category
stringclasses 5
values | date
stringlengths 9
14
| link
stringlengths 22
753
| topic
stringlengths 1
11.6k
⌀ | author
stringlengths 1
1.98k
⌀ | content
stringlengths 1
187k
⌀ |
---|---|---|---|---|---|
BLOG
|
2014.12.27
|
http://janakawansapura.blogspot.com
|
යහපාලන කථාව සෙප්පඩ විජ්ජාවකි
|
වංශපුර දේවගේ ජානක
|
ඡන්ද ගුංඩු යනු දේශපාලකයින් විසින් ඡන්ද කාලයට දෙන බොරු පොරොන්දුය. නමුත් විපක්‍ෂය කථා කරන යහපාලනය සාමාන්‍ය ඡන්ද ගුංඩුවලටත් එහා යන භයානක කථාවකි. මෙහිදී මහින්ද රාජපක්‍ෂ මහතා ඇත්තටම යහපාලනයක් ගෙන ගියේද නැද්දවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට යහපාලනයක් ඇති කල හැකිද නැද්ද යන්න තබා උවමණාවක් තියේද යන්නවත් විපක්‍ෂයේ යහපාලන කථාවට අදාල නොවේ. යහපාලන කථාව නිර්මාණය කර ඇත්තේ සිංහළුන්ගේ ඇස් වලට වැලි ගසා ඔවුන්ගේ ඡන්දය හොරා කෑමටය. එසේ සොරාගෙන සිංහළුන්ගේ ඡන්දය ඔවුන්ගේම ස්වාධිපත්‍යයට එරෙහිවන ලෙස හැසිරවීමටය. එනම් රටේ ෙසෙවරීය කෙලසීමටය. යහපාලන කථාව සෙප්පඩ විජ්ජාවකි. වාසනාවකට බහුතරයක් සිංහළුන් එය අවබෝධ කරගෙන සිටිති.ඊනියා යහපාලනයක් ගැන කථා කරන්නට යෙදුනේ අද ඊයේ නොවේ. මෛත්‍රීපාල සිරිසේන මහතා එහි නිර්මාතෘවරයාද නොවේ. රාජපක්‍ෂ ආණ්ඩුව දුෂිත එකක් බව කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය කරගෙන පැමිණෙන කථාවකි. රාජපක්‍ෂ ආණ්ඩුවේ දුෂිතබව ගැන කථා කිරීමේදී දූෂිත මොන ආණ්ඩුවට සාපේක්‍ෂවද යන්න උපක්‍රමශීලීව අමතක කෙරෙයි. දෙවසරකට පමණ පෙර මේ ලිපි පෙල ආරම්භයේදීම දූෂිත ආණ්ඩු ගැන ලියමින් මා විසින්ද ඒ බව පෙන්වාදී ඇත. නිරපේක්‍ෂව ගත්විට ඕනෑම ආණ්ඩුවක් දූෂිත බැවින් හා ආණ්ඩු දූෂිත නොවීම හොඳ බැවින් යහපාලන කථාවට සමාජයේ යම්කිසි වෙලඳපොලක් ඇත. විශේෂයෙන්ම නගරබදව ජීවත්වෙන අඩු සහ මැදි ආදයම් ලබන පවුල් වලට යහපාලන කථාවට අස්ථානගත ආකර්ශණයක් ඇත. ඔවුන්ගේ ජීවන අපේක්‍ෂාවන් සහ එය සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ට ඇති හැකියාවන් අතර සමබරතාවක් නැත. ඒ නිසා ඔවුන් බහුතරයකට ජීවන බර තදින්ම දැනෙන බව රහසක් නොවේ. ඔවුන්ගේ අපේක්‍ෂා භංගත්වයට හේතුව රජයේ දුෂිත බවයැයි පෙන්වා දුනහොත් ඉන් යම් පිරිසක් එය විශ්වාස කරනු ඇත. අද විපක්‍ෂය උත්සාහ කරන්නේ එය කරන්නටය. මිනිසුන්ගේ අපේක්‍ෂා භංගත්වයට හේතුව රටේ සංස්කෘතියට නොගැලපෙන ධනපතිවාදී ආර්ථික ක්‍රමය මිස වෙනකක් නොවේ. රනිල් මෛත්‍රී චන්ද්‍රිකා රජයක් යටතේ මිනිසුන්ගේ අපේක්‍ෂා භංගත්වය වැඩිවනවා මිස අඩුවන්නේ නැත. රටට සරිලන ආර්ථික රටාවක් ගොඩනඟාගැනීමට නොහැකිවීම පිළිබඳව රජයද වගකිය යුතුය. පවතින ක්‍රමය නිවැරදි කිරීමට රජය ඉදිරියේදී කටයුතු කල යුතුය. නමුත් යහපාලන කථාවට එතරම් ගැම්මක් නැත. ඒ චෝදනා මහින්ද රාජපක්‍ෂ මහතාට එල්ලවන්නේ වක්‍රා කාරවය. නමුත් අසූව දශකයේ ගාමිණී දිසානායක මහතා මහවැලි ව්‍යාපාරයෙන් ගසා කෑවා යැයි චෝදනා එල්ලවූයේ සෘජුවමය. එක්තරා ජත්‍යාන්තර සඟරාවක් මගින් වරක් ඔහු ආසියාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස නම් කෙරිනි. නමුත් ඔහු ජනාධිපති අපේක්‍ෂකයෙකු වීමට පෙර ඝාතනය නොවූයේ නම් මෙරටුන් ඔහු ජනාධිපති කරලීමට බොහෝ ඉඩ කඩ තිබිනි. අද විපක්‍ෂ ගෙනෙන යහපාලන කථාවට ගම්මුන් අතර ගැම්මක් නැත උතුරේ දෙමළ ජනතාවටද එය ආකාර්ශණයක් වේ යැයි සිතිය නොහැකිය. නොබෝ දිනකින් එය පෙන්නුම් කරනු ඇති.කලක සිට සූක්‍ෂම ලෙස මේ යහපාලන කථාව මාර්කට් කරන්නේ බටහිර තානාපතිවරුන්, විදේශ රාජ්‍යයන්ගෙන් යැපෙන සංවිධාන, බටහිර උගතුන් ඇතුළු සුපුරුදු නඩය විසිනිි. එහි ආකර්ශණය කෙතරම් ප්‍රබල වූයේද යත් මෑතක් වනතුරු ඇතැම් ජාතිකවාදීන් පවා ඊට ග්‍රහනයවී සිටියහ. රජය තුල ඇමතිකම් දැරූ විමල් වීරවංශ සහ චම්ිපික රණවක පවා යහපාලන කථාවට මාර්කට් එකක් ඇතැයි උපකල්පණය කරමින් රජයෙන් වෙන්වන්නට තැත් කලහ. නමුත් අද වෙනවිට ඒ ඒ අය තම තමන්ට ස්වාභාවිකවූ හෝ වාසිදායකවූ පිල්තුල ස්ථානගතවී සිටිති. පුද්ගලිකව නින්දා අපහාස විඳමින් ජාතික තලයේදී යහපාලන කථාව මුල සිටම ප්‍රතික්‍ෂේප කලේ නලින් ද සිල්වා මහතා පමණි. බටහිර සංස්කෘතියට අවශ්‍යවී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නායකයෙකු නෙරපීමටය. එසේ නෙරපා හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරලීමටය. කාලයෙන් කාලයට විවිධ පුද්ගලයින් හා සංවිධාන බටහිර සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටිති. මේ අවස්ථාවේ බටහිර සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ඇතුළු මෛත්‍රීපාල සිරිසේන පිලය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ගැමියෙකු වීම තුලින් ඉන් මිදීමට හැකිවී නැත. බටහිර සංස්කෘතිය විසින් යහපාලන කථාව ගොතන්නේ සිංහලයින් ඊට ආකර්ශණය කරගෙන ඒ හරහා බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නායකයෙකු පලවා හැරීමටය. බටහිරුන්ට යහපාලනයක් අවශ්‍ය නැත. සැකයක් ඇත්නම් ගඩාපි ඝාතනයෙන් පසු ලිබියාවට වූදේ සොයා දැනගත හැකිය. මීට වසර දෙසීයකට පමණ පෙර සිංහලේ අවසන් රජු සිංහළුන් විසින්ම පාවා දුන්නේද මෙවැනිම සෙප්පඩ විජ්ජාවක් නිසාය. අදටත් අපි රාජසිංහ රජු දූෂිතයෙකු ලෙස සලකන්නේ එදා රැවටුණු රැවටිල්ලේ තරම නිසා විය යුතුය.සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නායකයෙකු නෙරපීමත් සිංහළුන්ගේ ස්වාධිපත්‍ය නැති කිරීමත් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමත් යන සියළු කරුණු එකිනෙකින් වෙන් කල නොහැකි සංසිද්ධීන්ය. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර විධායක ජනාධිපති ධූරය අහෝසි කර ඒ හරහා උතුරු පළාත් සභාවට අසමමිතික ලෙස රාජ්‍ය බලය ලබාදීම සිංහළුන්ගේ ස්වාධිපත්‍ය නැති කරන උපක්‍රමය විය හැකිය. නමුත් එය එක් උපක්‍රමයක් සහ අද භාවිතා කෙරෙන උපක්‍රමය පමණි. බටහිර සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය තම පැවැත්මට තර්ජනයක් ලෙස සලකනතාක් කල් විවිධ පුද්ගලයින් විසින් විවිධ උපක්‍රම භාවිතයෙන් සිංහළුන්ගේ ස්වාධිපත්‍ය නැති කිරීමට උත්සාහ දැරෙනු ඇත. මෙවැනි උපක්‍රම කල් තියාම හඳුනා ගෙන පෙර සිටම ඊට මුහුණදීමට සූදානම්වීමට අපි දැන්වත් ක්‍රියා කල යුතු වෙමු.
|
BLOG
|
2014.12.16
|
http://janakawansapura.blogspot.com
|
නොනිමි සටන
|
වංශපුර දේවගේ ජානක
|
බරාක් ඔබාමාපළමු වරට බලයට පැමිණියේ ඇමෙරිකානුවන් තුල ඉරාක යුද්ධයට තිබුනු විරෝධයක් මතිනි. එකලශ්‍රී ලාංකිකයින් අතරද ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම ගැන බලවත් විරෝධයක්තිබුනි. නමුත් එහිදී සාමාන්‍ය ඇමෙරිකානුවන් තුල පැවති යුධ විරෝධයටත් සාමාන්‍ය ශ්‍රීලාංකිකයින් තුල පැවති විරෝධයටත් පදනම එක නොවේ.ඇමෙරිකානුවන්ගේයුධ විරෝධයට මුල් වූයේ අද බටහිරුන් විසින් අපට කියාදෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයවත්මානව හිමිකම්වත් නොවේ. මූලික වශයෙන් ඇමෙරිකානුවන්ට ප්‍රශ්ණයක් වූයේ යුද්ධය නිසාබලාපොරොත්තු වූවාට වඩා සෙබළු සංඛ්‍යාවක් ජීවතක්‍ෂයට පත්වීම, යුද්ධය දිගින් දිගටඇදී යාම, ඇමෙරිකාවටහිතැති ස්ථාවර ආණ්ඩුවක් ඉරාකය තුල පිහිටුවීමට නොහැකිවීම වැනි කරුණුය. යුද්ධය නිසාඉරාක සිවිල් වැසියන් ඝාතනයවීම ඇමෙරිකානු මාධ්‍ය මඟින් වසන් කෙරිනි. ඒ නිසා යම්සුළුතරයකට එය වැදගත් වුනද සාමාන්‍ය ඇමෙරිකානුවන් තුලවූ යුධ විරෝධයට ඉරාක සිවිල්වැසියන් ඝාතනය වීම පදනම් නොවිනි. යුධ විරෝධයට මොන කරුණ පදනම්වුවද එක් වැදගත්කරුණක් සාමාන්‍ය ඇමෙරිකානුවන්ට වැදගත් නොවිනි. එනම් ඇමෙරිකාව විසින් ඉරාකයේෙසේවරීය භාවය කෙලසූ බවය. මා දන්නා තරමින් බොහෝ බටහිර නොවන රටවල මෙන් ශ්‍රීලාංකිකයින්ටද ප්‍රශ්ණයක් වූයේ ෙසේවරීය රටක්වූ ඉරාකයට පහරදීමට බ්‍රිතාන්‍යය හාඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට ඇති අයිතිය කුමක්ද යන්නය. නමුත් යුද්ධය මෙහෙයවූ බුෂ්මහතාට පමණක් නොවේ සාමාන්‍ය ඇමෙරිකානුවන්ටවත් ඉරාකයේ ෙසේවරීය භාවය පිළිබඳ ගැටළුවක්නොතිබිනි. බටහිර සමාජයේඋවමණා එපාකම් වලට අනුව අන් රටවලට මැදිහත්වීමට ඔවුන්ට හැකියාවක් තිබිය යුතු යැයිසිතන්නේ බටහිර දේශපාලන නායකයින් පමණක් නොවේ සාමාන්‍ය ඇමෙරිකානුවෝද එසේ කල්පණාකරති. මගේ අත්දැකීමට අනුව නම් එය ඔවුන්ට ඔවුන්ගේ සංස්කෘතියෙන් දායාද වන ආකල්පයකි.ඇමෙරිකාවේ හා අනිකුත් බටහිර රටවල විදේශ ප්‍රතිපත්ති ගලා එන්නේ සාමාන්‍ය මිනිසුන්ගේමේ ආකල්ප තුලිනි. ඔවුන් බටහිර නොවන රටවල් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය ඔවුන්ගේආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවෙන්නේ ඒ නිසාවෙනි.උදාහරණයක්වශයෙන් යුගෝස්ලාවියාව දෙකඩ කිරීමට පිඹුරුපත් සකස්වුනේ ක්ලින්ටන් මහතාගේ ප්‍රධානත්වයෙනි.නමුත් බුෂ් මහතාට විරුද්ධව ඔහු ඔබාමාට උදව් කලේ ඉරාක යුධයට විරෝධය පාමිනි. යුධවිරෝධීයැයි කියාගත් ඔබාමා රෙජිමය බුෂ් මහතාටත් එහා ගොස් ලිබියාවේත් සිරියාවේත්සුඩානයේත් ෙසේවරීය භාවය කෙලසීමට සෘජුවම දායකවෙයි. ඇමෙරිකානු අධිපතිවාදය බුෂ්මහතාගේ රිපබ්ලිකන් (දකුණේ) පක්‍ෂ දේශපාලනයටත් ඔබාමාගේ ඩිමොක්‍රැටික් (වමේ) පක්‍ෂදේශපාලනයටත් පොදු සාධකයකි. ඒ නිසා එය එරට පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය මූල ධර්මවූදේශපාලන දෘශ්ඨියක් බව පැහැදිලිය. ඒ නිසා එහි පදනම එරට සංස්කෘතිය නොවේ යැයි කිවහැකිද.බටහිර ආධිපත්‍යයබටහිර සංස්කෘතියෙන්ම ගලා එන්නක් බැවින් එය මෙහෙයවන අදිසි හස්තය බටහිර සංස්කෘතියමිස එහි රාජ්‍ය නායකයින්වත් බටහිර තනාපතිවරුන්වත් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවත්එසේත් නැත්නම් හඳුනානොගත් යම් කුමන්ත්‍රනකරුවන් පිරිසක්වත් නොවේ. මෙකී නොකී සියළුආයතන හා පුද්ගලයින් විවිධ අවස්ථාවල බටහිර සංස්කෘතියේ අධිපතිවාදී අවශ්‍යතා සඳහාපෙනී සිටින මුත් ඒ සියළු ක්‍රියාකාරකම් සියළු අවස්ථාවලදී මෙහෙයවන කිසියම් කේන්ද්‍රයක්භෞතික වශයෙන් පවතින්නේ නැත. ඒ තැන හිමි වෙන්නේ බටහිර සංස්කෘතියටය. කොටි ත්‍රස්තවාදයපරාජය කිරීමට පෙරත් ඉන් පසුවත් ඉදිරියටත් බටහිරුන් විසින් ශ්‍රී ලාංකිකයින්,විශේෂයෙන්ම සිංහලබෞද්ධයින්ගේ පරමාධිපත්‍යයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තේරුම් ගත හැක්කේ මේආකාරයටය. එදා ප්‍රභාකරන්බේරා ගැනීමට බටහිරුන් විසින් මෙරටට නෞකාවක් එවීමට ගත් උත්සාහයත් මෙදා රනිල් මෛත්‍රීසහ රාජිත යන තිදෙනා නොයෙක් තුටු පඬුරු දී ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට කැඳවාගැනීමත් එකම සැලසුමකට අයත් විය හැකිය. එසේ නොවීමටද ඉඩ ඇත. නමුත් මේ ක්‍රියා දෙකමබටහිරුන් විසින් අප රටේ ෙසේවරීභාවයට එරෙහිවීමට කරන සැලසුම් ලෙස සැලකීමට අපහසු නැත.නමුත් ඒ ක්‍රියා මෙහෙයවන කුමන්ත්‍රණ කරුවෙකු නොදකින නිසා ඒ ක්‍රියා අතර සම්බන්ධකමක් අපි දකින්නේ නැත. අප වරදවා ගන්නේ එතනය. සම්බන්ධ කමක් නොදකින විට ඒවා අහඹුසිදුවීම් වෙයි. අහම්බෙන් වෙන දෑ ගැන කල්තියා සූදානම් වෙන්නේ නැත. එසේ කල නොහැකිය.අපි ජාතියක් වශයෙන් බටහිර ආධිපත්‍ය ඉදිරියේ ඉතිහාසය පුරාම (මහින්ද රාජපක්‍ෂ මහතාගේනායකත්වය යටතේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී හැර) ක්‍රියාකර ඇත්තේ පෙර සූදානමක් නැතිවය,එන එන හැටියටය. එයවෙනස් කර ගත යුතුය.බටහිරඅධිපතිවාදය හමුවේ අපට අපේ ෙසේවරීභාවය රැක ගත හැක්කේ විවිධ බටහිර බලපෑම් අතරසම්බන්ධයක් දැකීම තුලිනි. ඒ සම්බන්ධකම ගොඩනැඟිය හැක්කේ ඊනියා කුමන්ත්‍රණ කරුවන්සොයා ගැනීමෙන් නොව බටහිර සමාජයේ උවමණා එපාකම් වලට අනුව අන් රටවලට මැදිහත්වීමටඔවුන්ට හැකියාවක් තිබිය යුතුය යන ආකල්පය බටහිර සංස්කෘතිය විසින් බටහිර සාමාන්‍යජනයාට දායාද කරන බව අප විසින් අවබෝධ කරගැනීමෙනි.
|
BLOG
|
2014.11.14
|
http://janakawansapura.blogspot.com
|
පේටන්ට් බලපත්‍ර, සායනික පරීක්‍ෂණ සහ සිංහල වෙදකම
|
වංශපුර දේවගේ ජානක
|
සමාජයක් වශයෙන් අද අපි උත්සාහ කරන්නේ බටහිර ජීවන ක්‍රමයට සරිලන පරිදි සිංහල වෙදකම සකස් කර ගැනීමටය. බෙහෙත් ගුලි රූපාන්තරණය වී පෙති බවට පත් වෙන්නේ ඒ උවමණාව මතය. සිංහල වෙදකමේ ඖෂධ සම්බන්ධයෙන් බුද්ධිමය දේපල සහ සායනික පරීක්‍ෂණ වැනිදෑ ගැන සාකච්ඡා වෙන්නේද ඒ උවමණාව මතය. සිංහල වෙදකම කාලයට ඔබින පරිදි වෙනස් කර ගත යුතුය. නමුත් අපි බටහිර සංස්කෘතිය අනුකරනය කිරීම එසේම කරගෙන යමින් සිංහල වෙදකම වෙනස් කිරීමට උත්සාහ කලහොත් සිංහල වෙදකමින් සිංහලකම ලොප්වනු ඇත.පේටන්ට් බලපත්‍ර සහ සායනික පරීක්‍ෂණ මඟින් යම් කාර්යභාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවට ඉටුවේ. ඊට සමාන්තර කාර්යභාරයක් සිංහල වෙදකමටද ඉටුවිය යුතුය. අපි කල්පණා කල යුත්තේ සිංහල වෙදකමින් සිංහලකම ලොප් වීමට ඉඩ නොදී ඒ කාර්යභාරය ඉටු කරගන්නා අන්දම මිස පේටන්ට් බලපත්‍ර සහ සායනික පරීක්‍ෂණ තුල සිංහල වෙදකම බහාලීම නොවේ.ව්‍යාපාරික ආයතන ඔවුන් නිර්මාණය කරන දැනුම් වලට පේටන්ට් බලපත්‍ර ලබා ගන්නේ තම තරඟකරුවන් ඒ දැනුම පාවිච්චි කර මුදල් ඉපයීම වැලකීම සඳහාය. සාමාන්‍යයෙන් ඖෂධයකට ලබාදෙන පේටන්ට් බලපත්‍රයක් වලංගු වන්නේ යම් නියත කාලයකට පමණි. ඒ කාලය තුල ඒ දැනුම පදනම් කරගෙන වෙන ආයතනයකට ඖෂධ නිශ්පාදනය කල නොහැකිය. ඒ අනුව පේටන්ට් බලපත්‍රය වලංගු කාලය තුල තරඟයකින් තොරව උපරිම ලාභයක් ඉපයීමට ඖෂධ සමාගම් වලට ඉඩ සැලසේ.පේටන්ට් බලපත්‍ර හරහා යම් දැනුමක් සුරැකේ යැයි සාමාන්‍යයෙන් ආකල්පයක් තිබුනද ප්‍රායෝගික වශයෙන් සිදුවෙන්නේත් එහි මූලික අරමුණත් එය නොවේ. පේටන්ට් බලපත්‍රයෙන් කෙරෙන්නේ දැනුමක් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමය. පේටන්ට් බලපත්‍ර හරහා යම් පුද්ගලයෙකුට හෝ යම් ආයතනයකට මුදල් ඉපයීමට අවස්ථාවක් ලැබේ. පේටන්ට් බලපත්‍ර ක්‍රමයක් නොතිබුනේ නම් හා ඒ දැනුම නොමසුරුව බෙදා හැරීයේ නම් බොහෝ ආයතන වලට ඒ ඖෂධය නිශ්පාදනය කිරීමට ඉඩ සැලසෙන අතර ඒ හරහා අඩු මිලකට ඒ ඖෂධය ලබා ගැනීමට මහජනතාවට හැකි වෙනු ඇත. එසේ නම් පේටන්ට් බලපත්‍ර මඟින් පොදුවේ සමාජයට ඉටු වෙන සේවය කුමක්ද යන්න සාධාරන ප්‍රශ්ණයකි. බටහිර සංස්කෘතිය ඊට දෙන පිළිතුර නම් සමාගම් වලට ලාභ ඉපයීමට අවස්ථාවක් ලබා දුන්විට සමාජයට සේවයක් සලසමින් ඔවුන් නව ඖෂධ නිර්මාණය කිරීමට ප්‍රාග්ධනය යොදවන බවය. ලාභ ලැබිය නොහැකි නම් සමාගම් නව ඖෂධ සොයා ගැනීමට උනන්දුවන්නේ කුමටදැයි තව දුරටත් අපෙන් ඇසෙයි. පේටන්ට් බලපත්‍ර සාධාරනය කෙරෙන්නේ මේ සංදර්භය තුලය. ඒ සංදර්භය තුල වෙනත් දෑද සාධාරනය කල හැකිය. උදාහරණයක් වශයෙන් වැඩි දෙනෙකුට නොවැලඳෙන ඉතා දුර්ලභ ඝනයේ රෝග වලට ඖෂධ සෙවීම එතරම් ලාභදායි නොවෙන බැවින් සමාගම් ඊට උනන්දුවක් නොදැක්වීම සාධාරනය. විශාල ජනගහණයකට යම් රෝගයක් වැලඳුනද ඔවුන්ට ඖෂධ මිලදී ගැනීමට වත්කමක් නැත්නම් ඒ රෝගයට ඖෂධ සෙවීමට සමාගම් උනන්දුවක් නොදැක්වීමද මේ සංදර්භය තුල සාධාරනය. එසේ නමුත් මේ කරුණු පොදුවේ සමාජය අළලා සාධාරන නොවන බව කිව යුතු නැත.පැහැදිලිවම සිංහල වෙදකමේ සාර ධර්මත් ඖෂධ වලට පේටන්ට් බලපත්‍ර ලබාදීමේ පසුබිමෙහි ඇති සාර ධර්මත් අහස පොළොව මෙන් දුරස්ය. දරුණු ආර්ථික හා සංස්කෘතික පීඩා මැද වුවද තවමත් බහුතරයක් සිංහල වෙදුන් මුදල් පසුපස හඹා නොයති අඩු තරමින් එසේ නොවිය යුතුය යන මතය දරති. එපමණක් නොවේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පේටන්ට් බලපත්‍රයක් ලැබෙන්නේ යම් රෝගයක් සඳහා යම් ඖෂධයකටය (එනම් යම් රසායණික අණුවකටය). නමුත් සිංහල වෙදකමේ එකම රෝගයට වුවද විවිධ වෛද්‍යවරු බෙහෙත් නියම කරන්නේ ඒ ඒ පළාතට අනුව සුළු වෙනසකම් ඇතිවය. මෙවැනි වතාවරණයක යම් ඖෂධයකට පේටන්ට් බලපත්‍රයක් දීම තේරුමක් නැති දෙයකි. ඇත්තෙන්ම සිංහල වෙදකමේ බුද්ධිමය දේපල ඇත්නම් ඒ වෙදවරුන් මිස ඖෂධ නොවේ. මේ ආකාරයට ආකල්පීය වශයෙන්ද සංකල්පීය වශයෙන්ද පේටන්ට් බලපත්‍ර ලබාදීම සිංහල වෙදකමට ගැලපෙන්නේ නැත. අපට අවශ්‍ය කුමක්ද. අපට අවශ්‍ය සිංහල වෛද්‍ය විද්‍යාවේ දැනුමත් එහි වෛද්‍යවරුනුත් රැක ගනිමින් පොදු සමාජයේ සුව පිණිස ඒ දැනුම යොදවා ගැනීමටය. දැනුම ආරක්‍ෂා කල යුතු ආකාර දෙකකි. එකක් එය විකෘති නොකෙරීමට වග බලා ගත යුතුය. අනික ඒ දැණුම පොදු දේපලක් ලෙස ආරක්‍ෂා කල යුතුය.අද රෝග කාරක හඳුනාගැනීමේ සිට රෝග ලක්‍ෂණ හඳුනාගැනීම දක්වා බොහෝ බටහිර වෛද්‍ය ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පරිගණක භාවිතා කල හැකිය. එසේ කල හැකිව ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යා දැනුම සම්පූර්ණයෙන්ම පාහේ සුත්‍රගත කල හැකි බැවිනි. අත් ගුණයක් වැනි යමක් එහි තිබුණිනම් මේ වනවිට බටහිර තාක්‍ෂණය මඟිනුත් ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව මඟිනුත් එය බොහෝ දුරට උදුරා ගැනෙමින් පවතියි. සූත්‍රගත කල හැකි නිසා බටහිර වෛද්‍ය විද්‍යා දැනුම එය භාවිතා කරන්නන් අතින් විකෘතිවීමට ඇති ඉඩ කඩ අවමය. ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යා දැනුම විකෘතිවීමට නොදී ආරක්‍ෂා කර ගැනීමක් ගැන ප්‍රශ්ණයක් මතු නොවේ.සිංහල වෙදකමේ දැනුම එසේ නොවේ. බටහිර විද්‍යාවට සාපේක්‍ෂව අධ්‍යාත්මිකව ප්‍රත්‍යක්‍ෂ කල යුතු යම් දැනුමක් සිංහල වෙදකමේ ඇත. එය සූත්‍රගත කල නොහැකිය. සූත්‍රගත නොවුනු ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ලබා ගත හැක්කේද යම් ආධ්‍යාත්මික පුහුණුවක් ඇති සුවිශේෂ පුද්ගලයින්ට පමණය. එසේ නොවෙන පුද්ගලයින් අත ඒ දැනුම විකෘති වීමට හැකිය. ඒ නිසා දැනුම ආරක්‍ෂා කරගැනීම පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාවට නැති ප්‍රශ්ණයක් සිංහල වෙදකමට ඇත. සිංහල වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට රහස් ලෙස රැක ගත්තේ එය විකෘති නොවී තබා ගැනීමට විය හැකිය. (ගුරු මුෂ්ඨි තබා ගැනීම දැනුම ආරක්‍ෂා කර ගැනීමට නොව විනාශ කර ගැනීමට හේතුවක් බව මෙහිදී සඳහන් කල යුතුය. සුදුසු අයට පමණක් දැනුම ලබා දීම මිස ගුරු මුෂ්ඨි තබා ගැනීමක් සිංහල වෙද සම්ප්‍රදායේ තිබුනැයි සිතිය නොහැකිය. ගුත්තිල පඬිතුමා ආදර්ශ කොටගෙන ජාතක පොතේ කියා දෙන්නේද අචාරීභාග නොමැතිව දැනුම බෙදා දෙන ලෙසටය.) කෙසේ වෙතත් දැනුම ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් බටහිර විද්‍යාවට නැති ප්‍රශ්ණයක් සිංහල වෙදකමට ඇත. දැනුම විකෘති නොවී ආරක්‍ෂා කර ගන්නා අතරම එය පොදු සමාජයේ යහපත සඳහා එනම් සිංහල වෙදුන් වැඩි කර ගැනීම සඳහා සිංහල වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමක් සිදුවිය යුතුය. එය සමාජ අවශ්‍යතාවකි. මෙහිදී සිංහල වෛද්‍ය සභාවකට වැදගත් කාර්ය භාරයක් කල හැකිය. සිංහල වෙද දැනුම ලබා දිය යුතු ආකාරය එය ලැබීමට සුදුසු පුද්ගලයින් තෝරා ගන්නා නිර්ණායක නිගමනය කල යුත්තේ සිංහල වෛද්‍ය සභාවකි. ඒ නිර්ණායකයන් බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා බලපාන නිර්ණායකයන් නොවෙතැයි සිතිය හැකිය. සිංහල වෙද දැනුම විකෘති නොවී ආරක්‍ෂා කර ගත හැක්කේ සිංහල වෛද්‍ය සභාවක අධික්‍ෂණය යටතේ අධ්‍යාපනය ලබා දීමෙනි. ඒ ප්‍රශ්ණයට විසඳුම පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම නොවේ.පේටන්ට් බලපත්‍ර මඟින් මවාපාන නමුත් ඇත්තෙන්ම ඉන් සිදුනොවෙන අනිත් කාර්ය නම් දැනුම පොදු දේපලක් ලෙස ආරක්‍ෂාවීමය. කලින්ද සඳහන් කල පරිදි පේටන්ට් බලපත්‍රයෙන් කෙරෙන්නේ දැනුමක් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමය. එහිදී ආරක්‍ෂාවක් ලැබෙන්නේ පුද්ගලික දේපලකටය. අපි කවුරුත් පාහේ පාවිච්චි කරන වෙනිවැල් ගැට සම්බන්ධයෙන් අප අතර ඇති දැනුම පොදු දැනුමකි. නමුත් අවශ්‍යනම් යම් සමාගමකට එහි ඇති සාරයක් පෙරා ඖෂධයක් තනා එයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට නීතියෙන් අවසරයක් ඇත. නමුත් වෙනිවැල් ගැට උණ සෙම්ප්‍රතික්‍ෂාවට සුදුසු බව සොයා ගත්තේ ඒ සමාගම නොවේ. එය සාම්ප්‍රදායික පොදු දැනුමකි. සමාගම කලේ එය හොරා කෑමකිි. දැන් ඒ දැනුම පුද්ගලික දේපලක් කිරීමට ඉඩ දීම සාධාරනද.පේටන්ට් බලපත්‍ර මඟින් කෙරෙන්නේ පොදු දේපල පාවා දීමය. මා දන්නා පරිදි පොදු දේපල ආරක්‍ෂා කිරීමට රටේ තබා ලෝකයේද නීති නැත. එය එසේ වී ඇත්තේ විශේෂයෙන්ම බටහිරුන්ට එවැනි නීති අවශ්‍ය නැති නිසාය. එය වෙනස් කර ගත යුතුය. අපි සිංහල වෙදකමේ මෙන්ම ගොවිකමේද ඇති දැනුම් පොදු දැනුම් ලෙස ආරක්‍ෂා කර ගැනීමට නීති රීති නිර්මාණය කර ගත යුතුය. දකුණු ඇමෙරිකාවේ, අප්‍රිකාවේ සහ අනිකුත් ආසියාතික රටවල තවමත් ඉතිරීවී ඇති දේශීය දැනුම් පුද්ගලික දේපලවීමට ඉඩ නොදී රැක ගැනීම සඳහා එවැනි නීතිවල අවශ්‍යතාව පිලිබඳව ජාත්‍යන්තර තලයේද අවබෝධයක් ඇති කල යුතුය.පේටන්ට් බලපත්‍ර මෙන්ම සායනික පරීක්‍ෂණද සිංහල වෙදකමෙහි යොදා ගැනීමේදී අපි විමසිලිමත් විය යුතු වෙමු. රෝගයකට සම්බන්ධ යම් ජීව රසායනික ක්‍රියාවලියක් වෙනස් කිරීමට යම් රසායනික අණුවකට හැකිද යන්න උරගා බැලෙන්නේ බටහිර ජීව විද්‍යාවේ කෙරෙන මූල ධර්ම පරීක්‍ෂණ වලදීය. මේ පරීක්‍ෂණ කෙරෙන්නේ පරීක්‍ෂණාගාර වල බොහෝවිට සතුන්ද යොදවාගෙනය. සායනික පරීක්‍ෂණ මඟින් කෙරෙන්නේ කලින් හඳුනාගත් රසායනික අණුව මිනිස් භාවිතයේදී බලාපොරොත්තුවෙන ප්‍රතිථලය ලැබේද යන්නය. සායනික පරීක්‍ෂණ මුළු මනින්ම පාහේ කෙරෙන්නේ ඖෂධ වලට පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ සංදර්භය තුලය. බටහිර වෛද්‍ය විද්‍යාවට රෝගියාත් රෝගයත් රෝග කාරකත් ඒ නිසා ඖෂධයත් වියුක්ත සංකල්පය. ඖෂධය ගැලපෙන්නේ යම් රෝගයක් ඇති ඕනෑම මිනිසෙකුට මිස වෛද්‍යවරයා ඉදිරියේ සිටින මිනිසාට නොවේ. මේ සංදර්භය තුල රෝගියා ඖෂධයෙන් වෙන් කෙරෙයි. ඖෂධ නිර්මාණය වන්නේද වෛද්‍යවරයාගෙන් ස්වාධීනවය ඒනිසා වෛද්‍යවරයාද ඖෂධයෙන් වෙන් කෙරෙයි. ඖෂධය නීතිගත කිරීමෙන් අනතුරුව ඖෂධ සමාගමද ඒ ඖෂධය පිළිබඳ දරන වගකීමෙන් නිදහස් වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගීයාත්, ඖෂධයත්, වෛද්‍යවරයාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැතිවෙයි. අවසානයේ සායනික පරීක්‍ෂණ වලින් ලැබෙන සංඛ්‍යානමය දත්ත රැසක් මැද රෝගියා අතරමං වෙයි.උදාහරණයක් වශයෙන් බොහෝවිට අපි මිලදී ගන්නා ඖෂධ සමඟ පත්‍රිකාවක් ලැබෙයි. එහි සායනික පරික්‍ෂණ මඟින් සොයා ගන්නා ලද ඖෂධයේ ධනාත්මක හා සෘණාත්මක ගුණ ලැයිස්තුවක් ඇත. ඒ ලැයිස්තුව එහි ඇත්තේ එසේ තිබිය යුතුයැයි නීතියෙන් කියන නිසාය. වෛද්‍යවරයාද දන්නේ ඒ ලැයිස්තුවමය. නමුත් මේ ලැයිස්තුව කිරා මැන ගෙන මට අදාල වන්නේ කෙසේද යන්න කියා දීම ඖෂධ සමාගම් වල වගකීම නොවේ. එය කල නොහැකි දෙයකි. සමහර විට සායනික පරීක්‍ෂණ වලින් සමත් වන ඖෂධ පවා කාලයකට පසු දරුණු අතුරු ආබාධ ගෙනදෙන බව හෝ රෝගයට ප්‍රතිකර්මයක් නොවෙන බව හෝ සොයා ගැනෙයි. එවැනි අවස්ථා වලදී රෝගීන්ට කල හැක්කේ ඖෂධ සමාගමට නඩු පැවරීමය. එවිට රෝගීන්ට යම් වන්දියක් ගෙවෙයි. ඒ වන්දියද අවසානයේ ගෙවන්නේ රක්‍ෂණ සමාගමකි. එහිදීද රෝගීන් ගැන ඇත්තටම වග කියන කෙනෙක් නැත.බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරීක්‍ෂණ තුලින් බටහිර වෙදකමට යම් කාර්යක් ඉටුවේ. එය නම් යම් රෝගයක් ඇති ඕනෑම කෙනෙකුට යම් ඖෂධයක් ප්‍රතිකර්මයක් වේද යන්න අනුමාන කිරීමට අවශ්‍ය දත්ත සැපයීමය. ප්‍රායෝගිකව, ඖෂධ සමාගම් මේ දත්ත තම ඖෂධයට පේටන්ට් පත්‍ර ලබා ගැනීම සඳහා භාවිතා කරයි. මේ ක්‍රියාවලිය තුලින් රෝගීන්ගේ සුව සෙත අරභයා යම් ආරක්‍ෂක දැලක් නිර්මාණය වේ යැයි උපකල්පනය කෙරුනද ඇත්තෙන්ම වෛද්‍යවරයාවත් ඖෂධ සමාගමවත් ඒ වගකීම දරන්නේ නැත. ඊට හේතුව වෛද්‍යවරයාත් ඖෂධයත් රෝගියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් නැතිවීමය. බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරික්‍ෂණ නිර්මාණයවී ඇත්තේ එසේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතැයි හෝ තිබිය යුතුයැයි සලකා නොවේ.රෝගියෙකුට වැදගත් යම් ඖෂධයකින් තමන්ට ඇති රෝගය සුව වෙන බව පමණක් නොවේ වෛද්‍යවරයා ඒ පිළිබඳව වගකියනවාද යන්නද ඔහුට වැදගත්ය. ඒ සඳහා වෛද්‍යවරයාත් ඖෂධයත් රෝගියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් තිබිය යුතුය. සාපේක්‍ෂ වශයෙන් සිංහල වෙදකම තුල ඒ සම්බන්ධකම ඇත. එක් පසකින් ඖෂධ නිශ්පාදනය කරන්නේද වෛද්‍යවරයාය අනිත් පසින් එම වෛද්‍යවරයාට ඒ ඖෂධය ගැන පරම්පරාවෙන් ලැබෙන අත්දැකීම් ඉතිහාසයක් ඇත. ඒ නිසා ඔහු තමන් නියම කරන ඖෂධයෙන් බැහැරවූවෙක් නොවේ ඒ නිසා ඔහුට ඒ ගැන බටහිර වෛද්‍යවරයෙකුට වඩා වගකීමක් ගත හැකිය. මේ සංදර්භය තුල සිංහල වෙදකමේ සායනික පරීක්‍ෂණ වලින් ඇසෙන ප්‍රශ්ණය බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරීක්‍ෂණ වලින් ඇසෙන ප්‍රශ්ණයට වඩා වෙනස් විය යුතුය. බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරීක්‍ෂණ වලින් ඇසෙන්නේ යම් ඖෂධයක් පිළිබඳවය. සිංහල වෙදකමේ සායනික පරීක්‍ෂණ වලින් ඇසිය යුත්තේ ඖෂධය සහ එය නියම කරන වෛද්‍යවරයා යන දෙදෙනාම පිළිබඳය. එසේත් නැත්නම් අහවල් වෙද මහතාට අහවල් රෝගය සුව කල හැකිද යන්නය. එකම රෝගයට වුවද විවිධ වෛද්‍යවරු ලබා දෙන ප්‍රතිකාර අතර විවිධත්වයක් තිබිය හැකි බැවින් (උදාහරණයක් වශයෙන් වකුගඩු රෝගයට ප්‍රතිකාර කරන විවිධ වෙද මහත්වරු සිටිති) ඖෂධ වලට පමණක් පරීක්‍ෂණ ලඝු කිරීමෙහි අරුතක් නැත. ඒ අනුව සිංහල වෙදකමේ සායනික පරීක්‍ෂණ නිර්මාණය කල යුත්තේ වෛද්‍යවරයාත් ඖෂධයත් රෝගියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතැයි හා එසේ තිබිය යුතුයැයි සලකා ගෙනය. රෝගීන් සුව කිරීම ඔවුන්ට සත්කාර කිරීම පොදු සමාජයේ වගකීමකි නමුත් බටහිර සංස්කෘතිය තුල එය පුද්ගලික එනම් රෝගියාගේම වගකීමක් ලෙසට ලඝුවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ අංගෝපාංග සකස් වෙමින් පවතින්නේ රෝගීන් බලා කියා ගැනීමේ පොදු වගකීමෙන් මිදෙන ආකාරයටය. අපි සිංහල වෙදකමද ඒ ආකාරයට සකස් කලොත් සිංහල වෙදකමින් සිංහලකම හැලෙනු ඇත.
|
BLOG
|
2013.09.29
|
http://www.gimanhalablog.blogspot.com/
|
උණ වලිප්පුව දරුණු රෝගී තත්වයක්ද? ( Febrile Convulsions )
|
ගිමන් නිවන්නා
|
නන්දාවතී උදෑසනම අවදි වූවේ සිය දියණියගේ අටමස් වියැති පුතුට බැඳි හාල් කැඳ පිළියෙල කිරීමටය.ඒ පෙර දින රාත්‍රියේ දී දරුවාට හිස ගිණියම් වන්නට උණ ගැනී තිබූ බැවිනි.මොහොතකින් ඇයට ගේ තුලින් දියණිය බෙරිහන් දෙනු ඇසිණි,"අනේ අම්මේ ඉක්මණට එන්නකෝ පුතාට මොකක්ද වෙලා"හණික ගෙය වෙත දිව ගිය නන්දාවතීට දැකිය හැකි වූවේ ඇස් උඩ තබා ගෙන ගැහෙමින් සිටින දරු සිඟිත්තාය. කලබල වූ ඇයද කෑගසන්නට විය.ඒ හඬට නිවැසියන්ද, අහල පහල අයද සැනෙකින් එතැනට රොක් වන්නට විය.නන්දාවතී දරුවා බදාගෙන හඬයි, දරුවාද දිගින් දිගටම ගැහෙමින් සිටී, කටෙන් වැගිරෙන කෙළ එකතු වී ගොර ගොර හඬක්ද නැගෙයි.වට වී සිටින අය විවිධ මත පල කරන්නට විය."දරුවට උණ වලිප්පුවද කොහෙද.""ඉක්මනට කටට යකඩ හැන්දක් දාහල්ල දත කට පූට්ටු වෙන්න කලින්.""අතටත් යකඩයක් දුන්නා නම් ඉක්මනට ඕක නතර වෙයි."මෙවන් විවිධ ප්‍රතිකර්ම අතරින් ගැස්ම පැය භාගයක් පමන වන තෙක් පවතින්නට විය."කවුරු හරි ඉක්මනට ගිහින් වාහනයක් හොයාගෙන වරෙල්ලා"නන්දාවතීගේත් දියණියගේත් විලාපය වැඩි වන්නට විය.සුලු වේලාවකින් පැමිණි ත්‍රීරෝද රථයෙන් දරුවාව ලඟම තිබූ රෝහල වෙත රැගෙන යන ලදී.වාට්ටුවට ගෙන එන විටත් ගැහෙමින් සිටි දරුවා ක්ෂණිකව වෛද්‍යය අවධානයට යොමු විය. මූලික පරීක්ෂා කිරීම් වලින් පසු ලබා දුන් ඖෂධ මගින් විනාඩි කිහිපයකින් දරුවාගේ ගැස්ම නතර විය.නන්දාවතීට හුස්ම ටිකක් වැටුනේ ඉන්පසුවය~ ~ ~ ~ ~ ~ * * * *~ ~ ~ ~ ~ ~ඉහත සඳහන් සිදුවීමේන් පෙන්නුම් කලේ උණ වලිප්පුව සෑදුන දරුවෙකු පිළිබඳව හා එම දරුවාගේ දෙමව්පියන් ඥාතීන් එම අවස්ථාවේ ක්‍රියා කල අකාරයයි.උණ වලිප්පුව ( Febrile Convulsions ) යනු උණ ඇති විට සමහර කුඩා දරුවන්ට ඇතිවන ගැස්මය (Fit).එය ඇති වන අකාරය සලකා බැලුවහොත්,ශරීර උෂ්ණත්වය ඉහල යාම බොහෝ ආසාද වලදී සුලබව දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි. සාමාන්‍යය ශරීර උෂ්ණත්වය වන 37 0cට හැඩ ගැසී ඇති අප ශරීරයේ සෛලයන් උෂ්ණත්වය ඉහල ගිය විට විවිධ සංකූලතා පෙන්වීමට පටන් ගනී.සම්පූර්ණ පරිනත බවට පත් නොවූ ළමා මොලයේ ස්නායු සෛලයන්ද උෂ්ණත්වයේ වෙනස්කම් වලට ඉතා සංවේදීය. එම නිසා එම සංකූලතාවල ලක්ශණයක් ලෙස සිරුරේ ඇති වන ගැස්ම (වලිප්පුව / fits) හඳුනා ගත හැක.මාස 6 සිට අවුරුදු 5 දක්වා වයසැති දරුවන් හට උණ සමඟ ඇතිවන ගැස්ම උණ වලිප්පුව ලෙස හඳුන්වයි. මෙය වර්හ දෙකකට වෙන් කර දැක්විය හැක.1. සරල උණ වලිප්පුව (Simple Febrile Convulsions)2. සංකීර්ණ උණ වලිප්පුව. සරල උණ වලිප්පුව(Simple Febrile Convulsions)මෙය අනතුරු දායක බව ඉතාමත් අල්ප එතරම් බියට පත් විය යුතු නැති තත්වයකි. මෙම සරල උණ වලිප්පුව හඳුනා ගත හැකි ලක්ෂණ මෙසේ දැක්විය හැක.1. උණ සෑදී පළමු පැය 24 තුල ඇති වූවක් වීම.2. ගැස්ම විනාඩි 15 කට වඩා අඩු වේලාවක් පැවතීම.3. පැය 24ක් තුල ගැස්ම එක් වතාවක්පමණක්ඇති වීම.2. සංකීර්ණ උණ වලිප්පුව(Complex/Atypical Febrile Convulsions)ඉහත සඳහන් කල කරුණු 3 ඉක්මවා යන අවස්ථා මේ කොටසට අයත් වේ.එනම්, උණ සෑදී පැය 24ක් ඉක්මවා ඇත් විට ගැස්ම ඇති වීම, ගැස්ම විනාඩි 15 කට වඩා වැඩි වේලාවක් පැවතිම හෝ පැය 24ක් තුල ගැස්ම එක් වතාවකට වඩා වැඩී වාර ගණනක් ඇති වීම,ගැස්ම සිරුරේ පැත්තක් පමණක් හෝ සිරුරේ එක් කොටසක (එක් අතක්, කකුලක් හෝ කට පැත්තට යාම ) පමණක් ඇති වීම.මෙම ලක්ෂණ සහිතව ගැස්ම ඇති වූවේ නම් අනිවාර්‍යයෙන්ම දරුවා රෝහලක් වෙත රැගෙන යා යුතුමය.මක් නිසාද ඉහත ලක්ෂණ ඇති විට මොලයට කිසියම් විශබීජයක් ඇතුලු වී ඇත්දැයි සොයා බැලිය යුතු බැවිනි.කෙසේ වුවත් ඉහත සඳහන් ලක්ෂණ පෙන්නුම් කලද බොහෝ සංකීර්ණ උණ වලිප්පු තත්වයන්ද අවදානම් රහිත වර්ගයට අයත් වේ.උණ වලිප්පුව ඇති වූ අවස්ථාවක ක්‍රියා කල යුත්තේ කෙසේද.1. කලබල නොවන්න (Don't panic)දරුවෙකුට අසනීපයක් සෑදුන විට කලබලයට පත් වීම සාමාන්‍යය දෙයක්. නමුත්,ඉන් දරුවාට ඉක්මන් සුවයක් ලබා දීමට උදව්වක් වන්නේ නැහැ.අවශ්‍යය වන්නේ කලබලයට පත් වී දරුවාව බදාගෙන සිටීම නොවෙයි. බුද්ධිමත්ව ඉක්මනින් ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමයි.2. ගැස්ම ආරම්භ වූ වේලාව මතක තබා ගන්න.3. දරුවාව ඇඳක් මත හෝ වෙනත් ආරක්ශා සහිත මතුපිටක් මත තබන්න, අනතුරු විය හැකි දෑ අසල ඇත්නම් ඒවා දරුවාගෙන් ඈත් කරන්න.4. දරුවාව පැත්තකට හරවන්න (වම් ඇලයට හෝ දකුණු ඇලයට ). ගැස්ම ඇති විට මුඛයෙන් කෙල වැගිරීම සාමාන්‍යය දෙයකි. නමුත් මෙහි ඇති අනතුරුදායක් තත්වය වන්නේ එම කෙල ශ්වසන මාර්ගයට ඇතුල් වීමේ අවධානමයි. (ඉන් පෙනහලු ආසාදනයට පත් වීම සිදු විය හැක - AspirationPneumonia ) දරුවා ඇලයට හරවා මුඛයෙන් වැගිරෙන කෙල ඉවතට වැගිරෙන ඉරියව්වක තැබීමෙන් මෙම තත්වය වලක්වා ගත හැක.5. කිසිම විටක දරුවාගේ අතට යකඩ හෝ වෙනත් කිසිඳු ද්‍රව්‍යයක් ලබා දෙන්න එපා.6. කිසිම විටක ගැස්ම ඇති විට දරුවාගේ මුඛයට කිසිවක් ඇතුල් කරන්න එපා (මුඛයට යකඩ හැඳි හෝ ලී කැබලි තැබීම වැනි මිත්‍යා විශ්වාස අනුගමනය නොකරන්න. ඉන් මුඛයට හානි වීම, දත් කැඩී යාම වැනි අනතුරු සිදු විය හැක )7. දරුවාගේ ඇඳුම් ඉවත් කරන්න.8. දරුවාව තෙමන්න.සාමාන්‍යය කාමර උෂ්ණත්වයේ ජලය මේ සඳහා පාවිච්චි කරන්න (ශරීර උෂ්ණත්වයට සමාන නම් වඩාත් සුදුසුයි ) රෙදි කැබැල්ලක් ආධාරයෙන් සිරුර හොඳින් තෙමන්න. දරුවාට කැස්ස හෝ හෙම්බිරිස්සාව ඇත්නම් පපුව හා පිට තෙමීමෙන් වලකින්න.9. මිනිත්තු 10 කට වඩා ගැස්ම පැවතුන හොත් ලඟම ඇති රෝහල වෙත දරුවාව රැගෙන යන්න. එසේ රැගෙන යාමේදී දරුවා උඩු අතට වඩා ගෙන යාමෙන් වලකින්න. ඇලයට හැරවී සිටින ලෙස ආරක්ශිතව රැගෙන යන්න.10. එක් වරක් උණ වලිප්පුව වැලඳුන දරුවෙකු නම් යළිත් ශරීර උශ්නත්වය ඉහල යන අවස්ථාවල උෂ්ණත්වය පාලනයට ඉක්මන්ව ක්‍රියා කරන්න.උණ කටුවක් ගෙන උණ මනින ආකාරය ඉගෙන ගන්න.නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් පැය 6කට වරක් ලබා දෙන්න.ඇඟ තෙමීම මඟින් උෂ්ණත්වය අඩු කරන්න.උණ වලිප්පුව යනු බියට පත් විය යුතු රෝගී තත්වයක් නොවේ. උණ වලිප්පුව ඇති වූ දරුවන්ගෙන් 99.9%කටම මොළයට හෝ අන් අවයව වලටද කිසිඳු ආබාධයක් ඇති නොවේ. කල යුතු හොඳම ප්‍රතිකර්මය, දරුවා පිලිබඳ අවධානයෙන් සිට යන්තම් උණ සෑදීගෙන එන විට උෂ්ණත්වය පාලනය කර නැවත නැවත උණ වලිප්පුව සෑදීම වලක්වා ගැනීමයි.
|
BLOG
|
2013.05.19
|
http://www.gimanhalablog.blogspot.com/
|
කෙටි විරාමයකට අවසර
|
ගිමන් නිවන්නා
|
ඔන්න කාලයක සිට බලා සිටි සීමාවාසික සේවා කාලය හෙටින් ආරම්භ වෙනවා.වසරකට ආසන්න කාලයක් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් විශාල සතුටක් හා දැනුමක් මෙන්ම අගනා මිතුරන් රැසක් හඳුනා ගන්නට ලැබුනා.ඉතින් ඉදිරියට ලිවීමට මෙන්ම කියවීමටද කාලයක් ලැබේවි කියල හිතන්න අමාරුයි.හැකියාවක් ලැබුනොත් කෙටියෙන් හෝ යමක් ලියන්නම්.කලාතුරකින් හෝ බ්ලොග් කියවීමට පැමිණියත් යමක් පවසා යන්නට නම් නොහැකි වේවි. ඒ ගැන අමනාප නොවන්න.සීමාවාසික කාලයෙන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොග් ලිවීමට හා කියවීමට තමයි බලාපොරොත්තුව.එහෙනම් ඉතින් ඔයාල හැමෝටම සුවෙන් සතුටෙන් ආදරෙන්පිරුණුවාසනාවන්ත දිවියක් පතනවා.~ ගිමන් නිවන්නා ~.
|
BLOG
|
2013.05.13
|
http://www.gimanhalablog.blogspot.com/
|
ප්‍රතිප්‍රහාරය (විද්‍යා ප්‍රබන්ධය )
|
ගිමන් නිවන්නා
|
"මහත්තයව හම්බවෙන්නෙ කවුද ඇවිත්""කවුද මේ වෙලාවෙ.කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගනිමින් ජයදේව ඇසීය."අනේ මන්දා, ටයිකෝට් දා ගත්ත කට්ටියක්""හොඳයි මම එන්නම් කියන්න""ගෙදරකට එන වෙලාවක්ද මේක, රෑ 12ටත් වෙලා" ඔහු හනික අමුත්තන් ඉදිරියට යාමට සුදුසු ඇඳුමක් හැඳ ගනිමින් සිතීය.සාලයට පැමිණි ඔහුට දැකගත හැකි වූවේ හොඳින් හැඳ පැලඳ ගත් විදේශිකයන් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකිකයෙකි."සමාවෙන්න මහාචාර්‍යතුමා මේ වෙලාවෙ කරදර කරන්න වුනාට, මම රාජ්‍ය ආරක්ශක අංශයේ ඉහළ නිලාධාරියෙක්" ශ්‍රී ලාංකිකයා හැඳුනුම්පතක් පාමින් පැවසීය."මේ අන්තර්ජාතික රහස් ව්‍යාපෘතියක මෙහෙයුම් නිලධාරීන් දෙදෙනෙක්, ඔවුන්ට ඔබතුමාගෙ සේවය අවශ්‍ය වෙලා තියෙනවා. ඉතා හදිසි කාරණයක් නිසා ඔබතුමාට දැන්ම ඔවුන් සමඟ පිටත් වෙන්න වෙනවා"ජයදේවා සිනාමුසුව විමසුම් ඇසින් බැලුවේ මෙය කිසියම් විහිලුවක්දෝ යන ප්‍රශ්නාර්ථ බැල්මෙනි. නමුත් ඔහුන්ගේ මුහුණු වල තිබූ බැරෑරුම් පෙනුමෙන් ඔහුට පිළිතුරු ලැබිණ."හොඳයි අත්‍යාවශ්‍යය දෙයක් නම් මම එන්නම්. ඉන්න මම ලෑස්ති වෙන්නම්""කරදර වෙන්න එපා මහාචාර්‍යතුමා අපි එවා ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ. අපි දැන්ම පිටත් වෙමු" නිලධාරියා නැගී සිට ජයදේවගේ අතින් අල්වා ගනිමින් පැවසූවේ පැහැරගෙන යාමට සමාන අයුරක් පාමිනි.ඔවුන් සමඟ මිදුලට පැමිණි ජයදේවට දැකිය හැකි වූවේ දැඩි ආරක්ශාව යෙදවූ නවීන පන්නයේ මෝටර් රථ පෙලකි. ඒ ගැන සිතීමටත් පෙල රථපෙල ජයදේවද ගෙන ඉගිලුනේ පොලිස් සයිරන් හඬ නගමිනි. පැයක් යන්නට මත්තෙන් ගුවන්තොටුපොලට පැමිණි ඔවුන් කිසිම විමසීමක් නොමැතිව ඔවුන්ටම වෙන්වූ ගුවන් යානයක් වෙත ලඟා විය. ඔවුන් එයට ගොඩ වූ වහාම ගුවන්යානය ගමන් ඇරඹීය.මේ වන විට ජයදේව සිටියේ කෙන්තිය මුසුවූ නොඉවසිල්ලෙනි.ඒ සමඟම ඉහල නිලධාරියෙකු යැයි සැක කල හැකි තරුණ කාන්තාවක් ඔහු සිටි කුටියට ඇතුලු විය."මොකක්ද මේකෙ තේරුම. මේක පැහැර ගැනීමක්."ජයදේව තදින් පැවසූවේ සිය කේන්තිය පිට කිරීමටය."සමාවෙන්න මහාචාර්‍ය ජයදේව, කාලය ඉතාමත් සීමිත නිසා මේ ආකාරයෙන් කටයුතු කරන්න වුනාට. මම ආවේ ඔබතුමාට සියලු කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න."මෙසේ පවසමින් තමා ඉදිරියේ තිබූ සෝපාවෙහි හිඳ ගත් ඇය දෙස ජයදේව විමසුම් ඇසින් බලාසිටියේ මෙම පැහැර ගැනීමට සධාරණ හේතුවක් බලාපොරොත්තුවෙනි."මම ආන්යා, ජීව විද්‍යාව පිලිබඳ විද්‍යාඥවරියක්. වසර තුනකට පෙර මම ඇමෙරිකානු පර්යේෂණ ආයතනයක සම්බන්ද වුනා. අපි පර්යෙෂණ කලේ මීට වසර අටකට පෙර මෙක්සිකෝවට කඩා වැටුන උල්කාපාතයක් පිලිබඳව.ඇත්තටම එය උල්කාපාතයක් නොවෙයි, අභ්‍යවකාශ යානයක්.එය තුලින් අපිට ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු හමු වුනා.කුමක් හෝ හේතුවක් නිසා එම සිරුරු සුරක්ශිතාගාරය තුලදී ඉටි වැනි අර්ධ ද්‍රව තත්වයකට පත් වුනා. එම නිසා අපිට ඔවුන් ගැන වැඩි දුර පරීක්ෂා කරන්නට අවස්තාවක් නොමැති වුනා.ඉන්පසු අපේ සම්පූර්ණ අවධානය යොමු වුනේ ඔවුන්ගේ යානය හා එහි තිබු ද්‍රව්‍ය වලට. එහි තිබූ ඔවුන්ගේ ලේඛන යැයි සැක කල හැකි දෙයක් හමු වුනා. වසර ගණනක විශ්ලේෂණ වලින් පසු එලි කර ගත හැකි වූ කරුණු ඉතා දරුණු වුනා. ඔවුන්ගේ ඒ ගමන මිතුරු හමුවක් නොවෙයි. ඔවුන් ඔත්තු කරුවන් නැත්නම් ආක්‍රමණයක පෙර පුහුණුවක්. මොවුන්ගේ අරමුණ පෘතුවියේ ජීවීන් සමූල ඝාතනය කර පෘතුවිය අල්වා ගැනීම. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන්න යන්නේ විශ වායුවක්.අපි ඒ ලේඛණ වටහා ගත් ආකාරයට සැක කලේ එම ආක්‍රමණය සඳහා මෙයින් වසර 50ක කාලයක් ඇති බව ඔවුන්ගේ කාලසටහනට අනුව. නමුත් අපි වැරදීමක් සිදු වෙලා. ඔවුන් දැනටමත් අපි ආසන්නයට ඇවිත්. මීට දින දෙකකට පෙර ඔවුන්ගේ යානා හදුනා ගනු ලැබුවා. ඔවුන් පැමිණෙන වේගයට අනුව අපිට ඇත්තේ මාස තුනකටත් වඩා අඩු කාලයක්"මේ සියල්ල අසා සිටි ජයදේව හුස්මක් ගෙන කල්පනා කලේ තමා මෙතෙක් අසා සිටියේ සුරංගනා කතාවක්දෝ කියාය."හොඳයි දැන් මගෙන් බලාපොරොත්තු වන්නේ මොකක්ද, ඔය පිටසක්වල යානා, ජීවීන් ගැන නම් බොහොම දුර්වල දැනුමක් තමයි මට තියෙන්නෙ"එයට මඳ සිනහවක් පල කල ආන්යා."මෙම ජීවින්ගේ අරමුණ හඳුනා ගත් සැනෙන් අපි මේ ගැන රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් දියුණු රටවල් සමඟ කතා කලා. ඊට පසු අපි පෘතුවිය හා ජීවීන් රැක ගැනීමට රහස් ව්‍යාපෘතියක් ආරම්භ කලා.කෙටියෙන් පැවසුවහොත් අපි කරන්න යන්නෙ භූගත කුටි ඉදි කර ඒවාගේ රැකවරණය ලබා ගැනීම."මොකක්. ඔය අදහස ප්‍රායෝගිකව කරන්න පුලුවන් දෙයක්ද."දැනටමත් එය කෙරෙමින් පවතිනවා, හදිසියේ කාලය හරස් වීම තමයි ගැටලුව වූවේ"මෙම සංවාදය අවසන් වන විට ඔවුන් ඇමෙරිකාවට ලඟා වී තිබිණ. පැය කීපයක් ඇතුලත භූගත රහස් පර්යේෂණ මූලස්ථානය වෙත ඔවුන් ලඟා විය.ජයදේව විස්මයට පත් වූවේ එය තුලට ඇතුල් වූ විටය. එය භූගත නගරයකට සමාන විය. සූක්ෂමව ඉදිකර තිබූ දැවැන්ත ශාලා තුල විවිධාකාරයේ නිශ්පාදනයන් සිදු වෙමින් පැවතින.අවට නරඹමින් ජයදේව එහි පාලන මූලස්ථානයට පැමිණියේය.විශාල සාකච්ඡා මේසයක හිඳ විවිධ ජාතීනට අයත් බුද්ධිමත් පෙනුමෙන් යුතු සියයකට අධික පිරිසක් එහි සිටිනු දැකිය හැකි විය.ජයදේව එයට ඇතුලු වූ සැණින් සාකච්ඡා මේසයේ මුලසුන හෙබවූ තැනැත්තා නැගිට සභාව නිහඬ කරවා ජයදේව පිලිගත්තේය."නියම වෙලාවට ඔබ පැමිණියේ මහාචාර්‍යයතුමා, මම අන්සොව් වොරොනින්, ජීව විද්‍යාව පිලිබඳ රුසියානු විද්‍යාඥයෙක්. අපි ඉන්නෙ ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා. පෘතුවිය තුල මිනිසාගේ පැවත්මට විශාල අභියෝගයක් ලඟ ලඟම පැමිණෙනවා.මම හිතනවා ඔබ දැනටමත් අපේ අරමුණ දන්නවා ඇති කියලා. ඒ සැලසුමට අනුව මිනිස් වර්ගයා භූගත රැඳවුම් කුටි වලට යැවීමේදීදී ඔවුන්ට අවශ්‍යය ඔක්ෂිජන් හා ආහාර පෘතුවිය මතු පිටින් ලබා ගත නොහැකියි. එවා පොළව තුලදීම නිපදවිය යුතුයි. නමුත් ඒ සඳහා අපි යෝජනා කරගෙන සිටි සැලසුම් කිසිවක් ක්‍රියාත්මක කිරීමට කාලය නැහැ.මෙහිදී තමයි අපිට ඔබගේ කල්පිතය ප්‍රයෝජනවත් වෙන්නෙ.ජයදේව විස්මයටත් තැති ගැන්මටත් පත් විය.මිනිස් සිරුර පූර්ණ නිර්වින්දනයට ලක් කර, සියලු ජෛව ක්‍රියාවලි අවම ක්‍රියාකාරිත්වයට පත් කල හැකි රසායනිකයක් ගැන ඔහු මාස කීපයකට පෙර ලිපියක් පල කලේය. එය මෙතරම් අවදානයක ලක් වී ඇතැයි ඔහු නොසිතුවේය."ඇත්තෙන්ම මම සතුටු වෙනවා මගේ කල්පිතයෙන් ප්‍රයෝජනයක් ගැනීමට හැකි වීම ගැන. නමුත් ඒ කල්පිතය කෙතරම් දුරට ප්‍රායෝගිකදැයි මට සහතික වෙන්න බෑ."ජයදේව පැවසූවේ සියලු දෙනාහේ බැල්ම ඔහු වෙතට ගනිමිනි."ඒක ගැටලුවක් කර ගන්න එපා, ලෝකයේ හොඳම ජීව විද්‍යාඥයන් මෙහි සිටිනවා. ඔබ සිතනවාට වඩා බොහෝ ඉහල තාක්ෂණික පහසුකම් මෙහි තිබෙනවා. මම හිතනවා මාසයක් ඇතුලත ඔබේ කල්පිතය ප්‍රායෝගිකත්වයට හරවයි කියා. එමගින් වසර ගණනාවක් මිනිසුන් අවම ඔක්ෂිජන් හා ශක්ති වැය වීමක් සහිතව නිද්‍රාගතව තබා ගන්න පුලුවන් වේවි පෘතුවිය මතු පිටින් විශ වායූන් ඉවත් වන තුරු"~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~මසක් ගත වීමට පෙර ජයදේව සාර්ථකව සිය කල්පිතය සැබෑවක් බවට පත් කලේය. බොහෝ දෙනෙක් තුල පැවති අවිනිශ්චිත බව දුරු වූවේ ඉන්පසුවය.නමුත් ජයදේවගේ සිතෙහි නම් දහසක් ගැටළු පැවතින. ඒ සියල්ල නිරාකරණය කර ගැනීමට හැකි වූවේ මෙහෙයුම් ප්‍රධානියා ඔහුට ස්තූති කිරීමට පැමිණි මොහොතේය."සමාවෙන්න මෙහෙම ඇහුවට, ඔබ මෙහි සූදානම් කරන භූගත කඳවුර ලෝකයේ සියලු දෙනාට ප්‍රමාණවත් නැහැ නේද."ප්‍රධානියා ජයදේවට මද සිනහවක් හෙලුවේය."ඇත්තෙන්ම නැහැ, ඔබ නොදන්නවා වුනාට එක් එක් කලාපයට වෙන වෙනම භූගත කඳවුරු ඉදි කෙරෙනවා. දැනටමත් බොහොමයක වැඩ අවසන්"ජයදේවට එය යම් සැහැල්ලුවක් ගෙන දෙන්නක් විය."මට තාමත් අපහැදිලියි ඔබේ සැලැසුම, ඇයි අපිට බැරි මෙම ජීවීන්ට අභ්‍යවකාශයේදීම ප්‍රහාර එල්ල කර පලවා හරින්න""ඇත්තෙන්ම අපි පහර දෙනවා, දැනටමත් දැවැන්ත න්‍යශ්ටික ආයුධ අපි නිපදවා තිබෙනවා. නමුත් ඔවුන්ගේ යානා ඉදි කර තිබෙන මූලද්‍රව්‍යය අත්භූත ජනකයි. මෙක්සිකෝවට ඇද වැටුන යානය අපි ලක් කල සෑම ඔරොත්තු දීමේ පර්යෙෂණයකටම සාර්ථකව ඔරොත්තු දුන්නා."නමුත් රුසියාවට ඇද වැටුන යානයට එතරම් ඔරොත්තු දීමේ හැකියාවක් තිබී නැහැ. ඒ වගේ එහි සිටි නියමු ජීවීන්ද හමු වී නැහැ, යානය තුල තිබී දිය වී ගිය සිරුරු කොටස් පමණක් හමු වී තිබුණා." "අපිට අවදානමක් ගන්න බෑ, එම නිසා තියන හොඳම විසඳුම තමයි වාඩත් ආරක්ෂාකාරී සැඟවීමක් සැලසුම් කරන එක.""ඉතින් ජයදේව මහාචාර්‍යතුමා ඔබේ වැඩ කොටස සාර්ථකව ඉටු කලා. ඔබට බොහොම ස්තූතියි. තව සතියකින් පමණ අපි මිනිසුන් කුටීර තුලට යැවීම ආරම්භ කරනවා. අවශ්‍යය නම් ඔබට ඔබේ කලාපීය රැඳවුම්පලට යන්න පුලුවන්"ජයදේව මදක් කල්පනා කලේය,"මම කැමතියි ඉදිරියටත් ඔබ සමඟ එකතුව මෙම උවදුරෙන් ගැලවීමට ඔබට කල හැකි උපකාරයක් කිරීමට""ගොඩක් ස්තූතියි ඔබට, එය විශාල උදව්වක්."~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~තවත් මාසදෙකක්යන්නට මත්තෙන් සියලු දෙනා බලාපොරොත්තු වූ දිනය උදා විය. දහස් ගණන් වලින් පැමිණි සිලින්ඩරාකාර හැඩැති අභ්‍යාවකාශ යානා පෘතුවිය වටා සැරිසරන්නට විය.ඔවුන් වෙත එල්ල කල සෑම ප්‍රහාරයක්ම ව්‍යර්ථ කිරීමට ඔවුන් සමත් වූවේ එම යානා වල පැවති සුපිරි ගනයේ ඔරොත්තු දීමේ හැකියාව මගිනි.මිනිසාගේ අවසන් තුරුම්පුව වූ න්‍යශ්ටික අවි වලින් ඔවුන්ගේ යානා යලි අභ්‍යවකාශායට විසිකර දැමීමට සමත් වුවද ඒවාට හානියක් කිරීමට තරම් හැකියාවක් නොවීය.සිතූ පරිදිම අවසානයේ ඔවුන් ප්‍රහාරය ආරම්භ කලෝය. නමුත් බලාපොරොත්තු වූ විශ දුමාරයක් නොව එය ගිනි දුමාරයක් විය. ලෝහ පවා සැනින් උණු වී යන ඔවුන්ගේ ගිනියම් වූ වායු ප්‍රහාරය හමුවේ මිනිස් අවි ආයුද සෙල්ලම් බඩු වැනි විය.ඉතිරි හමුදා භූගත කඳවුරු වලට කැඳවා ගත් පසු මිනිසාගේ එකම ගැලවීම වූවේ සැඟවී සිටීමය.සිදුවන සංහාරය දුටු ජයදේවට මිනිස් වර්ගයාගේ අනාගතය ගැන සැක පහල වන්නට විය. මොවුන් කවදා පෘථුවිය මතින් යාවිද. නැත්නම් ඔවුන් මෙහිම ජනාවාස ඉදි කර ගනීවිද.මෙම සිතුවිලි අතර වෙහෙසෙන අතර ඔහුගේ ඇස යොමුවී තිබුනේ සතුරු යානා සලකුණු කර තිබූ ලෝක සිතියම වෙතය. ඔහුට එහි රටාවක් දැකිය හැකි විය.වඩාත් විමසිල්ලෙන් බැලූ විට ඔහුට පෙනී ගියේ ජීවීන් වැඩි වශයෙන් රැඳී සිටින්නේ මෙක්සිකෝව, බ්‍රසීලය, ලිබියාව, මැදපෙරදිග, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව යන ප්‍රදේශ වල බවය.මෙහි කුමක් හෝ විශේෂයක් තිබිය යුතුය. මඳ වේලාවකින් ජයදේවගේ හද ගැස්ම වැඩි වන්නට විය. ඒ හදිසියේ සිතට නැගුන අදහසක් නිසාවෙනි."ඔව් ඔවුන් රැඳී ඉන්නෙ උනුසුම වැඩි ප්‍රදේශ වල," ඒ සමඟ එකින් එක තවත් කරුණු සිහියට නැගෙන්නට විය.එසැණින් ජයදේව ප්‍රධාන මෙහෙයුම් මැදිරිය වෙත දිව ගියේය."මම හිතන්නෙ ඔවුන්ගේ දුර්වල ස්ථානයක් තිබෙනවා"සියලු බලාපොරොත්තු කඩ වී සිටි සියලු දෙනා ජයදේව වෙත හැරුණේ එතරම් විශ්වාසයකින් තොරවය."හිතල බලන්න, මෙක්සිකෝවේදී හමුවූ සිරුරු සුරක්ශිතගාර වල අධිශීතකරණ වලට දැමූ සැණින් දිය වී ගියේ ඇයි. රුසියාවට ඇද වැටුන යානයේ නියමුවන්ගේ සිරුරු හමු නොවුනේ ඇයි. මෙක්සිකෝවේ තිබූ යානය හොඳින් ප්‍රහාර වලට ඔරොත්තු දෙන අතර රුසියාවට වැටුණු යානය දිරාපත් වුනේ ඇයි.බලන්න සිතියම දිහා ඔවුන් රැඳී සිටින්නේ සමකය ආසන්නයේ.ජයදේවගේ තියුණු හඬ සියලු සියලු දෙනා ප්‍රාණවත් කරන්නට විය."ඔව් ඔහු හරි, මොවුන් උණුසුමට හා අනෙක් පිපිරීම් වලට හොඳින් මුහුන දුන්නත් ශීතලට එතරම් කැමැත්තක් දක්වන්නෙ නැති හැඩයි""ඉක්මණින් අපි ගාව ඉතිරිව තිබෙන ඔවුන්ගේ යානා කොටස් යොදාගෙන පරීක්ෂා කර බලමු"ජයදේවගේ උපකල්පනය යළිත් වරක් සාර්ථක විය, ශීත කල වාතය එල්ල කල සැණින් පිටසක්වල යනා කොටස් අවපැහැ වනු දැකිය හැකි විය."ඔව් එය වැඩ කරනවා,. ඒත් යනා දුර්වල කිරීමට එය පමණක් ප්‍රමානවත් වෙන එකක් නැහැ."එය සාදාරණ ගැටළුවකි. විද්‍යාඥයන් යලි විවිද මත පල කරමින් වාද කරන්නට විය.මදක් නිහඬව කල්පනා කල ජයදේව යළිත් විසදුමක් යෝජනා කලේය."මම හිතන්නෙ අපි මුලින් බලාපොරොත්තු වුන විශ වායු ප්‍රහාරය ඇත්ත වෙන්න පුලුවන්. අපිට හානි කර වුනේ එම වායුවේ උණුසුම විතරක් වුනත්. ඔවුන්ගේ උනුසුම් වායුව ශීත කල පසු ඔවුන්ට වඩාත් විශ වෙන්න පුලුවන්. ""ඔවුන්ගේ වායු ප්‍රහාරයේ සංඝටක හදුනාගන්න අපහසුයි, ඒවා අපෙ මූලද්‍රව්‍ය වලට වඩා වෙනස්. නමුත් ආසන්න වශයෙන් නයිට්‍රජන් වලට සමානයි" රසායනික විද්‍යාව පිලිබඳ විද්‍යාඥයෙක් ක්ශණිකව උපකාරී විය."එහෙනම් අපි ශීත කල නයිට්‍රජන් වායුව උත්සාහ කර බලමු" ජයදේව ප්‍රකාශ කලේය.අධිශීත කල නයිට්‍රජන් වායුව පිටසක්වල යානා කොටසකට එල්ල කල විට දැකිය හැකි වූවේ ඇදහිය නොහැකි ප්‍රතිඵලයකි. ලෝහය ගින්නට හසුවූ ඉටි මෙන් දිය වී යන්නට විය. අවට සිටි පිරිසගෙන් නැගුනේ ඔල්වරසන් හඬකි.විනාඩියකුදු අපතේ නොයවා නව ආයුධ නිපදවීම ආරම්භ විය.ඉතිරිව සිටි හමුදාව උපක්‍රම ශීලීව යොදා ගනිමින් සතුරු යානා වෙත අධි ශීත කල නයිට්‍රජන් වායු ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.එකිනෙක සිය ගණන් සතුරු යානා දිය වෙමින් ඇද වැටෙන්නට විය. අවසානයේ ඔවුන්ගේ විශ ඔවුනටම පාරාවලල්ලක් වුවේය. සතියක් යන්නට පෙර පෘතුවියේ බලය මිනිසුන් වෙත ලබා ගැනීමට හැකි විය.ජයදේව යන නම ලෝක ඉතිහාසයේ දැවැන්ත ලකුණක් තැබුවේ, සියුම් ප්‍රඥාවෙන් ලොවක් රැක ගත් මිනිසෙකු ලෙසය.
|
BLOG
|
2013.05.06
|
http://www.gimanhalablog.blogspot.com/
|
ඉදින් යනු මැන නුඹේ ලොව වෙත
|
ගිමන් නිවන්නා
|
දෑස මානේ නැඟූ හසරැල්ගොලු වෙලා අද හැංගිලා ..නොපෙනෙනා දුරකට යවා හිතඇයිද නුඹ මෙහි තනි වෙලා ..නිහඞ අරණක කෙළි දෙලෙන් අපිගෙවූ යාමය පහු වෙලා ..ඉදින් යනු මැන නුඹේ ලොව වෙතසොයුරු පෙම නිමලව තියා .
|
BLOG
|
2013.04.28
|
http://www.gimanhalablog.blogspot.com/
|
සහේතුක ආඩම්බරය
|
ගිමන් නිවන්නා
|
"ඒයි අන්න අරූ එනවා""මේ ඌ මෙතනින් යද්දිම ඔක්කොම එකට කියමු""මෙන්න කුණු සමිතය එනෝ... අපෝ මුගේ ලඟ ගඳ.."සමිත කෝපයෙන් ඔවුන් දෙස බලත්ම ඔවුන් සිනා සෙමින් දිව ගියේය. සමිත කරබාගෙන යලි පන්තිය වෙත පා නැඟීය."එයාගේ තාත්ත පාරෙ කුණු අදින එකලු රස්සාවට කරන්නෙ"අසල සිටි යුවතියන්ගේ කතාවෙන් මදක් ඔහුගේ කන වැකින. කෝපයෙන් ඔවුන් දෙස රවා බැලූ ඔහු පංති කාමරයට ඇතිලු විය.මෙවැනි සිදුවීම් සමිතට අරුමයක් නොවීය. නමුත් දිනෙන් දින අඩුවක් නොමැතිව ලැබෙන කටුක ඔච්චම් කිරීම් ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවමින් තිබුනේය.ඉගෙනීමට අසාවක් හා දක්ෂතාවයක් දැක්වූ ඔහුට පාසැල නීරස තැනක් බවට පත් කිරීමට මේ සමච්චලයන් හේතු වී තිබිණ. ගුරුවරුන්ගෙන් පවා අඩු සැලකිලි ලැබීම ඔහුව තවත් අධෛර්‍යයට පත් කලේය.එදින තත්වය තවත් බරපතල වූවේ වාර්ශික අධයාපන චාරිකාව සඳහා පංතිය කණඩායම් වලට බෙදීමේදීය."අපෝ කුණු සමිතව නම් අපේ ගෲප් එකට ගන්න එපා"පංතියේ කටකාරයෙක් හඬ නගා පැවසූ වේ තවත් කිහිප දෙනෙක්ව සිනහවට හවුල් කර ගනිමිනි. වාර විභාග වලදී වැඩි ලකුණු ලබා ගැනීම පිළිබඳව සමිත සමඟ ඇති ඊර්ශ්‍යාව බොහෝ දෙනෙක් පිරිමසා ගත්තේ මේ ආකාරයෙනි."ඇයි මොකද උඹ රවන්නෙ. පලයන් යන්න කුණු සමිතයා"කෝපයෙන් රවා බලමින් සිටි සමිතට තල්ලුවක් දමමින් ඔහු යලි පැවසීය. ඉන්පසු ඇරඹියේ ගුටි කෙලියකි.සිතේ සිර කරගෙන සිටි තරහ පිට කරන්නටත් එක්කම සමිත කටකාරයාට පහර පිට පහර එල්ල කර නැගිට ගත් සැණින් පොත් බෑගයද ගෙන පාසැලෙන් පිට විය.~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~වේලාසණින් ගෙදර පැමිණි සමිත දුටු කාන්තිට පුතුගේ වෙනස වැටහින."මොකද පුතේ අද කලින්ම. ඇදුමත් හොඳටම කිලිටු කර ගෙන. මොකද කාත් එක්ක හරි රණ්ඩුවක්වත් ඇල්ලුවද."සමිතගේ කේන්තිය හා දුක හැඬුමකට හැරුනේ එවිටය."මට ඉස්කෝලෙ යන්න බෑ අම්මේ, ලමයි විහිලු කරනවා. කුණු සමිතයා කියනවා""තාත්තට වෙන කරන්න රස්සාවක් තිබුනේම නැද්ද"හැඬුම්බරව කියාගෙන ගිය සමිත මවගේ ප්‍රතිචාරය ඇසීමටද නොනැවතී වත්ත පහල සුවිසල් අඹ ගහ යට සකසා තිබූ බංකුව වෙත ගියේ, මතක ඇති කාලයේ සිට ඔහුගේ සිත නිවන ස්ථානය වූවේ එය බැවිනි."ඕවා ගණන් ගන්න එපා පුතේ, මෙන්න මේ බත් ටික කාල යන්න ඇවිත්. දවල්ට කෑවෙත් නෑනෙ"කෑ ගැසූ කාන්ති, සමිත ආපසු හැරෙන බවක් නොදුටු නිසා සුසුමක් හෙලා ගෙට ගියාය.~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~මඳ වේලාවකින් ගෙදර පැමිනි සිරිල් දෑකීමෙන් අතීත ආවර්ජනාවක යෙදෙමින් සිටි කාන්ති දැහැනින් මිදුනි."ඔයත් අද කලින් ආවද. අන්න පුතණ්ඩියත් අද රණ්ඩුවක් එහෙම අල්ලලා කලින්ම ගෙදර ආවේ""අපේ පුතා. ඒ මොන එහෙකටද.""වෙන මොකක්ද ඉතින් හැමදාම කියන එක තමයි, ලමයි විහිලු කරනවයි කියන්නෙ ඔයාගේ රස්සාව ගැන කියල"කුස්සියේ දොර වෙත පැමිණි සිරිල්ට ඈත අඹ ගස යට බංකුවට වී ගැඹුරු කල්පනාවකට වැටී සිටි පුතු දැකිය හැකි විය.සිරිල් උලුඅස්සට හේත්තුවක් දමාගෙන දිගු සුසුමක් හෙලීය.සිරිල්ගේ පියා සේවය කලේද නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේය. නීතියෙන් බේරෙන්නට මෙන් වසර කිහිපයක් පාසැල් ගිය සිරිල් යන්තම් ලමා විය ඉක්මෙන්නටත් මත්තෙන් පියාගේ රැකියාවට හවුල් වූවේ අඟහිඟකම ලමා වියට තහන්චි දැමූ හෙයිනි.නමුත් සිය රැකියාවට සමාජයෙන් ලැබෙන ප්‍රථිචාර දැනෙන්නට වූවේ සිය දිවියේ හිරිමල් යෞවනය අනෙක් අයට මෙන් විඳීමට බාධා ඇති වන විටය.ඔහුට තමාට සමාජයේ ඇති වලංගු භාවයේ අඩුලුහුඬුකම් තදින් දැනෙන්නට වූවේ කාන්ති හා ආදරයෙන් බැදුනු පසුවය. අසීරුවෙන් වුවද කාන්තිගේ සිත දිනා ගත්තද සිරිල්ගේ මනුස්සකමවත් යහපත් ගතිගුණවත් කාන්තිගේ දෙමව්පියන්ට වටහා ගැනීමට ඔවුන්ගේ විවාහයෙන් වසර කිහිපයක් යනතුරුම නොහැකි විය.නගරසභාවේ රැකියාවට අමතරව රාත්‍රියේ සිකියුරිටි රැකියාවක්ද කල සිරිල් සුරා සූදුවෙන් තොර වූවෙක් බැවින් රටට ණය නොවී තුන් වේල කා පවුලේ කටයුතු අඩුවක් නැතුව ගෙන යෑමට සමත් වූවෙක් වූවේ උගත් කම කෙසේ වෙතත් වැඩිමනක් දෙනෙකුට නොමැති සමාන්‍යය බුද්ධිය ඇත්තෙකු වූ බැවිනි.නමුත් සිය කුණු ට්‍රැක්ටරයේ රැකියාව නිසා සිත් තැවුලට පත් වූ අවස්ථා නම් දුලබ නොවීය. මගුලකට මරණ ගෙදරකට ගියත්, පන්සලේ ගමේ පොදු කටයුත්තකට ගියත් කවුරුත් තමා දෙස බලන්නේ "ආ මේ අර කුණු ට්‍රැක්ටරේ සිරිල්" යන බැල්මෙන්ය. පන්සලේ හාමුදුරුවන් පැන්ෂන් ගිය ප්‍රින්සිපල් මහත්තයා වැනි සැබෑ මනුස්සකම හඳුනන කිහිප දෙනෙක් පමණක් තමා දෙස මධයස්ත ලෙස බලා හිතවත්ව කතා බස් කරන බව සිරිල්ට දැනී තිබුනකි.තමා කෙසේ වෙතත් මෙවැනි කාරණා මේ නොදරුව කොහොම ඉවසන්නද.සමිත දෙස බලාගෙනම කල්පනාවෙ සිටි සිරිල් ඒ දෙසට පා නැගීය. කලබලයක් නැතිව සමිත සිටි බංකුවෙන්ම හිඳ ගත්තේය."පුතාට යාලුවො විහිළු කරනවලු නේද."පියා සෙමෙන් යොමු කල ප්‍රශ්නයට සමිත නිහඬවම සිටියේ තමාට විඳින්නට වූ අපහාසයන්ට වැරදිකරුවා පියාය යන තරහ නිසාමය."ඔය කියන ඒවට තරහ ගන්න එපා. පුතාගෙ තාත්තා හොරෙක්වත් වංචාකාරයෙක්වත් නෙවෙයිනේ. අනික බලන්න මම කරන රස්සාවෙන් කොච්චර සෙවයක් වෙනවද. මම ඒ රස්සාව කරන නිසයි පුතාට විහිලු කරන හැමෝම දෙනා ලස්සනට පිරිසිදුවට ඉන්නෙ. මම ඒ දේ නොකෙරුවොත් එයාලගෙ කුණු ගොඩ ගැහිල එයාල තමයි ගඳ ගහන්න ගන්නෙ."පියාගේ කතාවේද ඇත්තක් තිබේ යැයි සමිතට සිතින."පුතාගේ සීය කලෙත් ඔය රස්සාවමනෙ, එයා මට ඉගැන්නුවෙත් ඒ රස්සාවම කරන්න ඉතින් වෙන දෙයක් ඉගෙන ගත්තෙ නැති හින්ද මට ඒ රස්සාවම කරන්න වුනා. මගෙ පුතා ඉගෙන ගන්න හපනනෙ. පුතා හොඳට ඉගෙන ගත්ත කාලේක අපි හැමෝටම ආඩම්බර වෙන්න පුලුවන් ලොකු මහත්තයෙක් වෙන්න පුලුවන්. ඒත් පුතේ ඒ මහත්තැන් කමට වඩා සතුටු වෙන්න පුලුවන් හොර බොරුවක් නැතුව තමන්ගේ රස්සාවට ආදරෙන් ඒක් කරන එකෙන්. හරියට රස්සාව කරන ඕනැම කෙනෙක්ට ඒ දේ ගැන ආඩම්බර වෙන්න පුලුවන්"පුතුගේ කරවටා අතක් දමා ගනිමින් සිරිල් පැවසීය.සමිත්ට තමාගේ කෝපය ගැන ලැජ්ජා සිතිණ."ඇත්ත තමා එයාලයි මෝඩයෝ"සමිත එසේ සිතමින් පියාට තුරුල් විය.~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~වසර තිහක පමණ කාලයක පසු දිරා පත් වෙමින් තිබුනද අඹ ගසේ ප්‍රතාපවත් බවේ නම් කිසිම අඩුවක් නැතැයිසමිතට සිතුනි. බංකුව නම් අලුත්වැඩියා වී තිබේ.ගෙවුණු කාල වකවනුව තුල කෙතරම් දේ සිදු වීද. සමහර දේ ගැන පැහැදිලි මතකයක් නොතිබුණද වසර ගණනාවකට පෙර මේ බංකුවේදී තමාට පියා කියූ දේවල් නම් හොඳින් මතක තිබිණ. ඒ වදන් තමාට මෙතරම් බලපාවි යැයි එදින ඔහුගේ ලපටි සිතට නොවැටහින. නමුත් එය තම සිතේ නොමැකෙන සේ කාවැදුන බව ඔහු ගෙවුනු ජීවිතය පුරාවටම වටහා ගත්තේය.අද තමා දෙපයින් සිට ගත්තෙකි, එදා තමාට සමච්චල් කල සමහරෙක් අද තමන්ට කට පුරා "සර්" කියයි. එදා තම පියාට බැල්මක කරුණාවක් නොදැක්වූ අය අද දුටු තැන හිස නමා ආචාර කරයි.එ සැමදේටම වඩා සමිත් මනුශ්‍යත්වයෙන් පිරිපුන් මිනිසෙකු විය. නමුත් ඔහු ආඩම්බර වන්නේ ඒ කිසිදෙයක් ගැන නොවීය, තම ගමනට මාර්ගෝපදේශකයාවූ සිය පියා ගැනය.පුතුට වාරු වී බංකුව දෙස බලා සිටි සිරිල්ටදඅතීතය යලි මතක් විය.ඔහුටද දැනුනේද ඊට නොදෙවෙනි අඩම්බරයකි. ඒ දහසක් බාධක මැද මනුශ්‍යත්වය පිරි හදවතක් ඇති සමාජයට මෙහෙයක් කල හැකි පුතෙකු තැනීමේ ආඩම්බරයයි.
|
BLOG
|
2013.04.10
|
http://www.gimanhalablog.blogspot.com/
|
ඇත්තටම ඉංග්‍රීසි අමාරුද?
|
ගිමන් නිවන්නා
|
දින කීපයකට කලින් සාමාන්‍ය පෙල විභාග ප්‍රතිඵල ආවා. ඔයාලත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඇතිනේ. කොහොමද අහන්න ලැබුන ප්‍රතිඵල.ටිකක් ගම්පලාතකට වෙන්න ඉන්න මට නම් අහන්න ලැබුන ප්‍රතිඵල වලින් ගොඩක් දුර්වල ප්‍රතිඵල පෙන්වලා තිබුනේ ඉංග්‍රීසි විෂයට. මෙවර විතරක් නෙවෙයි හැම වසරෙම දක්නට ලැබෙන්නෙ මේ ප්‍රතිඵලයම තමයි.මොකක්ද මේකට හේතුව. ඇත්තටම ඉංග්‍රීසි අමාරුද.නමුත් නගරබදට වෙන්නට නම් තත්වය ටිකක් වෙනස්. වෙනත් විෂයන් වලට අඩු ලකුණු ගන්න දරුවනුත් ඉංග්‍රීසි විශයට විශිෂ්ඨ සම්මාන ලබා ගෙන තියෙනවා දකින්න පුලුවන්.ඉංග්‍රීසි භාෂා හැකියාව ඇති වීමට ඉහල බුද්ධි මට්ටමක් අවශ්‍යද.නැහැ. ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කිරීමට අවශ්‍ය වන්නේආත්මවිශ්වාසයඋත්සාහයනිවරැදි මග පෙන්වීමපමණයි.මෙහිදී මා නිවරැදි මග පෙන්වීමක් කිව්වෙ දක්ෂ ගුරුවරයෙක් කියන එකම නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවේ මූලික ව්‍යාකරණ හා සරල නීති රීති පිළිබඳ දැන ගත හැකි ඕනෑම කෙනෙක්, නිබන්ධනයක් හෝ ගුවන්විදුලි පාඨමාලාවක්.ඉන්පසු උත්සාහය හා ආත්මවිශ්වාසය (ඉංග්‍රීසි වලට බිය නොවීම ) ඇති ඕනෑම කෙනෙක්ට මනාව ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි අයෙකු වීම අසීරු කාරණයක් නොවෙයි.ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඉක්මණින් හා රසවත්ව ඉංග්‍රීසි ඉගෙන ගත හැකි ක්‍රම මොනවාද කියන එක ගැන. මම දන්නවා මට වඩා සාර්ථකව මේ පිළිබඳ උපදෙස් ලබා දිය හැකි අය මෙය කියවාවි. කරුණාකර ඔබේ එම උපදෙස් මෙයට එකතු කරන්න. මෙය කියවන තවත් කෙනෙක්ට එය මිල කල නොහැකි උදව්වක් වේවි.හොඳයි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ ඉංග්‍රීසි කියන්නෙ කියල.ඔව් ඒක භාෂාවක්. භාෂාවක් කියන්නේ ප්‍රායෝගික දෙයක්, ඒ කියන්නෙ යම් දෙයක් තව කෙනෙක්ට දන්වන්න පාවිච්චි කරන දෙයක්. ඉතින් එහෙම දෙයක් පොත්වල පිටු පිරෙව්ව කියල වැඩක් වෙන්නෙ නෑ. ප්‍රායෝගික දෙයක් ඉගෙන ගන්න නම් එය පාවිච්චි කරන්න ඕනෑ.එතකොට අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියල මොකක්ද කරන්නෙ.අපි කරන්නෙ ගුරුවරයා කියන දේ සියල්ල පොතේ සටහන් කරනවා. ඊට පස්සෙ ගණිත සූත්‍රයකට ඉලක්කන් දානවා වගේ වචන එකතු කරල වාක්‍ය කීපයක් හදල නිකන් ඉන්නවා. කවුරුවත් හිතන්නෙ නෑ ඒ වචන වලින් තමන්ගේ යාලුවට මොනව හරි කියන්න පුලුවන් කියල.මොකද එහෙම නොකරන්නෙ. හපොයි. වැරදුනොත් එහෙම වස ලැජ්ජාවනේ.මේකටම මම තව කතාවක් කියන්නම්.අපේ කාලෙ (දැනුත් එහෙමයි කියල හිතනවා ) 9, 10 ශ්‍රේණි වල ගෑනු ලමයින්ට හින්දි චිත්‍රපට පිස්සුව තිබුනනේ. එයාලට පුලුවන් හින්දියෙන් වාක්‍යයකීපයක් වුනත් කියන්න.පන්ති ගිහින් ඉගෙනගෙනද.නෑ, තමන් බලපු චිත්‍රපට වලදි ඇහුන වචන එකතු කරල තමයි කියන්නෙ. ඒ වාක්‍යයවැරදි වෙන්න පුලුවන්, ඒත් ලැජ්ජා වෙන්න දෙයක් නෑ මොකද මට එහෙම හරි හින්දි කතා කරන්න පුලුවන් කියලා.ඉතින් ඒ උනන්දුව ඇයි ඉංග්‍රීසි වලට නැත්තේ. වාක්‍යයගණන් වරද්ද වරද්දා හින්දි කියන්න පුලුවන් නම් ඇයි ඉංග්‍රීසි වචනයක් කියන්න ලැජ්ජා වෙන්නෙ.අන්න එතන තමයි වැරැද්ද වෙලා තියෙන්නෙ. ඔක්කොටම කලින් ඉංග්‍රීසි වලට තියෙන මේ බොරු ලැජ්ජාවයි බයයි නැති කර ගන්න ඕනෑ. ඉංග්‍රීසි කියන්නේ ලෝකෙ තියන භාෂාවලින් වලින් ඉතා සරල මෙන්ම ඉගෙනීමට ගොඩක් පහසු භාෂාවක්. ලියන්න කියවන්න දෙකට පාවිච්චි වෙන්නෙ එකම භාෂා රටාවක් නිසා තවත් පහසුයි.දැන් බලමු පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නඅනුගමනය කල යුතු පියවර මොනවාද කියල.1. මූලික දැනුම ලබා ගන්න.නිවරැදි මග පෙන්වීමක් අවශ්‍ය වෙන්නෙ මෙතනදි තමයි.ඉංග්‍රීසි වල මූලික නීති රීති ගැන සාමන්‍ය දැනුමක් ලබාගෙන වැඩේ පටන් ගත්තොත් සාර්ථක ගමනක් යන්න පුලුවන්.ඉංග්‍රීසි ගුරුවරයෙක් හෝ හොඳ ඉංග්‍රීසි දැනුමක් ඇති අයෙක්ගෙන් දිනක් දෙකක් වැය කර මේ දැනුම ලබා ගන්න පුලුවන්.මේ යටතේ,සරල ඉංග්‍රීසි වාක්‍යයක් හඳුනා ගැනීම. (Simple sentence)ක්‍රියා පද වර්ග. (Verb forms)උප ක්‍රියාපද. (Auxiliaries)කාල බේදය. (Tenses - Active and passive voice)නැත යන අර්ථයේ වාක්‍ය රටාව.ප්‍රශ්ණාර්ථය සහිත වාක්‍ය රටාව.වාක්‍යයකීපයක් එකතු කිරීම. (Conjunctions)නිපාත පද. (Prepositions)යන නීති රීති හඳුනා ගැනීමෙන් පසු අපහසුවක් නැතිව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හැකි වේ.( අන්තර්ජාලය තුල ඉහත මා සඳහන් කල මූලික ඉගැන්වීම්ද ඇතුලුව සිංහල බසින් නිවරැදිව ඉංග්‍රීසි ඉගෙන ගත හැකි, ගුණාත්මක් බවෙන් යුතු වෙබ් අඩවියක් / අඩවි ගැන ඔබ දන්නවා නම් ඒ පිළිබඳව දන්වා කොමෙන්ටුවක් දමන්න. මේ පිළිබඳ සැලකිලිමත් වන්නන්ට එය මහත් උදව්වක් වේවි )2.කියවන්න.භාෂාවක හැකියාවට වඩාත්ම හේතු වන්නෙ වැඩි වචන ප්‍රමාණයක් දැන සිටීම. මේ සඳහා කියවීම ඉතා වැදගත්.මොනවද කියවන්නෙ.අඩු මුදලින් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ක්‍රමයක් තමයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් ගන්න එක. එක පත්තරයක් සතියටම ඇති. හැබැයි හැමදේම කියවන්න යන්න එපා. සිංහලෙන් වුනත් නීරස දෙයක් කියෙව්වොත් කියවන එක ටිකකින් එපා වෙනවනේ.තමන්ට කැමති හිතෙන දෙයක් කියවන්න.අඩු ගානෙ පින්තූර බලන්න, යම් පින්තූරයක් ගැන කුතුහලයක් ඇති වුනොත් ඔන්න අමාරුවෙන් හරි විස්තර කියවන්න හිතෙනවා.ඔන්න දැන් තමයි ශබ්දකෝෂයක් අවශ්‍ය වෙන්නෙ.මලලසේකර ශබ්ද කෝෂය ඉතා ප්‍රයෝජනවත්, නමුත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂයක් පාවිච්චි කලොත් ඉක්මණින් ඉංග්‍රීසි හුරු වෙන්න පුලුවන්.මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය මෘදුකාංගය මෙතනින් භාගත කර ගන්නඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂයමෘදුකාංගයභාගත කර ගත ගැනීමට ටොරන්ට් ෆයිලය( මෙහි ඉංග්‍රීසි වචන නිවරැදිව උච්චාරණය කරන ආකාරය ශ්‍රවණය කිරීමටද පහසුකම් සපයා ඇත )ශබ්දකෝෂය ලඟින් තියා ගත්තට හැම වචනෙම තේරුම හොයන්න අවශ්‍ය නෑ. කොහොම හරි වාක්‍ය ටික කියෝල තෙරුම් ගන්න උත්සාහ කරන්න, මොකද වචනෙන් වචනේ හොයන්න ගියහම නිකන්ම කියවන එක නීරස වෙනවා.පොඩි කතා පොත් හොයා ගෙන කියවන්න.ඉංග්‍රීසි චිත්‍රපට නරඹද්දි ඉංග්‍රීසි උපසිරැසි වලින් වචනයක් දෙකක් අහුල ගන්න.මෙන්න මේ වගේ ක්‍රම වලින් තමන් දන්න ඉංග්‍රීසි වචන ප්‍රමාණය වැඩි කර ගන්න.අලුත් වචන මතක තියා ගන්න. හැබැයි අලුත් වචන ලියා ගෙන කටපාඩම් කරනවට වඩා සාර්ථකයි ඒ වචන වලින් අපිට සම්බන්ද මොනව හරි ගැන පොඩි වාක්‍ය හදා ගෙන ඒවා නිතර කීම.3.කතා කරන්න.මෙය ඉතාම වැදගත්. අපි ගොඩක් අයට තියන දුර්වල කමක් තමයි හොඳින් ඉංග්‍රීසි වචන, ව්‍යාකරණ දැනගෙන හිටියත් තව කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න අපහසු වීමත්, කතා කරන්න නොහැකි වීමත්. කතා කරන්න පුලුවන් උනත් නිවැරැදිව උච්චාරණය කිරීමේ අපහසුතා මතු වෙනවා.කොහොමද මේ අපහසුතා ජය ගන්නෙ.හොඳින් සවන්දෙන්න.වඩාත් නිවරැදිව වචන උච්චාරණය දැන ගන්න තියන පහසුම ක්‍රමය තමයි රූපවාහිනී හෝ ගුවන්විදුලි ඉංග්‍රීසි ප්‍රවෘත්ති වලට සවන් දීම.ගුවන්විදුලි වැඩසටහන් වලට සවන්දීමත් සාර්ථකයි, නමුත් නියම ප්‍රමිතියක් සහිත ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා වලට සවන්දුන්නොත් වඩාත් හොඳයි. මම හිතන හැටියට ගෝල්ඩ් ෆ්ම් හොඳයි.ඒවායේදී ඇහෙන අලුත් වචන කීපවරක් උච්චාරණය කරන්න. නිතර භාවිතා වන වාක්‍ය රටා හඳුනාගෙන එවා නිතර නිතර කියන්න.කතා කරන්න.වැරදෙමින් හෝ හැකි තරම් කතා කරන්න. මේ සඳහා කණ්ඩායමක් හදා ගන්න පුලුවන් නම් වටිනාම උපරිමයි.ඉංග්‍රීසි ඉගෙනීමට උනන්දුව ඇති කීප දෙනෙක් එකතු වෙන්න. කතා කරන්න දෙයක් හිතට එන්නෙ නැත්නම් කට්ටිය එකතු වෙලා නාට්‍ය ආකාරයට එක් එක් චරිත හදා ගෙන කතා කරන්න ( Role play ) . අනිත කෙනා කියන දෙය එක වරින් තෙරුම් ගන්න උත්සාහ කරන්න.මෙසේ කිරීමේදී වචන කටට මෙන්ම කනට හුරු වෙනවා. ඉංග්‍රීසි වලට ඇති අනිසි බිය දුරු වෙනවා.කතා කරන්න තවත් කෙනෙක් හොයා ගන්න බැරි අයටත් ක්‍රමයක් කියන්නම්.මේ කාලෙ හැම කෙනෙක් ලඟම ජංගම දුරකථන තියෙනවනෙ. ඒ හැම එකකම වගේ හඬ පටිගත කිරීමේ පහසුකම තියෙනවා.ඉතින් දුරකථනයේ හඬ පටිගත කිරීම සක්‍රීය කරල තමා කැමති ඕනෑම දෙයක් ගැන ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඊට පස්සෙ එය වාදනය කරල අහල බලන්න. වැරදි ඇති තැන් හඳුනා ගෙන නැවත නොකරන්න ඒවා මතක තියා ගන්න. උච්චාරණ අපහසු වූ තැන් හොඳින් උච්චාරණය කරල කටට හුරු කර ගන්න.4. හිතන්නඅපි දවසේ කොච්චර නම් දේවල් හිතනවද. පොඩ්ඩ්ක් ඉංග්‍රීසියෙන් හිතන්න උත්සාහ කරන්න.මනසින් විවිද අවස්ථා මවා ගන්න.උදාහරණයක් ගත්තොත්, බසයේදි විදේශිකයෙක් ලඟ වාඩි වෙනවා, ඔහු හෝ ඇය ඔබට කතා කරනවා. ඒ ප්‍රශ්න මොනවා වේවිද හිතන්න, එවාට පිලිතුරු හිතන්න, පෙරලා ඔහුගෙන් ඇසිය හැකි ප්‍රශ්න හිතන්න, එවාට ලැබිය හැකි පිලිතුරු අනුමාන කරන්න.ඔබ එක් වරක් මෙසේ හිතින් මේ අභ්‍යාසය කරල තිබ්බොත් සැබැවටම එවැනි අවස්ථාවක් උදා වූ විට තේරේවි ඉන් කොයි තරම් පහසුවක්, ආත්මවිශ්වාසයක් ලැබෙනවද කියලා.5. ලියන්නලිවීම මඟින් භාෂාව හැඩ ගැන්වීම, ව්‍යාකරණ පිලිබඳ දැනුම පරිපූර්ණ වීම සිදු වෙනවා.මොනවද ලියන්නෙ.රචනා අකාරයෙන් තමන් කැමති මාතෘකාවක් ගැන ලියන්න පුලුවන්.ඒකට කම්මැලි හිතෙනවා නම් දිනපොතක් ලියන්න පටන් ගන්න. හැමදාම පුරුද්දක් හැටියට එදිනෙදා සිදු වීම් ලියන්න.ඉහත සඳහන් ක්‍රම සියල්ලගෙන් මම කියන්න උත්සාහ කලේ ඉංග්‍රීසි දැනුම වැඩි වෙන්නෙ අපි පාවිච්චි කරන තරමට කියන එක.කඩුවක් වඩාත් හොඳින් කැපෙන්නෙ මුවහත් කරන තරමට.වැරදීම් ගැන කිසි විට ලැජ්ජා වෙන්න එපා. ඉංග්‍රීසි අපේ මව් බාෂාව නෙවෙයිනේ. පිටරැටියෙක් කවදාවත් අපි ඉංග්‍රීසි වැරැද්දුවා කියා සමච්චල් කරන්නෙ නෑ. අපි යන්තමින් හෝ ඉංග්‍රීසි කතා කිරීම ගැන ඔවුන් සතුටු වෙනවා.ඉංග්‍රීසි පාවිච්චියට ඇති බිය නැති වී විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි භාවිතා කරන්න අරන් කෙටි කාලයක් යද්දි ඉබේම අපේ තියන සුලු සුලු වැරදි නිවරැදි වෙනවා.බොහෝ දෙනාට රැකියා ලබා ගැනීමේදි, උසස් වීම් ලබා ගැනීමේදී, වැඩිදුර අධ්‍යාපනය ලැබීමේදී, ව්‍යාපාර කටයුතු වලදී එන ප්‍රබලබාධකයක් තමයි ඉංග්‍රීසි දැනුම නොමැති වීම. ඉතින් ඔබ අද ඒ අඩු පාඩුව හදා ගතහොත් අනාගතයේදී ඔබ ඒ පිළිබඳ දහස් වාරයක් සතුටු වේවි.ඉතින් හිත හිතා ඉන්න එපා අදම පටන් ගන්න.
|
BLOG
|
2013.04.07
|
http://www.gimanhalablog.blogspot.com/
|
නොනිමි සෙනෙහස
|
ගිමන් නිවන්නා
|
ශීලා අතුගෑම නවත්වා කඩුල්ල වෙත නෙත යොමු කලේ මඳක් වෙහෙස නිවෙන තෙක්ය, අසල්වැසි නිවසේ කුමාරි කඩිමුඩියේ පාසැල වෙත දුවයි. ඇය ගුරුවරියකි."අද නම් හොඳටම පරක්කු වුනා අක්කෙ""ඒක තමයි මාත් බැලුවේ, ටිකක් අඩිය ඉක්මන් කලා නම් හරි"කුමාරි සිනාවක් පාමින් ශීලා පසු කලාය. ශීලාගේ නෙත ගියේ ඇය ඇඳ සිටි සාරිය වෙතයි."අලුත් එකක් වගේ"එහි වර්ණය හා කුඩා මල් මෝස්තරය ඇගේ සිත් ගත්තේය."තව ටිකක් තද පාට වුනා නම් තවත් හොඳයි. දාහක්වත් වෙන්න ඇති"ඇය සුසුමක් පිට කර යලි මිදුල අතු ගෑම පටන් ගත්තාය.ලබන මාසයේ යෙදී ඇති මංගල උත්සවයක් සඳහා සාරියක් ගැනීමට ශීලා මාස ගණනක සිට පෙරුම් පුරන්නීය. වසර ගණනකින් ඇය සාරියක් මිලට ගෙන නැත. රැකියාවකට නොයන බැවින් පැරණි සාරි කිහිපය ඇය පරෙස්සමෙන් පාවිච්චි කලාය.ඇගේ සැමියා වූ වරුණ රාජ්‍ය සමාගමක ලිපිකරුවෙකි. පවුලේ සියලු කටයුතු කෙරුනේ ඔහුගේ පඩිපතිනි. ශීලාගේ සකසුරුවම්කමින් හා වරුණගේ මහන්සියෙන් යන්තම් වේල පිරිමහගෙන, තමාගේම නිවසක සිහිනය සැබෑ කර ගැනීමට කීයක් හෝ ඉතිරි කරගන්නට ඔවුන් වෑයම් කලෝය.ඇඳුම් ආයිත්තම් වලට ඇලුම් කරන්නියක් වුවද ඒවා යටපත් කොට ගෙන සිටීමට ශීලා බොහෝ විට වෙර දැරීය. සාරියේ කල්පනාවෙන් මිදුලා අතුගා හමාර කල ශීලා නිවස වෙත යමින් සිතා ගත්තේ අද සවස ටවුමට ගිය විට සාරියක් බැලීමට යායුතු බවය.අල්මාරිය හැර ඇඳුම් අතර සඟවා තිබූ මුදල් පසුම්බිය ගෙන යලිත් මුදල ගණන් කර බැලුවාය."නමසීයයි, අරය දීල ගිය තුන්සීයත් එක්ක එක්දාස් දෙසීයයි. මේ ගානට හොඳ එකක් හොයා ගන්න පුලුවන් වෙයි"අද සාරියක් ගන්නවා යන හැඟීම ඇගේ සිත පුරවා දැමීය. ඒ උද්යෝගයෙන් නිවසේ වැඩ කටයුතු වෙනදාටත් කලින් හමාර කලාය.ඇගේ දැහැන බිඳුනේ ජනිඳුගේ පැමිණීමෙනි."අහ් අද මොකද කලින්ම ඇවිත්. තාම එකටවත් නෑ නේද""අයියෝ අම්ම නම් මොන සිහියෙන් ඉන්නවද මන්දා. අද නිවාඩු දෙන දවසනෙ"ශීලාට එය මතකයට ආවේ එවිටය."ඔව් නේන්නම්, හා හා එහෙනම් ගන්න බලන්න රිපෝර්ට් එක"ජනිඳු කියූ සැනින් එය රැගෙන එන උජාරුව දුටු ශීලාට ප්‍රතිඵල සිතා ගත හැකිවිය."ෂා. මේ පාර එක වෙලානේ" ඇයට දැනුනේ පුදුම සතුටකි.ජනිඳු සෙල්ලමට බර වුවද කවදාවත් ඉගෙනුම් වැඩ මඟ හරින්නෙකු නොවීය.ප්‍රගති වාර්තාවේ වූ අනෙකුත් ලකුණුද ඇය පිරික්සා බැලුවේ ආඩම්බරයෙනි."ඔන්න අර කිව්ව එක අරන් ඕනේ."ජනිඳු මවගේ මුහුණ පිරික්සමින් ඇසුවේය.ජනිඳු වසර මුල සිටම ක්‍රිකට් පිත්තක් ඉල්ලන බව ඇයට මතක් වූවේ එවිටය."අම්මේ ඉසුරු නියම බැට් එකක් අරන්, ඒකෙන් නියමෙට ගැහුව හැකි ලෑලි වලින් කැපුව ඒව වගේ නෙවෙයි. මටත් එකක් අරන් දෙන්නකෝ""අපෝ ක්‍රිකට් ගහල හරියනවද, ටර්ම් ටෙස්ට් එකේ ලකුණු අඩු වුනොත් එහෙම ගස්සන්නම්කො ක්‍රිකට්""හා එහෙනම් ටර්ම් ටෙස්ට් එකේ පලවෙනිය වුනොත් මට බැට් එකක් අරන් දෙනවද.""හ්ම්ම්එහෙමඋනොත් අරන් දෙන්නම්කො"ශීලාට මසකට දෙකකට පෙර සිය පුතුට දුන් පොරොන්දුව මතක් විය.ඇය හුස්මක් හෙලා ජනිඳුගේ හිස අත ගෑවාය."හා හා අරන් දෙන්නම්කෝ, දැන් ගිහින් නාගෙන එන්න, බත් බෙදල දෙන්න"ජනිඳු මිටින් හැරි කුරුල්ලෙකු මෙන් දිව ගියේ හද පිරි සතුටිනි.~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~"පුතා මම ටවුමට ගිහින් එන්නම් ඉක්මනට, කොහෙවත් යන්න එපා, ගෙට වෙලාම ඉන්න හොඳද.පැය කාලකින් පමණ ටවුමට පැමිණි ශීලා කඩිනමින් නිවසට අවශ්‍යය බඩුමුට්ටු ගෙන හමාර කරද්දීම අහම්බෙන් මෙන් ක්‍රීඩා උපකරණ අලෙවි කරන වෙළඳසැලක් ඇස ගැටින."අර බැට් එක කීයක් වෙනවද.""575ක් වෙනව මිස්""අපෝ එච්චර ගානක් වෙනවද.""525කට දෙන්නම් මිස්"ශීලා කල්පනාවට වැටුනානය. ක්‍රිකට් පිත්ත ගත හොත් සාරියක් ගැනීමට නොහැකි වේ. "හොඳ සාරියක් තියෙනවද කියල බලල එනවා, හොඳ එකක් නැති වුනොත් බැට් එක ගන්නවා""මම ටිකක් බලල එන්නම්කො""මිස්ට හින්ද 500ට දෙන්නම්"ඇය එයට පිළිතුරක් නොපවසා කඩයෙන් එලියට බැස්සාය. ඒ අසලම වූවේ ඇඳුම් කඩයයි.එය තුලට ඇතුල් වූ සිට බැලු බැලු අත වූවේ සිත් පැහැර ගන්නා ඇඳුම් ආයිත්තම්ය. ඒවා අතපත ගාමින් ඇය සාරි තිබූ කොටස වෙත ඇදුනාය.වෙළඳ සහායිකාව මේසය පුරා විසිරවූ සාරි ගොඩ අතර ඇය අතරමං විය. ඉතා මිල අධික සාරි අතගා බැලුවේ ඉමහත් ආසාවෙනි. මිලට ගත හැකි වටිනාකමින් යුතු සාරි ගොඩ පෙරලමින් සිටින අතර ඇයට දුටු සැනින් එක් සාරියකට සිත ගියාය."මේක කීයක් වෙනවද""එක්දාස් දෙසිය පනහක් වෙනව මිස්"හිතූ තරම් මිල වන්නේද නැත, හෙඩ් පීස් එකද ඇය පුදුම කරන තරමට සිත් ගත්තේය. සිතට සරිලන අයුරේ සාරියක් ලැබීමේ සතුට මුලු හිත පුරාම දිව යන්නට විය. සාරිය ඇඟේ දවටා අසල තිබූ කණ්නාඩියෙන් බැලුවාය."ෂා මට නියෙමෙට මැච් වෙනවා " ඇය තවත් හැරි හැරී බැලුවාය.කන්නාඩිය තුලින් සිය රුව දකිද්දී ඇයට එකවර සිය පුතු මතකයට නැගින."මේක ගත්තොත් පුතාට බැට් එක ගන්න වෙන්නෙ නෑ, මොකද කරන්නෙ""අම්මේ එහෙනම් එනකොට බැට් එකක් ගේන්න හොඳේ, අර මම කිව්ව විදිහෙ එකක්, මතකයි නේද." තමා නිවසින් එන විට ජනිඳු කියූ අයුරු ඇයට මතක් විය."ආයෙ ලබන මාසෙ වෙනකල් නම් රුපියල් පන්සීයක් හොය ගන්න වෙන්නෙ නෑ, පව් නිවාඩු කාලෙටනෙ සෙල්ලම් කරන්න බැට් එක ඕනැ වෙන්නෙ"වෙළඳ සහකාරිය දැනටමත් සාරිය පාර්සල් කරයි."මේ මම පස්සෙ දවසක එන්නම්""ඇයි මිස් සාරිය ගන්නෙ නෙද්ද., මේක ඉක්මණට යයි, අපරාදේ මිස්ට හොඳට මැච් වෙනවා, මේ ගානට ආයෙ මෙහෙම එකක් හොයන්න වෙන්නෙ නෑ"වෙළඳ සහායිකාවගේ වදන් ඇයට මහත් ලෝබකමක් හා ශෝකයක් ඇති කලද, යලිත් වරක් සාරිය ආසාවෙන් අතගා බලා සිට ආපසු එන්නට හැරුනාය.~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ශීලා ඈත එන අයුරු ජනේලයෙන් බලා සිටි ජනිඳු, දොර හැර පිම්මේ පෙර මගට දුව අවේය."අරක ගෙනාවද."ජනිඳුගේ ඇස් සතුටු දායක පිළිතුරක් බලාපොරොත්තුවෙන් දිලිසේ.ශීලා සිනාසී"හ්ම්ම් මෙන්න ඔයාගෙ තෑග්ග"බඩු අතරින් ක්‍රිකට් පිත්ත ජනිදුට දුන්නාය.ඇස් ලොකු කර ගනිමින් දෑතින්ම එය ගත් ජනිඳු එවෙලේම එය කඩා බැලුවාය."ෂා, මරුනේ මම ආසම කරපු විදිහෙ එකක්. නියමායි."ජනිඳු සතුටින් කෑ ගසන්නට විය.එය දුටු ශීලාටද සිනා නැගුණ. කයේ ගමන් මහන්සිය මෙන්ම සිතේ වූ කණස්සල්ලද හිරු දුටු පිණිමෙන් අතුරුදන් වී ගියේ ඇයටත් නොදැනීමය."හා හා ඕකත් උස්සන් ක්‍රිකට් ගහන්න යන්න කලින් එන්න, පොඩි කෑමක් ගෙනාවා""නියමයිනේ කෝ." අසමින් ජනිඳු මව පිටුපසින් දිව ගියායේය.~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~"ඉතින් එච්චර හොඳ සාරියක් තිබිලත් ඇයි ඔයා ගත්තෙ නැත්තෙ"වරුණ විමසිලිමත්ව ශීලාගේ මුහුණ දෙස බලමින් ඇසුවාය."හොඳයි නම් තමා අනේ ඒත් කමක් නෑ, පුතා බැට් එකක් ඉල්ලන්නෙ මාස ගානක ඉඳන්. පව්නෙ නිවාඩු කාලේ සෙල්ලම් කරන්නෙ නැතෑ. අම්මෝ ගෙනත් තියනව දැක්කහම තිබුන සතුට. සාරිය නම් මොකද්ද, වෙඩිම් එකට අක්කගෙන් එකක් ඉල්ල ගත්ත හැකි"එසේ පවසමින් ඇය ජනිඳුගේ කාමරයේ දොර රෙද්ද මෑත් කර බැලුවාය.ජනිඳු බැට් එකත් තුරුල් කරගෙනම නින්දට වැටී ඇත, නමුත් මුවේ මඳ සිනහවකි.ඒ සිනහව දුටු ඇයට ලය පුරා හිරියක් වට්ටමින් ආදරය මුසු සතුටක් දැනෙන්නට විය.ශීලා ආදරයෙන් පුතු දෙස බලා සිටින අයුරු වරුණ බලා සිටියේය. සිය බිරිඳ ගැන අනුකම්පාවක්ද ඒ සමඟම මහත් ආදරයක්ද දැනෙන්නට විය.ඔහුද නැගිට ඇය අසලට ගියේය."ඒක නෙවෙයි, අද සිල්වා මගෙන් අරන් තිබ්බ ණයක් ආපහු දුන්නනෙ, මටත් ඒක අමතක වෙලා තිබ්බෙ. එතන පන්සීයක් තියනවා හෙට උදේම ගිහින් අර සාරිය අරන් එන්න"ඔහු බලාපොරොත්තු වූ අයුරින්ම පුදුමය මිශ්‍ර සිහින් සිනා පොදකින් ඇගේ මුහුණ සැරසුණි.~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~කිරට හඬන මගේ ලේ කිරි බවට හැරූපුතේ නුඹයි මුලු සසරෙම පෙරුම් පිරූවස්තුව නුඹයි මට වටිනා මැණික බඳූඅම්මා මමයි ඔය කිරි කැටි ලොවේ මතූසිනා දකින විට සුරතල් මුවින් මැවූඅන් සැපතක් කොහිද නුඹ හැර මෙමං සතූදිවි ඇති තුරාවට ස්නේහය ඔබයි වැදූරැකගමි පුතුනි කැපකර හැමදෙයම සතූ....~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~.
|
BLOG
|
2013.03.30
|
http://www.gimanhalablog.blogspot.com/
|
ඔයාටත් ස්ට්‍රෙස්ද? (මානසික පීඩනය - Stress )
|
ගිමන් නිවන්නා
|
මා කලින් ඉදිරිපත් කල දැවෙන ජීවිත හා නිවුණ ජීවිත කියන ලිපි දෙක කියවන්න ඇතැයි හිතනවා. එහි ප්‍රධාන චරිතය වූ ජයතිස්ස ඇසුරෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කලේ මානසික පීඩනය (Stress) ජීවිතයට කෙතරම් තදින් බලපානවාද යන්නයි.අප සියලු දෙනාම මේ මානසික පීඩනය කියන්නේ මොකක්ද, එය වලක්වා ගන්නේ කෙසේද කියන එක ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්.මානසික පීඩනය අද කාලේ හැමෝම අත්විදින දෙයක්.කොහොමද මනසට පීඩනයක් ඇති වෙන්නෙ. මොනවද හේතු. මෙයට බොහෝ වෙලාවට හේතු වන්නේ අප අවටම ඇති අයගේ / පරිසරයේ ඇති වන වෙනස්කම්. ඒවා වන්නේ,රැකියාව.අපගේ ලඟින් සිටින අය සමඟ ඇති සබඳතා වල වෙනස්කම්.නිවසේ හා එහි ක්‍රියාකාරකම් වල වෙනස්කම්,අභියෝග (විභාග, තරඟ, සම්මුඛ පරීක්ෂණ )නව අත්දැකීම්.රෝගා බාධ, හදිසි අනතුරු.මෙලෙස ඇති වන මානසික පීඩනයේ තීවෘතාව අඩු වැඩි වීමට බලපාන්නේ සිරුරට හා මනසට එම පීඩනයට ඔරොත්තු දීමට ඇති හැකියාවයි. එම ඔරොත්තු දීමේ හැකියාව වෙනස් වන්නේ පහත සාධක මගිනි.ශරීර ශක්තිය (Fitness)නින්දශාරීරික හා මානසික සෞඛ්‍යය තත්වය.පෝශණ මට්ටමප්‍රබෝධමත් හැඟීම් වලින් යුක්ත වීම. (Emotional well-being)ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මානසික පීඩනය කියනනේ හිතේ හැදෙන, හිතට නැත්නම් ඔලුවට විතරක් බරක් වෙන දෙයක් කියල. නැහැ, ඔයා නොදැන මානසික පීඩනය නිසා සිරුරටද විශාල වෙන හානියක් වෙනවා.මේ ගැන දැනුවත් වීමටත් එක්ක හැකි තරම් සරලව මානසික පීඩනය සිරුර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නම්.ඉහත සඳහන් කල මානසික පීඩනයට හේතුවන කිසියම් හේතු සාධකයක් නිසා අප තුල බියක්, පීඩනයක්, අප්‍රසාදයක් හෝ තිගැස්මක් ඇති වනවා එය මුලින්ම හඳුනා ගන්නේ අපේ මොළය අභ්‍යන්තරයේ ඇති "හයිපොතැලමස" යන ස්ථානයෙන්. ඉන් මානසික පීඩනය හදුනා ගැනීමේන් පසු එයින් CRH (Corticotropin Releasing Hormone)නම් හෝමෝනය මුදා හරිනවා. එය පිටියුටරි ග්‍රන්ථිය මගින් හදුනා ගෙන එයට පිලිතුරු ලෙස ACTH (Adrenocorticotropic Hormone)නම් හෝමෝනය මුදා හරිනවා. මෙම හෝමෝනය රුධිරය ඔස්සේ අපේ වකුගඩු වල ඉහල පිහිටා ඇති අධිවෘක්ක ග්‍රන්ථි වලට පණිවිඩය ගෙන යනවා. එවිට එම ග්‍රන්ථියෙන් කෝ(ර් )ටිසෝල් (Cortisol) නම් හෝමෝනය නිපදවනවා.මොකක්ද මේ කෝටිසෝල් (Cortisol).කෝටිසෝල් මානසික පීඩනයට සිරුර සූදානම් කිරීමට සිරුර තුල මහත් පෙරළියක් සිදු කරනවා. මේ නිසාම මෙය සිරුරේ ස්ට්‍රෙස් හෝමෝනය (Stress Hormone) ලෙසද හඳුන්වනවා.මා පහතින් ඉදිරිපත් කරන සිරුරේ සිදුවන වෙනස්කම් බොහොමයකට මෙම හෝමෝනය කෙලින්ම හෝ වක්‍රාකාරව වගකිව යුත්තා වනවා.හැබැයි මේ හෝමෝනය කෙටි කාලීනව යම් අභියෝගයකට මුහුන දීමට නම් ඉතා ප්‍රයෝජනවත්. (උදාහරනයක් ලෙස - මීටර් සියය දුවන්නට සූදානම් වන ක්‍රීඩකයෙකුට ) මක් නිසාද ක්ශණිකව සිරුර තුල වැඩි ශක්තියක් නිපදවීම හා සිරුර අවධානමකට මුහුණ දීමට හැඩ ගැස්සවීම මෙමගින් මනාව සිදු කරනවා.නමුත් දිගුකාලීනව මෙම හෝමෝනය නිපදවීම නම් සිරුරට කිසිසේත්ම හිතකර නැහැ.දිගු කල් පවතින මානසික පීඩනය සමඟ සිරුරේ සිදුවන වෙනස් කම්.1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම.ඔබ හැමෝම දන්නා පරිදි අපේ සිරුරේ ස්වාභාවික ආරක්ෂාව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේ, ඉහත සඳහන් හෝමෝනය මගින් මෙය දුර්වල කරනු ලබනවා. (ප්‍රතිශක්තිකරනයට උදව් වන රුධිර සෛල නිපදවීම වැලැක්වීමයි මෙහිදී සිදු වන්නේ )මෙහිදී අපට ලෙඩ රෝග වැළඳීමට ඇති හැකියාව ඉහල යන අතර. කිසියම් රෝගයක් වැළඳින හොත් එය සුව වීමට කල් ගත වීමද සිදු වෙනවා.(විභාග කාල වලට මුහුණේ කුරුලෑ ඇති වීම වැඩි වීම මෙම තත්වයට තවත් එක් උදාහරණයක් )2. කෑම අරුචියහිතේ කරදරයක් තියෙද්දි ගොඩක් අය කියන දෙයක්නේ මේ කන්න හිතෙන්නෙ නෑ කියන එක. ඒකටත් යම් දුරකට වගකියන්න ඕනෙ කෝටිසෝල් හෝමෝනයම තමයි.3. අමාශයික ප්‍රදාහයඉහත සඳහන් කල හෝමෝනය නිසාද, කෑම අරුචිය නිසා සිදු වන නිසියාකාරව ආහාර නොගැනීමද, ආහාර නොගැනීමද, අමාශයික යුෂ නිපදවීම වැඩි වීමද නිසා අමාශයේ හා කුඩා බඩවැල් වල ආරම්භක පෙදෙස් වල තුවාල ඇති වීම සිදුවේ. මෙවිට බඩ දැවිල්ල යන රෝග ලක්ෂණය පහල වේ.4. තුවාල සුව වීම කල් යෑම.5. සිරුර තුල මේද තැන්පත් වීම වැඩි වේ.මෙය වක්‍රාකාරව රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වීමට හේතු වේ (හෘද්‍යාබාධ, ආඝාතය ).6. වර්ධනය අඩු වීම.මෙය වඩාත් බලපාන්නේ කුඩා දරුවන්ටයි. කෝටිසෝල් හොමෝනය මගින් වර්ධක හෝමෝනය (Growth Hormone) නිපදවීම අඩපණ කිරීමයි මෙයට හෙතුව.7. සිරුර වයස් ගත වීමේ ක්‍රියාවලිය ඉක්මණ් වීමදැන් අපි බලමු මේ මානසික පීඩනය අප තුල තිබෙන විට පෙන්නුම් කෙරෙන ලක්ෂණ මොනවද කියල.1. මානසික වෙනස්කම්මතක තබා ගැනීමේ හැකියාව අඩු වීමඅවධානය එක තැනක රඳවා ගැනීම අපහසු වීම.නිතර බිය සහගත සිතුවිලි ඇති වීම.නිවරැදිව තීරණ නිගමන වලට එළඹීමට නොහැකි වීම.සෘණාත්මක සිතිවිලිම ඇති වීම.නිතර වැලපීම.ඉක්මනින් කෝපයට පත් වීම.තමා තනි වී ඇතැයි යන හැඟීම.අසහනකාරී බව හා සැහැල්ලු වීමට අපහසු යැයි හැඟීම.උදාසීනත්වය හා විෂාදය (Depression)2. කායික ලක්ෂණකයේ නිතර කැක්කුම් හා වේදනා ඇති වීම.පපුවේ කැක්කුම හෝඅ හෘද ස්පන්දය වැඩි වී දැනීම.අජීර්ණය (කෑමගත් පසු උදරයේ වේදනාව හෝ අපහසුව ).වමනයට ඒම.කැරකැවිල්ල.හිසරදය.කයේ දුර්වල බව.වැසිකිලියාම අක්‍රමවත් වීම.ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.ලිංගික ආශාව අඩු වීම.රුධිරයේ සීනි ප්‍රමාණයේ අඩු වැඩි වීම් සිදු වීම.3. හැසිරීමේ හා එදිනෙදා ජීවිතයේ පුරුදු වල සිදු වන වෙනස් වීම්.ආහාර ගැනීම අඩු වීම හෝ අධික ලෙස ආහාර ගැනීමට හුරු වීම.නින්ද යාම අඩු වීම හෝ අසාමාන්‍ය ලෙස දවස පුරාම නිදා ගැනීමට ගැනීම.අන් අයගෙන් ඈත් වී තනිව ජීවත් වීමට උත්සාහ ගැනීම.වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම.(මත්පැන් භාවිතය මානසික පීඩනය අඩු කරන්නක් නොව ඉතා සුලු වෙලාවකට මනස වියවුල් කර ගැනීමක් පමණි. ඉන් සිදු වන්නේ මානසික පීඩනයට මුහුණ දීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වී යාම සමඟ අමතර ගැටළු ගණනාවක් එක් කර ගැනීම පමණකි )දැන් ඔබට මානසික පීඩනය යනුවෙන් හැදින් වෙන්නේ කුමක්ද යන්න ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි හිතනවා.මානසික පීඩනය පාලනය කර ගන්නේ කෙසේද.යමක් වීමට පෙර වලක්වා ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය. ඉතින් මානසික පීඩනය වුනත් ඇති වීමට ඉඩක් නොතබා ජීවිතය සමබරව ගෙන යාම තමයි අපට කල හැකි හොඳම ප්‍රථිකර්මය.මොනවද ඒ සඳහා කරන්න ඕනෑ.1. නිවරැදි තීරණ ගැනීම (Decision Making)අප ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී එය සුදුසුද. තමාට සම්පූර්ණ කල හැකි පරාසයක තිබේද. ඉදිරියේදී එය දරා ගැනීමට හැකියාවක් තියද යන දෙවල් හොඳින් හිතා බලා සිටිය යුතුයි.2. සැලසුම් කිරීම (Planing).මොනදේ කලත් හරියාකාරව සැලසුම් කර කරනවා නම් කවදාවත් මානසික පීඩනයට ලක් වන්නේ නැහැ. මීට සම්බන්ධ ලිපියක් ලෙසදිනපොතට වටිනාකමක්දෙන්න පුලුවන් කැමති අය එයින් ප්‍රයෝජනයක් ලබා ගන්න.3. කාල කලමනාකරණය (Time Management)ඉහත සඳහන් කල කරුණටම ගොඩක් සමාන දෙයක්. නමුත් ඉහත සඳහන් වුනේ දිගු කාලීන සැලසුම් කිරීම පිලිබඳ. මෙහිදී අදහස් කෙරෙන්නෙ එක් දිනක් තුල කරන වැඩ කටයුතු කිරීම සැලසුම් කිරීම.ඉහත සඳහන් කරුණු තුන නිවරැදිව සිදු වේ නම්. මානසික පීඩනය ඇති වීම බොහෝ දුරට වලක්වා ගැනීමට හැකිවේ.ජීවිතේ කිසියම් හෝ දෙයක් නිසා ඉහත සඳහන් අකාරයට අපේ හිත පීඩනයට (අපහසුවට ) ලක් වෙනවා කියල දැණුන ගමන් අපි තෙරුම් ගන්න ඕනෑ, ඒ පීඩනය පාලනය කර නොගත්තොත් ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙන්න පුලුවන් කියන එක.හරි තෙරුම් ගත්තා. ඊට පස්සෙ මොකද කරන්නෙ.ඇති වුන පීඩනය අඩු කර ගන්නත් හිත සන්සුන් කර ගන්නත් විවිද ක්‍රම තියෙනවා.පලමුව අදාල ගැටලුව ගැන හිතන එක මදකට නවත්වන්න.තමන්ට ගොඩක් හිතවත් (තව දුරටත් ඔලුව අවුල් කරන්නෙ නැති ) කතාවට ප්‍රිය කෙනෙක් එක්ක ටිකක් කතා කරන්න. (අදාල ගැටලුව ගැන නොවුනාට කමක් නැහැ )තමන් කැමති විනෝදාංශයකට මදක් යොමු වෙන්න (ගීතයකට සවන් දිම, චිත්‍රපටයක් නැරඹීම )මදක් එලිපහලියේ ඇවිදින්න (ගස්කොලන් ඇති සුවදායක පරිසරයක් නම් වඩාත් සුදුසුයි )සැහැල්ලු ව්‍යායාමයක යෙදීම (වේගවත් ඇවිදීම, ක්‍රීඩාවක යෙදීම ) මෙය සිරුරත් හිතත් දෙකම සැහැල්ලු කරන බැවින් ඉතා හොඳ පියවරක්.තමාට කිසියම් කලාත්මක හැකියාවක් ඇත්ත්නම් එහි යෙදීම (චිත්‍රයක් ඇඳීම, සංගීත භාණ්ඩයක් වාදනය, කවියක් ලිවීම )සිත සැහැල්ලු කර ගැනීමේ විශේෂ ක්‍රියාකාරකම් වල නියැලීම (භාවනා ක්‍රම, යෝග ව්‍යායාම ) මේවා වල නියැලීමට පෙර නිසි උපදෙස් ලබා ගැනීම වඩාත් ඵලදායි වෙනවා.ඉහත සඳහන් ක්‍රම වලින් පිළියමක් නොලැබේ නම් උපදේශකවරයෙක් (counsellor) හමුවීම වඩාත් ඵලදායීය.ලංකාව තුල පවතින දුර්වලතාවයක් තමයි උපදේකවරයෙක් හමු වීමට යාමට ඇති අකමැත්ත, සමහරු හිතන්නේ එවැනි කෙනෙක් හමු වන්නට යන්නේ මානසික රෝග ඇති අය කියායි. එය සම්පූර්ණ මුලාවක්. දියුණු රටවල බොහෝ දෙනා වසරකට වරක් වත් උපදේශකවරයෙක් හමු වී උපදෙස් ලබා ගන්නවා.මෙහිදී ඔවුන් මනාව අපගේ හිතේ ඇති පීඩනකාරී තත්ව හඳුනා ගෙන ඊට වඩාත් ගැලපෙන ප්‍රතිකර්ම හා ව්‍යායාම හඳුන්වා දෙනවා. අපගේ මනස වඩාත් කාර්‍යක්ෂම කිරීමට ඔවුන්ට පුලුවන්.මානසික පීඩනය ඉතා ප්‍රබලව පවතින අයට විවිධ මානසික සංකූලතා ඇති වීමේ ප්‍රවනතා වැඩියි. විශාදය (Depression), භින්නෝන්මාදය (Schizophrenia) වැනි මානසික රෝග ඇති වීමටද ඉඩ තිබෙනවා. එම නිසා තදබල ලෙස මානසික පීඩනය ඇති අය නිසි වෛද්‍යවරයෙකු හමු වීම ඉතා වැදගත්. ඔවුනට මනස සැහැල්ලු කර ගැනීමට උපදෙශාත්මක ප්‍රථිකාර ලබා දෙන අතර අවශයම නම් ඖෂධ ලබා දීමද සිදු වනවා.දිගුකල් පවතින මානසික පීඩනය කියන්නේ අපෙ එදිනෙදා ජීවිතයේ වැරදි පුරුදු නිසාත් ජීවිතයේ සැබෑ සතුට හරියාකාරව තේරුම් නොගැනීමනිසාත්ඇති වන්නක්.මේ සම්බන්දව ලිපි කීපයක් මගින් මීට පෙර අපි කතා කලා ඔබට මතක ඇති.ජීවිතය විඳින්න.....නිවරැදි විවේකයක්....නිවුණු ජීවිතඒවායෙ අන්තර්ගතයසාරාංශකල හොත් මෙසේය,මුදල් ඉපයීමෙන් පමණක් ජීවිතයේ සතුට නොලැබෙන බව වටහා ගැනීම.පවුලේ අය සමඟ කාලය ගත කිරීම ලැබෙන සතුට හා පවුලේ ඇති වන සමඟිය තෙරුම් ගැනීම.ඒකාකාරී ජීවන රටාවෙන් මිදීම.නිවරැදි අහාර රටාවක්, නිවරැදි ප්‍රමාණවත් නින්දක් සමඟ සිරුරට ප්‍රමාණවත් ව්‍යායාම ලබාදීම.නමට පමණක් සීමා නොවී සැබෑවටම සිය ආගමික කටයුතු වල නියැලීම.හැකි පමණ සැහැල්ලු සිතෙන් සිටීම හා සිනාමුසු මුහුණින් යුතුවීම, උද්‍යෝගමත් ලෙස කතා බහේ යෙදීම.ඉහත කෙටියෙන් පැවසූ කරුණු සම්පූර්ණ වීමෙන් ප්‍රබෝධමත් ජීවිතයක් ගත කිරීමට මඟ පෑදෙනු නොඅනුමානය.මඳක් සිතන්න, වෙනසක් කරන්න.ඔබ සැමට සතුටෙන් සැහැල්ලුවෙන් පිරුණු සුවබර දිවියක් පතමි.~ ~ ~ ~ ~ * ~ * ~ * ~ * ~ ~ ~ ~ ~මේ ලියැවුනේ ගිමන්හල වෙතින් ඔබට පිදෙන 50 වෙනි ලිපියයි. මෙතෙක් ලියවුනු සෑම ලිපියකින්ම වගේ ඔබට ප්‍රයෝජනවත් වන යමක් ගෙන ඒමට උත්සාහ දැරුවෙමි. ඒවායි ඔබේ දිවියට කිසියම් හෝ යහපතක් ප්‍රයෝජනයක් වූවා නම් එයයි මගේ සතුට.ඉදිරියටත් ඉඩ ඇති අයුරින් හරවත් යමක් රසවත්ව ඔබ වෙත ගෙන ඒමට උත්සාහ කරමි.ලිපි කියවමින්, ඒවාට අදහස් දක්වමින්, වැරදි පෙන්වා උපදෙස් දෙමින්, මා හට මහත් ශක්තියක් වූ ඔබ සැමට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පුදකර සිටිමි.~ ~ ~ ~ ~ * ~ * ~ * ~ * ~ ~ ~ ~ ~.
|
BLOG
|
2013.03.28
|
http://www.gimanhalablog.blogspot.com/
|
නිවුණු ජීවිත
|
ගිමන් නිවන්නා
|
ජයතිස්සට සිද්ද වූ දේ නොදන්නා අය මෙතනින් ( දැවුන ජීවිත ) ගිහින් කියවලා ආවොත් මේ කතාව ගොඩක් රසවත් වේවි.තර්ජනාත්මක ලෙස බලා සිටි නිලධාරී දෙපල කාමරයෙන් පිටත්ව යනු ජයතිස්ස අන්දමන්ද වී බලා සිටියේය. සිදු වූ දෙය සිහි කල්පනාවට ඒමට මද වේලාවක් ගත විය."මෙච්චර අයිස් ගහන එවුන් කන්තෝරුවෙ ඉඳිද්දි, මටමනෙ ඒ හෙණහුරත් පාත් වුනේ"ලේන්සුව ගෙන වැක්කෙරෙන දහඩිය පිස දමා වතුර වීදුරුව එක හුස්මට හමාර කලේය.ඒ සමඟම පැමිණියේ පියන් කොලුවාය."සර්ට ලොකු සර් එන්න කිව්වා""හ්ම්ම්" තවත් කුණාටුවක පෙර නිමිති පහල වී ඇති බව ජයතිස්සට වැටහිණ."අද නම් මොන කරුම දවසක්ද මන්දා"යටහත් පහත් ලීලාවෙන් ජයතිස්ස ප්‍රධානියා ඉදිරියට පැමිණුනේය."ජයතිස්ස. මොනවද අයිසෙ මේ කරන්නෙ." සිතුවාක් මෙන් සිදු වූ දෙය ලොක්කාද දැනගෙන ඇත."නෑ සර්, මේ අද ටිකක් වැඩ වැඩි වුනා ඒකයි""අනේ මේ නවත්ත ගන්නවා අඬවැඩියාව, මොකද තමුසෙට කියල අමුතුවෙන් වැඩ හම්බ වෙනවයැ. අර සිරිතුංග කරන්නේත් තමුසෙගෙ වැඩ ටිකමනෙ. අර අපූරුවට වෙලාවට වැඩ ටික කෙරෙන්නෙ, ජයතිස්ස මම කලිනුත් තමුන්ට අවවාද කලානෙ. දැන්නම් මට කරන්න දෙයක් නෑ, හෙඩ් ඔෆිස් එකෙන් මේකට මොන තීරණයක් ගනීද දන්නෑ. අනේ මන්ද අයිසෙ තමුසෙලගෙ මේ වැඩ නිසා මටත් බැණුම අහන්න වෙනවා"ජයතිස්සට බිම බලා සිටිනු හැර වෙනත් කියන්නට දෙයක් නොතුබුණේය."දැන් ඉතින් යනවා"ජයතිස්ස ඉක්මණ් ගමනින් සිය කාමරයට පැමිණියේ කන්තෝරුවේ අනෙක් අයගේ ඇස් වලින් වහන් වීමටය.එසැණින්ම කාමරයට පැමිණියේ සිරිතුංගය."ඔන්න ආවා හොඳ මිනිහා, වෙච්ච දේ ගැන මිනිහට සතුටු ඇති" ජයතිස්ස ඉරිසියාවෙන් යුතුව සිතීය."මොකද ජයේ වුනේ."සිරිතුංග ඇසුවේ කන්තෝරුවේ ඕප දූප ඇසීමට වඩා මිතුරාගේ මුවින්ම සිදු වූ දෙය දැන ගැනීම සුදුසු යැයි සිතූ නිසාය."ඇයි ආරංචිය ආවෙ නැද්ද"ජයතිස්ස තරමක් කේන්තියෙන් සිටින බවක් සිරිතුංගට හැඟින."නෑ ජයේ, ඔය මිනිස්සු කියන කතා අහනවට වැඩිය ජයේගෙන් ඇත්ත කාරණේ අහ ගන්න එක හොඳයි කියල හිතුනා. ඔය මොකක්ද පගාවක් ගැන කසු කුසුවක් යන්නෙ"ජයතිස්සට තවත් කේන්ති ගියේය. "මෙහෙමත් මිනිස්සු."එක අතකට සිරිතුංග ඔවුනට වඩා හොඳ යැයි ඔහුට සිතිණ."අනේ ඇත්තට සිරි පුදුම මිනිස්සුනේ මේකෙ ඉන්නෙ. එහෙම මුකුත් වුනේ නෑ. මම මෙතනට එන අයට හරියට කතා කරන්නෙ නෑ කියල පැමිණිල්ලක් දාලලු. අද ඒක බලන්න හෙඩ් ඔෆිස් එකෙන් දෙන්නෙක් ඇවිත්, වෙලාවට අදත් මට වැඩ වැඩි නිසා ටිකක් කේන්ති ගියා"සිරිතුංගට කාරණේ වැටහින."අහ්, එහෙම ප්‍රශ්ණයක්ද. හ්ම්ම් මමත් කීපවරක්ම හිතුව ඕක ගැන කතා කරන්න. ඒත් ජයේ මොනවත් හිතයිද කියල නිකන් හිටිය.""අනේ මන්ද සිරි, මට නම් පිස්සු වගේ, ජීවත් වෙන්නත් එපා වෙලා. සිරි දන්නවනෙ මම කොච්චර වැඩ කරනවද කියල, කන්න බොන්න වෙලාවක් නෑ, ගොඩක් වෙලාවට ගෙදර ගෙනිහිල්ලත් වැඩ කරනවා. එහෙම කරලත් බලන්නකො වෙච්ච දේ"සිරිතුංගට සිය මිතුරා ගැන ඇත්තටම අනුකම්පා සිතිණ."ජයේ, මම දන්නවා ඒ ගැන හොඳටම. වැරැද්ද තියෙන්නෙ ජයේ කරන්නන් වාලෙ වැඩ කරනවා මිසක් තමන් කරන පිළිවෙල හරිද කියල පොඩ්ඩක් නිදහසේ කල්පනා නොකරන එක""ජයේට තියෙන්නෙ මානසික පීඩනය, ඕක පාලනය කර ගත්තේ නැති වුනහම දවසින් දවස වැඩි වෙන එකයි වෙන්නෙ. එතකොට වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා, හිතයි ඇඟයි දෙකම දුර්වල වෙනවා.අපි උදාහරණෙට ගමු ජයේවම,අපි දෙන්නම මේ සෙක්ෂන් එකේ වැඩට ආවෙ එකට. ඇත්තටම වැඩ එනවා වැඩියි තමයි. ජයේ මොකද කලේ මුල් කාලේ වැඩ ටිකක් හෙමින් සීරුවෙ කලා, වැඩ එකතු වෙද්දි හදිස්සියට කරන්න ගිහින් කීපයක් ආපහු කරන්න වුනා, වැඩ එකතු වුනා. ඊට පස්සෙ මැරී ගෙන ඒව ඉවර කරන්න හැදුවා මිසක් වෙන දෙයක් ගැන හිතුවේ නෑ. ඒ ගත්ත අධිෂ්ඨානය හොඳයි තමයි, ඒත් සැලසුමක් සමබර තාවයක් නැතුව ඒ අධිශ්ඨානයෙන් පලක් නෑ. කොටින්ම කිව්වොත් ජයේගේ හිතේ තිබ්බ පීඩනේ අඩු කර ගන්න මුකුත් නොකල එකයි ජයේ කල ලොකුම වැරැද්ද"සිරිතුංගගේ වචනයක් පාසා පවසන්නේ ඇත්ත බව ජයතිස්සට සිතේ. ඒත් ඔය කියන පීඩනේ වැඩ ඉවර නොකර කොහොම අඩු කරන්නද."මොකද ජයේ කල්පනා කරන්නෙ. මම කියපුව වැරදිද.""අහ් නෑ සිරි ඒ ඔක්කොම ඇත්ත, ඒත් වැඩ ඉවර නොකර කොහොමද සැහැල්ලු වෙන්නෙ.""ඉතින් ජයේ, මටත් මුල් කාලේ ජයේට වගේම තමයි, ගෙදර යන්නෙ ඔලුව තෝන්තු වෙලා වගේ. හැබැයි ගෙදර ගිය ගමන් මම ඔෆිස් එක අමතක කරල දානවා.වයිෆ් එක්ක පොඩි චැට් එකක් දාල වොශ් එකක් එහෙම දාගෙන පොඩි එවුන් එක්ක පොඩ්ඩක් වෙලා හිටියහම අර ඔලුවෙ තිබ්බ බර කොහෙන් ගියාද නැහැ.රෑට හොඳ නින්දක් දාල ෆ්‍රෙෂ් පිට පහුවදාට ඔෆිස් ගියහම දවසක වැඩ පැයෙන් දෙකෙන් නීට් එකට කරල දාන්න පුලුවන්.""වැඩ උපරිමේටම වැඩි වෙලා හිර වුන වෙලාවලුත් තිබ්බ. එක පාරක මම කෙලින්ම ලොක්කව හම්බුනා. හම්බ වෙලා කිව්ව ඉන්න තත්වෙ. රාජකාරී සාකච්ඡාවක් විදිහට නෙවෙයි හිතවත් කමට පොඩි උපදෙශයක් ගන්න විදිහට. ජයේට කියන්න ලොක්ක අපි හිතන විදිහෙ මරුමුස් පොරක් නෙවෙයි. එදා පොර මට මරු ලෙක්චර් එකක් දුන්නා අපේ ෆීල්ඩ් එකෙ තොරතුරු හොයන කෙටි ක්‍රම, අපි යටතේ ඉන්න අයගෙන් උදව් ගන්න හැටි, පැය ගානක් දඟලල අපි හදන ලිපි කෙටියෙන් ලස්සනට හදන ෆොර්මැට්ස් ගැන. කියපු විදිහට ට්‍රයි කරල බැලුවා, මෙන්න බොලේ දවස් දෙකෙන් වැඩ ටික ගොඩ. ලොක්කගෙ හිතත් හොඳයි.ඔෆිස් එකේ අනිත් අය එක්ක හොඳට කතා බහ කරල ඉන්න එකත් වටිනවා, මොකද ජයේ හැමෝම එක්කම හිත හොඳින් හිටියහම ඕන වැඩක් ඉක්මණට කර ගන්න පුලුවන්. ඒ නැතත් පොඩ්ඩක් හරි හිත කරදර වෙලාවක ලඟ ඉන්න එකෙක් එක්ක පොඩි විහිලුවක් කරල වචනයක් දෙකක් හිනාවෙලා කතා කලහම හිත ටිකක් නිදහස් වෙනවා.තවත් වැදගත්ම දෙයක් තමයි පිලිවෙල, තමන්ගෙන්ම පටන් ගන්න ඕනෑ, බලපන් උඹ ඇදන් ඉන්න හැටි. එහෙම නෙවෙයි ජයේ මහලොකු විලාසිතා නැතුවට අදින එක හෝදල මැදල, දකින කෙනෙක්ට ප්‍රසන්න විදිහට ඉන්න ඕනෑ. එතකොට අපිටම එනවා අමුතු ගැම්මක්. ඇඟේ ඈලි මෑලි ගතිය නැති වෙන්න ඕවත් බලපානවා.ඊලඟට කරන වැඩ, කරන දේ උපරිමයෙන් ලස්සනට පිළිවෙලට කරන්න ඕනෑ, එතකොට කරන වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්, මහන්සි දැනෙන්නෙ නෑ, වැරදීම් අඩු පාඩු නිසා ආයෙ ආයෙත් කරන්න වෙන්නෙ නෑ, බලන්න ඒකෙන්ම කොච්චර වෙලාව ඉතුරු වෙනවද. කොහොම හරි එදිනෙදා වැඩ එදාම ඉවර කරන්න උත්සාහ ගන්න එකත් ගොඩක් වටිනවා."අනික ජයේ ඔෆිස් වැඩ කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයිනෙ, එවාට වෙන් කරන අවධානයට සමානව පවුල බිරිඳ දරුවො වෙනුවෙනුත් වෙන්වෙන්න ඕනෑ. එයලගෙන් හිතට ලැබෙන ශක්තිය වෙන කිසි දේකින් ලබන්න බෑ. කොච්චර වැඩ තිබ්බත් එයාල එක්ක නිදහසේ ටිකක් කතා කරන්න, ඉඳල හිටලවත් එයාලත් එක්ක ගෙදරින් පිට පොඩි ගමනක් බිමනක් යන්න, එහෙම ගිහින් බලන්න එයාලගේ සතුට. අපිට නොදැනුනාට ලමයි පුදුම සතුටක් විදින්නෙ, ගමනක් යන එකටත් වඩා තාත්ත එක්ක ඉන්න තියන ආසාවට, ඒ වෙලාවට තමයි හිතෙන්නෙ ජයේ ලෝකෙ මීට වඩා සතුටක් තියෙද කියලා"ඔය කාරණා සම්පූර්ණ උනහම මානසික පීඩනේ බිංදුවටම බහිනවා, ජීවිතේ ඉබේම ගොඩක් සුන්දර වෙනවා. ඔය දේවල් මුකුත් සල්ලි වියදම් වෙන දෙවල් නෙවෙයිනෙ. හිත සතුටෙන් නම් ලෙඩ අඩුයි. බලපන් උඹට තියෙන ලෙඩ ගොඩ. ෆෙෂර්, සීනි, පපුවෙ මහන්සිය, හිසරදේ ඔය ඔක්කොම කාලේක ඉඳන් උඹට තියන මානසික පීඩනේ හින්දා හැදුන එවා, වෙලවට කන්නේ නෑ, කෑවත් කන දෙයක් අල්ලන්නෙ නෑ. තාමත් පරක්කු නෑ ජයේ පොඩ්ඩක් හිතල බලපන්. පොඩි වෙනස්කම් කීපයකින් ජීවිතේ ගොඩක් වෙනස් කර ගන්න පුලුවන්.සිරිතුංගගේ වචන සමඟ තමා ලඟම තබාගෙන තමා නොවිඳි සතුට ගැන තෙරුම් යන විට ජයතිස්සට ශෝකය මුසු පසුතැවීමක් දැනෙන්නට විය."උඹට පිං සිරි මේව තෙරුමක් කරල දුන්නට, මට දැනුයි හිතෙන්නෙ මම හිටියෙ මොන තරම් කාලකණ්නි ලෝකෙකද කියල.""ඕක මොකක්ද ජයේ, යාලුවෝ ඉන්නෙ ඒකටනෙ. දැන් ඉතින් වෙච්ච දේවල් ගැන හිතන්න එපා. ඉස්සරහට කරන්න තියන දේවල් ගැන හිතමු. අද වුන දේ විසඳ ගන්න බැරි වෙන එකක් නෑ. එච් ආර් ඩිපාර්ට්මන්ට් එකේ ලොක්ක මාත් එක්ක ටිකක් හිතවත්. අපේ ලොක්ක එක්කත් කතා කරල මේක ශේප් කරල දාමු, උඹේ හිර වුන වැඩ ටිකටත් මම හෙල්ප් එකක් දෙන්නම්, නිහාලුත් හිත හොඳ එකා පොරත් උදව් කරයි. ජයේ මේ ඔක්කොටම වඩා වටින්නෙ මම කියපු දේවල් ටිකක් හිතල වැරදුනු තැන් හදා ගන්න එක.""මට තේරෙනවා සිරි, උඹට මේවට ස්තූති කරන්න මං ගාව වචන නැහැ" ජයතිස්ස මුලු හදින්ම පැවසූවේ සිරිතුංගගේ දෑත් තරයේ අල්ලා ගනිමිනි.සිරිතුංග හා කල කතාබහෙන් පසු හිතට දැනෙන සුවය ගැන ඔහුට පුදුම සිතින.කල්‍යාණ මිතුරෙක් යනු ජිවිතයේ යහමඟ දකින්නට උදව් කරන්නෙකු බවට කොහේදී හෝ අසා තිබූ දෙය සම්පූර්ණයෙන්ම සත්‍යක් බව ජයතිස්සට හැඟින.
