹ ලෝහයෙන් මුද්‍රිත පරිපථ හරහා කෙරෙන විදුලි හුවමාරුවීම් සියල්ල කරන්නටලයිට්පීක් ප්‍රකාශ තන්තු යොදාගත හැක. මෙතැන තිබෙන විශේෂ වාසි අතරින් කැපී පෙනෙන්නේ ලයිට්පීක් තන්තු හරහා තොරතුරු හුවමාරුකළ හැකි වේගයයි. එය තප්පරයට ගිගාබයිට් 10(10Gbps) කි.මේ වේගය අනුව තෙරතුතරු හුවමාරු ‍වෙන විටබ්ලූරේ ඩිස්ක්(Blue Ray Disk) එකක රැදවිය හැකි ගිගා බයිට් 25ක් (25GB) තරම්තොරතුරු ප්‍රමාණයක් තවත් තැනකට Copy කරන්නට ගත වෙන්නේ තප්පර 30කි. දැන් තිබෙන අලුත්ම USB Port Interface එක වන USB3.0 Port එකක වේගය හෙවත් (Super speed USB) වේගය5Gbps කි.ඒ අනුව බලන විට ලයිට්පීක් තාක්ෂණය වේගවත්ය.2020 වන විට ලයිට්පීක් වේගය 100Gbps වැඩිකළ හැකි බව Intel සමාගමේ ජේසන් ෂීලර්ගේ මතයයි.ලයිට්පීක්ක්‍රමයේදී යොදා ගන්නා ප්‍රකාශ තන්තුව කෙස්ගසකින් භාගයක් තරම් සියුම් විෂ්කම්භය මයික්‍රොන 62.5 (62.5µ) වූ එකකි. සාමාන්‍ය ප්‍රකාශ තන්තුවක් වීදුරුවලින් තනා තිබෙන නිසා එය කැඩෙනසුලුය. එහෙත් ලයිට්පීක් තනා තිබෙන්නේ විශේෂප්ලාස්ටික් (UltemPlastic)වර්ගයකින් නිසා නැමෙනසුලු බව වැඩිය. දූවිලි සහ වෙනත් ගැස්සීම් වලට ඔරොත්තු දෙන මෙයමීටර් 100ක දුරකට තොරතුරු හුවමාරු කළ හැකිය.[Source: විජය පරිගණක].
BLOG
2014.10.01
http://vidyalionsit.blogspot.com/
Windows 10 හඳුන්වා දෙයි
madhurasri
ඔබ පමණක් නොව ලොවම පුදුම කරමින් Microsoft සමාගම Windows 8 වලින් පසුව Windows 9 නොව Windows 10 නමින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය අද දින ලොවට හඳුන්වා දෙන ලදී. පුද්ගල පරිගණක වල සිට ජංගම දුරකථන දක්වාම විහිදෙන සියලු උපාංගයන් සඳහා සහය දක්වන ලෙස හා Windows 8 වල තිබු අඩුපාඩු අවම වන ලෙස Windows 10 නිපදවීමට Microsoft සමාගමදැඩිඋත්සාහයක් ගෙන ඇති බවක්දක්නට ලැබේ.Windows 7 සහWindows 7වලටත් වඩා පැරණි මෙහෙයුම් පද්ධති තවමත් භාවිතා කරන මිලියනයකට අධික වූ පිරිස Windows 10 පිළිබඳව යම් සැලකිල්ලක් දක්වාවි යයි Microsoft සමාගම විශ්වාස කරයි.Microsoft සමාගම desktop සංස්කරණය පමණක් එළිදැක්වූ අතර tablets, smartphones සහ අනෙකුත් උපාංග සඳහාද Windows 10 සහය දක්වනු ඇත.Windows 8 හි සමන්විත වූ සම්පුර්ණ තිරය පුරා විහිදෙන start menu එක වෙනුවට Windows 7 ඇතුළු පැරණි Windows මෙහෙයුම් පද්ධතියන්ගේ තිබු අකාරයට නව Windows 10හි start menu එක නිර්මාණය වී තිබීම කැපී පෙනෙන්නකි. Windows 8 හි ආකාරයට live tilesද මෙම නව start menu එකට ඇතුලත් කර ඇත.ඔබ Windows 8 භාවිතා කර ඇත් නම් Windows 8 සඳහාම නිර්මාණය කරන ලද apps විවෘත කරන විට නව අතුරු මුහුණතක් සමඟින් සම්පුර්ණ තිරය පුරාම විහිදෙන ලෙස විවෘත වන ආකාරයත්, සාමාන්‍ය මෘදුකාංගයක් සාම්ප්‍රදායික desktopඅතුරු මුහුණතහි විවෘත වන ආකාරයත් අත්විඳ ඇත. මෙය touch screens භාවිත කරන්නන් හට තරමක් පහසු වුවත් මවුසයක් සහ යතුරුපුවරුවක් සමඟින් පරිගණකය භාවිත කරන්නන් හට බොහෝ විට කරදරයකි. ඒ හේතුවෙන් Windows 10 හිදීමවුසයක් සහ යතුරුපුවරුවක් භාවිතා කරන්නන් හට පහසු වන ලෙස සියලුම appsසාම්ප්‍රදායික desktopඅතුරු මුහුණතහිම විවෘත වන ආකාරයට නිර්මාණය කර ඇත.මීට අමතරව desktop views කිහිපයක වැඩ කල හැකි ආකාරයට නව පහසුකමක් Windows 10හි ඇතුලත් වේ. මෙය සැබවින්ම පරිශීලකයන් හට වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙනු ඇත. Linux වැනි මෙහෙයුම් පද්ධති භාවිත කරන්නන් හට මෙය නව අත්දැකීමක් නොවුනත් Windows පරිශීලකයන්හට මෙය නැවුම් අත්දැකීමක් වනු නිසැකය.Touch සහ mouse & keyboards යන දෙවර්ගයම භාවිත කරන්නන් වෙනුවෙන් "continuum" නම්නව පහසුකමක් Windows 10 වෙත එක කර ඇත. ඔබ යතුරුපුවරුව ගැලවූ පසු tablet mode වෙත මාරු විය හැකි අතර එවිට tablets වලට ගැලපෙන ලෙස අතුරුමුහුණත වෙනස් වනු ඇත.නව Windows 10 මෙහෙයුම් පද්ධතිය 2015 වර්ෂයේදී වෙළඳපොළට එක කිරීමට Microsoft සමාගම බලාපොරොත්තු වන අතර එහි මිල ගණන් හා පැරණි මෙහෙයුම් පද්ධතීන් වල සිට upgrade කරන අකාරයන් තවම දැනුම් දී නොමැත.
BLOG
2014.09.02
http://vidyalionsit.blogspot.com/
Admin Password කඩන්නේ මෙහෙමයි
Ruwansiri Pathirana
ඇත්තටම මම මේක කියල දෙන්න හිතුවෙ ගොඩක් අය තමන්ගෙ පරිගණකයේ Password එකක් දමාගෙන එ්ක අමතක වුනහම පරිගණකය නැවත format කරන එක. මේ ක්‍රමය දන්නා අයත් ඉන්නවා.නමුත් නොදන්නා අය ඊට වැඩියි. ඒ අයටයි මේ කියල දෙන්න‍ෙ.මුලින්ම පහතින් මේ Softwear image එක Download කරගන්න.[8MB] )මුලින්ම මේ බාගත්තු image file එක CD එකකට burn කරගන්න. දැන් පරිගණකය Restart කර CD එක Boot කරන්න. දැන් මෙහි රුසියන් අකුරු වගයක් සමග ඔයාගෙ පරිගණකයේ ඇති OS එක වැටෙයි. Dual Boot දාල තියෙන කට්ටියගෙ තමා මෙහෙම වැටෙන්නෙ. ඊට පස්සෙ Operating System එකේ තියෙන User Accounts , Administrator ඔක්කොම වැටෙනව. දැන් ඔයාට එතනින් Passsword Remove කරන්න පුළුවන්. පහත පින්තූරය මගින් ඔබට මෙය පැහැදිලි කරගත හැක.මෙම Softwear එක වැරදි ආකාරයට භාවිතා කරන්න නම් එපා.
BLOG
2014.07.24
http://vidyalionsit.blogspot.com/
වින්ඩෝස් 8.1 මීළග සංස්කරණය අගෝස්තු 12 පැමිණීමට නියමිතය
Ruwansiri Pathirana
මයික්‍රෝසොෆ්ට්සමාගම විසින් වින්ඩෝස් 8.1 හි දෙවන සංස්කරණය අගෝස්තු 2 වන දින එළිදැක්වීමටසූදානමින් සිටී. මෙම තොරතුර රුසියානු වෙබ් අඩවියක් මගින් පසුගිය දින ලොවට හෙලිවින.කෙසේ වෙතත් මෙම නව සංස්කරණයේ ඉදිරිපස පෙනුම සහගතිගුණ අතින් කිසිවක් දියුණු කොට නොමැති බවයි මොවුන් පවසා සිටින්නේ.මීළගටපැමිණෙන්නට නියමිත වින්ඩෝස් 9 මෙහෙයුම් පද්ධතිය නම් කර ඇත්තේ වින්ඩෝස් “තර්ස්හෝල්ඩ්” (Thershold) ලෙසය.එය මෙම වසර අවසානයේ එලි දැක්වෙන්නට නියමිතබව මොවුන් විසින් දන්වා තිබේ. මෙම මෙහෙයුම් පද්ධතිය විසින් පරිගණකයට සම්බන්ධ කරනඕනෑම උපකරණයක් ඉතාමත් ඉහළ කාර්යක්ෂමතාවයෙන් Windows 9 සමග පවතින බවත් Windows 8.1 වලට වඩා නව ගුණාංග එහි පවතින බවත් පවසා ඇත.කෙසේවෙතත්නවතම ගුණාංගත් සමග පැමිණෙනwindows 9“තර්ස්හෝල්ඩ්” මෙහෙයුම් පද්ධතියWindows 8.1 මෙහෙයුම් පද්ධතියට වඩා බොහෝ සෙයින් ජනප්‍රිය වීමට ඉඩ ඇති බවත් දන්වා ඇත.
BLOG
2014.07.15
http://vidyalionsit.blogspot.com/
වින්ඩෝස් 8 චීනයේ තහනම්
Ruwansiri Pathirana
චීනආණ්ඩුවේ ආයතනවල පරිගණක වලදී වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමසම්පූර්ණයෙන් තහනම් කර තිබේ. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ඇමරිකාවේ ජාතික ආරක්‍ෂක ඒජන්සිය(NSA) චීනයේ ඔත්තු බැලීම මෙම තහනමට හේතු වූයේ යැයිපසුගියදා චීන ජනමාධ්‍ය වාර්තා කළාය.මෙමතහනම මුලින්ම පනවන්නට යෙදුණේ පසුගිය මැයි මස 20 වැනිදාය. වින්ඩෝස් 8 මෙහෙයුම්පද්ධතිය ක්‍රියාත්මක වන විට වැඩි විදුලි බලයක් වැය වන බැවින් බලශක්තිය ඉතිරිකිරීමේ පියවරක් ලෙස එය භාවිතා කිරීම අත්හළ බව චීන ආණ්ඩුවේ මිලදී ගැනීමේදෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් එදා කීවේය.එහෙත්ඊට නියම හේතුව නම් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඇමෙරිකානු ආණ්ඩුවට ඔත්තු බැලීම බවඒත්තු ගන්වන විශේෂ වාර්තා වැඩසටහනක් ජූනි 05 වැනිදා චීන ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයකළේය.මේතත්ත්වය උඩ රාජ්‍ය ආයතන වලට යොදාගනු පිණිස ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් චීනරජයෙන් දියුණු කරයි. එහෙත් වින්ඩෝස් XP හෝ වින්ඩෝස් 7 භාවිතා කරයි. ඇතැම් රාජ්‍ය ආයතනචීනයේ පුචලිත කයිලින් (Kylin)සහ ස්ටාට්ඕඑස් (StartOS) යන ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරයි.
BLOG
2014.04.22
http://vidyalionsit.blogspot.com/
ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර
madhurasri
අප්‍රේල් 15 සහ 16 යන දිනයන් හි දී ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවි කිහිපයකට සහ තවත් ශ්‍රී ලාංකික වෙබ් අඩවි රැසකට ම සයිබර් ප්‍රහාර එල්ල වුණි. #OpSriLanka නමින් හැඳින්වුණ මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණේ Shawdow Force සහ Sri Haxor යන නම් වලින් හඳුන්වා ගත් ඉන්දියානු hackersලා දෙදෙනෙකු විසිනි.ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදු කල බවත්, දමිළ ජනයා ඝාතනය කළ බවත්, යුධ සමයේ දී යුධ මුක්ත කලාපයට ගුවන් ප්‍රහාර එල්ල කල බවත් පවසමින් ඔවුන් එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් වශයෙන් මෙම සයිබර් ප්‍රහාරය සිදු කල බව ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි රැසක ම ඔවුන් විසින් සඳහන් කර තිබුණේ ය.ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි වල දිස් වූ එම පණිවිඩය මෙසේ ය,This is a part of the joint event that we are conducting #OpSrilanka (April 15-16).....මෙම ප්‍රහාරයට සහය දීම සඳහා Lebanon, Indonesia, Pakistan, Malaysia සහ Philippines ඇතුළු රටවල් කිහිපයකින් hackersලාගෙන් සැදුම් ලත් කණ්ඩායම් කිහිපයක් ද එකතු වී ඇති බව වාර්තා වේ.වෙබ් අඩවි 130ක් පමණ විකෘති කිරීමට ඔවුන් උත්සාහ කර ඇති නමුත් විකෘති කිරීමට අපොහොසත් වූ වෙබ් අඩවි වලට DDoS ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් කටයුතු කර ඇත. පහත දැක්වෙන links වෙත පිවිසීමෙන් වෙබ් අඩවි විකෘති කර තිබූ ආකාරය ඔබට නැරඹීමට පුළුවන.org/defaced/2014/04/15/mohe.com/මොවුන් විසින් වෙබ් අඩවි කිහිපයක Databases පවා ලබාගෙන ඒවා ඕනෑම අයකුට ලබා ගත හැකි පරිදි විවිධ වෙබ් අඩවි වලට upload කර තිබුණේ ය. විවිධ පුද්ගලයන්ගේ ඊමේල් ලිපින, රහස්පද, දුරකථන අංක ආදී පෞද්ගලික තොරතුරු රැසක් ම එම databases තුළ අඩංගු ය.එම databases upload කර තිබූ වෙබ් අඩවි වල linksද අප සතු වුවද එය සදාචාර සම්පන්න නොවන බැවින් මෙහි පළ නො කිරීමට තීරණය කළෙමු.පහත දැක්වෙන්නේ DDoS ප්‍රහාරය අතරතුරේ දී ගත් screenshots කිහිපයකි.පහත දැක්වෙන්නේ වෙබ් අඩවි විකෘති කර තිබූ ආකාරයයි.පහත දැක්වෙන්නේ ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවිලැයිස්තුවයි.lk/http://220.247.225.
BLOG
2014.04.20
http://vidyalionsit.blogspot.com/
හාඩ් ඩිස්ක් වෙනුවට කැසට් ටේප්
Ruwansiri Pathirana
අදතිබෙන්නේ දිනෙන් දිනම වේගයෙන් නොයෙක් ඩිජිටල් දත්ත ගොඩගැසෙන ලෝකයකි. ෆේස්බුක් සේවයටසම්බන්ධ කෝටි සියයකට වැඩි පිරිස නිතිපතා සිය තොරතුරු අප්ඩේට් කරන විට ගොඩ ගැසෙනතොරතුරු කන්දරාව සුළුපටු නැත. Youtubeසේවයට සෑමවිනාඩියකටම පැය 72ක කාලයක් පුරා ධාවනය විය හැකි තරම් වීඩියෝ එක් කෙරේ. මෙම සියළුදත්ත රැදවෙන්නේ සර්වර් පරිගණක වල ඇති Hard Disk Drive තුලය.Hard Disk වල මෙසේ තොරතුරු රැදවීම නිසා Hard Disk වැඩි වශයෙන් රැස්වෙනවා විතරක් නොව අධිකබලශක්තියක් ද වැයවේ. මේ සියල්ල අඩු කිරීම සදහා දැන් නව ක්‍රමයක් සොයාගෙන ඇත. ඵනම්කැසට් ටේප්වල තොරතුරු රැදවීමටය.බේරියම්ෆෙරයිට් ලවන අංශු වලින් පිරියම් කරන ලද චුම්බක බලැති ටේප් එකක දත්ත කන්දරාවක්රදවන්නට එවුන් සමත්ව ඇතැයි New Scientist සගරාවවාර්තා කර ඇත.ඒඅනුව සෙන්ටි මීටර් දෙකක් පළලැති, සෙන්ටිමීටර් 10ක් දිගැති පටියක ටෙරාබයිට් 35 (35 TB) ක හෙවක් ගිගාබයිට් 35000 (35000 GB) ක දත්ත ප්‍රමාණයක් රදවන්නට පර්යේෂකයෝ සමත්වසිටිති. මේ තොරතුරු ප්‍රමාණය,සාමාන්‍ය පොත් තුන් කෝටි පනස් ලක්ෂයක ඇති තොරතුරු ප්‍රමාණයට සමානය.දැනටනිපදවා තිබෙන දත්ත රැදවිය හැකි චුම්භක පය සම්බන්ධව විසදිය යුතු අර්බුධයක්ද තිබේ.එනම් චුම්බක පටයක ඇති දත්ත ලබා ගන්නට ගත වෙන කාලය, Hard Drive එකකට වඩා වැඩි වීමය. එහෙත් පර්යේෂකයෝ ඒ ගැනසුභවාදීව සිතති. ඔවුන් පෙන්වා දෙන්නේ අසීරුම තැන ඔවුන් විසින් පෙන්වා දී ඇති බවයි.කෙසේ වෙතත් එම දත්ත ඉන් උකහා ගැනීමේ තාක්‍ෂණය තවදුරටත් දියුණු කිරීම එතරම් අපහසුනැති බව ඔවුන්ගේ අදහසයි.
BLOG
2014.12.14
http://www.naadiyaonline.blogspot.com/
වැස්ස - ආදරය හා හිඟන්නෙක්
නාඩියා නාඩිරත්න
comඋදේ ඉඳන් බිම් කළුවර වැටෙන තුරාවැහි කළුවර ඉර හොරෙන්ම වසන් කළාහීතල හුළඟට එරෙහිව අත පය හකුළාබුදිය ගන්න පුළුවන් මට අලස වෙලාහොඳ උණුසුම් ඇඳ ඇතිරිලි - දුම් දමනා කෝපි එක්කසීතල යන්නට හපන්න- කටට සැරට කට ගැස්මක්විදුලි කොටයි හඳ ගෙරවිලි - ගස් වල් අඹරා හමනා සුළං එක්කකියවන්නට අතට ගන්න - අලුත් සුවඳ හොඳම පොතක්අතට අරං සෙල්ෆෝනය - අමතන්නට හිතාන උඹඅහන්න ආසයි කටහඬ - තොදොල් වෙන්න උඹත් එක්කජනේලයේ වීදුරුවෙන් - හූරාවැටෙනා වැහි බිඳුබලාන මං කවි ලිව්වා - මතක් කරන් උඹේ උණුසුමගෙයි එළියේ කුණු කානුව - උතුරනවා වැහි වතුරටකානුව ළඟ පිළ උඩ ඌ - බුදිනයනවා හැමදාකමගඳ ගහනා රැළි කඩමලු - ඔතන් ඇඟේ හැම තැනකමසුදූ ඌව එලෙව්වා මං - ගඳ ගහනා කැහැටු එකා.මක්නිසාද යත්...ඌ හිඟන්නෙක්.
BLOG
2014.12.05
http://www.naadiyaonline.blogspot.com/
හිනාව
නාඩියා නාඩිරත්න
4pt 0in 5.com“මචං...”නේපාලෙන් ආපු දීපෙන්ද්‍රසීතලට රතු වෙච්චි නාහේ කස කසා හින් ඇස් පොඩි කරගෙන මට ඇහැරවනවා.” ගුඩ් මෝනින්”. ඌහිනා වෙනවා. “අද උදේ ලෙක්චර් යන්නේ නැද්ද.” හිනා වේවි ඌ අහනවා. හීනියට හිනාවේගන ගුඩ්මෝනින් කියන ගමන් මං බාත්රුම් එකට රිංගනවා.හදිස්සියෙන් ලැස්ති වෙලාඊයේ පහළ මාකට් එකෙන් ගත්තු සැන්ඩ්විච් එක කටේ ඔබාගෙන එළියට බහිද්දී රූම් සර්විස්එකේ කළු මිටි මහත සුසෑන් දොර ගාව ඉන්නවා. සුසෑන් ගේ කටේ ඉස්සරහ එක දතක් නෑ. හැබැයිසුසෑන් “හෙලෝ හව් ඩු යූ ඩු” කියාගෙන සුභ දවසක් කියලා කියනවා. මමත් හිනාවේගනම පහළටබහිනවා. ලිෆ්ට් එකේදී හැමදාම හම්බෙන ඉහළ තට්ටුවේ ඉන්න අකී අදත් ඉන්නවා. අකී ආවේජපානෙන්. අකී ගුඩ් මෝනින් කියද්දී පොඩ්ඩක් ඉස්සරහට නැමෙනවා. පිට රටකදී උනත් අකීතමන්ගේ රටේ සංස්කෘතිය රකිනවා. “අද හවස අපේ බැච් එකේපාටියක් තියනවා. එනවා නේද.” අකී දිගටි ඇස් රවුම් කරගෙන අහනවා. මං හිනාවේගන “ඔව්ඔව් අනිවාර්යෙන් එනවා” කියාගෙන එළියට යනවා.දොර ඇරගෙන එළියට යද්දී ඉදිකටුවලින් අනින්නා වගේ සියැටෙල් වල හීතල හුළඟ ඇඳගෙන ඉන්න ඕවර්කෝට් එක පසාරු කරගෙනඇතුලට එනවා. මං බස් ස්ටේෂම ඇතුලට රිංගනවා.වැඩි සද්දයක් නැතිවලතාවකට පැද්දී පැද්දී එන දෙකට කැඩෙන බස් එක පේමන්ට් එකටම ලං කරලා නවත්තනවා.රෝදෙකින් හුළං යනවා වගේ සද්දයක් දාගෙන බස් එක පාත් වෙනවා. “Kneeling busses” ඒ අය කියන්නේ එහෙම. රෝද පුටුවෙන් කැම්පස් එන චාලිට උනත්අමාරුවක් නැතිව රෝද පුටුව බස් එක ඇතුලට ගන්න පුළුවන්. හැමදාම මේ පතරංග බස් එකඑලෝන බස් ඩ්‍රයිවර් ගෑනු කෙනා කට කණ ගාවට පළල් කරගෙන හිනා වෙනවා. ටිකට් දෙන්නෙත් එයාමයි.මං Orcha කාඩ් එක මැෂින් එකේ තියලා ඇතුලට යනවා. බස් එකේ ඉඳගෙනඉන්න හැමෝම හිනා වෙලා ඉන්නවා මට පේනවා.බස් එකෙන් බැහැලා සූසලෝහෝල් එකට යනකම් ඇවිදගෙන යන්න තියේ. මං බස් එකෙන් බහිද්දිම කොහෙද ඉඳන් දුවගෙන ආපුසීමි “හායි හරී... ගුඩ් මෝනින්” කියාගෙන ඉස්සරහට පනිනවා. සීමි ආවේ ඉන්දියාවෙන්. දිගටිමූණේ සීමි හිනාවෙනකොට කම්මුලේ වලක් හැදෙනවා. ලස්සන තොල් දෙක හිනාවත් එක්කඉස්සෙනකොට හිනියට නල දතක් පේනවා.හරියටම උදේ 9 ට ලෙක්චර්එක පටන් ගන්නවා. ෆොටෝග්‍රැෆි උගන්නන ඇලෙක්ස් අඩි හයකටත් වඩා උස මනුස්සයෙක්. බර අඩිතිය තිය ලෙක්චර් රුම් එකට එන එයා අතේ ගෙනාපු කෝපි කෝප්පේ මේසේ උඩින් තියලා මුලිනම “ගුඩ්මෝනින්” කියලා මුළු පන්තියත් එක්කම හිනා වෙනවා.ආපහු ලංකාවට එන දවස ලංවෙලා. ඩලාස් එයාපෝර්ට් එක ඉස්සරහ අපේ සෙට් එක එක එක්කෙනා බදාගෙන ඉවරවෙලා කලබලෙන්වගේ බෑග් මලු ටිකත් උස්සගෙන ඇතුලට යනවා. ඉබේ ඇරෙන වැහෙන දොර ළඟ ඉන්න කළු උසමහත්තයා අපි හැමෝම යනකම් දොර අල්ලාගෙන ඉන්නවා. පාස්පෝට් චෙක් කරන තැනින් ඇතුළටගිහිං පෙන්නේ ඇතිව යනකම් කැතී අත වනනවා. “අයි මිස් යූ” කැති කෑ ගහනවා අපිට ඇහෙනවා.ප්ලේන් එකට නගිද්දීලස්සනට ඇදගෙන තොල් පාට කරපු ගුවන් සේවිකාව හරිම ලස්සනට හිනා වෙලා එන හැමෝමපිලිගන්නවා. පැය 18ක් ප්ලේන් එකේ එක තැන වාඩි වෙලා අමාරුවෙන් ඇඹරි ඇඹරි ඉද්දි ලඟටඇවිත් හිනා වෙලා “සර්.. වට් ඩු යූ වෝන්ට්” කියලා අහනවා.අතේ කරේ මළු උස්සගෙනලංකාවේ එයාපෝර්ට් එකෙන් මං එළියට එනවා. ටැක්සි ඩ්‍රයිවර්ලා රොත්තක්ම එළියට එන මිනිස්සුදිහා හිනාවේගන දිලිසෙන ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. ඒ අස්සේ මගේ ෆෝන් එකට මැසේජ්එකක්. “ මේධා ඉන්දියාවේ ඉඳන් හිනා මූණක් දාල වට්ස්ඇප් මැසේජ්එකක් දාල තියනවා. තෙහෙට්ටුවයි බඩගින්නයිදෙකම එකට එකතු වෙලා. මහන්සි යන්නත් එක්ක ප්ලේන්ටියක් බොන්න කියලා මං පාර අයිනේ තියෙනපෙට්ටි කඩේක වාහනේ නවත්තනවා. සල්ලි දීලා ඉතුරු සල්ලි දිපුවහම මං “බොහොම ස්තුතියි”කියනවා. කැෂියර් කුඩුවේ ඉන්න මහත මුදලාලි මං දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.
BLOG
2014.11.17
http://www.naadiyaonline.blogspot.com/
රිවර්ස් යන ගඟ - Chicago River
නාඩියා නාඩිරත්න
මිචිගන් පාලම උඩ ඉදන් චිකාගෝ ගඟපහුගිය දොහක කොටපු නාඩිඇට් ඇමරිකා නාඩියක පොරොන්දු උනා චිකාගෝ ගඟ ගැන අලුත් නාඩියක් කොටනවා කියලා. මොකෝ ඒඉසව්ව එච්චර මගේ හිතට අල්ලපු නිසා...චිකාගෝ Mag Mile එකේ ෂොපින් කරපු හැටි. බෝංචි ඇටේ විස්තරේ වගේ කතා බතා ඒනාඩියේ කෙටුවනේ.. ගිහිං ඒකත් කියවලා ආවානම් හොඳා ඉතිං. නැත්නම් අන්ද කයිප්පු වගේවෙයි. මෙන්න ලින්කුව.චිකාගෝ කියන්නේ දැනටඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ අගනගරය.ඔය චිකාගෝ කියන නමහැදිච්චි විදිහ ගැනත් හරි අපූරු කතාවක් තියනවා. මේ ප්‍රදේශයේ මුල් පදිංචිකාරයෝ උනේස්වදේශික ඇමරිකානුවෝ. ඔය රතු ඉන්දියන්වරු කියලා කියන්නෙත් මෙයාලා තමා. හැබැයි දැන්ඒ වචනේ පාවිච්චි වෙන්නේ නෑ. NativeAmerican කියන යෙදුම තමයි භාවිතාවෙන්නේ. කොලොම්බස් ඇමරිකාවට පය තිබ්බට පස්සේ හිතලා තියෙන්නේ එයා ඉන්දියාව හොයාගත්තා කියලාලු නේ.. ඒ නිසාලු ඔය රතු ඉන්දියන්වරු කියන නම හැදුනේ.ස්වදේශික භාෂාවෙන් “Chicagoua” කියන්නේ වල් ළුණු වලට.ජනප්‍රවාද වල එන හැටියට චිකාගෝ ගඟේ ඉවුර දෙපැත්තේම මේ වල් ළුණු සාරේට වැවිලාතිබ්බලු. ඉතිං ස්වදේශික ඇමරිකන්වරු පාවිච්චි කරපු “Chicagoua” කාලෙන් කාලෙට වෙනස්වෙලා “Chicago” වෙලා තියනවා.කොහොමත් ජනාවාස ගොඩනැගෙන්නේ ජල පහරක් තියෙන තැනක් මුලික කරගෙන නේ. එක්දහස් හයසිය ගණන් වල හත්සිය ගණන්වල චිකාගෝ නගරය කාර්මික නගරයක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබ්බා. නැව් හදන්න වගේම port city එකක් විදිහට මේ නගරය හරිම කාර්යබහුල තැනක් උනා. Port city එකක් කිව්වට චිකාගෝ නගරේ ළඟ පාත මුහුදක් නෑ. මේ ඔක්කොමනැව් ගමනාගමන කටයුතු සිද්ධ උනේ පංච මහා විල් ආශ්‍රිතව. චිකාගෝ නගරෙට මායිම් වෙලාතියෙන මිචිගන් විලෙන් තමයි චිකාගෝ ගඟ පටන් ගන්නෙත් (දැන්).1779 දී චිකාගෝ ගඟ අසබඩ ජනාවාසපිහිටවන්න මුල් වෙච්චි Jean Baptiste Point DuSable තමයි චිකාගෝ නගරේ නිර්මාපකයා විදිහට හදුන්වන්නේ.මේ කාලේ චිකාගෝ ගඟ ආශ්‍රිතවකෝච්ච නැව් ගමනාගමනය සිද්ධ උනාද කිව්වොත් නැව් ගමන් ගන්න අකුලන පාලම් නිසා ලොකුවාහන තදබදයක් ඇති උනාලු නගරේ.19 වෙනි ශතවර්ෂයේ දී ඇතිවෙච්චි කාර්මික විප්ලවෙත් එක්ක චිකාගෝ ගඟ හරිම දරුණු විදිහට දුෂණය වෙන්න පටන්ගත්තා. කර්මාන්ත ශාලා වල අපද්‍රව්‍ය, නැව් හදන කම්හල් වල ඉවත දමන දේ විතරක් නෙවෙයිචිකාගෝ නගරයේ පිහිටලා තිබිච්ච සත්ත්ව ඝාතකාගාරවල අපද්‍රව්‍යත් ගඟට එකතු උනා. කොච්චර ගඟ දුෂණය උනාද කියනවනම් ගඟේ මතුපිට එකතුවෙච්චි කුණු තට්ටුව උඩ මිනිහෙක්ට ඇවිදින්න උනත් පුළුවන් උනාලු.ගඟ උඩ මිනිහෙක්.htmචිකාගෝ වැසියෝ තමාගේපානීය ජල අවශ්‍යතා සපුරා ගත්තේ මිචිගන් විලෙන්. හැබැයි දුෂිත නගරය හරහා ගලන වතුරමේ පානීය ජලයත් එක්ක මුහු වෙලා කොලරාව, ටයිපොයිඩ් උණ වගේ වසංගත නගරය පුරා පැතිරිලායන්න පටන් අරගෙන තියනවා. නගර වැසියෝ බර ගානක් සෙත්ත පෝච්චි උනාලු. කට්ටිය නගරේ අතඇරලා යන්න පටන් අරගෙන.org/episode/episode-86-reversal-of-fortune/මිට පිලියමක් විදිහට1848 දී චිකාගෝ ගඟෙන් මිචිගන් විලට එන අපිරිසිදු ජලය ආපහු හරවන විදිහක් ගැන යෝජනාඋනා. ඒ කියන්නේ ගඟ ආපහු හරවන්න.1892 ඩි පටන් ගත්තු මේව්‍යාපෘතිය විශාල ඇළ මාර්ග තුනකින් සමන්විත උනා. 1922 මෙම ව්‍යාපෘතිය ඉවර වෙද්දීනගරය හරහා මිචිගන් විලට ගලාගෙන ගිය චිකාගෝ ගඟේ වතුර ආපහු හැරිලා මිසිසිපි ගඟපැත්තට යන විදිහට සකස් කරලා තිබ්බා. මේ ව්‍යාපෘතිය දැනට ලෝකයේ කෙරිච්චි විශාලතමසිවිල් ඉංජිනේරු ව්‍යාපෘති වලින් එකක්.ලෝකේ ලොකුම water treatment plant එකඒ වගේම දුෂණය වෙච්චිචිකාගෝ ගඟේ වතුර පිරිපහදු කරන්න ජල පිරිපහදු මධ්‍යස්ථාන ටිකකුත් ඇති කළා. මිචිගන්විල් ඉවුරේ තියෙන Stickney Water Reclamation Plant එක තමයි දැනට ලෝකේ තියන විශාලතම ජල පිරිපහදු මධ්‍යස්ථානය.කාලේ ගත වීමත් එක්කචිකාගෝ ගඟ චිකාගෝ නගරෙට එන සංචාරකයන් හිත ගන්න එක් අංගයක් උනා. ඒ වගේම ලෝකේ ඉන්නධන කුවේරයෝ ගංගා ඉවුරේ නිවාස තනන්න්ත් පටන් ගත්තා. ඒ වගේම ලෝකේ ගෘහ නිර්මාණ ශිල්පයේඅපූරු නිර්මාණ වෙච්චි tribune tower එක වගේ ගොඩනැගිලි ගඟදෙපැත්තේ ඉදි උනා.නාඩි තුමා ගඟ දිගේ චිකාගෝ නගරයට එනසංචාරකයන් අමතක කරන්නේ නැතිවම යන එක් අංගයක් තමයි ferry එකක නැගලා ගඟ දිගේ යනඑක. බොහෝ වෙලාවට ferry එකේ ඉන්න මාර්ගෝපදේශකයෙක්යන ගමන් වටේ තියෙන ගොඩනැගිලි වල ඉතිහාස කතා, විශේෂත්වය එහෙම අපූරුවට පැහැදිලි කරලාදෙනවා.සම්පුර්ණ ගඟක් ඩයි දාලකොළ පාට කරනවා අහලා තියනවද. PatrickDay එක දවසට, බොහෝ වෙලාවට ඊටආසන්තම සෙනසුරාදා දවසට චිකාගෝ ගඟ කොළ පාට ඩයි එකකින් පාට කරනවා. මේ සඳහා පරිසර හිතකාමී එළවලු ඩයි එකක් පාවිච්චි කරනවා කියලා තමයි ආරංචිය .කොළ පාට කරපු ගඟ - පින්තුරය - Wikipediaඔන්න ඔහොමයි චිකාගෝ ගඟේකතාව. කවදා හරි චිකාගෝ පැත්තේ සවාරියක් ගියොත් චිකාගෝ ගඟේ බෝට්ටු සවාරියක් යන්නඅමතක කරන්න එපා. ගිහිං ඇවිත් ගඟ අද්දර තියෙන restaurant එකකට ගොඩ වැදිලා නිවීහැනහිල්ලේ උණු කොපි කෝප්පයක් බිලා ආවත් නරක නෑ ;).