|
BLOG
|
2013.01.22
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5. නැගිටලා බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන එනකොටමෙන්න අයියා මගේ මූණ ඉස්සරහ.“තව පාරක් නැත්ක් යූ..”“අර මොකටද...”දැන් මට මුගේ තැන්ක් යූ වැඩිවෙලා තියාගන්න තැනක් නැතිවෙනවා.“ඊයෙ රෑ මාව පාවලා නොදුන්නට..”මුගෙ කට කන්න එපෑය මේ කතාවට.. අර තරම් දහ පදුරා විදියට අම්මගෙනුයි,තාත්තගෙනුයි බැනුම් අහලා ඉවසන් හිටියට මූමට ගහන හින්ට් එකක්නෙ මේක. අනේඇතත්ට මූ වගේ නොසංඩාල සහෝදරයෙක්. මං මේකා ගැන ලෙන්ගතු හිතක් ඇතිකර ගන්න හදනවා. මූඑනවා මට ‘අහෝ දෙව්දත්නොදුටි මොක්පුර’ පෙන්නන්න.“රමී..”ඇඳුමක් දාගෙන බයික් එක උඩට නගිනකන් බලන් ඉඳල වගේ අයියා ආයෙත් මගේ ළඟටආවා. ඒ පාර මොකක්ද මූකියන්න හදන්නෙ.“යන ගමන සුභවේවා. මොකද ඉතිං මං වෙනුවෙන් යන ගමනක් නේ.. හැබැයි රමී...සයුරි වැඩිය සුප්පාට් දාගෙනආවොත් ඔයා කැත නැතුව බැනලා එන්න.. මං ලබන ආත්මෙ හරි එයත් එක්ක ගණුදෙනු බේරගන්නම්..”“හරි.. හරි.. එච්චරද කියන්න තියෙන්නෙ...”“නෑ.. තව දෙයක් තියෙනවා.. මං ඊයෙ රෑ කිව්වා වගේ මගේ කැමැත්ත ගැන.. මංකැමතියි රමී, ඔයා ඉමාෂිව බඳිනවා නම්..”“ඉමාෂිව...”“ඔව්.. ඔයාලා දෙන්නා නියමෙට මැච් වෙනවා.. මමත් ඒකි මගේ නෑනා වෙනවටකැමතියි..”කටත් අමුතු විදියට ඇද කරගෙන, සවුත්තුහිනාවකුත් දාගෙන අයියා කිව්වා. එහෙනම් මේ ටික කියන්නයි ඊයෙ රෑ අර තරම්තැටමුවෙ.. කොහොම උනත් මගේ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනුණා.. අයියගෙ කතාවෙන්,හරියට නිකං හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ.ඉසුරුලගෙ ගෙදරට මං යනකොට ගේ ඇතුළෙ මෙලෝ හැල හොල්මනක් නෑ.. ඉසුරුවගෙකාර් එකත් එළියෙ පේන්න නෑ.. මං ගේ ඇතුළට එබුණා.“ඉ..සු..රූ..”කීප සැරයක්ම නම කියල කතා කලත් කිසිම වගතුවක් උනේ නෑ. මේ මිනිස්සුන්ටමොනා වෙලාද අප්පා.“ඉ..සු..රූ..”තවත් පාරක් හයියෙන් කතා කරද්දි, පිටිප්සසෙ කාමරේ ඉඳලා ඉමාෂි දුවගෙනආවා. කෙල්ලගෙ කොන්ඩෙන් වතුර ගලනවා.. උදේම නාලා වගේ කියල මට හිතුනා.“රමී අයියෙ.. අපේ අයියා කොට වගයක් බලන්න ගියා..”“හුටා.. එතකොට අපි සයුරි හම්බවෙන්න යන්නෙ කොහොමද...”“ඇයි ඔයා බයික් එකේ නෙමේද ආවෙ...”“බයික් එකේ තමා..”“එහෙනම් ඒකෙ යමු..”ඉමාෂිගෙ මූණෙ හිනාව කට කපලා එකයි. කෙල්ල එහෙනම් ආසාවෙන් ඉඳලා තියෙන්නෙමගෙත්එක්ක බයික් එකේ යන්න. එයාගෙ අංග ලක්ෂණ අනුව මං තේරුම් ගත්තු එකම දේ එච්චරයි.හැබැයි ඉතිං.. හැබැයි ඉතිං.. ඉමාෂි වගේ කෙල්ලෙක් හා කිව්වහම රමීත් බෑ කියයිද...“ඔයා නෑවද...”“හ්ම්.. ම්... කොහොමද දැනගත්තෙ...”“සුවඳ දැනුණා..”“ඉඹින්නෙත් නැතුවම...”ඔලුවත් ලතාවකට පැත්තකට ඇල කරන ගමන් ඉමාෂි ඇහුවා. මගේ හිත හිරි වැටිලාගියා. එතන තිබ්බෙ යාංතමට අඳුරට බරවෙච්ච පරිසරයක්. ඕනෙ නම් ඉමාෂිගෙ උරහිස් දෙකෙන්හයියෙන් අල්ලගෙන, මගේ පපුවට තද කරගෙන එයාව ඇති වෙනකල් ඉඹින්න පරිසරේ එතන හැදිලාතිබුණා. ඒත් මං මගේ හිත පාලනය කරගත්තා. ඉමාෂි කියන්නෙ, මගේ කෙල්ල නෙමෙයි.. මේඉන්නෙ ඉසුරුගෙ නංගි.. ඒ කියන්නෙ මගෙත් නංගි.. මං මටම කියාගත්තා.“ගුටියක් ඕන වෙලාද... ආ..”මං ටිකක් සැරෙන් ඉමාෂිගෙන් ඇහුවා. කෙල්ලගෙ මූණෙ හිනාව තව ඩිංගක් වැඩිඋනා.“ම්.. සැර කරල නම් මාව බය කරන්න බෑතේරුණාද...”“එහෙනම් කොහොමද ඔයා බයවෙන්නෙ...”“ආදරෙන් කිව්වම..”කෙල්ල දිගින් දිගටම එන්නෙ රමීගෙ හිත ඇතුළට කියනෙක, ආයෙ හිතන්න දෙයක්තිබුණෙ නෑ. මගේ හිතටත් ඉමාෂි ගැන එක එක දේවල් හිතෙන්න අරන් තිබුණා. චිකේ.. තොපේවල් හිත්.. යකුනෙ එක එක දේවල් කිව්වෙ, ආදරේ, ලෝබකම, අයිතිකර ගැනීම ඔය වගේ දේවල්.. “අපි යමුද ඉමාෂි...”මිදුලට ඇවිත් මං බයික් එක ස්ටාර්ට් කරගත්තා. හෙල්මට් එකත් දාගෙන කෙල්ලමං හිතුවටත් වැඩිය ඉක්මනට බයික් එකට නැග්ගා. තව ඩිංගෙන් බයික් එකත් පෙරලෙනවා.“තියෙන හදිස්සිය..”“එහෙම තමයි.. ඔයා ළඟින් මෙහෙම යන්න හම්බවෙන්නෙ බොහොම ඩිංග කාලයයිනේ..ඉතිං එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන...”“මේක නම් කටක් නෙමෙයි.. අල්ලනවා මං දැන් කනෙන්..”“හෙල්මට් දාලා තියෙද්දි කනෙන් අල්ලන්නෙ කොහොමද රමී අයියෙ...”මගේඇඟට තවත් හිරවෙන ගමන් ඉමාෂි ඇහුවා. හිර උනා නම් මැදැයි. මගේ බඩ මැද්දෙත් අත දාලාඑය ාමාව තවත් එයාගෙ ඇඟට තද කරගත්තා. මොන තරම් නෙයියාඩගම් නැටුවා කියලා මට කයිකතන්දර හදලා තිබ්බත්, කෙල්ලෙක් එක්ක මේ වගේ බදාගෙන හොඳටම ළගින් ප්‍රසිද්ධියෙ ගියපුපළවෙනි වතාව මේක.“රමී අයියෙ..”මගේ උරහිසට උඩින් නිකට හරිය තියලා තද කරන ගමන් ඉමාෂි කොඳුරනවා.“ම්..”“ඊයෙ රෑ, සයුරි මට කතා කරා..”“සයුරි කතා කරා...”බයික් එක එහෙම්ම පාර අයිනට වෙන්න මං නතර කරා.“ඔව් අයියෙ.. එයා ෆෝන් එක රෑඔන් කරහම, මං ගත්තු කෝල්ස්, මිස්කෝල්ස් එලර්ට් විදියට එයාගෙ ෆෝන් එකට ගිහින් තිබිලා.”“ඉතිං...”“මං කිව්වා වැදගත්ම කාරණයක් ගැන කතා කරන්න හෙට උදේ එයාලහ එනවා කියලා..එයා ඉන්නෙ කොහෙද කියලත් ඇහුවා..”“ඔව්.. එහෙම අහපු එක හොඳයි.. අර නාකි පරාණෙ අපිට කිව්වෙ එයා නුවර ගියාකියලනේ..”“එ එයා බොරුවට කියල තියෙන්නෙ.. සයුරි ගෙදර තමා ඉඳලා තියෙන්නෙ.. කොහොමහරි මට බේරිල්ලක් නෑ.. වැදගත් කාරණේ මොකක්ද කියන්නය කියලා..”“ඉතිං...”“මං කිව්වා.. සයුරි.. හෙට දවස ගැන බලාපොරොත්තු තියන් ඉන්න.. මං හරියටමහතාමාරට ඔයාලගෙ ගෙදර එනවා කියලා.. කතාව එච්චරයි රමී අයියෙ..”“එහෙනම් මේකයි සෙල්ලම ඈ.. මං හිතුවා.. මං හිතුවා.. හයියෝ..”එකපාරටම මායි ඉමාෂියි ඉස්සරහට ආපු කෙට්ටු කොල්ලෙක් කෑගහන්න ගත්තා.දෙයියනේ මේ රංගන නේද... මුගේ ඇඟට මොනව වෙලාද මේ.. පපුවයි, පිටයි දෙකම එකක් වගේ,මූණ ඇස් හැම දෙයක්ම විනාස වෙලා ගිහිල්ලා.. කුඩු, මූට කරල තියෙන විනාසයක්..“රංගන.. තමුසෙට මොනවද මේ වෙලා තියෙන්නෙ...”“මොනව වෙන්නද රමී අයියා.. ඔයා මගේ වස්තුව උදුර ගත්තා..”“මොන වස්තුවද...”“ඇයි හත්වලාමෙ ඔය පිටිපස්සෙ ඔයාට තුරුළු වෙලා ඉන්නෙ.. ඒක මට හිමිවෙන්නතිබ්බ වස්තුව.. ඇයි කෙල්ලෙ ඔයා මට මෙහෙම කරේ.. හ..යි..යෝ..”රංගනට හරියට කතා කරගන්නත් බෑ.. කුඩු විසින් මේ කාලකන්නියාව මුළුමනින්මවිනාස කරල දාලා. කලින් මේකා හිටපු විදියයි දැන් මේකා ඉන්න විදියයි දැක්කම නම් මේලෝකෙ සංසාර පුතෙක් කුඩු ගහන්නෑ.“රංගන මේ... අපිට පව් නොදී මෙතනින් යනවා.. තමුසෙත් එක්ක මගේ ගණුදෙනුවක්නෑකියල දන්නවනේ.. මට කරදර කරන්නෙපා..”“ඇයි සුදූ.. ඔයා ඔහොම කතා කරන්නෙ...”“සුදූ... තමුසෙට කොහෙන්ද මිනිහො මට එහෙම කතා කරන්න හයියක්...”“ඇයි සුදූ.. ඔයා මගේ කෙල්ලනේ..”“කෙල්ල.. හීනෙන් වෙන්නැති.. මතක තියාගන්නවා මං තමුසෙගෙ කෙල්ල නෙමෙයි..”ඉමාෂිත් කතා කරන්න ගියහම කෝපි කඩේ ඩ්‍රාමා එකේ දයාවතීට දෙවනි නෑ..කුඩ්ඩට ඕන මගුලක් කියවගන්න දීලා අපි මාරු උනා නම් ඉවරයි.“ඔයා මගේ නෙමෙයි නම් වෙන කාගෙද...”“හොඳට මතක තියාගන්නවා.. ආයෙ මං කවදාවත්, තමුසෙට මතක් කරල දෙන්නෙ නෑ..මං, රමී අයියගෙ කෙල්ල.. තමුසෙ දැන ගන්නවා.. මං මගේ මුළු ජීවිතේටත් වැඩියරමීඅයියට ආදරේ කියලා.. අපි ළඟදිම බඳිනවා.. තමුසෙ කුඩු ගහලා ගහලා මැරිලාහිටියෙ හෙම නැත්නම් වෙඩින් එකට එනවා.. අවසාන වතායට මගේ අහිමිවීම බලාගන්න.. අපි යමුරමී අයියෙ..”“මො.. මොනවද ඉමාෂි ඔයා මේ කියවන්නෙ...”“මං කිව්වෙ ඇත්ත අයියෙ.. මං කිව්වෙ ඇත්ත.. මගේ හිතේ තියෙන දේ.. අපියමු..”රංගන නොහොත් කුඩ්ඩා නන්නාත්තාර වෙලා කට බලිය කරන් බලන් ඉද්දි මායිඉමාෂියි එන්න ආවා. ඒ එන අතරෙ මගේ ඔලුව තිබුණෙ ඉමාෂි සට සට ගාලා කියවන් ගියපු ටික.අනික එයා කිව්වත්නෙ ඒ එයාගෙ හිතේ තිබ්බ දේවල් කියලා. ඒ කියන්නෙ මෙච්චර කාලයක් හිතඇතුළෙ හංගාගෙන හිටපු දේවල් දැන් එළිපිටම කියන්න තරමෙ ඉමාෂි ධෛර්යයමත් වෙලා.. ඕවාමේවා ගැන හිත හිතා, සයුරිලාගෙ ගෙදර ළගට එනකොට හරියටම වෙලාව හතහමාර පහුවෙලා විනාඩි දහයකුත්ගිහිල්ලා. ඊයෙ ගේට් එක මුර කරන්න වගේ හිටපු නාකි මනුස්සයා අද පැත්ත පළාතක නෑ. ඒකඉතිං මගෙයි ඉසුරුගෙයි වෙලාව තමයි. නැත්තං ඊයෙමනේ මේ ගේම් එක ඉවර කරල දාන්නෙ. මංබයික් එක කෙලින්ම වත්ත ඇතුළට දැම්මා. ඒ දානවත්තෙක්කම ගාඩ්න් එකේ හයි කරලා තිබ්බසිමෙන්ති බංකුවක වාඩිවෙලා ඉඳපු සයුරු අපේ ඉස්සරහට ඇවිඳගෙන ආවා. හෙල්මට් එක හින්දකෙල්ල මාව අඳුනගනීද දන්නෑ.“ඉමාෂි.. ඔයා අයියත් එක්කරගෙන ආවාද...”සයුරි මාව පෙන්නලා ඉමාෂිගෙන් ඇහුවා. අඩේ අප්පා.. කෙල්ල ඉතන් ඉන්නෙ මංඉසුරුවා කියලා..“නෑ.. මේ ඉන්නෙ රමී අයියා..”සයුරිගෙ ඇස් දෙක බලන් ඉද්දිම පත සයිස් උනා. මොන වින්නැහියක් කරන්න මංආවද කියලා කෙල්ලට හිතෙන්න ඇති. ඊයෙ මහා පරිමානම වින්නැහිය මං කරානේ.“සමීරගෙ මල්ලි...”“හ්ම්.. හ්ම්.. මායි ඉමාෂියි ආවෙ ඔයාට වැදගත් දෙයක් කියන්න..”“අර ඊයෙ කිව්ව වගේ දෙයක්ද...”සයුරි එක පාරටම ඇහුවෙ,මූණ තවත් හතරැස් කරගෙන. වැඩේ හිතුව තරම්ලේසි වෙන්නෑකියලා මට එකෙන්ම තේරුණා. ඒකයි මං ඉමාෂිගෙ මූණ දිහා බැලුවෙ.“සයුරි.. මායි, රමීඅයියයි ආවෙ ඔයාට ලොකු කතාවක් කියන්න. මේ කියන්නයන කතාවෙ මුල, මැද, අග හැම තැනම පටලැවිලයි තියෙන්නෙ..”“මේ ගැන ඊයෙම කියන්න මමයි, ඉමාෂිගෙ අයියයි ආවත් ඔයා නුවර ගිහින් කියලාඅර ගේට්ටුව ගාව හිටපු වයසක මනුස්සයා කිව්වා..”“ඉමාෂි ඔයා මගේ හොඳම යාලුවෙක්.. ඒත් මං මේ අයියව දැක්කෙත් ඊයෙයි. ඔයාලාමොනව කියන්න හදනවද කියලා මං දන්නෙ නෑ.. හැබැයි ඔයාලා කියන්න ආවෙ සමීර ගැන නම්.. මංඑයා ගැන කතා කරන්න බිංදුවක්වත් කැමති නෑ.. මං එයාව මගේ ලෝකෙන් අයින් කරල දාලයිතියෙන්නෙ..”පුදනකොටම කාපි යකා වගේ ඔය කෙලවිලා තියෙන්නෙ තාප්පෙටම.. සයුරිගෙකතාවෙන්, මං කියන්න හිතපු දේවලුත් වාෂ්ප වෙලා ගියා.“සයුරි.. රමීඅයියට ඩිංගක් කතා කරන්න දෙන්නකො..”“ඕන තරම් කතා කරන්න.. හැබැයි සමීර ගැන වචනයක් කියන්නෙ නැතුව..”හිතේ තිබ්බ දේවල් වාශ්ප වෙලා ගියාට මගේ හිතට කොහෙන්දෝ ඉඳලා මංදාඅස්වභාවික කේන්තියක් එකපාරට ගලාගෙන ආවා.“මං දැන් මෙතෙන්ට ආවෙ සමීර ගැන කතා කරන්න.. ඔයා කියනවා එයා ගැන කතා නොකරවෙන දෙයක් ගැන කතා කරන්නලු.. සමීර ඇරුනහම ඔයාටයි මටයි කතා කරන්න තියෙන පොදු දෙයක්තියෙනවද ආ...”මං කෙලින්ම ගේමට බැස්සා.. නැතුව බෑ.. කෙල්ලො ඉස්සරහ කූල් වෙන්න ගියොත්උං අපේඔලුත් කාලා, බඩමාලුත් කනවා..“පොදු දේවල්...”“ඔව්.. පොදු දේවල් තමා..”“තියෙනවා..”“මොනවද...”“ඇයි ඉමාෂියි ඔයයි ගැන..”මගේ යෝකර් පන්දුවට කෙල්ල ඇස් පියාගනෙම දාර සයිස් හයේ පාරක් ගැහුවාකියලා මට තේරුණා. මේකි නම් අපේ අයියටම හරියන ජාතියෙ ගුරුකාස් කෙල්ලෙක් තමා.“මායි ඉමාෂියි ගැන තාම කියන්න තරම් දෙයක් නෑ.. එහෙම දෙයක් අපු දවසට අපිකියන්නම්..”මගේ කතාවත් එක්කම ඉමාෂිගෙ ඇස් සංතෝසෙන් දිලිසෙන හැටි මං දැක්කා. ඔයතරම් පුංචි වචන ටිකකට කෙල්ලෙක් මේ තරම් සතුටු වෙන්නෙ කොහොමද බං...“එහෙනම් එහෙම දෙයක් ආපු දවසට කියන්න.. ඒත් සමීර ගැන නම් වචනයක්වත්කියන්නෙපා..”“ඔයත්තෙක්ක සමීර ගැන කතා නොකර මං කාත් එක්කද සමීර ගැන කතා කරන්නෙ...”“ඇයි ඉමාෂිත් එක්ක පුළුවන්නෙ..”අම්මපා.. මෙන්න මේ වගේ වෙලාවල් වලට තමයි රමීගෙ ඉවසීමෙ සීමා පනින්නෙ..සමීරගෙ කෙල්ල හන්දම ඉවසනව මිසක නැත්නම් මං දනී කරන දේ.. කකුල් කෙටි දෙකෙන් අල්ලලාහචෝස් පචෝස් කියල දෙකට දෙවාරෙ පොළවෙ ගහනවා.“ඉමාසිත් එක්ක කතා කරන්න ඉමාෂි සමීරගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමේනේ.. මං ආවෙඔයත්තෙක්ක සමීර ගැන කතා කරන්න..”“මට ඔයා කියන දේවල් විශ්වාස නෑ.. ඒක හින්දා සමීර ගැන කතාවක් මෙතෙන්ට ඕනනෑ..”“සයුරි ඩිංගක් කූල් වෙන්න.. රමීඅයිය කියන්න හදන්නෙ මොනවද කියලාඩිංගක් අහන්නකො.. අපි මෙහෙම කෑගහනකොට ගෙදර අයත් බලයි මේ මොකද රණ්ඩු වෙන්නෙ කියලා..”“ගෙදර කවුරුවත් නෑඉමාෂි.. මං විතරයි.. ඒක හින්දා යටි ගිරියෙන්කෑගැහුවත් ප්‍රශ්නයක් නෑ..”දැන් නම් තත්වෙ සාමකාමීව විසඳන්න බැරි හැඩයි කියලා මට තේරුනා. සයුරිකොයි තරම් අමාරුකාරියක්ද කියලා කියනව නම් මට තාම, අවශ්‍ය මාතෘකාවෙ එකපටන්ගැන්මක්වත් කරන්න බැරිවුණා. ඒක හින්දම එයාගෙන් මිස් වෙච්ච තැනකින් කතන්දරේපටන් ගන්නව කියල මං හිතාගත්තා.“ඔයාට මං කියන දේවල් විශ්වාස නැද්ද...”“නෑ.. බිංදුවක්වත් නෑ..”සයුරි කැත නැතුවම ආයෙත් කිව්වා. හිතේ කොනකින් පටන් ගත්තු කේන්තියෙගිනි දැල්ල පත්තු වෙවීඋඩට ආවත් මේ වෙලාවෙ කේන්ති අරගෙන මුකුත් කරන්න බෑකියලා මං තේරුම් ගත්තා.“එහෙම බිංදුවක්වත් විශ්වාස නැත්තං ඇයි මං ඊයෙ කියපුවා විශ්වාස කරේ...”කෙල්ලට කට උත්තර නැතිවුනා. හයෙ පාරක් කියලා හිතාගෙන බැට් එක වනලතිබ්බට බවුන්ඩ්රි ලයින් එකෙන් මෙහාදිම ඒක කැච් එකක් වෙලා තිබුණා. දැන් ඉතිං මොනහයේ ඒවද... සයුරිට යන්න තියෙන්නෙ පැවිලියන් එකට විතරයි.“ඊයෙ විශ්වාස කරාට අද මං විශ්වාස කරන්නෑ..”“මොකක්...”“ඔව්.. ඊයෙ ඔයා කිව්වෙ අලි බොරුවක්නේ..”සයුරිගෙ කතාවට මට උන් හිටි තැන් අමතක වුණා. ඉමාෂිත් හොඳටම පුදුම උනාකියලා මං දැක්කා. මේ කෙල්ල මොන අංඩර දෙමලයක් ද මේ කියන්නෙ..“බොරුවක්...”“ඔව්.. ඊයෙ ඔයා කිව්වෙ, සමීර ගැන ලොකු බොරුවක්නේ.. දැන් මේ අද කියන්නආවෙත් සමීර ගැන තවත් බොරු ගොඩක්නේ..”“ඔයා හිත්නනෙ අද මං ආවෙ සමීරට විරුද්ධව කතා කරන්න කියලද...”“එහෙනම්...”“ඊයෙ මං කියපුවා සම්පූර්ණයෙන්ම වැරදියි.. සමීර නිර්දෝෂියි කියලාකියන්න..”මගේ කතාවට සයුරිගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳිලා ගියා. අපේ එකා අහුවෙන්නඇත්තෙ මේ හිනාවට තමයි. ඒත් යසුරි ඒ හිනාවුණ හිනාවිල්ල මට දිරෙව්වෙ නෑ.. කෙල්ල කොලේහංගගෙන සෙල්ලම් කරනවත්දෝ කියල මට නිකං ඉවෙන් වගේ හැරුණා. ඒ කියන්නෙ මට කලින්ඉමාෂි, සමීර වැරදි නෑ කියලා ෆෝන් එකෙන්වත්කියලද... මං ඉමාෂි දිහා බැලුවා. එයත් හිටියෙ මං දිහා බලාගෙන. එයා එහෙම දෙයක් කියපුබවක් ඒ මූණෙන නම් පේන්න තිබ්බෙ නෑ.. එතකොට මොකක්ද බං.. මේ සයුරි ක්‍රීඩා කරන අපිනොදන්නා ඉසව්ව...“ඔයා කියන්නෙ සමීර නිර්දෝෂියි කියලද...”“ඔව්.. එයා නිර්දෝෂියි.. ඒත් ඔයාට එයා වැරදියි කියලා ඊයෙ කියන්න තර්මහේතුත් මට තිබ්බා. නමුත් ඔයාට ් හැම දෙයක්ම කියල පැය බාගෙකින් විතර ඒ හේතුවලවලංගුභාවය නැතිවෙලා ගියා. සට සට ගාලා මේ හැම දෙයක්ම ඔයාට කියපු එක වැරදියි තමයි.ඒත් මං එහෙම කෙරුවෙ තවත් අසරණ ජීවිත දෙකක් වෙනුවෙන් මිසක මගේ ලාබ ප්‍රයෝජනයක් තකානෙමෙයි.. මං ඔය කතන්දරේ ඔයාට කිව්වයි කියලා මට ලැබෙන හොඳක් නෑ.. මේ දැන් සිද්ධවෙලා තියෙනව වගේ නරක නාමයක් තමයි මට හම්බවෙන්නෙ..”මං කියාගෙන කියාගෙන ගියා. මේ කතන්දරේ ගොඩ දැමිල්ල කෙසේ වෙතත් සයුරිවආන්බාන් කරනෙකත් ටිකක් අමාරු වැඩක් කියලා මට තේරුනා. සීත සමීරයා මේකිත් එක්ක කොහොමපවුල් කෑවද මංදා.“ඔයාට ලැබෙන හොඳක් නෑකිව්වට ඔයාට ලොකු හොඳක් වුණා..”“ඒ මොකක්ද...”මං හිතුවෙ සයුරි ආයෙමත් මායි ඉමාෂියි පටවලගෙන මොකාක් හරි කියයිකියලා.. ඒත් එයා කිව්වෙ මං හීනෙකින්වත්හිතපු නැති දෙයක්.“ඇයි මං වගේ නෑනා කෙනෙකුගෙ හොද හිත ඔයාට හම්බවෙච්ච එක..”“හොඳ හිත...”“ඔව්.. ඔයා කොයි තරම් හොඳ කෙනෙක්ද, කොයි තරම් අවංක කෙනෙක්ද කියලා ඔයා මටඔප්පු කරලම පෙන්නලා දුන්නනේ.. ඉතිං මං මගේ මස්සිනා ගැන ආඩම්බර වෙනවා.. ඊයෙ, අදවිතරක් නෙමෙයි හැමදාටම..”සයුරිගෙ කතාවට මං ඉන්නෙ කොතනද කියලා මට අමතක උනා. මේ කෙල්ල මේවා ඇත්තටකියනවද, එහෙමත් නැත්තං බොරුවට කියනවද කියලා මට හිතාගනන් බැරිවුණා. ඒත් එයාගෙමූණෙන් නම් එයා මේ කතා කරපු දේවල් ටික, ඇත්තටම කිව්වයි කියන දේ මගේ ඔලුවට ආවා.“අයියත් එක්ක තරහ වෙලා.. මං කොහොමද ඔයාගෙ මස්සිනා වෙන්නෙ සයුරි...”“කවුද අයියත් එක්ක තරහ වුණේ...”“ඔයා අපේ ඔලුවත්තෙක්ක අවුල් කරනවා.. දැන් මෙච්චර වෙලා අපි කතා කෙරුවෙමොනව ගැනද... ඔයා කතා කරේ අයියත් එක්ක තරහින් වගේනෙ..”“නෑ මස්සිනා.. මං එයත්තෙක්ක තරහ නෑ..”“ඒ.. ඒ.. කියන්නෙ...”“සමීර ඊයෙ රෑ මෙහේ ආවා..”“මොකක්...”මට තවත් පුදුම වෙන්න දෙයක් තිබුණෙ නෑ.. සයුරිගෙ හිනාවෙ කලින් තිබ්බඅමුත්ත මොකක්ද කියලා මට තේරුණා. එහෙනම් අපේ එකා හැරෙන තැපෑලෙන් ක්‍රියාත්මක වෙලා.“ඔව්.. ගෙදර හැමෝටම හොරෙන් එයා මගේ කාමරේට ආවා. ඒ ඇවිල්ලා වෙලා තියෙනහැමදේම මගෙත් එක්ක කිව්වා. ඔයා හෙට උදේ මෙහෙ එයි කියලත් කිව්වා..”යකෝ මූඅයියා උනත් කොටියම කන්න එපෑය.. මේ වගේ අලුගුත්තේරු වැඩකරනවට..“ඉතිං මට නොකිව්වෙ...”“සමීර කිව්වා.. රමීව සර්ප්‍රයිස් කරන එකලු එයාගෙ ලොකුම විනෝදාංශය.. ඉතිංඅපි රමීව සර්ප්‍රයිස් කරමු කිව්වා..”ඇත්තට ඉතිං මේක නම් පට්ට සර්ප්‍රයිස් එකක් තමා. රමීට ඇඩ්‍රසුත් නෑ..බලන් ගියාම සීත සමීරයා මාර ටැලන්ටඩ් පොරක්නේ.. සුපුරුදු විදියට පට්ට රෑ ගෙදරින්පැනලා තමන්ගෙ කෙල්ලගෙ ගෙදරටත් හොරෙන් ගිහින් කෙල්ලගෙ කාමරේටත් ඇතුල්වෙලා තමන් ගැනතිබ්බ අවිශ්වාස කතන්දර සියල්ල කන පිට හරවලා උදේ වේදදි ගෙදරත් ඇවිත් හිටපු ලස්සන..ඇත්තමයි.... සමීර තමුසෙ නම් අදහන්න වටිනවා.. මෙච්චර කාලයක් මම තමයි පොර කියලාහිතන් හිටපු රමියගෙ අභිමානෙ අවුලක් නැතුවම දෙවනි පාරටත් අයියකාරයා කඩලා සුනුවිසුනු කරල දැම්මා. මට කරන්න කිසිම වැඩක්තිබුණෙ නෑ.“එහෙනම් ඉතිං අපිට කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑනෙ රමී අයියෙ..නේද...”ඉමාෂි සියලු චිත්ත පීඩා පැත්තකින් තියලා මගේ මූණට එබුණා. ඒත් එයාකියපු දේට උත්තර හම්බවුණේ සයුරිගෙන්.“ඔයාලා දෙන්නට කියන්න දෙයක් තියෙනවා..”“ඒ මොකක්ද...”“ඔයාලා දෙන්නා යාලුයි කියලා අපි හැමෝටම කියන එක..”සයුරි අර කලින් හිනාවම මූණ මැදට අරගෙන කියද්දි මටත් හිනාවක් ආවා. ඒකනම් ඉතිං කොයි වෙලේ කියන්න බැරියෑ අපි දෙන්නා දැනටමත් යාලුනේ කියලා කියන්න වගේඉමමාෂි මගේ අතින් අල්ල ගත්තා. ඒ අතරෙ සයුරි කීප සැරයක්ම ගේට්ටුව දිහා බලනවා මංදැක්කා.“ඇති යාන්තං.. මං බලන් හිටියෙ.. ඇයි තවම පරක්කු කියලා..”තවත් පාරක් ගේට්ටුව දිහා බලලා සයුරි කිව්වා. එතකොට තමයි මං දැක්කෙබයික් එකක් ඇවිත් ගේට් එක ගාව නවත්තල තියෙනවා. ඒක පැදන් ආපු කෙනා ෆුල් ෆේස්හෙල්මට් එකක් දාලා හිටපු හින්ද මට අඳුනගන්න බැරිවුණා. ඒ එක්කම තමයි මගේ මොබයිල් එකරින්ග් උනේ. ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම්බර් එක පල්ලියෙ ෆාදර්ගෙ.“රමිත මහත්තයා..”“ඔව්..”“හදිසි වැඩක් නැත්තං පිළිසරණෙට ඇවිත් යන්න පුළුවන්ද...”“ඇයි ෆාදර් හදිස්සියක්ද...”“මට රමිත මහත්තය එක්ක ටිකක් කතා කරන්නෝන..”“හරි ෆාදර්.. මං දැන් එන්නං..”ඇමතුම විසන්ධි කරල බලද්දි තමයි මං දැක්කෙ බයික්කාරයා හෙමීට අපි දිහාටඇවිදගෙන එන හැටි. ෆුල්ෆේස් හෙල්මට් එක දාලා හිටියත් මට මගේ සහෝදරයව අඳුනගන්න අමාරුඋනෙ නෑ. ඒ ඇවිදන් ආපු ගමනෙ තිබ්බෙ හරි උජාරු ගතියක්. මගේ ළඟටම ඇවිත් අයියා හෙල්මට්එක ගලවලා මගේ දිහාට දකුණු අත දික් කළා.“ඔන්න මං ඔයාට කිසි දෙයක් ඉතුරු කළේ නෑ රමී..”“මං පිළිගන්නවා ඔයා වැඩකාරයෙක් කියලා..”“මං වැඩකාරයෙක් විත්තිය මං දන්නවා.. ඒත් ඊට වඩා ඔයා රියල් බුලට් එකක්.මොකද මං කරපු ඒවා අල්ලගෙන ඒ පස්සෙ පන්නන එක වැඩක් කරනවට වැඩිය අමාරුනේ.. ඔයා ඒදේවල් ඉස්තරම් විදියට කරානේ..”“මොනව කරත් මං හින්දා තව ඩිංගෙන් ඔයාට ඔයාගෙ ආදරෙත් නැතිවෙනවා..”“එහෙම වෙන්නෑ රමී.. එහෙම වෙන්නෑ.. මං එහෙම වෙන්න ඉඩ දුන්නත්, ඔයා එහෙමවෙන්න ඉඩ දෙන්නෑ.. ඒක මං හොඳටම දන්නවා.. එහෙනම් මායි සයුරියි පොඩි ගමනක් යනවා..අපි හවසට හම්බවෙමු..”මගේ අත අතෑරලා සයුරිගෙ අත අල්ලගන්න ගමන් අයියා කිව්වා. එයාලා දෙන්නගෙමමූණුවල විසාල සතුටක් පිරිලා තිබ්බා. ඒ සතුටම මගෙයි, ඉමාෂිගෙයි මූණු වල පිරිලාතියෙන්නැති. ඒ හැමදේම මේ තරම් හොඳ විදියට සිද්ධ වුණාට.“දෙන්නටම සුභ ගමන්..”මායි ඉමාෂියි එකටමයි ඒ වචන ටික කිව්වෙ.“අපි කොහෙද යන්නෙ කියල රමී ඇහුවෙ නෑනෙ..”යන්න ගිහිල්ලත් ආපහු හැරුණ අයියා මගෙන් ඇහුවා.“අහන්න කලින් හරි නම් කියන්න ඕන.. ඒකයි හරි ක්‍රමේ..”“අපි යනව රවීන්ලගෙ ගෙදර..”“රවීන්ලගෙ ගෙදර...”“ඔව්.. රවීන් ඊයෙ රෑලංකාවට ඇවිත්.. වෙලා තියෙන හැම සිද්ධියක්මතාත්තයි අම්මයි එක්ක එළි වෙනකල්ම කියවලා.. කොහොම හරි මිනිහා වැඩේ ගොඩ දාගෙන.. අදඋදේම දිලිනිවයි, දරුවවයි ගෙදර එක්කං ගියා.. මාත් මේ එහේ ඉඳල එන ගමන්..”“පිස්සු හැදෙනවා.. මොනව නැතත් ඒ කතන්දරේ ගොඩ ගියා නම්.. අපෙත් හිතටසනීපයි.. කොයි තරම් කට්ටක්ද දිලිනියි දරුවයි කෑවෙ..”“දැන් නම් ඒ දුක්ක දෝමනස්සයන් සියල්ල ඉවරයි රමී.. දැන් තියෙන්නෙ සතුටුවෙන්න ඕන කාලෙ.. ඒ වගේම හැම දෙයක්ම අංග සම්පූර්ණව, සර්ව සම්පූර්ණව හම්බවෙන වසන්තකාලෙ.. ම්.. ඔය හැමදේම මැද්දෙන් මට තවත් දෙයක් කියන්න තියෙනවා ඔයාට..”මෙච්චර හැට හුටාමාරක් දේවල් කියල ඉවරවෙලා තවත් කියන්න තරම් දෙයක් මේයකාට තියෙනවද අප්පා.. දැන්නම් මගේ හිතට සැකයකුත් එනවා.. අයියකාරයා රහස් ඔත්තුකාරයකේද කියලත්.. ඇයි ඉතිං මේකා හොයන්නෙ, කරන්නෙ ඒ වගේ ඇග කිලිපොලා යන වැඩනේ.“කියන්න..”“දවල් දොළහට විතර ඔයයි ඉමාෂියි එන්න ඕන සුභාෂි ගෙස්ට් එකට..”“සුභාෂි ගෙස්ට් එකට... ඇයි ඒ...”“ඔයාව තවත් සර්ප්‍රයිස් එකකින් නාවන්න.. එහෙනම් ඉමාෂි නංගි.. අපේ මලයත්ඇදගෙන එන්න.. රමීමස්සිනා වෙනවට සයුරි හුඟක් කැමතියි වගේම, ඔයා නෑනා වෙනව නම්මං හුඟාක් කැමතියි.. එහෙනම් අපි ගියා..”අපිට තවත් වචනයක්වත් කියන්න නොදී ඒ ටික කියපු සමීර සයුරි කපල් එකඅතුත් වනාගෙන ගේට්ටුවෙන් එළියට ගියා. කාත් කවුරුවත් නැති ධවල මන්දිරයක අති විශාලගෙවත්තෙ මාත් ඉමාෂිත් තනිවෙලා හිටියා. මෙතනින් එහා ජීවිතේ කොයිබටද කියල අහන්න වගේමං එයා දිහාට අත දික් කලා. මං ඒ දේ කරන කල් බලන් හිටිය වගේ ඉමාෂි පැනලා ඇවිත් මගෙඅතේ එල්ලුණා.පිළිසරණ අනාථ නිවාසෙ ඉස්සරහින් බයික් එක දාලා මායි ඉමාෂියි ඒක ඇතුළටගියා. ජීවිතේටවත් මෙහෙම තැනකට ආවෙ නැති හින්දද මංදා එයා හිටියෙ අතරමං වෙලා වගේ.“ඇයි අපි මෙහෙම තැනකට ආවෙ රමී අයියෙ...”“ඔයාට මතකද එක දවසක් ඔයා මට ගෑණු ළමයින්ගෙ නම් වගයක් කියාගෙන ගියා.. මටලොකු ඇඩ්වයිස් පාරකුත් දීලා කතන්දර ගොඩක් කියාගෙන ගියේ..”“ඔව්.. මට මතකයි.. ඉතිං ඒ ගෑණුළමයිනුයි, මේ අනාථ නිවාසෙයි අතරතියෙන සම්බන්ධෙ මොකක්ද...”“ඒක තව ටිකකින් ඔයාට තේරෙයි.. ඔයාට මතකද මං යාලුයි කියලා ඔයා කියපු ගෑණුළමයින්ගෙ නම් ටික..”“හ්ම්.. මට මතකයි.. ඇයි රමී අයියා ඕවා දැන් මෙතෙන්ට...”“හේතුවක් තියෙනවා.. ඔයා මට ගෑණු ළමයින්ගෙ නම් පහක් කිව්වා. ඒ නම් පහෙන්තුනක් දැන් හැලිලා ඉවරයි..”“හැළිලා ඉවරයි කිව්වෙ...”“ඔයා කියපු පළවෙනි නම් දෙක රිස්මියායි, නදිනියි නේ.. ඒ දෙන්නම මේ වෙනකොටමැරි කරලා ඉවරයි.. ඊගාවට කියපු නම දිලිනි.. එයත් කවුද කියන්න ඔයා දන්නවනේ..”“හ්ම්.. ඔ.. ඔව් රමී අයියෙ.. මට තේරෙනවා.. එදා එහෙම මං කියවන් ගියේ මගේහිතේ වේගෙට මිසක් ඔයාව රිද්දන්න නෙමෙයි..”“ඒ වුණාට මේවා පහදලා දෙන එක මගේ යුතුකමනේ.. එන්න.. අපිට අද ඔයා කිව්වනම් වලින් හතර වෙනි එක දැකගන්න පුළුවන්..”මං ඉමාෂිගෙ අතින් අල්ලගෙන පිළිසරණ ළමා නිවාසෙ පඩිපේලි දිගේ නැග්ගා. ්එකිට නැගලා ඉවර වෙනකොටම අපි ඉස්සරහට දුවගෙන ආවෙ දිමුතු.“රමිත අයියෙ.. ඔ.. ඔයා හුඟ දවසකින් ආවෙ.. ඇයි අයියෙ මාව අමතක කරලහිටියෙ..”“නෑදිමුතු.. ඔයාව අමතක වුණා නෙමෙයි.. මට හුඟක් වැඩ තිබුණා.. ඒකයිමං ආවෙ නැත්තෙ.. ඒත් ඔයාගෙ වියදමටයි, පන්ති ගාස්තුයි මං ෆාදර්ට දීලා ඇත්තෙ..”“ඒ මොනවත් වැඩක් නෑ අයියෙ.. ඔයාව දකින්න නැත්නම්..”එහෙම කියද්දි පුංචි කෙල්ලගෙ ඇස් වලට කඳුළු ආවා. මං ඉමාෂි දිහා බැලුවෙඑයා මොන වගේ ප්‍රතිචාරයක් පෙන්නයිද කියලා.. මං හිතපු නැති විදියට ඉමාෂිගෙ ඇස්වලටත්කඳුළු උනලා තිබුණා.“දෙ.. දෙවියනේ.. මෙයාද දිමුතු කියන්නෙ...”ඉමාෂිට මේ කිසිම දෙයක් විශ්වාස කරන්නත් බෑ වගේ.. එයා මේ වගේ දෙයක්හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්නැතුව ඇති කියල මට හිතුණා.“මේ අක්කා කවුද රමී අයියෙ...”ඔන්න දැන් තමා දිමුතුගෙ අවධානය, ඉමාෂි දිහාට යොමු උනේ. ඉමාෂි කවදුකියලා අඳුන්වල දෙන්නෙ මොන නමකින්ද කියලා හිතෙද්දි තමයි ආයෙමත් දිමුතුම කතාව ඇදගෙනයන්න ගියේ.“හා.. හා.. මං දන්නවා.. මං දන්නවා.. ඔයා තමයි අපේ රමී අයියගෙ හිත ගත්තුවාසනාවන්ත අක්කි.. මගේ සුභපැතුම් අක්කියො..”දිමුතුයි, ඉමාෂියි වැළඳ ගනිද්දි, පිළිසරණෙ ඉස්සරහ දොරින් ෆාදර් එනවාමං දැක්කා. ඉමාෂිටයි, දිමුතුටයි එහෙම්ම කතා බහ කරන්න දීලා මං ෆාදර් ඉස්සරහට ගියා.“රමිත මහත්තයා..”“ෆාදර් මට හදිස්සියෙම එන්න කිව්වෙ...”“කාරණා කිහිපයක් නිසා.. කොටින්ම මේ ලමයි බාරව ඉන්න හැමෝම ගෙන්නල කතා කලානම් හොඳයි.. ඒත් වයසින් අඩුම, මෙතෙන්ට ඉහළම සැලකිල්ලක් දක්වන රමිත මහත්තයත් එක්කකතාබහ කරල අනිත් අය ගෙන්වන්න මං තීරණේ කලා. මොකද රමිත මහත්තයගෙ තියෙන හොද ගතිගුණදැකල කිසිම ෆාදර් කෙනෙක් නොකරන දෙයක් මං කෙරුවෙ.. ඒ රමිත මහත්තය වගේ තරුණයෙකුටදිමුතුගෙ භාරකාරීත්වය පවරපු එක.”“මං හිතන්නෑ ඒකෙන් ප්‍රශ්නයක් ඇති උනයි කියලා..”“අපොයි නෑ.. මං හිතුවටත් වැඩිය හොඳට රමිත මහත්තයා වැඩ කටයුතු ටික කරා..ඒත් වැඩේ කියන්නෙ.. මටවතිකානු රාජ්‍යයට යන්න වෙලා තියෙනවා..”“මේ හදිස්සියෙ...”“ඔව්.. තව මාස දෙකකින් විතර.. පහුගිය ටිකේ රමිත මහත්තයා උනත් මගෙත්තෙක්කඅමනාපයෙන් ඉන්න ඇති, මෙතන වැඩ කටයුතු කිසිම පිළීවෙලක් නෑකියලා.. නමුත් මගේඉඳරි අනාගතය තකා, මම ඒ වතිකානු රාජ්‍යයට යන ගමනට අවශ්‍ය දේ සූදානම් කරා..”එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.. දැන් වැඩේ මුල ඉඳලම පටන්ගන්නවෙනවා..“එතකොට පිළිසරණෙට මොකද වෙන්නෙ ෆාදර්...”“ඒක තමා මට තියෙන ලොකුම ගැටලුව..”“මෙහාට කවුරු හරි ගෙන්න ගන්න පුළුවන් වෙයිද...”“පුළුවන්.. වත්තල ඉන්න ඇන්තෝනි ෆාදර්ව මම මෙතෙන්ට සම්බන්ධ කරන්නපුළුවන්.. ඒත් ඔයාලා කැමති නම් විතරයි..”ඒ කියපු දේ මගේ ඔලුවෙ තුන් හතර පාරක්ම එහෙට මෙහෙට දිව්වා. අලුතින් එනමනුස්සයා මෙහාන වගේ කෙනෙක්ද කවුද දන්නෙ... මේ හැම දෙයක්ම විනාස කරල බිමට සමතලා කරලදැම්මොත් කාට කියන්නද... එහෙම හිතුණට මං කිව්වෙ වෙනින් දෙයක්. මොකද ෆාදර් ගියහමඅපි කැමති උනත් නැතත් කවුරු හරි මෙතන භාරකාරීත්වය ගන්න ඕනනේ.“කැමැත්ත පැත්තක තියල මෙතෙන්ට කවුරු හරි හොඳ කෙනෙක්ව ගේන්න ෆාදර්.. මොකදමෙතන ඉන්න ළමයි හුඟාක් අසරණ අය කියලා අපි දන්නවනේ..”“එතකොට රමිත මහත්තය මොකද කරන්නෙ...”“මොකද කරන්නෙ කියන්නෙ...”“දිමුතු සම්බන්ධයෙන්...”ෆාදර්ගෙ කතාව මට හරියට තේරුනේ නෑ..“ඒ කිව්වෙ...”“රමිත මහත්තයා දිමුතුගෙ භාරකරු හින්දා දිමුතු ගැන ඕන තීරණයක් ගන්නපුළුවන්..”ඔන්න දැන් තමයි මට හරියටම මීටර් උනේ ෆාදර් කියන්නෙ මොකක්ද කියලා.“ඒ කියන්නෙ මට ඕන නම් දිමුතුව ගෙදර අරන් යන්න පුළුවන් කියලද...”“ඇත්ත වශයෙන්ම ඔව්..”එහෙනම් කතන්දරේ එහෙමයි ඉවර වෙන්නෙ.. ෆදාර්ට යන්නම් කියලා මං ආයෙත්ඉමාෂියි දිමුතුයි ගාවට ආවා. දෙන්නා ඒ වෙනකොට බරටම බරේ කඩයක් දාගනෙයි හිටියෙ..“එහෙනම් අපි යමුද ඉමාෂි...”“අනේ රමී අයියෙ.. ඇයි මේ ආපු ගමන්ම යන්නෙ.. මං ඉමාෂි අක්කිත් එක්ක හරියටකතා කරේවත් නෑනෙ..”“තව ටික දවසකින් ඔයාට ඉමාෂි අක්කිවත් එක්ක ඕනෙ තරම් කතා කරන්න පුළුවන්..”“ඒ කොහොමද රමී අයියෙ...”“මං ඔයාව අපේ ගෙදර එක්කං යන හින්දා..”මගේ ඒ කතාවෙන් දිමුතුටයි, ඉමාෂිටයි පුදුමාකාර සතුටක් ලැබුණා කියල මටතේරුණා. දිමුතුට දැනෙන්න ඇත්තෙ මේ හිර ගෙදරක් වගේ තැනින් නිදහස් වෙලා මං ළඟට ආවමහිතට එන සතුට වෙන්නැති.. ඒ වගේම ඉමාෂිට දැනෙන්න ඇත්තෙ දිමුතුට ඉමාෂිත් එක්ක ඕනතරම් කතා කරන්න නම් අනිවාර්යෙන්ම ඉමාෂි අපේ ගෙදර නවතිනවා කියන සතුට වෙන්නැති. මගේහිතට සතුටක් දැනුණෙ මගේ ඒ වචන ටිකෙන් දෙආකාරයක සතුටවල් ඉමාෂිටයි, දිමුතුටයි වෙනවෙනම දැනුණ හින්දා.“ඔයාට හුඟක් පිං රමී අයියෙ.. ඔයාට හුඟක් පිං..”දිමුතු මාවයි, ඉමාෂි අක්කවයි එකපාර බදාගත්තා.. මේ අහිංසක කෙල්ලගෙ සතුටවෙනුවෙන් අනාගතේ වෙනුවෙන් තව හුඟාක් දේවල් කරන්න මං හිතාගත්තා.අයියා කියපු විදියට දවල් දොළහ වෙද්දි සුභාෂි ගෙස්ට් එක ළඟට මායිඉමාෂියි ආවා. වටපිට බැලුවත් අයියව අපි දැක්කෙ නෑ. සමහර විට මිනිහා තාම එන්නෙ නැතුවඇති. සයුරිත් දාගෙනනෙ ගියේ.. ගියපු තැන පැළවෙලා ඇති.“අපි මෙතනින් වාඩිවෙලා ඉමු ඉමාෂි..”සුභාෂි ගෙස්ට් එකේ ගාඩ්න් එකේ හයි කරලා තිබ්බ අම්බ්‍රෙල්ලා ටේබල් එකක්ළඟට මායි ඉමාෂියි ගියා.“සමීර අයියා තාම නෑනෙ රමී අයියෙ...”“ඒක තමා මාත් බැලුවෙ.. සාමාන්‍යයෙන් මිනිහා වෙලාවට කලාවට වැඩ කරනහාදයෙක්..”“ඔයාව සර්ප්‍රයිස් කරන්නනෙ එන්න කියලා කිව්වෙ..”“හ්ම්.. ම්.. ඒත් මං හිතන්නෑමාව තවත් දුරට සර්ප්‍රයිස් කරන්නපුලුවන් තරම් දෙයක් මිනිහ ළඟ ඉතුරු වෙලා තියෙනව කියලා..”“අපි බලමුකො රමී අයියෙ.. තව ටිකකින් එයාගෙ සර්ප්‍රයිස් එක අපිට බලාගන්නපුළුවන්නෙ..”“ඉමාෂි..”ටේබල් එක ගාව තිබ්බ පුටු දෙකක මායි ඉමාෂියි වාඩි උනා. ඒ වාඩි වුණාටපස්සෙ මං එයාගෙ වම් අතින් අල්ල ගත්තා. ඒකෙ මැදගිල්ලෙ එයා අමුතු හැඩේකට ගලක් අල්ලපුමුද්දක් දාලා තිබුණා.“ඇයි රමී අයියෙ...”“ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද...”“හා.. ඕන දෙයක් අහන්න...”“ඔයා රංගනත් එක්ක යාලු උනේ ඇයි...”මං හිතුවෙ මගේ ප්‍රහ්නෙන් ඉමාෂි අවුල්වේවි කියලා. ඒත් ඒ දේ එහෙම උනේනෑ. එයා ඇස් ලොකු කරලා මං දිහා බැලුවා.“මං ඇත්තම කිව්වොත් ඔයා මගෙත් එක්ක තරහ වෙනවද...”“නෑ.. ඔයා ඕන දෙයක් කියන්න..”දැන් නම් කීයටවත් ඉමාෂිත් එක්ක තරහ වෙන්න බෑ කියලා මට හිතුණා. මේගෙවිල ගියපු දවස් දෙක තුනට අවුරුදු දෙක තුනක් ළඟින් හිටිය වගේ මායි ඉමාෂියි හදවත්වලින් බැඳිලයි හිටියෙ. ඒක අපි දෙන්නම, අපි දෙන්නට පෙන්නුවෙ නෑ. ඒත අයියා කියපුදේවල් වලින්, සයුරි කියපු දේවල් වලින්, දිමුතු අහපු දේවල් වලින් අපේ බැඳීම අපිටනොදැනිම ශක්තිමත් එකක් බවට පත්වෙලා තිබුණා.“ඔයාට රිද්දන්න..”“මට රිද්දන්න...”ඉමාෂිගෙ කතාවෙන් මගේ ඔලුවත්තෙක්ක අවුල් උනා. මට රිද්දන්න ඇයි ඉමාෂිකුඩ්ඩත් එක්ක යාලු උනේ..“ඔව් රමී අයියෙ.. මං මේ කියන දේවල් වලට මට සමාවෙන්න.. මං ඔයාව දැකපුමුල්ම දවසෙ ඉඳලා මං ඔයාට ආදරේ කලා. ඔයාගෙ කතාව, ගමන බිමන, හිනාවෙන හැටි, කෑගහනහැටි, ඔය හැමදේම ඔයාට හොරෙන් මං හුඟාක් දවස් බලන් ඉදල තියෙනවා. ඔයා අයියවහම්බවෙන්න ආපු හැමදාකම මං ඔයාට හොරෙන් කී දවසක් නම් ඔයා දිහා බලන් ඉඳලා ඇත්ද...ඒත් ඔයා මාව තඹසතේකට ගණන් ගත්තෙ නෑ.. අඩුගානෙ ඕනකමකින් මං දිහා බැලුවෙවත්නෑ.. වෙලාවකට මට හිතුණා මං ඔයාට ලස්සන මදිදත් කියලා..”“නෑඉමාෂි.. ඒ ගැන ඔයා වදවෙන්න එපා.. ඔයා හුඟක් ලස්සනයි..”“තැන්ක් යූරමී අයියෙ.. ඒ වචන ටිකත් ඇති.. ඉතිං මං ඔයාටපෙන්නන්නයි, ඔයාට රිද්දන්නයි තමයි රංගන එක්ක යාලු උනේ.. ඒත් ඒකෙන් මං වැටුණෙකබලෙන් ලිපට.. රංගන කියන්නෙ කොහොමටවත් හොඳ කෙනෙක් නෙමෙයි.. මං ඒ සම්බන්ධෙනවත්තන්නෙ කොහොමද කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නකොට තමයි අපේ අයියා, මායි රංගනයි ගැන හොයන්න ඔයාට බාර දුන්නෙ.. එදාඔයා ඇවිත් මං ඉස්සරහදිම රංගනට ගහද්දි මට රංගන ගැන කිසිම දුක්ක දැනුන් නෑ.. මට ඒසිද්ධිය ලොකු ආශිර්වාදයක් උනා එෆෙයාර් එක නවත්තන්න..”බලන් ගියාම හීනෙකින්වත් හිතපු නැති දේවල්නෙ අප්පා සිද්ධ වෙලාතියෙන්නෙ. මෙහෙම දෙයක් ගැන මං ඇබිත්තක්වත් හිතල තිබ්බෙ නෑනෙ.“එතකොට ඔයා ඒ දවස්වල ඇඬුවෙ...”“මං මට කරගත්තු හානියට.. මගේ නමට වෙච්ච කැළලට.. කොයි තරම් මෝඩ විදියටදමං හැසිරිලා තියෙන්නෙ කියලා මේ වැඩෙන් ඔයාව මට තවත් දුරස් වෙනවා කියලා දැනෙද්දිතමයි මට වැඩිපුරම ඇඬුනෙ..”“එතකොට දැන්...”ඉමාෂිගෙ මූණ මගේ දිහාට තවත් ටිකක් ලංවුණා.“ඒ ප්‍රශ්නෙ අහන්න ඕන මමයි රමී අයියා..”“මොකක්ද...”“මේ හැමදේම කිව්වට පස්සෙ ඔයාගෙ තීරණේ මොකක්ද කියලා...”“මගේ තීරණේ මටත් වැඩිය හොඳට මේ වටේ ඉන්නඅය දන්නවා ඉමාෂි..”“ඒ.. ඒ කියන්නෙ...”“මට ඔයාව ඕනෙ කෙල්ලෙ.. මට ඔයාව ඕනෙ.. මගේ ජීවතේ හැමදාටම ළඟින්තියාගන්න..”“දෙ.. දෙයියනේ.. ඔයා ඔ.. ඔය ඇත්තමද කියන්නෙ රමී අයියෙ.. මට නම් විශ්වාසකරන්නත් බෑ.. අනේ.. හ්.. ඔය වචන ටික අහන්න මං කොයි තරම් කාලයක් හූල්ල හූල්ල බලන්හිටියද...”ඉමාෂි පුටුවෙන් නැගිටලා ඇවිත් එකපාරටම මාව බදා ගත්තා. කෙල්ලට මංකියපුවා බර වැඩි උනා කියලා මට තේරුණා. මේ වගේ දෙයක් ඉමාෂි වගේ සංවේදී හිතක් තියෙනකෙල්ලෙකුට උහුලන්න බෑ කියනෙක මට කලිනුයි හිතනන් තිබ්බෙ.. ඒත් රමී කියන්නෙ කිසිමදෙයක් පස්සට දාන කෙල්ලෙක් නෙමෙයි.. රමීගෙ ආදරේ උනත් එහෙම තමයි.. අවශ්‍ය වෙලාවෙදිටුවෙන්ටි ෆෝ අවර්ස් නන්ස් ටොප් වැඩ.“අ.. අනේ.. රමී.. අයියෙ.. හ්ග්.. හ්ග්..”ඉමාෂි තාමත් අඬනවා.. එයාටම එයාව පාලනය කර ගන්න දීලා මං එයාගෙ ඔලුවහෙමීට අත ගාන්න ගත්තා. මේ වෙලාවෙ තවත් මොනව හරි කියන්න ගියොත් ඉමාෂි තවත් අඩන්නගන්නවා.“ඉමාෂි.. අඬන්නෙපා බබා.. දැන් ඔක්කොම හරිනේ..”“හ්ග්.. හ්ග්.. මං ආයෙ අඬන්නෑ අයියෙ.. මට සතුටු වැඩියි.. ඔයාව මගේ හිතේකොච්චර තදින් බැඳිලා ජීවත්වෙලාද කියල මට තේරෙන්නෙ ඔයා ඔය වචන ටික කිව්වට පස්සෙතමයි.. අනේ ඔයාට හුඟක් පිං අයියෙ.. ඔයාට හුඟක් පිං.. ඔයාට ආදරෙයි කියලා ඉස්සර වෙලාකියන්න මට බය හිතුණා.. ඔයා මාව කොහොම මනියිද දන්නෙ නෑනෙ..”කෙල්ලගෙ හිතේ තෙරපිලා තියෙන හැඟීම් ඔක්කොම ටික උතුරලා ගියා නම්හොඳයි.. එතකොට ඉමාෂි සංසුන් වෙයි කියලා මට හිතුණා.“මං ඔයාව කොහොමවත් මනින්නෑ ඉමාෂි.. මං ඔයාට හැමදාමත් ආදරෙයි..”“ඒ ආදරේ මං හැමදාම රකිනවා රමී අයියෙ.. රංගන එක්ක යාලු උනා කියලා මං මගේපිරිසිදුකම එක බිංදුවක්වත් අඩුකර ගත්තෙ නෑ.. අපි බඳින දවසට මං මගේ පිරිසිදුකම ඔයාටපෙන්නනවා.. ඒක ස්ථිරයි..”ඉමාෂි කියපු දෙයින් මගේ හිතත් මොකක්දෝ වෙලා ගියා.. එයා මාව කොහොමමනිනවද දන්නෑ.. හරියට මං ඒකම බලන් හිටියා කියලා.. ඒක හන්දම මං කතාව මාරු කලා.“ඔය ඔක්කොම කතා දැන් පැත්තකින් දාලා අපි හිනාවෙලා ඉමු.. කෝ මේ සමීරයාතාමත් නෑනෙ.. මිනිහා අපිව ඇන්ඳුවවත්ද...”“අපි තව ටිකක් බලමු රමී අයියෙ..”“ආ.. ඔයාට තව දෙයක් කියන්න තියෙනවා.. තව ඩිංගෙන් ඒකත් අමතක වෙනවා..”“ඒ මොකක්ද...”“ඔයා අර මට කියපු ලේඩීස් ලිස්ට් එකේ තව එක නමක් ඉතරු වෙලා තියෙනවා..”“ඔව්.. මට මතකයි.. ඒ තමයි අනූෂි..”“ඔයා දන්නවද අනූෂි කියන්නෙ කවුද කියලා.. මං එයාව අඳුනන්නෙ කොහොමදකියලා..”“ම්හු.. නෑඅයියෙ..”“අනූෂි කියන්නෙ...”මට එතනින් එහාට දෙයක් කියන්න බැරි වුණේ අපේ ටේබල් එක දිහාට දුවගෙන ආපුඅයියයි, සයුරියි හින්දා.. ඒ මූණු දෙකේම අලි පත හිනාවල් වලින් වැහිලා.. මායිඉමාෂියි වාඩිවෙලා ඉඳපු ටේබල් එකට අත තියන් ඒ දෙන්නා මහා සද්දෙට හිනාවෙනවා..උපන්තේකට මං මේ දැක්කමයි සමීරයා ඔය තරම් සද්දෙට හිනාවෙනවා.. ඌටම හපන් සයුරිත්..මුං දෙන්නා ජාත්‍යයන්තර මෝදක තෛලය වත් ඇඟ පතේ උලාගෙන ආවද මංදා.“ඔයාලා බක බක ගගා හිනාවෙනවා.. මායි ඉමාෂියි ඇවිල්ලා දැන් විනාඩිවිස්සකටත් වැඩියි..”“හහ්.. ඔයාලට කලින් අපි ආවෙ..”හිනාව බාගෙට නවත්ත ගන්න ගමන් අයියා කිව්වා. ටොම් පචයක් උනත් මේකාකියපු ලස්සන..“බොරු කියන්නෙපා.. සමීර අයියෙ.. අපි එනකොට ඔයාලා කවුරුවත් නෑ.. එහෙනම්ඉතිං පේන්නවත් ඉන්න එපෑය..”“එහෙම පේන්න හිටියා නම් ඔයාලගෙ ආදරෙ දෙබස් අපි හැමෝම අහගෙන ඉන්නෙකොහොමද.. හහ්.. හහ්.. හා... නැද්ද සයුරි...”මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාව.. මගේ හිතට ආවෙ නුහුගුණයක් වගේ ගතියක්..මේකාමගෙයි ඉමාෂිගෙයි කතාවවත් අහන් හිටියද... ඒත් ඒ කොහොමද... මේකා මේ පැත්තපළාතකවත් හිටියෙ නෑනෙ.“රවීන්.. වරෙල්ලා..”ආයෙත් එක පාරටම පිටිපස්ස පැත්තට හැරුණු අයියා කෑගැහුවා. කරගෙන ගියපුකතාව මග ලොප් කරා මේකා රවීන්ට අමතපු එක නම් මට දිරෙව්වෙ නෑ.. මොකද කියනව නම් මේකාලෝක අංකූරා.. කොළඹ වරායෙ බොක්කෙන් බැහැලා ත්‍රිකුනාමලයෙ බොක්කෙන් මතුවෙන ජාතියෙඇවටියෙල් බඩුවක්.. ළඟින් ගියොත් ඇස් දෙකයි, කටයි, මුලු මූණත් තහඩුවයි, අතකුයිපයකුයි නෑ..අයියගෙ කටහඬත්තෙක්කම රවීනුයි, දිලිනියි, පුංචි එකයි හෙමින් සීරුවෙ අඩිතිය තියා අපේ දිහාට ආවා. ඒ හැම මුහුණකම ලොකු හිනාවක් මතුවෙලා තිබ්බා. මුං ඔක්කොමමේ හිනාවෙන්නෙ ඉමාෂිටයි මටයිද...“රමී..”මගේ අවධානෙ පිට පැනල කියල තේරුණ හන්දද කොහෙද අයිය මගේ මූණටම එබුණා.ආයෙ දෙකක් නෑ.. ඒ ඇස් මට කිව්වෙ මේකගෙ හිතේ ලොකු රහසක් තියෙනව කියලා..“අද හරිම සතුටු දවසක්.. මෙතන ඉන්න අපි හැමෝම සතුටින් ඉන්නෙ.. එහෙමනේද... මං හැමෝටම සුභාෂි එකෙන් ලන්ච් එක රෙඩි කරලයි තියෙන්නෙ.. ඒකට හේතු ගොඩක්තියෙනවා.. මං සාමාන්‍යයෙන් කාටවත් ලන්ච් එකක් දෙන එකෙක් නම් නෙමෙයි.. මං තනියමලන්ච් ගන්න එකෙක්..”ඒක නම් සහතික ඇත්ත.. මූ කවදද අපිට ලන්ච් එකක් තිබා බබල්ගම් එකක්වත්ගෙනල්ලා දුන්නෙ.“ඉතිං එහෙම එකා මේ ලන්ච් එකත් දෙන්නෙ පට්ට සංතෝසෙට.. ඒ කියන්නෙ අදදවසෙදි එකතු වෙච්ච ජෝඩු බර ගානක් ඉන්නවා.. අන්න ඒ ජෝඩුවල එකතු වීම සමරන්නයි මේහදන්නෙ.. හරිද රමී..”“කියන්න.. මං අහගෙන ඉන්නෙ..”“කාට හරි අමතක වීමක් තියෙනව නම් ඒ ජෝඩු කවද කියල මං දැන් මතක් කරන්නම්..”එහෙම කියද්දි අයියගෙ කට කොනට උගේ අර උප්පත්තියෙ ඉඳලා ආපු කුණු හිනාවඇවිල්ලා තිබුණා.“පළවෙනි ජෝඩුව තමයි මේ ගස් ගල් වගේ ඉන්න මමයි සයුරියි.. රයිට්.. එතකොටදෙවනි ජෝඩුවතමයි අද දින මීට මුළු මොහොතකට පෙර ආදරය ප්‍රකාශ කරගත් රමී සහ ඉමාෂියුවල.. දැට්ස් රයිට්..”අයියගෙ කතාවෙන් අන්තිම හරියෙ කියවුණ දේ මගේ ඔලුවට තත්පරේට දෙකටවැටුණා. ඒ ගැන අහන්න කට අරින්න හදද්දි අයියා අත උස්සලා එයා කතා කරන බව පේනනුවා.“ඔයාලා අද ආදරේ කරන්න ගත්තා කියලා අපි හැමෝම දැනගත්තා රමී.. ඒ මේ ඔයාලගෙමේසෙ යට හයි කරලා තිබ්බ මෙන්න මේ ගැජට් එකෙන්..”සමීර, මං හිටපු මේසෙ යටට අත දාලා පුංචි මයික් එකක් වගේ කෑල්ලක් ගලවලගත්තා.. ඉමාෂි අත් දෙකෙන්ම මූණ වහගත්තත්, මං සමීරට බනින්න කට හැදුවෙත් ඒතත්පරේදිමයි.“හෝව්.. හෝව්.. කලබල වෙන්න එපා රමී.. කලබල වෙන්න එපා.. අපේ ආදර කතා ඉතිංපරණ ස්ටෝරිනේ.. අපටත් ඉතිං හිතුණා අලුත් ආදර කතාවක නව වෙනසක් හෙම තියෙනවද කියලාබලන්න.. ඔය වැඩේ කනාවට තමයි ජජ් කරලා ඔය මේසෙ ගැහුවෙ.. හැබැයි ඒක යස අගේට පත්තුඋනා..”ෂෙහ්.. ඇත්තට.. මේ අංගුත්තරයා කරපු වැඩක තරම.. අපි කතා කරපුවා ඔක්කොමමුං අහන් ඉන්න ඇති.. හතර වලි ලැජ්ජාවෙ පණ යනවා.“ඉමාෂි නංගි.. ඔලුව උස්සන්න.. ඕවා ගණන් ගන්න එපා.. ඔයා කොහොමත් මගේනෑනනේ.. එහෙනම් අපේ උණුසුම් සුභපැතුම්..”අයියා ඉස්සරහට ඇවිත් මාව බදාගත්තා.. අපේ කතාව අහගෙන හිටියා කියලදැනුණහම මගේ හිතට දැනුණ ආවේගය ඒ මොහොතෙම කොහෙදෝ වාශ්ප වෙලා ගියා.“එතකොට මේකද ඔයාගෙ සර්ප්‍රයිස් එක...”අයියා මාව අතෑරලා ඉමාෂිව වැළඳ ගනිද්දි මං ඇහුවා. මිනිහගෙ මූණට ඒ පාරනම් සිරාවටම මනමාල හිනාවක් ආවා.“නෑ.. මේක අහම්බෙන් හම්බවුණ පොට්ට චාන්ස් එකක්..”ඒ කියන්නෙ අපේ ආදරේ හැමෝටම ඇහෙන්න මයික් එක දාගෙන නටපු නාඩගම සර්ප්‍රයිස්එකක් නෙමෙයිලු.. එතකොට මොකක්ද හත්වලාමෙ ඊටත් එහා ගියපු මුගේ සර්ප්‍රයිස් එක...“එතකොට...”“මෙන්න මේක තමා සර්ප්‍රයිස් එක.. මෙයාලත් අපිත් එක්ක ඉඳන් ඔයාලගෙ ආදරකතාව අහගෙන හිටියා.. මෙයාලා දෙන්නත් ආදරේ කරන්න ගත්තෙ,සම්බන්ධෙට මුල පිරුවෙඅද.. මේ තමයි අද ලන්ච් එකට සහභාගී වන හතරවෙනි සහ අවසාන ජෝඩුව.. ඉසුරු සහ අනූෂි..”මං වගේම ඉමාෂිත් වෙව්ලලා ගියා කියලා මට තේරුනා. දෙයියනේ ඉසුරු.. මටහිතාගන්නවත් බැරි වුණා.. සමහර දවස්වල මටත් හොරෙන් මේකා කොරියාවෙයි, ඉස්පිරිතාලෙපැත්තෙයි කැරකුණේ මේකට තමයි එහෙනම්.. අනූෂිගෙ තත්තා වුණ අමරදාසට කන්ට්‍රැක්ට් බාරදෙන්න මේකා තකහනියක්ම කොරියාවට බඩ ගෑවෙ ඒකටයි එහෙනම්.“උඹ මට නිකමටවත් කිව්වෙ නෑඉසුරු..”ආඩපාලියට වගේ කියාගෙන මං ඉසුරුව බදාගත්තා.. මගේ ඇස් මග ඇරපුනයිටින්ගේල් කෙල්ල බිම බලාගෙන හිටියා. සමහර විට එයාට ලැජ්ජා හිතෙන්න ඇති මගේ මූණදිහා බලන්න.“මං විතරක් නෙමේ.. උඹයි නංගියිත් දෙන්නම මට කිව්වෙ නෑනෙ..”ඉසුරුත් ආඩපාලියක් වගේ හිනාවෙවී කියද්දි, ඉමාෂි ඇවිත් අපි දෙන්නවමබදාගත්තා.“එහෙනම්.. බදා ගැනිලි, සිප ගැනිලි ඉවරවෙලා ලන්ච් එක ගන්න මේ පැත්තටවරෙල්ලා.. එහෙනම්.. ගුඩ් බායි රමී...”අයියගෙ කටහඬ ටිකක් ඈතින් ඇහෙද්දි මං ඉසුරුවයි මහේෂිවයි තව තවත් තුරුලුකරගත්තා.
|
BLOG
|
2013.01.22
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi;}ඔයඅතරෙ ඉමාෂි හතර පස් පාරක්ම කෝල් කරලා තාම පරක්කු මොකද, ඉන්නෙ කොහෙද, කාත් එක්කදඉන්නෙ දැන්ම ගෙදර එන්නැද්ද කියලා අහල තිබුණා. ඉසුරුට නම් ඒකට මල පැනලයි තිබුණෙ.ඕනවට වැඩිය නංගිලව හුරතල් කරාම ඕක තමයි අවුල කියලා මං කිව්වම, අර මල මැද්දෙන්මපුංචි හිනාවක් ඉසුරුගෙ මූණෙ මතුවුණා.“රමීහදන්නෙ කතන්දරේ අදම ඉවරයක් කරන්නද...”“උඹදන්නවනේ ඉසුරු කරන්න තියෙන වැඩ පස්සට දැමිල්ලක් මගේ ළඟ නෑකියලා..”ඒ වෙනකොට ඉසුරු කාර් එක කුමාරතුංග මාවතේ ටික්ක දුරට වෙනකල් අරන් ඇවිත්තිබුණා..“මේ තියෙන්නෙ භාන්ඩෙ..”තනිකර සුදු පාට ගාලා, ධවල මන්දියක් වගේ තිබ්බ ලොකු ගෙයක් ඉස්සරහ ඉසුරුකාර් එක නැවැත්තුවා.“කාව හම්බවෙන්නද...”මායි ඉසුරුයි කාර් එකෙන් බැහැලා වත්ත ඇතුළට යනකොටම ගේට්ටුව අයිනෙ ඉඳපුවයසක මනුස්සයෙක් අපේ ඉස්සරහට ආවා. වෙන වෙලාවක නම් දෙක තුනක් ඇනලා මේකව පැත්තකින්තියලා කෙලින්ම ගේ ඇතුළට යන්න තිබුණා. ඒත් මේ වෙලාවෙ ඒක කරන්න බෑ.“සයුරි ඉන්නවද...”මං ටිකක් තදට ඇහුවා. වයසක උන්දා ඇස් ගෙඩි දෙක ලොකු කරන් අපි දෙන්නාදිහා බැලුවා.“බේබි නුවර ගියා..”“මොකක්...”මට ඉබේටම කියවුණා.. වැඩේ එහෙම් පිටින්ම අනාථ වෙන්නයි යන්නෙ.. ඉසුරුමගේ මූණ දිහා බැලුවා.“නුවර කොහෙද දන්නෑ නේද... අපි මේ පුංචි පණිවුඩයක් දැනගන්නයි ආවෙ..”“අනේ මන්ද මහත්තයො.. මේ වෙලාවෙ ගෙදර කවුරුවත්ම නෑ.. ඔක්කොම ගියානෙ..”ඒ ටික අපිට කිව්වා උනත්, වයසක උන්දෑ හිටියෙ සැකයෙන්. ඒක හින්දම මායිඉසුරුයි ආපහු හැරුණා. වැරදිලාවත් මේකා පොලීසියකටවත් ෆෝන් කලොත්.. අඳුනන්නෙ නැතිඑවුන් දෙන්නෙක් ගේ වටේ කැරකෙනවා කියලා.“රමී.. දැන් මොකෝ කරන්නෙ...”“කෙල්ල අප්සට් එකටත් එක්ක යන්න ඇති.. වැඩේ කියන්නෙ අයියව අරගෙන මේවිදියට ගෙදර යන්නත් බෑ.. මූට හොඳටම වැඩියිනේ.. දැන් උඹට ගෙදර යන්න ඕනනේ.. අරහෙඉමාෂි බර බරේ දානවනේ..”“ඒක නම් කමක් නෑ බං..”“කමක් නැත්තෙ ඇයි ඉසුරු.. එයා අපි දෙන්නටම බැන බැන ඇති..”“එහෙනම් මං කියන්නද.. අපි යමු අපේ ගෙදර..”“ගිහින්...”“සමීරයගෙ වෙරි හිඳෙනකල් ඉඳිමු.. ඊට පස්සෙ අනිත් ඒවා ගැන බලමු..”ඉසුරුගෙ කතාවත්තෙක්ක මට හිතුනෙ කරන්න තියෙන හොඳම දේ ඒක කියලා. ඇත්තටමඉතිං වෙන කරන්න දෙයක් නෑනෙ.. ඩෝප් හිදෙනකල් අයියව මහපාරෙ දාලා යන්නද...“දැන් කොහෙන්ද රමී ඔය කෙල්ලව හොයාගන්නෙ...”පිටිපස්සෙ සීට් එකට එබිලා යඅයියා දිහා බලලා ඉසුරු මගෙන් ඇහුවා. ඔව්ඉතිං.. ඒකෙත් හෙණ ප්‍රශ්නයක් තමා.“කොහෙන් හරි හොයා ගන්න වෙනවා.. ඉසුරු.. දැන් බලපං මෙතන සමීරයගෙ අවුල..අරහෙ අම්මයි තාත්තයි මගෙත් එක්ක ඔරොප්පු වෙලා.. ළමා නිවාසෙ ෆාදර්ගෙ ප්‍රශ්න..පිස්සු නොහැදි බේරුනොත් ඇති..”“ඔය හැමදේටම අමතරව තවත් ප්‍රශ්නයක් තියෙනවා..”“මොකක්ද...”“අපේ නංගි අහන ඒවට දෙන්න උත්තර තියෙනවද කියලා..”ඉසුරු කාර් එක හැරෙව්වා.. වැඩිය අඳුරක් තිබ්බෙ නැති වුණත් ඉසුරුලාගෙගෙදර ඉස්සරහ ලයිට් එක දාලා තිබුණා.“හො..ඳයි.. මහත්තුරු දෙන්නා ගෙදර එන වෙලාව..”කාර් එක නවත්තලා මටයි ඉසුරුටයි බහින්න වුනේ නෑ.. ඉමාෂි අපි ඉස්සරහටආවා. මගේ මූණ දිහා බලලා ඉසුරු ගේ පැත්තට ගියත්, මං ඉමාෂි ළඟ නතර වුණා.“මොකද රමී අයියෙ.. අපේ අයියට අර ඩෝං ගිහින් තියෙන්නෙ...”ඉක්මනට ඉක්මනට අඩි තිය තියා ගේ ඇතුළට යන ඉසුරුව පෙන්නලා ඉමාෂි ඇහුවා.“නංගිට වගේම අයියටත් කොහිල කටු දෙන්න වෙලා.. දෙන්නවමදාන්න ඕන කොහිලකොරටුවකට..”“රමී අයියෙ.. ඔයා ඔය ගුටි කන්න හදන්නෙ..”ඉමාෂි අත උරුක් කරගෙන මට තවත් ලං වුණා. එයාව, එයාගෙ හැම ඉරියව්වකමතියෙන සුන්දරකම වෙන කවදාටවත් වැඩිය මට දැනෙන්න ගත්තා. මේ තරම් ලස්සන මලක් අත ළඟතියාගෙනනෙ, මං රට පුරා කෙල්ලොන්ට පෙම් කෙලින්න ගියේ. ඒත් ඉතිං මේකෙ පැත්තකින්ඉසුරු ඉන්නවනේ කටු අත්තක් වගේ.“මං කැමතියි ඉමාෂි මට ගහනව නම්..”“ගුටි ගහල ඔයාව හදන්න බෑනෙ අයියෙ.. ඔන්න එහෙම හදන්න පුළුවන් වයසක හිටියානම් මං ඔයාව හදාගන්නවා..”“දරු කමටද...”මගේ කතාවට පුංචි හිනාවක් ගියා.“පුළුවන් නම් ඒකත් හොඳයි.. එතකොට මිනිස්සුන්ගෙන් කතා අහන්නැතුව මටආරක්ෂා කරගන්න පුළුවන්..”“ඇයි මාව ආරක්ෂා කරන්නෙ...”“ඔයාව හුඟක් වටින හින්දා..”“හ්..යා..ක්.. ම්.. ඕක්..”ඉමාෂි තවත් මොනවදෝ කියන්න කට හැදුවත්, කාර් එකේ හිටපු අයියගෙ ස්දදෙ ඊටවඩා ඉස්සර උනා. මිනිහට වමනෙට එනවද කොහෙද. මං හෙමින් සීරුවෙ කාර් එක ළඟට ආවා. ලෝකෙතියෙන පළවෙනි පුදුමෙ මේ දැන් ඇස් දෙකෙන් දැක්ක වගේ ඉමාෂි මට පිසිපස්සෙන් එබිලාබැලුවා.“කවුද රමී අයියෙ මේ කාර් එකේ ඉන්නෙ.. දෙ.. දෙයියනේ.. මොනව වෙලාද මේ...”ඔලුවත් සීට් එකෙන් පල්ලෙහා අස්සට දාගෙන හතර ගාතෙ දාලා වැටිල හිටපුඅයියව දැකලා ඉමාෂි ඇහුවා.“මුකුත් වෙලා නෑබබා.. මෙයා ඩිංගක් බීලා.. ඒකයි..”“ඉතිං මෙයාව කාර් එකේ දාගෙන ආවෙ.. මේ කවුද...”“ඔයා බැන බැන අපිට කෝල්ස් ගත්තට, අපි ගියේ මේ මනුස්සයව අරගෙන එන්න.. තවඩිංගක් බිව්වා නම් මහ ඉස්පිරිතාලෙට තමා අරන් යන්න වෙන්නෙ..”“මේ අපේ අයියගෙ යාලුවෙක්ද...”මං කාර් එකේ සීට් එකෙන් පල්ලෙහාට වැටිලා තිබ්බ අයියගෙ ඔලුව වම් අතින්උස්සලා සීට් එක උඩින් අවුලක් නැතිවෙන්න තිබ්බා. හොඳ වෙලාවට මිනිහා තමා වමනෙ දාලානෑ.. නැපෝලියන් හොබ්සන් බ්‍රැන්ඩි එකේ තියෙන ගතියත් ඕක තමයි. මවනෙ යන්න ඔන්න මෙන්නඑනව වගේ දැනෙනවා.. ඒත් යන්නෑ.. සීට් එකේ උඩ තිබ්බ අයියගෙ කකුල් දෙක, ඇල කරලා මංසීට් එක පහලට දැම්මා.“දෙ.. දෙයියනේ..”අයියගෙ කකුල් දෙක පැත්තකට කරලා සීට් එකේ මැදට වෙන්න එයාව හෙමින්සීරුවෙ තල්ලු කරද්දි ඉමාෂිට කෑගැහුණා. එයා බයවෙලා වගේ කෑගැහුවෙ.“ඇ.. ඇයි ඉමාෂි...”එයාගෙ මූණ වෙනස් උන තාලෙට එයා විතරක් නෙමෙයි මමත් බය උනා. හොඳට හිනාවෙවීහිටපු කෙල්ලට මේ මොකද යකෝ උනේ කියලා..“මෙ.. මේ සමීර අයියනේ..”ඉමාෂිගෙ කතාව ගොත ගැහුණා. මටත් ඒ කතාව අදහගන්න බෑ.. ඉමාෂි කොහොමදහත්තිලව්වෙ අපේ අයියව දන්නෙ..“ඔයා මෙයාව අඳුනනවද...”“ඔව් රමීඅයියෙ.. ඔව්.. අපේ සයුරිත් එක්ක යාලුවෙලා ඉන්නෙ මේඅයියනේ.. අනේ මෙයා බොන්නෑ කියලනේ සයුරි හිතන් ඉන්නෙ.. හග්.. හග්..”ඔන්න දැන් තමා වැඩේ පත්තු උනේ.. එහෙනම් කතන්දරේ ඒකයි ඈ.. රමීගෙ ඔලුවටදැන් විවිධාකාර අදහස් එනවා. ඉමාෂි, සයුරිව අඳුනනව නම් වැඩේ එකෙන්ම ගොඩ දාගන්නපුළුවන් වෙයි කියලා මට හිතුණා. බලන් ගියාම සීත සමීරයා ටිකක් වාසනාවන්තයිනෙ.“සයුරි හිතන ඒවා පැත්තකින් තියන්නකො ඉමාෂි.. ඔයාට පොඩි වැඩක් කරන්නතියෙනවා..”“ඒ මොකක්ද...”කාර් එකේ දපලා ඉන්න සමීරයි, කාර් එකෙන් එළියෙ ඉන්න මාවයි දිහා සැරින්සැරේට බලන ගමන් ඉමාෂි ඇහුවා. කෙල්ලගෙ මුළු මූණම අලිපත ප්‍රශ්නාර්ථයකින් පිරිලා.“ඔයා දැන් සයුරිට කෝල් එකක් ගන්නෝන..”“ඇයි අයියෙ ඒ...”“ප්‍රශ්න අහන්න බෑ.. මං කිව්ව දේ කරන්නකො..”අහම්බෙන් හම්බවෙච්ච මේ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නෝන.. ඒ වගේමමේ ගෙවිල යන අන්තිම තත්පරෙත් නොසෑහෙන්න වටිනවා.“අරගෙන ඉවරවෙලා..”“පුළුවන් තරම් ඉක්මනට එයාව හම්බවෙන්න ඕන කියන්න.. මේක ලොකු හදිස්සියක්කියලා..”“චුට්ටක් ඉන්නකො..”ඉමාෂි ගේ ඇතුළට ගියා. මොබයිල් එක ගේන්න වෙන්නැති. ඒ අතරෙ මං සමීරයාදිහා බැලුවා. ඇහිපිය ලාවට ගැහුණත්, තාමත් ඉන්නෙ අඩ සිහියෙන් කියලා මට තේරුණා. ඇයිහත්වලාමෙ, මනුස්සයෙක් බොන බීමක්ද මේ අමනුස්සයා වගේ බීලා තියෙන්නෙ. ඉසුරුගෙ කාර්එකේ තිබ්බ වතුර බෝතලයක මූඩිය ඇරලා අයියගෙ ඔලුව ටිකක් උස්සලා මං මිනිහට වතුර පොවන්නගත්තා. දවස් ගානක් කාන්තාරෙක අතරමං වෙලා හිටපු මිනිහෙක් වතුර බොනව වගේ පෙරේතකමකින්අයියා වතුර බොන්න ගත්තා. ඩිංගෙන් ඩිංග හරි ඩෝප් බැස්සනම් හරි.. නැත්තං ගෙදර අරන්යන එක හෙණම වාතයක් වෙනවා.“හරි වැඩේ.. ෆෝන් එක ඕෆ් කරලනේ..”ටිකකින් මගේ ගාවට දුවගෙන ආපු ඉමාෂි කිව්වා. කෙල්ල එහෙනම් සියලු වස්දොස් නිවාරණය කරගන්නයි යන්නෙ.. ෆෝනුත් ඕෆ් කරලා, ගෙදරිනුත් ගිහිල්ලා.“සයුරිලාගෙ ගෙදර කවුරුහරි නුවර ඉන්නවද...”“මං දන්න තරමින් නෑඅයියෙ.. ඇයි...”මගේ හිතට පළවෙනි පාරට ලොකු සැකයක් ආවා. සයුරිලාගෙ ගෙදරදි හම්බවෙච්චවයසක අංකල් අපිට කොලේ වැහුවද කියලා. සමහර විට සයුරි ගෙදරම ඉන්න ඇති. ෂහ්.. මායිඉසුරුයි මෝඩයො දෙන්න වගේ, හැරිල ආවනේ.. ඒ යකා කියපු දේ විශ්වාස කරගෙන.“රමී.. මේ මොකද දොරත් ඇරගෙන..”අපි දෙන්නගෙ කතාව මැද්දට ඉසුරු එකපාරටම ගාල කඩා ගත්තු වහු පැටිය වගේදුවන් ආවා. මූට දෙයක් දැහැමින් සෙමින් අහන්න බැරි ඇයිද මංදා. ඉමාෂි විතරක් නෙමෙයිමාත් ගැස්සුණා.“මාර කතන්දරේනේ ඉසුරු..”“ඇයි...”“ඉමාෂි කියන්නෙ සමීරයව දන්නව කියලා..”“න්.. නෑහ්.. මරුනේ..”ඉසුරුවට කාලෙකින් යස අපූරු හිනාවක් ආවා. හැබැයි ඌ වෙන අයියල වගේනංගිගෙන් ඇහුවෙ නෑ ඒ කෙහොමද කියලා. ඒක හින්දා ඒ ටිකත් කියන්න උනේ මට.“ඒ විතරක් නෙමෙයි.. සයුරිවත් දන්නවලු.. සයුරිගෙ ටෙලිෆෝන් නම්බරෙත්දන්නවලු..”ඉසුරුගෙ හිනාව තවත් ටිකක් පලල් වුණා. ඌට ඇත්තටම හෙණ ෆිට් එකක් ආවාකියල මට තේරුණා. ඉසුරුවට විතරක් නෙමේ.. මාත් හෙණ ෆිට් එහෙක හිටියෙ.. මොකද කියනවනම් වැඩේ කොහොම හරි ගොඩ දාගන්න පුළුවන් කියල මට තේරිලා තිබ්බෙ.“හප්පේ.. ඇති යාන්තං.. මං මේ දෙයියන්ට කිය කියා හිටියෙ.. අපි පුරවාගත්තු මේ පව් කන්දරාව පුළුවන් ඉක්මනට හෝදලා දාන්න අවස්ථාවක් දෙන්න කියලා.. කරුමෙටහරි අරකි ග්‍රැමොක්සෝන් පාරක්වත් ඇදලා ඇරියොත් රමී.. අපි සා අනාථයිනෙ..”කියවන්න ගියාම ඉසුරුගෙ කටටත් බ්‍රේක් නෑනෙ. කියන්න ඕන ඒවයි එපා ඒවයිහැම මගුලම කියවනවා.. ඉසුරුකෙ කතාවත්තෙක්ක ඉමාෂිගෙ ඇස් ලොකු උනා. මූණ අමුතුම උනා.“මේ.. මේ.. ඔයාලා දෙන්න මට මේ කතාවෙ මුල ඩිංගක් කියලා ඉන්නවද... මගෙන්උදව් ගන්න කලින්..”“ඔයා දැනටමත් අපිට උදව් කරානේ කෝල් එකකට ට්‍රයි කරලා..”“ඔයා නම් හරි නරකයි රමී අයියෙ.. ඔයාගෙ කතා වලට මං හැමදාම රැවටෙනවා.. ඒකියපු දේවල් ගැන හිතන්න ගන්නවා.. බැලුවහම හැමදේම ඔයාට විහිලු..”“මං ඔයාව රවට්ටල නෑනංගි..”“මේ.. නංගි.. රමියත් එක්ක තියෙන රංඩු ඔයාලා දෙන්න ප්සසෙ වෙලාවක තනියමබේරගන්න.. හැබැයි මං නැති තැනක.. මොකද මට කනක් ඇහිලා ඉන්නෝන..”“ඔයා නිකං ඉන්න අයියෙ.. රමී අයියව අල්ලගන්නෙ කොයි තරම් අමාරුවෙන්ද...ඔයා හිතන්නෙ මෙයත් එක්ක කතා කරන්න ලේසියි කියලද... ඔයා දන්නෑඅයියෙ..රමීඅයියා මට හරි ගණන් උස්සනවා..”ඉමාෂි ඒක කියාපු තාලෙට ඉසුරුට පුංචි හිනාවකුත් ගියා. ඌ මගේ දිහා බලලා,ඇහැක් වහලා කාර් එකට එබුණා.“හරි.. ඔයාට දැන් මොනවද ඕන ඉමාෂි...”“ඔයාගෙන් ඕන දේවල් මං පස්සෙ ඉල්ලන්නං.. දැන් හොඳ රමී අයිය වගේ මට කියන්නමෙතන වෙලා තියෙන්නෙ මොකක්ද කියලා.. සයුරිගෙයි සමීර අයියගෙයි තියෙන ප්‍රශ්නෙ මොකක්දකියලා නම් මට තේරෙනවා.. ඒත් ඔයාලා දෙන්නා කොහොමද මේකට සම්බන්ධ උනේ..”“අපිට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා..”“ඒ ඇයි...”“සමීරගෙයි සයුරිගෙයි ආදරේ විනාශ කරල දැම්මෙ මං..”“මොනවා.. ඔයා...”“ඔව් ඉමාෂි..”“ඒ කියන්නෙ.. ඔයා සයුරිත් එක්කත් යාලු උනාද... අනේ දෙයියනේ.. ඔයා හරිමනරකයි රමී අයියෙ..”කාර් එක ඇතුළට එබිල හිටපු ඉසුරු, මට සවුත්තු හිනාවක් දාන ගමන් ආයෙත්ගේ පැත්තට ගියා. ඒ හිනාවෙ තිබ්බෙ තව හොඳට ඇදගෙන නාපං කියල වගේ හැඟීමක්.“ඔයා මං ගැන එහෙමද හිතං ඉන්නෙ...”ඉමාෂිගෙ මූන මැදට එබෙන ගමන් මං ඇහුවා. බයවෙච්ච මුවැත්තියක් වගේ එයා මංදිහා බලන් හිටියෙ. මට වශිවෙලා වගේ. මේ කෙල්ලගෙ හිතේ මං ගැන මොනව තියෙනවදකියලා නම් මට හිතාගන්න බෑ.. කොහොම උනත් කෙල්ල මට පලු පැලෙන්න කැමතීයි.. ඒත් කිට්ටුවෙන්න හොඳටම බයයි කියලා මට තේරුණා.“අ.. අනේ.. ඔහොම මං දිහා බලන්නෙපා රමී අයියෙ.. මට මොනවදෝ වෙනවා..”කෙඳිරිලි හඬින් ඉමාෂි කියද්දි මං මගේ ඇස් එයාගෙ මූණෙන් අහකට ගත්තා.“මං අහපු දේට උත්තරයක් ඕන..”ටිකක් සැර අඩු කරලා ඉමාෂි දිහා බලන ගමන්, ටිකාක් සැරට මං ඇහුවා. ඒකෙන්කෙල්ලගෙ මූණ අමුතු වෙලා ගියා.“ඔයා මට සැර දානවා අයියෙ.. අනේ මං ඔයා ගැන අහල තියෙන දේවල් එක්කනේ එහෙමඇහුවෙ.. හරි.. හරි.. කමක් නෑ.. මං අහපු දේටයි, කියපු දේටයි මට සමාවෙන්න.. දැන්ඉතිං වෙලා තියෙන දේ මට කියන්න මගෙ හොද රමී අයිය වගේ..”“අන්න එහෙම එනව නම් ඕන මගුලක් කියන්න බැරියෑ.. හැබැයි බබා.. මං ගැන ඔයඅහල තියෙන දේවල් වල ඇත්ත නැත්ත කවද හරි එලියට එයි.. අන්න එදාට මේ රමීතරම්අවංක එකෙක් මේ හතර කෝරලේම නෑ කියලා ඔය කතන්දර කියන, කතන්දර හදන එවුන් තේරුම්ගනියි..”“ආයතේ පාරක් සමාවෙන්න.. මං ආයෙ කවදාවත් එහෙම කියන්නෑ.. මට රමී අයියවවිශ්වාසයි..”“හැබැයි මට බයයි නේද...”“හ්ම්.. ඇත්ත.. මං ඔයාට හුඟක් බයයි.. ඒ ඇයි කියල මං ඔයාට පස්සෙ දවසකකියන්නං.. හ්ම්.. දැන් මට ඕන කතාව..”“ඉස්සෙල්ලම කියන්න ඕන දෙයක් තියෙනවා.. කතාවට කලින් මේක නොකිව්වොත් කතාවකියාගෙන යද්දි ඔයා මගෙන් ප්‍රශ්න දාහක් අහයි..”“මොකක්ද...”“ඔයා කලින් ඇහුවනේ සමීර කියන්නෙ අපේ යාලුවෙක්ද කියලා..”“ඔව්.. මං එහෙම ඇහුවා.. දැන් පේන විදියට එයා ඔයාල දෙන්නගෙම හොඳයාලුවෙක්.. ඒකනේ බීලා වැඩිවෙලා ද්දි කාර් එකේ දාගෙන ආවෙ..”“නෑ.. එයා අපේ යාලුවෙක් නෙමෙයි..”“එහෙනම්...”“සමීර කියන්නෙ මගෙ අයියා.. එක බඩවැල කඩන් ආපු සහෝදරයා..”“දෙ..යි..යනේ..”මගේ වචන ටික ඉමාෂිට විශ්වාස කරන්නත් බෑ වගේ.. එයා මගේ දිහා බයවෙලා වගේබලන් හිටියා.“ඔන්න ඔය සම්බන්ධතාවය කිව්වට පස්සෙ මට ඔයාට මේ කතාව කියන්න ලේසියි..”කාර් එක ළග ඉඳන්ම මං කතාව පටන් ගත්තා. ගේම් එක ඉස්සරහට ගෙනියන්න නම්ඉමාෂිත් මේ හැමදේම දැනගෙන ඉන්න ඕන කියලා මට හිතුණා.සමීරයි, මායි අතරෙ තිබ්බ සම්බන්ධෙ කොයි වගේ එකක්ද කියන තැන ඉඳලා,මිනිහා රෑට ජනෙල් ග්‍රීල් ගලවලා ගෙයින් එළියට බැහැපු හැටි, අපි ඒ පිටිපස්සෙ මහ රෑජාමවල්වල පන්නපු හැටි, දිලිනිගෙ ළමයා ලෙඩවෙච්ච වෙලාවෙ අපි උදව් කරපු හැටි, පස්සෙගෙස්ට් එකේදි සයුරියි, සමීරයි ඉන්න තැනට ගිහින් අපි වීරයො වගේ කියවපු හැටි. ඊටත්පස්සෙ අපි දිලිනි ඉ්නන තැනට ගිහින් අපි හැම විස්තරයක්ම දැනගත්තු හැටිත් මංපිලිවෙළකට කියාගෙන ගියා.“එතකොට දිලිනි කියල කියන්නෙ රවීන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්...”“ඔව් ඉමාෂි.. ඔයා දිලිනිව මටත් ජෝඩු කරලා කලින් දවසක කතා කරානෙ..මතකද...”“අ.. අනේ මට සමාවෙන්න රමී අයියෙ.. මට දැන් හැම දෙයක්ම පැහැදිලි උනා..ඔයා ගැන මං ආයෙ වැරදියට හිතන්නෑ..”“නංගිගෙයි උඹගෙයි කතාව තවම ඉවර නැද්ද...”ගේ ඇතුළෙ ඉඳලා ආයෙමත් ඉසුරු අපේ ළඟට ආවා.“මේක මගෙයි ඉමාෂිගෙයි කතාවක් නෙමෙයි බං.. මේ සමීරගෙ කතාව.. මං ඒකසම්පූර්ණයෙන්ම ඉමාෂිට කිව්වා.. නැත්තං මේක ඇදගෙන යන්න බෑ..”“ඇදගෙන ගියත් නැතත්, උඹ ඒක කිව්ව එක නම් හොඳයි.. නැත්තං උඹයි මායි රටේලෝකෙ ගෑනු පස්සෙ රෑ ජාමෙ යනව කියල මෙයා කියයි..”“අයියා... මං දෙකක් ගහනවා ඔන්න.. මං එහෙම කතාවක් කිව්වද...”“එහෙම කතාවක් නොකිව්වට, ඒ ළඟින් යන කතා කීපයක් නම් කියල තියෙනව..ඇත්තමයි රමී.. වෙලාවකට මෙයාගෙ චුරු චුරුව හරිම ඉසරදයක්..”ඉමාෂි, ඉසුරුට ගහන්න අත දික් කරත් ඉසුරු පැත්තකට පැන්නා. කොන්ට්‍රෝල්නැතුව ආපු ඒ පාර කෙලින්ම වැදුනෙ මගේ පපුවෙ.. ඒ පාරෙ තිබ්බ වේගෙටද කොහෙද ඉමාෂිඇවිත් මටත් හේත්තු වුණා..“කොහොම හරි හිතලම මට පාරක් ගැහුව නේද...”ඉමාෂිව හෙමින් සීරුවෙ පැත්තකට තල්ලු කරන ගමන් මං කිව්වා. ඉසුරුවත්මෙතන තියාගෙන වැඩි කැටයම් දාන්න බෑනෙ. තත්වෙ මොක උනත් ඉසුරු නම් මටයි, ඉමාෂිටයි මේදක්වාම මුකුත් කියල නෑ. ඉමාෂිත් එක්ක කොල්ලෙක් කතා කරත් මල පනින ඉසුරු, නංගි මාත්එක්ක හුඟක් වෙලා ඇගෑලුම් පාන එක ගැන මැදහත් හිතින් ඉවසා හිටිය කියලයි මට නම්තේරුණේ.“රමී.. අපි දැන් මොකද කරන්නෙ...”“ඔක්කොටම කලින් අයියව ගෙදරට දාන්න ඕන.. නැත්තං අම්මලා කලබල වෙයි..”“අම්මයි, තාත්තයි උඹත්තෙක්ක මල පැනලනේ ඇත්තෙ.. ගියපු ගමන් ටකේ හොල්ලන්නගනියි..”“බැනුම් ඇහුවත් කරන්න දෙයක් නෑ බං.. උඹ හොඳ එකා වගේ අයියයි, මාවයි ගේළඟින් දාපං.. රෑ වේගෙනත් එනවා.. අපිට දැනුනෙවත් නෑ..”“දැනෙන්නෙ කොහොමද බං මේ වෙච්ච අවමගුල් වල හැටියට..”“ඉමාෂි ඔයා අද රෑට සයුරිට ටිකක් ට්‍රයි කරල බලන්න.. බැරිම උනොත් අපි හෙටගිහින් එයාව හම්බවෙමු..”“හෙට...”“ඔව්.. ඇයි ඔයාට ප්‍රශ්නයක්ද...”“න්.. නෑහ්.. මං නිකං ඇහුවෙ..”“එහෙනම් ඉසුරු අපි යමු..”මායි ඉසුරුයි ආයෙත් කාර් එකට නැග්ගෙ අයියකාරයව ගෙදර අරන් එන්න.. මංපිටිපස්ස සීට් එකට එබිලා බැලුවා. මිනිහා ගොරෝ ගොරෝ සනීපෙට නිදි. වැඩි වෙලාවක් ගියේනෑ ඉසුරු පාගලම ආපු හින්දා අපි විනාඩි පහළොවකින් විතර අපේ ගෙදරට ලං වුණා.“ඩිංගක් ඉඳපං.. මං සර්ච් එකක් දාලා එනකං..”ඉසුරුයි අයියයි කාර් එක ඇතුළෙ ඉද්දිම මං එලියට බැහැලා ගේ දිහාට ආවා.මං ගෙදර යද්දි දොරවල් ජනෙල් ඔක්කොම වහල දාලා තිබුණා. හෑ.. එතකොට ගෙදර කවුරුවත්මනැද්ද... එතකොට අම්මටයි, තාත්තටයි මොක වුනේ.. දාහක් ප්‍රශ්න ඔලුව වටේ කැරකැවෙද්දිවිනාඩියක් විතර මං ගේ දිහා බලන් හිටියා. සමහර විට මේ ළඟ පාතකට ගියාද... එහෙමත්නැත්තං මගෙත් එක්ක මළ පැනපු පාර සීයලගෙ ගෙවල් පැත්තෙවත් ගියාද දන්නෑ..“මොකද රමී...”“ගෙදර කවුරුවත්ම නෑනෙ බං..”“එහෙනම් වැඩේ ලේසියි.. මේක නම් දෙයියො දීපු චාන්ස් එකක්.. නැද්ද රමී...”“මටත් එහෙම හිතෙනවා.. පොඩ්ඩක් ඉඳපං මං දොර ඇරලා එනකං..”මල් පෝච්චියක් අස්සෙ තිබ්බ යතුර අරගෙන දොර ඇරලා මං ගේ ඇතුළත් ටිකක්බලලා තමයි සමීරවය ගෙට ගත්තෙ. සුපුරුදු විදියටම මගෙයි, ඉසුරුගෙයි කරවල් උඩින් ආපුමගේ සහෝදරයා, මිනිහගෙ ඇඳෙන් හාන්සි කරවල මායි ඉසුරුයි ආයෙත් එළියට ආවා.“යන්තං ඇති.. අතක් පයක් නොකැඩීඔයින් ගියා මැදැයි.. ඉසුරු දැන් උඹපලයං.. මං මෙතන ඉතුරු ටික හැන්ඩ්ල් කරන්නං..”මගෙත්තෙක්ක මේ රවුම් ගහන එකෙන් ඉසුරුවට උගේ බිස්නස් පාඩුයි කියලා මටතේරුණා. ඒකයි මං එහෙම කිව්වෙ.“එහෙනම් හෙට උදේම සෙට් වෙමු..”ඉසුරු ගියා. මං කෙලින්ම ආවෙ අයියගෙ කාමරේට. මෙන්න යකෝ මෙච්චර වෙලා ඇඳේතලපතා වගේ පැලපදියම් වෙලා ඉඳපු අයියකාරයා ඇඳ විට්ටමට කොට්ටි තියල හේත්තුවෙලා මගේදිහා බලන් ඉන්නවා. දැන් නම් මිනිහගෙ මූණෙ ඩෝප් ගතියක් නෑ වගේ.“කරපු හැමදේටම තෑන්ක්ස් රමී..”දිග කතාවකට මුල පුරන්න වගේ අයියා කිව්වා. ඒ උන්ත මං ෆිට් එකේ හිටියෙඅම්මටයි, තාත්තටයි නොපෙනෙන්න මේකව ගෙට ගන්න පුළුවන් උන හින්දා. නැත්නම් වැඩේගස්නෙ.“කරපු හැමදේටම කිව්වෙ...”“මං බීලා වැටිච්ච තැන ඉඳල මේ වෙනකං..”“ඒ කියන්නෙ ඊට කලින් කරපු ඒවට තෑන්ක්ස් එකක් දෙන්න බෑ කියනෙකනේ..”“මගේ ආදරේ බ්‍රේක් උන එකද ඔයා කියන්නෙ...”“ඔව්.. මං කියපුවයින් ඔයාගෙ කෙල්ල යාට නැති උනානේ..”“ඒකට කමක් නෑරමී..”“මොකක්...”මං උඩ ගිහින් බිම වැටුණා.. මේකා දැන් මෙහෙම කියෙව්වට කණ පැලෙන්න බීපුවෙලාවෙ කෑගැහුවෙ ආදරේ ඕන කියල වගේනේ. මූව විශ්වාස කරන්න ඕන, බීපු වෙලාවෙද නැත්නම්මේ වෙලාවෙද කියලා මට හිතාගන්න බැරි උනා.“ඔව් රමී.. සයුරිට ඔයා දෙයක් දැක්කා කියලා ඔහොම කිව්වා උනත්, එයා හරියකටමාව විශ්වාස කරන් හිටියා නම්, ඔයා කිව්ව දේ අහක දාන්න තිබුණා. මම නම් එහෙමයි.. ඒත්එයා කෙරුවෙ මගේ කම්මුලට ගහලා අපේ ආදරේ වනසපු එක..”නිවි සැනසිල්ලෙ දේවල් කියාගෙන යන අයියා දිහා මං බලන් හිටියෙ පිටසක්වලඉඳන් ආපු ජීවියෙක් දිහා බලන් ඉන්න ගානට.. මේකා මේ මොනවද කියවන්නෙ.“සයුරිට අවිශ්වාස කරන්න හේතු තිබුණනේ.. ඔයා ගැන කියපු දේවල්..”“මොනවද හේතු...”“ඒ දේවල් කිව්වෙ, ඔයාගෙ සහෝදරයා හින්දා..”“සහෝදරයා නෙමේ රමී.. අම්මා තාත්තා කිව්වා උනත්, එයා මාව විශ්වාසකරන්නෝන.. ආදරේ කියන දේ රැඳෙන්නෙ විශ්වාසය මත.. ඒක නැත්නම් එතන ආදරයක් නෑ.. එතනතියෙන්නෙ සැකයක් විතරයි.. සැකයක් තියාගෙන කොහොම ආදරේ කරන්නද...”මායි අයියයි මතක හිටින කාලෙකින් මේ තරම් දිගට කතා කරල නෑ. ටිකක් හරිදිගට කතා කරත් ඒ වලියටනේ.“එහෙනම් ඔයත් වැරදියිනේ..”“ඇයි...”“ඔයාට තිබ්බනේ සයුරිට දිලිනි ගැන කියන්න..”“ඔයා හිතනවද සයුරි වගේ කෙල්ලෙක් මට කවදාවත් ඒ දේ කරන්න ඉඩ දෙයි කියලා..මතක තියාගන්න රමී.. කිසිම කෙල්ලෙක්, තමන්ගෙ කෙල්ලව හරි මිනිහව හරි තව කෙනෙක් එක්කබෙදාගන්න කැමති නෑ.. හොඳයි මං ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නං.. ඔයාකෙ කෙල්ලකැමතිද ඔයා තවත් ගෑනියෙක්ගෙ තනි රකින්න මහ රෑ ජාමෙ යනවට.. එතන වැරැද්දක් සිද්ධවෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා.. කවුද ඉතිං දැන දැනම තමන්ගෙ එකාව එතෙන්ට තල්ලුකරන්නෙ..”බලන් ගියාම මේකට ඩෝප් කඳුළක් නෑවගේ. මේ යස අගේට ගිරව වගේ දොඩවන්නෙ.. හැබැයි ඉතිං මේකියවන කියවිල්ලත් මාර ගතියක් රමීට දැනෙනවා. ඒ තමයි ප්‍රශ්නයක් දිහා සමීර බලන්නෙවෙනස්ම වෙනස් විවෘත ඇහැකින් කියලා.“මට කෙල්ලෙක් නැති හින්දා ඔය ප්‍රශ්නෙට උත්තරේ මං දන්නෑ..”මං කිව්ව දේට අයියට පුංචි හිනාවක් ගියා. උගුර පාදල ඒ කෙල ගුලිය ගිලිනගමන් මිනිහ කතාව පටන්ගත්තා.“ඔයාට.. ඔයාට දැනට කෙල්ලෙක් නෑකියලා මං දන්නවා.. ඔයා මං ගැනසම්පූර්ණ විස්තර දන්නව වගේම, මමත් ඔයා ගැන අයන්නෙ ඉඳලම දන්නවා.. මොකද මං මේ මොහොතෙහිතන්නෙ ඔයා මගේ සමානයා කියලා.. ඔයාට මං පරදින්න පුළුවන්.. හැබැයි ඒ ඒ අවස්ථාවෙඅපි ක්‍රියාකාරී වෙන විදියට අනුවයි.. සමහර වෙලාවට වෙන වෙලාවක මං දිනයි..”අයියගෙ කතාව නිකං අභියෝගයක් වගේ මට දැනුණා. රමී කියලා කියන්නෙ ඕනමචැලේන්ජ් එකක් බාරගන්න එළකිරි කොල්ලෙක්. මේ කතාවට එහෙම නිකං ලාචුරුස් වෙලා යන්නදෙන්න බෑ.“මං ගැන ඔයා මොනවද දන්නෙ...”“දැනට කෙල්ලෙක් නෑ කියලා..”“ඒක නම් ඉතිං ඕන මනුස්සයෙකුට කියතැහැකිනේ..”“වෙන්න ඇති.. ඒත් අයි.පී බුලතගෙ නංගි නදිනි.. මරික්කාර් නානාගෙ දුවරිස්මියා ඔයා එක්ක යාලුවෙලා හිටිය කියලා මං දන්නවා.. ඒත් රිස්මියා වගේම නදිනිත්දැන් බැඳලා.. ඒ වගේම අනාථ නිවාසෙ අසරණ නංගි දිමුතු.. මං එයාවත් දන්නවා.. එයත් මාවඅඳුනනවා ඇති.. ඒ වගේ ළමයෙක්ට කැපකරු මාපියෙක් වෙන එක ලොකු දෙයක් රමී.. ඒ අතින් ඔයාහරි ඉහළයි..”මං හරි ඉහළයි කියල කිව්වට මගෙ හිතට ආවෙ මට වැඩිය අයිය හරි ඉහළයිකියලා.. මොකද මේ හැමදේම අකුරක් නෑරම දැනගෙන හිටපු හන්දා.“ඒ වගේම ඔයයි ඉසුරුයි දන්නෙ නැතුව ඇති, ඉසුරුගෙ කොට ලෝඩ් දෙක තුනකමඔත්තුව 119 වලට ගහලා තිබුණා කියලා.. ඒවා ඔක්කොම කරේ අර කුඩ්ඩා..”“කුඩ්ඩා...”“ඔව්.. රංගන.. ඉසුරුගෙ නංගිගෙ පස්සෙන් අදටත් බඩගාන කියන අවජාතකයා..”අයියා මං ගැන කිව්ව වගේම, මාත් මේ තරම් ප්‍රබල සමානයෙකුට මේ තාක් මූණදීලා තිබුණෙ නෑ. මේ තරම් විස්තර කන්දරාවක් මේ යකා දන්නෙ කොහොමද කියලා හිතලම මගේඔලුවත් රිදෙන්න ගත්තා.“ඔයාටයි ඉසුරුටයි ඇටෑක් කරන හන්දා මං මෙලහකටත් රංගනව ගේම් එකෙන් අයින්කරල දානවා. ඒත් රංගනගෙ අම්මා කුලී වැඩ කරල ජීවත්වෙන ගෑනු මනුස්සයෙක්. ඒ මනුස්සයගෙඑකම වස්තුව මේ කුඩ්ඩා තමයි.. ඒකයි ඌ මගෙන් බේරිලා ඉන්නෙ.. ඔයාට මතක ඇතිනේ රංගනදිමුතුටත් බැල්ම දැම්මා.. මං අර දවසක් ඔයාට අනතුරු ඇඟෙව්වෙ..”ඇත්තටම මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ.. මෙච්චර කාලයක් වීරයෙක් වගේකෙලින් ඉඳපු මගේ අභිමානයට අයියගෙන් ලොකු පහරක් වැදිලා තිබුණා.“ඒ වගේම ඔයයි, ඉමාෂියි කාර් එක ළඟට වෙලා කතා කරපුව හැම දෙයක්ම මටඇහුණා.. ඔව් හැම දෙයක්ම..”“මො..නවා...”“ඔව් රමී.. ඔයාලා ඔය තරමින් මහන්සි වෙන එක නම් මං අගය කරනවා.. ඒත් ආයෙසයුරිව ළඟට ගන්න මගේ අදහසක් නෑ..”“පිස්සු නටන්නැතුව ඉන්නවා.. මෙතන වැරැද්ද මගේ.. මට ඒක හදාගන්න ඉඩදෙනවා.. මං ආයෙ තිබ්බ විදියටම හැමදේම හදන්නං..”ඉමාසියි මායි කතා කරපුව ඔක්කොම අයිය අහන් හිටියා කියලා කියපුහම මගේහිතට මහා මොකක්දෝ උනා. මොකද එතන මං දිග ඇරියෙ සෑහෙන අතීත මතක කන්දරාවක්නෙ.. දැන්ඉතිං ඒ හැමදේම මේ මනුස්සයා දන්නවා.. ඒ ගැන කතා කරලම වැඩක් නෑ.“ඒක ඔයාගෙ කැමැත්තක් රමී.. හැබැයි මගේ වෙනම කැමැත්තකුත් තියෙනවා.. ඒකත්මං ඔයාට කියන්නද...”අයියා දැන් දැන් මට හුඟක් ලංවෙලා වගේ හිතට දැනුණා. අපි දෙන්නා අතරෙමෙච්චර කාලයක් තිබ්බ එකාට එකෙක් පේන්න බැරි ගැටුම්කාරී බැම්ම මේ වෙනකොට හෙමින්සීරුවෙ බිඳලා යන්න අරන් තිබුණා.“ඔයාගෙ කැමැත්ත මගේ අකමැත්ත වෙයිද දන්නෑ.. මොකද මෙච්චර කාලෙකට උනේඒකනේ..”“නෑ.. මීට පස්සෙ එහෙම වෙන්නෑ.. මේ වගේ සිදුවීමක් වෙලා හරි තව කල් නොයවාසමීර කියන්නෙ කවුද.. රමීකියන්නෙ කවුද කියලා අපි දෙන්නටම පැහැදිලි කරල දුන්නඑක්තරා කඩඉමක්නේ මේක.. මෙහෙම නොවුණ නම් අදටත් මමයි ඔයයි මරාගන්නවනේ.. හැමදේම වේනනෙහොඳටයි කියනව වගේම, මේකත් උන එක අපි දෙන්නටම හොඳක්..”“මාත් ඒක පිළිගන්නවා.. මොකක්ද ඔයාගෙ කැමැත්ත...”“ම්.. කැමැත්ත තමයි.. ඉමාෂිව මේ ගෙදරට ගේන එක...”“මොකක්.. ඉමාෂිව...”මං උඩ ගිහින් බිම වැටුණා. කන් දෙකත් අගුලුවැටුණා වගේ.. ඉමාෂිව මේගෙදරට ගේනවා කියන්නෙ මූට ඉමාෂිව බඳින්න ඕන කියනෙකද... එතකොට සයුරිට මොකද වෙන්නෙ...ඒ කියන්නෙ කවදාවත් නැති තරමට රමීප්‍රමාදයිද...“ඔව්.. ඉමාෂිව තමයි.. අපේ කැලෑ පාලුවගෙ නංගි.. මොකද කියන්නෙ... මගේකැමැත්ත හොඳයිද... නැත්තං මේ ලෝක ගතියක් නැද්ද...”“කැමැත්ත නම් හොඳයි.. ඒත් ඉමාෂිව මේ ගෙදරට ගෙනල්ලා...”“ඉමාෂි මේ ගෙදර ගේනව කියන්නෙ, එයා මේ ගෙදර ලේලි වෙනවා කියනෙකනේ..”මං දැන් තවත් ටිකක් හොල්මං.. මේ මනුස්සයා මොනවද මේ කියවන්නෙ...“ලේලි...”“ඔව්.. ඔයා කැමති නැද්ද ඉමාෂි මේ ගෙදර ලේලි වෙන එකට.. ඉමාෂි කියන්නෙසීදේවි කෙල්ලෙක්නේ.. මම නම් එක පයින් කැමතියි.. ඔයා මොකද කියන්නෙ... ඉසුරුවත්උඩින්ම කැමති වෙයි..”“දැන් කවුද ඉමාෂිව බඳින්නෙ...”මං කෙලින්ම ඇහුවා.. මේකගෙ හිතේ මොන අල ගෙඩියක් තියෙනවද කියලා කවුදදන්නෙ...“ඈ.. පුදුම ප්‍රශ්නයක්නෙ ඔයා ඇහුවෙ..”“ඇයි...”“ඇයි කියල අහන්නෙ... ඉමාෂි බඳින්නෙ.....”අයියට ඒක ඉතුරු ටික කියන්න උනේ නෑ.. ඉස්සරහ දොර මහා සද්දෙට ඇරෙනවා මටඇහුණා.. අයියා ඇදෙන් නැගිටින්න හදද්දි මං සාලෙට ගිහිල්ලත් ඉවරයි.“ර..මී..”එක පාරටම මං ළඟට දුවගෙන ආපු අම්මා මාව බදාගත්තා. අම්මගෙ ඇස්වලින්කඳුළු හෝ ගාලා ගලන්න ගත්තෙ තත්පරේට දෙකට. තාත්තත් නළල රැළි කරගෙන, ඉස්සරහ දොරත්වහල දාලා අම්මයි මමයි ළඟට ආවා.“ඔ.. ඔයාට බැනපු ඒවට ඔයා,මායි තාත්තයි එක්ක තරහ නෑ නේද... අනේකියන්න රමී.. ඔයා අපිත්තෙක්ක තරහ නෑ නේද... හග්..හග්..”අම්මා තව තවත් අඬන්න ගත්තා.. ඒ එක්කම තමයි අයියා ඇවිල්ලා අපි ඉස්සරහබිත්තියට හේත්තු උනේ.. ඒත් මට හිතාගන්න බැරිවුනේ, කලින් මට වැලේ වැල් නැති වෙන්නබැනලා දැන් මගෙන් තරහද කියලා අහන එකටයි. ඒක හරියට කණ පුරෝලා තද පාරක් දීලා, රිදුනදකියලා ඇහුව වගේනේ.“අම්මලා මොනව කෙරුවත් මං තරහ වෙන්නෑ..”මගේ කටින් එහෙම පිටවුනා විතරයි, අම්මා මාව තුරුලු කරගත්තා. ඇත්තටම මං හිටියෙ ටිකක් අවුල් වෙලා.. දැන්ටිකකට කලින් සමීරයා කියපු අප්‍රබංස කතාව, දැන් මේ ඊට කලින් අද දවසෙ වෙච්ච සිද්ධිසෙට් එක, මේ හැමදේම තනි මිනිහෙක් දරා ගන්නෙ කොහොමද... ඒත් රමීට ඒ ශක්තිය තිබුණා..හැබැයි ඉතිං කලින් කිව්ව වගේ ටිකක් අවුල් වුණා.“එක එක මනුස්සාය කියන කේලම් අහනවට මේවා අපට හොඳ පාඩම්.. නේද සමීලරගෙතාත්තෙ.. අපි හැමෝටම වැඩිය අපේ දරුවො විශ්වාස කරන්නෝන..”අඬ අඬාම අම්මා කියද්දි මං තාත්තා දිහා බැලුවා. මහපටැගිල්ලෙනුයිමැඳගිල්ලෙනුයි නළළ දෙපැත්ත මිරික ගන්න ගමන් තාත්තා දිග හාන්සි පුටුවෙ වාඩිවෙලාඋගුර පෑදුවා.“ඔයා ගැන නරක ආරංචියක් ආපු ගමන්ම අපි කලබල උනා රමී.. අම්මයි මමයි ඔයාගැන හුඟක් බලාපොරොත්තු තියන් හිටියෙ.. අපි අහපු දේ අපට දරාගන්න බැරි උනා.. ඒත්අම්මයි, මමයි අද කලා වගේ, දිලිනි දරුවව හම්බවෙලා මේක ඇත්ත නැත්ත දැනගෙනම ඔයාට කතාකර නම් කොයි තරම් හොඳද කියලා අපි දෙන්නටම හිතෙනවා.. අපි ඔයාගෙ හිත හොඳටම තැලුවරමී..”“ඔයාලා දිලිනව හම්බවෙන්න ගියාද...”“ඔව් රමී.. මේ වෙලා තියෙන කිසිම දේකට ඔයා සම්බන්ධ නෑකියලා ඒ ගෑණුළමයා දිව්ර දිව්රා කිව්වා. ඒ ළමයා බැඳලා ඉන්න රවීන් කියලා ලමයෙක්ලු.. සමහර විටරවීන් කියන නමට, ඔයාගෙ නම පැටලෙන්න ඇති.. අපිට මේ දේවල් කිව්ව කෙනාට.. අපිට නම්ඇත්තටම මේවා හොඳ පාඩම් රමීලගෙ අම්මෙ.. මීට පස්සෙවත් දෙයක් ඇහුවම කලබල නැතුවවිසඳගන්න බලමු..”හප්පේ.. ඇති යාන්තං.. ඔය ප්‍රශ්නෙ ගොඩ ගියා.. මං හිතුවෙ ඔය පරාල ඇනෙන්ගොඩ එනන් තව මාසයක් විතර යයි කියලා.. එහෙනම් ඉඳලා හිටලා රමී දිහාත් දෙයියො බැල්මට්එක දානවා.
|
BLOG
|
2013.01.22
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5. මං ඉස්සෙල්ලමබැහැල ගෙදර වහල තියෙන දොර ළඟට ගියා. ගේ ඇතුළෙ නම් මෙලෝ හැල හොල්මනක් නැති පාටයි.අඩුගානෙ පුංචි එකාගෙ සද්දයක්වත් නෑ. මං දොරට තට්ටු කරා.“අම්මයි පුතයි කොහේ හරි ගිහින් වගේ රමී..”මටත් ඒ කතාවම අඩුවක් නැතුව හිතට ආවත් මං තව පාරක් හයියෙන්ම දොරට තට්ටුකළා. තට්ටු කරන්නාට දොර ඇරේ කියල කතාවක් තිබ්බට දැන් අලුත්ම කතාව තමයි තට්ටුකරන්නාට තට්ටු වේ කියන එක.“ක..වු..ද...”ගේ ඇතුළෙන් ඇහිච්ච කටහඬ දිලිනිගෙ කියලා මං අඳුන ගත්තා. ඉසුරු මං දිහාබලා මහපටැඟිල්ල උරුක් කලා.“අපි..”“අපි කියල කිව්වෙ...”දිලිනිගෙ කටහඬට පුංචි බයක් එක්කහු වෙලා කියල මට තේරුනා. මේ මනුස්සයාතට්ට තනියම දවල් දවසෙ උනත් මොන තරම් බයකින්ද ඉන්නව ඇත්තෙ. බලන් ගියාම අපේ එකා මොනතරම් සවුත්තු චරිතයක්ද අප්පා.“කලින් දවසෙ බබාට බෙහෙත් අරන් දුන්නෙ..”මං එහෙම කිව්වා උනත් ඉස්සරහ දොර ඇරුනෙ තවත් ටික වෙලාවක් ගිහිල්ලා.“පරක්කු උනාට සමාවෙන්න මල්ලිලා.. ඔයාල ආවෙ...”දෙකක් නෑ.. දිලිනි කෙලින්ම ඇහුවා. අපෙන් උදව්වක් ගත්තා කියල මායිඉසුරුයි ඉස්සරහ ඇඹරුනේ නෑ. මගේ හිතට වැදුනම ලක්ෂනේ ඒක තමා. කොහොමටත් අපේ එකාටවැඩිය කෙල්ල ඇඩ්වාන්ස්.“කෝ බබා...”“බබා නිදි..”“දැන් බබාට කොහොමද...”“මල්ලිලාට පින්සිද්ධ වෙන්න හුඟක් දුරට හොඳයි..”“අපි ආවෙ පුංචි වැඩකට..”තවත් අනං මනං කතා කරල වැඩක් නැත. අවශ්‍ය කතාවට පටාස් ගාලා බැහැගන්නඕන. දිලිනි උනත් දුන්නෙ ෂෝට් ඇන්ඩ් ස්විට් උත්තර. මමයි ඉසුරුයි මෙතන වැඩිවෙලාරැඳෙන එකට එයාගෙ මෙලෝ සතුටක් නෑකියල මට තේරුණා.“වැඩක්...”“ඔව්.. ඔයා දන්නවද මං කවුද කියලා...”“නෑ... එහෙනම් එදා බෙහෙත් අරන් දුන්නු දවසෙම මං කතා කරනවනේ..”බලන් ගියාම ඒකත් ඇත්තනේ.. මටනේ වයර් මාරු වෙලා තියෙන්නෙ..“මගේ නම රමී.. මාව දන්නෙ නැති උනත් මගේ නම හරි අහල ඇතිනේ..”“ඒත් නෑ.. මං ඔහොම නමක් අහල තිබුණෙ නෑ..”දිලිනි දෙන උත්තර වලට මාව ටිකක් විතර අවුල් උනා. සුරුත් අත් දෙකෙන්මඔලුව කහනවා මං දැක්කා. ඒ කියන්නෙ සමීරයා කසාඳ බැඳලා ඉන්න ගෑනිට මං ගැන කියල නෑ. ඒඋනාට උගේ ප්‍රේමවන්තියට මං ගැන කියල තියෙනව. ඒකනේ සුදු කෙල්ල මාව අඳුන ගත්තෙ.“හරි.. එහෙනම් මෙහෙම දෙයක් අහන්නං.. ඔයා සමීර කියල කෙනෙක් දන්නවද...”කෙල්ල ගැස්සුනා කියල මං හොඳටම දැක්කා.“සමීර..”“ඔව්.. ඔයාගෙ හස්බන්ඩ්..”කෙල්ලගෙ මූණ මල මිනීය වගේ සුදුමැලි උනා. කරන්න ඕන මොනවද, කියන්න ඕනමොනවද කියල හිතාගන්න බැරි වෙන්නැති.“මං තමා සමීරගෙ මල්ලි... ඔයා දන්නැති නම් හරි අයියා ඔයාට ඒක කියලනැත්නම් අදවත් දැනගන්න. මං ඉසුරුත් එක්ක ආවෙ, ඔයාවයි දරුවයි ගෙදර එක්කන් යන්න.ඔයාලට මෙහෙම ජීවත් වෙන්න දෙන්න බෑ.. තේරුණාද... ඉක්මනට තීරණයක් ගන්න.. අම්මයිතාත්තයි ගැන මං බලාගන්නං.. හ්ම්.. ඉක්මනට ලෑස්ති වෙන්න..”“ඔ.. ඔයා මොනවද මේ කියන්නෙ...”දිලිනි පස්සෙන් පස්සට ගිහින් ඉස්සර දොර උළුවස්සට හේත්තු උනා.“ඇයි මං කිව්ව දේවල් වල මුකුත් වැරැද්දක් තියෙනවද... ඔයයි අයියයිදෙන්න මොනවද මේ කරන මල විකාර... රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන වැඩනේ මේවා.. ආ.. ඒකතේරෙන්නෙ නැද්ද...”මගේ කතාවෙන් කෙල්ල හොඳටම බයවුණා වගේ.ඔව් ඉතිං කෙල්ල උනත් හිතන්නනැතුව ඇතිනේ මං මෙහෙම කතාවක් කියයි කියලා.“මේ පුංචි එකත් එක්ක තට්ට තනියම ඉන්න පුළුවන්ද... එදා රෑ වගේ මොනා හරිහදිස්සියක් උනොත් මොකද කරන්නෙ.. කවුරු හරි පාහරයෙක් රෑ ජාමෙට ගෙට ආවොත් මොකදවෙන්නෙ... ආ.. ඔයාලා ඇයි මේ වගේ මෝඩ තීරණ ගන්නෙ. අඩුගානෙ මේ පුංචි එකා හම්බ වෙන්නඉන්නකොටවත් ගෙදර එන්න තිබුණනේ.. අපේ එකාගෙ ඉතිං ඇඟපත තිබුණට මොලේ උඩනේ මිනිහවාඩිවෙලා ඉන්නෙ..”“ස.. සමීරට බනින්නෙපා..”“ඌට බනින්න නෙමෙයි.. දෙක තුනක් තලන්නයි ඕන.. හ්ම්.. දරුවවත් අරංලෑස්ති වෙන්න.. අවුලක් ආවොත් මං බලාගන්නං..”“මට යන්න බෑ..”“මොකක් යන්න බෑ... ඇයි ඒ...”“මං සමීරව කසාඳ බැඳල නෑ..”මායි ඉසුරුයි මූණෙන් මූණ බලාගත්තා. එතකොට මේ තරම් වමගුලක් කරගෙනතියෙන්නෙ කසාඳ බඳින්නෙ නැතුවද...“කසාඳ බැඳල නෑ... ඔයා මොනවද මේ කියන්නෙ.. දරුවෙකුත් හදාගෙන ඉවරවෙලා..”“දරුවා සමීරගෙ නෙමෙයි මල්ලි.. සමීර මෙහේ ආවට එයාගෙයි මගෙයි සම්බන්ධයක්නෑ..”ඇස් ඉස්සරහම හෙණයක් පුපුරල ගියා වගේ මාව ගල් උනා. දෙයි හාමුදුරුවනේ..මේ මනුස්සයා මොනවද මේ කියන්නෙ...“සම්බන්ධයක් නෑ..”ඒ ප්‍රශ්නෙ මගෙයුනි ඉසුරුගෙනුයි එකපාරටම පිටවුණේ..“ඔයාලා හිතනවට වැඩිය ලොකු ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ.. ඒකයි මට එන්නබැරි.. සමීර ගැන ඔයා පුංචි අහිතක්වත් හිතන්නෙපා මල්ලි.. සමීර කියන්නෙ, මිනිස්සුඅතරෙ ඉන්න බෝධි සත්වයෙක්.. මනුස්ස වෙසින් ඉන්න දෙවි කෙනෙක්..”දිලිනි කියන ඒවට දෙන්න, ඕන තරම් උත්තර මගේ ළඟ තිබුණා. මෙයා මේ වල්ගෙපාගගෙන. අපේ එකාගෙ තරම මං නොදන්නවයෑ. ඌමෙයාව ගානට අන්දලා. සමීරයා කොහොමටත්මිම්මට නූලට අනිත් එවුන්ට අන්දන්න බෑ දක්ෂයා. මෙයා කොහෙන්ද ඒවා දන්නෙ. ඒත් කෙල්ලකියන් යන දේවල් වලින් නම් මේ කතාවෙ අපි නොදන්න මොනවම හරි ලොකු දෙයක් ඇති කියලා මටනිකමට හිතුනා. ඒකයි මං සද්ද වහගෙන දිලිනි දිහා බලන් හිටියෙ. පහුගිය කාලෙ පුරාමවින්ද දුක් කන්දරාව කොහෙද ඒ මූණෙ තිබ්බෙ කටුක පරාජිත ගතියක්. ඒත් ඒ හැමදේම මැදින්එයාගෙ ධෛර්යය කැපිලා පෙනුණා.“එතකොට ඔයාලා කසාඳ බැඳලා නැත්තං.. දරුවා සමීරගෙත් නෙමේ නම්.. ඔයාලාදෙන්නා අතරෙ සම්බන්ධෙකුත් නැත්තං, සමීර මොකටද මෙහෙ එන්නෙ... මිනිහට පාඩුවෙ වැඩක්පලක් කරගන්න තිබ්බනේ..”“ඒක තමා මල්ලි මං ඉස්සෙල්ල කිව්වෙ.. සමීර කියන්නෙ මනුස්ස වෙසින් ඉන්නදෙවි කෙනෙක් කියලා.. මේ ලෝකෙ කිසිම කෙනෙක් කරන්නැති පරිත්‍යාගයක් එයා අපි වෙනුවෙන්කරේ.. ඔයාලා මොනව කිව්වත් සමීර ගැන මොනව හිතුවත් මං ආත්ම ගානක් එයා ගාව දාසියක්වෙලා හරි ඉපදිලා ඒ ණය ඩිංග ඩිංග හරි ගෙවනවා.. හග්..”“ඔයා කියන දේ අපිට තේරෙන්නෑ..”අපි හිතනවට වැඩිය වෙන මොකක්දෝ අමුතුම දෙයක් තියෙනවා කියලා මට යාන්තමටවගේ හිතිච්ච දේ එහෙනම් හරි.“මං හැමදේම කියන්නං..”එතන ඉඳලා දිලිනි කිව්ව කතාව මහා පුදුම එකක්. මේක විහ්වාස කරනවද නැද්දකියලා මට හිතාගන්න බැරිවුණා. දෙයියනේ අපි මොන තරම් මැට්ටො විදියටද හැසිරිලාතියෙන්නෙ. අගය කරන්න ඕන ලස්සන දේවල් අත ළඟ තියාගෙන අපි ඒවට ගරහා ගරහානේ ඉඳලතියෙන්නෙ.“මං හුඟක් දුප්පත් කෙල්ලෙක්.. මගේ තාත්තා රස්සාව විදිය කරේ වත්තක මුරකරපු එක. මගේ අම්මා අංශබාගෙ හැදිලා ඔත්පල වෙලා ඇඳටම වැටිලයි හිටියෙ. මට බාල නංගිලදෙන්නෙකුයි මල්ලියි හිටියා. ඉස්කෝලෙ යන ගමන්ම, එයාලව බලා කියාගන්නයි, ගෙදර තියෙනහැම වැඩක් පලක්ම කරන්නයි මට සිද්ධවුණා. කොයි තරම් අමාරු උනත්, මං ඒ හැමදෙයක්ම කෙරුවෙ හුඟාක් ලොකු සංතෝසෙකින්. මොකද කියනව නමං අපේ දුප්පත් පවුලම මගෙන්කෙරෙන්න ඕන යුතුකම ඒකයි කියලා මං හිතුවා.අනිත් දේ තමයි අපි හැමෝම කෑවෙ,බීවෙ, ඇන්දෙ කරේ ඔක්කොම තාත්තගෙ මුර රස්සාවෙන්හම්බවෙච්ච සොච්චම් පඩියෙන්.”මහා දිග කතාවක ඇරඹුම දිලිනි පටන් ගත්තෙ එහෙමයි. එතකොට මේ කතන්දරේ කොයිකොනට මගේ සහෝදරයා පැටලිලා ඉන්නෙ කියලා මං හිතන්න ගත්තා. මිනිහා කොහොමද මේකටපැටලුණේ... මිනිහට මොකක්ද මේකෙන් තියෙන ප්‍රයෝජනේ.. නිකං අහක යන නයි පෙනවල් ටිකක්දමේ මිනිහා තමන්ගෙ ඇඟට දාගෙන තියෙන්නෙ... ටිකෙන් ටික හිතද්දි මගේ ඔලුවට ආවෙ ඒ වගේප්‍රශ්න තමයි.“ඒත් මොන තරම් ප්‍රශ්න තිබුණත්, හිතාගන්න බැරි තරම් අගහිඟකම්තිබුණත්,ඒ හැමදේම මැද්දෙන් මගේ හිත ආදරේ හොයාගෙන ගියා. එතකොට මං හිටියෙත්කෙල්ලෙක්ගෙ අහිංසක සිතුම් පැතුම් වලින් ලස්සනට ලෝකය දකින්න පුළුවන් වයසක.. අපේගෙදර තිබ්බ පරිසරයයි, ජීවිතේ ගැටගහගන්න කරන්න වෙලා තිබ්බ යුද්ධෙයි හින්ද, මගේ හිතටඩිංගක් හරි සැනසීම දැනුණෙ ආදරේ හින්දයි. ඒ ආදරේ මගේ ජීවිතේට මහා ලොකු ශක්තියක්වුණා.”“කාටද ඔයා ආදරේ කලේ...”ඒ ප්‍රශ්නෙ ආවෙ ඉසුරුගෙන්. මිනිහත් මං වගේම ලොකු උවමනාවකින් කතාවඅහගෙන ඉන්න හැටි මං දැක්කා.“මගේ හිත ගියේ රවීන්ට.. ඒක මගේ පළවෙනි වගේම අන්තිම ආදරේ.. රවීනුත් මටපණ ඇරල ආදරේ කළා. එයා කොයියම්ම මොහොතකවත්, මට දුකක් කරදරයක් දැනෙන්න දුන්නෑ. මාවසංතෝසෙන් තියන්න රවීන් හුඟක් කරදර වුණා. ඒ ආදරේ බලසම්පන්නකම හින්දම, ජීවිතේ ගැනඅලුත් බලාපොරොත්තු මට දැනෙන්න ගත්තා. හැමදේම දිහා මං බැලුවෙ ලොකු සතුටකින්.”“ඔය ඔක්කොම හරි කියමුකො.. සමීර කොහොමද මෙතෙන්ට ගෑවෙන්නෙ..”තවත් කට පියාගෙන ඉඳලා වැඩක් නැති නිසා මං ඇහුවා. මොකද දිලිනි කියවන්යන මේ කතාවෙ විකාශන කාලය වැඩි වුණොත්, මං ප්‍රමාද වැඩි වේවි කියල වගේ අදහසක් මගේහිතට ඇවිත් තිබුණා. ඒ එක්කම මහා මේරු පර්වතයක් වගේ බරට මගේ පපුව උඩට තවත් දෙයක්ඇවිත් තිබ්බා. ඒ තමයි මේ කිසිම දේකට සමීරගෙ සම්බන්දයක් නැත්තං මගේ සහෝදරයගෙ අහිංසකආදරේ මුළුමනින්ම විනාස කරල දාපු පව මගේ ඇස් ඉස්සරහම පේන්න තිබ්බා.“මං කියන්නම්.. මං කියන්නම්.. මගේ ආදරේ දිනාගත්තු රවීන්ගෙ හොඳම යාලුවාඋනේ සමීර.. රවීන් එක්ක, මාව බලන්න එයත් නිතරම ආපු හින්දා.. රවීන්ට තරමට නොවුණත් මංඑයාටත් ලංවුණා. ඒ හුඟාක් ලොකු සහෝඳර බැඳීමකින්..ඔයා මොනව කිව්වත්, මේ මොහොතෙත්හෙටටත් මං සමීරව දකින්නෙ බෝධි සත්වයෙක් විදියට.. මං එහෙම කියන්නෙ ඇයි කියලා තවඩිංගකින් ඔයාලට තේරෙයි.. දන්න අඳුනන කෙනෙක්ගෙන් උනත් උදව්වක් ඉල්ලුවහම මිනිස්සු කරඇරල යන්නෙ හිතක් පපුවක් නැති විදියට. අන්න ඒ වගේ වෙලාවක අහසින් පියාඹගෙන ආපුදේවදූතයෙක් වගේ සමීර මගේ ළඟින් හිටියා.. අඩුම ගානෙ රවීන්වත් මගේ ළඟ හිටපු නැතිවෙලාවෙ, මට යෝධශක්තියක් උනේ ඔයාගෙම සහෝදරයා.. ඒක අදටත් එහෙමයි..”“එතකොට කෝ දැන් රවීන්..”මං අහපු ප්‍රශ්නෙට කෙල්ලගෙ ඇස් වලින් කඳුළු කඩන් වැටුණා. ඒ දේ දැකලාමට වගේම ඉසුරුටත් අප්සට් ගියා කියල මට තේරුණා.“රවීන්... රවීන් දැන් ලංකාවෙ නෑ..”දිලිනි ලොකු හුස්මක් පපුව ඇතුළට අරන් මාවයි ඉසුරුවයි පාවෙලා යන තරමටහයියෙන් පිට කරල දැම්මා. මොකක්ද බං ඒ කතාවෙ තේරුම.. මං ඉසුරු දිහා බැලුවා.ඌබලන් හිටියෙ දිලිනි දිහා.“ලංකාවෙ නෑ...”“ඔව්.. ඒකට හේතු සෑහෙන්න තියෙනවා.. එයා ලංකාවෙ නැත්තෙ එයාගෙ වැරැද්දක්හින්ද නෙමෙයි..”“එහෙනම්...”“මගෙයි රවීන්ගෙයි සම්බන්ධෙ දැනගත්තම රවීන්ගෙ තාත්තා, මේ ලෝකෙ තියෙනභයානකම දේ අත් වින්ද වගේ හැසිරෙන්න ගත්තා.. ඔයාලා අහල ඇතිනේ සමරසේකර මුදලාලි.. එයාතමා රවීන්ගෙ තාත්තා.”පිස්සු නැත්තං හොඳයි.. සමරසේකර මුදලාලිත් මේකට පටලැවිලද... සමහරසේකරමුදලාලි කියන්නෙ අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒත් රවීන් කියන්නෙ සමරසේකරමුදලාලිගෙ පුතා කියල මට මීටර් උනේ දිලිනි මේ කතන්දරේ කිව්වට පස්සෙ. කොහොම උනත්, මේආදරේ පල හිලව්ව මැච් වෙන එකක් නෙමෙයි කියලා බැලූ බැල්මට මට තෙරුණා. ආදරේට මිලමුදල් බාධාවක් වෙන්නෑ කියලා කවුරු කොහොම හිතුවත් ඒක බාධාවක් තමයි. අනිකදිලිනිගෙයි, රවීන්ගෙයි අතරෙ තිබ්බ ඇති නැති පරතරය මහා විශාල එකක්. ඒ දේ අතරපියව්නන පුළුවන් තරමෙ දෙයක් එයාලට හොයාගන්න බැරිවෙන්න ඇති.“මගෙයි, රවීන්ගෙයි සම්බන්ධෙ හින්ද වැඩියක්ම කරදර සිද්ධ වුණේ මගේතාත්ත. සමරසේකර මුදලාලි අපේ දුප්පත් ගේ ඉස්සරහටම ඇවිත්, අපි ඕකොම පණ පිටින් වළලනවාකියලා තර්ජනේ කලා.. අපේ උදව්වට කුරා කූඹියෙක්වත් හිටියෙ නෑ. නෑදෑයො කියලා ජාතියක්හිටියත් ඒ හැමෝම මේ ප්‍රශ්නෙදි අහක බලාගත්තා. හුඟක් අය ඉරිසියාවෙ පිපිරුවා. මංරවීන් එක්ක යාලු උනාට. මං වගේ අන්ත අසරණ එකියක් ඒ වගේ රාජ කුමාරයෙකුට ලංවුණ එක අපේපැත්තෙ හුඟ කෙනෙකුට ඔරොත්තු දුන්නෑ.. සමරසේකර මුදලාලි ඇවිත් තර්ජනේ කරනකොට උනත්කවුරුවත් අපිට උදව් කරන්න ආවෙ නැත්තෙ ඒකයි. අපිට කියලා කිසිම රැකවරණයක් තිබුණෙ නෑ.මේ හැමදේම එකින් එක ඔයාලට කියන්නෙ මං හිටපු තත්වෙ ඔයාලට තේරුම් ගන්වන්න. ඒ වගේමසමීර මොන තරම් උදව්වක්ද මට කරේ කියනෙක පහදලා දෙන්න..”“තමන්ගෙ දරුවා, ඔයත්තෙක්ක පැටලුන එකට සමරසේකර මුදලාලිට කේන්ති යන එකඅපිට තේරම් ගන්න පුළුවන්. ඒත් ඔයාලව පණ පිටින් වළලනවා කියලා කියන්න තරමෙ හයියක්මිනිහට ආවෙ කොහොමද... ඔයාලා පොලීසියට කිව්වෙ නැද්ද...”මෙච්චර වෙලා මහෞෂධ පඬිතුමා වගේ ඉඳලා ඉවර වෙලා අන්තිමට හම්බ ගොබ් ප්‍රශ්නක්ඉසුරු ඇහුවා. දැන් කාලෙ මිනිහෙක් විහිලුවටවත් පොලීසියට යනවද... ඔලුව තියෙන කිසිඑකෙක් යන්නෑ.. ඇයි ඉතිං පැමිණිල්ල දාන්න යන එකානේ ඉස්සෙල්ලම ඇරෙස්ට් කරන්නෙ..“පොලීසි ගිහින් මේ තියෙන ප්‍රශ්නෙ විසඳන්න බෑකියාලා මං දැනන්හිටියා. ඒකෙන් වෙන අවනම්බුවත් එතෙන්නෙ මගේ ජීවිතේට.. මොනවා උනත් තමන්ගෙ එකම දරුවාමේ වගේ හිඟන පවුලකින් ගෑණු ගන්න ගියාම ඕනම දෙමව්පියෙක් තිරිසන්නු බවට පත්වෙනවා..අපි උනත් ඒ තත්වෙට පත්වුණොත් අපේ දරුවා වෙනුවෙන් අපි ගන්නෙ ඒ තීරණේම තමා.. හැබැයිඒ හැමදේටම වැඩිය තවත් දෙයක් තිබුණා.. සමරසේකර මුදලාලි කේන්ති ගස්සන්න..”“ඒ මොකක්ද...”“මගේ තාත්තා මුර රස්සාව කරේ සමරසේකර මුදලාලිගෙ පොල් වත්තෙ..”කාලා වරෙන්කො.. මේ පටලැවිල්ල නම් එසේ මෙසේ ගිහින් දිග ඇරෙන අවමගුලක්නම් නෙමෙයි වගේ. මං මුලින් මුලින් හිතාගෙන හිටියට වැඩිය මේ කතාවෙ අවසානය අපිවසම්පූර්ණයෙන්ම හිර කරලා දාලා තියය් වගේ. බලන් ගියාම මේක මහා විශාල මකුළු දැලක්නේ.“අපේ ආදරේට, අපේ උදව්වට කුරා කූඹියෙක්වත් හිටියෙ නෑ කියලා මං ඔයාටකලින් කිව්වා.. ඒවට හේතුත් මං කිව්වා.. ඇත්තම කියනව නම් අපිට උදව් කරන්න කට්ටියබයවුණා.. ඒත් ඒ හැමෝටම වැඩිය මහා ශක්තියකින් අපිට උදව් කරේ එකම එක්කෙනයි.. මුළුලෝකෙම අපිට හතුරුවෙලා ඉද්දි, අපේ පැත්තට හිටියෙ ඔයාගෙ සහෝදරයා විතරයි.. මටයි,රවීන්ටයි ජීවිතේ එපා වෙලා තියෙද්දි, මේ ආදරේ හින්දම අපි දිවි හානි කරගන්න හිතද්දි,ජීවත් වෙන එකේ වටිනාකම ගැන කියල දීලා, අපිව ධෛර්යමත් කරල, අපේ ළඟින් හිටියෙ ඔයාගෙඅයියා විතරයි.. එයා සමරසේකර මුදලාලිට බිංදුවක්වත් බය උනේ නෑ.. අපිට තිබ්බ මහාවිශාල හයිය ඔයාගෙ අයියා..”දිලිනිගෙ කතාවත්තෙක්කම මොකක්දෝ ලොකු නොතේරෙන දුකකින් පපුව හූරනවා වගේහැඟීමක් මට දැනුණා. මං ඉසුරු දිහා බැලුවෙ ඒකෙන් අත් මිදෙන්න වගේ. ඒත් ඉසුරුත් මූණහතරැස් කරගෙන මේ හැමදේම සාවධානව අහන් ඉන්න හැටි මං දැක්කා.“අපේ ආදරේට තිබ්බ ලොකුම බාධාව උනේ මගේ දුප්පත්කමයි. මගේ අහිංසකතාත්තාගේ මුර රස්සාවයි.. කෝටි ගානක දේපල මිල මුදල් තියෙන බලවත් කෙනෙක් තමන්ගෙ එකමපුතාට, තමන්ගෙ වත්තෙ මුර කාරයගෙ දුවව ලංවෙනකන් බලන් ඉන්නෙ නෑ කියලා අපි තේරුම්ගත්තෙ හුඟාක් පරක්කු වෙලා. අපි හිතුවෙ අපේ ආදරේ ශක්තියෙන් මේ මුළු ලෝකයම දිනන්නපුළුවන් වෙයි කියලා..”දිලිණිගෙ මූණෙ තිබ්බෙ ලොකුම ලොකු විඩාබර බවක්. එයාගෙ බබාත් නින්දෙන්ඇහැරිලා අඬද්දි.. දරුවවත් නලවන ගමන් තමයි දිලිනි ආයෙත් කතාව කියන්න පටන් ගත්තෙ.ඒත් කතාවෙ හොදම හරිය තාම ඇවිල්ලවත් නෑකියලා මේ කියපු ටික අහගෙන ඉඳපු මටතේරුණා.“ඒත් ඒක එහෙම උනෙ නෑ.. අපේ ආදරේ කඩල බිඳල දාන්න පුළුවන් ත රම් උත්සාහකරලා, අන්තිමේදි රවීන්ගෙ තාත්තා තේරුම් අරන් තිබුණා මුං දෙන්නව මේ ආත්මෙදි නම්වෙන් කරන්න බෑ කියලා.. ඒක හන්දම එයා අපි දෙන්නටම හොරෙන් මාස්ටර් ප්ලෑන් එකක් ගහලාතිබුණා.. අපි කවදාවත් ඒ වගේ පැත්තක් ගැන හිතුවෙ නෑ.. දවසක්... සමරසේකර මුදලාලි මාවහම්බවෙන්න ආවා. ඇවිත් හුඟාක් හොඳට මාත් එක්ක කතා කලා. අපේ ගෙදර ඉස්තෝප්පුවටම ඇවිත්තාත්තා එක්කත් තරහ නැතුව කතා කරා. ඒ වෙනකොට තාත්තා මුර රස්සාවෙනුත් දොට්ට දාලයිතිබුණෙ. මුදලාලි කිව්වා තාත්තට ආයෙ රස්සාවට එන්න කියලා.. ඊට පස්සෙ තමයි රවීන්ගෙතාත්තා, අපි හීනෙකින්වත් හිතපු නැති දෙයක් කිව්වෙ..”“ඒ මොකක්ද...”“හිතට හුඟක් අමාරු වුණත් රවීන්ට තියෙන ආදරේ හින්දම අපේ ආදරේටකැමැත්ත දෙනවා කිව්වා.. ඒ දේ අහලා මටයිරවීන්ටයි දැනුණෙ පුදුමාකාර සතුටක්. අපේ ආදරේ මේ මුළු ලෝකෙම ජයගත්තා වගේ කියලා මටදැනුණා..”දිලිනිටයි රවීන්ටයි එහෙම දැනුණට මේ රමීට නම් ඔය වගේ සිතුවිල්ලක් පැත්තපළාතකටවත් ආවෙ නෑ.. ඇයි කියලද අහන්නෙ.. ඒ කියපු කතාවෙම මහා ගේම් එකක් තියෙනව කියලාඕන කිරි සප්පයෙකුට තේරෙනවනේ බං.. ඇයි උඹටල තේරුනේ නැද්ද.. එහෙනම් කරන්න දෙයක් නෑ..ඒත් ඒ වෙලාවෙ ආලෙන් අන්ධවෙලා හිටපු මේ කොල්ලටයි, කෙල්ලටයි ඒක තේරෙන්නෙ නැතුව ඇති..ඇයි ඉතිං තමන්ගෙ පණ සරි ආදරේට සමරසේකර මුදලාලි කැමති උනා කිව්වම ඉතිං මහජන සම්පතපිට පිට දෙපාරක් ඇඳුනා වගේනේ.“ඊට පස්සෙ...”“හැබැයි මුදලාලි අපිට කැමැත්ත දුන්නෙ එක පොරොන්දුවක් පිට..”“පොරොන්දුවක්...”“ඔව්.. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියකට අවුරුදු දෙකකට රවීන්වඕස්ට්‍රේලියාවට යන්න වෙනවා කිව්වා. මුදලාලිට වෙන දරුවොත් නැති එකේ,මුදලාලිගෙව්‍යාපාර කටුයුතු බලා කියා ගන්න හිටියෙත් රවීන් විතරක් නිසා, අපිට වෙන කරන්න දෙයක්තිබුණෙත් නෑ.. මුදලාලි කියපු දේට කැමති වෙනවා ඇරෙන්න.. අනික කොයි පැත්තෙන් බැලුවත්ඒක සාධාරණ ඉල්ලීමක් කියලා අපිට හිතුණා.. මුදලාලි කියන විදියට දේවල් සිද්ධ වුනොත්රවීන් ඕස්ට්‍රේලියා ඉඳලා ආපු ගමන් අපේ මැරේජ් එක කරනවා කියලා සමරසේකර මුදලාලිපොරොන්දු උනා..”මුදලාලි කබල නැතුව ලස්සනට ආකිටෙක්ච කෝස් එකක් කරලා වගේ ඇඳල තියෙන්නෙමාස්ටර් ප්ලෑන් එකක් තමා. ඒක ආයෙ කවුරුවත් රමීට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ.රමීඔය වගේ මාස්ටර් ප්ලෑන් නොගැහුවත්, ඕන තරම් ඔය වගේ දේවල් වල අත්දැකීම් ලබලතියෙනවා.“ඔය හැමදේම හරි.. ඒත් ඔයාලා දෙන්නම ඔලුව පාවිච්චි කරලා නෑ.. මේහැමදේටම මුල ඒකයි.. ඒත් මට දැනගන්න ඕන ඔය හැමදේම අතරෙ සමීර කොහොමද මේකටපටලැවුණෙකියලා..”මගේ ඔලුවෙ මෙච්චර වෙලා කරක් ගඟහා තිබ්බ ප්‍රශ්නෙ මං ඇහුවා.. මේ කතාවෙඑහෙන් මෙහෙන් කපලා කොටලා සංෂිප්ත කරලා ගත්තහම මට ඉතුරු වෙන එකම දේත් ඕකනේ.“මං ඔයාලට කලිනුත් කිව්වනේ අපේ උදව්වට හිටියෙ සමීර විතරයි කියලා. ඒකහින්ද මේ සිද්ධ වෙලා තියෙන අලුත්ම තත්වෙ ගැන අපි දෙන්නම සමීරට කිව්වා. එයාකොහොමටත් අපි දෙන්නටම වැඩිය ඔලුව පාවිච්චි කරන කෙනෙක්.. එයා ගත් කටටම කිව්වා.. මේකඋගුලක් රවීන් රට යවන්න එපා.. මේකට කැමති වෙන්න එපා කියලා.. ඒත් ඉතිං මේ දේට කැමතිනොවී, අපිට වෙන කරන්න දේකුත් තිබ්බෙ නෑ.. ඒ ගැන පැහැදිලි වැටහීමකුත් අපිට තිබ්බෙනෑ.. ඒක හින්ද අපේ ආදරේ ගැන තීරණයක් ගන්න වෙලාවෙදි පළවෙනි පාරට සමීර කියපු දේ අහකටදාලා, අමාරුවෙන් උනත් මේ වෙන්වීම දරාගන්න අපි දෙන්නා තීරණේ කලා. ඒත් සමීර නම් මේතීරණේට බිංදුවක්වත් කැමති උනේ නෑ. එයා අපිට බැන්නත් එක්ක..”මොනව උනත් මගේ සහෝදරයා මං වගේම මීටරේ කියලා මේ හැම කතාවකින්ම ඔප්පුවෙනවා. මගේ හිතට මේ හැමදේම අතරෙ ආපු ලොකුම දුක තමයි මේ හැමදේම තේරුම් ගන්න මං මේතරම් පරක්කු උනේ ඇයිද කියනෙක..“දැනට මාස දාසයකට කලින් රවීන් ඕස්ට්‍රේලියා ගියා.. එයා ළඟ ඉන්නකොට වගේනෙමෙයි, එයා මගේ ළඟ නැති උනහම මට ඒක දරාගන්න බැරි උනා. මට දැනුණෙ පුදුමාකාරඅසරණකමක්. ඒ අසරණකම අන්ත අසරණකමක් වුණේ,රවීන් ඕස්ට්‍රේලියා ගිහින් මාසෙකටවිතර ප්සසෙ මගේ බඩේ දරුවෙක් ඉන්නවා කියල දැනගත්තම.. රවීන්ගෙයි, මගෙයි ආදරේ ප්‍රතිඵලමේ තරම් ඉක්මනට ඵල දරයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. මට දැනුණෙ මගේ මුළු ලෝකෙමකඩාගෙන වැටුණ වගේ. දැන් රවීනුත් මං ළඟ නෑ.. මං මොනවා කරන්නද... මං දැන් කොහොමදලෝකෙට මූණ දෙන්නෙ.. ඔය වගේ ගොඩාක් ප්‍රශ්න එක්ක මං අන්ත අසරණ උනා..”“ඔයා රවීන්ට කතා කරලා මේ ගැන කිව්වෙ නැද්ද... රවීන්ව ගෙන්න ගන්නබැලුවෙ නැද්ද...”“මං ඉස්සෙල්ලම කලේ ඒක. ඒත් මගේ අවාසනාවට එයාට අවුරුදු දෙක ඉවරවෙනකල්ආපහු ලංකාවට එන්න වීසා ගන්න බෑ.. මං හිතන්නෙ මොන විදියකට හරි මුදලාලි ඒක කරලාතියෙනවා.. සමහර විට මුදලාලිට වෙන මොකක් හරි ප්ලෑන් එකක් තියෙන්න ඇති, රවීන්වඅවුරුදු දෙකකට ඕස්ට්‍රේලියාවල හිර කරලා.. ඒත් මේ අහම්බෙන් වෙච්ච දෙයින්, මුදලාලිටලොකු වාසියක් ආව වගේම, මුදලාලි රවීන්ව හිර කරපු එකේ බරපතලකම මට දැනුණා..”“මුදලාලි මේක දැනගත්තද...”“නෑ..”“ඇයි ඔයා එයාට කිව්වෙ නැත්තෙ...”“මට මේ ගැන කතා කරන්න කාත් කවුරුත් හිටියෙ නෑ.. මට හිටියෙ අපේ ආදරේටමුල ඉඳන්ම උදව් කරපු සමීර විතරයි.. සමීර කිව්වා.. මුදලාලිට මේ ප්‍රශ්නෙ නොකියාහිටියොත් හොඳයි කියලා.. මොකද මං මේක මුදලාලිට කිව්වොත්, මේ ලැබෙන්න ඉන්න දරුවාඅවජාතක දරුවෙක් කියලා මුළු ගමටම කෑගහලා කියයි.. මොකද රවීනුත් ළඟ පාතක නැතුව මේවෙච්ච දේ ගැන ගමේ මිනිස්සු රටේ නැති කතා කියයි කියලා.. ඒක හන්ද මට තේරුණා සමීරකියන දේ හරියි කියලා.. ඒ නිසාම හැමදේම කරබාගෙන දරාගන්න මට පුළුවන් උනා..”“රවීන්ව මොනවම හරි කරලා ලංකාවට ගෙන්නගන්න බැරි උනාද...”“රවීන් හුඟක් උත්සාහ ගත්තා.. ඒත් ඒ එකක්වත් රහි ගියේ නෑ.. පස්සෙ එයාක්‍රිස්මස් දූපත් හරහා එන නැවක නැගලා එන්න ලෑස්ති වුණා හොරෙන්ම.. මම මේ පත්වෙලාඉන්න තත්වෙ ගැන එයා සෑහෙන්න පසුතැවුණා.. මේ ගැටලුවට තියෙන එකම විසඳුම රවීන් ලංකාවටඇවිත් මාව කසාඳ බඳිනෙක ඇරෙන්න වෙන එකම උත්තරයක්වත් පේනතෙක්මානෙක තිබ්බෙ නෑ..”මිනිස්සුන්ට, අපි ද්නනෙ නැති, අපි හීනෙකින්වත් හිතන්නෙ නැති ප්‍රශ්නකොච්චර තියෙනවද කියලා දිලිනිගෙ කතාව අහන් ඉද්දි මට තේරුණා.ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් තමන්ගෙ ජීවිතේට එබුණොත් ඕනම ගෑනියෙක්,පිරිමියෙක් සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා.. ඒකෙ ආයෙ අලුතින් කියන්න තරමෙ දෙයක් නෑ..අපිට උනත් එච්චරයි.“රවීන් එයා නැවතිලා හිටපු තැනින් මහ රෑඑළියට ඇවිල්ලා කොහොම හරිවරායට රිංගගෙන, හැංගිලා එන්නයි හිතාගෙනහිටියෙ. ඇත්තටම වෙන විකල්පෙකුත් රවීන්ට තිබ්බෙ නෑ. ඒත් ඒ ගමන කොයිතරම් භයානකදකියලා හිතෙද්දි මාව වෙව්ලලා ගියා. ඒත් රවීන් එන එක වළක්වන්න ක්‍රමයක් මට තිබුණෙත්නෑ. අනිත් දේ තමයි මං නින්දාවට පත්වෙන එකෙයි, මගේ ගැලවීමෙයි හැමදේම තිබ්බෙ රවීන්ලංකාවට එන එක මත...”කතාව කියාගෙන කියාගෙන යද්දි මුලින් තිබ්බ කලබල ගතිය දිලිනිගෙන් අපිදැක්කෙ නෑ.. අභාග්‍යසම්පන්න දේවල් වලටම මූණදිලා එයා ඩිංගක් විතර ශක්තිමත්වෙලා කියල මටයි ඉසුරුටයි තේරුණා. අනික දිලිනි කතා කෙරුවෙ හුඟක් හෙමීට උනාට, එයාකියපු හැම වචනයක්ම අපිට පැහැදිලිව ඇහුණා. කොහොම උනත් මේ අභාග්‍යසම්පන්නකතන්දරේට මගේ සහෝදරයා ගෑවිච්ච තැන, තව ඩිංගකින් මතුවේවි කියලා මට අහම්බෙන් වගේ හිතුණා.මොකද කියනව නම් මේ කතන්දරේ අමාරුව හරිය දැන් තමා පටන් ගන්න යන්නෙ.“ඒත් සමීර ඒ හැමදේම වෙනස් කරා. රවීන් ආපහු එන එකේ භයානකකම මටයි,රවීන්ටයි පැහැදිලි කරලම කිව්වා. සමහර විට ජීවිතේ උනත් නැතිවෙන්න පුළුවන් කිව්වා.කස්ටම් එකට හරි පොලීසියට හරි අහුවුණොත් අවුරුදු ගානකට හිරේ යන්නවෙයි කිව්වා. එතකොටතියෙන ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙයි කිව්වා.. නීත්‍යානුකූල විදියට කොහොම හරි එන්නපුළුවන්ද කියල විතරක්, බලල ට්‍රයි කරමු කිව්වා..”දැන් බලන් ගියාම අපේ එකා මේ ප්‍රශ්නෙ කරටම අරගෙන ගේමට බැහැලා වගේ..බලමුකො තව ඉස්සරහට..“ඉතිං..”“සමීර කියපු විදියට නීත්‍යානුකූලව රවීන්ව අවුරුදු දෙක ඉවරවෙනකල් එන්නබෑකියලා මාස දෙක තුනක් යද්දිම අපි තේරුම් ගත්තා. ඒකෙන් උනේ අපි දෙන්නා තවත්මානසිකව කඩාගෙන වැටුණ එක විතරයි.. මම නම් හිටියෙ පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ.හැමදේම ඔය විදියට සිද්ධවෙද්දි, දවසින් දවස මං නින්දාවට, හිනාවට ලක්වෙන්න ඔන්නමෙන්න කියල තියෙද්දි ඉටු දෙවියෙක් වගේ මගේ පිහිටට ආවෙ සමීර. එයා අපේ තාත්තටයි,අම්මටයි මේ හැමදේම වැඩිහිටියෙක් වගේ තේරුම් කරල දුන්නා. ඊට පස්සෙ එයා, කොරියාවෙන්කුලීයට ගෙයකුත් අරගෙන මාව එහේ නවත්තලා, මාව බලා ගත්තා. කොරියාවෙ හැමෝම හිතුවෙමායි, සමීරයි අලුත බැඳපු ජෝඩුවක් කියලා. සමහර දේවල් මිනි්සසු එයාගෙන් අහද්දි එයාහිනාවෙලා ඒ හැමදේම දරාගත්තා..”“එතකොට ඇයි මෙතෙන්ට ආවෙ... මෙතෙන්ට වැඩිය කොරියාව ආරක්ෂා සහිතයිනේ..අපි උනත් ඔයාලව හොයාගත්තෙ කොරියාවෙදි නෙමෙයි මෙහෙදිනේ.. මෙතන කිසිම ආරක්ෂාවක් නෑනෙ..”“රවීන්ගෙ තාත්තට අපි ගැන ඉව වැටිලා තිබුණා.. මං ගැන හොයන්න මිනිස්සුත්දාලා තිබුණා.. ඒක හින්දම බබා හම්බවෙච්ච හැටියෙම මං මෙහේට ආවා. මේ දරුවා හම්බවෙන්නඉස්පිරිතාලෙ ඉද්දි හැම දෙයක්ම හොයල බලල කරේ සමීර..”එතනින් එහාට දිලිනි කතාව නොකිව්වත් වෙලා තියෙන දේ මං තේරුම් ගත්තා.එහෙනම් හැම දෙයක්ම සිද්ධවෙලා තියේනනෙ ඔය විදියට. මං ඉසුරු දිහා බැලුවා.ඌහිටියෙ උතුර දකුණ මාරුවෙලා වගේ.“එදා රෑ ඔයාලා දෙන්නා මට හුඟක් ලොකු උදව්වක් කරා.. ඒ මේ දරුවා හොඳටමඅසනීප වෙලා ඉන්දෙද්දි.. සමීර වගේම ඔයාලත් හුඟක් හොඳ ගතිගුණ තියෙන දෙවීවරු වගේ අය..ඔයාලගෙ ඒ හිත හොඳකමට පිං සිද්ධ වෙනවා.. ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ.. අපි වගේ අන්තඅසරණ කාලකණ්නියො මේ තත්වෙන් හරි පණ පිටින් ඉන්නෙ ඔයාල වගේ හිත උණුවෙන අය හින්දා..මේ හැමදේකම පින්, ඔයාලට මේ ආත්මෙදිම හම්බවෙයි..”හැමදේම අහන් හිටියට පස්සෙ මටයි ඉසුරුටයි එතන තවත් රැඳිලා ඉන්නඋවමනාවක් තිබ්බෙ නෑ. ඒක හින්දම මං පුටුවෙන් නැගිට්ටා.“අපි එහෙනම් යන්නං.. ඔයා පරිස්සමට ඉන්න..”ඉස්සරහට කරන්න තියෙන හුඟක් දේ ඇස් ඉස්සරහ වගේ හිතේ මැවෙද්දි, දිලිනිගෙඅන්ත අසරණ මූණ දිහා බලලා මායි ඉසුරුයි කාර් එක ළඟට ඇවිදගෙන ආවා.“තව දෙයක් මට ඔයාලගෙන් අහන්න තියෙනවා..”“ඒ මොකක්ද...”“සමීර කියන්නෙ බෝධිසත්වයෙක් කියලා මං කියපු එක වැරදි නෑ නේද...”ඒ ප්‍රශ්නෙ අහනකොට මෙච්චර වෙලා හිනාවක් තිබ්බෙ නැති දිලිනිගෙ මූණෙපුංචි හිනාවක් ආවා.“නෑදිලිනි.. ඔයා එහෙම හිතපු එක සීයට පන්සීයක් හරි.. අපි තමයිවැරදි.. ජීවිතේ හුඟ දවසකට පස්සෙ.. හුඟ කාලෙකට පස්සෙ අපිට හොඳටම වැරදුණා.. ඩිංගක්නෙමෙයි.. නැති වෙන්නම වැරදුණා..”එහෙම කියන ගමන් මං කාර් එකට නගිද්දිත් ඉසුරු කාර් එක ස්ටාර්ට් කරලාඉවරයි.“ඉසුරු..”“ඇයි රමියා..”“මේ වෙච්ච දේ මට දරාගන්න බෑ.. මේ තරම් ලොකු වැරදීමක් මගේ ජීවිතේකවදාවත්ම වෙලා නෑ.. ෂ්හ්.. හරි අපරාධයක් උනේ.. මට හිතාගන්නත් බෑ ඉසුරු..”මායි ඉසුරුයි දිලිනිව හම්බවෙන්න ආවෙ සමීරගෙ ආදරේ හත් දවසෙ දානෙදෙන්න.. ඒත් මේ අන්තිමට වෙලා තියෙන්නෙ මොනවද... හැමදේම මගේ ඇස් ඉස්සරහම මටම පඬිසන්දීලා තිබුණා.. රත්තරං වටිනා ආදරයක් විනාශ කරලා දාපු පවත් ඒ පිටටම ගොඩ ගැහිලාතිබුණා..“මෙහෙම දෙයක් වෙලා ඇති කියලා අපි හීනෙකින්වත් හිතුවෙ නෑනෙ රමී..”“ඒක තමයි මේ වෙච්ච දේ මටත් අදහගන්න බැරි.. හැබැයි ඉසුරු, මේකෙන් එකදෙයක් ඔප්පු උනා..”“ඒ මොකක්ද...”“සමීර කියන්නෙ මගේ සහෝදරයා.. ඒත් හාල්පාරුවෙක්, අපතයෙක් කියලා මංපැත්තකට දාලා තිබුණා.. ඌමහා අංඩපාලයෙක් කියලා මං ඌඨ දස වද දීපු අවස්ථා ඕනතරම් තිබුණා.. ඒත්.. ඒත්..”කතා කරගෙන යද්දි මගේ කටහඬ බිඳිලා ගියා. ජීවිතේ ගෙවිලා ගියපු අවුරුදුගණනාවකට පස්සෙ, මගේ ඇස්වලින් උණුම උණු කඳුළු කඩාගෙන වැටුණා.“ර.. රමී.. දෙ.. දෙයියනේ.. ඇයි මචං මේ...”“නෑඉසුරු.. මට මාර දුකයි.. මං කවදාවත් පිළිගත්තෙ නෑ.. සමීරකියන්නෙ මගේ සහෝදරයා කියලා.. මගේ ජීවිතේ අන්තිම පහළ තැනකට එයාව දාලා, පාගලා,මිරිකලා විනාශ කරලා දාලයි මං තිබුණෙ.. ඒත්.. ඒත්..”“අපි මොනා හරි කරමු රමී..”“කරන්න ඕන.. ඉසුරු කරන්න ඕන.. උඹ දන්නවද මට වැඩිය සමීර උසස් කියලා මංදැන් පිළිගන්නවා.. එයා මට වැඩිය ටැලන්ටඩ් කියලා මං පිළිගන්නවා.. එයා අදහන්න වටිනවාකියලා මං දැන් පිළිගන්නවා.. මං කොයි තරම් පහත් මිනිහෙක්ද ඉසුරු.. හ්ග්.. මං කොයිතරම් සවුත්තු මිනිහෙක්ද...”“රමී... මොනවද මේ කියවන්නෙ... මොකද මේ වෙලා තියෙන්නෙ... අපි කිසිමදෙයක් දැනගෙන හිටියෙ නෑනෙ.. අපි මෙලෝ දෙයක් දන්නැතුවනේ හැමදේම කරේ.. කොටින්ම අපිබැලුවෙ සමීරට හොඳක් කරන්න මිසක නරකක් කරන්න නෙමේනේ..”“නෑ ඉසුරු.. මං කවදාවත් සමීර කියන කිසිම දෙයක් අහලා නෑ.. ජීවිතේට මිනිහගෙදේකට ඇහුම්කන් දීලා නෑ.. අඩුම ගානෙ අද ගෙස්ට් එකෙන් එළියට එද්දි හැමදේම කියන්නම්කියලත් අපි සමීරයව දාලා ආවා.. මං ඒ වෙලාවෙවත් ඩිංගක් නතර උනා නම්..”“රමී.. උඹගෙ අතේ වැරැද්දක් නෑ.. උඹ ඇයි ඔය තරම් පසුතැවෙන්නෙ.. මංඉස්සෙල්ලත් කිව්වනේ.. අපි කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ කියලා..”“කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැත්තං අපිට පාඩුවෙ ඉන්න තිබුණා බං.. අපිකෙරුවෙ අහස පොළව උහුලන්නැති අපරාධයක්..”“අපරාධයක්...”ඉසුරුගෙ ඇස් දෙක ලොකු වෙනවා මං දැක්කා. කාර් එකේ වේගෙත් ඩිංග ඩිංගඅඩුවුණා.. මං කිව්ව දේ උගේ පපුව මැදටම වැඳුණා වගේ.“ඔව්.. අපි සමීරගෙ ආදරේ විනාස කරා ඉසුරු.. මගේ සහෝදරයගෙ ආදරේ මං නැතිකරා.. මිනිහගෙ ශක්තියට කියලා තියෙන්න ඇත්තෙ මේ ආදරේ විතරයි.. මිනිහා මොන තරම්අමාරුවකින්ද මේ බඩල් ගේම් එක අරගෙන යන්න ඇත්තෙ... පොඩි කාලයක්ද ඉසුරු.. අවුරුද්දකටවැඩීනේ.. මිනිහා තමන්ගෙ උපරිම සීමාවට ලංවෙලා ඉන්න ඇත්තෙ.. මිනිහට කොයි තරම් ප්‍රෙෂර්එකක් තියෙන්න ඇත්ද...”මට දැනුනෙ, කාලෙකින් දැනිල නැති පුදුමාකාර පසුතැවීමක්. ගෙස්ට් එකේදිවීරයෙක් වගේ හැසිරුණාට මං මහා පුහු වීරයෙක් කියලා මටම තේරුණා. හැබෑවීරයා,හැමදේම දරාගෙන, හැමදේම උහුලගෙන, තමන්ගෙ පණ වගේ ආදරේ බිමටම ඇදගෙන වැටෙද්දි ඔහේබලාගෙන හිටියා. අඩුගානෙ මට විරුද්ධව එක වචනයක්වත් මගේ සහෝදරයගෙ කටින් පිටවුනේ නෑකියලා මං මතක් කරගත්තා. වෙනදට පුංචි දේටත් මගෙත්තෙක්ක මරාගන්න එන මගේ සහෝදරයාතමන්ගෙ හැමදේම නැතිවෙලා යද්දි ඔහේ බලන් හිටියා කියනෙක නම් මට දරාගන්න බැරිවුණා.“ටිකක් හිතපං ඉසුරු.. තමන් ආදරේ නොකරන, තමන්ගෙ නොවෙන ගෑනියෙකුයි, අතදරුවෙකුයි තමන්ගෙ වගේ බලා කියාගන්නෙක, බැඳපු නැති කොල්ලෙකුට කොයි තරම් අමාරු වැඩක්වෙන්න ඇත්ද කියලා.. මිනිස්සු මොනවා නොකියන්න ඇත්ද... ෂහ්.. ෂහ්.. ෂා.. මේ හැමදේමදරාගනෙ අයියා ජීවත් උනානේ..”මං අත් දෙකෙන්ම නලල මිරික ගත්තා.. මගේ ජීවිතේ මං කරපු ලොකුම විනාසෙවගේම ලොකුම වැරැද්දත් මේක තමයි.. මං මගේ සහෝදරයව බිංදුවක්වත් තේරුම් අරන් හිටියෙනෑ වගේම මං මගේ සහෝදරයව සම්පූර්ණයෙන්ම විනාස කරා.“ඔය විදියට පසුතැවිලි වෙන්නෙපා රමී.. මටත් ජීවිතේ ගැන බය හිතෙනවා..”“මං පසුතැවිලි වෙන්නෙ වැරැද්දක් කරපු හන්දා. මේ තරම් නිර්දෝෂීමනුස්සයෙකුට මං සතෙක් වගේ සලකපු හින්දා. හරි නම් මට කරන්න තිබුණෙ මේ හැමදේටම අයියටඋදව් කරන්නනේ.. තමන්ගෙ යාලුවගෙ ආදරේට මේ තරම් කැපකිරීමක් කරන්න පුළුවන් රත්තරංහදවතක් අත ළඟ තියාගෙන මං පිස්සු බල්ලෙක් වගේ රට පුරාම මිනිස්සුන්ට උදව් කර කරදිව්වා. ඒත්.. මං ගාව හිටපු මගේ සහෝදරයට මං වතුර උගුරක්වත් දුන්නෙ නෑ.. මං දන්නෑ..මං දන්නෑ.. මට මේ පාපෙන් කවදා ගැළවෙන්න ලැබෙයිද කියලා..”“අපි මොනා හරි කරමු බං.. සැලෙන්න එපා..”මගේ ඔලුවෙත් ඒ වෙනකොට ඇවිල්ල තිබ්බෙත් ඒකම තමා. පිස්සු විකාරෙන් වගේහිතේ අමාරුව යන්න, මේ කියවන කියවිල්ලෙන්, මෙලෝ වැඩක් වෙන්නෑ කියලා මටම තේරිලාතිබුණා. දුකක්,පසුතැවීමක් සිද්ධ වුණා නම් ඒකෙන් මිදෙන මාර්ගය මං අදහනආගමේ තියෙනවනේ. දුකත් නම් දුක ඇතිවීමටහේතුව හොයාගන්න ඕනෙ.“සුභාෂි එකට යමු..”එකපාරටම මං කියපු දේට ඉසුරු ගැස්සිලා ගියා. ඌ මං දිහා බැලුවෙ පුදුමවෙලා වගේ.“උඹ බොන්නද යන්නෙ...”දැන් මටයි පුදුම වෙලා වගේ ඉසුරු දිහා බලන්න තියෙන්නෙ.. මූත් වෙලාවකටකියවන්නෙ පිස්සු තමයි..“පිස්සුද... බීමේ උනක් දැනට මට නෑ.. ඒක මේ සියල්ල අවසාන කරලා බලමු..අපි සමීරව දැකපු අවසාන අවස්ථාව සුභාෂි එකනේ. අපි එතනින්ම පටනගමු.. තව පරක්කු උනොත්හැමදාටම පරක්කු තමයි..”ඉසුරු කාර් එක සුභාෂි ගෙස්ට් එකේ පාක් කරද්දිම මං බැහැ ගත්තා. ඒ බහිනකොට තමයි මං දලුවත්ත දැක්කෙ.. දලුවත්තකියලා කිව්වෙ, සුභාෂි එකේ මැනේජර්..“මං ඒත් බැලුවා සර්ලා කොහෙද ගියේ කියලා.. මං ඩ්‍රින්ක් එක සේරම අයින්කරලා තිබ්බා.. සර් මං ආයෙත් ටේබල් එකක් ලෑස්ති කරන්නද...”“නෑ දලුවත්ත.. ඒක එහෙම්ම තිබුණාවෙ.. අපි ආවෙ වෙන වැඩකට..”දලුවත්තගෙ ඇස් දෙක හීනි උනා.. මෑන් බලනව ඇති ඕඩර් කරපු ඩ්‍රින්ක් එකත්නොගෙන මේකා නටන්න හදන නාඩගම මොකක්ද කියලා.“මොකක්ද සර්...”“දැන් පැය දෙකකට විතර කලින් මෙහේට කපල් එකක් ආවනේ.. මං හිතන්නෙ ආන්නඅර රූම් එකේ වෙන්න ඇති හිටියෙ..”මං කොරිඩෝව කොනට අත දික් කලා. දලුවත්තගෙ නළලෙ ඒ පාර රැලි තුන හතරක්විතර ඇඳිලා ගියා. කොහොමටත් මෙතෙන්ට කෙල්ලො අරගෙන දන්න කියන අය ඇරෙන්න වෙන කවුරුවත්එන්නෑ. මෙතන රූම්ස් උනත් දලුවත්ත දේනනෙ එන එකාගෙ පැටිකිරිය ටිකක් බලල තමයි.කොටින්ම දන්න අඳුනන එකෙක් ගෙන් ලාවට හරි ගැරන්ටියක් ඕනෙ.“ඒක මාර අවුලක් සර්.. පිස්සු හැදෙනවා..”“ඇයි දලුවත්ත...”ඒ වෙනකොට ඉසුරුත් අපි ළඟට අවිත් හිටියා. දලුවත්ත මටත් වැඩිය අඳුනන්නෙඉසුරුව. මගෙත් එක්ක කතා කරන ගමන් දලුවත්තගෙ කට හතර කොනටම පලල් උනා ඉසුරුව දැකලා.“රූම් එක බුක් කරාට ඒ ජෝඩුව විනාඩි පහක්වත් හිටියෙ නෑ. මං හිතන්නෙමොකක් හරි කේස් එකක්.. කෙල්ල ආවා වගේම සුටුස් ගාලා ගිහිල්ලා..”ඔය ටික නම් මාත් දන්නවනේ උලමො.. දන්නැත්තෙ ඉතුරු ටිකනේ.. මේකා ඔය ඩිංගකියන්නද මේ තරම් තැටමුවේ.. වෙන වෙලාවක නම් දනීකරන වැඩේ.. දලුවත්තගෙ දල්ලකඩනවා ඌටත් නොදැනිම.“කෙල්ල ගැන අවුලක් නෑ.. කෝ කොල්ලා...”ඒපාර ඉසුරු මැද්දට පැන්නා. දලුවත්තගෙ පලල් වෙච්ච කට හීනීඋනා.“ඉසුරු මහත්තයට කියන්න.. මාර සීන් එකනේ.. මිනිහා හොබ්සන් බ්‍රැන්ඩි එකක් කටේ තියාගෙනගහගෙන ගහගෙන ගියානේ..”“මොකක්...”මායි ඉසුරුයි ඉඳලා හිටලා ඩ්‍රින්ක් එකක් දැම්මට හීනෙකින්වත් හිතුවෙනෑ, මගේ සහෝදරයා බොනව ඇති කියලා. අයියකාරයගෙ ඒ වගේ අංගම්පොර ලක්ෂණයක් මං දැක්කෙත්නෑ.. දලුවත්තගෙ කතාව නම් මගේ පපුවට සෑහෙන්න තරමෙ ප්‍රහාරයක් උනා. මොකක්ද දෙයියනේමේ වෙන්න යන්නෙ...“ඔව්.. ආයෙ හෝදන්න දෙයක් නෑ.. මිනිහා ඔර්ජිනල් ඩෝපර් කෙනෙක්.. හැගුවාකියන්නෙ ලොවෙත් නෑ එහෙම ගැහිල්ලක්..”“කෝ දැන් මිනිහා...”“කෝ අහන්නෙ...”“ඇයි මනුස්සයො.. දැන් තමුසෙ කිව්වෙ මිනිහා ගහන්න පටන් ගත්තා කියලා..අපි අහන්නෙ මෑන් කොහෙද කියලා...”“මෑන් සං සං ගාලා ගියා..”“මොකක්...”“ඔව්.. ඒක නම් ඉස්තරම් ගැහිල්ලක් ඉසුරු මහත්තයා.. වැඩිම උනොත් විනාඩිපහක් යන්නැති.. මෑන් බෝතලේටම වග කිව්වා.. ඒ පැත්ත බලන් ඉඳපු මටත් ඩෝප් උනා.. ඒගහපු ගැහිල්ලට..”දලුවත්තගෙ කතාවට මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්මා.“මිනිහ කොහෙටද ගියේ...”“දන්නෑ.. කාටද කෝල් කරලා ත්‍රීවිල් එකක් ගෙන්න ගත්තා.. මගේ බිලගෙව්වා.. සුටුස් ගාලා වාෂ්ප උනා.. මං හිතන්නෙ ලව් එක බ්‍රේක් ඩවුන් වෙලා වගෙයි..ආ.. මහත්තයො.. ඔයාලගෙ යාලුවෙක්ද...”දලුවත්ත අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න තරමෙවත් වෙලාවක් අපි එතන හිටියෙනෑ.. ඉසුරු කාර් එක කෙලින්ම රිවර්ස් කරලා පාරට ගත්තා.“දැන් මොකද කරන්නෙ රමී...”“දැන් කොහොම හරි අයියව හොයාගන්න ඕන.. ඔක්කොමත් හරි මේ මනුස්සයා කණපැලෙන්න බීලා ඉන්න එකනේ ඉවසන්න බැරි..”“මෑන් නොබී හිටියා නම් තමයි පුදුමෙ.. සමහර විට දිලිනිව බලන්න ගියාදදන්නෙත් නෑ..”“නෑ ඉසුරු.. ඔය විදියට බීලා කීයටවත් යන්නෑ.. මිනිහගෙ ස්ටේටස් වලට ඒකහොඳ නෑ.. මොනව නැති උනත් අයිය තමන්ගෙ තත්වෙ නැති කරගන්න කෙනෙක් නෙමෙයි.. මේ වෙච්චදේවල් වලින් ඒක හොඳටම ඔප්පු වෙනවා..”“අපි කොරියාව පැත්තට යමු රමී..”“අදහස හොඳයි ඉසුරු.. ඒත් ඊට කලින් අපි ත්‍රීවිල් ස්ටෑන්ඩ් වලටගිහිල්ලා ටිකක් හොයල බලමු..”“ගුඩ් අයිඩියා..”ටවුන් එකෙයි, ටවුමට මෙහායි ත්‍රීවිල් පාර්ක් කීපයක්ම තිබුනා. අපිමුලින්ම විපරම් කරල බැලුවෙ කොරියාවට කිට්ටු ත්‍රීවිල් පාක්වල වගේම සුභාෂි ගෙස්ට්හවුස් එක ළඟ තිබ්බ ත්‍රීවිල් පාක් හත අටෙයි. පැය භාගයක් විතර ගියාට පස්සෙ සමීරගෙහැඩ රුවයි කණ පැලෙන්න බීල හිටපු එකයි කියලා, අපි දෙන්නා යාන්තන් මිනිහා ගියපු ත්‍රීවිල්එක හොයාගත්තා. මුදලි ඒ තරම් උවමනාවකින් වීල් එකේ මල්ලි අපිත්තෙක්ක කතා කරේ නෑ.මිනිහා නිකම් බය වෙලා වගේ හිටියෙ. සමහර විට මිනිහා බලන්න ඇති මේ මොන මරාලයක්දකඩන්පාත් වෙන්න යන්නෙ කියලා.“මොකක් හරි ප්‍රශ්නයක්ද සර්...”මං හිතපු දේ හරියි කියල තේරුනේ ත්‍රීවිල් මල්ලි අහපු ප්‍රශ්නෙන්.“ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නෙ බීපු මනුස්සයට.. ඒකනේ බීලාතියෙන්නෙ.. නෑ.. බෑ.. නොකිය මෑන් බැස්සුව තැනට අපිව ගිහින් දානවද...”ඉසුරු කාර් එකේ එද්දිම, මං ත්‍රීවිල් එකට නැග ගත්තා.. කරන්න දහසක් වැඩතියෙනව උනත්,ඔක්කොටම කලින් අයියව හොයාගන්නෝන.. එහෙම නොවුණොත් හැමදෙයක්මඉවරයි..“මෙන්න මෙතෙන්ට තමයි එක්කං ආවෙ.. හැබැයි ඉන්නවද දන්නෑ..”අපි හිතුව වගේම වීල් එක ඇවිත් නතර වුණේ කොරියාවෙ අඳුරු කොටසක.. සමහරවිට, මෙතන වෙන්න ඇති අයියා දිලිනිවයි, දරුවවයි නවත්තල හිටියෙ. ඒ එක්කම මගේපිටිපස්සෙන් ඉසුරු කාර් එක නතර කරනවා මට ඇහුණා. බාගෙට ගරා වැටුණු අඳුරු පාට වෙච්චපුංචි කාමර දෙකක් ඉස්සර මං නැවතිලා හිටියෙ.“රමී.. මෙතෙන්ටද ඇවිත් තියෙන්නෙ...”කොරියාව ජනාකීර්ණ ප්‍රදේශයක් උනත් මේ වෙලාවෙ, නම් සැලකිය යුතු කිසිමකෙනෙක් පැත්ත පළාතක හිටියෙ නෑ. පොඩි ඈයො නම් හතර පස් දෙනෙක් ඉසුරුගෙ කාර් එක වටේදුව දුවා හිටියා.“යං..”මායි ඉසුරුයි දෙන්නම කැඩිච්ච පඩිපෙළ උඩට අඩිය තිබ්බෙ එකටමයි. දොරටතට්ටු කරනවද නැද්ද කියලා හිතන්නත් ඕන උනේ නැත්තෙ, දොර බාගෙට අඩවල් කරල තිබ්බ නිසා.ඇතුළෙ මොන වගේ පෙරලියක් වෙලා තියෙනවද කියල හිතාගන්න බැරිව, පපුව දෙමෝලෙන් පිටිකොටද්දි අපි හෙට ඇතුල් උනා. ඒත් ගේ ඇතුලෙ කිසිම හාවක් හූවක් නෑ. ඒ ගෙට අයිති වෙලාතිබ්බ එකම එක කාමරේට මං ඊළඟ තත්පරේ එබිලා බැලුවා.“ස..මී..ර..”බාගෙට කොහු එළියට පැනල තිබ්බ අබලන් මෙට්ටෙක මගේ සහෝදරයා හතරගාතෙ දාලානිදාගෙන ඉන්නවා. මගේ හිතට සැනසීමක් ආවෙ, මේ මනුස්සයාව මෙහෙම හරි හොයාගත්තු එකට.“දලුවත්තයා කිව්ව වගේ කණ පැලෙන්නම ගහල නේද...”“හ්ම්.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. අපි ඩිංගක් කතා කරල බලමු..”“ස..මී..ර.. සමීර..”එක් කුසේ උපන්න සහෝදරයා උනාට මට කවදාවත් අයියේ කියල කතා කරල පුරුද්දක්තිබුණෙ නෑ. මේ හතර අතම අවුල්වෙලා තියෙද්දිත් මගේ දිවට ආවෙ අයියගෙ නමම තමයි.“ම්..හ්..ක.. කවුද...”යාන්තමට ඇස් අරින්න හැදුවත්, අරක්කු මත ඒ හැමදේම පහු කරල ගිහින්තිබුණා.“ම.. මම...”“මම කිව්වෙ කවුද යකෝ...”ඒ වගේ අමනුස්ස කටහඬක් මං අයියගෙන් ජීවිතේට අහල තිබුණෙ නෑ. මං වගේඉසුරුත් ගැස්සිලා යනවා මං දැක්කා. මේ මනුස්සයට මොනව වෙලාද අප්පා.“මම රමී..”මං ටිකක් සැරෙන් කිව්වා. මේ මනුස්සයගෙ ලෝකෙම කඩාගෙන වැටිලා තිබුණාඋනත්, මට මෙතන බබා වෙන්න බෑ..“ආ.. රවීන්... රවීන්... මගේ බොක්කෙ යාලුවා.. උ.. උම්බ ආවද මචෝ.. උඹලංකාවට ආවද... උඹ දන්නවද.. උඹදන්නවද.. මං උඹ හින්දා කොයි තරම් කට්ටක් කෑවදකියලා.. ආ...”මං ඉසුරුගෙ මූණ දිහා බැලුවා. මං රමී කියලා කිව්වත් අයියට ඇහුණෙ හරිඅහගත්තෙ හරි රවීන් කියලා. ඒකයි ඔය විදියට කතා කරන්නෙ.“මං රමී....”“නික්කාං.. ඉඳපං.. උඹ ආපු වෙලාව බලපංකො.. මෙච්චර කල් මොන ඇටමඟුලක්කරාද යකෝ.. රටේ ලෝකෙ ඈයොන්ගෙන් මං නොහොඹිනා කතා දාස් ගානක් ඇහුවා.. දැන් මගෙරස්සාව නැති වෙන්න ඔන්න මෙන්න.. මට තවත් මේ බර අදින්න බෑරවීන්.. උඹෙයි මගෙයියාලුකමට මං මගේ උපරිමේම කරා.. තවත් මොනවද උඹ මගෙන් බලාපොරොත්තු වෙන්නෙ.. මට හුඟක්මහන්සියි රවීන්..”අයියා සිහිය විකල්වෙලා වගේ කියවගෙන කියවගෙන යන එක නතර කරන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ.. ඉසුරුත්ඔහේ බලාගෙන හිටියෙ, හිතේ තියෙන හැම දෙයක්ම කියන්න අයියට ඉඩ ඇරල වගේ.“උ.. උඹ දන්නෑ.. උඹ දන්නෑ.. සයුරිට මේ කතන්දරේ හංගන්න මං වින්ද දුක..මොන කෙල්ලද කැමති වෙන්නෙ, තමන්ගෙ කොල්ලා රෑ දවල් තිස්සෙ වෙනින් කෙල්ලෙක් ළඟඉන්නවට.. ආ.. උඹට තේරෙනවද... උඹට තේරෙනවද... ඒත් මං නොම්මර එකේ බඩල් ඇක්ටින් පාරක්දිදී හිටියා.. මගේ සයුරිට මං ද්‍රෝහි උනා කියලා මං හිතන්නෑ.. මේ වෙලාවෙ උඹවෙනුවෙන් මං දෙයක් කරන්න ඕන රවීන්.. හ්..ග්..”එහෙනම් අර ලංසි පාටට හිටපු සුදු කෙල්ල තමා සයුරි.. ඕන් බලපල්ලකො ඒකෙත්හැටි.. රමීට පහුගිය කාලෙ මොන තරම් දේවල් වැරදිලාද හත්තිලව්වෙ.“ඒත් මං හිතුවෙවත් නැති විදියට මගේ සේරම ඉවර උනා බං.. මට මගේ සයුරිනැත්තටම නැති උනා.. හැබැයි උම දැනගනිං.. උඹ දැනගනිං.. ඒක මගේ වැරැද්දක් නෙමෙයි..උඹ අහල ඇතිනේ තමන්ගෙ සමානයා තමන්ට මුණ ගැහිච්ච දවසකට කරලියේ සියලු රැඟුම් අවසානයිකියලා.. මටත් මගේ සමානයා මුණ ගැහුණා.. ඒ තමයි මගේ ආදරණිය සහෝදරයා.. රමී.. ඔව්රමී.. මාව විනාසම කරල දැම්මා.. රමී මාව විනාස කරා.. ඔව් රමී.. මට උඹත්තෙක්කහැප්පෙන්න බෑ.. උඹ දිනුම්.. මගේ සහෝදරයා.. උඹ දිනුම්..”ඇස්වල කඳුළු ආයෙමත් අලුත් වෙද්දි මං අත දෙක ගුලි කර ගත්තා. ෂිහ්.. මංමොන තරම් අසත්පුරුෂයෙක් විදියටද හැසිරිලා තියෙන්නෙ.. මගේ සහෝදරයා මං හින්ද මොනතරම් දුකක් විඳන්න ඇත්ද...“රවීන්.. උඹ මගේ මල්ලිට කියපං.. මං ඌට ගුඩ් බායි කිව්වා කියලා.. ඔව්..ගුඩ් බායි රමී...ගුඩ් බායි....”ඩෝප් මරගාතෙ අයියා කියවන් ගියපු දේවල් වලින් ගුඩ් බායි රමී කියලා එයාමහා සද්දෙට කෑගහලා කියද්දි මාව වෙව්ලලා ගියා. ඒ වෙව්ලිල්ලත් එක්කම තමයි ඉසුරු මංදිහා බැලුවෙ.“ගුඩ් බායි කියන්න තාම වෙලාව ඇවිත් නෑරමී.. අපි දැන් ගේමටබහිමු..”හැමදාම වගේ මගේ බොක්කෙ ෆිට් එක, ඉසුරු ගේමට බැස්සා. මේකා මොනවා කරන්නහදනවද මංදා.. බලමුකො පුංචි චාන්ස් එකක් දීලා.“සමීර.. සමීර..”“මො.. මොකද බං.. උම්බ මට නිදාගන්නවත් දෙන්නැද්ද...”“උඹ ඕන තරම් නිදාගනිං.. ඒත් සයුරි ගෙදර ගියාද දන්නෙ නෑනෙ බං..”“ඒකි මාව එපා කියල ගියානේ.. කමක් නෑ...රමියා මගේ ආදරේ විනාසකරා.. ඒකි මාව දාලා ගියා.. උං දෙන්නම එකයි.. උං දෙන්නම එකයි.. උං දෙන්නම මාවපෑගුවා.. මාව නැත්තටම නැති කලා.. රවීන් උඹට ඒවයින් වැඩක් නෑ.. උඹ පටාස් ගාලාදිලිනි ළඟට පලයං.. මං තව ඩිංගකින් එන්නං.. උඹට පේනවනේ.. මට ටිකක් වැඩියි.. වැඩේකියන්නෙ උඹ අදම ආපු එකනේ..”“ඒක හරි.. දිලිනිව බලන්න ඕන තමා.. ඒත් ඊට කලිං මට ඕන සයුරි ගෙදර ගියාදකියල බලන්න.. මොනව උනත් අපේ හොඳ යාලුවෙක්නෙ..”“උම්බ මට කියන්නෙ මොනව කරන්න කියලද...”“සයුරිගෙ ගෙදර තියෙන තැන මං දන්නෑ.. දන්නව නම් මගට හරි ගිහින් බලන්නතිබ්බා..”ඉසුරුවත් මාර භාන්ඩයක් තමයි.. කොයිතරම් ගුරු කාස්ට් බුවෙක් උනත් රමීටඔය වගේ අඩියිඩා එකක් ආවෙ නැහැනේ.. වැඩේ කියන්නෙ ඉසුරුගෙ ප්‍රශ්නෙට අයියගෙන් ඒවෙලාවෙම උත්තරේ හම්බ උනු එක.“රවීන්.. උඹ දන්නැද්ද මගේ සයුරි ඉන්න තැන.. ආ.. උඹ කොහේ දැනගන්නද...උඹ අදනේ රට ඉදන් ආවෙ.. ඔව්.. උම කියන එකත්හරි තමා.. සයුරිව බලන්න එන්නෝන.. කුමාරතුංග මාවතේ අංක 51ට පලයං.. එතන මගේඅහිංසක කෙල්ලයි, හගේ නැතිවෙලා ගියපු ආදරෙයි ඇති..”ඔය තියෙන්නෙ.. එතනින් එහාට අයියා කියෙව්වෙ නැති උනත් කමක්නෑකියලා මට හිතුණා.“ඉසුරු.. අයියව අල්ලපං..”කියන පරක්කුවට ඉසුරු අයියගෙ කකුල් දෙකෙන් අල්ලල උස්සද්දි මං ඔලුවයි,පපුවයි හරියනේ උස්සගෙන කාර් එකේ පස්ස සීට් එකට දාගත්තා.. මුලදි ටිකක් විරුද්ධවුණත්, මොනවදෝ කියව කියවා හිටිය මිසක අයියා අපිට කරදරයක් කරේ නෑ. ඩෝප් ගතිය අඩුවැඩි වෙවීසැරින් සැරේට අයියව ෆෝම් කරන ගතියක් තිබුණා. කොහොමටත් නැපෝලියන්හොබ්සන් කියන්නෙ තැපෑලෙන් ඇවිල්ලා ඩෝප් වෙන ඩ්‍රින්ක් එකක්නේ.
|
BLOG
|
2013.01.22
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5. උගේ ෆෝන් එකට ගන්න බැලුවත් ඒකෙහෙල්මල ඕෆ් කරල දාලා. ඒ පාර මූට මොකද හත්තිලව්වෙ උනේ. වෙනදට කෝල් බෝල් තැන්නම්ගේ ඉස්සරහින් හෝන් එ හරි සද්දෙට ගහගෙන යන එකානේ.ඉසුරුෆෝන් එක ඕෆ් කරලා කියන්නෙ අවුලක්ම තමයි. මිනිහා සාමාන්‍යයෙන් ෆෝන් එක ඕෆ් කරන්ඉන්න තාලෙ ඇවටියෙල් භාන්ඩයක් නෙමෙයි. තවත් දෙකට දෙවාරෙ හිත හිත ඉන්නැතුව මංකෙලින්ම ගියා ඉසුරුලගෙ ගෙදරට.“රමී අයියා..”මාව දැක්ක ගමන් ඉමාෂිගෙ ඇස් දෙක ලොකු වුණා. එයා මෙන්න මේ වගේ පුදුමවෙලා බලන් ඉන්නකොටත් තියෙන්නෙ පුදුම සිරියාවන්ත කමක්නෙ.“ඇයි මේ පුදුම වෙලා වගේ...”“පුදුම වෙන්නෙ නැද්ද දෙයියනේ.. වෙනද පාර ළඟට විතරක් එන කෙනා අද ගේඇතුළටම ආවහම..”“හ්.. එහෙනම් මං පාරට යන්නම්..”“යන්න දෙනවා.. ම..ම..”ඉමාෂිට ඒක කියවුණා. අපි දෙන්නගෙ ඇස් හතර ගැලවෙන්න බැරිවෙන්න පැටලිලයිතිබුණෙ. ඉමාෂිගෙ මුලු මූණම ලොකු ජවයකින් පෙඟිල තිබුණා.“ඇයි එහෙම කියන්නෙ...”“මෙච්චර මගේ ළඟට ආවට පස්සෙ මං ඔයාට යන්න දෙයි කියලද කියන්නෙ... ආ.. රමීඅයියෙ.. ඔයා දන්නවද මං ඔයාව දකින්න කොයි තරම් ආසද කියලා...”පුංචි කෙල්ල එන්න හදන ට්‍රැක් එක රමීට තේරුණා. ඒත් මේ මං ඉස්සරහ ඉන්නෙඉසුරුගෙ නංගි. ඒක මගේ හිතට තේරුම් කරල දුන්නා.“කෝ ඉසුරු..”ඉමාෂි ආපු ට්‍රැක් එකට හාත්පසින්ම වෙනස් ට්‍රැක් එකකට මං පැන්නා.“දන්නෑ..”“ඔය ඇත්තමද කියන්නෙ...”“ඔව්..”ඉමාෂිගෙ කටහඩට ඒ පාර දඟකාරකමකුත් එකතු වෙලා.. සීනි බොලෙ වගේ ඉඳගෙනකෙල්ල හදන්නෙ මාව බයිට් එකට ගන්නද...“ඇත්ත කියන්න ඉමාෂි.. ඉසුරුගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ..”“ඇත්ත කිව්වොත්.. මට මොනවද දෙන්නෙ රමීඅයියෙ...”ඉමාෂි කිසිම අවුලක් නැතුව එයා කලින් ආපු ට්‍රැක් එකටම පැන ගත්තා.එතකොට මමද හිරවෙලා තියෙන්නෙ...“දෙනව හොඳ ගුටියක්.. පිස්සු නැතුව කියන්නකො.. කෝ ඉසුරු...”“දැන් පැය ගාණක් වෙලේ ඉඳන් නිදි..”“ෆෝන් එකත් ඕෆ් කරගෙන...”“බැටරි බැහැලා ඇති රමී අයියෙ.. පැය විසිහතරෙම ඒක ඔන් එකේනෙ..”මං ගේ ඇතුළට ඇවිත් ඉසුරුගෙ කාමරේට එබුණා. අත් දෙකයි කකුල් දෙකයි හතරඅතේ විහිදගෙන ඉසුරු අංග සම්පූර්ණ නින්දක යෙදිලා හිටියෙ.. ඒ හිටපු විදියට මට ඌවනැගිට්ටවන්න හිතුනෙ නෑ.“නැගිට්ටම කියන්න මං ඇවිත් ගියා කියලා..”කාමරෙන් එළියට ඇවිල්ලා මං ඉමාෂිට කිව්වා. එයාගෙ දිග ඇස් වලටයි රවුම්මූණටයි ආවෙ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි.“ඔයා ඔය යන්නද හදන්නෙ...”සාලෙ බිත්තියට අත්දෙක තියලා පිටිපස්ස පැත්ත ඒ අත් දෙකට හේත්තු කරලාඉමාෂි මගේ මූණට එබුණා.“ඔව්.. තව වැඩ වගයක් තියෙනවා..”“තව ඩිංගක් ඉඳලා යන්න රමී අයියෙ..”“බෑ.. ඉමාෂි.. මේ හදිසි වැඩවගයක්..”“ඔව් ඉතිං.. රටේ ලෝකෙ කොහේ හරි ඉන්න ගෑණියෙක් කිව්වොත් නම් වැඩිපුරත්ඉඳියි.. මං කිව්වොත් තමයි සත පහකටවත් ගණන් ගන්නැත්තෙ..”චටපට ගාලා රතිඤ්ඤා පුපුරනව වගේ ඉමාෂිගෙන් පිටවුණා. යන්න කියල එළියටතිබ්බ කකුල මං ආයෙමත් ගේ ඇතුළට ගත්තා.“ඔයා මොනවද මේ කියවන්නෙ...”“ඇයි මං කියන ඒවා බොරුද රමී අයියෙ...”“මං මොනාද ඔයාට කෙරුවෙ...”“ඔයා කෙරුවෙද... රෑඑලිවෙනකන් එක එක ගෑනුන්ට තනි රකින්න යනකොට මගේපපුව පැලෙන්න එනවා.. ඒකයි..”ඉමාෂි ඒ අන්තිම හරිය කිව්වෙ නෑහෙන ගානට.. එයාගෙ කටහඬ හොඳටම බරවෙලාතිබුණා. මේ සිද්ධ වේගෙන යන දේවල් වල හැටියට, කේලල ඉඳල තියෙන්නෙ කොයි වෙලාවෙ හරි මංඉස්සරහ පත්තු වෙන්න.“කවුදඔයාට ඔය පට්ට බොරු කිව්වෙ...”“බොරුවක් නෙමේ රමී අයියා.. ඔයා ඩිංගක් මෙතනින් වාඩි වෙන්න.. මටඔයත්තෙක්ක කතාවක් තියෙනවා..”“කතා කිව්වට කමක් නෑ.. ඔයා කියන දේවල් අහල ගම් හතටත් ඇහෙනවා..”“අම්මලා.. පරණ ගෙදර අයියෙ..”ඉසුරුලාට ගෙවල් දෙකක් තිබුණා. දැන් මේ ඉමාෂියි, මායි,ඉසුරුයිඉන්නෙ අලුත් ගෙදර. උයන පිහන ඒවා වැඩි පුරම සිද්ධ වුණේ මේ ගෙදරට ඩිංගක් පිටිපස්සෙන් තිබ්බ පරණ මහ ගෙදර. ඉසුරුලාගෙ අම්මලා වැඩිපුරම හිටියෙත් එහේ.“හරි.. දැන් මොකක්ද කතාව...”මං වේවැල් පුටුවෙ හරි බරි ගැහුණා. ඒක මාර සනීප පුටුවක්.. ඕනනම්වාඩිවෙලා නිදා ගතහැකි.“කතාව නේද...”දැන් කෙල්ලගෙ මූණෙ කැටයම් ගොඩයි. ප්‍රශ්න පත්තරයයි. හැබැයි ඉතිංබහුවරණ එකක් උනොත් හොඳයි. හතරෙන් එකකට කනා පාරක් හරි ගහතෑකිනේ.“ඔ.. ඔයා රෑ තිස්සෙ යන ගමන නවත්තන්න අයියෙ..”බැගෑපත් විදියට ඉමාෂිගෙ කටහඬ කැඩි කැඩී ආවා. බලන් ගියහම බහුවරණ ප්‍රශ්නපත්තරයෙ පළවෙනි එකම අති සංවේදි එකක් උනා. රමී කියල කියන්නෙ පට්ට ගේම් ගහනඉන්ටර්නැෂනල් පොරක් වුණත් ඒකට උත්තරේ හොයන්න අමාරු උනා.“ඔ.. ඔයාට මං කියන දේ ඇහෙනවද අයියෙ...”“හ්ම්..”“මං අහන දේට උත්තරයක් දෙන්න දෙයියනේ..”“මොකක්ද...”“ඔයා ඔය තරම් ගෑණු ළමයින්ව ආස්සරේ කරන්නෙ ඇයි... ආ.. ඔයාට ඇයි බැරි එකපුංචි කෙල්ලෙක් ළඟට වෙලා ඉන්න... ඇයි ඔයා ජරා ගෑනු ළඟට යන්නෙ... ඔයාට මොනවද ඕන රමීඅයියෙ...”රජා ගෑණු... අන්න ඒ වචන දෙක ඉස්සරහ මං ගල් ගැහුණා. දෙයියනේ.. ඉමෂිඇතුළුව මේ කුදු මහත් ලෝකයම මාව මනින්නෙ ඒ මිම්මෙන්ද... හැඟීම් දැනීම් කොයි තරම් ප්‍රබලඋනත් මගේ ආශාවන් ඉෂ්ට කරගන්නෙ ඒ වගේ තැන් වලට ගිහිල්ල කියලද මේ අමන ලෝකවාසී ජනතාවහිතන්නෙ.. මට දැනුණෙ මං පොළව පලාගෙන ආවීචි මහා නරකාදියට ඇදගෙන යනව කියලා. බලන්ගියාම මේ අහන දේවල් වලට වඩා ඒක සැපයි.“ඉමාෂි.. දැක් කවුද මං ආස්සරේ කරන ගෑණු ළමයි... කොහෙ ඉන්න ජරා ගෑණීයෙක්ළඟටද මං ගියේ... ඔයා මේ නිකං පටලවගෙන..”“මං පැටලිලා ඉන්නෙ.. අයියෙ.. ඒක මං දන්නවා.. මං අහපු දේට උත්තරදෙන්නැතුව ඔයා මගෙන් ප්‍රශ්න අහන්නෙ ඇයි...”“ළඟට වෙලා ඉන්නවත් මට ගෑණු ළමයෙක්වත් ඔයා කියන විදියෙ ජරා ගෑනුකෙනෙක්වත් නෑනංගි..”මං ඇත්ත කිව්වා. ඇත්ත නේන්නම් යකෝ.. මේ කුනු සංසාරෙ මේ වෙනකොට එකඳුබලු බල්ලේවත් මගේ ළඟ නෑනෙ. මං කොහොමද මෙයාට ඒක පැහැදිලි කරන්නෙ... මේ ලෝක තලයේඅහපු ලොකුම, පට්ටම පට්ට බොරුව ඇහුනා වගේ සවුත්තු හිනාවක් ඉමාෂිගෙ මූණමැදටආවා.“ඔයා කාවද අයියෙ රවට්ටන්න හදන්නෙ... එතකොට රිස්මියා කියන්නෙ... නදිනිකියන්නෙ... දිමුතු කියන්නෙ කවුද... ඒ නම් වලින් හැඳින්වෙන්නෙ මේ ලෝකෙ ජීවත් වෙනගෑනු නෙමේද.. එතකොට ඒ ගොල්ලො කවුරුවත් ඔයාගෙ ලෝකෙ නැද්ද ආ... එතකොට ඔයා හැමෝටම මහාලොකු බොරුවක්ද කරල තියෙන්නෙ... එයාලගෙ බලාපොරොත්තු වලට ඔයා නැවතීමේ තිතක්ද තියලතියෙන්නෙ... ”ඉමාෂිගෙ ප්‍රශ්න පත්තරේ දෙන උත්තරේ මොකක්ද කියලා මට හිතාගන්නබැරිවුණා. ජීවිතේ පළමු වතාවට මං නිවැරදිකාරයෙක් වෙලත් වැරදි කාරයෙක්ගෙ තත්වෙට ඇදවැටිලා තිබුණා.“ඇයි ඔයා කතා නොකරන්නෙ... ආ.. කවුද අනූෂි කියන්නෙ... කවුද දිලිනි කියන්නෙ...”ඉමාෂි කතාවෙන් ට්‍රැක් දෙක තුනක් ඉස්සරහට පැන්නා. වැඩේ කියන්නෙ මේකෙල්ල මේවා කොහෙන් කොහොම දැනගත්තද කියන එකයි. හැබැයි ඉතිං මේ කොහේවත් තියෙනසල්ලිත් මගේ එකවුන්ට් එකට බැර වෙන එකයි උහුලන්න බැරි. කොටින්ම ඔය අන්තිමට කියපුනම් දෙකම මේ රමියගෙ හෘදය වස්තුවට ආගන්තුකයි.“ඇයි රමී අයියෙ ඔයා කතා කරන්නෙ නැත්තෙ...”“මොනව කතා කරන්නද ඉමාෂි.. ඇත්තම කියනව නම් කතා කරන්නම දෙයක් නෑ.. හරිකමක් නෑ.. ඔය හැමදේම ඇත්ත කියමුකො.. දැන් කියන්න බලන්න ඔයාට ඕවයින් තියෙන අවුලමොකක්ද කියා..”මං වෙනම පැත්තකින් කතාව මැද්දට පැන්නා. ඒව තමයි මෙහෙම අවස්ථාව ගොඩ ඒමේකලාව. හුඟක් කෙල්ලො ඕව දන්නෑ. ඕවා රමියා පලපුරුද්දෙන්ම ලබාගත්තු දේවල්.“මට දුකයි රමී අයියෙ.. මට දුකයි..”“ඔයාවත් ඒ ගොඩට දාන්නැති හන්දද...”ඉමාෂිගෙ ඇස් දෙක ලොකු උනා. ආයෙ දෙකක් නෑ ඉතිං මං ඇහුවෙ ඇඟ කිලිපොලා යනප්‍රශ්නයක්නේ.“නෑ අයියෙ.. එහෙම දෙයක් නෙමෙයි.. මං එච්චර වාසනාවන්ත නෑ.. ම්.. අපි මේකතාව නවත්තමු.. මං වැරදි කතාවක් පටන් ගත්තෙ..”“වාසනාවන්ත නෑ කිව්වෙ...”“ඒ කතාව වැඩක් නෑඅයියෙ.. මට නිකම්ම ඒ කියවුණා. මං දුකයි කියලකිව්වෙ කොන්වන්ට් එකේ ළමයි ටවුමෙ ගෑනු ළමයි ඔයා ගැන කතාවෙන දේවල් හරි නෑ. ඔයා ගැනහොඳ අදහසක් එයාලගෙ හිත්වල නෑ. ඔයාගෙන් ගෑණු ළමයින්ට බේරීමක් නෑ කියලයි එයාල අතරෙකතාව තියෙන්නෙ..”නොහිතපු පැත්තකට කතාව ඇදිලා එද්දි දෙකක් නෑ ඒ කතාව මගේ පපුව මැදටමවැදුනා. ෂිහ්.. මේ ටවුමෙ මං මේ තරම් ජරා ජීර්ණ තත්වෙකද ඉන්නෙ... ඒත් ඒක පිළිගන්නමගේ හිත කැමති වුණේ නෑ. මොකද ඒක එහෙම නෙමෙයි කියල ඔය කියන හැමෝටම වැඩිය මගේ හිතදන්න හින්දයි.“එහෙනම් ඔයා කොහොමද මගෙන් බේරිලා ඉන්නෙ... ඔයා ඇයි ඔය කතන්දර කියනඑවුන්ගෙන් ඒක අහන්නෙ නැත්තෙ...”“ඇහුවට වැඩක් නෑ..”“ඇයි...”“මං බේරිලා ඉන්නෙ අපේ අයිය හින්දලු..”හිතට පුංචි කේන්තියක් එබුණත්, ඒ කතාවෙ ඇත්තක් තියෙන්නත් ඇති කියල මටහිතුණා. නැත්නම් ඉතිං ඉමාෂි වගේ හිතයි, ඇඟයි දෙකම හිරිවට්ටන ගෑනු ළමයෙක් දිහාආදරණිය හැඟීමකින් බලන්න බැරි නම්, ඒ හාදයා දෙකටම නැති එකෙක් වෙන්න ඕන.“මට නම් දැන් ඔයාලා දෙන්නා බිංදුවක්වත් ෂුවර් නෑ..”ඉමාෂි ආයෙමත් වෙනම තැනකින් කතාව පටන් ගත්තා. මේ කෙල්ල නම් කතාවල ට්‍රැක්පනින්න දෙයියෙක්.“ඇයි...”“බලන්න මහ රෑ කීයවෙනකල් ඔයයි අයියයි පාරෙ ඉන්නවද කියලා.. අයියට කතා කරහමකියනවා ඉන්නෙ ඔයත්තෙක්ක කියලා..”“ඉතිං.. ඒක ඇත්තනේ..”“නෑ.. අයියදන්නවා මං ඔයාට මොකුත් කියන්නෑ කියලා.. එයා ඒකෙන් අයුතු ප්‍රයෝජනගන්නවා.. ඔයා උනත් කොහේ හරි යනවද මොනව කරනවද කියලා මං දන්නෑ.. ඔයා උනත්, අයියාඋනත් කවද හරි දවසක ගෑනු ළමයෙක් කසාඳ බැඳලා ජීවිතේට මූණ දෙන්න ඕනනේ.. ඔයාලා ඔයහැසිරෙනව වගේ සෙල්ලක්කාර විදියට හැසිරිලා අන්තිමට ඔයාලට ලැබෙන දේකුත් නැතිවෙයි..”ඉමාෂි ඒ අන්තිමට කියපු දේ නම් සීයට පන්සීයක් ඇත්ත කියල මට හිතුණා. මංහිතුවට වැඩිය කෙල්ල හුඟක් දුරට හිතනවනේ.“අනික ඉතිං ඔය තරම් ගෑණු ළමයි ගොඩකට ආදරේ කරලා ඔයා ලබන දේ මොකක්දඅයියෙ...”කෙල්ලො කියල කියන්නෙත් අම්මප වෙලාවකට මෙලෝ වගතුවක් නැති එවුන් නම්නෙමෙයි. කලින් අර වගේ සිරා විදියට හිතල, ධමනියක් නැති එකෙක් වගේ අහපු පුරස්නෙඋජාරුව බලපල්ලකො.හැබැයි ඉතිං මට එක දෙයක් නම් හොඳටම තේරුණා. ඒ තමයි කෙල්ල ඉන්නෙසහමුලින්ම පටලවගෙන කියලා. අඩුම ගානෙ මං යාලු වෙලා හිටියෙ රිස්මියායි නදිනියි එක්කවිතරයි කියලවත් ඉමාෂි තියා මේ සකල සිරිලංකාවෙ මෙලෝ මනුස්සයෙක් පිලිගන්නෙකක් නෑ.අනිත්තෙක මේ වෙනකොට නදිනියි, රිස්මියයි දෙන්නම මට නැතිවෙලා ඉවරයි කියල ඉමාෂිදන්නෙත් නෑ. ඉසුරු උනත් මං ගැන ඉමාෂිත් එක්ක කතා කරයි කියලා හිතන්න කරුණු තිබ්බෙත්නෑ. අනික ඉසුරු කවදාවත් මං කරන කියන දේක දිග පළල පනින්න ආපු යාළුවෙකුත් නෙමෙයි.කොන්දේසි විරහිතව මට උදව් කරනව මිසක.“ම.. මං අයියට කතා කරන්නද...”ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙනකල් ඉඳලා බැරිම තැනද කොහෙද ඉමාෂි මගෙන්ඇහුවා.“එපා ඉමාෂි.. මං ආව කියල විතරක් කියන්න.. ඒ ඇති..”ඉමාෂි මගේ දිහාම බලාගෙන ඉද්දි මං ගෙදරින් එළියට බැස්සා.දැන්නම් එන්න එන්නම ජීවිතේ බර වැඩි වෙනව කියලා මට තේරුණා. ජීවිතේමොකක් හරි දැවැන්ත රියැලිටි වෙනසක් වෙයි කියලත් මට නිකමට හිතුණා. මේ දක්වා මගේඔලුවෙ තිබ්බෙ මගේ ප්‍රශ්න නෙමෙයි. අනිත් අයගෙ ප්‍රශ්න. එහෙම කියල ඒවා බිමින්තියන්න පුළුවන් ඒවත් නෙමෙයි.“අම්මා... අද මොකද කලින්ම...”ගෙට ගොඩ වෙනකොටම සාලෙට වෙලා ඉන්න අම්මව මං දැක්කා. ඒකයි මං එහෙමඇහුවෙ. ඒත් ඒ එකක්ම මං දැක්කා අම්මට ඩිංගක් එහයින් ඉන්න තාත්තව. මේ මොකද අප්පෙ මේ.“රමී..”මං කතා කෙරුවෙ අම්මට උනත් මගේ කටහඬට වැඩිය සද්දෙට තාත්තගෙ කටහඬ ඇහුණා.ඒ වොයිස් එකේ හැටියට නම් මොකක් හරි අවුලක් වගේ. වැඩේ කියන්නෙ රමීට ඕවා හරියටතේරෙනවා.“ආ.. තාත්තත් අද කලින්ම ඇවිල්ලනේ..”අමුත්තක් කියල තේරුණත් මං එහෙම අහද්දි ඒ වියපත් මූණු දෙකේම තිබ්බෙකලකිරීමක්ද දුකක්ද එහෙමත් නැත්තං කේන්තියක්ද කියල මට හිතාගන්න බැරි වුණා.“කලින්ම එන්න වුණා..”අවුල ටිකක් විතර දරුනු එකක් කියල මගේ මීටරේට වැටුණෙ ඒ වචන ටිකත් එක්ක.හැබැයි ඉතිං ටිකක් විතර කියල මං අනුමාන කරාට, වෙලාත ිබ්බ හානිය නම් උපරිමයි. හරියටපෘථීවිය උඩට බ්‍රහස්පතී පතබරියන් උනා වගේ තමා.“රමී....”උගුරෙ රැල් බුරුල් කරගගෙන කටහඩ යස අපූරුවට සුසර කරගෙන තාත්තා මගේ මූණමැදට එබුණා. දෙන සපෝට් එකක් බොක්කෙන්ම දෙන්න ඕන කියල වගේ අම්මා තවත් ටිකක් තාත්තටලංවුණා.“රමී.. ඔයා අපිට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න දෙන්නෙ නැද්ද... ඔයාහිතන්නෙ මායි අම්මයි ඔයාට ගහන්නෙ බනින්නෙ නැතුව ඉන්නෙ ඔයාට බයේ කියලද... ආ.. ඔයාකරන හැම කුපාඩි වැඩක්ම අනුමත කරනව කියලද...”මැක්සා විදියටම තාත්තා කතන්දරේට බැස්සා. සිද්ධ වෙන්න යන්නෙ මොකක්ද,සිද්ධ වෙලා තියෙන්නෙ මොකක්ද කියල නොදන්න කමටම මං උඩ බිම බැලුවා. තාත්තා උනත් මගේමූණටම කිව්වෙ මොන තරම් කඩප්පුලි කතාවක්ද...“ඔයා ගැන අපි අහස උෂට දේවල් හිතාගෙන හිටියට ඔයා අපේ හැම බලාපොරොත්තුවක්මබිඳල දාලා ඉවරයි රමී.. ඇයි.. ඇයි.. ඔයා අපිට මෙහෙම කරේ... ඇයි අපිව මේ වගේරැවැට්ටුවෙ.. අ.. අපි.. ඔ.. ඔයාට ආදරේ කරා මදිද.. රමී...ඇත්තමයි මායිතාත්තයි ඔලුව හැරුනු අතක යනවා.. මිනිස්සුන්ගෙන් තවත් මේ වගේ නව නිංගිරා විඳින්නඅපිට බෑ..”ඒ පාර අම්මත් දුම්මල වරම අතට ගත්තා. අලි මදිවට කොටි කියල කියන්නෙමෙන්නමේවට වෙන්න ඇති. දැන් ඉතිං ගටක් කියල හිතට ෆිට් එකක් අරන් කොහොම කතාකරන්නද... මොන අවනඩුවක්ද මේ.“දරුවො හිරකාරයො වගේ හදන්නෙ නැතුව නිදහස දීලා හදල, දරුවන්ගෙ සංතෝසෙ ගැනහිතල වැඩ කරල ඔයාට පුංචි දුකක්වත් දුන්නෙන නැතුවටද ඔයා මේ වගේ පපුව පැලෙන දෙයක්කරේ...”“ඔයා හිතන්නෙ ඔයා මහ රෑ ගෙදරින් යනව කියල මේ වටපිටාවෙ මිනිස්සු දන්නෑකියලද... මායි තාත්තයි නිදා ග්තහම අපිට හොරෙන් ඔයා ගෙදරින් එළියට බැහැලා යනව කියලමිනිස්සු කියනකොටයි අපිත් දන්නෙ.. ඔයා අපිට මෙතන ජීවත් වෙන එකත් නැති කරා රමී..”දෙන්නා දෙමහල්ලො යුද්ධ කාලෙදි මෝටාර් ගහනව වගේ හතර අනිත්ම ෂෙල් වෙඩිඑවද්දි කැලෑ වැදිච්ච හෝ හපුටෙක් වගේ මං ඔහේ අහන් හිටියා. මොකෝ වැරදියි කියලකියන්නද.. මෙලෝ අගක් මුලක් නොදැන.. අනික ඉතිං අම්මයි තාත්තයි ලේසියෙන් පොටවරද්දගන්නෙ නෑ කියලා මං දැනන් හිටියා. එහෙම එකේ ත්‍රෙඩ් පැනල ලූස් කනෙක්ෂන් වුණේසර්ව බලධාරී කියල හිතාගෙන හිටපු රමියටමද... මොනව වුනත් මේ කියන සකල විධප්‍රවෘත්තිටික නම් බැර වෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට තමා. ඒත් මේ හැමදේම අම්මගෙයි තාත්තගෙයිකනේ තියපු පොළොස් කොට්ටෝරුවා මොකාද.. අනේ.. මෙන්න මේ වගේ සොඳුරු අවස්ථාවක ඌඅහුවුණා නම්... එහෙම හිතනකොටම මගේ ඔලුව උඩටම ආවෙ අයියකාරයගෙ පැහැපත් සිත්ගන්නාසුලු රූපෙ. මේ විදියට ගන්දස්කාර වැඩක් කරන්න පුළුවන් මිනිහට විතරයි. මීට කලිනුත්මෑන් මේ වගේ ඇඟ කිළිපොලා යන නසරානි වැඩ කරලා තිබුණා. සමහර විට මේකා දිමුතු ගැනමොනව හරි අවමංගල කතන්දර ටිකක් අම්මගෙයි තාත්තගෙයි ඔලුවලට දාලා බ්‍රේන් වොෂ් එකක්දුන්නද දන්නෙත් නෑනෙ. මොනව උනත් වෙනදට ෆෝම් කරනවට වඩා වැඩිප ප්‍රමාණයක් සමීරයා මේදෙන්නව ෆෝම් කරල තියෙනවා. බඩ සුද්ධ වුණත් ඇත්ත කතාව ඒකයි.“අම්මයි තාත්තයි මොනව කියනවද කියල මට නම් තේරෙන්නෑ.. කියන දෙයක් කෙලින්මකියන්න.. ඔයාලට ලැජ්ජ වෙන නින්දා වෙන කිසිම දෙයක් මං කරල නෑ..”“ඒකද ඔයා ළමයෙකුත් ඉන්න ගෑනියෙක් ගාවට රෑට රෑට හොරෙන් රිංගන්නෙ.. ආ...”ඒ ෂෙල් වෙඩිල්ල නම්, ඇඟපුරාම හිටු කියලා වැදුනා. ආයෙ වෙන එකෙකුට වැදුනනම් හෙම ඇපත් නෑ. ඒත් රමියා මැක්සා බුලට් එකක් හින්දා වැඩේ යාංතන් ගොඩදාගත්තා. ඒත්හත්තිලව්වෙ.. මේ විලිලැජ්ජා නැති අලුගුත්තේරු කතාව මොකක්ද අප්පා.“මොකක්...”“මොකක් කියලඔයා අපෙන්ද අහන්නෙ... මේ කතාවල තේරුම මොකක්ද රමී.. ඇ..ඇයි ඔයා මටයි තාත්තටයි මේවගේ නින්දාවක් කරේ.. හග්..”අම්මා හූල්ල හූල්ල අඩන්න ගත්තා. ඒ දිහා බලන් ඉන්න බැරි කමට මං බිමබලාගත්තා.“ඔ.. ඔයාට.. ඔයාට.. අපිට කියන්න තිබුණා.. ඔයාට කසාඳ බඳින්න ඕන නම්,ඔයාකැමති ගෑණු ළමයෙක් ඉන්නව නම්, අපිට කියන්න තිබුණා. එහෙනම් අපි ඒ දේ යස අපූරුවටකරලා දෙනවා.. ඒත්.. ඒත්.. ඔයා පුංචි දරුවෙකුත් ඉන්න ගෑනියෙක් කසාඳ බැඳලා කියල දැනගත්තහම අපි කොහොමද රටේ ලෝකෙ මිනිස්සුන්ට මූණ දෙන්නෙ... රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලායන්නෙ... මිනිස්සු අහන ඒවට අපි මොනවද කියන්නෙ...”“ඔයිට වැඩිය හොඳයි ඔයා අපි දෙන්නව අර පල්ලෙහා ලිඳ ඇතුළට තල්ලු කරලදැම්මා නම්..”වතුර ගලනව වගේ අම්මගෙ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. තාත්තා පහත්වෙලා බ්රූස් ගාලා නහය ඇදලා දැම්මා.“රටේ ලෝකෙ ගෑනු නැතුවටද මනුස්සයො බැඳපු ගෑනියෙක් අල්ල ගත්තෙ.. ඇයි මේවගේ නොසන්ඩාල වැඩ කරන්නෙ...”“කතා කරනව රමී.. කතා කරනවා.. මොකක්ද මේ කතාවෙ තේරුම.. අපිට මේ තරම් දසවද දෙන්නෙ ඇයි... මිනිස්සු මත්තෙ අපිට මේ තරම් නින්දා දෙන විදියට හැසිරෙන්නෙඇයි...”“යාලුවෙක් වගේ ඔයත්තෙක්ක හිටපුමටද මෙහෙම කරේ මිනිහො...”තාත්තා ඇවිත් මගේ උරහිස් දෙකෙන් අල්ලල හයියෙන් හෙලෙව්වා. ඒ හෙලවීමටමගේ ආත්මෙත් එක්කම හෙල්ලිලා ගියා. අන්න එතකොට තමයි, මේ විකාශණය වෙන ඇල්ජසීරා ප්‍රවෘත්තිවිකාශනයෙ සැබෑ අරුත මගේ මොලේ අලුපාට සයිල වලින් අඳුනගත්තෙ. මේක.. මේක.. තනිකරමඅල්කඩියා ත්‍රස්තවාදී ගේමක්. මොකද කියනව නම්, අයියකාරයගෙ සබ්බ සකල හුනු කිල්ලෝටයමමගේ බුලත් කොලේ උඩටයි වැටිල තියෙන්නෙ.“මේක වැරදි කතාවක් තාත්තා..”ආපිටට තාත්තගෙ අත් දෙකෙන් අල්ල ගන්න ගමන් මං කිව්වා. ඒත් තාත්තා ආපිටටඅත් දෙක ගසලා දැම්මා. ඒ මූණ කේන්තියෙන් රතු පාට වෙලා.“බොරු කතාවක්... මං ඔයාගෙ කම්මුල රත් වෙන්න දෙකක් දෙනවා. ආයෙ ඕකකිව්වොත්. ඔයා කාවද ඔය රවට්ටන්න හදන්නෙ. මේ කතා බොරු නෙමෙයි.. ඇත්තම ඇත්ත කතාවක්..ඒක මට සීයට දාහකට වැඩිය විශ්වාසයි..”“සීයට දාහක් වෙන්න පුළුවන්.. ඒත් තාත්තට මං කියන දේ විශ්වාස නැද්ද... මේකියන දේට මගේ අංශු මාත්‍රයක වත් සම්බන්ධයක් නෑ..”තාත්තගෙ ඇස් ටිකක් වෙලා මගේ මූණෙ රැඳිලා තිබුණා. අම්මා හූල්ලන එක ඒවෙනකොටත් නතර වෙලා තිබුණෙ නෑ. මගේ හිතට ආවෙ කියාගන්න බැරි තරමෙ දුකක්. අම්මයි,තාත්තයි මට කොයි තරම් ආදරේද... මාව මේ තත්වෙට ගේන්න එයාල කොයි තරම් කැපවෙන්නඇත්ද... මං ලස්සනට ජීවිතේ අරගෙන යනවා දකින්න එයාලා කොයි තරම් ආසාවකින් ඉන්න ඇත්ද... ඒත් මේ වගේ අමනආරංචියකින් එයාලා මොන තරම් කඩා වැටෙනවද...ඒත් ඒ හැමදේටම උඩින් තවත් දෙයක් මතක් වෙලා මාව වෙව්ලලා ගියා. ඒ තමයිමේ චෝදනාවට මං නිදහස් වුණොත් මගේ සහෝදරයා වැරදිකාරයා වෙනව කියනෙක. අම්මයි තාත්තයිමං ගැන හිතනව වගේම අයිය ගැනත් හිතනව කියලා මං දැනන් හිටියා. සමහර විට ඊටත් වඩාවැඩියෙන්, එතකොට ඒ කටුක ඇත්ත ඉස්සරහ එයාලා දෙන්නට මොනවයින් මොනව වේවිද...“අ.. අපිව රවට්ටන්න එපා.. රමී.. හග්.. හග්.. තාත්තයි මායි ඔක්කොමදන්නවා.. හග්... ඔයා අපිට හොරෙන් රෑ ගෙදරින් පැනලා ගිහින් පාන්දර ආයෙ එනවා.. ඒළමයත් එක්ක ජීවත් වෙනවා.. මේ නරක සවුත්තු වැඩවල තේරුම මොකක්ද දෙයියනේ.. ඔයාට කොයිතරම් ලස්සන ගෑණු ළමයෙක් හොයාගන්න පුළුවන්ද... ඔයා අපේ හැම බලාපොරොත්තුවකටම පයින්ග ැහුවා..”“බලාපොරොත්තු වලට විතරක් නෙමේ.. ඔයා අපේ ජීවිත වලටත් පයින් ගැහුව රමී..මේ වගේ ලොකු ඇත්තක් අම්මටයි මටයි දරාගන්න බෑ.. පුංචි දේකටත් ඔයාට අඩුපාඩුවක්නොකරපු අපි වගේ අම්මෙකුයි තාත්තෙකුගෙයි හිත රිද්දුවෙ ඇයි... අපි හැමදේම කෙරුවෙඔයයි අයියයි වෙනුවෙන්.. ඔයාම හිතන්න.. අයියා මේවා දැනගත්තොත් මොනව හිතාවිද..මිනිහා මෙතන එක යුද්ධයක් අල්ලයි..”ඒ ගැන ඉතිං කතා කරල වැඩක් නෑ. ඌ කරපු කුනුහරුප වැඩ වලට ඌ ආයෙ මොනවටසටන්ව දිනවද... ඌ සටන සහමුලින්ම පාව දීලනේ.“මං මේ ඇත්තමයි කියන්නෙ.. ඔය කියන කිසිම දේකට මගේ මෙලෝ සම්බන්ධයක් නෑ..මං වැරදිකාරයෙක් නෙමෙයි.. අනික ඔයව ගේ දෙයක්, මගේ දෙයක් මං කවදාවත් හැංගි හැංගිකරන්නෑ.. කවුරුවත් ඉස්සරහ අසරණ කරන්නෑ.. මං ඒ දේ මගේ ළඟින් තියාගන්නවා මිසක..”තවත් බලන් ඉඳල වැඩක් නෑ.. මං මම වෙනුවෙන් පෙනී හිටින්න ගත්තා..අම්මගෙයි තාත්තගෙයි මූණු වෙනස් වෙනවා මං දැක්කා.ඒත් ඒ වෙනස් වෙලා තිබ්බෙ හොඳ පැත්තට නම් නෙමේ.“ඔයා අපේ මූණු දිහා බලාගෙනම කිසිම හිරිකිතක් නැතුව බොරු කියනව රමී..අපිට ඔයත්තෙක්ක කතාවක් නෑ..”“මං කියන දේ අහන්න තාත්තා.. මං වැරැද්දක් කරල තියෙනවන ම් ඒකෙ කිසිම ඇදක්කුදක් නැතුව මං පිළිගන්නවා.. එහෙමනැතුව මගෑරලා යන්නෑ.. අඩුගානෙ ඔයාට මං එහෙමයිකියලවත් විශ්වාස නැද්ද...”“විශ්වාස කරන්න තිබුණා.. මේ දේ මේ තරම් බරපතල නැත්තං.. මේ හැමදේමවිහිලුවක් කියලා..”“ඒක ඇත්ත තාත්තා.. ඒ හැමදේම විහිලුවක්..”“විහිලුවක්... මාවයි අම්මවයි මෝඩයො කරන්න හදන්නෙපා.. එතකොට ඔයයි ඒ ගෑනුමනුස්සයයි කොරියාව පැත්තෙ ලෑලි ගහපු කාමරේක හිටියෙ නැද්ද... දැන් මෙන්න මේ සුමංගලපාර පැත්තෙ බාගෙට හදාපු ගේක නැවතිලා නැද්ද... ආ.. රමී.. මොනවද මේ විලිලැජ්ජ නැතිවැඩ.. අපි කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ...”මං වෙනුවෙන් පෙනීහිටින්න මං තීරණය කරාට ඒ හැමදේම තාත්තගෙකතාවෙන් වාෂ්ප වෙලා ගියා. මොන හෙන ගෙඩියක්ද මේ පාත් වෙලා තියෙන්නෙ කියල ඔලුව මැදටමවැටහෙද්දි තමයි හැමදේම බරපතලකම තේරුණේ.මෙන්න මේ වෙලාවෙ අයියා හිටියා නම් මං ඒකව සරමක් අන්දලා කකුල් දෙකෙක්එල්ලනවා. අම්මපා මූ ගෙරිමස් කාල තියෙන්නෙ බෙල්ලෙම එල්ලගෙනනේ. පොතක් බලන්නඕනඋනහම මූ පුස්තකාලයක්ම බද්දට අරගෙනනේ.“තවත් දෙයක් මතක තියාගන්න රමී.. ඔයා දැන් මොනව කිව්වත් මොනව කෙරුවත්අම්මගෙයි මගෙයි පුපුරල ගියපු හිත් ආයෙ හදන්න බෑ.. ඔයා ගැන දැන් අපේ කිසිමබලාපොරොත්තුවක් නෑ.. ඔයා මායි අම්මවයි විනාශ කරල දාලා ඉවරයි රමී..”තාත්තා කියගෙන ගිය දේවල් තවත් අහන් ඉන්න බැරිකමට මං ආපහු හැරුණා.තාත්තගෙයි අම්මගෙයි හිත් පිපුරුවා වගේ මේ රමීගෙ හිතත් පුපුරන්නෙ නෑ කියලද හැමෝමහිතන්නෙ.. සමීරයව පාව දීලා මේ මර උගුලෙන් සදාකාලයටම මං නිදහස් උනත් සමීරයා මේකටජාති ජාතිත් පටලැවිල තියෙන හන්ද අම්මගෙයි තාත්තගෙයි වේදනාවෙ අඩුවක් නම් වේනනෑ. මංවැරදිකාරයා වෙලා හරි හැමෝගෙම හිත් තිබ්බ වගේම ලස්සනට තියෙනව නම්.. හැබැයි ඕවා මේවාමොනව උනත් මට අන්තිමට හිතිල තිබ්බෙ මේ කුණුහරුප වැඩෙට සමීරයට මතක හිටින්න පාඩමක්උගන්නන්න ඕන කියලා.මේ තරම් දේවල් අහල පෙරේතය වගේ නවනිංගිරා විඳලා තවදුරටත් ගේඇතුළට වෙලා බිංකුන්ඩෙක් වගේ ඉන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඇඳගෙන හිටපු ඇඳුම්පිටින්ම මං එළියට බැස්සා.අම්මයි තාත්තයි කියපු දේවල් අනුව, අයිය උනත් මේප්‍රශ්නෙදි හිරවෙලා කියල මට තේරුණා. මේ මල ඉලව්වට මේ ලෝකෙ සම්බන්ධයක් නැතුවඉද්දිත් රමීට මේ කතන්දරෙන් ගොඩ ඒමක් නැත්තං සීත සමීරයට කොහොමත් ගොඩ ඒකම් නෑ.ගේට්ටුව ළඟට ඇවිල්ලා මං කෙරුවෙ ඉසුරුට කෝල් එකක්දීපු එක. තවත් බලන් ඉඳල බෑ. මොනව හරි කරන්න වෙනවා. මොනව හරි කියල කිව්වට හරි දෙයක්විතරයි. නැත්නම් කොහොල්ලෑ ඇලිච්ච නරියට වෙච්ච දේ තමයි මටත් වෙන්නෙ.“රමී..”මගේ මූණදැකපු ගමන් ඉසුරු අවුල් උනා කියලා මට තේරුණා.“සීරියස් කේස් එකක් බං..”කාර් එකට නගින ගමන් මං කිව්වා. ටිකක් දුර කතා බහක් නැතුව ඩ්‍රයිව්කරපු ඉසුරු පාර අයිනට වෙන්න කාර් එක නතර කලා.“උඹ අවුල් වෙලා ඉන්න විදියට මට බයත් හිතෙනවා රමී.. මට කියපං.. මොනවම හරිකරල ගොඩ දාගන්න පුළුවන් එකක් නේද...”තව දුරටත් ඉසුරුට නන්නත්තාර වෙන්න නොදී මං හැමදේම දැහැමින් සෙමින්ඉසුරුට කිව්වා.“හ්ම්.. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු..”ඉසුරු චටාස් ගාලා නළලට අතින් ගහගත්තා.“උඹට කියන්න ඉසුරු මට සමීරයා එක්ක එන්නෙ මහා අමනුස්ස කේන්තියක් බං.. මේවෙලාවෙ මට ඌව සහෝදරයෙක් කියලවත් පේන්නෑ.. හොඳට දෙක තුනක් ඇනල නගර සභාවෙ ඩ්‍රැනේජ්වලවල් අරින බැරල් එකක දාතෑකි..”“කලබල නොවී ඉම්මු රමී..”ඔන්න ඕවට තමා කියන්නෙ පිස්සු පයිත්තියන් කියලා.. වෙනද මං ඉසුරුට කියනඒවා මූ අද මට කියනවා..“කලබල නොවීඉන්න... උඹ දන්නවද මේ අද උදේ මෙච්චර අවමගුලක් වෙද්දිඅයියකාරයා කවුදෝ මංදා සුදු කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් ඉන්නව මංදැක්කා.”“මොකක්... මොන කුණුහරුපයක්ද බං ඌ කරන්නෙ...”“ඒක තමා බං මටත් හිතාගන්න බැරි.. මුගේ අවලම් ගමන කොහෙන් නවතීවිද මංදා..”“අපි දැන් මොකද කරන්නෙ...”“කරන්න හුඟක් දේවල් නෑ.. එක දෙයයි තියෙන්නෙ..”“ඒ මොකක්ද...”;“කෙලින්ම සමීරයගෙන් මේ ගැන අහන එක..”“ඌ ඇත්ත කියාවිද...”“ඌට ඇත්ත කියන්න වෙනව..”“ඌ කිව්වෙ නැත්තං..”“මං දිලිනිවයි පුංචි එකාවයි අපේ ගෙදර එක්කං එනවා..”ඉසුරුගෙ ඇස් දෙක උඩ ගියා. ඔව්.. තව තවත් මේ රැවුල අතපත ගගා ඉඳලා වැඩක්නෑ.. එක්කො ෆුල් ෂේව් කරල දානවා.. නැත්තං ඩිල්ෂාන්ගෙ කට් එකවත් ගහනවා.“අම්මලා හොල්මං වෙයි රමී..”“මේ හොල්මන් වෙලා ඉන්නවට වැඩිය හොල්මං වෙන එකක් නෑ.. කොහොමටත් සමීරයාඩෙඟා නැටුවා දැන් හොඳටෝම ඇති.. දැන් කතන්දරේ ක්ලෝස් කරන්නයි තියෙන්නෙ..”කතන්දරේ ක්ලෝස් කරනවා කිව්වට මගේ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා පටලැවිලතියෙන්නෙ මොන තරම් ලොකු මකුළු දැළකද කියලා මට තේරිලයි තිබුණෙ. මකුළු දැක කඩල වැඩක්නෑ.. මකුළුවාටයි බේත් දෙන්න ඕන..“මොනව හරි බොමුද රමී...”“බියර් එකක්...”මං එහෙම අහනකොටත් ඉසුරු කාර් එක සුබාෂි ගෙස්ට් එක ඇතුළට දාලා ඉවරයි.“ඉතිං...”බියර් හතරක් ඕඩර් කරල ඉසුරු ලී පුටුවට හේත්තු වුණා. අපි හිටපු ශාලාවඅයිනෙන්ම තිබ්බෙ රූම්ස් වලට යන්න තියෙන කොරිඩෝ එක. ඒ වෙනකොටත් කොරිඩෝ එකෙන් එහාපැත්තෙ ලවර්ස්ලා කියල හඳුන්වන්න පුළුවන් කපල් දෙක තුනක්ම හිටියා.“රමියා...”කොහෙදෝ ඈත අන්තෙක අතරමං වෙලා තිබ්බ මගේ ඇස් දෙක ඉසුරු උගේ දිහාටහරවගත්තා.“උඹ මෙහෙම අවුල් වෙලා ඉන්නව දකිනකොට මාත් වැටෙනව බං..”ඒකෙ ආයෙ හෝඳන්න දෙයක් නෑ.. ඉසුරු දැනටමත් වැටිලා කියල මට තේරුණා..“රමී...”“ඇ.. ඇයි...”මෙච්චර වෙලා ළඟම එකෙක් මැරල වගේ ලෝ ස්කේල් එකෙන් කතා කරපු ඉසුරුගෙකටහඬේ යම්කිසි ගතියක් තිබුණා.“බලපං අර කෙල්ලගෙ ස්කර්ට් එකේ කොට..”මූටත් ඉඳලා හිටලා හරි අර කාටද වගේ කෙල්ලන්ගෙඅවයව පිළිබඳ හැඟීමක් එනවා. ඒකත් හොඳයි අප්පා. නැත්තං ඉතිං මුගේ ලෝකෙ තියෙන බුරුත,නැදුන්, තේක්ක, මිල්ල, ගම්මාලු, සීරිය මාරනේ.මොනව උනත් ඉසුරුගෙ කතාවට අපි ගාවින් කලබලයෙන්වගේ ඈත් වෙලා යන කෙල්ල දිහා මං බැලුවා. පැත්තට දැක්කා උනත් මගේ මොලේ අලුපාට සෛලඑකින් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දැකල පුරුදු මූණක්.. ඒත් ඒ කොහෙදිද කවදදමං ඒ මූණ දැක්කෙ. සෑහෙන තරමක් නිරාවරණය වෙලා තිබ්බ කකුල් දෙක දිගේ, ආයෙත් වතාවක්පල්ලෙහා ඉඳන් ඉහළට මගේ ඇස් දිව්වත් මතකයේ අත ළඟම වගේ තියෙන ඒ මූණ මට මතක් කරගන්නබැරිවුණා.“රමී..”“ම්..”“කෙල්ලගෙ පස්ස දිහාම බලන් ඉන්නෙ මොකෝ.. ආස හිතුණද...”“පිස්සු කෙලින්නෙපා බං.. මට ඒකිව කොහෙද හරි දැකල පුරුදුයි.. මං ඒකයිකල්පනා කලේ..”“උඹට නෝට් නොවිච්ච කෙල්ලෙක් මේ තුන් සිංහලේම නෑ.. හම්.. වරෙන්.. චියර්ස්කරමු..”ඉසුරු බියර් එක මග් එක උඩට උස්සද්දි මගේ මතක පරිපතයෙ මෙච්චර වෙලාඅවුල් වෙවී තිබ්බ ඡායාරූපෙ ටිකෙන් ටික එළියට ආවා. මුලින්ම පට්ටකලු, ඊගාවට කලු සහසුදු අන්තිමට වෛවරණ.“මොන චියර්ස්ද... මෙන්න මෙහෙ වර..”“ඇයි රමියා...”“ඒකිව කවුද කියලා මට මතක් වුනා.. වරෙන්..”ඉසුරු පුටුවෙන් නැගිට්ටෙ ඒ තරම් ඕන කමකින් නෙමෙයි. ඌට බම්බු ගහන්නකියලා මං කොරිඩෝ එක දිගේ දුවගෙවන ආවා. මේකි මිස් උනොත් ජීවිතේම මිස් උනා වගේ තමා.තත්පර ගානකදි කෙල්ල හිටියෙ මට අඩි තුන හතරක් ඉස්සරහින්. බැරි මරගාතෙනැගිට්ටත් ඉසුරු මගේ පිටිපස්සෙන් දුවන් එන සද්දෙ මට ඇහුණා.“හෙලෝ බේබි..”මං කෙල්ලට හොඳටම ළංවුණා. මගේ වචන දෙකට කෙල්ල හිටපු තැනම ගල් ගැහිලා මංදිහාට හැරුණා. ඒ මූණම තමයි.. ආයෙ හෝඳන්න දෙයක් නෑ.“මාව අඳුනනවද...”පොලීසියෙන් හරස් ප්‍රශ්න අහන්න පටන් ගත්තෙ කොහොමද, මං වැඩේ පටන් ගත්තෙඒ න්‍යායෙන්. අඳුනනවද කියල ඇහුවට කෙල්ලගෙ උත්තරේ හැරෙන තැපෑලෙන්ම නෑ කියන එක කියලමං දැනගෙන හිටියා.“කෝ අර වහුකුණා...”“ම්.. මො.. මොන...”“සමීර..”කෙල්ලගෙ ඇස් දෙක බලන් ඉද්දිම උඩ ගියා. අද උදේ සමීරත් එක්ක ෆිල්ම් හෝල්එක ළඟ හිටපු කෙල්ලව මේ තරම් ළඟට අදුනගන්න බැරි වෙන්න තරම් රමී කියන්නෙ බාල බොළඳ හෝහපුටෙක් වෙන්න ඕන.“සමීර...”“ඔව්.. මිනිහා ඔයාට කියල නැද්ද මං ගැන...”“න්..නෑ..”“සමීරගෙ නමේ අග අකුරු දෙක කියන්නෙ මගේ නම.. දැන්වත් අඳුනගන්නපුළුවන්ද...”කතන්දරේට බහින්න කලින් මං චූටි මාකටිං පාරක් දැම්මා. ඔය වගේ ලොකු කතාඕනම තැනකට මාර ගැම්මක් ගේනවා. කෙල්ල මාවඅඳුනගත්තත් එකයි නැතත් එකයි. අනික සමීරයට එහෙමටම පිස්සුවක් නැතිව ඇති උගේ කෙල්ලටමගේ චරිත සහතිකේ ගැන කියන්න.“ර..මී..”“අන්න හරි.. ඔයබ බාට තේරුණා ගානට.. මං රමී තමයි..”ඊගාවට මං හිතුවෙ කවුද රමී කියන්නෙ කියල කෙල්ල මගෙන් අහයි කියලා.“සමීරගෙ එකම මල්ලි..”මං හිතුවෙත් නැති විදියට කෙල්ල මාව රූපයෙන් කෙසේ වෙතත් නමෙන් දැනගෙනහිටියා. ඒ කියන්නෙ අයියකාරයා මාව කැත නැතුව අඳුන්වල දීලා තිබ්බා. ජීවිතයේ පළමුවතාවට මගේ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදයා මට ගෞරවයක් දීලා තිබුණා.“අන්න හරි.. අන්න හරි.. ඔයා හරි ට්‍රැක් එකට දැන් ආවා. මං සමීරගෙ මල්ලිතමා.. හැබැයි සමීරට වැඩිය විසයි.. ගඳයි.. සැරයි.. ගෑවුනොත් පලු දානවා..”“ඒක නම් මං දන්නවා..”කෙල්ල කිව්වෙ හුරතල් තාලෙට උනත් ඒ හුරතලේ යටින් ලොකු කතාවක් තිබ්බා.“කෝ සමීර...”මට ඕන උනේ මකුළුවා මිසක් මකුළු දැල නෙමෙයි. ඒ වෙනකොටත් ඉසුරු මගේ ළඟටඇවිත් තිබ්බා.“කලබල වෙන්න දෙයක් නෑ.. මං මෙතන ඉන්නව රමී..”අපි තුන්දෙනාම, පැත්තකින් තිබ්බ ඕපන් වැරැන්ඩා එක පැත්තට හැරුණා. එතනඉඳන් ඔලොක්කුවට වගේ අපි දිහා බලන් හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි අයියා.. එහෙනම් උඹටමේ වගේ අවස්ථාවකවත් මගේ ඉස්සරහට එන්න ලොකු ගටක් තිබුණා. ඉඳපංකො අඳ උඹේ කලිසමඔලුවෙන් ගලවන්න.“මේකද තමුසෙගෙ අලුත් සෙල්ලම...”හර්කියුලිස් යෝධයා වගේ මහා වීරකමකින් අයියා මං ඉස්සරහට එද්දි මංමිනිහගෙ කොලර් එකෙන් අල්ලල මගේ ළඟට ඇදලා ගත්තා. උඹ පුතේ එක වචනයක් හරි හරහට කතාකෙරුවොත් මං නෙළනවා චාර්වක, පුරස්චාර්වක වෙන්න.“ර..මී..”අයියගෙ ඇස් දෙක උඩ ගියා. මිනිහා වීරයා වගේ මං ඉස්සරහට එන්න ඇත්තෙ මංකිසි දෙයක් දන්නෑ කියල වෙන්න ඇත්නේ.“ඔව්.. රමී තමා.. ඇයි තමුසෙට මාව වෙන කවුරුහරි වගේ පේනවද...”“මගේ කොලර් එක අතාරිනවා..”“අතාරින්න... අතාරින්න නෙමෙයි කණ රත් වෙන්න දෙන්න ඕන තමුසෙ කරන බලු වැඩවලට..”මං අයියව තල්ලු කරල දැම්මා. නොහිතපු විදියට කරපු තල්ලු කිරීමෙන්මිනිහා පැද්දිලා වගේ ගිහිල්ල එතන ඉස්සරහම වගේ තිබ්බ බිත්තියෙ හැප්පිලා නතර වුණා.“බලු වැඩ...”මිනිහගෙ මූණ දැන් මලගේ වගේ. ඔව් ඉතිං මං මේ හදන්නෙ පාංශුකූලෙ එකක්මමතක බන කියන්නනේ. මං සුදු කෙල්ල දිහා බැලුවා. ඒකිගෙ මූණත් අවුල් වෙලා. මට දැන් ඕනඔට්ටුවක් අල්ලතැහැකි. මුන් දෙන්නගෙ මේ බඩකඩිත්තු ප්‍රේම කතාව අදින් මරු දකිනවකියලා. මං ලයිව් ෂෝ එක පටන් ගත්තා.“ඔව්.. අරහෙ ගෑනියෙකුයි ළමයෙකුයි නන්නත්තාරෙ දාලා තමුසෙ මෙහේ පෙම් කෙලිනඑක... ඒ අසරණයො දෙන්නා කාත් කවුරුවත් නැති හිඟන්නො දෙන්නෙක් වගේ තට්ට තනියම දාලාතමුසෙ සැප ගන්නෙක.. ඒව බලුවැඩ නෙමේද... ආ..”හිතේ කේන්තියයි, බඩේ කේන්තියයි, අම්මගෙනුයි තාත්තගෙනුයි අහපු උහුලන්නබැරි කතන්දරයි ඔක්කොම එකට පත්තුවෙලා එළියට ආවා. නැතුව බෑනෙ අප්පා නටන නෙයියාඩම් වලමොනවම හරි අවසානයක් ඕන.. නැතුව මේක විකාශන අයිතිය ගන්න බෑ. කියවල ඉවර වෙලා හොඳහුස්මක් එළියට පා කරන ගමන් මං වටපිට බැලුවා. ආයෙ හෝඳන්න දෙයක් නෑ සුපිරිම මලගෙදරක්. කෙල්ල ඇස් දෙක උලුප්පගෙන සමීරයා දිහා බලන් ඉන්නවා. සමීර අත් දෙකෙන්ම නළලදෙපැත්ත තද කරගෙන මිරික ගන්නවා.“මො.. මොකක්ද සමීර මේ කතාවල තේරුම... ඔයා ගැන මෙයා මොනවද මේ කියන්නෙ...කවුද මේ ගෑනියි ළමයයි...”ඔන්න පළවෙනි මිසයිල ප්‍රහාරය එල්ල වුණා. මේ රමී බලාපොරොත්තුවෙන්හිටියෙ ඔය ඇටෑක් එක තමයි. ඉසුරුගෙ මූණ මැදටත් මහා පජාත හිනාවක් ආවා. හරියට සතපහක්වත් නොදී සූරිය මාර ගස් දෙකක්ම බිමට කෙලියා වගේ.“කියන්නෙද.. මේක අහගන්නවා බෝනික්කියෙ.. ඔයා අල්ලගෙන ඉන්නෙ ළමයෙකුයිගෑනියෙකුයි ඉන්න මිනිහෙක්ව.. ඔයා හින්දා ඒ අසරණයො දෙන්නා වලපල්ලට ගෙනියන්නයි හදන්නෙ..”ඒ ටික නම් මං කිව්වෙ හදවතින්මයි. අන්ත අසරණ හිඟන්නෙක් වගේ සීතලේ වෙව්ලවෙව්ල කැහැ කැහැ ඉන්න අර අහිංසක ලෙඩ දරුවා මට මැවිලා පෙනුණා. කිසිම හව්හරණක් නැතුවතට්ට තනියම ඉන්න දිලිනිව මගේ ඔලුවඋඩටම ආවා.“රමී.. මාව විනාස කරන්නෙපා.. ඔය කතාව නවත්තන්න..”මූණ සුදුමැලි වෙලා කෙළ හිඳිල කතා කරගන්න බැරිව වගේ හිටපු සමීරගෙ කටඅරුණා. මං දීපු දිගු දුර මෙහෙයුමට මං හිතුවෙ මූට ඇඩ්‍රස් නැති වුණා කියලා.“ඇයි.. ඇයි මං නවත්තන්නෙ...”“ඔ.. ඔය කතාවෙ කිසිම ඇත්තක් නෑ..”අනේ අම්මප.. ඇස් පනාපිට දෙනෝදාහක් ඉදිරියේ මේ තරම් දේවල් සිද්ධ වෙලාතියෙද්දිත් මූ තාමත් දේවාලෙ ගිලපු යකා වගේ මුසාබස් දොඩනවා.“මොකක්... කිසිම ඇත්තක් නෑ.. තමුසෙ ඔය කටින්ද එහෙමත් නැත්නම් වෙනතැනකින්ද කතා කරන්නෙ.. දැනගන්නවා.. බලු වැඩ කරන මිනිස්සුත් ඉන්නවා.. ඒත් තමුසෙ වගේබලු වැඩ කරන එකෙක් මං ජීවිතේටවත් දැකල නෑ.. ෂ්හ්.. තමුසෙ මගේ සහෝදරයෙක් කියලකියන්නත් මට ලැජ්ජයි.. තමුසෙ දන්නවද.. තමුසෙ දන්නවද.. අර අහිංසක අම්මයි තාත්තයිදෙන්න හිතන් ඉන්නෙ තමුසෙගෙ ගෑනියි ළමයයි මගේ කියලා.. කවුද මීහරකෙක් මගේ නමගෙදරට දීලා තියෙන්නෙ..”“මොකක්...”“ඇයි තමුසෙට පුදුමද... හැමදේම ගානට තිතට නූළට හොරෙන් කරාට මේ වගේ පට්ටචාටර් වෙයි කියල හිතුවෙ නෑ නේද... හෙන ගහනකොට පැනි වරකෙත් පැණි ගතිය නැති වෙනවමිනිහො..”කවදාවත් නැති විදියට මං කියවගෙන ගියා. මට කොහෙන් මේ ආවේගය ආවද මංදා..අයියගෙ ඇස් දෙක උඩ ගිහිල්ලා නළලෙ පැති හතරක් පහක්ම වැටිලා මූණ සුදුමැලි වෙලාතිබුණා. පේන විදියට නම් මිනිහට වාවගන්න බැරිවුණා. ගහෙන් ගෙඩි එන්න වගේ සිද්ධ වෙච්චමේ සිද්ධිය. ඒ එක්කම තමයි මං දැක්කෙ අයියගෙ ළඟම ඉඳපු සුදු කෙල්ලගෙ මූනෙ තිබ්බ කිලෝමීටර් ගානක දිග මහා දැවැන්ත කේන්ති රාජයා.. හපේ අප්පේ.. පළවෙනි කොටුවෙ ඉඳලාදොළොස්වෙනි කොටුව දක්වාම කේන්තිය විතරයි.. කොටින්ම සුදු කෙල්ල හිටියෙ කොයි වෙලාවෙදඅයියකාරයගෙ කන් අඩිය පලන්නෙ කියල වගේ. ඒ තරම් බරපතල පෙනුමක් ඒ මූණෙ තිබ්බෙ.“තමුසෙ මගේ සහෝදරය තමා.. ඒත් මේ දේවල් නොකියබෑ.. කොටින්ම.. ඕන බලු වැඩක්තමුසෙ කරනවා.. මට ප්‍රශ්නයක් නෑ.. ඒත් කොහේවත් ඉන්න අයට ඒ බර කරගහන්න තියන්නෙපා..තේරුණාද.. මාව තමුසෙට දිරවන්නෙ නැතිවෙන්න පුලුවන්.. ඒත් මාව මේ වගේ පජාත විදියටබිලි දෙන්නෙපා.. තේරුණාද...”“මං කාවවත් බිල්ලට දීලා නෑ රමී..”“නෑ... ආයෙ කියනව බලන්න.. ආයෙ කියනව බලන්න.. එතකොට අම්මයි තාත්තයිබෙල්ලෙන්ම අල්ල ගත්තෙ තමුසෙගෙද... නෑ.. නෑ.. මිනිහො.. තනිකරම මගේ.. මේ කොහෙවත්ඉඳපු අහිංසක මගේ..”කතාව දැන් ඇති කියල කියන්න වගේ ඉසුරු මට ඇහැක් ගැහුවා. ඒත් ඒ තනි ඇහැටනවත්තන්න පුළුවන් තරමෙ දෙයක් තිබ්බෙ නෑ. මං තවත් කියවන්න ට ඇරියත් අයියා කතාව පටන්ගත්තා.“ඔ.. ඔයා පටලවගෙන රමී.. ඒ මදිවට අම්මයි තාත්තයිත් පටලවගෙන.. මං.. මං ඒකඑයාලට තේරුම් කරල දෙන්නං..”මේකා සුදු කෙල්ල ඉස්සරහ තනිකම සුදු චරිතයක් ඇක්ට් කරන්නයි යන්නෙ.. ඕවටතමා ඉතිං ඇඟේ මාලු, මාලු ලෑල්ල උඩ නටනව කියන්නෙ..“තේරුම් කරන්න... මොනව තේරුම් කරන්නද මිනිහො.. මේ කතාව බොරුව කියලකියන්නද හදන්නෙ.. එතකොට අර සුමංගල පාරෙ ඉන්න ගෑනියි ළමයයි මගේද... ඒ අසරණයො දෙන්නගැන තමුසෙ මොකුත් දන්නැද්ද...”“ඔය කියන අයත් එකක් මගේ කිසිම සම්බන්ධයක් නෑ රමී.. ඔයා හැමදේම පටලවගෙන..”ඒ පාර නම් මට මලේ මල.. ඉසුරුටත් නහුතෙටම යකා නැග්ගා කියලා මට තේරුණා.ඒ නැගිල්ල හන්ද ඉසුරු හැමදේම තත්පරේට දෙකට කාබාසිනියා කරල දැම්මා.“අපි පටලවගත්තු රෙද්දක් නෑ සමීර අයියෙ.. උඹ තමයි හැම ලබ්බම පටලවගත්තෙ..උඹට මතක නැත්තම් මං මතක් කරල දෙන්නං..පෙරේදා රෑ දහයෙ ඉඳලා එළිවෙනකම් උඹ ඒ ගෙදරඇතුළෙ මොකද කරේ.. පොල් ගෑවද... ආ.. මට කියපං..”ඉසුරුගෙ කතාවට සමීර ගල් ගැහුනා කියලා මට තේරුණා.. ඇටෑක් එකක් ආවත් මේවගේ මිහිතලය හෙල්ලෙන ඇටෑක් එකක් එයි කියි කියලා මිනිහා කීයටවත් හිතන්නෙ නැතුව ඇති.“උඹට බැරි නම් කමක් නෑ සමීර අයියෙ.. ඒත් උඹ කරන අනේක කුපාඩි වැඩ වලට අපේඑකාව මාට්ටු කරන්නෙපා.. රමීඅහිංසකයි.. උඹ දන්නවද... උඹ දන්නවද... මායිරමියයි නැත්තං උඹේ පුංචි එකා මැරෙනවා කියලා.. උඹ ගෑනි ඒ පට්ට රෑ මොනතරම් තනිවෙලාදහිටියෙ.. අපිනේ මනුස්සයො ඒ පුංචි එකාට බේත් ටික පවා අරන් දුන්නෙ.. සෙම හිරවෙලාපුංචි එකා මැරෙන්න හදනකොට උඹ විශ්වාස කරපං.. මේ රමී තමයි පහත් වෙලා නහයට කට තියලාසෙම ඇදලා සෙම කැටිය එළියට ගත්තෙ..”කියන්න ඕන නැති කතාවකුත් ඉසුරු කියල ඉවරවෙනකොට උගේ කටේ කෙලත් හිඳිලාතිබුනා. මෙතනින් එහාට මෑන් වචනයක් කතා කරන්නෙ නෑ කියලා මං නිට්ටාවටම දැනන් හිටියා.“මගේ අයියා හින්දා තමුසෙව මෙහෙම අතාරින්නෙ.. නැත්නම් දෙයියන්පල්ලා මෙතනමභූමදාන කරලයි පස්ස බලන්නෙ.. මේ කරපු පරට්ට තිරිසන් වැඩේට.. හ්ම්.. දැන්වත් ඉතිංමනුස්සයෙක් වගේ ගිහින් අර අහිංසකයො දෙන්න ගෙදර එක්කං එනවා.. තමුසෙට කරදරයක් වෙන්නමං ඉඩ තියන්නෑ..”“ඒගොල්ලො ගෙදර එක්කං ආවම මට මොකද වෙන්නෙ...”පැත්තකට වෙලා ඉඳපු සුදු කෙල්ල මැද්දට පැන්නා.ඔන්න ඕකනේ හත්තිලව්වෙ කරන්න බැරි.. මේ තරම් යස අගේට අතක් පයක් නොකැඩිප්‍රශ්නෙ බේරල තියෙද්දි මේ නෑම්බි එනවා මල පුප්පන්න.“ඔයාට නම් සුදූ.. පාඩුවෙ පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ආතල් එකේඉන්නයි තියෙන්නෙ. බැරිම නම් මංගල කිංකිණි එකට ඇඩ් එකක්වත් දාන්න... එනව මෙතන නහය උඩින්වතුර ගිහිල්ල තියෙද්දි ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින්න..”ඒ පාර පැත්තකම ඉඳපු ඉසුරුත් කතාවට පැන්නා. හැබැයි ඌ කියපු මුල් ටික මටතේරුනත් අන්තිම ටික නම් මට තේරුනේම නෑ. ඌ උඵමාව පටලවගෙනද කොහෙද කිව්වෙ.“ඇඩ් දාන්න... දෙන්නම් මං හොඳ ඇඩ් එකක්..”තත්පරයක් ගියේ නෑ.. කෙල්ල විදුලියක් වගේ අයිය ඉස්සරහට ආවා. ඒ ආපුගමන්ම අත දිගෑරලා හොඳ සනීපෙට අපේ එකාගෙ වම් කම්මුලට පත බාල ඇරියා. මටයි ඉසුරුටයිඇහුනෙ චටාස් කියන සද්දෙ විතරයි.“තමුසෙගෙයි මගෙයි හැම දෙයක්ම.. ඔව්.. හැම දෙයක්ම ඉවරයි.. තමුසෙ මගේ ඇස්ඉස්සරහට එන්නෙපා.. තමුසෙ මහ කැත සතෙක්..”කෙල්ල ඒ ටික විතරයි කිව්වෙ. හැරෙන පයින් පිඹ පිඹ අපි ගාවින් දුවගෙනගියා. කතාව කිව්වෙ සමීරට උනත් ඒක මටයි ඉසුරුටයි දෙන්නටම වැදුනා. මං හෙමින් සීරුවෙඅයියා දිහා බැලුවෙ ඒකයි. මුළු මූණම කේන්තියෙන් පුරවගෙන, මාව මරන්න ඕන කොහොමද කියලහිත හිත ඉන්න සහෝදරයෙක්ව දකින්න මට ඕන උනත් ඒ මූණ මැද තිබ්බෙ අහිංසක අන්ත අසරණපෙනුමක්.. කියාගන්න බැරි මහා දරුණු පරාජයක්.“ඔ.. ඔයා මේ මොකක්ද කරේ රමී... ඔයා මොනවද කෙරුවෙ.. ඔයා මගෙ හැමදේම විනාසකරා.. ම.. මං කොහොමද ආයෙ ඔලුව උස්සන්නෙ...”මැරෙන්න පණ අදින මිනිහෙක්ගෙ කටින් වචන කැඩි කැඩි ගලනව වගේ අයියගෙකටින් වචන බොහොම අමාරුවෙන් එළියට ආවා. ඒත් මට මිනිහා ගැන පුංචි දුකක්වත් ආවෙ නෑ.මගේ හිතේ තිබ්බෙම අර සුමංගල පාරෙ ඉන්න පුංචි එකාගෙ අන්ත අසරණ මූණ. ඒ පුංචි එකාට අදඉඳන්වත් රැකවරණයක්, සදා කාලික ආදරය දෙන්න ඕන වෙලයි මට තිබුණෙ.“විනාස උනාට කමක් නෑ.. ඔලුව උස්සන්න බැරි උනත් කමක් නෑ.. අර පුංචිඑකාවයි, තමුසෙගෙ ගෑනිවයි ගෙදර එක්කන් එනවා.. තමුසෙට ප්‍රශ්නයක් නොවෙන්න මං ගෙදරපරිසරේ හදල දෙන්නං..”“ඒක.. ඒක කවදාවත් වෙන්නෑ රමී..”“ඇයි...”“මට එයාලව එක්කං එන්න බෑ.. මං ඒක කොහොමටවත් කරන්නෑ..”මගේ යකා ඒ පාර නම් නප්පියටම නැග්ගා. මොන කුණුහරුපයක්ද මේ කැලෑ සතා මේදොඩවන්නෙ. මේ හාල්පාරුවට මේ තරම් කියලත් උගේ ආදරේ ඇස් ඉස්සරහම දෙකට තුනට කඩලමදාලත්, දෙනෝ දාහක් ඉස්සරහ කණ පැලෙන්න කම්මුල් පාරක් කාලත් මුගේ උපන් අමනකම ගිහින්නෑනෙ.. තවත් නම් ඉතිං මූට ධර්මෙන් කතා කරල හරියන්නෑ..“එහෙමද... ඒක කවදාවත් වෙන්නෑ කියලා තමුසෙ කිව්වට ඒක අදම වෙනව තේරුණාද...තමුසෙට එතකොට උණ ගැනෙයි.. දැන්මම පැනඩෝල් බොනවා..”“ඔ.. ඔයා මොනවද කරන්නෙ රමී..”“මං පුංචි එකාවයි තමුසෙගෙ ගෑනිවයි ගෙදර එක්කං එනවා.. එතකොට මේ ලෙඩේනිට්ටාවටම සුව වෙයි..”“එපා රමී.. එපා.. මං ඒ දේට කැමති නෑ.. ඔයා ඔය කරන්න යන්නෙ ලොකුවැරැද්දක්.. මං කියන දේ ඩිංගක් අහන්න..”“අනේ තමුසෙගෙ බණ.. අපි යමං ඉසුරු..”“මං ඔයාට හැමදේම කියන්නම් රමී.. ඔය වැඩේ කරන්නෙපා..”හැමදේම කියල කිව්වට සමීරයට තව මොනවද අප්පා කියන්න තියෙන්නෙ.. මමයිඉසුරුයි දෙන්නම හැමදේම දන්නවනේ.. මේකා අර මෙගා නාට්‍යවල වගේ ගියපු ඒවමද කොහෙදආයෙත් ටෙලි කාස්ට් කරන්න හදන්නෙ. මං ඉසුරුත් ඇදගෙන කාර් එකට ආවා. ඌ පටස් ගාලා කාර්එක ස්ටාර්ට් කරගත්තා. ඒ එක්කමයි ඉසුරු මං දිහා බැලුවෙ.“මොකෝ බං...”“බියර් බෝතල් ටික..”“ඒවා තිබුණාවෙ.. අපි මේ කතන්දරේ ඉවර කරලම ඇවිත් පාටියක් දාමු.. ටිකක්සැර ඒවත් එක්කම.. නැත්තං ඔන්න ඔහේ අල්ලලා දාමු.. හ්ම්.. දැන් ඉතිං ලෑල්ලට පාගහං..මට ඩිංගක්වත් පරක්කු වෙන්න බෑ..”“සුමංගල පාරටද...”“ඔව්.. දරුවයි කෙල්ලයි ගෙදර ගේන්න ඕන..”“ගෙදර අවුලක් වෙන එකක් නැද්ද රමී...”“අවුලක් ආවත් කරන්න දෙයක් නෑ..”කාර් එක එක තැන රේස් කරල ඉස්සරහට අරගෙන ඉසුරු නයිට් රයිඩර් පාට් එකක්ඇට් කරන්න ගත්තා.“එහෙනම් සමීරගෙ ආදරණිය ආදරේ අපි දෙන්නා එක්කහු වෙලා අභාවප්‍රාප්ත කරලදැම්මා.. හහ්.. හහ්.. හා..”ගියපු ස්පීඩ් එකෙන්ම කිසිම අවුලක් නැතුව අංශක හැත්තෑපහක විතර කෝනෙකින්ඉසුරු කාර් එක සුමංගල පාරට දැම්මා. කාර් එක ටිකක් විතර පැද්දිලා ඇලවෙලා ගියත්ඉසුරු භාන්ඩෙ කොන්ට්‍රෝල් කර ගත්තා.“දැන් එතකොට අපි මේ යන්නෙ...”“ඔව්.. අපි දැන් යන්නෙ..”“ඒ අභාවප්‍රාප්ත උන උගෙ ආදරේ අවසාන කටයුතු ටික සිද්ධ කරන්න..”ඉසුරු උස්සපු අතට පහක් දාන ගමන් මං කිව්වා. සමීරයා මේ වෙලාවෙ පිස්සුහැදිච්ච අබරන් සීයා වගේ මුල්ලක් අල්ලගෙන වැලපෙනවා ඇති. ඇයි අප්පා.. මොනව කරලවත් ඌටවැඩේ ගොඩදාගන්න බැරි උනානෙ.
|
BLOG
|
2013.01.18
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5. ඇතුළෙසද්ද බද්දකීපයක් ඇහුණත් මිනිහා කාමරේ ඇති කියලා මට විශ්වාසයක් තිබුණෙ නෑ. සද්ද බද්ද කරන්නපූසෙක් හරි ගෙනැල්ල තියල මේකා සද්ද නැතුවම මාරු වෙලාද කවුද දන්නෙ. කෝකත් කියල මංදොරට තට්ටු කළා. මේකා ඉන්නවද නැද්ද කියල බලල එළියට මාරුවෙන එක ඇඟට වගේම හිතටත්ගුණයි.“ක.. කවුද...”කාමරේ ඇතුළෙන් ඇහුණෙ මිනිහගෙ කටහඬ. මං පටාස් ගාලා ගෙයින් එළියටපැන්නා. මිනිහා දැන් දොර ඇරලා බලල ආයෙත් දොර වහගනියි. මිනිහගෙ රාත්‍රී වීදිසංචාරයට තව වෙලා තියෙනවනේ. අදත් පුතෝ මං උඹේ පස්සෙන්ම තමයි. ගේට් එක ළඟට එන්න හම්බවුණේ නෑ. ඉසුරු ඇවිත් කාර් එක නැවැත්තුවා.“යං..”කාර් එකට නැගලා මං ඉසුරු දිහා බැලුවා. උගේ මූණ හොඳටම සවුත්තු වෙලා.මේකා සාමාන්‍යයෙන් අවුල් කරගෙන පවුල් කන්න ලෑස්ති වෙන මිනිහෙක් නෙමෙයි කියන්න මංඅත්දැකීමෙන් දන්නවා. ඒ වෙලාවෙම දෙක තුනක් ඇනලා විනාස කරල දානවා මිසක. ඒ තමයි උගේඋපන් ගතිගුණ.“එපා වෙනව බං..”පාලු පාරෙ ටවුම පැත්තට අසූවට විතර පාගන ගමන් ඉසුරු කිව්වා. මං හිතන්නෙඌට ඒක කියවුණා.“කොට බිස්නස් එකද...”“නෑ රමියා.. අපේ නංගිත් එක්ක කතා කරල බේරෙන්න බෑ.. රෑට ගෙදරින් එළියටබහිනකොට හැමදාම මාර කචල්.. මගේ මාලු කන්නමයි හදන්නෙ..”“ඉතිං උඹේ බිස්නස් ඔක්කොම තියෙන්නෙ රෑට කියල ඉමාෂි දන්නවනේ.. මොකද ඕවාදවල්ට කරන්න පුළුවන් ඒවා නෙමේනෙ..”“ඒක තමා රමී.. එයා කියනව මේ කරන වැඩ නවත්තන්නලු.. ඕවා කරල හරියන්නෙනෑලු..”“මේ කරන වැඩ නවත්තලා කන්න බොන්න දෙන්නෙ පොලීසියෙන්ද කියලා උඹ ඇහුවෙනැද්ද...”“ඇහුවා.. එතකොට නංගි අඬන්න ගන්නව රමී..”ඔන්න ඕකනේ කෙල්ලො එක්ක කරන්න බැරි. ඕන කෙහෙල් ගෙඩියකට මුලින්ම කරන්නෙහොට්ට බේරන එක. ඉතිං පටන් ගත්තු තැනම වැඩේ ලොප්.“ඉසුරු..”මේ කෙරීගෙන යන කතාවෙ ට්‍රැක් එක මාරු කරන්න මට ඕන වුණා. මෙහෙම ගියොත්ඉමාෂි වගේම මාත් හොට්ට බේරන්න ගනියි.“ඉසුරු.. මං වැඩිවෙලා මෙතන ඉන්නෙ නෑ..”“ඇයි රමී..”ඒ වෙනකොට බුලතගෙ නංගිගෙ වෙඩින් එක තියෙන හොටෙල් එක ළඟට අපි ඇවිත්තිබුණා. ඉසුරු කාර් එක තාප්පෙ අයිනෙන්ම පාක් කරද්දි මං උගේ මූණට එබුණා.“අදත් සමීරයා පස්සෙ යන්න ඕන..”“ඒකෙ අවුලක් නෑ.. ඉස්සෙල්ලා හොටෙල් එකට යමං..”මං ඉසුරු එක්ක හොටෙල් එකේ ලොබි එකට ආවා. මංගල උත්සවයක කළ එලි එහෙන්මෙහෙන් පේන්න තිබුණත් මං වටපිට බැලුවෙ දන්න කියන එකෙක් හරි ඉන්නවද බලන්න. ඒ බලද්දිතමයි මට අදහගන්න බැරි දෙයක් ඇස් ඉස්සරහ තිබ්බෙ. ලොබියෙ කෙලවරේම මහත ගෑනු කෙනෙක්එක්ක කතා කර කර හිටපු කෙනා දැක්කම මගේ හිතට ආපු එකම දේ තමයි මෙයා මොකද මෙතන කරන්නෙකියලා.“රමී..”පිටිපස්සෙන්ම ඇහුනෙ ඉසුරුගෙ කටහඬ. ඇස් දෙක ඩිංගක්වත් එහා මෙහා නොකර මංඑතනම නතර වුණා.“මේකි මොනවද මෙතන කරන්නෙ... අනික මේ පට්ට රෑ වෙලා තියෙද්දි..”මගේ හිතේ තිබ්බ ප්‍රහ්නෙම ප්‍රශ්න දෙකක් විදියට ඉසුරු මගෙන් ඇහුවා. ඒඑක්කම තමයි ලොබියෙ කෙළවරේම හිටපු නදිනිගෙ ඇස් දෙකයි, මගේ ඇස් දෙකයි එකට පටලැවුණෙ.කාලයක් මං ආස කරපු ඒ ඇස් දෙක මහා පුදුමයකින් ලොකු වෙනව මං දැක්කා. ඒත් හිතේ,විහිලුවට හරි ඉපදිච්ච ආදරයක් මැරිල යන්නත් කලින් පොළවට පස් කරපු නදිනි වගේකෙල්ලෙක්ගෙ මූණෙ කෝමල රේඛා ගැන මං තඹ සතේකටක ගණන් ගත්තෙ නෑ.“මං ගිහින් ඒකි එක්ක කතා කරන්නද...”“මොකටද...”මං ඉසුරුට කඩන් පැන්නා. මූ මොකටද ඒකිගෙ සීනි කිරන්න ඒකි ළඟට යන්නෙ..ආදරේ අංශු මාත්‍රයක් හරි හිතේ කොනක තිබ්බ නම් නදිනිනේ මං ගාවට එන්න ඕන. ඒත් නදිනිකියන්නෙ මං හිතන් හිටපු ආලෙ අහිංසක කෙල්ලෙක් නෙමෙයි. කලින් මගෙත් එක්ක ඉන්නකොට ඒකිඅඬල වැලපිල හොටු හූරල තියෙන්නෙ කලාත්මක ගේමක් අදින්න.“උඹ වැඩේ කරපං.. මං එළියෙ ඉන්නං..”ඉසුරුට හොටෙල් එක ඇතුළට යන්න දීලා මං ලොබි එකෙන් එළියට ආවා. ඇත්තමකියන්න මං එක පාරක්වත් පිටිපස්ස හැරිල බැලුවෙ නෑ. ඒ බලපු නැති එකේ ප්‍රතිඵල තත්පරගානකදි මගේ පිටිපස්සෙන් ඇහුණා.“රමී..”නදිනිගෙ කටහඬේ අමුතු උත්තේජනයක් තිබුණා. එයා හිටියෙ මුලු ලෝකයම එයාගෙඅත් දෙක උඩට හම්බවෙලා වගේ. ඒත් මං ඒකට හේතු හොයන්න ගියේ නෑ. මොකද මේ වෙනකොට නදිනිමට කාලා විසි කරපු බබල්ගම් එකක තත්වෙට ඇවිත් තිබ්බ හින්දා. තව කටේ තියන් හිටිය නම්වෙන්නෙ හක්ක රිදෙන එක විතරයි.“මං දන්නව ඔයා ආවෙ ඇයි කියලා..”හැම දෙයක්ම උඩු හුළඟටත් උඩින් තිබ්බ හුළඟකට ගහන් ගිහිල්ලා තියෙද්දිඑයාට ඒක හරි කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.“ඔ.. ඔයා ආවෙ මං බ්‍රයිඩ් කෙනෙක් වෙන්න කලින් අන්තිම පාරට බලලයන්නනෙ..”“මොකක්...”තව පොඩ්ඩෙන් මට ඉක්කාවකුත් හැදෙනවා.. මේ වගේ අංගවිකල කතාවක් රමියාඔය ඇහුවමයි.“ඇයි.. රමිත.. ඒක එහෙම නෙමෙයිද...”“ඔයාගෙ නම් ලූස් එක තාම ඇරිල නෑ වගේ.. මං ආවෙ බුලතගෙ වැඩකට..”“බුලතගෙ..”“ඔව්.. අයි.පී බුලත්සිංහලගෙ..”“ඔයා දන්නවද රමිත අයි.පී බුලත්සිංහ කියන්නෙ කවුද කියලා...”කෙල්ලොත් ප්‍රශ්න අහන්න ගත්තහම මාරයි අප්පා. උං හිත්නනෙඇන්ටාක්ටිකාවෙනුත් එහාට දේවල් උං දන්නව කියලා.“නෑ..”“එයා මගේ ලොකු අම්මගෙ පුතා..”ඒකත් එහෙමද... එහනෙම් රමියයි ඉසුරුයි පස්ස පැත්තට පැට්‍රෝල් ගහපුබලුකුක්කො වගේ පණ කඩන් ආවෙ නදිනිගෙ වෙඩින් එකට උදව් කරන්නද... ෂෙහ් මීට වඩා හොඳනැද්ද බුලත අත දීගෑරලා මගේ කම්මුලට කෙලියා නම්.“ඔයාල බුලත් අයියගෙ යාලුවොද...”ටිකක් හිතට අරන් වගේ නදිනි ඇහුවා. ඒ ඇහිල්ලෙ තිබ්බෙ අමුතු අහංකාරගතියක්. එතකොට තමයි රමියගෙ සුපුරුදු පුරුෂාධිපත්‍යයයි සැබෑ ගටයි එලියට ආවෙ.“යාළුවො කියල නම් කියන්න බෑ.. මොකද යාළුවො,යාළුවන්ට පගාවදෙන්නෑනෙ..”“පගාව...”“ඔව්.. හොරෙන් කැලෑ කපනවට පගාව..”නදිනිගෙ මූණ ලුනු දෙහි අච්චාරු කාපු පොඩි එකෙක්ගෙ වගේ හැඩ උනා. මගේහිතට මාරම ගතියක් ආවා ඒක දැකලා. ආවා මෙතන බුලතගෙ වරුණෙ කියන්න.“මොනව උනත් ඔයාගෙ අලුත් ජීවිතේට මං සුභපතනවා. මට වැඩිය හොඳ කෙනෙක්වනේඔයා බඳිනව ඇත්තෙ.. තීරණයක් ගන්න බැරිව එහාට මෙහාට වැනෙන්නැති රියල් බුලට් එකක් වෙන්නඇති නේද... කොහොමද.. මෑන් හැන්ඩියද...”බුලතගෙ ට්‍රැක් එකෙන් මං කෙලින්ම වෙඩින් ට්‍රැක් එකට පැන්නා. මෙච්චරවෙලා නදිනිගෙ මූණෙ තිබ්බ අලි ඒජන්තකම කොහෙදෝ ඈතකට පාවෙලා ගිහින් තිබුණා.“ඔයා.. මාව නොමරා මරනවා රමී..”“හා... හා.... මං ඔයාව නොමරා මරන හින්ද තමයි මං කසාඳ බඳින්න බෑ කිව්වගමන් සතියක් දෙකක් යන්න කලින් වෙන එකෙක්ව බඳින්න යන්නෙ.. අනේ හලෝ.. තමුසෙලා වගේගෑනු, පඳුරකට පයින් ගැහුවත් තුන් හතර දෙනෙක් හොයා ගතෑකි..”“ම.. මට ඔහොම කතා කරන්නෙපා රමී..”“මං කතා නොකර ඉන්නෙක ඔයාට මාර සනීපයි කියල මට තේරෙනවා.. ඒත් මං අයින්වුණ ගමන්ම සෙට් කරගන්න, තවත් කොල්ලෙක්ව ඔයාගෙ ඔය පරම පවිත්‍ර වෙච්ච හදවත ඇතුළෙ ඉඳලතියෙනව කියල දැනෙනකොට මටත් මාර සනීපයක් දැනෙනවා.. තමුසෙල වගේ දෙකයි පනහෙකෙල්ලොන්ටනේ හලෝ මාත් මැරීගෙන පෙම් කරේ..”“අනේ රමී.. කෑගහන්නෙපා..... අම්මත් ඉන්නවා..”“මේක කෑගැහිල්ලක් කියල හිතනව නම් රමීගෙ අවසාන කෑගැහිල්ලත් මේක තමයි..ඔයා සමහර විට බලන් ඉඳියි.. ඒත් මං වෙඩින් එකට එන්නෑ.. ඒකයි මං හම්බ වුනු වෙලාවෙමවිෂ් කෙරුවෙ.. පටන් ගන්න යන ජීවිතේ හොඳට අරගෙන යන්න.. ගුඩ් බායි නදිනි..”ඇස් දෙකේ කඳුළු බිංදු දෙකක් තියාගෙන නදිනි බලාගෙන ඉන්දෙද්දි මං ලොබිඑකෙන් විතරක් නෙමෙයි හොටෙල් එකෙනුත් එලියට බැස්සා. ඒ එක්කම තමයි ඉසුරු මගේ ළඟටආවෙ.“මොකද කෙල්ල කියන්නෙ... බැන්දට පස්සෙ වෙනද වගේම ළඟින් ආශ්‍රය කරමුකියනවද...”“පිස්සු නැතුව ඉඳපං.. ඒකිට ඒ තරම් අමාරුවක් නෑ.. හිතේ අමාරුවට කසාඳබඳිනව මිසක..”“ඒකි මොනවද බං මේ රෑජාමෙ මෙතන කරන්නෙ...”“ඒකිගෙ මගුලට තමයි බං උඹයි මායි සප් එක දෙන්න ඇවිත් තියෙන්නෙ..”“මොකක්...”“ඔව්.. බං.. බුලතා කියන්නෙ ඒකිගෙ ලොකු අම්මගෙ පුතාලු..”“න්.. නෑහ්...”“නැත්තෙ නෑ බං.. ඔව්..”“එහෙනම් මොන කෙහෙල් ගෙඩියකටද බං අපි මෙතන ඉන්නෙ.. යමං යන්න..”“එතකොට බුලතා..”“ඌට බම්බු ගහගන්න කියමු.. උඹව එපා කියල, එක හිතින් වෙන එකෙක්ව කසාඳබඳින මේ වගේ මඟුලක හුළඟක්වත් ගෑවෙන්න හොඳ නෑ.. මුංගෙ සප් එක මුංම බලා ගනියි..නැගපංකො කාර් එකට..”මං ඉසුරුගෙ කැමතිම ගතිගුණේ ඕකතමයි.. ඕන ලොක්කෙකුගෙ ඕනම ඕඩරේකට, මංහින්ද පයින් ගහන්න ඉසුරු ලෑස්තියි.“දැන් කොහෙද යන්නෙ...”“ඇයි උඹ කිව්වෙ සමීරයා පස්සෙ යන්න ඕන කියලා...”“ඒක නම් එහෙම තමයි.. ඒත් ඌ ඉන්නෙ කොහෙද කියල ඌම තමා දන්නෙ..”ඒ වෙනකොට කාර් එක හෙමින් සීරුවෙ උසාවිය හංදියට ඇවිල්ලා තිබුණා. එතනඉඳලා මීටර් පනහක් විතර පාර දිගේ මැද්දෙන් තනි සුදු ඉර ඇඳලයි තිබුණෙ. ඒ කියන්නෙ මොනහදිස්සිය තිබුණත් ඒ ඉර කපලා වාහනේ අරන් යන්න බෑ. හෙමීට තවත් වාහනයක් පස්සෙ ගාටන එකතමයි සිහි බුද්ධියෙන් කරන්න ඕන. ඒකට එක හේතුවක් තිබුණා. ඒ තමයි නගර සංචාරක ට්‍රැෆික්පොලීසිය දවසෙ පැය විසි හතරම ඔතන තැපගෙන ඉන්න එක. ටවුම ගැන නොදන්නා එකෙක් හරිතදියම් කාරයෙක් හරි අනිවා උසාවි දාන්න කියාපු තැනක් තමයි ඔය උසාවි හන්දිය. මේරමියා නම් අනිවා ඔය හැම බඩකඩිත්තුවක්ම දැනගෙන හිටියා.“රමී..”“ම්..”“කේස් එකක් වගේ..”ඉසුරු දැක්ක දේම ඒ වෙලාවෙ මාත් දැක්කා. උසාවිය හංදියට ඩිංගක් එහායින්සිටි ට්‍රැෆි් එකේ තදයෙක් මිනිහෙක්ගෙ කොලර් එකෙන් අල්ලගෙන. ඒ මනුස්සයට ඩිංගක්මෙහායින් තරුණ ගෑණු ළමයෙකුයි පුංචි ළමයෙකුයි.“අයින් කරල නවත්තපං ඉසුරු..”මොකටද ඒ කියල අහන්න වගේ මගේ මූණදිහා බැලුවත් ඉසුරු වාහනේ අයින්කරල නැවැත්තුවා.“රමි.. මොකද කරන්නෙ... ඔතන ඉන්න ට්‍රෆික් සාජන් මහ එපා කරපු එකෙක්..”ඒ වෙනකොටත් මං එතෙන්ට ගිහිල්ලා ඉවරයි.. වෙන වෙලාවක නම් මං මේ වගේ තැනකදැන හැඳුනුම්කම් පෙන්නන්න යන්නෙ නෑ. ඒත් අර තරුණ ගෑනු කෙනා අතේ පිටපු පුංචි දරුවගෙඅසරණ මූණ මට එතන දාලා යන්න හිත දුන්නෑ.“මොකද මහත්තයො මෙතන වෙන්නෙ...”වම් අතින් ත්‍රීවිලර් එක එළවගෙන ආපු මනුස්සයගෙ කොලර් එකෙන් අල්ලන්ඉන්න ගමන්, දකුණු අත ඒ මනුස්සයගෙ කම්මුල හරහා යවන්න ඔන්න මෙන්න තියල හිටපු ටැෆික්සාජන් මැද්දට මං පැන්නා. සමහර විට මේක ඉල්ලගෙන කෑමක් හරි රාජකාරියට බාධා කිරීමක්හරි වෙයි. ඒත් කරන්න දෙයක් නෑ.“තමුන් කවුද...”කොලර් එකෙන් අල්ලන් ඉන්නග මන්ම ට්‍රැෆික් සාජන් මගෙන් ඇහුවා. මිනිහටඋත්තරයක් දෙන්නක ලින් මං අර තරුණ ගෑනු කෙනා දිහා බැලුවා. එයාගෙ අතේ හිටපු පුංචිදරුවා බොල් සද්දෙට කහින්න ගත්තා. පේන විදියට නම් පුංචි එකාට අමාරු පපාටයි.. මේ ත්‍රීවිල්එකට නැගල තියේනනෙ බෙහෙත් ගන්න කියල රමීගෙ ඔලුවට පටස් ගාලා මීටර් උනා.“මගේ රාජකාරිය ගැන ප්‍රශ්න කරන්න තමුන් කවුද...”ඒ වෙනකොට අනිත් ට්‍රැෆික් හාදයොයි ඉසුරුයි මගේ ළඟට ඇවිල්ලා තිබුණා. මේවෙලාවෙ බලෙන් වලියට පටලැවිලා ඉල්ලගෙන කන්න උවමනාවක් මට තිබ්බෙ නෑ.. ඒ හින්දම ශාන්තදාන්ත ස්වරයෙන් මං කටහඬ අවදි කරා.“මමද... මම මහ ජනතාව... ඉතිං මහ ජනතාවට අයිතියක් තියෙනව තොරතුරුදැනගන්න.. නිකම්ම මනුස්සයෙක්ගෙ කොලර් එකෙන් අල්ලලා නැව් ගුටි දෙන්න ඔබතුමාටපුලුවන් කමක් නෑ. මෙයා වැරැද්දක් කරල නම් ඒකට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගඇතිනේ..”“උඹ කවුද මිනිහො මට නීතීඋගන්නන්න...”ට්‍රැෆික් සාජන් මහත්තයා දේවදත්ත පාට් එකෙන් මට කඩාගෙන පැන්නා. ඉවසීමේබැමි එකින් එක බිඳෙන්න යද්දි මං තොල හපාගත්තා.“මං ඉස්සෙල්ලත් කිව්වෙ.. මං මහ ජනතාව කියලා.. ටිකක් මොලේ ඇතුව වැඩකරපං මහත්තයො.. කවුරු හරි මේක වීඩියෝ කරලා, ලයිව් ඇට් එයිට් එකට යැව්වොත් ඔය නාකිකිට් එක මෙතනම ගලවලයි ගෙදර යන්න වෙන්නෙ.. තේරුණාද...”මගේ කතාවෙන් පොලීසියෙ මහත්තයගෙ ඔද තෙද බල එහෙමත් නැත්නම් රැස්පොට් එකබිංදුවටම බැස්සා. මිනිහා වටපිට බැලුවෙ ඒ වෙනකොටත් මිනිහව වීඩියෝගත වෙලාද බලන්න..කොහොම හරි ඒ තත්පරයෙ ඒ මිනිහගෙ අතින් අර ත්‍රීවිලර් එක එළවගෙන ආපු මනුස්සයගෙ කොලර්එක අතෑරිල තිබුණා. අන්න ඒ වෙලාවෙ තමයි මං දැක්කෙ ත්‍රීවිල් එක එලවගෙන ආපු මනුස්සයාකණ පැලෙන්න බීලා කියනෙක. දැන් ඉතිං කරන්න දේකුත් නෑ. බැලුවහම ට්‍රැෆික් සාජන්ගෙ ඇති වරදකුත් නෑ. කෙලින් හිටගන්න බැරුවබීලා පොඩි එකෙකුයි ගෑනියෙකුයි වීල් එකේ දාගෙන බර වාහනේකට අඩයක් තියන්න ගියාට මුගේඅල්ලන්න ඕන කොලර් එකෙන් නෙමෙයි.. බෙල්ලෙන්..“හරි ලොක්කා.. ඔයා ඔයාගෙ ඩියුටිය කරන්න.. අපෙන් බාධාවක් නෑ.. සියලු දේකිව්වෙ සමාජයෙ යහපත උදෙසා.. හරිනේ.. එහෙනම් අපි ගියා..”මාව කාර් එක දිහාට තල්ලු කරන ගමන් ඉසුරු කිව්වා. ඒ අතරෙ ට්‍රැෆික්සාජන් අර මනුස්සයව පොලිස් ජීප් එකට දාගන්නවා මං දැක්කා. ඌට අද හොඳි නැතුව පාන්හම්බ වෙයි. අවුරුදු උත්සවේදි වගේ බැලුම් පුම්බන්නත් වෙයි.“උඹත් අහක යන රෙද්දවල්නේ දාගන්නෙ රමී.. මේ වැඩකට නැති දේවල්.. ආ..මොනවද උඹ කල්පනා කරන්නෙ...”“අර වීල් එක ගාව හිටපු පුංචි ළමයා සනීප නැතුව නේද හිටියෙ.. බෙහෙත්ටිකක් ගන්න වත් ඒ ගෑණු මනුස්සයා මේ මහ රෑ යන්නෙ කොහොමද.. අර යකාව ෂුවර් එකටමරිමාන්ඩ් කරයි..”“ඒකත් ඇත්ත රමී.. මොකද කරන්නෙ...”ඉසුරු මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ කට ළඟටම ඇවිල්ලා තිබුණා.. ඒ අපේකාර් එක ළඟට ඇවිල්ලා හිටපු කෙනාව දැක්කම..“අ.. අනේ මල්ලි.. මාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න පුලුවන්ද...”ත්‍රීවිල් එකේ ආපු ගෑනු මනුස්සයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන අපි ඉස්සරහබැගෑපත් වුණා. කරේ ගහගෙන හිටපු පුංචි එකා මයින හමක් අඳිනව වගේ අමාරුවෙන් හුස්මඅල්ලනවා. මං හිතන්නෙ සෙම වැඩිවෙලා හතිය උපරිමයට ඇවිල්ල වගේ.මං තත්පරයක්වත් ප්‍රමාධ වුණේ නෑ. කාර් එකේ පිටිපස්සෙ දොර ඇරලා අම්මවයිදරුවවයි කාර් එක ඇතුළට දාගත්තා.“යමු ඉසුරු.. මේ වෙලාවෙ සුගත් ඩොක්ටර්ට කතා කරල බලමු..”මෙච්චර රෑවෙලා ඩොක්ටර් කෙනෙක් හොයන එකත් ප්‍රශ්නයක් තමයි.. ඒත්සුගත් ඩොක්ටර්ගෙ අලුත් ගේ හදන්න ලී ගිහින් දීලම එයත් එක්ක මහා පරිමාන ෆිට් එකක්ඉසුරුටයි මටයි දෙන්නටම තිබුණා.“මහත්තයට ඇප තියන්න වෙයි නේද...”පුංචි එකා අමාරුවෙන් හුස්ම අල්ලලා අඬද්දි ඒ ගෑනු මනුස්සයා හොඳටමබයවෙලයි හිටියෙ.. මගේ ප්‍රශ්නෙත් එක්කම එයා ඔලුව උස්සලා මං දිහා බැලුවා.“ඒ මනුස්සයත් එක්ක මං හයර් එකක් ආවෙ.. බබාට හුඟක් අසනීප උන හන්ද පාරෙආපු ත්‍රීවිල් එකට මං අත දැම්මා.. මං දැනන් හිටියෙ නෑ ඒ මනුස්සයා බීලා කියල..”එතන ඉඳලා ඉතුරු වැඩ ටික වෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. ඩිංගක් වෙලාතට්ටු කරල උත්තරයක් නැති තැන මොබයිල් එට කෝල් එකක් අරන් අපි ඩොක්ටර් සුගත්ව ඇහැරවගත්තා. පුංචි එකාගෙ නහයටයි කටටයි ආවරණයක් දාලා නිබියුලයිස් කරල, බෙහෙත් වගයක් දීලාවැඩේ ඉවර වෙනකොට රෑ එකොළහයි. සුගත් ඩොක්ටර් කිව්වෙ තවත් පරක්කු වෙලා ගෙනාව නම්දරුවගෙ ජීවිතේ අනතුරේ කියලා. ඩොක්ටර්ගෙ කතාව ඇහුණා විතරයි අර ගෑනු මනුස්සයගෙඇඬිල්ල වැඩි උනා. ඔන්න ඕකනේ අප්පා මේ ගෑනු සංහතියත් එක්ක වැඩ කරන්න බැරි. මෙච්චරලස්සනට වැඩේ ගොඩදාලා පොඩි එකාටත් බෙහෙත් අරන් දීලා ඉවර උනාට පස්සෙ කිසිඳුහිරිකිතයකින් තොරව හොට්ට බේරන්න ගන්නවා.“අක්කා කොහෙද ඉන්නෙ...”දවසේ වැදගත්ම ප්‍රශ්නෙ ඉසුරු අන්තිමට ඇහුවා. ඒත් ඒකට හම්බ වෙච්චඋත්තරේ මට හරියටම ඇහුණෙ නෑ.“නගින්න.. අපි එතනට ගිහින් දාන්නම්..”ඉසුරු ඒ පාර සම්පූර්ණයෙන්ම ධාර්මික වෙලා. මට කතා කරන්න දෙයක් ඇත්තෙමනෑ. තරුණ ගෑණු මනුස්සයයි පුංචි එකාවයි දාගෙන ඉසුරු ඊගාවට හැටට හැටේ පෑගුවා. ඒත්එතකොටත් උසාවිය ගාව සිටි ට්‍රැෆික් සෙට් එක හිටියත් එයාලා අපිව නැවැත්තුවෙ නෑ.“ඔතනින් වමට දාන්න මල්ලි..”උසාවිය හංදියෙ ඉඳලා කිලෝ මීටර් තුනක් විතර එද්දි ගෑනු මනුස්සයාකිව්වා. ප්‍රධාන පාරෙන් අතුරු පාරට වැටිලා ඒ තරම් දුරක් යන්න හම්බ වුණේ නෑ. ඒ ගෑනුමනුස්සයගෙ ගේ ළඟට ඇපි ඇවිත් තිබුණා.“කරපු උදව්වට ජාති ජාතිත් පින් සිද්ධ වෙනව ඔයාලට..”දරුව වඩාගෙන ඉද්දිම එයා අත් දෙක එකතු කරල අපිට වැන්දා. සෑහෙන තරමෙකටුක ජීවිතයක් ගත කරපු විත්තිය පෙනුන ඒ තරුණ මූණ දිගේ කඳුළු බිංදු දෙකක් නිදහසේ ගලන්ගියා.“ඒක ඒ තරම් හිතට ගන්නෙපා අක්කෙ.. ඔයා නෙමෙයි වෙන වුරු හරි එතන හිටියත්අපි ඒ දේ කරනවා..”“ඔයාලට එහෙම හිතෙනව ඇති.. ඒත් මායි මගේ පුංචි එකයි කොයි තරම් අසරණවෙලා හිටියද කියලා මං විතරයි දන්නෙ.. මං මේ දේට ඔයාලට කොහොම හරි කෙළෙහි ගුණසලකණවා..”මට එක පාරටම ඉසුරු දිහා බැලුණා. උගේ මූණට පුංචි හිනාවක් ඇවිල්ලාතිබුණා. අල්ල ගන්න තුත්තිරි ගහක්වත් නැති මේ මනුස්සයා අපිට කොහොමද සලකන්නෙ.“අක්කා තනියමද ඉන්නෙ...”ටිකක් වෙලා ගිහිල්ලා ඉසුරු අහපු ප්‍රශ්නෙ මට නම් දිරෙව්වෙ නෑ. ගෑනුකෙනත් බයවෙලා වගේ අපේ එකා දිහා බැලුවෙ.“වරදවා තේරුම් ගන්නෙපා.. මෙච්චර රෑ වෙලා තනියම පාරට බැහැපු හින්දයිඇහුවෙ..”“මට තනියක් නෑ මල්ලි..”“එතකොට මහත්තයා..”තරුණ ගෑනු මනුස්සයගෙ කඳුළු ආයෙත් අලුත් වුණා. ඉසුරු ගැන මගේ හිතට ආවෙපුංචි තරහක්. වැඩේ කරල ඉවරවෙලා යන්නෙ නැතුව මේකා මෙතන ඔබද පොර.. මමද බොර.. ප්‍රෝගෑම්එක ටෙලිකාස්ට් කරනවනේ.“එ.. එයා ලංකාවෙ නෑ.. හ්ග්..”ඒ වචන ටිකේ මහ ලොකු කතාවක් තිබුණත් යමු කියල මං ඉසුරුට තට්ටුවක්දැම්මා. අපි කරන්න ඕන දේ උපරිමයෙන් කරානෙ. තවත් මෙතන ප්ලග් වෙවීඉන්නෙකතේරුමක් නෑ.“ජීවිතේ ගැන හිතෙනකොට හරි පුදුමයි නේද රමී..”කාර් එකට නැගලා ස්ටර්ට් කරල ඉසුරු මගේ පැත්තට හැරුණා.“ඇයි...”“බලපං ඉතිං.. උඹයි මායි නැත්නම් අර පොඩි එකාගෙ පණත් යන්න තිබුණා. ඒගෑනු මනුස්සයගෙ ජීවිතේ කොයි තරම් අනාරක්ෂිතද... රෑකට ඔය ගෙදරට කසියා ටේ ගාගත්තුඑකෙක් පැන්නොත් හෙම මොනවයින් මොනව වෙයිද...”“මං දන්නෑ බං.. හැබැයි මට මල පනින එක දෙයක් තියෙනවා..”“ඒ මොකක්ද...”“ඔය ගෑනු මනුස්සයගෙ මිනිහා ගැන.. මේ නෑගිව මේ වගේ තත්වයකට දාලාඌරට ගිහින් ඉන්නෙ.. සල්ලි කෝටියක් හම්බ වුණත් වැඩක් තියෙනවද බං දැන් දැනුනාවගේ ප්‍රෙෂර් එකක් ඒ ගෑනිට දැනෙද්දි...”තවත් ඒ ගැන කතා කරන්න දෙයක් මටයි ඉසුරුටයි ඉතුරු වෙලා තිබුණෙ නෑ. ඒකහින්ද අපි දෙන්නා වෙන වෙනම කල්පනා ලෝකවල තනි වුණා. හැබැයි ඒ තත්පර දහයක් හරිවිස්සක් හරි වෙන්න ඇති. වසරේ ජනප්‍රියතම රහස් පරීක්ෂක කතාව ඒ මොහොතෙදි විකාශයවුණා.පටු පාරෙ ඉඳලා තාර පාරට කාර් එක අරගෙන ඉසුරු පාර අයිනට කරලා කාර් එකනතර කරා. සමහර විට ඌට පම්ප් ටයිට් එකක් වෙන්න ඇති. ඒත් ඒ වෙලාවෙම ප්‍රධාන පාර දිගේසෑහෙන තරම් ස්පීඩ් එකකින් ආපු බයික් කාරයකේ සුපර් ක්‍රෝස් තරග වලදි බයික් එකක්නමනව වගේ හුරු පුරුදු කමකින් එක පාරටම අතුරු පාරට දැම්මා. ඒ දැමිල්ල මගේ හිතට රතුඑළියක් දුන්නා.“ඊයෙ රෑ යන්න හිටපු ගමනක් වගේ ඌඅද රෑ යන්නෙ..”කටත් ඇද කරල ඉසුරු කියද්දි මං පටාස් ගාලා කාර් එකේ දොර ඇරලා එළියටපැන්නා.“ඇයි රමී..”“ඉක්මනට වරෙන්.. ඒ ගියේ සමීරයා..”ඉසුරුගෙ මූණෙ මතුවෙච්ච වෙනස්කම් බලන්නෙ නැතුව මං අතුරු පාර දිගේඉස්සරහට දුවගෙන ආවා. කාර් එක හරවගෙන එන්න ගියොත් සමීරයා අදත් මිසින් තමයි. ඒත්අතුරු පාර දිගේ ඉස්සරහට ආපු මං ගල් ගැහිලා නතර උනා.“හප්පට සිරි.. උඹට ෂුවර්ද මේකෙ ආවෙ උඹගෙ අයිය කියලා..”මං වගේම ඉසුරුත් ගල් ගැහිලා නතර උනා කියල මට තේරුණා. අපි දෙන්නාඉස්සරහ පේන්න තිබ්බෙ මගේ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා ආපු බයික් එක. මේ වගේ අපත රැයකසමීරයගෙ බයික් එක දකින්න ලැබීමට ඒ තරම් අනපේක්ෂිත දර්ශනයක් නෙමෙයි.ඌකොහොමටත් නිශාචර නොහොත් රැයේ සැරිසරන සත්වයෙක්නෙ. ඒත් මායි ඉසුරුයි ගල්ගැහුනෙ වෙන හේතුවට. ඒ තමයි මගේ සහෝදරයගෙ බයික් එක නවත්තල තිබුණෙ අපි බෙහෙත් අරන්දීල ආපු පුංචි එකයි තරුණ ගෑණු මනුස්සයයි ඉන්න ගේ ඉස්සරහ.“බයික් එකේ ආවෙ සමීර කියලා මට ඉර හඳටත් වැඩිය විශ්වාසයි බං.. ඒත් මේදකින දේ මට අදහගන්නත් බෑ..”“ඉසුරු.. උඹයි මායි හිතුවෙ වත් නැති විදියට උදව් කරල තියෙන්නෙ මගේනෑනටයි දරුවටයි.. එහෙමනේ..”“උ.. උඹ කියන්නෙ..”“ඔව් ඉසුරු.. තවත් හෝදන්න දෙයක් නෑ.. මේ ගෙදර ඉන්නෙ සමීරයා බැන්ඳයිකියපු දිලිනියි.. ඒ දෙන්නගෙ ළමයයි.. මේකා මේ මඟ මරුව වගේ කඩාගෙන ආවෙ පුංචි එකාඅසනීප හින්ද වෙන්න ඇති..”හිතේ තිබ්බ ප්‍රශ්න හැටහුටාමාරකටම ඒ වෙලාවෙ උත්තර හම්බ උනා. ඇස්පනාපිටම පේන්න තිබ්බ කටුක ඇත්ත ජීවිතේ ගැන හුඟක් දේවල් මට කියල දුන්නා. කුතුහලය දනවනදේ හිතින් ඈත්වෙලා ගියත් අනුකම්පාවක් වගේ මොකක්දෝ නොතේරෙන හැඟීමක් සුදු මීදුමක්වගේ මගේ හිත සම්පූර්ණයෙන්ම වෙලා ගත්තා.“දැන් ඔක්කොම පැහැදිලියිනේ රමී.. අපි යමු.. ආයෙ මේකගෙ ප්සසෙන් පන්නන්නදේකුත් නෑනෙ.. අපි දන්නවනේ මේකා තලපතා වගේ මෙතන ඇන්කර් එක ගහල කියලා..”“ඒක නම් එහෙම තමයි ඉසුරු.. ඒත් ඇයි අයියකාරයා මේ දෙන්නව අපේ ගෙදරඑක්කන් එන්නෙ නැත්තෙ.. තමන්ගෙ දෙයක් මෙහෙම අත පල්ලෙන් වැටි වගේ තියන්න දෙන්නෙඇයි.. අම්මයි තාත්තයි ඕන නම් මූට නැතිවෙන්න බනියි.. ඒත් ටික දවසයිනේ.. පස්සෙ සේරමහරියයි.. අනික තව කීදවසක් මේකා මේ රඟපෑම කරගෙන යන්නද...”“මටත් ඒක නම් හිතෙනව රමී.. මූට වැඩි දවසක් මේක අල්ලන් ඉන්න බෑ..කොහෙන් හරි වැඩේ ගැස්සෙනවා..”සමීරයගෙ බයික් එකයි, අඳුර ඩිංගෙන් ඩිංග ගිලගත්තු ඒ පුංචි ගෙදර දිහායිබලන් ඉඳල තේරුමක් නෑ කියලා මට හිතුණා. ඒතයි ඉසුරුත් අඬගහගෙන මං කාර් එකට ආවෙ.“උඹට දැන්ම යන්න ඕනෙද...”මං ඉසුරුගෙන් ඇහුවෙ තවත් ඩිංග වෙලාවක් හරි මෙතන ඉඳපං කියල මගේ හිතකියපු නිසා. ඒත් ඉසුරු උත්තරයක් දෙන්න කලින් උගේ ෆෝන් එක කෑගහන්න ගත්තා. ස්ක්‍රීන්එක දිහා බලල ඌමගේ මූන දිහා බැලුවා. ඒ මූනෙ තිබ්බෙ අවිනිශ්චිත ගතියක්.“නංගි කතා කරන්නෙ..”ඉසුරු ෆෝන් එක හෑන්ඩ් ෆ්‍රී දැම්මා. දැන් ඉමාෂිගෙ කට හඬ මටත් ඇහෙන්නයිය්නනෙ.. මං සීට් එකේ හරි බරි ගැහුනා. මූත් කරන්නෙ මාර වැඩ තමයි.“අයියා.. ඔයා කොහෙද...”ඉමාෂිගෙ සියුමැලි කටහඬ කාර් එක පුරාම විහිඳිලා යද්දි මායි ඉසුරුයිමූණෙන් මූණ බලා ගත්තා.“ඇයි පැංචි..”ඉසුරු ඉමාෂිට ආදරේට කියන්නෙ පැංචි කියල මං දැනගෙන හිටියා. මං හිටපුහින්දද මන්දා ඉසුරුගෙ කටින් ඒ ආදරණිය වචනෙ හුඟක් දයාබර විදියට පිටවුණා. මට දැනුනෙපුංචි පහේ අමුත්තක් නම් නෙමේ.“ඇයි පැංචි තමයි.. ඔයා ගෙදර එන්නැද්ද අයියා.. මං කීයෙ ඉඳන්ද බලන්ඉන්නෙ...”“සොරි පැංචි.. මං තව ටිකක් පරක්කු වෙයි.. ඔයා දොයි ගන්න..”“ඔයා කොහෙද ඉන්නෙ අයියා..”“මං හදිසි වැඩක ඉන්නෙ.. ඉක්මනින් එන්නං..”“බෑ.. බෑ.. බෑ.. ඔයා ඉන්නෙ කොහෙද කියල කියන්න..”“මං කලිනුත් කිව්වෙ..”“ඔයා බොරු කියන්නෙ අයියා..”“බොරු නෙමේ පැංචි.. මං ළඟ රමීත් ඉන්නවා..”“ර.. රමී අයියා..”එක පාරටම ඉමාෂිගෙ කටහඬ ගොලු වුණා. ඒ පාර කෙල්ලට මොකද හප්පෙ උනේ..මෙච්චර වෙලා යස අගේට කතා කර කරනේ හිටියෙ.“ඉමාෂි..”“රමී අයියා... ඔයාලා මොකද කරන්නෙ.. මෙච්චර රෑ වෙනකන් පාරවල් ගානෙරස්තියාදු වෙන්නෙ ඇයි...”ඔය ඇදුනෙ හූරන ලොතරැයිය යසටම.. ඉසුරුවට මේක බේරගන්න දීලා මං සද්ද වහලහිටිය නම් ඉවරයි.. දැන් මටත් ටොෆිය හම්බ වෙනවා.“යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් ඉමාෂි..”“ගෑණු යාලුවෙක්ද...”ඉසරු ඉස්සරහම ඉමාෂි මගෙන් ඇහුවා. ඉසුරු මගේ මූණ දිහා බැලුවෙත් මංඉසුරු දිහා බැලුවෙත් එක පාරටම වගේ.“පිස්සු කියවන්නෙපා පැංචි.. මෙච්චර රෑ වෙලා අපි ආස්සරේ කරන ගෑනුයාලුවො නෑ.. ඔයා දොරවල් හොඳට වහගෙන නිදා ගන්න.. මං ඉක්මනට එන්නම්..”ඉසුරු කෝල් එක කට් කලා.. ඒ තත්පරයෙම තමයි මගේ මොබයිල් එක ගෑ ගහන්නගත්තෙ.. ස්ක්‍රීන් එකේ සටහන් වෙලා තිබ්බෙ පිළිසරණ ලමා නිවාසෙ නම්බර් එක.. මං පටාස්ගාලා කෝල් එක ගත්තා.“රමිත මහත්තයා.. මේ වෙලාවෙ කරදර කරනවට සමාවෙන්න ඕන..”“කමක් නෑෆාදර්.. කියන්න..”“දිමුතු ගැන ප්‍රශ්නයක්..”“ඒ කිව්වෙ...”“දිමුතුට අද පිරිමි ළමයෙක් කරදර කරන්න හදලා..”“මොකක්...”“ඔව් රමිත මහත්තයා.. පිළිසරණෙට පල්ලෙහා තියෙන ආශ්‍රමයට දිමුතු වයලීන්ගහන්න යනවනේ.. ඒ යනකොට දැකපු කොල්ලෙක් වෙන්න ඕන.. දිමුතු බයවෙච්ච පාර මුකුත්කියන්නෑ.. රමිත මහත්තයා දිමුතුට කතා කෙරුවොත් හොඳයි..”මගේ හිතට එක පාරම කඩාගෙන ආවෙ උහුලගන්න බැරි තරමෙ කේන්තියක්.. ඒ එක්කමමට මතක් උනේ අයියා මට කියපු අනතුරු ඇඟවීම දිමුතු ගැන. තව දිමුතු ගැන පහුගිය දවස්වලකවුදෝ විමසිල්ලෙන් හිටිය කියල ෆදාරුයි දිමුතුයි කියපු කතා.“මොකද රමී..”“එකෙකුට නෙලන්න තියෙනවා.. හතර හන්දි කැඩෙන්න..”“දැන්ම නෙලන්න ඕනිද...”ඉසුරු අහපු ප්‍රශ්නෙත් එක්ක මගේ කේන්තිය ඩිංගක් අඩු වුණා. මූත් ඉඳලහිටල හරි හිනා යන ඒවා අහනවනේ..“දැන් නෙමේ හෙට.. අපි දැන් යමු..”තවත් දුරට මෙතන තැපගෙන ඉඳල වැඩක් නෑ කියල මට තේරුණා. සමීරයා කොහොමත්ගෑනිවයි ළමයයි නළවල එනකොට පාන්දර වෙයි.උදේ ඇහැරෙද්දි මගේ හිතේ ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් දිමුතු ගැන, අනිත්එක සමීරයගෙ ක්‍රියා කලාපය ගැන. ඒකට මංකරන්න ඕන මොනවද කියලා මට හිතාගන්න බැරිවයි හිටියෙ. මොන දේ උනත් සමීරයා ඉන්නෙනොසෑහෙන පඹ ගාලක පටලැවිලා කියන්න නම් මං හොඳටම තේරුම් අරගෙනයි හිටියෙ. මේ මනුස්සයටදැහැමින් සෙමින් උදව් කරනවද නැත්තං මුකුත්ම දන්නෑ වගේ පාඩුවෙ ඉන්නවද කියල මංඩිංගක් වෙලා කල්පනා කරා. ඒත් හරි හමන් උත්තරයක් මගේ හිතට ආවෙ නෑ.ටිකක් දවල් වෙද්දි මං පිළිසරණ පැත්තට ආවෙ දිමුතුත් එක්ක ටිකක් කතාකරනව කියල හිතාගෙන. දිමුතුගෙ පස්සෙන් ඇවිත් එයාට කරදර කරන එකාට නෙළමුද කියල ඉසුරුඊයෙ රෑ ඇහුවත් මේ වෙනකල්ම මිනිහගෙ ආරංචියක්වත් නෑ. සමහර විට ඉසුරු පස්ස උඩදාගෙනහොඳට නිදි ඇති. එහෙමත් නැත්තං ඉමාෂිගෙන් බර බරයක් වැටෙන්න ඇති.දැනුම් දීමක් කරන්නෙම නැතුව මං පිළිසරණ ඇතුළට ආවා. ළමයි පාඩම් කරන දිගශාලාවට මෙහා පැත්තෙ පුංචි කාමරේක ඉඳල දිමුතු දුවගෙන ආවා. දවස් ගානකින් මාව දැකපුසංතෝසෙ ඒ සොඳුරු මූණෙ පිරිලා ඉතිරිලා තිබුණා.“රමිත අයියෙ.. ඔයා ආපු එක කොයි තරම් දෙයක්ද...”“ඇයි දිමුතු...”“මේ දවස් ටිකේ හරියට ප්‍රශ්න අයියා.. ෆදාර්ගෙ මූනත් හරි නෑ.. මගේපස්සෙන් පිරිමි අය එනවට මං මොකද කරන්නෙ රමිත අයියා..”“කතන්දරේ මං ටිකක් දන්නව දිමුතු.. ඔයා හොඳ දරුව වගේ ඩිංගක් කලබල නැතුවඉන්නකො.. අපි බලමුකො මේ ඔයාගෙ පස්සෙ එන කරදරකාරයො කවුද කියලා..”“රමිත අයියා ඉන්නව නම් මට බයක් නෑ..”“ඔයාගෙ අසනීපෙ කොහොමද දිමුතු..”මෙච්චර වෙලා හුරතල් විදියට කතා කර කර හිටපු පුංචි කෙල්ලගෙ මූණ අඳුරුවෙලා ගියා. මං ඇහුවෙ වැරදි ප්‍රශ්නයක් මංදා.“ඒකෙන් මට ගොඩ ඒමක් නෑ අයියා.. මට බය ඔයාටවත් කියන්න වෙලාවක් තියේවිදදන්නෑ කියලා.. කාගෙන් ඈත් උනත් මට ඔයාගෙන් ඈත් වෙන්න බෑ..”කතාව අතරමග නතර වෙද්දි දිමුතුගෙ ඇස් ලොකු වුණා. එයාගෙ ඇස් තිබුණෙපිළිසරණ තාප්පෙත් එළියෙ පාර දිහාට යොමුවෙලා.“ඇයි දිමුතු...”“ම.. මගේ පස්සෙන් එන කරදරකාරයෙක් තමයි අර ගේට්ටුවට එහා ඉන්නෙ.. එයාකීප දවසක්ම මගෙත් එක්ක කතා කරන්න ට්‍රයි කලා..”දිමුතු ඇඟිල්ල දික් කරපු දිහා බලන් ඉඳපු මට හීන් දාඩියයි මහා දාඩියයිදෙකම දැම්මා. උඹද පුතෝ එහෙනම් මේ කරදරකාර භූමිකාවෙ ප්‍රධාන නළුවා.තවත් බලන් ඉඳලා තේරුමක් නෑ.. මං තත්පරේට දෙකට පාරට පැන්නා. පිළිසරණළමා නිවාසෙ මිදුලෙ ඉඳලා සුටුස් ගාලා කුඩ්ඩා ගාවට ආවෙ කොහොමද කියලා මට මතක නෑ. මටමතක දිමුතු ඌව පෙන්නපු එක විතරයි.“රංගන...”මං කුඩ්ඩගෙ අතින් තද කරල අල්ලගත්තෙ ඌට දුවන්න බැරි වෙන්න. මූට හැමදාමනටන්න දෙන්න බෑ..“ර.. රමිත අයියා.. ඇ.. ඇයි මේ...”මාව දැක්ක ගමන් උගේ ඇස් ජිල්බෝල සයිස් උනා. කොටින්ම ඌට අදහගන්නත් බැරිඋනා.“උඹ මොකද මෙතන කරන්නෙ...”“ඒ කතාවෙ තේරුම මොකක්ද රමිත අයියා...”“තේරුම උඹට වැඩක් නෑ.. උඹ ඇයි මේ පිළිසරණෙට හොම්බ දාන්නෙ...”“හොම්බ දාන්නෙද...”“ඔව්..”“අපිත් කියල ඉතිං වැඩක් පලක් කරගන්න එපැයි..”“මොකක්...”“රමිත අයියලට වගේ අපේ ඇස් ඉස්සරහට සැප පාත් වෙන්නෑනෙ.. හතර වටේම ඉන්නලස්සන කෙල්ලො රමිත අයියා ළඟට ඇවිත්, මගේ පතිවෘත්තාව මේන්.. අනේ ගන්නකෝ කියල කියනවවගේ මට හම්බවෙන්නෙ නෑනෙ.. අපි ඉතා අමාරුවෙන් දුක් මහන්සියෙන් ඒ දේ කරගන්න ඕනෙ..”රංගනගෙ කතාවට මට මහ කේන්තියයි, හීන් කේන්තියයි දෙකම ආවා. මූ මේ ටිකමගේ මූන ඉස්සරහ කිව්වෙ, හරියට කන පුරෝල ඇතුල් පාරක් දුන්න වගේ.“මොකක්ද උඹ කිව්වෙ...”“ඇයි දැන් රමිත අයියගෙ කන ඇහෙනවත් අඩුද... මං කිව්වෙ සර්ව සම්පූර්ණකෙල්ලො උන්ගෙ පතිවෘර්තතාව අපිට දෝත බදල දෙන්නෙ නෑනෙ.. ඉතිං අඩු ආදායම්ලාබීපැත්තකින්වත් කේලලෙක් හොයාගන්න ඕනි..”“ඒකද උඹ පිළිසරණෙට හොම්බ දැම්මෙ...”“ඇත්ත වශයෙන්ම ඔව්..”“ඒක ඇත්ත නම්, මෙන්න මේ ටික හොඳට මතක තියාගනිං රංගන.. උඹ ආයෙපිළිසරණෙටව්ත අර වයලීන් එක අරන් ක්ලාස් යන දරුවගෙ පස්සෙන්වත් ගිහින් තිබුණොත් මංඋඹේ හතර හන්දි කඩලා පොලීසියට ගෙනල්ලා දානවා..”“මොනවා...”රංගනගෙ ඇස් දෙක ඒ පාර මැලේසියන් රඹුටන් ගෙඩි දෙකක් තරම් ලොකු උනා.“ඔව්.. ආයෙ ඒකෙ කිසිම ඇදක් කුදක් නෑ.. මං කිව්වොත් කිව්වා.. ආයෙ උඹ මටඅහුවුනොත් මං උඹේ ඇස් ගෙඩි දෙක උගුල්ලනවා..”රංගනගෙ මූණෙ මතුවෙන දැවැන්ත කේන්තිය මං හොඳින්ම දැක්කා. ඒත් ඌට කරන්නපුළුවන් ඇටි කෙහෙල් ගෙඩියක් නෑ කියන්න මං හොඳටම දැනගෙන හිටියා.“එ.. එච්චරද රමිත අයියා...”ඒ වචන ටික රංගන ඇහුවෙ එක විදියකට.“ඇයි...”“ඇයි කියන්නෙ... මං ඉමාෂිත් එක්ක යාළුවෙලා ඉන්නකොට ඒක මැදට පැනලා ඒආදරේ විනාස කරල දැම්මා. ඊගාවට කාමරේකට වෙලා අර පුංචි කෙල්ලත් එක්ක ආතල් එකේඉන්නකොට අර කැලෑපාලුවත් එක්ක ඇවිත් එතන යකා නැටුවා.. මං ඒ හැමදේම ඉවසන්හිටියා.. දැන් දෙයියනේ කියලා දැහැමින් සෙමින් වැඩක් කරනකොට ඒකටත් හොම්බ දානවා..මේක හරියට පතාගෙන ආපු වෛරයක් වගේනේ..”“උඹ අල්ලන්න යන හැම අත්තම වැරදි අත්තක් රංගන.. ඒකයි මේ අවුල..”“හොඳයි.. මං බලාගන්නම්කො.. ඔයා හැමදාමත් දිනන්නෙ නෑනෙ.. මේ කුඩ්ඩටත්,ඔයාලා මට එහෙමනේ කියන්නෙ, වෙලාවක් එයි.. අන්න එදාට ඔයාට මගෙන් නෝ චාන්ස්..”රංගන ආපහු ටවුන් එක පැත්තට ගියා. ඒත් ඌකියපු දේවල් වල ඇතුළෙ මටහිතන්න හුඟක් දේවල් තිබුණා.කුඩ්ඩා ගියාට පස්සෙ මං දිමුතුගෙ හිතේ බය අඩුවෙන්න හුඟක් දේවල් කියලයිපිළිසරණෙන් එළියට ආවෙ. ඒ වෙනකොටත් ෆාදර් පේන්න හිටියෙ නෑ. එයා මෙතන වැඩේ හරියටකරන්නෑ වගේ ගතියක් මට දැනුණා. මොකද කියනව නම් මෙතන ළමයි ටික අනාරක්ෂිතයි කියලාපළවෙනි පාරට මට හිතුණා. පිළිසරණෙ ඉඳලා කිලෝමීටර් එකහමාරක් විතර ටවුන් එක පැත්තටඑද්දි තමයි ෆිල්ම් හෝල් එක හම්බ වෙන්නෙ. ටික් දිග පෝලිමක් තිබ්බ හින්ද මං හෝල් එකදිහා බැලුවා. මොකක්ද ෆිල්ම් එක කියලා. ෂුවර් එකටම ජාතක කතාවක් හරි රජකාලෙකතන්දරයක් හරි වෙන්න ඇති. දැන් ඕවනේ නැගල යන්නෙ.ඒත් හෝල් එකෙ අයිනෙම තිබ්බ පෝලිම මැද හරියෙ හිටපු එකාව දැක්කම මාවකරකවල අතෑරිය වගේ උනා. මගේ වන් ඇන්ඩ් ඔන්ලි අපත සහෝදරයා කැත නැතුව ෆිල්ම් එක බලන්නඇවිත් තිබුනා. හැබැයි කාන්සියෙ පාලුවෙ තනියම හෙමෙ නෙමෙයි. ලංසි පාට තියෙන ලස්සනකෙලි පැංචියක් එක්ක. එතකොට අර ලෙඩ ගානෙ ඉන්න පුංචි එකයි දිලිනියි දහදුක් විඳිද්දිමේකා මොන ආත්මයක් ප්‍රාර්ථනා කරගෙනද මේ වගේ ආතල් එකක් ගන්නෙ. පැනපු ගමන් කන් අඩිදෙක රත් වෙන්න පාරවල් දෙකක් දෙන්න හිතුනත් මං අදහස වෙනස් කරගත්තා. උඹේ කිරි ටොපිඋඹම කාල උඹම ලෙඩ වෙයන්කො.. මං දැන් දන්නවනේ උඹේ අති උත්තම වනචරකමේ මහත.මේකා එතකොට කිසිම විලිසංගයක් නැතුව කිසිම බයක් සැකක් නැතුව කසාඳ බැඳපුගෑනිය දරුවයි ඉද්දි ගමක ගතියක් ගන්නවා. බලන් ගියහම මූනේ යකෝ දවසකටවත් මිනිහා. රමිතමොනවද කරල තියෙන්නෙ, සමීරයා එක්ක බලනකොට. හැබැයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමා මේකාරෑට නිදාගන්නෙ නැතුව දවල්ට නිදාගන්නෙ නැතුව ඔලුව උස්සගෙන කෙලින් ඉන්නෙ කොහොමදකියනෙක.