BLOG
2014.11.07
http://www.naadiyaonline.blogspot.com/
උතුර - ලංකාව නෙවෙයිද?
නාඩියා නාඩිරත්න
යුද්ධේ ඉවරයි. හැබැයි තාම සෙල්ලම ඉවර නෑ.ඔන්න දැන් නීති රීති එහෙමත් දාල කියන්නේ අලුතින්.හිංගලෙන් පරිවර්තනේ කොටන්න කම්මැලියි. නිකමට වගේ ගිහිං කියවලා බැලුවට පාඩුවක් වෙන එකක් නෑ.මොකෝ නාඩියා කියලා එකෙක් දැන් කඩ්ඩෙන් කොටන්න පටන් අරගෙන. ගිහිං follow පාරක් එහෙම දාගෙනමගියානං හොඳා.
BLOG
2014.10.28
http://www.naadiyaonline.blogspot.com/
නිත්‍යරංජනා
නාඩියා නාඩිරත්න
4pt 0in 5.comඩුකු ඩුකුස් ඩුකුඩුකුස්...යාල්දේවි නාගොල්ලාගම පහුකරගෙන යනවා. ඉඳගන්න තියා හිටගෙන ඉන්නවත් ඉඩක් නෑ. රාම්රාජ් හරිම අමාරුවෙන් දොර ගාවඑලා ගත්තු පත්තර කොළේ උඩ හරි බරි ගැහුනා. රාම්රාජ් විතරක් නෙවෙයි භානු, රාම්රාජ් ටඑහා පැත්තෙන් වාඩි වෙලා හරිම ආසාවෙන් එළිය බලාගෙන හිටිය රාම් ගේ ආදරණිය අඹුසිඟිත්තත් කෝච්චියක මුලින්ම යන්නේ අද.වයස යාන්තම් 27ක් වෙච්චිමේ රාම්රාජ්ලා ට තේරෙන වයස වෙද්දී යාපනේ කෝච්චි ඉස්ටේෂමට කෝච්චි ආවේ නෑ. කොහොමෙන්කොහොම හරි එදා ඉදන් වැල්ලවත්තේ මාමණ්ඩි බලන්න රාම්රාජ් ආව ගියේ බස් එකේ. යුද්දේකාලේ තිබිච්ච මාමි ගේ මලගෙට ඕමන්තේ පහු කරගෙන හරිම අමාරුවෙන් ආපු හැටි මතක් වෙද්දීරාම්රාජ්ට අද දාහෙන් සම්පතයි කියලා හිතුනා.මාස ගානකට කලින් යාපනේටයනකම් කෝච්චි පාර දික් කරනවා කියලා හා හෝව කනින් කොනින් ගිහිල්ලා ගරා වැටිලාතිබිච්චි යාපනේ ස්ටේෂම හැදිලා කෙරිලා ටෙස්ට් රන් කියලා කෝච්චි ආපුවාම භානු විතරක් නෙවෙයිරාමුත් පුංචි උන් වගේ ගිහිං යකඩ අස්පයා අත ගෑවා හරිම ආසාවෙන්.උත්සවේ තිබ්බා. මල් මාලාදාගෙන යාල් දේවි ආවා. හැමදාම ටීවී එකේ දැකලා පුරුදු රතු පාට සාටකේ දාපු පෙරිය දොරේඇවිත් අත වනලා යනවා සෙනඟ අස්සෙන් රාම් දැක්කා.සති දෙකකට පස්සේ ආපහුවැල්ලවත්තේ කෝච්චියෙම ගිහිං එන්න ඕනේ කියලා හිතිලා කොට්ට කිලංගු ටිකක් හොයා කරාගෙනකොළඹ පොඩි නංගි සෙලවී හැමදාම එනකොට අහන නෙල්ලි කෝඩියල් බෝතල් දෙකකුත් අරගෙනරාම්රාජ් භානුත් එක්ක කොළඹ ආවා.කලින් සැරේ ආවාට වඩාපාරවල් එහෙම හොඳටෝම වෙනස් වෙලා. කොටුවෙන් බැහැලා පුරුද්දෙන් බස් එක හොයා ගත්තටබහින තැන ටක්කෙටම හොයා ගන්න හරිම අමාරු උනා රාම් ට.වෙනස නරකක් නෑ හොඳයි...කලින් වතාවක් කිව්වාවගේම ජනවාර්ගික ප්‍රශ්නේ අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ හැම එකටම විසඳුම් තියෙන්නේ යටිතලපහසුකම් දියුණු කරන එකේවත් කෝච්චියක් යාපනේ ට ලොකු මිඩියා ෂෝ එකක් දාගෙන යවනඑකේවත් නෙවෙයි.වෙනස් වෙන්න ඕනේමිනිස්සු.බණ්ඩාරනායක මහත්තයා රාජ්‍යභාෂා පනත ගෙනාව දවසේ ඉදන්, සමහර වෙලාවට ඊට කලින් ඉදන්ම ලංකාවේ දේසපාලුවෝ කළේතමන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න අසරණ මිනිස්සු ටික කඩේ යවපු එක. රතු කොළ නිල් හැමපැත්තක්ම කළේ ඒක. ඉතිං යාල් දේවි නෙවෙයි එදා බෝම්බ තියපු කෝච්චිය හදපු කැනේඩියන් කාරයා ලංකාවට ගෙනල්ලා පටෝලා යාපනේ යැව්වත් මේක ඔය ප්‍රශ්න වලට එක පැලැස්තරයක් විතරයි.හැබැයි අගය කරන්න ඕනේ දීර්ඝ කාලීනව හොඳ ප්‍රතිපල දෙන පැලැස්තරයක්.යාල්දේවිගේ යාල්පානම් ගමනඅස්සේ තවත් අමුතු නිව්ස් එකක් මං ඇහුවා. උතුරුකරේ සංචාරයේ යෙදෙන හැම විදේශසංචාරකයෙක්ම අනිවාර්යෙන් ලියාපදිංචි වීමක් වෙන්න ඕනෙලු. මොකද්ද එතකොට ඒ හරුපේ.කෝච්චි නෙවෙයි ප්ලේන් දාල හරි බලාපොරොත්තු වෙන්නේ සංචාරක කර්මාන්තේ දියුණුවක් නම්මේ වගේ එක පළාතකට විතරක් සීමා වෙච්චි නීති රීති වලින් වෙන්නේ තවත් ඒ කරුමාන්ත වලපල්ලට යන එක නෙවෙයිද. හරියට නිකම් වෙනම රටකට යනවා වගේ.සාමන්‍යයෙන් යාපනයපැත්තේ ජිවත් වෙන අපේ දමිළ බොහෝ පිරිසක් ඉංජිනේරු ක්ෂේත්‍රයේ බොහෝ විස්කම් දස්කම්දක්වපු අය. ඇමරිකාව වගේ විදෙස් රටවල් වලත් software engineers ලා විදිහට වගේ බොහෝපරිගණක ආශ්‍රිත වෘත්තීන් වල ඒ අය නිරත වෙලා ඉන්නවා. ඔන්න දැන් දැන් යාපනේ අලුතින් IT පුනුරුදයක් ඇති කරන්න ඒ knowledgepool එක ලෑස්තියි. ආරංචිවිදිහට දැන් දැන් ගොඩක් වැඩසටහන් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී ඒ ගැනතොරතුරු ටිකක් කියන්නම්කො. අපි හොයලා බලන්න ඕනේ ඒ දැනුම කොහොමද ජාතික සංවර්ධනයටඑකතු කරගන්නේ කියලා.බලන්න ඕනේ 13, 14, 15අනම් මනම් සංශෝදන වලට කලින් මිනිස්සුන්ගේ මොළේ සංශෝධනේ කරන්න පුළුවන් කොහොමදකියලා.හැමදාම සිංහල එකා අපිටගැහුවා ඒකා නරක එකා. මරක්කලයා මෙහෙ එකා නෙවෙයි. උන් ඔක්කොම අතු ගාල දාන්න ඕනේ...දෙමළ උන් තමයි මේ වින්නැහිය කළේ කියලා හිත හිතා හිටියොත් කාට කාටත් හැදි ගෑවිලා මයන්න වෙයි. එතකොට ඉතිං රආම්රාජ්භානු එක්ක යාල්දෙවියෙන් කොළඹ ඇවිත් හයිවේ එකේ මාතර ගිහිං සුපර් ඉන්ටසිටියකහම්බන්තොට වරාය බලාගෙන කතරගම ගිහිං පඬුරු පාක්කුඩම් පුජා කළා කියලා සතේක වැඩක්වෙන්නේ නෑ.යාල්දේවි ගෑවිච්චි අනිත්නාඩි - යාල් දේවි කිලිනොච්චි ගියා.. දැන් ඔක්කොම හරිද..හිත ගිය තැන මාළිගාව.
BLOG
2014.10.12
http://www.naadiyaonline.blogspot.com/
හීන
නාඩියා නාඩිරත්න
4pt 0in 5.com“මොකෝ බං උඹ අහස දිහාබලාගෙන අනිමිස ලෝචන පුජාවද.”මාතලීගේ සද්දෙන් මංගැස්සිලා ඇහැරුනා.. දන්නේ නැතිවම පොඩ්ඩක් නින්ද ගිහිං.. මාතලී කියන්නේ ඒකිගේඋප්පැන්නේ නම නෙවෙයි. හැම විශ්වවිද්‍යාල ජිවියෙක්ම ආඩම්බරෙන් උරුම කර ගත්තු කාඩ්එක. ඒකිට ඒ කාඩ් එක වැදුනේ ගම මාතලේ හින්දා නෙවෙයි. දවස තිස්සෙම කොක්ක අතේ පටලෝගෙනපිස්සිට හැතැම්ම නෑ වගේ කැම්පස් එක වටේ රවුම් ගහන්න ගත්තට පස්සේ.“මෙහෙ බලපන් කවී.. උඹඔහොම බකං නිලාගෙන බලං ඉන්නවා දැක්කහම අපිටත් අවුල් යනවා බං. මොනවා උනත් ක්ලාස්එකක් ගහන්න ඉන්න කෙල්ලෙක් නේ.. නිදිමතනම් හිටපන් ගෙනාපු කිරි පැකට් එකේ අන්තිම ටිකඇති කිරි එකක් හදලා දෙන්නම්. සීනි නෑ. අතේ කාල බීපන්..”මොනවා උනත් හිත හොඳකෙල්ල. අවුරුදු තුනකට ඉස්සරලා අප්පච්චිත් එක්ක ඇඳ යට තියෙන පත බෑග් එකත් අරගෙන බස්එකෙන් බැහැලා පැණි මුල්ල පැත්තට එද්දී මුලින්ම හිනා වෙලා කතා කළේ ඒකි. එදා ඉදන්අතීසාර රූමා.තේ මන්ඩි වලට කළු පාටගැහිච්චි ජෝගුවට ෆිල්ටරෙන් ගෙනාපු වතුර එකක් පුරෝලා සුදු පාටට කුඩු බැදිච්චි හීටරේඋණු වෙන්න දාල මාතලී ඒ දිහා බලාගෙන ඉන්නවා. වතුර රත් වෙද්දී සෝ ගාල හීනි සද්දයක් දාගෙනපුංචි බුබුළු ජෝගුවේ උඩට නගිනවා. ඇවිත් පෙන්නේ නැතිව යනවා.. හරියට අපේ ජිවිතේ හීනවගේ..“අපි කොහොමත් දැනගෙනහිටියා මේ ළමයා විශ්වවිද්‍යාලෙ යන විත්තිය. හරිම සන්තෝෂයි. පාසලට ආඩම්බරයක්.”කැම්පස් තේරුණු ලියුමඅරගෙන ඉස්කෝලේ ගිය වෙලේ ප්‍රින්සිපල් මැඩම් කිව්වේ එහෙම. ක්ලාස් යද්දී සර්ලාකිව්වේ “පුතා AL තමයි විභාගේ.. කැම්පස්ගිහාම කිසි ප්‍රශ්නයක් නෑ.” සුධර්මාරාමේ හීනි බංකු වල වාඩි වෙලා අපි එදා සුරංගනාලෝක මැව්වා. Physics පේපර් එකේ අමාරු ගානක්හදා ගන්න බැරි උනාම මේසෙට උඩින් බිත්තියේ ගහලා තිබ්බ කළු පාට ලෝගුවක් දාගෙන ඉස්සරහබලාගෙන ඉන්න ඇස් හීනි කෙල්ල දිහා බලලා තනියම කියා ගත්තේ කෙල්ලේ මමත් උඹ වගේ ඩිග්‍රියක්ගන්නවාමයි කියලා.ලොකු නැන්දා ගේ පුතා,සහන් ඉංජිනේරින් වලට තේරුනා කියපු දවසේ ඉඳන් අම්මාට ඕනේ උනේ මාව කැම්පස් යවන්න. “ක්ලාස්යන්නේ නැතිව ඌ කට්ටි පැනපු හැටි දන්නේ අපිනේ. ඌට පුළුවන් නම් ඇයි ඉතිං උඹට බැරි.”අම්මා එදා ඒ කෑ ගැහුවේ තරහකට නෙවෙයි. හැබැයි ඒ කටේ වරුණේ හින්දා තමයි අපි මෙතන.“මනෝ පාර දාන්නේ නැතිවමේ තේ එක බීපන්. ඔන්න ඕකට කුඹිත් වහලා. මොකෝ බං උඹ. ඊතල පාරක් වත් කාලද.”“අනේ පලයන් උඹලට විසේගැහුවට අපිව ඒකට ගාව ගන්නේ නැතිව ඉඳපන්”“අම්මේ කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතිසීදේවි කෙලි පොඩ්ඩ. මේ ටිකට උඹ කොල්ලොන්ට අහපු ගමන් දීපු ඇණ ටික එකතු කරගත්තනම්ඇති අවුට් වෙලා හාඩ්වෙයාර් එකක් දාන්න.පව් බං උන්. කොච්චර උඹ හින්දා නැහුණු උන්හිටියද. බලපන් අර අවුට් වෙලා ගිය බැච් එකේ අයියා. කී පාරක් නම් මගෙන් උඹේ නොමබරේඉල්ලුවද.හා හා ඔය මනෝ රාජ්ජෙන් බැහැලා ඇවිත් මෙන්න මේ තේ එක බීපන්”අතට බෝතලෙන් සිනි ටිකක්හලා ගත්තු මං මාතලිගේ මේසේ පැත්තට පොඩ්ඩක් ඔලුව දැම්මා. පව් කෙල්ල. පෙර වැරදිබොහොමයි. රිපීට් දෙකක්ම එක ළඟ සෙට් වෙලා.“උඹලා වගේ ඉතිං අපිමීටර් නෙවෙයිනේ බං. පුළුවන් හැටියට Cඑකක් වත් දා ගන්න තමයිමේ සැරේ බලන්නේ.”“උදව්වක් ඕනෙනම් කියපන්.මැත්ස් එච්චර මතක නෑ. හැබැයි පොඩ්ඩක් tuteඑකක් බැලුවොත් ගොඩ දාලදෙන්න පුළුවන්. අනිත් එක චීනා සර් දෙන්නේ කොහොමත් පාස් පේපර්ස් වලින් නේ...”“හම්මේ එහෙමවත් බලමුකවී.. මේ ඒක නෙවෙයි කෙල්ලේ සඳලිගේ බර්ත් ඩේ එක ලබන සතියේ. මොනවා හරි present එකක් දෙන්න වෙයි නේද.”සඳලි, එහා පැත්තේ රුම්එකේ හිටියට ගොඩක් වෙලාවට පොඩි කයියක් දාගන්න මේ පැත්තට එනවා. ගිය සැරේ මගේ බර්ත්ඩේ එකටත් පුංචි ලස්සන ප්‍රසන්ට් එකක් අරගෙන ආවා. ඉතිං නොදී කොහොමද. ඒත්... ගියසතියේ වැටුණු බර්සරිය ඉවර වෙලා. ඇයි ෆොටෝ කොපි වලටම බර ගානක් ගියානේ. ගෙදරින්ඉල්ලන්නේ කොහොමද ආයේ. 20 වෙනකං අප්පච්චි හම්බෙන ගානෙන් අදින්නත් එපැයි. මල්ලිගේක්ලාස් ෆීස් වැඩි උනා කියලත් කිව්වනේ..“ම්ම්... ප්‍රසන්ට් එකක්නම් දෙන්නත් වෙනවා. අතේ සතේ නැති එක තමයි ප්‍රශ්නේ. ගෙදරින් ඉල්ලන්නත් ටිකක්අමාරුයි මාතලී...මේ උඹ මේ පැත්තේ නිසා බැරිවෙයිද මට ක්ලාස් එකක්වත් සෙට් කරලාදෙන්න කරන්න. මොකෝ අපිට කොල්ලෝ වගේ පත්තරේ යන්නවත් පුළුවන් එකක්යැ...”“ක්ලාස් කරනවා කියන්නෙත්ලේසි වැඩක් නෙවෙයි කවී. අන්න මැනේජ්මන්ට් එකේ අපේ පැරා ළමයෙක් ක්ලාස් කරන්න ගිහිං ගෙදරකට.ගෙදර හිටිය මිනිහා මොකක්ද ඕන්නැති කතාවක් කියලා ආපහු ඇවිත්. ඒ මාසේ සල්ලිඅරගන්නවත් ඒකි ආපහු ගිහිං නෑ.”“ඒත්.... කියක් හරි අතටතියනවා නම් හොඳයි බං. තව අවුරුද්දක් මේකේ ඉන්නත් එපැයි.”කියක් හරි හොයා ගන්නතියනවා නම් හොඳයි කියලා හිතුනේ අද ඊයේ නෙවෙයි. හැබැයි ගිය සතියේ නෙහාරා ගේ වෙඩින්එකට ගිය වෙලේ ඉඳලා ක්ලාස් හරි කරනවා කියලා හිතා ගත්තා. නෙහාරා මගෙත් එක්ක එකපන්තියේ හිටිය කෙල්ල. වැඩිය ඉගෙන ගන්න බැරි උනාට OL වලින් පස්සේ මොකක්ද කෝස්එකක් කරලා දැන් කොළඹ ප්‍රයිවට් කම්පැනි එකක වැඩ. බැන්දේ ඒ කම්පැනි එකේම HR එකේ executive කෙනෙක්.“Hello… කවින්ද්‍යා විමලවීර”වෙඩින් එකට සතියකට විතරඉස්සරලා පොෂ් වෙච්චි කටහඩකින් ඒකිම කතා කරලා එන්න කිව්වහම නොගිහිං කොහොමද. අනිත්එක ඉස්කෝලේ කාලේ යාළුවෝ ටික ආයේ හම්බෙන්නේ එහෙමත් තැනකදී නේ.වෙඩින් එක තිබ්බේමීගමුවේ බීච් සයිඩ් එකේ ලොකු හොටෙල් එකක. Flower arrangement වලටම ලොකු ගානක් ගියාලු.නෙහාරා ගේ තාත්තා දෑවැද්ද කියලා එදා වෙඩින් එක වෙලේම අලුත්ම හයිබ්‍රිඩ් කාර් එකක්ඒකිට දුන්නා. කපල් එක නුවර එළියේ හනිමූන් ගියෙත් ඒකෙමයි.“උඹට දෑවැදි ඕනේ නෑනේදුවේ.. උඹ ඉගෙන ගත්තු ටිකම ඇතිනේ නේද”පහුගිය දවසක ගෙදර ගියවෙලාවක අප්පච්චි ගේ ඉස්සරහ හාන්සි පුටුවේ වාඩි වෙලා කිව්වේ හුඟ කාලෙකින් පෝරසාත්තුවක් ලැබිච්චි නැති මහ ගෙදර වත්තේ උස පොල් ගස් ටික දිහා බලාගෙන.හාන්සි පුටුවට එහාපැත්තේ කනප්පුවේ එදා අරගත්තු ඉරිදා ලංකාදීපේ මංගල යෝජනා අතිරේකේ දිග ඇරිලා තිබ්බා.
BLOG
2014.12.10
http://sipsala.blogspot.com/
..:: නිකං මහන්සියි වගේ දැනෙනවද, ඒකට හොඳම පිළිතුර මෙන්න::..