|
BLOG
|
2013.01.18
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5. ගෙදර මිනිස්සු හැමෝම ලෙඩවෙලාද... එහෙමත් නැත්නම් කොහේ හරි ගිහින්ද...මගේහිතට එබුණු ප්‍රශ්න පත්තරේ ඒක තමයි.“රමී..”ඇඳෙන්බැහල පට්ට නිදිමතේ සාලෙ පැත්තට එද්දි අම්මගෙ කටහඬ ඇහුණා. නිදිමත ඇස් පිහාටු උස්සලබලද්දි තමයි මං දැක්කෙ තාත්තයි අම්මයි දෙන්නම සාලෙ වාඩිවෙලා ඉන්න හැටි. හත්තිලව්වේමේ රමියට හතළිස් ඇඳිරියද මංදා.. මේ ඉටි රූප දෙක නොපෙනී ගියේ.“ඩිංගක් මෙතනින් වාඩිවෙන්න..”තාත්තගේ කටහඬේ අවුන්සයක් විතර බර ගතියක් තිබුණා. මොකක් හරි අවනඩුවක්මතමා. මගෙ හිත හෙමින් සීරුවෙ කුණු කුණු ගෑවා. හැබැයි ඉතිං අයියකාරයත් මෙතන නෑ. ඒකගෙමෙලෝ හැල හොල්මනක් ඇත්තෙත් නෑ. අවනඩුවක් නම් ඒකෙ කුමන හෝ හාල් කෑල්ලකට හරි සමීරයාකැත නැතුව ගෑවිලා තියෙන්න ඕන. ඒකයි සාමාන්‍ය තියරි එක.“ඇයි තාත්තා...”“රමී.. අපිට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්න ඕන..”“හරි.. අපි කතාකරමු..”“රමී.. ඔයා ඔය රෑ පානෙ යන ගමන් බිමන් හැම එකක්ම නවත්තන්න ඕන.. ඕවකොහෙන් ගිහින් මොන පැත්තෙන් කෙලවර වේවිද කියල කවුද දන්නෙ...”“මොන රෑටද තාත්තා...”“ඒක මගෙන් අහන්නෙපා රමී.. මං කියන දේ විතරක් හිතන්න.. මටයි අම්මටයිඉන්නෙ ඔයයි අයියයි විතරයි.. ඒ අතරින් ඔයාව විනාස වෙනව දකින්න අපිට බෑ.. බලන්නඅයියා.. කොයිතරම් හොඳද.. ඔෆිස් ගිහිල්ල ඇවිල්ලා කාමරේ ඇතුළට යනවා.. නිකමටවත්කාමරෙන් එළියට එන්නෑ.. කිසිම රස්තියාදුවක් ගහන්නෙ නෑ.. ඒකටත් එක්ක ඔයා..”හප්පේ.. ඔන්න බලපල්ලකො.. රමියට ඇදිල තියෙන සූරන ලොතරැයියෙ තරම. සමීරයාකොයි තරම් හොඳද කියල තාත්තා මගෙන් අහනවා. දෙයි හාමුදුරුවනේ ඒ වගේ ආතල් ප්‍රශ්නයක්ජීවිතේටම මං ඔය ඇහුවමයි.“මං මොකක්ද කරේ තාත්තා...”“ඔයා මොනව කරනවද කියල අම්මයි මායි දන්නෙ නෑ.. ඒව දන්නෙ ඔයා.. පුංචිකාලෙ වගේ ඔයාගෙ පස්සෙන් හැමදේටම දුවගෙන එන්න අපිට දැන් බෑ.. ඔයා, ඔයා ගැන හිතනවවගේම අපි ගැනත් හිතල ඔය රෑ ගමන් බිමන් නතර කරල දාන්න. ඒක අපි කාටත් හොඳයි.”“අනේ ඔව් රමී... අයිය වගේ ගේ ඇතුළට වෙලා ඉන්නකො.. එතකොට අපිටත් හිතේසැනසිල්ලයි..”මේවට මොනවද බං මං කියන්නෙ.. අයිය වගේ ගෙදරට වෙලා ඉන්නලු. බලන් ගියාම ගෙදරනැත්තෙම ඌනෙ.. ඌ ගෙනියන මේ මහා කූට වැඩ පිළීවෙල කොයි තරම් අනගි භවනීයද... කොයිතරම් අර්ථවත්ද... රමී සිරා බුවෙක් උනත් අම්මටයි තාත්තටයි පේන්නෙම රමීගෙ අඩුවක්තමයි. මොන දෙයියන්ටද හත්තිලව්වෙ මේව කියන්නෙ.“හොඳයි අම්මා.. ඔයාලා කියන විදියට මං ඉන්නම්.. ඔයාලගෙ හිත රිඳුනා නම්සමාවෙන්න..”අම්මගෙයි තාත්තගෙයි මූණවල් දෙක මං හිතුව වගේම එළිය වුණා. මං මොකටද මේඅහිංසක හිත් තලල පොඩි කරල දාන්නෙ..පුලුවන් තරම් එයාලට සැනසීමක් දැනෙන්න වැඩ කරනව මිසක. කල්පනාවෙන් කල්පනාවෙන් ටිකක්දුර ගියාම මට තේරුනේ මේ කතන්දරේ කොයි තුන් මුල්ලට හරි අයියකාරයා ගෑවිලා ඉන්න ඕනෙකියල. අනිවාර්යෙන්ම අම්මයි, තාත්තයි ඔය කරපු කතාබහේ නිර්මාතෘවරයා, අධ්‍යක්ෂකවරයා,නළුවා අයියකාරයම තමා. මෑන්ට ඕන මධ්‍යම රාත්‍රියෙන් මෙහා මාව ගෙදර නවත්තන්න. එතකොටමිනිහගෙ රෑට යන හැම ගමනක් බිමනක්ම ඉතා ආරක්ෂා සහිතයිනෙ. කමක් නෑ. සීත සමීරයො..ඔහොම යං.. උඹ හිතන් ඉන්නෙ පෙරහැර ගිහිල්ල අලි බෙටිත් වේලිලා කියලනේ.. උඹට හොඳටමවැරදිලා. තාම මල් බයිසිකල් කාරයොත් ආවෙ නෑ බං.. ගේම තාම එතනමයි..ළමා නිවාසෙ ගේට්ටුවට මෙහායින් බයිසිකලේ නවත්තල මං වත්තට ඇතුල් වුණා.අඩි තුන හතරක්වත් මට තියන්න හම්බ උනේ නෑ. දිමුතු ඉස්සරහට දුවගෙන ආවා.“රමිත අයියා....”අහිංසක මුව පැටියෙක් වගේ තෙත් වෙච්ච ඇස් දෙකක් තිබ්බ දිමුතුගෙ මූණෙතිබ්බෙ බයවුණු ගතියක්.“ඇ.. ඇයි දිමුතු...”“ඔ.. ඔයා ආපු එක හොඳයි..”“මං එනවට ඔයා කොහොමත් කැමතියිනේ.. ඇයි කියන්න මේ බයවෙලා වගේ..”“අ..නේ.. රමිත අයියා..”“ඇ.. ඇයි ඔයාට ආයෙමත් අමාරු උනාද...”මගේ හිතට ලොකු බයක් දැනුණා. ඒත් මං එහෙම ඇහුවට දිමුතුගෙ මූණෙ අසනීපෙකලකුණු මං දැක්කෙ නෑ.“නෑ..”“එහෙනම්...”“කවුරුහරි කෙනෙක් මාව හොයනවා..”“මොකක්...”“ඔව්.. පහුගිය දවස්වල මේක ඇතුළෙ ඉන්න ළමයින්ගෙනුයි වැඩ කරනඇන්ටිලාගෙනුයි මගේ විස්තර අහල තියෙනවා..”“කවුද අහල තියෙන්නෙ...”“ටිකක් වයසක කෙනෙක්ලු..”“ෆාදර් හිටියෙ නැද්ද...”“ඒක නම් දන්නෙ නෑ.. අනේ මට ලොකු බයක් දැනෙනවා රමිත අයියෙ..”පුංචි කෙල්ල මගේ අතේ එල්ලුණා. ජීවිතයෙ හිමි වෙන්න ඕන හුඟක් දේවල්අහිමි වෙලා ගියපු මේ අසරණි ගැන මගේ හිතේ තිබ්බ දුකට තවත් මහා විසාල දුකක් එකතුඋනා.“ඔයා බයවෙන්න එපා දිමුතු.. මේ රමිත අයියා ඉන්නකල් ඔයා කාටවත්ම බයවෙන්න ඕන නෑ..”“ඉතිං මං ගැන අහල තියෙන්නෙ කවුද දන්නෑනෙ..”“ඒක අපි හෙමීට හොයාගමු.. ඔයා කලබල නොවී ඉන්නකො.. වෙනදට වැඩිය ටිකක්අවධානෙන් ඉන්න කියල ඇතුළෙ අයට කියන්න. ඔයාගෙ විස්තර අහන කෙනාගෙ ෆොටෝ එකක් ගන්න කියල හෑන්ඩ් ෆෝන් තියෙන කෙනෙකුට කියන්න..”“අපිට හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන්න දෙන්නෑ කියල ඔයා දන්නවනේ රමිතඅයියෙ..”“එහෙනම් වැඩ කරන කෙනෙකුට ගන්න කියමු.. කෝ දැන් ෆාදර්..”“උත්සවේකට ගියා..”“උත්සවේකට...”“ඔව් රමිත අයියා.. අර ලංකාවෙ ෆාදර් කෙනෙකුට මොකක්දෝ ලොකු තනතුරක්පිටරටකදි හම්බ වුණේ... අන්න ඒකෙ උත්සවේට සහභාගි වෙන්න.. එනකොට හවස් වෙයි..”තව ටිකක් වෙලා ඉඳලා දිමුතුගෙ හිතත් සන්සුන් කරල මං පාරට ආවා. ඒත් මගේහිත ටිකක් කැලඹිලයි තිබුණෙ. දිමුතුගෙ විස්තර හොයන්න උත්සහ කරපු පුද්ගලය කවුද...මගේ හිතේ උඩින්ම තිබ්බ ප්‍රශ්නෙ ඒකයි. වැඩේ කියන්නෙ ෆාදරුත් මේ වෙලාවෙ නැති වෙච්චඑකනේ.හතර අතටම කල්පනා කර කර යද්දි තමයි මගේ මොබයිල් එක රින්ග් උනේ.“රමියා..”“කියපං.. මං අහන් ඉන්නෙ..”කෝල් එක අරන් තිබුණෙ ඉසුරු.. ඌඉන්න පැත්තෙන් හෙණ බර සාර සද්දවගයක් ඇහෙනවා. හුඟක් වෙලාවට චේන් ෂෝ එකකින් ගස් කපනව වෙන්න ඇති.“උඹ කොහෙද ඉන්නෙ...”“අනාථ නිවාසෙ ළඟ..”“කවුරු හරි කෙල්ලෙක් උඹළඟ නෑනෙ...”මේකට නම් ඉව තියෙනවද මංදා.. දැන් ඩිංගකට කලින් දිමුතු හිටියනේ..“පිස්සු කියන්නෙපා බං.. මොකක්ද කෙරෙන්න ඕන...”“තරහ නැතුව ගිහින් නංගිව ගනිං.. එයාට අද ක්ලාස්.. මං එනකන් බලන් ඇති..”මං මෙලෝ සිහියක් නැතුවම කෝල් එක කට් කලා. මේවට තමයි කියන්නෙ. මග හිටියොත් තෝ නසි.. ගෙදර ගියොත් ඒත් තෝම නසීකියලා.. මේක නම් කොහොමටවත් හරියන කතන්දරයක් නෙමෙයි. කලින් දවසෙ මතකනේ නදිනි ඇවිල්ලවෙච්ච ගන්දස්කාර සිද්ධිය.මේකතවත් ඒ වගේ එක්ක නෙමෙයි කියල කාටද උපකල්පනය කරන්න පුළුවන්. අනික ඉමාෂිගෙ ඇස් දෙකේතියේනනෙ අමුතුම කතාවක්. ඕකෙන් මේකෙන් මගෙයි ඉසුරුගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එකට බබා හම්බවෙයිද දන්නෑ.වෙළඳමධ්‍යස්ථානෙ ගොඩනැගිලි දෙකට මැද්දෙන් තිබ්බ පටුපාරෙ ටිකක් දුර ගියාම ඉමාෂි යන ගෘප්ක්ලාස් එක තිබ්බෙ. බයික් එක වෙළඳ මධ්‍යස්ථානෙ ළඟ පාක් එකේ දාලා මං පයින්ම ඉස්සරහටආවා. මගේ ඔලුවෙ තිබ්බෙ ඉමාෂිව ත්‍රීවිල් එකක නග්ගල ගෙදර යවන එකයි. හැබැයි ක්ලාස්එක ඉවර වෙලා ටික්ක වෙලා කියල මට තේරුනේ ළමයි කවුරුවත්ම ක්ලාස් එකේ බිල්ඩින් එක ගාවහිටපු නැති හන්ද. ඒ වගේම කිසිම ළමයෙක් මට ඉස්සරහට හම්බ වුණෙත් නැති හන්ද. බලන් ඉඳලඉඳලා ඉමාෂි ත්‍රීවිල් එකක් අරගෙන ගෙදර ගියාවත්ද කියල මට හිතුණා.ඉසුරුටකෝල් කරල මේ ගැන කියන්න හදනකොටම තමයි බිල්ඩින් එකට ටිකක් එහායින් තිබ්බ වැලි පාරදිහාවෙන් ටිකක් ලොකු කසු කුසුවක් ඇහුණෙ. මගේ අවධානෙ මුලුමනින්ම ඒ කටහඬ අර ගත්තා.“ඇයි මට මෙහෙම කරන්නෙ.. මං ඔයාට වැරැද්දක් කරල නෑ..”කසුකුසුවක් උනත් ඒ ඇහිච්ච කටහඬ රංගනයගෙ කියල මං අඳුනගත්තා. මගේ හිතටඑක පාරටම ගලාගෙන ආවෙ මහ විසාල කේන්තියක්. මේ හාල්පාරුව මොන ඉඳි ඇටයක් කරනවද මේහරියෙ ඉඳලා.“ඇ.. ඇයි.. ඇයි දෙයියනේ ඔයා මගෙත්තෙක්ක කතා කරන්නැත්තෙ.. මං ඔයාටමොනාද කෙරුවෙ.. මං ගැන ඔය කියන කතා හැම එකක්ම බොරු.. මම ඒක ඔප්පු කරල පෙන්නන්නම්..”මට ඒ වෙනකොටත් ඇහුණෙ රංගනගෙ කටහඬ විතරයි. ඒත් මිනිහ කතා කරන්නෙ ඉමාෂිඑක්ක කියල මට සීයට දෙසීයක්ම විශ්වාසෙ තිබ්බා. නැතුව ඒකා ගහකට ගලකට කතා කරනව වෙන්නබෑනෙ. මං මගේ කන් දෙක තව ඩිංගක් ඒ පැත්තට සුසර කලා.“මං හුඟක් ඉවසුවා ඉමාෂි. ඔව්.. හුඟක් ඉවසුවා.. කවදාවත් කිසිම කොල්ලෙක්ඉවසන් නැති ඉවසිල්ලක් මං ඉවසුවා.. ඒකනේ.. ඔයයි.. ඔයාගෙ අයියයි හිතුවෙ මට කිසිමපිරිමිකමක් නෑ කියලා.. එහෙමනේ..”“රංගන.. මට ඔයත්තෙක්ක කිසිම කතාවක් නෑ.. මට කරදර කරන්නැතුව මෙතනින්යන්න..”ඔන්න දැන් තමයි ඉමාෂිගෙ කටහඬ ඇහුණෙ. මං තවත් ටිකක් එයාට ළංවුණා.පටුපාර මැද හරියෙ ඉමාෂියි, රංගනයි දෙපැත්තට වෙලා ඉන්නවා,හරියටම මං දැක්කෙඑතකොට. ප්ලෙයාඩ් විදියට මහපු කලුයි සුදුයි මික්ස් වෙච්ච ගවුමක් ඇඳල හිටපු ඉමාෂිකෙකවදාවත් නොදැකපු තරමෙ ලස්සනක් මං දැක්කා. ඉමාෂිගෙ ලස්සන ගැන මට මෙච්චර කාලෙකටහිතුනෙ නැත්තෙ ඉසුරු හන්ද.. ඒ වගේම එයා රංගනත් එක්ක යාලුවෙලා හිටපු හන්දා..“ඔයා මටද යන්න කියන්නෙ..”“ඔව්.. ඔයාට තමයි.. අපි අතරෙ දැන් කිසිම සම්බන්ධයක් නෑ.. ඔයා කවුදකියන්න මං දන්නවා.. ඔයා මොන වගේ කෙනෙක්ද කියලත් මං දන්නවා.. මේ පහුවෙච්ච කාලෙ මං ඒහැමදෙයක්ම තේරුම් ගත්තා. තවත් මගේ පස්සෙන් ඇවිත් වැඩක් නෑ රංගන..”“ඔයා මොනවද මේ කියන්නෙ...”“ආත්ම ගාණක් ගියත් මිනිහෙක්ව හරියකට තේරුම් ගන්න බෑ කියල මිනිස්සුකියනව මට ඇහිල තියෙනවා.. ඒත් මං මේ පුංචි කාලෙද ඔයා කවුද කියන්න තේරුම් ගත්තා..”එතැන ඉඳලා විනාඩි දෙක තුනක් යනකන් අවුල් සහගත විනාඩි ගාණක් ගෙවල ගියා.රංගනවත් ඉමාෂිවත් වචනයක්වත් කතා කෙරුවෙ නෑ. නැති ආදරයක් හින්ද මරාගන්න යන ජෝඩුවක්දිහා මෙහෙම පැත්තකට වෙලා බලන් ඉන්නෙකත් මහා වාතයක්. එයාලා දෙන්න ගාවට යනවද නැත්නම්තව ටිකක් වෙලා බලන් ඉන්නවද කියල මට හිතාගන්න බැරි වුණා.“ඔයා ඔය හැමදේම තේරුම් ගත්තෙ මිනිස්සු කියන බොරු කතා අහලනේ..”හනේද කියන්නෙ. ඒ පාර රංගනයා හෙන බෝධිසත්ව පාට් එකක් ඇක්ට් කරන්නගත්තා. උගේ මධුර මනෝහර වාග් විලාසයට මගේ ඇඟත් කිලිපොලා ගියා. යකෝ මේකා උපන්ගෙයිනළුවෙක්නේ.“බොරු කතා...”“ඔව් ඉමාෂි.. මං ගැන ඔයාට ආපු ආරංචි ඔක්කොම බොරු.. ඒ හැම දෙයින්මසිද්ධ වුණේ අපි දෙන්නගෙ ආදරේ විනාස වෙච්ච එක. අපි මේ හැමදේම අමතක කරල මුල ඉඳන්මජීවිතේ පටන්ගමු..”ඉමාෂි සම්පූර්ණයෙන්ම සයිලන්ස් වුණා.. ඒ කියන්නෙ කෙල්ල ඇම ගිල්ල කියනඑකද...“ජීවිතේ පටන් ගන්න...”“ඔව්.. ඉමාෂි.. අර කොහෙද යන රමිතය නේද ඔයාගෙ ඔලුව කෑවෙ.. ඌට නම්මොකද.. යන යන හැම තැනම ගෑණුනේ.. ඌහැදුවෙ ඔයාව මගෙන් උදුරගන්න.. මොකද ඔයා ළඟටවිතරයි ඌට ළංවෙන්න බැරි උනේ.. ඒක මං හොඳට දන්නවා..”කතන්දරේ ගලාගෙන ගිහිල්ල මාරම තැනකට ඇවිල්ල නතර උනා. තමන් කරන දේ ගැනවගේම තමන් කියන දේවල් ගැනත් අධිතක්සේරුවට ආවහම ඕනම මනුස්සයෙක් ඇන ගන්නවා. ඒකකොතෙන්ටත් පොදුයි. සමහර විට රමිත කියන නම මෙතෙන්ට ගාව ගත්තෙ නැත්න්ම රංගන ටිකක්අමාරුවෙන් හරි ගොඩ යන්න තිබුණා. ඒත් උගේ උපන්ගෙයි කරුමෙට මාව ගාව ගත්තා. මගේ නමකියවුණා විතරයි ඉමාෂි ගැස්සිලා ගියා. එයා වටපිට බැලුවෙ බයවෙලා වගේ.“මොකක්ද රංගන ඔයා කිව්වෙ.. රමිත අයියා ගැන...”“මං කිව්වෙ සම්පූර්ණ ඇත්ත ස්ටෝරිය බබා.. ඒකා හැදුවෙ අපේ ආදරේ විනාසකරන්න..”“ජරා කතා කියන්නෙපා මිනිහො.. රමිත අයිය ඒ වගේ කෙනෙක් නෙමෙයි.. කොටින්මතමුසෙ වගේ බල්ලෙක් නෙමෙයි..”“මො.. මොකක්...”“ඇයි තමුසෙට ඇහුනෙ නැද්ද... තව.. තව එක වචනයක් හරි රමිත අයියට කැතවිදියට කිව්වොත් මං තමුසෙගෙ කම්මුල පලනවා..”හපේඅප්පෙ.. වැඩේ ඒ පාර නැගලම යනව.. මං හිතුව වගේම කෙල්ල එකසිය ගානට ඔරොප්පු වුණා.රංගනයා ෂවර් එකෙනුයි පල්ලෙහා ළිඳේ බාල්දියෙනුයි දෙකෙන්ම කැත නැතුව නාගනියි වගේ.“මොකක්ද උඹ කිව්වෙ... උඹට ඌව ඒ තරම් ලොකුද.. දැනගනිං.. මං ඌව මරනවා..”“රමිත අයිය ළඟට කිට්ටු වෙන්නවත් බැරුව තමුසෙ කොහොමද එයාව මරන්නෙ...අනික තමුසෙ රමිත අයියට පරාන බයයිනේ..”“උඹගෙ කට හොඳටම වැඩියි ඉමාෂි.. මං උඹත් මරලයි ඌව මරන්නෙ.. එතකොට තොපිදෙන්නටම නින්ද යයි..”රංගන ඉමාෂි ඉස්සරහට පැන්නෙ එයාගෙ වම් අතින් අල්ලගන්න.. ඒත් ඉමෂි පස්සටපැන්නා. රංගනගෙ අතට අහුවෙන්න ඇත්තෙ අධික ආර්ද්‍රතාවයෙන් යුක්ත වාතය ඩිංගක් විතරයි.මිනිහා ඒකෙන් මද කිපුනා. අන්න ඒ තත්පරේදියි මං සාලිය අසෝකමාලා කපල් එක ළඟට ගියේ. මාවදැක්ක විතරයි දෙන්නගෙම මූණු හුනු කොට්ට වගේ සුදුමැලි වුණා. රංගන වටපිට බැලුවෙ ඌටහැංගෙන්න කූඹි ගුලක්වත් තියෙනවද බලන්න.“රංගන..”“ර.. රමිත අයියා..”“උඹට මාව මරන්න ඕනෙ නම්.. මෙන්න මං උඹේ ඉස්සරහට ඇවිත් ඉන්නවා.. හැබැයිඒ සාධාරණ හේතුවක් හින්ද නම් විතරයි.. එහෙමනැතුව බල් බල්ලෙක් වගේ බුරන්න ආවොත් චේන්ෂෝ එකක් ගෙනල්ල මං උඹව දෙකට ඉරනවා..”“ම.. මං මුකුත් කිව්වෙ නෑ රමිත අයියා.. මං ඔයාට විරුද්ධව කිසිම දෙයක්කිව්වෙ නෑ..”රංගන ඉන්නෙ හිටගෙන බඩ යන සයිස් එකෙන් කියල මං තේරුම් ගත්තා. තවත්ටිකක් ප්‍රෙස් කරා නම් උගේ සිහිය විකල් වෙන්නත් ඉඩ තිබ්බා. ඒ කොහොම උනත් රංගනගෙචැප්ටර් එක ක්ලෝස් කරල දාන්න මං හිතාගත්තා. මේකා උඩරට, පහතරට, සබරගමු හැම නැටුමක්මනටනවනේ..“රංගන..”“රමිත අයියා..”“උඹඉමාෂිට දාපු කලර්ස් ටික මං හොඳට බලාගෙනයි හිටියෙ. උඹ කියවපුකතන්දරත් මං අහගෙනයි හිටියෙ.. මං වැඩිය මුකුත් කියන්නෑ.. මං හැමදේම ඉමාෂිට කිව්වකියලනේ උඹ හිතන් ඉන්නෙ.. මං ඉමාෂිට කිසිම දෙයක් කියල නෑ.. ඒත් අද උඹේ පට්ටන්දරේ මටදිග අරින්න වෙනවා..”“එ.. එපා රමිත අයියා..”“මේ පහුවෙච්ච මාසෙ උඹ පුංචි කෙල්ලෙක් එක්ක හොලිඩේ රිසෝට් එකක ඉඳලාමගෙයි ඉසුරුගෙයි අතටම අහුවෙච්ච එක ගැන උඹට මුකුත් කියන්න තියෙනවද...”රංගනගෙ මූණට, පට්ට ඇඹුල් කර්තකොලොම්බන් අඹ ගෙඩියක් කාපු එකෙක්ගෙ රෝගලක්ෂණ පහල වුණා. ඌඉමාෂි දිහා බැලුවෙ කර කියා ගන්න දෙයක් නැතුව. කරන්න දෙයක්නෑ පුතේ.. උඹයි මේක ඉල්ලන් කෑවෙ..“පරණ කතා මෙතනට ඕන නෑ රමිත අයියා..”“රංගන.. මං මේ අන්තිම හොඳින්කියන්නෙ.. උඹ තවත් ඉමාෂි පස්සෙන් ආවොත් මං උඹව කුඩු කරල කොරියාවෙ කුණු කාණුවටඅතාරිනවා.. පරිස්සම් වෙයං..”ඉමාෂිගෙ ඇස්වලට කඳුළු උනාගෙන එන හැටි මං දැක්කා. හැමදේම සෙට්ල් කරන්නහදද්දි එයා අඬන්නෙ ඇයි.“ඉ.. ඉමාෂි.. මට කැමතියි.. එ.. එයා මට හුඟක් ආදරෙයි..”ලැජ්ජාවක් කියල නාමයක් නැති එකෙක් වගේ රංගන බොරු වීරකමක් මවා ගත්තා.ඒත් ඒ දේට මං හීනෙකින්වත් හිතපු නැති විදියෙ උත්තරයක් ඉමාෂිගෙන් මිනිහට හම්බවුණා.ඒ උණු උණුවෙම ලැබුණු හයේ හතරෙ අලි පත කම්මුල් පාරක්.“මං.. මං තමුසෙට ආදරෙයි කියලද කිව්වෙ.. මං තමුසෙට බිංදුවක්වත් ආදරේනෑ.. තමුසෙ මහ කැත සතෙක් මිනිහො..”කම්මුල් පාර මදිවට ඉමාෂිගෙන් පිටවෙච්ච වචන ටිකත් රංගනට උහුලගන්න බැරිවුණා. මිනිහා ඉමාෂි දිහා බැලුවෙ සංසාරගත වෛරක්කාරයෙක් දිහා බලන ගානට.“ඒ කියන්නෙ.. ඒ කියන්නෙ.. උඹ මාව කැපුවා.. එහෙමද ඉමාෂි..”“මං තමුසෙව කපල හුඟක් කල්.. ඒ ටික තමුසෙගෙ ඔය ගොන් මොලේට නොතේරුනේනැතුවට මට කරන්න දෙයක් නෑ.. තමුසෙ දැන් යන අතක යනවා.. තවත් මගේ පස්සෙන් ඇවිල්ලවැඩක් නෑ.. අපි යමු රමීඅයියෙ..”ඊගාවට ඉමාෂිගෙන් පිට උනේ කම්මුල් පාරවල් සීයකටත් වඩා දරුණු වචන ටිකක්.කරකියා ගන්න දෙයක් නැතුව රංගන අන්ත අසරණ වෙලා ඉද්දි මම ඉමාෂිත් එක්ක බයික් එක ළඟටආවා. කෙල්ලව බයික් එකේ අරන් ගියොත් ලෙඩ කෝටියයි.. අඳුනන ත්‍රීවිල් එකකවත් දාලායවන්න ඕනෙ.“අපේ අයිය ආවෙ නැද්ද රමී අයියෙ...”“අයියා... අයිය ආවනම් මෙතන යස නාඩගමක් වෙයි.. හොඳ වෙලාවට මං ආවෙ..”මගේ කට හඬේ තිබ්බ තද ගතියටද කොහෙද ඉමාෂි පුදුම වෙලා මං බැලුවා.“ඇයි රමී අයියෙ.. ඔයා තරහින් වගේ..”“තරහ නෙමෙයි.. හොඳවයින් දෙකක් දෙන්නයි ඕන.. කන පුපුරන්න.. එක එක හාල්පාරුවොත් එක්ක පංති ඉවරවෙලා ජෝඩු දානවට..”ඉමාෂිගෙ මූණබලන් ඉද්දිම සුදුමැලි වෙලා ගියා. දවස් ගානක් ලස්සනටපිපිලා පරවෙලා ගියපු කැලෑ මලක අසරණකම ඒ පුංචි ඇස් දෙකේ ලියවිලා තිබුණා.“ඇ.. ඇයි රමී අයියෙ.. ඔයා ඔහොම කතා කරන්නෙ..”ඉසුරුගෙ රවුම් මූණෙ කපාපු පලුවක් වගේ වෙච්චි ඉමාෂිගෙ හැඬුම්බර කටහඬ මටඇහුණා.“එහෙනම් කොහොමද කතා කරන්න ඕන.. හරහට වඩාගෙන සූප්පුවක් කටේ ඔබලද...”ඉමාෂිගෙ ඇස් දෙක ලොකු උනා. එයා එක දිගට ඇහිපිල්ලම් ගහන්න පටන් ගත්තා.ඉසුරුත් එහෙමමයි.. හිත ඩිංගක් හරි කලබල උන ගමන් ඌත් ඇස් ගහනව වගේ ඇහිපිල්ලන්ගහනවා. බලන් ගියාම ඒකෙ ඇති වැරැද්දක් නෑ. මෙයා උගේ වන් ඇන්ඩ් ඔන්ලි නංගි බබානේ.“මට ඔහොම කතා කරන්නෙපා..”ඉමාෂි මගේ අතින් අල්ල ගත්තා. මං එක සැරේටම ඒ හැඩකාර මූණ දිහා බැලුවා.කඳුළු බිංදු පේලියක් නිදහසේ කම්මුල් දිගේ ගලාගෙන යද්දි, ඒ ලස්සන ඇස් මට කිව්වෙමෙච්චර කාලෙකට කිසිම කෙල්ලෙක් මට කිව්වෙ නැති සොඳුරු කතාවක්. ඒත් ඒ සොඳුරු කතාවමැද්දෙන් මහා මාර්ග බාධකයක් වගේ ඉසුරු කියන මගේ ප්‍රාණ සම මිත්‍රයා හරස් වෙලාහිටියා. මොන දේ වෙලා හරි මේ ඉන්නෙ ඉසුරුගෙ නංගි නෙමෙයි නම් මෙලහකටත් මං මේ කෙල්ලවතුරුලු කරගෙන. මේ රෝසපාට තොල් පෙති උඩින් මගේ තොල් පෙති තියලත් ඉවරයි.“ම්.. මං වැරැද්දක් කෙරුවෙ නෑ රමී අයියෙ.. මට මෙහෙම රිද්දන්නෙපා දෙයියනේ.....”ඉමාෂි මගේ ඉස්සරහ බැගෑපත් වුණා. ඒ අඬන ඇස් දෙක මට කිව්වෙ ජීවිතේ හැමකුණු කන්දක්ම පැත්තකින් තියල ජීවිතයෙ වසන්ත කාලය මෙතනින් පටන් ගන්න කියලා. ඒත් මගේහොඳම යාලුවගෙ නංගි ගැන මං මොනවද මේ හින්නෙ කියල හිතෙනකොට මාව වෙව්ලලා ගියා.වේගයෙන් ඇහිපිල්ලම් ගගහ ඉසුරු අනාථ වෙලා වගේ මං දිහා බලන් ඉන්න හැටි මට මැවිලාපෙනුණා.“මං ඔයාව රිද්දුවෙ නෑ ඉමාෂි.. ඔයාගෙ අයියා ඔයා ගැන හිතනව වගේ තමයි මංඔයා ගැන හිතන්නෙත්.. ඔයා හොඳින් ඉඳල ඔයාගෙ ජීවිතේ ලස්සන කරගනියි කියල අපි හිතුවෙ..එතනින් එහාට කිසිම දෙයක් නෑ..”මං කිව්ව දේට ඉමාෂි කිසිම දෙයක් කිව්වෙ නෑ.. එයාගෙ ඇස්වලින් හෝ ගාලාකඳුළු ගලාගෙන ගියා. මං මෙච්චර කාලයක් ආශ්‍රය කරපු කෙල්ලො අතරින් ඉමාෂිගෙ මං දැක්කෙවෙනස්ම ලස්සනක්.“ආ.. මේ වීල් එකට නගින්න..”ඒ වෙලාවෙ අපි ඉස්සරහට ආපු රතුපාට වීල් එකට මං අත දික් කරා. ඒකෙ හිටියෙමාව දන්න කියන මල්ලි කෙනෙක්. ඒත් ඉමාෂි මං දිහා බැලුවෙ ලෝකෙ තියෙන පුදුම හතම එයාඉස්සරහට පාත් උනා වගේ.“ඔ.. ඔයා මාව බයික් එකේ නෙමේද එක්ක යන්නෙ...”ඉමාෂි කිව්වා නෙමෙයි.. එයාට එහෙම කියවුණා.. සමහර විට ඒ විදියට කියන්නඑයාගෙ තුන් හිතකවත් තියෙන්න නැතුව ඇති.. ඒත් ඒ දේ එහෙම්ම උනා.“ඔයත්තෙක්ක කතා කරකර ඉඳලා නදිනි මට අලි පත බූට් එකක් තිබ්බා.රිස්මියාත් දැන හෝ නොදැන යන්න ගියා.. එහෙම් එකේ ඔයාව බයික් එකේ දාගෙන ගිහින් ඔයඑහෙන් මෙහෙන් මං ගාව එල්ලිලා ඉන්න අනිත් කෙල්ලො ටිකටත් බබා හම්බවෙයි.. තේරුණාද...”මං දබර ඇඟිල්ල දික් කරලම කිව්වා. කඳුළු අතරින්ම ඉමාෂිට හිනා ගියා.වතුර බිංදු බිංදු වගේ කඳුළු පිරිල තියෙද්දි කෙල්ල හිනාවෙද්දි මාර ගති.“එහෙම වෙනව නම් කොයි තරම් හොඳද.. මං හින්ද වටේ ඉන්න හැම කෙල්ලම ඈත්වෙනව නම්..”“ඇයි ඒ...”“එතකොට මගේ හිතට කරදරයක් නෑ..”ඉමාෂි කිව්ව ඒ අපබ්‍රංස කතාව මට තේරුන්නෑ.. තේරුම් ගන්න උත්සාහගනිද්දි මගේ හිතට දැනුනෙ නුවරඑළියෙ සීතල.. ඒ කියන්නෙ.. ඒ කියන්නෙ ඉමාෂි මං ගැනහිතනව කියන එකද...බයික් එක මහා ඉස්පිරිතාලෙ ගාව දාලා මං වටපිට බැලුවා. මොනදේ උනත් මේරමීගෙ ටයිම් එක වරදින්න විදියක් නෑ.. තාලෙට අඩි තිය තියා පැද්දි පැද්දි එන අනූෂිවමගේ ඇස් දැක්කා.“රමිත..”මාව දැක්කා විතරයි ඒ මූණට අපූරු හිනාවක් ගලාගෙන ආවා. කෙල්ලො මේ තරම්ලස්සනට හිනාවෙන්නෙ කොහොමද මංදා.. මං හිතන්නෙ උං කොහෙන් හරි ඒ ගැන පී.එච්.ඩීඋපාධියක් කරනව ඇති. ආයෙ දෙකක් නෑ.“මගේ වැඩේ හරිද...”“මොන වැඩේද...”ඔය බලපංකො ඉතිං.. ඔන්න ඕවට නම් රමියට ලෙලියන්න තද වෙනවා. බොහොම ඉක්මනටඅතීතය අමතක වෙන එවුන්ට නම් රමීකැමතිම නෑ.“මොන වැඩේද අහන්නෙ.. ඇයි කලින් දවසෙ රෑ ඔයාට බාරදුන්නු කොන්තරාත්තුව..”අනූෂිගෙ මූණට ආවෙ ඒ තරම් හොඳ පෙනුමක් නෙමෙයි. ඒ ඇයි මංදා.. එයා සමහරවිට හිතුවද දන්නෑමං මෙතෙන්ට වෙලා කට්ට කෑවෙ එයා පිළිබඳ ප්‍රේමණීය සිතිවිලිපහළ වෙලා කියලා.“ආ.. ඒකද.. මං හිතුවෙ මේ..”අනූෂිගෙ මූණට ඔන්න යන්තම්හිනා පොදක් ආවා..“මොකක්ද ඔයා හිතුවෙ...”“නෑ.. රමිත.. ඒක ඕන නෑ.. ඔයා ඔය කියපු යාලුව ගැන මං විස්තර දන්නවා..එයා මැරි කරපු කෙනෙක්..”“මොකක්...”තුන් හතර පාරක් හොඳට හොලවල පොළේ ගැහුව වගේ මාව හොල්මං වෙලා ගියා. මොනකතාවක්ද මේ.“ඔව්.. අපේ වත්තෙ අක්ක කෙනෙක් තමයි එයා මැරි කලේ.. හැබැයි ඒ අක්කා නම්මං හුඟ දවසකින් දැක්කෙ නෑ.. මං හිතන්නෙ එයා කොහේ හරි ගිහිං..”“ඔයා කියන ඔය දේවල් ඔයාට හොඳටම ෂුවර්ද...”මං එක පාරටම ඇහුවම අනූෂිගෙ මූණ නරක් වුණා. එයා හිතුවද දන්නෑමංඑයාව සැක කරා කියලා.“ඇයි රමිත ඔයා ඔහොම අහන්නෙ.. මේ සමීර කියන ඔයාගෙ යාලුවයි දිලිනිඅක්කයි පදිංචි වෙලා හිටියෙත් කොරියාවෙමයි.. පහුගිය දවස්වල නම් එයාලට හුඟක් කරදරතිබ්බා කියල ආරංචියි.. එයාලගෙ බබා හුඟක් අසනීප වුණා..”කකුල් දෙක ඉස්සරහ මහ පත හෙනයක් වැදුන වගේ මාව ගැස්සිලා වෙව්ලලා ගියා..එයාලගෙ බබා... එයාලගෙ බබා.... අනූෂි එහෙම තමයි කිව්වෙ.. මං මේ මොනවද අහන්නෙ... ඒකියන්නෙ රමියා ද්නනෙම නැතුව බාප්පා කෙනෙක් වෙලාද.. හත්තිලව්වේ......තත්පර ගාණක් යනකන් මං මේ ඉන්නෙ කොහෙද කියලවත් මට හිතාගන්න බැරිවුණා.මොන අපබ්‍රංස කතාවක්ද මේ... සමීරයා කවදද බැන්දෙ... ඌට කොහෙන්ද හත්තිලව්වෙ බබාලා..හරි.. ඕව පැත්තකින් තියමු.. දිලිනි කොහෙන් පාත්වෙච්ච ග්‍රහ වස්තුවක්ද...“ඇ.. ඇයි රමිත.. ඔ.. ඔයා පුදුම වෙලා වගේ..”පුදුම නොවීතීයේයෑ.. දෙයි හාමුදුරුවනේ.. මේවා ලෝකෙ පුදුම ගනයටවැටෙන දේවල්නෙ.. රමියගෙ හිත ෆිට් හින්ද හොඳයි.. නැත්තං මේ අහගත්ත ඒවට කට කපල සිහියනැතුවම වැටෙනවා. ඒක මහ ඉස්පිරිතාලෙ දොස්තර මහත්තයෙක්ටවත් වලක්වන්න බෑ.“සමීර මැරි කරල තියෙන්න විදියක් නෑ අනූෂී..”“ඔයා මට පෙන්නපු ෆොටෝ එකේ හිටපු කෙනාගෙ විස්තර තමයි ඔය.. මං අතින්දාලා කිව්වෙ නෑ..”මං අනූෂිගෙ මූණ දිහා බැලුවා. එයා හිටියෙ ඒ තරම් හොඳ මූඩ් එකක නෙමෙයි.සමහර විට එයා හිතනවද දන්නෑ මං එයා කියපුවා අවිශ්වාස කරා කියලා.“ඔයා කියපු දේවල් මං අවිශ්වාස කරා නෙමෙයි. ඒත් මේ වෙලා තියෙන දේවල් මටඅදහන්නත් බෑ.. හැබැයි මේ මනුස්සයගෙ ලොකු වෙනස්කමක් මං පහුගිය කාලෙ දැක්කා.. ඒකයිමං මිනිහ ගැන හෙව්වෙ..”“ඒ කියන්නෙ ඔය සමීර කියන ඔයාගෙ යාලුවා මැරි කරල කියල එයාගෙ ගෙදර අයදන්නැද්ද...”නෑ කියල කියන්න මං ඔළුව වැනුවා. අනූෂිගෙ ඇස් මහ පුදුමෙකින් ලොකු උනා.“එතකොට ඒ පුංචි බබා ගැනවත් ගෙදර අය දන්නැද්ද රමිත..”ඉඳල ඉඳල අනූෂිත් අහන්නෙ පිටසක්වල ජීවීන් අහන ජාතියෙ ප්‍රශ්න තමා. කසාඳබැඳල කියල දන්නැති එකේ බබාලා ඉන්නව කියල කොහොම දැනගන්නද අප්පා.“ඔයාට පරක්කු වෙනවත් ඇති අනූෂි..”“ඔව් රමිත.. ඩිංගක් හරි පරක්කු උනොත් අර ඔයාගෙ යාලු සිස්ටර් කෑගහනවා..මං යනවා.. තව විස්තර හොයාගත්තොත් පස්සෙ කියන්නං..”“තෑන්ක්ස් අනූෂී..”මගේ තැන්ක් යූ එකත් කරේ තියාගෙන අනූෂි හොස්පිට්ල් එකේ ගේට් එකෙන්ඇතුල් වුණා. මිනිස්සු සීයක් දෙසීයක් එහෙමත් නැත්නම් තුන්සීයක් විතර මං ගාවින් එහෙටමෙහෙට ගියත් මට දැනුනෙ මහා තනිකමක්. ඒ වගේම මුස්පේන්තු හැඟීමක්. මං මගේ මුළු ජීවිතකාලය පුරාම විඳල තිබ්බෙ නෑ. ඒත් සමීර නොහොත් මගේ වන් ඇන්ඩ් ඔන්ලි අයියකාරයා හින්දමං ඒකත් දෝත බදලම තුරුළු කරගත්තා.වෙනදට ලෝකෙ පුරා තියන ඕනම කුණු ගොඩක් කකුල් දෙක මුලටම කඩන් වැටුණත් සතපහකට ගණන් ගන්නැතුව ඉඳපු මං මේ අහපු දෙයින් හතර ගාතෙම දාලා බිමට ඇදන් වැටිලාතිබුණා. අයියකාරයා මොන තරම් ගදයෙක් උනත් මිනිහගෙන් මොන තරම් මල අඩයක් තිබුණත්,දැහැට පේන්න බැරි සතෙක් සීපාවෙක් උනත් මිනිහා මේ කරගෙන තියෙන නස්පැත්තිය ගැන මගේහිතේ පදාසයක්ම හෙලවෙන්න පටන් අරන් තිබුණා. මූට මොලේ කියල එක බිම් අඟලක්වත් නැද්දහත්තිලව්වෙ.. කොරියාවෙ කේලලෙක් බැඳලා ඒ මඳිවට පුංචි එකෙකුත් හදාගෙන දැන් කොහොමදඅප්පා පාරෙ බැහැල යන්නෙ.. අම්මගෙයි තාත්තගෙයි මූණ බලන්නෙ.. එයාල කැත කුනු අතේ පයේගාගෙන මේ බක පංඩිත පොලොස් කොට්ටෝරුවා හැදුවෙ මේ වගේ යල් පැන ගියපු පුරා වස්තුවක්අහන්නද...“ර..මී..”ගෙදර ඉස්සරහ පැත්තෙන් ඇතුල් වෙලා මං කාමරේට යන්නයි හැදුවෙ. හිතේ තියෙනනස්පැත්තිය හේදීලා යන්නත් එක්ක ලොකු පහේ වොෂ් එක් දාගන්න මං හිතාගත්තා. ඒත් මෙන්නඅම්මා මගේ ඉස්සරහම. සිරියාව හෝ ගාලා උතුරන ඒ සොඳුරු රූපකාය දිහා බං ඩිංගක් වෙලාබලං හිටියා.“ඇයි අම්මා...”“ඔයාට වෙඩින් ඉන්වයිට් එකක්..”අම්ම අතේ වෙඩින් කාඩ් එකක් තිබුණා. රත්තරං පාටයි.. ඇලුමිනියම් පාටයි..එකට මික්ස් පෘට් වෙච්ච ලස්සන වෙඩින් කාඩ් එකක්. ඉතිං මික්ස් පෘට් නෙමෙයි සැලඩ්උණත් කමක් නෑ.. කවුද බොලේ රමියට මගුලකට ආරාධනා කරපු පිංවන්තයා.“ඔය කොණ්ඩෙ ටිකක් අඩු කරගත්තොත් හොඳයි රමී.. දිග වැඩි වගේ නේද..”වෙඩින් කාඩ් එක දිග ඇරල බලද්දි අම්මා කියනව ඇහුණා. කොණ්ඩෙ නම් ටිකක්දිග වැඩීතමයි. බෙල්ලෙනුත් පහලට වැවිලනේ තියෙන්නෙ.. කොණ්ඩෙ පැත්තකින් තියලහිම කැට වගේ පිරිසිදු සුදු පාට වෙඩින් කාඩ් එකේ මැද පේලිය මං කියවන් ගියා.. හ්ම්..ඒකත් එහෙනම් ජයසිරි මංගලම්..“ඇයි මූණ වෙනස් වුණේ...”අම්මගෙ ඇස් තාමත් මගේ මූණෙ කියල මං දැක්කෙ එතකොට. වන්ඩේ මැච් එකක දාපුමුල්ම බෝල තුනට හයේ පාරවල් තුනක් වැදුනහම බෝලර්ගෙ මූණට හිනාවක් එන්නෑනෙ. මේකත් ඒවගේම තමා.“මුකුත් නෑඅම්මා..”“නැත්තෙ නෑ.. ඔයා ඩිංගක් අප්සට් ගියා.. කවුද කාඩ් එක එවල තියෙන්නෙ...”“මගේ යාලුවෙක්..”“යාලුවෙක් විත්තිය මං දන්නවා.. නැත්නම් තරහකාරයො එවන්නෑනෙ.. කවුදරමී.. මේක එවපු ගෑණු ළමයා..”මොනව උනත් අම්මට නම් සිරාම ඉවක් තිබුණා. ඒක පී.එච්.ඩී උපාධියක් කරලවත්කරගන්න බැරි දෙයක්.“නදිනි කියල යාලුවෙක්..”එහෙම කියාගෙන මං කාමරේ පැත්තට ආවා. නදිනි කසාඳ බඳිනව කියල මට විශේෂදුකක් ඇති වුණේ නෑ. මං ඒකිව බඳින්නෙ නැතිනම් ඒකි වෙන මොකෙක් හරි බඳින්න එපැයිහත්තිලව්වෙ.. ඒත් මගේ හිතට මොකක්දෝ අඩුවක් වගේ හැඟීමක් දැනුණෙ නෑ කීවොත් ඒකබොරුවක්.ආදරයක් සම්පූර්ණයෙන්ම මැරෙන්නෙ නැතුව තියෙද්දි අපි පණ පිටින් ජීවත්වේදදි මේ වගේ වෙඩින් කාඩ් හැරෙන තැපෑලෙන් එවන්න තරමෙ හයියක් නදිනිට ආවෙ කොහෙන්දකියල මං කල්පනා කරා. කමක් නෑ.. මේව මං වපුරපු දේවල් නෙමෙයි.. නදිනි වපුරපු දේවලුත්නෙමෙයි.. ඒක දෛවය විසින් හිතාමතාම කරපු දෙයක්.“මේ ඕයි..”නිස්කලංකයෙ ඉන්නව කියල ඇඳේ පතබෑවෙච්ච මං උඩ ගිහින් බිම වැටුණා. ඇස්දෙක අමාරුවෙන් ඇරල මං වටපිට බැලුවෙ, ඕයි බෝයි ගාලා කෑ ගහපු අපතයට දෙකක් අනින්න.“ත.. තමුසෙ නිදිද...”මූණත් අමුතු කරන්.. ඇස් ගෙඩි දෙකත් දොඹසයිස් කරගෙන අයියකාරයාමගේ දිහා බලන් හිටියෙ දෙකට තුනට ගනින් බැරිව වගේ.“මගේ නින්දෙන් තමුසෙට වැඩක් නෑ.. තමුසෙ මොකද මගේ කාමරේට ආවෙ..”මං පැහැදිලි සැකේකින් ඇහුවා. අයියා උනත් මේකා තඹ සතේකට සුවර් නැතිඑකෙක්.. ගෙදර හැමෝටම හොරෙක් කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්න මැක්සා පොරක්නේ.“මං තමුසෙත් එක්ක ටිකක් කතා කරන්නයි ආවෙ..”හප්පට සිරි.. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.. මෙන්න මූට මාත් එක්ක සාමසාකච්ඡාවක් පවත්වන්න ඕන වෙලා.. සමහර විට මේකා කසාඳ බැඳපු එක ගැන කතා කරන්නදදන්නෑ.. මගේ හිතට ආවෙ අමුතුම ගතියක්.. මං ඇඳේ හරිබරි ගැහුණා.“මොනවද තමුසෙට මගෙත් එක්ක කතා කරන්න තියෙන්නෙ...”මට ටිකක් ලොකු කතාවක් දුන්නා.. නැතුව බෑ අප්පා.. සාමෙට කතා කරන්නගියොත් මේකා අලි පඩත්තලයා වෙනවා.“දිමුතු ගැන..”මං උඩ ගිහින් බිම වැටුණා. මේකා කොහොමද හත්තිලව්වෙ දිමුතු ගැන දන්නෙ..මූ කොහොමද එයා ගැන හොයා ගත්තෙ. කවුද ඒ සිද්ධියෙ මේ ඇඹටිල්ලගෙ කණට සම්ප්‍රාප්ත කරේ.ෂහ්.. ෂහ්.. කතාවෙ පළමු පියවරෙන්ම රමියට සෙම හිරවුණා වගේනෙ.. දැන් ඉතිංවැල්මෙලික්ස් බෝතලයක් බීලයි කතා කරන්න වෙන්නෙ.“දිමුතු ගැන මොනවද...”ආයෙ හැංගි හොරා ඕන නෑනෙ.. මං කෙලින්ම ඇහුවා. සමීරයා කියන්නෙ සාමාන්‍යයෙන්කළුවරේ අතපත ගාන එකෙක් උනත් මේ පාර නම් නිච්චියටම කියන්න පුළුවන් CFL බල්බ් දාලයිඅත ගාල තියෙන්නෙ කියල.“ඒ ළමය ගැන ඔයිට වඩා හොයනවා..”“දිමුතු ගැන මං බලාගන්නම්.. තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගන්නවා..”“මේ.. මං තමුසෙට හොඳක් කරන්නයි ආවෙ..”අයියකාරයගෙ ඇස් දෙකේ තිබ්බෙ අධිෂ්ඨානශීලීගතියක්. ඒත් මට මේකාබිංදුවක් ෂුවර් නෑ.“අනේ නිකං ඉන්නවා.. පටි රෝල් කරගන්න හදන්නැතුව.. අනික මීට කලින් තමුසෙමට උදව් කරාද... පෙරලපු තරමක් කුණු බාල්දිනේ මගේ ඔලුවට පෙරලුවෙ. මගේ වැරදි කියකියා අම්මටයි තාත්තටයි මාව එපා කරන්න හැදුවෙ අල්ලපු ගෙදර කරුණාසේනයද... නෑ..සමීර.. ඒ හැම දෙයක්ම කරෙ තමුසෙ.. දැන් එනව මෙතන හොඳ කරන්න.”“මං ඔයාට වැරැද්දක් කරේ නෑමනුස්සයො..”අයියකාරයගෙ කට හඬේ මට අමුතු අවුලක් දැනුනා. වෙනද මේ යකා දුම්මල වරමගත්ත වගේ.. හැට හුටාමාරක් කියවනවා. ඔය මං ප්‍රකාශ කරපු ටික වෙනදට නම් මිනිහට මගෙන්තුන් හතර පාරක්ම ගේම ඉල්ලන්න හොඳටම ඇති. ඒත් අද මොකද මේකා පාංශුකූලෙ දීලා ආපු එකාවගේ ඉන්නෙ. මට තිබ්බ ඉහළම ගැටළුව ඒකයි.“වැරැද්දක්... හ්ම්.. තමුසෙගෙ යස කතාව.. තමුසෙ මට වැරදිම නේන්නම්කරේ.. තමුසෙ මහා නරකාදි සත්වයෙක් ඕයි.. කොටින්ම මට තමුසෙව පේන්න බෑ.. අන්න ඒක මතකතියාගන්නවා.. ජීවිතේටම..”මං සං සං ගාලා කියල දැම්මා.. ආයෙ පෘෆ් බලන්නෙ මොකටද... සීත සමිරයාබලන් ඉද්දිම ගල් ගැහුණා.“තමුසෙ මොකද මනුස්සයො මට ඔහොම කතා කරන්නෙ...”කවදාවත් වෙන්න බැරි විදියෙ සංවේදීයක් මං ඒ වෙලාවෙ දැක්කා. මිනිහ කියපුදේට තවත් කියන්න ජාති ජාතිත් දේවල් බඩවැල් කඩාගෙන එද්දි මං ගොලු උනා. අයියකාරයගෙඇස්වල කඳුළු. මට අදහගන්න බැරි උන එකම දේ ඒකයි. යකෝ කළු ගල්වලින් කොහොමද වතුරඋනන්නෙ. මේකත් ඒ වගේනෙ.“තමුසෙ කවද හරි මං ගැන තේරුම් ගනියි...”මිනිහා ඒ ටික විතරයි කිව්වෙ. කඳුළු පිරුණු ඇස් දෙකත් එක්ක, ආව වගේමහිතට හෙන වදයක් දීලා මගේ කාමරෙන් ගියා. මොකක්ද බං.. ඒකා අන්තිමට ඒ කියපු හරුපෙ..මං මගෙන්ම අහගත්තා.. මං හිතුවෙ මිනිහා ගාල කඩාගත්තු වස්ස වගේ ආවෙ නූතන කසාද චර්යාවවාර්තා කරන්න කියලා. මදැයි මට නොසෑහෙන්න වැරදිලා. හැබැයි ඉතිං මිනිහ මොනව කියන්නහිතන් ආවද, මිනිහා කිව්වෙ මොනවද කියල දන්නෙ මිනිහම විතරයි. අයිය කාමරෙන් ගියාවිතරයි ගෙදර ඉස්සරහින් ඉසුරුගෙ කාර් එකේ හෝන් එක ඇහුනා. අයියගෙ කෝප් කමිටු වාර්ථාවහිතේ මුල්ලකට දාලා මං ගෙයින් එළියට බැස්සා.“තැන්ක් යූ රමී..”ඉසුරු මගේ අතකින් අල්ලගත්තා. උගේ ඇස් නැටවෙනව වගේ. ඒ කියන්නෙ අලුත්නිව්ස් එකක්ද...“ඇයි..”“නංගිව ගෙදරට ගෙනල්ල දැම්මට..”“ආ.. ඒකද...”ඉසුරුගෙ ඇහිපිය වේගෙන් ගැහෙද්දි මගේ හිත උඩටම ආවෙ ඉමාෂි. එයාගෙත් මේපුරුද්ද එහෙම්මයි. ඒ ගැහෙන ඇහිපිය එක්ක ඉමාෂි මගේ දිහා බලන් ඉන්නව වගේ මට දැනුණා.“රමී..”“ම්..”“මං ආවෙ උඹට දෙයක් කියන්න..”ජීවිතේ කවදාවත් නැති තරමට මං ගැස්සුනා. ඒ මං ඉසුරු ඉස්සරහම ඉමාෂි ගැනහිත හිතා හිටපු හින්දා. ඉසුරු කියන්න හදන්නෙ ඉමාෂි ගැන වත්දෝ කියගත් මට සැකහිතුණා. ඒත් උගෙ මූණෙ තියෙන අවමගුල් සහගත පෙනුම දැක්කම මං ඒ අදහස වෙනස් කරගත්තා.“ඉතිං කියපං.. මං අහගෙන ඉන්නෙ..”“අර තම්බි කෙල්ල..”“මොන...”“උඹේ මුස්ලිම් ආදරේ.. රිස්මියා..”“ඉතිං...”“ඒකි කසාඳ බැඳලා..”ඒ ආරංචිය අහල අඬන්න ඕනද හිනාවෙන්න ඕනද කියල මට හිතාගන්න බැරි වුණා.එහෙනම් නදිනි වගේම රිස්මියාත් මට ගුඩ්බායි කිව්වා. මෙච්චර සිංහල කෙල්ලො ලක්ෂගානක්ඉන්න රටේ උඹ වගේ මුස්ලිම් කෙල්ලෙක් ළං කරගෙන ආදරේ කරාට. උඹේ වෙඩින් එක දවසෙදිවත්උඹට මාව මතක් වුණේ නෑරිස්මියා. බොහොම ලස්සනයි.. බොහොම ලස්සනයි.. උඹ වගේම,උඹේ ගතිගුණ වගේම, උඹේ ආදරෙත් බොහොම ලස්සනයි රිස්මියා..“රමී..”“ම්..”“උඹට අප්සට් නේද...”“මං අප්සට් වෙන්නෑ අද දවසෙ ඔය මැසේජ් එක විතරක් ආව නම්..”“ඒ.. ඒ කියන්නෙ...”“නදිනිත් මට වෙඩින් ඉන්විටේෂන් එකක් එවලා..”“න්..නෑ.. යකෝ මුං කොටියම කන්නෙපැයි..”නදිනි මං ගාවින් ගියේ ඉමාෂිටයි මටයි චෝදනා කරල කියල ඉසුරුට කියන්න මටහිතුනෙ නෑ. අනවශ්‍ය දේවල් තවත් ඉස්සරහට මොකටද...“නදිනියි රිස්මියයි දෙන්නම මට ගුඩ් බායි කියල ඈත් වෙලා ගියත් මේ රමීබිමට කඩන් වැටෙන්නෑ.. ඒත් රමීකියන්නෙත් මනුස්ස පරානයක් බං.. දකින දකිනකෙල්ලට ආස කරාට මේ හදවතේ බඩ තියෙන්නෙ එක කෙල්ලෙකුට විතරයි.. අන්න ඒ කේල හම්බ වුණදාකට මගේ හදවතේ පූජාසනයක් ගොඩ නැගිල තියෙයි, ඒ කෙල්ල වෙනුවෙන්.. උඹට තෙරුණාදඉසුරු...”“උඹ හරි උනත් වැරදි උනත් මං ඉන්නෙ උඹගෙ පැත්තෙ රමී.. මං මොනවද කරන්නඕන...”“මුකුත් නෑඉසුරු... නදිනියි රිස්මියයි මාව හලන්න කලින් තමයි මංඋංව හැලුවෙ.. මට දැනට තියෙන එකම සංතෝසෙ එච්චරයි..”මං කිව්ව දේට ඉසුරුට පුංචි හිනාවක් ගියා.“ඒක හරි.. උං බැන්ද නෙමේ ලිහාගත්ත උනත් අපි ගණන් ගන්න හොඳ නෑ.”ගනන් ගන්න හොඳ නැත්තෙ මොකද... ඒවට නිවාඩු පාඩුවෙ පට්ට රිටර්න් එකක්දෙනව මිසක. මේ රමීට රිද්දල කවුරුවත් පාඩුවෙ ඉඳල නෑ.. උංටත් සංසාරෙ පුරාවට රිදෙන එකඅත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.“රමී.. රෑට මොකද කරන්නෙ...”“ඇයි..”“බුලතගෙ පොඩි වැඩක් තියෙනවා..”“බුලතගෙ...”අයි.පී බුලතයා මීට කලින් දාපු කලර්ස් පාර ඉසුරුට ඔය ඩිංගට අමතකවුණාද... තව නූලෙන් එදා අර ලී ලෝඩ් එකම ලොරියත් එක්ක උසාවියෙනෙ.. ආයෙ ඇප නෑ..ඉසුරුටත් පිස්සුද මංදා..“ඔව් බුලතගෙ තමා..”“උගේ මොකක්ද...”“උගේ නම් නෙමේ.. උගේ නංගිගෙ..”ඉසුරුගෙ කතාවෙන් මගේ හිතට පුංචි සැකයක් ආවා. අනික මූ තටම තටම ඒක කිව්වතාලෙත් මට ඇල්ලුවෙ නෑ.“ඌට නංගි කෙනෙක් ඉන්නව කියල මං දැනන් හිටියෙ නෑනෙ ඉසුරු.. මට ඇත්තකියපං.. උඹ බුලතගෙ නංගිත් එක්ක සෙට් ද...”මගේ විචිකිච්චාව මං කෙලින්ම එළියට දැම්මා.. නැතුව බෑනෙ බං.. මේකාහැසිරෙන තාලෙ අන්තිම අවිනිශ්චිතයි.“පිස්සුද බං.. මං උගේ නංගිව දැකලවත් නෑ..”“ඒකත් එහෙමද... එතකොට මේ කතන්දරේට උඹ ගෑවෙන්නෙ කොහොමද... උගේ නංගිවදන්නෙත් නැත්තං..”“බුලතගෙ නංගි බඳිනවා.. ඌ මට කෝල් කරල කිව්වා.. රෑට ඩිංගක් හොටෙල් එකපැත්තෙ ගිහින් අඩුපාඩු බලල එන්න කියලා..”“ඇයි ඌට හන්දිපත් රුදාවද...”“ඌට ස්පැෂල් ඩියුටි එකක් වැටිල රමී.. උඹ මොකද කියන්නෙ... එනවද...”“එනවද කියල අහන්නෙපා.. වරෙන් කියල කියපං.. හැබැයි ඔය බුලතව නම් මටබිංදුවක්වත් ෂුවර් නෑ.. ලෝක අංඩපාලු පිංගුත්තරයෙක්.. ඌබලන්නෙ උගේ වාසියවිතරයි..”“මං ඒක දන්නව රමී.. මාත් පරිස්සමින් තමා වැඩ කරන්නෙ.. හැබැයි ඌ උඹටහරි.. මට හරි අංචියක් ඇඳලා තිබ්බොත් චේන් ෂෝ එක ගෙනල්ල මං ඕකව පිටපලු ලෑලි වලටඉරනවා..”ඉසුරු ඒ ටික කිව්වෙ බොක්කෙන්ම කියල මට තේරුණා. කොහොමටත් ඉතිං ඉසුරුකියල කියන්නෙ ගිණිපුක් කාරයනේ. වැඩේ තියෙන්නෙ ඉමාෂිටත් ඔය ගිණිපුක් ලෙඩේ තියෙනවදදන්නෑ.. මට පුංචි හිනාවක් ආවා. ඒත් ඒ වෙනකොට ඉසුරු මං ගාවින් ගිහින් තිබුණා.
|
BLOG
|
2013.01.17
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5. ගේට්ටුව එළියෙන්ඇරගෙන ඇතුළට යනකොටත් ළමා නිවාසෙ ළමයි වටපිටාව පිරිසිදු කරන්න පටන් අරන් තිබුණා.ඒත් ඒ ළමයි අතරෙ මං දිමුතුව දැක්කෙ නෑ.“රමිත මහත්තයා...”මාවදැක්ක ගමන් ෆාදර් මගේ ළඟට ආවා.“ෆාදර්.. ඇයි දිමුතු පේන්න නැත්තෙ...”“දිමුතුට ආයෙත් අසනීප උනා..”“අසනීප උනා... ඇයි මට නොකිව්වෙ...”මට ආවෙ ෆාදර් එක්ක ලොකු තරහක්. මොනව හරි හදිස්සියක් උන ගමන් කතා කරන්නකියල තියෙද්දි මොකක්ද මේ කරල තියෙන හාල්පාරු වැඩේ. මං ෆාදර් දිහා බලද්දි එයා බිමබලාගත්තා.“කියන්න ෆාදර්.. මොකක්ද ප්‍රශ්නෙ.. ඇයි දිමුතු අසනීප උනා කියල මටනොකිව්වෙ...”“දිමුතු කිව්වා.. මහත්තයට කියන්න එපා කියල..”“මොකක්...”“ඔව් රමිත මහත්තයා.. දිමුතු කිව්වා.. මහත්තයට කරදර කරන්නෙපා.. දෙයියොබුදුන් වගේ මේ කරන කැපවීම, බලා ගැනිල්ල හොඳටෝම ඇති කියලා..”“ඒ පැහිච්ච ආච්චි කිව්වට ෆාදරුත් මට කතා කලේ නෑ..”“මගෙත් එක්ක නොරොක් වෙන්නෙපා රමිත මහත්තයා.. ඒ දරුවගෙ අහිංසකකැමැත්තටයි මං ඉඩ දුන්නෙ.. මං කොහොමද ඒ අසරණ හිත රිද්දන්නෙ... රමිත මහත්තය ඔය මොනවකියල කෑගැහුවත් මං දන්නවා මහත්තයා උනත් දිමුතු කියන දේට පිටින් යන්නෑ කියලා..”ෆාදර්ගෙ කතාව සීයට සීයක්ම ඇත්ත හන්ද මං ඒ ගැන කතා කරනෙක නවත්තලදැම්මා.. තවත් ඒ ගැන කතා කරල වැඩක් නෑ. දැන් වැඩේ සිද්ධ වෙලා ඉවරයි. නිකරුනේපොරොන්දම් බලල වැඩක් නෑ.“ෆාදර්...”“ඇයි රමිත මහත්තයා...”“මෙන්න මෙතන, රුපියල් හතලිස් දාහක් ඇති.. මේක දිමුතුගෙ දේවල් වලටවියදම් කරන්න..”ඊයෙ රෑ කොට බිස්නස් එකෙන් ඉසුරු මට දීපු මගේ පංගුව එහෙම පිටින්ම මංෆාදර්ගෙ අත්දෙක උඩින් තිබ්බා. ෆාදර් මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.“මෙච්චර...”“ඔව් ෆාදර්.. සමහර විට මං දිමුතු ළඟ නැති වෙලාවකට එයාට සල්ලි ඕන වෙන්නපුළුවන්. මං තවත් ටිකක් ගෙනැල්ල දෙන්නම්.. හදිස්සියකදි එහෙට මෙහෙට විසි කරන්න..මගෙන් අහන්න බලන් ඉන්නෙපා..”මටඒ ටික කියල කටගන්න හම්බ වුණේ නෑ. මගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නව වගේ මට දැනුනහන්ද මං හැරුණා.“ර..මි..ත.. අ..යි..යා.. හ්.. හග්..”දිමුතුගෙ ඇස් දෙකේම කඳුළු පිරිලා තිබුණා. ඒ අන්ත අසරණ මූණු පොඩිත්තමගේ හිතට ගෙනාවෙ මහා දුකක්. ඇයි දෙයියනේ ඔයා ඔය තරම් අසරණ විදියට බලාගෙන ඉන්නෙ.ඔයාව සංතෝසෙන් තියන්න මං කොයිතරම් මහන්සි වෙනවද...“දිමුතු...”“ම.. මං වෙනුවෙන් මේ තරම් දේවල් කරන්නෙපා මගෙ අයියෙ.. මේ දේවල් වලින් පුංචිප්‍රයෝජනයක්වත් නැති වෙයි..”“ඇයි...”“මං මේ ලෝකෙ ඉන්නෙ තව ඩිංග කාලයයිනේ..”“දිමුතු.. ආයෙත් ඔය කතාව කිව්වොත් මං කට කඩනවා.. ඔයාට කලින් මං ගියොත්මිසක් ඔයා යන්නෙ නෑ.. ඒක හොඳට මතක තියාගන්න.. අනික මේ රමිත ඉන්නකල් ඔයාට පුංචිකරදරයක්වත් දෙන්නෑ..”“ඔ.. ඔයාට කියන දේ තේරෙන්නෑ මගෙ අයියෙ.. මට ඔයාව දාලා යන්න වෙනවා.. ඒකමගේ හිත කියනවා.. ඒත් මට බැරිම දේත් ඒකයි.. ඒ දේ මං කලිනුත් ඔයාට කියල තියෙනවා රමීඅයියෙ..”“දිමුතු.. ඇයි ඔයා මගේ හිත රිද්දන්නෙ... මොනවද ඔයා මේ කියන්නෙ...”“මං වෙනුවෙන්.. මේ කරන කියන දේවල් වලට කලගුණ මං ලබන ආත්මෙ හරි ගෙවනවමගේ අයියෙ.. මනුස්ස ආත්මයක් ලබන්න බැරි උනොත් මං සතෙක් වෙලා හරි මේ ණය ගෙවනවා..ඔව් අයියෙ.. මේ ලෝකෙ අංශු මාත්‍රයක් හරි කරුණාවක් නැතුව ඉපදිච්ච මං, ඉපදිච්ච ගමන්මමාව අතෑරල දාලා ගියපු ඒ ආදරණිය අම්මට උනත් වෛර කරන්නැති මං, මට මේ තරම් ජීවිතේකියල දෙන ඔය රත්තං හිතට කොයි තරම් ආදරේ කරනවද කියල කියන්න මට වචන නෑ..”දිමුතු ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතුව හො ගාලා කියවගෙන යනවා. ඇත්තටමමට කියන්න දෙයක් තිබුණෙ නෑ.. මගෙයි දිමුතුගෙයි කතාව දුක්බර පැත්තකට ඇදිල යන හන්දමෆාදරුත් අපි ගාවින් හෙමින් සැරේ පැත්තකට ගිහින් තිබුණා.“ඔයාව අපේ ගෙදර එක්කගෙන යන්න පුළුවන්කමක් තිබුණ නම් මෙලහකටත් මං ඔයාවඑක්කගෙන ගිහින් දිමුතු..”“මං ඒක දන්නව රමිත අයියෙ.. ඔයාගෙ වයසෙ කිසිම පිරිමි ළමයෙක් නොකරනදෙයක් ඔයා මේ කරන්නෙ.. ඒක අදහන්න වටිනවා කියල මං නිතරම කියන්නෙ ඒකයි.. මුලු ලෝකෙමමට නැති වෙලා තිබුණත් ඔය රත්තරං හිතේ පුංචි ඉඩක් හරි මට හිමි වෙච්ච එක ගැන මංපුදුම තරම් සංතෝසෙන් ඉන්නෙ..”“පුංචි ඉඩක් නෙමේ දිමුතු.. මේ මුලු හිතේම ඉඩ ඔයා අරන් ඉවරයි.. ඔයාහීනෙකින්වත් මේ රමිත අයියා දාලා යන්න හිතන්නෙපා.. ජීවිතේට ශක්තිය අරගෙන ශක්තිමත්වෙලා ඉන්න.. ඔයාට කිසිම නපුරක් වෙන්නෑදිමුතු.. ඔයා මගේ ආයුෂත් අරගෙන මටත්වැඩිය කල් ජීවත් වෙන්න ඕන.. දැන් ඉතිං හොඳ ළමය වගේ ඇතුළට යන්න.. ඔයාටබුදුසරණයි....”බෝල ඇස් දෙක හෙමින් සීරුවෙ උස්සලා දිමුතු මගේ දිහා බැලුවා. තමන්ටහිමිවෙලා තිබ්බ වටිනාම වස්තුවක් නැතිවෙලා ගියපු කෙනෙක්ගෙ මූණෙ තියෙන පසුතැවීඹ ඒපුංචි මූණෙ හරි අපූරුවට සිත්තම් වෙලා තිබුනා. ඒත් ඒ පසුතැවීම මැද්දෙන් මගේ ජීවිතේඅමතක කරන්න බැරි තරම් සුදු සිනාවක් හැංගිලා තිබුණා.හැන්දෑව තඹ පාටට හැරිල තියෙද්දි ඇයිද කියල මං හොයන්න ගියේ නෑ. මොන අලගෙඩියකට ඕව හොයනවද... හැන්දෑව සුවදේ විඳ ගන්නව මිසක. අනිත්තෙක ඉතිං සුවසේ විඳගන්නදේකුත් මං ළඟ තඹ පාට හැන්දෑවෙ තිබුණා. ඒ සජීවීවස්තුව තමයි ඉමාෂි.“රමී අයියා මට කියන්නෙ මොනා කරන්න කියලද...”මෙච්චර වෙලා කිසිම කතා බහක් නැතුව ඉඳපු ඉමාෂි මගේ පැත්තට හැරුණා.ඉසුරුගෙ මූනට ඉඟක් සමානකම් තිබ්බ ඒ සොඳුරු කාන්තා රූපෙ ඇඳිලා තිබ්බෙ හිත හිරිවට්ටන කෝමල රේඛා කිහිපයක්. ඒත් මං හිතට අවවාද කරගත්තා.. මේ ඉන්නෙ ඉසුරුගෙ නංගිකියලා.. නැත්තං ඉමාෂිගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ් රංගන කියපු දේවල් සෑහෙන දුරට ඇත්තවෙනවා.“මං ඔයාට මොනවත් කියන්න හැදුවෙ නෑ ඉමාෂි..”“මාව අතරමං කරන්නෙපා රමී අයියෙ.. ආහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකො..අපේ අයියගෙ මූනත් මේ දවස්වල හොඳම නෑ.. හරියට මං වැරැද්දක් කරල වගේ.. හරහටමයිකතාව..”මේං බලපල්ලා ගෑණු ළමයි.. මේවට තමයි කියන්නෙ කලුවර, බුරුත, තේක්ක ගස්කොච්චර තිබ්බත් මිනී පෙට්ටිය හදන්න ගන්නෙ කොලොන් ගස් හරි පුළුන් ගස් හරි කියලා.“ඔයා වැරැද්දක් කෙරුවෙ නැද්ද...”“රංගනට ආදරේ කරපු එකද...”“ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි ඉමාෂි.. ඒත් රංගන වගේ කොල්ලෙකුට ආදරේකරන එක වැරැද්දක්.. ඒක ඔයාගෙ මුලු ජීවිතේටම සිද්ධවෙන, මකල දාන්න බැරි කැළලක්..”“ඇයි රමී අයියෙ.. ඔයත් අපේ අයිය වගේ කතා කරන්නෙ... මං රංගන එක්කසම්බන්ධෙ නවත්තලනේ තියෙන්නෙ..”“ඒ වුණාට ඔයාගෙ හිතේ ඒකා ඉන්නවනේ..”“ආදරයක් ලේසියෙන් මරල දාන්න බෑ.. ඒක මුලු ජීවිතේ පුරාවටම වද දෙනවා..”“ආදරේ කරපු එකා කැත සතෙක් කියල දැන ගත්තහමත් ඒ ආදරේ ජීවිතේ පුරාම වදදෙනවද...”බිමට බරවෙලා තිබ්බ ඉමාෂිගෙ ඇස් දෙක එක පාරටම උඩට ඉස්සුනා. ලාවට වගේකඳුලු බිංදු දෙකක් මතුවෙලා තිබ්බ ඒ ඇස් රතු පාටට හැරිල තිබ්බා.“ඔයාලට කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක් තියෙනව රමී අයියෙ..”“ඒ මොකක්ද...”“කෙල්ලෙකුට ආදරේ කරනෙක පිරිමි කෙනෙකුට එක මොහොතක් වෙන්න පුළුවන්.. ඒත්ගෑණු අපිට ඒ දේ මුලු ජීවිතේටම අමතක කරන්න බෑ.. අපි ඒ දේ බදාගන්නෙ මුලු ආත්මයෙන්ම..ඔයාල වගේ ඒ මොහොතෙ සංතෝසෙ ගැන හිතල නෙමෙයි.. අපි වලක වැටුණොත් අපිට ගොඩ එන්නඅමාරුත් ඒකයි..”“ඔලුව තියෙනව නම් ගොඩ එන්න පුළුවන් ඉමාෂි..”“මං හිතන්නෑ රමී අයියෙ..”“හිතන්න බැරි වෙන්නෑඉමාෂි.. අනවශ්‍ය දේවල් හිතෙන් අයින් කරලදාන්න ඕනෙ.. එතකොටයි ඉස්සරහ ජීවිතේ ලස්සන වෙන්නෙ..”“ඉස්සරහ ජීවිතේ ලස්සන කරගන්න කියලා මං පිරිමි කී දෙනෙක් ටෙස්ට් කරලබලන්නද අයියෙ.. ඔයා වගේ ගෑණු ළමයි හතරක් පහක් එක්ක එකපාර යාලුවෙලා කෙනෙක්ව තෝරගන්නපුළුවන්කමක් මට නෑනෙ.. මං පුංචි ගෑණු ළමයෙක්නෙ..”බරපතල විදියට ඇදිල ගියපු කතාබහ ඉමාෂි කියපු ඒ දෙයින් පස්සෙ නිකම්මසැහැල්ලු උනා. ඒකත් හොඳයි.. මේ වගේ කතාබහක් සීරියස් කරනවට වැඩිය නෝමල් කරන එක ප්‍රයෝජනසහිතයි.“ඉමාෂි..”“ම්..”“දැන් කවුද කිව්වෙ.. මං ගෑනු ළමයි හතරක් පහක් එක්ක යාලුවෙලා ඉන්නවකියලා...”“කවුරු කිව්වත් කමක් නෑනෙ වැඩේ ඇත්ත නං..”“ඒක බොරු කතාවක් ඉමාෂි..”“බොරුද ඇත්තද කියල මං දන්නෑ රමී අයියෙ.. ඒත් හුඟක් ගර්ල්ස්ලා හිතන්නෙඔයා දකින දකින ගෑනු ළමයා එක්ක යාලුවෙන කෙනෙක් කියලා.. ඔයාගෙන් බේරෙන්න පුලුවන් ගෑණුළමයෙක් නෑ කියලයි හැමෝම කියන්නෙ..”ඉමාෂිගෙ කතාවට මට ලොකු හිනාවක් ආවා. මේවට තමයි කියන්නෙ පිං මාලු වලේකුසල් හාමි මාලු බානවා කියලා.. ඉමාෂිට ඇඩ්වයිස් දෙන්නයි මම ආවෙ.. දැන් ඒකෙ අනිත්පැත්තයි මේ සිද්ධ වෙන්නෙ. ඒකත් මරු තමා. ඔහොම යං.. ඔහොම යං..“ඇයි ඔයා හිනාවෙන්නෙ...”“මගෙන් බේරෙන්න පුළුවන් ගෑණු ළමයෙක් නෑ කිව්වනේ...”“ඉතිං ඒක ඇත්තනේ..”“එතකොට...”“ඔව්...”“ඔයා කොහොමද මගෙන් බේරිලා ඉන්නෙ...”කෙල්ලට කට උත්තර නැති වුණා. මේ රමියත් ඉඳල ඉඳල දෙන්නෙ අන්තර් ජාතිකකතන්දර තමයි. ආයෙ උත්තර බැඳීමක් ගැන නම් හිතන්නවත් බෑ.“රමී අයියෙ..”ඩිංගක් වෙලා කා නැතුව ඉඳපු ඉමාෂි මගේ අතින් අල්ල ගත්තා. ඒ වෙනකොටකලින් කතාවෙ චැප්ටර් එක ක්ලොස් වෙලා කියලා මං තේරුම් ගත්තා. මේ නම් පටන් ගන්නෙඅලුත්ම තැනකින්. ඒ කියන්නෙ අලුත්ම ඇරඹුමක්.“ඔයාට තියෙන්නෙ කොයි තරම් ලස්සන හිතක්ද... ඒ ලස්සන හිතින් එක හිතකටසදාකාලයටම ආදරේ කරන්න බැරි ඇයි අයියෙ...”“මට එහෙම පුරුදු නෑඉමාෂි..”“මාලුන්ට පීනන්න උගන්නන්න ඕන්නෑ අයියෙ.. ඔයාගෙ ජීවිතේ ඔයට වැඩියහුඟාක් ලස්සන වෙයි එහෙම උනොත්.. කියන්න.. මං කිව්ව දේ ගැන ඔයා හිතල බලනව නේද...”ඉමාෂි එයාගෙ අනිත් අතත් මගේ අත උඩින් තිබ්බා. ඒ අත් දෙකේ තිබ්බ සීතලමගේ හිත ඇතුළටත් දැනෙද්දි මං ඉමාෂිගෙ ඇස් දෙකට එබුනා. ඒ ලා දුඹුරු පාට ඇස් දෙක මටකිව්වෙ මෙච්චර කාලෙකට මං අහල තිබ්බෙ නැති කතාවක්. ඒත් ඒ තත්පර ගානකට විතරයි. ඊළඟතත්පරය උදාවෙද්දි හැමදේම විනාස වෙලා ගියා. උනේ මොකක්ද කියල හිතාගන්නත් මට විනාඩිගාණක් ගියා.“රමිත...”කන ගාවින්ම ගිරිය යටින් කෑ ගහපු සද්දයක් හින්ද මං උඩ ගිහින් ආයෙමත් මහපොළවට ඇඳන් වැටුණා මගේ උනා.“එ.. එහෙනම් මේකයි සෙල්ලම ඈ.. මාව ඩිංගෙන් ඩිංග අමතක කරල දැම්මෙ මොකදකියලා මට දැනුයි තේරුණේ..”මායි ඉමාෂියි ළඟින්ම හිටගෙන හිටියෙ වෙනින් කවුරුවත් නෙමෙයි, මගේඅතිජාත පෙම්වතිය නදිනි. බස බස ග ාලා ගෑනි කියවගෙන යද්දිත් ඉමාෂිගෙ අත් දෙක තිබ්බෙමගේ අත්දෙක උඩ. අඩු ගානෙ ඒක අයින් කරගන්නවත් වෙලාවක් කලාවක් තිබ්බෙ නෑ. මොනවකරන්නද අප්පෙ.. මේ කුණු සංසාරෙ සිද්ධ වෙන පූරුවෙ අකුසල කර්ම කියල හිතාගෙන ගේමටබහිනවා මිසක. ඔයාල දන්නවනේ ඉතිං පට්ට වැරැද්දක් කරල උනත් මේ රමියගෙ ෂේප් වීමක් නම්නෑ කියලා.“නදිනි මේ... මෙතන කච පච ගාන්නෙපා.. කතා කරන්න ඕන්නම් වැදගත් විදියටවාඩිවෙලා කතා කරන්න.. නැත්නම් අපිට වද නොදී මෙතනින් චුත වෙලා යන්න..”නදිනි බර පැන දාන්න කලින් මං වැඩේට බැස්සා. ගෑනිගෙ මූණ කරත්ත රෝදෙටඅහුවෙච්ච ටින් බෙලෙක්කෙ වගේ උනා. කරන්න දෙයක් නෑ බබා.. ඔයයි ඇදගෙන නාන්න මෙතෙන්ටආවෙ.“මෙච්චර කාලයක් ඔයා ළඟ හිටියට මට හම්බෙන තෑග්ග මේකද රමිත.. කවුද මේකෙල්ල.. අර කැලෑ පාලුවගෙ නංගි නේද...”ඉමාෂිගෙ අත විදුලි සැර වැදුනා වගේ මගේ අතින් ගැලවෙද්දි මං වාඩිවෙලාහිටපු පුටුවෙන් නැගිට්ටා. මගේ මූඩ් එක ඒ තරම් හොඳ නෑ කියල නදිනිට තේරුනා වගේ. ඒත්එතකොට ගෑනි වචන පිටකරල ඉවරයි. ආයෙ ඒව ඇදල ගන්න බෑ.“මොකක්ද නදිනි තමුසෙ කිව්වෙ... කවුද කැලෑ පාලුවා... ආ.. කියනව බලන්න..”වට පිටේ මිනිස්සු මැජ්ක් බලනව වගේ එහෙන් මෙහෙන් බලද්දි මං ෆෝම් උනා.මේ වගේ අමන කතා ඇහෙද්දි මල පනින්නැති එවුන්ටත් මල පනිනවනේ.“ම.. මට කියන්න දෙයක් නෑ රමිත.. මේ වැඩවල තේරුම මොකක්ද කියන්න.. ඔයාමටත් ආදරේ කරන ගමන් මේ තවත් කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් ඉන්නෙ කොහොමද...”මං ෆෝම් වෙලා ආපු හැටි ඒ තරම් හොඳ තත්වෙක නෑ කියනෙක තේරුන හන්ද නදිනිමායම් හැට හතරෙන් එක්ක දාලා කතාවෙ ට්‍රැක් එක මාරු කළා. ඒත් ඒ මාරු කරල තිබ්බෙත්වැරදි ට්‍රැක් එකක. ඕක තමයි කියන්නෙ කලබලේට ඩබල් බනිසුත් මාලු පාන් වගේ පේනව කියල.“මට ඕන හන්ද මං අල්ලන් හිටියෙ.. ඔයා මට මොනා කරන්නද...”“එතකොට ඔයා මට කෙරුවෙ බොරු ආදරයක්ද රමිත...”“බොරුද ඇත්තද කියල මං දන්නෑ.. ඒත් ඔයා වගේ කෙල්ලෙක් එක්ක එකට ගමනක්යන්න බෑ කියල මං තේරුම් ගත්තා. මහා මල වදයක්..”“මං මල වදයක් හින්දද ඔයා මේ කෙල්ලව තෝරගත්තෙ...”“ඔයාමනේ මට කිව්වෙ.. එයාව තෝරගන්න කියල..”“මොකක්.. මම කවදද එහෙම කතාවක් කිව්වෙ...”“ඇයි අර අන්තිමට හම්බ වෙච්ච දවසෙ කිව්වෙ මාව හරි කැලෑ පාලුවව හරිතෝරගන්න කියලා.. මං ඉතිං කැලෑ පාලුවගෙ නංගිව තෝරගත්තා..”නදිනිගෙ වචන වලින්ම මං එයාට දමල ගැහුවා. මං කියපුවා ගෑනිට උහුලන්නබැරි උනා කියල මට තේරුනා. ගෑනිට විතරක් නෙමේ ඉහාෂිටත් උහුලගන්න බැරි වෙලා වගේ.“ඔ.. ඔයා මොනවද රමී අයියෙ මේ කියන්නෙ... මේ අක්කා අපි ගැන වැරදියටහිතයි..”“අලුතෙන් හිතන්න දෙයක් නෑ ඉමාෂි.. එයා හිතල ඉවරයි..”ඉමාෂිත් කතන්දරේට සහභාගි වේනන හැදුවත් මං එතෙන්ට පුල්ස්ටොප් එකක්තිබ්බා. කෙල්ලොන්ට වැඩිය කතා කරන්න දෙන්න හොඳ නෑ. එහෙම උනොත් උං අපේ ඔලු කනවා. ඕකරමීගෙ අදහසක් නෙමෙයි.. ඇල්බට් අයින්ස්ටයින් කියලතිබ්බ එකක්. ඔය මනුස්සයගෙ E=mc² සමීකරණෙ mකියන තැනට දාලා තිබ්බෙ ගෑනියෙක්ලු. ඒකනේ ඒ සමීකරණෙත් දැන් වෙනස්වෙලා තියෙන්නෙ. ඉතිං රමී එහෙම හිතන එකේ ඇති වැරැද්දක් නෑනෙ.“ඔයා මට මේ දුන්නු දුක වගේ ලක්ෂ ගානක දුකක් ඔයාටත් හම්බ වෙයි රමිත..අන්න ඒක මතක තියාගන්න..”“හරි.. මං මතක තියාගන්නම්..”“ඔයා වගේ සවුත්තු මිනිහෙක්ගෙන් ඈත්වෙන්න හම්බ වෙච්ච එක මගේ වාසනාවක්..ඔයාට කවදාවත් හොඳක් වෙන්නෑ.. මං උපදින හැමදාකම ඔයාට සාප කරනවා.. ඒකත් මතකතියාගන්න..”“නදිනි මේ.. මගේ යකා අවුස්සන්නැතුව මෙතනින් යනවද... මගෙන් කන පලාගන්නැතුව..”“දෙයියනේ... මැරීගෙන ආදරේ කරපු මට ඔයා කතා කරන විදියද මේ... හග් හග්..ඔයාට නම් සහගහනව රමිත.. සහගහනවා.. ඔයාට කවදාවත් හොඳක් වෙන්නෑ.. කවදාවත් නෑ.. හග්..හග්..”නපුරු මංතරකාරි සාපකරල ලස්සන කුමාරයා ගලක් කරල ගියා වගේ නදිනි දන්නහැමවචනෙකින්ම මට සාප කරල දුවල යන්න ගියා. ඒ දුවගෙන යන දිහා බලන් ඉඳපු මගේ හිතේකිසිම පසුතැවිල්ලක් තිබුණෙ නෑ. කලින් තිබ්බට වැඩිය ලොකු නිදහසක් මට දැනුණා.“ඔයා කරේ ලොකු වැරැද්දක් රමී අයියෙ..”ඉමාෂිගෙ කටහඬ ඇහුණහම තමයි මට මතක් වුනේ එයත් තාම මෙතන කියලා.“කිසිම වැරැද්දක් නෑ ඉමාෂි.. එයත් මට ගුඩ් බායි කියල ගියා.. එච්චරයි..එන්න මං ඔයාව ත්‍රීවිලර් එකකට දාන්න..”මගෙත් එක්ක තව දුරටත් කතා කරන්න ඉමාෂිට ඕනකම තිබ්බ්ත ඒකට මගේ හිතේඉඩක් තිබ්බෙ නෑ. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕන නෑකියල මගේ හිත කිව්වා.ඉමාෂිව අතෑරල ආපටි ගෙදර ආවහම මගේ හිතට දැනුණෙ පුදුමාකාර නිදහසක්.කොහොමත් මං නිදහස්ව නිවහල්ව ඉන්න කැමති එකානේ. අනිත්තෙක ඉතිං හුඟාක් බැඳීම් ඇතිකරගන්නෙක හිතට අන්තිමේදී එක්කහු කරන්නෙ දරා ගන්න බැරි තරමෙ බරක් කියන්න මං අත්දැකීමෙන්මදැනගෙන හිටියා. කොටින්ම, අවස්ථාවක් ආවොතින් ඒ අත්දැකීම් ඉස්සරහට ගන්න මං ඩිංගක්වත්පරක්කු උනේ නෑ. ඒකයි කොයි වෙලාවෙත් මේ රමියා.. අනිත් කොල්ලොන්ට වැඩිය හුඟක්ඉස්සරහින් හිටියෙ. ඒත් ඉතිං නදිනියි, රිස්මියයි මගේ ජීවිතෙන් ඈත් උනහම මේ රමියටදුකක් දැනුණෙ නෑ කිව්වොත් ඒක ටොම් පචයක් වෙනවා. හැබැයි ඒ දුක හන්ද ජීවිතේ විනාශකරගන්න තරමෙ රමියා දෙකේ පන්තියෙ හොටු කොල්ලෙක් නම් නෙමේ.රටේම ඉන්න විවිධාකාර කෙල්ලොන්ගෙ මූණු එහාට මෙහාට පැද්දි පැද්දි ගිහින්මගේ මූණ ඉස්සරහට ආවෙ දිමුතුගෙ මලක් වගේ අහිංසක මූණ. හිතේ තිබ්බ හැම කහටක්ම දියවෙලාගිහින් මොකක්දෝ නොදන්නා පිවිතුරු හැඟීමක් හිතට ගලද්දි තමයි, එලියෙන් අමුතු සද්දයක්මට ඇහුණෙ.මෙච්චර වෙලා දාලා තිබ්බ ටේබල් ලෑම්ප් එක ඕෆ් කරල හුඟක් ඕනෑ කමින් මංඇහුම්කන් දීගෙන හිටියා. ඒත් විනාඩි ගානක් යනකල් මට කිසිම සද්දයක් ආවෙ නෑ. තවත්ටිකක් වෙලා යද්දි හිතේ සැකේටද මංදා මොකක්දෝ අමුතු සද්දයක් ආයෙත් ඇහුණා. කෝකටත්කියල මං හෙමින් සීරුවෙ කාමරේ දොර ඇරල බලද්දි, අඳුරු ඡායාවක් වගේ දෙයක් ගේට්ටුවපැත්තට පාවෙනව මං දැක්කා.“මොකද බං මේ...”මං මගෙන්ම අහගත්තා. රමියගෙ ගෙදර වත්ත ඇතුළට දැනුම් දීමකින් තොරවඇවිල්ලා ආපහු යන්න තරමෙ ෆිට් එකක් තිබ්බ හාල් කෑල්ල කවුද අප්පේ.. පැනපු ගමන් සලාංබලාං ගාලා දෙක තුනක් ඇනල දාලා පස්සෙ තොරතුරු විමසන්න තරමේ ගතියක් හිතට ආවත්, තවඩිංගක් ඉවසා වදාරන්න මං තීරනේ කළා.මෙච්චර වෙලා කළුවරට හැංගිලා තිබ්බ හැමදේම හඳ එළිය හෙමින් ගලද්දි මහදවාලෙ පේන දෙයක් වගේ මගේ ඇස් ඉස්සරහ සියල්ල දර්ශනය උනා. ගේට්ටුවට ඩිංගක් එහායින්අවතාරයක් වගේ හිටගෙන හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි මේ රමීගෙ වන් ඇන්ඩ් ඔන්ලිසහෝදරයා.. සමීර.. මිනිහට ඩිංගක් එහායින් ත්‍රීවිල් එකක් නවත්තලා තිබුණා.එහෙනම් සංසාරේ භවේ දුකා කියල සමීරයා අදත් කොටුවක් පනින්නයි යන්නෙ.හුඟක් වෙලාවට මෑන් යන්නෙ කොරියාව පැත්තට ලෑන්ඩ් කරන්න වෙන්න ඕන. සමීරයෝ... අද උඹටරතු ජම්බුයි, පිණි ජම්බුයි දෙකම මං දෙන්නම්.. ඔහොම යංකො.. ටිකකින් වීල් එකට නැගලඅයියා ටවුම පැත්තට ගියා. මං තත්පරේට දෙකට කාමරේට පැනලා මොබයිල් එක අතට අරන්ඉසුරුගෙ නම්බරේ එබුවා.“රමී.. මොකක් හරි අවුලක්ද...”“ඔව්..”“ගෑණියෙක්ද... කෙල්ලෙක්ද...”ඉසුරු හිතල තියෙන්නෙ මේක ගෑනියෙක්ගෙ අවුලක් කියල. ඒත් මේ රමී සංසාරෙඉවරවෙන කල්ම ගෑනියෙක් හින්ද අවුල් වෙන්නෑ. ඒක නිව්ටන්ගෙ දෙවනි නියමෙත් කියලතියෙනවා.“මේ රමියා ගෑනියෙක් හින්ද අවුල් වුනේ කවදද බං... පුලුවන් තරම් ඉක්මනටකොරියාවට වරෙන්.. මං එතන ඉන්නවා..”ඇඳගෙන හිටපු ෂෝට උඩින්ම ඩෙනිම් ට්‍රවුසර් එක දාගන්න ගමන් මං කිව්වා.බයික් එකතල්ලු කරගෙන ගේට්ටුව ළඟට එන්න මට විනාඩි දෙකක්වත් ගියේ නෑ. ඒත් ඒ වෙනකොටඅයියගෙ හෙවනැල්ලවත් මේ අහලක තිබ්බෙ නෑ.අයියකාරයා මේ වගේ මිස් උනා කියන්නෙ, මිසින්මතමයි. ඒක මං නිට්ටාවටමදැනගෙන හිටියා. දන්න කියන හැම කොටා රෝඩ් එකක්ම භාවිතා කරල විනාඩි දහයක් වගේ වෙල්ලිලේක් විව් රෝඩ් එකට දාලා මං මේන් රෝඩ් එකට එද්දි තමයි ඉුරු පිඹගෙන ආවෙ. අනං මනං ඕනනෑ.. ඉසුරුවා කියන්නෙ මටම හරියන එළ භාණ්ඩයක් කියලා මං කලිනුත් හුදී ජනතාවගේ පහන්සංවේගය උදෙසා කියල ඇති. මතක නැත්තං කරන්න දෙයක් නෑ.“කෝ සමීරයා...”එන්න කිව්වෙ මොකටද කියල නොකිව්වට ඉසුරුට කතා දෙයකක් නෑ.. හොඳට ඉවතියෙනවා. ඒකනේ ඒකා ආපුග මන්ම අයිය ගැන ඇහුවෙ.“මාත් ආව විතරයි ඉසුරු.. මිනිහා සමහර විට කොරියාවට බහින්න ඇති..නැත්නම් තාම මඟ ඇති..”“අපි එහෙනම් හෙමින් සැරේ කොරියාවට බහිමු.. උඹ ඔය කියපු දෙකින් කෝකඋනත් මිනිහා එනකොට අපිට මාට්ටුයිනේ..”ඉසුරුට එහෙම කියල කටගන්න හම්බ උනේ නෑ මේන් රෝඩ් එකේ ඉඳල පණ එපා කියලපිඹගෙන ආපු ත්‍රීවිල් එකක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කොරියාවට දැම්මා.“ඊයෙ යන්න හිටපු ගමනක්ද කොහෙද...”“කාර් එක ස්ටාර්ට් කරගනිං..”“ඇයි...”“ඔය වීල් එකේ තමා සමීරයා ආවෙ.. මට මුලින්ම ගානක් නැති වුණා ඉසුරු..”තවත් බල බලා ඉන්න වෙලාවක් නැති හන්දා තවත් තත්පර දහයක් යද්දි මායිඉසුරුයි කිරුලු නොපලන් සිංහ රාජධානිය දිහාට කාර් එක හරවගත්තා.“වීල් එකට වැඩිය කිට්ටු කරන්නෙපා.. ඕකට අර මොකාටද වගේ පිටිපස්සටත්පේනවා..”“මේකෙ හිටියෙ නැත්තං..”“ඒක වෙන්න බෑ ඉසුරු.. මිනිහ ඕකෙ ඉන්නවා.. මට වීල් එකේ නොම්මරේ මතකයි..”“මට පේන විදියට සමීරයා ආයෙත් අපිව ඇන්ඳුවා වගේ..”“ඇයි...”“වීල් එක කොරියාවෙ මුල්ලටත් ඇවිත් ඒත් නවත්තන පාටක් නම් පේන්නෑ..”ඉසුරු කියන දේ පොල්ලකින් ගැහුව වගේ මට තේරුණා. ඒ කියන්නෙ වැරදිලාවත්සමීරයා මේකෙ හිටියෙ නැත්තං මෙලහකට උගේ වැඩෙත් කරගෙන යස අපූරුවට ගෙදර ගිහින් ඉඳියි.මට වේනනෙ මිනිහගෙ සවුත්තු හිනාව මැද්දෙන් බර අඩි තියල කාමරේට පැනගන්න.“තව ටිකක් බලමු..”“වැඩක් නෑ රමී.. අපි කාර් එක හරවගෙන ලේක් වීව් රෝඩ් එක ළඟට යමු.. ඌඅපිව ඉස්සරම් විදියට බරණැස් කසී සලු වලින් ඇන්ඳුවා.. අපිත් ගානට මිම්මට කියලහිතාගෙන සැපට ඇඳගත්තා..”“ඒකට කමක් නෑ..”“ඇයි...”“වීල් එක නැවැත්තුවා..”කොරියාවේ අදික ජනසන්නිපාතයක් වාසය කෙරුවා උනත්, මේ වෙලාවෙ පාරෙ ඇඳිලාහිටියෙ පදමට කසියා ඇඟට දාගත්තු කීප දෙනෙක් විතරයි. නවත්තපු වීල් එකෙන් එළියටබහින්නෙ කවුද කියල මාය ඉසුරුයි බලන් හිටියෙ තරඟෙට වගේ.“සමීරයා නෙමෙයි..”“හ්ම්..”ඉසුරුගෙ වගේම මගේ හිතටත් මහා මොකක්දෝ වුණා. ඒ කියන්නෙ අපි කොයිතරම්ගුරුකාස් පොරවල් උනත්, සමීරයා අපේ කනෙන් රිංගුවා කියනෙකනේ. ඒත් හිතට ආපු ඒසිතුවිල්ල පිලිගන්න මං ලෑස්ති උනේ නෑ. සමීරයා කවදාවත් අංක එක වෙලා ඉඳල නෑනෙ.විහිලුවටවත් වෙන්නෙත් නෑනෙ. සදාකාලයටම අංක එක මේ රමියා තමයි.“රමී..”“ම්..”“මොකද කරන්නෙ...”“උඹට යන්න හදිස්සිද...”“නෑ..”“එහෙනම් එළිවෙනකල් හරි මෙතන ඉමු.. කොයි වෙලාවක හරි සමීරයා එළියට එන්නඕනනේ..”“අවුලක් නෑඉම්මු..”ඉසුරුගෙ තියෙන මං කැමතිම ගතිගුණේ තමයි ඕක. අනං මනනුත් නෑ, වැඩි ප්‍රශ්නත් නෑ.. බොක්කෙන්මළඟින් ඉඳගෙන සප් එක දෙනවා.“රමී.. අපි පොඩ්ඩක් එළියට බැහැල ඉම්මු.. නැත්තං මේක එවුන් සැක කරයි..”“උඹ බැහැපං ඉසුරු.. මං ඇතුළට වෙලා ඉන්නං.. මං බහිනෙක වාතයි..”කොරියාවෙ එවුන්ගෙ සැකේට භාජනේ උනොත් හම්බ වෙන්නෙ හොදි නැතුව රෝස් පාන්කියල මං දැනගෙන හිටියා. ඒත් මොන පාන් ගෙඩිය හම්බ උනත් සමීරයගෙ මේ හඩු ගමන ගැනදැනගන්න මට ලොකු උණක් තිබ්බා. ඒක මේ අති උත්තම සහෝදර ප්‍රේමය හින්ද ඇතිවෙච්ච එකක්නෙමෙයි.. නිකං.. නිකං.. ඇඟේ අමාරුවට කියල අපි හිතමුකෝ..අනික මේ යක්කු බත්කන වෙලාවට සමීරයා ලෑන්ඩ් කරන්නෙ කොහාටද කියල දැනගන්න එකත් ඇඟට මාර ත්‍රිල් එකක් ගේන දෙයක්නේ. ඒ වගේම සමීරයගෙ කුණු කට සදාකාලයටමවහන්නත් පුලුවන් වේවිනේ. මේ රමියට විරුද්ධව මිනිහා ආයෙ හීනෙන්වත් වචනයක් එළියට දානඑකක් නෑ.“හ..ල්..ලෝ.. ඉෂ්..ෂුරු.. මහත්තයා..”ඇවිදින බාර් එකක් ඇවිත් කාර් එක ළඟ නතර උනා. මිනිහා කොයි තරමෙ බීලදකියනව නම් කාර් එකත් බදාගෙනයි නොවැටි බේරුණේ.“ආ.. අමරදාස.. මේ කොහෙ යන ගමන්ද...”“හා.. මං ගෙදර යන ගමන්..”අමරදාස නොහොත් දැන් අපි ළඟ ඉන්න බෙබා අර කාගීල්ස් ඇඩ් එකේ වගේ ලතාවටකිව්වා. හිනාවෙන්න මට තත්පර කාලයි ගියේ. ඒකා ඒ තරම් ගතියට ඒක කිව්වා.“ඉතිං.. මේ කරටි කැඩෙන්න ගහලා..”“කරටිය කැඩිල හුඟක් කල් ඉෂ්ෂුරු මහත්තයා.. දැන් තියෙන්නෙ කුණු වෙච්චිමුලක් විතරයි..”“ඇයි...”“හැයි ආන්නෙ.. ඉෂ්ෂුරු මහත්තයා.. ගස් කොලන් එක්ක හැප්පෙනවා.. මට්ට..මට්ට හැප්පෙන්න වෙලා තියෙන්නෙ මිනිෂ්ෂු එක්ක..”කන පැලෙන්න බීල උනත් අමරදාසගෙ වචන භාවිතයෙ හෙණ ගතියක් තිබ්බා. ඒක ඔයවිරෝපට්ටං ගහගෙන බුකවාගෙන කතා කරන්නැතුව ඉන්න මිනිස්සුන්ට වැඩිය සීයට පන්සීයක්හොඳයි.“හරි.. හරි.. ඔක්කොම හරි.. අමරදාස දැන් යන්න..”“ඉෂ්ෂුරු.. මාත්තියට උදව්වක් කාරිය..”“මට උදව් කරන්න අමරදාසට බෑ..”“හැයි..”“අමරදාසට කෙලින් ඉන්නවත් බෑනෙ..”“මට්ට.. කෙලින් ඉන්න බැරි උනාට උදව්ව කෙලින් නම්, ඒ ඇතිනේ ඉෂ්ෂුරුමහත්තයා..”ඉසුරුට අමරදාසගෙන් ගැලවෙන්න අමාරුයි කියල මට තේරුණා. ඒක හන්ද මං කාර්එකෙන් බැස්සා. බාගෙට වැහිල තිබ්බ ඇස් දෙක තවත් හීන් කරල අමරදාස මං දිහා බැලුවා.පොරට දිවිය ලෝකෙට යන්න තව බොහොම ඩිංගයි කටට වත්කර ගන්න තිබ්බෙ.“මේ.. මාත්තයා කවුද.. මීට කලින් ෆේස් ටු ෆෝස් ඇවිල්ල නෑ.. නිකං ටීවීපෙට්ටියෙ දැකල වගේ පුරුදුයි..”මධ්‍යසාර ගන්දස්කාරය දෙගොඩතලා යද්දි මං අනිත් පැත්ත බලා ගත්තා. පිටටදැනෙන ගඳ මෙහෙම නම් පපුව ඇතුළෙ තත්වෙ කොහොම ඇතිද... වටිනා කියන අවයව ඔක්කොමසෙන්ටිග්‍රේඩ් සීයට වගේ තැම්බිලා ඇති.“මගේ යාළුවෙක්..”කතාව දැන් ඇති කියල කියන්න වගේ ඉසුරු කිව්වා. ඒත් අමරදාසට ඒක ගාණක්උනේ නෑ.“ඉෂ්ෂුරු මාත්තියා.. මං මේ ඔයාටයි කියන්නෙ..”“ඔව්.. මොකක්ද...”“ඔයා මේ යාලු මාත්තියත් එක්ක අපේ ගෙදර දැන් එන්නෝන..”“මොකක්...”“ඔව්.. අපි තුන්දෙනා සෙට් වෙලා හීනියට අඩියක් ගහමු.. අපි මේ ප්‍රීතියසමරමු..”“පිස්සු නැතුව ඉන්නවා අමරදාස.. ඔය බීල තියෙන ඒවා මදිවට තවත් බොන්නගියොත් තමුසෙව ඉස්පිරිතාලෙ ගෙනියන්නත් වෙයි..”“ඒකට මං ආශයි ඉෂ්ෂුරු මාත්තයා.. එතකොට ලෂ්ෂන මිෂී කෙනෙක් ඇවිත් මගේපිටිපස්සට ලොකු ඉන්ජෙක්ෂන් එකකින් ඇදල අරීවිනේ.. හග්.. හ්.. හා.. මාර ආතල්.. මාරආතල්..”අමරදාසගෙ නොහොබිනා කතා වස්තුව තව දුරටත් අහගෙන හිටියොත් අයියකාරයාසදහටම මිසින් තමයි කියල මට තේරුණා. ඒක හන්දම මං ඉසුරුට මේ බෙබේව යවපං කියල ඇහෙන්කිව්වා.“අපි එහෙනම් යනව අමරදාස..”“ඒ කියන්නෙ ඉෂ්ෂුරු මාත්තයා මාව දාලා යනවද...”“ඔව්..”“එතකොට මගේ ගෑණිව බලන්න මාත්තයා එන්නැද්ද...”“තමුසෙට පිස්සුද අමරදාස...”“හේනම්.. මගේ සීදේවි කෙලි පැටික්කිව...”“කුණුහරුප කතා කරන්නෙපා ඕයි.. තමුසෙ බිව්වා කියලා ගෙදර ගෑනියි ළමයගෙයිපටි රෝල් කරන්න හදන්නෙ.. ලැජ්ජ නැද්ද.. මං යනවා..”“එතකොට අපේ ගෙදරට මාව ලෑන්ඩ් කරන්නෙ කවුද...”“වෙනද ලෑන්ඩ් කරගන්නව වගේම ලෑන්ඩ් කරගන්නවා..”“අරි.. අරී... මේ සමාජෙ හරිම කුහකයි.. අරිම අෂාධාරණයි.. ඔය්යා..සමාජෙත් එක්ක තරහට ගෂ් කපනවා.. මට්ට කපන්න තියෙන්නෙ මොනවද... මාව මේ තත්වෙට දාපුඑවුන්ගෙ බෙල්ලද...”එකකට එකක් ගැලපෙන්නැති කතන්දර ගොඩක් අමරදාසගෙන් පිටවෙද්දි මායිඉසුරුයි කාර් එකට පැනගත්තා. ඒත් අමරදාස කාර් එකේ බොනට් එක ගාවින් හෙල්ලුනේ නෑ.“පොඩ්ඩක් බැහැපං ඉසුරු..”“ඇයි...”“අපි අමරදාසට කන්ට්‍රැක්ට් එකක් බාර දෙමු..”“සමීරයා ගැනද...”“ඔව්.. ඇයි හොද නැද්ද...”“වැඩේ හොඳයි.. ඒත් මේකා බීලා නිසා වැඩේ අල කරයිද දන්නෑ..”“එහෙම උනොත් කරන්න දෙයක් නෑබං.. නැත්නම් මෙහෙම තනිපංගලමෙකොරියාවෙ කැරකෙන්න ගියොත් අපිට අවුලක් වැටෙයි..”“අවුලක් කිව්වෙ...”“කොරියාවෙ එවුන් හිතයි උඹයි මායි ගෑනියෙක් පස්සෙ මේක ඇතුළට රිංගුවාකියලා..”“ඉතිං ඇත්තනේ රමියා..”“මොකක්...”“සමීරයා කොහොමත් ගෑණියෙක් වගේනේ.. ඌ ගෑණුන්ටත් වඩා අන්ත වැඩනේකරන්නෙ..”ඉසුරුගෙ කතාවට මට බකස් ගාලා හිනාවක් ගියා. ඌත් ඉඳල ඉඳල මාර කතා තමයිකියන්නෙ.“කෝ.. රමී.. මේ යකා..”ඉසුරුගෙ මූණෙ තිබ්බෙ කලබල ගතියක්. මෙච්චර වෙලා බොනට් එක අල්ලගෙනවැටෙන්නැතුව හිටපු අමරදාස පේන්න හිටියෙ නෑ. මෑන් බිමට පත බෑවිල වත්ද... මායිඉසුරුයි කාර් එකෙන් බැහල වටපිට බැලුවත් අමරදාස පේන්න හිටියෙ නෑ. මේ යකාට මොකද හත්තලිව්වෙඋනේ.“හප්පට සිරි.. අ.. අර වැනි වැනී යන්නෙ..”කොරියාවෙ ගෙවල් අතරින් තිබ්බ අඩිපාරකට ඉසුරු අත දික්කරා. පැද්දිපැද්දි අමරදාස යන තාලෙට කොයි වෙලාවක හරි පොළවට පාත් කරයි වගේ.“මෑන් ගියපුවාවෙ.. අපි සමීරයව හොයාගම්මු..”“දැන්නම් උගේ මයිලක්වත් අල්ලගන්න හම්බවෙන්නෑ.. ෂෙහ්.. මේ යකා කරුමෙවගේ කඩන් පාත් උනානේ..”“කරන්න දෙයක් නෑ.. අපි යමු... තවත් මෙතන ඉඳල වැඩක් නෑ..”“හ්ම්.. යමු.. හුට්ටා.. රමී.. අර බලපං..”ඉසුරු ආයෙත් අමරදාස ගිය පැත්තට ඇඟිල්ල දික් කරා.. මං කිසිම දෙයක්දැක්කෙ නෑ..“ඇයි...”“අර කාලකණ්නියා බිමට පතබෑවිලා වගේ නේද.. වරෙන් යන්න..”මායි ඉසුරුයි අඩි පාර දිගේ එක පිම්මට අමරදාස ළඟට දුවගෙන ගියා. මිනිහාගෙදර ඇඳේ නිදාගෙන ඉන්නව වගේ ගතියට පහපොළවෙ හාන්සි වෙලා ඉන්නවා.“ඒයි.. අමරදාස නැගිටිනවා..”ඉසුරු අමරදාසව එහෙට මෙහෙට පෙරලුවත් මෑන් කෙඳිරි ගගා හිටියා මිසක ඇස්ඇරියෙවත් නෑ.. මේක නම් ලොකු පරිප්පුවක් වෙන්න එන්නෙ කියල මට ඉවෙන් වගේ තේරුණා.“රමී.. මොකද කරන්නෙ...”අමරදාස කෙලින් කරන්න නොසෑහෙන්න ට්‍රයි එකක් දීලා බැරිමතැන ඉසුරු මගේමූණ දිහා බැලුවා. වැඩේ කියන්නෙ මේකව මෙතන දාලා යන්න පුළුවන්. ඒත් ඒක මනුස්සකමට ගැළපෙන්නෙනෑ. එළිවෙනකොට මේ බේබද්දා මෙතන පණ ගිහින් හිටියොත් ඒ පවත් කරගහන්න වෙන්නෙ අපිට.“උඹ මේ බූරු තඩියගෙ ගෙවල් දන්නවද...”“ඔව්..”“මේ ළඟද...”“ඔව්..”“එහෙනම් ඔය පැත්තෙන් අල්ලපං.. මං මෙහෙන් අල්ලගන්නම්.. මූව ගෙදරටගිහින් දාලා එමු..”කියනප රක්කුවට ඉසුරු අමරදාසව උස්සද්දි මාත් අනිත් පැත්තෙන් ඉස්සුවා.එතන ඉඳලා අමරදාසගෙ ගෙදරට ඒ තරම් දුරක් තිබ්බෙ නෑ. මේකා හාන්සි පයිස් ගහල තිබ්බෙගෙදරට අතේ දුරින්.මං අමරදාසව හේත්තුක රගෙන ෆුල් ඩම් එක දාලා අල්ලගෙන ඉද්දි ඉසුරුඅමරදාසගෙ ගෙදර දොරට තට්ටු කළා. ටිකක් වෙලා යනකන් කිසිම සද්දයක් ආවෙ නෑ. ඒත්ටිකකින් ඒ පුංචි ගෙදර දොර ඇරුනා. ඒත් ඒ ඇරිච්ච දොරෙන් එළියට ආව ගෑනු රූපෙ දැකලා මංගල් ගැහුනා. දෙයියනේ ඔයා කොහොමද මෙහේ ඉන්නෙ.. ඒත් එයාගෙ ඇස් තිබ්බෙ මට හේත්තු වෙලාහිටපු අමරදාස දිහාට.රමී කියන්නෙ ලේසියෙන් ගැස්සෙන පැද්දෙන කොල්ලෙක් නෙමෙයි.. ඒත් මේවෙලාවෙ ඒක එහෙමඋනා.“තා..ත්..තේ..”කෙලින් හිටගෙන ඉන්න බැරිව, බාගෙට පණ ගිහිල්ල වගේ ඉඳපු කොරියාවෙ නොම්මරඑකේ බෙබෙකුට තාත්තකුගෙ වටිනාකම දීලා කතා කරපු කෙල්ලගෙ බූමිකාව මං හරියටම දැනගත්තෙඒ වෙලාවෙ. ඉස්පිරිතාලෙදි අහම්බෙන් වගේ හම්බ වෙච්ච කටකාර නයිටිංගේල් කෙල්ල ඉන්නෙමොන වගේ ආර්ථික තත්වයක් උඩද කියන්න රමී පටස් ගාලා තේරුම් ගත්තා.ඔයක වුරුවත් දන්නෙ නැතුවට මිනිස්සු තේරුම් ගැනීම පිළිබඳව මේ රමීටපශ්චාත් උපාධියක් හිටන් තියෙනවා.“මේ.. මේ.. මහත්තුරුන්ට බොන්න මු.. මුකුත් හදල දෙන්න දුවේ..”ඒ පාර බැරි මරගාතෙම අමරදාසට අපිවත් මතක් වෙලා. මං පටස් ගාලා පාරපැත්තට හැරුණා. මාව අඳුනගත්තොත් එහෙම, අනූෂි හොඳටම අවුල් වෙනව කියලා මං දැනන්හිටියා. මෙතන වෙලා තියෙන හරි වෙන්න තියෙන හරි කොලොප්පම ගැන දන්නෙ නැති ඉසුරු,අනූෂි දිහා බලන් හිටියෙ ජීවිතේටම කෙල්ලෙක් දැකල නැති ගානට.“අපි ගෙට යමු තාත්තෙ..”යෙව තරුණ කෙල්ලෙකුට හෙම මේ වගේ අවස්ථාවකට මූණ දෙන්න උනා නම් එක්කොලැජ්ජාව හින්දම පණ යනවා. නැත්නම් මෙලහකට මළ පැනලා. අඩි හප්පලා අපි ඉස්සරහ හෙනටකලර්ස් දාලා. වැඩ ගොඩයි. ඒත් මෙතන ඒ කිසිම දෙයක් උනේ නෑ. කොරියාවෙ ලොකුම බෙබේඋනත්, අනූෂි තාත්තා ගැන හුඟක් සංවේදී උනා. ලේසියෙන් සැලෙන්නෙ නැති රමියි, ඉසුරුයිඋනත් අන් බැලන්ස් උනේ ඒකයි.“රමී..”“ම්..”“මාර ලස්සන කෙල්ල නේද...”“හ්ම්..”අනූෂි තාත්තවත් වත්තම් කරගෙන ගේ ඇතුළට ගියා විතරයි ඉසුරු මට ළංවෙලාකිව්වා. එහෙනම් මෙච්චර කාලයක් වනේ වන සතුරෙක් වෙලා ඉඳපු මේකගෙ උන්ඩුක පුච්චෙටත්කෙල්ල ගැන සන්නිවේදනය වෙලා. කමක් නෑ..ඔහොම යං.. ඔහොම යං..“මේ වගේ පැත්තක හිතාගන්නවත් බෑරමියා.. මාර අහිංසකකමක්තියෙන්නෙ.. නැද්ද..”ඉසුරු හිටු කියල කියෝනවා.. අනුෂි කොයි තරම් අහිංසකද කියල ඔය ඔක්කොටමවැඩිය රමී දන්නවා. ඒක කවුරුවත් කියල දෙන්නඕන නෑ.“තාත්තව එක්කරන් ආවට පින්සිද්ධ වෙනවා..”එක පාරටම ගේ ඇතුළෙ ඉඳලා එළියට ආපු අනූසි කිව්වා. ඒ වෙනකොටත් මං හිටියෙපාර පැත්තට හැරිලා. තවත් මග ඇරල වැඩක් නෑ.. මං අනූෂි දිහාට හැරුණා.“පින් බලාගෙන නෙමෙයි අපි මේක කරේ..”“දෙ.. දෙයියනේ.. ඔ..යි..යා..”මාව දැක්කහම පුංචි කෙල්ල සහමුලින්ම අවුල් උනා. අත්දෙකම කණ ළඟට ගියා.කෙල්ලට හිතාගන්නවත් බැරි වෙන්න ඇති මං කොහොමද මෙතන ඉන්නෙ කියලා.“ඔව්.. මං තමයි.. එදා හොස්පිට්ල් එකේදි මට දීපු හෙල්ප් එකට නොදැනුවත්කමින් හරි හෙල්ප් එකක් දෙන්න ලැබුණට මගේ හිතට සතුටුයි. ඔයා දිමුතුට හුඟක් හොඳටසලකලා තිබුණා.. හරි නම් මට නෙමෙයි ඔයාටයි පින් ලැබෙන්න ඕන..”මගෙයි අනුෂිගෙයි කතාව දිහා ඉසුරු ගල්වෙලා වගේ බලන් ඉන්න හැටි මංදැක්කෙ පස්සෙ. හරියට ඇස් ඉස්සරහ මහ මුහුද ගොඩ ගලනව වගේ.“එ.. එන්න ගේ ඇතුළට..”“ඕන නෑ අනූෂි.. අපි වෙන වෙලාවක එන්නම්..”“මං දුප්පත් තමයි.. ඔයා හුඟක් වෙලාවට මේ වත්තට අඩියක් තියන්න ඇත්තෙ අදවේනන ඇති.. ඒත් මං ජීවත් වෙන්නෙ මෙතන.. මං හුඟක් කැමැත්තෙනුයි ඔයාට ඇතුළට එන්නකිව්වෙ..”“නෑඅනූෂි.. ඔයා මීටත් වැඩිය අවුල් තැනක හිටියත් මං එනවා.. ඒකටතැන අවුලක් නෙමෙයි.. ඒත් දැන් වෙලාව එච්චර හරි නෑ.. හුඟාක් රෑ වෙලා.. අපි ඇතුළට එනඑක ඔයාට හොඳ නෑ..”අනුෂි මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ. එයාට සමහර විට හිතෙන්නැති මංකොයි තරම් දුර හිතනවද කියලා. මේ රමී එහෙම තමයි. හිතන්න ගියහම ඇට්ටි හැලෙන්නහිතනවා.“ඔයා මේ පැත්තට ආවෙ...”යන්නම් කියල කියන්න ඔන්න මෙන්න තියෙද්දි දවසේ වැදගත්ම ප්‍රශ්නය අනූෂීඇහුවා.“පුංචි තොරතුරක් හොයාගෙන..”“මේ රෑ...”“ඔව්.. ඒක හොයන්න පුළුවන් රෑ විතරයි..”“මට බැරිද ඔයාටඋදව් කරන්න..”දවසේ වැදගත්ම ප්‍රශ්නෙ වගේම, වැදගත්ම කතාව අනූෂී මගෙන් ඇහුවා. ඒකත්අවුලක් නෑ තමයි. මේ පැත්ත ගැන මේ පැත්තෙ ඉන්න අනූෂිට වඩා අපිද දන්නෙ. අනික අමරදාසබෙබේට මේ කොන්තරාත්තුව බාර දෙනවට වැඩිය මේ නයිටින්ගේල් කෙල්ලට බාර දෙන එක ඇඟට වගේමහිතටත් ගුණදායකයි.“රමියා අපි මෙයාට කියමු.. ලේසියෙන්ම උත්තරේ හොයා ගන්න පුළුවන්..”මෙච්චර වෙලා සද්ද වහල ඉඳපු ඉසුරු කට ඇරියා. අනූෂි එකපාරටම ඉසුරු දිහාබැලුවෙ මෙච්චර වෙලා ඌ එතන හිටිය දැක්කෙ නෑ වගේ. හුඟක් වෙලාවට කෙල්ලගෙ සම්පූර්ණඅවධානෙ, මං දිහාට යොමුවෙලා තිබ්බ හන්ද අනිත් දේවල් කෙල්ලට මඟ ඇරෙන්න ඇති.“මට කරන්න පුළුවන් දෙයක් නම් මං අනිවාර්යෙන්මකරන්නම්.. මොකක්ද ගෑණුළමයෙක් සම්බන්ධ දෙයක්ද...”ඔක්කොමත් හරි.. කෙල්ල අන්තිමට අහපු වචන ටික තමයි කැත.. රමියගෙ ලෑන්ඩ්මාක් එක කෙල්ලෙක්වත් වෙලාද...“ගෑණු ළමයෙක් සම්බන්ධයි කියල කියන්න විදියක් තාම නෑ. ඒත් සමහර විටඑහෙමත් වෙන්න පුළුවන්. ඒත් අපි ආවෙ අපේ යාලුවෙක් පස්සෙ..”“යාලුවෙක්...”“ඔව්.. හුඟක් වෙලාවට මිනිහා රෑවෙලා මේ කොරියාව පැත්තට එනවා..ඒත් ඒ ඇයි ද කියල අපි දන්නෑ..”“ඔයාට ඕන ඒ යාලුවා එන්නෙ ඇයිද කියල හොයාගන්නද...”“ඔව්..”“ඒකෙන් ඔයාට ප්‍රයෝජනයක් තියෙනවද...”“සෑහෙන්න..”“එහෙනම් මං හොයන්නම්.. ඒත් මං කොහොමද යාළුවව අඳුන ගන්නෙ...”ඒකත් අලි ප්‍රශ්නයක් තමා.. අනූෂි කොහොමද සමීරයව අඳුනගන්නෙ.. කාටවත්කියන්න පුළුවන් මට්ටමේ හැඩ වැඩ චරිත ලක්ෂණයක් ඌළඟ නෑ. උගේ හැමදේම සාමාන්‍යයි.මොන අවයවයක්වත් මෙලෝ විශේෂත්වයක් නෑ. උගේ විස්තරය කි්වවොත්, ඒවත් එක්ක සසැඳෙන ලක්ෂගානක් මේ සිරිලංකාවෙ ඉන්නවා. මං ටිකක් වෙලා කල්පනා කරා. ඔන්න එතකොට තමයි මගේ ඔලුවටආවෙ සමීරයව පෙන්නන්නෙ කොහොමද කියලා. ඒකත් ඉතිං වෙලාව තමයි. මගේ කියලද ඇහුවෙ..පිස්සුද... සමීරයගෙ..“යාලුවගෙ ෆොටෝ කිහිපයක් මගේ මොබයිල් එකේ තියෙනවා.. මං ඒවා ඔයාගෙ ෆෝන්එකට එවන්නං..”“ඉන්න මං ෆෝන් එක අරං එනකන්..”අයියව කුලප්පු කරන්න කියල හිතාගෙන ගත්තු මිනිහගෙ විවිධ ඉරියව් තියෙනඅප්සට් ෆොටෝ වගේම, වැදගත් ඉරියව් තියෙන ෆොටෝසුත් මගේ මොබයිල් එකේ තිබුණා. මේවා හැමඑකක්ම ගත්තෙ සමීරට හොරෙන්. ඒත් ගත්තු වෙලාවෙ මට හිතුනෙ නෑ මේවා මේ තරම් වැදගත්වේවි කියලා.“ඉසුරු.. ඕකෙ බ්ලූටූත් ඕපන් කරපං..”අනූෂි ෆෝන් එක ගෙනත් දුන්නට පස්සෙ මං තෝරගත්තු ෆොටෝස් තුන හතරක් එයාගෙෆෝන් එකට යැව්වා. ඊට පස්සෙ එයින් එකක් සූම් කරලා මං අනූෂිට පෙන්නුවා..“මට මෙයාව දැකල පුරුදුයි..”ගත් කටටම අනූෂී කිව්වා. ඔටය තියෙන්නෙ.. අපේ වල් හිකනලා පටි හතම රෝල් කරගෙන..“පුළුවන් නම් විස්තර එකතු කරන්න.. මං තව දවස් දෙකකින් ඔයාට කතාකරන්නම්..”“ඔයා ඔය යන්නද හදන්නෙ...”“ඔව්.. ෂේප් එකේ ගෙදරට පැනගන්නඕන.. නැත්නම් කොයි වෙලාවෙ හරිගෙදරින් මගේ වීසා කැන්සල් වෙනවා.. අපි යනවා.. ඔයා දොරවල් වහගෙන නිදාගන්න..”නයිටිංගෙල් කෙල්ල බලන් ඉද්දි මායි ඉසුරුයි කාර් එක ළඟටම ඇවිදගෙන ආවා.“ඒකත් එහෙනම් ජයසිරි මංගලම්..”කාර් එක ස්ටාර්ට් කරගන්න ගමන් ඉසුරු කිව්වා.“ඇයි...”“උඹෙන් බේරෙන්න බෑ කිසිම කෙල්ලෙකුට..”“පිස්සු කියවන්නැතුව ඉඳපං..”“රමියා.. මං මුලින්ම පුදුම උනා ඒකි උඹව දැකල හොල්මන් උනහම. ඒත් දිමුතුගෙඅසනීපෙයි අනූෂි නර්ස් කෙනෙක් කියල ගලපගත්තහම මං හුඟක් දේවල් තේරුම් ගත්තා. උඹ එදාමාවත් ඇඳගෙන තකහනියක් හොස්පිට්ල් ගියේ මේකිව බලන්න නේද...”“පිස්සුද බං..මං ගියේ දිමුතුව බලන්න..”එතනින් එහාට දිමුතු වැඩිය කතා කරේ නෑ. නයිටිංගේල් කෙල්ල ගැන කතාවට පුල්ස්ටොප්එක තියල වෙන කතාවක් පටන් ගන්න මගේ හිතේ ඉඩක් තිබ්බා. ඉසුරුගෙ නංගි වෙච්ච ඉමාෂිගැන, ඉසුරුව දැනුවත් කරල තියනෙක කොහොමත් හොඳයි කියලා මට හිතුණා.“මොකද රමී.. උඹඅමුතු විදියට මං දිහා බැලුවෙ...”කොරියාවෙ ඉඳලා ප්‍රධාන පාරට දාන ගමන් ඉසුරු ඇහුවා. ඌ එහෙනම් ඩ්‍රයිව්කරාට එක ඇහැක් මේ පැත්තෙන් තියන් ඉඳල තියෙනවා.“මට ඉමාෂිව හම්බ වුණා..”“ඔව්..”“කියන්න තියෙන දේවල් ඔක්කොම මං ඒකිට කිව්වා. ඒවා හිතට ගන්න නොගන්න එකඑකිගෙ වැඩක්..”“ලොකු දෙයක් රමී.. නංගි මං කියනවට වැඩිය උඹ කියන දේවල් අහනවා.. ඒකිඋඹට මහ හුඟක් කැමතියි..”මං ඉසුරුගෙ මූණට එබුණෙ ඒ මූණෙ ලියවෙලා තියෙන හැඟීම් කන්දරාව කියවගන්න. ඒත් කලින් වගේ පාරෙ ලයිට් කණුවල තියෙන ලයිට්වල එළිය වාහනේ ඇතුලට වැටුණෙ නෑ.ඒක හන්ද ඒ මූණෙ එක හැඟීමක්වත් තෝරගන්න මට බැරි වුණා. සමහර විට මට අමුතු විදියටතේරුණාට කැමතියි කියන වචනෙ ඉසුරු නිකං කටට ආවට කියන්න ඇති.මං ගෙදර එද්දිත් අයියකාරයා ගෙදරට ඇවිල්ල හිටියෙ නෑ. ඒ කියන්නෙ මෑන්ස්අද ගියේ කොරියාවට නෙමෙයි කියනෙකද... හැබැයි ඉතිං කොරියාවට ගියා නම් මං එහේ හිටපුකාල සීමාවත් එක්ක මිනිහා මට කරටිය මුලින්ම අහුවෙන්න ඕන.ඔය හැමදේම අතරෙ මට තවත් ප්‍රශ්න තිබ්බා. ඒ තමයි මේ මනුස්සයා මුළු රෑමනිදි මරල දවල් දවසෙ ඇස් දෙක ඇරගෙන ඉන්නෙ කොහොමද කියනෙක. සමහර වෙලාවට මිනිහා දවල්දවසටත් මේ වැඩේම ක්‍රියාත්මක කරනව ඇති කියලත් හිතන්න පුළුවන්නෙ. කොහොම උනත් ඔෆිස්යන දවස්වලට මිනිහට මේ වැඩේ සෑහෙන්න ලේසි ඇති. නිවාඩු දාලා ෆුල් ටයිම් මේ කරන වැඩේමමාර ගති විදියට කරනව ඇති. හැබැයි අයියකාරයගෙ මේ බකමූණු චරිතෙට වැඩිදුර දුවන්න ඉඩතියන්නෑ කියලා මං එක හිතින්ම හිතාගත්තා.