TL LANKA
ඇඟට නිකං මහන්සියි වගේ දැනෙනවදඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. මේ වෙහෙසකාරී බවට එසේත් නැතිනම් තෙහෙට්ටුවට හේතුව බොහෝවිට වැඩපළ අධිකකම සහ නිදිවැරීමයි. තවත් සමහර කෙනකුට මානසිකව ඇතිවන අවපීඩනය හෝ කාන්සාව ඇඟපතේ වෙහෙසකර බව ඇති කරයි. ජීවත්වන පරිසරය හා ජීවන රටාව ද මීට ‍හේතු වෙයි.දෛනික රාජකාරී කටයුතු මෙන්ම ගෙදර දොර වැඩපළ අතපසු කරන මේ වෙහෙසකාරී බවින් අත්මිදෙන්නට පුළුවන්ද. ඊට බලපාන වෙනත් හේතු සාධක මොනවාද. අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.නිතර ඇතිවන විඩාබර ස්වභාවයට බලපාන කායික රෝග තිබෙනවා ද.ඔව්. රෝගාබාධ කීපයක්ම ඊට හේතු විය හැකියි. ඇඟ වෙහෙසවා වැඩක් නොකළ ද, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු නම් ඇඟට තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පුළුවන්. විවිධ වෛරස් ආසාදන මෙන්ම රක්ත හීනතාවය නිසා ද ශරීරය තළා පෙළා දැමුවා වැනි ස්වභාවයක් දැනිය හැකියි. එම රෝගීන් තමන්ට ඇති රෝගය හඳුනාගෙන ඊට ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිරුරට ඇතිවන එවැනි අපහසුතා මඟ හරවා ගත හැකියි.රක්තහීනතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවා ද.නිතර ඇතිවන ක්ලාන්තය මෙන්ම ඇඟ සුදුමැලි ස්වභාවයක් ගැනීම සමඟම විඩාබර ගතියක් දැනේ නම් ඊට හේතුව රක්තහීනතාවය විය හැකියි. අප ගන්නා ආහාරයෙහි යකඩ, විටමින් බී - 12 හෝ ෆෝලික් අම්ලය අඩුවීම රක්ත හීනතාවයට බලපාන හේතු සාධක. මෙහිදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් සිදුවන නිසා රුධිර මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවී යයි.එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාම සඳහා හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදු වේ. සුළු වැඩක් පළක් කළ ද මහන්සි ගතියක් ඇතිවන්නේ ඒ නිසයි.දිගින් දිගට සිදුවන රුධිර වහනයත් රක්තහීනතාවයට බලපානවා ද.ඔව්. සිරුරෙන් දිගින් දිගටම රුධිර වහනයක් වේ නම් එය ද රක්තහීනතාවයට හේතු විය හැකියි. සමහර කාන්තාවන්ට ආර්තවය නිසා අධික ලෙස රුධිර වහනය වෙනවා. එවැනි තත්ත්වයක දී ද රක්ත හීනතාවය ඇතිවිය හැකියි. කොකු පණු රෝගය ද තවත් හේතුවක්. තමන් රක්ත හීනතාවයෙන් පෙළෙනවා ද යන්න සරල රුධිර පරීක්ෂාවක් මඟින් හඳුනා ගත හැකියි. ඉන්පසු එය ඇතිවීමට බලපෑ හේතුවට ප්‍රතිකාර ගැනීමෙන් හා නිසි ආහාර රටාවකට හුරුවීමෙන් රෝගය මෙන්ම විඩාබර ස්වභාවය ද මඟ හරවා ගත හැකියි.තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් නිසා සිරුරට වෙහෙසකර බවක් තෙහෙට්ටුවක් ඇතිවන බව හඳුනාගන්නේ කෙසේ ද.සිරුරේ බර වැඩිවීම, සම හා කටහඬ ගොරෝසු වීම, හිසෙහි කෙස් තුනී වේගන යාම, නිතර සීතල ගතිය දැනීම ආදී රෝග ලක්ෂණ සමඟ ඇඟට තෙහෙට්ටුවක් දැනේ නම් එම පුද්ගලයාට හටගෙන ඇත්තේ බොහෝ විට තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් විය හැකියි.අපගේ සිරුරේ උෂ්ණත්වය සහ ක්‍රියාකාරිත්වයේ වේගය උදාහරණ ලෙස හෘද වේගය සහ නාඩි වේගය වැනි දේ පාලනය කෙරෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපදවන තයිරොක්සීන් නම් හෝමෝනය මඟින්. එම හෝමෝන ශ්‍රාවය අඩු වී විට නාඩි වේගය සහ ස්වසන වේගය අඩු වී යයි. මලබද්ධය ඇතිවෙයි. හිසෙහි කෙස් තුනී වී යයි. ඒ සමඟම සීතල දරා ගැනීමේ හැකියාව ද අඩු වී යයි. සිරුරට විඩාබර ස්වභාවයක් ඇතිවෙයි. රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් එම තත්ත්වයන් මඟ හරවා ගත හැකියි. නිවැරැදිව රෝගය හඳුනා ගත්තා නම් ප්‍රතිකාරය ද ඉතා සරලයි. දිනපතා තයිරොක්සින් පෙති ගැනීමෙන් රෝගය සුවකළ හැකියි.වෛරස් ආසාදන හා සිරුරේ තෙහෙට්ටු ගතිය සමඟ ඇති සම්බන්ධතාවය කුමක් ද.බෝවන සෙංගමාලය වෛරස් රෝගයක්. කාමලකාව හෙවත් බෝවන සෙංගමාලය ඇති වීමේ මුල් අවස්ථාවේ දී සිරුරට විඩාබර ගතියක් ඇතිවෙයි. කෑම අරුචිය, ඇඟ සහ ඇස් කහපාට වීම, මුත්‍රා තද කහ පැහැවීම වමනය සහ උණ ඇති වන්නේ ඉන් පසුවයි.සෙම්ප්‍රතිශ්‍යාව හා වෙනත් වෛරස් උණ සෑදීමෙන් පසුව ද ඇඟට තෙහෙට්ටුව දැනිය හැකියි. රෝගය සුව වුවද ඉන් සම්පූර්ණයෙන් සුවය නොලැබුවා සේ රෝගියාට දැනෙයි. මාංශපේශීන් ගේ වේදනාව, හිසරදය, ක්ලාන්තය හා කරකැවිල්ල මෙන්ම මානසික අවපීඩනයක් ද වෛරස් උණකට සති දෙකකට පමණ පසුව රෝගියාට දැනෙන්නට පුළුවන්. මීට අමතරව අප සිරුරෙහි උෂ්ණත්වය වැඩි කරන ඕනෑම ආකාරයේ ආසාදනයක් නිසා සිරුරට විඩාබර ගතියක් දැනිය හැකියි.පෙණහලුවල සැරව ගෙඩි හෝ ක්ෂය රෝගය වැලඳුණ රෝගීන්ට, නියුමෝනියාව වැලඳුණ රෝගීන්ට අධික තෙහෙට්ටුවක් දැනෙයි. මීට අමතරව කැස්ස ආහාර අරුචිය, සහ හුස්ම ගන්නා විට පපුවේ වේදනාව ද ඇතිවෙයි. එම රෝගයන්ට ද නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිරුරේ වෙහෙසකර බව මඟ හරවා ගත හැකියි.දියවැඩියා රෝගීන්ට නිතර විඩාබර බවක් දැනෙනවා කියන්නේ ඇයි.දියවැඩියා රෝගයේ දී අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන, ඉන්සියුලින් හෝමෝනය අඩු වෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩි වී, මුත්‍රා සමඟ සීනි පිට වෙනවා. එවිට ශරීරය කෙට්ටු වී අධික විඩාබර ගතියක් දැනෙනවා. මෙම රෝගී තත්ත්වයන් කලින් හඳුනාගෙන ප්‍රතිකාර ගත්තේ නම් ඉදිරියේ දී ඇතිවිය හැකි අයහපත් සංකූලතාවන් ගෙන් වැළකී සිටිය හැකිය. මෙම රෝගී තත්ත්වය ද සරල රුධිර පරීක්ෂාවක් මඟින් හඳුනාගත හැකියි.මානසික අවපීඩන රෝගීන්ට නිතර නිතර සිරුරේ වෙහෙසකර බවක් දැනෙනවා කියන්නේ ඇත්ත ද.ඔව්. මානසික අවපීඩන හෙවත් විශාදයේ ප්‍රධාන රෝග ලක්ෂණයන් වන්නේ තෙහෙට්ටුව, ආහාර අරුචිය, නින්ද නොයාම හෝ අධික නිදිමත වැනි තත්ත්වයන්. ඊට අමතරව මනසේ ඒකාග්‍රතාව නැතිවී යාම, ජිවිතය එපා වූවා සේ දැනෙන හැඟීම, හිසරදය, කාන්සාව සහ හැඬීම මානසික අවපීඩනයේ අනෙකුත් රෝග ලක්ෂණයන්. ඇතැම් රෝගීන්ට පේශි විඩාව සහ වේදනාව, මලබද්ධය, පපුවේ සහ උදරයේ වේදනාව ද ඇතිවිය හැකියි. සුදුසු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සහ ඒ නිසා හටගන්නා තෙහෙට්ටුව ආදි රෝග ලක්ෂණයන් මඟ හරවා ගත හැකියි.ඇඟට දැනෙන විඩාවට කාන්තාවන්ගේ ආර්තවහරණයත් බලපානවා ද.සාමාන්‍යයෙන් කාන්තාවක් අවුරුදු 45 - 50 අතර කාලයේ දී ආර්තවහරණයට ලක්වෙනවා. ඒ සමඟම ඩිම්බ කෝෂවලින් ‘ඊස්ට්‍රජන්’ හෝමෝනය නිෂ්පාදනය කිරීම ද ඇනහිටිනවා. සිරුරේ තෙහෙට්ටුව හේතුව එයයි. සමහර කාන්තාවන්ට ආර්තවය ඇතිවීමට සති දෙකකට හෝ දින කීපයකට පෙර සිටම සිරුරේ විඩාබර ගතියක් දැනිය හැකියි. එය Premenstrual Syndrome නමැති රෝගී තත්ත්වය නිසා ඇතිවන ස්වභාවයක්. රෝග ලක්ෂණ මතුවන කාලයේ දී සිරුරට අඩු වී ඇති හෝමෝනය ලබා දීමෙන් රෝග ලක්ෂණවලින් මිදිය හැකියි. ඊට අමතරව කාන්තාව වයස්ගත වීමත් සමඟම රෝග ලක්ෂණ ක්‍රමයෙන් මඟ හැරී යයි.ගර්භණී බව නිසාත් සිරුරට විඩාබර ගතියක් දැනෙනවා ද.කෙනෙකුගේ සිරුරෙහි ඇති හෝමෝන මට්ටම ඉහළ පහළ යාම එසේත් නැතිනම් අඩු වැඩි වීම නිසා සිරුරට තෙහෙට්ටුවක්, වෙහෙසකර බවක් ඇතිවන බව සොයා ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් පළමු මාස තුනේ දී ගැබිනි මවකගේ සිරුරෙහි ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ හෝමෝන ප්‍රමාණයන්ගේ වෙනස් වීම්. එය සිරුරෙහි තෙහෙට්ටු ගතියට බලපානවා. ඇතැම් විට කාන්තාවක් ගැබ් ගෙන ඇති ද යන්න මුත්‍රා පරීක්ෂාවක් මඟින් ස්ථිර කිරීමට පෙර සිටම වුවද ඒ තත්ත්වය ඇතිවිය හැකියි.සමහර රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග නිසා සිරුරට තෙහෙට්ටු ගතියක් දැනෙනවා කියන්නේ ඇත්ත ද.ඔව්. පෙති, දියර හෝ එන්නත් මඟින් ලබා ගන්නා බොහෝ ඖෂධ වර්ගවල අතුරු ප්‍රතිඵලයක් ලෙස තෙහෙට්ටුව ඇතිවිය හැකියි. සමහර වේදනා නාශක මෙන්ම අධි රුධිර පීඩනය භාවිත කරන ඖෂධ නිසා සිරුරට විඩාබර බවක් ඇතිවෙයි. මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගීන්ට ලබා දෙන ඖෂධ මෙන්ම කාන්සාව පාලනය කිරීමට දෙන (Tranquillizers) ඖෂධ නිසාත් තෙහෙට්ටු ගතිය හා නිදිමත ස්වභාවයක් ඇතිවෙයි.එමෙන් ම නිර්වින්දන තත්ත්වයන් යටතේ ශල්‍යකර්මයකට භාජනය වූයේ නම් එම ඖෂධ නිසා ද සති තුන හතරක් යනතුරු සිරුරට තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පුළුවන්. ඒ සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. දින කිහිපයක් ගතවීමේදී එම තත්ත්වය ක්‍රමයෙන් මඟ හැරී යයි.කෙටි කාලයක් තුළ සිරුරේ බර අඩුවී, කෙට්ටු වී යාම නිසාත් වෙහෙසකර බවක් ඇතිවනවා ද.ඔව්. අපගේ ශරීරයෙහි බර පාලනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අන්තරාසර්ග පද්ධතියයි. මොළයෙහි පිහිටි පිටුයටරි ග්‍රන්ථිය මඟින් අන්තරාසර්ග පද්ධතිය අයත් ග්‍රන්ථීන් වන තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ලිංගික හෝමෝන නිෂ්පාදන ග්‍රන්ථීන් පාලනය කරයි. හෝමෝන ශ්‍රාවය කරන ග්‍රන්ථීන්හි රෝගී තත්ත්වයන් නිසා කෙටි කාලයක් තුළ එසේ බර අඩු වැඩි වීමට පුළුවන්. එමෙන් ම අධික විඩාව ද දැනිය හැකියි. මීට අමතරව අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාව අඩු වී ගිය විට සිරුරෙහි ස්ටීරොයිඩ් නමැති හෝමෝන ශ්‍රාවය අඩු වී විඩාව ඇති විය හැකියි.ඉගෙනුම ලබන දරුවන් පමණට වඩා නිදි වැරීමත් ශාරීරික විඩාවට හේතුවක් ද.ඔව්. එය අනිවාර්ය හේතුවක්. විශේෂයෙන් කුඩා දරුවන්ට පවා (ශිෂ්‍යත්වය සඳහා සූදානම් වන) ප්‍රමාණවත් නින්දක් නොලැබීම දැකිය හැකි කනගාටුදායක තත්ත්වයක්. මවුවරුන්ගේ බල කිරීමට දරුවන් නිදි වරාගෙන පාඩම් කරනවා. එහෙත් එය පල රහිත ක්‍රියාවක් වන්නේ එසේ පාඩම් කරන කිසිවක් දරුවන්ගේ සිතෙහි ධාරණය නොවන නිසයි. මේ වයසේ දරුවකුට පැය දහයක දොළහක තරම් නින්දක් ලැබිය යුතුයි. සාමාන්‍ය පෙළ කරන දරුවකු නම් අඩුම තරමේ දිනකට පැය 8 - 10 ක් අතර නින්දක් හා උසස් පෙළ හදාරන දරුවකු පැය 6 - 8 ක් අතර නින්දක් ලැබිය යුතුයි. කඩින්කඩ නිදා ගැනීම ද ප්‍රශ්නයක් නොවේ.හොඳ නින්ද කායික මෙන්ම මානසික නිරෝගී බවට ද හේතුවක්. ප්‍රමාණවත් නින්දකින් ධාරණ ශක්තිය වැඩිවන අතර සිරුරෙහි තෙහෙට්ටු ගතිය ද මඟ හැරී යයි. නිදාගන්නා කාලය තමන්ට සුදුසු පරිදි වෙන්කර ගත හැකි අතර දහවල් නිදා ගැනීම ද ගැටලුවක් නොවේ.මත් වතුර පානය හා දුම්පානය කරන අයට සිරුරේ විඩාබර ගතිය වැඩි ද.දුම්පානය කරන අයට වඩා එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි වන්නේ මත් වතුර බොන අයටයි. මත් වතුරට ඇබ්බැහි වූ අය මත් වතුර නොබී සිටින අවස්ථාවල ඇඟපත වේදනාව ගැන නිරන්තරයෙන් මැසිවිලි නඟනවා. ඒ නිසාම නැවතත් එම ක්‍රියාවට පෙලඹෙනවා. ඇඟපතේ වේදනාව සමනය කිරීමට යැයි කියමින් මත් වතුරට ඇබ්බැහි වීමෙන් සිදු වන්නේ තව තවත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීමයි. විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමයි.එමෙන්ම අධික ලෙස මත්පැන් පානය නිසා ද, සිරුරට අවශ්‍ය ආහාර නිසි ලෙස නොලැබී යයි. එමඟින් ද පෝෂණ ඌණතා ඇතිවී ඈලිමෑළි දුබල ගති ඇතිවිය හැකියි. අක්මාව රෝගාතුර වීමත්, ආමාශයේ රුධිර වහනයත් නිසා මත් වතුර පානය කරන අයගේ තෙහෙට්ටුව තවත් වැඩිවෙයි. එම ප්‍රශ්නයට එකම විසඳුම මත්පැනින් තොරවීම හා සමබල ආහාර අනුභවයකට හුරු වීමයි.රුධිර පීඩනය වැඩි අයටත් තෙහෙට්ටු ස්වභාවයක් දැනෙනවා ද.එවැනි රෝගීන්ට විඩාබර ගතියක් දැනෙනවා නම් ඊට හේතුව ඖෂධවල බලපෑමක් විය හැකියි. රුධිර පීඩනය වැඩි වූ පමණින් විඩාබර ස්වභාවයක් ඇති නොවෙයි.සිරුරේ වෙහෙසකර බව සහ අප ගන්නා ආහාර අතර සම්බන්ධතාවක් තිබෙනවා ද.සුවිශේෂී සම්බන්ධතාවක් තිබෙනවා. ශරීරයේ ශක්තිය නිෂ්පාදනය සඳහා ආහාර අවශ්‍ය වෙයි. ආහාර නොගත් විට ශක්තිය ලබාගත යුතු වන්නේ සිරුරේ තැන්පත් කර ඇති ආහාර (තෙල් ස්ථරය) දියර ශක්තිය බවට පත් කිරීමෙන්. මෙය ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් නිසා එමඟින් ශක්තිය ලබා ගැනීමට යාමේ දී සිරුරට විඩාව එසේත් නැතිනම් තෙහෙට්ටුව ඇතිවෙයි.අපගේ සිරුරට අවශ්‍ය ශක්තිය ඉක්මනින් ලබාගත හැක්කේ සීනි හා පිටි වර්ග අනුභව කිරීමෙන්. ඊට අමතරව තෙල් වර්ග, ප්‍රෝටීන, ලවණ වර්ග සහ විටමින් ද අවශ්‍ය වෙයි. යකඩ සහ විටමින් ඌනතාව නිසා හටගන්නා රක්තහීනතාවය නිසා ද පෙර සඳහන් කළ පරිදි විඩාබර බව ඇතිවිය හැකියි.ප්‍රෝටීන අධික එහෙත් කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර වැඩිපුර අනුභවය කිරීම නිසා ද වෙහෙසකර බවක් ඇතිවිය හැකියි.Silumina 2014-05-25විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේරමණී සුබසිංහමෙය උපුටා ගනු ලැබුවේ :-http://www.
BLOG
2014.12.09
http://sipsala.blogspot.com/
..:: සොයාගැනීමට තරමක් අපහසු TCL TV SERVICE MANUAL ටිකක් ::..
TL LANKA
කාලෙකින් යාළුවො ටික බලන්න එන්න වුනේ.ඔන්න අද ඔයාලට දෙන්නේ ටීසිල් ටීවී (TCL TV)දෙක තුනක සර්විස් මෙනුවල් ටිකක්.සමහරවිට මේවා අන්තර්ජාලයේ සොයාගැනීමට අපහසුවේ.සිප්සල අරමුණ දන්න දැනුම බෙදාගැනීමයි.ඒ නිසා මෙය ඔබත් සමඟ බෙදාගැනීමට සිතුනි.පහතින් එය ලබාගන්න පුලුවනි.0.
BLOG
2014.07.04
http://sipsala.blogspot.com/
..:: පවර් ඇම්ලිෆයර් සාදන ෆැක්ටරියක් බලන්න යමුද (Moon Factory) ::..
TL LANKA
ඉතාම දිගු නිහැඬියාවකින් අනතුරුව සිප්සල යාලුවන්ව බලන්න සහ ඔබට යමක් ලබාදෙන්න ආව.මෙතෙක් කලක් සිප්සලට ළිපියක්වත් ලියන්න වුනේ නැත්තේ අධික කාර්‍යබහුලත්වය නිසාවෙනි.සිප්සලෙන් නිතරම ඔයාලට අලුත් අත්දැකීමක් වගේම නොදැකපු දෙයක් ඔයාලගෙ දැනුම පොතට එක් කිරීමට උත්සුකවෙති.අද ඔයාලව සිප්සල ෆැක්ටරි ටුවර් වලින් එක්කන් යන්නේ කැනඩාවේ මවු සමාගම තියෙන ඇමරිකාවල ෆැක්ටරියක් පවත්වාගෙන යන මූන් නම් වූ වුර්තීය පවර් ඇම්ලිෆයර් සහ ශබ්ද විකාශන යන්ත්‍ර සාදන ෆැක්ටරියක් බලන්න.
BLOG
2014.04.19
http://sipsala.blogspot.com/
..:: මේ නිර්මාණය දෙස ඔබේ නෙතින් බලා ඔබට සිතෙන දේ කියන්න ::..
TL LANKA
සිප්සල හිතවතුන් හට හැමදාමත් සිප්සල ලබාදෙන්නේ ජීවිතයට වැදගත් දෙයක්.අද ඉදිරිපත් කරන්නේ මනසට සිසිලසක් ගෙනදෙන පුංචි නිර්මාණයක්.මේක නිර්මාණය කලේ මම නොවේ.නමුත් තම දක්ශතා රටටම සහ ලෝකෙටම ඉදිරිපත් කිරීමට වෙරදරන නැගනියකගේ උත්සහයට සිප්සල අතදීමක් ලෙස මෙය සිප්සල හරහා ඔබට ලබා දෙන්නෙමි.මේ නිර්මාණයේ ගුනදොස් කියන්න කියල ඇය පුන්චි ඉල්ලීමකුත් කර තිබෙනවා.එය ඇයගේ ඉදිරි නිර්මාණ වලට මහත් රුකුලක් වේවි යැයි හැඟේ.
BLOG
2014.04.16
http://sipsala.blogspot.com/
..:: ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ට ඉතා වැදගත් tv memory ic data-1 ::..
TL LANKA
සිප්සල නරඹන යාළුවන්ට ඉලෙක්ට්‍රොනික් සම්බඳ විශේශ දෙයක් අරන් එන්නයි අද සූදානම.TV හදන විට සමහර ලෙඩ එනව TVඑකේ මතකයන් ගබඩා කරන උපකරණය එනම්memory icතුලින්.ඉතින් මේකට මෙමරි IC භාවිතා කලයුතුයි.TCL වගේ TV වලට නම් හිස් IC එකක් යෙදූ විට එයා ගබඩා කරගන්නවා.නමුත් Hitachi,Sharpවගේ TV වලට ඒ ඒ TV වලට වුවමනාකරණ මෙමරි අපි විසින් හිස් IC එකක් භාවිතා කරන් එයට ප්‍රෝගෑම් කර TV එකට දැමිය යුතුය.ෆ්ලෑශ් මෙමරි අයිසී කොතෙකුත් තිබ්බත් සුලබව භාවිතා වෙන්නේ ඉහත රූපයේ සඳහන් EEprom 24CXX වර්ගයේ ic.මෙමරි අයිසී පිලිබඳ කොතෙකුත් විස්තර කල හැකිද.නම්ත් එයට කාළය අවහිර වන නිසා මම හොයාගත්තු IC DATA වගයක් ඔයාල එක්ක බෙදා ගන්නම්.ඔයාලට හම්බෙන TV වලින් කිසිම කරදරයක් නැතුව ලෙහෙසියෙන්memory icවල DATA ගන්න විදි ක්‍රම මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.Sony KV-XA25M60 Chassis BG3R 24C08***********************************************TCL 21M76S***********************************************TCL 2127***********************************************Hitachi LT-20PV2S***********************************************Hitachi MD-21SFL***********************************************LG 21FS2BL***********************************************LG 21FU4BL Slim***********************************************ඉතිරිය මීලඟ ළිපියෙන්.
BLOG
2014.04.14
http://sipsala.blogspot.com/
..:: සිප්සල නරඹන ඔබට ආවඩා ආයුබෝ වේවා........! ::..
TL LANKA
වසරක සෞභාග්‍යමත් කාළපරාසය ලෙස අපේ මුතුන් මිත්තන් බක් මාසය සැලකුව.අදටත් එම සිරිත් විරිත් එලෙසම රැක ගනිමින් පවත්වාගෙන යන්නට ලක්වාසී අපේම නෑදෑයන් යුහුසුලු වෙති.නැති නෑදෑකම් ඇතිකරගන්නට ඇති නෑදෑකම් වැඩි කරගන්නට පෙළඹෙති.ඉතින් උදාවූ සිංහල සහ හිංදු අලුත් අවුරුද්ද සැබැවින්ම සෞභාග්‍යමත්,සැම බලාපොරොත්තු ඉශ්ඨසිද්දවන නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා සිප්සල නරඹන අපේ යහළුවො ඔක්කොටම ........ආවඩා ආයුබොහෝ වේවා.
BLOG
2014.03.29
http://sipsala.blogspot.com/
..:: වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරය ළිපි පෙළේ අවසන් ළිපිය සහ Full PDF එක ::..
TL LANKA
ඉතින් යාළුවනේ ට්‍රාන්ස්මීටරය ගැන ළිපි පෙළ අවසන් කිරීමට කල් ගතවුනා වැඩිය.නමුත් කාර්‍යබහුලත්වය නිසා ප්‍රමාද කිරීමට සිදුවුනේ.මුල්ම ළිපියෙන් මම සඳහන් කලා ළිපි තුනකින් මෙය අවසන් කරන බව.නමුත් නව අංග එකතු කිරීමට සිදු වූ නිසා කොටස් ප්‍රමානය වැඩිවිය.අවසන් ළිපියෙන් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ එකක් ඔයාලට අද මම ලබාදෙනවා.PDF එක ලබාදී ඇති නිසා සම්පූර්ණව එය කියවන්න.පහල අයිකනය තුලින් එය ලබාගන්න.මෙය කියවා ගුණදොස්,අදහස් උදහස්,යෝජනා චෝදනා දාන්න අමතක කරන්න එපා.මම හදපු ට්‍රාන්ස්මීටරය පින්තූර සහිතව මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.මේ ළිපිපෙල අවසන් වෙනකන් රැඳී සිටිය ඔබ සැමට සහ නිතර ප්‍රශ්නඉදිරිපත් කරමින් නිවැරදි අවබෝදයක් ගත්ත මනෝද්‍ය ඔබටත් ස්තූතියි.
BLOG
2014.03.16
http://sipsala.blogspot.com/
..:: ට්‍රාන්ස්මීටරයට ෆෝල්ඩඩ් ඩයිපෝල් ඇන්ටනාවක් හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 6 ::..
TL LANKA
Antenaදැන් ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසන් අදියරට පැමින තිබෙන්නේ.අවසන් අංගය විදියට තරංග විසිරුවා හැරීමට ඇන්ටනාවක් සැකසිය යුතුය.ඇන්ටනා වර්ග කොතෙක් තිබුනත් ට්‍රාන්ස්මීටර් වලට ගන්න ඇන්ටනා වර්ග කිහිපයක් තිබේ.මම මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නේ ෆෝල්ඩඩ් ඩයිපෝල් කියන ඇන්ටනාවයි. තරංගයක් විසිරුවා හරින ක්‍රම දෙකක් තිබේ. තිරස් ක්‍රමයට සහ සිරස් ක්‍රමයට.ඒ ක්‍රම දෙකටම ට්‍රාන්ස්මීටර් වල තරංග විසිරුවා හැරියත් බහුලව යොදා ගැනෙනුයේ සිරස් ක්‍රමයයි.මෙහිදී සකසන ඇන්ටනාව තම අභිමතය පරිදි එක සංඛ්‍යාතයකට පමනක් සැකසිය හැකිය.නැත්නම් පොදු ට්‍රාන්ස්මීටරයක් නම් සමහරවිට අපට සංඛ්‍යාතය සකස් කලයුතුය.ඒ නිසා පොදුවේ 88MHz-108MHz දක්වා සුදුසු ඇන්ටනාවක් සැකසීම සුදුසුය.මෙහිදී ඇන්ටනාවක් සැකසීමේදී යම් සිද්ධන්නතයක් අනුගමනය කළ යුතුය.යම් සමී කරණයකට අනුව දිග ,පළල තීරණය කල යුතුය.නමුත් එය මේ අවස්ථාවේදී විස්තර කිරීමට අපහසු බැවින් පොදු ඇන්ටනාවක් සාදන අයුරු මිනුම් සහිතව පැහැදිලි කරන්නම්.මුලින්ම මේක හදන්න වුවමනා කරන භාණ්ඩ කීපයක් එක් රැස් කර ගන්න ඕන. අඟල් 7,8 දිග පිරිසිඳු තඹ වයරයක් හෝ ටිකක් මහත තඹ කම්බියක් ගන්න.(TT වයර් හොඳයි) අඟල් 10 දිග අඟල් 1 නලයක් ගන්න. අඟල් 1 ටී ශොකට් එකක්. අඟල් 1 එන්ඩ් කැප් 3. අඟල් 1 බෙන්ට් එකක්. කේබල් ටයි තුන හතරක් C5 50 ohm කොඇක්සල් කේබල් එකක්.(අවශ්‍යය පරිදි. මතක ඇතිව කැළණි කේබල් එකක් ගන්න.)පළමුව ඇන්ටනාව සෑදීමට දිග,පළල ගනනය කිරීම් කරගත යුතුය.මුලින්ම සංඛ්‍යාතයේ මධ්‍ය අගය සොයන්න ඹ්න. 88MHz + 108MHz ÷ 2 = 98MHz සංඛ්‍යාතයේ මධ්‍ය අගය:- 98MHzλ= තරංග ප්‍රවේගය ÷ චැනලයේතරංග සංඛ්‍යාත මධ්‍ය අගයλ= 300000000 = 150 98 x 1000000 49 පිළිතුර සෙන්ටි මීටර් වලින් සොයමු.150 x 100 =15000 = 306 cm 49 49 මෙම පිළිතුර 4 න් බෙදුවම තමයි ඩයිපෝලයේ පැත්තක දිග වෙන්නේ.පහත රූපයෙන් එය පැහැදිලි වේ.දැන් ඉහත රූපයේ පරිදි මිනුම් වලට සකසා ගන්නට කලියෙන් ඔබ ලබා ගත්ත පිරිසිඳු තඹ කම්බිය හෝ වයරය (වඩාත් හොඳයි ට්ට් වයර්)වයරය ගෙන මිනුම් වලට කපාගන්නට මත්තෙන් පහත අයුරින් සකසා ගන්න.එම මුදුව කුඩාවට සකසා ගන්න.මෙපරිදි වයරය අග මුදුවක් සකසා ගන්න .මේ විදියට අනෙක් පැත්තෙ වයරයත් සකසා ගන්න.ඉන්පසු මුදුවේ ගැටය ලඟ සිට සෙන්ටි මීටර් 76.5 මැනගෙන වයර් දෙකම කපාගන්න. පසුව පහත පරිදි වෙරෝ බෝඩ් කැබැල්ලක් ගෙන සිදුරු 4ක් විද ගන්න.මතක තබා ගන්න මැද දෙකේ පරතරය 1.25 විතර තබන්න.එලෙස සාදාගෙන වම් පැත්තෙ සිදුරු දෙකට වයරය රූපයේ පරිදි ඇතුල් කර වයරයේ අග ටික සුද්දකර නොගැලවෙන සේ ඊයම් යොදා පස්ස ගන්න.අනෙකත් එසේම කරන්න. එවිට පහත රූපය වගේ පෙනේවි.ඉන්පසු කොඇක්සල් කේබලය ඉහත අයුරින් පාස්ස ගන්න.පසුව පරිදි ටී ශොකට් “T” shocut එක ගන්න.එය තුලට වෙරෝබෝඩ් එක ඇතුල් කර පහලට කොඇසල් කේබලයද දෙපැත්තට ඉතිරි වයර් දෙකද සිටිනසේ සකසා ගන්න.මෙය ඉතාමත් හිමින්සැරේ සීරුවට කලයුතුය.පසුව අඟල් 1 PVC නලය ගෙන 80cm කැබලි දෙකක් කපා ගන්න. ඉන්පසුව ටී ශොකට් එකේ දෙපැත්තටම සවිකර ගන්න.ඉහත රූපයෙ පෙනෙන පරිදි මුදුව බටයේ කෙලවරට පැමින තිබිය යුතුය. නැවත බට දෙකම ගලවාවයර් දෙකේම මුදු දෙකටම කේබල් ටයි දමා පහත රූපයේ පරිදි ලොක් කරගන්න.ඉන්පසු නැවත පීවීසී නල දෙකම සවිකරගන්න.එවිට නලයෙන් පිටට කේබල් ටයි පැමින ඇත.ඉන්පසුව ඉහත රූපයේ පෙනෙන කළු පැහැ වොශර් එක වෙනුවට අපි ගත්තෙ එන්ඩ් කැප් දෙකක්.එ දෙකේම එකක සිදුරු දෙක බැගින් සිදුරු 4 විද ගන්න. පසුව ටිකක් ගනකම කම්බි කැබැල්ලක් ගෙන එහි කොකුවක් සකසා වයරයෙන් සෑදුව මුදුවට දමා ගන්න.ඉන්පසුව පරිස්සමෙන් කේබල්ටයිලොක් එක පන්නගෙන ගලවගෙන.පසුව එන්ඩ් කැප් එකේ සිදුරකින් කේබල් ටයි එකක් දමා වයරයේ මුදුව තුලින් ගෙන නැවත එන්ඩ් කැප් එකේ අනෙක් සිදුර තුලින් උඩට මතුකරගෙන ලොක් එක දා ගන්න.නමුත් තදටම ලොක් එක දාන්න එපා.ප්සුව හෙමිහිට කම්බි කොකුව මුදුවෙන් පන්නල ඉවතට ගන්න.මේ අයුරින්ම අනෙක් පැත්තටත් සිදු කරන්න.ඉන් පසුව දෙපැත්තෙම එන්ඩ් කැප් දෙක සවිකර කේබල් ටයි දෙක හෙමීට ලොක් එක තද කරන්න.පසුව පහත රූපයේ පෙනෙන පරිදි කොඇක්සල් කේබලය ඇති පැත්තටත් යම් දිගකින් යුත් නල කැබැල්ලක් කපාගෙන සවිකරන්න එයට අංශක 90 ශොකට් කැබැල්ල සවිකර තවත් පොඩි නල කැබැල්ලක් සවිකර කෙබලය පිටතට ගන්න.පසුව ඉතිරි එන්ඩ් කැප් එක ගෙන එහි කේබලයෙ තරමට සිදුරක් විදගෙන ඒ තුලින් කේබලය යවා.කැප් එක සවි කරම්ම.ඔන්න ඇන්ටනාව නිමකර අවසන්ය. ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කරමින් මේ සියළුම අංගයන් ප්‍රධාන පරිපථය වන ට්‍රාන්ස්මීටර් පරිපථයට එකතු කරන අයුරු රූප සටහන් මගින් මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්නම්.
BLOG
2014.03.12
http://sipsala.blogspot.com/
..:: ස්ටීරියෝ එන්කෝඩර් සහ ලිමීටර් පරිපථ හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 5 ::..
TL LANKA
දැන් ගොඩක් දුරට ට්‍රාන්ස්මීටරයට අවශ‍ය මූලික පරිපථයන්සම්පූර්ණ කර අවසන්ය.Limiter Circuitමීලඟට ඉදිරිපත් කරන පරිපථය ට්‍රාන්ස්මිටරයට ශබ්ද තරංග පාලනය කරන එකකි.මෙය ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක වීමට අතයවශම පරිපථයක් නොවුනත් තවත් වැදගත් කොටසක් ලෙස සැලකෙනවා.ලිමීටර් පරිපථයකින් සිදුවන්නේ අපි පිටතින් (DVD Player එකකින්/Computer එකකින්) සපයන Audio Signal එකක් ගුනාත්මකව වගේම හඬ යම් කිසි පාලනයකට නතු කරමින් ට්‍රාන්ස්මීටරය වෙත යොමු කිරීමයි.මොකද අපි දන්න දෙයක් තමයි සිංදු 10ක් ගත්තොත් දහ විදියකට ශබ්දයේ හඬ අඩු/වැඩි කර රෙකෝඩ් කර තිබෙන්නේ.නමුත් ට්‍රාන්ස්මීටරයකට එසේ ශබ්ද තරංග ලිමීටරයක් නැතිව දුන්නොත් රේඩියෝවෙන් පැහැදිලි ශබ්දයක් ශ්‍රවනය කිරීමට අපට නොහැක.මෙම පරිපථයටම සම්බන්ද වෙන තවත් පරිපථයක් තිබේ.එය වුවමනා වෙන්නේ රේඩියෝ චැනල් එකක ස්ටීරියෝ ශබ්දයක් ලබාගැනීමට.එයට කියන්නේ එන්කෝඩර් පරිපථය කියා.ස්ටීරියෝ කියන්නේ ඉතා උසස් ශ්‍රවන තත්වයක්.මම පහතින් ලබාදෙන්නම් ලිමීටර් පරිපථයටම සම්බන්ද කල එන්කෝඩර් පරිපථයත්.ඔබට එන්කෝඩරය අනවශ‍ය නම් ඉහත පරිපථය විතරක් ස්වාදන්නත් පුලුවන්.මෙම සියළුම පරිපථ කොටස් කෙසේද සම්බන්ඳ කරන්නේ කියල අන්තිමට රූප මාර්ගයෙන් පැහැදිලි කරන්නම්.:T1 - BF245CT2 - BC556B,BC307IC1 - LM386ඉහතින් දක්වා ඇත්තේ සාමාන්‍යය ,ඉතා සරල Audio Limiter එකකි.***********************************************Stereo encoderමීලඟ පරිපථය අවශ‍ය වන්නේ ස්ටීරියෝ විකාශනයක් විසිරුවා හැරීමට ඔබ ට්‍රාන්ස්මීටරය සකසනවා නම් පමනි.මෙහිදී මෙම පරිපථයට බල සැපයුම ලෙස 12V ගත්තත්, එම IC එකට අවශ‍ය 2.4v-3v තරම් කුඩා Volt ප්‍රමානයකි. විවිද IC මෙම ස්ටීරියෝ එන්කෝඩර් පරිපථ සෑදීමට යොදා ගනී.NJM2035 වැනි IC එයට උදාහරණයකි. මෙහිදී මූලිකවම ගත්තම 38MHz ක්‍රිස්ටල් එක පරිපථයට අනිවාර්යය අංගයකි.මොකද ස්ටීරියෝ නම් උප තරංගය සැදීමට මෙය බොහෝ ඉවහල් වන නිසා.ස්ටීරියෝ තාක්ශනය ගැන ඉතාම අල්ප වශයෙන් හැඳින් වුවත් මෙය ඉතා පුලුල්ව ඉගෙන ගතයුතුය.එයට කාළය හරස්වන නිසා සහ පරිපථය සෑදීමට එය බල නොපාන නිසා එය පැහැදිලි කිරීම නතර කරන්නම්. එන්කෝඩර් සඳහා ඉතාම ජනප්‍රිය IC එකක් තමයිBA1404කියන්නේ. මෙය කොළඹ ගන්න තියේ.38MHz ක්‍රිස්ටල් එකත් කොළඹින්ම හොයගන්න පුලුවන්.ගොඩක් දුරට ක්‍රිස්ටල් වැනි දේවල් පිට පලාත් වලින් සෙවීමට මහන්සි ගන්නවාට වඩා ගොඩක් හොඳයි කොළඹම යන එක. ඒ වගේම ක්‍රිස්ටල් හොයාගන්නම බැරිම නම් ඉහත රූපයේම සඳහන් කරල තියෙනවා 47PF එකකට සමාන්තරගතව සම්බන්ද කල ටිමර් එකක්.එය කෙසේ වෙතත් ක්‍රිස්ටල් එකම හොයාගන්න එක හොඳයි.* තවත් වැදගත් කරුණක් නම් මේ පරිපථයට සබන්ඳ කරන ධාරිත්‍රක ඒ අගයෙන්ම සපයා ගැනීමට වගබලා ගන්න.* NE 5532 IC එක තුලින් කුඩා වර්දනයක් ලබාදෙයි.* IC එකට IC බේස් එකක් සවි කරන්න.
BLOG
2014.03.02
http://sipsala.blogspot.com/
..:: PLL - digital tuning-4W FM ට්‍රාන්ස්මීටරය-post 4 ::..