|
BLOG
|
2013.01.17
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5.. ඊයෙ හවස්වරුව පුරාම වෙච්චි දේවල් එකින්එක මගේ හිතේ මැවෙන්න පටන් ගත්තා. කරන්න ඕන කියල විශේෂ වැඩක් තිබුණෙ නැති උනත් උදේමදිමුතුගෙ තත්වෙ හොයල බලන්න මම හිතාගත්තා.“ආ...ජාතියක්ජන්මයක් නැති කොල්ලොත් එක්ක පෑහිලා.. අපිටත් පාරෙ බැහැල යන්න බැරි කරන්නදහදන්නෙ...”කාමරේදොර ගාවින් සට සට ගාලා ඇහිච්ච වචන වලින් මගේ හිසේ කැක්කුම එහෙම් පිටින්ම නැතිවෙලාගියා. අයියකාරයා උදේ පාන්දරම නැට්ට පාගගෙන වගේ. ගස් ගොනා වගේ කාට හරි බකට් එකක්අදින්නමයි හදන්නෙ. නැත්නම් දවස ආරම්භ කරන්න මූට ක්‍රමයක් නෑ.“තමුසෙ මොනවද කියවන්නෙ...”;“ඇයි මං දෙමළද කිව්වෙ...”“දෙමළ නම් තව කමක් නෑ.. මට මගේ පාඩුවෙ ඉන්න දීලාතමුසෙ යන අතක යනවද...”“ඔව්.. එහෙම යනව නම් හරි කැමති ඇති.. එතකොට අර මෝඩදෙමව්පියො දෙන්නගෙ ඇස් හතරම වහල ඕන කුණු හරුප වැඩක් කරන්න පුළුවන්නෙ..”මේගස් ගොනා කියන ඒවට කේන්ති යන්නැති අයටත් කේන්ති යනවා. ඇත්තටම මට ඇඳෙන් පැන්න ගමන්මූට දෙක තුනක් ඇනගෙන ඇනගෙන යතෑකි. කලින් දවසක මූඔහොම කියවගෙන ඇවිත් මං මූටදුන්නෙ නැව් ගුටි. අයියා උනාට මූකෑ ගගහ ඇඬුවෙ හතර පංතියෙ පොඩි එකෙක් වගේ.එදා නම් මම මාර ආතල් එකක් ගත්තා. අදත් ඒ පොඩි ආතල් එක ළඟටම ඇවිත් වගේ.“දැන් මොකක්ද මං කරපු කුණුහරුප වැඩේ...”කතාව ඉක්මනට ඉවර කරල දාන්න හිතාගෙන මං ඇහුවා. ගඳයෙක් එක්ක මොන ප්‍රේමකතාද අප්පා. අපිත් ගඳ ගහනව මිසක. මේ ලෝක යහපතක් නෑනෙ.“කවුද රිස්මියා කියන්නෙ...”හැලි වඳුරෙක් නියවනව වගේ මූණත් මුඩු කරගෙන අයියා මගේ මූණට එබුණා. ඈ..මූ කොහොමද රිස්මියා ගැන දන්නෙ... එතන නම් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් බොන්නඕන වෙයි වගේ.“කවුරු...”“ඒකත් මගෙන්ද අහන්නෙ... මං අහන්නෙ රිස්මියා කියන්නෙමොකීද කියලා.. මෙච්චර සිංහල කෙල්ලො කෙල කෝටියක් ඉන්න රටේ මුලු ඇඟම වහගත්තු එකීලත්එක්ක තමුසෙට තියෙන ගනුදෙනුව මොකක්ද... ඇත්තමයි මං අම්මයි තාත්තයි දෙන්නම එක්කකියනව තමුසෙගෙ මේ කැත කල්කිරියාව ගැන..”“මේ තමුසෙගෙ ඔය අඳෝනාව නවත්තගන්නවා.. මොන මගුලක්ගැනද ඕයි ඔය තමුසෙ කියවන්නෙ... අනික කියන මගුලක් තේරෙන්න සිංහලෙන් කියනවා.. හැබැයිඋඹ අයියා උනාට කමක් නෑ සමීරයා.. උඹට මාසයක් ඉස්පිරිතාලෙ ලගින්න මං වැඩේ කරනවා.. අතපය උඩ එල්ලගෙන ඉන්න.. තේරුණාද...”මං කෙලින්ම තර්ජනය කරා.. මේ වගේ වෙලාවට බය උනොත් විනාසයි. මූමගේඔලුවම කනවා. මගේ කතාවට අයියකාරයා ටිකක් විතර පස්සට ගියා. උගේ අර මුලින් තිබ්බගැම්ම නැතිවුණා. හරිනේ දෙයියනේ.. මොකාද නැව් ගානට ගුටි කන්න කැමති. අනික කලින්කාපු ඒවයේ රස අමතක වෙලත් නැතිකොට.“තමුසෙට රිස්මියා කියල කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා..”“ඉතිං...”එතනින්එහාට කතාවඉවරයි කියන්න මං දැනගෙන හිටියා. මේකා ගිරිය පුප්පගෙන ජාතිවාදී ප්‍රශ්නඇතිකරගෙන ආවට වැඩි දුරක් යන්න බෑකියල, කතන්දරේ මුලදිම මං දැනගෙනහිටියා. ඒකයි මං ඌටම වැඩේ අනාගන්න ඉඩදුන්නෙ. නැත්නම් මං ඩිංගක් හරි කලබල වුණා නම් ඕකා මුදුනා වෙලා මෙතන මළගේ කරනවා.“ඉ.. ඉතිං.. එච්චරයි..”“තමුසෙ උඩදාගෙන ආවෙ ඕක කියන්නද මිනිහො.. තමුසෙ හරියටකඩන් පාත් උනේ මං කෙල්ලෙක් එක්ක බුදියගෙන ඉඳලා අහුවුණා වගේනේ.. කලවැද්දා..”“මොකා...”“තමුසෙට කියන්න වෙන වචනයක් මගේ හිතට එන්නෑ.. හලෝ මේමං අන්තිම පාරටත් තමුසෙට එක අවවාදයක් දෙන්නම්.. මීට පස්සෙ මගේ කතන්දර වට තමුසෙ අතදාන්න එපා.. මේ අවසාන රතු නිවේදනය... තේරුණාද.... මං තමුසෙටත් ඉන්න දෙන්නෑ.. හොඳටමතක තියාගන්නවා.. තමුසෙ මගේ පස්සෙන් පන්නනව වගේ නෙමෙයි මං තමුසෙගෙ පස්සෙන්පැන්නුවොත්.. පලාතක්ම නැති කරලයි මං පස්ස බලන්නෙ.. තේරුණාද...”මොනව නැතත් ඒ මං අන්තිමට කියපු දේවල් නම් අයියට පොල්ලකින් ගැහුව වගේතේරුණා. මූන හොඳටම නරක් කරගෙන මිනිහ කාමරෙන් ගියාට පස්සෙ මං කල්පනා කරේ රිස්මියාඇයි ගෙදරට කතා කරේ කියලා. එයාට තිබ්බනේ මගේ මොබයිල් එකට කතා කරන්න.ඒ එක්කමයි මට මතක් උනේ ඊයෙ හවස මං හොස්පිට්ල් යද්දි ෆෝන් එක අරන් ගියේනෑ කියනෙක. කලබලේට ඒක කාමරේ දාලයි ගියේ. ආපහු එනකොට ෆාදර්ට කෝල් එකක් දෙන්නකොමියුනිකේෂන් ගානෙ රිංගන්න උනෙත් ඒකනේ.“මොකද පොඩි පුතා.. උදේම කෑගහන්නෙ...”උදේ කිරි එකත් අරගෙන අම්මා කාමරේට ආවා. මං තත්පරේට දෙකට මූණ මැදටහිනාවක් ගත්තා. අයියකාරයට පෙන්නපු මුඩු මූණ අම්මට පෙන්නන්න බෑනෙ.“දන්නැද්ද අම්මා.. අර මනුස්සයගෙ වැඩේ මගේ ලේ කෝපකරන්න හදන එකනේ.. මං මිනිහට වෙලාවක දෙන එක දෙනවා ඔයාගෙන් බීපු කිරි කටින් එන්න..”“ඔයාලා දේනනා ඇයි පොඩි පුතේ බල්ලො බලල්ලු වගේ මේපොරකා ගන්නෙ.. ඔයාලා දෙන්නා එකතු වෙලා හිනාවෙලා ඉන්න දවසක් දකින්න මගේ ජීවිතේටදවසක් උදාවෙන්නෙ නැද්ද...”අම්මගෙ ඇස් දෙකට කඳුළු උනාගෙන ආවා. මගේ හිතටත් මහ මොකක්දෝ දැනුණා.“මං දන්නෑ අම්මෙ.. අයියත් එක්ක ජීවත් වෙන එක හරිමඅමාරුයි.. එයා පුදුම තරම් ආත්මාර්ථකාමියි.. ඒ වගේම කිසිම තෙතමනයක් පපුවෙ තියෙනකෙනෙකුත් නෙමෙයි.. ගේ ඇතුළට වෙලා ඉඳගෙන ඔහේ කුණුවෙවී ඉන්නයි මිනිහා කැමති..”“ඒ වුනාට පොඩි පුතේ.. අපිට ඉන්නෙ ඔයාලා දෙන්නාවිතරයි.. ස්තතු දෙන්නෙක් වගේ ඔයාලා කා කොටා ගන්නකොට මිනිස්සු උනත් හිනාවෙයි..හග්.. ඩිංකක් එයත් එක්කත් හොඳින් ඉන්න බලන්න.. එයාට යාලුවෙක් කියලවත් කෙනෙක්නෑනෙ.. ජීවිතේම තනියම අරගෙන යන්න හදන කෙනෙක්..”“මට නම් අම්මා.. මිනිහව දකිනකොටත් කේන්තියි.. බලන්නඉතිං.. ඕන වෙලාවක එන්නෙ රංඩුවටමනේ.. කවදාවත් හොඳින් කතා කරන සිරිතක් මිනිහගෙ නෑනෙඅම්මා..”“මට තේරෙනවා.. ඔයා ඔය ඉන්නව වගේ සතුටෙන්සැහැල්ලුවෙන් එයත් ඉන්නව නම් තාත්තටයි මටයි මොන තරම් සතුටුයිද... ඇත්තටම අයියාඉන්නෙ කටුව ඇතුළට රිංග ගත්තු ගොලුබෙල්ලෙක් වගේනේ.. කා එක්කවත් කිසිම ආශ්‍රයක් නෑ..”“ඒක නම් ඇත්ත තමයි.. අයියකාරයට යාලුවෙක් කියල කෙස්ගහක තරම් එකෙක්වත් නෑ.. ඌ තනියම ජීවත් වෙන්න ඉපදිච්ච එකෙක්.. අර ඌටම කියල ගහපුසිංදුවකුත් තියෙන්නෙ.. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ කියලා.. මං හිතන්නෙ ඒක තමාඋගේ තේමා ගීතය..”“දැන් බලන්න අම්මා.. ඔය උදේ පාන්දරම මගෙත් එක්කසද්දෙ දාගෙන ආවෙ මට රිස්මියා කියල කෙල්ලෙක් කතා කරාලු.. ඒකට මේ මනුස්සයා ජාතිවාදීකතා කිය කිය මාව අවුස්සනවා.. හරිනම් කියන්න තිබ්බෙ කෝල් එකක් ආව අහවලාගෙන්..එච්චරයි.. එහෙමත් නැත්නම් නොකියම හිටිය නම් ඒත් ඉවරයි..”“ම.. මට තේරෙන්නෑ.. ම්.. ඒක නෙමෙයි.. කවුද ඔයරිස්මියා..”අම්මගෙ මිලි මීටර් පද්ධතියටත් අහු නොවෙන අලවංගුවක් නෑ.. රිස්මියා කතාකරපු එක අයියකාරයා අලක රන්න කලින් මං ගෝවා පාත්තියක් දාන්න හැදුවෙ. ඒත් වැඩේ අලමඋනා.“මගේ යාලුවෙක් අම්මා..”“විශේෂ කෙනෙක්ද පොඩි පුතා...”අම්මගෙ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි. මට බොරුවක් කියන්න හිතුණෙ නෑ. ඒත්රිස්මියා මට විශේෂයිද කියල, මං මගේ හිතෙන්ම අහල බැලුවා. ඒත් ඒකට හිත සැනසෙනඋත්තරයක් හිත ඇතුළෙන් ආවෙ නෑ. එතකොට නදිනි... අනේ මංදා.. හැබැයි නදිනිට වැඩිය නම්රිස්මියා සිය වාරයක් හොඳයි.. නදිනිගෙ කොයි වෙලාවෙත් චුරු චුරුවනේ.. අඳෝ වැඩියාවෙන්නොම්මර එකයි.“ම්හු.. එහෙමත් නෑ අම්මා..”“එහෙනම්...”“අපි ළඟන් ආශ්‍රය කරනවා.. එච්චරයි..”“කවුරු ආස්සරේ කරත් තමන්ගෙ ආත්මගරුත්වෙ තියාගෙන, ඒගෑණු ළමයගෙත් ආත්ම ගරුත්වෙ රැකෙන විදියට වැඩ කරානම් හොඳයි පොඩි පුතා..”“මං වැරැද්දක් කරේ නෑ අම්මා..”“මං ඔයාට වැරැද්දක් කිව්වා නෙමේ... මට ඔයාවවිශ්වාසයි.. පිරිමි ළමයි උනාම ගෑණු ළමයි වගේ ගෙවල් ඇතුළට වෙලා හිරවෙන්න ඕන නෑ..ඔයාට අපි දීල තියෙන නිදහස හොඳ පැත්තට යොදාගන්න.. ඒ ගමන්ම අයියා ගැනත් ටිකක් හොයලබලන්න..”අනේ ඔය ගස්ගොනා ගැන මොනව බලන්නද... ඌව උදේට දැක්කත් ඇති දවස් දෙකක්මුස්පේන්තු වෙනව.. ඒත් මං අම්මට කිව්වෙ වෙනින්ම කතාවක්. මූ ගැන හිතට එනඅලුගුත්තේරු සිතිවිලි වලින් අම්මගෙ හිත රිද්දන්න බෑනෙ.“ඇයි අම්මා එහෙම කිව්වෙ...”“එයා ටිකක් අමුතුයිනෙ පොඩි පුතා.. දැන් මේ ළඟකදි ඉඳලකේන්තිත් යනව වැඩියි.. ඒකයි..”“පිස්සුද අම්මා.. ඔය මනුස්සයා උපදිනකොටම කේන්තියපිටින්මලු ඉපදුනේ.. ඔය යකාගෙ බුරිය හරියට මැහුවෙ නෑකියල..”මගේ කතාවට අම්මට පුංචි හිනාවක් ගියා. ඒ හිනාව පිටින්මයි අම්මා කාමරෙන්යන්න හැදුවෙ.“ගේට් එක ගාව කවුද හෝන් එක ගහනවා..”ජනේලෙන් පාර දිහා බලපු අම්මා කිව්වා. හෝන් සද්දයක් නම් මටත් ඇහුණාතමයි. ඒත් මේ රමිතයා ඕනම දෙයක් ඕනවට වැඩිය ගණන් ගන්නෑ.“අන්න තමුසෙගෙ පාප මිත්‍රයා ඇවිත්..”කාමරේ දොරකඩ ගාවින් අයියගෙ මූණ එබුණා. මූඉතිං අන්තර් ජාතිකරොයිටර් පුවත්පත් සේවයනෙ. මට කාමරේ ඉඳගෙනම ආවෙ කවුද කියල වැඩි මහන්සියක් නැතුවමබලාගතෑකි.“කවුරු...”“අර උද්දච්ච මිනිහා.. තමුසෙ වගේම ගිනිපුක් කාරයා..මට පේන්න බැරි එකා..”යසයි.. බලපංකො මුගේ තොරණෙ විස්තරේ. මං මෙච්චර කල් හිතන් හිටියෙ මේලෝකෙ හැමෝටම මූව පේන්න බෑ කියලා.“නම කියනව හලෝ.. ඌට නමක් නැද්ද...”“තියෙනව.. කැලෑපාලුවා කිව්වහම ඕන එකෙක්දන්නවා.. තව ඕනෙද ඌ ගැන විස්තර...”ආ..මේ අපේ ඉසුරු ගැනනේ මූ දොඬවන්නෙ..“අපෝ එපා.. ඔය ගඳගහන කටින් කිසිම දෙයක් කියන්නෙපා..”අයියා කාමරෙන් එළියට ඔලුව ගත්තා. මං කිව්ව දේ හිත පුරාම වදින්න ඇති.ආයෙ ඒක බලන්න දෙයක් නෑ. විනාඩි දහයක් විතර යද්දි වොෂ් එකකුයි ඇඳුමකුයි දෙකම දාගෙනමං පාරට ආවා.“මොනව කරාද බං මෙච්චර වෙලා...”ඉසුරුවට මොකක් හරි හදිස්සියක් පාටයි. නැත්නම් මූ මෙහෙම උදේ පාන්දර කඩාවදින්නෙ නෑ.“ඊයෙ දවසම බිසී බං.. නිදාගන්නකොටත් රෑ වෙලා..”“හරි.. හරි.. පස්සෙ සමරිය සාකච්ඡා කරමු.. වරෙන් පොඩිගමනක් යන්න..”කොහේද... පරක්කු වෙනවද... තාම කාලත් නෑ.. කාලම යමුද... ඔය වගේමොන්ටිසෝරි ප්‍රශ්න මේ රමියට විහිලුවටවත් එන්නෑ. ඉසුරු මට හුඟක් කැමති ඒක හන්දයිකියලත් මං දැනගෙන හිටියා. අපායට යමුද කියල ඇහුවත් මේ රමියා එවරෙඩි. ප්‍රශ්නඇහිල්ලක් නෑ. මං කාර් එකට නැග්ගා.“උඹ මොකක් හරි අප්සට් එකකද ඉන්නෙ...”ටිකක් දුර එද්දි මං ඉසුරුගෙන් ඇහුවා. උගේ මූණ ඒ තරම් හරි නෑ.“ඔව් රමියා.. මං උඹව හොයාගෙන ආවෙත් ඒකයි.. කෙල්ලකිසිම දෙයක් කන්නෙ බොන්නෙ නෑ.. මොනව කරන්නද කියල මට හිතාගන්නවත් බෑබං.. ගහලබැනල මේ ප්‍රශ්නෙ විසඳගන්න බෑ කියලත් මට තේරෙනවා..”කෙල්ල කියල කිව්වෙ ඉසුරුගෙ වන්ඩ් ඇන්ඩ් ඔන්ලි නංගි බබා.“දැන් උඹ මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද...”“උඹට පුලුවන්ද නංගි එක්ක ටිකක් කතා කරන්න... සමහරවිට උඹ කිව්වොත් දෙයක් අහයි..”“උඹ කියනව නම් මං කතා කරන්නම්.. ඒත් වැඩිබලාපොරොත්තු තියාගන්නෙපා..”“ඇ.. ඇයි රමියා..”“ඒකිගෙ එෆෙයාර් එක කඩල දාන්න මමනේ බං උඹට උදව් කරේ..මතකද ඒකි ඉස්සරහම මං රංගනයගෙ කණටත් ගැහුවා. ඉතිං උඹ හිතනවද ඉමාෂි මගෙත් එක්ක හොඳසහෝදර ප්‍රේමයකින් ඇති කියලා. ඒකි මගෙත් එක්ක හොඳටම තරහ ඇති ඉසුරු.. මාව පේන්නබැරිව ඇති..”“අපි නංගිට හොඳක්නේ බං කරේ..”හොඳ කතාව ඉසුරු කියද්දි මට මතක් වුණේ ඊයෙ රෑ රංගන මට කියපු කතාව. ඌකිව්වෙ මං ඉමාෂිව යාලු කරගත්ත කියලනේ. ඌ කවදාවත් උගේ වැරැද්දක් පිළිගන්න එකෙක්නෙමෙයිනෙ.“ආදරේ කරන එවුන් කවදාවත් අවවාද අනුශාසනා පිළිගන්නෙනෑ බං.. උං හිතන්නෙ අපි කියන හැමදේම උං එක්ක තරහටයි කියන්නෙ කියලා. මොන දස මහ දෝසෙවිඳල හරි උංට හොඳක් කරන්න හැදුවත් උංට ඒක දිරවන්නෑ..”“එහෙනම් අපි මොකද කරන්නෙ රමියා.. නංගි මේ විදියට දහදුක් විඳිද්දි මට බලන් ඉන්න කියලද උඹ කියන්නෙ...”“මම එහෙම කියන්නෑඉසුරු.. ඒත් මං ඩිංගක්ඉමාෂිත් එක්ක කතා කරන්නම්.. එයා මංග ැන මොනව හිතන් හිටියත් මටකමක් නෑ.. උඹදන්නවනේ.. උඹ වෙනුවෙන් මං මකර කටට උනත් අත දානව කියල..”ඉසුරුගෙමූණ ලොකු හිනාවකින් පිරිල ගියා.“ලොකු දෙයක් රමියා.. උඹ කතා කරොත් මොනව හරි වෙයි..නංගි කොයි තරම් උඹත්තෙක්ක තරහ උනත් උඹට කැමතියි කියන්න මං දන්නවා..”ඉසුරු කිව්වෙ අමුතුම කතාවක්. ඒත් ඒ කතාව වැඩිදුර ගෙනියන්න මං උත්සාහකරේ නෑ. බොහොම ඉක්මනට මං කතාවෙ ට්‍රැක් එක මාරු කරා.“ඉස්පිරිතාලෙ පැත්තට හරවපං..”“ඇ.. ඇයි රමියා..”“මගේ ලෙඩෙක් ඉන්නවා.. බලන්න ඕනි..”“උඹේ ලෙඩෙක්...”ඉසුරගෙ මූණෙ තිබ්බෙ ලොකු කුතුහලයක්.“ප්‍රශ්න අහන්නැතුව හරවපං..”මගේ මූණෙ තද ගතිය ඉසුරු දකින්න ඇති. ඒ වගේම දෙයක් කියද්දි, හරස් ප්‍රශ්නපත්තර ඉස්සරහට දානවට ඌ වගේම මාත් අකමැති විත්තියත් ඌට මතක් වෙන්නැති.“උඹ ඒ පාර ලේඩි ඩොක්ටර් කෙනෙක්වත් අල්ලගත්තද...”කාර් එක හරවද්දි ඉසුරු මගේ මූණට එබුණා. මට පුංචි හිනාවක් ගියා. මං ගැනහොඳටම දන්න,මූත් මං ගැන මෙහෙම හිතනව නම්, මම වටේ ඉන්න ඔලුව කරුවල් වෙච්චජනතාව මොනව නොහිත ඉඳීවිද අප්පා. ඊයෙ වගේම අදත් අවුලක් නැතුවම ලෙඩ්ඩුබ ලන වෙලාව ඉවරවෙලාතිබුණා. ඉසුරු කාර් එකෙන් බැහැලා මගේ මූණ දිහා උඩ ඉඳලා පල්ලෙහාට බැලුවෙමෙතනින් එහාට මොකද කරන්නෙ කියල අහන්න වගේ.“රමියා..”“ම්...”“ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි..”“ප්‍රශ්නයක් නෑ..”මං එහෙමකිව්වත් එතන ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි අනුෂී ඕෆ් වෙලා ගෙදරගිහින් තිබුණ එක. මං කෙලින්ම ගිහින් සිස්ටර්ව හම්බවුනා. මාව දැක්ක විතරයි ඒ මස්පර්වතයෙ සුදු හිනාවක් පිපුණා. හරියට නිකං බුල්සයි කරපු බිත්තරේක මැද්දෙ තියෙන කහමදේ වගේ.“ගුඩ් මෝනිං පුතා.. ඊයෙ වැඩ ටික කරගත්තනේ...”“ඔව්.. සිස්ටර්ට පින් සිද්ධ වෙන්න.. ඒ හැමදේම හරි..මං මේ තෑන්ක්ස් කරල යන්න ආවෙ..”“අයියෝ.. ඕක මොකක්ද පුතා.. අපි අපිමනේ.. ඔයා ඕනවෙලාවක එන්න.. මං ඕන උදව්වක් කරන්නං..”පිස්සුදහැටිද මංදා.. ඕන වෙලාවක ඉස්පිරිතාලෙ එන්නලු.. ඇයි බං.. දිනපතාම මේවයෙ බඩගාන්නරමියගෙ මොලේ වයර් මාරුවෙලා නෑනෙ.“එහෙනම් සිස්ටර්.. මං ඉක්නමනට වෝඩ් එකට ගිහින් දුවවබලලා එන්නං..”“ඔව් පුතා.. දැන් ටයිම් එක ඉවරයිනේ.. ඉක්මන් කරලයන්න..”මං ඉසුරුත් ඇදගෙන වෝඩ් එක දිහාට ආවා. උගේ මූණෙ කුතුහලේ උපරිම මට්ටමටනැගල තිබුණා. කමක් නෑ තව ටිකකින් ඌ තොරණෙ විස්තරේ දැනගන්නවනේ.. පළවෙනි කොටුවෙන්කියවෙන්නෙ මේක.. දෙවනි කොටුවෙන් කියවෙන්නෙ මේක කියලා.. අනිත්තෙක තමයි ලෙඩ්ඩුබලන්නැති වෙලාවක, ලෙඩෙක් බලන්න ගෑණු වාට්ටුවකට ගියහමතියෙන කැටයම් ගොඩ දර්ශනදාන්නැති අයත් ඒ වෙලාවට නිකම්ම දර්ශනේ දානවා. ඔයාලා ඒ තත්වෙ, එහෙමත් නැත්තං ඒ ආතල්එක විඳල නැද්ද... ඇස් පනහක් විතර හා හෝවක් නැතුව තමන් දිහාට එල්ලවෙලා තියෙද්දිකොහොමද දැනෙන සනීපෙ...“ර..මි..ත.. අ..යි..යා..”මාව දැකපු ගමන් දිමුතු ඇඳෙන් බැහැල මගේ ළඟට දුවගෙන ආවා. ඒ මූණෙ තිබුණෙඋපරිම සිරියාවන්තකමකට පිරිච්ච හිනාවක්. මං දිමුතුට හුඟාක්ම ළංකලේ මෙන්න මේ වගේසොඳුරු විදියට හිනාවෙන්න පුළුවන් හන්දා. ඒ හිනාවත්තෙක්කම දිමුතුව සදාකාලයටමසහෝදරියක් වගේ ළඟින් තියාගන්න පුලුවන්කමක් තිබ්බ නම් මේ රමියා නොකර ඉන්නෙ නෑ.“ඔයාට දැන් කොහොමද දිමුතු...”“දැන් නම් හොඳයි.. ඩොක්ටර් කිව්වා කිසිම දේකටබයවෙන්න එපා කියලා..”මගේ පපුවට අලුතෙන් හුස්මක් වැටුණා. දෙයියනේ මලක් වගේ ඉන්න මේ අහිංසකීටමොනම කරදරයක්වත් වෙන්නෙපා. ඒ කරදර මේ ගහක් ගලක් වගේ ඉන්න රමියගෙ පපුව උඩන් තියන්න.මං දෙයියන්ගෙන් ඉල්ලුවෙ එච්චරයි.“එහෙනම් හුඟක් වෙලාවට අද දවල්ට හරි හෙට හරි ඩිස්චාජ්කරයි.. ඔයාට කරදරයක් නෑ නේද...”මෙච්චර වෙලා හිනාවෙන් පිරිල තිබ්බ සුදු මූණ ලොකු කාන්සියකින් බරවුණා.හිතුවෙවත් නැති තරම් ඉක්මනට ඒ පුංචි ඇස් දෙකට කඳුලු උනාගෙන ආවා.“අම්මෙකුටත්, තාත්තෙකුටත් වැඩිය හොඳින් ඔයා මාවබලාගන්නකොට මට ප්‍රශ්න මුකුත් නෑඅයියා. ඔයා හොයල දීපු ඇන්ටිත් හරිම හොඳයි..අර මනුෂි අක්කත් හරිම හොඳයි.. එයා ඊයෙ රෑහුඟක් වෙලා යනකල් මගෙත්තෙක්ක කතාකරකර හිටියා.. මට පුංචි පාලුවක්වත් දැනුණෙ නෑ..”“මං ඉන්නකන් ඔයාට පුංචි පාලුවක්වත් දැනෙන්න ඉඩතියන්නෑදිමුතු.. ඔයාට උදේ කෑම කොහොමද...”“ඒ ඔක්කොම හරි රමිත අයියා.. ඔයා ළඟ ඉන්නකොට ඒ හැමදේමමට ලැබෙනවා..”පුංචි උනාට කෙල්ල කිව්වෙ දිරව ගන්න අමාරු කතාවක්. මං ඉසුරු දිහාබැලුවා. ඌහිටියෙ වෝඩ් එකෙන් එලියෙ.“ඔයා එහෙම විශ්වාස කරන එකට මං කැමතියි.. ඹට පස්සෙමොනව හරි හදිස්සියක් උනොත් ඔයා මගේ මොබයිල් එකට කතා කරන්න.. මං කොහේ හිටියත්කඩාගෙන එනවා.. ඔයා කිසිම දේකට බයවෙන්න එපා..”“රමිත අයියා..”“ඇයි දිමුතු...”“මේ පාර වගේ මට සිහිය නැතිවෙලා තිබ්බොත් මං කොහොමදකතා කරන්නෙ...”හොඳටහිතල මතල දිමුතු මගෙන් ඇහුවෙ මට උත්තර දීගන්න අමාරු ප්‍රශ්නයක්. ඒකෙන් මං සම්පූර්ණඅවුල් වුණා.“ඔයාට ආයෙ එහෙම වෙන්නෑ දිමුතු.. ඔයාට කිසිම කරදරයක්වෙන්නෑ..”“එහෙමඋනත් කමක් නෑ රමිත අයියෙ.. ඔයා හින්ද මංහුඟාක් සංතෝසෙන් ඉන්නෙ.. මේ ජීවිතේ මට ලැබිච්ච ඉහළම වස්තුව ඔයා තමයි.. මොනව හරිවෙලා ඔයාව දාල යන්න උනොත් මට ඒක ලබන ආත්මෙවත් දරාගන්න බැරිවෙයි..”“මොනවද මේ දිමුතු කියවන්නෙ.. ඔය වගේ දේවල් කියවන්නඔයා තාම පුංචි වැඩියි..”“මං කියන්නෙ, කියන්න ඕන ඒවා රමිත අයියමෛ් ලෝකෙ කිසිහව්හරණක් නැති කෙල්ලෙකුට, ඔයා දාලා යන්න වෙද්දි සිහිය නැති වෙලාම තිබුණොත් ඒකත්හිතට සැනසීමක් නැත්නම් මට හිත හදාගන්න බැරිවෙයි..”එතනින් එහාට දිමුතු තවත් මොනව හරි කියන්න මගේ හිත හයිය කරගන්න බැරිවුණා. තව් මං කතා කරන්න ගියොත් දිමුතු තවත් කියවන්න ගනියි. ඒක හන්දම දිමුතුගෙපුංචි අත්දෙක අල්ලල තදකරල මිරිකල මං ආපහු එන්න ගත්තා.“ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා රමිත අයියෙ..”ඉසුරු ළඟට ඇවිදගෙන එද්දි දිමුතුගෙ කටහඬ හීනියට මට ඇහුණා. මේ ලෝකෙන්මමං ගැන ඔහොම හිතන එක එක්කෙනාත් ඔයා විතරයි දිමුතු කියල කියන්න මගේ දිව මුලටම ආවත්මං හිත තද කරගත්තා.“ර..මි..යා..”“ම්..”“කවදාවත් නැති විදියට උඹ අවුල් වෙලා වගේ.. ඇයි මේ...”“මුකුත් නෑඉසුරු..”“මේ ලෝකෙ අන්තිපැත්ත ගැහුවත් උඹ කෙලින් ඉන්නමිනිහා.. මට කියන්න බැරි දෙයක්ද රමියා..”“උඹට කියන්න බැරි දේවල් මං ළඟ නෑඉසුරු..”දිමුතුගෙ කතන්දරේ සෑහෙන පරිච්ඡේද ගානක් ඉසුරු දන්නවා. මං දිමුතුවෙනුවෙන් බැහැල වැඩ කරනව කියලත් ඌ දන්නවා. අවුරුදු තිහක් වෙන මේ ජීවිතේ වැදගැම්මකටඇති දෙයක් කරා නම් ඒ තමයි දිමුතු වෙනුවෙන් මං කරපු කියපු දේ. එහෙම නැත්නම් අපි හැමෝගෙමවගේ මේ රමියගෙත් ජීවිතේ නිදහසේ පාවෙලා ගියපු සරුංගලයක් වගේ වෙන්න තිබ්බා. ඕනෑමදඩබ්බර ක්‍රියාවක අන්තිමේදි මාව සන්සුන් වෙන්න එකම හේතුව තමයි දිමුතුගෙ අහිංසක මූණමතක් වෙන එක. මට මොනවහරි හානියක් උනොත් දිමුතුට කාත් කවුරුවත් නෑ කියල මංදැනන්හිටියා.“දිමුතුගෙ පපුවෙ හෝල් එකක්..”“මොකක්...”ඉසුරුගෙ ඇස් දෙක පොල් සයිට් එකට ලොකු උනා. මං කියපු දේ ඌට අදහගන්නබැරිවුණා කියලා මට තේරුණා.“ඔ.. ඔව්.. දිමුතුගෙ ජීවිතේ අදද හෙටද කියල කියන්නකාටවත් බෑ බං.. එයා ජීවත් වෙන්නෙ ජීවිතයයි මරණයයි අතරෙ එහාට මෙහාට වෙවී..”“ඔ.. ඔය ඇත්තමද රමියා..”“උඹට ඇයි මං බොරුවක් කියන්නෙ...”“විශ්වාස කරන්නත් බෑනෙ බං.. මේ.. මේ.. රෝස මලක් වගේලස්සනට ඉන්න කෙල්ල..”“ඔව් ඉසුරු.. එයාව පුලුවන් තරම් සංතෝසෙන් තියන්න මංට්‍රයි කරන්නෙ ඒකයි.. ඇත්තට මූණ දෙන එක කොයි තරම් අමාරු උනත් මෙච්චර කාලෙකට මං එහෙමකරල තිබ්බත්, දිමුතුගෙ දේ නම් මට දරාගන්න බැරිවෙයි..”“මට නම් තේරෙන්නෑ රමියා.. ජීවිතේ මේ තරම් කාලකන්නිදේවල් අහන්න ලැබෙන්නෙ ඇයි කියලා.. මොනව උනත්, ඒවා කොහොම උනත් උඹ නම් ග්‍රේට්පොරක්.. උඹ වගේ එකෙක් මගේ ළඟම යාලුවා වෙච්ච එක ගැන නම් මට සිරාවටම ආඩම්බරයි..”ඉසුරු ඒ ටික කිව්වෙ සිරාවටම කියල මං දැනගෙන හිටියා. ඒත් දිමුතුගෙ ඇත්තතත්වෙ දැනගත්තට පස්සෙ ඩිංගක් කතා කර කර තිබ්බ උගේ කතාව එහෙම්ම නතර උනා. හොස්පිට්ල්එකේ ඉඳලා ලේක්විව් රෝඩ් එක දිහාට කාර් එක දාලා ඉසුරු මගේ දිහා බැලුවා. මෙන්න මේතත්පරේට උගේ මූණෙ ප්‍රශ්න පත්තරයක්ම පිරිලා.“රමියා..”“ඇයි...”“ඇස් ඉස්සරහ පේන්න තියෙන දේවල් එක්ක කියන්න හිතන්ආපු දේවත් කියන්න බෑ බං..”“ඒක අවුලක් නෑ.. උඹට ඕන දේ කියපං.. දිමුතුගෙකතන්දරේට මං එතන ඉන්න ඕන නෑ..”“අද රෑට උඹෙන් සප් එකක් ඕන වෙනව..”ඉසුරුගෙ කටහඬ ටිකක් බර උනා. බර කරල කිව්ව වගේම ඒක බරපතල කතන්දරයක්.මොකද ඒ සප් එක ටිකක් අවුල් සහගත එකක් කියල කියන්න මං දැනගෙන හිටියා. හොරෙන් කපපුකොට ලෝඩ් එකක් හරි, කපල හොරෙන් ඉරපු ලී ලෝඩ් එකක් හරි, අවශ්‍ය තැනට දාගන්නකන්ඉසුරුට කාගෙ හරි දැවැන්ත සහයෝගයක් ඕන වෙන විත්තිය මං දැනගෙන හිටියා.“උඹ.. බුලත්සිංහලයට කිව්වද...”“නෑ..”“ඇයි ඒ...”“හෙට කේස් එක බුලතට කියල බෑ..”බුලතා නොහොත් බුලත්සිංහල කියල අපි කතා කරේ පොලීසියෙ අයි.පී.ට, මිනිහාඔය වගේ අන්ඩර් වර්ල්ඩ් වැඩ වලට පැනල සපෝර්ට් කරන්නෙ. ආදරේටද කියල ද ඇහුවෙ.. නෑ..මිනිහගෙ මාස දෙකක පඩි නඩි එකපාරටම අතට හම්බවෙනවනේ.. ඒකයි.“උඹ බුලතට කිව්වෙ නැති එක හොඳයි.. මට ඌව ෂුවර් නෑ..කොහොමටත් මම ගෑවෙන දේකදි ඌව අයින් කරන එක හොඳයි.. මතකනේ ගියපාර වෙච්ච දේ..”“හ්ම්..”ඉසුරු හූම් ගෑව විතරයි.. කලින් පාර ආයුර්වේද වැඩ කරන කෙනෙක්ගෙ වහලටගෙනාපු ලී ලෝඩ් එකක් අනූනමයෙන් බේරුනේ මේ රමිතයගෙ ටැලන්ට්ස් හින්දා. නැත්නම්ඉසුරුගෙ දිග එල්ෆ් ලොරියයි, ලී ලෝඩ් එකයි හිටපු මිනිස්සු දෙන්නයි කැත නැතුව උසාවියඇතුළෙ. කොයි තරම් සීක්‍රට් විදියට සිංදුව කිව්වත් කොහෙන් හරි වැඩේ ලීක් වෙලාතිබුණා.“රමියා.. මේ ගමන්ම අපේ ගෙදර යමුද...”“ඇයි...”“මං උඹට කලින් කිව්වෙ...”“මොකක්ද...”“නංගිගෙ කතන්දරේ..”ඔන්න එතකොට තමයි මට ඉමාෂිව මතක් උනේ. ඉසුරු උදේ පාන්දරම මගෙන් ඉල්ලපුදේ, වැඩි වැඩ කරන්න ගිහින් මේ කිරි පැණි වගේ තියෙන යාලුකමත් නැතිවේවිද මන්ද.“උඹ කියනව නම් මම එන්නං.. හැබැයි එතනින් එහාට වෙනඅතුරු ප්‍රතිඵල වලට මං වග නෑ..”“ඒ.. ඒ.. කිව්වෙ...”“හොඳ හිතින් කරන වැඩ වලින් අන්තිමට වෙන්නෙ කරකක්මනේබං..”“මෙතන එහෙම වෙන්නෑ බං.. මේ මගේ නංගි..”“එහෙම නම් යමං..”මං කියල කට ගන්නවත් එක්කම ඉසුරු කාර් එක හැරෙව්වා. ඒ හරවනකොට වම්පැත්තෙ ග්ලාස් එකෙන් දැකපු දෙයින් අපේ ගමන මඟ නතර වුණා. මං දැකපු දේ ඉසුරුත් දැකලතිබුණා.“අයිය නේද...”ඉසුරු මගෙන් ඇහුවා. අයිය නේන්නම්.. මගේ නේත්තරා දෙකට පේන්න බැරිහෝහපුටුවා. අපි ඉස්සරහින්ම ලැසි ගමනින් පාවෙන්න ගත්තා.“ඔව්.. ඌ තමයි.. ඒත් මේකා මොකද ලේක් වීව් එකේකරන්නෙ.. මං එද්දි මූ හිටියෙ ගෙදර.. උඹත් දැක්කනේ..”“සමීර උඹගෙ සහෝ උනාට මට උගේ ඩයල් එක දිරවන්නෑරමියා.. අපි යමුද...”“ඩිංගක් හිටපං.. මූනිකං ආවා වෙන්න භෑ.. අනිකමූට මේ පැත්තෙ කිසිම වැදගත් වැඩක් තියෙන්න බෑ.. මොකක් හරි කුණු ගොඩක්..”මං කාර් එකෙන් බැස්සා. අයියකාරයා මෙලෝ සිහියක් පතක් නැතුව වගේ ලේක්විව් එක ගාවින් පල්ලෙහා පාරට පැන්නා. මේකා මේ කොහෙද යන්නෙ.. මේ පාර කෙලින්මවැටෙන්නෙ කොරියාවට..“රමියා.. ඌකොරියාවට යන්නෙ..”කාර් එකෙන් බැහැල ඉසුරුත් මගේ ළඟට ආවා.“ඔව්.. අපි පස්සෙන් පන්නමු.. මූට කිසිම හේතුවක් නෑකොරියාවට බහින්න.. ෂුවර් එකටම ගඳ ගහන වැඩක් තමා.”කොරියාව කියල කිව්වෙ, ඒක ළඟ තියෙන එක පේලියට එක ගොඩේ හදාගෙන තිබ්බපැල්පත් තිහ හතලිහක ජීවත් වේචච මිනිස්සු ඉඳපු ගමකට. කොළඹ තියෙන මුඩුක්කු වලට වැඩියඩිංගක් හොඳ මට්ටමකට තිබ්බත් ඒකෙ කෙරුණ දේවල් වලට නම් සදාචාරයක් සෞභාග්‍යක් තිබ්බෙනෑ. කොටින්ම ටවුන් එකේ මොකක් හරි අපත වැඩක් සිද්ධ වුනොත් ඒකෙ වගකීම තනිකරමපොලීසියපැටෙව්වෙ කොරියාවට. ඉතිං එහෙව් පැත්තක මේ සීත සමීරයා පස් පාගනව කියන්නෙසෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්.“රමියා.. උඹ ඉඳපං.. මං ගිහින් බලන්නම්..”“ඇයි...”“උඹේ ඩයල් එක උංට පෙන්නන්න ඕන නෑ.. මං කොහොමටත් උංවදන්නවනේ.. උඹ කාර් එකට වෙලා ඉඳපං.. මං ෂේප් එකේ සමීර පස්සෙ එලවන්නම්..”ඉසුරු කිව්ව දේ කොහොමටත් හොඳයි කියල මට තේරුණා. සමීරයා මිස් වෙන්නකලින් ඉසුරු කොරියාව පැත්තට දුවල යද්දි මං කාර් එක ළඟට ආවා. ඒ එද්දිත් මගේ ඔලුවපුරවල තිබ්බෙ අයියකාරයගෙ කොරියා ආගමනය ගැන. මෙතන මොකක් හරි අවනඩුවක් තියෙනව කියලමගේ මොළේට විතරක් නෙමෙයි උන්ඩුක පුච්චෙටත් තේරෙනවා.“රමිත..”ඉසුරු ගිහිල්ලා විනාඩි තුන හතරයි ගියේ.. හොඳටම හුරු පුරුදු කටහඬක්ඇහුණා.“රිස්මියා...”“ඔයා මොකද රමිත මෙතන කරන්නෙ...”“මෙතන කිව්වෙ...”“කොරියාව ඉස්සරහ..”පොල් කුරුමිණියන්ගෙ ටෙලිෆෝන් කතාවෙනුයි මගේ හීන රාජයාගේ තොරනේවිස්තරෙනුයි පස්සෙ ඔන්න අද තමයි හා හාපුරා කියල මට රිස්මියා හම්බ වුණේ. ඒත් ඉතිං ඒහම්බ වෙච්ච වෙලාවත් බලපල්ලකො.. මහා අලුගුත්තේරු එපාකරපු අවස්ථාවක්නෙ.“කාර් එකේ ට්‍රබල් එකක් රිස්මියා..”හොඳට හිතල මතල මං උත්තරේ දුන්නා. නැත්නම් රිස්මියා මෙතන කොරනෙල්විභාගෙයි ශිෂ්‍යත්වෙයි දෙකම තියෙනවා.. ඉතිං රමියා දීපංකො උත්තර..“ගරාජ් එකක් බැලුවෙ නැද්ද...”“ඉසුරු ගියා බාසෙක් එක්කං එන්න..”“මෙතනම කැඩුණ එකනේ වැඩේ කියන්නෙ..”“ඒකනේ.. වෙලාව තමයි..”“ඒ.. ඒ.. කිව්වෙ...”“අඩුගානෙ ඔයාගෙ ගේ ඉස්සරහවත් කැඩුනා නම්..”මං කිව්වෙ රිස්මියගෙ මූණට හිනාවක් ගේන්න. ඒ සුදු මූණ ආපු වෙලාවෙ ඉඳලමැලවෙලයි තිබුණෙ. ඒත් මොන හිනාවක්ද අප්පා.. රාමසාන් සඳ තවත් මැලවුණා.“රමිත.. මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්නෝන..”හැමදේම පැත්තකින් තියල වගේ කෙල්ල එක පාරටම කිව්වා ඒ පාර රිස්මියාමොකාටද මේ එන්න හදන්නෙ... ඔන්න කලින්ම කිව්වා.. සීරියස්කතාවකට නම් ඔන්න පුතේ රමියාකලින්ම කැපෙනවා.. කසාඳ බැඳිලි හනිමූන් වගේ ඒවා නම්, මතක් කරන්නවත් එපා..හැරමිටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ.. හැබැයි කසාඳ බඳින්නෙ නැතුව.. ඕකයිරමියගෙ වර්තමානෙ සාරාංශය.“ඉතිං කියන්න..”මං රිස්මියාගෙ අතින් අල්ල ගත්තා. කෙල්ල එහෙට මෙහෙට ඇඹරෙද්දි මං ඒ රෝසපාට අත දිහා බැලුවා. රටාවකට අතේ ගාගෙන ඉඳපු මෙහෙන්දි වල ලා තැඹිලි පාට මගේ ඇස්නිලංකාර කෙරුවා.“රමිත..”“ම්..”කොරියාව ඉස්සරහ රිස්මියත් එක්ක මීට වැඩිය කලර්ස් දාන්න තිබ්බා වෙනවෙලාවක නම්.. ඒත් ඉතිං අග්නිදිග ආසියාතික රටාවල මහා කේලමා වන සමීරයා මේ ඉසව්වේමකරක් ගහන හන්දා මං කතාව හයිස්පීඩ් කරා. ඒ කියන්නෙ ම් සද්දෙ දාලා..“ඇ.. ඇයි රමිත.. ඔයා මට මෙහෙම වද දෙන්නෙ...”“වද දෙනවා...”රිස්මියාගෙ කදු ඉංගිරියො දෙන්නා වහගෙන ලොකු කඳුලු පටලයක් ඇස් ඉස්සරහටආවා. ඔක්කොම පැත්තකින් තියල කෙල්ල මෙතන ටැප් එක අරින්නද හදන්නෙ..“ඔව්.. රමිත ඔව්.. ඔයා මට වද දීලා.. නොමර මරනවා..”“මොනවද රිස්මියා ඔයා මේ කියවන්නෙ.. මං කවදද ඔයාට වදදුන්නෙ...”“හැමදාම.. හැමදාම.. අපි හම්බවෙච්ච හැමදාම.. ඇත්තටමරමිත.. මට හරි තීරණයක් දෙන්න.. මට.. මට මේක තවත් දිගට ගෙනියන්න බෑ..”මොකක්ද රමියා.. මේකි කියපු ඒ අසමජ්ජාතී කතාව. මං මේචචර දවසක් හිතන්හිටියෙ සිංහල කෙල්ලොන්ට වැඩිය මුස්ලිම් කෙල්ලො ලක්ෂ වාරයක් හොඳයි කියල. දැන්බලපුවාම උනුත් ඒ අච්චුවෙම තමයි.. කිසිදු වෙනසක් නෑ..“තීරණයක් කියන්නෙ මොකක්ද රිස්මි...”“ඔයා මාව බඳිනවද නැද්ද කියල..”මෙච්චර වෙලා මං අල්ලගෙන ඉදපු රිස්මියාගේ අත මට ඉබේම අතෑරුණා. මොනකොඩිවිනයක්ද මේ කඩන් පාත් වෙන්න යන්නෙ. මං දෙයියො බුදුන් සිහිකර ගත්තා.“බඳිනවද නැද්ද කියලා...”“ඔව්..”“ඒක කොහොමද මං කියන්නෙ... අනික අපිට තව කොච්චර කල්තියෙද...”“කොච්චර කල් හිටියත් ඔයා මාව බඳිනව නම් බඳින්නවෙනවනේ.. එහෙම නැත්නම් නෑ.. අඩුගානෙ මට ඒ දේවත් කියන්න.. ඔයා ගැන අහස උසටබලාපොරොත්තු තියාගෙන ඉඳලා අන්තිමට මට මගේ කියල කිසිම කෙනෙක් නැතිවෙයි.. හග්..හග්..”“මං ඔයාගෙ ජීවිතේ නැති කරන්නෙ නෑ.. මං මිනිස්සුන්ටජීවිතේ දෙනව මිසක.. ජීවිතේ අරගන්නෙ නෑ.. ඔයා ඒක හොඳටම දන්නවා..”“ඒ වෙන අයට.. මට නෙමෙයි..තවත් මෙහෙම ගියොත් මට අපේපැත්තෙ කවුරුවත්ම නැතිවෙයි..”රිස්මියා කොයි තරම් හොඳ වුණත් මනුස්සකමට පණ ඇරල හිටියත් එයාගෙ ඒකතාවටමට තද වුණා.“ඔයාට ගෙදර අය නැති වෙනව නම් ඒ අයට ඕන විදියට ඔයාඉන්න.. මේක මගේ නිදහස් ජීවතේ.. මං මගේ රටාවකට ගමනක් යන මිනිහෙක්.. ඒත් මං තාමබඳිනව වගේ මහා පරිමාණ තීරණයක් ගන්න මට්ටමක නෑ.. ඒකට තව කල් තියෙනවා..”“ආ.. ඇයි.. ඇයි.. රමිත ඔයා ඔය විදියට කතා කරන්නෙ... මංකොයි තරම් කාලයක් ඔයා වෙන්වෙන් බලන් හිටියද... ඇයි දැන් ඔයා මට මෙහෙම කතාකරන්නෙ... ඔයා හදන්නෙ මගේ පපුව පලන්නද... හග්.. හග්..”රිස්මියාගෙ ඇස් පුරවල කඳුළු මතුවුණා. තව ටිකකින් පීල්ලකින් වතුරවැක්කෙරනව වගේ හෝ ගාලා කම්මුල දිගේ ඕවා පල්ලෙහාට බහියි. බලන් ගියහම ගෑනු ආත්ම හැමඑකක්ම එක වගේ තමයි. අපි තමයි පාට පාඩ කණ්නාඩි දාලා උං දිහා බලල සංසාරෙ පුරාවටඇදගෙන නාන්නෙ.“මෙතන ටැප් එක අරින්න හදන්නෙපා රිස්මි.. ඔයා කොයිතරම් කාලයක් බලන් හිටියද කියන එකෙන් අදහස්කරන්නෙ වෙන කොල්ලෙක් එක්ක යාලු වෙන්නතිබ්බ චාන්ස් එක මිස් කරගත්තා කියනෙකද...”“සවුත්තු කතා කියන්නෙපා සමිත..”“සවුත්තු නෑ.. මං කිව්වෙ ඇත්ත.. හැබැයි දැන් උනත්ඔයා ප්‍රමාද නෑ..”රිස්මියා කොඩිවිනයක් වෙන්න කලින් මෙතනින් ගැළවෙන්න මං හිතාගත්තා.අවුල් සහගත වෙන දේවල් පස්සෙ හෙමීට බැලන්ස් කරගන්න පුලුවන් වෙයි. නැත්නත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයටඑල්ල කරපු ප්‍රහාරයට වැඩිය ප්‍රහාරයක් තමයි මට එල්ල වෙන්නෙ.“මගේ ප්‍රමාදෙ ගැන මට ප්‍රශ්නයක් නෑ රමිත.. අහම්බෙන්හරි ඔයාව හම්බවුණ මේ වෙලාවෙ මට හරි උත්තරයක් දෙන්න.. මං ඔයාගෙන් ඉල්ලන එකම දේඑච්චරයි..”මේක යකෝ අලි වනයක් උනානේ.. කොයි තරම් අසාධාරණ, අසමජ්ජාතී කතාදමෙව්වා.. කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි කොයි තරම් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්ද මේ බරපතලකතන්දර වලට යන්නැතුව. මේවා මේ හතර කේන්දරේ පාලු ඈයො කරන කතා බහ වගේනේ.“මට කියන්න දෙයක් නෑ රිස්මි..”මේ කෙල්ලො කියන ජාතිය නම්, ලෝකෙ තියෙන ලොකුම කලුගලේ ගහලවත් හදන්නපුලුවන් ජාතියක් නම් නෙමෙයි. කොයි වෙලාවෙත් හදන්නෙ, ආදරේ බිම දාගෙන වළඳන්නමයි.“එහෙම බෑ රමිත.. මට උත්තරයක් ඕන.. නැත්නම් මටහැමදාටම පසුතැවෙන්න වෙයි..”“මට උත්තරයක් දෙන්න බෑ රිස්මි.. ඔයා කැමති තීරණයක්ගන්න..”“ඔ.. ඔයාට මං මෙච්චර වෙලා කිව්වෙ නෑ.. මට ගෙදරින් ප්‍රපෝසල්එකක් ගෙනල්ලා.. අපේ රිලේෂන්ස්ල කට්ටියක්..”හොඳයි.. හොඳයි.. එහනෙම් ඒ තම්බපු බිත්තරෙත් එහෙමද... බලන් ගියාම ඔයාමොන තරම් චපලද කෙල්ලෙ.. බඩේ බිජු තියාගෙනනෙ ඔයා මෙච්චර වෙලා ධර්ම දූත පාට් ඇට් කරලතියෙන්නෙ.. මේ රමියත් කරටිය මුලින් අහුවුනා. මං හිත තද කරගත්තා.“ඔයාට හොඳයි කියල හිතෙන දෙයක් ඔයා කරන්න රිස්මි..මගේ තරහක් නෑ..”“එ.. එතකොට දෙයියනේ.. අපේ ආදරේ...”“ඒක ඔය කොහේ හරි තියෙයි..”රිස්මියාගෙ දුඹුරු ඇස් වලට ආයෙත් කඳුළු පිරීගෙන ආවා. මේ කතාව තවදුරටත්විකාශනේ කරන්න මගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ. කිසිම වෙළඳ දැන්වීමක් නැතුව මේක නිකම්මගලාගෙන යනකොට බලන එවුන් පවා කම්මුලේ අත තියා ගන්නවා. ඒක හින්දම ඉසුරු එන්න කලින්මේ කතාවෙ චැප්ටර් එක ක්ලෝස් කරන්න මං හිතාගත්තා. ඒත් මට කලින් රිස්මියා කතා කරා.“ම.. මට ඔයාව කවදාවත් අමතක කරන්න බෑ රමිත..”“මටත් එහෙමමයි..”“ඔයා ඔය බොරු කියන්නෙ.. ඔයා මාව ලේසියෙන්ම අමතක කරලදායි.. කමක් නෑ රමිත.. කමක් නෑ.. ඔයා වටේ ඉන්න අනිත් ගෑණු ළමයි එක්ක බලනකොට මගේකිසිම වටිනාකමක් නැතුව ඇති.. මගේ කිසිම ලස්සනක් නැතුව ඇති..”“ඔයා අද හුඟක් කතා කරනවා..”“ඔව් රමිත.. ඔව්.. ඒ අද අන්තිම දවස හන්ද.. මංතීරණයක් ගන්නවා.. ඒක අපි දෙන්නටම හොඳ වෙයි.. මං හින්ද ඔයාගෙ නිදහස් ජීවිතේටබාධාවක් කරගන්න ඒන නෑනෙ..”“ඔයා ගන්න ඕනම තීරණයකට මං සුභ පතනවා රිස්මි..”“ඔයාට එච්චරද රමිත කියන්න තියෙන්නෙ...”“ඔව්..”“එ.. එතකොට මං මෙච්චර දවසක් දුවල තියෙන්නෙ මිරිඟුවක්පස්සෙද දෙයියනේ.. හ්..ග්..ග්..”පීල්ලකින් වතුර වැක්කෙරෙනව වගේ රිස්මියාගෙ ඇස් වලින් කදුලු කඩාගෙනවැටෙද්දි මං බිම බලාගත්තා. ඇත්තටම මට කරන්න දෙයක් තිබුණෙ නෑ. මං කවදාවත් ඔයාව අමතකකරන්නෑ රත්තං.. මං ඔයාව බඳිනව කියලා බොරු පොරොන්දු රිස්මියාව සනසන්න මට හිතුණෙ නෑ.මගේ ජීවන සහකාරිය රිස්මියා නෙමෙයි කියල මගෙ හිත දැනන් හිටියා.“ඔයා මට මෙහෙම කරයි කියල මං කවදාවත් හිතුවෙ නෑරමිත.. කමක් නෑ.. ඔයා මට පිටුපෑවට මට ඔයාව කවදාවත් අමතක වෙන්නෑ.. මං ඔයාව අමතකකරන්නෙත් නෑ.. හග්.. හග්.. හග්..”රිස්මියා වැලහින්නක් වගෙ අඬාගෙනම දුවගෙන ගියා. කෙල්ලොන්ට වගේ ලෝකෙමටපේන්න අපිටත් පැලෙන්න අඬන්න පුලුවන් නම් කොයි තරම් හොඳයිද... ඒත් කොල්ලේක එළිපිටඇඬුවොත් එතන පෞරෂය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න වෙනව. ඒක හින්ද හැමෝටමහොරෙන් තමයි අඩන්න වෙන්නෙ. මොනව උනත් තමන්ගෙ දුකකදි අඬපු නැති කොල්ලෙක් මේ ලෝකෙඉන්නව ඇති කියල මම නම් හිතන්නෑ.. වැරදිලාවත් එහෙම එකෙක් හරි හිටියොත් ඌට මොකක් හරිනුහුගුණයක් කියලයි මට නම් හිතෙන්නෙ. රිස්මියා ඈත්වෙද්දිම ඉසුරු කලබලයෙන් වගේ මගේළඟට දුවගෙන ආවා.“අර.. තම්බි කෙල්ල නේද ඇවිත් ගියේ...”“ඔව්..”“මොකද ඒකි පස්ස පැත්තට පැට්‍රෝල් වක්කරපු බල්ල වගේ පණඑපා කියල දුවන්නෙ...”ඉසුරුවාගෙත් තියෙන්නෙ මහා අමන උපහැරණතමයි. මුස්ලිම් කුලකාන්තාවක් දුක වැඩිවෙලා ඔරේ රන් තියද්දි ඔයිට වැඩිය ලස්සන දෙයක් කියන්න තිබ්බෙමනැද්ද මංදා.“ආදරේ උහුලගන්න බැරිව..”“ඒකත් එහෙමද...”“එහෙම තමයි.. කෝ සමීරයා...”රිස්මියාගෙ විලාපය මෙතන දිග අරිනවට වැඩිය මට ඕන උනේ අර හෝ හපුටටමොකදඋනේ කියල දැනගන්න.“හිතපු නැති දෙයක් උනෙ රමියා..”“ඇයි...”“මට ඌව මිස් උනා..”“මොකක්... උම කියන්නෙ නම් කොහොමද... කොරියාවෙ හැමවැලි ඇටයක්ම දන්නව කියලා.. ඒත් දැන් කියනව උඹේ ඇස් වහල ඌ මාරු උනාලු..”“ඒක තමයි රමියා මේ කියන්න යන්නෙ.. මටත් මාර පුදුමයිවෙච්ච වැඩේට.. සමීර කොරියාවට බැස්ස විදියට නම් ඌ මටත් වැඩිය කොරියාවට එක්ස්පර්ට්කියල මට හිතුණා.”ඒක නම් කීයටවත් වෙන්න බෑහත්තිලව්වෙ.. ගඩා ගෙඩි කාලා කැලේහැදිච්ච, පාට දහ අටේ ඕස්ට්‍රේලියන් ගිරවා තමන්ය කියල හිතන් ඉන්න සමීරයට ඔය වගේකලර්ස් පාරක් දාන්න තරමෙ ගටක් ආවෙ කොහෙන්ද කියල මට හිතාගන්න බැරි උනේ.“උඹව දැකල අයියකාරයා අර කොරියාව මැද්දෙන් පැනල බහිනපත කුණු කානුවෙ බැස්සද දන්නෙත් නෑ..”“පිස්සු කියවන්නැතුව ඉඳපං රමියා.. ඌඅපි හිතනවටවඩා ගුරුකාස් ගේමක් දෙනවා.. ඒක තමයි තිත්ත ඇත්ත..”ඉසුරු කිව්වත් නැතත් අයියකාරයා ඉබාගාතෙ වගේ කොරියාවට පා තියද්දි මටත්ඒක හිතුණා. කමක් නෑ.. හැමදේම එක හීනෙන්මඑළි වෙන්නෑ කියනවනේ.. හීන දෙක තුනක් හරි නිදිමතේම බලලා අපි හරි උත්තරේ හොයාගමුකො.ඉමාෂිව හම්බවෙලා කතා කරන්න ඕනකමක් තිබ්බත් මං ඉසුරුට කියල අපේ ගෙදරළඟටම දාගත්තා. මට ඕන වුණේ අයියකාරයා බැහැප වල කොයිතරම් දිගද පළලද කියල දැනගන්න.අනික ඉසුරු ඉස්සරහදි ඉමාෂිත් එක්ක කතා කරන්න මගේ හිතේ ඒ තරම් කැමැත්තක් තිබ්බෙ නෑ.ඉසුරු ළඟදි ඉමාෂි කොහොමටත් විවෘත වෙන්නෙ නෑ කියල මං දැනගෙන හිටියා. ඒ නිසාම ඉමාෂිගෙකතන්දරේ හිතේ කොනකට දාලා මං ගෙට එබුණා. අයියකාරයට තාමත් එන්න වෙලාව මදි කියන්න මංදැනගෙන හිටියා.“පොඩි පුතා.. උදේට කාලත් නෙමෙයි නේද ගියේ... දැන්බලන්න වෙලාව කීයද කියලා..”අම්මගෙ ගෝරනාඩුව ඇහෙද්දි තමයි මට මතක් වුණේ හුටා මං තාමඋදේටකෑවෙ නෑ නේද කියල.“වැඩ වගයකට හිර වුණා අම්මා..”“වැඩ තමයි.. මං හොයාගන්නම්කො කොයි වෙලාවෙ හරි.. ඔයතරමට තියෙන වැඩ මොනවද කියල..”අම්ම කවදාවත් නැති විදියට මාත් එක්ක ඔරොප්පු වෙන්නද මංද හදන්නෙ.. ගෙටඑබුණු වෙලාවෙ ඉඳල නුහුරටමයි කතාව. එහෙම බැලුවොත් ඉතිං මේ වෙලාවෙ සමීරයත් නෑනෙ..හරි නම් මිනිහටත් බනින්න ඕනනෙ.“අම්මට ඉතිං මාව විශ්වාස නෑනෙ..”“ඔය මිනිහ කියන කිසිම දෙයක් විශ්වාස කරන්නෙපාඅම්මා..ඕවා පට්ට බොරු..”මං උඩ ගිහින් බිම වැටුණා. මෙන්න යකෝ අයියකාරයා ගේ ඇතුළෙ.. මේකා කොහොමදමේ තරම් ඉක්මනට ආවෙ.. මට මුකුත්ම හිතාගන්න බැරිවුණා. ඇයි හත්තිලව්වෙ.. අර වෙලාවෙමං දැක්කෙ මේකා කොරියාව පැත්තට යනව විතරනේ..“ලොකු පුතා ඔයා කටවහන්න..”“ඇයි අම්මා මට කට වහන්න කියන්නෙ.. මේ මිනිහා හින්දදවස අපි හැමෝම අමාරුවෙ වැටෙනව කියලා අම්මට ඩිංගක්වත් හිතෙන්නැද්ද...”අයියකාරයා වීර මද්දුම බණ්ඩාරටත් වැඩිය වීරකමකින් කතා කරන්න පටන්ගත්තා. බලපල්ලකො බං මූමුදුනා වෙච්ච හැටි.“සමීර මේ... තමුසෙ ඔය මගෙන් නැව් ගානට කන්නයිහදන්නෙ.. මගේ අයිය වෙලා ඉපදුනා නම් ඩිංගක් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා.. නැත්නම්අම්මගෙන් බීපු කිරි අවුරුදු තිහකට පස්සෙ මතක් වෙන්න අනිනව තේරුණාද... නාහෙන් කටින්පැණි වගේ ගලන්න..”ඔලුව පුරාම එකක් කරකැවෙද්දි මං අයියකාරයගෙන් ගේම ඉල්ලුවා. මූවිකාරයෙන් වගේ අම්ම ඉස්සරහ තව මොනව කියයිද දන්නෑ.“ත.. ත.. තමුසෙ මගේ මල්ලි කියල කියන්නත් මටලැජ්ජයි.. ෂ්හ්.. මොන කරුමෙකට මං තමුසෙල එක්ක එකට ජීවත් වෙන්න ඉපදුනාද මන්දා..”“ලොකු පුතා.. ඔය කතාව නවත්තනවද නැද්ද... ඔයා කියනවඒවා හොඳටම වැඩියි..”අම්මා කණ පුරෝල කම්මුල් පාරක් දෙනව වගේ හෙණ සද්දෙට එහෙම කියල අපිගාවින් යන්න ගියා. මං අයියකාරයා දිහා බැලුවා මිනිහගෙ මූන හොඳටම හතරැස් වෙලා. පව්අප්පා. මේ යකා නිතරම ඇදගෙන නාන්වා. ඒත් මට හිතාගන්න බැරි වුණ එකම දේ වුනේඅයියකාරයා කොහොමද මේ තරම් ඉක්මනට ගෙදර ආවෙ කියලා. මිනිහට ඒ වගේ සුපර් මෑන් කරනජාතියෙ වැඩක් කරන්න නම් මැරිලා ඉපදෙන්න ඕන ආයෙමත්. ඒ ඉපදෙනකොට මිනිහගෙ මේ හැමබඩකඩිත්තුවටම හොම්බ දාන ගතිය නැතිවෙලා තියෙන්න ඕන.“තමුසෙ කරන වැඩ මං දන්නෑ කියල හිතුවද...”අම්මා පේන්නැතිවෙලා යනකම් ඉඳලා මේකා ආයෙත් රණ්ඩුවටමයි කතාව. අනේඇත්තටම මූ වගේ කටු අනෝදා ගෙඩියක්. නිතරම බෙරි වෙන්නයි, ඇමිනෙන්නයි හදන්නෙ.“තමුසෙ දැනගත්තත් මං ඒක ප්‍රශ්නයක් කරගන්නෑ.. තමුසෙවගේ දෙකේ පංතියෙ එකෙක්ගෙ දැනීම ගැන මං කණගාටු වෙනවා..”කොරියාව පැත්තෙ කරක් ගැහුවෙ උඹට මොන සුහද ගින්දර දැනලද කියල අහන්න මගේකට උඩටම ආවත් මගේ කට හඬේ ආවේගය මමම පාලනය කරගත්තා. මුගෙයි කොරියාවයි අතරෙ තියෙන සහසම්බන්ධය අතටම අල්ලගෙන තමයි මේ රමියා පස්ස බලන්නෙ. ඊට පස්සෙ බැරියෑ මූට බඩ යනකල්හතර වටේටම නෙලන්න.හවස් වෙනකල්ම වගේ අයියකාරයා එළියට ආවෙ නෑ. ඒකත් හොඳයි. නැත්තං එහෙමදවසේ ඉතුරු ටිකත් මුස්පේන්තු වෙනව.“රමී.. මං උඹලගෙ ගෙදෙට්ට හැරෙන නැත පාර ළඟ ඉන්නෙ..”රෑ දහයාමාර විතර වගේ වෙද්දි මගේ මොබයිල් එකට ඉසුරුගෙන් කෝල් එකක් ආවා.ගෙදර කාටවත් නොදැනෙන්න මං ගෙදරිනුත් එලියට බැස්සා. මේවා කාවවත් දැනුවත් කරල යන්නපුළුවන් ගමන් නෙමෙයි. ලෝකෙටම හොරෙන් යනව මිසක.“කොහෙද බඩු ටික තියෙන්නෙ...”ජර්කින් එකේ ෂිපර් එක බෙල්ල ගාවටම ඇදල ගන්න ගමන් මං ඉසුරු දිහාබැලුවා.“මේ ළඟ තියෙන්නෙ.. කපපු තැන ඉඳලා ගඟ දිගේ මෙතෙන්ටමිනිස්සු දම්මල අද්දවලයි තියෙන්නෙ. මෙතන ඉඳල ආයුර්වේද කාරයගෙ ගෙදර ළඟට යන එකයිඅවුලකට තියෙන්නෙ..”රෑඑකොළහ වගේ වෙද්දි මං ඉසුරුගෙන් කාර් එක ඉල්ල ගත්තා. ඉසුරු ලීලෝඩ් එක පටවපු ලොරියෙ නැග්ගා.“රමියා.. ලේක්විව් රෝඩ් එක මගෑරල යමු..”“නෑ.. ලේක්විව් රෝඩ් එක ගාවින් කොරියාව පැත්තට හරවලඑතනින් යන තැනකට දාගහමු..”මගේ කතාවට විරුද්ධ වෙලා ඉසුරු කීයටවත් කතා කරන්නෙ නෑ. ඌ මේ වෙලාවෙගමනාගමනය පිළිබඳ මහාචාර්ය පට්ටම තනිකරම මගේ කර උඩින් තියලයි තියෙන්නෙ.ලී ලොරියයි මගෙයි අතරෙ පරතරය ටවුන් එක කිට්ටුවට එද්දි මං ටිකක් වැඩිකරගත්තා. වෙනදට නයිට් පෙට්‍රෝල් යන ට්‍රැෆික් සාජන්ල ටවුමෙ කරක් ගහනවද කියලබලාගන්නයි මට ඕනෑවුණේ. ඒත් පේනතෙක් මානෙක අවුල් සහගත කිසිම දෙයක් මං දැක්කෙනෑ. ඒක මගේ හිතට ගෙනාවෙ ලොකුම ප්‍රමාණයේ සැකයක්. පොලීසිය පාස් කරල හෙමින් සීරුවෙඉස්සරහට අද්දද්දි තමයි මං දැක්කෙ, නිවාඩු නිකේතන පාරට හැරෙන තැන ඉන්න ට්‍රැෆික් සාජන්ලහතර දෙනා. මං පටාස් ගාලා ඉසුරුට කෝල් එකක් ගත්තා.“ප්‍රශ්නයක්ද රමියා..”“ඔව්.. මෙතන ඉස්සරහ හතර දෙනෙක් ඉන්නවා.. උඹ ඔය ඉන්නතැනම අයින් කරල නවත්තගෙන ලයිට් ඕෆ් කරගනිං.. මං කියනකන් එන්නෙපා..”“අද නයිට් පෙට්‍රෝල් කවුරුවත් නෑ කියලනේ බුලතාකිව්වෙ..”“උගේ ආච්චිගෙ රෙද්ද.. උඹ එනව කියල දැනගෙනඌගානට ලෙඩේ අටවන්නයි සෙට් වෙලා තියෙන්නෙ..”“ම.. මට ඌව මරතැහැකි රමියා..”“ඔන්න ඉතිං.. උඹේ අර්ශස් අමාරුවට නම් බෙහෙත් නෑ..ඩිංගක් ඉවසල හිටපං.. මං මොනා හරි කරන්නං..”මොන හොර පාර දිගේ හොරෙන් ආවත් ලී ලෝඩ් එකත් අරගෙන අනිවාර්යනේම මෙතනින්යන්න වෙනව කියනෙක ඉසුරුයි මමයි දෙන්නම දැනගෙන හිටියා. ඒක අපි වගේම නීතිය, සාමයසුරකින පොලීසියෙ බාප්පලත් දැනගෙන හිටියා. ඒකනේ මේ පට්ට රෑ මෙලෝ වැඩක් නැතුව වගේමෙතෙන්ට වෙලා මදුරුවො තලන්නෙ. මං කාර් එක හෙමීට ඉස්සරහට ගත්තා. මට ඕන උනේ මෙතනරැකගෙන ඉන්න, පොලීසියෙ මහත්වරු කවුද කියල දැනගන්න. තවත් පරක්කු වුණොත් වැඩේගොඩදාගන්න බැරිවෙන තරමට අවුල් වෙනව කියල මං දැනගෙන හිටියා. ඉසුරු උනත් මේ වෙලාවෙමොලේ කල්පනා කරල වැඩ කරන්නෑ. ඌඕන නම් ලී ලෝඩ් එක පොලීසිය ඉස්සරහින්ම නවත්තලබුලතට හොදවයින් කනේ පාරක්දෙයි, හිතේ කේන්තිය යන්න. ඒත් ඉතිං එතනින් ඊට පස්සෙ වෙනදේවල් ගැන කවුද වග කියන්නෙ.. ඉසුරුවගෙ කොට බිස්නස් එකට සම්පූර්ණයෙන්ම ෆ්ල්ස්ටොප්තමයි.“රමියා.. තවත් පරක්කු වෙන්න බෑ.. අපි දැන් බාගයක්මඇවිල්ලයි ඉන්නෙ..”වෙලාව හෝ ගාලා ගෙවිල යන හන්දද කොහෙද ඉසුරු ආයෙත් මට කතා කරා.“ඉතිං...”“පොලීසියෙ බාප්පල මේ පැත්තට ආවොත් අතේ මාට්ටු.. මොනාහරි කරපං..”“මුං මෙතනින් යන පාටක් නෑ.. ඉසුරු.. තව ඩිංගක් ඉවසලබලපං.. මං උඹව කොහොම හරි මෙතනින් ගන්නවා..”“ඔය යක්කු ඉද්දි ඔතනින් යන්න හදන්නෙ උඹේ ඔලුව නරක්වෙලාද රමියා...”“උඹ කට වහන් ඉදපංකො.. මට තව විනාඩි දහයක් දියන්..”ෆෝන් එක කට් කරල මං කාර් එක ඉස්සරහට ගත්තා. ට්‍රැෆික් බ්‍රාන්ච් එකේහතර දෙනෙක් සෑහෙන්න ආතල් එකේ පාර අයිනෙ බයික් දෙකක් තියාගෙන වටපිට බල බල හිටියෙවාහන චෙක් කරන්නවත් බීල යන එවුන් අල්ලන්නවත් නෙමෙයි කියන්න මට හොඳටම තේරුණා. මංමුලින් හිතුව වගේම මේ රැකගෙන ඉන්නෙ ඉසුරුගෙ ලී ලෝඩ් එකට වැඩේ දෙන්න. ඒකෙ ආයෙහෝදන්න දෙයක් තිබුණෙ නෑ. හැබැයි පුතෝ මේක අහුවුණොත් නම් ඉසුරුට පට්ට පාඩුවක් තමයිවෙන්නෙ. ඒක දෙකක් නැතුව ලක්ෂපහත් පන්නනවා.පාර අයිනෙ රැකගෙන හිටපු ට්‍රැෆික් මහත්තරු පාස් කරන් යද්දි, කාර් එකදිහා සෑහෙන උවමනාවකින් එයාල බැලුවත් අතදාලා නැවැත්තුවෙ නම් නෑ. මේක ඉසුරුගෙ කාර්එක කියන්න මේ පලාතෙ පුංචි වැලි කැටයක් පවා දන්නවා. එහෙම එකේ පොලීසියෙ බාප්පලානොදැන ඉන්න විදියක් නෑනෙ. අනික දැන් කට්ටියට බුදු ෆිට් ඇති. කාර් එක ගියා නම්පිටිපස්සෙ ලී ලොරිය මං ගච්චනවා ඇති කියලා. ඔහොම බලන් ඉඳපල්ලකො. උඹලට වෙන දේ උඩඉන්න දොයියොවත් දන්නෙ නෑ. මං දෙන්නම් උඹලට ආතල් ලී ලෝඩ් එකක්.කාර් එක නිවාඩු නිකේතන පාරත් පහුකරගෙන ලේක් වීව් රෝඩ් එක පේන හරියටඅරන් ඇවිත් මං නතර කරා. ඊටප ස්සෙ කාර් එකෙන් බැහැල ළඟම තිබ්බ කොයින්ස් බොක්ස් එකළඟට ගියා. මං පහේ කාසි හතරක් දාලා ඩයල් කෙරුවෙ එස්.එස්.පී ගෙ මොබයිල් නම්බර් එකට.මගේ වමේග ඉසුරුගෙත් වෙලාව හොඳයි. එහා පැත්තෙන් ආන්සර් කෙරුවෙ එස්.එස්.පී..“හලෝ.. එස්.එස්.පී මංචනායක හියර්..”“සර්.. මං මේ ටවුමෙන් කතා කරන්නෙ..”“ඔව්.. මොකක්ද ප්‍රශ්නෙ...”“සර්.. ට‍්‍රැෆික් එකේ සාජන් මහත්තරු හතරදෙනෙක් පාරෙවාහන චෙක් කරනවා..”“ඔව්.. ඒක ඉතිං එයාලගෙ රාජකාරියනේ.. එහෙම නොකළොත්නෙප්‍රශ්නෙ තියෙන්නෙ..”“රාජකාරිය විත්තිය ඇත්ත සර්.. ඒත් එයාලා හොඳටම ඩ්‍රින්ක්එක දාලා ඉන්නෙ.. කෙලින් ඉන්නත් බෑ..”“මොකක්...”“ඔව් සර්.. මිනිස්සුන්ටත් මල වදයක් වෙලා.. පොලීසියෙනම තමයි මේකෙන් සවුත්තු වෙන්නෙ..”“කවුද මේ කතා කරන්නෙ...”“මං කවුද කියනෙක මෙතෙන්ට අදාල වෙන්නෑ සර්.. මං දැකපුදේ කිව්වා.. කතාව එච්චරයි..”“ඒකත් එහෙමද... ම්.. කවුද එතන හිටපු මහත්වරු...”එස්.එස්.පී ලොක්කා හදන්නෙ පොලීසියට කෝල් එකක් දීලා වැඩේ ඇත්තද කියලබලන්නයි. ඒක හන්ද මං අයි.පී. බුලත්සිංහලගෙයි ටවුමෙ හිටපු තව ට්‍රැෆික් සාජන්දෙන්නෙකුගෙයි නම් කිව්වා. දැන් කාලා වරෙන්කො.“සර් හොඳම වැඩේ තමයි.. ඒගොල්ලො බීලා ඉඳගෙන පාරෙ යනඅයට බැලුම් පුම්බන්න දෙන්න හදනවා..”“මං පුම්බන්නම්කො හොඳ බැලුමක්..”එස්.එස්.පී. ට යකා නැග්ගා කියල මට තේරුණා. ඔය තියෙන්නෙ. මේ රමියාවැඩක් කරොත් ඉතිං ආයෙ හෝදන්න දෙයක් නෑ. පෙට්ටියෙන් එකයි. දැන් බුලතට වෙන්නෙපිටිපස්සට බුලත් කොළයක් තියාගන්න. කෝල් එකෙන් පස්සෙ කාර් එක හරවගෙන මං ආයෙත්ඉස්සරහට ගත්තා. ඔන් වෙච්ච හෙඩ් ලයිට් දෙක කෙලින්ම යොමුවෙලා තිබ්බෙ ලේක්විව් රෝඩ්එකෙන් පල්ලෙහා පාරෙ කොරියාව පැත්තට. කොරියාවෙ ඉඳලා අඳුරු රූපයක් එකපාරටම මේන් රෝඩ්එකට එනව මං අහම්බෙන් වගේ දැක්කා. ඒත් මං ඒක ඒ තරම් ගනන් ගත්තෙ නැත්තෙ පට්ට රෑවෙලා.අඩිය ගහල පොලීසියෙන් කම්මුල් පාරකුත් කාලා කොරියාවට ඇවිදගෙන යන මුස්පේන්තුවො කීපදෙනෙක්ම ටවුන් එකේ හිටපු හින්දා. ඒත් යූ ටර්න් එකට කාර් එක හරවද්දි හෙඩ් ලයිට් දෙකපැත්තෙන් පැත්තට පාර අයිනෙ දිගටම වදිද්දි දැක්ක දෙයින් මං ගල් ගැහුණා.“දෙයියනේ... මේ අයියකාරයා නේද...”මගේ ඔලුවට ආවෙ මහා බරක්. අයියකාරයත් එක්ක මරාගත්තා උනාට මේ වගේ රෑකකට්ට තනියම මිනිහා කොරියාව පැත්තෙ ඉඳල එන එක ගැන මට ලොකු බයක් දැනුණා. ඒ කියන්නෙමේකගෙ මොකක් හරි සම්බන්ධයක් අනිවා කොරියාව එක්ක තියෙනවමයි. ඒ ගැන ආයෙ තව බලන්නහිතන්න දෙයක් නෑ.. ඕන දෙයක් වෙන්න අයියකාරයා පිටිපස්සෙ පන්නනවා කියල හිතාගෙන මංකාර් එක නතර කරද්දි මගේ මොබයිල් එක රින්ග් උනා.“රමියා.. මොකුත් ප්‍රශ්නයක්ද...”එහා පැත්තෙන් ඇහුණෙ ඉසුරුගෙ කටහඩ. දැන් ඉතිං දෙකෙන් එකක් තෝරගන්නවා.“මුකුත් නෑ.. ඔහොම ඉඳපං.. මං ඔතෙන්ට එනවා..”අයියකාරයට නටන්න තව චාන්ස් එකක් දෙනව කියලා හිතාගෙන මං ට්‍රැෆික්සාජන්ල හිටපු දිහාට කාර් එක අරන් ආවා. එක හීනෙන්ම එළිවෙන්නෙ නෑනෙ. ටයිම් එකක්තිබුණොත් උඹේ පස්සෙන් අද එළිවෙනකන් හරි මං පන්නන්නම්කො. අයි.පී බුලතයා හිටපු තැනටමං එනකොට එතන මැස්සෙක්වත් නෑ. ෂුවර් එකටම එස්.එස්.පී ලොක්කා මේ මහත්වරු හතර දෙනාටමපොලීසියට වාර්ථා කරන්න කියන්න ඇති. ඇයි ඉතිං මං දෙන එක දුන්නනේ ඉස්මුරුත්තාවෙන්නම. තව ටිකකින් මංචනායකකාරයා බුලතගෙ එහෙම කට ඉඹල බලයි. වැරදිලාවත් කරුමෙට හරිඌලාවට හරි හීනි අඩියක් හෙම ගහල හිටියොත් සොරිම තමයි. කරන්න දෙයක් නෑ අප්පා. ඒවාඅපේ වැරදි නෙමෙයි.“ඉසුරු වරෙන්.. අවුලක් නෑ..”“උං ගියාද රමියා..”“ගියේ නෑ.. මං උන්ව යැව්වා.. ඉක්මනට වරෙන්.. ලෝඩ් එකපටස් ගාලා බාන්නත් ඕන..”එතන ඉඳලා ඉතුරු ටික වෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. තවත් පැයක් විතරයද්දි කරන්න තියෙන හැම සෙල්ලමක්ම දාලා ස්ලලිත් අරගෙන එල්ෆ් එකත් ආරක්ෂා සහිතවපිටත් කරල දාලා මායි ඉසුරුයි ආයෙත් ටවුන් එකට ආවා. ඒ එද්දි තමයි මං ඉසුරුටපොලීසියෙ බාප්පලට දීපු ගේම ගැන කිව්වෙ.“උඹ නම් අදහන්න වටිනව රමී.. අම්මපල්ල අවුරුදුගානක්වත් හිතල හිතල හිතට එන්නැති මාස්ටර් ප්ලෑන් එකක් උඹ විනාඩියට දෙකට ගහලදැම්මා. කියල වැඩක් නෑ.. මේ උදව්ව කෝටියක් වටිනවා..”ඉසුරු උගේ සතුට බොක්කෙන්ම ප්‍රකාශ කලා. ඌ එහෙම තමයි, හිතේ එකයි, බඩේඑකයි තියාගෙන වැලපි වැලපී ඉන්නෙ නෑ.“ඒ ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑඉසුරු.. උඹටකියන්න තවත් වැඩක් වුණා.”මේ වෙච්ච වැඩේටයි කරපු වැඩේටයි වැඩිය තවත් වැඩේ මොකක්ද කියල අහන්න වගේඉසුරු මගේ මූණටම එබුණා.“මං දැන් අයියකාරයා දැක්කා..”“මොකක්...”“ඔව් බං.. මිනිහා කොරියාවෙ ඉඳල දුවගෙන වගේ ඇවිත්පටාස් ගාලා වාෂ්ප වුණා. උඹේ වැඩේ තිබ්බෙ නැත්නම් මං මිනිහගෙ පස්සෙන් පන්නනවා..”“ෂිහ්.. මාර අපරාදයක් රමියා.. මේකව දවාලෙත් මිස්උනානේ.. දැන් මොකද කරන්නෙ...”“ඌ ගැන වහාම හොයල බලන්න වෙනවා ඉසුරු.. මේකාරෑදනියෙල් දවල් මිගෙල් වගේ ගේමක් හැන්ඩ්ල් කරන්නෙ.. අම්මයි.. තාත්තයිහිතාගෙන ඉන්නෙ තමන්ගෙ ලොකු පුත්තරයා තමයි මේ සිරි ලංකාවෙ සීලාචාරකමට හැදිච්ච හොඳමකොලු ගැටයා කියලා.. උම වාහනේ හරවපංකොරියාව පැත්තට.. ඩිංගක් මූගැන හොයන එක ඇඟට ගුණයි..”මට කියල ඉවර කරන්න හම්බ වුණේ නෑ. ලේක් විව් රෝඩ් එක පැත්තට ඉසුරු කාර්එක හැරෙව්වා.“උඹඔහොම ඉඳපං.. මං ගිහින් එන්නං..”කාර් එකේ දොර ඇරලා මං බහින්න හැදුවා. ඒත් ඉසුරු මගේ දකුණු අතින්අල්ලගත්තා.“එපා රමියා..”“ඇයි...”“මේ වෙලාවෙ කොරියාවට බහින්න එපා.. වෙලාව හොඳ නෑ..”“හොඳ උනත් නරක උනත් කරන්න දෙයක් නෑ බං.. මේක මිස්උනොත් මිසින්ම තමයි..”“ඒක ඇත්ත.. ඒ උනාට, සමීරයා... කොරියාවෙන් ගොඩටආවනේ.. ඌදැන් ඔරේ රන් කරනව ඇත්තෙ ගෙදර පැත්ත බලාගෙන.. අපි කොරියාවඅනිත්පැත්ත ගහල හෙව්වත් උගේ එක මයිලක් හම්බවෙන්නෑ..”ඉසුරුගෙ කතාවත් ඇත්ත කියල මට හිතුණා. ඒකෙන් කියවෙන්නෙ සමීරයගෙ වෙලාවතාමත් හොඳයි කියන එක. කමක් නෑ.. ඔහොම යංකො.. දවල්ට කෑව කියන්නෙ මුලු දවසම බඩපිරෙන්න කෑව කියනෙක නෙමෙයිනෙ. තව රෑට එහෙමත් ගෙඩිය පිටින්ම ගිලින්න තියෙනවනේ.ඉසුරු, කාර් එක හෙමින් සීරුවෙ ඉස්සරහට ගනිද්දි මං ගෙදරට ඩිංගක්මෙහායින් බැස්සා. අයියා තාමත් ගෙදරට ඇවිල්ලද නැද්ද කියන ප්‍රශ්නෙ, වැට උඩයි මංහිටන් හිටියෙ. ආයෙ මොන හිටගෙන ඉඳිල්ලක්ද... කෙලින්ම උගේ කාමරේට හොම්බ දානවා මිසක්.මගේ කාමරේට ගේ ඇතුළෙන් වගේම එළියෙනුත් යන්න පුළුවන් විදියට දොරවල්දෙකක් තිබුණා. ඒ හන්ද රෑපානෙ ගමන් බිමන් පිළිබඳ මං මහාචාර්ය උපාධියක් පවාහිමි කරගෙනයි හිටියෙ. ඒක හන්දම ගෙදරට නෝන්ඩි නොවී, සැලකිය යුතු වැඩ කොටසක් මටකරගන්න පුළුවන් වෙලා තිබුනා.ඒත් අයියා හිටියෙ ගෙදර ඇතුළෙ කාමරේක. මිනිහා කොහේ හරි පට්ට රෑක යනවනම්, අනිවා ඉස්සරහ දොරෙන් නැත්නම්, කුස්සියේ දොරෙන් යන්න වෙලා තිබුණා. කොටින්මකියනව නම් ගෙදර කාටවත්ම වාතෙ නොවී මිනිහා කරලියට බහිනවා කියන්නෙ ගේමක්ම තමයි.අයියකාරයා කාලයක්ම මගේ කාමරේට අයිතිවාසිකම් ඉල්ලල හෙන ගේමක් දිදීහිටියෙ. මගේ කටේ බලේටයි අත් දෙකේ බලේටයි මිනිහා සරෙන්ඩර් වෙලා හිටියෙ. ඒත් දැන්සෑහනෙ කාලයක ඉඳලා මිනිහට ගෙදරින් එළියට පැනගන්න හෙණ උවමනාවක් තිබිලා තියෙනවා. මංහින්දා ඒක සෑහෙන දුරට බ්‍රේක් වෙලත් තියෙනවා. ඒත් දැන් පේන්න තියෙන දත්ත, තොරතුරුහතර වරිගෙම විශ්ලේෂණය කරල බලපුවම අයියා වහලෙන් හරි පැනල ගිහින් තියෙනවා. ඒකයිතිත්ත ඇත්ත.ගෙට ඇතුල් වෙච්ච ගමන්ම මං ගියේ අයියගෙ කාමරේ ළඟට. මං හිතුව වගේම කාමරේඇතුලු පැත්තෙන් අගුලු දාලා තිබ්බා. දැන් ඉතිං මිනිහා කාමරේ ඇතුළෙ ඉන්නවද නැද්දකියල බලන්න තියෙන්නෙ එකම ක්‍රමයයි. මං ආපහු ගෙයින් එළියට ඇවිත් අයියගෙ කාමරෙන්එළියට තිබ්බ ජනේල තුන ගාවට ආවා. ඒකෙන් මැද්දෙ ජනේලෙට අත තියන්නත් කලින් ඒ ජනේලෙඇරුනා. මොකක්ද යකෝ ඒ වෙච්ච වැඩේ. මේකා ජනේලෙ වහල නෑ නේද..කෝකටත් කියල මං ඉබේම ඇරුන ජනේලෙන් කාමරේ ඇතුලටම එබිලා බැලුවා. යාංතමටපැතිරිලා තිබ්බ හඳ එළියෙන් මං දැක්කෙ, කාමරේ ඇතුලෙ කිසිම ජීවී වස්තුවක්නෑකියලා.“මේ යකා ගෙදර නෑනෙ බං..”මං මටම කියාගත්තා. ඒකෙන් මේකෙන් කියවෙන්නෙ කොරියාවේ ඉඳල තියෙන්නෙඅයියම තමයි කියනෙක. තවත් ඉතිං ඒකෙ හොඳන්න දෙයක් නෑ. ඒත් ඉතිං මට තිබ්බ එකම ප්‍රශ්නෙජනේල තුනටම යස අගේට ග්‍රිල් ගහල තියෙද්දි මේ හාතවාරිය පැලේ කොහොම කාමරෙන් පැනගත්තදකියලා. කෝකටත් කියලා මං වතුර ටැංකිය නග්ගල තිබ්බ කොන්ක්‍රීට් බීම් එකට කලුවරේම ළංවුනා. දැන් අයිය මගේ ඇඟ උඩින් ගියත්, මිනිහට මාව පේන්නෑ.කන ගාවින් කූං කූං ගාලා මදුරු බාප්පලා තුන් හතර දෙනෙක් කරකැවෙද්දි මංඋංව පරලෝසැපත් කරන්නයි හැදුවෙ. ඒ එක්කම තමයි යාංතමට වේලිච්ච කොලයක් දෙකක් පෑගෙනසද්දයක් මට ඇහුණෙ. මමත් මගේ ළඟ තිබ්බ කොන්ක්‍රීට් බීම් එක වගේම ගල් තත්වෙටපත්වුණා. උඹලට කියන්න, මේ වගේ අවදානම්කාරී අවස්ථාවක හරි නම් හුස්ම ගන්නවත් හොඳ නෑ.මං හිතුව වගේම, ජනේලෙ ගාවට හොර පූසෙක් වගේ හෙමින් සීරුවෙ ආවෙ, මගේ එකකුස උපන් සහෝදර රත්නය. සමීර නොහොත් මගේ වචන වලින් කියනව නම් අයියකාරයා. මිනිහවදැක්කම මට පුදුමත් හිතුණා. මිනිහගෙ තිබ්බ අධික්‍රියාශීලී බව දැකලා. මේකා ගෙදරඉන්නෙ නම් පාන්පිටි තොග ගානෙ ගිලපු පුස් ඌරා වගේ. දැන් බලපල්ලකො මුගේ තියෙනකලර්ස්. පොළවටවත් දැනෙන්නෙ නැති වෙන්නයි ඇවිදින්නෙ. වටපිට බල බල පට්ට හොර ගෙඩියෙක්වගේ ජනේලෙ ළඟටම ආපු අයියා හති ඇරියා. දැන් බලමුකො මේකා කොහොමද කාමරේ ඇතුළටරිංගන්නෙ කියලා. මොකෝ මූග්‍රීල් එක කඩාගෙන ඇතුළට යන්නද... බලන් ඉන්නකොටමේකත් මරු අප්පා.. තමන්ගෙ ගෙදරට හොරෙක් වගේ බඩගාගෙන ඇවිත් වටපිට බල බල ගන්න ආතල්එක.තත්පර ගාණක් නිවාඩු පාඩවෙ ගෙවිල යන්න දීලා අයියා එයාගෙ කලිසම්සාක්කුවෙන් එළියට ගත්තු දේ දැකල මගේ හුස්මත් එක්ක හිර උනා වගේ. ඒක ටිකක් දිගඉස්කුරුප්පු නියනක්. මේකා ඒපාර මොකක්ද හත්තිලව්වෙ කරන්න හදන්නෙ. මට කිසිම දෙයක්හිතාගන්න බැරිවුණා. ඉස්කුරුප්පු නියනක් මොකටද, මේ පිස්සට කාමරේ ඇතුළට යන්න. මංඇරලා ඉවරවෙලා ආයෙත් වහල වගේ තිබ්බ ජනේලය අයියා හෙමින් සීරුවෙ ඇරලා ජනේලෙට අල්ලලතිබ්බ ග්‍රීල් එකට ඉස්කුරුප්පු නියන තියල තද කරා. ඔන්න එතකොට තමයි මට උපරිමේටමවැඩේ තේරුණේ. බලන් ගියාම මේ වගේ එකෙක් ලොවෙත් නෑ. ඇත්තටම මගේ හිතේ අයියා ගැන ඇඳලාතිබ්බ කුනු කන්දල් හෙණ තොගයක් දියවෙලා ගිහින් මාරම ගතියක් හිත උඩට ගලාගෙන ආවා.තමුන්නාන්සේ එහෙනම් මේ රමියගෙ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා කියලා කැත නැතුව ඔප්පු කරා.ඉස්කුරුප්පු නියනෙන් ජනේල ග්‍රීල් එකේ ඉස්කුරුප්පු ඇණ දෙක ගලවල ග්‍රිල් එකත් අතේතියාගනෙම අයියා කාමරේ ඇතුළට පැන්නා. පස්සෙග්‍රිල් එක ආයෙත් තිබ්බ වගේම එකට හේත්තු කරල ජනේලෙත් වහගත්තා. කොන්ක්‍රීට් බීම්එකට හේතත්තු වෙලා මං මේ අමරණිය දර්ශනේ බලන් හිටියෙ හුස්ම ගන්නත් අමතක වෙලා වගේ.අඩේ එහෙනම් සමීරයා කියන්නෙ මං හිතුවට වැඩිය ස්පෙෂලිස්ට් පොරක්නේ.දැන් ඉතිං මේ සමියට හොයාගන්න තියෙන්නෙ අයියා ඉහෙන් බහින රෝගයක් නැතුවඇඳගෙන යන මේ ඉන්ටර්නැෂනල් ගේම් එක මොකක්ද කියල. මේ තරම් අමාරුවෙන්, මේ තරම් ෆයිට්එකක් දීලා මේ රෑ ජාමෙ කොරියාව පැත්තෙ බඩගාන්නෙ ඇයිද කියල හොයල බලන්නම වෙනවා.
|
BLOG
|
2013.01.17
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5.. තනිකරම අඟහරුවාදා දවසක්..කොටින්ම මහාම මහ කුණු දවසක්.. වැඩිය ඕන්නෑ.. මල මිනීයක්වත් වළලන්නෙ නෑ.. එච්චරටමසනීප දවසක්.. කොටින්ම මුලු ලෝකවාසී සියලු සත්වයෝ පවා නාන්නැති දවසක්. පිස්සුදමංදා.. මම නම් අඟහරුවාදට තමයි දවසට දෙපාරක්ම නාන්නෙ. කොටින්ම මං ඉඳලා ඉඳලාරිස්මියාව හම්බවෙන්නෙත් අඟහරුවාදා.“රමී..”“ම්..”“මේ බලන්නකො..”“ඇයි...”“මගේ දිහා බලන්නකො..”රවුම් මේසෙ දෙපැත්තෙ මායි රස්මියයි වාඩිවෙලා හිටියෙ අතේ දුරින්. කූල්ඩ්‍රින්ක් එක දාලා තිබ්බ ස්ට්‍රෝ එකෙන් මං මේසෙ වැටිල තිබ්බ වතුර බිංදු එක්කසෙල්ලම් කර කර හිටියෙ.“රමී..”“ම්..”“ඔයාට මාව ඇහෙනවද...”අඬන්න වගේ මූණත් හදාගෙන පුංචි එකෙක් වගේ රිස්මියා අහද්දි මං ඔලුවඉස්සුවා. ඇඳගෙන හිටපු සල්වාර් එකේ ෂෝල් එකෙන් දිග කොණ්ඩෙ වහගෙන හිටපු රිස්මියාගෙඇස් මගේ දිහාට හැරවිලා තිබුණෙ නිල් තරු කැට දෙකක් වගෙයි. ඒ ලස්සන සුදු මූණ එහෙම්පිටින්ම අඳුරු වෙලා ගිහින් තිබුණා.“ඇයි කෙල්ලෙ...”“මොකක්ද රමී.. මේකෙ තේරුම...”“මොකක්ද...”“අපි දෙන්නගෙ මේ සම්බන්ධෙ..”“මම දන්නෑ..”“ඔ.. ඔයාට මාව එපාවෙලාද රමී...”“නෑ..”“එහෙනම්..”“මුකුත් ප්‍රශ්නයක් නෑ කෙල්ලෙ.. ඔයාට මොකද මේ වෙලාතියෙන්නෙ.. ඇයි මේ ආපු වෙලාවෙ ඉඳන් මූණ නරක් කරගෙන ඉන්නෙ...”“නරක් වෙන්නැද්ද රමී... ඔයා.. දැන් හුඟක් වෙනස්..”“ඒ ඔයාට පේන හැටි කෙල්ලෙ..”අද නම් කෙල්ල ඇවිල්ලා ඉන්නෙ මගෙන් මැරේජ් සර්ටිපිකේට් එකවත් අරගෙනයන්නද මංදා.. ඒ තරම් සීරියස්වනේ කතා කරන්නෙ.“ඔයා මොකක්ද රමී.. එදා අර කුරුමිණියෙක් ගැන කියලාමාව බය කරේ... ආ.. කතා කෙරුවෙ මං කියලවත් ඔයා අඳුනගත්තෙ නැද්ද... මට කොයි තරම් දුක හිතුනද කියල ඔයා ඩිංගක්වත් හිතුවෙනැද්ද...”ඔන්න දැන් තමයි තුරුම්පු එළියට එන්නෙ. ඉතිං රමියට වැඩේ ගොඩ දාගන්නයිතියෙන්නෙ.“සොරි බබා.. එතන ලොකු මිස් අස්ඩස්ටෑන්ඩ් එකක් උනා..”“මිස් අන්ඩස්ටෑන්ඩ් එකක්...”“ඔව්..”“මොකක්ද...”“අපේ වත්තෙ පොල් කඩන මිනිහ ඉන්නවනේ..”“කවුද...”“කිව්වට ඔයා දන්නෑ.. සමීර කියල කඩා ගෙඩි කකා හැදුනුකාලකණ්නියෙක්..”මං කියන්න ගියේ නෑ ඒ නමේ අයිතිකාරයා අයියා කියලා.“හා.. ඉතිං...”“පොල් කුරුමිණියො බෝ වෙලා කියල උගෙන් මාර කරදරේ..කෝල්ස් දහයක් දොලහක්ම ආවා.. ඇත්තටම ඔය අන්තිමහ පාර මං නම්බර් එකවත් නොබලයි කතාකරේ..”“අනේ.. ඒ උනාට මගේ කටහඬ අඳුනගන්න ඔයාට බැරිවෙන්නවිදියක් නෑනෙ රමිත..”“ඔයාට මං කියන දේ තේරෙන්නෑනෙ..”“තේරෙන්නෙ නැත්තෙ නෑ.. ඔයා මට ලොකු බොරුවක් කරන්නෙරමී.. අ.. අනේ.. ඉහ්.. ඉහ්.. ඇයි මට මෙහෙම කරන්නෙ.. මාව එපා නම් කෙලින්ම මටකියන්න.. මම ඔයාව බලන්න එන්නැතුව ඉන්නම්..”වැහි වලාකුලක් තිබිලා එක පාරටම ආකාසෙ කඩාගෙන වැටුණා වගේ මෙන්නරිස්මියා හෝ ගාලා අඬන්න පටන් ගත්තා. දැන් නම් මට මේ කෙල්ල ගැන පව් කියලත් හිතෙනවා.“අ.. අඩන්න එපා.. මිනිස්සුත් බලනවා..”“ක.. කමක් නෑ.. ඕන කෙනෙක් බලපුවාවෙ.. ඔ.. ඔයාමහිතන්න රමී.. ගෙදරට බොරු කීයක් කියලද මං ඔයාව හම්බවෙන්න එන්නෙ.. මේ වගේ තැනකඔයත්තෙක්ක ඉන්නව කියල ගෙදරට ආරංචි උනොත් මාව නොමරා මරයි.. ගෙදරට ආයෙ ගන්න එකකුත්නෑ.. මට ඔයාව නොදැක ඉන්නත් බෑ.. අනේ රමී.. මට මෙහෙම කරන්නෙපා..”“නෑ.. කෙල්ලෙ නෑ.. ඔයා හිතන විදියෙ දෙයක් මෙතන නෑ..මටත් ඔයාව නොදැක ඉන්න බැරි හන්දනෙ මෙහෙම එන්නෙ..”“ඒ උනාට.. ඒ උනාට.. මට ඔයාගෙ ලොකු වෙනසක් තේරෙනව..ඔයා මාව දාලා ගියොත් නම් රමී.. ඇත්තමයි මං මැරෙනවා..”“ඔය බලන්න ඉතිං.. මැරෙන්න තරම් දෙයක් උනේ නෑනෙකෙල්ලෙ.. මං මේ ඔයා ළඟ ඉන්නෙ..”“ඉහ්.. ඉහ්.. ඕන්නෑ.. ඕන්නෑ.. ම.. මං යනව යන්න..”රිස්මියා රවුම් මේසෙත් පෙරලගෙන නැගිට්ටා.. වටේ හිටපු මිනිස්සු චීනසර්කස් බලනව වගේ බලද්දි මං රිස්මියාගෙ අතින් අල්ල ගත්තා.“යන්න එපා බබා.. මගේ ආදරේ ඔයාට ඩිංගක්වත්තේරෙන්නැද්ද...”මට කියන්න හම්බවුණේ එච්චරයි.. මාව ගැස්සිලා ගියා වගේ ඇහැරුණා. ලාවටවගේ ඇස් පිහාටු දෙක ඉස්සෙද්දි තමයි වෙලා තියෙන දේ මට තේරුනේ.. මළ ගෙදර බූරු ගහලඅහුවුණ එකාටත් වැඩිය අසමජ්ජාති වැඩක්නෙ මට වෙලා තියෙන්නෙ. මෙච්චර වෙලා වර්තමානයෙකියල හිතාගෙන විකාශනේ අයිතිය මං දීලා තියේනනෙ මහා දැවැන්ත හීන රාජ්‍යයෙකුටනේ. මංතාමත් මේ ඉන්නෙ මගේ කාමරේ ඇඳ උඩ පතබරියන් වෙලානේ.හැබැයි ඉතිං මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්මෙ ලාවට ඇරිච්ච ඇස්පිහාටු යටින් දිලිසි දිලිසි ඉන්න රූපෙ දැක්කම. හීන රාජයා දකිද්දි මගෙන් කියවෙච්චිදෙබස් කාන්ඩවලටද කොහෙද ඉතා හොඳ ඕනෑකමකින් ඇහුම්කන් දෙන්න, කන අංශක තුන්සිය හැටක්විතර මේ පැත්තට හරවන් ඉන්න අයියකාරයව දකිද්දි ඇතිවෙලා තියෙන තත්වෙ බරපතලකම මට තේරුණා.මේකා මගේ හීනෙ දෙබස් ටික එක්කහු කරලා දිනපතා උදේට උදේට කැලෑපත්තරයක්වත් ගහන්න බැරි නෑ.. ඒ ජාතියෙ බඩ්ඩ.. මිනිහටත් ඕනෙ මගේ පොල් කෙන්දක් හරි අල්ලගන්නනේ.. ඒත් මේ රමියා ඌට පස්සෙඉපදුනාට ඌට කලින් තමා තැනකට ආවෙ. මං එක සිතින් ආයෙත් ඇස් දෙක තද කරලම පියාගත්තා. ඒමගේ හීනෙ තව දුරටත් ටෙලි කාස්ට් කරන්න. ඕවට තමා විද්වත්තු කියන්නෙ, ස්ථානෝචිතඅහවල් එක කියල.“ෂහ්.. කෑවා.. කෑවා.. කට්.. කට්.. ඇයි අයිසෙතේරෙන්නෙ නැද්ද ආදරේ කරනකොට ඒ සීන් එකේදි මූන ටිකක් පෙම් පාටට තියෙන්න ඕන කියලා..අනික මං ඔච්චර වො කියපු දෙබස් ටිකවත් තමුසෙට බෑනෙ.. දැන් බලනවා.. මේක ආයෙත්අලුතින් ගන්න ඕන.. තමුසෙලත් එක්ක මේක කරන්න බෑ..”මං දෙබස් ටික වෙන එකෙක්ගෙ ඇගේ ගැහුවා. ලාවට වගේ ඇස් ඇරල බලද්දි මෙන්නඅයියකාරයා ඉන්නවා ලාවලු කාපු රිලව වගේ.. ඌට අදහගන්නත් බෑ මේ වෙච්ච වැඩේ.“ෂිහ්.. මේ නාට්ටිය නම් මෙහෙම කරන්න බෑ.. නිදාගන්නගියත් මේකෙ දෙබස් කියවෙනවා.. මල කරදරේ.. මේ ලෝකෙ නිදහසක් නෑනෙ..”කියාගෙන මං ඇඳෙන් බැස්සා. මූණෙ ලේ කඳුළක්වත් නැතිව අයියකාරයා ඇඳ ගාවමඋඩ බිම බැලුවා.“ආ.. තමුසෙ මොකද මගේ කාමරේ...”දෙකක් නෑ.. මං වලියටමයි ඇහුවෙ. මේකා ඕපදූප සංගමයක මහා භාන්ඩාගාරිකවත්දමංදා.. අනුන්ගෙ ඇටිකෙහෙල් ගිලින එකමයි වැඩේ.“ඇයි මට මේකෙ ඉන්න බැරිද...”“බෑ..”“ඇයි...”“තමුසෙට කියලා ලියාපදිංචි කාමරයක් මේ ගෙදරතියෙනවනේ..”“එතකොට කවුද ඔය කෙල්ලෙක් එක්ක හීනෙන් කතා කෙරුවෙ...”මං හිතුවා හරි.. මූ අහගෙන ඉඳලා.. ගස් ඌරා.. මූට නම් හිටෝල පස් ගැහුවත්මදි.“හීනෙන්...”“ඔව්.. හීනෙන් තමා..”“තමුසෙට පිස්සුද.. එහෙමත් නැත්තං පිස්සෙක් එක්ක කතාකරන මට පිස්සුද... ඇයි මනුස්සයො.. මං අපේ ඩ්‍රාමා එකේ රිහසල් තනියම කර කරනෙහිටියෙ..”“ඩ්‍රාමා එකේ...”“ඔව්.. ඇයි තමුසෙට නිකං කිචි කිචි වගේද...”“මට ඇති කිචියක් නෑ.. තමුසෙට කවුද හලෝ නාට්ටිදෙන්නෙ.. තමුසෙ රඟපාන්න දන්නවද...”“ඇයි.. අපි රඟපෑවොත් රැඟෙන්නෙ නැද්ද... නිකං උදේපාන්දරම මස්ත බාල්දු නොකර යනව හලෝ ආපු අතක් බලාගෙන.. මුස්පේන්තුවා..”“මොකක්ද තමුසෙ කිව්වෙ...”“මුස්පේන්තුවා..”“මුස්පේන්තුවා කියන්නෙ මොකාටද...”“මුස්පේන්තුවා කියන්නෙ ගුරුලේන්තුවගෙ අයියට.. ඕවාඉස්කෝලෙ දෙකේ පන්තියෙදි උගන්වන්නෙ.. තමුසෙ ඉස්කෝලෙ නොගියට මට කරන්න දෙයක් නෑ..”මං අයියව කපල දැම්මා. උගේ මූණ කරත්ත රෝදෙට අහුවෙච්ච බෙලෙක්කෙ වගේ උනා.අනේ සංසාරේ.. ඌත් ඇදගෙන නාන්න මගේ ළඟටම එනවනේ..බාගෙට නින්ද ගිහිල්ල වගේ හිටපු මං උඩ ගිහින් බිම වැටුණෙ මොබයිල් එකේසද්දෙට. නිදිමතේම මං ෆෝන් එක අතට ගත්තා.“රමිත මහත්තයා..”එහා පැත්තෙන් ඇහුනෙ අනාථ නිසාවෙ බාරව ඉන්න පල්ලියෙ ෆාදර්ගෙ කටහඬ. මගේනිදිමත කොහේ ගියාද දන්නෑ. හදිස්සියක් නෙමෙයි නම් ෆාදර් මට කරදර කරන්නෑකියන්නඅත්දැකීමෙන් මං දන්නවා.“ඇ.. ඇයි ෆාදර්...”“දිමුතු ආයෙත් අසනීප වුණා..”මගේ හිත හිරි වැටිල ගියා. දෙවියනේ.. මේ කැත දෛවයේ පහරදීම මේ අන්ත අසරණහිඟන පැටවුන්ටම ඇයි සිද්ධ කරවන්නෙ...“මං දැන්ම එනව ෆාදර්..”තවත් වචනයක්වත් ෆාදර්ට කියන්න නොදීමං මොබයිල් එක සාක්කුවටදාගත්තා. අනාථ ළමයි ඉන්න ගොඩනැගිල්ලට අපේ ගෙදර ඉඳන් ඒ තරම්ම දුරක් නැති උනත් මගේකාමරේ ඉඳල අපේ ගෙදර ඉස්සරහ දොර ළඟට තියෙන දුරක් මහා ලොකු දුරක් හැටියටයි මට ඒවෙලාවෙ පෙණුනෙ.සාලෙට එනකොට අම්මයි තාත්තයි ලොකු කතාවක පටලැවිලා ඉන්න හැටි මං දැක්කා.මං ෂේප් එකේ ගමන බාල කරා.“පොඩි පුතා කොහේ හරි යන්නද...”“ඔව් තාත්තා.. මං ඩිංගක් මේ ළඟට ගිහින් එන්න කියල..”“මොන ළඟටද තාත්තා.. ඔය මිනිහා ඔය යන්නෙ අර කැලෑපාලුවව හම්බවෙන්න.. බලන්නකො දවසක අපි හැමෝටම යකඩ කූරු ගණන් කරන්න වෙන හැටි..කොහොමටත් ඔය කැලෑ පාලුවන්ගෙන් මෙයාටත් සංතෝසම් හම්බවෙනව ඇති..”හප්පොච්චියේ මේ වහුකුණත් ගේ ඇතුළෙඳ... බලන් ගියාම මුගේ කන් දෙක තරම් අධිසංවේදී උපකරණයක් මේ තුන් ලෝකෙ කොහේවත්නැතුව ඇති.“ඒ සංතෝසම ගැන තමුසෙගෙ හිතට අමාරුද...”අම්මයි තාත්තයි දෙන්නම ඉස්සරහ මං අයියකාරයගෙන් ගේම ඉල්ලුවා. මිනිහාමහා තුප්පහි හිනාවක් දාගෙන ආයෙමත් කාමරේට රිංගද්දි අම්මයි, තාත්තයි මූණින් මූණබලාගත්තා.හව්හරණක් නැති අනාථළමයින්ගෙ දුප්පත් ගොඩනැගිල්ල ළඟ ෆාදර් හිටගෙනහිටියෙ අන්ත අසරණ වෙලා. දැන් මෙතනින් එහාට මොනව කරන්නද කියල හිතාගන්න බැරිව වගේ.“ඇයි ෆාදර්...”“ඔයා ආපු එක නම් කොයි තරම් දෙයක්ද රමිත මහත්තයා.. මටමෙතන දාලා යන්න විදියක් නෑනෙ..”“කෝ දැන් දිමුතු...”“හොස්පිට්ල් එක්කන් ගියා..”“හුඟක් අමාරුද ෆාදර්...”“හ්ම්.. කලින් වතාවට වැඩිය බරපතලයි වගේ..”ෆාදර්ගෙ කතාවට මගේ පපුව දාලා ගියා. දිමුතු කියල කියන්නෙ රෝස මලක් වගේ ලස්සනපුංචි කෙල්ලෙක්. ඒකි හරිම අහිංසකයි. වයස ඕන්නම් වැඩිම උනොත් අවුරුදු 9ක් 10ක් විතරඇති. දෙමව්පියො දාලා ගියපු පව්කාරකමත් එක්කම එයාට තවත් ලොකු අවාසනාවක් තිබුණා. ඒතමයි එයාගෙ හදවතේ තිබුණ හෝල් එක. ජීවිතේ කොයි වෙලාවෙද කියල කියන්න බැරි තරමෙඅනතුරුදායක මට්ටමක එයා හිටියෙ.“මං හොස්පිට්ල් එකට ගිහින් බලන්නම් ෆාදර්.. සමහර විටතාම එයාට ඇඳක්වත් හම්බවෙලා නැතුව ඇති...”“ඒක තමයි මටත් බය..”“ෆාදර්.. ඔයා මේ ගැන අනාථ නිවාසෙ හෝල්ඩර්ස්ලට දැනුම්දෙන්න.. නැත්තං අන්තිමට ප්‍රශ්නයක් එන්න පුළුවන්.. දන්නවනේ ඉන්න කට්ටියගෙ හැටි..”“ම.. මට ඔයා තරම් කාවවත් විශ්වාස නෑ රමිත මහත්තයා..”“මේ වෙලාවෙ ඔය කතාව හරියන්නෑ ෆාදර්.. සමහර වෙලාවටදිමුතුට ඔපරේෂන් එකක් කරන්න උනොත්...”ෆාදර්ගෙ මූණ සුදුමැලි වෙද්දි මං බයික් එකට නැග්ගා. එතන ඉඳලාහොස්පිට්ල් එකට එනකල්ම මගේ හිතේ තිබුණෙ දිමුතුගෙ අහිංසක මූණ විතරයි. ගේට් එකේ ඉඳපුසිකියුරිටි අඳුනන හන්දා හොස්පිට්ල් එකට ඇතුල් වුණත් දිමුතු දාා හිටපු වෝඩ් එකටයන්න මට බැරිවුණා. ඒ මගේ ඉස්සරහට ඇවිත් බර බරයක් දාපු නයිටින්ගේල් කෙනෙක් හින්දා.“කොහෙද මේ යන්නෙ...”ඇස් දෙකෙන් මාව මට්ටු කරන්න වගේ නර්ස් නෝනා මගෙන් අහනවා. හැබැයිඅපරාදෙ කියන්න බෑ සීදේවි මූණු පොඩ්ඩ. දැක්කත් හිතයි, බඩයි දෙකම පිරෙනවා. අනිකයුනිෆෝම් එකට මාර අමුතු ලුක්ක එකක් එයාගෙ තිබුණෙ. වෙන මුකුත් ඕන්නෑ.. වඩාගෙනඉඹින්න හිතෙනවා.“කොහේ යනව වගේද පේන්නෙ...”මාත් තැනකට එන්න ඕනනේ.. ඒක හින්දා අතාරින්නෙ නැතුවම වැඩේ පටන් ගත්තා.“කොහේ යනවද කියල දන්නැති හින්ද තමයි ඇහුවෙ..”හප්පේ.. කට නම් කතුර වගේ.. ඕන පැත්තකට කැත නැතුව හරවනවා.“මං හිතුව දන්නව ඇති කියලා..”“මිස්ටර් මේ.. මේක හොස්පිට්ල් එකක්..”“ඇත්තද... මං හිතුවෙ මැනිං මාර්කට් එකක් කියලා..”නයිට්ංගේල්ගෙ සුදු මූණ හතරැස් වුණා. කෙල්ල හැදුවෙ කටින් ගහල මාව බයකරන්න. හූ.. හූ.. අපි බයවෙයි ඕවට.“ඔයාට තේරෙන්නෙ නැද්ද... මේ වෙලාවෙ ඇතුළට යන්න දෙන්නබෑ..”“ඇයි...”“ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි..”ඒකත් එහෙමද... ඒත් නයිටින්ගේල් කෙල්ලේ.. මේ රමියා ලේසියෙන් පස්ස පැත්තබලා පහු බහින ජාතියෙ කොල්ලෙක් නෙමෙයි.. අඬු පඬු කැඩුණත් ඉදිරිපස බලාම තමයි.“ඔයාට මාව පේන්නෙ ලෙඩ්ඩු බලන්න ආපු කෙනෙක්විදියටද...”“නෑ..”“එහෙනම්..”“ලෙඩෙක් විදියට..”නයිටින්ගේල්ගෙ මූණෙන් අපූරු හිනාවක් එළියට පැන්නා. නෙලාගන්න ආස හිතෙනතරමෙ ඔය ලස්සන හිනාව කොහෙද අප්පච්චියේ මෙච්චර වෙලා හංගන් හිටියෙ. වැඩිය ඕන්නෑ..කෙල්ල ඒක කියපු තාලෙට මටත් බකස්ගාලා හිනාවක් ගියා. ඔය තියෙන්නෙ රමියා. දැන් ඉතිංවැඩෙත් බාගයක්ම ගොඩනේ.ඕව මේව මොන දේ කියල හරි මට ඕන වුණේ වෝඩ් එක ඇතුළට යන්න. ගිහින් අරඅහිංසක කෙල්ලට මොකද උනේ කියල බලන්න. ඒත් ඉතිං, ඔක්කොටම කලින් මේක සීතල කරගන්න ඕනි.“ඔයාව දැක්කම නම් ඕන කෙනෙක් ලෙඩ වෙනව බබා..”මං ඒ අන්තිම ටික කිව්වෙ රහසින් වගේ. නයිටිංගේල් කේලලගෙ මූණ බලන්ඉද්දිම රෝස පාට වුණා. ඒ කියන්නෙ මේ චූඩා මාණික්‍යයට ලැජ්ජාවක් කියල දේකුත්තියෙනවනේ.“මීට කලින් නම් මාව දැකල කවුරුවත්ම ලෙඩ උනේ නෑ..”“ඒක තමා මාත් කියන්නෙ.. ඔය සුදු මූණ බලලා ලෙඩ වෙන්නමාත් මෙතෙන්ටම ආවනේ.. නේද...”“ගෑණු ළමයින්ව මුරුංගා අතුවල තියන්න දන්නෙම නෑනේද...”“මුරුංගා අතුවල තියන්නෙ ඇයි බබා.. වඩාගන්න පුලුවන්කමතියෙද්දි..”කෙල්ලගෙ මූණ රෝස පාටින් රතු පාටට හැරුණා. ඒ ඇස් දෙකත් බලන් ඉද්දිමදිලිසෙන්න ගත්තා. ඔහොම යං රමී.. ඔහොම යං.. ව ටිකකින් උඹ වෝඩ් එක ඇතුළෙ.“මේක නම් කටක් නෙමෙයි.. දැක්කෙත් අදමයි..”“මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි..”“ඒ ටිකමයි කියන්නෙ මීට කලින් හොස්පිට්ල් එකට ආවද...”“ආවද කියල අහන්නෙ, ඔයා මීට කලින් මං එනකල් මඟ බලන්හිටියද...”මේ නයිටිංගේල් කෙල්ලත් එක්ක නම්, කතා කරන්න කරන්න ආස හිතෙනවා. මටත්මොනව වෙලාද මංදා. ඉසුරුවා නම් නිතරම කියන්නෙ උඹට නම් රමීලස්සන කෙල්ලෙක්පේන්න බෑකියල. බලන් ගියාම ඒ කතාවෙ ඇති ව්‍යාකරණ දෝසෙකුත් නෑ. මොන හේතුවකටදමංදා ලස්සන කෙල්ලෙක් දැක්කහම මඒ කෙල්ල කාට අයිති වුණත් මට නිකං ඉන්න හිතෙන්නෑ.ඩිංගක් හරි ඔලුව දාන්න තමයි මගේ ඇඟපත කියන්නෙ.“ආ..පෝ.. බලන් ඉන්න වැඩේමයි.. මෙයාගෙ හැටියට නම්ගෑණු ළමයි එක්ක කතා කරල හොඳ පලපුරුද්දක් තියෙනව වගේ..”“ඇයි මං විතරක්.. බලන් ගියාම ඔයත් එහෙමනේ.. මෙච්චරවෙලා මගෙත් එක්ක කතා කරේ මාව කලින් අඳුනගෙනද.. නෑනෙ..”කෙල්ලගෙ මූණ ඩිංගක් විතර අවුල් වුණා. ඒත් මේ මූණෙ සිරියාව නම් ඩිංගක්වත් අඩු වුණේ නෑ.“ඉතිං.. ඔයා මට කිව්වෙ නෑනෙ.. ඇයි මේ අවේලාවෙ ආවෙකියලා...”අන්න.. අන්න.. නයිටිංගේල් කෙල්ල ට්‍රැක් එකෙන් පැන්නා. මොනව උනත් ඒකත්හොඳයි. ඒ පැනපු ට්‍රැක් එකත් මට ඕනම කරන එකක්. මං එතෙන්ට එන්න කලින් කෙල්ලම එතනටආපු එකනේ වැඩේ කියන්නෙ.“ඇත්තටම මං ආවෙ කෙනෙක්ව බලන්න. මොකද මං බලන්න ආපුකෙනාට මේ වෙලාවෙ මගේ උධව් හොඳටම ඕන කරනවා.”“ඔයාව කොහොමද මං ඇතුළට දාන්නෙ... මේ වෙලාවෙඩොක්ටර්ස්ල වෝඩ් රවුන්ඩ් යන වෙලාව..”“කොහොම හරි දාන්න බබා..”“දෙයියනේ.. ඔහොම කතා කරන්නෙපා.. කාට හරි ඇහුණොත්වැරදියට හිතයි..”කෙල්ලගෙ රතුපාට වෙච්ච මූණ මැදට අපූරු හිනාවක් ආවා. ඒක නම් මේ මේ..නිකං හිනාවක් නම් නෙමෙයි.. පෙම් පාට, පැණි ගලන හිනාවක්.. ඔව්.. ඔව්.. ඒක නම් රමියට ඕන තැනක දිව්රල කියන්නපුළුවන්.“කවුරු හිතුවත් කමක් නෑ.. ඔයා එහෙම හිතන්නෙ නෑනෙ..නේද...”නයිටිංගේල් කේලල එකපාරටම මගේ දිහාට විදුලි කොටනව වගේ බැල්මක් හෙලුවා.මාව නිකං සීතල වෙලා යන්න. ඇත්තමයි මේ ඇස් දෙක නම් ගලවගෙන යන්න හිතයි. ප්ලෑෂර්දෙකක් වගේ ජීවිතේට උඩින් හයි කරල තියාගන්න, මේ සංසාර මගම එළි පෙහෙළි වෙන්න.“කෝ එන්න..”සුන්දරීඒ පාර කෙලින්ම වැඩේට බැස්සා. ඔය තියෙන්නෙ කෑවයි.. ඔන්නඔහොමනේ රත්තරනෙ ඉන්න ඕන.“ඔය අයින දිගේ ගියහම කොරිඩෝ එකක් හම්බ වෙයි. එතනින්වමට ටිකක් දුර ගිහින් ආයෙත් වමට හැරුනම දාහතයි දහ අටයි වෝඩ් දෙක හම්බවෙයි..”පිස්සු හැදෙනවා.. ගස්වැල් වේලෙනවා.. මල් පරවෙනවා.. මං අහල තියෙනවිදියට නම් දාහත, දහඅට වෝඩ් දෙකම පිරිමි පේෂන්ට්ල ඉන්න වාට්ටු. කෙල්ල හිතන් ඉන්නෙමං පිරිමි පක්ෂෙ මනුස්සයෙක් බලන්න ආව කියලා.“ඒවා පිරිමි වාට්ටු..”“ඉතිං...”“මට ඕන ගෑණු වාට්ටුවකට යන්න..”“දෙ..යි..ය..නේ..”නයිටින්ගේල් කෙල්ලගෙ අත් දෙකම කට ළඟට ගියා. ඒකත් ආදරේ හිතෙනඉරියව්වක්ම තමයි. හිතල කරන්නැති හැමදේම සුන්දරයි කියල, කොහෙද කුඹුරක, වල් පැලවලටගහන බෙහෙත් බෝඩ් අස්සෙ ලියල තිබුණා.“ඇයි මුකුත් අවුලක්ද...”“ඔයා ඔය විහිලු නෙමෙයි නේද කරන්නෙ...”“නෑ.. නෑ.. නෑ.. මේවා සිරාම සිරා සීරියස්..”“කවුද වෝඩ් එකේ ඉන්නෙ...”ඔන්න දැන් තමයි කෙල්ල වැදගත්ම ප්‍රශ්නෙ ඇහුවෙ. මෙච්චර වෙලා ඔය ප්‍රශ්නෙකොහෙද තිබ්බෙ කෙල්ලෙ.“මගේ දුව..”“ඔ..යා..ගෙ.. දුව...”කෙල්ලගෙ මූණෙ හිනාව ගව්ගානක් ඈතට පාවෙලා ගියා. ඇස් දෙකත් කුරුම්බැට්ටිසයිස් එකට ලොකු උනා. මොනව වුණත් මගේ කතාව කෙල්ලට දිරවගන්න ටිකක් අමාරු උනා කියල මටතේරුණා. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ. මං ආපු දේ මම කොහොම හරි කරන්න ඕන. ඒ වෙනකොට කොයිතරමක් අලාභ හානි වෙලාද කියල මං ගණන් බලන්නෙ නෑ. ඒක මේ රමියගෙ උප්පත්තියෙම ඉඳල ආපුචාරිත්‍ර වාරිත්‍රයක්නෙ.“ඔව්.. මගේ දුව තමයි.. ඇයි ප්‍රශ්නයක් මොකුත්තියෙනවද...”“න්..නෑ.. ප්‍රශ්න මුකුත් නෑ.. එ.. එයාට මොකද වෙලා තියෙන්නෙ...”හිතට එබෙන ප්‍රශ්න පත්තරයක් එක්ක ලොකු සටනක් දෙන ගමන්, කෙල්ල සන්සුන්වෙන්න ලොකු උත්සාහයක් ගත්තා. මගේ දුව කියල කිව්වහම කෙල්ල සෑහෙන්න එක්සයිට් උනාකියල, පොට්ටයෙකුට ඇරෙන්න ඕන කෙනෙක්ට පේනවා.“දැනට පැය භාගෙකට විතර කලින් එයාව ගෙනාවෙ.. හුඟක්අමාරු වෙලා.. සමහර විට මේ වෙනකොට එයාව ඔපරේෂන් තියටර් එකටත් දාලා ඇති.. එහෙම දාලානැත්නම් මට එයාව බලන්න ඕනෙ..”“ඔපරේෂන් එකකට...”“ඔව්.. එයාගෙ හාට් එකේ හෝල් එකක් තියෙනවා..”“දෙයියනේ.. ඔයා කලින් කියන්න එපෑය..”“කියන්න.. ඔයා ඇහුවෙ නෑනෙ බබා..”කෙල්ලගෙ මූණෙ අදුරු දුක්බර හිනාවක් ඇඳුනා. හොඳටම හිනාවෙලා ඉන්නවටවැඩිය මෙන් මේ වගේ සාංකාවෙන් ඉන්න මූඩ් එක කෙල්ලෙක්ව අල්ලලා ඉඹින්න තියෙනව නම් මාරගති. ඇඟට වගේම හිතටත් දැනෙන මේ දේවල්, ඇඟ ඇතුළෙම තියෙන එක වඩා හොඳයි. දිරවගන්නබැරිම උනොත් එළියට ඇදල දාන එක වෙනම වැඩක්.“මොකක්ද දුවගෙ නම...”“දිමුතු..”නයිටිංගේල් මගේ දිහා ආයෙත් ඇස් ලොකු කරල බලන ගමන් අඩියට දෙකට වෝඩ් එකදිහාට ගියා. මාත් එයා පස්සෙන්ම යද්දි කෙල්ල මගේ දිහාට හැරුණා. කෙල්ලට මාව දාලායන්න හිතක් නෑ වගේ. මොනව කරන්නද අප්පා. මටත් එහෙමයි. අද නම් රමියගෙ හිත මේ වෝඩ්එකක් අස්සෙ තමයි තියල යන්න වෙන්නෙ.“සිස්ටර් කෙනෙක් හරි ඩොක්ටර් කෙනෙක් හරි ඇහුවොත් ඔයාඅනූෂිගෙ අයියා කියන්න..”“කවුද අනුෂි... මට එහෙම නංගි කෙනෙක් නෑනෙ..”“අ..යි..යෝ.. මං කියන දේ කරන්න.. වැඩිය කතා කරන්නගියොත් මාවත් ගෙදර යවයි..”“ඒකත් හොඳයි.. එතකොට මට ඔයාව බලන්න ගෙදරටම එන්නපුලුවන්.. මෙහෙම හොස්පිට්ල් ගානෙ බඩගාන්නෙ නැතුව..”“ආ.. එහෙමත් හිතේ තියෙනවද...”“නැතුව... ඒක නෙමේ කවුද මේ අනූෂි...”“අනුෂි කියන්නෙ...”කෙල්ලට එතනින් එහාට වචනයක්වත් කතා කරන්න හම්බ වුණේ නෑ. කොටින්ම හතේපහේ සයිස් එකට කෙට්ටු වෙච්ච දාර සිස්ටර් කෙනෙක් අපි ළඟට ආවා. හම්මේ....මූණබැලුවත් ඇති.. ඇඟම කිලිපොලා යනවා.“අනූෂි... මොකද මේ වෙලාවෙ...”එහෙනම් අනූෂි කියල කියන්නෙ මේ නයිටිංගේල් කුමාරිහාමිට තමයි. කලින්කියන්න එපැයි බබා.. එහෙනම් වඩාගෙන ඉඹින්නෙ.“ම..ම.. මම..”සිස්ටර් මං දිහාත් ගජරාමෙට බලනවා. අනූෂිත් කතා කරගන්නත් බැරි තරමට බයවෙලාද කොහෙද. රමිතයෝ.. තවත් බලන් හිටියොත් වැඩේ අලම වෙනවා. දැන් තමයි ප්‍රවේසමෙන්බැට් කරන්න වෙන්නෙ. නැත්නම් නයිටින්ගේලුත් සුන්.. එයාගෙ පනත් සුන්.“සිස්ටර්.. අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි.. මං අනූෂිගෙඅයියා.. මට ලොකු කරදරයක් වෙලා.. සිස්ටර්ව හම්බ වෙච්ච එකත් ලොකුම දෙයක් මේ වෙලාවෙ..”“මාව...”“ඔව්.. අනූෂි මට සිස්ටර් ගැන හුඟක් හොඳ කියලතියෙනවා. ප්‍රමාණයෙන් අපිට වැඩිය ටිකක් උස මහත උනත් ඇතුලෙ තියෙන හදවත ඊටත් වඩාකරුණාවන්තයි කියලා..”අර මුලින් පුස් පාට් එකට තිබ්බ සිස්ටර්ගෙ මූණ හිතාගන්නව්ත බැරි තරම්ඉක්මනට කලඑළිය උනා. අනූෂී කටත් අරන් මං දිහා බලන් ඉන්න තාලෙට මට හිනාත් යන්න ආවා.“මගෙන් මොනවද වෙන්න ඕන පුතා...”දෙයියන්ට ඔප්පු වෙන්න. ඒ පාර මං පුතා උනා. තවත් ටිකක් එහාට ගියාමමුණුබුරා වෙයිද මන්දා.“අනේ සිස්ටර් මගේ දුවට දැන් ටිකකට කලින් අමාරු වෙලාමෙහෙට ගෙනාවා. එයාට ඇඳක් හම්බ වුණාද... එහෙමත් නැත්නම් තාමත් ආපු විදියටම ඉන්නවදදන්නෑ.. ප්ලීස් සිස්ටර්.. මොනව හරි කරන්න බලන්න..”“මයිගෝඩ්.. ඇයි අනූෂී ඔයා මෙච්චර වෙලා බලන්හිටියෙ... ඒ දරුවට ඇඳක් නැත්නම් ඔයා ඒක සූදානම් කරන්න ඕනනේ.. ඔහොමද සහෝදරයන්ටසලකන්නෙ.. වෙරි සොරි පුතා..”“අනූෂිට බනින්න එපා සිස්ටර්.. එයත් දැන් තමයිදන්නෙ..”“හ්ම්.. කමක් නෑ..”“එහෙනම් අනූෂි, අයියත් එක්ක ගිහින් ඒ වැඩකටයුතු ටිකකරල දෙන්න.. මාත් මේ හදිසි වැඩකට යන ගමන්...පුතා...”“ඇයි.. සිස්ටර්...”“වැඩිවෙලා ඉන්නෙ නැතුව ඉක්මනින් යන්න බලන්න.. රෑත්වෙන්න ආවනේ..”“ෂුවර් සිස්ටර්.. මේ කරපු උදව්ව සෑහෙන්න වටිනවා..”කට පුරෝලා හිනාවෙන ගමන් සිස්ටර් අපි ගාවින් ඈත් වුණා.. හ්ම්.. ලොකුනයිටින්ගේල් ගියා. දැන් පුංචි නයිටින්ගේල් ආයෙත් ඉතිරි වුණා.“ඔයා නම් හරිම කෙනෙක් තමා..”“ඇයි බබා...”“දෙයියනේ ඔහොම කතා කරන්නෙපා.. කවුරු හරි අහන්හිටියොත් මට මෙතන වැඩ කරන්න වෙන්නෙත් නෑ..”“මං ඔයාගෙ එක කුස උපන් අයියනේ..”“අයිය තමයි.. කොහෙන්ද අර බොරු ටික ඇද බෑවෙ...”“මොන බොරු ටිකද...”“මොන බොරු ටිකද අහන්නෙ... ඔයා දන්නවද ඔය සිස්ටර්කවුද කියලා...”“නෑ..”“එයා තමයි අපි හැමෝගෙම හෙඩ්.. පුදුම තරම් නපුරුයි..කාටවත් එයාව පේන්න බෑ.. මාව හීතල වෙලා ගියා.. එයා අපේ ඉස්සරහට ආවම.. ඇත්තටම ඔයාඑයාට වශියක් දුන්නද මන්දා.. මං ජීවිතේට ඇහුවමයි එයා කෙනෙකුට ඔය තරම් කරුණාවන්තවිදියට කතා කරනවා..”“වශියක් ගැන කිව්වෙ... මං ඔයාට දීපු වශියක් වගේද...”වෝඩ් එක දිහාට යන ගමන් උනත්, අනූෂි එකපාරටම නැවතිලා හරි කෙලින්ම මගේමූණට එබුණා.“මං ඔයාට වශී උනේ නෑ..”“නැද්ද... එහෙනම් ප්‍රශ්නයක් නෑ.. පස්සෙ වශී උනාකිව්වට මං ගනන් ගන්නෙත් නෑ..”“මො.. මොකක්ද කිව්වෙ...”“මුකුත් නෑ බබා.. මට ඇඳක් හොයල ඕන කියලයි කිව්වෙ..”ඒ වෙනකොට අපි කාන්තා වාට්ටු තුන හතර ළඟට ඇවිත් තිබුණා. මං හිතුව වගේමකොට්ටෙකුයි රෙදි ටිකකුයි ගුලිකරගෙන දිමුතු කොරිඩෝ එකේ මුල්ලෙ ගුලි ගැහිලා හිටියා.ඒ හිටපු විදියෙ තිබ්බ අසරණකමට මගේ හිත කෑලි කෑලි වලට කැඩිල ගියා.“දිමුතු..”මගේ කටහඬට අහිංසක කෙල්ල හුඟක් කලබල උනා. කඳුලු බිංදු පේලි බර ගානක්දෝරෙ ගලන් ගියපු ඒ රවුම් මූණෙ පුංචි හිනා බිංදුවක් මතුවුනා. අතේ ගුලිකරන් හිටපුහැමදේම බිමට දාලා දිමුතු මං ළඟට දුවගෙන ආවෙ දේව දූතයෙක් දැක්ක වගේ.“රමිත අ..යි..යා... හග්.. හග්.. අ..නේ.. ඔයා ආපු එකකොයි තරම් හොඳද... මං.. මං හුඟාක් බයෙන් හිටියෙ..”“බයවෙන්න එපා දරුවො.. මං දැන් ආවනේ.. ඔයාට කොහොමදදැන්.. ඔයාව කවුරුවත් බැලුවෙ නැද්ද...”“බැලුවා..”“බැලුවා නම් ඇයි මෙතන ඉන්නෙ... වෝඩ් එකට යන්නැතුව..”“මට ඇඳක් නෑ රමිත අයියා.. එතන බිම නිදා ගන්නවෙන්නෙ.. මට බයයි..”“මං ඉන්නකල් බයවෙන්න එපා.. ඔයාට ඇඳක් දැන්හම්බවෙනවා.. එහෙම නේද අනුෂි..”දිමුතුගෙ අසරණ කමින් හෙම්බත් වෙච්ච මූණ මග ඇරල මං අනුෂි දිහාට එබුණා.ඒ සුදු මූණෙ තිබ්බෙ ටිකක් විතර බැරෑරුම් පෙනුමක්. ප්‍රශ්නත් සෑහෙන ගණනක් ඒ මූණෙලියවිලා තිබ්බා.“ඔව්.. ඔයාට ඇඳක් හම්බවෙනවා.. ඉන්න මං ලෑස්ති කරලදෙන්නම්..”අනූෂි වෝඩ් එක ඇතුළට යද්දි මං දිමුතුගෙ අත් දෙකෙනේම අල්ල ගත්තා.“දිමුතු...”“ඇයි රමිත අයියා...”“ඩොක්ටර්ස්ල මොකද කිව්වෙ...”“ඒ තරම් ගණන් ගන්න දෙයක් නෑ කිව්වා.. ඒ උනත්..”“ඒ උනත් ඔයාගෙ පපුව රිදෙනව නේද...”“ඔව්.. සැරින් සැරේට රිදෙනවා..”“අපි මේ පාර ටිකක් දිගට බෙහෙත් ඩෝස් එකක් ගමු..එතකොට ඕක හරියයි.. ඔයා බය නැතුව ඉන්නෝන හොඳද...”“ඔයා හරිම හොඳයි රමිත අයියා.. ඔයා මගේ බාරකාරයාවෙච්ච එක ගැන මං හැමවෙලාවෙම දෙවියන්ට පින් දෙනවා.. දෙයියො මට කිසිම දෙයක් දුන්නෑ..මං ආස කරන කිසිම දෙයක් දුන්නෑ.. හග්.. හග්.. ඒත් එයා මට ඔයාව දුන්නනේ.. හග්..හග්..”“අඬන්නෙපා දිමුතු.. ඔයා ඔය මාවත් අඬවන්නයි හඳන්නෙ..”“ඔයා කවදාවත් අඬන්නෙ නෑ රමිත අයියා.. ඔයා කවදාවත්අඬන්නෙ නෑ.. මගේ ලෝකෙට ඉර ඔයා.. ඔයා හැමදාම ලස්සනට හිනාවෙලා ඉන්නෝන..”“ඔයා හිනා උනොත් තමයි දිමුතු මටත් හිනා වෙන්නපුලුවන්.. ඒක හින්ද නිතරම හිනාවෙලා ඉන්න.. ඔයා ළඟ තනියට නවතින්න ගෑණු කෙනෙක්ව බලලාඑවන්නම්.. මේ ළඟ ඒ වගේ අය ඕනෙ තරම් ඇති..”“ඔයා දැන් ෆදාර්ව හම්බවෙන්න යනවද... ගිහින් කියන්නමට අමාරුවක් නෑ කියලා.. නැත්නම් එයා බයවෙයි..”“ඒ ඔක්කොම මම බලාගන්නම්.. ඔයා ඉක්මනට සනීප වෙන්නකො..ඔයාට මතකයි නේද දැන් මගෙත් එක්ක ආව නර්ස් නෝනා...”“ඔව්..”“එයා තමයි ඔයාගෙ නැන්දා.. මං තමයි ඔයාගෙ තාත්තා..එහෙම තමයි කවුරු ඇහුවත් කියන්න ඕනෙ.. තේරුණාද...”“ඇයි රමිත අයියා.. ඇයි අපි බොරු කියන්නෙ...”“හොඳ දෙයක් කරන්න සමහර වෙලාවට බොරු කියන්නත් වෙනවා..හුඟක් වෙලාවට කවුරුත් අහන එකක් නෑ.. ඒත් ඇහුවොත් ඔය විදයට උත්තර දෙන එක හොඳයි..”මං දිමුතු මගේ ළඟට තුරුළු කරගත්තා. එයා තව තවත් මට ළං වුණේ පුංචි හිතටරැකවරණය පිළිබඳ ලොකු හැඟීමක් දැනුණ නිසා වෙන්න ඇති.දිමුතුට ඇඳකුත් හොයල දීල එයාව බලාගන්න ගෑණු කෙනෙකුත් අනූෂිගෙ උදව්වෙන්පංගාර්තු කරල තව කෑම බීම එහෙමත් හොඳ තත්වයෙන් ලැබෙන්න සලස්සලා වෝඩ් එකෙන් මං එළියටඑනකොට හුඟක් රෑවෙලා. මගෙත් එක්කම අනූෂිත් ටික්ක දුරට යනකන් ඇවිදන් ආවා.“රමිත..”“මගේ නමත් දැනගත්තා නේද...”“හ්ම්.. අර දරුවා කියනව ඇහුනා..”ලොකු හුස්මක් පහළට ඇදල දාලා එයා සද්දෙට පිට කරල දැම්මා. එයාගෙ හිතේ ප්‍රශ්නපෙර ගැහිල තියෙන පාටයි.“ඇත්ත කියන්න රමිත.. එයා ඔයාගෙ කවුද...”“මගේ දුව..”“විහිලු කරන්නෙපා.. එයා ඔයාට කතා කෙරුවෙ අයියාකියලා.. මට හොඳට ඇහුණා..”“ඔයාට ඇත්ත දැනගන්න ඕනද...”“ඔව්..”“ඇයි...”“මගේ හිතට හරියට වද දෙනව රමිත..”“මොකක්ද...”“මේ අද දවසෙ සිද්ධ වෙච්ච දේවල්..”“එයා මට අයියා කියල කතා කරපු එක හරි.. මං එයාගෙබාරකාරයා..”“ඒ කිව්වෙ...”“ඒක ටිකක් දිග කතාවක්..”“මං කැමතියි ඒක දැනගන්න..”“මේ ඒකට වෙලාව නෙමෙයි.. මං ඔයාට පස්සෙ කියන්නම්..”“පස්සෙ කිව්වෙ...”“වෙන දවසක.. එතනක් මගේ කෙල්ලව හොඳට බලාගන්නව නේද...”“ඔව්.. මගේ දෙයක් විදියට මං බලාගන්නම්..”“තෑන්ක්ස් අනුෂි..”එයාගෙ ඇස්වල කියාගන්න බැරිමොකක්දෝ දෙයක් ලියවිලා තිබ්බත් මං ඒ ගැන ඒ තරම් දුරට හිතන්න ගියේ නෑ.. දැක්කපලවෙනි දවසෙම කෙල්ලො ගැන මරියානා ආගාධෙ තරම්ම ගැඹුරට හිතන්න ඕන නෑ කියලා ඇල්බට්අයින්ස්ටයිනුත් කොහෙද පොතක කියල තිබ්බා. ඒ උපදේසෙ නම් මේ රමියා බොක්කෙන්ම අදහනමැනුවල් අදහසක්.ගෙදර යන්න කලින් කෝකටත් කියල මං පල්ලියෙ ෆාදර්ට කෝල් එක්ක අරන්විස්තරේ කිව්වා. අනාථ නිවාසෙ ඉඳලා තවත් දෙතුන් දෙනෙක් හොස්පිට්ල් එකට එවල තිබුණත්ඒ කාටවත් හොස්පිට්ල් එක ඇතුළට යන්න දීලා තිබුණෙ නෑ. හැමෝම මූණයි ඔලුවයි දෙකම නරක්කරගෙන ආපහු යන්න ගිහින් තිබුණා. ඒත් ෆාදර් බය නැතුව ඉඳල තිබුණෙ මං හොස්පිට්ල් එකටගියපු හින්දා.“රමිත මහත්තය ගිහපු හින්දයි මං හිතේ සැහැල්ලුවෙන්හිටියෙ.. දැන් කොහොමද මගේ අහිංසකීට...”“පේන විදියට නම් ඒ තරම් අමාරුවක් නෑ.. ඒත් ඇඟඇතුළෙතියෙන දේවල් ගැන කියන්න නම් මට දැනුමක් නෑෆාදර්.. හැබැයි..”“ඔව් රමිත මහත්තයා..”“හැබැයි.. දිමුතුව බේරගන්න මං මගේ අන්තිම සතෙත්වියදම් කරනවා.. ඒක ෆාදර් දන්නවනේ..”“ඔව්.. මං රමිත මහත්තයා ගැන දන්නෙ අද ඊයෙක ඉඳලනෙමෙයිනෙ.. මං මෙතෙන්ට එන කාටත් කියන්නෙ රමිත මහත්තයගෙ හදවත නියම රත්තරං කියලා..චෙක් කරලා බැලුවොත් කැරටි විසිහතරම ඇති කියලා..”මට පුංචි හිනාවකුත් යන්න ආවා.. ෆාදරුත් කියන්නෙ මාර කතා තමයි.“එහෙනම් ෆාදර්.. මෙතන හැමදේම හරි.. තව මොනව හරි අවශ්‍යතාවක්උනොත් මට කතා කරන්න.. සල්ලි ඕන නම් ඒත් කියන්න..”මං ෆෝන් එක තිබ්බා. ඒ තියල ආපහු හැරෙද්දියි මං දැක්කෙ මූණ ඉස්සරහහිටපු එකාව.. මූ මොකද මේ වෙලාවෙ.. අනික කණ පැලෙන්න බීලා..“ර.. රමිත අයියා...”වැනි වැනි ඇවිත් රංගන මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.. ෂිහ්.. නහය කිට්ටුකරන්න බැරි තරම් අප්පිරියා සහගත ගන්දස්කාරකමක් ඌළඟින් එන්නෙ.. මූ බීලතියෙන්නෙ අරක්කුද නැත්නම් ඩ්‍රැනේජ් වලක මොනා හරිද මන්දා.“මොකද යකෝ මේ... ඩිංගක් පැත්තකට වෙයන්..”“සො.. සොරි වෙන්නෝන.. සොරි වෙන්නෝන.. ඒ.. ඒත්.. මට..මට.. වෙන කරන්න දෙයක් නෑ.. අක්මාව ගැලවෙනකම්ම.. මම බොනවා..ඕ.. ඉයර්ස්.. මං..මං බොනවා..”“රංගන මේ.. බොන්න බැරිනම් උඹනාපං.. මගේ වැඩපාඩු කරන්නැතුව පැත්තකට වෙයන්..”“ඒ.. ඒහෙම පැත්තකට යන්න බෑ.. රමිත අ.. අයියා.. උ..උම්බ මගේ ආදරේ විනාස කෙරුවා.. මා.. මාව නැති කරා.. උඹට හොඳක් නම් වෙන්නෑ.. ක..කවදාවත්..”“මොකක්ද යකෝ කියන්නෙ... මං කොහෙද උඹේ ආදරේ විනාශකෙරුවෙ.. උඹඹනේ කුඩ්ඩෙක් වෙලා ආදරේ කුඩුකරගත්තෙ.. ඒ මදිවට අර පුංචි කෙල්ලෙක්වඋස්සගෙන ඇවිල්ලා කාමර ගානෙ රිංගුවෙ.. ඒවා ඔක්කොම මමද කරේ... නිකං මගේ යකාඅවුස්සන්නෙ නැතුව හිටපං... කෝ.. පැත්තකට වෙයන්.. මගෙන් කනේ පාරක් කන්නැතුව..”“ඒ.. ඒ.. හැමදේම කෙරුවෙ... ඒ හැ.. හැමදේම කෙරුවෙආදරේ වැඩිකමට..”“මරුනේ.. උඹේ කතාව නම් මසුරන් වටිනවා.. බලන් ගියහමඋඹ මහා කාලකන්නියෙක්නෙ බං.. උඹ කුඩු ගැහුවෙ, ගෑනු අරගෙන කාමර ගානෙ ගියේ, ආදරේවැඩිකමටද... යකෝ ඔය වගේ අමන කතාවක් මම නම් ඇහුවමයි..”තවත් මූත්තෙක්ක කතා කර වැඩක් නෑ.. මං බයික් එක ස්ටාර්ට් කරගත්තා.“යන්නෙපා.. යන්නෙපා.. රමිත අයියා.. ම.. මගේ කතාව අ..අහල පලයං.. ඕවා මොනව උනත් මගේ ආදරේ විනාස කරේ උඹයි..”කන පාත්වෙන්න බීලා මේකා විකාර කියවනවද මන්දා.. කොයි තරම් බිව්වා උනත්ඌ ඒ කියපු අන්තිම වචන ටිකේ අමුතුම ගතියක් තිබුනා. බයික් එකේ ප්‍රස්ට්ගියර් එකට දාලත්මං ඉද්ද ගැහුව වගේ නතර උනේ උගේ කතාව නිසයි.“මොකක්ද උඹ කිව්වෙ...”බයික් එක උඩ ඉඳන්ම මං රංගනගෙ කමීස කොලර් එකෙන් ඇදල මගේ ළඟට ළංකරගත්තා. පුලුන් රොදක් පාවෙලා එනවටත් වැඩිය සැහැල්ලුවෙන් ඌ මගේ ළඟට ඇඳිලා ආවා.“ර.. රමිත අයියා.. උඹ.. උඹ මගේ කොලර් එකෙන් ඇල්ලුවෙමට ගහන්නද... ඔව් ගහපං.. ඕනෙ තරම් ගහපං.. ඊට පස්සෙ උඹට පුළුවන්නෙ ඉමාෂි ළඟට යන්න..”කුණු වෙන් බීල හිටියත් රංගනගෙ කටින් පිටවෙච්ච කැත වචන ටිකට උගේ කොලර්එක මගේ අතින් අතෑරුණා. මේකා මොන තරම් අමන කතාවක්ද ඒ කිව්වෙ.“කැත කතා කියන්නෙපා යකෝ.. ඉමාෂි කියන්නෙ මගේ නංගිවගේ.. උඹට ඒකි ළඟ ඉන්න පින නැතුවට මට කරන්න දෙයක් නෑ.. කාලකන්නියා.. ඉස්සරවෙලාමිනිහෙක් වගේ හැසිරෙන්න බලපං.. බීල කුනුවෙන්නෙ නැතුව..”“ක.. කමක් නෑ.. මගේ බීමෙන් උඹට වැඩක් නෑ.. උම්බටවැඩක් නෑ.. මං වගේ නෙමෙයි.. උඹට ඕන කෙල්ලෙක් දැපනෙ වැටෙනවා.. මේ මුලු දිස්ත්‍රික්කෙමකෙල්ලොත් එක්ක උඹ යාලුයි.. ඔව්.. උඹ මගේ ඉමාෂිත් එක්කත් යාලුයි..”තවත් මෙතන ඉඳගෙන මේ වහුකුණා කියවන කයි කතන්දර අහන් ඉන්න මගේ හිතේකැමැත්තක් තිබුණෙ නෑ.. හිතේ කේන්තිය පිටින්ම රංගනයව පැත්තකට තල්ලු කරල දාලා මංඑන්න ආවෙ ඒකයි. ඒත් ඒකා අන්තිමට කියපු කාව මගේ හිතේ හතර පැත්තෙන්ම වද දෙන්න ගත්තා.
|
BLOG
|
2013.01.17
|
http://kathandarapoth.blogspot.com/
|
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
|
Randhu Shan
|
4pt 0cm 5. ඔක්කොම හොරු අරගෙන ගිහින්. පළාතම අඳුරු වෙලා. කතා දෙකක්නෑ. කාලගුනේට කිව්වත් නොකිව්වත් මං දන්නවා. නාගසලං වෙන්න ඩෝප් එක දාන පියතිස්සඉස්කෝලෙ මහත්තය වගේම තව ඇබිත්තකින් කුණු වෙන්න වහිනව කියලා.“රමී..”“ම්..”“මොනවද අනේ අහස දිහා බලාගෙන ඔය තරම් කල්පනා කරන්නෙ...”කල්පනා කරන්නෙ නම් උඹට කිසිම සංවේදීතාවයක් නැති එක බං කියල කියන්නත්හදල මං නිකං හිටියා. මොකටද නිකං හිත ඇතුළෙ තියෙන ඒවා එළියට දාලා මං වනගත වෙන්නෙ..නැත්තං ඉතිං මේචචර ආකාසෙ අඳුරු වෙලා තියෙද්දි පිස්සු කතන්දර කියාවියා. බලන් ගියහමකෙල්ලො කියන්නෙ නම් මහා පරාල ඇණ අප්පා.“ඇයි මට කල්පනා කරන්න බැරිද...”“නෑ අයියෝ... ඔයා කල්පනා කරන දේ මටත් කියන්න..”“ඇයි...”“ආදරේ කරද්දි හැමදේම බෙදාගන්න ඕනි රමී..”මොන කෙහෙල් ගෙඩියක්ද මේ... එතකොට මට ටොයිලට් එකට යන්න උනොත් ඒකත්බෙදාගන්න ඕනෙද... කෙල්ලොන්ට නම් පිස්සු තමයි හත්තිලව්වෙ.“කියන්නකො රමී..”“මොනවද...”“ඔයා මට කොයි තරම් ආදරෙයිද කියලා..”පිස්සු සිමං ගමට ඇවිත් වගේ මේකිට වෙන කතා කරන්න දෙයක් නැද්ද අප්පා.ආදරේම උදේටයි, දවල්ටයි, රෑටයි කන්න දඟලන්නෙ.. අනික ඉතිං කොයි තරම් කතා කරත් ආදරේආදරේම තමයි.“ඇත්තටම නදිනි... ඔයාට වෙන දෙයක් නැද්ද කතා කරන්න...”“ඇ.. ඇයි රමී...”“ඇයි අහන්නෙ.. හම්බවෙන හැම වෙලාවෙම ඔයා අහන්නෙ කොයි තරම් ආදරේද... ඒආදරේ කිලෝ මීටර් කීයක් විතර දිගද... කිලෝ ග්‍රෑම් කීයක් විතර බරද... රටේ නැති ප්‍රශ්න..මට නම් එ..පා වෙනව..”කියවගෙන ගිහිල්ල මම කතාව නතර කළා. මෙන්න ඒ පාර නදිනි හුම් සද්දයක්වත්නෑ.. හැරිල බලද්දි තමයි මං දැක්කෙ මේන් බොලේ මේකිගෙ ඇස් වල හොටු.. නෑ.. නෑ..වැරදුණා.. ඇස්වක කබ.. නෑ.. නෑ.. ඒත් වැරදුනා.. ඇස්වල කඳුලු.“ඔ.. ඔයා හැමදාම මගේ හිත රිද්දනව රමී... එයාට පව් සිද්ධ වෙනව..”“ඒකටනේ දෙයියනේ අපි පන්සල් යන්නෙ..”“මොනවද රමී ඔයා මේ කියවන්නෙ...”“කියවන්නෙද... නිදහසේ හිතේ නිස්කලංකයෙන් ඉන්න තැනකට ආවම කච කචේ නැතිවඉන්න නදිනි. ඔයා ගෙදරදිත් මෙහෙමද...”“ඔයා හොඳම නෑ රමී.. මං දන්නව..”“මොනවදඔයා දන්නෙ...”“ඔයාට දැන් මාව එපාවෙලා.. ඒකනේ නිතරම හින්ට් ගහ ගහ මාව රිද්දන්නෙ..”“පිස්සු නැතිව ඉන්න නදිනි..”“පිස්සු නෙමෙයි.. ඔයාට වෙන කවුරු හරි ඇති.. ඒකයි මට මේ විදියටරිද්දන්නෙ..”“ම.. මං ඔයාට රිද්දනවා...”“ඔ.. ඔව්.. රිද්දනව විතරක් නෙමෙයි.. මාව නොමරා මරනවා.. ඇත්ත කියන්නරමී.. මට ඇත්ත කියන්න..”“මොකක්ද ඇත්ත...”“ඔයාට තව ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නව නේද...”“මට...”“නැත්තං මටයෑ.. ඒකනේ ඔහොම මට වෙනස්කම් කරන්නෙ..”ඔය බලපල්ලකො ඉතිං.. මේකි උදේ පාන්දරම ඇඳේ විට්ටම පැත්තෙන් බැහැලදකොහෙද.. අම්මපල්ලා.. මට නම් දැන් මේ හරුපෙ එපාවෙලා.නදිනි තවත් මොනවදෝ කියන්න කට උල් කරද්දි තමයි මගේ මොබයිල් එක රින්ග්වෙන්න ග්තතෙ. මං ෂේප් එකේ රබර් ඇහැ දාලා ස්ක්‍රීන් එක දිහා බැලුවා. සත පහකට ගණන්ගන්නෑ වගේ. හත්තිලව්වෙ... නම්බර් එක රිස්මියාගෙ.. මේකිත් මේ වෙලාවෙම කතා කරපු එකනේවැඩේ කියන්නෙ.“රමී..”“ඇයි...”“ඔය ෆෝන් එක රින්ග් වෙනව නේද...”“ඉතිං...”“අරගෙන බලන්නකො.. හදිස්සියක්ද දන්නෑ..”“කාටද...”“කතා කරන කෙනාට..”මේකි හීනෙන් කියවනවද මන්ද.. මොන අවමගුලක්ද මේ..“ඒක ඔහේ වැදිච්ච දෙන්.. අපි අපේ කතාව කරගමු.. අපි මොනවටද ඒ ගැන කලබලවෙන්නෙ..”මං චැප්ටර් එක ක්ලෝස් කරා. එහෙම නැතුව බෑ අප්පා.. වැඩේ පටන් ගත්තුතැනම අල වෙනව.“ඔයාට බැරි නම් දෙන්න.. මං ආන්සර් කරන්නම්..”“ඒ මොකටද...”“ඔය කෝල් එක ෂුවර් එකටම කෙල්ලෙක්ගෙන්.. ඒකනේ ඔයා මං ඉස්සරහ ආන්සර්කරන්නැත්තෙ.. අ.. අනේ ඇයි රමී.. ඔයා මට මෙහෙම රිද්දන්නෙ.. මං ඔයාට කොයි තරම්ආදරෙයිද...”“නදිනි.. පිස්සු නටන්නෙපා.. මිනිස්සුත් බලනව..”“බලපු දෙන්.. මං ඇහැරුනහම ඔයාට තව ගර්ල්ස්ල කී දෙනෙක් ඉන්නවද.. ඉහ්..ඉහ්.. ඔයා මං කියන කිසිම දෙයක් අහන්නෑ.. ඉහ්..”මේක යකෝ කොඩිවිනයක් උනානේ.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. ඕන පොළොස්ඇමුලක් වළඳනව මිසක.. තවත් බලන් හිටියොත් මහ කෙලියම වෙනව.“නදිනි.. ඔයාට පිස්සු හැදීගෙන එනවද... මොනවද මේ කියවන්නෙ...”“කවුද ඔය කෝල් කරන්නෙ...”“අපේ ගෙදර පොල් කඩන මනුස්සයා..”“ඒ මනුස්සයා ඇයි ඔයාට කතා කරන්නෙ...”“ඒක දැනගන්න මට දිවියක්ඥානෙ තියෙනවද.. බලමුකො..”මං ෆෝන් එක කණට තියල තදකර ග්තතා. සද්දෙ පිටට යන්නැති වෙන්න.. එහාපැත්තෙන් වතුර ගලනව වගේ ළයාන්විතව ගලාගෙන ආවෙ රස්මියාගේ රොමෑන්ටික් කටහඬ.. ඒ ලතාවටනම් ඇඟ දනවා.. මස් කකියනවා.. ඒත් රමියා දැන් මේ කතා කරන්නෙ පොල් කඩන මනුස්සයාඑක්කනේ.. මාත් පොල් ගහක් වගේ උසට විහිදෙන කටහඬක් සුසර කර ගත්තා.“හෙලෝ..”“ර.. රමිත.. මං රස්මියා..”“ආ.. ඔව්.. මොකක්ද ප්‍රශ්නෙ...”“අ.. අනේ රමිත.. ඇයි ඔයා සැරෙන් කතා කරන්නෙ...”“මො.. මොන..වා.. පොල් කුරුමිණියො කාලද...”“රමිත..”“මං කිව්වනේ.. මං කිව්වනේ.. ඔය කුරුමිණියන්ගෙන් බේරගන්න කියලා.. කියනදේ අහන්නැතුව මට නම් දැන් ඕවා කියන්න එපා..”මං ටිකක් බර කරල කතා කරා. එහෙම නැතුව බෑ. වැඩේ අලම වෙනව. මේ වෙනකොට මංඉන්තේරුවෙන්ම දන්නවා රිස්මියාගෙ හඳක් වගේ සුදු මූණෙ තියෙන කළු ඉංගිරියො දෙන්නාකඳුළු වලින් පිරිල ගිහිල්ලා කියලා.“ආ..නේ.. රමිත.. ඔයා මොනවද මේ කියවන්නෙ...”“ඔය පොල් කුරුමිණියො ඉන්නව නේද... ඕකා ඒකපාර්ශ්වික මයිටාවෙක්. ක්ෂුද්‍රජීවීන් නසන බැක්ටීරියාවක්. මහා කැත මිනිහෙක්. අම්මපා.... ඕකට කන්න වෙන ගහක්තිබ්බෙම නැද්ද... පොල් ගහම කන්න ආවෙ...”“අ.. අනේ රමී.. කවුද කුරුමිණියා...”“දැන් කරන්න දෙයක් නෑ.. කුරුමිණියා උඹ.. හිතේ අමාරුව වැඩි නම්කුරුමිණියො ටික කාපන්.. තේරුණාද...”“රමිත.. ඔ.. ඔයා මට උඹ කිව්වා.. තව කාපං කිව්වා.. කුරුමිණියා කිව්වා..අනේ රමිත ඔයාට මොනවද වෙලා තියෙන්නෙ...”“ආයෙ කතා කරන්නෙපා.. මං බිසී.. පොල් ටික කඩල මඩුවට දාපං.. මෝඩයා..”මං තදය වගේ කෝල් එක කට් කරල දැම්මා. තව දුරටත් මේ ත්‍රාසජනක පෙම්ජවනිකාව කරගෙන ගියොත් මට තැනකට එන්න බැරිවෙනවා. කෝකටත් කියල මං මල පැනල අර්ශස් තදවෙච්ච එකෙක්ගෙ මූඩ් එකක් මවාගෙන නදිනි දිහාට හැරුණා.“ඈ.. ඇයි රමී...”මගේ අත් දෙකම අල්ලගෙන නදිනි ඇහුවා. එයාගෙ කළු ඉංගිරියො දෙන්නා මං ඕනඔට්ටුවක් අල්ලනව තව ඩිංගකින් බිමට වැටෙනව.. ඒ තරම් ලොකු වෙලා.“කියන්න රමී.. ප්‍රශ්නයක්ද...”ඒ පාර මගේ දුකත් අරගෙන නදිනි වැළපෙන්න හදනවා. බලන් ගියාම කෙල්ලො හැමඑකාම එක වගේ අප්පා. මළ ගේ වගේ තමයි. එපා වෙනවා. මෙයිට වඩා වෙනස් වොයිස් එකක් මේලෝක ධාතුවෙ නැද්ද දෙයියනේ.“මුකුත් නෑ.. අපි යමු..”“අ.. අනේ රමී.. අපි ඇවිල්ල වැඩි වෙලාවක් නෑනෙ..”ඕන අල ගෙඩියක් උනාවෙ.. උමට ඕන නම් ඉඳපං.. මං යනව කියල හිතාගෙන නැගිටිනකොට තමයි ෆෝන් එක ආයෙත් රින්ග් වෙන්න ගත්තෙ. ෂිහ්.. මේක ඕෆ් කරල දාන්න බැරි උනානෙ.ආයෙත් රිස්මියාද මන්දා.. එහෙම නම් වහක්ම තමයි. ආයෙ ඒකෙ ප්‍රතිසංස්කරණය කළ යුතුකිසිවක් නෑ. නදිනි තොල් දෙකත් උල් කරගෙන සදාකාලික ඔරොප්පුවකින් මගේ දිහා බලන්ඉද්දි මං ආයෙත් ස්ක්‍රීන් එකට එබුණා.හත්තිල්ව්වේ... මේ අපේ කැලෑ පාලුවනේ.. කැලෑ පාලුවා කියල කිව්වෙඉසුරුට. ඌ කෙරුවෙ කොට බිස්නස්.. හොරෙන් කප්පනවා.. හිටු කියල පටවනවා.. පහුවෙනිදටදාහෙ කොළ ගනිනවා. සිම්පල් කේස් ඇන්ඩ් සිම්පල් මෙතඩ්. අහුවුණ දාට සිම්පල් ජේල්.“රමිතයා..”“ඔව්..”“උඹ කොහෙද ඉන්නෙ...”“ඇයි...”“ඔතන මොකෙක් හරි ගෑණියෙක් ඉන්නවද...”“ඔව්..”“ගැලවෙන්න පුළුවන්ද...”“පුලුවන්.. ඇයි...”“ප්‍රශ්නයක් රමියා..”“මං එන්න ඕනද...”“නෑ.. උඹ ඉන්න තැන කියපං.. මං එන්නං..”ඉසුරුවාගේ වැඩ එහෙමයි. ඉතා ක්ෂණිකයි. ප්‍රතිචාර ඉතා ඉහළයි. දෙයක්වෙනකන් කාටවත් හිතාගන්න බෑ. ඒත් මේ රමියට නම් හිතාගන්න පුලුවන් මොකද රමියත් ඒබෝට්ටුවෙ හන්ද.“කවුද රමී කතා කලේ...”“ආ.. අපේ වද පුංචි අම්මගෙ පුතා..”“ක..වුරු...”“වද පුංචි අම්මගෙ පුතා..”“මොනවද රමී.. ඔයා කියන්නෙ... වඳ අයට කොහෙද ළමයි...”“ඕකනේ නදිනි ඔයත් එක්ක කරන්න බැරි.. ඩිංගක් ඔය හිතන ක්‍රමය වෙනස්කරන්නෝන..”“ඇයි...”“හැයි තමයි.. ඔයා හිතන්නෙම මහා වල් විදියට. මං මේ ළමයි හම්බවෙන කතාවක්කිව්වද... මමත් නිකරුනේ නරක් වෙනව.. මං කිව්වෙ වදකාර පුංචි අම්මෙක් ගැනනේ..”අග්ගලා ගිලල හිරවෙච්ච පුරෝහිත වගේ කටත් හදාගෙන නදිනි ඇඹරුණා. පව්අප්පා.. හිතේ අමාරුව පෙට්ටියෙන් එකයි. ඔය අතරෙ තමයි ඉසුරුගෙ කාර් එක ආවෙ. නදිනිමගේ දිහා බැලුවෙ ජාති ජාතිත් පතාගෙන ආපු වෛරක්කාරයෙක් දිහා බලනව වගේ.“ම.. මං ඔයාට කියල තියෙනව රමී..”“මොනවද...”“ඔය කැලෑ පාලුව ආශ්‍රය කරන්නෙපා කියල..”“මොකක්...”මට නප්පියටයි ඊට ටිකක් වැඩි නප්පි බාගෙකටයි තද උනා. ඇයි යකෝ මගේයාලුවෙක් ආශ්‍රය කරන්න මේකිගෙ බුලත් අතක් ගන්න ඕනෙද... ආදරේ කියන්නෙ මේකද අප්පා..මීට වැඩිය හොඳයි මැරිච්ච පෙරේතයෙක් ආස්සරේ කරන එක.“හ්.. හ්ග්.. ම.. මං කියන කිසිම දෙයක් ඔයා අහන්නෙ නෑ.. ඔ.. ඔයා හරියටවෙනස් වෙලා රමී..”“ඔන්න ඉතිං.. ඔන්න ඉතිං.. හොට්ට බේරෙන්න ගත්තා.. ඔයා ඔය කියන විදියටමට යාලුවො වර්ගීකරණය කරන්න බෑ නදිනි. මං ආශ්‍රය කරන්නෙ මට ඕන අය..”“එ.. එහෙනම් ඉතිං..”“ඔ.. ඔව්.. එහෙනම් ඉතිං මොකක්ද...”“ඔයාට මාව හරි, අර කැලෑ පාලුව හරි දෙකෙන් එකක් තෝරගන්න වෙයි..”පිස්සු හැදෙනව, මල පරවෙනව මෙන්න බලාපියව් ගෑනු ළමයිගෙ සිරියාව. අනේඅනිච්චේ ඔහොම කතා කියල මේ රමියව මට්ටු කරන්න හිතනව නම් ඒක ජාතියෙ අවාසනාව. ඇත්තටමවෙන මෙතඩ් එකක් මේකි ළඟ ඇත්තෙම නැද්ද අප්පා. තියෙන්නෙම යල් පැන ගියපු කෘෂි කාර්මිකඋපකරණනේ. හරියට දුක හිතෙනව අප්පා.“නදිනි මේ... මං කැමති නෑ ඔයා මගේ ජීවිතේට වැව් බන්ට් එකක් වෙනවට.ආදරේ කරනව නම් මට ඒ දේ නිදහසේ කරන්න ඕන. එහෙම නැතුව ඔයා මවන යකඩ කූඩුව ඇතුළට වෙලාආතල් එකක් ගන්න තරමෙ මට පිස්සුවක් නෑ..”“දෙ.. දෙයියනේ.. මං එහෙම කතාවක් කිව්වද... ඔයාට ඔය කියන නිදහසදුන්නොත් ඔයා කොහේ ගිහින් නතර වෙයිද... රමී...ඔයා දකින දකින හැම කෙල්ලෙක්එක්කම යයි.. මට වෙන්නෙ සංසාරෙ පුරාවට හූල්ල හූල්ල ඉන්න..”මෙන්න මේවට තමයි කියන්නෙ ‘ආලෙ බැන්ද මාගෙ රමිය වන්’ කියලා. මෙච්චර අනේක විධ සංසාර ජාතියෙ කෙල්ලො ඉන්න රටේ මූණෙ ලස්සනටවිතරක් කෙල්ලෙක් එක්ක යාලුවෙන හැම කෙල්ලටම මේවා ඉතිහාසගත පාඩම්. එව්වා මෙව්වාබැලුවහම රිස්මියා මුස්ලිම් උනත් ලක්ෂෙකින් හොඳයිනේ.. ඒකි චාම් සහ නිස්කලංකයිනේ.“ඔයා හූල්ලන්න බැරි නම් අපුල්ලන්න.. මං යනව..”නදිනි තවත් මොනවදෝ කියන්න කට ඇරියත් මම ඊට කලින් ගිහින් ඉසුරුවගෙ කාර්එකට නැග්ගා.“මොකෝ සීදේවි කියන්නෙ...”“සීදේවි නෙමේ බං මූදේවි.. යන හැම ගමනක්ම උමත් එක්කම යන්න කියල එක පොරයයි..”“ඇත්තට...”“ඇත්තට පැත්තට දාලා අවුල කියපං..”“මාර ප්‍රශ්නෙ රමියා..”“ඇයි...”“උඹට මේව කියලත් බෑ නොකියත් බෑ..”“ඉසුරු... උඹ දන්නවනේ.. මට ඩිංග ඇත්තං නට් ලූස් කියල.. තෙපර බාන්නෙනැතුව කියන මගුලක් කියපං බං.. උඹ දැක්කනේ මං අරකිවත් හලල ආවෙ..”“අපේ එකී අර එෆෙයාර් එක ආයෙත් පටන්ගෙන..”“උඹලගෙ නංගි...”“ඔව් රමියා.. මං හිතුවෙ නංගි ඒක නවත්තල දාලා කියල.. ඒත් ඒකි ලව් එකකන්ටිනියු කරනව..”“මරන්න එපෑය බං.. කෝ දැන් කුඩ්ඩා...”“මං මේ ඌව අල්ලගන්නයි ආවෙ..”ඉසුරුගෙ නංගි ඉමාෂි යාලුවෙලා හිටියෙ රංගන කියලා දුප්පත් කොල්ලෙක්එක්ක. දුප්පත්කම ආදරේට ප්‍රශ්නයක් උනත් අපි ඒක ගණන් ග්තතෙ ණෑ. ඒත් රංගන කුඩු ගහනවකියලා ආරංචි උනාම අපි ඒ ආදරේට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරා. ඒ ගේම් එකසම්පූර්ණයෙන්ම ලීඩ් කරේ මම.ඩ්‍රග්ස් ගන්නෙක නවත්තනවද... එහෙමත් නැත්තං ආදරේ නවත්තනවද කියල මංරංගනගෙන් ඇහුවෙ,උගේ කමීසෙ කොලර් එකෙන් අදින ගමන්. ඌගත් කටටම කිව්වෙආදරේ නවත්තනව කියලා. ඉමාෂි මහවැලි ගංගාවටත් වැඩිය කඳුළු ගංගාවක් හලලා හිතහදාගත්තා. ඔන්න දැන් ආයෙ ඒ මහවැලි ගංගාව පිබිදිලා කියලද ඉසුරුව මේ මට කියන්නෙ...“උඹ හොඳට බැලුවද...”“මොනවද රමී...”“උඹලගෙ නංගි..”“ඔව්..”“වාඩිවෙලා ඉන්නෙ මොලේ උඩද කියල...”ඉසුරුවගෙ මූණ මැදට පුංචි හිනාවක් ආවා. බුම්මට්ටා වගේ ඉන්නැතුව ඔහොමහරි හිනාවෙන එක ලොකු දෙයක්.“මෙතනින් වමට දාලා යමුකො.. මං අද ඕකිව අතටම අල්ලගන්නම්..”තනියම කියවන ගමන්, වම් පැත්තෙ තිබ්බ නිවාඩු නිකේතන පාරට ඉසුරු කාර් එකහැරෙව්වා. හුටා... ඒ කියන්නෙ රංගනයා ඉසුරුගෙ නංගිව මේකටත් අරන් ඇවිල්ලද...“ඉමාෂියි කුඩ්ඩයි මෙතන ඇති කියලද උඹ හිතන්නෙ...”ඉසුරුගෙ මූණ මැදට ආවෙ අමුම අමු දුෂ්ඨ පෙනුමක්. මේකා මේ පෙනුමෙන්ගියොත් නම් අරුන් දෙන්නම යටියන්තොට බලා ස්වර්ගස්ත කරයි වගේ. එතකොට මේ රමියට වෙන්නෙසහාය දීපු වරදට මහා උලුගෙදර බත් දන්කුඩ කන්න.“ඔව්.. යමං..”සිල්වර් පාට ඇක්සියෝ කාර් එක නිවාඩු නිකේතනයෙ ආරුක්කුව යටට දාන ගමන්ඉසුරු ඩ්‍රයිවින් සීට් එක පැත්තෙන් බැස්සා. ඌ බහින්න කලින් මං උපනන්ද උන්නැහේ ගාවටකිට්ටු කරා. උපනන්ද තමයි ගෑනු ළමයි පිරිමි ළමයි ලෝකෙට හොරෙන් ආදරේ කරන්න එන මේටජ්මහල් ප්‍රසාදෙ ප්‍රතාපවත් කළමනාකරු.“රමිත මල්ලි..”මෑන් මාව දන්නවා. මටත් වැඩිය ඉසුරුවාව දන්නවා. දැන් දැනගෙන වැඩිවෙලාදන්න දේ එළියට දාගන්න බැරිවෙනව.“රංගන ආවද...”මං ෂේප් එකේ ඇහුව. උපනන්දකාරයගෙ මූනෙන් පෙන්නුම් කරන අංග ලක්ෂණ අනුවනම් රංගනයා මෙතන ඉන්නවා. රංගනයා ඉන්නව කියන්නෙ කෙල්ලත් ඉන්නව කියනෙක. වැඩේ අලකරග්නනැතුව ගොඩ දාගත්තෙ නැත්නම් ඉමාෂිගෙයි රංගනගෙයි පාංශුකූලෙ තමයි මට දෙන්නවෙන්නෙ.“බැ..ල්..ලි.. මං අද උඹව මරනව..”ඉසුරු කවුන්ටරේ ළඟට ආවෙ සද්ද පූජාව දාගෙන. උපනන්දකාරයගෙ මූණ මැදමල්වඩම් දෙක තුනක්ම පාවුණා.“ඉසුරු.. කෑනොගහ ඉඳපං.. මං මේක බලන්නම්..”“නෑ රමියා.. මේක මගේ වැඩක්.. උඹ පැත්තකට වෙයං..”“පැත්තකට වෙන්න නම් උඹ මොන බම්බුවකටද මාව ඇදගෙන ආවෙ...”“මං කියන දේ අහපං රමියා..”“අහන්න දෙයක් නෑ.. පිස්සා වගේ කෑනොගහ ඉඳපං.. උඹට ඕන මේ කතන්දරේ මුලුහත්කෝරලේටම ප්‍රචාරය කරන්නද... පෝස්ටර් එකක්වත් නොගහ..”“ම.. මගේ හිතේ අමාරුව උඹට තේරෙන්නෑ..”“බම්බුව... තත්පරේකට හරි මනුස්සයෙක් වගේ ඉඳපං.. මොනව උනත් ඉමාෂි උඹගෙනංගි.. මතක තියාගනිං.. ඒකි මගෙත් නංගිවගෙයි. උඹට ඕන විදියට නටන්න දෙන්නෑ වගේම මං ඒකිටත් නටන්න දෙන්නෑ..”දත්මිටි කන ගමන් ඉසුරුවා පැත්තකට උනා. උගේ අතට මේ වෙලාවෙ රංගනවඅහුවුණා නම් මූඇට විතරක් තියෙන සුප් එකක් හදනව හොදි නැතුව.“උපනන්ද අයියා.. රංගන කොහෙද ඉන්නෙ... මොකක්ද කාමරේ...”ආයෙත් ඉසුරු මැද්දට පැන්නා. මූට නම් හොඳින් කියල හරියන්නෙම නෑ වගේ.ඒත් මං මුකුත් කියන්න කලින් උපනන්ද අයියා ඉස්සර වුණා.“ඇ.. ඇයි මල්ලි.. මොකක්ද ප්‍රශ්නෙ..”“ප්‍රශ්නෙ.. උඹ ඒක මගෙන්ද අහන්නෙ.. ඌකාත්තෙක්කද ආවෙ...”“කෙ.. කෙල්ලෙක් එක්ක..”“මට කාමරේ අංකෙ කියපං.. මං ඌව පණ පිටින්ම හම ගහනවා..”ඉසුරු ඉස්සරහට පනිද්දිම මං ඌව පැත්තකට කරා. කේන්තිය උතුරල ගියපුඉසුරුගෙ මූණ මැදට ආවෙ ලොකු පුදුමයක්.“ඉසුරු.. මං මේක ඉවරයක් කරන්නම්.. නංගි උඹේ විත්තිය ඇත්ත.. කලින්කතන්දරේට බැස්ස විදියට මං මේක හැන්ඩ්ල් කරන්නං.. උඹ වැඩිය උඩ පැනලා මෙතන කුණු ගඳගස්සන්නෙ නැතුව ඉඳපං.. අනික උඹ හොඳට මතක තියාගනිං.. මේවා හතර දිග් බාගෙම ආරංචිඋනහම ඉමාෂිට පාරෙවත් බැහැල යන්න බැරිවෙයි..”“ම.. මං.. ඒ.. ඒකිව මරනව..”“එහෙනං මරපං..”මං ඉසුරුගෙ අත් දෙක අතෑරල දැම්මා. මොන බම්බුවක්ද... මෙච්චර ධාර්මිකවධර්මෙන් බෙදනකොටත් මූ දේවදත්ත වෙන්න යනවනේ.. ටිකකින් උගේ ඇස්වල තිබ්බ රස්නෙනැතිවුණා.“උ.. උඹට තේරෙන්නෑ රමී..”“ඔව්.. මට තේරෙන්නැ.. උම හිතුවද ඉවක් බවක් නැතුව ගස් කොළන් කපනව වගේමිනිස්සුත් මරන්න පුළුවන් කියල...”එතනින් එහාට ඉසුරු කතා කරේ නෑ. මෙච්චර වෙලා ගල්වෙලා වගේ බලන් ඉඳපුඋපනන්ද එක්ක මං රංගන හිටපු කාමරේ ළඟට ආවා. ඉමාෂි හිටියොත් නම් සොරිම තමා. මං ඇහැක්වහලා උපනන්දට කිව්වා හෙමීට දොරට තට්ටු කරපන් කියලා.“කවුද...”කාමරේ ඇතුළෙන් ඇහුණෙ රංගනගෙ සදාචාරාත්මක කටහඬ.“මං උපනන්ද..”ඉසුරු හිටියෙ මටත් පිටිපස්සට වෙන්න වගේ. ඌවත් කවර් කරගෙන මං හිටියෙ.ටිකකින් කාමරේ දොර ඇරුණා. ලාවට ඇරුණ දොර අයිනෙන් හොර පූසෙක් වගේ රංගන එබුණා. මූණඉස්සරහම හිටපු මාවයි ඉසුරුවයි දැක්ක ගමන් උගේ ඇස් දෙක කුරුම්බැට්ටි සයිස් එකට ලොකුවුණා.“ඉ.. ඉසුරු අයියා...”ඌ ඒක කිව්ව නෙමෙයි කියවුණා. රංගනයට මේ වෙනකොට හීන් දාඩියයි, මහාදාඩියයි දෙකම දාලා. ඌහැදුවෙ දොර දඩ බඩ ගාලා වහන්න. ඒත් ඊට කලින් මං ඉස්සරවුණා. හරියට නිකං විදුලි ස්ත්‍රික්කෙ වගේ. වැරදුනා.. විදුලි කෝචිචය වගේ. ඉසුරුවාටඑන්න බැරිවෙන්න රංගනවත් තල්ලු කරගෙන කාමරේට පැනලා මං දොර වහගත්තා.මගේ ඇස් කාමරේ පුරාම දිව්වෙ ඉමාෂිව දකින්න. ඒත් ඇඳ උඩට වෙලා හද්ද බයේගැහෙන රූපෙ දැක්කම මං ගල් ගැහුණා. මේ හත්තිලව්වෙ වෙනිං කෙල්ලෙක්නෙ. වැඩිය ඕන නම්අවුරුදු දාහතක් ඇති. ඒ අතරෙ එළියෙ ඉන්න ඉසුරුවා මෙලෝ සිහියක් නැතුව දොරට තඩිබාන්නගත්තා.“අ.. අනේ රමිත අයියා.. කාටවත් කියන්නෙපා..”“කියන්නෙපා.. උඹ මහ කැලෑ සතෙක්නෙ යකෝ.. එෆෙයාර් එක නැවතුණ හන්ද අරකෙල්ල අරහෙ නොකා නොබී අඩනවා. තෝ මෙහේ වෙන කේලලො එක්ක කාමර ගානෙ රිංගනව.. ෂිහ්.. උඹනම් පිරිමි ආත්මයක් වෙන්න බෑ..”“රමිත අයියා..”“කට වහගනිං නරියා... මං උම ගැන හිතුවෙ මොන කරුමෙකට හරි ඩ්‍රග්ස් ගන්නපුරුදු උනත් උඹේ හිතවත් හොඳ ඇති කියග.. උඹේ බොක්කවත් හොඳ ඇති කියලා.. උඹේ ආදරේවත්අවංක ඇති කියලා.. බැලුවහම උඹ මහ කැත සතෙක් රංගන..”තව ඩිංගක් ගියොත් ඉසුරු දොර කඩනවා. ඒක හන්දම මං දොර ඇරියා. ලේ කෝපවෙච්ච දේවදත්ත වගේ කාමරේට ආපු ඉසුරුත් අර කෙල්ල දැක්කහම අවුල් වුණා. ඌ බලනව ඇති මේහරුපෙ මොකක්ද කියල..“මො.. මොකක්ද රමියා මෙතන වෙන්නෙ...”“උඹට කලබල වෙන්නැතුව ඉන්න කියලා මං කිව්වෙ ඒකයි.. මූ වෙන කෙල්ලෙක්ගෙනල්ලා..”මං හිතුවෙ ඒක අහපුවම ඉසුරු තවත් කුලප්පු වෙයි කියල.. ඒත් හිතුවෙ නැතිවිදියට ඉසුරු මගේ අතින් අල්ල ගත්තා.“අ.. අපි.. යමු රමී..”“යමු කියන්නෙ...”“තවත් මෙතන ඉඳල වැඩක් නෑ.. මොන දේ උනත් මට මගේ නංගි ගැන දුකයි රමියා..හ්ම්.. අපි යමං..”තවත් පාරක් රංගනයයි අර කෙල්ලයි දිහා බලල මං ඉසුරු එක්ක කාමරෙන් එළියටආවා. ඒ එක්කම රංගනයා කලබලයෙන් දොර වහගන්න සද්දෙ මට ඇහුණා. නිවාඩු නිකේතනයෙන් මහපාරට එනකල්ම ඉසුරු වචනයක් කතා කලේ නෑ. ඌහිටියෙ බර කල්පනාවක.“රමියා..”“ම්..”“උඹව කොතනින්ද දාන්න ඕනෙ.. ගෙදර ගාවින්ද... නැත්නම් ආයෙම අරකිහම්බවෙන්න යනවද...”“අරකි කිව්වෙ...”“නදිනිද කවුද...”“ඒකිගෙ හුළඟක්වත් දැන් නැතුව ඇති. මාව ගෙදර ළඟින් බස්සපං.. ඒක නෙමේ..මොකෝ උඹ අවුල් වෙලා...”“නෑ බං.. මං ඉස්සෙල්ලත් කිව්ව වගේ නංගි ගැන මට දුකයි බං..”“දුක් වෙන්න දෙයක් නෑ බං.. රංගනයා කිසි කැතක් නැතුව හැව ඇරලනේ..”“ඒ උනාට නංගිගෙ හිතේ තාම තියෙනව රමී..”“ඒක අපි ඉමාෂිට තෝරල දෙමු.. දෙන්නගෙ ආදරේ නවත්තන්න කියලා වෝනින් එකදීලා තාම සති දෙකක්වත් ගියේ නෑ.. මූ කෙල්ලො අරගෙන රූම් ගානෙ රිංගනවා.. මාර ආදරේමචං..”“තෑන්ක්ස් රමියා..”කතාව අස්සෙ ඉසුරු මට ස්තුතියක් දුන්නා..“මොකටද...”“මාත් එක්ක ආවට..”“තෑන්ක්ස් කරන්නෙ පිට එවුන්ටනේ බං.. මං පිට එකෙක්ද...”“නෑ.. එහෙම හිතන්නවත් එපා.. උඹ වගේ ඔලුව පාවිච්චි කරල වැඩ කරන්න මටබෑ.. තව ඩිංගෙන් මං රංගනයව මරනවා.. ඒ තරම් කේන්තියක් මගේ හිතේ තිබ්බෙ.. මං හිතුවෙමනංගි එතන ඇති කියලා.. උඹ නොහිටිය නම් මං දෙක තුනක් ඇනල තමයි රංගනගෙන් තොරණෙවිස්තරේ අහන්නෙ..”ඒක නම් ඇත්ත තමයි කියල ගේ ගාවින් බහිද්දි මට හිතුණා. තව කොට බිස්නස්එකක් රෑට තියෙනව කියල ඉසුරු පිඹගෙන ගියා.“යසයි ගෙදර එන වෙලාව..”ගෙට ගොඩවෙන්න හම්බ උනේ නෑ. යසලාලක තිස්ස දොරටුපාලයා වගේ අයියා ඇඟටමකඩන් පැන්නා. මූටත් ඕන්නැති ඉඳි ඇටයක් නෑ. ඕන එකටයි එපා එකටයි හැම එකටම හොම්බදානවා. මගේ දැනුමේ හැටියට නම් මූ තමයි මට ඉන්න එකම ජන්මාන්තර වෛරක්කාරයා.. මගේ පරමහතුරා.. ඔලුව මැදට ගල් පෙරළන දේවදත්තයා.“ඇයි...”“හැයි අහන්නෙ... හතර අතේ රස්තියාදු ගහනවා.. අපිටවත් පාරෙ බැහල යන්නබෑ.. කසියා ගහන ඈයොය්, කැලෑ පාලුවොයි, ගෑනු පෙරේතයොයි ඉන්න හැම වහුකුනෙක්ම ආශ්‍රයකරනවා..”“ඒ ඔක්කොම හරි..”“ඈ.. හරි..”“ඔව්.. හැබැයි හැම තැනම කේලම් කියල කොටවන කොන්දක් නැති පිම්පියොඇරෙන්න..”“මොකක්...”මගේ වචන ටික ආයෙ දෙකක් නෑ මිනිහගෙ හදවත පුරෝලා වැදුණා. උපරිමයි..පෙට්ටියෙන් එකයි..“ත.. තමුසෙ කියන්නෙ මං කේලමෙක් කියලද...”“නෑ..”“එහෙනම්...”“ගෙවල් ගානෙ ඕප දූප හොයන නාකි මල හෝන්තුවක් කියල..”“තමුසෙට මං........”අයියකාරයා අත උරුක් කරගෙන මං දිහාට පැන්නා. මූණ ලේ පාට වෙලා තියෙනහැටියෙන් කියතැහැකි ඌට උපරිමේටම මල පැනල කියලා. අනේ අප්පේ මට මොකෝ මළ විතරක් නෙමේ,තවත් මොකක් හරි පැනල ඕකට අර්සස් අමාරුව හැදෙන්න ඕන. උදේට ටොයිලට් යන්න බැරිවෙන්න.“ඇයි ගහන්නද අත ඉස්සුවෙ...”“ඔව්.. බෑ කියලද හිතුවෙ...”“බෑ තමයි.. පුළුවන් නම් ගහනව බලන්න..”අත නෙමේ කකුල උස්සගෙන ආවත් අයියා කාරයට මට ගහන්න බෑකියල මංදැනන් හිටියා. සදාකාලික සහෝදර ප්‍රේමය හින්ද කියලද උඹල හිතුවෙ... පිස්සුද... ඌ මටනහුතෙටම බයයි. ආයෙ දෙකක් නෑ.. ඌ හොඳටම දන්නවා මට අතක් ඉස්සුවොත් අම්මගෙන් බීපුකිරි කටින් එන්න වදිනව කියලා.“ම.. මං තමුසෙට ගහන්නෑ..”“ඇ.. ඇයි...”“බාලවයස්කාරයන්ට ගහන සිරිතක් මගේ ළඟ නෑ..”“ආ.. ඒකත් එහෙමද...”“එහෙම තමයි.. හැබැයි හොඳට මතක තියාගන්නවා.. තමුසෙ මට මේ රිද්දන ඒවට මංතමුසෙට කවදාවත් නම් සමාවක් දෙන්නෑ..”“ආ.. මං තමුසෙට රිද්දුවද... අහන්නත් ආසයි..”“ඔ.. ඔව්.. ඔව්.. ඔව් මිනිහො.. තමුසෙ මට හැමදාම රිද්දනවා.. මං මේවගේපලිය තමුසෙගෙන් ගත්තෙ නැත්තම් මං සමීර නෙමෙයි..”“හොඳයි හොඳයි.. සීත සමීරයක් වෙලා හරි.. තමුසෙ මගෙන් පළිය අරගෙනසැනසෙනවකො.. තමුසෙට බොහොම ඉක්මනට නිවන් යන්න පුළුවන් වෙයි..”“මට කලින් මං තමුසෙව නිවන් යවනවා..”“ඔව්.. ඉතිං තමුසෙ දේවදත්තනේ..”ආයෙ දෙකක් නෑ.. මගේ වචන අයියා කාරයගෙ පපුව බරු ගහගෙන යනව ඇති.. උගේමූණ මහා පරිමාණ කේන්තියකින් විරූප වෙලා තියෙන හැටි බලන්නත් ආසයි.. මුගේ ශරීර වර්ණයමට වැඩිය කළු පාට වෙලා ඇත්තෙ හිතේ තියෙන කුණු හොන්ඩරේ හින්ද වෙන්න ඇති. නැත්තම්හත් දෙයියනේ එක මව්කුසින් ආව නම් මං වගේම කිරිසුදු පාටට ඌත් ඉන්න එපෑය.“හා.. මං.. මං දේවදත්තයා... එ.. එතකොට තමුසෙ මොකාද...”අනේ කුණු සංසාරේ.. මූට කේන්තිය වැඩිකමට බහ තෝරන එකෙක්ගෙ කල දසාව ලබලා.“ආ.. මම ද...”“ඔව්.. තමුසෙ කවුද...”“මං ඉතිං මේ ජාතියෙ පිනට පහල වෙච්චි පිච්ච මලෙන් ඉපදුන සපුමල්කුමාරයා..”“එ.. එහෙමද.. ම.. මං බලාගන්නම්කො..”මං හිතන්නෙ මං කියපු එක ඌට තේරුණේ නෑ.. බිං ඌරා වගේ හා හූ ගාගෙනපැත්තකට ගියේ ඒකයි.ඔන්න ඔහොමයි අප්පා මට ඉන්න සහෝදරයගෙ සහෝදර ප්‍රේමයෙ තරම.ඌඉන්නෙම මගෙත්තෙක්ක හරහට. ඌට මාව පේන්න බෑ. මට නම් ඌව කොහෙත්ම පේන්න බෑ.