TL LANKA
PLL - digital tuningමේ පහතින් තිබෙන පරිපථයත් වෘතීමය ට්‍රාන්ස්මීටරයකට (දිගුදුර ස්ථීර වැඩ සඳහා යොදා ගන්න )ඉතාම වැදගත් ඒකකයකි.මෙම ඒකකය යම් යම් විශාල වොට් අගයන් පිට කරන ට්‍රාන්ස්මීටර් වල විවිද අයුරින් නිර්මාණය කර ඇත.මෙමඟින් තමයි මම කලින් කියපු ආකාරයට කොයිල් සහ කැපෑසිටර් භාවිතා නොකර අපට උවමනා සංඛ්‍යාතයට යොමුකිරීම සිදුකරන පරිපථය.( PLL - digital tuning) මේ පරිපථය සෑදීමේදී තමයි මට අයි.සී එකක් රටින් ගෙන්න ගන්න ඕන වුනා කියුවෙ.එනම් SAA1057 IC එක.නමුත් මේ කාළය වනවිට කොළඹ මේක ගන්න ඇති බොහෝ දුරට.මෙහි අනිත් අය්.සී එක Pic IC එකක්.මෙය ප්‍රෝගෑම් කරගත යුතුය.ඒ කාර්යය නම් පහසුවෙන් කරගැනීමට පුලුවන්.මේ වනවිට කොළඹ වගේම පිට පලාත් වලත් PIC IC ප්‍රෝගෑම් KIT ගන්න තියේ.මම පහලින් ලබා දී ඇති ලින්ක් එක වෙත ගොස් hex ෆයිල් එක ලබාගෙන එය ප්‍රෝගෑම් කරගන්න.* hex ෆයිල් එක මෙතනින් ලබාගන්නඉහලින් ඇත්තේ එම ටියුනින් පරිපථයයි.මෙහි PCB එක පහලින් පෙන්වයි.ඔබට මෙය PCB එකක් නිර්මාණය කරගැනීමට අපහසුනම් වෙරෝ බෝඩ් එකක හෝ ඩොට් බෝඩ් එකක හදාගන්න.මෙය PCB එකක හැදුවොත් නිමාව හොඳයි.ඒ හැරෙන්න ට්‍රාන්ස්මීටරය වගේ PCB එකකම හදන්න ඕන කියල අනිවර්ය නැහැ.ඒවා කරුණු වශයෙන් පෙළගස්වන්නම් පිළිතුරු සමගම.1. මූලිකවම මෙය PCB එකක හෝ DOT Board එකක නිර්මාණය කරගැනීම.මෙය PCB එකක එකලස් කරගත්විට හොඳ නිමාවක් සහිතව තිබේ.එසේ කරගැනීමට අපහසු නම් DOT Board එකක එකලස් කලාටද කමක් නැහැ.2. මෙම IC දෙකට IC බේස් යොදාගැනීම අනිවාර්ය.එසේ කිවුවේ යම්හෙයකින් IC එක පාස්සන විට අධිකව රත් වුවහොත් එය පිලිස්සී යා හැක.3. මෙයට ලබාගන්න ක්‍රිස්ටල් (4 MHz crystal )එක නිවැරදිම අගය යොදන්න.මෙය සංඛ‍යාත ආශිතව ඇති පරිපථයක් නිසා.4. ප්‍රතිරෝදක භාවිතයේදී 5Band Coloer Resistor ලබාගන්න පුලුවන්නම් ඉතාමත් හොඳයි.එසේ 5Band Coloer Resistor ලංකාවේ ගන්න අඩුයි. 4Band Coloer Resistor හරි එයට යොදන්න. 4Band Coloer Resistor ලබාගන්න විට නිවැරදි අගයම යොදන්න. මොකද 5Band Coloer Resistor නැති නිසා.5. (IC1) IC එක ප්‍රෝගෑම් කරගත යුතුය. hex ෆයිල් එක මම ළිපියේ ඉහලින් ලබාදී ඇත. එය ලබාගන්න.එය ප්‍රෝගෑමරයක් හරහා ප්‍රෝගෑම් කරගත යුතුය.එය එතරම් අපහසු නැත. hex ෆයිල් එක ලබාදී තිබෙන නිසා.6. C4 ධාරිත්‍රකය (Capacitor) 10uf tantalum එකක්ම යොදන්න.මෙය ඉලෙක්ට්‍රෝලයිටික් ආකාරයේ ධාරිත්‍රකයකි.(+/-) සඳහන්ව පවතී.7. (IC3) IC එක සඳහා 78L05 එකක් යොදන්න.මෙහිදී 78L05 එකක්ම සපයා ගැනීමට අපහසුනම් 7805 වුවද කමක් නැහැ.L අකුරෙන් පෙන්වන්නේ OUT කරන්න පුලුවන් ඇම්පියර් ගනන.මේ පරිපථය සඳහා එතරම් ලොකු ඇම්පියර් ගනනක් අවශ‍ය නැත.8. TL1 සඳහා ශෝට් කරගන්න Pin දෙකක් අවශ්‍ය වෙන්නේ.ඒ සඳහා PUSH TO ON ස්විචයක් වුවද කමක් නැහැ.9. IC2 කොළඹ ගන්න තියේද කියල බලන්න.යුදමය කාළයේ තමයි මම මේක මුලින්ම හැදුවේ.ඒ දින වලනම් ගන්න තිබ්බේ නැහැ.නමුත් දැන්නම් බොහෝ දුරට ඇති. මට මෙය ගෙනත් දුන්නේ මගේ යාළුවා.10. DIP ස්ව්චය කොළඹ නම් ගන්න තියේ.එය ඉල්ලනවිට ස්විච් ගනන කියල ඉල්ලන්න ඕන.එය සපයා ගැනීමට අපහසුනම් ON/OFF ස්විච් තමයි ගන්න වෙන්නේ.නැත්නම් අපි දන්න සීඩී රොම්වල,DVD Card එකේ එහෙම තියෙන ජම්පර් තමයි ගන්න වෙන්නේ.11.මෙහි PR කියා තිබෙන්නේ ජම්පර් එකකි.මුල්ම ළිපියේදී මම සඳහන් කලා ළිපි තුනකින් හෝ හතරකින් මෙය අවසන් කරනවා කියා.නමුත් ළිපියට තවත් කරුණු එක් කිරීමට සිදු වුනා.එම නිසා ළිපි පෙළ තවත් ළිපි කිහිපයක් ඉදිරියට පෙල ගැසේවි.සිප්සල සමඟ රැඳී සිටින්න.ඔබගේ ප්‍රතිචාර වලට බෙහෙවින් ස්තූතියි.
BLOG
2014.12.10
http://yadaminbeda.blogspot.com/
සිදුහත් කුමරු උපන් තැන විභාග අංශය නොදනී
Nirmala Madushani
දැන් 2014 සමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ. ආරම්භයේදීම බුද්ධ ධර්මය ප්‍රශ්ණ පත්‍රයේ අවුලක් ඇත. මේ ඒ පිළිබඳව අද ලංකාදීප සහ ලංකාටෲත් වාර්තාකර තිබූ පුවතයි.සිදුහත් උපන් තැන විභාග අංශය් නොදනී.මෙවරත් විභාගය අනයි.------------------------------------------------------------------------------------------------පෝස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (2014-12-09) පැවැති බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු බහු වරණ ප්‍රශ්නයක ගැටළු සහගත බවක් තිබූ බව සිසුහු සහ ගුරුවරු පවසන ලද අතර මාධ්‍ය වාර්තාද විය.පාසල්වල හා පිරිවෙන්වල බුද්ධ ධර්මය උගන්වන ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ද කියා ඇත්තේ ද එම ප්‍රශ්නයේ ගැටළුවක් ඇති බවයි. එම ප්‍රශ්නය මෙසේය.සිදුහත් කුමාරයා උපත ලැබුවේ කොසොල් රටට අයත් ශාක්‍ය ජනපදයේ අගනුවර වූ,1) දෙව්දහ නුවරය2) සැවැත් නුවරය3) කපිලවස්තු පුරය4) කිඹුල්වත් පුරයඑම පිළිතුරු අතුරින් නිවැරදි පිළිතුර තෝරන්නට තිබිණි.10 ශ්‍රේණිය බුද්ධ ධර්මය පොතේ සඳහන්ව ඇත්තේ ශාඛ්‍ය ජනපදයේ අගනුවර කපිලවස්තු පුර ලෙසිනි.කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා පැවසුවේ කිඹුල්වත් නුවර කියනුයේ ද කපිලවස්තුපරයටම බවයි.කැලණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ මාහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා කියනුයේ ද කපිලවස්තුපුර හා කිඹුල්වත් නුවර එකක් බවයි.නමුත්, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියා ඇත්තේ."ප්‍රශ්න පත්‍රයක දෙනුයේ වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්නට බවත්, ළඟින් යන උත්තර කිහිපයක් තිබුණත් නිවැරදි පිළිතුරක් තිබෙන බවයි"(ලංකාදීප පුවත ආශ්‍රිතව)------------------------------------------------------------------------------------------------එතකොට මේ ලිපිතුරු දෙකම දැකලා ළමයි කලබල වීම ගැටලුවක් නැතිද.ළඟින් යන පිලිතුර තෝරන්න.1) පරාක්‍රම සමුද්‍රය පිහිටා ඇත්තේ පුලතිසිපුරද, පොලොන්නරුවේද.2) ඇතුගල තියෙන්නේ ඇතුගල්පුරද, කුරුණෑගලද.එක ප්‍රශ්ණයකට විසඳුම් දෙකක් ඇති විට එය හේතුවෙන් දෙගිඩියාවකින් පසුවන ළමුන්ට පිළිතුරක් තේරීම සඳහා ගතවන අමතර කාලය පොලීසියෙන්ද දෙන්නේ.පිළිතුරු දෙකක් දුටුවිට, එ දෙකම එක සමාන පිළිතුරු නිසා එය විය නොහැකි කියා සිතා වෙනත් තේරීම කරන ළමුන් නැතිද. මන්ද, අපි මේ උසස් අධ්‍යාපනවේදීන් මෝඩ වැඩ කරනවා කියා සිතුවාට, ළමයි සිතන්නේ ඔහුන් මහාප්‍රාඥයින් බවයි.තමුන්ගේ දැණුම පිළිබඳව දෙගිඩියාවකට පත්වන ළමුන්, මානසිකව අසරණ නොවේද.විභාග ගැටලු මතුවූයේ අවස්ථාවකදී හෝ දෙකකදී පමණක් නොවේ. එය නොනවත්වා පැවති දෙයකි. දිනෙන් දින මාතෘකාව අලුත් කරමින් පුවත් මැවීය. ඡන්ද සමයේ මෙම ගැටලුව යම් තරමක් දුරට යටපත් වී ඇති නමුත්මේ වත්මන් අධ්‍යාපන සහ පාලන ක්‍රමවේදය මෙම ගැටලුව වැළලෙන්නට ඉඩ නොදී නව තේමා සපයමින් අවදිවේ.විභාග භීතිකාවට ලකුණු නොමිලේපසු සටහන.සිදුහත් කුමාරයා උපත ලැබුවේ, ඉන්දියා නේපාල දේශ සිමාවේ සිට කි. මී. 10 පමණ දුරින් පිහිටි වස්ති නම් දිස්ත්‍රික්කයේය. බුද්ධ කාල වකවානුවට අනුව කිඹුල්වත්පුර‍හෝ කපිලවස්තුපුරවරය යන නමුන් එදා එම නගරය හැදින්වූ අතර, එම නගරයේ ලුම්බිණි නම් සල් උයනේ උපත ලද බවට සාක්ෂි හමුවේ. ඒ අතර අශෝක ස්ථම්භය, ශිලා ලිපිය ප්‍රමුඛ වේ.කපිලවස්තුපුර ගොඩනඟන ලද්දේ කපිල නම් මුණිවරයෙකු විසින් යැයි කියැවෙන අතර, කපිල වස්තු යන වචනය පාලී වදනකි. එහි සිංහල තේරුම ලෙස "කිඹුල්වත්" යනුවෙන් ව්‍යවහාරයට එක්ව ඇත. පසුකාලීනව සිදුහත් කුමරු උපන් ස්ථානයවනගතවී සැඟවුණු අතර, 1895 දී ජර්මන් ජාතික විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද අර, එසමයේ ශිලා ලේඛනද පරිවර්ථනය කිරීය.
BLOG
2014.02.09
http://yadaminbeda.blogspot.com/
මේ වැරැදි කිසිවක් සමාජ ආදර්ශ නොවේවා!.... Tribute to Wenusha....?
Nirmala Madushani
කුරුණෑගල සර් ජෝන් කොතලාවල යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මිශ්‍ර පාසලකි. මෙම පාසැල දක්ෂ ගුරුමණ්ඩලයකින් සහ පහසුකම්වලින් අනූනය. රාජ්‍ය මැදිහත්වීම උපරිමය. ලක්මවට දහස් ගණනක් වටිනා මිනිස් සම්පත් පෙළ ගැසූ මෙම විදුහලට ඇයි මේ අදෝනා. ඇයි මේ ගැරහිලි....මේ කතා කරන්නේ මීට දින කීපයකට පෙර (2014 පෙබරවාරි 04 වන දින) එම පාසැලේ සිසුවියක් නිවසේදී ගෙල වැල ලාගෙන මියැදීම සම්බන්ධයෙනි. අපවාදය විදුහල්පතිට වූවත්, සමස්ත විදුහලම හෑල්ලුවට ලක් විය. ආසන්නතම හේතුව ලෙස අපට දැන ගැනීමට ලැබුණේ ඇයගේ මුහුණුපොතේ ජායාරූපයක් tag කර තිබීමයි.ඊයේ දින මල්කඩුවාව පොදු සුසාන භූමියෙන් අවසන් ගමන් ගිය මෙම සිසුවිය සත්තකින්ම බලවත් වරදක් කර තිබේද. තාක්ෂණය ගැන කිසිදු හසළ දැනුමක් නැති විදුහල්පතිවරයා තවකෙකු විසින් ඇයගේ FB වෙත ටැග් කර තිබූ පින්තූරයක්, (එය දැන් ඉවත්කර ඇත) ඇය විසින් පළ කළ ලද්දක් බව පවසමින් බැණ වැදීම සාධාරණද. තවත්, කතාවක් ලෙස පැත්රෙන්නේ ඇය පවුලේ ප්‍රශ්න මත මානසික ගැටලුවලට මැදි වූ අයෙකු බවයි. නමුදු ඇයගේ ජීවිතහානියට හේතුව හෝ ආසන්නම හේතුව විදුහල්පතිවරයාගේ හැසිරීම වන බැවින් ඇයව නැවත ඝාතනය නොකර සිටිමු.මට සිතෙන්නේ මෙසේයි.මෙතනදී සිසුවියකුට අවශ්‍ය නිසි ඔවදන් ඇයගේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ යහළුවන්ගෙන් ලැබී නැත. ඇය මෙන්ම අදාල විදුහල්පතිවරයාද ස්වයං පාලනයකින් කටයුතු කර නැත. මෙම නාටකයේ කියැවෙන විදුහල්පති හමුදා නීතිමය උපදේශනයක් පැවැත්වීම සහ පැවැත්වූවායි කියන ආකාරය කිසිම අනුමත කිරීමක් කළ නොහැකියි. එසේ මා පවසන්නේ ඇයගේ අවසන් ලිපිය සහ සමහරෙක් කියන කාරණා අනුවය. තවද මාගේ ස්වයං දැක්මද එසේමය. වෙ නූෂාට ප්‍රශ්නයක් දරා ගැනීමට අපහසු මානසික තත්ත්වයක් තිබිය හෝ නොතිබිය හැකිය. නමුත්, අදාළ විදුහල්පතිවරයාටද ළමයකුගේ මානසික තත්ත්වය වටහා ගැනීමට හැකියාව තිබිය යුතුය. නමුත්, මෙම ලිපියෙන් මා කිසි විටක ඇය ගත් තීරණය හෝ ඇයගේ ක්‍රියාකලාපය නිවැරැදි කියා පවසන්නේ නැත. 11 වසර සිටින සිසුවියක් තවත් එක ළමයෙකු සහ ළමා මනසකින් යුතු අයෙකු බව පමණක් සලකමි. මාගේ විවේචනය, උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති එහි කෙළ පැමිණියාවූ අයෙකුගේ හැසිරීම බුද්ධිගෝචර ද යන්න පිළිබඳවත්, එවන් අය විසින් කරනු ලබන අනෙකුත් සමාජ දූෂණ පෝෂණ ක්‍රියාවලියන් පිළිබඳව ද විචාරයකට ලක්විය යුතුමය.දැන් පාසලට ලැබුණු කීර්ති නාමය හොඳද.මෙවැනි පාසැලට ළමයෙකු ඇතුළත්කර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එහිදී සිදුවන වංචනික ක්‍රියා කාටත් ප්‍රසිද්ධ රහසකි. එවන් සමාජ පරිහානියක් පෝෂණය කරන විදුහල්පතිවරයෙක් හෝ දේශපාළුවෙක් හෝ වේ නම් සමාජයට දෙනු ලබන පූර්වාදර්ශය කුමක්ද. එසේනම්, හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් ඇති මෙවන් සුදු කරපටි කාරයින් සමාජයට දෙන ආදර්ශය අගයමුද.වෙනුෂිගේ අවසන් ලිපියසිසු පිරිසක් විසින් අදාල සිද්ධිය පිළිබඳව සැකසූ ලිපියක් (අන්තර්ජාලයෙන් සොයාගැනුනි)්තර්ජාලයෙන් සොයාගැනුනි)මෙන්න විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුගේ අහුලාගත් තවත් සදාචාර සම්පන්න ක්‍රියා කීපයක්මේ විදුහල්පතිවරයෙකුගේ ලිංගික අල්ලස් ගැනීමක් පිළිබඳව අසන්න ලැබුණු පුවතක්. (2014-02-07)තරුණියකගෙන් ලිංගික අල්ලස් ලබා ගත්තේයැයි සැකපිට පැල්වත්ත නවෝද්‍යා පාසලේ විදුහල්පති සුනිල් පුෂ්පකුමාර මහතා ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.එම පුවතම මවුබිම පුවත්පත වාර්තා කිරීමආබාධිත දරුවන්ට ලිංගික අතවර කළ මොනරාගල විදුහල්පති අත්අඩංගුවට. - මවුබිම පළකළ ලිපියක්. (2013-10-03)කොට්ටාව ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා විසින් ලිංගික අල්ලස් ගත් බවට නෙත් FM පළකළ පුවතක්. (2013-09-05)මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දූෂණ ගැන ලංකදීපයේ පල වූ ලිපියක්.පසුසටහනදිවයින ගැන ලැජ්ඡයි. අදාල පුවත විකෘත්තිකොට පලකර විදුහල්පති රැකගත් අතර, මියගිය වෙනූෂා දෙවන වරටත් ඝාතනය කිරීමට උත්සාහදරා ඇත. අවම අවශයෙන් එම කරුණෑගල වාරුතාකාරු කුරුණෑගල පිහිටි පාසලේ නමවත් නොදනී.අඩු පහසුකම්වලින් යුතු පාසැල්වල ළමුන් අධ්‍යාපනය අතරමඟ නවතා දමනුයේත්, නොයෙකුත් සමාජ අසම්මතයන්ට ගොදුරු වනුයේත් FB නිසාද. මේවා ගැන අධ්‍යාපන වේදීන් නිහඩ ඇයි.වසරකට පාසැල් කීයක් වැසී යයිද. ඒ ගැන පාලන පක්ෂය නිහඩ ඇයි.මෙම වසරේ ද සැම්තැම්බර් සිට නැවතත් විදුහල්පතිවරුන් මුදල් සහ ලිංගික අල්ලස් ගැනීම් වාර්තා වේවි.මීට ටික දිනකට පෙර වලපනේ වයස 12 පමණ සිසුවියක් ආර්ථික අඟහිගකම මත ගෙල වැලලාගත් පුවතක් අප ඇසීය. නමුත් ඒ පිළිබඳව විස්තරයක් නොදනීඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිටදුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැනි-ලෝකෝපකාරය.
BLOG
2013.12.31
http://yadaminbeda.blogspot.com/
ලබන්නාවූ 2014 වසර ඔබ ට සහ රටට....
Nirmala Madushani
බඩු මිල වැඩි නොවූබදු බර වැඩි නොවූ (අය වැය කියා අවසන්)වංචාව සහ දූෂණය අඩුවූ,අධ්‍යාපන අයිතින් හිමි වූ,නීතිය සහ සාධාරණත්වය හිමි වූ,පොලීසිය, පොලීසිම ලෙස ක්‍රියාත්මක වූ,අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය හිමුවූ,මත්ද්‍රව්‍ය ගෙනෙන නායකයින්/පාතාලයන් අඩු වූ,නීති ගරුක අවංක පාලනයක පුරවැසියෙක් වූ,බුද්ධිමත් පාලකයින් රටට දායාද වූ,රටට ආදරය කරන පාලකයෙක් සහ පාලනයක් හිමිවූ,සත්‍යයට ඉඩක් හිමි වූ,අනුන්ගේ චින්තනයකට යට නොවූ,චින්තනයට යට නොවූ සහෝදර ජනතාවක් ආශ්‍රය කරන්නාවූ,මානව අයිතිවාසිකං කඩ නොවූ,ආගමික නිදහස සහ සංවරය රජකරන,සූරා කෑමට හසු නොවූ,සමාජ පිරිහීමෙන් අඩුවූ,දරුවට පාසලක් හිමි වූ,සුදුස්සාට සුදුසු තැන හිමි වූ,ත්‍රස්තවාදියාට, මැරයාට, පාතාලයාට තිත තැබූ,සමාජ පංති භේදය අවම වූ,රැකියාවට සාධාරණ වැටුපක් හිමි වූ,ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රයාවට නැංවූ,මනුසත්කම හදුනන, මනුසත්කමට නිගා නොදෙන, මිනිසෙක් ලෙස ජීවත් වීමට නිදහස හිමිවූ, සුබ නව වසරක් වේවා.මේ හැර තවත් කීයක් දේ කියන්න ඇති ද. අඩුම ගානේ මින් කීපයක්වත් හිමි වේනම්....සුබ නව වසරක් වේවා..ඔබත් මාත් ජීවත් වන්නේ කේතූමතී නුවරක නොව.ලබන්නාවූ වසර හෝ, මතු උදාවන කාලය, මතු පරම්පරාවට උදාවන කාලය හෝ සුභ වීමටනම්, ඔබටද මෙවන් පැතුමක් පතන්න සිදුවේ.2014 සුබ නව වසරක් වේවා.
BLOG
2013.11.19
http://yadaminbeda.blogspot.com/
චෝගම්වලට ජීවය දෙන්න....
Nirmala Madushani
පෝස්ට් එකක් සඳහා මාතෘකා නැතුවා නොව. කර්ය්‍ය බහුලබව පොස්ටුවක් පල කිරීමට විශාලතම භාදකය වී ඇත.මෙම රජය, සමාජය, මිනිසුන්, නූතනය විවිධ මාතෘකා දවසින් දවස එක් කරයි. සමහර මාතෘකා කාලයක් තිස්සේ පැසවා පැසවා තිබේ. එක් මාතෘකාවක් ආ විගස“ඕක සති දෙකයි තුනයි““දැන් අහවලුන්ට කෑ ගහන්න මාතෘකාවත් තිබෙනවා““සිංහලයාට මතක හිටින්නේ සතියයි“ වැනි විවිධ මත, ප්‍රලාප අසන්න ලැබෙනු ඇත. නමුත්, ඔවුන්ට එම සිද්ධි අමතක වනවා නොව. නව මාතෘකා දිනෙන් දින එක් වීම මඟින් පැරණි මාතෘකාව යටපත් කිරීමය. දේශපාලන කුහකත්වය ද, ඉහත ප්‍රලාප කීමට සමහරවිට ඉවහල් වේ. මේ ආකාරයෙන් ගෙවී ගිය සති කිහිපයතුළ මාතෘකා කීපයක් ඉතිරි කළේය.1) කටුනායක අධිවේගය විවෘතය.2) චෝගම් (CHOGM) සමුළුව.3) චැනල් 4 මාධ්‍යවේදින්ගේ පැමිණීම.ඒ අතරින් මෙම වකවානුතුල පුවත්පත්වල පළවූ පහත කාටූන් මා සිත් ගති. සැබවින්ම ඒ ආණ්ඩු විරෝධී භාවයක් මත නොව. ඉතාම සංවේදී දේශපාලනික කාටූන් වූ බැවිනි. මෙම කාටූන් චිත්‍ර හසන්ත විජේනායකගේ සිතුවම් වන අතර, යථාර්ථය විවේචනය කරන්න, නිරූපණය කරන්න ඔහු සමත්වී ඇති බව මාගේ අදහසයි. එබැවින් එකී කාටූන් මඟින් අදහස් කරනා කරුණ/කරුණු පිළිබඳ වැඩි යමක් නොලියමි.මේ කටුනායක විවෘත්තයට පෙර, තෙදිනක් සමාන්‍ය ජනතාවට පාරේ කා-බී නටා විනෝද වීමට දුන් අවස්ථාක නිරූපණයකි.2013 චෝගම් වඩම්මාගෙන එන්නේ මහත් වූ හරසරිනි. ජනතා සෝ සුසුම් රැල් වේගයෙන් මුදාහරිමින් ඒ පිඹින්නේ චෝගම්වලට ජීවය දෙන්නයි.අම්මේ, තාත්තේ, පංච මහා බලවේගයේ ආදීතමයාගේ සිට, නූතනයා දක්වා වූ පුරවැසියනි, දැන් සැරසෙමු. පියවන්න ඔවුන්ගේ අය-වැය හිඟය..පසුගිය දිනවල වෙනත් රටවල හමා ගිය සුළි සුළන් නැතත්, නියගෙට වේලී, සුළඟට හසුවූ පරිදි පීඩනයක් මිනිසුන්ට දැනෙන්නේ කාගේ ආශ්චර්යෙන්ද.පසු සටහනචීනය සමඟ ගනු දෙනු, 50% ක් ඉක්මවූ ලාභ දීමනා සහ ප්‍රසාද දීමනා.... තොරතුරු ටිකක් ලැබිණි. නැවත පෝස්ටුවකින් පෙන්වන්නම්.ආශ්චර්යේ සිහින මාවගේ ගිලි සිටින කිසිවෙකුට වැරැද්දක් නොපෙනෙනු ඇත. එය මාගේ වරදක් නොව.
BLOG
2013.07.18
http://yadaminbeda.blogspot.com/
අංකුර දේශපාළුවෝ
Nirmala Madushani
අප පසුගිය කාලය පුරාවට ඡන්ද ගණනාවක්ම පසු කළෙමු. ජනාධීපතිතුමා විසින් 2013 වසරට එකදු ඡන්දයක්වත් නැතැයි කීවද, නැවත ඡන්දයක් මතු වී ඇත. එතුමා කියු බොහෝ දේවල්වල තත්ත්වයද එයමයි කියා මට සිතේ. ඡන්දය පැවැත්වීමද නොනවතින ක්‍රියාදාමයකි. සෑම ඡන්දයකදීම අපේක්ෂකයන් ඡන්ද දායකයා බුද්ධිමත් ඡන්ද දායකයෙක් බව පසක්කරවමින්, සහ පවසමින් තම අනාගතය වෙනුවෙන් සහ තවත් කෙනෙකුගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා අපමණ උත්සාහයක නිරත වේ. නමුත්, ඡන්ද දායකයා හෝ දෙවරක් සිතිය යුතුය. අසීමිත බලයෙන් පෝෂණය වන සහ බල ලෝභීත්වයෙන් වියරු වැටුණ, ඔබේත් රටේත් අනාගතය අඳුරුකරවන අධම පාලකයෙක්, පාලන පක්ෂයක් හෝ දර්ශනයකට නැවත නැවත ජීවය පිඹිනවා යනු කෙතරම් අනුවණ ක්‍රියාවක්ද.අංකුර දේශපාලනඥයින් බිහිකරන එක් නැවාතැනකි ප්‍රාදේශීය සභාව. නමුත්, හැදෙන ගස දෙපෙත්තෙන් දනී මෙන්, ඔහුන්ගේ ගමන්මග ඔවුන් විසින්ම හෙළිදරවු කරයි. බොහෝවිට මොවුන්, අද ඇමති බලතල දරණ අයෙකුගේ ඍජු ඥාතීත්වයක් දරයි. මේ හේතුවෙන්ම පිය ආදර්ශය නොඅඩුව ලැබූ මොවුන් පිය අඩි පාරේම ගමන් කරයි. පහත මා උපුටා දක්වනුයේ පුංචි ඡන්දයෙන් බිහිවූ පුංචි පහේ හපන්නුන් විසින් දෑත් ශක්තිමත් කිරීමේ සහ දෑත් ශක්තිමත් කරගැනීමේ මෑත කාලීන අවස්ථා කිහිපයකි. මඟ හැරුණ සිදුවීම් අනන්ත ඇති. වාර්තා නොවූ සහ වාර්තා නොවන සිදුවීම් ඊට බෙහෙවින් වැඩියි. කරුණු වඩාත් සත්‍යාසන්න කරනුවස් දිගුවන්ද ලබා දෙමි.2013-07-16 ලග්ගල සභාපතිගේ ආදරණීය පුතණුවන් ගිනි අවි අත දරයි.ලග්ගල ප්‍රාදේශීය සභාපතිගෙ ධර්මසිරි කන්නන්ගර යන අයගේ පුත් විසින් කළ වෙඩි තැබීමකින් කිවුලවාඩිය ප්‍රදේශයේ පාසැල් සිසුවෙකු තුවාල ලබා ඇත. එය මෙම ලිපියේ සටහන් තබන මොහොතේ වර්තාවූ සිද්ධියකි.2013-07-12 යටියන්තොට ප්‍රාදේශීය සභාපති අල්ලස් චෝදනා මත අත්අඩංගුවටයටියන්තොට ගලපාත ප්‍රදේශයේ පුද්ගලයෙකුට ස්වයං රැකියාවක් ලෙස කුකුළු ගොවිපළක් ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීමට යැයි පවසා රුපියල් 30,000/- ක මුදලක් ලබාගෙන ඉන් රු 15,000/- ක මුදලක් සභාපති වසන්ත කුමාර මහතා ළඟ තබා ගැනීම හේතුවෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.2013-07-10 -මීගමුව නගරාධිපති පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීමhttp://www.lk/sinhala/node/239072013-04-17 - යතුරු පැදියක් පරික්ෂාකළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තර්ජනය කිරීම හේතුවෙන් ගම්පහ නගරසභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.2013-06-12 - අවන්හල් හිමිකරුවකුට පහරදීම සම්බන්ධයෙන් අම්පාර නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට පත් විය.2013-07-08 දැරණියගල හිටපු සභාපති අධිකරණයටවතු අධිකාරවරයෙකු මරණයට පත්කිරීම (2012-07-05) සම්බන්ධයෙන් චෝදනා ලබා දැරණියගල හිටපු සභාපති (අනිල් චම්පික නොහොත් අතකොටා) සහ තවත් සැක කරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ජුලි 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර පමුණුවා ඇත. මීට පෙරද ඔහු එම ප්‍රදේශයතුළ තම අන සක පතුරුවමින් විවිධ ධාමරික ක්‍රියාවන් කර ඇති අතර, ස්ත්‍රී දූෂණ ද ඔහුගේ ක්‍රියාකලාපයේ ප්‍රමුඛස්ථව ඇත. 2013-07-06 වල්ලාවිට ප්‍රා. සභාපති අල්ලස් ගැනීම චෝදනා ලැබ අත්අඩංගුවටපස් ප්‍රවාහනය සඳහා බලපත් ලබා ගැනීමට යාමේදී බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් වල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල යන අය විසින් ලබගත්තේයැයි චෝදනා ලැබ අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගවට ගනු ලැබීය. නමුත්, මීට පෙරද රුපියල් ලක්ෂ 5 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයා පවසයි. ඒ අනුව ඔහුද අල්ලස් ලබා දී රජයට අය විය යුතු රාජ්‍ය භාගය වසන්කර ඇත. එබැවින් ඔහුද වරදකරුවෙකු විය යුතුය.2013-07-04 කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවටතබ්බෝව ජලාශය භාර වාරි ඉංජිනේරුවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් පුත්තලම, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ යන අය අත්අඩංගුවට පත් විය.2013-02-17 දින සාලියවැව මංසන්ධියේදී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මතද, 2012-07-16 දින ද තම ප්‍රා. සභාවේ ප්‍රධාන කළමනාකාර එම් සී තිලකරත්න යන අයගේ හිසට බෝතලයකින් පහරදී තුවාල කීරීමේ චෝදනාව මතද, මෙම සභාපතිවරයා නීතිය හමුවට පමුණුවන ලද අයකි.p=292642013-06-05 මාවනැල්ල ප්‍රා. සභාපතිට පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම.මාවනැල්ල බෙලිමුල්ල ප්‍රදේශයේදී කේ. ජී. ප්‍රියන්ත පත්මකුමාර මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මාවනැල්ල සභාපති කේ. පී. පියතිස්ස යන අයට මරණ දඩුවම අධිකරණය විසින් නියම කිරීය.2013-05-26 ඇඹිලිපිටිය ප්‍රා. සභාපති පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබීම.රියබලපත්‍රය සහ හිස්වැසුම් රහිතව යතුරුපැදියක් ධාවනය කළ තිදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට, ඇඹිලිපිටිය ප්‍රා. සභාපති එම්. කේ අමිල යන අය විසින් පහර දීමේ චෝදනා යොමු වීය. මොහු පොලීසිය මඟහරිමින් සිට අධීකරනයට ඉදිරිපත්වී ඇප ලබා ගන්නා ලදී.lk/sinhala/node/231252013-02-04 මොරටුව උප නගරාධිපති භික්ෂු ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීමඑගොඩඋයන සුනන්දෝපන්දරාමයේ හිමිනමක් සමඟ කලක සිට පැවත එන ඇති ඉඩම් ආරවුලක් දුරදිග ගොස් උන්වහන්සේව අපවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර යන අය අත්අඩංගුවට පත්විය.2012-07-28 අල්ලස් චෝදනා මත කළුතර ප්‍රා. සභාපති අත්අඩංගුවටඉඩම් වෙන්දේසිකරුවකුගෙන් රු ලක්ෂ 38 ක අල්ලසක් ලබා ගත්බවට චෝදනා ලැබූ කළුතර ප්‍රාදේශීය සභාපති, අදාළ අල්ලස් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රැහැනට නතුකරගෙන තිබේ.2012-07-04 බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට අකුරැස්ස ප්‍රා. සභාපති අත්අඩංගුවටඅකුරැස්ස ප්‍රාදේශීය සභාපති එස්. එල්. සුනිල් යන අය විසින් බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම හේතුවෙන් 2012 -07-04 මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් උද්ඝෝෂණය කිරීමට ද ප්‍රදේශයේ මිනිසුන් සිටීම ගුජුප්සා ජනකයි.2012-01-31 කොටකෙතන ද්විත්ව ඝාතනය සහ කාන්තා ඝාතන රැල්ලක් නිර්මාණය.පසුගිය වසරේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණීයක් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සහ තවත් කාන්තා ඝාතන රැසකි. මෙම ඝාතන සිද්ධි ගලා යනුයේ කුඩු ජාවාරමක් හෙළිදරව් වීමත් සමඟය. ද්විත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම ‍ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලොකුගම් හේවගේ ධර්මසිරි නමැති සැකකරු අධිකරණය විසින් 2013-04-02 දින නිදහස්‌ කරන ලදී.පාලන තන්ත්‍රෙය් නිල පවත්පතක් වන දිනමිණ මෙම පුවත වාර්තා කරනු ලැබුවේ, "සාක්ෂි නැති නිසා ධර්මසිරි නිදහස්" යනුවෙනිhttp://www.lk/2013/04/03/_art.fn=n1304031&p=12011- තංගල්ල ප්‍රාදේශීය සභාපති විදේශීකයෙකු මරණයට පත්කිරීමරතුකරුස සංවිධානයේ නියෝජිතයෙක් වූ කුරාම් ෂෙයික් මහතා ඝාතනය කිරීම සහ එම මහතාගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා කචේවා දූෂණය කිරීම සම්බන්‍ධයෙන් චෝදනා ලැබ තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ ඔහුගේ සහායකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම.php/archives/2647(රැකියාව හේතුවෙන් බ්ලොග් අවකාශයෙන් දුරස්භාවයක් ගත්තද, එය අමතක කර හෝ අමතක වී හෝ නැත. එබැවින් හැකි පමණ, බ්ලොග් අවකාශයේ සැරිසැරීමට උපරිම උත්සාහ කරමි.)පසු සටහනරාජ්‍ය භාගය සහ අනෙකුත් ගාස්තු නොගෙවා පස් - වැලි වැනි ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය අද සමාන්‍ය දෙයකි. එය අල්ලස් ලබා දීම මත නිරන්තරයෙන් සිදුවේ. මෙහිදී රජයට විශාල මුදලක් අහිමි වී යයි. සිවිල් නීතිය කරවන පොලිස් නිලධාරීන් පිරිසක් පවා මෙතන සිටී. ඒ අහිමිවී යන මුදලේ හිඩස සමාන්‍ය ජනතාවටම පසු කාලීනව බදු ලෙස හෝ වෙනත් අනියම් ආකාරයකින් දැරීමට සිදුවේ. ජීවන වියදම වැඩි වීමට රටේ පවතින අල්ලස සහ දූෂණය ද ඉවහල් නොවන බව පැවසිය හැකිද.අංකුර දේශපාලකයන් රටට ලබා දෙන පූර්වාදර්ශය, ඔවුන්ගේ යටි වියන්, උඩුවියන් මඟින් පෙන්වාදුන් පූර්වාදර්ශයම නොවන්නේ ද.. මේ සියලු දෙනා අතු රිකිලි මුල් දුවවමින් උරා බොන්නේ රටේත්, ජනතාවගේත් සාරයයි. අවම වශයෙන් අපි දූෂණයෙන් සහ වංචාවෙන් තොර උගත් ජනතා නියෝජිතයින්ව තෝරා ගැනීමට වෙර දරමු. පුංචි සභාවෙන් හදුනාගත් පහේ වියතුන් වරණයකට ලක්කර පළාත් සභා වෙත කැඳවමු. "අපි හෙවුවොත් අපි කයි කියා" සිතේනම්, අපිට සොයන්න රටක්, සහ ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබිය යුතු බවද සිතමු.
BLOG
2013.03.30
http://yadaminbeda.blogspot.com/
දෙවියන්ට එරෙහි නඩුවක්....!
Nirmala Madushani
දෛනිකව විශාල වැඩ කොටසක නිරතවීමට සිදුවීම සහ අධික විඩාව හේතුවෙන් මෙම දිනවල මා ලිපියක් ලිවීමට අපොහෝසත් විය. නමුත්, මේ දින 02 ද ගෙවී ගියහොත් මාර්තු මාසය මාගේ බ්ලොග් අඩවිය පාළුවට පත් වීම වැළැකිය නොහැක. අවම වශයෙන් අනෙත් බ්ලොග් අඩවිවලට පිවිසීම පවා සීමා සහිත විය. එමෙන්ම මට දැනෙනා අන්දමට අනෙකුත් බ්ලොග් ශිල්පි/ශිල්පිනියන්ගේ තත්ත්වය එම තත්වයට මදක් ආසන්න වී ඇත.මා මෙම ලිපිය ලිවීමට අදහස් කරනු ලැබුවේ පසුගිය දිනක OMG: Oh My God.9) හින්දි චිත්‍රපටය බලන ලද බැවින් සහ එහි කිසියම් විවේචනාත්මක සත්‍යයක්ද ගැබ්ව ඇති බැවිනි. අවශ්‍ය කෙනෙකුට මෙම දිගුව ඔස්සේ http://1337x.org/torrent/423211/0/ එය බාගත කර ගත හැකි අතර, සිංහල උපශිරැසි බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් හෝ subtitlesbank.com මඟින් බාගත කර ගත හැකිය.මිනිසුන් බොහෝ දෙනෙක් නමට ආගමික චරිතයක්ව සිට තම හොමෝ සේපියන්ස් සේපියන්ස් ජාන මඟින් අඛණ්ඩව පවත්වාගෙන ආ ගමනේ නියැලේ. එහේත්, මිනිසුන් බහුතරයකට ලොව තේරුම් ගැනීමට තවම අපහසුය. අතීතයේ කෙසේ වෙතත් වර්තමානයේ තත්ත්වය ද එලෙසම පවතී. එකී සාධකය දඩමීමා කර ගනිමින් එය ව්‍යාපාරික ස්වරූපයකින් ද පැවතීම අද සමාන්‍ය තත්ත්වයකි. මඟින් විවේචනය කරනුයේ මෙම ව්‍යාපාරමය ස්වරූපයයි. චිත්‍රපටය ජාකන වනුයේ හින්දු ආගමික පසුබිමක් තුළය. එබැවින් දෝ කිසිම විටක ආගම විවේචනය කරනුයේ නැත. නමුත්, දෙවියන් සහ රෝගියා අතර පෙනී සිටින කට්ටඩියා හෝ පූජකයා අතිශය විවේචනාත්මකව විග්‍රහයකට භාජනය කරයි. එබැවින් දැඩි ආගමික භක්තිකයින් අතර වුව චිත්‍රපටය තිර ගත කර ගැනීමට එහි නිෂ්පාදකයින්ට අපහසුතාවයක් ඇති නොවේ. තවද අධ්‍යක්ෂක විසින් දෙවියන් කෙරේ ඇති සියලු චෝදනා සහ මිනිස් අසහනයන් කට්ටඩියන්/පූජකයන්/ස්වාමිවරුන් මතින් පමණක් කිසිදු හිරිකිතකින් තොරව මුදා හරිනු ලබයි. මා දන්නා පරිදි ඉන්දියාවේ ද දැඩි ආගමික භක්තිකයන් නොඅඩුව සිටිනා බැවින් ඔවුන්ගේ ආගම විවේචනයක් සහිත කෘතියක් එළි දැක්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පසුගිය වකවානුවක තිරගත වූ The Da Vinci Code (ඩාවින්සි කෝඩ්)චිත්‍රපටය ක්‍රිස්තු භක්තිකයන් ප්‍රකෝප කරන්නක් වූ අතර, ඇමරිකාවේ නිෂ්පාදනය වූ (නම දන්නේ නැත) චිත්‍රපටයක් මඟින් මහමත්තුමාට අපහාස කරන්නේ යැයි කියමින් මුස්ලිම් භක්තිකයන් ද ප්‍රකෝපකාරී ලෙස හැසිරිණි. පසුගිය වර්ෂයේ සැප්තැම්බර් (OMG: Oh My God. තිරගත වනුයේ ද මෙම කාලසීමාවේදී ය) මස ශ්‍රී ලංකාවේදී මෙකි විරෝධය(ලංකාදීප වාර්තාවක්) දැක ගත හැකි විය.මා දන්නා පරිදි බොහෝ දෙනෙක් එකී චිත්‍රපටිවලට විරෝධය පෙන්නුවද සත්‍ය වශයෙන්ම චිත්‍රපටිය දැක ඇත්තේ හෝ එහි නමවත් දන්නේ යටත් පිරිසෙන් කිහිප දෙනෙකු පමණි. නැතිනම් “දෙවියන්ට එරෙහි නඩුවක්“ චිත්‍රපටිය අධ්‍යක්ෂණය උමේෂ් ශුක්ලා (Umesh Shukla) විසින් වන රඟපෑමෙන් අක්ෂේ කුමාර්, පරේෂ් රාවල්, මිතුන් චක්‍රබෝර්ථි දායක වේ. චිත්‍රපටය 2012 සැප්තැම්බර් 28 දිග හැරේ. චිත්‍රපටිය පුරා දිවයනුයේ දෙවියන් විවේචනය කිරීමක් නොවන අතර, එයින් දෙවියන් වෙනුවෙන් යැයි කියා පෙනී සිටින අතරමැදියන් විවේචනයට සහ හාස්‍යයට භාජනය කරයි. අතරමැදියා, සාමි කෙනෙක්, පූජකයෙක්, පූසාරියෙකු හෝ වෙනත් අයෙකු විය හැකියි. අප ද දැනට ඒ දෙස පමණක් ඇඟිල්ල දිගු කරමු. නමුත් යථාර්ථය එයම නොවන බව ඔබ පිළිගනු ඇතැයි කියා මා සිතමි. මා ඉදිරියෙදී දෙවියන් සහ ආගම් බිහිවීම සිට පැවතීම දක්වා කතා කිරීමට කැමැත්තෙන් සිටිමි. හුදෙක් එය විවේචනය සඳහා ඇති රැචියක් නිසා නොව. යථාර්ථය පිළිබඳව බුද්ධිමය ප්‍රවේශයක් ලබා ගැනීම සඳහායි.චිත්‍රපටිය ගැන සැකෙවින් කියන්නම්,මෙම චිත්‍රපටියේ “කාන්ජි ලාල්“ නම් අදේවවාදී ප්‍රධාන චරිතය බොරුව සහ වංචාව මුසුකොට දේව රූප වෙළඳාමේ යෙදෙනු ලබයි. නමුත්, ඔහු දේව නියෝජිතයින් හෙවත් පූජකයින් පිරිසකට එරෙහිව ක්‍රියා කරයි. දිනක් ඔවුන් කාන්ජී ලාල් ට ශාප කරන අතර, එදිනම භූමි කම්පාවක් මඟින් ඔහුගේ වෙළඳසැල පමණක් විනාශ වේ. බොහෝ දෙනෙක් පවසනුයේ වෙළඳසැල කැඩි ගියේ දේවියන්ට අපහාස කළ බැවින් කියා ය. නමුත්, ඔහු එය කිසිදු තැකීමකට ලක් නොකර රක්ෂණාවරණය ලබා ගැනීමට රක්ෂණ ආයතනයට යයි. අදාළ රක්ෂණ ආයතනය විසින් මෙම වෙළඳසැල කැඩී ඇත්තේ දෙවියන්ගේ ක්‍රියාවක් හේතුවෙන් බව පවසමින්, එවැනි තත්ත්වයක් යටතේ තමා වන්දි ගෙවීමට බැඳී නැති බව පවසයි. මෙහිදී කාන්ජී අඩියක් පස්සට ගිය නමුත්, ඔහු නවතිනුයේ නැත. දෙවියන්ට නඩුවක් පැවරීමට ඔහු අදහස් කරයි. ඒත් අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නිති වේදියෙකු ඉදිරිපත් නොවන බැවින්, තම නඩුව වෙනුවෙන් උසාවියේ කතා කිරීමට තමාටම ඉදිරිපත්වීමට නීතියේ ඉඩ ප්‍රස්තාව ඇති බව, ඔහුට උපකාර කිරීමට එකඟවන ආබාධිත නිතීඥයෙකු පවසයි.දෙවියන් හෝ දෙවියන්ගේ නියෝජිතයන් තමාගෙන් පඩුරු සහ ලාභ ප්‍රයෝජද ගෙන, දෙවියන් විසින්ම තමාට ආසාධාරණයක් කළේනම් ඒ සඳහා දෙවියන්ගෙන් ද, දෙවියන් කියා කෙනෙකු නැතිනම් හෝ භූමි කම්පාව දෙවියන්ගේ වැඩක් නොවේනම් තමාට සිදුවූ අලාභානියේ වන්දිය රක්ෂණ ආයතනයෙන් ලැබිය යුතු බව ඔහු තදින් පවසා සිටී. ඒ අනුව නඩුවක් සඳහා කරුණු ගොනුවන අතර, සාක්ෂි දීම සඳහා දෙවියන්ගේ නියෝජිතයන්ට සිදුවේ.චිත්‍රපටියේ දෙබස් බොහෝ සෙයින් යථාර්ථවාදී බවක් දරයි. නඩුව අතරතුර කාන්ජී උදවුවට මිනිස් වෙසකින් ක්‍රිෂ්ණා දෙවියන් පැමිණේ. චිත්‍රපටියේ යථාර්ථවාදී බව පලුදු කරනුයේ මේම සිද්ධියත් සමඟය. කෙසේ වෙතත් හින්දු ආගමික පසුබිම තුළ ඊට වඩා වැඩි යමක් කිරීමේ හැකියාව අධ්‍යක්ෂක උමේෂ් ශුක්ලා ට ඇතිද යන්න ප්‍රශ්නයකි. නඩු ඇසීම නොනැවතී ඉදිරියටයන අතර, තවත් බොහෝ අසාධාරණයට ලක්වූ මිනිසුන් ඔහු සමඟ එක් වේ.අවසානයේ දෙවියන් හානි කරනු ලැබුවේ යැයි ඔප්පු කිරීමට ලිඛිත සාක්ෂි උසාවිය විමසයි.ඔහු මේ සඳහා දෙන්නේ කුමක්ද .දෙවියන් විසින් ලියන ලදැයි කියන භගවත් ගීතාව, බයිබලය, කුරාණය ඔහුට කදිම සාක්ෂි සපයයි.කාන්ජි උසාවියේ දී එක් ස්වාමිවරයෙකුගෙන් මෙසේ සාක්ෂි සඳහා ප්‍රශ්න කරයි,කාන්ජි -"භගවත් ගීතාව ලියුවේ දෙවියන් නේද"ස්වාමි - "ඔව්"කාන්ජි - "භගවත් ගීතාවේ තියෙන හැමදේම සත්‍ය නේද."ස්වාමි - "සම්පූර්ණයෙන්ම සත්‍යයි"කාන්ජි - "එය සටහන් කරගන්න උතුමාණෙනි""එහෙනම් මට කියන්න ඇයි 8 වන පරිඡේදේ 9 වන ශ්ලෝකයේ කියල තියෙන්නෙ, මුළු විශ්වයම මැව්වේ මමයි....“ “එහි විනාශය සිදු වෙන්නේ මා අතින්මයි....""හැමදේම සිදුවෙන්නේ මාගේ කැමැත්තට අනුව, එම විනාශයේ වගකීම ලැබෙන්නේ මට, මට විතරමයි...., මමයි මැව්ම්කරු හා විනාශකරු,""මේ බලන්න උතුමාණෙනි, බයිබලයෙත් ඒකමයි කියලා තියෙන්නේ. 54 වෙනි ඡේදය, 16 වෙනි වාක්‍ය.""මමයි මැවුම්කරු, ගල් අඟුරු පුපුරුවා හැර ආයුධ නිශ්පාදනය කරන ශිල්පියාගේ...., ඔහුව තම අරමුණට සූදානම් කළා, විනාශකරුවාව නිර්මාණය කළේත් මා විසින්මයි....,""මේ බලන්න, ශුද්ද වූ කුරාණයේ කියල තියෙනවා, සූර් ඒ සලාල් 99, 108 වෙනි නිකායේ කියනවා, මුළු ලෝකයම සෙලවෙන්න පටන් ගනියි, පෘතුවිය පිට කරයි එයට අනව්‍ය දේවල්, මිනිසුන් ප්‍රශ්න කරාවි එදාට, ඔහුට කුමක්ද මේ වෙලා තියෙන්නේ. එදාට හෙළිවෙයි ඇයගේ සත්‍ය. මොකද එසේ කරන ලෙස ඔහුට අණ ලැබිල තියෙනවා. උත්තමයානන්ගෙන්""මේ හැම දේකින්ම කියැවෙන්නේ එක දෙයයි. දෙවියන් තමයි භූමි කම්පාව ඇති කරලා මගේ කඩේ සමතලා කරලා දැම්මේ. එකේ තේරුම තමයි ඒක දේව ක්‍රියාවක්""අපි හැමෝටම මේ සිදු වුන අසාධාරනවලට වන්දි ගෙවන්න ඕන දෙවියන්, නැතිනම් දෙවියන් වෙනුවෙන් එකතුකිරීමේ නිළධාරීන්."ඔහුට ඇති ලිඛිත සාක්ෂි අනුව බලන්න කෙතරම් තාත්වික අදහස් ප්‍රකාශයක්ද. අවසානයේ ඔහු නඩුවෙන් ජය ලබන අතර, දෙවියන්ගෙන් අසාධාරණයට ලක්ව නඩු පැවරූ අනිත් අයටත් වන්දි මුදල් හිමි වේ. නමුත්, චිත්‍රපටියෙන් දෙවියන් නැවත ස්ථාපිත කරනු ලබන මුත් දෙවියන් දේවාලයකට කොටු නොකරයි. අතරමැදි කට්ටඩියා පමණක් පසකට තල්ලු වේ.මිනිසුන් කෙතරම් වින්ඥානවාදයේ ඇලී ගැලී එරී සිටී ද. මෙම චිත්‍රපටියෙන් ද අපට යමක් අවබෝධ කර ගත හැකිය. චිත්‍රපටිය අවසානයේ දී දේව ගැත්තෙකු කාන්ජීට මෙසේ කියයි.“විශ්වාසය භක්තිය කියන්නේ හුඟාක් ඇලීම් ගැලීම් ඇති දෙයක් කාන්ජි. එක පාරක් පුරුදු උනෝත් ලේසියෙන් අත් හරින්න බෑ. මේ හැමෝම ඔයාට පේනවද. එයාලා දෙවියන්ට ආදරය කරන අය නොවේ. එයාලා දෙවියන්ට බයෙන් ඉන්න අය. කවදාහරි ඔයාට එයාලව දකින්න ලැබෙයි ආශ්‍රම තුළදී....“මට ටී. එම්. ජයරත්න මහතාගේ අඳුරු කුටිය තුළ ගීතය මතකයට නැඟේ.අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙනගයන ගීතිකා - යදින යාතිකාදෙවියන් හට නෑසේ...ඒ...දෙවියන් හට නෑසේපොළව කොටන තැන - පාර තනන තැනගිනියම් අව්වේ - මහ වරුසාවේදෙවියෝ වැඩ ඉන්නේ...දෙවියෝ වැඩ ඉන්නේ...බලන් කඩතුරා හැර දෑසේ.. බලන් කඩතුරා හැර දෑසේ..සිනිදු සුනැති සළු සිරසින් හැරදාදූවිලි මඩ වැහි හිරිගත පළදාදෙවියන් රුව දක්නට හැක්කේ...ආ...ආ...ආ....ආ...........අඳුරු කුටිය තුල....//කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකීගතනැඟි දාදිය සුවදින් සැරසීදෙවියන් හා එක්විය හැක්කේ...ආ...ආ...ආ....ආ...........අඳුරු කුටිය තුල....//ගායනය : ටී. එම්. ජයරත්නපද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්තපසු සටහනශ්‍රී ලංකාවේද දේව, සහ අනෙකුත් ආගමික ස්‍රාතෘවරුන් මුල් කරගනිමින් ව්‍යාපාරයේ නියැලෙන බොහෝ පිරිස් සිටියා මෙන්ම අදද ඇත. (කරුණු කිහිපයක් පමණක් සැකවින්)වසර කිහිපයකට පෙර මා ජීවත් වන ප්‍රදේශයට ආසන්නව දොළුකන්දේ අපූරු හාස්කමක් මවා පා එහි විහාරවාසීව සිටි ස්වාමින් වහන්සේ නමක් අපූරු ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය. (මේ පිළිබඳව ඇසින් දුටු සහ ප්‍රත්‍යක්ෂකරගත් කරුණු මත මාහට ඉදිරියේදී ලිපියක් ලිවිය හැකිය)කුරුණෑගල රෝහලට පැමිණි එක් මිෂනාරි දේව ගැති පිරිසක් විසින් පැන් ඉසීමක් කරනු ලැබීය. රෝගීන් සුවපත් කිරීමට තම දේවියන්ට හැකි බව ඔවුන් පවසන ලදී. මාගේ සොයුරෙකු ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසූ නම්ත් වැඩි දුර පිළිතුරු දීමෙන් වැළකී සිටීය. විටෙක මොවුන් අට්ටාලගසා එහි රෝගීන් සුවපත් කරනවාලු.බොහෝ දේවාලවල මොනරකොළ සහිත පලතුරු වට්ටියට වැඩි සැලකිලි ඇත.මැද පෙරදිග ගෙල සිඳ මරා දැමූ රිසානාට එකී දඩුවම අත්වූයේ දේව කැමැත්ත මත බව කියයි.මුන්නේශ්වරම් දේව මෙහෙය අවසානයේ ලද මුල්‍ය ලාභය තැන්පත් වනුයේ ස්විස් බෑන්ක්වල බව අප්‍රසිද්ධ රහසකි. එය දෙවියන්ගේ ගිණුමක් වන අතර, එහි වර්තමාන අයිතිකරු මුන්නේශ්වරම් ස්වාමි ය.දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු දියවඩනකම ගැනීමට දේශපාලකයෙක් ඡන්දයේදී කරන වියදම ම දරනු ලැබීය. තවද ඔහු දක්ෂ කොන්ත්‍රාත්කරුවෙක් වන අතර රජ්‍ය සේවය පිණිස ලේබලයේ සිටී.එමෙන්ම බොහෝ බස්නායක නිලෙමෙවරුන් රාජ්‍ය ගැති සහ ඔවුන්ගේ හිතවතුන්ය. ඔවුන් සහ සමහර පුජ්‍ය පක්ෂ ස්වාමින් වහන්සේ (වහන්සේලා කියා සිහළ භාෂාවේ බහු වචනයක් නැත) තනිකරම රාජ්‍ය සේවය පිණිසය.ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කෝවුර් (1898-1978) යනු 60-70 දශකයන්ගේ වඩාත් ප්‍රචලිත චරිතයක් වූ අතර, ඔහු විචාර බුද්ධියෙන් තොර සහ තාර්කික ඥානයට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කළ අයෙකි. ඔහු විසින් එම කාල වකවානුවේ බොහෝ යන්ත්‍ර-මන්ත්‍ර හාස්කම්වල අසත්‍යතාවය ඔප්පුකර ඇත. (අමුණුගොඩ තිලකරත්නගේ “මා දුටු කොවුර්“ - පොත කියවන්න).