|
BLOG
|
2014.06.26
|
http://sithuwilisuwadakakulu.blogspot.com
|
අකුරට යනවයි කියලා
|
malmi
|
අකුරට යනවයි කියලාටිකිරි අයියා බැදි වලමයිඉන්නකො මම ගුරු ගෙදරටගිහින් කියන්නම්ගිහින් කියලා පොඩි නැන්දටඅල්ලල දෙන්නම්මාළු ඇඹුල් තියල් කරලපොල් සම්බල රහට හදලඇල් හාලේ බතුත් එක්කඅනල කවන්නම්කවන ගමන් මමත් කවනතරමට කන්නම්කරුවල ඇති වැහි දවසටමහ රෑ මැද ලගින් ඉදන්පල් හොරු ගැන හොල්මන් ගැනකතා කියන්නම්කතා කියලා බය ඇරෙන්නවිහිළු කරන්නම්(ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා).
|
BLOG
|
2013.10.19
|
http://sithuwilisuwadakakulu.blogspot.com
| null |
malmi
|
4pt 0in 5.
|
BLOG
|
2014.12.15
|
http://www.ellamixcom.tk/
|
මෝයි පිළිම හැදුවේ පිටසක්‌වලයෝද
|
Chaminda Ella
|
වභාව ධර්මයේ විසිතුර තුළ තිබෙන ගුප්ත දේ ගැන තොරතුරුවලට පවා නිසි පරිදි හසු වෙන්නේ නැහැ. පාස්‌කුදුවේ පිහිටා තිබෙන මෝයි පිලිමත් ඒ විදිහට නොවිසඳුන අබිරහස් ලැයිස්‌තුවට ඇතුළත් වෙනවා. ලන්දේසි දේශගවේශක "යාකොබ් රොගෙවින්" 1772 වසරේ ගිනිකොනදිග පැසිµsක් සාගරයේ දුපතකට ගොඩ බැස්‌සා. ගහක් කොළක් නැති මේ දුපතේ මේ විදිහට යෝධ පිළිම ඉදි කළේ කවුද කියන ප්‍රශ්නය යාකොබ්ගේ සිතට ඇති වුණා. මුලින්aම මෙතැනට පැමිණියේ යාකොබ් රොගෙවින් වෙන අතර ඔහු මේ දූපත පාස්‌කු දිවයින යනුවෙන් නම් කරනු ලැබුවා. මෙම පිළිම "මෝයි පිළිම" යනුවෙන් හඳුන්වනවා. ඔහු තමන්ගේ වාර්තා පොතේ තබා ඇති සටහනට අනුව දූපතේ මුල් පදිංචි කරුවන් කවුද. මේ පිළිම නෙළුවේ කවුද. ලී කොටන් හෝ කඹ නොමැතිව මේවා ගෙනාවේ කවුද. පිළිම නෙළන්නට භාවිත කරන ලද තාක්‌ෂණය කුමක්‌ද. යන ප්‍රශ්න වෙනුවෙන් තවමත් පිළිතුරක් නැහැ. පොලිසියානු ජාතිකයන් දැනට දූපතේ සිටින අතර ඔවුන් මෙම දූපත හඳුන්වන්නේ "රපා නුසි" හෙවත් "මහා දූපත" යන නමින්. 1888 වසරේදී මෙහි අයිතිය චිලි රාජ්‍යට තිබුනත් දැන් මෙම දුපත් පිහිටීම චිලි රටේ සැතැපුම් 2,237 ක් දුරින් පිහිටි ගිනිකොනදිග පැසිෆික් සාගරයයි. මෙහි උස අක්‍රිය ගිනිකඳු තුනක් පිහිටා තිබෙන අතර යමහල් කුහරයන්හි පිහිටි විල් තුනකි. සෞම්‍ය දේශගුණයක් සහිත මේ දූපතට වැසි ජලය අඩුයි. උල්පත්, ළිං සහ විල් ජලය ලබා ගෙන සත්වපාලනයේ නිරත වෙනවා. වර්ග සැතැපුම් 63.9 ක් විශාල මේ දුපතේ තිබෙන මෝයි පිළිම නෙළන්න ඇත්තේ මෙහි වාසය කළ රපා නුයි ගෝත්‍රිකයන් කියලා විශ්වාස කරනවා. මිලියන තුනකට එපිටදී සිදු වුණු රානෝ රාරාක ගිනිකඳු පිපිරිම් වලින් මේ දුපත නිර්මාණය වුණා කියලා විශ්වාස කරනවා. නමුත් අද වන විට මේ දුපතේ තිබෙන්නෙ බොහොම සෞම්‍ය දේශගුණයක්. වැස්‌ස අඩු හින්දා වතුර ලබා ගන්නේ ගංගා ඇළ දොළවල්වලින්. විශාල තණ බිම් ඈතට විහිදිලා තිබෙන අතර බැටලුවන් පාලනය මිනිසුන් ආර්ථිsක රටාව වි තිබෙනවා. 20 වැනි ශතවර්ෂයේදී මේ දුපතට පැමිණි මානව විද්‍යාඥයෙකු වු තෝදා හෙයඩාල් කියන්නේ මේ අය දකුණු ඇමරිකාවෙන් පැමිනෙන්න ඇති කියලයි. අහු නමින් හඳුන්වන වේදිකාවන් පුරාණ දූපත් වාසින් පුද පුජා පවත්වන ලද ස්‌ථාන විදිහට හෙයාඩාල් අනුමාන කරනවා. මේ පිළිමවලින් පෙන්නුම් කරන්නේ දූපත් වැසියන්ගේ මුතුන් මිත්තන් වෙන්නැති කියලා අනුමාන කළත් ඒ මුතුන් මිත්තන් කවුද කියලා තවම තිරණයක් නැහැ. මෙම මෝයි පිළිම තුළින් ඉන්කා සහ ටිහිටි කළා නිර්මානයන්හි ආභාෂය දැක ගත හැකි වුණත් පාස්‌කු දූපතේ තොරතුරු ගැන තවමත් අනුමානයන් ගොඩනඟා ගැනිමටවත් පුරාවිද්‍යාඥයන් අපොහොසත්ව සිටිනවා. එරික් වොන් ඩැනිකෙන් විසින් රචිත Chariots of Gods කෘතියට අනුව නම් අනුමාන කරන්නේ මෙම පිළිම දුපතේ අතරමංඋන පිටසක්‌වල ජිවින් විසින් ඉදි කරන්නට ඇත්ද යන්නයි. එම අතරමංව සිටි කාලයේදි මෝයි පිළිsම ඉදි කළ ඔවුන් පසුව එයින් නික්‌ම යන්නට ඇති බවක් අනුමාන කරනවා. අද වෙන විට පිලිම 600 ක් විතර තිබෙනවා . ඒවා උසින් අඩි 3 සිට 66 ක් විතර වෙනවා. ඒවායේ බර ටොන් 80 ක් වෙනවා මේදාදුපතේ පිහිටි ලෙන් තුළින් හමුවුන ඇටසැකිලි ගල් හා කැටයම් බොහොමයි. ඒ වගේම "රොන්ගෝ රොන්ගෝ" නමින් හඳුන්වන චිත්‍ර අක්‌ෂර කොටන ලද පුවරු කිපයක් තිබුනත් කිසිම කෙනකුට ඒවා කියවන්න හැකියාවක් ලැබුනේ නැහැ. නමුත් මේ අක්‌ෂර ඉන්දියානු , මිසර අක්‌සරයන්ට සමාන බැව් පර්යේෂකයන් සඳහන් කරනවා. මෝයි පිළිමවල අභිරහස මේ අතරේ තවත් පැත්තකට ගමන් කලා. පාස්‌කු දිවයිනේ මෝයි පිළිමවල හිස මුදුනත රතු පැහැති තොප්පි පළඳවලා තිබුනා. මේ තොප්පි වෙනුවෙන් යොදා ගෙන තිබුනේ පිළිම නෙලුව පාෂාණ නෙවෙයි. බ්‍රිතාන්‍යයේ පුරාවිද්‍යාඥයින් කණ්‌ඩායමක් මේ අබිරහස සොයා ගෙන යන කොට දුපතේ කුඩා මාර්ගයක් දැක්‌කා. මේ අතරෙ පැරණි ගිනිකඳු කුහරයක රතු ගල් පාෂාණ වර්ගයක්. මේ ගල් වළේදී තොප්පි හදලා ලී කොටන් මත තබා ගෙන තල්ලු කර මෝයි පිළිම පිහිටි තැනට පැමිණෙන්න ඇති කියලා ලන්ඩන්හි මැන්චෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාඥයන් විශ්වාස කරනවා. රතු යබොර හෙවත් යකඩ සහිත පස් සහ ඝනිභවනය වුණ ලාවා වලින් මේ තොප්පි හදලා ඔහු වේදිකාවේ තබා තිබුණු සිරස මත ටොන් ගණනක් බර තොප්පි පැළඳුවේ කොහොමද......... කියන තැනට නම් තවමත් විසඳුමක් නැහැ .මේ මෝයි පිළිම යුනෙස්‌කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට තිබෙනවා.
|
BLOG
|
2014.12.12
|
http://www.ellamixcom.tk/
|
මහ ලේකම් කජ්ජ
|
Chaminda Ella
|
එක්‌සත් ජාතික පක්‌ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක ආණ්‌ඩු පක්‌ෂයට එක්‌වුණේය. ඔහු ආණ්‌ඩු පක්‌ෂයට එක්‌වන්නේ ජනාධිපතිවරණය ස`දහා නාමයෝජනා භාරගන්නට යෙදුණු පසුගිය ස`දුදාය. එදින අරලියගහ මන්දිරයට ගොස් එක්‌සත් ජනතා නිදහස් සංධානයට එක්‌වීමෙන් අනතුරුව තිස්‌ස අත්තනායක ජනාධිපතිවරයා සමග දිවා ආහාරය ගෙන සතුටින් නික්‌ම ගියේය. නාමයෝජනා භාරදී පැමිණ ජනාධිපතිවරයා සිය පාක්‌ෂිකයන් ඇමතුවේය. ඔහු කීවේ තමන්ව අවතක්‌සේරු නොකරන ලෙසත් මහලේකම් වරයෙක් යනවිට මහලේකම් වරයෙකුගේ ගැනීම තමන්ට මහලොකු කජ්ජක් නොවන බවත්ය. මෙවැනිම සිත්ගන්නා සුළු කතාවක් ජනාධිපතිවරයා විසින් මීට ටික දිනකට පෙර කරනු ලැබුවේය. ඒ පොදු අපේක්‌ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත්වීමත් සමගය. එදා ඔහු කීවේ කාගෙ කාගෙත් ෆයිල් තමන් ළඟ ඇති බවය. එහෙත් ඒවායින් ප්‍රයෝජනය නොගන්නා බවය. ජනාධිපතිවරයා හිනාවෙවී කියනා මේ කතාවල ඇති යථාර්ථය සිහිබුද්ධිය ඇති කවුරුත් තිගස්‌වන සුළුය. කුඩුකාරයන්, එතනෝල්,කාරයන්,මිනී මරුවන්,ගංජා ජාවාරම්කාරයින්, සූදු කාරයින් මෙන්ම හරක් හොරුන්ගෙන්ද සමන්විත අපේ රටේ අමාත්‍ය මණ්‌ඩලය ගැන ජනතාවට අදහසක් තිබිණි. අමාත්‍යවරුන් 33 දෙනෙකුට අදාළව වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ ඇති බව කියන ෆයිල් ගැනත් මිනිසුන් අසා තිබෙන්නේය. එහෙත් ඒ අදහස සනාථවන ආකාරයේ ප්‍රකාශයක් රටේ විධායක ජනාධිපතිවරයාගෙන්ම අසන්නට මිනිසුන් බලාපොරොත්තු වන්නේ නැත. මහලේකම් හුවමාරුව පිළිබ`ද ඔහු කියනා කතාව මේ ෆයිල් කතාවේම දිගුවක් වැනිය. මේ වනවිට පාර්ලිමේන්තුව පොළක් බවට පත්වී ඇත්තේය. මේ පොළ නිර්මාණය වන්නේ ප්‍රකාශිත ජනාධිපතිවරණයත් සමගය. රට මේ මොහොතේ ජනාධිපතිවරණයක් අපේක්‌ෂා කළේ නැත. මේ ජනාධිපතිවරයාට සියලු වරදාන සමඟ තවත් අවුරුදු දෙකක් රට පාලනය කරන්නට හැකියාව තිබිණි. එසේ තිබෙද්දී ඔහු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර, කිසිම ශිෂ්ට සමාජයක් අනුමත නොකරන ආකාරයේ ව්‍යවස්‌ථා සංශෝධනයකින් ලබාගත් තුන්වන ධුර කාලයක් ස`දහා ජනාධිපති අපේක්‌ෂකත්වය ලබා ගන්නේය. පාර්ලිමේන්තුව පොළක් වන්නේ විධායක බලය සහිත තවත් අවුරුදු හයක් ස`දහා බලයට පත්වීමේ සිහිනය ජනාධිපතිවරයාගේ ඇස් ඉදිරිපිටම පුපුරා යැමත් සමගය. දැන් ඒ පොළේ තරම නවීන් දිසානායක කියන්නේය. ඔහුට ආණ්‌ඩු පක්‌ෂයේ රැ`දී සිටීම ස`දහා ඉදිරිපත්වූ මිල රුපියල් මිලියන සියයකි. ඒ මිලේ තරම දුමින්ද දිසානායක කියන්නේය. එය මිලියන දෙසීය පනහකි. රටේ විධායක ජනාධිපතිවරයා මහලේකම්වරයෙක් වෙනුවෙන් මහලේකම්වරයෙක් ගැනීම තමන්ට මහලොකු කජ්ජක් නොවන බව කියන්නේ මේ පසුබිමේදී බව කල්පනා කළ යුතුය. මෙහි තවත් පැත්තක් තිබේ. රටේ ප්‍රධාන ජාතික පක්‌ෂයක ගෞරවණීය මහලේකම්වරයෙක් පක්‌ෂයෙන් බැහැර වෙන්නේ නම් ඒ බැහැරවීම ගෞරවණීය විය යුතුය. එහෙත් ආණ්‌ඩුවට එක්‌වන තිස්‌ස අත්තනායක ආණ්‌ඩුවට කජ්ජකි. රටට පෙනීයන ආකාරයට සැබෑ ලෙසම ඔහු ආණ්‌ඩු පක්‌ෂයට එක්‌වන්නේ පුහුලම සි`දීගිය කජ්ජක් සේය. කෙසේ වෙතත් තිස්‌ස අත්තනායක මේ ආකාරයේ දුගියෙක් වනු ඇතැයි කිසිවෙක් අපේක්‌ෂා කළේ නැත. ඔහුට පක්‌ෂය තුළ ප්‍රශ්න තිබුණ බව සෑබෑය. ප්‍රශ්න නොමැතිව රටක ප්‍රධාන ජාතික පක්‌ෂයක මහලේකම්කම කළ හැකි නොවේ. ඒ ප්‍රශ්න ස`දහා ගෞරවාන්විතව පිළිතුරු සෙවිය හැකි ඉඩක් නිර්මාණය කරගැනීම හෝ නොගැනීම තම තමන්ගේ පෞරුෂ ප්‍රශ්නයක් විනා පාක්‌ෂිකයන්ගේත්, පක්‌ෂයේත්, රටේත් ප්‍රශ්නයක් නොවේ. එහෙත් විපක්‌ෂයක් වශයෙන් මෑත ඉතිහාසයේ අතිශය ගෞරවණීය තැනකට පැමිණ රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලයට අභියෝග කර දශක දෙකකට ආසන්න කාලයකට පසු ආණ්‌ඩු බලය අත්පත් කරගන්නට අතපොවන මානයක සිටින විට එම බලවේගය මෙහෙයවන ප්‍රධාන විපක්‌ෂයේ මහලේකම්වරයා පක්‌ෂයෙන් ඉවත්වේ නම් ඔහුට ඒ ස`දහා සෑහෙන සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකි විය යුතුය. එළියට පැමිණි තිස්‌ස අත්තනායක කියන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය රැගෙන යන වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නැති බවය. එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ට අවශ්‍ය එක්‌සත් ජාතික පක්‌ෂ රජයක් බවය. මේ ගහන සංධානයෙන් පාක්‌ෂිකයා ඉවතට තල්ලු කරන දමන බවය. එසේ කියන තිස්‌ස අත්තනායක යූඑන්පීකාරයින් ආරක්‌ෂා කරන ඔවුන්ගේ අනන්‍යතාවය රැකගන්නා වැඩපිළිවෙලක් තෝරන්නේය. ඒ ස`දහා ඔහු එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත්ව අරලියගහ මන්දිරයට යන්නේය. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ හමුවන්නේය. ඔහු සමග දිවා භෝජනය ගෙන සල්ලාපයේ යෙදී අවසානයේ එක්‌සත් ජනතා නිදහස් සංධානයට එක්‌වන්නේය. ඔහුට අනාගතයේ කැබිනට් ඇමැතිකමක් ලැබෙන බව දැනට ප්‍රකාශිතය. මෛත්‍රිපාල සිරිසේනට මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව හැරදා පැමිණෙන්නට දේශපාලන හේතුවක් තිබිණි. ඒ ස`දහා ඔහු සිය බලවත් කැබිනට් ඇමති ධුරය අත්හරින්නේය. වරදාන අත්හරින්නේය. මෛත්‍රිපාල සිරිසේන අභියෝග කරන්නේ නැකැත්කරුවන් කියන දේ හැර කිසිවෙක් නොවිමසනා, කිසිවෙකුට ඇහුම්කන් නොදෙනා පුද්ගලයෙක් හා පවුලක් වටා ගොනුවන මුග්ධ ඒකාධිපති බලයකටය. ඔහු එළියට බහින්නේ රටේ දල ජාතික සංවර්ධන අගය වෙනස්‌කර ලෝකයට ඉදිරිපත් කරමින් පොලියට ණය ගන්නා පාලකයන්ට අභියෝග කරමිනි. ඒ පොලී සල්ලි වලින් ඩොලර් මිලියන ගණන් ගසාකන පාලනයට අභියෝග කරමිනි. රටේ ආදායම නියම ප්‍රමාණයට වඩා සියයට විසිපහක් වැඩිකොට අයවැය හරහා ප්‍රකාශ කරමින් බදුගෙවන මිනිසුන්ට බොරු කරන පාලකයන්ට අභියෝග කරමිනි. ණය පොලිය රටේ ආදායමට වඩා ඉහළ ගිය බංකොලොත් ආර්ථිකයක් සහිත රටක පාලනයට අභියෝග කරමිනි. මෙවැනි පාලකයෙකුට තවත් වසර හයක පාලන දිගුවක් ලබාදීමේ පාපකර්මයට හවුල් නොවීමට තීරණය කරමිනි. රටට අවශ්‍ය මොහොතක දේශපාලන තීන්දුවක් ගනු ලබන ජන පදනමක් සහිත වෘත්තීය දේශපාලකයෙකුගේත්, දුර්වල පුද්ගල චරිත සහිත නාමික මහලේකම්වරයෙකුත් අතර අන්තරය මේ දේශපාලන තීන්දු තුළම තිබේ. ජනාධිපතිවරයා කියන ආකාරයටම තිස්‌ස අත්තනායක මහලේකම් කජ්ජකි. කජු නම් ගෝනි ගණනින් ගස් යටදී අහුලා ගත හැකිය. ආණ්‌ඩුවට එන අයට මෙන්ම ආණ්‌ඩුවෙන් යන්න සැලසුම් කරන අයටත් මිලක් ලැබීම ගැන කතාව ඇහෙන්නේ මේ වටපිටාවේය. මුල්ම රාවය පැතිරයන්නේ ආණ්‌ඩුවෙන් හැට හතරක් පක්‌ෂ මාරුවකට සැරසෙන බවය. විමල් වීරවංශ කීවේ එය විදේශ කුමන්ත්‍රණයක් කියාය. දේශප්‍රේමී ආණ්‌ඩුව පෙරළා දමන්නට දෙමළ ඩයස්‌පෝරාවත්, විජාතික බලවේගත් මුදල් පොම්ප කර ඇති බවය. ඔවුන් පවසන ආකාරයට ලංකාවේ ජනාධිපතිවරයාගේ බලය පෙරළීමට කෙරෙන කුමන්ත්‍රණය නිසා පෙන්ටගනයට රෑට නින්දවත් නැත. මුදල් පොම්ප කර ඇති ප්‍රමාණයට අනුව යුරෝපය දැන් බංකොලොත්ය. එහෙත් අප දකින්නේ අසීමිත ලෙස මුදල් වියදම් කරනා විපක්‌ෂ මැතිවරණ ව්‍යාපාරයක් නොවේ. බිලියන ගණනින් වියදම් කරන ආණ්‌ඩුවේ මැතිවරණ ව්‍යාපාරයකි. පාර්ලිමේන්තු නියෝජිතයන් මිලදී ගැනීම් ගැන ඇසෙන්නේත් ආණ්‌ඩුව පැත්තෙනි. එසේ සිතීමට ඉඩ ඇති තර්කයක් තිබෙන්නේය. බලය ගිලිහෙනු ඇතැයි සිහිනෙනුදු නොසිතන අය, නොසිතන මොහොතක ඇතිවන තම අස්‌ථාවරත්වය ගැන වටහාගත් විට ඉන් කම්පනයට පත් වන්නේය. අලුත් මිලදී ගැනීම් අවශ්‍ය වන්නේ එවන් පසුබිමකය. මිල නියම වන්නේ තැතිගැන්මේ තරම අනුවය. වටහා ගත හැකි ආකාරයට තැතිගැන්මේ ප්‍රමාණය ලයිට් කණුවක් නෑර එල්ලී සිටින කටවුට් වලින් පෙනෙන්නේය. දිනපතා ලබාදෙන දන්සල්වලින් පෙනෙන්නේය. හන්දියක් නෑර ඉදිකර ඇති දැවැන්ත රූප වලින් පෙනෙන්නේය. නැකැත්කරුවන්ගේ වන්දනාව ලැබ එළියට බැස සුභ දිශාව සොයා නාමයෝජනා දී අනතුරුව විදේශයන්හි කෙරෙනා කෝවිල් වන්දනාවෙන් පෙනෙන්නේය. මේ තැතිගැන්ම බොහෝ දේ පවසමින් ඇත්තේය. ජනතා මුදල් කොල්ල නොකෑවේ නම්, ඒ කොල්ලකෑම ඔප්පු කළ නොහැකි නම් තැතිගැන්මක් අවශ්‍ය නැත. එහෙත් නොරොච්චෝල බලාගාරය ඉදිකිරීමේ ක්‍රියාවලියේදී කෝටි හයදහසක අතාර්කික වියදම් ගැන ප්‍රශ්න කෙරෙන විට, අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක් ඉදිකිරීම ස`දහා කෝටි හත්සිය තිස් දෙකක් වැය කළ බව රජයේ සිටි අමාත්‍යවරුන්ම සහේතුකව කියනවිට, මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ සිදුවී ඇති බිලියන ගණනක අතාර්කික වියදම් ගැන කියෑවෙනවිට ගැහිලිවල ප්‍රමාණය ගැන රටට අදහසක් ලැබෙන්නේය. හිටපු අමාත්‍ය චම්පික රණවකට අනුව මේ ගැහිsලි ගහන්නේ හො`දට වැඩේ ගැන දන්නා කට්‌ටියකි. ගහන්නේ 'ටෙන් පසන්ට්' නොව, 'තවුසන් පසන්ට්'ය. 'ෆයිවු තවුසන් පසන්ට්'ය. මේ හොරුන් කොටුකරගැනීම ස`දහා තාක්‌ෂණික විගණනයක අවශ්‍යතාවය ඔහු විසින් පෙන්වා දෙන්නේය. ඒ අනාගත හෙළිදරව්වීමේ අවදානම මේ තැතිගැන්මේ තිබෙන්නේය. බඹරය හැමදාම වැල්ලේ කැරකෙන්නේ නැති බව අප ලියා තැබුවේ හලාවත දී ධීවරයින් වෙඩිතබා ඝාතනය කළ දිනයේය. බඹරය කැරකී හමාර බව වැටහෙන විට තැති ගන්නේය. රටේ ආර්ථිකයෙන් සියයට හැට පහක් සිය සහෝදරයින් අතර බෙදා නොගත්තේනම් තැතිගැන්මට හේතුවක් නැත. රටේ ඉපැයීම් ප්‍රමාණය, ආර්ථික දර්ශක ඉලක්‌කම් මගඩි හරහා වෙනස්‌කර ලෝකය රවටා ණය ගත්තේ නැත්නම් බියවෙන්නට කාරණයක් නැත. එහෙත් සිහිනයෙන් මිදී යථාර්ථය අවබෝධ වනවිට තැති ගැන්නේය. ඉතිහාසයේ මුල්ම වතාවට පක්‌ෂ දේශපාලනයේ පටු චින්තන රාමුවෙන් නිදහස්‌ව මිනිස්‌සු සංධානගතව සිටිති. එය රටක් ලෙස අපේක්‌ෂා කළ යුතු දියුණු දේශපාලන ප්‍රවේශයකි. පාලකයන් තැති ගන්වන දේශපාලන ප්‍රවේශයකි. එපමණක් නොව, එය ආණ්‌ඩුව විසින් මතුරන බිහිසුණු දෙමළ ඩයස්‌පෝරාවත් තැතිගන්වන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකි. පාලකයන් මෙන්ම මෙවැනි බෙදුම්වාදී පිරිසුත් දකුණේ උපදින මේ නව ප්‍රජාතාන්ත්‍රවාදී පරිසරයක් ඉවසන්නේ නැත. දෙමළ ඩයස්‌පෝරාවේ දේශපාලන න්‍යායපත්‍ර පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක්‌කේ වර්තමාන ඒකාධිපති ස්‌වරූපයේ දේශපාලන යාන්ත්‍රණයක් රට තුළ පවතින තුරුය. ඇත්ත නම් පවතින දේශපාලන තත්ත්වය මේ බෙදුම්වාදී කොටස්‌වල අපේක්‌ෂාවකි. මේ දියුණු දේශපාලන අවබෝධයක් සහිත මිනිසුන් විමල් වීරවංශ කියන ආකාරයට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ යුද අධිකරණයට ගෙනගොස් විදුලි පුටුවේ නොතබන බව දන්නේය. ජිනීවා වල රටට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ යෝජනාව අවස්‌ථා දෙකකදී සම්මත වූ පසුත් ජනාධිපතිවරයා ගළග්‍රහයෙන් නොගත් බව දන්නේය. අන්දරේලාගේ වෘත්තිය විහිළු කිරීම බව මේ මිනිස්‌සුන්ට වැටහෙන්නේය. රටේ යුද්ධය හමාර කළ නායකයා මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාය. ඒ පිළිබ`දව ඔහුට ඇති ගෞරවය අපේ රටේ මිනිස්‌සුන්ගෙන් මැකී යන්නේ නැත. ඉතිහාසයේ ඔහුට හිමි භූමිකාවේ ගෞරවණීයත්වය නැති වන්නේත් නැත. එහෙත් ඒ ගෞරවය සමාජය ඉදිරියේ ආරක්‌ෂා කරගැනීමට ඔහු අපොහොසත් වී ඇත්තේය. පසුගිය වසර හතරක කාලය තුළ ඔහු රට හමුවේ ප්‍රකට කළ දූෂිත, ඒකාධිපති වියරුවක් සහිත විකල් දේශපාලන හැසිරීමේ දිගුවක් ඉවසන්නට මේ රටේ මිනිසුන් සූදානම් නැති බව ප්‍රකට වෙමින් තිබේ. ඔහු වටේ සිටින අන්දරේලා මේ ඇත්ත තේරුම් කරන්නට යන්නේ නැත. තේරුම් කරදෙන්නට ගියවුන් දැන් ආණ්‌ඩුවේත්a නැත. අවසානයේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාට සිය ධූරය අත්හරින්නට වන්නේ අන්තේවාසිකයින් විසින් රවටනු ලදුව බිහිසුණු ලෙස බි`දවැටුණු අපේක්‌ෂා රහිත මිනිසෙකු ලෙසය.
|
BLOG
|
2014.12.08
|
http://www.ellamixcom.tk/
|
ඇන්ටාක්‌ටිකාවේ පියාඹන පීරිසි හදන කඳවුරක්
|
Chaminda Ella
|
1946 දී එක්‌සත් ජනපද නාවික හමුදාව විසින් ඇන්ටාක්‌ටිකාවේ විද්‍යාත්මක ගවේෂණයක් ආරම්භ කරනු ලැබීය. හයිජම්ප් යන මෙහෙයුම් නාමය ගත් එම විද්‍යාත්මක ගවේෂණයට අයත් නාවික අංග හැඳින්වූයේ 68 වැනි කාර්යය බලකාය ලෙසිනි. එයට 4700 ක හමුදා සේවක පිරිසක්, ගුවන් යානා ගෙන යන නැවක්, නාවික යාත්‍රා සහ ගුවන්යානා ඇතුළත් විය. ගවේෂණය මෙහෙයවනු ලැබුවේ අද්මිරල් රිචඩ් බර්ඩ් මහතාය. ඇන්ටාක්‌ටිකා ගවේෂණයට මාස 6 ක කාලයක් වෙන් වී තිබුණත් නාවික පිරිසට මුහුණදීමට සිදුවූ මාරක විපත් නිසා පැවතියේ සති 8 ක පමණ කාලයකි. චිලී රටේ වරායන් ඔස්‌සේ ආපසු යමින් සිටියදී නාවික පිරිස වරින් වර තමන්ට මුහුණ පාන්නට සිදු වූ විපත් පිළිබඳව පුවත්පත් වලට පවසා තිබිණි. අද්මිරාල් බර්ඩ් මහතා පවා ඒවා ප්‍රතික්‌ෂේප කිරීමට ඉදිරිපත් නොවීය. ධ්‍රැවයෙන් ධ්‍රැවයට විශ්වාස කළ නොහැකි වේගයකින් පියැඹිය හැකි අලුත් සතුරෙකු හමුවූ බව අද්මිරල් බර්ඩ් මහතා චිලියානු පුවත් පත් සාකච්ඡාවකදී හෙළි කර සිටියේය. ඔහු කළ ප්‍රකාශ චිලියානු පුවත්පත්වල පළ වුවත් ඒවා එක්‌සත් ජනපද බලධාරීන් අතින් කිසිම විටක ප්‍රසිද්ධියේ තහවුරු කිරීමක් සිදු නොවීය. අද්මිරල් බර්ඩ් මහතා නැවත හයිජම්ප් මෙහෙයුම ගැන පුවත්පත්වලට කතා නොකළේය. ගවේෂණයෙන් පසුව ඔහුට සිදුවුණේ 1955 වන තෙක් රෝහලක මානසික වාට්‌ටුවක කල් ගත කරන්නටය. 1991 දි සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු කේ ජී බී සංවිධානය අද්මිරාල් බර්ඩ් මහතාගේ ඇන්ටාක්‌ටිකා ගවේෂණය හා සම්බන්ධ පෙර රහස් ලිපිගොනු නිකුත් කරනු ලැබීය. ඒවා මෑතකදි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබූ අතර එයින් අද්මිරාල් බර්ඩ් මහතාගේ අද්භූත ගවේෂණයේ යටපත් කළ තොරතුරු නැවත මතුවීමක් සිදුවිය. එක්‌සත් ජනපදයේ සිටි සෝවියට් ඔත්තු බලන්නන්ගෙන් එකතු කර ගත් රහස් වාර්තාවන්ට අනුවද අනාවරණය වූයේ එක්‌සත් ජනපද නාවික හමුදාව සැඟවුණු නාසි මූලස්‌ථානයක් සොයාගෙන විනාශ කිරීමට හමුදාමය ගවේෂණයක් දියත්කළ බවයි. අතරමඟදී ඔවුන්ට අද්භූත හඳුනා නොගත් පියාඹන යානා සේනාවක් හමු වී ඇති අතර ඔවුන්ගේ පහර දීම නිසා ගවේෂණ පිරිසේ නාවික යාත්‍රා සහ ගුවන් යානා කීපයක් විනාශ වී ඇත. සෝවියට් රහස් තොරතුරු වාර්තා වල එක්‌සත් ජනපද නාවික හමුදාවේ සේවයේ යෙදුණු දෙදෙනෙකුගේ පියාඹන යානා පිළිබඳව ඇසින් දුටු සාක්‌කිද විය. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය පරාජය කළත් නාසි හමුදාවේ පිරිසක් සහ විද්‍යාඥයන් පිරිසක් ඇන්ටාක්‌ටිකාවේ පිහිටුවූ කඳවුරකට පලාගොස් පිටසක්‌වල තාක්‌ෂණය මත දියුණු ගුවන්යානා තැනීම කරන්නේ යෑයි කටකතා පැතිරී තිබිණි. හඳුනා නොගත් පියාඹන යානා පිළිබඳව පර්යේෂණ කරන්නන් පවා ස්‌වස්‌තිකය හෝ කතිරය සලකුණ ඇති පියාඹන පීරිසි සහ ජර්මන් භාෂාව කතා කරන පිටසක්‌වල ජීවින් පිළිබඳ තොරතුරු දැන සිට ඇත. බොහොමයක් තොරතුරු පැහැරගැනීමට ලක් වූවන් පැවසූ විස්‌තර වලින් ලද ඒවා විය. බොහෝ අය කියා සිටියේ ඔවුන්ව බිත්ති වල ස්‌වස්‌තිකය සලකුණු කර තිබූ පොළව යට ස්‌ථානයකට ගෙන ගිය බවයි. පැහැර ගැනීමට ලක් වූවෙක් වූ ඇලෙක්‌ස් ක්‍රිස්‌ටෝපර් පොළව යට ස්‌ථානයක ගුරුත්වාකර්ෂණය නැති යානාවක් තුළ නාසි හමුදා මිනිසුන් සමඟ උරග හා මිනිස් පෙනුමක සංකලනයක් ඇති මිනිසුන් එකට වැඩ කරන ආකාරය දැක තිබුණි. 959 දි චිලී රටේ විශාල පුවත් පත් 3 ක මුල් පිටුවේ ජර්මන් සෙබළුන් මෙන් පෙනෙන නාවිකයන් තිදෙනෙකු රැගත් හඳුනා නොගත් පියාඹන යානාවක හමුවීමක් පිළිබඳ විස්‌තර දැක්‌විණි. 1960 ගණන් වල ජර්මන් හෝ ජර්මන් ආරට ඉංග්‍රීසි කතා කරන පියාඹන පීරිසි ජීවීන් පිළිබඳව නිව් යෝර්ක් සහ නිව්ජර්සි යන නගරවලින් වාර්තා විය. දෙවැනි ලෝක යුද්ධයට පෙර ජර්මානුවන් ඇන්ටාක්‌ටිකාවේ නොයිෂ්වාබන්ලන්ට් ප්‍රදේශයේ ඉතා පුළුල් අධ්‍යයනයක යෙදී තිබුණි. ඔවුන් යුද්ධයට පෙර එම ප්‍රදේශයේ ස්‌ථානයක පොළව යට කුඩා කඳවුරක් තනන්නට ඇතැයිද අදහසක් විය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවත් ජර්මනිය ධ්‍රැවයේ කරන ක්‍රියාකාරකම් ඉදිරියට කරගෙන යන බවට එක්‌සත් ජනපදය සහ එහි මිත්‍ර හමුදා සැක කරන්නට විය. එසේ සැක කරන්නට බොහෝ හේතු විය. දෙවැනි ලෝක යුද්ධය පැතිරෙන්නට පෙර 1938 දී ජර්මනියේ බවේරියන් කඳු පංතියේ හුදෙකලා ප්‍රදේශයකට හඳුනා නොගත් පියාඹන යානාවක් කඩාවැටුණි. යානාවේ පිරිස ආර්ය වර්ගයට අයත් මිනිසුන් වැනි පෙනුමක් ඇති අය විය. ජර්මනියේ හමුදාව එම යානය ඔවුන්ගේ භාරයට ගෙන තිබුණි. දකුණු අත්ලන්තික් සහ ධ්‍රැව කලාපයේ යුද්ධය පැවති කාලයේ සේම යුද්ධයෙන් පසුවත් නොනැවතී ජර්මානු නැව් සහ සබ්මැරීන් වල ක්‍රියාකාරකම් දක්‌නට හැකි විය. එමෙන්ම හඳුනා නොගත් පියාඹන වස්‌තු දර්ශනගත කිරීම් පිළිබඳ බොහෝ වාර්තා විය. සිය දහස් ගණන් ජර්මානුවන් සහ අඩුම තරමින් යූ බෝට්‌ටු ලෙසින් හඳුන්වන සබ්මැරීන් 40 ක් වත් යුද්ධය අවසානයේදී අතුරුදන් වී තිබිණි. ලේඛනගත කිරීම් සහ ඇසින් දුටු සාක්‌කි වලට අනූව එම යාත්‍රාවන්ගෙන් කොටසක්‌වත් දකුණු ඇමෙරිකාව තරම් ඈතක දක්‌නට ලැබී ඇති අතර ඒවා ඇන්ටාක්‌ටිකාව බලා යමින් සිටියා විය හැකිය. හයිජම්ප් මෙහෙයුම සිදුකෙරුණේ යුද්ධය අවසන් වී එළඹුණු ප්‍රථම ඇන්ටාක්‌ටිකාවේ ගිම්හානයේදීය. ඒ තරම් ඉක්‌මනින් යුද්ධයකින් ආර්ථිකයට විශාල පහරක් වැදී ඇති අවස්‌ථාවක විශාල වියදමක් දරා ගල් අඟුරු සහ වෙනත් සම්පත් සෙවීමට ඇන්ටාක්‌ටිකාවේ ගවේෂණයක යෙදීම විශ්වාස කළ නොහැකි කාරණයකි. එය ඇත්තෙන්ම එක්‌සත් ජනපදයේ ආරක්‌ෂාවට අත්‍යාවශ්‍යයෙන්ම කළයුතු ගවේෂණයක් වූ නිසා කළ මෙහෙයුමක් විය යුතුමය. ඇන්ටාක්‌ටිකාවේ ඇති බිම්ගෙවල් දෙකක ගූගල් අර්ත් සිතියම් රූප ඇතුළත් කළ බ්ලොග් ප්‍රදර්ශන සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ දක්‌නට ලැබේ. එම බිම්ගෙවල් වල පිහිටීම ලෙස(66° 36r® 12.58r®, +99° 43r® 12.72r® and,-66° 55r® 32.17r®, +99° 83r® 82.94r®) දක්‌වා ඇත. රූපවල පෙනෙන පරිදි එක් බිම් ගෙයක කටේ දක්‌නට ලැබෙන ආවරණය කෘත්‍රිම බවක් හැඟේ. සමහර විට එම බිම් ගෙවල් දෙකම ස්‌වභාවික නිර්මාණයක් විය හැකිය. කෙසේ වෙතත් ජර්මානු කඳවුර සහ ඒවා අතර සම්බන්ධයක් ඇත්දැයි සැකයක්‌ද මතුකරයි.
|
BLOG
|
2014.11.29
|
http://www.ellamixcom.tk/
|
බිල්ලාඩන්ට වෙඩි තැබු සීල් භටයා කනස්‌සල්ලෙන්
|
Chaminda Ella
|
ඔසාමා බින්ලාඩන් ඝාතනය කළ ඇමරිකානු නාවික සීල් හමුදා භටයා රොබට් ඕනිල් විදිහට දැන් ලෝකය ඉදිරියේ ඔහු විසින්ම පෙනී සිටිනවා. ජීවිතය නොතකා තමා විසින් ඇමරිකාව වෙනුවෙන් ඉටු කරන ලද සේවාවන් වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලබාම විශ්‍රාම යන්නට සිදු විමේ පශ්චාත්තාපයෙන් යුතුව කියා සිටින්නේ තමා මෙහෙයුම් 300 කට සම්බන්ධව ඇමරිකාව වෙනුවෙන් සතුරන් 300 ක් ඝාතනය කළ බවයි. මේ අතර ඔසාමාගේ ඝාතනය රොබට් විසින් කරන ලද එක් ඝාතනයක් පමණයි. පකිස්‌තානයේ ඇබොට්‌ටාහි නිවසක ජීවත්වෙමින් සිටි ඔසාමා පිළිබඳව ඇමරිකානු රජයට ඔත්තු ලබා දුන්නේ මෙම ප්‍රදේශයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයෙකු වූ ෂකීල් අෆ්‍රsරඩ් විසින්. මේ තොරතුරු ඔස්‌සේ ඔසාමා ඝාතනය වෙනුවෙන් වූ මෙහෙයුම නෙප්චූන් නමින් හඳුන්වනු ලැබුවා. මේ වෙනුවෙන් වු කණ්‌ඩායමට සීල් භටයින් හය දෙනෙකු ඇතුළත් වුණා. ඔසාමාට වෙඩි තබන ලද සීල් භටයා හැඳින්වුයේ "ෂූටර්" යන නමින් 1941 වසරේ ජපානය විසින් පර්ල් වරායට බෝම්බ හෙළීSමත් සමග ඇමරිකා එක්‌සත් ජනපදය ලෝක යුද්ධයට ප්‍රවේශ වුණා. ජපානයට පහර දීම වෙනුවෙන් සතුරා පිළිබඳව බුද්ධි තොරතුරු එක්‌රැස් කිරීමේ අරමුණෙන් කණ්‌ඩායමක් ගොඩනැඟීමට ඇමරිකාව මුල පිරුවා මේ සඳහා මුල් පියවර විදිහට තිදෙනකුගෙන් යුක්‌ත කණ්‌ඩායමක් තෝරා ගෙන එය Naval Combat Demolition Units නමින් හැඳින්වූවා. 1960 දශකය බොහොම සීතල යුද්ධ කාලයක්a. උතුරු වියට්‌නාමයට සෝවියට් දේශයේ සහයෝගයත් දකුණු වියට්‌නාමයට ඇමරිකාවේ සහයෝගයත් ලැබුණා. ගරිල්ලන් වෙනුවෙන් මේ වන විට ප්‍රහාර එල්ල කරන ලද්දේ Green Beret ඒකකයයි. ජෝන් කෙනඩි විසින් මේ වන විට පැවැති Under water demolition Team ඒකකය තවදුරටත් සංවර්ධනය කරමින් මෙම හමුදාවට දිය ගොඩ පමණක් නොව ගුවනේදීත් සිය ක්‍රියාන්විතය මෙහෙය විය හැකි පරිදි මෙම අංශය සංවර්ධනය කරමින් එය Navy seals නමින් නම් කරනු ලැබුවා. වියට්‌නාම් යුද්ධය 1975 වසරේ අවසාන වීමත් සමග නාවික සිල් හමුදාව ද බොහෝදුරට කප්පාදු කරනු ලැබුවා. ඇමරිකාවේ නාවික සීල් භටයකු වීම වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම් අතරට ගැනෙන්නේ ඔහු ඇමරිකාවේ නාවික හමුදා සේවයේ යෙදීම, වයස අවුරුදු 28 ට අඩු වීම, යහපත් ඇස් පෙනුම, ශාරීරික යෝග්‍යතාව පිළිබඳව පවත්වන පරීක්‌ෂණයෙන් සමත් වීම සහ ඇමරිකානු පුරවැසියෙක් වීමයි. නාවික සීල් භටයෙක් වෙනුවෙන් මාස තිහක පමණ කාලයක් පුහුණුව ලැබිය යුතු අතර පුහුණුව අවසානයේ සීල් භටයෙකු ලෙසින් පත්වීමේ වරප්‍රසාදය ලබන්නේ 25% ක් පමණ දෙනෙකි. මෙම පුහුණුqවේදී කිමිදීම, පිහිණීම, නවීන ආයුධ භාවිතය, ගුවනේ සිට පැරෂුට් ආධාරයෙන් පොළොවට පතිත වීම, නාවික යාත්‍රාවන් පැදවීම වැනි ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව සිදු කිරිමේ හැකියාවන් ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ වාගේම BUD/S (Basic under water Demolition/SEAL) පුහුණුවේදී ආතතිය දරා ගැනීමේ හැකියාවෙන් යුක්‌ත වීමත් අවශ්‍යයි. 1957 වසරේ උපන් ඔසාමා බින් ලාඩන් සෞදි අරාබියේ ධනවත් පවුලක පුරුකක්. ඉංජිනේරුවරයෙකු වූ ඔසාමා බොහෝ සෙයින් තැන්පත් චරිතයක් වුවද ඉරාන විප්ලවය, ඇෆ්ගනිස්‌තානයේ සෝවියට් ආක්‍රමණ, ඊජිප්තු ඊශ්‍රායල සාම ගිවිසුම නිසා ඔහු වෙතින් විප්ලවීය ගති ලක්‌ෂණ පහල විය. ඇෆ්ගනිස්‌තානයේ රුසියානු ආක්‍රමණයට එරෙහිව නැඟී සිටි ඔසාමා ඉස්‌ලාම් ලෝකයේ තරුණ ජවය ගොඩනඟමින් එක්‌සත් ජනපදය හා සෞදි අරාබියේ සහයෝගයෙන් පකිස්‌තානයට ගොස් සෝවියට් ආක්‍රමණයට එරෙහි යුද්ධය ආරම්භ කළේaය. සෝවියට් හමුදාවේ පරාජය සමඟ ඔසාමා තමන්ගේ ඉස්‌ලාම් ජවය වෙනුවෙන් පන්නරය ලබා දුන්නේය. 1990 වසරේ සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කරත්ම කුවේට් රාජ්‍යයේ සහයෝගය වෙනුවෙන් ඇමරිකානු හමුදාවන් සෞදි අරාබියේ සිටීම නොරිස්‌සූ ඔසාමා සෞදි රජය විවේචනය කිරීමේ, වරද නිසා එරටින් නෙරපන ලදී. මේ නිසා ඔසාමා තමන්ගේ බිරින්දෑවරු හතරදෙනා සහ දරුවන් දහදෙනාද රැගෙන සුඩානයට ගියේය. නමුත් ඔසාමා සටන අත්හැරියේ නැත. තව තවත් සිය හමුදාව ශක්‌තිමත් කළ අතර එය අල්ඛයිඩා නමින් තමන්ගේ මෙහෙයුම් කණ්‌ඩායම ශක්‌තිමත් කරන ලදී. මෙහිදී ඊජිප්තු සටන් නායක අයිමන් අල් සවාහිර් ද ඔහු සමග එක් වූයේය. 1996 වසරේ ඇෆ්ගනිස්‌තානයට පැමිණි ඔසාමා වරක් කියා සිටියේ එක්‌සත් ජනපද රජයේ අසාධාරණය හා යුද්ධ අපරාධ සමග වූ ආඥාදායකත්වය නොඉවසන නිසා ඇමරිකා එක්‌සත් ජනපදයට එරෙහිව ශුද්ධ යුද්ධයක නිරත වීමට අදහස් කරන බවයි. 1998 අගෝස්‌තු 7 වැනි දින කෙන්යානු හා ටැන්සානියානු එක්‌සත් ජනපද තානාපති කාර්යාලවලට පහර දීමෙන් ඔසාමා ඇමරිකාවට එරෙහි යුද්ධයට පළමු වෙඩිල්ල පත්තු කළේය. මෙහිදි පුද්ගලයන් 224 දෙනෙක් මියගිය අතර එතැන සිටියේ ඇමරිකානුවන් 12 දෙනෙක් පමණි. 2001 සැප්තැම්බර් 11 වැනි දින ඇමරිකාවට එල්ල කළ ප්‍රහාරය සමග ඔසාමා වරෙන්තුකරු වුවත් ඇෆ්aගනිස්‌ථානය විසින් ඔහු ඇමරිකාවට භාර දීම ප්‍රතික්‍ෂේප කළේය. මේ නිසා ඇමරිකාව ඇෆ්aගනිස්‌ථානය ආක්‍රමණය කොට තලේබාන් රජය පෙරළා දැම්මේය. එතැන් පටන් පකිස්‌තානයේදී මියයන තෙක් ඔසාමා සැඟව ජීවත් වූයේය. මේ අතර ලැබුන තොරතුරකට අනුව පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නුවර අසල සැඟව සිටින ඔසාමා පණ පිටින් අල්ලා ගැනීමට හෝ ඝාතනය කිරීමට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාගේ අණ අනුව කුඩා හමුදා කණ්‌ඩායමක් විසින් මෙහෙයුම සිදු කරන ලදී. 2011 මැයි මාසයේදී ඔසාමා ඇතුළු 20 දෙනෙක් ඝාතනය වූ බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේය.
|
BLOG
|
2014.11.20
|
http://www.ellamixcom.tk/
|
අනාගත මිනිසාගේ ආයුෂ වසර දාහක්...?
|
Chaminda Ella
|
තවත් දශක දෙකක් ගතවන විට මිනිසාට අවුරුදු දාහක් (1000) ජීවත්වීම සඳහා වරම් ලැබෙන බව ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් කීපදෙනකු කියා සිටිති. මේ වන විටත් අවුරුදු එකසිය පනහක් ජීවත්වන මිනිසකු සිටින බව ආචාර්ය ඔබ්රේ ඩී. ග්‍රේ නමැති විද්‍යාඥයා සඳහන් කරයි. තව අවුරුදු විස්‌සක් නොහොත් දශක දෙකක් ගතවූ විට අවුරුදු දාහක් ජීවත්වීම සඳහා වරම් ලබන මිනිසකු මෙලොවට බිහිවෙන බවද ආචාර්ය ඔබ්රේ තරයේ කියා සිටියි. දීර්ඝායුෂ පිළිබඳ පර්යේෂණ ආයතනයක ජීව විද්‍යාඥයකු වන ඔබ්රේ ඩී ග්‍රේ තමන්ගේ ජීවිත කාලය තුළදී වෛද්‍ය විශේෂඥයන් මහලුවීම නතර කිරීමට අවශ්‍ය සියලුම වෙවලම් සොයා ගනු ඇතැයිද මෙම මෙවලම් මගින් ඕනෑම කෙනෙකුගේ මහලුවීම නතර කිරීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇතැයි ද සඳහන් කරයි. සියලුම ලෙඩ රෝග පලවා හරින ක්‍රමවේදයක් ඔවුන් විසින් සොයා ගනු ඇතැයි කියන ජීවවිද්‍යාඥ ඔබ්රේ මෙම ක්‍රමවේදය සොයා ගැනීමෙන් පසු ඕනෑම කෙනෙකුට ලෙඩක් දුකක් නැතිව අවුරුදු සිය ගණනක් ජීවත්වීම සඳහා වරම් ලැබෙනු ඇතැයිද කියා සිටියි. නව තාක්‌ෂණය උපයෝගී කරගෙන වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති නව බෙහෙත් ඖෂධයන්ගේ බලයෙන් මහලුවීම නතර කිරීමට හැකියාවක් ලැබී ඇතැයි සඳහන් කරන ආචාර්ය ඔබ්රේ ඉදිරි අවුරුදු විසිපහ ඇතුළතදී පනහට පනහක මෙහි ප්‍රතිඵල ලැබෙනු ඇතැයිද මත පළ කරයි. නිරෝගීමත් ජීවිතයක් ගත කරන කිසිම කෙනෙක් දැනට අප අතර නැති බව ආචාර්ය ඔබ්රේ කියා සිටියි. හැම කෙනෙකුම සුළු අසනීපයකින් හෝ පෙළෙන බව කියන ඔහු සියයට අනූ පහක්‌ම නොයෙක් විධියේ රෝගවලින් පෙළෙන බවද සඳහන් කරයි. බොහෝ දෙනකු බෝවෙන රෝගවලට ගොදුරු වී ඇති බව කියන ඔබ්රේ ජීව විද්‍යාඥයා මේ නිසා ඔවුන් ඉක්‌මනින්ම මහලු වයසට පත්වී අකාලයේ මිය යන බවද කියා සිටියි. දැනට සොයාගෙන ඇති අලුත් වෛද්‍ය මෙවලම් සහ ඖෂධ නිසා ඕනෑම කෙනෙකුගේ වයස් ගතවීම පාලනය කොට ඔහුට හෝ ඇයට අවුරුදු සිය ගණනක්a ජීවත්වීමේ වරම් ලබා දිය හැකි යෑයි ද කියා සිටියි. මිනිස් ශරීරය නිර්මාණය වී ඇත්තේ නොයෙක් විධියේ කොටස් එකතු වීමෙනි. අණුවලින් සැදුණ මෙම කොටස්‌වල උත්තේජනය ක්‍රම ක්‍රමයෙන් හී වන බවත් ඒවා දිරාපත්වෙන බවත් කියන ආචාර්ය ඔබ්රේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හැම කෙනකුම මහලු වියට පත්වෙන බවද කියා සිටියි. ලෙඩ රෝග පලවා හැර මිනිසා නිරෝගිමත්ව තැබීම සඳහා විශේෂඥ වෛද්‍යවරු නොයෙක් විධියේ පර්යේෂණවල නිරත වී සිටින බව කියන ආචාර්ය ඔබ්රේ මෙම පර්යේෂණ සාර්ථක වුව හොත් මිනිසාට අවුරුදු දහසක් ජීවත්වීමේ වරම් ලැබෙනු ඇතැයිද ඔහු වැඩි දුරටත් මත පළ කර සිටියි. දෙදහස් තිහ වෙන විට අවුරුදු සියය පසු කළ මිනිසුන් හා ගැහැනුන් මිලියනයක් පමණ ලොව පුරා සිටිනු ඇතැයිද ආචාර්ය ඔබ්රේ කියා සිටියි. අවුරුදු එකසිය විසි දෙකක් ජීවත් වන මිනිසකු දැනට ජපානයේ සිටින බව කියන ආචාර්ය ඔබ්රේ දෙදහස් දහය වන විට සියවස ඉක්‌මවූ මිනිසුන් 44000 ක් ලොව පුරා සිටිය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ආචාර්ය ඔබ්රේ විසින් ඉදිරිපත් කර ඇති අවුරුදු දාහක් ජීවත්වීමේ මතය ඇදහිය නොහැකි මතයක් යෑයි කියන මැසචුසෙට් තාක්‌ෂණ විද්‍යා ආයතනය මෙම මතය බොරුවක් යෑයි ඔප්පු කරන ඕනෑම අනුක ජීව විද්‍යාඥයකුට ඩොලර් 20000 ක මුදලක් පරිත්‍යාග කරන බව කියා සිටියි. මේ අතර ප්‍රසිද්ධ විද්‍යාඥයන් නව දෙනකු ආචාර්ය ඔබ්රේගේ අවුරුදු දාහක් ජීවත්වීමේ මතය හෙළා දකිමින් එය ව්‍යාජ විද්‍යා මතයක් යෑයි කියා සිටිති. මෙම විද්‍යාඥයන්ගේ ප්‍රකාශ ගැන මත පළකරන ආචාර්ය ඔබ්රේ මිනිසුන් බොහෝ විට ඉක්‌මනින්ම මහලු වයසට පත් වන්නේ ලෙඩ රෝග නිසා යෑයිද මුළු සමාජයෙන් ලෙඩ රෝග තුරන් කළ විට ඕනෑම කෙනෙකුට බොහෝ කලක් ජීවත් වීමට වරම් ලැබෙනු ඇතැයි ද කියා සිටියි. රෝග නොවැළඳෙන නිරෝගී ඕනෑම කෙනෙකුට අවුරුදු සියයකට වඩා ජීවත් වීමට පුළුවන් බව කියන ආචාර්ය ඔබ්රේ රෝග චිකිත්සාව මගින් ඕනෑම කෙනෙකු නිරෝගීව තැබිය හැකි යයිද මත පළකර සිටියි. මේ සඳහා වෘන්ත චිකිස්‌සාව යොදා ගන්නා බවද එයින් මැරී යන සෛල ආරක්‌ෂා කරගත හැකි යෑයි ද ඔහු සඳහන් කරයි. මිනිසාට අවුරුදු දහසක් ජීවත් විය හැකි යෑයි කියන ආචාර්ය ඔබ්රේ එහෙත් ඒ සඳහා ස්‌ථිර දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි යෑයිද කියා සිටියි.
|
BLOG
|
2014.11.11
|
http://www.ellamixcom.tk/
|
මරණයේ දුම්රිය හංගේරියාවේ කැලෑවක
|
Chaminda Ella
|
යුදෙව් ජාතිකයන් කාන්තාවන් හා ළමුන් ලක්‍ෂ ගණන් ජර්මනියේ අවුස්‌විෂ්a ගෑස් ආදාහනාගාරවලට ගෙන ගිය දුම්රිය කොතැනක තිබෙන්නේ ද යෑයි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් හංගේරියාවේ ඉස්‌වැන්මෙලෙන් කැලෑ ප්‍රදේශයට ගිය ප්‍රදේශවාසියකුට කැලෑවෙන් වැසී තිබූ පැරණි දුම්රිය අංගනයක් හමු විය. එහි තිබුණේ මලකඩ කමින් තිබූ මරණයේ දුම්රියයි. අවුස්‌විස් ගෑස් ආදාහනාගාරයට යුදෙව්වන් කාන්තාවන් හා ළමුන් ගෙන ගිය මරණයේ දුම්රිය එන්ජිම සහ මැදිරි එහි තිබී හමු විය. මෙම යුදෙව්වන් ප්‍රවාහනය කළ දුම්රිය එන්ජිමේ අංක හා ඉන්වැස්‌ටෙලෝ දුම්රිය අංගනයේ තිබූ එන්ජිම හා සසඳන කළ මරණයේ දුම්රිය එය බව සනාථ විය. මේ මරණයේ දුම්රිය ජපන්, හංගේරියානු යුදෙව්වන් 4,40,000 ක් 1944 මැයි සහ ජුලි අතර සමයේ අවුස්‌විස් ගෑස් ආදාහනාගාරවලට ප්‍රවාහනය කර තිබිණි. මෙම දුම්රිය අංගනයට ගිය බ්‍රිතාන්‍ය ඡායාරූපය ශිල්පී මැතිව් ග්රුනෝව් එහි දුම්රිය එන්ජින් සහ මැදිරිවල ඡායාරූප ගෙන ජර්මානු අවුස්‌විෂ් දුම්රියේ පැරණි ඡායාරූප සසඳනු ලැබීය. ඉන් වසර 70 ක් තිස්‌සේ වැළලී තිබූ රහසක් අනාවරණය විය. ජර්මනියේ මියුනිච් නගරය සමීපයේ පිහිටි අවුස්‌විෂ් වධකාගාරය වෙත විශාල පිරිසක් සෑම දිනකම පැමිණෙන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකු මළවුන් සිහිපත් කිරීමට මල්වඩම් තැන්පත් කරන අයුරු අපට දැන ගත හැකි විය. අවුස්‌විස් ගෑස් ආදාහනාගාරය ජර්මානු නිලධාරීහු විසින් දැන් සංචාරකයන් වෙනුවෙන් නැවත සකස් කර තිබේ. මේ පසුබිම මත මරණයේ දුම්රිය සඟවා තිබූ ස්‌ථානයෙන් මතුවිය. මරණයේ දුම්රියේ මැදිරි පවා නිරීක්‍ෂණය කළ විට හෙළි වූයේ හුස්‌ම ගැනීමට අපහසු වන ලෙසට එකී මැදිරි ඉදිකර තිබූ බවයි. මාව් 301 නමින් හඳුන්වන මෙම මරණයේ දුම්රිය හන්ගේරියාවේ බුඩාපෙස්‌ට් නගරයේ සිට ජර්මනියේ අවුස්‌විස් වෙත ධාවනය විය. අද අවුස්‌විෂ් වෙත පැමිණෙන දුම්රිය මාර්ගය ඉවත්කර තිබේ. එහෙත් අතීතය වැළලිය හැකිද. මරණයේ දුම්රියේ ගමන් කළ සියලුදෙනාම වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ගෑස් ආදාහනාගාරවලට දමා පුළුස්‌සනු ලැබීය. මිත්‍ර හමුදා අවුස්‌විෂ් වෙත එනවිට 300 කට අධික සිරකරුවන් පිරිසක් ඉතිරිව සිටි බව හෙළි විය. එහෙත් වසර 70 කට පෙර එකී දුම්රියට බලහත්කාරයෙන් ගොඩ කළ යුදෙව් ජනතාවගේ මරණයේ හඬ සදහටම වැළලී ගියේ නැත. මරණයේ දුම්රිය පවසන්නේ ජර්මානු නාසිsවාදීන්ගේ ම්ලේච්ඡත්වයි. මේ වධකාගාරයේ සිටි ප්‍රධානීන් කීපදෙනෙකු ආජන්ටිනාවට පැනගොස් සිටියදී අල්ලාගත් ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි සේවාව ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන ඒමට ක්‍රියා කළහ. එහෙත් හන්ගේරියානු යුදෙව්වන් 440,000 ක් වෙඩි තබා මරා අවුස්‌විෂ් ගෑස් ආදාහනාගාරවල දමා පුළුස්‌සා දැමීම විශාල මිනිස් ඝාතනයකි. මරණයේ දුම්රිය සහ ඊට අදාළ මැදිරි හමුවුවත් හන්ගේරියානු බලධාරීහු ඒ ගැන මෙතෙක් විමර්ශනයක් අරඹා නැත. මේ මරණයේ දුම්රිය ඉස්‌වැන්ටෙලෙන් දුම්රිය අංගනය තුළ සැඟවූයේ කවුරුදැයි මෙතෙක් හෙළි වී නැත.
|
BLOG
|
2014.11.01
|
http://www.ellamixcom.tk/
|
ආසියාවේ අභිරහස් කුළුණ කුටුබ්
|
Chaminda Ella
|
ලෝකයේ පවතින ඇතැම් අරුම පුදුම දේ විටෙක විද්‍යාවටත් නිවැරැදි ලෙසින් හසු වන්නේ නැහැ. ඒ නිසාම මෙම සංසිද්ධීන් අභිරහස් ලැයිස්‌තුවට ඇතුළත් කරනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර "කුටුබ් "චතුරස්‍රයේ පිහිටා තිබෙන යකඩ කුළුණ මේ විදිහට ලැයිස්‌තු ගත අභිරහස් අතරට එකතු වෙලා. ක්‍රි. ව. 1020 වසරේ දීs දිල්ලි නගරයේ ගොඩනඟන ලද මෙම කුළුණ ආංග්පාල් රජතුමා විසින් ඉදි කළ බැව් විශ්වාස කරනවා. 19 වැනි ශතවර්ෂයේ දෙවැනි භාගය වන විට "කැප්ටන් ආර්චර්" නමැත්තා මෙහි තිබුණු අකුරු සටහනක් දැක්‌කා. මේ ගැන බ්‍රිතාන්‍ය රජයට දැනුම් දුන්නා. බ්‍රිතාන්‍ය රජය යටත් විජිතයන්හි පුරා වස්‌තු ගැන බොහොම උනන්දුවක් දැක්‌වූවා. බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥ "ඡේම්ස් ප්‍රින්සෙප්" මෙහි තිබුණු අක්‌ෂර කියවා ඉංග්‍රීසියට පරිවර්තනය කළ අතර චන්ද්‍රd නම් පාලකයෙක් ගැන සටහනක් තිබෙන බව ඔහු කියා සිටියා. මීටර් හතක් උසින් යුක්‌ත මේ කුළුණේ මීටර් 1.07 ක් පොළව අභ්‍යන්තරයේ පිහිටා තිබෙනවා. කුළුණේ බර ටොන් හයකටත් අධිකයි. විෂ්කම්භය සෙන්ටි මීටර් 41 ක්. කුළුණේ විශ්මයන් මේ එකක්‌වත් නොවෙයි. එදා මෙදා තුර අව්වට වැස්‌සට ඔරොත්තු දෙන මේ කුළුණ අඩුම තරමින් මළ බැඳිලාවත් නැහැ. යකඩ හෝ වානේ මතුපිට සහිත යමක් ජලයට හෝ වාතයේ අඩංගු තෙතමනයට නිරාවරණය වුණාම මළ බැඳීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහට මළ බැඳුණාම භාණ්‌ඩ තොග වශයෙන් විනාශ වෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදය වැනි රටවලත් මළ බැඳීම නිසා සිදු වෙන භාණ්‌ඩ විනාශයෙන් ඩොලර් මිලියන ගණනක අලාබ සිදු වෙලා තිබෙනවා. යකඩ ඔක්‌සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සිදු වෙන ඔක්‌සිකරණය නිසා මළ බැඳීම සිද්ධ වෙනවා. මළ බැඳීමෙන් භාණ්‌ඩ ආරක්‌ෂා කර ගැනීමට විවිධ ක්‍රම තිබෙනවා. ඒ අතර එක් විකල්පයක් විදිහට පෘෂ්ඨය මතුපිට තීන්ත ආලේප කරනවා. තවත් ක්‍රමයක් විදිහට ලෝහ ආරක්‌ෂණ ද්‍රව්‍ය ආලේප කරනවා. තුනී තෙල් තට්‌ටුවක් ලෝහ මත රැඳවීම තවත් ක්‍රමයක්. එය තාවකාලිකයි. යන්ත්‍ර වෙනුවෙන් මේ විදිහට තෙල් ආලේප කරන අතර මතුපිට පෘෂ්ඨයේ සිට ගැඹුරට යන්නට පෙරාතුව සූරා දමනවා. නමුත් ඉන්දියාවේ නවදිල්ලියේ තිබෙන කුළුණට මේ සාත්තු සප්පායම් මොකුත්ම නැහැ. ඒ හින්දා මළ නොබැඳෙන රහස සෙවීමට එය පිහිටි ස්‌ථානයෙන් ගලවා පරීක්‌ෂාවට ලක් කළා. එහිදි පෙනී ගියේ මෙහි සංයුතිය පිරිසිදු යකඩ නොවන බවත්, කාබන් වලින් තොර හෝ කාබන් ස්‌වල්පයක් පමණක් ඇතුළත් බවයි. ඒත් එක්‌කම අතුරු ගැටලුවක් ඇති වුණා. කුළුණ නිර්මාණය කිරීමට පිරිසිදු යකඩ යොදා ගත්තේ නැත්නම් මෙය මළ බැඳිය යුතුයි. ඒත් එහෙම වුණේ නැහැ. කාන්තාර ප්‍රදේශවල නම් යකඩ වල මළ ඇති වෙන්නේ යාරයකට මිලියනයෙන් 0.25 ක් තරම් ප්‍රමාණයක්. ඇමරිකා එක්‌සත් ජනපදයේ නම් මිලියනයෙන් කොටස් 105 ක්. නිවර්තන කලාපයේදීs මිලියනයෙන් කොටස් 600 ක්. තත්ත්වය මේ විදිහට වුණත් ඉන්දියාවේ යකඩ කුළුණ කුළුනේ රහස් පුරාවිද්‍යාඥයන්ට බොහෝ වස්‌තු බීජ සපයනු ලැබුවා. ඉන්දියාවේ පුරාවිද්‍යා පර්යේෂණායතනයේ රසායන විද්‍යාඥ එම්. කේ. ඝෝෂ්ගේ අදහස වුණේ මෙය නිර්මාණයේදි යකඩ උණු කොට අච්චුවකට දමනු වෙනුවට කම්කරුවන් 120 ක් දෙනා සති දෙකක් මුළුල්ලේ යකඩ කුට්‌ටියකට පහර දීමෙන් මෙම කුළුණ නිර්මාණය වුණ බවයි. කුළුණ වටා ගොඩනැඟුණ තවත් රසවත් කතාන්දරත් තිබෙනවා. කුළුණට පිටුපා හේත්තු වෙලා තවත් ඒ අන්දමට හේත්තු වී සිටින කෙනෙකුගේ දෑත් ස්‌පර්ශ කිරීමෙන් වාසනාව ලැබෙන බවත් විශ්වාස කරනවා. වාසනාව හොයාගෙන යන්නන්ගෙන් කුළුණට හානි සිදු වෙතැයි වූ අවදානම නිසා 1997 වසරේදී මේ කුළුණ වටා ලෝහ වැටක් ඉදි කරනු ලැබුවා.
|
BLOG
|
2014.10.20
|
http://www.ellamixcom.tk/
|
ඇලස්‌කාවේ සතුන් රැක ගන්නට ගුවන් යානා තහනමක්
|
Chaminda Ella
|
ඈත ඇලස්‌කානු වෙරළේ අති විශාල වෝල්රස් රංචු සමීපයෙන් පියාසර නොකරන ලෙස එක්‌සත් ජනපද වනජීවී අධිකාරිය ගුවන් නියමුවන්ට නියෝග කර තිබේ. මත්ස්‍ය හා වනජීවී සේවාව (FWS) පවසන්නේ අඩි 2000 කට වඩා පහතින් පියාසර නොකරන ලෙසය. එවිට ඇන්ජින්වල ඝෝෂාව නිසා සතුන් කලබල වීමට ඉඩ ඇති හෙයිනි. එසේ කලබල වන කුඩා සීල් පැටවුන් වෙරළින් ඔබ්බට ගසාගෙන යැමේ තර්ජනයට මුහුණපායි. මීට සහාය වන තවත් හේතුවක් වන්නේ දේශගුණික විපර්යාස නිසා දිය වන අයිස් ය. "...... කලබල වූ විට වෝල්රසුන් ජලයට පැනීමට හැකියි. එවිට විශාල පිරිසක් පෑගී මිය යනවා. මෙය ශාන්තිකර ප්‍රදේශයේ වෝලරස් ගහනය අඩුවීමට බලපාන ප්‍රධාන හේතුවක්." ම. ව. සේවාව පවසයි. "...... ගුවන් යානාවල යාන්ත්‍රික ඝෝෂාවන්ට වෝල්රස් දැඩි සංවේදී බවක් දක්‌වනවා. එසේම ඒවා පහතින් පියාසර කිරීමේදී හා හැරවීමේදී ඔවුන් කලබල වීම සඳහා වැඩි ඉඩක් තිබෙනවා......" ඔවුන් ගුවන් නියමුවන්ට නිවේදනය කරයි. වෝල්රසුන්ට හිරිහැර කිරීම, බාධා කිරීම, ඔවුන් කුලප්පු කිරීම, ඔවුන් වෙතට යානා පැදවීම ආදිය සමුද්‍රික ක්‍ෂීරපායි ආරක්‍ෂක පනත (MMPA) හා නිදහස් ගුවන් දඩයම් පනත (FAHA) මගින්ද නිවේදනය කර තිබේ. පළමුව මෙම දළ සහිත පිනිපීඩාවන් (PinipEdes) 1500 ක් පමණ වෙරළෙහි දක්‌නට ලැබෙන අතර ඊළඟ දින කීපයේදී එම සංඛ්‍යාව උතුරා යයි. ".....අපේ හොඳම තක්‌සේරුව 24 ගුණයක වර්ධනයක්" ලබාගැනීමයි." ආක්‌ටික් සාමුද්‍රික ක්‍ෂීරපායින් සම්බන්ධ ගුවන් සමීක්‍ෂකයකු වන මෙගැන් ෆර්ගියුෂන් පැවසීය. පසුගිය අවුරුදු අටෙන් හයකදීම වෝල්රස් සතුන් ගොඩබිමින් ඇදී යැම සුලභ දර්ශනයක් බවට පත් වී තිබෙනවා. එය මිහිතලය උණුසුම් වී දේශගුණය වෙනස් වීමේ ප්‍රතිඵලයක්........" එක්‌සත් ජනපද භූ විද්‍යා සමීක්‍ෂණායතනය (USGS) ප්‍රකාශයක් කරමින් පවසා සිටී. භූමියෙහි අයිස් දියවීම නිසා කුඩා වෝල්රසුන් තදබද වී මියයැමට නැඹුරුවක් දක්‌වන බවත් ඇතැම් විට අයිස් ඔස්‌සේ ඉහළ පෝෂණ බිම්වලට ඇදී යැමටද හැකි බවත් එ. ජ. භූ .ස. (USGS) වැඩිදුරටත් පවසයි. මෙසේ දියවන අයිස්‌වල ජලය චුක්‌ෂි මුහුදේ ඈත උතුරු සීමාවේ මහාද්වීපික ජල තට්‌ටුව පෝෂණය කරයි. චුක්‌සි මුහුද එක්‌සත් ජනපද හා රුසියානු ජල පෝෂකයකි. "...මේ තත්ත්වය දශකයකට ඉහතදී තිබුණේ නැහැ...." "ඔවුන්ගේ සාමාන්‍ය විවේක කාලය ගත කිරීමේදී පෝෂණය ලැබීමට වෙරළට එන ඔවුන් සරල විදියටම පිටව යනවා..." එම කලාපයේ සේවය කරන ප්‍රවීණයන් වෙනත් කටයුතු සඳහා ගුවනේ සිට වෝල්රස් නිරීක්‍ෂණය කරන අය පවසන්නේ තමන් මෙම සතුන්ට බාධා නොවන පරිදි ප්‍රවේශමින් කටයුතු කරන බවයි. "...අප අපගේ සමීක්‍ෂණ කටයුතු වෙරළේ සිට ප්‍රමාණවත් දුරක සිට කරන්නට වගබලා ගන්නවා..." මත්ස්‍ය හා වනජීවි සේවාවේ වෝල්රස් පර්යේෂකයකු වන ජොයෙල් ගාර්ලිෂ් පවසා සිටී. ම. ව. සේවාව ගුවන් නියමුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අඩි 2000 කට වඩා ඉහළින් හා වෙරළක් ආශ්‍රිතව සිටින වෝල්රස් ගහනයකට සැතපුමකට වඩා ඈතින් පියාසර කරන ලෙසය. හෙලිකොප්ටර් නම් අඩි 3000 ක් ඉහළින් සැතපුමක් ඈතිනුත් පැදවිය යුතුය. මෙම අනුමත උසවල් ඔස්‌සේ පියාසර කිරීම සඳහා වලාකුළුවල පිහිටීමද අත්‍යවශ්‍ය සාධකයක්. වෙරළවල සිටින වෝල්රසුන් කලබල නොකිරීම සඳහා එම සීමාවන් තුළ ගුවන් යානා පදවන්න..." එම ප්‍රකාශයේ සඳහන් වේ. මත්ස්‍ය හා වනජීවි සේවාව විසින්, ගුවන් නියමුවන් දැනුවත් කරන ලෙස ඒකාබද්ධ ගගනයාත්‍රික පාලනාධිකාරිය (FA<None>) වෙතින්ද ඉල්ලා සිටී. ෆර්ගියුසන් පවසන පරිදි දුඹුරු වලසුන්ද මුලින් තක්‌සේරු කරන ලද සංඛ්‍යාවට වඩා වෙරළ තීරයන්හි අඩු වී ඇති අතර 1990 ගණන් දක්‌වා එම කලාපයේ දක්‌නට ලැබුණු අළු තල්මස් ගහනයද වඳ වී ගොස් තිබේ.
|
BLOG
|
2014.10.08
|
http://www.ellamixcom.tk/
|
ගැහැණියක් කළ අපරාධයක තරම...
|
Chaminda Ella
|
බ්‍රේන් මහතාට එය සාමාන්‍ය සඳුදාවක සැන්දැවක් ලෙසට හැඟුනා වෙන්නට පුළුවන්කම තිබිණි. වෙනදා මෙන්ම එදාත් ඔහු ගෙදර ගියේ සුපුරුදු ලෙසට අයිස් පෙට්‌ටියෙන් බීර වීදුරුවක් ගෙන තොලගාන්නට හෝ කෝපි කෝප්පයක රස බැලීමේ අරමුණ ඇතිවය. පෙනෙන්නට තිබුණු ආකාරයෙන් නම් එදින ඔඔහු තම බිරිඳ සමග අරගලයක් ඇතිකර ගෙන සිටි දිනයකි. ඒ නිසාදොa ඔහුගේ බිරිඳ කැතරින්ට නම් එදින සාමාන්‍ය සඳුදා දිනයක සැන්දැවක් ලෙසින් දැණුනේ නැත. ඇය සණ්‌ඩු බලාපොරොත්තු වන අවස්‌ථා තිබේ. ඇය දහස් වාරයක් සැමියාගේ රාත්‍රි භෝජනය පිළියෙල කර දී ඇත. මේ සැරේ පමණක් එහි වෙනසක් සිදුවිය. ඇය සුපුරුදු ලෙස බ්‍රේන්ගේ සෝයා සුප් එක පිළියෙල කර අවසානයේ එයට අසාමාන්‍ය ද්‍රව්‍යයක්‌ද එකතු කර හැඳිගාන්නට වූවාය. සොල්පිඩම්, නිදිපෙත්aතක්. බ්‍රේන් නිවස තුළට රිංගුවාට පසු ඔවුන් දෙදෙනා කතාබස් කරමින් උන්නා වෙන්නට පුළුවන. එසේත් නැත්නම් ඔවුන් දෙදෙනා කෑම මේසයේ දෙපැත්තක වාඩිවී අයිස් මෙන් සීතල නිහඬතාවයක ඇලී ගැලී සිටින්නටද ඇත. එසේ නම් එය ඔවුන්ගේ 16 මාසයක විවාහ ජීවිතයේ ප්‍රථම අවස්‌ථාවට සිදුවූ දෙයක් නොවන්නටද ඇත. මීට වසර 2 කට පෙර ව්‍යායාම් ශාලාවකදී ඔවුන් ප්‍රථම වරට මුණගැසී තිබිණි. බ්‍රේන් කැතරින්ට වඩා වසර 10 කින් වැඩිමල් විය. නමුත් ඔවුන්ගේa හදවත් විදුලි වේගයෙන් කම්පනය වෙමින් තිබිණි. ජෝඩුව ඉක්‌මනින්ම දින නියම කරගෙන යුග දිවිගමන ඇරඹූහ. ඔවුන් පදිංචියට ගිය කැලිෆෝනියාවේ ගහකොළවලින් සෙවනැති ගාඩ්න් ග්‍රෝම් නමැති පළාත කැතරින් ප්‍රීතිමත්ව තැබීමට යෝග්‍ය නොවූවා යෑයි කීමට බැරි තරම්වූ ඇගේ උපන් ගමේම ආකෘතියක් බඳුවූ තැනකි. වියට්‌නාම් යුද්ධයේ උච්ච අවස්‌ථාව ලෙස සැලකෙන 1963 අවුරුද්දේදී කැතරින්ගේ උපත සිදුවී ඇත. භීෂණ ක්‍රියාවලින් සහ පීඩාවලින් රට විනාශ වී ගොස්‌ය. වධදීම් සහ මරා දැමීම් සෑම තැනකම විය. ගැහැනුන්ට පහර දී දූෂණය කරන ලදී. ළමයින්ටත් කරන ලද්දේ එයමය. තමාද දූෂණය කළ බව කැතරින් පැවසුවාය. නමුත් ඇය ඇසින් දුටු දේත් ඇයම අත්විඳි දේත් ඇගේ සිත පිටුපස නිතර හොල්මන් කළේය. ඇය දැන් ජීවත්වෙන්නේ ඇමරිකාවේය. ඇයට විසීමට නිවසක් ද අදරැති සැමියෙකුද සිටියේය. ඔහු එසේ කළේද. විවාහයත් සමගම බ්‍රේන් වෙනස් විය. ඔහු වචනයෙන් කැතරින්ව පෙලන්නට පටන් ගත්තේය. ඔහුගේ ලිංගික ඉල්ලීම්වලට ඇය ඉඩ නොදීම නිසා තත්ත්වය තවත් උග්‍රවිය. බ්‍රේන් තමා වේදනාවට පත්වන ආකාරයට ලිංගිකව හැසිරුන බව කැතරින් පසුව පවසා ඇත. කසාදය බිඳ වැටිනි. බ්‍රේන් පැරැණි මිතුරියක පසුපස යන්නට විය. 2011 ජුලි මස 11 වැනි දිනට මාස 2 කට පෙර ඔහු දික්‌කසාද ෆෝර්මය පුරවා තිබුණේය. බ්‍රේන්ගේ දූෂණයට විරෝධය පෑවද ඔහුගේ ලිංගික ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කිරීම් මධ්‍යයේ වුවද විවාහයෙන් දික්‌කසාද වීමට කැතරින් අදහස් නොකළාය. ඇය ජීවත්වෙන්නට හුරුවූ පරිසරයට ආයුබෝවන් කීමට ඇයට වුවමනාවක් නොතිබුණේය. සමහර විට බ්‍රේන්ට ඇය තිරලෙස ආදරය කළා වෙන්නටද පුළුවන. ඒ දෙපැත්ත තුළද යුවළ එකට ජීවත් වූහ. එබඳු තත්ත්වයක් මත අයිස් මෙන් ශීතල නිහඬතාවක් මැද දෙදෙනා මේසයේ දෙපස වාඩිවී සිටියදී බ්‍රේන් තම රාත්‍රි ආහාරය නිසලව භුක්‌ති විඳීම පුදුම විය යුතු දෙයක් නොවීය. බ්‍රේන් ඕනෑකමින්ම කතා බස් කිරීමෙන් වැළකී සිටියා නොවේ. ඔහු ගත් සෑම කෑම කටක් ගානේම ඔහුට දැනුණේ මහත් වෙහෙසකි. අන්තිමේදී ඔහුට තද සීතලක් දැනෙන්නට විය. බ්‍රේන් ඇහැරෙන විට කැතරින් ඔහුගේ සිරුර මත නැග සිටියාය. ඔහු අත් එසවීමට උත්සාහ කළද එසේ කළ නොහැකි විය. කැතරින් ඔවුන්ගේ නිදන ඇඳට තබා ඔහුව බැඳ දමා තිබුණේය. ඔහු සිටියේ නිරුවතිනි. "උඹ ඒක ලබන්න සුදුසුයි..." කැතරින් මොරදුන්නාය. "උඹ ඒක ලබන්න සුදුසුයි. සුදුසුමයි..." ඇය කුස්‌සියේ තිබූ අඟල් 10 දිග පිහිය ඇය පිටුපසින් ඇද ගත්තාය. තම සැමියා දෙසට ඇය නැමුණාය. ඇය එක් අතකින් සැමියාගේ පුරුෂ ලිංගය අල්ලාගෙන අනිත් අතින්.... "හදිසියෙන්ම ඉතාම තියුණු වේදනාවක් මට දැණුනා...." බ්‍රේන් පසුව පැවසුවේය. වේගවත් එක් පිහි පහරකින්ම කැතරින් තම සැමියාගේ ලිංගය වෙන්කර ගෙන තිබුණේය. තම සිරුර පුරා දිවෙන කටුක වේදනාවත් හිතට නැගෙන බලවත් සන්තාපයත් ඇතිව තම සිරුරෙන් කපා ඉවත් කරගත් ලේ බේරෙන තම පුරුෂ ලිංගය අතකින් අල්ලාගෙන සිටින බිරිඳ දෙස බලාපොරොත්තු සුන්වූ ආකාරයෙන් බ්‍රේන් බලාසිටි ආකාරය කෙනකුට සිතේ මවා ගැනීමට පවා අපහසු කරුණක් විය. කැතරින් තුළ සිත් වේදනාවක් නොවීය. නිහඬවම ඇය පුරුෂ ලිංගය කුස්‌සියට ගෙන ගියාය. අනතුරුව ඇය එය දැමුවේ කුණු දමන භාජනකයටය. පසුව දුරකථනය අසලට ගිය ඇය පොලිසිය ඇමතුවාය. නමුත් බ්‍රේන්ගේ පැත්තෙන් බලන විට එය ප්‍රමාද වැඩිය. ඔහුගේ පුරුෂ ලිංගය කුණු බාල්දියෙන් පිටතට ගෙන ඔහුව එයත් සමග රෝහල්ගත කරන විටත් බලාපොරොත්තුවක් තැබිය හැකි කාලය ඉක්‌ම ගොස් තිබිණි. අවයවය නැවත පිරිද්දිය නොහැකි විය. දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරු කණ්‌ඩායමක් ඒකරාශීවී ප්‍රතිකාර කළද ඔවුන්ට කළ හැකි වූයේ මුත්‍ර පහ කිරීමට ප්‍රමාණවත් වන ලෙසට බ්‍රේන්ව සුවපත් කිරීමට පමණකි. වසර 2 කට පසු නඩු විභාගයට මුහුණ දීම සඳහා කැතරින් ක්‍යු ධරේන්- කන්ට්‍රිර උසාවිය හමුවේ සිටගත්තාය. බරපතළ ලෙස පීඩා කිරීම සහ දුෂ්ඨ ෙච්තනාවෙන් මිනිස් සිරුරක කොටසක් කපා ඉවත් කිරීම යන චෝදනා ඇයට එරෙහිව නගා තිබිණි. බ්‍රේන් පැවසූ කරුණුවලට උසාවිය ඇහුම්කන් දුන්නේය. "ඇය එදා රෑ මාව ඝාතනය කළා. නඩු විභාගයේ පළමු දිනයේ ඔහු එසේ කීවේය. නැවත කවදාවත් මට ලිංගික ජීවිතයක් ලැබෙන්නෙ නෑ. මගේ මානසික තත්ත්වය නම් වැඩිදියුණු වෙලා තියෙනවා. නමුත් පෙර තිබුණු තත්ත්වයට නම් නොවෙයි..." එදා රාත්‍රියේ තමා යථාර්ථයෙන් ඉවත්ව ගොස් සිටි බව ඇය තම අධිනීතිඥවරයාගේ උපදෙස් මත විත්ති වාචිකයක් ඉදිරිපත් කරමින් අධිකරණයට පැවසුවාය. ඇය චංචල වූ මානසික සෞඛ්‍යයකින් යුතු ඇයට හැකි උසස්‌ම ආකාරයෙන් ජීවත් වීමට උත්සාහ කළ සිඳ බිඳ දැමූ ගැහැනියක් බව ඇගේ නීතිඥයා ජූරියට පැහැදිළි කළේය. ඇගේ ළමා කාලය ගැන ඇය අධිකරණයට ප්‍රකාශයක් කළ අතර යුද්ධයෙන් ඉරා දමනු ලැබූ වියට්‌නාමය තුළ ගෙවුණු ළමා කාලය තුළ හැදී වැඩුණු ඇගේ මනස බෙහෙවින්ම පීඩාවට පත්වූවක් බව කීවාය. ඒ අතරට එක්‌වූ බ්‍රේන් වචනවලින් කළ දූෂණයත්, ඔහුගේ දැඩි වේදනා කාරී ලිංගික හැසිරීමත් නිසා උපද්‍රවය දෙගුණ තෙගුණ වුණ බව කීවාය. "මට හදිසි ආවේගයක් ආවා..." ඉතින් කැතරින් අන්තයටම තල්ලු කර දමනු ලැබූ කාන්තාවක් වූවාද. එසේත් නැතිනම් ඇගේ සැමියා සදහටම අබ්බගාතයකු කිරීමට ඇය මෙය හිතාමතා කපටි ලෙස සැලසුම් කළ දෙයක්‌ද. කැතරින් ක්‍යු (Catherine Kieu) නිදහසට කරුණු ලෙස පැවසූ ඇගේ ළමා කාලයේ පීඩාකාරී ජීවිතය ජූරිය එතරම් විශ්වාස නොකළේය. සෑම චෝදනාවකටම ඇය වැරදි කාරිය බවට තීන්දු විය. ඇගේ නඩු තීන්දුව බැලීමට බ්‍රේන් අධිකරණය තුළට පැමිණ සිටියේය. ඇයට ජීවිතාන්තය දක්‌වා වූ සිරදඬුවමක් නියම විය. එහෙත් වසර 7 ක් පමණක් සිරගෙය තුළ ගත කිරීම ඇයට ප්‍රමාණවත් වේ. "මම හිතනවා ඇය මට දකින්නට ලැබෙන අන්තිම අවස්‌ථාව තමයි මේ.... අද මට හරි කනගාටුදායක දවසක්..." උසාවියෙන් පිටතට යන ගමන් බ්‍රේන් පැවසුවේය.
|
BLOG
|
2014.12.27
|
http://www.hotandfastnews.com/
|
මගෙයි නයනගෙයි යාළුකම සැහෙන කට්ටියකට ප්‍රශ්නයක් - ගයාත්‍රි
|
Federica Nicosia
|
මාධ්‍යයක් තුළ ප්‍රකාශයට පත් වෙන විවිධ කටකතා ගැන ඔබ මොකද හිතන්නේ.මෙහෙමයි කතා කාටත් හැදෙනවා. නමුත් ඒවා ගැන හිත හිත අපිට වැඩ කරන්න බැහැ. අපි හරි කියලා අපි දන්නවා නම් වැඩක් නැති කටකතා ගැන හිත හිත කාලය නාස්ති කිරීම අපරාදයක් කියලා මම හිතනවා.අනික මාධ්‍ය තුළින් කටකතා ඒ කියන්නේ ගොසිප් පළ වුණා කියලා ජනප්‍රිය වෙනවා කියලා හිතන පිරිසක් ඉන්නවා නම් ඒක මෝඩකමක්. මොකද මට නම් කිසිම විටෙක ගොසිප් පළ කර ගැනිමෙන් ජනප්‍රිය වීමට වුවමනාවක් නැහැ. ජනප්‍රියත්වය ලැබිය යුතු දෙයක් මිස බලෙන් ලබාගත යුතු දෙයක් කියලා මම හිතන්නේ නැහැ.ජනප්‍රිය වෙන්න නිවුස් දාන්න අයත් ඇති. නමුත් මතක තියාගන්න ඕන අපි කරන හැමදෙයක්ම අපි වටා ඉන්න අයට බලපානවා කියලා. මම කරන දේවල් මගේ ආදරණීය දරුවන්ට වගේම සැමියටත් බලපානවා. ඒක නිසා ජනප්‍රිය වෙන්න නිවුස් දාන්න ඕනෙ නැහැ. තමන් දක්ෂයෙක් නම් නිකම්ම ජනප්‍රියත්වයක් ලැබෙයි.මොකක්ද මේ මිතුරුදමක් පිළිබඳ පැතිර යන අමුතු කටකතාව.මං හිතන්නේ ඔයා ඔය අහන්නේ මගෙයි නයනගෙයි මිත්‍රත්වය පිළිබඳ. මෙහෙමයි අපි දෙන්න හොඳ යාළුවෝ සෑහෙන කාලයක් ඉඳන්. නමුත් බොහෝ අය හිතනවා ගැහැනු දෙන්නෙක්ට මිතුරුකමක් පවත්වන්න බැහැ. හොඳ නැහැ කියලා. අන්න ඒක නිසා තමයි අපි දෙන්නව තරහා කරන්නත් විවිධ කතා පතුරුවන්නේ.කිසිම වැදගැම්මකට නැති අය කියන ඔය වගේ කතා නිසා අපි තරහා වෙන්නෙත් නැහැ. අපේ මිතුරුකම නැති වෙන්නෙත් නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නයක් ගැහැනු දෙන්නෙක් මේ තරම් හොඳට සෑහෙන කාලයක් මිත්‍රත්වයක් තබා ගෙන සිටීම.මොකද මතය තියෙන්නේ ගැහැනු දෙන්නෙක්ට මිත්‍රත්වයක් සෑහෙන කල් තියාගන්න බැහැ කියලනේ. නමුත් අපි හැමදාම දුක සැප බෙදා ගන්න හොඳ යාළුවෝ.
|
BLOG
|
2014.12.27
|
http://www.hotandfastnews.com/
|
බඩ අල්ලන් හිනාවෙන්න Facebook ෆන්
|
Federica Nicosia
|
උදාවුන නත්තලත්, මැතිවරණ උණුසුමත් අස්සේ ඉවරයක් නැතුව වහින වැස්සත් නිසා Facebook එකේ මේ දවස්වල Share වෙන්නේ මාරම කතා තමයි. ඒ සේරම තැන් තැන් වලින් හොය හොයා බලන්නැතුව බලන්න එකම තැනකින්. මේ බඩ අල්ලන් හිනාවෙන්න.
|
BLOG
|
2014.12.27
|
http://www.hotandfastnews.com/
|
ගෝනවල නිවසක් බිමට සමතලා වූ හැටි (පින්තුර)
|
Federica Nicosia
|
මහනුවර දිගන ගෝනවල ප්‍රදේශයේ අද උදේ නායයැමේ අවදානමක් පැවති අතර පසුව එම ස්ථානයෙන් ජනතාව ඉවත් කිරිමට අදාල අංශ කටයුතු කළා. පස්වරු 3.30ට පමන එහි තිබු දෙමහල් නිවසක් බලාසිටියදිම බිමට සමතලා වන අකාරය එම ස්ථානයේ සිටි විශාල පිරිසකට දැකගැනිමට හැකි වුණා.එහි පින්තුර පහතින්.
|
BLOG
|
2014.12.27
|
http://www.hotandfastnews.com/
|
පස් යට සිට හිතවතියකට දුරකථන ඇමතුමක් දුන් නායට හසුවූ හෙදිය
|
Federica Nicosia
|
බදුල්ල රිල්පොළ අක්කර 53 ගම්මානයේ අද සිදු වූ නාය යාමට හසු වූ බවට විශ්වාස කෙරෙන බදුල්ල මහ රෝහලේ හෙදියක් , සිය හිතවතිය කට දුරකතනයෙන් ඇමැතීමේ අනුවේදනීය සිද්ධියක් පිලිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.නායයාමට ගොදුරු වූ ප්‍රදේශයේ නිවසක පදිංචි බදුල්ල මහ රෝහලේ හෙදියක් සිය ජංගම දුරකතනයෙන් බදුල්ල මහ රෝහලේ මිතුරන්ට කළ බව දැනගන්නට ලැබෙනවා. ඇය පවසා ඇත්තේ නායයාමට ගොදුරු වෙමින් තිබෙන නිසා තමන් බේරා ගන්නා ලෙසයි. නමුත් පැය කිහිපයකට පසුව එම දුරකථනය විසන්ධි වී තිබෙනවා. ඇයට මාස එක හමාරක බිලිදු දරුවෙකුද සිටින බව වාර්තා වෙනවා.
|
BLOG
|
2014.12.27
|
http://www.hotandfastnews.com/
|
මුතුහෙට්‌ටිගම රට ගියාට ආපහු එන කොට අල්ලා ගන්නවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
|
Federica Nicosia
|
අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබියදී විදේශගත වූ සුළු අපනයන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා.නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඊයේ (26 දා) අලුයම 12.50 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.විදේශගතවන අවස්‌ථාව වන විටදී පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක වේදිකාවකට ගිනි තැබීම, වඳුරඹ පොලිස් අත්අඩංගුවේ සිටි තිදෙනකු බලෙන් රැගෙන යැමට තැත් කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මුතුහෙට්‌ටිගම මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා.අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නියෝගයක් පැවතිය ද මුතුහෙට්‌ටිගම මහතාට එරෙහිව රටින් බැහැරවීමේ තහනම් නියෝගයක් නොවීමත්, ඔහු විදේශගත වීමට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගයක් ඇති බව ආගමන විගමන නිලධාරීන් නිල වශයෙන් නොදැන සිටීමත් නිසා මුතුහෙට්‌ටිගම මහතාට විදේශගත වීමට හැකිවී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසුවා.මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසා ඇත්තේ තමා තවත් මිතුරන් දෙදෙනකු සමඟ කෙටි නිවාඩුවක් සඳහා සිංගප්පූරුවට පැමිණි අතර දින දෙක තුනකින් යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.සිංගප්පූරුව බලා යැමට ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු දුරකථනයෙන් ගාල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතා ඇමැතිවරයා එම විශේෂ ප්‍රකාශය සිදු කර තිබෙනවා.
|
BLOG
|
2014.12.26
|
http://www.hotandfastnews.com/
|
විමල් වීරවංස මහතාගේ ෆේස් බුක් ගිනුමට කැමැත්ත පළ කිරීම 61.8%කින් බැහැලා
|
Federica Nicosia
|
විමල් වීරවංස මහතාගේ ෆේස් බුක් ගිනුමට කැමැත්ත පළ කිරීම (Like) ඉතා සීග්‍රයෙන් අඩුවෙමින් පවතින අතර මේ සතිය තුළ පමණක් එයට කැමැත්ත පළ කිරීම (Like)61.8%කින් අඩු වී තිබේ.සියල්ල බටහිර කුමන්ත්‍රණ ලෙස හඳුන්වා "බටහිර විරෝධීභාවය" නඩත්තු කිරීමට වඩාත් ප්‍රියකරන අමාත්‍ය විමල් වීරවංස මහතා තමාගේ නිල ෆේස්බුක් පිටුවේ වැඩිම කැමැත්ත පළ කිරීම් (likes) ප්‍රමාණයක් යොදා තිබුනේ තුර්කියේ ෆේස් බුක් ගිනුම් හිමිකරුවන් විසිනි.ඔහු එසේ තම ගිණුමෙහි likes වැඩිකරවාගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු අපේක්ෂා කළ ආකාරයට ශ්‍රී ලාංකිකයන් සිය ගිණුමට likes නොදැමීම නිසා විය යුතුය.කෙසේ නමුත් වීරවංශ මහතාගේ ඔහුගේ ෆේස් බුක් පිටුවේ likes අඩුවීම තුළින් පෙන්නුම් කරන්නේ තුර්කියේ ජනතාවද ඔහුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
|
BLOG
|
2014.12.26
|
http://www.hotandfastnews.com/
|
වික්ටෝරියා වාන් දොරටු ඇරෙන හැටි (පින්තුර)
|
Federica Nicosia
|
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් පවතිනවා. වික්ටෝරියා ජලාශයේද වාන් දොරටු 8ම මේ වනවිට විවෘතවී තිබෙන අතර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම මෙම වාන් දොරටු අතරින් මුලින්ම වාන් දොරටු දෙක විවෘත්ත වූ ආකාරයයි මේ. මේ වනවිට වාන් දොරටු අටම විවෘත වී ඇති අයුරු.
|
BLOG
|
2014.12.26
|
http://www.hotandfastnews.com/
|
වරෙන්තු කළ මුතුහෙට්ටිගම කතා කරයි (වීඩියෝ)
|
Federica Nicosia
|
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බද්දේගම මහේස්ත්‍රාත් වරයා විසින් පෙරේදා දිනයේ (24) නියෝග කරනු ලැබුවා.දුටු තැන අල්ලන ලෙස වරෙන්තු ලැබ සිටින නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම සමගින් කළ සංවාදයක් පහතින්. ඔබතුමාට වරෙන්තු නිකුත් කරලා තියෙනවා සහ පොලිස් අත්අඩංගුවට ගන්න කියල නිවේදනය කරලා තියෙනවා.එහෙම ආරංචියක් තියෙනවා.. මම දැනුවත් වෙලා නැහැ.. මගේ නීතිඥ මහත්වරුන් කිව්වේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා.. වරෙන්තුව කට බාර වෙන්න නම් යන්න එපැයි අනිවාර්යයෙන් රටේ නීතියට අනුව.පොලීසිය ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔබතුමා වහාම අත්අඩංගුවට ගන්න කියලාකවුද... එයා කියන ඒවාට මම උත්තර දෙන්න ලෑස්ති නැහැ ඔබතුමා කියන්නේ ඔබතුමා වැරද්දක් කළේ නැහැ කියලද.නැහැ කරලා නැහැනේ..මොකද්ද මේ සම්බන්ධයෙන් ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙන්නේ.අපි හිතනවා නීතිය සාධාරණත්වය ඉෂ්ඨ වෙයි කියලා..පොලීසියට බාර වෙන්න බලාපොරොත්තු වෙනවද.ඇයි පොලීසියට යන්නේ මං. මං වැරද්දක් කරලා එපැයි යන්න ඕනේඑම සංවාදයේ වීඩියෝව පහතින්.
|
BLOG
|
2014.12.26
|
http://www.hotandfastnews.com/
|
කෙල්ලන්ට කොල්ලන්ට මුත්‍රා යන තුරු පහර දුන් පොලිසිය සිරිකොත ගැන කියන්නේ කුමක්‌ද?
|
Federica Nicosia
|
නත්තලට පෙර දිනයේ එනම් 24 වැනිදා කෝට්‌ටේ එජාප පක්‍ෂ මූලස්‌ථානය වන සිරිකොත ඉදිරිපිට විශාල ගැටුමක් ඇතිවිණි.ඊට මුල් වූයේ ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද "රනිල් - මෛත්‍රී රට බෙදන හොර ගිවිසුම හෙළා දකිමු" යන මැයෙන් යුත් විරෝධතාවකි. විරෝධතාව පැවැත්වෙන අතරවාරයේ මතුවූ උණුසුම්කාරී තත්ත්වයක් හමුවේ ජාතික සංවිධාන එකමුතුවේ හා එජාප පාක්‍ෂික පිරිස් අතර ගැටුමක් හටගෙන ඇත.ගල් මුල් ප්‍රහාර, ගුටිකෙළි, කළුතෙල් ප්‍රහාර ආදී ශ්‍රී ලාංකීය දේශපාලන ගැටුම්වලදී හුරුපුරුදු සියලු දේ සිද්ධිය තුළ දක්‌නට ලැබිණි. කෙසේ හෝ මෑතක සිට නිරන්තරයෙන්ම සිදුවන ආකාරයට, පොලිසියට ගැටුම නිරාකරණය කරන්නට නොහැකි වී තිබේ.අවසානයේ කැරැළි මර්දන හමුදාව සහ විශේෂ කාර්ය බළකාය ඊට මැදිහත් වී තිබේ. ඊට පෙර ගරුතර සංඝරත්නයද ගැටුම නිරාකරණය කරන්නට වෙහෙස ගත් බව කියෑවේ.කෙසේ හෝ අවසානයේ හිමිනමක ඇතුළු තුවාලකරුවන් බොහෝ පිරිසක් රෝහල්ගත කරමින් ගැටුම නිමාවී තිබේ. මෙවැනි ගැටුමක් අවසානයේ හැම පාර්ශ්වයක්‌ම සඳහන් කරන්නේ ගැටුම ආරම්භ කළේ අනෙක් පාර්ශ්වය බවය.ඒ අනුව ජාතික සංවිධාන එකමුතුව කියන්නේ සිරිකොතෙන් පැමිණ ගැසූ බවය. සිරිකොතෙන් කියන්නේ ජාතික සංවිධාන එකමුතුවට සම්බන්ධ පිරිස් ගල්මුල් ප්‍රහාර එල්ල කළ බවය. වරදකරුවන් සෙවීමට පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පුරුදු පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නට පෙර දැන් ජනතාව දන්නා නිසා ඒ ගැන කිසිත් නොකියමු.අප කියන්නේ මේ විරෝධතාවයේ දී හා වෙනත් උද්ඝෝෂණවලදී නීතිය හා සාමය රකින උදවියගේ හැසිරීමෙහි නිර්ලඡ්ජිත පියවර ගැනය.උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ ශිෂ්‍යයන් සිය අයිතීන් වෙනුවෙන් හඬ නගමින් විරෝධතා පළකරන විට, කෙල්ලන්ට කොල්ලන්ට මුත්‍රා යන තුරු පහර දෙන, ලැඡ්ජා සහගත ලෙස හැසිරෙන පොලිසිය මේ විරෝධතාකරුවන් ගැන කියන්නේ කුමක්‌ද.එවැනි තුප්පහි පහරදීමකින් පසු පොලිසිය නියෝජනය කරමින් නිතර කියන "නීතිය හා සාමය කඩවීම වැළැක්‌වීමට අප ක්‍රියා කළා..." "යම්කිසි කලබලයක් ඇතිවීමට පෙර පෙළපාලිය හා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට අප ක්‍රියා කළා..." යන කතන්දර මෙවැනි විරෝධතාවලදී නොඇසෙන්නේ ඇයි.ජනතාවම එවිට ඒ සඳහා පිළිතුරු සොයාගත යුතුය. එක්‌කෝ මේ විරෝධතාකරුවන් පොලිසියටවත් නවතාලිය නොහැකි තරමේ "බලගතු" පිරිසකි. එසේ නැත්නම් පොලිසිය මේ වැඩේට සපෝට්‌ය.ඒ දෙකම නොවන්නේ නම් ඒ විරෝධතාවලදී නීතිය හා සාමය කඩ වන්නේ නැත. ඒ අතින් බලන විට ශිෂ්‍ය විරෝධතා කොහොමත් නීතිය හා සාමය කඩන මට්‌ටමේ "දේශපාලනික" වැඩය. නැතිනම් උන් එතරම් ගුටිකන්නේ නැත.රටේ ජනතාවට මේ විරෝධතා මැඩ පැවැත්වීමේ ක්‍රමවේදය ගැන සැක සංකා මතුවීමට කරුණු කාරණා එමටය. සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ වරෙක එජාප පාර්ශ්ව දෙකක් අතරම විරෝධතාවක් අතරතුර මතුවූ ගැටුමක් ආණ්‌ඩුව නවතා දැමුවේ කාපට් අතුරා අබලන්ව නොතිබූ මාර්ගයක් නැවත හදිසියේ කාපට් කිරීමෙනි. වාසි සහගත තැන්වලදී "කාපට්" කිරීමත්, අවාසි සහගත තැන්වලදී "කර්පට්" කිරීමේත් න්‍යාය දැන් බොහෝ දෙනෙකුට තේරුම්ගත හැකි කාරණයක් වී තිබේ.කරුමයකට මෙන් මෙපමණ යුද්ධ ප්‍රකාශ කිරීමකදී හෝ අත්සන් තබන ලද නිවැරැදි ගිවිසුමක් (තිබේ නම්) රටට හෙළි කරන්නට මෛත්‍රී පාර්ශ්වය කටයුතු කරන්නේ නැත. පොදු අපේක්‍ෂක පිලේ මෙම "හරි උඹ ගහපං ඒත් අපි පෙන්නන්නේම නෑ" ක්‍රමවේදය ද ජනතාව තුළ බරපතළ ප්‍රශ්න මතු කිරීමට සමත්ව ඇත්තේ එහෙයිනි. රටේ විවිධ දේශපාලන පක්‍ෂ න්‍යාය පත්‍රයන් ගැන අවබෝධයෙන් සිටින ජනතාවට ඒ ගැන සැකසංකා මතුවීම සාධාරණය. "රට බෙදන" ගිවිසුමක් නැතැයි කීම ප්‍රමාණවත් නැත.කළ යුත්තේ හරි දේ ඉදිරිපත් කිරීමය. එසේ බලන විට බොහෝ විරෝධතාකරුවන්ට සිය විරෝධයන් හරි යෑයි කියන්නට පාර කපාදී ඇත්තේ ද ඔවුන්මය.
|
BLOG
|
2014.12.26
|
http://www.hotandfastnews.com/
|
සනත් ගුණතිලක "රජ වැඩකාරයෝ" පෙන්නන්න ගිහින් රෝහල් ගතවෙයි.
|
Federica Nicosia
|
ප්‍රවීණ නළු සනත් ගුණතිලක රෝගී වී මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව අප වෙත වාර්තා වෙනවා.මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මීට වසර ගණනාවකට පෙර, විජය කුමාරතුංගයන් සමග "රජ වැඩකාරයෝ" චිත්‍රපටයේ රඟපෑ අවස්‌ථාවේ සටන් ජවනිකාවකදී කොන්දේ ඇති වූ අස්‌ථි ආබාධයක් යළි මතුවීම නිසා සනත් මෙසේ රෝගී වී තිබෙන බවයි.වෛද්‍ය ලෙස්‌ලි ධර්මවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ හැත්තෑහතර වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන සනත් ගුණතිලක මහතාට නේවාසිකව සිට නොකඩවා භෞත චිකිත්සක ව්‍යායාම සිදු කරන ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.
|
BLOG
|
2014.12.26
|
http://asanka-mind.blogspot.com
|
සොරකම
|
Asanka Karunarathna
|
දුටු විගස මා බසයෙ දී නුඹ හිනැහුනේ ඇයි කුමරියේහිනැහුනේ මා ඔබත් සමගින් කවුරුදැයි නුඔ නොදැනමයිසෙනග අතරින්පැමිණ මා ලඟ නැවතුනේ ඇයි කුමරියේතෙරපුනේ මා ඉඩක් දීමට කවුරුදැයි නුඔ නොදැනමයිබලා මා දෙස නෙත් අඟින් දොඩමලු වුනේ ඇයි කුමරියේකතා කෙරුවෙත් ඔබත් සමගින් කවුරුදැයි නුඔ නොදැනමයිහී සැරක් මෙන් හැරදමා මා බැසගියේ ඇයි කුමරියේදැනගතිමි නුඹ හිත් හෙරක් වග ඒත් දැන් මා අසරණයි.
|
BLOG
|
2014.12.23
|
http://asanka-mind.blogspot.com
|
120 සතිය
|
Asanka Karunarathna
|
සියල්ලන්ටම ආදරය කිරීමටත් කිසිවකුට ප්‍රේම නොකිරීමටත් උත්සහ කරන්න.
|
BLOG
|
2014.12.24
|
http://yasiwett.blogspot.com
|
මේ ලපටි ඔබේ අවධානය පිනිසයි
|
yasitha
|
අපි දිනපතා ටයිම් පාස් කිරීමට ගීතයන් ඇසීමේ අරමුනින් යූටියුබ් වෙත යන්නෙමු. නිල නොවන සංඝනනයන් ට අනුකූලව සියයට අනූනවයකට වැඩි ප්‍රමානයක් වූ බූට් ගීතයන් ගෙන් එය පිරී ඇත. සන්ගීත වීඩියෝ බොහොමයක පෙම්වතා කටින් නාසයෙන් සහ වෙනෙත් අනේකවිද ශරීර අවයවයන්ගෙන් හැඩීමට ලක්වෙයි. මෙවන් සිද්දීන් නිසා තාරුන්‍යයේ පුර්ශාධිපත්‍යය සෝදා පාලු විය හැක. එයින් තාරුන්‍යයේ හෙට දවස වෙදනා බර විය හැකි ය. අද ලිපියෙන් මම මේ දැවෙන්නාවූ සමාජ අර්බුධයට හේතු හොයන්නට බලා පොරොත්තු වන්නෙමි.අඩුවෙන් හෝ වැඩියෙන් ඔබ සහ මම සැවොම ප්‍රේමයේ ගොදුරු බවට පත්ව සිටින්නෙමු.. ගෝලීයකරනයත් සමග වත්මන් ප්‍රේමය විටක ආතල් ය. විටක ආතල් නැත. සමාජ වෙබ් අඩවි විසින් වත්මන් ප්‍රේම සබදතා සමග සෙල්ලම් කරනා බොහොමයක් අවස්තා අපි දැක ඇත්තෙමු. මේ එයට පිලියමක් සොයන්නට කාලයයි.කාර්‍යබහුල ජීවන රටාව හමුවේ, තරුන ප්‍රේමයේ අන්තර්ගතය තුල ඇතිකරන්නාවූ ගැටලු බොහෝම ය. ගුරුවරුන් සහ දෙමාපියන් විසින් ඇති කරන්නාවූ භීශනයේ ගැබුර අපි විද ඇත්තෙමු. එදා දිනකට සිය වතාවක් පෙම් හසුන් නිවසේ කොනක් කොනක් ගානේ සගවමින් වින්දා වූ ඒ මානසික ආතතිය අද පෙර යොවුන් වියේ සිටින්නාවූ පාසල් ශිශ්‍යාට ලැබෙන්නෙ නැත. නමුත් ඊට එහායින් වූ අප්‍රමානයක් ගැටලු වලින් වර්තමාන පාසල් ශිශ්‍යයා පෙලෙන්නේ ය.සමාජ වර්චුවල් කරනයත් සමග අත්වන්නාවූ ගැටලු ඉන් ප්‍රමුකස්තානයක් ගන්නේ ය.එදා පෙම්වතෙකුට තම පෙම්වතියගේ සුදු මුහුන දකින්නට සති ගනනක් ඇගිලි ගනින්නට සිදු වී ය. ඇගේ හඩ අසන්නට ද හැමදා ඉඩක් ලැබුනේ නැත.එමනිසා කාලයක් තිස්සේ එකිනෙකා නොදැකීමෙන් උන්ට තනිකමක් දැනුනේ නැත. ඔවුන් තුල මියුචුවල් අවබෝධතාවයක් තිබුනි. නමුත් ලෝකය වෙනස් වී ඇත. අද උන්ට කතා කරන්නට ස්කයිප් ඇත. හසුන් ලියන්නට ෆේස් බුක් චැට් ඇත. නැතිනම් වට්සැප් සහ වයිබර් ඇත. එමනිසා ඔවුන් පෙරටත් වඩා එකෙනෙකා මත ඩිපෙන්ඩන්ට් වී ඇත. අනෙකාගෙන් නොඅසා ලොසින්ජරයක් කෑමට පවා උන් අද බියෙන් තැතිගොස් සිටිති.අද උන්ට තමන්ගේ මිතුරන් සමග වත් කොහේවත් යන්නට ඉඩක් නැත. හොරෙන් ගියද විනාඩි කිහිපයක් තුල මිතුරෙකුගේ පින්තූරයක ටැග් වන්නට ඒ අහින්සක පෙම්වතාට සිදුවී ඇත. ඉන් අනතුරුව සිදුවන්නාවූ දුක්ඛිත තත්ත්වය අපි සැවොම දනිමු.වෙනත් ලමිස්සියක ගේ යමක් ලයික් කලතොත් ඇගෙන් ලැබෙන්නාවූ දඩුවම දඩයක් හෝ ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් දක්වා දරුනු විය හැකි ය. මෙවන් අවනඩු වලදී සැකයේ වාසිය හැමවිටම පැමිනිලිකාර පාටියට හිමිවන්නේ ය. මෙය බොහෝ වේදනාකාරක රීතියකි. එම නිසා බොහොමයක් අවස්තාවන් වල නිර්දෝශී පෙම්වතා වැරදි කරු බවට පත්වේ. එවූ දුකින් මත්පැන් පානය කලහොත් ඔහුට සීමානොමැති දඩුවම් ප්‍රමානයක් ලැබිය හැකි ය.එමනිසා කිසිදු සැකයක් ජනිත නොවීමට වත්මන් ප්‍රේමවන්තයා බොහෝ වෙහෙසක් දරයි. මෙම නිසා උදේ ඇස් හැරුනු මොහොතේ සිට රාත්‍රී නිදාගන්නට අවසරයක් ලැබුනහොත් නිදාගන්නා මොහොත දක්වා නොකා නොබී තම කල්කිරියාවන් කෙරෙහි අවධානය යොමුකිරීමට ඔහුට සිදුවී ඇත. ශාරීරික අවශ්‍යතාවයක් නිසා උදෑසන මැසේජයක් යැවීමට අතපසු වී දඩුකදේ ලෑ අවස්තාවන් ද බොහොමයකි.කැමැත්තන් හා අකමැත්තන් එකෙනෙකා මත වෙනස් වන්නේ ය. ඇය කැමති දෙයකට මා මුලුමනින්ම අකමැති විය හැකි ය. සම්බන්ධතාවයකට කමිට්මන්ට දීමෙන් පසුව මෙවන් අක්‍රමිකතාවන් පිලිබද අවධානයට ලක්වීම බොහෝ ගැටලු වලට හේතුවයි. යම් සෙයකින් අප මෙයට පිලියමක් ගෙන ඒම මගින් පමනක්, ඩිප්ප්‍රෙශන් සහ ෆ්‍රස්ට්‍රේශන් වැනි බොහොමයක් තරුන ප්‍රශ්න අවම කරවා ගත හැකි ය. මගේ අදහස නම් , සම්බන්ධතාවයකට එලබීමට ප්‍ර්‍රථමයෙන්, සාක්ශිකරුවන් දෙදෙනෙකු අභියස එකගතා ගිවිසුමකට අත්සන් තැබිය යුතු ය. ඉන් දෙදෙනා සතු ඉල්ලීම් සහ කොන්දේසි එකිනෙකාට වහෙන් ඔරව පැවැසීමෙන් තොරව දැනගත හැකි ය. මෙවන් ලේඛනයක ඇති අනික් වාසිය නම් සාදාරණ හේතුවකින් තොරව විටින් විට එක් පාර්ශවයකට පමනක් ගිවිසුමෙන් ඉවත් විය නොහැකි වීමයි. එම නිසා උදේ හවා, "තරහද සුදූ" වශයෙන් ඇසීමේ අව්ශ්‍යතාවයක් ද පැනනොගැනෙනු ඇත. දෙපාර්ශවයේ කැමැත්තෙන් වෙන් වූ අවස්තාවන් වලදී පවා හුවමාරු කරගත් වටිනා ත්‍යාගයන් නැවත රිටර්න් කරගැනීමේ අවස්තාව ද බෝනස් වාසියකි. මෙනිසා මීලගට එලැබෙන්නා වූ ගිවිසුම් වලදී නැවත නැවතත් මුදල් නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් ද නොයෙනවා නියත ය.
|
BLOG
|
2014.12.23
|
http://yasiwett.blogspot.com
|
"සහෘර්දයානෙනි, මේ ආයාචනාවන් අපගේ මෙන්ම නුබගේද හෙට දිනය උදෙසායි."
|
yasitha
|
අප අට පාස් උන්ට කුනුහර්ප කීවේ ඉස්සර ය. නමුත් අද අපි යථාර්තය දනිමු. නුබ සම්මාන හයක් සමග සා පෙල සමත් බව ද අපි දන්නෙමු. නුබද බුද්ධිමත් ය. නුබේ මොලය සහ හර්දසාක්ශිය පිලිබද ව අපි තර්ක නොකරන්නෙමු. නමුත් නුබේ අසරනතාවය සහ නුබේ දුප්පත්කම විසින් තනන්නාවූ සිදුර තුලින් සිදුවන්නාවූ හත් හෙනක් ගසනා පාපකර්මයන් අපි අගය නොකරන්නෙමු. නුබට ද කරන්නට දෙයක් නැත. එයද අප අවබෝද කරගෙන හමාරය.නමුත් දුකනම්, නුබ අද පාපහර ගසන්නේ රටේ අනාගතයටයි. ඒ හයි ප්‍රෙශර් ජලයෙන් සෝදා පාලු වන්නේ රටේ බුද්ධිමත් බවයි. නුබේ ගෙරවීමෙන් හඩන්නෙ රටේ තාරුන්‍යයයි. නුබට අපි ගෙදර යන්නට නොකියමු. අපි නුබට සාප නොකරන්නෙමු. නමුත් උන් නුබව අතකොලුවක් කරගත ද ඉන් තැලෙන්නේ හුදෙක් දැව පිඩක් නොව ඒ නුබ නියෝජනය කරන්නාවූ පන්තියයි.ඒ නුබ නියෝජනය කරන්නාවූ පරපුරයි. අපි නුබට අනුකම්පා කරමු. අපටත් පෙර නුබේ හර්ද සාක්ශියට විලංගු වැටී හමාරය. නුබේ හැගීමි මිහිදන් කර හමාර ය. රාත්‍රියට නුබට නිදි නොයේනා බව ද අපි දන්නෙමු.අපි නුබට ද සුභ සිහින පතන්නෙමු..අද මහමග තැලුනේ නුබ සමග ටියුශන් ගියා වූ සහෝදරියයි, නැතිනම් සහෝදරයායි. පාසල හැරී නුබ සමග බසයේ ගිය මිතුරායි , මිතුරියයි. නුබටද සංවේගයක් ඇත. අපි එයද දන්නෙමු. නමුත් මෙය සුභ නිමිත්තක් නොවන්නේ ය. රත් වූයේ තාරුන්‍යයේ රුධිරය පමනක් නොවෙයි. මුලු දේශයේම රුධිරය යි.දොස්තරට සැත්කමක් කරන්නට කිසිවකු කියන්නේ නැත. ගුරුවරයෙකුට උගන්වනයුරු ද කිසිවකු නොකියයි. නමුත් නුබට ලැබෙන්නාවූ අහක දැමිය නොහැකි උපදේශයන් ගැන අපි දන්නෙමු. නුබ ගැන අපිද දුක්වන්නෙමු.එදා නුබට තවත් ලකුනක් දෙකක් ගන්නට පිනක් තිබුනා නම් අද උන් සමග නුබත් තැලෙන්නට බොහෝ ඉඩ තිබුනි.අද සිදුවූ දෙය අසීරුවෙන් වුවද අමතක කර දමමු. එය ඉතිහාසයේ ලියවී අවසානය. නමුත් අපට අනාගතය තුල මෙවන් දෙයක් යලි නොවන්නට කටයුතු කරන්නට සිදු වී ඇත. එයට නුබද සම්මාදම් විය යුතුම ය. නුබට ගෙදර යා හැකි ය. නමුත් වෙනකෙකු නුබේ තැනට එනු ඇත. උන්ටද මෙයම යථාර්තයක් වනු ඇත. කොට්ටය මාරු කිරීමෙන් පමනක් හිසරදය සුන් නොවන බව අපි දනිමු. මේ ඖෂද ගැනීමට කාලයයි. හෙට අනිද්දා ඒ පැනඩෝල් පෙත්ත අපට පෙර නුබේ අතට එනු ඇත. ඒ නුබේ වටීනා තැපැල් චන්දයයි.ලෝගුවේ වටිනාකම රැකෙනාවූ , නිදහසේ සුවද විදින්නාවූ , සුව සිහින ලැබෙන්නාවූ , අනිද්දාවක් වෙනුවෙන් හෙට නුබේ චන්දය භාවිතා වේයයි අපි විශ්වාස කරන්නෙමු."සහෘර්දයානෙනි, මේ ආයාචනාවන් අපගේ මෙන්ම නුබගේද හෙට දිනය උදෙසායි.".
|
BLOG
|
2014.12.09
|
http://yasiwett.blogspot.com
|
-----තරුනයෙක් අසයි-----
|
yasitha
|
-----තරුනයෙක් අසයි-----මා දන්නා දේශපාලනයක් නොමැත. මධ්‍යම මැද පන්තියේ මට එයින් ඇති වැදගැම්මකුත් නැත. නමුත් ව්‍යවස්තාව යනු කුමක් දැයි මටද හැගීමක් ඇත. හිට්ලරයන් ගඩාෆීන් ගැන මමද අසා ඇත්තෙමි. නමුත් උන් කිමැක් කලදැයි මා දුටුවේ නැත. උන් කුමක් කලත් මට කිසි කමකුත් නැත.නමුත් දේශපාලන පලිගැනීම් නම් මම හොදින් දැක ඇත්තෙමි. මීට වසර පහ හයකට පෙරතක් ධනපති පන්තියට වෛර කලේ පීඩිත පන්තිය පමනි. නමුත් අද මමද ඒ පන්තියට වෛර කරන්නට හුරු වී සිටින්නෙක්මි. මා දුගී වී ඇත්තේද නැතිනම් මා දුගී කර ඇත්තේද. එයදමා නොදනිමි. දේශය බේරාගත් රනවිරුවන් වෙනුවෙන් ලියූ ලිපි , කාව්‍යන් මගේ බ්ලොගයේද පලවුනි. නමුත් හදවතින් කියන්නේනම් අද උන් සිටින්නේ වෙඩි නොවදිනා ගානට ය. උන් උඩින් ඩ්ෆෙඩර් වල ඉගිලයද්දී අපි බඩගාන්නෙමු. ඉදිරියෙන් ඩිෆෙන්ඩර කිහිපයකි පසුපසින් තවත් කිහිපයකි. මැදින් තවත් තඩි කාර් දෙක තුනක් ඇත. වීදුරු කලුකර තිබේ. ඇතුලේ කවුරුදැයි මට කිසි අදහසක් නොමැත. මා දන්නේ මෙපමනකි. මමද මේ රටේ නිදහස් වැසියෙක්මි. ඇතුලේ යන්නන් ද වැසියකු විය යුතු ය. නමුත් මා වේගයෙන් ගියොත් මට හිමිවන්නේ දඩ කොලයක් ය. නැත්නම් නොතීසියක් ය. මට මෙසේ වෙන්නටත් උන් එසේ යන්නටත් මා කල වැරැද්ද කුමක් ද .. මගේ හද ගැස්ම වැඩිවෙයි . මට මගේ වරදක් තේරෙන්නෙ නැත. මා වසලයෙක්ද නොවෙමි, මා උසස් පෙලද සමත් ය. සුදුවූයේ කුමක්ද.. මට වැරදුනේ කොතැනකද.. පොහොය දා බැතිසිතින් මමද පන්සල් ගියෙමි. සෙනෙග බොහෝමය. ඈතින් සෙනග පීරමින් සුදුඇදන් කිසිවෙකු බුදුගෙය දෙසට පැමිනෙයි. කවුරුදැයි මට පෙනෙන්නේ නැත. කිමද වීරයන් ඔහු වට කරන් ය. පන්සලේ කපු මහත්තයා වත්ද.. යාතිකාවක් කරගන්නට සිතන් මමද ඒ දෙසට ගියෙමි. තවත් වීරයෙක් මා පසකට තල්ලු කර උන්ට මග සෑදුවේ ය. ඒ කපුමහත්තයා නම් විය නොහැක. නමුත් උන් කිමෙක් වුනත් උන් දිවියලොකේ යනවා විය යුතුය. වීරයන් මා තල්ලු කර දැමුවේ මා කිලි නිසා විය යුතු ය. මා මත්පැන් බී නැත. ඌරුමස් හරක් මස්ද කැවේ නැත. කිසි හිරිකිත කමක් කලේද නැත . මට වැරදුනේ කොතැනකද . එයද මට නොතේරේ..යතුරු පැදියෙන් මා නගරයට ආවෙමි. පාරේ වීරයන් දෙදෙනෙක් මට නතරවෙන්නට ඉගි කලේය. මම නතර කලෙමි. මට බැස එන්නට ඉගි කලේ ය. මම ලගට ගියෙමි. අර කොල බලයි මේ කොල බලයි. රටේ නීතිය ය. යටත් විය යුතු ය. යන්නෙ කොහෙද අසයි. උත්තරද දුන්නෙමි. ඉදිරියෙන් තඩි ජීප් රියක් එයි. නොම්මරේ රතු ය. ඉදිරිපස වීදුරුවේ යමෙකුගේ ලොකු පින්තූරයක් ඇත. වීරයන් අත වනනි. නලාවක් නාද කර උන් යයි. මා නතර කරන්නටත්. උන්ට යන්නටත් මා කල වරද කුමක්ද. මා හොරකම් නොකලෙමි. කුඩු කන්සා නොවික්කෙමි. කිසිවෙක් සමග ගහමරා ගෙනද නැත. මා සැක කරුවෙකු වුනේ කෙලෙසද . එය මට තේරෙන්නෙ නැත. ඔව් මම ඉරිසියා කරන්නෙමි. උන් ලද දෙයට මා නොලද්දට කුහක වෙන්නෙමි. ලොක්කන් පදින ලැඹෝගිනි දැක පදින යතුරු පැදියට වෛර කරන්නෙමි. මටම වෛර කරන්නෙමි. නමුත් කිමදයි තේරුමක් නොමැත. පාසල් කාලයේ ඇදුරන් කීවේ, නෑයන් කීවී, ගමේ උන් කීවේ ඉගෙන ගැනීමෙන් ලොක්කන් විය හැකි බවකි. මා දන්නා උගත්තන් බොහෝය. නමුත් උගත් ලොක්කන් ඇත්තේ අතලොස්සකි. උන්ට වැරදුනේ කොතැනද. එය මට නොතේරෙයි. වරද කාගෙද... වරද කොතැනකද.. වරද නිවැරදි කරන්නේ නම් ඒ කෙලෙසකද...-----තරුනයෙක් අසයි-----.
|
BLOG
|
2014.11.13
|
http://yasiwett.blogspot.com
|
විරංගි 005 {කලකට පසු නැවත }
|
yasitha
|
ප්ලාස්ටරය නම් ගැලවුනි.. නමුත් තවම ඉබාගාතේ යාමට අවසර නොලැබෙනු ඇත... කුරුල්ලෙකු මෙන් පවනේ ඉගිල ගිය යතුරු පැදියේ යතුරු කවුදෝ හංගා ඇත. කකුල යන්තම් බිමතියා ඇවිදින්නට නම් පුලුවනි.මාස ගනනක් එක තැන ඉදලාම ජීවිතය අපායක් ලෙස දැනුනි. ප්ලාස්ටර් කප්පවාගත් මා නිවසින් බැස්සවූ අම්මා තාත්තා රාජකාරිය බලා නික්ම ගියෝ ය. නිවසේ ආච්චි සියා පමනි. නිවසින් පිටවීමට මීට හොද නැකතක් ආයෙත් ලැබෙනවා ෂුවර් නැත. ආච්චි නම් බනීවි.. නමුත් ඈ ලයිට් ය... නමුත් හැඳැවට අම්මාගේ කනේ තියනු ඇත.. මෙලෙස සිරවී සිටීනවාට වඩා එලියට ගොස් ටිකක් හුලන් කා ඒම සැපය..පුන්චිකාලේ කූඩු වල දාන් උන්නු කුරුල්ලන්ට කොච්චර දුක හිතෙන්න ඇත්ද..ෂුවර් එකටම පුංචි කාලේ කල පව් මේ පලිසන් දෙනවාය..නිවසින් පිට වීමට ඇත්තේ එකම පාරකි. ඒ නාහෙට නාහන සහෝ ගේ ස්කූටරයි.. දොරකඩට පසෙක නවතා ඇති එය දෙසට පිවිසීමි."නොදකින් .. මේවා ගෑනු පදින බයිසිකල්.."මටත් හොරා මුවින් පිටවුනි.. අරූට කනවැටුනා නම් අනෙක් අන්ඩත් කඩන්නේය. අර මොකේද වැටූන එකා පිදුරු ගහේ එල්ලෙනවාලු.. මම මොකේද වැටූනු එකයි.. මේ මලයාගේ පිදුරු ගසයි..ස්කූටරය පන ගන්වාගත් මා සෙමින් සෙමින් ගේට්ටුවෙන් එලියට ආවෙමි. එක අන්ඩක් පොඩ්ඩක් අවුල් බවක් හැගෙන්නේ වත් නැතිය.හංදිය දෙසට ආ මම ස්කූටරය පාරේ පසකට කර දුරකතනය නාද කලෙමි."හෙලෝ.. ගුඩ් මෝර්නින්.බබා අද ෆ්‍රී ද....""ෆ්‍රී ද අහන්නෙ මෝඩයො. මම අද ආව අර මගෙ යාලුවත් එක්ක ශොපින්.. මම ඊයෙ රැ කිව්වෙ ඔයාට..""නෑ පැටී මම අද පොඩ්ඩක් එලියට ආව.. මාර කම්මැලි එන්නකො කේ එෆ් සී එක ලගට.. පැයකින් විතර..""කාත් එක්කද ආවේ.""මල්ලි එක්ක..""පුදුමයි ආව එයා ඔයත් එක්ක""හ්ම්ම්.. ඔව් එයාටත් මොකක්ද වැඩක් තියෙනවලු ටවුමෙ .. එයා එනකන් මට ඔයත් එක්ක ඉන්න බැරියැ..""එහෙනම් එන්නම් මම එතනට.. කකුල රිද්ද ගන්නෙ නැතුව එන්න එහෙනම්,, කියන දෙයක් අහන එක්කෙනෙක් යැ ..""බායි බබා""බායි පැටී"මම ඇයට බොරු කියන්නත අකමැතිමි. නමුත් කියන්නට සිදුවෙන්නේය.ඇත්ත කීවානම් එතැනම දුරකතනය විසන් දි කරනවා ය.මා ලග පැයක කාලයක් ඇත. දින ගනනාවකින් දුමක සුවය ලබන්නට නොහැකි වී ය...නිහාල් අයියාගේ පෙට්ටි කඩය දෙසට ස්කූටරය ඇද්දෙමි.*******************************************************************"අයියෙ.. ගෝල්ඩ් ලීෆ් එකක් දෙන්න"{මතු සම් බන් දයි } ලිව්වේයසියා.
|
BLOG
|
2014.04.26
|
http://yasiwett.blogspot.com
|
විර0ගි 004
|
yasitha
|
කලින් කොටස් කියවනවානම් මෙතනින් බලන්න" ට්‍ර්න් ට්‍රීන්"ගෙදර බෙල් එක නාදවුනි..."පොඩී... පොඩී"මම ගේ දෙවනත් වෙන්නත හඩ නැගීමි..මූත නම් ඇසෙන පාතක් නැත. ගිය ආත්මෙ මූ බීරෙක්ද කොහෙද.. මම මටම කියා ගැතිමි.."වෙයිට් අ සෙකඩ්"ෆේස්බුක් එකේ තෙසුරගේ චැට් එකේ ලියූමා දෙඅතට වාරුගෙන කිහිලි කරු ආදාරයෙන් දොර දෙසට ගාටීමි.." මොනවද මනුස්සයො කර කර හිටියේ..."මම මුහුන නොරොක් කර ඈ හට ප්ලාස්තර දැමූ කකුල පෙන්වීමි..."සොරි පැටී"මේ මා මුලු ලොවින් ම වැඩි පුරම ආදරය කරන සිනහවය.. එය හුගාක් අහින්සකය... පවිත්‍රය..."එන්න ඇතුල ට"වාඩිවෙන්න... දකුනතින් කවිච්චිය පෙන්වීමි..."පොඩී.. පොඩී""කෝ ඔයාගෙ චඳි මලය නැත්ද ..""දන්නෙ නැහැ කොහේ මකබාවිලද කියල.."මම දක් මිටි කමින් පැවසීමි.."මම බබාට පලතුරු ටිකක් ගෙනාවා... කොහෙඳ තියන්නේ.. ..""තෑන්ක්ස් පැටී . මේසෙ උඩින් තියන්න ""ඔයාගෙ කකුල රිදෙනවද .. ""ඔව් ටිකක් වෙලා උඩින් තියන් හිටියම හරියාවි.""තියාගන්න එහෙනම් .. කෝ ඔතනින් වාදිවෙන්න..මම කකුල උදින් තියන්නම්"මෑතකින් තිබූ ටිපෝව ලගට කල ඈ පැලැස්තර බැදි මා කකුල ඔසවා ටිපෝව උඩින් තැබීය .."ඔයාට ගොඩාක් පින් පැටී""චැක්""මේ ඒක නෙමෙයි.. අද කැම්පස් ගියේ නැත්ද ..""නෑ මම හිතුව අද ඔයාව බලලම හවස ට්‍රේන් එකේ යනවා කියලා..""අපරාදෙනෙ පිස්සි... අනික ඔයා ආව කියල මගෙ කකුල ඉක්මනට සනීප වෙනවද ..""ඔයා හරි නපුරුයි සදරු. ඕන කෙහෙල් මලක් කරගන්නවා. මම ආයෙ එන්නෙම නෑ ඔයාව බලන්න.""සොරි අනේ""තියාගන්න වා ඔයාගෙ මහලොකු සොරිය... ඕන ම වැඩක් කරල සොර්‍ය් කිව්වම හිතේ ඇති හැමදේම හරි කියල...""සොරි නෑ එහෙනම් ... හිනාවෙන්නකො"මම නැගිටින්නට තැත් කලෙමි."ආහ්..""ඔහොම ඉන්නව පිස්සෝ එක තැනකට වෙලා.. එහේ මෙහේ දුවන්නේ නැතුව..""හොදමයි ආච්චි.."මම දිව ඇදීමි.." මේ මම යනවා. තාත්ති බලාගෙන ඇති පාර ගාව.. ඉක්මනට හොදවෙන්න මගෙ බබා""පරිස්සමෙන් යන්න පැටී"නැගිට විත් මා නලලතට තොත්තුවක් දුන් ඈ යන්නට ගියේය.."මේ... මම ඔයාව කාමරයට එක්ක යන්නද ..""ආයෙත් ආවද.... හා.. මමත් මේ නැගිටින්න ක්‍රමයක් හිත හිතා හිටියෙ.."මාව කාමරයට ගෙන ගිය ඈ නැවත යන්නට ගියා ය....මා හටත් නොදන්නවා මා නෙතින් කදුලු බිදක් දෙකක් ගිලිහුනි..අනේ මම තරම් පව් කාරයෙක්... කකුලක් කැඩී බේරුනා ඇතිය.. මින් පසුව නම් මා පරිස්සම් විය යුතුය.. මා නොමැති ඇයගේ ජීවිතය අපායක් වනු ඇත.. මටම වත් ආදරය නොකරන මා මේ සුරගනගේ පෙමට උරුමකම් කියන්නේ කෙලෙසකද ... හෙත උදේ ම ඇය ආයෙත් බදුලු යනවා ඇත .. ඉන් පසුව මාසයකට වත් ඒ සද වන් මුහුන දකින්නට වෙන්නේ නැත.. මා මුලින්ම ඈ දුටු මොහොත සේම ආ අදටත් ලස්සනය.. සුකොමාලය. කරුනාවන්ත ය."ටික් ටික්"කෙටිපනිවිඩයකි"මොකද මගෙ චන්ඩිය කරන්නෙ "..මතුසබණ්දයි (contact me).
|
BLOG
|
2013.08.04
|
http://yasiwett.blogspot.com
|
ඔහු ....
|
yasitha
|
ඔහු ආදරය කලා ඔය නිල් ඇස් වලට..ඔහු ආදරය කලා ඔය කොවුල් කටහඩට..ඔහු ආදරය කලා ඔය කීරි කෙස් වලට...ඔහු ආදරය කලා ඔය රෝස දෙතොලට...මට මතකයි එක වැසිබර හැන්දෑවක තෙමි තෙමි ඔහු ඔබේ පස්සෙන් ආපු හැටි..මට මතකයි ඔබට ඔහු ගැන සතපහක කුතුහලයක් නොතුබුන හැටි...ඔබ බසයේ අසුනක වාඩි වී යද්දි ඔහු පාපුවරුවේ එල්ලී නුබ දෙස බලා උන්නු හැටි...මට මතකයි බස් නැවතුමේ පැය ගානක් ඔබ එනතුරු ඔහු බලා හිටිය හැටි...පණටත් වඩා ආදරය කලා ඔහු නුබට ඔබ නොදන්නව ඇති...ඒක නිසා වෙන්ටෑ අද ඔහු නෙපෙන්නේ ලග පහතක...එදා නුබ බසයට නගිද්දී ඔබේ ආදර පෙම්වතා එක්ක..ඔහු නුබ පස්සෙන් ආවේ ආවේ ඔහුගේ ආදරය කරන්නට...මගේ යාලුවා ... එදා හුගක් පරක්කු වෙලා බස් එකට..ඒක වෙන්නැති ඔහු දිව ආවේ කෙසේ හෝ ගොඩවෙන්නට..වැස්‍ස දිනයක් නිසා ගිලිහුනා ඔහුගෙ අත..යටවුනා ඔහු නුබ පෙම්සුව විදපු බසයට ම .
|
BLOG
|
2013.05.14
|
http://yasiwett.blogspot.com
|
nothing personal
|
yasitha
|
වෙසක් සද නැගෙයි ,, නැත ඉඩ තරු වලට...සිතුවම් මැවෙයි අඩවන් කල නෙත් වලට..මෙතරම් කියා මිමි දිය හැකිදෝ පෙමට..සුදු පරවියෙනි ලියමන් දුන්නේ කාට...ඇදුර ඇදෙයි හිරු සැගවෙනතුරු ඉදලා..සුපිපුන පිච්ච මල් පුසුබට ඉව රැදිලා..හසුනේ පිටු අතර මල් පොකුරක් තියලා..සන්නස් ප්‍රේමයේ කොතැනක දෝ හැලිලා..දහසක් හිස් අතර මා රුව සොයන් කෙසේ..අමතක වුනත් මා රුව නුබ ඇත මනසේ...පැවසූ නුබට මා අමතක වුවෙද කෙසේ.....නුබ සතුටින් ද පවසන් නෙතු පියමි කෙසේ...ප්‍රේමය දුකකි කිසිදා පෙම් කරනු එපා...හදවත තුට්ටුවට දෙකකට දෙන්න එපා...සෙවනැල්ලවත් උබ ගාවට ගන්න එපා..තනිවුන දිනක "i miss u " කියනු එපා......යසියා.
|
BLOG
|
2013.03.01
|
http://yasiwett.blogspot.com
|
විරංගි 003
|
yasitha
|
"සදරූ... සදරූ..."විරූ ගේ ප්‍රේමාන්විත හඩත් සමග ම මා දෑස් විවර වී ය.. නිල් පාට ඩෙනිමට සහ සුදු පාට බ්ලවුසයට ඈ හුගාක් ලස්සන ය.. හිසකෙස් කඩා දමා ය..ඈ මා හිස අතගාමිනි..." ඔ.යා හුගා..ක් ලස්සනයි... පැටී "" කකුල රිදෙනවද රත්තරං... ""නෑ වස්තුවෙ ඔලුව පැලෙන්න වගේ..""ඉන්න මම නර්ස් ට කතා කරන් එන්නම්""එපා"මා ඇගේ අතින් අල්ලාගතිමි..."මෙතනින් වාඩිවෙන්න පැටී" ඈ ඇද මත හිදගත්තා ය.. මා ඇගේ වමත මා දකුනතින් මිරිකා ගතිමි...." මම අද ඔයත් එක්ක ඩිනර් එකට යන්න හිටියෙ පැටී"" කමක් නෑ බබා මොනවා කරන්නද... අපි ඔයාට හොද වුනාම යමු... මේ.. කෝ දකුනු අත දෙන්න...."කලිසම් සාක්කුවට අත දැමූ ඈ බුලත් කොලයකින් එතූ පිරිත් නූලක් ගෙන මොනවද කියමින් ගැටගැසුවේ ය..." මේ මොනවටද... පිස්සි."" නෑ නෑ නෑ මෝඩයො.. ඉක්මනට සනීපවෙන්න...""මේ... පැටී... මෙතන හාන්සිවෙන්නකෝ...""මැට්ටෝ... කවුරුහරි ආවොත්... "" දොර වහලා එන්නකෝ"ඈ මා පපුවට හිස තබා හාන්සි වූවාය.... ඒ හිසකෙස් වලින් හමනා සුවද හැමදාමත් මා මත්කරන්නේ ය. හිසරදය කොහේ ගියාද දන්නේ නැත..." අපි ඉක්මනට බදිමු බබා...""පොඩ්ඩක් ඉන්න පැටී... ඩිග්‍රිය ඉවර කරන්න දෙන්නකෝ... ඇයි ජොබ් එකක හොයාගන්නත් ඕනනේ....ඊට පස්සේ සදහටම අපි දෙන්නා අපි දෙන්නගේ..""හ්ම්... එහෙනම් එහෙම කරමු..."ඈ මද සිනහවක් පෑවා ය...." ටොක් ටොක් ටොක්"ඈ ගැහි ගැහී ගොසින් දොර් විවර කලා ය..." ඩොක්ට කිවුවා අද ගෙදර යන්න පුලුවන් කියලා"" තෑන්ක්ස් මිසී....""සදරු... ඔයා අම්මට කෝල් එකක් දෙන්නකෝ..""පිස්සුද කෙල්ලෙ... ඔය කෝල් එක ගන්න... එතකොටනේ අම්මට ලේලි ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙන්නේ... "ලැජ්ජාව මුසු සිනහවකින් මුව සරසාගත් ඈ සාක්කුවෙන් දුරකතනය එලියට ගෙන ඈ ඉලක්කම් කිහිපයක් එබුවා ය""හෙලෝ ආන්ටි... සදරුට අද ගෙදර යන්න පුලුවන් කියලා ඩොක්ට කිව්වා.... ආන්ටි එන්නේ කීයටද ..." **********************************************************************************ලිව්වේ....යසියා.
|
BLOG
|
2013.02.12
|
http://yasiwett.blogspot.com
|
විරංගි 002
|
yasitha
|
විරංගි 001 මෙතනින් කියවන්නසෙමින් සෙමින් ඇය නිවස වෙත ගියා ය. ඇගේ කාමරයේ විදුලි බුබුල දැල් විනි. දැන් ඇය කාමරයේ දොරගුලු දමාගෙන මා දුන් තෑගි පර්සලය විවර කරනවා ඇත... මොබයිලයේ ටෝච් එලිය දල්වාගත් මම තේ ගස් මැද්දෙන් පාර දෙසට ඇදුනෙමි.. හන්දියේ කඩය වසා ඇත.."රෙද්ද..."දෙතුන් පාරක් කික් කලද මේ බයිසිකලය නම් ස්ටාර්ට් වෙන පාරක් නැත... නමුත් ඉක්මනින් ගෙදර යන්නට ඕනෑ ය.. 1ස්ට් ගියරයට දමා පල්ලම දෙසට තල්ලුවක් දැම්මෙමි.. බඩු ස්ටාර්ට් ය..ගියරයෙන් ගියරය ඉහල දැමූ මම ප්‍රදාන මාර්ගයට පිවිසියෙමි." හෙලෝ"දුරකතනයේ අනෙක් පසින් මා පෙම් කරනා ඒ සොදුරු කටහඩ ය.." ගෙදර ගියා ද බබා"" නෑ පැටී තාම කරාපිටියෙ හන්දියෙ ඉන්නේ"" මෙච්චර වෙලා"" ඔව් රත්තරන් මේ කෙහෙල්මල් බයිසිකලය ස්ටාර්ට් වුනේ නෑනේ"" පිස්ස.. කිව්වට අහන එකක් යැ... කොච්චර කියනවද කාර් එක අරන් එන්න කියල.. "" ඔව් ඔව්... හරි ශෝක් ... ඊට හොදයි අටේ ප්‍රවුර්ති වලට දැම්මනම්.. වාහනේ දැක්කම මුලුගමම දැන ගනීවි"" හරි හරි හෙමින් යන්න... ගිහින් කෝල් එකක් දෙන්න.. "" අයි ලව් .."" ඩෝන්"ඉදිරියෙන් ආ වැලිලොරිය මුහුනට ආ මාගෙ බයිසිකලය සිම්බා ය.. මා අඩි දහයක් පමන උඩ දුරින් බුම පතිත වී ය..." බබා... බබා... කතා කරන්න රත්තරන්"මාගේ දකුනු අතට මදක් එපිටින් ජන්ගම දුරකතනය ඇත... මා ජංගම දුරකතනය දෙසට අත දිගු කරන්නට සැරසීමි... මුලුලොවම අන්දකාර වී ගියේ ය.*******************************************************************************" ලොකු පුතේ"ඔලුව පැලෙන්නට වාගේ ය.. මම අපහසුවෙන් දෙනෙත් හැරීමි..." අම්මේ... ඔලුව රිදෙනවා.."බොදවූ රූපයක් වුවද මම අම්මාව හදුනා ගතිමි.." දුවේ... නර්ස්ට ගිහින් කියනවද ... පුතා ට සිහිය ආවා කියලා""හා ආන්ටි.."ඒ විරංගි ගේ කටහඩයි... ඈ අම්මාව දන්නේ කවදා ඉදන්ද... දින කීයක් මා මෙසේ සිහි සුන්ව සිටියා ද. සිතෙහි දහසක් ප්‍රශ්න මතුවෙයි.." කකුල හුගක් රිදෙනවද මයෙ පුතේ."මගේ හිස ආදරයෙන් පිරිමදිමින් අම්මා අසන්නී ය.. දකුනු කකුල හුගාක් රිදෙයි.. අමාරුවෙන් හිස එසවූ මා ප්ලාස්ටර් දමා ඇති කකුල දෙස බැලීමි.." චන්ඩියට සිහිය ඇවිල්ලා එහෙනම්"නර්ස් කෙනෙකු සමග ඩොක්ටර් ආවේ ය.. '="බලන්න ඩොක්ට මම මෙයාට කොච්චර කියලා තියෙනවද රෑ ගමන් යද්දි ගෙදර තියෙන වාහනයක් ගෙනියන්න කියල..."හර්ද ස්පන්දනය සහ විකාර ගොඩක් ඔහු චෙක් කල ඔහු නලාව කරේ එල්ල ගත්තේ ය.." දැන් ඕන දෙයක් කන්න .. සති දෙකක් යනකන් කකුල හොලවන්න එපා.. මහ ලොකු තුවාල නම් නෑ.. ඒත් ඉක්මනට අස්ති හොදවෙන්න බෙහෙත් වගයක් දුන්නා.. ඒවට ඔලුව රිදෙන්න ගනීවි"" තෑන්ක්ස් ඩොක්ටර්"මගේ උරහිසට තට්ටුවක් දැමූ ඔහු යන්න ගියේ ය.." විරංගි "කාමරයේ මුල්ලකට හේත්තු වී ඇය හඩන්නී ය... ඇය ඇයටම බැන වදිනවා ඇත.. මා ලගට එන ලෙස මම ඇයට සන්යා කලෙමි ..." ලොකූ ට කන්න මොන වද ඕන."" අම්මේ ෆෘට් ජූස් එකක් ගේන්නකෝ "" දුවා මෙයත් එක්ක කතා කර කර ඉන්නකෝ.. මම අරගෙන එන්නම් "" හා ආන්ටි"අම්මා පිටව ගියා ය..." ඇයි රත්තරන් අඩන්නේ. "" නෑ සදරු ඔයා ට මේ සේරම වුනේ මගේ පව්කාරකම හින්දා "" පැටී මම කියන දේ අහන්න කෙල්ලේ... වෙන්න තියෙන වෙලාවට සක්කරයට වුනත් නවත්තන්න බෑ .. අඩන්න එපා.. ඔයා කීයෙ ඉදන්ද ඉන්නේ."" දැ වෙලාව උදේ දහයයි බබා... මම අටට විතර ආවේ... ඔයාගෙ ඇක්සිඩන්ට් එක මට ෆෝන් එකෙන් ඇහුනා... මම ඒ පාර ඔයාගෙ ගෙදරට කතා කරලා කිව්වා... ආයෙමත් උදේ ඔයාගෙ අම්මට කතා කරද්දි තමයි රූම් නම්බර් එක අහගත්තේ.. "" කොහොමද ටෙඩියා"" පිස්සා... මම හරි ආසයි ඒකට.. මම එයාට නමකුත් තිබ්බා...බ්‍රවුනි කියලා හොදයිනේ. "" හොදයි.. මේ පැටී.. ඔයාගෙ කොන්ඩෙ අද හුගාක් ලස්සනයි.."" අනේ සදරු බොරු කියන්න එපා.. කලබලේට පීරන්නෙවත් නැතුව එහෙම්ම දුවගෙන ආවේ.. "" අම්මා අපේ සීන් එක දන්නවද.""හ්ම්... අම්මා මගෙන් ඇහුවා.. මම සේරම කිව්වා.."" අම්මා බැන්නද."" ඔයාගෙ අම්මා හුගක් හොද කෙනෙක් සදරු... මම පැත්තකට වෙලා අඩ අඩ ඉදිද්දි මගෙ කදුලු පිහිදලා ඔලුවත් අතගෑවා.."" අම්මට එහෙනම් ලේලිව හිතට අල්ලලා වගේ.. "ඇය අහින්සකව හිනා වුනා ය..." ලොකූ මේ ජූස් එක බොන්න"ස්මැක් බෝතලයෙන් ටිකක් වීදුරුවට වක්කල ඈ වීදුරුව මගේ මුවට ලන් කලාය... මම බීගෙන බීගෙන ගියෙමි.." ඇති අම්මේ "" ලොකූ ... ඇයි පුතේ මෙහෙම දෙයක් වත් අම්මට නොකිව්වේ... "" අම්මට කියන්න හිටියෙ මම..."" ආන්ටි මම ගිහිලා හවසට එන්නද."" හා දුවා... පරිස්සමෙන් යන්න හොදද... කොහොමද යන්නේ.""ආන්ටි මම ඩ්‍රයිවර්ට එන්න කිව්වා"" හොදයි දුවා"" සදරු මම යන්නද . "" හා. ගිහින් කෝල් එකක් දෙන්න.."" දුවේ .. මම මෙතන ඉන්නවා හවසට අන්කල් එනකන්... මගේ ෆෝන් එකට කෝල් කරන්න... මෙයාගෙ ෆෝන් එක කුඩු වෙලා තිබුනා"අම්මාගේ කකුල් දෙක අල්ලා වැන්ද විරංගි කාමරයෙන් පිටව ගියා ය.." ලොකු පුතේ... ලොරියෙ මෑන් කිව්වා ඔයා වැරදි පැත්තෙන් හයියෙන් ඇවිත් නවත්තලා තිබ්බ වාහ්නේ හැප්පුනාලු... පූරුවෙ වෙලාවටලු ඔහොම බේරුනේ... මිනිහා දැනුයි ගියේ.. "" මම වෙන සිහියක අම්මේ ආවේ... තාත්තා කෝ"" අද වත්තේ පඩි දවසනේ පුතා.. පඩි සල්ලි ටික ලියන මහත්තයට දීල එන්න කියල ගියා.. දෙයියනේ කියලා හවස්වෙන්න කලින් ඒවි... තාත්තටත් මාර අප්සෙට්..."අතේ ඉන්ජෙක්සන් එකක්ද සහිතව හෙදියක් කාමරය ඇතුල් වූවා ය..." මේක පෙයින් කිලර් එකක්... ගැහුවම නින්ද යාවි"*********************************************************************************ලිව්වේයසියා.