BLOG
2013.02.12
http://yadaminbeda.blogspot.com/
එකෝමත් එක රටෙක එකෝමත් එක රෝහලක
Nirmala Madushani
පළමුව මා සඳහන් කරනුයේ මෙම ලිපිය ලිවීමට මාහට වඩාත් සිත් වූයේ අමාවක බ්ලොග් අඩවියේත්, මාතලන් බ්ලොග් අඩවියේත් පළවූ ලිපි හා සමගාමීවය. මා යොදා ඇති අදාළ ලින්ක් එක උපකාරයෙන් පිවිස ඔබට ඔහුන්ගේ විමසුමට එක්විය හැකි ය. සියලූම රෝහල් සහ වෛද්‍යවරුන් ද, මාධ්‍යවේදීහූ හෝ මාධ්‍ය ආයතන ද මීට ආදාළ නොවූවත්, අප ඇසින් දුටු, කියැවූ පරිදි මනසේ කැකැරෙන විතිකිච්ඡාව පාදක කරගනිමින්, කරනු ලබන විවේචනයකි වේ.බාල ඖෂධ වර්ග මෙරටට ගෙන්වීම නිසා පසුගිය කාල වකවානුව පුරාවටම සිදුවූ ජීවිත හානී පිළිබඳව අප මාධ්‍යතුළින් හොඳන් ඇසුවෙමු/කියැවුවෙමු. ඔබට හොඳින් මතක ඇති මෙම “බාල“ රිද්මය අතු රිකිලි දමා, බාලාවතාර, බාල බෙහෙත්, බාල තෙල්, බාල සිමෙන්ති .... ආදී වශයෙන් විවිධ වූ සීමාවන් ස්පර්ශය කරමින් ව්‍යාප්ත වූ ආකාරය. 2012 වර්ෂය සඳහා මෙරටට ගෙන්වන ඖෂධ සීමා කරමින් කෘතීම ඖෂධ හිඟයක් ඇති කිරීමට තැත් කළ ආකාරය අපි එම වකවානුවේදී හොඳින් ඇසුවෙමු. ඔහුන්ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය එයදෝ කියා විටෙක සිතේන අතර, රජයේ එකී කූට ක්‍රියා පිළිවෙත් හේතුවෙන් බැට කෑ සහ තවමත් බැට කන ජනතාව බොහෝ ය. ඖෂධ සමාගම්වලින් ගනු ලැබූ සන්තෝසම් හෙවත් ඖෂධ මාෆියාව ඇරැඹීම නිසා දෝ තවම මෙම ප්‍රතිපත්තිය බලගැන්වී නැත.වෛද්‍යවරුන්ට අත්වැරදි විය හැකි බව මා පිළිගනිමි. නමුත්, එය ජීවිතයත් මරණයත් අතර, දෝලනයකි. එබැවින් එවැනි අත්වැරැදීමක් කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට හෝ වන්දි ගෙවීමකට යටත් කිරීම හෝ තළ නොහැකියි. වැරැදි ප්‍රතිකාර තුළින් හෝ ඖෂධ හේතුවෙන් හෝ නැතිවනුයේ ඔබේ ම ළඟම හිතවතකුගේ අතක්, පයක් හෝ ජීවිතයක් නොවෙන්න පුළුවන්. නමුත්, තත්ත්වයට පිළියම් නැතිව තවදුරටත් එය උඩුදුවනවානම් ඔබේත් මගේත් හිතවතකුට ද එවන් ඉරණමක් අත්විඳීමට අවස්ථාව උදාකරවීමකි. ඔහුන් අත්වැරැද්ද ලෙස අර්ථකථනය කළ ද මට හැගෙනා පරිදි බොහෝ විට සිදුවනුයේ නොසැලකිලිමත්බවය. වෛද්‍යවරයෙකු යනු මනා හික්මීමක් ඇති, ඉතා සැලකිලිමත්, විචක්ෂණශීලී පුද්ගලයෙකු බව අපට සනාථ කළ නොහැකි ය. නමුත් වෛද්‍යවරයාගේ වැරැද්දට වඩා සමාජ වෛරසයක් ලෙස පවතින මිනීමරු දේශපාළුවාගේ වැරැද්ද සහ ඔහුන්ව මා ඉතා පිළිකුල් සහගත අයුරින් දකිමි.පහත අවස්ථා ගැන මොහොක් ඔබේ මතකය ආවර්ජනය කර බලන්න. මේ සිදුවීම් පසුපස කොපමණ වංචා දූෂණ හෝ අක්‍රමිකතා හෝ බද්ධ වී තිබෙන්නට ඇති ද.... සියල්ල සක්සුදක් සේ අනාවරණය කිරීමට හෝ පැහැදිලිකිරීමට හෝ අපසු අවස්ථාවලදී “කොයි ඔප්පු කරන්න සාධාක“ කියා එය බැහැර කරන සහ කරවන පිරිස් ද අද කොතෙකුත් ඇත. ඔබ රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට වරක් හෝ පිවිස ඇත්නම් (සමහරවිට) ඔබටද යමක් කීමට නැතුවා විය නොහැකියි. නමුත්, රටේ වත්මන් අනෙකුත් අයතන හා සැසැඳීමේදී රෝහල යන ආයතනය ට සැලකිය යුතු නම්බුකාරකමකින් තවමත් සිටිය හැකිය. මන්ද, අන්තයට ම පිරිහුන රජයේ ආයතන බොහෝ වීමයි. පහත අවස්ථාවලින් කිහිපයක් පමණක් වෛද්‍යවරුන්ගේ හෝ වෙනත් සේවකයෙකුගේ හෝ අත්වැරැදීමක් හේතුපාදක විය හැකි ය. නමුත් බහුතරයක් සිදුවීම් රජයේ පාර්ශවය හා අපූරු සැබැඳියාවක් පවතී. මෙවැනි සිද්ධීන්ගේ වර්ධනය මෑත කාලයේ ඉතා දරුණුව සිදුවනුයේ මහත් වූ ආශ්චර්යේ මහානුබල සම්පන්න භාවය හෙවත් “සිව්මහ ඹබුන් පෑ පෙළහර“ නිසා දෝ කියා විටෙක මට සිතේ.වැඩිදුර කියැවීම සඳහා අවැසිනම්, අදාළ අඩවි දිගු ද මේ සමඟ ඉදිරිපත් කරමි.කොළඹ ජාතික රෝහලේ දී වෛද්‍ය ශිෂ්‍යවකගේ අතක් කැපීම. (වෛද්‍යවරුන් මෙය අත්වැරැදීමක් බව ප්‍රකාශ කරයි) මෙම සිදුවීමේ ආගිය සියලු තොරතුරු ඇතුළත්ව පුවත් ආවරණයකට බොහෝ මාධ්‍ය ආයතන සමත් වූවා. එය නම් වශයෙන් කිමේ අව්‍යතාවයක් නැත. එමෙන් ම එහිදී දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු පවා මෙම සිද්ධිය තම ගිණුමට ලකුණක් එකතු කර ගැනීමට කිසියම් උත්සාහක් කළ බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. ඔහුන් රෝහලට පැමිණෙන්නේ ද මාධ්‍ය පිරිවර සමඟිනි. (මේ දේශපාලකයන්ගේ නම් මා නොලීවාට, මා ද මෙවැනිම ආකාරයේ නම්-ගම් වසන්කරන්නෙකු ලෙස හඳුන්වන්න එපා. මන්ද, මාගේ අවශ්‍යතාවය මාතෘකාවට අදාළ යථාර්ථය හැකි පමණ නිරූපණය කිරීම විනා පුද්ගල විවේචනයන් නොව. නමුත් අවශ්‍ය අවස්ථාවල දී විවේචනයන් ද කිරීමටත්, දන්නා කරුණු හෙළිකිරීමටත් සිදු වේ. නමුත්, මා “දෙවියන්“ සහ “රෝගියා“ අතර මැදිවූ (නැතිනම් අතරමං වූ) “කට්ටඩියෙකු“ ලෙස කටයුතු නොකරමි.lk/2013/01/28/_art.fn=n1301287 (දිණමින කියන අයුරු)මේ අයුරින්ම මීට පෙර (2012 අගෝසතු 26) සිද්ධියක් ලෙස දින පහක පමණ වයසැති ළදරුවකුගේ ඇඟිල්ලක සවිකර තිබූ එන්නත් කටුවක ප්ලාස්ටරයක් කපා ඉවත් කිරීමේදී හෙදියකගේ අත්වැරැදීමකින් ඇඟිල්ලක් කැපී යාම දැක්විය හැකි ය. මාධ්‍ය ආවරණයත් සමඟ එය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.lk/sinhala/42004සමහර තරුණයින් මත් වීම ට යැයි කියා භාවිත කරන කැහිපැණි හෙවත් "කොරෙක්‌ස්‌ - ඩී" විෂ වීමෙන් පසුගිය වර්ෂයේ (2012) ඔක්තෝබර් මාසයේ තරුණයින් කිහිපදෙනෙකු මිය යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් තවත් එක සිද්ධියක් වේ. මාධ්‍යා ද අදාළ කරුණු නිරාවරණය කිරීය‍.....com/2012/10/21/feature13.htmlකරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවක මිය ගිය රෝගියකුගේ දේහය නිසි ක්‍රමවේදයෙන් තොරව එනම්, මිනී පෙට්ටියක් වාට්ටුවටම ගෙනවිත් සිරුර රැගෙන ගිය බව (2012 පෙබරවාරී 14) ලංකාදීප ඔන්-ලයින් කීවේ ය. මා දන්නා පරිදි සමාන්‍යයෙන් රොහල්වල මෝචරියෙන් සිරුරක් රැගෙනයනවිට එහි සමහර සේවකයන්ට කිසියම් ගතමනාවක් ගැනීමට ද හුරූ වී තිබේ.php/articles/26806පසුගිය කාලයේ (2012-12-28) කළුබෝවිල රෝහලේදී එන්නත් කුප්පියක තිබී හමුවූ විදුරු කැබැල්ලද මහත් ආන්දෝලනයකට තුඩු දිය. නික්ෂේපක (ක්ලොක්සිශිලීන් [CLOXACILLIN] ඖෂධය අඩංගු) සියල්ල රෝහල් බලධාරීන් විසින් ඉවත්කරන ලද අතර, එම ඖෂධය නිෂ්පාදනය කළ ඉන්දීය සමාගමේ සිට සියලු අටුවාටීකා මාධ්‍ය මඟින් ජනතාවට දැන ගැනීමට හැකිවි ය. එම රෝහලේම මීට පෙර අවස්ථාවකදී ද (2011-11-12) අදාළ ඖෂධයේ ම මැස්සෙකු සිටි බවට පුවත් නිකුත් විය.lk/2012/12/31/_art.fn=n1212316http://www.com/2011/11/12/news05.htmlපසුගිය 24 දින මාරවිල රෝහලේ දී ද “මෙරෝපෙනම්“ නම් නික්ෂේපණ අඩංගු එන්නත් කුප්පියක විදුරු කැබැල්ලකට සමාන යැයි සිතිය හැකි කිසියම් ආගන්තුක ද්‍රවය්‍යක් හමුවි තිබේ. මෙම සිද්ධිය ද මාධ්‍යයට ද හොඳින් නිරාවරණය විය.lk/2013/01/25/_art.fn=n1301255http://www.lk/sinhala/52023එන්නත් කුපිප්යක පණුවෙකු හා සමාන ආගාන්තුක ද්‍රව්‍යක් 2011 මාර්තු අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් හමුවී ඇති, මෙම ඖෂධයද ඉන්දිය නිෂ්පාදනයකි. මාධ්‍ය වාර්තාවන් සහිතයි.lk/2011/03/23/_art.fn=n1103234පසුගිය දිනක කොළඹ නවලෝක රෝහලේ දී එම්. ආර්. අයි. පරීක්ෂණයක් සිදුකරන අතරතුර, එහි ඔක්සිජන් සැපයුම අඩාල වීම (බැලුනයක් පුපුරා) හේතුවෙන් මොළය අකර්මණ්‍ය වීම බුද්ධිනී රත්නායක නම් පස් හැවිරිදි දියණිය මිය යාමට (මා දන්නා පරිදි) හේතු විය. ඇයගේ සිරුර දියණියගේ දෙමාපියන්ට භාර දී ඇත්තේ රු 900,000/- ක පමණ බිල් පතක් ද සමඟිනි. නමුත්, මෙම සිදුවීම බොහෝ මාධ්‍ය ආයතන මඟින් (මා බැලුවේ අන්තර්ජාල සංස්කරණය) අනාවරණය කර තිබූ නමුත්, ඔහුන් අදාළ රෝහල දන්නේ නැත. මිය ගිය දැරියගේ සියලු විස්තර ඔහුන් දනී. අදාළ සිදුවීම ද සියලු අදියර සහිතව දනී. ඡායාරූපද ගෙන ඇත. නමුත්, රෝහල කුමක්දැයි නොපවසන බැවින් ඔහුන් එය දන්නේ නැති බව පෙනී යයි. එබැවින් බොහෝ දෙනෙකුට එය පෞද්ගලික රෝහලක් පමණක් විය.මෙම සිදුවීම රජයේ රෝහලක වූ වේනම් නම් සියලු පැටිකිරිය සමඟින් සහ දවසේ ප්‍රධාන ශීර්ෂ පාඨය එය බවට පත්කර ගනිමින් කඩිනම් පුවත් ආවරණයක් කිරීමට ඔහුන් සමත්වේ යැයි කිවහොත් ඔබ විරුද්ධ නොවේවි. මා අදාළ උදාහරණ සඳහා දිගුවක් ලබා දෙනු ලැබුවේ මේ හෙයිනි. බොහෝ පුවත් රජයෝ රෝහල් හා බැඳී ඇති බැවින් ඒවා ආරම්භක ඡේදයෙන් ම රෝහල කුමක්ද කියා කියයි. නමුත්, මෙම පෞදිගලික රෝහලේ සිද්ධියේ දී බොහෝ මාධ්‍ය ආයතනවල හැසිරීම හාත්පසින්ම වෙනස් විය. තම මාධ්‍ය මෙහෙවර ගැන මහා ඉහළින් කතාකරමින්, මාධ්‍ය නිදහස ගැන අතිශෝක්තියෙන් කථා කරමින්, සිටින මොහුන්ට අදාළ පෞද්ගලික රෝහල මෙය කුමක් දැයි කීමට බැරි වූ හේතුව කුමක් ද. අප නොදන්නා ඔහුන් දන්නා සත්‍ය වසන් කිරීමේ හස්තය කුමක්ද . මේ අපිට දැනෙනා ආකාරයි.මෙවන් මාධ්‍යවේදීන්ට පුළුවන් රජයේ ආයතන විවේචනය කිරීම පමණක් ද. රජයේ හෝ පෞද්ගලික හෝ කුමන අංශයක් වුව ද, ඒවා ස්ථාපිතව ඇත්තේ මේ රට තුළය. ක්‍රියාත්මක වනුයේ රටේ ජනතාව වෙනුවෙනි. සේවාව ලබනුයේ මේ රටේ ජනතාව ය. පෑන එක් එක් දිශාවට නැමෙනුයේ මන් ද.... කියා ඔබම තීරණය කරන්න. නවලෝකය, උත්තරීතර පාර්ලිමේන්තුවටත් වඩා ප්‍රබල වූවාද. මා කියනුයේ රාජ්‍ය අංශයන් හොඳය, ඒ වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය, කියන අපභ්‍රශ්නයක් නොව, නිවැරැදිව කරුණු වසන් කිරීමකින් තොරව මාධ්‍ය ආවරණය නොකිරීම හෙවත් එකී මාධ්‍යයන්ගේ දෙපිට කාට්ටු හැසිරීම ගැනයි. විටෙක පුවත් මවන්නන් ද මාධ්‍ය ආයතන ද රට තුළ ඇත. ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ කරමු. ඇගයිය යුතු/පැසසිය යුතු මාධ්‍ය භාවිතයන් ඇත. නමුත් එය කතා මෙම ලිපියට අදාළ නොවේ.පසුගිය යුද සමයේ කිසියම් ප්‍රදේශයකට එල්. ටී.ටී. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විණි නම්, සමහර මාධ්‍ය ආයතනවලට එය නාදුනන ආයුධ අතටගත් කල්ලියකි. ආසන්නතම උදාහරණයක් නම් ළඟම සිටින නෑයා “සිරස“ යි. එම කාලයේ බොහෝ ප්‍රහාරයන් එල්. ටී.ටී. හා බද්ධ වී තිබිණි නමුත්, එය එසේ ය කියා කට ඇර නොකියන මාධ්‍යවේදීහූ සහ ආයතන ද විය. මෙන්ම තමාට උවමනා පරිදි රූකඩ ලෙස දේශපාලන පක්ෂ මෙහෙයවා හෝ එවාට බලපෑම් කර තම අවශ්‍යතාවන් මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියාකරන මාධ්‍ය ආයතන ද ඇත. සත්‍ය කරුණු වසන් කිරීමෙන් සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම ලබාදෙන පූර්වාදර්ශය කිම..... ලැප්ටොප් එකට යට වූ සමහර මාධ්‍යවේදීහූ ආණ්ඩුවේ දෝෂ රකිනවා සේම, මෙවැනි පෞද්ගලික ආයතනවල ද වැරැදි වසමින් රකිනුයේ කුමන හේතුවකට ද.....ඉහත දැරියගේ මරණය සිදුවූයේ අපි (නො)දන්නා නවලෝක නම් පෞද්ගලික රොහලේ නම නොකියා, මනාව විග්‍රහ කරන පහත පුවත් බලන්න (උපුටා ගැනීම් අන්තර්ගතයි).ලක්බිම (lakbima.lk) (2013 පෙබරවාරි 08 11:02 p.m)මෙහෙම කියනවා -කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක දී එම්.ආර්.අයි. ස්කෑන් පරික්ෂණනයක් සිදු කරද්දී ඔක්සිජන් බටයක් පුපුරා බුද්ධිනි කෞශල්‍යා රත්නායක නැමැති පස් හැවිරිදි දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා තමාට වාර්තාව භාර දෙන්නැයි සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියට උ‍පදෙස් දී ඇත. එම දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන්නැයි එම දැරියගේ දෙමව්පියන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත....option=com_content&view=article&id=7031:2013-02-08-17-40-59&catid=34:news&Itemid=62දිවයින online 2013-02-08 -පෞද්ගලික රෝහලකදී සිදුකළ එම්. ආර්. අයි. පරීක්‍ෂණයකදී මියගිය බුද්ධිනී රත්නායක දැරියගේ නිවසට ඊයේ (08 වැනිදා) අප ගිය මොහොතේදී දැරියගේ මව වන චමිලා කුමාරි මහත්මිය අපට පැවසුවාය....com/2013/02/09/news21.htmlබය නැතිව රෝහලේ නම කියන පුවත පුවත් බලන්න.දිවයින online 2013-02-09 -කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ බරපතළ ලෙස රෝගාතුර වී පෙරේදා (07 දා) හලාවත රෝහලට ඇතුළත් කර ඇත....(මා මේ සම්බන්ධව කියැවීම සඳහා ලංකාදීප නොබැලූ අතර, පහත ලිපිය අනුව අදාල පුවත ලංකාදීපයේ ද පළවී ඇති බව සිතිය හැකිය.)නමුත්, මෙවැනි ආකාරයේ සිද්ධියකට කිසිම ශිෂ්‍යාවක් මුහුණ දී නැති බවත්, කිසිම වෛද්‍යවරයෙකු අතින් එවැන්නක් සිදුවු බවට වාර්තා වී නැති බවත්, පුවතේ සඳහන්ව ඇති ආකාරයේ අයෙකු හලාවත රෝහලේ ප්‍රතිකාර නොලබන බවත්, පොලිසියේ පැමිණිලි කිරීමක් පිළිබඳව වාර්තා වී නැති බවත්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත යාපා මහතා ලිඛිතව ලංකාදීප වෙත දන්වා ඇත. අදාල ලිපියේ ස්කෑන් පිටපතක් මේ සමඟ ඇත.(මෙම ඡේදය 2012-02-14 දින ලිපියට එකතු කරන ලදී)http://www.com/2013/02/09/news03.htmlලංකාදීප (online) 2013-02-08 -කළුබෝවිල රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට පරහදුන්නැයි කියන සිද්ධියක් මත සුළු සේවකයෝ සිව් දෙනෙක් කොහුවල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ....php/articles/97119ලංකාදීප (online) 2013-02-08 - ඇමෙරිකාවේ සැන්ඩියාගෝ නුවර රැඩි ළමා රෝහලට පැමිණි අවුරුදු 70ක් වයසැති මහල්ලෙක් රෝහල් රථ ගාලේ සිය මොටර් රථය පාලනය කර ගත නොහැකිව ගොඩනැගිලි දෙකක් අතර සිරවුණි....(අපට පුවතක් නොවන පුවත්. වෙනත් රටවල රෝහල් වළින් හෝ ගෙනත් දෙනවා.php/articles/9713නමුත්, ඔක්සිජන් බටය හා සම්බන්ධ ඉහත සිදුවීම පිළිබඳව කිසිදු පුවතක් ලංකාදීපයේ online සංස්කරණයේ දුටුවේ නැත. නොවීය. ඔහුන්ට මෙය පුවතක් නොවී ද..... නැතිනම් තවමත් දන්නේ නැති ද.....රජයේ (නිල) පුවත්පත දිනමිණ online සංස්කරණය ද මේ පිළිබඳව කිසිදු සටහනක් තබා නැත.ගොසිප්ලංකා අඩවියේ පළවූ පළමු පුවතේ අදාළ රෝහල ඔහුන්ට ද පෞද්ගලික එකක් පමණක් වූ නමුත්, දෙවන පුවතේදී අදාළ රොහල අනාවරණය කිරීමට ඔහුන් සමත් වී ඇති අතර, පැපරාසිනිවුස්ලංකා අඩවිය ද, ශ්‍රී ලංකාමිර්ර අඩවියද.... (මට හමුවූ ඒවා පමණී) මෙම පෞද්ගලික රෝහල හඳුනාගෙන තිබුණා.com/2013/02/blog-post_4864.com/sinhala/news/5815-scan-machine-chil‍ෙමේ නවලෝක හා සම්බන්ධ පැරණී පුවතක්ෙකොළඹ නවලෝක රෝහලට ඊයේ (10 වැනිදා) සවස පැමිණ ඇති බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සංජීව මහතා වෛද්‍යවරුන්ට අයත් රථ ගාලේ සිය රථය නතර කිරීමට ඉඩ නොදීම පිළිබඳ උරණ වී රෝහල් ආරක්‍ෂක නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවදිමින් පහර දී තිබේ....(මෙවැනි අවස්ථාවල දී පෞද්ගලික රෝහල අදාළ නමින් ම හඳුන්වයි)http://www.com/2012/05/11/news16.htmlපසු සටහනජාතික ඖෂධ ප්‍රතිපත්තිය -මිල පාලනයකින් තොරව එකම ඖෂධය විවිධ වෙළඳ නාම යටතේ අලෙවි කිරීම හේතුවෙන් රෝගීන් පත්වන ඩැඩි අපහසුතාවය දුරලීම මූලික කර ගනිමින් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් යෝජනා විය. එකම ඖෂධය විවිධ නාම යටතේ විවිධ වෙළද වටිනාකමකින් පැමිණීම, 1977 පැමිණි විවෘත ආර්ථිකයේ තවත් එක අඳුරු සෙවණැල්ලකි. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා මුල්ම අඩිතාලම දැමුවේ මහාචාර්ය්‍ය සේනක බිබිලේ මහතා ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් 2009 වර්ෂයේ දී රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන ලදී. කෙසේ උවත් බාලගිරි දෝෂය හෙවත් අද නොවේ හෙට න්‍යායට අනුව ක්‍රියාත්මක වන මෙම ප්‍රතිපත්තියෙන් ජනතාවට සහන ද අද නොවේ හෙට සැලසෙනු ඇතැයි කිව හැකි ය. එය බලාත්මක කිරීමෙන් වළකින නියාමක බලධරයින් සහ පාලන තන්ත්‍රයේ බලධරයින් තවමත් ඖෂධ මාෆියාව බලගැන්වීමට ඉඩ හැර ඇත.වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ දෑ කියැවීමට අවැසිනම් NURSEKARAPITIYA බ්ලොග් අඩවිය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.
BLOG
2013.02.09
http://yadaminbeda.blogspot.com/
ජී. එස්. පී. + සහ සුනාමිය
Nirmala Madushani
ජී. එස්. පී. (GSP) යනු කුමක් ද, එය ව්‍යවහාරයට අනුව "Generalised System of Preference" වන අතර, සිංහල අනුවාදයක් ලෙස “ ප්‍රමුඛතා පදනම‌ මත භාණ්‌ඩ මිලට ගැනීමය“ ලෙස පෙන්වා දිය හැකි ය. මෙම සහනය මඟින් ලංකාව ඇතුළු රටවල් ගණනාවකින් තෝරාගත් අපනයන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමකින් තොරව ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල අලෙවියට පහසුකම් සැපයීම හෙවත් වෙළඳපොළ විවෘත කිරීම යි. බදු පැනවීමකින් තෙර හෝ අවම බද්දක් වීම හේතුවෙන් එකී රටවල මෙම භාණ්ඩ වැඩිපුර පරිභෝජනයට පෙලැබුණු අතර, එමඟින් ජී. එස්. පී. සහන ලැබූ රටවලට ආර්ථිකයට මඟගු පිටුවහලක් ලැබිණි. ජී. එස්. පී. + යනු මෙම සහනයේ වර්ධිත අවස්ථාවකි. එය සුනාමි ව්‍යසනයත් සමඟින් අපට ලැබුණ අතර, සීමා සහිත කාලයකට වලංගු විය. එබැවින් එය සත්‍ය වශයෙන්ම දිගුකාලීන අරමුණු සහිත ව්‍යාපාර සඳහා කෙටි කාලීනව පමණක් සහන සැලසේ.ජී. එස්. පී. සහ ජී. එස්. පී. + (ප්ලස්) යනු එකිනෙක යම් සමානකමකින් බැඳි පරස්පරතාවයන් සහිත සහන සේවා දෙකකි. (පසුවදන) ඇමරිකානු ජී. එස්. පී. ක්‍රමය යටතේ අප 1976 සිට මෙකී සහන ලබයි. ඒ යටතේ අප රටේන් අපයනය කරන භාණ්ඩ ලෙස රබර් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, සුළු අපනයන බෝග වැනි දෑ වලට සහන ලැබීය. නමුත් ජී. එස්. පී. + අප රටට කෙටි කාලීන සහනයක් වූ බැවින්, ඉන් දිගුකාලීන අරමුණු සහිත ව්‍යාපාර සඳහා කෙටි කාලීන සහනයක් පමණක් සැලසේ. නමුත්, ජී. එස්. පී. + (ප්ලස්) යටතේ අපනයන භාණ්ඩවල ප්‍රභේද ප්‍රසාරණය නිසා වඩා හිතකර සහනයක් විය. නමුත් ප්ලස් අහිමීවීමෙන් පසුගිය කාලයේ සමහර කර්මාන්තශාලා වැසී ගිය අතර,බයිසිකල් කර්මාන්ත ශාලාවක් සහ තවත් කර්මාන්ත කිහිපයක් එම ව්‍යාපාරිකයින් විසින් වෙනත් රටවලට ගෙනයන ලදී.ජී. එස්. පී. + සහනය ශ්‍රී ලංකාවට හිමිවනුයේ, 2004 දෙසැම්බර් 25 වන දින ලංකාව මුහුණ දුන් සුනාමිය නම් ස්වභාධර්මයේ ඛේදවාචිකය හේතුවෙනි. සුනාමිය අපෙන් බොහෝ දෑ උදුරා ගති. මේ අනුව ජී. එස්. පී. + සහනය 2005 වසේරේ සිට අපට ලැබුණ අතර, ලංකාවේ ආර්ථිකයට ඉහළ නංවා ගැනීම සඳහා එයින් මනා පිටුවහලක් ලැබිණි. එකී සහනය තවත් ආසියාතික රටවල් කිහිපයකටම ලැබිණි. එහෙත් ඒ අනුව යමින් අපිට සුනාමියට කිසිසේත්ම ප්‍රසාංසා කළ නොහැකි ය. සිදුවූ ඛේදවාචිකය පිළිබඳ යම් දැනීමක් ඇති ඔබට ඒ පිළිබඳව අටුවා ටීකා ගෙන දැක්වීම අනවශ්‍ය කාරණයක් බව මා විශ්වාස කරමි. සරලව දක්වනවානම්, අපට රටේ සහෝදර සහෝදරියන් අහිමි කරවීමට මෙන්ම, වසර ගණනක් රට ආපස්සට තල්ලු කිරීමට මෙම උදම් රළ පහරට හැකි විය. නමුත්, ඊට පෙරත්, පසුත්, අදත් රට අගාධයට දැමීමට සහ ආපස්සට තල්ලු කිරීමට දායක වූයේ රටේ බඩගෝස්තර වාදී දේශපාලකයන් බව අප කවුරුත් නොදන්නා දෙයක් නොවේ.සුනාමිය සඳහා විවිධ රටවලින් ලැබූ මුදල් ආධාර දේශපාලන බලවතෙකු තම ඥාතියෙකුගේ ගිණුමක තැන්පත් කොටැ සුනාමි මුදල් පවා ගසා කෑ බව, අද කිහිපදෙනෙක් හෝ දන්නා රහසකි. එහෙත් තවමත් බලයේ සිටින පාලන තන්ත්‍රයේ බලවතුන්ගේ ක්‍රියාවක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් ජනමතය උදාසීන වී ඇත. මේ අනුව එය හිටපු ජනපතිනියගේ සමහර ක්‍රියා කලාප මෙන් හයිලයිට් වනුයේ නැත. ඇය, ගත් තීන්දු සමහරක් රටට වාසිදායක වූවා සේම, සමහරක් අවාසිදායක විය. නමුත්, ඇයගේ බලය ගිලිහී ගොස් ඇති බැවින් වැරැදි පමණක් දැන් ජනවාව දකී. ඒ අතරින් ඇය යන යකා කොරහත් බිඳ ගෙන යන බව පසක් කරමින්, සුනාමි සහන මණ්ඩලය එල්. ටී. ටී. වෙනුවෙන් පිහිටුවීම අතිශෝක්තියෙන් යුතුව රටක් ලෙස කනගාටුවිය යුතු තවත් එක කරුණකි. අපට එය දැන් අමතක වී තිබුණද ඉන් රටට විය හැකිව තිබූ, අවදානම අතිවිශාලය. එම කාල වකවානුවේ අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් සුනාමි සහන මණ්ඩලය එල්. ටී. ටී. යෙන් මුදවා ගත්ත ද, අවශ්‍ය දෑ කෙසේ හෝ කර ගැනීමට මාන බලන අද වැනි වකවානුවක් එදා පැවතියේ නම්, .... එය පිළිබඳව මා කිසිවක් සඳහන් නොකරමි. එම සුනාමි සහන මණ්ඩලය අත්සන් තැබීම එක්සත් ජාතික නිදහස් සන්ධානය හා බැඳී සිටි ජවිපෙ ඉවත්වීමට තුඩු දිය.සුනාමියේදී රටේ ජනතාව කිසිදු ජාතිවාදයකින් තොරව එකා මෙන් එක් රොක් වී විපතට පත් වූවන් වෙත සහන සැලසීමට මැදිහත් වීම ශ්‍රී ලංකාකයෝ ලෙස අප මහත් සේ ආඩම්බර විය හැකි කරුණකි. එය සංසන්දනාත්මකව බලන්නේ නම්, ඊට ආසන්න කාලයකදී ඇමරිකාව මුහුණදුන් කැතරිනා චණ්ඩ මාරුතයෙන් විපතට පත්වූවන්ට ඔහුන්ගේ ජනතාවගේ මැදිහත්වීම සැලකිය හැකි ය. නමුත්, ජනතාව අතරින්ද සිටි අපේ සමහර ‘සිවල්‘ මිනිසුන් එය විටෙක ජාවාරමක් ද කර ගති. ඇතමෙක් සමහරෙක් හිස් වූ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථානවල තවදුරටත් එහි ඉතිරි වූ බඩු බාහිරාදිය හිස් කිරීමට දායක වූ අතර, ඇතමෙක් විපතට පත්වූවන්ට සහන සැලසීමට යැයි කියා එක් කරගත් ද්‍රව්‍ය මංකොල්ල කෑහ. සමහර අවස්ථාවල දීමෙම සිවල් ගණයට ආගමික නායකයන් සහ නිලධාරීන් කිහිපදෙනෙක්ද වීම ශෝචනී යයි.සුනාමියෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සලසන්න ගිය විවිධ පක්ෂ සහ සංවිධාන අතර, ‘ජවිපෙ සහන සේවා‘ නම් කණ්ඩායමක මාද හිතවෙතෙකු මාර්ගයෙන් එක්කර ගති. (ඇත්තෙන්ම එජාපය සහ ජවිපෙ පක්ෂ තුළින් මතුවූ උද්යේගය මා ආණ්ඩු පාර්ශවයෙන් දැක්කේ නැත) අප අතර වූ තවත් එක සොයුරියකට භාර වූයේ අනාථ ළමුන් වෙනුවෙන් ළදරු පාසැලැක් කිරීම ය. එදින හඳුනාගත් ඇය නමින් ‘ශ්‍රියා‘ විය. පසුව දැනගත් පරිදි ඇය, ගාල්ල ප්‍රදේශයේ පදිංචි කාරියක් වූ අතර, ජවිපෙ පූර්ණ කාලීන සමාජිකාවකි. අදාළ ප්‍රදේශයේ හිතවතෙකුගෙන් ලැබුණ බයිසිකලයක් පැද යාමේදී එහි තිරිංග නොමැතිව පල්ලමක වේගය පාලනය කර ගත නොහැකිව තාප්පයක ඔළුව හැපී ඇය ද අප අතරින් සමු ගන්නා ලදී. කෙටි හමුවීමක් වුවද එය මාගේ මතකය අමතක නොවන සිදුවීමක් විය.සුනාමියෙන් පසුව ජී. එස්. පී. + අපට සහනයක් වූ බව සැබෑවක් ය. නමුත්, මී වධය කඩනුයේ අත ලෙව කන්න නොවේ ය යන බව පසක් කරමින් ජී. එස්. පී. + මාර්ගයෙන් ඇමරිකාව ප්‍රමුඛ යෝරෝපා රටවල් 17ක් ද ශ්‍රී ලංකාවට කරන ලද විවිධ අත පෙවීම් විටෙක ගුජුස්සාජනකයි.තවදුරටත් මෙය කාලීන මාතෘකාවක් නොවූවත්, ජී. එස්. පී. පිළිබඳව කෙටි ආවර්ජනයක්....මේ ආකාරයෙන් අපට ලබා දී තිබූ, ජී. එස්. පී. + සහන, 2009 දෙසැම්බර් මස යුරෝපා වෙළඳ කොමිසම විසින් නිකුත්කළ වාර්තාවකට අනුව යමින් ඉවත් කිරීම සඳහා තීරණය කරන ලදී. මෙසඳහා එකී සංගමය හේතුපාදක කරැගෙන ඇත්තේ ආනයනික බදු සහනය ලබා දීමේදී ඊට අදාළ ගිවිසුමට අනුව පොරොන්දු වූ එක්සත් ජාතීක්ගේ මානව හිමිකම් ප්‍රඥප්ති ආරක්ෂා වන පරිදී ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම යැයි පවසමිනි. ඒ අනුව ජී. එස්. පී. + සහනය 2010- පෙබරවාරි -16 දින සිට තාවකාලික වශයෙන් අත්හිටුවීමට යුරෝපා සංගමය විසින් තීරණය කරන ලදී. ඇමරිකාවේ කම්කරු සම්මේලනය හා එරට කොංග්‍රස් කර්මාන්ත සංවිධානය ද ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන බව චෝදනා කර පෙත්සමක් ඉදිරිපත් කරමින්, එරටින් ලබා දෙන ජී. එස්. පී. සහනය අත්හිටුවන ලෙස එරට රජය ට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගෙන, 2010 ජූලි 01 දින එකී බදු සහනය ඔහුන් අත්හිටුවීය. එහෙත්, නැවත පෙර සඳහන් පෙත්සම පිළිබඳ අවධානය යොමු කොට ඇමරිකා ජනපති බැරැක් ඔබාමා විසින් නැවත 2011 නොවැම්බර් 5 දින සිට 2013 ජූලි 31 දක්වා වලංගු වන පරිදි ජී. එස්. පී. සහනය ලබා දීමට තීරණය කරන ලදී. එමෙන්ම, එය ජනවාරි 1 දින සිට හෙවත් අතීතයට බලපැවැත්වෙන පරිදි අනුමත කිරීය.ජී. එස්. පී. + සහනය අපට පමණක් නොව ආසියාතික රටවල් ගණනාවකටම හිමිවිය. නමුත්, අදවන විට කර්මාන්ත කිහිපයක්ම වැසී ගිය ද, අපට එකී සහනය කාලීනව ලැබීම වාසි සහිත වූ බව ඇත්තය. එහෙත්, එය නැති වුවද අපට රටක් ලෙස නැඟිට සිටීමට හැකි ය. මගේ මතකයේ පරිදි සිළුමිණ පුවත්පත ද එම වකවානුවේ කියා සිටියේ “ජී. එස්. පී. + නැතුවට අපිට ජීවත්වෙන්න බැරි නැහැ“ (සමාන්‍යෙයන් සිළුමිණ, දිනමිණ ශීර්ෂපාඨ බොහෝමයක් ම දේශපාලන දුර්වලතාවයක් වැසීම හා ද බැඳී තිබේ) කියා ය. එය නැති වකවානුවලද අප ජීවත්වූ බව ඉන් පෙනවා දේ. ඇත්ත, සම+හරක් ඇමතිලාට අනුව මසකට රු 2500/- වියදමක් එක් පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා සෑහේ. පාර්ලිමේන්තුවේ තරු පංතියේ කෑම වේලක් රු 150/- කා තලු මරන දත් හාරන සමහරක් සිතනවා ඇතිසමාන්‍ය කෑම වේලක් ජනතාවට රු 15/- ට පමණ කන්න පුළුවන් කියා.ජනතාව කෙසේ හෝ ජීවත් වෙන්න වෙර දරාවි.නමුත්, සත්‍ය වශයෙන්ම ජනතාවට ජීවත්වීමට සහ රට දියුණු වීමට ප්‍රධාන බාධකය වනුයේ දිනෙන් දින හිස ඔසවන සහ අතු රිකිලි දමා විවිධ වූ සීමාවන් ස්පර්ශය කරන වංචා, දූෂණ, අක්‍රමිකතා සහ අවනීති ය යි. එයට මා මෙන්ම ඔබ එකග වනු ඇති බව විශ්වාස කරමි. මන්ද යත් එකී ධර්මතාවය අසත්‍ය යැ‘යි, කියා ලැජ්ජා නැතිව පැවසිය හැකි කෙනෙකු අද සොයා ගැනීම විරල වන බැවිනි. සිටිනවානම් ඒ බඩගොස්තරවාදීයෙකු, අඳබාලයෙකු හෝ මන්ද මානසික අයෙකු හෝ බව දෙවරක් නොසිතා ප්‍රකාශ කළ හැකි ය.සමාව නොඉල්ලමි එසේ පැවසීමට සිදුවීම පිළිබඳ ව.පසු සටහන.ජී. එස්. පී. යනුසංවර්ධනය වෙමින් පවත්නා අඩු ආදායම්ලාභී රටවල්වලින් කරන අපනයනයන භාණ්ඩ සඳහා තම සාමාජික රටවල වෙළඳපොළ වරණීය (තොරාගත් භාණ්ඩ) ලෙස විවෘත කිරීම සඳහා යුරෝපා සංවිධානය විසින් හඳුන්වා දුන් ක්‍රමයකි. මෙහිදී භාණ්ඩ සඳහා අවම බදු ඇටවුමක් ක්‍රියාත්මක වේ.ජී. එස්. පී + යනුබහු පාර්ශවීය පාරිසරික ගිවිසුම්වලට මෙන් ම මානව හිමිකම් සහ යහ පාලනය පිළිබඳව ගිවිසුමකට එළැඹ, සංවර්ධනය වෙමින් පවත්නා අඩු ආදායම්ලාභී රටවල්වලීන් කරන අපනයනයන භාණ්ඩ 7200 කට පමණ තම සාමාජික රටවල වෙළඳපොළ විවෘතකර දීම සඳහා යුරෝපා සංවිධානය විසින් හඳුන්වා දුන් ක්‍රමයකි. මෙහිදී භාණ්ඩ සඳහා බදු ඇටවුමක් ක්‍රියාත්මක නොවේ.ජී. එස්. පී + ලබා දීමේ යටි අරමුණු ලෙස, දුප්පත් රටවල් සමාජවාදය කරා යොමුවීම වැලැක්වීම, දිළිඳු රටවල මත්ද්‍රව්‍ය නිශ්පාදනය වී තම රටවලට ආනයනය වීම වැලක්වීම වැනි හේතු සාධකද නැතුවාම නොවේ. මේ අනුවජී. එස්. පී +එකීරටවලට බලෙන් ද ලබා දී තිබේ. මේ අතර, බොලීවියාව, ඉක්වදෝරය, ගෝතමාලාව, පේරු, ආදී ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් ද වේ.ජී. එස්. පී. + සහන යටතේ යුරෝපා සංගමයේ එකඟතා ප්‍රඥප්ති.සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය.ආර්ථික සමාජයීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය.වාර්ගික මදි පුංචිකම් හා අපහරණයන්ට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය.කාන්තාවන්ට එරෙහිව සිදුවන මදි පුංචිකම් හා අපහරණ පිළිබඳ ප්‍රඥප්තිය.වදදීම් හා අමානුෂික ක්‍රියාවලට එරෙහි ප්‍රඥප්තිය.ළමා අයිතිවාසික්ම පිළිබඳ ප්‍රඥප්තිය.වාර්ගික සංහාරවලට හා දඬුවම්වලට එරෙහි ප්‍රඥාප්තිය.රැකියා සඳහා අවම වයස් සීමා.ළමයින් කම්කරුවන් සේ යොදවා ගැනීම තහනම් කිරීම හා ළමා අපහරණයට එරෙහිව ක්‍රියා මාර්ග.බලහත්කාර කම්කරු සේවා තහනම් කිරීම.බලහත්කාර කම්කරු සේවාව පිළිබඳ ප්‍රඥප්තිය.ස්ත්‍රීන් හා පුරුෂයන්ට සමාන අගයැති සේවා සඳහා සමාන වැටුප් ලබාදීම පිළිබඳ ප්‍රඥප්තිය.රැකියා නියුක්තිකයන්ගේ ගෞරවය රැකියා හා ඔවුනට මදි පුචිකම් නොකිරීම පිළිබඳ ප්‍රඥප්තිය.රැස්වීමේ නිදහස සහ සංවිධාන පිහිටුවීමේ අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය.සාමුහික අයිතීන් පිළිබඳ සංවිධානය වීමේ සහ කේවල කිරීත්ම් මූලධර්ම තහවුරු කෙරෙන ප්‍රඥප්තිය.වර්ණභේදවාදය මර්දනය කිරීමේ හා ඊට එරෙහිව දඬුවම් පැමිණවීමේ ප්‍රඥප්තිය.ඕසෝන් තීරය ආරක්ෂා කිරීම පිළිබඳ මොන්ට්‍රියෙල් සම්මුතිය.අන්තරාදායී අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ බාසෙල් සම්මුතිය.ප්‍රස්තිථික කාබනික අපචිත්‍රකරනය පිළිබඳ ස්ටොක් හෝම් සම්මුතිය.වඳ වී යන විශේෂයන් පිළිබඳ ජාත්‍යන්තර අලෙවිකරණ ප්‍රඥප්තිය.ජෛව විවිධාංගීකරණය පිළිබඳ ප්‍රඥප්තිය.ජෛ ආරක්ෂාව පිළිබඳ ප්‍රඥප්තිය.දේශගුණික වෙනස්වීම් පිළිබඳ කියොතෝ ප්‍රඥප්තිය.මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.මනසට බලපාන ඖෂධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මනසට බලපාන ඖෂධ ප්‍රවාහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.දූෂණයට එරෙහි මෙක්සිකෝ හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.(මෙම ප්‍රඥප්ති 27 “ජනමග“ අන්තර්ජාල අඩවියෙන් උපුටා ගන්නා ලදී).
BLOG
2013.01.27
http://yadaminbeda.blogspot.com/
ගල්, වැලි, බොරළු - බස්සෝ
Nirmala Madushani
ලංකාවේ බොහෝ ප්‍රදේශවල භූ විෂමතාව සැලකුවහොත් ඉහත මාතෘකාමය කරැගෙන සඳහන්කර ඇති ඉදිකිරීමේ අමුද්‍රවය්‍ය වලින් එකදු හෝ ද්‍රවය්‍යක් පහසුවෙන් සපයා ගනීමේ හැකියාව ඇත. නමුත්, විවිධ පාරිසරික සහ සමාජීය හේතුමත බොහෝ පළාත්වල පිහිටි ඉහත අමුද්‍රවය්‍ය (තවත් අයුරකින් කියතොත් ඛනිජ නිධි) කැණිම රජය විසින් අවහිර කර ඇත. බොහෝ විට නාය යාම්, සෝදා පාලුවීම, වනාන්තර විනාශය ආදී කරුණු මීට මුල්බැස ඇත. එය කාලෝචිත කාරණයකි. නමුත්, එහි හොඳ ද තම ගොඩට බා ගැනීමට පාලන පංතියට කිසිදු හැකියාවක් නැත. මන්ද යත්, අමුද්‍රවය්‍ය ලබා ගැනීම සඳහා අනුමත කර ඇති නිධි සඳහාද තමාන් විසින්ම උත්තරීතර යැයි කියා ගන්නා ගැබ තුළ සිටිනා උත්තමයන් අරක්ගෙන ඇති බැවිනි. නමුත්, අප පෙර අසා ඇති එක් එක් ස්ථානවලට අරක්ගනු ලබුවේයි හෝ අරක්ගනු ලබන්නේ යැයි හෝ කියන දෙවිවරු, උක්ත කී උත්තමයන් මඟින් විස්ථාපනය වේ. මෙකී භූමි සැලකුවහොත් උත්තමයන් විසින් අර්ධ වශයෙනුත්, පූර්ණ වශයෙනුත් මෙන්ම උත්තමයන්ට ළඟා විය නොහැකි හෝ එතරම් ලාභදායි නොවූ හෝ ස්ථාන ඔහුන්ගේ ම කුළුපඟ විධායක සහ අනෙකුත් නිලධාරි මහතුන් හෝ අඳබාලයන් විසින් හෝ අරක්ගෙන සිටී. මේ අනුව බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ එක් චරිතයක් හාස්‍යයට ලක්කරනු වස් දැක්වූ “ගල් වැලි බොරළු බස්සා“ යන්න අපට සෑබෑ ළොවේදී ද හමුනොවෙනවා නොවේ.මා ඉහත සරල සංෂිප්තව දැක්වූ අදහස ඔබට වැටහී ගියේ යැයි සිතමි. එබැවින් මේ වර්තමාන ඛෙදවාචිකය ගැන අප අවධානය යොමු කළ යුතු ය. එයට දැනුදු පමා වුව ද පමා නොවූවායැයි සිතා කටයුතු කිරීමට සිදුවේ. නමුත්, අපට කඩු පොලු ගෙන නීතිය අතට ගෙන මෙකී සාධක වැළැක්විය නොහැකි ය. ඒ සඳහා අවශ්‍ය වනුයේ සුදුසු පාලකයින් තෝරා පත්ර උත්තරීතර යැයි කියන ගැබ හෙවත් පාර්ලිමේන්තුවට තුළට රිංගවීමය. බොහෝ දෙනෙකුට මීට වඩා විකල්ප කීමට තිබිය හැකිය. නමුත්, එය අනවශ්‍ය දිශාවකට තල්ලුවීමක් යැයි මට හැගේ.පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේ අපූරු හෙළිදරවුකිරීමක් සිදුවිය. මහවැලි ගගෙන් ගොඩ ගනු ලබන වැලි රටේ බෝහෝමයක් ප්‍රදේශවලට ප්‍රවාහනය කරනු ලබනුයේ ලොරි රථ මඟිනි. නමුත්, ගිරාදුරුකොට්ටේ, විල්ගමුව මාර්ගය ඔස්සේ රැගෙන යනු ලබන ක්‍යුබ් 3 සහ 5 ආදී විවිධ ප්‍රමාණවල ධාරිතාවයන් සහිත වැලි ප්‍රවාහන ලොරි රථ සඳහා පැරැණි ජන කවියක කියැවෙන ආකාරයේ ම මාතර කිබුළිගෙ පැටියෙකු බිහි වී ඇත. තල්ල සුදු නොවූනත් මේ කිඹුල් පැටියා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා ය. මහවැලි වැලි කැණිමේ ව්‍යාපාරය හා සබඳකම් ඇති අයට ප්‍රසිද්ධ රහසක්ව තිබූ මේ කාරණය රටට දැනෙන පරිදි හෙළිදරවුව කරනු ලැබුවේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී තේණුක විදානගමගේ මන්ත්‍රීවරයා විසිනි. වර්තමාන රටේ දේශපාලන වාතාවරණය අනුව මෙවැනි ප්‍රසිද්ධියේ කරන හෙළිදරවු කිරීම් සඳහා බලපාන පොදු ධර්මතාව යැයි සැක කළ හැකි පරිදි අද (27) වන විට විදානගමගේ මන්ත්‍රීවරයාගේ අතක්ද බිඳ දමා රෝහල්ගත කර ඇත. මන්ත්‍රීවරයා විසින් පොලිස් කට-උත්තර වෙනස් කර ඇති අතර, පාලන පංතියේ උවමනාව මත සංශෝධිත කටඋත්තරය ලෙස දැන ගනීමට ලැබෙනුයේ රිය දොරට අත අසුවී මෙම හානිය කමාට සිදුවූ බවය. එය අපට, තමා විසින් ම ගස් බැඳ ගැනීම, තමා විසින්ම බිම පෙරළි පෙරළී ගසා ගැනීම වැනි විහිළුසහගත අවස්ථා අපගේ මතකය නැවත නැවත ආවර්චනය කරයි.පාර්ලිමේන්තුවේ කළ හෙළිදරවුව අනුව වසන්ත මන්ත්‍රීවරයා එක් ලොරියකින් රු 1000/- ක් බැඟින් දිනකට වැලි ප්‍රවාහනය කරන ලොරි රථ 400 කින් පමණ මුදල් සොයා ගනී. කෙටියෙන් පවසනවානම් වර්තමානයේදී, ජනතාවගේ මුදලින් ඉදිවන, ජනතාවගේ මුදලින් ම නඩත්තු කරන සහ ටෙන්ඩර් මඟින් එක් එක් ව්‍යාපාරිකයාට පවරා දෙන නාගරික පොදු වැසිකිළියේ සිට ඉහළ මට්ටම දක්වාම පගාව නැතිනම් කප්පම උඩු දුවා ඇත. වැසි දිනවලදී වැසිකිළි කප්පම සරු වනවා සේම, ඉදිකිරීම් කෙෂ්ත්‍රයේ වර්ධනයත් සමඟ ඉහත කී ගල්, වැලි, බොරළු කප්පම ද වැඩි වේ.සමාන්‍යෙයන් වැලි ප්‍රවාහනයේදී ද අපේ පොලිස් නිලදරයින් ගෙන් සැලකිය යුතු පිරිසක් ද මෙකී කප්පමට හවුල් වේ. උදාහරණයක් ලෙස කියතොත්, වැලි ප්‍රවාහනයේදී දිනකට එක් වරක් පමණක් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලැබෙනුයේනම්, එම අවස්ථාව භාවිත කළ බව සටහන් නොකර යැවීමට එක් ඉස්ථානකින් මෙකී නිලධාරයින් රු 100 ට නොඅඩු මුදලක් අයකරනු ලැබේ. සමහරෙකුට මෙය අළුත් වැට් බද්දක් වනු ඇත. මා මෙම කාරණය මෙහි සඳහන් කළද, සත්‍ය වශයෙන්ම මේය ප්‍රසිද්ධ රහසකි. මෙම නිලධාරීන් වැටලීමට පැමිණිලි අවශ්‍ය ද. අවශ්‍ය වූවත් දැලි පිහියෙන් පැණි කෑමට ඉදිරිපත් වෙනුයේ කවුරුන්ද. එත්, අවම වශයෙන් පැමිණිල්ල ක්‍රියාත්මක වෙනවානම් හෝ ඇතෙමෙක් දැලි පිහියෙන් පැණි කෑමට සූදානම් විය හැකි ය.මාර්ග සංවර්ධනයේදී සහ ගොඩනැඟිලි ඉදිකිරීමේදී ද සඳහන් කළ අනෙකුත් අමුද්‍රව්‍ය වන, ගල් සහ බොරළු සපයා ගැනීමේදී ද කෙතරම් වංචා සහ දූෂණ සිදුවේද. මේ සියල්ල කප්පම මත තීරණය වේ. කොන්ත්‍රාත්තුව ගනු ලබන ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාව වනුයේ කෙසේ හෝ තම ඉදිකිරීම අවසන් කර ලාබ ගැනීමටය. ඒ සඳහා ඔහු නීතියේ සහ රජයේ අනෙකුත් ආයතනවලින් රිංගා යෑමට තැන් සොයයි. එකී තැන් නිර්මාණය කර දීමට සමහර නිලධාරී මහතුන් සැදී පැහැදී සිටී. ළඟම උදාහරණයක් මේ සඳහා ද ලක්වන්නම්. සමාන්‍යෙයන් මාර්ගයක් නැවත සංවර්ධනය කිරීමේදී හෝ පුළුල් කිරීමකදී ග්‍රැවල් හෙවත් බොරළු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එය එක් එක් මාර්ගයේ ශක්‍යතාව මත වෙනස්වේ. නමුත් අවශ්‍ය මුළු ප්‍රමාණයට ම ඔහු රාජ්‍ය භාගය ගෙවිය යුතුවේ. එය විශාල මුදලකි. එහෙත්, කොන්ත්‍රාත්තුකරු බලපත්‍ර ලබා ගනුයේ අවශ්‍ය ප්‍රමාණයට 10 න් පංගුවකටත් අඩු ප්‍රමාණයක් සඳහාය. එහිදී කොන්ත්‍රාත්තුකරු ලබන ලාභයෙන් කොටසක්, ඊට සම්බන්ධ අදාළ නිලධාරී මහතුන් අතරේ බෙදී යන බව මෙම කේෂ්ත්‍රයේ නියලි පිරිස් දන්නා ප්‍රසිද්ධ රහසක් ය. මේම සියලු සිද්ධි වැටලීම සඳහා පැමිණිලි අවශ්‍ය ද.ඉදිකිරීම් සඳහා ගල් කැණීමේදී ද තත්ත්වය මේ ආකාරයෙන්ම සිදු වේ. කිසියම් කටයුත්තකට ගල් බිඳීමක් හෝ බොරළු කැණීමක් කරන විට ඔහුන් විසින් කැණීම් කර ඇති ප්‍රමාණයට වඩා ඉතා සුළු මුදලක් පමණක් රාජ්‍ය භාගය ලෙස ගෙවා ඇති බව කෙටියෙන් පවසමි. මේ වංචාවල් සඳහා දායක වීමට ආයතන කිහිපයක නිලධාරී මහතුන් කිහිපදෙනෙකු සහ සහ පාලන බලවතුන් එකි නෙක අත්වැල් බැඳ එක්තරා සංගමයක් (Union) ලෙස සිටින අතර, එවැනි කාර්යන්ට සම්බන්ධ නොවන නිලධාරී මහතුන්හට මෙය අගෞරවයක් නොවේවා යි කියා මා කියමි. මන්ද යත්, අප මේ ගසනා ගලක් පොකුරකට ම වැදිය හැකි බැවිනි. තම ආත්ම ගෟරුත්වය රැකගෙන නීති ගරුකව වැඩකරන මිනිසුන් සැබවින්ම අප අගය කළ යුතු ය.පසු සටහනකැණීම් සඳහා බලපත් ලබා දීමට බෝහෝ විට භූ විද්‍යා හා පතල් හා කැණීමේ කාර්යාංශය මැදිහත් වේ. වනාන්තර ආශ්‍රිතව කරනු ලබන කැණීම් හෝ වනසංරක්ෂණ දේපාර්තමේන්තුව සතු නිධී කැණිම් කරන විට හෝ ඊට වනසංරක්ෂණ දේපාර්තමේන්තුව මැදිහත් වේ. සමහර ඛනිජ නිධි වලින් ඛනිජ ද්‍රව්‍ය එක් රැස් කිරීම ට අවසර දීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මැදිහත් වේ.විශාල සංවර්ධන කාර්යන් සඳහා අමු ද්‍රවය්‍ය සැපයීමේ දී ප්‍රදේශයේ පාලන බලවතා හෝ ඔහුගේ නියෝජිතයෙකු මාර්ගයෙන් හෝ බොහෝවිට සිදුවේ.තේණුක සහ විදානගම මන්ත්‍රීවරුන් අතර කලක් සිට මත ගැටුම් පැවැති අතර, ආරවුලට ආසන්නම සිද්ධිය ඉහත පරිදි විය යුතුය. දැනට විදානගමගේ මහතා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.පහර දීම මෙහෙයවන ලද ලක්ෂ්මන් පෙරේරා මන්ත්‍රීවරයා පාලන පංතියේ ප්‍රබල භූමිකාවන් සමඟ ඉතා කිට්ටු සඹඳකම් පවත්වන අතර, ප්‍රබල දේශපාලන භූමිකාවක ලේලියක් වන ලෙක්සිකා යන අය සමඟ නීති විරෝධී ලෙස ස්ප්‍රීතු ජවාරමක් සිදු කරන බවද, මෙම සිද්ධිය සමඟ හෙළිවූ අනෙකුත් පුවත් අතර වේ. ඒ අනුව ‘හිඟුරාන අරක්කු’ නිෂ්පාදනය හරහා කෝටි ගණනින් රාජ්‍ය බදු වංචා කිරීමට ලක්ෂ්මන් මහතා දායක වී ඇත.
BLOG
2013.01.21
http://yadaminbeda.blogspot.com/
අර්ධ සුඛෝපෝභෝගී බස් රථ සේවය කාටද....?
Nirmala Madushani
මා පසුගිය දිනක අලුයම මාගේ නිවසට ආසන්නයේ ඇති ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමක් අසල සිට කොළඹ බලා පිටත් වීමට බස් රථයක් එන තුරු රැදී සිටියේ ය. කාලය ද ප්‍රමාද වී ඇති බැවින් සහ නියමිත වේලාවට ගමනාන්තයට ළඟා වීමට නොහැකි වේ දෝ හැඟීමක් ද මා සිත ජනිත විය. මේ මොහොතේ අනුරාධපුර සිට පැමිණි පෞද්ගලික බස් රථයක් නතර කර ගැනීමට මා සමත් විය. බස් රථයේ ඉදිරිපස ඉහළ අනුරාධපුර කොළඹ මාර්ග අංක 15 යනුවෙන් සඳහන් වී තිබූ අතර, එය සමාන්‍ය ගාස්තු බස් රථයක් බව ප්‍රදර්ශනය කරන N අකුර ද වූ බව මට යන්තමින් මතකයේ තිබිණි. නමුත්, ටිකට් පත මාහට ලබා දෙනු ලැබුවේ අර්ධ සුඛෝපෝභෝගී බසයක ටිකට් පතකි. එය අදාළ බසය අයත් සමාගමේ ම ටිකට් පතක් බව තහවුරු වූ නමුත්, ගාස්තුව සම්බන්ධයෙන් ඇති වූ කුතුහලය හේතුවෙන් මා කොන්දොස්තරගෙන් එ ගැන විමසී ය.“නෑ මිස් මේක සේමි බස් එකක්“අලුයම ලේ නහර කුපිත කරගනිමින් ගමන යාම සුදුසු නොවේ යැයි හැඟී ගිය බැවින් මා කිසිත් නොකී ය. නමුත්, අබේපුස්ස පසුකර තේ බීමට බසය නතර කළ බැවින්, නියමිත වේලාවට මා හට ගමන යා නොහැකි යැයි සිතිණි. එ හෙයින් බසයෙන් බැස, නුවර සිට පැමිණි කොළඹ බසයක් නතර කරවා එහි පිටත් විය. එතනින් පිටත් වීමට පෙර මා නැවත වරක් පැමිණි බසයේ ඉදිරිපස බැලුවෙමි. එය සාමාන්‍ය ගාස්තු බස් රථයකි.මේ ආකාරයේ අත්දැකීම් වලට ඔබ ද කොතෙකුත් මුහුණ දී ඇත. එය සමාන්‍ය ගාස්තු බස් රථයක දී වූ සිදුවීමකි. කලක් නිතර මගී ප්‍රවාහන සේවයේ පිහිට පැතූ මා මා ගැටලුවලට මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවී ය. නමුත්, අපේ රටේ ඇත්තේ අවිධිමත් සහ අක්‍රමවත් පරිපාලනයක් සහිත ප්‍රවාහන සේවයක් බැවින් අපට ඉවසීමේ හැකියාව ප්‍රගූණ කළ මඟීහූ වීමට සිදු වේ. සමහර අවස්ථාවල මඟීහු බසයෙන් බැස යනුයේ බසයේ රියදුරුගේ හෝ කොන්දස්තරගේ හෝ දෙමාපියන්හට පාංශකූලය ලබා දෙමිනි. පොදු වේ මෙලෙස කියුව ද බොහෝ ලංගම බස් රථ මෙන්ම, සමහර පෞද්ගලික බස්රථ යම්තාක් දුරට හෝ ගුණාත්මක සේවයක් සැපයීම ද පිළිබඳව ලිපිය ලිවීමට පෙර ස්තුති කළ යුතු ය. විශේෂ අවස්ථාවලදී හැරුනවිට මා පුරුද්දක් ලෙස සමාන්‍යෙයන් ප්‍රවාහන සේවය ලබා ගැනීම සඳහා භාවිත කරනුයේ ලංගම බස් රථය.පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවය සඳහා වෙනම ම කැපවූ මධ්‍යම රජයේ ආයතනයක් පිහිටුවා ඇත. එය ප්‍රවාහන සේවා අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභාවයි. රජයේ තවත් එක නිද්‍රශීලී ආයතනයකි. ජා. ග. ග. කො. ස. - National Transport Commission) යටතේ අන්තර් පළාත් යා කරන (පළාත් දෙකකට වඩා) ගමනාන්ත සහිත පෞද්ගලික අංශයේ බස් රථ පරිපාලනය වේ. මෙකී ආයතනයේ කාර්යය භාරයන් ලෙස මඟී ප්‍රවාහන බස් රථ සඳහා බලපත්‍ර නිකුත් කිරීම, ධාවනය සඳහා කාල සටහන් සකස්කර දීම, ධාවන කටයුතු නිසි අධීක්ෂණයකට ලක් කිරීම, මඟීන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා සුදුසු වාතාවරණයක් සකස් කිරීම ආදිය පෙන්වා දිය හැකිය. නමුත් බලපත් නිකුත් කිරීම සහ කාලසටහන් ලබා දීම වැනි සේවා හැරුණ විට ඊට වඩා කාර්යයක් වෙනවා යි කියා අපට පෙනෙන්න නැත.ජා. ග. ග. කො. ස. මඟී පැමිණිලි සඳහා ගාස්තු රහිත 1959 දරණ දුරකථන අංකය නිකුත් කර ඇත. මීට අමතරව බස් රථවල පිටුපස 011-2595555 යන දුරකථන අංකය ද සටහන්ව ඇත. ප්‍රතිඵලයක් වීද යන්න ඔබම විමසා බලන්න. ඔබ කිසියම් අවස්ථාවක බස් රථයක ගමන් කිරීමේදී සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ ද. මා අවස්ථා කිහිපයකදී පැමිණිලි කර ඇත. නමුත්, පැමිණිලි සඳහා කිසිදු සොයා බැලීමක් හෝ නොවූ බව හොඳින්ම විශ්වාසය.අර්ධ සුඛෝපෝභෝගි බස් රථ සේවය අපට ලැබෙනවා ද. මා කොළඹ-බදුල්ල, කොළඹ-වව්නියා, කොළඹ-අනුරාධපුර, කොළඹ-ත්‍රීකුණාමලය, ආදී දුර ගමනාන්ත ගණනාවකටම අයත් අර්ධ සුඛෝපෝභෝගී බස් රථවල ගමන් කර ඇත. කිව යුතුව ඇත්තේ මේ සියල්ලම එකසමාන ගුණාත්මක භාවයකින් පිරිහී ඇත. සමාන්‍ය බස් රථයක් සහ සුඛෝපෝභෝගී බස් රථයක් මඟීන්ට පහසුවෙන් වෙන් ක හඳුනා ගත හැකි ය. නමුත්, සමාන්‍ය බස් රථයක් සහ අර්ධ සුඛෝපෝභෝගී බස් රථයක් වෙන් කර ගැනීම තවමත් බෝහෝ මඟීන්ට අපහසු ය. මන්ද යත් මේ දෙකේම වෙනස ඇත්තේ ටිකට්පතේ පමණක් වීමය. සමාන්‍ය ගාස්තු බස් රථයක එය හැඟවීම සඳහා ඉදිරිපස සහ පිටුපස ගමනාන්ත පුවරුවලත්, මඟීන් නංවා ගන්නා දොරටුව අසලත් "N" අකුර සටහන් කර ඇත. එමෙන් ම අර්ධ සුඛෝපෝභෝගී බස් රථයක "S" අකුර සටහන් කර ඇත. නමුත්, මෙම වෙන් කර ගැනීම මඟීන් අතර තවම ප්‍රචලිත වී නැහැ. පැමිණෙන කුමන හෝ බසයක නැඟ සිය ගමන යාම සඳහා වෙර දරන මඟීන්ට බස් රථ තෝරා බේරා ගමන් කිරීම සඳහා කාලය ද නැත.පහත සාධක සමාන්‍ය සහ අර්ධ සුඛෝපෝභෝගී බස් රථ වල ගමන් ගන්නා මගීන් සියල්ල සඳහා එකසේ පොදුවේ බලපායි.ගමන් මලු තබා ගැනීමට පහසුකම් නැත. ආසනවල යන මඟීන් ගමන් සිය මලු, අසුනට ඉහළින් රඳවනනයේ දැමූ විට සිටගෙන යන මඟීන්ට තම කරේම එල්ලා ගැනීමට සිදු වේ. අසුන් අතර ප්‍රමාණවත් ඉඩකඩක් නැත. ශබ්ද මට්ටම (එන්ජිමේ) සැලකිය යුතු තරමේ ඉහළ ය. බොහෝ විට මෙයට කැසට් යන්ත්‍රය ද නොඅඩු දායකත්වයක් සපයනු ඇත. රියදුරන් මේ සඳහා අපූරු කතාවක් කියයි. “කැසැට් එක අපට නින්ද යන නිසායි“. තවද, සයිලන්සරයට බර හඩ ජනකයන් සවි කර ගැනීමෙන් මාර්ගයේ ඉඩ පාදා ගත හැකි බව රියදුරන් කල්පනා කරයි. සමහරවිට ශබ්දය මිනිස් කනේ වේදනා සීමාන්තකයට ආසන්න ඩෙසිබල් ප්‍රමාණයක පිහිටයි. සමහර රියයදුරන් සහ කොන්දොස්තරවරුන් අතෘප්තිමත් සේවයක නිරත වීම.ටිකට්පත් වංචනිකව කැඩීම. ප්‍රමාණයට වඩා මඟීන් රැගෙන යාම. සමාන්‍යෙයන් සෙමි බසයක මඟී සංඛ්‍යාව ආසන සංඛ්‍යාවට සීමා විය යුතු ය. අපේ රටට අනුව මෙය කළ නොහැකිනම්, සෙමි යනුවෙන් වෙනම ලේබලයේ බස් කුමටද. මඟීන් අඩු අවස්ථාවල සියලුම ස්ථානවලින් මඟීන් ගැනීම හේතුවෙන්, ගමනාන්තය නියමිත වේලාවට අවසන් නොවීම. මඟීන් බහුල අවස්ථාවල බසයට නඟින මඟීන්ගෙන් සමහර කොන්දොස්තරවරු ගමනාන්තය දක්වා ම ටිකට්පත කැඩීම. නැතහොත් නංවා නොගැනීම.තවත්, බොහෝ කාරණා කිව හැකිය. නමුත් ලිපිය තව දුරටත් දීර්ඝ වන බැවින් පසු වදනක් එක් කරන්නම්. ඒ හා සංසන්දනය කර බලන්න.මෙම ලිපිය මඟින්අර්ධ සුඛෝපෝභෝගී(SemiLuxury)බස් පමණක් විවේචනය කළ ද අනෙකුත් බස් රථ සේවා සඳහා ද විවේචනයන් නැතුවාම නොවේ. දැනට ශ්‍රී ලංකාවතුළ අර්ධ සුඛෝපෝභෝගීසේවා බස් රථ 300 ක් පමණ ධාවනය වේ. මෙම බස් රථ 300 ය කාර්යක්ෂම සහ විනයානුකූල කර ගත නොහැකි කොමිසමක් ද වේ. මාගේ හැඟීම පරිදි අප රටට අර්ධ සුඛෝපෝභෝගී බස් රථ සේවාවක් අවශ්‍ය නැත. ඊට ආසන්නම හේතුව එවැනි සේවයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ගමන් කරනා මඟීන් හිඟ බව සහ සමාන්‍ය ජනතාවට එහි නිසි සේවය ලබා ගැනීමට ඇති නොහැකියාව යි. සමාන්‍ය බස් රථ ගාස්තු මෙන් එක හමාරක ප්‍රමාණයක ටිකට් පතක් මිලදී ගෙන හිටගෙන තෙරපී යන ජනතාව අනන්ත ඇත. ඉන් අපහසුතාවය ඔහුන්ට පමණක් නොව ආසනවල යන මඟීන්ට ද වේ. මාගේ අවසන් නිගමනය මෙයයි. අද අපේ රට තුළ අර්ධ සුඛෝපෝභෝගී සේවාවක් නිසි පරිදි ක්‍රියාත්මක වනුයේ නැත. ඇත්තේ හිටගෙන සෙමි බස්රථ සේවයකි. අපට නිද්‍රාශීලී කොමිසමක්ද ඇත. පීඩා විදිනුයේ ජනතාවමය. තවද අපට මේ ආකාරයේ අර්ධ සුඛෝපෝභෝගී බස් රථ සේවයක් ඇවැසි නැත. වඩාත් හොඳ සේවයක් දිය නොහැකිනම් එය සමාන්‍ය ගාස්තු බසයක් විය යුතු ය. පැරසිටමෝල්ට් වෙළඳ දැන්වීමක මෙන් “දෙකම එක සමානනම් ඇයි එකකට වැඩියෙන් ගෙවන්නේ“. මේ සම්බන්ධයෙන් ඍජුවම වගකිවයුතු නියාමක ආයතනයන් ක්‍රියාත්මක නැතිනම්. මේ කාගේ දුර්වලතාවයක් ද.මීට අමතරව පෞද්ගලික බස් හිමියන්ට ද මුහුණ දීමට සිදුවන අපහසුතාවයන් කිහිපයක් ඇත. විශේෂයෙන් ම මග දිගට සිටිනා මාතර කිඹුලිගෙ පැටවු ය. එනම්, මුදල් කඩා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිනා (දේශපාලකයන්ගේ උවමනාව මත) නිල නොවන වේලා සටහන්කරුවන්, අල්ලස් ගන්නන් සහ රථ වාහන පොලිසි යත් (රථ හැසිරවීමට නොව සාක්කු පුරවා ගැනීමේ පරම චේතනාවෙන් පැහැදී සිටින), ඡන්දය අවස්ථාවකදී දේශපාළුවාගේ රූපය ප්‍රදර්ශනය නොකරනු ලැබුවහොත් බලපත්‍රය අහිමිවීම ආදී කරුණුත් ඇත. මේ සම්බන්ධයෙන් වෙනම ම කතා කළ යුතුයි.පසුවදනඅර්ධ සුඛෝපෝභෝගී බස් රථ අනව්‍ය බව පසුගිය දෙසැම්බර් (2012) මාසයේ දී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද යෝජනාකර ඇත. තවම ප්‍රගතියක් නැත. ජා. ග. ග. කො. ස. බස් රථවල ගමන් නිරීක්ෂණය සඳහා GPS තාක්ෂණික උපාංග අත්හදා බලමින් සිටී.අපේ රටේ මඟී ප්‍රවාහන බස්රථ 20,000 ක් පමණ ඇති අතර, ඉන් 5200 ක් ලංගම බස් රථ වන අතර, 300 ක් පමණ අර්ධ සුඛෝපෝභෝගී වේ. තවද සුඛෝපෝභෝගී බස් රථ 500 ක් පමණ වන අතර, 25 ක් අධි සුඛෝපෝභෝගී බස් රථ වේ. මඟී ප‍්‍රවාහනය කරන ලංගම බස් රථ රතු පාටින් ද, පෞද්ගලික බස්රථ ලා නිල් පාටින් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ කහ පාටින් ද වර්ණ ගැන්වීමට පසුගිය නොවැම්බර් (2012) මාසයේ දී කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති පහත සඳහන් පහසුකම් අදාළ මඟී ප්‍රවාහන රථ මඟින් මඟීන්ට ලැබිය යුතුය. පහසුකම් නොලැබේනම් එය පැමිණිලි කිරීම සඳහා දුරකථන අංක ලබා දී ඇත. ප්‍රගතියක් ඇතිද කියා ඔබට ම කතා කර පරික්ෂාකළ හැකිය. (1959 හෝ 011-2595555) කොමිසමේ නිර්ණායකයන්ට අනුව අර්ධ සුබෝපෝභෝගී බස්රථයක තිබිය යුතු මඟී පහසුකම් සහ ලක්ෂණ පහත පරිදි වේ. නමුත් නමට පමණක්වත් බෝහෝ බස්රථවල සමහර ලක්ෂණ නැත. එය සොයා බැලීමට මඟීන්ගෙන් පැමිණිලි අවශ්‍යමද. පැමිණිලි කළත් කඩිනමින් සොයා විමර්ශනය කරනවාද . සියල්ල කම්බස් ද.....හිස පහසුවෙන් තබා යා හැකි උස් ආසන තිබිය යුතුය.ආසනවල දෙපස අත් රඳවා ගැනීම සඳහා ඇඳි තිබිය යුතුය.අංක සටහන් කළ ආසන තිබිය යුතුය.වීඳුරු අඳුරු කර තිබිය යුතුය.ආසනවල ආසන ආවරණයක් තිබිය යුතුය.ගමන් මලු තබා ගැනීමට ඝන මීටර් 1 ට නො අඩු ඉඩක් තිබිය යුතුය.බසය ඇතුළුලත ගමන් මලු තබා ගැනීම සඳහා රාක්ක තිබිය යුතුය.ආරක්ෂාකාරී සහ ස්වයංක්‍රීය දොරවල් තිබිය යුතුය.ආසන සංඛ්‍යාව 40 ට වඩා වැඩි විය යුතුය.මඟීන් සඳහා විදුලි පංකා සවිකර තිබිය යුතුය.ආසන දෙකක් අතර පරතරය අවම වශයෙන් මිලි මීටර් 680 (අඟල් 27) වත් තිබිය යුතු අතර, දණහිස් පරතරය ලෙස මිලි මීටර 236 (අඟල් 09) ක්ද විය යුතුය.ආසන දෙකක තිරස් පරතරය අදාළ ලක්ෂ දෙකක් අතර මිලි මීටර 750 (අඟල් 30) ක් විය යුතුය.මඟීන්ට දර්ශනය වන පරිදි ක්‍රියාකාරී ඔරලෝසුවක් බසය තුළ තිබිය යුතුය.අඟල් 18 X 10 ප්‍රමාණයේ පුවරුවක ගමනාන්තය පිළිබඳව කාලය, රියදුරු සහ කොන්දොස්තරගේ නමත් බලපත් අංකයත් සටහන් විය යුතු ය.බස් රථයේ ත්වරණ වේගය වැඩි කළ විට නිකුත්වන ශබ්ද මට්ටම සයිලන්සරයේ සිට පිටතට නිකුත්වන ශබ්ද මට්ටම ඩෙසිබල් 82 ප්‍රමාණය නොඉක්ම විය යුතු අතර, නළා ශබ්දය ඉදිරි අසුනේ සිට මීටර 05 ක් පිටුපසට ඩෙසිබල් 105 නොඉක්ම විය යුතු ය.