|
BLOG
|
2014.12.24
|
http://maathalan.blogspot.com/
|
මෛත්‍රී හා රනිල් අත් අඩංගුවට ගණු...!!! - Who let the dogs out...?
|
Maathalan - Priyantha Hewage
|
මේ සීතල දුරුතු සමයයි. මේ දවස්වල පිස්සන්ට පිස්සු තදවෙයි.. රිලවුන්ට හීට් එක නගියි.. ජනාධිපති ගේම නැගලාම යයි.. සාධාරණ මැතිවරණයක් බැලූ බැලූ සැමතැනය.. ආන්ඩුවේ විනය දෝරේ ගලයි.. පොලිස්පති හා පොලීසිය නීතීය අකුරටම ක්‍රියාත්මක කරයි.. ඕනෑම එකෙකුට ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ, රැලි, පෙලපාලී යාමට හැකිය.. ඒවාට, පොලෝසිය දිවි හිමියෙන් ආරක්ෂාව සපයයි..ඊයේ මෛත්‍රීගේ බත් බැලයෝ පිරිසක්, ඩාර්ලි පාරේ සිරි ලංකා නිදහස් පක්ෂේ මූලස්ථානෙට, මූලග්ගින්න තදවී ගල් ප්‍රහාරයක් එල්ල කලේය. ගල් සහ බෝඩ් ගෙනාවේ ඩඩ්ලිගේ හාල් ලොරිවලිනි.. උද්ඝෝෂණේ මහින්ද මහත්තයා රට චීනාට දෙනවා කියාය.. කරුණා සිරි ලංකා එකේ උප සභාපති කරලා කියලාය. පිල්ලෙයාන්ට ගාඩ් දෙනවා කියලාය.. කේ පී ට පයිව් ඉස්ටාර් පැසිලිටීස්, රෝල් පැටිස්, දෙනවා කියලාය.. ඒකීය බාවය රේප් කොලා කියලාය. බව් බව් මික අන්ඩවාතේට පඩ යනවා කියලාය... පොලොස් කොට්ටෝරුවෝ උන්ට බැක් එක දෙනවාය.. එතනට වෙලා මෛත්‍රී භාවනාව වඩනවාය.. මල පැන්න සිරි ලංකා කාරයෝ, මෛත්‍රිගේ බත් බැලයන්ට කන පැලෙන්නම දුන්නේය.. මෙහෙම ප්‍රජාචන්ච්‍රවාදයක් අපායේත් නැතිය..වඳුරඹ සිරි ලංකා කාරයන්ගේ ඉස්ටේජ් එකට ගිනි තියනවාය.. ගිනි තිබ්බේ ගාල්ලේ ආචාරිගොඩයාය.. ගොඩයා නොහොත් බයියන්ගේ හැටි ඔහොමය.. ඇඟේ සයිස් එකට මොළේ නැතිය.. පුකේ හරි තියෙන්න, පුකත් නැතිය.. සී සී කැමරාවෙන් දැකලා අත් අඩංගුවට අරන් පොලිස් කූඩුවේ දාන එකා අරගෙන ගිහින්, ආයෙත් බලු කූඩූවේ දානවාය.. දැන් ආචාරිගොඩයා හැංගිලාය.. මුන්ව බෙල්ලෙන් අල්ලලා ගෙනත් වැලිකඩ දාන්නම ඕනාය..කොළොන්නාවේ උපාසක මහත්තයාගේ ඉස්ටේජ් එකට වෙඩි තියලාය.. පොලොස් කොට්ටෝරුවෝ ජීප් එකේ ඉඳන් වෙඩි තියන්නේ කොහොමෙයි කියා ඉස්ටඩී එකක් කොරලා තියෙනවාය.. දැන් එහෙම ඉස්ටඩී එකක් කොරපු උන් ගෙදර යවලාය.. මේවා පට්ට තිරිසන් වැඩය.. හරි නම් උන්ට ප්‍රොමෝසැන් දෙන්න ඕනාය.. පොලොස්පති කොරන්න ඕනා එහෙම උන්ය.. ඩිෆෙන්ඩර්, සුදු වෑන් තියාගෙන මේ ජඩ වැඩ කොරන්නේ අර මරික්කාර් කියන එකාය.. ඕකා අල්ලා මක්කම යවන්න ඕනාය.. එහෙම නැත්නම් මකවලා දාන්න ඕනාය..ඒ ඉතරක් නොව හැමතැනම අහිංසක නිරායුධ සිරි ලංකා කාරයන්ට ගහනවාය, කොටනවාය, කපනවාය.. ඊයේ පෙරේදා වීදීයේ නාට්ටි පෙන්නපු, මූලග්ගාය තද උන, ළෝකයේ සෙරේස්ටම නළුවා වන ජන අපූල ඇක්සොන් ජැන්තනීටත් බන්හන්තොටදී බිම පෙරලාගෙන දහ අට සන්නිය පෙන්නුවාය.. මේවා තව දුරටත් කොරන්න දෙන්න බැරිය..දැන් මහින්ද මහත්තයයි.. පිරබාහරනුයි හොරෙන් අස්සන් කොරයි කියන.. මොකක්දෝ සෙප්පඩ විජ්ජා කොලයක් උස්සගෙන මහින්ද මහත්තයා මරාගෙන කන්න හදනවාය.. අත්සන් දෙක හොරෙන් ගහලාය.. හරියට කියනවානම් කැළේ පත්තරයක්, සිග්නේචොර් එක්කම එළි බස්සලාය.. මෙවා කිරිමෙනොල් වැඩය.. හතර වෙනි තට්ටුවට බැරිනම්, නෙළුම් කුලුණ උඩට හරි අරගෙන ගොහිල්ලා, ඇට දෙක කුඩු කරන්න ඕනාය.. අර කලින් කිව්ව ඩාර්ලි පාරේ උග්ගෝසනේට ආවේ මෛත්‍රීගේ ගෙදර තීන්ත ගාන්න තියාගෙන ඉන්න රිලවාගේ රිලා ගැන්සියය. තව නාකී හම්පඩ දත් දොස්තරයෙකුත් උන්නේය.. මෙහෙම පෙස්සන් ගහන හැත්තත් එක්ක ප්‍රජාචන්ච්‍රවාදේ කොරන්න බැරිය.. ආන්ඩුවට දැන් මේවා කොන්ට්‍රෝල් කොරන්නත් බැරිය.. මොකෝ පොලෝසියයි.. ජඩ මාද්දියයි.. මැතිවරණේ කොරවන, කොර පොරවලුයි ඔක්කෝම දෙක පුන්නේ මෛත්‍රියාටය..ඒ නිසා, මේ ප්‍රජාචන්ච්‍රවාදෙට කෙලින මෛත්‍රියයි රනිලුයි අල්ලාගෙන පාර්ලිමේන්තු ගේන්න ඕනාය. ඒ අද සාමයේ කුමාරයාගේ උපන් දිනේ නිසා, අළුත් කඩේ වහලා නිසාය.. අර අළුත් කඩේ පිච්චු කෙලපු පිස්සු ගෑණූ පරානේ ගෙදර යවපු, ඉස්සරහ දෙක මැද්දේ හිලක් තියෙන අනුර අප්‍රිය දර්සොනයයි, කින්ඩි දාන රිලවයි, මර හඬ දෙන සුසිලයයි දාලා, නඩු බලවා.. වරදකරුවන් කොට.. වැලිකඩ පයිව් ඉස්ටාර් එකේ රූම් දෙකකට දැම්මේ නැත්නම්.. සාධාරණ මැතිවරණ තියනවා බොරුය..ඉවසුවා ඇති.... මුළු රට ගිනි තියන මෛත්‍රී රනිල් බව්වෝ දෙන්නා වහාම අත් අඩංගුවට ගනු.
|
BLOG
|
2014.12.23
|
http://maathalan.blogspot.com/
|
සොහොන් ළකුණු - End of the Road
|
Maathalan - Priyantha Hewage
|
පිස්සො හදපු පච ගිවිසු ම්දැක්කේ වත් නැති ගිවිසු ම් පිස්සෙක් ගෙන පාති රැඟු ම්හොරු සමඟින් රිලා නැටු ම්ඉස් ටේජ් පිටින් ගිනි තිය නාමැරයෝ කූඩුවෙ ලන් නාපිස්සු හුටං පැමිණෙන් නාඅරන් යතේ පුක පෙන් නාපිස්සෝ එක්ක බෑ සෙල්ල න්ඕ අයි සී ගෙදර ගිහි න්පිස්සු නැතයි දුන් ලයිසො න්දීපූ පිස්සා හොයන් වරෙ න්දුවගෙන පිස්තෝල අර න්එරාජ් පුතේ හනික වරෙ න්බන්ඩාරයා බිම පෙරල න්පෙන්නමු අපි වීදී නැටු න්බකට් පුරා මඩ බාල් දීනැව් පුරවා පච බාද් දිහඩ්ඩෙක් ගඬු ගූ නාද් දි විනය පෙනේ ඉගිල් ලෙද් දිබූරුවෙකුත් ගෙදර යැවු නුනැෂනලයත් පුදා ගෙණු නුයක්කු පනී දපනෙ වැටු නුපුල් අප්සෙට් බොඩි සළකු ණුවැදගත් කිසිවකුත් නැ තේකුඩු කෂියා තගා ඇ තේඩිෆෙන්ඩර්ය හතර අ තේවිනය තකන් මැරෙමු පු තේ පොඩි දරු පැටවුන් සීය ක්රේප් කලත් නෑ අවුල ක්පාටි දාතී එක පවුල ක්අප්පච්චිට නෑ අපුල ක්ඉල්ලු ගමන් කලින් ලැබු න කිසිම දෙයක් නෑ අද දි නපිස්සු වැටී ඩෙඟා නට නසොහොන් ළකුණු දැන් හැමතැ න.
|
BLOG
|
2014.12.21
|
http://maathalan.blogspot.com/
|
ලෙඩට බෙහෙත් නැති, බෙහෙත් වට්ටෝරූ - Prescriptions without proper medicine
|
Maathalan - Priyantha Hewage
|
මෛත්‍රිපාල මහත්තයාගේ මැනිෆැස්ටෝ එක එලි දක්වලාය. ඕක, කී දෙනෙක් කියවයිද කියා කියන්න දන්නේ නැතිය. මාතලන්ගේ ජීවිත කාලය තුරා, මේ වාගේ ලස්සන පොත් කන්දරාවක් දැකලා තියෙනවාය. සමහර ඒවා කියවලා තියෙනවාය, සමහර ඒවා විසිකරලා තියෙනවාය. මාතලන් ඒ කාළේ පටන් මේවාට කියන්නේ බබල් ගම් කියලාය.බබල් ගම් තියෙන්නේ, ලස්සන කොළේක ඔතලාය. නැත්නම් අපූරු පෙට්ටියක දාලාය, ලස්සනය, සුවඳය, බොහෝම රසය. එහෙත් කිසිම ගුණයක් නැත. ඕනෑ නම්, චුයිං ගම් එකක් වගේ හප ඉඳලා විසි කොරන්න පුළුවන්ය. ඕන නම්, බැළුම් වගේ බෝල පුම්බලා, අනික් උන් කොර කරන්නත් පුළුවන්ය. ඔය පිම්බිල්ලත් හැම එකාටම කොරන්න බැරිය. ඒකටත් කළාවක් තියෙනවාය. එහෙම පිම්බුවත්, පස්සේ ඉතිරි වෙන්නේ, හපේ විතරය. වෙන මක්කා හරි කන්න වෙන කොට හපේ විසිකරලා, කන්න ඕන දේ කනවාය.70 දී, අම්මා ඇවිල්ලා තියෙන්නේ හඳෙන් හරි ගෙනත් හාල් දෙන්නම් කියලාය. ඒ කාළේ හාල් ටිකක් හොයාගෙන බත් ඩිංගක් කන්න තිබුන අමාරුව දන්නේ, අම්මට සිරි ලංකාවේ පට්ට ආර්ථිකේ තුල ජීවත් වෙච්චි උන් විතරය. අනික් උන් හිතන්නේ අම්මට හැමිනෙන සිස්ටම් එකක් තිබුනා කියලාය. ඊ ළඟට පප්පා ආවේ ඇට අටක් දෙනවා කියලාය. මිනිස්සු හිතුවේ හාල් පොතට හාල් බින්දුවක් දෙනවා වාගේ, ඇට ජාති අටක් දෙයි කියලාය. ඇට අට කෙසේ වෙතත් උන්දෑ පෙන්සොන් ගියේ, ඉන්දිය සාගර මුතු ඇටේ, ලේ ගලන සැරව පිරි කුණු ගඳගහන ඇටයක් කොරලාය. ඔය ආකාරයට බෙද බෙදා ගිය එක එක ජාතියේ බබල් ගම්, 94 ඉඳලා එන්නේ විධායකෙට කෙලින බබල් ගම් කියලාය. විධායකේ ඒ තරම්ම කරුමයක්ය. හැබයි ඉතින් එකෙක්වත් විධායකේ නම් අහෝසි කලේ නැතිය. සෝභිත හාන්දුරුවන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ගේමක් අරගෙන ගියේ, විධායකේට කෙලිනවාමයි පුතෝ කියලාය. ඔය අව් අස්සේ, ඒ ගේමට පිවිතුරු හෙටක් උදා කරන්න ආපූ රතන හාන්දුරුවෝත් සෙට් උන නිසා, ඔක්කෝම බලාගෙන උන්නේ, මොකාද යකෝ මේක කුඩු කරන්න එන පොද්දා කියාය. අන්තීමේදි පොද්දා හෙවිල්ල ගමේ අවුරුදු උත්සවේ සැඟවුන අමුත්තා සොයන ගේමටත් වඩා නැගලා ගියේ, සීන් එකට බය වෙච්චි මහ රජාගෙන් පටන්ගෙන, වාසලේ ඔක්කෝම උන් ටික හොල්මන්ද බේරේ පොල්කොල උන නිසාමය.අන්තිමේදි හොය හොයා ගිය "නිර්පාක්ෂිකයා" වෙනුවට ආවේ, වාසලේ උන්න "නිල්පාක්ෂික" පොරක්මය. විධායක බබල් ගම් එක, පතුරු යනකන් හප හපා උන්නු පොරක්ය. උන්නැහේ විධායකේ රහ දන්න නිසා, දැන් විධායකේ අහෝසි කිරිල්ල යට ගිහිල්ලාය. හාන්දුරුවන් වහන්සේ දෙදෙනාත්, රහත් වෙලාද කොහේදය. රතන හාන්දුරුවන් නම් කිව්වේ, දැන් නම් මට වනගත් වෙන්න හිතිලා තියෙන්නේ කියලාය. හැබයි මෙතැන එක හොඳක් තියෙනවාය. සිරිසේන උන්නැහේ, සැටලයිට් නෝනා වගේ, පච විදින මහින්ද මහත්තයා වගේ, බොරු කියලා නම් නැතිය. උන්නැහේ කියන්නේ විධායක ක්‍රොමේ වෙනස් කරනවා කියලාය. අහෝසි කිරිල්ලක් ගැන මැනිෆැස්ටෝ එකේ කිසිම සඳහනක් නැතිය. මාතලන්ට නම් ඔය විධායකේ එච්චර අවුලක් නැතිය, මොකෝ සිරිමා කෙලපු පිස්සුව හොඳට දැකලා තිබුන නිසාය. එයා කලෙත් මේ ටිකමය. ඒ කියන්නේ එයාට හිතෙන එකය. ඔතන කේස් එක තියෙන්නේ තනතුරේ නෙමේය. නමෙත් නෙමේය, මළ ජරා ව්‍යවස්ථාවේ හා මේ කුණුවී ඕජස් ගලන සිස්ටම් එකේය. සිරිසේනලා දින්නත් මහ චන්දයකට යන එක 2015 අප්‍රේල් වෙනෙකන් කල් දමා තියෙන්නේ ඇයි කියා එකෙක්වත් අහන්නේ නැතිය. දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ චන්දයකට යන්නේ නැත්තේ ඇයි කියලා එකෙක්වත් අහන්නේ නැතිය. එහෙම යන්න, පක්ෂ විපක්ෂ එකෙකුටවත් ඕනා කමකුත් නැතිය.උන්නැහේ දින්නොත්, දැන් ආන්ඩුවේ ඉන්නා ඔක්කෝම උන්, උන්නැහේගේ රෙද්ද අස්සේ රිංගනවාමය. අද චන්ද්‍රිකා පට්ට පතුරු ගහන උන් ඔක්කෝම, මහින්දගේ පතුරු අරින්නේ 9 වනදා ඉඳලාමය. මේ කාළකන්නි කිසිවෙක්, පාල්ලිමේන්තුව විසිරුවා හරින්නේ නැත්තේ, සම හරක් උන් පැන්සොන් එකට එන්ටයිටල් වෙන්නේ නැතිව යන නිසාය. අවුරුදු පහෙන ජීවිත කාලයටම පැනසොන් හම්බ වෙන ජොබ් එකක් මේ ළොවෙත් නැතිය, ලොවි ගහෙත් නැතිය. ඕවා ගැන අඩු ගානේ ජෙප්පො වත් කටක් හොල්ලන්නේ නැතිය. ඒ වෙලාවට උන්ගේ කටෙත් පිට්ටු හිරවෙලාය.අනෙක උන්ට හුරු පුරුදු කරන හා සිස්ටම් එක තුලින්ම ලබා දී තිබෙන අධි සුඛෝපභෝගී ජීවන රටාවයි. මෙතරම් විශාල දීමණා මහජන මුදලින් ලබා දීම වහාම නවතා දැමිය යුතුය. දේශපාළණය බිස්නස් එකක් බවට පත්කර ඇති ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුය. දේශපාළකයා සමාන්‍ය ජනතාවගේ නියෝජිතයකු මිස, ප්‍රභූවරයකු කිරීමේ සියළු පහසුකම් අත් හිටවිය යුතුය. එවිට දේශපාළණයට පැමිනෙන්නේ, අවංක, රටට සේවය කිරීමේ අවංක චේතනාවක් ඇති පිරිස පමණි. අධි සුඛෝපභෝගී වාහන ලබා දීම වහාම අත් හිටවිය යුතුය. අපේ රටේ නාස්තිකාර පරිභෝජන රටාවේ හා ජීවන රටාවේ මූලාරම්බය මෙය බව, මාතලන්ගේ මතයයි. ඔවුනට සාමාන්‍ය මෝටර් රථයක් ලබා දුන්නාම හොඳටෝම ප්‍රමානවත්ය. ළෝකයේ කිසිම රටක මහජන නියෝජිතයන් වෙනුවෙන් මෙතරම් මුදලක් කාබාසිනියා කරන්නේ නැතිය.අද මහජන මුදලින් නඩත්තු වන්නේ පාර්ලිමේන්තුවේ සිටිනා පිරිස පමණක් නොවේ. මාතලන් සිතනා ආකාරයට, රාජපක්ෂ පරපුර හැරුන විට, අනෙක් සැම එකාගේම පවුල් පිටින් කන්නේ අහිංසක මහජනතාවගෙන් ගසා කන අසාධාරණ බදු මුදල් වලිනි. මේ කාළකන්නි වියදම් අහෝසි කිරීමෙන්ම. ජනතාවට අති විශාල සහනයක් ලබා දිය හැකිය.සිරාගේ මිනිස්ට්‍රියේ, එයාගේ අය කී දෙනෙක් උන්නාද කියා හරියටම දන්නේ නැතිය. හැබයි කල් මාක්ස්ගේ එක කුස උපන් සහෝදරයෙක් වෙන, දූෂණය වංචා ගැන පෝප් වගේ ටෝක් දෙන, කෝප් කමිටුවේ සභාපති තැන්පත්, ඩීව් සහෝදරයාගේ අමාත්‍යංශේ ඉන්න උන්ගේ පැටිකිරිය නම් ළඟදි පත්තරේක දැක්කේය. ඔක්කෝම ඉන්නේ පක්ෂයේ කාළකන්නිය. මේ රටේ උගත් උන් හිඟන පඩියට ගස් යට වේලෙන වෙලාවට, ප්‍රගතිශීලී බාප්පලා ගරාගෙන කන්නේ එහෙමය. උන් මේවා දමලා යන්නෙ නැත්තේ මහින්ද ප්‍රගතිශීලි හින්දා නෙමේය. පවුල්වල උන්ට විතරක් නොව, වටේ ඉන්න ඔක්කෝටම නොමිළේ රජ සැප ලැබෙන නිසාය. යාන වාහන ලැබෙන නිසාය. පින් පඩි ලැබෙනා නිසාය. මෛත්‍රිපාලගේ මැනිෆැස්ටෝ එකේ ඇමති මණ්ඩලේ කීයකට සීමා කරනවාද, කාර්ය මණ්ඩලයේ ඉන්නේ කීයද, උන් පත් කරන්නේ කොහොමද කියා, කිසිවක් කියලා නැතිය. කියලා තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමයකට ඇමතිවරු පත් කරනවා කියලාය. විද්‍යාත්මක ක්‍රමේ කෙසේ වෙතත්, මේ විජ්ජාවම් ඉදිරියටත් වන බවට ආයේ කතා දෙකක් නැතිය.උන් පවුල් පිටින්ම නිවන් යන ගේමක් කියලා පේන්නේ, උන්ට අමාත්‍යශයක ලැබුනාම එක බාරගන්න යන ගේම දැක්කාමය. මාතලනුත් දැනට රැකියා කීපයක්ම කර ඇතත්, ප්‍රමෝසොන් කප්පරක ලබලා ඇතත්. ඒ එකකටවත්, පිරිත් කියන්න හාන්දුරුවරුවත්, අම්මා තාත්තලාවත්, මාතලි හා පොඩි මාතලන්වත් වඩම්මාගෙන ගිහිල්ලා නම් නැතිය. ඒ තියා ප්‍රමෝසන් ලැබිච්ච කොක්ටේල් පාටියකටවත් ඔය එකෙක්වත් ගිහිල්ලා නැතිය. මොකෝ පවුලේ උන් රස්සාවට අදාල නැති නිසාය.පෝට් සිටි නවත්තනවා කිව්වාට, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හදන දිවිය ළෝකේ ගැන, වචනයක් වත් එකෙක්වත් කියන්නේ නැතිය. පාරේ යන මිනිස්සුන්ට මළ වදයක් වෙලා තියෙන, පිස්සන්ගේ රථ ගාය සහ බොඩි ගාඩ් පිස්සුව ගැන වචනයක් නැත. මහජන නියෝජිතයන්ට මොන බොඩි ගාඩ්ලාද. එහෙම බොඩි ගාඩ් ඕන නම් උන් මහජන නියෝජිතයෝ වෙන්නේ කොහොමද. යුද්දෙට කලින් ඔහොම මළ විකාරයක් තිබුනද. ඒ කියන්නේ යුද්දේ ඉවර කරලත් නැතිද.මාතලන් නම් කියන්නේ, ආරක්ෂාව දිය යුත්තේ තුන් දෙනෙකුට පමණක්ම බවයි. එනම් මහින්ද මහත්තයා, ගෝඨා සහ ජෙනරාල්ට පමණක්ම බවයි. ඒකත් මේ දාස් ගනනින් ඕනෑ වන්නේ නැත. දුමින්ද සිල්වාට, තොන්ඩමන්ට ඇමරිකාවේ ජනාධිපතිටත් වඩා අංගම්පොර කාරයෝ ඉන්නවාය. මේවා ඇත්තටම මළ විකාරය. මිනිස්සුන්ගේ සල්ලි අමු අමුවේ විනාශ කිරීමය. එහෙම ගාඩ් නැතිව දේශපාළණේ කොරන්න බැරිනම් කරන්න තියෙන්නේ, තමන්ගේ සල්ලි වලින්, සිකුරුටි ගාඩ්ලා එකෙක් බැරිනම් තිස් තුන් කෝටියක් හරි තියාගෙන අපිට පව් නොදි, තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එකය.අර දූෂණ හා අක්‍රමිකතාද මක්කද එකේ තියෙන ෆයිල් 35 කාගෙද කියලා එකෙක්වත් කියන්නේ නැතිය. ඒ හූණු බෙටිත් බෙහෙත් වලට ඕනා වෙන හේතුව නිසා මිස වෙන එකක්වත් නිසා නෙමේය. සිරිසේනට සහාය දෙනවානම් කප්පරක් හොරකම් කල හොරුන්ට, උපාසකවරුන් වෙන්න යන්නේ තප්පරයටත් අඩු කාළයක්ය. කෙසේ වෙතත් හැත්තෑ හතට කලින් තිබුනේ දේශපාළණයක් බව ඕනෑම එකෙක් දන්නවාය. ඒ නිසා අවශ්‍ය කරන්නේ ගූ බෙට්ටේ කෑළි අයින් කර, තව ගූ බෙට්ටක් ඒ උඩින් දමා අයිසින් වලින් කවර් කර ජනතාවට පෙන්වා බොරු කිරීම නොවේ. ගූ බෙට්ට විසිකර දමා, මනුෂ්‍යත්වයට තැනක් ඇති, හොරකම වංචාවට හා දූෂණයට ඉඩක් නොමැති, මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරණා, සෑමටම එක නීතීයක් ක්‍රියාත්මක වන, සියළු ජාතින්ට එක සේ සළකන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවකි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ සෝභිත හිමි, රතන හිමි හා නිර්මාල් දේවසිරි, ජයදේව උයනගොඩ වැනි පිරිස්ද, පුද්ගලයා පමණක් වෙනස් කිරීමෙන් සෑහීමකට පත්වන ආකාරයක් පෙනී යාම, මේ රටේ, නීතිගරුක, බුද්ධිමත් පුරවැසියාට කරනා විශාල අසාධාරණයකි. හඬක් ඇති මිනිසුන් නිහඬව සිටීම, තම රටට කරනා පට්ට අසාධාරණයකි.
|
BLOG
|
2014.12.19
|
http://maathalan.blogspot.com/
|
වයි පයි බයිලා - Free Wi Fi
|
Maathalan - Priyantha Hewage
|
නොමිළේ... වයි පයි..මල්ලි, සිරා මාමා දෙයි..බුකියෙ චැට් දැන් වැඩි වෙයි...නංගි දොයියා බෑ කියයි...මේවා... වයි පයි බයිලා..මල්ලි ඇහිඳ ගනිල්ලා...අපෙ සිරා... ඇවිල්ලා..දෙනවලු නොමිළේ බෙදලා..මේවා වයි පයි බයිලා.. නොමිළේ... වයි පයි..සැක්ස් හොයනවා වැඩි වෙයි..ඒ කප් එකත් එකත් අපෙයි..දොයිය බබා...ලා නැගිටියි..මේවා වයි පයි බයිලා.. පොඩි බබා හොඳට දොයි..මමී බුකිය බදන් දොයි..පපා ගොසිප් ගොඩෙ දොයි...කොල්ලෝ පෝන්ම බලතෙයි..මේවා වයි පයි බයිලා.. මට නම් පිච්චු දැං හැදෙයි..පෝස්ට් එක පිට එක එයි..රෑට නිලකුත් බල තෙයි..මගේ තඩි බඩ අඩුවෙයි..මේවා වයි පයි බයිලා..නෙට් බලන්න තඩි ගානක්, වෙයි කුඩේ කුඩු..බයිට් වලට සල්ලි ගොඩයි, නෑ නේ කිසි නඩු..බඩේ බත් නැතත් අයියා..., නෑ කිසි පාඩූ...අපේ බඩු වගේද නෝ..ටි ඇමරිකන් බඩු..මේවා වයි පයි බයිලා.. මහින්ද ලොක්කෝ ඔහේ මොකෑ කියන්නේ..වයි පයි ෆ්‍රී දෙන්නට තව කාළේ තියෙන්නේ..වෝට් එකට පෙර වයි පයි නැති වුනොත් අනේ.. කතා දෙකක් නෑ සිරාට මනාපේ දෙන්නේ..මේවා වයි පයි බයිලා..-x-මෛත්‍රිපාල මහතාගේ ප්‍රතිපත්ති ප්‍රොකාසයේ, 62 වන පිටුවේ අන්තිම තිත."නොමිළේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නඟරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කළාප ඇති කරමි.".
|
BLOG
|
2014.12.17
|
http://maathalan.blogspot.com/
|
එකා අධිපති භීතීකාව... - Fear of a Dictator
|
Maathalan - Priyantha Hewage
|
..බියව ඇත,දැහැමින් සෙමෙන්,පාළණය, ගෙන යන,රජකු,මැති ඇමතිවරු,වන්දිභට, සට්ටැඹි,නැකත්කරු...යාවි යැයි,තැතිගෙන.හේග් සහ ජිනීවා,නිරය වෙත.කිසිවකුටබිය නැති,වීරයෝ.....කෑ ගසති,වියරුවෙන්...දෙසති,"කුමන්ත්‍රණ""සම්මන්ත්‍රණ""සකච්ඡා""ඩයස්පෝරා", සමඟ...අඬති වැලපෙති,හොටු පෙරාගන... සිහිනෙන් පෙනී...කටු ඉඹුල,ළෝ දියර, විදුලි පුටු....අත්වේ යයි,විපත්...... ගාඩාපිට,හිට්ලර්ට,සදාම්ට,මුබාරක්ට,අත්වූ...... කිම්ද,බිය වන්න,කාරණ....ඔවුන්,"එකාධිපතියෝය"මොවුන්,පින්වත්,සුසිල්වත්,ජහ මන හිතකාමී,අප මහ රජාණෝය......දැයේ දරුවන්ගේ,ආදරණිය පියානෝය...... සහ පිරිවර,හාකටු කනබල්ලෝය.
|
BLOG
|
2014.12.16
|
http://maathalan.blogspot.com/
|
ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ සහ බාලගිරි - Why JVP & Mr. Baalagiri
|
Maathalan - Priyantha Hewage
|
තරුණයෝ කියන්නේ කුමණ වයස් කාන්ඩයටද යන්න සාපේස්ස පුරස්නයක්ය. ගතින් තරුණ කම මැනීමටද නොහැකිය. කෙසේ වුවත් එජාපයේ තරුණ නියෝජනය යැයි කියා ගන්න හතර දෙනෙක් සිරසේ වැඩ සටහනකට සහභාගි වී සිටිනවා දුටු විට, මාතලන්ට හිතුනේ තරුණයෝ කියන්නේ මුන්ට නම්, තරුණ පරපුරම මහා සාපයක් ලද්ද වුන් බවය. ඔවුන්ගේ කතා තුල, අදහස් තුල, කිසිම තාරුණ්‍යයක්, විප්ලවීය බවක්, පපුවට වැදීමේ කතාවක්, මාතලන් නම් දුටුවේ නැත. එම නිසා මුළු වැඩ සටහනම නැරඹුවේත් නැත. පස්සෙ එයාලාගේ තරුණ කම් ඉස්මතු වූවද කියා කීමට නොහැකි හෙයින්, මේ කතාව අසාධාරණයක්ද විය හැකිය.කෙසේ හෝ මාතලන්ට සිතුනේ, අනේ මේ වෙනුවට ජෙප්පෝ හතර දෙනෙක් ආවා නම්, ආන්ඩුවේ උන්ගේ හතර හන්දි කැඩෙන්නම, හතරවරම් දීමක් දෙනවා නේද යකෝ කියලාය. ජෙප්පෝ වටින්නේ ඔන්න ඔය කාරණයේදීය. ඒ කියන්නේ බොක්කට කතා කොරනා කාරනටය. එහෙම දැනෙන්න කතා කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවාය. එකක් නම් බෙරිහන් දීමය. ඔය අපේ මහින්ද මහත්තයාත්, අපවිත්‍ර නෝනාත්, රජ ගෙදර රිලවාත් කරන්නේ ඒකය. මොකෝ යකෝ මූ කෑ ගහන්නේ කියා බුද්ධිමත් ජනතාව ඒ කියනා ඒවා අහනවාය.තව එකක් නම් පට්ට කුණු හබ්බ කියනා එකය. මේ රට කොයි තරම් රටක්ද කියනවා නම්, වැඩියෙන් කුණුහබ්බ කියන්නේ අජ්ජාපන උලා කන ඇමතිලාය. එකෙක් නැට්ට නැති බල්ලෝ සංසර්ගයේ යෙදෙන හැටි කියනවාය. තව එකෙක් තම නායිකාව අමු හෙළුවෙන් පාරේ යවන හැටි කියනවාය. තව එකෙක් ඌ ගහන බඩු ගැන කියන්වාය. තව එකෙක් තාමත් හොඳට යනවා කියා කියනවාය. ඒ එක ක්‍රමයකි. එයටත් මේ රටේ බුද්ධිමත් ජනතාව බොහෝම මනාපය. එහෙම කතා කියන උන් ඉහලම මනාපයෙන් විල මැද පිස්සන් කොටුවට යන්නේත් ඒ නිසාමය.එහෙත් ජෙප්පෝ මේ දෙකම කරන්නේ නැත. අනික උන් බොරු කියන්නේ නැත. උන් කතා කරන්නේ මේ රටේ හිතන්නට පතන්නට පුළුවන් පිරිසටය. ජෙප්පෝ, උන්ගේ කාඩර් වරුන්ට ඇර, අපට වටින්නේ, ඒ හේතුව නිසාමය. කාඩර් වරු කියන්නේ, ජෙප්පෝ කියන එවා කිසිම විවේචනයකින් තොරව, පරම සත්‍ය ලෙස ගිලගෙන, එය දහමක් මෙන් අදහමින්, වමාරන පිරිසිය. එහෙත් ජෙප්පන්ට කැමති අනෙක් පිරිස කාඩර්වරුන් නොවේ. ඔවුන් හදවතින්ම මේ රටේ යහ පාලනයක් බලාපොරොත්තු වෙන, රටට අසීමිතව ආදරය කරන, දේශප්‍රේමි, දේශමාමක අවංක වූ බුද්ධිමත් ජනතාවයි. ඔවුන් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ නැති වුවද, ජෙප්පන් මේ දේශපාළණ ප්‍රවාහයේ සිටිය යුතුම පිරිසක් බව පිලිගන්නා උන්ය.අද හැම එකාම ජෙප්පෝ මරාගෙන කෑමට හේතුව වී ඇත්තේ එයයි. ජෙප්පන්ගේ දේශපාළණය නපුංසක දේශපාළණය යැයි කියන්නේ, ආන්ඩුවේ උන්ට ආතල් දෙන පසුගාමී නපුංසකයන් මිස වෙන කිසිවකුත් නොවේ. ඇත්තටම ජෙප්පෝ සිරිසේනට සහාය දිය යුතුද. ඇයි ජෙප්පෝ නැතුව එයාලට මේ වැඩේ තනියෙන් කර ගන්න බැරිද. ජෙප්පන්ගේ ක්‍රියාදාමය යුතුකම් පැහැර හැරීමක්ද. එය යුගයේ අවශ්‍යතාවය ඉටු නොකිරීමක්ද. මාතලන් නම් කියන්නේ ජෙප්පන්ගේ මතය 100% නිවැරදි බවයි. ඔවුන් සිඳු විය යුතු දේ ඉතා පැහැදිලිව කියා ඇත.එසේ නම්, මෛත්‍රීපාලට සහාය දක්වනා උන් ජෙප්පන් කරන්නේ අසාධාරණ දෙයක් යැයි කියන්නේ ඇයි. ජෙප්පන්ට මහා ළොකු ඡන්ද ප්‍රමාණයකුත් ඇත්තේ නැතිය. ආන්ඩුවේ රිලවා හා කඩාගෙන ගිය පසුගාමී කණ්ඩායමට ගිලිහුන 150,000 ප්‍රමාණය ගත්තද, අද ඔවුන්ට ඇත්තේ නැවුම් ඡන්ද ප්‍රමාණය සමඟම 400,000 ක ප්‍රමාණයක්ය. මේ ඡන්ද ප්‍රමාණය ස්ථිර වූ ඡන්ද ප්‍රමාණයකි. එහෙත් නැවුම් ඡන්ද සෑහෙන ප්‍රමාණයක් චන්දය හිමි නාමලේඛනයට අළුතෙන් එක්ව ඇති අතර, ෆේස්බුක් තරණ තරුණියන්ගේ ජනප්‍රියම පක්ෂය වී ඇත්තේ ජෙප්පන්ය. මේ පිරිස තම ඡන්දය ප්‍රකාෂ කරන්නේ කාටදැයි යන දෙගිඩියාවකින් පෙලේ. මොවුන් යුද්ධයේ දරුවන්ය. ඔවුන් අවුරුදු ගනනක් යුද්ධ්යෙන් බැට කෑ අතර, යුද්ධය දිණූ වීරයෙක්ද දෑසින් දුටු පිරිසය. ඔවුන්ට සැටලයිට් යුග, එජාප යුග ගැන, දැණුමක් නැත. මෙය වාසියට මෙන්ම අවාසියටද බලපෑ හැකිය.මෛත්‍රීපාලණය වෙනුවෙන් පෙල ගැසෙනා උන් කළ යුත්තේ මොවුන් තම පිලට ආකර්ෂණය කර ගැනීමයි. එය පහසුවෙන් කර ගත හැකි ජෙප්පන් අද ඔවුන්ගේ වේදීකාවේ නැත. අනෙක් පිරිස අප වන් පාවෙන් ඡන්ද දායකයන්ය, ඔවුන්ගේ බොක්කට කතා කිරීමට අද ජෙප්පෝ වේදිකාවේ නැතිය. ජෙප්පන්ගේ අඩු පාඩුව මෙන්න මේකය. එනම් ජෙප්පන් පොද්දාගේ ඉස්ටේජ් එකේ නැති වීමය. ඒ කියා දණ ගසා වැන්දත් ජෙප්පෝ ඒ වේදීකාවට තියා, මහින්ද මහත්තයාගේ වේදිකාවටත් ගොඩ වෙන්නේ නැතිය.මොකෝ ලාල් කාන්ත උන්නැහේ කිව්වා වාගේ, එයාලා දෙසරයක්ම නාලා තියෙන නිසාය. සිරිසේන ලොක්කාත් ඔය විධායකේ අත අරින්නේ නෑ කියා මාතලන් මෙන්ම, ජෙප්පෝත් "ඉතා පැහැදිලිව" දන්නවාය. එයාර්පෝට් වහනා කතාවලින් ඒවා බොහෝම හොඳට පේනවාය. සිරිසේන කියන්නේ, මහින්දටත් අන්ත කිසිම වැඩ පිලිවෙලක් නැති පුද්ගලයෙක්ය. හෙට මාතලන් ගිවුසුමක් අරගෙන ගියත්, ඒකත් අත්සන් කොරලා පිලිගන්නා කෙනෙක්ය. ඇමතිවරු 25 දැන් 30 වෙලා තියෙන්නේ ඒ නිසාය. බලේට ආවොත්, ඔක්කෝටම දුන්නත් පුදුම වෙන්නත් ඕනා නැතිය.එයාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඇති වැඩක් නැතිය. දැන් කරන්න තියෙන්නේ ජෙප්පෝ නැති නිසා, ජෙප්පන්ගේ සිස්ටම්, ඉන්න උන් ලවා කර ගන්න එකය. ඒ සඳහා එජාපයේ ඉන්නා උන් ඉදිරියට ගන්නා එකය, එහම නැතුව ආන්ඩුවෙ හොරුන් එනකන් බකං නිලාගෙන සිටීම නොවේය. චන්දයට තව මාසයක් වත් නැතිය. දූෂණ විමර්ශණ කොමිසමේ මේ ආන්ඩුවේ ඇමතිවරුන්ගේ කේස් 35 ක් තියෙනවාය. දවස ගානේ එකක් ඇද්දත්, ඒක අළුත් නිව්ස් එකක් වෙනවාමය.මෙයාලා ගහපු ගැහිලි ගැන අපිට ඉන්ෆෝමේසොන් එනවා කිව්වාට, මේසොන් බාස්ලා වැඩ නවත්තන්නේ නැතිය. හරියට නම ගම එක්ක කිව්වෝත් මේසන් බාස්ලා විතරක් නොව අනෙක් උන්ද මට්ටම් ලෑලී අතට ගන්නවාමය. අද වෙනකන් එකෙක්ගේ නමක් ගමක් කියන්නේ නැතිය. එහෙම නොකියන නිසා අපිට හිතෙන්නේ ඒවා ඔක්කෝම වැල් බයිලා කියලාය. අපි හෙට අනිදා මේවා කියනවා කිව්වාට අර බාලගිරි දෝසේ වගේ හෙට එන්නේ කවදාද කියා බාලගිරිලා බලාගෙන ඉන්නවාය.තියෙන තුරුම්පු ඔක්කෝම ඇදලා, කැට ටික මේ පැත්තට ගන්නම ඕනය. තුරුම්පු අන්තීමේදී අදින්න බලාගෙන ඉඳලා වෙන්නේ, හාවා රේස් එකෙන් දිණනා එක විතරය. එදාට ඉතින් මෛත්‍රීපාළණේ උදා කරන්න පුක ඉරාගෙන දඟලපු උන්ට වෙන්නේ, හිතේ අමාරුවට වෙලේ ඉන්න ඉබ්බෙක් වත් අල්ලගෙන මරාගෙන කන ගමන්, හැමදාම කෙලින ගල් බෝතලයෙන් ටිකක් උගුරුට හලාගෙන,කැන්සොර් පීන්තූර නැති ගෝලිප් පෙට්ටියෙන් දුමක් දමාගෙන, සැනසෙන්න නැලවෙන්න සුදෝ කියා, හිතේ දුකට කයියක් කියාගෙන අවුරුදු අටක් හූල්ල හූල්ලා ඉන්න එකය. (සම හරක් විට එය කිසි දිනෙක පැමිණිමටත් නොකැකි විය හැකි වීමටත් පුළුවන්ය.)- මාතලන් -.
|
BLOG
|
2014.12.15
|
http://maathalan.blogspot.com/
|
විනය තකා තුන ඇල්ලීම - Self Discipline First
|
Maathalan - Priyantha Hewage
|
- මාතලන් - සාදන්නට විනය අම්මට සිරි ලංකා ර ටේතුන් වෙනි පාරටත් ගේමකි හැටට හැ ටේමේවා දකින මයි බොඩි ෆිෂ් ඉබේ නැ ටේඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේඅජ්ජා පනේ කෑ හරකා බලු නොව ටීදේශණ තියති කුක්කෝ ලව් කරන හැ ටීකරුමෙට නොමැති උන් වනනට උන්ගෙ නැ ටීසද්දය දමා පෙන් වති හැමි නෙනා හැ ටීකනකොට හොඳයි බලපිටි කුම් බල මා ළුවිඳවිය නොහැක කටු ඇනුනොත් නම් යා ළුදීලා බලු ටෝක් හිර බත් කෑවේ ලූකලකදි රහලු තව කලකදි අමු වහ ලූකියමින් අන් අයට පෙන් වා තම බූරූ ග තීකට ඇරියොත් සැම තැනකම නා ගනි තියන එන සැම තැනම අඩු නැත ගඳ ගස තිහඟුරන් කෙතේ ඉන්නා නරි හූ කිය තිපෙරකල වැටී කා රොස්මිඩ් මැදුරෙ රො ටීඑක ගෙයි කෑ වැටී රත් උන වෙලේ තැ ටීකෙහෙවලු කඩාගෙන දුවමින් පිස්සු වැ ටීපාරම් බාති අමු හෙළුවෙන් යවන හැ ටිතවකෙක් රටේ නිලදරුවන් ගස් බඳි තීඅවුලක් නැතුව අමු කුණු හබ්බත් කෙල තීකන්ටේනර් පිටින් පව් ඩර් කුඩු ගෙනෙ තීහිමිකරු නොමැත බව් සර් එත නෝල් එ තීමහ මැති ගෝලයෝ දහවල් මිනී මර යිප්‍රාදේශියෙ උන් දරු වන් රේප් කර යිකළාකරුවෝ මහ මග හොඳ හැටි ගුටි ක යිබලන බලන තැන මුන් මුලු රට වනස යිහදනට කලින් ජහ මන යාගේ වින යරට කන හරක් ටික හැදු වොත් නම් හොඳ යගන්නට කලින් තුන් වන වරටත් බල යමුන් ටික නොහැදුවොත් අත් වේ කොඩි වින ය-x-.
|
BLOG
|
2014.12.13
|
http://maathalan.blogspot.com/
|
මහතීර් මොහොමඩ්, මහින්ද චින්තනය හා සිරානොමික්ස් - Dr. Mahthir Mohomed, Mahinda Philosophy & Siraanomics
|
Maathalan - Priyantha Hewage
|
- මාතලන් - අබේනොමික්ස් කියන්නේ, ජපානයේ ෂින්සෝ අබේ මහත්තයාගේ රට ගොඩ නගන ආර්ථික ක්‍රමය හඳුන්වන නාමයයි. එය මුළු ළොවෙහිම ඉතා ජනප්‍රිය යෙදුමකි. ඇත්තටම ජපානය දියුණුවේ හිනිපෙත්තටම ගමන් කොට ඇති රාජ්‍යයක් බැවින්, ඔවුනට අද ඇති ප්‍රශ්ණය නම්, රට දියුණු කිරීම නොව, එම තත්වයෙන් පහතට නොවැටි දිගටම පවත්වාගෙන යාම, එහෙම නැතිනම්, මේන්ටේන් කොර ගෙන යාමය. ජපානය විතරක් නොව, යුරෝපයේ දියුණු රාජ්‍යයන්ද අද මුහුණ දෙන විශාලම ගැටළුව මෙයයි. ඒක හරියට නිවන් ලබා ගත්තායින් පස්සේ, කොරන්නේ මොකක්ද යකෝ වගේ මහා උභතෝකෝටික ප්‍රශ්ණයකි.මාතලන් ඉතා ප්‍රිය කරණා වීරයෙක්, ඊයේ පෙරේදා ලංකාවට ඇවිත් ගියේය. ඒ මැලේසියාව උඩු යටිකුරු කොට දිවියළෝකයක් කල දොස්තර මහතීර් මොහොමඩ් මහත්තයාය. ඔහුගේ ඩොක්ටර් කෑල්ල අපේ මර්වින්ගේ දොස්තර කෑල්ල මෙන් නොව, වෘතියෙන් මෙඩිකල් දොස්තර මහත්තයෙක් නිසා ලැබුන කෑල්ලක්ය. චේ ගුවේර දොස්තර මහත්තයාට සිහිණය සැබෑ කොර ගන්න බැරි උනාට. මහතීර් මොහොමඩ් මහත්තයා නම් තම සිහිණය පමණක් නොව, මැලේසියානුවන්ගේ සිහිණයද සැබෑ කල වීරයෙක් උනේය.උන්නැහේ රට පාළණය කල අවුරුදු 22 කාළයේ මැලේසියාව ළෝකයේ බැබලෙන රටක් බවට පත් කලේය. අපේ රට බැබලෙන්නේ සින්දු වල විතරය. ළෝකෙන් උතුම් රට වන්නේත් සින්දුවලම විතරය. සැබෑව ඊට බොහෝ දුරය. මහතිර් මොහොමඩ් ගැන මාතලන් කියවීමට බොහෝ කැමතිය. ඒ නිසා එයාගේ සම්මුඛ සාකඡ්චා මෙන්ම දේශණයන්ද ඇස් ගැටුන ඕනෑම අවස්තාවක සේව් කොරගෙන, පස්සේ හෝ කියවනවාමය. ඒ රටේ දියුණුව ගැන කියන්න තියෙන හොඳම උදාහරනේ නම්, ඒ කාලේ ලක්සිරි ලයිෆ් සඳහා මෙහේ ආපු මැලේ උන් හිඟන්නෝ වෙලා ඉන්දැද්දි, දැන්, අපේ හින්ගලයෝද මැලේසියාවේ විධායක ශ්‍රේණියේ ජොබ් කොරන්න පවා ගිහින් ලක්සිරි ලයිෆ් විඳිනා එකය. ඒ අය ගෙන් සමහරක් මෙන්ම සම හරක්ද බ්ලොග් පවා ලියනවාය.පුක උඩ දාගෙන මහතිර් මොහොමඩ් ගෙන්නුවාට, එතුමාගේ කතා බතා මොකුත් පෙන්නුවේ නැත්තේ, උන්නැහේ මහින්ද ෆිලෝසොපි එක උඩ දාගෙන වනන හැම එකාගේම කන රතු වෙන්නම දුන්න ඉස්පීච් එක හින්දාය. අපේ මහ බැංකුවේ කබරාල උන්නැහේද, ආන්ඩුවේ ක්‍රෙඩිට් කෝන්ට්‍රෝලර් තැන තැන්පත් පුංචි බන්ඩා ජයසුන්දර උන්නැහේද, රේඩියෝ සිලෝන් එකේ අසූචි ගිලින බව්වාද, වාද විවාද වලට එන වෙන්න ඇමතිලා සහ ඇමතිලාද මහා ඉහලින් කතා කොරන, අපේ ඒක පුද්ගල ආදායම (per capita) ගැන කන පැලෙන කතාවක් එතුමා කිව්වේය. ඔක්කෝම උන් ශුක්‍රාණු කෑ රිලව් වගේ කට ඇරගෙන බලාගෙන උන්නේ මූණු ටික රතු කරගෙන ඉහෙන් කනින් දාඩියත් දාගෙනය. BMICH එකේ AC කැඩුන නිසා, පුක රත් වෙලා දාඩිය දැම්මාද කියන්න හරියට දන්නේ නැත්තේ, මාතලන් එතන උන්නේ නැති නිසාය.උන්නැහේ කිව්වේ ඒක පුදගල ආදයමෙන් රටක දියුණුව මනිනවා නම්, සෞදි ආරබියත් ළෝකයේ දියුණු රටක් කියලාය. උන්නැහේ කියන්නේ රටක දියුණුව බලන්න ඕනෑ ඒක පුදගල ආදායමෙන් නොව, ජහ මනයාගේ මිළදී ගැනීමේ හැකියාවෙන් කියලාය. රටේ බහුතරයෝ හිඟන්නෝ නම් ඒක පුද්ගල ආදායම ඩොලර 10,000 නෙමේ 15,000 ක් උනත් වැඩක් නැතිය.අනික රටේ කිසිම නිශ්පාදන ආර්ථිකයක් නැතිව, සේවා ආර්ථිකයේ වර්ධණයක්, අපණයන වල වර්ධනයක් නොමැතිව, චීනයෙන් නොනවත්වා ගලාගෙන එන ණය මුදල්, ඩෝලර් බවට හරවා පෙන්වන සෙප්පඩ විජ්ජා බල බල ඉන්නා උන්ට කෙලවෙන්නේ, රත්තරන් බඩු ටික සින්න උන දාටය. දැනටත් ආන්ඩුව නටන්නේ චීනාගේ බීට් එකටය. බටහිර කුමන්ත්‍රණ කරුවා සමඟ ගේම ඉල්ලන අතරතුරේ, චීනා අපේ අධෝමාර්ගයේ සංසර්ගයේ යෙදිලාත් අහවරය.එයාලාගේ ප්‍රතිපත්ති නිසා වැසී ගිය ඇඟළුම් කර්මාන්ත ශාලා ප්‍රමාණය 200 කට අධිකය, හෙට අනිද්දාට යුරෝපයට අපණයනය කරන මාළු ටිකටත් කෙලවෙනවාමය. ඒවා චීනෙට අරිනවා යකෝ කියා මොකෙක්ද හරකෙක් තප්පුලනවා මාතලන් දැක්කේය. උන්ට අපේ මාළු ඕනා නැතිය, උන් උන්ගේම නැව් දාලා, අපේ මාළු අල්ලන්නේ අදක ඊයේක සිට නෙමේය. මෙ ගොන් කතා කියනා උන්ට බල මාළු ඔළු ටිකක් කවන්න පුළුවන් නම් බොහොම අගේය. ආන්ඩුවෙන් කරනා ඔක්කෝම කෝටී ප්‍රකෝටී ගනනින් පාඩුය. එයාර් ලංකා, මිහින් ලංකා, තෙල් සංස්ථාව වාගේ ආන්ඩුවේ හිඟන්නන්ට පින් පඩි දෙන ආයතන සියල්ල බංකොලොත්ය. ඒවා පවත්වගෙන යන්නේ, චීනාගෙන් මහා බාන්ඩාගාරෙට ගන්නා සල්ලි, වෙස්සන්තර අප්පුහාමිලා වගේ දන් දීලාය. කන බොන හැම මලදානෙටම බදු ගහලාය. මිනිස්සු කන බොන දේවල් වල ප්‍රෝටීන් වලට වඩා තියෙන්නේ මහරජාගේ හතර වරිගයේ සිට කප්පරක් උපදේශකවරු, පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව මැති ඇමතිවරු, නිළධාරින් හා පින් පඩි කන ආන්ඩුවේ හෙන්චයියලා පෝෂණය කරනා කප්පරක් බදුය. එහෙම කිව්වේ රුපියල් 50,000 වඩා පඩි ගන්නේ මේ රටේ 800,000 පමණක්ම නිසාය.දුන්න අනෙක් කනේ පාර නම්, කන පැලෙන්නම වදින්නට ඇතිය. ඒ කිව්වේ රාජ්‍ය සේවය හා පෞද්ගලීකරණය ගැනයි. මේ ළඟදි මිඩ්වයිෆ්ලාට දොලදන් දුන් උත්සවයේදිත් මහින්ද මහත්තයා උජාරුවෙන් කිව්වේ, ආන්ඩුවේ ඒවා පෞද්ගලීකරණය කිරීම එයාලාගේ මැතොඩ් එක නෙමේ කියලාය. එයාලාගේ මැතොඩ් එක ඇවිල්ලා ඔක්කෝම ආන්ඩුවට අරගෙන, ආන්ඩුවෙන් කරනා එකය. මහතිර් කීවේ කුමක්ද, ආන්ඩුවේ සියළු දෙනාම ජීවත් වන්නේ පෞද්ගලික අංශයේ පිරිස උපයනා ආදයමෙන් බැවින්, සෑම විටම පෞද්ගලික අංශයට මූලිකත්වය දිය යුතු බවයි. හැකි සෑම ආයතනයක්ම පෞද්ගලික අංශයට ලබා දිය යුතු බවයි. රාජ්‍ය සේවය හැකිතාක් අවම කළ යුතු බවයි.තවත් ඉතා වැදගත් කරුණක් ඔහු කීවේය. එනම් අධිවේගී මාර්ග සෑදීමට ප්‍රථම, මිනිසුන්ට රැකියා දිය යුතු බවයි. ඒ සඳහා මහා පරිමාණ විදේශ ආයෝජකයන්ට ඉඩ කඩ සැලසිය යුතු බවයි. යටි තල පහසුකම් සපුරාලිය යුතු වන්නේ එයින් පසුව බවයි. එයින් පසු තාක්ෂණවේදයටද, අධ්‍යාපනයටද මුල් තැන දිය හැකි බවයි. මාතලන් මේවා පවසන විට, කරුණු වටහා නොගත් මාහාචාර්යවරයකු මෙන්ම, මාතලන්ගේ හිතවතුන්ද මාතලන්ට සිනාසුනා හොඳට මතකය. සංචාරක ව්‍යාපාරය නංවන්නේ කෙසේද යන්නත් ඉතා පැහැදිලිව ඔහු විසින් පෙන්වා දෙන ලදි. අද සංචාරකයා බලා පොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන වැටහීමක් මාතලන්ට හැඟෙන පරිදි සංචාරක මණ්ඩලයේ එකෙකුටවත් ඇත්තේ නැත. මෙසේ අප බක පන්ඩිතයන් සියළු දෙනාටම කටක් ඇර ගන්න බැරි වෙන්නම කන පැලෙන්නට දෙන්න ඇත්තේ, සමහර විට අපේ හරක් මෙන් පුර අඟනන් සමඟ නිදි වැදීමට රට රටවල සැරිසරනවා මෙන් නොව, රටකට යාමට පෙර ඒ රට ගැන, රටේ ආර්ථිකය ගැන, දර්ශනය ගැන මනා වැටහීමක් ඇතිව එන නිසා, එතුමා මේ සියල්ල කීවේ අපේ පන්ඩිතයන්ට ඉගෙන ගන්නටම වෙන්න පුළුවන්ය.තෙවන වර නොව තව කල්පයක රට පාළණය කලද, මේ ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති මගින් මේ රට දියුණු කිරීමට හිතන්නේ නම් එය තනිකරම මිරිඟුවක් පසු පස දිව යාමකි, ආශ්චර්යය කියන්නේ හිඟන්නන් පිරි, යටිතල පහසුකම් වලින් සපිරි රටක් නම්, මේ ක්‍රමය තරම් වෙනත් ක්‍රමයක්, ළොවෙත් ඇත්තේ නැතිය.හිඟන්නන්ගේ බදු මුදල් වලින් ආතල් ගන්නා උන් සුපිරි රථ වාහන වලින් බැස, බ්‍රෑන්ඩඩ් කිට් ගසාගෙන වෝකින් පාත් වල එක්සයිස් කලාට, මැද පන්තියේ උනුත් අමු හිඟන්නන් බවට පත්වන එකත්, රක්තහීනතාවයෙන් හා මන්දපෝෂනයෙන් පිරි ඇවිදින ඇටසැකිලි, ගම් නියම් ගම් වල සැරිසරන එකත් කිසි අවුලක් නැතිව බලා ගන්නට නම් ලැබෙනවාමය. අද පහළම මැද පන්තියේ ඉන්න එකාටත් තිබෙනා ප්‍රශ්ණය නම්, කොච්චර හම්බ කලත් කන්න මදියි කියනා ප්‍රශ්ණයය. මේ කනවා කියන්නේ, Pizza, KFC කන එක නෙමේය. වේලක් දෙකක් ලෙවකනවාටය. කොටින්ම කියනවානම් රටේ බහුතරයකට තියෙන්නේ ෂැෂේ ආර්ථිකයක්ය.මාතලන්ට තියෙන විශාලම ප්‍රශ්ණය නම්, විපක්ෂයේ එකෙක්වත්, ආරථිකේ ගැන පොර ටෝක් දෙන පන්ඩිතයන්වත්, මාහා ආචාර්ය, ආචාර්ය උන්වත්, සිවිල් පොරවල් යැයි කියා ගන්නා එකෙක්වත්, මේ, "ආන්ඩුවේ රැකියා" මාෆියාවට විරුද්ධව කෙල බිඳුවක් බිම හෙලන්නෙ නැත්තේ ඇයි කියාය. කලටි පොල් කඩන උන් නම් උන්ගේ මනාපෙට කෙලවෙන නිසා කට පුක වසාගෙන උන්නත්, අනික් උන් එසේ ඉන්නේ මහරජාට බියේද, එහෙම නැත්නම් හිඟන මානසිකත්වයෙන් යුත් ගොන් හරක් මහජනයාට බියේද කියා, මාතලන්ට හිතා ගන්නට බැරිය. එහෙම නැත්නම් හැම එකාම ඉන්නේ ඒ මානසිකත්වයේද.ආන්ඩුවේ තත්වය එසේ වෙද්දී, බලේට එන්න ඉන්න උන්නැහේ කියන්නේ මොකක්ද. එයා තාම කරන්නේ මොකක්ද කියාවත් දන්නේ නැතුව, එහෙන් එන උන් එනකන් ඇමරිකන් බයිලා ගහනවාය. ඒ අස්සේ මාතලන් දැක්කේ, එයා ආවොත් පෞද්ගලික අන්සේ උන්ටත් පැන්සොන් එකක් දෙනවා කියලාය. මට පේන්නේ එයා මහින්දටත් එහා ගිය පොරක් වාගේය. කටුනායක රොෂේන් චානුක වෙඩි කාලා මැරුණේ තොපේ පැන්ෂොන් සිස්ටම් අපිට එපා කියන සටනට ගිහිල්ලාය.රොෂේන්ට පින් සිද්ද වෙන්න පුදගලික අංශයේ උන්ගේ ඊ ටී ඇෆ් ෆන්ඩ් වලට කෙලින්න ගිය එක යාන්තම් නවත්ත ගත්තේය. මේ ගොන් කතා කීමෙන් වෙන්නේ, පෞද්ගලික අංශයේ එකෙක්ගේවත් ඡන්දේ නොලැබෙන එකය. පුළුවන් නම් කල යුත්තේ ආන්ඩුවේ උන්ගෙත් පැන්සොන් එක නවත්වා, විශ්‍රාම ගියයින් පස්සේ අවුලක් නැතිව ජීවත් වෙන්න පුළුවන් සවුක්ක රක්සොන් ක්‍රමයක් හා, මාසික දීමනාවක් ලැබෙනා සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එකය. එවන් වැඩ පිලිවලක්. අපේ උන් එකෙක්ටවත් නැති එක රටේ කරුමය මිස අපේ කරුමය නම් නෙමේය.ඒ වගත් මෙසේය...Kandyan විසින් ලබා දුන් ලින්ක් දෙක.. ස්තූතියි බොහෝමත්..html විශේෂ - මහතිර් මොහොමඩ් උන්නැහේගේ කතාව මාතලන් දැක්කේ මහාරාජාගේ ඇම් ටී වී ඉස්පෝර්ට් චැනල් එකේ ඉන්ගිරිස් නිව්ස් එකකින් පස්සේය. ඒ ගැන ආන්ඩුවේ ඒවා වල මක්කත් නොකීවේ. ආන්ඩුවේ උන්ගේ කලිසම් ගැලවෙන්නම උන්නැහේ දීපු නිසා වෙන්නට පුළුවන්ය. කවුරු හෝ එකෙක්, ඒ කාතාවේ වීඩියෝවක් හෝ පුවත් පත් වාර්ථාවකට ලින්න් එකක් දෙන්නේ නම් ඉතා අගනේය.ප: ලි:ඊයේ සිරානොමික්ස් පොර කිව්වේ ගම් බට්ටන්ද ආන්ඩුවේ සේවකයන් බවට පත්කොට, පෙන්සොන් එකක් ලබා දෙන බවයි.. තුඃ නොදෝමකින්. හදිසියේ හෝ බලයට පත්වූ පසුව ගොවියාත් රජයේ සේවකයකු කොට, ගොවියාටත් ආන්ඩුවේ පැසොන් එකක් ලබා දුන්නොත් එකෙක්වත් ඇස් ලොකු කරගන්නවා එහෙම නෙමේය.
|
BLOG
|
2014.12.11
|
http://maathalan.blogspot.com/
|
ජනපති සිහිණය බිඳ වැටීම... - Shattered Dreams
|
Maathalan - Priyantha Hewage
|
මාතලන් 2010 දී අනාවැකියක් කිව්වේය. ඒ බොග දාන්න පටන් ගත් මුල කාළයේය. ඒත් මෑතකදි බය වෙලා උන්නේ, ඒ කියපු අනාවැකියට කෙලවේදෝ කියලාය. ඒ රනිල් විකුම්සිහ උතුමානෝ ජනාධිපතිවරණයට එන සයිස් එකක් තිබුන නිසාය. එහෙම ඇවිල්ලා පැරදුනා නම් අවුලක් නැතිය. එහෙත් දින්නා නම් වෙන්නේ, මාතලන්ගේ අනාවැකියට කෙලවෙන එකය.ඒත් දැන් කිසිම අවුලක් නැත්තේ, අනාවැකිය සඵල උන නිසාය. පොද්දා සිරිසේන උන්නැහේය. උන්දෑ දින්නොත් රනිල භෝගවලට වෙන්නේ අගමැති වෙන්නය. ඒකත් ෂුවර් නැතිය. මොකෝ සිරිසේන උන්නැහේ දින්නොත්, දැන් ආන්ඩුවේ ඉන්න උන් ඔක්කෝම ඒ කියන්නේ චමල්, බැසිල් හිටන් මෛත්‍රීට සෙට් වෙනවාය. නාමල් නම් ගෙදර යන්න බැරි නිසා, ඉක්කෝ සුවාදීන වෙයිය. එහෙම නැත්නම් ඔය මොකක් හරි පාටියකට සෙට් වේවිය.එහෙම උනාම සිරිසේන උන්නැහේට පිච්චු පීකුදු වෙනවාය. ජාතික ලයිස්තුවේ එකෙක් කෝටි කියක් හරි දීලා ගෙදර යවලා, චන්ද්‍රිකා ගෙනත් අගමැති කරන්නත් පුළුවන්ය. එහෙම උනොත් නම් ඉතින් අලි පාටියට, අබ සරණය. කොහොමත් වෙන්න යන්නේ නම් ඒ වාගේ දෙයක්ය. එහෙම බැලුවාමත් රනිල් උන්නෑහේට් මහින්ද මහත්තයා ජය ගන්නා එක වාසිය.ඒත්, දිනන්නේ මොන සිරි ලංකා කාරයාදයි කියන්න වෙන්නේ 9 වෙනිදා උදේය. මීටින් වලට එන සෙනගෙන් මනිනවා නම්, දැනට ලොක්කා දිණුම්ය. ඒ ඉතින් සිලෝන් ටකරං බස් වලට පින් සිද්ද වෙන්නය. ඔය සෙනඟ මීටින් ඔක්කෝටම එනවාය. හැබයි ඉතින් චන්ද බලේ තියෙන්නේ සිලෝන් ටකරන් බස් වල, අරක්කු බෝතලේට. බත් පැකට් එකට, රුපියල් 500 ට, 2500 ට යන උන්ට විතරක් නෙමේය..වැල් බයිලා ඕන නැතිය.. මාතලන් කියවන සුවහසක් රසික කැළගේ පහන් සංවේගය උදෙසා, 2010 දී ලියන ලද අනාවැකිය පහතින් එල්ලනවාය.. ඒ පොඩි පොඩි සංස්කරණයන්ද සහිතවය. ඔරිජිනල් එක බලාගන්න ඕනම නම්, මෙතනින් බලා ගන්න පුළුවන්ය >>>.පරාක්‍රම රජතුමාරජකම ලබාගැනීම සදහා මෙහෙයවන ලද අසාර්ථක කැරලි කිහිපයකින් පසුව, චෞර නම් රැජිනගේ ප්‍රධාන ඇමති සහ මුල් පෙලේ ඇමතිවරුන් පිරිසක්, රන්මසු සහ පුර අඟනන් ප්‍රදානය කොටැ තම සේනාවට එකතු කර ගනු ලදුව, රැජින සිරගත කොට පරාක්‍රම නම් කුමරු තෙමේ අගමැති කම දරමින් දැහැමින් සෙමින් පානියෙන් රාජ්‍ය පාලණය ගෙන යන කල්හි...කුමරුන් ඉතා දැහැමි, ප්‍රඤ්ඤාවන්ත, බොහෝ ශිල්පයන් ප්‍රගුණ කලැ, එවැනිම වූ සෙනෙවියන් දරා සිටියේ වූවද, පාලණයට ඇවැමෙන් පසුවෑ රට වැසියාට මෙන්ම තම චතුරාර්ය සේනාවන්ටද දුර්භාග්‍ය වූ කාලයක් උදා වන්නේ, මායා නම් රට සිටැ තුන් සිංහලයම යටත් කර ගැන්මේ කැරළි මෙහෙය වූ පිරබාහරන් නම් කැරළි නායකයා සමග පැවැති ද්වන්ද සටන් නවත්වා, ගිවිසුමක් මඟින් මායා රට පාලනය කැරළි නායකයාට පවරා දෙන කල්හි, එතෙක් පැවැති සතුරු ප්‍රහාරයන් නැතිව ගියේ වූවද, ප්‍රමුඛ පෙලේ චරපුරුෂයන් අභිරහස් ලෙස මිය යන්නේ විය...රට වැසියන්ගේ ප්‍රසාදය පරාක්‍රම කුමරු වෙත නොමැති බැව් දැනගත් චෞර් නම් රැජින තෙමේ, පෙර කලැ රුහුණේ සිට දරුණු ගනයේ කැරළි දෙකක් මෙහෙයවූ කැරළිකරුවන් සමග එක්වැ, චරපුරුෂයන් මගින් සාකච්ඡා පවත්වා, කුමන්ත්‍රණ කොටැ, පරාක්‍රම කුමරු බලයෙන් පහ කරන කල්හි...පරාක්‍රම කුමරු තෙමේ තම ප්‍රාණය බේරාගෙන පසු බැස ගියේ වූවද, තම පාළණ කාලය තුලැ රජ්‍ය සම්පත්, භාන්ඩාගාරය, ඉඩ කඩම් මංකොල්ල කෑ සෙනෙවිවරුන්ගෙන් තම නායකත්වයට එල්ල වූ අභ්‍යන්තර කැරළි, තම සහජ හැකියාවෙන් සහ අත්දැකීම් උපයෝගී කරගෙන සාර්ථකව මැඩ පවත්වන ලද්දේය.මේ අතර තුර කාලයෙහි, පානියෙන් රාජ්‍ය පාළණ්යේ හුන් චෞර නම් රැජිණ සසර කළකිරෙන්නේ, මිහිඳු නම් ඇමැතියෙකුට රාජ්‍ය පවරා, තපස් රැකීම සඳහා හිමාලය වන්ම වූ දේශ දේශාන්තරයන්හි සැරිසරනා බවට අඞබෙර කරුවන් ලවා ප්‍රසිද්ධ කරණ කල්හි....මෙපුවත ක්නැ වැකුණු පරාක්‍රම කුමරු තෙමේ තම සේනා රැස් කොටැ, මිහිඳු සෙනෙවියන් හා දරුණු ගනයේ සටනකට පිවිසෙන්නේ වූවද, මායා රට පිරබාහරන් යුව රජුගෙ සහායද ඇතිවැ සටනේ යෙදුනු මිහිඳු සෙනෙවි තෙමේ කරට කර සටනකින් පසු, 5 වන මිහිඳු නමින් රාජ්‍යත්වයේ අභිසෙස් ලබන්නේ..මහත් වූ ගෞරවයෙන් තම පරාජය පිළිගත් පරාක්‍රම කුමරු තෙමේ තම සේනාවන්ද සමග පසු බැස වන ගත වන්නේය. නැවතත් තම ප්‍රධාන සෙනෙවිවරුන්ගෙන් එල්ල වූ අභ්‍යන්තර කැරළි පෙර මෙන්ම සාර්ථකව මැඩ පැවැත් වූයේ වූවද, බොහෝ ප්‍රධාන පෙලේ සෙනෙවිවරුන්, කුමරුන් අතහැර මිහිඳු රජතුමාගේ හස්තයන් ශක්තිමත් කිරිමේ පරම වූත් පවිත්‍ර වූත් චේතනාවන්ගෙන් මෙන්ම රන්මසු කෙරේ ඇති වූ ඉමහත් ආශාවෙන්ගෙන්ද සංයුක්ත වන්නේ බොහෝ වරදාන හා වරප්‍රසාදයන්ගෙන් සමන්විතැව රාජ සභාවේ ඇමතිකම් දරන්නේ..මායා නම් රට පිරබාහරන් යුව රජුගෙන් රාජ්‍යයට එරෙහිව නැගෙන්නා වූ කැරළි තව තවත් දරුණු වන්නේ, තම සොයුරු ඝෝඨාභය නම් කුමරු තෙමේ සේනාධිනායක ලෙස පත්කල මිහිඳු රජු තෙමේ, මුහුණට මුහුණ කරන ලද අති බිහිසුණු සටනකින්, කෘර වූද, මුග්ද වූද, පිරබාහරන් ඇතුළු පිරිසැ සමූලඝාතනය කොටැ ඉතිහාසයෙහි ප්‍රථම වරට තුන් සිංහලයම එක් සේසත් කරන ලද්දාහුය.එසේ වූවද, සුළු කලක් ඇවෑමෙන්, චෞර රැජිනගේ කැලැ හමුදාව, රට එක් සේසත් කල සටනේදී, රට වැසියන් විසින් කලවැද්දා යන සුරතල් නමින් හඳුන්වන ලද, ප්‍රධාන යෝධයා රාජ්‍යත්වයට ගෙන ඒමට, කැරැල්ලක් මෙහෙයවන බව දැනගත් පරාක්‍රම කුමරු, අගමැති කමෙන් හෝ සැනසෙමියි සිතා, තම සේනාවන්ද සමග කැරැල්ලට එක් වන්නේ..රට වැසියන්ගේද සියලු ප්‍රාර්ථනා සුන් කරමින්, අති දරුණු පරාජයකට ලක්වූ සතුරු සේනා වනගතවූ අතැර, කැලැ හමුදාව මං මුලා විය. යෝධයා (කලවැද්දා.) සිර අඩස්සියට පත්විය. මොහුත් සමග කුමණ ඇමතිකම්දැයි සිතු පරාක්‍රම කුමරුගේ තරුණ සෙනෙවිවරුන්, කාලෙක් මේ ඩෙරණ මත රජකම් කල රණසිං පෙම්දස් රජුගේ පුත් සජිත් පෙම්දස් කුමරුන් නායකත්වයට ගෙන ඒමට තැත් කලද.. මැරිලා හෝ රජවෙමියි සිතූ පරාක්‍රම කුමරු තෙමේ, සජිත් කුමරුට නියෝජ්‍ය නායකත්වය පිරිනමමින් එම අභ්‍යන්තර කැරැල්ලද සාර්ථකව මැඩ පැවැත්වීය..අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද්දේ වූ මිහිඳු රජ තෙමේ වසර 18 ක්ද, බැරිසිල් නම් යුව රද තෙමේ වසර 12 ක්ද, නාමල් නම් කුමරුන් වසර 18 ක්ද දැහැමින් සෙමෙන් හා පානියෙන් රට පාලණය කල බවත්..., මෙම කාලයෙහි, ආසියාවේ ඈස්චැර්යක් වූ බවත්, ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වූ බවත් මහාවංසයේ නම් ක්‍රොනිකලයේ සඳහන් වන්නේය...පරාක්‍රම රජතුමා ලෙස වීරවංස කතාවල සඳහන් වුවද, පරාක්‍රම කුමරුන් රජකමට පත්වූ බවට සාක්ෂී සොයා ගැනීමට අපහසු විය...සොමවංස ගෙන් ලදුව, මහවංසයෙන් උපුටා ගෙනැ.. සඳේ පස් පරීක්ෂා කොට එහි දියුණු බෞද්ධ ශිෂ්ඨාචාරයක් වූ බවට සනාත කල බයිලා චක්‍රවර්තීන්ද, හාවඩ් විශ්ව විද්‍යාලයේ ලෝක ඉතිහාසය පිළිබඳ ජනමූල මහාචාර්ය පනාපුත්‍ර කුහුඹු පැනියාද, ත්‍රිපිඨකාචාර්ය බක පන්ඩිත සූරියප්පෙරුමයන්ද පරික්ෂාවට ලක් කොට නිවැරදි බව තහවුරු කරන ලදුව...මහජනතාවගේ හිත සුව පිණිස, ප්‍රකාශයට පත් කරන ලදි .
|
BLOG
|
2014.12.09
|
http://maathalan.blogspot.com/
|
නිර්මාල් ඔබ නිවැරදියි - Nirmal, you are not wrong...
|
Maathalan - Priyantha Hewage
|
මර්වින් සිල්වා, මෛත්‍රීපාලණයක් සඳහා එන බවට කට කතාවක් පැතිර යයි. ඒ පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි තම ෆේස්බුක් අඩවියේ සටහන කළ ප්‍රකාෂයක්, මේ වන විට සයිබර් අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එය යහපත් ලක්ෂණයකි. මේ පිළිබඳව මතුවන විවාදයන් තුල, සමාජය මේ පිළිබඳව දක්වන අදහස යම් පමණකින් හෝ නියෝජනය වීමක්, එයට පක්ෂව හා විපක්ෂව ගොඩ නගන තර්කයන් තුල අපට දැක ගැනීමට පුළුවන.මේ එම සටහනයි "මර්වින් සිල්වා මෛත්‍රී පිළට එන්නේ නම් ඔහු භාර ගැනීමට විරෝධය දැක්විය යුතුය. නිල වශයෙන් ඔහුගේ පැමිණීම භාර නොගත යුතුය. මේ සදහා මතයක් ගොඩ නැංවීම වැදගත්ය. එකම නරක පුදගගයා මර්වින් නොවුනද පසුගිය කාලයේ සිදුවූ රාජ්‍ය තන්ත්‍රෙය් පරිහානිය ඔහුගෙන් සංකේතමත් වේ. ඒ නිසා ඔහුගේ පැමිණීමට විරුද්ධ වීම සංකේතාත්මක වශයෙන් වැදගත්ය."කෙනෙක් එය නිෂ්ප්‍රභා කරණුයේ, මේ අවස්ථාවෙදී යක්ෂයා සමග හෝ එකතුව, මහින්ද රාජපක්ෂ ගෙදර යැවිය යුතුය යන තර්කනයේ සිටය. එය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ විය හැකි වූවද, නිර්මාල්ලාගෙන් පැත්තෙන් එය කිසි සේත්ම සාධාරණීකරණය කළ නොහැක. සෝභිත හිමියන් හා නිර්මාල් වැනි සිවිල් සමාජය නියෝජනය කළ පිරිස බලාපොරොත්තු වූයේ මෙය නොවේ. ඔවුනට මෙම සම්පූර්ණ ක්‍රමය පිළිබඳවම විවේචනයක් තිබුන අතර. ආන්ඩුවේ කිසිවකුගේ සහයෝගයක් ඔවුන් බලාපොරොත්තු වූයේද නැත.මහින්ද රාජපක්ෂ මෙන්ම, ආන්ඩුවේ සියළු දෙනාම සොරකම දූෂණය හා නාස්තිය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරනා පිරිසක් බව, ඔවුන්ගේ මතය විය. ඔවුනගේ සතුරා වූයේ සමස්ත පොදු ජන එක්සත් පෙරමුණ මිස. එක පුද්ගලයකු නොවේ. එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන්, රතන හිමියන් පැමිණිමේන් පසු, එම සටන සෝභිත හිමියන් ප්‍රමුඛ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන්, පැහැර ගන්නා ලදි.ඉන් පසුව, පොදුජන එකසත් පෙරමුණ තුලින්ම පොදු අපේක්ෂයා සම්ප්‍රාප්ත වීමත් සමඟ, එම සටන, නිර්මාණය කළ වුන්ගෙන් තනිකරම පැහැර ගන්නා ලදි. අද ඔවුන්ගේ වේදිකාවේ සෝභිත හිමියන්වත්, නිර්මාල්වත් නැත. මේ මජර පාළණ ක්‍රමය තුලින්ම බිහිවූ චෞර රාජිණියන් හා අවුරුදු දහයක් තිස්සේ ආන්ඩුව තුල සිට, සියළුම සැප සම්පත් විඳිමින්, එයට ආවැඩිමෙන් පමණක් නොනැවති, දිවි හිමියෙන් එය ආරක්ෂා කල වුන්, සියළු අසුන් අරා වැජඹෙති. එබැවින් පැත්තකට විසිවූ නිර්මාල්ලාට, තම ෆේස්බුක් අඩවිය තුලින් හෝ එවැනි අදහසක් නැගිය හැකි අතර. එය 100% නිවැරදිය.මර්වින් සිල්වා වෙනුවෙන් පෙනි සිටින මාතලන්, මෙවන් තර්කයක් නගන්නේ කෙසේද යන්න සම හරක්ට විශාළ ගැටළුවක් විය හැක. මාතලන් මර්වින් වෙනුවෙන් පෙනි සිටින්නේ ඔහුගේ අවංක භාවය වෙනුවෙනි. මාතලන්ට අනුව දේශපාළණයේ සිටිනා සියල්ලන්ම අඩු වැඩි වශයෙන් මර්වින්ලාමය. එහෙත් මර්වින්ගේ මා දකිනා යහපත් ලක්ෂණය නම්, අනෙක් උන් මෙන් හොර රහසේ මදාවිකම් නොකොට, ප්‍රසිද්දියේ, වීඩියෝ කැමරා ඉදිරිපිටදීම සියල්ල සිඳු කිරීමයි.අනෙක් උන් ගෝල බාලයන් ලවා කරනා වැඩ, මර්වින් කෙලින්ම තමන් ඉදිරිපත්ව කරයි. අනෙක් උන් ජනයාට හොඳ මුහුණු පෙන්වා, අනෙක් අවස්ථාවල කුණුහරුප වපුරද්දි, මර්වින් ප්‍රසිද්ධියේම කුණුහබ්බ කියයි. අනෙක් උන් හොර රහසෙ හොරකම් කරද්දි, මර්වින් තමන්ට රටවල් පහක නිවෙස් ඇති බව ප්‍රසිද්දියේම පවසයි. තමන්ගේ වාහන පිළිබඳව පමණක් නොව, තම ආදරණිය පුත්‍ර රත්නයේ වාහනය පිළිබඳව, නිවැරදි කරුණු ප්‍රසිද්ධියේ පවසයි. එබැවින් මර්වින් සිල්වා වැනි කෙනෙකුගේ වත්කම් බැරකම් ඉල්ලිමේ අවශ්‍යතාවයක්, මැතිවරණ කොමසාරිස්ට හෝ ඇතයි කියා මාතලන් සිතන්නේ නෑතසොරුන් අතරත් හොඳ සොරුන් අතීතයේද සිට ඇත, රොබින් හුඩ් මෙන්ම සූර වීර සරදියෙල්ද, එවන් වූ හිත හොඳ සොරුන්ය. කැළණියේ ජනතාව මර්වින් සිල්වා ඉහලින්ම ඔසවා තබන්නේ එහෙයිනි. සම හරක්ට එය විශාල ප්‍රශ්ණයක් වූවද, මාතලන්ට එය විශාල ගැටළුවක් නොවන්නේ එහෙයිනි. මන්ද අන් පළාත් තුලද, බොහෝ විට මනාප වලින් ඉදිරියෙන් සිටින්නේ මර්වින් සිල්වලාමයමෛත්‍රිපාළ පිළේ කෙනකුගේ කෝණයෙන් බැලුවද, මර්වින් සිල්වා, පමණක් නොව, චන්ද්‍රකා වැනි පට්ට ෆේල් නායිකාවන්ද, සෝමරතනලා වැනි අවස්ථාවාදියෝද, ඔවුන් වටා එක්වීමෙන්, ඔවුනට ලැබෙනා වාසියක් නැත. සිඳුවන්නේ අවාසියකි. ඔවුන් මතක තබා ගත යුතු කාරණය නම්, ඔවුන් ඉලක්ක කරනුයේ පාවෙන චන්ද දායකයන් නොව, එජාපයේ චන්ද කුට්ටිය බවයි. එහි ලක්ෂ 25 ක පමණ චන්ද ගොඩක් පවති.මේ ක්‍රියාදාමයන් තුලින් සිඳුවන්නේ, එම පිරිසගේ මනාපය ඔවුනට අහිමිව යාමයි. ඔවුන්ගෙන් බහුතරයක් චන්දය ප්‍රතික්ෂේප කිරීමේ කන්ඩායමට එක් වුවහොත්, එහි අවාසිය සිඳු වන්නේ මෛත්‍රී පිලට මිස වෙන කිසිවකුටත් නොවේ. එබැවින් දේශපාළණයේ කට්ට කයිරාටික නායකයකු වන මහින්ද, ආන්ඩුවේ ජන අප්‍රිය චරිත බලෙන් හෝ මෛත්‍රි පිලට එක් කිර්‍රිමේ අවදානමක්ද ඇත. ඒ අතර කටකතා තුලින් කියවෙනා පරිදි, බුද්ධික, ජෝන් හා හරීන් මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට එකතු වුවහොත්. යූ ඇන් පී ඡන්ද සුළි කුණාටුවකට අසූ වූවාක් මෙන් හතර අතේ පාවී යාමේ අවදානමක්ද ඇත. එබැවින්, මෛත්‍රිපාල සිරිසේන තම දෑත පමනක් පිරිසිඳු යයි කීමෙන් පලක් නැත. සමාජය විසින් කළු බැටළුවන් ලෙස නම් කල පිරිස්, තම පිලට එකතු වූවද, ඔවුන් පෙරහරේ ඉදිරෙයෙන්ම ගෙනයාම විශාල අවදානමක් පවතින බව නොකියා සිටිය නොහැක. ඔවුන් ගමන් කල යුත්තේ, පෙරහර පිටුපසින් එන පොලීසිය හා මහජනතාවටත් පිටු පසිනි. වෙනසක් සිඳු වුවහොත්, මොවුන්ටද එම ආන්ඩුවේ මැති ඇමති කම් ලබා දෙනවාද යන්නත්, කලින්ම සඳහන් කරන්නේ නම්, එය මහජනතාව වෙනුවෙන් කරන්නා වූ යුතු කමකි.මන්ද මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවනවා මෙන්, දෙශපාලුවෝ පිල් මාරු කරන්නේ රජුන් තැනීමට පමණක් නොව, තම හත්මුතු පරම්පරාවම ගොඩ දා ගැනීමට බව අප වන් ගොන් හරක් ජනතාව මෙන්ම, මේ රටේ අති මහත් බහුතර බුද්ධිමත් ජනතාවද හොඳින්ම දන්නා නිසාය.එහෙත් නිර්මාල්ලා බලාපොරොත්තු වූයේ එවන් පිරිසක් නොවේ, ඔවුන් පෙනි උන්නේ යහ පාළණයක් වෙනුවෙනි. එම නිසා නැවතත් කිව යුතුව ඇත්තේ නිර්මාල්ගේ සටහන 100% නිවැරදි බවයි. නිර්මාල් ඔබට එය ප්‍රශ්ණ කිරීමේ සම්පූර්ණ හිමිකමක් ඇත. මේ සුළු කාළය තුල ඔවුනට ඔබව අමතක වූයේ නම්. බලයට පැමිණියහොත් සිඳුවනා දේ අප වන් හරකුන්ට දැන් සිටම "හරි පැහැදිලිය".
|
BLOG
|
2014.12.23
|
http://punchikumarihamigewalawwa.blogspot.com/
|
.......වසන්තය හා ගිම්හානය .........
|
පුංචි
|
සත්මහල පාමුලකව්ළුවෙන් මා දකිනඒඋද්යානය ඔබය.වස්සානය පමනක් නොවගිම්හානයදඑකවිටම මවන…කව්ළුවෙන් එබෙනසඳ එලියටඅනවසරයෙන්ම සිප ගෙන වතසිප සැනසිය හැකනොපෙන ලෙස කිසිවෙකුට...හීන ගෙන ආ හැකියඔබට හැමදිනමවැසි වැටෙන රැයකට කව්ළුවෙන්පිටත සිට…අසා සිටින්නෙමි නොසෙල්වීහිම වැටෙනරිද්මය ෆයිනස් තුරු මතට…උද්යානය කෙළවරකනිසොල්මන්යඑකම එක හදවතක්සෙනෙහසින් පිරීගිය….
|
BLOG
|
2014.06.05
|
http://punchikumarihamigewalawwa.blogspot.com/
|
ඒ අඹ ගස...
|
පුංචි
|
කපා දාන්න යැයි කිය කියා හැම කෙනාම බල කල නිසාම කපා දැම්මා විනා අඹ ගහ කපා දැමීම ගැන ලොකු ඉස්කෝලේ මහත්තයා තවමත් පසුවන්නේ විස්සෝපයෙනි. කුඩා කල පටන් හදා වඩා ගත් දරුවෙක් කපා කොටා දැම්මාක් වැනි හැඟීමක් හිතට ආ නිසාවෙන්ම අඹ ගහ කපන වෙලාවේ ගෙදර මඟ හැර කුඹුරට වී ඉන්නට සිතා ගත්තද සිත දිව්වේම අඹ ගහ දිහාවටමය. කුඹුරට ගිය පයින්ම එහි නොරැඳි නැවතත් ඉස්කෝලේ මහත්තයා ආපහු මහ ගෙදර බලා ආවේ හිතේ ඇවිලෙන සියුම් දුකක් හිතයට හංගාගෙනමය.පෙරදා අඹ ගහ කැපූ තැන දැන් ඇත්තේ එහේ මෙහේ විසිවුන අඹ අතු කිහිපයකුත් ලපටි අඹ කොළ ටිකකුත් පමනි. පෙරදිනයේ යුද්ධ පිටියක් මෙන් වූ මහගෙදර මිදුල දැන් කිසි දෙයක් නොවූවා සේ නිසලව සිටින යුරු දකිද්දී ලොකු ඉස්කෝලේ මහත්තයාගේ හිත පාළු ශෝකයකින් පිරී යයි.ලෝකයට නිහඬව මහා සේවයක් නිශ්සබ්දව නිසලව ගිය මුණිවරයෙකු සේ අඹ ගසද නිහඩව අවසන් ගමන් ගිය අයුරු දකින ලොකු ඉස්කෝලේ මහත්තයා හාන්සි පුටුවේ දිගාවී අඹගස දෙස බලමින් සිහින් සුසුමක් පිට කර හැරියේ සිතේ බර සැහැල්ලු කරගැනීමට මෙනි.හැමදේම අනිත්‍ය ලෝකෙක අඹ ගහක් ගැන හිතමින් සෝක වීම ගැන ලොකු හාමුදුරුවන් දැනගත්තා නම් තමාට අවවාද කර නොනැවතී දොස් පවරන්නට ඉඩ ඇතැයි සිතමින් ලොකු ඉස්කෝලේ මහත්තයා වට පිට බැලුවේ ලොකු හාමුදුරුවන් තම හැඟීම දැක්කාදැයි සිතා මෙන්ය."මළයා තාමත් ගොඩක් දේවල් හිතේ අලවන් ඉන්නවැයි. ඔය මහ බර බිමින් තියලා සැහැල්ලු වෙන්න. අත්හැරීමම තමයි සැනසීම"ලොකු හාමුදුරුවන් එසේ පැවසූවද තවමත් පෘතග්ජනයෙකු වන තමාට ලොකු හාමුදුරුවන් සේ හිත හදාගැනීම පහසු නැති බව ඉස්කෝලේ මහත්තයා දනී.තමන්ගේ එකම සහෝදරයා වන ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් නිසාම ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම් උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට ඉස්කෝලේ මහත්තයා පුරුදු පුහුනු වුවද මේ අඹ ගස ගැන තිබුනු මානසික බැඳිමෙන් මිදෙන්නට නම් සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවූයේ එය ජීවිතය පුරාවටම මුල් ඇද ඇති මතකයන් සමූහයකින් පිරී ඇති නිසා වන්නට ඇතැයි ලොකු ඉස්කෝලේ මහත්තයාට සිතුනේ වරක් දෙවරක් නොවේ.අඹ ගස සමඟ තමන්ගේ බැදීම තමා අතදරුවෙකු වූ කාළය දක්වාම ඇදී යන බැවි ඉස්කෝලේ මහත්තයා දනී.ඉස්කෝලේ මහත්තයා හා සහෝදර සහෝදරියන් සමඟ ලොකු මහත්වුන අඹ ගස පරම්පරා දෙකක් පසු කර වියපත් වෙද්දී අබල දුබල මහල්ලෙකු සේ මහගෙදර වහලයට බර වෙන්නට පටන් ගත්තේ දැන් අවුරුදු කීපයක සිටය. ලොකු දුව සුභානිද ඇගේ සැමියාද නිවසට පැමිනෙන හැමවෙලාවකම අඹ ගහ ගැන අනතුරු අඟවන්නට වුයේ අඹ ගස මහගෙදර වහලයට කඩා වැටීමෙන් තමන් දෙදෙනාට හානි වීමටත් වඩා මහ ගෙදර සුන්දරත්වයට හානි වන නිසාවෙන් බැව් ඉස්කෝලේ හාමිනේට කෙසේවෙතත් ලොකු ඉස්කෝලේ මහත්තයාට නම් රහසක් නොවේ.තමන් කුඩා කල එකම සහෝදරයා සමඟින් මහගෙදර විශාල ඉඩමේ කෙලි සෙල්ලමේ යෙදෙද්දී මේ මහා අඹ ගස තරුණ අඹ ගසක්ව තිබූ ආකාරය ඉස්කෝලේ මහත්තයාට අද මෙන්ම මතකය. ගමේ ආරච්චිල වූ තම පියාට අයත් ඉඩ කඩම් රාශියක් මෙන්ම මහගෙදර විශාල වත්තද පරම්පරාවෙන්ම උරුම වූවන්ය.අඹ,පේර, ගස්ලබු, මැංගුස්, ආදී නානා විද පලතුරුද, කොස් දෙල් ආදී ගස් වලින්ද පිරී ගිය මහගෙදර වත්ත බැලු බැලු අත සශ්‍රිකත්වයේ සළකුනු පල කලේ නොඅඩුවමය. මුළු වත්ත පුරාම අන්නාසි, ගම්මිරිස් හා අනෙකුත් යටි වගාවන් මෙන්ම සමහර ගස් යට සුදු වැලි අතුරා මල් වවා තිබුනේ පියාගේ ඕනෑ කමටය.එදවස ඉතා සරු තරුණ ගසක් වූ අඹ ගස අවුරුද්දේ වැඩි කාලයක් පලින් බරව සිටියේ හැකි හැම මොහේතේම අනුන් සතුටු කිරීමට මෙනි. අත්තා විසින් පැල කරන ලද මේ අඹ ගස මෙසේ පල දරන්නේ අත්තාගේ අත් ගුනය නිසා බව අම්මා නිතරම සිහි කල බැව් ඉස්කෝලේ මහත්තයාට මතකය.අතු පතර විහිදී ගිය විශාල අඹ ගසේ අවුරුදු කාලයට ඔංචිල්ලා බැඳ සති ගනනක් යනතුරා ඔංචිලි පදින මහගෙදර ළමයි වෙසක් මාසය එනවිට ඔංචිල්ලාව ගලවා දමා වෙසක් කූඩු හා බකට් එල්ලීමට භාවිතා කරේද අඹ ගසමය. මේ සියළු කාර්‍යන්ට සිය එකඟතාවය හා සහයෝගය ලබා දුන්නා පමනක් නොව අඹ ගස විසින් වසරේ වැඩි කාලයක් මී පැනි රසැති මිහිරි අඹද ලබා දුන්නේ කිසිම ලෝබ කමක් නැතිවමය.කුඩා කල අඹ ගසේ බැද තිබූ කහ කුරුළු කූඩුද ඒවාගේ පැටවුන්ද දැකීමට උදේ සිට රෑ වන තුරු ගස යට රැක සිටි කාලයක්ද විය. පව් කාර වැඩ කරන්න එපා යැයි අම්මාගෙන් බැනුම අසමින් හොරෙන් හෝ කූඩුවලට එබී බලන්නට අයියා මෙන්ම තමන්ද සමත් වූ අයුරු ඉස්කෝලේ මහත්තයාට අද මෙන්ම මතකය.අයියා හා රංඩුවක් උන විටද කිසියම් නොහොබිනා කමක් කර අම්මා පහර දීමට එළවාගෙන පැමිනෙන විටද එකම ගැලවුම් කරුවා වූයේද අඹ ගසමය."මේ කොල්ලට මහ පාරේ යනවට ලේසි නොවැ අඹ ගහ මුදුනට බඩ ගාන එක"විටක තම අම්මා කිසියම් වැඩිහිටියෙක් හා පැවසූවේ ආඩම්බරය මුසු ආදරයකින් බව මතක් වී ලොකු ඉස්කෝලේ මහත්තයාට අම්මගේ කරුණාවන්ත මූන හිතේ ඇඳි ගියේය.අයියා තරුණ වයසින්ම මහන දම් පිරීමට යාමත් ඉන්පසුව අක්කලා හා නංගිලා දීග යාමත් සමඟ දෙමව්පියන් සමඟ මහගෙදර තනිවූ තමාගේ දිවියට නැවතත් සුන්දරම කාලයක් ලඟා වූයේ ඉස්කෝලේ හාමිනේ හා විවාහ වූ පසුව බව සැබෑය.දන හිස දක්වා වැවී තිබූ කොන්ඩය තනි කරලට ගොතා හැන්ඩ්ලූම් ඔසරියකින් සැරසුන චාම් තරුණිය දුටු ගමන්ම තම හිත ගත්තේ සංසාර ගත පුරුද්දකට මෙනි. ඉස්කෝලේ හාමිනේගේ ලැජ්ජා බර හිනාව මතක් වී ලොකු ඉස්කෝලේ මහත්තයාගේ මුවෙහි හීන් සිනාවක් ඇඳි ගියේ ඔහුටත් රහසෙනි.මණමාලියද ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වීම නිසා දෙදෙනාටම එකම පාසලක ඉගැන්වීමට ලැබීමෙන් දවස පුරාම එකට සිටීම ලැබීමත් එක්තරා ආකාරයක භාග්‍යයකි.කල් ගතවීමෙන් ලොකු පුතා සුනන්ද,දුව සුභානි හා බාලය සුනෙත් පවුලට එකතුවීමත් සමඟ ඉස්කෝලේ හාමිනේ කාර්‍යබහුල විය. ඒ අතරේ මුලින් පියාත් පසුව මවත් අභාවයට යාම ලොකු ඉස්කෝලේ මහත්තයාගේ හදවතේ දැනුදු වේදනාවෙන් මුසපත් කරන සිදුවීම් දෙකකි.සිය පියා හවස්වරුවේ අඹ ගස යට සවි කර තිබූ බංකුව මතට වී සැඳෑ සුව විඳිමත් මව කෝපි කෝප්පය සාදාගෙන ගොස් ඔහු අසලින් සිට පිළිසඳර කතාවේ යෙදී සිටීමත් එදවස ඉස්කෝලේ මහත්තයාට මහත් සතුටක් ඇතිකල කරුණක් විය.පියාගේ හා මවගේ අවසන් කටයුතු සදහා ඉදිකල අවමගුල් මඩුව සාදනු ලැබුවේද මේ අඹ ගස සෙවනේමය. අඹ ගස පාමුල පිළිසදර කතාවේ යෙදී හුන් ඔවුන් අවසන් ගමන් ගියේද අඹ ගසේ සෙවනේ මදක් නැවතී සිටමය.ටිකෙන් ටික දරුවන් ලොකු මහත් වීමත් සමඟ ලොකු ඉස්කෝලේ මහත්තයා මදක් කාර්‍ය බහුල වූවද ඉඳහිට දවසක් ඉස්කෝලේ හාමිනේ සමඟින් අඹ ගස සෙවනේ වූ ලී බංකුවේ පිළිසඳර කතාවේ යෙදී සිටීමට අමතක නොකලේ පරන පුරුද්දට මෙනි. දරුවන් කුඩා කාලයේ සඳ පායා ඇති දිනවල රාත්‍රීයේ අඹ ගස යට පැදුරක් දමා පස්දෙනාම කතන්දර හා කවි කියමින් කෝපි බොමින් ගෙවී ගිය සුන්දර රාත්‍රින් සිහිවන විට ඉස්කෝලේ මහත්තයාගේ දෙනෙත් දැනුදු තෙත්වෙයි.ලොකු පුතා දොස්තර විභාගය සමත්වී එංගලන්තයේ රැකියාවකට යාමත්, දුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර වී රැකියාවට යාමත් ඉස්කෝලේ මහත්තයාලාගේ ජීවිතයේ තවත් සුවිශේෂි සිදුවීම්ය. දුවගේ විවාහ මංගල්‍ය සදහා මගුල් මඩුව සාදන ලද්දේද මේ අඹ ගස යට වීම ඉස්කෝලේ මහත්තයාට සතුටට කරුණක් වුවද දුවත් බෑනත් ඒ ගැන සිටියේ ඒ තරම් සතුටින් නොවන බැව් ඉස්කෝලේ හාමිනේ පැවසුවේ පසුවය."එයාලා කියනවා අපේ මහත්තයා හෝටල් වල ගන්නවා මිසක් මේ මඩු ගහලා ගමට ඇහෙන්න සද්දේ දාලා මගුල් ගන්නේ ගොඩේ ඈයෝ කියලා"ඉස්කෝලේ හාමිනේ බොහෝ අසරණ ලෙසින් එසේ පැවසූ විට ඉස්කෝලේ මහත්තයා සුසුමක් හෙලා නිහඬ වුයේ බෑනාගේ මහන්තත්වයත් බොරු පුරාජේරුවත් නිසා ඒ වන විටත් කළකිරී සිටී හෙයින්ය. දෝනියැන්දෑට අනිවාර්යෙන් ඔහුගේ පැලැන්තියට ගැලැපෙන්නට ජීවත් වන්නට සිදුවන බව දන්නා ඉස්කෝලේ මහත්තයා දුව ගැන තිබූ අධික බැදීම හිතෙන් අයින් කරගන්නට සිතා ගත්තේ ඇයගේ විවාහ මංගල්‍ය දවසේමය. එහෙත් ඉස්කෝලේ හාමිනේ නම් අදද දුවගේ කුඩා කල ඇඳූම් ආයිත්තම් දෙස බලමින් ඉඳහිට සුසුම් ලයි. අද දුව දරු දෙදෙනෙකුගේ මවක් වුවද ඉස්කෝලේ හාමිනේට ඇය තවමත් කුඩා අත දැරියකි.බාලයා සුනෙත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් දේශපාලනයට හා කලාවට බැස රතු කමිසයක් හා හම් මල්ලක් කරේ එල්ලාගෙන සරණාගතයෙක් මෙන් ඉබාගාතේ යනු දකින ලොකු ඉස්කෝලේ මහත්තයාට ඇතිවන්නේ මහත් සංවේගයකි. බැන අඩ ගසා ප්‍රථිපලයක් නොවූ තැන ලොකු හාමුදුරුවන් ලවාද අවවාද කරමින් ඔහුව වෙනස් කරන්නට වූ වෙහෙස ගඟට කැපූ ඉනිමෙන් වූයේ ඔහුගේ කරුමයටද තමන්ගේ කරුමයටදැයි ලොකු ඉස්කෝලේ මහත්තයා වරක සිහි කරන්නේ මහත් කණගාටුවෙනි."මහත්තයා තාමත් අඹ ගහ ගැන සිතනවැයි. යමු අරහේ කෑම ටික හීතල වෙනවා"ඉස්කෝලේ හාමිනේ දෙපාරක්ම ඇවිත් පෙරැත්ත කල පසු ඉස්කෝලේ මහත්තයා කෑම මේසයට ගියේ කෑම පිරියෙක් නොවූවද ඉස්කෝලේ හාමිනේගේ සිත තැලීමට නොහැකි නිසාය. කෑවද නොකෑවද ඉස්කෝලේ හාමිනේ කුස්සියේ උදව්වට සිටිනා සොපිනා සමඟ එක්වී දවල් ආහාරය දානයක් මෙන් සකස් කරන්නේ මහත් භක්තියෙනි. ඇගේ කෑම මේසය හිස් වන දවසක් නම් නැත. එසේ වෙහෙස මහන්සි වී ඇය සාදන ආහාරය නොදැක්කා මෙන් හිඳ ඇයගේ හිත රිදවීමට ඉස්කෝලේ මහත්තයාට කෙදිනකවත් කල නොහැක. රාජකාරියකට පිට ගියද ඉස්කෝලේ හාමිනේගේ කෑම වේල කෑමට නිවසට ඒමට ඉස්කෝලේ මහත්තයා වග බලා ගත්තේ ඒ නිසාමය.තම මව් සේම ඉස්කෝලේ හාමිනේද මව් ගුනයෙන්ද කරුණාගුනයෙන්ද අනූන බැව් ඉස්කෝලේ මහතා කන ගමන් සිහිකරේ හදවත පුරා දිවගිය මෙත් සිතිවිල්ලෙනි. අල්ලපු වැටේ ගුනේරිස්ලා අඹ ගසේ ඔවුන්ගේ කොටසට අයත් පළදාව කිසිම ඇහිල්ලක් බැලිලක් නැතිවම නෙලා ගන්නා විට සොපින් ඔවුන්ට දොස් පැවැරුවද" ඔන්න ඔහේ කඩා ගත්තාවෙන් සොපිනෝ අසරණ්යෝ නෙවෙද"කියා ඉස්කෝලේ හාමිනේ නොදැක්කා සේ සිටී. අඹ කඩා විකුනා ඒ මුදලෙන් කසිප්පු පොලට ගොස් පැමිනෙන ගුනේරිස් ගමේ සෑම දෙනාටම අමු කුනුහරුපයෙන් බැන්නද ඉස්කෝලේ හාමිනේගේ ගුන කියන අයුරු මතක් වන විට ලොකු ඉස්කෝලේ මහත්තයාගේ මුවඟට සිහින් සිනාවක් නැගේ."ඔන්න හාමිනේගේ අඹ අල්ලස වැඩ කරනවා" කියා සිනාසෙමින් කීවද ඉස්කෝලේ හාමිනේ දුප්පතුන්ට අසණයන්ට උදව් කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවෙන බැව් ලොකු ඉස්කෝලේ මහත්තයා දනී."අපේ මහත්තයා කෑම අත ගගා ඉන්නවා මිසක් කන්නේ නෑ නොවෑ" ඉස්කෝලේ මහත්තයා මනෝ ලෝකයෙන් මිදුනේ ඉස්කෝලේ හාමිනේගේ කටහඬිනි."මට ඇති හාමිනේ හොදටම බඩ පිරිලා" ඉස්කෝලේ මහත්තයා කෑම මේසයෙන් ඉවත් වෙන්නට සැරසුනද"අපේ මහත්තයා මේ අඹ කෑල්ලත් කාලම ඉන්න"කියමින් ඉස්කෝලේ හාමිනේ හොදින් ඉදුනු පැනි බේරෙන අඹ පිරීසියක් මේසය මතින් තැබුවේ ඉස්කෝලේ මහත්තයා පුදුම කරවමිනි."මේ අඹ කොහින්ද හාමිනේ.""ආවාරෙ වෙලත් හොදට ඉදුන මී අඹ ගෙඩි තුනක්ම එක අත්තක තිබ්බා අපේ මහත්තයා. අඩුම ගානේ වෙන ගැටයක්වත් මලක් වත් තිබ්බේ නෑ. මටත් හරිම පුදුමයි. මම අනිත් ගෙඩි දෙක අරන් තිබ්බා දූලාගේ ගෙදර ගෙනියන්න"ඉස්කෝලේ හාමිනේ සොම්නසින් කියන විට ලොකු ඉස්කෝලේ මහත්තයා මහත් සංතාපයෙන් සුසුමක් හෙළුවේ අන්තිම මොහෙතේ පවා තමන් සතුටු කරන්නට මහන්සි වූ අඹ ගස ගැන මහත් පුදුමයෙනි.
|
BLOG
|
2014.03.03
|
http://raj-rajmyblog.blogspot.com
|
සිරා ලමයගේ ඡ්න්ද සටන..............
|
Raj
|
ආරොං අයියගේබාල පුතන්ඩියාකසිප්පු පෙරලාගමට බෙදන්නියාපොලොසියෙන්පැන කුදලන් යන්නියාදහ මාසයකටහිරේ ලගින්නියාමහර මහගෙදරසැමදා පොලිමකිජම්පර ගැසූමහතුන් වෙති තැටි අතැතිහොඳ හොඳවිසිට් ඒ අතරින් ඇතුල් වෙතිමුට්ටිය අඩියේබඩු මිටි සහ ජංගමෙකිමහගෙදරට සිරාඇවිත් මාස පහක් ගතවුනාගහට ගහක්මොරටුවේ මෙන් ගජ මිතුරන් හමුවුනාඅලුත් ගේම්එකක් දෙන්න කස්ටිය කතිකා උනාමේදා සැරේඑලියට විත් සත්ගුනවත් වෙමි මෙමාකොයි කාටත්හොර රහසේ දහමාසය ගතවුනානැෂනල් කිට්එකට බැහැපු සිරා ලමයා පැමිනියාඅලුත් ඡ්න්දේඅතලඟ බැව් වැර්ලසේ මොරදෙනාහිනා කටයිසිරාගේ වත බොක්කුවල ඇලවුනාහරක් පට්ටිවලහරකුන් අතුරුදහන් කෙරුවේ කවුදකැකිරිපිපිඤ්ඤා කැව්වට බඩගින්දර නිවෙනවාදරට රස්සාවල්දුන්නට ගමේ උන්ට හරි ගියාදඅබිලින්ගේකෙප්ප වලට මේ පාරත් අහුවෙනවදහොරකසිප්පුජාවාරම ගමෙන් තුරං කරනවා මංබිඩිසුරුට්ටුයි අබිනුයි අතුගාලා දානවා මංලෝකේ පැරණිරස්සාවට නංගිලාව දෙන්නෑ මංකුඩු පැනිටැබ්ලට් අරක්කු ගමට ගෙන්නෙත් නෑ මංඅම්මේ තාත්තේමාමේ නංගි මල්ලි මේ අහන්නමා දිනුවොත්ඔබත් දිනුම් එපා දෙපාරක් හිතන්නඅටේ ඉලක්කමටකෙලින් කතිර ලකුන දමා යන්නසත්ගුනවත්සිරා ලමයා කවුන්සලේටම අරින්න.
|
BLOG
|
2014.02.11
|
http://raj-rajmyblog.blogspot.com
|
අඬන සීන්...........
|
Raj
|
හවස 4ට ආපු..රුහුනේ නැගලාසුදු පෙනකැටිපිපිරෙනමුහුදු හුලඟේදැවටි දැවටිඉස්සර..නන්දලාපියල්ලා හිටපුකොග්ගල පැත්තපහුකරානගොම්මන්කලුවරඉහිං කනින්පෙරෙනවෙලාවක...මාතරස්ටෙෂමෙන්බැහැපු මං...එකල අප පාසැල්යන වියෙහි පසුවූවො විමු,කියවිමෙහිසාපිපාසාවෙන් පෙලෙන්නන් වූ අප මාටින් වික්‍රමසිංහයන් ගේ නවකතාවන්හි ඇලුනේ පැනිකෝවක දැවටෙන කුහුඹුවන් සේ යැයි විටෙක මට සිතේ. එතකුදු නොවි අප අතරට පැමිනිකතාපෙට්ටියෙන් එදා අප පොත්වලින් මවාගත් රූ සිහින සජීවිකරනය වී දැස් ඉදිරිපිට මැවූඅපූරු රිදිපට දැකුම්හි වාසනාවන්තයෝ වූයේ යැයි කීම, අද පරම්පරාවට නීයවීමකැයි ද නොසිතමි.නමුත්…දඹදිව්කරණයටමෙන්ම වානිජ්‍යමය සොදාපාලුවකට ලක්වූ නවීනකතාපෙට්ටිය ලමා වැඩිහිටි කාගේත් මැදසාලයට බලෙන්ම පැමින සල්ලි බෙදන යන්ත්‍රයක් බවටපත්වීම තුල, විදීම සහ විඳවීමඅතර කලා කෘතීන් දෝලනය වෙමින් පවතින බැව් මාගේ හැඟීමයි...එසේමකුඩාවුන්වු අප වටා එකල මහා තාක්ෂනික පරිනාමයක් සිදුවි නොතිබීමම, අප සිත්සතන් පොත්පත්හි ඇඳබැඳ තබා ගැන්මට වඩා ඉඩප්‍රස්තාවක් සැලසිනැයි යන සියුම් සිතිවිල්ල විටෙකමසිතේහි ඇඳේ. නමුත්වර්ථමාන ලමයාගේ රුචි අරුචිකම් සහ ඔවුන්ගේ විඳිමෙහි නව හැඩය ලඝුකොට තැකීම ඔවුන්කෙරෙහි වැඩිහිටි අප දැක්වූහුදු ඊර්ෂ්‍යයාවකැයි කීමටද මා පසුබට නොවෙමි.එහේත් පසුගියසතියක රාජකාරිනිමාවු එක් සැඳැවක, මා ගමන් ගත් බස් රථයෙහිම රැඳිසිටි පාසැල් ලමුන්දෙදෙනකුගේ මේ දෙබස අපගේ සිංහල සාහිත්‍ය සහ කලාව පිළිබඳව මොහොතක් නැවති සිතීමට තරම්නොවන්නේදැයි සිතීම ඔබේ කාරියකි..." මංගාව සින්දු 450ක් විතරතියෙනවා..."" මොනාදතියෙන්නේ...."" ඩ්ජ් මික්ෂ්ඉංග්ලීෂ් එව්වා ගොඩක් තියෙනව ..සිංහල එව්වනම් දෙකයි බං....""අඬන සීන් නේබං එව්වැ තියෙන්නේ““ ඔව් බං.......
|
BLOG
|
2014.01.27
|
http://raj-rajmyblog.blogspot.com
|
බාලිකා බස් රිය......
|
Raj
|
අරලියගහ අද්දරතාර පාරේකලු දුඹුරුබොරපාට දූලි කැටිමකාලමින්ගොරහැඬි බවතැන තැන විසිරඇතිබාගෙට පරවුනු කහ අරලීයා මල්සුවඳ........නාස්පුඬුකිතිකවද්දිතාර උනුවී ගලනමහ පාරේ ඈතින්මිරිඟුවටනලියන දුම් වලා විනිවිදි..රිදුම් දෙනනෙත් කෙවෙනි පැතුම් පොදිමොරදෙද්දීඇයි ද...අද තව නැත්තේබාලිකා බස්රිය.
|
BLOG
|
2014.10.25
|
http://magekayya.blogspot.com/
|
ගන්ධබ්බය!
|
හූනා
|
comබිදෙන් බිද වැහි බින්දු අතරින්හෙණ වදිනු දුටුවෙමි අහස් ගැබ.වෙනදා හැඩූ හති නොඅල්ලානිහඩ විය අදුරු කරසැනසීම දුක ගෙනානිතර හැඩූ දුරබනුව.නිහඩ වී ජීවිතයගන්ධබ්බ කර මාව.ආයෙත්ම හඩනු නුබඈ නමින් දුරබනුව -සැහැසි වදනක් දෙකක් හෝඅහස් කුස හෙණ විලස.අනේ නිහඩයි සියල්ලගන්ධබ්බ කර දිවිය.තවම නෑ හැගීමක්කිම කරනු ඈ නැතිව.
|
BLOG
|
2014.06.02
|
http://magekayya.blogspot.com/
|
කාගෙත් සුන්දරී වූ ඈ වෙත ලියමි.....
|
හූනා
|
කාගෙත් සුන්දරී වූ ඈ වෙත ලියමි......ඉස්සර බස් එකේ යද්දිඅතර මගදි ,තැනින් තැන උබ දකිනකොට,මටත් උබ එක්ක යන්න නොහිතුනාම නෙවෙයි.ඒත් .....ගොඩක් එවුන් උබත් එක්ක යන්න දගලනව දැක්කම,මම පස්ස ගැහුව.“ඒක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි.ඉදපන්කො මම සෙට් කරන්න.“එහෙම කිව්ව යාළුවෙක් එක්කල මමත් කෝම හරි අන්තිමට උබ ගාවට ආව.ලේක් හවුස් එක දිහා හොරෙන් බල බල ,උබත් එක්ක පැනගත්තු මං,උබත් එක්ක ගල්කිස්සෙ බීච් එක අද්දරින් රෑ වෙනකල් එනකොට,දැනුන දේ කියන්නෙ කෝමද මට තාම තේරුනේ නෑ.මට උබ ගැන තියෙන්නෙ ,මගේ උවමනාව ඉශ්ටකරගන්න හැගීම විතරමද.කියල ආයෙත් හිතන්න මට ඕන වුනා.....උබ ගැන කියන්න මට කථාවක් තියෙනව කියල දැනෙන කොට,තවගොඩක් උන්ට උබ ගැන කියන්න උන්ගෙම කථාවක් තිබුන.කෝම වුනත් රුහුණු කුමාරි.....මම උබත් එක්ක යන්න ලබන සිකුරාදත් එනව..මීට මං,ලිව්වෙ ගල්කිස්සෙ බීච් එක ලගදි.
|
BLOG
|
2014.04.28
|
http://magekayya.blogspot.com/
| null |
හූනා
|
ගාලු පුරවර බලා දිවයනසියක් උන් තෙරපෙච්චි බසයකතුනේ අසුනේ ඇතුල් කෙලවරඉබේ ලියැවුනි මෙසේ කවි පදසියක් උන් එක එකා තෙරපීඉහල ගත් පය තබනු නොහැකීමුවින් නොම බැන උනුන් හිදිතීකවන්දය මෙහි සිත නොමැත මෙහිඅනෙක් දෙදෙනා නිදි සුවෙන් ඇතවිරූපී ඒ බලනු රිසි නැතජීවිතේ ඇති අරුත පසිදනුනුබට හැකි නම් කියාදෙනු මටඉදිරි අසුනේ නැවුම් යුවලක්ජීවිතේ සොදුරුව කියාදෙත්ලගින් හිටගෙන යනෙන උන්ගේජීවිතේ සෙදුරුව විදිති නෙත්කළුතරින් ඒ නැගපු යුවතියදුටුවතින් මා පහන් විය සිතඇපල් පණුවන් කනව මයි යනපසක් විය ඒ සැනෙන් නියමයදවස තිස්සේ ඔට්ටුවුනු ඒකෝඩ් ලොකෙන් බැහැර වුනු මන්ගෙදර යන මේ බස් එකේ උන්දැකල හොල්මන් ඔන්න නිදි මන්.
|
BLOG
|
2013.04.04
|
http://magekayya.blogspot.com/
|
සමුගැණිමක් නොවෙයි - farewell !
|
හූනා
|
පැමිණීමත් - නික්ම යාමත්මිතුරෝය...දිනෙක - පැමිනියෙමිආ ලෙසින් - නික්ම යමි.පැමිනීම සිනහවේත් - නික්ම යාම - කදුළේත්මිතුරන් බව දනිමි.පැමිනීමට - සිනහවත්නික්මීමට - කදුළත්ඵලක් නැති බව හගින්නෙමි.මා උන් කල - මා සිටි බව,දැනුනා නම්..,ඒ ...අගයන්නෙමි..ඉතින් මා යන්නෙමි - ආ ලෙසින් යන්නෙමිලොවට රහසින් - සොරකමක් කළෙමිනුබට රහසින් - මා එකතු කල,මතකයන් රැගෙන යමි.ආමන්ත්‍රණය: නුඹලාට.
|
BLOG
|
2013.02.18
|
http://magekayya.blogspot.com/
| null |
හූනා
|
එන්න....මා නුඹව රැගෙන යමි.දෑතිතින්ම අල්ලාන.....මගේ ෆැන්ටසියට..එන්න...රැගෙන යමිසුරත ගෙන..මා දකින සුන්දර ලෝකයට...ඉතින් විදින්න ..ඒ.. සුන්දරත්වය...සත්තයි නුඹ ලොබ බදියි දැන්..මේ ෆැන්ටසියට....ඔව් නුබට ලෝබයි..දැන් මේ ලෝකය නුඹේ...ඉදින් තව දුරටත් ... නුඹ නරඹන්නකු නොවේ...මේ ෆැන්ටසිය නුබේ......දැන් නුඹට දැනෙනව..දැන් නුඹ පිය නගනව..දැන් නුඹට තියෙනව..අරමුණක් .. මාවතක්..මේ......ෆැන්ටසියෙන් උත්තේජනය වුනු.උඹම තොරගත්...දැන් ඉතින් කෝ .. කොහිද .රැගෙන ආ මා සුරත..අත හැරිල නේද .නොදැනීම........දැනුනද නුඹට අතහැරැණු බව...සත්තයි නුඹ උරණ වෙයි..මා එක්ක..නාවාට... පිය නගන්නට..ඒ නුඹේ මාවතේ.. නුඹ සමග... නුබේ ෆැන්ටසියට..සත්තයි නවතිමි මම..නුඹට අවසරයි යන්නට..නුඹේ මාවත දිගට..රැගෙන එමි තවකෙක් හැකිනම්...මේ ෆැන්ටසියටවාරු තිබුනොත් දෙපයට..තව දුරටත්..එයයි මාගේ කාර්යය.සුභ ගමන් අල්තීනායී...පොප්ලරයෝ සිටියෙතින්...කියයි ලෝකයට..අප ද සිටි වග.
|
BLOG
|
2013.01.02
|
http://magekayya.blogspot.com/
|
welcome 2013 !
|
හූනා
|
ගියා එකක්ආව තව එකක්වෙයං ඕන එකක්නෑ මහා ලොකු හිතක්.
|
BLOG
|
2012.12.15
|
http://magekayya.blogspot.com/
|
මගහැරුනු කවිය..
|
හූනා
|
අරමුණක් නොතේරුනුබෑගයක් අතරැදුනුමාවතක උදෑසනබස් රියක අසුනු වුනු....නෙතු පියන් අසරනවුඇගේ රූ සිහි නැගුනුමගේ මේ ඇගිලි තුඩුමෙසේ කවි පද කෙටුන....දිනෙක ඈ ඉල්ලුමටකවි කමට සමු දුන්නුසිහි වුනා ඒ මතකහිත මගේ බොලද වුනු...අවසනට මා ලගින්ඉතුරු වී දුක නිවනකවිය උබ හිනැහියන්මෙමා වෙනුවෙන් ලොවට.
|
BLOG
|
2012.07.15
|
http://magekayya.blogspot.com/
|
තීරණය!
|
හූනා
|
හැකි වුනානම් පපුව...ඉරා පැන මොර දෙන්න....මුවින් මා නුබට දුන් ....තහංචිය වලකන්න ....කියනු ඇත මොර දෙමින් උදුරාන .අනේ තව එක් වරක්.....හඩනු මා දුරකතනය....නුබේ නමින්....පෙර ලෙසම...ලෙන් ගතුව. 15/07/2012.
|
BLOG
|
2012.06.21
|
http://magekayya.blogspot.com/
|
සහස්‍රෙය් මවක දුටිමි!
|
හූනා
|
176.හෙට්ටියාවත්ත _ කරගම්පිටිය.සිකුරාදා හවසක - වෙලාව 5.30.අතොරක් නොමැති සෙනග.එල්ලිලා හතර අත.බෑගයක් උරයක.අසුනක් නොමැත සරණට.පැමින ඇත මැදි වියට.අහම්බෙන් රැදුනා මනෙත.පසෙකින් පුත් රුවන නිම කරන් හවස කනිසමදෑතින්ම අල්ලානමා ඉදිරි පස අසුනකාටත් නොතේරුනඅයුරින් රැගෙන පොතඅකුරු නිම කල අයුරු පුත් සදවිමසු හැටි මා නෙතු පැහැරගෙනහුස්ම ගන්ටත් නොමැති ඉඩකඩඅතර හිටගෙන රැගෙන යුතු කමදොරෙ හරිමින් මවක සෙනෙහසසෙමෙන් විමසුව දැනුම් වගතුගනෙතු කෙවෙනි අග රැදුන මේ වගකලයේ මව් වරැන් පුදකොටමෙලෙස කොටනෙමි වදන් කැටි කොටකාලයට හසුනොවූ මව්ගුණ.
|
BLOG
|
2012.06.13
|
http://magekayya.blogspot.com/
| null |
හූනා
|
කවි පද මග හැරුනුමා මටම හමු නොවුනුකලක් ගොස් නිමා වුනුකයිය නුබ අත හැරුනුසමාජය පිලි ගත්තුජීවිතේ උර ගාපුරුපියලට යටත් වුනුජීවිතේ උගස් වුනුසෙන්චරිය පෙනි පෙනීයලිත් නුබ මතක් වුනුනිසා යලි පන නැගුනුවදන් පොද වැක්කෙරුනුකයිය මා නිම කෙරුනුලගදීම වෙනස් වුනුතාලෙකින් එළි බසිනුඇති මිතුර බලන් ඉමු.
|
BLOG
|
2014.10.24
|
http://nonedit.blogspot.com/
|
The Conjuring 2 ??
|
Lishan kasun sri
|
2013 දී බඩබොකු රත් කරගෙන බලපු හෝල්මන් ෆිල්ම් සෙට් එකක නම් කිව්වොත් පලවෙනි 5 අතරට එන ෆිල්ම් එකක් තමා The Conjuring කියන්නේ. ඔන්න එකේ දෙවැන්නක් එනවලු, 2016 දී. චිත්‍රපටයේ නිෂ්පාදකයින් වුන වෝනර් බ්‍රදර්ස් සමාගම 2015 දී කල එලි බස්සන්න කටයුතු සැලසුම් කරලා තිබ්බත් නිවු ලයින් සිනමා සහ වෝනර් සමාගම තව අවුරුදු දෙකකින් චිත්‍රපටිය එලියට දාන්න හේතුව පස්සේ තියෙන්නේ මොකද්ද කියලා නම් තවමත් වාර්තා වෙන්නේ නෑ,සැලසුම් කටයුතු සහ අදාළ විධායක ක්‍රමවේදයන් හරියට කළා නම් The Conjuring2 එලියට එන්න තිබුනේ 2015 ඔක්තෝම්බර් මාසේ 23 වෙනිදායි. ඩොලර් මිලියන 6.5 වියදම් කරලා නිෂ්පාදනය කරලා, ලොව වටා තිරගතවීම සහ වෙළඳාම් වලින් ඩොලර් මිලියන 166ක් හොයාපු මේ චිත්‍රපටය, මෙහෙම අවුරුදු දෙකකින් කල් ගියාට පස්සේ ඉහත කියපු දවසට වෙනත් හොල්මන් චිත්‍රපටියක් ප්‍රදර්ශනයට එකතු කරන්න මේ වෙනකොට වෝනර් සමාගම කටයුතු කරමින් ඉන්නවා කියලයි අන්තර්ජාල සිනමා සඟරා වල සඳහන් වෙන්නේ.බොහෝවිට මෙදිනට ප්‍රදර්ශනයට එන්නට හැකි චිත්‍රපට අතර Crawlspace හෝ Superstition කියන චිත්‍රපටි ඉදිරියෙන් ම තියෙනවා. Crawlspace පාදක වෙන්නේ බිරිඳ මියගිය සැමියෙක් තමන් හා අලුත විවාහ වූ බිරිඳත් එක්ක නව නිවසකට පදිංචියට යාම පාදක කරගනිමින්, ඒ වගේම Superstition පාදක වෙන්නේ එක්තරා පවුලක් මෙයට සියවස් ගණනකට පෙර මායාකාරිය මරාදැමූ ඉපැරණි නිවසකට පදිංචියට යාමක් වටා බව මේ චිත්‍රපට වල නම් වලින් කුඩා හෝ ගුගල් සෙවුමක් දැම්මොත් සොයාගන්නට අමාරු නෑ.
|
BLOG
|
2014.10.23
|
http://nonedit.blogspot.com/
|
Paperman හෙවත් දුටු තැන පෙමින් බැඳීම.
|
Lishan kasun sri
|
මුහුනුපොත් මිත්‍රයෙක් තමන්ගේ බිත්තියේ මීට ටික දවසකට කලින් පොස්ට් කරලා තිබුනා අපුරු සබැඳියක්. තමන්ගේ පාඩුවේ සිටිනා ජෝඩුවක් රූප ගන්වන මේ කලුසුදු රුපය යටින් ඇති සබැඳිය ඔබා බලන්නට මට හිතුනේ නිකමට. ප්‍රතිපලය ඇති විශිෂ්ටයි. "මාරයි" මට එහෙම කියවුනේ නොදැනුවත්වම. මේ කියන්න යන්නේ කෙටිචිත්‍රපටයක් ගැන. නම තමා "Paperman". මම හිතන්නේ ඩිස්නි ආයතනය අවුරුදු ගානකට පස්සේ කරපු හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපට වලින් එකක් කියලා හිතන්න පුළුවන්. එකවරක් බැලුවාම තවත් කිහිප පාරක් ම බලන්නට හිතෙන මේ විනාඩි හතකට ආසන්න කාලයක් දිවෙන Paperman නිර්මාණයට 2012 වසරේ හොඳම කෙටි චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය ඇතුළුව තවත් සම්මාන කීපයකටම නිර්දේශ වෙලා තියෙනවා කියලා, නම සඳහන් කර කුඩා ගුගල් සෙවුමක් දැමුවොත් අන්තර්ජාලය ඔබට පවසාවි. ඒ වසරේම සජීවිකරණ චිත්‍රපට කැටගරිය සඳහා තරංග වැදුණු Wrack-It-Ralph, ටීම් බර්ටන්ගේ Frankenweenie සහ Pixar Studio හි Brave තරඟ වැදුනත්, විනාඩි හතක ඇතුලත් Paperman කරලා තියෙන දස්කම ඒ කිසිවක කරලා නැති බව කියන්නට උවමනායි. පනහ දශකයේ නිවු යෝර්ක් නගරයේ එකිනෙකාට සම්පුර්ණනම ආගන්තුක දේපලක් අතර ඇතිවන පළමු දැකුමෙන් ම පෙම් බැඳීම එහෙමත් නැතිනම් "Love at First Sight" චින්තාවට පනදෙන මේ කතාන්දරය. ද්විමාන වටපිටාවක් තුල ත්‍රිමාන චරිතයන් මුසුකරමින් ගොඩනගා ඇති බව බොන්දින් බැලුවොත් ඔබට සොයාගන්නට අපහසු වෙන එකක් නැහැ. කලුසුදු පැතලි ජීවිත අතරේ පණ ගැහෙන එකම දේ රතු පැහැති හාදුවක් පමණක් බවත් රතු පැහැති හාදුව කොතරම් දුරකට ජීවිත වෙනස් කරනවාද යන්නත් හිත තබාගෙන මේ කෙටි සජීවිකරණ නිපැයුම නරබන්නට පුලුවන්නම් ඔබේ හිතට සුන්දර චින්තාවන් රැගෙන එන එක නවත්වන්නට කිසිවෙකුට හැකි වෙන එකක් නැති වේවි. :)ජෝන් කා(හ්)ර් ගේ මේ චිත්‍රපටිය අප සැලකිල්ලෙන් නරඹනවා නම් අපට සුපුරුදු ඩිස්නි මුහුණු කිහිපයක් මතකයට නගා ගන්නට අපහසු වෙන එකක් නැහැ. ඉහත මම කියූ ද්විමාන පැතලි ජීවිත අතර එකම ත්‍රිමාන චරිත දෙක වන "මෙග් සහ ජෝර්ජ්" අප පෙර බලපු 101 Dalmations, 2010දෙඑ තිරගත වුනු Tangled වගේ චිත්‍රපට වල චරිත වල රූ ලක්ෂණ සොයාගන්නට අපහසු වන්නේ නැහැ. මෙයට හේතුව වන්නේ ඉහත මා නම් සඳහන් කල චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන සජීවිකරණ ශිල්පියා ලෙස කටයුතු කර තිබෙන්නේ ජෝන් කා(හ්)ර් ම වීමයි. කෙටි සටහන:අනික මේ කෙටි සජීවී නිර්මාණය ගැන තොරතුරු හොයනකොට මට අපුරු දේවල් දෙකක් හමු වුනා.01. Signs - Short Film සයින්ස් කියන නිර්මාණයෙත් තියෙන්නේ මේ හා සමානම කතාන්දරය උනත් ඒ කතාන්දරය සත්‍ය චරිත රඟන නළු නිලියන් විසින් කරන නිසා මට එම නිර්මාණය එතරම් දැනුනේ නැහැ. එහෙත් ඔබට එය ඊට වඩා වෙනස් ආකාරයෙන් දැනෙන්නට ඉඩ තියෙනා නිසා අමතක නොකර පහතින් ඇති එයත් නරඹන්න.02. මේක ගැන වැඩි විස්තර කියන්න යන එක තේරුමක් නැහැ. සබැඳිය ක්ලික් කරලාම බලන්න.
|
BLOG
|
2014.09.21
|
http://nonedit.blogspot.com/
|
බෙදාගන්න, ලියාදෙන්න, දිනාගන්න.
|
Lishan kasun sri
|
වැඩිදුර තොරතුරු සඳහා https://www.com/groups/hakavati/ වෙත එකතු වන්න.
|
BLOG
|
2014.09.05
|
http://nonedit.blogspot.com/
|
නාට්ටි දෙකක් ගැන කලා ඔත්තුවක්
|
Lishan kasun sri
|
වේදිකා නාට්‍ය කියන්නේ රංගනවේදීන්ගේ තිඹීරිගෙය ලෙස සැලකුම් ලන්නේ මොකද කියන ගැටලුවට මට මුලින්ම උත්තර ලැබුණේ මම මුලින්ම මනෝරත්න මහත්තයාගේ ගුරුතරුව නාට්ටිය බලන්න ගිය දවසේ. සහ ඔදානිස් රබන් ගුරාගේ වැලිතලප කවිපෙළ මුලින්ම අහන්නට ලැබීම යන නිමිති දෙකම එක දවසේ වීම මට විශේෂයක්. තැනින් තැනින් ටික ටික තවමත් මතක ඒ වචන ටික සම්පුර්ණ කරගන්න උදව්ව අන්තර්ජාලෙන්, නාට්ටියකට එතරම්ම ආදරය කරත් ඉගෙනීම රස්සාව සහ ව්‍යාපාර කියන ත්‍රිකොනේ ඇතුලේ කරක් ගහන නිසාවෙන් මගේ සිතුවිලි වලට පියාඹන්න ඉඩදෙන්න මට කාලෙක ඉඳන් අමතක වෙලා. එත් මේ කියන්න යන්නේ ගුරුතරුව නාට්ටිය ගැන නොවුනත් නාට්ටි දෙකක් ගැනම තමා, එක්තරා ආකාරයකට ගුරුතරුවකට හරසර දක්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන නාට්‍ය ඉසව් දෙකක්. කතාව සාරාංශ ගත කරලා කියනවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසේ 17 වැනි දා හාවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යයත්, සැප්තැම්බර් 18 වෙනිදා හවස 7ට මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ලෝකාන්තර නාට්‍යයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ. ඕ. ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත වෙනවා.නුවර විතරක් නෙවෙයි කොළඹ නාට්‍යප්‍රේමීන් වෙනුවෙන් සැප්තැම්බරයේ 20දා ලෝකාන්තර නාට්ටියත්, 21දා සුභා නාට්ටියත් හවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටරේ වේදිකාගත කරන්න කටයුතු යොදලා තියෙනවාලු.නෝබල් සම්මාන ලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා කෙටිකතාවයි ගීතාංජලී කාව්‍යයයි පාදක කරගත් සුභා රඟනළුව ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයක්. සම්භාව්‍ය ග‍්‍රීක රංග කලා සම්ප‍්‍රදායත් පුරාණෝක්තිත් ඇසුරු කරගෙන නිර්මිත ලෝකාන්තර නාටකය සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් කල එලි දකින්නක්.සුභාඅධ්‍යක්ෂණය - කංචුකා ධර්මසිරිසංගීත අධ්‍යක්ෂණය - මනොජ් අලවතුකොටුව සහ විනූෂා විජේවික‍්‍රම නිෂ්පාදනය - ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.ලෝකාන්තරඅධ්‍යක්ෂණය - මුදිතා ධර්මසිරිසංගීත අධ්‍යක්ෂණය - පමුදිත මානෙල්අංග පිටපත - Renascor රංග කලා සාමුහිකය නිෂ්පාදනය - සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
|
BLOG
|
2014.06.19
|
http://nonedit.blogspot.com/
|
Nebraska
|
Lishan kasun sri
|
ඇලෙක්සැන්‍ඩර් පේන් කියන්නේ මේ වෙනකොට මගේ හිතේ ඉන්න හොඳම අදියුරුවා කිව්වොත් වැරදි නෑ.[මේ තත්ත්වය විටෙන් විට වෙනස් වෙන නිසා, හෙට අලුත් ෆිල්ම් එකක් බැලුවොත් ඒ අදහසට මොනා වෙයිද කියලා දන්නේ නම් නෑ. ] ඊට හේතුව වෙන්නේ පේන් හදන චිත්‍රපටි කුඩා පවුල සහ ඒ වටා සිටින චරිත පාදක කරගෙන හැදෙන නිසා, ඒවා අපේ ජීවිතේ අස්සේ අපි සම්බන්ධතා පවත්වන අය ගැනදමේ චිත්‍රපටය හදලා තියෙන්නේ කියලා අපිට හිතෙන්න ගන්න නිසා කියලයි මට හිතෙන්නේ. චිත්‍රපටිකලාවේ දිගු ඉතිහාසයක් තියෙන පේන් මේ වතාවේ එන්නේ අපි ඉදිරියට වෙනස් ආකාරේ චිත්‍රපටයක් අරගෙන. ඒ චිත්‍රපටය නැබ්‍රෙස්කා. ඇමෙරිකානු සිහිනය තුල ජීවත්වන අපට සත්‍ය ඇමෙරිකාවේ රළු, වියළුණු හරස්කඩක් පෙන්වන චිත්‍රපටයක්. චිත්‍රපටය විශේෂ එකක් වන්නේ ප්‍රධාන චරිතය වන බෲස් ඩර්න් සහ සහය රඟපෑම් කරන විල් ෆෝර්ටේ සහ ජූන් ස්ක්විඩ් නිසාවෙන්. ඔබට ඇලෙක්සැන්ඩර් පේන් ගේ නිර්මාණ ශක්‍යතාව ගැන කුකුසක් ඇත්නම් මම සිතන්නේ ඔබට කල හැකි පහසුම දෙය තමයි නැබ්‍රෙස්කා බලන එක. 1985 කාර්මන් චිත්‍රපටයෙන් ඇරඹි සිය නිර්මාණ චාරිකාව 2013 වසරේ ඔහු කල නැබ්‍රෙස්කා දක්වාම සිය රිද්මය එක ආකාරයකින් පවත්වාගෙන එන ආකාර අවබෝධ කරගැනීම තුලින් නිර්මාණ ගැන ඔබ තුල වන දැනුම පෘථුල කරවීමට ඉඩප්‍රස්ථා ඇති කරවන බව නම් කිව යුත්තක්.Woody Grant [Bruce Dern ] with Director Alexander Payneනැබ්‍රෙස්කා චිත්‍රපටය ගෙතී ඇත්තේ වියපත් මොන්ටානා හි ජීවත් වන බේබදු පියෙකු වන වුඩී ග්‍රාන්ට් [බෲස් ඩර්න්] වටායි. එක් දිනෙක ඔහු අත වන ලොතරැයියකට ඩොලර් මිලියනයක ලොතරැයි දිනුමක් ඇදී ඇති බව ඔහු සිතනවා. එහෙත් වූඩී ගේ බිරිඳ වන කේට් [ජූන් ස්ක්විබ්] වෙත වූඩි කෙතරම් ඇවටිලි කලත් ඈ සිතන්නේ එය මුසාවක් බවයි. සිය බිරිඳට කණපින්දම් කියා පලක් නැති බව සිතන වූඩි ඊළඟට කරන්නේ ත්‍යාගය ගැනීම සඳහා නැබ්‍රෙස්කා හි ලින්කන් නගරය වෙත පයින්ම ගමන් ඇරඹීමයි. වුඩිගේ පුතා වන ඩේවිඩ් [විල් ෆෝර්ටේ] විසින් පාරේ තනිවම ගමන් කරනා සිය පියා සොයාගෙන ඔහුව ලින්කන් නගරය වෙත රැගෙන ගොස් ත්‍යාගය ලබාදීමට කැමති කරවාගනී. කෙසේ හෝ ඩේවිඩ් විසින් ගමන් වෙන අතකට හරවා ලින්කන් වෙත යන ගමන අතර මැද හෝත්‍රෝන් වෙත යයි. හෝත්‍රෝන් යනු වූඩිගේ උපන් ගමයි. එහෙත් අවසන වන්නේ ත්‍යාගය ගන්නට ලින්කන් වෙත යන අතර සිය නෑසියන් මුණ ගසෙන්නට හෝත්‍රෝන් වෙත යෑම ත්‍යාගය ගැන වන වූඩිගේ අදිටන සිහිනයක් වීමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් නැබ්‍රෙස්කා යනු මඳවේගික චිත්‍රපටයක්, ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන්නේ ඇදිවේගී, වෙඩි තබාගැනීමේ දර්ශන සහිත, ලේ විසිරෙන සුළු, ටරන්ටිනෝ ආකෘතියේ චිත්‍රපටයක් නම් කරුණාකර මේ චිත්‍රපටය බැලීමෙන් වලකින්න, ඔබේ ඩේටා ටික අයියෝ ඩේටා කියා සිතේවී. මෙහි කතාව ඉතා දැඩි හෝ සංකීර්ණ නොවුනත් කතාවේ ගලායෑම මන්දගාමී වීම හරහා කතාව විකාශනය වීමට වැඩි වේලාවක් ගන්නවා, එසේ වීමට හේතුව ලෙස පුද්ගලිකව මට සිතෙන්නේ පේයින් විසින් වූඩීගේ දුර්වල බිඳවැටෙන සුලු මහලු අධ්‍යාත්මය නරඹන්නා වෙතට දැනෙන්නට ඉඩ හැරීමට විය හැකි බවයි. මෙතෙක් චිත්‍රපටය නැරඹූ අය අතර මේ ඉහත කී සංවේදනා වල බිඳුවකින් හෝ සමපාතවන අත්දැකීම් සහිත වන වුන් නැතැයි අප කියන්නේ කොහොමද. නිදසුනක් ලෙස මට පුද්ගලිකව මේ අත්දැකීම මගේ නෑසියන් ඇසුරෙන් විටින් විට අත්දකින්නට ලැබී තිබෙනවා, ඉතින් එවැනි සමාන අත්දැකීම් ඇත්තන් අතර ජනප්‍රිය වීම නිසාවෙන් තමයි ඇලෙක්සැන්ඩර් පේයින් ගේ සහ තිර රචක බොබ් නෙල්සන් විසින් කියනා මේ කතාවට මේ තරම් ජනප්‍රසාදයක් ලැබෙන්නට ඇත්තේ.Woody Grant [Bruce] with his son David [Will Forte]නැබ්‍රෙස්කා මට සුවිශේෂ වන තවත් එක හේතුවක් වන්නේ එහි ඇති කලුසුදු වර්ණිත සිනමාකරණය. සමාජය තුල විවිධාකාරයේ වර්ණ [ගතිගුණ.] වලින් යුතු මිනිසුන් සිටියත්, අප කොතෙක් උන් හා ගැටුනත් අවසානයේ මිනිසුන් වූ අපට මිනිසා ගැන තියෙන පොදු සාධකය එක්කෝ ඔහු හොඳ හෝ නරක මිනිසෙකු බවයි. පේයින් විසින් සිය නිර්මාණය තුල පැතලි වර්ණ භාවිතයක් කර ඇත්තේ මේ පොදු කාරණය උලුප්පන්නදැයි මට විටෙක සිතෙනවා. එය චිත්‍රපටය නරඹත්දී මට නිතර නිතර සිතට දැනුන කරුණක්. අනෙක් අතට වර්ණ භාවිත කිරීමේදී සිනමා කරුවාගේ අදියුරුවේ සහ නළු නිළියන්ගේ අඩුපාඩු වසා ගැනීමට හැකි වුවත් මෙහිදී පේයින් විසින් කලුසුදු භාවිතය නිසාවෙන් රංගන ශිල්පීන් වෙත වැඩි බරක් තබා ඔවුන්ගෙන් සිය උපරිම හැකියාව උකහා ගන්නට දැරූ තැතක් දෝහෝයි සිතෙන්නේ ශිල්පීන් සිය චරිත වලට සිය සාධාරණය උපරිමයෙන් ඉඩු කරනා බව මට සිතෙනා නිසාවෙනුයි. කෙසේ නමුත් කළුසුදු වර්ණ වලින් වන්නේ කතාවේ ගලා යාම සහ එහි චරිත ඔබ වෙත කරන්නාවූ ආමන්ත්‍රණය තවත් ශක්තිමත් වීම බව මට සිතෙනා බව නොකියා ම බැහැ.නැබ්‍රෙස්කා යනු ඉතා ශක්තිමත් තිරනාටකයකින් සජ්ජිත චිත්‍රපටයක් බව නොකීවොත් එය මා කරන ලොකු අඩුවක්, බොබ් නෙල්සන් විසින් චරිත වලට ඉතා සුන්දර ආකාරයෙන් අහම්බ එක්කාසු කර ඇති ආකාරය ඉතා සුවිශේෂයි. ඒවා කුඩා වුවත් ඉන් ඒ චරිත බොහොම අලංකාරව ආලෝකමත් කරනවා. මේ අහම්බ එබ්බවීමෙන් ඔබව මම සහ නරාන අපව අපටත් නොදැනෙන ආකාරයෙන් කතාවට ඇද බැඳ තබා ගැනීම නෙල්සන් විසින් කරනවා, ඔහුත් සමඟව එකතුව තිරරචනයෙන් මේ චිත්‍රපටයට ආලෝකයක් ගෙනා පේයින් වත් මතක් කල යුතුමයි, ඔබට අලංකාරිත අදියුරුවක් සහිත චිත්‍රපටයකට උදාහරණයක් කාට හෝ පෙන්වන්න්ට අවැසි නම්, ඔබට බිය නැතිව නැබ්‍රෙස්කා නම් කල හැකියි.සියලුම සිත්ගන්නා සුලු ආකාරයේ සාධක පසෙකින් තැබුවත් නැබ්‍රෙස්කා යනු බොහොම කම්මැලි චිත්‍රපටයක් ලෙස දැනෙන්නට තියෙන ඉඩකට වැඩියි [හරියට මේ ලිපිය වාගේ ;)]. අපි මුලින්ම නරක ගැන කතා කරමු, කතාව ගලා යන්නේ පැයයි මිනිත්තු 55 වැනි කාලයක් තුල, සාමාන්‍යෙන් මේ කාලයක් තුල දිවෙන චිත්‍රපටයක් අප සංගත ධාවනකාලයක් සහිත චිත්‍රපටයකැයි හඳුනාගත්තත්. චිත්‍රපටය තුල චරිත ගලා යෑම ඉහත කීවාක් මෙන් බොහෝම ඔතෑනි සහ මන්දගාමී ලෙස ගලා යන්නේ, අනෙක් අතට කතාව හෝත්‍රෝන් වල ගත කරන දර්ශන ගණන ඉතා වැඩි යැයි සිතෙනවා, එක අවස්ථාව දර්ශන කිහිපයක් සංස්කරණ ශිල්පියාට කපා දැමිය හැකියි නේදැයි අවස්ථා කීපයකම මා හට සිතුනා. එහෙත් එහි අවසානය පරම අලංකාරයි, ඒත් එහෙම උනත් මට සිතෙන්නේ අඩුම තරමින් තවත් පැය කාලක්වත් කතාව අඩු වූවානම් පාඩුවක් නොවේයි කියලයි.නැබ්‍රෙස්කා යනු ඔබතුල චිත්‍රපටයක් ගැන තිබෙන වෙනස් ආකාරයේ මතය වෙනස් කරන ආකාරයේ කතාවක් බව මට සිතෙනවා. කලුසුදු සිනමාකරණ කතාව නරඹත්දී නොදැනීම ආශක්තවූ පසුව ඉතාම පහසු ආකාරයෙන් කතාවට සමවැදිය හැකි ආකාරයට කතාව ගලා යන බව කිවයුතුමයි. කතාව මැදදී සහ ඉන්පසුව මඳක් මන්දගාමී වුවත් කතාව අවසානයේදී කියන්නට ඇත්තේ මට නම් නැබ්‍රෙස්කා යනු බැලිය යුතු වර්ගයේ චිත්‍රපටයකට හොඳ උදාහරණයක් ලෙස නම් කල හැකි චිත්‍රපටයකුයි. වෙනස් ආකාරයක චිත්‍රපටයක් බලන්නට උවමනාව ඇතිනම් නැබ්‍රෙස්කා බලන්න්ට පොඩි උත්සහයක් දුන්නාට පාඩුවක් නැති වෙයි මගෙහිතේ.
|
BLOG
|
2014.05.24
|
http://nonedit.blogspot.com/
|
මොකද්ද මේ A.C.E?? | What A.C.E Stand For??
|
Lishan kasun sri
|
Official Logo of ACEඅපි චිත්‍රපටයක් බලනකොට බොහෝ වෙලාවට විදේශීය, එයිනුත් හොලිවුඩ් චිත්‍රපට වල නාමාවලින් හෝ ආරම්භය සනිටුහන් වන අවස්ථාවල ඒ චිත්‍රපටය සඳහා සිය ශ්‍රමදායකත්වය දුන් අයගේ නම් වැටෙන වෙලාවල, ඒ සමහර නම් අගට A.E කියන අකුරු තුන තිබෙනවා, මේක මම කොතෙකුත් චිත්‍රපට වල දැක ඇතත්, සොයන්නට ඇති කම්මැලි කම ඉස්සර වීමේ කරුමය නිසා මේක මට මඟ හැරුනා ඒ හැම වෙලාවේ ම. ඒත් අද මම 47Ronin බලා එහි නාමාවලිය යන විට එහි සමහර නම් අගට අර අකුරු තුන තිබීම නිසාවෙන් මගේ පරණ උනන්දුව වැඩි වුනා. පස්සේ ගූගලයාගේ සරණ පතන විට මට ලැබුණ පිළිතුර මම පහතින් මේ අයුරින් සටහන් කරන්නම්.. ACE යන අකුරු තුනෙන් සංක්ෂිප්ත කර ඇත්තේ "American Cinema Editors association" වදනයි, සිංහලෙන් කියනවා නම් ඇමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය යන්නයි.මේ වැනි එකමුතුවක් ගැන මුලින්ම අදහස් ඇතිවී තිබෙන්නේ, වොරන් ලෝව් සහ ජැක් ඔගිව්ලී විසිනුයි, ඔවුන් දෙදෙනා වෘත්තීයෙන් පැරමවුන්ට් චිත්‍රාගාරයේ චිත්‍රපට සංස්කාරකවරුන් දෙදෙනෙක්. දෙදෙනෙකු තුල ඇති වූ මේ අදහස පසුව හොලිවුඩ් හී මස්කේස් සමාජශාලාවේදී ඔගිව්ලි සහ ලොවී දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් තවත් සංස්කාරකවරු 11 දෙනෙකුගේ එකමුතුවෙන් පැවැත්වුනා. ඒ 1950 වූ ඔක්තෝම්බර් මස 26 වෙනි දිනයි. කතිකාවට සහභාගි වූ සංස්කාරකවරු වන්නේ ජෝර්ජ් ඒමී, ෆොල්ම බ්ලැංස්ටඩ්, ජේම්ස් ක්ලාර්ක්, ෆ්‍රෑන්ක් ග්‍රෝස්, රිචර්ඩ් හීයර්මන්ස්, විලියම් හෝන්බෙක්, ෆ්‍රෙඩ් නුඩ්ස්ටන්, විලියම් ලියෝන්, ෆ්‍රෙඩ්‍රික් ස්මිත්, රිචර්ඩ් වෑන් එඩ්ගාර් සහ හියු වීන් යන අයයි.එසේ හමුවූ මේ අපූරු සංස්කාරක වරුන් එකතුව සිය ප්‍රථම ආරම්භක සාමාජික සැසිය 1950 නොවැම්බර් මස 28 වන දින පැවැත්වුවා, ඉන් පසුව නැවත නව සාමාජිකයින් බඳවා ගැනීමේ සැසියක් 1951 ජනවාරි මස 09 වෙනිදා පැවතුනු අතර එහිදී ඇමෙරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සිනමා සංස්කාරක වරුන් 108ක් එහි සාමාජිකත්වය ලැබූ බව සඳහන්. එතෙක් හරි ආකාරයේ නමක් නොතිබූ මේ එකමුතුවට "American Cinema Editors" යන නම පටබැඳ එය "ACE" සංක්ෂිප්ත කරන්නේ සිනමා සංස්කාරක ඩෝන් හේස් ගේ යෝජනාවකට අනුවයි. [චිත්‍රපටවල සිය නම් දැමීමේදී සිය නමට අගින් උක්ත අක්ෂර ත්‍රිත්වය දැමීමෙන් තමා පිළිගත් සංස්කාරකවරයෙකු බවත් සිනමාව පිළිබඳ පෘථුල අත්දැකීම් වලින් පිරිපුන් චරිතයක් බවත් නොකියා පවසන්නට හැකි බවට ඔවුන් අතර මතයක් ගොඩ නැඟුනා.] එම වසරේම [1951දී] මැයි 29වන දින, අමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය ලාභ නොලබන ආයතනයක් බවට ඇමෙරිකාවේ කැලිෆෝර්නියානු ජනපද නීතිය විසින් පිළිගත්තා.එකමුතුව පිහිටු වීමෙන් පසුව ඒසීඊ සාමාජිකයින් අනෙකුත් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රතිලාභිත පාර්ශව සමඟ සබඳතා ගොඩනඟාගෙන ඒ හරහා සිනමාවටත් මහජන ප්‍රජාව සිනමාව පිළිබඳව දැනුමින් සන්නද්ධ කරවීම ඇරඹුවා, එහි ප්‍රථිඵලයක් ලෙස ඒසීඊ වටමේසය "ACE Roundtable" ලෙස හඳුන්වන එම කතිකාවත තුලින් සිනමාවේ තුල පවතින ගැටළු සහ ඒවාට විසඳු සෙවීමේ කාර්යයට ප්‍රථම වරට මේ එකමුතුවේ අනුග්‍රහයෙන් පැවැත්වුනා. නිර්මාණශීලී එක්කාසුවක් තුලින් හොඳ චිත්‍රපටයක් යන මැයෙන් 1951 ජූනි 05 වැනි දින මැස්කර්ස් සමාජශාලාවේ දී ෆ්‍රෙඩ්‍රික් ස්මිත් ගේ ප්‍රධානත්වයෙන් පැවත්වූවා, මෙහි ගරු කථිකයින් ලෙස කටයුතු කලේ ඩෙල්මර් ඩේවිස්, සභාපති, ස්ක්‍රීන් අදියුරුවන්ගේ සංගමය; පෝල් ග්‍රෝසේ, සභාපති, කලා අදියුරුවන්ගේ සංගමය; විලියම් පේල්බර්ග්, සභාපති, ස්ක්‍රීන් නිෂ්පාදකයින්ගේ සංගමය; රොනල්ඩ් රේගන්, සභාපති, ස්ක්‍රීන් කලාකරුවන්ගේ සංගමය; රේ රෙනාහැන්, සභාපති, සිනමා යාන්ත්‍රිකයින්ගේ සංගමය සහ කාල් ටන්බර්ග්, සභාපති, සිනමා තිර රචකයින්ගේ සංගමය. ඉන් පසුව එම වසරේදීම ජේම්ස් ඊ නිව්මන් විසින් ACE සංගමයේ අනුග්‍රහයෙන් විශ්වවිද්‍යාල වල සිනමා උපාධි දේශන සඳහා ACE සාමාජිකයින් ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කලා. මේවන විට එම වැඩ සටහන හඳුන්වන්නේ ACE බාහිර සංස්කාරකයින්ගේ වැඩසටහන යන නමින්. මෙසේ ඉගැන්වීමට අමතරව ACE සාමාජිකයින් විසින් සංස්කරණය සම්බන්ධව චිත්‍රපට දෙකක් නිපදවූවා, "Basic Principle of filmEditing" සහ "Interpretations and Values of Film Editing" යන නම් වලින් හඳුන්වන මේ චිත්‍රපට මේ වන විටත් අධ්‍යාපන උපකාරක ලෙස සිනමා සිසුන් භාවිතා කරන බව සඳහන්.ACE සංගමයේ නිල සඟරාව ලෙස සිනමා එඩිටර් "Cinemaeditor" යන නමින් යුතුව පිටු 4 සිට 8 අතර ඇති සීමිත සංස්කරණයක් ලෙසින් 1951 මැයි මස,එලි දැක්වූවා. පසුව කල දියුණු කිරීම් වලදී එය පිටු 40ක වර්ණිත සඟරාවක් ලෙසත් සීමිත සංස්කරණයක් ලෙස නොව සාමාජික මණ්ඩලයේ ලියාපදිංචි වූවන් හට සහ සිනමා වෘත්තිකයින්ට මේවන විටත් බෙදා හරිනවා.Cinemaeditor Magazineක්ෂේත්‍රයේ දස්කම් දක්වන සංස්කාරකවරුන්ට ගෞරව දක්වනු වස් ACE සම්මාන රාත්‍රිය ප්‍රථම වරට 1951 මාර්තු 14 වන, බෙවර්ලි හිල්ස් හෝටලයේදී පවත්වන ලදී. ජෝර්ජ් මර්ෆිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මේ සම්මාන රාත්‍රියේ ප්‍රථම කතිකයා වූයේ ඩෝර් ශේරී නම් සංස්කාරකවරයායි. ෆ්‍රෑන්ක් කැප්‍රා ප්‍රදානය කල ඒ සම්මාන උළෙලේදී පැමිණි සිටියවුන්ව රසවත් කරන ලද්දීඅ ජෙරී ලෙවිස් සහ ඩීන් මාර්ටින් විසිනුයි. වර්තමානය වන විට හොඳම සංස්කරණයක උදේසා ඇකඩෙමි සම්මාන සඳහා වාර්ෂිකව තෝරගන්නා වූ නාමයෝජනා ලෙස ඉදිරිපත් කරන්නේ උක්ත ACE සම්මාන සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා බව ACE වෙබ් අඩෙවියේ සඳහන්, එලෙස සම්මාන ප්‍රදානය කිරීම ආරම්භ කලේ 1961 වසරේ සිටයි.1962 දී ACE සමාජයේ තීරණයක් පරිදි එහි සම්මාන උළෙලේදී සම්මාන සඳහා නාමයෝජනා සඳහා තෝරාගන්නා නම් ලබාදෙනු ලබන්නේ ACE සාමාජිකයින්ගේ ඡන්දයෙන් තෙරුණු නාමයන් පමණයි. රූපවාහිනී සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ සංස්කරණයෙන් දස්කම් දක්වන ශිල්පීන් වෙත සම්මාන පලිහක් 1965 වසරේ සිට ප්‍රදානයක් අරන අතර එය හඳුන්වන්නේ එඩී ["Eddie"] අනුනාමයෙනුයි. ,ඒ පලිහ ප්‍රදානය කිරීම මේ වන විට ඇකඩමි සම්මාන ප්‍රදානයට , ඔස්කාර් සම්මාන උළෙල යැයි කියනා ලෙසින් ම ACE සම්මාන රාත්‍රිය හඳුන්වන්නේ එඩී සම්මාන රාත්‍රිය යන නමිනුයි. 1973 දී ප්‍රථම වරට ඇමෙරිකාව තුල සිනමා සංස්කරණය විශයයක් ලෙසින් හදාරන සිසුන් වෙනුවෙන් හොඳම සංස්කරණ සිසුවා වෙතට සම්මානයක් ප්‍රදානය කිරීම ආරම්භ කලා.තොරතුරු මූලයන් : ACE website | Wikipedia.