BLOG
2014.12.10
http://onezerozerowords.blogspot.com/
උමතු කත
පාන්දරම වැඩට යන්න බස් ස්ටෑන්ඩ් එකට ආපු මට දැනුණෙ තදසීතලක්. ගොරෝසු රෙද්දක් පෙරවන් බිම නිදන් ඉන්න මේ උන්දැ කොහොම මේ සීතල දරන්ඉන්නවද. පිස්සි පිස්සි කියලා හැමෝම උන්දැට ගැරහුවට බුදුදහමට අනුව පෘතග්ජන අපිහැමෝටම පිස්සු. මටත් බැඳීම් වෙනුවෙන් වෙහෙසෙන්න නොවුණ නම් මේ උන්දැගෙයි මගෙයි ලොකුවෙනසකුත් නෑ.තුසර පිනි බිඳු හඬ නගාසීතලේ ගීතය ගයන්නේබස් නැවතුමේ රළු පෙරවුමේ කවුද මේ නිදි සුව සොයන්නේනීල සිකිපිල නේක සුවඳින් සරසවාසේද සළු හැඳ හංස අඟනුන් සරන්නේකවුද මේ වැරහිලි අඳින්නේදුහුලියෙන් හිස සරසවන්නේසදාචාරය ශ්වේත සළුවෙන් ගත වසාඋමතු සිත්ගත් පෘතජනයන් සරන්නේකවුද මේ ගැරහුම් ලබන්නේඋමතු කත යැයි කියන්නේලියා එව්වේ - වර්ණ.
BLOG
2012.07.31
http://tharindunirmalgeadawiya.blogspot.com/
නිලඹර වසන්තය.....(7 කොටස)
කෝඩුකාරයා
ගොඩාක්ම ගොඩාක් කාලෙකට පස්සෙ නැවතත් කෝඩුකාරය බ්ලොග් කරලියට පැමිණිලා.මේ මාස ගානක් එක දිගටම යෙදිල තිබුන වැඩත් එක්ක බ්ලොග් එක පැත්තට එන්න නොලැබුන එකට සියල්ලෝම සමාවෙන්න ඕනෙ.දැන් ඉතින් අහයි මේ පොඩි එවුවන්ට මොන වැඩද කියල.පහුගිය දවස් ටිකේ යෙදිල තිබුන විශාලම වැඩේ තමයි උපුල් ශාන්ත සන්නස්ගල නම් ගුරුවරයාගේ පන්තිය විසින් සංවිධානය කරපු මහා කලා උළෙල.ඒ ගැන විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුලුවන්.තව මේ අහිංසක කෝඩුකාරයා කැමරාකරණයෙන් සහ වීඩියෝ සංස්කරණයෙන් සහභාගී වූ ඇතුලාන්තය නම් කෙටි චිත්‍රපටය.ඉතින් මේ සියලු වැඩ හේතුවෙන් තමයි මට කෝඩුකාරයාග්‍ර අඩවිය පැත්තට එන්න බැරිවුනේ.ඔන්න ඉතින් නිලඹර වසන්තයේ මීලඟ කොටසත් එක්ක අද මම කෝඩුකාරයාගේ අඩවියට ඇවිල්ල තියනවා.නිලඹර වසන්තය.....(1 කොටස)නිලඹර වසන්තය.....(2 කොටස)නිලඹර වසන්තය.....(3 කොටස)නිලඹර වසන්තය.....(4 කොටස)නිලඹර වසන්තය.....(5 කොටස)නිලඹර වසන්තය.....(6 කොටස)....................................................................."මම ඔයාව හෙට උදේ හම්බවෙන්නමයි කියල හිතාගෙන හිටියේ."දේවින්ද කතාවට මුලපිරුවේය."ඒ මොකටද මාව හම්බවෙන්න හිටියේ..""පොඩි කාරණාවක් ගැන දැනගන්න....""දැන් ඉතින් හෙට හම්බවෙන්න ඕන නැහැනේ.දැන් හම්බවෙලානෙ ඉන්නේ..එහෙනම් දැන් කියමුකො බලන්න කාරණාව."තාරකා ලතාවකට මෙන් ඇද පැද පැවසුවාය."ඔයා කාරණාව ගැන දැන දැනත් මොකක්ද කාරණාව කියල මගෙන් අහන්නෙ ඇයි නංගි."දේවින්ද එම ප්‍රශ්නය ඇසුවේ එකෙල්ලේම තාරකාගේ ඇස් දෙක වෙත නෙත් හෙලමිනි.එම ප්‍රශ්නය හමුවේ තාරකා නිරුත්තර වූවාය.එයට දෙන පිළිතුර කුමක්දැයි ඇයට එක්වරම වටහා ගැනීමට අපහසු විය.දෙදෙනා අතර දැඩි නිහඬතාවයක් ඇතිවිය."ඒ කියන්නේ නිහඬතාවයෙන් පෙනී යන්නේ විරෝධතා නොමැති බවයි.එහෙමද."දේවින්ද ඇයට වඩාත් ප්‍රශ්නය පහසු කරවීය."කවුද එහෙම එකක් කිවුවෙ...."තාරකා ලැජ්ජාවෙන් යුතුව බිම බලාගෙන ඇසුවේ තම නලලත වෙත වැටුනි කෙස් රොදක් පිටුපසට කරමිනි."එහෙනම්....""ම්......අනේ මන්ද."තාරකා එතැනින් ඉවත්ව මිදුල කරා පියමැන්නාය.දේවින්ද ඇගේ පිටුපසින් මිදුල වෙත පියමැන්නේය.තාරකා දේවින්දට පිටුපා මිදුලේ තිබූ විශාල අඹ ගසේ කඳට වාරු වී සිටියාය.ඇය තම ජීවිතයම දේවින්දගේ සන්තකයට පුද දීමට සූදානම් වී සිටියේ මීට පෙර සිටයි.එනමුදු ඕනෑම යුවතියක මෙන් ඇයද,එක්වරම දේවින්දට පිළිතුරක් නොදුන්නාය.තමන් සතු වූ කුළුඳුල් ආදරය අන් අයෙකු වෙත පුදදීම පිලිබඳව නැවත නැවතත් සිතිය යුතුය.එම ආදරය පරාජය වුවහොත් නැවතත් තම ජීවිතය යථා තත්වයට පත්කොට ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.එම නිසා දේවින්ද ඇය හට බාධා නොකර තවදුරටත් කල්පනා කිරීමට ඉඩ සලස්වා එතනින් ඉවත්ව යෑමට සැරසුණි."දේවින්ද අයියේ......""මම අහගෙන නංගි ඉන්නේ...කියන්න"තවමත් ඔවුන් දෙදෙනා සිටිනුයේ එකිනෙකාට පිටුපාගෙනය.තාරකා එක්වරම පිටුපස හැරී දේවින්ද වෙත පියමැන්නාය.ඔවුන් දෙදෙනාගේ දෑස් එකිනෙක ගැටිණි.තත්පර දහයක් පමණ ඔවුන් එකිනෙකා දෙස නිහඬව බලා උන්නෝය."දේවින්ද අයියේ...මම කවදාකවත්ම මගේ දෙමවුපියන් ඇරෙන්න වෙන කාටවත් ආදරය කරපු කෙනෙක් නෙමෙයි.මට තේරෙන කාලෙ ඉඳලම මගේ හිත ඇතුලෙ කෙනෙක් සක්මන් කරනව වගේ මට තේරුණා.ඒ මගේ හිතේ ඉන්න කෙනාගෙ මෙන්න මේ වගේ දේවල් තියෙන්න ඕනෙ කියල මම හිතුව.මම කවදාකම හරි මගේ ආදරේ පූජා කරන්නෙත් මෙන්න මේ වගේ ආදරවන්තයෙක්ට කියන එක මගෙ හිත ඇතුලෙ ඇඳිල තිබුණ.හැබැයි ඒ පුද්ගලය කවදාවක්වත්ම මගේ ඇස් ඉස්සරහට ආවෙ නෑ.මගේ ආදරේ ඉල්ලගෙන කොල්ලො ඕනතරම් මගේ පස්සෙන් එන්න ඇති.හැබැයි මම හොයපු ගතිගුණ ඒ එක්කෙනෙක් ගාවවත් තිබුනෙ නෑ.හැබැයි එක දවසක් කෙනෙක්ව මට මුණගැහුනා.එයාව පලවෙනිපාරට දකින වෙනාවෙ මගෙ ඇඟට මොකක්ද වීගෙන ගියා.මේ ඉන්නෙ මගේ හිතේ ඇඳුන කෙනාමද කියල මට හිතුන."තාරකා මහත් හැඟීමකින් යුක්තව කියාගෙන ගියාය.දේවින්ද එය අසා සිටියේ දැහැනකට සමවැදුනාක් මෙණි."ඔයා ඒ දැක්ක කෙනා මම ද."දේවින්ද විචාලේය."ඔව්.....ඒ..ඔයා..තමයි...මම ඉස්සර ඉඳල හිතාගෙන හිටියේ මගේ හිතේ ඉන්න කෙනාව මට හම්බවුන දවසට එයා මගෙන් ආදරේ ඉල්ලන්න කලින් මම එයාගෙන් ආදරේ ඉල්ලනව කියල......"තාරකා දේවින්දගේ අතකින් අල්ලා ගත්තාය."මම මේ හැමදෙයක්ම දාල එන්නම්..... මගෙ අයිය මාව බාරගන්නව නේද."තාරකා එම වදන් කිහිපය ඇසුවේ දේවින්දගේ දෙනෙත් දෙස එකෙල්ලේ බැල්මක් එල්ලකරමිනි.දෛවයේ ප්‍රථම ප්‍රශ්ණය එයයි..........දෙදෙනාගේම දෑස්වලින් කඳුලු බිඳු වෑහෙන්නට සූදානම්ව තිබිණි.මෙතරම් ලෙහෙසියෙන් තමාගේ ආදරය තමාට ලබාගැනීමට හැකිවෙතැයි දේවින්ද කිසිවිටෙකත් නොසිතුවේය."මේ හැමදෙයක්ම දාලා එන්න තරම් මාව වටිනවද...."දේවින්ද ඇසුවේ ඇගේ මුහුණ තම දෝතට ගනිමිනි."ඔව් රත්තරනේ ඔව්....ඔයා මගේ හිතට ගොඩාක් වද දුන්න.ඔයා දැක්ක දවසෙ ඉඳල,ඔයත් එක්ක කතාකරපු දවසෙ ඉඳල මට එක රැයක් හරියකට නිදාගන්න හම්බවුනේ නෑ......ඇස් දෙක පියාගත්ත ගමන් ඔයාගෙ මූණ හැම තැනම පේනව......එහෙම එකේ මට ඔයාව වටින්නෙ නැතිවෙයිද.....ඔයාව මට කොච්චර වටිනවද කියන එක වචනවලින් ලියල නිමකරන්න බෑ...."තාරකාගේ දෑසින් කඳුළු කැට කඩාහැලෙද්දී ඇය කීවාය.ඇය මෙතෙක් කල් තමාට නොකී ආදරය කඳුලු බවට පත්වී දෝරෙගලමින් කඩාහැලෙන දෙස ඔහු බලාසිටියේ මහත් සංවේගයකිනි."ඇයි වස්තුවේ මේ හොඳටම අඬන්නේ....මේක අඬන්න ඕන වෙලාවක් නෙමේ...හිනාවෙන්න ඕන වෙලාවක්.ඔය බලන්න,ඔයාගෙ ඇස් දෙකත් රතුවෙලා...දැන් ඔය කඳුලු පිහිදාගන්න.අම්මල දැක්කොත් මොනව හිතයිද දන්නෙ නෑ..."දේවින්ද මහත් ආදරයකින් යුතුව පැවසුවේය."අනේ මට අඬන්න දෙන්න අයියේ....මේ මගේ ඇස් වලින් පිටවෙන්නෙ කඳුලු නෙමෙයි.ඔයා වෙනුවෙන් මගේ හිතේ තියන ආදරය....ඒක නිසා මට අද ඇති තරම් අඬන්න දෙන්න අයියේ.....ඇති තරම් අඬන්න දෙන්න........."ජීවිතේ කිසිම දිනක නොහැඬූ පරිද්දෙන් තාරකා දේවින්දගේ පපුවේ හිස හොවාගෙන හැඬුවාය.
BLOG
2012.06.22
http://tharindunirmalgeadawiya.blogspot.com/
නිලඹර වසන්තය.....(6 කොටස)
කෝඩුකාරයා
නිලඹර වසන්තය.....(1 කොටස)නිලඹර වසන්තය.....(2 කොටස)නිලඹර වසන්තය.....(3 කොටස)නිලඹර වසන්තය.....(4 කොටස)නිලඹර වසන්තය.....(5 කොටස)මෙතනින් කියවන්න................................................................."මල්ලී.....මල්ලී......නැගිටිනවකො හලෝ.""මොකද ඕයි....පොඩ්ඩක් ඇලවෙන්න කියල ඇඳට වැටුන විතරයි,ඇවිල්ල වද දෙන්න ගන්නවා."අඩවන් දෑසින් යුතුව දේවින්ද පැවසීය."මේ....මේ හවස හයට කවුද හලෝ නිදාගන්නෙ.නැගිටල පොඩ්ඩක් කඩේට ගිහිල්ල එනවකෝ.අද තාත්තගෙ යාළුවො වගයක් එනවලු.""ඉතින් මට මොකෝ....තාත්තගෙ යාලුවො එනවනම් ඒක ගිහිල්ල තාත්තට කියනව.මට මොනවද කියන්නෙ.""තාත්තට කියන්න දෙයක් නෑ හලෝ....තාත්ත දන්නව.අම්ම කිවුව ඔයාට කඩේට ගිහිල්ල ටිකක් ලොකු අයිස්ක්‍රීම් එකක් අරගෙන එන්න කියල.ඉක්මනට යනවකො.ඒ මිනිස්සු දැන් මග එනවත් ඇති.ඉතින් කිවුවම යනවකෝ......."අයේෂා තම සොයුරාට කිති කැවුවාය."යනවකො හලෝ පව් නොදී........මම යන්නම්.හැබැයි පයින්නම් බෑ.තාත්තගෙන් බයික් එකේ යතුර ඉල්ලල දෙනවා.""තමුසෙගෙ හැටි මම දන්නවනේ.ඒක නිසා මම යතුරත් ඉල්ලගෙනම තමයි ආවෙ.ආ.....මෙන්න.ඉක්මනට ගිහින් එනවා."ඇය දේවින්ද අත පියාගේ මෝටර් සයිකලයේ යතුර තැබුවාය.ඇඳෙන් බිමට බට දේවිඳ ටී ෂර්ටයකුත් කොට කලිසමකුත් හැඳ ගෙදරින් එලියට බැස්සේය."පොඩි පුතා......බයික් එකේ යනවනම් ඕකට පෙට්‍රල් ටිකකුත් දාගෙනම එන්න."නිවසේ සිට පැමිණි දේවින්දගේ පියා ඔහු අත රුපියල් පන්සියයේ කොලයක් තැබුවේය."ඔය පන්සීයෙම ගහගෙන එන්න.සැරින් සැරේ මේකට තෙල් ගහන්න දුවන්න බෑ."ඔහු දේවින්දට පැවසීය."හරි...මම ගහගෙන එන්නම්."යතුරු පැදිය පණගන්වමින් දේවින්ද පැවසුවේය.යතුරු පැදිය පණගන්වාගත් දේවින්ද පවනට බඳු වේගයෙන් නිවසේ සිට මහා මාර්ගය වෙත යතුරු පැදිය ධාවනය කරවීය."මොකද ඔච්චර හදිස්සි.ඕක හෙමින් එළවනවා."දේවින්දගේ පියාගේ කටහඬ වාතලයට මුසුවිණි.පැයට කිලෝමීටර් 50ත් 60 අතර පමණ වේගයෙන් යතුරු පැදිය පැදවූ දේවින්දට විනාඩි 10කින් පමණ කඩ වීදිය වෙත ලඟාවීමට හැකිවිය.කඩපෙලෙහි ඇති එක් වෙළඳ සැලක් ලඟ යතුරුපැදිය නැවැත්වූ දේවින්ද ලීටර් 4ක වැනිලා අයිස්ක්‍රීම් කෑන් එකක් මිලදී ගත්තේය.ඉන්පසුව තෙල් පිරවුම්හල වෙත යතුරුපැදිය ධාවනය කරවූ දේවින්දය පැය භාගයක් පමණ ගතවනවිට නැවතත් නිවස වෙත ලඟාවීමට හැකිවිය.යතුරුපැදිය ගෙමිදුලට හරවනවාත් සමගම දේවින්දගේ නෙත ගැටුනේ අළු පැහැගත් ටොයොටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකි.තම පියාගේ යහළුවන් පැමිණ ඇති බව වටහාගත් දේවින්ද ඉදිරිපස දොරින් ගෙතුලට ඇතුල් නොවී පිටුපස දොරින් ගේ තුලට ගමන් ගත්තේය. පිටුපස දොරට ආසන්න වනවිට තම සොහොයුරිය තවත් කවුරුන් හෝ සමග කතාකරමින් සිටින බව දේවින්දගේ දෙසවන වැකුණි."මොනවා......මට ඇහුන හැටි වැරදිලාවත්ද,නැත්නම් මට ඇහුනෙ ඒ කටහඬමද."ඒ පැණයත් සමගම දේවින්ද පිටුපස දොරින් ගෙට ඇතුලු විය.එක්වරම දුටු දසුනින් පුදුමයට පත් දේවින්දගේ අතේ තිබූ අයිස්ක්‍රීම් බෑගයද බිම වැටෙන්නට ගියේය."දේවින්ද අයියෙ ඔයා..........."තාරකාගේ කටහඬේ ඉමහත් විශ්මයක් ගැබ්වී තිබුණි."ඔයා මෙහෙ...."දේවින්ද ද විශ්මය ගැබ් කොටගත් කටහඬකින් යුතුව ඇසුවේය."පොඩ්ඩක් ඉන්න,පොඩ්ඩක් ඉන්න.....දැන් එතකොට ඔය දෙන්න මීට කලින් හොඳට අඳුනනව වගේ......."අයේශා පැද්දට පැන්නාය."ඔව් හලෝ.....මතකද දවසක් මම කිවුව බාස්කට්බෝල් ප්‍රක්ටිස් වෙලාවෙ කෙල්ලෙක්ව වැටිල එයාව ගිහිල්ල දාන්න එයාලගෙ ගෙදර ගියා කියල.තමුසෙ එදා ඒ කතාව විශ්වාස කලේ නෑනෙ.""ඉතින්..........""ඉතින් කියන්නෙ......ඒ කෙල්ල තමයි දැන් ඔය ඔයාගෙ ඉස්සරහ හිටන් ඉන්නෙ..."දේවින්ද තාරකාව පෙන්වා පැවසුවේය."ආ.....එහෙමද."අයේශා කට ඇද කරමින් පැවසුවාය.තවත් ටික වෙලාවක් ඔවුන් සමග කතාකරමින් සිටි දේවින්ද යුවතියන් දෙදෙනා ද් කැටුව සාලය වෙත පිය මැන්නේය."අම්ම පොඩ්ඩක් බලන්නකෝ මෙන්න මෙයාව මතකද කියල....."තාරකා සලයට පිවිසුනේ තම මවට දේවින්දව පෙන්වමිණි."ආ......මේ දරුව ඉන්නෙත් මෙහෙමද."තාරකාගේ මවත් එක්වරම විමතියට පත්විය."ඔව්...මේ අපේ පොඩි පුතා දේවින්ද.මිසිස් ගුණසේන කොහොමද අපේ පුතාව දන්නෙ.""මෙන්න මේකනේ අම්ම සිද්ධිය..........................."සියල්ලන්ගෙන්ම ප්‍රශ්ණ වැලකට මුහුන දීමට අකමැති වූ දේවින්ද සියල්ලන්ටම සිද්ධිය විස්තර කර දුන්නේය.ඉන් ටික වේලාවකට පසුව එතනින් දේවින්දගේ පියා සහ ගුණසේන මහත්මා කාමරයක් තුලට යෑමට සැරසුණි.ඔවුන් ඉවතව යන්නේ මත්පැන් පානය සඳහා බව සියල්ලන්ටම ක්ෂණයෙන් වැටහිණි."ඔයා ඩ්‍රින්ක්ස් ගත්තට කමක් නෑ....හැබැයි ඉතින් ආයිත් කාර් එක ඩ්‍රයිව් කරගෙන ගෙදර යන්න ඕනෙත් ඔයාමයි කියල මතක තියාගන්න ගුණේ....."තාරකාගේ මව තම සැමියාට අවවාදයක් අයුරෙන් පැවසුවාය.තවත් ටික වේලාවක් ආගිය තොරතුරු කතාකරමින් සිටි දේවින්දගේ මව රාත්‍රී ආහාරය පිළියෙල කිරීම සඳහා සූදානම් වූවාය."අපේ අයේශා දුව තනියම කුස්සියේ වැඩ ඇති.ඔයාල ටිකක් කතා කර කර ඉන්නකෝ...මම ඒ පැත්තට ගිහිල්ල එන්නම්."දේවින්දගේ මව පැවසුවාය."පොඩ්ඩක් ඉන්න.මමත් එනවා......යාලුවො දෙන්න කතා කර කර ඉන්නෙ නැතෑ.."තාරකාගේ මවද දේවින්දගේ මව සමග සාලයෙන් එපිටට පියවර මැන්නාය.දේවින්ද සමග තාරකා පමණක් සාලය තුල තනි වූහ.
BLOG
2012.06.14
http://tharindunirmalgeadawiya.blogspot.com/
නිලඹර වසන්තය.....(5 කොටස)
කෝඩුකාරයා
නිලඹර වසන්තය.....(1 කොටස)නිලඹර වසන්තය.....(2 කොටස)නිලඹර වසන්තය.....(3 කොටස)නිලඹර වසන්තය.....(4 කොටස)මෙතනින් කියවන්න*****************************************************************පාසලට ගොස් හිත එක්තැන් කරමින් පාඩමට අවධානය යොමු කරන්න හැදුවද දේවින්දගේ සිත එක්තැන් කරගැනීමට ඔහුහට නොහැකි විය.අනුරාධාව මුණගැසී ඇය පැවසීමට යන දේ කුමක් වේද යන්න පිළිබඳව දේවින්දගේ සිත මහත් චකිතයකට පත්වී තිබුණි.තම කුතුහලය පැවසීමට අරවින්ද හෝ සිටීනම් මහත් සැනසීමක් බව දේවින්දට සිතිණි.එහෙත් ඔහුද අද පාසලට පැමිණ නැත.පාසලේ සීනුව නාද වූ විගසම පාසලෙන් එළියට පැමිණි දේවින්ද වහාම බේක් හවුසය ගාවට දිව ගියේය.ඒ වනවිටත් අනුරාධා එතැනට පැමිණ සිටියේය.ඇය පැමිණ සිටියේ තනිවම නොවේ.අරවින්ද ද ඇගේ අනික්පසින් සිටගෙන සිටියේය."තොපිල දෙන්න අද ඉස්කෝලෙ එන්නෙත් නැතුව කොහෙද බං ගියේ.උඹ අද එන්නෙ නෑ කියල මට කෝල් එකක් දුන්නනම් මමත් අද ගෙදර ඉන්නවනෙ බං...."දේවින්ද ඒ දෝශාරෝපණය එල්ල කලේ අරවින්ද වෙතටය."උඹ නොදන්නව වුනාට අද අපි ගියෙ උඹේ වැඩකටම තමයි බං...""මම නොදන්න මගේ වැඩේ මොකක්ද කියල කියන්න පුළුවන්ද."දෙබැම රැලිකරගත් දේවින්ද අරවින්දගෙන් ඇසුවේය."මේ දේ තවත් අපි හංගගෙන ඉන්න එකේ තේරුමක් නෑනෙ.දේවින්ද,මට ඇත්තම කියපන්....උඹේ හිතේ තාරකා නංගි ගැන අදහසක් තියනව නේද.මෙතෙක් වේලා නිහඬව සිටි අනුරාධා එක්වරම විමසූ ප්‍රශ්නයෙන් දේවින්ද පුදුමයට පත් නොවූවද ඔහුගේ සිතේ යම් තිගැස්මක් ඇතිවිය.එහෙත් තමන්ගේ ලඟම හිතවතුන් ලෙස සිටින මේ මිතුරන්ගෙන් ඔහුට සැඟවීමට දෙයන් නොමැත."ඔව්...තාරකා ගැන මගේ හිතේ අදහසක් තියනවා."දේවින්ද එකවරම පැවසුවේය."ඔව් ඉතින් අපිනම් ඉතින් ඒක තේරුම් ගත්තෙ උඹටත් කලින්.ඒ දේ දැන් දැන් තාරකා නංගිටත් තේරිලා තියෙන්නෙ....""ඇයි එයා උඹලට මොනවත් කිවුවද."දේවින්ද කලබලයෙන් මෙන් ඇසුවේය."නෑ එයා අපිට මුකුත් කිවුවේ නෑ.ඒත් ඉතින් උඹල දෙන්න මේක හිතේ තියාගෙන ඉන්නව මිසක් එකෙක්වත් අහන්නෙ නැති නිසා අද අරවින්දයි මමයි ගිහිල්ල ඒ දේ තාරකාගෙන් ඇහුවා.""උඹල මොන මඟුලක් කරනවද බං...ඒකි මම ගැන මොනව හිතනවද දන්නෙ නෑ.""ඒකි උඹ ගැන හිතන්නෙත් උඹ ඒකි ගැන හිතන විදිහටම තමයි.අද අපි දෙන්න ගියෙ තාරකා නංගිව හම්බවෙන්න.ඒකි මුලින්ම මේ වගක් අපිත් එක්ක කියන්න කැමති වුනේ නෑ.ඒත් ඉතින් අන්තිමට ඒකිගෙම කටින් පැන්න ඒකිත් උඹ ගැම බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව කියන එක."අරවින්ද එක හුස්මට කියාගෙන ගියේය."ඔන්න ඉතින් දැන් අපි දේවාලෙ ඇරල දීල තියෙන්නෙ.පූජාව තියනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔය කපුමහත්තයම තමයි.දැන්වත් ගිහිල්ල ඒකිගෙන් කෙලින්ම මේ දේ ගැන අහපන්."අනුරාධා සිනහසලමින් පැවසුවාය."දේවාලෙත් ඇරලනම්...පූජාවත් ලෑස්තිනම් කපුමහත්තය මොකටද තවත් පස්ස ගහන්නේ.මම හෙටම ඒකිගෙන් මේ ගැන අහන්නම් බං....උඹල මට මේ කරන උදවු වලට මම කොහොම උඹලට සලකන්නද මන්ද බං......උඹල දෙන්නට දස දහස් වාරයක් තෑන්ක්ස් වේවා මචෝ......""ඒ...අනුරාධා..මේ බලපන්කෝ..මෙයා අපිට ටැන්කියක් දීල ශේප් වෙන්න හදන්නේ.මේ මේ.....උඹේ කෙහෙල්මල් ටැංකිය දාපන් ගඟට.ඒ මඟුලෙන් අපිට වැඩක් නෑ.දැන් යමන් බේක් හවුස් එකට...දවල්ට මොනවහරි කාල,හවසට කන්නත් මොනවහරි අරගෙනම අද ගෙදර යන්...."අරවින්ද පැවසුවේය."උඹලටත් කොයි වෙලාවෙත් කන බණේම තමයි බං...කමක් නෑ කමක් නෑ....එහෙනම් යමන්කො ඇතුලට."දේවින්ද තම මිතුරන් දෙදෙනාවත් කැටුව බේක් හවුසය ඇතුලට ගියේ ප්‍රීතිමත් සිනහවක් මුවග රඳවාගනිමිනි........................................................................................................................................................................"සුදු දූ......""ඇයි අම්මා....මම වොෂ් රූම් එකේ.....""අද හවසට අපි තාත්තගෙ පරණ යාළුවෙක්ගෙ ගෙදර යනවා.ඔයා හවස හය විතර වෙනකොට ලෑස්ති වෙලා ඉන්න.""කාගෙ ගෙදරද අම්ම යන්නේ....."තාරකා මවගෙන් විමසුවේ තම පියාගේ යහළුවන් බොහෝ පිරිසක් තාරකා දැන සිටි නිසාවෙනි."ඔයා දන්නෙ නෑ.....තාත්තගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්.ලෑස්ති වෙලා ගියහම ඔයාටම බලාගන්න බැරියැ."හරියටම සවස හය වන විට තාරකා ගමනට සූදානම් වී සිටියාය.නියමිත වේලාවට වැඩකිරීමට ඇය කුඩාකල සිටම හොඳින් පුරුදු පුහුණු වී සිටියාය.සැහැල්ලු ටී ෂර්ටයකින් සහ කලු පැහැති කලිසමකින් සැරසුනු තාරකා කැඩපත ඉදිරියේ පෙනෙන තම රුව දෙස බලා සිටියාය.ඇගේ සුවඳ විලවුන් වල සුගන්ධය මුලු කාමරය පුරාම හමා යමින් පැවතිනි.සමන් පිච්ච මල් සුවඳට සමාන සුවඳකින් යුත් එම සුවඳට තාරකා බොහෝ සේ ඇලුම් කලාය.