|
BLOG
|
2014.03.05
|
http://nonedit.blogspot.com/
|
12 years a slave
|
Lishan kasun sri
|
Movie Release Date : 18th October 2013කාලෙකට සැරයන් ඉඳලා ඉඳලා චිත්‍රපටයක් එනවා මේක නම් මාර ෆිල්ම් එකක් මේක අනිවාර්යයෙන් බැලිය යුතුයි කියලා හිතෙන. ඒ ඒ චිත්‍රපටය මහාචිත්‍රපටයක් වත් නිෂ්පාදන වියදමවත් වෙන මොකවත් නිසා නොවෙයි, එය බැලියයුතු කියා හිතෙන්නට හේතුව වන්නේ මිනිසා විසින් මිනිසුන්ට කල වැරදි තේරුම් ගන්නට, මනුෂ්‍ය ඉතිහාසයේ මහා අත්වැරැද්ද තේරුම් ගන්නට, මනුෂ්‍යත්වයේ සැඟවි මහා අමනුෂ්‍යත්වය තේරුම් ගන්නට, කුමනාකාරයේ රහසිගත වැරදි ඉතිහාසයේ ඉඩ හසර තුල අප විසින් කරන්නට ඇති කියා තේරුම් ගන්නට, කෙටියෙන් කියනවා නම් ලෝකයේ ඉතිහාසය තේරුම් ගන්නට මේ චිත්‍රපට වලින් අපට ඉඩ ලැබෙනා නිසාවෙන්. පෙර වසර වල අපේ ආදරය දිනාගත් Schindler's List, Saving Private Ryan, සහ Hotel Rwanda වැනි චිත්‍රපට වලින් පෙන්වාදුන්, විවරකර දුන් කවුලුව තුලින් ඊටත් වඩා පෘථුල ලෙස අප විසින් අපව දැකගන්නට මේ චිත්‍රපටය තුලින් ඉඩ ලැබෙනවයි කියලයි මගේ සිතුවිල්ල. අටුවා ටීකා ලිව්ව ඇති 2013 වසරේ අවසාන කාර්තුවේ චිත්‍රපටශාලා වලට පැමිණි බ්‍රිතාන්‍ය සිනමා අදියුරු Steve McQueen ගේ 12 Years A Slave චිත්‍රපටය ගැනයි මේ මෙච්චර වෙලා ඔබව වටේ යැව්වේ. චිත්‍රපටය කථාකරන්නේ ඇමරිකාවේ මෑත අතීතයේ [කොහොමත් ඇමෙරිකාවට තියෙන්නේ මෑත අතීතයක් තමා] සටහන් ව ඇති බියජනක, කුරිරු, දාමරිකත්වයෙන් පිරි, වහල්භාවය ගැනයි. චිත්‍රපටය ඔබ නරඹනකොට සමහර කොටස් ඔබේ මතකයෙන් මැකී නොයනු ඇති. ඒ මතකය ඔබේ සිතට වද දෙනු ඇති. 12 Years A Slave යනු චිත්‍රපටි ලෝලීන් විසින් අනිවාර්යයෙන් ම නරඹන්නට උවමනා එකකැයි කියන්නේ අන්න ඒ නිසයි.Director Steeve McQueen with Michael Fassbbender [Master Epps]12 Years A Slave හී සාකච්ඡාවට බඳුන්වන්නේ සෝලමන් නෝතප් (Chiwetel Ejiofor) ගේ කතාන්තරයයි. නෝතප් කියන්නේ නිවු යෝර්ක් නුවර සරටෝගා හී ජීවත් වන නිදහස් මිනිසෙක්, ඔහු වීනා වාදනයට සහජ දස්කම් දැක්වූවෙක්. සුදු මිනිසුන්ගේ නිවාස සහ ප්‍රියෂම්භාශනයන්හී නෝතප් නොවරදින සාමාජිකයෙකු වන්නේ ඒ නිසයි. කෙසේ හෝ එක දිනෙක සොලමන් වෙත රැකියා යෝජනාවක් ලැබෙනවා, ඒ නම්, නගරයෙන් නගරයට ගමන් ගන්නා සර්කස් කණ්ඩායමක නිත්‍ය වීනා වාදකයා ලෙස සේවය කරන්නට, මෙසේ නෝතප් වෙත මේ යෝජනාව කරන්නේ සුදු මිනිසුන් දෙදෙනෙකු වන බ්‍රවුන් (Taran Killam) සහ හැමිල්ටන් (Scoot McNairy) විසින්. සුදු මිනිසුන් දෙදෙනාව විශ්වාස කරන නෝතප් විසින් ඔවුන් හා එක්වූවත් සුදු මිනිසුන් දෙදෙනා විසින් කරන්නේ නෝතප් ව කලු වහලෙකු ලෙස විකුණාදැමීමයි. එතැන් සිට දිග හැරෙන්නේ 12 වසක් පුරාවට දිවෙන නෝතප්ගේ වහල් සේවය තුල කරුණාවත් ස්වාමියෙකු වූ ෆෝර්ඩ් (Benedict Cumberbatch) ගේ සිට යක්ෂ වතු හිමිකරුවෙකු වන එප්ස් (Michael Fassbender) දක්වා දිවෙන නිදහසේ මිහිර සොයන ගමනයි.12 Years A Slave යනු රසවත් ම චිත්‍රපටයක් නොවේ. ඒත් එය සුවබර කතාන්තරයක් ලෙස ප්‍රස්ථාර ගතවනු වලකන්නට බෑ. චිත්‍රපටය තුලදී ඔබට ඉතා දුක්බර දර්ශන නරඹන්නට වෙනවා පමණක් නොව, ඒවා බලන්නට පවා අසීරු වෙහෙසකර ඒවා ද වෙනවා. විටෙක ඔබව සමහර දර්ශන නිසා බියෙන් හැකිලෙනු නොඅනුමානයි. චිත්‍රපටයක් තුල රංගනයේ යෙදී සිටින්නන්ට බිය නැතිව අහංකාරව තමා මේ චරිතයට සාධාරණයක් ඉටු කල බව පෙන්වා දෙන්නට හැකි චිත්‍රපටයක් බව ගැටලුවකින් තොරව කියන්නට පුලුවන්, චිත්‍රපටයේ අදියුරු ස්ටීව් මැක්වීන් වෙත චිත්‍රපටය තුලින් තමා කියන්නටයන කතාවට නියම වටිනාකම ලැබී ඇති බව පෙන්වා දෙන්නට හැකියි. අග්‍රගන්‍ය වූ සුපිරිම දර්ශන වලින් යුක්ත මේ චිත්‍රපට වසරේ හොඳම චිත්‍රපටවලින් එකක් යැයි කියනු විනා වෙන කියන්නේ කුමක්ද.චිත්‍රපටයක් ගැන කතා කරන විට එහි රඟන්නන්ගේ හැකියාවන් තක්සේරු කරන්නේ නැතුව චිත්‍රපට ගන කතාකරන එක වස පාඩුවක් කියලා හිතෙන්නේ මෙ වගේ චිත්‍රපටයක් බලනකොටයි. සොලමන් නෝතප් හෙවත් ප්ලැට් ලෙසින් රඟන ඡිවිටෙල් එජයිෆෝ [Chiwetel Ejiofor] ගේ අපූරු රංගනය කලුමිනිසෙකුගේ දුක්බර අතීතයේ භාවයන් ඉතාමත් සුන්දර ආකාරයෙන් පෙනවා දෙනවා.., ඔහුගේ හැඟීම් සහ අනෙකුත් චරිත සමඟින් අන්නිවේදනය කරනාවිට නෝතප්ගේ චරිතය තුල ජීවත් වන ආකාරය අංකුර රංගන ශිල්පීන් බොහෝ දෙනෙකුට සිය අත්පොතේ සටහන් තබාගන්නට තරම් වටිනවා. සියයට සියයක් ම මුහුණින් පලකරන හැඟීම් සමඟ ගනුදෙනු කරන චරිතයක් එජයිෆෝ විසින් රඟපෑවත් ඔහුට ඔස්කාර් වාසනාව නම් හිමිවූයේ ඔහුව හොඳම රංගන ශිල්පියා සඳහා වූ ඔස්කාර් සම්මානයේ නාම යෝජනාවක් ලෙස ම පමණක් තබමින්. එහෙත් ඔහුට ඒ නාමයෝජනාව තුලින් පමණක් තවත් රංගනය සඳහා දොරටු විවර වෙනවාට සැකය නෑ, පැට්සි ලෙස චිත්‍රපටය තුල සිය සලකුණු තැබීම කරනා ලුපීටා න්‍යොංගෝ [Lupita Nyong'o] සිය චරිතයට උපරිම සාධාරණය ඉටු කරන්නේ ඉතාම සුන්දර ආකාරයට, සුදු පාලනය තුල හුස්ම ගැනීම පමණක් තමන්ට රිසි ආකාරයට කරන්නට ඉඩ හසර පවතින ඒ රුදුරු වහල් භාවය තුල නීග්‍රෝවෙකු ගේ අයිතීන් කප්පාදුවේ උච්චතම අවස්ථාව ලෙස පැට්සි විසින් සිය ස්වාමියා එප්ස්ට නොදන්වා සෑම රැයකට ඔහු විසින් ගොදුරු කරගනු ලබන සිය සිරුර පිරිසිදු කරගන්නට සබන් රැගෙන එන විට එප්ස් හට හසු වීම සහ ඉන් කුපිත වූ ඔහු විසින් පැට්සි වෙත දෙන දඬුවම හදවත මෙන්ම දෙනෙතද තෙත් කරන්නේ නිරායාසයෙන්, ඒ රංගන ප්‍රභාවයට තුති පිදිය යුත්තේ සිය පළමු චිත්‍රපට රංගනය ලෙස ඉදිරිපත් කරන ලුපීටා වෙතද එසේත් නැති නම්, අදියුරු ස්ටීව් මැක්වීන් වෙතදැයි ප්‍රෂ්ණාර්ථයක් පැණ නඟින්නේ නිරායාසයෙන්. එහෙත් චිත්‍රපටය අවසන ප්ලැට්[නෝතප්] එප්ස් වෙති නිදහස්ව රැගෙන යන අවස්ථාව වන විටත් පැට්සි ගේ රඟපෑම අපව ඈ වෙත පෙමින් බන්ධනය කරවා අවසානයි.Lupita Nyong'o with her Oscar for Best Supporting Actressඊට අමතරව චිත්‍රපටයේ නම් පෙල තුල බ්‍රැඩ් පිට්ගේ නම සඳහන් වූ බාස් නමැති චරිතය චිත්‍රපටය තුල වෙනසක් ඇති කරනු ඇති බව සිතුවත් අවසාන හාගයේ චිත්‍රපටය වෙත එකතුවන තුල උක්ත චරිතය චිත්‍රපටය තුල රඟපෑ කොටස සෑහේදැයි මට පවතින්නේ ගැටලුවක්, එහෙත් ඒ ගැටලුව සමනය වන්නේ සිය අතීතය බියෙන් හා සැකයෙන් බාස් වෙත ප්ලැට් විසින් කියන ආකාරය තුල බ්‍රැඩ් පිට් යොදා ඇත්තේ කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂය වෙත යැයි මතක් වෙත්දී. ඊට අමතරව, බෙනඩික්ට් කම්බර්බැච් කාරුණික ස්වාමියා ෆෝර්ඩ් ලෙසද, මයිකල් ෆස්බෙන්ඩර් රුදුරු වතු හිමිකාර එප්ස් ලෙසින්ද සිය චරිතවලට සාධාරණය හිමි කරවන බව ඔබ මේ අපූරු සිනමා නිර්මාණය නැරඹුවෝතින් වැටහේවි.Bass, Patsy, Solomon and Epps with Director Steeve McQueenකතාව ආරම්භය අපට පුංචි අපහසුවක් ගෙන ආවත් එය සමනය වන්නේ කතාව තුල අප චිත්ත සටහන් ගොඩ නංවා එහි පූර්ව අපර සන්ධි ගලපා ගැනීමෙන්, චිත්‍රපටයේ ආරම්භය එප්ස්ගේ උක් වගාව තුල නොතප් උක් පාහින දර්ශනයක් වුවත්, වැඩ අවසන්ව සිය නැවතුමට ආපසුව තමන්ට කෑමට ලැබුණු බෙරී වලින් තනා ගත් තීන්තයෙන් ලියුම්ක් ලියන්නට සැරසෙන තැනින් කතාව සත්‍යමය ආරම්භය සටහන් වෙනවා... එනම් කතාව මැද සිට ෆ්ලෑශ්බැක් එකකින් පසුව කතාව මැදට පැමිණ එතැන් පටන් අවසානය තෙක් ගලායාමක් තමයි තිබෙන්නේ. මෙය සාම්ප්‍රදායික ආඛ්‍යානයකට බෙහෙවින් වෙනස්, ඒත් කතාවේ හරයට හෝ කතාව කීමේ ආකාරයට එය ගැහැටක් වන්නේ නැති තරම්. කතාව තුල අවසානය මැද හා ආරම්භය බෙහෙවින් පැහැදිලියි, ඒ අතර පවතින සිදුවීම දර්ශන ලෙස අපගේ මනසට එක්කාසු වන්නේ මේ අපූරු ආඛ්‍යානය නිසා වෙන්නට හැක්බව මගේ අදහසයි. නෝතප්ගේ වහලෙකු ලෙස ගෙවුනු වසරවල්, වෙන වෙනම අපට පෙන්වන්නට පුලුවන් තරම් පිළිවෙලක් මේ ආඛ්‍යානය තුල සැඟව ඇති බව නම් සත්‍යයක්.Movie Inspired by The Book "12 Years a Slave" by Solomon Northu අදියුරුව තරමට ම, තාක්ෂණික මූලිකාංග භාවිතය, හාන්ස් ශිමර්ගේ[Hans Zimmer] පසුබිම් සංගීතය එමෙන්ම ශෝන් බොබිට්ගේ[Sean Bobbitt] තිරරචනය සහ අමතක නොකලයුතු සුපිරි සංස්කරණය, මේ සියල්ලම සහිත නිර්මාණයකට උදාහරණයක් ලෙස පෙන්වන්නට පුලුවන් අති දුලභ අවස්ථාවලින් එකක් ලෙස 12 Years A Slave චිත්‍රපටය අවිවාදිතයි. ශ්‍රේණිගත කීරීම් වලට අනුව මෙය වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් ලෙස ලැයිස්ති ගතවී ඇත්තේ. එය අත්‍යන්තයෙන්ම විය යුත්තක්. අතිභයානයක හිංසනය, කාමුක දර්ශන සහ නිරුවත් රැඟුම් මේවා සියල්ලම අඩු වැඩි ආකාරයෙන් තියෙනවා. එහෙත් මා පුද්ගලිකව සිතන්නේ මේ චිත්‍රපටය සියල්ලන්ම නැරඹියයුතු චිත්‍රපටයක් ය කියලයි, මෙහි අඩංගු වන විවිධාකාරයේ ලිංගික දර්ශන වලින් උලුප්පන්නේ තුට්ටු දෙකේ කාමුකත්වයක් නොව මනුසත්කම අමනුස්ස කමට යටවූ කල මනුසත්කමේ මරණය සිදුවන ආකාරයයි. ඉතින් එය පෙන්වන්නට මීට වඩා වැදගත් ආකාරයක් තිබේද යන්න මට ගැටලුවක්. කිසිවෙකු මෙය එහි අඩංගුවන කාමුකත්වය අත්විඳින්නට පමණක් නරඹනවා නම් ඔහු/ඇය සිය මානසික සෞඛ්‍යතාව යහපත් ආකාරයෙන් තිබේද යන්න වෛද්‍යවරයෙකුගෙන පරික්ෂා කරගැනීම වැදගත්. හැඟුම් බර චිත්‍රපටයක, සෑම චරිතයක්ම, සෑම දර්ශනයක් ම, සෑම අදියුරු පෙළහරක්ම පවසන්නේ එහි ඇති සංවේදී තාවයයි. එජයිඕෆෝ පමණක් නොව ෆස්බෙන්ඩර්, න්‍යොංගෝ මේ සියල්ලන් ම චිත්‍රපටයේ අද්විතීය බවේ කොටස් කරුවන්. හොඳම සහය නිළිය ලෙසත්, හොඳම චිත්‍රපටය ලෙසත් ඔස්කාර් සම්මාන ලබන්නත්, හොඳම නලුවාට නාමයෝජනා වන්නටත් සැලසීම තුලින් චිත්‍රපටය පිළිබඳව සෑහෙන අදහසක් ගන්නට අපහසු නැති බව මගේ අදහසයි.
|
BLOG
|
2014.02.09
|
http://nonedit.blogspot.com/
|
හිතූ තරම් නොදැනුන Eat Pray Love
|
Lishan kasun sri
|
මම කියන චරිතය පදනම් වෙන්නේ කාරණා තුනක් මතයි.., රස කෑම, පොත්, සංචාර මේ තුන ගැන හිතේ මොන තරම් ආසාවක් තිබුනත් රසකෑම, පොත් සඳහා කාල වේලාව වෙන් කරන්නට ඉඩ තිවුනත්, සංචාර සඳහා නම් වෙන් කරන්නට කාලයක නොතිබුන තරම්. අත්හදාබැලීම්, සංකල්ප, ඒ මතින් වන ජීවිත හැඩ ගැස්වීම් වගේ දේවල් මගේ මනසට එකතු කරන්නේ හරිම පූර්වයක්. මගේ හොඳ හිත මිතුරන් දෙදෙනෙකු වන පැතුම් සහ බෝමන් එක්ක එකකට එකක් වෙනස් අවස්ථා දෙකකදී කතා කරමින් ඉඳීද්දී කියාපු දෙයක් තමා කෑම ගැන තියෙන ෆිල්ම්ස් බලනවා නම් උඹ අනිවාර්යයෙන් ම julie & julia සහ eat pray love කියන චිත්‍රපටි දෙක බලපන් කියන එක. මම julie & julia බැලුවා. මේ ලඟදී ආපහු පරන ෆිල්ම් ටික බලනකොට ආපහු මතක් උනා මම eat pray love බලලා නෑ නේද කියලා.., මේ කෙටි සටහන වෙන් වන්නේ ඒ මතක් වීම ආපහු අමතක නොවන්නට බ්ලොග් ගතවීම වෙනුවෙන්. :)එලිසබෙත් ගිල්බර්ට් ගේ අලෙවි වාර්ථා තැබු මේ නිබන්දනය චිත්‍රපටයට නැගුණු විට එහි රඟපාන්නට යෙදුනේ ජුලීයා රොබර්ට්ස් [එලිසබෙත් ගිල්බර්ට්ගේ චරිතය "ලිස්"] ප්‍රධාන චරිතය ලෙසත්, ජේම්ස් ෆ්‍රැන්කෝ, වයෝලා ඩේවිස්, හ්වියෙර් බර්ඩෙම් සහ අති දක්ෂ අතිරේක රංග ශිල්පීන් කැලක් විසින්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ, සම තිර රචනය කලේ රයන් මර්ෆි විසිනුයි. [ඔහු හා ජෙනිෆර් සෝල්ට් සමඟින් එක්ව ඇමෙරිකන් හොරර් ස්ටෝරි ටෙලි කතාවේ කථාංග ගණනාවක් රචනා කර ඇති බව එහි නම් පෙළ සැලකිල්ලෙන් බලා ඇතිනම් ඔබට වැටහේවි.] සිය විවාහය තුල තමන් සිටින්නේ අසතුටින් බව පසක් කරගන්නා එලිසබෙත්, සිය වේදනා කාරී වූ දික්කසාදය සහ නැවත ඇති වන අස්ථීර සබඳතා පිළිබඳව වන කලකිරීම විසින් ඇයව සිය සිත සමනය කරගැනීම සඳහා සංචාරයේ යෙදීම කල යුතු බව කල්පනා කරනවා. වසරක කාලයක් ඇතුලත රෝමය, ඉන්දියාව සහ අවසානයේ බාලි දූපත් තුල ඈ විසින් අතීත දශක කිහිපය තුල තමන් හට අහිමි වූ තමන්ව සොයා ගන්නට දරන උත්සහය අප ඉදිරියේ තබන්නේ අති සුන්දර මතකයක්. එහෙත් චිත්‍රපටයක් ලෙස අපට අදියුරුවේ සහ අනෙකුත් අංශ වල පෙනෙන්නට ඇති වෙනස්කම් [අඩුපාඩු.] මේ සටහන තුල ලියා තබා හිත සමනය කරගන්නට මට අවැසියි. Liz in Indiaනම සහ ප්‍රචාරණය තරමටම සහ පොතෙන් ලැබූ ජනතා ප්‍රසාදය චිත්‍රපටයට ලැබී නැති බවයි මගේ නම් අදහස. වෙනත් විදියකින් කියනවා නම් චිත්‍රපටය බලන්නට ගෙන ටික වෙලාවක් යනවිට මට සිතෙන්නට ගත්තේ මේක මම හිතුව තරමට ම නෑ නෙව කියලයි. ආදර්ශමත් සහ ජීවිතය ආලෝකමත් කරන තාලයේ චිත්‍රපටයක් කියා සිතුවත් සරළ විනෝදයක් සමඟ තුටු අවසානයකින් යුතු සාමාන්‍ය කතාන්තරයක් බවයි මගේ හැඟීම. කෙටියෙන් කියනවා නම් බලාපොරොත්තුවේ තරමට චිත්‍රපටය උස නෑ කියලයි මට හිතෙන්නේ.නාට්‍යමය ස්වාභාවයක් සහිතව එළි දකින් මේ කතාව තුල කාලය කියන සාධකය අප වෙත උලුප්පා දක්වන්නට බල කරන්නේ නෑ.., එහෙම කියන්නට හේතුව වුනේ මම මේක බලනකෝ මට මේක 1990 දශකයටත් ඒ වාගේම වර්තමානයටත් ආදේශ කරන්න පුලුවන්. ඊට අමතරව අතීත මතකයන් නිසා පීඩාවට පත්ව හිඳින කාන්තාවක තමන් ලද අවස්ථාවලින් සතුට නම් සංකල්පය ආහාර, අධ්‍යාත්මික කැප කිරීම් සහ ආදරය තුලින් දිනා ගන්නට උත්සහ කිරීම් වගේ දේවල්, අපට දකින්නට වර්තමාන අප[මම] ජීවත්වන සමාජය [සාමාන්‍ය ලාංකික සමාජය] තුල සුලභ නැති වුවත් මේ චිත්‍රපටය බලත්දී මෙහෙම දේවලුත් වෙනවා ඇති තමා කියලා හිත සනසා ගන්න වෙනවා. මේ චිත්‍රපටය තැනීමේදී සත්‍ය ජීවමාන චරිතයක ආදර්ශ තුලින් පබැඳුනු කතාවක නිසා එහි හැඟීම් දැනවීම් සහ ප්‍රධාන චරිතයේ හැසිරීම් වලදී සත්‍ය චරිතයේ තොරතුරු පාදක කරගන්නට උත්සහ දැරීම පිළිබඳව එකඟයි එහෙත් වෙනත් චිත්‍රපට වලදී අපි ජුලීයා රොබර්ට්ස් තුලින් දුටු රඟපෑම් නොවේ මෙහි ඇත්තේ. උණුසුම් තුටුපහටු හැඟීම් දැනවිය යුතු අවස්ථාවල රොබර්ට්ස් සිටින නිහඬ ආකාරය සහ විවාහය අත හැරෙමේ අවපීඩිතය ඕනෑවට වඩා පෙන්නුම් කිරීම තුලින් චිත්‍රපටයට හානියක් වූ බව මට හිතෙනවා. විශේෂයෙන් ම ප්‍රධාන චරිතය එසේ හැසිරෙන අවස්ථාවකදී.නිදසුනක් ලෙස චිත්‍රපටයේ එක දර්ශනයක් තීබෙනවා ප්‍රශංසා කිරීමේ දිනයේ සංවිධානය කල දිවා අහාරයක දී එලිසබෙත් සියලු දෙනාට මේ සුන්දර අවස්ථාවේදී පැමීණ ඔවුන් හා එකතු වීම පිළිබඳව ප්‍රශංසා කරනවා, එනමුත් ඇය ඒ ප්‍රශංසාව කරන්නේ අවට සිටින සංවාදයේ යෙදී සිටින පෙම්වතුන් දෙස බලා චින්තාපරවයි. සිනමාකරණය තුලද නේපල්ස්, ඉන්දියා තුල රූ ගත කරන ලද දර්ශන ඉතා සුන්දරව තිබුනත් ඒ සුන්දර බව බාලි වල කොටස් වලදීත් පෙන්නුම් කලා නම් අගේය කියන හැඟීම මට දැනුනා. ඒ කියන්නේ අර නේපල්ස් සහ ඉන්දියාවේ ඇති වර්ණවත් උණුසුම් බව බාලිවලදී නොමැති වීම තදින් දැනුනා. සමහර විට ලිස් ගේ ආදරය ශිශිරතාරක නින්දේ ඇති බව පෙන්වන්නට උවමනා වූවාද දන්නෑනේව. ඒත් ඒක එක එක්කෙනාට වෙනස් ඇති. අපි වගේ දුහුණන්ට එහෙම දැනුනට. හැබැයි එකක් ඒවා වූඩීගේ to rome with love චිත්‍රපටයට වඩා නම් අනර්ඝයි. ;)අවංකවම එක දෙයක් කිවිය යුතු වෙනවා, ඔබ චිත්‍රපටයේ අතිරේක පෙදෙස් ගැන වද වෙන්නේ නැති නම් eat prey love යනු ඔබට හොඳින්ම රස විඳින්නට හැකි චිත්‍රපටයක්, ඒකේ දෙකක් නෑ. ප්‍රධාන චරිත අර විදියට හැසිරුනාට ඔබට හොඳ සුන්දර සහ අපූරු චරිත කිහිපයක් ම මෙහි දැකගන්නට පුලුවන්.., ෆෙලිපේ [හ්වියෙර් බෝර්ඩෙම්] රිචර්ඩ්[රිචර්ඩ් ජෙන්කින්ස්] සහ කෙටුට් ලියාර් [හදී සුබියන්තෝ]ඒ අතරින් මගේ වඩාත්ම සිත්ගත් චරිතයි.Help : GoogleDolce Far Niente - කිසිවක නොයෙදීමේ මිහිරියාවඌණ සාධකව සිනමා කරණයේ ගැටලු තිබ්බත් සංස්කෘතීන් වල වෙනස පෙන්වාදෙන ආකාරය අති ආකාර්ශනීය බව කිව යුතුමයි. නිදසුනක් ලෙස රෝමය හා බාලි අතර සංස්කෘතිකමය වෙනස, ඊට අමතරව ඉතාලියානුවන් අතර පවතින දොල්චෙ ෆර් නියන්තේ නැතිනම් කිසිත් නොකිරීමේ මිහිරියාව නැතිනම් අලසසුවය පිළිබඳව පවසන අවස්ථාවන් කතාවට නව අරුතක් ගෙන දෙන බව මට සිතෙනවා. සිතූ තරමට ප්‍රබෝධමත් නොවූවත්, විටෙක ඔබට එය ප්‍රීතිය දනවන්නක් විය හැකියි. ඒ සංවේදනාව දැනෙන්නට ඉඩ ඉතුරු වී ඇත්තේ තවමත් මා නොකියවූ ඒ එලිසබෙත්ගේ පොත තුලින් පමණයි., ඒ නිසා චිත්‍රපටය බලන්න... හැකිනම් ඊට කලින් පොත කියවන්න.
|
BLOG
|
2013.01.20
|
http://aadarayadukak-dush.blogspot.com/
|
අනුන් වෙනුවෙන් මොහොතක් ජිවත් වෙමු
|
Dush
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}අද මම ගියා කොළඹ වටේ පොඩි රවුමක් ඒ රවුම පටන් ගන්නේ කොළඹ තියෙන ඉස්සර ආශාසෙන්ට්‍රල් කියල තිබුන දැන් ආමි හොස්පිටල් කියල තියෙන එකෙන්. එතනට ගියාම දැනේනේඅමුතුම හැඟීමක්. මම ගියපු තැනම පිරිමි කෙනෙක් හිටිය එයාට හෙල්ලෙනවත් බැහැ එයාගේහැම වැඩක්ම කරන්නේ එතන බෙහෙත් දාන්න ඉන්න අය. මෙහෙම තුවාල වෙලා කාත් කවුරුවත් නැතිව තනියම දුක්විඳින්නේ අපි වෙනුවෙන් එදා රට බේරගන්න යුද්ධෙට ගිහිං ජිවිතේ කැප කරපු තරුණ ජිවිත.අද ඒ ගොල්ලෝ ඉස්පිරිතාලේ ඇඳක තනියම කෙඳිරි ගානවා තනියම සුසුම් හෙලනවා එත්ඒගොල්ලොන්ගේ හිතේ මුණේ වචන වලවත් කිසිම පැමිණිල්ලක සේයාවක් නැහැ. ඒ දුක ඒ අසරණකම ඒගොල්ලොන්ට වඩා අපේ හිතට දැනෙනවා අපේ ඇස වලට කඳුළු නැගෙනවා. ඒ එඩිතර නොසැලෙන ශක්තියහින්ද. ඒ විතරක් නෙමෙයි. ඒ අපිට පේන්න ලෙඩ තියෙන අය තවත් කොටසක් ඉන්නවා ඒ ගොල්ලන්ටඑලියට පෙන්න කිසිම ලෙඩක් නැහැ අපි වගේම ඇවිදලා සාමාන්‍ය විදිහට ඉන්නවා එත් ඒගොල්ලෝකියන්න බැරි එහෙම නැත්තම් යුද්ධයෙ අතුරු ප්‍රථිපල විඳින කොටසක් ඇඟ ඇතුලෙන් එහෙමඑහෙමත් නැත්තම් පිටතට නොපෙනෙන ලෙඩකින් දුක් විඳින අය. මේ ගොඩක් අයගේ නෑදැයෝ ගෙවල්කොළඹ අවට අය නෙමේ. මේ ඉන්න ගොඩක් තරුණ ජිවිත ඈත දුෂ්කර ගම් පළාත් වල ජිවිතේ ගැට ගහගන්න එදා වේල හොයා ගන්න විදිහක් නැති කමට හමුදාවට එකතු වුන අය. එත් ඔවුන් එදා ඒජිවිත කැප කිරීම මොන හේතුව මත කුමණ විදිහට මව්බිම ආරක්ෂා කරන්න යුද්ධයට එකතු උනත්අද ඔවුන් මේ ගෙවන්නේ අපි ජිවත් කරවන්න රට වෙනුවෙන් කල ජිවිත පරිත්‍යාගය. අපිඔවුන්ට සදා ණයගැතියි හිතින් සිතිවිලි වලින් නෙමේ අපි මේ කන බොන අඳින හැම දෙයකින්මඅපි ගෙවන්නේ ඔවුන් අපි වෙනුවට හිලව් කරපු ජීවිතයි. රට වෙනුවෙන් දිවි පිදු සියලුදුක්කම් කටොලු ඉසිලු විරුවාණෙනි අපි ඔබට සදා ණයගැතියි.ඊට පස්සේ මම එතනින් එන්නේ කොළඹ 7 ට හරියටම විනාඩි 20 ක් වගේ පාරේ හිටගෙනහිටිය වෙන මුකුත් නිසා නෙමේ හිත පොඩ්ඩක් හදාගන්න. කොළඹ 7 කිසිම අඩුපාඩුවක් නැතිමිහිපිට සුරපුරය මම ඒ හිටිය විනාඩි 7 ඇතුලත BMW, BENZ, LAND ROVER, RANGE ROVER, HONDA, NISSAN,AUDI මේ කියන වාහාන ජාති එකජාතියකින් 2 කට වඩා මාව පහුකර ගෙන ගියා. වෙනදට වාහන පිස්සෙක් උන මට අද ඒ කිසිමඑකක් කෙරෙහි ඇලමකට වඩා කළකිරීමක් ඇති උනා අද ඒ අදහස කේන්තියට හා මිශ්‍ර වුවක් “ අදඋඹලා මෙහෙම ඉගිල්ලෙන්නේ මේ උඹලා උජාරුවටපහුකර ගෙන යන අර අහිංසක මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න” ඔය ගිය හැම වාහනයකම වටිනාකමලක්ෂ 25 වඩා වැඩි එත් ඒ මිනිස්සු එක ලක්ෂයක් තමන්ගේ රට වෙනුවෙන් වියදම් කරලාතියේද. මේ වගේ හමුදාවට නැත්තම් අසරණ මිනිස්සුන්ට වියදම් කරලා තියෙනවද. නැහැ එත්කවමදාක හරි මරණ බිය උඹලටත් දැනේවි අන්න එදාට, ජිවිතේ වාරු නැති දවසට ඔය රජ සැපවිඳින ධනපති පන්තියත් මේ දුක විඳින ජිවිතය ගැට ගහගන්න අපිත් යන්නේ එකම තැනටවිඳින්නේ එකම වේදනාව.ඊට පස්සේ මම ඇවිදින්න ගත්ත ටවුන් හෝල් එක පැත්තට නගර සභාවේ වැට කඩලමිනිස්සු ඒ වැඩ මම ඒ පාර දිගේ ඇවිදගෙනගියා ගොඩක් වයසක මනුස්සයෙක් ඒ පාරේම තියාගෙන බත් වේල විඳිනවා ඒ කාෂ්ටක අව්වේ වැඩබිමේ ලැබුණු කෑම පාර්සලේ අරන් ගිහිං කන්න තැනක් නැහැ ඒ මනුස්සයට ඉතිං ඒ මනුස්සයඑතනම බිම තියාගෙන කුසගින්න නිවාගන්නවා උදේටත් දවල්ටත් කිසිම දෙයක් නොකා හිටිය මටකන්න කියල එතන තිබ්බ ලඟම තිබ්බ කඩේට රිංගන්න හිතුනේ නැහැ මට. මිනිස්සු රට සංවර්ධනයකරනවලු එත් මේකද ලෝකේ කියන සංවර්ධනය මම මගෙන්ම ඇහුවා. එතනම තියෙන්නේ ලංකාවේ ඉන්නධනපති පන්තියේ මාළිගා ටික කෝටි ගණනක් වියදම් කරලා හදපු නෙළුම් පොකුණ එත් ඊටම එහාපැත්තේ ජිවිතේ ගැට ගහන්න දුක් විඳින මිනිස්සු. රටක සංවර්ධනය මනිනේ ඒ රටේ තියෙනඅලුත් ගොඩනැගිලි ගණන වාහන ගණනින් නම් අද ලංකාව සංවර්ධිත රටක්. එත් රටක් සංවර්ධනය වෙලා වැඩක් නැහැ මිනිස්සුන්ටඑදා වේල කන්න රුපියල් 100 බැරි නම්. හාල් පොල් ටික ගන්න ඒක පුද්ගල අදායම භාණ්ඩමිලට සමානුපාතික නොවේ නම්. මේ දුක් විඳින මිනිස්සු අද තමන්ගේ ජිවිතේ වෙනුවෙන් එකවේලක් වෙනුවෙන් තමන් සතු සියලු දේ විකුණයි මේ ජිවිතයේ තවත් එකම එක පැත්තක්. ඊට පස්සේ නවලෝකෙට ගිහිං එතනින් මම බස් එකේ නැග්ගා. නැගල හිමින් හිමින් ආවේබම්බලපිටියට හරියටම ඩයලොග් එක ගාවදි මගේ ඇස ගැටුනේ තවත් හිතට දුක හිතෙන දෙයක් මේඔය හරියේ ගස් යට ඉන්නවා ElectricBadminton වගේ තව පොඩි පොඩි 100කෑලි ටිකක් තියාගෙන ඉන්න ළමයි අව්වට පිච්චිලා පිච්චිලා ඒ ළමයින්ගේ හම කළු පාටවෙලා. මම හිතන්නේ දවසෙම ඔය ළමයි ඉන්නේ එතන ඒ ගොල්ලන්ට දවසට මෙපමණ ගානක් හොයන්නකියල වෙලා තියෙන්නේ මෙතන හිටිය ගැහැණු ළමයෙක් කාර් එකක් නවත්තල එත් එයා ගාව හිටියවෙන කොල්ලෙක් ඒ ගෑණු ළමයාගේ සෙල් එකට බැහැල මේ ගෑණු ළමයා පැත්තකට වෙලා තව කෙනෙක්ටමේක කියා කියා අඬනව. සමහරවිට ඒ එයාගේ මුළු දවසෙම සෙල් එක වෙන්න ඇති. ජිවත් කරවන්නපවුලක් නංගිලා මල්ලිලා ඇති තරුණ ගැහැණු ළමයෙක් විදිහට එයාට උවමනාව තිබ්බ නම් සල්ලිහම්බ කරන්න වෙන ඕන තරම් ක්‍රම එයාට තියෙනවා එත් හිතට එකඟව ආත්ම අභිමානයෙන් ජිවිතේගැටගහ ගන්න එයාව පාගලා දාන්නත් අය ඉන්නවා ජිවිතේ අන්තෙට වැටිලා ඉන්න මිනිස්සුන්ටඋනත් උඩට යන්න දෙන්නේ නැති ජීවතේ වැටෙන්න තැනක් නැති මිනිහෙක්ට උනත් සමහර වෙලාවටජිවිතේ රිද්දනවා එක මේ ලොකු ලොකු කාර් වල ගිහිං ඔෆිස් වල සාධාරණව වැඩ කරන ඔබටයිමටයි පාරේ වෙළඳාම් කරන ඒ ගැහැණු ළමයටයි කියල වෙනසක් නැහැ. කළකිරීල වැඩක් නැහැකරන්න තියෙන්නේ උපේක්ෂාවෙන් බලා සිටීම පමණයි මොකද හැම කෙනාම කවද හෝ ජිවිතේ විඳවන්නවෙන නිසා.මම ඔහොමම බස් එකේ ආව හිතන්න ගොඩක් දේවල් තිබ්බ දවල්ට කොහෙන්වත් නොකා ගෙදර ආව බඩගින්නට වඩාතිබුනේ කලකිරුණු හිතක් අනේ මට ඇති හැටියට මේ දුක් විඳින මින්ස්සුන්ට යමක් කරන්නඇත්නම්. මම කොච්චර නම් මට නොලැබුණ නැති උන දුක් වෙනවද එත් අද මම ඒ මිනිස්සු විඳිනදුක් විඳින්නේ නැහැ. අද මට එකම එක දෙයක් තේරුණා මම රජයට දේශපාලුවන්ට හෝ මගේ වටේඉන්න මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ මම විසින් මම ඉගෙන ගත්ත මගේ රටට, ජාතියට, ආගමට,සමාජයට කිසිම දෙයක් කරලා නැහැ සමහරවිට කරනත් බැරි වෙයි එත් මම මගෙන් වෙන්න ඕනිවගකීම් කොටස ඉෂ්ට කරන්න ඕනි එක වේලක් කන්න බැරි මනුස්සයෙක් වෙනුවෙන් එකම එක පාඩම්පොතක් ගන්න බැරි ළමයෙක් වෙනුවෙන් අලුත් ඇඳුමක් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන් මට ඇතිවිදිහට මම දෙනවා මම ජිවිතේ දුක් විඳින මිනිස්සු එක්ක ඒ දුක පොඩ්ඩක් බෙදා ගන්නවා.මට ලොවක් හෝ රටක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ එහෙත් මට මා වෙනස් කිරීමට අවශ්‍යයි.අනුන් වෙනුවෙනුත් යමක් කිරීමට ජිවිතේ කිසියම් මොහොතක් යම්කිසි වෙලාවක් වෙන් කරමි.
|
BLOG
|
2012.12.20
|
http://aadarayadukak-dush.blogspot.com/
|
ආදරණිය නංගි බබාලට
|
Dush
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}කෙල්ලෙක් ගැන ගොඩක්දේවල් තියෙනව මේ සමාජේ වෙනස් කෙල්ලොත් වෙනස් ඒ හැම කෙල්ලටම කියන්න කියල හිතුන එකමඑක දෙයක් ගැන මං මේ සයිබරයේ දැක්ක හැටි මගේ වචනෙන්.කෙල්ලෙක් උනාම මෙහෙමවෙන්න ඕනි අරෙහෙම වෙන්න ඕනි කියල හුඟක් අය කියනවනේ එත් ඔය අතරේ කට්ටියට කියන්න ඕනිඔව් හොඳට හැදිච්ච කෙල්ලෙක්ට ඕනි කෙනෙක් ගරු කරන්ව. හැබැයි මං මේ කියන්න යන්නේ ඒගැන නෙමේ එත් අද සමාජයේ මේ Facebookඑකේ දැක්ක අමුතුමකට්ටියක් ගැන. මේ ගොල්ලෝ ගොඩක් කරන්නේ අමුතු දෙයක් කට්ටියක් ඉස්සරහ බබා වෙන්න හදනඑක. මේකේ ඉන්න අයියලට බබා වෙන්න මේ නංගිලා හරියට දන්නවා. ගෘප් එකක නැත්තම් කොහේ හෝතැනක් මේ ගොල්ලෝ කරන්නේ අවධානය ගන්න අඬන එක මුළු පැය විසි හතරේම අවුරුද්දෙම අඬනවා.අනේ ඉතිං අපේ අයියලා ටික ගිහිං අර නංගි පැටියව නළවනවා අඬනවා ඉවරෙකුත් නැහැ නලවනවාඉවරෙකුත් නැහැ. කාලෙන් කාලෙට එක එක අයියල මේවගේ නංගිලව නළවනවා .එත් චුටි නංගියෝ තමන්ගේ දුක මාකට් කරලාලොකු ලොකු අයියලාගෙන් ආදරේ කියල හිතල ලංවෙලා ඕගොල්ලන්ට පෙන්නන සුරංගනා ලෝක වලට අහුවෙන්න එපා. තව එක්ක ලෝකෙට පෙන්න බබා වෙන්න හදන්නත් එපා. මොකද කෙල්ලෝ කියන ජාතිය එහෙමකාටවත් ලෝකෙට පෙන්න නලවන්න ඕනි ජාතියක් නෙමේ එහෙම නැලවෙන්න තොදොල් වෙන්න ඕනිකට්ටියකුත් නෙමේ එහෙම ලෝකෙට පෙන්න ඒ දේවල් කලොත් නංගියෝ ඔයගොල්ලන්ට ඒ කොල්ලොම හොඳනමක් දෙයි මට මෙතන කියන්න බැරි. අඩන්න එක්කෙනෙක්ට පෙන්න. හුරතල් වෙන්න එක්කෙනක් ළඟ,මොකද එහෙම නොවුනොත් වෙන්නේ ඔක්කොම අයට හුරතල් කරන්න හිතෙන එක. නැහැ මම කියන්නේනැහැ හැම කෙල්ලම එක වගේ කියල හැම අයියමත් එක වගේ නෑ එත් නංගියෝ අපේ ජිවිතේඑක්කෙනෙක්ට විතරක් අපේ දුර්වලකම අපි ගැන අපේ එකම පැත්තක් පෙන්නුවම ඇති හේතුව අපිවඅමාරුවේ දාන්න ගොඩක් අය බලන් ඉන්නවා ඒ නිසා ඒ ගොල්ලන්ට ගොදුරක් වෙන්න එපා. ජිවත් වෙන්න අනික් අයට එපා නොවෙන විදිහට. මොකදකෙල්ලෝ කියන්නේ ගොඩක් හයිය කට්ටියක්. අන්නඒ කෙලි ජාතියේ දුක මාකට් නොකර තමන්ව මාකට් නොකර තමන් මාකට් නොවී එහෙම උනාට පස්සේ කාටවත්බැනල වැඩක් නැහැ. ඕගොල්ලෝ කියයි අක්ක දුක කියල අඬන්නෙ නැද්ද කියල අඬනවා මම කියන්නේනැහැ මම දුක ගැන පොස්ට් දාන්නේ නැහැ කියල එත් නංගියෝ මං දුක ගැන පොස්ට් දැම්මම ඔයාහොඳින්ද කියල මට පණිවිඩ එවන අයියලට මම උත්තර දෙන්නේ නැහැ දීල අඬන්නෙ නැහැ මගේ දුකමගේ කඳුළු මගේ පොස්ට් මගේ හැමදේම එත් මම ඒ දේ තුලින් විකිණිලා නැහැ. මම ලෝකයක්ඉස්සරහ බොරු බබෙක් වෙන්නේ නැහැ එහෙම වෙලා මගේ දේවල් හදාගෙනත් නැහැ. ආදරයෙන් කියන්නේබබාලා ජිවිතේ නැති කරගන්න එපා හිනා වෙලා ඉන්න දුකයි නම් හැමෝටම දුක්කගන්න රාලකෙනෙක් වෙන්න දෙන්න එපා.
|
BLOG
|
2012.12.10
|
http://aadarayadukak-dush.blogspot.com/
|
මේ එකම එක ඇත්තම කතාවක්- අවසානය
|
Dush
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}හතරවෙනිකෝල් එක මම ආන්සර් කරා එහා පැත්තෙන් ඇහෙන්නේ රොහාන්ගේ කටහඬ ඇත්තටම මම හිතුවේ නැහැරොහාන් මට ආයේ කවදාවත් කතාකරයි කියලා. රොහාන් වෙනද වගේම මට දුෂි කියල කතාකරා එයාමගෙන් ඇහුවේ ඇයි මෙහෙම එයාටත් නොකිය ඔෆිස් එකෙනුත් අයින් වෙලා නම්බර් එකත් මාරුකරලා ගියේ කියල. එයාව එච්චරටම අමතක කරාද කියල ඇහුව මට කියන්න දෙයක් තිබ්බේ නැහැඅඬනවා ඇරෙන්න. ඇත්ත මොන දේ කියල කොහම කෑගැහුවත් මං මගේ හිතට දැනෙන දේවල් ගැන ගොඩක්සංවේදී වැඩි. ඒ වෙලාවට මට හේතුවක් නැතිවම උනත් කඳුළු එනවා. ඔහොම රොහාන් ගොඩක් වෙලාකතා කළා එයා ඕස්ට්‍රේලියා වලින් නිව් සිලන්ඩ් ගියා කිව්වා. එතකොට මං ඇහුව කෝ ඔයත්එක්ක හිටිය ගෑනු ළමය කියල. එතකොට එයා කිව්වේ දුෂි මට නොතේරුනාට මගේ ලෝකේ හිටියේඑකම එක ගෑණු ළමයෙක් විතරයි එයාව හොයාගෙන තමා මම අද කතා කරේ කියල. එයා මට ගොඩක්දේවල් කිව්වා. රොහාන් මගේ පරණ ඔෆිස් එකට කථාකරල තමයි මගේ අලුත් නම්බර් හොයාගෙනතියෙන්නේ ඔහොම පැයක් විතර කතා කරා එයා කිව්වේ ගෙදර ගිහින් කියන්න එයාට මට කියන්නදෙයක් තියෙනවා කියල. මං හිතන්නේ එයා කියන්න යන එක ඒ වෙද්දී මට තේරිලා තිබ්බේ. එත්දෙයියනේ රොහාන් ඔයා පරක්කුයි හොඳටම ඊටත් වඩා මට කවමදාකවත් රොහාන්ට ආදරේ කරන්න බැහැමගේ ඔලුව පිස්සුවෙන් වගේ රිදෙන්න ගත්ත. මම එදා හිතුවක්කාරය මුණගැහිලා මට එයාට මේකකියන්න කලින් රොහාන් මට මොනවද කියන්නේ කියල අහල ඉන්න ඕනි. එදා මම කිව්වා මට රොහාන්කතා කළා කියල. රොහාන්ගේ කිසිම ආරංචියක් නැතිව මම දුකෙන් හිටිය තමයි එත් රොහාන්වෙනුවෙන් මම බලං හිටියේ නැහැ එදා ගෙදර ගියාම රොහාන් මාත් එක්ක කතා කළා එයා කිව්වේඑහෙ වෙලාව දැන් පාන්දර එත් අදම එයාට මේක කියන්න ඕනි නැත්තම් නින්ද යන එකක් නැහැකියල. මං එයාගෙම වචන වලින් කියන්නම්දුෂි මමමාස තුනක් හිතුව ගොඩක් හිතුව ඔයා ඔහොම ඔහෙට වෙලා දුක් විඳින්න ඕනි කෙල්ලෙක් නෙමේ ඔයාදුක් විඳිනවා මට බලං ඉන්න බැහැ එකයි ඇත්ත. මගේ ජිවිතේ හිටිය අය මාව දාල ගියා සමහරවිට ඒ වෙලේ මට ඒ ඇයි කියන එක තේරුම් ගන්නබැරි වෙන්න ඇති එත් දුෂි මට දැන් තේරෙනවා මට ඔයයි ඕනි. මගේ ජිවිතේ අඩු උනේ ඒ ඔයාදුෂ්. මං ඔයාට කතා නොකර ඔයා ගැන හොයන්නේ නැතිව ඉන්න බැලුවා එත් දුෂ් මට එහෙම කරන්නබැහැ ඔයත් එක්කයි ඉන්න ඕනි. මේ හැමදේම හීනය වගේ ඇහුන රොහාන්ට ඉක්මනටම මාව කසාදබඳින්න ඕනි කිව්වා එයා කිව්වේ දුෂි මං මාස තුනක් හිතල මන් ඔයාට අද කතාකරා ඔයාහදිස්සි තීරණ ගන්න එපා ඔයත් හිතන්න ඔයත් කල්පනා කරන්න කියල මං මොනවා කල්පනා කරන්නදරොහාන් ඔයාට කවදාවත් මාව ඕනි උනේ නැහැ. රොහාන් ගාව මං ඉන්නකොට දැනුනේ නැහැ. එහෙනම්ඇයි මේ මං ගැන දුකයි නම් ඒක අනුකම්පාව ඒ ආදරය නෙමේ. රොහාන් මේ මොනවද කියවන්නේ. එත්මං ඒක දෙයක් දැනගෙන හිටිය රොහාන්ව මම තොර ගත්තොත් එයා මාව මලක් වගේ බලාගනී කියල ඒරොහාන්ගේ හැටි මගේ ඇහැට කඳුලක්වත් එන්න නොදී රොහාන් මගේ ගාව ඉඳි. එත් මටහිතුවක්කාරය රවට්ටන්න බැහැ මං එහෙම කරන්නෙත් නැහැ. රොහාන් මට මුළු ලෝකෙම ගෙනත්දෙන්නම් කිව්වත් මට එයාගේ සල්ලි වැඩක් නැහැ. මොකද සල්ලි වලට ආදරේ කරානම් මං මෙහෙමවෙන්නෙත් නැහැ. රොහාන් ගැන තිබ්බේ එයාගේ සල්ලිවලින් හැමදේම කරන්න හදන කෙනෙක් ගැනතියෙන එපා වීම. මට කවදාවත් රොහාන්ව දැක්කමඒ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. රෝහානට මගේ හිතේ ඊට වඩා වෙනස් හැඟීමක්තියෙන්නේ එකයි ඇත්ත. එත් අනේ මන්ද රොහාන් ගෙදරටත් කියල තිබ්බා. අපේ අම්මල ඔනිවටත්වඩා උඩින් රොහාන්ට කැමති. එත් මම කැමති උනේ නැහැ රොහාන් කවදම හරි මාව දාල යයි කියනහැඟීම මට තිබ්බ එයාට උවමනා උනා නම් ඇයි එයා ඒ දවස් වල මට ඔය ගැන කිව්වේ නැත්තේ.ඇයි අවුරුදු දෙකකට පස්සේ එයාට මාව ඕනි උනේ.. අදටත් ඒ ප්‍රශ්න වලට මට උත්තර නැහැ.Yesh dush never have adoubt on that මමහිතුවක්කාරය අත්හැරියේ නැහැ. එත් හිතුවක්කාරය කිව්වේ රොහාන් ගාවට යන්න කියල මොකදඑයාට දෙන්න බැරි හැමදේම රොහාන් ගාව තියෙනවා කියල මට සැප විඳින්න පුළුවන් කියල.රොහාන් මාව බලාගනී කියල. ගෙවල් එක්ක රණ්ඩු කරල අන්තිමට රොහාන් එයාගේ තීරණේ වෙනස් කර ගත්ත. එත් රොහාන් එයාගේ පොරොන්දුව තිබ්බේ නැහැ. මට රොහාන් නැති උනා. රොහාන් මන් එක්ක ආයේ කථානොකරන්න තරහ උනා රොහාන ආයේ කවදාවත්ම ලංකාවට එන්නේ නැහැ කිව්වා ඒ විතරක් නෙමේරොහාන් මට වෙනදට වඩා නපුරු විදිහට සැලකුව රොහාන් ගොඩක් වෙනස් උනා එයාට කෝල් කරන්නඑපා කිව්වා මේල් යවන්නත් එපා කිව්වා. මං ගොඩක් අසරණ වෙලා ගෙදරින් එලියට එන්න උණුවෙලේ මගේ අසරණකම ගැන හිතන්නේ නැතිවම රොහාන් මට දුක හිතෙන විදිහට කතා කළා එත් මගේහිතේ රොහාන්ට තිබ්බ ඒ හැඟීම නැති උනේ නැහැ දුකක් විතරක් ඉතිරි වෙලා මගේ හොඳමයාළුවා මට නැති උනා. රොහාන්ට මාව පෙන්න බැරි තරමට රොහාන් මට බැන්න. අපි අපේ ජිවිතවල අපි තෝරගත්ත පාරවල් වල ගියා. ඊටත් මාස දෙකකට විතර පස්සේ රොහාන් මට මේල් එකක්එවල තිබ්බා එයා මං එක්ක තරහක් නැහැ එත් අපි අපිව දන්නේ නැහැ. එයාගේ ජීවිතේට කෙනෙක්එයා හොයා ගත්ත කියල එයා දෙසැම්බර් වල කසාද බඳිනවා කියල එදා මං ගෙදර ගිහින් ගොඩක්ඇඩුව දුකට රොහාන් ගැන දුකත් හිතුන එත් රොහාන්පරක්කුයි රොහාන් ඉස්සරම ඒක පාරක්වත් හිතුව නම්. මට හිතුවක්කාරය කියන්නේ අදටත් ඔයාටඑයා ගාවට යන්න තිබ්බ කියල ඔව් යන්න තිබ්බ එත් එහෙනම් මං මගේ මුළු ජිවිත කාලෙමවිඳවනවා ඒ ආදරය කරපු කෙනාව රැවට්ටුවා කියල ඒ දේ කරන්න තරම මං ජරා කෙල්ලෙක් නෙමේ.ඇත්ත අදටත් හිතෙනවා රොහාන් ගැන මගේ යාළුවා ගැන අපි පාරවල් වල පිස්සු කර කර බස් එකේවිකාර නට නට ගිය හැටි එත් සමහර වෙලාවට යාළුවො දෙන්නෙක්ට ආදරේ කරන්න බැහැ එකයි ඇත්ත.අදටත් මට රොහාන් නැතිව පාළුයි දුකයි. එත් මේ අපේ ජිවිත වල හැටි. ඒ නිසාමේ හැමෝටම කියන්නේ කාට හරි ආදරේ කරනවා නම් ඒ ආදරේ දැන්ම කියන්න නැත්තම් ඒ ආදරේඅපිට අහිමි වෙන හැටි රොහාන් වගේ බලාගෙන ඉන්න.
|
BLOG
|
2012.12.04
|
http://aadarayadukak-dush.blogspot.com/
|
මේ එකම එක ඇත්තම කතාවක්- වෙන්වීම
|
Dush
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}ඊට පස්සේරොහාන් ගොඩක් වෙනස් උනා එයා හැදුවේ පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් යන්න එයාට ඒ තරම්දුකක් එක්ක ඒ මතකයෙන් අයින් වෙන්න එයා ඉකමනට එක්සැම් ටික ඉවර කරල ලංකාවෙන් යන්නලෑස්ති උනා. මං කිව්වෙම එයාට තව සතියක් දෙකක්වත් ලංකාවේ ඉන්න කියල. එත් එයා ඉන්නේනැහැ කියල මං දැනගෙන හිටිය. එක ඉරිදා දවසක රොහාන් පංති ඇවිත් ඔක්කොටම කිව්වා මේඑයාගේ අන්තිම දවස කියල. එහෙම කියල එයා කලින්ම පංතියෙන් යන්න ගියා. ගිහින් මට කෝල්කළා කරලා පල්ලෙහාට පොඩ්ඩක් එන්න කිව්වා. මම ගියාම එයා පඩි පෙළ ගාව බලාගෙන ඉන්නවා.මං දන්නවා මේ අවසාන වෙලාව කියල එදායින් පස්සේ මට රොහාන් හම්බ වෙන්නේ නැහැ. එයා ඒසතියේ බදාදා ලංකාවෙන් යනවා ආයේ කවදාවත් එන්නේ නැහැ. මට කියන්න දෙයක් තිබ්බේ නැහැඇත්තටම මගේ උගුරේ මොනවා හරි හිර වෙලා වගේ මට වෙලාව අල්ලා තියාගන්න පුළුවන් නම්නැත්තම් මට රොහාන්ට යන්න එපා කියල තියා ගන්න පුළුවන් නම්, එත් රොහාන්ට මං ආදරේකරන්නේ නැහැ රොහාන් මං වෙනුවෙන් ඉන්න ඕනි කියනදේ මට එයාගෙන් ඉල්ලන්න බැහැ මම එයාගේයාළුවෙක් විතරයි ඊට එහායින් එයා මගේ ජිවිතේ මෙච්චර ඉඩක් අරං ඉන්නවා කියල මේ මොහොත වෙනකම් මං දැනගෙන හිටියේ නැහැ.මට දැනුනෙත් නැහැ රෝහානුයි මායි දෙන්නම කියන්න දෙයක් නැතිව බලාගෙන හිටිය රොහාන් බොහොමඅමාරුවෙන් වචන ටිකක් ගැට ගත්තා “Dushi Iam Going.” “Yes I Know Rohan” ඊට වඩා මුකුත් කියන්න මටපුළුවන් කමක් තිබ්බේ නැහැ රොහාන් පස්සේ හිමින් සැරේ මට කිව්වා දඟකරන්නේ නැතිව ඉන්නකියල එහෙම්ම මාව බදාගත්තා. රොහාන් ඔව් මාව පිච්චිලා ගියා මට හිතාගන්න බැහැ මං අඩනවදඉබේම කඳුළු වැටෙනවද කියල. ඒ උණුහුම මේ ආත්මයෙන්ම විඳින අන්තිම පාර මේ. ඇයි මේ දාලයන්න බැරි ගතියක් ඇයි මේ තරම් දුකක්. වෙන්න බැහැ මේ කතාව මෙහෙම ඉවර වෙන්න බැහැකියල හිතුන වාර අනන්තයි. එත් ඒ වෙලේ මං ආත්මාර්ථකාමී වෙන්න ඇති. රොහාන් මාව ගොඩක්වෙලා බදාගෙන ඔළුව අත ගෑවා. මටත් එයාටත් අපි දෙන්නගෙන් අයින් වෙලා යන්න බැහැ කියලහිතුන. එත් එයා හිමිහිට මාව එයාගෙන් ඈත් කළා. ඇත්ත අපි දෙන්නගේ පාරවල් වෙනස් අපියන්න ඕනි ඒ පාරවල් වල. මගේ පුංචි මුණේ කඳුළු ටික එයා පිහිදාන ගමන් මං යන්නම්කිව්වා මම රොහාන් යනකං බලාගෙන ඉඳල පංතියට ගියා බැහැ මට ඉගෙන ගන්න බැහැ මගේ එහාපැත්තේ විහිළු කර කර හිටිය රොහාන් නැති ඒ පුටුව මගේ අහංකාරකමට මට හයියෙන් හිනාවෙනවද කියල හිතුන. එත් අපිට එහෙම වෙන්න බැහැ. එයා ගියා මගේ ජිවිතේ හිටිය හොඳමයාළුවා මාව දාල ගියා. එයාට යන්න උනා. ඊට දවස් දෙකකට පස්සේ රොහාන්ට මම කතා කරලාවිශ් කළා ඒ වෙලෙත් මං හොඳටම ඇඩුව ඊට පස්සේ එයා එදා රෑ ප්ලේන් එකට නැග්ග කියල මටඅන්තිම මැසේජ් එක එවල තිබ්බ. මම සති දෙකක් බලං හිටය එයා පපරිස්සමෙන් ගියා කියල එත්එයා ඔන්ලයින් හිටියේ නැහැ.10:56AMRohan: nothing10:57AMme: okayRohan: okie i got to gohappy birthdaygood luck with everythingand don't worryyour too young to fall sick10:58AMjust takesome medicine and get well soonbyeme: Thank utc එදායින්පස්සේ රොහාන්ටයි මටයි රටවල් දෙක අතර වෙනස නිසා ගොඩක් කතාකරන්න බැරි උනා එයත් ඉඳලහිටල මං නැතිව පාළුයි කියලා කිව්වා එත් ඒ අතරම එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ආව කියලත්කිව්වා ඒ කෙනා මං වගේමයි කියලත් කිව්වා එත් එයා කිව්වේ ආයේ කෙනෙක් එයාගේ ජීවිතේටඑන්නේ නැහැ කියල. එත් එයා එයාගේ ජිවිතේඑයාගේ පාරේ ගියා මමත් මගේ පාරේ ගියා ඒ ගෑණු ළමය එක්ක මමත් හිතුවක්කාරයත් එක්ක Rohan: okwell i am sorry i had to take thegirl shopping4:13PMme: why are u saying sorry for that. මට රොහාන් අමතක වෙලාම ගියා. එයා ගැනහොයන්න, බලන්න වෙන කෙනෙක් ඉන්න නිසාත් එයාට කොහොමවත් මාව දකින්න ඕනි උනේ නැති නිසාමම එයා ගැන හොයන්න් ගියෙත් නැහැ. මට මගේ ජිවිතේ මගේ ආදරේ වෙනුවෙන් මම ජිවත් උනා.එත් මම හිතුව හරි රොහාන්ට මං නැතිව ඉන්න බැහැ කොහෙත්ම බැහැ. එයාට මාව අමතක කරනවාකියල කිව්වට එහෙම කරලා නැහැ. ආයෙමත්දවසක රොහාන් මගේ ජීවිතේට ආව ඒ මන් නොහිතපු විදිහකට මං හීනෙන්වත් නොහිතපු විදිහට.මන් අලුත් ඔෆිස් එකේ ඉන්න කොට එක දවසක් මට දන්නේ නැති IDD නම්බර් එකකින් මිස් කෝල්ස් තුනක් තිබ්බ.
|
BLOG
|
2012.12.03
|
http://aadarayadukak-dush.blogspot.com/
|
මේ එකම එක ඇත්තම කතාවක්- අපි
|
Dush
|
4pt 0in 5. එයා ඔන්ලයින් ඇවිත් ඇහුව ඇත්තටම ඔසරිය ඇන්දද කියල මමඔව් කියල කිව්වා. එදා ඉතින් කට්ටියත් විහිළු කර කර හිටිය අද නම් කෙල්ලගේ මුණලස්සනයි කියල. ඇත්තම කිව්වොත් මගේ හිතේත් කියන්න බැරි සතුටක් තිබ්බ ඒ අලුත් ආදරයහින්දද නැත්තම් මොකක්ද කියන්න මන් දැනගෙන හිටියේ නැහැ. එදා කොහොම හරි මම ඔෆිස් එකේකට්ටියත් එක්කම එලියට ඇවිත් MC එකට ගියා පොඩි වැඩ වගයකටඊට පස්සේ ටික වෙලාවකින් රොහාන් කෝල් කරලා මගෙන් කොහෙද ඉන්නේ කියල ඇහුව. මං කිව්වාMC එකේ ඉන්නේ කියල එයා කිව්වා හරි මං ඉක්මනට එන්නම් ඔයාව ගන්න ඔතන්ටම වෙලා ඉන්නකියල. මම හා කියල හිටිය එයා විනාඩි පහෙන් පහට කෝල් කරලා අහනව තනියෙන් නේද බයද ඔන්නඔහේ කොල්ලෙක් දිහා බලාගෙන ඉන්න බය වෙන්න එපා මන් ඉක්මනට එනවා කියල. එය ඊට පස්සේ MCඑක ඉස්සරහට අවම මම ගිහින් කාර් එකට නැග්ග රොහාන් ඔව් ගොඩක් ලස්සනයි එය හිටියේ සුදුඅත් දිග නිල පාට ඉරි ඉරි ගිය ෂර්ට් එකක් ඇඳලා. මෙච්චර කල් ඩෙනිම් කෑල්ලක් ඇඳලා ටිෂර්ට් එකක් ඇඳන් එන රොහාන් ඔෆිස් කිට් එකට මෙච්චර ගති කියල මම දැන ගත්තේ අද මටරොහාන් දිහා නොබලා ඉන්න බැරි උනා මම කිව්වා you look handsome in suit කියල එයා හිනා වෙලා මන් දිහා බලල You look pretty කියල කිව්වා අපි ඊට පස්සේ හිමින් සැරේ මැරීන් ඩ්‍රයිව් එකේ ආව රොහාන්ගේහිතේ මොනවා හරි තියෙනවා එයාට මට කියන්න බැරි කියල මට හිතුන මොකද එයාගේන් මං එයාගේ Girl Friend ගැන අහන හැම වෙලාවකම එයාගේ මුනේ ලොකු දුකක් තියෙනව හිනාව අතුරුදහන් වෙනවාඑහෙම වෙන්නේ ඇයි කියල අහන්න මට පුළුවන් කමක් තිබ්බේ නැහැ. එදත් එහෙමයි රොහාන් කථාවවෙන පැත්තකට හැරෙව්වා මම කිව්වා මට බඩගිනි කියල එයාටත් බඩගිනි වෙලා හිටියේ එත් අපිකන්න නවත්තන්නේ නැතිව රෑ වෙලා නිසා ගෙදර ආව හෙතුව රොහාන් දන්නවා පරක්කු උනාම අපේගෙදරින් මට බනිනවා කියල එයා ගොඩක් හයියෙන් කාර් එක එලෙව්වා එයා ගේ ගාව කාර් එක නවත්තල ඔන්න පරක්කු නොවී ආව කියල කිව්වා මමත්රොහාන් දිහා බලල හිනා වෙලා බැහැල යන්න හදද්දී රොහාන් කිව්වේ you should always wear saree කියල මන් එයාට ගුඩ් නයිට්කියල ගියා රොහාන් මන් බැහැල ගිහිං උඩ තට්ටුවට ගිහින් බායි කිව්වා ඊට පස්සේ පැයකටවිතර පස්සේ රොහාන් කෝල් කරලා විකාර කියව කියව හිටිය. රෝහානුයි මමයි හැමදාම ඔහොමවිකාර කියව කියව හිටිය පස්සේ රොහාන් කිව්වා එය කාර් එක විකුනනවා තව ටික දවසනෙ එයමෙහෙ ඉන්නේ කියල. පස්සේ සති දෙකකට පස්සේ පංති පටන් ගත්ත පංති තිබ්බේ ඉරිදා දවල්ඉඳල හවස් වෙනකන් මන් රොහාන්ට කිව්වේ නැහැ මමත් ඒ පංතියටම යනවා කියල එදා පංති පටන්ගත්තට පස්සේ මන් අනිතිම පේලියට ගිහින් වාඩි උනා රොහාන් ඒ වෙලේ පුදුම වෙලා වගේ බලන්හිටියා. එදා පංති ඉවර උනාම රොහාන් ගියා මං හිමින් එලියට එද්දී රොහාන් කෝල් කරලාඉකමනට එන්න කියල කිව්වා මං හිතුවේ නැහැ රොහාන් මන් එනකම් බලං හිටිය කියල. අන්තිමටරොහාන් හැමදාම මගේ ගාවින් ඇවිත් වාඩි උනා කොහොම කරත් රොහාන් ඉද්දි මට වෙලාව යනවාතේරෙන්නේ නැහැ අනික රොහාන් විහිලු කරනවයි මම වාඩි වෙලා ඉන්න පුටුව එහෙමෙහෙ කරනවයිපස්සේ දවසක ලෙක්චර් කිව්වා ඔය දෙන්න දඟලන්නේ නැතිව පාඩම අහ ගන්න කියල. හවසට බස්එකේ යද්දී රොහාන්ට පොඩ්ඩක් විතර කේන්ති යන්නේ මං බස් තෝරන හින්ද සනාග අඩු, පරණ නැතිබස් හොයා හොයා යන නිසා රොහාන් මුණ අබුල් කර ගන්නවා එත් කිසි දෙයක් කියන්නේ නැතිවමං නගින බස් එකේම නැගලා මගෙත් එක්ක වාඩි වෙලා විහිලු කර කර ගියා ඒ වෙලාවට එයාගේගෑණු ළමයව එයාට පොඩ්ඩක්වත් මතක නැහැ. දවසක් රෝහානුයි මායි ගාවට කෙල්ලෝ ටිකක් ඇවිත්හිට ගත්තමඅපි දෙන්න එයාට ගැලපෙන කෙල්ලේක් තෝරද්දී එය කිව්වේ ඔය වගේ කවුරුත් නැහැනේකියල. රොහාන් ගැන අපේ අම්මලත් දන්නවා ඒ ගොල්ලෝ එයා එක්ක පරක්කු උනත් මුකුත් කියන්නේනැහැ. ඒ දවස් වල රොහාන්ට මම මගේ හිතුවක්කාරය ගැන කියල තිබ්බ 2:34 PM Rohan: whats upwith the fancy quotes...me: not lucky to have himRohan: gr8me: yeahRohan: i am so happy for youme: thank uRohan: good i knew you will get over the pastරොහාන්හැම තිස්සෙම හිතුවේ මන් අතීතය අමතක කරලා ජිවිතේ අලුතෙන් පටන් ගන්නවා බලන්න. ඒ දවස්වල ඔහොම මාස දෙකක් විතර අපි දෙන්න පංති ගියා ඒ වගේම මම එයාගේ හැම ඉගෙන ගන්න වැඩකටමඋදව් කරා එයා වෙලාවකට චැට් එකෙන් පවා එයාට ඉගෙන ගන්න එව්වා ඇහුව. ඒ විතරක් නෙමේරෝහනුත් එහෙමයි මගේ ආර්ටිකල් වලට එහෙම එයා ගොඩක් උදව් කරා සමහර විට රොහාන් කිව්වේ මේඔයා වෙලාවකට මෙගේ වයිෆ් වගේනේ කතාව කියල මෙයාගේ ඔක්කොම වැඩ ටික කරලා දෙන්න වෙලාතියෙන්නේ මටනේ කියල. එත් රොහාන් මොනවා කිව්වත් එයා ඒ හැම දේම කලේ කැමැත්තෙන්. ඒවගේ දවසක් එයාගේ ටියුට් ටික මම ගෙනාවම එය අපේ ගෙදර එහෙම ඇවිත් අරගෙන යනවා. ඔහොමමාසයක් විතර ගියා රොහාන් එක දවසක් උදෙන්ම මට කතා කළා එත් මට ෆෝන් එක ගන්න බැරි උනාබස් එකේ නිසා. පස්සේ ඔෆිස් එකට ආවම එයා චැට් ගොඩක් දුකෙන් වගේ චැට් එකේ කතාකලා මන්එයාගෙන් ඇහුව ඇයි මේ කියල. එතකොට එයා කිව්වේ එයාගේ Girl Friend ව බලන්නගියාම එයා වෙන කොල්ලෙක් එක්ක බයික් එකේ නැගල ගියා කියල රොහාන්ව මග ඇරලා. මං කොච්චරදුක් උනාද කිව්වොත් මට මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා කොච්චර රොහාන්ගේ හිතහදන්න හැදුවත් එයාගේ දුක නැති කරන්න බැරි උනා. රොහාන් දවස් දෙකක් තුනක් කිසිම කෝල්එකක් ආන්සර් නොකර චැට් එකට එන්නේ නැතිව හිටිය රොහාන් වගේ කොල්ලෙක්ට එහෙම කරන්නතරම් කෙල්ලෙක් ඇත්තටම පිස්සු කෙල්ලෙක් වෙන්න ඕනි රොහාන් මාව බලාගන්න හැටි මන් ගැනහොයන හැටි යාලුවෙක් වෙලා මන් දන්නවා එහෙනම් එයා එයාගේ කෙල්ලට කොච්චර ආදරේ ඇතිද.
|
BLOG
|
2014.09.24
|
http://rathei.blogspot.com/
|
කැලණියෙන් පටන්ගෙන හක්ගලට (දෙවන කොටස)
|
රතීගේ දිනපොත
|
නවත්වපු තැනින් පටන් ගන්නවා චාරිකා සටහනේ දෙවෙනි එක. පලවෙනි එකට මෙතනින් යන්නත් පුලුවන්. පලවෙනි දවසේ අර නෑදෑ ගෙදරින් කෑම කාලා පිටත් වුනේ කෙලින්ම ගාල්ලට. ගාලු කොටු පවුර කියනුනේ ලංකාව යටත්කර ගැනීම සඳහා පැමිණි පෘතුගීසින් විසින් ඔවුන්ගේ සුබසිද්ධිය උදෙසා ඉදිකර පසුව ලන්දේසින් විසින් නවීකරණය කල අපේරටේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත උරුමයක්. ගාලු කොටුව අවුරුදු 400කට වඩා පරණයි කියල කියනවා. පස් බැමි වගේම මැටි භාවිතා කරලා මුලින්ම තැනූ බැම්ම කළු ගලින් ආවරණය කිරීම වගේම මෙහි ඇතුලත තියෙන ආරෝග්‍යශාලාව, පල්ලිය, ගණ්ඨාර කුළුණ වගේ දේවලුත් නිර්මාණය වෙන්නේ එක්දහස් හයසීය ගණන්වලයි. ඒ වගේම ගාලු කොටුවේ පිහිටලා තියෙන ප්‍රදීපාගාරය 1939 දී බ්‍රිතාන්‍යයන් විසින් නැවත අලුත් වැඩියා කිරීමෙන් පසුයි දැන් තියෙන උස වෙන මීටර් 26ක උසට ගොඩනංවලා තියෙන්නේ. මේ ඓතිහාසික ස්ථානය තුල මේ වනවිට නොයෙකුත් නව ඉදිකිරීම් සිදුකරමින් අලුත් මුහුණුවරක් දීලා තියෙනවා ගාලු කොටුවට. ගාලු නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ අපි යනවිටත් ඉපැරණි ලන්දේසි රෝහල තුල සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණයක් ලෙසට නවීකරණ කටයුතු සිදු කෙරෙමින් තිබුනා. මේ හැමදෙයකින්මත් පස්සේ මේ ස්ථානයේ පෞරාණික වටිනාකම දිගටම රැඳිලා තිබුණොත් හොඳයි. අපි ඉතින් කොටුවේ වැඩිය ඇවිදින්න ගියේ නෑ. මොකද පොඩි වැස්සක් කඩාහැලෙන පාටක් තිබුන නිසා ඉක්මනටම වාහනයට ගොඩ වෙලා මාතර පැත්තට එන්න ගත්තා මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බලන්න හිතාගෙන. ඒ යන අතරමගදී කොග්ගල පාර අයිනෙ ප්ලේන් එකක් නවත්තලා ලස්සන තැනක පිහිටලා තියෙන Catalina Grill Restaurant එක ගාව නැවැත්තුවේ තේ බොන්න. වෙලාව හවස තුන හමාරට විතර. එයාෆෝස් එකෙන් කරන රෙස්ටොරන්ට් එකක්. අපි යනකොටත් වාහන කිහිපයක් නවත්වලා තිබුනා. බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා වටපිටාව. අර පැත්තකින් නවත්වලා තියෙන air plane එකට කැමති කෙනෙක්ට නැගලා ඇතුලත ඇවිදලා බලනව නම් රුපියල් සීයක් අය කරනවා. Catalina Grill එකපිහිටලා තියෙන භූමියේ මැද හරියට වෙන්න තියෙනවා ලස්සන වතුර මලක්. විවිධ හැඩයට හදපු කිහිපයක් තියෙනවා. අපිට යන්න හදලා තියෙන foot path එකේ යන එක තමයි හරිම දේ අර තණකොල මල් පාත්ති දිගේ යන්නෙ නැතුව. සහ අර වතුර මලවල් ගාවට ගිහින් අතපය හෝදන්න වගේම පොඩි ලමයි වතුරත් එක්ක සෙල්ලම් කරන්නයි හදනවා නම් ඒක එහෙම කරන්න එපා කියලා එතන සේවක පිරිස නොකීවත් අපි දැනගන්න ඕන ඒ විදිහට කරලා ලස්සන තැනක් අවලස්සන නොකරන්න තරම් විනීත මිනිස්සු වෙන්න. ඉන් පස්සේ කෙලින්ම ආවේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බලන්න. පුංචි සන්ධියේ අපි විඳපු ගැමි මතක ආයෙත් සිහිනංවන තැනක් වගේම පොත් පත් වලින් අපි කියවපු ඉතිහාස චරිතයන්, එදා ඒ සමාජ ස්ථරය තුලදි කුමන ආකාරයක් ගත්තේද යන්නත් හැබෑවටම පසක් කරන ස්ථානයක් විදිහට මෙය හඳුන්වන්න පුලුවන්. අපේ රටේ අවසන් රජ පරම්පරාව භාවිත කලපු ඇඳුම් ආයිත්තම් වගේම පෘතුගීසින්, ලන්දේසීන් ඒ කාලයේ ඇඳපු ඇඳුම් ආභරණ එහෙමත් තාමත් ඒ ස්ථානයේ සුරැකිව තියෙනවා. අවාසනාවකට වගේ ඒ තැන් වල පින්තූර ගැනීම, වීඩියෝ කිරීම තහනම් වගේම ඇතුලත ආරක්ෂාවට කැමරා පද්ධතියකුත් ස්ථාපිත කරලා තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහතා තුල මේ ජන කෞතුකාගාරය ආරම්භ කිරීම පිලිබඳ අදහසක් ඇති වීම හේතුවෙන් ඔහුගේ පසු පරම්පරාව විසින් එතුමාගේ ඒ අදහස මුදුන් පත් කරමින් මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය ආරම්භ කොට තිබෙනවා. ඔබ එන්නේ ගාල්ලේ සිට නම් උණවටුන, තල්පේ, හබරාදුව පහු කරනවත් එක්කම අහු වෙන්නේ කොග්ගල නගරය. කොග්ගල එයාෆෝස් කෑම්ප් එක කිට්ටුවෙන් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. වැඩිහිටියන්ට ටිකට් එක රුපියල් තිහක් විතරයි. අපි යද්දි නම් වැස්ස වහිනවා. මේ ජන කෞතුකාගාරය තුල සිංහල ජන සංස්කෘතියේ උරුමය විදහා පාන කෞතුක භාණ්ඩ රාශියක් දක්නට ලැබෙනවා. පැරණි ගැමි ජීවන රටාවට අදාල කෞතුක වස්තූන් විදිහට ගොවි උපකරණ වල සිට ධීවරයින් භාවිතා කරල උපකරණ දක්වාම ඒ ඒ වෘත්තීන් සඳහා යොදාගත් උපකරණ මෙහි දැකිය හැකියි. මෙහි ඇතුලත ඡායාරූප ගැනීමට නම් අවසරයක් නෑ. කෞතුකාගාරයේ කොටස් කිහිපයක් තියෙනවා. එක් කොටසක ඉහත දැක්වූ උපකරණත්, තවත් කොටසක පැරැන්නන් විසින් භාවිතා කරන ලද පැරණි ඇඳුම් ආයිත්තම්ද, එවකට ප්‍රචලිතව පැවති රූකඩ කලාව සම්බන්ධ වූ ආකෘති කිහිපයක්ද, තවත් කොටසක පැරණි ගැමි සමාජය විසින් එදිනෙදා භාවිතයට ගන්නා ලද උපකරණද හා එලිමහන් රථ ගාලක් ලෙසින් සකස් කරන ලද ස්ථානයක ඉපැරණි කරත්ත හා ඔරු රාශියක් ද තැන්පත් කර තිබෙනවා. ඉපැරණි කරත්ත වර්ග හා ඔරු අවසානයෙන්ම පිහිටන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත් වූ නිවස. අක්කර අටකට ආසන්න භූමියක පිහිටා ඇති මෙම නිවසෙහි වැඩි ප්‍රමාණයක් තමයි ජන කෞතුකාගාරයක් ලෙසට යොදාගෙන තිබෙන්නේ. මෙතුමාණන් ඉපදිලා තියෙන්නේ 1890 දී කොග්ගල ඉඳන් කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටලා තියෙන මලලගම කියන ගමේ. මහාචාර්ය ජෝශප් නීඩ්හැම් විසින් මාර්ටින් වික්‍රමසිංහයන් හඳුන්වලා තියෙන්නේ “කොග්ගල මහා ප්‍රාඥයා” යන ගෞරවණීය සන්නාමයෙන්. ගුණසේන විතානගේ මහතාගේ කොග්ගල ප්‍රාඥයා කියන පොතේ මෙතුමාගේ උපන් ගමෙහි විස්තර කදිමට කියාදෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන් උපන්නේ කොග්ගල මලලගම පිහිටි “ඔෆිසර ගෙදර” නමිනු ගැමියන් විසින් හඳුන්වනු ලැබූ ඔහුගේ මුල් ගෙදර. මෙතුමාගේ පියා ගමේ හිටි ඔෆිසර මහත්මයෙක් නිසායි මේ නම ගෙදරට භාවිතා වෙලා තියෙන්නේ. ඔෆිසර මහත්මයාගේ පුත් රුවන ගම්මු විසින් හඳුන්වනු ලැබුවේ “ඔෆිසර අප්පු” යනුවෙන්. ඔෆිසර ගෙදර නමින් හඳුක්වනු ලැබූ මුල් ගෙදර 1962 දීඉංග්‍රීසි පාලනාධිකාරයෙන් නැවත භාර ගනිද්දී තිබූ අයුරු (ජායාරූපය අන්තර්ජාලයෙනි) වර්තමානයේ එම නිවස පවතින අයුරු 1942 දෙවැනි ලෝක යුද්ධය පැවැති වකවානුවේදී කොග්ගල ප්‍රදේශය වටකොට හමුදාකඳවුරක් ස්ථාපිත වීමෙන් මෙගම පැවති නිවාස සියල්ලම සුදු නිලධාරින් යටතට ගෙන කඩා බිඳ දැමුණු බව ඉතිහාසය සඳහන් කරනවා. නමුත් ඒ සියල්ලම විනාශ වූ පසුත් වික්‍රමසිංහයන් ජීවත් වු නිවස පමණක් අදටත් ජීවමානව ඇත්තේ එම නිවසේ තිබුණු පෞරාණික බව හේතුවෙන් එය සුදු නිලධාරීන්ගේ නිවාසයක් බවට පත් වීම කරණ කොටගෙනයි. මේ අවධියේදී මෙතුමන් තමන්ගේ නිවසට යාමට ගම් දොරට පැමිණි විට එය භාරව සිටි නිලධාරියා පවසා ඇත්තේ ලොකු මහත්තයාට කියලා අවසරයක් ගන්නෙ නැතුව ගමට යන්න දෙන්න බැහැ යනුවෙන්. වික්‍රමසිංහයන් එවිට“මගේ ගෙදරට යන්න මටත් පර්මිට් ඕනද“ යනුවෙන් පවසා නැවතත් අපසු පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් පැවති යුධසමය නිමාවෙන් පසු මෙම නිවස නැවතත් භාරගෙන වික්‍රමසිංහයන්ගේ 70 වන ජන්ම දිනයේදී නැවත එම අයිතිය එතුමාටම පැවරීමට හැකියාව ලැබි තිබෙන බව එම නිවස ඇතුලත පවතින පින්තූර සාක්ෂි දරනවා. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වසර දෙසීයකටත් වඩා පැරණි මේ නිවස හා ඉඩම ජාතික උරුමයන් වශයෙන් පවත්වාගෙන යාමට උරදී කටයුතු කිරීම සැබැවින්ම ප්‍රශංසනීය මෙහෙවරක්. මාර්ටින් වික්‍රමසිංහ මහතාණන් විසින් භාවිතයට ගැනුණු දැනට ඉතිරිව ඇති සියලුම බඩු භාහිරාදිය මෙම නිවසේ තැන්පත් කර තිබෙනවා. එතුමා විසින් භාවිතා කරන ලද පෑන්, පොත්පත්, ලියමින් සිටි කටු සටහන්, උත්තල කාච, ඔරලෝසුව ඇතුලු දෑ ආරක්ෂා සහිතව බලා කියා ගැනීමට මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය කටයුතු කර තිබෙනවා. “පරෙවි කූඩුවක් වැනි ඉහළ තට්ටුවකින්ද ගණන් පොත් හා රූල්ද පෑන් පැන්සල්ද තැබීම පිණිස තුනට බෙදන ලද කාමර තුනක්ද ඇති තට්ටුවකින්ද යුතු පෙට්ටියක් ඒ මේසය උඩ විය. මුහන්දිරම් පෙට්ටිය ඇර පියන උස්සා එහි මුදුනෙහි හෙවූ විගස, දල්වන ලද වැටි දෙකක් සහිත හිටවන පහනක් සාදාගේ දෑතින් මේසය උඩට පැමිණියේය.“ ගම්පෙරලිය දෙවන පරිච්ජේදයේ කොටසකි ඒ.එහි කියවෙන එම මේසයද මෙම නිවසේ තාමත් තිබෙන්නේ මෙතුමාණන්ගේ දුක සැප බෙදාගෙන අකුරු පෙලහරට සමු දීමෙන් පසු , දැන් විඩා හරින සුවච කීකරු ගෝලයෙක් මෙනි. මෙම මේසය තිබෙන ස්ථානයේ පසෙකින් තවමත් වහලය වෙත නැගි සොල්දරය පරිසරයේ වෙනස්වීම් දරාගෙන නිහඬව සිටින යෝධයෙක් මෙනි. නිවසේ වම් අත පැත්තේ ඇති නිදන කාමරය තුල මෙතුමා භාවිතා කල ඇඳ මෙන්ම ඇඳුම් පැලඳුම් පාවහන් තොප්පි හා ටයි පටිද පැරණි කබඩ් එකක් තුල විඩා හරිමින් සිටී. කාමරය මැද කුඩා ටීපෝවක් මත ඇති පෙරලන ලද පොත හා කණ්ණාඩි යුවල මතුපිට ඇති සිහින් දුහුවිල්ල කියා පාන්නේ දින කිහිපයකට පෙර පෙරලන ලද පොත වසන්නට අමතකව වික්‍රමසිංහයන් හදිසි ගමනක් ගොස් ඇති බවක් ය. නිවසේ පසුපසට වන්නට මෙතුමන් විසින් රචනා කරන ලද සියලු පොත් වල පැරණිම වෙලුම් නැරඹිය හැකිය. එමෙන්ම හදිසියේ ලියන ලද කටු සටහන්, ලිපි ආදියද ඔබගේ නෙතු ගැටෙනු ඇති. ඊට අමතරව දිවියේ බොහෝ අවස්ථා නියෝජනය කරන ජායාරූප පෙලකි. සම්මාන පෙලකි. නිවස පසුකොට මඳක් ඉදිරියට වෙන්නට සෙක්කුව නමින් පැරැන්නන් විසින් හඳුන්වනු ලැබූ තෙල් හිඳින උපකරණය වෙයි. ඒ ගැන සටහනක් අවශය නොවන්නේ සෙක්කුවේ භාවිතය පිළිබඳව පුවරුවක් ඒ සමගම වන නිසයි. සෙක්කුව දැක්ක ගමන් මගේ මතකයට ආවේ “කරුවල ගෙදර“ නමින් මාර්ටින් වික්‍රමසිංහයන් විසින්ම රචිත නවකතාවේ එන තිනන් සෙක්කුව පිහිට කොටගෙනතමන්ගේ දියුණුවටඅඩිතාලම දමාගත් අයුරුයි.මාර්ටින් වික්‍රමසිංහ සමාධිය නිවසින් පිටවත්ම වම් අත පැත්තේ ඇති මාර්ටින් වික්‍රමසිංහ සමාධියේ මෙතුමන්ගේ භෂ්මාවශේෂ මෙන්ම රචනා කරන ලද පොත්වල නම් සටහන් තඹ ඉරුවක්ද තැන්පත් කර ඇති බැව් දැන ගතිමි. මෙතනදි හරියටම හිතට දැනේනේ මෙතුමන් ජීවමානව මෙහි සිටිනා බවක්. වික්‍රමසිංහයන්ගේ පොතපත ආසාවෙන් කියවූ කෙනෙකු ට, එතුමන් විසින් තම නිර්මාණ ඔස්සේ විහිදුවාලූ ගැමි සුවඳ වින්දනය කලකෙනෙකු ටඒ තරම් සංවේදී ස්ථානයක් මෙය. ආපසු හැරීනැවත වරක් නිවෙස වෙත බැලූ විට කොපමණ සුන්දර ගැමි ඉතිහාසයක්, ගැමි සිරියාවක් , වික්‍රමසිංහයන්ගේ දිවියේ දුක්බර හා රසබර අවස්ථාවන් කොපමණ ප්‍රමාණයක් මේ නිවස විසින් නිහඬව හිරකරගෙන ඇත්ද. ඉස්සර කොපමණ නම් ගැමියන් ප්‍රමාණයක් තම සරම ඇඳ උඩු කය නිරුවත්ව මේ නිවසට විවිධ කරුණු උදෙසා උදව් බලාපොරොත්තුවෙන් පැමිණෙන්නට ඇත්ද. නිවසේඑලිමහන් සාලය මත හිඳමාර්ටින් වික්‍රමසිංහයන් ඔවුන් සමඟ කොපමණ නම් සංවාද ගොඩනගන්නට ඇත්ද. වික්‍රමසිංහයන් මේ නිවස තුල හිඳිමින් කොපමණ නම් නිර්මාණ වෙනුවෙන් තම පෑන පැන්සල මෙහෙයවන්නට ඇත්ද. ඇත්තටම කොච්චර නම් සොඳුරු වටපිටාවක් ඒ අවධියේ මේ එලිමහනේ තිබෙන්නට ඇත්ද. ඒ අවධියේ හිටි කොලුවන්ගේ ක්‍රීඩා වලින් මේ මිදුල, පරිසරය, ගම්මානය, කොග්ගල කොච්චර නම් පිරෙන්නට ඇතිද. ඒ අවධියට ආයෙත් යන්නට ඇත්නම් එකම එක පුංචි නිමේෂයකට හරි..... එතනින් එන්නට කලින් එහෙම හිතුනේ, මා පෞද්ගලිකවම බෙහෙවින් අගය කරන විශිෂ්ට ගණයේ ලේඛකයෙකු වන මාර්ටින් වික්‍රමසිංහයන් ගේ නිර්මාණ විසින්ම මසිතේ මවන ලද පැරණි ගැමි සමාජය සම්බන්ධ කරගත් හැඟීම් සමූහයක් මේ මොහොතේ මසිතේ ඇතිවුන නිසා වෙන්න ඇති...ප.ලි -මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය හා විසින් කියා සිටින පරිදි මෙතුමන් ජීවත්ව සිටින කාලයේ කිසියම් පාඨකයෙකු එවූ ලිපියකට එතුමා විසින් ලියන ලද පිලිතුරු ලිපි හෝ අනාගත පරම්පරාවට දැක ගැනීම පිණිස වටිනා වූ සටහන් හෝ සිහිවටන කිසිවක් ඇත්නම්, එය අනාගතය වෙනුවෙන් රැක ගැනීම උදෙසා මෙම කෞතුකාගාරය වෙත භාරදෙන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටී.
|
BLOG
|
2014.09.17
|
http://rathei.blogspot.com/
|
කැලණියෙන් පටන්ගෙන හක්ගලට (පළමු කොටස)
|
රතීගේ දිනපොත
|
සටහන කියවන්න කලින් බලන්න දෙයක් තියෙනවා. පරිසරය සුරකින එකේ වටිනාකම ගැන හදවතට දැනෙන්න කියන වීඩියෝවක්. ඒකත් බලලම ඉන්න මෙතනින්. වීඩියෝවේ හැටියට මේ වගේ ට්‍රිප් යන අයට නම් කියන්න තියෙන්නේ ඒ යන තැන කොතන වුනත් එතන තියෙන සුන්දර පරිසරයටත්, ඒ පරිසරය රැක ගත්තු හැමෝමත් වෙනුවෙන් ඒ ගෞරවය තියලා, තමන් ගන්න ආතල් එකක් අරගෙන මතක විතරක් ආපහු අරන් වරෙල්ලා කියන එක. අපි හුගක් වෙලාවට ලංකාව ඇතුලෙ ට්‍රිප් එකක් යන්න හිතුවට යන්න වෙන්නෙ නැත්තේ ඇත්තම හේතුවලටත් වඩා අපි හිතෙන් හදාගත්තු හේතු ගොඩක් හින්දා. ගෙදර දොරේ ප්‍රශ්න, අම්මලා,තාත්තලා ඉන්නේ අපි ගාව නම් ඒ අය දාලා යන්නත් බැරි එක්ක යන්නත් බැරි හේතුත් ඔය අතරට එනවා. ඊටත් වඩා වෙලාව නැති එක පලවෙනි තැනට එනවා. ඊටත් කලින් තවත් ඉස්සරහටම එන ගැටලුවක් තමයි වැඩිපුර සල්ලි ටිකක් අතේ තියෙන්නත් ඕන දවස් දෙක තුනක් දක්වා දිග වෙන ට්‍රිප් එකකට කියන එක. හරියට සංවිධානය කරගෙන වගේම බලන්න ඕන තැන් එපා තැන් කලින්ම තීරණය කරගෙන යනව නම් නියම අත්දැකීමක් ට්‍රිප් එකකින් ගන්න පුලුවන් වෙන්නේ හිතේ බරක් නැතුව වගකීම් වලින් ටිකක් හරි අයින් වෙලා නිදහසේ යන චාරිකාවකින්. මේ පාර නිවාඩුවට ගෙදර ගියේ නම් මේ ට්‍රිප් එක යන්න සෙට් කරගෙනමයි. මම ඇතුලු අපේ පවුලේ උදවියගෙන්මයි අපේ නඩයේ දොලොස්දෙනා එකතු වුනේ. දවස් තුනක්. දකුණේ ගොඩක් තැන් කවර් කරන්න හිතාගෙනමයි පිටත් වුනේ. උදේ හතර වෙද්දි යමුයි කියලාඉස්සරින් දවසේ රෑඒකමතික තීරණයකට ඇවිත් හිටියත් එක එක හේතු හින්දා හය වෙනිදා උදේ අපි ගෙදරින් ගමන පිටත් වෙද්දි උදේ 5.00 ත් පහුවෙලා. දවස් තුනක ට්‍රිප් එකක් හින්දා ඊට කලින් දා රෑ ලොකු වතුර කෑන් දෙකකට වතුර පුරවලා, පොඩි ලීටර් එක හමාරේ වතුර බෝතල් අටක් දහයකටක් විතරත් වතුර පුරවලා වෑන් එකට දාලා තිබ්බා. දර එකතු කරලා මිටියකට බැඳලා වෑන් එකේ උඩ hood rack එකේ දැම්මා. වලං හට්ටි මුට්ටි හාල් පොල් වගේ උයන පිහන අඩුම කුඩුම ටිකත් දැම්මේ ඒ හුඩ් රැක් එකේමයි. ඒ බඩු ටික පොඩි tent එකක් දාලා කවර් කරලා දැම්මා නොතෙමෙන විදිහට. මේ හුඩ් රැක් එකට බඩු දාගෙන ගියපු එක ලේසි වුනා වගේම එක තැනක් අහුවුනා මේක බාගෙන ආපහු වෑන් එක ඇතුලේ දාගෙන යන්න වෙන. ඉතින් ඊට අමතරව ඔය පොඩි පොඩි දේවල්, ඒ කියන්නේ අග්ගලා, වැලි තලප වගේ කන බොන ඒවාසීට් අස්සෙන් දා ගත්තා. ඒ දේවල් අත ලගින්ම තියාගන්න එපැයි කියන එක මගේම අයිඩියා එකක්. වෑන් එකට ගානට සෙට් වුනා දොලොස් දෙනා. සීට් තිබ්බෙත් දොලහයි.මේ තියෙන්නේ අපි ගිය වාහනේ. මස්සිනාගෙ වෑන් පොඩ්ඩ. ඔය නිල් කොටු කොටු එකක් ඇඳගෙන ඉන්නේ පොර තමා... ඇත්තටම කීවොත් මම ගෙදරත් එක්ක එකතු වෙලා ට්‍රිප් එකක් ගියේ පුංචි සන්ධියෙ ගියාට පස්සෙ. ඔය දැන් අලුත් trend එකක් තියෙනවනෙ "Spend the Day" කියල දවස ගෙවා ගන්න නාලා කාලා සින්දුවක් කියලා ආතල් එකක් ගන්න යන තැන්. මේක නම් අන්න ඒ වගේ එකක් නෙවෙයි. බොහොම ප්ලෑන් කරලා ගියපු එකක්. හැබැයි ඉතින් ප්ලෑන් කරපු එකේ රඟේ මතක් වෙන්නේ පලවෙනි දවසෙ රෑ end point එකට ගිහින් නිදාගන්න බලපුවාමයි. ඇයි හත් ඉලව්වේ පැදුරක්වත්, කලාලයක්වත් දාගෙන ගිහින් නෑ නෙව. අපිට නම් ඕනෙ එකක්. ඒ වුනාට ගෑනු උදවියට කොහොමද බිම නිදාගන්න කියන්නෙ කියලා කල්පනා කර කර ඉන්න අතරෙ අපේ මාමණ්ඩියා කීව නෙව “දැන් ඉතින් උඩ බිම බල බල ඉන්නෙ නැතුව ටවුන් එකට ගිහින් කලාල දෙකතුනක් වත් අරන් එමු“ කියලා. මාමණ්ඩියගෙ කටේ මසුරන් දාන්ඩ හිතුනා ඒක ඇහුවට පස්සේ. ඇයි ඉතින් ඒකෙනුත් තට්ටු වෙන්නේ මගෙ තුට්ටු දෙකටනෙ. අන්න ඒ වගේ පොඩි පොඩි මංකොල්ලකෑම් පවුලක් ඇතුලෙදි වුනත් වෙන්න ඕන තරම් ඉඩ තියෙන හින්දාඔය වගේ දිග ගමන් යද්දි සල්ලි ටිකක් අතේ තියාගෙන යන්නම ඕන කියන එක මතක තියාගන්න අතරේ මීට පස්සේ නම් ගමන යන්න කලින් ලිස්ට් එකක් හදාගෙන බඩු ටික පැක් කරගන්න ඕන කියන එකත් තරයේම මංතුමා විසින් හිතට ගත්තා. අපරාදේ කියන්න බෑ මගෙ මස්සිනා පොඩ්ඩත් නියම චරිතෙ. මං වගේමයි ඌත් ගහන බුල්. අමතක බැරිවෙන ඒවා එහෙම මට වගේමයි පොරටත්. දෙන්නම සේම්... කොහොම හරි අපි පිටත් වුනේ හය වෙනිද සෙනසුරාදා උදේ පහට විතර කියමුකෝ. පොඩි වැස්සකුත් එක්ක. අපේ මස්සිනාගෙ තාත්තා ඔය නැකැත් ශාස්ත්‍රය එහෙම අනං මනං පොඩ්ඩක් දන්න මිනිහා. හොඳ පොල් ගෙඩියක් ලෙලි ගහලා අතේ තියාගෙන හිටියා පාන්දර නැගිට්ට වෙලේ ඉඳලා. මටත් හෙන කුතුහලේ දැන් මේ මොකටද මේ මනුස්සයා පොල් ගෙඩියක් උදේ ඉඳන් අතේ තියන් ඉන්නේ කියලා. ඇයි හත්ඉලව්වේ මෙච්චර මේ සුබ ගමනක් යන්න තියෙද්දි මහ පාන්දර පොල් ගානව කියල යැයි. අනික උයන ඒවත් උයන්නේ ගෑනු උදවිය නෙව. මේ මනුස්සයා කුස්සිය පැත්ත පලාතෙ යන පොරක්වත් නෙවෙයි කෑම කන වෙලාවට ඇරෙන්න. දැන් ඔන්න අපි ගමන පිටත් වෙන්න කියලා වාහනෙට නැග්ග කියමුකෝ. වාහනෙ ස්ටාට් කරාට පස්සේ මං බැලුවා කෝ මේ මස්සිනාගෙ තාත්තා පොඩ්ඩ කියලා. බැලින්නම් මස්සිනාගෙ තාත්තා වාහනේ ඉස්සරහට ගිහින් මොනවද මතුරලා වාහනේ පැත්ත බලාගෙන අතේ තියන් හිටපු පොල් ගෙඩිය වාහනේ ඉස්සරහ ගල් ගෙඩියක ගැහුවෙ නැද්ද එකපාරම ඩොග් ගාලා. හැබැයි වැඩේ කියන්නේ පොල් ගෙඩිය එකපාරින් බිඳුනෙ නෑ. දෙවෙනි පාරට ගහපුවාම තමයි බිඳුනෙ. ඒ පොල් ගෙඩිය ගැහුවෙත් ගඩොල් කැටයක උඩටනෙ. වාහනෙට නැග්ගට දැන් මස්සිනාගෙ තාත්තට මාර අප්සෙට් එක. ඇයි මේ මනුස්සයා ඉතින් ඔය සුබ අසුබ ගැන එහෙම සෑහෙන්න විශ්වාස කරනවනේ. ඉතින් හෙන කල්පනාව එක පාරින් අර පොල් ගෙඩිය බිඳුනෙ නැති එකට. මට නම් ඉතින් ඔය දේවල් ගැන විශ්වාසයක් නැති වුනත් දැන් මෙයාගෙ මූඩ් එක ෆික්ස් කරන්න එපැයි. මම කීවා “ඕක මොකක්ද අප්පච්චි, එකපාරින් පොල් ගෙඩිය දෙබෑ උනේ නැත්තේ අර ගඩොල් කැටයක් උඩ ගහපු හින්දනෙ. නැතුව වෙන අවුලක් හින්දා නෙමෙයි “ කියලා. එහෙම අනම් මනම් කියලා සෑහෙන වෙලාවකට පස්සේ තමයි මූඩ් ෆික්ස් වුනේ. ගමන ගැන කියනව නම් කුරුණෑගලින් පිටත්වෙලා කෙලින්ම ආවේ කැළණිය රජමහා විහාරයට. මේ තියෙන්නේ එහෙදි ගත්ත පින්තූර ටිකක්. කැලණියෙදිම උදේ කෑම කාලා නවය හමාර විතර වෙද්දි පිටත් වුනා. ඊටපස්සේ කෙලින්ම හයිවේ එකේ අම්බලන්ගොඩට. හයි වේ එකට වාහනේ දාන්න කලින් අර හුඩ් රැක් එකට ඉස්සරින් දවසෙ රෑ තිස්සේ පටවපු බඩු ටික ඔක්කොම ආපහු බිමට බාන්න වුනා නෙව. විලිලජ්ජාවෙ සන්තෝසෙ බෑ කියන්නේ අර යන එන වාහන බලන් ඉද්දි අපේ දරමිටිද, පොල් ගෙඩි ටිකද, හට්ටි මුට්ටි, වලං පිඟන්, කෝප්පද ඇතුලු සියල්ලම බාගෙන ආපහු දාගත්ත වාහනේ ඇතුලට. ඇයි හත්ඉලව්වේ හයිවේ එකේ හුලඟට ගහගෙන යන්න ඉඩ තියෙන ඒවා අඩමානෙට බැඳගෙන යන්න දෙන්නෙ නෑ නේද කියලා මතක් වුනේ පොලිස් රාලහාමි කීවට පස්සේ. කොහොමින් හරි අම්බලන්ගොඩට ගිහින් සුනාමියෙන් විපතට පත්වුන තැන් බලන අතරෙම සේන්දු වුනා සීනිගම දේවාලයට. සීනිගම දේවාලය... එතන නම් කියන්න තරම් දෙයක් නෑ. පොල් ගෙඩි නලලෙ තියන් තමන්ට වින කරපු එකා හැඳි ගෑවෙන්න කියලද කොහෙද ගහපු පොල් වල කෑලි වලින් පොල් ටැංකිය පිරිල තිබුනා. පොල් ගහන කෙනෙක්ගෙ ෆොටෝ එකකුත් මං හොරෙන්ම ගත්තේ මටත් පොල් ගෙඩියක් ගහයිද කියන බයෙන්. මේ තියෙන්නේ් ඒක. සීනිගම ප්‍රධාන දේවාලය මුහුද මැද දූපතක පිහිටා තියෙන බවත් මේ දේවාලයේ පරිවාරක දේවාලය තමයි මේ අපි ගය තැන කියලත් දැනගත්තේ එතනදි අපේ වැඩිහිටියන් අතර ඇති වුන කතාබහකින්. ඒ වගේම සීනිගමට අරක්‌ගෙන සිටින දෙවියන් වැරැදි කරපු උදවියට දඬුවම් දීමට හැකි සහ යහපත් අයට සෙතක් සලසන දෙවි කෙනෙක්. ගම්මිරිස් ඇඹරීමෙන් පලි ගහලා වැරදි කරපු අයට දඬුවම් දෙන්න මෙතනදි පුලුවන්ලු. හැබැයි ලංකාවේ මිනිස්සු කරන වැරදි වල හැටියට නම් ලංකාවේ ඔක්කොම පොල් ගෙනල්ල මෙතන ගැහුවත් පිරිමහන්න බැරිවෙයිකියලා මට නිකමට හිතුනෙ අපේ වැඩිහිටියන්ගෙ කතා ඇහිලා.මේ තියෙන්නේ දේවාලය කිට්ටුවම මුහුද පැත්තට ගියාම ගත්ත දසුන් ටිකක්. ඈතින් පේන්නේ ප්‍රධාන දේවාලය.... අම්බලන්ගොඩ ඉඳන් සීනිගම දක්‌වා වෙරළ තීරය ඉතාමත් ලස්සනයි. ඒ යන අතරෙදිපැරෑලිය සුනාමි ස්‌මාරකය වගේම සුනාමි ස්‌මාරක බුදු පිළිම වහන්සේ අපට මතක් කරල දෙන්නෙ සුනාමි උවදුර ගැන ඒ අමිහිරි මතකය... ඉන් පස්සේ අපේ බලාපොරොත්තුව උනේඅම්බලන්ගොඩ, තෙල්වත්ත, තොටගමුව, හික්‌කඩුව, දොඩන්දූව, ගාල්ල නගරය පසුකර කොග්ගල, වැලිගම ඔස්‌සේ මාතර පෙදෙසට එන්න රාත්‍රිය වෙද්දි. ඒ වගේම ඒ අතරේ බලන්න තියෙන දේවල් බලන්නත්. ගාල්ලේ බූස්ස පැත්තේ අපේ ඥාතියෙක් ඉන්නව කියපු හින්දා දවල් කෑමට අපි ගියේ එහෙට. අරන් ගිය කැවිලි ජාති වලින් ටික ටික එහෙටත් දුන්නා. නැත්නම් සාගතකාරයො වගේ හරි නෑනෙ කන්න විතරක් එහෙ යන එක. දවල් කෑම එහෙන් කෑවට මම නම් ජීවිතේට ඒ නෑදෑ ගෙදර ඇවිත් නෑ. මගෙ හිතට දැනුනේ අපේ අවශ්‍යතාවය ඉටු කරගන්න විතරක් නෑදෑ ගෙවල් මතක් වුනා වගේ හැඟීමක්. අහල තිබුනට මම හරියට දැනං උන්නෙත් නෑ නෑදෑකම මොකක්ද කියලවත්. ඒ වුනාට ඒ ගොල්ලන්ට නම් ඒකෙ ගානක් තිබුනෙම නෑ. ආදරයෙන් පිලිගත්තා අපිව. අවුලකට තිබ්බේ එහෙ හිටපු දඩෝරියා කොයි වෙලෙත් ගිලින්න වගේ අපි දිහා බලාගෙන හිටපු එක විතරයි. මොනව උනත් ඒ අයට පින් සිද්ධ වෙන්න සුපිරියට කෑම ටික උයලා තිබ්බා. මොකද අපි එන ගමන් එහෙට කෝල් කරලයි ආවේ අපි එනවා කියලා. මුහුද කිට්ටුව තමයි ඒ ගෙදරත් තිබුනෙ. අතේ නිතරම කැමරාව තිබ්බ හින්දා නිතරම ෆොටෝ නම් ගත්තා යන යන තැන. මේ තියෙන්නේ ඒවයින් දෙක තුනක්.මේ ඉන්නේ මං. සෙරෙප්පු දෙකයි, ඩෙනිමයි, ටී ෂර්ට් එකයි තමයි ට්‍රිප් වලට කියාපු ඇඳුම මට නම්... තව ඔයිට වඩා ගත්ත ෆොටෝ නම්. ඊලඟට ගියේ ගාලු කොටු පවුර බලන්න.දැනට නම් ඇති වගේ පෝස්ටුව දිගයි.තව කොටසක් ලියනව නම් දැන් ලියපු මේ කොටස අංක 1 කියලා දාන්න වෙනවා. ගිය තැන් වල හැටියට ඊලඟ එකෙන් ඉවරකරගත්තොත් ඇති. ඇත්තටම ට්‍රිප් එක ගැන ලියන්න හිතන් ඉඳපු මේ සටහන දිග්ගස්සන්න නම් අදහසක් තිබුනෙ නෑ. කරන්න දෙයක් නෑ ඉතින්. දිග වැඩි වුනා....කියවන ඇත්තෝ කියවත්වා කියලා අද සටහනට සමුදෙනවා. ජයෙන් ජය.
|
BLOG
|
2014.09.03
|
http://rathei.blogspot.com/
|
Power over Ethernet (POE) තාක්ෂණය
|
රතීගේ දිනපොත
|
Power over Ethernet (POE) තාක්ෂණය කියන්නේ network cable එකක් ඔස්සේ දත්ත ගෙන යාමට අමතරව විද්‍යුතය ( electrical power) රැගෙන යාමේ හැකියාව ලබා දෙන තාක්ෂණයක්. උදාහරණයක් විදිහට digital security camera එකක් ගත්විට අප එයට input ලෙසින් ආකාර දෙකකින් සම්බන්ධතා ලබාදිය යුතු වෙනවා.ඔය උඩින් දාලා තියෙන්නේ මේ තාක්ෂණය සම්බන්ධයෙන් දැනට ලෝක සම්මතයේ පවතින logo එක.POE-enabled deviceඑකක පිට පැත්තේ මේ ලොගෝ එක ගහල තියෙනව නම් අනිවා ඒක සපෝට් කරනවා මේ තාක්ෂණයට.1 Network Connection - මෙයින් security camera එක මගින් ලබා ගනු ලබන දත්ත video හා Audio recording අකාරයටත්, display වීම සඳහා තිරයක් මතට රැගෙන යෑම.2 Power Connection - security camera එක ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන විදුලිය රැගෙන යෑම. කොහොම නමුත් මේ security camera එක POE-enabled ආකාරයේ එකක් නම් input එක ලෙස in කල යුත්තේ ethernetcable එක් පමණි. ඒ ඔස්සේ විද්‍යුතය ගමන් කරමින් උපකරණය ක්‍රියාකාරීතත්වයට පැමිණීම ඉබේම සිදුවනු ඇති. සම්මත වශයෙන් යම් උපාංගයක් ඔස්සේ දත්ත සංසරණය කිරීමේදී ආකාර දෙකක ක්‍රමවේදයක් භාවිතා කරනවා A හා B ලෙස. බොහොමයක් උපාංග මේ බී ආකාරය හරහා තමයි දත්ත ගෙනයන්නේ. බී ආකාරයෙන් දත්ත ගෙනයද්දී 1,2,3 හා 6 හරහා පමණයි දත්ත ගෙනයෑම සිද්ධ වෙන්නේ. ඉතින්සරලවම ගත්තොත්මේ තාක්ෂණයේදී කරලා තියෙන්නේ මේ දත්ත ගෙන යන්නෙ නැති 4,5,7 හා 8 භාවිතා කරලා ඒ ඔස්සේ විදුලිය ගෙනයාමයි .වැදගත්කමTime and cost savings - electrical power cable යෙදවීම සඳහා යන වියදම මෙන්ම කාලය අවම කර ගත හැක. එමෙන්ම ඕනෑම ස්ථානයක විදුලි කාර්මිකයෙකුගේ සමහායක් නොමැතිව මෙය ස්ථාපනය කල හැකි වීමත් අමතර වාසියකි.Flexibility - එක තැනක ස්ථාපනය කල POE-enabled device එකක් අවශ්‍ය වූ විට ඉතා ලෙහෙසියෙන්ම තවත් තැනක ස්ථාපනය කර ගත හැකි වීම.Safety - POE-enabled devices නිපදවීමේදී ම යම් යම් විදුලි දෝෂ හේතුවෙන් එහි නෙට්වර්ක් පරිපථයට වන හානි අවම වන ලෙස නිපදවා ඇත.දැනට POE-enabled ආකාරයේ ඇති උපාංගVoIP phonesIP camerasCCTV camerasWireless Access PointsWireless RoutersPOE injector එකක් POE switch එකක් යනුවෙන් හඳුන්වන්නේ ඒ ඔස්සේ විද්‍යුතයත් ගමන්කරවිය හැකි ආකාරයේ එකක්. මේ ආකාරයේ POE switch එකක් කුමක් හෝ අනෙකුත් network device එකකට සම්බන්ධ කල විට එම උපාංගය POE-enabled device එකක්දැයි හඳුනාගෙන ස්වයංක්‍රීයව ඒ වෙත විදුලිය නිකුත් කරවනු ලබයි.දැනට POE capability නොවන LAN installations එකක් වුවත් අපට POE injector කියන උපාංගය හරහා POE enabled ජාලයක් බවට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය switch එකක් හරහා එන කේබල මේ POE injector එකක් හරහා යැවූ විට එය POE-enabled device එකකට in කරන්න පුලුවන්. මේ ඉන්ජෙක්ටර්ස් කියන උපාංග අපි එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය Ethernet Switch එකකින් වෙන්නේ බොහොම සුලු වශයෙන්. ඉතින් මේ තාක්ෂණය දැනටමත් ලංකාවෙදි භාවිතා වෙනවා සමහර විට ඔබ දැකලත් ඇති.එච්චරම ලොකු දෙයක් නෑ මෙතන. data ළුලට පාවිච්චි නොකරන පාත් ටික වෙන් කරල අරන් ඒ ඔස්සේ අදාල උපාංගයට අවශ්‍ය කරන විදුලිය ගමන් කරවීමයි කරල තියෙන්නේ. ආයෙත් හමුවෙනකම් ජයෙන් ජය.
|
BLOG
|
2014.08.03
|
http://rathei.blogspot.com/
|
ටෙස් මැච්චෙක...
|
රතීගේ දිනපොත
|
අද ඉස්කෝලේ ඇරිලා ආ වෙලේ ඉඳන්ම පියල් ගේ වැඩේ රේඩියෝව කණ ලඟට කරගෙන මොනවදෝ උවමනාවෙන්ම අහන් ඉන්න එක. ඉස්සරට වඩා හිතුවක්කාරයි. කාණ්ඩෙත් එක්ක සෙල්ලමට වැටිලා හොඳටම ඇඳිරි වැටිලා ගෙදර ඇවිත් පෙලක් දාට පාලොස් පැය ගෙවෙනතුරුත් රේඩියෝව දමාගෙනයි ඉන්නේ. වෙලාවකට එකපාරම හූ කියනවා, හිනාවෙනවා, අප්පුඩි ගහනවා. ළමාහාමි උන්දැට නම් මේක මහම ප්‍රහේලිකාවක් වගේම කංකරච්චලයක් විත්තිය උන්දැගේ ඇඹුල් වුන මූණ දකින ඕනම කෙනෙකුට තේරෙන්න වැඩි වෙලාවක් යන් නෑ. අදත් රෑ අටට යන බණ ඩිංග අහල ඉවර උනායින් නොවුනයින් මේ කොලුවා දුවල ඇවිත් රේඩියෝව කිහිල්ලේ ගහගත්තා. බත් ටික කන්නෙත් රේඩියෝව කණේ ගහගෙන. ළමාහාමි උන්දැ කීවේ පියල්ගේ ආච්චි...පහු ගිය දවස් දෙක තුනේ ඉඳන්ම මොකක් හරි නුහුගුණ ගතියක් මේ කොලුවට තියෙනව කියල ළමාහාමි උන්දැට ඇති වෙලා තිවුන සැකය දැන්නම් ඉන්තේරුවෙන්ම ඔප්පු වෙලා තියෙන්නේ ඇස් පනාපිටම. මේක නම් ඇස්වහ කටවහ දෝසයක් තමයි. ඊයේ අර උඩහ ගෙදර අලුතෙන් රට ගෙහුන් ආපු සිරියා ගෙනාපු ටොපි ලොසින්ජර එහෙමත් මේ කොලුව කනව ඇහැටම දැක්කා. සහතිකෙන්ම එවුවත් මොකක් හරි ජීවමක් කොරලා ගොනපුව..මූ හොඳට ඉගෙන ගන්නව දකිනකොට උන්නෙ ඇහැට කටු අනින්න වගේ ඇති. කොහෙද ඉතින් මෙවුන්නෙ අම්මත් මහ පුදුම එලදෙනක්නෙ. කොච්චර නම් කීවද තෙබානිස් කට්ටඩි රාලව ගෙන්නලා දෙහි ගෙඩියක් කප්පවලා ඇස්වහ කටවහ හමාර කරවමුයි කියලා. කෝ ඉතින් ඒකේ ගානක්වත් නෑ මේ මහ අම්මණ්ඩිට. අනේ හැබෑටම දැන් හැදෙන ලමයින් වාගෙමයි උන්නෙ මහ එවුනුත්. අනේ හැබෑටම මගෙ අහිංසක දරුවට මොකද මේ වෙලා තියෙන්නේ දෙයියනේ කියලා ළමාහාමි උන්දැ හැබෑවටම විස්සෝප වුනා. කෝකටත් කියලා සැක ඇරගන්න හිතලා ළමාහාමි උන්දැ ඇඳෙන් බැහැලා ඇවිත් සාලෙට ටිකක් හොස්ස පොවලා බැලුවා. මොනවදෝ රටින් ඇහෙන උන්දැටත් නොතේරෙන කුරු කුරු සද්දයක් තමයි ඇහෙන්නේ රේඩියොවෙන් ඇහෙන්නේ."මොකක්දැ ළමයෝ මේ විගඩම... උඹ මොනවටද ඔය අප්පුඩි ගහන්නේ. හැබෑටම උඹට පිස්සුද.""මැච් එකක් ආච්චියේ.....ටෙස් මැච් එකක්......""මැච් එකක් කිවුව.... කවුද බං මේ පාලොස්පැයට මැච් ගහන්නේ...පිස්සොද." දැන්නම් ළමාහාමි උන්දැට හොඳටම ඔප්පු වෙලයි තියෙන්නේ මේ කොලුවට මොකක් හරි නුහුගුණයක් තියෙන විත්තිය. එක්කෝ සාංකාව හැදිලා. නැත්නම් තනිකං දෝසයක් වෙන්ඩත් බැරි නෑ. නැත්තං එදා කාපු ටොපි ලොසින්ජර ජීවමක් කොරලා ගෙනාපුව වෙන්ඩත් බැරි නෑ. කොහෙද ඉතින් මුන්ගෙ තියෙන තන්නාසෙට වගවිබාගයක් නැතුව අතට අහුවෙන ඕන එකක් ගිල දානව නෙව."මෙහෙ නෙවෙයි එංගලන්තේ ආච්චියේ ගහන්නේ...ඕස්ට්‍රේලියාවයි එංගලන්තෙයි...." ළමාහාමි උන්දැට නම් ඒ හරුපෙ තේරුනේ නෑ. කොහෙ වුනත් මේ රෑ රාත්තිරියේ අහවල් ඉලව්වක් සෙල්ලම් කොරනවද..."හරි අපූරුයි...රෑට බෝල ගහන විත්තියක් මං ඇහුවෙත් අදමයි...""එහාට දවල්නෙ ආච්චියේ...ඇයි භූගෝල විද්‍යාවට උගන්නන්නේ එක එක රටවල් වලට එක එක වෙලාවට රෑ දවල් උදාවෙන්නේ කියලා.""ඉතිං උඹ ඔය උඩ පැනගෙන අප්පුඩි ගහන්නේ උඹ උන්ව අඳුරනවද....""ක්ලාක් මාර කැච්චෙකක් ඇල්ලුවනෙ ආච්චියේ...""වි..පි..රි..යා..ස..මට නං පේන්නේ ආයිත් සරයක් උඹේ ඔලුව නරක් වේගෙන එනව...ඕං ඕක වහල බුදිය ගනිං.."වක්කලම නවකතාව කියවද්දි ආපු අදහසක් ප්‍රස්තුතයක් කරගෙන ලියන ලද්දකි...ප.ලි.මට වුනු දෙයක් යැයි වරදවා වටහා නොගන්න.
|
BLOG
|
2014.01.22
|
http://rathei.blogspot.com/
|
කියවූ පොතක් ගැන...
|
රතීගේ දිනපොත
|
කාලෙකින් සටහනක් දාන්නයි හදන්නේ. මම ඉඩක් ලැබුණු වෙලාවට අපේ උදවියගේ සටහන් මගහරින්නෙ නැතුව කියවනවා. මම මේ ලඟදි කියවපු පොතක් තමයි Miklos Nyiszli කියන යුදෙව් ජාතිකවෛද්‍යවරයාගේ Auschwitz: A Doctor's Eyewitness Account කියන පොත. දෙවන ලෝක යුධ සමයේදි යුදෙව්වන්ට එරෙහිව තුන්වන රයිෂයේ තීරණ පිළිබඳවත් එම පාලනය විසින් යුදෙව්වන් හා ආර්ය නොවන ජාතීන් තුරන් කිරීම සඳහා රැඳවුම් කඳවුරු සහ ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය තුල මෙන්ම නාසින් විසින් අත්පත් කොටගෙන තිබූ රටවලත් ස්ථාපිත වුන ආකාරයත් ඒ නිසා ඔවුන් විඳි දුක් ගැහැට වගේම ඔවුන් මරාදැමීමට හිට්ලර් විසින් භාවිතා කරන ලද්දේ මොන වගේ ක්‍රමද කියලත් මේ පොතේ ඔහු සඳහන් කරලා තියෙනවා. හිට්ලර්ගේ දොලොස්වසරක පාලන කාලය තුලදි ඔහු විසින් අමු අමුවේ මරාදැමුණු මිනිසුන් ප්‍රමාණය මිලියන එකොලහක් විතර වෙනවා. නමුත් සමහර තැනක කියවෙනවා ඔහු විසින් මේ යුදෙව්වන් ඝාතනය නොකොට මැඩගස්කර් දූපත වෙත පිටිවහල් කිරීමට ගත් තැත ව්‍යවර්ථ වීම හේතුවෙන් මේ ඝාතන කිරිම ආරම්භ වුනු බව. වෛද්‍ය මික්ලෝස් නයිස්ලි කියන්නෙත් ඒ ආකාරයට මරණයට කැප වෙලා අවුෂ්විට්ස් වල දිවි ගෙවමින් ඉඳලා පැනයාමට අවස්ථවක් පැමිණි වෙලාවක පැන ගියපු පුද්ගලයෙක්. ඉතින් මේ පොත, ලියන ලදපුද්ගලයාගේම සත්‍ය ජීවිත අත්දැකීමක් නිසා ගෙවන මුදලට බොහොම වටිනා පොතක් කියලා සඳහන් කරන්න පුලුවන්. මේ පොතේ එක තැනකදි කියනවා "I'm so scared of those few seconds ofconsciousness before you'regoing to die,when you know for sure you'regoing todie" - මැරෙන්න කලින් ඔයා දැනගන්නවා ඔය මේ මැරෙන්න තමයි යන්නේ කියලා. මරණයට පෙර සුලු නිමේෂයකදි ඇති වන හැඟීම කොහොම වෙයිද. මම ඊයෙ පෙරේදා අපේ ලයිබ්‍රරි එකේ කරක් ගහද්දි මේ පොතේමසිංහල පරිවර්තනයකුත් දුටුවා. මරණයේ දොරටුව : හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයකු ඇසින් දුටු සාක්ෂි කියන නමින් රංජිත් කුරුප්පු කියන ලේඛකයා විසින් පරිවර්තනයටනගල තියෙනවා. නමුත් ඉංග්‍රීසි පොතේ මෙයට වඩා කරුණු කාරණා අඩංගු බවයි මගේ හැඟීම. ලයිබ්‍රරි එකේ සාමාජිකත්වය ගත්ත එකේ හොඳකම තමයි පුලුවන් ඕනෙ වෙලාවක ගිහින්පොතක් අරන් එන්න තියෙන හැකියාව. Miklos Nyiszli ගේ පොත කියවපුවාම මට දෙවන ලෝක යුධ සමය ගැන වගේම හිට්ලර් ගැනත් තවත් ටිකක් තොරතුරු හොයලබලන්න ආසාවක් ඇති වුනා. ඉතින් ඒ ඇහෙන් පොත් හොයනකොට ප්‍රියන්ජන් සුරේෂ් කියන ලේඛකයාගේ පොතක් හමුබුනා. සිංහල පොතක්. පොතකුත් කීවට ගවේෂණාත්මක කෘතියක්.ඔහුම ජර්මනිය, පෝලන්තය, හංගේරියාව වගේ රටවල ඒ ඒ තැන්වල ඇවිදීමෙන් ලබපු හා හොයපු තොරතුරු අඩංගු වුන එකක්, අවසන් විසඳුම තමයි පොතේ නම. මේ පොතත් පොතේමිලට සාපේක්ෂව එහි වටිනාකම ඉතාම ඉහලයි කියලයි මට නම් හිතෙන්නේ. අපි කවුරුත් අහල තියෙන අවුෂ්විට්ස්, රවෙන්ස්බ්‍රියුක්, බුහන්වල්ඩ්, සාච්සන්හවුසන්, ඩකාවු කියන වධකඳවුරුතුල මේ ලේඛකයා තමන්ම ඇවිදගෙන ගිහින් හොයපු සටහන් නිසා මේ කෘතියේ වටිනාකම තවත් ඉහලයි. ඒ පොත කියවගෙන යන අතරෙදි තවත් තොරතුරු හොයන පිපාසාවක් ආවනිසා බැලුව හිට්ලර් හා දෙවන ලෝක යුධ සමය අලලා නිමවුන චිත්‍රපටි මොනවද කියලා. මට බලන්න ලැබුනා Downfall (2004), Valkyrie (2008),Stalingrad (1993), Empire of the Sun (1987), The Great Escape (1963), Schindler’s List(1993),Come and See (1985) මෙන්න මේව තමයි මට මේ ගැන හොයන අතරෙදි බලන්න ලැබුනෙ. මේ අතරින්Downfall කියන්නේ හිට්ලර්ගේ අවසාන දවස් කිහිපය ගැන වාර්තාකරන චිත්‍රපටයක්. ෂින්ඩ්ලර්ස් ලිස්ට් කියන්නේ ජර්මන් ව්‍යාපාරිකයෙක් තමන්ගේ මුදල් බලයෙන් මේ මරණයට කැපවුනු යුදෙව්වන් බේරාගැනීමට කරපු අරගලයක් ගැන කියවෙන ලස්සනම ලස්සනචිත්‍රපටයක්.Valkyrie කියන්නේඒකාධිපති වියරුවෙන් පිස්සු වැටිලා ඉන්නහිට්ලර්ව නිහඬ කරන්න හිතාගෙන ඔහුව ඝාතනය කිරීමට සූදානම් වෙන හමුදාවෙ ඉහල පෙලේ නිලදාරීන් කිහිප දෙනෙක් ගේ සැලසුම් කියාපානචිත්‍රපටයක්. මේ වගේම තවත් පොතක් දෙකක් තියෙනවා මම කියවන්න හිතාගෙන ඉන්න පොත් ලිස්ට් එකේ ඉහලින්ම. එකක් තමයි William L Shirer කියන ලේඛකයාගේ The Riseand Fall of the Third Reich කියන පොත.ඔය පොත ගන්න හිතාගෙන ගියත් පොත ටිකක් කියවගෙන යද්දි තේරුණා මගෙ ඉංග්‍රීසි දැනුම ඒ පොත තේරුම්ගන්න තරම් මුහුකුරා ගිය මට්ටමකට තවමත් ඇවිත් නැහැයි කියලා. ඒ නිසා ඒ පොතේ සිංහල පරිවර්තනයක් එයි කියල ටිකක් බලන් ඉන්නවා. එහෙමත් නැත්නම් ටිකක් තව පහුවෙලා ම ගන්නවා අරපොතම. ලඟදි තිබුණ පොත් ප්‍රදර්ශන එකක්වත් බලන්න ගියේ නෑ වෙලාව සම්බන්ධ ගැටලු හින්දා. කියවන්න ආසාවක් ඇති වුන අනික් පොත තමයි හිට්ලර් ගේ ‘මේන් කෑම්ප්’-Mein Kampfපොත. ඒ පොත අලුත් පිට නම් කොහොමත් ලොකු ගණනක් වෙන හින්දා මම ගියා124 බස්පාරේමගදි හම්බෙන මරදානේ පැරණි පොත්කඩ පේලියට. එතනින් ගණන අහුවාම රුපියල් එක්දහස් හයසිය පනහක් වෙනවා කිවා. මරදානේ ගාමිණි හෝල් එක ඉස්සරහ තියෙන මේ කඩ පේලියෙත් සෑහෙන්න පොත් කන්දරාවක් තියෙනවා. ගණනින් බැලුවොත් නම් මගෙ ගණන් හරි නම් එතන කඩ අටක් විතර තියෙනවා. මම කොළඹ දන්නෙත් ඒ හැටි කාලෙක ඉඳන් නෙමෙයිනෙ. නමුත් ඒ පොත් කඩ පේලිය නම් කොළඹගැන දන්නව ඇති අවුරුදු හතලිහක පනහක ඉඳන්. හැට හැත්තෑව දශකයටත් එහායින් නිකුත් කරපු පොත පත වගේම, අලුත් පරම්පරාවල වගේම ජනප්‍රිය ඉංග්‍රීසි කෘතිවල පාවිච්චිකළ පොත් පිටපත් වුනත් මෙතනින් හොයාගන්න පුලුවන්. පරණපොතක් අඩුමිලට හොයනවනම් එතන තමයි තැන. හයි ක්ලාස් පොත් සාප්පුවලට යන අය වගේ නෙමෙයි මෙතන ඇති වෙලා තියෙන්නේ වෙනස්ම පාඨක පිරිසක්.හොඳ ඉංග්‍රීසි නවකතාවක් අලුත් මිලටම ගන්නවට වැඩිය ඒකෙම පැරැණි පොතක් හෝ විරල පොතක් අඩුමිලට ගන්න හැකිවීම අපිට නම් කියන්න බැරි තරම් වටිනවා. ඕනෙම නම්පොඩි මුදලක් ගෙවලා තමන්ට ඕන කරන පොතක් ගෙනිහින් කියවලා භාරදෙන්නත් පුලුවන්. හැබැයි විශ්වාසය රැකගන්න එක තමන්ට භාරයි.එකපාරටම මට මේ පොත දෙන්න කියල කියන්න නම් බැරි වෙයි එතන තියෙන පොත් අට්ටිය දැක්කහම. මම ගාව ඒ වගේ ගනිපු පරණ පොත් රාශියක්ම තියෙනවා. ලක් කාරයෙක් නම් බැරිවෙනඑකක් නැ එකවරම තමන්ට ඕන කරන පොත හොයාගන්න. ඒ හැටි මුදලක් වෙන් නැ. එක පොතක් රුපියල් සීයයක් දෙසීයක් වෙයි. උපරිම රුපියල් තුන්සීයකට යයි. නමුත් ඊට වඩා වටිනාකමක් මේපොත්වල මට නම් දැනෙනවා. පරණ පොත් තිබුනට කවදාවත් පරණ වෙන්නේ නැති තැනක්. කියවන පොතක් ගැන කියන්න ගිහින් අන්තිමට නැවතුනේ මරදානේ පරණ පොත් කඩ පේලියේ වටිනාකම ගැනත් කියලයි.
|
BLOG
|
2013.11.18
|
http://rathei.blogspot.com/
|
ලිනක්ස් මත fdisk හා වින්ඩෝස් මත DiskPart . . .
|
රතීගේ දිනපොත
|
වෙලාව ලැබුනම ලියන්න හිතුනා පෝස්ටුවක්. කමෙන්ට් නොකලට අනිත් බ්ලොග් අඩවි මම වෙලාවෙ හැටියට කියවනවා. සින්ඩිවලින් මාව එලියට විසි කරන්නත් බැරි නෑ නොලියම හිටියොත්. මට මෑතකදි ගොඩක් වැදගත් වුනා Windows වල එන DiskPart හා Linux වල නම් fdisk, parted කියන text-mode command එක. පාටිෂන් create කිරීමට, destroy, resize, move and copy ext2, ext3, linux-swap ආදී reorganising සඳහාත්, write protected හින්දා format කරන්න බෑ කියන වෙලාවට, GRUB එක ප්‍රතිස්ථාපනය කරන්න ඕන වෙනකොට, Ubuntu, Linux startup disk එකක් හදන්න ඕන වෙනකොට , නැත්නම් එහෙම හදන්න ගිහින් ඇනගත්තාම - Partition table එක නැවත සකස් කිරීම සඳහා හොඳම text-mode commands තමයි මේ.Linux මත fdiskLinux වලදී root විදිහට log වෙන්න ඕන. fdisk වල මූලික කමාන්ඩ් කිහිපය.p print the partition tablen create a new partitiond delete a partitionq quit without saving changesw write the new partition table and exitමතක තියාගන්න ඕන කරුණක් තමයි මොන විදිහේ වෙනස්කමක් වුනත් write(w) කමාන්ඩ් එක නැතුව apply වෙන්නේ නෑ කියන එක.5 GB, 21474836480 bytes255 heads, 63 sectors/track, 2610 cylindersUnits = cylinders of 16065 * 512 = 8225280 bytesSector size (logical/physical): 512 bytes / 512 bytesI/O size (minimum/optimal): 512 bytes / 512 bytesDisk identifier: 0x000d0e0f Device Boot Start End Blocks Id System/dev/sda1 * 1 2356 18922496 83 Linux/dev/sda2 2356 2611 2048000 82 Linux swap / Solarisඔන්න ඔහොමයි අපි partition table එක list කරගන්නේ. linux දාලා තියෙන හාඩ් ඩිස්ක් එක වගේම boot loader(GRUB) තියෙන පාටිෂන් එකත් මෙයින් පෙන්නනවා. ( 255 heads * 63 sectors * 512 bytes/sector විදිහටයි මේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය හැදෙන්නේ) මේ calculation එක සම්බන්ධව ගැටලුවක් තියනව නම් මෙතෙන්ටයන්න. දැන් අපි දන්නවා අපිට තියෙන drives ගැන තොරතුරු. /dev/sda1 කියල මෙතනදි තෝරලා තියෙන්නේ මට අවශ්‍ය විස්තර බලාගන්න ඕන ඩිස්ක් එක. මෙන්න මේ විදිහට. p එකෙන් කරන්නේ print disk details යන්න ක්‍රියාත්මක කරන එක. හෙල්ප් එකක් ගන්න ඕන නම් කිසිම අවුලක් නෑ m කියල ගැහුව නම් බෑ නොකියා උදව්වක් ගන්නත් පුලුවන් fdisk මතදී.4 GB, 19376635904 bytes255 heads, 63 sectors/track, 2355 cylindersUnits = cylinders of 16065 * 512 = 8225280 bytesSector size (logical/physical): 512 bytes / 512 bytesI/O size (minimum/optimal): 512 bytes / 512 bytesDisk identifier: 0x60245473අපිට මේ n කමාන්ඩ් එක හරහා නියමිත වූ අගයක් දීල අලුතෙන් පාටිෂන් එකක් හදන්න පුලුවන්.2.0 GB, 80026361856 bytes255 heads, 63 sectors/track, 9729 cylindersUnits = cylinders of 16065 * 512 = 8225280 bytesDisk identifier: 0xf6edf6ed Device Boot Start End Blocks Id System/dev/sda1 1 1959 15735636 c W95 FAT32 (LBA)/dev/sda2 1960 5283 26700030 f W95 Ext'd (LBA)/dev/sda3 5284 6528 10000462+ 7 HPFS/NTFS/dev/sda4 6529 9729 25712032+ c W95 FAT32 (LBA)/dev/sda5 * 1960 2661 5638752 83 Linux/dev/sda6 2662 2904 1951866 83 Linux/dev/sda7 2905 3147 1951866 83 Linux/dev/sda8 3148 3264 939771 82 Linux swap / Solaris/dev/sda9 3265 5283 16217586 b W95 FAT32Command (m for help): dPartition number (1-9): 8Command (m for help): dPartition number (1-8): 7Command (m for help): dPartition number (1-7): 6Command (m for help): wThe partition table has been altered.හැම කමාන්ඩ් එකකටම පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන්න නම් w දෙන්න ඕන. නැත්නම් අපි කරපු දේවල් apply වෙන්නේ නැහැ.ඒවගේමයි ලිනක්ස්වලදි අපිට parted කියන ටෙක්ස්ට්මෝඩ් ඉන්ටර්ෆේස් එකත් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.4GB 19.4GB 21.5GB 2097MB primary linux-swap(v1)#man parted ටර්මිනල් එකේ දුන්නාම සියලු විස්තර බලාගන්න පුලුවන්.Windows මතදී diskpartcmd එකේ diskpart කියල දුන්නනම් ටක් ගාලා ඕපන් වෙනවා diskpart කියලා වෙනම command line interface එකක් මෙන්න මේ විදිහට.On computer: IMT-BOL214-LAPTDISKPART>තවදුරටත් මේ ගැන විස්තර හොයලම ඉන්නව නම් . ටයිප් කරලා එන්ටර් කරන්න මේ විදිහට.මුලින්ම අපි මෙහිදී දැනට සම්බන්ධ කරලා තියෙන disks list එක ගන්න ඕන මේ විදිහට. එවගේමයි Volume List එකත් ගන්න පුලුවන් මේ විදිහට.DISKPART>list disk Disk ### Status Size Free Dyn Gpt -------- ---------- ------- ------- --- --- Disk 0 Online 465 GB 0 B Disk 1 Online 465 GB 0 B Disk 2 Online 465 GB 0 B Disk 3 Online 235 GB 0 B Disk 4 Online 14 GB 0 B Disk 5 No Meida 0 B 0 Bදැන් අපි හිතමු කරප්ට් වෙලා තියෙන ඩිස්ක් එකක් හරි අන්රීඩබල් විදිහට තියෙන Volume එකක් හරි සිලෙක්ට් කරගන්න ඕන කියලා. ඒ සඳහා ඩිස්කයට හෝ Volume එකට අදාල අංකය මේ විදිහට තෝරන්න ඕන.මම තේරුවේ disk 4 කියලා අර උඩින්ම තියෙන 14 GB ක ඩිස්ක් එක.Format කරනව නම් “format fs=ntfs quick label=test” විදිහට දෙන්න පුලුවන්.Drive Letter එකක් assign කරනව නම් “assign letter ” විදිහට,Clean කරනව නම් clean විදිහට,primary partition එකක් දැනට ඉන්න ඩිස්කයේ හදාගන්නව නම් “create partition primary” විදිහට,මකා දැමීමට නම් DISKPART> /delete (X):DISKPART වලින් ඉවත් වෙනව නම් ,DISKPART>exitLeaving DiskPart...C:\>;DISKPART ගැන තවත් විස්තරhttp://www.
|
BLOG
|
2013.09.29
|
http://rathei.blogspot.com/
|
මවක්, බිරිඳක් සහ කාන්තාවක් විදිහට ඇය...
|
රතීගේ දිනපොත
|
පින්තූරය ගත්තේමෙතනින් අද ටිකක් සනීප මදි. ඊයෙ ඉඳන්. ඒ හින්දා ජාලෙ ඇවිදින අතරේ සටහනකුත් ලියන්න හිතුවා. ජීවිතේ කාලෙන් කාලෙට එක එක්කෙනා එබිකම් කරලා යන්න ගියාට අසනීපයක් වුන වෙලාවට තාමත් එකපාරටම මතක් වෙන්නේ අම්මව. ගෙදර හිටිය නම් සැරින් සැරේ කොත්තමල්ලි බොන්නයි, පස්පංගුව තම්බලා දුම් අල්ලන්නයි, මොනව හරි ටිකක්සැරට බෙදාගෙන කන්නයි තිබ්බා. වෙලාවකට හොඳයි ගෙදරින් ටිකක් ඈත ඉන්න එකත්. අම්මට අපි තුන්දෙනාගෙන් එක කරදරයක් අඩු වුනා. දැන් නංගියි, මල්ලියිගැන විතරනේ බලන්න තියෙන්නේ. වෙලාවකට හිතෙන්නේ එහෙම. මට හොඳට මතකයි මං පුංචි කාලේ. ඒ කිවේ ඉස්කෝලෙ පහේ හයේ වගේ ඉන්න කාලේ. දවසක් ගෙදරින් යද්දි කුඩයක් තිබ්බේ නෑ බෑග් එකේ. මොකද මම කැමති නෑ කුඩ, වතුර බෝතල් එහෙම බෑග් එකේ දාගෙන යන්න. ගෙදරින් පිටත් වෙද්දි වැස්සකලකුණක් මිසක් දැන් දැන් වහින පාටක් තිබ්බෙත් නෑ. ඒත් ඉස්කෝලෙ ගාවට යද්දි සට සට ගාල මහ වැස්ස. බස් එකෙන් බහින්නේ කොහොමද . බස් එකෙන් බැහැපුඑවුන් කුඩ ඉහලන් දුවනවා ඉස්කෝලෙට. තව ඩිංගක් පමා වුනොතින් වැස්ස කියලා පමාවට කාරණා අහන් නෑ. බැනුම් තමයි. ඒ අතරේ බෑග් එක නිකමට අතගාද්දිකුඩයක් තියෙනවා. මට හොඳටෝම මතකයි මම නම් කුඩයක් දාගත්තේ නැති වග. මගෙ උජාරුවට කුඩයක් දාගත්තෙ නැතත් අම්මා හොරෙන් කුඩයක් දාලා තියෙන්නේ එයාගෙ ජීවිතේම අපේ ආරක්ෂාව නිසා. එදා මාව ආරක්ෂා කලාවගෙමයි අදත් අම්මා එහෙමයි. කඩේකදි මුදලාලිගෙන් හරි , බස් එකේ නම් කොන්දොස්තරගෙන් හරි රුපියල් පහක් දහයක් ආපහු ඉතුරු විදිහට ගන්න කේවල් කරන අම්මා අපි කොහේහරි යන්න සල්ලි ඉල්ලුවාම ඉල්ලන ගානට අමතරව එයා ගාව සල්ලි තිබ්බොත් හදිස්සියක් වුනොත් ගන්න කියලා තව රුපියල් දෙතුන් සීයක් හරි පර්ස් එකට දානවා. හැම සැපතක්ම අපිටදෙන්න හදන අම්මා එයාගේ සැපත ගැන කවදාවත් හිතන්නේ නැහැ. අපිත් අපේ සැප ගැන හිතුව නම් ඔයාලට මේ සැප දෙන්න වෙන් නෑ කියන අම්මා තමන්ගේහැම සතුටක්ම අපි වෙනුවෙන් කැප කරලා. ඇඳුම් ගන්න කඩේකට ගියත් අම්මා අපිට හොඳ දෙයක් අරගෙන දීලා අම්මට මොනව හරි දෙයක් එයා ගන්නේ කොහෙහරි අඩුවට පේමන්ට් එකේ තියෙන සේල් එකකින්. මේ වගේ අම්මලා ගැන කොච්චර නම් ගීත සාහිත්‍ය යේ පවා ලියැවිලා තියෙනවද."දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ අම්මා" සුනිල් එදිරිසිංහයන් විතරක් නෙමෙයි අම්මා ගැන ඒ විදිහට කියන්නේ. තව කොච්චර ගීත තියෙනවද. අස්වැන්නලියන දයානන්ද රත්නායක අයියා වගේ ගීත වර්ණනාව මට බැරි වුණත්, "අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා" කියලා ආත්මාර්ථකාමීප්‍රාර්ථනාවක් සංගීත් විජේසූරිය කරන්නෙත් අම්මගේ සෙනෙහස ඒ තරම්ම හැම සංසාරෙකදිම ඕන නිසා වෙන්න ඇති කියල හිතුනා. චාමර වීරසිංහගෙන් "නපුරු වෙන්න එපා කියල" අම්ම ගැන ලස්සන ගීතයක් මෑත කාලෙදි බිහිවුනෙත් ඒ සෙනෙහස මිල කරන්න බැරි හින්දමයි."කලාවැවේ නිල් දියවර අපේ අම්මා" කියලා දිවුල්ගනේ මහත්මයා කීව ගීතය මං ඒ කාලේ අපේ Youth Society එකේ ඉද්දි බොහොම ලස්සනට ගායනා කරපුබව ඒක අහගෙන හිටපු මගෙ යාලුවො කිවේ කින්ඩියට ද කොහෙද. මං ඉපදුන දා අම්මා අඬන්න ඇති සතුටට. මං පුංචි කාලේ වැටි වැටි ඇවිදින්න හදනකොට අම්මට සතුටට ඇඬෙන්න ඇති. හැමදම මාව මොන්ටිසෝරියට ඇරලුවේඅපේ අම්මා. හැමදම අවුරුද්දක් යනකම් මාව ඒ විදිහට ගෙනිහින් දාන්නයි ඇරෙනකම් ඉඳලා එක්කගෙන එන්නයි අම්මා කොච්චර නම් මහන්සියක් වෙන්න ඇත්ද.අම්මා කියනවා මං ඒ දවස්වල මොන්ටිසෝරියේ වාඩි වෙලා ඉද්දි සැරින් සැරේ පිටිපස්ස හැරිලා බලනවලු අම්මා ඉන්නවද කියලා. පේන්න හිටියෙ නැත්නම් මංබෙරිහන් දීලා අඬනවලු. ඒ දවස්වල හැමදම අම්මා හිටගෙන හරි පුටුවක් හොයාගෙන වාඩි වෙලා හරි මං බැලුවම පේන තැනක පිටිපස්සෙන් ඉන්නවලු. මං මුලින්මඉස්කෝලේ ගිය දවසේ මට මතක නැත්ත ඒ හැම එකකදිම අම්මා මගේ හෙවණැල්ල වගේ උන්නා. ඒ දවස්වල නම් මම මට මතක් වුන දවස්වලට තමයි දණ ගහලාඅම්මටයි, අප්පච්චිටයි වඳින්නේ. නැත්නම් වඳින් නෑ. මගෙ තියෙන නැටිල්ලට අප්පච්චිගෙන් වේවැල් පාර කද්දි මට මතකයි හොඳටම අම්මා අප්පච්චිව නවත්තන්නහදනවා ගහන්න එපා කියලා. අම්මත් බැනුම් අහනවා එතකොට අප්පච්චිගෙන්. නංගියි , මල්ලියි ඉපදුන දවසෙත් අම්මා අඬන්න ඇති. අපි හැමෝම කාලා ඉවරවුනාම තමයි අම්මා බත් බෙදා ගන්නේ. අම්ම කන්නේ කුස්සියේ පුටුවක හරි වංගෙඩියේ හරි ඉඳගෙන. අම්මා හැමදම අපි හැමෝටම බත් බෙදල දීලා අපි දෙපාරක්කාලා බත් ඉවරවුනාම සමහර දවස්වලට බඩගින්නෙත් ඉන්න ඇති. අම්මා අසනීපෙන් ඇඳේ ඉද්දිත් අම්මගේ ඔලුවේ තියෙන්නේ අපි ගැන. පුතා කෑවද. බීවද.ඉස්කෝලේ ගියාද. පාඩම් වැඩ කරගත්තද. අප්පච්චි වැඩ ඇරිල ආවම කරදර කරන්න යන්න එපා. අසනීපයි කියලා නිකම් ඉඳලා නෑ. තමන් ගැන හිතල නෑ කොයිමවෙලාවකවත්. අසනීපෙන් ඉද්දි පවා මහ පාන්දර නැගිටලා අපි වෙනුවෙන් මොනව හරි උයල අප්පච්චිටත් බත් එකක් බැඳලා තමයි ආයෙත් පොඩි වෙලාවක් හරි මහන්සි අරින්න බලන්නේ. මමයි මල්ලියි බයික් එකේ හැප්පිලා ඉස්පිරිකතාලෙ ඉන්නකොට අම්මා හිටියේ ඇඬූ කඳුලින් කියලා නංගි මෑතකදිත් කියනවා මං අහගෙන. ඒදවස් ටිකේ හරියට කෑමක් බීමක්වත් ගත්තෙ නෑලු. ඇත්ත තමයි අපි ආපහු සනීප වෙලා එද්දි අම්මා හිටියයින් බාගයයි. අපිට වෙච්ච දේටත් වැඩිය අම්මා අපි ගැනදුක් වෙනවා. ඒ තමයි මාතෘ ස්වභාවය. හැම අම්ම කෙනෙක්ම එහෙමයි. අපේ අම්මා නම් හරි මුරණ්ඩුයි. අපි වෙනුවෙන් තවත් නම් මහන්සි වෙන්න එපා කියලාකිවත් නිවාඩුවට ගෙදර ආවම ආයෙත් අර පුංචි කාලෙ මාව බලාගත්ත වගෙයි. මාව තාම පේන්නේ ඒ පුංචි කාලෙ හිටපු එකා වගේ වෙන්න ඇති. සතුටයි, දුකයි අම්මලා එලියට දාන්නේ කඳුලු වලින් කියලයි මට හිතෙන්නේ.තමන් ගේ යහපත, දියුණුව උදෙසා, තමන් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන ආත්මාර්ථකාමී සමාජයක වෙනත් කෙනෙක්ගේ සැපත සතුට ගැන සිතීමට සමත් වෙන කෙනෙක් වෙත්නම් ඒ අම්මා, බිරිඳ යනුවෙන් හඳුන්වන කාන්තාව පමණක්මය කියල කියන්න පුලුවන්.මම කෙල්ලෙක්ට කියලා ජීවිතේටම එක පාරයි ආදරේ කලේ. ඒ ආදරේ නැතුවගියාට පස්සේ අම්මගේ ආදරේ කොච්චර බලවත්ද ඒ හැමටම වඩා කියලා මට තේරුණා. ඒක කෙලවරක් නොදකින ආදරයක්. ඒ ආදරෙයි අනිත් ආදරෙයි එකිනෙකට වෙනස් වගේම සංසන්දනය කරන්න බැහැ තමයි. නමුත් අම්මගේ ආදරය, මාතෘ ස්නේහය කිසිම දෙයක් කවදාවත් ආපිට බලාපොරොත්තු නොවන එකක්. බැණ අඬ නොගහන,ජීවිතේ බලාපොරොත්තු ඇත්නම් ඒවට මුවින් නොබැන ඒවා එලි කරගන්න පාර හදල දෙන ඒ ආදරේ කවදාවත් අතරමග දාලා යන එකක් නෙවි.හිතෙන්නොපෙන්නුවට ඒ ආදරේ මහ බලගතුව මට දැනෙනවා. අම්මගේ ඒ ආදරේ හින්දද මන්දා මට දැන් වෙන ආදරේක අඩුපාඩුවක් දැනෙන් නැත්තේ. හැම කොල්ලෙක්ම මමවගේ බලාපොරොත්තු වෙනවා ඇත්තේ ඒ තරම්ම කැපවීම් බලාපොරොත්තු නොවුනත් තමන්ගෙ අම්ම වගේ මාතෘ ස්නේහයෙන් ආදරේ කරන කෙල්ලෙක් හම්බ උනොත් හොදයි කියල වෙන්න ඇති.මගේ වයසේ ගොඩක් එවුන්ට දැන් ලමයිනුත් ඉන්නවා.දැන් වයස තිහක් විතරම වෙන්න ඇවිත්. එහෙව් එකේ දැන්මටකොල්ලෙක් කියන්නත් බෑ. මවක්, බිරිඳක් හැටියට කාන්තාව ගත්තම ඇයට කොච්චරක් නම් කියලා වැඩ කන්දරාවක්පැවරිලා තියෙනවද. අපේ ගෙදරින් මේ උදාහරණය ගත්තේ අම්මගෙන්. ඇයට කප්පරක් වැඩ. ඒ අස්සේ ගෙදර, තමන්ගේ කූඩුව පිරිසිදුව තියාගන්න එක.අතුගාන්න, පිහ දාන්න හැමදාම. අප්පච්චිගෙන් ඒවට ලැබෙන සහය නම් හරිම අඩුයි. මම ගෙදර ඉන්න වෙලාවට මට පුලුවන් හැම දෙයක්ම කරලා අම්මගේ වැඩ ලේසිකරලා දෙන එක මගෙ පුරුද්දක්. ඒ දේවල් පුංචි කාලෙ ඉඳන් පුරුද්දක් විදිහට එනව නම් විතරයි ඒ දේවල් වලට පිරිමියෙක් යොමු වෙන්නේ. ඒ දේ අප්පච්චිගෙන් මම තේරුම් ගත්තේ. එහෙම නැත්නම් පිරිමියෙක් ඒ වැඩ කොච්චර අමාරුද කියලාතේරුම් ගන්නේ නෑ. විවාහ වෙලා දරුවො ලබල මැදි වයසෙ ඉන්න කාන්තාවො බොහොමයක් හොඳින් ජීවත් වුනත් ජීවිතේ ඇතුලෙන් ගෙවන්නේ එක්තරා ප්‍රමාණයක දුකක් එක්ක. ඔවුන්යථා තත්ත්වය පිලිගන්නෙ ලොකු දුකකුත් දරාගෙන වෙන කරන්න දෙයක් නැති නිසා. ගෙයක් උනාම පිළිවෙලකට තියෙන්න ඕනෙ නම් ඉතින්අම්මලාට දරුවොත්, බිරින්දැට ස්වාමියාත් විදිහට අන්‍යාන්‍යව සමගියෙන් උදව් කරන්න ඕන. මේක එයාගෙ වැඩක්, මේක මෙයාට අයිති මෙයා කරන්න ඕන වැඩක්කියලා නීතියක් නෑ. පිරිමියා ඔය කියන කැපකිරීම බලාපෙරොත්තු වෙන්න වෙන්න කුටුම්බය ඇතුලෙන් මවට හෝ බිරිඳට කරන්න තියෙන වැඩ කන්දරාව ඇයට යෙදෙන පීඩනය වැඩිවෙනවා. මම ඕනෙ තරම් අහල තියෙනව අපේ කෙනා මට කිසි උදව්වක් කරන් නෑ කිය කිය දඩිබිඩියේ තනිවම වැඩ කරන කාන්තාවෝ ගැන. බැන්දට පස්සේ House Cleanerකෙනෙක් වුනා වගේ. එයාලට ඇත්තටම තමන්ගෙ පවුලේ වැඩ කටයුතු නිසා තමන්ව අහිමි වුණ බව පස්සෙන් පහුවට තේරුම් යනවා. ඒත් ලාංකීය සමාජය ඇතුලේ තවමත් බෙරේ කොහොම හරි ගහන්නම මිසක්, තාලය වෙනස් කරගන්න හෝ ගලවලා පැත්තකට දාලා වෙන බෙරයක් බැඳගන්න තැනට සංස්කෘතිය හැදිල නැති නිසා පිටින් ලස්සනට වාදනය වෙන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. නමුත් පවුලේ සුභ සිද්ධිය උදෙසා ඇය ඒවා දරා ගන්නවා. අම්මලා මේ දේ ප්‍රසිද්ධියේ නොකිව්වත්බොහොමයක් අම්මලාට, කාන්තාවන්ට මේ තත්ත්වය පොදුයි. නිවස ලස්සනට තියාගන්න ඇයමයි උත්සාහ කරන්න ඕනෙ. තමන්ගේ දරුවන්ගේ වගේමස්වාමියාගේ ආරක්ෂාව පොදුවේ ගත්තහම පවුලේ ආරක්ෂාවත් ඇය පිට. ආරක්ෂාව ගත්තම විවිධාකාරයි. මිදුල, කානුව, ලිඳ, වැසිකිලි-කැසිකිලි, ස්වාමියගේ හාදරුවන්ගේ රෙදි පිලි, ඔවුන්ගේ පෝෂණය, කෑම බීම ආදිය පිලිබඳව ඔවුන්ටත් වඩා වගකීම පැටවෙන්නේ ඇයටයි. දරුවා පාසලට ඇරලන්න, ආයෙත් එක්ක එන්න,දෙමාපිය රැස්වීම වලට සහභාගි වෙන්න, ගමේ සමිති සමාගම්වලට යන්න, ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවන්න යන්න, සතිපොලට ගිහින් ගෙදරට අවශ්‍යකලමනා ගේන්න. ඒ හැම දෙයක් වෙනුවෙන්ම කැප වුනාම ඇයට ඇය ගැන හිතන්නවත් වෙලාවක් කලාවක් නෑ. අන්තිමේ ඇයට තමයි හැම දේම. ලංකාවෙ කාන්තාවො සෑහෙන ප්‍රමාණයක් සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙවන්න බොහොම කැමතියි වගේම එයාලගෙන් බොහොම සුලු පිරිසක් තමා කාන්තා විමුක්තිය ඕනෙ කියල කියන්නෙත්. ගොඩක් කාන්තාවන් තුල අපේ රටේ පැලපදියම් වෙලා තියෙන සංස්කෘතියත් එක්ක එයාලට කරන්න නියම වෙලා තියෙන වැඩ ටික ගැන උපේක්ෂා සහගතව බලමින් ඒ ටික කරනු විනා නිදහසක් ඉල්ලීමක් ඒ අයට ඕනෙ නෑ. ඒකනේ බෑ නොකියා , වගපල කියන් නැතුව තමන්ගේ දරුවොත් හදල ඒ දරුවන්ගේ දරුවනුත් ඉපදුනාට පස්සේ උනුත් රැක බලාගන්න තරම් ඒ සෙනෙහස උත්තරීතර වෙන්නේ. ඒ අපේ රටේ බෞද්ධාගමත් එක්ක ඈඳුනු සංස්කෘතිය ඇතුලෙ විතරයි මම හිතන්නේ. පිටරටවලදි නම් මේ කියන බැඳිම නෑ. තමන් වෙනුවෙන් තමන්ගේ නිදහස රැක ගන්න, ලස්සන රැක ගන්න ඒ අය අරගල කරනවා. රටින් රටට ඇවිත් ආසියාවේ රටවලටත් බෝවුනාට පස්සේ තමයි ඒවා අපේ රටටත් එන්නේ. නමුත් අපේ රට ඒ වගේ සමහර දේවල් ව්‍යාප්තියේදිම අනුකරණය කරන්න ගන්නේ ඒ රටටත් අපේ රටටත් දෙකටම නැති විදිහට.කුටුම්භය කියන තැනදිමකාන්තාවක් අයුතු විදිහට හිරිහැරයට ලක්වෙනව නම් ඒ බොහෝ විට නූගත් කම දුප්පත් කම නිසා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක සාධාරණව ඒ ගැටළුවෙන් නිදහස් වෙන්න තරමට දැන් නම් නීති සැකසිලා තියෙන්නේ. රටේ නීතිය ඒකට සම්පූර්ණ ඉඩ දීල තියනවා. එහෙම වෙලත් තවදුරටත් කැමැත්තෙන් විඳවන අය ඉන්නවා නම් ඒකට හේතුව විදිහට සැලකිය හැක්කේ සම්ප්‍රදායික පවුල් රාමුව ඇතුලේ පෙර කියපු සංස්කෘතික නියමයන් ඔස්සේ හිත තුල පුංචි කාලේ ඉඳන් ගොඩ නැගුණු පවුල කියන සංදර්භය තුලට ඒ වෙනුවෙන් කැප වෙන්න ලංකාවේ කාන්තාවගේ තියෙන කැමැත්ත. කලිනුත් කීවා වගේ දරුවෝ තමයි එතැනදි ඇයව දුර්වල කරන එකම සාධකය. පවුල තුල සැමියාත්,බිරිඳ හා සමානවම එක වගේ කැප වෙනව නම් ඕනම ගැහැණියකට ජීවිතය කියන එක නැවුම් විදිහට දකින්න පුළුවන්. අස්ස කරත්තෙක ඇවිත් ලස්සන වෙඩිමක් දාලාකැන්දන් ගියාට පස්සේ ජීවන හීනය විවාහයෙන් පස්සෙ දරුවන් හා ස්වාමියා වෙනුවෙන් දිය කරලා හරින්න වෙලා තියෙනවා. කාන්තාව ඉන්නේ මේ දේවල්වෙනුවෙන්, මේවා ඇගේ යුතුකම්, මේ කැපකිරීම් ඇය විසින් කල යුතුයි කියලා අලවපු ලේබල් ටික නිසා නොදැනුවත්වම හරි ඇගේ අයිතිවාසිකම් උදුරගෙන ඒවා ඉටුකරනු පිණිස ඇයව පත්කිරීමෙනුයි සමාජයේ උතුම් තැනකට ඇයව පත්කරලා තියෙන්නේ. පිරිමියෙක් මේවා කරන්න ගත්තම සංස්කෘතිය,පවුල් බැදීම් විනාශ වෙනවා කියන චෝදනාව එල්ලවෙන්නත් පුළුවන්. නමුත් අද සමාජය කොච්චර නම් තරඟකාරීද. නව තාක්ෂණය භාවිත කරන නිසා නගරබද කාන්තාවන් යම්තම් හරි ඉස්පාසුවක් ලබනවා කිවත් ඒක එහෙමමද කියන එක ගැටලුවක්. අපේ අම්මලා වගේ ගම්බද ජීවත් වෙන උදවිය ඔන්න ඔය ආකාරයි. ඇය තුන්සිය හැටපස් දවසෙම සමාජය විසින් තමන්ට දීල තියෙනවයි කියපු ලේබලය නිසා පූජනීය බැඳිම පෙරටු කරගෙන තමන්ගෙ දරුවන් හා සැමියා ඇතුලු කුටුම්භය ආරක්ෂා කරගත යුතු නිසා තමන් ගැන පවා අමතක කරනවා. තමන්ට කියලා ජීවිතයක් ඇයට නෑ. ආර්ථිකයේ ඇති අඩු ලුහුඬු කම් හේතුවෙන් කාන්තාවත් රස්සාවක් කරන මේ වගේ කාලෙක අර ඉහත කියපු රාමුව ඇතුලේ ගැහැණියව හිර කරලා තිබීම කොයි තරම් දුරට හරිද කියන එකයි කියන්න ඕනෙ වුනේ. කාන්තාවන්ට ඇය මේ හිර වෙලා ඉන්න ක්‍රමය වෙනස් කරගන්න සමාජය විසින් දීල තියෙන විකල්පයන් අඩුයි. එහෙම වෙනස් වෙන්න උත්සාහ දැරුවොත් සමාජය කියන්නේ වෙන වෙන කතා. මූට මොකද්ද කාන්තා විමුක්තිය ගැන ඔච්චරටම තියෙන අමාරුව කියලා සහ මේක රැඩිකල් කතාවක් කියලා ගල් මුල් වැදෙන්න බැරි කමකුත් නෑ. කීබෝඩ් එකෙන් මේවට උත්තර හොයන්න බෑ තමයි. ඒත් අපට මොකෝ කියල බලං ඉන්න එක අපි හැමදාමත් කරන හින්දා කියවන කෙනෙක්ට කියවලා තේරුම් ගන්න එක්කත් කියලයි දැම්මේ.අම්ම කෙනෙක් කොයි වගේද. වීඩියෝව මෙතනින්.
|
BLOG
|
2013.09.09
|
http://rathei.blogspot.com/
|
Pain is inevitable, but Suffering is optional?
|
රතීගේ දිනපොත
|
....
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.